date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-12T10:22:27.000Z
බැද්දගානේ කුඩු ජාවාරම : මවයි, පුතුයි අත්අඩංගුවට
බැද්දගානේ කුඩු ජාවාරම
COLOMBO (News 1st) - පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිටකෝට්ටේ, බැද්දගාන ආනන්ද මාවතේ නිවසක් කුලියට ගෙන අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගැණුනේ 42 හැවිරිදි කාන්තාවක් හා 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් දෙදෙනා මව සහ පුතු බව පොලීසිය පැවසීය. ඔවුන් සන්තයේ තිබි රුපියල් ලක්ෂ 70 ක මුදල් ද පොලීසිය සොයාගෙන තිබේ. එහි තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ද පොලිස් භාරයට ගැණුනි. මීගහවත්ත, පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත. බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ද වැටිලීම සිදුකළ ස්ථානයට පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/591313191567462/
2020-08-12T09:41:11.000Z
Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..
Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..
COLOMBO (News 1st) - කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් අද තෙවැනි දිනටත් විරෝධතාවක නිරත විය. ඒ, තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමිනි. ඔවුන් මෙලෙස විරෝධය පළ කළේ, ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතාකරුවන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රදේශයේදීය. වරාය නගරයේ උපකොන්ත්‍රාත් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි තමන් මාස 5 කින් පමණ සේවයට කැඳවා නොමැති බව ඔවුන් පවසයි. පසුව විරෝධතාකරුවන් යළිත් වරාය නගර භූමියට පැමිණ විරෝධය පළ කළ අතර ව්‍යාපෘතියේ ඉහළ නිලධාරියෙකු පැමිණ ඔවුන් හමුවී තිබුණි. එහිදී ඔහු විරෝධතාකරුවන්ට ලිඛිතව දැනුම් දී තිබුනේ රැකියා සඳහා කැඳවා නොමැති පිරිසට ද ව්‍යාපෘතිය භූමියට පැමිණීමට මින් පසු අවස්ථාව ලැබෙන බවය. ඒ අනුව විරෝධතාව තාවකාලිකව අවසන් කිරීමට විරෝධතාකරුවන් තීරණය කළේ ය. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පැවසුවේ, සිය රැකියා සම්බන්ධ ගැටලුව තවමත් විසඳා නොමැති බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු පුද්ගලික සමාගම පවසන්නේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගමක සේවයේ යෙදී සිටි සහ කොන්ත්‍රාත් කාල සීමාව අවසන් කළ කණ්ඩායමක් එකී කොන්ත්‍රාත් සමාගම ගනු ලැබු නීත්‍යනුකූල තීරණවලට එරෙහිව ඉකුත් අගෝස්තු 11 වැනි දා විරෝධතාවක නිරතව ඇතැයි වාර්තා වී තිබෙන බවයි. මෙම තත්ත්වය වරාය නගර අයෝජන සමාගම හෙවත් සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු පුද්ගලික සමාගම හෝ ව්‍යාපෘතිය සමග සෘජු සබඳතාවක් නොමැති කොන්ත්‍රාත්කාර සමාගමක් හා එහි සේවක පිරිස අතර ඇති වූවක් බව ද මෙහි දැක්වේ. අදාළ සේවකයින් නිවැරදි හා විධිමත් ක්‍රමවේදයෙන් සිය ගැටලු විසඳා ගැනීම වෙනුවට මෙවැනි උද්ඝෝෂණ මාර්ගයකට අවතීර්ණ වීම විමතිය දනවන සුළු බව ද නිවේදනයේ සඳහන් ය. වරාය නගරයේ සේවය කරන 1500කට අධික දේශීය සේවක පිරිස වෙත කිසිදු අගතියක් නොවන ලෙස රැතියා සුරක්ෂිතභාවය වෙනුවෙන් සමාගම කැපවී සිටියදී මෙලෙස ක්‍රියා කිරීම ගැන කණගාටුවට පත් වන බව ද මෙහි දැක්වේ.
2020-08-12T09:27:55.000Z
රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..
රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අද යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. කොල්ලුපිටිය 5 වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මේ හමුව පැවැත්විණි. සාකච්ඡාවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුත් එහිදී ගත් තීරණ හෝ සාකච්ඡාකළ කරුණු අනාවරණය කළේ නැත. https://www.facebook.com/NewsfirstSL/videos/355161988815322/
2020-08-12T08:57:34.000Z
ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු අගමැති මහින්ද දළඳා සමිඳුන් වැඳපුදා ගනී
අගමැති මහින්ද දළඳා සමිඳුන් වැඳපුදා ගනී
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දළදා සමිඳුන් වැඳ පුදා ගෙන තිබේ. ඒ, අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුවයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද පිරිනැමුවේය. මේ අතර ජනපති අගමැති සහ අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දුටුවේ ය. අනතුරුව පිරිස සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ආශීර්වාද ලබා ගෙන තිබේ. අනතුරුව මැණික්හින්න, හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගිය පිරිස රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපුජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් බැහැ දුටුවේ ය. ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදුටු පිරිස උන්වහන්සේගෙන් ආශීර්වාද ලබා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1866678610138526/
2020-08-12T09:05:34.000Z
හිටපු ජනපති මෛත්‍රී ඇමති ධුරයක් භාර නොගනී: කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර හිමි වී නැහැ
කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර අහිමි වෙයි
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් ලබාගෙන නොමැත. ඔහු මෙවර මහ මැතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයායි. මීට පෙර අමාත්‍යධුර දැරූ කිහිප දෙනෙකුටම මෙවර අමාත්‍යධුර හිමි වී නොමැත. ඒ අතර මහාචාර්ය තිස්ස විතාරණ, එස්.බී.දිසානායක, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් සිටි. එමෙන්ම, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුන්ට ද නව රජයේ ඇමැති ධුර හිමි නොවීම විශේෂත්වයකි. එමෙන්ම දුෂ්මන්ත මිත්‍රපාල සහ රෝහණ දිසානායක යන මහත්වරුන්ට ද ඇමැති ධුර හිමිවී නොමැත. මේ අතර මෙවර මුල්වරට පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර හිමි විය. අචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ඒ අතර වේ. එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් පළමුවරට පර්ලිමේන්තුවට පිවිසි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීන්ට ද මෙවර අමාත්‍යධුර හිමිව තිබීම විශේෂත්වයකි. https://www.facebook.com/NewsfirstSL/videos/622728062013280/
2020-08-12T05:08:42.000Z
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි නියෝග
කුරුණෑගල නගරාධිපතිගේ වරෙන්තුව සම්බන්ධයෙන් නියෝගයක්
COLOMBO (News 1st) - කුරුණෑගල නගරයේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රමුඛ වරෙන්තුකරුවන් පස්දෙනා ගොනුකළ රීට් ආඥා පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීය. කුරුණෑගල නගර සභාවේ වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකා යන අයගේ හැර සෙසු පෙත්සම්කරුවන්ගේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට නිසි ලෙස නොතිසි ලැබී නොමැති බව අධිකරණය හමුවේදී අනාවරණය වීම නිසා වැඩ අධිකාරීවරයාගේ පෙත්සම හැර සෙසු පෙත්සම් 4 අද සලකා බැලුවේ නැත. වැඩ අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රියාස් අමීන් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, එම ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජුලි මස 24 වැනි දා ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වා දී ඇති බවයි. එහෙත් එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සනාථ කළ හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් එම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමන වගන්තිය යටතේ ද යන්න නිසි ලෙස සටහන් කර නොමැති බැවින් එය ක්‍රියාත්මක කිරීම දෝෂ සහගත බව ද නීතිඥ අමීන් මහතා කියා සිටියේ ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ, මෙම ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිටත් ගැසට්කර ඇති බැවින් වරෙන්තුකරුවන් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඒ අනුව එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද යන තීරණය ලබන 24 වැනි දා නිකුත් කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එතෙක් එම වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ය. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකා සහ ඩොසර් යන්ත්‍ර ක්‍රියාකාරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
2020-08-12T02:43:50.000Z
මාලක සිල්වා ඇප මත මුදාහැරේ
මාලක සිල්වාට ඇප
COLOMBO (News 1st) : අත්අඩංගුවට පත්, හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදාහැර තිබේ. බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනිණ.
2020-08-12T02:35:42.000Z
පිංදෙණියේදී පතොරම් 44 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පිංදෙණියේදී පතොරම් 44 ක් සමග සැකකරුවෙක් දැලේ
COLOMBO (News 1st) : කෑගල්ල, පිංදෙණිය අටාල ප්‍රදේශයේදි ටී 56 ගිනි අවිවලට යොදන පතොරොම් 44 ක් හා පතරොම් ගැබ් 10 ක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පතරොම් සොයා ගත් බවයි. සැකකරු යුද හමුදාවේ සේවය කළ තැනැත්තෙකි. 38 හැවිරිදි සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2020-08-12T01:47:32.000Z
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට
JJB ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට
COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබේ. එම පක්ෂය සඳහන් කළේ, අමරසූරිය මහත්මියගේ නම අද මැතිවරණ කොමිසම වෙත යොමු කළ බවයි. හරිනි අමරසූරිය මහත්මිය සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවේ, එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙනි. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරියක ද වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ පාර්ශව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවකි.
2020-08-12T01:14:45.000Z
ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ...
ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු හෙට
COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරිමට සැලසුම් කර තිබේ. දේහය අද පෙරවරු 10 සිට මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිසානායක මහතා මියයන විට 62 වැනි වියේ පසු විය. ජාතික රූපවාහනිය,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළව ශාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ රැසක් රචනා කර තිබේ. ගංගානාත් දිසානායක මහතා පුවත් පත් රැසකටම තීරු ලිපි සපයමින් ජනමාධ්‍ය සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ විද්වතෙකි. ඔහු ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. ගංගානාත් දිසානායක මහතා පසුගිය කාලයේ පුවත්පතකට රචනා කළ පැණි වළලු තීරු ලිපිය පාඨකයින් රැසකගේ ජනාදරයට පත් විය. මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි
2020-08-12T00:49:24.000Z
රිෂාඩ් බදියුදීන් CIDය හමුවට
රිෂාඩ් බදියුදීන් CIDය හමුවට
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය. ඒ ඔහුට කළ කැඳවීමකට අනුවයි අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ‍යෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නේ ය.
2020-08-12T00:28:49.000Z
මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ ඇමති ධූරයක් නැහැ
මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ ඇමති ධූරයක් නැහැ
COLOMBO (News 1st) : නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති ධුරයක් හිමි නොවී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී ඔහු මානාප ඡන්ද 111 137 ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා බවට ද පත්විය.
2020-08-12T00:14:41.000Z
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු මෙන්න
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු මෙන්න
COLOMBO (News 1st) : නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. https://www.youtube.com/watch?list=PLwBEINflt3JGlIuF4VXRfrtoCQ-H4R4Io&v=zXzEaUV3nC0&feature=emb_title ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරු 8.50 ට පම‍ණ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ආරම්භ විය. අද දිනයේ දිවුරුම් දුන් නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්.... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මුදල් , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික කටයුතු නිවාස අමාත්‍ය - මහින්ද රාජපක්ෂ කම්කරු අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා අධ්‍යාපන අමාත්‍ය - ජී.එල්. පීරිස් සෞඛ්‍ය අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි විදේශ අමාත්‍ය -දිනේෂ් ගුණවර්ධන ධීවර අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද ප්‍රවාහන අමාත්‍ය - ගාමිණි ලොකුගේ වෙළෙඳ අමාත්‍ය - බන්දුල ගුණවර්ධන වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය -ආර්.එම්.සී.බී. රත්නායක රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන් ජනමාධ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ විදුලිබල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම මහාමාර්ග අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු කර්මාන්ත අමාත්‍ය - විමල් වීරවංශ පරිසර අමාත්‍ය - මහින්ද අමරවීර ඉඩම් අමාත්‍ය - එස්.එම්. චන්ද්‍රසේන කෘෂිකර්ම අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ ජල සම්පාදන අමාත්‍ය -වාසුදේව නානායක්කාර බලශක්ති අමාත්‍ය - උදය ගම්මන්පිල වැවිලි අමාත්‍ය - රමේෂ් පතිරණ සංචාරක අමාත්‍ය - ප්‍රසන්න රණතුංග වරාය හා නාවික අමාත්‍ය - රෝහිත අබේගුණවර්ධන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය - නාමල් රාජපක්ෂ අධිකරණ අමාත්‍ය - අලි සබ්රි නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව... අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය - චමල් රාජපක්ෂ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය - ප්‍රියංකර ජයරත්න සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - දුමින්ද දිසානයක බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය - ලසන්ත අලගියවන්න බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික් භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක උක්, බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබුනැටි, බුලත් අතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර ග්‍රාමිය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කාන්තා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා වේවැල්, පිත්තල , මැටි , ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් වී හා ධාන්‍ය, කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ළූණු ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ නාගරික සංවර්ධන, වෙරළසංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මීට අමතරව අද දිනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ද පත් කරනු ලැබිණ. *කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උදුගොඩ *මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර *ගම්පහ දිස්ත්‍රික්කය - සහන් ප්‍රදීප් විතාන *නුවරඑළිය දිස්ත්‍රික්කය - එස්.බී. දිසානායක * මාතලේ දිස්ත්‍රික්කය - එස්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ *මාතර දිස්ත්‍රික්කය - නිපුණ රණවක *හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති *යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාධන් *හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති *කිලිනොච්චි දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්ද *වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන් *මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක - කේ. කාදර් මස්තාන් *අම්පාර දිස්ත්‍රික්කය - බී. වීරසිංහ *ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - කපිල අතුකෝරල *කුරුණෑගල දිස්ත්‍රික්කය - ගුණපාල රත්නසේකර *අනුරාධපුර දිස්ත්‍රික්කය - එච්. නන්දසේන *පුත්තලම දිස්ත්‍රික්කය - අශෝක ප්‍රියන්ත *පොළොන්නරුව දිස්ත්‍රික්කය - අමරකීර්ති අතුකෝරල *බදුල්ල දිස්ත්‍රික්කය - සුදර්ශන දෙණිපිටිය *මොනරාගල දිස්ත්‍රික්කය - කුමාරසිරි රත්නායක *රත්නපුර දිස්ත්‍රික්කය - අකිල එල්ලාවල * කෑගල්ල දිස්ත්‍රික්කය - රාජික වික්‍රමසිංහ * කළුතර දිස්ත්‍රික්කය සංජීව එදිරිමාන්න
2020-08-11T21:01:59.000Z
ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පිීන් මෙන්න
ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පිීන් මෙන්න
COLOMBO (News 1st) : ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පියා ලෙස සුපිරි හොලිවුඩ් ක්‍රියාදාම නළු ඩ්වේන් ජොන්සන් නම් කර තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ඉකුත් වසරේ ජුනි පළමු වැනිදා සිට මේ වසරේ ජුනි පළමු වැනිදා දක්වා කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 87 . 5 කි. එම ලයිස්තුවේ සෙසු ස්ථාන රයන් රෙනෝල්ඩ්ස් , මාක් වැල්බර්ග්, බෙන් ඇෆ්ලෙක් සහ වින් ඩීසල් අයන සුපිරි නළුවන්ට හිමිවිය. බොලිවුඩ් නළුවන් අතරින් ලොව වැඩිම ගෙවීම් ලබන නළුවන් 10 දෙනාගේ ලයිස්තුවට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූවේ අක්ෂේ කුමාර් පමණි. අමෙරිකානු ඩොලර් මිලියන 48.5 ක් ඉපැයූ ඔහුට එම ලයිස්තුවේ හය වන ස්ථානය හිමිවිය. ඉකුත් වසරේ ලොව වැඩිම ගෙවීම් ලද නිළියන්ගේ නම් ලැයිස්තුව මෙතෙක් නිකුත්කර නොමැත.
