date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-21T19:27:33.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1.විදුලිය කප්පාදුව අවසන් :දෛනික විදුලි කප්පාදුවක් ඊයේ සිට සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. 2. ගංජා වගාබිම් විනාශ කළ මෙහෙයුම : උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් ඊයේ විනාශ කෙරිණ. 3. මහ පාරේ අතහැර ගිය දරු සෙනෙහස : මව් දෑතින් මහ මඟ දමා යන දරුවන් බොහෝ අවස්ථාවල මෙලොවින් සමුගෙන යන නමුත් ජීවත් වීමට වාසනාව ඇති බිළිඳුන් ද ලොවේ විරල නැහැ. 4.සා/පෙළ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර තිබේ. 5. හදිසියේ මියයන කම්කරුවෙකුට ලබාදෙන වන්දි මුදල වැඩිකිරීමට අවධානය :වැඩබිමක හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවෙකු සඳහා ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ. 6.මංගල, මලික්, සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවට :මලික් සමරවික්‍රම, එම්.ඒ.සුමන්දිරන් හා මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට ඊයේ පැමිණියේය.
2020-08-21T11:15:31.000Z
පාලි බෞද්ධ හා බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාප අමාතයංශය යටතට
භික්ෂු විශ්වවිද්‍යාල අධ්‍යාප අමාතයංශය යටතට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අද්‍යාපන අමාතයංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශන සභාවේ 5 වැනි සභා වාරයේ දී මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදියි. මෙහිදී එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.
2020-08-21T10:13:21.000Z
ගංජා වගාබිම් විනාශ කළ මෙහෙයුම
ගංජා වගාබිම් විනාශ කළ මෙහෙයුම
COLOMBO (News 1st) : උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ඒ, ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ. ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බීච් ක්‍රාෆ්ට් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් යොදාගනිමින් අදාළ සියලු ස්ථාන නිරීක්ෂණය කළ බවයි. එහිදී රක්ෂිතය තුළ ගංජා වගා කරන ලද ස්ථාන 8 ක් නිරීක්ෂණය කර ඇතැයි සඳහන් ය. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අනවසර ගංජා වගා භූමිවලට ගොඩබස්වනු ලැබී ය. ඒ ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ සහ එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා දෙකක් යොදා ගනිමිනි. https://business.facebook.com/NewsfirstSL/videos/415731329387754/
2020-08-21T10:07:22.000Z
මහ පාරේ අතහැර ගිය දරු සෙනෙහස
මහ පාරේ අතහැර ගිය දරු සෙනෙහස
COLOMBO (News 1st) : මව් දෑතින් මහ මඟ දමා යන දරුවන් බොහෝ අවස්ථාවල මෙලොවින් සමුගෙන යන නමුත් ජීවත් වීමට වාසනාව ඇති බිළිඳුන් ද ලොවේ විරල නැහැ. එවැනි සිඟිත්තෙකු අද හමු වුණේ, කොළඹ ටොරින්ටන් මාවතෙනි. අළුත උපන් මේ පිරිමි දරුවා කොළඹ ටොරින්ටන් මාවත හැටේ වත්තේ, ශ්‍රී ධම්මතිලකාරාම බුද්ධ මන්දිරය තුළින් සොයා ගැනිණ. ඒ, එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකු එම දරුවා එහි සිටින ආකාරය දැකීමෙන් පසුවයි. පසුව පොලීසිය මෙම ස්ථානයට පැමිණියේ නිල සුනඛයින් ද සමගිනි. මෙම ස්ථානයේ තිබී සෙරෙප්පුවක් දරුවා ඔතා තිබු රෙදි කැබැල්ල ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් පොලීසිය සොයා ගත්තේ ය. පොලීසිය මැදිහත් වී දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අතුළත් කළ අතර තවමත් එම රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ නව ජන්ම එකකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, වයස අවුරද්දකට අඩු දරුවෙකු ඇති දැඩි කරගැනීමට නොහැකි නම් එම දරුවන් රජයට භාරගැනීමේ වැඩ පිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවයි. අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/614642102526302/
2020-08-21T09:51:17.000Z
'සිරස නිවස' නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක්
'සිරස නිවස' නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක්
COLOMBO (News 1st) : 'සිරස නිවස' නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් අවසන් කළ තවත් නිවසක් අද මාතරදී නිවැසියන්ට භාර කෙරිණ. මාතර කිරින්ද පුහුල්වැල්ල දුම්මණ්ඩිය ප්‍රදේශයේ ඉදි කරනු ලැබූ නිවසක් මෙලෙස භාර කෙරුණේ අද පෙරවරුවේයි. ප්‍රදීපා ප්‍රියංගනී සහ ඇගේ පවුලේ අය වෙනුවෙන් මෙම නිවස ඉදි කර දෙනු ලැබුවේ 'සිරස නිවස'' නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙසිනි. මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂිකා නීඩ්‍රා වීරසිංහ මහත්මිය ද සහභාගි වූවා ය. සිරස මාධ්‍ය ජාලයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම මාතර යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී උපුල් චන්දික මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.
2020-08-21T09:39:24.000Z
විදුලිය කප්පාදුව අවසන්
විදුලිය කප්පාදුව අවසන්
COLOMBO (News 1st ) : දෛනික විදුලි කප්පාදුවක් අද සිට සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද පද්ධතියට එක් කළ බවයි. කෙරවලපිටිය විදුලි උපපොලේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉකුත් සදුදා දහවල් 12. 35 ට පමණ දිවයිනෙහිම විදුලිය විසන්ධි විය. ඉන්පසු නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රියවීම හේතුවෙන් දින කිහිපයක් මුළු දිවයිනටම විදුලිය කප්පාදු කළේ ය. මේ අතර නොරෝච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 300 ධාරිතාවක් අද දිනයේ ජාතික විදුලි පද්ධතියට එක් කර තිබේ. එම බලාගාරයේ කළමනාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා සඳහන් කළේ, හෙට එක් යන්ත්‍රයකුත් ලබන සඳුදා අනෙක් ජනන යන්ත්‍රයත් ජාතික පද්ධතියකට එක් කිරිමට බලාපොරොත්තු වන බවයි. https://business.facebook.com/watch/?v=415731329387754
2020-08-21T07:18:39.000Z
සැප්තැම්බර් සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු වේලාවට
සැප්. සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු වේලාවට
COLOMBO (News 1st) : 10,11. 12 සහ 13 ශ්‍රේණි සඳහා ලබන මස පළමු වැනිදා සිට පාසල් පැවැත්වෙන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබාදී යළි ආරම්භ කළ පාසල්වල ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පෙරවරු 7.30 ට සිට පස්වරු 3.30 දක්වා පැවැත්විණ. ලබන පළමු වැනිදා අදාළ වේලාවන් සංශෝධනය කෙරෙන තෙක් මෙම මාස අවසානය තෙක් දැනට නියමිත වේලාවටම අදාළ ශ්‍රේණිවල අධ්‍යායන කටයුතු ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2020-08-21T05:45:21.000Z
සා/පෙළ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ
සා/පෙළ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අගෝස්තු මස 31 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, ඒ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව දී ඇති උපදෙස් අනුව සිය අයදුම්පත යොමු කළ යුතු බවයි.
2020-08-21T04:54:34.000Z
හදිසියේ මියයන කම්කරුවෙකුට ලබාදෙන වන්දි මුදල වැඩිකිරීමට අවධානය
මියයන කම්කරුවෙකුගේ වන්දි මුදලට සංශෝදනයක්
COLOMBO (News 1st) - වැඩබිමක හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවෙකු සඳහා ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදීයි. මේ වන විට වැඩබිමක හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවෙකු සඳහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් බව සඳහන්. මෙම අවස්තාවට එක්වෙමින්, අමාත්‍යවරයාගේ අවධානය වැඩිදුරටත් යොමුව ඇත්තේ, කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ඒ අනුව, අදාල නඩු සියල්ල කම්කරු විනිශ්චය සභා වලට යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2020-08-21T02:19:48.000Z
උපාධිධාරීන් පිරිසක් විරෝධතා පාගමනක
උපාධිධාරීන් පිරිසක් විරෝධතා පාගමනක
COLOMBO (News 1st) - රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් පිරිසක් අද විරෝධතා පාගමනක් ආරම්භ කළේය. මෙම උපාධිධාරීන් පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් පැමිණියේ ජනාධිපති කාර්යාලය අසළටයි. මෙරට විදේශිය විශ්වවිද්‍යාලවල උපාධි හැදැරූ සිසුන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අප වාර්තාකරු පැවසුවේය. එවැනි උපාධීධාරීන් තුන් දහසකට අධික පිරිසකගේ නම් රැකියාලාභී උපාධිධාරී ලේඛනයෙන් ඉවත් කර ඇති බවත් එය අසාධාරණ බවත් මොවුන් ප්‍රකාශ කළේය.
2020-08-21T02:00:44.000Z
ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහට සිතාසි
රනිල් වික්‍රමසිංහට සිතාසි
COLOMBO (News 1st) - හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන මස 04 සහ 07 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.
2020-08-21T00:51:48.000Z
විල්ගමුව රක්ෂිතයේ ගින්නක්
විල්ගමුව රක්ෂිතයේ ගින්නක්
COLOMBO (News 1st) - විල්ගමුව රක්ෂිතයේ ගොඩඋල්පත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ හෙට්ටිපොල ප්‍රදේශයෙන් ආරම්භ වූ ගින්න මේ වන විට අක්කර 60 ක පමණ පැතිර ගොස් ඇති බවයි. හමුදා සාමාජිකයින් 200 ක් පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබේ. පොලීසිය හා මහජනතාව ද මැදිහත් වෙමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇති බව පොලීසිය සඳහන් කළේය
2020-08-20T23:30:16.000Z
මංගල, මලික්, සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවට
මංගල, මලික්, සුමන්දිරන් ජනපති කොමිසමට
COLOMBO (News 1st) -මලික් සමරවික්‍රම, එම්.ඒ.සුමන්දිරන් හා මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියේය. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. මලික් සමරවික්‍රම, එම් ඒ සුමන්දිරන් හා මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ අද පෙරවරුවේදීයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද අද කොමිසමට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර තිබේ. ඊට අමතරව පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, අනුර කුමාර දිසානායක,නීතීඥ ජේ .සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ටද අද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 12 වැනිදා නොතීසි නිකුත් කෙරුණි. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ දී ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමනා ලබාදී ඇති බවටත්, ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබාදීමේ සිද්ධි වලට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව සිදු වූ බවටත් සඳහන් කරමින්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම පැමිණිල්ල ගොනු කර තිබේ.
