date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-09-04T20:18:13.000Z
නැවේ ගින්න පැතිරීම පාලනය කළ බව නාවික හමුදාව කියයි
''නැවේ ගින්න පැතිරීම පාලනය කළා'' - නාවික හමුදාව
COLOMBO (News 1st) : New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ගින්න පාලනය කිරීමේ කටයුතු සඳහා නෞකා 11 ක් එක්ව සිටින බවයි. මේ අතර නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද උදෑසන වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි. ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් සූදානමින් තබා ඇතැයි ද ඔහු පැවසී ය. මේ අතර වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එම නෞකාවේ ගින්න පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නැවේ හිමිකරු, රක්ෂණ ආයතනය හා ගලවා ගැනීමේ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැනමා රජය සමග සාකච්ඡා කරමින් ඇතැයි ද ඔහු පැවසී ය. වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, නැව පාවී ගොඩබිමට පැමිණිම වැළැක්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේ සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා ඇති බවයි. සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ ගිනිගන්නා සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව මේ වන විටත් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රාකරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. New Diamond යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබිණ. New Diamond නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් ය. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනිණ. අතුරුදන්ව සිටි අයෙකු ලද තොරතුරු අනුව මිය යන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ය. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.
2020-09-04T19:46:58.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : 1. තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ : තෙල් නැවේ ගින්න යම් තාක්දුරකට නිවා දමා ඇති බවත් , නොගැඹුරු මුහුදට නෞකාව ගසාගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 2. ජාතික විධායක සභාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් :යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දුෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදුකළ ඇතැම් ක්‍රියා නීතිවිරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තේ ය. 3. ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යා හැකි ද? නියෝගය ලබන සඳුදා : රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට අවසර ලබාදෙන්නේ ද, නැද්ද යන නියෝගය ලබන සඳුදා ලබාදෙන බව අභියාචනාධිකරණය නිවේදනය කළේ ය. 4. මංගල සමරවීරට හා ශානි අබේසේකරට ජනපති කොමිසමේ පෙනී සිටින්නැයි නොතීසි: හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකුට ලබන 16 වැනිදා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි නිකුත් කෙරිණ. 5. ගිනිගත් නැවෙන් තෙල් කාන්දු වීමට හැකියාවක් නැහැ – නාවික හමුදාව : ගින්නට හසුවූ නැවෙන් තෙල් කාන්දුවක් සිදු වීමට හැකියාවක් නොමැති බවත් යම් හෙයකින් කාන්දුවක් සිදු වුවහොත් එය පැතිරීම පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු බව රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා පවසයි. 6. වැසි ජලය එකතු කිරීමට නව ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳ ජනපති අවධානය..: වර්ෂා ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ.
2020-09-04T11:31:58.000Z
තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ
තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ
COLOMBO (News 1st) : තෙල් නැවේ ගින්න යම් තාක්දුරකට නිවා දමා ඇති බවත් , නොගැඹුරු මුහුදට නෞකාව ගසාගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නැව හිමි සමාගම කුලියට ගත් ටග් යාත්‍රාදෙකක් මේවනවිට නැව ආසන්නයට පැමිණ තිබෙන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය. ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායේ නැව් ද මේවනවිට සහායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සම්පත් මෙන්ම ඉන්දියානු වෙරළාරක්ෂක හා ඉන්දියානු නාවික හමුදා සහය ද සහිතව දැනට ගින්න යම්තාක් දුරකට මැඩ පවත්වා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය. මීට අමතරව ගිනි නිවීමට අවශ්‍ය උපාංග රැගත් නැව් හම්බන්තොටින් ත්‍රිකුණාමලයෙන් හා කොළඹින් පැමිණීමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/368478224165112/
2020-09-04T10:43:27.000Z
තෙල් නැවේ හානිය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්න - අගමැති
නැවේ හානිය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්න - අගමැති
COLOMBO (News 1st) : අනතුරට පත්වී ඇති MT- New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අනතුරට පත් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස දන්වා ඇති බව සඳහන් ය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඒ සම්බන්ධයෙන් වන සියලු මැදිහත්වීම් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මුලික මැදිහත් වීමෙන් හා සිද්ධි කළමනාකරණ කණ්ඩායම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව අනතුරට පත් නෞකාවේ ගින්න නිවා දැමීම සහ සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග හා මෙහෙයුම්වල දැනට නිරතව සිටී. පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ මිනා අල් අහමදී වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය දක්වා යාත‍්‍රා කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්විය. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 38 ක් දුර සංගමන්කන්ද ආසන්නයේ දී, පසුගිය 03 වැනිදා පෙරවරුවේ හදිසි ගින්නකට ලක් විය.
2020-09-04T08:33:22.000Z
ගිනිගත් නැවේ ඉන්ධන කාන්දු වූවොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනයක්
NEW DIAMOND හි ගින්න නිවීමට‍ ජාත්‍යන්තර සහය
ගිනි ගන්නා MT NEW DIAMOND නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය වීමේ අවධානමක් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මේ බව සඳහන් කළේ, නෞකාවේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද පැවති මාධ්‍ය හමුවේදී ය. https://youtu.be/B7DH-ga-Xio මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. https://youtu.be/kliLP5PddCE ශ්‍රී ලංකා නාවික හමුදාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේ ය. https://youtu.be/9kbuWxljgto කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ MT NEW DIAMOND නෞකාවේ ඊයේ පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණු අතර ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ය. පැනමා ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1,700 ක් පමණ ප්‍රවාහනය කළ බව සඳහන් වේ. MT NEW DIAMOND යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිළිබඳව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ ඊයේ පෙරවරු 8.05 ට පමණය. https://youtu.be/heucxveTek4 MT NEW DIAMOND නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු යාත්‍රාකර ඇති අතර, ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් වේ. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනුණු අතර, අතුරුදන්ව සිටි අයෙකු පිළිබඳව ලද තොරතුරු අනුව ඔහු මිය යන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේය. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ. https://youtu.be/O3fbJ-Eflp8
2020-09-04T07:12:15.000Z
ජාතික විධායක සභාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
රනිල්ගෙන් ජනපති කොමිසමට ප්‍රකාශයක්
COLOMBO ( News 1st ) :යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දුෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදුකළ ඇතැම් ක්‍රියා නීතිවිරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තේ ය. ඒ , දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියේ ය. කොමිසම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ බවයි. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර උපකාර කළ විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් සාදා තිබූ බවත් එය ජාතික විධායක සභාව ලෙස හැඳින් වූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම සභාවේ සාමාජිකයින් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බවයි. කොමිසමට ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව ජාතික විධායක සභාව කැබිනට් මණ්ඩලයට ඉහළින් කටයුතු කළ ආයතනයක් බව පෙනී යන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. එවිට වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, විධායක සභාවට කැබිනට් මණ්ඩලයට ඉහළින් විශේෂ බලයක් ලබා නොදුන් බවයි. යහපාලන රජය විසින් ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටුවට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම, අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේ දැයි කොමිසම වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ය. "දැන් බලන්න මට වෙච්ච දේ.මට බැඳුම්කර මහ හොරා කියලානේ කියන්නේ.බැඳුම්කර කොමිසමෙනුත්, පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා. මගේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මාධ්‍ය මහත්වරු එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල්ල වුණාහම එහෙම වෙන එක සාමාන්‍යයි." යනුවෙන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ , ඇතැම් අවස්ථාවලදී කමිටුව විසින් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබට පීඩනයක් එල්ල වුයේ ද යන්නයි. "අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ .කියපු අයයි ගියපු අයයි ඔක්කොම මාව දාලා ගිහින්. මම දැන් තනිවෙලා ඉන්නේ . ඊට පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. කොමිසම විමසා සිටියේ දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් කුමන ස්ථානයක පැවැත්වූයේ ද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , නිශ්චිත කාර්යාලයක් ලබා දෙනතුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවත් එහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් එම හමුවට සහභාගී වූ බවයි.
2020-09-04T06:06:16.000Z
ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යා හැකි ද? නියෝගය ලබන සඳුදා
ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යා හැකි ද? නියෝගය සඳුදා
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට අවසර ලබාදෙන්නේ ද, නැද්ද යන නියෝගය ලබන සඳුදා ලබාදෙන බව අභියාචනාධිකරණය අද පස්වරුවේ නිවේදනය කළේ ය. ඒ ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මූලික සලකා බැලීම අවසන් කරමිනි. මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තමා පාර්ලිමේන්තු සැසිවාර සදහා රැගෙන යාමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසයි. අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනාවලට රත්නපුර මහාධිකරණය විසින් පසුගිය ජුලි 31 වැනිදා ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණීය දණ්ඩනය නියම කළේ ය. ජයසේකර මහතා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම වෙනුවෙන් අද කරුණු දැක්වුයේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අදාළ මරණ දඬුවම් නියෝගයට එරෙහිව සිය සේවා දායකයා මේ වනවිට අභියාචනාධිකරණයට අභියාචනාවක් මෙන්ම ඇප අයදුම්පතක් ද ගොනු කර ඇති බව ඔහු පැවසී ය. එබැවින් ඔහු මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවෙකු නොව රක්ෂිත බන්ධණාගාරගත සිරකරුවෙකුගේ තත්ත්වයට ඔහු පත්ව ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ, එම නීතිමය තත්ත්වය මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ද ඔහුට පාර්ලිමේන්තුවේ සැසිවාර සඳහා යාමට අවසරය හිමිව ඇති බවයි. ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසට කතානායකවරයා විසින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් බන්ධනාගාර බලධාරින්ට දන්වා ඇතැයි ද රොමේෂ් ද ද සිල්වා මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයෙකුට කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ වරප්‍රසාදය හිමිව ඇති බවයි. එබැවින් ඔහුව පාර්ලිමේන්තු රැගෙන යන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා පැවසුවේ, එම ඉල්ලීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ එකක් බවයි. මරණීය දණ්ඩනය නියම වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරි පත් වු පමණින් ඔහුට පාර්ලමේන්තුවේ අසුන් ගැනීමේ වරප්‍රසාදය හිමි නොවන බවද නෙරිල් පුල්ලේ මහතා අවධාරණය කළේ ය. ඔහු පෙන්වා දුන්නේ පෙත්සම්කරු අභියාචනාධිකරණයට ,අභියාචනායක් ඉදිරිපත් කළ පසු එල්ලා මැරීමේ ක්‍රියාවලිය පමණක් තාවකාලිකව අත්හිටුවෙන බවයි. නමුත් මහාධිකරණය නියම කළ මරණිය දණ්ඩන නියෝගය අහෝසි නොවන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, ඔහු රිමාන්ඩ් සැකකරුවෙකු ලෙස සැලකීමේ හැකියාවක් නොමැති බවයි.
2020-09-04T05:49:43.000Z
පාර්ලිමේන්තු නිලධාරියා ලබන 17 තෙක් රිමාන්ඩ්
පාර්ලිමේන්තු නිලධාරියා ලබන 17 තෙක් රිමාන්ඩ්
COLOMBO (News 1st) : අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාර සැපයුම් අංශය භාර නිලධාරියා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පාර්ලිමේන්තුවට සපයන පළතුරු වර්ග ප්‍රතික්ෂේප නොකර සියල්ල භාර ගැනීම සඳහා මසකට රුපියල් තිස් දහස බැගින් අල්ලස මුදල් ලබාගෙන ඇති අතර සැකකරු මාස දෙකක මුදල ලබා ගන්නා අවස්ථාවේදී ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට පත්විය. ඔහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2020-09-04T05:31:59.000Z
මංගල සමරවීරට හා ශානි අබේසේකරට ජනපති කොමිසමේ පෙනී සිටින්නැයි නොතීසි
මංගලට හා ශානිට නොතීසි
COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකුට ලබන 16 වැනිදා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, අද නොතීසි නිකුත් කෙරිණ. ඒ , රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා යහපාලන රජයෙන් හිමි වී තිබූ අසීමිත බලය පාවිච්චි කරමින් යුද හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමට මෙන්ම රාජපක්ෂවරු නැවත බලයට පැමිණීම වැළැක්වීමට දැඩිව ක්‍රියා කළ බව කර්නල් ෂම්මි කුමාරරත්න මහතා ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ශානි අබේසේකර මහතා විවිධ නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬපටයක් ද අද කොමිසමේ දී වාදනය කෙරිණ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ,උපදෙස් දෙනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාට අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බව , කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කොමිසම හමුවේ සඳහන් කළේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ , 2020 ජනාධිපතිවරණයට මාසයක කාලයක් තිබියදී තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා " ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධිය සම්බන්ධයෙන් එදා ඉඳලා දුන්නේ එකම උත්තරය .අද කියන්නෙත් ඒ උත්තරේ ම ද යනුවෙන් විමර්ෂණයට නිළධාරින් තමාගෙන් තර්ජනාත්මකම විමසූ බවයි . අවසන් මොහොතේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීම් වැළැක්වීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව එයින් ගම්‍ය වන බව කර්නල් ෂම්මි කුමාරරත්න මහතා පෙන්වා දුන්නේ ය.
2020-09-04T04:55:36.000Z
ගිනිගත් නැවෙන් තෙල් කාන්දු වීමට හැකියාවක් නැහැ - නාවික හමුදාව
ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවීමට හැකියාවක් නැහැ
COLOMBO (News 1st) : ගින්නට හසුවූ නැවෙන් තෙල් කාන්දුවක් සිදු වීමට හැකියාවක් නොමැති බවත් යම් හෙයකින් කාන්දුවක් සිදු වුවහොත් එය පැතිරීම පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු බව රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා පවසයි. රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වති වි‌ශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. තෙල් කාන්දුවීමක් සිදු වුවහොත් නැව වටේ ඇති බැරියරයකට සමාන බූම් නමැති උපකරණය යොදා එය පැතිරීම පාලනය කළ හැකි බව එහිදී ප්‍රකාශ විය. එමගින් කාන්දු වන තෙල් ප්‍රමාණය එම ස්ථානයට ම කොටු කර තබා ගත හැකිවනු ඇති. පසුව විශේෂ ගුවන් යානයක් යොදා ගනිමින් රසායනිකයක් දමා කාන්දු වූ තෙල් විනාශ කර දමන බව රියර් අද්මිරාල්වරයා පැවසී ය. ඒ සඳහා වන ඉන්දීය වෙරළාරක්ෂ හමුදාව සතු විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපොළට පමිණීමට නියමිත බව නන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසී ය. https://youtu.be/O3fbJ-Eflp8
2020-09-04T04:00:26.000Z
සාක්ෂි ලබාදුන් රනිල් ජනපති කොමිසමෙන් පිටවෙයි
සාක්ෂි ලබාදුන් රනිල් ජනපති කොමිසමෙන් පිටවෙයි
COLOMBO (News 1st) : පැය 5 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමෙන් පිටව ගොස් තිබේ.
