date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-09-17T10:30:24.000Z
එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යෙන් ඔස්ට්‍රේලියාවට තරග 2-1ක ජයක්
එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ඔස්ට්‍රේලියාව
News 1st - සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියෙන්, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. තුන්වැනි සහ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ කඩුලු 3 කිනි. මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් රැස් කර ගත්තේය. ඉනිමේ පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වීම විශේෂත්වයකි. ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටොව් එක්දින පිටියේ 10 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 112 ක් රැස් කළේ ය. සෑම් බිලින්ග්ස් ලකුණු 57 ක් රැස් කළ අතර ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේය. පන්දු යැවිමේදි මිචෙල් ස්ටාක් සහ ඇඩම් සම්පා කඩුලු 3 බැගින් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී තිබියදී ජය වාර්තා කිරීමට සමත් විය. ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 73 ක්දී බිඳ වැටුණේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු එංගලන්තය දෙසට යොමු කරමිනි. 6 වැනි කඩුල්ල සඳහා පිටියට එක් වූ ඇලෙක්ස් කේරී සහ ග්ලේන් මැක්ස්වෙල්ගේ ලකුණු 212 ක විශිෂ්ට සබඳතාව ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළ අතර ඔවුන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කර ගත්තේ ඉන් පසුවයි. මංගල එක්දින ශතකය වාර්තා කළ ඇලෙක්ස් කෙරී ලකුණු 106 යි. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 90 කින් ලකුණු 108 ක් රැස් කළේ, හතරේ පහර 4 ක් සහ හයේ පහර 7ක් ද සමගිනි. එය ඔහුගේ දෙවැනි එක්දින ශතකයයි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ජෝ රූට් කඩුලු 2 බැගින් බිඳ දැමුවේය. තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ටයි.
2020-09-17T09:06:22.000Z
මංතීරු නීතිය ගැන රියැදුරන් කියන කතාව
මංතීරු නීතිය ගැන රියැදුරන් කියන කතාව
COLOMBO (News 1st) - සිව්වැනි දිනටත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, බේස්ලයින් මාර්ගය, හයිලෙවල් මාර්ගය සහ ගාලු මාර්ගයේ අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක විය. උදෑසන 6.00 සිට 10.00 දක්වා මේ නීතිය ක්‍රියාත්මක වූ අතර යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අද එක් තීරුවක ගමන් කර තිබේ. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.... https://www.facebook.com/NewsfirstSL/videos/323565458740481/
2020-09-17T10:05:22.000Z
ජනපතිට, ආරක්ෂක ලේකම්ට හා නිලධාරීන්ට තර්ජනය කළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස 'පොඩි ලැසී' නම් කෙරේ
මරණ තර්ජන කිරීම: දෙවැනි සැකකරු 'පොඩි ලැසී'
COLOMBO (News 1st) - බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් 'පොඩි ලැසී' නැමැත්තා අද නම් කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. 'පොඩි ලැසී' නැමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඉදිරිපත් කළ මෝසමකට අනුවය. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයේ සිට ඔහු අධිකරණයට රැගෙන ආ අතර ගාල්ල අධිකරණ සංකීර්ණයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. බන්ධනාගාරයට ගොස් පොඩි ලැසීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, පොඩි ලැසී ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ද මෙම සිද්ධියට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/332364221543880/
2020-09-17T07:44:07.000Z
පෝට් සිටියේදී ගොල්ෆ් ක්‍රීඩා කළ අගමැති
පෝට් සිටියේදී ගොල්ෆ් ක්‍රීඩා කළ අගමැති
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ, ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය වෙනුවෙනි. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගිය අගමැතිවරයා ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලුවේ ය. වරයා නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ මහින්ද රාජපක්ෂ මහතා එහි ඉදිකිරීමට යෝජිත ගොල්ෆ් පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය. වරාය නගර මධ්‍ය උද්‍යානයේ මැයි මාර ගසක් රෝපණය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. 2014 සැප්තැම්බර් 17 වැනි දා ඉදිකිරීම් ආරම්භ වූ වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භූමිය සකසා අවසන්කර ඇති අතර කිලෝමීටර 3.2 ක දිය කඩනයේ ඉදිකිරීම් ද මේ වනවිට අවසන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/673320626648783/
2020-09-17T10:12:20.000Z
කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්..
කැලණි සරසවි සිසුන් විරෝධතාවක
COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ දැනට පන්ති තහනමට ලක්ව ඇති සිසුන්ගේ දඬුවම ලිහිල් කරන ලෙසයි. විශ්වවිද්‍යාල භූමියේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියට හානි කිරීමේ චෝදනා මත සිසුන් පිරිසකට මෙම පන්ති තමනම පනවා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග සාකච්ජාවක් සඳහා සිසුන්ට අවස්ථාව හිමි විය. නමුත් සාකච්ඡාව අවසන්වී තිබුනේ විසඳුමකින් තොරවයි.
2020-09-17T09:54:32.000Z
කම්කරු කාර්යාල සේවක විරෝධතාවයකින් උණුසුම් වූ රත්නපුර...
විරෝධතාවයකින් උණුසුම් වූ රත්නපුර..
COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාව පැවැත්වුනේ, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට රැගෙනයාමේ සූදානමට විරුද්ධවයි. කම්කරුවන් ඇතුළු පිරිසක් රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ඉදිරිපිටදී අද මේ විරෝධතාව පැවැත්වූයේ දෙවන දිනයටයි. අධිකරණය නියෝගය පිළිබඳව පොලීසිය කළ දැනුවත් කිරීම් නොතකා පිරිස රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට ගෙන යාම නවතා දැමිය යුතු බවයි. පසුව විරෝධතාකරුවන් රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට ඇතුළු විය. පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී ඔහු පිරිසට දැනුම් දුන්නේ, ගැටලුව විසඳීමට තමන් මැදිහත් වන බවයි. යළිත් කෙටි වේලාවක් විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව විසිර ගියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1352824438253517/
2020-09-17T09:34:14.000Z
20 අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාවට සිදු වූයේ කුමක් ද?
20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැන් සිදුවන්නේ කුමක් ද?
COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව අධ්‍යයනය කිරීමට අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාවට සිදු වූයේ කුමක් ද? ඊයේ කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත්කරන බව කළින් ප්‍රකාශ කළත් එය සංවාදයට ලක්නොවූ බව ඇමතිවරුන් කිහිපදෙනෙකු පවසා තිබේ. නමුත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුනේ එය සාකච්ඡාවට ලක් වූ බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැන් සිදුවන්නේ කුමක් ද? පසුගිය අගෝස්තු 19 වැනි දා පැවති නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබේ. ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී. එල් පීරිස් යන අමාත්‍යවරුන් එම කමිටුවට ඇතුළත් විය. පසුව සැප්තැම්බර් 2 වැනි දා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නමින් ලියවිල්ලක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පසුව එය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළේ ය. පසුව මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ගෙන්ම විවේචන එල්ල විය. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.. https://www.facebook.com/NewsfirstSL/videos/3034593606644741/
2020-09-17T05:46:17.000Z
ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අද යි
ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අද යි
COLOMBO (News 1st) - දිවංගත ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අදයි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ගුණ සිහිපත් කරමින් අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් පැවැත්වුණේ, පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේදී ය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර පුද කෙරුණි. ඇග්නස් හෙලේනා ජයවර්ධන සහ ඊ. ඩබ්ලිව් ජයවර්ධන යුවළගේ වැඩිමහල් දරුවා ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන මෙලොව එළිය දුටුවේ 1906 වසරේ අද වැනි දිනකදීය. ප්‍රාථමික අධ්‍යාපනය ලද සමයේ සිට කැපී පෙනෙන දක්ෂතා දැක්වු ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. 1925 දී කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ජයවර්ධන මහතා කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රිය කළේ ය. නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් පසු, එලීනා බණ්ඩාර රූපසිංහ මෙනෙවිය සමග ඔහු විවාහ වූයේ 1935 දීය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1943දී කැලණිය ආසනය ජයගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළත් විය. 1946 වසරේ සැප්තැම්බර් මහ 6 වැනි දා ඇරඹි එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සමභාණ්ඩාගාරික ධුරය හෙබවූයේ ද තරුණ ජේ. ආර් ජයවර්ධන මහතායි. මෙරට පළමු මුදල් අමාත්‍යවරයා ලෙස මහජන සේවය ඇරඹු ඔහු 1973 ඩඩ්ලි සේනානායක අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගත්තේ ය. පක්ෂය බලයට ගෙන එමින් 1978 දී මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වූයේ ද ජේ.ආර්.ජයවර්ධන මහතායි. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම, විවෘත ආර්ථික ක්‍රමය, කඩිනම් මහවැලි ව්‍යාපාරය, මහ කොළඹ ආර්ථික කොමිසම, නිවාස හා නාගරික සංවර්ධනය, ජේ. ආර් යුගයේ කැපී පෙනුණු සිදුවීම්. ක්‍රියාකාරි දේශපාලනයෙන් සමුගත් ජේ. ආර් ජයර්ධන මහතා 1996 වසරේ නොවැම්බර් මස පළමු වැනි දා අභාවප්‍රා‍ප්ත විය.
2020-09-17T05:26:35.000Z
වන අලියෙකුගේ මළ සිරුරක් ඇතිමලෙන්
වන අලියෙකුගේ මළ සිරුරක් ඇතිමලෙන්
COLOMBO (News 1st) - මිය ගිය වන අලියෙකුගේ සිරුරක් මොනරාගල, ඇතිමලේ වනජීවි කාර්යාල නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබිණි. ඒ, ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කරගහඇල්ල අමුණ ආසන්නයෙනි. ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරකට අනුව සිරුර සොයාගත් අතර, අවුරුදු 5ක් පමණ වයසැති මෙම වන අලියාගේ උස අඩි 5කි. වන අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
2020-09-17T05:19:27.000Z
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සමරයි
අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අද යි
COLOMBO (News 1st) - ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අද යි. එතුමන් සිහි කරමින් අද සැමරුම් උත්සව කිහිපයක් පැවැත් විය. මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර පොළොන්නරුව නව නගර මංසන්ධියේ ඉදිකර ඇති ධර්මපාල පිළිරුව නිරාවරණය කිරීම හා පුෂ්පෝපහාර දැක්වීම ද අද සිදු කෙරුණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
2020-09-17T04:27:11.000Z
2021 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තොම්බර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට
කැබිනට් තීරණ..
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා කිහිපයකට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් මස දෙවැනි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ති‌බේ. මේ අතර කම්කරු පනත් 05 ක් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. කෙරවලපිටියේ මෙගාවොට් 300 ක, LNG බලාගාරයක් ඉදිකිරීම ද කැබිනට් රැස්වීමේදී එකඟ වූ තවත් යෝජනාවකි. ඒ අනූව ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රියාවලියක් මගින් ඒ සඳහා ආයෝජකයෙකු හඳුනා ගැනීමට සඳහා ද අනුමැතිය හිමිවිය.
2020-09-17T04:10:40.000Z
ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය
ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට පියවර
COLOMBO (News 1st) - අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස පිළිගනිමින් ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ බව අනාවරණය වූයේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මීට පෙර ළමයෙකු ලෙස පිළිගත්තේ වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින්ය. නව සංශෝධනය යටතේ තරුණයෙකු ලෙස පිළිගැනෙන්නේ වයස අවුරුදු 18 ත් 22 ත් වයස් කාණ්ඩවල පසුවන්නන් වේ. වයස් සීමා සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ, යෝජනාවකට අනුවයි.
2020-09-17T00:10:26.000Z
වනජීවී කේෂත්‍ර සහායකයෙකු වන අලි පහරදීමකින් මරුට
වනජීවී කේෂත්‍ර සහායකයෙකු වන අලි පහරදීමකින් මරුට
COLOMBO (News1 st) - වන ජීවී ක්ෂේත්‍ර සහායකයෙකු වන අලි පහරදීමකින් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සියඹලාණ්ඩුව, තෙලමුල්ල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව ඇති බවයි. ගම්වැදුණු වන අලියෙකු පලවා හැරීමට යාමේදී එම නිලධාරියා මෙම අනතුරට මුහුණදී තිබේ. ඔහුගේ සිරුර සියඹලාණ්ඩුව රෝහලේ තැන්පත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
2020-09-17T00:00:16.000Z
මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
මහාපරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
COLOMBO (News 1st) - මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට හලාවත කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් සමත් විය. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේ විශාල නිවසක පවත්වා ගෙන ගොස් ඇති බව වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ, වැටලීමේදී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වා ගෙන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය. නිෂ්පාදනාගාරයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 580 ක්, ගෝඩා බැරල් 21 ක් සහ උපකරණ රැසක් පොලිස්භාරයට ගෙන තිබේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා සැකකරු කෝටි 3ක් පමණ වටිනා නිවස ලබා ගෙන ඇත්තේ කුලී පදනම මතයි . සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයෙන් මත්පැන් අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-16T22:45:07.000Z
කොළඹ 01ට අද රාත්‍රීයේ පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ 01ට අද රාත්‍රීයේ පැය 12ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කොළඹ 01 ප්‍රදේශයට අද රාත්‍රී 8.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පවසන්නේ කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.
2020-09-16T22:29:15.000Z
NEW Diamond නැවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම ඇරඹේ
තෙල් නැවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම ඇරඹේ
COLOMBO (News 1st) - MT NEW Diamond නෞකාව අනතුරින් සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, ඉන් එම සමුද්‍රීය පරිසරයේ මසුන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි. සමුද්‍රයට කාන්දු වන්නේ නෞකාව ධාවනයට යොදා ගන්නා ඉන්ධන බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු විය. එහි ඇතුළතින් ලබාගත් අනෙකුත් ඉන්ධන සාම්පලවල පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව ද දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය. ගින්න නිවීම සඳහා වැය වූ රුපියල් මිලියන 340 ක මුදල හානි පූර්ණය කරන්නැයි නීතිපතිවරයා නෞකාව අයත් සමාගමේ නීතිඥවරුන්ගෙන් ලිඛිත හිමිකම් ඉල්ලීමක් කළේය. ඒ පිළිබඳ තවත් අතරමැදි වාර්තාවක් ඉදිරියේදී නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.