2020-08-20T23:02:30.000Z
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 12ක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 12ක්
COLOMBO (News 1st) - කතානායකවරයාගේ සභාපතිත්වයෙන්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් 12දෙනෙකු පත්කර තිබේ. දිනේෂ් ගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩග්ලස් දේවානන්දා ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල ගයන්ත කරුණාතිලක රවුෆ් හකීම් විජිත හේරත් සෙල්වම් අඩෙක්කලනාදන්.. යන අය ඒ සඳහා පත්කර තිබේ.
2020-08-20T22:40:28.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: සාගල අද ජනපති කොමිසමට: රනිල් පැමිණීම කල් යයි
සාගල අද ජනපති කොමිසමට:රනිල් පැමිණීම කල් යයි
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද කැඳවා තිබේ. කොමිසමේ ලේකම් එච්.එම්.පී.බි හේරත් මහතා සඳහන් කළේ පෙරවරු 9.30 ට හිටපු අමාත්‍යවරයාව කැඳවා ඇති බවයි. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද කැඳවා තිබුණි. එහෙත් ඔහු කළ ඉල්ලීමකට අනුව ලබන 31 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා එම ඒකකයට කැඳවීමට නියමිත බව එච්.එම්.පී.බි හේරත් මහතා පැවසුවේය. අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව මේ වනවිට පුද්ගලයින් 262 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබේ. කොමිසම, ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200 කි.
2020-08-20T22:16:07.000Z
වයස අවුරුද්දට අඩු ළමුන් භාර ගැනීම සඳහා වෙනම ඒකකයක්
අවුරුද්දට අඩු ළමුන් භාර ගැනීම සඳහා වෙනම ඒකකයක්
COLOMBO (News 1st) - වයස අවුරුද්දට අඩු ළමුන් භාර ගැනීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරිමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය මුදිත් පුස්වැල්ල මහතා සඳහන් කළේ එම ඒකක දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව පිහිටුවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
2020-08-20T20:33:52.000Z
කහ කන්ටේනර් 62ක් රාජසන්තක කෙරේ
කහ කන්ටේනර් 62ක් රාජසන්තක කෙරේ
COLOMBO (News 1st) - ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි. එම කහ තොග දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබා දී ඇති බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
2020-08-20T20:10:50.000Z
ලබන මස 01 වැනිදා සිට සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි
ලබන 01වැනිදා සිට සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි
COLOMBO (News 1st) - ලබන මස පළමුවැනිදා සිට සියලු පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වලට ගෙන්වා ගන්නා ලෙස දන්වමින් උපදෙස් ඇතුලත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් එදින සිට පාසල් පැවැත්වෙන බවයි. එම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ දිනයේ යොමු කළ බව ලේකම්වරයා සඳහන් කළේය. ඔහු පැවසුවේ කොරෝනා හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ එදින සිට ක්‍රියාත්මක නොවන බවයි. ඇතැම් පාසල්වල මේ වන විට පස්වරු 3.30 දක්වා පන්ති පැවැත්වේ.
2020-08-20T19:58:25.000Z
රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට
රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක්
COLOMBO (News 1st) - 9 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනය අදයි. අද පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය. සැප්තැම්බර් 01 වැනිදා සිට අයවැය ඉදිරිපත් කරන තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව, රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-08-20T19:37:27.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1.සෞභාග්‍යමත් දේශය ගොඩනැගීමට ඔබ සියලු දෙනාට මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා – ජනපති : 19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කර රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පැවසුවේය. 2. සිකුරාදා විදුලි කප්පාදුවක් නැහැ : සිකුරාදා දිනයෙන් පසු දෛනික විදුලි කප්පාදුවක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසුවේය. 3. අමෙරිකානු කාන්තාවක් ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන තැබූ සටහන : ”ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි” ඒ අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන අමෙරිකානු ජාතික කාන්තාවක් තැබූ සටහනක්. 4. නව පාර්ලිමේනතුවේ කතානායක ධුරය මහින්ද යාපා අබේවර්ධනට : 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ ආරම්භ විය. එ් අනුව නව පාර්ලිමේනතුවේ කතානායක ධුරය සඳහා මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරා පත් කර ගත්තේය. 5. 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට : සමගි ජන බලවේගයේ නායක මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කතානායකවරයා නිවේදනය කළේය. 6.අල්ලස් කොමිසම හිටපු ඇමති රාජිතට එරෙහිව නඩු පවරයි :අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබේ.
2020-08-20T08:53:33.000Z
මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට
මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට
COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ. ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විතයි. ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රීඩා ප්‍රමිතීන් හා යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා සභාවේ කාර්යයන් ය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, පිහිණුම් ශූර ජුලියන් බෝලිං, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මේජර් ජනරාල් රාජිත අම්පේමොහොට්ටි, කස්තුරි විල්සන්, රොහාන් ප්‍රනාන්දු, නීතීඥ රොවේනා සමරසිංහ, රුවන් කෑරගල, සුපුන් වීරසිංහ, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, අමල් එදිරිසූරිය, සහ සංජීව වික්‍රමනායක, යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.
2020-08-20T08:17:24.000Z
සිකුරාදා විදුලි කප්පාදුවක් නැහැ
සිකුරාදා විදුලි කප්පාදුවක් නැහැ
COLOMBO (News 1st) : සිකුරාදා දිනයෙන් පසු දෛනික විදුලි කප්පාදුවක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ හෙට පස්වරුව වන විට නොරොච්චෝලේ බලාගාරය පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි. කෙරවලපිටිය විදුලි උපපොළේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඉකුත් සඳුදා පැය 6 කට ආසන්න කාලයක් මුළු දිවයිනටම විදුලිය විසන්ධි විය. පසුව එය යථා තත්ත්වයට පත්කිරීමට කඩිනමින් පියවර ගත් අතර පසුදින තීරණය කෙරුණේ කලාපවලට බෙදා දිවයින පුරා දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි. ඒ විදුලිය විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිතවීම නිසයි.
2020-08-20T11:38:43.000Z
වතුර බිඳක් නැතිව වසර 60ක් ගෙවුණු පාසලකට ගම්මැද්දෙන් විසඳුම්
වතුර බිඳක් නැතිව වසර 60ක් ගෙවුණු පාසලක්
COLOMBO (News 1st) : මාතර - මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලය, සිසු දරු දැරියන් 140 ක් පමණ ඉගෙනුම ලබන දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක්... වසර 60 කට ආසන්න කාලයක සිට මේ පාසලට ස්ථීර පානීය ජල ව්‍යාපෘතියක් තිබුණේ නැහැ. කිලෝමීටර 2 ක පමණ දුර සිට කුඩා වතුර වළකින් බට යොදා මේ පාසලට ජලය ලබා ගත්තත්, ඒවා පැවතියේ අපිරිසිදු තත්ත්වයකයි. වියළි කාලගුණය සහිත දිනවලදී එම ජලය ද පාසලට නොලැබිණ. ගම්මැද්ද මේ ගැටලුවට විසඳුම් ලබා දුන්නේ ය. ඒ, නළ ළිඳක් සාදා - ජල නළ පද්ධතියක් මගින් ටැංකියකට ජලය රැගෙන ගොස්, එම ටැංකියෙන් ජල කරාම සහිත බෙදාහැරීමේ ස්ථාන දෙකක් වෙත ජලය රැගෙන යමිනි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ, මුලටියන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජගත් මීගහවත්ත මහතායි. මේ උත්සවයේදී සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සහ මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, අශෝකා ගාමනී මහත්මිය ත් අදහස් පළ කළහ. මේ අතර අද පාසලේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීමක් ද සිදුවිය. ශ්‍රී පන්තාරාම පුරාණ විහාරයට ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් ද මීට සමගාමීව පරිත්‍යාග කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/2399089550400015/
2020-08-20T07:36:16.000Z
අමෙරිකානු කාන්තාවක් ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන තැබූ සටහන
අමෙරිකානු කතක් ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන තැබූ සටහන
COLOMBO (News 1st) : ''ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි'' ඒ අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන අමෙරිකානු ජාතික කාන්තාවක් තැබූ සටහනක්. අලේනා අපීසෙලා වන මෙම අමෙරිකානු ජාතික කාන්තාව පසුගිය දිනක අක්කරෙයිපත්තු මූලික රෝහලට ගොස් ඇත්තේ , උදරයේ හටගත් වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහායි. කෙසේ වෙතත් අදාළ කාන්තාව පරීක්ෂා කරන වෛද්‍යවරු ඇය ඇපෙන්ඩිසයිටිස් රෝගී තත්තවයෙන් පසුවන බවට නිශ්චය කරනු ලබයි. ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට තීරණය වන්නේ ඉන් අනතුරුවයි. වෛද්‍ය පී. කේ. රවීන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වීමෙන් පසු අලේනාට රෝහලින් පිටව යාමට අවස්ථාව උදා වනවා. රෝහලෙන් පිටව යාමට පෙර ඇය රෝහ‌ල් සටහන් පොතේ මෙවැනි සටහනක් තබනවා. ''සියලු දෙනා මාව හොඳට ම බලා ගත්තා. ලංකාවේ වෛද්‍ය සේවය ඉතා විශිෂ්ටයි, අමෙරිකාවට වඩා මේ හොස්පිටල් එකේ හොඳ සේවයක් ලැබුණා. සියලු දෙනාට ම ස්තුතියි..'' රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය සේවය පිළිබඳ විවිධ අදහස් තිබෙන්නට පුළුවන්... එහෙත් අක්කරෙයිපත්තු රෝහල් කාර්ය මණ්ඩලය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මකභාවය ලෝක බලවතාට වඩා ඉහළ මට්ටමක ඇති බව ලෝකයට කියා පෑම පැසසිය යුත්තක්. https://www.youtube.com/watch?v=6Y6-UzIZ6Pw&feature=youtu.be
2020-08-20T06:31:40.000Z
ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට
ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට
COLOMBO (News 1st) : ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොළිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. උගස් පොළී අනුපාතය ද, 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය. පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොළිය පහත දමා ඇත්තේ 16% ලෙසයි. ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ. ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
2020-08-20T05:37:00.000Z
මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව
මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 4.50 % සහ 5.50 %ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනු ඇති. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
2020-08-20T04:51:11.000Z
සෞභාග්‍යමත් දේශය ගොඩනැගීමට ඔබ සියලු දෙනාට මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා - ජනපති
මගේ රටට මම ආදරෙයි, රට ගැන ආඩම්බර වෙනවා
COLOMBO (News 1st) : 19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කර රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පවසයි. 09 වැනි පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, රටේ සියලූම ජනතාවට ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බවත් ය. එමෙන් ම යම්කිසි අමාත්‍යාංශයක් ඉලක්ක සපුරා ගැනීම පසුබෑමකට ලක්වන්නේ නම් ඒම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසි විටෙකත් පැකිලෙන්නේ නොමැති බව ද ජනාධිපතිවරයා පැවසී ය. අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්.... අගෝස්තු 5 වනදා පැවැත්වුනේ, ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 2/3 ක බලයක් ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණයකින් 2/3ක ඓතිහාසික ජනවරමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එහි මිත්‍ර කණ්ඩායම්වලට ලබා දුන් දේශප්‍රේමී ජනතාවට මම මුලින්ම ස්තූති කරනවා. සර්වජන ඡන්ද බලය අප සැමදෙනා විසින් ගරු කළ යුතු හා අප විසින් ‍රැකගත යුතු, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ නිසා මේ මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා කළ සියලුම ශ්‍රී ලාංකික ඡන්ද දායකයින්ටත් මම මේ අවස්ථාවේ ස්තූතිය පුද කරනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදි 69 ලක්ෂයකට අධික ජනතාවක් සුවිශේෂී ජනවරමක් ලබාදුන්නේ මා ගැන තැබූ මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය, අපට ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වුණා. අප බාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක්. පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති නිසා අපට වැඩ කරන්නට සිදු වුනේ සුළුතර ආණ්ඩුවක් සමග. මීට අමතරව, අපට මේ කාලය තුළ මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ්-19 වසංගතයටත් මුහුණ දෙන්නට සිදු වුණා. කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දී, එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට අපට පුළුවන් වුණා. වසංගත තත්ත්වයක් පැතිරයාම වැලැක්වීමට අප කටයුතු කළ ආකාරය විදේශ රටවල පවා ප්‍රසාදයට ලක් වුණා. මේ මාස 9 ක කාල පරාසය තුළ විවිධ බාධක හමුවේ අප විසින් රට පාලනය කළ ආකාරය ගැන රටේ ජනතාව පැහැදීමෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශාල ජනවරමෙන් ඔප්පු වුණා. දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටිනවා. ජනතා නියෝජිතයන් ලෙස, බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැම විටම ගරු කරනවා. ජනතා පරමාධිපත්‍යය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි. අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ උරුමයන් රැකගැනීමටත් මම විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වන විට පැහැදිලියි. පාරම්පරික උරුමයන්, සංස්කෘතිය හා අපේකම ආරක්ෂා කිරීමට මෙන්ම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රවර්ධනය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. 