date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-09-13T04:42:46.000Z
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැවුමාගේ සහායකයින් තිදෙනෙකු අත්අඩංගුවට
කැවුමාගේ සහායකයින් තිදෙනෙකු අත්අඩංගුවට 
COLOMBO (News 1st) – මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැළුම් ඉන්දික නොහොත් කැවුමාගේ සහායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකාය නවගමුව, තිස්සමහාරාම හා නුගේගොඩ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලින් ය. පොලිස් විශේෂ කාර්ය(STF) බලකාය පැවසුවේ නවගමුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පොළොන්නරුවේ සිට අවස්ථා කිහිපයකදී ඉතා සූක්ෂම ලෙස නීති විරෝධී ගිනි අවි හා ජීව උණ්ඩ කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් කොළඹ හා දකණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදීම සඳහා තාක්ෂණික වශයෙන් සහය දී ඇති බවයි. ඔහු සතුව තිබී ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන 3 බැගින් සොයාගෙන ති‌බේ. අනෙක් සහායකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එසේ රැගෙන එන ගිනි අවි සඳහා ආරක්ෂාව සැපයීම හා ඒවා හෝමාගම ප්‍රදේශයේ නිවසක ගබඩා කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙනි. සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැළුම් ඉන්දික නොහොත් කැවුමා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
2020-09-13T03:39:27.000Z
සංචාරක කලාපවල පිවිසුම් මාර්ග කඩිනමින් අලුත්වැඩියා කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
සංචාරක කලාපවල මාර්ග පිළිබඳ අගමැතිගෙන් උපදෙසක්
COLOMBO (News 1st) - සංචාරක කලාප සඳහා පිවිසීමට ඇති සියලු මාර්ග අලුත්වැඩියා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා එම තීරණයට එළැඹි බවයි. මේ වන විටත් දේශීය සංචාරකයින් රට තුළ සංචාරය කිරීම ආරම්භ කර තිබේ. එමෙන්ම විදේශීය සංචාරකයින් අ‍තර ,ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුරක්ෂිත රටක් ලෙස අවධානය යොමුව ඇති පසුබිමකදී ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපොළ විවෘ‍ත කිරීමෙන් පසු විදේශීය සංචාරකයින් ‍මෙරටට පැමිණීම හා සංචාරක ක්ෂේත්‍ර නගා සිටුවීමට සිදු කරන, පෙර සූදානමක් ලෙස ‍එම මාර්ග අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
2020-09-13T03:13:19.000Z
නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් CIDයට ප්‍රකාශයක්
නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් CIDයට ප්‍රකාශයක්
COLOMBO (News 1st) - එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඔහුගෙන් ලබාගත් ප්‍රකාශයේදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් හෙට අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අතර නෞකාවේ රැගෙන යමින් සිටි තෙල් සාම්පල් ලබා ගැනීම ඇතුළු කරුණු 3ක් සඳහා එම අධිකාරියට නීතිමය අවසරය මේ වනවිට ලැබී තිබේ. දිවයිනට පැමිණි අයිටොෆ් ආයතනයේ විශේෂඥයින් දෙදෙනෙකු අනතුරට ලක් වූ නිව් ඩයමන් නෞකාව ඊයේ ගුවනින් නිරීක්ෂණය කළේය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව මෙන්ම සමුද්‍රයට මුසුව ඇති ඉන්ධන ධාරිතාව පිළිබඳව ඔවුන් නිරීක්ෂණය කළ බවයි. මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුම් සඳහා සහායවීමට අද මුරිසි දිවයිනේ සිට විශේෂ ටග් යාත්‍රාවක් අද උදෑසන පැමිණි බවයි.
2020-09-13T01:05:59.000Z
කොච්චිකඩේදී Facebook සාදයක් වටලයි: ගංජා හා විදේශීය දුම්වැටි සමග 30ක් දැලේ
කොච්චිකඩේදී Facebook සාදයක් වටලයි
COLOMBO (News 1st) - මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පැවැත්වූ Facebook සාදයකට සහභාගි වූ පුද්ගලයින් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සාදය සඳහා 153 දෙනෙකු සහභාගී වී ඇති අතර ඒ අතුරින් අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වූ පුද්ගලයින් එලෙස සිය භාරයට ගත් බවයි. ඔවුන් සතුව තිබී ගංජා හා විදේශීය දුම්වැටි සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන්නන් වේ. කොච්චිකඩේ පොලීසිය පැවසුවේ ඔවුන්ට අවවාද කර දෙමව්පියන්ට භාර දෙන බවය.
2020-09-13T00:44:54.000Z
රුසියාව සිය කොරෝනා මර්දන එන්නත එරට සියලුම පළාත් වෙත බෙදා හරී
රුසියාවේ පළාත් 85ක කොරෝනා මර්දන එන්නත බෙදා හරී
COLOMBO (News 1st) - රුසියාව සිය කොරෝනා මර්දන එන්නතෙහි ප්‍රථම කාණ්ඩය එරට සියලුම පළාත් වෙත බෙදා හැර තිබේ. මෙම එන්නත රුසියාවේ පළාත් 85 වෙත යැවීම මේ වනවිට අරඹා ඇති අතර අවසන් සායනික පරීක්ෂණය අවසන් වූ විගස එය ජනතාවට ලබාදීම ඇරඹෙනු ඇති . ස්පුට්නික් ෆයිව් එන්නත හැඳින්වෙන්නේ ලොව ප්‍රථම ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නත ලෙසය. මෙම එන්නතට අදාළ අවසන් සායනික පරීක්ෂණ මොස්කව් නුවරදී පැවැත්වෙන අතර ඊට ස්වේච්ඡාවෙන් දායක වන පිරිස 40,000කි. රුසියානු බලධාරීන් සඳහන් කළේ, කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයන්ට සිය තත්ත්වය පිළිබඳ දැනුම් දිය හැකි ලොව ප්‍රථම මොබයිල් ඇප් එකක් ද නිපද වූ බවයි . ස්පුට්නික් ෆයිව් එන්නතෙහි ආරක්ෂිත භාවය පිළිබඳ විශේෂඥයන් සැක පළ කළ නමුත් එය මුල් අදියරේදී ලබාගත් පුද්ගලයන් 76 දෙනා තුළම ප්‍රතිදේහ නිපදවී ඇතැයි පසුගියදා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් පළ වී තිබුණි.
2020-09-13T00:18:41.000Z
දිස්ත්‍රික්ක කිහිපයක තරමක තද වැසි ඇතිවිය හැකියි
දිස්ත්‍රික්ක කිහිපයක තරමක තද වැසි ඇතිවිය හැකියි
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය, හම්බන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමිටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.5 ත් 3.0 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
2020-09-12T22:13:07.000Z
මංතීරු නීතිය යළිත් හෙට සිට..
මංතීරු නීතිය යළිත් හෙට සිට..
COLOMBO (News 1st) - මංතීරු නීතිය යළි හෙට සිට ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ "නැවත අරඹමු - මහමග විනය" යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මක බවයි. හෙට සිට 16 වැනිදා දක්වා උදෑසන 6.00 සිට උදෑසන 10.00 තෙක් බස්නාහිර පලාතේ තොරාගත් මාර්ග කිහිපයකදී මෙම නීතීය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය.
2020-09-12T21:47:03.000Z
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක යළිත් කම්පන තත්ත්වයක්
මහනුවර යළිත් කම්පන තත්ත්වයක්
COLOMBO (News 1st) - මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක යළිත් කම්පන තත්ත්වයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේ, පෙරේදා රාත්‍රී 11 30ට පමණ මෙම කම්පන තත්ත්වය යළිත් සිදුව ඇති බවයි. එම කම්පන තත්ත්වය කුණ්ඩසාලේ පන්විල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සතුව ඇති භූ චලන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ක එම කම්පන තත්ත්වය සටහන් වී ඇති බව උදය ද සිල්වා මහතා පැවසුවේය. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම කම්පන තත්ත්වය එම ප්‍රදේශයෙන් වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට හෙට දිනයේදී පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේය.
2020-09-12T21:20:24.000Z
වත්තල අප්පුගේවත්ත නිවාස හිමියන් අමාරුවේ වැටුණු නාය යෑම
වත්තල නිවාස හිමියන් අමාරුවේ වැටුණු නාය යෑම
COLOMBO (News 1st) - වත්තල අප්පුගේවත්ත නිවාස සංකීර්ණයේ සිදුව ඇති නාය යෑමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව සිටී. ඔවුන් පවසන්නේ අනාරක්ෂිත ස්ථානවලින් ඉවත්වන ලෙසට බලධාරීන් තමන්ට දැනුම් දී ඇති බැවින් තවත් ගැටලුවකට මුහුණ දී සිටින බවයි. 2018 වසරේ සිට මෙම ස්ථානය අවස්ථා තුනකදී නායක යෑමට ලක්ව ඇති අතර තමන් ඒ පිළිබඳව මහර ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ට දැනුම් දුන් බව ප්‍රදේශවාසීන් පවසයි. තාවකාලික පිළියම් යෙදුවද ඉදිරියේදී මෙමගින් විශාල අනතුරක් සිදු විය හැකි බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය. මේ අතර අනාරක්ෂිත ස්ථානවලින් ඉවත්වන ලෙසට තමන්ට උපදෙස් ලැබී ඇති නමුත්, වසර 50කට අධික කාලයක් ජීවත්වන මෙම ප්‍රදේශය හැරදා තමන්ට යෑමට වෙනත් ස්ථානයක් නොමැති බවට ප්‍රදේශවාසීන් පවසයි.
2020-09-12T20:56:35.000Z
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සිරකරුවන් 8,000ක් පුනරුත්ථාපනයට
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි සිරකරුවන් පුනරුත්ථාපනයට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සිරකරුවන් 8000ක් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන් සිදු කරන බවයි. ඊට අමරතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් ළමුන් පුනරුත්ථාපනය ද මේ යටතේ සිදුකෙරනු ඇති. මේ සඳහා අනු කමිටුවක් ද පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා විසින් සහාපතිත්වය දරනු ලැබේ. තරුණ කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරායා, පුනරුත්ථාපන කොමසාරිස්වරයා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
2020-09-12T19:42:45.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නිව් ඩයමන්ඩ් තෙල් කාන්දුව නිසා සමුද්‍ර පරිසරට බලපෑමක් : එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුව නිසා සමුද්‍ර ජීවින්ට හා ඒ කලාපයට බලපෑමක් සිදුව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 2. වර්ජනයේ ඉන්න සිරකරුවෝ තමයි ලොකුම අපරාධකාරයෝ – ආරක්ෂක ලේකම් : අපරාධ සහ වැරදි සිදුකරන සැමට එරෙහිව එකසේ නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. 3. එදා සිටම 13 වෙනි සංශෝධනයට මම විරුද්ධ කෙනෙක් – සරත් වීරසේකර : පළාත් සභා හා 13 වන සංශෝධනයට තමන් තවදුරටත් විරුද්ධ බව විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 4.කරන්දෙණියදී මෝටර් රථයක ගැටී තරුණයෙකු මරුට : අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. 5. ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට සැලසුම් : අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. විදෙස් පුවත් 1. මොරිෂස් දූපත් අසළ තෙල් කාන්දුවට හේතුව හෙළිවෙයි : මොරිෂස් දූපත් ආසන්න මුහුදේ සිදු වූ තෙල් කාන්දුවට හේතුව කාර්ය මණ්ඩලයේ අපරික්ෂාකාරීත්වය බව නෞකාව අයත් ජපාන සමාගම පවසයි.
2020-09-12T11:38:36.000Z
නිව් ඩයමන්ඩ් තෙල් කාන්දුව නිසා සමුද්‍ර පරිසරට බලපෑමක්
නිව් ඩයමන්ඩ් තෙල් කාන්දුවෙන් සමුද්‍ර පරිසරට බලපෑම්
COLOMBO (News 1st) - එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුව නිසා සමුද්‍ර ජීවින්ට හා ඒ කලාපයට බලපෑමක් සිදුව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නෞකාවේ රැගෙන යමින් සිටි තෙල්වල සාම්පල් ලබාගැනීම ඇතුළු කරුණු 3ක් සදහා ද එම අධිකාරියට නීතිමය අවසරය මේ වනවිට ලැබී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/321151882450159/
2020-09-12T11:29:24.000Z
එදා සිටම 13 වෙනි සංශෝධනයට මම විරුද්ධ කෙනෙක් - සරත් වීරසේකර
එදා සිටම 13ට මම විරුද්ධ කෙනෙක්
COLOMBO (News 1st) - පළාත් සභා හා 13 වන සංශෝධනයට තමන් තවදුරටත් විරුද්ධ බව විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. "එදා සිටම ඒ 13 වෙනි සංශෝධනයට ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. ඒ ස්ථාවරය ඒහෙම්මයි. නමුත් මම රටේ වගකිවයුතු අමාත්‍යවරයෙක් හැටියට පළාත් සභාවලින් ඇත්ත වශයෙන්ම රටට සේවයක් සිදුවුණාද? සේවයක් සිදුවුණා නම් පළාත් සභා තිබිය යුතුයි. සේවයක් සිදුවුණේ නැද්ද? නැත්තම් කොච්චර වියදමක් යනවද? මෙන්න මේ දේ ගැන අධ්‍යනයක් කරගෙන යනවා. නමුත් පළාත් සභාවල දැනට තියෙන තත්ත්වය ඒහෙමයි. ඉතිං ඒක නිසා ඒක තමයි මගේ මතය. ලැයිස්තුවේ නීති හදන්න පුළුවන් බලතල තියෙන කරුණු ඒ විෂයන් තවදුරටත් පළාත් සභාවලට දියයුතු ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. උදාහරණයක් හැටියට අපි සම්පුර්ණයෙන්ම උතුරු සභාවට දුන්නොත් පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව විෂයන්, ඉඩම් පිළිබඳව විෂය, පොලිස් බලතල විෂය අපිට අපේ උරුමය නැතිවෙන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් ඒ වගේ බෝහෝ කරුණු තියෙනවා අපිට අධ්‍යනය කරන්න..."
2020-09-12T09:36:52.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: සහරාන් සිටින ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
සහරාන් සිටින ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
COLOMBO (News 1st) - 2015 වසරේ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හසීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පළමු වරට අනාවරණය විය. ඒ, ඊට එක්වූ දේශපාලන නියෝජිතයකු කොමිසමේදී සාක්ෂි දුන් අවස්ථාවේදී ය. ඊයේ(11) රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ 2015 වසරේදී මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකුවන මොහොමඩ් මුස්තෆා අබ්දුල් රහ්මාන් නමැත්තා යි. එහිදී සාක්ෂිකාර අබ්දුල් රහ්මාන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් යන අය සමග අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර මාලාව දියත් කළ සහරාන් හසීම් සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ දර්ශනය කෙරු⁣ණි. එම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහ්මාන් රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ සහරාන් හසීම් සහ ඔහුගේ සොහොයුරු සෙයිනි මොහොමඩ් යන අයයි. එම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කෙරිණි. මෙම සාකච්ඡාවට අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට අරාබි රටකින් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හසීම් සහ ෂිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලා මහතාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවා ද යන්න සම්බන්ධයෙන් ඔවුන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ. මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ ෂිබ්ලි ෆාරුක් සමග සහරාන් හසීම්ව හමුවුණේ ඇයි ද යන්නයි. එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙය සහරාන්ගේ කාර්යාලයේ පැවැත්වුණු දේශපාලනික සාකච්ඡාවක් බවත් තමාගේ මතකය අනුව 2015 මහ මැතිවරණයට සතියකට පමණ ඉහතදී එය සිදු වූ බවත්ය.
