Dataset Preview
Full Screen
The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
(ReadTimeoutError("HTTPSConnectionPool(host='huggingface.co', port=443): Read timed out. (read timeout=10)"), '(Request ID: ff8769c2-6a3c-4556-860e-0c08727a3935)')
Error code:   UnexpectedError

Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.

text
string
timestamp
string
url
string
source
string
පොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව. - Info Sri Lanka News | Sinhala Home Featured features Top පොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව. ගෝඨාභය රාජපක්ෂ යනු හිටපු හමුදා නිලධාරියෙකි. පසු කලෙක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙකි. දැන් මෙරට ජනාධිපතිවරයාය. ඔහු ජනාධිපතිවරණ සටනේදී පුන පුනා කීවේ පැවැති ආණ්ඩුව ඔවුන් විසින් 'රණවිරුවන්' ලෙසින් හැඳින් වූ අයව දඩයම් කරන බවය. එනිසා එකී දඩයක්කාර ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව ඔවුන්ගේ මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය විය. දැන් ඒ ආණ්ඩුව ගෙදර ගොස් ඇත. ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් අලුත් ආණ්ඩුවකි. ඒ ආණ්ඩුව පටන් ගත් දා සිට පොලිසිය දඩයම් කිරීමට පටන්ගෙන තිබේ. නම් වශයෙන් ගත් කල ඒ ලේඛනය හත්සිය ගණනක් ඉක්මවා යන ලේඛනයකි. ආණ්ඩුව පටන් ගත් වහා ම ආණ්ඩුවෙන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගියේ ය. දැන් ආණ්ඩුවේ ඊ ළඟ ගොදුර වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය. ආණ්ඩු පාක්ෂිකයන්ට අනුව ශානි යනු පැවැති ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිය නැමූ රූකඩයෙකි. ඒ අයට ම අනුව ශානි කර ඇත්තේ 'රණවිරු' දඩයම්ය. රාජපක්ෂලා පසුපස හඹා යාමය. අපට ශානි රකින්නට විශේෂ හේතුවක් නැත. හේතුව තිබිය යුත්තේ 'රණවිරුවන්' ආරක්ෂා කරන අයටමය. එහෙත්, අවම වශයෙන් ශානි අබේසේකර යනු කවරෙක් දැයි සංක්ෂිප්තව හෝ සටහන් කර තැබීම වගකීමක් ලෙස අපි විශ්වාස කරමු. එනිසාම ශානි විසින් කරනු ලැබූ මෙහෙයුම් හා පරීක්ෂණ අපි මෙසේ පළ කරමු. ශානිගේ ගමන් මඟ ශානි අබේසේකර 1986.02.10 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳුණු අතර, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුවෙන් පසු කුරුඳුවත්ත පොලිස් ස්ථානයට රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී. ඉන් අනතුරුව ඔහු 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන ලද අතර, මූලික වන සටන් පුහුණුවෙන් පසු මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට අනුයුක්ත කරන ලදී. ඉන් පසු මඩකලපුව මොරොක්කොට්ටන්චේන, මහිලඩතිව්, කොක්කඩිචෝලෙයි, වැල්ලවාඩිය, යාලබෝව, සංගමන්කන්ද, ශාස්ත්‍රවෙල්ලි යන කඳවුරුවල සේවය කොට විශේෂ ප්‍රභූ ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරීම හේතුවෙන් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා වෝඞ් පෙදෙස විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයක්ත කරන ලදී. ඉන් අනතුරුව රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරේ ද අවසන් වරට පෝරතිව් කඳවුරට අනුයුක්තව ද සේවය කර 1995.01.20 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා තිබේ. ඉහත කාල වකවානුව තුළ දී ශාස්ත්‍රවෙල කඳවුරේ සහ පෝරතිව් කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කළ අතර 1991.01.01 වන දින පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස් වීමක් ලැබ ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ශානි 1996.01.01 වන දින සිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලද අතර, එම පොලිස් ස්ථානයේ 1999.09.27 දින දක්වා සේවය කරන ලදී. මෙම වකවානුව තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර්ගේ ඝාතනය හා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා තාවකාලික පදනම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ අතර, එම විමර්ශනය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව 1998.09.27 වන දින කොළඹ දිසාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වශයෙන් මරදාන පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලදී. එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී 1999.01.10 වන දින ලද ස්ථාන මාරුවීම් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය සඳහා වාර්තා කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සේවයේ යෙදී සිටිය දී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලද අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, විශේෂ ඒකකයේ ස්ථානාධිපති වශයෙන් 2007.09.27 දින දක්වා සේවය කරන ලදී. ඉන් පසු 2007.09.27 දින ක්ෂේත්‍ර උසස් වීමක් ලැබ යාපනය කොට්ඨාසයේ සේවය සඳහා යොදවන ලද අතර, යාපනය කොට්ඨාසයේ දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් 2009.04.01 දින දක්වා සේවය කිරීමෙන් පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී. එසේ සේවයේ යෙදී සිටිය දී 2010.04.20 දින නුගේගොඩ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් නියෝගයක් ලැබෙන්නේ කිසිදු හේතුවක් නොමැතිව ය. ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් අනුයුක්ත කොට ඇති අතර 2010.07.14 දින දක්වා එම රාජකාරියේ සේවය කොට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. අඟුලාන පොලිස් ස්ථානය තුළ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද තරුණයන් දෙදෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී ශානි අබේසේකරගේ මැදිහත් වීම පාදක කර ගනිමින් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ප්‍රකාශත්, තවත් විමර්ශනවල දී ඔහුගේ දායකත්වයත් පදනම් කර ගනිමින් එවකට පොලිස්පතිවරයාගේ නිර්දේශය මත, එවකට පැවැති ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2011.08.25 වන දින ඔහුව පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබී ය. ඉන් අනතුරුව 2016.08.25 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් ස්ථානමාරුව ලබා දෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබී ය. මේ දක්වා කාලය තුළ ශානි අබේසේකර විසින් ආන්දෝලනාත්මක, සංවේදී සහ සංකීර්ණ පරීක්ෂණ 67ක් සඳහා දායකත්වය ලබා දී තිබේ. මිනීමැරුම් සහ ඝාතන 1996.02.19 වන දින සිට මේ දක්වා ශානි අබේසේකර විසින් පුද්ගල ඝාතන 87ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබේ. ඒ අතුරින් ඇතැම් ඒවා සමූහ ඝාතනයන් ය. ඒවායෙන් බොහොමයක චූදිතයෝ මේ වන විටත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වරදකරුවන් වී දඬුවම් විඳිමින් සිටිති. පසුගිය කාලය පුරාම රට පුරා ආන්දෝලනයට ලක් වූ මෙම ඝාතන අතුරින් කිහිපයක් මෙසේය. 01. කොටුව පොලිස් වසමේ දී 1998.06.08 දින සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ගමන් කළ කාර් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය කිරීම. 02. මරදාන පොලිස් වසමේ දී 1998.12.09 වන දින නාගරික මන්ත්‍රී එම්. එම්. එන්. ඉමිටියාස් වෙඩි තබා ඝාතනය කිරීම. 03. පිළියන්දල පොලිස් වසමේ දී 1998.12.15 දින අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යන අය ඝාතනය කිරීම. 04. මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේ දී 1999.03.30 වැනි දින කාර් රථයක් තුළ පුද්ගලයන් 6 දෙනකු ඝාතනය කිරීම. 05. පෑලියගොඩ පොලිස් වසමේ බෙම්මුල්ල පාලම අසල දී 2001.03.24 වන දින එවකට රේගු අධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටි සුජිත් ප්‍රසන්න පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම. 06. වත්තේගම පොලිස් වසමේ දී 2001.12.05 වන දින වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දස දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම (උඩතලවින්න දස පුද්ගල ඝාතනය වශයෙන් එවකට ප්‍රසිද්ධ වූයේ මෙම සමූහ ඝාතනයයි). 07. වැලිකඩ පොලිස් වසමේ 'රෝයල් පාක්' නිවාස සංකීර්ණයේ දී 2005.07.01 වන දින ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැත්තිය ඝාතනය කිරීම. 08. අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනකු 2009.02.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම. 09. මිරිහාන පොලිස් වසමේ දී 2013.05.22 වන දින පැහැරගෙන ගොස් දොම්පේ පොලිස් වසමේ දී මොහොමඞ් ෂියාම් ඝාතනය කිරීම. (මෙම විමර්ශනයේ දී අනාවරණය කර ගන්නා ලද සාක්ෂි මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන් 06 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබී ය. වෙනත් පරීක්ෂණ මිනීමැරුම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණවලට අමතරව රාජ්‍ය නායකයන් ඝාතනයට තැත් කිරීම, පුද්ගල ඝාතන, අවි ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ලිපි ලේඛන ඇසුරෙන් සිදු කළ වංචා සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් වැදගත් විමර්ශන රැසක් මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සිදු කර තිබේ. 01. 1998.04.01 දින ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ දී කැලණිතිස්ස විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ කොළඹ දී ප්‍රභූ ඝාතනයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජික ටෝනි ඩිනේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීම 02. කුරුඳුවත්ත පොලිස් වසමේ දී 1999.03.30 දින ජී. සී. වික්‍රමසිංහ පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටීම. 03. 1999.09.25 දින සිදු කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය. 04. ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් 1999.12.27 දින කොළඹ වරායේ තිබුණු කන්ටේනර් 44ක් මුදා ගැනීම. 05. කටුනායක ගුවන්තොටුපොළට 2001.07.24 වන දින එල්ල කරන ලද ප්‍රහාරය. 06. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් නීතිපතිවරයාගේ අත්සන යොදා ගනිමින් ව්‍යාජ ලිපිලේඛන සැකසීම. 07. පොළොන්නරුව පොලිස් වසමේ දී 2006.04.23 දින එවකට අමාත්‍යවරයකුව සිටි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මරෙන බෝම්බකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණය. 08. එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතනය කිරීම ඉලක්ක කර ගනිමින් 2006.04.25 දින යුද හමුදා මූලස්ථානයේ දී සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය. 09. පිත්තල හන්දියේ දී 2006.12.01 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ පරීක්ෂණය. 10. මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන හන්දියේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකුට 2011.10.08 වන දින වෙඩි තබා ඝාතනය කිරීම. මෙවැනි පරීක්ෂණ ඉතිහාසයක් ඇති ශානි අබේසේකර අවසානයේ නතර කෙරෙනුයේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර නැත්නම් 'පියන්' වශයෙනි. පියන් යනු අගෞරවයට ලක් විය යුතු තනතුරක් නොවුණත්, ශානිව මෙම තනතුරට පත් කිරීමෙන් සිදු කර ඇත්තේ අවමන්සහගත නොසැලකිල්ලකි. මේ ක්‍රියාවත් සමඟ රාජපක්ෂ ආණ්ඩුව පෙන්නුම් කරනු ලබන්නේ රජ්‍ය සේවය පිළිබඳවත්, ආරක්ෂක අංශ පිළිබඳවත් තමන්ගේ ඇති වුවමනාවයි. මේ නොකියා කියන්නේ "අප පිළිබඳව පරීක්ෂණ කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම්, ශානිට අත් වූ ඉරණම ම අත් වන බව ය. මෙහි වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත ස්වාධීන පොලිස් කොමිසමේ හැසිරීමයි. කොමිසම විසින් කිසිදු දෙගිඩියාවකින් තොරව සහ කිසිදු හේතු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගාල්ලේ පියන් කෙනෙකු බවට පත් කිරීමට තීරණය කර තිබේ. මේ කොමිසම ම මීට පෙර ව්‍යවස්ථා විරෝධී දින පනස් දෙකේ ආණ්ඩුව පත් වූ වහාම ද මෙවැනි ස්ථානමාරු කිහිපයක් සිදු කරනු ලැබී ය. ඉන් එකක් ලෙස නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කිරීමට කටයුතු කළේ ය. ප්‍රශ්නය ඇත්තේ මේ පොලිස් කොමිසම ස්වාධීන ද යන්නයි. ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ හැම අවස්ථාවකම පොලිසියේ ඉහළ නිලධාරීන් තැනින් තැනට මාරු කිරීමට 'ස්වාධීන' පොලිස් කොමිසම කටයුතු කරන්නේ ඇයි ? අප දන්නා තරමින් පොලිසිය යනු රාජ්‍යයේ මුරබල්ලාය. දැන් ඒ මුරබල්ලාට ම රාජ්‍යයෙන් බේරීමට පැන දුවන්නට සිදු වී ඇත. එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි 'ස්වාධීන' පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක් ද?
2020/08/10 19:16:23
http://www.infosrilankanews.info/2019/12/103.html
mC4
සලාත් හෙවත් වන්දනය කොටස - 03 - අනිවාර්ය ස්නානය | යහමග සලාත් හෙවත් වන්දනය කොටස - 03 - අනිවාර්ය ස්නානය from ibnujameel's blog කාන්තාවන්ට දරු පර වූසූතියෙන් පසු ගර්භාෂයෙන් රුධිරය පිටවීමට පටන්ගනී. එසේ රුධිරය පිටවන කාන්තාවන් සලාතය ඉටු කිරීම, උපවාසය රැකීම, සංසර්ගයේ යෙදීම ආදී කරි නමයා නොකළ යුතුයි. රුධිර පිටවීම නැවතුන විට ස්නානය කිරීම අනිවාර්ය වේ. මෙසේ දරු පරවගයසූතියේදී ඇති වන රුධිර පිටවීම පිළිබඳව කුර්ආනයේ හෝ හදීස්වල පැහැදිල සාධක කිසිවක් නොලැබුනද, මාසික ඔසප් වීම පිළිබඳ නීතියම මෙයටත් අදාල වේ. සිකුරාදා දින ස්නානය කිරීම වැඩිවියට පත් සියළු දෙනා හටම අනිවාර්ය වේ. මේ පිළිබඳව සෘජුවම නබි (සල්) තුමාණන් විසින් අණ කර අත. "වැඩිවියට පත් සියළු දෙනා හටම සිකුරාදා දින ස්නානය කිරීම (වාජිබ්) අනිවාර්ය යුතුකම වේ."යනුවෙන් නබි (සල්) තුමාණෝ පරස්නකාශ කළහ.(සාක්ෂිස : බුහාරී 858,879,880,895,2665, මුස්ලිම් 1535) මෙම හදීසයේ සිකුරාදා දින ස්නානය කළ යුතු යැයි අණ කර ඇති අතර තවත් හදීසයක ස්නානය කළ යුත්තේ ජුම්මාවට පෙර බව කියවේ. "ඔබලාගෙන් කෙනෙකු ජුම්මාවට පැමිණෙන්නේ නම් ඔහු ස්නානය කරත්වා" යනුවෙන් නබි (සල්) තුමාණෝ පරඇන කාශ කර ඇත.(සාක්ෂි් : බුහාරී 877). සිකුරාදා දින ජුම්මාවට පෙර ස්නානය කිරීම වැඩිවියට පත් සියළු මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකමක් බව මෙම හදීස් දෙකෙන් පැහැදිලිවම ඔප්පු වේ. අනිවාර්ය වූ ස්නානය ඉටුකරන විට පළමුවෙන්ම ලිංගික අවයවය සේදිය යුතුයි. මෙසේ ලිංගික අවයවය සෝදන විට දකුණතින් ජලය වත් කර වමතින් පිරිසිදු කළ යුතුයි.(බුහාරී 259.260, මුස්ලිම් 528) ඉන්පසු සලාතයට වුළු කරන ආකාරයට වුළු කළ යුතුයි.(බුහාරී : 248, මුස්ලිම් 527) මෙසේ වුළු කරන විට කකුල පමණක් ස්නානය කිරීමෙන් පසු වුවද සේදිය හැකිය.(බුහාරී : 249, මුස්ලිම් : 528). නබි (සල්) තුමාණන් ස්නානය කිරීමට පෙර තෙත් අතින් තම හිස පිරිමැද, තෙවරක් ජලය වත්කර ඇති බව හදීසයේ සදහන් වේ. (බුහාරී 248,273, මුස්ලිම් 526). තවද අවසානයේදි මුළු ශරීරයම තෙමෙන ආකාරයට ජලය වත් කර ස්නානය කළ යුතුයි. ස්නානය කරන විට පැය ගනන් ස්නානය කිරීමට අවශ්‍යද නැත. තෙවරක් හිසට ජලය වත්කර පසුව මුළු ශරීරයම තෙමා ගැනීම ප්‍රමාණවත් වේ. ස්නානය කිරීමෙන් පසු සලාතය කිරීමට අවශ්ය් නම්, යළිත් වුළු කිරීමට අවශ්ය නැත. ස්නානය කිරීමට පෙර කළ වුළුව සමග සලාතය ඉටුකළ හැකිය.