2020-09-16T22:19:35.000Z
ව්‍යාජ වීසා වලින් රට පනින්න ගිය 13ක් දැලේ..
ව්‍යාජ වීසා වලින් රට පනින්න ගිය 13ක් දැලේ..
COLOMBO ( News 1st) - ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගත වීමට තැත්කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරට සිට දෝහා කටාර් හරහා කැනඩාවට යාමට තැත්කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේදීය.
2020-09-16T20:57:39.000Z
ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි
ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 30 ඉක්මවයි
COLOMBO (News 1st) - ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ. කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 944,680 කි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 21ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2020-09-16T20:49:00.000Z
කහ ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මන්නාරමදී වැඩ වරදී
කහ ජාවාරම්කරුවන් දෙදෙනෙකුට වැඩ වරදී
COLOMBO (News 1st) - නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මේ අතර, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2020-09-16T20:34:48.000Z
විදෙස් රටවලින් උපාධි ගත් පුද්ගලයින් රාජ්‍ය සේවයට
විදෙස් උපාධිධාරීන් මෙරට රාජ්‍ය සේවයට
COLOMBO (News 1st) - විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බවයි. ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව, ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය. ඒ හරහා විදේශ අධ්‍යාපනය ලැබූවන්ගෙන් මෙරටට සේවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.
2020-09-16T19:37:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. බැංකු හා මූල්‍ය ආයතනවල ජනතා තැන්පතු, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න – කබ්රාල්ගෙන් යෝජනාවක් : රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා පැවැති උත්සවයකදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 2.මාතලේ උණුසුම් කළ පොලීසියට එරෙහි දෙමව්පිය උද්ඝෝෂණය : පොලිස් නිල නිවාස සංකීර්ණයකට අවහිරවන බව කියමින් පාසලකට පිවිසෙන මාර්ගයක් අවහිර කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් නිසා මාතලේ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 3. ගම්පහ සණස බැංකුවේ කෝටි 75 ක වංචාවක්: තැන්පත්කරුවන් ජනපති කාර්යාලය ඉදිරියට : ගම්පහ දිස්ත්‍රික් සණස බැංකු තැන්පත්කරුවන් ඊයේ කොළඹදී විරෝධතාවක නිරත විය. 4. වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් :ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. විදෙස් පුවත් 5. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි : ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා තිබේ.
2020-09-16T11:35:18.000Z
බැංකු හා මූල්‍ය ආයතනවල ජනතා තැන්පතු, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න - කබ්රාල්ගෙන් යෝජනාවක්
කොටස් වෙළඳපොළ ගැන කබ්රාල්ගෙන් යෝජනාවක්
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ පැවැති උත්සවයකදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙවර යෝජනා කළේ, ජනතාව බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල්වලින් කොටසක් මෙරට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ යුතු බවයි. මුදල්,ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මීට දින කිහිපයකට පෙර අපි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කරුවන් සහ කොළඹ කොටස් හුවමාරුව සමග රැස්වීමක් පැවැත්තුවා. එහිදී මට ඔවුන්ට කියන්න තිබුනේ ඉතා සරල දෙයක්. ඒ තමයි ට්‍රිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් තැම්පත් අපගේ බැංකු හා මූල්‍ය සමාගම්වල සතුව තියනවා. එයින් ට්‍රිලියන 9 ක් පමණ තැන්පතු බැංකුවල තියනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 9000 ක්. මූල්‍ය සමාගම්වලට තවත් රුපියල් බිලියන 1000 ක් පමණ තියනවා. දැන් මේ ට්‍රිලියන 10න් සියයට 1 ක් රුපියල් බිලියන 100 ක්. දැන් ඊපීඑෆ් ගත්තොත් ඒගොල්ලෝ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළා රුපියල් බිලියන 71 ක්. ඒ ආයෝජනය එතරම් විශාල බලපෑමක් ඇති කළා නම් කොටස් වෙළඳපොළට, අපේ ලංකිකයන්ට පුළුවන් ඊට වඩා ලොකු බලපෑමක් ඇති කරන්න කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම තුළින්. මොකද කොටස් වෙළෙඳපොළේ අද හොඳ මිලක් ඇති බැවින් එම කොටස්වල මිල දළ වශයෙන් අඩුයි. එබැවින් ශ්‍රී ලාංකිකයන්ට එය මිලදී ගැනීමට ඉඩ දෙන්න. වෙන කිසිවෙකු මිල දී නොගන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට එම කොටස් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්න. නිශ්චිත ආදායමක් නොලැබෙන ආයෝජනවල බැංකු හා මූල්‍ය ආයතනවල ඉතුරුම් යෙදවීමට කරන මේ යෝජනාව පිළිබඳව ආර්ථික විශේෂඥයින් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයකි. ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා, විශාල වශයෙන් පුද්ගලයන් බැංකුවල ඉතිරි කරන්නේ බැංකුවල තියෙන විශ්වාසවන්තභාවය සම්බන්ධයෙන් තැන්පතු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රජයේ බැංකුවල ඒකට මුලික හේතුව තමයි මහජනතාටව විශ්වාසයක් තියෙනවා. රාජ්‍ය බැංකුවලින් මුදල්වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් වුණත් රජය මැදිහත්වෙලා වගවෙලා ඒ තැන්පතුකරුවන්ට මුදල් ලබාදෙයි කියලා. ඉතින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළත් වෙනත් ඕනෑම ආයෝජනයක කළත් ඒ සඳහා තීරණය ගතයුත්තේ ජනතාව මොකද අපිට අත්දැකීම් තියෙනවා සමහර මූල්‍ය ආයතන බංකොලොත් වෙච්ච අවස්ථා ඒ නිසා මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාව විශ්වාසවන්තභාවය කියන සාධකයත් එක්ක තමයි සල්ලි සහ මුදල් ආයෝජනය කරන්නේ ඒ නිසා ඒ පිළිබඳව තීරණය තමන් කොහේ ද ආයෝජනය කරන්නේ කොච්චර ගැලපෙනවා ද කියන එක ඒ තීරණය ජනතාව තමයි ගන්න ඕනේ. ඒකට මම හිතන්නේ කොන්දේසි සහ නීති පනවන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම නිසා මහ බැංකු බැඳුම්කර වංචාවේදී සහ කොටස් වෙළෙඳපොළ කුප්‍රකට පම්පින් ඇන්ඩ් ඩම්පින් ක්‍රියාවළියේදීත් සේවක අර්ථ සාධක අරමුදලට මෙන්ම රාජ්‍ය බැංකුවලටත් සිදු වූ පාඩුව අප අවස්ථා ගණනාවකදී පෙන්වාදී තිබේ. පළමු බැඳුම්කර වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වූ මුදල රුපියල් බිලියන 8.5 කි. බෝඩ් ලෑල්ලක් පමණක් තිබූ සමහර ව්‍යාපාරවල කොටස් මිලදී ගෙන සේවක අර්ථ සාධක අරමුදල මෙන්ම සාමාන්‍ය ආයෝජකයින්ගේ මුදල්වලටත් සිදු වූ හානිය ගැන අත්දැකීම් ඕනෑ තරම් අප සතුව පවති. මෑතකදී නිකුත් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව අනාවරණය කරන ආකාරයට එම සමාගමේ 2019/20 පාඩුව රුපියල් බිලියන 47.2 කි. පසුගිය වසර 10 තුළ මේ සමාගම රුපියල් බිලියන 245 ක පාඩුවක් ලබා තිබේ. සේවක අර්ථ සාධක අරමුදල ද ශ්‍රීලංකන් සමාගමේ මුදල් ආයෝජනය කර ඇති අතර ඊට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රාජ්‍ය බැංකු මගිනි. මේ ණය හා ආයෝජන සඳහා මෙතරම් පාඩු ලබන රාජ්‍ය සමාගමකින් ලැබෙන ප්‍රතිලාභය කුමක් ද? රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බැංකු හා මූල්‍ය ආයතනවල ජනතා ඉතුරුම් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන්නැයි යෝජනා කරන්නේ අවිනිශ්චිත තත්ත්වයන් ආයෝජන සම්බන්ධයෙන් පවතිද්දීයි. https://www.facebook.com/NewsfirstSL/videos/349795449474743/
2020-09-16T08:20:49.000Z
20 අධ්‍යනයට පත් කළ කමිටුවේ වාර්තාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ - අමාත්‍ය සී. බී. රත්නායක
20 ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ
COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/328867651504077/
2020-09-16T11:28:11.000Z
ගම්පහ සණස බැංකුවේ කෝටි 75 ක වංචාවක්: තැන්පත්කරුවන් ජනපති කාර්යාලය ඉදිරියට
ගම්පහ සණස බැංකුවේ කෝටි 75 ක වංචාවක්
COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික් සණස බැංකු තැන්පත්කරුවන් අද කොළඹදී විරෝධතාවක නිරත විය. කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් සඳහා වෙන් කළ ස්ථානයට පැමිණ තිබේ. ඔවුන් චෝදනා කරන්නේ ගම්පහ දිස්ත්‍රික් සණස බැංකුවේ පාලනාධිකාරිය රුපියල් කෝටි 75 ක සිය තැන්පතු මුදල් වංචා කර ඇති බවය. විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු හමුවීමට අවස්ථාව හිමි විය. අනතුරුව ගැටලුව පිළිබඳව ඉදිරි දිනයක යළි සාකච්ඡාවක් සිදු කිරීමේ එකඟතාව මත පිරිස විසිර ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1029044207567524/
2020-09-16T11:31:41.000Z
මාතලේ උණුසුම් කළ පොලීසියට එරෙහි දෙමව්පිය උද්ඝෝෂණය
මාතලේ උණුසුම් කළ පොලීසියට එරෙහි උද්ඝෝෂණය
COLOMBO (News 1st) - පොලිස් නිල නිවාස සංකීර්ණයකට අවහිරවන බව කියමින් පාසලකට පිවිසෙන මාර්ගයක් අවහිර කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් නිසා මාතලේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙලෙස විරෝධය පළ කළේ, මාතලේ විජේපාල විද්‍යාලයේ සිසුන්ගේ මවුපියන් ආදි සිසුන් ඇතුළු පිරිසකි. විදුහලට පැමිණීම සඳහා වසර ගණනාවක සිට භාවිත කළ මාර්ගයක් පොලීසිය විසින් අවහිර කරනු ලැබ ඇතැයි පවසමින් මේ විරෝධතාව සංවිධානය කර තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, විදුහලට පැමිණීමට මාර්ග දෙකක් ඇති අතර පිටුපසින් ඇති මාර්ගය අවහිර කර ඇතැයි විරෝධතාකරුවන් චෝදනා කළ බවයි. අනතුරුව ප්‍රදේශවාසීන්, ඒ-9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළ අතර දැඩි වාහන තදබදයක් ද ඇති විය. තත්ත්වය සමනය කිරීම සඳහා පොලීසිය ද එහි පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පොලිස් නිලධාරීන් පැමිණ මෙතෙක් අවහිර කර තිබූ ගේට්ටුව ඉවත් කළ බවයි. අනතුරුව විරෝධතාකරුවන් විසිර ගොස් ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/3572157866127879/
2020-09-16T11:20:17.000Z
වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්
වෛද්‍ය සභාවේ කටයුතු සෙවීමට පංච පුද්ගල කමිටුවක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ති පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන අනුලා විජේසුන්දර, මෛත්‍රී චන්ද්‍රරත්න සහ දර්ශන සිරිසේන මහත්ම මහත්මීන් කමිටුවේ සාමාජිකයින් වනු ඇත. වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් පැමිණිලි ලැබීම සැළකිල්ලට ගෙන එම කමිටුව පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය. ඒ, කෙරෙහි ප්‍රධාන කරුණු 5 ක් බලපෑ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීමේ සිදුවීම් මාලාව, පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සඳහා වූ නිලවරණය කල් දැමීම, අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරා නොමැති වෛද්‍යවරුන් ලියාපදිංචිය යන කරුණු ඊට ඇතුළත් ය. ඊට අමතරව විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරීමට පත්වනු ලබන E.R.P.M විභාගය කල් දැමීම සහ වෛද්‍ය සභාවේ විෂය පථයට හා පවතින නීතිවලට පරිබාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විභාග කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු කළ යුතුය. ඒ පිළිබඳව කරුණු විමසා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා වාර්තාවක් ලබාගත යුතු වේ. අනතුරුව එම කරුණු අධ්‍යනය කර, ස්වාධීන වාර්තාවක් සකස් කර තමාට භාර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය කමිටුවට දැනුම් දී ඇත.
2020-09-16T05:48:43.000Z
මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මකයි
මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මකයි
COLOMBO (News 1st) - මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලීසිය මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
2020-09-16T05:19:09.000Z
මාතර ආපන ශාලාවකට මැර ප්‍රහාරයක්...
මාතර ආපන ශාලාවකට මැර ප්‍රහාරයක්...
COLOMBO (News 1st) - මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට කඩා වැදුණු මැර පිරිසක් එහි දේපොළවලට හානි සිදු කර තිබේ. පෙරේදා (14) රාත්‍රී 12.00 ට පමණ මෙම ආපන ශාලාවට සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ. ඔවුන් අදාළ ආපන ශාලාවේ දේපොළවලට හානි සිදු කරන අතරතුර එහි හිමිකරුගේ පුත්‍රයා පැමිණි අතර ඔහු ආ මෝටර් රථයට ද පහර දී තිබේ. මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. සිද්ධියේ ප්‍රධාන සැකකරු මින් පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාරගතව පැමිණි අයෙක් බව ද පොලීසිය සඳහන් කළේය.