2020-09-12T08:49:37.000Z
වර්ජනයේ ඉන්න සිරකරුවෝ තමයි ලොකුම අපරාධකාරයෝ - ආරක්ෂක ලේකම්
"කොයි වැරදිකාරයාටත් අත්වෙන්නේ එකම ඉරණමයි"
COLOMBO (News 1st) - අපරාධ සහ වැරදි සිදුකරන සැමට එරෙහිව එකසේ නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය භාවිත කළ හැකිදැයි පරීක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයා අද බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස අදහස් දැක්විය. මාධ්‍යවේදියා - යම්කිසි සිරකරුවන් පිරිසක් මේ වනවිට ආහාර වර්ජනයක නිරත වෙනවා ඔවුන්ගේ ඉල්ලීම් වගයක් දිනා ගන්න? විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා - "ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න සිරකරුවෝ ටික තමයි මේ රටේ ලොකුම අපරාධකාරයෝ ටික. ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන්, ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්, අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්නේ නැතුව ඇතුලට ගන්න කියලා ඉල්ලීමක් තියනවා, ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස බන්ධනාගාරය ඇතුලට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්ධනාගාර නිලධාරී මහත්වරුන්ට කියලා තියනවා නම් , මම ආරක්ෂක ලේකම්, මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අධි ආරක්ෂිත හිර ගෙදර. ඒකට යන ඕනම කෙනෙක්ව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පවා එතනදි චෙක් කරලා තමයි ඇතුලට ගන්නේ. උපවාසය ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි, අපේ රටේ ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට, බඩගින්න වැඩි වෙනකොට, මොකක්හරි හේතුවක් අරගෙන කවුරුහරි දෙන ෆෘට් ජූස් එකක් අරන් , තැඹිලි වතුර වීදුරුවක් බීලා නැගිටිනවා. මෙතනත් ඒ වගේ තමයි. තාම කිහිපදෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ නෑ කියලා. හෙට අනිද්දා වෙනකොට ඒ අය කයි. ඒක ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. වැරදි කරන මිනිහාගේ තත්ත්වය තරාතිරම අපිට අවශ්‍ය නෑ. වැරැද්දක් කරනවා නම් අපි ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඒකයි පොලිස් දෙපාර්තමේන්තුවේ පවා අපි අත්අඩංගුවට ගත්තේ, හමුදාවල පවා අපි අත්අඩංගුවට ගත්තේ. බන්ධනාගාර නිලධාරීන් පවා අත්අඩංගුවට ගත්තේ. පිට ඉන්න වැරදිකාරයෝ අල්ලන්න ඉස්සෙල්ලා අපි ඇතුල සුද්ධ කරගන්න ඕනේ. අපි හොරකම් කරනවා නම් අපි නම් කුඩු විකුනන්නේ , අපි නම් කුඩු මුදලාලිලා, අපි නම් අපරාධ මෙහෙය වන්නේ, ඒකේ ලොකු වැරැද්දක් තියනවා. ඒ නිසා ඇතුල සුද්ධ කිරීම අත්‍යාවශ්‍යයි. වැරැද්ද කරනවා නම් කොයි වැරදි කාරයාටත් අත් වෙන්නේ එකම ඉරණමයි." https://www.facebook.com/NewsfirstSL/videos/651837475752070/
2020-09-12T05:00:04.000Z
ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි
ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 800 ඉක්මවයි
(News 1st): ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවා තිබේ. ඒ ගතවූ පැය 24 තුළ එරටින් තවත් කොරෝනා මරණ 6 ක් වාර්තා වීමත් සමගිනි. ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 26,607 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ද 803 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-09-12T04:46:11.000Z
කරන්දෙණියදී මෝටර් රථයක ගැටී තරුණයෙකු මරුට
කරන්දෙණියදී මෝටර් රථයක ගැටී තරුණයෙකු මරුට
COLOMBO ( News 1st ) : අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. මෝටර් රථයක් නොසැළකිලිමත් ලෙස වංගුවකදී ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් තිබෙන්නේ 21 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු කරන්දෙණිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදියේ ගමන්ගත් අනෙක් තරුණයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පැවසුවේ ය. මෝටර් රථයේ රියැදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2020-09-12T04:10:55.000Z
ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට සැලසුම්
ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට සැලසුම්
COLOMBO ( News 1st ) : අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අක්කර 400 ක් භූමි භාගයක එය ඉදි කෙරෙනු ඇති. දෙස් විදෙස් ආයෝජකයින් මගින් එහි නිෂ්පාදන කම්හල් ඉදිකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 කි. දේශීය අවශ්‍යාතාවයට අමතරව විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපේක්ෂිත ය.
2020-09-12T04:25:04.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබයි
තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබයි
COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු අද සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2983 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3169 කි.
2020-09-12T03:32:09.000Z
මොරිෂස් දූපත් අසළ තෙල් කාන්දුවට හේතුව හෙළිවෙයි
මොරිෂස් දූපත් අසළ තෙල් කාන්දුවට හේතුව හෙළිවෙයි
COLOMBO ( News 1st ) : මොරිෂස් දූපත් ආසන්න මුහුදේ සිදු වූ තෙල් කාන්දුවට හේතුව කාර්ය මණ්ඩලයේ අපරික්ෂාකාරීත්වය බව නෞකාව අයත් ජපාන සමාගම පවසයි. එම සමාගම අනාවරණය කළේ , අනතුරට පත් වූ එම තෙල් නෞකාව වැරදි නාවික ගමන් මාර්ගයක යාත්‍රා කර ඇති බවයි. ඉකුත් ජූලි මාසයේ සිදු වූ එම අනතුරින් නෞකාවේ තිබූ තෙල් ටොන් දහසක් සාගරයට මුසු විය. මේ නිසා මොරිෂස් ආශ්‍රිත නාවික හා සංචාරක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය.
2020-09-12T03:19:33.000Z
විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ගණන 8,000 කින් ඉහළ දැමීමේ තීරණයක්
මෙවර තවත් සිසුන් 8,000 කට සරසවි වරම්
COLOMBO ( News 1st ) : විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8,000 කින් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ, පසුගියදා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමග සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මතයි. ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා මෙවර බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 38,000 කට අධික බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසුවේ 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු නුදුරේදීම නිකුත් කරන බව ය. වෛද්‍ය පීඨ සඳහා පමණක් වැඩිපුර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 369 ක් බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පැවසුවා ය.
2020-09-12T02:45:43.000Z
හෙරොයින් ජාවාරමේ නිරත යුවලක් ඇතුළු 5දෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට
හෙරොයින් ජාවාරම් කළ 5ක් දඹුල්ලේදී අත්අඩංගුවට
COLOMBO ( News 1st ) : හෙරොයින් ජාවාරමේ නිරත යුවලක් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු දඹුල්ල, නයාකුඹුර පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මාතලේ පොලීසියේ අපරාධ කොට්ඨාස දූෂණ මර්දන අංශය කළ වැටලීමකින් ය. පොලීසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 10ක් ද තම භාරයට ගත් බවයි. ප්‍රධාන සැකකරු 30 හැවිරිදි යුද හමුදාවේ හිටපු සෙබළෙකි. 27 හැවිරිදි ඔහුගේ බිරිඳ හා ප්‍රධාන ගෝලයෙකු ද පොලිස් භාරයට ගත් පිරිස අතර වේ. අද උදෑසන මහ මග රැක සිට හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-09-12T02:23:35.000Z
කෲර ලෙස සිය දරුවාට පහර දුන් පියෙකු බගවන්තලාවේදී අත්අඩංගුවට
සිය දරුවාට කෲර ලෙස පහර දුන් පියෙකු දැලේ 
COLOMBO ( News 1st ) : 11 හැවිරිදි තම දරුවාට කෘෘර ලෙස පහර දුන් පියෙකු බගවන්තලාව, චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, තම පුතා හා තවත් ළමයෙකු අතර පාසලේදි ඇති වූ ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවයි. පහරදීමෙන් අනතුරුව දරුවා බගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.
2020-09-12T01:59:22.000Z
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් යෝජනා කිහිපයක්..
20ට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් යෝජනා කිහිපයක්
COLOMBO ( News 1st ) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ යෝජනා අධිකරණ අමාත්‍යාංශයට භාර දී ඇති බව යි. පවතින රෙගුලාසි අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමේදී ඝණ පූර්ණය ලෙස සාමාජිකයින් තිදෙනාම සිටිය යුතු ය. ඒ අනුව එක් අයෙකු හෝ නොමැති අවස්ථාවල ජාතික මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමට හැකියාවක් නොමැත. මේ හේතුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීම සඳහා අවශ්‍ය ඝන පූර්ණය සාමාජිකයින් දෙදෙනෙකු ලෙස වෙනස් කරන ලෙසට මැතිවරණ මහ ලේකම් කාර්යාලය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීම ද තවත් යෝජනාවකි. ඒ අනුව නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හෝ ඊට ඉහළ නිලයක් දැරූ, විශ්‍රාමික නිලධාරියෙකු කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන්නැයි යෝජනා කර තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිට වූ ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත ය.
2020-09-12T01:27:41.000Z
පැරදුණු මන්ත්‍රීවරු තවමත් රැඳී සිටීම නිසා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලුවක්
නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලුවක්
COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලු මතුව තිබේ. ඒ, මැතිවරණයේ පරාජයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මෙතෙක් තමන් රැඳී සිටි නිල නිවාස භාර නොදීම හේතුවෙනි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු තේරී පත් වූ බවයි. ඔවුන්ට මෙතෙක් නිල නිවාස ලබාදීමට හැකි වී නොමැත. මේ හේතුවෙන් දුර බැහැර සිට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගිවීමට පැමිණෙන බොහෝ නවක මන්ත්‍රීවරුන්ට පෞද්ගලික නවාතැන්පොළවල නවානැන් ගැනීමට සිදුව තිබේ. මේ අතර ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් තමන්ට හිමි නිල නිවසට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි නිල නිවාස ද ලබාගෙන ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.
2020-09-11T23:45:33.000Z
Update: කළුතර, ගුලවිට ලෙන ආශ්‍රිත ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවයි
ගුලවිට ලෙන ආශ්‍රිත ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවයි
COLOMBO ( News 1st ) : කළුතර, වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක සහිත ගල්ලෙන ආශ්‍රිතව අවසර ලබාදී තිබූ ගල් කොරියේ බලපත්‍රය අත්හිටුවා තිබේ. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන්.පී පෙරේරා මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත එය අවලංගු කළ බවයි. ප්‍රදේශීය ලේකම්වරයා පැවසුවේ මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව අවසර ලබා දුන් තවත් ගල් කොරියක් පවතින බවයි. එහි කටයුතු ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත නතර කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මෙම ගල්ලෙන ආශ්‍රිතව මූලික විමර්ශනයක් කළ අතර ඔහු පැවසුවේ පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගල්ලෙනට සමාන සාධක මෙම ගුහාවෙන් ද සොයාගත හැකිවනු ඇති බවයි. ඒ ආශ්‍රිතව ඇති ගල් කොරි තහනම් කිරීමේ අවශ්‍යතාව ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.
2020-09-11T22:23:03.000Z
T56 ගිනි අවි 2ක් සඟවාගෙන සිටි සැකකරු CIDයට භාරදෙයි
T56 සඟවාගෙන සිටි සැකකරු CIDයට භාරදෙයි
COLOMBO ( News 1st) : T56 ගිනි අවි දෙකක් සඟවා ගෙන සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර නව නගරයේ ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත ඊයේ(11) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව යි. සැකකරු 40 හැවිරිදි වලස්මුල්ල, දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වලස්මුල්ල, දොඩන්දූව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ T56 ගිනි අවි දෙකක් සොයා ගැනිණි. එම ගිනි අවි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'රත්ගම විදුර' නැමැත්තාට අයත් බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
2020-09-11T23:17:55.000Z
හෙරොයින් ජාවාරමේ නිරත අයෙකු පුත්තලමේදී කොටු
හෙරොයින් ජාවාරමේ නිරත අයෙකු පුත්තලමේදී කොටු
COLOMBO ( News 1st ) : හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ මෙහෙයුමකිනි. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 75යි මිලි ග්‍රෑම් 435ක් සොයාගත් බවයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 15කට අධික බව පොලීසිය පැවසුවේ ය. 46 හැවිරිදි සැකකරු පුත්තලම, පිල්ලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට අයත් මෝටර් රථ දෙකක්, යතුරු පැදියක් හා රුපියල් 262,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු 2008 වසරේදී T56 ගිනි අවි 3ක් ඇතුළු ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන රැඳවුම් නියෝග මත සිටි අයෙකි. ඉන් පසුව පැවති නඩු විභාගයේදී ඔහු වසර 10 ක සිර දඬුවම් ලැබ 2018දී නිදහස් වී ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.
2020-09-11T21:45:42.000Z
කොරෝනා ආසාදිතයින් 3160 දක්වා ඉහළට..
කොරෝනා ආසාදිතයින් 3160 දක්වා ඉහළට..
COLOMBO ( News 1st ) : නව කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3160 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ හඳුනා ගනු ලැබූ රෝගීන්ගෙන් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් ය. සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකු මෙන්ම මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 5 දෙනෙකු ද ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින්ගේ ලැයිස්තුවට ඇතුළත් විය. මේ අතර කොරෝනා ආසාදනය වූ 179 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. මේ වනවිට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2969 කි.
2020-09-11T21:29:13.000Z
දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං..
දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං..
COLOMBO ( News 1st ) : මධ්‍ය කඳුකරය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝ මීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වලටත් ත්‍රීකුණාමලය, හම්බන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් මෙම තත්ත්වය බලපා හැකි බවයි. මේ අතර සබරගමුව හා මධ්‍යම පළාත්වලත් බස්නාහිර හා වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-09-11T21:18:05.000Z
නිව් ඩයමන්ඩ් නැව් පතුලේ විවරයන් දෙකක් නාවික හමුදා නිරීක්ෂණයට
නිව් ඩයමන්ඩ් පතුලේ විවරයන් 2ක් නිරීක්ෂණයට
COLOMBO ( News 1st ) : ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පතුලේ විවරයන් දෙකක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් නිරීක්ෂණය කර තිබේ. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඉන් එක් විවරයකින් එන්ජින් කාමරයේ ඇති දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට මුසුවන බවයි. ඒ අනුව එක් විවරයක් ඊයේ සවස නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පිළිසකර කළ බව ද ඔහු පැවසුවේ ය. දැනට නෞකාව මඩලකලපුවට මුහුදු සැතපුම් 50 ක පමණ දුරින් පවතින බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. එමෙන්ම නැව සම්බන්ධ කටයුතු මේ වනවිට එම නැව අයත් සමාගම මගින් පත් කළ ගලවා ගැනීමේ සමාගම මගින් සිදු කරන අතර, එම කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව නිරීක්ෂණය කරන බව ද කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. සංගමන් කන්දට ඔබ්බෙන් වූ මුහුදේ දී පසුගියදා නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙම ගින්න හටගත් අතර නාවික හාමුදාව හා ඉන්දීය නාවික හමුදාව මැදිහත්ව එය නිවා දැමීමට පියවර ගත්තේ ය.
2020-09-11T21:14:30.000Z
ඊශ්‍රායලය හා බහරේනය අතර ඓතිහාසික සාම ගිවිසුමක්
ඊශ්‍රායලය හා බහරේනය අතර ඓතිහාසික සාම ගිවිසුමක්
COLOMBO ( News 1st ) : ඊශ්‍රායලය හා බහරේනය සිය සබඳතා පූර්ණ ලෙස සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඓතිහාසික එකඟතාවකට පැමිණ තිබේ. මේ බව නිල වශයෙන් නිවේදනය කළේ, අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් මගින් ය. ඒ අනුව ගත වූ දින 30 තුළ ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට ගිවිසුම්ගත වූ දෙවැනි අරාබි රට බහරේනයයි. මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඊශ්‍රායලය සමග මෙවැනිම ලෙස ඓතිහාසික සාම ගිවිසුමකට එළඹුණි. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේ මැදපෙරදිග කලාපයේ රටවල සාමය ඇති කිරීම සඳහා වන සැලසුම ඉදිරිපත් කළේ ය. ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට දිගු කාලීන විසඳුමක් ලබාදීම මෙම සැලසුමේ අරමුණ වී තිබේ. අරාබි රටවල් රැසක් වසර ගණනාවක සිට ඊශ්‍රායලය සමග හොඳ හිත පළුදු වී තිබුණේ පලස්තීන අර්බුදයට විසඳුම් නොලැබීම හේතුවෙන් ය.
