date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-09-22T02:13:56.000Z
මස්කෙළියෙන් කොටියෙකුගේ සිරුරක් හමුවෙයි
මස්කෙළියෙන් කොටියෙකුගේ සිරුරක් හමුවෙයි
COLOMBO (News 1st) - වෙඩි තබා ඝාතනය කරන ලද කොටියෙකුගේ සිරුරක් මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තකින් සොයා ගෙන තිබේ.
2020-09-22T00:53:35.000Z
විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 12 දෙනෙකුට කොරෝනා
විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 12 දෙනෙකුට කොරෝනා
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිත තව ත් 12 දෙනෙකු අද උදෑසන වනවිට හඳුනාගෙන තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් 12 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බවයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 8 දෙ‍නෙකු සහ සෞදි ආරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ඒ අතර වේ. අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ මුළු ආසාදිතයින් 649 දෙනෙකු සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. මේ අතර කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් දෙසීය අනු දෙනෙකු (290) මෙරටට පැමිණී බවයි. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අද දිනය වන විට පුද්ගලයින් 43,849 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66 ක් තුළ පුද්ගලයින් 6,626 දෙනෙකු අද වනවිට නිරෝධායනය වෙමින් සිටි. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ දිනය තුළදී PCR පරීක්‍ෂණ 1470 ක් සිදු කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරීක්‍ෂණ 269,483 ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.
2020-09-21T23:23:52.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපති කොමිසම හමුවට පැමිණෙයි
හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද පැමිණ තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ ඔහුගේ නීතිඥවරයා සමගය. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය චෝදනා එල්ල කළ බවට සිදු කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, එම නිවේදනය හරහා තම සේවාදායකයා බියට පත්ව ඇති බවයි.
2020-09-21T23:09:39.000Z
මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමට ගත් අනුමැතිය ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්
කඩා වැටුණු ගොඩනැගිල්ල ගැන සෙවීමට පොලිස් කණ්ඩායමක්
COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ ආයතනවල අනුමැතිය නිසි පරිදි ලබා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් අනුයුත්ක කර තිබේ. පොලීසිය සඳහන් කළේ, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම යොදවා ඇති බවයි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ, මූලික විමර්ෂණවලදී තහවුරු වූ තොරතුරු අනුව කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ ආයතනවලින් ලබා ගත් අනුමැතීන්ට පටහැනිව ඇතැම් කොටස් ඉදිකර ඇති බවය. එම විමර්ශන වාර්තාවලට අනුව නිසි ප්‍රමිතියෙන් තොරව අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති බවට තහවුරු වුවහොත්, අපරාධ චෝදනා යටතේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පැවසීය. මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, ගොඩනැගිල්ලේ බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි. එම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක් ආරම්භ වන ප්‍රදේශයක බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය. මෙම පස්මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරින් කුඩා බිළිඳියක සහ ඇගේ මව්පියන් මිය ගියහ. මේ අතර මහනුවර නගර සීමාවේ ඇති අවිධිමත් ගොඩනැගිලි බවට සැක සහිත ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා දසපුද්ගල විශේෂඥ කමිටුවක් පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පියවර ගෙන තිබේ. ඔහු සඳහන් කළේ, එම විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාව අද උදෑසන පැවැත්වීමට නියමිත බවයි.
2020-09-21T23:35:44.000Z
නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්
නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ, බහුදින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. ඊට අමතරව නිරිත, දකුණ සහ ගිණිකොන දිග ප්‍රදේශවලින් මුහුදු යන එක්දින සහ කුඩා ධීවර යාත්‍රා ද මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්වන්නැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය. සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර මධ්‍යම, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවති. උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමනු ඇත. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.
2020-09-21T22:19:17.000Z
එක්සත් ජාතින්ගේ 75 වැනි සංවත්සරයට ලෝක නායකයින් රැසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය75 වැනි සංවත්සරය සමරයි
News 1st - එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කර තිබේ. ලෝක යුද්ධ වැළැක්වීම, අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, අන්තර්ජාතික නීති සැකසීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත. මෙවර එහි තේමාව වී ඇත්තේ, බහුපාර්ශ්විකවාදය විකල්පයක් නොව අවශ්‍යතාවයක් යන්නයි. කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙවර එහි තවත් අරමුණක් වී තිබේ. සංවත්සරය ඊයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විය. මෙහිදී ලෝක ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති ගැටලු හා ඒවායේ විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍යයන්හි නායකයින් 160 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් සංවත්සරය සඳහා සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙහිදී ඇෆ්ගනිස්ථාන ජනපති අස්රෆ් ගානි සඳහන් කළේ, ගෝලීය ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් සඳහන් කළේ, බහුතරයක් ලෝක නායකයින් කෙසේ පැවසුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් තමා එකඟතාවය පළ කරන බවය. යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මිචෙල් අවධාරණය කළේ, සෑම රාජ්‍යයක්ම අනෙකා වෙනුවෙන් වගකිව යුතු බවයි.
2020-09-21T22:31:03.000Z
කොල්ලුපිටිය කැසිනෝ ක්‍රීඩාවේ යේදී සිටි චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට
කැසිනෝ ගැසූ චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) – කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයක මුදල් ඔට්ටුවට නීතිවිරෝධි ලෙස කැසිනෝ ක්‍රීඩාවේ යේදී සිටි චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවයි. ඔවුන් සතුව තිබි රුපියල් ලක්ෂ 65 ක මුදලක් ද පොලීසිය සොයාගෙන තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-21T20:47:46.000Z
කටානේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නකින් පුද්ගලයෙකු මරුට
රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - කටාන, කලුඅරිප්පුව ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, කර්මාන්ත ශාලාව ගිනි ගැනීමෙන් එහි ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් ඇති බවයි. මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ රාත්‍රී 11.00 ට පමණ එම රතිඤ්ඤා කර්මාන්ත ශාලාව ගිනිගෙන ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/706508559941183/
2020-09-21T20:33:22.000Z
රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු - ජනපති
"රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්න"
COLOMBO (News 1st) - රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ඉහළපෙළේ එක්දින සමුළුව අමතමිනි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, "අපට අවශ්‍ය එක්සත් ජාතීන්" යන පාඨය රාජ්‍යන්ගේ ස්වෛරී සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පෙන්වා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළපෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.45 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහ මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනිටෝ ගුටරෙස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ සිදු කළ අතර රාජ්‍ය නායකයින් 180 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූ බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2670880933153791/
2020-09-22T01:02:26.000Z
20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට...
20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට...
COLOMBO (News 1st) (12.00pm) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසිනි. 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. https://www.facebook.com/NewsfirstSL/videos/2542752792632025/ ================================================================================ COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. මේ අතර පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව අද සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ උදෑසන 10.00 සිට සවස 5.30 දක්වායි. https://www.facebook.com/NewsfirstSL/videos/786248908860301/
2020-09-21T19:40:09.000Z
කෝප් කමිටුවේ පළමු රැස්වීම අද
කෝප් කමිටුවේ පළමු රැස්වීම අද
COLOMBO (News 1st) - 09 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත වේ. පාර්ලිමේන්තුව සඳහන් කළේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ පළමු රැස්වීම හෙට (23) පැවැත්වීමට දින නියම වී ඇති බවයි. ‍එහිදී කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපතිවරයා තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව කාරක සභා හමුවට කැඳවනු ලබන රාජ්‍ය ආයතන තීරණය කිරීම සිදු කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසීය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජික මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙකු බැගින් සමන්විතය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත රාජ්‍ය සංස්ථාවල සහ රජය යටතේ ඇති වෙනත් ව්‍යාපාරවල, මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය හිමිව තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ, රජයේ, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි. මේ අතර ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ද පළමුවරට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසීය.
2020-09-21T19:16:20.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහනුවර අනතුරට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි: මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 2. අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා: මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ. 3. ආනවිලුන්දාව තෙත් බිමට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ: පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය. 4. ඩොලර් ට්‍රිලියන 2 ක ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයක තොරතුරු හෙළිවෙයි: ලොව විශාලතම වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ට අයත් බවට සැකකෙරෙන නීති විරෝධි ලෙස උපයන ලද ඩොලර් ට්‍රිලියන 2 කට අධික මුදලක්, බැංකු හරහා සංසරණය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රහසිගත ලිපිගොණුවක් හෙළිකර තිබේ. විදෙස් පුවත් 5. කොරෝනා හේතුවෙන් වසා දැමූ ටජ්මහල යළි විවෘත කෙරේ: කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාවේ ටජ්මහල නැවත විවෘත කර තිබේ.
2020-09-21T11:08:22.000Z
20 හෙට පාර්ලිමේන්තුවට... ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ස්ථාන දෙකකදී සාකච්ඡා
20 හෙට පාර්ලිමේන්තුවට...
COLOMBO (News 1st) - මේ වනවිට දේශපාලනයේ අවධානයට ලක් වූ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ 20 වැනි සංශෝධනයයි. එය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට රටේ පුරවැසියන්ට හැකියාව පවති. මේ අතර අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ ද ප්‍රධාන මාතෘකාවක් බවට මෙය පත්ව තිබුණි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පස්වරු 5.00 ට පමණ කැබ්නට් හමුව ආරම්භ වූ අතර පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/335626697747542/
2020-09-21T10:48:03.000Z
20 ගැන හැමෝම කතා වෙද්දි,ජනතා ගැටලු එලෙසමයි - 24 වැනි දිනටත් ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට
20 ගැන හැමෝම කතා වෙද්දි,ජනතා ගැටලු එලෙසමයි
COLOMBO (News 1st) - 20 ගැන එහෙන් මෙහෙන් කතා වෙද්දි ජනතාව හමුවෙන්න ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට යන 24 වැනි දවස අද යි. මඩකලපුව, මහනුවර, මොණරාගල දිස්ත්‍රික්කවල ගම්මාන ගණනාවක නොවිසඳුණු පොදු ප්‍රශ්න ගොන්නක් අදත් සටහන් විය. මොණරාගල, දොඩම්ගොල්ල කියන්නේ හඬා වැටෙන ගමක්. ඒකට හේතුව ගමටම වතුර දීපු දොඩම්ගොල්ල වැව විනාශ වීමයි. දැන් තියෙන්නේ වැවක් නෙවෙයි මඩ ගොඩකි. මේ ගමට අහස් දිය වැටෙන්නෙත් අවුරුද්දකට එකම එක පාරයි. හැබැයි ඒ වතුරත් ඔහේ ගලාගෙන යන්නේ මේ වැවේ දැන් මඩතට්ටු පිරිලා තිබිම නිසාවෙනි. අවුරුද්දකට කුඹුරු අක්කර 100 ක් විතර වගා කළ මිනිස්සු දැන් අසරණ වෙලාය. මේ වැව හැදුවොත් ගමකට ජීවිකාවත්, රටකට බතත දෙන්න පුළුවනි. මහනුවර, උඩුදුම්බර ආඩිදෙණිය ගමේ මිනිස්සු ඉන්නෙ අලි වැට ඇතුළේ. අලි ඉන්නේ ගමේ මේ අලි වැට හදලා තියෙන්නේ අලිමංකඩ තුනක් අහුරලා. ගමේ සැරිසරන අලි පන්නන්න කිව්වම හසලක වනජීවි එකෙන් කියන්නේ අලි ඉන්න තැන් ගැන හරිම හෝඩුවාව දෙන්න කියලා. ගම්මු නිලධාරීන්ගෙන් අහන්නේ ගමට අලි එන්නේ අපිට කියල ද කියලාය. මාර්තු වෙනකන් රජයෙන් අලිවෙඩි තුනක් ලබා දී තිබේ. දැන් ඒකත් නතර වෙලා මාස 6 කි. හවස 5.00 වෙනකං හිනාවෙන මේ ගමේ මිනිස්සු පාන්දර 5:00 වෙනකන් අඬනවා. තවද මඩකළපුව, රාජතුරෛනගර් ගමේ ජීවත්වන පවුල් 250 කගේ ප්‍රධාන ජීවනෝපාය කුලීවැඩයි. මේ මිනිස්සු පිපාසෙට වතුර ටිකක් හොයාගෙන කිලෝමීටර තුනකට වඩා දුරක් ඇවිදිනවා. මෙහෙම ඇවිදින්න සිද්ධ වෙලා තියෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයට ම ජලය සපයන උච්චි මුනේ කුලම් වැව ගමේ තියාගෙනය. හැබැයි, මේ වැව රාජතුරෛනගර් ගමේ මිනිස්සුන්ට තහනම් ය. ගම්මු වැව දිහා බලාගෙන වැව් පිට්ටනියේ වළවල් හාරල වතුර ගන්නවා. https://www.facebook.com/NewsfirstSL/videos/1671274449699245/
2020-09-21T10:24:41.000Z
ඩොලර් ට්‍රිලියන 2 ක ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයක තොරතුරු හෙළිවෙයි
ඩොලර් ට්‍රිලියන 2ක් ගැන හෙළිදරව්වක්...