2020-09-16T05:57:09.000Z
ලග්ගලදී ගසක් උඩ ගොවියෙකු විරෝධතාවක
ලග්ගලදී ගසක් උඩ ගොවියෙකු විරෝධතාවක
COLOMBO (News 1st) : ලග්ගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ගසක් මතට නැග උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ, තම වගාව සඳහා පොහොර ලබා ගැනීමට නොහැකි බව පවසමිනි. ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට තමන් ගියද පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයෙන් අප විමසිමක් කළේය. එහි දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් බී. එම්. සී. එච්. කුමාරිහාමි මහත්මිය සඳහන් කළේ, වැඩි මිල පොහොර හිඟයක් මේ දිනවල පවතින බවයි. ප්‍රදේශයට අවශ්‍ය වැඩිමිල පොහොර ලක් පොහොර සමාගමෙන් ලබන සඳුදා දිනයේ ලබා දෙන බවට දැනුම් දී ඇති බව ඇය ප්‍රකාශ කළාය.
2020-09-16T01:19:39.000Z
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 05 ඉක්මවයි
COLOMBO (News 1st) - ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා තිබේ. ඒ අනුව, අමෙරිකාවට පසු, ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට ලෙස ඉන්දියාව පත්වී ඇත. ඉන්දියාවේ කොරෝනා ආසාදනය වී 80,000 අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2020-09-16T00:54:07.000Z
ප්‍රදේශ කිහිපය කළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනි අවි සමග 8 දෙනෙකු අත්අඩංගුවට
ප්‍රදේශ කිහිපයදී නීතිවිරෝධී ගිනි අවි සමග 8ක් දැලේ
COLOMBO ( News 1st ) - විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඇතුළු ආයුධ සමග සැකකරුවන් තුන්දෙනෙකු දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ . ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර 02 ක්, බෝර 12 ගිනි අවියක් සහ මිලිමීටර් 3.8 වර්ගයේ සජීව පතොරම් 05 පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 39, 45 සහ 27 යන වයස්වල පසුවන දික්වැල්ල, වලස්ගල සහ නාකුළුගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා දික්වැල්ල පොලීසියට භාර දී තිබේ. මේ අතර, බෝර 12 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු රුවන්වැල්ල, ඩෙස්මන්හිල් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකිනි. එම සැකකරුවන් 60 සහ 42 හැවිරිදි වියේ පසුවන ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර යක්කලමුල්ල, උඩුවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකින් විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 39 හැවිරිදි උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යක්කලමුල්ල, වත්තහේන ප්‍රදේශයේ කළ වැටලීමකින් ද, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු 46 හැවිරිදි උඩුවැල්ල, මාගෙදර පදිංචිකරුවෙක් බවය. මේ අතර, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. පොලීසිය පැවසුවේ, සැකකරු 31 හැවිරිදි නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. මැදවච්චිය, පිහිඹියගොල්ලෑව සුසාන භූමියේ තිබී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමට පොලීසිය සමත්විය. ඒ, ලද තොරතුරක් මත කළ සෝදිසි කිරිමකදීය. වැඩිදුරටත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේය.
2020-09-15T23:59:13.000Z
මංතීරු නීතිය කඩ කළොත් හෙට සිට රුපියල් 2000ක දඩයක්
මංතීරු නීතිය කඩ කළොත් හෙට සිට රු. 2000ක දඩයක්
COLOMBO (News 1st): මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට(17) සිට දඩ අය කරන බව, පොලීසිය පවසයි. රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්, රුපියල් 2,000ක දඩයක් අය කරන බවයි. මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලීසිය යොදවා තිබේ. පොලීසිය පැවසුවේ, තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි. මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් අධ්‍යනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවේය. මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී කරගැනීමට කටයුතු කරන බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2020-09-15T23:24:08.000Z
අවිස්සාවේල්ලේදී ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මරුට
අවිස්සාවේල්ලේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට
COLOMBO (News 1st): අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම අනතුර සිදුව ඇති බවයි. ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් 48, 53 සහ 57 යන වයස්වල පසුවන නැදුන්ගොල්ල, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. අනතුර සම්බන්ධයෙන්, ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
2020-09-15T21:46:16.000Z
ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්
ත්‍රීරෝද රථ,යතුරු පැදි ධාවනයට වම්පස මංතීරුව
COLOMBO (News 1st) - මංතීරු නීතීයට අනුව, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි, අද සිට වම්පස මංතීරුවේ ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට උපදෙස් ලබා දෙයි. පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය ක්‍රියාත්මක කළ ඊයේ හා පෙරේදා දිනවල සිදුවූ අඩුපාඩු වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. කොළඹ ප්‍රධාන මාර්ග 4 ක අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ ක‍ළේය.
2020-09-15T21:12:11.000Z
රජයේ පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට
රජයේ පත්වීම්:අභියාචනා සලකා බැලීම අද සිට
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේදී පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, එම අභියාචනා භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ බවයි. අභියාචනා සලකා බැලීම විශේෂ කමිටුවක් හරහා සිදු කෙරෙනු ඇති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දී ඇති අභියාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නැයි උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය. ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ එම අභියාචනා සලකා බැලීම සති දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධීධාරීන් 50,000 කට පුහුණුව ලබා දීම මේ වනවිට ආරම්භ කර තිබේ. අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
2020-09-15T20:36:25.000Z
ආනයනික ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්
'අලුත් රටට - අලුත් බෙහෙත්'
COLOMBO (News 1st) - මෙරටට ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබේ. ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බවයි. 'අලුත් රටට - අලුත් බෙහෙත්' යන වැඩසටහන යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිලිවෙල යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
2020-09-15T20:29:31.000Z
ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
ඌව සෞඛ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
COLOMBO (News 1st) - ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ. ඒ ප්‍රවාහන දීමනා කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි. ඌව පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමයේ සභාපති ආර්.ඒ.එන්.කේ.රණවක මහතා පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරී ශ්‍රේණි 18 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි. මේ අතර රජයේ විකිරණවේදීන් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වේ. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, සිය රාජකාරි සඳහා බලපෑම් එල්ලවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් ළමා රෝහල් හා මාතෘ රෝහල්වල එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසුවේය.
2020-09-15T19:35:59.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. 20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. 2.සොබා දහමත් ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරන් – ආදිවාසී නායක : ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තෝ වත්මන් වන විනාශය පිළිබඳව අදහස් පල කළේ ය. 3. බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි සමාගම් දෙකට එරෙහිව පවරා තිබූ නඩුව යළිත් අධිකරණය හමුවට : එකඟ වූ ගිවිසුම්වලට අනුව රුපියල් මිලියන 275 ක දේපොළ ඉදිකර නියමිත කාල සීමාවේ පවරාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි නමැති සමාගම් දෙකට එරෙහිව ගැණුම්කරුවෙකු පවරා තිබූ නඩුව ඊයේ යළිත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි. 4. නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව නීතිපතිට :ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව මේ වනවිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලැබී තිබේ . විදෙස් පුවත් 5. ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තබයි : අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) අතර ඓතිහාසික සාම ගිවිසුම ඊයේ අත්සන් කිරීමට නියමිතය.
2020-09-15T10:42:26.000Z
බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි සමාගම් දෙකට එරෙහිව පවරා තිබූ නඩුව යළිත් අධිකරණය හමුවට
බ්ලූ ඕෂන් සමාගම්වලට එරෙහි නඩුව
COLOMBO ( News 1st ) : එකඟ වූ ගිවිසුම්වලට අනුව රුපියල් මිලියන 275 ක දේපොළ ඉදිකර නියමිත කාල සීමාවේ පවරාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි නමැති සමාගම් දෙකට එරෙහිව ගැණුම්කරුවෙකු පවරා තිබූ නඩුව අද යළිත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි. අද නඩුව විභාගයට ගත් අවස්ථාවේ බ්ලූඕෂන් සමාගම් සමූහයේ කොටස්හිමි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ප්‍රතිපත්තිමය කරුණුවල සිදුවූ වෙනස්කම් අප්‍රේල් 21 ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සැලසුම් කළ ව්‍යාපෘති නියමිත කාලයේ අවසන් කිරීමට නොහැකි වූ බවයි. නමුත් මේ ව්‍යාපෘති යළි ආරම්භ කර ඇති අතර ප්‍රශ්නගත දේපොළ ලබන වසරේ සැප්තැම්බර් වනවිට ඉදිකර අවසන් කළ හැකි බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර යන මහත්වරුන් අවධාරණය කළේ , තම සේවාදායකයා රුපියල් මිලියන 275 ක් ආයෝජනය කර ඇති බවයි. නමුත් එකඟ වූ කාල සීමාවේ දේපොළ පැවරීමට සමාගම අපොහොසත් වි ඇති බව පැමිණිල්ල කියා සිටියේ ය. පැමිණිල්ලේ නීතිඥ අශාන් නවරත්න බණ්ඩාර මහතා මිලියන 275 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තමයි මේ නඩුව කතා කළේ. තුමිලන් සහ ඔහුගේ බිරිඳ තමයි මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම් කරලා තියෙන්නේ. ගල්ස්ස මහේස්ත්‍රාත් අධිකරණය නඩුව දෙසැම්බර් මාසයේ 17 නැවත කැඳවන්න සූදානම් කරලා තියනවා. අධිකරණය සමාගමේ කොටස් හිමි අධ්‍යක්ෂවරුන්ගේ විදෙස් ගමන් තවදුරටත් තහනම් කර තිබේ.
2020-09-15T08:58:43.000Z
අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා ප්‍රතිසංස්කරණය කළ ඉහළ තලාව වැව
ඉපැරණි ගස් කපා ප්‍රතිසංස්කරණය කළ වැවක්
COLOMBO ( News1st ) : අනුරාධපුර, ඉහළ තලාව වැවේ වසර සිය ගණනක් පැරණි මහා ගස් මුලින් උගුලා දමා තිබේ. වැව සංවර්ධනය කරන මුවාවෙන් කොන්ත්‍රාත්කරුවන් මෙම ජාවාරම සිදු කර ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. මීට මාස 10 කට පමණ පෙර අනුරාධපුර, තලාව නගර මධ්‍යයේ පිහිටා ඇති ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණේ වසර ගණනාවක් ගොවි ජනතාවට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ය. ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ඇතුළත් පුවරුවේ සදහන් වන පරිදි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3 කට අධිකයි. මෙය ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියකි. මේ අනුව ඉහළ තලාව වැවේ රොන් මඩ ඉවත් කිරීම , වැව් බැම්ම හා සොරොව්ව සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ජයරත්න කන්ට්‍රැක් නැමැති ගල්නෑව ප්‍රදේශයේ කොන්ත්‍රාත් ආයතනයක් ලබාගෙන තිබේ. රොන් මඩ ඉවත් කර වැව් බැම්ම සකස් කිරීම කෙසේවෙත් වැවේ තැනින් තැන හාරා පස් විශාල වශයෙන් ඉවත්කර ඇති අයුරු දැකිය හැකි ය. වැවට වසර ගණනක් රැකවරණය දුන් දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක්ද කපා ඉවත්කර තිබේ. දැව සදහා සුදුසු කොටස් රැගෙන යාමෙන් පසුව ඉතිරි වූ කොටස් යළි වැවට දමා තිබේ. ජනතා අදහස් - වැව පුරාම වලවල් කප කපා පස් සියයක් බන්ට් එකට යද්දි 500 ක් එළියට යනවා . ඒක තමයි කරේ. තිබ්බ ගස් ටිකත් කැපුවා. වළවලුත් කැපුවා. මේ මහත්තයෝ අපි ඉන්නේ වැව් පිටියේ අද බන්ට් එකට වැඩිය වැව් පිටිය උසයි . තිබ්බ අයුරින් තිබ්බා නම් මේ වැව ලස්සනයි . මේ වැව් පිටිය පුරාව තියෙන්නේ වළවල් කපලා මේ වළවල්වලට වැටුනොත් මහත්තයෝ මිනිස්සු බිලි ගන්නවා. වැව කැලේ වෑකන්ද හරියට හදලා නෑ . ඒවා හේදී හේදි යනවා දැන් ලබන මාසේ වෙනකොට මහ වැහි එන්නේ එතකොට වෑකන්දත් කඩන් යනවා යන්න. සත පහක දෙයක් නෙවෙයි කොරලා තියෙන්නේ මේ මහවැලි එච් කලාපයේ පිහිටා ඇති ඉහළ තලාව වැව සංවර්ධනය මුවාවෙන් සිදුකර ඇති මේ විනාශය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව වහා පියවර ගත යුතු නොවේ ද?