2020-09-11T20:57:55.000Z
වලල්ලාවිටින් ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ලෙනක්
වලල්ලාවිටින් ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ලෙනක්
COLOMBO ( News 1st ) : කළුතර , වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් ප්‍රාග් ඓතිහාසික මානව සාධක සහිත ගල්ලෙනක් සොයා ගෙන තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම ගල් ලෙනෙහි කළ මූලික නිරීක්ෂණවලදී එහි ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බවට අනාවරණ වූ බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ මූලික නිරීක්ෂණය සිදු කළේ, එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් ය. ඔහු පැවසුවේ, පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගල් ලෙනට සමාන සාධක මෙම ගුහාවෙන් ද සොයාගත හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ කළු ගල් කැඩීම සඳහා අවසර ලබාදීම හේතුවෙන් මෙම වටින පුරාවිද්‍යා තැන්පතුවලට හානි සිදුවිය හැකි බව ද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ ය. මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, එම ගල් ගුහාවේ කැනීම් ලබන වසර මුල ආරම්භ කරන බවයි.
2020-09-11T19:55:04.000Z
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
COLOMBO ( News 1st ) : කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. මහ කොළඹ ජල හා ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් සහ අඹතලේ සිට එලිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.
2020-09-11T20:37:26.000Z
ජනතා ගැටලු සොයන ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද 15 වැනි දිනටත්
ගම්මැද්ද ගෙයින් ගෙට අද 15 වැනි දිනටත් 
COLOMBO ( News 1st ) : ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද 15 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. මෙවර පස්වැනි වරටත් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්වයි. ගම්මැද්ද කණ්ඩායම් අදත් පුත්තලම, වව්නියාව සහ මාතර යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතව තිබේ. ගම්මැද්ද කණ්ඩායම් අද දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු සොයා ගම් නියම්ගම් වෙත යාමට නියමිත ය.
2020-09-11T19:00:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ – විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න : සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රමුඛතා හඳුනාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් ඊයේ කොළඹදී පැවතිණි. 2. ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දීම ගැන ඊයේත් පාර්ලිමේන්තුවේදී සංවාදයට: මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිළිබඳව, ඊයේත් පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් විය. 3. රුසියානු විශ්වවිද්‍යාල 03 ක් ගැන වෛද්‍ය සභාව ගත් තීරණය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග යයිද? : පූර්ව දැනුම්දීමකින් තොරව තම විශ්වවිද්‍යාල 03 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව ගත් තීරණය පිළිබඳව දැඩි අවදානය යොමුකර ඇතැයි රුසියාව පවසයි. 4. හොර රහසේ හෙළි පෙහෙළිවන හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය : හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිත කොටසේ මහා පරිමාණයෙන් කැළෑ එළිපෙහෙළි කිරීමක් සිදු වන බව වාර්තා වේ. 5. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ ගිණුම් කාරක සභාව නම් කෙරේ : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ ගිණුම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නම් කෙරිණි. විදෙස් පුවත් 1. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට : දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට ගෙන අතුරු පාලන කමිටුවක් මගින් පාලනය කිරීමට තීරණය කර තිබේ.
2020-09-11T10:39:55.000Z
මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ - විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න
මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ
COLOMBO ( News 1st ) : සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රමුඛතා හඳුනාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් අද කොළඹදී පැවතිණි. එහිදී ආරක්ෂක සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා තම අදහස් පල කළේ ය. මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ. මට ඉල්ලීම රාශියක් ආවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා නායකයින්ගෙන්. නමුත් ඒ වෙලාවේ මම කියපු දෙයක් තමයි සර් මගේ ඇජෙන්ඩා එකේ එහෙම දෙයක් නෑ කියලා. මම අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත් කළාම කැළඹීම් ස්වභාවයක් නොසන්සුන් තාවයක් ඇති වුණා . රජයේ නිලදාරීන් තුළම. මොකද මගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක ඉන්නවා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයෙක්. පහුගිය මාස 05 ටම මම එතුමාව දැක්කේ එක පාරයි. එතකොටම මට එතුමාව මතක් වුණා . මම මෙතුමට කිව්වා මම අර තුමාව එවනවා මට අවශ්‍ය නෑ කියලා . ඔබතුමා කැමති තැනකට දාගන්න කියලා . ඔබතුමන්ලා කියයි 1986 අර චක්‍ර ලේඛයේ මේන්න මේ වගන්තියට අනුව මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි සර් කියලා . මට ඒවා බෑ . මම චක්‍රලේඛ කටපාඩම් කරන්නේ නෑ මොකද මම චක්‍රලේඛ එක්ක වැඩ කරලා නෑ. නමුත් මම දන්නවා මට හොඳට මැනේජ් කරන්න පුළුවන් . දන්න මිනිහාගෙන් වැඩේ ගන්න මට තේරෙනවා .
2020-09-11T09:39:23.000Z
ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දීම ගැන අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයට
ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දීම ගැන අදත් සංවාදයක්
COLOMBO(News 1st) - මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිළිබඳව, අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් විය. අද ඒ පිළිබඳව යළිත් ප්‍රශ්න කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, 1982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්තම් කුට්ටිමනි, නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් චෙලෝ සංවිධානයේ නායකයා හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රිවරයෙක් හැටියට ගැසට් කරලා ගරු කතානායකතුමාට පාරිලිමේන්තු මහ ලේකම්වරයාට එවලා තිබුණා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩණය හිමි වෙච්ච පුද්ගලයෙක්. ඒ යෝගචන්ද්‍රන් මහත්මයා, මන්ත්‍රිතුමා අභියාචනාවක් ඉදිරිපත් කරලා තිබුනු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් දිවුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. එවකට කතානායක විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවටත් ඒවගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවටත් අනුකුලව, ගරු බාකිර් මාකර් කතානායකතුමා බොහෝම වැදගත් පුර්වාදර්ශයක් ලබාදීලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය තුළ ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පුර්වාදර්ශයට පටහැනිව තමයි ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් ඒවගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වෙනි ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා. ඇයි ඒ පුර්වාදර්ශය ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු නොකරන්නේ? ඔබතුමා ගත්තු තීන්දුවන් මට හැඟී යන ආකාරයට 89 වන ව්‍යවස්ථාවත් 91 වන ව්‍යවස්ථාවත් එතුමාගේ අතින් උල්ලංඝණය වෙලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. කතානායක ඇපීල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ඳයෙන් වග විභාග කරන්න ගියේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අධිකරණයටවත් ඒ විනිසුරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව කතා කරෙත් නැ, කතාකරන්න යන්නෙත් නෑ, ඒ සාදාචාර නොවන ක්‍රියාමාර්ගය අපි අනුගමනය කරන්නට ලෑස්ති නෑ. 89 වෙනි ව්‍යවස්ථාවටත් 91 වෙනි ව්‍යවස්ථාවටත් වැඩිය ඉහළින් තියෙන තවත් ව්‍යවස්ථාවක්, අපි නොදන්න ව්‍යවස්ථාවක් තියෙනවාද මේ රටේ? විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙනාපු විභාගය. කතානායක ඒක මෙතනට අදාල නෑනේ ගරු මන්ත්‍රිතුමා. ලක්ෂ්මන් කිරිඇල්ල අදාලයි කතානායක අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ . ඔබතුමා මේ සභාව නොමඟ ගෙනියන්නයි මේ උත්සහ කරන්නේ. සභාව වෙනත් මාර්ගයක ගෙනියන්නයි මේ උත්සහ කරන්නේ. ලක්ෂ්මන් කිරිඇල්ල නෑ මම කියන්නේ මන්ත්‍රිවරයෙක් දිවුරුම් දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ තර්ක ගෙන ඒම සම්පුර්ණයෙන්ම වැරදියි. නමුත් අපේ මන්ත්‍රිතුමාගේ අයිතිවාසිකම් යලි යලිත් නැතිවන බව ප්‍රකාශ කිරිම, හැන්සාඩ් වර්තාවෙන් ඉවත් කරන ලෙස අපේ මන්ත්‍රීවරයාට තියෙන අයිතිවාසිකම් නෑ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අපේ අදහස් එහෙම හැන්සාඩ් වර්තාවෙන් මකලා දාන්න හැකියාවක් නෑ. මම බෝහොම වැදගත් තින්දුවක් ඉදිරිපත් කළේ. මුලු රටම අපි හැමොම අවබොධ කරන් තියෙනවා. ඔබතුමා අඥාදායකයෙක් නෙවෙයි. ඔබතුමාට වගකිමක් තියෙනවා. අපේ අදහස් එහෙම හැන්සාඩ් වර්තාවෙන් මකලා දාන්න හැකියාවක් නෑ.මම බෝහොම වැදගත් තින්දුවක් ඉදිරිපත් කළේ. එහෙම එකක් ඉදිරිපත් කරන කොට කොහොමද කියන්නේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා. නලින් බණ්ඩාර - පා.ම සමගි ජන බලවේගය අපි දැක්කා ඊයේ පෙරේදා ගාඩියන් , නිව්යෝර්ක් ටයිම්ස් වගේ ලෝකයේ ප්‍රධාන පුවත්පත්වල ඔබතුමාගේ නම සඳහන් කරමින්, මේ මන්ත්‍රිවරයාගේ දිවුරුම් දීම පිළිබඳව, අපේ රටේ නමට කීර්ති නාමයට කැළලක්වන ආකාරයට තමයි වාර්තා කරලා තිබුණේ. ඔබතුමත් දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නෙ. මම හිතනවා ව්‍යවස්ථාදායකයේ මුල් පුටුව දරණ ඔබතුමා විසින් අපේ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක , බාකිර් මාකාර් මැතිතුමා වගේ අය උදාහරණයට අරගෙන මේක නිවැරදි නොකොලොත් , මේක පාර්ලිමෙන්තුවට කරන ලොකු අගෞරවයක්. මෙය නිවැරදි කරන්න වහාම කටයුතු කරන්න ඔබතුමා.
2020-09-11T08:41:24.000Z
රුසියානු විශ්වවිද්‍යාල 03 ක් ගැන වෛද්‍ය සභාව ගත් තීරණය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග යයිද?
වෛද්‍ය සභාවේ තීරණය රාජ්‍ය තාන්ත්‍රිකව බලපායි ද?
COLOMBO ( News 1st ) : පූර්ව දැනුම්දීමකින් තොරව තම විශ්වවිද්‍යාල 03 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව ගත් තීරණය පිළිබඳව දැඩි අවදානය යොමුකර ඇතැයි රුසියාව පවසයි. මෙරට රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම තීරණය ශ්‍රී ලාංකිකයින්ට රුසියාව ලබාදෙන රාජ්‍ය ශිෂ්‍යත්ව අත්හිටුවීමට පෙළඹවීමක් නොකරනු ඇති බවයි. ලෝක ප්‍රකට පැට්‍රිස් ලුමුම්බා හෙවත් වර්තමානයේ රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, පිරොගොව්ෆ් ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ට්වෙර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය පැවසුවේ 60 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතිහාසය තුළ රුසියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් පිරිනමා ඇති අතර ඒ මගින් විදවතුන් රැසක් බිහිකර ඇති බවයි. මෙම තීරණය නිසා ශ්‍රී ලංකා ජනතාවට රුසියානු රාජ්‍ය හරහා ලැබෙන මෙම වරප්‍රසාදය අහිමි වීමෙන් රටේ තරුණ පරපුරට හිමිවන අවස්ථා අහිමි නොකරනු ඇතැයි විශ්වාස කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මීට පෙර ඇස්බැස්ටෝස් තහනම පැනවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අවස්ථාවේ දෙරට අතර වෙළෙඳ සබඳතා බරපතල අර්බුදයකට ලක්විය. සෘජුව සබදතාවක් ප්‍රකාශ නොකළත්, එම අවස්ථාවේ රුසියාව ශ්‍රී ලංකාවේ තේ ගෙන්වීම අත්හිටුවීමට පියවර ගත්තේ කුඩා කෘමියෙකු තේ තොගයකින් සොයාගත් බව පවසමින් ය. ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවා රුසියාවයි. කොළඹ තේ වෙළදුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා අපි ලංකාවෙන් තේ විශාල ප්‍රමාණයක් රුසියාවට එක්ස්පෝර්ට් කරනවා. අපේ මේ ට්‍රේඩ්න් එකේ හුඟාක් ලංකාවට වාසිවෙන විදියට තමයි හැමදාම තිබුණේ. අපිට දැනගන්න ලැබුණා පහුගිය දවස්වල අපේ මෙඩිකල් කවුන්සිල් එකෙන් රුසියාවේ මෙඩිකල් ෆැකල්ස්ටීස් කිහිපයක් ඩී ලිස්ට් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ටිකක් අපිට ප්‍රශ්නයක් වෙයි. අපිට හරි ඉම්පෝර්ටන්ට් මේ රිලේෂන් ශිෆ් එක තියාගන්න. අපි රික්වෙස්ට් කරන්නේ හෙල්ත් මිනිස්ට්‍රි එකට හෙල්ත් මිනිස්සටට මේකට ඉන්වෝල් වෙලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසදන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසන්නේ, වෛද්‍ය සභාව මේ තීරණය ගැන පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා වෛද්‍ය සභාවට ඇතත්ටම බලතල තියෙනවා තමන් ලියාපදිංචි කරලා තියෙන වෛද්‍ය පීඨයක් සම්බන්ධයෙන් හොයලා බලලා ඒ ආයතනය තුළ ප්‍රමිතිය නැත්තම් ප්‍රමිතිය නැතිවීම සැලකිල්ලට අරගෙන ඒ ආයතනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තීරණයක් ගන්න. වෛද්‍ය සභාව පහුගිය කාලෙත් මෙවැනි සම්බන්ධයෙන් තීරණ ගත්තා. ඕනෑ තරම් වෛද්‍ය පීඨ ඩී රෙජිස්ටර් කළා. අද දවසේ යමේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේම මේ වෛද්‍ය සභාවේ සමහර සාමාජිකයින්ගේ අරමුණුවල යටි අරමුණු මොනවාද කියන එක පැහැදිලි නැති හින්දා. මේ මොහොතේදී අපි වෛද්‍ය සභාවෙන් ඉල්ලන්නේ බොහොම සරළ ඉල්ලීමක්.ඒක තමයි තමන් මේක සද්භාවයෙන් කළා නම් කරුණාකරලා රටට ඇමතිතුමියට පැහැදිලි කරන්න මොන හේතුව නිසාද වෛද්‍ය පීඨය තහනම් කළේ.