2020-09-04T04:42:26.000Z
පළාත් කිහිපයකට අදත් තැනින් තැන වැසි
පළාත් කිහිපයකට අදත් තැනින් තැන වැසි
COLOMBO ( News 1st ) : බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස දෙකින් පසුව වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු හා තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2020-09-04T04:26:56.000Z
තවත් ලාංකිකයන් 229 දෙනෙකු දිවයිනට
තවත් ලාංකිකයන් 229 දෙනෙකු දිවයිනට
COLOMBO ( News 1st ) : නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු ඊයේ රාත්‍රී ගුවන් මගින් දිවයිනට පැමිණියේ ය. ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළේදී ඔවුන් PCRපරීක්ෂණ වෙත යොමු කෙරුණු බවයි. අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.
2020-09-04T01:41:13.000Z
නිව් ඩයමන්ඩ් නෞකාවේ පිපිරීම් දෙකක්
නිව් ඩයමන්ඩ් නෞකාවේ පිපිරීම් දෙකක්
COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මේ දක්වා කිසිදු තෙල් කාන්දුවක් සිදුව නැතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ මේ පිළිබඳව ගුවන් හමුදාව හා නාවික හමුදාව සමග එක්ව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ගින්නත් සමග අද අලුයම නැවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නැවේ සමබරතාව ගිලිහෙමින් පවතින බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේය. ගිනිගත් නෞකාවේ බොයිලේරුවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයා මියගිය බව වාර්තා වී ඇතැයි නාවික හමුදාව සඳහන් කළේය. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රකාශ අනුව එය තහවුරු වන බවයි. නෞකාවේ සේවය කළ 22 දෙනෙකු මේ වනවිට නිරුපද්‍රිතව බේරා ගෙන ඇති අතර, එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ කල්මුණේ රෝහලේ ය. සෙසු පිරිස ගින්න නිවීම සඳහා නාවික හමුදාව සමග එක්ව කටයුතු කරමින් සිටින බව ද ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවක් වන මෙහි,ගින්න ඇති වූයේ සංගමන් කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී යි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා තුනක් ,ඉන්දීය නාවික හමුදාවේ නෞකා දෙකක්, හම්බන්තොට වරායෙන් නෞකා දෙකක් හා අදාළ නැව අයත් සමාගමේ නෞකාවක්ද මේ වන විට යොදවා තිබේ. නාවිකා හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න නිවා දැමීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි. ගුවන් හමුදාව ද ගින්න නිවීම සඳහා පියවර නිමින් සිටින බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
2020-09-04T01:13:20.000Z
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් යොමු කළ යුත්තේ Online ක්‍රමයට පමණයි - අධ්‍යාපන අමාත්‍යාංශය
විද්‍යාපීඨවලට අයදුම්පත් භාර ගැනීම Online ක්‍රමයට
COLOMBO (News 1st) - ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට මෙවර ඔන් ලයින් ක්‍රමයෙන් පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විද්‍යාපීඨවලට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය. 2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විද්‍යා පීඨ සඳහා බඳවා ගැනීම සිදු කෙරෙනු ඇති. www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස ඊට අදාළ අයදුම්පත සම්පූර්ණ කළ යුතුයි. ලබන 25 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඔන් ලයින් ක්‍රමයෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ මතුවන ගැටළු සම්බන්ධයෙන් 011 2787303, 0112 787385 , 0112787393, 0112787399 හා 0112 787444 යන දුරකතන අංකවලින් තොරතුරු විමසිය හැකියි. දිවයින පුරා ඇති අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4253 කු බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.
2020-09-03T23:24:51.000Z
බඩ ඉරිඟු මිල ඉහළ යාමෙන් ක්ෂේත්‍ර කිහිපයක් අමාරුවේ..
බඩ ඉරිඟු මිල ඉහළ යාමෙන් ගැටලු රැසක්
COLOMBO (News 1st) - බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී ගැටළු රැසක් මතුව තිබේ. නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ රුපියල් 50 ක වැනි මිලකට පැවති බඩ ඉරිඟු කිලෝ ග්‍රෑමයක මිල මේ වනවිට රුපියල් 90 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙවැනි තත්ත්වයක් හමුවේ සත්ව ආහාර මිල ගණන් ඉහළ යාමෙන් විශාල පාඩුවක් විඳීමට සිදුව ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී මාගමගේ මහතා පැවසුවේය. ඔහු පැවසුවේ සත්ව ආහාරවල බඩ ඉරිඟු ප්‍රමාණය පහළ යාම හේතුවෙන් කිරි නිෂ්පාදනය ද පහළ ගොස් ඇති බවයි. මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් තම ව්‍යාපාරිකයින් ද ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි. මේ පිළිබඳව පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ පවතින බඩ ඉරිඟු හිඟයට පිළියමක් ලෙස තිරිඟු ආනයනයට පියවර ගත් බවයි. ඉදිරි සති කිහිපය ඇතුළත තිරිඟු තොග මෙරටට ලැබීමත් සමග සත්ව ආහාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විසඳුම් ලැබෙනු ඇති බවයි. මේ අතර දැනට පවතින බඩ ඉරිඟු හිගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී ද අවධාරණය යොමු විය. එහිදී හෙළි වූයේ වසරකට මෙරට ඉඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 05 ක් බවයි. එය සපුරා ගැනීම සඳහා හෙක්ටෙයාර් එක් ලක්ෂ 10000 ක බඩ ඉරිඟ වගා කළ යුතු බව ද එහිදී හෙළි විය. එහෙත් මේ වනවිට බඩ ඉරිඟු වගා කර ඇත්තේ හෙක්ටයාර් 80000 ක පමණි. ඉදිරි වසර අවසානය වනවිට එම බිම් ප්‍රමාණය හෙක්ටයාර් එක් ලක්ෂ 10000 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව එහිදී අණාවරණ විය.
2020-09-03T22:02:03.000Z
රනිල් වික්‍රමසිංහ අද ජනපති කොමිසම හමුවට..
රනිල් වික්‍රමසිංහ අද ජනපති කොමිසම හමුවට..
COLOMBO (News 1st) - හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ කොමිසම කළ දැනුම් දීමක් අනුවයි. ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටම පසුගියදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමනා ලබා දීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ සහන ලබා දීමේ ක්‍රියාවලියට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව මංගල සමරවීර, රාවුෆ් හකීම් ,පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම ,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්දිරන් හා අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මෙම සිද්ධියට අදාළ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
2020-09-03T21:55:06.000Z
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹේ..
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට
COLOMBO (News 1st) - 2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරන බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවිය. මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රතිශෝධන පත්‍රිකා කඩිනමින් නැවත එක් රැස් කීරීම සඳහා ද ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බවයි.
2020-09-03T21:26:20.000Z
New Diamond නැවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මරුට..
New Diamond නැවේ සේවකයෙකු මරුට
COLOMBO (News 1st) - සංගමන් කන්දට ඔබ්බෙන් වූ මුහුදේදී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි. ඒ ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායම් විසිනි. ගින්න නිවීම සඳහා අදාළ නෞකාව අයත් සමාගමේ නෞකාවක් ද එම ස්ථානයට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය. ගිනි ගනිමින් ඇති New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මියගොස් ඇති බවට වාර්තා වන බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව ඊයේ පෙරවරුවේ ගිනි ගැනීමට ලක්විය. එම අවස්ථාවේ නෞකාවේ ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් සහ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක පමණ ප්‍රවාහනය කරමින් තිබුණේ කුවේටයේ සිට ඉන්දියාව දක්වායි. නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබූ අතර ඒ පිළිබඳ ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට වාර්තා විය. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගිනිගෙන ඇති නෞකාව පවතින මුහුදු ප්‍රදේශයට තම කණ්ඩායමක් අද දිනයේ පිටත්ව යන බවයි.
2020-09-03T21:22:17.000Z
වැසි ජලය එකතු කිරීමට නව ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳ ජනපති අවධානය..
වැසි ජලය එකතු කිරීමට නව ජලාශ පද්ධතියක්..
COLOMBO (News 1st) - වර්ෂා ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ. මීට අමතරව ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු අවධාරණය කළේය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් විමසුමට ලක් කළ බවයි. ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදි ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. “සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජයේ අපෙක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් ඒ සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නල කිලෝ මීටර් 40,000ක් අලුතින් එළීමට සැලසුම් කර ඇති බවද සාකච්ඡාවේදි හෙළිවිය. ප්‍රජා ජල ව්‍යාපෘති ඉහළ ප්‍රමිතියකින් සිදු කිරීමටත් මාර්ග ඉදි කිරීම ජල සම්පාදනය සමග ඒකාබද්ධව කිරීමටත් මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
2020-09-03T19:34:11.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අල්ලස් දැලේ : පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් හැට දහසක අල්ලසක් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2.වික්ටෝරියා ජලාශය අවට ප්‍රධාන භූ චලනට පෙර තවත් චලන සිදුව ඇතැයි හෙළි වෙයි :29 වනදා සිදුවූ භූ චලනයට පෙර තවත් සුළු චලන කිහිපයක් සිදුවී ඇතැයි අනාවරණය වේ. 3.තෙල් නැවේ ගින්න තවත් පැතිරෙයි : සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ අනතුරට ලක්ව ඇති සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙමින් ඇතැයි, නාවික හමුදාව පවසයි. 4. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ :20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් පුවත් 1. නරේන්ද්‍ර මෝදිගේ ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් : ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ.
2020-09-03T11:21:17.000Z
පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අල්ලස් දැලේ
පාර්ලිමේන්තුවේ භෝජනාගාර නිලධාරියෙක් අල්ලස් දැලේ
COLOMBO (News 1st) : පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් හැට දහසක අල්ලසක් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී විරසුරිය මහත්මිය සඳහන් කළේ, පාර්ලිමේන්තුව වෙත සපයනු ලබන පලතුරු ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා මොහු මාසිකව රුපියල් තිස්දහස බැගින් ලබාගෙන ඇති බවයි. මාර්තු මාසයට හා පසුගිය ජුනි මාසයට අදාළ එම අල්ලස් මුදල ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට පත් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-09-03T11:17:45.000Z
අබුඩාබි පිපිරීම ගැන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
අබුඩාබි පිපිරීම ගැන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
COLOMBO (News 1st) : අබුඩාබිහි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව පසුගිය 31 වැනිදා අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුව තිබේ. එහිදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබුණු බව තානාපති කාර්යාලය පවසයි. එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තහවුරු කරගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් රෝහලට ගොස් තිබේ. එහිදී අදාළ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි දැක්වේ. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් සිටී. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නීති කටයුතු පිළිබඳ බලධාරීන් හා රෝහල් බලධාරීන් සමග ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය සහය ලබාදීමට ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද නිවේදනයේ සඳහන් ය.
2020-09-03T10:51:23.000Z
වික්ටෝරියා ජලාශය අවට ප්‍රධාන භූ චලනට පෙර තවත් චලන සිදුව ඇතැයි හෙළි වෙයි
ප්‍රධාන භූ චලනට පෙර තවත් චලන සිදුව ඇතැයි හෙළි වෙයි
COLOMBO (News 1st) : 29 වනදා සිදුවූ භූ චලනයට පෙර තවත් සුළු චලන කිහිපයක් සිදුවී ඇතැයි අනාවරණය වේ. දින කිහිපයක් මහනුවර හා ඒ අවට සිදුවූ භූ චලන පිළිබඳව සොයා බැලීමට නිව්ස් ෆස්ට් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරය කළේ ය. පසුගිය 29 වනදා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදී හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ චලන වාර්තා විය. 29 වනදා සිදුවූ භූ චලනයට පෙර තවත් චලන දෙකක් සිදුවී තිබේ. එය සටහන්ව තිබුණේ, වික්ටෝරියා ජලාශයේ ස්ථාපනය කර ඇති භූ චලන මාපකවලයි. මේ අනුව නිවුස් ෆස්ට් කණ්ඩායම අප වික්ටෝරියා ජලාශයේ වම් ඉවුරේ පිහිටි අලුත්වත්ත, අඹකොටේ ඇතුළු ගම්මාන කිහිපයක සංචාරය කළේ ය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වෙඩි දැමීම ඇතුළු කාරණා පිළිබඳව බලධාරීන්ගේ අවධානය ඇතැම් විට ප්‍රමාණවත් නොවන බවයි. කලින් කළ අනතුරු ඇඟවීම් ගැන නොතකා සිදුවූ විනාශයන් ගැන අත්දැකිමී අපේ රටේ ඕනෑ තරම් තිබේ. ආසනන් අත්දැකීම අප්‍රේල් 21 ප්‍රහාරය. කොමිෂන් සභාවලදී දැන් හෙළිවෙන කරුණුවලින් එය තහවුරු වෙමින් තිබේ. වික්ටෝරියා ජලාශයට මේ භූ චලන නිසා සිදුවිය හැකි අනතුරු දායක තත්ත්වය ගැන අපි මීට වඩා අවධානය යොමු කළ යුතු නොවේ ද?