2018/07/16 20:35:06
https://yahamaga.com/blogs/post/30
mC4
දෙසැම්බර් 2017 | ඉතිරි දුම්රිය මාසික: දෙසැම්බර් 2017 ගෙදර > දෙසැම්බර් 2017 කියවීමේ වේලාව: 4 මිනිත්තු ඒ දුම්රිය ගමන, යෑමටද අපට බල, ජනේලයෙන් පොළොන්නරුවේ සහ අපගේ කාලය ගැනීමේ සුඛෝපභෝගී අගය. ගමන් ආකර්ෂණීය වන නමුත් සමහර විට අපගේ සියලු ශක්තිය ගත විය හැක, දීර්ඝ දුම්රිය ගමන නිවා හා ලිහිල් කිරීමට අවස්ථාවක් වේ. උපරිමයෙන් කරන්න… කියවීමේ වේලාව: 4 මිනිත්තු දුම්රිය මගින් නත්තල් වෙළෙඳපොළ ඔබ යුරෝපයේ හොඳම නගරවලින් එකක් සංචාරය සමග නත්තල් ආත්මය බවට ලබා උපකාරී වේ. දුම්රියෙන් ගමන් කර මෙතෙක් වඩාත්ම ඉන්ද්රජාලික ඔබේ අත්දැකීමක් බවට පත්! බොහෝ ස්ථාන නගර මධ්යයේ හදවත තුළ පිහිටා ඇති අතර, ගමන් කරමින්…
2021/08/05 09:08:34
https://www.saveatrain.com/blog/si/2017/12/
mC4
කොට­දෙ­නි­යාවේ දරු­වෝ හමු වෙති | Page 2 | සිළුමිණ කොට­දෙ­නි­යාවේ දරු­වෝ හමු වෙති • එම්. පී. කුමාර, කොටදෙනියාව සමූහ දරු දෙදෙනා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කළ අව­ස්ථාව ඉකුත් නොවැම්බර් 23 වැනිදා කොටදෙනියාව පොලිස් වසමේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩදී අතුරුදන් වූ 12 හැවිරිදි ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් යන බාලවයස්කාර දරුවන් දෙදෙනා ඉකුත් 6 වැනිදා මීරිගම පොලිසියට බාර දීමෙන් අනතුරුව කොටදෙනියාව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් ඇරැඹිණි. එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවන් දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් රඳවාගෙන සිට ඇත්තේ දරුවන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ බවයි. මීරිගම නගර මධ්‍යයේ හෝටලයක් පවත්වාගෙන යන එකී කාන්තාව ඉකුත් 6 වැනිදා දවල් දරු දෙදෙනා මීරිගම පොලිසියට බාර දෙනු ලැබූයේ පෙර දින එනම් 5 වැනිදා රාත්‍රියේ තම හෝටලයට පැමිණි බව කියමිනි. එසේ පැමිණි දරුවන් වැරහැලි ඇඳ සිටි හෙයින් තම නිවෙසට කැඳවාගෙන ගොස් තම දරුවන්ගේ ඇඳුම් අන්දා මීරිගම පොලිසියට ඉදිරිපත් කළ බව එම කාන්තාව පැවැසුවාය. අනතුරුව මිරිගම පොලිසිය මඟින් දරු දෙදෙනා කොටදෙණියාව පොලිසියට බාර කරනු ලැබීය. දරුවන් දෙදෙනා මීගමුව නගරයේ රැඳී සිටි බවට කළ ප්‍රකාශ සම්බන්ධව කොටදෙණියාව පොලිසිය පෙරේදා 6 පස්වරුවේ එහි ගොස් සිදු කළ ස්ථානීය පරීක්ෂණාවේදී හෙළි වී තිබුණේ එක් දිනක් පමණක් ඔවුන් මීගමුව නගරයට ගොස් කල්ගත කර ඇති බවය. එම හෙළිදරව්ව මත සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දරුවන්ගෙන් හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා නොවැම්බර් 23 වැනිදා නිවසෙන් පලා ගොස් රෑ බෝවනතුරු බාඳුරාගොඩ පාසල් බිමේ සැඟවී සිටි බවයි. දස හැවිරිදි කවිෂ ඔහුගේ පියා හා පුංචි අම්මා සමඟ වත්තෙමුල්ලේ නිවසට පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 21 වැනි දින බවද පොලිසිය හෙළිකරගෙන ඇත. රෑ බෝවන තුරු බාඳුරාගොඩ පාසල් බිමේ රැඳී සිට ගොටුකොළ කඩා මිටි අටක් සාදා ඒවා ගිනිදම්මන ප්‍රදේශයේ වෙ‍ෙළඳසැලකට විකුණා ලබාගත් මුදලින් මුව ආවරණ සහ කඩල මිලදී ගෙන පා ගමනින්ම මීරිගම දෙසට ගොස් ඇති බවත් හෙළි වේ. මීරිගමට යන අතර පැමිණි යතුරුපැදියක් නවතා එහි නැඟීි මීරිගම නගරයට ගොස් ඇති බවත් අනාවරණය වේ. අනතුරුව එදින රාත්‍රිය මීරිගම නගරයේ අදාළ කාන්තාවගේ වෙළෙඳසැලෙන් ආහාර ලබා ගෙන රාත්‍රී කාලය බස් නැවතුම්පොළේ ගත කර ඇති බවත්; පසුදින අලුයම යළි එම වෙළෙඳසැලට ම ගොස් උදේ ආහාර ඉල්ලා ඇති බවද එහිදී වෙළෙඳසැළේ හිමිකාරිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ බවත් ආච්චි අම්මා සමඟ නගරයට පැමිණි බවත් පවසා ඇතැයි සැල වේ. එම කාන්තාව දරුවන් දෙදෙනා ඇගේ ලින්දර ප්‍රදේශයේ පිහිටි නිවසට කැඳවාගෙන ගොස් නතර කරගෙන ඇතැයිද කොටදෙනියාව පොලිසිය සිදුකළ විමර්ශනවලදී මේ වන විට හෙළි වී තිබේ එදින සිට අකිල දේදුණු සහ කවිෂ සඳකැලුම් දෙදෙනා එම නිවසේ කල් ගත කර ඇතත්; හෝටල් හිමිකාරිය දරුවන්ගෙන් නිවසේ වැඩ කරවාගෙන නැති බවද පොලිසිය හෙළිකරගෙන ඇත. එසේ මසක පමණ කාලයක් ගත කළ දරුවන්ට හෝටල් හිමිකාරිය විසින් රුපියල් 700 ක මුදලක් ලබාදී නැවතීමට තැනක් සොයා ගන්නා ලෙසට දන්වා පිටත් කළද දරුවන් දෙදෙනා නැවත නිවසටම පැමිණ ඇති බව ද හෙළි වේ. දරු දෙදෙනාගේ අතුරුදහන්වීම පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් පසු ඇය දරුවන් නිවසින් පිටත් කර යැවීමට පියවර ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඉන් අනතුරුවද දොළොස් හැවිරිදි දරුවා විවිධ අවශ්‍යතාවන්වලට කියමින් එම නිවසෙන් පිටව ගොස් ඇතැයිද එසේ කල් ගත කරන ඉකුත් 6 වැනිදා පෙරවරුවේ මෙම කාන්තාව පොලීසිය නොමඟ යවන තොරතුරු පවසමින් දරු දෙදෙනා පොලිසියට බාර දී ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම දරු දෙදෙනා නිවසේ රඳවා ගැනීම සම්බන්ධයෙන් තවත් කිසිවකු දැනුවත්ව සිටියේදැයි හෙළි කර ගැනීම සඳහා ද පොලිසිය පරීක්ෂණ පවත්වන අතර; එම දරුවන්ට පැමිණිලිකාරියගේ හා ඇගේ පවුලේ අයගෙන් යම්කිසි ආකාරයක හිරිහැර සිදු වූ බවට කර ඇති ප්‍රකාශ හේතුකොටගෙන දරු දෙදෙනා ඉකුත් සිකුරාදා දින පස්වරුවේ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. මෙකී යුවළ දරු දෙදෙනා නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් හා ඒ ගැන පොලිසියට දැනුම් දීමට පියවර නොගැනීම පිළිබඳව 7 වැනි සිකුරාදා පස්වරුව වන විටත් එම යුවළගෙන් ප්‍රශ්න කරමින් තිබිණි. පසුගිය සිකුරාදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කළ දරුවන් දෙදෙනා පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ නේවාසික ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ පොලිස් ආරක්ෂාව මධ්‍ය යේයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා රන්දුනු ඇතුළු පොලිස් සැරයන් 53167 මනෝරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 10420 සොනාලි යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.
2022/01/25 02:29:13
https://www.silumina.lk/2022/01/08/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%C2%AD%E0%B6%AF%E0%B7%99%C2%AD%E0%B6%B1%E0%B7%92%C2%AD%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%C2%AD%E0%B7%80%E0%B7%9D-%E0%B7%84%E0%B6%B8%E0%B7%94-%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92?page=1
mC4
රඟපාන්නට යමක් තියෙනවා නම් චරිතය ලොකු ද පොඩි ද කියන එක මට අදාල නෑ ටෙලි නාට්‍ය, සිනමාව වේදිකාව සේම රූප රචනා සඳහාද රංගනයෙන් දායක වූ ඇය එකී නිර්මාණ ඔස්සේ මැවූ විවිධ චරිත නිසාම ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියකි. මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන "සුදු අඟුරු" ටෙලි නාට්‍යයෙන් සහ "සියත ටීවී" ඔස්සේ විකාශය වන "නේත්‍රා" සහ "ආදරවන්තියෝ" ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඇය ධනංජි තාරුකා නම් යොවුන් රංගන ශිල්පිනියයි. මෙවර කථාබහට අප සමග එක්වන්නේ ඇයයි. මොනවද මේ දවස්වල තොරතුරු මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක්ම නාලිකා දෙකක විකාශය වනවා. ඒ "සුදු අඟුරු (ස්වර්ණවාහිනි), "නේත්‍රා" සහ "ආදරවන්තියෝ" (සියත ටීවී) ඊට අමතරව "දෙරණ" නාලිකාව ඔස්සේ විකාශය වන "ටුවෙන්ටි ටුවෙන්ටි.." නර්තන වැඩසටහනේ අවසන් 8 දෙනා අතරට මමයි ලෝචනායි දෙන්නත් තේරිලා ඉන්නවා. විකාශයට නියමිත ටෙලි නාට්‍ය තිරගත වන්නට නියමිත චිත්‍රපටි වගේම මේ දිනවල රූගත කෙරෙන නිර්මාණත් ඉදිරියේදි ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවනි. ටෙලිනාට්‍යවල නිතර අප හමුවට ආවත් චිත්‍රපට සඳහා ඔබේ දායකත්වය අඩුයි ... වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍යවලට. චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙනවා අඩුයි. ඔබ වගේම ටෙලි නාට්‍ය සඳහා වැඩි දායකත්වයක් දක්වන නළු නිළියන් බොහොමයකට චිත්‍රපට ලැබෙන්නේ අඩුවෙන්. ඊට හේතුව මොකක්ද .. ? නිතර ටෙලි නාට්‍යවලට එක්වන නිතර ටී වී එකේ දකින නළු නිළියන් චිත්‍රපටි සඳහා යොදාගන්න එක අවාසියක් කියලා සමහර සිනමා නිර්මාණකරුවන් සිතනවා. ඒත් සුදුසුම චරිතයක් නම් එය ලැබෙනවා. දැනට මාව දායක කරගත් චිත්‍රපටි සියල්ල මට ඉතා හොඳින් ගැලපෙන චරිත. ධනංජිගේ සමකාලීන නළු නිළියන් අතර ඇතැම් අය නිතර දකින්නට ලැබෙන්නේ ප්‍රධාන චරිත තුළ. ඒත් ධනංජි ප්‍රධාන වගේම උප ප්‍රධාන චරිත ඔස්සේත් දකින්නට ලැබෙනවා.. රඟපාන්නට යමක් තියෙනවා නම් ප්‍රධාන චරිතයද නැද්ද කියන එක මට අදාල නෑ.. අනෙක යම් නිර්මාණයක ප්‍රධාන චරිතය මතුවන්නටත් සෙසු චරිතවලින් ලොකු දායකත්වයක් ලැබෙන බව අමතක කරන්නට බෑ.. ඒ නිසා මට මගේ චරිතය නිර්මාණය තුළ කොයි තරම් දුරට විකාශය වනවාද කියන එක ප්‍රශ්නයක් ‍නෙවෙයි. වැදගත් වෙන්නේ ඒ තුළ රඟපාන්න තියෙන ඉඩකඩ.. ඒත් වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ ප්‍රධාන චරිත රඟපාන නළු නිළිියන්ට කියලයි ඇතැම් අය කියන්නේ .. ? ටෙලි නාට්‍ය පහක් නිර්මාණය වනවා නම් ඒ ප්‍රධාන චරිත පහම එකම නළුවාට හෝ නිළියට ලැබෙන්නේ නැහැනේ. නමුත් විවිධ චරිත සඳහා එක්වන අයට ඒ ටෙලි නාට්‍ය පහේම විවිධාකාර චරිත පහක් ලැබෙන්න පුළුවනි. ඒ චරිත පහ තුළින් තමන්ගේ දස්කම් පෙන්නලා ප්‍රේක්ෂක අවධානය දිනාගන්නත් පුළුවනි. ඒ විදියට ජනප්‍රිය නළු නිළියන් අතරට එක්වූ අය මම දැකල තියෙනවා.. ඒ වගේම තමයි "මම ප්‍රධාන චරිතය හැර වෙනත් චරිතයක් රඟපාන්නේ නෑ.." කියන ස්ථාවරය තුළ දැඩිව ඉන්න අයට ගොඩක් හොඳ චරිතයක් උනත් එය ප්‍රධාන චරිතය නොවෙයි නම් ඒ අවස්ථාවව අහිමිව යන්න ඉඩ තියෙනවා. ප්‍රධාන චරිත සඳහා අලුත් මුහුණු එකතුවන විට ප්‍රධාන චරිත සඳහාම වූ අයට රඟපාන්න චරිත නැතුව ගෙදරට වෙලා ඉන්න සිදුවන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථා සඳහාත් උදාහරණ මම දැකල තියෙනවා.. එහෙම බලද්දි සීමා පනවා නොගෙන ලැබෙන චරිතය හොඳින් රඟපාන අයට වැඩි වාසියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ. ධනංජිගේ පුද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් රසික පිරිස කැමති වේවි .. මම ඉපදුනේ හැදුනේ වැඩුනේ කොළඹ පරිසරය තුළ. තාත්තා බන්ධනාගාර නිලධාරියෙක් හිංදා අපි හිටියේ බන්ධනාගාර නිවාසවල. මම ඉගෙන ගත්තේ කොළඹ රත්නාවලි බාලිකාවේ. නිළියක් වෙන්න හිතාගෙන හිටියේ නම් නැහැ.. අහම්බෙන් තමයි කලාවට පිවිසුනේ. යාළුවෙකුගේ ආරාධනාවට ඡායාරූප දැක්මකට පෙනී ඉඳලා ඒ හරහා වෙළඳ දැන්වීම් වලට සම්බන්ධවෙන්න ලැබුණා. ඒ තුළින් තමයි ටෙලිනාට්‍යවලට එන්න අවස්ථාව උදාවුණේ. ආදරය ගැන කියන්න කැමති නැද්ද .. ? ඉස්සර නම් ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඒත් කාලයත් එක්ක එය නැතිව ගියා. දැනට නම් එහෙම සුවිශේෂ කෙනෙක් නෑ.. ධනංජි වගේ ලස්සන යොවුන් නිළියකට ආදර යෝජනා නම් එනව ඇති .. යෝජනා නම් එනවා.. රසිකයින් අතරින් වගේම කලා ක්ෂේත්‍රය තුළිනුත් යෝජනා ඇවිල්ල තියෙනවා.. ඒත් සුදුසු කෙනෙක් ඒ අතර හිටියේ නැති හින්දා ඒ යෝජනා සියල්ලම වගේ ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා..
