date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-31T03:05:35.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3012 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3012 දක්වා ඉහළට
COLOMBO (News 1st): මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3012 දක්වා ඉහළ ගියේ ය. ඒ, ඊයේ(30) දිනයේදී තවත් කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි 3 දෙනෙකු හා ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැනුණි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 140 කි. සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2860 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 67 ක පුද්ගලයින් හය දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක්වෙමින් ඇති බවයි.
2020-08-31T03:11:01.000Z
තානාපති කාර්යාල නව සේවකයින්ගේ ලැයිස්තුව ජනපති කාර්යාලය වෙත
තානාපති කාර්යාල නව සේවක ලැයිස්තුව ජනපති කාර්යාලයට
COLOMBO (News 1st) : තානාපති කාර්යාලවල රාජකාරියට යොදවන නව සේවකයින්ගේ ලැයිස්තුව නිර්දේශ සඳහා ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තානාපති කාර්යාලවල රාජකාරියට ගොස් සිටි රැකියා කාල සීමාව ඉක්මවූ පිරිස් මේ වනවිට දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
2020-08-31T03:03:37.000Z
ලේඩි ගාගා, අරියානා සහ බී.ටී.එස් කණ්ඩායමට MTV සංගීත සම්මාන උලෙලේදී වැඩි ගෞරව
MTV සංගීත සම්මාන උළෙල වර්චුවල් තාක්ෂණය ඔස්සේ
COLOMBO (News 1st) : මෙවර අමෙරිකාවේ MTV වීඩියෝ සංගීත සම්මාන උළෙල නිව්යෝර්ක් නුවරදී පැවැත්විය. ඒ, සජීවීව වර්චුවල් තාක්ෂණය ඔස්සේ ය. වෙනත් වසරවලට වෙනස් අයුරින් පැවැත්වුණු මෙවර සම්මාන උළෙලට රසිකයන් බහුතරයකට සහභාගී වීමේ අවස්ථාව හිමිවූයේ නැහැ . ඒ , කොරෝනා ව්‍යාප්තිය මර්දනයට උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙනි. සංගීත උළෙලේදී BTS , CNCO , මයිලී සයිරස් , මලූමා , ඩෝජා කැට් , ද වීක්එන්ඩ් , ඇතුළු සුපිරි තරු රැසක් ගීත ඉදිරිපත් කළහ. සම්මාන හතර බැගින් දිනාගත් ලේඩි ගාගා, BTS සහ අරියානා ග්‍රාන්ඩේ යන ගායක ගායිකාවන් මෙවර සම්මාන උළෙලේ ප්‍රමුඛස්ථානය උසුලයි. වසරේ කලාකරුවාට හිමි සම්මානය ලේඩි ගාගා දිනාගත් අතර වසරේ හොඳම ගීතයට හිමි සම්මානය ලේඩි ගාගා සහ අරියානා ග්‍රාන්ඩේ එක්ව ගයන රේන් ඕවර් මී ගීතයට හිමිවිය. එහි හොඳම සංගීත වීඩියෝවට හිමි සම්මානය මෙන්ම හොඳම ආර් ඇන්ඩ් බී ගීතයට හිමි සම්මානය බ්ලයින්ඩින් ලයිට්ස් වෙනුවෙන් ද වීක්එන්ඩ් දිනා ගත්තේ ය . වසරේ හොඳම නව කලාකරුට හිමි සම්මානය ඩෝජා කැට් දිනා ගත්තේ ය. හොඳම පොප් ගීතය , හොඳම කොරියානු පොප් ගීතය , හොඳම නර්තන නිර්මාණය සහ හොඳම ගායක කණ්ඩායමට හිමි සම්මාන දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන BTS දිනා ගත්තේ ය. ඒ අනුව අමෙරිකාවේ MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී හොඳම පොප් ගීතයට හිමි සම්මානය දිනාගත් ප්‍රථම ආසියානු ගායක කණ්ඩායම බවට BTS පත්විය. සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සෙසු කලාකරුවන් අතරට මයිලී සයිරස් , CNCO , දුවා ලීපා , බ්ලැක් පින්ක් , හර් , කෝල්ඩ්ප්ලේ , මෂීන් ගන් කෙලී , මලූමා, ටේලර් ස්විෆ්ට් යන කලාකරුවන්ද අයත් ය.
2020-08-31T02:56:38.000Z
ප්‍රවීණ ගායන ශිල්පි මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : ප්‍රවීණ ගායන ශිල්පි මොරිස් බානි විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 79 වැනි වියේ පසුවිය. ඔබ ඇවිත් යන්න, දූවිල්ලෙන් වත්සුනු තවරා වැනි ගීත රැසකින් ඔහු ජනතා ප්‍රසාදය දිනා ගත්තේය. මොරිස් විජේසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිත ය. දේහය මේ වනවිට ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
2020-08-31T01:52:33.000Z
මාලිගාවත්තේදී කංජිපානිගේ සහායකයෙකු දැලේ
මාලිගාවත්තේදී කංජිපානිගේ සහායකයෙකු දැලේ
COLOMBO (News 1st) : මාලිගාවත්ත, ලීමෝලවත්තේදී හෙරෝයින් ජාවාරමට සම්බන්ධ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පාතාල නායකයින් වන කංජිපානි ඉම්රාන් හා ලීමෝලවත්තේ රිස්වාන්ගේ සහයකයෙකු වන මොහොමඩ් ෆාරුස් නොහොත් 'පිච්චේ ෆායිස්' නැමැති පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් සමග හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පාතාල කණ්ඩායම් සාමාජික දෙමටගොඩ චමින්දගේ සහයකයෙකු වූ කුඩුරුවන්ගේ පුත්‍රයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2020-08-31T00:51:09.000Z
මීගමුවේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු කොටු
මීගමුවේදී මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු කොටු
COLOMBO (News 1st) : මීගමුව , ඒත්තුකාල ප්‍රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21 ක්, අයිස් ග්‍රෑම් 27 ක්, රුපියල් 36,000 ක් හා විදුලි තරාදියක් සිය භාරයට ගත් බවයි.
2020-08-31T00:36:01.000Z
අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 13 දෙනෙකු යළි රිමාන්ඩ්
නාකොටික් නිලධාරීන් 13 දෙනෙකු යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන මස 14 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, අද කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ පොලීසියේ තවත් ඉහළ නිලධාරීන් සිටී නම් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, මෙම ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරීන් ඇති බවට නියෝජ්‍ය සොලිටර් ජනරාල් දිලිප පීරීස් මහතා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.
2020-08-31T00:03:42.000Z
කොරියාවේ ලාංකික ශ්‍රමිකයින්ට තාවකාලිකව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා
කොරියාවේ ලාංකික ශ්‍රමිකයින්ට තාවකාලික රැකියා
COLOMBO (News 1st) : කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තාවකාලිකව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට කොරියානු රජය තීරණය කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රණ්දෙණිය මහතා පැවසුවේ මාස 3 සිට 6 දක්වා කාල සීමාවකට අදාළ රැකියා හිමිවන බවයි.
2020-08-30T23:31:44.000Z
රනිල් වික්‍රමසිංහ හා අකිල විරාජ් ජනපති කොමිසම හමුවට
රනිල් හා අකිල ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අද පෙරවරු 10.00 ට පමණ වික්‍රමසිංහ මහතා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අද කොමිසමට පැමිණ සිටියේ ය. මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසමට ප්‍රකාශ ලබා දී තිබේ.
2020-08-30T23:46:41.000Z
වැල්ලම්පිටිය හා මැදවච්චියේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ
වැල්ලම්පිටිය හා මැදවච්චියේ ඝාතන 2ක්
COLOMBO (News 1st) : වැල්ලම්පිටිය හා මැදවච්චිය යන ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ වැල්ලම්පිටිය, කොටිකාවත්ත හන්දියේදී තියුණු ආයුධයකින් පහරදී 42 හැවිරිදි මුල්ලේරියාවේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි. කොටිකාවත්ත අවන්හලක සේවය කළ පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති අතර මීට පෙර ඇති කරගත් පුද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර මැදවච්චිය, වීරාමුරිප්පුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ ඔහුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සමග ඇතිකරගත් පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවයි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
2020-08-30T22:45:36.000Z
බේරූට් පිපිරීම: තුවාල ලැබූ තවත් ලාංකිකයින් දෙදෙනෙකු ගැන තොරතුරු..
බේරූට් පිපිරීම: තුවාල ලැබූ ලාංකිකයින් ගණන 22ක්
COLOMBO (News 1st) : ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරිමෙන් තුවාල ලැබු තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වාර්තා වී තිබේ. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ , ඉන් එක් අයෙකුගේ හිස තුවාල වී ඇති අතර අනෙක් ශ්‍රී ලාංකිකයාගේ පාදයක අස්ථි බිඳී ඇති බවයි. හිසෙහි තුවාල සිදු වූ පුද්ගලයා කාර්යාලයක පවිත්‍රා අංශයේ රැකියා කරන අතර අනෙක් ශ්‍රී ලාංකිකයා නිවසක සේවය කරන අයෙක් බව තානාපතිනිය සඳහන් කළා ය. ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා මේ වනවිට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ශානි කරුණාරත්න මහත්මිය පැවසුවා ය. ඒ සමග ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගියේ ය. ලෙබනනයේ මේ වනවිට සිටින සමස්ත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස 25 000 කට ආසන්න ය. වසර 06 ක කාලයක් බේරූට් වරායේ ගබඩා කර තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් පසුගියදා එලෙස පුපුරා ගියේ මිනිස් ජීවිත හා දේපළ මිනිත්තු කිහිපයක් තුළ සුණු විසුණු කරමින් ය.
2020-08-30T21:22:57.000Z
අධික හිරු රශ්මියෙන් ඇස්වලට බලපෑම් එල්ලවිය හැකියි - වෛද්‍යවරු
අධික හිරු රශ්මිය නිසා ජනතාවට දැනුම්දීමක්..
COLOMBO (News 1st): මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වලට බලපෑම් එල්ලවිය හැකි බව අක්ෂි රෝග විශේෂඥයින් පවසයි. ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසුවේ ඉන් ආරක්ෂා වීම සඳහා එළිමහනේ ගමන් කිරීමේදී අව් කන්නාඩි පැළඳීම ඉතාම වැදගත් වන බවයි. කෙසේ වෙතත් මේ දිනවල අක්ෂි රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් නැතැයි ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
2020-08-30T21:00:16.000Z
බම්බලපිටියේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
බම්බලපිටියේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු දැලේ
COLOMBO (News 1st) : බම්බලපිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සිය භාරයට ගත් බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2020-08-30T20:53:12.000Z
ගම්මැද්ද ගෙයින් ගෙට අද තුන්වැනි දිනටත්
ගම්මැද්ද ගෙයින් ගෙට අද තුන්වැනි දිනටත්
COLOMBO (News 1st): පස්වන වරටත් ආරම්භ කළ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ තුන්වැනි දිනය අදයි. පේරාදෙණිය විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් සමග එක්ව ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මකයි. අද දිනයේදීත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා යාපනය, මාතලේ හා කළුතර යන දිස්ත්‍රික්කයන්හි ගම්මාන වෙත පැමිණෙනු ඇති.
2020-08-30T20:41:14.000Z
සිසුසැරිය පාසල් බස් රථවලට කහ පාට
සිසුසැරිය පාසල් බස් රථවලට කහ පාට
COLOMBO (News 1st) : සිසුසැරිය පාසල් බස් රථ වර්ණ ගැන්වීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මේ වනවිට එම බස් රථ 10 ක පමණ කහ වර්ණය ආලේප කර ඇති බවයි.