2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා, අපි රජය භාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුනා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබුන බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි යළි ලබා දී තිබෙනවා. මා පොරොන්දු වූ ආකාරයටම, සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා. මේ නිසා ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය වෙනස් කරමින්, විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයාබලා පත්වීම් සිදුකරන විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා. ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන් අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළා. ඒ ප්‍රතිපත්තිය ඉදිරියටම ගෙන යනවා. ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළා. වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා. අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අතහැර දමා තිබූ වගා ඉඩම් යළි අස්වද්දන්නට ජනතාව උනන්දු කළා. මේ සියල්ල හරහා අපි මේ රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබාදුන්නා. අපි බලයට ආවාට පසු දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කළා. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී ආනයනයන් සීමා කළා. මේ මැතිවරණයේදී ජනතාව දැඩි උද්‍යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලියි. අපි ඒ විශ්වාසය තහවුරුවන ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා. ජනතාව දුන් ජන ව‍රම නිවැරදිව අර්ථකථනය කරගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. මා කෙරෙහිත්, අගමැති තුමා ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන් කෙරෙහිත් ජනතාව තැබු විශ්වාසයට අපි ගරු කරනවා. ජනතාව මේ සා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදැරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවය බව හැම විටම මතක තබා ගත යුතුයි. මේ සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සංවේදී වෙනවා. මම මේ මැතිවරණයේදී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයෙකුටම සහායදීමට රට පුරා සංචාරය කළා. දේශපාලන ‍රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවලදී මම ජනතාව අතරට ගොස් ඍජුවම ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන්නා. ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් අති බහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතායි. නිදහසින් වසර 72 කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා. නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ ගැන විසඳුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත්කර තිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ තිරසාර විසඳුමක අවශ්‍යතාව නිසයි. විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රතිශතයක් රට පුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අපි මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. දෙමව්පියන් ඉල්ලා සිටින්නේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසැල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසැල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසැල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකම නිතර අසන්නට ලැබෙනවා. ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරණ ලෙස අපි දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසැල්වල නැහැ. මේ රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් රජය දරන වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අළුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා අපි මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙනවා. ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩුයි. වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙනවා. සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කරන්නට සිදුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ විෂමතාවන් අපි ඉවත් කරනවා. ආයුර්වේදය හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා. ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි. මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරීමෙනුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා දෙන ලෙසයි. මේ ඉල්ලීම් අපි ඉටු කළ යුතුයි. ඒ අනුව රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙළක් අපි දියත් කරනවා. රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුණදෙන බරපතල සමාජ ගැටලුවක්. මේ ගැටළුව විසඳීම සඳහා අපි කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. අපි මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව උපාධිධාරීන් පනස්දහසකට රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙනවා. රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට අපි කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබාදීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටු විය යුතුයි. ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමාත්‍යාංශයකම හා රාජ්‍ය අමාත්‍යංශයකම ඒ ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ සහායත් ඇතුව රැකියාවන් උත්පාදනයට ක්‍රියා කරනවා. ඒ වගේම අදාළ ක්ෂේත්‍රයන්හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි. දේශීය හා ගෝලීය අභියෝගයන් ජයගෙන ආර්ථික පුනර්ජීවනය උදාකරගැනීමට නම්, අපි අලුතෙන් සිතන්නට පුරුදු විය යුතුයි. Out of the box thinking is required in order to meet the economic challenges. මෙවර අමාත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අරමුණ පෙර දැරි කරගෙනයි. සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. අමාත්‍යාංශ වෙන්කිරීමේ දී සහ ඒවාට විෂයයන් හා කාර්යයන් පැවරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා පාරම්පරික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළා. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩිකරගැනීමත් අපේ මූලික ඉලක්ක වෙනවා. මේ වන විට අපේ අපනයන වැවිලි භෝග වන තේ, පොල්, රබර්වලින් ලැබෙන ආදායම සතුටුදායක මට්ටමක නැහැ. ‘තේ’ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු හිමියන්ට රජය උදව් කරනවා. වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නිසා ඔවුන් විශාල අපහසුතාවයකට පත්වී සිටිනවා. ඒවා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරනවා. ‘CEYLON TEA’ සන්නාමයට තිබුන පිළිගැනීම ශක්තිමත් කරනවා. පොල් අලුතින් වගා කිරීමට දිරි දෙනවා. රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිපදවන රබර් භාවිත කිරීමට, රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ගම්මිරිස්, කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරිගන්වනවා. කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබාදෙන අතර එමගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අපි කටයුතු කරනවා. අමාත්‍යාංශවලට වගකීම් පැවරීමේදී, නාගරික මෙන්ම ග්‍රාමීය යටිතලපහසුකම් සංවර්ධනයට හා ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් සෙවීමට විශේෂ අවධානයක් යොමු කළා. රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වගකියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාළ විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. මානව සම්පත් සංවර්ධනය අපි ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා අමාත්‍යාංශ නම් කිරීමේ දී අධ්‍යාපන විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙරපාසැල්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නිපුණතා සංවර්ධනය මෙන්ම දහම් පාසැල් හා භික්ෂු අධ්‍යාපනයට වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසයි. අපේ අනාගත ඉලක්ක සපුරාගැනීමේදී තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. එතැනින් නොනැවතී විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් කටයුතු කරනවා. විෂය මාලාවන් නවීකරණය කොට මෙම උපාධි, ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයයන් බවට තහවුරු කරනවා. විදුලි මිල රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී බලපාන වැදගත් සාධකයක්. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රවර්ධනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අගය එකතුකිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත්, නිර්මාණශීලි ලෙස නව වෙළඳපොලවල් සොයා යාමට ව්‍යාපාරිකයන්ට සහාය වීමටත් අදාළ අමාත්‍යාංශවල අවධානය යොමු කරනවා අපේ රට ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. මැණික්, ඛණිජවැලි වැනි ස්වාභාවික සම්පත් අපනයනය කිරීමේදී අගය එකතු කිරීමෙන් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට ක්‍රියා කරනවා. අපේ පාරම්පරික කර්මාන්ත වන බතික්, දේශීය ඇඟලුම්, පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නිසියාකාරව දියුණු කිරීමෙන් ස්වයං රැකියා ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය මෙන්ම ව්‍යාපාර ගොඩනංවා විශාල විදේශ විනිමයකුත් රටට ලබා ගැනීමට අවස්ථාව සලසනවා. රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල්කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා. කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් ඍජුවම ඉලක්ක කොට අමාත්‍යාංශ වෙන් කොට තිබෙන්නේ මේ සඳහා අවශ්‍යකරන නිසි අවධානය ලබා දීමටයි. ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට අපි කටයුතු කරනවා. කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා. වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා ධීවර කර්මාන්තයේ විශාල දියුණුවක් අපි ඉලක්ක කරනවා. මුහුදින් වටවූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලූම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින ධීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරා කෑම නතර කරනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලස්මේ කොටසක්. සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය අමාත්‍යාංශයකටම තම විෂය පථය හා වගකීම් පැහැදිලිව වෙන්කොට දී තිබෙනවා. අමාත්‍යවරුන් විසින් අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය, අධීක්ෂණය සිදුකිරීම අපේක්ෂා කරනු ලබනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටු කළ හැකියි. රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරින් නොලැබෙන බවට මහජනතාව අතර චෝදනාවක් පවතිනවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ජනතාවට හෝ රජයට කිසිදු අගයක් එක් නොකරන සමහර ආයතනික ක්‍රියාවලියන්ගෙන් සිදුවන්නේ කාලය නාස්තිවීම පමණක් බව මම පසුගිය කාලයේ විවිධ රාජ්‍ය ආයතනයන්ට ගිය අවස්ථාවල දුටුවා. ජනතාවට සේවාවන් ලබාදීමේ දී අනුගමනය කරනු ලබන සම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට ආයතනික ක්‍රියාවලීන් කාර්යක්ෂම කොට ජනතාවට පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබාදීම සඳහා නව ක්‍රමවේදයන් ඔබ හඳුනා ගත යුතුයි. You need to re-engineer the processes for greater productivity and customer satisfaction. මේ සඳහා හැකිතාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතුයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නාස්තිය හා දූෂණය පිටුදකින බව අපි ජනතාවට පොරොන්දු වුණා. මෙය අප සියලුදෙනාගේම ප්‍රමුඛ වගකීමක්. සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ. රජය, අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශය හරහා ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබනවා. යම්කිසි අමාත්‍යාංශයක ඒ ඉලක්කයන් සපුරා ගැනීම පසුබෑමකට ලක් වන්නේ නම්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවිටකත් පැකිලෙන්නේ නැහැ. වර්තමාන දේශපාලන සංස්කෘතිය තුල බොහෝ විට ජනතා නියෝජිතයින් බලය ලබාගත් පසු ජනතාව අතරට යාම අතපසු කරනවා. පසුගිය කාලයේ මම රට පුරා සංචාරය කරද්දී ජනතාව නගන මැසිවිලි වලින් එය තහවුරු වුණා. ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස්, ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරනවා . ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා. පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා. මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් ද සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙනයි. අපි ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා. කිසිදු බලවේගයකට යටත් නොවී මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර ඒ වගකීම ඉටුකළ යුතුයි. මේ අප සියලුදෙනාගේම මව්බිමයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සියලුදෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. https://www.youtube.com/watch?v=Dx-tHZIxw9c
2020-08-20T05:16:15.000Z
අනුරුද්ධ සම්පායෝ‌ට වරෙන්තු දීමේදි පොලීසියේ ක්‍රියා කලාපය ගැන සොයන්න නීතිපති උපදෙස්
සම්පායෝ‌ගේ සිද්ධිය ගැන නීතිපති උපදෙස්..