COLOMBO (News 1st) - ලොව විශාලතම වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ට අයත් බවට සැකකෙරෙන නීති විරෝධි ලෙස උපයන ලද ඩොලර් ට්‍රිලියන 2 කට අධික මුදලක්, බැංකු හරහා සංසරණය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රහසිගත ලිපිගොණුවක් හෙළිකර තිබේ. අදාළ රහසිගත ලිපිගොනුවෙහි දැක්වෙන්නේ, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර බැංකුවක ගිණුම් හරහා වංචනිකව හුවමාරු වූ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 80 ක් බවයි. එම බැංකුව, 2013 සහ 2014 වසරවලදී සිය අමෙරිකානු ව්‍යාපාරය ඔස්සේ හොංකොංහි ගිණුම් වෙත මෙම මුදල් යැවූ බව සඳහන් ය. කෙසේ වෙතත් තමන් සෑම විටම නීත්‍යානුකූලව කටයුතු කළ බව එම බැංකුව පැවසුවේය. මුදල් විශුද්ධිකරණ චෝදනා මත මෙම බැංකුවට අමෙරිකාව ඩොලර් බිලියන 2 කට ආසන්න දඩ ගැසීමෙන් පසුව බැංකුව මෙම වංචනික ක්‍රියාවට සහය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බැංකුව එම දඩ ගැසීමෙන් පසු එවැනි ක්‍රියාවලින් වළකින බවට ප්‍රතිඥා දී තිබුණි. ෆින්සෙන් (FinCEN FILES)යනුවෙන් හැඳන්වෙන මෙම ලිපිගොනුවලින් හෙළි වූ තව ත් කරුණක් වන්නේ අමෙරිකාවේ විශාලතම වාණිජ බැංකුවක් , රුසියානු / යුක්‍රේන පාතාල කල්ලි නායකයකු වන සෙමියොන් මොගිලෙවිච්ට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික නීතිවිරෝධී මුදල් සංසරණයට ඉඩ ලබාදී ඇති බවයි. 1990 දශකයේ නීතිවිරෝධී ක්‍රියාවලින් විශාල ධනයක් ඉපැයූ මොගිලෙවිච් ආයුධ ජාවාරම, කුලී මිනී මැරුම් සංවිධානය, මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ජාවාරම ඇතුළු අපරාධ රැසක් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කළ බව සඳහන් වේ. තව ත් ලොව ප්‍රමුඛපෙළේ වාණිජ බැංකුවක් තලේබාන් ත්‍රස්ත සංවිධානයට අයත් මුදල් විශුද්ධිකරණයට ඉඩ දුන් බව අදාළ ලිපිගොනු මගින් අනාවරණය කර ඇත. ෆින්සෙන් ලිපිගොනු මගින් හෙළිදරව් කළ වාර්තා ප්‍රමාණය 2567 ක් වන අතර ඉන් වාර්තා 2100 ක්ම සැකසහිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම බැංකු හරහා මුදල් විශුද්ධිකරණය සිදු වූ අයුරු සහ අපරාධකරුවන් සිය මුදල් සැඟවීමට නම්හෙළිනොවූ බ්‍රිතාන්‍ය සමාගම් යොදාගත් ආකාරය මින් හෙළිකර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/746278045931671/
2020-09-21T10:03:12.000Z
21 ප්‍රහාරය ගැන ලබාදුන් තොරතුරු ප්‍රමාණවත් නැතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි
21 ප්‍රහාරය ගැන ලබාදුන් තොරතුරු ප්‍රමාණවත් නැහැ
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු අනතුරු ඇඟවීම්වල බරපතළ බව එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා විසින් අවධාරණයෙන් දැනුම් දිය යුතුව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද යළිත් සාක්ෂි දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. විදේශීය බුද්ධි අංශ අනතුරු ඇඟවීම් හරහා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබූ බවටත් ප්‍රහාරයක් එල්ලවන බවටත් නිශ්චිතවම සඳහනක් කර නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, මෙම අනතුරු ඇඟවීම්වල බරපතළකම පිළිබඳව සොයා බලා නිශ්චිත තොරතුරු වාර්තා නොකර අනතුරු ඇඟවීමක් ඇති බව පමණක් සඳහන් කිරීම එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිදු කළ වරදක් බවයි. නිවැරදි පියවර ගැනීම සඳහා බුද්ධි අංශ ප්‍රධානියා එහි බරපතළකම පිළිබඳව දැනුම්දිය යුතුව තිබූ බව ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය. ඔහු අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි පැවසෙන තොරතුරු තම කාල සීමාවේ දේශීය බුද්ධි අංශවලින් ද නොලැබුණු බවයි. මාවනැල්ල බුදුපිලිම කඩාදැමීම, වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ කාත්තන්කුඩි යතුරු පැදියක පිපිරීම අතර සම්බන්ධතාවක් තමන්ට නිරීක්ෂණය නොවූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ, මේ සිද්ධීන්වලින් දේශීයව පුපුරණද්‍රව්‍ය නිපදවීමට හැකියාව ඇති බවට තමන් පිළිගන්නා බවයි. එය රටටම අනතුරුදායක තත්ත්වයක් බව ද හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේ ය.. අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගත් සහරාන් හෂීම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කිසිදු තීරණයක් නොගත් බව පැවසූ ඔහු කියා සිටියේ, එම රැස්වීම්වලදී විදේශීය අනතුරු ඇඟවීම් සාකච්ඡා කිරීමට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මැලිකමක් දැක් වූ බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය චෝදනා එල්ල කළ බවට සිදු කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කියා සිටියේ ය. ඊයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, එම නිවේදනය හරහා තම සේවාදායකයා බියට පත්ව ඇති බවයි. කොමිසමේදී සාක්ෂිකරුවෙකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා නොගෙන නිවේදන හරහා චෝදනා ප්‍රතික්ෂේප කිරීම කොමිසමේ අධිකාරිය නොතකා කටයුතු කිරීමක් බව නීතිඥවරයා පැවසුවේ ය. නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කොමිසමට කැඳවා අධිකරණයට අපහාසයක් නොකළ බවට පැහැදිලි කිරීමට හේතු විමසන්නැයි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඉල්ලීමක් කළේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චරිත ගුනරත්න මහතා කියා සිටියේ, එම නිවේදනය පිළිබඳව තමන් දැනුවත්ව නොමැති බවයි. තම සේවාදායකයා විසින් ඒ බව තමන්ට දැනුම්දී නොමැති බව ද ඔහු පැවසුවේ ය. හෙට දිනයේදී කොමිසම හමුවේ කරුණු දක්වන්නැයි හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයාට කොමිසම නියෝග කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/619982435302360/
2020-09-21T09:09:36.000Z
මහනුවර අනතුරට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි
මහනුවර අනතුරට හේතුව ?
COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, ගොඩනැගිල්ලේ බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවය. මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක් ආරම්භ වන ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද එහි පැමිණ නිරීක්ෂණය කළේ ය. ගිලා බැසිමට ලක් වූ නිවස ආසන්නයේ මාර්ගයේ ඉරිතලා යම් කිහිපයක් ද එහිදී නිරීක්ෂණය විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා, මහනුවර ප්‍රදේශයේ මේ තියන බෑවුම්වල මේ ප්‍රශ්නය හැම තැනම තියනවා මේ එක තැනක් විතරයි මෙතන පරන කඳුරක් මේ කඳුර කලින් ජලය ගලා ගිය කඳුරක් සෑහෙන කාලෙක ඉඳන් මේක අවහිර වෙලා තිබිලා තියනවා. නමින්ම කියවෙන පරිදි මේක බූවැලිකඩ මේකේ භුවැල්ල උඩ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තෙන්ම පාදම ෆවුන්ඩේෂන් එක පිහිටි පාෂාණයේ ඉඳන් මේක කරගෙන ඇවිල්ලා තිබුණා නම් මෙහෙම අනතුරකට ලක්වෙන්නේ නෑ කියන එක තමයි මගේ විශ්වාසය පොළෙවට නොගැලපෙන දාරගන්න බැරි බරක ගොඩනැගිල්ලක් නිර්මාණය වුණ හින්දා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ මේ අතර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරුවන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශක් සිදු කරමින් පැවැසුවේ, නිවස කඩා වැටීමට පෙර අසල්වාසීන් දැනුවත් කිරීමට තමන්ට කාලයක් නොතිබුණු බවයි. පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා, මේ අල්ලපු ගෙදරට මං පැන ගත්තේ ඒ වෙලාවෙම. ඇඳිවත පමණයි අපි අරගෙන පැන්නේ එළියට. මගේ දුව මේ පාර ඒ ලෙවෙල් කරනවා. එක හමාරයි පාන්දර එයා පාඩම් කරා. කට්ටිය ඔක්කෝම එයා පාඩම් කරන තැන ඉඳගෙන හිටියා. එක හමාරට විතර නිදා ගන්න ගියා. නිදාගන්න ගිහිල්ලා ඉවර වෙලා පාන්දර හතරට හතරයි කාලට විතර අපිට ඇහුනා දඩස් දොඩොස් ගාලා සද්දක්. ඩක් ඩොක් ගාන සද්දෙට අපි බැලුවා මොකද්ද මේ සද්දේ කියලා. අල්ලපු ගෙදරින් අපිට කිව්වා ඒ ගොල්ලන් ටෝච් ගහ ගහ හිටියා අපේ පැත්තට. සමරසිංහ කියලා එයා කිව්වා එක පාරටම මිස්ටර් ලෙව්කේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුලේ ටයිල් ඔක්කෝම ඉස්සිලා. මේක මම නිසි ප්‍රමිතියට තමයි හදලා තියෙන්නේ. මේක තට්ටු පහක මගේ නිවස. පදිංචි නිවස මම. කම්පැනියකට තමයි දීලා මේක හදලා තියෙන්නේ. නමුත් ඉංජිනේරියන් කෝපරේෂන් එකෙන් තමයි සම්පූර්ණයෙන් අනුමැතිය අරන් තිබ්බේ කම්බි ගැනත් මේකට. අනුර ලෙව්කේ මහතාගේ බිරිඳ, අපි මේ ගෙදර හැදුවේ 2006. ඒ හදනකොට ඒ වෙනකොට ගන්න ඕන හැම අනුමැතියක්ම අපි අරගෙන තිබුනේ. අපිට හරිම කණගාටුයි ඇත්තටම මේ කැඩුනට වැඩිය මේ පල්ලෙහා පවුලක්ම නැති වෙච්ච එක ගැන. අනුර ලෙව්කේ මහතාගේ පුත්‍රයා, මම උඩම තට්ටුවේ නිදා ගන්නේ. අම්මියි, අප්පච්චියි, නංගියි නිදා ගන්නේ උඩ ඉදන් තුන්වැනි තට්ටුවේ යට. මගේ ඇඳ හෙල්ලිලා එක පාරටම පාන්දර මට ඇහැරුනා. මම හිතුවා ඒක මොකක්හරි හීනයක් මම දැකපු එකක් කියලා. මං පොඩ්ඩක් බලාගෙන ඉද්දී මට තෙරුණා වැටවල් සද්ද වෙනවා. බල්ලෝ බුරනවා අමුතු විදිහට. එහෙම සද්ද ආපු වෙලාවේ මං එහෙමම අම්මිට කෝල් එකක් දීලා ඇහුවා අම්මි මොකක්හරි සද්දයක් එනවා නේද හොරෙක් ඇවිල්ලද කියලා. සමරසිංහ අංකල් අම්මිට කියලා තියෙනවා මිසිස් ලෙව්කේ ඔයාලගේ ගෙදර කණුවක් පුපුරාගෙන යනවා ටක් ගාලා ගෙදරින් යන්න එළියට කියලා. රෝලර් ගේට් එක කොහොම ඇරුනද කියලා මතක නෑ. එහෙමම වාහනේ යතුර ගත්තා. වාහනේ ස්ටාර්ට් කරලා රිවර්ස් කළා. රිවර්ස් කරද්දිත් පාරයි ගෙදරයි අතර ගැප් එකක් තිබ්බා. අම්මිලා අප්පච්චිලා ඔක්කෝම වාහනේට දා ගත්තා. එහෙම්ම එතෙන ඉන්න බෑ. මොකද අපි දන්නේ නෑ නේ කොහොම කොතනින් කඩාගෙන යයිද කියන එක. වාහනේ අරගෙන ගියා මං ක්ලබ් එක පැත්තට. ලේක් ක්ලබ් එක පැත්තට. යන ගමනුත් මගේ කෝල් ලොග් එකේ දැනටත් තියෙනවා මං පොලීසියට ඉන්ෆෝම් කරලා තියෙනවා හරියටම පාන්දර පහට. ඔය ටික වෙලා තියෙන්නේ අම්මිගේ කෝල් එකත් පොලීසියේ කෝල් එකත් අතර තියෙන්නේ විනාඩි හතයි. නිවසේ හිමිකරුවන් අලුයම 5.00 ට නිවසින් පිට වූ බව ප්‍රකාශ කළත් පොලීසිය ඊයේ පැවසුවේ, අලුයම 3 - 4 ත් අතර නිවස කඩා වැටීමට පෙර අනතුරක පූර්ව ලක්ෂණ පහළවීමත් සමග ඔවුන් නිවසින් ඉවත්ව ගොස් ඇති බවයි. ඔවුන් අනතුර පිළිබඳව අසල්වැසියෙකු හෝ පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන නොමැති බව ද පොලීසිය පැවසීය. එලෙස දැනුවත් වීමක් ලැබුනේ නම් වහා ක්‍රියාත්මකවී යාබද නිවාසවල ජනතාව ඉවත් කිරීමට හැකියාවක් තිබූ බව ද පොලීසිය පැවසුවේ ය. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි මෙම පස්මහල් නිවස ගිලා බෑසීම නිසා ඊයේ කුඩා බිළිඳියක සහ ඇගේ මව්පියන් මිය ගියහ. මිය ගිය තිදෙනාගේ දේහයන් ඔවුන් පදිංචිව සිටි නිවස ඉදිපස ඇති ඔවුන්ට අයත් සංචාරක හෝටලය තුළ තැන්පත් කෙරුණි. https://www.facebook.com/NewsfirstSL/videos/334407817822552/
2020-09-21T08:30:36.000Z
ආනවිලුන්දාව තෙත් බිමට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ....
