date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-17T02:58:29.000Z
කොළඹ 57% ක් ස්ථූලතාවයෙන් ප‍ෙළෙයි - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
කොළඹ 57% ක් ස්ථූලතාවයෙන් ප‍ෙළෙයි
COLOMBO (News 1st) : කොළඹ ජනතාවගෙන් 57% ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. 2019 වර්ෂයේ පළ කරලා තියෙන දත්ත අනුව ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ජනතාවගෙන් 57% ස්ථූලතාවයෙන් පෙළෙන බවට තමයි දත්ත පලවෙලා තිබෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාටත් අපි ප්‍රකාශ කර හිටියා අපි නිරෝගීකම අත්කර ගන්නට කටයුතු කළ යුත්තේ ඉතාමත්ම ක්‍රමවත්ව. එහෙම නොවුණොත් එහෙම මම එතුමාට කිව්වා එතුමගේ කාලවකවානුව අවසන් වනවිට 2025 වනවිට ලංකාවේ 40 % ඉක්ම වූ ප්‍රමාණයක් රෝගීන් බවට පත් වෙලා ඉඳීවි. එතකොට මේ වකුගඩු රෝගයෙන් වකුගඩුවක් බද්ධ කරන්න යම්කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අක්මාවේ තෙල් තැන්පත්වීම සහ අක්මාව තැන්පත් කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් බද්ධ කරන්න අක්මාවක් ගන්න තව කෙනෙක් නැති වෙන තත්ත්වයක් තත්ත්වයට පත්වෙලා අපි විනාශයට පත් වෙලා යනවා. ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මේකට තියෙන විකල්ප මොනවාද කියලා හොයලා බැලුවහම පැහැදිලිව පෙනෙන කාරණය තමයි 2002 ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහවුරු කරලා තියනවා ඒ අයගේ අධ්‍යක්ෂ ජනරාල් වාර්තාව විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා. ඒ අය පෙන්නුම් කරලා දෙනවා වසංගතයක් හැටියට පැතිරෙන බෝ නොවන රෝගවලින් අපිට ආරක්ෂා වීමට අවශ්‍යතාවයක් ඕනෑ කමක් තියෙනවා නම් ඒ සඳහා පිළිපැදිය හැකි හොඳම ක්‍රමවේදය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නලා දෙන්නෙ දේශීය පාරම්පරික ආහාර රටාව ඇතුළු ජන ජීවිතයට නැවත පිවිසිය යුතු බවයි.
2020-08-17T01:59:46.000Z
දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්
දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්
COLOMBO (News 1st) : දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/747187589413957/ https://www.facebook.com/NewsfirstSL/videos/305108440783291/ https://www.facebook.com/NewsfirstSL/videos/296169995141897/
2020-08-17T00:37:19.000Z
දොම්පේ වෑන් අනතුරකින් කාන්තාවක් මරුට
දොම්පේ වෑන් අනතුරකින් කාන්තාවක් මරුට
COLOMBO (News 1st) : දොම්පේ, සමනලබැද්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ මල්වාන සිට සමනලබැද්ද දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් ගත් පදික කාන්තාවන් සිව්දෙනෙකු හා දුරකතන රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමේදී පදික කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-08-16T22:30:01.000Z
09 වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි රැස්වීමට සහභාගී වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්
නව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලිපියක්..
COLOMBO (News 1st) : ලබන 20 වැනිදා ආරම්භ වන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම සඳහා සහභාගී වන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි. මහ ලේකම්වරයා මෙම දැනුම්දීම කර ඇත්තේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ය. දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති මන්ත්‍රීවරු 223 දෙනාටම මෙම ලිපිය යොමු කර තිබේ. 09 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමට අදාළ වැඩපිළිවෙළ සහ විස්තර ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කරන බව ද මහ ලේකම්වරයාගේ ලිපියේ තවදුරටත් සඳහන් ය.
2020-08-16T22:09:40.000Z
විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද ඇරඹේ
විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද ඇරඹේ
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල රැසක සියලු පීඨ සහ වසරවල අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඊට අදාළ සියලු උපදෙස් මේ වනවිට සියලු උපකුලපතිවරුන් වෙත ලබාදී ඇති බවයි. මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ වන්නේ නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි.
2020-08-16T21:46:47.000Z
හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු අත්අඩංගුවට
හෙරොයින් සමග රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අයෙකු කොටු
COLOMBO (News 1st) : අතුරුගිරිය, මොරටුවාහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සොයා ගත් බවයි. මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-16T21:13:59.000Z
ලිපිනය මැකී ඇති පාර්සල් 880 ක් තවමත් තැපෑලේ..
ලිපිනය මැකී ඇති පාර්සල් 880 ක් තවමත් තැපෑලේ..
COLOMBO (News 1st) : මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට එවා තිබූ ලිපින මැකී ඇති පාර්සල් 880 ක පමණ ලිපින තවමත් සොයා ගැනීම ඉතා දුෂ්කර වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරි අස්ලාම් හසන් මහතා පැවසුවේ කෙසේ වෙතත් එහි ලිපින සොයා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.
2020-08-16T21:07:56.000Z
සේනා දළඹුවා පස්සරින් මතුවෙයි..
සේනා දළඹුවා පස්සරින් මතුවෙයි..
COLOMBO (News 1st) : සේනා දළඹුවා ව්‍යාප්ත වීම හේතුවෙන් බදුල්ල, පස්සර, මැටිගහතැන්න ගම්මානයේ බඩ ඉරිඟු වගාවට දැඩි බලපෑම් එල්ලවී තිබේ. ගොවීන් පැවසුවේ එම ගම්මානය ආශ්‍රිත අක්කර 30 ක පමණ බඩ ඉරිඟු වගාව සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ගොස් ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2334492533525713/
2020-08-16T21:01:07.000Z
කොළඹ බන්ධනාගාරවලට STF ආරක්ෂාව දෙන්නැයි ඉල්ලීමක්
කොළඹ බන්ධනාගාරවලට STF ආරක්ෂාව ඉල්ලයි
COLOMBO (News 1st) : කොළඹ බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව ඉල්ලා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ඊට අදාළ මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි. මේ වනවිට නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
2020-08-16T19:00:53.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහ මුහුදේදී හිංසනයට ලක් වූ දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා? : මුහුදේදී ධීවර පිරිසක් අතින් හිංසනයට ලක්වූ බව කියන 16 හැවිරිදි දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා වන බව පොලීසිය පවසයි. 2. මරණ දඬුවම නියම වී වසර 10 ක් සැඟව සිටි අයෙකු අත්අඩංගුවට : මරණ දඬුවම නියම වී වසර 10 කට අධික කාලයක් පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවෙකු ඊයේ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් : ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ප්‍රධාන පෙලේ සති අන්ත පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ. 4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ : පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගිවීමේදී මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ. 5. ලෝක උරුම සිංහරාජය මැදින් ඉදි කරන පාරක් නිසා දැඩි පාරිසරික හානියක්. : සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් මේ දිනවල ඉදිවෙමින් පවතින මාර්ගයක් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුවන බවට පරිසර සංවිධාන පවසයි. විදෙස් පුවත් 1. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන, රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත විය.
2020-08-16T20:30:23.000Z
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට
COLOMBO (News 1st) : රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරේ. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවේ තෝරා ගනු ලැබූ රැකියාලාභීන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ඇති බවයි. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය සඳහා පිවිසෙන්න ....
2020-08-16T10:46:24.000Z
මීරිගම සිසුවා අන්ධ වුණේ බෙහෙත් මාරු කළ නිසාද?
මීරිගම සිසුවා අන්ධ වුණේ බෙහෙත් මාරු කළ නිසාද?
COLOMBO (News 1st) : මීරිගම ප්‍රදේශයේ සිසුවෙකු හදිසියේ රෝගාතුරව දෑස් නොපෙනෙන තත්ත්වයට පත් වීමේ සිද්ධියක් පිළිබඳව අප ඊයේ වාර්තා කළෙමු. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද එම සිසුවා හමුවීමට ගියේ ය. ලෙනින් නිරෝෂන් කුමාර පසුගිය වසරේ අගෝස්තු මාසයේ රෝගාතුර වූයේ අපස්මාරය හේතුවෙන් ය. නිසි පරිදි මාසිකව වෛද්‍ය සායනවලට සම්බන්ධ වන ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබුණත් කොරෝනා වෛරසයේ බලපෑමත් සමග ජනතාව නිවෙස්වලට සීමා වීම නිසා දරුවාට සායනවලට සම්බන්ධ වීමට හැකි වී නැහැ. එවක බලධාරීන් උපදෙස් දුන් ආකාරයට මවුපියන් ඔහුට අවශ්‍ය ඖෂධ මීරිගම රෝහලෙන් ගෙන්වා ගෙන ඇත්තේ තැපැල් මාර්ගයෙන් ය. එම ඖෂධ භාවිතයෙන් පසු දරුවා දැඩි ලෙස රෝගාතුර වූ බවත් දෑස් නොපෙනෙන තත්ත්වයකට පත් වූ බවත් මවුපියන් පැවසුවේ ය. මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබේරත්න මහතා පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පරීක්ෂණ පවත්වන බවයි. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෙනින් නිරෝෂන් කුමාර සිසුවා හමුවූ අවස්ථාවේ ඔහුගේ වෛද්‍ය වාර්තා ද පරීක්ෂා කළේ ය. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මේකේ පේන හැටියට මෙයා සෝඩියම් ඇල්කොයිඩ් කියන බෙහෙත තමයි මෙයා අරන් තියෙන්නේ. එතකොට අප්‍රේල් 3 වැනිදා ක්ලිනික් එකට ගියාම ඒ බෙහෙත මාරු කරලා තියනවා පෙරටොයින් කියන බෙහෙතට. ඒ බෙහෙත නිසා ඇති වෙච්ච අතුරු ඵලයක් තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. අප්‍රේල් 3 හදිසියේ ඇයි බෙහෙත වෙනස් කරේ කියන එක ගැන විමර්ශනයක් කරන්න වෙනවා. අම්මා කවුරුහරි පිහිට වෙලා දරුවාගේ ඇස් දෙක සනීප කරලා දෙන්න රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා කඩිනමින් වාර්තාවක් ලබාගෙන ඒ දරුවාට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මීරිගම ප්‍රාදේශීය ලේකම්තුමා. මේ දරුවාට අවශ්‍ය මූලික පහසුකම් ටික දෙන්න. මාසිකව ඒ අවශ්‍ය වියදම ලබාදීම සඳහා යම් වන්දි මුදලක් ලබාදීම සඳහා එතුමා එකගතාව පල කරා . සමෘද්ධිලාභී පවුලකට මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණාම වන්දියක් ලබා ගැනීමේ හැකියාවක් තියනවා. ඒවත් මම සාකච්ඡා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවාගේ පෙනීම නැවත ලබාගැනීම සඳහා. කරන්න පුළුවන් ඉහළම දේ කරන්නත් . ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.
2020-08-16T10:41:30.000Z
මහ මුහුදේදී හිංසනයට ලක් වූ දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා?
දරුවෙකුට ධීවරයින් කළ හිංසනයේ විමර්ශන..