2022/06/28 13:17:44
https://mirrorarts.lk/chat/3002-dhananji-tharuka-cht-cht
mC4
කොරෝනා කොරපු; කොරන හරිය! – තෙවෙනි කොටස | Syndi365 කොරෝනා කොරපු; කොරන හරිය! – තෙවෙනි කොටස admin April 3, 2020 Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ 'අප හැම දෙනාටම කරන්නට ජාතික මෙහෙවරක් තිබේ' යැයි කොරෝනා- 2 පෝස්ටුවේදී මම යෝජනා කළෙමි. එය හිතුවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව පුරා කෙරෙන බව පෙනෙයි. එතනදී ජාතිය, ජන්මය නොසැලකීම වැදගත්ය. ඉහතින් තියෙන්නේ ඊට හොඳම සාක්ෂියකි. යාපනේ ශික්ෂණ රෝහලේ, ලේ බැංකුවේ ඉල්ලීමක් ඉටු කරන්නට ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවකි ඒ! මෙහෙම විස්තර- ෆොටෝ- පෝස්ටු ප්‍රවාහයක් තියෙද්දී; කොරෝනාව ගැන ලියවෙන එක නවත්තාගන්නේ කොහොමද? ඊටත්, මගේ සුපුරුදු කතාවලට තොරතුරු එකතු කර ගැනීමට; සනාථ කර ගැනීමට මේ වෙලාවේ හැකියාවක් නැත. "පිස්සුද නිමල්? මරණ බය අස්සේ කොහෙද ඕවා මතක් කරගන්නේ…." දෙතුන් දෙනෙක්ම කීහ. කමක් නැත. කොරෝනා ගැනම ලියමි! වැඩියෙන්ම මේ අවස්ථාව ගැන හිතා ඇත්තේ වස්තුව-වලඳුවෙන් පොහොසතුන් නොවේ. හිතෙන්- යහ ගුණයෙන් පොහොසත් මේ පුතාලා, කරන දෙයින් පෙනෙන්නේ ඒකය. වෙනදා විදිහට දෙනෝදාහක් සෙනඟ නොගැවසෙන හින්දා කුසට අහරක් නොවැටෙන බලු-බළලුන් ගැන පවා හිතා බලන්නේ කෝටි ගණන් වටිනා වාහනවල යන්නන් නොවේ. එදිනෙදා ගමන්-බිමන් කෝච්චියෙන්, බසයෙන් යන උදවියයි. දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන් විතර ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර තිබහට වතුර බොන්නට සුළු ළිඳ විතර කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර – කියලා පුරාණේ පටන් කියන්නෙත් ඒක වෙන්නැතිය. මහා ආත්මයක් ඇති ගොවි මහත්මයෙකුගේ 'මේ පුංචි පරිත්‍යාගය' රටක් වටින්නේ නැතිද? ජවිපෙ මන්ත්‍රීවරුන් තම වැටුප අයි.ඩී.එච්. රෝහලට පරිත්‍යාග කළ බව දැක ගැනීමේ වාසනාව මට ලැබිණි. වෙනින් දේශපාලන පක්ෂයකින් එහෙව් මෙහෙවරක් කළාදැයි කියා දැක්කේ නැත. මට මඟ හැරුණා වෙන්නැති. අනේ එහෙම දෙයක් දැක්කොතින් කියා එවන්න, තරහ නැතිව. දවස මුළුල්ලේ වෙහෙසී, වැටුණු තැනක ඉසුඹු ලමින්; නිඳා වැටෙමින්- විවේකයේදී පවා masks මසමින් වෙහෙසවෙන මේ උත්තමයන් දකින එකත් පිනකි. ඒකට අපේ 225! එච්චරක් විතරක් නොවේ සේරමලා එහෙම වගෙය…… මාධ්‍ය සංදර්ශන මිස වැඩක් නම් කෙරෙන පාටක් නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය දැන් පැය 24ම වැඩ බවත්, මහජනතාවගේ ගැටළු ඔවුනට දැන්විය හැකි බවත් එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ මුහුණු පොතේ (2020 මාර්තු 30 රාත්‍රී 10.47 ට පළ කළ) පෝස්ටුවක සඳහන්ය. එහි ඇමතිය යුතු අංක කිහිපයක්ද තිබේ; තිබුණු දුරකතන අංකවලට කතා කළෙමි. ඒ අපේ පාරේ තත්ත්වය- ප්‍රශ්නය කියන්නටය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ බව එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහත්තයා ………. එයින් තවත් ප්‍රශ්නයක් පැන නැංගේය. කමෙන්ටුවක් විදිහට එය යැව්වෙමි. මේ තියෙන්නේ ඒ පණිවිඩයයි. 'Nimal Disanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්…, දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.' එතුමාට වැඩ වැඩි ඇති! (තවම පැය 40 නේ) කොරෝනාව මර්දනය කළාම හරි උත්තර එවාවි නේ! ඒ ගැන සහතිකය. සැක හිතන්නට- බයක් වෙන්නට දෙයක් නැත. 'බය වෙන්න එපා. Covid 19 රෝගය ආසාදනය වුණත් අපි එළියට එන්නේ නෑ… සමාජෙට බෝ කරන්නේ නෑ. මේ මගේ වාට්ටුවේ ඇඳකට වෙලා මැරෙනවා නම් මැරෙන්න හරි, හොඳවෙන්න හරි ඉන්නවා. සමාජෙට පිළිලයක් වෙන්නේ නෑ….' මහනුවර Nursing Officer රවී බණ්ඩාරයි එහෙම කියන්නේ. රවී, ඔයා නමේ විදිහටම දිනිසුරෙක්… බබළන කතාවක්…. ඔබටත්, ඔබ මෙන්ම අමිල මෙහෙවරක යෙදෙන සැමටත් 'නිදුක්-නිරෝගී සුවය; ආරක්ෂාව' පතන්නේ මං විතරක් නෙවෙයි. මේ බ්ලොගය කියවන අයත් ඒ ප්‍රාර්ථනාවම කරනවාට කිසිම සැකයක් නැහැ. ඔලිම්පික් උළෙලත් කල් දාලා! ඈ? කවුද දෙයියනේ එකට බැඳුනු මහාද්වීප පහ වෙන් කළේ? මං අහන්නේ ඔලිම්පික් ලාංඡනයේ… කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් කල් දමන්නට සිදු වෙලා. ඔලිම්පික් නෙවෙයි මොන කෙළිය කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි! ඒ වගේම අනුන් ජීවත් කරවන්නත්…. ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ අයව ජීවත් කරවීම ගැන නේද අප හැමෝම හිතන්නේ? එහෙම හිතලා වෙන්නැති තාත්තෙක් පොඩි එකාට කිරි පොවන බෝතලයක් හොයන්න ගියේ….. ඒත්…. කොහොමත් අපේ හමුදා සොහොයුරන්-සොහොයුරියන් ගොඩක් දෙනා හොඳයි. හැබැයි අතරින්-පතර කළු බැටලුවනුත් නැතිව නෙවෙයි. ඒවා පැත්තකින් තියලයි, (ඉහතින් තියෙන ෆොටෝ කෑල්ලේ උදවියගේ) මේ මනුස්සකම ගැන ලියන්නම ඕනිය කියලා හිතුණේ. අහංකාර මගේ හිස හොඳටම නමා කරන මේ ආචාරය මෙවන් උත්තම මිනිසුන් වෙතටයි! රට කරවන ඇත්තන්ටත්, දේශපාලඥයන්ටත්, අපේ සංඝයා වහන්සේලා ඇතුළු පූජ්‍ය-පූජක හැමටත් මෙවන් මානුෂීය හැඟීම් වැඩි-වැඩියෙන් පහළ වේවා! ඇට නැති දිව ඔහේ වනමින්, ඒවා රටට කියන්නට විතරක් නොහිතේවා!! කරන්නටත් සිත් පහළ වේවා!!! රැඟුම්- මවාපෑම් නොව සැබෑ ක්‍රියාවන්ගෙන්ම දැකගන්නට අපට ඉඩ ලැබේවා. නව නිපැයුම්වලට රන් පදක්කම් දිනුවත් වැඩේ කෙරෙන්නේ නැහැ….. අපේ ඉන්නේ සුපිරි හපනුන්ය. රාගම රෝහල වහන්නට සැලැස්සූ තනි (අ)මනුස්සයා එහෙම කෙනෙකි. ඒ අතරේ කොරෝනාවට අත්දුටු ප්‍රතිකාරයක් හොයාගත් කෙනෙක් 'එය අත්හදා බලන්නට' අවසර ඉල්ලයි. නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන- රන් පදක්කම් පවා ලබාගෙන තියෙන එයා, තමන්ම පර්යේෂණාගාර මීයෙකු වෙන්නට වුණත් සූදානම්ය. ඒ ප්‍රවෘත්තිය මිස ඊට පස්සේ කිසිම හා-හූවක් නැත. (ඔහොම කියලා බෑ රජෝ. 10%ක කොමිස් දෙනවය කියහං.) වැඩි වියදමකින්, (වැඩි කුට්ටියක් ඇතිව) පිටරටකින් බෙහෙත් ගෙන්වීම ඊට වඩා පලදායක නිසා දේශීය නිෂ්පාදනයක් ගැන නොහිතනවා වෙන්නටත් ඇති. (මගේ කඩප්පුලිකමට එහෙම හිතනවා මිස, ජාතික ව්‍යසනවලදී අපේ ඇත්තන් එහෙම කරලා නැත. කරලා තිබුණත් කළාය කියලා මෙතෙක් ඔප්පු වෙලා නැත! අග විනිසුරන් හරි මැදිහත් වෙලා තියෙනවා මිස.) ජපානේවත් අනුමත නැති 'අවිගන්' පෙති 5000 හදිස්සියේ ගෙන්නන්න කීයක් ගිහින්ද? අප්‍රේල් පළමුවෙනිදා; මෝඩයාගේ දවස වෙද්දී ජපානයෙන් 'අවිගන්' බෙහෙත ලංකාවට ඇවිත් තියෙන්න ඕනේ. ඒක order කරලා තියෙන්නේ පැය 48ක් යන්න කලින් සපයන්නයි. ලැබුණු වහාම රට පුරා බෙදා හරින්නටත් 'ක්‍රමවේද' හදලා ඉවරලු! ඒ පණිවිඩේ කියවලා හුස්මක් ගන්න කලින් කියනවා, 'අවිගන්' පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ!' කියලා. 'කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද 'අවිගන්' නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැතිබවයි.' ලංකාවට බෙහෙතක් ගෙන්වන්න කලින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගෙන ඉන්න ඕනෑය කියලයි ඒකෙ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්තයා නම් කියන්නේ. '-අදාළ 'අවිගන්' නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය. රජ කොල්ලෝ උඩයි- උඩයි! විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.' ඒ අස්සේ සිරි ලංකාවේ කොරෝනා මර්දන වැඩ ගැන හතර වටෙන්ම ප්‍රශංසා ගලන්න පටන් අරන්ලු. කොච්චර වාසනාවක්ද? හැබැයි ඒ අස්සෙම ආසාදිතයන්, රෝගීන්, මරණ ගණන ගැන වාර්තාත් ගලනවා….. ඒකයි අරුමේ! "මම දෙයියන්ට ඔක්කොම කියන්නයි යන්නේ!" මරණ මංචකයේ ඉඳන් අවුරුදු තුනක කොරෝනා රෝගී සිරියානු දරුවෙක් මුමුණලා. අපටත් පෙනෙන-දකින-වැටහෙන හුඟාක් දේවල් කියන්න වෙන්නේ දෙයියන්ටද? මොන රූපෙකින්, මොන විදිහකින් පෙනී හිටියත්-නැතත් දෙවියා සාධාරණ වෙන්න ඕනි. දෙවියන් අදහන අයත්…. මේ එහෙම නොවීම ගැන අවනඩුවක්. වැරැද්දක් කළ අයගේ ජාතිය ඇදගන්නේ ඇයි? වැරැදි කරන අය එක ජාතියකට විතරක් අයිති අයද? මේ වෙලාවේ ජාතිවාදී ගින්නකුත් ඇවිළුනොත් මොනවා වේවිද? කොරෝනාවෙන් ලොකූ යහපතකුත් සිදුවෙනවා අනේ! කොරෝනාවෙන් සිද්දවෙන ලොකුම යහපත ලෝකයට 'අලුතෙන් හිතන්න- අලුතෙන් හැදෙන්න- reset වෙන්න' වෙච්චි එක. දැන් ඕසෝන් වියන ප්‍රතිසංස්කරණය වෙමින්… වායු දූෂණය අඩු වෙමින්… ගෝලීය උණුසුම පහත බසිමින්….පවතින බව වාර්තා වෙයි. මේ වාසි ලබාගන්න වුණත් ඔයාල අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ඕනි නේද? දෙයියෝ කිව්වත් – දෙයියෝ දුන්නත්…… ඒ නිසා නේද හැම දෙනාම පිදුරු ගහක හරි එල්ලෙන්නේ. හැබැයි පරෙස්සමෙන්. ලණු ගිලින්නේ පරෙස්සමෙන්. දැන් කාලේ දෙන්නේ ලණු නෙවෙයි… තේඩා- නැත්තං නැව් කඹ. දෙන දෙයියෝ නෙවෙයි පන දෙයියෝ කිව්වත් කාරි නෑ, 'එව- බලව- විමසව' තමා ඇඟට ගුණ. මතකයිනේ. දෙවියන් කිව්වලු කොරෝනාවට විෂබීජ නාශකයක් හොඳයි කියලා. දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකින් දීපු විෂබීජ නාශකයක් බීපු 59ක් කොරෝනා හැදෙන්නෙත් නැතිවම එලොව ගිහිල්ලා. දැන් කෝටි ගණන් මුදල්, භාණ්ඩ ආධාර ලැබෙන්න පටන් අරන්…. ගණනක් මීම්මක් කොහෙ සටහන් වෙනවද දන්නෑ! කන්දක් විළි ලාලා මී පැටියෙක් වදනවා කියලත් කියන රටනේ! පුරාණේ යකඩවලටත් ගුල්ලෝ විදලත් තිබුණා නේද? ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහත්තයා කොරෝනා මඩින්න කෝටි 30ක් දෙනවලු. ඒත් මදි නම් ගේදොර විකුණලා තව කෝටි50ක් දෙනවලු. දැනටමත් රජයේ බලධාරීන්ව පවා දැනුවත් කරලලු තියෙන්නේ. මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ හෝමාගම ඉස්පිරිතාලෙට කෝටි දෙකකට කිට්ටු වටිනාකමක් ඇති උපකරණ දීලා. එච්චරක් නෙවෙයි. කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදලට 'අස්ගිරිය මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් කෝටි 5ක් ප්‍රදානය කරලා. අපේ දේශපාලු උත්තමයන් දකුණු අතින් ගන්නා දේ වම් අතින් දෙන්නේ කාටත් හොරෙන්ලු. ගන්නෙත් හොරාට තමයි. දෙන්නෙත් හොරාට; ගෙදර කෙනෙකුට සුවිශේෂී කෙනෙකුට හරි විතරයි…. පරෙස්සමට අරන් තියන්න; නැතිනම් සේප්පුවක- බැංකුවක තැන්පත් කරන්න. දැක්කද උන්නැහේලා එක තඹ සත පහක් අතින් වියදම් කරනවා, කොරෝනා වෙනුවෙන් ජනතාවට. පාලිත තෙවරප්පෙරුම මහත්තයායි, JVP මන්ත්‍රීතුමාලයි ඇරෙන්න. එහෙම ආධාර නොකළත් කමක් නැහැ මේ හම්බ වෙන ආධාර, සල්ලි යටිමඩි ගහගන්නේ නැතිනම්…..සුනාමියේදී වගේ…. තවත් අනේකප්‍රකාර සංවර්ධන වැඩවලදී කෙරෙනවා වගේ….. අවසරයි මාවරලේ භද්දිය හාමුදුරුවනේ. කෙරෙනවා නම් උස-මිටිකම් නොබලා….. හරිම අරුම දේකුත් තියෙනවා. මෙතෙක් කිසිම පෝස්ටුවක, ප්‍රවෘත්තියක නොදුටු දෙයක්. දැවෙන ප්‍රශ්නයක්….. ඒක මට මීටර් වුණෙත් හරිම අහම්බෙන්…. බලමු ඊළඟ 'කොරෝනා කොරපු කොරන හරිය' ලියන්න කලින් කාට හරි කම්පනා වෙලා තියේවිද කියලා…..
2021/06/23 03:00:40
https://syndi365.info/2020/04/03/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B6%B1-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%99/
mC4
බාබට කිරි දෙන්න කලින් අලුත් මවක් දැනගත යුතුම දේවල් මෙන්න - Raising Children අලුත උපන් බබාගේ පෝෂණය සහ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලක් දක්වන්න ඕන. ඒක ඔයාට තනියම කරන්න ටිකක් අමාරු වෙයි. හැබැයි ඔයාට සැමියාගේ හෝ පවුලේ අනිත් අයගේ සහය ද ලබා ගන්න වෙනවා. මේ කියන්න යන්නේ ඔයා අලුත් මවක් නම්, අලුත උපන් බබාව බලාගන්නේ ආකාරය සහ කිරි දීමේදී ඔයා දැන සිටිය යුතුම කරුණු කිහිපයක් ගැනයි. – බබාව ප්‍රසූත කරලා විනාඩි 30කට හෝ පැයකට පසු මව්කිරි ලබාදීම සඳහා බබාව ඉල්ලා ගන්න පුලුවන්පුළුවන්. ඒ නිසා ඔයා සාමාන්‍ය දරු උපතක් කළා නම් අනිවාර්යයෙන් මව්කිරි ලබා දෙන්න පැයක් ඇතුළත බබාව ඉල්ලගන්න. – රජයේ හා පුද්ගලික රෝහල්වල ප්‍රසූතියෙන් පසුව ඔයාට කිරි එරීමට පහසුවීම සඳහා කිරිපෙති ලබාදෙනවා. හැබැයි දෙන මාත්‍රාව නියමිත දවස් ගණනට පමණක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කිරි පෙති මතම කිරි එරෙන්න ඉඩ ප්‍රස්ථාව ලබා නොදී කිරි වඩවන ආහාර පාන හා ව්‍යායම් සිදුකරලා බබාට අවශ්‍ය කිරිටික නිපදවා ගන්න. – බබාගේ ප්‍රතිශක්තිකරණයට ලොකු මෙහෙයක් ඉටුකරන රන්කිරි, ඒ කියන්නේ මවට මුලින්ම එරෙන කිරි "කොලෙස්ට්‍රම්" බබාට ලබාදෙන්න අමතක කරන්න එපා. – ගෙදර ආපු ගමන් midwife මිස්ට ඔයාගේ දරු ප්‍රසුතිය ගැන දැනුම් දෙන්දිය යුතුයි. මිස් ගෙදර එන දවසට අනිවාර්යයෙන් වේලාසන නැගිටලා පිරිසිදු වෙලා මිස්ට ඔයාව පරීක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මොකද මිස් ගෙදරට ඇවිත් අම්මගේ සීසර් හෝ විටපිය කැපුම, බබාගේ පෙකණිය, බබාට කිරිදෙන විදිහ වගේ ගොඩාක් දේවල් පරීක්ෂා කරලා බලනවා. – බබාට කිරි දෙන සෑම වාරයකදීම තමන්ගේ දෙඅත් හා පියයුරු පිරිසිදු කරගන්න. දිනපතාම ස්නානය කිරීමට වගේම සීසර් හා විටපිය කැපුම පිරිසිදු කර හොඳින් වියළා ගන්න. – කිරිදීමට ප්‍රථමයෙන් මද රස්නය ඇති උණුවතුර වීදුරුවක් පානය කරන්න, උණුවතුරින් පියයුරු සම්බාහනය කිරිම හෝ උණුවතුරින් ස්නානය කිරීම මඟින් ද කිරි එරීම පහසු කරවනවා. – මවක් බබාට කිරි දෙනවිට මුල්ම විනාඩි 10දී එන්නේ උකු ස්වභාවයෙන් යුත් කිරි. එය "පෙර කිරි" ලෙස හදුන්වනවා. වතුර ගතිය නිසා ගොඩාක් අය කරන්නේ මෙම ඉවත් කරන එක. හැබැයි එය සම්පුර්ණ වැරදි ක්‍රියාවක්. මොකද මුල් විනාඩි දහය තුල එරෙන පෙර කිරිවල තමයි බබාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප්‍රෝටින් තියෙතියෙන්නේ. ඉන්පසුව විනාඩි දහයේ තමයි බබාගේ වර්ධනයට අවශ්‍ය මේදය, කැලරි අඩංගු එරෙන්නේ. මේ හේතුව නිසා තමයි අඩුම තරමේ විනාඩි 20ක්වත් බබාට කිරි දෙන්න කියලා කියන්නේ.