2020-09-03T10:43:26.000Z
තෙල් නැවේ ගින්න තවත් පැතිරෙයි
තෙල් නැවේ ගින්න තවත් පැතිරෙයි
COLOMBO (News 1st) : සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ අනතුරට ලක්ව ඇති සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙමින් ඇතැයි, නාවික හමුදාව පවසයි. එය මැඩපැවැත්වීම සඳහා මේ වනවිට හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ රුසියානු යුද නෞකා දෙකේද සහය ලබාගෙන තිබේ. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ අද පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 37 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බව වාර්තා වේ. නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිළිබඳව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ අද පෙරවරු 8.05 ට පමණයි. තොරතුරු වාර්තාවූ වහාම ක්‍රියාත්මකවූ නාවික හමුදාව සයුර සහ රණරිසි නෞකා එම ස්ථානයට පිටත්කර යවා තිබිණ. නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු යාත්‍රාකර ඇති අතර ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් ය. නෞකාව අවට යාත්‍රා කළ වෙළඳ නෞකාවකින් කාර්යය මණ්ඩලයේ 19 දෙනෙකු බේරා ගෙන තිබිණ. තුවාල ලැබු ඉංජිනේරුවරයෙකු අද පස්වරුවේ ගොඩ බිමට රැගෙනවිත් කල්මුණේ රෝහලට ඇතුළත් කළා. කපිතාන්වරයා සහ තවත් ලධාරියෙකු නාවික හමුදාව විසින් බේරාගෙන නාවික හමුදා යාත්‍රාවක තබා සිටින අතර ඔවුන් ගින්න නිවීමේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව නාවික හමුදාව පැවසී ය. නෞකාවේ කපිතාන්වරයා ග්‍රීක ජාතිකයෙකි. නෞකාව සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ නිරීක්ෂණ යානයක් සහ එම්. වයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබිණ. ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට හම්බන්තොට නැංගුරම්ලා තිබූ යුද නෞකා දෙකෙන් සහය ඉල්ලා ඇති අතර එම නෞකා අද පස්වරුවේ පිටත්වයාමට නියමිතව තිබිණ. මේ අතර ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දහවල් විශේෂ හමුවක් පැවැත්වුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගිත්වයෙනි. නෞකාවේ තෙල් පැතිරී යාමක් සිදුවුව හොත් මෙරට සාගර කලාපයට බරපතළ ලෙස හානි සිදුවීමේ අවදානමක් මේ වනවිට මතුවී තිබේ.
2020-09-03T10:37:24.000Z
ශ්‍රී ලංකා පොලීසිය අභිමානවත් 154 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා පොලීසියේ අභිමානවත් සංවත්සර සැමරුම..
COLOMBO (News 1st) : ජාති, ආගම්, උස්, මිටිකම්, ලොකු, පොඩිකම් මේ කිසිවක් නොතකා ජනතාව වෙනුවෙන්ම කැපවූ ශ්‍රී ලංකා පොලීසිය නීතිය සුරක්ෂිත කිරීමට ඉටුකරන මෙහෙය ප්‍රශංසනීයයි. 30 වසරක යුද සමයේත් සිය මෙහෙවර අඛණ්ඩව ඉටුකළ පොලීසිය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා සිය වගකීම ඉටුකළේ, ජීවිත ගණනාවක් ද කැපකරමිනි. කොවිඩ් වසංගතයේදී තම දිවි දෙවෙනිකොට රටත් ජනතාවත් සුරක්ෂිත කිරීමට ඔවුන් ඉටුකළ මෙහෙයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි. දැන් තවත් මෙහෙවරකට උරදී සිටින ශ්‍රී ලංකා පොලීසිය පාතාලය, මත්කුඩු, හොරකම් මැඩලමින් සාමකාමී ජනජීවිතය තහවුරු කිරීමට අලුත් ප්‍රවේශයකින් අවතීරණව සිටී. දිවා රෑ නොතකා රටත්, ජනතාවත් සුරක්ෂිත කිරීමට කැපවන පොලිස් විරුවණි ඔබටයි මේ උත්තමාචාරය...!
2020-09-03T07:32:35.000Z
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එහි සඳහන් පරිදි අවධානයට ලක්වන සංශෝධන කිහිපයක් මෙසේයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කළ ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් ඇතැම් වගන්ති යළි ඇතුළත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව ලෙස වෙනස් වන අතර පාර්ලිමේන්තු සභාවේ සාමජිකයින් වන්නේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතියට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හා සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනෙක් ඇතුළත් වෙති. නමුත් පාර්ලිමේන්තු සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා හා සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනා ඇතුළත් නොවේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් කොමිෂන් සභා දෙකක් අහෝසි කර තිබේ. එම කොමිෂන් සභා දෙක වන්නේ ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසමයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි යන්න 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර ඇතත්, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වේ. නව කෙටුම්පතේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම ප්‍රධානියා ද වන බවයි. අමාත්‍ය මණ්ඩලය විසිර ගිය ද ජනාධිපතිවරයා ධුරය දරන බව නව සංශෝධනයේ ද ඇතුළත් වේ. දැනට පවතින්නේ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතු බවයි. නමුත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි, හැගෙන්නේ නම්, අග්‍රමාත්‍යවරයාගේ අදහස් විමසා කැබිනට් මණ්ඩලය පත් කළ හැකි බවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් අමාත්‍ය මණ්ඩල සීමා , 20 වන සංශෝධනයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව, විෂයන්, තීරණය කිරීමේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටයි. එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම විෂයක් හෝ කාර්යයක් පවරා ගත හැකි අතර ඇමතිවරු , විෂයන් මෙන්ම සංයුතිය ද වෙනස් කිරීමේ හැකියාව පවතී. කැබිනට්, කැබිනට් නොවන හා නියේජ්‍ය අමාත්‍යවරු සම්බන්ධයෙන් එම සංශෝධනය ක්‍රියාත්මකයි. එමෙන්ම ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා ද නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලය හිමි වේ. පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරක් ගතවන තුරු විසුරුවා හැරිය නොහැකි බවට ව්‍යවස්ථාවේ දැක්වේ. එහෙත් 20 වන සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව රැස් වී වසරකට පසුව ජනාධිපතිවරයාට එය විරුසුවා හැරිය හැකියි. දැනට ව්‍යවස්ථාවේ පවතින්නේ වෙනත් රටක ද පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවයි. එහෙත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර තිබේ. https://business.facebook.com/NewsfirstSL/videos/662650291020156/
2020-09-03T06:32:09.000Z
''කහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතුයි..''- ජනාධිපති
''කහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතුයි..''
COLOMBO (News 1st): කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතු බවයි. උක්, බඩඉරිගු, කජු , ගම්මිරිස්, කුරුඳු , කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයනය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග නිෂ්පාදන, ආනයනය මේ වනවිට සම්පුර්ණයෙන්ම නතර කර තිබේ. එම භෝග අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනට විධිමත් සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. බඩ ඉරිඟු නිෂ්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානයට ලක් වී ඇති අතර දේශීය බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක බඩ ඉරිඟු වගා කිරීමේ අවශ්‍යතාව එහිදී පෙන්වා දී තිබේ. ඉදිරි වසර අවසානය වනවිට එම ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. ගම්මාන 100 ක කහ සහ ඉඟුරු වගා කිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ අපනයනය කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව එම සාකච්ඡාවේදී අනාවරණය විය. කොරෝනා වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම හේතුවෙන් බුලත් අපනයනය පහත වැටී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වූ අතර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් දෙන්නැයි, ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2020-09-03T06:12:01.000Z
නිව් ඩයමන් නෞකාවේ කපිතාන් හා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරා ගැනේ
අනතුරට පත් නැවේ කපිතාන් බේරා ගැනේ
COLOMBO (News 1st) : සංගමන් කන්දට ඔබ්බෙන් වු මුහුදේ අනතුරට ලක්ව ඇති නිව් ඩයමන් නමැති බොරතෙල් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නාවික හමුදාව විසින් මීට ටික වේලාවකට පෙර බේරා ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක , කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඔවුන් දෙදෙනා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිත බවයි. මෙම සහන මෙහෙයුමට දායකවීම සඳහා දිවයිනට පැමිණ තිබූ රුසියානු යුද නෞකා දෙකක් ද මේ වනවිට පිටත්ව යමින් ඇතැයි, නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ මෙරට රුසියානු තානාපති කාර්යාලය ලබාදුන් අනුමැතියට අනුවයි. එම යුද නෞකා දෙකක මීට දින තුනකට පෙර හම්බන්තොට වරායට පැමිණි අතර, අද දිනයේ දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබිණ.
2020-09-03T04:56:32.000Z
සය වැනි දිනටත් ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද
සය වැනි දිනටත් ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද
COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක තුනක සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම් වලට අදත් ජනතා ගැටලු රැසක් හමු විය. ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයිනේ දිස්ත්‍රික්ක 25ක් පුරා ක්‍රියාත්මකවන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින් සමග එක්වයි. මුලතිව් ,පොලොන්නරුව හා රත්නපුර දිස්ත්‍රික්ක වල සංචාරයේ දී අපට ජනතා ගැටලු විශාල ප්‍රමාණයක් හමු විය. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලගම සහ වටවල ගම්මානවල ජනතාව පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටියි. බලංගොඩ වටවල ඇතුළු ප්‍රදේශ කිහිපයක වන අලි ගැටලු උග්‍ර වී තිබේ. පවුල් 400 කට වැඩි පිරිසක් මේ නිසා පීඩාවට පත්ව සිටින බව ගම්මුන් අප සමග පැවසුවේය. පිරිසිදු පානීය ජලය නොමැතිකම, රජරටටත් ප්‍රශ්නයක් වී තිබේ. පොලොන්නරුව,හිඟුරක්ගොඩ ජනතාව අප සමග පැවසුවේ පානීය ජල ගැටළුවට මුහුණ දෙන තම ප්‍රදේශ වලින් වැඩි වශයෙන් වකුගඩු රෝගීන් ද වාර්තා වන බවයි. හිඟුරක්ගොඩ ප්‍රාථමික විද්‍යාලයට සෞන්දර්ය පන්ති කාමරයක් සහ අවශ්‍ය පහසුකම් නොමැතිකම එම දරුවෝ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම් අද මාමුලේයි ප්‍රදේශයට ගියේය. අවුරුදු 15 ට අඩු ළමුන් පාසල් නොයෑම මේ ප්‍රදේශයේ පවතින ගැටළුවකි. මේ ජනතාව ජීවත් වන්නේත් ආර්ථික අභියෝග රැසක් මැද්දේ වීම තවත් ප්‍රධාන ගැටළුවකි.
2020-09-02T20:17:28.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3101 ක් දක්වා ඉහළට
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 9ක්
COLOMBO (News 1st ) - මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3101 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ තවත් ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වීමත් සමගයි. කටාරයේ සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, කුවේටයේ සිට පැමිණි දෙදෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු ඒ අතරට අයත් වේ. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,883 කි. ආසාදිතයින් 206 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්පවතී.
2020-09-02T23:51:56.000Z
සංගමන්කන්දට නාවික සැතපුම් 38ක් දුරින් වූ මුහුදේ නෞකාවක ගින්නක්
සංගමන්කන්ද ආශ්‍රිත මුහුදේ නෞකාවක ගින්නක්
COLOMBO (News 1st) - සංගමන් කන්දට නාවික සැතපුම් 38 ක් ඈතින් වූ මුහුදු තීරයේදී MT New Diamond නමැති නෞකාවේ ගින්නක් හටගෙන තිබේ. සහන සැලසීම සඳහා නාවික හමුදාවේ නෞකා 02ක් පිටත්කර ඇති අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි. MT New Diamond තෙල් නෞකාවේ තත්ත්වය සොයා බැලීමට ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් නිරීක්ෂණ යානය පිටත් කර ඇති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2020-09-02T22:41:54.000Z
වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
COLOMBO (News 1st) - පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවයි. එම කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 238 කි ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි.
2020-09-02T22:10:04.000Z
නරේන්ද්‍ර මෝදිගේ ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මෝදිගේ ට්ව්ටර්ගිණුමට,වෙබ්අඩවියට සයිබර්ප්‍රහාරයක්
COLOMBO (News 1st) - ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. පසුගිය මාසයේ ද ඉන්දියාවේ ප්‍රමුඛපෙලේ පුද්ගලයින් රැසකගේ ට්විටර් ගිණුම් කිහිපයකට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල විය. චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. ඉන්දියාව එම ජංගම දුරකතන යෙදවුම් තහනම් කළේ සිය ස්වෛරීභාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමිනි. පසුගිය ජුනි මාසයේදී ද, චීනය හඳුන්වා දුන් ටික්-ටොක් මෘදුකාංගය ඇතුළුව ජංගම දුරකතන යෙදුම් 59 ක්, ඉන්දියාව තහනම් කළේය.
2020-09-02T22:15:36.000Z
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම අද පෙරවරුවේ..
20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද ගැසට් කෙරේ
COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පෙරවරුවේ ගැසට් කරන බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ කැබිනට් අනුමැතිය ද හිමිවිය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය. අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කළේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි. නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණි. ඊට ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත් වේ.
2020-09-02T21:24:53.000Z
පොල් වලින් මතු වූ හෙරොයින් සමග 05 දෙනෙකු අත්අඩංගුවට
පොල් වලින් මතු වූ හෙරොයින් සමග 05ක් දැලේ
COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 500 කට අධික තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු මොරගහහේන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එම හෙරොයින් තොගය පොල්වල සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
2020-09-02T21:18:37.000Z
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකියි..
පවතින වැසි තත්ත්වයේ අඩුවක්..
COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 2391 කට අයත් පුද්ගලයින් 9722 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 12 කට එලෙස බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ හේතුවෙන් සිදුව ඇති නිවාස හානි සංඛ්‍යාව 562 කි. ඒ අතරට පූර්ණ නිවාස හානි 9 ක් අයත් වේ. මේ අතර කුඩා ධීවර යාත්‍රා වලට අද දහවල් දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන අද පෙරවරු 8.30 දක්වා බලාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වලට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
2020-09-02T21:09:49.000Z
දිවයිනේ මුහුදු ප්‍රදේශ රැසක කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක්: වහාම පරීක්ෂණ අරඹයි..