2020-09-15T08:12:24.000Z
නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව නීතිපතිට
නිව් ඩයමන්ඩ් නැව අත්ඩංගුවට ගත යුත යුතුයි
COLOMBO ( News 1st ) : ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව මේ වනවිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලැබී තිබේ . නාවික හමුදාව ප්‍රකාශ කළේ, නෞකාව මේ වනවිට ගොඩබිමට මුහුදු සැතපුම් 70 ක් දුරක් දක්වා ගෙන ගොස් ඇති බවයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවුවා නැව තියෙන මුහුද අවටින් ලබා ගත් ජල සාම්පල. එහි වාර්තාවන් අපට ලැබිලා එහි පැහැදිලිව කියනවා නැවේ ඉන්ධන ඒ කියන්නේ බන්කර් ඔයිල් කියන එක තිබුණා කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ එක්කම මෙම වාර්තාවේ සඳහන් කරනවා. කෲඩ් ඔයිල් ගණයට වැටෙන එහෙම නැතිනම් නැවේ ගෙන යමින් තිබුණ බොර තෙල් ගණයට වැටෙන සංඝටක සොයා ගන්න ජල සාම්පලවල හැකියාවක් ලැබුණේ නෑ කියලා. අපිට පේනවා බොරතෙල්වලින් කාන්දුවක් වු‍ණේ නෑ කියලා. බොරතෙන් මෙට්‍රික්ටොන් 270.000 ක් සමග නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේදී හදිසි ගිනි ගැනීමකට ලක්වුයේ ඉකුත් 03 වැනිදායි. එහි ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදාව, ගුවන් හමුදාව , වරාය අධිකාරිය ඇතුලු පාර්ශවයන්ට දින කිහිපයක් ගතවිය. නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා දැන් කළ යුත්තේ මේක අත්අඩංගුවට ගන්න ඕනේ.අත්අඩංගුවට ගන්න තියෙන හොදම නිමිත්ත තමයි රාජකාරී පැහැර හැරීම. මෙහි කපිතාන් සහ කාර්ය මණ්ඩලය අඩුම තරමේ මේ නැව අනතුරේ කියලා බිස්නස් මැසේජ් එකක් ලෝකයට දීලා නෑ. නැව අපි සන්තකයේ තියෙද්දි අපිට පුළුවන් ඉතිරි කාර්ය භාරය කරගෙන යන්න. අයි එම් ඕ ඉන්ටර්නැෂනල් සැල්වේ කන්වෙන්ෂන් එක අනුව අපේ මේ සැල්වේ රිවෝඩ් එක අපිට අයිති වෙලා ඉවරයි. මොකද? අපි සියලුම දේවල් කරලා තියෙන්නේ. නැවේ අයිතිකරු අප්‍රිකානු රටක ඉන්න වෙනම ටීම් එකක්. කලමණාකරණ සමාගම ග්‍රීක් සමාගමක්. ඒගොල්ලන් නොමග යවලා තියෙනවා අපේ නිලධාරින්ව. වෙළද නාවික කපිතාන් සුමිත් කාලවිල සැල්වේජ් රිවෝඩ් එක අනිවාර්යෙන්ම අපිට ලැබෙන්න ඕනේ. ඉතින් ඒක ලැබෙන්න නම් අපි නැව අත්අඩංගුවට අරගෙන අපේ මුහුදු සීමාවට ගේන්න ඕනේ. එහෙම ගේන්නේ නැතුව හිටියොත් ඔය වෙන වෙන අයට පුළුවන් නැව එළියට අරගෙන ගිහිල්ලා ඒ නැවේ නම වෙනස් කරන්න. එතකොට අපි කරපු වියදමවත් අපිට කවර් කරගන්න ඩැමේජ් එකක් ගන්න අපිට බැරිවෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා අපි නැව අත්අඩංගුවට ගන්නවත් අපේ සන්තකයේ තබා ගන්නවත් නෙවෙයි කටයුතු කරන්න ඕනේ. අපේ කලාපයට එන නැවක් අනතුරට පත්වුණොත් ඒකට පිහිට වෙලා උදව් කරලා, අපේ කලාපයේ පරිසර හානියක් නොවන විදියට එය ඔවුන්ගේ ගමනාන්තය දක්වා යවන එක තමයි මං හිතන්නේ අප කළ යුතු හොදම දේ. ගිය විදයම් අපි රක්ෂණ වන්දි ලෙසට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ කිසිම බාධාවක් නෑ. නැව අත්අඩංගුවට අරගෙන අපේ කලාපයට ගේනවා කියලා කියන්නේ අපිට දරා ගන්න බැරි වගකීමක් දරාගන්න බැරි බරක් අපි ගේනවා.
2020-09-15T08:50:33.000Z
සොබා දහමත් ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරන් - ආදිවාසී නායක
ලෝකෙම මිනිස්සු එක දවසක් තුළ මිය යාවී
COLOMBO ( News 1st ) : ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තෝ වත්මන් වන විනාශය පිළිබඳව අදහස් පල කළේ ය. දැන් සොබා දහමත් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරගෙන. මෙහෙම විනාශ කරගෙන ගියොත් කොරෝනා ඇවිල්ලා අමෙරිකාවේ, චීනයේ මිය ගියාට වැඩිය ලෝකෙම මිනිස්සුන්ට එක දවසක් තුළ මිය යන්න සිද්ධ වෙයි. මේ ආසාව තණ්හාව නතර කරලා පරිසරය ආරක්ෂා කරගන්න. කෑලෑ කපලා ලොරිවල පටවන් යනවා හැබැයි අල්ල ගන්නේ වාහනේ යන කෙනාව විතරයි . මේක කැපුවේ කවුද සල්ලිවලට ගත්තේ කවුද කොන්ත්‍රාත් එක කරේ කවුද කියන එක හොයන්නේ නෑ . ඇත්තටම ආණ්ඩුවට කියන්නේ එහෙම එක්කෙනෙක් අහුවුණාම අග ඉදන් මුලටම යන්න ඕන . එහෙම කරන්නේ නැතුව එක තැනක එක්කෙනෙක් අල්ල ගත්තට වැඩක් නෑ.
2020-09-15T06:17:20.000Z
කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස I.M.V ප්‍රේමලාල් පත්වෙයි
කෝට්ටේ මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස I.M.V ප්‍රේමලාල් මහතා අද තේරී පත්විය. ඒ , මහ නගර සභාවේ විශේෂ රැස්වීමකදී මන්ත්‍රීවරුන් කළ යෝජනා ස්ථිර කීරිමකින් ය. අනතුරුව නව නගරාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගත් අතර එම අවස්ථාවට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා ද පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මධුර විතානගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමෙන් පසුව එම ධුරය පුරප්පාඩු වී පැවැතුණි.
2020-09-15T05:24:37.000Z
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
නාලක සිල්වාගේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනම් කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය. පෙත්සම ගොනුකර තිබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූ ඝාතන සඳහා කුමන්ත්‍රණ කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් කරන ලෙස ඉල්ලමිනි. ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මේ වනවිට වැඩ තහනමට ලක්කර සිටින සිය සේවා දායකයාට වැඩ තහනම් කර සිටි කාලයේ හා ඉදිරි කාලය සඳහා අඩ මාසික වැටුපක් ගෙවීමට එකඟතාවක් ඇතිවන්නේ නම් හා එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්නේ නම් පෙත්සම ඉල්ලා අස් කරගැනීමට සූදානම් බව අධිකරණයට පෙන්වා දුන්නේය. පෙත්සම්කරුට මාසිකව අඩ වැටුප් ගෙවීමට මේ වන විටත් සළකා බලමින් පවතින බවත්, පෙත්සම්කරුගේ පළමුවෙනි ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය. කරුණු සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවය, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම නිශ්ප්‍රභ කරනු ලැබිණි.
2020-09-15T04:59:13.000Z
20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට
20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම කමිටුව විසින් අදාළ වාර්තාව අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට භාර දුන් බවයි. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පසුගියෙදා පත් කෙරිණි.
2020-09-15T04:17:38.000Z
ත්‍රීකුණාමලය, නීලපනික්කි වැවේ කිඹුලෙකු මැරූ 7 දෙනෙකු කොටු
කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : ත්‍රීකුණාමලය, ගෝමරන්කඩවල, නීලපනික්කි වැවේ සිටි කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අඩි 8 ක පමණ දිගකින් යුත් කිඹුලෙකු එලෙස මරා දමා ඇති බවයි. සැකකරුවන් සිවිල් ආරක්ෂක බලකායට අනියුක්තව සේවය කරනු ලැබු පිරිසක් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මරා දමන ලද කිඹුලන් 3 දෙනෙකුගේ ඇටසැකිළි ඔවුන් සතුව තිබී සොයා ගත් බවයි. සැකකරුවන් අද ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-09-15T03:28:34.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම ගැන සොයා බලන්නැයි අගමැතිගෙන් උපදෙස්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන අගමැති දුන් උපදෙස...
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීතිපතිවරයාට උපදෙස් දී තිබේ. ඒ, ඊයේ පස්වරුවේ ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය. ජාවාරම්කරුවන්ට අයත්, දේපොළ අන් අයට පැවරීම හෝ විකිණීම තහනම් කිරීමට, කඩිනම් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ය. ඊට අදාළ අධිකරණ නියෝග කඩිනමින් ලබා ගෙන එම කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, දේපොළ රාජසන්තක කිරීමේ ක්‍රියාවලියට නීති සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් එම කටයුතු ද කඩිනම් කරන්නැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි. මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රාජසන්තක කිරීමට නියමිත දේපොළ අතර රුපියල් මිලියන 749 ක ඉඩකඩම් පවතින බව පොලීසිය පැවසීය. පොලීසිය ප්‍රකාශ කළේ, ඔවුන්ට අයත් වාහන 89 ක් ද පවතින බවයි. සැකකරුවන් අයත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11 කට ආසන්න වේ.
2020-09-15T03:16:14.000Z
රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් කිරිඇල්ල 21 ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසමේ පොලිස් ඒකකයට
රිෂාඩ් හා කිරිඇල්ල ජනපති කොමිසමේ පොලිස් ඒකකයට
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ සොයන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණ තිබේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මේ අතර හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අදත් අප්‍රේල් 21 ප්‍රහාර ගැන සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1052484101856688/
2020-09-15T04:03:16.000Z
අංගොඩ ලොක්කාගේ ඉඩම් ජාවාරමට එරෙහිව කටයුතු කරන්න පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි
අංගොඩ ලොක්කාගේ ඉඩම් ජාවාරම
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාට ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය ගැන ක්‍රියාකිරීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවය. අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් සහ බලපෑම් කර ලබාගත් ඉඩම් අක්කර 5 කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. සැකකරු ඉන් රුපියල් ලක්ෂ දෙදහසක අයුතු ලාභයක් උපයා ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, වැල්ලම්පිටිය, අංගොඩ, ගොතටුව හා මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශවල ඉඩම් සැකකරු විසින් සිය ඥාතීන්ගේ නම්වලින් ලබාගෙන ඇති බවයි. 2019 වසරේදී ඉඩම් 12 ක් අත්පත් කරගෙන ඇති අතර එහි සමස්ත භූමි ප්‍රමාණය පර්චස් 309 කට ආසන්නය.
2020-09-15T02:57:01.000Z
වගා කළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්
වගා කළ නොහැකි කුඹුරු ඉඩම් පිළිබඳ තීරණයක්
COLOMBO (News 1st) - කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පැවසුවේ, අදාළ ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවය. වර්තමානයේ පවතින තත්ත්වය තුළ මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, එවැනි ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිට සිදුවන බවයි. එම කටයුතු අවසන් වූ පසු නව ක්‍රමවේදය හඳුන්වාදෙන බව ද ඔහු සඳහන් කළේ ය. මෙරට කුඹුරු ඉඩම් ඛාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය වේ. එම වර්ගීකරණය වන්නේ, ඒ, බී , සී ලෙසයි. ඒ ඛාණ්ඩයට අයත් කුඹුරු ඉඩම්වල වී වගාව පමණක් සිදු කළ යුතු අතර වෙනත් කිසිදු කටයුත්තකට යොදා ගැනීමට අවස්ථාවක් නොමැති අතර එසේ සිදු කිරීම නීතිය උල්ලංඝණය කිරීමකි. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, බී ඛාණ්ඩයේ කුඹුරු ඉඩම්වල එක් කන්නයක හෝ වී වගාව, අපනයන භෝග වගාව හෝ එළවළු වගාව සිදුකළ හැකි බවයි. කිසිදු වගාවක් කළ නොහැකි කුඹුරු ඉඩම් සී ඛාණ්ඩයට අයත් වන අතර එවැනි ඉඩම් හිමිකරුවන්ට සුදුසු සංවර්ධනයක් වෙනුවෙන් නිදහස් කිරීමට එලෙස තීරණය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1458968064313631/
2020-09-15T01:59:37.000Z
පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට නොහැකි ක්‍රීඩා ඉසව් පාසල්වල තවදුරටත් තහනම්
දුරස්ථාභාවය තබා ගන්න බැරි ක්‍රීඩා තවදුරටත් තහනම්
COLOMBO (News 1st) - පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන ක්‍රීඩා ඉසව් සංවිධානය තවදුරටත් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පැවසුවේ, කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් එම තීරණය ගෙන ඇති බවය. පාසල්වල සංවිධානය වන ක්‍රීඩා ඉසව් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තනිව සිදු කරන ක්‍රීඩා හෝ ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවයි. කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන නමුත් පුද්ගල දුරස්ථභාවය උපරිම කාලයක් ඇති කර ගත හැකි ක්‍රීඩා ඉසව් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්ගීකරණයට අනුව කණ්ඩායම් වශයෙන් සිදු කරන නමුත් හැකිතරම් පුද්ගල දුරස්ථභාවය සහිත ක්‍රීඩා ඉසව් සංවිධානයට ද අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යාංශය පැවසුවේ ය. අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට හැකියාවක් නොමැති ක්‍රීඩා ඉසව් සංවිධානයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය. මේ සම්බන්ධයෙන් වන උපදෙස් චක්‍රලේඛයක් සියලු පාසල් ප්‍රධානීන්ට යොමු කළ බව ද අමාත්‍යාංශය පැවසුවේ ය. අමාත්‍යාංශය සඳහන් කළේ, සංවිධාන වන සියලු ක්‍රීඩා ඉසව් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව සිදුවනවා ද යන්න අධ්‍යනයට නිලධාරීයෙක් පත්කරන්නැයි ද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇති බවයි.