2020/09/20 06:38:51
http://www.raisingchildren.lk/2020/08/03/breastfeeding-the-baby-1123/?lang=si
mC4
දරුවන් තිහක් දූෂණය කොට මරා දැමීමක් - BBC News සිංහල දරුවන් තිහක් දූෂණය කොට මරා දැමීමක් 2015 ජූලි 24 http://www.bbc.com/sinhala/world/2015/07/150723_pp_india_rapist_confess Image caption රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද? සය අවුරුදු දැරියක් දූෂණය කොට මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ රවීන්දර් පුද්ගලයා සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි. පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එම සැක කරු විසින් තමන් සිදු කළ තවත් අපරාධ 30ක් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ. බීබීසී වාර්තාකාරණිය ගීතා පාන්ඩේ ඔහු රඳවා සිටින පොලිස් ස්ථානයට ගොස් සැකකරුගෙන් සහ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ඇතුළු ඔහුගේ සහ ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් හමු වී මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළාය. විසිතුන් හැවිරිදි රවින්දර් පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙන්නේ පසුගිය සතියේ සය හැවිරිදි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසින් යාර පනහක් පමණ දුරින් පිහිටි පාළු ගොඩනැගිල්ලක තිබී සොයා ගැනීමෙන් පසුවයි. ඔහු තමා විසින් සිදු කළ බව පවසමින් තවත් අපරාධ රාශියක් සිදු කළ දිනය, වෙලාව, ස්ථානය ඇතුළු තොරතුරු පොලිසියට ලබා දී තිබේ. බටහිර දිල්ලි නුවර බෙගුම්පුර් පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවන රවින්දර් මාංචු දම්වැල් සහිතව තමන් ඉදිරියට ගෙන ආ අතර ඔහු තමන් විසින් සිදු කළ අපරාධ විස්තර කිරීමට පටන් ගත් බවයි බීබීසී වාර්තාකාරිනිය කියා සිටියේ. රවින්දර් පැවසුවේ සය හැවිරිදි දැරිය පාන්දර හයට පමණ අයගේ නිවසින් පිට වී වැසිකිළියට යාම සඳහා වෙල්යාය දෙසට ඇවිද යන විට ඇය දුටු බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාළු ගොඩනැගිල්ල දෙසට දැරිය ගෙන්වා ගැනීමට ඇයට රුපියල් දහයක් දුන් අතර ඇයට අතවර කරන අවස්ථාවේ දැරිය කෑ ගැසීමට පටන් ගත් බැවින් නැවතත් රුපියල් දහයක් ලබා දීමට උත්සාහ කළද දැරිය දිගින් දිගටම කෑ ගැසූ බවයි. දැරියගේ මළ සිරුර ගොඩනැගිල්ලේ පහත මාලයට ඔසවා ගෙන පැමිණි බව පැවසූ රවින්දර් කියා සිටියේ සිරුර එහි දමා යාමට තීරණය කළ බවයි. සිය අපරාධ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරන රවින්දර් පවසන්නේ 2008 වසරේ සිදු කළ පළමු අපරාධයෙන් පසු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, හර්යානා සහ දිල්ලියේ දරුවන් 30 දෙනෙකු පමණ දූෂණය කොට මරා දැමූ බවයි. පසුගිය වසරේ සය හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කොට දරුවාගේ උගුර කපා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් රවින්දර් සාක්ෂි හිඟ වීම, අතවරයට පත් දරුවා සුව වීම සහ දරුවාට සැකකරු හඳුනා ගැනීමට නොහැකි වීම යන හේතු මත නිදහස් කෙරිණ. සිය හැසිරීම් විස්තර කරමින් ඔහු කියා සිටියේ දවල් කාලයේ ලොරියක අත් උදව් කරුවෙකු ලෙස ක්‍රියා කරන අතර සවස් කාලයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි. මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටින අතර රාත්‍රියේ තමන් සමග ලිංගිකව හැසිරීමට අල්ලා ගැනීමට හැකි දරුවන් සොයා යන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. තමන්ට හසු වන දරුවන් අතවර ඉවසා ගැනීමට නොහැකිව ශබ්ද නගා කෑ ගැසුවොත් ඔවුන් මරා දැමීමට ක්‍රියා කළ බවයි ඔහු පවසන්නේ. Image caption දැරියගේ දෙමව්පියන් සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලයි මෙවැනි සාහසික අපරාධ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු තැවිල්ලක් හට ගන්නේ නැතිදැයි බීබීසී වාර්තාකාරිනිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවින්දර් කියා සිටියේ අපරාධ සිදු කිරීමෙන් පසු තමන් ඒ පිළිබඳ පසුතැවිලි වන නමුත් නැවතත් මත් ද්‍රව්‍ය හෝ මත්පැන් වල බලපෑම යටතේ තවත් අපරාධ කිරීමට පෙලඹුණු බවයි. නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වික්‍රමජිත් සිං කියා සිටියේ රවින්දර් විසින් සිදු කරන ලද පාපොච්චාරණ තමන් මවිතයට පත් කරන බවත් මොහු මානසික රෝගියෙකු බවත්ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ රවින්දර් විසින් පාපොච්චාරණය කළ අපරාධ 30න් දොළහක් පමණ සැබවින්ම සිදු වී ඇති බවට සනාථ කර ගැනීමට හැකි ව තිබෙන බවයි. නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද යන්නයි. 'පොලිස් පහර දීම්' ඔහුගේ පාපොච්චාරණ වලට සවන් දුන් බීබීසී වාර්තාකාරිනිය පැවසුවේ ඔහු කටපාඩම් කළ කතාවක් පවසන අයුරින් කතා කළ අතර ඊට හේතුව ඔහු සිය පාපොච්චාරණය කිහිප වරක් පොලිසියට ඉදිරිපත් කිරීමද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න තීරණය කළ නොහැකි බවයි. Image caption රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ පොලිසිය සිය පුතුට දැඩි ලෙස පහර දෙන බවයි. රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ තම දරුවා නොකළ අපරාධ වලට පවා පාපොච්චාරණය කරන්නේ පොලිසියෙන් ඔහුට අධික ලෙස පහර දීම ඉවසා ගැනීමට නොහැකි බැවින් බවයි. නමුත් මෙම චෝදනා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර කියා සිටියේ මානසික වෛද්‍යවරයෙකු පවා රවින්දර්ගේ පරීක්ෂණ වලට සහභාගී වන බවයි. දුෂණයට ලක්ව ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් මෙම අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙසයි.
2017/12/12 20:58:40
http://www.bbc.com/sinhala/world/2015/07/150723_pp_india_rapist_confess
mC4
ඇසළ පුර පසළොස්වක පොහොය අද ජූලි 12, 2014 ඇසළ පුර පසළොස්වක පොහොය අදට (12) යෙදී ඇත. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්ක පවත්තන සූත‍්‍රය" දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ. රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත. අපේ විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහරත් ඇසළ මාසය තුළ දී සිදු කරනු ඇත.
2021/12/05 20:43:20
https://sinhala.news.lk/news/entertainment/item/2734-2014-07-11-17-27-53
mC4
ඔස්කාර් උළෙලේ වස වැරැද්දක් - හොඳම චිත්‍රපටය වැරදිලා ඔස්කාර් උළෙලේ වස වැරැද්දක් - හොඳම චිත්‍රපටය වැරදිලා Featured මෙයට පැය කිහිපයකට පෙර අවසන් වූ 89 වැනි ඔස්කා හෙවත් ඇකඩමි උළෙලේදී හොඳම චිත්‍රපටය කියා නිවේදනය වූයේ වැරදි චිත්‍රපටයකි. එය සිදුවූයේ මෙසේ ය. රයන් ගොස්ලින් සහ එමා ස්ටෝන් රඟන අතිසුන්දර සංගීතමය ප්‍රේමකතාව වූ ලා ලා ලෑන්ඞ් හොඳම චිත්‍රපටය ඇතුලු නාමයෝජනා 14 ක් දිනාගනිමින් මෙවර ඉහළම නාමයෝජනා ගණනට හිමිකම් කියමින් සිටියේය. බොහෝ දෙනා සිතා සිටියේ හොඳම චිත්‍රපටය බවට නොවැරදීම පත්වන්නේ ද ලා ලා ලෑන්ඞ් බවයි. අනතුරුව හොඳම චිත්‍රපටය නිවේදනය කරන විටි වේදිකාව මත සිටියේ වොරන් බීටි සහ ෆායේ ඩනවේ ය. වොරන් බීටිි ජයග්‍රාහකයාගේ නම සඳහන් කාඞ්පත දෙස බලමින් මහත් තිගැස්මකට පත්වූ ආකාරයක් පළ කරද්දී අසල සිටි ෆායේ ඔහුට විහිලු කරමින් ඔහු ව දිරිගන්වන අතර, වොරන් ඇයට ජයග්‍රාහකයාගේ නම නිවේදනය කිරීමට ඉඩ දෙයි. එවිට ෆායේ මහත් උද්දාමයෙන් යුතුව ලා ලා ලෑන්ඞ් යනුවෙන් නිවේදනය කරයි. ඩොල්බි චිත්‍රාගාරය එකම අත්පොළසන් හඬකින් නින්නාද වන්නට පටන් ගන්නා අතර, ලා ලා ලෑන්ඞ් සාමාජිකයන් වේදිකාව මතට පැමිණ සම්මාන පවා අතට ගනිය. පසුව ඔවුන් දෙදෙනාට දැනගන්නට ලැබෙන්නේ තමන් කියවා තිබෙන්නේ වැරදි ලියුම්කවරයේ තිබූ නම බව ය. එසේ වන්නේ ආරක්ෂක නිලධාරියෙක් පැමිණ නිවැරදි රතුපාට ලියුම් කවරය ඔවුන් අතට පත්කිරීමත් සමගිනි. අවසානයේ සිදුවූයේ ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ සාමාජිකයන් ට, ලෝක ලැජ්ජාවකට පත්වෙමින් සහ නළලේ අත් ගසා ගනිමින් වේදිකාව මතදීම මූන්ලයිට් චිත්‍රපටයේ නලු නිළි නිෂ්පාදන කැළ වෙත සිය සම්මාන ලබාදෙන්නට ය. බැරී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කළ මූන්ලයිට් චිත්‍රපටය, කලු ඇමරිකානුවෙකුගේ ජීවිත කතාව පිළිබඳ කදිම අන්දරයකි. පසුව හෙළි වූ අන්දමට මෙහිදී සිදුවී තිබෙන්නේ, හොඳම චිත්‍රපටය නිවේදන කරන අවස්ථාවේදී වොරන් අත තිබූ රතුපැහැති ඔස්කා ලියුම් කවරයේ තිබුණේ හොඳම චිත්‍රපටයේ ජයග්‍රාහකයා නොව හොඳම නිළියගේ නම සඳහන් කාඞ්පතයි. එනම් හොඳම චිත්‍රපටය නිවේදනය කරන්නැයි කියමින් ඔහු අතට දී තිබෙන කාඞ්පතෙහි තිබී ඇත්තේ ලා ලා ලෑන්ඞ්-එමා ස්ටෝන් යන වැකියයි. සැබවින්ම වොරන් මුලින් මදක් උකටලී වෙමින් ෆායේ දෙස බලමින් සිට ඇත්තේ ඔහුගේ සිතට ක්ෂණිකව යම් අවුලක සේයාවක් දැනී තිබූ නිසා ය. නමුත් මේ උත්සවකාරී සහ කලබලකාරී අවස්ථාවේදී කාඞ්පතේ මේ අවුල දැකීමට අසමත් වන ෆායේ, ඉදිරියට පැන චිත්‍රපටයේ නම කියන්නීය. ඇය ද මේ අවස්ථාවේ සද්භාවයෙන් විශ්වාස කරන්නේ ලා ලා ලෑන්ඞ් යනු හොඳම චිත්‍රපටයේ නම බවයි. ඇසෝසියේටඞ් ප්‍රෙස් වැනි ලෝකයේ පිළිගත් පුවත්සේවාවන් පවා මේ සිද්ධිය වාර්තා කළේ ''ඇකඩමි සම්මාන රාත්‍රියේදී සිදුවූ විනාසය'' යනුවෙනි. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයන් ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇත. වොරන් බීටි සහ ෆායේ සිනමා ලෝකයේ ජනප්‍රියව සිටින්නේ සුප්‍රසිද්ධ අපරාධ ජෝඩුව වන බොනී ඇන්ඞ් ක්ලයිඞ් චිත්‍රපටය (1967) ට පණ පෙවූ යුවළ වශයෙනි. ඉතින් ඔවුන් අහම්බෙන් හෝ ඔස්කාර් වේදිකාව මතදී ද මෙදා කළේ බොනී ඇන්ඞ් ක්ලයිඩ්ටම ගැළපෙන වැඩකි.!!