COLOMBO (News 1st) : මුහුදේදී ධීවර පිරිසක් අතින් හිංසනයට ලක්වූ බව කියන 16 හැවිරිදි දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා වන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, දරුවා කළ ප්‍රකාශකට අනුව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන බවයි මාතර පදිංචි 16 හැවිරිදි මෙම පිරිමි දරුවා පසුගිය ජුනි 28 වැනිදා තවත් ධීවරයින් සිව්දෙනෙකු සමග මුහුදු ගොස් ඇත්තේ බහු දින ධීවර යාත්‍රාවකින් ය. දින 48 ක් ඔවුන් මුහුදේ ගත කර ඇති අතර එම කාලය තුළ ඔහු දරුවා වද හිංසනවලට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ ය. ඔවුන් පසුගිය 12 වැනිදා ගොඩ බිමට පැමිණ ඇති අතර පොලීසිය පැවසුවේ යාත්‍රාවේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. දරුවාගේ මව ආවෙත් හොඳටම ඇවිදගන්න බැරුව. බෝට්ටුව ගොඩ කරලා ඉවරවෙලා එතනින් වීල් එකක ගෙදර ආවේ. දරුවට හොඳටම ඒ මාස ගාණට හොදටම ගහලා තියනවා. දරුවාට ඇවිද ගන්නත් අමාරුයි. දරුවගේ ඇඟපත ඔක්කොම තුවාල. කොන්ඩෙත් කපලා . අපට සාධාරණයක් කරලා දෙන්න. දරුවට කොන්දට ගහලා ඇට මෙව්වා වෙලා. ප්ලේට් එකක් දාගන්න රුපියල් 20,000 ක් විතර ඕන කිව්වා . දරුවා මට ගේ හදලා දෙන්න කියලා රස්සාවේ ගියේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අල්ලා ගන්නා ලද මාලුවෙකු මුහුදට යාම නිසා ඇති වූ කෝපය මත තමයි දරුවාට හිංසා කළ බවට දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ . මුහුදේ ගත කරන ලද සමස්ත කාල සීමාව තුළදීම විවිධ හිංසනයන්ට ලක්වූ බවට තොරතුරු අනාවරණය වෙලා තියනවා . දැනට මේ දරුවා රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරමින් පවතිනවා. හිමිකරු වසය අවුරුදු 64 ක පමණ පුද්ගලයෙක් . ඒ වගේම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනත්තෙක් සහ බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ගෝඩාහැන්නදිගේ දිමුතු සංජීව සහ ගීගනගේ ඩිලාන් මදුරංග අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන කටයුතු සිද්ධ කරනවා. දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙනවා . මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ එය සිදු කර තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා.
2020-08-16T10:35:29.000Z
භික්ෂූන් වහන්‍සේලාට කතිරයෙන් උදව් කරන එක නවත්වලා සිව්පසයෙන් උපකාර කරන්න - පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි
භික්ෂූන් වහන්‍සේලාට සිව්පසයෙන් උපකාර කරන්න
COLOMBO (News 1st) : මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ද අපේ ජන බල පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් පල කළේ ය. "අපි මුල ඉඳලාම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපකාර කරන්න එපාය කියලා. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් විදියට කතිරයෙන් උදව් කරලා තිබුණේ නෑ. එක්කහු කර ගත්ත ඡන්දය තුළින් එක මන්ත්‍රී ධූරයක් ලැබිලා තියනවා. ඉතින් අද වෙනකොට සටනක් යනවා. ඒ ආසනය බෙදා ගන්න බැරුව. දැන් සාසනයට වඩා වටිනාකමක් ලබා දීලා තියෙන්නේ ආසනයට. අනේ පිං සිද්ධ වෙයි මේකවත් ආදර්ශෙට අරගෙන මතුවේ පැවැත්වෙන මැතිවරණයකදී භික්ෂූන් වහන්‍සේලාට ඡන්දයෙන් නැත්නම් කතිරයෙන් උදව් කරන එක නවත්වලා සිව්පසයෙන් උපකාර කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක තමයි මේ රටට කරන මහා ගෞරවය.ශාසනයට කරන ලොකු ගෞරවය"
2020-08-16T09:29:48.000Z
අපේ ජන බල පක්ෂයේ ලේකම් හාමුදුරුවන් ගැන අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක්
පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ගැන පැමිණිල්ලක්
COLOMBO (News 1st) : අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සම්බන්ධයෙන් එම පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායිකා ශාමිනී වීරසූරිය මහත්මිය අද අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. අපේ ජනබල පක්ෂයේ ආසන සංවිධායිකා ශාමිනී වීරසූරිය මහත්මිය අපේ ජන බල පක්ෂයේ නැගෙනහිර ආසන සංවිධායකවරිය විදියට මම අද අනුරාධපුර පොලිස් ස්ථානයට ආවා. ඇවිල්ලා අපේ වේදනිගම ලේකම් හාමුදුරුවෝ වේදනිගම විමලතිස්ස හාමුදුරුවෝ මේ වනවිට අතුරුදහන් වෙලා තියනවා පක්ෂයේ වැඩවලින්. මේ වෙනකොට මම පොලීසියේ පැමිණිල්ලක් දැම්මා .මම මේ අපේ ලේකම් හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ හැංගිලා ඉන්න එපා. එළියට එන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ නිරාකරණයක් කරන්න අපි ලොකු විශ්වාසෙකින් ඔබ වහන්සේ ගැන කටයුතු කළේ . මේ වෙනකොට හාමුදුරුවෝ වොයිස්කට් දෙනවා වීඩියෝස් දෙනවා මේ වෙනකොට නමුත් ස්ථීර තැනක් නෑ. හාමුදුරුවන්ට තර්ජන තියනවා කියනවා මේ තර්ජනය කාගෙන්ද කියලා හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නෑ. ඒකත් අපිට හරි ප්‍රශ්නයක්. කලින් මේ හාමුදුරුවෝ මේ අනුරාධපුරේ වැඩ හිටපු නිසා මට සැකයක් තියනවා අනුරාධපුරේ වැඩ ඉන්නවාද කියලා https://www.facebook.com/NewsfirstSL/videos/295399225021178/
2020-08-16T09:18:42.000Z
පළාත් සභා මැතිවරණයත් පරණ ක්‍රමයටද?
පළාත් සභා මැතිවරණයත් පරණ ක්‍රමයටද?
COLOMBO (News 1st) : පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පරණ ක්‍රමයටද? මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සූදානම් වෙයි. පළාත් සභා මැතිවරණය මීට පෙර ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති බවට පුවත්පත් අද වාර්තා කර තිබුණි. ඒ වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බවට ද අදාළ වාර්තාවන්හි සඳහන් ය. මේ පිළිබදව අදත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම ස්ථාන කිහිපයකදී අදහස් පල කළේය. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නීතිමය පසුබිමක් තියෙනවා. සංශෝධන ගේන්න ඔනෑ. මැතිවරණ පවත්වන්න දිනයක් නෑ. මාධ්‍යවේදී ප්‍රශ්නය පළාත් සභා මැතිවරණයක් තියන්න සූදානමක් තියෙනවාද? තේරීපත් වූ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අලුත් ක්‍රමයකට තියෙනවාට වඩා ඉක්මණින් කටයුතු කරන්න පුළුවන් මොකද පළාත් සභා මැතිවරණය අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතිං ඒ නිසා ඉක්මනින් ඒ මැතිවරණය පැවැත්විය යුතුයි. එය තබන්න ලේසිම ක්‍රමය තමයි පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන එක. හැකි ඉක්මනින් ඉදිරි මාස තුන හතර ඇතුළත එහෙම නැත්තම් අප්‍රේල් මාසේ වෙනකොට ඉදිරි මොකද මේ කාලය ඉතා වැදගත් වෙනවා මේ සියලු දෙවල් කරන්න. මාස 6 කින් විතර ඒ වැඩේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරත්න හිමි යහපාලන ආණ්ඩුවෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා පැවැත්වූයේ නෑ. ඒ පවත්වපු නැති වෙලාවල්වල විශේෂයෙන් අපේ පොසොන් පිංකම් අනෙකුත් රාජ්‍ය උත්සව බොහොමත්ම නිරවුල්ව අලංකාරව කර ගැනීමට අපිට හැකියාව ලැබුණා. ප්‍රාදේශීය ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමා අනෙකුත් සම්බන්ධීකරණ කමිටු එක්කහු වෙලා ඒ කටයුතු සුදානම් කරන්න හැකියාව ලැබුණා. කෝටි 6 ක් මාසිකව ගෙවනවා ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රීලාට සභාපතිලාට ඉතින් ඒ හින්දා රට සංවර්ධනය කරන්න දියුණු කරන්න නම් මේ තියෙන ප්‍රාදේශීය සභා ටික කාලය ඉකුත් වුණාම අහෝසි කරන්න. නගර සභා ටික. ඒ වාගේම මහ නගර සභා ටික. ඒවාගේම පළාත් සභා තියලා නෑ. ඒ පළාත් සභාත් අහෝසි කරන්න. පළාත් සභා 9 න් නැගෙනහිර , සබරගමුව හා උතුරු මැද යන පළාත් 3 හි නිල කාලය 2017 වසරේදී අවසන් වූ අතර මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභා 3 හි නිල කාලය අවසන් වුයේ 2018 වසරේදී ය. ඌව, බස්නාහිර සහ දකුණු පළාත් සභා 3 හි නිල කාලය ඉකුත් වසරේදී අවසන් විය. https://www.facebook.com/NewsfirstSL/videos/2425788481047037/
2020-08-16T09:04:00.000Z
ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක්
ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) : ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ප්‍රධාන පෙලේ සති අන්ත පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ. කැබිනට් අනුමැතිය ලැබූ විගස මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ සූදානමක් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. එහි දැක්වෙන්නේ මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු බිල්පත් ගෙවීමට එමගින් හැකි වනු ඇති බව ය. ටයිම්ස් වාර්තාවට අනුව ඉදිකිරීම් ව්‍යාපෘති නිම කිරීම සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත රුපියල් බිලියන 200 ක් මෙමගින් ආවරණය කිරීමට නියමිත ය. මෙම ගෙවීම් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් ය. විදේශ ණය ගෙවීමට ද මුදල් මෙම අතුරු සම්මත ගිණුමේ ඇති රුපියල් ට්‍රිලියන 1.6 කොටසක් වෙන් වේ. නව ව්‍යාපෘති කිහිපයක් සඳහා ද එමගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති. මේ අතර ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සහ දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව ස්ථාන කිහිපයකදී අදහස් පලවිය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ''ග්‍රාමීය මට්ටමේ ආර්ථික ඉඳලා සමස්ත ආර්ථික ගොඩනැගීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් ජනතාවට මුදල් ලැබෙන මුදල් සංසරණය වන වටපිටාවක් අපි ගොඩනගනවා වගේම මේ අවුරුද්ද අවසානයේ ඉදිරිපත් වන අය වැය ලේඛනය තුළ ජනතාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් පහුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ පැවැති අඳුරු ආර්ථික කලින් පරිච්ඡේදය අවසන් කරලා නැවත පිබිදීමක් එක්ක අලුත් අයවැය ලේඛනයක් එක්ක ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් සුභදායි අනාගතයක් අපේ රට වෙනුවෙන්'' මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන, රාජය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ''අපි දේශීය ආර්ථිකයට විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා . දේශීය ආර්ථිකයේ කොටස්වලට අපි විශේෂ ඇමතිවරුන් පත් කරලා තියෙනවා . ඒ නිසා මං හිතන්නේ වැඩිකල් යන්න කලින් ජනතාව දකීවි. අපි දැන් පුරුදු වෙන්නට ඕනේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න ජනතාවට බොරු සහන දෙනවයි කියලා මුලාකරන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕන.දැනටමත් අඩු ආදායම් ලැබෙන පීඩනයට පත්වෙලා තියෙන පවුල් ලක්ෂයක දරුවන්ට රැකියාවක් ලබා දෙන්න. අපි දන්නවා කොච්චර ලොකු සහනයක්ද කියලා පවුල කෙනෙක් රැකියාවක් ලැබෙන එක. උපාධිධාරීන්ට 50,000ක රැකියාව ලබාදීලා තියෙනවා. දැන් ඒවායින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න අඩුකර ගැනීම'' https://www.facebook.com/NewsfirstSL/videos/603886600313748/
2020-08-16T08:52:30.000Z
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි
ට්‍රම්ප්ගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන, රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත විය. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඔහු තම සොහොයුරා පමණක් නොව හොඳම මිතුරා ද වූ බවයි. රොබට් ට්‍රම්ප්, ට්‍රම්ප් යුවළගේ දරුවන් පස් දෙනාගේ බාලයා විය.
2020-08-16T08:48:58.000Z
ලෝක උරුම සිංහරාජය මැදින් ඉදි කරන පාරක් නිසා දැඩි පාරිසරික හානියක්..
ලෝක උරුම සිංහරාජය මැදින් මාර්ගයක්..