මුහුදු ප්‍රදේශ රැසක කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක්
COLOMBO (News 1st) - කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක් මුහුදේ පාවෙමින් ඇතැයි අඟුලාන ආශ්‍රිත ඈත මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක්, ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ පසුගිය 31 වැනිදායි. එම කලාපයෙන් අල්ලා ගත් මසුන්ද කොළ සහ කහ පැහැ ගැන්වී තිබූ බව, ධීවරයින් පෙන්වා දෙයි. එම දැනුම් දීමෙන් අනතුරුව නාරා ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. නාරා ආයතනයේ පරිසර අංශයේ ප්‍රධානී සහ ප්‍රධාන විද්‍යාඥ ශාමලී වීරසේකර මහත්මිය සදහන් කළේ, නැවිකියුලා නැමති ඩයටම ඇල්ගී විශේෂයක් එලෙස ව්‍යාප්තව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි. එය විෂ නිෂ්පාදනය කෙරෙන ඇල්ගී විශේෂයක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය. එම තත්ත්වය, ඊයේ වන විට මුහුදු ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබේ. ශාමලී වීරසේකර මහත්මිය සඳහන් කළේ ගාල්ල, කළුතර, පයාගල, බේරුවල, හලාවත සහ මෝදර ප්‍රදේශ වලින් එම තත්ත්වය වාර්තා වූ බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළාය. මේ අතර පිරිපහදු නොකරන ලද අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, අදාළ ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
2020-09-02T19:32:06.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය යොමු කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි. 2.උපාධිධාරීන් 51,177ක් ඊයේ රාජ්‍ය සේවයට :උපාධිධාරීන් 51,177 ක් ඊයේ රාජ්‍ය සේවයට එක්වුණි. එය සංඛේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් පිරිනැමීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවුණි. 3.මහනුවර යළිත් කම්පන තත්ත්වයක් : මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ උදෑසන යළිත් භූ චලනයක් දැනී තිබේ. 4. ගැටලු නැති ඉඩම් සඳහා නිරවුල් ඔප්පු දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්:ජනතාව භූක්ති විදිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදෙස් පුවත් 1. COVID-19 එරෙහි එන්නතක් සැදීමේ ගෝලීය වැඩපිළිවෙළට සහය දක්වන් නෑ – අමෙරිකාව : COVID-19 වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2020-09-02T09:26:42.000Z
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය
20 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය
COLOMBO ( News 1st ) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය යොමු කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.
2020-09-02T08:32:32.000Z
ඊයේ වැඩිම වර්ෂාපතනය අගලවත්තෙන්
ඊයේ වැඩිම වර්ෂාපතනය අගලවත්තෙන්
COLOMBO ( News 1st ) : ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් ය. එම අගය මිලිමීටර් 344 ක් ය. වලල්ලාවිට ප්‍රදේශයෙන් මිලීමීටර් 290 ක වර්ෂාපතනයක් වාර්තා වුණි. ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 270 කි. අධික වර්ෂාවත් සමග ගාල්ල - වක්වැල්ල මාර්ගය , ගාල්ල - බද්දේගම හා ගාල්ල - මාපලගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, ගාල්ල, ඉමදූව, හබරාදුව , අක්මීමන ප්‍රදේශවල පහත්බිම් සහ වගාබිම් ජලයෙන් යට වූ බවයි. අස්වනු නෙළීමට ආසන්න වගා බිම් රැසක් ද ඒ අතර වේ. ඇඹිලිපිටිය, තෝරකොලයාය , මලබලාව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 15 කට හානි සිදුවුණි. ඊයේ පස්වරුවේ ඇති වූ තද සුළඟකින් පුත්තලම , නිර්මලපුර , කජුවත්ත ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුව තිබුණි. නිවාස 4 කට පුර්ණ හානි සිදුව තිබේ. අධික වර්ෂාපතයත් සමග වේයන්ගොඩ ප්‍රදේශයේ නිවාස 6කට හානි සිදුවිය. මේ හේතුවෙන් 35 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන්ට පිසූ ආහර ලබාදීමට අත්තනගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කටයුතු යොදා තිබේ. මිනුවන්ගොඩ - අඹගහවත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර විය. මීගමුව, කට්ටුව, පුවක්වත්ත දෙපා ඇල අවහිරවීමෙන් නිවාස 20 ක් ජලයෙන් යටවූ බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. කහතුඩුව - දියගම මාර්ගයේ පහත්බිම්වල පිහිටි නිවාස 30 ක් පමණ අද ජලයෙන් යටවිය. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ ඇල මාර්ගයක් අවහිරවීම හේතුවෙන් පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි. මේ අතර, අධික වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 202 කට සහ කුඩා ව්‍යාපාරික ස්ථාන 40 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. එම මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රීකුණාමලය, මන්නාරම, බදුල්ල, වව්නියාව, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් එම හානි වාර්තා වන බවයි. වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වලට එම අවදානම් නිවේදනය නිකුත් කර ඇති බවයි.
2020-09-02T08:12:09.000Z
උපාධිධාරීන් 51,177ක් අද රාජ්‍ය සේවයට
උපාධිධාරීන් 51,177 ක් අද රාජ්‍ය සේවයට
COLOMBO ( News 1st ) : උපාධිධාරීන් 51,177 ක් අද රාජ්‍ය සේවයට එක්වුණි. එය සංඛේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් පිරිනැමීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවුණි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙම පත්වීම් පිරිනැමීම වෙනුවෙන් විනාඩි 25 කට සීමාවූ සරල උත්සවයක් පැවැත් වූ බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිසි රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000 ක් රජයේ රැකියා සඳහා බදවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. අද බඳවා ගත් පිරිසෙන් 38,760 ක් කාන්තාවන් ය. නායකත්ව කුසලතා සහ ආකල්ප පුහුණුවකින් පසුව මොවුන් විවිධ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමට නියමිත ය. සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායක වන්නැයි පත්වීම් පිරිනැමීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.
2020-09-02T05:55:52.000Z
ගැටලු නැති ඉඩම් සඳහා නිරවුල් ඔප්පු දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
ගැටලු නැති ඉඩම් සඳහා නිරවුල් ඔප්පු දෙන්නැයි උපදෙස්
COLOMBO ( News 1st ) : ජනතාව භූක්ති විදිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ ඉඩම් ඔප්පු නොතිබීම පිළිබඳව දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසකම ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් බවයි. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ඉඩම් කළමනාකරණ කටයුතු , රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ කරුණු අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දී ඇත්තේ පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද , වගා කටයුතු කළ ද ඔප්පු නොමැතිවීමෙන් ඇතැම් පිරිස් දැඩි පීඩාවට පත්ව ඇති බවයි. ප්‍රශ්නය විසදීමට රටට හා ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයිද, ජනාධිපතිවරයා සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිත කිරීමේ වැදගත්කම ඇති බවයි. ඒ අනුව ඒවා තරුණ ව්‍යවසායකයින්ට බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කර ගත හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නා ලෙසයි. අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමු කෙරෙන ඉල්ලීමකට දින 14 ක් ඇතුලත පිළිතුරුදීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් වියයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.
2020-09-02T05:47:06.000Z
21 ප්‍රහාරය : රාජ්‍ය නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි නොතීසි
21 ප්‍රහාරය : රාජ්‍ය නිලධාරීන් පිරිසකට යළි නොතීසි
COLOMBO ( News 1st ) : අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය සඳහා හිටපු ජනපති ලේකම් උදය සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි නොතීසි නිකුත් කර තිබේ.
2020-09-02T05:29:24.000Z
සමගි ජනබලවේගයේ 38 ක සාමාජිකත්වය ගැන අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්
අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා දක්වා ඉදිරි පියවර නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට අද දැනුම් දුන්නේ ය. ඒ, සමගි ජනබලවේග පක්ෂයට සහාය ලබාදීම නිසා තම එක්සත් ජාතික පක්ෂ පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කිරීමට එරෙහිව ඔවුන් ගොනු කළ පෙත්සම් සළකා බලමින් ය. අදාළ පෙත්සම්වලින් එම 38 දෙනා ඉල්ලා සිටියේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම එලෙස කළ බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේ ය. කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරන 38 දෙනෙකු ගොනු කළ පෙත්සම් අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුණි. ලබන 09 වැනිදා පෙත්සම් වැඩිදුර සළකා බැලේ.
2020-09-02T04:42:26.000Z
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
COLOMBO ( News 1st ) : මාතර, රොටුඹ, වදුරාදෙනිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බවයි. පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 21 හැවිරිදි පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය.
2020-09-02T01:40:23.000Z
රංජිත් මද්දුම බණ්ඩාර , ආශූ මාරසිංහ ජනපති කොමිසමට
රංජිත් මද්දුම බණ්ඩාර , ආශූ මාරසිංහ ජනපති කොමිසමට
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ ආශූ මාරසිංහ යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ. ඒ, එම ඒකකය කළ කැඳවීමකට අනුවයි. කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, අද පෙරවරු 9.40 ට පමණ ඔවුන් කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණි බවයි. මීට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය. ඒ, අදාළ සිද්ධිය සම්බන්දයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය. මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසමට ප්‍රකාශ ලබාදී තිබේ.
2020-09-02T04:05:13.000Z
හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තවත් පිරිසක් කොටු වෙයි
හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තවත් පිරිසක් කොටු
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුන් පස්දෙනෙකු හා සැකකාරියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කළුතර උතුර , අලුබෝමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගත් බවයි. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 8 කට ආසන්න බව පොලිසිය පැවසුවේ ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු මීගමුව, දළුපොත ප්‍රදේශයේදී ද පොලිස් භාරයට ගෙන තිබේ. 43 හැවිරිදි ඔහු දළුවාකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. පොලීසිය පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 62 යි මිලි ග්‍රෑම් 350 ක් සමග 32 හැවිරිදි සැකකාරියක් මහනුවර රෝහල් පටුමගේදී අත්අඩංගුවට ගත් බවයි. ඇය මැදවච්චියේ පදිංචිකාරියක් ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 100 ක් සමග තවත් සැකකාරියක් ගල්කිස්ස, වෙඩිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-09-02T03:55:19.000Z
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) : කොළඹ , මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන ත්‍රීරෝද රථ දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර ඔවුන් අතර 34 හැවිරිදි කාන්තාවක් ද සිටී. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, මිනුවන්ගොඩ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ දි අද අලුයම සිදු වූ රිය අනතුරකින් යතුරුපැදි කරුවෙකු මියගොස් තිබේ. ඔහු මිනුවන්ගොඩ, හොරම්පැල්ල , තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. අනතුර සිදුව ඇත්තේ මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක්, ජල නල එළීම සඳහා කපා තිබූ වලකට වැටී මෙන් අනතුරුව දකුණු දෙසට ඇදීගොස් යතුරු පැදියේ ගැටීමෙන්. පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
2020-09-02T03:20:45.000Z
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ නැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එසේම කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදු වේ.
2020-09-02T03:11:37.000Z
20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ - නීතිපති
20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
COLOMBO ( News 1st ) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3 බහුතරයකින් සම්මත කර ගත හැකි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට දන්වා තිබේ.
2020-09-02T07:40:13.000Z
මහනුවර යළිත් කම්පන තත්ත්වයක්
මහනුවර යළිත් කම්පන තත්ත්වයක්
COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන යළිත් භූ චලනයක් දැනී තිබේ. පසුගිය මස 28 වැනිදා රාත්‍රියේදී ද මෙලෙස භූ චලනයක් සිදු වූ බව වාර්තා විය. වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහලපිටිය මහතා ප්‍රකාශ කළේ,මීට පෙර සිදු වූ භූ චලනයේ අගය මැග්නිටියුට් ඒකක 3.5 ක් වූ බවයි. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පැවසුවේ, අද පෙරවරු 7.06 ට පමණ පෙර සිදු වූ අකාරයෙන්ම දෙවන චලනය වාර්තා වූ බවයි. එය පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව තිබේ. මෙම භූ කම්පන පිළිබඳව පිළිබඳ 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් සිටී. භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙම තත්ත්වය ප්‍රධාන භූ තල මායිම් ආශ්‍රිතව ඇති වූ ඒවා නොවන බවයි. වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරීත හුණුගල් තුළ බිදවැටීමක් මේ සඳහා හේතුවන්නට ඇතැයි අවධානය යොමුකර ඇති බව එම නිවේදනයේ සඳහන් ය. මෙම භූ චලන වාර්තා වූ හාරගම , පල්ලේකැලේ , ගුරුදෙණිය සහ රජවැල්ල යන ප්‍රදේශ පිහිටා ඇත්තේ වික්ටෝරියා ජලාශයට ඉහළින් ය. අප වාර්තාකරුවන් පැවසුවේ මෙම ප්‍රදේශවල ජලාශයට ඉතා ආසන්නයෙන් හුණු ගල් කර්මාන්තය සිදුකෙරන බවයි. හුණුගල් කැණීම සඳහා එම ස්ථානවල පිපිරීම් සිදුකරන බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ය.
2020-09-02T00:58:17.000Z
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
COLOMBO (News 1st) : දිවයින ආශ්‍රිතව පවතින වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා සඳහන් කළේ, වැසි සමග තද සුළං හා අකුණු ඇතිවිය හැකි බවත්, ඒ පිළිබඳව දැඩි අවදානය යොමු යුතු බවයි ලෙසයි. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලෙස මිලිමීටර් 344 ක් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. වලල්ලාවිට ප්‍රදේශයෙන් මිලීමීටර් 290 ක වර්ෂාපතනයක් වාර්තා වන අතර, කෙසෙල්හේන ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලිමීටර් 252 ක් වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයෙන් ගතවූ පැය 24 තුළ මිලීමීටර් 233 ක වර්ෂාපතන අගයක් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පතුලගෙදර ප්‍රදේශයෙන් මිලීමීටර් 245 ක වර්ෂාපනත අගයක් වාර්තා වන බවයි. ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 270 කි . කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රදේශයට මිලිමීටර් 196 ක වර්ෂාපතයක් ලැබී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලිගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලීමීටර් 154 ක් වේ. මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. පවතින අධික වැසි සහිත කාලගුණ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රදීප් මාපලගම මහතා සඳහන් කළේ ය. මේ අතර අධික වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන්, නිවාස 202 කට සහ කුඩා ව්‍යාපාරික ස්ථාන 40 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ත්‍රීකුණාමලය, මන්නාරම, බදුල්ල, වව්නියාව, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් එම හානි වාර්තා වන බවයි. ගතවූ පැය 24 ක කාලය තුළ මෙම නිවාස හා කුඩා ව්‍යාපාරික ස්ථාන වලට තද සුළඟින් හානී වී තිබේ.