2018/04/19 21:25:58
https://sinhala.lankanewsweb.net/art/item/7835-2017-02-27-14-45-01
mC4
හොඳම 24 ලී ටැටූස් නිර්මාණ ශිල්පය සඳහා පිරිමි සහ කාන්තා සඳහා - ටැටූස් කලා අදහස් හොඳම 24 ලී ටැටූස් නිර්මාණ ශිල්පීන් හා කාන්තාවන් සඳහා ඔබ ඔබේ ශරීරයේ යම් කැබැල්ලක් ලබා ගැනීම ගැන ඇත්නම්, ඔබ ඒ සඳහා හොඳ පිරිවැයක් ගෙවීමට නොතැබිය යුතුය. සැලකිලිමත් වූ සියල්ල, එය සදහටම ඔබේ ශරීරය මත තබනු ඇත! ඔබ සුන්දර කකුල පන්දමක් තිබිය යුතුය. 1. සුපිරි අලංකාර පාදය ටැටූස් 2. ස්වීට් පෙනුමේ පාදයේ පච්චය සිහින් පෙනුමක් # නීත්යානුකූල පච්චයක් යනු මිනිසුන් අතිශයින්ම අද්විතීය පෙනුමක් ලබාගැනීමට භාවිතා කරන දෙයක්. මේ පාදයේ පච්චය නියමයි. 3. සරළ කකුල පච්චයක් මෙම තීන්ත ආලේපය ඔබ විසින් නිතිපතා ඉල්ලීමක් කළ හැකි වෙනත් කුමන හෝ පරිපාලනයකට සමාන වේ. 4. චිකන් පාදයේ පච්චයක් පරිපාලන මට්ටම වඩා හොඳයි, ගාස්තු වැඩි වේ. 5. වර්ණවත් කකුල් පච්චයක් කෙටි දැනුම් දීමකින් #Tattoos සම්පූර්ණ කිරීම සඳහා ඩොලර් දෙකක් හෝ තුනක් සුරැකීම වටින බව ඔබ ඉක්මනින් අවබෝධ වනු ඇත. 6. සිහින් කකුල පච්චයක් ඔබේ ශරීරයෙන් හොඳම දේට වඩා හොඳයි. ඔබට ඉහළම පච්ච පත්රයක් සඳහා අවශ්ය මුදල් ප්රමාණය ගැන සාධාරණ සිතුවිල්ලක් ලැබීමෙන් පසු මුදල් ඉතිරි කිරීමට අවස්ථාවක් ලබා ගත හැකිය. මධ්යස්ථ කාලය තුළ සුපිරි සැලැස්මක් සැකසීමට ඔබේ පච්ච මුලික සැලැස්මක්. 7. කකුල් පෝතකය ඕනෑම පච්ච කෙම් ශිල්පිනියක් ඔවුන්ගේ කුසලතා අනුව, ඔබ රැකියාව කිරීමට අවශ්ය කාලය හා එලෙසම සිදු කිරීම සඳහා අවශ්ය උපකරණ අවශ්ය වන බවට වග බලා ගන්න. 8. පුදුමාකාර කකුල පච්චයක් රැකියා සඳහා වැය වන මුදල උපුටා දැක්වීමට පෙර ශිල්පියා විසින් ඔබට හමුවීමට අවශ්ය වන පරිදි පිරිවැය දැන ගැනීමට වියදම් කිරීම සඳහා වියදම දැන ගැනීම සඳහා එය දෙකක් හෝ තුනක් තට්ටු සාප්පුවලට වලංගු නොවේ. 9. කූල් පච්ච පච්ච නිර්මාණ නිර්මාණ අදහස ඔබ වැඩ කරන ආකාරය පිළිබඳ සිතුවිල්ලක් ලබා ගත හැකි අතර, සාප්පු යාමේ සංචාරය වඩාත් ප්රයෝජනවත් වන අතර, පිරිවැය පිළිබඳ වඩාත් නිශ්චිත අදහසක් ලබා ගත හැකි අතර, පච්චලයේ සැලැස්මෙහි කුමන හෝ ගැලපුම් කුමන ආකාරයකට සකස් කිරීමට ඉඩදීමට ඔබට ඉඩ සලසයි සල්ලි තියෙනවා. 10. සුපිරි පාදයේ පච්චයක් මෙහි මුලුමනින් ම තීන්ත ආලේප කිරීම පිළිබඳ සවිස්තරාත්මක සිතුවිලි පහත දැක්වේ: ඇතැම් ප්රදේශ සාමාන්යයෙන් කරදරකාරී වන අතර, ශිල්පියා ඔහුගේ චෝදනාවන් ඉහළ නැංවීමට පෙළඹවීමක් කරයි. 11. ලස්සන කකුල පච්චයක් විස්තර කිරීම සඳහා වියදම එකතු කරයි, සරල සැලැස්මක් මිල අධික නොවේ. 12. සිසිල් පාදයේ පච්චය ඇස්තෙම්න්තු කිරීම ඔබ ගෙවිය යුතු වියදමෙන් වඩාත්ම අත්යවශ්යම අදහසයි. විශාල වන තරමට විශාල වියදම. 13. සම්පූර්ණ කකුල පච්චයක් ඔබට ශිල්පියාට ඔබට අද්විතීය විස්තරයක් කිරීමට අවශ්ය වූ විට, ඔබ සාමාන්යයෙන් දළ සටහනක් තෝරා ගැනීමට වඩා වැඩි මුදලක් ගෙවීමට බලාපොරොත්තු විය හැකිය. 14. බාගයේ පාදයේ පච්චය ශිල්පියෙකුගෙන් සහතික කර ඇති උපකරණයක් ලබා ගැනීමෙන්, ඔබට සහතික කළ වැඩ පිළිවෙලක් ඉල්ලා සිටීමට, වැඩි විශේෂඥයින්ගෙන් පිරික්සන්න හෝ ඔබගේ මූල්ය සැලැස්මට අනුව ඔබගේ පූර්ව අවශ්යතාවන් වෙනස් කරගත හැකිය. 15. නිර්මාණාත්මක කකුල පච්චයක් ඔබේ සැලසුම් කළ පච්චය වෙනස් කිරීම හෝ එහි සාමාන්ය අදහස අත් හැරීමෙන් තොරව එහි සියුම් අංශු බිඳ දැමීමට ඔබ සලකා බැලිය හැකිය. සමහර විට ඔබට වැඩි මුදලක් වැය කිරීමට සහ ඉතා උසස් ලෙස පච්චයක් පච්චයක් ලබා ගැනීමට සමහර විට ඔබ දැඩි නොසැලකිලිමත් වනු ඇත, සැලසුම් කළ පරිදි! 16. සම්පූර්ණ කකුල පච්චයක් 17. පාදයේ පච්චය ආදරය පච්චයක් ලබා ගැනීම යනු අඛණ්ඩව හා බලශක්තිය අවශ්ය ය. ඔබ ලේසර් ඉවත් කිරීම සඳහා ගෙවීමට අවශ්ය නම්, ඔබේ ජීවිතයේ ඉතිරිව ඇති දේ සඳහා පච්චය සමඟ පච්චය සමඟ ජීවත් විය යුතුය, ඒ නිසා ඔබ ලබා ගත් බව පච්චය යම් කාලයක් සඳහා ඔබට අවශ්ය බව සහතික කිරීමට ඇති. 18. තරමක් නිල් ටැටූස් 19. ප්රබල කකුල් පච්චයක් ඔබ කවදාවත් පච්චයක් නොලැබුණු අවස්ථාවක දී තෝරා ගැනීම ඉතා තර්ජනයට ලක්ව ඇති අතර, විශේෂයෙන් ඔබ විසින් පච්චය තෝරා ගැනීමට හා ඔබේ ශරීරය මත ලබා ගත යුතු ස්ථානයෙන් තෝරා ගැනීම සැබවින්ම තේරීම් දෙකකි. 20. පුදුමාකාර කකුල පච්චයක් 21. පුදුම කකුල පච්චයක් ඔබ පච්චයක් ගන්නවාද නැද්ද යන්න ගැන ඔබ සිතන්නේ කවදාද, එය ඔබේ ශරීරය මත ලබා ගත යුතු ස්ථානය තෝරා ගත යුතුය. විවෘත පරිපාලනය තුළ ඔබ වෘත්තියක් ඇතොත්, ඔබට පුලූස් වන පරාසයක පච්චයක් ලබා ගැනීමට ඔබට තීරණය කළ හැකිය. 22. මල් පාදයේ පච්චය ඔබ ඔබේ වැඩ කටයුතු අමතන්න සහ ටැටූස් පිළිබඳ විධිවිධාන තිබේ දැයි පරීක්ෂා කරන්න. ඩිස්නි වැනි සමාන සංවිධාන, නිශ්චිත ප්රසිද්ධ නාමයක් විදහා දැක්වීමට අවශ්ය වන අතර, ඔබට පෙනෙන ස්ථානයක පච්ච කොටා ඇති අවස්ථාවක දී ඔබ පච්චය ආවරණය කරනු ඇත. 23. සිහින් කකුල පච්චයක් 24. පුදුම කකුල පච්චයක් ඔබේ රැකියාව ඔබට අවශ්ය ඕනෑම තැනක පච්චයක් ලබා ගත හැකි බව පවසන විට, තේරීම සම්පූර්ණයෙන්ම ඔබගේ. ඔටුන්න හිමිපපුව ඉරීමචරිතයදේවදූත පච්ච කොටාසංගීත පච්ච කොටාහෘද ටැටූස්ගැහැණු ළමයින් සඳහා පච්ච කොටාරාශි චක්රයජ්යාමිතික ටැටූස්ටේටූස් යුවලයිහිරු පච්චපච්ච කොටා ගන්නසමනල පච්චයක්පාදයේ පච්ච කොටාපච්ච ආවරණහොඳම මිතුරා ටැටූස්ෆෙරර් ටැටූබූවල්ලාසහෝදරිය පච්ච කොටාඊතලයක් පට්ටිගෝත්රික පච්ච වලගෝනුස්සෝ පච්චයක්අලි පච්චයචතුර් පච්චපච්ච කෙටුවාපච්චනෙළුම් මල් පච්චයක්මිනිසුන් සඳහා පච්ච කොටාබෙල්ල ටාටෝස්ටේටියොස්අත පච්චමල් ටැටූස්ඊගල් ටැටූස්නැංගුරම පච්ච කොටාසිංහ දම්වැල්හිනා පච්චයක්කුරුලු ටාටුඅනන්ත පච්චයක්දිය සායම් පච්චයක්හරස් ටැටූස්පච්ච කොටා ගන්නmehndi නිර්මාණයAnkle Tattoosචැට් ටැටූස්පපුව පච්චයක්චෙරි පුෂ්ප පච්චයක්සිත් පච්චකොයි මාළු පච්චයක්දියමන්ති පච්චයක්ඇසට පෙනේ
2018/12/16 10:43:55
https://tattoosartideas.com/si/leg-tattoos/
mC4
විකා (Wicca) සහ Witchcraft: 5. Wicca -> Witchcraft සහ Magick 5. Wicca -> Witchcraft සහ Magick විකා වල Witchcraft ගැන කියන විට විෂේශයෙන් මතක් කල යුතු පුද්ගලයෙකි ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley). ගාර්ඩ්නර් ගේ සමීප මිත්‍රයෙක් වන මොහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ විෂේශඥයෙකි. ක්‍රව්ලි ගේ මූලික විශය පථය වූයේ දර්ශනය සහ සාහිත්‍යයයයි. ඒ කේම්බ්‍රිජ් විද්‍යාලයේදීය. නමුත් 1896 කාලයේ සිදුවූ යම් සිදුවීමක් හේතුකොටගෙන ඔහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ අධ්‍යයනය කරන්නට පටන්ගත්තේය. විකා වල ඇති Witchcraft සහ Magick සම්බන්ධ බොහෝ තාක්ශනික කරුණු එකතු කරන ලද්දේ මොහු විසිනි. Magick (k සමඟ) යන වචනය (සාමාන්‍ය Magic වලින් වෙන් කර හැඳින්වීම සඳහා) හඳුන්වා දුන්නේද ක්‍රව්ලි විසිනි. ඇලියෙස්ට ක්‍රව්ලි විසින් හඳුන්වා දුන් Magick යනු චිත්ත බලයෙන් යතාර්ථය වෙනස් කිරීමේ ශිල්පයයි. මෙය ගුප්ත ශාස්ත්‍ර වලට අයත් විශයයකි. Magick, "සාම්ප්‍රදායික Witchcraft" සමඟ කිසිදු සම්බන්ධයක් නැති අතර විකා වලද මෙයට හිමි වන්නේ දෙවන තැනයි. විකා මෙන්ම "සාම්ප්‍රදායික Witchcraft" ද ආගමික ඇදහීමකි. එමෙන්ම Magick යනු කිසි විටෙකත් ආශ්චර්යයන් සිදු කල හැකි ක්‍රමයක් නොවේ. එමගින් සූර්යග්‍රහණයක් වැනි දෙයක් සිදු කල නොහැක. භෞතික විද්‍යා නියම වෙනස් කල හැකි දෙයක් මේ තුලින් කල නොහැක. විශ්වයේ පවතින නීති තුල සිට, සිදු කල හැකි සියුම් වෙනස් කිරීම් මගින්, සිද්ධියක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කිරීම වැනි දේ කල හැක. අප අවට පරිසරයේ ඇති සියලුම වස්තූන් සහ ඒවාට සම්බන්ධ සිද්ධීන් හේතු ප්‍රත්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධව පවතී. එම නිසා ඕනෑම සිදු වීමක් තවත් සිදු වීමකට යම් කිසි ආකාරයකින් බලපෑමක් සිදු කරයි. මෙසේ සියල්ලක්ම අන් සියල්ලකටම සම්බන්ධ වී ඇති නිසා සෑම සිදු වීමක් ම අනන්ත වශයෙන් සංකීර්න වූ සම්භාවිතාවයක් සහිත වේ. මෙය Chaos ලෙස හැඳින්වෙන අතර මේ සම්බන්ධ දේ Chaos Magick වලට අයත් වේ. Magick යනු අධිශ්ඨාන බලයෙන් පාලනය වූ ස්වාභාවික සිදු වීමකි. ක්‍රව්ලිගේම වචන වලින් කිවහොත් මිනිසෙක් සොටු සීරීම පවා Magickal ක්‍රියාවලියකට උදාහරනයකි :) මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ හැඟීම්, අධිශ්ඨාන ශක්තිය සහ අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය එකට එකතු කිරීමය. ඒ සඳහා භාවනා ක්‍රම වලින් සිත දියුනු කල යුතුය. එමෙන්ම වචන සහ ශබ්ද වල ශක්තිය, ජ්‍යාමිතික හැඩතල, ඇඳීම් ද උදව් කර ගත හැක. Magick යනු අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය සහ ස්වාභාවික ශක්තීන් චලනය කිරීම මගින් අප අවට පරිසරයේ ඇති වස්තූන් සහ සිදුවීම් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමය. මෙය අස්වාභාවික හෝ අමුතු දෙයක් නොව ඉතා ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මනස සහ අධිශ්ඨානයයි.
2018/07/20 21:49:43
http://wiccaandwitchcraftlk.blogspot.com/2008/04/witchcraft-magick.html
mC4
කතෘ:යුතුකම 1/13/2015 9 comments අපි අභිනව ජනපතිදුට සුභ අනාගතයක් පතනෙමු. එතුමාට මනාප ලැබූ ආකාරය පිලිබදව නොයෙකුත් ආකාරයේ චිශ්ලේෂණයන් මේ දිනවල අසන්නට ලැබේ. කුමන ජාතියකගේ , කුමන ආගමක් අදහන අයකුගේ ඡන්දය ලබා ගත්තද ඔහු ලබාගත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය. එනිසා එතුමා අපගේ වත්මන් ජනපති බවට පිලිගැනීමට කිසිවකුත් සිතෙහි කහටක් තබා ගත යුතු නැතැයි සිතමු. ඔහු ලබාගත් ඡන්දවලින් අතිශය බහුතරයක් සිංහලයන්ගේ ඡන්දය. දමිල සහ මුස්ලිම් ජනතාව කෙලෙස ප්‍රතිචාර දැක්වූවත් සිංහලයන්ගෙන් සෑහෙන පිරිසක් ඔහුට ඡන්දය නොදුනි නම් ඔහු ජයගන්නේ නැත. එනිසා ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ගේ අනුමැතියෙන් පත් වූ ජනපතිඳුය. එපමණකින් කියවෙන්නේ මේ ඡන්ද ප්‍රතිපලය දෙස ජාතිමය පදනමකින් නොබැලිය යුතු බවද? නැත. එය එසේද නොවේ. ඡන්ද ප්‍රතිපල දෙස බලා සිටි ඕනම අයකුට එය ජාතිකමය පදනමකින් විමසුම් කිරීම වටනා බව පෙනී යා යුතුය. එසේ නම් කුමක්ද මේ පිලිබඳ වඩා නිවැරදි යයි අපට පිලිගත හැකි අර්ථකතනය? අපට හැඟෙන දැනෙන පරිදි මෙම මැතිවරණ ප්‍රතිපලය අප සියළු දෙනා විසින් පිලිගත යුතු අතරම ඒ මඟින් පොදුවේ සිංහලයින්ට යම් සංඥාවක්ද නිකුත් කර ඇත. අති බහුතරයක් වන සිංහලයන් සැළකිය යුතු මට්ටමකට දෙකට බෙදුනහොත් ඔවුන් සංඛ්‍යාවෙන් කුමක් වුවත් ඔවුන්ට මේ රටේ කිසිදු තීරක බලයක් හිමි නොවන බව මෙම ඡන්දය අපට ඔප්පු කර පෙන්වූයේය. එවිට තීරක බලය හිමි වන්නේ දෙමළ සහ මුස්ලිම් සමාජයන් වෙතය. ඉතින් එහි ඇති වරද කුමක්ද? සිංහලයන් අඩකට මදක් අඩුවෙන් කැමති තීරණයකට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවෙන් අති බහුතරයක් කැමති නම් සමස්තය ගත් කළ ඒ තීරණයට වැඩි කැමැත්තක් ලැබීමේ අරුමය කිම? එහි සංඛ්‍යාත්මක අරුමයක් නැති බව සැබවි. නමුත් එහි දේශපාලනික අරුමයක් ඇත. එය පැහැදිළි කර ගන්නට නම් සිංහල ජාතිය සහ අනෙකුත් ජාතීන් එසේ හැසිරීමට හේතු දෙස අපගේ විමසුම් ඇස යොමු කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතාට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ඡන්දය ලබා දෙන සිංහලයන් එසේ කරනුයේ තම තමන්ගේ පාරම්පරික පක්ෂය, යුද්ධය හා සාමය, දූෂණය, සංවර්ධනය, අක්‍රමිකතා යනාදී කාරණා මුල් කර ගෙනය. එය ඕනෑම රටක මිනිසුන් සිය ඡන්දය ලබා දෙන ක්‍රමය හා වැඩි වෙනසක් නැත. නමුත් දෙමළ හෝ මුස්ලිම් ජනයා එසේ නොවේ. ඔවුන්ද එලෙස සිතුවා නම් ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය බහුතර සිංහල ජනයා ඡන්දය භාවිතා කරන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් වන්නේ නැත. ඔවුන් සැළකුවේ ඒ කිසිවක් නොව. ඔවුන් සිය ජාතිය තුළ යම් පොදු එකඟතාවක් ඇතිවාක් මෙනි කටයුතු කරන ලද්දේ. ඔවුහූ ඡන්දයේදී ජාතිය බදා ගත්හ. සිංහලයෝ ඡන්දයේදී පක්ෂය සහ වෙනත් සටන් පාඨ බදා ගත්හ. එලෙස දෙකට බෙදෙන බහුතර සිංහලයන්ගේ බලය ශුන්‍යය වෙද්දී ජාතිය බදාගත් දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඉතා සුළුතරයකගේ බලය මෙරට තීරක හඬ බව පත් විය. මෙහිදී අප තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් ඇත. එනම් දෙමළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදය අත්හැර නොමැත. ඔවුන් සිය පැවැත්ම උදෙසා ජාතිවාදය පතුරුවමින් එම ජනකායන් පොදු සංස්කෘතියක් වෙතට අවශෝෂණය වීම වලකමින් සිටිත්. ඔවුන්ගේ දේශපාලනයට බෙදුම්වාදී ජාතිවාදය හැරෙන්න වෙනත් පදනමක් නැත. සත්‍යය එය නම්, එය පැවසීම වරදක් නොව. වරද වන්නේ සත්‍යය සැගවිම නොවේද? ඇත්ත වශයෙන්ම සිංහල ජනතාව ජාතිවාදය බොහෝ දුරට අතහැර ඇත. 1983 කළු ජූලිය, මෙන්ම මෑතකදී ඇති වූ අලුත්ගම සිද්දියද ජනතාව පිළිකුලින් යුතුව හෙලා දකිත්. එය ඉතා සාධනිය තත්වයකි. එහෙත් සිංහලයා එකක් මතක තබා ගත යුතුය. දමිල සහ මුස්ලිම් නායකයින් සිය ජන වර්ගයන් වඩ වඩාත් ජාතිවාදය දෙසට ඇදගෙන යමින් සිටින බවයි. අප ජාතිවාදයට එරෙහි වනවා යනු ඇස් කන් පියාගෙන එය නොදැක්කා සේ සිටීමද? එසේ නිද්‍රෝපගතව සිටීම ජාතිවාදයට අනුබල දීමකි. අප ජාතිවාදයට ජාතිවාදී නොවී එරෙහි විය යුතුය. අද බහුතර සිංහල ජනයා සතු ප්‍රධාන යුතුකම එය නොවේද? අප දෙමළ බෙදුම්වාදී ජාතිවාදයට මතවාදීව විරුද්ධ විය යුතුය. එසේ විය යුත්තේ සිංහලයින්ගේ පමණක් නොව, දෙමල, මුස්ලිම් සියලු ජනවර්ගයන්ගේ යහපත සහ සුභසිද්ධිය තකාය. ත්‍රස්තවාදයට ඉඩක් අපි නොතැබුවෙමු. එලෙසම බෙදුම්වදී ජාතිවාදී මතවාදයටද අප ඉඩක් තැබිය යුතු නැත. එහෙත් කුමන හෝ ජන වර්ගයකට යම් ගැටළුවක් ඇත්නම් එය විසදීමට සියළු දෙනා නොවළහා කටයුතු කළ යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුනගේ ජාතිවාදී ඉල්ලීම්වලට ඉඩ දිය යුතු බවක් නොව. ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි අප ප්‍රථමයෙන් විමසා සිටිය යුතුය. ඇත්ත වශයෙන්ම අප විසඳුම් කතා කරනවා මිස විසදුම් දෙන්නේ කුමන ප්‍රශ්නයකටදැයි කියන්නට දන්නා එකෙකු නැත. නමුත් අපි විසඳුම් කතා කරනෙමු. දමිළ මිනිසකුට දමිළ වීම නිසා මේ රටේ යම් ගැටළුවක් ඇත්ද? ඒ කුමක්ද? මෙය ඉතා පැරණි පැනයකි. නමුත් අදටත් නිරවුල් පැහැදිලි කිරීමක් අප දැක නැත. කිසිවකුත් දැක ඇතැයිද සිතීමටද උගහටය. නමුත් අපි විසදුම් කතා කරන්නෙමු. ප්‍රශ්නය නොදැන විසඳුම් කතා කිරීම තකතීරු කමක් නොවන්නේද? දමිළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදී ආස්ථානයක පිහිටා දේශපාලනය කරන බවත් ඒ සඳහා සිය ජනවර්ගයන් මෙහෙයවමින් භාවිතා කරන බවත් පැවසීම ජාතිවාදයක් නොව. යථාර්ථය දැකීමකි. ජාතිවාදයට එරෙහි වීමකි. නමුත් අද අපගේ ඇතැම් සිංහලයෙක් හැසිරෙන්නේ කෙසේද? සිය දේශපාලන කල්ලියට පාඩුවක් වේ යයි බියකින් මෙම යථාර්ථය පවසමින් ජාතිවාදයට එරෙහි වන සිය සඟයාට 'ජාතිවාදියා' යන ලේබලය ඇලවීමෙනි. ‍එය ජාති වාත්සල්‍යයක් නම් නොව, එය අභිබවා ගිය පක්ෂ වාත්සල්‍යයකි. පක්ෂ වාත්සල්‍යයෙන් පෙළෙන සිංහලයා සිය දෙනෙත් අදව තමනට ඇති අභියෝගය නොදැක කටයුතු කළහොත් මේ රට තුළ නැවත වරක් ජාතිවාදය හිස ඔසවනු නොඅනුමානය. ජාතිවාදය නොදැකීමද ජාතිවාදයකි. Political , Theory , ලසන්ත වික්‍රමසිංහ Anonymous 1/13/2015 9:09 AM සුනන්ද 1/13/2015 10:04 AM ඉතා වැදගත් කාරණයක් ඔබ මතු කර ඇත Sonali 1/13/2015 10:16 AM හැකි නම් බොරු කියා කියනු යයි රුපවාහිනියේ අභියෝගයට ඔහු නිහඩය. https://www.facebook.com/video.php?v=323303801196325&fref=nf Unknown 1/13/2015 10:37 AM ඔබගේ ලිපිය සමග සම්පුර්ණයෙන් එකඟයි. දැන් හදන්නේ සිරිසේන ගේ දිනීම වෙනුවෙන් ජාතිවාදයේ දායකත්වය වහන්න. Anonymous 1/13/2015 7:09 PM එක අතකින් ඒකීය රටක සිටිය යුතු බවට අප දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට කියමු. අනිත් අතට සිංහලයන්ගේ බහුතරය (රටේ බහුතරය නොවේ) ගේ කැමැත්ත අනුව රට පාලනය විය යුතු බවත් අප කියමු. ඔය දෙකම සිද්ධ වෙලා සාමකාමි රටක් හදන්න පුළුවන්ද? මාතර බයියා 1/14/2015 9:52 AM දෙමළ ජාතිවාදය ප්‍රභූ දෙමළ නායකයන්ගේ ඔලු ගෙඩි වලින් සහ අනෙකුත් ද්‍රෝහී නඩයේ ඔලු වලින් ඉවත් වූ දාට දෙමළ මිනිසුන් සහ සිංහලයන් එකම නායකයෙක් ස්ව කැමැත්තෙන් පත් කරගනීවි. එවිට බහුතර සිංහලයාගේ බහුතරයත් සුළුතර දෙමළ\මුස්ලිම් ජනයාගේ බහුතරයත් සහිත නායකයෙක් බිහි වේවි.... Anonymous 1/15/2015 1:13 PM This writer seems as a good political analyser. Well done in my point of view. Nimal 1/16/2015 4:52 PM මධුසමය ඉවරයි.දැන් බල්ල මාර්ක් එකට වැටිලා ඉන්නෙ කට්ටිය. මේ කියන දේ තේරෙනවද බලන්නකෝ. බව් බව්.. Anonymous 1/27/2015 6:21 PM @මාතර බය්යා, ඔබ හරියටම හරි.. ඔය කියන දේ වෙන්න ගියා . අපේ රටේ අගමැති විදිහට කදිරගාමර් මහත්තයා පත් වෙන්න ගියා.. අවාසනාවට එක එහෙම උනේ නැ. අන්තිමට දෙමල ජාතිවාදය විසින් ඒ උතුම් දෙමළ මිනිසාව නැතිකර දැමුවා..
