date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-03-05T23:38:59.000Z
මංගල දින රාත්‍රියේ රැකුණු යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන
යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන
(News 1st) - ඉතාලියේ උතුරු නගරයක් වන ඉව්‍රියාහි පසුගිය ඉරිදා (03) සම්ප්‍රදායික සැණකෙළියක් පැවැතිවිණි. මෙම සැණකෙළිය හඳුන්වන්නේ 'දොඩම් ගෙඩි සටන' ලෙසයි. මෙම සැණකෙළියේ ඉතිහාසය 12 වන ශත වර්ෂය දක්වා දිව යයි. එරට ජනප්‍රවාදයන්ට අනුව ඇඹරුම්හලක හිමිකරුවෙකුගේ දියණියක වන වයලෙට්ටා හට සිය විවාහ මංගල්‍ය දින රාත්‍රියේ ඛේදනීය අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, තම මංගල රාත්‍රිය ස්වාමි පුර්ෂයා සමග ගත කිරීම වෙනුවට එම නගරයේ පාලකයා සමග ගත කිරීමට සිදු වීමයි. එම පාලකයා කෘෘර අයෙකු බවත් ඔහු පැනවූ නීතියට අනුව එම තරුණියට මෙම ඉරණම අත් වී ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් ය. වැඩවසම් නීති ඉටු කිරීම සඳහා වයලෙට්ටා එදින රාත්‍රියේ එම පාලකයාගේ නිවසට ගිය නමුත් ඇයි සිය ගෞරවය රැක ගැනීම සඳහා පාලකයාගේ හිස සිඳ දැමුවා ය. වයලෙට්ටාගේ මෙම නිර්භීය ක්‍රියාව සිහි කරමින් සහ කෘෘර පාලකයාගේ හිස සංකේතවත් කරමින් මෙලෙස දොඩම්වලින් පහර දීමේ සටන බිහි විය. 1930 ගණන්වලදී මෙම සැණකෙළියට සහභාගී වූ තරුණයන්ට, තරුණියන් සඳළුතලයේ සිට මල් සමග දොඩම් ගෙඩිවලින් පහර දී තිබේ. පසුව මෙය 'ඇරන්සෙරි' නමින් හැඳින්වූ සැබෑ ආහාර සටනක් බවට පත් විය. කෙසේ වෙතත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මෙම සැණකෙළි සටන විචිත්‍රවත් සිද්ධියක් බවට පත් වූයේ, එය නිදහස උදෙසා සටන් කිරීමක් ලෙස සංකේතාත්මකව පරිවර්තනය වූ බැවිනි. ඉතිහාසයේ සිට පැවත ආ දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආකර්ශනය දිනා ගත් මෙම සටනට දෙපිළක් සිටි මුත් එම දෙපිළම බරෑරුම් ස්වරූපයෙන් සැහැල්ලු සිතින් විනෝද වෙයි. මෙම සැණකෙළිය සඳහා සෑම වසරකම ටොන් 500ක පමණ දොඩම් ගෙඩි ප්‍රමාණයක් රැගෙන එනු ලබයි.
2019-03-05T22:55:42.000Z
පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා ප්‍රථමයෙන්ම මහ මැතිවරණයක් පැමිණිය හැකියි - ජනපති
"ජනපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකියි"
COLOMBO (News 1st) - සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බව ය. පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත්, පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිතුමා පවසයි. එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මැතිවරණ වසරක් බව ය. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ය. වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුව භාරව තිබූ අමාත්‍යංශ, පොලීසිය දේශපාලනීකරණය කර ඇති බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා අවධාරණය කළේ, එය වහාම වෙනස් කළ යුතු බව ය. පොලිස් නිලධාරීන් පැය 8ක සේවා කාලයක නිරත වීම ඉතා විරළ බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ජනාධිපතිතුමා පැවසුවේ ය. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව තමා පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්, නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවන බව ය. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කර ජනතාවට වඩා හොඳින් සේවය කරන නූතන පොලීසියක් බවට එය පරිවර්තනය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය.
2019-03-05T20:35:50.000Z
පුද්ගලයෙකුට මරු කැඳවූ, 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර
අයෙකුට මරු කැඳවූ 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර
COLOMBO (News 1st) - මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, අක්කරෙයිපත්තුව අට්ටාලචේන සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකි. බස් රථයට වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුරු සිදු විය. අනතුරෙන් තුවාල ලැබූවෝ මහනුවර මහ රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. බස් රථයේ රියැදුරු ද ඒ අතර වේ. අනතුරින් මිය ගොස් ඇත්තේ, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවරිදි බස් රථයේ සහයකයායි. පොලීසිය ප්‍රකාශ කළේ, බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි සිසුන් 54 දෙනෙකු සිට ඇති බව ය. අක්කරෙයිපත්තුව අට්ටාලචේන ගුරු විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.
2019-03-05T20:23:00.000Z
නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්වරිය යාපනයේ සංචාරයක
මාරිඈන් හාගන් යාපනයේ සංචාරයක
COLOMBO (News 1st) - දිවයිනට පැමිණ සිටින නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් මහත්මිය අද යාපනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති කාර්යාලය සඳහන් කළේ, එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කරනු ඇති බව ය. මේ අතර මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද නෝර්වේ රාජ්‍ය එකඟ වී තිබේ. දිවයිනට පැමිණි නෝර්වේ රාජ්‍ය ලෙකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ද ඊයේ හමු වූවා ය. නෝර්වේ තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙරට මානව හිමිකම් කොමිසමේ හා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන් සමග ද ඇය ඊයේ දිනයේ සාකච්ඡා කළ බව ය.
2019-03-05T20:11:45.000Z
ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ වංචා ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ
කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ වංචා ගැන පරීක්ෂණ
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේදි සිදු වූ බව කියන වාංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල මූලික විමර්ශනය සඳහා යොමු කිරීමට පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ. ජනාධිපති කොමිසම පැවසුවේ, කිරි ගොවීන් 25 දෙනෙකුගේ අත්සන් සහිතව පැමිණිල්ල යොමු කර ඇති බව ය. ඔවුන් ඉන් පවසා ඇත්තේ, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කිරි ගවයින් 20000ක් ආනයනය කිරීමට ගිවිසුම්ගත වී ගොවීන් වෙත බෙදා දුන් කිරි ගවයින් ප්‍රමිතියෙන් තොර බව ය. මේ හේතුවෙන් තමන් වැය කළ මුදල්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වූ බව ද ඔවුන් පෙන්වා දී තිබේ. මේ අතර 2015 හා 2018 කාල පරිච්ඡේදයේ ස්වාධීන රූපවාහිනී සේවයේ ඉහළ නිලධාරීන් සිදු කළ වංචා සම්බන්ධයෙන් එහි සේවකයින් පිරිසක් යොමු කළ පැමිණිල්ලක් ද මූලික විමර්ශනය සඳහා යොමු කිරීමට ජනාධිපති කොමිසම තීරණය කර තිබේ. එම පැමිණිල්ලෙන් ඔවුන් පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි උල්ලංඝනය කරමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානීන් කටයුතු කිරීමෙන් රජයට පාඩු සිදුව ඇති බව ය. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය හරහා සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පැමිණිල්ලක් ද මූලික විමර්ශනය සඳහා යොමු කළ පැමිණිලි අතරට අයත් ය. මේ වන විට ජනාධිපති කොමිසම මූලික විමර්ශනය සඳහා යොමු කළ පැමිණිල සංඛ්‍යාව 10කි. පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි 360ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 250ක් කොමිසමේ නිලධාරීන්ගේ අධීක්ෂණය සඳහා යොමු කර තිබේ.
2019-03-05T19:57:14.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ජනතාවට ශක්තිය , දුප්පතුන්ට රැකවරණය , එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තේමාවෙන් අයවැය යෝජනා ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2. පහළ කඩුගන්නාව අම්බලම ප්‍රදේශයේදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. 3. නව අයවැය යෝජනා සමග මෝටර් රථ වර්ග රැසක මිල ගණන් ඉහළ යන බව මොටර් රථ ආනයන කරුවන්ගේ සංගමය පවසයි. 4. ඊයේ ඉදිරිපත් කෙරුණු 2019 අයවැයේ හිඟය පෙර වසරට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි. 5. කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 6. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන්, මාතෘ භූමිය නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 7. ඉන්දියාවට ලබා දුන් GSP සහනය නවතා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වේ. ක්‍රීඩා පුවත් 8. පාසල් මහා ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි, පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දී සිටී.
2019-03-05T11:18:11.000Z
පහළ කඩුගන්නාවේදී බස් රථයක් පෙරළීමෙන් 30කට තුවාල
පහළ කඩුගන්නාවේදී බස් රථයක් පෙරළීමෙන් 30කට තුවාල
COLOMBO (News 1st) - පහළ කඩුගන්නාව අම්බලම ප්‍රදේශයේදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අඩ්ඩාලච්චේනේ ගුරු විද්‍යාලයේ පිරිසක් විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයක් අද රාත්‍රී 9.15 ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය. තුවල ලැබූවන් අතර බස් රථයේ රියැදුරා ද වේ. ඔවුන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. බස් රථය රියැදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
2019-03-05T11:08:50.000Z
මෝටර් රථ වර්ග රැසක මිල ඉහළට
මෝටර් රථ වර්ග රැසක මිල ඉහළට
COLOMBO (News 1st) - නව අයවැය යෝජනා සමග මෝටර් රථ වර්ග රැසක මිල ගණන් ඉහළ යන බව මොටර් රථ ආනයන කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ මහතා පෙන්වා දෙන්නේ, වැගන් ආර් රථයක් ලක්ෂ දෙකහමාරකින් වැඩි වන බව ය. ඇක්සියෝ රථයක් ලක්ෂ 5කින් ද CHR රථයක් ලක්ෂ 7කින් ද ඉහළ ගොස් තිබේ. ඇල්ටෝ රථයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ යනු ඇති.
2019-03-05T10:56:56.000Z
රු. කෝටි 7කට අධික කොකේන් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
කෝටි 7ක කොකේන් සමග විදේශිකයෙකු කටුනායකදී කොටුවෙයි
COLOMBO (News 1st) - කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ, ඒවායේ වටිනාකම රුපියල් කෝටි 7 හමාරකට අධික බවට ගණන් බලා ඇති බව ය. සැකකරු බ්‍රසීලයේ සිට ඉන්දියාවේ නව දිල්ලි නුවර හරහා අද පස්වරුවේ මෙරටට පැමිණ තිබේ. 60 හැවිරිදි සැකකරු සිය ගමන් මලුවල සූක්ෂ්ම ලෙස සඟවා මෙම කොකේන් තොගය මෙරටට ගෙනවිත් ඇතැයි මූලික පරීක්ෂණවලදී තහවුරු වූ බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.
2019-03-05T10:49:32.000Z
ජීවන වියදම ඉහළ ගිය අයවැයක් - විපක්ෂයෙන් චෝදනා
ජීවන වියදම ඉහළ ගිය අයවැයක් - විපක්ෂයෙන් චෝදනා
COLOMBO (News 1st) - මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූහ. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, මෙවර අයවැය තුළින් ජීවන වියදම වැඩි වන බව ය. දිගු කාලීන ලෙස අනුගමනය කරන ලද විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, අයවැයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කරන බව ය.
2019-03-05T09:30:33.000Z
මෙවර අයවැය හිඟය පෙර වසරට සාපේක්ෂව අඩු වීමක්
මෙවර අයවැය හිඟය පෙර වසරට සාපේක්ෂව අඩු වීමක්
COLOMBO (News 1st) - අද ඉදිරිපත් කෙරුණු 2019 අයවැයේ හිඟය පෙර වසරට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි. මෙවර අයවැයට අනුව සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2464කි. මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3149කි . ඒ අනුව 2019 අයවැය හිඟය රුපියල් බිලියන 685ක් ලෙස දැක්වේ. මේ වසරේ ණය පොළී ගෙවීම සඳහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 913කි. සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15.8% දක්වා ඉහළ ගොස් තිබේ. සමස්ත රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් 20.2% කි. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයත් ලෙස 4.4% ක් වී තිබේ. එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ක්‍රමිකව පහළ යාමක් වීම විශේෂත්වයකි.