ආනවිලුන්දාවට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ
COLOMBO (News 1st) - පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය. මාධ්‍යවේදී ප්‍රශ්නය, ප්‍රධාන සාමාජිකයින් ගත්ත ද නැද්ද කියන එක පැහැදිලි නැහැ ? මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, ආනවිලුන්දාව රක්ෂිතයට අදාළව අධිකරණයට ඉදිරිපත් කර සැකකරුවන් විසින් කර ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීමක් හෝ වාර්තාවක් ගැනීම හෝ තවමත් මගහැරිලා තියෙනවා සභාපතිවරයාව. ඒ සම්බන්ධයෙන් අපි පොලීසියෙන් විමසීමක් කළා සහ පොලීසිය ඉල්ලීමක් කළා පුළුවන් තරම් ඉක්මණට ඒ උපදෙස් දුන්න කියන සභාපතිවරයාගෙනුත් වර්තාවක් අරගෙන රජයටත් දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙන්න කියලා. අනිත් අය තාමත් අත්අඩංගුවට අරගෙන නෑ. අපේ පැත්තෙන් ඒ සඳහා වූ වාර්තාව අධිකරණට යැවීමට සහ ඒකට මැදිහත් වෙන්න අධිකරණයට යන්න ඕනේ. වනජීවී දෙපාර්තමේන්තුවට අදාළ සියලු තොරතුරු අපි ලබාදීලා තියෙනවා. අධිකරණ කටයුතු දැනට ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් පිටිපස්සෙ ඉන්නවා කියන කතාව සත්‍යයක් ද ? මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, නෑ ඒක අපි සත්‍යක් ද නැද්ද කියලා දන්නේ නෑ. ඇමතිවරයාගේ සහෝදරයෙක්ද නැද්ද ඇමතිවරයා මේකට සම්බන්ධ ද නැද්ද කියන එක ප්‍රකාශ කරන එක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඇමතිවරයා පෞද්ගලිකව කියලා තියෙනවා මම සම්බන්ධ නෑ කියලා නමුත් ඒකට සෑහිමකට පත් වෙන එකක් නෑ මේ රටේ ජනතාව. ඔහු ඉන්න තැන දැක්කොත් අපිට කියන්න පුළුවන් හැබැයි අත්අඩංගුවට ගන්න කට උත්තර ගන්න අපිට බලයක් නෑ. ආනවිලුන්දාවට විතරක් ප්‍රශ්නයක් තියෙනවා තවමත් පොලීසිය මේ කියන පුද්ගලයාගේ වාර්තාවක් කටඋත්තරයක් ගන්න බැරි වුණේ කියන එක. ඒක ප්‍රශ්නයක් සමාජෙ ජනතාව ප්‍රශ්න කරන එකක්. පොලීසියේ වැරැද්දක් ඒක. පොලීසියට පුළුවන් වෙන්න ඕනේ අත්අඩංගුවට ගන්න. https://www.facebook.com/NewsfirstSL/videos/609462339733456/
2020-09-21T07:53:00.000Z
අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා
සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා
COLOMBO (News 1st) - මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ. උන්වහන්සේ එහි සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. චෙන්කලඩි, පන්කුඩාවේලී ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බව සඳහන් පුවරුවක් ද ඇත. පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ, පුරාවිද්‍යා නිලධාරීන් සීමා ලකුණු නොකිරීම නිසා වගා කටයුතු සඳහා පුරාවිද්‍යා ස්ථානයේ කොටසක් ද අත්පත්කරගෙන ඇති බවයි. අනතුරුව එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙකු තාවකාලිකව ඉදිකර ඇති කාර්යාලය තුළ රඳවා සිය ග්‍රහණයට ගත් පූජ්‍ය සුමනරතන හිමියන් වගකිවයුතු නිලධාරීන් කැඳවන ලෙස කියා තිබේ. පොලීසිය පැමිණ සාකච්ඡා කළත් තත්ත්වය සමතයකට පත්වූයේ නැත. පසුව පන්කුඩාවේලී ග්‍රාම නිලධාරීවරයා, චෙන්කලාඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා සහ ප්‍රශ්නගත ස්ථානය අවට වගාකටයුතුවල නිරත පිරිසක් ද පැමිණියහ. තත්ත්වය සමතයකට පත්වූයේ මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය මූලික මැනුම් කටයුතු සතියක් ඇතුළත ආරම්භ කිරීමට පොරොන්දු වීමෙන් පසුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/333432777973882/
2020-09-21T07:57:42.000Z
ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් විරෝධතාවක
රැකියා ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්...
COLOMBO (News 1st) - ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. ඔවුන් ඉල්ලා සිටියේ, තමන් දැඩි පීඩාවකට පත් කර ඇති රැකියා ගැටලුව වහාම විසඳන ලෙසයි. විරෝධතාකරුවන් අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ තිබේ. පසුව ඔවුන් ගමන් කළේ, අසළ පිහිටි උද්ඝෝෂණ සඳහා වෙන් කළ ස්ථානයටයි. උපාධියට සරිලන රජයේ රැකියාවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. පසුව විරෝධතාකරුවන් අතරින් කිහිපදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමට ඉඩ සැලසුණි. මේ අතර අද පස්වරුවේ ඇද හැලුණු වර්ෂාවද නොතකා මේ පිරිස විරෝධතාවයේ නිරත විය. https://www.facebook.com/NewsfirstSL/videos/333012944784121/
2020-09-21T07:45:37.000Z
කොරෝනා හේතුවෙන් වසා දැමූ ටජ්මහල යළි විවෘත කෙරේ
ටජ්මහල යළි විවෘත කෙරේ
News 1st - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාවේ ටජ්මහල නැවත විවෘත කර තිබේ. එලෙස ටජ්මහල වසා දැමුණේ, ඉකුත් මාර්තු මාසයේ දී වන අතර වැඩිම කාලයක් වසා තිබූ කාලය ද එයයි. දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000 කට සීමා කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. කොරෝනා වසංගතයට පෙර දිනකට 70,000 ක පමණ නරඹන්නන් සංඛ්‍යාවක් ටජ්මහල වෙත පැමිණ තිබේ. මීට පෙර ටජ්මහල වසාදමා තිබුණේ 1978 වර්ෂයේදී ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.
2020-09-21T06:18:59.000Z
මනුෂ්‍ය ඝාතනයකට සූදානම් වූ අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
අඟුලානේ 'රොහා'ගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට සූදානම් වූ අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු T56 ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ක්‍රියාත්මක කළ වැටලීමකදීය. කටාන ප්‍රදේශයේදී T56 ගිනි අවියක්, උණ්ඩ 13 ක් හා මැගසින් එකක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 'යකඩ අජිත්' නමින් හඳුන්වන අයෙකි. එම ඝාතන සැළැස්ම සඳහා යතුරු පැදිය පැදවීමට සැළසුම් කළ තව ත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අඟුලානේ 'රොහා' නැමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2020-09-21T05:41:27.000Z
අනුර කුමාර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම හමුවට
අනුර කුමාර ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. ඒ, සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අසත්‍ය චෝදනා ගොනු කර නඩු පැවරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට ඩී. එස්. ජයවීර මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. මීට අමතරව අල්ල්ස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද අද කොමිසමට පැමිණියා ය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද අද පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට පැමිණියේ ය. ඒ, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි. https://www.facebook.com/NewsfirstSL/videos/320162779274978/
2020-09-21T05:23:54.000Z
පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට සිට වෙනස් වෙයි
පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට සිට වෙනස් වෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට (22) සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වේ. අප වාර්තාකරු පැවසුවේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 9 වන පාර්ලිමේන්තුවට අදාළව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට දින සිදු කරන බවය.
2020-09-21T04:33:21.000Z
රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ කමිටුවට පැමිණිලි 100 ක්
රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා ගැන පැමිණිලි 100 ක්
COLOMBO (News 1st) - පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100 කට අධික සංඛ්‍යාවක් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ අගමැති කමිටුවට ලැබී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ, අදාළ බැංකු මගින් ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව විසින් එම පැමිණිලි භාර දී ඇති බවයි. තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනි දා දක්වා දීර්ඝ කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතනවල සිදු ව ඇති අක්‍රමිකතා ඇත්නම් 2020 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ wijayarathne.phas@ped.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට පැමිණිලි කළ හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-09-21T02:24:51.000Z
රවී හා අර්ජුන් ඇලෝසියස්ට නඩු
රවී හා අර්ජුන් ඇලෝසියස්ට නඩු
COLOMBO (News 1st) : අල්ලසක් ලෙස කොල්ලුපිටියේ කුලී නිවසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 06ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට හා අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
2020-09-21T00:39:43.000Z
HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ යළිත්
HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ යළිත්
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබූ HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කළ බව ඒඩ්ස් මර්දන හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ , සායන හා රෝහල් කරා එන පුද්ගලයින්ට අමතරව ප්‍රජාව අතරට ගොස් ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩසටහන් පුළුල් කර ඇති බවයි. පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ HIV ආසාදිතයින් සංඛ්‍යාව 438 කි. මෙරට HIV ආසාදිතයින්ගෙන් බහුතරයක් අවුරුදු 20 ත් 45 ත් අතර පිරිමි පුද්ගලයින් බව ද විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා ය.
2020-09-21T00:27:48.000Z
වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්
වත්තල ප්‍රදේශයට පැය 24 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : වත්තල ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ, හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ය. වත්තල, තෙලඟපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදූව හා ඇලකන්ද යන ප්‍රදේශවලට අදාළ කාලය තුල ජල සැපයුම අත්හිටුවනු ඇති.
2020-09-20T23:28:50.000Z
විදේශයන්හි සිටි ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට
විදේශයන්හි සිටි ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට
COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට පැමිණියේ ය. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 288 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 420 දෙනෙකු , ඉන්දියාවේ සිට පුද්ගලයින් 06 දෙනෙකු හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. එම පුද්ගලයින් PCR පරීක්ෂණවලින් පසු නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.
2020-09-20T23:40:34.000Z
COVID-19 නිසා රැකියා අහිමි වූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය
COVID-19: රැකියා අහිමි වූවන් සඳහා නව ක්‍රමවේදයක්
COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පැවසුවේ නව ක්‍රමවේදය සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයකින් විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා ඇති බවයි. කොරෝනා හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව මෙරටට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ පහසුකම් මෙමගින් සැලසෙනු ඇති. මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු අදාළ ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය මගින් සිදු කරගත හැකි වේ. අවශ්‍ය ලේඛන මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමු කිරීමෙන් පසු ඉහත පහසුකම ලබාගත හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.
2020-09-20T23:05:33.000Z
මාතර සහ හුණුපිටියේදී දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු මරු⁣ට
දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු මරු⁣ට
COLOMBO (News 1st) : ප්‍රදේශ කිහිපයකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් 66 හැවිරිදි හා 51 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි. තව ද මාතර , කොප්පරාවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් 75 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2020-09-20T21:57:06.000Z
බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1,113ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1,113ක් කොටු
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 424ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 685 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
2020-09-20T21:50:14.000Z
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරුවරියක් පත් කිරීම ගැන ජනපති ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා
ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා
COLOMBO (News 1st) : හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කිරීමට ජනපති ගත් තීරණය ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් දැඩි ලෙස විවේචනය කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේකෂක ජෝ බයිඩ්න් පෙන්වා දෙන්නේ, ජනපති ට්‍රම්ප්ගේ තීරණය බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි. හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහාකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , මීළග සතියේදී එම නම් කිරීම සිදු කරන බවයි. රූත් බේඩර් පිළිකාවක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වනවිට 87 වන වියේ පසු වූවා ය. අමෙරිකාව තුළ ආන්දොලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දුන් විනිසුරුවරියක ලෙස රූත් බේඩර් හඳුන්වයි. අමෙරිකාවේ වැඩිම කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු ලෙස ඇය සේවය කළ අතර එම කාලය වසර 27 කි. මේ අතර ජනාධිපතිධූර අපෙක්ෂක ජෝ බයිඩ්න් අවධාරණය කළේ, පුරප්පාඩු වූ ධූරය සඳහා වෙනත් අයෙකු නම් කිරීම ඡන්ද විමසීමෙන් පසුව සිදු කළ යුතු බවයි .