2020-08-11T20:13:10.000Z
ජනපති අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ උප ජනපති ධූරයට කමලා හැරිස්
බයිඩ්න්ගේ උප ජනපති ධූරයට කමලා හැරිස් නම් කෙරේ
COLOMBO (News 1st) : මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ උප ජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ. එම තනතුරට නම්කළ ප්‍රථම කළු ජාතික සහ ආසියානු - අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ඇය වනු ඇති . ඉන්දීය සහ ජැමෙයිකානු සම්භවයක් සහිත කමලා හැරිස් , මෙවර ජනාධිපති සටනේ අපේක්ෂකත්වය සඳහාද තරඟ වැදුණු නමුත් ජෝ බයිඩන්ට පූර්ණ සහය පළ කරමින් පසුව ඉන් ඉවත්විය. මීට පෙර උප ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නම් කර ඇත්තේ දෙවරක් පමණක් වන අතර ඔවුන් කිසිවකු එම තනතුර ජයග්‍රහණය කළේ නොමැත. කමලා හැරිස් , ජෝ බයිඩන්ට මෙවර ජනපති සටනින් ජයගැනීමට ප්‍රබල සහයෝගයක් ලබාදෙනු ඇතැයි, විචාරකයෝ පෙන්වා දෙති. අමෙරිකාවේ වර්ණභේද වාදයට එරෙහි විරෝධතා උත්සන්න වූ පසුබිමකදී , කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ කමලා හැරිස් වැනි අත්දැකීම්වලින් පරිපූර්ණ, ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ විවේචකයකු උප ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් නම් කිරීම ජෝ බයිඩන්ගේ වාසියට හේතුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2020-08-11T20:00:37.000Z
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද මහනුවරදී
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද
COLOMBO (News 1st) : නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ඒ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන උත්සවයකදීයී. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 28 ක් වන අතර රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ද අද දිවුරුම් දීමට නියමිතයි. මේ අතර නව කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශ සඳහා බෙදා වෙන්කඵ විෂයන් පෙරේදා අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූලව රටේ ඉදිරි ගමන් මග සකස් කිරීමට හැකි අයුරින් මේ විෂය පථයන් සකස් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කළේ ය. ආයතන 7 ක් ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමේ මගපෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන ආයතන ලෙස මෙම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයකි. එම ආයතන වන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ව්‍යපෘතිය, ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් සහ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යානයි. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ සජීවි තොරුතුරු ගෙන ඒමට නිවුස් ෆස්ට් සූදානම්.
2020-08-11T19:54:55.000Z
කොරෝනා ආසාදිතයන් ගණන 2880ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයන් 9 ක්
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගෙන ගැනිණ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වීමෙන් සුව වූ සංඛ්‍යාව 2622 කි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 247 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-08-11T19:37:36.000Z
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
'සෝල්ටා' මුල්ලේරියාවේදී පොලිස් වෙඩි පහරින් මරුට
COLOMBO (News 1st) : අංගොඩ ලොක්කා නමැති අපරාධ කල්ලි නායකයාගේ කණ්ඩායමේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන අසිත හේමතිලක හෙවත් 'සෝල්ටා' පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමේදී පොලීසිය කළ ප්‍රතිප්‍රහාර හමුවේ මොහු ජීවිතක්ෂයට පත්විය. සෝල්ටා මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි. සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බවට ද වාර්තා වේ.
2020-08-11T11:29:26.000Z
මාලක සිල්වා අත්අඩංගුවට
මාලක සිල්වා අත්අඩංගුවට
COLOMBO (News 1st) : තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනිම සම්බන්ධයෙන් මාලක සිල්වා නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයාට මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිලි ලැබි ඇති බවයි. සැකකරු හෙට දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2020-08-11T11:22:38.000Z
මිලියන 25ක් වටිනා මත් පෙති තොගයක් රේගු භාරයට
මිලියන 25ක් වටිනා මත් පෙති තොගයක් රේගු භාරයට
COLOMBO (News 1st) : නෙදර්ලන්තයේ සිට මෙරටට ඒවන ලද රුපියල් මිලියන 25 ක ආසන්න වටිනාකමින් යුත් මත් පෙති තොගයක් රේගු භාරයට ගෙන තිබේ. රේගුව පැවසුවේ කටුනායක ගුවන් භාණ්ඩ නිෂ්කාශන මධ්‍යස්ථානයට ලද පාර්සලයක තිබී රේගු මත්ද්‍රව්‍යා පාලන ඒකකය මගින් ඒම මත් පෙති තොගය සොයා ගත් බවයි. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට නිමි ඇඳුම් අඩංගු පාර්සලයක බහා මෙම මත් පෙති තොගය මෙටට ඒවා තිබේ. මෙම ඇසුරෙමේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබියදී මත්පෙති තොගය සොයා ගත් බව රේගුව සඳහන් කළේ ය. මත් පෙති තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.
2020-08-11T11:14:55.000Z
මවක සහ දියණියකට දිවි අහිමි කළ රිය අනතුර
මවක සහ දියණියකට දිවි අහිමි කළ රිය අනතුර
COLOMBO (News 1st) : දොම්පේ සමනබැද්ද මල්වාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මවකට සහ දියණියකට ජීවිත අහිමි විය. රත්නමූර්ති ශාන්ති කුමාරි නම් වූ 42 හැවිරිදි මවටත්, ඇගේ 19 වියැති තංගරාජ් තරුෂිකා මධුවන්ති නම් වූ දියණියටත් ඊයේ සිය ජීවිත අහිමි වූයේ හංවැල්ල සිට මල්වාන දෙසට යතුරු පැදියක නැගී ගමන් කරමින් සිටියදීයි. අනතුර සිදුව ඇත්තේ මල්වාන සිට හංවැල්ල දෙසට අධික වේගයෙන් ධාවන වූ මෝටර් රථයක ඔවුන් ගමන් කළ යතුරු පැදිය ගැටීමෙනි. පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි. අධික වේගය හේතුවෙන් මෝටර් රථය මහා මාර්ගයේ පෙරලී ගොස් තිබේ. එම අවස්ථාවේදී මෝටර් රථය, යතුරු පැදියේ ගැටීමෙන් එහි ගමන් කළ මව සහ දියණිය අනතුරට ලක් විය. සිද්ධිය සම්බන්ධයෙන් මෝරටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැගෙන තිබේ. මේ අතර දඹුල්ල - මාතලේ ඒ 9 ප්‍රධාන මාර්ගයේ ලොරියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. අද උදෑසන මෙම අනතුර සිදුවුණේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේදීයි. එකිනෙක ගැටී තිබුණේ නාඋල සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ දඹුල්ල සිට නාඋල දෙසට ධාවනය වූ ලොරි රථයකි. අනතුරින් ලොරි රථයට බරපතල හානි සිදු වී තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ලොරියේ සහායකයායි. 55 හැවිරිදි වියේ පසු වූ ඔහු දඹුල්ල කිරලව ප්‍රදේශයේ පුද්ගලයෙකි. බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. ටිපර් රථයේ රියදුරා දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසී ය. එම ජිප් රථය බදුල්ල - කැන්දගොල්ල මුතුමාල ගොවිපොල ප්‍රදේශයේදී අඩි 30ක ප්‍රපාතයකට පෙරලී තිබේ. ඒ වන විට එම රථයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ගමන් කර ඇති අතර අප වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත්කර ඇති බවයි. රාජකාරි කටයුත්තකට ගොස් නැවත පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී ජිප් රථය මෙම අනතුරට මුහුණ දුන්නේ ය. පොලීසිය සැක කරන්නේ වර්ෂාව නිසා ජිප් රථය ලිස්සා යෑම මෙම අනතුරට හේතුව බවටයි https://www.facebook.com/NewsfirstSL/videos/2029602580504216/
2020-08-11T10:14:13.000Z
කොළඹ වරාය නගරයේ පිරිසක් විරෝධතාවක
කොළඹ වරාය නගරයේ පිරිසක් විරෝධතාවක
COLOMBO (News 1st) : කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් අද යළිත් විරෝධතාවක නිරත විය. ඒ තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමිනි. වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නිරතව සිටි රියදුරන් , කම්කරුවන්, වැඩ පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට තමන් සේවයට කැඳවා නොමැති බවයි. ඔවුන් 2017 වසරේදී මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් කටයුතු කළ තෙවසරකට වැඩි අත්දැකීම් සහිත පිරිසකි. වරාය නගරයේ උප කොන්ත්‍රාත් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි මේ පිරිස පවසන්නේ මාස 5 කින් පමණ 150 කට ආසන්න පිරිසක් යළිත් සේවයට කැඳවා නොමැති බවයි. මේ අතර විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, අදාළ ව්‍යාපෘතියේ සේවයේ නිරත පිරිස් වෙත පහසුකම් සැපයීම ද ප්‍රමාණත් නොමැති බවයි. සේවකයින් මීට පෙර කර තිබූ පැමිණිල්ලකට අදාළව ඒ පිළිබඳව සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු අද එහි පැමිණියේ විරෝධතාව අතරතුරයි. මේ අතර කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණියේ ය.
2020-08-11T08:54:35.000Z
ජාතික ලැයිස්තු අර්බුදය අවසන්.... තීරණය ගැනීමේ බලය සජිත්ට
ජාතික ලැයිස්තු අර්බුදය අවසන්....
COLOMBO (News 1st) : සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පත්කිරීම් පිළිබඳව මතුවූ ගැටලුව අද පස්වරුවේ විසඳී තිබේ. ඒ පක්ෂයේ ජාතික ලැයිස්තුව පිළිබඳව අවසන් තීරණය ගැනීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදීමට හවුල්කාර පක්ෂවල නායකයින් එකගතාව පළ කිරීමත් සමගයි. ජාතික ලයිස්තු මන්ත්‍රීධුර 7 පත්කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ නායකයින් අද ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී සාකච්ඡා කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/325394515324599/
2020-08-11T08:28:05.000Z
අපේ ජන බල පක්ෂයයේ ජාතික ලැයිස්තුවට මොකද වෙන්නේ?