COLOMBO (News 1st) : සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් මේ දිනවල ඉදිවෙමින් පවතින මාර්ගයක් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුවන බවට පරිසර සංවිධාන පවසයි. එම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ ගිං ගඟ රක්ෂිතයත්, සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින් නෙළුව හා දෙනියාය යා කරමින් ය. ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රට වේ. මේ වර්ග කිලෝ මීටර 65610 තුළ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් තිබේ. සිංහරාජය ඉන් එකක් පමණක් නොවෙයි සුවිශේෂී උරුමයකි. අප රටට ආවේණික ශාඛ සහ සත්ත්ව විශේෂ දහස් ගණනක් පවතින මේ කලාපය අප රටට සම්පතකි. නෙළුව සිට ලංකාගම දෙසට ගමන් කළ 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානයේ පරිසරවේදීන් කණ්ඩායමකට මෙම ඉදිකිරීම් ප්‍රදේශය නිරීක්ෂණය විය. අදාළ ඉදිකිරීම් පරිසර හිතකාමී නොවන බැවින් ඔවුන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ලිපියක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් පෙන්වාදෙන්නේ අඩි 12ත් 20ත් අතර පළලකින් මෙම මාර්ගය ඉදිකෙරෙන බවයි. මේ අතර අදාළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නායයාම් අවදානමක් මතුව ඇතැයි ද අදාළ පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙහිදී ප්‍රදේශවාසීන් හා ඉදිකිරීම් කටයුතුවල නිරත නිලධාරීන් පවසන්නේ මෙම මාර්ගය දෙනියාය, පිටදෙනිය දෙසින් ලංකාගම දක්වා ගමන් කරන බවයි. මෙම මාර්ගය ඉදිකිරීමෙන් කුඩා ජල මාර්ග බොහොමයක් අවහිර වීමට ඉඩ ඇති බවත්, ඉදිකිරීම් ක්‍රියාවලියේදී ඉවත් වන පස් ද ගිං ගඟට එකතු වීමේ අවදානමක් ද මතුව තිබේ. ලෝක උරුමයක් වන සිංහරාජ වැසිවනාන්තරය මැදින් මෙලෙස ඉදිකිරීමක් සිදුවීම පිළිබඳව වගකිව යුතු ආයතන ද දැනුවත් වී නොසිටි බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ පරිසරවේදීන් ජනාධිපතිතුමාට යවන ලිපියෙන් පෙන්වා දෙන්නේය. නමුත් අදාළ ඉදිකිරීම සඳහා කිසිදු ව්‍යාපෘති වාර්තාවක් හෝ ලිඛිත අවසරයක් නොමැති බව 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ලිපියේ දැක්වේ. පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ මෙලෙස ඉදිකිරීම් සිදු කරන්නේ නම් පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින්ද පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසය.
2020-08-16T08:41:04.000Z
''අංගොඩ ලොක්කා'' සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයා ගැන ඉන්දීය පොලීසියෙන් විමර්ශනයක්
අංගොඩ ලොක්කාගේ සමීපතමයා ගැන විමර්ශනයක්
අංගොඩ ලොක්කා සමග ඉන්දියාවේදී සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයා පිළිබඳව ඉන්දීය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. මෙරට පාතාල කල්ලි නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ''අංගොඩ ලොක්කා'' ඉන්දියාවේ කොයිම්බතුර්හි සිටියදී ගිනි අවියක් ළඟ තබා ගෙන ඇතැයි තමිල්නාඩු අපරාධ අංශය පවසන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පතේ වාර්තාවක සඳහන් ය. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය ජූලි 03 වැනිදා මියගිය අතර කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද එම වාර්තාවේ දැක්වේ. අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි වෙත රැගෙන ගොස් තිබුණේ ඔහු සමග දැඩි සම්බන්ධකම් පවත්වා ඇති නීතීඥ සිවකාමි සුන්දරී සහ අමානි ධංජි විසින් යැයි තහවුරු වී ඇති බවද මෙහි සඳහන් ය. ඔවුන් දෙදෙනා ''අංගොඩ ලොක්කා''ට අයත් බව කියන පිස්තෝලය ඔහුගේ හවුල්කරුවෙකුට ලබා දී ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. සිවකාමි සුන්දරී සහ අමානි ධංජි විසින් ව්‍යාජ ලියකියවිලි සකස් කර ප්‍රදීප් සිං නමින් ''අංගොඩ ලොක්කා'' සඳහා ආධාර කාඩ්පතක් ලබා ගෙන ඇතැයි පසුගිය සෙනසුරාදා එරට අපරාධ අංශයේ අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබුණි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කර ඇත්තේ අංගොඩ ලොක්කා මෙම කාඩ්පත රජයේ නිලධාරීන්ට සාක්ෂි ලෙස පෙන්වීමට සහ නිවාස කිහිපයක් කුලියට ගැනීමට භාවිත කර ඇති බවයි. අංගොඩ ලොක්කා 2018 සිට කොයිම්බතූර්හි සරවනම්පට්ටිහි මහල් නිවාසයක ප්‍රදීප් සිං ලෙසින් රැඳී සිට ඇති බවත් 2020 පෙබරවාරි මාසයේදී චෙරන් මා නගර් ප්‍රදේශයේ ග්‍රීන් ගාඩ්න්හි කුලී නිවසකට ගොස් ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2020 මාර්තු මාසයේදී අමානි ධංජි යන අය ''අංගොඩ ලොක්කා'' සමග එක්ව වාසය කර ඇති බවයි.
2020-08-16T06:12:04.000Z
නීතිවිරෝධීව මැණික් ගැරූ 7 දෙනෙකු බගවන්තලාවේදී දැලේ
නීතිවිරෝධීව මැණික් ගැරූ 7 දෙනෙකු දැලේ
COLOMBO (News 1st) : බගවන්තලාව ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගෙන් සිව්දෙනෙකු කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ ඉවුරු කපා මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. අනෙක් පුද්ගලයන් තිදෙනා කොටියාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ඇප මත මුදා හැරුණු එම සැකකරුවන් ලබන 19 වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-16T05:21:24.000Z
කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමග නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට ගැටලුවක්
නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය කල් යයිද..?
COLOMBO (News 1st) : නවසීලන්තයෙන් නව ආසාදිතයන් 13 දෙනෙකු වාර්තාවීමත් සමග එරට පාර්ලිමේන්තු මැතිවරණය ලබන මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උදා වී තිබේ. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලබන මස පැවැත්වීමට නියමිත මැතිවරණය කල්දමන ලෙස නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ද අද ඉල්ලා සිටියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ට පවතින බලපෑම් උත්සන්න කරනු ඇති බවයි. මේ අතර ප්‍රංශය සහ දකුණු කොරියාවෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම යළි උත්සන්න වී තිබේ. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 63 000 කි. ඒ සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 26 කට ආසන්න වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-08-16T04:58:53.000Z
වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් ගත් 23ක් අත්අඩංගුවට
වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් ගත් 23ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : අල්ලස් ලබාගත් පුද්ගලයින් 23 දෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිනි වීරසුරිය මහත්මිය සඳහන් කළේ, ඒ අතර රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු සිටින බවයි. ඔවුන් අතර පොලිස් නිලධාරීන් 09 දෙනෙකු, විදුහල්පතිවරයකු සහ ප්‍රාදේශීය ලේකම්වරයකු ද සිටින බව ඇය සඳහන් කළා ය. කොරෝනා තත්ත්වය හේතුවෙන් මාස කිහිපයක් රට වසා දැමීම අල්ලස් ලබා ගැනීමේ සිද්ධින් අඩුවීමට හේතු වී ඇතැයි ද ඇය පැවසුවාය. ඇය පැවසුවේ අල්ලස් ලබා ගැනීම මෙන්ම අල්ලස් ලබාදීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
2020-08-16T04:25:01.000Z
මරණ දඬුවම නියම වී වසර 10 ක් සැඟව සිටි අයෙකු අත්අඩංගුවට
මරණ දඬුවම නියම වී සැඟව සිටි අයෙකු කොටු
COLOMBO (News 1st) : මරණ දඬුවම නියම වී වසර 10 කට අධික කාලයක් පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ විත්තිකරු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව මාර්ග තැනීමේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස පෙනී සිට ඇති බවයි. 1995 වසරේදී සුරියවැව ප්‍රදේශයේදී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනන කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණයෙන් ඔහුට මරණ දඬුවම නියම කර වරෙන්තුවක් නිකුත් කර තිබුණි. ඒ 2010 වසරේදී ය. විත්තිකරු 52 හැවිරිදි පුද්ගලයෙකි.
2020-08-16T02:41:50.000Z
කහ කුඩුවලට 50% ක් පිටි කවළම්... පරීක්ෂණවලින් හෙළිවෙයි
කහ කුඩුවලට 50% ක් පිටි කවළම්
COLOMBO (News 1st) - වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බව හෙළිව තිබේ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය කළ පරීක්ෂාවකදීය. එම අධිකාරිය පැවසුවේ, කහ හිඟයත් සමග වර්ණක සහ පිටි කවළම් කර කහ විකුණන බවට ලද පැමිණිලිවලට අනුව ලබාගත් කහ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට පරීක්ෂා කළ බවයි. ඒ අනුව රජයේ රස පරීක්ෂක නිකුත් කළ වාර්තාවලින් හෙළිව ඇත්තේ, අලෙවියට තබා ඇති කහ කුඩුවලින් 50% ක්ම පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බවය. ඒ අනුව එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය. කහවලට විවිධ දේ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් සාම්පල ලබාගනිමින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ. මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය. කහ කුඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 750 ක් බව ද එම අධිකාරිය සඳහන් කර තිබේ.
2020-08-16T01:59:35.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 45 ක් පොලිස් රැඳවුම් භාරයේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 45 ක් රැඳවුම් භාරයේ
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයින් 45 දෙනෙකුගෙන් මේ වනවිට රඳවා තබා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද ගල්කිස්සේ පැවති මාධ්‍ය හමුවකදීය. මැන්ඩි නැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග අම්බලන්ගොඩදී අත්අඩගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔහු පැවසුවේ ය.
2020-08-16T01:34:34.000Z
කොළඹ - යාපනය ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙට ධාවනයෙන් ඉවතට
කොළඹ - යාපනය දුම්රිය 2 ක් අද සහ හෙට ධාවනයෙන් ඉවතට
COLOMBO (News 1st) - කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙට දිනයේ ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, උතුරු මාර්ගයේ, ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බවයි. ඒ අනුව අංක 81 සහ 82 දරණ දුම්රියන් ධාවනය නොවනු ඇති.
2020-08-16T00:46:19.000Z
බෙලරූස්හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි
බෙලරූස්හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි
News 1st - බෙලරූස් රාජ්‍යයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, සිය විරෝධතා සඳහා පූර්ණ මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් දහස් ගණනක් රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානය ඉදිරිපිට රැස් වූ පසුබිමකදීය. මිනිසුන්ට සැබෑ සත්‍යය හෙළිකරන ලෙස දැක්වෙන පුවරු අතින් ගත් විපක්ෂයේ විරෝධතාකරුවන් මිනිස්ක් අගනුවර රාජ්‍ය රූපවාහිනී ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉකුත් 09 වැනි දා බෙලරූස් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලකෂෙන්කෝ සුවිශාල ජයග්‍රහණයක් ලැබීම මෙම විරෝධතා ඇරඹීමට හේතුවිය. මෙම මැතිවරණ ප්‍රතිඵල වංචා සහගත බවට විපක්ෂය චෝදනා කරයි. විපක්ෂ අපේක්ෂිකා ස්වෙට්ලානා පවසන්නේ නිවැරදි ලෙස ජන්ද ගණනය කළේ, නම් මෙවර ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා තමා බවයි.
2020-08-15T21:39:15.000Z
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට..
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට..