2020-09-20T21:00:15.000Z
මහනුවර රජයේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක
මහනුවර රජයේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක
COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පැවසුවේ මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවරට එළැඹි බවයි. ඒ අනුව අද උදෑසන 8 .00 සිට සිය සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව වෛද්‍ය ඒ.එම්. ප්‍රේමලාල් මහතා පැවසුවේ ය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.
2020-09-20T20:33:06.000Z
කාලගුණයෙන් රතු නිවේදනයක්: පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහළ යා හැකියි..
කාලගුණයෙන් රතු නිවේදනයක්..
COLOMBO (News 1st) : දිවයිනේ පළාත් කිහිපයක සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සුළං වේගය එලෙස ඉහළ යා හැකි බවයි. ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අනතුරුදායක තත්ත්වයක් පවතින බැවින් එක් දින හා කුඩා යාත්‍රා හෙට දිනය දක්වා ධීවර කටයුතු සඳහා යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙයි.
2020-09-20T20:25:52.000Z
මංතීරු නීතිය කැඩුවොත් වැඩ වරදී
මංතීරු නීතිය කැඩුවොත් වැඩ වරදී
COLOMBO (News 1st) : මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඒ සඳහා CCTV දර්ශන හා වීඩියෝ කැමරා හරහා ලබාගන්නා වීඩියෝ දර්ශනවල සාක්ෂි උපයෝගී කරගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
2020-09-20T19:00:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම:මියගිය බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් හමුවෙයි : මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් සොයාගෙන තිබේ. 2. බතික් ආනයන සීමා හොරනේම ඉවත් කර ඇතැයි දයාසිරිගෙන් හෙළිදරව්වක්.. : බතික් කර්මාන්තයට බලපෑම් වන බතික් හා ඒ හා සමාන රෙදි පිළිවර්ග ආනයනයට තිබූ සීමා හොර රහසේම ඉවත් කර ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 3. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම භාර ගන්නේ නැහැ – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු : අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම තමන් කිසිසේත් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. 4. වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට : වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 5. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට මුසුවූ දැවි තෙල් තට්ටුවේ ඝණත්වය අඩු කිරීමට පියවර : නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට මුසුවූ දැවි තෙල් තට්ටුවේ ඝණත්වය අඩු කිරීමට පියවර ගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. විදෙස් පුවත් 1. අමෙරිකානු ජනපතිට විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් : අමෙරිකානු ජනපතිගේ නමට එවූ රයිසින් නැමති විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් සොයාගෙන තිබේ.
2020-09-20T19:50:11.000Z
මහනුවර ගිලා බැස්ස ගොඩනැගිල්ලට යාබද තවත් පවුල් කිහිපයක් ඉවත් කෙරේ
ගිලා බැස්ස ගොඩනැගිල්ලට යාබද තවත් පවුල් ඉවත් කෙරේ
COLOMBO (News 1st) : මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, අදාළ නිම්නාකාර ප්‍රදේශයේ ලිහිල් පාංශු ස්ථර මත එම පස් මහල් නිවස ඉදිකර ඇති බවයි. එහි බර දරාගත නොහැකිවීම ගිලා බැසීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය. පවතින තත්ත්වය යටතේ එම ස්ථානය ආශ්‍රිතව පවතින පවුල් 4 ක් තාවකාලිකව ඉවත් කර ඇති බවද භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ ය. මේ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ එම පස්මහල් නිවස ගිලා බැසීමට භු කම්පන තත්ත්වයක් හේතු වී නොමැති බවයි. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටා තිබූ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බෑසීමෙන් ඊයේ කුඩා බිළිදියක ඇතුළු තිදෙනෙකු ජීවික්ෂයට පත්විය. යාබද පිහිටි නිවසක් මතට එය කඩා වැටීමත් සමග එහි සිටි නිවැසියන් 6 දෙනෙකු සුන්බුන් අතර සිරවූ අතර තිදෙනෙකු ඉන් ගලවා ගැනීමට යුද හමුදාව හා පොලීසිය සමත් විය. අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ බිරිඳ අචලා ඒකනායක නීතීඥවරියෙකි. පසුගිය වසරේ නොවැම්බර් මස විවාහපත් ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති එකම දරුවාද අනතුරින් මිය ගියේ ය.
2020-09-20T11:09:20.000Z
යන්ත්‍රයක් බිලිගත් එක්දරු මවගේ ජීවිතය
යන්ත්‍රයක් බිලිගත් එක්දරු මවගේ ජීවිතය
COLOMBO (News 1st) – පොළොන්නරුව බකමූණ සරුබිම ගම්මානය අද අඳුරු බිමක් වෙලා. ඒකට හේතුව එක්දරු මවක් සිත්පිත් නැති යන්ත්‍රයකට බිලිවෙලා ජීවිතයෙන් සමුගැනීමයි. විමලා පුෂ්පරාණි 49 හැවිරිදි ඇය අවුරුදු දෙකක දරුවෙකුගේ මවකි. ගොවිතැන් කරන සැමියාට සවියක් වෙන්නත්, එකම පුතුගේ අනාගතය වෙනුවෙනුත්, මේ දිරිය කාන්තාව ගමේ තියන බඩ ඉරිඟු නිෂ්පාදන කම්හලක සේවයට ගොස් තිබේ. සහෝදර සේවකයිනුත් එක්ක බඩ ඉරිඟු සුද්ද කරමින් ඉන්න අතරතුර ඇය හිසේ බැඳ සිටි රෙදි කඩ යන්ත්‍රයක් ඇතුළට ගියේ විමලාගේ හිසට දැඩි හානියක් කරමින් ය. සිද්ධිය ඇසින් දුටුවන් මැෂින් එක නතර කරලා පිහියක් ගෙනැල්ලා කැපුවා හිර වෙලා තිබුණ තැන. කතාත් කළා හුස්ම ගන්න අමාරුයි කිවුවා. අත්තනකඩවල රෝහලට විමලා අරගෙන ගියත් වැඩිදුර ප්‍රතිකාර කරන්න තරම් පහසුකම් තිබිලා නැහැ. පොළොන්නරුව මහ රෝහලට රැගෙන යද්දී ඈ ජීවිතය හැර ගොස් තිබිණි. ස්වාමි පුරුෂයා බඩ ඉරිඟු ගගහා හිටියා ඔලුවේ තිබ්බා රෙදි කෑල්ල ඒක ගියා අර බඩ ඉරිඟු ඇට ගන්න තැන. එතන එහෙම්ම සරස් ගාලා ෆෑන් එක අස්සට ගියා. කම්පාවට පත්වෙලා ඉන්න ගමේ අය අහන්නේ , ජීවිතේ ගැට ගහගන්න මහ පොළව එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙන්නෙ ඇයි කියලා
2020-09-20T11:04:56.000Z
බතික් ආනයන සීමා හොරනේම ඉවත් කර ඇතැයි දයාසිරිගෙන් හෙළිදරව්වක්..
බතික් ආනයන සීමා ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්..
COLOMBO (News 1st) – බතික් කර්මාන්තයට බලපෑම් වන බතික් හා ඒ හා සමාන රෙදි පිළිවර්ග ආනයනයට තිබූ සීමා හොර රහසේම ඉවත් කර ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ මාරවිල බතික් කර්මාන්තකරුවන් හමුවු අවස්ථාවේදී ය. මේ අවස්ථාවට මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ බතික් කර්මාන්තකරුවෝ පිරිසක් එක්ව සිටියහ. බතික් කර්මානතයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී කර්මාන්තකරුවන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ ය. බතික් කර්මාන්තකරුන් අද දැන් රුපියල් 6000ක් දෙන ඩයි මිල ලබන සතියේ අපි යනකොට රුපියල් 8000, 12000. ඒ තත්ත්වෙට පත් කරනවා. ඉතින් අපි කීය දීලා හරි ගෙනල්ලා වැඩ කරන්න ඕනෙනේ. රෙදි මිලදී ගැනීමේදීත් ඒ වාගේ ගැටලු තියනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැන් වැඩපිළිවෙළ අපි සාකච්ඡා කරන් යනවා. දැන් අපි හදන්නේ ලංකාවට ගෙන්නන්න සතොස හරහා. හැබැයි මේ ජරා ඩයි එක නෙමෙයි. බතික් කර්මාන්තකරුන් ඉන්දියාවෙන් ඇඳුම් නොගෙන ආවට අපිට ඔය වෙලා තියෙන්නේ මෙහේ නිෂ්පාදන වියදම වැඩී. අපිට කරන්න බෑ. එතකොට අපිට වෙන්නේ සම්පූර්ණයෙන්ම බතික් කර්මාන්තය වසා දාන්න. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දැක්වුවී ය. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය දැන් බතික් සහ ඊට සමාන රෙදි වර්ග ගේන්නේ නැහැ කියලා දැන් රජය කියනවා. මේක කොච්චර කල් තියෙයිද? රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එක එක්කෙනාගේ තියන බලපෑම් මත නැවත ඒකට අවශ්‍ය කරන වාතාවරණය හැදිලා තියනවා. මම බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමා එක්කත්, මුදල් ඇමතිවරයා විදියට ගරු අග්‍රාමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා මේකට ස්ථාවර තහනමක් පනවන්න. දැනට තිබුණු තහනම පනවලා තිබුණේ ජනාධිපතිතුමා, හැබැයි කවුරුහරි බලවතුන් විසින් ඒක එකතු වෙලා නැවැත්තුවා. ඒක දැන් ආපහු නැවත අහෝසි කරලා තියනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක් මොකද මගෙන්වත් අහන්නේ නැතුව ක්ෂෙත්‍රයට සම්බන්ධ ඇමතිවරයාගෙන්වත් අහන්නේ නැතුව ගත්ත ක්‍රියාමාර්ග ගැන මම කණගාටු වෙනවා.
2020-09-20T10:00:08.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම භාර ගන්නේ නැහැ - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු
අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම භාර ගන්නෑ
COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම තමන් කිසිසේත් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. ඒ , එම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හතරවැනි දිනටත් සාක්ෂි දෙමින් ය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, සහරාන් හෂිම් අත්අඩංගුවට නොගැනීම පිටුපස දේශපාලන බලපෑම් පැවතිය හැකි බවයි. වවුනතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම , වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබියදී එය භයානක බව නොවැටහුණේ දැයි මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ය. එහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, තමන්ට එය වැටහුණු බවත් නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම අනුව ඔවුන් රජයට කොයිතරම් අවශ්‍ය ද කියන කරුණ සැළකිල්ලට ගනිද්දී පියවරක් ගැනීම කළ හැකි දෙයක් නොවන බවත් ය. නැගෙනහිර දේශපාලඥයින් හැසිරුණු ආකාරය නිසා පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරිමේ බාධා එල්ලවූ බවද ඔහු කියා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ගේ මට්ටමින් කළ යුතුව තිබූ බව ද ඔහු කියා සිටියේ ය. නැගෙනහිර දේශපාලඥයින් සමග අර්බුදයක් ඇතිකර ගැනීමට හිටපු ජනාධිපතිවරයාට උවමනාවක් නොතිබූ බවද ඔහු කියා සිටියේ ය. ඔහු පැවසුවේ තමන්ට අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම භාරගත නොහැකි බවයි. තමන් රාජකාරිය පැහැරහැර නොමැති බව ද ඔහු කියා සිටියේ ය.
2020-09-20T09:06:45.000Z
හේමසිරිගේ ප්‍රකාශය අසත්‍යක් - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
හේමසිරිගේ ප්‍රකාශය අසත්‍යක්
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය අද නිවේදනයක් නිකුත් කර තිබුණි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මහතා සිදු කළ බවට මාධ්‍ය මගින් පළ වූ කරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙම නිවේදනයේ දක්වා තිබේ. එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති කොමිසමට පැමිණීමට ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය කරුණු පැහැදිලි කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවයි.