2020-09-11T08:19:28.000Z
හොර රහසේ හෙළි පෙහෙළිවන හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ අනවසර වගා
COLOMBO ( News 1st ) : හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිත කොටසේ මහා පරිමාණයෙන් කැළෑ එළිපෙහෙළි කිරීමක් සිදු වන බව වාර්තාවේ. ප්‍රදේශවාසීන් පවසන්නේ, පිටස්තර පුද්ගලයින් අනවසර වගා සඳහා මෙම භූමිය යොදාගන්නා බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම වැළැක්වීමේ අරමුණින් 2009 වසරේදී යෝජිත වන අලි කළමනාකරණයට භූමි ප්‍රදේශයක් වෙන් කෙරිණි. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පවසන්නේ, කාලාන්තරයක සිට එහි කැලෑ ඉඩම් එළිපෙහෙළි කර අල්ලා ගැනීම සිදුවන බවයි. ප්‍රදේශවාසීන් අදහස් ගමේ නෙමෙයි ගමෙන් පිට අය ඇවිල්ලා ඔක්කොම ඩෝසර් කරලා වගා කරනවා . අපි පොල් පැල ටික හිටවන්න ගත්තා හැබැයි අනවසරයි කියලා හිටවන්න එපා කිව්වා. වනජීවි එකෙන්වත් වන සංරක්ෂනයෙන්වත් කිසිම සෙවිල්ලක් නැහැ. මැති ඇමතිවරුන්ගේ හෙංචයියෝ තමයි ඕක කරන්නේ ගමේ මනුස්සයෙක් කලොත් දඩ ගහනවා. රජය සතු ඉඩම් අනවසරයෙන් ලබාගැනීමට විවිධ පිරිස් දරණ උත්සාහයන් ගැන හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීත් පසුගියදා සාකච්ඡා කළේ ය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිගට වගා කරපු ඉඩම්වල අයිතිය ඒ ගොවීන්ට දෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ සැලසුම් සහගතව කණ්ඩායමක් මේවා ගිහින් අල්ලනවා සමහර ඒවා ඩෝසර් දානවා. ඒක නිසා ඒ ගැන සැළකිලිමත් වෙන්න. ඔබතුමාලගේ නිලධාරීන් මට ෆොටෝස් එව්වා මේ මහ ගසුත් කපලා අපිවත් මුලා කරනවනේ. මෙම සාකච්ඡාවේදී හම්බන්තොට දේශපාලන නියෝජිතයින් අවධාරණය කලේ කාලාන්තරයක සිට වගා කටයතු වල නිරත වූ ගොවීන්ට එම ඉඩම් නිදහස් කළ යුතු බවයි. තත්ත්වය එසේ තිබියදී හම්බන්තොට වලව වම් ඉවුර කලාපයේ මහවැලියට අයත් ඉඩම්වල කෙසෙල් වගාවක් ඉවත් කිරීමට අද නිලධාරීහු පියවර ගත් හ. ඒ අනවසරයෙන් සිදුකරන බව කියන මේ වගාව තිබූ ඉඩම වෙනත් ආයෝජකයින්ට ඉඩම් ලබාදීමට ඇති සූදානම නිසයි. අක්කර 2 ක පමණ භූමියක ප්‍රදේශයේ තරුණ ගොවියෙකු විසින් කෙසෙල් වගා කර තිබේ. කෙසෙල් වගා කළ පුද්ගලයාගේ අදහස් මම මෙච්චර කාලයක් රට හිටියේ කොරෝනා නිසා ඒ කාලේ ලංකාවට එන්න වුණේ. ඒ ඉතුරු කරපු මුදලින් තමයි වගා කරලා ජීවිතේ ඉදිරියට ගෙනියන්න කටයුතු කළේ මේ වෙනකොට මාස 4ක් වෙනවා . මං ලක්ෂ 20ක් විතර වියදම් කරලා තියෙනවා. මහවැලි කලාප නිලධාරියා මේක ආයෝජන මණ්ඩලයට වෙන්කරපු ඉඩම් දැන් හෙට අනිද්දා වෙනකොට නව රජයත් එක්ක ආයෝජකයෝ එනවා . ඉතින් ආයෝජකයන්ට අපි මේවා නිදහසේ තියන්න ඕනේ . ඉතින් මේක අල්ල ගත්තහම අපි එන ආයෝජකයන්ට මොකද කියන්නේ ? මේ මහවැලි ඉඩම්. හේන් ගොවියා අපි දැන් මහවැලියට ලියුමක් දුන්නා අපි වගාව කරන් මේ භූමිවලින් අයින් වෙනවා කියලා. මහවැලි කලාප නිලධාරියා ඔබතුමා හිතන්නකෝ මාසයකින් මේකට ආයෝජකයෝ එනවා කියලා කොහොමද දෙන්නේ ? අද කෙහෙල් වගාවක් තියෙනවා. කියලා අපිට කියන්න බැහැනේ. හේන් ගොවියා අපි චමල් මහත්යට ලියුම් භාර දීලා ඉවරයි. ඔයගොල්ලොත් මාර කතා කියන්නේ. දැන් එහෙනම් කුඹුරුත් ආයෝජකයන්ට දෙන්නකෝ.ගිහින් උඩ බලන් හිටහන් දැන්.ඔයගොල්ලෝ මේක චීන්නුන්ට දෙනකොට කව්රුත් ගියාද ? අපි ගියේ මැරුන් කන්න. ඉතින් ගෝඨාභය සර්ට කියන්නකෝ වගා කරන්න කියලා . ආයෝජන කලාපයක් ආවොත් අපි මේවා ඩෝසර් කරන් යන්නම්.
2020-09-11T07:27:34.000Z
දියණියන් දෙදෙනෙකුගේ පියෙක් අසරණ කළ අසල්වැසියාගේ පැති බැම්ම
පියෙක් අසරණ කළ අසල්වැසියාගේ පැති බැම්ම
COLOMBO ( News 1st ) : ගම්පොල, රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක් මතට අසළ ඉඩමක බැම්මක් කඩා වැටීම නිසා පවුලක් අසරණව සිටියි. අප වාර්තාකරු පැවසුවේ දෙදරු පියෙකු වන නිවෙස් හිමියා ත්‍රීරෝද රථ රියැදුරෙකු බවයි. ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත්ව සිටින ඔහු , තමා මුලින් පදිංචිව සිටි නිවස විකුණා ඇත්තේ ලබාගෙන තිබු ණය පියවීමේ අරමුණින් ය. බැංකු ණයක්ද ලබා ගෙන ඇති ඔහු පසුව ණය පියවා ඉතිරි වූ මුදලින් ගම්පොල, රත්මල්කඩුව ප්‍රදේශයේ පිහිටි මෙම කුඩා නිවස මිලදී ගෙන තිබේ. බිරිඳ හා දරු දෙදෙනා සමග වාසය කළ එම නිවස මතට අසළ නිවසක ඉඩමෙහි පැති බැම්ම කඩා වැටී ඇත්තේ පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙනි . බැම්මේ උස අඩි 24 ක් පමණ වන අතර, එය කඩා වැටීම හේතුවෙන් නිවස මුළුමනින්ම විනාශ වී තිබේ. https://youtu.be/9KDzg6mSbnU
2020-09-11T05:46:57.000Z
පොලිස් නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දිරි ගැන්වීමක්
පොලිස් දෙපාර්තමේන්තුවෙන් දිරි ගැන්වීමක්
COLOMBO ( News 1st ) : නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරනු ලබන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව T 56 ගිනි අවියක් සමග සැකකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුවෙකුට සහ පොලිස් නිලධාරියෙකුට ලබාදෙන මුදල රුපියල් 250,000 දක්වා ඉහළ නැංවෙනු ඇති. T 56 ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිළධාරියෙකුට ගෙවන මුදල රුපියල් 200,000. රුපියල් 250,000 ත්‍යාග මුදලක් පුද්ගලික ඔත්තුකරුවෙකුට ඒ සඳහා ලබාදෙනු ඇති. සැකකරුවෙකු සමග රිපීටර් වර්ගයේ ගිනි අවියක් පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් 50,000 මුදලක් ලබාදෙන බව පොලීසිය සඳහන් කළේ ය. එම වර්ගයේම ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව සොයා ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයකුට රුපියල් 25,000 මුදලක් හිමිවේ. පිස්තෝල, රිවෝල්වර සහ විදේශයන්හි නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවි සමග සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන පොලිස් නිලධාරියෙකුට හිමිවන මුදල රුපියල් 150,000 ය. පිස්තෝල සහ රිවෝල්වර සැකකරුවෙකු නොමැතිව සොයා ගැනීමේදී පුද්ගලික ඔත්තුකරුවෙකු රුපියල් 250,000 මුදලක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
2020-09-11T05:29:09.000Z
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි
COLOMBO (News 1st) : 70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වූ අතර එක්දින තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. අයර්ලන්තයේ පළමු පෙළ තරග සඳහා ද එක් වූ ටෝනි ඕපාත මහතා නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.
2020-09-11T05:26:24.000Z
New Diamondහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට නියෝග
නැවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියෝග
COLOMBO ( News 1st ) : ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ඉදිරි විමර්ශන සඳහා, ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග නිකුත් කර තිබේ.
2020-09-11T04:57:23.000Z
වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර සමට අහිතකරයි - පාරිභෝගික කටයුතු අධිකාරිය
ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර වෙළෙඳපොළේ තහනම්
COLOMBO (News 1st) : ආනයනික සහ ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතව ඉදිරිපත් කරනු ලබන ක්‍රීම් මෙන්ම දියර වර්ග රැසක් සමට අහිතකර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ , ඒ පිළිබඳව ජනතාවගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි. අදාළ ආලේපනවල ඊයම් , ආසනික් , රසදිය සහ කැන්ඩියම් අඩංගු විය යුතු අනුමත උපරිම සීමාවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදනයේ නම , නිෂ්පාදකයාගේ නම , ලිපිනය , ආනයනකරුගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත රට , සන්නාමය, බර/පරිමාව , කාණ්ඩ හෝ කේත හෝ තොග හඳුනාගැනීමේ අංකය ඇතුළත් විය යුතු ය. ඊට අමතරව නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය , උපරිම සිල්ලර මිල , අමුද්‍රව්‍ය ලැයිස්තුව , භාවිතා කිරීම සඳහා උපදෙස් අවශ්‍ය වේ නම් අවවාද , අනතුරු හැඟවීමේ ප්‍රකාශන ද එම දවටනවල සඳහන් විය යුතු ය. මේ පිළිබඳව වෙළෙඳසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාරිභෝගික කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
2020-09-11T04:02:15.000Z
නිකවැරටිය වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට.
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
COLOMBO ( News 1st ) : නිකවැරටිය මහකිරින්ද ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු මසුන් ඇල්ලීමට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය. ඉන් එක් අයෙකු ප්‍රහාරයට ලක්ව මිය ගිය අතර අනෙක් දෙදෙනා පලාගොස් දිවි බේරා ගෙන ඇතැයි සඳහන් වේ. මියගිය පුද්ගලයා 60 හැවිරිදි තිදරු පියෙකි. ගම්වැසියන් පැවසුවේ ගම අසළ රක්ෂිත ප්‍රදේශයෙන් මෙපිට ද නිරන්තරයෙන් වන අලින් ගැවසෙන බවයි. තමන්ට ඇති ජීවිත අවදානම පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත්කර ඇතත්, කිසිදු පිළිසරණක් නොමැති බවට ගම්වාසීන් මැසිවිලි නගයි.
2020-09-11T00:49:46.000Z
නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ගොඩබිමට
නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ගොඩබිමට
COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකිනි ගොඩබිමට රැගෙන එනු ලැබීය. නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරට ලක් වූ දින සිට ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා තොරතුරු සැපයීමට කපිතාන්වරයා සියලු අංශ වෙත අනතුරුට ලක්වූ නෞකාව ආසන්නයේ පිහිටි වෙනත් යාත්‍රාවක සිට සිය සහයෝගය ලබා දී තිබුණි. නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් පසු කපිතාන් වරයා ඊයේ(11) පස්වරුවේ කල්මුණේ නාවික හමුදා කදවුර වෙත රැගෙන එනු ලැබීය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, සියලුම ආරක්ෂක ක්‍රමවෙදයන් අනුගමනය කරමින් , කපිතාන් වරයා ගාල්ලේ පිහිටි හුදකලා මධ්‍යස්ථානයකට රැගෙන යන බවයි.
2020-09-11T06:44:01.000Z
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව සහ ගිණුම් කාරක සභාව නම් කෙරේ
කාරකසභා සඳහා මන්ත්‍රීවරුන් නම් කෙරේ
COLOMBO (News 1st) - පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව සහ ගිණුම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ දී නම් කෙරිණි. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා ගිණුම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් 22ක බැගින් නම්කර ඇත. එම මන්ත්‍රීවරුන් වන්නේ, 01. මහින්ද අමරවීර මහතා 02 .මහින්දානන්ද අලුත්ගමගේ මහතා 03 .රෝහිත අභයගුණවර්ධන මහතා 04 .සුසිල් ප්‍රේමජයන්ත මහතා 05 .ජයන්ත සමරවීර මහතා 06 .දිලුම් අමුණුගම මහතා 07 .ඉන්දික අනුරුද්ද මහතා 08 .සරත් වීරසේකර මහතා 09 .ඩී.වී චානක මහතා 10 .ආචාර්ය නාලක ගොඩහේවා මහතා 11 .අජිත් නිවාඩ් කබ්රාල් මහතා 12 .රවුෆ් හකීම් මහතා 13 .අනුර කුමාර දිසානායක මහතා 14 .පාඨලි චම්පික රණවක මහතා 15 .ජගත් පුෂ්පකුමාර මහතා 16 .ඉරාන් වික්‍රමරත්න මහතා 17 .රංජන් රාමනායක මහතා 18 .නලින් බණ්ඩාර මහතා 19 .එස්.එම් මරික්කාර් මහතා 20 .ප්‍රේමනාත් සී දොලවත්ත මහතා 21 .සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා 22 .චරිත හේරත් මහතා මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවට ද මන්ත්‍රීවරු 22 ක් නම්කර තිබේ. එම සමාජිකයින් වන්නේ , 01. උදය ගම්මන්පිල මහතා 02. දුමින්ද දිසානායක මහතා 03.දයාසිරි ජයසේකර මහතා 04.ලසන්ත අලගියවන්න මහතා 05. සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය 06 .ශේහාන් සේමසිංහ මහතා 07 .ප්‍රසන්න රණවීර මහතා 08 .තිස්ස අත්තනායක මහතා 09 .මහාචාර්ය තිස්ස විතාරණ මහතා 10 .හරින් ප්‍රනාන්දු මහතා 11 .නිරෝෂන් පෙරේරා මහතා 12 .ෆයිසල් කාසීම් මහතා 13 .කාදර් මස්තාන් මහතා 14 .අශෝක් අබේසීංහ මහතා 15 .උපුල් ගලප්පත්ති මහතා 16 .ගුණපාල රත්නසේකර මහතා 17 .වීරසුමන වීරසිංහ මහතා 18 .මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 19 .මොහොමඩ් මුසම්මිල් මහතා 20 .මහාචාර්ය හරිනි අමරසූරිය මහතා 21 .බුද්ධික පතිරණ මහතා 22 .ශ්‍රී ධරන් මහතා ය.
2020-09-10T23:37:06.000Z
බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නැයි ජනපති උපදෙස්
බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නැයි ජනපති උපදෙස්
COLOMBO ( News 1st ) :මහනුවර, බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා බවයි.
2020-09-10T22:45:04.000Z
නොච්චියාගමදී ට්‍රක් රථයක් පාලමක් තුළට ගිලා බසී: අනුරාධපුර - පුත්තලම පාරේ වාහන ධාවනයට බාධා
නොච්චියාගමදී ට්‍රක් රථයක් පාලමක් තුළට ගිලා බසී
COLOMBO ( News 1st ) : අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ, නොච්චියාගම 38 කණුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් පාලමක් තුළට ගිලා බැසීමක් සිදුව තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ට්‍රක් රථය පාලම තුළට ගිලා බැසීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බවයි. අද අලුයම 4.30 පමණ මෙම අනතුරු සිදුව තිබේ. මේ වනවිට අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ, නොච්චියගම 38කණුව ප්‍රදේශයෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය. ත්‍රීකුණාමලය වරායේ සිට පුත්තලම බලා ධාවනය වූ ට්‍රක් රථ 5 කින් එකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
2020-09-10T22:25:39.000Z
බූස්ස බන්ධනාගාරයේ රැඳවින් පිරිසක් ආහාර වර්ජනයක
බූස්ස බන්ධනාගාරයේ රැඳවින් පිරිසක් ආහාර වර්ජනයක
COLOMBO (News 1st) - බූස්ස බන්ධනාගාරයේ රැඳවින් 37 දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් ඊයේ උදෑසන සිට ආහාර වර්ජනය නිරත වන බවයි. රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම, සමීපතමයින්ට දුරකතන ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව නොදීම සහ බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි අදාළ රැඳවියන්ගේ ඉල්ලීම් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සඳහන් කළේය. අදාළ ඉල්ලීම් වලින් සාධාරණ ඉල්ලීම් පවතින්නේ නම් ඒවාට විසඳුම් දීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
2020-09-10T21:20:34.000Z
'වැලිහිද කළු' STF අත්අඩංගුවට
'වැලිහිද කළු' STF අත්අඩංගුවට
COLOMBO (News 1st) - මාකඳුරේ මධුෂ්ගේ සංවිධානාත්මක අපරාධ සඳහා සහය වූ රණවකගේ ධම්මික නුවන් රණවක නොහොත් 'වැලිහිද කළු' නැමැති පුද්ගලයා වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, ඔහු සතුව තීබි හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 960 ක් සොයා ගත් බවයි. සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිස් ස්ථානයට භාර දී තිබේ.