2020-08-30T20:28:43.000Z
මහනුවර කම්පනයට ලක්වූ ප්‍රදේශය සිතියම්ගත කිරීමට පියවර
මහනුවර කම්පනය:ප්‍රදේශය සිතියම්ගත කිරීමට පියවර
COLOMBO (News 1st) : කම්පන තත්ත්වයක් වාර්තා වූ මහනුවර, තලාතුඹය ආශ්‍රිත ප්‍රදේශය සිතියම් ගතකිරීම සඳහා භු කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමුකළ බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසුවේ එරට හරහා කම්පනය සිදුවූ නාභිය සොයා ගැනීමට හැකිවනු ඇති බවයි. කම්පනය සිදුවූ ස්ථානය සොයා ගැනීම හරහා ඊට හේතුවූ කරුණු අනාවරණ කරගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය සඳහන් කළේ, අඹකොටේ, දිගන, අනුරගම, හාරගම සහ මයිලපිටිය යන ප්‍රදේශවලට එම කම්පන තත්ත්වය දැනී ඇති බවයි. මහනුවර, හාරගම ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී 8.32 ට පමණ කිසියම් කම්පන තත්ත්වයක් සිදුව ඇති බවට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව තිබුණි.
2020-08-30T19:50:47.000Z
දේශීය වෙළෙඳපොළේ වාහන මිල සීඝ්‍රයෙන් ඉහළට
දේශීය වෙළෙඳපොළේ වාහන මිල සීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st): මෙරට වෙළෙඳපොළේ වාහන මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගොස් ඇතැයි බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා පැවසුවේ, වෙළෙඳපොළේ වාහන හිඟවීම එලෙස වාහන මිළ ගණන් ඉහළ යාමට හේතුවී ඇති බවයි.
2020-08-30T19:00:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1.මහනුවර තැන් කිහිපයක පොළොව දෙදරුවේ මිනිස් ක්‍රියාකාරකමකින්ද? : මහනුවර, ගුරුදෙණිය හා රජවැල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව පසුගියදා රාත්‍රී පො‍ළොවේ ඇති වූ දෙදරීමට ස්වාභාවික නොවන හේතුවක් බලපා ඇතැයි සැකකරන බව භූ විද්‍යාඥයින් පවසයි. 2. කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඩීව් ගුණසේකර ඉල්ලා අස්වෙයි : ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඉල්ලා අස් වී තිබේ. 3. පක්ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග: පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 4. මිදිගම නවාතැන්පොළකදී එංගලන්ත තරුණියකට අතවර කරන්න ගිය පුද්ගලයෙකුට වැඩ වරදී : මාතර, වැලිගම, මිදිගම සංචාරක කලාපයේ නවාතැන්ගෙන සිටි එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 1. චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට : චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .
2020-08-30T11:11:34.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2,860 කි. ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 128 ක් වේ.
2020-08-30T11:06:56.000Z
මහනුවර තැන් කිහිපයක පොළොව දෙදරුවේ මිනිස් ක්‍රියාකාරකමකින්ද?
මහනුවර පොළොව දෙදරුවේ මිනිස් ක්‍රියාකාරකමකින්ද?
COLOMBO (News 1st) : මහනුවර, ගුරුදෙණිය හා රජවැල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රී පො‍ළොවේ ඇති වූ දෙදරීමට ස්වාභාවික නොවන හේතුවක් බලපා ඇතැයි සැකකරන බව භූ විද්‍යාඥයින් පවසයි. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතු බවයි. මෙම දෙදරීම දැනුණ ගුරුදෙණිය හා රජවැල්ල මහවැලි ගඟේ දෙපස රේඛීයව පිහිටා තිබේ. වික්ටෝරියා ජලාශය ද මෙම ප්‍රදේශවලට රේඛීයව කිලෝ මීටර් 12 ත් 10 ත් අතර දුරකින් පිහිටා තිබෙනු දැකිය හැකිය. ජනතාව අදහස් - 8.25ට වගේ ලොකු ශබ්දයක් ආවා ඒත් එක්කම පොළොව හෙල්ලුණා. අපි ඔක්කොම බයවෙලා හිටියා. ලොකු ශබ්දයක් ආවා . මෙම ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයත් තියනවා අපි ඒ බියට තමයි හුඟක්ම පත්වුණේ අපි ඉස්සල්ලා හිතුවේ බෝම්බයක් වෙන්න ඇති කියලා බෝම්බයක් ගහනවා වගේ ලොකු සද්දයක් ආවා දීන් ගාලා ගෙවල්වල දොරවල් ජනෙල් එහෙම පොඩ්ඩක් හෙල්ලිලා ඒ කරලා පොළොව යටින් පල්ලැහැ පැත්තට ගියා ඒ සද්දේ එක විනාඩියක් ඇතුළත ඔක්කොම සද්දේ ඉවර වුණා. ඔක්කොම ඉරි ගිහිල්ලා මං හිතුවේ බ්ලාස්ට් එකක් කියලා මොකක්ද කියලා දන්නේ නෑනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ ගැන අපි සොයා බැලුවා. ඇත්තටම ඒ මොහොතේ ලෝකයේ කිසියම් ප්‍රදේශයකවත් භූමිකම්පාවක් බරපතල තත්ත්වයේ භූමිකම්පාවක් සිදු වෙලා නැහැ. බොහෝ කාලෙකට ඉස්සරලත් මේ වගේ දෙදරීම් ඇතිවුණා හැබැයි ඒ අධික වර්ෂාපතනයකට පස්සේ මේ කලාපයේ තියන ජලාශ වතුරින් පිරුණට පස්සේ මෙවැනි දෙදිරීම් සටහන් වුණා. ඒ පිරිම් අපි විශ්වාස කරලා ජලාශවල පිරෙන ජලය නිසා අධික පීඩනය අධික බර දරා ගැනීමට අපහසු නිසා ඇතිවන පාෂාණ තට්ටුවල දෙදිරීමක් විදිහට නමුත් මේ අවස්ථාවේ ජලාශවල එහෙම තත්ත්වයකුත් නැහැ. ඒ නිසා ජලාශත් එක්ක මේක සම්බන්ධ කරන්න අමාරුයි . අපට විශ්වාස කරන්න වෙනවා මෙය වෙනත් ආකාරයක දෙදිරීමක් කියලා . මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා අපේ තියනවා භූමිකම්පා මධ්‍යස්ථාන හතරක්. පල්ලේකැලේ ප්‍රදේශයෙත් ඒ වගේම මිහින්තලේට ආසන්නයෙන් තියන මහකනදරාව ප්‍රදේශයෙත් මාතර, හක්මන ප්‍රදේශයේත් අම්පාරේ බුද්ධංගල ප්‍රදේශයෙත් 4ක් තිබෙනවා. මොනවා හරි භුමිකම්පාවක් ඒ කියන්නේ තලගැටීම් සම්බන්ධයෙන් භුමිකම්පාවක් ඇති වුණොතින් ඔය මධ්‍යස්ථාන හතරෙම ඒක රෙකෝඩ් වෙනවා. නමුත් ඊයේ ඇතිවුණ සිද්ධිය රෙකෝඩ් වෙලා තියෙන්නේ ඉතාම සුළු සටහන් විදිහට පල්ලේකැලේ මධ්‍යස්ථානයෙන් පමණයි . ඉතිං ඒකෙන් අපි දැන ගන්නවා. අනිවාර්යෙන්ම මේක තල සම්බන්ධයෙන් ස්වාභාවික භුමිකම්පාවක් නෙවෙයි. මොනා හරි සිද්ධියක් වුණාම ඒකේ නාභිය හොයාගන්න පුළුවන් හතරෙන්ම ආවා නම් . කොහොමත් සටහන් වෙලා තිබුණේ නෑ. අපි සූම් කරලා බලලා තමයි හොයාගත්තේ . මෙම සිදුවීම සොයා බැලීමට පත්කළ පරීක්ෂණ කමිටුව අනුමාන කරන්නේ මේ තත්ත්වයට කරුණු තුනක් හේතුවිය හැකි බවයි. 1.ගල් කොරියක බෝර දැමීමේදී ඇති වු අධි කම්පන තත්ත්වයක් 2. හුණු ගල් ස්ථර කඩා වැටීමක් 3. නැතහොත් ජලාශයක අධි ජල තෙරපුමක් මේ දෙදරීමට හේතුවිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් එය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා භූ කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට අදාළ ප්‍රදේශව නිරීක්ෂණය කරමින් සිටී.
2020-08-30T10:54:46.000Z
වේගයෙන් පැමිණි මෝටර් රථයක් අස්ගිරි විහාර පරිශ්‍රයට කඩා වදී: හමුදා සෙබළෙකුට බරපතල තුවාල
අනතුරකින් අස්ගිරි විහාරයේ හමුදා සෙබළෙකුට තුවාල
COLOMBO (News 1st) : මෝටර් රථයක ගැටීමෙන් අස්ගිරි මහා විහාරයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකු අද පෙරවරුවේ බරපතල තුවාල ලැබුවේ ය. පොලීසිය පැවසුවේ, වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි. අදාළ මොටර් රථයේ ගැටීමෙන් තුවාල ලැබුවේ අස්ගිරි මහා විහාරයේ ආරක්ෂාවට යොදවා සිටි රයිෆල් බලකායේ සෙබෙළෙකි. අනතුරින් විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවට ද හානි සිදුව තිබුණි. අප වාර්තාකරු මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකි වී අනතුර සිදුව ඇති බවය. මෝටර් රථය පැදවූ පුද්ගලයා - ඇවිල්ලා ස්ලෝ කරා. ඇවිල්ලා ස්ලෝ කරලා මට හිතාගන්න බැරි විදියට වාහනේ ස්පීඩ් එක වැඩි වුණා. හෙනම ස්පීඩ් වුණා එක පාරටම. පොලිස් නිලධාරියා - බ්‍රේක් කළේ නෑ? මෝටර් රථය පැදවූ පුද්ගලයා - බ්‍රේක් කළාට මුකුත් ඇල්ලුවේ නෑ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.
2020-08-30T10:45:24.000Z
මුහුණු ආවරණය තුළ සඟවා රැගෙනවිත් පාසල් දරුවන්ට හෙරොයින් අලෙවි කළ 'හුරුබුහුටියා' කොටු
පාසල් දරුවන්ට හෙරොයින් අලෙවි කළ 'හුරුබුහුටියා'කොටු
COLOMBO (News 1st) : ගනේමුල්ල ප්‍රදේශයේ පාසල් දරුවන්ට හෙරොයින් අලෙවි කළ අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ 'හුරුබුහුටියා' නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු සිය මුහුණු ආවරණය තුළ සඟවාගෙන මත්කුඩු ප්‍රවාහනය කර ඇති බවය. ඔහු සතුව තිබූ හෙරොයින් පැකට් 7 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
2020-08-30T10:48:29.000Z
මිදිගම නවාතැන්පොළකදී එංගලන්ත තරුණියකට අතවර කරන්න ගිය පුද්ගලයෙකුට වැඩ වරදී
එංගලන්ත තරුණියකට අතවර කරන්න හැදූ අයෙකු දැලේ
COLOMBO (News 1st) : මාතර, වැලිගම, මිදිගම සංචාරක කලාපයේ නවාතැන්ගෙන සිටි එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එංගලන්ත ජාතික තරුණිය සිටි නවාතැන්පොළේ සවිකර තිබූ CCTV කැමරාවල අදාළ පුද්ගලයා එම ස්ථානයට ඇතුළුවන අයුරු සටහන්ව තිබුණි. මෙම පුද්ගලයා මුදල් ද සොරකම් කර ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඔහු පැයකට ආසන්න කාලයක් නිවසේ සිට ඇති අතර අනතුරුව විදේශීය තරුණිය සිටි කාමරයට ඇතුළු වී තිබේ. පොලීසිය පැවසුවේ මේ අවස්ථාවේ විදේශීය තරුණිය පමණක් නිවසේ සිට ඇති බවයි. CCTV දර්ශන ඔස්සේ පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වී තිබෙන අතර ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ. එංගලන්ත ජාතික තරුණියගේ මිතුරියක් - මේ පුද්ගලයා ඒ වෙලාවේ නිවස තුළට ඇවිල්ලා පැයක පමණ කාලයක් මෙහි ඉදලා තියනවා. මගේ යාලුවාගේ මුදල් හොරකම් කරන්නත් උත්සාහ කරලා තියනවා. පසුව නිරුවතින් මගේ යාලුවාගේ කාමරයට ඇතුළු වෙලා. අපි හැමවෙලේම මෙහේ එන්නේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. අපි පොලීසියට ගියා. ඔවුන් ඒ පුද්ගලයාව සොයා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට නිසි දඬුවම් ලැබෙයි කියලා. ඒ වෙච්ච දේ හරිම නරකයි . අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
2020-08-30T08:36:32.000Z
ජනතාවගේ හඬට සවන් දෙන්න ගම්මැද්ද ගෙයින් ගෙට සමගින් මහ බැංකුවත් අත්වැල් බැඳ ගනී
ගම්මැද්ද ගෙයින් ගෙට සමග මහ බැංකුවත් අත්වැල් බැඳගනී
COLOMBO (News 1st) : නූතන ලෝකයේ සිදුවන ඩිජිටල් ගනුදෙනු සමග ජනතාවට වාසි රැසක් ලැබෙමින් පවතී. කාසි හා නෝට්ටු සංසරණය මේ වනවිට මහා බැංකුවට අතිරේක වියදමක් දැරීමට සිදුව ඇති ක්‍රියාවලියක් ය. මේ නිසා මහ බැංකුව විද්‍යුත් ක්‍රමයට කරන ගෙවීම් හා පියවීම් සිදුකරන ක්‍රමවේද ප්‍රචලිත කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ, 2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව ය. මාතලේ විහාරගමින් අද ආරම්භ වූ ගම්මැද්ද ගෙයින් ගෙට ගමනට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ද සහභාගී වූහ. මුදල් පරිහරණය අවම කරමින් නවීන තාක්ෂණය යොදාගෙන ගනුදෙනු කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය සමග එක්ව සිටිති. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම හා පියවීම් අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ගෙයින් ගෙට යමින් අද ජනතාව දැනුවත් කළේ ය. ඔහු සමග සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා සහ තවත් බැංකු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ. QR කේත ක්‍රමවේදයක් ඔස්සේ සිය ව්‍යාපාර සහ එදිනෙදා ගෙවීම් පියවීම් කටයුතු සිදු කළ හැකි ආකාරය එහිදී ඔවුන් සරලව ජනතාවට පැහැදිලි කළේ ය. මේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව තුළ තිබුණේ දැඩි උද්යෝගයක් ය. ජනතාව හමුවී ඔවුන්ගේ හඬට සවන් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ මෙවර ක්‍රියාත්මක වන්නේ පස්වන අදියරයි. මාතලේ , කළුතර සහ යාපනය දිස්ත්‍රික්කවල අදත් අප කණ්ඩායම් සංචාරය කළේ, මහ බැංකුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් ද සමගිනි.