2020-09-15T00:49:46.000Z
මහනුවරදී පැහැර ගත්තායැයි කියූ සිසුවිය හමුවෙයි
මහනුවරදී පැහැර ගත්තායැයි කියූ සිසුවිය හමුවෙයි
COLOMBO (News 1st) - මහනුවර, බහිරවකන්ද මාර්ගයේදී අද උදෑසන පැහැර ගැනීමට ලක් වූ බව කියන පාසල් සිසුවිය හමුවී තිබේ. ඒ, පාසලට ආසන්න ප්‍රදේශයකදීය. පොලීසිය පැවසුවේ, දැරිය වැඩිදුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යාංශය භාරයට යොමු කර ඇති බවයි. අද උදෑසන පාසලට එමින් සිටියදී දැරිය පැහැර ගැනීමට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, දැරිය 12 හැවිරිදි බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. කෙසේ වෙතත් පැහැර ගැනීමට ලක් වූ බව කියන දැරිය දින තුනක් පමණ පාසල් පැමිණ නැතැයි විදුහල් බලධාරීන්ගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/651542202454721/
2020-09-15T00:19:17.000Z
ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තබයි
ඊශ්‍රායලය සහ UAE ඓතිහාසික සාම ගිවිසුමකට
News 1st - අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) අතර ඓතිහාසික සාම ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතය. ඒ, වොෂිංටන්හි ධවල මන්දිරයේදී ය. මෙම ගිවිසුම මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලයට ආර්ථිකමය වශයෙන් සිදු කරන බලපෑම අවම කරනු ඇති. එමෙන්ම මෙම ගිවිසුම හරහා අමෙරිකාවේ ඇති දියුණු අවි ආයුධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අලෙවි කිරීමට ඉඩ සැලසෙනු ඇති. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ සොයුරෙක් ද සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්වන බව සඳහන් වේ. ගිවිසුමට අනුව බටහිර ඉවුරේ විශාල භූමි ප්‍රදේශයක් සිය රටට ඇතුළත් කර ගැනීමේ සැලසුම ඊශ්‍රායලය අත්හිටුවනු ඇති. ගිවිසුම මගින් ඊශ්‍රායලය සමග සබඳතා ඇති කර ගත් තුන්වන අරාබි රාජ්‍යය ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසගත වනු ඇත. ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර මෙතෙක් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පැවතියේ නැත. මේ අතර අද ධවල මන්දිරයේදී බහරේන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායලය සමග පවතින සබඳතා සාමාන්‍යකරණය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම උපගිවිසුම ඊශ්‍රායලය සහ බහරේනය අතර යුද බලය භාවිතය ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා උපකාරී වනු ඇති. කෙසේ වෙතත් මෙමගින් පෙර සිදු නොවූ පරිදි දේශපාලනික බලපෑම් රැසක් සිදු කරනු ඇතැයි විදෙස් වාර්තා මත පළ කරයි.
2020-09-14T23:33:05.000Z
මහනුවර කම්පන සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
මහනුවර කම්පන සිද්ධිය: ත්‍රිපුද්ගල කමිටුවක්
COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශ කිහිපයක ඇති වූ කම්පන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරිමට තීරණය කර තිබේ. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, එම කමිටුව මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත වන බවය. පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ඊට සම්බන්ධ කරගන්නා බව ඔහු සඳහන් කළේ ය. සභාපතිවරයා පැවසුවේ, අදාළ කම්පන තත්ත්වයන්ට බලපාන හේතු සහ ඊට දිය හැකි දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳ අදාළ කමිටුව මගින් විද්වත් උපදෙස් ගැනීමට අපේක්ෂා කරන බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දා කම්පන තත්ත්ව කිහිපයක් වාර්තා විය. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, පසුගිය 11 වැනි දා ද රාත්‍රී 11.30ට පමණ කම්පන තත්ත්වයක් සිදුව ඇති බවයි. එම කම්පන තත්ත්වය කුණ්ඩසාලේ, පන්විල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබේ. භූ චලන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ක එම කම්පන තත්ත්වය සටහන් වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ය. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම කම්පන තත්ත්වය එම ප්‍රදේශයෙන් වාර්තා විණි.
2020-09-14T21:36:57.000Z
මත්තල ගුවන්තොටුපොළේ යානා ගොඩබැස්සවීමේ හා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවයි
මත්තල යානා ගොඩබැස්සවීමේ ගාස්තු අය කිරීම අත්හිටුවයි
COLOMBO (News 1st) - මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවා තිබේ. ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුවයි. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ, මත්තල ගුවන්තොටුපොළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය. ඊට අදාළ නියෝග පසුගිය 08 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලදී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සඳහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි. අමාත්‍යාංශය පැවසුවේ, ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10% ක් වන බවය. මීට අමතරව මත්තල ගුවන්තොටුපොළේ ගුවන්තොටුපොළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සඳහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි ව ඇතැයි අමාත්‍යාංශය පැවසුවේ ය.
2020-09-14T21:09:41.000Z
නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදේ ජල සාම්පල වාර්තාව අද නීතිපතිට
නිව් ඩයමන්ඩ්: ජල සාම්පල වාර්තාව අද නීතිපතිට
COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේ, අදාළ නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බවය. එම සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය. සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට මෙරට රජය දැරූ වියදම්වලට අදාළ වන්දි තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවයි. ගින්න මැඩපැවැත්වීම සඳහා මැදිහත් වූ සියලු පාර්ශව වෙතින් අදාළ තක්සේරු වාර්තා ලබාගැනීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය. එහි සංක්ෂිප්ත වාර්තාවක් නව හිමි සමාගම වෙත කඩිනමින් ලබාදීමට නියමිතව තිබේ.
2020-09-14T20:50:04.000Z
පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනයට සැලසුම් හදන්න - ජනපතිගෙන් උපදෙස්
පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනයට උපදෙස්
COLOMBO (News 1st) - 2030 වසර වනවිට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවය. සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතුයයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14 කදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බවයි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය. ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති මාස තුනකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතුබව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටින බවයි. මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% ක් බව ද නිවේදනයේ සඳහන් ය. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මේ වනවිට ගණන් බලා තිබේ.
2020-09-14T20:25:19.000Z
20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද ජනපති හා අගමැතිට
20 අධ්‍යයන කමිටුවේ වාර්තාව අද ජනපති හා අගමැතිට
COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට භාරදීමට නියමිතව තිබේ. ඒ, අදාළ කමිටුව ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි. කමිටු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේදී පැය කිහිපයක් පැවති සාකච්ඡාවෙන් පසු කමිටු සාමාජිකයින් මාධ්‍යට අදහස් පළ කරමින් ඒ බව පවසා ඇත. අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළත් ය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් ද කමිටුවට පත්කර තිබේ.
2020-09-14T19:20:38.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට, ජනවාරි දක්වා නායකත්වය රනිල්ට: එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් විය. 2.20 වැනි සංශෝධනය අධ්‍යයනයට පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක්: 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. 3. මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි: කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 4. මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව...:පසුගිය දා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම, මංගලපුර, ග්‍රාම සේවා වසමේ, කුරිටියා මෝහොට්ටේ ප්‍රදේශයේ සිදු වූ ඉඩම් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්ව විය. විදෙස් පුවත් 5. බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්: බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ.
2020-09-14T11:07:44.000Z
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආහාර වර්ඡනය අවසන්...
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආහාර වර්ඡනය අවසන්...
COLOMBO (News 1st) - ඉකුත් 10 වැනි දා සිට බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ඡනයක නිරතව සිටි රැඳවියන් සිය වර්ඡනය අවසන් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා, අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 46 දෙනෙක් ලංකාවේ සිටින දරුණු අපරාධකරුවන් ඒවාගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමයි මෙම බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටින්නේ. ආහාර වර්ඡනය ආරම්භ කරපු පළවෙනි දවසේ සැකකරුවන් 5 දෙනෙක් ආහාර ගත්තා. ඊයේ දවස වෙන කොට 25 දෙනෙක් ආහාර ගත්තා. අද වෙනකොට සියලුම දෙනා ආහාර ලබා ගත්තා අද දවල් වෙනකොට. ඔවුන් ඉල්ලා සිටි කොන්දේසි කිසිවකට ඔවුන්ට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. https://www.facebook.com/NewsfirstSL/videos/321367092645707/
2020-09-14T10:58:10.000Z
තෙදිනක් අතුරුදන්ව සිටි පාදුක්කේ තරුණයාගේ සිරුර හමුවෙයි: සුළු පියා අත්අඩංගුවට
තෙදිනක් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුවෙයි
COLOMBO (News 1st) - තෙදිනක් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ සිරුර අද පෙරවරුවේ පාදුක්ක, මාරගහ, ලියැද්ද ප්‍රධාන ඇළ මාර්ගය් ලියන්වල ප්‍රදේශයේ තිබී හමු විය. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා සුළු පියා විසින් ඔහු අත්පා ගැට ගසා ඇළට දමා ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළි වූ බවයි. නීති විරෝධී මත්පැන් පානය කරමින් සිටියදී පාදුක්ක පොලීසිය ඊයේ රාත්‍රියේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, අතුරුදන්ව සිටි තරුණයා තමා විසින් අත්පා ගැට ගසා පාදුක්ක, මාරගහ ලියැද්ද ප්‍රධාන ඇළ මාර්ගයට දැමූ බවයි. අදාළ සිදුවීමෙන් දින 3 කට පසු තරුණයාගේ සිරුර මෙලෙස සොයා ගැණුනේ ඔහුගේ පියා විසින් තරුණයා ඇළට දැමූ ස්ථානයට මීටර් 200 ක පමණ දුරකදී ය. මෙලෙස මියගොස් තිබුණේ තිලිණ දර්ශන නැමැති 18 හැවිරිදි පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තරුණයාගේ සුළු පියා වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් වන අතර ඔහු මේ වනවිට පාදුක්ක පොලිස් අත්අඩංගුවේ පසුවේ. පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි අනුමාන කෙරෙන බවයි. සැකකාර සුළු පියා හෙට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-14T10:17:12.000Z
පවුල් ඈත් කළ ගමේ පාලම..
පවුල් ඈත් කළ ගමේ පාලම..
COLOMBO (News 1st) - ව්‍යවස්ථා වෙනස්කම්, දේශපාලන වාදවිවාද, මේ ඔක්කොම ගැන අවධානය යොමුවන අතරවාරයේ ජනතා ගැටලු කිහිපයක් වෙතයි අපගේ අවධානය. ගම්මැද්ද කණ්ඩායම් අද ත් ජනතාව හමුවෙන්න කුරුණෑගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල සංචාරය කළේ ය. කුරුණෑගල, ගෝනගල ගමෙ පවුල් 150 කට අයත් ජනතාව එහා ඉවුර වන මුවනදලා මුවන් තැන ගමේ ඉන්න නෑදෑයන්ගෙන් ඈත් වෙලා දැන් ගොඩක් කල් වනු ඇත. පවුල් ඈත් කළේ ගමේ පාලම. මේ පාලමේ දැනට ඉතිරි කොන්ක්‍රීට් කෑලි කිහිපයක් පමණි. මීටර 100 ක පාලම හැදුවොත් ගම් 2 එකතු කරන්න පුළුවනි. වටෙන් ගියොත් කිලෝමීටර් 4 ක දුරක් යන්න අවශ්‍යයි. වැහිදාට කොහොමවත් ගමන් බිමන් යන්න නොහැකිය. හම්බන්තොට, උඩමත්තල හා පහළ මත්තල කියන්නේ හම්බන්තොට තියෙන ඉතාමත් දුෂ්කර ගම්මාන දෙකකි. ගමට ගුවන්තොටුපොළක් තිබුණට යන්න එන්න පාරක් නොමැත. බලධාරීන් හිතන් ඉන්නව ඇත්තේ මේ ගමේ අයත් ගමන් බිමන් යන්නේ උඩින් කියලා. ඒකයි පාර හදන්නේ නැත්තේ. ගමේ ප්‍රශ්න පාරෙන් නතර වෙන්නේ නැත. වනඅලි වගේම ජල ගැටලුවත් තදටම පවති. මේ ජනතාවට ගොවිතැනට ප්‍රමාණවත් වතුර නැත. තියෙන එකම වැවත් ගොඩ වෙලා. ලුණුගම්වෙහෙර ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙන්නෙත් දවසක් ඇර දවසකි. මිනිස්සුන්ට වතුර බොන්න වෙලා තියෙන්නෙ දවසක් හැර දවසකි. අලි වැටේ විදුලිය නැත. අලි වැට කලු ගල්වලට හේත්තු කරලා ඇත. ත්‍රිකුණාමලය, සල්ලගාමම් කියන්නේ ධීවර ගම්මානයකි. මේ ගම්මානේ ධීවර පවුල් 800 ක් විතර ජීවත් වෙති. බෝට්ටු ගාල් කරන්නවත් ජැටියක් නෑ මේ මිනිසුන්ට. සාමාන්‍යයෙන් මෝයකටක් අඩි හයක් ගැඹුරට තියෙන්න ඕනි. හැබැයි දැන් සෙල්ලග්‍රාමම්වල තියෙන මෝයකට අඩි පහක් විතර වටේ තියන හෝටල්වලින් දාන කැළි කසළවලින් හා අපද්‍රව්‍යවලින් යටවී පවති. මේ මිනිසුන්ට තමුන් ජීවිකාව කර ගන්නවත් හරියට බෝට්ටුවක් ගෙන්න ගන්න විදියක් වත් නෑ මේ ප්‍රශ්නේ හින්දා. මිනිස්සු ඉල්ලන්නේ මේ මෝයකට බැහැර කරන කැළිකසළ බැහැර කරන්නැතුව මේ මෝය කට හරියට හදලා දෙන්න කියලා. https://www.facebook.com/NewsfirstSL/videos/3437212512967059/
2020-09-14T10:23:25.000Z
මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව...
මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව...