2020-09-10T20:38:57.000Z
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු රජය යටතට
COLOMBO (News 1st) - දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට ගෙන අතුරු පාලන කමිටුවක් මගින් පාලනය කිරීමට තීරණය කර තිබේ.
2020-09-10T20:20:05.000Z
ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
ළමා අපයෝජනයක්: සහකාර විදුහල්පතිවරයෙකු දැලේ
COLOMBO (News 1st) - ළමා අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ එකොලොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උපකාරක පන්තියකට සහභාගි වූ සිසුවෙක් එලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි. ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව පානදුර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
2020-09-10T19:42:26.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගමට දැනුම්දීමට පියවර :ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගම වෙත දැනුම් දීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේය. 2. 20 සම්මත කරන්න පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් වෙයි ද? : 20 වන සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසිවීමත් සමග සිදුවීමට යන අනතුර ගැන වෘත්තීය සමිති මහ නාහිමිවරුන් දැනුවත් කරද්දී ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ප්‍රකාශ කළේ, ජනතාව ව්‍යවස්ථා වෙනසට අනුමැතිය දී ඇති බවය. 3. අනතුරකට අත වනන කැලණි ගං ඉවුර... : පවතින වැසි සමග මේ දිනවල කැලණි ගගේ ජල මට්ටමත් ඉහළ යමින් පවති. 4. වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ – අගමැති : වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ. විදෙස් පුවත් 5. ලෙබනනයේ බේරුට් වරායේ යළිත් ගින්නක් : මීට මාසයකට පෙර දැවැන්ත පිපිරීමකට ලක් වූ ලෙබනනයේ බේරුට් වරායේ යළිත් විශාල ගින්නක් හට ගෙන තිබේ.
2020-09-10T09:43:54.000Z
අනතුරකට අත වනන කැලණි ගං ඉවුර...
අනතුරකට අත වනන කැලණි ගං ඉවුර...
COLOMBO (News 1st) - පවතින වැසි සමග මේ දිනවල කැලණි ගගේ ජල මට්ටමත් ඉහළ යමින් පවති. අනතුරකට අත වනන කැලණි ගං ඉවරේ කෙරෙන ඉදිකිරීමක් ගැන අනාවරණයකි මේ... කැලණිය, පෙතියාගොඩ පහේ කණුව ආසන්නයේ කැලණි ගගේ ගංවතුර ආරක්ෂණ බැම්ම වසර ගණනාවකට පෙර ඉදිකල මෙම බැම්ම හඳුන්වන්නේ උතුරු පාලන බැම්ම ලෙසයි. මේ කොටස පසුගිය දවසක හදිසියේම කඩා බිඳ දැම්මේ ගං ඉවුරේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීමේ ව්‍යපෘතියකටය. බැම්මේ කොටසක් මේ වනවිට ඉදිකර අවසන්. වැසි වැඩවීමත් සමග ගගේ ජලය වැඩි වුනොත් මේ බැම්මට උඩින් ජලය ගලා නොයන බවට සහතිකයක් දිය හැක්කේ කාට ද? මේ අවදානමට තාවකාලික පිළියමක් ලෙස වැලිපිර වූ විශාල මලු කිහිපයක් කඩා දැමූ ආරක්ෂණ බැම්මේ තැන්පත් කර තිබේ. පැති බැම්මක් ඉදිකර ශක්තිමත් ආරක්ෂණ පියවරක් ගැනීම ගැටලුවක් නැතත් වසර ගණනක් ශක්තිමත් වූ ආරක්ෂණ බැම්ම ඒ සඳහා කඩා බිද දැමිය යුතු ද? දැනට ගෙන ඇති තාවකාලික පිළියම් ගගේ පහළට ගලන විශාල ජල පහරට ඔරොත්තු දෙයි ද? අනතුරු දායක මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද? අවධානයට... https://www.facebook.com/NewsfirstSL/videos/3229141553788785/
2020-09-10T08:33:48.000Z
20 සම්මත කරන්න පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් වෙයි ද?
20 සම්මත කරන්න පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් වෙයි ද?
COLOMBO (News 1st) - 20 වන සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසිවීමත් සමග සිදුවීමට යන අනතුර ගැන වෘත්තීය සමිති මහ නාහිමිවරුන් දැනුවත් කරද්දී අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ප්‍රකාශ කළේ, ජනතාව ව්‍යවස්ථා වෙනසට අනුමැතිය දී ඇති බවය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මේ රටේ බුද්ධිමත් ජනතාව මම ඒකයි ඔබතුමාට කිව්වේ හරියට කිරලා මැනලා බලලා හරියටම 150 ලබලා දුන්නා මේ රටේ ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව තේරී පත්වෙන්න. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ඒ අඩුපාඩු තියෙන දෙක හෝ තුන පිළිබඳව මම අපේ ඡන්දේ එනවානේ මේ පිළිබඳ ඡන්දේ එනවා. එතකොට ඔබතුමාට බලාගන්න පුළුවන් 150 ට දෙකක් අඩුද තුනක් අඩුද 15 ක් වැඩිද කියන එක ඔබතුමාට බලාගන්න පුළුවන්. ඔබතුමාට බලාගන්න පුළුවන් ඔය පැත්තේ ඉඳලා මේපැත්තට ඇවිල්ලා කීයක් ඡන්දේ දෙනවද කියලා ඔබතුමාට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට විරුද්ධව කීදෙනෙක් ඡන්දේ දෙනවද කියලා. සමගි ජන බලවේගයෙන් ටෙලිෆෝන් එකෙන් වයර් ගැලවිලා කීයක් එනවද කියලා බලාගන්න පුළුවන්. සමගි ජන බලවේගයේ පා.ම මුජිබර් රහුමාන් මහතා, මේ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු යටතේ තියෙන ඒ නිවේදන 6 ගැන පොඩ්ඩක් අපිට විස්තර කරානම් හුඟාක් හොඳයි කියලා මොකද එතුමාගේ තියෙන විෂය පථය නෙවෙයි එතුමා කතා කරන්නේ. කතානායක, එතුමාගේ කතාව අවසන් නැහැ තාම. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කංජිපානි හම්බුනේ කොහේද? කංජිපානිගේ පාටි එකට ගියපු ඔක්කොම මට කියන්න පුළුවන්. කංජිපානිගේ වාහනවලින් පාටිවලට ගියේ කවු ද? හිටපු ෆෝටෝ ටික මම කියන්නම්. යන්න පංතිවලට ගිහින් ඉගෙනගන්න මේ දරුවෝ ටික. තමුන්නාන්සේලා නෙවෙයිද අධිකරණයට බලපෑම් කරේ? තමුන්නාන්සේලා රන්ජන් රාමනායක මහත්තයා දාලා අධිකරණයේ විනිසුරුවරුන්ට කතා කරන්න කියලා එතුමාට කියන්නේ? අධිකරණයේ විනිසුරුවරුන් කීදෙනෙක්ට හිරේ යන්න වුනාද කියන්න? අධිකරණවලට බලපෑම් කරලා නඩු දැම්මේ නැද්ද කියලා කියන්න? අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට බලපෑම් කරපු හැටි කිව්වේ නැද්ද කියලා කියන්න? අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න අයිතියක් නැහැ. සමගි ජන බලවේගයේ පා.ම තුෂාර ඉඳුනිල් මහතා, මේ ස්ථාවර නියෝග 92 යටතේ මම මේ අහන්නේ වීරසුමන වීරසිංහ, ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මගේ මිත්‍රයා පොඩ්ඩක් ඉදගන්නකෝ. මම දන්නවා රිදෙනවා කියලා හැබැයි ඉදගන්නකොට ඔලුව තැලෙයි. මතකද හිටපු අග්‍රවිනිශ්චකාර මොහාන් සිල්වා මහත්තයා එළියට දාපු හැටි. තමුන්නාන්සේලා අධිකරණයට කරපු දේවල් මම දවස් දෙකක් කතා කරන්නම්. තමුන්නාන්සේලා රෙදි ඇඳගෙනද අධිකරණ ගැන කතා කරන්නේ? මැතිවරණ සිතියම හැකිලුවා. ප්‍රාදේශිය සභා කල් දැම්මා, පළාත් සභා කල් දැම්මා, රෙදි ඇදන්ද කතා කරන්නේ 19 ගෙනාපු පලවෙනි කොන්දේසිය මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්පාරක් ඉල්ලන්න බෑ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඡන්දේ ඉල්ලන්න බෑ, නාමල් රාජපක්ෂට ඡන්දේ ඉල්ලන්න බෑ, එහෙනම් 19 ගෙනාවේ රනිල් ශක්තිමත් වෙන්නයි රාජපක්ෂවරු සීමා කරන්නයි තමුන්නාන්සේලා ගෙනාවේ 19 ඒක හොඳට මතක තියාගන්න. දැන් මේකට බයවෙලා. සමගි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර මහතා, අපි එතුමාගේන් අහනවා ඇයි එතුමා 19 ඡන්දේ දුන්නු කෙනෙක්. අපි විනාඩි පහක් දෙනවා.. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, නලින් බණ්ඩාර ඇමතිතුමා ඔව් අපි 19 ට අත ඉස්සුවා. 19 ට අත ඉස්සුවේ තමුන්නාන්සේලාගේ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රිපාල ජනාධිපතිතුමායි 20 ගේනවා කිව්වා. 20 ගේනවට කොන්දේසි පිට තමයි අත ඉස්සුවේ.තමුන්නාන්සේලා ගේනාවේ නැහැ. සමගි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර මහතා, මේ දවස්වල බුල්ඩෝසරේ හරි ප්‍රසිද්ධයි ඩෝසර් එක. දැන් මම හිතනවා කැලැ ඩෝසර් කරන්න ඕන නෑ. මෙතන පාර්ලිමේන්තුවේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳලා ඩෝසර් ටිකක් ගෙනල්ලා මේක ඩෝසර් කරලා දැම්මා නම් ඉවරයි. මොකද පාර්ලිමේන්තුවට වටිනාකමක් නැහැ. මේ විසිවෙනි සංශෝධනය සම්මත වුනාට පස්සේ එක පුද්ගලයෙක් මට ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේවල් ඒකරාශි වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, අධිකරණයක් නැහැ, මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ ආයතන 4 යි. හිස් වෙච්චි පෙට්ටියක් දීලා තියෙන්නේ. ඒ අඳෝනාව තමයි මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාව පාවිච්චි කරලා තියෙන්නේ බොරුවට කෑගහන්න මේ පාර්ලිමේන්තුවේ. ආයතන නෑ. කර්මාන්ත අමාත්‍ය වීමල් වීරවංශ මහතා, අවුරුදු 4 හමාරක් මේ රට කෑවා. පටන් ගත්තේ මහදවාලේ මහ බැංකුව හොරා කාලා. මෙතන කතා කරනවා පවුල් පාලනයක් ගැන එතන තිබුනා අමුතු පාලනයක්. ඒක මම කියන්නේ නැ ඒ පාලනයට කියන වචනය. මේ රටේ ආර්ථිකය 1.7% ට පල්ලම් බස්සලා මංකොල්ලකැම අතින් මේ රටේ ප්‍රබලතම මංකොල්ලය මහ බැංකු මංකොල්ලය කරලා පටන් අරගෙන, රටේ සාමාන්‍ය ජන ජීවිතය නන්නත්තාර කරපු, නොතිබිච්ච සහරාන්ලගේ ත්‍රස්තවාදයකට පන දීපු, බුද්ධි අංශ වාර්තා එකපිට එකපිට වගේ වගක් නැතුව ඔහේ හිටපු, මේ නිකම් පුස්සන්ගේ ආණ්ඩුවක් කරලා පුස්සන්ගේ ආණ්ඩුවේ හිටපු පෙන්දෝ අද ඇවිල්ලා කතා කරනවා ආයේ අර වචන ටික පවුල් පාලනය. ඔය කුණුහරුප වචන ටික අහලා රැවටිලා ආයේ අම්මා මුතත්තා කිව්වාත් ඔය කුණුහරුප වචන ටික රැටෙන්නේ නෑ කියන අධිෂ්ඨානය ඇතුව තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරේ. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හදලා දුන්නේ. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධනයේ වෙනස්කම් සිදු කළ හැකි බවය. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, 17 වන සංශෝධනය හා 19 වැනි සංශෝධන හැන්සාඩ් වාර්තා අරන් බැලුවොත් පෙනි යන කරනාව තමයි කරක සභා අවස්ථාවේදී තමයි ඇත්තෙන්ම පනත් කෙටුම්පත බරපතල ලෙස වෙනස් වෙමින් අවසාන ස්වරූප වෙනස් වුනේ කමිටු අවස්ථාවේ. ගැසට් මගින් ප්‍රකාශ කරපු එක නෙවෙයි සම්මත වුනේ ඉතින් 150 සදාගැනීම සඳහා 150 හේ කැමැත්ත ලැබෙන අකාරයට ඒ ලේඛනයට වෙනස්කම් කරන්න ඕනේ වුනොත් කරන්න ඕනේ. ආණ්ඩුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතු ලේඛනයක් අර සමාන්‍ය වගේ ගැසට් කරපු දේම සම්මත වෙන්නේ නෑ. මාධ්‍යවේදී, විසිවන සංශෝධනය ජනාධිපතිතුමාගෙයි අලි සබ්රි ඇමතිතුමාගෙයි වැඩක් විතරයි මේ ගැන ගැසට් කරනකම් මොකුත් දන්නේ නෑ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියලා එහෙම කතාවක් යනවා. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, ඒ කතානේ කට කතාවලට නොරැවටෙන්න කියලා ඒ දවස්වල අපි දැන්වීම් දැම්මා. මාධ්‍යවේදී, මොනයම් හේතුවකට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙකට කැමැත්ත දෙන පිරිස් සම්බන්ධ කරගැනීමේ සුදානමක් තියෙනවා ද? සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, 20 වන සංශෝධනය සම්මත කරගැනීම සඳහා පිල් මාරු කිරීම අවශ්‍යතාවක් නෑ. 20 හොඳයි කියලා හිතන ඕනෑම මන්ත්‍රීකෙනෙකුට විපක්ෂයේ සිට එයට සහාය දීමේ බාධාවක් නෑ. https://www.facebook.com/NewsfirstSL/videos/324953962107704/
2020-09-10T09:46:54.000Z
නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගමට දැනුම්දීමට පියවර
තෙල් නැවේ සමාගමට දැනුම්දීමක්
COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගන්නැයි අදාළ සමාගම වෙත දැනුම් දීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති නීතිඥ දර්ශනී ලහන්දපුර මහත්මිය සඳහන් කළේ, මෙරට වෙරළ තීරයට හානී වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව එම ක්‍රියාමාර්ග ගන්නා බවය. මේ අතර ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදු කලාපයෙන් ලබා ගත් ජල හා තෙල් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. දර්ශනී ලහන්දපුර මහත්මිය පැවසුවේ, අදාළ ජල සාම්පල සහ තෙල් සාම්පල පිළිබඳ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබා දෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවය. එම වාර්තාව සහ සෙසු ආයතන මගින් ලබා ගන්නා වාර්තාවලින් සමන්විත සම්පුර්ණ වාර්තාවක් ලබන සඳුදා නීතිපතිවරයා වෙත ලබා දීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය. මේ අතර, ගිනි ගැනීමට ලක් වූ MT NEW DIAMOND නෞකාවට ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශිය විශේෂඥයින් 17 දෙනෙකු අද පෙරවරුවේ ඇතුළු විය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, එම කටයුතු අධීක්ෂණයට නාවික හමුදාවේ සෙවීම් අංශයේ සාමාජිකයින් 4 දෙනෙකු ද නෞකාවට ඇතුළු වූ බවයි. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට දිවයිනේ සිට නාවික සැතැපුම් 50 එපිට මුහුදු සීමාවක රඳවාගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2020-09-10T07:25:43.000Z
වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ - අගමැති
"වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ"
COLOMBO (News 1st) - වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය. අග්‍රාමාත්‍යවරයා පුවත්පතට මේ අදහස් පළකර තිබුනේ, වසර දෙකකින් ධුරය අත්හැරීමේ සූදානමක් ගැන පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.