2020-08-30T09:40:21.000Z
කොළඹ වරාය නගරය ඉදි කරන ආයතනය ඇතුළු සමාගම් 24කට පනවා ඇති සම්බාධක කොළඹ චීන තානාපති කාර්යාලයේ විවේචනයට
අමෙරිකාවේ සම්බාධක චීන තානාපති කාර්යාලයේ විවේචනයට
COLOMBO (News 1st) : කොළඹ වරාය නගරය ඉදිකිරීමට සම්බන්ධ ආයතනය ඇතුළු චීන සමාගම් 24 කට අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක කොළඹ චීන තානාපති කාර්යාලය විවේචනය කර තිබේ. අමෙරිකාව මෙම සම්බාධක පනවා ඇත්තේ, එරට රජයේ බලපත්‍රයක් නොමැතිව අදාළ චීන සමාගම් 24 වෙත නිෂ්පාදන අපනයනය කිරීම නීති විරෝධී බව පවසමින් ය. දකුණු චීන මුහුදේ කෘත්‍රිම දූපත් ඉදිකිරීම්වලට සම්බන්ධ චීන සමාගමකට සම්බාධක පැනවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් ය. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සිදු කරන චයිනා හාබර් සමාගමේ මව් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සම්බාධක පැනවූ ආයතන අතර වේ. චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම මීට පෙර හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා සම්බන්ධවී සිටියේ ය. අමෙරිකාව විසින් සම්බාධක පැනවූ ආයතන අතර ඇති තවත් සමාගමක් වන්නේ ෂැංහායි ෂින්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමයි. මෑතකදී අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දොඹකර සැපයීම සිදු කළේ ය. චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලූඕ හොං අමෙරිකාවේ මෙම තීරණ සමබන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. එහි දැක්වෙන්නේ මෙවැනි අයුක්ති සහගත සම්බාධක පැනවීම හරහා චීනයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සහයෝගීතාවයට බලපෑම් එල්ල වනු ඇති බවයි. දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට සම්බන්ධ සමාගම් මෙහිදී ඉලක්ක කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි. චීන තානාපති කාර්යාලයේ නිලධාරියාට අනුව චීනය අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ තම වැරදි නිවැරදි කර වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කරන ලෙසය. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ දිනවල නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කරමින් සිටී. පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවූ තානාපති හූ වෙයි මහතා කොවිඩ් මර්ධනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත චීන රජයේ පැසසුමට ලක් වන බව දැනුම් දී තිබුණි. ඔහු අමාත්‍යවරියට දන්වා ඇත්තේ නව රජයේ සියලු වැඩපිළිවෙළට සහයෝගය ලබා දීමට චීනය කටයුතු කරන බවයි. මේ අතර තානාපතිවරයා පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමග ද සාකච්ඡා කළේ ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා චීන රජයට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
2020-08-30T06:43:39.000Z
ගාල්ලේදී බස් 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 12 කට තුවාල
ගාල්ලේදී බස් 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 12 කට තුවාල
COLOMBO (News 1st) : ගාල්ල, දඩල්ලේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද උදෑසන මුහුණට මුහුණලා ගැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි. අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2020-08-30T05:23:35.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2998 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2998 දක්වා ඉහළට
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු අද හඳුනා ගැනිණි ඔවුන් මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2998 දක්වා ඉහළ ගොස් තිබේ. වෛසරය ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 126 කි. කොරෝනා ආසාදනය වූ 11 දෙනෙකු අද සුවය ලැබුවේ ය. ඒ අනුව මෙරට කොරෝනා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2860 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
2020-08-30T04:27:26.000Z
කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඩීව් ගුණසේකර ඉල්ලා අස්වෙයි
කොමියුනිස්ට් නායකත්වයෙන් ඩීව් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඉල්ලා අස් වී තිබේ. ඒ අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම්දීමකින් පසුවයි. ධූරයෙන් ඉල්ලා අස්වූ ඩිව් ගුණසේකර මහතා , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා යෝජනා කර තිබේ. පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම යෝජනාව ස්ථිර කළ බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වන ප්‍රධාන ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ අද පත්විය.
2020-08-30T03:48:08.000Z
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) : වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රක්කයේත් සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක් තද සුළං ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2020-08-30T02:53:10.000Z
වසරේ ගතවූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4484 ක්
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4484 ක්
COLOMBO (News 1st) : වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4484 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ, පසුගිය වසර තුළදී පමණක් එවැනි සිද්ධීන් 8558 ක් ලැබී ඇති බවයි. සංඛ්‍යාත්මකව වාර්තා වී ඇති ළමා අපයෝජන සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන අතර අපයෝජන සිද්ධීන්ගේ කෲරත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේ ය.
2020-08-30T02:33:46.000Z
අක්මීමන FaceBook සාදයක් සංවිධානය කළ 28 ක් කොටු
අක්මීමන FaceBook සාදයක් සංවිධානය කළ 28 ක් කොටු
COLOMBO (News 1st) : අක්මීමන, රත්ජම්බුගහ ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් සංවිධානය කළ 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අතර තරුණියන් දෙදෙනෙකු සිටින බවයි. ඒ අතරින් 6 දෙනෙකු සතුව තිබී ගංජා ග්‍රෑම් 12 ක් සොයාගෙන තිබේ. සැකකරුවන් මාතලේ, අනුරාධපුර, මොරටුව, අම්පාර සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම යන චෝදනා යටතේ ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-30T02:04:45.000Z
මහනුවර කම්පනය ගැන උපකල්පන 3ක්..
මහනුවර කම්පනය ගැන උපකල්පන 3ක්..
COLOMBO (News 1st): මහනුවර , තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශවල වාර්තා වූ කම්පන තත්ත්වයට සිදුවීම් 3ක් හේතු විය හැකි බවට පරීක්ෂණ කමිටුව අනුමාන කර තිබේ. භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේ, ගල් කොරියක බෝර දැමීමේදී ඇති වු අධි කම්පන තත්ත්වයක්, ඊට හේතු වන්නට ඇති බවට සැක කරන බවය. එසේ නොමැති නම් හුණු ගල් ස්ථර කඩා වැටීමක් ද ඒ සඳහා හේතු විය හැකි වේ. අදාළ කම්පනය සිදුවීමට බලපා හැකි 3වන කරුණ ලෙස කමිටුව සැක පළ කරන්නේ වික්ටෝරියා ඇතුළු ආසන්න ජලාශවල සිදුවු අධි ජල තෙරපුමක් බවයි. එය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා භූ කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට අදාළ ප්‍රදේශවල නිරීක්ෂණයක නිරත වෙමින් සිටී. එහිදී නිවාසවලට සිදුවූ හානි තත්සේරු කෙරෙන බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේය. මහනුවර, හාරගම ප්‍රදේශයේ කිසියම් කම්පන තත්ත්වයක් සිදුව ඇති බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව තිබුණේ ඊයේ රාත්‍රි 8.32 ට පමණි. ඉන් සිය නිවාසවලට බලපෑම් වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කළේ ඉන් අනතුරුවයි. සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය එම කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබේ.
2020-08-30T01:10:11.000Z
පක්ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් - අර්ජුන රණතුංග
එජාප නායකත්වය භාර ගැනීමට අර්ජුන සූදානම්
COLOMBO (News 1st): පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ, මහර පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් පසුව මාධ්‍යය අමතමින්ය. https://www.facebook.com/NewsfirstSL/videos/763069914266746/
2020-08-30T01:31:54.000Z
කහ තොගයක් සමග සැකකරුවෙකු පේසාලේදී අත්අඩංගුවට
කහ තොගයක් සමග සැකකරුවෙකු පේසාලේදී අත්අඩංගුවට
COLOMBO (News 1st): පොලිස් වසමේ මන්නාරම - තලෙයිමන්නාරම මාර්ගයේ තුල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී කහ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පේසාලේ පොලිස් වසමේ මන්නාරම - තලෙයිමන්නාරම මාර්ගයේ තුල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී කහ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට එම කහ තොගය රැගෙන එන්නට ඇති බවට සැක කරන බවය. පේසාලේ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී කහ කිලෝග්‍රැම් 862යි ග්‍රැම් 370 ක් සොයාගෙන තිබේ. සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-08-30T00:36:09.000Z
අවුරුදු 19ත් 25ත් අතර පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම ඉහළට
අවුරුදු 19ත් 25ත් අතර දරුවන් අතර HIV ආසාදනය ඉහළට
COLOMBO (News 1st): මෙරට අවුරුදු 19 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායනවලින් සිදුකරන ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව එය අනාවරණ වූ බවය. මෙම කණගාටුදායක තත්ත්වය මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය පැවසුවාය. විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට තුළ සිටිය යුතු HIV ආසාදිතයින් සංඛ්‍යාව 3600 කි. එසේ වුවත් සායනවල දැනට ලියාපදිංචි වී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. ඉතිරි පුද්ගලයින් 1600ක ප්‍රමාණය තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින් ද ආසාදනය විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දුන්නාය. මේ තත්ත්වය හමුවේ තම ආයතනයේ සායන වෙත පැමිණ පුද්ගලිකත්වය සුරැකෙන ලෙස රුධිර පරීක්ෂාවන් නොමිලේම සිදුකර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නීය.