ඥාණසාර හිමිගෙන් අනාවරණයක්
COLOMBO (News 1st) : පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ගේ මූලිකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත්කිරීමේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නෙමැත. මේ අර්බුදය නිර්මාණය වූයේ පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සැඟවී සිටින බවට පක්ෂයේ පිරිසක් ප්‍රකාශ කිරීමත් සමගයි. උන්වහන්සේ ධුරයෙන් ඉවත් කළ බව පාර්ශ්වයක් ඊයේ ප්‍රකාශ කළේ ය. සැඟව සිටින බවට චෝදනා එල්ල වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව නිව්ස් ෆස්ට් සමග දුරකතනයෙන් අදහස් පළ කළේ ය. මේ අතර අපේ ජන බල පක්ෂයේ නියෝජිත අරඹේපොල රතනසාර හිමියන් ඊයේ රාත්‍රි පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණියහ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සඟවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් භාරයට ගැණුනු පුද්ගලයෙකු රැගෙන යාම සඳහා උන්වහන්සේ එම ස්ථානයට පැමිණි බවයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වුණේ අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලමිනි. විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/367069637613901/
2020-08-11T08:19:08.000Z
අත්අඩංගුවට ගැනීම වළකන්නැයි, කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
COLOMBO (News 1st) : තමා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා,විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයායි. තමාට අත්අඩංගුවට ගැනීමට පසුගිය 7 වැනිදා පොලීසිය විසින් වරෙන්තු නියෝග ලබාගෙන ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් මත බවත්, ඒ අනුව සිදු කළ විමර්ශන ක්‍රියාවලිය සහ වරෙන්තු ලබාගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධි බවත් පෙත්සම්කරු අභියාචානාධිකරණයට පෙන්වා දී තිබේ. කුරුණෑගල නගරාධිපතිවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරුතහනම් නියෝගයක් වග උත්තරකාර වැඩ බලන පොලිස්පතිවරයා පුමුඛ වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසයි. එම නඩුවට පාදක වූ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බවට සනාථ කළ හැකි කරුණු නොමැති බැවින් පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් වග උත්තරකරුවන්ට නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1322432991452048/
2020-08-11T08:11:05.000Z
''ශ්‍රී ලංකාව සමග වන සබඳතාවය චීනයට විශාල දෙයක්'' - චීන විදේශ කටයුතු අමාත්‍යාංශය
අගමැති මහින්දට චීනයෙන් සුබපැතුම්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශ්වික සබඳතා ඔස්සේ වැඩි ප්‍රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි. මෙම අදහස් පළ වූයේ, ඊයේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලීජියෑන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය. ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අනෝන්‍ය ප්‍රතිලාභී සහයෝගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. චීනය අග්‍රාමාත්‍යවරයා ද අගමැති ධුරයේ දිවුරුම්දුන් රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරන බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටින බවයි. ''චීනය, රාජපක්ෂ මහතාට, දිවුරුම්දීම පිළිබඳව සුබ පැතුම් එක්කරනවා.අගමැති ලී කෙක්යෑන්ග් සුබ පැතුම් පණිවිඩයකුත් යවා තිබෙනවා.චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ඈත අතීතයට දිය යන්නක්.මෑත කාලයේ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගිතා හවුල පදනම්වන්නේ යහපත් අනෝන්‍ය සහයෝගය මත සහ දීර්ඝ කාලීන මිත්‍රත්වය මත පදනම්වයි.දෙරටේ ද්වීපාර්ශ්වික සහයෝගිතාව අංශ කිහිපයකට විහිදී යනවා.අප සබඳතා ඉතා ගැඹුරුයි.විශේෂයෙන් කොවිඩ් 19 හමුවේ දෙරට රජයන් සහ ජනතාව එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කළා.අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටිනවා.ශ්‍රී ලංකාව සමග වන සබදතාවය චීනයට විශාල දෙයක්.අපේ සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අනෝන්‍ය ප්‍රතිලාභී සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යාමටත් ද්වීපාර්ශ්වික සබදතා හරහා වැඩි ප්‍රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමටත් අප සූදානම්'' https://www.facebook.com/NewsfirstSL/videos/299390678001935/
2020-08-11T05:34:39.000Z
මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි
මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි
COLOMBO ( News 1st ) : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී සහ ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමු ගත් දිසානායක මහතා මිය යනවිට 62 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහීනි සේවයේ සභාපතිවරයෙකු ලෙස ද දිසානායක මහතා සේවය කර තිබේ. 1958 ජූලි 1 වන දා කොළඹදී උපත ලද දිසානායක මහතා අධ්‍යාපනය හදාරා ඇත්තේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. පසුව සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වන දිසානායක මහතා එම විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. පසුව එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවයට බැඳෙන දිසානායක කාලය දශක 3කට ආසන්න කාලයක් එහි මාහාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. 1987 වසරේදී පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ජපානයට පිටත්ව යන දිසානායක මහතා ජපන් භාෂාවෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබීම විශේෂත්වයකි. විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කාලා කටයුතු සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා හා පශ්චාද් උපාධි ඩිප්ලෝමාවේ සාමායෝජකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. දිසානායක මහතා පසු කාලීනව ජපානයේ ශ්‍රී ලංකා තානාපති බවට පත් වන්නේ, එරට අධ්‍යාපනය හදාරන සමයේ තිබූ සිය සිහිනය යාථාර්ථයක් බවට පත් කරගනිමිනි. 'පැණිවළලු' පාඨකයින් අතර ඉමතහත් ජනප්‍රියත්වයට පත් ඔහු අතින් රචිත සුවිශේෂි නිර්මාණයකි. ශ්‍රාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මෙරට ජනසන්නිවේදන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ සේවය අතිමහත් ය. https://www.facebook.com/NewsfirstSL/videos/215539533217568/
2020-08-11T04:27:00.000Z
ලොව පළමු COVID -19 එන්නත රුසියාවෙන්
ලොව පළමු COVID -19 එන්නත රුසියාවෙන්
COLOMBO (News 1st) : මොස්කව් සමාගමක් නිපදවූ ලොව පළමු COVID-19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිම්ර් පුටින් සඳහන් කර ඇත්තේ මාස දෙකක පමණ කාලයක සායනික පරීක්ෂා කිරිම්වලින් අනතුරුව මෙම අවසරය ලබා දී ඇති බවයි. මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවා තිබේ.
2020-08-11T04:14:14.000Z
UPDATE : තරුණියක බේරා ගැනීමට බොල්ගොඩ ගඟට පැන්න තරුණයාගේ සිරුර සොයා ගනී
තරුණියක බේරා ගැනීමට ගඟට පැන්න තරුණයා මියයයි
COLOMBO (News 1st) : පානදුර - බණ්ඩාරගම තුන්බෝධිය අසලින් බොල්ගොඩ ගඟට පැන්න තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම තුන්බෝධිය අසලින් අද උදෑසන අදාළ තරුණිය බොල්ගොඩ ජලාශයට පැන තිබේ. තරිඳු පීරිස් නම් තරුණයා අදාළ තරුණිය බේරාගැනීමට ජලාශයට පැන ඇත්තේ ඉන් අනතුරුවයි ටික වේලාවකින් වඩාත් ගැඹුරු ස්ථානයක් වෙත ඔවුන් දෙදෙනා ඇදී ගොස් තිබේ. මේ අතර ප්‍රදේශවාසියෙක් ඔරුවක නැගී තරුණිය සිටි දෙසට ගොස් ඇයව බේරාගත්තේ ය. බේරා ගත් තරුණිය ඇතුළත් කෙරුණේ පානදුර මූලික රෝහලටයි. දියේ ගිලී අතුරුදන්වූ තරිඳු පීරිස්ගේ දේහය අද පස්වරුවේ සොයා ගැනීමට හැකිවූයේ දැඩි උත්සාහයකින් පසුවයි. සිද්ධියෙන් මියගිය 32 හැවිරිදි තරිඳු පීරිස් රයිගම ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. ---------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) : බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන්න තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ තරුණයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, දියේ ගිළුණු තරුණිය ප්‍රදේශවාසින් විසින් බෙරාගෙන රෝහල්ගත කර ඇති බවයි. අද උදෑසන 11 ට පමණ තරුණිය ගඟට පැන තිබේ. එය දුටු අසල සිටි තරුණයෙකු ඇය බේරාගැනීම සඳහා ගඟට පැන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. අතුරුදන්ව ඇත්තේ වැල්ලන්තුඩුව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවකි. පොලිස් හා නාවික කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා අතුරුදන් තරුණයා සොයා මේ වන විට මෙහෙයුමක් අරඹා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/646818219519717/
2020-08-11T20:30:16.000Z
Live Blog: නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම - සජීවී තොරතුරු
Live Blog:නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සජීවීව
නව රජයේ කැබිනට් මණ්ඩලය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී...
2020-08-11T03:07:42.000Z
සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2622 දක්වා ඉහළට
තව ත් කොරෝනා ආසාදිතයින් 29 ක් සුවය ලබයි
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2622 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-08-11T01:41:42.000Z
නායකත්වය ගැන එජාපයෙන් නිවේදනයක්
නායකත්වය ගැන එජාපයෙන් නිවේදනයක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ (10) පැවැති සාකච්ඡාවේදී නව නායකත්වයක අවශ්‍යතාව, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි පෙන්වාදී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට පක්ෂය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කිරීම කළ යුතු බව තවදුරටත් පෙන්වා දෙන ලදී.
2020-08-11T02:12:47.000Z
අමෙරිකාවේ ධවල මන්දිරිය ඉදිරිපිට වෙඩි තැබීමක්
අමෙරිකාවේ ධවල මන්දිරිය ඉදිරිපිට වෙඩි තැබීමක්
News 1st - අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් සිටියදී ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ධවල මන්දිරය ඉදිරිපිට සිටි අවිගත් පුද්ගලයකුට රහස් පොලිස් භටයන් මෙහිදී වෙඩිතබා ඇති බවය. වෙඩි තැබීමෙන් පසු ජනාධිපතිවරයාව මාධ්‍ය සාකච්ජාව පැවති කාමරයෙන් ඉවත්කර එය ආසන්නයේ පිහිටි ඕවල් ඔෆිස් නැමති කාර්යාලයට ගෙනගොස් තිබේ. ටික වේලාවකට පසු යළි මාධ්‍ය සාකච්ජාවට එක් වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තත්ත්වය සමනය කර ඇති බවත් රහස් පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි. එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තවමත් නොදන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. ධවල මන්දිර උද්‍යානයේ කෙලවර තාප්පය ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. කොරෝනා ව්‍යාප්තිය හමුවේ අමෙරිකානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිය හිමිවූවන් යළි අමෙරිකාවට ඇතුළුවීම අවහිර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී ඇතැයි සැකපළවන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය ඇරඹූමේ සිට සංක්‍රමණ නීති තවදුරතේ දැඩි කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.
2020-08-11T00:22:48.000Z
ඊයේ දිනයේ පමණක් PCR පරීක්‍ෂණ 1,310 ක්..
මෙරට තුළ PCR පරීක්‍ෂණ 172,972 ක්..
COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 172,972 ක් සිදුකර ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ(10) දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1,310 ක් සිදුකර ඇති බවය. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2,871 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, අසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. අසාදිතයින් 2593 මේ වනවිට සුවය ලබා තිබේ.
2020-08-10T23:40:22.000Z
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ අරඹයි
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ අරඹයි
COLOMBO (News 1st) -අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රාජකාරි ආරම්භ කළේ ය. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වුනේ අරලියගහ මන්දිරයේදී ය. මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයට පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් සහ තේරීපත්වූ මන්ත්‍රීවරු ද ඇරයුම් ලැබ සිටියහ. මීට අමතරව තවත් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර අග්‍රාමාත්‍යවරයා රාජකාරී ආරම්භ කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේයි. පසුව උත්සවයට පැමිණි පිරිස අතරට ගිය අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ සුබ පැතුම් පිළිගනිමින් සුහද කථාබහක නිරතවිය. මේ අතර නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය හෙට උදෑසන උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී සිදුවේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේ සංවිධාන කටයුතු සොයා බැලීමට අදත් යුද හමුදාපතිවරයා ඇතුළු නිලධාරීහු එහි පැමිණියහ. උත්සවය ආරම්භවීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 8 . 30 ටයි. https://www.facebook.com/NewsfirstSL/videos/304061597373114/
2020-08-10T21:49:02.000Z
සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළට
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වීමෙන් සුව වූ සංඛ්‍යාව 2593 කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 267 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
2020-08-10T21:39:47.000Z
බන්ධනාගාර රැඳවියන් හමුවීමට ලබන 15 සිට අමුත්තන්ට යළිත් අවස්ථාව..
ලබන 15 සිට රැඳවියන් බලන්න අමුත්තන්ට අවස්ථාව
COLOMBO (News 1st) - බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා ලබන 15 වැනි දා සිට යළි අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සතියකට එක් අමුත්තෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවන බවය. රැඳවියා හමුවිය හැක්කේ, රැඳවියා විසින් නම් කරනු ලබන ළඟම ඥාතියෙකුට පමණක් බව ද ඔහු පැවසුවේ ය. ඔවුන් හමුවීමට පැමිණිමේදී ආහාර රැගෙන ඒමට අවස්ථාවක් නොලැබෙන අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබාදීමට අවස්ථාව සලසා තිබේ. බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සියලු බන්ධනාගාර ආශ්‍රිතව එම කටයුතු ක්‍රියාවට නංවන බවයි. සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම පසුගිය මස 11 වැනි දා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය. ඒ, වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
2020-08-10T21:24:19.000Z
කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක්
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න කණ්ඩායම් 6 ක්
COLOMBO (News 1st) - වරෙන්තු නිකුත්කර ඇති කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා තිබේ. ඒ, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේය. පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ මගින් ද ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 7 වැනි දා නිකුත් කළ වරෙන්තු නියෝගය කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් මහතා ඊයේ නියෝග කළේ ය. සැකකරුවන් 5 දෙනාට විදේශගත වීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුනට අධිකරණය මගහැර සැඟවී සිටීමට රැකවරණය ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව ද විශේෂ විමර්ෂණයක් සිදු කරන ලෙසට ද එහිදී වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ ය.
2020-08-10T21:05:04.000Z
අගමැති අද සිය ධුරයේ වැඩ අරඹයි
අගමැති අද සිය ධුරයේ වැඩ අරඹයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. ඒ, අරලියගහ මන්දිරයේදීය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසුවේ, පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරි අරඹන බවයි. මෙරට 13 වැනි අග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 වැනි දා දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ, කැලණිය රජමහා විහාරස්ථානයේදීය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන් වතාවක් අග්‍රාමත්‍ය ධුරය හොබවා ඇති අතර ඔහු මෙරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළේ ය.