2020/07/10 18:56:10
http://www.yuthukama.com/2015/01/Jathivadaya.html?showComment=1421209324030
mC4
යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල් ලේකම් කියයි | Divaina Home ප්‍රධාන පුවත් යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල්... යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල් ලේකම් කියයි කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩගාරය සතු කොටස් හුවමාරුවට අදාළ එක`ගතා ගිවිසුමට අත්සන් කළා මිස අනෙකුත් කිසිදු කරුණක් සඳහා අවසන් එක`ගතාවක් ඇතිකර ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්. ආටිගල මහතා ඊයේ (26 දා) ''දිවයින''ට පැවසීය. එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප‍්‍රමාණය ඇමෙරිකානු සමාගමට පැවරීමක් හෝ සිදුකර නොමැති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය. ඇමෙරිකාවේ නිව්ෆෝට‍්‍රස් එන්ර්ජි සමාගම සම`ග මේ කොටස් පැවරීමේ එක`ගතාව ඇති කරගෙන තිබේ. යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප‍්‍රමාණයක් වෙනුවෙන් මේ එක`ගතාව ඇති කරගෙන තිබේ. මේ සඳහා තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කළ යුතුව ඇති බවද ආටිගල මහතා කීවේය. මේ කොටස් ප‍්‍රමාණය කාගේ අතේ තිබුණත් තවත් වසර 14 කින් එනම් වර්ෂ 2035 දී ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවන බවද ආටිගල මහතා පෙන්වා දුන්නේය. මේ කොටස් හුවමාරුව සඳහා ඉටු කළ යුතු අනෙක් අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඊට අදාළ මුදල් සහ කොටස් හුවමාරුව ඉදිරි මස එකහමාර තුළ සිදුවනු ඇති බවද ආටිගල මහතා කීවේය. මේ එක`ගතාව රටට වාසිදායක එකක් බවද 2023 ජනවාරි පමණ වන විට මේ බලාගාරය එල්. එන්. ජී. වලට හරවා ගැනීමට හැකි වුවහොත් මෙගවොට් 350 ක ධාරිතාව ඇතුළත් කළ හැකිවනු ඇති බවද එසේම අදාළ මෙගාවොට් 650 කටම එල්.එන්.ජී. දීමට හැකි වුවහොත් සැලකිය යුතු ලෙස රටේ විදුලි උත්පාදන පිරිවැය අඩු වනු ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් ''දිවයින''ට පැවසීය.
2022/05/17 06:59:26
https://divaina.lk/%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7/
mC4
අබේරත්න මාවතේ හෝරා දෙකක් | සරසවිය නිවස » අබේරත්න මාවතේ හෝරා දෙකක් මෑතක සහභාගී වූ අවමංගල උත්සව පිළිබඳ කල්පනා කර බලන්න. බොහෝ ඒවා මල්ශාලාවලය. ගෙදරක පැවැත්වුවද පුටු පමණක් දකින එක මොහොතක් හෝ තිබෙනු ඇත. අහල පහළ ලොකු තාප්ප දමා ගේට්ටු වසා ඇත. අල්ලපු ගෙදර මළ ගෙයක්දැයි නොදන්නා සේය. එහෙත් පසුගිය 12 වැනිදා සිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ දකින්නට ලැබුණේ වෙනස්ම ස්වරූපයකි. නාගරික ස්වරූපය ඇත්තේ තනා ඇති ගෙවල් මෝස්තරවල පමණි. අනෙක් හැසිරීම් හරියට ගමක මෙනි. තරුණයෝ පාර සරසති. බැනර එල්ලති. මළගෙදරට යනතුරු කොඩිවලින් මඟ පෙන්වා ඇත. පටු මගේ තාප්පවලින් වට වූ මැදුරු සියල්ලේ රෝලඩෝර්ස් සියල්ලම පාහේ විවෘතය. පාරට මුහුණලා ඇති ඕනෑම ගෙදරක වාහනයක් පාක් කිරීමට අවසර ගතයුතු නැත. හදිසියට මුහුණ කට හෝදාගෙන සුළුඅවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීමට අල්ලපු ගෙදරකට ගොඩවන්නට අවසර ඇත. පාරේ වාහන දෙකක් මාරු වීමට අපහසු නිසා එන අතටම ඉදිරියට ගොස් යළි මහ පාරට වැටෙන්නට පන්සල් වත්ත හරහා යා හැකි ලෙස ගේට්ටු දෙකම විවෘත කොට ඉඩ සලසා තිබේ. පාරේ සිටම සුදු වතින් සැරසුණු සෙනඟය. ඒ අපේ සංස්කෘතියයි. අපේ කමයි. එය නිකම්ම ගොඩනැඟුණක් නොවේ. එය ගොඩ නැඟූවකි. හොඳ මහජන සම්බන්ධතාවක් සමඟ ගොඩනැඟුණකි. තම තනතුර හෝ ධනවත්කම නොව මනුෂ්‍යත්වයේ පොහොසත්කම මත ගොඩ නැඟුණකි. මෙය අප නිරීක්ෂණය කළේ ආචාර්ය ජයලත් මනෝරත්න නම් මාහැඟි කලාකරුවාගේ අවමංගල්‍යෝත්සවයට සහභාගී වූ මොහොතේය. ඒ සියල්ලට වඩා අප හද සසල කළේ මනෝරත්නයන්ගේ සුරතලා ළඟට සපයා ඇති ආහාරවත් නොගෙන ඔහුගේ හිස පිහිටි පැත්තේ පඩිපෙළ යටට වී වකුටුව කිසිදු බිරීමක් කෙඳීරියකින් තොරව දේහය දෙස බලා සිටින ආකාරයයි. අප එතැන රැඳී සිටි හෝරා කීපය තුළ විවිධ සමාජ මට්ටම්වල විවිධ තරාතිරම්වල අය ඔහුට අවසන් ගෞරව දැක්වීමට රැස් වූහ. ඒ අතරින් අප ඇසට අසුවන කිහිපදෙනකු සමඟ හුවමාරු කරගත් අදහස් කීපයක් මෙසේ ඔවුන්ගේ අවසරයෙන් පළ කරමු. මෙහි විශේෂත්වය මනෝරත්නයන්ගේ අභාවය පිළිබඳ ඇති වියෝදුක අබිබවමින් ඔහුගේ ගතිසොබා හෝ රංගනය නිසා මතුවන හාස්‍යයෙන් මොහොතකට හෝ ඔවුන්ගේ දුක තුනී වී යන අරුමයයි. ඉන්පසු ඒ රසවතා නැවත හමු නොවන බව සිහි වීමෙන් උතුරායන සංවේදනාවයි. අපට මුලින්ම හමුවුණේ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහයි. ජයලත් මනෝරත්න කියන රංගනවේදියා සමඟ මම නිරත වුණේ එකම එක නිර්මාණයකයි. හැබැයි එය ජීවිත කාලයපුරාම මතක හිටින, රසික මනසේ සදාතනිකව කා වැදී සනිටුහන්වන එකක්. ඒ තමයි ජෝ අබේවික්‍රම නිෂ්පාදනය කළ සකිසඳ එලියස්. අදටත් මම ඔහු සමඟ රංගනයක නිරත වීම ගැන පුදුම සතුටක් ලබනවා. මොකද ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු, පුදුම දක්ෂ, කාරුණික, අන් අයට දෙයක් දැනගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන් ගුරුවරයෙක් ලෙස ගන්න හැකි. නූතන පරපුරට අභ්‍යාසයක් ලෙස හැදෑරිය හැකි චරිතයක්. සකිසඳ එලියස් කොයි තරම් ජනප්‍රියද කීවොත් යුද්දෙ පැවතුණ අතර සාම ගිවිසුම කාලේ අපි ගියා යාපනයට. කොටි මාර්ගබාධකවලත් නවත්තලා සෝදිසි කරලයි අපව යවන්නේ. ඒ එක් තැනකදි කොටි කතක් මගෙන් ඇහුවා ඔයා සුවිනීතාද කියලා සිංහල භාෂාවෙන්. මම පුදුම වුණා. කොහොමද දන්නේ කියලා ඇහුවම කියනවා ජෝ, මනොරත්න එක්ක ඔයා රඟපෑවා නේද සකිසඳ එලියස් කියලා ටෙලියක? කියලා. මනෝරත්න චරිතයේ ජීවත්වන අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව රඟපාන කෙනෙක්. උත්පත්තියෙන් ලද නිර්මාණශීලිබව පිරි කලාකරුවෙක්. ඒ සම්පත අහිමි වුණා රටට. ඇය පසුකරන අපට ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මුණගැසිනි. ආචාර්ය ජයලත් මනෝරත්න අපේ නාට්‍ය ක්ෂේත්‍ර යේ සිටි එක යුගයක් නියෝජනය කරන ශිල්පියෙක්. මට ඔහු හමුවුණේ 1960 ගණන්වල මුල් භාගයේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායති සොකො නාට්‍යයේ මනෝ රඟපෑවා. මම වාදක මණ්ඩලයේ බටනළා වැයුවා. දිගු කාලයක් පේරාදෙණියේ, නාට්‍යවල, කොළඹදි අපේ ගෙදර මුණගැහුණා. 1974 මම රාජ්‍ය නාට්‍ය උලෙළට රතු හැට්ටකාරී ඉදිරිපත් කළා. එහි ප්‍රධාන භූමිකාව කළ මනෝගේ අතිශය සංවේදී රඟපෑම නිසා හොඳම නළුවා සම්මානය හිමිවෙනවා. අපි අවුරුදු හතක් එකදිගට රතුහැට්ටකාරී පෙන්නුවා. ඒ තමයි අපේ ජීවිතවල හොඳම සතුටුම කාලේ. 81දි තාරාවෝ ඉගිලෙති පටන්ගත්තාම ඒක තමයි ජනප්‍රිය නාට්‍යය වන්නේ. පස්සේ මනෝරත්න ස්වාධීනව නාට්‍ය කළා අපි ඒවා බලන්න ගියා. සමීපතමබව තරමක් හීනවෙලා ගියා. අන්තිමට අපි දෙන්නා එකට රඟපෑවේ හෝගානා පොකුණේ. මම අධ්‍යක්ෂවරයකු හැටියට දකින්නේ මනෝ පිටපත සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නවා. එහි මතුපිටින් පෙනන දේට වඩා ඇතුළාන්තය ඔහුට අහුවෙනවා. ඒ නිසා ඔහු චරිතයට වෙනම ආලෝකයක් දෙනවා ආංගික අභිනයෙන් බොහොම නම්‍යශීලී ලෙස. හැකියාවන් ගොඩක් එකට එකතුවුණු අපේ කාලේ හොඳ භූමිකාවක්. මට - වේදනාවක් ඇතිවෙන්නේ මේ වගේ රසවත් කෙනෙක් ඇයි ඉක්මනින්ම අප අතරින් වෙන්වන්නේ කියන එක ගැනයි. ඒත් ඒක සොබාදහමනේ. ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක සුදෝසුදු වතින් සැරසී සිය සහෝදර ශිල්පියාට අවසන් බුහුමන් දැක්වූ අයුරු අපි බලාසිටියෙමු. වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගීත්වයක් තිබෙන නළුවෙක්. කාටවත් හානිවෙන දෙයක් කියන්නේ නැහැ. වේදිකාවේ රංගනයක හිටියත් ඔහු බලන්නේ සහෝදර ශිල්පීන් සමඟ සහයෝගයෙන් ඉන්න. වෙස්සන්තර, මහාසාර, මනමේ, සිංහබාහු, වගේ නාට්‍යවලට මම සම්බන්ධ වූ කාලේ සිටම ඔහු හිටියා. ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි සැමරුම් බොහොමයක් ඔහු ඉතුරු කළා. සරච්චන්ද්‍ර මහත්තයා සාමාන්‍යයෙන් නාට්‍යය ප්‍රේකෂකාගාරේ ඉඳන් බලනවා. දවසක් වෙස්සන්තර කරද්දි මන්ද්‍රිදේවි දාලා යනවෙලාවෙ මෙයා හොරෙන් විහිළුවක් කරනවා. මට හිනාව නවත්තගන්න අමාරුයි. ඒත් හිත තද කරගෙන හිටියා. සරච්චන්ද්‍ර මහත්තයා නාට්‍යය ඉවරවෙලා මැණිකේ මැණිකේ කෝ අපේ මැණිකේ ගාගෙන ආවා. මනෝ ඇයි සර් ඇයි සර් කියලා අහනවා. සරච්චන්ද්‍ර මහත්තයා මගේ රංගනය ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා කියනවා ඒත් මැණිකේ තමන්ගේ ස්වාමියා වංකගිරියට පිටත්වෙන වෙලාවට බිරිඳගේ මුහුණේ සිනාමුසුබවක් තියෙන්න බැහැ. මනෝ එතකොට කියනවා මොකක්ද සර් මොකක්ද? හා හා මැණිකේ පිස්සු නම් කරන්න එපා. එතන හිනාවෙන තැනක් නෙවෙයිනේ කියලා. ඒ වගෙ රසවත් දේවල් අමතක වෙන්නේ නැහැ. පිරිසක් අතර මනෝ ඉද්දි පාළු නැහැ. ඔහුගෙන් කලාවට වූ විවිධාකාර සේවය අපට අමතක කරන්න බැහැ. ඒ වගේ කලාකරුවකු බිහිවෙයි කියලා හිතන්නත් බැහැ. සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ දැනීම ඒ ඇසුරින් කළ නිර්මාණ තවත් ශිල්පීන් රැසකට වේදිකාව විවර කළා. මම ඔහුට නිවන් පතන්නේ නැහැ. යළි අප අතරට එන්නයි කියන්නේ. රංගන ශිල්පිනී මාලි ජයවීරගේ සිටියේ බොහෝ සංවේදනාවට පත්වය. මට මනෝ අය්යා හමුවන්නේ දූදරුවෝ ටෙලි නාට්‍ය යෙන්. ඊට අවුරුදු ගාණකට පස්සේ ලෝකය තනියායක් වේදිකා නාට්‍යයට මාව ඔහු තෝරගන්නවා. එදා ඔහු අපට රංගනය උගන්වන්න ගත්ත ක්‍රමවේදය අපි මීට කලින් දැනගෙගන හිටියේ නැහැ. මනෝ අය්යාගේ දක්ෂතාව තමයි එයා කියන දේ අපට නොතේරී ගියාම ඒකට කේන්ති නොගැනීම. බූරුවා මහත්තයා නාට්‍යයේ චරිතය මට කරගන්නම බැරි වුණ දවසේ තමයි මට ඒ බව හොඳටම දැනුණේ. දක්ෂ අධ්‍යක්ෂවරයකු නළු නිළියන්ගෙන් කොහොමහරි තමන්ට අවශ්‍ය දේ ගන්නවා. තමන්ට වඩා බාල මහලු කවුරු වුණත් කියන දෙයක් ගැන ආයේ හිතනවා. සුදුසු නම් ඒක ගන්නවා. හොඳම ඇහුම්කන්දීමේ හැකියාවක් තිබෙනවා. ඕන කෙනකු මැරුණාම ඒ හිස්තැන පුරවන්න බැහැ කියනවා වගේ නෙවෙයි මනෝ අය්යාගෙන් හිස්වන බොහෝ හිඩැස් අපට පුරවන්න ඇත්තටම බැහැ. අනෙක ඔහුගේ නිර්මාණවල මුල, මැද, අග පැහැදිලිව දැක්වූවා වගේ ජීවිතයත් එකපාරට ඉවර නොකර අපට තේරුම් කරලා දුන්නා ජීවිතය කියන්නේ මේකයි කියලා. නාට්‍යයකට වගේම මේ වියෝවටත් අපිව හුරු කළා. වට පිටාවේ සෙනඟ පුදුම විදිහට මනෝ අය්යාට ආදරේ කළා. සමහර දාට නාට්‍ය පුහුණුවකට එද්දි අපට කියනවා අද අපේ ගමේ පොඩි වැඩක් තිබුණා මාත් පාර ටිකක් සුද්ද කරලා ආවේ කියලා. ඒ සහයෝගය ජයන්ති අක්කා (බිරිඳට) ලැබුණා. ඒ වගේ පිරිස ලබන්න බොහොම පිං කරන්න ඕනෙ. ඒ වගේම ඒ පිරිසටත් මනෝ අය්යා ආපහු ඕනෙ. ඒ අසලම සිටියේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්නයි. අවුරුදු තිස්දෙකක් විතර මම හිටපු මේ ක්ෂේත්‍රයේ මම දැක්ක ශ්‍රේෂ්ඨතම නළුවෙක් මනෝ අය්යා. එතුමාගේ තිබෙන හැකියාව උපතින් ගෙනා වාසනා ගුණය වගේම, විවිධ ශෛලීන්වල නිරතවෙලා, විවධ පුද්ගලයන් ඇසුරු කරලා, පොතපත කියවලා ලබා ගත් එකමත් විස්මයක් වගේ. මට නිතර හිතෙනවා මටත් මනෝ අය්යා වගේ රඟපාන්න ඇත්නම් කියලා. ගුරුතරුව නාට්‍යයට මම සම්බන්ධ වෙලා හිටියා. ද්විත්ව නාට්‍යයේ මම ඔහු සමඟ රඟපෑවා. චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා. මම ඒ හැමවිටම දුටු දේ තමයි මනෝ අය්යාගේ පරිකල්පන ශක්තිය හරිම ඉහළ බව. එතුමාගේ මුළු ජීවිතයම රංගනයට කැප කළා, භාවිත කළා, අධ්‍යයනය කළා.