2020-08-30T00:06:36.000Z
ආනවිලුන්දාව තෙත් බිමට කළ හානිය සෙවීමට පත් කළ කමිටුව ක්ෂේත්‍ර නිරීක්ෂණයක
ආනවිලුන්දාව: කමිටුව ක්ෂේත්‍ර නිරීක්ෂණයක
COLOMBO (News 1st): ආනවිලුන්දාව, රැම්සා තෙත්බිම් අභය භූමියේ නීති විරෝධීව කොටසක් ඩොසර් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි සභාපති අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ විෂයභාර අමාත්‍ය සී.බී.රත්නායක මහතා විසින් එම කමිටුව ඊයේ පත් කළ බවය. නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තා මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කළේය. මේ අතර ආනවිලුන්දාව, රැම්සා තෙත්බිම් අභය භූමියේ නීති විරෝධීව කොටසක් ඩොසර් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව සති 2ක් තුළ ලබා දෙන්නැයි උපදෙස් දුන් බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සඳහන් කළේ, අභය භූමියේ කොටසක් නීති විරෝධි ලෙස ඩෝසර් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව ය. ලැබෙන වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ කොටසක් නීති විරෝධී ලෙස ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම ප්‍රදේශයේ ඉස්සන් ව්‍යාපාරිකයෙක් සහ එම තෙත් බිම ඩෝසර් කළ රියදුරුයි. මේ අතර වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තු ඒකාබද්ධව විනාශ කළ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
2020-08-29T23:32:52.000Z
ජනතා හඬට සවන් දෙන 'ගම්මැද්ද ගෙයින් ගෙට' අදත් ඔබේ ගමට..
ජන හඬට සවන් දෙන 'ගම්මැද්ද ගෙයින් ගෙට' අදත් ඔබේ ගමට
COLOMBO (News 1st): ජනතා හඬට සවන් දෙන්න ගෙයින් ගෙට යන්න අපි පස්වෙනි අවස්ථාවටත් ගමට යන්න ඊයේ සිට යළි ආරම්භ කළේය. ගම්මැද්ද ගෙයින් ගෙට මෙවර ගමට එන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයි , මහ බැංකුවයි එක්ක. අපේ කණ්ඩායමක් ඊයේ ගමන පටන් ගත්තේ කළුතර, බුලත්සිංහල ඥානාලෝක පිරිවෙනෙනි. ගම වටේම ස්වභාවික ජල උල්පත් තියාගෙන බොන්න වතුර ගන්න විදිහක් නැතුව පීඩාවිදින පිරිසක් අපිට මුලින්ම හමුවුණේ බදුරලිය සමන්පුර ගම්මානයේදීය. උල්පත්වල තියෙන ජලය ගමට ගෙනල්ලා තැන්පත් කරගෙන පාවිච්චියට ගන්න ක්‍රමයක් නැහැ. අවුරුදු 25 කට කළින් ටැංකියක් බැදලා වතුර දුන්නත් දැන් ඒ ටැංකියේ සිදුරු. ගම්වැසියන්ම ප්‍රශ්නයට උත්තරයත් හොයාගෙන තියෙන්නේ.. මීටර් 150 ක දුරකට නල එලුවනම් බොහොම ලෙහෙසියෙන් ගමට වතුර ගන්න තිබුණා. දුරඑළිය පස් හවුල් හේන හරහා වැටි තිබෙන මේ මාර්ගය රුපියල් කෝටියකට ආසන්න මුලකින් අලුත්වැඩියා කරලා. ඒත දැන් පාරට අත්වෙලා තියෙන ඉතාමත් ඛේදනීය ඉරණමකි. අයෙත් පාරක හදල දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් කියලයි මේ අය ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට කිව්වේ. බුලත්සිංහල, පරගොඩ කියන්නේ ගං වතුරෙන් කාලෙක ඉදලා පීඩාවිදින ගම්මානයකි. වහින කාලෙට ගමේ හැමෝම ඉන්නේ බයෙන්. ගෙවල් දොරවල් විතරක් නෙමෙයි වගාවත් ගංවතුරෙන් විනාශ වෙනවා. කුකුලේ ගඟ ජලාශය වාන් දාන කාලෙට මේ ප්‍රශ්නය තවත් බරපතලයි. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු කණ්ඩායමක් සොයා බලද්දී තවත් පිරිසක් හිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ. මාතලේ කියන්නේ පිරිසිදු ජල උල්පත් යහමින් තියෙන දිස්ත්‍රික්කයකි. ඒත් හැළඹගහ වත්ත ගමේ ජනතාව බොන්න වතුර නැතුව දුක් විදන්නේ කාලෙක ඉඳල. වකුගඩු රෝගයෙන් ගමේ බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එකම විසඳුම වෙලා තියෙන්නේ වතුර අරන් බවුසරයක් එනකල් බලන් ඉන්න එක. වන අලින්ගෙනුත් මේ ගම්මානයට අඩුවක් නැහැ. අලි වැටක් ගැන තවමත් ගම් වැසියන්ට තියෙන්නේ හීනයක්. මාතලේ කණ්ඩායම ජනතාව හමුවෙද්දී යාපනය සෙල්වසන්නිදි කෝවිලෙන් උතුරු පළාතේ අපේ ගමන ඊයේ පටන් ගත්තේය. කරවෙඩ්ඩි, රාජග්‍රාමම් ජනතාව දුක් විදින්නෙත් පිරිසදු ජලය නොමැති කමින්. දවස ජීවත් වෙන්න ආදායම් හොයාගන්න මේ ගම්මානයේ වැසියන් බොන්න වතුර ටික හොයාගන්න නොවිඳිනා දුකක් නැති තරම්. චෙරුඩාවිල් , සීලාපුලම් , මායපුර කෝවිල් යන ගම්මා වල ජනතාවටත් බොන්න වතුර නෑ . ජීවත්වෙන ඉඩම ඔප්පුවක් නැති එකත් මේ අයට ප්‍රශ්ණයකි. ගම්මැද්ද ගෙයින් ගෙට ජනතාව අසලට ගොස් ඔවුන්ගේ ගැටලු විමසද්දී ජනතාව සවිබල ගන්වන ගම්මැද්ද සවියත් පැවැත්විය. කළුතර, බුලත්සිංහලදී ඊයේ ආරම්භ වුණේ 171 වන ගම්මැද්ද සවිය සංවිධානයයි. කළුතර, පාලින්ද නුවර ගලහිටියේ ගම්මානයේ අද ගම්මැද්ද සවියක් පිහිටවූයේ යතුර පැදිවල සහ රථවාහනවල විදුලි ආලෝකයෙනි. අපේ කණ්ඩායම ගමට ගිහින් සවිය පිහිටුවන්න සියල්ල සූදානම් කර තිබියදී විදුලිය විසන්ධි විය. නමුත් ඉන් අධෛර්යට පත් නොවුණු ගම් වැසියන් ඊට කදිම අදේශකයක් ලබා දුන්නේය. තරුණ පිරිස තමන් පැමිණි යතුරු පැදියේ ආලෝකය ලබා දෙද්දි තවත් පිරිසක් රථ වාහනවල විදුලි ආලෝකය ලබා දුන්නේය. ඒ ආලෝකය මැද සාර්ථකව ගම්මැද්ද සවිය අපි අවසන් කළෙමු. මේ ආකාරයට ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් දෙවන දිනටත් කළුතර, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ගම්මාන වෙත ගොස් ජනතා ගැටලු රට හමුවේ තැබීමට සූදානමින් සිටී. ගම්මැද්ද ගෙයින් ගෙට පළමු දිනය - 29.08.2020 https://youtu.be/25tIAfDLAus
2020-08-29T22:33:39.000Z
දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්
දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්
COLOMBO (News 1st): දැදුරු ඔයේ, මංකඩින් දියනෑමට දිය පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මොහු අතුරුදන් වී ඇති බවය. එලෙස අතුරුදන්ව ඇත්තේ 50 හැවිරිදි පොතුහැර පදිංචිකරුවෙකි. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් එක්ව මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
2020-08-29T22:17:44.000Z
චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට
චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට
COLOMBO (News 1st): චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . චීන මාධ්‍ය වාර්තා කළේ, සුන්බුන්වලට සිරව සිටි පුද්ගලයින්ගෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවය . මෙම ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයන් 700 ක් පමණ දායක වී සිටින අතර මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.
2020-08-29T21:56:28.000Z
කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් මහනුවරට
මහනුවර කම්පනය ගැන විශේෂ පරීක්ෂණයක්
COLOMBO (News 1st): මහනුවර, තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ සිදුවූ කම්පනය සම්බන්ධයෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසිනි. මහනුවර, තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශ වලින් ඊයේ රාත්‍රී 8.30 ට පමණ කිසියම් කම්පනයක් සිදුවූ බව, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළහ. ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා පත්කළ විශේෂඥ කණ්ඩායම මේ වන විටත් මහනුවර ප්‍රදේශයට ගොස් ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.
2020-08-29T11:22:44.000Z
''කම්පන තත්ත්වය ගැන කළබල විය යුතු නැහැ'' - භූ විද්‍යාහා පතල් කාර්යාංශය
''කම්පන තත්ත්වය ගැන කළබල විය යුතු නැහැ''
COLOMBO (News 1st) : මහනුවර, හාරගම ප්‍රදේශයෙන් වාර්තා වන කම්පන තත්ත්වය ස්වභාවික භූ චලනක් විය නොහැකි බව භූ විද්‍යාහා පතල් කාර්යාංශය පවසයි. එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නොමැති බවයි. https://www.youtube.com/watch?v=DNFZmanQQ-k&feature=youtu.be
2020-08-29T10:26:16.000Z
''දැන් තියෙන්නෙ, 19 වාරයක් සංශෝධනය වූ කබල් ව්‍යවස්ථාවක්''- කතානායක
කතානායකගෙන් කරුණු 3ක් ගැන පැහැදිලි කිරීමක්
COLOMBO (News 1st) : මේ වනවිට රටේ ක්‍රියාත්වක වන්නේ, 19 වාරයක් සංශෝධනය වූ කබල් ව්‍යවස්ථාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ , රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි. කතානායකවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනා එක්ව ඉදිරි අවුරුදු 50කට වත් වෙනස් කිරීමට අවශ්‍ය නොවන ව්‍යවස්ථාවක් සැකසිය යුතුව ඇති බවයි. මීට අමතරව කෝප් කමිටුවේ සභාපතීත්වය සම්බන්ධයෙන් ද කතානයකවරයා අදහස් පළ කළේ ය. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කථානායකවරයා පැවසුවේ, ඊළඟ පාර්ලිමේන්තුවාරයට ඔහු කැඳවා ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන්වූ බවයි. https://www.youtube.com/watch?v=rk7KpKMdgnE&feature=youtu.be
2020-08-29T08:14:36.000Z
හොර පාරෙන් ගෙනා රත්‍රං නාවික හමුදා භාරයට
හොර පාරෙන් ගෙනා රත්‍රං නාවික හමුදා භාරයට
COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබු රත්‍රං කිලෝග්‍රෑම් 5 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙම මෙහෙයුම කළ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය. අත්අඩංගුවට ගත් 30 හා 32 හැවිරිදි සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය රේගු කාර්යාලයට භාර දී තිබේ
2020-08-29T06:49:25.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 6ක් හඳුනා ගනී
තවත් කොරෝනා ආසාදිතයින් 6ක් හඳුනා ගනී
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු අද හඳුනා ගැනිණ. එම පුද්ගලයින් වන්නේ එක්සත් රාජධානියේ සහ ලෙබනන් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකුයි. ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ අනුව මෙරට කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 2995 දක්වා ඉහළ ගොස් තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134 කි. කොරෝනා රෝගීන් 6 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2849 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
2020-08-29T06:37:42.000Z
තෙත් බිම් වැනසීම : සැකකරුවන් රිමාන්ඩ්
තෙත් බිම් වැනසීම : සැකකරුවන් රිමාන්ඩ්
COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් නීතිවිරෝධිව ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම ප්‍රදේශයේ ඉස්සන් ව්‍යාපාරිකයෙකු සහ එම තෙත් බිම ඩෝසර් කළ රියදුරුයි. එම ඩොසර් යන්ත්‍රය සහ එහි රියදුරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාළ ව්‍යාපාරිකයා අද උදෑසන ආරච්චිකට්ටුව පොලීසියට භාර විය. ඔවුන් මුන්දලම සහ බත්තුළුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
2020-08-29T05:59:20.000Z
එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා - රුවන් විජේවර්ධන
එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා - රුවන් විජේවර්ධන
COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/2448124645492313/
2020-08-29T03:37:50.000Z
ආනවිලුන්දාව එළි කිරීම : ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු රිමාන්ඩ්
ආනවිලුන්දාව එළි කිරීම: සැකකරුවන් රිමාන්ඩ්
COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2020-08-29T03:06:18.000Z
ලෝරා සුළි කුණාටුවෙන් අමෙරිකානුවන් 14 ක් මරුට
ලෝරා සුළි කුණාටුවෙන් අමෙරිකානුවන් 14 ක් මරුට
COLOMBO (News 1st) : ලෝරා සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස ලක්ෂ 5 ක අධික සංඛ්‍යාවක් සඳහා විදුලිය ද විසන්ධි වූ බවයි. පත්ව ඇති තත්ත්වය සඳහා හදිසි මූල්‍ය ආධාර ලබාදෙන මෙන් ලුසියානා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා රජයෙන් ඉල්ලීම් කර තිබේ. පැයට කිලෝමීටර් 240 ක සුළං වේගයකින් කඩාවැදුණු ලෝරා සැලකෙන්නේ ලුසියානා ප්‍රාන්ත වැසියන් මෙතෙක් අත්දුටු ප්‍රභලතම සුළි කුණාටුවලින් එකක් ලෙසයි .