2019-03-05T09:07:48.000Z
මත්පැන්, දුම්වැටි මිල ඉහළට: වාහන මිලෙත් වැඩි වීමක්
මත්පැන්, දුම්වැටි මිල ඉහළට: වාහන මිලෙත් වැඩි වීමක්
COLOMBO (News 1st) - 2019 අයවැයෙන් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව 1. අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු ඉහළට. 2. ජුනි මස 01 වැනිදා සිට දුම්වැටි නිෂ්පාදන සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද එක් කිරීමේ තීරණයක්. 3. මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු හා සුඛෝපභෝගී වාහන ආනයන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට. 4. කුඩා එංජින් ධාරිතාවක් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධනවලින් අවම බලපෑමක්. 5. වාහන ආනයනයේදී පනවා ඇති 200%ක ආන්තික මුදල් තැන්පතුව ඉවතට. 6. අද මධ්‍යම රාත්‍රියේ සිට බීඩි කොළ ආනයනය මත පනවා ඇති සෙස් බද්ධ කිලෝග්‍රෑම් එකට රුපියල් 2500 සිට 3500 දක්වා ඉහළට. 7. පුද්ගලයෙකු ගුවන්ගත වීමේදී හෝ නැව් නැගීමේදී ගෙවිය යුතු ගාස්තුව අප්‍රේල් මස 01 වන දා සිට අමෙරිකානු ඩොලර් 10ක්. 8. සියලු ණය කාඩ්පත් හා බැර කාඩ්පත් භාවිත කර කරනු ලබන සියලු විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5%ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙයි. එය ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකයි. 9. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු ජුනි 01 වැනිදා සිට සංශෝධනය වෙයි. 10. බලපත්‍රයක වෙනස්කමක් සිදු කිරීම සඳහා රුපියල් 500ක්ව පැවති ගාස්තුව රුපියල් 1000 ක් දක්වා වැඩි කෙරේ. 11. නව බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව 3000 සිට 3500 දක්වා ඉහළ දමයි. 12. එක්දින සේවාව සඳහා වන ගාස්තුව ද රුපියල් 5000කින් වැඩි කෙරේ. 13. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් විශේෂ අංක තහඩු ලබා ගැනීම සඳහා නියම කර තිබූ ගාස්තුව ඉහළට. 14. නම සහිත පෞද්ගලික අංක තහඩු ලබා ගැනීමට රුපියල් මිලියනයක ගාස්තුවක්. 15. දේශීය වශයෙන් නිපදවන මත්පැන් මත පනවා ඇති සුරාබදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට. 16. ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපාර මගින් අලෙවි කරනු ලබන රෙදිපිළි මත පනවන බදු ජුනි මස 01 වැනිදා සිට ඉහළට. 17. අප්‍රේල් මස 01 වැනිදා සිට කාර්ය බහුල වේලාවන් සඳහා අධිවේගී මාර්ග ගාස්තුව ද රුපියල් 100කින් ඉහළ දමයි. 18. කැසිනෝ මත පනවන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි වන අතර, රුජිනෝ සඳහා රුපියල් මිලියනයක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක්. 19. ජුනි මස පළමු වැනිදා සිට කැසිනෝ සඳහා ඇතුල්වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක්. 20. පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරා ගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදු ද අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ.
2019-03-05T07:14:58.000Z
2019 රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
2019 රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශ කෙරේ
COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන්, මාතෘ භූමිය නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. දේශයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා දිවිපිදු අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සහ අනුස්මරණය කිරීම සඳහා ඒ අනුව මෙම රණවිරු සැමරුම් වසරේදී පියවර ගැණෙනු ඇති. රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින්, ඒ හා සමගාමීව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමාට පළඳවනු ලැබුවේ ය. පසුගිය වසරේ රණවිරු කොඩි ආදායම මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමාට පිළිගැන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2019-03-05T06:50:12.000Z
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට හඳුන්වාදෙන බවට ජනපති කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හෙට නව වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම භාවිතය වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමෝපායන් යොදා ගැනීම පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමිනි. උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදි ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රේගු, සුරාබදු වෙරළාරක්ෂක යන සියලු ආයතනවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. ග්‍රාමීය වශයෙන්, ව්‍යාප්තව ඇති නීති විරෝධි මත්පැන් මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය. එහිදී ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ, ලබන වෙසක් පොහොය දිනය වන විට ග්‍රාමීය වශයෙන් පවතින නීති විරෝධි මත්පැන් මුලිනුපුටා දමන ලෙසයි.
2019-03-05T05:45:50.000Z
2019 අයවැය පාර්ලිමේන්තුවට: යුග දිවියට එළැඹෙන නවක යුවළවල්වලට මංගලගේ අයවැයෙන් නිවාස ණය
2019 අයවැය පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - ජනතාවට ශක්තිය , දුප්පතුන්ට රැකවරණය , එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තේමාවෙන් අයවැය යෝජනා අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙය ජාතික ආණ්ඩුව අවසන් වීමෙන් පසු පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළමු අයවැයයි. මේ අද ඉදිරිපත් කළ අයවැය යෝජනා කිහිපයක්... 1. රාජ්‍ය සේවක වැටුපට ජුලි පළමු වන දා සිට රුපියල් 2500 ක දීමනාවක්. 2. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර, ජුලි මස 01 වන දා සිට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි සංශෝධන. 3. කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට 5000ක් දක්වා ඉහළ දැමීම. 4. හමුදා නිලධාරීන් සඳහා කුලී නිවාස දීමනාව 100%කින් ඉහළ දැමීම. 5. අලුත විවාහවන්නන් සඳහා හෝම් ස්වීට් හෝම් නිවාස ණය යෝජනා ක්‍රමයෙන් 6%ක පොළී අනුපාතයක් යටතේ වසර 25කින් ගෙවා දැමිය හැකි රුපියල් මිලියන 10ක ණයක්. 6. විදේශගත වූ ශ්‍රමිකයින්ට සිහින මාළිගා නමින් රුපියල් මිලියන 10ක උපරිමයක නිවාස ණය යෝජනා ක්‍රමයක්. එම ණය යෝජනා ක්‍රමය වසර දෙකක සහන කාලයක් සමග අවුරුදු 15කින් ගෙවා දැමිය හැකියි. 7. උසස් පෙළ ඉහළ ම සාමාර්ථ ලබා ගන්නා සිසුන් 14 දෙනෙකුට ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව. 8. උසස් පෙළ සමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වන දරුවන් සඳහා උසස් අධ්‍යාපනය ලැබීමට රුපියල් ලක්ෂ 11ක උපරිමයකට යටත්ව පොළී රහිත ණය. 9. විද්‍යුත් ත්‍රිරෝද රථ හා කුඩා මෝටර් රථ මිලදී ගැනීමේ ණය පොළියෙන් 75% ක් රජය දැරීමට යෝජනා. 10. සිටි රයිඩර් ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට සූඛෝපභෝගී බස් රථ 1000ක් ආනයනයට අවස්ථාව. 11. කල් බදු ක්‍රමයට කුලී පදනම මත ප්‍රධාන මාර්ග 4ක දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට ලබා දීමට යෝජනා. 12. පොදු ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් අවධානය. 13. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇප සුරැකුම් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ රුපියල් මිලියන 500 ක අරමුදලක්. 14. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට. 15. මාස 03 ක ප්‍රසූත නිවාඩු ලබා දෙන පෞද්ගලික ආයතනවලට බදු සහන. 16. එම කාල සීමාව මාස 4ක් වන්නේ නම් අදාළ ආයතනයට 4 වන මාසය සඳහා 100%ක බදු සහනයක්. 17. විශේෂ අවශ්‍යතා ඇති අයට රැකියා අවස්ථා ලබා දෙන පෞද්ගලික ආයතනවලට ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් 15,000ක උපරිමයකට යටත්ව වසර 2ක කාලයක් සඳහා 50%ක් ආණ්ඩුව විසින් දැරීමට යෝජනා. 18. විශේෂ අවශ්‍යතා ඇති අයට ලබා දෙන මාසික දීමනාව රුපියල් 2000 කින් වැඩි කෙරේ. 19. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් පුනරුත්ථාපනය සඳහා මධ්‍යස්ථාන දෙකක්. (වීරවිල සහ අඹේපුස්ස) 20. රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට ද පුහුණු ආයතනයක්. 21. සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරීමට රුපියල් මිලියන 600ක්. 22. වකුගඩු රෝගීන්ට නිවසේදී භාවිත කළ හැකි රුධිර කාන්දුකරණ යන්ත්‍ර නොමිලේ ලබා දීමට පියවර. 23. සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළට තවත් 6 ලක්ෂයක් එක් කර ගැනීම සඳහා රුපියල් මිලියන 10,000 ක්. 24. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඉතුරුම්වලින් රුපියල් 30,000 ක් වාරික දෙකකින් ලබා ගැනීමට පහසුකම්. අප්‍රේල් මාසයේ පළමු වාරිකය. දෙවන වාරිකය නොවැම්බර් මාසයේදී. 25. කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන රුපියල් 50000 දක්වා වන ආදායම බදුවලින් නිදහස්. 26. ආගමික ස්ථාන නවීකරණය සඳහා ලබා දුන් රුපියල් ලක්ෂ 5ක මුදල ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට යෝජනා. 27. ගම්පෙරළිය වැඩසටහනය රුපියල් මිලියන 48000ක්.
2019-03-05T02:06:05.000Z
වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැයට සියල්ල සූදානම්
වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැයට සියල්ල සූදානම්
COLOMBO (​News 1st) : වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැය අද පස්වරු 2ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, මන්ත්‍රීවරුන් මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින බවත් මුදල් අමාත්‍යවරයා සිය කාමරයේ රැඳී සිටින බව ත් ය. පස්වරු 2ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙනු ඇති. කථානායක කරු ජයසූරි මහතාගේ ආරාධනයෙන් විදේශ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් ද අයවැය ඉදිරිපත් කිරීම නැරඹීම සඳහා විෂේශ ආරධිත ගැලරියට පැමිණ සිටින බව අප වාර්තාකරු පැවසී ය. අයවැය ඉදිරිපත් කරන අද දිනයේ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක් ව පාර්ලිමේන්තු පරිශ්‍ර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ. 2019 - අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රය ද පැවැත්වෙනු ඇති.
2019-03-05T01:09:18.000Z
ට්‍රම්ප් ඉන්දියාවට දුන් GSP සහනය කපා හැරීමට සැරසෙයි
ඉන්දියාවට දුන් GSP සහනය කපා හැරීමේ සූදානමක්
COLOMBO (News 1st): ඉන්දියාවට ලබාදුන් GSP සහනය නවතා දැමීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය තීරණය දැනුම් දෙමින් ට්‍රම්ප් එරට සෙනෙට් සභාවේ සභාපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරියට ලිපියක් යවා ඇති බවයි. වරණීය තීරු බදු සහනය හෙවත් GSP සහනය නිසා ඉන්දියාව වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ අමෙරිකාවට අපනයනය කළේ ය. ඉන්දියානු භාණ්ඩ 3500 කට මෙම බදු සහනය බලපැවැත්විණ. ඉන්දියාව වෙළෙඳ ගනුදෙනුවලදී ඇමරිකාවට සාධාරණ හා සමාන අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසා මෙම තීරණය ගත් බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ඉන්දීය රජය සමග මේ සම්බන්ධයෙන් පසුගිය සමයේ පැවැත්වූ සාකච්ඡා සාර්ථක නොවූ බවයි. වෙළෙඳ කටයුතු සහ බදු පැනවීම සම්බන්ධයෙන් චීනය සහ අමරිකාව අතර පසුගිය සමයේ මතභේදයක් නිර්මාණය වූ අතර එය විදෙස් මාධ්‍ය වෙළෙඳ යුද්ධයක් ලෙසද හදුන්වා දුන්නා. එය ආරම්භ වූයේ චීන නිෂ්පාදනවලට ඇමරිකාව අධික බදු පැනවූ අතර චීනය ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් අමරිකානු නිෂ්පාදනවලට බදු පැනවීමත් සමගයි. මෙම මතභේදය සමතයකට පත්කර ගැනීම සඳහා ඇමරිකාව සහ චීනය අවධානය යොමුකරමින් සිටින පසුබිමක ඉන්දියාවට ලබාදුන් බදු සහන ඉවත්කිරීම විශේෂත්වයකි. චීන, ඇමරිකා වෙළෙඳ අර්බුදය විසඳ ගැනීමේදී අධික වියදම් දරමින් අනෙකුත් රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනු පිළිබඳව තීරණයක් ගැනීමට ට්‍රම්ප් පරිපාලනය අවධානය යොමුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සඳුදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය සෙනෙට් සභාපතිවරයාට සහ පර්ලිමේන්තුවේ කථානායකවරියට දැනුම් දුන් අතර එය ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන් දින 60 කට පසුවයි.
2019-03-05T01:13:43.000Z
අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභියෝග කළ ලාංකීක දැරිය.....
අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභියෝග කළ ලාංකීක දැරිය
ඇල්බට් අයින්ස්ටයින්ගේ බුද්ධි විමසිලිමත්කමට වඩා බුද්ධි විමසිලිමත්කම වැඩි ශ්‍රී ලාංකික දැරියක පිළිබඳ පුවතක් වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ උපත ලද නිෂී උග්ගල්ල නම් මෙම දැරියගේ වයස අවුරුදු 12කි. නිෂී, මිනිස් ගණන යන්ත්‍රය ලෙස ඇතැමුන් හඳුන්වන්නේ ඇය සතු සුවිශේෂ දක්ෂතා හේතුවෙනි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 හි ළමා බුද්ධිමතා තරගයේ අවසන් වටයේදී ඉතා බුද්ධිමත් වූ පුද්ගලයින්ට පවා අපහසු ලෙස සැළකෙන Neurohypophysis වචනයෙහි අකුරු නිවැරදිව ලබා දී ඇය ජයග්‍රහණය කර තිබිණ. ඇයගේ බුද්ධි විමසිලිමත්කම 162 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ IQ මට්ටම 160 ක් ව තිබිණ. තරගය පුරා ප්‍රතිවාදී තරගකරුවාට වඩා ගණිතය, විකිරණශීලී අංශු, ග්ලැසියර සම්බන්ධ බොහෝ ගැටලු යොමු කෙරෙද්දී නිෂී උග්ගල්ල දැරිය විදුලි වේගයෙන් පිළිතුරු දීම ද කාගෙත් කතාබහට ලක්වූවකි.