COLOMBO (News 1st) - මේ මෙරට අධිසංවේදී පරිසර කලාප ඉවක් බවක් නොමැතිව වැනසෙමින් පවති. පරිසර විනාශය... මේ දිනවල අපේ රටේ කතා කරන ප්‍රධාන මාතෘකාවකි. පසුගිය දා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම, මංගලපුර, ග්‍රාම සේවා වසමේ, කුරිටියා මෝහොට්ටේ ප්‍රදේශයේ සිදු වූ ඉඩම් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්ව විය. ඒ, විශයභාර අමාත්‍ය සී. බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. වනාතවිල්ලුව, එළුවන්කුලම මංගලපුර ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ගණනාවක ගස් මෙලෙස කපා දමා තිබුණේ පසුගිය 06 වැනි දායි. ඒ අතර ඇතැම් ගස් ගිනි තබා තිබුණි.‍ මෙම ඉඩමේ හිමිකම මේ වනවිට ලංකා සිමෙන්ති සංස්ථාව සතුව පවතින අතර අදාළ ඉඩම බදු පදනම මත සංස්ථාව විසින් ලබාගෙන තිබේ. මෙම වන සංහාරය පිළිබඳව මාධ්‍ය කරුණු වාර්තා කිරීමත් සමග අද ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේය. අදාළ සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යට ඉඩ ලැබුණේ නැත. ප්‍රශ්නය, ඇයි අපිව ගත්තේ නැත්තේ ? ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණි ඒකනායක මහතා, ඇතුළට ගත්තේ නැත්තේ ඔයාලා අවශ්‍ය නැති හින්දා නෙවෙයි. ඔයාලා අපිට අනිවාර්යෙන් අපිට ඕනේ. ප්‍රශ්නය, අපිට කියන්න ඇමතිතුමා මාධ්‍යට ඇයි තහනම් වුණේ ? වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා, සාකච්ඡාවක කරන කොට හැම එකටම මාධ්‍ය දාගන්නේ නෑ නේ, මාධ්‍යට අපි ඕන දෙයක් හංගන්නේ නැ‍නේ. ප්‍රශ්නය, දැන් මෙතන වගකිව යුතු පුද්ගලයින් කවුද කියලා හඳුනාගෙන තිබෙනවා ද ? වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා, අනිවාර්යෙන්ම ඒක සිමෙන්ති සංස්ථාවට ලබාදීලා ති‍යෙනවා අක්කර 5200 ක්, ඒකේ භූමිය තමයි දැන් මේ අත්පත් කරගෙන විනාශ කරමින් යන්නේ. ඒ නිසා සිමෙන්ති සංස්ථාවට අපි උපදෙස් දුන්නා ඒ ගිනිගත් භූමිය නැවත හරිත භූමියක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්න. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩයමක් අදාළ භූමි ප්‍රදේශය නිරීක්ෂණයට එක් විය. වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා, මේක වන සංරක්ෂණයට අයිති නැ, වනජීවි එකට අයිති නැ, ‍‍හැබැයි රටේ පරිසර අමාත්‍යංශය මේ තීන්දුව ගත්තා. ජනප්‍රිය වෙන්න කතාන්දර කියන්න එපා. වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා, දැන් අපේ සභාපතිතුමා මේකට වග කියන්න ඕනේ නෑ. අප‍් සභාපතිතුමා ඇවිල්ලා ටික කාලයයි. මේ අතර පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීමේ පිළිබඳව අප ඊයේ වාර්තා කළෙමු. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා මෙම එළිපෙහෙලි කිරීම සිදුව ඇති බවය. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරුතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් පවසති. ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේනතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. ඩි. චිත්‍රනයනා, 1951 අංක 25 දරණ, පාංශු සංරක්ෂණ පනතත්, 1996 අංක 24 දරණ පශු සංරක්ෂණ සංශෝධන පනතත් ඒ අනුව ගැසට් කරන ලද පශූ සංරක්ෂණ පනතට අදාළව 2009 ගැසට් කරණ ලද නියෝගත් අනුව 60% ට වැඩි බැවුමක් තියෙන භූමි ප්‍රදේශයක යම් තැනත්තෙකු විසින් වාර්ශික බෝග වගා නොකළ යුතුයි කියලා දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ එතුමා විසින් බලය පවරන ලද නිලධාරියේකුට පුළුවන් ගිහිල්ලා, එතන වෙච්ච හානිය බලලා, ඒ අනුව ක්‍රියාත්මක වෙලා නිර්දේශ දෙන්න පුළුවන් පළමුවෙන්ම. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා, අවධානය යොමු මිය යුත්තේ වික්ටෝරියා ජලාශට එක් වන ජලය ගෙන යන ගංගාවක් වන හුලු ගග පෝෂණය වෙන්නේ මේ නකල්ස් රක්ෂිතයෙන්. නමුත් අපිට ආරංචි වුණා කඳුවල ඉහළ කොටසේ ජල මූලාශ්‍රවල ඉහළ කොටසේ වනය විනාශ කරලා සුද්ධ කරලා වගාවට සූදානම් කරලා තියෙනවා කියලා. වික්ටෝරියා ජලාශ මූලිකයි, ඒ වගේම රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ස්වභාවික පරිසරයෙන් ආරක්ෂා වෙලා තියෙනවා. නලක්ස් රක්ෂිතයෙන් එන ජල ප්‍රහාවහ තමියි ප්‍රධාන ජල ප්‍රවාහයක් වන්නේ වික්ටෝරියා ජලාශයට. හුලු ගග හරහා වික්ටෝරියා ජලාශයට එක් වෙනවා. රන්ටැඹේ ජලාශයෙන් 60% ක් පිරිලා තියෙන්නෙ රොන්මඩවලින්. දැන් මේ තත්ත්වය ඉදිරි අනාගතයේදි වික‍්ටොරියා ජලාශයටත් වෙන්න පුළුවන්. මේ අක්‍රමවත් එළිකිරීම් නිසා. https://www.facebook.com/NewsfirstSL/videos/1717845795045938/
2020-09-14T08:46:45.000Z
2/3 රජයක් නිසා වේගවත්ව කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවක් - ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති
2/3 රජය ගැන චීනය කතා කරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වේ මහතා අද ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ, තුනෙන් දෙකක බහුතර බලයක් ඇති රජයක් පිහිටුවා ඇති බැවින් උපාය මාර්ගික සහයෝගිතාව හරහා වේගවත්ව හා පුළුල්ව කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් බව ය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාවය ආර්ථික සංවර්ධනයට පමණක් සීමා නොවන අතර එය උපාය මාර්ගික හවුල්කාරිත්වයක් බව ද ඔහු සඳහන් කර තිබේ. බටහිර රටවල් යෝජනා කරන නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් සංකල්පය පිළිබඳ චීනයේ අපේක්ෂාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී කරුණු මතු විය. එහිදී තානාපතිවරයා පැවසුවේ, අදාළ සංකල්පය සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු ගැටලුවක් නොමැති බවය. නමුත් එය චීනයට පහර දීමට නිදහසට කරුණක් වශයෙන් යොදා ගැනීම කනගාටුවට කරුණක් බව වැඩබලන තානාපතිවරයා පෙන්වාදී තිබේ. මේ අතර මහජන චීන හමුදාව පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව පසුගිය දා නිකුත් විය. එම වාර්තාවේ සඳහන් වූයේ, චීනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක හමුදා සේවා සැපයුම් පහසුකම් ස්ථාපනය කිරීමට සලකා බලමින් සිටින බවය. මේ මගින් දුර ප්‍රමාණය වැඩි වුවත් හමුදා බලය රඳවා ගැනීමට චීනයට අවස්ථාවක් ලැබෙන බව එම වාර්තාවේ සඳ‍හන් ය. නමුත් මෙරට වැඩබලන චීන තානාපතිවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ, ඉන්දු පැසිෆික් විධානය තුළ මේ වනවිටත් ලක්ෂ 3 ක අමෙරිකානු හමුදා සාමාජිකයින් ක්‍රියාකාරීව සිටින බවයි. දැනටමත් අමෙරිකාවට ඉන්දීය සාගර කලාපය තුළ හමුදා කඳවුරු ඇති බව ද ඔහු පෙන්වා ද දෙයි. හූ වෙන් මහතා පවසන්නේ, චීනයට මෙම කලාපයේ හමුදා කඳවුරු හෝ විධානයන් නොමැති බවය. නිදහස් විවෘත කලාපයට තර්ජනයක් වී ඇත්තේ කවුරුන්දැයි ප්‍රශ්න කරන වැඩ බලන තානාපතිවරයා කලාපය ගැන වැඩියෙන් වදවීමට හේතු ඇත්තේ කාටදැයි ප්‍රශ්න කර තිබේ.
2020-09-14T07:20:22.000Z
එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට: ජනවාරි දක්වා නායකත්වය රනිල්ට
එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් විය. ඒ, අද සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැත්විය. අද දිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙනි. ඒ සඳහා අද රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගෙන තිබුණි. එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 ක් ලැබුණු අතර රවී කරුණානායක මහතාට ලැබී තිබුණේ ඡන්ද 10 ක් පමණි. නව නියෝජ්‍ය නායක ලෙස පත්වූ රුවන් විජේවර්ධන මහතා පිළිගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඇති බුද්ධ මන්දිරය වෙත ගිය විජේවර්ධන මහතා අගමික වතාවත්වල නිරත විය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පැවසීය.
2020-09-14T08:12:41.000Z
20 වන සංශෝධනයෙන් ප්‍රධානපෙළේ ස්වාධීන ආයතනවලට සෘණාත්මක බලපෑමක් - එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්
20 ගැන මානව හිමිකම් කවුන්සිලයේදී කතා කරයි
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මානව හිමිකම් කවුන්සිලය වැනි ප්‍රධානපෙළේ ස්වාධීන ආයතනවලට සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය අද ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරය ආරම්භ කරමින් ඇය කියා සිටියේ, වින්දිතයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥවරුන් බියගැන්වීම් හා සෝදිසි කිරීම් වහාම නතර කළ යුතු බවය. සාමය, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනයට ඇති තර්ජන වළක්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි නව අවධානයක් යොමු කරන ලෙස මිෂෙල් බැෂ්ලේ මහත්මිය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
2020-09-14T05:53:48.000Z
20 වැනි සංශෝධනය අධ්‍යයනයට පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක්
20 අධ්‍යනයට කමිටුවක්
COLOMBO (News 1st) - 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසිනි. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ... අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල. අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. අමාත්‍ය විමල් වීරවංශ. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත. රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්ත. මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතවේ.
2020-09-14T05:29:59.000Z
මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
COLOMBO (News 1st) - කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔහු බහරේන් සිට දිවයිනට පැමිණි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි. එම පුද්ගලයා හලාවත මූලික රෝහලේදී මියගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/825229504881022/
2020-09-14T05:11:02.000Z
අල්ලස් ගත් ලංගම රියැදුරෙකු අත්අඩංගුවට
අල්ලස් ගත් ලංගම රියැදුරෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේදී රුපියල් 30,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිනී වීරසූරිය මහත්මිය සඳහන් කළේ, අහිමි වී ඇති ශ්‍රී ලංගම රියැදුරු රැකියාව නැවත ලබා ගැනීමට උදව් කිරීම සඳහා ඔහුගේ භාර්යාවගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලයේ රියැදුරෙකි.
2020-09-14T03:12:06.000Z
වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට ඇමති විමල්ට එරෙහිව ගොනු කළ නඩුව කල් යයි
ඇමති විමල්ට එරෙහිව ගොනු කළ නඩුව කල් යයි
COLOMBO ( News 1st ) : වාහන අවභාවිතා කිරීම සම්බන්ධව අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබු නඩුව ජනවාරි 25 වැනිදා කල් දැමුණි. ඒ, නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ය. අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා. අද සවස 6 ට 20 වැනි සංශෝදනයට අදාළව ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ මතුවී තිබෙන ඇතැම් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමා පත් කරන ලද කමිටුව රැස්වෙනවා. එහිදී අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය වුණොත් ආයේ රැස් වෙන්න වෙයි
2020-09-14T02:51:56.000Z
රජයේ ඉදිරි ගමනට සහය වන්න - ජනපති
රජයේ ඉදිරි ගමනට සහය වන්න - ජනපති
COLOMBO ( News 1st ) : රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග වියතුන්ගෙන් ඉල්ලා සිටීයි. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේ, ඊයේ පස්වරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග කාර්යාලයේදී පැවති වැඩසටහනකට එක්වෙමින් ය. දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානයට ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීමට ද එම සංවිධානයට හැකි බවයි. සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ය. වියත්මග විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ඇති ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීමේ හැකියාව අවධාරණය කර තිබේ. 2016 වසරේ අප්‍රේල් මස ඇරඹි වියත්මග විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් ය.
2020-09-14T01:41:38.000Z
නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් ....
නව මහාධිකරණ විනිසුරුවරුන් 12 කට පත්වීම් ....
COLOMBO ( News 1st ) : නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කළින් හෙබ වූ පදවිය ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා - දිසා විනිසුරු සී. මීගොඩ මහත්මිය - දිසා විනිසුරු ඒ.අයි.කේ. රණවීර මෙනවිය - දිසා විනිසුරු කේ.එස්.එල්. ජයරත්න මෙනවිය - ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.එස්.ඒ.දිසානායක මහතා - මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා - දිසා විනිසුරු ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය - දිසා විනිසුරු එච්.එස්. පොන්නම්පෙරුම මහතා - දිසා විනිසුරු එස්.අයි. කාලිංගවන්ස මෙනවිය - අතිරේක දිසා විනිසුරු ඩී.ඒ.ආර්. පතිරණ මහතා - මහේස්ත්‍රාත් එන්.ටී. වික්‍රමසේකර මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
2020-09-14T01:15:03.000Z
මත්ද්‍රව්‍ය ජාවාරමට සැක පොලිස් නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ්
පොලිස් නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ්
COLOMBO ( News 1st ) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, එම නඩුව කොළඹ අතිරේක ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේදී අද දින කැඳවූ අවස්ථාවේදී ය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ එම නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කර සිටින උදාර සම්පත් නැමැත්තා සමග එක්ව සැකකාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මේ වනවිට විදෙස්ගත වී සිටින උදාර සම්පත් නැමැත්තාගේ මෙහෙයවීම යටතේ දුරකතන සන්නිවේදන ආයතනයකින් දුරකතන සිම් කාඩ්පත් 55 ක් මිලදී ගෙන ඉතා සංවිධානාත්මකව මෙම ජාවාරම සිදුකර ඇති බව ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. දිලීප පීරිස් මහතා පැවසුවේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ එකී සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා අතරින් 9 දෙනෙකුට එරෙහිව මේ වනවිට සීඝ්‍ර ලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තේ යැයි සැකකරන එක්තරා රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අදාළ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසටද එම බැංකුවේ කළමනාකාරවරයාට නියෝග කළේ ය.