2020-08-29T02:53:27.000Z
බ්ලැක් පැන්තර් තුළින් ජනප්‍රිය වූ අමෙරිකානු නළු චැඩ්වික් බොස්මන් මියයයි
බ්ලැක් පැන්තර් මියයයි
COLOMBO (News 1st) : බ්ලැක් පැන්තර් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් අමෙරිකානු නළු චැඩ්වික් බොස්මන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ. මිය යනවිට 43 හැවිරිදි වියේ පසු වූ ඔහු සිය රෝගය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කර තිබුණේ නැහැ. ප්‍රකාශයක් නිකුත් කරමින් චැඩ්වික් බොස්මන්ගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ , සැබෑ සටන්කරුවෙක් වන චැඩ්වික් සියලු අභියෝග ඉදිරියේ නොපසුබට උත්සහයෙන් කටයුතු කළ බවයි . ඔහු ප්‍රතිකාර ලබන අතරතුරද චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2020-08-29T02:25:53.000Z
අනුරාධපුරේදී යාචකයෙකු ඝාතනය කෙරේ
අනුරාධපුරේදී යාචකයෙකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාල අසළදී යාචකයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-08-29T02:45:58.000Z
හබරණදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
හබරණදී ගිනි අවියක් සමග සැකකරුවෙකු දැලේ
COLOMBO (News 1st) : හබරණ, හතරැස්කොටුව, ගල්ඔය හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී එම උණ්ඩ, යුද හමුදා නිල ඇඳුම් කොටස් ද සිය භාරයට ගත් බවයි. මේ අතර යක්කලමුල්ල පොලිස් වසමේ ඇල්ලඉහළ හා ගල්කන්ද ප්‍රදේශවලදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතුරම් දෙකක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-08-29T01:30:15.000Z
කෝප් හා කෝපා කමිටු සඳහා සාමාජිකයින් නම්කර එවැන්නැයි පක්ෂවලට දැනුම් දෙයි
කෝප් හා කෝපා කමිටු සඳහා සාමාජිකයින් ඉල්ලයි
COLOMBO (News 1st) : 9 වන පාර්ලිමේන්තුවට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සාමාජික මන්ත්‍රීවරුන් නම්කර එවැන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි මන්ත්‍රී සංයුතිය අනුව සිය නම් කිරීම් සිදු කරන ලෙස දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ නාම ‍යෝජනා ලබන 8 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස පක්ෂවලට දැනුම් දී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජිකයින් 22දෙනෙකුගෙන් සමන්විත වේ. මේ අතර පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයන් විපක්ෂයට ලබා දෙන්නැයි පසුගියදා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.
2020-08-29T01:29:41.000Z
රැම්සා තෙත්බිම් අභය භූමියට හානි කිරීම: තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
රැම්සා තෙත්බිම් අභය භූමිය:තවත් අයෙකු දැලේ
COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ බිම් කොටසක් නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩප්පුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඉස්සන් ව්‍යාපාරිකයෙකි. ඔහු අද උදෑසන පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හානියට පත්කර ඇති ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ කොටස යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි වනජීවි අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් යටතේ එම හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය 25 වැනිදා රාත්‍රියේ තම නිලධාරීන් නොමැති අවස්ථාවක මැෂින් හා වෙනත් උපකරණ යොදා ගනිමින් තෙත් බිම එළිපෙහෙළි කර ඇති බවයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ ප්‍රදේශයක් මුළුමනින්ම ඩොසර් වන්නේ අදාළ භූමි ප්‍රදේශයේ කඩොලාන ශාක ප්‍රතිෂ්ථාපනය කිරීම සඳහා වූ මූලික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ පසුබිමක ය. තෙත් බිමේ හෙක්ටයාරකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
2020-08-29T01:21:43.000Z
චීනයේ වූහාන්හී සියලු පාසල් ලබන අඟහරුවාදා සිට යළි විවෘත කෙරේ..
වූහාන්හී පාසල් අඟහරුවාදා සිට විවෘත කෙරේ..
COLOMBO (News 1st) : කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු චීනයේ වූහාන්හී සියලු පාසල් ලබන අඟහරුවාදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රාථමික ‍ශ්‍රේණි සඳහා ද පාසළ් විවෘත වනු ඇති. අධ්‍යාපන ආයතන 2,842 ක ඉගෙනගනු ලබන මිලියන 1.4 කට ආසන්න සිසුන් පිරිසක් සඳහා ඒ යටතේ පාසලට පැමිණිමට හැකියාව ලැබේ. නැවත වාරයක් අවදානම් සහිත තත්ත්වයක් ඇති වුවහොත් ඔන්ලයින් තාක්ෂණය හරහා නැවත ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අධ්‍යාපන ආයතන සඳහා පැමිණෙන සිසුන්ට මුහුණු ආවරණ පළදින ලෙසත් , හැකිනම් පොදු ප්‍රවාහනයෙන් වළකින ලෙසත් උපදෙස් ලබා දී තිබේ. අධ්‍යාපන ආයතන නිර්දේශ කළ විදේශීය සිසුන්ට සහ ගුරුවරුන්ට පමණක් අධ්‍යාපනය සඳහා නැවත පැමිණීමට හැකි වන අතර එසේ නොවන විදේශීය ශිෂ්‍යන්ට සහ ගුරුවරුන්ට යළි දැනුම් දෙන තුරු පැමිණිය නොහැකි බව නිවේදනය කළේ ය.
2020-08-29T00:38:13.000Z
ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමග 6 දෙනෙකු කොටු
ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමග 6 දෙනෙකු කොටු
COLOMBO (News 1st) : ඉංගිරිය, මීටියාගොඩ, පිළියන්දල , වැලිකඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති බවයි. ඉංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු දින 7 ක රැඳවුම් නියෝග ලබා විමර්ශන සිදුකෙරෙන අතර සෙසු සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-08-28T23:26:58.000Z
හානියට පත් ආනවිලුන්දාව අභය භූමියේ කොටස යථා තත්ත්වයට පත් කිරීමේ සූදානමක්..
රැම්සා තෙත්බිම් අභය භූමියට හානි කළේ කවුද?
COLOMBO (News 1st) : හානියට පත්කර ඇති ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ කොටස යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි වනජීවි අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් යටතේ එම හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය 25 වැනිදා රාත්‍රියේ තම නිලධාරීන් නොමැති අවස්ථාවක මැෂින් හා වෙනත් උපකරණ යොදා ගනිමින් තෙත් බිම එළි පෙහෙළි කර ඇති බවයි. වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ ප්‍රදේශයක් මුළුමනින්ම ඩොසර් වන්නේ අදාළ භූමි ප්‍රදේශයේ කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ මූලික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ පසුබිමකදීය. මෙම සංවේදී පරිසර පද්ධතිය ඩොසර් කර තිබෙන්නේ ඉස්සන් වගා කිරීම සඳහා පොකුණක් සකස් කිරීමට බව අනාවරණය කරගෙන තිබුණත් , එය කළේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. තෙත්බිමේ හෙක්ටයාරකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
2020-08-28T22:25:45.000Z
කොරෝනා රෝගීන් ගණන 2989 ක් දක්වා ඉහළට
කොරෝනා රෝගීන් ගණන 2989 ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා අසාදිතයින් තිදෙනෙකු හඳුනා ගනු ලැබුවේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් සිට පැමිණ නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් තිදෙනෙකු එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2989 ක් දක්වා ඉහළ ගියේ ය. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් සංඛ්‍යාව 135 කි. ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලැබුවේ ය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා රෝගින් සංඛ්‍යාව 2842 කි.
2020-08-28T21:46:52.000Z
ප්‍රදේශ ගණනාවක ලොකු ලූණු වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්
ලොකු ලූණු වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්
COLOMBO (News 1st) : ලොකු ලූණු වගාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පීඩාවට පත්ව සිටී. අප වාර්තාකරු පැවසුවේ ගල්නෑව, තොරනේගම, අමුණුගම, එලබදුගම, හල්මිල්ලෑව, යන ප්‍රදේශවල සහ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මානේරුව පරවහගම, අඹගස්වැව කිතුල්වැහැර ප්‍රදේශවල බහුල ලෙස මෙවර යල කන්නයේ ලොකු ලූණු වගා කර ඇති බවයි. මේ වනවිට එම ප්‍රදේශවල වගාවන්හි බොහෝ ලොකු ලූණු ශාඛ මියගොස් ලූණු අලය ද කුණුවී වීනාශ වීමට පටන් ගෙන තිබේ.
2020-08-28T21:14:33.000Z
ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2000කට කොරෝනා
ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2000කට කොරෝනා
COLOMBO (News 1st) : ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවසුවේ ඉන් 400 කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි. කොරෝනා අසාදනය වීමෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් 52 දෙනෙකු මියගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2020-08-28T20:48:29.000Z
මාස 5 ක් තුළ වියළි කාලගුණයෙන් ලක්ෂ 2කට අධික පිරිසකට පීඩා
වියළි කාලගුණයෙන් දෙලක්ෂ තිස් දෙදහසකට පීඩා
COLOMBO (News 1st) : මාස 5 ක් තුළ වියළි කාලගුණයෙන් දෙලක්ෂ තිස් දෙදහසකට පීඩා වියළි කාලගුණයෙන් දෙලක්ෂ තිස් දෙදහසකට පීඩා ගතවූ මාස 5 ක කාලය තුළදී වියළි කාලගුණය හේතුවෙන් පවුල් 69, 571ක පුද්ගලයින් දෙලක්ෂ 32 , 423 දෙනෙකුට ඉන් බලපෑම් එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් අදාළ කාලය තුළ දිස්ත්‍රික්ක 10 කට බලපෑම් එල්ලවී ඇති බවයි. කුරුණෑගල , මඩකලපුව , ත්‍රීකුණාමලය , හම්බන්තොට ,පොළොන්නරුව , මුලතිව් , යාපනය , කිලිනොච්චිය ,මන්නාරම මෙන්ම වව්නියාව දිස්ත්‍රික්කවලට ‍වියළි කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ. වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට ය. එහි පවුල් 27 , 681 කට අයත් පුද්ගලයින් 89 , 268 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2020-08-28T20:00:55.000Z
ගම්මැද්ද ගෙයින් ගෙට පස්වන අදියර අද සිට ජනතාව අතරට..
ගම්මැද්ද ගෙයින් ගෙට අද සිට යළි ජනතාව අතරට..
COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා එක්ව පස්වන වරටත් අද ආරම්භ වේ. කළුතර , යාපනය හා මාතලේ යන දිස්ත්‍රික්ක තුනෙන් අද ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය ආරම්භ වේ. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ පස් වන අදියර ආරම්භ කිරීමට පෙර මහනායක හිමි වරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ඊයේ සිදු කෙරිණි. ගම්මැද්ද කණ්ඩායමේ ප්‍රධානීන් සහ පේරාදෙණිය විශ්වද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, මහතා ඇතුළු නියෝජතයින් පිරිසක් ඊයේ පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. ඉන් අනතුරුව ගම්මැද්ද හා පෙරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජිත පිරිස අස්ගිරි පාර්ශයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ගේ ආශිර්වාද ලබා ගත්තේ ය. දශකයක කාලයක් පුරා ගම්මැද්ද අඛණ්ඩව ක්‍රියාක්මක වෙමින් පවතී. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2016 වසරේ සිටයි. ශ්‍රී ලංකාවේ 30000 කට අධික ගම්මානවල ජන ගැටලු සොයා යමින් ජනතාවට සවන් දී එම ජන ගැටලුවලට සංවේදී වෙමින් ගැඹුරු අධ්‍යනයක් කොට වාර්තා 04 ක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ජනතාවට ඇති ප්‍රධාන ගැටලු ලෙස පානීය ජල ප්‍රශ්නය හා අලි මිනිස් ගැටුම ගැන අප 2016 සිට මේ වාර්තාවලින් පෙන්වා දුන්නේ ය. ජනතා ගැටලුවලින් සමන්විත වාර්තාව පදනම් කොට ගෙන ගම්මැද්ද ප්‍රජා ව්‍යාපෘති, අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා මෙම ගෙයින් ගෙට ව්‍යාපෘතිය අතිශයින් වැදගත් දත්ත රැසක් සපයයි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ පස්වන අදියර අද සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක වනු ඇති.
2020-08-28T19:26:57.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ස්විස් කුමාර්ට රැකවණ දුන්නැයි චෝදනා ලැබූ ලලිත් ජයසිංහ යළි පොලිස් සේවයේ පිහිටුවීමට ඇති බාධාව කුමක්ද? – ජනපති කොමිසම : වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීමේ ගැටලුවක් නැතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ප්‍රකාශ කළේ ය. 2 . පාර්ලිමේන්තු කාරක සභා 6කට සාමාජිකයින් පත් කෙරේ : පාර්ලිමේන්තුවේ කාරක සභා 6 ක් සඳහා සාමාජිකයින් පත් කර තිබේ. 3. ප්‍රේමලාල් ජයසේකර වහාම පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි කතානායකවරයා බන්ධනාගාරයට දැනුම් දෙයි : මරණ දඬුවම නියමව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඊයේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 4. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ.. : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. 5. සරසවි කලා සිසුන්ට ඉංශ්‍රීසි සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක් : කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. ජපාන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි : ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
2020-08-28T21:03:14.000Z
'සමයං'ගේ ගෝලයෙකු වූ 'ඉන්ද්‍රා' පොලිස් වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් පාතාල වෙඩික්කරු ඉන්ද්‍රා මරුට
COLOMBO (News 1st) : පාතාල වෙඩික්කරුවෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නවගමුවේදී පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේ ය. ඒ, ඔහු පලායාමට දැරූ උත්සාහයකදී ය. ඔහු විසින් අපරාධ සඳහා භාවිත කළ ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගොස් පැමිණීමේදී ගමන් කළ ජීප් රථයේ රියැදුරුට අවහිර කර ජීප් රථය කැලණි ගඟට පෙරලීමට උත්සාහ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ එය වැළැක්වීම සඳහා පොලීසිය එල්ල කළ වෙඩි පහරින් ඉන්ද්‍රා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම්, කප්පම් ගැනීම් වැනි අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. මොහු සංවිධානාත්මක අපරාධ කල්ල නායකයෙකුවූ සමයංගේ සහායකයෙක් ය. පාතාල වෙඩික්කරුවෙකු වන ඉදුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා පෙරේදා හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
2020-08-28T11:40:43.000Z
ස්විස් කුමාර්ට රැකවණ දුන්නැයි චෝදනා ලැබූ ලලිත් ජයසිංහ යළි පොලිස් සේවයේ පිහිටුවීමට ඇති බාධාව කුමක්ද? - ජනපති කොමිසම
ජයසිංහ සේවයේ පිහිටුවීමට ගැටලුවක් නැහැ- කොමිසම
COLOMBO (News 1st) : වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීමේ ගැටලුවක් නැතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අද ප්‍රකාශ කළේ ය. කොමිසම නීතිපතිවරයාට දැනුම්දුන්නේ මේ පිළිබඳව ස්ථාවරය ලබන සඳුදා දැනුම්දෙන ලෙසයි. යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවෙකුවූ මහාලිංගම් ශසීකුමාර් හෙවත් ස්විස්කුමාර් නමැත්තාට පලායාමට ආධාර අනුබලදීමේ චෝදනා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඇප මත මුදාහැර සිටින ඔහු මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටී. ඔහු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිලි කරමින් කියා සිටියේ දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් තමන්ට මෙම චෝදනා එල්ලකර ඇති බවයි. අද කොමිසම හමුවේ පෙනී සිටි ජයසිංහ මහත තමා යළි සේවයේ පිහිටුවන අතුරු නියෝගයක් ජාතික පොලිස් කොමිෂන් සභාවට නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළේ ය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා පැවසුවේ , සිය සේවාදායකයාට රාජකාරි කාලය අවසන් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් මාස 11 ක පමණ කාලයක් බවයි. මෙම ඉල්ලීම පිළිබඳව කොමිසමේ ස්ථාවරය ලබන 31 වනදා දන්වන බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ය. මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය විමසූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා පැවසුවේ මේ පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි. වැලිකඩ බන්ධානාගාරයේ සිදුවූ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝමාල් රංගජීව නමැති පොලිස් පරීක්ෂකවරයා යළි සේවයේ පිහිටුවීමට හැකිනම් ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීමට ඇති බාධාව කුමක්දැයි සභාපතිවරයා එහිදී විමසී ය. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ලබන 31 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරිණ. ඒ , පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී කේ කේ.කේ. ගුණසේකර මහතා මීට පෙර කොමිසම හමුවේ කළ කළ කරුණු දැක්වීමට අදාළවයි. දේශපාලන බලපෑම් මත මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කටයුතු කළැයි ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට පසුගිය සමයේ එල්ලකර තිබූ චෝදනාවට අදාළව ගුණසේකර මහතා කොමිසට හමුවේ සාක්ෂි දුන්නේ ය.
2020-08-28T09:36:38.000Z
ගම්මැද්ද ගෙයින් ගෙට හෙට සිට යළි ජනතාව අතරට
ගම්මැද්ද ගෙයින් ගෙට හෙට සිට යළි ජනතාව අතරට
COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා එක්ව පස්වන වරටත් හෙට ආරම්භ වේ. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ පස් වන අදියර ආරම්භ කිරීමට පෙර මහනායක හිමි වරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම අද සිදු කෙරිණ. ගම්මැද්ද කණ්ඩායමේ ප්‍රධානීන් සහ පේරාදෙණිය විශ්වද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, මහතා ඇතුළු නියෝජතයින් පිරිසක් අද පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදුටූහ. ඉන් අනතුරුව ගම්මැද්ද හා පෙරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජිත පිරිස අස්ගිරි පාර්ශයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ගේ ආශිර්වාද ලබා ගත්තේ ය. දශකයක කාලයක් පුරා ගම්මැද්ද අඛණ්ඩව ක්‍රියාක්මක වෙමින් පවතී. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2016 වසරේ සිටයි. ශ්‍රී ලංකාවේ 30000 කට අධික ගම්මානවල ජන ගැටලු සොයා යමින් ජනතාවට සවන් දී එම ජන ගැටලුවලට සංවේදී වෙමින් ගැඹුරු අධ්‍යනයක් කොට වාර්තා 04 ක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ජනතාවට ඇති ප්‍රධාන ගැටලු ලෙස පානීය ජල ප්‍රශ්නය හා අලි මිනිස් ගැටුම ගැන අප 2016 සිට මේ වාර්තාවලින් පෙන්වා දුන්නේ ය. ජනතා ගැටලුවලින් සමන්විත වාර්තාව පදනම් කොට ගෙන ගම්මැද්ද ප්‍රජා ව්‍යාපෘති, අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා මෙම ගෙයින් ගෙට ව්‍යාපෘතිය අතිශයින් වැදගත් දත්ත රැසක් සපයයි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ පස්වන අධියර හෙට සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක වනු ඇති. https://www.youtube.com/watch?v=yGFeDj-CQN8
2020-08-28T05:02:40.000Z
පාර්ලිමේන්තු කාරක සභා 6කට සාමාජිකයින් පත් කෙරේ
පාර්ලිමේන්තු කාරක සභා 6කට සාමාජිකයින් පත් කෙරේ
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ කාරක සභා 6 ක් සඳහා සාමාජිකයින් පත් කර තිබේ. පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ඒ සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බවයි. ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පත්කර ඇති අතර එහි නිල බලයෙන් නියෝජ්‍ය කථානායකවරයා සභාපති ධූරයට පත් වනු ඇති. නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරන තවත් සාමාජිකයන් 15 දෙනෙක් ද ඊට ඇතුළත් වෙති. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට ද සාමාජිකයන් 12 දෙනෙකු පත්කර තිබේ. ගෘහ්‍ය, ආචාර ධර්ම සහ වරප්‍රසාද, මහජන පෙත්සම් හා පසු පෙළ මන්ත්‍රීවරුන් පිළිබඳ කාරක සභා සඳහා ද අද දිනයේ කථානායකවරයාගේ මූලිකත්වයෙන් සාමාජිකයින් පත් කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.
2020-08-28T04:35:04.000Z
කිරිදිවැලදී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
කිරිදිවැලදී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : කිරිදිවැල, මැද්දෙගම ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්යය බලකයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. සැකකරු සතුව තිබී කඩු තුනක් සිය භාරයට ගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි මාහේනවත්ත, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-08-28T01:36:32.000Z
ප්‍රේමලාල් ජයසේකර වහාම පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි කතානායකවරයා බන්ධනාගාරයට දැනුම් දෙයි
ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි දැනුම් දෙයි
COLOMBO (News 1st) - මරණ දඬුවම නියමව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නැයි අද ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දෙන කතානායකවරයා සඳහන් කළේ, තේරී පත් වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි.
2020-08-28T01:03:01.000Z
ජපාන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
ජපාන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
COLOMBO (News 1st) - ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහුට සමිප මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළේය. ජපානයේ NHK රූපවාහිනිය පැවසුවේ සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වීමට අග්‍රාමත්‍යවරයා සැලසුම් කර ඇති බවයි. සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරිම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමතය. 2012 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් ශින්ෂෝ අබේ දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටි එරට නායකයා ලෙස සැළකේ.
2020-08-28T00:52:23.000Z
පාසල් ළමුන්ට කිරි වෙනුවට සහල් කැඳ වීදුරුවක්..
පාසල් ළමුන්ට කිරි වෙනුවට සහල් කැඳ වීදුරුවක්..
COLOMBO (News 1st) - පාසල් ළමුන්ට දැනට ලබාදෙන කිරි වීදූරුව වෙනුවට දේශීය සහල් කැඳ වීදුරුවක් ලබාදීමට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සූමේධ පෙරේරා මහතා සඳහන් කළේ සහල් කැඳ වීදුරුවක් ලබාදීම ඉතා හොඳ බව සෞඛ්‍ය බලධාරීන් තමන් දැනුවත් කර ඇති බවයි. ලේකම්වරයා සඳහන් කළේ රසායනික පොහොර භාවිතා නොකර කාබනික පොහොර භාවිතා කර අක්කර දස දහසක් පමණ වී වගා කර ඇති බවයි. එම සහල් වැඩි මිලට ගොවීන්ගෙන් මිලදී ගෙන පාසල් ළමුන්ට කැඳ වීදුරුවක් ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.
2020-08-28T00:19:45.000Z
සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ..
සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ..
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. එම කාලය තුළ සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට 2021 ජනවාරි 01 වැනිදා සිට 18 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට ද කටයුතු යොදා තිබේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීම 2021 වසරේ පෙබරවාරි 01 වැනිදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 2020 වසරේ අවසන් වාර නිවාඩුව දෙසැම්බර් 24 සිට ජනවාරි 01 වැනිදා දක්වා ලබා දීමට තීරණය කර තිබෙන අතර 2021 වසරේ නව පාසල් වාරය ඇරඹීම ජනවාරි 04 වැනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020-08-28T00:17:15.000Z
සිසු සැරිය යළි ඇරඹේ....