2020-08-10T20:49:54.000Z
මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර
නව සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම 15 ට පෙර
COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර සිදු කරන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දෙයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමයට මෙම කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බවය. කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නව ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචිවීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය. එහිදී තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති. WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.
2020-08-10T20:12:32.000Z
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 3ක ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛන ගැසට් කෙරේ..
පක්ෂ 3ක ජාතික ලැයිස්තු නම් ගැසට් කෙරේ
COLOMBO (News 1st) - ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රසයෙන් මෙවර ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනය එලෙස ගැසට් කර තිබේ. ඒ අනුව, මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 17 කි. 1. මහාචාර්ය ජී. එල්. පීරිස් 2. නීතිඥ සාගර කාරියවසම් 3. අජිත් නිවාඩ් කබ්රාල් 4. මොහොමඩ් අලි සබ්රී 5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ 6. මංජුලා දිසානායක 7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර 8. මහාචාර්ය චරිත හේරත් 9. ගෙවිදු කුමාරතුංග 10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල් 11. මහාචාර්ය තිස්ස විතාරණ 12. යදාමිණි ගුණවර්ධන 13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් 14. ටිරාන් අලස් 15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල 16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ 17. මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. මීට අමතරව, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තවරාජ කලෙයි අරසන් සහ අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රසයෙන් සෙල්වරාජ ගජෙන්තිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර ඇත. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, සෙසු පක්ෂවල ජාතික ලැයිස්තු නාම ලේඛන ලද විගස එම නම් ද ගැසට් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජනබලවේගය ඇතුළු පක්ෂවල ජාතික ලැයිස්තු සභික නම් මෙතෙක් මැතිවරණ කොමිසමට භාර දී නොමැත. ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ, ලබන 14 වැනි දා තෙක් පමණක් ඊට අවස්ථාව හිමිවන බවයි.
2020-08-10T11:52:18.000Z
ලෙබනන රජය ඉල්ලා අස්වෙයි
ලෙබනන රජය ඉල්ලා අස්වෙයි
News 1st - ලෙබනන රජය මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්විය. ඒ, පසුගිය දා ලෙබනනයේ, බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියයෑමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවට ප්‍රතිචාරයක් ලෙසයි. මේ බව එරට අග්‍රාමාතය හසන් ඩියාබ් මහතා ජාතිය අමතමින් නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර ලෙබනනයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.
2020-08-10T11:38:21.000Z
රාජිත සහ රන්ජන් ඇතුළු 5 දෙනෙකු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට
රාජිත සහ රන්ජන් ඇතුළු 5 ක් ජනාධිපති කොමිසම හමුවට
COLOMBO (News 1st) - හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, රන්ජන් රාමනායක, අජිත්. පි පෙරේරා සහ ඩී. එම් ස්වාමිනාදන් යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද පෙනි සිටියහ. ඒ , හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියද් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ පෙනි සිටියේ ය. යහපාලන ආණ්ඩු සමයේදී තමා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මාරු කරනු ලැබුවේ දේශපාලන බලපෑම් මත බව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා මීට පෙර ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, 2018 වසරේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී වගඋත්තරකාර අමාත්‍යවරුන් තමා එලෙස ස්ථාන මාරු කිරීමට උපදෙස්දී ඇතැයි දැන ගන්නට ලැබුණු බවයි. කොමිසම හමුවේ සක්ෂි ලබා දෙමින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගුණරත්න වන්නිනයක මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා එලෙස ස්ථාන මාරු කිරීමට උපදෙස් ලබා නොදුන් බවය. ඒ, හේතුවෙන් සාක්ෂි ලබාදීම අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය. අජිත් පි පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසමින් පැමිණිලිකාර ඩී.කේ.පී දසනායක මහතාගෙන් විමසා සිටියේ ස්ථානමාරු කිරීමට අනිසි බලපෑමක් සිදු වූ බව ඔබ දන්නේද යන්නයි. ඒ පිළිබඳ තමාට සෘජුව කරුණු වාර්තා නොවූ නමුත් වක්‍රව කරුණු වාර්තාවු බව දසනායක මහතා ප්‍රකාශ කළේ ය. අජිත් පී පෙරේරා මහතා කොමිසමට පෙන්වා දුන්නේ, එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතා එම කාලයේ රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දසනායක මහතාගේ දක්ෂතාවය මත ඔහු අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මරු කර යවා ඇති බවයි. එබැවින් පැමිණිලිකරුවන්ගේ සාක්ෂි පිටපත් අධ්‍යයනය කිරීමේදී සහ මෙතෙක් ඉදිරිපත්ව ඇති කරුණු අනුව තමා ඇතුළු පිරිස සිද්ධියට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමෙන් නිදහස් කරන්නැයි අජිත්.පී.පෙරේරා මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර සිද්ධියට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති දැනට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉදිරි දිනයේදී ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන 19 වැනි දා සිදු කෙරෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/971988713242940/
2020-08-10T10:51:57.000Z
අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!
අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූති කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. තම දේශපාලන දිවියේ ඉතා අසීරු කාලයක මුල්වරට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ තමන්ට දැක් වූ සහය අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සිහිපත් කර ඇත. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තව ත් මැතිවරණ වේදිකාවක පොරොන්දු වීමට ඉඩ නොතබා විසඳීමට කටයුතු කරන බවයි. කුරුණෑගලට සීමා නොවී ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කළා වූ සාමකාමී හා සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ වගකීම දැන් තමන් ඉදිරියේ පවතින බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නැවතත් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ. ඔහු සිය පත්වීම් ලිපිය අද පෙරවරුවේ ලබාගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිනි. https://www.facebook.com/NewsfirstSL/videos/602922633760531/
2020-08-10T10:39:37.000Z
සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 25ක්..
COLOMBO (News 1st) - අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි දෙදෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙකි. ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,869 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-08-10T10:21:31.000Z
ආසියාවේ දුප්පත් රටක ඉලෙක්ෂන් එක කියන්නේ මල්ලි රියැලිටි ෂෝ එකක් වගේ - රන්ජන් රාමනායක
මනාප ප්‍රතිඵල ගැන රන්ජන් හෙළි කළ රහස
COLOMBO (News 1st) - මෙවර ඡන්දය ගැන රන්ජන් රාමනායක තේරීපත් වූ මන්ත්‍රීවරයා අද කොළඹදී මෙවැනි මතයක් පළ කර තිබුණි. සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, ආසියාවේ දුප්පත් රටක ඉලෙක්ෂන් එක කියන්නේ මල්ලි රියැලිටි ෂෝ එකක් වගේ. රියැලිටි ෂෝ එකේ ස්පොන්සර්ස්ලා අතේ තමයි වැඩේ තියෙන්නේ. ස්පොන්සර් තමයි තීරණය කරන්නේ කවුද ඉදිරියට එන්නේ කියලා. මේ ඉලෙක්ෂන් කියන රියැලිටි ෂෝ එකේත් ස්පොන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ ස්පොන්සර්ස් ලා තමයි අමෙරිකාව, ඉන්දියාව, ජපානය, චීනය නාලක ගොඩහේවා මහත්තයා 20ක් එක්ක දුවගෙන එනවා. වැඩකරපු ප්‍රසන්න රණතුංග මහත්තයා මේ පැත්තේ ඉඳන් කියනවා 10,000 ක් අඩුයි කියලා. අපිට 10,000 ක් වැඩියි කියනවා. මම මේ රහසක් හෙළි කරන්නේ. ඇස් දෙකට දැක්කා සියලු අපේක්ෂකයෝ ළඟ මල්ලි, සුනිල් ජයලත්, ඒ මහත්තයා කියන්න ඉස්සෙල්ලා සියලුම දෙනා ගාව ප්‍රතිඵල තිබුණා. ප්‍රතිඵල තියලා, ආ අපිට අඩුයි.. ආයේ යනවා.. ආයේ එනවා.. කොහොමහරි, ගිය පාර ඡන්දයෙන් පැරදිච්ච සරත් වීරසේකර මහත්තයා කොළඹ ඇවිල්ලා විමල් වීරවංශට වඩා ගන්නවා. කොහොමද එහෙම වෙන්නේ. එතකොට මාතර දිස්ත්‍රික්කයේ ඩලස් අලහප්පෙරුම මහත්තයා 4 ට 5 ට එනවා. කාංචන 4ට 5ට එනවා. අලුත්ම එක්කෙනෙක්ට ලක්ෂ ගානක් යනවා. අමෙරිකන් පුරවැසියෝ එනවා එම් සී සී ගිවිසුම අයිති කරගන්න. මුලින් බෑ කියපු ඒවා දැන් 3/2ක් දීලා තියනවා. දැන් 70ක් හොඳයි 30ක් හොඳයි කිය කිය ඉන්න ඕනේ නෑ, අමෙරිකන් පුරවැසියෙක්ම ආවා, එයා ජනාධිපති වුනා. බැසිල් අයියා ආවා අමෙරිකන් පුරවැසියෙක්. එයා ඇවිල්ලා මැතිවරණය කෙරුවා. මුදල් ආවා, ඉතින් දැන් එම් සී සී ගිවිසුමත් හරි යයි. එතකොට වරායේ බහලුම්. ඒකට පී බී ජයසුන්දර මහත්තයාට ඉන්දියාවෙන් කෝල් එකක් අරන් අහන්න උනානේ. ඒවත් කෙරෙයි. නරේන්ද්‍ර මෝදි, ඩොනල්ඩ් ට්‍රම්ප්, ශිම් පේන්, ඔය ස්පොන්සර්ස්ලා ඉන්නවා. ස්පොන්සර්ස්ලාට අවශ්‍ය විදියට තමයි ලංකාවේ ඉලෙක්ෂන්ස් වෙන්නේ. ඒ අතර අපිවත් ටිකක් දානවා. නැත්නම් රියැලිටි ෂෝ එක පේන්නේ නෑනේ හරියට. ඒ හින්දා අපිවත් පොඩ්ඩක් දාලා ෂේප් කරනවා හරි කියලා පෙන්නන්න. https://www.facebook.com/NewsfirstSL/videos/732229110909574/
2020-08-10T08:57:14.000Z
ජාතික ලැයිස්තු මන්ත්‍රී ගැටලුවකට මුහුණදී සිටින අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් කොහේ ද?
අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් කොහේ ද?