2019-03-05T00:41:21.000Z
පළාත් දෙකකට අද පස්වරුවේ මහ වැසි
පළාත් දෙකකට අද පස්වරුවේ මහ වැසි
COLOMBO (News 1st) : සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2019-03-04T22:41:05.000Z
කැනඩාවේ දේශපාලන අර්බුදය වෙයි
කැනඩාවේ දේශපාලන අර්බුදය වෙයි
කැනඩාවේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. ඒ රජය අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව සිය විශ්වාසය බිඳ වැටී ඇතැයි, පවසමින් එරට කැබිනට් මණ්ඩල අමාත්‍යවරියක වූ ජේන් පිල්පොට් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හමුවේයි. තමන් සිය වටිනාකම්, සාරධර්ම සහ ව්‍යවස්ථාවේ අන්තර්ගතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද කැනඩා භාණ්ඩාගාර මණ්ඩලයේ සභාපතිනිය ද වන ජේන් පිලට් වැඩිදුරටත් කියා සිටියේ ය. ඒ අනුව ඉංජිනේරු සමාගමකට එරෙහි අල්ලස් චෝදනා වසන් කිරීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා තැත් කළ බව කියමින් ධූරයෙන් ඉල්ලා අස්වූ කැනඩා රජයේ ප්‍රධාන තනතුරක් හෙබවූ තුන්වැනි පුද්ගලයා ජේන් පිල්පොට් ය. ඉකුත් පෙබරවාරි මාසයේ කැනඩා හිටපු නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයා වන ජෝඩි විල්සන් සහ ජස්ටින් ටෘඩෝ ගේ ප්‍රධාන ආධාරකරු වන ජෙරාල්ඩ් බට්ස් සිය ධූරවලින් ඉවත්විය. කෙසේ වෙතත් ඉංජිනේරු ආයතනයකට එරෙහිව පැවැත්වෙන අල්ලස් දූෂණ විමර්ශනයකින් අදාළ සාමාගම ආරක්ෂා කිරීමට දේශපාලනමය වශයෙන් මැදිහත් වූ බවට එල්ලවන චෝදනා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රතික්ෂේප කළේ ය. ලොව විශාලතම ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමක් වන එය 2001 - 2011 කාලය තුල ලිබියානු බලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 36 ක අල්ලස් දී ඇතැයි විමර්ෂකයෝ පවසති. කැනඩා විපක්ෂය ඉකුත් සතියේ ලිබරල් පාක්ෂික අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ධූරයෙන් ඉවත්වන ලෙසයි. මෙම සිදුවීම් හමුවේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව මත විමසුම් අනාවරණය කර ඇත්තේ එරට මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මසට යෙදී ඇති පසුබිමකදී වීම විශේෂත්වයකි.
2019-03-04T21:39:54.000Z
පන්නිපිටියේදී කොල්ලකෑ කෝටි 500යේ දියමන්තිය සොයාගනී
පන්නිපිටියේදී කොල්ලකෑ දියමන්තිය සොයා ගනී
COLOMBO (News 1st) : පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබේ. ඒ ,පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි. ඔහුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමේදී, රුපියල් ලක්ෂ 150 ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
2019-03-04T20:41:15.000Z
පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්...
පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්...
COLOMBO (News 1st) : පාසල් මහා ක්‍රිකට් තරඟාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි, පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දී සිටී. පොලීසිය සඳහන් කළේ, එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පාසල් මහා ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවේ බාලිකා පාසල් සඳහා ද, විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, පාසල් කාල සීමාව තුළ පමණක් එම ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. බාලිකා පාසල් ආශ්‍රිතව විවිධ අකටයුතුකම් කරමින්, පීඩාකාරී ලෙස හැසිරෙන සිසුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද, පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවේ දීප ව්‍යාප්තව මාර්ග ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බීමත් රියැදුන් සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ඒ සඳහා අනියුක්ත කර ඇති අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දහසකට අධිකයි. මේ අතර පසුගිය වසරේ පාසල් ක්‍රිකට් තරඟාවලි පැවැත්වූ කාල සීමාවේ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 250අධික පිරිසකට එරෙහිව නඩු පැවරූ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-03-04T19:23:28.000Z
පස් වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට
පස් වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) : ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණ යන මූලික තේමාවෙන් වත්මන් රජයේ පස්වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණුකරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වුණේ, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරනු ඇති බවයි. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 කි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් පමණ වනු ඇති. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අයවැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන රජය 2015 වසරේ සිටම ක්‍රමක්‍රමයෙන් එම ඉලක්කය වෙත ගමන් කරමින් සිටින බවයි. මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනිදා සිට 12 දා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් මස 5 වැනි දා සවස අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කරනු ඇති.
2019-03-04T19:15:14.000Z
හෙරොයින් වැටලීමට නව බලකායක්
හෙරොයින් වැටලීමට නව බලකායක්
COLOMBO (News 1st) : කොකේන්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම සඳහා පොලිස් නිල සුනඛ බලකායක් පුහුණු කර තිබේ. පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායමේ නිල සුනඛයින් 70 දෙනෙකුගෙන් සමන්විත බවයි. පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබේ. මෙම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ඔවුන්ට ලොව පවතින අතිනවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව, පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර කටුනායක ගුවන් තොටුපොළ හා කොළඹ වරාය සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපනය කර තිබේ. එමගින් මෙරටට රහසිගතව රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීමට අවස්ථාව ලැබෙන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, මීට අමතරව, ගාල්ල හා හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපළ සඳහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකරන අතර ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සඳහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයින්ට ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
2019-03-04T10:23:16.000Z
ICC ක්‍රිකට් සමුළුවට තිලංග සුමතිපාලගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද?
ICC සමුළුවට තිලංගගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද?
COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතා සමග ශම්මි සිල්වා හා මොහාන් සිල්වා යන මහත්වරුන් සහභාගී වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කර තිබේ. අප අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය අංශ ප්‍රධානී ක්ලෙයාර් ෆර්ලොන්ගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, ශම්මි සිල්වා සහ ඈශ්ලි ද සිල්වා යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩල හා විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වූ බවයි. අප කළ එම වීමසීමෙන් පසු අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය. එහි සඳහන් වන්නේ, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැරදී බවයි. ඒ අනුව අද නිවැරදි මාධ්‍ය නිවේදනය නිකුත් කරන බව එහි සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නව සභාපති ශම්මි සිල්වා මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගී වූ බවයි. එසේම තිලංග සුමතිපාල මහතා අනෙකුත් සාකච්ඡා සඳහා සහභාගීවී ඇතැයි එහි සඳහන් විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල සාකච්ඡාවලට සහභාගීවිය හැක්කේ නිල බලයෙන් තේරී පත් වූ නිලධාරීන්ට පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වැරදි තොරතුරු ලබාදුන්නේ කවු ද ? අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතාට සහභාගිවිය හැකි ද? ජනතාවට ඇත්ත වසන් කර රැවටීමට උත්සාහ කරන්නේ කවුරුන් ද? අවධානයට....
2019-03-04T08:05:13.000Z
ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැවකරණ යන මූලික තේමාවෙන් වත්මන් රජයේ 5 වන අයවැය හෙට පාර්ලිමේන්තුවට
අයවැය හෙට පාර්ලිමේන්තුවට...
COLOMBO (News 1st) - ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැවකරණ යන මූලික තේමාවෙන් වත්මන් රජයේ පස්වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජීවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණුකරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරනු ඇති බවයි. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තවදුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක්. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් පමණ වනු ඇති. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අයවැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන රජය 2015 වසරේ සිටම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය වෙත ගමන් කරමින් සිටින බවයි. මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනිදා සිට 12 දා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 13 වැනි දා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිත වේ. අප්‍රේල් මස 05 වැනි දා සවස අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කරනු ඇති.
2019-03-04T07:42:02.000Z
මහා ශිව රාත්‍රී සැමරුමට සෝනු නිගම්ගෙන් තිළිණයක්
මහා ශිව රාත්‍රී සැමරුමට සෝනු නිගම්ගෙන් තිළිණයක්
අදට යෙදී ඇති මහා ශිව රාත්‍රී සැමරුම් වෙනුවෙන් ගීත දෙකක් එළිදැක්වීමට සුපිරි ඉන්දීය ගායක සෝනු නිගම් පියවර ගෙන තිබේ. සෝනු නිගම් එළෙස එළිදක්වා ඇත්තේ, ෂිව් ශන්කරා සහ බම් බෝලේ බම් යන ගීත දෙකයි. මෙය තමන්ගෙන් ශිව දෙවියන් වෙත පිදෙන නිර්මාණයක් බව සෝනු නිගම් ප්‍රකාශ කළේ ය .
2019-03-04T06:58:55.000Z
කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා රිමාන්ඩ්
කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාතරදී කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා ලබන 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරුවන් අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් පිරිස ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදීය. අවුරුදු 18 - 24 ත් අතර වයසේ පසුවන එම තරුණ තරුණියන් පිරිස කොළඹ, හලාවත, මීගමුව, මහනුවර, පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් සහ මත්පෙති පොලීසිය භාරයට ගෙන තිබේ.
2019-03-04T06:29:16.000Z
රත්ගම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බීට්ටු නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්
බීට්ටු නිලධාරියා හා පොලිස් කොස්තාපල් රිමාන්ඩ්
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබේ. ඒ, සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ය. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ තව ත් පොලිස් කොස්තාපල්වරයෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි. පසුගිය ජනවාරි 23 වෙනි දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවී තිබේ.
2019-03-04T04:19:03.000Z
දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය
පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියට
COLOMBO (News 1st) - දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධනය යොමුවී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි. ඒ පිළිබඳව පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බව ඔහු සඳහන් කළේ ය. මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, පක්ෂවලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
2019-03-04T02:43:16.000Z
පොලිස් පරීක්ෂකගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට
පොලිස් පරීක්ෂකගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට
COLOMBO (News 1st) : හදිසි අනතුරකින් තුවාල ලබා සිටින බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජාතික රෝහල වෙත පැමිණියේ ය. රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී පසුගිය 24 වන දා ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ, කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදීයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. https://www.youtube.com/watch?time_continue=103&v=AI1KpALwBsM
2019-03-04T02:22:26.000Z
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක්
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක්
COLOMBO (News 1st) : දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි, නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි. එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මාස 02 ක සිට මෙම ඖෂධ හිගය පවතින බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. එම ඖෂධ බෙදා හැරීමෙන් අනතුරුව ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇතැයි, ඔහු විශ්වාසය පළ කළේ ය. ලැබෙන ඖෂධ කඩිනමින් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේ ය.
2019-03-04T00:16:05.000Z
ප්‍රමිතියෙන් තොර පොල් තෙල් විකුණූ 62කට නඩු
ප්‍රමිතියෙන් තොර පොල් තෙල් විකුණූ 62කට නඩු
ප්‍රමිතියෙන් තොර පොල් තෙල් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 62 දෙනෙකුට නඩු පැවරූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර පොල් තෙල් සොයා දීප ව්‍යාප්තව කළ වැටලීමකින් පසු එම තීරණය ගත් බවයි. පසුගිය 18 වනදා සිට 28 වනදා දක්වා දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ. ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළඳපොළේ පවතින බවට ලද පැමිණිලි හේතුවෙන් දීප ව්‍යාප්තව පොල්තෙල් නිෂ්පාදානාගාර සහ අලෙවි සැල් සොයා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
2019-03-04T00:09:27.000Z
ස්ථාන 3කදී සිදුවූ අනතුරුවලින් තිදෙනකු මරුට
ස්ථාන 3කදී සිදුවූ අනතුරුවලින් තිදෙනකු මරුට
COLOMBO (News 1st) : නොච්චියාගම, පුනරින් හා කෑගල්ල ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. අනුරාධපුර - පුත්තලම මාර්ගයේ නොච්චියාගම පොළ හන්දිය අසලදී යතුරු පැදියක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් 48 හැවිරිදි යතුරු පැදිකරුවෙකු මියගොස් ඇත. පුනරින්, සෙම්මාන්කුන්ඩු පාසල අසලදී යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් 20 හැවිරිදි යතුරු පැදිකරු මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල කරඩුපනදී වෑන් රථයක ගැටීමෙන් 58 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇති අතර පොලීසිය පැවසුවේ අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
2019-03-03T23:24:29.000Z
රත්ගමදී කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
රත්ගමදී කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : රත්ගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් එක හමාරකට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි. අවුරුදු 30 සහ 21 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් මෝදර හා දොඩන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන්, කෙරළ ගංජා තොගය සහ ඒවා ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරු පැදිය ඉදිරි කටයුතු සඳහා රත්ගම, පොලීසිය වෙත භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2019-03-03T22:33:10.000Z
ඉන්දීය මැතිවරණ කොමසාරිස් අද ජම්මු-කාෂ්මීරයට යයි
ඉන්දීය මැතිවරණ කොමසාරිස් අද ජම්මු-කාෂ්මීරයට යයි
COLOMBO (News 1st) : ඉන්දීය මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා දෙදින නිල සංචාරයක් සඳහා උතුරු ඉන්දියාවේ ජම්මු - කාෂ්මීර ප්‍රදේශයට අද පැමිණීමට නියමිත ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොක් සභා සහා තේරීම් කාරක සභා මැතිවරණයේ මූලික කටයුතුවල සූදානම පිළිබඳ සොයා බැලීමට කොමසාරිස්වරයා මෙම සංචාරයේ නිරත වන බවයි. එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී ලොක් සභා සහ තේරීම් කාරක සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය. පකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි ජම්මු - කාෂ්මීර ප්‍රදේශය ආශ්‍රිතව මේ දිනවල පවතින අර්බුදකාරී වාතාවරණය තුළ ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයා මෙම සංචාරයේ නිරත වීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට හේතු වී තිබේ.
2019-03-03T22:13:56.000Z
කතරගම දේවාල භූමියේදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි
කතරගම දේවාල භූමියේදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි
COLOMBO (News 1st) : රුහුණු කතරගම මහාදේවාල භූමියේදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මියගොස් තිබේ. පොලීසිය පැවැසුවේ, පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවැසුවේ, පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කෙරුණු බවයි. මහා දේවාලයට යාබදව පිහිටි විහාර ගෙයි කොටසකට ද ගින්නෙන් හානි සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි.
