date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-07-27T02:23:51.000Z
බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්
බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්
COLOMBO (News 1st) : බත්තරමුල්ලේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබේ. ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවීම් සේවා රථ 4ක් පිටත් කර හැර ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
2020-07-27T00:55:23.000Z
කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පතිට
කුරුණෑගල ගොඩනැගිල්ල: වාර්තාව වැඩබලන පොලිස්පතිට
COLOMBO (News 1st) : කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල පිළිබඳ, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව, වැඩබලන පොලිස්පතිවරයාට භාර දී තිබේ. පොලීසිය පැවසුවේ, මෙතෙක් සිදු කළ විමර්ශන එම වාර්තාවට ඇතුළත් කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේ ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, දැනට පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර කුරුණෑගල නගරාධිපතිවරයා ද වන බවයි. තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද පොලීසිය පැවසුවේ ය. දැනට සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය ලබන 30 වැනිදා අධිකරණයට වාර්තා කිරිමට නියමිතය. මේ අතර කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කර තිබේ. ඒ පසුගියදා ලබා දුන් අධිකරණ නියෝගයත් සමග පවතින නීතිමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.
2020-07-27T00:02:25.000Z
හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්..
හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්..
COLOMBO (News 1st) : දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට(28) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් ත්‍රීකුණාමලය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
2020-07-27T00:45:42.000Z
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට
COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙ‌ළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1,916 යි සත 91 ක් ලෙසය. ලෝක වෙ‌ළෙඳපොළේ මෙතෙක් රත්‍රං අවුන්සයක් සඳහා වැඩිම මිලක් වාර්තා වූයේ 2011 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර එය අමෙරිකානු ඩොලර් 1,920 යි සත 30 ක් ලෙස දැක්වුණි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම මෙලෙස රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යාමට හේතුව බව වෙ‌ළෙඳපොළේ විශ්ලේෂකයන් සඳහන් කළේ ය.
2020-07-27T00:32:12.000Z
ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ ය. මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හැට හතර ලක්ෂය ඉක්මවා තිබේ. කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හයලක්ෂ පනස් දෙදහසකට ආසන්නයි. නව ආසාදිතයන් 55,732 ක් වාර්තාවීමත් සමග අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හතලිස් තුන් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව සඳහන් ය. ඒ , අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වූ නිව්යෝර්ක් ප්‍රාන්තය ඉක්මවන ආසාදිතයන් සංඛ්‍යාවක් ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ද වාර්තාවීමත් සමග ය. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ මෙක්සිකෝවෙන් වන අතර එය 729 ක් ලෙස සටහන් විය. ඉන්දියාවෙන් එම කාලය තුළ නව ආසාදිතයන් 50,525 ක් වාර්තාවීමත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස්හය දහස ඉක්මවා ගියේ ය. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් ය. මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ස්පාඤ්ඤය පවසයි. ඒ, එරටින් දෙවන කොරෝනා රැල්ලක් ඇරඹීමේ අවධානම හමුවේ තම රටට පැමිණෙන ස්පාඤ්ඤ සංචාරකයින් නිරෝධායනය විය යුතු බව බ්‍රිතාන්‍යය පැවසීමෙන් පසුව ය. සංචාරකයින් සහ ස්පාඤ්ඤ ජාතිකයින්ට තම රට ආරක්ෂිත ස්ථානයක් බව ද ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය. මීට අමතරව ප්‍රංශය සහ ජර්මනියෙන් ද නව ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.
2020-07-27T00:21:01.000Z
බලපිටිය මුහුදේ දිය නෑමට ගිය චීන ජාතිකයෙකු මරුට
බලපිටිය මුහුදේ දිය නෑමට ගිය චීන ජාතිකයෙකු මරුට
COLOMBO (News 1st) : බලපිටිය උසාවිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය චීන ජාතිකයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ සවස 3.30 ට පමණ ඔහු මෙම අනතුර සිදුව ඇති බවයි. මියගිය චීන ජාතිකයා 23 හැවිරිදි වියේ පසුවිය. මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2020-07-26T23:15:28.000Z
කටාර්හි සිටි ලාංකිකයන් 55 දෙනෙකු දිවයිනට
කටාර්හි සිටි ලාංකිකයන් 55 දෙනෙකු දිවයිනට
COLOMBO (News 1st) : කටාර් රාජ්‍යයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 55 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ. ඒ, කටාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ය. එලෙස පැමිණි ලාංකිකයන්ගෙන් 55 දෙනෙකු නෞකා සේවකයන් වන අතර සාමාන්‍ය ගුවන් මගීන් 08 දෙනෙකුද එම පිරිසට අයත් බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක්කර නිරෝධායනයට යොමුකළ බවයි.
2020-07-26T21:45:39.000Z
කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) : රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියක් අලව්වේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රියේ සිටි මගීන් වෙනත් දුම්රියක් මගින් මේ වනවිට කොළඹට රැගෙන එමින් සිටින බවද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය.
2020-07-26T22:00:00.000Z
දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර අද හමුවක්
පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර අද හමුවක්
COLOMBO (News 1st) : දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර හමුවක් අද පැවැත්වේ. ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී ය. අද උදෑසන 10 ට පැවැත්වෙන එම හමුවේදී එළැඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය. මේ අතර ලබන 29 වැනිදාට පෙර මහ මැතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි සහ සෙසු ද්‍රවයන් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට පියවර ගෙන තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
2020-07-26T21:28:03.000Z
කැලණිය, පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්
කැලණිය, පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්
COLOMBO (News 1st) : කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හට ගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් යෙදවූ බවයි. උදෑසන 7.45 ට පමණ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ගින්නෙන් නිවාස තුනක් පමණ හානි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය. https://youtu.be/AKDTX8xnBKg
2020-07-26T21:40:31.000Z
ඩෙබිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් සිදු කළ මූල්‍ය වංචාවක් අනාවරණ වෙයි
ඩෙබිඩ් කාඩ්පත් හරහා කළ මූල්‍ය වංචාවක් හෙළි වෙයි
COLOMBO (News 1st) : මෙරට බැංකු විසින් නිකුත් කර ඇති ඩෙබිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් සිදු කළ මූල්‍ය වංචාවක් අනාවරණ කර ගෙන තිබේ. විමර්ශන කණ්ඩායම් පැවසුවේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදාළ වංචාව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි. සිය ඩෙබිඩ් කාඩ්පත් සඳහා අදාළ සමාගම් විසින් ලබාදුන් සහන මුදලක් එලෙස වංචාකර ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වූ බව විමර්ශන කණ්ඩායම් පවසයි. එම කණ්ඩායම් පවසන්නේ, ඉන් මෙරට බැංකු වෙත විශාල මූල්‍ය පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි. එහෙත් අදාළ වංචාව කල්තියා දැනගැනීමත් සමග ඊට මැදිහත් වීම හමුවේ එම වංචාව නතර කිරීමට හැකි වූ බවද විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ ය. කෙසේ වෙතත්, වංචනිකයින් විසින් වංචා කළ අදාළ මුදල් වලින් කොටසක් දැනටමත් අදාළ සමාගම් වලින් අයකර ගැනීමට හැකි ව ඇති අතර, සෙසු මුදල් ද, කඩිනමින් අයකර ගැනීමට අපේක්ෂා කරන බවද, විමර්ශන කණ්ඩායම් පවසයි. අදාළ වංචාව සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
2020-07-26T20:57:59.000Z
පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඇරඹේ
11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඇරඹේ
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය උත්සන්න වීම හමුවේ පසුගියදා නිවාඩු ලබාදුන් පාසල්වල 11 , 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බවයි. එම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කරන ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය. මේ අතර පාසල්වල සියලු ශ්‍රේණි ලබන 10 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීමේදී අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රමවේදයන් ඇතුළත් චක්‍රලේඛයක් ඉදිරි දින කිහිපයේ නිකුත් කිරිමට අපේක්ෂා කරන බවයි. මේ අතර ලබන 28, 29 , 30 සහ 31 දෙදින සියලු විදුහල්පතිවරුන් පාසලේ රැඳී සිටිය යුතු ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් එලෙස විදුහල්පතිවරුන් පාසල් වෙත කැඳවා ඇති බවයි. මේ අතර නැවත දැනුම්දෙන තුරු පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.
2020-07-26T20:52:15.000Z
අන්තර්ජාලය හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් වංචා කළ පස්දෙනෙකු ට වැඩ වරදී..
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ පස්දෙනෙකු දැලේ
COLOMBO (News 1st) : අන්තර්ජාලය ඔස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් වංචා කළ සැකකරුවන් පස්දෙනෙකු නාරාහේන්පිට සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබාදෙන බවට ඔවුන්ගේ දුරකතන අංකවලට දැනුම් දී ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බවයි. විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ ගිණුමකින් කළ රුපියල් ලක්ෂ 5 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කූඨ ලේඛන සහ ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර ඇති බවට ද මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, ව්‍යාජ බලපත්‍ර යොදා ගැනීමට යොදා ගත් ලැප්ටොප් පරිගණකයක්, බැංකු කාඩ්පත්, ලැමිනේටින් උපකරණයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් 925 ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 61 ක් සහ ජාත්‍යන්ත රියදුරු බලපත්‍ර 05 ක් සිය භාරයට ගත් බවයි. සැකකරුවන් 30, 39, 38 සහ 46 හැවිරිදි වියේ පසුවන පිටබැද්දර, නාරාහේන්පිට, සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් ය. සැකකරුවන් සන්තකයේ තිබූ මෝටර් රථයක් සහ වෑන් රථයක් ද, පොලීසිය භාරයට ගෙන තිබේ. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.
2020-07-26T20:10:45.000Z
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොටු
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොටහේන ප්‍රදේශයේදී ය. පොලීසිය පැවසුවේ, කොටහේන, මැල්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්රෑම් එකයි, මිලිග්රෑම් 800 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. 2019 පෙබරවාරි මස 14 වැනිදා ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය නඩු පවරා ඇතැයි පොලීසිය පැවසුවේ ය. සැකකරු 30 හැවිරිදි මෛත්‍රී බෝධීරාජ මාවත, කොළඹ 12 පදිංචිකරුවෙකි. ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. මේ අතර ඊයේ සවස කොටහේන මහා විද්‍යාල මාවතේ කළ වැටලීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් සහ 2018 වසරේ අලුත්කඩේ පල්ලිය ආසන්නයේදී ඝාතනයට ලක්වූ මොහොමඩ් හුසේයින් මොහොමඩ් රිස්කාන් නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බවට අනාවරණ වී ඇති බවයි. 43 හැවිරිදි සැකකරු වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-07-26T19:45:20.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. චතුර සේනාරත්නගේ ආධාරකරුවන් පිරිසකට කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන් බවට චෝදනාවක් : සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට ඊයේ කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන් බවට චෝදනා කරමින් කැලණිය පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ. 2. හැඬූ කඳුළින් ජනතාව ඇමතූ ජගත් පුෂ්පකුමාර.. : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා වැල්ලවායේදී පැවති ජන හමුවකදි ඉතා හැඟීම්බරව ජනතාව ආමන්ත්‍රණය කළේය. 3. IDH රෝහලෙන් පැන්න කොරෝනා රෝගියා ආ ගිය මාර්ග සොයා විමර්ශන : අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අලුයම පළාගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි. 4. Facebook හරහා සංවිධානය කළ යතුරුපැදි තරගයක් පැද්ද 39ක් අත්අඩංගුවට : පිළියන්දල – කැස්බෑව අතුරු මාර්ගයේ ඊයේ අලුයම අන්තරාදායක ලෙස යතුරු පැදි තරග පැවැත්වූ 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 5. ‘කොට තරංග’ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට: ගමගේ තරංග කුමාර නොහොත් ‘කොට තරංග’ නැමති පාතාල කල්ලි සාමාජිකයා කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2020-07-26T11:04:45.000Z
චතුර සේනාරත්නගේ ආධාරකරුවන් පිරිසකට කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන් බවට චෝදනාවක්
චතුර සේනාරත්නගේ ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්
COLOMBO (News 1st) : සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට අද කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන් බවට චෝදනා කරමින් කැලණිය පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සඳහන් කළේ, චතුර සේනාරත්න මහතා කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි. පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් බීමත්ව සිටි බවට කළ ප්‍රකාශය අනුව එම නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ අතර එහිදී අනාවරණය වූයේ කිසිවෙකු බීමත්ව නොසිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/293390401908572/
2020-07-26T10:40:54.000Z
නුවරඑළියේ ස්වාධීන අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
නුවරඑළියේ ස්වාධීන අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
COLOMBO (News 1st) : නුවරඑළිය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් රෝහල්ගත කර තිබේ. ඔහු බගවන්තලාව - හැටන් ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී පළමුව ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සඳහන් ය. අදාළ පිරිස ඔහුට පහර දී ඇත්තේ ඉන් අනතුරුවයි. තුවාල ලැබූ එම අපේක්ෂකයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහලට මාරු කර යවා තිබේ.