COLOMBO (News 1st) : මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) කටයුතු කළ ආකාරය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය ගැන විමර්ශනක් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිට උපදෙස් දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
2020-08-20T03:22:15.000Z
විවිධ රටවල සිරවී සිටි ලාංකිකයන් 745 දෙනෙකු දිවයිනට
විවිධ රටවල සිටි ලාංකිකයන් 745ක් දිවයිනට
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටි ලාංකිකයන් 745 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය. ඒ කුවේට්, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා කටාර් රාජ්‍යයේ සිටයි. ඉන්දියාවේ සිට අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 290 කි. කටාර්හි සිට පුද්ගලයින් 20 දෙනෙකු පැමිණියේ ය. මත්තල ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ කුවේටයේ සිට ලාංකිකයන් 266 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 169කි. ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණි.
2020-08-20T03:19:20.000Z
අල්ලස් කොමිසම හිටපු ඇමති රාජිතට එරෙහිව නඩු පවරයි
අල්ලස් කොමිසම රාජිතට එරෙහිව නඩු පවරයි
COLOMBO (News 1st) : අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබේ. එලෙස අල්ලස් කොමිසම නඩු පවරා තිබෙන්නේ අධිචෝදනා 05ක් යටතේදී ය.
2020-08-20T01:18:48.000Z
ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්
ශානි හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ශානි අබේසේකර මහතා හා උප පොලිස් පරීක්ෂක ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි.
2020-08-19T23:59:14.000Z
09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
COLOMBO (News 1st) : සමගි ජන බලවේගයේ නායක මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කතානායකවරයා නිවේදනය කළේය. ඒ , අද පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී ය.
2020-08-19T23:55:07.000Z
අංගජන් රාමනාදන්ට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය
අංගජන් රාමනාදන්ට නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය
COLOMBO (News 1st) : 09 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා තේරී පත් විය. ඒ, නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.
2020-08-19T23:46:14.000Z
09 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය රංජිත් සියඹලාපිටියට
නව නියෝජ්‍ය කතානායක ධුරය රංජිත් සියඹලාපිටියට
COLOMBO (News 1st) : 09 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තෝරා ගැනිණි. ඒ, මහින්ද අමරවීර සහ නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි. අද උදෑසන ආරම්භ වූ මංගල සැසිවාරයේදී මහින්ද යාපා අබේවර්ධන මහතා නව කතානායකවරයා ලෙස තෝරා පත් කරගනු ලැබිණි.
2020-08-19T23:13:42.000Z
මන්ත්‍රීවරුන් 221 දෙනෙකු දිවුරුම් දෙයි
මන්ත්‍රීවරුන් 221 දෙනෙකු දිවුරුම් දෙයි
COLOMBO (News 1st) : මන්ත්‍රීවරුන් 221 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී තිබේ. ‍මේ අතර වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කෙරුණි.
2020-08-19T22:50:06.000Z
නව පාර්ලිමේනතුවේ කතානායක ධුරය මහින්ද යාපා අබේවර්ධනට
නව කතානායක ධුරය මහින්ද යාපා අබේවර්ධනට
COLOMBO (News 1st) : 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. එ් අනුව නව පාර්ලිමේනතුවේ කතානායක ධුරය සඳහා මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරා පත් කර ගත්තේය. ඒ, දිනේෂ් ගුණවර්ධන සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි. අනතුරුව දිනේෂ් ගුණවර්ධන සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් කතානායක අසුන වෙත මහින්ද යාපා මහතා කැඳවාගෙන යනු ලැබිණි.
2020-08-19T22:04:15.000Z
ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය පහළට - ශ්‍රී ලංකා මහ බැංකුව
ක්‍රෙඩිට් කාඩ්, උකස් සහ බැංකු අයිරා පොලිය පහළට
COLOMBO (News 1st) : ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. රන් ණය අත්කාරම් පොලී අනුපාතය ද 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය. පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොලිය පහත දමා ඇත්තේ 16% ලෙස ය. ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
2020-08-19T21:56:28.000Z
මුරුසියේදී කොරල් පරයක ගැටුණු නැවේ ලාංකික කපිතාන් ඇතුළු 19ක් පොලීසිය භාරයට
මුරුසියේදී අනතුරක් වූ නැවේ ලාංකික කපිතාන් කොටු
COLOMBO (News 1st) : මුරුසි දූපත ආසන්නයේදී කොරල් පරයක ගැටී අනතුරට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ දෙවැනි කපිතාන්වරයා ලෙස කටයුතු කළ ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු එරට පොලිස් භාරයට ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, අදාළ ලාංකිකයා මුදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ලාංකිකයාට අමතරව පිලිපීන ජාතිකයින් 16 දෙනෙකු සහ ඉන්දිය ජාතිකයින් 2 දෙදෙනෙකු එලෙස පොලිස් භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ජපාන සමාගමකට අයත් අදාළ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන විශාල ප්‍රමාණයක් සාගරයට මුසු විය.
2020-08-19T21:40:32.000Z
වසරේ පළමු කාර්තුවේ කෘෂි බෝග අපනයන ආදායම ඉහළට
කෘෂි බෝග අපනයන ආදායම ඉහළට
COLOMBO (News 1st) : වසරේ පළමු මාස හයේ කෘෂි බෝග අපනයන ආදායම ඉහළ ගොස් තිබේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතා සඳහන් කළේ, පළමු මාස හය තුළ කෘෂි බෝග මෙට්‍රික් ටොන් 23 264 ක් අපනයනය කර ඇති බවයි. ඉන් උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 27 977 කි. එය පසුගිය වසරේ මුල් මාස හයේ ලැබූ ආදායමට වඩා රුපියල් මිලියන 40 ක වැඩිවීමක් බව ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතා සඳහන් කළේ ය.
2020-08-19T21:10:42.000Z
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ජනතා අදහස් ලබා ගැනීම ලබන සතියේ සිට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ජනතාවගේ අදහස්..
COLOMBO (News 1st) : නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කෙරෙන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට ද කටයුතු කරන බවයි.
2020-08-19T20:32:08.000Z
සිරකරුවන් 902කට ජනපති සමාව දෙන්න ලැයිස්තුවක් සකසයි
සිරකරුවන් 902කට ජනපති සමාව දෙන්න ලැයිස්තුවක් සකසයි
COLOMBO (News 1st) : ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ. ඒ, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි. ජනපති අනුමැතියෙන් එලෙස නිදහස ලැබීමට නියමිතව ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් ය. සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගියදා කමිටුවක් පත් කළේ ය. ඒ, බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් ය. කමිටුවේ සභාපතිත්වය දරන්නේ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ය. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
2020-08-19T20:00:19.000Z
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද ඇරඹේ..
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද..
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති. නව මන්ත්‍රීවරුන් 80 කට අධික සංඛ්‍යාවක් ද මෙවර පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුව තිබියදී මෙවර පාර්ලිමේන්තුව රැස්වීම විශේෂත්වයක් ය. පිය - පුතු යුවල 4 ක් ඇතුළුව ඥාතී සබඳතා සහිත මන්ත්‍රීවරුන් රැසක් මෙවර පාර්ලිමේන්තුව වරම් ලැබුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා අද දිවුරුම් දෙනු ඇති. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පස්වරු 3 ට ඇරඹීමට නියමිත බව ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමෙන්තුව ඇමතීමට ද නියමිත ය. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එය චාම් උත්සවයකට සීමා කර තිබේ. මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන පළමු අවස්ථාව ද මෙය වේ. එමෙන්ම මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු අද පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිතව තිබීම තවත් විශේෂත්වයක් වේ.
2020-08-19T07:43:34.000Z
'පිල්ලෙයාන්' මඩකළපුවේ සිට කොළඹට රැගෙන එයි
'පිල්ලෙයාන්' කොළඹට රැගෙන එයි
COLOMBO (News 1st) : සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' හෙට වැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා අද මඩකළපුව බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන ගියේ ය. ඒ මඩකලපුව මහාධිකරණය ඊයේ ලබාදුන් අවසර අනුවයි. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පසුගිය මහ මැතිවරණයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුව සඳහා තේරීපත් විය. ඔහු තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂයේ නායකයායි. 2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. https://www.youtube.com/watch?v=eVxcC1JHIl8&feature=youtu.be
2020-08-19T07:33:04.000Z
අගමැති මාධ්‍ය ලේකම් ලෙස රොහාන් වැලිවිට පත් කෙරේ
රොහාන් වැලිවිට අගමැති මාධ්‍ය ලේකම් තනතුරට
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත් කර තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. අග්‍රාමාත්‍යවරයා 2000 වසරේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස රොහාන් වැලිවිට මහතා කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දැරූ කාලසීමාවේදී ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ, රොහාන් වැලිවිට මහතායි. ඔහු අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්, උපදේශක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු හෙබවූ නිලධාරියෙකි.
2020-08-19T07:24:05.000Z
කථානායක ධුරයට මහින්ද යාපාගේ නම යෝජනා වෙයි
කථානායක ධුරයට මහින්ද යාපාගේ නම යෝජනා වෙයි
COLOMBO (News 1st) : 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී තිබේ. ඒ අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ය. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින්, මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, තමන් එම ධුරය සතුටින් භාර ගන්නා බවයි.