2020-09-10T21:50:40.000Z
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන වේලාව සංශෝධනය කෙරේ
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන වේලාව සංශෝධනය කෙරේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලසීමාවේ වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ප්‍රකාශ කළේ, මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ලබන 22 වන දා සිට පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් වේ. පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පවත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.
2020-09-10T07:04:18.000Z
ලෙබනනයේ බේරුට් වරායේ යළිත් ගින්නක්
ලෙබනනයේ බේරුට් වරායේ යළිත් ගින්නක්
News 1st - මීට මාසයකට පෙර දැවැන්ත පිපිරීමකට ලක් වූ ලෙබනනයේ බේරුට් වරායේ යළිත් විශාල ගින්නක් හට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ගින්නට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණය වී නොමැති බවයි. පසුගිය මාසයේ බේරුට් වරායේ සිදු වූ පිපිරීමෙන් වරාය අවට ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ විය. එලෙස විනාශ වී තිබූ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇතැයි සඳහන් වේ. ලෙබනන හමුදාව සඳහන් කළේ, වරායේ තීරුබදු රහිත කලාපයේ තෙල් සහ ටයර් ගබඩා කර ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවය.
2020-09-10T06:22:18.000Z
කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 12 ක ජල කප්පාදුවක්...
කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - අනිද්දා (12) රාත්‍රී 10.00 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටවුවන බවය. ඒ අනුව කොළඹ 10,11,12,13,14 හා 15 යන ප්‍රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කළේ ය.
2020-09-10T05:59:04.000Z
විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලංකිකයින් 664ක් අද දිවයිනට
පිටරට සිටි ශ්‍රී ලාංකිකයින් 664ක් අද දිවයිනට
Colombo(News 1st) - කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 664 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ කටාර් සිට 81 දෙනෙකු හා ඩුබායි සිට 290 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි. එසේම සෞදි අරාබියේ සිට ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනයට යොමු කිරීමට නියමිතය.
2020-09-10T04:39:40.000Z
නායයාමේ අවදානමක් නිසා බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවතට
නායයාමේ අවදානමක්: පවුල් 20ක් ඉවතට
COLOMBO (News 1st) - නායයාමේ අවදානමක් හේතුවෙන් බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවත් කර තිබේ. පොලීසිය පැවසුවේ ඒ අතර පුද්ගලයින් 50 දෙනෙකු වන බවයි. ඔවුන් තාවකාලිකව කොස්ගුලන, ගංගාරාම විහාරස්ථානයේ රඳවා ඇතැයි පොලීසිය පවසයි.
2020-09-10T04:14:08.000Z
මාධ්‍යවේදී සැකී ජැබාර්ගේ සිරුර ඔහුගේ නිවසේදී සොයා ගනී.
මාධ්‍යවේදී සැකී ජැබාර්ගේ සිරුර සොයා ගනී.
COLOMBO ( News 1st ) : අයිලන්ඩ් පුවත්පතෙහි මාධ්‍යවේදී සැකී ජැබාර් මහතාගේ සිරුර පැලවත්තේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයා ගැනුණි. මාධ්‍යවේදී සැකී ජැබාර් මහතා පැලවත්තේ පිහිටි සිය නිවසේ තනිව වාසය කර ඇතැයි සඳහන් වේ. ඔහු සතියකට අධික කාලයක් සේවයට වාර්තා කර නොමැත. පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ, වසා දමා තිබූ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිරුර හමුවූ බවයි. මාධ්‍යවේදී සැකී ජැබාර් මහතා දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2020-09-10T00:42:56.000Z
ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට පියවර
ඛනිජ තෙල්, ගෑස් ගවේෂණය යළිත්
COLOMBO (News 1st) - ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ දැනුම් දුන්නේය.
2020-09-09T23:29:38.000Z
මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය
මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
2020-09-09T23:01:45.000Z
චීන - ඉන්දියා දේශ සීමා ගැටලුව උග්‍රවන ලකුණු..
චීන - ඉන්දියා දේශ සීමා ගැටලුව උග්‍රවන ලකුණු..
COLOMBO (News 1st) - හිමාල දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර පවතින වත්මන් නොසන්සුන් තත්ත්වය ඕනෑම දිශාවකට යොමුවීමේ අවදානමක් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය මෙම අනාවරණය කළේ, දෙරට අතර ගැටුම් සහගත තත්ත්වයක් හටගැනීමේ අවදානම බැහැරකළ නොහැකි බවට ඉඟි පල කරමින් ය. කෙසේ වෙතත් ඉන්දියාව සහ චීනය අතර සාකච්ජා තවදුරටත් ක්‍රියාත්මක ය. ඉකුත් දින කිහිපය තුළ චීන සෙබළුන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළ අතර , හෙල්ල අතින් ගත් චීන සෙබළුන් 20 දෙනෙකු පමණ ඉන්දීය සෙබළුන් මුක්පරි ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ප්‍රයත්න දැරුවේ ය. ඉන්දියාව සහ චීනය අතර සබඳතා මෙලෙස පළුදු වීමට මුල්වූයේ දෙරටේ සෙබළුන් අතර ලඩක් පළාතේ දී හටගත් ගැටුම්වලින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමයි. හිමාල දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර පවතින නොසන්සුන් තත්ත්වය ඕනෑම දිශාවකට යොමුවීමේ අවධානමක්
2020-09-09T22:26:44.000Z
ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද පුත්තලම, වව්නියාව සහ මාතරදී
ගම්මැද්ද ගෙයින් ගෙට අද 13වැනි දිනටත්
COLOMBO (News 1st) - ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ අද 13 වැනි දිනටත් ක්‍රියාත්මකයි. මෙවර පස්වැනි වරටත් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්වයි. ගම්මැද්ද කණ්ඩායම් අද පුත්තලම, වව්නියාව,සහ මාතර යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතය.
2020-09-09T22:05:45.000Z
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දැරණියගලින්
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දැරණියගලින්
COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එහි අගය මිලිමීටර් 77.5 කි හංවැල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 75 ක වර්ෂාපතනයක් ද, ඇහැලියගොඩින් මිලිමීටර් 68 ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2020-09-09T22:03:28.000Z
කැපුම් තුවාල සහිත මළ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම අසලින්
පාර්ලිමේන්තු වටරවුම අසල මළ සිරුරක්
COLOMBO (News 1st) - කැපුම් තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන ඇති බවයි. 74 හැවිරිදි ඔහු හෝකන්දර, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා පසුගිය 07 වැනිදා සිට අතුරුදන්ව සිටි බවට ඔහුගේ පුත්‍රයා තලංගම පොලීසියට පැමිණිලි කර තිබූ බව ද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
2020-09-09T21:34:18.000Z
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 7ක්
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 7ක්
COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ දිනය තුළ දී වාර්තා වී තිබේ. එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණේ නිරෝධායනයට ලක්කර සිටින සෞදි අරාබියේ සිට පැමිණි 5 දෙනෙකු, ඉන්දියානු ජාතික ආරක්ෂක නාවිකයෙකු හා එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. ඒ අනුව, මෙරට තුළ තහවුරු කරන ලද සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3147 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් සංඛ්‍යාව 180 කි. රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 2949 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2020-09-09T20:56:05.000Z
නිව් ඩයමන්ඩ් නැවේ පිරුණු වතුර ඉවත් කිරීම ගැන සොයන්න සිංගප්පූරු නිලධාරීන් පිරිසක්
නිව් ඩයමන්ඩ් නැවට සිංගප්පූරු නිලධාරීන් පිරිසක්
COLOMBO (News 1st) - MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ පිරී තිබෙන ජලය ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ සිට ටග් යාත්‍රාවක් අද නිලධාරීන් කණ්ඩායමක් සමග පැමිණෙන බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ එම නෞකාවේ එංජින් කාමරයේ සහ පොම්පාගාරයේ පිරී ඇති ජලය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව පැමිණෙන නිලධාරී කණ්ඩායම විසින් සොයා බලන බවයි. නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ඉසින ලද ජලය නෞකාවේ පිරී තිබේ. මේ අතර ත්‍රීකුණාමළයේ සිට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් වේග ප්‍රහාරක යාත්‍රාවකින් ඊයේ පස්වරුවේ නෞකාව ආසන්නයට ගිය බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, එම කණ්ඩායමට ගිනි නීවීම් හා අලාභ තක්සේරු නිලධාරීන් කණ්ඩායමක් ද ඇතුළත් බවයි. ඔවුන් ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග එක්ව අද දිනයේ නෞකාවට ගොඩවීමට නියමිතය. නෞකාවේ තෙල් කාන්දුව සිදුවන ස්ථානය සොයාබැලීම සහ සම්පූර්ණයෙන් නෞකාවේ පතුල පරික්ෂා කිරීම නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් සිදු කරනු ලැබ ඇත. මේ අතර ගිනි ගැනීමට ලක්වූ MT NEW DIAMOND නෞකාවට ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශීය විශේෂඥයින් තිදෙනෙකු ඊයේ ඇතුළු විය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ නෞකාව තවදුරටත් ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන ගිය බවයි. ඒ අනුව ,නෞකාව මේ වනවිට දිවයිනේ සිට නාවික සැතැපුම් 40 ත් 41 අතර මුහුදු සීමාවක රඳවාගෙන සිටියි.
2020-09-09T20:32:48.000Z
පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට
පාතාල කල්ලි සාමාජිකයෙකු අලුත්කඩේදී කොටු
COLOMBO (News 1st) - පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අලුත්කඩේ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහු දෙමටගොඩ චමින්දගේ සහයකයෙකු වන බව ද පොලීසිය සඳහන් කළේය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.
2020-09-09T19:38:22.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ලුමුම්බා ඇතුළු රුසියානු සරසවි 3ක් මෙරට වෛද්‍ය සභාව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවතට : ලෝක ප්‍රකට පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියානු විශ්වවිද්‍යාල 3 ක් පිලිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙරට වෛද්‍ය සභාව තීරණයක් ගෙන තිබේ. 2. නිව් ඩයමන්ඩ් ගින්න නිවයි: විශේෂඥයින් නැවට, බේරාගත් නැවියෙක් සිය අත්දැකීම පළමු වරට හෙළි කරයි : නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමෙන් පසුව ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශීය විශේෂඥයින් තිදෙනෙකු ඊයේ පෙරවරුවේ නැවට ඇතුළුවී තිබේ. 3. අනෝරා වැස්සෙත් ගම වටේ දුවමින් වතුර එකතු කරන රනෝරාවේ මිනිස්සු... : බොන්නට පිරිසිදු වතුර බිඳුවක් නැති, ජීවත්වන බිම්කඩේ අයිතියක් නැති, කරන ගොවිතැන සතුන්ටයි අතරමැදියන්ටයි දීලා අත පිහදාගන්න වෙච්ච මිනිස්සු බොහෝ පිරිසක් අපේ රටේ සිටි. 4. මුහුද මැදදී පෙරළුණු බෝට්ටුවේ පැය 4 ක් එල්ලී දිවි බේරාගත් ධීවරයින් :කළුතර උතුර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු ඊයේ උදෑසන නැවත පැමිණීමේදී ගොඩබිමට කිලෝමීටර් 2 ක පමණ දුරකදී යාත්‍රාව පෙරළී අනතුරකට ලක් විය. විදෙස් පුවත් 5. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙයි : අමෙරිකාවේ මධ්‍ය බටහිර සහ ඊසානදිග ප්‍රදේශවල පිහිටි ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී තිබේ.
2020-09-09T11:28:55.000Z
අනෝරා වැස්සෙත් ගම වටේ දුවමින් වතුර එකතු කරන රනෝරාවේ මිනිස්සු...
වැස්සෙත් ගම වටේ දුවමින් වතුර එකතු කරන මිනිස්සු...
COLOMBO (News 1st) - බොන්නට පිරිසිදු වතුර බිඳුවක් නැති, ජීවත්වන බිම්කඩේ අයිතියක් නැති, කරන ගොවිතැන සතුන්ටයි අතරමැදියන්ටයි දීලා අත පිහදාගන්න වෙච්ච මිනිස්සු බොහෝ පිරිසක් අපේ රටේ සිටි. හැබැයි ඔවුන්ගේ එම ගැටලුවලට විසඳුම් දෙන්න තියා එවා අසන්නවත් ඇතැම් විට කෙනෙකු නැත. ඒ වෙනුවෙන්මයි ගම්මැද්ද ගෙයින් ගෙට මහජන සේවා ක්‍රියාන්විතය 5 වන වරටත් දියත්කොට තිබෙන්නේ. මේ අප සොයා ගිය එවැනි මිනිසුන් පිරිසගේ කතාවක්.. නොච්චියගම, රනෝරාවේ මිනිස්සු අනෝරා වැස්සෙත් ගම වටේ දුව ඇවිදිමින් වතුර එකතු කරති. ඒ නිසා වැහි දවස්වලට මුළු ගමටම හෙම්බිරිස්සාව මේ ගම පුරා ළිං තිබුනට ඒ ළිංවල වතුරේ ලවණ. මීට අවුරුදු දහයකට කළින් ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක විය. එම යෝජනා ක්‍රමය රනෝරා ගම දැක දැක නතර විණි. එය ක්‍රියාත්මක කර දෙන ලෙස ගම්මු ඉල්ලා සිටි. මන්නාරම මඩු තේක්කම් ගම්මානයේ වැඩිහරියක් ඉන්නෙ වකුගඩු රෝගීන්. ගමටම තියෙන්නෙ එක නළ ළිඳක්. පෙම් වතුරවල කැල්සියම් ප්‍රතිශතය වැඩියි. සමහර දවස්වලට එන්නේ මලකඩ වතුර. හැමදාම සල්ලිවලට වතුර ගන්න සිද්ධ වෙලා. පිපාසය ඉවසං හිටියත් අලි තර්ජනය තවදුරටත් ඉවසන්න බැරි තරමට උඩු දුවලා. අද අපි හබරාදුව අන්නාසි කන්ද ගමට ගියේ වයසක මේරි නෝනාගේ කඳුළු දකින්න හිතාගෙන නෙවෙයි. ඒ වුණාට මේරි නෝනා බලන් හිටියේ කා එක්ක හරි දුක කියලා අඬන්න. මෙතෙක් කල් ඇය කියූ දේ කවුරුත් ඇහුවේ නෑ. ඒ වුණාට අපි අහන් හිටියා. ගමේ නම අක්මීමන ජනබල ගම්මානය ජනබල උනාට ගම්මුන්ගේ ජීවිත දුබලයි. අඩුම ගානේ පාසලට යන්න වත් හරි හරිහමන් පාලමක් නැත. ගම හරහා ගලන මාදොල පිරුණු දාට ළමයි ඉස්කෝලේ යන්නේ පීනලා. https://www.facebook.com/NewsfirstSL/videos/341944040265537/
2020-09-09T10:22:44.000Z
ලුමුම්බා ඇතුළු රුසියානු සරසවි 3ක් මෙරට වෛද්‍ය සභාව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවතට
රුසියානු සරසවි 3ක් මෙරට පිළිගත් ලැයිස්තුවෙන් ඉවතට
COLOMBO (News 1st) - ලෝක ප්‍රකට පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියානු විශ්වවිද්‍යාල 3 ක් පිලිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙරට වෛද්‍ය සභාව තීරණයක් ගෙන තිබේ. වෛද්‍ය සභාව පවසන පරිදි මේ තීරණය ගෙන ඇත්තේ පුළුල් අධ්‍යයනයකින් පසුවය. සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ පැට්‍රිස් ලුමුම්බා නමින් හැඳින්වූ විශ්වවිද්‍යාලය මේ වනවිට හඳුන්වන්නේ රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ලෙසයි. මෙම විශ්වවිද්‍යාලයට අමතරව පිරෝගෝ රුසියානු ජාතික වෛද්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලය හා ට්වීර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ද පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙරට වෛද්‍ය සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් ජුනි 26 වැනි දා පැවැති එහි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. වාර්ෂිකව රුසියානු ආණ්ඩුව ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව 40 ක් පමණ ප්‍රදානය කරන අතර ඉන් 5 ක් පිරිනැමෙන්නේ රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලදී වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහාය. ඒ සඳහා අනුමත විශ්වවිද්‍යාල තුන, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අදාළ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන්නේ, පිරිනමන ශිෂ්‍යත්ව අදාළ විශ්වවිද්‍යාලවලින් තහවුරු කර තිබියදීයි. මේ පිළිබඳව නිවස්ෆස්ට් කළ විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා පැවසුවේ, විශේෂඥ මණ්ඩලයක් විසින් වසර පහකට වරක් සිදු කරන සමාලෝචනයෙන් අනතුරුව, විදේශ විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි. ප්‍රශ්නගත විශ්වවිද්‍යාල තුන අදාළ ලැයිස්තුවෙන් ඉවත් කළ ද එම තීරණය ගැනීමට පෙර උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සහ දැනටත් අධ්‍යාපනය ලබන කිසිදු සිසුවෙකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය. ලේඛකාධිකාරීවරයා අවධාරණය කළේ, අදාළ තීරණය ගැනීමෙන් පසුව ප්‍රශ්නගත විශ්වවිද්‍යාල තුනෙන් ශිෂ්‍යත්ව ලබාගත් කිසිවෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනත අනුව විභාගයට පෙනී සිටීමට අවකාශ ලබා නොදෙන බවයි.