COLOMBO (News 1st) - රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලබන බවයි. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති. පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
2020-08-15T21:19:16.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ
පා. මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්යයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගිවීමේදී මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම පියවර ගෙන ඇති බව නිව්ස්ෆස්ට් සමග සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
2020-08-15T20:43:55.000Z
විශ්වවිද්‍යාල ඇරඹීමත් සමග කටයුතු කළ යුතු ආකාරය ගැන උපකුලපතිවරුන් දැනුවත් කෙරේ
සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට ඇරඹේ
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන් දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සියලුම විශ්වවිද්‍යාල හෙට ආරම්භ කෙරෙන බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/08/1.mp3"][/audio] [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/08/2.mp3"][/audio]
2020-08-15T20:23:53.000Z
බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාල 550 ක් හඳුනා ගැනේ
බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාල 550 ක් හඳුනා ගැනේ
COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාල 550 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. තව ද කැලණිය කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුගේ බැංකු ගිණුම්වල මාස දෙකක් තුළ කෝටි හත හමාරක මුදලක් සංසරණය වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2020-08-15T20:21:32.000Z
රු. මිලියන 200 ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
'මැන්ඩි' මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - 'මැන්ඩි' නැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වන බවයි. අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ. ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
2020-08-15T19:46:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. එජාපයේ විශේෂ සාකච්ඡාවක්: එක්සත් ජාතික පක්ෂයේ විශේෂ හමුවක් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. 2. මන්ත්‍රී ධුරයක් හිස් වීම මංගල සභා වාරයට බාධාවක් නොවේ – නි. මහ ලේකම්: මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණ ද පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. 3. අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඟ සතු කෙරේ: ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඝ සතු කොට පූජා කිරීම ඊයේ වැල්ලවත්තේ දී සිදු කෙරිණ. ක්‍රීඩා පුවත් 4. M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි: M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි.
2020-08-15T10:12:14.000Z
මන්ත්‍රී ධුරයක් හිස් වීම මංගල සභා වාරයට බාධාවක් නොවේ - නි. මහ ලේකම්
මන්ත්‍රී ධුරයක් හිස් වීම සභා වාරයට බාධාවක් නොවේ
COLOMBO (News 1st) : මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ අනුව මංගල සභා වාරය පැවැත්වීමේ කිසිදු ගැටලුවක් නැතැයි ඔහු සඳහන් කළේ ය. 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20 වැනිදා ආරම්භ වේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු මෙතෙක් නම් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. ඊට අමතරව අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය ද මෙතෙක් ගැසට් කර නොමැත.
2020-08-15T09:54:01.000Z
M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
COLOMBO (News 1st) : M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමිනි. 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඔහු ටෙස්ට් පිටියට පා තැබුවේ 2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිවයි. දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම 2011 ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගත්තේ ය. එක්දින ජාත්‍යන්තර තරග 350කදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 10,773කි. ඊට ශතක 10ක් සහ අර්ධ ශතක 73ක්ද ඇතුළත් විය. ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කළ දෝනි ඉනිම 144කදී ලකුණු 4876ක් රැස් කළ අතර ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 33ක් ඇතුළත් ය. පන්දුවාර 20යි 20 තරග 98කට ක්‍රීඩා කළ දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම 2007 වසරේදී 20යි 20 ලෝක කුසලානය දිනා ගත්තේ ය. දෝනි පවසන්නේ ක්‍රිකට් පිටියේ මෙතරම් දුරක් පැමිණීමට තමන්ට සහය දුන් සැමට ස්තූතිවන්ත වන බවයි.
2020-08-15T10:37:20.000Z
50 වන ගම්මැද්ද මහ සභා ජනතා සමුළුව දඹානේදී
50 වන ගම්මැද්ද මහ සභා ජනතා සමුළුව දඹානේදී
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ආදී වාසීන් වාර්ෂිකව හමුවන මහා සමුළුව අද දඹාන ආදීවාසී ගම්මානයේදී පැවැත්විණ. ඊට සමගාමීව ආදී වාසීන් වර්ථමානයේ මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර , එම ප්‍රශ්න විසදා ගැනිම වෙනුවෙන් වූ මහජන සේවා ක්‍රියාවිතයක්ද ක්‍රියාත්මක විය. මෙරට ඉතිහාස කතාවේ සැලකිය යුතු කොටසක් මෙරට ආදීවාසි ප්‍රජාව නියෝජනය කරයි. සතා සිව්පාවුන් සමග, ගහකොළ ඇළ දොළ සමග අදටත් ජීවත්වන රතුගල, වාකරේ, හේනානිගල, පොල්ලේබැද්ද ඇතුළු ආදීවාසි ගම්මානවල ජනතාව අද දඹාන ආදිවාසී ගම්මානයට පැමිණියේ වරිගසභාවට එක්වීමටයි. ඊට සමගාමීව ආදී වාසීන් වර්ථමානයේ මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර, එම ගැටලු විසඳාගැනීම වෙනුවෙන් වූ මහජන සේවා ක්‍රියාන්විතයක්ද අද දිනයේ ක්‍රියාත්මක විය. ඊට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය බලධාරීන්ද එක්ව සිටි අතර, ආදී වාසීන්ට සිය පාරම්පරික සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට ඇති අභියෝග පිළිබඳව සෘජුව බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ද අවස්ථාව හිමි විය. මෙය 50 වන ගම්මැද්ද මහසභා ජනතා සමුළුවයි . https://www.facebook.com/NewsfirstSL/videos/990762161360694/
2020-08-15T07:55:41.000Z
ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි
ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි
COLOMBO (News 1st) : වෙරළ ක්‍රීඩා මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළමු වරට සංවිධානය කළ වෙරළ ක්‍රීඩා උළෙල අද දෙවැනි දිනටත් හම්බන්තොටදී පැවැත්වේ. දින දෙකක් පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ හම්බන්තොට වෙරළ උද්‍යානයේදීයී. පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඊට එක්ව සිටියහ. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි. වෙරළ වොලිබෝල්, වෙරළ පාපන්දු සහ රළ මත ලිස්සා යෑමේ තරග මෙහිදී පැවැත්වුණා. අද උදෑසන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත විය. https://www.facebook.com/NewsfirstSL/videos/1115794882148577/
2020-08-15T10:39:54.000Z
එජාපයේ විශේෂ සාකච්ඡාවක්
එජාපයේ විශේෂ සාකච්ඡාවක්
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ විශේෂ හමුවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ. මෙය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්, ප්‍රාදේශීය සංවිධායකවරු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. විශේෂ හමුවෙන් පසු වජිර අබේවර්ධන මහතා පැවසුවේ, එහිදී තරග කළ අපේක්ෂකයන් කැඳවා ස්තුති කර ඔවුන් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ බවයි. පරාජය යනු ජයග්‍රහණයේ මාවත බව ද ඔහු එහිදී පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1661160104052119/
2020-08-15T07:45:15.000Z
අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඟ සතු කෙරේ
අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඟ සතු කෙරේ
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඝ සතු කොට පූජා කිරීම අද වැල්ලවත්තේ දී සිදු කෙරිණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය සඝ සතුකොට පුජා කිරීමේ උත්සවය සඳහා මහා සංඝරත්නය, නාවික හමුදාපතිතුමන් , හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. සංඝ සභා කාර්යාලයේ සමරු ඵලකය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දායක සභාවේ උප සභාපති අජිත ද සොයිසා යන මහත්වරුන්ගේ සුරතිනි. අනතුරුව ශාසනයට ඉමහත් සේවයක් කළ මහනායක හිමිවරුන්ගේ සේයා රූ, මහා සංඝරත්නය විසින් විවෘත කරනු ලැබී ය. එලෙස විවෘත කෙරුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය නම් කර ඇත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය ලෙසයි. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සේයා රුවක් ද, අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ. අජිත ද සිල්වා මහතාගේ මූල්‍ය පරිගත්‍යාගයෙන්, එම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1661160104052119/
2020-08-15T06:29:20.000Z
හෙරොයින් ජාවාරම් කළ වේයන්ගොඩ 'හැට්ටයා අත්අඩංගුවට
වේයන්ගොඩ 'හැට්ටයා' අත්අඩංගුවට
COLOMBO (News 1st) : ගම්පහ, වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත වූ වේයන්ගොඩ 'හැට්ටයා' නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 ක් ද සිය භාරයට ගත් බවයි. 41 හැවිරිදි සැකකරු බැංකු ගිණුම් 3 ක් හරහා රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයකට අධික මුදලක් නීති විරෝධීව සංසරණය වී ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැකකරු සන්තකයේ තිබී රුපියල් 98 ලක්ෂයක චෙක්පතක් ද පොලීසිය භාරයට ගැනිණ. හෙරොයින් ජාවාරම සදහා යොදාගත් රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා නවීණ පන්නයේ මෝටර් රථයක් ද සිය භාරයට ගෙන ඇතැයි, මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ ය. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය පැවසී ය.
2020-08-15T05:43:12.000Z
බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට
බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රත්නපුරය්දී හෙරොයින් සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි.
2020-08-15T06:04:58.000Z
සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2666ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 8ක් සුවය ලබති
COLOMBO (News 1st) : අද දිනයේ තවත් ආසාදිතයින් අටදෙනෙකු අද සුවය ලැබීමත් සමග පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2666 ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 2888 ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. මේ අතර රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 211 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
2020-08-15T04:53:42.000Z
STF වැටලීම්වලින් ගිනිඅවි 3ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට
STF වැටලීම්වලින් සැකකරුවන් 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : කිරිදිවිට, දෙණියාය හිඟුරසේන සහ ඌරුබොක්ක බෙංගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම්වලින් ගිනි අවි 3 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ගෝනහේන විශේෂ කාර්යය බලකා කඳවුර ගම්පහ කිරිදිවිට ප්‍රදේශයේදී බොර 12 තුවක්කුවක් සහ ඒ සඳහා භාවිත කරන පතරොම් 4 ක් සමග සැකකරුකවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු 58 හැවිරිදි කිරිදිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙණියාය විශේෂ කාර්ය බලකා කඳවුර හිඟුරහේන සහ බෙංගමුව ප්‍රදේශයේ කළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත තුවක්කුවක්, බොර 12 තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කිරිවැල්දොළ සහ දෙකද් දණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ පොලිස් ස්ථානවලට දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
2020-08-15T03:35:51.000Z
වීරවිලදී සද්ධන්තයෙකු වෑන් රථයක ගැටෙයි
වීරවිලදී සද්ධන්තයෙකු වෑන් රථයක ගැටෙයි
COLOMBO (News 1st) : වීරවිල, තුරු සෙවන ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් වෑන් රථයක් අනතුරකට ලක් වීමෙන් එහි ගමන්ගත් පුද්ගයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් වීරවිල, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. අප වාර්තාකරු පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවෙකු ද සිට ඇති බවයි. තුවාල ලැබු කුඩා දරුවා ඇතුළු තිදෙනා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ බූන්දල වනෝද්‍යානයේ සිටින වන අලින් දිනපතා මේ ප්‍රදේශයේ සැරිසරන බවයි. පොලීසිය පැවසුවේ අනතුරෙන් වන අලියාට ද තුවාල සිදුවන්නට ඇතැයි සැක කරන බවයි. මේ වනවිට අදාළ වන අලියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
2020-08-15T03:24:11.000Z
රන් මාල රැසක් සොරකම් කළ අයෙකු රිමාන්ඩ්
රන් මාල රැසක් සොරකම් කළ අයෙකු රිමාන්ඩ්
COLOMBO (News 1st) : හොරණ, කුඩා උඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රන් මාල කොල්ල කෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකට අදාළ නඩු සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි අදාළ සැකකරු විවෘත වරෙන්තු 20 ක් හිමි අයෙකි.
2020-08-15T03:03:33.000Z
මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක්
මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක්
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක් සිදුකර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1100 ක් සිදුකර ඇති බවයි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළ ගියේ ය. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ හඳුනා ගැනීමත් සමග ය. ඔවුන්ගෙන් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා ජපානයේ සිටි පැමිණි පුද්ගලයෙක් ය. ඔවුන් මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. වෛරසය ආසාදිත රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 217 කි. ඒ සමග මෙරට කොරෝනා පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2658 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 629 කි. ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 508 දෙනෙකු, කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් ය. කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.‍ එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 160 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත ය. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 30,274 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ පුද්ගලයින් 4689 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා. අද උදෑසන වනවිට පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි. සෙසු අය දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 475 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 154 කි.