2020-07-26T10:35:11.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගනී
තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගනී
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2782 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-07-26T09:38:12.000Z
දුම්වැටි ඉල්ලා මාතලේ හෝටලයක ගැටුමක්..
දුම්වැටි ඉල්ලා මාතලේ හෝටලයක ගැටුමක්..
COLOMBO (News 1st) : මාතලේ නගරයේ පිහිටි හෝටලයකට ඊයේ(25) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. ඊයේ රාත්‍රී 9. 45 ට පමණ මෙම හෝටලයට පැමිණි පිරිසක් දුම්වැටි ඉල්ලා ඇති අතර, දුම්වැටි නොමැති බව පැවසූ පසු ගැටුම හටගෙන තිබුණි. හෝටලයේ දේපොළවලට දැඩි අලාභ හානි සිදුව තිබේ. හෝටලයට සම්බන්ධ පුද්ගලයෙක් "මෙතනින් දොර වහගෙන කට්ටිය ඇතුළට ගිහිල්ලා තියෙනවා. බේරෙන්න බැරි නිසා. ගහන හින්දා. මෙතන තිබ්බ ගෑස් සිලින්ඩරයක් අරන් දොරට ගහලා දොර කඩල ගෑස් ටැංකිය දාලා ගිහිල්ලා" පහර දීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කෙරුණේ, හෝටල හිමියාගේ පුත්‍රයා සහ එහි සේවකයෙකි. හෝටල හිමිකරුගේ බිරිඳ "119 ගැහුවා හය පාරක් ගහලා තමයි ගෙන්න ගත්තේ. ඇන්ට්‍රි එක ලියනකොට ඒ ගහපු උන් උන් අතන හිටියා. මම ඊට පස්සේ කිව්වා එස්අයි මහත්තයට ගිහින් අල්ලන්න කියලා. ඇන්ට්‍රි එක ලියලා ඕනේ කිව්වා අල්ලන්න. මිනියක් මැරුවත් එච්චරනේ ඉතින්. ඊට පස්සේ ජීප් දෙකක් ආවා මම කිව්වා ගෙනියන්න හදනවා කියල. ඇන්ට්‍රි ලියලම බලමු කිව්වා. ඊට පස්සේ උන් දමා ගෙන ගියා ජීප් දෙකෙන්" කාන්තාවක් "තාත්තයි පුතයි ගහලා තියෙන්නෙ. මුන් තාත්තලද?" සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැක කෙරෙන තවත් අයෙකු ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත් පොලීසිය පැවසුවේ ය.
2020-07-26T09:50:50.000Z
හැඬූ කඳුළින් ජනතාව ඇමතූ ජගත් පුෂ්පකුමාර..
හැඬූ කඳුළින් ජනතාව ඇමතූ ජගත් පුෂ්පකුමාර..
COLOMBO (News 1st) : දේශපාලනයේදී සිදුවන සමහර අසාධාරණකම් නිසා උරණ වෙලා ගැටුම් ඇති කර ගන්න අවස්ථා අපි දකින්නෙමු. නමුත් එල්ලවන පීඩනය කෝපයක් වෙනුවට වේදනාවක් බවට පත්වුණු අවස්ථාවක් අද වැල්ලවායේ ජන හමුවකදී දකින්න ලැබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා එම ජන හමුවේදී ඉතා හැඟීම්බරව ජනතාව ආමන්ත්‍රණය කළේය. "පුෂ්පකුමාර පරද්දන්න බැහැ. පුෂ්පකුමාර පස් වැනිදාට ඉස්සෙල්ලා මරන්න ඕන කියලා සාකච්ඡා කරපු තැන් මට තොරතුරු ලැබෙනවා. පුෂ්ප කුමාර ඝාතනය කිරීමේ සැලැස්මක් තියෙනවා හාමුදුරුවනේ. තමන්ගේ තනතුර සඳහා මිනිහෙක් මරල ගන්න තනතුරේ වටිනාකම මොකක්ද. මාව ඝාතනය කරත් අවසාන මොහොත දක්වා ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම මම ඉෂ්ඨ කරන්න ලෑස්ති කියන පණිවිඩය මම දෙනවා . අවුරුදු 25ක් තිස්සේ මම දේශපාලනය කළා. මම යූඑන්පී කාරයත් එක්ක හැප්පිලා දේශපාලනය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුව බිබිල ආසනේ ඡන්ද විස්සෙන් දෙනකොට සොයිසා මහත්තයා හැප්පි හැප්පි හඩපු නිසා තමයි අද විසි දෙදාහක් වැඩි ඡන්ද ගත්තේ. ඡන්ද තුන් දාහක් එන් දෙනකු මොණරාගල ආසනය සුමේධා ජයසේන මැතිණිය ගොඩනගපු නිසා තමයි 30000 කින් දිනුවේ. 3000කින් දිනපු මොනරාගල 55,000කින් දිනුවේ මම කරපු කැපවීම නිසා කියන එක ද සමහරුන්ට අමතක වෙලා හාමුදුරුවනේ. අපි ශ්‍රී ලංකා එක ගොඩනගපු නිසා තමයි අපි යූඑන්පී එකට ගියේ නැහැ. අපි දේශපාලනය කරේ හැමදාම මේ පක්ෂය ගොඩනගන්න. 2015 ජනවාරි මාසේ පස්වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනවන්න මේ පැල්වත්ත හන්දියේ දහදාහක් ගෙනහල්ලා රැස්වීම් කරල කටයුතු කළේ මේ ජගත් පුෂ්පකුමාර මිසක් එක අප්පුහාමි කෙනෙක් හිටියෙ නෑ හාමුදුරුවනේ. හැබැයි පැරැද්දුවේ අපි නෙමෙයි . දැන් ගෙනල්ලා කතා කරලා අපිට කටයුතු කරන ආකාරය. නින්දිතයි.ඇයි මේ .. මේකේ හිටපු සොයිසා මහත්තයා පන්න ගත්තා. මේක හදපු පුෂ්පකුමාර දැන් පන්නන හදන්නේ. මේක හදපු සුමේධ නෝනා දැන් පන්නන්න හදන්නේ . ඒක තමයි මේ ගොල්ලන්ගේ ඉලක්කය.
2020-07-26T09:30:15.000Z
සෑම පැය 2කට වරක්ම මෙරට ළමා අපයෝජනයක් සිදුවන බවට අනාවරණයක්
ළමා අපයෝජන ගැන පොලීසියෙන් අනාවරණයක්..
COLOMBO (News 1st) : සෑම පැය 2කට වරක්ම මෙරට දරුවෙකු අපයෝජනයට ලක් වන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ළමා අපයෝජනයන්ගෙන් 70% ක්ම ළඟම ඥාතීන් හෝ ළඟම හිතවතුන් අතින් සිදුවන බවයි. ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි නොකරන සිද්ධීන්ද සිදුවන බව පොලීසිය සඳහන් කළේය. සංචාරකයින් මුවාවෙන් මෙරටට පැමිණ ළමා අපචාරවල යෙදුණු පුද්ගලයින් පිළිබඳව අප මීට පෙර අවස්ථාවල දී වාර්තා කර තිබේ. දරුවෙකුට සිදුවන ඕනෑම අකටයුත්තකට පැමිණිලි කිරීමට 1929 ඇමතිය හැක. https://www.facebook.com/NewsfirstSL/videos/344126866586843/
2020-07-26T09:20:02.000Z
ළමා අපයෝජන සිද්ධිවලට සැක ගුරුවරයා රිමාන්ඩ්
ළමා අපයෝජන සිද්ධිවලට සැක ගුරුවරයා රිමාන්ඩ්
COLOMBO (News 1st) : පිරිමි ළමයින් පිරිසක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද නුගේගෝඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, වින්දිතයන් ලෙස හඳුනාගත් දරුවන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරිමට පියවර ගත් බවයි.
2020-07-26T09:13:25.000Z
කටාර් සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා..
කටාර් සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා..
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් කටාර් සිට පැමිණි සිව්දෙනෙකි. අද දිනයේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකි. ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2,774 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-07-26T11:33:47.000Z
පුත්තලම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩමේ භුක්තිය පෞද්ගලික ආයතනයකට ලබාදීම නිසා ගැටලු සහගත තත්ත්වයක්
පුත්තලම ඉඩම් කොමිසමේ ඉඩමක් පෞද්ගලික ආයතනයක දීලා?
COLOMBO (News 1st) : පුත්තලම, තොඩුවාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක භුක්තිය පෞද්ගලික ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබේ. අක්කර 68ක් වන මෙම ඉඩම ජල ජීවී වගා සඳහා නිර්දේශ කර ඇති එකක් බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම කටයුතු සඳහා ප්‍රදේශවාසීන් මේ ඉඩම ලබා ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම කාර්යාලයෙන් ඉල්ලා ඇතත් ඊට ඉඩ ලැබී නොමැත. එහෙත් මේ මස 03 වැනිදා කොමිසමේ පුත්තලම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී මහත්මියගේ අත්සනින් යුත් එම ලිපියේ දැක්වෙන්නේ වසරක් සඳහා අදාළ ඉඩම කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් වෙත ලබා දුන් බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා ඇයට එවූ ලිපියක් අනුව එම පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම තීරණයට දැඩි අප්‍රසාදය පළ කළේ ය. මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් "පිටින් ආපු අය මේ අපේ සම්පත් විනාස කරලා තියෙනවා. ගමේ අයට දුන්නා නම් ඒ අය ආරක්ෂා කරනවා මොකද ගමේ දේවල් මේක" "මේ තමයි තෝඩුවාව එරියා එක ගමේ තියෙන සශ්‍රීකම ප්‍රදේශය. බාහිරින් ආපු පිරිසකට මේ ඉඩම දෙන්න රජයේ මැතිවරණය ගැසට් කරලා තියෙන වෙලාවක ඉක්මණට දේශපාලන හේතු උඩ නීති විරෝධිව දෙන්න තීරණය කරලා තියෙනවා මේ ගමේ සම්පත් ගමේ අයට මුලිකත්වය දෙන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා" මේ සම්බන්ධයෙන් ගම්වැසියෙක් මැතිවරණ කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම කොමිසමේ පුත්තලම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී මහත්මිය වෙත යවා ඇති ලිපියක දැක්වෙන්නේ කොමිසම සතු අදාළ ඉඩම මැතිවරණ කොමිසම නිකුත් කර ඇති විධිවිධාන උල්ලංඝණය කරමින් පූර්ණ අවසරයකින් තොරව පෞද්ගලික සමාගමකට පවරාදීම අත්හිටුවන ලෙසයි. මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙන් අප විමසීමක් කළේ ය. නිලධාරිනියක් "අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව සභාපතිතුමා භුක්තිය භාර දීලා තියෙන්නේ කියලා ඒ සම්බන්ධව කතා කරගන්න ප්‍රධාන කාර්යාලයට එන්න කිව්වා" ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී "සභාපතිතුමා කිසිම විස්තරයක් දෙන්න එපා කිව්වා" https://www.facebook.com/NewsfirstSL/videos/660265938171665/
2020-07-26T08:28:23.000Z
මැදිරිගිරිය වටදාගය භූමිය මාසයක් තුළ 5 වතාවක් නිදන් හොරු කඩලා
මැදිරිගිරිය වටදාගය නිධන් හොරුන්ගේ ග්‍රහණයට..
COLOMBO (News 1st) : කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල පමණක් නොව මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් මේ වනවිටත් පවතින්නේ අවදානම් තත්ත්වයකයි. අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතින මැදිරිගිරිය වටදාගෙය භූමිය ඊට කදිම නිදසුනකි. මෙම පුරාවිද්‍යා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පුරා විද්‍යා සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 15 ක් යොදවා සිටියත් රක්ෂිතය තුළ වරින් වර කැනීම් සිදුවේ. මේ මාසය තුළ පමණක් එලෙස හොර රහසේ සිදුව ඇති කැනීම් සංඛයාව 5 කට අධික ය. ප්‍රදේශවාසියෙක් "නිධන් හොරු විසින් අද වනවිට මේ ස්ථානය විනාශ කරලා තියනවා. මේ විදියට ගියාම පෞරාණික වස්තුවක් නැති වෙයිද කියලා හැඟීමක් තියනවා ගම්වාසීන් හැටියට. 70 දශකයේ වගේ බොහොම වටිනා නිධන් වස්තු තිබුණ තැනක්. අක්කර 200ක වගේ ප්‍රමාණයකින් අද වෙද්දී අක්කර 10ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ" මේ ජනතාව පෙන්වා දෙන පරිදි වටදාගෙය භූමියේ මෙවැනි කටයුතු සිදුවන්නේ අද ඊයෙක සිට නොවේ. බලධාරීන් දැනුවත් කළත් ක්‍රියාත්මක වීම ප්‍රමාදයි. මැදිරිගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය මොරගොල්ලාගම සීවලී හිමි "තව ටික කාලයක් ගියාම පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරලා විනාශ කළා වගේ මැදිරිගිරිය වටදාගේත් ඩෝසර් කරලා විනාශ කරන දිනය වැඩි ඈතක නෙමෙයි. මේ ස්ථානයේ වටිනාම තිබුණේ ගල් කණුවල, පුන්කලස්වල. මේ පුන්කලස් අද නෑ. මැදිරිගිරිය කළගෙඩි පාලමේ තිබුණ පුන්කලසත් චෛත්‍යස්ථානයේ තිබුණ පුන්කලසට සමානයි. වටදාගෙයි තිබුණ පුන්කලස අද නෑ. එක එක තැන්වලට අරන් ගිහින් තියෙන්නේ . චන්ද්‍රකාන්ත පාෂාණවලින් තිබුණ මුරගල කඩාගෙන ගිහිල්ලා හෝටල්වලට ගෙනිච්චා පහුගිය කාලේ. වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණා ඒ බුදු පිළිම අද කෑලි කෑලිවලට අද කඩලා . අත නැති සිරසට හානි වෙච්ච බුද්ධ ප්‍රතිමා තියෙන්නේ" රටක පෞඩත්වය ලෝකය හමුවට ගෙන යාමට ඇති සාධක අතර ප්‍රමුඛතම සාධකය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයි. එහෙත් එවැනි ස්ථාන දිනෙන් දින මෙලෙස විනාශයට පත්වීම කාගේ වරදක්ද? බලධාරීන් තවදුරටත් ක්‍රියාත්මක නොවී සිටීම සාධාරණද?