COLOMBO (News 1st) - පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් නායකත්වය දුන් අපේ ජනබල පක්ෂයට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. නමුත් දැන් ප්‍රශ්නයක් මතුව ඇත්තේ, එම ධුරය නම් කර යැවීම සඳහා බලය ඇති පක්ෂයේ ලේකම් හිමියන් අතුරුදන්ව සිටීමයි. මේ අතර උන්වහන්සේ පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කළ බව අපේ ජනබල පක්ෂය අද ප්‍රකාශ කළේ ය. අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්ති රත්න මහතා, අපි දැක්කා විවිධ මාධ්‍යවලින් පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් මැතිවරණ කොමිසමට ලියුමක් දීලා තියෙනවා කියලා ඔහු මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුයි ඔහුව තෝරා පක්කර ගන්න කියලා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි එහෙම කොහෙත්ම අපේ පක්ෂය තුළ හෝ මධ්‍යම කාරක සභාව තුළ එහෙම කිසිම තීරණයක් අරගෙන නෑ වෙනත් කෙනෙක් ඒ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කරන්න. ඒකට හේතුව තමයි අපි මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාව පුරාම කිව්වේ ලැබෙන පළමු මන්ත්‍රී ධූරය ඤාණසාර ස්වාමින් වහන්සේට පක්ෂය විසින් නම් කරනවා කියලා. ඒ නිසා කොහෙත්ම අපිට ඒක කඩ කරන්න බෑ. ප්‍රශ්නය, දැන් ඔබතුමන්ලාගේ හිටපු ලේකම් ස්වාමීන් වහන්සේ මැතිවරණ කොමිසමට ලියුමක් දාලා තියෙනවා උන් වහන්සේ පත් කර ගන්න කියලා. ඒ ලියුම සම්බන්ධයන් ඔබතුමා මොකද කියන්නේ. අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්ති රත්න මහතා, ඇත්තටම ඔහුගේ ලේකම් ධූරය අපි මේ වන විටත් ඉවත් කර තිබෙනවා. හේතුව මේ මැතිවරණ කාලය තුළ තමයි ඔහුග් පත් වීම කලේ අපේ ස්ථීර ලේකම්වරයා ඉන්නවා. ඔහු නැවතත් වැඩ භාර ගත්තා. අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි, මේ වනවිට මැතිවරණ නීතිය අනුව අපේ පක්ෂයේ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රීධූරය නම් කර යැවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය මේ ලේකම්වරයා මේ වනවිට අතුරුදහන් වෙලා තියෙනවා. මේ ලේකම්වරයා ටෙලිෆෝන් එකකට ආන්සර් කරන්නේ නෑ, සමහරක් වෙලාවට එයාට හිතෙන වෙලාවට කතා කරනවා ආයෙත් ෆෝන් එක වැඩ කරන්නෙ නැතුව යනවා. මේවා ජාත්‍යන්තර මැදිහත් වීම මත හෝ එහෙම නැතිනම්,ආගමීක අන්තවාදී මැදිහත්විමක් මත හෝ එහෙම නැත්තම් ආණ්ඩුවේ මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත්විම මත හෝ මේ ස්වාමින් වහන්සේව සඟවා සිටනවද කියන සාධාරණසැකය අපිට තියෙනවා. ප්‍රශ්නය, දැන් මේ වනවිට ඔය කියන ස්වාමින් වහන්සේ, මැතිවරණ කොමිසමට ලිපියක් භාර දෙන් ඇවිල්ලා තියෙනවානේ, ඊට පස්සේනේ මේ අතුරුදන් වීම වෙන්නේ අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි, ඒ කියන්නේ මේ කාරණාවෙන් පහු දින, උන් වහන්සේ වාහන කිහිපයක් යොදාගෙන වාහන තුනක් යොදා ගෙන අපිට දැන් තියෙන ආරංචි මාර්ග හැටියට, ආපූ වාහනෙන් දීලා ඊළඟ වාහනෙන් අයෙත් නුගේගොඩින් තව වාහනයකට මාරු කරගෙන අස්ථාන ගත වෙලා තියෙනවා. ඒ දැන ගත්තම අපි ගියා උන්වහන්සේ ගිය වාහන හොයාගෙන. නමුත් ඒක කරගන්න බැරි වුණා. ප්‍රශ්නය, දැන් ඔබ වහන්සේලා මේ නාම යෝජනා භාර දෙන අවස්ථාවේ ප්‍රබල දිස්ත්‍රික්කවල නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මේ සිදුවීම අතර සම්බන්ධයක් තියෙනවා ද? අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි, පැහැදිලිවම මේවායේ සම්බන්ධයෙක් තියෙනවා. මොකද ඒ හැම නාම යෝජනා පත්‍රයකම තිබ්බේ සරල කාරණා. මොකකද් සීල් එක ගහලා නෑ එහෙම නැත්නම් අත්සන් කරලා නෑ, නැත්තම් කොල තුනේ එකක අත්සන් කරලා නෑ. ඇත්ත ජාතික මතවාදයක් රට ඇතුලේ පැළ කරන්න හදනකොට ඊට එරෙහි කුමන්ත්‍රණවල ප්‍රතිඵල මේ. https://www.facebook.com/NewsfirstSL/videos/505158313634406/
2020-08-10T06:03:26.000Z
අංගොඩ ලොක්කාගේ DNA සාම්පල ඉන්දියාවට
අංගොඩ ලොක්කාගේ DNA සාම්පල ඉන්දියාවට
COLOMBO (News 1st) - ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' නැමති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී මිය ගියාදැයි නිශ්චිතව තහවුරු කිරීමට ඩී.එන්.ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල මෙරටින් යවා තිබේ. මෙම මරණය සම්බන්ධ පරීක්ෂණවලට මේ වනවිට ඉන්දීය ජාතික ඔත්තු සේවය වන රෝ ආයතනයත් දැන් මැදිහත්වී සිටි. ප්‍රදීප් සිං නමින් ව්‍යාජ ලියකියවිලි සකස්කර ආධාර් කාඩ් නමින් හඳුන්වන හැඳුනුම්පතක් ද හිමිකරගෙන සිටි පුද්ගලයා පසුගිය ජුලි 3 වැනි දා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගොස් තිබුණි. පසුව අමානි තාන්ජි නමැති කාන්තාවක කළ ප්‍රකාශයක් මත මේ පුද්ගලයා 'අංගොඩ ලොක්කා' බවට අනාවරණය කළ අතර එය තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට විද්‍යාත්මක පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ අතර 'අංගොඩ ලොක්කා' නැමැති අපරාධ කල්ලි නායකයාගේ යැයි සැක කරන ටිපර් රථ 3 ක් මුල්ලේරියාව අංගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය පැවසුවේ, මෙම ටිපර් රථ මිලදී ගෙන ඇත්තේ 'අංගොඩ ලොක්කා' නැමැත්තාගේ සමීපතම ඥාතීන්ගේ නමින් බවයි. අදාළ ටිපර් රථ අංගොඩ ප්‍රදේශයේ ඉඩම් 3 ක බලහත්කාරයෙන් නවතා ගොස් තිබියදී මෙලෙස සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, වැලි ජාවාරම සඳහා මේ ටිපර් යොදාගෙන ඇතැයි සැකකරන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2640929112838477/
2020-08-10T05:53:52.000Z
අමාත්‍යාංශ 28 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ..
අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ..
COLOMBO (News 1st) - අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් එම ගැසට් නිවේදනයේ සඳහන් ය. අදාළ අමාත්‍යාංශ 28 වන්නේ, ආරක්ෂක, මුදල් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, අධිකරණ, විදේශ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවි හා වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, ධීවර, වැවිලි, ජල සම්පාදන, විදුලිබල බලශක්ති, වරාය හා නාවික, මහාමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළෙඳ, කර්මාන්ත හා ජනමාධ්‍ය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ද අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අද පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා හොඹවන අමාත්‍යාංශ ද අදාළ අමාත්‍යාංශ 28 ට අයත් බවයි. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් ය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇති බවයි. අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 වැනි දා (බදාදා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. ගැසට් නිවේදනය
2020-08-10T03:10:28.000Z
රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි - පක්ෂ මහ ලේකම්
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා අද පක්ෂයේ හිටපු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබේ. පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, නායකත්වය සඳහා නම් 4 ක් යෝජනාවී ඇති බවය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය. රැස්වීමෙන් පසුව තීරණ පිළිබඳව මාධ්‍යට දැනුම්දුන්නේ අකිල විරාජ් කාරියවසම් මහතායි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, අපි විස්වාස කරනවා අනාගතයේ අපි ප්‍රතිසංවිධානය වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වගේම පක්ෂ නායකත්වය පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙන බව එතුමා දැණුම් දුන්නා. ඒ වගේම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා ඒ නම් හතරත් සමග හෙට නෙවෙයි අනිද්දා පක්ෂ නායකතුමත් එක්ක සාකච්ජා කරලා තීරණයක් අරගෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කළා. මාධ්‍යවේදී ප්‍රශ්නය, ජාතික ලයිස්තුවට ඉදිරිපත් කරන්නේ කවු ද? එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, ඒ පිළිබඳව මේකෙන් පස්සේ සාකච්ඡා කරන්නේ, නම් හතර රවී කරුණානයක මැතිතුමා මමත් ඒ වගේම වජිර අබේවර්ධන මැතිතුමත් දයා ගමගේ මැතිතුමත් නමත් තමයි ඒ නම් හතරට යෝජනා වුණේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඇයි මේකේ තරුණ නායකත්වයක් හැටියට නවීන් දිසානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, එතුමා එන නායකයට සහය දෙනවා කියලා කිව්වා. මාධ්‍යවේදී ප්‍රශ්නය, රුවන් විජේවර්ධන මහත්මයා ප්‍රකාශ කරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඔබතුමාටත් අදහසක් තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, ඔව් ඒක මේකේ සම්බන්ධය නායකත්වය තේරීමෙන් පසුව තීරණය කරන්න තීරණය කළා. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඒ කියන්නේ පරාද වෙච්ච කට්ටිය ජාතික ලයිස්තුවලට දාන්නේ නෑ කියලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, නෑ එහෙම කුමන පදනමක් උඩ දානවාද කියලා කියන එක මේ පක්ෂ නායකයා තෝරලා තීරණය කරන්න තමයි අද සාකච්ඡා වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා රැස්වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමයි තීරණය වෙන්නේ. අද රැස්වීම පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද අදහස් පළ කළේ ය. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔබතුමාට නායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැද් ද? එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා, මම එහෙම බලහත්කාරයෙන් තනතුරු පිටිපස්සේ යන පුද්ගලයෙක් නෙවෙයි. හැමෝගෙම කැමැත්ත අනුව එකමුතුව තමයි ඊළඟ නායකත්වය තොරන්න අවශ්‍ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා, ඉතිං ඉදිරිපත් වෙලා තියෙනවා. ජෝන් අමරතුංග මැතිතුමාත් බලාපොරොත්තුවෙනවා. ඒවගේම. මාධ්‍යවේදී ප්‍රශ්නය, එතුමා ජාතික ලයිස්තුවේ ඉන්නවා කියලා කියනවා? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා, එතුමා ඉන්නවා. ජාතික ලැයිස්තුවෙත් ඉන්නවා. ඒ වගේම මැතිවරණයට ඉදිරිපත් වූ අයගේ බලාපොරොත්තුවත් තියෙනවා පාර්මේන්තුවට යන්න. ඔතන දැන්.. මං හිතන්නේ 6 හත් දෙනෙක් ඉන්නාව ඉතිං පාර්ලිමේන්තුවේ සීට් එක බලාපොරොත්තුවෙන්, ඉතිං ඒගොල්ලන් එකත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්නට ඕනා. මාධ්‍යවේදී ප්‍රශ්නය, එතකොට කාගේ නමද යෝජනා වුණේ ? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, ඒවා රහස් තාම මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් ඔබතුමාන්ලා රහස් රහස් කියලා එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වුණා? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, නැහැ අවසානෙදී ඉන්නකෝ කොහොමහරි, පරාජය ගැන කතා කරමුකො වෙනම, ඒක වෙනම කතාවක්නේ. දැන් තියෙන්නේ අපේ නායකයෙක් හදාගෙන මේ සතියේ අපි නායකයා ඉදිරිපත් කරනවා. අපි කොහොමහරි නායකයෙක් ඉදිරිපත් කරනවා. කවුරුත් බලාපොරොත්තු නොවන නායකයෙක්. මාධ්‍යවේදී ප්‍රශ්නය, නායකතුමා ඉස්තීරවම ඉල්ලා අස්වෙන්නේ කව දා ද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, නායකතුමා විසින්මයි කව්රුත් බල කරලාත් නෙවෙයි. එතුමා විසින්මයි. එතුමාට දැන් සමුගන්න කාලේ හරි. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඒ කියන්නේ එතුමා ඉල්ලා අස්වුනොත් එක්සත් ජාතික පක්ෂයට හොඳ කලක් යයි නේද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, නැහැ එතුමා තමයි පරිණතම නායකයා, මම හැම තිස්සෙම කියන එක. මේ රටේ අවාසනාව එතුමාව කියවා ගත්තේ නැති එක.
2020-08-10T03:02:33.000Z
මහින්ද අමරවීරට ලැබෙන ඇමතිකම කුමක්ද?
මහින්ද අමරවීරට ලැබෙන ඇමතිකම කුමක්ද?
COLOMBO ( News 1st ) : කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ(09) රැස්වී ගත් තීන්දු තීරණ පිළිබඳව මහින්ද අමරවීර මහතා අද අදහස් පළ කළේ ය. "කොවිඩ් අවදානමේ වැඩිවීමක් නැතුව මැතිවරණය තියන්න පුළුවන් වුණා. ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඔබට අපිට හොද රටක් ගොඩ නගන්න. ජනාධිපතිතුමත් අගමැතිතුමත් කටයුතු කරනවා" මාධ්‍යවේදී ප්‍රශ්නය - ඔබතුමා ලබාගත් ජන්ද ප්‍රමාණයට අනුව ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ඇමතිකමක්ද? මහින්ද අමරවීර මහතා - "ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. සාර්ථක අය ගැන එතුමන්ලා දන්නවා. මම භාර දුන්න හැම වගකීමක්ම සාර්ථකව ඉෂ්ඨ කරපු නිසා. මට හොද වගකීමක් භාරදෙයි කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රැස්වුණා. අපි තීන්දු ක‍ළේ කිසිදු කොන්දේසියකින් තොරව ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රට හදන්න සහයෝගය දෙන්න"
2020-08-10T02:29:40.000Z
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට යළි වරෙන්තු
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට යළි වරෙන්තු
COLOMBO ( News 1st ) : පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ විනාශ කිරීමේ චෝදනාමත අත්අඩංගුවට ගන්නැයි නියෝග ලැබ සිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනා අදත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැත. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 7 වැනි දා නිකුත් කළ වරෙන්තු නියෝගය කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි. සැකකරුවන් 5 දෙනාට විදේශගත වීම වළක්වමින් අද අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන්ට අධිකරණය මගහැර සැඟවී සිටිමට රැකවරණය ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ නැමැත්තාගේ ශරීරයේ කෙස් ගසකටත් අත තැබීමට කිසි වෙකුටත් ඉඩ නොතබන බවට පසුගිය මහ මැතිවරණ සමයේදී දේශපාලාඥයෙකු කළ ප්‍රකාශය පිළිබඳව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කර තිබේ. ඔහු කියා සිටියේ, එම ප්‍රකාශය හා සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම අතර යම් සබඳතාවක් ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට නිලධාරීන්ට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රගතිය ලබන 13 වැනි දා අධිකරණයට වාර්තා කරන ලෙස ද දැනුම් දුන්නේ ය. මේ අතර නගරාධිපති තුෂාර සංජීව මහතාට සහය පළකරමින් පිරිසක් අද කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. කුරුණෑගල පුරා වස්තු විනාශයට අදට දින 27 ක්... විනාශයට වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ.... https://www.facebook.com/NewsfirstSL/videos/689387261617361/
2020-08-10T02:18:43.000Z
සුරේන් රාගවන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
සුරේන් රාගවන් ද්විත්ව පුරවැසියෙක් ද?
COLOMBO ( News 1st ) : සිවිල් සංවිධාන සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියකු බව පවසමින් ය. සිවිල් සංවිධානයේ සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියෙක් කියලා අපිට ලැබුණු තොරතුරු අනුව අපි මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම එතුමාගේ ෆේස්බුක් ගිණුමේ රාජපක්ෂ පවුලේ පිංවතුන් එතුමා නිර්දය විදියට විවේචනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සිටිෂන්ෂීප් එක ගැන කොමිසම සොයා බලයි කියලා අපි හිතනවා.