ඔහු මුලින්ම එන්නේ සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත සම්ප්‍රදායෙන්, පසුව දයානන්ද ගුණවර්ධන සමඟ එක්වුණා. පසුව බටහිර පරිවර්තන නාට්‍ය ආදියත් කළා. සාමාන්‍යයෙන් ශෛලිගත සම්ප්‍රදාය කළ අයගේ ඒ ගතිය අනෙක් රංගනයන්දී පේන්න ගන්නවා. ඒත් මනෝ අය්යාගෙ එහෙම වුණේ නැහැ. එයට හේතුව ඔහු මැටි පිඩක් වගේ වීම. නම්‍යශීලී බව. ඔහු කළ හැම නාට්‍යයකම සාහිත්‍යමය ගුණය ඉහළින් තිබුණා. අද මට හිතෙන දේ තමයි මේ ආකාරයෙන් සංගීතය, නර්තනය ආදී සියල්ල යොදාගෙන නාට්‍යකරණයේ නියැළෙන්න පුළුවන් අය තවත් ඉන්නවාද කියන එක. මේ අඩුව දැනෙන්නේ මතු පරපුරටයි. අනෙක් පස සිටියේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියයි. මට අවුරුදු 17ක් විතර ුවෙද්දි හේමසිරි ලියනගේ අය්යාගේ චිත්‍රාවගේ ප්‍රේමකතාව කියලා නාට්‍යයක සුළු චරිතයක් කළා. ඉසිපතන ශාලාවේ තමයි පුහුණුවීම් තිබුණේ. එතැනදි තමයි මුලින්ම මනෝ අය්යාව හමුවන්නේ. හැබැයි පොඩි චරිතය වුණාට මට රඟපාන්න ලැබුණේ මනෝ අය්යා වගේ දැවැන්තයන් සමඟ. මනෝ අය්යා කළේ ගුවන්විදුලිය කියන චරිතය, චන්ද්‍රා කළුආරච්චි තමයි මහරැජිනට හිටියේ. ඒ වෙද්දි මම මනෝ අය්යාගේ මහගිරිදඹ බලලා තිබුණා. ඔහු මොන නාට්‍යය හැදුවත් මගේ හිත රිදවන්නේ මහගිරිදඹ තමයි. ඔහොම කාලේ ගෙවිලා මම රූපවාහිනියට ගියාම තිස්ස අබේසේකර මහත්මයා කීවා මඩොල්දූව ටෙලි නාට්‍යයක් කරමු කියලා. මම මුලින් කැමති වුණේ නැහැ ලෙස්ටර් සර් කරපු එකක් නිසා. පස්සේ මාර්ටින් වික්‍රමසිංහ පදනමට අවශ්‍ය නිසා කළා. නළුවරණය ගැන අහපු තිස්ස අය්යා ඇහුවා ඉලන්දාරියා ධර්මසිංහ ඉස්කෝලෙ මහත්තයාට කවුද ගන්නේ? ලේසි නැහැ ලෙස්ටර් සර්ගේ චිත්‍රපටයේ ඕක කරන්නේ ජෝ අබේවික්‍රම කියලා. මම කල්පනාකරලා කීවා මම හිතන් ඉන්නේ මනෝ අය්යාව ගන්න කියලා. මොහොතක් මා දිහා බලන් ඉඳලා අන්තිමට කීවා ජයලත් මනෝරත්න ඇරෙන්න ඕක කරන්න කෙනෙක් නෑ මල්ලි කියලා. ඉතින් මනෝරත්න කියන්නේ කොහොම කෙනෙක්ද කියන්න තව මුකුත් කියන්න ඕනෙද? මනෝ අය්යට තිබුණේ දර්ශන හත අටක් වුණත් එයා කොටස් දහසයම කියවලා තිබුණා. මනෝ අය්යාගේ රංගනය ගැන කියන්න තිබෙන්නේ මෙහෙමයි. මම කියෙව්වා ලොකප්‍රකට සිනමාකරුවෙක් පොතක සඳහන් කරනවා 'මම ලෝකේ ශ්‍රේෂ්ඨතම නළු නිළියන් සමඟ වැඩ කරනවා. එතැනදි මම උත්සාහ කරන්නේ රොබට් ඩි නීරෝ හෝ මාලන් බ්‍රැන්ඩෝ සමඟ වන්න පුළුවන්. ඒ ශිල්පියා රේල්පීල්ලක යද්දි සමබරතාව රැකගන්න මම කරන්නේ පොඩි තල්ලුවක් දෙන එක විතරයි. මොකද මේ නළුවන් ලෝකයම අතට ගන්න පුළුවන් නළුවන්.' මට ජයලත් මනෝරත්න රංගශිල්පියා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඔහු ලෝකයම අතට ගත් කලාකරුවෙක්. නිල්මිණි සිගේරාත් දමිතා අබේරත්නත් පැමිණියේ මේ අතරය. නිල්මිණි මනෝරත්නයන් සමඟ රංගනයක නිරත නොවුණත් ඇයට ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් පිනක් ලෙස සලකන්නීය. ඇය ඔහු හැඳීන්වූයේ ඇවිදින පුස්තකාලයක් ලෙසිනි. දමිතාට ඇත්තේ පිය සෙනෙහසක් බඳු හැඟීමකි. ඇය එය කීවේ මෙලෙසිනි. නිල්මිණි අක්කා කීවා වගේම මනෝ අය්යා මහා පුස්තකාලයක්. විනාඩි පහක් කතා කළොත් අපි නැඟිටින්නේ මහා දැනුම් සම්භාරයක් එකතු කරගෙන. සඳළුතලය කරද්දි මම නවය පන්තියේ. එතකොට මම කීවේ මනෝ අංකල් කියලා. දවසක් ඉස්කෝලේ කට් කරලා ෂූටින් ගියා කියලා මනෝ මාමාට කේන්ති ගියා. පස්සේ අධ්‍යක්ෂට කතා කරලා කීවා පොඩි එවුන්ගේ ඉස්කෝල ගමනට නම් බාධා කරන්න එපා කියලා. ඒ තරම් අපි ගැන ඔහු හිතුවා. පසු කාලෙක අපි මනෝ අය්යා කියන්න ගත්තා. මට තිබෙන එකම දුක ඔහුට අසනීප වෙලා නිහඬව ඉන්න වීම. ඔහුගේ මරණයත් අපට ලොකු පාඩමක්. ඔහු අසනීපය ගැනත් යූටියුබයේ පවා ඇත්ත කියමින් සමාජය දැනුම්වත් කළා. රංගන ශිල්පියකු ලෙස ඔහු අපට දුන් සහයෝගය ගැන වචනයෙන් කියන්න බැහැ. ගොඩක් පොඩි අය විදිහට අපි ක්ෂේත්‍රයට ආවාම, ආධුනිකයන්, නවකයන් කියලා අපට දැනෙන්න තිබ්බෙ නැහැ. අපට ඔහුගේම දරුවන් හැටියට සැලකුවේ. හොඳ දේ කරන අයට සැලකුවා. ඒ නිසාම අපිත් එක්ක ඉද්දි අපට දැනුණෙ නැහැ මේ ඉන්නේ මහා නළුවෙක් ප්‍රවීණයෙක් කියලා. අපට නැති වුණේ රංගනය ගැන ගුරුහරුකම් දෙන්න පුළුවන් ගුරුවරයෙක්. කලාව කියන විෂයය තුළ ඔහු නොසිටි තැනක් නැහැ. ඒ නිසා මේ සිදුවුණු අඩුව මකන්න බැරිවෙයි කවදාවත්. ඔවුන් සමඟ කතා කළ අපට ඇසුණූු අනෙක් සුවිශේෂී කරුණ මෙවන් කලාකරුවකු සිය අවසන් කටයුතු ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ සිදු කරන්නැයි පවසා තිබීමය. ඒ ඔහුගේ නිහතමානීකමේ අවසන් සංකේතයයි.
2020/09/28 22:13:56
http://www.sarasaviya.lk/features/2020/01/16/14747/%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
mC4
ජනප්රිය නිර්නාමික වීඩියෝ චැට් සේවා . - වීඩියෝ චැට් කැෆේ සමඟ අමුත්තන් ආලය ජනප්රිය නිර්නාමික වීඩියෝ චැට් සේවා . නිර්මාපකයා අන්ෙදේ වඩාත්ම ජනප්රිය වීඩියෝ චැට් බව පාහේ හැමෝම කැමති අය නිර්නාමික වෙබ් කැමරා දන්නවා ඉඩ ඔබ සමග කතා කිරීමට ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම තැනක සිට. ප්රධාන දෙයක් වන්නේ ඔබේ කාලය ගත කිරීමට හා සෑම විටම සක්රිය වෙබ් කැමරාව. සරල මෙම වීඩියෝ චැට් ඉටු කර ඇත, ඉතා සැලකිය යුතු කාර්යභාරයක් එහි සංවර්ධන: පරිශීලක පමණක් කිරීමට අවශ්ය ක්ලික් එක් බොත්තම, ඉන් පසු වනු ඇත වහාම තෝරාගත් සැබෑ කාලය. කාල සීමාව. ද, ප්රධාන වාසිය වන අතර, නම සදහන් කිරීමට අකමැති. පළමු සංස්කරණ කතාබස්, ඔබ අවශ්ය නැති ඔබගේ පෞද්ගලික දත්ත ඇතුළු කිරීමට විද්යුත් තැපැල්, දුරකථන අංකය සහ වෙනත් තොරතුරු. මෙම ලිපිය දී, අපි ගන්නම් ඉක්මන් දෙස ආකාරය මෙම වීඩියෝ චැට් ක්රියා, දැන ගන්න, එහි සංවර්ධක, හා සමග සංසන්දනය වෙනත් අන්තර්ජාල වෙබ් කැමරාව සන්නිවේදන සේවා. මෙම නිර්නාමික වීඩියෝ චැට් විසින් නිර්මාණය කරන ලදී රුසියානු පාසල් හා කෙටි කාලයක් තුළ ජනප්රිය වූ, ලොව පුරා. පසු දුසිම් ගනනක් හා පසුව සිය දහස් ගණනක් ජනතාව ආරම්භ සංචාරය මෙම චැට්, සංවර්ධක මෙම සේවාව ලැබී ඉල්ලුමට විකිණීමට ඔහුගේ පොරොන්දුව. නමුත් අලෙවි කිරීමට තීරණය ඔහුගේ ආරම්භක, නමුත් දිගටම කිරීමට එය සංවර්ධනය වෙමින් පවතින ස්වාධීනව. තුළ චැට් පැවැත්ම, අන්ෙදේ ජීවිතය නාටකාකාර ලෙස වෙනස්: ඔහු ගෙන සිට, එක්සත් ජනපදය, රුසියාව. දැන් චැට් ගොඩක් වෙනස් වී ඇත හා සසඳන පළමු අනුවාදය. නව අංග එකතු කර ඇත: ධනාත්මක සහ ඍණාත්මක දෙකම. හෝ අනෙක් අතට අවාසනාවකට මෙන්, මෙම සේවා ලබා ගත හැකි තව දුරටත්. එය නැති විය හැක එහි හිටපු ජනප්රියත්වය, නමුත් අපි හිතමු මේ බව පමණක් තාවකාලික සංසිද්ධියක්. මුල් පැරණි අනුවාදයන් ඉතා සරල, ඉහත සඳහන් කරන ලද පරිදි, සහ දීප්තිමත් හා විවිධ නිර්මාණ. අතර, අංග දෙකක් නිදහසේ වින්ඩෝස්, පෙළ ක්ෂේත්රය සඳහා චැට්, සහ කිහිපයක් බොත්තම් ඇත. මෙම මොහොතේ දී, මෙම වෙබ් අඩවියේ ක්රියාකාරීත්වය අත්පත් කර ඇති නව අංග අතර, ද පවතී සංසදය එහිදී ජනතාව ප්රකාශ කල හැකි, ඔවුන්ගේ යෝජනා හෝ ඔවුන්ගේ මතය ප්රකාශ කරන්න. මෙම වෙබ් අඩවිය නිර්මාණය දී, නව අනුවාදය මෙම වීඩියෝ චැට් කළ කළු සහ සුදු ශෛලිය හා බොහෝ සැකසුම්. පෙනුම සමාන ඉතා පළමු අනුවාදය, නමුත් සමග අමතර බොත්තම්, නමුත් මේ සියලු ලක්ෂණ. බලමු දිහා ලක්ෂණ බවට පත් මෙම වෙබ් අඩවිය වඩා ආකර්ෂණීය එහි විකල්ප. ඔබේ සකස් ශ්රව්ය උපකරණ සහ වීඩියෝ සැකසුම්. මේ ටැබ්, ඔබ මත හෝ අක්රිය කළ හැක, මෙම වෙබ් කැමරාව, මයික්රෆෝනය, තෝරා අපේක්ෂිත මයික්රෆෝනය තබා, එහි ශබ්ද මට්ටම, ලැයිස්තුව යාවත්කාලීන මෙම උපකරණ, සහ ද සකස් පරිමාව. මයික්රෆෝනය පුද්ගලයා ඔබට කතා කරන්නේ. මීට අමතරව, මේ සියල්ල ඔබ පවා තෝරා ලැබෙන සඳහා ශ්රව්ය උපකරණ සහ වෙනස් කර එහි ගුණාත්මක බව. තොරතුරු ගැන ඔබේ රුචි අරුචිකම්. රුචිකත්වයන් ටැබ් ඉඩ කිරීමට සැලසුම් කර ඇත ඔබ නියම කිරීමට ඔබේ රුචි අරුචිකම් සඳහා සංගීතය, වීඩියෝ දර්ශන, සහ ක්රීඩා. සකස් කිරීම මෙම සංවාදය සහකරු සොයන්න. මත"ඊළඟ" ටැබය, එහි ඉතා ප්රයෝජනවත් සැකසුම් බව ඔබට උපකාරී වනු ඇත වඩාත් නිවැරදිව සොයා හරියටම පුද්ගලයා ඔබ හමුවීමට අවශ්ය. මෙන්න ඔයාට නියම කළ හැකි බව ඔබට සෙවීමට අවශ්ය සඳහා පමණක් කෙනෙකු සන්නිවේදනය කරනු ඇත බලා තොරව මෙම"ඊළඟ" බොත්තම ලබා ගත හැකි වනු ඇත පසු වහාම සම්බන්ධ. ඔබ ද තබා බලා"කාලය" - මේ කාලය සිට තත්පර ඇති කාලය තුළ ඔබට නොහැකි වනු ඇත මාරු කිරීමට නව. බෙහෙවින් ප්රයෝජනවත් දෙයක් සමහර අවස්ථාවල දී. එහි ද අඩු වැදගත් සැකසුම්: මානන්න සෙවුම් පරාමිතීන්. සෙවුම් ටැබ්, ඔබ පිහිටුවා හැකි පෙරහන් තෝරා ගැනීම සඳහා ආගන්තුකයන්. මෙම වෙබ් අඩවිය පිළිබඳ එහි ද ගෙවන ලද අංග ඒකාග්ර කරන වාරික ගිණුම. ගෙවන ලද අංග ඉඩ ඔබ තෝරා ගැනීමට ස්ත්රි පුරුෂ කෙල්ල, කොල්ලා, හෝ දෙකම සමග දෝෂයක් ආන්තිකය. දැනට, එම පිරිවැය dollars සඳහා සම්බන්ධතා, හෝ dollars සඳහා සම්බන්ධතා. කිරීම සඳහා භාවිතා වාරික ප්රවේශ, ඔබ කළ යුතු තුළ ලියාපදිංචි. මෙය සිදු කිරීම සඳහා, ඔබ භාවිතා කළ හැකි"ගිණුම්" ටැබ්, එහිදී ඔබට අවශ්ය ඔබේ ඊමේල් ලිපිනය ඇතුල් කරන්න, පරිශීලක නාමය හා මුර පදය. මීට අමතරව, ඔබ ද ඡායාරූප උඩුගත. ලියාපදිංචි කිරීමෙන් පසුව, ඔබ අවශ්ය වනු ඇත තහවුරු කිරීමට ඔබේ පැතිකඩ හරහා නොමිලේ තොරව දායකත්ව. මේක හරියටම මේ වීඩියෝ චැට් සමග අහඹු ඉදිරිපත් කරයි, එක්සත් ජනපදය. අපි බලාපොරොත්තු වෙනවා, ඇති බව අපි ඔබට උදව් තේරුම් සැකසුම් හා ඔබ ලබා සමග නව තොරතුරු. අපි සෑම විටම සාදරයෙන් පිළිගනිමු ඔබගේ ප්රශ්න සහ අදහස් හා ඔබ කැමති සපුරාලීම සඳහා පමණක් ධනාත්මක ජනතාව. සමඟ අමුත්තන් ආලය හා අරාබි නිදහස් චැට් සමග වෙබ් කැමරාව වීඩියෝ ආලය සමග ගැහැනු ළමයින් සමඟ අමුත්තන් නිදහස් වීඩියෝ චැට් ආලය ලියාපදිංචි තොරව නිදහස් මාර්ගගත වීඩියෝ හඳුන්වා ලබා ගැනීමට දැනුවත් කිරීම සඳහා බරපතල සබඳතා අඩවි ඔන්ලයින් සංවාද සමග දැරිය වීඩියෝ සමඟ අමුත්තන් ආලය ශෘංගාරාත්මක වීඩියෝ චැට් වීඩියෝ ආලය සමඟ අමුත්තන් කිසිදු ලියාපදිංචි නිදහස් ලිංගික ආලය
