messages
listlengths
2
2
[ { "content": "බුදු දහමේ එන රසය ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "ජිහ්වා ප්‍ර‍සාදය නිසා එහි උපදනා විඥානයට දැනෙන්නා වූ රූපය රසය ය. ආහාර පානයන්හි ඇති උණුසුම් බව සිසිල් බව තද බව මොළොක් බව දැනෙන්නේ දිවෙහි ඇති කාය ප්‍ර‍සාදය ඇසුරු කොට උපදනා කාය විඥානයට ය. ජිහ්වා ප්‍ර‍සාදයෙහි උපදනා විඥානයට දැනෙන්නේ රසය පමණෙකි. දිවෙහි ජිහ්වා ප්‍ර‍සාද කාය ප්‍ර‍සාද දෙක ම ඇත්තේ ය. එස රූපය ද වර්ණ රූපය මෙන් මහාභූත සතර ලැබෙන සෑම තැන ම සෑම වස්තුවක ම ඇත්තේ ය. එහෙත් ආලෝක සුළං රන් රිදී මුතු මැණික් ආදි ඇතැම් වස්තුවල රසය මඳ බැවින් හෝ තෙත් නො වන බැවින් හෝ ජිහ්වා ප්‍ර‍සාදයෙහි නො ගැටේ. එබැවින් ඒවායේ රසයක් ඇති බව නො දැනේ. රසය ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටීමට තෙත් ගතිය තිබිය යුතුය. වතර නො අල්ලන තෙත් නො වන දෙයක් දිව මතුවට පැමිණිය හොත් එය කාය ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් කායවිඥානය ඇති වනු මිස, එහි රස ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටී ජිහ්වා විඥානය නූපදී. එබඳු තද වස්තූන් ලෝකයා විසින් නීරස වස්තු සැටියට සලකනු ලැබේ. එහෙත් ඒවායේ ද රසය ඇත්තේ ය.\n\nමිහිරිය, තිත්තය, ලුණුය, ඇඹුලය, කසටය, කටුකය යි ප්‍ර‍ධාන රස සයෙකි. සීනි සකුරු බත් කිරි ආදියේ රසය මිහිරි ය. ඉඟුරු මිරිස් සුදුලූණු ආදියේ රසය කටුකය ය. රසයන්ගේ නානත්ත්වය ද වර්ණාදීන්ගේ නානත්ත්වය මෙන් ඒ ඒ වස්තුවල භූතයන්ගේ අඩු වැඩි කම් ආදියෙන් සිදු වන්නකි.", "role": "assistant" } ]
[ { "content": "සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු කවුද?", "role": "user" }, { "content": "සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු ලියනාර්ඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියාය.", "role": "assistant" } ]
[ { "content": "දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "දත්ත සැකසුම් චක්‍රය\nදත්ත රැස් කිරිම\nදත්තවල වලංගුතාව පරික්ෂා කිරීම.\nදත්ත ආදානය\nදත්ත සැකසීම\nතොරතුරු ප්‍රතිදානය කිරීම.\nදත්ත ආචයනය කිරීම.\nදත්ත රැස් කිරිම\n\nඅත්යුරු ක්‍රමය\nනිරික්ෂණය\nසම්මුඛ සාකච්ඡා\nප්‍රශ්නාවලි\nඅර්ධ ස්වයංක්‍රීය හා ස්වයංක්‍රීය ක්‍රම\nප්‍රකාශ සලකුණු සංජාණනය(OMR)\nප්‍රකාශ අක්ෂර සංජාණනය (OCR)\nචුමිභක තීන්ත අනුලක්ෂණ කියවනය (MICR)\nතීර කේත කියවනය (Barcode Reader)\nසංවේදක හා ලඝුර (Sensor and Loggers)\nදත්තවල වලංගුතාව පරික්ෂා කිරීම.\n\nවර්ගය\nඇති බව\nපරාසය\nදත්ත ආදානය\n\nඍජු හා දුරස්ථ ආකාරය\nමාර්ගගත හා මාර්ගඅපගත ආකාරය\nදත්ත සැකසීම\n\nකාණ්ඩ සැකසුම (මාසික වැටුප් සැකසීම,බිල්පත් සැකසීම)\nතත්‍ය කාල සැකසුම (ගුවන් යානා ස්වයංක්‍රී නියමු පද්ධති)\nතොරතුරු ප්‍රතිදානය කිරීම.\n\nමෘදු පිටපත්\nපරිගණක සංදර්ශක\nබහුමාධ්‍ය ප්‍රක්ෂේපකය\nදෘඪ පිටපත්\nමුද්‍රණ යන්ත්‍රය\nදත්ත ආචයනය කිරීම.\n\nස්ථානීය ආචයනය (Hard Disk, CD, DVD, SD card)\nදුරස්ථ ආචයනය (Cloud)\n", "role": "assistant" } ]