2020-08-10T02:13:06.000Z
පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලින් පිටත් වෙයි..
පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලින් පිටත් වෙයි
COLOMBO ( News 1st ) : මත්තල ගුවන්තොටුපොළින් පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද(10) පිටත්ව ගියේ ය. ඒ, ගුවන් භාණ්ඩ ටොන් 28 ක් සමගින් ය. භාණ්ඩ තොගයේ මෙරට නිශ්පාදිත නිමි ඇඳුම් ඇතුළත් බව වාර්තා වේ. ඒවා අමෙරිකාවට සහ යුරෝපයට රැගෙන යාමට නියමිත ය.
2020-08-10T02:09:10.000Z
ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ටීවන් ස්මිත් තවදුරටත් පෙරමුණේ..
ටෙස්ට් පිතිකරුවන් අතර ස්ටීවන් ස්මිත් පෙරමුණේ..
COLOMBO ( News 1st ) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් මේ වනවිට නිකුත් කර තිබේ. නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සමත්ව සිටී. මේ අතර පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව පකිස්ථානයේ ශාන් මසූඩ් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 14 ක් ඉදිරියට පැමිණීමට සමත් විය. ඒ අනුව ඔහුට නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි. මේ අතර එංගලන්තයේ ජොස් බට්ලර් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 14 ක් සහ ඔලී පෝප් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 10 ක් ඉදිරියට පැමිණ තිබේ. එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 18 ක් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනුණි. මේ අතර පකිස්ථානයේ මොහොමඩ් අබ්බාස් නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීමට හැකිව තිබේ.
2020-08-10T01:55:27.000Z
මෙරට තුළ PCR පරීක්‍ෂණ 171,169 ක්..
මෙරට තුළ PCR පරීක්‍ෂණ 171,169 ක්..
COLOMBO ( News 1st ) : කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක් 171,169 ක් සිදු කර ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 680 ක් සිදු කර ඇති බවය. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,844 ක් දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින් 254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 2,579 මේ වනවිට සුවය ලබා තිබේ. ඊයේ දිනය තුළදී තවත් කොරෝනා අසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනිණි. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, එම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් වන අතර, සෙසු පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කළ අයෙකු බවයි.
2020-08-10T01:46:39.000Z
සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි
සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි
COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට සහ රූමි මොහොමඩ් යන මහත්වරුන්ට ලබන 28 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ. ඒ , සුදු වෑන් නඩුවට අදාළ නඩුව සම්බන්ධයෙනි.
2020-08-10T01:40:10.000Z
ලොව පුරා Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවයි..
ලොව පුරා Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි2 ඉක්මවයි
COLOMBO ( News 1st ) : ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය. ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ දෙකෝටි 25784 ක් ලෙස ය. චීනයෙන් ප්‍රථම Covid-19 ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු පළමු වරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවූවේ පසුගිය ජුනි 28 වැනිදා ය. ඒ අනුව පසුගිය දින 43 ඇතුළත කොරෝනා ආසාදිතයින් කෝටියක් හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස දෙකෝටිය ඉක්මවා ගියේ ය. මේ වනවිටත් වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි. එරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක්ලක්ෂ 99,444ක් ය. වාර්තා වන මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 65,617 ක් දක්වා ඉහළ ගියේ ය. කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑම් සහිත රටවල් ලැයිස්තුවේ දෙවන තැන පසුවන බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස්ලක්ෂ 35,582 කි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 1,136 ක් ලෙස සටහන් වේ. එම රටවල් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙලක්ෂ 14,137 ක් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 44,466 කි. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 34,012 කි. මේ වනවිට වෛරසය ආසාදනයෙන් ලොව පුරා පුද්ගලයින් එක්කෝටි විසිනව ලක්ෂයක් පමණ සුවය ලබා ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.
2020-08-10T01:20:04.000Z
එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොතදී...
එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මේ වනවිට පැවැත්වේ. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. පෙරවරු 10.30 ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, පාලිත් තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රැස්වීමට පෙර ඊට සහභාගී වීමට පැමිණි මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා "තාම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් අරං නැහැ. නමුත් පක්ෂයේ ඉහළ තලයේ කෙනෙක් නම් කරන්න නියමිතයි" හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා "අවුරුදු දෙකක් යද්දි අපි මේක ගොඩ ගන්නවා. මීට වඩා හොඳ නායකයෙක් තවත් කොහේවත් ඉන්නවද? පෙන්වන්න ඉන්නවානම්. ජාතික ලැයිස්තුවෙන් දාන කෙනා පක්ෂයෙන් තීන්දු කරයි" මාධ්‍යවේදී ප්‍රශ්නය - ඔබතුමා නෙමෙයිද සුදුස්සා? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා "නැහැ... නැහැ"
2020-08-10T00:08:02.000Z
මාතලේ - මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
මාතලේ - නුවර දුම්රිය මාර්ගයේ මළ සිරුරක්
COLOMBO ( News 1st ) : මාතලේ - මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කටුගස්තොට හා වත්තේගම අතර දුම්රිය මාර්ගයේ තිබෙන මළ සිරුරක් ඊට හේතුවී ඇති බවයි. දුම්රිය ගමන්වාර දෙකක් මේ වනවිට අවලංගු කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/598649127502518/
2020-08-09T23:55:47.000Z
Facebook සාදයක් වටලා 20 දෙනෙකු දැලේ..
Facebook සාදයක් වටලා 20 දෙනෙකු දැලේ..
COLOMBO ( News 1st ) : මිල්ලනිය , බැල්ලන්තුඩාව ප්‍රදේශයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ හෝටල් හිමිකරු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු හා සැකකාරියන් 5 දෙනෙකු ඒ අතර වන බවයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා සහ මත්පෙති පොලීසිය භාරයට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් 17 සහ 60 අතර වයස් සීමාවන්හි පසුවන්නන් ය. ඔවුන් බණ්ඩාරගම , මැල්ලමුල්ල , දෙහිවල , පානදුර , දොඩංගොඩ , වැල්ලන්තුඩාව , යටියන , කඩුවෙල , බොරලැස්ගමුව සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-09T23:34:10.000Z
දිවයින අවට තද සුළං තත්ත්වයක් .... අවදානයෙන් සිටින්නැයි , කාලගුණයෙන් දැනුම් දීමක්
දිවයින අවට තද සුළං තත්ත්වයක් ....
COLOMBO ( News 1st ) : දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල මෙන්ම , මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 -50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි. ඒ පිළිබඳ අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාවට දැනුම් දෙයි. මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2020-08-09T23:48:51.000Z
ලෙබනනය යළි ගොඩනැගීමට ජාත්‍යන්තරයෙන් යුරෝ බිලියනයක ආධාර
ලෙබනනය යළි ගොඩනැගීමට ජාත්‍යන්තරයෙන් ආධාර
COLOMBO ( News 1st ) : ලෙබනනය යළි ගොඩනැගීම සඳහා යුරෝ බිලියනයක ආධාර ලබාදීමට ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් එකඟ වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ පරිත්‍යාගශීලීන් යුරෝ මිලියන 300කට ආසන්න මානුෂීය ආධාර සෘජුවම ලබාදීමටද සැලසුම් කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය. ප්‍රංශය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ද ලෙබනනයට ආධාර ලබාදීමට ඉදිරිපත් විය. මේ අතර පිපිරීමෙන් අනතුරුව බේරූට්හි ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වී තිබේ. පිපිරීම හේතුවෙන් කෝපයට පත් පිරිස් යළි වරක් වීදි බැස විරෝධතාවල නිරත විය. ඒ හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑසූ ප්‍රහාර එල්ල කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පසුගියදා සිදු වූ පිපිරීමෙන් මිය ගිය පිරිස මේ වනවිට සටහන් වන්නේ 158 ක් ලෙස ය. තවත් 100 කට අධික පිරිසකගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. පවතින තත්ත්වය යටතේ එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය ධූරවලින් ඉවත්ව ඇති බව සඳහන් ය.
2020-08-09T23:25:22.000Z
තද සුළං සහිත කාලගුණයෙන් නිවාස රැසකට හානි..
තද සුළං සහිත කාලගුණයෙන් නිවාස රැසකට හානි..
COLOMBO ( News 1st ) : දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයින පුරා නිවාස 3360 කට හානි සිදුව ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ ඉන් නිවාස 28 කට පුර්ණ හානි සිදුව ඇති බවයි. පසුගිය 5 වැනිදා සිට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක් ආශ්‍රිතව ඇතිවූ තද සුළං සහිත කාලගුණය හේතුවෙන් පවුල් 3,413 ක පුද්ගලයින් 13,186 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති බව ද ඇය පැවසුවා ය. සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, ඉන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 15 කි. තවත් නිවාස 1337 කට අර්ධ හානි සිදුව තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 11 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සහිත නිවාස සංඛ්‍යාව 90 ක්. සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ කොළඹ, මහනුවර, කළුතර, මාතලේ, නුවරඑළිය , හම්බන්තොට, ගාල්ල, ගම්පහ, ත්‍රීකුණාමලය හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්ද නිවාස හානි වාර්තාවී ඇති බවයි. හානිවූ නිවාස සඳහා අත්තිකාරම් වන්දි මුදල් ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ එම දිස්ත්‍රික 15 ආවරණය කරමින් තක්සේරු කණ්ඩායම් නිවාස හානි තක්සේරු සඳහා අනුයුක්ත කර ඇති බවයි.
2020-08-09T21:16:25.000Z
විදේශයන්හි සිටි ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට
ජපානයේ හා කටාර් සිට 176 දෙනෙකු දිවයිනට
COLOMBO ( News 1st ) : කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. 28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.
2020-08-09T21:00:14.000Z
ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරුණු සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නැයි දැනුම් දීමක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්..
COLOMBO ( News 1st ) : මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දෙයි. එම කොමිසම පැවසුවේ අදාළ වත්කම් , බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදිය යුතු බවයි. මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් , බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවට වාර්තා වන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ ය. මේ අතර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ අවසන් දිනයත් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. එම කොමිසම පැවසුවේ පරාජිත අපේක්ෂකයින් නාම යෝජනා භාරගැනීමේ දිනයේ සිට මාස 03 ක් තුළ සිය වත්මක්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.
2020-08-09T20:46:49.000Z
පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට...
පාර්ලිමේන්තු සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට
COLOMBO ( News 1st ) : මහ මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල මහතා පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව එම ලියාපදිංචි කිරීම් ආරම්භ කෙරෙන බවයි. කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නම ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචි වීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය. නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ලබන 20 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිත බවයි. එහිදී තේරී පත්වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති. WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම මාර්ගගත ක්‍රමය ජාතික ලැයිස්තුව ගැසට් කිරීමෙන් පසු විවෘත කරන බවයි.
2020-08-09T20:20:12.000Z
කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..
කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..
COLOMBO (News 1st) : පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස ඔහු දැනුම් දෙයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින් 252 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 2579 මේ වනවිට සුවය ලබා තිබේ.
2020-08-09T19:40:57.000Z
දිවයිනේ සියලු රජයේ පාසල් අද සිට විවෘතයි
දිවයිනේ සියලු රජයේ පාසල් අද සිට විවෘතයි
COLOMBO (News 1st) : දිවයිනේ සියලු රජයේ පාසල් අද යළි විවෘත වෙයි. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කෙරෙනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල සියලු ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු බවයි. පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි 1 සිට 5 දක්වා පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීක පාසල්වල ප්‍රාථමික අංශ විවෘත වන්නේ පහත පරිදි ය. ඒ අනුව , 1 හා 5 ශ්‍රේණි, සඳුදා 2 හා 5 ශ්‍රේණි, අඟහරුවාදා 3 හා 5 ශ්‍රේණි, බදාදා 4 හා 5 ශ්‍රේණි සිසුන් සඳහා බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාසල් විවෘත වෙයි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියික පාසල් විවෘත වන්නේ මෙසේ ය. ඒ අනුව , 6, 10, 11 , 12 හා 13 යන ශ්‍රේණි - සඳුදා 7, 10, 11, 12 හා 13 ශ්‍රේණි - අඟහරුවාදා 8, 10, 11, 12 හා 13 ශ්‍රේණි - බදාදා 9, 10, 11, 12 හා 13 ශ්‍රේණිවල සිසුන්ට බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාසල් විවෘත වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6, 7, 8 හා 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා ප්‍රකාශයට පත් කර ඇති බවයි. 10, 11 , 12 හා 13 ශ්‍රේණි සඳහා උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ, අද සිට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු බවයි. පස්වරු 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර සෙසු ගුරුවරුන්ගේ රාජකාරි වේලාව උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරන තුරු කිසිදු පාසලක ආපන ශාලා විවෘත කිරීමට අවස්ථා නොදෙන බවයි. මේ අතර නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
2020-08-09T19:00:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි : මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන්නේ ය. 2. TNA ජාතික ලැයිස්තු ගැටලුව පක්ෂය කඩයිද? : මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තවරාසා කලෙයි අරසන් නම් කර තිබේ. කෙසේ නමුත් මෙම තීරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ මෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පිරිසක්ද විරෝධය පල කර තිබේ. 3. ඇත්තටම මැරණේ අංගොඩ ලොක්කාද? : මෙරට පාතාලයට සම්බන්ධ අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා යැයි සැක කෙරෙන පුද්ගලයාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් විය හැකි බවට ඉන්දීය පොලීසිය සැක පල කරයි. 4. 30කට අඩු කැබිනට් මණ්ඩලයක් පත් කරයි කියලා හිතනවා.. - ප්‍රසන්න රණතුංග: නව රජය 30කට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටවනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 5 . The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට : The Voice Teens Sri Lanka කිරුළ දිනා ගැනීමට හෂේන් දුලංජන සමත් විය. ඒ ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස රත්මලානේ, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවති අවසන් මහා තරගයේදීය. විදෙස් පුවත් 1. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි : අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
2020-08-09T11:20:48.000Z
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ටද?