2020-07-26T07:45:07.000Z
කුරුණෑගල සංවර්ධනය කිරීමේ අගමැතිගේ සැලැස්මට ජනපති සහාය
ජනපති කුරුණෑගලට..
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රීකත්වය මත පදනම්වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහාය පළ කරයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කුරුණෑගලට ආවේණික කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා දිස්ත්‍රික්කයේ සියලු වැව් වාර්මාර්ග ප්‍රතිසංස්කරණය කරන බව පැවසූ බවයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වන අතරතුරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් පැමිණියේ හිරියාල, මැල්සිරිපුර නගර මධ්‍යය පැවති ජනහමුවට ය. ජනාධිපතිවරයාට එහිදී හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මෙහිදී ජනතාව තම ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය. "අපි හරි දුකක් විඳිනවා ගම්පහ වික්‍රමආරච්චි එකේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට මෙහේ ඉඳන් යනවා ගොඩක් අය. ඉතින් සර් අපිට කුරුණෑගල එකක්" "ලීසිං ප්‍රශ්නයක් තියෙනවා ඒකට විසඳුමක් හම්බවුණේ නෑ ජනාධිපතිතුමා" අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ සත්‍යවාදී ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවටයි. කුරුණෑගල නගරයට අංග සම්පූර්ණ ගෘහස්ථ දැල්පන්දු ක්‍රීඩාංගණයක අවශතාවය මෙම හමුවට පැමිණ සිටි ක්‍රීඩිකාවන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ය. ක්‍රීඩිකාවක් "නගරයේ තියෙන පාසල් අතරින් පාසල් පහකට ක්‍රීඩා පිටි නැහැ ජනාධිපතිතුමා. අපිට තියෙන්නෙ මේ ක්‍රීඩා පිටි දෙක විතරයි . ඒකෙනුත් අරක ගන්න දවසකට රුපියල් පනස් දහසක් වියදම් වෙනවා ක්‍රිකට් බෝඩ් එකට.මෙතන තියෙන ග්‍රවුන්ඩ් එක තාම හදනවා. අපිට සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් කුරුණෑගලට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා" ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා නායක තර්ජනී සිවලිංගම් මෙනවිය සමග ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින් එක්ව සිටියහ. මහව පැවති ජන හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි විය.
2020-07-26T06:16:09.000Z
IDH රෝහලෙන් පැන්න කොරෝනා රෝගියා ආ ගිය මාර්ග සොයා විමර්ශන
IDH රෝහලෙන් පැන්න රෝගියා ආ ගිය මාර්ග සොයා විමර්ශන
COLOMBO (News 1st) : අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම පළාගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කරන බවයි. මේ වනවිට CCTV කැමරා මගින් ඔහු ගමන් ගත් මාර්ගය පිළිබඳ තොරතුරුවලින් කොටසක් අනාවරණ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු රෝහලේ සිට පැමිණි මාර්ගය පිළිබඳ කරන ලද ප්‍රකාශය සාවද්‍ය බවයි. ඔහු නිවසකින් පාපැදියක් සොරකම් කර කොළඹ කොටුවට පැමිණ ඇති බව ද ඔහු IDH රෝහලේ සිටියදී ඇඳ සිටි ඇදුම මාරු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර බෝවන රෝගීන් සිටින සියලුම රෝහල් සඳහා ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, හමුදා බුද්ධි අංශය සහ ගුවන් හමුදාව යෙදවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පසුගියදා පලායාමට තැත් කළ එල්සියාම් නසීම් නැමැති එම පුද්ගලයා 41 හැවිරිදි ත්‍රීකුණාමලය, වල්ලිමලර් පදිංචි මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකි. ඔහු කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ IDH රෝහලට යොමු කර තිබුණි. මේ අතර හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.
2020-07-26T05:29:34.000Z
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,772 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-07-26T05:22:05.000Z
සැක සහිත කොරෝනා ආසාදිතයෙකු නිසා උතුරු කොරියාවේ නගරයක් වසා දමයි
උතුරු කොරියාවේ නගරයක් හදිස්සියේ වසා දමයි
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත බවට සැක පලවන පුද්ගලයකු නීති විරෝධීව රටට ඇතුළුවීම හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර කේසොන්ග් නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පියවර ගත්තේ ය . උතුරු කොරියාව සඳහන් කළේ, මීට තුන් වසරකට පෙර දකුණු කොරියාවට පලාගිය මෙම පුද්ගලයා ඉකුත් 19 වනදා නීති විරෝධී ලෙස යළි උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව ය. ඉන් පසු නිරෝධායනයට ලක්කෙරුණු මෙම පුද්ගලයා ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත් උතුරු කොරියාව එරට කොරෝනා ආසාදිතයන් සිටින බව පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති.
2020-07-26T04:15:11.000Z
නීති විරෝධීව සිංහල චිත්‍රපට තැටිගත කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
සිංහල චිත්‍රපට තැටිගත කළ සිව්දෙනෙකුට වැඩ වරදී
COLOMBO (News 1st) : නීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට තැටිගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඳිවැල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, වැටලීමේදී නීති විරෝධී ලෙස තැටිගත කළ සිංහල චිත්‍රපට 15ක සංයුක්ත තැටි තොගයක් පොලිස් භාරයට ගත් බවයි. සංයුක්ත තැටි කවර සහ නිල මුද්‍රාවන් ද ව්‍යාජ ලෙස සකස් කොට ඇති බව අනාවරණය කරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් වසර ගණනාවක සිට නීති විරෝධී ලෙස චිත්‍රපට තැටිගත කිරීම් සිදු කර ඇති බවයි. එක් සංයුක්ත තැටියක් පටිගත කර ඇත්තේ රුපියල් 60කට බව වාර්තා වේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් හතර දෙනාට බුද්ධිමය දේපොළ පනතට යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
2020-07-26T02:45:12.000Z
'කොට තරංග' කෙසෙල්වත්තේදී අත්අඩංගුවට
'කොට තරංග' කෙසෙල්වත්තේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගමගේ තරංග කුමාර නොහොත් 'කොට තරංග' නැමති පාතාල කල්ලි සාමාජිකයා කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අද අලුයම කළ මෙහෙයුමකිනි. 'කොට තරංග' නැමැත්තා ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව සඳහන් වේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 'කොට තරංග' නැමැත්තාට එරෙහිව 2017 වසරේ නීති විරෝධි ලෙස T 56 ගිනි අවි තුනක් ප්‍රවාහනය 2010 වසරේ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් දැරියක් පැහැර ගැනීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් නඩු විභාග වන බව පොලීසිය පැවසුවේ ය.
2020-07-26T02:40:35.000Z
Covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනයට නීතිපති දුන් නිර්දේශය ක්‍රියාත්මක කරන්න - PHIලා රජයෙන් ඉල්ලයි
COVID19: නීතිපති නිර්දේශය ක්‍රියාත්මක කරන්න
COLOMBO (News 1st) - මැතිවරණ සමයේ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයට අදාළව නීතිපතිවරයා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, අදාළ බලතල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතට පවරන ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී ඇති බවය. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනයට අනුව තමන්ට හිමි බලතල ලබා දෙන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.
2020-07-26T02:02:47.000Z
සූර්ය බලාගාරවලින් මෙගාවෝට් 150 ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සැලසුම්
සූර්ය බලාගාරවලින් මෙගාවෝට් 150 ක් ජාතික පද්ධතියට
COLOMBO (News 1st) - සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවය. මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.
2020-07-26T01:13:11.000Z
IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු වෙත යොමු කෙරේ
රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු වෙත..
COLOMBO (News 1st) - IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා කියා සිටියේ, ඔහු සමග ප්‍රතිකාර ලැබූ තව ත් අයෙකු ද කන්දකාඩු වෙත යෙමු කළ බවය. IDH රෝහලෙන් පළා ගොස් සිටියදී සොයා ගත් රෝගියාගෙන් සමාජයට කොරෝනා ව්‍යාප්තවීමට ඇති බලපෑම ඉතා අවම බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2020-07-25T23:46:57.000Z
කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
තරුපහේ හෝටලයකදී මත්⁣ පෙති 5600ක් සමග දෙදෙනෙකු කොටු
COLOMBO (News 1st) - කොළඹ ප්‍රධානපෙළේ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කළ මෙහෙයුමකිනි. ඔවුන් සතුව තිබී මත්පෙති 5600ක් සොයා ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2400 ක් ද සොයාගත් බවයි. 20 හා 29 හැවිරිදි සැකකරුවන් වත්තල හා ගොතටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.
2020-07-25T23:12:36.000Z
Facebook හරහා සංවිධානය කළ යතුරුපැදි තරගයක් පැද්ද 39ක් අත්අඩංගුවට
Facebook යතුරුපැදි තරගයක් පැද්ද 39ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පිළියන්දල - කැස්බෑව අතුරු මාර්ගයේ අද අලුයම අන්තරාදායක ලෙස යතුරු පැදි තරග පැවැත්වූ 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ගේ යතුරු පැදි 24ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. Facebook හරහා මෙම යතුරුපැදි තරගය සංවිධානය කර ඇති බව පොලීසිය පවසයි.
2020-07-25T23:37:43.000Z
නිරෝධායනය අවසන් කළ තව ත් 366 ක් අද නිවෙස් වෙත
නිරෝධායනය අවසන් කළ තව ත් 366 ක් අද නිවෙස් වෙත
COLOMBO (News 1st) - නිරෝධායනය අවසන් කළ තව ත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යනු ඇති. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 26,563 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවය. මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3920 දෙනෙකු මේ වනවිට නිරෝධයනය වෙමින් සිටින බව ද ඔහු පැවසුවේ ය. මේ අතර කොරෝනා ආසාදිත බව තහවුරු කිරීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ 1310 ක් ඊයේ දිනයේ සිදු කර තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 149,196 කි.
2020-07-25T21:22:00.000Z
ළමා අපයෝජන කළ ගුරුවරයා පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි...
ළමා අපයෝජන කළ ගුරුවරයා ගැන තවත් තොරතුරු හෙළිවෙයි
COLOMBO (News 1st) - ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු බව කියන සැකකරු පිරිමි ළමයින් 20 කට අධික පිරිසක් විවිධ අවස්ථාවල අපයෝජනයට ලක් කර ඇති බව හෙළිව තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 54 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවය. ඔහු විසින් ළමයින් අපයෝජනයට ලක් කරමින් අසභ්‍ය වීඩියෝ පට සකසා ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය. සැකකරු සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1443013459420124/
2020-07-25T20:42:38.000Z
මීගමුව බන්ධනාගාරයට තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය පාස් කළ 4ක් අත්අඩංගුවට
මීගමුව බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ 4 ක් කොටු
COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ තාප්පවලට ඉහළින් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ බන්ධනාගාරයට විසි කළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර තරුණියන් දෙදෙනෙකු ද වන බවයි. ඔවුන් 19 හා 21 හැවිරිදි තරුණියන්ය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලීසියට කළ දැනුම් දීමක් අනුව මීගමුව පොලිස් ස්ථානධිපතිවරයා කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව, කදිරාන හා ඒත්තුකාල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. පොලීසිය සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධානාගාරගතව සිටින පුද්ගලයින් හා මෙම පිරිස අතර සබඳතාවක් ඇති බවයි.
2020-07-25T20:38:38.000Z
ගෙවුණු දිනයේ ආසාදිතයින් 6යි: සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2770 ක් වෙයි..
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 6ක්..