2020-09-20T10:17:20.000Z
මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන වෙනස්කම්වලට අනුව වෙනස් විය යුතුයි - ඇමති විමල්
වෙනස්කම්වලට අනුව මහ බැංකුව වෙනස් විය යුතුයි
COLOMBO (News 1st) – මහ බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන නව තත්වයන්ට ගැලපෙන ආකාරයට හැඩ ගැස්වීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2020 කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය අමතමින් ය. හම්බන්තොට, මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති සම්මන්ත්‍රණයේදී කොවිඩ් 19 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය මහාචාර්ය ලක්ෂ්මන් ආර්.වටවල මහතා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත භාර දෙනු ලැබුවේ ය. මෙම අවස්ථාව සඳහා චමල් රාජපක්ෂ මහතා, විමල් වීරවංශ මහතා , මහින්ද අමරවීර මහතා , අජිත් නිවාඩ් කබ්රාල් මහතා යන අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි කියලා කිව්වොත් නිවැරදියි. එය අපේ රටේ සෑම අංශයකම නියෝජනය වීම වැදගත්.අපිට සතුටු වෙන්නට පුළුවන්. අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් සීයට පනස් දෙකක් නිවැරදි කිරීමට යටත්ව පමණක් එම අංශයේ දායක වෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ඇතුව කොවිඩ් 19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා වූ රුපියල් බිලියන තිස් තුනක මුදලක් ප්‍රදානය කිරීමට වෙන් කිරීමට හැකි වීම අපිට සතුටක්. අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හඳුන්වලා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවන්නට අවශ්‍ය පියවර ගත්තා. වත්කම් හිඟ වීම නිසා අලුතින් පිහිටුවන සම පාර්ශවීය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් , විදේශීය මුදල් ලබා දෙන ආයතනවල සහය ලබා ගෙන මෙම ආයතන පිහිටු වීම සඳහා අපගේ සහයෝගය අප ලබා දෙනවයි කියන එක මම මතක් කරනවා. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අපේ මහ බැංකුව සහ මහ බැංකුවත් එක්ක බැදිච්ච අනිකුත් මූල්‍ය ආයතන ඒවා මේ අලුත් පරිවර්තනයට ඕන කරන ආකාරයට හැඩ ගැස්වීම අත්‍යවශ්‍යයි. දැන් මේ තියන නව තත්ත්වයට මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි නව තත්ත්වයක්. කොරෝනාවලින් පසුව තියන නව තත්ත්වයක්. අද ලෝකයේ ගුවන් තොටුපොළවල් වහලා. හැබැයි අපිට කන්ටේනර් යවන්න පුළුවන්කම තියනවා. අලුත් වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වෙනවා.පරණ වෙළෙඳපොළ අත්පත් කරගෙන හිටපු අයට දැන් නිෂ්පාදනය කරගන්න විදියක් නෑ. මේ ඇති වෙන විශේෂ අවස්ථාවට ඕන කරන විදියේ විශේෂ වෙනස්කම් ටික වෙන්න ඕන. ඒක අපේ ඔළුව තුළ වෙනස්කම වෙන්න ඕන.ඒ වගේම ආයතනය තුළ වෙනස්කම වෙන්න ඕන.මහ බැංකුව ඇතුළේ ඒ වෙනස්කම වෙන්න ඕන. මහ බැංකුවෙන් ඒ වෙනස්කම අනිකුත් මුල්‍ය ආයතනවලට ගලා ගෙන යන්න ඕන. ඒ වෙනස්කම වෙන්නේ නැත්නම් ඒ වෙනස්කම කරන්න පුළුවන් අය ඒ ආයතනවලට පත් කරන්න ඕන.එහෙම නැතුව අපි තවදුරත් සාමාන්‍ය කාලයක වගේ බලාගෙන හිටියොත් අවස්ථාව අපිව අත හැරලා යනවා. අපි අවස්ථාව දිහා ඔහේ බලාගෙන හිටපු ජාතියක් හැටියට තමයි ඉතිහාස පොතේ ලියවෙන්නේ . මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් ප්‍රමාණයක් අපේ රටේ තියනවා . දැවැන්ත මුදල් ප්‍රමාණයක්. බැංකුවල තියනවා. තැන්පතුම රුපියල් බිලියන 9000 ක්. බිලියන 9000 ක්. ෆිනෑන්ස් කම්පැනිවල තවත් බිලියන 1000 ක් තියනවා. බිලියන 10,000 ක් අපේ රටේ තැන්පතුවලින් තියනවා . සීයට එකක් කියලා කියන්නේ මිලියන සීයක්. ඉතින් මේ මිලියන සීයට අපිට යම් ආකාරයකට වෙනසක් කරන්න පුළුවන් නම්, ඒක කොටස් වෙළෙඳපොළට යන්න පුළුවන් නම් එතකොට කොටස් වෙළෙඳපොළේ සෑහෙන්න ලොකු ප්‍රගතියක් ඇති වෙනවා
2020-09-20T08:13:07.000Z
සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි
සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි
COLOMBO (News 1st) : සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි දින කිහිපයේ මධ්‍යම, ඊසාන දිග, සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි ය. එම මුහුදු ප්‍රදේශවලට ලබන 22 වැනිදා දක්වා යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නේ නම් හැකි ඉක්මනින් වඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ය.
2020-09-20T06:23:54.000Z
බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග 348 ක් කොටු
බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග 348 ක් කොටු
COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 348 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ එම වැටලීමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 117 කි. එහිදි පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 196 යි මිලිග්‍රෑම් 683 කි. ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 95 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-09-20T04:58:43.000Z
අධිකරණ ඇමති අලි සබ්රි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට
අධිකරණ ඇමති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට
COLOMBO (News 1st) : අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අතර එහි වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. රස පරීක්ෂක වාර්තා ලබා දීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.
2020-09-20T03:48:04.000Z
පිටබැද්දරදී ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කෙරේ
පිටබැද්දරදී පුද්ගලයකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) – පිටබැද්දර, තැන්නහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් කාන්තාවක් ද බරපතල තුවාල ලබා ඇති බවයි. ඇය බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට මාරු කළ බව පොලීසිය සඳහන් කළේ ය. ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි පිටබැද්දර පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පිටබැද්දර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2020-09-20T04:35:49.000Z
UPDATE: මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම:මියගිය බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් හමුවෙයි
මහනුවර ගිලා බැසීම:එකම පවුලේ තිදෙනෙකු මරුට
COLOMBO (News 1st) : මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් සොයාගෙන තිබේ. මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු 5කින් සමන්විත ගොඩනැගිල්ලක් අද අලුයම ගිලා බැසීමකට ලක්ව තිබේ. එහිදී යාබද නිවසක සිරවී සිටි මව, පියා සහ බිළිඳා බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. බිළිඳාගේ සිරුර අද උදෑසන සොයාගත් අතර, මීට ටික වේලාවකට පෙර මව සහ පියාගේ සිරුරු සොයාගනු ලැබිණි. ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2020-09-20T03:20:36.000Z
ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - පන්නල , උඩුගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පන්නල, විලගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) ක්ෂණික මාර්ග බාධකයක් යොදා ජීප් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 පතරොම් 17 ක් ඔවුන් සන්තකයේ තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔවුන් 47 සහ 24 හැවිරිදි ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මේ අතර උඩුගම, බණ්ඩියහේනවත්ත ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 ක් , බොර 12 පතරොම් 04 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ උඩුගම පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. මේ අතර රුවන්වැල්ල, මාගම්මන ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-20T03:16:05.000Z
හෙරොයින් ග්‍රෑම් 7 ක් සමග 'බැරල් රංජි' අත්අඩංගුවට
'බැරල් රංජි' අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ෆාරුක් හෙවත් 'බැරල් රංජි' නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 ක්, ජංගම දුරකතන 20 ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි. ඔහු සමග 31 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 5 කි. කොළඹ අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත තුළ අද උදෑසන 6.00 ට ආරම්භ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
2020-09-20T02:49:26.000Z
බෙහෙත් පෙති මත්ද්‍රව්‍ය ලෙස අධික මාත්‍රාවකින් භාවිතයට ඇබ්බැහි වූ පිරිස ඉහළට
බෙහෙත් පෙති මත්ද්‍රව්‍ය ලෙස ගන්නා පිරිස ඉහළට
COLOMBO (News 1st) - විවිධ රෝග සඳහා භාවිත කරන පෙති වර්ග මත්ද්‍රව්‍ය ලෙස අධික මාත්‍රාවකින් භාවිතයට ඇබ්බැහි වූ ලක්ෂයක පමණ පිරිසක් සිටින බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසන්නේ, දෛනික ජීවිතයේ එල්ලවන විවිධ ප්‍රශ්න හේතුවෙන් මත්ද්‍රව්‍යවලට යොමුවන පිරිසේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. තවත් ලක්ෂ තුනකට වඩා පිරිසක් ගංජාවලට ඇබ්බැහි වූවන් වන අතර ඉන් වැඩි පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ කේරළ ගංජා වලටයි. මෙරට පුද්ගලයින් ලක්ෂ 05ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක බවයි.
2020-09-20T02:46:05.000Z
අමෙරිකානු ජනපතිට විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක්
අමෙරිකානු ජනපතිට විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක්
COLOMBO (News 1st) - අමෙරිකානු ජනපතිගේ නමට එවූ රයිසින් නැමති විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් සොයාගෙන තිබේ. ධවල මන්දිරයේ ලිපි පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයේදී එම ලිපිය සොයාගෙන ඇති බව අමෙරිකානු බලධාරීන් සඳහන් කළේය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එරට රහස් ඔත්තු සේවා විමර්ශන ආරම්භ කර ඇති බවය. 2014 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට ද මෙවැනිම ආකාරයේ විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් ලැබී තිබුණි.
2020-09-20T01:16:50.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට Ipad ලබා දීමට සැලසුම්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට Ipad ලබා දීමට සැලසුම්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිපෑඩ්(Ipad) ලබා දීමට සැලසුම් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එමගින් පාර්ලිමේන්තු සභාවේ කටයුතු හා න්‍යාය පත්‍ර වැනි දෑ සියල්ල ඔවුන් වෙත පහසුවෙන් ලබාදීමට හැකි බවයි. දැනට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සියලු ලේඛන, ලියකියවිලි ලෙස ඔවුන්ට ලබාදීමට සිදුවේ. මේ හේතුවෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම කාලය අපතේ යාමක් ද සිදුවන අතර මන්ත්‍රීවරුන්ගේ මේස මත විශාල ලෙස ලිපි ලේඛන ගොඩගැසීමෙන් ඔවුන්ගේ කටයුතුවලට ද ඇතැම් විට බාධා එල්ල වන බව ද කතානායකවරයා පැවසුවේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අයිපෑඩ් යන්ත්‍ර ලබා දීමෙන් මෙම සෑම ලේඛනයක්ම ඊමේල් හා වෙනත් මෘදුකාංග හරහා ඉතා පහසුවෙන් ඔවන්ට ලබාදීමට හැකි බවය.
2020-09-20T01:00:04.000Z
විද්‍යාලවලට ප්‍රවේශවන සිසුන්ට ලැප්ටොප් මිලදී ගැනීමට සහන ණයක්
සරසවි සිසුන්ට ලැප්ටොප් මිලදී ගන්න සහන ණයක්
COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට සහන ණයක් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර තිබේ. එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, රාජ්‍ය බැංකුවක් සමග එක්ව එම ණය මුදල ලබා දෙන බවයි. රුපියල් ලක්ෂක සහන ණයක් මේ යටතේ සිසුන්ට ලබා දෙන අතර එම ණය යළි ප්‍රතිපූර්ණය කළ යුත්තේ අදාළ සිසුවා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. විශ්වවිද්‍යාල සිසුන් අතර Online අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා මේ පියවර ගත් බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය. ඇය වැඩිදුරටත් පැවසුවේ 2019 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි පාඨමාලා Online ක්‍රමයට මෙවර පැවැත්වෙන බවයි. පවතින කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග සරසවි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා Online අධ්‍යාපනය ඉතා වැදගත් වන බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය අවධාරණය කළාය.