2020-08-15T03:10:53.000Z
රත්නපුරදී ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට
ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග සැකකරුවෙකු දැලේ
COLOMBO (News 1st) : රත්නපුර, වැරණියගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ සජීව පතුරම් 4 ක්, ජීව අත් බෝම්බ 2 ක් හා හිස්පතොරම් කොපු 13 ක් සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
2020-08-15T02:35:17.000Z
වේයන්ගොඩදී මත්ද්‍රව්‍ය සමග 15 දෙනෙකු අත්අඩංගුවට
වේයන්ගොඩදී මත්ද්‍රව්‍ය සමග 15ක් දැලේ
COLOMBO (News 1st) : වේයන්ගොඩ, කොරස ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය අලෙවි කළ දෙදෙනෙකු හා මිලදී ගැනීමට පැමිණි 13 දෙනෙකු ඒ අතර වන බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
2020-08-15T02:11:37.000Z
සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සරසවි සිසුන්ට දැනුම්දීමක්
COVID-19: විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම්දීමක්
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල වෙත පැමිණීමේදී නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසුවේ, මුව ආවරණ පැළදීම, අත් පිරිසිදු කිරීම මෙන්ම දුරස්ථභාවය රැකීම ද එම මාර්ගෝපදේශ අතර වන බවයි. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත අමුත්තන් පැමිණීම සීමාකර ඇතැයි ද ඔහු පැවසුවේය. දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ලබන සඳුදා යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේය.
2020-08-15T01:55:39.000Z
කළුතර, උතුර බන්ධනාගාර රෝහලේදී රැඳවියෙකු ගෙල වැළලාගෙන මරුට 
බන්ධනාගාර රෝහලේදී රැඳවියෙකු ගෙල වැළලා ගනී
COLOMBO (News 1st) : කළුතර, උතුර බන්ධනාගාර රෝහලේදී රැඳවියෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ කැස්බෑව අධිකරණයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු එලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
2020-08-14T23:39:46.000Z
හොරෙන් පන්නන්න හැදූ වල්ලපට්ටා හා සුදු හඳුන් තොගයක් රේගුව භාරයට
වල්ලපට්ටා හා සුදු හඳුන් තොගයක් රේගුව භාරයට
COLOMBO (News 1st) : නීති විරෝධීව ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබූ වල්ලාපට්ටා සහ සුදු හඳුන් තොගයක් රේගුව භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සුදු හඳුන් කිලෝග්‍රෑම් 120ක් හා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 120 ක් එලෙස රේගු භාරයට ගත් බවයි.
2020-08-14T22:57:24.000Z
පොලීසියට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙකුට වැඩ වරදී..
පොලීසියට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙකුට වැඩ වරදී..
COLOMBO (News 1st) : සැකකරුවෙකු මුදා ගැනීම සඳහා රුපියල් 25,000 ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ වල්ලපට්ටා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට තැත් කළ 42 හැවිරිදි කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. ඊයේ පස්වරුවේ කළුතර, දියගම ප්‍රදේශයේදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමග කලවාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
2020-08-14T21:36:09.000Z
ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් සැමරුම අද
ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් සැමරුම අද
COLOMBO (News 1st) : ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී 74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විමට නියමිත ය. යුද, ගුවන්, නාවික හා පොලිස් නිලධාරින් 2,500කට අධික පිරිසක් නිදහස් සැමරුමට එක්වන බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් සැමරුම් උත්සවයේ කටයුතු දැඩි ලෙස සීමා කර තිබේ. කොරෝනා වෛරසය හමුවේ සටන් වැඳී සිටින සෞඛ්‍ය අංශ සහ කම්කරු ජනතාවට ජාතියේ ප්‍රණාමය හිමි වන බව නිදහස් සැමරුමට සමගාමිව ඊයේ දිනයේ රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දිය ජනාධිපති රාම් නාත් කොවින්ද් සඳහන් කළේ ය. මේ අතර පසුගියදා ඉන්දු චීන දේශසිමාවේ ගැටුම්වලදී අභීතව සටන් කළ ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකායේ සාමාජිකයින් 20 දෙනකුට අද දිනයේ සම්මාන පිරිනැමීමට නියමිතව තිබේ.
2020-08-14T20:36:30.000Z
ග්‍රෑන්ඩ්පාස්හි මෙහෙයුමේදී සැකපිට පුද්ගලයින් 63 දෙනෙකු කොටු 
ග්‍රෑන්ඩ්පාස් මෙහෙයුමේදී පුද්ගලයින් 63දෙනෙකු කොටු
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමේදී සැකපිට පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය සමග සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එසේම රුපියල් හාර ලක්ෂ විසි දහසක් හා ජංගම දුරකතන 6 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් අත්අඩගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 11 කි.
2020-08-14T21:30:13.000Z
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ
තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පිරිසක් ගැසට් කෙරේ
COLOMBO (News 1st) : තවත් පක්ෂ 2 ක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි. සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය යන පක්ෂවලින් ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනය එලෙස ගැසට් කර තිබේ. සමගි ජන බල වේගයට මෙවර මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ඒ අනුව , රංජිත් මද්දුමබණ්ඩාර තිස්ස අත්තනායක ඉමිතියාස් බාකීර් මාකර් ඉරාන් වික්‍රමරත්න හරීන් ප්‍රනාන්දු මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් ය. මීට අමතරව ජාතික ජන බලවේගයට මෙවර මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හරිනී අමරසූරිය තේරීපත්ව ඇතැයි එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. තවත් පක්ෂ පක්ෂ 3 ක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 10 වැනිදා රාත්‍රීයේ නිකුත් කෙරුණි. එලෙස නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් මෙවර ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනයයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු අසුන සඳහා වන නම මෙතෙක් මැතිවරණ කොමිසමට භාර දී නොමැත.
2020-08-14T20:00:26.000Z
බන්ධනාගාර රැඳවියන් හමුවීමට අද සිට අමුත්තන්ට අවස්ථාව
බන්ධනාගාර රැඳවියන් හමුවීමට අද සිට අවස්ථාව
COLOMBO (News 1st) : බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා අද සිට අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම පසුගිය 11වැනිදා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය. ඒ, වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.
2020-08-14T20:25:12.000Z
Online හරහා මන්ත්‍රීවරුන් 175 දෙනෙකු පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වෙයි
නව මන්ත්‍රීවරුන් 175ක් Online ලියාපදිංචි වෙයි
COLOMBO (News 1st) : Online ක්‍රමවේදය ඔස්සේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 කට ආසන්න පිරිසක් සිය දත්ත පාර්ලිමේන්තුව වෙත ලබාදී තිබේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පැවසුවේ ලබන 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු 175 ආසන්න පිරිසක් මේ වනවිට සිය දත්ත Online ක්‍රමයට පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට Online ඔස්සේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවීමට ලබාදී තිබූ කාල සීමාව අදින් අවසන් වෙයි. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පසුගියදා ඉල්ලා සිටියේ ලබන 20 වැනිදා පැවැත්වෙන මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට මෙම තොරතුරු අත්‍යාවශ්‍ය වන බැවින් අද දිනයට පෙර Online ඔස්සේ අයැදුම්පත්‍රය පුරවා සිය දත්ත පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙසයි. මේ අතර ලබන 20 වැනිදා පස්වරු 3 ට ජනාධිපතිතුමා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ , එදින පැවැත්වෙන මංගල රැස්වීමේ මුලසුන ගනිමින් ය. පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 20 වැනිදා උදෑසන 9.30 ට අභිනව පාර්ලිමේන්තුව රැස්වෙමින් කතානායකවරයා තෝරා ගැනීමට නියමිත බවයි. ඉන් අනතුරුව මන්ත්‍රී දිවුරුම හෝ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරේ. පසුව නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීමට නියමිතය. අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තුව එදින පස්වරු 3 දක්වා කල් තබනු ඇති බවද පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2020-08-14T19:40:54.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ශ්‍රීලනිපය යළි නැගිටවමු.... හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්: හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඊයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා ය. 2. ඉන්දියාව නිකෝබා දූපතේ දැවැන්ත වරායක් ඉදිකිරීමට සැරසෙයි : ඉන්දීය සාගරයේ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් චීනයේ සැලසුම් අභියෝගයට ලක්වන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ. 3. කතානායක කවු ද? : පාර්ලිමේන්තු අගෝස්තු 20 වනදා පෙරවරු 9.30ට කැඳවන බවට වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ කතානායක කවුද? 4. බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනපති කොමිසම හමුවට : ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශ සහය ලැබීමට පෙර සිටම සහරාන් හෂීම්ට රට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමේ ශාරීරික හා මානසික හැකියාව ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ ය. 5. රැකියාලාභී උපාධිධාරීන්ගේ ලැයිස්තුව ලබන සඳුදා අන්තර්ජාලයට : රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛන සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල කරන බවත්, පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනිදා ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නැවත සඳහන් කරයි. 6. එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක් : එක්සත් ජාතික පක්ෂයට තරුණ නායකයෙකු පත්කර ගැනීම පිළිබදව ඊයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවදානය යොමුව තිබේ.
2020-08-14T11:23:52.000Z
ශ්‍රීලනිපය යළි නැගිටවමු.... හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රීලනිපය යළි නැගිටවමු....
COLOMBO (News 1st) : හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා ය. ඇය එම ප්‍රකාශය සිදු කරමින් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව නායකත්වයක් සමගින් කටයුතු කිරීමට තමා සූදානම් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/758331328246425/
2020-08-14T11:18:10.000Z
ඉන්දියාව නිකෝබා දූපතේ දැවැන්ත වරායක් ඉදිකිරීමට සැරසෙයි
ඉන්දියාව නිකෝබා දූපතේ වරායක් ඉදිකිරීමට සැරසෙයි
COLOMBO (News 1st): ඉන්දීය සාගරයේ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් චීනයේ සැලසුම් අභියෝගයට ලක්වන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ. මේ විමසා බැලීම ඒ පිළිබඳවයි. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ චීනය ඉන්දීය සාගරය හරහා පහසුවෙන් අප්‍රිකාව හා චීනය යාකරන පැරණි සේද මාවත වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිට ආරම්භ කර තිබේ. එකි නෙක ඇමිණූ මුතු මාලය යන අරුතින් චීනය හදුන්වන මේ ව්‍යාපෘතිය යටතේ පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, සොමාලියාව හා ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබේ. ඉතා කාර්ය බහුල ඊස්ට් - වෙස්ට් ජාත්‍යන්තර නාවුක ගමනා ගමන මාර්ගය සමීපයේ පිහිටි හම්බන්තොට වරාය දැනටමත් අවුරුදු 99 කට චීනයට බදුදී තිබේ. එහි මෙහෙයුම් බලතල ඇති සමාගමේ වැඩි කොටස් අයිතිය චීනය සතුයි. හම්බන්තොට වරාය චීනය සතුවීමත් සමග ඉන්දියාව ප්‍රති නැව්ගත කිරීමේ වරායක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීම සදහා සදහා පසුගිය කාලයේ දැඩි උනන්දුවක් දැක්වීය. ඉන්දු, ජපාන සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වෙද්දී වත්මන් රජය ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට පර්යන්තය බදුදීමට යෝජනා කළේ ය. මේ යෝජනාව මේ වනවිට යටපත්වී ඇත්තේ වෘත්තීය සමිති ඊට එරෙහිව ක්‍රියාත්මක කල අරගලය නිසයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඉන්දියාවේ බලාපොරොත්තු ක්‍රමයෙන් ගිලිහෙමින් යද්දී ඔවුන් දැන් නිකොබා දූපතේ ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ඉදිකිරීමට යෝජනා කර තිබේ. පසුගියදා චෙන්නයි සිට නිකොබා දූපතට මුහුදු පතුලෙන් සම්බන්ධ කල අධිවේගී සන්නිවේදන කේබල් පද්ධතිය විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සැළැස්ම අනාවරණය කළේ ය. නිකෝබා දූපතේ දකුණු කොටසේ තීරු බදුවලින් නිදහස් ගබඩා සංකීර්ණ කලාපයක් ඉදිකර බහලුම් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමට එහි පරිපාලනය පසුගිය වසරේ යෝජනා කළේ ය. කොළඹ, සිංගප්පූරුව සහ මලයාසියාවේ ක්ලැන්ග් වරායට විකල්පයක් ලෙස ඉන්දීය නාවුක ව්‍යාපාර වලට පහසුකම් සැපයීම මේ යෝජනාවේ අරමුණයි. නිකොබාර් වරාය සහ තීරු ගාස්තුවලින් නිදහස් ගබඩා පහසුකම් පුළුල් කිරීමේ ව්‍යපෘතිය සාර්ථක වුවහොත් ඊස්ට් වෙස්ට් නාවුක ගමන් මාර්ගය සමීපයේ නව තරගකරුවෙක් නිර්මාණය වනු ඇති. මේ පසුබිම තුළ චීනයේ ඉන්දීය සාගර කලාපයේ නාවුක ව්‍යාපාර ක්ෂේත්‍රයේ බලවතා වීමේ උත්සාහය සාර්ථක වෙයිද? ඉන්දියාවේ නව උපාය මාර්ගය හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අනාගතය කෙසේ විසදෙයිද?