COLOMBO (News 1st) - මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2770 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් චෙන්නායි සිට හා බෙලරූස් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි. මේ වනවිට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් 656 කි. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2103 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-07-25T20:28:14.000Z
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අද විශේෂ දිනයක්..
අද දිනයේ නිවෙස්වල සිටින්නැයි තැපෑලෙන් ඉල්ලීමක්..
COLOMBO (News 1st) - මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.
2020-07-25T20:23:27.000Z
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා තේරීම්භාර නිලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක්
මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්
COLOMBO (News 1st) - දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳ වූ බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ, එළඹෙන 5 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ඔවුන් සමග සාකච්ඡා වට 2 ක් අද දිනයේදී පැවැත්වෙනු ඇති. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද විමසීම පැවැත්වීම හා ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.
2020-07-25T19:32:58.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. "හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ”: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැළියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 2. රෝහලෙන් පැන ආ කොරෝනා රෝගියා ආ ගිය තැන් හෙළිවෙයි: මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම පළා ගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා කරන ලද ප්‍රකාශ අසත්‍ය බව පොලීසිය පවසයි. 3. නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වැනි දා: නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනි දා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි. 4. කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන්න සල්ලි හොයන ක්‍රමය මෙන්න: කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒ, ඒ ආයතනවලින් ලබා ගැනීමට තීරණය කර තිබේ. විදෙස් පුවත් 5. ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට – WHO: කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
2020-07-25T11:00:01.000Z
''හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ''
''හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ''
COLOMBO (News 1st) : දේශපාලනඥයින්ට මැතිවරණ වේදිකාවලදී මේ දිනවල විවිධ ප්‍රතිචාර ලැබෙනු දැකගත හැකියි. ඊයේ බදුල්ල ඇටැම්පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැළියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා අදහස් පළ කළේ ය. එහිදී පිරිසක් කෑ කෝ ගසමින් නොසන්සුන්ව හැසිරුණු අතර හිටපු කථානායකවරයා ඊට ආවේගශීලි ලෙස ප්‍රතිචාර දැක්වී ය. ''1818 ලොකු බන්ඩ ලා සුදු බණ්ඩලා රන් බණ්ඩලා කිරි බණ්ඩලා ඔක්කෝම ඌව වෙල්ලස්සේ මේ සටන් පිටිය සටන් පිටිය කියන්නේ හටන් පිටිය. හා හරි. සටන් පිටියට කියන්නේ මේ හටන් පිටියට. ඒ ඌව වෙල්ලස්සේ හටන් පිටිය. ඉතිං දැන් මම මේ අවස්ථාවේ කියන්න කැමැතියි. අපේ පුතාට ඔය විදිහට කට හැකර මොකා කතා කළත් ඒ අපි එක දෙයක් කියන්නම්. ඒ රත්තරං පුතා ඔය වගේ නරි හු කියනවා නරියෝ හු කියනවා පර නරි රැළ. මේ උතුම් ඡන්ද දායකයෝ. කලගුණ දන්න ඡන්ද දායකයෝ මේ අම්මලා තාත්තලා. ඔතන ඉදලා හැකර කට ඇරියට අපි දන්නවා වටින් ඉඳගෙන කරන උගුල්'' https://www.facebook.com/NewsfirstSL/videos/287209359009859/
2020-07-25T10:22:58.000Z
රෝහලෙන් පැන ආ කොරෝනා රෝගියා ආ ගිය තැන් හෙළිවෙයි
පළා ගිය COVID රෝගියාගේ ප්‍රකාශ අසත්‍යයි - පොලීසිය
COLOMBO (News1st) : මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පළා ගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා කරන ලද ප්‍රකාශ අසත්‍ය බව පොලීසිය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු රෝහලේ සිට පැමිණි මාර්ගය පිළිබඳ කරන ලද ප්‍රකාශය සාවද්‍ය බවයි. ඔහු නිවසකින් පා පැදියක් සොරකම් කර කොළඹ කොටුවට පැමිණ ඇති බව ද, ඔහු රෝහලේ සිටියදි ඇඳ සිටි ඇඳුම ද මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර බෝ වන රෝගීන් සිටින සියලුම රෝහල් සදහා ශ්‍රී ලංකා පොලීසිය,යුද හමුදාව,හමුදා බද්ධි අංශය සහ ගුවන් හමුදාව යෙදවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඊයේ පලායාමට තැත් කළ එල්සියාම් නසීම් නමැති එම පුද්ගලයා 41 හැවිරිදි ත්‍රිකුණාමලය වල්ලිමලර් පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්තාපනය වෙමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව IDH රෝහලට යොමු කර තිබිණ.
2020-07-25T10:11:09.000Z
නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා
නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා
COLOMBO (News 1st) : නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනිදා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඒ සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවයි. නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයිගේ ඡන්ද විමසිම ලබන 31 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂණ් සභාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/332470104581139/
2020-07-25T06:42:22.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) - අද දිනයේ කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.‍ ඔවුන් හඳුනාගෙන ඇත්තේ, චෙන්නායි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරිනි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළ යන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 654ක් දක්වා ඉහළ යනු ඇති.
2020-07-25T03:59:36.000Z
හෙරොයින් කිලෝවක් සමග සැකකරුවන් 6ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
හෙරොයින් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝ ග්‍රෑමයක් හා රුපියල් මිලියනයකට ආසන්න මුදල් සමග සැකකරුවන් 6 ක්, බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකින් පසුව සැකකරුවන් සමග හෙරෝයින් අත්අඩංගුවට ගත් බවයි. බොරලැස්ගමුවේ නිවසක තිබි එම හෙරෝයින් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය එම වැටලීම සිදු කර තිබේ. පොලීසිය සඳහන් කළේ, හෙරෝයින් අසුරන පුද්ගලයා, අලෙවි කිරීමට ලබාදෙන සහ අලෙවි කරන ඊට සම්බන්ධ පුද්ගලයින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
2020-07-25T03:18:17.000Z
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 5.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ, මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙනි. මේ යටතේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු අති.
2020-07-25T02:17:25.000Z
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට
COLOMBO (News 1st) - පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයා සංචාරය කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙරපාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු වී ඇති බවයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, මාතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. එම ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා පෙර පාසල් ගුරුවරියන්ට මාසික දීමනාවක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
2020-07-25T01:56:19.000Z
පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවයි - අධ්‍යාපන අමාත්‍යාංශය
පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් තාවකාලිකව අත්හිටුවයි
COLOMBO (News 1st) - නැවත දැනුම් දෙන තුරු පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය. පාසල්වල නොගැටෙන ක්‍රීඩා ඉසව්වල පුහුණුවීම් කිරීමට අවසර දී ඇතැයි ද ඔහු පැවසුවේ ය. ඊට අදාළ තරගාවලි එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සංවිධානයට අවසර දෙන බව ද රාජ්‍ය ලේකම්වරයා පැවසීය. රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, 11 / 12 සහ ‍13 වන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බවයි. එම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කරන ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු බව ද ඔහු පැවසුවේ ය. ලේකම්වරයා සඳහන් කළේ, උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා පාසල් පවත්වන්නැයි, සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි. මේ අතර ලබන 30 සහ 31 දෙදින සියලු විදුහල්පතිවරුන් පාසලේ රැඳී සිටිය යුතු වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සම්බන්ධිකරණය වෙනුවෙන් එලෙස විදුහල්පතිවරුන් පාසල් වෙත කැඳවා ඇති බවයි.
2020-07-25T02:15:37.000Z
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ නිවසකට හොරු පනී
ඉන්දීය මහ කොමසාරිස් නිලධාරියෙකුගේ නිවසකට හොරු පනී
COLOMBO (News 1st) - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ බොරැල්ල, කාසල් පාරේ පිහිටි නිවස බිඳ මුදල් සොරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ දහවල් 1.00 ට පමණ පුද්ගලයෙකු නිවසට ඇතුළු වී එහි තිබූ අමෙරිකානු ඩොලර් 2000 ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ඇති බවයි. සැකකරු මත්ද්‍රව්‍යට අබ්බැහි වූවෙකු බවට සැකකරන බව පොලීසිය පැවසුවේ ය. නිවසේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.
2020-07-25T01:33:39.000Z
පුත්තලමේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පුත්තලමේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව කළ මෙහෙයුමකිනි. සැකකරු පසුගිය දා අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාට අයිස් මත්ද්‍රව්‍ය ලබාදී පළාගිය බවට සැකකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ය. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඔහුගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බවයි. සැකකාර සුරාබදු පරීක්ෂකවරයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. මේ අතර පුත්තලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවට පත් වූ සුරාබදු නියාමකවරයා සේවයෙන් ඉවත් කර තිබේ. ඒ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මතයි. සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් එහිදී පොලිස් භාරයට ගැණුනි. ඔහු පසුගිය වසරේ කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව රාජකාරි කර වැඩ තහනමකට ලක්ව පසුව වව්නියාව සුරාබදු ස්ථානයට අනියුක්තව නැවත සේවයෙහි පිහිටුවන ලද නිලධාරියෙකි. සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ඇතිව පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම පිණිස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකුගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් යුක්ත වූ විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවයි. එම පරීක්ෂණ වාර්තා සතියක් තුළ කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට දන්වා ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2020-07-25T01:10:04.000Z
කහ ආනයනයට කිසිදු තීරණයක් නැහැ... - අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය
කහ ආනයනයට කිසිදු තීරණයක් නැහැ
COLOMBO (News 1st) - රට තුළ කහ හිඟයක් පැවතිය ද කහ ආනයනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගුණාත්මක තත්ත්වයෙන් අඩු, කහ ආනයනය කර දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීම නැවැත්වීමේ අරමුණින් එම පියවර ගන්නා බවය. මියන්මාරය සහ ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන කහ සහ දේශීයව නිෂ්පාදනය වන කහවල පවතින ගුණාත්මක තත්ත්වය අතර විශාල පරතරයක් පවතින බව ද එම නිලධාරියා පෙන්වා දෙයි. එම තත්ත්වය සහ දේශීය කහ වගාකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම වෙනුවෙන්, කිසිදු අවස්ථාවක කහ ආනයනයට යළි අවස්ථාව ලබා නොදෙන බව ඔහු සඳහන් කළේ ය. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, අවසරයකින් තොරව මෙරටට ආනයනය කර දැනට රේගුව භාරයේ ඇති කහ අඩංගු කන්ටේනර් නිදහස් නොකිරීමට තීරණය කර ඇති බවයි. රට තුළ කහ හිඟයක් ඇතැයි පවසමින්, එම කහ තොගය මෙරට වෙළෙඳපොළට මුදා හැරීමෙන් යළිත් ගුණාත්මක බවින් තොර කහ ආනයනයට වෙළෙඳුන් යොමුවන බව ද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. වෙළෙඳපොළේ කහ හිඟයක් ඇතිවූයේ පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් කහ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජය ගත් තීරණය අනුවයි. කහ, දේශීයව නිෂ්පාදනය කර පරිභෝජනයට දිරි ගැන්වීමේ අරමුණින් රජය එම තීරණය ගත්තේ ය. කහ දේශීයව නිෂ්පාදනය කිරීමේ වගකීම පැවරි ඇත්තේ , අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුවටයි. එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 8000 කි. එම අවශ්‍යතාව සපුරාලීමට 2023 වසරේදී හැකියාව ලැබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පැවසීය.
2020-07-25T02:08:26.000Z
කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන්න සල්ලි හොයන ක්‍රමය මෙන්න..
කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන ක්‍රමය..
COLOMBO (News 1st) - කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒ, ඒ ආයතනවලින් ලබා ගැනීමට තීරණය කර තිබේ. බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්, එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට හා කුරුණෑගල නගර සභාවට ඊට අදාළ ඉල්ලීම් ලිපි යොමු කර ඇති බවයි. අදාළ ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පැවසුවේ ය. ලේකම්වරයා සඳහන් කළේ, කෙසේ වෙතත් කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කළ බවය. ඒ, පසුගිය දා ලබා දුන් අධිකරණ නියෝගයත් සමග පවතින නීතිමය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණ කිරීම ඊයේ සිට ආරම්භ කරන්නැයි අමාත්‍යාංශය මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දී තිබුණි. නමුත් එම ස්ථානයට ඇතුළුවීම වලක්වමින් අධිකරණය පසුගිය දා කළ නියෝගය සැලකිල්ලටගෙන අධිකරණ කටයුතු අවසන් වූ වහාම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය.
2020-07-25T00:46:07.000Z
පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමේ බලය ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන්ට
පුරාවිද්‍යා ස්ථාන සුරැකීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට
COLOMBO (News 1st) - පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමේ බලය ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන්ට ලබාදීමට රජය තීරණය කර තිබේ. බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ගම් මට්ටමේ ව්‍යවස්ථාපිත නිලධාරීන්ට එම බලය පැවරෙන බව ඔහු පැවසුවේ ය. ලේකම්වරයා සඳහන් කළේ, ගම් මට්ටමින් ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන අදාළ නිලධාරීන් විසින් හඳුනාගෙන ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවය. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම සඳහා අවශ්‍ය එකඟත්වය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානවල හඳුනාගත් ඉඩම්වල සංඝාවාස සහ විහාරස්ථාන ඉදිකිරීම සඳහා අවසර දීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය.