2019-03-03T21:34:13.000Z
රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා ගැන පැමිණිලි 333ක්
රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා ගැන පැමිණිලි 333ක්
COLOMBO (News 1st) : රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි 333ක් ලැබී ඇතැයි ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදායින් අවසන් කෙරෙන බවයි. පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්ය භාරයයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකියි. 0112 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබදව වාචික තොරතුරු ඉදිරිපත් කළ හැකියි.
2019-03-03T20:42:01.000Z
මාතර හෝටලයකදී අත්අඩංගුවට ගත් නිළිය ඇතුළු 17දෙනා අද අධිකරණයට
මාතරදී අත්අඩංගුවට ගත් නිළිය ඇතුළු 17දෙනා අධිකරණයට
COLOMBO (News 1st) : මාතරදී කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අදාළ පිරිස ඊයේ අත් අඩංගුවට ගනු ලැබුවේ, මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 13 දෙනෙකු වන අතර පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සෑම සැකකරුවෙකු සන්තකයේ ම තිබී කොකේන් මිලිග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගත් බවයි. අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.
2019-03-03T20:18:39.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශයට
විශේෂ පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශයට
COLOMBO (News 1st) : දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ සොයා ගැණුනු මත්ද්‍රව්‍ය ජවාරම්වල ඉදිරි විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු එලෙස බංග්ලාදේශය බලා පිටත්ව ගිය බවයි. එම මත්ද්‍රව්‍ය ජවාරම්වලට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින් පස් දෙනෙකු පසුගිය දා බංග්ලාදේශයේදී අත්අඩංගුවට පත්විය. එම සැකකරුවන් සම්බන්ධයෙන් එරට පොලීසිය කළ පරීක්ෂණවල ප්‍රගතිය මෙම නිලධාරීන් මගින් සොයා බැලීමට නියමිතයි. විමර්ශන සඳහා ගිය මෙරට නිලධාරීන් එම සැකකරුවන්ගෙන් එරට බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. දින 5ක කාලයක් මෙම නිලධාරීන් එරට රැඳී සිටිමට නියමිත අතර එහිදී බංග්ලාදේශ පොලිස්පතිවරයා සහ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ප්‍රධානීයා ද හමුවීමට නියමිතව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා බංග්ලාදේශ සහය ලබා ගැනීමට ද අවශ්‍ය සාකච්ඡා සිදුකරන බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මස 16 වන දා රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් දෙහිවලදී අත්අඩංගුවට ගැනිණ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට පත්වූවා ය. එම අවස්ථාවේ 23 හැවිරිදි සැකකාර තරුණිය සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1කි. අනතුරුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රත්මලාන ප්‍රදේශයේ නිවස සගවා තිබූ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 329ක් සොයා ගැනිණ. සංචාරක විසා මත මෙරට රැඳී සිටිමින් සැකකාරිය වසර ගණනාවක සිට මෙම ජවාරම මෙහෙයවා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා දෙහිවල ප්‍රදේශයේදී කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278 කට ආසන්නයි. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3000 කට අධික බවයි. මේ අතර එම මෙහෙයුමේදී ම කොකේන් කිලෝග්‍රෑම් 05 ක් ද තම භාරයට ගත් බව පොලීසිය පැවසී ය.
2019-03-03T20:04:01.000Z
උතුරේ සියලු ම පළාත් පාසල් හෙට වැසේ
උතුරේ සියලු ම පළාත් පාසල් හෙට වැසේ
මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන්, හෙට උතුරේ සියලු ම පළාත් පාසල් වසා තැබෙන බව‍ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා සහ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බව එම කාර්යාලය සඳහන් කළේ ය. මේ අතර හෙට දින උතුරේ උපකාරක පංති පැවැත්වීමෙන් වළකින්නැයි, සියලු ම ගුරුවරුන්ගෙන් උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඉල්ලීමක් කර තිබේ. දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන මහා ශිවරාත්‍රී දිනය සැමරීමෙන් පසු දිනයේදී ද ශිව රාත්‍රිය සැමරෙන බැවින් හෙට දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කර ඇති අතර ඒ වෙනුවෙන් සතියේ වෙනත් නිවාඩු දිනයක පාසැල් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
2019-03-03T19:29:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මාතර හෝටලයකදී ටෙලි නිළියක් ඇතුළු 17ක් අත්අඩංගුවට : මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොකේන් සමග තරුණ තරුණියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. ඝාතනය කෙරුණු රත්ගම ව්‍යාපාරිකයින්ගේ දුරකතන හමුවෙයි : රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 3. කංජිපානිගේ තවත් ගෝලයින් 3ක් STF අත්අඩංගුවට: ඩුබායිහි අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින් තිදෙනෙකු වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 4. කතරගම මහා දේවාල භූමියේදී පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී : රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි. 5. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට: සංවිධානාත්මක අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සමග තව ත් පාතාල කල්ලි සාමාජිකයින් 2 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. විදෙස් පුවත් 1. ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකානු බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ සූදානමක් : ඉන්දියාවෙන් ආනයන කෙරෙන භාණ්ඩ සඳහා ඉදිරියේදී බදු පැනවීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉන්දියාව විශාල තීරු බද්දක් පනවා ඇති බවයි. ක්‍රීඩා පුවත්... 1. ශ්‍රී ලංකා – ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට : ශ්‍රී ලංකා – දකුණූ අප්‍රිකා පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය.
2019-03-03T11:30:45.000Z
ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට
ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍ර
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - දකුණූ අප්‍රිකා පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය. ජොහැන්ස්බර්ග්හීදී පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණූ 33 ක් රැස් කළ අතර අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් ඕෂද ප්‍රනාන්දු අවසනාවන්ත ලෙස ලකුණු 49 ක් රැස් කරගෙන සිටියදීයී දැවී ගියේ ය. සිය එක්දින දිවියේ 13 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් රැස් කළ අතර නායක ලසිත් මාලිංග ලකුණූ 15 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ඉම්රාන් ටහීර් හා ලුන්ගි න්ගිඩි අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ. ලකුණු 232 ක ඉලක්කයක් සඳහා දකුණූ අප්‍රිකා ඉණිම අරඹමින් ක්වින්ටන් ඩි කොක් හා රීසා හෙන්ඩ්රික්ස් පිටියට පිවිසුණු අතර රීසා හෙන්ඩ්රික්ස් එක් ලකුණක් රැස් කරගෙන සිටියදීයී දැවී ගියේ ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් හා ක්වින්ඩන් ඩි කොක් දකුණු අප්‍රිකා ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 136කි. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සිය එක්දින දිවියේ 19 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 81 ක් රැස් කළේ ය. සිය එක්දින දිවියේ 11 වන ශතකය වාර්තා කළ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් නොදැවී ලකුණූ 112 ක් රැස් කළේ ය. වෑන් ඩර් ඩසන් නොදැවී ලකුණු 32 යි. ලකුණූ 232 ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී තිබියදීයී නියමිත ඉලක්කය පසු කළේ ය.
2019-03-03T09:21:46.000Z
මාතර හෝටලයකදී ටෙලි නිළියක් ඇතුළු 17ක් අත්අඩංගුවට
මාතර හෝටලයකදී තරුණ තරුණියන් 16ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොකේන් සමග තරුණ තරුණියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, තරුණයින් 14 දෙනෙකු සහ ටෙලි නාට්‍ය නිළියක ඇතුළු තරුණියන් 3 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි. ඔවුන් සතුව තිබී කොකේන් මිලිග්‍රෑම් 20 ක් සහ මත් පෙති ද සොයාගෙන තිබේ. මෙම පිරිස අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන බව ත් ඔවුන් කොළඹ පදිංචිකරුවන් පිරිසක් බව ත් පොලිසිය සඳහන් කළේ ය.
2019-03-03T08:34:00.000Z
ඝාතනය කෙරුණු රත්ගම ව්‍යාපාරිකයින්ගේ දුරකතන හමුවෙයි
ඝාතනය කෙරුණු රත්ගම ව්‍යාපාරිකයින්ගේ දුරකතන හමුවෙයි
COLOMBO (News 1st) : රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි. අදාළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහුගෙන් හෙළි කළ තොරතුර අනුව දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී ජංගම දුරකතන 3 ක් ද සොයා ගෙන ඇති බවයි. එම ජංගම දුරකතන තුනෙන් දෙකක් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයින්ගේ බවට දුරකතන එමි අංක මගින් තහවුරුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ ය. පසුගිය ජනවාරී 23 වනදා මංජුල අසේල හා රෂීන් චින්තක නමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවිය.
2019-03-03T07:15:58.000Z
කංජිපානිගේ තවත් ගෝලයින් 3ක් STF අත්අඩංගුවට
කංජිපානිගේ තවත් ගෝලයින් 3ක් STF අත්අඩංගුවට
COLOMBO (News 1st) : ඩුබායිහි අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින් තිදෙනෙකු වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් එක හමාරක් පමණ සිය භාරයට ගත් බවයි. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
2019-03-03T05:30:34.000Z
මාතර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සිසුන් 13ක් අත්අඩංගුවට
මාතර විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන්13ක් අත්අඩංගුවේ
COLOMBO (News 1st) : මාතර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සිසුන් 13 දෙනෙකු අද දහවල් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ. ඒ එම විද්‍යාතනයේ සිසුන් පිරිසක් අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම හේතුවෙනි. මාතර විශ්වවිද්‍යාල විද්‍යාතනය භූමියේ වෙනම කොටසක ඉදිකර ඇති වී ගබඩාවක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සිසුන් විරෝධය පළ කළේ මීට දින කිහිපයක සිටයි. රජය ගොවීන්ගෙන් මිලදී ගත් වී තොග සිය විශ්වවිද්‍යාල භූමියේ ස්ථාපනය කර ඇති ගබඩාවක තැන්පත් කිරීමට එරෙහිව සිසුන් මෙලෙස විරෝධය පළ කළේ විශ්වවිද්‍යාල භූමියේ දොරටුද වසා දමමිනි. කෙසේ වෙතත්, මාතර පොලීසිය අධිකරණ නියෝගයක් ද සමග අද මෙලෙස පැමිණියේ සිසුන් යොදා ඇති බාධක ඉවත් කර වී ගබඩාව විවෘත කර ගැනීම් අරමුනිණි. මෙහිදී සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගැටුමෙන් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබේ.
2019-03-03T04:20:23.000Z
ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන කළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
ව්‍යාපාරිකයාට මරණ තර්ජන කළ මන්ත්‍රී අත්අඩංගුවට
COLOMBO (News 1st) : තමා පාතාල සාමාජිකයෙකු බව පවසමින් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, වෙන්නප්පුව ප්‍රදේශයේ මස්කඩ ව්‍යාපාරිකයෙකුට එලෙස ඔහුට මරණ තර්ජනය එල්ල කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කර, දුරකතන තොරතුරු ලබා ගැනීමට අපේෂා කරන බව ද පොලීසිය සඳහන් කළේ ය. දුරකතනයෙන් අදාළ ව්‍යාපාරිකයාට සාපරාධි බියගැන්වීම යටතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
2019-03-03T01:24:48.000Z
කතරගම මහා දේවාල භූමියේදී පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී
දේවාල භූමියේ පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී
COLOMBO (News 1st) - රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි. ගින්නෙන් මහා දේවාලයට යාබදව පිහිටි විහාරගෙයි කොටසකට ද හානි වී ඇත. පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක් ව ගින්න මැඩපවත්වා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
2019-03-03T01:11:05.000Z
අනුරාධපුර රෝහල් ගොඩනැගිල්ලක ගින්නක් අතරතුර සේප්පුවක තිබූ ලක්ෂ 63 ක් සොරා ගැනේ
අනුරාධපුර රෝහලේ ගින්නක් අතරතුර මුදල් කොල්ලයක්
COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ ගින්නක් අතරතුරු සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 63 ක මුදලක් සොරා ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු රෝහලේ සෙප්පුව කඩා එහි තිබූ මුදල් සොරා ගෙන ඇති බවයි. එහි තිබූ ලියකියවිලි තොගයකට ද ගිනි තබා ඇතැයි ඔහු සඳහන් කළේ ය. අද අලුයම 4.00 ට පමණ මෙම සිද්ධිය පිළිබඳ තමාට වාර්තා වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි. අනුරාධපුර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකය මගින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
2019-03-02T23:15:21.000Z
වැලිකඩ ගණිකා නිවාසයක් වටලයි
වැලිකඩ ගණිකා නිවාසයක් වටලයි
COLOMBO (News 1st) - වැලිකඩ, රාජගිරියේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකාරිය හා ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ රාත්‍රි 10.00 ට පමණ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 20, 27 හා 31 යන වයස්වල පසුවන දංකොටුව, වැලිපැන්නගහමුල්ල හා ඩයගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් ය. ඔවුන් අද දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත වනු ඇති. වැලිකඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.
2019-03-02T22:50:35.000Z
රු. කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
හාලිඇලින් කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් හමුවෙයි
COLOMBO (News 1st) - රුපියල් කෝටි 03 ක පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග සැකකරුවෙකු හාලිඇල උඩුවරදී ඌව දිසා වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එය අළෙවි කිරීම සඳහා හාලිඇලට රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ.
2019-03-02T22:19:08.000Z
ලංකාව ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් බවට පත් කරන්න කැපවෙනවා - ජනපති
මෙරට ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් බවට පත් කළ යුතුයි
COLOMBO (News 1st) - මුළු මහත් ලෝකයාටම ථේරවාදී බුදු දහම බෙදාහරින ධර්ම ප්‍රචාරක මූලස්ථානය බවට මෙරට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්තූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පූජෝත්සවයට එක්වෙමිනි.