2020-09-20T00:50:06.000Z
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට මුසුවූ දැවි තෙල් තට්ටුවේ ඝණත්වය අඩු කිරීමට පියවර
නිව් ඩයමන්ඩ්: තවමත් සමුද්‍ර ජිවීන්ට අහිතකර බලපෑම්
COLOMBO (News 1st) - නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට මුසුවූ දැවි තෙල් තට්ටුවේ ඝණත්වය අඩු කිරීමට පියවර ගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, නෞකාව අසල මුහුදු සැතපුම් දෙකක පමණ ප්‍රදේශයක මෙම තෙල් තට්ටුව විසිරී පැවති බවයි. එම තෙල් තට්ටුව මතට ගුවන් හමුදා යානා මගින් විසිරුම් කාරක ඉසීම සිදුකළ අතර තෙල් තට්ටුව හරහා බෝට්වු ධාවනය කිරීමට සලස්වා මේ වනවිට එම තෙල් තට්ටුව කොටස් වශයෙන් කුඩා අංශුවලට වෙන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් තෙල් කොටස් තවදුරටත් සමුද්‍ර ජලයේ පවතින බැවින් එය සමුද්‍ර ජිවීන්ට අහිතකර ලෙස බලපෑ හැකි බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
2020-09-19T23:35:36.000Z
වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට
වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st) - වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්ජිගේ මහතා සඳහන් කළේ, වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි. වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
2020-09-19T22:58:44.000Z
මං තීරු නීතිය කඩන පුද්ගලයින්ට හෙට සිට උපදෙස් පන්ති
මං තීරු නීතිය කැඩුවොත් උපදෙස් පන්තියට
COLOMBO (News 1st) - කොළඹ මාර්ග 4 ක ක්‍රියාත්මක මං තීරු නීතිය කඩකරන පුද්ගලයින් හෙට සිට උපදෙස් පන්ති සඳහා යොමු කරන බව පොලීසිය පවසයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේ, මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මාර්ග නීතියට අනුව සෑම මාර්ගයකම මංතීරු නීතිය පිළිපැදිය යුතු බවයි.
2020-09-19T22:25:08.000Z
මහනුවර ගිලා බැසීම: සිරවී සිටි මාස එකහමාරක බිළිඳා මිය යයි
සිරවී සිටි බිළිඳා මිය යයි
COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසළ නිවසක සිරව සිටි අය අතුරින් සොයාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා මියගිය බව මහනුවර රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි
2020-09-19T21:39:45.000Z
මහනුවර, බූවැලිකඩ තට්ටු 5ක ගොඩනැගිල්ලක් ගිලා බසී
මහනුවර තට්ටු 5ක ගොඩනැගිල්ලක් ගිලා බසී
COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය. ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා මේ වනවිට සොයා ගෙන තිබේ.
2020-09-19T10:03:03.000Z
රයිගම් ටෙලීස් සම්මාන උළෙල: News 1st වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබයි
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය News1st
COLOMBO (News 1st) - 16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර විය. වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් සම්මානය හිමි වූයේ ද සිරස TV නාලිකාවටයි. ඒ, එම අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාව හිමිකර ගනිමිනි. හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ( සිංහල ) නිව්ස්ෆස්ට් චානූ දිසානායක. වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (ඉංග්‍රීසි) අශ්‍රා අසාන්, සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිව්ස්ෆස්ට්හි තිලක්ෂණී මධුවන්ති ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගත්තේ පෝරකය ප්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙනි. වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය (සිංහල) වෙනුවෙන් නිව්ස්ෆස්ට්හි සිසිර කුමාර ක්‍රිෂාන්ත් රාජ් සම්මාන දිනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල සම්මානය සිරස TVහි සුදර්ශනී වාසනා ලක්මාලි දිනා ගත්තා ය. වසරේ විශිෂ්ටතම රූපවාහනි රියැලිටි වැඩසටහන වෙනුවෙන් සිරස TVහි විකාශය වූ හෙට රට වැඩසටහන නිෂ්පාදනය කළ දිනේෂ් අම්බුලුගල සම්මාන දිනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා ලෙස සක්කාරං ටෙලි නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය වෙනුවෙන් දුමාල් වර්ණකුලසූරිය පිදුම් ලැබුවේ ය. වසරේ විශිෂ්ටතම නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානය හිමි වුයේ අඩෝ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වූ රන්දික ගුණතිලකයි. මේ අතර සිරසTV හි විකාශනය වූ අඩෝ ටෙලි නාට්‍යයේ කමනිගේ දෙවැනි පුතා චරිතය නිරූපනය කළ ජානු දොලේවත්ත ජූරියේ කුසලතා සහතිකය දිනා ගත්තේ ය. තිළිණ චාමර පෙරේරා සහ ගීත් රත්නායක ද ජූරියේ කුසලතා සම්ම්මානයෙන් පිදුම් ලැබුවේ ය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේදි පැවැත් විය. https://www.facebook.com/NewsfirstSL/videos/339475663840318/
2020-09-19T08:11:56.000Z
සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණය - එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන
සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණය
COLOMBO (News 1st) - ලොව පුරා මිලියන 690 ක ජනතාවක් සෑම රාත්‍රියකම කුසට ආහාරයක් නොමැතිව නින්දට යනු ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, ඔවුන් අතරින් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ හැම වසරකම පළතුරු හා එළවළු ටොන් 270,000 ක් පමණ නාස්ති වන්නේ අපේ ආර්ථිකයට රුපියල් බිලියන 20 කට ආසන්න අලාභයක් සිදු කරමිනි. 2050 වනවිට ලෝකයේ ජනගහනය බිලියන 9.1 දක්වා ළඟා වනු ඇති අතර එය වර්තමාන ලෝක ජනගහනයට සාපේක්ෂව 34% ක ඉහළ යාමකි. ජනගහනය ඉහළයාමට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය හා එහි වැදගත්කම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වා දෙයි. පශ්චාත් අස්වනු තාක්‍ෂණ ආයතනයේ දත්තවලට අනුව අපේ රටේ එළවළු හා පළතුරු ආදායමෙන් 30% - 40% ත් අතර ප්‍රමාණයක් නාස්ති වෙනු ඇති. අපේ රටේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම 21% කි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 73% කට ප්‍රමාණවත් පළතුරු හා එළවළු ලබා ගත නොහැකිය. තත්ත්වය එසේ තිබියදී බොහෝ අවස්ථාවල එළවළු සහ පළතුරු ඉවත දමා සත්ත්ව ආහාර ලෙස විකුණන අවස්ථා මෙන්ම කසළ ලෙස විනාශ වන අවස්ථා ද බහුලය. රටේ වගා සැලැස්මක් නොමැතිකම, ගොවියාට සාධාරණ මිලක් නොලැබීම, පාරිභෝගිකයාට ඉහළ මිලදී ගැනීමේ පිරිවැය සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩුවීම නිසා අස්වැන්නේ අතිරික්තයක් නිර්මාණය බව මේ සම්බන්ධයෙන් නිකුත් වූ විකණකාධිපති වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ මේ හේතුවෙන් අපේ රටේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන කෘෂි නිෂ්පාදන ද රැසක් නිකරුනේ විනාශ වී යන බවයි. අහාර නාස්තිය වැළක්වීමට නම් ප්‍රවාහන හා ඇසුරුම් ක්‍රියාවලියේදී සිදුවන පාඩුව පාලනය කිරීම සඳහා සුදුසු ඇසුරුම් ක්‍රම හඳුන්වා දීම, රට තුළ අපනයන පහසුකම් ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලැබීම සහතික කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයි. රටේ පසු අස්වනු හානිය අවම කිරීම සඳහා විකල්ප විසඳුමක් ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එළවළු හා පළතුරු අපනයන වෙළෙඳපොළ පුළුල් කර යුතු බවට නිර්දේශ කර තිබේ. 2018 දී ශ්‍රී ලංකාව රටවල් 11 කට ආසන්න වශයෙන් අපනයනය කළේ, එළවළු මෙට්‍රික් ටොන් 24,845 ක් සහ පළතුරු මෙට්‍රික් ටොන් 76,997 ක් පමණි. මෙම සංඛ්‍යාලේඛන රටේ සමස්ත නිෂ්පාදනයෙන් දළ වශයෙන් 2% - 4% ත් අතර වන අතර අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම හරහා මෙම අංශයේ මිල ස්ථායීතාවයට යම් ප්‍රමාණයකට දායක වියහැකි බව අදාළ වාර්තාවෙන් අවධාරණ කරනු ඇත.
2020-09-19T08:58:16.000Z
හිටපු අගමැතිවරයා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් තීරණයක්
ජනපති කොමිසම රනිල් සාක්ෂිකරුවෙකු ලෙස නම් කරයි
COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම අද තීරණය කර තිබේ. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලට අදාළව මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට ලබා දුන් සාක්ෂි සලකා බලා එම තීරණය ගත් බවයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දෙවැනි දිනටත් පෙනී සිටියේ ය. මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක මෙන්ම එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ පෙනී සිටියහ. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් කොමිසමට කළ පැමිණිලිවලට අදාළවයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් පත්කිරීමේදී ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයන්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම ඉසුරු මත් නිවාස ව්‍යාපෘතීයෙන් සහන ලබාදීමේ සිද්ධින්වලට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබුණි. 2015 වසරට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව දිවිනැගුම ලිත් මුද්‍රණය කිරීම ඇතුළු සිද්ධින් කිහිපයකට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට කිත්සිරි රණවක මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම පැමිණිලිවලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/981535818978965/
2020-09-19T07:30:46.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිටින ප්‍රබලයින් කොටු කරගත යුතුයි - පූජ්‍ය මැදගොඩ හිමි
මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රබලයින් කොටු කළ යුතුයි
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් වැඩිවෙද්දී මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස තිබෙන බලවේග සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට දැන් සංවාදයක් ඇතිවෙමින් තිබේ. අද මේ ගැන අදහස් පළ වුණේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේදී අද පැවති මත්ද්‍රව්‍ය නිවාරණ සමුළුවකදීය. මෙම වැඩමුළුව සංවිධාන කර තිබුනේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය එක්වයි. ප්‍රජා පොලිස් නිලධාරීන් සහ කාන්තා ළමා කාර්යංශයේ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ මත්ද්‍රව්‍ය සහමුලින්ම තුරන් කරලා දාන්න ලොකු වුවමනාවක් තියනවා. අපි කරන්න යනවා සැපයුම අඩාල කිරීම. පොලීසිය, රේගුව, ත්‍රිවිද හමුදාව, නාවික හමුදාව දිවා රෑ මහන්සි වෙලා උත්සහ කරනවා ඒ සැපයුම අඩාල කරන්න. ගමේ කොල්ලට ගහන්න තියන කුඩු පැකට් එක එන එක අඩාල කිරීම. ‍ඊළඟ එක තමයි කළ යුතු වන්නේ ඉල්ලුම අඩාල කිරීම.කුඩු ගහන්න සල්ලි හොයාගන්න රුපියල් විසිපන්දාහට මිනී මරණ මිනිස්සු ඉන්නවා මේ සමාජේ. පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ඔය මත්ද්‍රව්‍ය වැරදි වැඩිහරියකට දඬුවම් විදින අය ඇත්තටම ඊට කළින් දඬුවම් විඳින්න පිරිසක් ඉන්දැදියි දඬුවම් විදින්නේ. මේ පොලීසිවලින් හැමවෙලාවෙම ඵලය දිහා බලනවා මිසක් හේතුව දිහා බලනවද කියන සැකය තියනවා. අපිට අහුවෙන්නෙ කුඩු ගහන මිනිහයි කුඩු විකුණන මිනිහයි විතරයි. අරක්කු බොන මිනිහයි අරක්කු පෙරන මිනිහයි අපිට අහුවෙනවා. හැබැයි ඒකට උඩින් ඉන්න ජාලය පිළිබඳව කතා කරන්නෙ නෑ. දැන් මේ හාමුදුරුවොරුත් දාගෙන කියවනවා ගංජා හොඳයි කියලා, අනිත් එක ඒගොල්ලො කියනවා මේ ගංජා අපිට නෙවෙයි අපි එක්ස්පෝර්ට් කරන්නයි හදන්නෙ කියලා. ඒ කියන්නෙ අපේ උන් මැරන්නෙ නැත්තන් එච්චරයි. අනිත් උන් මලාට කමක් නෑ උන් අපේ ළමයි නෙවෙයිනෙ. සුරාබදුවලින් හරි ඒ දේවල්වලින් සමාජයක් යැපෙන්න කල්පනා කරනවනම් ආණ්ඩු යැපෙන්න කල්පනා කරනවානම් ඒ ආණ්ඩුවල තියන දුර්වලතාව. ගෑනු පිටරට යවලා ජීවත්වෙන රටක්නම්, තාරුණ්‍යයට මත්ද්‍රව්‍ය දීලා ජීවත්වෙන රටක්නම් සංකර සිරිත්විරිත් හඳුන්වාදිලා විදේශිකයෝ ආකර්ශනය කරගෙන අපේ රටවලට කාන්තාවන්ව බිල්ලට දීලා තරුණයන්ව බිල්ලට දීලා සමලිංගික ආදී දේවල්වලින් එහෙම ජීවත්වෙන රටක්නම් ඒ රටේ පාලකයෙ ලැජ්ජ වෙන්න ඕන. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, අපි ත්‍රස්තවාදය ඉවර කරපු කණ්ඩායමක් ජාතියක්. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයත් අපි වෙනත් ශ්‍රී ලාංකීය විසඳුමකට යමු මේකට. නැත්තන් අපිට උදාහරණත් තියනවා විවිධ විවිධ රටවල්වල කරපු දේවල්. අපිට එහෙමම කරන්න බෑ. මොකද අපි බෞද්ධ සංස්කෘතියත් එක්කත් ප්‍රාණගාත කරමින් මේක නතර කරන්නත් අමාරුයි. https://www.facebook.com/NewsfirstSL/videos/1012163685921865/
2020-09-19T07:53:06.000Z
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ අභියාචනා 6952 ක් කමිටුවට
දේශපාලන පළිගැනීම් පිළිබඳ අභියාචනා 6952 ක් කමිටුවට
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ නව සභාපති, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ කමිටු සාමාජිකයන් ඊයේ අග්‍රාමාත්‍යවරයා හමු විය. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ, මහින්ද යාපා අබේවර්ධන මහතාය. අබේවර්ධන මහතා කථානායක ධූරයට පත්වීමත් සමග සභාපති ධුරයට ගාමිණී ලොකුගේ මහතා පත් කෙරුණි. ඔහු පත්වීමෙන් පසු පැවති පළමු හමුව ද මෙයයි. රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වනවිට ඉදිරිපත්ව ඇති අභියාචනා සංඛ්‍යාව 6952 කි. එයින් අභියාචනා 2365 ක් කමිටුවට සෘජුවම ලැබී ඇති ඒවාය. https://www.facebook.com/NewsfirstSL/videos/778482532986945/
2020-09-19T06:26:22.000Z
ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිතයි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිතයි
COLOMBO (News 1st) - ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හින්කෙන්ද මහතා සඳහන් කළේ, දේශීය අවශ්‍යතා වෙනුවෙන් මෙතෙක් මෙට්‍රික් ටොන් 5300 ක් වාර්ෂිකව ආනයනය කළ බවය. එහෙත් කුළු බඩු වර්ග 10 ක් ආනයනය තහනම් කිරීමත් සමග මෙරට කහ වගාව සඳහා ගොවීන් උනන්දු වී ඇතැයි ද ඒ. පී හින්කෙන්ද මහතා පැවසුවේ ය.