2020-08-14T10:50:44.000Z
කතානායක කවු ද?
කතානායක කවු ද?
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු අගෝස්තු 20 වනදා පෙරවරු 9.30ට කැඳවන බවට වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඊයේ ප්‍රකාශයට පත් කරිණ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය නිකුත් කළේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ බලතල අනුවයි. මෙවර ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාත් , දෙදෙනෙකු හැර ජාතික ලැයිස්තු අසුන් 27 කුත් දැන් ප්‍රකාශයට පත්වී තිබේ. එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දී නොමැත. අගෝස්තු 20 වනදා පාර්ලිමේන්තුව රැස්වීමේ සූදානම කුමක්ද? අලුත් පාර්ලිමෙන්තුවේ කථානායක ධුරය ගැනත් දැන් විවිධ අනාවැකි පලවෙමින් තිබෙනවා. ඒ අනාවැකි අතර ඉදිරියෙන්ම තිබෙන නමක් වන්නේ මහින්ද යාපා අබේවර්ධනයි. මේ ඔහු අද ඒ ගැන දැක්වූ ප්‍රතිචාරය. තාම කතානායක ධූරය ලැබුනේ නෑ.. ලැබුනට පස්සේ අපි බලමු කරන්න පුළුවන් උපරිමය කරන්න. අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය කුමක් වෙයිද? මේ ගැනත් දැන් පවතින්නේ සංවාදයකි. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු වෙනස් කිරීම සඳහා 20 වන සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කරන බවයි. යහපාලන ආණ්ඩුව ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය කාලයේ පොදුජන පෙරමුණ හා හවුල්කාර පක්ෂ බරපතළ ලෙස විවේචනය කළේ ය. ජනාධිපතිවරයාගේ බලතල සීමාවීම, කොමිෂන් සභාවල ක්‍රියා කලාපය වගේම පොලිස්පතිවරයෙකු පවා පත්කර ගැනීමට ඇති සීමාවන් එලෙස විවේචනය වූ ප්‍රධාන කරුණු අතර වේ. අප කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, එම දුර්වලතා ඉවත් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ සම්බන්ධ කෙටුම්පත මේ වනවිට සකස්කරමින් සිටින බව ද අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/355944575406002/
2020-08-14T09:53:54.000Z
බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනපති කොමිසම හමුවට
බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) : ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශ සහය ලැබීමට පෙර සිටම සහරාන් හෂීම්ට රට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමේ ශාරීරික හා මානසික හැකියාව ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසුවේ, 2019 අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි. කොමසාරිස්වරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ, 2019 ජනවාරියේ වනතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය වැටලීමෙන් පසු රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ භෞතික හැකියාව පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බවයි. සහරාන්ගේ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සතුව කිසිදු වාර්තාවක් නොමැති බවත්, පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණයක් නොකළ බවත්, කියා සිටි ඔහු රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ හැකියාව පිළිබඳව දැන සිටි බවද සඳහන් කළේ ය. ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04 වන දින විදේශ බුද්ධි අංශ වෙතින් තොරතුරු ලැබීමෙන් පසු සහරාන් පිළිබඳ මූලික වාර්තා ලබාගෙන ඇති බවත්, ඒ පිළිබඳව ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත දැනුම් දීමට තීරණය කළ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, විදේශ බුද්ධි අංශ පිළිබඳව එවක පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දැනුම් දීමට රාජ්‍ය බුද්ධි අංශය කටයුතු කළ බවයි. අවශ්‍ය පියවර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් වෙත විදේශ බුද්ධි අංශ තොරතුරු 2019 අප්‍රේල් 7 වන දින යැවීමට පියවර ගත් බවද ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ලබන 17 වැනිදා ජයවර්ධන මහතා යළිත් කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතයි.
2020-08-14T06:57:38.000Z
කොරෝනා ආසාදිතයින් 2,886ක් දක්වා ඉහළට
අද මේ දක්වා කොරෝනා ආසාදිතයින් 4ක්
COLOMBO (News 1st) : අද දිනයේ මේ වනවිට කොරෝනා රෝගීන් සිව් දෙනෙකු වාර්තාවී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,886ක් දක්වා ඉහළ යනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් අතරින් එක් අයෙකු ජපනයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනාගෙන ඇති බවයි. අනෙක් තිදෙනා හඳුනා ගෙන ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරිනි.
2020-08-14T06:44:53.000Z
අපේ ජන බලවේගය : මන්ත්‍රී අර්බුදයට විසඳුම් සොයා මැකෝ නීතිපති හමු වෙයි
මන්ත්‍රී අසුනේ අර්බුදයට විසඳුම් සොයයි
COLOMBO (News 1st) : අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ පක්ෂයේ වරම හිමිවී තිබෙන ලේකම්වරයා කවුරුන්දැයි සලකා බලා මන්ත්‍රී අසුන ගැන තීරණයක් ගන්නැයි කොමිසමට දැනුම්දී ඇති බවයි. අපේ ජනබල පක්ෂයේ ලේකම් තමන් යැයි සඳහන් කරමින් පූජ්‍ය පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් උන්වහන්සේගේ නම මන්ත්‍රී අසුන සඳහා කොමිසමට යවා තිබිණ. එහෙත් පසුව එම පක්ෂය පැවසුවේ, උන්වහන්සේ ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයෙකු පත්කර ඇති බවයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් උපදෙස් විමසුවේ මේ පසුබිම තුළයි. මේ අතර අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අසුන සදහා ඇති හිමිකම පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් මේ වනවිට අදහස් පළ කරමින් සිටිති.
2020-08-14T06:30:54.000Z
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා නිවේදනය කෙරේ
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා
COLOMBO (News 1st) : ලබන 20 වැනිදා මංගල රැස්වීම් දින පස්වරු 3 .00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
2020-08-14T06:04:10.000Z
බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු
බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු
COLOMBO (News 1st) : බූස්ස, මීගමුව, වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාරවල නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය ද අත්හිටුවා ඇති බවයි.
2020-08-14T05:18:22.000Z
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නැහැ
COLOMBO (News 1st) : කොළඹ 13, 14 සහ 15 බල ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව හෙට රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි. කොළඹ 11 සහ 12 ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජලනල ව්‍යාපෘතියක අලුත්වැඩියාවක් ඊට හේතුව වී තිබේ.
2020-08-14T04:17:49.000Z
සියලු විශ්වවිද්‍යාල සඳුදා සිට යළි ඇරඹේ
සියලු විශ්වවිද්‍යාල සඳුදා සිට යළි ඇරඹේ
COLOMBO (News 1st) : සඳුදා සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
2020-08-14T04:44:50.000Z
රැකියාලාභී උපාධිධාරීන්ගේ ලැයිස්තුව ලබන සඳුදා අන්තර්ජාලයට
රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම්දීමක්
COLOMBO (News 1st) : රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛන සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල කරන බවත්, පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනිදා ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නැවත සඳහන් කරයි. මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ රැකියාලාභී උපාධිධාරීන් සේවයට වාර්තා කිරීමේ දිනය සැප්තැම්බර් 01 වැනිදා බවත්, ඔවුන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා වෙබ් අඩවියේ පල කරන බවත් ය.
2020-08-14T04:05:28.000Z
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) - මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,882 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම පුද්ගලයා 59 වන සේනාංක පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි. කොරෝනා ආසාදිතයින් 225 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුව වූ ආසාදිතයන් සංඛ්‍යාව 2646 කි.
2020-08-14T04:02:10.000Z
එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්
එජාපය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්
COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයට තරුණ නායකයෙකු පත්කර ගැනීම පිළිබදව අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමුව තිබේ. එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හඳුනාගත් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන අය අතරින් රටට හා පක්ෂයට ගැලපෙන තරුණ නායකත්වයක් තෝරා ගැනීමට නියමිත බවයි. එහි ආරම්භක පියවර ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කෙරෙන බව ද එක්සත් ජාතික පක්ෂය පවසයි. සාර්ථකව තම වගකීම් ඉටුකිරීම හා පාක්ෂිකයින්ට සමීපවෙමින් ඔවුන් දිනා ගනිමින් කටයුතු කිරීම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින් පක්ෂය හා පාක්ෂිකයින් තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබේ. අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය. පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මහ මැතිවරණ ප්‍රථිපල සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ සමාලෝචනයක් ද සිදුකෙරුණු බවයි. කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ, පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දීර්ඝ සමාලෝචනයක් සිදු කළ බවයි. පක්ෂයට නව නායකත්වයක් ඇති කර ගැනීම සඳහා පාක්ෂිකයන්ගේ ද අදහස්වලට ප්‍රමුඛතාව ලබා දෙමින් කඩිනම් පියවර ගැනීමට කටයුතු කළ යුතු බව ද එහිදී සාකච්ඡා වී තිබේ. ඒ අනුව පක්ෂයේ සහ පාක්ෂිකයන් තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම නායකත්වය පිරිනැමීමට අද තීරණය වූ බව එම පක්ෂය පවසයි.
2020-08-14T01:28:26.000Z
රැකියාලාභී උපාධිධාරීන්ගේ ලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට
උපාධි පත්වීම් ලාභීන් සැප්.01 සේවයට වාර්තා කළයුතුයි
COLOMBO (News 1st) - උපාධිධාරීන් 50,000කට සහ අඩු අදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය වහාම ඇරඹෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ දිනය සැප්තැම්බර් 01වැනිදා බවයි. මහ මැතිවරණය නිසා නතර කෙරුණු එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියාවල නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි මෙම නිවේදනයේ සඳහන් වේ. රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛණය ජනාධිපති කාර්යාල වෙබ් අඩවියේ ලබන ඉරිදා පල කෙරෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. තෝරාගනු ලැබූවන්ට ලිපි යැවීම සඳුදා සිට ඇරඹෙනු ඇති. පත්වීම් ලාභීන් සැප්තැම්බර් 01වැනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම්, ලේඛණයේ ඇතුළත්ව නැතිනම් ජනාධිපති කාර්යාලයෙන් විමසිය හැකි බව ද නිවේදනයේ සඳහන් වේ. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂය, රැකියාවල නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
2020-08-14T00:31:04.000Z
බණ්ඩාරගමදී ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැමිණි දෙදෙනෙකුට බරපතලයි
බණ්ඩාරගම රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකුට බරපතලයි
COLOMBO (News 1st) - බණ්ඩාරගම, වීදාගම මංසන්ධියේදී සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබෙන අතර වීදාගම සිට පැමිණි ජීප් රථයක්, බණ්ඩාරගම දෙසට හැරවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරගම සිට පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් ක‍ළේය. ඉන් තුවාල ලැබුවේ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනායි. අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බණ්ඩාරගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන්ගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ, මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19හා 21 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. සිද්ධියට සැකපිට ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුව පොලිස් ඇප මත මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2020-08-13T22:36:29.000Z
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 414 දෙනෙක් දැලේ
විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග 414ක් දැලේ
COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ පොලීසිය කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ උදෑසන 6 සිට අද අලුයම 5 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී හෙරොයින් ග්‍රෑම් 103 ක්, ගංජා ග්‍රෑම් 356 ක්, නීති විරෝධී මත්පැන් බෝතල් 663 ක් හා ගෝඩා බැරල් 38 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. හෙරොයින් සමග අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් වත්තල, බේරුවල, නිට්ටඹුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කළේය.
2020-08-13T22:40:28.000Z
විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් ගණන දෙදෙනෙකු දක්වා ඉහළට
සරසවි නේවාසිකාගාර කාමරයක සිටිය හැකි ප්‍රමාණය ඉහළට
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් ප්‍රමාණය දෙදෙනෙකු දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ රට තුළ කොරෝනා වසංගතය පාලනය වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. පසුගිය මස 6 වැනිදා සිට සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ විය.