2019-03-02T21:43:37.000Z
ගල්කිස්සේදී කොකේන් සමග නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
කොකේන් සමග විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගල්කිස්ස, බේකරිය හන්දියේදී කොකේන් ජාවාරමේ නිරත වූ නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 19 ක් බවයි. රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා 40 හැවිරිදි මොරටුමුල්ලේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-03-02T20:38:12.000Z
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද
COLOMBO (News 1st) - තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ. තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ, ජොහැන්ස්බර්ග්හිදියි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවය. කෙසේ වෙතත් අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර එම තරගාවලිය ද දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ ය. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පවත්වා ඇති එක්දින තරග 74 න්, තරග 31 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන් තරග 38 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 5 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ වෙතත් මෙතෙක් දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නැත. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1 යි 30 ට ආරම්භවීමට නියමිත වේ.
2019-03-02T20:22:48.000Z
ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකානු බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ සූදානමක්
ඉන්දීය භාණ්ඩවලට අමෙරිකාවේ බද්දක්
ඉන්දියාවෙන් ආනයන කෙරෙන භාණ්ඩ සඳහා ඉදිරියේදී බදු පැනවීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉන්දියාව විශාල තීරු බද්දක් පනවා ඇති බවයි. අමෙරිකානු යතුරු පැදි ආනයනයේදී ඉන්දියාව 100% ක බද්දක් පනවා ඇතැයි ඔහු පෙන්වා දෙයි. එහෙත් අමෙරිකාව ඉන්දීය යතුරු පැදි සඳහා එවැනි බද්දක් අය කරන්නේ නැත. මේ හේතුවෙන් තීරු බදු ගාස්තු වහාම සංශෝධනය කළ යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් පවතින සිය ප්‍රතිපත්ති දැඩි කරන බව ද පවසමිනි. ඉන්දියාව, ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් දැඩි තීරු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටකි. කෙසේ වෙතත් ඉදිරියේදී ඉන්දියාව සමග ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
2019-03-02T20:05:21.000Z
ගුරු - විදුහල්පති විරෝධතාවට එල්ල කළ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා ගුරු සංගම්වලින් ජනපතිට ලිපියක්
ගුරු සංගම්වලින් ජනපතිට ලිපියක්...
COLOMBO (News 1st) - බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති ගුරු - විදුහල්පති විරෝධතාවට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය 28 වැනි දා අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ ගුරු, විදුහල්පති වැටුප් විෂමතා සහ තව ත් කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.
2019-03-02T19:52:37.000Z
මාස දෙකක් තුළ දුම්රියේ ගැටී පුද්ගලයින් 67 දෙනෙකු මරුට
මාස දෙකක් තුළ දුම්රියේ ගැටී පුද්ගලයින් 67 ක් මරුට
COLOMBO (News 1st) - වසරේ ගත වූ මාස දෙක තුළ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙකු මිය ගොස් තිබේ. දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ, ඉන් වැඩි පිරිසක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී අනතුරට ලක් ව ඇති බවයි. පසුගිය වසරේ දුම්රියේ ගැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 570 කි. ඇතැම් අනවසර ඉදිකිරීම් සහ ගොඩනැගිලිවල පිහිටීම ද දුම්රිය අනතුරු බහුලවීමට බලපා ඇතැයි දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ය. දුම්රිය මාර්ගවල ගමන් කිරීම පවතින ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් මියයාමේ ආසන්නතම සිදුවීම වාර්තා වූයේ ඊයේ පෙරවරුවේය. දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එළෙස මියගියේ පාසල් සිසුවියක් සහ සිසුවෙකි.
2019-03-02T19:43:03.000Z
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට
බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සමග තව ත් පාතාල කල්ලි සාමාජිකයින් 2 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. රාමේෂ්වරන් තොටුපොළ වෙත බෝට්ටුවකින් පැමිණීමේදී රාමේෂ්වරන් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
2019-03-02T19:34:50.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ඊළඟ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?: 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ගැන එක්සත් ජනාතා නිදහස් සංධානයේ පා.ම, නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය. 2. ජලභීතිකා එන්නත්වල හිඟයක්: ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. 3. කංජිපානිගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට: ඩුබායිහි අත්අඩංගුවට පත් ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 4. මිතුරිය සමග දුම්රියට බිලි වූ සිසුවා: කොළඹ කොටුව සිට ඇල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු සහ තරුණියක මිය ගොස් තිබේ. වි‍දෙස් පුවත් 5. සෞදිය, ඔසාමා බින් ලාඩන්ගේ පුතුගේ පුරවැසිභාවය අහෝසි කරයි: අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කරනු ලැබ තිබේ.
2019-03-02T10:12:47.000Z
සුරක්ෂා ප්‍රතිරක්ෂණය ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්...
සුරක්ෂා ප්‍රතිරක්ෂණය ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවී ඇතැයි කියන විෂමතා කිහිපයක් පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පා.ම, විජේදාස රාජපක්ෂ අධ්‍යාපන අමාත්‍යංශයේ 2018 වසරේ නිල ඇඳුම්වලට වවුචර් නිකුත් කරන්න මිලියන දෙදහස් හයසිය අසූ පහක් වියදම් හැබැයි රෙදිවලින් මේක ලබාදුන්නොත් යන වියදම මිලියන දෙදහස් එකසිය හතලිස් හයයි. ඒ අනුව වවුචර්දීම මගින් අමාත්‍යංශය වැඩිපුර මිලියන පන්සිය තිස් අටයි දශම පහක් වියදම් කරලා. ඊළඟට සුරක්ෂා රක්ෂණය. පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ක්‍ර‍මයක් ඇති කිරීම හොඳයි. ඒ සුරක්ෂා රක්ෂණය ඇතිකරන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට 2018 වසරට මිලියන දෙදහස් හත්සීයක් ගෙව්වා. දරුවන්ට මිලියන හාරසීයක රක්ෂණ වන්දි ගෙවන්න අමාත්‍යංශය වියදම් කරපු මුදල මිලියන දෙදහස් හත්සීයක්. මේ මිලියන 2700 න් යම් ප්‍ර‍තිශතයක් විදේශ රටක රක්‍ෂණ සමාගමක ප්‍ර‍තිරක්ෂණය කර රී ඉන්ෂූවර් කලා ඒ මුදල රක්ෂණ සංස්ථා විසින් ගෙවපු මුදල කීයද කියලා අපිට දැනුම් දෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා රුපියල් මිලියන 1200 ක්වත් ප්‍ර‍තිරක්ෂණය වෙනුවෙන් විදේශ විනිමය ලෙස පිටරටට ගියයි කියලා. රක්ෂණ සමාගම්වල ක්‍රියා පටිපාටිය අනුව සියයට විස්සක කොමිස් එකක් ගෙවනවා. ඒක කවුරුහරි ගිහිල්ලා රී ඉන්ෂුවර් කරනවා නම් විදේශීය සමාගම ඒක හම්බෙන්න ඕනි. මේ ප්‍ර‍තිරක්ෂණය කිරීම පිළිබඳව විශාල වංචාවක් වෙලා තියෙනවා. විජේදාස මන්ත්‍රීවරයාගේ චෝදනාවලට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද ප්‍රතිචාර දැක්විය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, දවස් 50 ස් ගානට ආපු අධ්‍යාපන ඇමතිවරයා එක එක ප්‍රකාශ කරලා තියෙනවා මේ වවුචර් පත් හැම පේස් එකකම මුද්‍රණය කරන්න බෑ එවට අර සිකියුරිටි ෆිචස් දාන්න ඕනි. එක එතුමා දන්නේ නෑ. ඒ නිසා අර ෆොටො එක දාපු නිසා නෙවෙයි කොහොමත් ෆො කලර් යන්නේ කොලේ දෙපැත්තම මුද්‍රණය වෙද්දි නිකන් තියෙන කොට ආණ්ඩුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අධ්‍යාපන ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා අපි දැම්මා එකට සත පහාක්වත් ගිහිල්ලා නෑ සුරක්ෂා රක්ෂණාවර්ණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මෙවර අපි අමාත්‍යංශයේ ටෙන්ඩර් කැඳවලා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට තමයි ටෙන්ඩරය ගියේ ඊට පස්සේ අභියෝජනා මණ්ඩලයෙන් තීරණය කලා පෞද්ගලික සමාගමකට දෙන්න. පෞද්ගලික සමාගමට ගිය එක ගැන මගෙන් අහන්න එපා. ඒක අභියාචනා මණ්ඩලයෙන් ගිහිල්ලා අහන්න. අපි බොහොම පිරිසුදු පරමාර්ථයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට දෙන්න තිර්ණය කලත් එක ඇතුලෙත් පොඩ් ගෙම් එකක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. අඩුමගානේ ලංකාවට නෙවෙයි පිටරටට ඒ මුදල් ටික ගියේ ප්‍රශ්නය, ජනාධිපතිතුමා යෝජනා කරනවා අරමුදලක් පිහිටුවලා ඒ විදිහට මිනිස්සුන්ට? අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය කොහොමද කරන්නේ කියලා අවශ්‍ය කටයුත් කරන්න කියලා නමුත් එක පාරට මේවා කරන්න බෑ යම් කාලයක් ගත වෙනවා. අපිටත් විශාල ප්‍රමාණයක් අමාත්‍යංශයට ලැබිලා තියෙනවා ක්ලේම්ස් එවා ටික ගෙවලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන දෙයක් කරන්න
2019-03-02T09:36:10.000Z
ඊළඟ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?
ඊළඟ අවුරුදු 1 1/2 පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?
COLOMBO (News 1st) - 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය කරළියට එන්නේ මෙරට දේශපාලන ක්‍ර‍මවේදය වඩාත් ප්‍ර‍ජාතන්ත්‍රීයකරණය කිරීමේ මුවාවෙනි. නමුත් එය එසේ සිදුවී තිබෙනවා ද ? 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ න්‍යායාචාර්යවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍ර‍මරත්න වැනි පාර්ශව උත්සාහ කළේ විවිධ උපක්‍ර‍ම මගින් රනිල් වික්‍ර‍මසිංහ වෙත අතිමහත් බලතළ ප්‍ර‍මාණයක් එකතුකරදීම හෝ ඔහුගේ තනතුර වඩාත් සුරක්ෂිත වන ආකාරයට නීතිරිති සම්පාදනය කිරීමයි. අවසානයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු රජයකට නිසි පරිදි තම කටයුතු සිදුකරගත නොහැකි තත්ත්වයකට පත්වෙන ආකාරයේ ලියවිල්ලක් බවට පත්වන්නේ එම තත්ත්වය තුළයි. එය පසුගිය දේශපාලන අර්බුද සමය තුළ මනාව කැපී පෙනුණි. අද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය. එක්සත් ජනාතා නිදහස් සංධානයේ පා.ම, නාමල් රාජපක්ෂ දැන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක බලය තියෙනවා. හැබැයි බලය තියෙන්නේ කාටද කියලා ගැටළුවක් තියෙනවා. අද අපි මේ මාසේ අන්තිමට අයවැය පැරැද්දුවා නම් ආණ්ඩුව විසිරෙන්න ඕන. හැබැයි ආණ්ඩුව විසුරුවන්න බෑ. අගමැති මාරුවෙන්න ඕන. 19 අනුව අගමැති මාරු කරනනත් බෑ. අගමැති වෙනස් කරන්නත් බැරිනම්, පාර්ලිමේන්තුව විසුරුවන්නත් බැරිනම්, අයවැය පැරැද්දුවට පස්සේ ආණ්ඩුව මාරුවෙන්නෙත් නැතිනම් එතනින් එහාට ඊළඟ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුව දුවන්නේ කොහොම ද?
2019-03-02T09:28:30.000Z
තමාට එරෙහි පැමිණිල්ල ගැන කිරිඇල්ලගේ ප්‍රතිචාරය...
තමාට එරෙහි පැමිණිල්ල ගැන කිරිඇල්ලගේ ප්‍රතිචාරය....
COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශන සඳහා යොමු කිරීමට රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර ඇති බව අප ඊයේ වාර්තා කළෙමු. එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයේ අණ පනත් උල්ලංඝණය කරමින් තම බිරිඳට, දියණියට හා ඥාතීන්ට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන ප්‍රදේශයෙන් අක්කර 50, 20 හා 10 බැගින් වූ බිම් කොටස් ලබා දී ඇති බවට ලංකා වැවිලි කරුවන්ගේ සංගමය විසින් කළ පැමිණිල්ල විමර්ශනයට එම කොමිසම තීරණය කළ බවයි. මේ පිළිබදව අද අමාත්‍ය කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව කරුණු පැහැදිලි කිරීමක් යැයි කියමින් ලිපියක් අප වෙත එවා තිබුණි. අප ප්‍රවෘත්තියේ සඳහන් වූයේ, යම් කිසි පැමිණිල්ලක් විභාග කිරීමට ජනාධිපති කොමිසම තීරණය කළ බව පමණි. එබැවින් නිවැරදි කිරීමක් අවශ්‍ය වේ නම් අමාත්‍යවරයා එම ලිපිය යැවිය යුත්තේ එම කොමිසමට මිස අප වෙත නොවේ.
2019-03-02T06:30:41.000Z
හොරණ ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්
හොරණ ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්
COLOMBO (News 1st) - හොරණ ඉන්ධන පිරවුම්හලක් ඊයේ කිසියම් පිරිසක් විසින් කොල්ල කා තිබේ. හොරණ කුළුපන ඉන්ධන පිරවුම්හලකට ඊයේ රාත්‍රියේ 7.30 ට පමණ මුහුණු ආවරණය කරගත් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ තිබුණේ ගිනිඅවි ද සමගිනි. කොල්ලකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ තිබූ ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇත. පොලීසිය පැවසුවේ, CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
2019-03-02T06:10:11.000Z
කුරුඳු මිල ඉහළ නගී...
කුරුඳු මිල ඉහළ නගී...