2020-09-14T01:08:38.000Z
මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංගගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යළි රිමාන්ඩ්
COLOMBO ( News 1st ) : අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් වෙබ් අඩවි ඔස්සේ ප්‍රවෘත්ති පල කළ වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඔහුව ලබන 24 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළේ ය. එම මාධ්‍යවේදියා විසින් එම ප්‍රවෘත්තිය පල කිරීම සඳහා උපයෝගී කරගත් ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකතන 2 රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. එම මාධ්‍යවේදියා විසින් ඔහුගේ වෙබ් අඩවියට පිවිසෙන මුරපදය වෙනස් කර ඊට පිවිසීමට බාධා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි. එබැවින් ඒ සම්න්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
2020-09-14T00:46:08.000Z
කළුතර උතුර පොලිස් ස්ථානයේ සිර මැදිරියක සිටි සැකකරුවෙකු ගෙල වැළලා ගනී
කළුතර, උතුර පොලීසිය තුළ සැකකරුවෙකු ගෙල වැළලා ගනී
COLOMBO ( News 1st ) : කළුතර , උතුර පොලිස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ 32 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔහු විවිධ නඩු 12 ක සැකකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේ ය.
2020-09-14T00:33:33.000Z
සංවිධානාත්මක අපරාධකරු ලඩියාගේ බස් 3 ක් පොලීසිය භාරයට
ලඩියාගේ බස් 3 ක් පොලීසිය භාරයට
COLOMBO ( News 1st ) : සංවිධානාත්මක අපරාධකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන තිබූ බස් රථ තුනක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නෙහොත් ලඩියා නැමැත්තාට හිමි සුඛෝපභෝගී බස් රථ දෙකක් හා සාමාන්‍ය බස් රථයක් එලෙස සිය භාරයට ගත් බවයි. ඒ සමග සැකකරුවන් තිදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2020-09-14T00:21:55.000Z
හොරගොල්ලේ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට
හොරගොල්ලේ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට
COLOMBO ( News 1st ) : කොළඹ - නුවර මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ මහනුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක, ජීප් රථයක සහ මාර්ගය මැදින් ‌බෙදා වෙන් කර ඇති කොටසේ ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් පැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ, පෑලියගොඩ දිශා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 48 හැවිරිදි පස්යාල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි. මේ අතර ගලගෙදර, උඩුවකන්ද ප්‍රදේශයේදී හා ඊච්චන්කුලම, කල්මඩු යන ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරුවලින් 14 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-09-13T23:30:11.000Z
බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්....
බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්....
COLOMBO ( News 1st ) : බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ. ඒ, එරට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හා රුසියානු ජනපති වැලැදීමීර් පුටින් අතර සාකච්ජා පැවත්වීමට එරෙහිවයි. මෙම සාකච්ජාව අද දින ජනපති ලුකෂෙන්කෝ හා රුසියන් ජනපති පුටින් අතර පැවැත්වීමට නියමිත ය. එරට විපක්ෂය ඉල්ලා සිටින්නේ සාකච්ජාවෙන් අනතුරුව රට විකුණා දැමීමට කටයුතු නොකරන ලෙසයි. ඔක්ට්යාබ්‍රස්කයා චතුරස්‍රය අසළට රුස්වූ විරෝධතාකරුවන් දහස් ගණනක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති මන්දිරය වෙත ගොස් ඇති බවයි වසර 26 ක කාලයක් ජනාධිපති ධූරය හෙබ වූ ජනපති ලුකෂෙන්කෝට දූෂණ චෝදනා රැසක් එල්ල වේ. නමුත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2020-09-13T22:47:55.000Z
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බවයි. අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති.
2020-09-13T22:29:18.000Z
අදත් දිස්ත්‍රික්කට කිහිපයකට වැසි
අදත් දිස්ත්‍රික්කට කිහිපයකට වැසි
COLOMBO ( News 1st ) : සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-09-13T21:05:24.000Z
බූස්සේ රැඳවියන් 25 දෙනෙකු ආහාර වර්ජනය අත්හරී
බූස්සේ රැඳවියන් 25 දෙනෙකු ආහාර වර්ජනය අත්හරී
COLOMBO ( News 1st ) : බූස්ස බන්ධනාගාරයේ රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනය අත්හැර තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ , තවත් රැඳවියන් 20 දෙනෙකු වර්ජනයේ නිරත වන බවයි. පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම, රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම, බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි ඉල්ලා රැඳවියන් 45 දෙනෙකු පසුගිය 10 වැනිදා උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කළේ ය.
2020-09-13T20:49:08.000Z
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 39ක්
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 39ක්
COLOMBO ( News 1st ) : ඊයේ දින තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නිරෝධායනයට ලක්කර සිටින රතු මුහුදු ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු , කුවේට්හි සිට පැමිණි 6 දෙනෙකු, ඉතියෝපියාවේ සිට පැමිණි අයෙකු , මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු, තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකු, කටාර් සිට පැමිණි 16 දෙනෙකු හා එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙකු එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 3234 කි. රෝගීන් 226 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 2996 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
2020-09-13T20:40:03.000Z
නිව් ඩයමන්ඩ් මෙහෙයුමට දායක වන පාර්ශව නීතිපති හමුවට
New Diamond මෙහෙයුමේ සියලු පාර්ශව අද නීතිපති හමුවට
COLOMBO (News 1st) – නිව් ඩයමන්ඩ් නෞකා මෙහෙයුමට දායක වන සියලු ආයතනවල නියෝජිතයින් අද නීතිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ , නෞකාව ගොඩබිමට රැගෙන එන්නේද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. නෞකාව රැගෙන යන්නේ නම්, එම ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මෙරට සාගර සම්පතට සහ ආර්ථිකයට හානියක් නොවන අයුරින් අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා විධිමත් තීරණ ගැනීම අදාළ සාකච්ඡාවේ අරමුණයි. අනතුරට ලක්වූ නෞකාවේ මෙහෙයුම් සඳහා දායක වන සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කරන පළමු අවස්ථාව මෙය වන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශයේදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් මෙරටට අයවිය යුතු ගාස්තු ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
2020-09-13T20:12:26.000Z
නකල්ස්හි වන විනාශය විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක්
නකල්ස්හි වන විනාශය විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක්
COLOMBO ( News 1st ) : නකල්ස් රක්ෂිතයේ , පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අද දිනයේ නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා පැවසුවේ සංරක්ෂිතයට වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි. පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බවයි. එළිපෙහෙළි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් එය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇතත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් සඳහන් කළේ ය. පරිසර සංවිධාන පවසන්නේ මෙවැනි අධි සංවේදී පරිසර කලාපයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් දැනුවත් නොකර තිබීම ද මවිතයට කරුණක් බවයි.
2020-09-13T19:00:08.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1.පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීම අත්වැරදීමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති: පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 2. ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමෙරිකාව සහ මාලදිවයින ගිවිසුමකට අත්සන් තබයි: ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය, මාලදිවයින සමග ගිවිසුමකට එළැඹ තිබේ. 3. රජයේ ඉඩම් සඳහා නීත්‍යානුකූල ලේඛන ලබා දීමට අදාළව නව ගැසට් පත්‍රයක් : රජයේ ඉඩම් භුක්තිවිඳීම සඳහා නීත්‍යානුකූල ලේඛන ලබාදීමට අදාළව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 4. නකල්ස් රක්ෂිතයේ අක්කර 5ක් එළි කළේ කවු ද?: පරිසර නීති උල්ලංඝණය කරමින් තව ත් සංවේදී පරිසර කලාපයක විනාශයක් ඊයේ වාර්තා විය. විදෙස් පුවත් 1. රුසියාව සිය කොරෝනා මර්දන එන්නත එරට සියලුම පළාත් වෙත බෙදා හරී: රුසියාව සිය කොරෝනා මර්දන එන්නතෙහි ප්‍රථම කාණ්ඩය එරට සියලුම පළාත් වෙත බෙදා හැර තිබේ.
2020-09-13T11:29:55.000Z
ලියන්ගොල්ල වැසියන්ගේ බලාපොරොත්තුව මල්ඵල දරයි
ලියන්ගොල්ල වැසියන්ගේ බලාපොරොත්තුව මල්ඵල දරයි
COLOMBO (News 1st) - සියඹලාන්ඩුව, ලියන්ගොල්ල, හැමකදවල, ගම්වාසින්ගේ වසර ගණනාවක බලාපොරොත්තුවක එක් කඩඉමක් අද ඉටු විය. ඒ, ගම්මැද්ද හරහා පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක මුලාරම්භය සටහන් කරමිනි. ලියන්ගොල්ල, හැමකදවල ගම්මානයේ ජනතාව වසර ගණනක් බොන්න පිරිසිදු ජලය නොමැතිව පීඩාවට පත්ව සිටියහ. මේ හේතුවෙන් ඔවුන්ට සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට කිලෝමීටරයක් පමණ දුරක් ගමන් කිරීමට සිදු විණි. මේ පිළිබඳව ගම්මැද්ද දැනුවත් කළේ, ගම්මැද්ද සවිය සමිතිය හරහායි. ඒ අනුව පානීය ජලයෝජනා ක්‍රමයක් ගම්මානයට ඉදිකිරීම සඳහා ගම්මැද්ද හා අත්වැල් බැඳගත්තේ ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් පුද්ගලික සමාගමයි. අද ව්‍යාපෘතියට මුල්ගල් තැබුණේ, කතරගම දෙවියන්ගේ ද ආශීර්වාද ලබා ගනිමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/405800233735048/
2020-09-13T11:19:36.000Z
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද සිදු කෙරුණි. මිය යන විට 73 හැවිරිදි වියේ පසු වූ ටෝනි ඕපාත මහතාගේ දේහය මහජන ගෞරව සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබුණි. අවමංගල උත්සවයේ ආගමික වතාවත් සිදු කළේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානේස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ඕපාත මහතා 1971 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. ඔහු මෙරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් 6 වැනි ක්‍රීඩකයායි. 1975 සහ 1979 වසරවල පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියන් හි ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් වූ අතර සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 5 කි. ඕපාත මහතා පළමු පෙළ තරග 39 කට ක්‍රීඩා කර තිබේ. හෘද්‍යාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ පසුගිය සිකුරාදා අලුයමයි. බොරැල්ල කනත්තේදී අද පැවැති අවමංගල්‍ය උත්සවයට හිතවතුන්, පවුලේ ඥාතීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සහභාගී විය. https://www.facebook.com/NewsfirstSL/videos/984016638707104/
2020-09-13T11:08:28.000Z
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස මහාචාර්ය අබේරත්න බණ්ඩාර පත් කෙරේ
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ
COLOMBO (News 1st) - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා පත්කර තිබේ. අදාළ පත් කිරීම අද සිට බල පැවැත්වෙන පරිදි, අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල් වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි ද එම ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිට පවරන ලද බලතළ, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ හෝ ඉටු කිරීමේ බලතළ නිසි බලධරයා වන අබේරත්න බණ්ඩාර මහතා හිමිවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.
2020-09-13T10:46:33.000Z
පුත්තලමේ කුඹුරු අක්කර 300ක් පුරන් වෙයි
පුත්තලමේ කුඹුරු අක්කර 300ක් පුරන් වෙයි
COLOMBO (News 1st) - හිසට සෙවනක් හීනයක් වුණු මිනිස්සු කොච්චර අපේ රටේ ඉන්නවා ද? ඉන්න තැනක් නැතිවුණාම අනිත් පහසුකම් ගැන කවර කතා ද? ජීවිතය වෙනුවෙන් අරගල කරන අපේ මිනිස්සු වෙනුවෙන් අදත් අපි වව්නියාව, පුත්තලම සහ මාතර ගම්මානවලට ගියෙමු. මාතර, දෙනියාය, සෙල්වකන්ද ගමේ පවුල් හත්සීයක් විතර ජීවත් වෙන්නේ අඩි 5යි හතරේ ඉඩක් තියෙන ලයින් කාමරවල. මේ එක පවුලක සාමාජිකයන් පහක් හයක් සිටි. නිදාගන්න වෙන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවට සූදානම් වෙනවා වගේ. ඉඩ තියෙන විදිහට වැටිලා නිදාගත්තත් තිබහට බොන්න වතුර නැති එක නම් දරාගන්න බැහැ. ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න මිනිස්සු ඒකෙනුත් කොටසක් වෙන් කරන්නේ වතුර ගන්න. ඡන්ද කාලේ පොරොන්දු වුණ හැමෝම බොරු කළාට මේ මිනිස්සු ඇත්තටම ඒ අයව දිනෙව්වා. මේ මිනිස්සු පැරදුනා... මාතර, මොරවක, අලපලාදෙනිය ද්විතීක පාසලට අධ්‍යාපන බලධාරීන් පළ නොකියා පලා බෙදලා . දුප්පත් සිසුන් 824 ක් අමාරුවේ. මේ පාසලේ ළමයින්ට තියෙන ලොකුම ගැටලුව වැසිකිළි පහසුකම් නැති එක. ඒ නිසා ළඟම පාසල හොඳම පාසල නොවුනාට ළඟම කැලෑව හොඳම වැසිකිළිය බවට පත්ව තිබේ. තව ද පුත්තලම, නාගවිල මිනිස්සු බලාගෙන ඉන්නේ නාගලෝකෙන් හරි කවුරු ඇවිත් වතුර ටිකක් දෙන තුරු. ඒ තරමට මේ මිනිස්සු දේශපාලකයින්ගේ බොරු පොරොන්දුවලින් ගෙම්බත් වෙලා. මේ ගමට තියන එකම වැව නාගවිල මහා වැව වසර 100 කින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. මේ ගමේ කුඹුරු අක්කර 300 ක් අස්වද්දන්නේ නැතුව පුරන් වෙන්න ඇරලා වගාවට වතුර නැතිකමිනි. බීමට ජලය ලබා ගන්න හදලා දීපු ජල ව්‍යාපෘතියත් සුදු අලියෙක් ගානට පත් වෙලා. මේ ව්‍යාපෘතිය යටතේ හැදූ ටැංකියේ හිලක්. බවුසරයකින් වතුර පුරවගත්තත් හරියට හදලා නැති මේ ටැංකියෙන් වතුර ඔහේ ගලාගෙන යනවා. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුත් ඔහේ ගලා යනවා. මේ අතර වව්නියාව, සෙට්ටිකුලම්, ක්‍රිස්තකුලම් ගම්මානයේ පවුල් 136 කට තියෙන්නෙත් මේ ප්‍රශ්නෙමයි. එකම වැවත් ගොඩ වෙලා. කිසිම වැඩකට ගන්න බෑ. තියෙන ලොකුම ගැටලුව පානීය ජලගැටලුව. වතුර ප්‍රශ්නය උග්‍රව තියෙන නිසා මේ ගමේ වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් සිටි. https://www.facebook.com/NewsfirstSL/videos/3420612941329762/
2020-09-13T10:48:39.000Z
ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමෙරිකාව සහ මාලදිවයින ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකාව සහ මාලදිවයින ගිවිසුමකට අත්සන් තබයි
COLOMBO (News 1st) - ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය, මාලදිවයින සමග ගිවිසුමකට එළැඹ තිබේ. ඒ, ඉකුත් 10 වැනි දායි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා දෙරටේ මැදිහත්වීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම ගිවිසුම අත්සන් කර ඇත. මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය සහ දකුණු ගිනිකොණදිග ආසියානු කලාපයේ ආරක්ෂාව පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම්වරයා අත්සන් තබා ඇති අදාළ ගිවිසුමේ ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් අන්තර්ගත කර ඇතැයි මාලදිවයින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඉහළ නිලධරීන් අතර පැවැත්වෙන සංවාද, සාකච්ඡා, සමුද්‍ර ආරක්ෂාව, ස්වාභාවික විපත් සහ මානුෂීය සහන මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර කිහිපයක් අදාළ ගිවිසුමට ඇතුළත් බව සඳහන් ය. 2007 වසරේදී අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග ද ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළ අතර එය ඇක්සා නමින් හැඳින් විය. 2017 වසරේදී පිටු 83 කින් සමන්විතව අදාළ ගිවිසුම අලුත් කෙරුණේ එහි අන්තර්ගතය මහජනතාවට හෙළි නොකෙරනු පසුබිමකදීය. ගිවිසුමෙන් ඒකාබද්ධ අභ්‍යාස අතරතුර භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සැලසීම, පුහුණුවීම්, මෙහෙයුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම ඇතුළු කටයුතු රැසකට එකඟතාව පළ කර තිබූ බව සඳහන් ය. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සෝෆා නමින් හැඳින්වෙන ගිවිසුමකට ද අත්සන් තැබීමට සුදානම් වන බවට ද මත විය. එක්සත් ජනපද භටයින්ට ඉන් ඕනෑම අවස්ථාවක රට තුළට ඇතුළු වීමට ඉඩ සැලසෙන බවට ද වාර්තා විණි. එවැනි පසුබිමක එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග එම්. සී. සී ගිවිසුම අත්සන් තැබීමට උත්සාහ දරමින් සිටිනුයේ ඉඩම් පරිපාලනය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දෙන බව පවසමිනි.