2020-07-24T22:01:43.000Z
ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට - WHO
ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 284,196 ක්
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම සංවිධානයට අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 284,196 කි. එම කාලය තුළ ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි. ගත වූ පැය 24 තුළ ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ද 9753 කින් ඉහළ ගිය අතර එය ඉකුත් අප්‍රේල් 30 වැනි දාට පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි. මේ මාසයේ දෛනිකව වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5000 ක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා තිබේ. ඒ, ඊයේ වාර්තාගත ලෙස එරටින් 49,000 ඉක්ම වූ නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවීමෙන් පසුවය.
2020-07-24T21:49:33.000Z
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ
COLOMBO (News 1st) - මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද විථී සංචාරය කෙරේ. එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැඳැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සඳහන් කළේ, අද සිට මේ මස 29 දා දක්වා අභ්‍යන්තර පෙරහර 5 ක් ලෙස චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර පැවැත්වෙන බවයි. මෙරට ප්‍රථම ඇසළ පෙරහැර මංගල්‍ය සිදු කෙරුණේ ක්‍රිස්තු වර්ශ 310 දී අනුරාධපුර රාජධානි සමයේ කිත්සිරි මෙවන් රජ දවසේදීය. එතැන් පටන් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ඇසළ පෙරහැර මංගල්‍යය වර්ශ 1592 දී සෙංකඩගල පුරවරයේ ප්‍රථමවරට සිදු කෙරුණි. අද පවතින ආකාරයට දළදා මාලිගාව පෙරටුකොට පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලවල සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍ය සිදු කිරීම ඇරඹුනේ වර්ශ 1753, කීර්ති ශ්‍රී රාජසිංහ රජදවසේදීයි. සුබ නැකතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව නැකැත් පත්‍ර අනුව සිදු කෙරෙන කුඹල් පෙරහැරින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ. මෙවර සිව් මහා දේවාලවල කප් සිටුවීම පසුගිය 20 වැනි දා සිදු කෙරෙනු අතර කුඹල් පෙරහරෙන් අනතුරුව රන්දෝලි පෙරහර විථී සංචාරය කෙරෙන්නේ මේ මස 30 වැනි දා සිට නිකිණි පුන්පොහෝ දා දක්වායි. ඒ අනුව මෙවර සෙංකඩගල ඇසළ මංගල්‍යයේ අවසන් මහ රන්දෝලි පෙරහර නිකිණි පුන්පොහෝ දා විථී සංචාරය කිරීමට නියමිතය.
2019-03-08T03:22:37.000Z
ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්වයක්
ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්වයක්
COLOMBO (News 1st) ; මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ උතුරු,උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. මේ අතර උතුරු උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවල හෙට දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2019-03-08T02:53:36.000Z
මහින්ද දේශප්‍රිය සහ සාමාජිකයින්ට නැවතත් නොතීසි
මහින්ද දේශප්‍රිය සහ සාමාජිකයින්ට නැවතත් නොතීසි
COLOMBO (News 1st) : මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සහ එහි සමාජිකයන්ට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නැවත ත් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය. ඒ ,පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නිතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳ වු අවස්ථාවේදීයි. සිසිර ද ආබෲ ,ප්‍රසන්න ජයවර්ධන සහ පී. පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබී ය.
2019-03-08T02:09:01.000Z
ත්‍රිපිටකය ත් ලෝක උරුම ලැයිස්තුවට..?
ත්‍රිපිටකය ත් ලෝක උරුම ලැයිස්තුවට..?
COLOMBO (News 1st) : ජාතික උරුමයක් වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ලබන 23 වැනිදා යුනෙස්කෝ සංවිධානයට භාරදෙන බව රජය පවසයි. ඊට අදාළව ලබන 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ත්‍රිපිටකාභිවන්දනා නමින් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූයේ, පසුගිය ජනවාරි 14 වන දා ය. මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහනය කිරීමේ මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ මහ මළුවේදී පැවැත්වීමටත් කටයුතු සංවිධාන කර ඇති බව රජය පවසයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි.... පසුගිය ජනවාරි 05 වැනි දා ථේරවාදි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. එහි ජාතික උත්සවය මහා සංඝරත්නයේ උපදෙස් මත ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත් විය. නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවට මෙන්ම අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කර දීමේ මා හැගි අරමුණ පෙරදැරිව මෙම පියවර ගෙන තිබේ. මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පළවැනි සියවසේ මාතලේ අලුවිහාරයේ දී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. ත්‍රිපිටකය පිළිබඳ හැඳින්වීමක්... ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වෙන අතර බුදුන් වහන්සේ ජීවමානව සිටියදී ලෝ වැසි හිතසුව පිණිස දේශනා කරනු ලැබූ ධර්ම දේශනා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවත්වනු ලැබූ ධර්ම සංගයනාවලදී පිටක තුනකට වෙන් කෙරිණ. එකී පිටක ත්‍රිත්වය ත්‍රිපිටකය නම් වේ. විනය පිටකය, සූත්‍ර පිටකය අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණීන් වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා විනය පිටකයට අයත් වන අතර සූත්‍ර පිටකයට අයත් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මයයි. එය දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යන නිකාය 5කින් සමන්විත වේ. තව ද සූත්‍ර පිටකය දාහත් දාහකට වඩා වැඩි සුත්‍ර දේශනා සංඛ්‍යාවකින් සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගනු ලැබූ සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස්වලින් අභිධරම පිටකය සමන්විත වේ. තව ද අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතළිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. ශ්‍රී ලංකාවේ ලෝක උරුම.... එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංශයක් වන අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්‌කෘතික සංවිධානය (UNESCO) විසින් ලෝක උරුමයන් ප්‍රකාශයට පත්කරනු ලබයි. යුනේස්කෝ සංවිධානය සංස්කෘතිකමය වශයෙන් ගෝලීය වැදගත්කමක් සහිත ස්ථාන 6ක් ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඓතිහාසික පොළොන්නරුව නගරය (1982) ඓතිහාසික සීගිරිය නගරය (1982) දඹුල්ල විහාරය (1991) පැරණි ගාලු නගරය සහ බලකොටුව (1988) අනුරාධපුර පූජනීය නගරය (1982) මහනුවර පූජනීය නගරය (1988) මීට අමතරව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010) මෙන්ම සිංහරාජ වනාන්තරය (1988) ද ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
2019-03-08T01:12:51.000Z
අනතුරට දින 13යි : බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති තවදුරටත් දැඩි සත්කාරයේ....
බොරැල්ල රථවාහන අංශයේ OIC තවමත් දැඩි සත්කාර ඒකකයේ
COLOMBO (News 1st) : පසුගිය දා රිය අනතුරකට ලක් වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහල පවසයි. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවේ, ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇතත් ස්ථානාධිපතිවරයා තවදුරටත් සිහිමුර්ජා ත්ත්වයේ පසුවන බවයි. ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අදට දින 13 කි. පසුගිය පෙබරවාරි 24 වන දා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අලුයම 4. 30ට පමණ බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබිණ. ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගැනුණු අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඅඩංගුවට පත් විය. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ද විය. පෙබරවාරි 26 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකු ඇප මත මුදා හැරිණ. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. මේ අතර ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දා ජාතික රෝහල වෙත පැමිණියේ ය. අනතුරට අදාළව විකාශය වූ දර්ශන පෙළක් පහතින්.... https://youtu.be/AI1KpALwBsM
2019-03-07T22:16:19.000Z
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
COLOMBO (News 1st) : ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. 'සුහුරු කතක් සොඳුරු ලොවක්' යන තේමාවෙන් එය මෙරටදී සැමරෙනු ඇති. ප්‍රධාන සැමරුම් උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාගංණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. මේ අතර උඝ්‍ර ණය බර හේතුවෙන් මෙරට ග්‍රාමීය කාන්තාවන් දැඩි පීඩාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කළේ, මෙම තත්ත්වයෙන් කාන්තාවන් මුදා ගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දැඩි නියාමනයකට ලක් කළ යුතු බවයි. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ , කාන්තාවට හා ගැහුනු දරුවාට එරෙහිව පවත්නා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් මෙන්ම , වෙනස් කොට සැලකීම් ,මුලිමනින්ම ඉවත් කර ගැනීමේ තීන්දු තීරණ වෙනුවෙන් බලපෑම් කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ට හැකිවිය යුතු බවයි. සමාජය විසින් පවරන ලද සම්ප්‍රදායික භූමිකා අබිභවා බොහෝ ඉහළ ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා දිනය වෙනුවෙන් පණිඩුවයක් නිකුත් කරමින් පවසන්නේ පොදු සමාජ යහපත වෙනුවෙන් කාන්තාවන්ගේ කැපවීම හා මැදිහත්වීම ඉතා විශිෂ්ට බවයි. මෙතෙක් කාන්තාවන් ලද ජයග්‍රහණ සමස්ත සමාජය ලද ජයග්‍රහණයක් බව පෙන්වා දෙන අග්‍රමාත්‍යවරයා අභියෝග මැද ඇය කළ කැපවීම් හා පරිත්‍යාගයන් සමග සාර්ථක ඉදිරි ගමනක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිව ඇති බව ද පෙන්වා දෙයි.
2019-03-07T21:58:43.000Z
'වැල්ලේ සුරංග'ගේ ගෝලයෙක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට
'වැල්ලේ සුරංග'ගේ ගෝලයෙක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන 'වැල්ලේ සුරංග' නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 23 හැවිරිදි සැකකරු කුමාරපේලියගේ ළහිරු නයනප්‍රිය නමැති අයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ ,සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ මෙහෙයුමකදී ය. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 02 යි මිලිග්‍රැම් 85 ක් ,කේරළ ගංජා ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 467 ක් , කඩු 02 ක් සහ රුපියල් එක් ලක්ෂ 34 , 150 ක මුදලක් පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2019-03-07T21:16:28.000Z
ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී
ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී
COLOMBO (News 1st) : ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරාජයට පත් විය. ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි. ශ්‍රී ලංකාව සහ වියෙට්නාමය අතර තරගය ඊයේ පැවැත්විණ. එහිදී වියෙට්නාමයේ ක්වෑන්ග් න්ගුයෙන් හමුවේ, ශ්‍රී ලංකාවේ ටෙහාන් විජේමාන්න පරාජය වූයේ වට 2ට 0ක් ලෙසයි. වට 2ට 0ක් ලෙස චාතූර්ය නිලවීර හමුවේ වින් ට්‍රොන්ග් පරාජය විය. මේ අතර ඩිල්වාන් හේරත් සහ චාතුර්ය නිලවීර සමග පැවැති යුගළ තරගයෙන් වියට්නාම ක්‍රීඩකයින් දෙදෙනා පරාජය වූහ. ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
2019-03-07T19:44:00.000Z
පුරාවිද්‍යා අපරාධවලට අය කරන දඩ මුදල් ඉහළට
පුරාවිද්‍යා අපරාධවලට අය කරන දඩ මුදල් ඉහළට
COLOMBO (News 1st) : පුරාවිද්‍යා අපරාධ සිදුකළ පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දඩ මුදල් වැඩි කළ බවයි. ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
2019-03-07T19:39:19.000Z
ඉන්දීය මැතිවරණයට එන කොංග්‍රස් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ
ඉන්දීය මැතිවරණයට එන කොංග්‍රස් ලැයිස්තුව ප්‍රකාශයට
ඉන්දීය මහ මැතිවරණයට තරග කරන කොංග්‍රස් පක්ෂයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ,සෝනියා ගාන්ධි ඇතුළු 15 දෙනෙකුගේ නාමාවලියක් ඊට ඇතුළත් ය. එහෙත් පසුගිය ජනවාරී මාසයේ දේශපාලනයට අවතීර්ණ වූ ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රසයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත්ව නොමැත. ගාන්ධි පවුලේ දේශපාලන බලකොටු වන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, අමෙති සහ රෙබරේලි ආසනවලින් රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති. පාලක භාරතීය ජනතා පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති පසුබිමක කොංග්‍රසයට මෙවර මැතිවරණය වාසිදායක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. 17 වැනි ලොක් සභාවට සභිකයින් 543 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව ඇත.