COLOMBO (News 1st) - පසුගිය කාලයට සාපේක්ෂව කුරුඳු මිල ඉහළ ගොස් ඇතැයි සුළු අපනයනය බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය කාලයේ කුරුඳු කිලෝග්‍රෑමයක් අළෙවි වූයේ, රුපියල් 1700 ක් වැනි මිලකටයි. මේ වන විට කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සුළු අපනයන බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2019-03-02T05:42:21.000Z
ජලභීතිකා එන්නත්වල හිඟයක්...
ජලභීතිකා එන්නත්වල හිඟයක්...
COLOMBO (News 1st) - ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩි. කිත්සිරි මහතා සඳහන් කළේ, ජලභීතිකා රෝගින් වාර්තාවීම මේ වන විට ඉහළ ගොස් ඇති බවය. රෝහල්වලට ලබාදෙන ජලභීතිකා එන්නත් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තාවීම මෙම එන්නත් හිඟයට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය. සුනඛ ගහණය වැඩිවීම හා සුනඛ වන්ද්‍යාකරණයේ පවතින ගැටලු ද ජලභීතිකා රෝගය වැඩීවිමට බලපා තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වන ජලභීතිකා මරණ සංඛ්‍යාව 03 කි.
2019-03-02T05:17:50.000Z
කංජිපානිගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට
කංජිපානිගේ ගෝලයෙකු කොටහේනේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවට පත් ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2080 ක් සහ කඩුවක් සිය භාරයට ගත් බවයි. මොහොමඩ් මොහුදීන් රහුමාන් රහීම් නැමැති සැකකරු 43 හැවිරිදි කොළඹ 12 පදිංචිකරුවෙකි. සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
2019-03-02T02:04:20.000Z
මිතුරිය සමග දුම්රියට බිලි වූ සිසුවා...
මිතුරිය සමග දුම්රියට බිලි වූ සිසුවා...
COLOMBO (News 1st) - කොළඹ කොටුව සිට ඇල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු සහ තරුණියක අද පෙරවරුවේ මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුවූයේ අද උදෑසන 9.10 ට පමණය. පොලීසිය සඳහන් කළේ, තරුණයෙකු සහ තරුණියන් දෙදෙනෙකු නාවලපිටිය දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බවයි. එක් තරුණියක් හා තරුණයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර අනෙක් තරුණිය ජංගම දුරකතනයකින් කතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කර ඇත. එහිදී ඇල්ල දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය දුටු තරුණයා තමා සමග සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කොට අනෙක් තරුණිය බේරා ගැනීමට උත්සහ කිරීමේදී මෙලෙස සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් මියගියේ නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ පදිංචිව සිටි ලලංග හර්ෂ කුමාර සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටිව පියුමි භාග්‍ය නැමැති දෙදෙනායි. මිය යන විට ඔවුන් අවුරුදු 16 සහ 15 යන වයස්වල පසුවිය. ඔවුන්ගේ මෘත ශරීරයන් මේ වනවිට නාවලපිටිය රෝහලට ගෙන ගොස් ඇති අතර නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති.
2019-03-02T01:48:11.000Z
සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව ගම්මැද්දෙන් ව්‍යාපෘති 5ක්
ගම්මැද්දෙන් ව්‍යාපෘති 5ක වැඩ අරඹයි
COLOMBO (News 1st) - සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව නිව්ස්ෆස්ට් ගම්මැද්ද ව්‍යාපෘති 5ක් අද ආරම්භ කළේ ය. ඒ අනුව හැටන් රුවන්පුර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය මොරවැව යාය 6 ප්‍රදේශයේ ජනතාව සඳහා ජල ව්‍යාපෘතියක් ලබා දීමට වැඩ ආරම්භ කෙරිණි. කතරගම ගෝතමීගම ප්‍රදේශයට ද ගම්මැද්ද ක්‍රියාන්විතය යටතේ ජල ව්‍යාපෘතියක් ලබා දීමට මුලපිරිණි. පුත්තලම ආනමඩුව ආත්තිකුලම ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් සිය අකුරු කරන ගොඩනැගිල්ල අබලන් වී තිබීම නිසා මහත් අපහසුතාවට පත්ව තිබේ. රටේ අනාගතය වන එම පුංචි දරුවන්ට අත්වැලක් වෙමින් ගම්මැද්ද ඔවුන්ගේ පෙරපාසල් ගොඩනැගිල්ල නවීකරණ කටයුතු කිරීමටත් යටිතල පහසුකම් ලබා දීමටත් වැඩ කටයුතු ආරම්භ කළේ ය. මාතර කේන්ද්‍ර කර ගනිමින් තවත් ගම්මැද්ද ව්‍යාපෘතියක් අද ක්‍රියාත්මක විය. වැලිගම පිටිදූව ප්‍රදේශයට පුස්තකාල ගොඩනැගිල්ලක් කලක සිට අඩුපාඩුවක්ව පැවතිණි. ඒ අනුව ගම්මැද්දෙන් එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ අද පෙරවරුවේ ය. පිටිදූව විවේකාරාම විහාරස්ථානයේදී ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබිණි.
2019-03-01T23:50:34.000Z
කුරුණෑගලදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට
කුරුණෑගලදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - කුරුණෑගල තිත්තවැල්ල වැව අසළදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 2ක ගැහැණු දරුවෙකි. කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබේ.
2019-03-01T21:16:48.000Z
සෞදිය, ඔසාමා බින් ලාඩන්ගේ පුතුගේ පුරවැසිභාවය අහෝසි කරයි
සෞදිය, හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය අහෝසි කරයි
(News 1st) - අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කරනු ලැබ තිබේ. ඒ, ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව ප්‍රකාශ කර දිනකට පසුව ය. ඔහු පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ය. 2017 වසරේදී අමෙරිකාව, හම්සා බින් ලාඩන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය. අමෙරිකාව ඔහු හඳුනාගෙන ඇත්තේ, අල්කයිඩා සංවිධානය යටතේ සිටින නැගී එන ත්‍රස්ත නායකයෙකු ලෙස ය. අන්තර්ජාලය හරහා බටහිර රටවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඔහු සැලසුම් කරමින් සිටින බව ද අනාවරණය වී තිබේ. හම්සා බින් ලාඩන්ගේ පියා වන අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් පකිස්ථානයේදී ඝාතනයට ලක් වුණේ 2011 වසරේ මැයි 2 වන දා ය. සිය පියාගේ ඝාතනයට වගකිව යුතු අමෙරිකාවට එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට හම්සා බින් ලාඩන් පසුගිය කාලයේ අනතුරු ඇඟවීමක් ද කර තිබිණි. සෞදි රජයට එරෙහිව සටන් වැදීම සඳහා අල්කයිඩා සංවිධානයේ යේමන ශාඛාව සමග එක්ව ඔහු සැලසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අමෙරිකාව ප්‍රකාශ කළේ ය.
2019-03-01T21:00:01.000Z
වැලිගම වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ
තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු වැඩ බිමකින් සොයා ගනී
COLOMBO (News 1st) - වැලිගම, දෙණිපිටියේ වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වැඩ බිමේ වළක තිබී එම සිරුරු සොයා ගත් බව ය. මිය ගොස් ඇත්තේ, එම වැඩ බිමේ රැකියාවේ නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
2019-03-01T20:48:41.000Z
සිරස FM 25 වන වසර සමරයි
සිරස FM 25 වන වසර සමරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් විදුලි වංශ කතාවේ නව මානයක් සටහන් කළ සිරස FM 25 වන සංවත්සරය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ රාත්‍රියේ රුවන්වැලිසෑ පුදබිම ඇතුළු ආගමික ස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමන් පැවැත්විණි. අද දිනයේ ද 25 වන සංවත්සරය සමරමින් සිරස FM වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත ය. සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව මීගමුව කඩොල්කැළේ ක්‍රීඩාංගණයේදී විශේෂ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිත ය. මෙරට දැවැන්ත සංගීත කණ්ඩායම් 25ක් සහ ගායක ගායිකාවන් 25ක් පෙරටු කර ගනිමින් අද සවස 5.00 සිට මෙම සංගීත ප්‍රසංගය පැවැත්වේ. මේ අතර සිරස FM 25 වන සංවත්සරය සමරමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද ව්‍යාපෘති 5ක වැඩ කටයුතු අද ආරම්භ කරයි. මීට වසර 25කට පෙර අද වැනි දිනක සිරස FM ලාංකේය ගුවන් තලයට මුසු වුණේ, මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙරට රේඩියෝ වංශ කතාව අලුත් කරමින් නැවුම් වැඩසටහන් ආකෘති රැසක් ඔස්සේ සිරස FM ශ්‍රාවක හදවත් ස්පර්ශ කළේ ය. සූරිය සිරස, ලොවින් කැදැල්ල, දහසක් මල් වැනි වැඩසටහන් අදටත් ශ්‍රාවකයින්ගේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන් අතර පෙරමුණේ පසුවේ. 1995 වසරේ ජනවාරි 24 වන දා වන විට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන් විදුලිය ලෙස ද සිරස FM ඉතිහාසයට එක්විය. රූප පෙට්ටිය වටා රැස්ව සිටි පිරිස යළි ගුවන් විදුලිය කරා ඒකරාශී කිරීමේ හැරවුම් ලක්ෂය වූයේ ද සිරස FM. උසස් රසවින්දනයක් කරා ශ්‍රාවක මනස මෙහෙයවීම වෙනුවෙන් ගුවන් කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්නට අපට හැකි වුණේ, රේඩියෝ කලාවේ නියමාර්ථ මුදුන්පත් කර ගනිමිනි. මෙරට ගෘහස්ථ ප්‍රසංග කලාව අලුත් කරමින් ශ්වේත රාත්‍රිය, මියැසි තටාකය, මියැසි අරණ, රම්‍ය තීර්ථය, සඳකැන් වැසිලා වැනි ප්‍රසංග අප තිළිණ කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 1994දී උන්ඩා ගුවන් විදුලි සම්මාන උළෙලේදී ජනප්‍රියම ගුවන් විදුලියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සිරස FM, 2006 වසරේ සිට 2012 දක්වා අඛණ්ඩව ජනතාවගේ ගුවන් විදුලි නාලිකාව ලෙසින් ස්ලිම් සම්මානයට පාත්‍ර විය. සිරස FM සංවිධාන කළ විප්ලවීය ඉසව් අතර ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා සෑදූ ලෝකයේ දිගම කිරිබත එනම් රජ මහා කිරිබත ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. සද්ධන්ත කුලයේ සිරස ලෙස ලංකාවේ හීලෑ අලි ඇතුන් එක් ස්ථානයකට ඒකාරාශී කළ දැවැන්ත සංදර්ශනය, 25ස් වසරක සිරස FM ඉතිහාසයේ ලියැවී ඇත්තේ විප්ලවීය ඉසව්වක් ලෙස ය. වරක්, සිරස FM නමින් උඩවැඩියා මලක් ද නම් කෙරිණි. රේඩියෝ තරංග මාලාවලින් ඔබ්බට යමින් ජනතා සේවයේ නිරත සිරස FM, 25 වසරක් මෙරට රේඩියෝ වංශය තුළ පැළඳි කිරුළ, ජනතා සිරසින් කිසිදා ගිලීහී නොයනු ඇති.
2019-03-01T20:28:23.000Z
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනය සම්බන්ධයෙන් 40 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනය:40කගෙන් ප්‍රකාශ ගනී
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 40කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඒ අතර පොලිස් නිලධාරීන් මෙන්ම ඥාතීන් ද වන බව ය. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ සිට ස්ථාන මාරුකර සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පසුගිය ජනවාරි 23 වන දා මංජුල අසේල හා රෂීන් චින්තක නමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දමා ඇති බවට දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ල වී තිබේ.
2019-03-01T20:03:13.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2. ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් පියවා ආයතනය ස්ථාවරත්වයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් හා කාලවකවානුවක් අත්‍යවශ්‍ය බව ජාතික ආර්ථික සභාව අවධාරණය කරයි. 3. කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම පිටුපස ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින ඇන්තනි මයිකල් මොරින් සහ කොස්ගොඩ සුජි ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙකු සිටින බවට තොරතුරු හෙළිව තිබේ. 4. විගණකාධිපතිවරයා ඊයේ හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ. 5. අතහැර දමා ගිය අලුත උපන් බිළිඳෙකු මොණරාගල ගෙවිදුපුර ප්‍රදේශයේ නිවසක ත්‍රිරෝද රථයක සිටියදී සොයාගෙන තිබේ. 6. නීති විරෝධි අන්දමින් චූටි පුතා නමැති අලි පැටවා සිය විහාරස්ථානයේ රඳවා තබා ගැනීම ඇතුළු අධිචෝදනා දෙකෙන්ම කිරුළපන ඇලන් මැතිණියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ නියෝග කළේ ය. 7. මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්විණි. 8. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක කරන ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබේ. විදෙස් පුවත් 9. පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව අවධාරණය කරයි.
2019-03-01T19:43:12.000Z
කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 9.00 සිට හෙට පස්වරු 3.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව එම කාල සීමාව තුළ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය. මහ කොළඹ ජල හා අප ජල වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු වන නවීකරණ කටයුත්තක්, ඊට හේතුවයි.
2019-03-01T10:20:28.000Z
ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලැබෙයි ද?
ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලැබෙයි ද?