2020-09-19T05:52:45.000Z
උතුරු නාවික ආඥාපති ලෙස රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය වැඩ භාර ගනී
උතුරු නාවික විධානයේ ආඥාපති වැඩ භාර ගනී
COLOMBO (News 1st) - උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතා වැඩ භාර ගෙන තිබේ. ඒ, උතුරු නාවික විධාන මූලස්ථානයේදී ය. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුර ආචාරයක් පිරිනමමින් නව ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතා පිළිගත් අතර ආගමික වතාවත්වලින් අනතුරුව වැඩ භාර ගත්තේ ය. උතුරු විධානයේ හිටපු ආඥාපති වත්මන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාට සමුදීම සඳහා ද නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනැමුණු බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2020-09-19T04:48:05.000Z
අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
අමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට
COLOMBO (News 1st) - අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඒ අතර වන බවයි. අමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් රැඳී සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස පිටුවහල් කර තිබුණි. කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය පැවසීය. අප වාර්තාකරු පැවසුවේ, දින 21 නිරෝධායන ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.
2020-09-19T03:22:00.000Z
මෙරට තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක්
මෙරට තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක්
COLOMBO ( News 1st ) : මෙරට තුළ මේ වනතුරු PCR පරීක්‍ෂණ 264,343 ක් සිදු කර ඇතැයි COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1760 ක් සිදු කළ බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3281 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 198 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මේ වනවිට කොරෝනා සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3070 කි. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 281 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 42980 කි.
2020-09-19T02:26:16.000Z
කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට
කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට
COLOMBO ( News 1st ) : කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර හා බුලත්සිංහල ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටිය යුතු මට්ටමට කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.
2020-09-19T01:46:23.000Z
ආණමඩුවේ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මරුට
ආණමඩුවේ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මරුට
COLOMBO ( News 1st ) : ආණමඩුව, නවගත්තේගම, මහඋස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ නවගත්තේගම සිට ආණමඩුව දෙසට ධාවනය වූ මව, පියා සහ දියණියක් රැගත් යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තවත් යතුරු පැදියක ගැටී ඇලකට වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ දැරිය ආණමඩුව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-09-19T00:27:30.000Z
විදේශයන්හි සිටි ලාංකිකයින් 76 දෙනෙකු දිවයිනට
විදේශයන්හි සිටි ලාංකිකයින් 76 දෙනෙකු දිවයිනට
COLOMBO ( News 1st ) : COVID-19 හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙකු දිවයිනට පැමිණියේ ය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, අබුඩාබි සිට 9 දෙනෙකු සහ කටාර් සිට 67 දෙනෙකු අද දිවයිනට පැමිණි බවයි. එසේම සෞදි අරාබියේ සිට 13 දෙනෙකු කටාර් සිට දෙදෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. එම සියලු දෙනා PCR පරීක්ෂණවලින් පසු නිරෝධායනයට යොමු කිරීමට නියමිත බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2020-09-18T23:44:35.000Z
රනිල් , මංගල ඇතුළු 6 දෙනෙකු ජනපති කොමිසමට
රනිල් , මංගල ඇතුළු 6 දෙනෙකු ජනපති කොමිසමට
COLOMBO ( News 1st ) : රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
2020-09-18T23:09:46.000Z
New Diamondහි තෙල් සාම්පල ආශ්‍රිත රසායනාගාර වාර්තා නීතිපතිට
New Diamondහි රසායනාගාර වාර්තා නීතිපතිට
COLOMBO ( News 1st ) : New Diamond නෞකාවේ තෙල් සාම්පල ආශ්‍රිත රසායනාගාර වාර්තා නීතිපතිවරයාට යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවේ රජයේ රස පරීක්ෂක ලබාදුන් රසායනාගාර වාර්තාව එලෙස නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි. කිමිදුම්කරුවන් විසින් තවදුරටත් නැවේ සිදුර ඇත්දැයි පරීක්ෂා කරමින් ඇති බව ද ඇය පැවසුවා ය.
2020-09-18T22:39:12.000Z
බස්නාහිර පළාතේ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග 560 දෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සමග 560 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO ( News 1st ) : බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ එම වැටලීමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 246 කි. එහිදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 කට ආසන්න වේ. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 5 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී ගංජා ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් පුද්ගලයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-09-19T19:42:58.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රයිගම් ටෙලීස් සම්මාන උළෙල: News 1st වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබයි : 16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර විය. 2 . රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ අභියාචනා 6952 ක් කමිටුවට : රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ නව සභාපති, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ කමිටු සාමාජිකයන් පෙරේදා අග්‍රාමාත්‍යවරයා හමු විය. 3. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිටින ප්‍රබලයින් කොටු කරගත යුතුයි – පූජ්‍ය මැදගොඩ හිමි : මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් වැඩිවෙද්දී මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස තිබෙන බලවේග සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට දැන් සංවාදයක් ඇතිවෙමින් තිබේ. 4. හිටපු අගමැතිවරයා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් තීරණයක් : දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම ඊයේ තීරණය කර තිබේ. 5. උතුරු නාවික ආඥාපති ලෙස රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය වැඩ භාර ගනී : උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතා වැඩ භාර ගෙන තිබේ. ඒ, උතුරු නාවික විධාන මූලස්ථානයේදී ය. විදෙස් පුවත් 6.කොරෝනා යළි හිස එසවීමෙන් ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමේ තීරණයක්: කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
2020-09-18T21:18:12.000Z
රේගුවෙන් කහ පැන්නවීමේ සිද්ධිය: රේගු නිලධාරීන් දෙදෙනෙකු කොටු
කහ පැන්නවීමේ සිද්ධියට රේගු නිලධාරීන් දෙදෙනෙකු කොටු
COLOMBO ( News 1st ) : රේගුවෙන් කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
2020-09-18T22:04:32.000Z
කොරෝනා යළි හිස එසවීමෙන් ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමේ තීරණයක්
ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් වැසේ
COLOMBO ( News 1st ) : කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි නව සීමාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. මේ යටතේ නගරයේ තෝරා ගත් ස්ථාන 37ක් වසා දැමෙන අතර සියලුම නගර වැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීමට උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ස්පාඥ්ඤයෙන් ය. එම සංඛ්‍යාව හය ලක්ෂය ඉක්මවා තිබෙන අතර මිය ගිය පිරිස තිස් දහස ඉක්මවයි. මේ අතර ප්‍රංශයේ දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 13,215ක් ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ. ඒ අතර ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ද වන බව සඳහන් ය. මේ හේතුවෙන් ප්‍රංශයේ බෝහෝ ප්‍රදේශ ආශ්‍රිතව යළි සීමාවන් පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කළේ, ශීත සෘතුව එළැඹීමත් සමග කොරෝනා දෙවන රැල්ලක් ඇති වීම නොවැළැක්විය හැකි බවයි.
2020-09-18T21:10:57.000Z
මහ වැස්සෙන් එළවළු වෙළෙන්දන්ට පීඩා - මැනිං පොදු වෙළෙඳ සංගමය
මහ වැස්සෙන් එළවළු වෙළෙන්දන්ට පීඩා
COLOMBO ( News 1st ) : අධික වර්ෂාවත් සමග එළවළු අළෙවි කර ගැනීමේ දුෂ්කරතා මතුව ඇතැයි පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි. එහි සභාපති ලාල් හෙට්ටිගේ මහතා පැවසුවේ, වර්ෂාවත් සමග පාරිභෝගිකයින් වෙළෙඳපොළ වෙත පැමිණීම ද අවම වී ඇති බවයි.
2020-09-18T20:53:12.000Z
අටලුගම සිද්ධියේ ප්‍රධාන සැකකරු බණ්ඩාරවෙලදී මාට්ටු
අටලුගම සිද්ධියේ ප්‍රධාන සැකකරු මාට්ටු
COLOMBO ( News 1st ) : බණ්ඩාරගම, අටලුගම සිද්ධියේ ප්‍රධාන සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. මේ අතර පසුගිය 9 වැනිදා අටලුගම ප්‍රදේශය් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර සාමය කඩකරමින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු පසුගිය 17 වැනිදා කල්තොට, කූරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි. පොලීසිය පැවසුවේ එම සැකකරුවන් ඊයේ දිනයේදී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
2020-09-18T20:46:39.000Z
හිවලුන් නිසා ජලභීතිකාව පැතිරෙන මිල්ලනිය..
හිවලුන් නිසා ජලභීතිකාව පැතිරෙන මිල්ලනිය..
COLOMBO ( News 1st ) : කළුතර , මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපක හිවලුන් අතර පැතිර යන ජලභීතිකාව සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය කරමින් ඇතැයි වනජිවි අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී හිවලෙකු සපාකෑම හේතුවෙන් ගවයෙකු මියගොස් ඇති බවයි. මිල්ලනිය, ගල්පාත, මදුරාවල ,ආරාම වත්ත ආදී ප්‍රදේශ කිහිපකින් හිවලුන් අතර පැතිර යන ජලභීතිකා තත්ත්වය වාර්තා වී ඇති අතර සිවලුන් සපා කෑම හේතුවෙන් ප්‍රදේශයේ පුදගලයින් කිහිපදෙනෙකුට ජලභීතිකාව වැළඳී ඇති බව වනජීවි බලධාරින් සඳහන් කළේ ය. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ ප්‍රදේශයේ ජලභීතිකාව පැතිර යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
2020-09-18T20:00:37.000Z
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළියට
නුවරඑළියට මිලිමීටර් 151 ක වර්ෂාපතනයක්
COLOMBO ( News 1st ) : ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළියෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය මිලීමීටර් 151 යි 5 කි. රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 127 ක සහ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 114 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සබරගමුව හා මධ්‍යම බස්නාහිර පළාත්වල අතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනය වනවිට ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය සඳහන් කළා ය. මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙන්නේ, ලබන 22 වැනිදා දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙසයි. පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ ය.
2020-09-18T19:00:08.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ – ජනාධිපති: ලෝක වෙළෙඳපොළේ “සිලෝන් ටී” සඳහා ඇති ඉල්ලුමට හානිවීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2 . කාලගුණයෙන් රතු නිවේදනයක් : සබරගමුව, මධ්‍යම , බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් – 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 3. නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා : නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතය. 4. රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි – ජනපති : රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 5. මංතීරු නීතිය: ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් : ඊයේ සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ
2020-09-18T19:47:58.000Z
වසරේ ගත වූ කාලයේ ඩෙංගු වැළඳීමෙන් 27 ක් මරුට
වසරේ ගත වූ කාලයේ ඩෙංගු වැළඳීමෙන් 27 ක් මරුට
COLOMBO (News 1st) : වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ එම කාලය තුළ ඩෙංගු ‍රෝගීන් 27,000 ක් වාර්තා වී ඇති බවයි.
2020-09-18T12:54:28.000Z
ගම්මැද්ද එක්සත් ජනපදයේ අධ්‍යයන වාර්තාවකින් ඇගයීමට ලක්වෙයි
ගම්මැද්ද නැවත ඇගයීමට ලක්වෙයි.