2019-03-07T19:34:03.000Z
ජනපති කොමිසමට 'සුරක්ෂා' පිළිබඳ පැමිණිල්ලකු ත්
ජනපති කොමිසමට 'සුරක්ෂා' පිළිබඳ පැමිණිල්ලකු ත්
COLOMBO (News 1st) : පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයනතවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් පැමිණිලක් ද ලැබී තිබේ. එය යොමු කරනු ලැබ ඇත්තේ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි. සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ සුරක්ෂා රක්ෂණාවරණය හරහා රුපියල් මිලියන 2300 ක් රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පැමිණිල්ලේ සඳහන්ව ඇත. මීට අමතරව 2018 වසරේ මුද්‍රණය කළ පෙළ පොත් මිලියන 29 ක විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට පැමිණිල්ලක් ද ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කොමිසමට යොමු කර තිබේ. මේ අතර සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති තිලක් ධර්මරත්න මහතා විශ්වවිද්‍යාලයේ සිදුකරන බව කියන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිල්ලක් ද ඊයේ කොමිසම වෙත භාර දුන් බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. ඒ, ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසිනි. මේ වනවිට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 522 කි. පැමිණිලි භාර ගැනීම ලබන 14 වන දා දක්වා සිදු කෙරේ.
2019-03-07T19:21:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. MTD Walkers ආයතනයට එරෙහිව බැංකු කිහිපයක් අධිකරණයට : එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ආර්ථිකමය වශයෙන් ගැටලුවලට මුහුණ දී සිටින වකවානුවක ඊට අදාළ තවත් තොරතුරු හෙළිව තිබේ. 2. රු. 80,000ක අල්ලසක් ගත් CID නිලධාරියෙකු අත්අඩංගුවට: රුපියල් 80,000ක අල්ලසක් ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 3. වෙඩි කන්දේ කසුන්ගේ නිවසින් ගිනිඅවි 2ක් සොයා ගැනේ : රුපියල් කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නොහොත් කැවුමා නමැත්තා ලබා දුන් තොරතුරු අනුව ගිනිඅවි දෙකක් සොයා ගෙන තිබේ. 4. ආණ්ඩුව අයවැයෙන් ජනතාව ඇන්දුවා ද? : අයවැයට පැය 24කට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා යෝජිත අයවැය පිළිබඳව පුවත්පතකට අදහස් පළ කර තිබිණි. 5. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් : තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය. 6. මත්ද්‍රව්‍ය ගැන පොලිස් මූලස්ථානයට කියන්න අංක 3 ක් : මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පැය 24 පුරා එම සේවාව ක්‍රියාත්මක බවයි. 7. ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස් : නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24 න් ප්‍රකට අලි ඇතුන් ජාවාරම්කරුවෙකු යැයි කියන සමරක්කුලිගේ නිරාජ් ප්‍රසාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය නියෝග කර තිබේ. විදෙස් පුවත්.... 1. ජර්මානු තානාපති පිටුවහල් කිරීමට වෙනිසුවෙලාවේ සූදානමක්: අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව කියමින් සිය ජර්මානු තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් පිටුවහල් කිරීමට වෙනිසුවෙලාව සූදානම් වෙයි. ක්‍රීඩා පුවත්... 1. රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි :140 වැනි රාජකීය – ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී ඊයේ ආරම්භ විය.
2019-03-07T11:32:20.000Z
MTD Walkers ආයතනයට එරෙහිව බැංකු කිහිපයක් අධිකරණයට
MTD Walkers ආයතනයට එරෙහිව බැංකු කිහිපයක් අධිකරණයට
COLOMBO (News 1st) - එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ආර්ථිකමය වශයෙන් ගැටලුවලට මුහුණ දී සිටින වකවානුවක ඊට අදාළ තවත් තොරතුරු හෙළිව තිබේ. මලයාසියා එක්සිම් බැංකුව හරහා ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදලක් නැවත පියවීම ඉන් එක් කරුණක් වන අතර මෙම මුදල් පියවීම සිදු කර ඇත්තේ, එම්.ටී.ඩී. බර්හාඩ් නමැති මව් සමාගමයි. නමුත් ශ්‍රී ලංකාවේ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම සහ මෙරට බැංකුවලට එම ආයතනය විසින් ලබා ගත් ණය මුදල් පියවීම සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුමක් නොමැත. මේ සම්බන්ධයෙන් දේශීය බැංකු කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ගවලට ද යොමුව තිබේ. සුප්‍රිම් සැට් නමැති ආයතනයට අනුබද්ධ සමාගමකින් මෙම ආයතනයට අධ්‍යක්ෂවරු දෙපළක් නම් කර තිබුණ ද කාලයේ ඇවෑමෙන් ඔවුන් වෙනුවට කොරියන් එස්.පී.ඒ. ආයතනයට සම්බන්ධ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බව අද මාධ්‍ය වාර්තාවල දැක්විණි. එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ණය පහසුකම් ලබා ගෙන ඇති බැංකු අතරින් මහජන බැංකුව විශේෂයි. මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව ජනතාව වෙනුවෙන් ස්ථාපනය කෙරුණු බැංකුවක් වන අතර එය අදාළ අණපනත්වලින් පවා පැහැදිලි වේ. මහජන බැංකුව එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට දිගින් දිගටම ණය පහසුකම් අනුමත කළේ, ජෙහාන් අමරතුංග මහතා එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයේ නියෝජ්‍ය විධායක සභාපතිවරයා ලෙස හිඳිමින් මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ කාලයේ ය. මහජන බැංකුවේ එවක සභාපතිවරයා වූ හේමසිරි ප්‍රනානන්දු මහතා එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට ණය ලබා දීම සාධාරණීකරණය කරමින් මාධ්‍ය නිවේදන ද ලබා දුන්නේ ය. එයින් ඔබ්බට ගිය මහ බැංකුව ද එම ණය ලබා දීම සාධාරණීකරණය කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම එවක මහ බැංකු අධිපතිවරයා ඊට වගකිව යුතු යැයි නිගමනය කළේ, ලැදියාවන් අතර ගැටුමක් බව සඳහන් කරමිනි. එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ නියෝජ්‍ය විධායක සභාපතිවරයා, මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට තම සමාගමට ණය ලබා ගැනීම ද ලැදියාවන් අතර ගැටුමක් බව පැහැදිලියි. ජෙහාන් අමරතුංග මහතාගේ පෞද්ගලික විශ්වාසය මත පිහිටා තව කොපමණ ප්‍රමාණයක ණය මුදල් මහජන බැංකුවෙන් රටේ මහ බැංකුවේ අනුමැතියට යටත්ව ලබා දී තිබේ ද ?
2019-03-07T10:55:40.000Z
රිය අනතුරකින් හානි වූ රජයේ වාහනයක් කන්තලේ නිවසක සඟවා තිබියදී සොයා ගනී
කන්තලේ නිවසක සඟවා තිබූ රජයේ වාහනය
COLOMBO (News 1st) - රිය අනතුරකින් හානි සිදු වූ බවට සැලකෙන රජයට අයත් ජීප් රථයක් අද පෙරවරුවේ අග්බෝපුර පොලීසිය සිය භාරයට ගත්තේ ය. ඒ, කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ය. මෙම රථය සොයා ගෙන ඇත්තේ කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ 191 නිවසේ තිබියදී ය. ඒ, රිය අනතුරකින් හානි සිදුව ඇතැයි සැලකෙන වාහනයක් අදාළ නිවසේ ඇති බවට ප්‍රදේශවාසීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ය. මෙලෙස අද වාහනය පොලිස් භාරයට ගන්නා විටත් අදාළ ජීප් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති බව දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයට පෙනී සිටි අපේක්ෂකයෙකුගේ නිවසේ තිබියදී රජයට අයත් මෙම ප්‍රාඩෝ වර්ගයේ රථය පොලිස් භාරයට ගැනුණු අතර එහි හිමිකරු බව පැවසෙන කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පිටිදුව සමන්ජීව නමැත්තා අදාළ රථය කන්තලේ සීනිපුරදී ගවයෙකුගේ ඇඟේ ගැටී හානි සිදු වූ බවට ඉකුත් 26 වන දා පොලීසියට දන්වා තිබිණි. ඔහු එහිදී වැඩිදුරටත් කියා ඇත්තේ, අදාළ වාහනය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් තමාට පවරා දුන් වාහනයක් බව ය. අනතුර සිදුව ඇත්තේ, ඉකුත් 20 වන දා වුවද පැමිණිල්ල කිරීමට කල්ගත වූයේ ඊට ආසන්න දිනයකදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනක් සංවිධාන කිරීමේ කටයුතු නිසා බව ද එහිදී ඔහු පොලීසියට පවසා තිබේ. KC-0443 නමැති අදාළ වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයට අයත් වුවක් බවට සඳහන් වේ. 2006 වසරේ නිෂ්පාදනය කර ඇති එය විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරයකින් තොරව විකිණීම, හුවමාරු කිරීම හෝ විනාශ කිරීම කළ නොහැකි බව ද අදාළ දත්තවල වැඩිදුරටත් සඳහන් ය. කෙසේ වෙතත් ජීප් රථය පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, අදාළ වාහනය මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එය එහි හිමිකරුට භාර දීමට කටයුතු කරන බව ය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වාහනයක් මේ ආකාරයට පිටස්තර පුද්ගලයෙකුට පවරා දී ඇත්තේ කෙසේ ද ? එම අමාත්‍යංශය පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ ය.
2019-03-07T10:33:58.000Z
අල්ලස් හෝ දූෂණ වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 එළිදක්වයි
දූෂණ වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 වන දා
COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 වන දා එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ. අද මාධ්‍ය හමුවක් කැඳවමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මේ පිළිබඳව කරුණු අනාවරණය කළේ ය. සරත් ජයමාන්න මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ක්‍රියාවලියේදී වෙනත් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ය. අල්ලස් පනත, වත්කම් බැරකම් පනත සංශෝධනය කරමින් සිටින බව ද සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මැතිවරණ කටයුතු සඳහා මුදල් යෙදවීමේදී නියාමනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා මේ වන විට දළ කෙටුම්පතක් ඇතුළු යෝජනාවලියක් සකස් කර ඇති බව ය. රටේ වත්කම් මේ වන විට මෙරට නොමැති බවත් එම වත්කම් යළි මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් සිටින බවත් සරත් ජයමාන්න මහතා මෙහිදී සඳහන් කළේ ය.
2019-03-07T10:06:46.000Z
මහ බැංකුවේ වෝහාරික විගණනයට විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය
වෝහාරික විගණනයට වි. ආයතනයක සේවය ගැනීමට අනුමැතිය
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍ර‍සම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ එම්.එස්.බී.ඩී.ඕ. ඉන්ඩියා සහ එම්.එස්.කේ.පී.එම්.ජී. ශ්‍රී ලංකා යන සමාගම් වෙත අදාළ කොන්ත්‍රාත්තුව භාර දීමට නියමිත ය. මීට පෙර ද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි. මේ අතර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද සාකච්ජා සම්මුති කමිටුවක් හා ඊට සහය වීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට ද මීට පෙර අනුමැතිය හිමි විය. එම කමිටුව විසින් සිය නිර්දේශ ඇතුළත් කරමින් සකස් කර ඇති වාර්තාවට අනුව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2019-03-07T09:43:54.000Z
රු. 80,000ක අල්ලසක් ගත් CID නිලධාරියෙකු අත්අඩංගුවට
රු. 80,000ක අල්ලසක් ගත් CID නිලධාරියෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් 80,000ක අල්ලසක් ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. අදාළ ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගන්නා ආයතනය හා අතරමැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාට ද නඩු ගොනු කිරීමට හැකියාව ඇති බැවින් ඉන් වළක්වාලීම සඳහා සැකකරු රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය. එම අල්ලසෙන් රුපියල් 20,000ක් මීට පෙර ලබා ගෙන ඇති සැකකරු ඉතිරි රුපියල් 80,000 ලබා ගනිද්දී අද කැලණිය ගෝනවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. මේ අතර පුද්ගලයෙකුගෙන් රුපියල් 80,000ක අල්ලසක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, බාල වයස්කාරිණියක් දූෂණය කිරීමේ නඩුවකට අදාළව මෙම අල්ලස ලබා ගෙන ඇති බව ය. දූෂණයට ලක් වූ දැරිය ප්‍රසූත කළ දරුවාගේ පියා කවුරුන් දැයි සනාථ කිරීමට කෙරෙන ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා දැරිය දූෂණය කළ බව කියන තැනැත්තාගේ රුධිර සාම්පලය වෙනස් කිරීමට අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අල්ලස් ලබා ගෙන තිබේ.
2019-03-07T09:31:56.000Z
ආණ්ඩුව අයවැයෙන් ජනතාව ඇන්දුවා ද?
ආණ්ඩුව අයවැයෙන් ජනතාව ඇන්දුවා ද?