COLOMBO (News 1st) - ඊටීඅයි තැන්පත්කරුවන්ගේ මුදල් පියවා ආයතනය ස්ථාවරත්වයට පත්කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් හා කාලවකවානුවක් අත්‍යවශ්‍ය බව ජාතික ආර්ථික සභාව අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ආයතනය විකුණා දැමීමට තමන් අනුමැතිය ලබාදී නැති අතර ඊටීඅයි සතු වත්කම්වලින් තෝරාගත් කිහිපයක් විකිණීම සඳහා පමණක් අනුමැතිය දුන් බවයි. නමුත් ඒ සම්බන්ධ සාකච්ඡාවලට තමන් මැදිහත් නොවූ බවත් එය ඊටීඅයි ආයතනය විසින්ම සිදු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විසි හතර දහසක පමණ රටේ ජනතාවගේ රුපියල් බිලියන 34 ක පමණ තැන්පතු තිබියදී ඊටීඅයි ආයතනය මූල්‍ය අර්බුදයකට මුහුණු දුන්නේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, සමාගම නැවත පනගැන්වීම සඳහා බෙන් හෝල්ඩිස්න් නමින් දේශීයව සංස්ථාපනය කළ සමාගමක් ඉදිරිපත් කළ ව්‍යාපාර සැලැස්මට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවයි. බෙන් හෝල්ඩින්ස් සමාගම බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් නමැති සිංගප්පූරු සමාගමේ දේශීයපාර්ශවකරුයි. ඩොලර් මිලියන 75 කට සිදු කිරීමට සැලසුම් කළ ආයෝජනය පසුව ඩොලර් මිලියක 5 කින් අඩුකර තිබේ. මහ බැංකුව පැවසූවේ, ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගම තවදුරටත් ඊටීඅයි සමාගම යටතේම පවතින නිසා ඩොලර් මිලියන 5 ක් අඩු කිරීමට පියවර ගත් බවයි. ආයෝජකයා ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 70 න් 54 ක් දැනටමත් ලැබී අතර තව ත් මිලියන 16 ක් ගෙවිය යුතුව ඇත. මහ බැංකුව පැවසුවේ, එම මිලියන 16 පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වන දා මෙරට බැංකුවකට එවා ඇති නමුත් ගනුදෙනුව සම්බන්ධයෙන් පැවති අපැහැදිලි තත්ත්වයන් නිසා එය ආපසු ගෙන්වාගෙන ඇති බවයි. මෙම වත්කම් විකිණීමේ තීරණය ගන්නා අවස්ථාවේ ඒ සඳහා වෙනත් කිසිදු දේශීය පාර්ශවයක් ඉදිරිපත්ව නොසිටි බව ද මහ බැංකුව පවසයි. නමුත් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ජාතික ආර්ථික සභාව පවසන්නේ, මෙම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට මහ බැංකුවේ අනුදැනුම ඇතිව අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ බවයි. එසේ තිබියදී ගනුදෙනුව ඩොලර් මිලියන 70 කට තීරණය කිරීම ගැටලු සහගත බව එම සභාව පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම මිලදී නොගැනීමට තීරණය කිරීමත් ඩොලර් මිලියන 5 කට එය තක්සේරු කිරීමට පදනම් වූ කරුණු පිළිබඳවත් ගැටලු සහගත බවයි. ඉතිරි මිලියන 16 ලැබෙන කාලවකාවනුවද නිශ්චිත නොවීම පිළිබඳව ජාතික ආර්ථික සභාව ගැටලු මතුකර තිබේ. මෙම පසුබිම තුළ ඊටීඅයි ආයතනයේ වත්කම් මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබඳවත් ඊට සම්බන්ධ සමාගම්වල හිමිකාරිත්වය හා මුදල් ලැබෙන ප්‍රභවයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක අවශ්‍ය බව එම සභාව අවධාරණය කරයි.
2019-03-01T09:25:07.000Z
විශාලතම හෙරොයින් තොගය පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙක්...
විශාලතම හෙරොයින් ජාවාරම පිටුපස ජාවාරම්කරුවන් 05 ක්
COLOMBO (News 1st) - කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මහාපරිමාණ හෙරොයින් ජාවාරම පිටුපස ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින ඇන්තනි මයිකල් මොරින් සහ කොස්ගොඩ සුජි ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙකු සිටින බවට තොරතුරු හෙළිව තිබේ. ඒ, පසුගිය 24 වන දා හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමේදීයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අද දින අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. කොල්ලුපිටියේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 15 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කළහ. ඒ, සැකකරුවන් කොටුව නිල නොවන වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමනි බැද්දේවෙල මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී යි. මේ අතර ඉතාලියේ සිට ගුවන් මගින් මෙරටට හෂීස් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, විදුලි උපකරණවල සඟවා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවයි. සොයා ගෙන ඇති හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 600 ක්. ඒවා කුලියාපිටිය හා මීගමුව ප්‍රදේශවලට පුද්ගලයින්ගේ නමට එවා ඇති බව පරීක්ෂණවලදි හෙළිව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 3කි.
2019-03-01T08:23:12.000Z
විමර්ශනයකට, විගණකාධිපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට
විගණකාධිපති හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට
COLOMBO (News 1st) - විගණකාධිපතිවරයා අද හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනයේ සිදුවන විගණනය පිළිබඳව සොයා බැලීම එහි අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය ජනවාරි 28 වැනි දා ඉල්ලීමක් කළේ ය. ඒ, 2016 ජනවාරි 31 සිට 2018 දෙසම්බර් මස 31 දක්වා කාලය තුළ සිදු වූ ගනුදෙනුවලට අදාළවයි. සති දෙකක කාලයක් තුළ එම විගණනය සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා තිබුණි. වාර්තා වන තොරතුරුවලට අනුව මෙම වෝහාරික විගණනය මේ මස 31 වැනි දා දක්වා සිදු කිරීමට නියමිත වේ. ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද උදැසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, විගණකාධිපතිවරයා තම ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා හමුවී සාකච්ඡා කළ බවයි. එය ධනාත්මක සාකච්ඡාවක් බව ද ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන් වේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම විගණනය සඳහා පූර්ණ සහය ලබාදෙන ලෙස පසුගිය පෙබරවාරි 25 වැනි දා පැවති විධායක කමිටු රැස්වීමේදී ආයතනයේ සියලුම වගකිව යුතු නිලධාරීන්ට දැන්වූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද එසේ නිවේදනය කළත් ඊයේ රාත්‍රි යවා තිබූ අභ්‍යන්තර ඊමේල් පණිවුඩයකින් අනාවරණය වන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ක්‍රිකට් ආයතනයේ ගිණුම් තැබීමේ නිලධාරිණිය ලෙස කටයුතු කරන කමලිකා ජයසේකර මහත්මිය ඊයේ රාත්‍රී මෙම ඊමේල් පණිවුඩය යවා තිබුනේ කළමනාකරවරුන් ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් 20 දෙනෙකුටයි. විගණකාධිපතිවරයාගේ නිලධාරීන්ට තොරතුරු ලබාදීමේදී ඒවා තමන් හරහා ලබාදීමට පියවර ගන්නා ලෙස ඇය එම පණිවිඩයෙන් දන්වා තිබුණි. එම ඊමේල් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ, අදාළ තොරතුරු අභ්‍යන්තර විගණන නිලධාරීන්ට ලබාදී එහි අනුකූලතාව පරීක්ෂා කිරීමෙන් පසුව විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබා දෙන බවයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතට අනුව විගණන නිලධාරීන්ගේ සේවය පහසුවෙන් සිදු කිරීම සඳහා සහය දැක්වීම නිලධාරීන්ගේ වගකීමකි. එම වගකීම ඉටු කිරීම පසෙක තබා මේ අයුරින් විගණන නිලධාරීන්ට පෙර තමන්ට තොරතුරු ලබා දෙන්නැයි බලපෑම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිනියට ඇති බලය කුමක් ද? ඇය මේ උත්සාහ කරමින් සිටින්නේ වංචා දූෂණ අනාවරණයවීම වළක්වා කිසිවෙකු ආරක්ෂා කිරීමට ද ? මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණනයක් සිදු කිරීම පැවරුවේ අර්න්ස්ට් ඇන්ඩ් යංග් ආයතනයටයි. ඒ, 2013 ජනවාරි මස පළමු වැනි දා සිට 2018 අගෝස්තු මස 31 වැනි දා දක්වා කාලය සඳහා ය. එම විගණනයට සිදුවූයේ කුමක් ද යන්න තවමත් අභිරහසකි. එසේම අදාළ විගණනය සිදුවන කාල වකවානුව ද ගැටලු මතු කරන්නක්. ඊට හේතුව විගණනය පැවැත්විය යුතු බවට නියම කරන දින වකවානු හා සැලකීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ ඉන් සතියකට පසු එනම් 2018 සැප්තැම්බර් මස 5 වන දා වීමයි. එම එංගලන්ත තරග විකාශනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් මලයාසියානු ගිණුමකින් අමෙරිකාවේ ගිණුමකට ස්වයංක්‍රීයව මාරුවන ලෙස සිදුවන්නට ගිය මූල්‍ය වංචාවක් පිළිබඳව අප තොරතුරු වර්තා කළෙමු. එම වංචාව පිළිබඳ තොරතුරු විගණනයෙන් අනාවරණය කර ගැනීමට සැබෑ අවශ්‍යතාවක් තිබුනේ නම් අදාළ දින වකවානු ද ඇතුළත් නොකළේ ඇයි ද යන්න ගැටලුවකි. එසේම දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ලැබිය යුතු අවසන් වාරිකය ද අමෙරිකාවේ ගිණුමක් වෙත යවා ඇති බව වාර්තා විය. මෙවැනි කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද චෝදනා එල්ලවෙද්දී ඒ පිළිබඳ නිරවද්‍යතාවය පෙන්වීමට ඇති විගණන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන ප්‍රතිචාරය සැබැවින්ම ගැටළු මතු කරන්නක්.
2019-03-01T06:51:47.000Z
සියඹලාණ්ඩුවේදී ත්‍රිරෝද රථයකින් අලුත උපන් බිළිදෙකු හමුවෙයි
සියඹලාණ්ඩුවේදී ත්‍රිරෝද රථයකින් බිළිදෙකු හමුවෙයි
COLOMBO (News 1st) - අතහැර දමා ගිය අලුත උපන් බිළිදෙකු මොණරාගල ගෙවිදුපුර ප්‍රදේශයේ නිවසක ත්‍රිරෝද රථයක සිටියදී සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, නිවැසියන් කළ දැනුම්දීමක් මත එම බිළිඳා සොයාගත් බවයි. බිළිඳා සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර ඇත. දිනක් පමණ වයසැති එම බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය සඳහන් කළේ ය. ඔහුගේ මව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
2019-03-01T06:38:50.000Z
අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් කෙරේ
උඩුවේ ධම්මාලෝක හිමියන් චෝදනාවලින් නිදහස් කෙරේ
COLOMBO (News 1st) - නීති විරෝධි අන්දමින් - චුටි පුතා - නැමති අලි පැටවා සිය විහාරස්ථානයේ රඳවා තබා ගැනීම ඇතුළු අධිචෝදනා දෙකෙන්ම කිරුළපන ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කර තිබේ. විනිසුරුවරයා නියෝග කළේ, එම අලි පැටවා වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙසයි. විත්තිකාර හිමියන් විසින් එම අලි පැටවා සිය විහාරස්ථානයේ රඳවා තබාගෙන සිටි බවට සැක කළ හැකි කරුණු රැසක් අධිකරණය හමුවට ඉදිරිපත් වුවත් එකී කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ ය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ, තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට, අභියාචනයක් ගොනු කරන බවයි. 2015 ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අලි පැටවා සොයාගෙන තිබූ අතර 2016 මාර්තු මස 09 වැනි දා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය. එදින රක්ෂිත බන්ධනාගාරගත කළ උන්වහන්සේ 2016 මාර්තු 12 වැනි දා ඇප මත මුදා හළ අතර නීතිපතිවරයා විසින් 2016 මැයි 11 වැනි දා උන්වහන්සේට එරෙහිව මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ ය.
2019-03-01T06:11:45.000Z
විපක්ෂ නායක හා ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
විපක්ෂ නායක හා ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
COLOMBO (News 1st) - මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්විය. ඒ, විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී යි. වර්තමානයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම එම හමුවේ මූලික අරමුණ වූ බව විපක්ෂ නායක කාර්යාලය පැහැදිලි කළේ ය. ඉන්දියාව පාකිස්ථානය සමග දේශපාලනමය හෝ ආර්ථික වශයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදීම තම අරමුණ බවත් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී විපක්ෂ නායකවරයාට පවසා තිබේ. තම පාලන සමය තුළ ඉන්දීය රජය විසින් ලක් රජයට සාම්පුර් ගල් අඟුරු බලාගාරයක් අනුමත කිරීම පිළිබඳව තම ප්‍රසාදය ඉන්දීය රජය වෙත ප්‍රකාශ කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතිය අත්හැර දැමීම ගැන තමා කණගාටුවන බව ද ප්‍රකාශ කළේ ය.
2019-03-01T03:21:04.000Z
කාර්මික දෝෂයකට ලක් වූ ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්සවයි
ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්සවයි
COLOMBO (News 1st) - කාර්මික දෝෂයකට ලක් වූ මගීන් 11 දෙනෙකු රැගත් පෞද්ගලික ගුවන් යානයක් අද දහවල් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ, එම යානය අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් හොංකොං බලා පිටත්ව ගොස් ඇති අතර යානයේ ටයර් පද්ධතිය කාර්මික දෝෂයට ලක්ව ඇති බව ය. ගුවන් යානය නැවත පැමිණෙන අතරතුර එහි ඉන්ධන සියල්ලම මුහුදට මුදා හැරීමට ද නියමුවා පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබැස්ස වීමට නියමුවා සමත් වී ඇති බව ගුවන්තොටුපොළ කාර්යය භාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.