2020-08-13T22:24:43.000Z
මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්
මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්
COLOMBO (News 1st) - මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බවයි. ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය. මේ අතර පසුගිය වසර 5 තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් විදුලිබල මණ්ඩලයේ දෛනික පාඩුව රුපියල් මිලියන 50 ක් බව එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ අදාල ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
2020-08-13T21:35:14.000Z
තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් ගැසට් කිරීමට අද මුද්‍රණයට
ජාතික ලැයිස්තුව: තවත් නම් කිහිපයක් අද ගැසට් කෙරේ
COLOMBO (News 1st) - තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් ගැසට් කිරීම සඳහා අද පෙරවරුවේ මුද්‍රණයට යවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් නොමැතිවයි. මෙවර පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූර 29, පක්ෂ 7 ක් අතරේ බෙදී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි. සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 7 ක් හිමිවිය. ජාතික ජන බලවේගය, අපේ ජන බල පක්ෂය ,ඉලගංගෙයි තමිල් අරුසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, මහාචාර්ය ජී.එල්.පීරිස් නීතිඥ සාගර කාරියවසම් අජිත් නිවාඩ් කබ්රාල් මොහොමඩ් අලි සබ්රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මංජුලා දිසානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහාචාර්ය චරිත හේරත් ගෙවිදු කුමාරතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල් මහාචාර්ය තිස්ස විතාරණ යදාමිණි ගුණවර්ධන ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් ටිරාන් අලස් විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන්ගේ නම් ඇතුලත් ජාතික ලැයිස්තුව පසුගියදා ගැසට් කෙරුණි. රංජිත් මද්දුමබණ්ඩාර හරින් ප්‍රනාන්දු ඉම්තියාස් බාකිර් මාකර් තිස්ස අත්තනායක ඉරාන් වික්‍රමරත්න මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කෙරුණේ ඊයේ දිනයේදීයි. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කෙරුණා. ඊට අමතරව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයෙන් තවරාසා කලෙයි අරසන් සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජෙන්දිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර කෙරුණා.
2020-08-13T21:27:50.000Z
ලෙබනනයේ සිට ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට
ලෙබනනයේ සිට ලාංකිකයින් රැගත් යානයක් හෙට දිවයිනට
COLOMBO (News 1st) - ලෙබනනයේ, බේරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ අතර ලෙබනනයේ සිටින ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. තානාපතිවරිය සඳහන් කළේ ඒ අතර ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් කිහිප දෙනෙකු ද වන බවයි. ලෙබනනයේ මේ වන විට සිටින සමස්ත ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 25 000 කට ආසන්නයි.
2020-08-13T21:19:53.000Z
ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක්
ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක්
COLOMBO (News 1st) - පවතින වැසි තත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ළූණු අස්වැන්නෙන් 30% පමණ ප්‍රමාණයක් හානි විය හැකි බවයි. වගාවන් තුළ සුළු වශයෙන් හෝ දිලීර ව්‍යාප්තිය පවතින්නේ නම්, කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වගාකරුවන්ට දැනුම් දෙයි.
2020-08-13T20:57:36.000Z
මෙතෙක් කළ වැටලීම් වලින් හොර පාරෙන් රැගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552ක් නාවික හමුදාව භාරයට
වැටලීම් වලින් කහ 7552KGක් නාවික හමුදාව භාරයට
COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, පසුගිය ජූලි 28 වැනිදා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලිනි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එමින් සිටියදී සහ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා සිය භාරයට ගත් බවයි.
2020-08-13T20:45:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් වැඩ අරඹති : නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊයේ ධුරයේ වැඩ ආරම්භ කළහ. 2. ශ්‍රීලංකන් ඇතුළු ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි : ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා 3 ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පියවර ගෙන තිබේ. 3.ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට: පිරිපහදු ජලය විකිණීම මිස අන් කිසිවක් රටේ ජනයාට විකිණීමේ හිමිකමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අදාළ පනත ප්‍රකාරව නම් පැවරී නොමැත. 4. අමාත්‍යාංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති:ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි. විදෙස් පුවත් 5. ඊශ්‍රාලය සහ UAE ඓතිහාසික ගිවිසුමකට එළැඹෙයි : රාජතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීම සඳහා ඊශ්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එලැඹ තිබේ. 6.COVID19 එන්නත වැඩිදියුණු කිරීමට රුසියාව සූදානම්: ඕනෑම පාර්ශවයක් සමග එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බව රුසියාව පවසයි.
2020-08-13T11:31:33.000Z
ඊශ්‍රාලය සහ UAE ඓතිහාසික ගිවිසුමකට එළැඹෙයි
ඊශ්‍රාලය සහ UAE ඓතිහාසික ගිවිසුමකට එළැඹෙයි
COLOMBO (News 1st) : රාජතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීම සඳහා ඊශ්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එලැඹ තිබේ. දෙපාර්ශවය මෙම ගිවිසුමට එලැඹ තිබෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රා‍යල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සායි කියා සිටියේ මෙම ඓතිහාසික ජයග්‍රහණය මැදපෙරදිග කලාපයේ සාමය වර්ධනයට හේතු වනු ඇති බවයි. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ විශාල භූමි ප්‍රදේහයක් සිය රටට ඇතුළත් කර ගැනිමේ සැලැස්ම අත්හිටුවීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇති. මේ දක්වාම ඊශ්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් අතර කිසිදු රාජත්‍රාන්ත්‍රික සබඳතාවක් නොමැත. මෙය ඊශ්‍රායලය අරාබි රටක් සමග අත්සන් කළ තුන්වැනි ගිවිසුමයි. 1979 වසරේ ඊජිප්තුව සමගත් , 1994 වසරේ ජෝර්දානය සමගත් ඊශ්‍රායලය සාම ගිවිසුම්වලට අත්සන් තැබීය .
2020-08-13T11:09:21.000Z
කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් වැඩ අරඹති
කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු වැඩ අරඹති
COLOMBO (News 1st) : නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද ධුරයේ වැඩ ආරම්භ කළහ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා ය. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද වැඩ ඇරඹුවේ කිරුළපන පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද ධුරයේ වැඩ ඇරඹී ය. නව රජයේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ ය. ඒ පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යංශයේදීයි. සංචාරක අමාථ්‍යාංශයේදී අද පෙරවරු 6.45 ට යෙදුණු සුභ මොහොතින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද පෙරවරු රාජකාරී ආරම්භ කළේ ය. නව රජයේ මහා මාර්ග අමත්‍යවරයා ලෙස පත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ ඇරඹුවේ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඉදිරිපිට යෝජිත නව උමං මාර්ගය ඉදිකිරීමට මුල්ගල තබමිනි. අදාල ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ 558 යි. එම අවස්ථාවට නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල අමාත්‍යාංශයේදියි අද වැඩ ඇරඹී ය. එහිදී අදහස් දැක්වු අලහප්පෙරුම මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභ්‍යාගයේ දේශයක් බවට පත් කිරීමේ භාරදුර කර්තව්‍යයට අප සියලු දෙනාම ඇපකැප විය යුතු බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ද අද වැඩ භාරගත්හ. බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද අගමික වතාවත් මැද රාජකාරි ආරම්භ කළේ ය. ඒ සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදීයි. ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද පෙරවරුවේ පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යංශයේදී වැඩ ආරම්භ කළේ ය. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයෙදී රාජකාරි ඇරඹී ය. ලොහාන් රවත්තේ මහතා සිය රාජකාරී ආරම්භ කළේ නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යාංශයේදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/239673970426392/
2020-08-13T10:58:03.000Z
ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට
ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට
COLOMBO (News 1st) : පිරිපහදු ජලය විකිණීම මිස අන් කිසිවක් රටේ ජනයාට විකිණීමේ හිමිකමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අදාළ පනත ප්‍රකාරව නම් පැවරී නොමැත. එහෙත් ඇතැම් අවස්ථාවල ජල කරාම විවෘත කිරීම සමග ජලය වෙනුවට හුළං පිටවීම ජල මනුවල සටහන් වෙද්දී, මණ්ඩලය එකී සටහන් අනුව යමින් තම පාරිභෝගිකයින්ගෙන් ගාස්තු අය කරගනී අම්පාර දිස්ත්‍රික්කයේ උහන, දමන, නාවිදන්වේලි හා , අම්පාර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයින් පනස් දහසකට ආසන්න පිරිසක් 2014 වසරේ සිට මේ දක්වා ජල සම්පාදන මණ්ඩලයට වැඩිමනත්ම ගාස්තු ගෙවා ඇත්තේ ජලය සඳහා නොව, හුළං සඳහායි. අදාළ ප්‍රදේශවල ජල කරාම විවෘත කෙරෙන බොහෝ අවස්ථාවල හුළං පිටවීම කාර්මික දෝෂයක් නොව මණ්ඩලයේ නොහැකියාවේ ප්‍රතිඵලයකි. ඔස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආධාර මත 1996 වසරේදී මුල පිරෙන අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියරට අදාළ ප්‍රදේශ අයත් වේ. හිමිදුරාව ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ජලය සැපයීමේ ව්‍යාපෘතියට මුල පිරුණේ 2012 වසරේ ජනවාරි 2 වැනිදායි. හිමිදුරාව ජලාශය සමීපයේ ජල පොම්පාගාරයක් ඉදි කිරීමට අමතරව ව්‍යාපෘතියේ වැදගත්ම කොටස වූයේ අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 5 තුළ ජල කුළුණු 6 ක් ඉදි කිරීමයි. එක් කුළුණක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 10 ඉක්මවයි. කුළුණු 6යේ ඉදි කිරීම් 2013 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට සම්පූර්ණ කළ යුතු වුවත්, අදටත් වැඩ නිම කෙරී නොමැත. එබැවින් 2014 වසරේදී පාරිභොගිකයින් වෙත ජලය සැපයීමට මුල පිරෙන්නේ මෙම කුළුණුවල සිට නොව සෘජුවම හිමිදුරාව ජලාශය සමීපයේ පිහිටි ජල පොම්පාගාරයෙනි. ඒ හේතුව මත පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයීමට නොහැකි වී තිබේ. ජලයට අමතරව හුළංවලට ද ගාස්තු ගෙවමින් පාරිභෝගිකයින් විඳින පීඩාවට විසඳුම ලෙස මෙම ජල කුළුණුවල වැඩ කඩිනමින් නිම කළ යුතුව තිබියදී,, මණ්ඩලය මේ දිනවල හිමිදුරාව පොම්පාගාරයේ සිට මේ කුලුණු වෙත නළ එළමින් සිටී. මේ අකාරයට ජල නළ එළුව ද මේ ඔස්සේ ගලා එන ජලය කුළුණුවලට පිරවිය නොහැකියි. මෙම ව්‍යාපෘතිය භාරව සිටි, ජලසම්පාදන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ව්‍යාපෘතියට වග නොකියා රට හැර ගොස් සිටියදී අනුප්‍රාප්තිකයින් කරමින් සිටින්නේද වවාගෙන කෑමක් නොවේද ? ජල සම්පාදන අමාත්‍යතුමනි ! මේ ඔබේ අවධානය පිණිසයි. https://www.facebook.com/NewsfirstSL/videos/912457095904553/
2020-08-13T10:40:22.000Z
ශ්‍රීලංකන් ඇතුළු ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි
ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා 3 ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පියවර ගෙන තිබේ. ඒ එම ගුවන් සේවාවලින් චීනය වෙත රැගෙන ගිය මගීන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙනි. චීන සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය උපුටා දක්වමින් ෂින්හුවා ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේ, පසුගිය 07 වන දා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ U L 866 දරණ යානයේ ගමන් ගත් මගීන් 23 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි, තහවුරු වී ඇති බවයි. එතිහාඩ් ගුවන් සේවයේ E Y 862 යානයේ අගෝස්තු 03 වැනිදා ගමන් ගත් මගීන් 3 දෙනෙකුට සහ චයිනා ඊස්ටන් ගුවන් සේවයේ අගෝස්තු 05 වැනිදා ගමන් ගත් මගීන් අතරින් 6 දෙනෙකුට කොරොනා ආසාදනය වී ඇති බවද සනාථ වී තිබේ. ෂින්හුවා ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේ මෙම තත්ත්වය මත ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ සහ ෂැන්හයි අතර ගුවන් ගමන් මාසක කාලයකට අත්හිටුවා ඇති බවයි. සෙසු ගුවන් සේවා දෙකේ ගුවන් ගමන් සතියක කාලයකට අත්හිටුවා තිබේ. චීනයේ වත්මන් ප්‍රතිපත්තියට අනුව මගී ගුවන්යානාවලින් චීනයට පැමිණෙන කිසිදු මගියෙකුට කොරොනා ආසාදනය වී නොමැති බව සති තුනක කාලයක් අඛණ්ඩව තහවුරු වන්නේ නම් එම ගුවන් සේවයට සතියකට චීනය බලා ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙයි. පැමිණෙන යානයක, මගීන්ගෙන් පස් දෙනෙකුට කොරොනා ආසාදනයවී ඇති බව තහවුරු වුවහොත් අදාළ ගුවන් සේවයේ ගුවන් ගමන් සතියක කාලයකට අත්හිටුවන අතර ආසාදිතයින් සංඛ්‍යාව 10 ඉක්මවුවහොත් සති 4 ක කාලයකට ගුවන් ගමන් අත්හිටුවීම චීනයේ නව ප්‍රතිපත්තියවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අප විමසීමක් කළේ ය. එම ගුවන් සේවය පැවසුවේ, ඩුබායි සිට කොළඹ හරහා ෂැන්හයි වෙත පියාසර කළ U L 866 දරණ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිරිසකට මෙලෙස කොරොනා ආසාදනය වී ඇති බවයි. එම මගීන් කොළඹින් යානයට ඇතුළු වූ මගීන් පිරිසක් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ඩුබායිහිදී PCR පරික්ෂණවලට ලක් කරන ලද මගීන් පිරිසක් මෙලෙස චීනයට ඇතුළු වීමේදී කොරෝනා ආසාදිත බව හඳුනා ගෙන තිබේ.