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\nසුදු මහත්තයා හොටු පෙරාගෙන ", "role": "user" }, { "content": "ඉටි පන්දම", "role": "assistant" } ]
[ { "content": "අනවසරය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.\n", "role": "user" }, { "content": "අනවසරය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අවසරය වේ. ", "role": "assistant" } ]
[ { "content": "ඔන්චිල්ලා වාරම් කවියක් කියන්න ", "role": "user" }, { "content": "පී නා එන කල තිසරුන් ගො ල්ලා\nබා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා\nඕ නෑ රඟවට සැරසී ග ල්ලා\nනෑනා වරුනේ තෑගි දිය ල්ලා", "role": "assistant" } ]
[ { "content": "ලොව වැඩිම ඉස්ලාම් ජනගහනයක් සහිත රට", "role": "user" }, { "content": "ඉන්දුනීසියාව", "role": "assistant" } ]
[ { "content": "ICC ආදායම උපයන්නේ කෙසේද, සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගය කුමක්ද?", "role": "user" }, { "content": "ICC මූලික වශයෙන් ක්‍රිකට් ලෝක කුසලානය වැනි එය සංවිධානය කරන තරඟාවලි වලින් ආදායම් උපදවයි. එහි ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ අනුග්‍රාහකත්ව සහ විකාශන අයිතීන් මගින් ලැබෙන ආදායමයි.", "role": "assistant" } ]
[ { "content": "2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ ශ්‍රී ලාංකික කාන්තාව කවුද?", "role": "user" }, { "content": "කැරොලොයින් ජූරි 2019 ​දී ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූවාය.", "role": "assistant" } ]
[ { "content": "කැමැත්ත යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.", "role": "user" }, { "content": "කැමැත්ත යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අකමැත්ත වේ. ", "role": "assistant" } ]
[ { "content": "ලොව විශාලතම විශ්වවිද්‍යාලය කුමක්ද?", "role": "user" }, { "content": "නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය", "role": "assistant" } ]
[ { "content": "ලොව ජනගහනය වැඩිම රටවල් 10 සදහන් කරන්න.\n", "role": "user" }, { "content": "ලොව ජනගහනය වැඩිම රටවල් දහය \nඉන්දියාව\nචීනය\nඇමෙරිකා එක්සත් ජනපදය\nඉන්දූනිසියාව\nපාකිස්ථානය\nනයිජීරියාව\nබ්‍රසීලය\nබංග්ලාදේශය\nරුසියාව\nමෙක්සිකෝව යන රටවල් වේ.\n", "role": "assistant" } ]
[ { "content": "විසන්ධි කරන්න.\nසියලඟ", "role": "user" }, { "content": "සියල්+අඟ", "role": "assistant" } ]
[ { "content": "2000 වසරේදී පැවති NBA ඔල් ස්ටාර් තරගාවලියේදී නැගෙනහිර කොන්ෆරන්ස් (Eastern Conference) කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන පුහුණුකරු උපත ලැබුවේ කවදාද?", "role": "user" }, { "content": "1962 ජනවාරි 19", "role": "assistant" } ]