2020-09-09T09:57:16.000Z
නිව් ඩයමන්ඩ් ගින්න නිවයි: විශේෂඥයින් නැවට, බේරාගත් නැවියෙක් සිය අත්දැකීම පළමු වරට හෙළි කරයි
නිව් ඩයමන්ඩ් ගින්න නිවයි: විශේෂඥයින් නැවට
COLOMBO (News 1st) - නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමෙන් පසුව ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශීය විශේෂඥයින් තිදෙනෙකු අද පෙරවරුවේ නැවට ඇතුළුවී තිබේ. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, නැව තවදුරටත් ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන ගිය බවයි. එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට දිවි බේරාගත් ඉංජිනේරුවා සිය අත්දැකීම හෙළි කළේ, කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මෙලෙස ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ඇත්තේ දිවයිනට නාවික සැතැපුම් 40 ත් 41 අතර දුරකිනි. එහි ගින්න පාලනය කර අද අලුයම 1.00 ට පමණ ජලය ඉසීමද නතර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ය. නැවට පිටුපසින් මුහුදු ප්‍රදේශයේ විසරී ඇති ඉන්ධන පැල්ලමක් අද උදෑසනත් ගුවන් හමුදාව නිරීක්ෂණය කර තිබුණි. ඉන් පරිසරයට හානියක් නොවීම සඳහා ඊයේ සිට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ යානයකින් රසායන ද්‍රව්‍ය ඉසීමට පියවර ගෙන තිබේ. මෙම ඉන්දීය ගුවන් යානය මෙහෙයුම සිදු කරන්නේ හම්බන්තොට ගුවන්තොටුපොළේ සිටය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස නීතිපතිවරයා එම අධිකාරියට අද උපදෙස් දී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/3243450999104652/
2020-09-09T09:20:04.000Z
මුහුද මැදදී පෙරළුණු බෝට්ටුවේ පැය 4 ක් එල්ලී දිවි බේරාගත් ධීවරයින්
බෝට්ටුවේ පැය 4ක් එල්ලී දිවි බේරාගත් ධීවරයින්
COLOMBO (News 1st) - කළුතර උතුර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අද උදෑසන නැවත පැමිණීමේදී ගොඩබිමට කිලෝමීටර් 2 ක පමණ දුරකදී යාත්‍රාව පෙරළී අනතුරකට ලක් විය. ඒ, එම ප්‍රදේශයට අද උදෑසන පැවති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙනි. යාත්‍රාව පෙරළීමෙන් අනතුරුව එහි සිටි ධීවරයින් දෙදෙනා යාත්‍රාවේ එල්ලි සිට ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය. උදෑසන 7.00 පමණ වනවිට යාත්‍රාව පෙරළුණු ස්ථානයට ආසන්නතම වෙරළ තීරයට ප්‍රදේශවාසීන් එක් වූ අතර එහි පැමිණි පොලීසිය වෙනත් යාත්‍රාවක් යවා අදාළ ධීවරයින් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කළේ ය. නමුත් සෙසු ධීවරයින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ, පවතින කාලගුණ තත්ත්වය මත ඔවුන්ට යාත්‍රා කිරීමේ නොහැකියව පෙන්වා දෙමිනි. අප වාර්තාකරු පැවසුවේ, පැය 4 කට ආසන්න කාලයක් අනතුරට ලක් වූ ධීවරයින් දෙදෙනාට පෙරළුණු බෝට්ටුවේ එල්ලී සිටීමට සිදු වූ බවයි. අනතුරුව පොලීසියෙන් කළ දැනුම්දීමක් මත නාවික හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණ විනාඩි 10 කට ආසන්න කාලයක් තුළ ඔවුන් දෙදෙනා මුදවා ගත්තේ ය. මෙම සිදුවීමට මුහුණදී තිබුණේ අවුරුදු 55 ත් 45 ත් යන වයසේ පසුවන කළුතර උතුර හා වස්කඩුව යන ප්‍රදේශවල පදිංචි ධීවරයින් දෙදෙනෙකි.
2020-09-09T08:24:01.000Z
රැයක් වැස්සොත් වතුරෙන් යටවෙන කොළඹ
රැයක් වැස්සොත් වතුරෙන් යටවෙන කොළඹ
COLOMBO (News 1st) - අද උදෑසන 8.30 ට අවසන් වූ අවසන් පැය 24 කොළඹට ලැබුණු වර්ෂාව මිලිමීටර් 150 කි. උදේ 8.30 න් අවසන්වූ පැය 24 ක් කාලය තුළ කොළඹට මිලිමීටර් 150 ක්, කොළඹ කොටුවට හා රත්මලානට මිලිමීටර් 141 බැගින් වැසි ලැබී තිබුණි. වැල්ලම්පිටිය, වෙන්නවත්ත, තුන්වන පටුමගේ පිහිටි මේ නිවස සමග තව ත් නිවාස 100 ක් පමණ අද උදෑසන වනවිට ජලයෙන් යටවී තිබුණි. අංගොඩ, ගොතටුව මෙන්ම දෙමටගොඩ යන ප්‍රදේශවල තත්ත්වයත් ඊට දෙවෙනි වූයේ නැත. දෙමටගොඩ, වේළුවන විද්‍යාලයේ දරුවන් අද ආපසු හරවා යැවීමට සිදු විය. බොරැල්ල, වනාතමුල්ල හල්ගහ කුඹුර ප්‍රදේශයේද නිවාස ගනණාවක් ජලයෙන් යටවීම නිසා ඒවායේ පදිංචිකරුවන් වනාතමුල්ල ප්‍රජාශාලාවට රැස්වී සිටියහ. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල හා අවට මාර්ග ගස් කඩා වැටීම හා ජලය එක්රැස්වීම නිසා අවහිරවී තිබුණි. ග්‍රෑන්ඩ්පාස් , ආමර්වීදිය ඇතුළු කොළඹට ඇතුළුවන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා උදෑසන දැඩි රථවාහන තදබදයක් ද ඇති විය. කොළඔ - කඩුවෙල පරණ මාර්ගය ද ජලයෙන් යට විය. වැසි සහිත කාලගුණය හේතුවෙන් තුම්මුල්ල හා කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග තදබදයක් පැවතිණි. දෙහිවල නගර අසළ ප්‍රදේශවලත් පැවතියේ එවැනිම තත්ත්වයකි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 5507 ක් බලපෑමට ලක්ව තිබේ. එලෙස බලපෑමට ලක්ව ඇත්තේ, තිඹිරිගස්යාය, කොළොන්නාව, ජයවර්ධනපුර, මොරටුව, කොළඹ , කඩුවෙල, සීතාවක සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 5507 කි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කළේ, ජයවර්ධන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 285 ක් ආරක්ෂිත ස්ථාන 2 ක රඳවා ඇති බවය. එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් මේ වනවිට සලසා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. අධික වැසි හේතුවෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 137 කට අර්ධ හානි සිදුව ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මේ වනවිට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. වරාය නගර ව්‍යාපෘතිය, නව කැලණි පාලම හා වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය, පෑලියගොඩ බහුකාර්යය වෙළෙඳ සංකීර්ණය එවැනි ව්‍යාපෘති කිහිපයකි. මීට අමතරව කොළඹ ජල ගැලීම් පාලනය කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර නව මුතුවැල්ල හා තුංමුල්ල, බම්බලපිටිය ආශ්‍රිත භූගත ජලඅපවහන පද්ධතියද මේ වනවිට ඉදිවෙමින් පවති. මාර්ග කිහිපයක ද අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතරවාරයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවුනේ ජලය බැසයන මාර්ග බොහෝමයක් අවහිරවීම නිසාය. මීට පෙර අවස්ථා ගණනාවකදී කොළඹ නගරයේ වැසි ජලය හා ගංවතුර පාලනයට යැයි කියමින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක විණි. එසේ තිබියදී තවමත් නගරය හා අවට ප්‍රදේශ පැය කිහිපයක වර්ෂාවකින් ජලයෙන් යට වනු ඇත.
2020-09-09T07:34:39.000Z
එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ජැසින්ටා ගලබඩආරච්චි
ජැසින්ටා ගලබඩආරච්චිගෙන් ලක් මවට ආඩම්බරයක්
COLOMBO (News 1st) - එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ලෙස ජැසින්ටා ගලබඩආරච්චි ඉතිහාසයට එක් විය. 19 හැවිරිදි ඇය මේ වනවිට ක්‍රීඩා කරන්නේ, වෙස්ට් හැම් කාන්තා පාපන්දු කණ්ඩායමටයි. ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති ජැසින්ටා පාපන්දු ක්‍රීඩාවට යොමු වුයේ සිය සහෝදරයා පාපන්දු ක්‍රීඩා කරන අයුරු දැකීමෙනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 5 කි. වයස අවුරුදු 9 දී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය ඇයට එම කණ්ඩායමට එක්වන ලෙස ආරාධනා කළ අතර ඇය මැන්චෙස්ටර් සිටි කාන්තා කණ්ඩායම සමග සති අටක පුහුණුවකට ද සහභාගි විය. වයස අවුරුදු 17 න් පහළ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද නියෝජනය කර ඇති ජැසින්ටා, මෙල්බර්න් සිටි කණ්ඩායමත්, පර්ත් ග්ලෝරි කණ්ඩායමත් නියෝජනය කර තිබේ.
2020-09-09T07:16:46.000Z
මහ වැස්සෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 කට බලපෑම්
මහ වැස්සෙන් කොළඹට බලපෑම්
COLOMBO ( News 1st ) : අධික වැසි සමග කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 5507 ක් බලපෑමට ලක්ව තිබේ. එලෙස බලපෑමට ලක්ව ඇත්තේ, තිඹිරිගස්යාය, කොළොන්නාව, ජයවර්ධනපුර, මොරටුව, කොළඹ, කඩුවෙල, සීතාවක සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 5507කි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කළේ, ජයවර්ධන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 285 ක් ආරක්ෂිත ස්ථාන 2 ක රඳවා ඇති බවය. එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් මේ වනවිට සලසා ඇති බව ද ඔහු පැවසීය. අධික වැසි හේතුවෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 137 කට අර්ධ හානි සිදුව ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.
2020-09-09T06:15:34.000Z
අටලුගමදී පොලීසියට පහරදුන් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට
අටලුගමදී පොලීසියට පහරදුන් සිව්දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරුණු 4 දෙනෙකු බණ්ඩාරගම, අටලුගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු ද වන බවයි. බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් මත වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට සිය රාජකාරීවලට බාධා කරමින්, කාන්තාවන් 04 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. එම අවස්ථාවේ සැකකරුවන් ඇතුළු පිරිස එල්ල කළ ප්‍රහාරයකින් උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.
2020-09-09T05:54:20.000Z
ආනවිලුන්දාව රක්ෂිතයට වූ හානිය අධ්‍යනයට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
ආනවිලුන්දාව රක්ෂිතය: කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - ආනවිලුන්දාව රක්ෂිතයට වී ඇති හානිය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ. ඒ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක විසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2068126176654263/
2020-09-09T04:10:51.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය ගැන රවුෆ් හකීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
හකීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
COLOMBO) (News 1st) - එන්.ටී.ජේ. නායක සහරාන් හෂීම් අන්තවාදී මතවාද අනුගමනය කරමින් සිටින බවට, තමාට මුලින්ම තොරතුරු ලැබුණේ, 2019 පෙබරවාරි මාසයේදී බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ(08) සඳහන් කළේය. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය. එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින්,සහරාන් අන්තවාදය දේශනා කරමින් සිටින වීඩියෝවක් තමා වෙත එවා තිබූ බවත් එය අන්තර්ජාලයෙන් ලබා ගත් එකක් බවත් රවුෆ් හකීම් මහතා සාක්ෂි දෙමින් පැවසුවේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය රටට අතිශයින්ම භයානක බවක් පෙනෙන්නට ඇති බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා සිටි බවයි. තමා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ බවත්, සහරාන් සහ ඔහුගේ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 50 ක් යොදවා ඇතැයි එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කියා සිටි බවත් රවුෆ් හකීම් මහතා පැවසුවේ ය. බාහිර බලවේගයක් සහරාන්ට සහ ඔහුගේ කණ්ඩායමට ආධාර කර ඇති අතර ප්‍රහාරකයින් විසින් භාවිත කරන ලද සිම් කාඩ්පත් කිහිපයක් අයත් වන්නේ නේපාලය, කිර්ගිස්ථානය සහ කසක්ස්ථානය වැනි රටවලට බව ද ඔහු පැවසූ තවත් කරුණකි. බලධාරීන්ගේ අවධානයට ලක් නොවී මෙම සිම් කාඩ්පත් ලබා ගැනීම සඳහා ප්‍රබල පිටුබලයක් තිබිය යුතු බව ද රවුෆ් හකීම් මහතා සඳහන් කළේය. ප්‍රහාර පිටුපස බාහිර බලවේගයක් තිබේදැයි කාදිනල්තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා විමසූ අතර, අනිවාර්යයෙන්ම බාහිර බලවේගයක් ඇති බවත්, මෙලෙස සංවිධානාත්මකව සමූල ඝාතනයක් කිරීම අභ්‍යන්තර සහයෝගයකින් පමණක් කළ නොහැකි බවත් හකීම් මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ බාහිර බලවේගය කුමක්ද යන්න නිවැරදිව පෙන්වා දිය නොහැකි අතර එය සොයා ගැනීම බුද්ධි සේවයේ යුතුකම බවයි. සහරාන් ISIS ත්‍රස්ත කණ්ඩායම සමග සෘජව සම්බන්ධ නැති බවට තමා කලින් කළ ප්‍රකාශය සිහිපත් කරමින් සාක්ෂි දුන් රවුෆ් හකීම් මහතා, වැඩුදුරටත් පැවසුවේ, ප්‍රහාරයෙන් පසු එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා,මෙම ප්‍රහාරය ISIS ත්‍රස්ත කණ්ඩායම විසින් සිදු නොකළ බවට විශ්වාසය යැයි වක්‍රව ප්‍රකාශ කළ බවයි.