2020-09-01T19:30:10.000Z
ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද පොළොන්නරුව, මුලතිව් හා රත්නපුර දිස්ත්‍රික්කවලදී..
ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ පස්වැනි දිනය අද
COLOMBO (News 1st) : පස්වන වරටත් ආරම්භ කළ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ පස්වැනි දිනය අදයි. ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මකවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් සමග එක්වයි. අද දිනයේ ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා මුලතිව් ,පොළොන්නරුව හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගම්මාන වෙත සංචාරය කරනු ඇති. මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරය කරන තවත් කණ්ඩායමක් අද දවසේ ගම්මාන කිහිපක සංචාරය කරමින් ජනතා ගැටලු සොයා බැලීමට නියමිතව තිබේ.
2020-09-01T23:47:49.000Z
පරිවාර වනාන්තර සිංහරාජය සමග ඒකාබද්ධ කිරීමට තීරණයක්
සිංහරාජ පරිවාර වනාන්තර ගැන තීරණයක්
COLOMBO (News 1st) : සිංහරාජ වනාන්තරය වටා තිබෙන පරිවාර වනාන්තර හෙක්ටෙයාර් 23,000 ක් වන එම වනාන්තරය සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ. වන සංරක්ෂක ජෙනරාල් ඩබ්ලිව් ඒ.සී වේරගොඩ මහතා සඳහන් කළේ, ඒ අනුව සිංහරාජය වනාන්තර පද්ධතියක් ලෙස පවත්වා ගෙන යාමට සැලසුම් කර ඇති බවයි. ඊට අදාළ අනුමැතිය මේ වනවිට ලැබී තිබේ. සිංහරාජ මායිමේ ඇති එම වනාන්තර සිතියම්ගත කිරීම ද මේ වනවිට අවසන් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය. වන සංරක්ෂක ජෙනරාල්වරයා පැවසුවේ අදාළ එම වනාන්තර ගැසට් කිරීම ඉදිරි මාසයක කාලය තුළ සිදු කිරීමට හැකි වනු ඇති බවයි. මෙමගින් සිංහරාජ වනාන්තරයේ ආරක්ෂාව තහවුරු වන අතර වන විනාශයන් වැළැක්වීමට ද හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
2020-09-01T22:00:57.000Z
COVID-19 එරෙහි එන්නතක් සැදීමේ ගෝලීය වැඩපිළිවෙළට සහය දක්වන් නෑ - අමෙරිකාව
COVID-19 එන්නත ගැන අමෙරිකාව මතය
COLOMBO ( News 1st ) : COVID-19 වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය හමුවේ මෙම පියවර ගෙන ඇත. මේ වනවිට ලොව රටවල් 150ක පමණ දායකත්වයෙන් කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් එන්නතක් නිෂ්පාදනය කිරීමේ නියැළී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය. රුසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව පසුගියදා කියා සිටියේ සිය රටවල් අත්හදා බලන එන්නත් සංවර්ධන මට්ටමේ තුන්වන අදියරේ පවතින බවයි. මේ වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් දෙකෝටි පනස් අට ලක්ෂ 99,621ක් වාර්තා වන අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.
2020-09-01T21:25:01.000Z
රජයේ පාසල්වල 6 - 13 ශ්‍රේණි අද සිට සාමාන්‍ය පරිදි ...
රජයේ පාසල්වල 6 - 13 ශ්‍රේණි අද සිට සාමාන්‍ය පරිදි
COLOMBO (News 1st) : අද සිට සියලු රජයේ පාසල්වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලබාදුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වන දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කළේ ය.
2020-09-01T21:11:34.000Z
අබුඩාබි නුවරදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් ලාංකිකයෙකු මරුට
අබුඩාබිහිදී ගෑස් ටැංකියක් පුපුරා ලාංකිකයෙකු මරුට
COLOMBO (News 1st) : අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කරන ස්ථානයේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ තරුණයෙක් ය. ඔහුගේ දේහය අබුඩාබි රෝහලක තැන්පත් කර ඇති බව ඥාතීන් පැවසුවේ ය.
2020-09-01T21:05:47.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද
ශ්‍රීලනිප 69 වන සංවත්සරය අද
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. 1951 වසරේ අද වැනි දිනක එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ ය. ඉන් වසර 5 ක ඇවෑමෙන් මැතිවරණයට මුහුණ දුන් එම පක්ෂය ඇතුළු සන්ධානය 1956 වසරේදී මෙරට රාජ්‍ය බලය හිමි කර ගැනීමට සමත් වූයේ මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පත් වෙමින් ය. එතැන් සිට අවස්ථා කිහිපකදී රටේ රාජ්‍ය පාලනය හෙබවූ එම පක්ෂයේ නායකයින් මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා රටේ ස්වෛරී භාවයට සුවිශේෂී දායක්තවයක් සපයනු ලැබුවේ ය. අදට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 69 වැනි සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බවයි
2020-09-01T20:46:09.000Z
ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ අද ඇරඹේ
ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ අද ඇරඹේ
COLOMBO (News 1st) : දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භ වේ. මේ යටතේ බඳවා ගන්නා පිරිසට මාස 6 ක පුහුණවකින් පසුව පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියා අවස්ථා හිමිවනු ඇති. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත පිරිස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ. මෙම රැකියා සඳහා තෝරාගන්නා සුදුසුකම් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. 1. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයෙක්වීම 2. අයැදුම්පත් කැඳවන දිනට වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුයි, 3. සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු හෝ දැනටමත් එම සහනාධාරය ලබන පවුලක සාමාජිකයෙක්වීම 4. වයස්ගත, රෝගාතුර දෙමව්පියන් හෝ අබාධිතයින් සිටින පවුලක රැකියා විරහිත අයෙකු වීම 5.අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම මෙම රැකියා ලැබීම සදහා ප්‍රකාශයට පත්කර ඇති සුදුසුකම් ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සුදුසුකම් මත බඳවා ගන්නා පිරිස මාස 6 ක අඛණ්ඩ පුහුණු කාලයකින් පසුව එම පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව තමන් ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමේ අවස්ථාව උදාවන බවයි. පුහුණු කාල සීමාවේ රුපියල් 22,500 ක මාසික දීමනාවක් ලබාදෙන අතර පුහුණුවෙන් පසුව ලැබෙන රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන මාසික වැටුප දළ වශයෙන් රුපියල් 35,000 කි. එක් පවුලකින් සුදුසුකම් ලැබූ එක් අයෙකු පමණක් බඳවා ගන්නා අතර ප්‍රදේශයේ රැකියා අවස්ථා අනුව ලබාදෙන පුහුණු තීරණය වනු ඇති. මෙම පිරිසට වසර 10 ක අඛණ්ඩ සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුපකට ද හිමිකම් ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ, රැකියා ප්‍රදානය මෙම නිර්ණායක මත පමණක් පදනම්ව සිදු වන බවයි. ඒ සඳහා යම් පුද්ගලයෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් ලබාදීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
2020-09-01T20:38:39.000Z
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට
20වන සංශෝධන කෙටුම්පත අද ඇමති මණ්ඩලයට
COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ යෝජනාව මේ වනවිට නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි. එහි නිරීක්ෂණ අද දිනයේ ලැබෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණි. ඊට ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත් ය. මේ අතර අද පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.
2020-09-01T19:00:39.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රියැදුරන් චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි : චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසයි. 2. තම සමාගම් 24කට අමෙරිකාව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කිරීමක් – කොළඹ චීන තානාපති කාර්යාලය : අමෙරිකා එක්සත් ජනපදය තම සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝණය කිරීමක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. 3. වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් රිමාන්ඩ් : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. 5. ”නඩු භාණ්ඩ ලෙස තිබූ මත්ද්‍රව්‍යවල අඩුවක් නැහැ” – රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව : සිය දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ලෙස තිබූ මත්ද්‍රව්‍ය තොගවල කිසිදු අඩුවක් නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විදෙස් පුවත් 1. කොරෝනා එන්නත්වල දුර්වලතා ඇතැයි, අමෙරිකාව කියයි : රුසියාව සහ චීනය හඳුන්වා දුන් කොරෝනා මර්දන එන්නත්වල දුර්වලතා ඇතැයි, අමෙරිකානු සහ කැනේඩියානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙති.
2020-09-01T20:00:13.000Z
පහළ වායු ගෝලයේ කැළඹීමක්: පවතින වැසි තත්ත්වය තවදුරටත්
පහළ වායු ගෝලයේ කැළඹීමක්..
COLOMBO (News 1st) : දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. මේ අතර, අධික වැසි සමග ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඊයේ උදෑසන 8.30 සිට අද අලුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයට ය. එම අගය මිලිමීටර් 286.5 කි. කළුතර දිස්ත්‍රික්කයේ කෙසෙල්හේනව ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 245.5 ක් ලෙස සටහන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
2020-09-01T11:33:45.000Z
19 වෙනස් කරන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට
19 වෙනස්කම් හෙට කැබිනට් මණ්ඩලයට
COLOMBO ( News 1st ) - 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් ඇතුළත් 20 වන සංශෝධනය හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බවද ඔහු කියා සිටියේ ය.
2020-09-01T10:36:41.000Z
හිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිට පිං පැමිණවීමේ වැඩසටහනක් මරදාන අග්‍රශ්‍රාවක විහාරයේදී
ප්‍රනාබ් මුකර්ජිට පිං පැමිණවීමේ වැඩසටහනක්
COLOMBO (News 1st) : හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත ප්‍රනාබ් මුකර්ජි මහතාට පිං පැමිණවීමේ වැඩසටහනක් අද දහවල් මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවැත්විය. ඒ, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ය. මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මැතිතුමාගේ අභාවය අපිට ලොකු පාඩුවක්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාවේ හිතවතෙක්. විශේෂ පූජාවක් පැවැත්වූවා එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. මම ප්‍රාර්ථනා කරනවා ඔහුට නිවන් සුව අත් වේවා කියලා. මේ අතර අභාවප්‍රාප්ත ප්‍රනාබ් මුකර්ජි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව අද නවදිල්ලි නුවරදී සිදුකෙරුණි. අභාවප්‍රාප්ත වනවිට 84 වන වියේ පසුවූ හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මොළයේ සිදු කළ සැත්කමකින් දින කිහිපයකට පසුව COVID-19 වෛසරසය ආසාදනයට ලක්ව තිබුණි.
2020-09-01T10:58:17.000Z
පාරවල් නැති, බොන්න වතුර නැති යාපනය, මාතලේ, කළුතර මිනිස්සුන්ගේ කඳුළු කතා..
යාපනය, මාතලේ, කළුතර මිනිස්සුන්ගේ කඳුළු කතා..
COLOMBO ( News 1st ) : ‍ඔබේ හඬට ඇහුම්කන් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් අදත් දිස්ත්‍රික්ක 3 ක සංචාරය කළේ ය . යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ගමින් ගම යන ගම්මැද්ද කණ්ඩායම ජනතාව හමුවට ගියේ කණ්ඩායම් 2 ක් ලෙසටයි. ඉන් එක් කණ්ඩායමක් පෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන කිහිපයක ජනතාව හමුවුය. යුද සමයේ දැඩි පීඩා විදි ඔවුන් අපිට කිව්වේ ඉඩම් පිළිබඳ ගැටලු ,පානීය ජල ගැටලු, ප්‍රවාහන පහසුකම්, රැකියා පිළිබඳ ගැටලුවලින් තමන් මේ වනවිටත් පීඩා විදිමින් සිටින බවයි. යාපනයේ සිටින තවත් ගම්මැද්ද කණ්ඩායමක් පුත්තුර් දකුණ ප්‍රදේශයේ ජනතාව මුණ ගැහුණි. බේරුවල , කන්කානන්ගොඩ ඩයස්වත්ත ජනතාවගේ අදෝනාව අපිට ඇහුණේ කළුතර දිස්ත්‍රික්කයේ සංචාරය කරන අතරතුරයි. බොන්න වතුර,ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් කිසිවක් ඩයස්වත්තේ ජනතාවට නැහැ. ගමේ ජීවත්වෙන 60 දෙනෙකුට පමණ තියෙන්නේ වැසිකිළි 03 කි. කන්දක් උඩ දිවි ගෙවන ගොඩඋඩහේන ඉහළ කොටස ප්‍රදේශයේ පවුල් 25 කට ආසන්න පිරිසකුත් පානීය ජලය හිඟකමින් පීඩා විදී. කළුතර , වතුමුල්ල , බෝපිටිය බෝගහවත්ත ඇතුළු ගම්මානවල සංචාරය කළ අපේ කණ්ඩායම්වලට මේ ජනතාවගෙන් ඇහුණේ ඒ ගම්මාන මැදින් ගලන ඔයක ප්‍රශ්නයක් ය. මාතලේ , ඕපල්ගම ජනතාවට උපන්දා සිට තියෙන්නේ පානීය ජල ගැටලුවකි. ඇළකින් බට යොදා පානීය ජලය සපය ගන්න උත්සහා කළත් නලවලින් එන්නේ කිවුල් වතුර ය. ඇළ හිඳුණුදාට ඕපල්ගමට කිවුල් වතුරත් නැහැ. සේනගම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලුව ඊට වෙනස් ය. ගොවිතැනින් ජීවත්වෙන ඔවුන් වී වගා කළාම මුලින්ම මොනරු හානි කරයි. ඊට පස්සේ රිලවුන්ගෙන්ද හානි වේ. අස්වැන්න පීදිගෙන එද්දී අලින්ගෙනුත් මේ ජනතාවට අලි කරදරේ. මෙවැනිම ජනතා ගැටලු සොයා හෙටත් අපි දිස්ත්‍රික්ක 3 ක සංචාරය කිරීමට බලාපොරොත්තු වේ.