සිසු සැරිය යළි ඇරඹේ....
COLOMBO (News 1st) - සිසු සැරිය පාසල් සිසුන් ප්‍රවාහන සේවය යළි ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශ සැලසුම් කර තිබේ. විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්ති සමයේ පාසල් වසා දැමීමත් සමග මෙම බස් රථ සේවය තාවකාලිකව නතර කළ බවයි. එහෙත් පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හේතුවෙන් ලබන මස සිට බස් සේවාව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කළේය.
2020-08-27T23:14:39.000Z
මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර 45000කට කාබනික පොහොර
මහකන්නයේ වගා බිම් හෙක්ටයාර 45000කට කාබනික පොහොර
COLOMBO (News 1st) - එළැඹෙන මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර හතලිස් පන්දහසකට කාබනික පොහොර සැපයීමට පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කාණ්ඩ හතරක් යටතේ එය සිදු කෙරෙන බවයි. ඒ යටතේ වගා බිම් හේකටයාර 2000 කට කාබනික පොහොර පමණක් සැපයෙනු ඇත. එම වගා බිම් සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් භාවිත නොවන බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1300කට ද, කළුතර, මාතර හා ගම්පහ දිස්ත්‍රික්වල හෙක්ටෙයාර් 700 කට ද මේ යටතේ කාබනික පොහොර සැපයෙනු ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2000ක් සඳහා කාබනික පොහොර සැපයෙන්නේ 70% ප්‍රතිශතයකිනි. වැඩපිළිවෙළ යටතේ හෙක්ටයාර 1000ක් සඳහා 50% පදනම යටතේ කාබනික පොහොර සැපයෙන බව මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේය. මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා පමණක් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 460කි.
2020-08-27T21:33:51.000Z
සරසවි කලා සිසුන්ට ඉංශ්‍රීසි සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක්
සරසවි කලා සිසුන් වෙනුවෙන් වි⁣ශේෂ වැඩසටහනක්
COLOMBO (News 1st) - කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගෙන තිබේ. එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඒ අනුව සෑම ශාස්ත්‍ර පීඨයකට තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවන බවයි. මීට අමතරව ශාස්ත්‍ර පීඨවල සියලු සිසුන්ට පාඨමාලා හැදෑරිය හැකි වන පරිදි පරිගණක විද්‍යාගාර පිහිටුවන බව ද ඇය ප්‍රකාශ කළාය. සිසුන් හදාරන උපාධි පාඨාමාලාවට සමගාමීව එක් එක් වසරවල හැදෑරිය හැකි වන පරිදි පරිගණක පාඨාමාලා සකස් කිරීමට ද නියමිතයි. මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ උපාධිය අවසන් කර විශ්වවිද්‍යාලයෙන් පිටව යන විට පරිගණක තාක්ෂණය පිළිබඳව ඔහුට හෝ ඇයට ඇති නිපුණතාව පදනම් කර ගනිමින් සහතිකයක් ද නිකුත් කෙරෙනු ඇති බවයි. මේ අතර මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සඳහා පරිගණක හා ඉංග්‍රීසි පාඨාමාල ඔන් ලයින් ක්‍රමයට ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. එම පාඨාමාලා අවසන් කරන සිසුන්ට වෙනම සහතිකයක් නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.
2020-08-27T20:30:31.000Z
ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට සැලසුම්
ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට සැලසුම්
COLOMBO (News 1st) - තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට රජය සැලසුම් කර තිබේ. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය ඇතුළත එම මිල අඩු කිරීම් සිදු කරන බවයි. මේ අතර මෙතෙක් මෙරට නිෂ්පාදනය නොකළ ඖෂධ වර්ග කිහිපයක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.
2020-08-27T20:25:00.000Z
බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග දැලේ
බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග දැලේ
COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 94ක් සමග පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බොරැල්ලේදී බව පොලීසිය සඳහන් කළේය.
2020-08-27T19:15:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ඥානසාර හිමියන්ට මොක ද වුණේ... ? : ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් මේ දිනවල යළිත් සංවාදයට ලක්ව ඇත්තේ අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අසුන පිළිබඳව මතුවූ අර්බුදයත් සමගයි. 2. අලි – මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් : අලි – මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසදුමක් දෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් දී තිබේ. 3. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විරෝධතාවක් : හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුව තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසමක් මගින් ඊයේ සිය මූලික විරෝධතා ගොනු කළේ ය. 4. දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් : දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 5. නැ. පළාතේ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණයට නව සාමාජිකයින් සිව්දෙනෙක් : නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වන කාර්ය සාධක බලකායට මල්වතු අස්ගිරි පාර්ශවයන්ගේ නියෝජනයක් සහිතව නව සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර තිබේ. විදෙස් පුවත් 1. පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැඳවූ ක්‍රයිස්ට්චර්ච් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් :පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
2020-08-27T10:55:31.000Z
ඥානසාර හිමියන්ට මොක ද වුණේ... ?
ඥානසාර හිමියන්ට මොක ද වුණේ... ?
COLOMBO (News 1st) : ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් මේ දිනවල යළිත් සංවාදයට ලක්ව ඇත්තේ අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අසුන පිළිබඳව මතුවූ අර්බුදයත් සමගයි. උන්වහන්සේ අද NEWSLINE සමග එක්විය. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි -දිස්ත්‍රීක්ක හතරක අපේ නාම යෝජනා අවලංගු වුණා.ඊට පස්සේ ඉල්ලීමක් තිබ්බා හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න සූදානම් වෙන්න අපි ඒ කටයුත්ත කරන්නම් කියලා. සුරංග සේනානායක - හැබැයි අපේ හාමුදුරුවන්ට තාමත් ලැබිලා නෑ අවස්ථාවක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න? පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි - ඇත්තටම තියෙන්නේ ලේකම් ධූරය ගැන ප්‍රශ්නයක්.එතකොට මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ නෑනේ ගෝනි බිල්ලෙකුට හරි සැගවුණු අමුත්තෙකුට.ඇත්ත වශයෙන්ම කෙටියෙන් කියන්න තියෙන්නේ මන්ත්‍රී ධූරය හොරු අරන් ගිහින්. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ අර්බූදය පිළිබඳ අදහස් දක්වමින් ඥානසාර හිමි පැවසුවේ, මෙය නොහික්මුණු පුද්ගලයෙකුගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බවත් මැතිවරණ කොමිසමේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ය. එක්තරා භික්ෂුවක් විසින් මෙම ප්‍රශ්නය නිර්මාණය කර ඇති බවත් කුමන්ත්‍රණයේ මුල සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ය. සංශෝධන සිදු කරනවාට වඩා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ද ඥානසාර හිමි එහිදී අවධාරණය කළහ. https://www.youtube.com/watch?v=C5dIPqvh65s
2020-08-27T09:44:49.000Z
අනවිලුන්දාව රැම්සා තෙත් බිමත් අවදානමක...
අනවිලුන්දාව රැම්සා තෙත් බිමත් අවදානමක...
COLOMBO (News 1st) : ඉතා වටිනා සංවේදී පරිසර පද්ධති විනාශ කිරීම පිළිබඳව පසුගිය දිනවල අප වරින් වර වාර්තා කළේ ය. පුත්තලම ආනවිලුන්දාව තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් පිළිබඳවයි මේ අනාවරණය. එහි මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් මේ වනවිට විනාශකර තිබේ. වසර පුරා හෝ මාස කිහිපයක් ජලයෙන් යටවී පවතින ජලයෙන් සංතෘප්ත වූ පසක් සහිත විල්ලු , වඟුරුබිම් මෙන්ම ගලායන හෝ නිසලව පවතින මිරිදිය , කරදිය හෝ කිවුල් දිය සහිත ප්‍රදේශ තෙත් බිම් ලෙස හැඳින්වේ. 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රම්සා නගරයේ පැවති සමුළුවකදි මේ පිළිබඳ ව ගෝලීය අවධානය යොමුවූ අතර එහිදී ජාතීන් 21 ක් මේ වටිනා පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සදහා රම්සා සම්මුතියට අත්සන් කළේ ය. අනවිලුන්දාව වැව් පද්ධතිය රම්සා සම්මුතියට අනුව ප්‍රකාශයට පත්කළ තෙත්බිමකි. බුන්දල ජාතික උද්‍යානය , මාදුගග පරිසර පද්ධතිය , කුඩුම්බිගල, කුමන ජාතික උද්‍යානය , වන්නක්කලෙයි තෙත් බිම, විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් එවැනි රම්සා තෙත්බිම් කිහිපයකි. මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක්වු දේශිය මත්ස්‍ය විශේෂ රැසක් මෙන්ම පක්ෂී විශේෂ රැසක් මේ පරිසර පද්ධතිවලදී දැකිය හැකියි. සැවුල් පෙද දිය සෑනා, කරවැල් කොකා, කණ කොකා, මහා ඇලි කොකා, කුඩා ඇලි කොකා වැනි පක්ෂි විශේෂ මෙන්ම දේශීය වශයෙන් වදවීමේ තර්ජනයට ලක්වු වතරතු මල්කොහා වැනි පක්ෂින් හා උරග විශේෂ ඒ අතර වේ. එතරම් සුවිශේෂී වැදගත්කමක් ඇති ආනවිලුන්දාව රම්සා තෙත් බිම මේ වනවිට පරිසරයට හදි කරන සහචරයින් පිරිසකගේ ග්‍රහණයට නතුවී තිබේ. වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ ප්‍රදේශයක් මුළු මනින්ම ඩොසර් කර අවසන් ය. ඒ අදාළ භූමි ප්‍රදේශයේ කඩොලාන ශාක ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා වූ මූලික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරමින් තිබියදීයි. අදාළ භූමි ප්‍රදේශය මෙලෙස ඩොසර් කර තිබෙන්නේ ඉස්සන් වගා කිරීම සඳහා පොකුණක් සකස් කිරීමට බව මේ වන විට ආනාවරණය කර ගෙන තිබුණත් , එය සිදූවුයේ කාගේ අනුදැනුම මතදැයි තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ පිළිබඳව ආනවිලුන්තාව තෙත්බිම් භාරව කටයුතු කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා නොදැන සිටීම මවිතය දනවන තවත් කරුණකි. අප වාර්තාකරු මෙම ස්ථානයට යන විට ශ්‍රී ලංකා ජල ජීවි සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය නිළදාරියෙකුද එම ස්ථානයට පැමිණ සිටියේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/1049144258836723/
2020-08-27T09:13:54.000Z
අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
''අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්න''
COLOMBO (News 1st) : අලි - මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසදුමක් දෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා සඳහන් කළේ, වනඅලි ගම්වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කළයුතු බවයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වනඅලි ගම් වැදීමේ ගැටලුව වසර 40 කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වී ඇති බව ද ,විවිධ විසඳුම් ක්‍රියාත්මක කළද ගැටලුව විසඳී නොමැති බවත්, අලියා හා මිනිසා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථිර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යයක් බව ජනාධිපතිතුමා ද අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වනජිවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙල හා කැළැ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. 2019 වසරේදී වනඅලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122 ක් අහිමි වී ඇති අතර වනඅලි 407 දෙනෙකු මියගොස් තිබේ. මේ වසරේ ගත වු මාස 8 තුළ අහිමි වී ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 62 කි. එම කාලය තුළ මියගිය වනඅලි සංඛ්‍යාව 200 කි. වගා කටයුතුවලට, දෛනික ජිවිතයට මෙන්ම වනඅලි ගහනයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/600035557350621/
2020-08-27T08:07:38.000Z
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විරෝධතාවක්
දිල්රුක්ෂි ඩයස්ගෙන් මූලික විරෝධතාවක්
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුව තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසමක් මගින් අද සිය මූලික විරෝධතා ගොනු කළේ ය. 2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගීවීමට තමා එහි ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3කදී වැය කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් තමා දේශපාලනික පලිගැනීමකට ලක්වූ බව පවසමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ , පැමිණිල්ලට අදාළව සිය සේවාදායිකාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීම මෙන්ම , පැමිණිල්ල කර ඇති රෝහිත බෝගොල්ලාගම ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයෙකු නොවන බැවින් , අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට නෛතික හැකියාවක් නොමැති බවයි. පැමිණිල්ලේ සඳහන් කර ඇති සිදුවීම 2006 වසරේ දී සිදුවූවක් බැවින් , එය කොමිසම විභාග කරන පැමිණිලිවල කාලපරාසයට අයත් නොවන බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසම මගින් කොමිසමට දැනුම් දුන්නා ය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ , කොමිසමේ වලංගු පත්‍රයට අනුව රෝහිත බෝගොල්ලාගම මහතාගේ පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නෛතික හැකියාවක් කොමිසමට නොමැති බවයි . ඕනෑම පුද්ගලයෙකුට කොමිසමට පැමිණිලි කළ හැකි බව කරුණු සලකා බලමින් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ ය. සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වගඋත්තරකර පාර්ශවය ඉදිරිපත් කළ මෝසමට අනුව පැමිණිල්ලේ කාල පරාසය පිළිබඳ යළි සලකා බලන බවයි. ඒ සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 11 වන දා දැනුම්දෙන බව උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.