2020-09-09T05:20:39.000Z
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින්ට සති දෙකක අනිවාර්ය නිරෝධායනයක්
විදේශ නියෝජිතයින්ට සති දෙකක අනිවාර්ය නිරෝධායනයක්
COLOMBO ( News 1st ) : විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, අදාළ නියෝජිතයින් මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද PCR පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය බවයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීම වැදගත් බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
2020-09-09T03:54:29.000Z
වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 369 කින් ඉහළට
බඳවා ගන්නා වෛද්‍ය පීඨ සිසුන් ගණන වැඩි කෙරේ
COLOMBO (News 1st) - රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 369 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ඒ සඳහා ඉඩකඩ වෙන්කරන බවයි. මීට අමතරව, ඉංජිනේරු, විද්‍යා, සම සෞඛ්‍ය, කෘෂිකර්ම, කලා, පරිගණක තාක්ෂණ ඇතුළු පීඨ වෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද, ඉහළ දැමීමට නියමිතව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, පීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරිමට අපේක්ෂා කරන බවයි. එම කටයුතු මේ වනවිට අධ්‍යනය කරමින් ඇතැයි ද, ඔහු පැවසුවේය. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසර තුළ සරසවි පිවිසුම සඳහා තවත් සිසුන් 20,000කට අධික සංඛ්‍යාවකට ඉඩ සැලසීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවයි.
2020-09-09T01:49:27.000Z
ත්‍රිපුද්ගල ගලවා ගැනීමේ කණ්ඩායමක් New Diamond නෞකාවට
ගලවා ගැනීමේ කණ්ඩායමක් New Diamond වෙත
COLOMBO (News 1st) - විශේෂඥයෙකුගෙන් සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායමක් ගිනි ගැනීමට ලක්වූ MT NEW DIAMOND නෞකාවට ඇතුළු වී තිබේ. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ නෞකාව තවදුරටත් ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන යමින් ඇති බවයි. ඒ අනුව, නෞකාව මේ වන විට පවතින්නේ, නාවික සැතපුම් 41 දුරිනි.
2020-09-09T01:41:28.000Z
ගාල්ලේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගාල්ලේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගාල්ල, කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5.5ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කර තිබුණේ ඊයේ පස්වරුවේදීය. සැකකරු පානදුර, නල්ඔරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අප වාර්තාකරු පැවසුවේ සැකකරු ජීප් රථයකින් පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම වැටලීම සිදු කර ඇති බවයි. සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ බිරිඳගේ නිවසේ සඟවා තිබූ රු. ලක්ෂ 20ක මුදලක් සොයාගෙන තිබේ.
2020-09-09T01:34:53.000Z
වසර 5 කට පසු සිදුවන නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය
වසර 5 කට පසු සිදුවන නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය
COLOMBO (News 1st) - නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ දෙවන සම්මුඛ පරීක්ෂණ අද පැවැත්වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වූ අපේක්ෂිත පක්ෂ 20ක දෙවන පරීක්ෂණ අද පැවැත්වෙන බවයි. නව පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ පක්ෂ 159 ක් අතුරින් මෙම පක්ෂ 20 දෙවන පරීක්ෂණය සඳහා තෝරා ගෙන ඇති බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එම කොමිසම සඳහන් කළේ, වසර 4 ක් අඛණ්ඩ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම, පක්ෂයක් පවත්වාගෙන යාමේ ගිණුම් සහිත වීම හා සක්‍රීය දේශපාලනයේ නිරතවීම ඇතුළු නිර්නායක කිහිපයක් ඊට ඇතුළත් වන බවයි. අද පැවැත්වෙන දෙවන සම්මුඛ පරීක්ෂණයෙන් පසු කොමිෂන් සභාව සෑහිමකට පත්වූ පක්ෂ පමණක් මෙලෙස ලියාපදිංචියට තෝරා ගන්නා බව, කොමිසම සඳහන් කළේය. තෝරා ගන්නා අදාළ පක්ෂ ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය. මෙලෙස නව පක්ෂ ලියාපදිංචියක් සිදුවන්නේ, වසර 5 කට පමණ පසුව බව ද, එම කොමිසම සඳහන් කළේය. මේ අතර, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වේ. ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීය.
2020-09-09T00:49:46.000Z
යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි
යුපුන් අබේකෝන් ද.ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි
COLOMBO (News 1st) - දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය. තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් එම තරගය ජය ගත්තේ තත්පර 10 යි දශම 1 යි 6 ක කාලයක් සටහන් කරමිනි. එය මීටර් 100 ධාවන තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවකි. මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙමින් මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්. ඔහු 2016 වසරේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී තත්පර 10 යි දශම 2 යි 2 ක කාලයක් සටහන් කරමින් එම දක්ෂතාව දැක්විය. මෙවර යුපුන් අබේකෝන් දකුණු ආසියානු වාර්තාව පිහිටුවූයේ හිමාෂ ඒෂාන්ට වඩා තත්පර 0 යි 4 කට පෙර තරගය අවසන් කරමිනි. යුපුන් මෙම තරගයේ ජර්මානු ශූරයා වන ඩෙනිස් අල්මාස් පරාජය කිරීම විශේෂත්වයකි. ඩෙනිස්ට මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමි වූ අතර ඔහු සටහන් කළ කාලය තත්පර 10 යි දශම 1 යි 8කි. ජර්මනියේ මයිකල් ෆෝල් තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.
2020-09-09T00:05:02.000Z
ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණයක්
තැපැල් කාර්යාල මගින් E-waste එක් රැස් කෙරේ
COLOMBO (News 1st) - තැපැල් කාර්යාල මගින් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක් රැස් කෙරේ මෙරට ඇති ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණය කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහ මහතා සඳහන් කළේ, තැපැල්කරුවන් උපයෝගී කරගනිමින්, එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. එක්රැස් වන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විදෙස් රටවලට යවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට පියවර ගන්නා බව ද, ඔහු පැවසුවේය.
2020-09-08T23:47:59.000Z
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙනකොට මම අබ්බගාත ලෙඩෙක්; මම කුණු වලින් ජීවිතය දින්නා..
වනිතාභිමාන: මම කුණු වලින් ජීවිතය දින්නා..
COLOMBO (News 1st): වී.ජේ නිලුපුලී ඉදිකැටිය මහත්මිය ශ්‍රී ලංකාවේ ජීවත්වන සෑම කාන්තාවකටම ආදර්ශයක් විය හැකි දිරිය මවක්. කලක් අංශභාග රෝගයෙන් පීඩා විඳි ඇය මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිදුවීමත් සමග සිය ජීවිතයේ නව පරිච්ජේදයකට පිවිසෙනවා. ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරමින් ඇය විවිධ නිර්මාණ කිරීම ආරම්භ කරනු ලබන අතර දිවයින පුරා විවිධ නගරවලට යමින් එම නිර්මාණ අලෙවි කිරීම සඳහා ඇය දැඩි පරිශ්‍රමයකින් ක්‍රියා කරනවා. "මම අංශභාග රෝගියෙක්. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණ දවසේ මම හිතුවා කුණු කන්දකට මිනිස්සු මරන්න පුළුවන්නම් ඇයි මට ජීවත් වෙන්න බැරි කියලා. අවුරුදු එකහමාරක් මම ජීවත් වුණේ අතට අහුවෙන ප්ලාස්ටික්, පොලිතීන්, සිලිමලු, දැල් උරවලින් විවිධ නිර්මාණ කරලා ගාල්ල, මාතර, මීගමුව වගේ දුර ප්‍රදේශවලට අරන් ගිහින් ප්‍රදර්ශන තියලා විකුණලා. මට චූටි දුවෙක් ඉන්නවා අවුරුදු 10 යි. මම මගේ දෝණි වෙනුවෙන් තමයි මරමුවට ගිහිල්ලා.. අද ජීවත් වෙන්නේ." ඒ ඇයගේ හඬයි. මහනුවර මහ නගර සභාවේ නිලධාරියෙකු විසින් ඇයගේ දක්ෂතාවය වටහාගෙන ඇයව අත්කම් නිර්මාණ උපදේශිකාවක් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ක්‍රියා කර ඇති අතර ඇය මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් ගණනාවකට සිය හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම සදහා උපදෙස් ලබා දෙන්නීය. NDB බැංකුව සහ සිරස News 1st එක්ව ඉදිරිපත් කරන "වනිතාභිමානී" කාන්තා හැකියා සංවර්ධන වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සම්මාන ප්‍රධාන උත්සවයේ පළමු ස්ථානය මෙවර නිලුපුලී ඉදිකැටිය මහත්මියට හිමිවී තිබේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිරිය කාන්තාවන් ඇගයීම සඳහා "වනිතාභිමාන" වැඩසටහන අඛණ්ඩව දියත් කිරීමට NDB බැංකුව සහ News 1st සූදානමින් පසුවේ.
2020-09-09T00:26:02.000Z
අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙයි
අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා උත්සන්න වෙයි
(News 1st) - අමෙරිකාවේ මධ්‍ය බටහිර සහ ඊසානදිග ප්‍රදේශවල පිහිටි ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී තිබේ. ඒ, එරටින් සමස්තයක් ලෙස වාර්තාවන නව ආසාදිතයන් සහ නව කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින පසුබිමකදීය . පාසල් යළි විවෘත කිරීමත් සමග නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම සම්බන්ධයෙන් කැනඩා සෞඛ්‍ය බලධාරීන් බිය පල කළේය. අයර්ලන්තය , ප්‍රංශය ,ඊශ්‍රායාලය , නෙදර්ලන්තය , ඊජිප්තුව සහ රුසියාව ආදී රටවල් රැසක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙමින් පවතී. මේ අතර ඊජිප්තුව, කයිරෝ නුවර සහ රුසියාවේ මොස්කව් අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සැරසේ.
2020-09-08T23:09:59.000Z
පාසල් තුළ දිවා ආහාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ආපන ශාලා යළි විවෘත කිරිමට අවසර
පාසල් ආපනශාලා යළි විවෘත කිරිමට අවසර
COLOMBO (News 1st) - පාසල් තුළ දිවා ආහාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පාසල් ආපන ශාලා යළි විවෘත කිරිමට අවසර දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මේ සම්බන්ධයෙන්, පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව, නියමිත සෞඛ්‍යය ක්‍රමවේදයන්ට යටත්ව ලබන 14 වැනිදා සිට පාසල් දිවා ආහාර වැඩසටහන හා පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවසර හිමිවනු ඇත. විවේක කාලවලදී ආපන ශාලා වෙත සිසුන් විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් නියාමනය කළ යුතු බව ද, අදාළ නිවේදනයේ සඳහන් වේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි නම් පමණක්, ආපන ශාලා විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවද, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. සියලු රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරුණේ, ඊයේ සිටයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වැනිදා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුණි. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරුණේ, පසුගිය 2 වැනිදාය.
2020-09-08T21:59:05.000Z
නුවර පාරේ කලගෙඩිහේනේදී කන්ටේනරයක් පෙරළී රථවාහන ධාවනයට බාධා
කලගෙඩිහේනේදී කන්ටේනරයක් පෙරළෙයි
COLOMBO (News 1st) - නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගය හරහා කන්ටේනරයක් පෙරළී තිබේ. ඒ හේතුවෙන් රථවාහන ධාවනයට බාධා සිදුව තිබේ.
2020-09-08T21:47:45.000Z
මාදම්පේදී ගසක් කඩා වැටීමෙන් කොළඹ - හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා
කොළඹ - හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා
COLOMBO (News 1st) - කොළඹ - හලාවත මාර්ගයට මාදම්පේ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී තිබේ. ඒ, හේතුවෙන් රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇතිබව අප වාර්තාකරු සඳහන් කළේය.
2020-09-08T21:26:52.000Z
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න පාලනය කෙරේ - නාවික හමුදාව
තෙල් නැවේ ගින්න දෙවන වරටත් පාලනය කෙරේ
COLOMBO (News 1st) - MT නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න නැවතත් පාලනය කර ඇති අතර, අද අලුයම 1.00 සිට නෞකාවට ජලය ඉසීම ද නතර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය. මේ අතර ඉදිරි කටයුතු ගැන සොයා බැලීම සඳහා නාවික හමුදාවේ ආපදා කළමණාකරණ කණ්ඩායමක් අද නිව් ඩයමන්ඩ් නෞකාව පිහිටි ස්ථානයට ළඟා වීමය නියමිතය. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ගිය පරික්ෂණ කණ්ඩායම නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් ලබා ගත් ජල නියැදි ගොඩබිමට රැගෙනවිත් තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, ලබාගත් අදාළ නියැදි අද රාසායනාගාර පරීක්ෂණ වෙත බඳුන් කරන බවයි. ඉන් සාගර පරිසරයට හානියක් සිදුව තිබේදැයි, තහවුරු කරගැනීමට අපේක්ෂා කරන බව ද, ඇය පැවසුවාය. මේ අතර, නිව් ඩයමන්ඩ් නෞකාව ඊයේ තිබූ ස්ථානයට වඩා නාවික සැතපුම් 9 ක් පමණ ඈතට ඇඳගෙන යාමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි. ඒ අනුව නෞකාව මේ වන විට පවතින්නේ ගොඩබිම සිට නාවික සැතපුම් 37 ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදේදීය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයේ මුහුද රළු ස්භාවයක් ගෙන ඇති අතර, සුළගේ වේගය ද වැඩි වී ඇති බවයි.
2020-09-08T20:16:10.000Z
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක්..
තද වැසි පිළිබඳ රතු නිවේදනයක්
COLOMBO (News 1st) - තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි. කොළඹ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත වැසි මාන අනුව, එම අගය සටහන් වන්නේ, මිලිමීටර් 121 ක් ලෙසය. ගාල්ල, කහදුවට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 112 කි. ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 105 ක වර්ෂාපතයක් අදාළ කාලසීමාව තුළ ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර, ඊයේ පස්වරුවේ සිට පවතින අධික වැසි හේතුවෙන්, ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවල මාර්ග ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේය. තද වැසි සමග කොළඹ ඉඟුරුකඩේ හංදිය ,ගාමිණි වටරවුම ,තුම්මුල්ල ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් රථවාහන තදබදයක් පැවතිය හැකි බව පොලීසිය සඳහන් කළේය.
2020-09-08T19:31:54.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. New Diamond ගින්න සාර්ථක මට්ටමකට පාලනය වෙලා – නාවික හමුදාව : New Diamond නැමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යළි ඇති වූ ගින්න සාර්ථක මට්ටමකට පාලනය කිරීමට සමත් වී ඇතැයි නාවික හමුදාව පැවසුවේය. 2. විපක්ෂයේ විරෝධතා මැද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි : මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා වික්ෂයේ විරෝධය මැද පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ දිවුරුම් දුන්නේ ය. 3. නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු හන්තාන විනාශය බලන්න බලධාරීන් යයි : හන්තාන බටහිර බෑවුමේ අනවසරයෙන් හෙළිපෙහෙළි කර ඇති අක්කර අටක පමණ භූමි ප්‍රදේශය ඊයේ මහනුවර දිස්ත්‍රික්ක ලේකම් හා හන්තාන කළමනාකරණ කමිටු සභාපති තිස්ස කරුණාරත්න මහතා නිරීක්ෂණයට ලක්වුණි. 4. ගව ඝාතනය වැළැක්වීමට අගමැති ගෙන ආ යෝජනාව සම්මතයි :ගව ඝාතනය වැළැක්වීමට පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මත කර තිබේ. විදෙස් පුවත් 5. චීනයේ පෑන්ගොං විල අසලදී ඉන්දීය හමුදාවෙන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්... : ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි චීනයේ පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.