2020-09-01T10:40:03.000Z
තම සමාගම් 24කට අමෙරිකාව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කිරීමක් - කොළඹ චීන තානාපති කාර්යාලය
අමෙරිකානු සම්බාධක ගැන චීනයේ මතය..
COLOMBO ( News 1st ) : අමෙරිකා එක්සත් ජනපදය තම සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කිරීමක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. කොළඹ වරාය නගරය ඉදිකිරීමට සම්බන්ධ CCCC සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමට පසුගියදා තීරණය කළේ ය. මෙම සම්බාධක පැනවීමට ප්‍රධාන හේතුව වූයේ දකුණු චීන මුහුදේ, චීනය කෘත්‍රීම දූපතක් ඉදිකිරීමයි. CCCC සමාගම එහි ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. අමෙරිකාව චෝදනා කරන්නේ මේ සමාගම ඇතුළු සම්බාධක පැනවූ චීන සමාගම් දකුණු චීන මුහුද හමුදාකරණය කිරීමට සහය වන බවයි. මෙම සම්බාධක පැනවීමට තමන් තදින්ම විරුද්ධ වන අතර එය වැරදි සහගත ක්‍රියාවක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. අමෙරිකාව වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නවත්වන ලෙස ඉල්ලා සිටින බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත්වීමට එක්සත් ජනපදයේ ඒපාර්ශ්වික හා අයුක්ති සහගත සම්බාධකවලට ජාත්‍යන්තර නෛතික පදනමක් නොමැති බවද චීනය පවසයි. මේ අතර චීනයේ වෙළෙඳ ආධිපත්‍යය මැඩ පැවැත්වීමේ නව සැලසුමකට අවතීරණ වීමට ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සූදානම් වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දු-පැසිෆික් කලාපයේ සැපයුම්දාමය මේ සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඇති ආකාරයට වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළකට රටවල් තුනේ වෙළෙඳ අමාත්‍යවරුන් එකඟ වූ බවයි. මෙම වසර අගදී දියත් කිරීම සඳහා සැපයුම්දාම ශක්තිමත් කිරීම සඳහා වන පියවරට අදාළව කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරු තම නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ජපාන වෙළෙඳ අමාත්‍ය හිරෝෂි කජියාමා, ඕස්ට්‍රේලියා වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්හැම් සහ ඉන්දීය වෙළෙඳ අමාත්‍ය පී. ගොයාල් යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
2020-09-01T09:42:14.000Z
බිනර පොහොය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්..
බිනර පොහොය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්..
COLOMBO (News 1st) : භික්ෂුණී ශාසනය ආරම්භ වූ බිනර පොහොය අදයි. අදත් දිවයින පුරා වෙහෙර විහාරස්ථාවනවල පොහෝදින විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබුණි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500 ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනක ය. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 08ක් පනවමින් ඊට අවසර දුන්හ. සද්ධර් මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි කාන්තාව විමුක්තිය ලබා දුන්න වැදගත්ම දිනය අද දිනය. මහා ප්‍රජාපතී ගෝතමීට දීර්ඝ කාලයක් පැවිද්ද ඉල්ලලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එතුමියට පැවිදිවීමට අවසර දීම, එතුමිය පැවිදි දිවියට පත්වීම අද වගේ පුර පසළොස්වක් පෝ දිනයක සිද්ධ වුණේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා වඩම්මවාගෙන ගොස් තපස්සු - භල්ලුක කියන වෙළෙඳ දෙබෑයන් ගිරිහඬු සෑය චෛත්‍යයක් නිර්මාණය කරලා චෛත්‍යය කේෂ ධාතූන් වහන්සේලා නිදන් කිරීමත් සිද්ධ වුණේ අද වගේ පුර පසළොස්වක් පෝ දිනක. මේ වැදගත් පුර පසළොස්වක් පොහෝ දවස තමයි ඓතිහාසික මහියංගණ රාජමහා විහාරස්ථානයත් ශ්‍රී සුමන සමන් දේවාලයත් ඒකාබද්ධ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර සිද්ධ වෙන්නේ අද දවසේදී. මහියංගන රාජමහා විහාරය සහ මහියංගනය සුමන සමන් දේවාලය ඒකාබද්ධව පවත්වන පෙරහැර මංගල්‍ය අද රාත්‍රියෙන් අවසන් වේ. මෙවර පෙරහැර පැවැත්වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි. සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට පිහිටි ශ්‍රී ශාක්‍ය මාලකයේ අද දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වුණි. මෙවර ඊට අනුග්‍රහය දැක්වූයේ හාක්‍රොස් කෙමිකල් පුද්ගලික සමාගමයි. සම්බුද්ධ පූජාව පැවැත්වූයේ හුණුපිටිය , ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ය.
2020-09-01T09:26:27.000Z
ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ හෙට සිට
ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ හෙට සිට
COLOMBO (News 1st) : දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන හෙට සිට ආරම්භ වේ. මේ යටතේ බඳවා ගන්නා පිරිසට මාස 6 ක සාර්ථක පුහුණවකින් පසුව පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියා අවස්ථා හිමිවනු ඇති. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත පිරිස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ. මෙම රැකියා සඳහා තෝරාගන්නා සුදුසුකම් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. 1. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයෙක්වීම 2. අයැදුම්පත් කැඳවන දිනට වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුයි 3. සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු හෝ දැනටමත් එම සහනාධාරය ලබන පවුලක සාමාජිකයෙක් වීම 4. වයස්ගත, රෝගාතුර දෙමව්පියන් හෝ ආබාධිතයින් සිටින පවුලක රැකියා විරහිත අයෙකු වීම 5 . අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම මෙම රැකියා ලැබීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති සුදුසුකම් ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සුදුසුකම් මත බදවා ගන්නා පිරිස මාස 6 ක අඛණ්ඩ පුහුණු කාලයකින් පසුව එම පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව තමන් ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමේ අවස්ථාව උදාවන බවයි. පුහුණු කාල සීමාවේ රුපියල් 22,500 ක මාසික දීමනාවක් ලබාදෙන අතර පුහුණුවෙන් පසුව ලැබෙන රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන මාසික වැටුප දළ වශයෙන් රුපියල් 35,000 ක් ය. එක් පවුලකින් සුදුසුකම් ලැබූ එක් අයෙකු පමණක් බඳවා ගන්නා අතර ප්‍රදේශයේ රැකියා අවස්ථා අනුව ලබාදෙන පුහුණු තීරණය වනු ඇති. මෙම පිරිසට වසර 10 ක අඛණ්ඩ සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුපකට ද හිමිකම් ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ, රැකියා ප්‍රදානය මෙම නිර්ණායක මත පමණක් පදනම්ව සිදු වන බවයි. ඒ සඳහා යම් පුද්ගලයෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් ලබාදීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
2020-09-01T06:12:05.000Z
පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්
පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්න
COLOMBO (News 1st) : පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
2020-09-01T06:20:29.000Z
සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන
සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනෙකුට රතු නිවේදන
COLOMBO (News 1st) : විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබා ගෙන තිබේ. මේ අතර අපරාධ කල්ලි සාමාජිකයින්ට අයත් බස්නාහිර පළාතේ රුපියල් මිලියන 4,000 කට අධික වටිනාකමින් යුත් පර්චස් 900 කට අධික ඉඩම් රාජසන්තක කිරීම සඳහා පියවර ගෙන තිබේ. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මොවුන්ට අයත් බැංකු ගිණුම් 102 ක රුපියල් ලක්ෂ 960 ක මුදලක් රාජසන්තක කිරීමට ද කටයුතු කර ගෙන යන බවයි.
2020-09-01T05:06:55.000Z
මිනුවන්ගොඩ හෝටලයකින් නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සිව් දෙනෙකු කොටු
මිනුවන්ගොඩ හෝටලයක හදිසි වැටලීමක්
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, බෝතියාවත්ත ප්‍රදේශයේ හෝටලයක් වටලා නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ , අදාළ හෝටලය තුළ ගණිකා ව්‍යාපාරයක් සිදු කර ගෙන යන බවට ලද තොරතුරක් මත වැටලීම කළ බවයි. වැටලීමේදී ගණිකා ව්‍යාපාරයේ යෙදුණු බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු, හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, හෝටලය තුළ වැඩිදුරටත් කළ සෝදිසි කිරීම්වලදී හිමිකරුගේ කාර්යාලයෙන් ගජමුතු 5 ක්, කස්තුරි කොටසක්, වාලම්පුරි 5 ක්, දඹ රන් බුදු පිළිම 3 ක්, මැණික් ගල් 36 ක්, මැණික් ගල් එබ්බවූ කඩුවක්, හැඳුනුම්පත් දෙකක්, රබර් සීල් 8 ක් සහ මුදලින් රුපියල් 55,000 ක් ඇතුළු නීති විරෝධිව ළඟ තබා ගත් භාණ්ඩ රැසක් තම භාරයට ගත් බවයි. සැකකරුවන් මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2020-09-01T04:40:13.000Z
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට
20 වන ව්‍යවස්ථා කෙටුම්පත නීතිපතිගේ නිරීක්ෂණයට
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.
2020-09-01T04:19:46.000Z
අපරාධ කල්ලි සාමාජික සාවන්නා අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජික සාවන්නා අත්අඩංගුවට
COLOMBO (News 1st): පොලිස් විශේෂ කාර්ය බලකාය මාළිගාවත්ත ලී මෝල පාර ප්‍රදේශයේ කළ වැටලීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 640 ක් සමගයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධරී කණ්ඩායමක් අද උදෑසන 6.45 ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් තාජුඩීන් මොහොමඩ් ශාවූල් හමීඩ් හෙවත් සාවන්නා නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාළිගාවත්ත පොලීසියට භාර දී ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-09-01T10:00:02.000Z
වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් රිමාන්ඩ්
මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් රිමාන්ඩ්
COLOMBO ( News 1st ) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ කරුණු දැක්වීම සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පස්වරුවේ ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදී ය. අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. මෙම වෙබ් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ බවට චෝදනා කරමින් ය.
2020-09-01T02:55:43.000Z
''නඩු භාණ්ඩ ලෙස තිබූ මත්ද්‍රව්‍යවල අඩුවක් නැහැ'' - රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
''නඩු භාණ්ඩ ලෙස තිබූ මත්ද්‍රව්‍යවල අඩුවක් නැහැ''
COLOMBO (News 1st) : සිය දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ලෙස තිබූ මත්ද්‍රව්‍ය තොගවල කිසිදු අඩුවක් නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වත්මන් පරීක්ෂණ අනුව, එම කරුණු අනාවරණය කරගත් බවයි. රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩාව මේ වන විට මුද්‍ර තබා ඇතැයි ද ඔහු පැවසී ය. අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්ත විමර්ශන කණ්ඩායම් එක්ව නඩු භාණ්ඩ ගබඩාවට මුද්‍ර තැබූ බවයි. මේ අතර රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩාවේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නංවා තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් ස්ථාපනය කර ඇති බවයි. රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩාවේ පැවති මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා කරමින්, පසුගිය දා එහි සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. අදාළ සිද්ධියත් සමග එම දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩාව විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණු අතර, එහිදී ගබඩාවේ පැවති මත්ද්‍රව්‍ය සාම්පලවල ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලී ය. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස එම දෙපාර්තමේන්තුව පසුගිය දා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවේදනයක් නිකුත් කරමින්, රස පරික්ෂණ ජී. රමනා මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා පූර්ණ සහයෝගය තම දෙපාර්තමේන්තුව මගින් සපයන බවයි. රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය අංශය වෙත නඩු භාණ්ඩ ලෙස ලැබෙන පාර්සල් සඳහා සුවිශේෂි ආරක්ෂක ක්‍රමවේදයන් ඒවා ගබඩා කරන ගබඩා වලට සපයා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි. එම ආරක්ෂක විධිවිධානවලට අනුව මත්ද්‍රව්‍ය හෝ කුමන නඩු භාණ්ඩයක් මාරු කිරීමට හෝ වෙනස් කිරීමට හැකියාවක් නැතැයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-09-01T02:30:44.000Z
හොර නෝට්ටු 200ක් ළඟ තියා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
හොර නෝට්ටු 200ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : රුපියල් 5000 වටිනාකමට ව්‍යාජ මුදල් නෝට්ටු 200 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය හුන්නකුඹුර හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලින් පසු උඩයාල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානය වටලා තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය. එහි තිබී පරිගණක යන්ත්‍ර දෙකක් , මුද්‍රණ යන්ත්‍රයක් හා සැකකරුවන් පැමිණි යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් 27 සහ 39 යන වයස්වල පසුවන උඩයාල හතුරවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද වලස්මුල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2020-09-01T01:15:38.000Z
රුසියානු යුද නැව් 3ක් හම්බන්තොට සේන්දු වෙයි
රුසියානු යුද නැව් 3ක් හම්බන්තොට සේන්දු වෙයි
COLOMBO (News 1st) : රුසියාවට අයත් යුද නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වී තිබේ. 'අද්මිරාල් ට්‍රිබක්' සහ අද්මිරාල් විනොග්‍රදොව් යන යුද ‍නෞකා දෙක සහ බොරිස් බුටෝමා යන සැපයුම් නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දු විය. මෙම නෞකා පැමිණ ඇත්තේ සැපයුම් අවශ්‍යතා සහ කාර්යමණ්ඩල විවේකය ලබාගැනීම වෙනුවෙනි. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව මෙම නෞකාවලට සේවය සපයන බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. මෙම නෞකාවන් ලබන 3 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
2020-09-01T00:30:51.000Z
හෙරොයින් සමග පුද්ගලයින් 4ක් අත්අඩංගුවට
හෙරොයින් සමග පුද්ගලයින් 4ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : හෙරොයින් සමග පුද්ගලයින් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීටියාගොඩ පොරපේ හංදිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මීටියාගොඩ තොටගමු පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 960ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලසීය පැවසුවේ, මුලතිව් කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් යුලා මුරිප්පු යුද හමුදා මාර්ග බාධකය අසලදී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 380ක් යතුරු පැදියකින් ප්‍රවාහකනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. මේ අතර හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 30 ක් සමග තවත් පුද්ගලයෙකු බුලත්සිංහලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය.