COLOMBO (News 1st) - අයවැයට පැය 24කට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා යෝජිත අයවැය පිළිබඳව පුවත්පතකට අදහස් පළ කර තිබිණි. ඔහු ලංකාදීප පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ නැති ආදායමක් ද, සත්‍ය වියදම්වලට වඩා අඩු වියදමක් ද මවා පෙන්වන දත්ත සෙල්ලමක් බවට අයවැය පත්ව ඇති බව ය. සත්‍ය දත්ත රටට හෝ ජනතාවට හෙළිදරව් නොකරන අතර එය කාලයක් තිස්සේ අයවැයේදී සිදු වන සෙල්ලමක් බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ ය. මවාපාන දත්ත වාර්තා හා සත්‍ය යථාර්ථය අතර පරතරය අනුව, මෙරට ආර්ථික අර්බුදය අප සිතනවාටත් වඩා නරක එකක් යැයි තමා අදහස් කරන බව ද එම්.ඒ සුමන්දිරන් මහතා මෙහි අවධාරණය කර තිබේ. නමුත් පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළ සුමන්දිරන් මන්ත්‍රීවරයා එදා පෙන්වා සිටි ප්‍රබල විරෝධය වෙනුවට අද දක්වා සිටියේ දියාරු ප්‍රතිචාරයකි. එම්.ඒ. සුමන්දිරන් - පා.ම. දෙමළ ජාතික සන්ධානය "අයවැය ලේඛනය සම්බන්ධයෙන් පොදුවේ ලැබී ඇති ප්‍රතිචාරය ධනාත්මකයි. අපි හිතනවා මේ අයවැය ලේඛනය වගකීම් සහගතව ඉදිරිපත් කරලා තියෙනවා රට මුහුණ දෙන ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින්. උතුරේ සංවර්ධනය සඳහා අරමුදලක් ඇති කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. උතුරු හා නැගෙනහිර යුද්ධයෙන් බලපෑම් එල්ල වුණු ප්‍රදේශ වෙනුවෙන් මේක අපි කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක්. එහෙත් අවාසනාවන්ත ලෙස මේ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් ඊයේ අපි සාකච්ඡාවක් පැවැත්වුවා. මම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් තිබුණ ආකල්පය වෙනස් වෙලා තියෙනවා. පේන විදිහට දැන් ඔවුන් සහයෝගයෙන් කටයුතු කරනවා. මුදල් අමාත්‍යවරයා අයවැය දිරිපත් කරන්නේ ආර්ථික දැක්මකින්. නමුත් මේ පොත්වල එවා ගිණුම්කරණ ක්‍රමවේදය අනුවයි. මේ දෙක සසදන්න පහසු නැහැ. ඒ හින්දා ඇත්තටම ක්‍රියාත්මක වන දේ මීට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අයවැය ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක වීම අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපිට තියෙන මූල්‍යමය හැකියාව ඉතාම අඩු මට්ටමක පවතින්නේ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් භාගයක්වත් අපිට නෑ. අපිට තියෙන බය නම් මෙම යෝජනාවලින් 20%වත් ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වෙයි ද කියන එකයි. ඇමතිතුමා විසින් ඉදිරිපත් කරපු ව්‍යපෘති ගණනාවකට විසර්ජන පනතින් හෝ අයවැය ඇස්තමේන්තුවලින් ප්‍රතිපාදන නැහැ. මේ වියදම්වලට මුදල් කෙහෙන්ද මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ."
2019-03-07T08:46:54.000Z
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් වසර 350 - 600ක් පැරණි බවට හෙළි වෙයි
මන්නාරම සමූහ මිනී වළ: තොරතුරු හෙළි වෙයි
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් මීට වසර 350 - 600 අතර කාලයේ මිය ගිය පුද්ගලයින් පිරිසකගේ බව කාබන් කාලනීර්ණ වාර්තාව අනුව හෙළිවී තිබේ. මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් 5ක් සහ එක් දතක් කාබන් 14 කාලනීර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ විද්‍යාගරය වෙත යොමු කර තිබිණි. මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය නිකුත් කළ කාබන් වාර්තාව පසුගියදා මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට භාර දුන්නේ ය. එම පරීක්ෂණ වාර්තාවේ කරුණු සහ කාබනික කාලනීර්ණය පිළිබඳව අප කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතාගෙන් පැහැදිලි කිරීමක් ලබා ගත්තේ ය. මිනිස් අස්ථි කොටස් සහ දත ක්‍රි.වර්ෂ 1400 ත් 1650 ත් අතර කාලයට අයත් බවට අමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ විද්‍යාගරය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මේ අනුව මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් වසර 350 ත් 600ත් අතර කාලයකට පෙර මිය ගිය පුද්ගලයින්ගේ බවට තහවුරු වී තිබේ. කාබන් කාලනීර්ණය යනු පුරාවිද්‍යා කැණීම්වලදී හමු වන අස්ථි කැබලි, ශාක කොටස් ආදිය කවර කාලයකට අයත් දැයි නිර්ණය කර ගැනීමේ ක්‍රමවේදයයි. පසුගිය වසරේ මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග එම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරිණි. මේ වන විට එම ස්ථානයෙන් ඇටසැකිළි 355ක් සොයා ගෙන තිබේ.
2019-03-07T05:21:37.000Z
වෙඩි කන්දේ කසුන්ගේ නිවසින් ගිනිඅවි 2ක් සොයා ගැනේ
වෙඩි කන්දේ කසුන්ගේ නිවසින් ගිනිඅවි 2ක් සොයා ගැනේ
COLOMBO (News 1st) - රුපියල් කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නොහොත් කැවුමා නමැත්තා ලබා දුන් තොරතුරු අනුව ගිනිඅවි දෙකක් සොයා ගෙන තිබේ. ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙඩි කන්දේ කසුන් නමැත්තාගේ නිවසේ වළදමා තිබූ ගිනිඅවි දෙකක් මෙලෙස සොයා ගත් බව ය.
2019-03-07T05:04:06.000Z
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝග
COLOMBO (News 1st) - තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය. ලබන 11 වැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතාට නියෝග කරනු ලැබුවේ ය. මේ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාව අනුව නීතිපතිවරයා විසින් සිය සේවා දායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් කළහොත් මහාධිකරණයෙන් නොතීසි ලද විටක පෙනී සිටීමට පොරොන්දුවන බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවටත්, අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් පොරොන්දු වන බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය. තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
2019-03-07T03:47:58.000Z
GIT විභාගයේ නියාමන පරීක්ෂණය මෙවර Online ක්‍රමයට
GIT විභාගයේ නියාමන පරීක්ෂණය මෙවර Online ක්‍රමයට
COLOMBO (News 1st) - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථමවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත බී පූජිත මහතා සඳහන් කළේ, මේ වස‍රේ මාර්තු 11 වන දා සිට මාර්තු 18 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655 කදී මෙය පැවැත්වීමට නියමිත බවය. මේ සඳහා අයැදුම්කරුවන් 188,000 පෙනී සිටීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පාසල් වෙත යවා ඇති බව සනත් බී පූජිත මහතා සඳහන් කළේ ය. යම් කිසි හේතුවක් මත ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් අදාළ පාසල මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි. පරීක්ෂණයට පෙනී සිටිමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් අවධරණය කළේ, අයැදුම්පත් ඉදිරිපත් කළ අයැදුම්කරුවන් හට පමණක් මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට හැකියාව ලැබෙන අතර තමාට ලැබී ඇති ප්‍රවේශ පත්‍රයේ නියමිත දින දී නියමිත වේලාවට පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බවයි. එමෙන්ම විභාග පරිපාලන කටයුතු සඳහා කාර්ය මණ්ඩල මේ වන විටත් පත් කර ඇති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 173 දී විභාග අධීක්ෂණ කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ය.
2019-03-07T01:45:29.000Z
මත්ද්‍රව්‍ය ගැන පොලිස් මූලස්ථානයට කියන්න අංක 3 ක්...
මත්ද්‍රව්‍ය ගැන පොලීසියට කියන්න අංක 3 ක්
COLOMBO (News 1st) - මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පැය 24 පුරා එම සේවාව ක්‍රියාත්මක බවයි. ඒ අනුව 011 -3 - 024 820, 011- 3 - 024 848, 011 -3 -024 850 අංකවලට නීති විරෝධි මධ්‍යසාර පිළිබඳ තොරතුරු ලබාදිය හැකි වේ. දිවයින පුරා ව්‍යාප්තව ඇති මධ්‍යසාර ජාවාරම මැඩලීම සඳහා ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දුරකතන අංක හඳුන්වාදී ඇත.
2019-03-07T01:25:25.000Z
රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි
නිල් මහ සටන ඇරඹෙයි
COLOMBO (News 1st) - 140 වැනි රාජකීය - ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන රාජකීය කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 87 ක්. මෙවර තරගයේදී කවිදු මාදාරසිංහ රාජකීය කණ්ඩායම මෙහෙයවයි. ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, සිතාර හපුහින්නයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි රාජකීය කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, ඉසිවර දිසානායක සහ කමිල් මිශාර. ඉසිවර ලකුණු රැස් කිරීමට පෙර දවා ගැනීමට කලන පෙරේරා සමත් විය. අශාන් වික්‍රමසිංහ ලකුණු 15 යි. කලන පෙරේරා එම කඩුල්ලද දවා ගත්තේ ය. මෙම තරගයේදී තුන්වැනි විනිසුරුවරයෙක් ද යොදා ගැනීම විශේෂත්වයකි. පසිදු සූරියබණ්ඩාර ලකුණු දෙකකට දැවී ගියේ ය. විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 35 ක් රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් කණ්ඩායම තරග 34 ක් ජය ගෙන තිබේ.
2019-03-07T01:09:05.000Z
'ටෝටල් ධමාල්' ආදායම් වාර්තා බිඳ හෙළයි
'ටෝටල් ධමාල්' ආදායම් වාර්තා බිඳ හෙළයි
මධුරි ඩික්සිත්, රිතේෂ් දේශමුක්, අනිල් කපූර් සහ අජේ දේව්ගන් ප්‍රධාන චරිත රඟන 'ටෝටල් ධමාල්' චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත කෙරේ. ඒ අනුව තිරගත කිරීම් අරඹා සති දෙකක් තුළ එය ඉපැයීමට සමත්ව ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 130 කට ආසන්නයි. 'ටෝටල් ධමාල්' චිත්‍රපටය වෙත ඉන්දීය සිනමා විචාරකයන්ගේ ද ප්‍රශංසාව හිමිව ඇත.
2019-03-07T00:26:44.000Z
'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස්
'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස්
COLOMBO (News 1st) - නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24 න් ප්‍රකට අලි ඇතුන් ජාවාරම්කරුවෙකු යැයි කියන සමරක්කුලිගේ නිරාජ් ප්‍රසාන් හෙවත් 'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කර තිබේ. ඒ, විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරමිනි. අධිචෝදනා විභාග කිරීමට විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් ගොනු කර තිබු මූලික විරෝධතාව පිළිගත් සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ. සැකකරුවන්ට පනවා තිබු විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ඉවත් කිරීමට ද නියෝග කළ විනිසුරු මඩුල්ල එම අධිචෝදනා පත්‍රය විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනා සම්බන්ධයෙන්ම විත්තිකරුවන් 07 දෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ 04 ක් හමුවේ පවරා ඇති නඩුවට තම අධිකරණය අද දින නිකුත් කළ නියෝගය බලාත්මක නොවන බව පෙන්වා දුන්නේ ය. එම නඩු ගොනු හා නඩු භාණ්ඩ අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත අපසු යැවීමට පියවර ගන්නා ලෙසට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තම අධිකරණයට එවා ඇත්තේ, එම මහේස්ත්‍රාත් අධිකරණ මගින් නම් ඒවා ද ආපසු යවන ලෙසට ද නියෝග කර ඇත. ඒ අනුව එම නඩු කටයුත්ත විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම අද අවසන් කෙරුණි. කෙසේවෙතත් විත්තිකරුවන් 07 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එක් ව හෝ වෙන් වෙන්ම අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. 'අලි රෝෂාන්' නැමැත්තාට එරෙහිව ඔහුගේ සහෝදරයෙකුත් වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන උපාලි පද්මසිරි මහතාත්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛන භාරව සිටි ලිපිකාරිනි ප්‍රියංකා සංජීවනි ඇතුළු 07 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් පසුගිය වසරේ ඔක්තොබර් 11 වැනි දා විශේෂ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණි.
2019-03-06T20:36:26.000Z
ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී
දෙවන එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ, ඊයේ පැවති තරගයෙන් ලකුණු 113 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. සෙන්චූරියන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ ක්විටන් ඩී කොක් සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්. එක්දින දිවියේ 20 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඩී කොක් ලකුණු 94 යි. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස් කළහ. තිසර පෙරේරා ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් ඇත. ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම අරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සමගින් අවිශ්ක ප්‍රනාන්දු යි. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11 කට සීමා කරමින් දික්වැල්ල ලකුණු 6 කට දැවී ගියේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 10 ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31 ක් රැස් කළේ, ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමිනි. කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් රැස් කර ඇත. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුනේ ලකුණු 92 කදීයි. තිසර පෙරේරා ලකුණු 23 කට දැවී ගියේ ය. ලකුණු 4 ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 4 බිඳ වැටුණි. කගීසෝ රබාඩා ලකුණු 43 ට කඩුලු 3යි. වියාන් මූල්ඩර් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගත් අතර ලුන්ගි එන්ගීඩි ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. පන්දුවාර 32 යි පන්දු 2 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 138 කට දැවී ගියේ ය.