එක්සත් ජනපදයේ, ආකන්සෝ විශ්වවිද්‍යාලයේ මහජන සේවා පිළිබඳ ක්ලින්ටන් අධ්‍යයනාංශය ගම්මැද්ද සංකල්පය ඔවුන⁣⁣ගේ අධ්‍යනය⁣ට එක්ක කර ගනිමින් සංසන්ධනාත්මක අධ්‍යයන වාර්තාවක් නිකුත් කර ඇත. ක්ලින්ටන් අධ්‍යයනාංශය සිය අධ්‍යයන වාර්තාව නිකුත් කර තිබෙන්නේ, ගම්මැද්ද වැඩසටහන, 70 දශකයේ දකුණු කොරියානු ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ "Saumaul-Undong" ව්‍යාපාරය හා සංසන්ධනය කරමින්. මෙම අධ්‍යනය එම විශ්ව විද්‍යලයේ බ්ලේක් ෆරිස් විසින් සිදුකරමින් විශ්ලේෂණාත්මකය දක්වා ඇත්නේ 70 දශකයේ දකුණු කොරියානු පුණරුදය ඇතිවීම⁣ට හේතුවූ වැඩසටහනට "ගම්මැද්ද" ව්‍යාපෘතිය සමාන වන බවයි. එම විශ්ලේෂණය උපුටා දක්මින් නිකුත් කර ඇති මෙම අධ්‍යයන වාර්තාවෙන් ෆරිස් සිදුකර ඇත්තේ අදාළ වැඩසටහන් දෙකෙහි දර්ශනයේ හා යාන්ත්‍රණයේ සමානකම් අසමානකම් ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. "Saumaul-Undong" ව්‍යාපාරය නැතහොත් නව ගම්මාන ව්‍යාපාරය දකුණු කොරියාවේ ග්‍රාමීය දරිද්‍රතාව පිටු දැක දශක දෙකක් වැනි කාලයක් තුළ වේගවත් සංවර්ධනයක් හා කාර්මික පුනරුදය මූලික කරගනිමින් අති වූ ව්‍යාපෘතික් ලෙස සැලකේ. ගම්මැදෙහි මූලික අරමුණ ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් බිම් මට්ටමේ සිට සාමූහික ප්‍රවේශයක් සමග ක්‍රියාත්මක වීමයි. ගම්මැද්ද, වත්මන් ලෝකයේ ඉදිරියෙන්ම ඇති උසස් අධ්‍යන ආයතන ලෙස සැලකෙන විශ්ව විද්‍යාලයන් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ බ්‍රවුන් විශ්ව විද්‍යාලයෙන් ද එක්සත් ජාතින්‍ගේ සංවිධානයෙන්ද ඇගයීමට ලක්විය. බ්ලේක් ෆරිස් ක්ලින්ටන් රාජ්‍ය සේවා පාසල "COVID-19 දුෂ්කරතා මධ්‍යයේ වුවද ගම්මැද්ද සමග වැඩ කිරීමට අවස්ථාව ලැබීම, ග්‍රාමීය සංවර්ධනයට උර දෙන ප්‍රමුඛ සංවිධානයට අර්ථවත් ආකාරයකින් දායක වීමට හැකිවීම පුද්ගලිකව ලැබුණු මහඟු අවස්තාවක්. ගම්මැද්ද වැනි ග්‍රාමීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා උනන්දුවෙන් හා නිර්මාණශීලීව සපුරාලන සංවිධානයක් ඕනෑම රටක අවශ්‍යතාවක් ලෙසයි මා විශාවාස කරන්නෙ. මෙම ව්‍යාපෘතිය ගම්මැද්ද සහ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් රාජ්‍ය සේවා පාසල අතර දිගුකාලීන හවුල්කාරිත්වයට ආරම්භය බව මගේ විශ්වාසයයි . ශෙවාන් ඩැනියෙල් - සමුහ අධ්‍යක්ෂ සීමාසහිත කැපිටල් මහරාජා සමූහය "මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මනාව සැලසුම් කල ක්‍රමානුකූලව මෙහෙය වූ. ප්‍රජාව විසින්ම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ විශ්මය ජනක ක්‍රියාවලියයි."
2020-09-18T09:30:14.000Z
Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ - ජනාධිපති
Ceylon Tea:ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ
COLOMBO ( News 1st ) : ලෝක වෙළෙඳපොළේ "සිලෝන් ටී" සඳහා ඇති ඉල්ලුමට හානිවීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ, ගම්මිරිස් වෙළෙඳපොළට සිදු වූ හානිය තේ කර්මාන්තයටත් ගොදුරුවීමට ඉඩ නොතබන බවයි. දිගු කලක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශනයකට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ද ඉල්ලා සිටීයි. ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනයකරුවන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ය.
2020-09-18T05:42:47.000Z
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
COLOMBO ( News 1st ) : සබරගමුව, මධ්‍යම , බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් - 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසයි. රතු නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ, හෙට පස්වරු 4 .00 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බවයි. දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසයි. මේ අතර මඩකලපුව සිට ත්‍රීකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි. කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 ත් පමණ ඉහළ යාමේ අවදානමක් පවතිනු ඇති. මේ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. https://www.facebook.com/watch/?v=780541306092140&extid=gQtdDQApnjCAAujv
2020-09-18T04:57:31.000Z
කතානායකවරයා හා මෙරට අමෙරිකා තානාපතිනි අතර හමුවක්
අමෙරිකා තානාපතිනි හා කතානායක අතර හමුවක්
COLOMBO ( News 1st ) : මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී හමුවී ඇත. මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමෙරිකානු ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිය හ. මේ අතර, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එම අවස්ථාවට එක්ව ඇත.
2020-09-18T04:44:39.000Z
පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශ නිලධාරියා යළි රිමාන්ඩ්
පා. භෝජනාගාරයේ සැපයුම් අංශ නිලධාරියා යළි රිමාන්ඩ්
COLOMBO( News 1st) : රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබාගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයේ සේවය කළ නිලධාරියාව ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ කාජිංගල මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එම සැකකරුව එදිනට යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. පාර්ලිමේන්තු භෝජනාගාරයට පළතුරු සැපයුම් සිදුකරන සැපයුම්කරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පසුගිය 31 වැනිදා රුපියල් 60,000 ක අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත්තේ ය.
2020-09-18T03:51:07.000Z
නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා
නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටු පළමු රැස්වීම ලබන 22දා
COLOMBO( News 1st) : නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතවේ. පාර්ලිමේන්තුව සඳහන් කළේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ පළමු රැස්වීම ලබන 23 වනදා පැවැත්වීමට දින නියම වී ඇති බවයි. ‍එහිදී කාරකසභාවල සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපතිවරයා තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව කාරක සභා හමුවට කැඳවනු ලබන රාජ්‍ය ආයතන තීරණය කිරීම සිදු කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ ය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජික මන්ත්‍රීවරුන් 22 කුගෙන් සමන්විත ය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත රාජ්‍ය සංස්ථාවල සහ රජය යටතේ ඇති වෙනත් ව්‍යාපාරවල මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය හිමිව තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි. මේ අතර ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවද පළමු රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
2020-09-18T03:49:15.000Z
පොලීසියට පහරදුන් අටළුගම තවත් 04 ක් බන්ධනාගාර ගත කරයි
පොලීසියට පහරදුන් අටළුගම තවත් 04 ක් බන්ධනාගාරයට
COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටළුගමදී පොලිස් නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු තවත් සිව් දෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මේ මස 22 වැනිදා තෙක් සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ, කූරගල ප්‍රදේශයේදී සැඟව සිටියදී බලංගොඩ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.
2020-09-18T01:45:50.000Z
හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පස්යාල මීරිගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි. තවද ඇය සන්තකයේ තිබී ජංගම දුරකතන 8ක් සහ මුදලින් රුපියල් 19,300 ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකාරිය අද අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-17T23:26:36.000Z
කහපොළ සුරංජි අත්අඩංගුවට
කහපොළ සුරංජි අත්අඩංගුවට
COLOMBO (News 1st) - කහපොළ සුරංජි නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරෝයින් ග්‍රෑම් 02 ක් සහ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු විදෙස්ගත හෙරෝයින් ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි පෙරේරාගේ ගෝලයෙකු බව ද පොලීසිය පවසයි.
2020-09-17T22:56:09.000Z
මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයටත් සුව සැරිය යෙදවීමට පියවර
සුව සැරියෙන් තවත් සේවාවක්..
COLOMBO (News 1st) - මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා ද සුව සැරිය ගිලන් රථ සේවය යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ, පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. ඒ අනුව, සුව සැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීමට ද නියමිත බව ඔහු ප්‍රකාශ කළේය. ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. 1920 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහන ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය පැවසුවේය.
2020-09-17T22:28:20.000Z
20 වන ව්‍යවස්ථා සං⁣ශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන 22 වැනිදා
20 පළමුවර කියවීම ලබන 22 වැනිදා
COLOMBO( News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පළවෙනි වර කියවීම සඳහා එම පනත් කෙටුම්පත එලෙස ඇතුළත් කරන බවයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට පසුගිය 02 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. අනතුරුව එම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කළ අතර එහි වාර්තාව පසුගිය 15 වැනිදා අග්‍රාමාත්‍යවරයාට භාර දෙන ලදී.
2020-09-17T21:58:12.000Z
රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි - ජනපති
ජනපති පැහැදිලි කළ රටටම ඇති පොදු ප්‍රශ්නය
COLOMBO (News 1st) - රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය හා , පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සෑම දවසකම එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බව ද පැවසුවේය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදි ඉල්ලීමක් කළේය. ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව සාකච්ඡාවේදි හෙළි වූ අතර ව්‍යාපෘතිය යටතේ වසර 05 ක් අවසානයේ නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂිතයි. නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසීමට ද සාකච්ඡාවේදි තීරණය කෙරුණි. රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනිපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි ද මෙම සාකච්ඡාවේදී පැවසුවේය.
2020-09-17T21:40:42.000Z
මංතීරු නීතිය: ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක්
ත්‍රීරෝද රථ,යතුරුපැදි සඳහා වැඩි ඉඩක්
COLOMBO (News 1st) - අද සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ. එම තීරණය ගෙන තිබෙන්නේ මංතීරු නීතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය හා පොලීසිය කළ අධ්‍යනය පදනම්කර ගනිමිනි.
2020-09-17T21:12:40.000Z
වීදුරු ගෙන්වන මුවාවෙන් කහ සහ උදු ආනයනය කළ 10ක් දැලේ
කහ සහ උදු ආනයනය කළ ජාවාරමක් වටලයි
COLOMBO (News 1st) - මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උදු කිලෝ 3,000 සමග කන්ටේනර් රථ 03ක් ගබඩා සංකීර්ණයකදී බ්ලූමැන්ඩල් පොලිසීය භාරයට ගෙන තිබේ. ඒ සමග, සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම භාණ්ඩ තොගය තීරු බදු රහිතව වීදුරු ආනයනය කරන මුවාවෙන් මෙරටට ආනයනය කර තිබේ.
2020-09-17T20:38:45.000Z
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක්
නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) - අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි. මෙම කාලය තුළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. අතුල කරුණනායක මහතා සඳහන් කළේ, මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය වැඩිවිය හැකි බවයි. මේ අතර හෙට සිට ලබන 22 වැනිදා දක්වා මධ්‍යම, ඊසානදිග හා නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනටමත් එම ප්‍රදේශවලට ගොස් ඇත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් වෙත ගමන් කරන ලෙසයි.
2020-09-17T19:35:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. NEW Diamond නැවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම ඇරඹේ : MT NEW Diamond නෞකාව අනතුරින් සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 2.කැලණි සරසවි සිසුන් විරෝධතාවක: සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්.. : කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. 3. ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය : අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස පිළිගනිමින් ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 4. ජනපතිට, ආරක්ෂක ලේකම්ට හා නිලධාරීන්ට තර්ජනය කළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ‘පොඩි ලැසී’ නම් කෙරේ :බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ඊයේ නම් කර තිබේ. විදෙස් පුවත් 5. ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි : ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ.
2020-09-17T11:27:10.000Z
'විකාරි' කෙටි චිත්‍රපටය ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ තීරගත කිරීමට නිර්දේශ වෙයි
'විකාරි' අමෙරිකාවේ චිත්‍රපට උළෙලකට
COLOMBO (News 1st) - සඳුන් සෙනෙවිරත්න මහතාගේ 'විකාරි' කෙටි චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙලේ තීරගත කිරීම සඳහා නිර්දේශ වී තිබේ. විකාරි චිත්‍රපටයේ රංගනයෙන දායකත්වය ලබාදෙන්නේ, අෂාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය නළුවෙකු වන රිචඩ් ඩී රොබට්ස්. ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්විමට නියමිතය. ' විකාරි' කෙටි චිත්‍රපටයට මීට පෙර වසරවල ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ ලා සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන බවට සැලකේ. https://www.facebook.com/NewsfirstSL/videos/371126757603842/