[ { "content": "ICC ජාත්‍යන්තර විනිසුරුවන් සහ විනිසුරුවන් අධීක්ෂණය කරන්නේ කෙසේද?", "role": "user" }, { "content": "ICC විසින් අනුමත ටෙස්ට් තරඟ, එක්දින ජාත්‍යන්තර තරඟ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවල විනිශ්චය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් පත් කරයි. ඒවා එලයිට් පැනලය සහ ජාත්‍යන්තර පැනලය ඇතුළුව විවිධ පැනලවලට බෙදා ඇත.", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ ගැඹුරු ම විල", "role": "user" }, { "content": "බයිකල්", "role": "assistant" } ]
[ { "content": "සංගෘහිත පරිපථ (Integrated Circuits- ICs) ගැන විස්තර කරන්න.\n", "role": "user" }, { "content": "ඉලෙක්ට්‍රොනික පරිපථවල අභ්‍යන්තර ස්වභාවය ඉතා සංකීර්ණ බැවින් ප්‍රතිරෝධක, ධාරිත්‍රක, දියෝඩ, ට්‍රාන්සිස්ටර් වැනි මූලික ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමට සිදු වෙයි.\n මේ සඳහා වැඩි කාලයක්, වැඩි ශ්‍රමයක්, වැඩි වියදමක් වැයවන බැවින් මෙවැනි උපාංග සියල්ලම එක් Si කැබැල්ලට එකලස් කොට ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික පරිපථ සකසනු ලැබේ.\nසරලව ඉතාමත් කුඩා තනි සිලිකන් චිපයක සක්‍රීය සං‍රචක ( වර්ධනයක් ඇති කළ හැකි උපාංග- ද්විද්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටර්, ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්) සහ අකර්මන්‍ය සං‍රචක (වර්ධනයක් ඇති කළ නොහැකි උපාංග- ප්‍රතිරෝධක, ධාරිත්‍රක, ප්‍රේරක) ගැලපීමෙන් තනන ලද සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සංගෘහිත පරිපථයක් නම් වේ.", "role": "assistant" } ]
[ { "content": "දරු නැළවිලි කවියක් කියන්න ", "role": "user" }, { "content": "අත්තක පිපි මලක් ලෙසේ\nපෙත්තක ඇඳි රුවක් ලෙසේ\nසත්තක මගෙ පුතුනි යසේ\nනෙත් දෙක හැර බලන් මෙසේ", "role": "assistant" } ]
[ { "content": "සූර්යයාට සමාන පද 10 ක් නම් කරන්න.", "role": "user" }, { "content": "සූර්යයාට සමාන පද රාශියක් සිංහලයේ ඇති අතර ඉන් 10 ක් මෙසේ ය.\n1. ඉර\n2. දිනකර\n3. දිනපති\n4. දිනිඳු\n5. දිවාකර\n6. පබාකර\n7. රවි\n8. රිවි\n9. සහස්කර\n10. සියපත්සිය", "role": "assistant" } ]
[ { "content": "දාස් කැපිටාල් කෘතිය රචනා කළේ කවුද?", "role": "user" }, { "content": "කාර්ල් හෙන්රිච් මාක්ස් දාස් කැපිටාල් (1867–1894) කෘතිය රචනා කළේය. කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.", "role": "assistant" } ]
[ { "content": "පරිනාමවාදයේ පියා කවුද?", "role": "user" }, { "content": "පරිනාමවාදයේ පියා චාර්ල්ස්‌ ඩාවින්‌ මහතාය.", "role": "assistant" } ]
[ { "content": "නොවිසිරුණු යන්නට සමාන පද මොනාද?", "role": "user" }, { "content": "ඒකරාශී, කැටිවුණු", "role": "assistant" } ]
[ { "content": "අතින් ම කරන ලද යන්නට තනි වචනයක් දෙන්න.\n", "role": "user" }, { "content": "අත්කම් ", "role": "assistant" } ]