2020-08-19T07:08:54.000Z
සිසුවෙකු අපයෝජනය කළ ගණිත ගුරා දැලේ
සිසුවෙකු අපයෝජනය කළ ගණිත ගුරා දැලේ
COLOMBO (News 1st) : 12 හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ ගණිත ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිවරණ මහතා පැවසුවේ, තමා වෙත ලද පෞද්ගලික පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු සැකකරු කොළඹදී අත්අඩංගුවට ගත් බවයි.
2020-08-19T06:08:05.000Z
අල්ලස් ගත් ගමනාගමනේ ප්‍රා. කළමනාකරුවෙක් අත්අඩංගුවට
අල්ලස් ගත් ගමනාගමනේ කළමනාකරුවෙක් දැලේ
COLOMBO (News 1st) : රුපියල් 60,000ක අල්ලසක් ලබා ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රාදේශීය කළමනාකරු අද අත්අඩංගුවට ගැනිණ. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ වැටලීමකදීයි. එහි විමර්ශන අධ්‍යක්ෂ, ජෙෂ්‍යඨ පොලිස් අධිකාරි පද්මිණී විරසූරිය මහත්මිය පැවසුවේ, විනය පරීක්ෂණයකට ලක්ව සිටින ගණකාධිකාරිවරයෙකුගෙන් ඔහු මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බවයි. අදාළ විනය පරීක්ෂණය කොළඹ කාර්යාලයට නොදන්වා සිටීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ. එය ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසී ය.
2020-08-19T22:02:32.000Z
​Live Blog: 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය - සජීවීව
​Live Blog: 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය
Live Blog: 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය – සජීවීව
2020-08-19T05:26:40.000Z
රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීමට කමිටුවක්
රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීමට කමිටුවක්
COLOMBO (News 1st) : රාජ්‍ය බැංකු තුළ සිදුවූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුවයි. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ කැබිනට් පත්‍රිකාවට අද අනුමැතිය හිමිවූ බවයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරිමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි මස 08 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන හා කාර්ය පටිපාටිවලට අනුකූල නොවන අවස්ථා සොයා බැලීම මෙම කමිටුවට පැවරී තිබේ. එමෙන්ම අදාළ සිව් පුද්ගල කමිටුව තුළින් එම බැංකු සිදු කළ ඵලදායි නොවු ක්‍රියාවන් හා ගනුදෙනු අධ්‍යනය කෙරෙනු ඇති. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ, හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස වරලත් ගණකාධිකාරි සුසන්ත ද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව් ප්‍රේමානන්ද යන මහත්වරුන් පත්කර තිබේ.
2020-08-19T05:17:20.000Z
මීරිගම වැටලීමකින් රිවෝල්වර 3ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මීරිගම වැටලීමකින් රිවෝල්වර 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : මීරිගම පොලීසිය කළ වැටලීමකින් රිවෝල්වර තුනක් සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිරිගම නාල්ල ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී ගල්කටස් ගිනි අවි 2ක්, අත්විලංගු කුට්ටමක්, උණ්ඩ 64 ක්, යුද හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක නිල ඇඳුම් රෙදි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.
2020-08-19T04:45:11.000Z
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා දෙන්න ජනපති පොරොන්දු වෙයි
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා..
COLOMBO (News 1st) - තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උපාධිධාරීන් පිරිසක් හමුවෙමිනි.
2020-08-19T04:34:33.000Z
රිවෝල්වර 3ක් සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු දැලේ
ගිනිඅවි 3ක් සමග මීරිගමදී සැකකරුවෙකු දැලේ
COLOMBO (News 1st) - මීරිගම පොලීසිය කළ වැටලීමකින් රිවෝල්වර 3ක් සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම, නාල්ල ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක්, අත්විලංගු කුට්ටමක්, උණ්ඩ 64 ක්, යුද හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක නිල ඇඳුම් රෙදි ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේය.
2020-08-19T02:41:30.000Z
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය
20ට කෙටුම්පතක් සකස් කරන්න කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - 19 වැනි සංශෝධනය අහෝසි කර, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
2020-08-19T01:38:39.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවට
හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ජනපති කොමිසමට
COLOMBO (News 1st) - රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ අදත් සාක්ෂි දුන්නේ ය. ඔහු අද කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් දැනුවත්ව නොසිටි බවයි. 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ, සාක්ෂි දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ, 2019 අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි තොරතුරු ලැබුණ ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් නොකළ බවයි. 2019 අප්‍රේල් 12 වන දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුව ප්‍රදේශයේ කළ සංචාරයට , අදාළ ප්‍රහාරයේ බුද්ධි තොරතුරු අදාළ නොවන බැවින් ප්‍රහාරයට පෙර ජනාධිපතිවරයා දැනුවත් කළ බුද්ධි තොරතුරු ගොන්නට එය ඇතුළත් නොකළ බව ඊට හේතු වශයෙන් සාක්ෂිකරු පැවසී ය. නිලන්ත ජයවර්ධන මහතා අවධාරණය කළේ, 2018 වසරෙන් පසුව සතියකට වරක් පැවැත්විය යුතුව තිබූ බුද්ධි සමාලෝචන රැස්වීම් ද නිසි අයුරින් සිදු නොවූ බවයි. 2019 වසර ආරම්භයේ සිට අප්‍රේල් 21 ප්‍රහාරය දක්වා සංවිධානය වී ඇත්තේ බුද්ධි සමාලෝචන රැස්වීම් තුනක් පමණක් බව ද සාක්ෂිකරු පැවසී ය. ඔහු කියා සිටියේ 2019 අප්‍රේල් 16 වැනිදා කාන්තන්කුඩිය ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි පිපිරවීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවූ බවට බුද්ධි තොරතුරු හරහා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බවයි. කාන්තන්කුඩියේ සිදුවූ එම පිපිරීම අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමේ පෙර පුහුණුවක් වන්නට ඇතැයි ද සාක්ෂිකරු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
2020-08-19T01:17:27.000Z
තවත් බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව
තවත් බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව
COLOMBO (News 1st) - තවත් බන්ධනාගාර කිහිපයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනතරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වැලිකඩ,කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි. වැඩපිළිවෙළ යටතේ කළුතර මීගමුව ඇතුළු තෝරාගත් බන්ධනාගාර කිහිපයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට නියමිතයි. ඒ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට නියමිත බවද ඇය සඳහන් කළාය. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ බන්ධාගාරවල සිරකරු තදබදය අඩු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව රිමාන්ඩ් සිරකරුවන්ට කඩිනමින් ඇප ලබාදීමට අවශ්‍ය නීතිපති උපදෙස් කඩිනම් කිරීමට ද නියමිත බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය. මේ අතර දරුණු ගණයේ සිරකරුවන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානයට යොමු කිරීමේ වැඩිපිළිවෙළ පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.
2020-08-19T01:08:50.000Z
Tකටස් ගිනි අවියක් සහ කඩු දෙකක් සමග දෙදෙනෙකු පයාගලදී දැලේ
ගිනි අවියක් සහ කඩු දෙකක් සමග දෙදෙනෙකු දැලේ
COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත Tකටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පයාගල , මලේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. පොලීසිය පැවසුවේ, සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන රජවත්ත, කිතුලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2020-08-19T00:50:02.000Z
තවත් ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු දිවයිනට
තවත් ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු දිවයිනට
COLOMBO (News 1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් රාජ්‍යයේ සහ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 17 දෙනෙකු අද අලුයම මෙරටට ළගා වූ බවයි. මීට අමතරව, කටාර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 394 දෙනෙකු ද අද අලුයම 1.50 ට දෝහා නුවර සිට මෙරටට ළගා විය. මේ අතර, මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු රැගත් යානයක් ද, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය. එලෙස පැමිණි සියලුම ගුවන් මගීන් , ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව, ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේය.
2020-08-19T00:21:36.000Z
ශානි අබේසේකර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට
ශානි අබේසේකර ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට රැගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු රැගෙනවිත් තිබේ.
2020-08-18T23:50:35.000Z
අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට තීරණයක්
නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට තීරණයක්
COLOMBO (News 1st) - මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කෙරෙනු ඇත. ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත බවයි. ඒ සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවද ඔහු පැවසුවේය. මහචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අධ්‍යාපන වෘත්තිකයන්,සිසුන්,ව්‍යාපාරිකයින්,විවිධ කාර්මික ශිල්ප ශ්‍රේණිවල නිරත වූවන්ගේ අදහස් හා යෝජනා මේ සඳහා ලබා ගන්නා බවයි. මීට අමතරව නව විෂය නිර්දේශය හරහා වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ළමා මනසට එල්ල වන දැඩි පීඩනය තුරන් කිරීමට ද සැලසුම් කර තිබේ. නව විෂය නිර්දේශය ලබන වසරේදි පාසල්වලට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
2020-08-18T23:13:18.000Z
ජෝ බයිඩන් අමෙරිකානු ජනපති සටනට
ජෝ බයිඩන් අමෙරිකානු ජනපති සටනට
COLOMBO (News 1st) - ජෝ බයිඩන් අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ . ඒ ඩිමොක්‍රටික් පක්ෂ සමුලුවේදීයි . කොරෝනා ව්‍යාප්තියෙන් අර්බුදයට මුහුණපා සිටින අමෙරිකාව ඉන් මුදාගැනීමට අවැසි අත්දැකීම් සහ හැකියාව ජෝ බයිඩන් සතු බව හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් ද මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන් වේ . ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්මාණය කළ වියවුලෙන් අමෙරිකාව මුදා ගැනීමට ජෝ බයිඩන් සමත්වනු ඇතැයිද බිල් ක්ලින්ටන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය . ජෝ බයිඩන් මෙම අපේක්ෂකත්වයට පත්ව ඇත්තේ ඩිමොක්‍රටික් නියෝජිතයින් සහ ප්‍රාන්ත 50 ක මෙන්ම එක්සත් ජනපදයේ ප්‍රදේශ හතක සාමාන්‍ය ජනතාවගේ වැඩි ඡන්දයෙන් බව සඳහන් වේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජො බයිඩන් සඳහන් කර ඇත්තේ ලබන ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට පත්වීම සිය ජිවීතේ හිමිවු ගෞරවයක් බවයි.