2020-08-13T10:13:13.000Z
වලස්මුල්ලේ නිපදවූ ගල් කටස් හා ටී කටස්
වලස්මුල්ලේ නිපදවූ ගල් කටස් හා ටී කටස්
COLOMBO (News1st) : නීතිවිරෝධීව ගිනි අවි නිෂ්පාදනයේ නිරත වූ සැකකරුවෙකු වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කළේ, තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. වලස්මුල්ල වත්තේහේනගොඩ ප්‍රදේශයේ නිවසක මෙම ගිනි අවි නිෂ්පාදනාගාරය කාලයක් තිස්සේ පත්වාගෙන ගොස් තිබේ. පොලීසීය පැවසුවේ, අදාළ පුද්ගලයා සන්තකයේ තිබී ගල් කටස් වර්ගයේ සහ ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවයි. ඊට අමතරව ජීව පතරොම් 11 ක්, හිස් කොපු 3 ක් මෙන්ම ගිනිඅවි නිෂ්පාදනය සඳහා භාවිත කරන උපකරණ තොගයක් එහි තිබී සොයාගෙන තිබේ. සැකකරු නිෂ්පාදිත ගිනි අවි අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති අතර ඔහු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-08-13T10:03:03.000Z
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ
COLOMBO (News 1st) : අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ගැන ප්‍රශ්නය තවමත් විසඳා ගැනීමට නොහැකිවී තිබේ. අද එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරග කළ අපේක්ෂකයෙකු උපවාසයක් ආරම්භ කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට මේ අසුන ලබාදිය යුතු බව පවසමිනි. මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සමාජිකයෙකු වන අරඹේපොල රතනසාර හිමියන් පැහැරගෙන ගොස් පහරදී ඇතැයි මේවනවිට සැගවී සිටින පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි පවසති.. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ද මෙම ජාතික ලැයිස්තු අසුනට පත්වීමට ඇති කැමැත්ත මේ වනවිට ප්‍රකාශ කර තිබේ. නමුත් පක්ෂයේ ලේකම් හිමියන් තවදුරටත් සැඟවී සිටීම නිසා මේ අසුන පිළිබඳව අවසන් තීරණයක් ගැනීම තවදුරටත් කල්යමින් පවතී. අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසන්නේ තමන් වහන්සේ සමග සමීපව පක්ෂයේ ක්‍රියාකළ අරඹේපොල රතනසාර හිමියන් මේ ප්‍රශ්නය මුල්කරගෙන පිරිසක් විසින් රැගෙන ගොස් පහරදී රඳවාගෙන සිටින බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/3475523855832475/
2020-08-13T09:45:19.000Z
මහැදුරු ගංගානාත් දිසානායකයන් නික්ම යයි
මහැදුරු ගංගානාත් දිසානායකයන් නික්ම යයි
COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. අභාවප්‍රාප්ත වන විට 62 වැනි වියේ පසු වූ දිසානායක මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙසත්, රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක සභාපතිවරයා ලෙසත් ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මාහැගි මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරයෙකි. දිසානායක මහතාගේ දේහය අද පෙරවරුවේ සිට තැන්පත් කර තිබුණේ මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේයි. ඔහුට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එහි පැමිණියහ. අද පස්වරුවේ නිවසේදී ආගමික කටයුතු සිදු කළේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා මෙහිදි ධම්මික ගංගානාත් දිසානායක මහතා පිළිබඳ මතකය අවදි කළ අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා විසින් සටහන් කර දුන් ස්තුති කථාව අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේ අභාවප්‍රාප්ත මහාචාර්යවරයාගේ ඥාතිවරයෙකු වූ චත්‍රපානි පියසේන මහතායි. එම කටයුතුවලින් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/297809167948023/ ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ... මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි
2020-08-13T06:51:43.000Z
අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති
අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති
COLOMBO (News 1st) : කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි. 01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම් 02- ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතා - මහාමාර්ග අමාත්‍යාංශය 03- එස්.ආර්. ආටිගල මහතා - මුදල් අමාත්‍යාංශය 04- ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය 05- ජගත් පී.විජේවීර මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය 06- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි අමාත්‍යාංශය 07- අනුර දිසානායක මහතා - වාරිමාර්ග අමාත්‍යාංශය 08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - කර්මාන්ත අමාත්‍යාංශය 09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල අමාත්‍යාංශය 10- එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක අමාත්‍යාංශය 11- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් අමාත්‍යාංශය 12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා - කම්කරු අමාත්‍යාංශය 13- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශය 14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා - ආරක්ෂක අමාත්‍යාංශය 15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා - වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය 16- එන්.බී. මොන්ටි රණතුංග මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය 17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - ජලසම්පාදන අමාත්‍යාංශය 18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය - වෙළෙඳ අමාත්‍යාංශය 19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය 20- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය 21- අනුරාධ විජේකෝන් මහතා - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය 22- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය - බලශක්ති අමාත්‍යාංශය 23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා - විදේශ අමාත්‍යාංශය 24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය 25- මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය 26- සිරිනිමල් පෙරේරා මහතා - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ඒ අනුුුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස උසස් කරමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතායි. මීට අමතරව තවත් ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු ලේකම් තනතුරුවලට පත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරය විශ්‍රාමික මේජර් ජෙනරල් සුමේධ පෙරේරා මහතාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාත් යළි පත්කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව https://www.facebook.com/NewsfirstSL/videos/2416808168619171/
2020-08-13T04:29:33.000Z
ඩුබායිහි රැඳී සිටි ලාංකිකයින් 290ක් දිවයිනට
ඩුබායිහි රැඳී සිටි ලාංකිකයින් 290ක් දිවයිනට
COLOMBO (News 1st) : ඩුබායිහි රැඳී සිටි ලාංකිකයින් 290 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණියහ. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළිනි. ඊට අමතරව කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයින් 13 සහ ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 39 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කෙරිණ.
2020-08-13T04:12:44.000Z
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්..
COLOMBO (News 1st) -සමගි ජන බලවේගයේ (SJB) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරුන් මෙසේ⁣ය. 📌 හරීන් ප්‍රනාන්දු 📌 තිස්ස අත්තනායක 📌 රංජිත් මද්දුමබණ්ඩාර 📌 මයන්ත දිසානායක 📌 එරාන් වික්‍රමරත්න 📌 ඉමිතියාස් බාකීර් මාකර් 📌 ඩයනා ගමගේ https://www.facebook.com/NewsfirstSL/videos/343415083352782/
2020-08-13T03:06:20.000Z
අනිද්දා කොළඹ 13,14,15ට පැය 9 ක ජල කප්පාදුවක්
අනිද්දා කොළඹ 13,14,15ට ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - ලබන 15 වැනි දා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. තව ද කොළඹ 11, 12 ප්‍රදේශවලට ජලය සැපයුම ලැබෙන්නේ අඩු පීඩනයක් යටතේය.
2020-08-13T00:03:55.000Z
ඕනෑම පාර්ශවයක් සමග එක්ව කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් - රුසියාව
COVID19 එන්නත වැඩිදියුණු කිරීමට රුසියාව සූදානම්
COLOMBO (News 1st) - ඕනෑම පාර්ශවයක් සමග එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බව රුසියාව පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිතයා සඳහන් කළේ, ජාත්‍යන්තර සහයෝගය ලබාගනිමින් එන්නත වැඩිදියුණු කිරීමේ අරමුණ කොරෝනා ව්‍යාප්තිය වැළැක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තහවුරු කිරීම බවය. ස්පුට්නික් ෆයිව් යනුවෙන් නම් කළ ලොව ප්‍රථම කොරෝනා මර්දන ඒන්නත රුසියාව පෙරේදා ලොවට හඳුන්වා දුන්නේ ය. කෙසේ වෙතත් අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් සහ ඇතැම් විද්‍යාඥයින්ද මෙම ඒන්නතෙහි ආරක්ෂිතභාවය සහ ප්‍රතිඵලදායකභාවය පිළිබඳව සැක පළ කරනු ඇත.
2020-08-12T22:48:12.000Z
සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කෙරේ
සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කෙරේ
COLOMBO (News 1st) - සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධන කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබු බවයි. එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසීය. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
2020-08-12T22:21:53.000Z
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද
SJB ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද
COLOMBO (News 1st) - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවය. ඒ අනුව අද හෝ හෙට එම ලැයිස්තුව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බව ඔහු සඳහන් කළේ ය. මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 කි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලට හෙට දක්වා අවස්ථාව ලබාදී තිබේ.
2020-08-12T21:23:10.000Z
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්
සංචාරකයින්ගේ තොරතුරු රැස් කිරීමට නව මෘදුකාංගයක්
COLOMBO (News 1st) - මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරන බවය. සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ සඳහා මුදල් අයකරන බවත් ඇය පැවසුවාය.
2020-08-12T20:48:58.000Z
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබෙයිද?
COLOMBO (News 1st) - මරණ දඬුවම නියමවී සිටින මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අධිකරණයේ අවසරය හිමිවිය යුතු බවය. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය පසුගිය දා මරණ දඬුවම නියම කළේ ය. ඒ, 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි.
2020-08-12T19:55:03.000Z
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අර්බුදයක
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අර්බුදයක
COLOMBO (News 1st) - අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇතැයි එම පක්ෂය පවසයි. අපේ ජන බල පක්ෂයේ අනුශාසක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ, ඒ අනුව අදාළ නම් කිරීම සඳහා නීතිමය උපදෙස් ලබා ගැනීමට නියමිත බවය. මේ අතර පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, කතානායකවරයා පත්වීමෙන් අනතුරුව ඔහු අදාළ ආසන පැනවීම සිදු කරනු ඇති බවයි. 09 වැනි පාර්ලිමේන්තුවේ නව සභා වාරය ලබන 20 වැනි දා පැවැත්වෙනු ඇති.
2020-08-12T19:28:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. හිටපු ජනපති මෛත්‍රී ඇමති ධුරයක් භාර නොගනී, කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර හිමි වී නැහැ: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් ලබාගෙන නොමැත. 2. Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..: කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් ඊයේ තෙවැනි දිනටත් විරෝධතාවක නිරත විය. 3. රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..: එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊයේ යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 4. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි නියෝග: කුරුණෑගල නගරයේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ. විදෙස් පුවත් 5. ජනපති අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ උපජනපති ධූරයට කමලා හැරිස්: මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ උපජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.