2019-03-06T20:16:22.000Z
ජර්මානු තානාපති පිටුවහල් කිරීමට වෙනිසුවෙලාවේ සූදානමක්
ඩැනියෙල් ක්‍රීනර් පිටුවහල් කිරීමට සූදානමක්
අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව කියමින් සිය ජර්මානු තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් පිටුවහල් කිරීමට වෙනිසුවෙලාව සූදානම් වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලතින් අමෙරිකානු සංචාරයක නිරත වූ වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට යළි වෙනිසුවෙලාවට පැමිණීමට උපකාර කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර ඩැනියෙල් ක්‍රීනර් ද වන බවයි. ජුවාන් ගුවයිඩෝ වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස හඳුනාගන්නා ජර්මනිය, මෙම තත්ත්වය දෙරටේ සබඳතා පළුදු කිරීමට හේතුවනු ඇතැයි පවසයි. මේ අතර වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝට සම්බන්ධ පුද්ගලයන් 77 දෙනෙකුගේ වීසා තහනම් කිරීමට පියවර ගන්නා බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය.
2019-03-06T19:42:01.000Z
වසා දැමුණු ජ'පුරේ කළමනාකරණ පීඨය අද යළි විවෘත කෙරේ
වසා දැමුණු ජ'පුරේ කළමනාකරණ පීඨය යළි විවෘත කෙරේ
COLOMBO (News 1st) - වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද යළි විවෘත කෙරේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතුව තිබූ බවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය, පසුගිය 21 වැනි දා එළෙස වසා දැමුණි. ඒ, නවකවදයදීමේ සිද්ධියක් මුල්කරගනිමින් ය.
2019-03-06T19:30:35.000Z
ප්‍රධාන ජලාශවල ජලමට්ටම් පහළට: අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයි දැනුම්දීමක්
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි දැනුම්දීමක්
COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාෂක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, මෙම තත්ත්වය තුළ කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් ඇති බවයි. මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.
2019-03-06T19:16:10.000Z
අද ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාලගුණයක්... අවධානයෙන් සිටින්නැයි උපදෙස්
අද ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාලගුණයක්...
COLOMBO (News 1st) - අද දිනයේ උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්නයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් දෙයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් විශේෂයෙන් ජලය වැඩි වශයෙන් පානය කිරීමට හා සෙවණ සහිත ස්ථානවල ගැවසීමට ද ජනතාව වග බලාගත යුතු බවයි.
2019-03-06T19:16:55.000Z
අද ත් අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී
අද ත් අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී
COLOMBO (News 1st) - 2019 අයවැය දෙවනවර කියවීමේ විවාදය ඊයෙන් ආරම්භ විය. අද ත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේදී ද අයවැව විවාදය පැවැත් වෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/2069758336465025/
2019-03-06T19:01:47.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවක්: 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්විය. 2. අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොගය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනපති කියයි: මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. හෙට ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්: අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 4. අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය: 1818 ඌව වෙල්ලස්ස සටනින් පසු තහනමට ලක් වූ ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. විදෙස් පුවත් 5. මංගල දින රාත්‍රියේ රැකුණු යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන: ඉතාලියේ උතුරු නගරයක් වන ඉව්‍රියාහි පසුගිය ඉරිදා (03) ‘දොඩම් ගෙඩි සටන’ නමින් සම්ප්‍රදායික සැණකෙළියක් පැවැතිවිය.
2019-03-06T07:31:25.000Z
විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවක්
විපක්ෂ නායක සහ ජවිපෙ අතර හමුවක්
COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අද පැවැත්විය. සාකච්ඡාව අද පස්වරුවේ ආරම්භ වූයේ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් පැමිණ සිටියහ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ද එක්විය.
2019-03-06T07:15:36.000Z
අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොගය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනපති කියයි
අල්ලාගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 වැනිදා විනාශ කරනවා
COLOMBO (News 1st) - මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, විනිසුරුවරුන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී එම මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවට රටම එක් ව අප්‍රේල් 03 වැනි දා - බක්මහ දිවුරුම - නමින් වැඩ සටහනක් සංවිධානය කෙරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, එදින පෙරවරු 8.00 ට කොළඹ නිදහස් චතුරඝ්‍රයට සියලු මැති ඇමතිවරුන්ට හා පක්ෂ නායකයින්ට ආරාධනා කරන බවයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට මිල ගණන් කැඳවා ඇති බවත්, තව ත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිතුමා මෙම හමුවේදී ප්‍රකාශ කළේ ය. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ විට ජනාධිපතිතුමා සඳහන් කළේ, අනිවාර්යෙන්ම එම තීන්දුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. කිසිදු බලපෑමකින් තොරව මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා ඇතැයි ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේ ය. මේ අතර සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකු ජිනීවා නුවරට පිටත්කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බවයි. පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වූවත්, පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිතුමා පවසුවේ ය. එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මැතිවරණ වසරක් බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුව භාරව තිබූ අමාත්‍යංශ, පොලීසිය දේශපාලනීකරණ කර ඇති බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා අවධාරණය කළේ, එය වහාම වෙනස් කළ යුතු බවයි. පොලිස් නිලධාරීන් පැය 8 ක සේවා කාලයක නිරතවීම ඉතා විරල බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12 කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ජනාධිපතිතුමා පැවසුවේ ය. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව තමා පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්, නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ය. ජනාධිපතිතුමා සඳහන් කළේ, දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවන බවයි. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කර ජනතාවට වඩා හොඳින් සේවය කරන නූතන පොලීසියක් බවට එය පරිවර්තනය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය.
2019-03-06T06:45:41.000Z
හෙට ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්
හෙට ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්
COLOMBO (News 1st) - හෙට දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කර ගන්නා ලෙස උපදෙස්දී ඇත. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්නත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
2019-03-06T05:50:34.000Z
කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම් පාර මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි. වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හා රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපන කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙලෙස විරෝධතාවයෙහි නිරත විය. මේ හේතුවෙන් මාරදාන සිට ටෙක්නිකල් මංසන්ධිය දක්වා සහ පිටකොටුව යන මාර්ගයන්වල දැඩි රථවාහන තදබදයක් ඇති බව වාර්තාකරු පැවසුවේ ය. සෞනදර්්‍ය විශ්වවිද්‍යාලය අසළින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කෙරුණි. මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළුමනින්ම වසා දාමා තිබෙනාවා.
2019-03-06T05:38:42.000Z
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, වලවේ ගඟ භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.
2019-03-06T04:31:07.000Z
රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන හෙට
140 වැනි නිල් මහ සටන හෙට
COLOMBO (News 1st) - ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතවේ. ඒ, කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ය. ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක් ව ඇත්තේ 1878 දී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර තරගයයි. එසේ වූව ද 1879 වසරේ සිට ආරම්භ වූ මෙම නිල් මහ සටන ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව තිබීම විශේෂත්වයකි. මෙම තරගය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ. නිල් මහ සටනේ මෙතෙක් පැවති තරග 139 අතුරින් තරග 35ක් ජයග්‍රහණය කිරීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර තරග 34 ක් ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්ව ඇත. වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමේ ගෞරවය දිනා ඇත්තේ 2016 වසරේදී ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් යුත් රාජකීය කණ්ඩායමයි. තෝමස් ක්‍රීඩකයින් අවසන් වරට අශාන් පීරිස්ගේ නායකත්වය යටතේ 2007 වසරේදී ජයග්‍රහණය ලබාගෙන තිබේ. සාන්ත තෝමස් ක්‍රීඩකයින් මෙවර නිල් මහ සටනට පිවිසෙන්නේ, නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේදී සම්පූර්ණ ජයග්‍රහණ 6 ක් දිනා ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසයි. මෙවර තෝමස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ, සිතාර හපුහින්නයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම දක්වා පැමිණ තිබේ. මෙවර රාජකීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ, කවිදු මාදාරසිංහයි.
2019-03-06T04:07:46.000Z
අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය
අංගම්පොර නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - 1818 ඌව වෙල්ලස්ස සටනින් පසු තහනමට ලක් වූ ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ජනප්‍රවාදයන්ට අනුව අංගම් සටන් කලාව වසර 30,000 කට එහා ඉතිහායකට උරුමකම් කියන්නකි. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුවත් මෙරට අංගම්පොර සටන් කලාවට වසර 2500 කට එහා ඉතිහාසයක් පවතින බවට පැහැදිලිව සනාථ වී ඇත. 1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසුව මෙරට අංගම්පොර කලාව පරිහානියට පත් වූ අතර එහි කාර්යක්‍ෂමතාව සහ භයානකකම වටහාගත් ඉංග්‍රීසීන් ඉපැරණි අංගම්පොර ගුරු කුලයන් සහ පාරම්පරික අංගම් ශීල්පීන් සමූල ඝාතනය කිරීමට ද කටයුතු කළහ. කෙසේවෙතත් ඌව වෙල්ලස්සේ විහාරස්ථාන සහ මරගල කදුපංතිය කේන්ද්‍රකරගනිමින් අංගම් සටන්කරුවන් පුහුණු කිරීමට මෙරට භික්ෂුන් වහන්සේ සහ වෙල්ලස්ස සටන් නායකත්වය පියවර ගෙන තිබේ. ඉංග්‍රීසින් ගැසට් නිවේදනයක් මගින් මෙම ඓතිහාසික සටන් ශිල්පය තහනම් කිරීමට පියවර ගන්නේ ඒ හේතුවෙනි. අජන්ත මහන්ත ආරච්චි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම සිරස ගොට් ටැලන්ට් ශූරතාව දිනා ගැනීමත් සමග ලොවපුරා අවධානය මෙම සටන් කලාව වෙත යොමුවිය.
2019-03-06T02:46:12.000Z
මධුෂ් හසු වීමත් සමග කොටු වූ මත්ද්‍රව්‍ය තොග
මධුෂ් හසු වීමත් සමග කොටු වූ මත්ද්‍රව්‍ය තොග
COLOMBO (News 1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකු පසුගිය මස 4 වන දා ඩුබායිහි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර දී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් වූවන් අතර කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බව පොලීසිය සඳහන් කළේ ය. ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අය ද ඒ අතර වෙති. මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට එරට පොලීසිය සිදු කළ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සිද්ධියත් සමග මෙරට පොලීසිය ද ක්‍රියාත්මක වෙමින් මාකදුරේ මධුෂ්ට සහය දැක්වූ පුද්ගලයින් පිළිබඳව විමර්ශන සිදු කළ අතර අමල් පෙරේරාගේ සහ රයන් වැන් රෝයන්ගේ නිවෙස් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී කොකේන් භාවිත කිරීමට උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් අමල් පෙරේරා මහතාගේ නිවසෙන් හමු වී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන්ගේ නිවසෙන් හමු විය. අනතුරුව පසුගිය මස 9 (පෙබරවාරි) වන දා රයන් වැන් රෝයන් මහතා භාවිත කළ මෝටර් රථයක් මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයකදී පොලීසිය සිය භාරයට ගත්තේ ය. එම මෝටර් රථය සොයා ගත්තේ, මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් හෝටලයකදී ය. පොලීසිය දිගින් දිගටම සිදු කළ මෙහෙයුම්වලදී මධුෂ්ගේ සහයකයෙකු වන වෙඩිකන්දේ කසුන් අත්අඩංගුවට පත් විය. ඔහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ අයෙකුයි. කෙසේ වෙතත් අදාළ දියමන්තිය බවට සැක කරන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගැනිණි. පොලීසිය පාතාලයට හා මත්ද්‍රව්‍යවලට එරෙහිව දිගින් දිගටම වැටලීම් සිදු කරද්දී පසුගිය මස 5 (පෙබරවාරි) වන දා හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ය. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික ය. මීගමුව, පෝරාතොට ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පසුගිය මස 22 (පෙබරවාරි) වන දා අත්අඩංගුවට පත් විය. මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට පත් විණි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සහ ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රැම් 655ක් සොයා ගැනිණි. මේ අතර පසුගියදා මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත්තේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයා ගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490කි. එහි වටිනාකම රුපියල් මිලියන 2945කට අධික ය. රුපියල් කෝටි 7කට අධික වටිනා කමින් යුත් කොකේන් තොගයක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (05) අත්අඩංගුවට ගත්තේ ය. සැකකරු සන්තකයේ තිබූ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5කි.
2019-03-06T00:00:32.000Z
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය හෙට යළි විවෘත කෙරේ
ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨය හෙට විවෘත කෙරේ
COLOMBO (News 1st) - වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට යළි විවෘත වේ. එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පසුගිය 21 වැනිදා එලෙස වසා දැමිණි. ඒ, නවකවදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.
2019-03-05T23:46:02.000Z
කොකේන් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
කොකේන් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කොකේන් ග්‍රෑම් 7ක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ඊයේ රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. රත්මලානේ රොහා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහායකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රත්මලානේ රතු සහ විජය නමැති පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශවල කොකේන් බෙදා හැරීමේ නිරතව ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදෙනු ඇති.