2020-08-18T22:55:06.000Z
රැකියා ලේඛනයේ නම නැති අයට ලබන 02වැනිදායින් පසු අභියාචනා යොමු කරන්න අවස්ථාව
රැකියාලේඛනයේ නම නැතිඅයට අභියාචනා යොමුකරන්න අවස්ථාව
COLOMBO (News 1st) - රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් සිය අභියාචනා ලබන දෙවැනිදායින් පසු යොමු කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ තම අමාත්‍යාංශයට එම අභියාචනා යොමු කළ හැකි බවයි. රැකියාලාභී උපාධීධාරීන්ගේ නාම ලේඛනය පෙරේදා ප්‍රසිද්ධ කෙරුණි. එහෙත් ඇතැම් උපාධිධාරීන් පැවසුවේ මීට පෙර නිකුත් කළ ලේඛනයේ තම නම සඳහන්ව තිබුණ ද පෙරේදා නිකුත් කළ ලේඛනයේ නම සඳහන් නොවූ බවයි ඊට විරෝධය පළ කරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ කොළඹදී විරෝධතාවකද නිරත විය.
2020-08-18T21:37:11.000Z
නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද
නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද
COLOMBO (News 1st ) - නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
2020-08-18T21:27:00.000Z
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්
COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවයි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ප්‍රභල භූ චලන දෙකක් හට ගැනුණි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක් සහ 6 යි දශම 9 ක් ලෙස සටහන් වූ බවයි . කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය .
2020-08-18T21:18:26.000Z
මාලි ජනපති සහ අගමැති හමුදා කැරලිකරුවන්ගේ රැඳවුම් භාරයට
මාලි ජනපති සහ අගමැති හමුදා කැරලිකරුවන් භාරයට
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ හමුදා කැරලිකරුවන් , එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැඳවුම් භාරයට ගෙන තිබේ . කැරලිකාර හමුදා මාලි ජනපති ඊබ්‍රහම් බුබකාර් කීටා, සහ අග්‍රාමාත්‍ය බුබු සිසේ අගනුවර ආසන්න කැටි හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වේ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා භාරයට ගැනීමට පෙර එරට කැරලිකරුවන් කැටි හමුදා කදවුර අත්පත්කරගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස කිහිපයක සිට මාලි රාජ්‍යයේ දේශපාලන අර්බුද පැවති බවයි. දේශපාලන අර්බුදයත් සමග රටතුල විපක්ෂයේ ක්‍රියාකාරීත්වයෙන් විරෝධතාපැවති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාලි රාජ්‍යය ආර්ථික පසුබෑමකට මුහුණපා ඇති බව හා රටේ ආරක්ෂාව වැරදි ලෙස හැසිරු බව පවසමින් විරෝධතා පැවති බවයි. කැරලිකරුවන් විසින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා භාරයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිත බව වාර්තා වේ. මෙම සිදුවීම අප්‍රිකානු සංගම, ප්‍රංශය යුරෝපා සංගමය දැඩි ලෙස හෙළා දැක තිබේ. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව, සියලු නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලිම් කර ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රජාවට අයත් සාමාජික රටවල් 15 ක් සදහන් කලේ මාලි සමග ඇති දේශසීමාවන් වසා දැමීමට පියවර ගන්නා බවයි. එමෙන්ම මාලි රාජ්‍යයත් සමග පවත්නා සියලු මුල්‍ය ප්‍රවාහයන්ද අත්හිටුවීමට බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව තීරණය කර තිබේ.
2020-08-18T21:02:28.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. පාදුක්කෙන් එක්කෝටි දස ලක්ෂයක හෙරොයින් අල්ලයි : රුපියල් එක් කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හෙරෝයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 2. ලක්ෂ 50 ක් වංචා කළැයි, අත්අඩංගුවට පත් නිවාස අධිකාරියේ සිව්දෙනා රිමාන්ඩ් : ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් 4 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 3. පිල්ලෙයාන් සහ ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබෙයි : සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ. 4.ඊයේ සිට දින 4ක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් : ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ. 5.ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයට : ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්වයි. ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ.
2020-08-18T09:23:28.000Z
පාදුක්කෙන් එක්කෝටි දස ලක්ෂයක හෙරොයින් අල්ලයි
පාදුක්කෙන් එක්කෝටි දස ලක්ෂයක හෙරොයින් අල්ලයි
COLOMBO (Newsws 1st) : රුපියල් එක් කෝටි දශ ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හෙරෝයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 20 ක් මොවුන් සන්තකයේ තිබි සොයා ගත් බවයි. අත්අඩංගුවට ගත් පිරිස අතර කොලොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු ද සිටී. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සතුව තිබී මොටර් රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගත් බවයි.
2020-08-18T09:12:28.000Z
ලක්ෂ 50 ක් වංචා කළැයි, අත්අඩංගුවට පත් නිවාස අධිකාරියේ සිව්දෙනා රිමාන්ඩ්
නිවාස අධිකාරියේ සිව්දෙනා රිමාන්ඩ්
COLOMBO (News 1st) : ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් 4 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලීසිය පැවසුවේ, නිවාස සංවර්ධන අධිකාරියට අයත් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මොවුන් වංචා කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට පත්වුණේ, නාගරික සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු කළමනාකරවරයා, හිටපු කලාප කළමනාකාරවරයා සහ හිටපු ගණකාධිකාරිවරුන් දෙදෙනෙකි. පොලීසිය පැවසුවේ, ඔවුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය ආධාර සහ නිවාස ආධාර මුදල් එලෙස වංචා කර ඇති බවයි. මේ සම්බන්ධයෙන්, ලද පැමිණිල්ලකට අනුව, කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට පත්විය.
2020-08-18T07:51:26.000Z
නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි ලබන 31 දක්වා රක්ෂිත බන්ධගාරගත කෙරිණ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ නඩුව අද කැඳවමිනි. මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් කිසිවෙකුත් අද දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෞඛ්‍ය ආරක්ෂිත හේතුන් මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. එම සැකකාර නිලධාරීන් 13 ඇතුළු සැකකරුවන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොඩි ලැසි නමැත්තාගේ ප්‍රධාන සඟයෙකු වන මේ වන විට ඩුබායිහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත උදාර සම්පත් නමැත්තාගේ මෙහෙයවීම යටතේ ලංකාවට එවන ලද හෙරොයින් තොග පිටින් ප්‍රවාහනය කර ඇති බව එහිදී අනාවරණ විය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේ, ඒ සඳහා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 ගනනින් ප්‍රවාහන ගාස්තු ගෙවා ඇති බවට සාක්ෂි ඉදිරිපත්වී ඇති බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අයුතු ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 13 දෙනා අතුරින් පොලිස් කොස්තාපල් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ද අද දින ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබී ය. එහි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, පෙර නඩුවේ පළමු සැකකරු වන පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න නමැත්තාත්, එම ජාවාරම සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන උපපොලිස් පරික්ෂක උදාර චතුරංග නමැත්තා ඇතුළු තවත් 5 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
2020-08-18T07:09:04.000Z
පිල්ලෙයාන් සහ ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබෙයි
පිල්ලෙයාන් සහ ප්‍රේමලාල්ලුත් පාර්ලිමේන්තු සැසියට
COLOMBO (News 1st) : සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ. ඒ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ පාර්ශවය විසින් ඉදිපත් කරනු ලැබූ පෙත්සමක් අද මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවයි. අදාළ පෙත්සම මඩකළපුව මහ අධිකරණ විනිසුරු ඩී.එම්. සූසෛදාසන් මහතා ඉදිරියේ අද විභාගයට ගැනිණ. පසුගිය මහ මැතිවරණයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ පිල්ලෙයාන් තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂයේ නායකයායි. 2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඔහු මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගරගතවයි. මේ අතර දැනට මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට ද, අනිද්දා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී විමට අවසර හිමව තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පාර්ලිමේන්තුවට එවා ඇති අතර, එය පාර්ලිමේන්තු වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර, පාර්ලිමේන්තු රැස්වීමට ඉඩකඩ සලසා දෙන ලෙස ඉල්ලා තිබේ.
2020-08-18T06:00:48.000Z
අද සිට දින 4ක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්
අද සිට දින 4ක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) : අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලය පැවසුවේ, දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කිරීම සිදුකෙරෙන බවයි. ඒ අනුව, විදුලිය විසන්ධි කරන වේලාවන් වන්නේ, පස්වරු 6 සිට 7 දක්වා, පස්වරු 7 සිට 8 දක්වා, රාත්‍රී 8 සිට 9 දක්වා, සහ රාත්‍රී 9 සිට 10 දක්වායි. විදුලි බල මණ්ඩලය පැවසුවේ, පද්ධතියේ ජනන සැපයුම යථාතත්ත්වයට පත් කෙරෙන තෙක්, දින හතරක් පමණ විදුලිය කප්පාදු කිරිමට සිදුවනු ඇති බවයි. මේ අතර දිවයින පුරා ඊයේ සිදුවු විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන්, විමර්ශනයට පත් කළ 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ වෙත පැමිණියේ ය. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, එහිදී විදුලිය විසන්ධි වීමට හේතු වූ බව කියන ස්ථානය නිරීක්ෂණ කර, ඇතිවූ තත්ත්වය ගැන එහි නිලධාරීන් සමග සාකච්ඡා කළ බවයි. කමිටු වාර්තාව ලබන සඳුදා වන විට ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය. දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන්, විමර්ශනයට ඊයේ පස්වරුවේ කමිටුවක් පත් කෙරිණ. ඒ මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන්, සංක්ෂිප්ත වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන්නැයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන්, සම්පූර්ණ වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවයි.
2020-08-18T05:18:50.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 79ක් සුවය ලබති
තවත් කොරෝනා ආසාදිතයින් 79ක් සුවය ලබති
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු අද සුවය ලැබී ය. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 2755 කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මේ අතර UAE සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 2,901ක් දක්වා ඉහළ ගොස් ඇත.
2020-08-18T05:07:13.000Z
ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයට
ඉරාජ්ට සහ ටෙහානිට නව තනතුරු
COLOMBO (News 1st) : ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්වයි. ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ. වසර 3ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
2020-08-18T04:49:08.000Z
මීගමු බන්ධනාගාරයේ සැකකරුවෙකු මියයයි
මීගමු බන්ධනාගාරයේ සැකකරුවෙකු මියයයි
COLOMBO (News 1st) : මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රීයේ සැකකරු බන්ධනාගාරය තුළදී මියගිය බව බන්ධනාගාර නිලධාරීන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ය. බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි, පවසා නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකු බවයි. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ යට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා නියෝග කලේ, ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එලෙස මියගොස් ඇත්තේ, දුමින්ද මුණසිංහ නමැති බඩල්ගම කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියේ දෙවෙනි සැකකරු වන ලහිරු ප්‍රදීප් මදුසන්ක නමැත්තා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔහු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. නඩුව ලබන ඔක්තෝබර් 06 වනදා යළි කඳවීමට නියමිතයි. අදාළ සැකකරුවන් මරදගහමුල හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ ගම්වාසීන් විසින් අල්ලා ඔවුන්ට පහර දී ඇතැයි, අද අධිකරණයේදී අනාවරණය වූ අතර ඒ පිළිබඳ විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ ය.