2020-09-13T09:06:17.000Z
රජයේ ඉඩම් සඳහා නීත්‍යානුකූල ලේඛන ලබා දීමට අදාළව නව ගැසට් පත්‍රයක්
රජයේ ඉඩම්:නීත්‍යානුකූල ලේඛන ලබාදීමට ගැසට් පත්‍රයක්
COLOMBO (News 1st) - රජයේ ඉඩම් භුක්තිවිඳීම සඳහා නීත්‍යානුකූල ලේඛන ලබාදීමට අදාළව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ යටතේය. සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවාර්ධනය, දේශීය ආහාර භෝග නිෂ්පාදන සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කිරීම ප්‍රමුඛ අරමුණ බව ද මෙහි දැක්වේ. එම අරමුණ සඳහා පළමු පියවර ලෙස මෙරට පුරවැසියන්ට නිරවුල් බිමක හිමිකම තහවුරු කිරීම සඳහා විධිමත් ලේඛනයක් ලබාදීම රජයේ සැලසුම බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. ඒ සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 30 වැනි දා දක්වා සිදුවන අතර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාමනිලධාරී වෙත යොමු කළ යුතු වේ. ගැසට් නිවේදනයට අනුව විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිත කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි මෙම නීත්‍යානූකූල ලියවිලි ලබාදීමේ වැඩපිළිවළ ක්‍රියාත්මකය.
2020-09-13T08:36:15.000Z
නකල්ස් රක්ෂිතයේ අක්කර 5ක් එළි කළේ කවු ද?
නකල්ස් රක්ෂිතයේ අක්කර 5ක් එළි කළේ කවු ද?
COLOMBO (News 1st) - පරිසර නීති උල්ලංඝණය කරමින් තව ත් සංවේදී පරිසර කලාපයක විනාශයක් අද වාර්තා විය. ඒ, නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීමේ සිද්ධියකි. ඒ අනුව නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කර තිබුණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා මෙම එළිපෙහෙලි කිරීම සිදුව ඇති බවයි. වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ, එළිපෙහෙලි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් මෙය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇති බවය. එහෙත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරුතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් පවසති. පරිසර සංවිධාන පවසන්නේ, මෙවැනි අධිසංවේදී පරිසර කලාපයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් දැනුවත් නොකර තිබීම ද මවිතයට කරුණක් බවය. https://www.facebook.com/NewsfirstSL/videos/608937263120586/
2020-09-13T08:01:59.000Z
පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීම අත්වැරදීමක් - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති
රුසියාවේ විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීම අත්වැරදීමක්
COLOMBO (News 1st) - පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා, කමිටිියෙන් තමයි ඒක බලන්නේ. ඒක මේ පාර බලනකොට රිපෝර්ට් වුණා විශ්වවිද්‍යාල තුනක නෙවෙයි හතක. එතැනදී ඒ රිපෝර්ට් අපි බැලුවේ නෑ අර රටෙන්ද? මේ රටෙන්ද? වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද නැද්ද කියලා බැලුවේ නෑ. අර රිපෝර්ට් එක අනුවයි තීරණයක් ගත්තේ. ඊට පස්සේ ඒක එහෙම නිකම් අයින් කරන්ඩත් බෑ. කමිටිියෙන් තීරණය කරන්න ඕනේ. කමිටියෙන් තීරණය කරලා ඒක නැවත සම්මත වෙන්න ඕනේ ඊට පස්සේ මීටිමෙන්. ඊට පස්සේ කවුන්සිල් මීටින් එකට දාලා ඒකත් සම්මත වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ ඇත්තටම විය යුතු දේ තමයි ඇමතිතුමියට ඒක යවන්න ඕනේ. අන්තිම තීරණය ඇමතිතුමියගේ තමයි තියෙන්නේ. දැන් මෙතෙන වුණේ අපි වැඩ කරන ඒ කියන්නේ කවුන්සිල් එකේ එක්කෙනෙක් නෙවෙයි. යම් කෙනෙක් එයාට වැරදීමකින් එයා හිතලා තියෙනවා දැන් මේක අයින් කෙරුවා හරි කියලා වෙබ් සයිට් එකෙන් නම් ටික අයින් කෙරුවා. එතකොට ඒ අයින් කරලා මේවා කරලා තියෙනවා. දැන් ඕක අපිට දැන ගත්ත නිසා දැන් නැවත වරක් නැවත වරක් මීටිමක් රැස් වෙන්න ඕනේ. රැස් වෙලා අපිට තීරණය කරන්න ඕනේ නම් ටික නැවත වරක් දාලා ඒ කරපු අසෙස්මන්ට් එක නැවත වරක් ආයෙමත් බලන්ඩ කියලා, සලකා බලන්ඩ කියලා මේක සුදුසුද නැද්ද කියලා. වැරදීමක් වෙලා තියෙන්නේ වෙබ් සයිට් එකෙන් නම අයින් කරපු එක. සභාපතිවරයා එසේ පැවසුව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතාගේ අත්සනින් යුත් මෙම ලිපිවලින් දැක්වෙන්නේ ජුනි 26 වැනි දා කමිටු රැස්වීමෙන් පසු රුසියානු මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලය (පැට්‍රිස් ලුමුම්බා), පිරොගොව්ෆ් ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ට්වෙර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයන් මෙරට වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ඉවත්කර ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/773364136816806/
2020-09-13T06:37:39.000Z
පැය 24 ක් තුළ බස්නාහිර පළාතේ වැටලීමකින් 699ක් දැලේ
බස්නාහිර පළාතේ වැටලීමකින් 699ක් දැලේ
COLOMBO ( News 1st ) : බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් 699 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පැය 24 ක් තුළ සිදු කළ එම වැටලීමෙන් හෙරොයින් සමග සැකකරුවන් 261 දෙනෙකු ගත් බවයි. ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 101 යි මිලිග්‍රැම් 259 කි. එම වැටලීමේදී ගංජා සමග සැකකරුවන් සංඛ්‍යාව 184 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතර මෝටර් රථ පරීක්ෂකවරුන් සමග බස්නාහිර පළාතේ පැය 2 ක් තුළ සිදු කළ මෙහෙයුමකදී රථවාහන 4337 ක් පරීක්ෂා කර තිබේ. එම මෙහෙයුමේදී ටිපර් රථ 872 ක් , බර වාහන 630 ක් පරීක්ෂා කළ බව පොලීසිය පැවසුවේ ය. එහිදී රියැදුරු බලපත්‍ර නොමැති රියදුරන් 29 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන රිය ධාවනය කළ පුද්ගලයින් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. මේ අතර බස්නාහිර පළාතේ ඉදිකිරීම් වැඩබිම්වල ශ්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව පැය 3 ක් තුළ සිදු කළ වැටලීමකදී පුද්ගලයින් 6568 දෙනෙකු පරීක්ෂා තිබේ. එහිදී මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. වැඩබිම් ශ්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දැනුම් දෙයි.
2020-09-13T06:03:16.000Z
නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුමට දායක වූ සියලු නියෝජිතයින් හෙට නීතිපති හමුවට
නිව් ඩයමන්ඩ් නැව ගොඩබිමට රැගෙන එයි ද?
COLOMBO (News 1st) - නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුමට දායක වන සියලු ආයතනවල නියෝජිතයින් හෙට නීතිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, නෞකාව ගොඩබිමට රැගෙන එන්නේ ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවය. නෞකාව රැගෙන යන්නේ නම් එම ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මෙරට සාගර සම්පතට සහ ආර්ථිකයට හානියක් නොවන අයුරින් අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා විධිමත් තීරණ ගැනීම අදාළ සාකච්ඡාවේ අරමුණයි. අනතුරට ලක් වූ නෞකාවේ මෙහෙයුම් සඳහා දායක වන සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කරන පළමු අවස්ථාව මෙය වන බව ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
2020-09-13T05:54:13.000Z
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,633ක්
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,633ක්
COLOMBO (News 1st) – තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවලට අයත් සේවක පුරප්පාඩු 1,633ක් පමණ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ පෙන්වා දී ඇත. එම වාර්තාව පෙන්වා දෙන්නේ පවතින සේවක හිඟය තැපැල් දෙපාර්තමෙතුවේ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමභාවයට සහ ගුණාත්මකභාවය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කර ඇති බවයි. ලිපි බෙදන්න්ගේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පැවතීම කාර්යක්ෂම ලෙස ලිපි බෙදා හැරීමට බාධාවක් වී ඇති බව එම වාර්තාවේ සඳහන් ය. 2019 වසරේ තැපැල් දෙපාර්තමේන්තු වාර්තාව පෙන්වා දෙන්නේ, පෞද්ගලික ලිපි සංසරණයේ අඩුවක් පෙන්නුම් කළත් ව්‍යාපාරික ලිපි, පැකට්ටු සහ පාර්සල් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බවයි. වතු නිවාස ආශ්‍රිතව ලිපි බෙදාහැරීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්නැයි මානව හිමිකම් කොමිසම උපදෙස් ලබාදී ඇති නමුත් පවතින සේවක හිඟය ‍එම ක්‍රමවේදය සකස් කිරීමට බාධා එල්ල කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
2020-09-13T05:39:41.000Z
මස්කෙලියේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මරුට
මස්කෙලියේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - මස්කෙලිය, බ්‍රවුන්සික් වතුයායේ පස් කන්දකට යටවීමෙන් අද උදෑසන පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, එම වතුයායේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුර දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන බව පොලීසිය පැවසීය.
2020-09-13T05:41:54.000Z
ප්‍රදේශ කිහිපයක ගිනි අවි වැටලීම්..
ප්‍රදේශ කිහිපයක ගිනි අවි වැටලීම්..
COLOMBO (News 1st) – හලාවත, මුගුණුවටවන ප්‍රදේශයේ බෝර 12 ගිනි අවි 2ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී බෝර 12 සජීවි පතරොම් 17ක්, හිස් පතරොම් කොපු 15ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවය. සැකකරු 58 හැවිරිදි මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රත්නපුර, වීරගොඩ, හිදැල්ලන ප්‍රදේශයේදී ද බොර 12 ගිනි අවියක් සමග සැකරකුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් රත්නපුර සහ හලාවත මහේස්ත්‍රාත්වරුන් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර කොල්ලුපිටිය, මල්පාර, 28 වන පටුමගේ අපජල කාණුවක තිබී ගිනි අවියක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.
2020-09-13T04:58:29.000Z
තව ත් කොරෝනා ආසාදිතයින් 9 ක් හඳුනා ගනී
තව ත් කොරෝනා ආසාදිතයින් 9 ක් හඳුනා ගනී
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ. ඔවුන් කටාර් සිට පැමිණි 08 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකි. ඔවුන් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 196 කි. අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලැබූහ. ඒ සමග මෙරට කොරෝනා සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2996 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
2020-09-13T04:53:12.000Z
රුපියල් ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තිදෙනෙකු මාළිගාවත්තේදී අත්අඩංගුවට
රු. ලක්ෂ 10ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් 3ක් දැලේ
COLOMBO (News 1st) – රුපියල් ලක්ෂ 10 අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තිදෙනෙකු මාළිගාවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කළ මෙහෙයුමකින් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඒ අතුරින් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවයි. එම කාන්තාවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 90 ක්, මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ක් සහ කේරල ගංජා පැකට් 29 ක් සොයාගෙන තිබේ. මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 680 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මීගොඩ, දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරුවන් මෝටර් රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත ය.