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ගැටුම..
COLOMBO ( News 1st ) : අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/299035257834454/
2020-08-09T10:38:35.000Z
30කට අඩු කැබිනට් මණ්ඩලයක් පත් කරයි කියලා හිතනවා.. - ප්‍රසන්න රණතුංග
30කට අඩු කැබිනට් මණ්ඩලයක් පත් කරයි..?
COLOMBO ( News 1st ) : නව රජය 30කට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටවනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. " ව්‍යවස්ථානුකූලව තනි ආණ්ඩුවක් පිහිටුවනෙකොට අමාත්‍ය ධූර 30 කට යන්න පුළුවන් මම හිතනවා . ඊට වඩා අඩු සංඛ්‍යාවක් එක්ක ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලය 14 වැනිදාට ඉස්සෙල්ලා පත් කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා . අනිවාර්යෙන්ම 30 කට නොවැඩි කැබිනට් මණ්ඩලයක් ඒක රටේ ජනතාවගේ බලාපොරොත්තුව හා අපේක්ෂාව . ඒ අපේක්ෂා බිඳ වට්ටන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉඩ තියන එකක් නෑ. නායකත්වය ලබාදෙන ඕනෑම ඇමතිවරයෙක් හැටියට වැඩ කරන්න මට පුළුවන්කම තියෙනවා .රටක හොඳ විපක්ෂයක් ඉන්න ඕනේ හැබැයි පහුගිය යහපාලනය කාලේ යහපාලනයට සම්බන්ධ වෙච්ච සියලු දේශපාලන පක්ෂ කෙරෙහි ජනාතා විශ්වාස නැතිවුණා . ඒ නිසා තමයි සියලු දෙනාම ගෙදර යන්න මේ රටේ ජනතාව පසුබිම නිර්මාණය කළේ. ඒ නිසා යහපාලනය කරපු වැරදි නිසා මිනිස්සු දුක් විදිනවා ඒ නිසා තමයි ඔය දඬුවම ලබා දෙන්න කටයුතු කළේ " නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනිදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවයි.
2020-08-09T10:33:02.000Z
දඹුල්ලේ රජයේ ඉඩමක් කොරෝනා අස්සේ ඩෝසර් කරලා...?
දඹුල්ලේ රජයේ ඉඩමක් කොරෝනා අස්සේ ඩෝසර් කරලා...?
COLOMBO ( News 1st ) : දඹුල්ල, සිසිරවත්ත ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් වෙනත් පාර්ශවයක් විසින් ඩෝසර් කරනු ලැබ ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල වේ. සිසිරවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 4 කට අධික වපසරියක් සහිත මෙම භූමිය රජයේ ඉඩමක් බව ප්‍රදේශවාසීන් ජනතාව පවසන්නේ කලක සිට ය. ප්‍රදේශවාසීන් - "62 බොරළු කපලා තියෙන්නේ. 60 තමයි අපි දැන් ඉන්නේ මේ. එතකොට ඒකේ. මේ තියෙන්නේ 60 ඉඩම රජය සතු ඉඩමකි" කෙසේ වෙතත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ කිසියම් පාර්ශවයක් මේ ඉඩම ඩෝසර් කර තිබුණි. ප්‍රදේශවාසීන් - "කිසිම බලපත්‍රයක් නැතුව මේ රජයේ කැළේ කපලා ඩෝසර් කරනකන් කිසිම නිලධාරියෙක් මේක බැලුවේ නෑ" ඩෝසර් කිරීමෙන් පසු එම පාර්ශවය එහි බෝග වගා කර තිබේ. ග්‍රාම නිලධාරී ඇතුළු වගකිවයුත්තන්ට මේ පිළිබඳව දැනුම් දුන් නමුත් කිසිවෙකු නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව ද ප්‍රදේශවාසීන් පැවසුවේ ය. ප්‍රදේශවාසීන් - "අපි ක්‍රීඩා පිටියකට ඉල්ලන්නේ අවුරුදු 2ක් තිස්සේ. අපි භූ විද්‍යා පතල් කාර්යාංශයේ එතකොට ප්‍රාදේශීය ලේකම් හැම කෙනෙක්ම ලිඛිතව දැන් අවසර අරන් තියෙන්නේ දැන් අවුරුදු 2ක් තිස්සේ. අපිට ග්‍රාම සේවක කිව්වා ඇතුළු වෙන්න එපා . එතකොට අපි ඇතුළු වුණේ නෑ . අපි නීතියෙන් ක්‍රියාත්මක කළේ. දැන් එයා ඇවිත් මේකේ වැටවල් ගහලා එයාගේ කියලා භුක්ති විදින්න සූදානම් වෙනවා" "සමෘද්ධි එයා කරන්නේ රජයේ රැකියාවක් කරන්නේ. ඒ සර් තමයි ඔක්කොම මෙහෙම ඩෝසර් කරලා ඉවර වෙලා ගින්දර දාලා ඔක්කොම කරලා අඹ පැළ හදලා තියෙන්නේ, පොල් පැළ, අඹ පැළ" ප්‍රදේශවාසීන්ගේ චෝදනාව එල්ල වන්නේ සමෘද්ධි නිලධාරීවරයෙකුටයි. කණ්ඩලම කලාපයේ සමෘද්ධි නිලධාරී සුරේෂ් ශිරන්ත හේරත් මහතා "මේක මගේ දෙමව්පියන්ගේ කාලේ ඉදලා අවුරුදු 30ක් 35 ක් භුක්ති විදපු ඉඩමක්. මේක මේ දේශපාලන වාසි ගන්න දේශපාලන කාලෙට ඇදලා ගන්න සිද්ධියක් මේක. මොකද මම රජයේ සේවකයෙක් නිසා මම දීර්ඝ කාලීන බදු ඉල්ලලා ව්‍යාපෘති වාර්තාවකුත් එක්ක තමයි මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ සංවර්ධන කටයුතු කරගෙන ගියේ" මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - ලියකිවිලි තියනවාද? සුරේෂ් ශිරන්ත හේරත් මහතා - "2012 මගේ නෝනා ඉදිරිපත් වෙලා තියනවා ඉඩම් කච්චේරියට. නමුත් ඒකෙදී ප්‍රතික්ෂේප වෙලා තියනවා. නමුත් අපි භුක්ති විදපු ඉඩමක්. ඒකයි මට කියන්න තියෙන්නේ" මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි සඳහන් ය. අප මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමක් කළේ ය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා - "රජයේ ඉඩමක් . පොදු ඉල්ලීමක් ඇවිත් තියනවා ක්‍රීඩා පිටියකට. පෞද්ගලික ඉල්ලීමක් තියනවා අඹ වවන්න. අපි ඉදිරි රැස්වීමේදී සාකච්ඡා කරලා තීරණයක් දෙනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1681638905326243/
2020-08-09T10:17:49.000Z
ඇත්තටම මැරණේ අංගොඩ ලොක්කාද?
ඇත්තටම මැරණේ අංගොඩ ලොක්කාද?
COLOMBO ( News 1st ) : මෙරට පාතාලයට සම්බන්ධ අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා යැයි සැක කෙරෙන පුද්ගලයාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් විය හැකි බවට ඉන්දීය පොලීසිය සැක පළ කරයි. ''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' පුවත්පත ඉන්දීය පොලිසීයේ මුලාශ්‍රයක් උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වෙන්නේ කොයිම්බතුර්හී, චේරාන් මහා නගර් හි කුලී නිවසකදී අංගොඩ ලොක්කා යැයි සැක කෙරෙන පුද්ගලයා මිය ගිය බවට වාර්තා පවතින බවයි. පසුගිය මස 03 වැනිදා ඔහු මිය ගොස් ඇති අතර කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාල රෝහල විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊට දින දෙකකට පසු සිදු කර තිබේ. එම වාර්තාවට අනුව බාහිර හෝ අභ්‍යන්තර හානි වීම් නොතිබුණද අතේ එක් ඇඟිල්ලක් සහ පාදයේ නියපොත්තක් නිල් පැහැ ගැන්වී තිබූ බවට සඳහන් ය. ''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' වාර්තාවේ දැක්වෙන්නේ CID අපරාධ අංශය ඇඟිලි සලකුණු භාවිතා කරමින් අංගොඩ ලොක්කාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවයි. අංගොඩ ලොක්කා ඉල්ලුවගේ සඳුන් නමින් ව්‍යාජ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවත් යළි එය භාවිතා කරමින් 2017 වසරේ ජුනි 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' පවසයි. එහිදී ඉන්දීය ආරක්ෂක අංශ අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් ය. අංගොඩ ලොක්කා යැයි විශ්වාස කරන පුද්ගයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දින 07 ක කාලයක් පොලිස් භාරයට ලබාදෙන ලෙස මේ වනවිට එරට අධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ඒ, කොළඹ පදිංචිකාරියක බවට සැලකෙන අමානි තාංජි ලෙසින් හැඳින්වෙන තැනත්තියක මදුරෙයි ප්‍රදේශයේ නීතිඥයෙකු වන සිවකාමි සුන්දරී හා ඇයගේ මිත්‍රයෙකු වන දායනේෂ්වර්න් නැමති තුන්දෙනා ය. ඝාතන සිදුවීමට සම්බන්ධ නඩුව මෙන්ම ව්‍යාජ ලේඛන ඔස්සේ ඉන්දියාවේ රැදී සිටීම යන වැරදි මත නඩු දෙකක් මොවුන්ට එරෙහිව ඉන්දියානු අධිකරණ හමුවේ පවතී. https://www.facebook.com/NewsfirstSL/videos/296981138299011/
2020-08-09T10:07:54.000Z
කතානායක ධුරය මෛත්‍රීපාල සිරිසේනට ද? - දයාසිරිගෙන් මාධ්‍යවේදීන් විමසයි
ඡන්දයකදී හැමෝම දිනන්නේ නෑ..
COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්විය. අද පෙරවරුවේ පැවැත්වුණු මෙම රැස්වීමට පැවැති මහ මැතිවරණයට තරග කර ජයගත් අපේක්ෂකයින් ගණන 14 දෙනා කැඳවා තිබුණි. පක්ෂය මහ ලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී විය. රැස්වීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා - "ඉදිරි පාර්ලිමේන්තුවේ ඕන ක්‍රියාවලියකදී අපි අපේ ශක්තිය දෙනවා" මාධ්‍යවේදී ප්‍රශ්නය - කිහිප දෙනෙක් පරාජය වුණා නේද ? දයාසිරි ජයසේකර මහතා - "ඡන්දයකදී එහෙම තමයි හැමෝම දින්නේ නැහැනේ" මාධ්‍යවේදී ප්‍රශ්නය - කැබිනට් අමාත්‍ය ධූර? දයාසිරි ජයසේකර මහතා - "දන්නේ නැහැ ඒ ගැන කතා කරන්න ඕනේ" මාධ්‍යවේදී ප්‍රශ්නය - කතානායක ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාව යෝජනා වෙනවද ? දයාසිරි ජයසේකර මහතා - "තාම තීන්දුවක් නැහැ අපි බලමු. 20 වැනිදානේ පාර්ලිමේන්තුව තියෙන්නේ"
2020-08-09T11:01:21.000Z
The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට
The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට
COLOMBO ( News 1st ) : The Voice Teens Sri Lanka කිරුළ දිනා ගැනීමට හෂේන් දුලංජන සමත් විය. ඒ්, අද රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස රත්මලානේ, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවති අවසන් මහා තරගයේදීය. The Voice Teens Sri Lanka මෙරට ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කරන ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනූ ජනප්‍රියතම වැඩසටහනයි. ඉෂිතා ප්‍රේමනාත්, එරන්දි හේෂානි, හෂේන් දුලංජන සහ මාධවී විද්‍යාලිංගම් The Voice Teens Sri Lanka අවසන් මහා තරගය සඳහා තේරී පත්විය.
2020-08-09T08:31:21.000Z
රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි
රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO ( News 1st ) : කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද අභාවප්‍රාප්ත විය. අතුල සේනානායක මහතා හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා ය. වසර 40 කට අධික කාලයක් හෝටල ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් ඇති අතුල සේනානායක මහතා මෙරට ප්‍රධාන පෙළේ හෝටල කිහිපයක ඉහළ තනතුරු දැරූ පුද්ගලයෙකි. මෙවර මැතිවරණයට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ කනිෂ්ක සේනානායක මහතා ඔහුගේ පුත්‍රයා වේ. අභාවප්‍රාප්ත වනවිට අතුල සේනානායක මහතා 64 වියේ පසු විය.
2020-08-09T09:20:53.000Z
TNA ජාතික ලැයිස්තු ගැටලුව පක්ෂය කඩයිද?
TNA ජාතික ලැයිස්තු ගැටලුව පක්ෂය කඩයිද?