2020-08-18T02:37:01.000Z
ක්‍රීඩාව සංවර්ධනයට නව ක්‍රීඩා පනතක්
නව ක්‍රීඩා පනතක්
COLOMBO (News 1st) : ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතා අද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ රාජකාරී ඇරඹුවේ ය. මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටිය හ. එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය. 1973 හදපු ක්‍රීඩා පනත තමයි හතර වතාවක් සංශෝධනය වෙමින් ඇවිල්ලා තියෙන්නේ . මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ අලුතින් රටට ක්‍රීඩා පනතක් අපි ගේන්න ඕනේ. මුල හදන්නේ නැතුව මැදින් මැදින් පැලැස්තර අලවලා හරි යන්නේ නෑ. ගරු අගමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙත් උපදෙස් පරිදි බාර් ඇසෝශියේශන් එක්ත, නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණ අමාත්‍යවරයාත් එක්කත් සාකච්ඡා කරලා ක්‍රීඩා පනත අපි අලුතින් හදන්න ඕනේ. ඒ කාරණා උඩ තමයි ඉදිරියේ මේ ක්‍රීඩාවේ පැවැත්ම තීන්දු වෙන්නේ. හැම ක්‍රීඩා සමාජයක්ම රජයෙන් යැපෙන තැනට තමයි පනතේ තියෙන්නේ දියුණුවෙන රටවල බැලුවෙත්. ක්‍රීඩා ආර්ථිකය හැම රටේම දළ දේශීය ආදායමෙන් සියට දෙකක තුනක ආදායමක් ක්‍රීඩාවෙන් රටට ගේනවා. ඉතින් අපිට ඒ තත්වයට යන්න බැරි අපි තවම ඉන්නේ පැරණි පනත් රෙගුලාසි මත තමයි යන්නේ. ඉදිරි කාලයේදී අපි හඳුනා ගන්න ඕනේ අපි තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන තරුණයෙක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වපසරිය වෘත්තීය පූහුණු වෙන්න පුළුවන්. කාර්මික පුහුණු වෙන්න පුළුවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙන්න පුළුවන් ඒ වගේම තමයි විනය හා සංස්කෘතිය කාරනා පදනම් කර ගෙන ඉතින් මේ කාරණා අමාත්‍යංශය තුළින් ඉදිරි කාල සීමාව තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය විදිහට තරුණයන්ට හා ක්‍රීඩකයින්ට බලපාන අනෙකුත් කාරණා ඒ විෂය පථය, විෂය පද්ධතිය සහිත ගරු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සමග සම්බන්ධ වෙලා ඒවා සඳහා තිරසාර විසදුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. https://www.facebook.com/NewsfirstSL/videos/604632643562162/
2020-08-18T01:27:50.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: ශානි අබේසේකර ජනපති කොමිසමට
අප්‍රේල් 21 ප්‍රහාරය: ශානි අබේසේකර ජනපති කොමිසමට
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
2020-08-18T01:25:27.000Z
දොම්පේ පොලිස් ස්ථානාධිපතිට ලක්ෂ 2ක අල්ලසක් දෙන්න ගිය අයෙකුට වැඩ වරදී
දොම්පේ පොලීසියට අල්ලස් දීමට තැත් කළ අයෙකු දැලේ
COLOMBO (News 1st) : දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා දීමට තැත්කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. එලෙස ඔහු අල්ලස් දීමට උත්සා කර තිබෙන්නේ, ගංජා නඩුවකට අදාළව නීති මගින් කටයුතු නොකරන ලෙස ඉල්ලමිනි.
2020-08-18T01:09:49.000Z
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ජනපති කාර්යාල දක්වා පාගමනක
රැකියා විරහිත උපාධිධාරීන් ජනපති කාර්යාලයට
COLOMBO (News 1st) : ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ, කොටුව දුම්රිය ස්ථානය අසළ සිට ජනාධිපති කාර්යාල දක්වා පැමිණීමට ගමන් අරඹා තිබේ. ඒ රජය විසින් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ තුළ යම්කිසි ආසාධරණයක් සිදුවූ බව පවසමිනි.
2020-08-18T00:27:33.000Z
හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ජනපති කොමිසමට
රුවන් විජේවර්ධන ජනපති කොමිසමට
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
2020-08-18T00:00:12.000Z
රු. 21,000 ක අල්ලසක් ගත් අයෙකු මහනුවරදී අත්අඩංගුවට
රු. 21,000 ක අල්ලසක් ගත් අයෙකු දැලේ
COLOMBO (News 1st) : රජයේ කාර්යයක් ඉටුකර දීමට රුපියල් 21,000 ක අල්ලසක් ගත් සැකකරුවෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
2020-08-17T23:23:49.000Z
මූල්‍ය වංචාවකට නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට
මූල්‍ය වංචාවක්:හිටපු රාජ්‍ය නිලධාරීන් 4කට වැඩ වරදී
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
2020-08-17T23:10:46.000Z
කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයේ ගින්න මැඩපවත්වයි
කොල්ලුපිටිය සුපිරි සාප්පු සංකීර්ණයේ ගින්න නිවයි
COLOMBO (News 1st) : කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රී හටගත් ගින්න මැඩපවත්වා තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, සාප්පු සංකීර්ණයේ භූගත මහලේ වෙළඳසැළක ගින්න ඇතිව තිබූ බවයි. ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 5 ක් යොදා ගැනුණි. රාත්‍රී 11.00 ට පමණ හටගත් ගින්න අද අලුයම 1.30 පමණ වනවිට සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න ඇති වූ අවස්ථාවේ සාප්පු සංකීර්ණයේ රැඳී සිටි පාරිභෝගිකයින් සහ සේවකයින් කිහිපදෙනෙකු ආරක්ෂිතව මුදාගත් බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
2020-08-17T22:10:38.000Z
රැකියා දීමේදී දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගන්න - ජනපති
රැකියා දීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..
COLOMBO (News 1st) : සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ඒ, සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන විමසුමට ලක්කරමින් ය. සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගතයුතු යැයි ද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ, රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබා දිය යුතු බවයි. දිස්ත්‍රික්ක රැසක පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට නව පත්වීම්ලාභීන් අනියුක්ත කිරීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2020-08-17T22:56:26.000Z
5000 ව්‍යාජ නෝට්ටු මිටි 125ක් සමග තිදෙනෙකු STF දැලේ
5000 ව්‍යාජ නෝට්ටු මිටි 125ක් සමග තිදෙනෙකු දැලේ
COLOMBO (News 1st) : රුපියල් කෝටි 100 ක වටිනාකමට රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මිටි 125 ක් මුල්ලේරියාව, ගල්වාන ප්‍රදේශයේ නිවසක අසුරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් (STF) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
2020-08-17T21:56:34.000Z
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙන ආ මත්ද්‍රව්‍යත් ජාවාරම් කරලා..
රස පරීක්ෂණයට ගෙන ආ මත්ද්‍රව්‍යත් හොරකම් කරලා
COLOMBO (News 1st) : රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පර්යේෂණ සඳහා ගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ. පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඒ බව හෙළි වූ බවයි. ඔවුන් සමග ජාවාරමට තවත් සේවකයින් සම්බන්ධ දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවේ ය. පොලීසිය පැවසුවේ අතුරුගිරිය, මොරටුවාහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයා දින 07ක් රඳවා තබා ප්‍රශ්න කරන බවයි. සැකකරු අත්අඩංගුවට පත් වනවිට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සොයා ගැනුණි. ඔහු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙකු ද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි. ඒ, අත්අඩංගුවට ගත් සැකකාර සේවකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ය. සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන තරාදියක් සහ යතුරු පැදියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්නා බව ද පොලීසිය පැවසුවේ ය.
2020-08-17T21:30:26.000Z
විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට හෙළි වූ බන්ධනාගාර නිලධාරීන් 15කගේ වැඩ තහනම්
බන්ධනාගාර නිලධාරීන් 15කගේ වැඩ තහනම්..
COLOMBO (News 1st) : විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ බවට හෙළි වූ නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, පසුගිය ජුනි 08 වනදා සිට මේ දක්වා කාලය තුළ අදාළ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බවයි. එම නිලධාරීන් අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙක්, ජේලර්වරයෙකු සහ නියාමකවරුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් වේ. රැඳවියන් සමග අයථා සබඳතා පැවැත්වීම, තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන යාම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ගේ සේවය අත්හිටු වූ බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මේ අතර විවිධ හේතුන් මත පසුගියදා බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකු ස්ථාන මාරු කළ බවද තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, බූස්ස, මීගමුව, වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාරවල නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි.
2020-08-17T21:23:45.000Z
කොරෝනා ආසාදිතයින් ගණන 2900 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් ගණන 2900 ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2900 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඕමානයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙකු ද ඒ අතර වන බවයි. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ සුවය ලැබුවේ ය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,676 කි.
2020-08-17T21:00:00.000Z
පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ 06 වැනිදාට පෙර ලබා දෙන්නැයි දැනුම් දීමක්..
පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ට දැනුම් දීමක්..
COLOMBO (News 1st) : මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 06 වනදාට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව කොමිෂන් සභාව පැවසුවේ, අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබා දිය යුතු බවයි. මේ අතර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දෙයි. එම කොමිසම පැවසුවේ, මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බවට වාර්තා වන බවයි. මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ ය. මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත් වේ. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ය. අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වනු ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය.
2020-08-17T21:47:04.000Z
වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ගින්නක්..
වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ගින්නක්..
COLOMBO (News 1st) : වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රි 8.30 - 9.00 ත් අතර මෙම ගින්න හට ගත් බවයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලීසිය පවසයි. ගින්නෙන් භට නිවාසයේ තිබූ පොලිස් නිලධාරීන් සතු ලිපි ලේඛන සහ නිල ඇඳුම් ගිනිගෙන විනාශ විය.