2020-08-27T07:30:38.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 11ක් සුවය ලබති
තවත් කොරෝනා ආසාදිතයින් 11ක් සුවය ලබති
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද සුවය ලැබූහ. ඒ සමග මෙරට කොරෝනා වැළඳීමෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2830 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2986 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-08-27T04:27:16.000Z
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක්
COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් ක‍ළේ, හෙට සිට දිවයිනට හිරු මුදුන් වන බවයි.
2020-08-27T02:58:06.000Z
හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී කොටු
හෙරොයින් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී කොටු
COLOMBO (News 1st) : රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් තුනක් මෝටර් රථයකින් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද පෙරවරුවේ කළ වැටලීමකදීයී. සැකකරු සන්තකයේ තිබී රුපියල් හය ලක්ෂ එකොළොස් දහසකට අධික මුදලක් ද සොයාගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු වන කෙසෙල්වත්තේ ක්‍රිෂාන්ත හෙවත් චතුර සුජීව නමැති අයෙකි. ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වුවත්, ඇවරියවත්ත, වත්තල ප්‍රදේශයේද දිවි ගෙවා තිබේ. මොහු පිළිබඳ විමර්ශනයේදී කඩවත සුරියපාලුව ප්‍රදේශයේ සුවිසල් නිවසක්ද , සොයාගෙන ගැනීමට පොලිසිය සමත් විය. සැකකරු පදවන ලද මෝටර් රථයද ඔහු උගසට ලබාගත් එකක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ATM කාඩ්පත් දෙකක් සහ චෙක්පොත් දෙකක් සොයා ගැනිණ. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මොහු රුපියල් ලක්ෂ ගණනින් චෙක්පත් නිකුත් කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු යොදා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පාතාල කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නවගමුව පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ හෙරොයින් ග්‍රෑම් 10 ක් සමගයි. මොහු පාතාල කල්ලි නායකයෙකු වු සමයංගේ සහායකයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.
2020-08-27T02:26:58.000Z
නැ. පළාතේ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණයට නව සාමාජිකයින් සිව්දෙනෙක්
පී.බී ජයසුන්දරගෙන් ගැසට් නිවේදනයක්
COLOMBO (News 1st) : නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වන කාර්ය සාධක බලකායට මල්වතු අස්ගිරි පාර්ශවයන්ගේ නියෝජනයක් සහිතව නව සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයකින් ය. ඒ අනුව අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර තිබේ. මල්වතු පාර්ශවයෙන් පත්කර ඇත්තේ, එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් සහ කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල හිමියන් ය. මේ අනුව නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සංඛ්‍යාව 16 ක් වනු ඇති.
2020-08-27T01:04:59.000Z
වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ
දෛනික විදුලි අවශ්‍යතාව ඉහළට
COLOMBO (News 1st) : පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් තිබේ. විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2500 ඉක්මවන බවයි.
2020-08-26T23:58:12.000Z
කොම්පඤ්ඤ වීදිය අසළ ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
ගුවන් පාලම් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) : කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
2020-08-26T23:23:51.000Z
තම අවසරයකින් තොරව ජනාධිපති කොමිසමට කෝප් කමිටු සාමාජිකයන් හෝ එහි සභාපතිවරයා කැඳවිය නොහැකියි - කතානායක
කතානායකගෙන් නිවේදනයක්
COLOMBO (News 1st) : තම අවසරයකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සඳහා කෝප් කමිටු සාමාජිකයන් හෝ එහි සභාපතිවරයා කැඳවිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. ඒ, අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
2020-08-26T23:09:07.000Z
පාසල් නිල ඇඳුම් වවුචර්හි වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් නිල ඇඳුම් වවුචර්හි වලංගු කාලය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) : රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය ලබන මස 30 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2020-08-26T23:35:48.000Z
පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැඳවූ ක්‍රයිස්ට්චර්ච් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
ක්‍රයිස්ට්චර්ච් ඝාතකයාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
COLOMBO (News 1st) : පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බවයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි. ඔහුට එරෙහිව ත්‍රස්ත චෝදනා ද එල්ල වී තිබුණි. ලොවම කම්පනයට ලක්කළ මෙම ප්‍රහාරය ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද අදාළ ඝාතකයා පියවර ගෙන තිබුණි.
2020-08-26T22:48:41.000Z
ඩල්ජිත් අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම අත්හිටුවයි
අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම අත්හිටුවයි
COLOMBO (News 1st) : මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඩල්ජිත් අලුවිහාරේ මහතාට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසන්නේ, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත් කරන බවයි. මාස තුනක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ. අදාළ නිලධාරිනියට පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත් කරන ලද කොමිසමක බලය හිමි වේ. නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීමට සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පත් කර තිබේ.
2020-08-26T22:00:15.000Z
ධීවර මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක බවේ අඩුවක්
ධීවර මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක බවේ අඩුවක්
COLOMBO (News 1st) : බහුදින ධීවර යාත්‍රාවලින් ගෙන එන මත්ස්‍ය අස්වැන්නෙන් 40% ක පමණ ප්‍රමාණයක ගුණාත්මක තත්ත්වයේ අඩුවක් දක්නට ලැබෙන බව නාරා ආයතනය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22 ක අලාභයක් සිදුවන බවයි.
2020-08-26T21:20:40.000Z
නීති විරෝධීව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයින් 13 දෙනෙකු STF දැලේ
නීති විරෝධීව මෙරට සිටි විදෙස් පිරිසක් දැලේ
COLOMBO (News 1st) : වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයින් 13 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ ලැඟුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, කාන්තාවන් 09 දෙනෙකු ද ඒ අතර වන බවයි. ඉන් සැකකරුවෙකු සතුව තිබී නීති විරෝධීව ගෙන්වන ලද දුම්වැටි 10, 300 ක් ද සොයාගෙන තිබේ. සැකකරුවන් චීන සහ තායිලන්ත ජාතිකයින් ය. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-26T21:06:31.000Z
අපරාධ කල්ලි සාමාජිකයෙකු වීරකැටියේදී අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජිකයෙකු වීරකැටියේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වීරකැටිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, T56 ගිනි අවියක්, උණ්ඩ 30ක් හා හෙරොයින් සමග ය.
2020-08-26T20:56:34.000Z
කම්කරු අණ පනත් රැසක් සංශෝධනය කිරීමේ තීරණයක්
කම්කරු අණ පනත් සංශෝධනය කිරීමේ තීරණයක්
COLOMBO (News 1st) : කම්කරු අණ පනත් රැසක් සංශෝධනය කිරීමට තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති හමුවකදී ය. ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමේ අවස්ථාව සලසමින් පනත සංශෝධනය කෙරෙනු ඇති. අමාත්‍යවරයා සඳහන් කළේ, කම්කරු විනිශ්චය සභා ලබාදෙන නියෝග ඒ තුළින්ම බලාත්මක කිරීම සඳහා නීති සංශෝධන ගෙන එන බවයි. පාරිතෝෂිත දීමනා පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන තවත් පනතක්. ඊට අදාළ ගෙවීම් සම්බන්ධ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට අපේක්ෂිතයි. පඩි පාලක සභා ආඥා පනත මෙන්ම සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අය වැය දීමනා පනත යටතේ වන අය කර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභාවලට යොමු කෙරෙනු ඇති. සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් පන් ලක්ෂ පනස් දහසක වන්දිය රුපියල් ලක්ෂ 20 ක් දක්වා ඉහළ නංවමින් සංශෝධන ගෙන එන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. අදාළ අණ පනත් සංශෝධනය කිරීමට මූලික හේතුව වන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු අධික වීමයි. ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කෙටුම්පත් සතියක් තුළ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබා දෙන්නැයි අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේ ය.
2020-08-26T20:28:46.000Z
උමාඔය ඉදිකිරීම් සඳහා තවත් ඉරාන ජාතිකයින් 100ක්
උමාඔය ඉදිකිරීම් සඳහා තවත් ඉරාන ජාතිකයින් 100ක්
COLOMBO (News 1st) : උමාඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා තවත් ඉරාන තාක්ෂණ ශිල්පීන් 100 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ, විශේෂඥයින්, ඉංජිනේරුවන් මෙන්ම කාර්මික නිලධාරීන් එම පිරිසට අයත් බවයි. ඉරාන ජාතිකයින් 84 දෙනෙකු මේ වනවිටත් උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා එක්ව සිටී. ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී ඇතැයි සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරී මාසය වනවිට ඩයබරා ජලාශය සහ උමග ජලයෙන් පිරවීමට සැලසුම් කර තිබේ. ඉන් මාස දෙකකට පමණ පසු විදුලි උත්පාදන කටයුතු පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කිරීම සැලසුම බව ආචාර්ය සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය. ව්‍යාපෘතියෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.
2020-08-26T19:31:32.000Z
සා/ පෙළ දින තීරණය කිරීමට තොරතුරු රැස් කිරීම ඇරඹේ
සා/ පෙළ දින තීරණය කිරීමට තොරතුරු රැස් කිරීම ඇරඹේ
COLOMBO (News 1st) : මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ වී තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ , සියලු පාසල්වලින් අදාළ වාර්තා කැඳවීමෙන් පසු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය තීරණය කරන බවයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම සිදු කෙරෙන්නේ ඔන්ලයින් තාක්ෂණයෙන් ය. ලබන 31 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වනබව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
2020-08-26T20:12:28.000Z
අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්
අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්
COLOMBO (News 1st) : වසරේ අවසන් කාර්තුව සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ. අදාළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය ද හිමිවුණි. රුපියල් බිලියන එක්දහස් හත්සිය හතලිස් හයකට අධික වටිනාකමකින් යුත් අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත ය.
2020-08-26T19:00:29.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ජනතාව අතරට ගොස් වැඩකරන්න... ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස් : දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ කියා සිටියේ ය. 2. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාගෙන් අධිකරණයට මෝසම් 5ක් : අභියාචනාධිකරණය ඊයේ දුන් අතුරු නියෝගයට අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනා ඊයේ උදෑසන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට මෝසම් 5 ක් ඉදිරිපත් කරමින් පෙනී සිටියේ ය. 3. අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන කොමිසම හිටපු ජනපති මෛත්‍රීපාලගේ නිවසට : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිවසට ඊයේ උදෑසන පැමිණියේය. 4. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් නිල නිවාස ඉල්ලුම් කරයි : නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 5. සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක් : අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2020-08-26T10:56:35.000Z
ජනතාව අතරට ගොස් වැඩකරන්න... ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්
ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්
COLOMBO (News 1st) : දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ කියා සිටියේ ය. ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි. රාජ්‍ය අමාත්‍යාංශ 35 කට පත්කල නව ලේකම්වරුන්ට ජනාධිපතිවරයා අද ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/771141483650115/