COLOMBO ( News 1st ) : මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තවරාසා කලෙයි අරසන් නම් කර තිබේ. කෙසේ නමුත් මෙම තීරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ මෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පිරිසක්ද විරෝධය පල කර තිබේ. අද මඩකලපුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂ මහලේකම් කේ. තුරෙයිරාජසිංහම් මහතා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සිය පක්ෂයේ නියෝජනය තහවුරු කිරීම සඳහා කලෙයි අරසන් මහතාගේ නම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ බවය. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ පොරොන්දු වූයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි. ඒ අනුව දෙවැනි වැඩිම මනාප ලාභියා වන ෂන්මුගනාදන් කුගදාසන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් සම්බන්ධන් මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණියේ ය. යාපනයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ කාර්යාලයට රැස්වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක සී.වී.කේ. සිවඥානම් ඇතුළු පිරිසක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට ලබා දිය යුතු බවට තීරණය කර තිබේ.
2020-08-09T06:39:14.000Z
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්
තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st ) : දිවයින හරහා උතුර, උතුරුමැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්ක හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට 55-65 kmph දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ , තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ය.
2020-08-09T06:23:34.000Z
පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් එල්ල කර පළා යාමට තැත් කළ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් එල්ල කළ අයෙක් කොටු
COLOMBO ( News 1st ) : වැල්ලවාය, ගම්පංගුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා යාමට තැත් කළ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම අත් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට තැත් කර ඇති බවයි. වැල්ලවාය අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තුකරුවෙකු වන ඔහු 32 හැවිරිදි වැල්ලවාය, ගම්පංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුපුරා නොගිය අත් බෝම්බය විසි කරන ලද ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා නිෂ්ක්‍රීය කිරීමට නියමිතව තිබේ.
2020-08-09T06:00:19.000Z
විදෙස් කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ පුද්ගලයකු මාල⁣ඹේදී අත්අඩංගුවට
විදෙස් කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ අයෙකු කොටු
COLOMBO ( News 1st ) : විදේශීය කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ පුද්ගලයකු මාලඹේ, උයන , වැලිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරු මාලඹේ පදිංචි පිලිපීන ජාතික කාන්තාවක් සිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වී ඇති බවයි. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 300 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරු 30 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-09T04:29:11.000Z
සිව්වැනි වරටත් අගමැති වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවිය ගැන කෙටි සටහනක්..
අභිනව අගමැතිගේ දේශපාලන දිවිය ගැන කෙටි සටහනක්..
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, ඓතිහාසික කැලණිය පුද බිමේදී ය. සිව්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා දෙවතාවක් මෙරට විධායක ජනාධිපති ධුරය හෙබවිය. මහින්ද රාජපක්ෂ මහතා 50 වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන දැවැන්ත දේශපාලන චරිතයකි. 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය. 2004 අප්‍රේල් මස 06 වැනිදා පළමු වරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ එතුමා 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය. වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් විය. විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රමාත්‍ය ධූරයට සිව් වතාවක් පත්වූ පළමුවැන්නා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයට එක් වෙයි. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළ අතර දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළ හ. මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටිය හ. https://www.facebook.com/NewsfirstSL/videos/659975901585183/ https://www.youtube.com/watch?v=6hSl6U7PCx0 ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2020-08-09T03:11:06.000Z
කෑගල්ලේදී වෙඩි නොවදින පපු ආවරණයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට
වෙඩි නොවදින පපු ආවරණයක් සමග අයෙකු STF භාරයට
COLOMBO (News 1st) - කෑගල්ල, රංවල ප්‍රදේශයේදී හෝටල් කාමරයක සඟවා තිබූ වෙඩි නොවදින පපු ආවරණයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙය සොයාගත් බවයි. සැකකරු 25 හැවිරිදි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර කෑගල්ල වතුර ප්‍රදේශයේදී මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-08-09T03:09:24.000Z
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් මත ගැටුමක්
අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් මත ගැටුමක්
COLOMBO (News 1st) - අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවට පැමිණ නොමැත. එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැවසුවේ, මන්ත්‍රී ධුරයට තම නම යෝජනා වී ඇති බවය. මේ අතර එම පක්ෂයේ අනුශාසක පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ තව ත් සාකච්ඡාවක් පැවැත්වෙන බවය. මහ මැතිවරණයෙන් තේරීපත් වූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එක් එක් දේශපාලන පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගේ නම් එලෙස ගැසට් කළ බවය. දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු මන්ත්‍රි ධුර පසුව ගැසට් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ට සුදුස්සන් නම් කර මැතිවරණ කොමිසමට භාර දී තිබේ. සෙසු දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු මෙතෙක් භාර දී නොමැති බව මැතිවරණ කොමිසම පැවසීය.
2020-08-09T02:22:22.000Z
වස්කඩුවේදී කන්ටේනරයක් අධිබලැති විදුලි රැහැනක ගැටෙයි
වස්කඩුවට විදුලිය සැපයුම ඇණහිටි
COLOMBO (News 1st) - අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් කළුතර, වස්කඩුව ප්‍රදේශයේ නිවාස 1000 කට පමණ විදුලිය සැපයුම ඇණහිට තිබේ. ඒ, කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලොරි රථයක්, මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට සිදු කෙරෙන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/636940413620568/
2020-08-09T02:24:55.000Z
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි
අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළට
News 1st - අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ, එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවීමත් සමගය. මේ අනුව අමෙරිකාවේ දිවිගෙවන පුද්ගලයින් සෑම 66 දෙනෙකුගෙන් අයෙකුටම කොරෝනා ආසාදනය වී ඇතැයි ද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන්නේ ද අමෙරිකාවෙනි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැට දහස ඉක්මවන අතර එය ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකකට ආසන්නය. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අනූ අට ලක්ෂයකට ආසන්නය. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 728,581 ක් ලෙසය. කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ද එක්කෝටි 27 ලක්ෂය ඉක්මවනු ඇති.
2020-08-08T21:51:12.000Z
වන අලියෙකු ගැටීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. ඒ, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය කෙරුණු සීඝ්‍රග්‍රාමී දුම්රියක වන අලියෙකු ගැටීම හේතුවෙනි. මාන්කුලම් සහ පුලියන්කුලම් දුම්රිය ස්ථාන අතර අනතුර සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.
2020-08-08T22:29:34.000Z
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය. දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විය. දිවුරුම් දීමට පෙර කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කළේය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.28 ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා අවට රැස්ව සිටි ජනතාව සමග ද සුහද කතාබහක ද නිරත විය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි.
2020-08-08T21:12:42.000Z
දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි වැටෙන ලකුණු..
දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි වැටෙන ලකුණු..
COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මෙනවිය සඳහන් කළේ, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ය. මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකිවේ. ඒ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
2020-08-08T21:11:37.000Z
හොර පාරෙන් ගේන්න ගිය කහ සහ එනසාල් තොගයක් කොටුවෙයි
කහ සහ එනසාල් ජාවාරමක් කොටුවෙයි
COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ කහ සහ එනසාල් තොගයක් යුද හමුදා බුද්ධි අංශය විසින් කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊට සම්බන්ධ බෝට්ටු හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි. පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, මෙම කහ හා එනසාල් මෙරට විකිණීම සඳහා රැගෙනවිත් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකවේ.
2020-08-08T20:39:26.000Z
ඡන්දෙට ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා..
ඡන්දෙට ගමට ගිය අයට කොළඹට එන්න අද සිට ප්‍රවාහන සේවා
COLOMBO (News 1st) - මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක මහතා පැවසූවේ, මේ යටතේ දුරගමන් සේවා බස් රථ සංඛ්‍යාව වැඩි කර ඇති බවය. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.
2020-08-09T01:38:48.000Z
Update: නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 12 වැනි දා මහනුවරදී..
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 12 වැනි දා
COLOMBO (News 1st) (12.30 pm) : නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනි දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මීට පෙර පැවසුවේ, නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බවය. ================================================================================ COLOMBO (News 1st) (7.00 am): නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත බවය.
2020-08-08T20:27:59.000Z
මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ
මන්ත්‍රීවරුන් 196 කගේ නම් ගැසට් කෙරේ
COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් තේරීපත් වූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එක් එක් දේශපාලන පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 කගේ නම් එලෙස ගැසට් කළ බවයි. දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පසුව ගැසට් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 17 ට සුදුස්සන් නම් කර මැතිවරණ කොමිසමට භාර දී තිබේ. සෙසු දේශපාලන පක්ෂවලන ජාතික ලැයිස්තු මෙතෙක් භාර දී නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා සුදුස්සෙකු නම් කිරීමට අපේ ජන බලපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පැවැත්විය. එම පක්ෂයේ අනුශාසක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බවයි. මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය..
2020-08-08T20:15:26.000Z
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී අද දිවුරුම් දෙයි
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අද දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේදී අද උදෑසන 8.30 ට ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන් මෙන්ම විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ද සහභාගි වනු ඇති. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උත්සවයට මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් ද සහභාගි වීමට නියමිත බවයි. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන් වතාවක් අග්‍රාමත්‍ය ධුරය හොබවා ඇති අතර ඔහු මෙරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළේ ය.
2020-08-08T19:24:49.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. වැඩබලන චීන තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනයේ කොමියුනිට්ස් පක්ෂයේ සුබ පැතුම් හිමිව තිබේ. 2. ශ්‍රී ලනිපයේ විශේෂ රැස්වීමක් හෙට: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. 3. රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට: රුවන්වැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිදන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. 4. කුරුණෑගල නගරාධිපතිගෙන් නාමල් කරුණාරත්නට එන්තරවාසියක්: කුරුණෑගල නගරාධිපතිවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට යැවූ එන්තරවාසියක් සම්බන්ධයෙන් කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය. විදෙස් පුවත් 5. ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට: ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
2020-08-08T11:15:42.000Z
එංගලන්ත - පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය අදයි
එංගලන්ත-පකිස්ථාන පළමු තරගයේ සිව් වන දිනය අද
COLOMBO (News 1st) : එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි. ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම කඩුළු 4 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106 කි. එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස් කළේ ය. එංගලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 219 කි. අද සිව් වැනි දිනය ආරම්භයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පකිස්ථානය කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් රැස් කර ගෙන සිටියේ ය. ඔවුන් සියලු දෙනා දැවී ගියේ දෙවැනි ඉනිමට ලකුණු 169 ක් රැස් කරමිනි. කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු 2020 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන අතර එහි සත්කාරකත්වය හිමිව ඇත්තේ ඉන්දීයාවටයි. මේ අතර ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ පෙබරවාරි දක්වා කල් දමා තිබේ. එහි කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2020-08-08T11:05:42.000Z
වැඩබලන චීන තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි
අගැමතිට චීන කොමියුනිට්ස් පක්ෂයෙන් සුබ පැතුම්
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනයේ කොමියුනිට්ස් පක්ෂයේ සුබ පැතුම් හිමිව තිබේ. ඒ චීනයේ මෙරට වැඩ බලන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ හමුවු අවස්ථාවේදීයි. මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්විය. එහිදී චීනයේ මෙරට වැඩ බලන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව හා චීනය අතර නව අවස්ථා උදාකර ගැනීම සඳහා චීනයේ කොමියුනිට්ස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට සුදානමින් සිටින බවයි. ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්වීපාර්ශවික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව වරාය නගරයේ වැඩ කඩිනම් කරන ලෙසත් පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති එක්ව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා මෙහිදී චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2020-08-08T10:54:56.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841ක්
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. මේ වනවිට සුවය ලබා පිටත්ව ගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2576 කි . තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින සංඛ්‍යාව 254කි.
2020-08-08T10:37:32.000Z
ශ්‍රී ලනිපයේ විශේෂ රැස්වීමක් හෙට
ශ්‍රී ලනිපයේ විශේෂ රැස්වීමක් හෙට
COLOMBO (News 1st ) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇති මෙම රැස්වීම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ය. හෙට පෙරවරු 10 ට පැවැත්වෙන මෙම රැසවීමට පැවැති මහ මැතිවරණයට තරග කර ජයගත් සියලු අපේක්ෂකයින් කැඳවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් තරග කරමින් පාර්ලිමෙන්තුවට තේරී පත්වු මුළු අපේක්ෂකයින් ගණන 14 කි.
2020-08-08T10:31:01.000Z
රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට
රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : රුවන්වැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිදන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදුකර තිබේ. රුවල්වැල්ල ගෝනගල ඉපිලියාගල ප්‍රදේශයේ නිවසක් අසල කළු ගලක් කඩා නිධන් සෙවීමේ නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඔවුන් අවුරුදු 30ත් 60ත් අතර වයයේ පසුවන වැල්ලම්පිටිය , රාගම , කඩවත ,කැගල්ල, අව්ස්සාවේල්ල හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහිදි නිධන් හැරීම සඳහා භාවිත කළ උපකරණ ඇතුළු පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊට අමතරව අත්අඩංගුවට පත් පිරිස සතු වෑන් රථයක් ද සිය භාරයට ගත් බවයි. මේ අතර රුවන්වැල්ල පරවිගල ප්‍රදේශයේ නිධන් හැරූ තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුවන්වැල්ල පොලිසිය සමත් විය. සීගිරය, අනුරාධපුර, කොස්ගම , අවිස්සාවේල්ල හා රුවන්වැල්ල යන ප්‍රාදේශවල පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය. ඔවුන් සන්තකයේ තිබී පූජා භාණ්ඩ ඇතුළු නිධන් හැරීම සඳහා භාවිත කළ උපකරණ සොයා ගැනිණ. මෙහිදී සැකකරුවන් සතු මෝටර් රථයක් හා යතුරු පැදියක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/301872544369582/