2020-08-31T23:44:01.000Z
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) : දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දවස තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර හිඟුරක්ගොඩ හතේ ඇළ ප්‍රදේශයේ කුඹුරක අස්වැන්න නෙලමින් සිටි අඹු සැමි යුවලකට අකුණු සැර වැදී තිබේ. එහිදී කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබේ. දරුවන් තිදෙනෙකුට සෙනෙහෙබර මව වූ ඇය වයස අවුරුදු 46 ක් වන විශ්‍රාමික යුද හමුදා සාමාජිකාවකි. අකුණු සැර හේතුවෙන් ඇතිවූ කම්පනය නිසා ඇගේ ස්වාමිපුරුෂයා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
2020-08-31T23:23:44.000Z
රියැදුරන් චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි
රියැදුරන් චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි
COLOMBO (News 1st) : චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, එම දුම්රිය ධාවනයේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් ව තිබේ. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දෝෂ පවතින බව කියන අදාළ මැදිරි වෙනුවට වෙනත් මැදිරි යෙදවීමට කටයුතු කරමින් සිටින බවයි. දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කළ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා ද...? මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, චීන මැදිරි සහිත දුම්රිය වෙනුවට වෙනත් මැදිරි සහිත දුම්රිය ධාවනයට එක් කළ බවයි. ඒ හේතුවෙන්, කිසිදු දුම්රියක් අවලංගු නොවු බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.
2020-08-31T22:28:13.000Z
කොරෝනා එන්නත්වල දුර්වලතා ඇතැයි, අමෙරිකාව කියයි
කොරෝනා එන්නත්වල දුර්වලතා ඇතැයි, අමෙරිකාව කියයි
COLOMBO (News 1st) : රුසියාව සහ චීනය හඳුන්වා දුන් කොරෝනා මර්දන එන්නත්වල දුර්වලතා ඇතැයි, අමෙරිකානු සහ කැනේඩියානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙති. මෙම සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ එම එන්නත් පොදු සෙම්ප්‍රතිශ්‍යා සහ උණ වෛරස පදනම්කර ගනිමින් නිෂ්පාදනය කර ඇති බැවින් කොරෝනා වෛරසයට එරෙහි ප්‍රබල ප්‍රතිශක්තියක් ගොඩනැගීමට ඒවා අපොහොසත් වනු ඇති බවයි. එම එන්නත්වල ප්‍රතිඵලදායක බව සීමිත බව ද එම විද්‍යාඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. චීනය නිෂ්පාදනය කළ කෙරෝනා එන්නත මේ වනවිට හමුදා සාමාජිකයන් සඳහා භාවිතයට අනුමත කර ඇති අතර රුසියාව නිෂ්පාදිත එන්නත භාවිතයට එරට රජය අනුමැතිය ලබාදුන්නේ මේ මස ආරම්භයේයි. මෙම එන්නත්වලට වඩා ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදිත එන්නත සාර්ථක වීමේ හැකියාව වැඩි බව ද මෙම විද්‍යාඥවරු වැඩිදුරටත් පවසති.
2020-08-31T20:36:25.000Z
අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න.. ජල සම්පාදනෙන් දැනුම්දීමක්
අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න - ජල සම්පාදන මණ්ඩලය
COLOMBO (News 1st) : දිවයිනට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නැයි, ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින්, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවයි. ඒ පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ හා ජල මුලාශ සීඳී යාම හේතුවෙනි. උස් බිම් ප්‍රදේශවල ජනතාවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයිද, එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2020-08-31T20:06:29.000Z
ජනපති රාජ්‍ය පොදු සමාවෙන් රැඳවියන් 440 කට නිදහස
ජනපති රාජ්‍ය පොදු සමාවෙන් රැඳවියන් 440 කට නිදහස
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා ලබාදුන් රාජ්‍ය පොදු සමාව යටතේ, බන්ධනාගාරගත සිරකරුවන් 440 කට අධික පිරිසකට නිදහස හිමිව තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ ඒ බන්ධනාගාරවලින් ලබා ගන්නා නම් ලැයිස්තු යළි විමර්ශනය කිරීමෙන් පසු ඔවුන් නිදහස් කිරිමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව, බන්ධනාගාරගත සිරකරුවන් හා සිරකාරියන් ආසන්න වශයෙන්, *වැලිකඩ බන්ධනාගාරයෙන්, 83 ක්, *කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් 06 ක්, *කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 04 ක්, *අනුරාධපුර බන්ධනාගාරයෙන් 28 ක්, *බදුල්ල බන්ධනාගාරයෙන් 07 ක්, *මඩකලපුව බන්ධනාගාරයෙන් 12 ක්, *බෝගම්බර බන්ධනාගාරයෙන් 16 ක්, *බුස්ස බන්ධනාගාරයෙන් 06 ක්, *පල්ලන්සේන බන්ධනාගාරයෙන් 07 ක්, *ගාල්ල බන්ධනාගාරයෙන් 14 ක්, *යාපනය බන්ධනාගාරයෙන් 12 ක්, *කුරුදුගස්ආර බන්ධනාගාරයෙන් 06 ක්, *කළුතර බන්ධනාගාරයෙන් 14 ක්, *කෑගල්ල බන්ධනාගාරයෙන් 01 ක්, *කුරුවිට බන්ධනාගාරයෙන් 35 ක්, *මහර බන්ධනාගාරයෙන් 30 ක්, මාතර බන්ධනාගාරයෙන් 01 ක්, *මොනරාගල බන්ධනාගාරයෙන් 13 ක්, *මීගමුව බන්ධනාගාරයෙන් 12 ක්, *පල්ලේකැලේ බන්ධනාගාරයෙන් 54 ක්, *පොළොන්නරුව බන්ධනාගාරයෙන් 10 ක්, *තල්දෙන බන්ධනාගාරයෙන් 24 ක්, *අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් 20 ක්, *ත්‍රිකුණාමල බන්ධනාගාරයෙන් 03 ක්, *වාරියපොල බන්ධනාගාරයෙන් 16 ක්, *වව්නියා බන්ධනාගාරයෙන් 03 ක්, *වටරැක බන්ධනාගාරයෙන් 05 ක්, සහ වීරවිල බන්ධනාගාරයෙන් 02 කු ලෙස ජනාධිපතිවරයා ලෙස ලබා දුන් රාජ්‍ය පොදු සමාව යටතේ, නිදහස් කර තිබේ. නිදහස ලබන 440 කට අධික පිරිසෙන් 18 දෙනෙකු කාන්තා රැඳවියන් ය. තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සදහා බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට බන්ධනාගාරයේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට මාස 3 බැගින් විශේෂ රාජ්‍ය සමාවක් ලබා දෙන බවයි. කොරෝනා වසන්ගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජනාධිපතිතුමා විසින් පිරිනමණු ලබන විශේෂ රාජ්‍ය සමාව ලෙස එම සමාව ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.
2020-08-31T19:53:22.000Z
දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ හෙට සිට
ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ හෙට සිට
COLOMBO (News 1st) : දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ හෙට සිට ආරම්භ වේ. නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, රජය පිහිටුවා ඇති, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩුආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථීකමය වශයෙන් ශක්තිමත් කිරිම වැඩපිළිවෙළේ අරමුණ බවයි. අදාළ වැඩපිළිවෙළ යටතේ, වයස අවුරුදු 18 ත්, 40 ත් අතර වයසේ පසුවන, පහත සුදුසුකම් සම්පූර්ණ කරන පුද්ගලයින් රැකියාලාභීන් ලෙස තෝරා පත් කර ගැනෙනු ඇති. *කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින්. *සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාරය ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම *වයස්ගත, රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම * අයදුම්කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම. යන සුදුසුකම් සපුරා තිබියු යුතු වේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මාස 6 ක අඛණ්ඩ පුහුණවකින් පසු පුහුණුවට අදාළ ක්ෂේත්‍රයෙන් තමන් පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශයක රැකියාව ලබා දෙන බවයි. වසර 10 ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ලැබෙන බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. ජනාධිපති මාධ්‍ය ඒකකය අවධාරණය කළේ, රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථා ප්‍රතික්ෂේප වීමට හේතුවන බවයි. මේ අතර, රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන් හමුවූ අවස්ථාවේදී ය. අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග එක්ව රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, දිස්ත්‍රික් කමිටු සංවර්ධන සභාපතිවරුන් ලෙස අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරුන් පත් කළේ, ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බවයි.
2020-08-31T19:22:14.000Z
විදෙස් රටවල සිට පැමිණි තවත් 37 කට කොරෝනා
විදෙස් රටවල සිට පැමිණි තවත් 37 කට කොරෝනා
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3049 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරෝධායනයට ලක්වෙමින් සිටින ඉන්දියානු ජාතික නාවිකයින් තිදෙනෙක්, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙක් 32 කු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 169 කි. සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2868 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
2020-08-31T19:17:04.000Z
බිනර පුර පසළොස්වක පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහොය අදයි
COLOMBO (News 1st) : බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසළොස්වක දිනකයිදීයි. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම අටක් පනවමින් ඊට අවසර ලබාදුන්නේ ය. ශාසනික මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද ලෝකවාසී බෞද්ධ ජනතාවට බිනර පොහොය වැදගත් දිනයකි. වස් වැසීමේ යෙදී සිටින භික්ෂුන් වහන්සේ ආරාමවලින්, ලෙන්වලින්, වනසෙනසුන්වලින් බැහැර නොගොස් ශාසනික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් මේ කාලසීමාව තුළ සිදුකරනු ලබයි. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
2020-08-31T11:39:17.000Z
ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට වැඩ තහනමක්
ගල්කිස්ස අ.වි.හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්කර ඇත. ඒ, සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවත්වමින්, අපකීර්තිදායක ලෙස හැසිරෙමින් දූෂිත ක්‍රියාවන්හි යෙදී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වීම හේතුවෙන්. පොලීසිය පැවසුවේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පවත්වන ලද විමර්ශනයකදී මේබව ආනාවරණය වී ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.
2020-08-31T10:33:58.000Z
ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
ශ්‍රී දළදා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරක්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ, අද උදෑසන සයිබර් ප්‍රහාරය මුලින් එල්ල වී ඇති බවයි. එය යථා තත්ත්වයට පත්කිරිමෙන් පසු අද පස්වරුවේ යළි සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද, ඔහු News1st කළ විමසීමක දී ප්‍රකාශ කළේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිය යථාතත්ත්වයට පත්කිරිමට මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් කටයුතු කරන බවයි.
2020-08-31T10:23:32.000Z
ආණ්ඩුකාර ධූරවල වෙනසක් මුසම්මිල් උතුරට, රාජා කොල්ලුරේ වයඹට
ආණ්ඩුකාර ධූරවල වෙනසක්
වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිව්රුම් දී තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ රාජා කොල්ලුරේ මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ සිය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් පවසයි
2020-08-31T08:48:26.000Z
ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති අවධාරණය කරයි
ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති අවධාරණය කරයි
ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන ගත් තීරණ ස්ථීර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අවධාරණය කරයි. අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. කෙටි කාලීනව අපහසුතාවයට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති වරයා විසින් මෙහිදී ජීවන වියදම් අනුකාරක සභාවට ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ , දේශීය කර්මාන්ත හා ගොවි ජනතාව නගා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුලු පාරිබෝජන භාණ්ඩ වල මිල ඉහල ගොස් ඇති අතර , මිල පාලනයට හෝ පහත හෙලිමකට යටත්ව කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කලහොත් අපේක්ෂිත අරමුණු වලට ලගා විය නොහැකි බව ජනාධිපති වරයා අවධාරණය කල බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහල යාමෙන් නාගරික මාධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම පිළිබදවද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇත. සියයට 40 ක් වන ගොවි ජනතාවට ස්ථිර හා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් ඉහල මිලක් සහ ස්ථාවර වෙළදපලක් රට තුල පවතින බවට වන විශ්වාසය තහවුරු නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සදහා දිරිගැන්විය නොහැකි බව සදහන් කල ජනාධිපතිවරයා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාවන් පිළිබදවත් ජීවන වියදම් අනුකාරක සභාව දැනුවත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහල ණය බරින් මිදීමටත් ආනයන සීමා කළ යුතු බවයි.
2020-08-31T08:47:12.000Z
ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st): ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අද අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස 84කි. කොරෝනා ආසාදිතව හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ ඉන්දීය හිටපු ජනාධිපතිවරයා පසුගියදා මොලයේ සැත්කමකටද ලක් කෙරිණි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ප්‍රවීණ දේශපාලඥයෙකු වූ ප්‍රනාබ් මුඛර්ජිගේ දේශපාලන ගමන දශක 5 කට අධිකය. 2012 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දීය ජනාධිපතිධූරය දැරූ ප්‍රනාබ් මුඛර්ජි ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවල ප්‍රභල කැබිනට් අමාත්‍ය ධූර දරනු ලැබිණි. ඔහු ඉන්දියාවේ විශිෂ්ටතම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ භාරත් රත්න යන සම්මානවලින් පිදුම් ලැබූ අයෙකි.
2020-08-31T08:32:53.000Z
වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් CID අත්අඩංගුවට
වෙබ් මාධ්‍යවෙදියෙකු වන චතුරංග ද අල්විස් අත්අඩංගුවට
වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදීයි. අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පලකළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ බිරිද සදහන් කලාය. https://youtu.be/s19ZCW5PawU
2020-08-31T07:18:26.000Z
19 සංශෝධනය ගැන විවිධ මත - ඇත්තටම සිදුවන්නේ කුමක් ද?