2019-03-01T00:50:52.000Z
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ
IMF, මෙරටට ලබා දෙන ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක කරන ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, 2016දී ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 1.5ක තුන් අවුරුදු ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟ වී ඇති බව ය. මේ අතර ණය වැඩසටහනේ අවසන් වාරිකය මුදා හැරීමට ද කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ද පැමිණ තිබේ. අදාළ ණය වැඩසටහනේ වාරික 04ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. එහි අවසන් වාරිකය පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබුණත් එය තාවකාලිකව අත්හිටු වූයේ, ඒ වන විට රට තුළ මතුව තිබූ දේශාපාලන අර්බුදය හේතුවෙනි. කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ජාත්‍යන්තර කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ණය වැඩසටහන යළි සක්‍රීය කිරීමට එකඟතාව පළ විය. ඒ අනුව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඊට අදාළ විමර්ශන කටයුතුවල ද නිරත වූහ.
2019-03-01T00:20:48.000Z
කූඨ ලේඛන සකස් කර වාහන අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
කූඨ ලේඛන සකස් කර වාහන අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කඩවතදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි. සැකකරුවන් වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කර මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, එහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක්, ව්‍යාජ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ලේඛන සකස් කර උකස් තබන ලද මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් 34 සහ 37 හැවිරිදි ඌරාපොළ සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
2019-02-28T23:40:04.000Z
මුන්දලම ආරාමයක සිටි සිල් මාතාවකට පිහියකින් ඇණ ඝාතනය කෙරේ
මුන්දලම ආරාමයක සිටි සිල් මාතාවක ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - මුන්දලම, කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක සිටි සිල් මාතාවකට පිහියකින් ඇණ ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සිල් මාතවගේ ගිහි කල ස්වාමි පුරුෂයා විසින් ඝාතනය සිදු කර ඇති බව ය. පසුව ඔහු ද වස පානය කර සිය දිවි හානි කර ගෙන තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, කුඹුක්කඩවල කුමාර මාතා ආරාමයේ සිටි 58 හැවිරිදි සිල් මාතාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2019-02-28T21:39:42.000Z
ඇමති කිරිඇල්ලට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ජනපති කොමිසම තීරණය කරයි
කිරිඇල්ලට එරෙහිව ඉදිරිපත්වූ පැමිණිල්ලක් විමර්ශනයට
COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශන සඳහා යොමු කිරීමට පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ. එම කොමිසම සඳහන් කළේ, ඊට අදාළ මූලික කටයුතු සම්පාදනය සඳහා පැමිණිල්ල ඇතුළත් ලිපි ගොනුව පොලිස් ඒකකය වෙත යොමු කළ බව ය. ලංකා වැවිලි කරුවන්ගේ සංගමය විසින් අදාළ පැමිණිල්ල යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයේ අණ පනත් උල්ලංඝණය කරමින් තම බිරිඳට, දියණියට හා ඥාතීන්ට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන ප්‍රදේශයෙන් අක්කර 50, 20 හා 10 බැගින් වූ බිම් කොටස් ලබා දී ඇති බව ය. මීට අමතරව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව විසින් පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී සිදු කළ බව කියන රුපියල් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද විමර්ශන සඳහා යොමු කළ බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල යොමු කර තිබිණි. ඒ අනුව විමර්ශන සඳහා මේ වන විට කොමිසම තෝරාගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව 07කි. ලබන 07 වන දා දක්වා පැමිණිලි භාර ගන්නා බව පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි. මේ වන විට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 295කි.
2019-02-28T21:18:23.000Z
පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට සූදානම් - ඉන්දීය ත්‍රිවිධ හමුදාව කියයි
ඉන්දු - පකිස්ථාන අර්බුදය තවත් උග්‍ර වන ලකුණු
(News 1st) - පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව අවධාරණය කරයි. නවදිල්ලි නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සඳහන් කළේ, පකිස්ථානය සිය හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව ය. ඉන් ගැටලුව තවත් උත්සන්න වනු ඇතැයි මේජර් ජෙනරල් සුරේන්ද්‍ර සිං මහල් සඳහන් කළේ ය. එයාර් වයිස් මාර්ෂල් ආර්.ජී.කේ. කපූර් සඳහන් කළේ, සිය ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය. රියර් අද්මිරාල් ඩී.එස්. ගුජ්රාල් මුහුදෙන් එල්ල විය හැකි ප්‍රහාර සඳහා ඇති සූදානම පැහැදිලි කළේ ය. "සමස්ත සයුරු තීරයම ආවරණය වන ආකාරයෙන් අපේ සෙබළුන් ස්ථානගත කරලයි තියෙන්නේ. උසස් තාක්ෂණයෙන් යුත් සියලු යාත්‍රා අපි සූදානම් කරලා තියෙන්නේ. දැන් ඉන්දියානුවන් බිය විය යුතු නැහැ." මේ අතර තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද නිදහස් කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය. එය දෙරට අතර යළි සාමය ස්ථාපිත කිරීම පිළිබඳ ඉඟියක් බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ඉන්දු - පකිස්ථාන අර්බුදය පිළිබඳව මේ වන විට ලෝකයම අවධානයෙන් පසුවෙයි.
2019-02-28T20:52:17.000Z
20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ඇරඹේ
20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ඇරඹේ
COLOMBO (News 1st) - 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ආරම්භ වේ. එය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව ය. අදියර 3ක් යටතේ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. කිලෝමීටර 414ක දුර ප්‍රමාණයක් ධාවනකරුවන් මෙම පාපැදි සවාරියේදී ගමන් කිරීමට නියමිත ය. මෙම පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක වේ. දෙවන අදියර මහනුවර සිට අනුරාධපුරය දක්වාත් 3 වන අදියර අනුරාධපුර සිට පොළොන්නරුව දක්වාත් ක්‍රියාත්මක ය. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වූ පාපැදි තරගකරුවන් 150කට අධික පිරිසක් මෙම පාපැදි සවාරිය සඳහා සහභාගී වේ.
2019-02-28T20:35:15.000Z
සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි
සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි
COLOMBO (News 1st) - පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය අත්හිටවූ බව ය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ලේකම්වරයා පැවසුවේ ය. එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2019-02-28T20:27:53.000Z
අමල් හා නදීමාල් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අමල් හා නදීමාල් ඇතුළු පිරිස යළි බන්ධනාගාරගත කෙරේ
COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේ, අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ය. අමල් හා නදිමාල් දෙදෙනා පසුගිය මස 5 වන දා දින ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ, පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග උපන් දින සාදයකට සහභාගී වෙමින් සිටියදී ය. එහිදී අත්අඩංගුවට ගත් පිරිස 31කි. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට හා අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ද වේ.
2019-02-28T08:33:56.000Z
ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු 47ක්....
ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු 47ක්....
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් 47 දෙනෙකු අද පත්කෙරිණ. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරුණේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි. කොළඹ, මාතර, ගාල්ල, බදුල්ල , මහනුවර, නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මේ අනුව නව ආසන සංවිධායකවරුන් පත්කෙරිණ. මේ අතර රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් ධුරයට පත්කර තිබේ. ලසන්ත අලගියවන්න මහතාට පක්ෂයේ වෘත්තිය සමිති ලේකම්වරයා ලෙස පත්කර ඇති අතර වෘත්තීය සමිති උප ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ වීරකුමාර දිසානායක මහතායි. වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ සාරතී දුෂ්මන්ත මහතායි. සුදර්ශන රත්නායක මහතා සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙළ යටතේ මෙම පත්වීම් සිදුකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරුන් 47 දෙනාගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්...
2019-02-28T07:54:28.000Z
CIDය කරන්නාගඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට සූදානම්
CIDය කරන්නාගඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට සූදානම්
COLOMBO (News 1st) : හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සුදානම් බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවු අවස්ථවේදීයි. අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ 2008 වසරේදී සුදු වෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළ විමර්ශන ද බොහෝදුරට අවසන්ව ඇති බවයි. අදාළ පෙත්සම සලකා බැලීමට පත් කළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ඉන් ඉවත්වීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු 7 වනදා දක්වා කල් තැබී ය.
2019-02-28T06:55:20.000Z
අවි ආයුධ සමග පාතාලේ රුවන් ඇතුළු 8ක් දෙමටගොඩදී STF අත්අඩංගුවට
අවි ආයුධ සමග පාතාලේ රුවන් දෙමටගොඩදී STF අත්අඩංගුවට
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, දෙමටගොඩ, වේලුවන පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස වටලා අද පස්වරුවේ කළ මෙහෙයුමකදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන යුවළක් ද වේ. සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, වායු රයිෆල් එකක්, උණ්ඩ 50 ක් , කඩු තුනක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක් හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ සුඛෝපබෝගී වාහන 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. දෙමටගොඩ රුවන් නමැත්තා දෙමටගොඩ චමින්ද නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
2019-02-28T06:41:02.000Z
මන්ත්‍රීවරු 5ක් සිය වත්කම් - බැරකම් ප්‍රසිද්ධයට පත් කරති
මන්ත්‍රීවරු 5ක් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරති
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු විසින් සිය වත්කම් - බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධයට පත් කරනු ලැබීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හරහා අද සිදුවිය. ඔවුන් පවසන්නේ එය ඵෙතිහාසික පියවරක් බවයි. තාරක බාලසුරිය, වාසුදේව නානායක්කාර, එම්. ඒ. සුමන්තිරම් , විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හරහා අද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළේ ය. එම ආයතනය පවසන්නේ මහජන නියෝජිතයින් වැඩි විවෘතභාවයකින් යුතුව ක්‍රියා කිරීම හරහා ජනතාව ඔවුන් කෙරෙහි දක්වන විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වන බවයි. මහජන නියෝජිතයින් මෙලෙස සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව නිවුස් ෆස්ට් අගය කරන අතරම අනෙකුත් මහජන නියෝජිතයින් ද මෙම ක්‍රියාව ආදර්ශයට ගනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
2019-02-28T06:31:03.000Z
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරන බව DMC කියයි
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරන බව DMC කියයි
COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සිට 5 වන දා දක්වා ජලාශයේ වාන් දොරටු විවෘත කරන බවයි.
2019-02-28T06:21:24.000Z
රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනයට පත් කළ කමිටුවේ 4 දෙනෙක් ඉල්ලා අස්වෙති
රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනයට පත් කළ කමිටුවේ 4ක් අස්වෙති
COLOMBO (News 1st) : රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීම සඳහා අධ්‍යයන කිරීමට පත් කළ කමිටුවෙන් සාමාජිකයින් සිව් දෙනෙකු ඉල්ලා අස් වී තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සුදර්ශන ගුණවර්ධන, අනෝමා රාජකරුණා සහ කෞශල්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වූ පිරිසට අයත් වෙති. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බව කමිටු සාමාජික සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 31 වැනිදායි. සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සභාපතිත්වය විජයානන්ද ජයවීර මහතාට හිමිව තිබේ. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ නාලක ගුණවර්ධන ඉවත් වූ සාමාජිකයින්ට අමතරව කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. සභාපතිත්වය දරණ විජයානන්ද ජයවීර මහතා විදේශගතව ඇති බැවින් මේ වනවිට එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නාලක ගුණවර්ධන මහතායි.
2019-02-28T05:20:23.000Z
දැරියකට අතවර කළ බවට චෝදනා එල්ල වූ මන්ත්‍රීට ඇප
දැරියකට අතවර කළ බවට චෝදනා එල්ල වූ මන්ත්‍රීට ඇප
COLOMBO (News 1st) : දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ සැකකාර මන්ත්‍රීවරයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, සැකකරු රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9ත් 12 ත් අතර කාලයේ අක්මීමන පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියමිතයි. 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබූ අතර පසුව ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණ පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ.
2019-02-28T04:44:40.000Z
ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර සමුළුවක් මැනිලා නුවරදී
ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර සමුළුවක්...
COLOMBO (News 1st) : ආපදා අවදානම අවම කිරීමේ කළමනාකරණ සැලැස්ම තුළින් මානුෂීය ප්‍රතිචාර සහ ජනතාවගේ දරාගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (28) පිලිපිනයේ මැනිලා නුවරදී පැවැත්විණ. ඒ පිලිපීන ආපදා කඅළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රිකාඩෝ බී ජලාද් මහතාගේ ප්‍රධානත්වයෙනි. අපදා කළමනාකරණය පිළිබඳ ආසියානු ශාන්තිකර සන්ධානය සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුස් ෆස්ට් නියෝජිවරු ද සහභාගී වූහ. රටවල් රැසක නියොජිතයින් එක්ව සිටි මෙම සමුළුවෙදී අපදාවකට මුහුණදීම සඳහා ප්‍රජාව ශක්තිමත් කළ යුතු ආකාරය සහ මානුෂිය ප්‍රතිචාර දැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරිණ. සමුළුවට සහභාගි වී සිටින නියෝජිතයින් හෙට පිලිපීනයේ ප්‍රදේශ කිහිපයක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=dOivRvNflLk
2019-02-28T03:31:26.000Z
කුවේට්හි විවිධ හිරිහැරවලට ලක් වූ ලාංකික කාන්තාවන් 52 දෙනෙකු දිවයිනට
කුවේට්හි වද හිංසාවලට ලක් වූ කාන්තාවන් 52ක් දිවයිනට
COLOMBO (News 1st) - කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 52 දෙනෙක් අද දිවයිනට පැමිණියහ. ඒ අතරින් 6 දෙනෙකු වසර 6කට වැඩි කාලයක් එරට සේවයේ නිරත වූවන් ය. අනෙක් සියලු දෙනා වසරකටත් වඩා අඩු කාලයක් එරට ගෘහ සේවයේ නිරත වූවන් වේ. එම සියලු කාන්තාවන් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකාරිණියන් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, අදාළ කාන්තාවන් සේවයේ නියුතු නිවෙස්වලින් පළාවිත් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය බව ය.