2020-08-17T21:15:38.000Z
රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්ගේ නිවසක ගින්නක්
රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්ගේ නිවසක ගින්නක්
COLOMBO (News 1st) : වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ පිහිටි නිවසක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම 3.00 ට පමණ ගින්න හටගෙන ඇති බවයි. ගින්න මැඩ පැවැත්වීමට පැය 3 හමාරකට අධික කාලයක් ගත වූ බවද පොලීසිය සඳහන් කළේය. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
2020-08-17T20:10:48.000Z
දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට: විමර්ශන කමිටුව අද රැස්වෙයි
විදුලි බිඳ වැටීම : විමර්ශන කමිටුව අද රැස්වෙයි
COLOMBO (News 1st) : දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබේ. විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවේ, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක බවයි. මේ පිළිබද වාර්තාව දින 7 ක් තුළ ලබාදිය යුතු ය. කමිටුවේ පළමු රැස්වීම අද පෙරවරු 8 යි 30ට පැවැත්වීමට නියමිත ය. මේ අතර විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන්නැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවයි. මේ අතර බිඳ වැටුණු විදුලි සැපයුම ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට යථා තත්ත්වයට පත්කිරිමට හැකිවු බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඇති වූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. විදුලි සැපයුම බිඳ වැටීමත් සමග ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වුණි. මේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වීමත් සමග ජල සැපයුම ද යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. මෙලෙස දිවයින පුරාම පූර්ණ විදුලිය බිඳ වැටීමක් වාර්තා වුණේ 2016 වසරට පසුව ය. ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ කෙරවලපිටිය උප පොළෙහි අලුත්වැඩියාවක් අතරතුර මෙම විදුලිය බිඳ වැටීම සිදුවූ බවයි.
2020-08-17T20:00:29.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක් : ඊයේ දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදු විය. 2. පාර්ලිමේන්තු සභානායක ධුරය දිනේෂ්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජොන්ස්ටන්ට: අභිනව පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ. 3. අගමැති සතු බුද්ධ ශාසන අමාත්‍ය ධුූරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට පෙත්සමක් : බුද්ධ ශාසන අමාත්‍යධුරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. 4. කොළඹ 57% ක් ස්ථූලතාවයෙන් ප‍ෙළෙයි – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය : කොළඹ ජනතාවගෙන් 57% ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
2020-08-17T11:15:09.000Z
"ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් අපිට ලැබෙන්නේ බාල ආණ්ඩුවක්" - ලී ක්වාන් යූ
"ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් ලැබෙන්නේ බාල ආණ්ඩුවක්"
News 1st - මැතිවරණයක් අවසන් වෙලා දැන් ඇමතිවරු පත් කරලා ඔවුන් වැඩ ආරම්භ කරමින් ඉන්න අවස්ථාවක නූතන සිංගප්පූරුව නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ ලීක්වාන් යූ අගමැතිවරයා 1990 වසරේ ඔහු සහභාගී වූ අවසන් නිදහස් දින රැළියේදී පළ කළ මේ අදහස් අප කාටත් ඉතා ප්‍රායෝජනවත් වනු ඇති. සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ, අපි ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් අපිට ලැබෙන්නේ බාල ආණ්ඩුවක්. ඔබටම අවසානයේ දුක් වෙන්න වෙයි. ජනතාවගේ උද්යෝගය වර්ධනය කරගන්න රජයක් කුමක්ද කළ යුත්තේ? කවුරු හරි අලුත් දෙයක් පටන් ගත්තොත් ඔබ ඒ පසුපස යයි. මං හිතන්නේ සිංගප්පූරුවේ තත්ත්වයත් ඒකයි. ඒක තමයි ආණ්ඩු කරන කලාව. රජයේ පළවෙනි කාර්යය සැමට සමාන අවස්ථා ලබාදීම. ඒ වෙනුවෙන් ඔබ කරන දේ ප්‍රතිඵලය සමාන වෙන්නේ නැහැ. සමාන ප්‍රතිඵලයක් ලබා ගන්න යනවා නම් ඒක තමයි ඔබගේ අවසානය. ඒක ඩෙන් ෂියාඕ පෙන් කියපු විදිහට ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. හැම කෙනෙක්ම වැඩ කරන්නේ අඩුවෙන්. හැමෝම හදන කැඳ හැලියේ මොකුත් නැහැ. ඔබ ඉක්මනින් හතිවැටෙනවා නම් ඉවත්වෙලා යන්න පුළුවන්.මේක සෑම විටම විවෘත රටක්. ඔබට ඇතුළට එන්න පුළුවන් පිටතට යන්න පුළුවන්. එහෙම නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයක් නැහැ. සිංගප්පූරුව වෙනස් උනේ 1963 දී 64 දී සහ 65 දී මැලේසියාවේ හිටිය කණ්ඩායමක් තීරණය කරනවා අපි එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න. අපිට මැරෙන්න වෙනවා නම් ඒ අරමුණ වෙනුවෙන් අපි මැරෙන්න ලෑස්තියි. ඒ තුළින් තමයි සිංගප්පූරුව යථාර්ථයක් වුනේ. අපිට ඉන් එහා දේකින් සෑහීමකට පත්වෙන්න බැහැ. එහෙම කරන්න බැරි කෙනෙකුට බොහොම පහසුවෙන් තමන් විසින්ම ඉවත්වෙලා යන්න පුළුවන්. මම හිතනවා අපිට මේ අවස්ථාවේදී එකම අරමුණක් තියෙන කණ්ඩායමක් ඉන්නවා කියල. නමුත් ව්‍යසන අවස්ථාවකදී ඒ තිබ්බ විදිහට දැඩි තීරණ ගන්න හැකියාවක් ඔවුන්ට තියෙනවද කියල මම දන්නේ නැහැ. ඒක අපිට ඒ අවස්ථාවේ බලන්න වෙනවා. හැබැයි සුළු පිරිසකට පුළුවන් වෙයි කියලා මම හිතනවා.ගැටලුව තමයි ඒ වගේ කට්ටිය අපිට ගොඩක් ඕන කියන එක.ඔබ මොනවා කලත්, ඔබට හොඳ ආණ්ඩුවක් ලැබෙයි කියලා හිතනවා නම් ඔබ සියලු දේම අවදානමකට ලක් කරනවා.ඔබ ඡන්දය දුන්නේ විහිළුකාරයින්, පිස්සු මිනිස්සු , දුර්වල මිනිස්සුන්ට නම් ඔබගේ සියලු දේ අහිමිකරගැනීමේ අවදානමක් ඔබට තියෙනවා.සිංගප්පූරුවැසියන්ට මට දෙන්න තියෙන අවසන් පණිවුඩය තමයි ඔබගේ අනාගතය රැඳී තියෙන්නේ ඔබ ඒ වෙනුවෙන් කලදේ මතයි. ආණ්ඩුවකට පුළුවන් යම් රාමුවක් ලබාදෙන්න පමණයි. වටපිටාව සකසන්න පමණයි. නමුත් ජනතාවට අරමුණක් තිබිය යුතුයි. ඔබට එවැන්නක් නැත්නම් ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.
2020-08-17T09:09:04.000Z
පාර්ලිමේන්තු සභානායක ධුරය දිනේෂ්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජොන්ස්ටන්ට
දිනේෂ්ට, ජොන්ස්ටන්ට නව වගකීමක්
COLOMBO (News 1st) - අභිනව පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්කර තිබෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. අද දිනයේ මෙම නම් පාර්ලිමේන්තුව වෙත ලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා තහවුරු කළේ ය.
2020-08-17T08:06:03.000Z
දිවයින පුරා විදුලි සැපයුම 75%ක් යථා තත්ත්වයට
දිවයින පුරා විදුලි සැපයුම 75%ක් යථා තත්ත්වයට
COLOMBO (News 1st) - දිවයින පුරා විදුලි සැපයුම 75%ක් යථා තත්ත්වයට පත්කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
2020-08-17T06:35:35.000Z
තවත් පැය 2, 3කින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා - විදුලිබල අමාත්‍ය
පැය 2, 3කින් විදුලිය දෙන්න උත්සාහ කරනවා
COLOMBO (News 1st) - රට පුරා සිදුව ඇති විදුලි ඇණ හිටීම තවත් පැය දෙක තුනකින් පමණ යථා තත්ත්වයට පත් කිරීමට සිය නිලධාරීන් උත්සාහ ගන්නා බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තමන් අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන දින 5ක් තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වීම පිළිබඳ ජනතාවට සිය කණගාටුව පල කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2020-08-17T06:23:59.000Z
විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්
විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්
COLOMBO (News 1st) - දිවයින පුරා විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එම කමිටුව හෙට (18) පෙරවරු 8.30 ට රැස්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එම කමිටු වාර්තාව සතියක් තුළ ලබා දීමට කටයුතු කරන බවයි.
2020-08-17T05:55:17.000Z
විදුලිය ඇණහිටීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
COLOMBO (News 1st) - විදුලි සැපයුම ඇණහිටීම හේතුවෙන් කොළඹ, ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා මතුව තිබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට විදුලිය යථා තත්ත්වයයට පත්වී පැය 3 - 5ත් අතර කාලයක් ගත විය හැකි බවය.
2020-08-17T05:03:21.000Z
හිටපු ජනපති මෛත්‍රී ලබන 26 වැනි දා ජනපති කොමිසම හමුවට
හිටපු ජනපති මෛත්‍රී ලබන 26 වැනි දා ජනපති කොමිසමට
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලබන 26 වැනි දා කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවය. මීට පෙර හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
2020-08-17T03:22:16.000Z
මුදල් ඇමති ඇතුළු තවත් ඇමතිවරු වැඩ අරඹයි
මුදල් ඇමති ඇතුළු තවත් ඇමතිවරු වැඩ අරඹයි
COLOMBO (News 1st) : අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේ ය. මුදල් අමාත්‍යාංශයට පැමිණී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා විසිනි. ආගමික වතාවත්වල නිරත අග්‍රාමාත්‍යවරායා සුබ මොහෙතින් රාජකාරී ඇරඹුවේ ය. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා හ. මේ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද එම අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ ක‍ළේ ය.
2020-08-17T03:09:02.000Z
අගමැති සතු බුද්ධ ශාසන අමාත්‍ය ධුූරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට පෙත්සමක්
බුද්ධ ශාසන අමාත්‍ය ධුූරය: ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක්
COLOMBO (News 1st) : බුද්ධ ශාසන අමාත්‍යධුරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍ය ධූරයද වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමට සූදානමක් ඇති බව දැනගන්නට ඇති බවයි. එලෙස කළහොත් එම ක්‍රියාව මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇති බවට නිගමනය කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. යම් දිස්ත්‍රික්කයක ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයෙකු මෙන් නොව ජනාධිපතිවරයා මුලු රටේම ජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ යුතු බවත් පෙත්සමේ සඳහන් ය. එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 - එක ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් හෝ උල්ලංඝණය කිරීමට අත්‍යාසන්න කිරීමක් බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද වී සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න අනුව ක්‍රියා නොකර සිටීමෙන් ජනාධිපතිවරයා නෛතික වැරද්දක් සිදුකර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම් කර තිබේ.