2021/05/19 03:46:46
https://si.videochat.cafe/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4-%E0%B6%BB-%E0%B6%BA-%E0%B6%B1-%E0%B6%BB-%E0%B6%B1-%E0%B6%B8-%E0%B6%9A-%E0%B7%80-%E0%B6%A9-%E0%B6%BA-%E0%B6%A0-%E0%B6%A7-%E0%B7%83-%E0%B7%80
mC4
මොකද්ද මේ VoLTE කියන්නේ? කොහොමද මේක On කරගන්නේ? - Muttiya මොකද්ද මේ VoLTE කියන්නේ? කොහොමද මේක On කරගන්නේ? දැන් දැන් ලංකාවේ ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ 4G/LTE ස්මාර්ට් ෆෝන් එකක්. ඉතා සීග්‍රයෙන් ඉහල ගිය අන්තර්ජාල දත්ත(Data) ඉල්ලුම සපුරාලන්න තමයි 4G/LTE තාක්ෂණය ගෙනාවේ. 4G/LTE ජාලයක ප්‍රධාන අරමුණක් වුනේ අන්තර්ජාල දත්ත සහ අනෙකුත් ජංගම දුරකථන සේවාවන්(Calls / SMS) වෙන්ව තබාගනිමින් ඒ සියලුම සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කටයුතු කිරීම. මේ ලිපියේ ඉදිරියට යනකොට තේරෙයි ප්‍රධාන අරමුණ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන බවක්. ඒ කෙසේ වෙතත් මට කියන්න අවශ්‍ය වුනේ 4G/LTE සේවාව මූලිකව DATA සඳහා පමණක් වෙන්වූ සේවාවක් නිසා එහි දුරකථන සේවාවන් (Calls / SMS) by default අන්තර්ගත වූයේ නැහැ. එනිසා 4G ජාලයක සිටින්නෙකුට එම ජාලයේ රැඳී සිටිමින් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට හෝ කෙටි පණිවිඩයක් යැවීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ සඳහා 2G/3G ජාලයකට මාරුවීමට අවශ්‍යයි. මෙහි දී ඇති ප්‍රධානතම අවාසිය නම් ඇමතුමක් ලබා ගැනීමේදී 4G ජාලය භාවිතා කර අධිවේගී අන්තර්ජාලය භාවිතා කිරීමට නොහැකි වීමයි. ඒත් එක්කම ලෝකයේ නවීනතම දුරකථන ජාලයන් තම සේවාවන් ආරම්භයේ සිටම 4G Only ජාලයන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ යැවීමට පොදු සම්මුතියක් ලෙස මේ VoLTE තාක්ෂණය භාවිතයට පැමිණීම සිදුවුණා. VoLTE තාක්ෂණය භාවිතා කරමින් අධිවේගී 4G ජාලය රැඳී සිටිමින් අනෙකුත් සියලුම කටයුතු කිරීමේ පහසුකම සැලසෙනවා. තවත් ඇති වාසියක් තමයි ඉතා ඉහල සුපැහැදිලිතාවයකින් යුතු (HD) දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුකම හිමිවෙනවා. වැඩිපුර දුරකතන ඇමතුම් ලබාගන්න විටදී 4G සහ 3G/2G අතර මාරු වන විට සිදුවන දුරකතනයේ බැටරිය ඉක්මනින් බහින එක වලක්වා ගන්න පුළුවන් වීමද විශේෂත්වයක්. දැන් අපි මෙහි තාක්ෂණික පසුබිම සලකා බලමු. මේ සම්බන්ධයෙන් විවිධ දුර්මත සහිත ලිපි පළ වී තිබෙනු දුටුවා. තවත් වැරදි කාරණා දත්ත සහිත ලිපි කිහිපයකුත් දකින්නට ලැබුණා. ඒවා තමයි, 1.) VoLTE තාක්ෂණය යටතේ දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී ඇමතුම ලබාගන්න පුද්ගලයා(Call initiator) සහ ප්‍රතිග්‍රහනය(answering party) කරන නැත්තන් දෙදෙනාම එකම දුරකථන ජාලයක(eg: Mobitel) සිටිය යුතු බව. 2.) දෙදෙනාම 4G කවරේජ් එකක සිටිය යුතු බව. 3.) ඇමතුම ලබා ගන්න අවස්ථාවේ දෙදෙනාම 4G data on කර සිටිය යුතු බව. ඉහත කරුණු තුනම සාවද්‍ය යි. ඒ කියන්නේ අමූලික බොරු. මෙහිදී විය හැකි එක දෙයක් නම් එක් පාර්ශවකයකට පමණක් VoLTE තිබෙන්නේ නම් එහි HD quality එක නැතිවීයාම පමණකි(bottleneck effect). ඒ විනා VoLTE ඇමතුම ලබා ගැනීමට වෙනත් කිසිදු බාධාවක් නැත. VoLTE පහසුකම යටතේ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍යය කරුණු දැන් අපි බලමු. 1.) VoLTE පහසුකම සහිත දුරකථනයක්. (සෑම 4G දුරකතනයකම මෙම පහසුකම ලබාදී නොමැත. නිෂ්පාදකයාට software update එකක් මගින් මෙම පහසුකම ලබා දිය හැක.) 2.) VoLTE පහසුකම සක්‍රීය කරන ලද සිම් කාඩ් පත. (තමාගේ service provider හා සම්බන්ධවී පහසුකම සක්‍රීය කරගත හැක) 3.) ඉහත අංක 1 හා 2 කරුණු දෙකම තිබුනත් VoLTE පහසුකම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවේ නම් ඒ ඒ දුරකථන වලට අදාලව පහසුකම සක්‍රීය කරගත හැකි service code හෝ service patch එකක් අවශ්‍යවේ. eg: Xiaomi : ##86583## Oneplus සඳහා patch එකක් Malinda prasad සහෝදරයා විසින් පළ කර ඇත. ඔබ දන්නා අනෙකුත් දුරකථන මාදිලින් සඳහා service codes or patches තිබේනම් පහතින් comment කරන්න. අදාල පහසුකම දැන් සක්‍රියවී ඇත්නම් බොහෝවිට VoLTE logo එක සිග්නල් bar ආසන්නයේ දිස්වනු ඇත. එය දිස් නොවන්නේ නම් Qualcomm SoC සහිත දුරකථන සදහා ##4636## කේතය ඇතුලත්කර IMS සර්විස් එක Registered සහ Voice over LTE : Available ද කියා පරීක්ෂා කර බලන්න. කසුන් මාලිත කපුරුබණ්ඩාර https://www.facebook.com/groups/mifanssrilanka/posts/2478319575529880/ VoLTE වැඩ නැති Xiaomi ෆෝන් වල VoLTE on කරගන්න විදිය VoLTE වැඩ නැති Xiaomi phone එකක මේ ක්‍රමයට අනුව VOLTE enable කරගන්න පුළුවන් . 1 ) Dialog නම් ACT 4GV කියලා Type කරලා 678 යවන්න . එතකොට බලාගන්න පුළුවන් SIM එක VOLTE enable ද කියලා . 2 ) Mobitel නම් call center කථා කරලා හරි , chat එකෙන් හරි VOLTE enable කරගන්න පුළුවන් , 3 ) ඊට පස්සේ phone එක restart කලාම VOLTE කියලා Signal පෙන්නන තැන තියෙන්න ඕන . 4 ) එහෙම නැත්නම් * # * # 86583 # * # * Dial කරලා " VoLTE carrier check disable " කරගන්න . එතකොට තමයි Phone එකේ VoLTE වැඩ කරන්නේ . අපි call කරන අනිත් කෙනාගෙත් VOLTE වැඩ නම් අපිට enhanced call quality එකක් අත්වවිදින්න පුළුවන්. -Deshan Hasalanka Elson https://www.facebook.com/groups/mifanssrilanka/posts/3948671691827987/ ctupramod මගේ huawei ඒකෙත් වැටිලා තියෙනවා ඉබේම. මම ඔන් කරලත් නෑ. ctupramod Hutch eke nadda? Airtel walata kohomada activate karanne bro??? Dialog ekata hari. PraveenKF Airtel වලත් දැනට දීගෙන යනවා VoLTE. මම හිතන්නේ දැනට දෙන්නේ සීමිත ෆෝන් මොඩ්ල් සංඛ්‍යාවකට විතරයි. ඔයා airtel පාරිභෝගික සේවයට කථා කරලා කියන්න ඔයාට වොල්ටී ඇක්ටිව් කරගන්න ඕන කියලා. එතකොට එයාලා චෙක් කරලා ඇක්ටිව් කරයි
2021/11/29 05:58:45
https://www.muttiya.com/d/495-volte-on
mC4
සහරාන් පෝෂණය කළ අය අත්අඩංගුවට ගත යුතුයි – LankaAnews සහරාන්ට එවකට මුදල් ලබාදෙමින් ඔහුව පෝෂණය කරමින් ශක්තිය ලබාදුන් අය වහාම අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. පාස්කු දිනයේ ප්‍රහාරයට ගොදුරු වුණ හා තුවාල ලැබූ සෑම පිරිසකටම ආණ්ඩුව අවශ්‍ය සහන ලබාදුන්නා. තවමත් ලබාදෙනවා. රජය ඉටුවිය යුතු සෑම වගකීමක්ම ඔවුන් වෙනුවෙන් ඉටුකරනවා. බඩගෝස්තර දේශපාලනය සිදුකරන්නත්, ආගමික අංශවල සමහර පිරිස, ඇතැම් නීතිඥවරු සහ කලාකරුවෝ ඇතැම් සිවිල් සංවිධාන අ‍මෙරිකා බියක් රට තුළ ඇති කිරීමේ අසත්‍ය පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුව රට විකුණන කණ්ඩායමක් ලෙසට අසත්‍ය ප්‍රචාර පතුරවමින් මේ අයගේ බලාපොරොත්තුව බලය ගැනීමයි. බලයට කෑදරකමින් මේ අය විවිධ තුරුම්පු ගෙනාවත් ඒ සියල්ලම වැරදුණා. පසුගිය ඔක්තෝබරයේ රට අස්ථාවර කළා. ඉන්පසුව බෝම්බ ප්‍රහාරය තුළින් සහ ජාතිවාදය තුළින් තම පටු දේශපාලන තුරුම්පු ක්‍රියාවට නංවන්න දැරූ සියල්ල වැරදුණා. දැන් අමෙරිකා බියක් ඇති කරනවා. මේ සියල්ල හමුවේ රජය සහ පෞද්ගලික අංශය පහතට වට්ටන්න බැරිවුණා. රජය දැඩි ස්ථාවරයකින් ක්‍රියා කළා. සෑම අභියෝගයකටම ආණ්ඩුව මුහුණ දුන්නා ග්‍රාමීය සංවර්ධනය සඳහා ලබාදෙන දායකත්වය අඩු කළේ නෑ. බෝම්බයෙන් රට තුළ ඇතිවුණ ගැටලුවලට ආණ්ඩුව සාර්ථකව මුහුණදී සමථයකට පත්කළා. ත්‍රිවිද හමුදාව සහ පොලිසිය කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් රට ආරක්ෂා වුණා. රටේ ස්ථාවර බවට ලෝන්ලි ප්ලැනට් සඟරාව සාක්කි දරනවා. සංචාරයට සුදුසුම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැන ලබාදී තිබෙනවා. පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අසත්‍ය පතුරවන්නන් ගැන කනගාටු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ජුනි 21 වනවිට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3‍.4 කින් අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. වසර 2018 අවසානයේදී ඍජු විදේශ ආයෝජනවල වර්ධනයක් තිබෙනවා. මෑත කාලයේදීත් යම් වර්ධනයක් සිදුව තිබෙනවා. රටක් ලෙස ආණ්ඩුවක් ලෙස අප ක්‍රියා කරනවා. ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන්, ළඟම පාසල හොඳම පාසල, පාසල් දරුවන්ට ටැබ් ලබාදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකළ පෙරළිය, සමෘද්ධිය ලක්ෂ හයකට ලබාදීම, බෞද්ධ සිද්ධස්ථාන සඳහා කිසිම රජයකින් ලබා නොදුන් මුදල් වැය කළා. සෙසු ආගමික සිද්ධස්ථාන සඳහා වැඩිම මුදල් දුන්නේ මේ ආණ්ඩුවයි. සජිත් ඇමතිතුමාගේ නිවාස දෙදහස් පන්සීයේ වැඩසටහන අවසන්. ඊළඟ වැඩපිළිවෙළත් ඇරඹුවා. සියලුම ජන කොටස් ඒකරාශී කරමින් ජනතාවගේත් රටේත් සුබසිද්ධියට ආණ්ඩුව ක්‍රියා කරනවා. ඕනෑම අභියෝගයකට මුහුණදීමේ පන්නරය ආණ්ඩුව සතුයි. මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ බළල් අත ක්‍රියාත්මක කළේ ජනතාවට එපාවී තිබුණ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක්. ආණ්ඩුව කකුලින් ඇදීමට සංවර්ධනය අඩාල කරන්න ජනාධිපතිවරයාට වැරැදි ප්‍රතිරූප පෙන්වාදීමට පියවර ගත් පිරිසගේ අවුල් කිරීම් තුළින් අපි ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකරනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණ විපක්ෂයේ ඇතැමුන් පිටරට සිට සහ මේ රටේ වෙසෙමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වෙනවා. මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයගෙන් ඇසූ ප්‍රශ්න හා ලැබුණ පිළිතුරු මෙසේය. ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව මංගල සමරවීර ඇමතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඔබගේ මතය කුමක් ද? පිළිතුර – මගේ මතය මෙතනදි අවශ්‍ය නෑ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සිටිනවා. ඔවුන් ඉතා හොඳ වැඩපිළිවෙළක් සකසන බව විශ්වාසයි. මංගල ඇමතිවරයා පක්ෂය වෙනුවෙන් යම් වැඩ කොටසක නිරතව සිටිනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් කතානායකතුමාගේ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පමණක් නොව ගමේ කොටන් අදින අලින්ගේ ශක්තියෙන් අපේ ජනාධිපති අපේක්ෂකයා තීරණය වනවා.
2020/02/24 13:34:59
http://lankaanews.com/archives/21743
mC4
End of preview.
YAML Metadata Warning: empty or missing yaml metadata in repo card (https://huggingface.co/docs/hub/datasets-cards)

SInhala LArge Data Collection

Downloads last month
11