19 සංශෝධනය ගැන විවිධ මත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල පවතින සංවාදය දැන් විවිධ පැති ඔස්සේ, සාකච්ඡාවට බඳුන් වෙමින් පවතීයි. පිරිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස්කල යුතු බව පවසද්දී, තව පිරිසක් පසුවන්නේ, පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුවිය යුතුය යන මතයකයි. ආණ්ඩුව තුළම මෙම මත දෙකම දරණ පිරිස සිටීම විශේෂත්වයක්. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයට සිදු වන්නේ කුමක් ද? විමල් වීරවංශ මහතා ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊයේ (30) පැහැදිලි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුකල යුතු බවයි. " ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා 19 වන සංශෝධනය තිබ්බත් ඒ දෙන්නා අතර අවුලක් ඇති වෙන්නෙ නෑ.+++මම නම් හිතන්නේ 19 සංශෝධනය කරනවාට වඩා අද වැදගත්ම දේ වෙලා තියෙන්නෙ, මේ තුනෙන් දෙකේ ජන වරමේ ආනුභාවයෙන් 78 ඉදන් මේ රටේ රෙපෙයාර් කර කර අටවාගෙන ඇවිල්ලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක වඩා නව අන්තර්ගතයක් නව ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන එක." - විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය) මේ අතර, ඊයේ (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ මෙවන් අදහසක්. " කවුරුහරි උත්සාහ කරනවා නම් දහනම වන සංශෝධනය අහෝසි කිරීම වෙනස් කිරීමට ඒක ජාතිද්‍රෝහී වැඩපිළිවෙළක් ඒකට විරුද්ධ වන සියලු දෙනාම පෙළගැසෙන්න ඕනේ එහෙම නැත්නම් මේ රටේ මානව අයිතිවාසිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුව වැනි ආයතන වලට මරු පහරක් එල්ල වෙනවා කියලා ඉතාමත් ආවේගශීලි වැඩ පිළිවෙළක් යම් යම් තැන්වල දියත් කෙරිලා තියෙනවා.මේ කතාව සම්පූර්ණයෙන් මිත්‍යාවක්.අපි බලයට බය වෙන්න හොඳ නැහැ.බලය නැතිව රටක් සංවර්ධනය කරන්න බැහැ. බලන්න ඉක්මනින් සංවර්ධනය වෙච්ච රටවල්- මහාචාර්ය ජී. එල් පීරිස් (අධ්‍යාපන අමාත්‍ය) එසේම විවිද පාර්ශව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. " ජේ.ආර් ජයවර්ධන කියන ඒකාධිපති ජනාධිපතිවරයා කරපු දේවල් ගැන හිතනකොට අපි බය වෙන්න ඕන නැද්ද? අර අසූ තුන කියන කළු ජූලියක් නිර්මාණය කරලා සිංහල ජාතියට දෙදාස් පන්සිය වසරක නොතිබිච්ච කළු පැල්ලමක් නිර්මාණය කරපු එක මදිද භය වෙන්න.ඔබතුමාම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවැම්බර් 16 පත් වුණායින් පස්සේ කොවිඩ් වසංගතය හමුවේ, පාතාලය හමුවේ, විවිධාකාර වූ තියෙන ත්‍රස්ථ තර්ජන හමුවේ කොයි තරම් උදාර ලෙස නායකත්වයක් දුන්නද කියලා. ඒත් එහෙම නම් මේ 19 වැනි සංශෝධනය තියෙද්දිත්. ඒ අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියා බහුතරයවත් නොතියෙද්දි.එහෙම නම් අපිට 19 විතරක් විශේෂ කරලා ගන්න විශේෂ හේතුවක් තියෙනවද? එක මව්බිමට එක නීතියක්.නීති සම්පාදනය කරන පලාත් සභා 9ක් තියාගෙන පුළුවන්ද අපිට එක නීතියක් ගැන සිහින දකින්න.ඒක භයානක නැද්ද? මේ 19 තියාගෙන රට අවුලක් නොවී පාලනය කරන්න නම් මේ සහෝදරවරු දෙන්නව අගමැතියි ජනාධිපතියි කරන්න කියලා නැත්නම් රට බේරා ගන්න බෑ කියලා. එතකොට ජනතාවට ඒක අනුමත කරලා තියෙද්දී අපි කලබල වෙන්න ඕනේ නෑ."- ගෙවිදු කුමාරතුංග - පා.ම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ "13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හිතන්න වෙනවා ඒ වගේම භාෂාව සම්බන්ධයෙන් 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන හිතන්න වෙනවා ඒ වගේම 19 ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව ගැන හිතන්න වෙනවා. මම පෞද්ගලිකව පසුගිය ජනාධිපති සමයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සදහන් කරලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියේ තියන සංශෝධනය අපේ රටට ගැලපෙන්නේ නෑ ඒක හදිස්යේ ඇතිකරගත් දෙයක් රටේ බලපෑමක් පිට ඒ නිසා මේක වෙනස්විය යුතුයි කියන කාරණය සිහිපත් කළා නමුත් ඒක සිද්ධවුනේ නෑ අපි දකින දේ තමයි යම් කිසි රජයකට බලයක් ලැබුනාම බලය තියන අවස්ථාවේ අපට අවශ්‍ය දේවල් කරගන්න ඕන." - අතිපුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි - මහා ලේඛකාධිකාරි (සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවය) " 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝදනය විය යුතු අතර ඒය අහෝසි කළ යුතුයි කියන අදහසකම හැම කෙනෙක්ම නොමැති බව මේ වේලාවේ සදහන් කරන්න කැමතියි. සංවාදාත්මකව තීරණ ගැනීම තුළ ඉතාමත් සාර්තකභාවයක් උදාකරගන්න පුලුවන්.සංවාදේහෝ මහාරාජ.. සීලං ඒහිතබ්බං පඥ්ඤාහිතබ්බං බුද්ධ දේශනාව- අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි (සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක) 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන්ම ඉවත් කරනවාද නැතිනම් සංශෝධනය කරනවාද යනුවෙන්මා ධ්‍යවේදීන් කළ විමසීමක දී, වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්. " ඒක දැනගන්න පුලුවන් අනිද්දා කැබිනට් මණඩලයට ගිහයාම එදාට කෙටුම්පත අපිට දකින්න පුලුවන් ඒ කෙටුම්පත දැක්කට පසසේ අපිට කියන්න පුලුවන් සම්පුර්ණ ඉවත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ ව්‍යවස්ථාව අපි මුල ඉදලාම ප්‍රතික්ෂේප කරපු ව්‍යවස්ථාවක් මේ ව්‍යස්ථාව තුල තියෙන ඡන්ද ක්‍රමය ව්‍යවස්ථාවේ තියෙන පාලන බල ව්‍යුහය ඊලගට ආණ්ඩු පාලනයේ ක්‍රියාකාරිත්වය පැවරි තිබෙන ආකාරය හැම එකක්ම යම් වෙනසකට ගෙනියන්න වෙයි වැඩි කාර්යක්ෂමතාවයක යන්න."- ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සමගි බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර " බැසිල් රාජපක්ෂ මහත්මයාව පාර්ලිමේන්තුට ගේන්නද මේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය කරන්නේ ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට තනතුරු ඇතිකරන්නද විසි වෙනි සංශෝධනයක් කරන්නේ අපි අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන පුද්ගලයෝ ඉලක්ක කරගෙන නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන රටේ ජනතාවගේ අයිතිය ශක්තිමත් කරන්න+++මේ රටේ ස්වාධින කොමිසන් සභා නැතිකරලා මේ රටේ එක පවුලක් පාලනය කිරීමේ ක්‍රමයට තහයි මේ එන්න යන්නේ " රංජිත් මද්දුමබණ්ඩාර - මහලේකම් (සමගි ජන බලවේගය) https://www.youtube.com/watch?v=ZdneUWAi-6A
2020-08-31T05:21:17.000Z
අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනාට ඇප
අනුරුද්ධ සම්පායෝට ඇප
COLOMBO (News 1st): මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනා ඇප මත මුදාහැර තිබේ. සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙනි. කූඨ ලේඛන සකස් කර බන්ධනාගාරගත රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු තහනම් භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් ද අනුරුද්ධ සම්පායෝ මහතාට චෝදනා එල්ල විය. Update: මිගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති විවිධ විෂමාචාර ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ද සම්පායෝ ඇතුලු සැකකරුවන් 04 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද පස්වරුවේ නියෝග කර තිබේ. එම සැකකරුවන් 4 දෙනාට විදේශ ගතවීම වලක්වමින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ලබාගැනිමෙන් අනතුරුව සෑම මසකම පළවෙනි හා තුන්වන ඉරිදා දින වල පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසටද නියෝග කරනු ලැබීය. ඇප ලබාගැනිමෙන් අනතුරුව පැමිනිල්ලේ සාක්ෂි කරුවන්ට හෝ විමර්ෂණ නිළධාරින්ට බාධා නොකරන ලෙසටද සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ලබන 04 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ. එම නඩුව අද දින කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා කරුනු දක්වමින් අනුරුද්ද සම්පායෝ නැමැත්තාව අත්අඩංගුවට ගත් බවට මිගමුව මුලස්ථාන පරික්ෂකවරයා සටහන් යොදා ඇතැත් එය අත්අඩංගුවට ගැනිමක් නොව දෙපාර්ශවය විසින් ඇති කරගත් එකඟතාවයක් අනුව දියත් කළ රංගනයක් පමණක් බව අධිකරණය හමුවේ දී පෙන්වා දී ඇත. ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කියන කුරුණෑගල විද්‍යාලය අසල සවි කර තිබූ සීසීටීවී දර්ශන වලින් ලබාගත් ඡායාරූප හා දර්ශන අනුව ඒ බව මනාව පැහැදිලි වන්නේ යැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සටහන් යෙදූ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගැනීම සඳහා ඉදිරි දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බවද එහිදී ප්‍රකාශ කර තිබේ. එම නඩුවේ පස්වන සැකකරු ලෙස මීගමුව බන්ධනාගාරයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කරන විද්ද්‍යායානන්ද vidyananda සමරවික්‍රම නැමැත්තාව නම් කරන බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන සිදුකරන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික චන්ද්‍රසේකර මහතා මගින් අධිකරණයේ අවසරය ඇතිව සාක්ෂි මෙහෙයවා වරෙන්තු ඉල්ලා සිටියේය. පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වරෙන්තුව පිලිබදව නියෝගය ලබන 04 වැනිදා⁣ නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දෙනු ලැබිය.
2020-08-31T05:09:12.000Z
ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකියි - නීතිපති
ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න බැහැ-නීතිපති
COLOMBO (News 1st): මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව, නීතිපතිවරයා සිය මතය දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යාංශයට දන්වා තිබේ. මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට රැගෙන එන්නැයි පසුගියදා කතානායකවරායා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ද දැනුම් දුන්නේය. ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය පසුගිය ජුලි 31වැනිදා මරණ දඬුවම ලබා දුන්නේය. ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි. මරණ දඩුවම නියම වූ අනෙක් පුද්ගලයින් වන්නේ කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නිලන්ත ජයකොඩි යන අයයි.
2020-08-31T04:35:02.000Z
අමෙරිකානු ආරක්ෂක ලේකම් හා ජනපති ගෝඨාභය අතර දුරකතන සංවාදයක්
අමෙරිකානු ආරක්ෂක ලේකම් හා ජනපති ගෝඨාභය සංවාදයක
COLOMBO (News 1st) : අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ(30) දුරකතන සංවාදයක නිරත වූ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ​සඳහන් කරයි. ඔවුන් නිකුත් කළ නිවේදනය දැක්වුණේ, සියලු ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වන අයුරින් නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් ප්‍රතිපත්තිය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳව දෙදෙනා අතර අදහස් හුවමාරු වූ බවයි. පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇති අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නද්ධ හමුදා වෘත්තීමයභාවය, ත්‍රස්ත මර්දනය හා නාවුක ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමුකර තිබේ. ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම හා අනෝන්‍යය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම දෙපාර්ශවය විසින්ම පෙන්නුම් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. කොව්ඩ් 19 ට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා මෙම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට සුබපතා ඇත. අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් අපෙක්ෂා කරන බවයි. https://youtu.be/KalBAqYMKtQ
2020-08-31T04:17:52.000Z
බස්නාහිර වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 ක් කොටුවෙයි
මත්ද්‍රව්‍ය සමග බස්නාහිර සැකකරුවන් 400 ක් කොටුවෙයි
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසීය සඳහන් ක‍ළේ ඊයේ (30) උදෑසන 06 සිට අද (31) අලුයම 05 දක්වා සිදු කළ වැටලීම්වලදී හෙරෝයින් ග්රෑම් 160 යි මිලිග්රෑම් 758 ක් සමග සැකකරුවන් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එසේම ගංජා, නීති විරෝධි මත්පැන්, නීති විරෝධි මත්පැන් සඳහා යොදා ගැනනෙ ගෝඩා සහ අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය සමග සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
2020-08-31T03:34:23.000Z
වැඩබලන පොලිස්පතිටත් නොතීසි
වැඩබලන පොලිස්පතිට නොතීසි
COLOMBO (News 1st) : වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබන මස 03 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. ඒ වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා ඉදිරිපත් කල අභියාචනයක් සම්බන්ධයෙන් පොලිස් කොමිසම ක්‍රියාකල ආකාරය පිළිබද කරුණු විමසීම සඳහායි. යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුවූ මහ ලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර්ට පලා යාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ වැඩ තහනම් කර ඇත. ජයසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නේ , දේශපාලනිකව පලිගැනීමේ අරමුණින් තමාගේ වැඩ තහනම් කර ඇති නිසා, තමා යළි සේවයේ පිහිටු වන අතුරු නියෝගයක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නිකුත් කරන ලෙසයි . මේ අතර ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීමට නෛතිකව බාධා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා අද ජනාධිපති කොමිසමට දැනුම් දී ඇත.
2020-08-31T03:17:30.000Z
පැය 04කට ආසන්න ප්‍රකාශයකින් පසු රනිල් ජනපති කොමිසමෙන් පිටව යයි
රනිල් ජනපති කොමිසමෙන් පිටව යයි
COLOMBO (News 1st) : හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් තිබේ. ඒ, පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි. අද පෙරවරු 10.00 ට පමණ වික්‍රමසිංහ මහතා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ය. රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.