[ { "content": "කෙනෙක්ගෙ, හොම්බ,හොස්ස කියන්නෙ කොතෙන්ටද?", "role": "user" }, { "content": "සතෙකුගේ හොම්බට අනුරූප කොටස වන කට හා නාසය ආශ්‍රිත කොටස.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතයේ තේරුම පහදන්න.\n\nනෙතින් නෙත බලාලා සිතේ දුක නිවා\nඅදින් පසු මියේවී අපේ ඒ කතා\nරකින්නට සෙනේහේ හඬන්නට එපා\nනිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා\n\nඈත් බව දැනීලා ඔබේ හා මගේ\nදුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ\nමහා සාගරේ සේ තිබුණත් හිතේ\nකුමට හිමි වුණාදො අහිමි ආදරේ\nරකින්නට සෙනේහේ හඬන්නට එපා\nනිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා\n\nපතන්නට පවා මා වරම් අහිමිවූ\nහැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ\nදිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ\nමගෙන් ඔබ ඈත්වී ගියායින් පසු", "role": "user" }, { "content": "මෙම ගීතය දයා ද අල්විස් රචිකාවියට විශේෂිත ගීතයක්, මන්දයත් තනුවකට ඇය ලියන මුල්ම ගීත රචනය මෙය වන නිසා. ගී තනු ස්ටැන්ලි පීරිස් ගෙන්. ඒත් එක්කම මේ හා බැඳුනු කතාවකුත් තියනව. \nඇය තම හඬ අවදි කරයි. 'රෝහණ බෝගොඩ ඔය තනුව පළමුව දීල තියෙන්නේ ප්‍රේම්ට (ප්‍රේමකීර්ති ද අල්විස්) ඔහු එම තනුවට රෝහණ බෝගොඩට ගීතයක් රචනා කරල දීල තියෙනවා. නමුත් බෝගොඩට අවශ්‍ය වෙලා තියෙනවා එම පද පෙළෙහි යම් තැනක සුළු සංශෝධනයක් කරගන්න. නමුත් ඒකට ප්‍රේම් කැමැතිවෙලා නැහැ. ඔහු කිව්වලු ලියල තියෙන විදියටම කියන්න ඕන කියලා. ඉන්පසු බෝගොඩ කිව්වලු එහෙනම් මම වෙන කෙනකුට කියල අලුතින් ලියව ගන්නම් කියලා. ප්‍රේම් ඒකට හා කිව්වලු. ඒ කිසිදෙයක් මට කියන්නේ නැතිව රෝහණ බෝගොඩ මට තනුව දීල පදපෙළ ලියල දෙන්න කිව්ව. මං එතකොට තනුවකට ගී පද ලියල තිබුණේ නැහැ. කොහොම හරි මගේ අතින් ලියවුණු පදපෙළ රෝහණ ගායනා කළා. එය අතිශය ජනප්‍රිය වුණා. ඉන් පස්සේ තමයි ප්‍රේම් දැනගත්තෙත් ඒක රචනා කළේ මම කියල. හැබැයි ප්‍රේම් මුලින් ගීතයක් ලියපු බව දන්නවනම් මම කවදාවත්ම ඒ ගීතය ලියන්නේ නැහැ'\n\nපෙම්වතුන් යුවලක් සිටිනව ඔවුන් ආදරෙන් බැඳිල පසුව විවාහ වෙනව. කොහොම වුනත් පසුව ඔවුනට තේරුම් යනව ඔවුන්ගේ අදහස් එකිනෙකට නොගැලපෙන බව. ඊටත් වැඩියෙන් සමහර දේවල් තියනව ඔවුන්ගේ වෙන්වීමට මං පාදන. ඔවුන් ජීවිත ගමනේ සැලකියයුතු දුරක් පැමින අවසන්. ඒත් කලයුතු හොඳම දේනම් වෙන්වීම පමනයි. මෙම ගී පද කියැවෙන්නේ එක් පාර්ශවයකින්. ඇය හෝ ඔහු කවුරු වුනත් මේ වෙන්වීම හද කීරිගස්වන සුලුයි. වෙන්වීමට අකමැත්තක් තිබුනත් විකල්පයක් නෑ. සමහරවිට අනෙක් පාර්ශවයටද මේදේ මේ අයුරින්ම දැනුනා වෙන්න පුලුවන්. \n\nවෙන්වෙන්නට තීරණය කර තිබුනත් ඒකත් ඉතා අසීරු කටයුත්තක්. ඔවුන්ගේ වෙන්වෙන දවස අදයි. නෙතු යුග එකිනෙක ගැටුනත් ඒ වෙනදාමෙන් මුවේ සිනහ නංවන්නට නොව නෙත් කෙමි තෙත් කරන්නට. අඩුම තරමේ සිතේ දුක තුනීකර ගැනීමටවත් සිතා නොදැනීම නිහඬව දෑස් දෙස බලා සිටිති. දෑස් අගින් කඳුලු බිඳු රූටා වැටේ. හැඬීමෙන් පල නැත, මේ දුක නිමාවක් නම් නොවේ. හද තුල ඇති අසීමිත ආදරයෙන් දැන් පලක් නැත. මේ ආදරය දැන් හිමි නෑ, මෙවන් ආදරයක් පෙර මට හිමි වුනේ ඇයි?\n\nහෙට දිනයේ ඔබ මගේ නොවේ, ඔබව පතන්නට මට අයිතියක් නෑ. හෙටින් පසු මගේ ලෝකයට උරුම කඳුල පමනයි. මට දැන් අලුතෙන් ලබාගන්නට දෙයක් නෑ. බලාපොරොත්තුවක් නෑ. මොකද ඔබ මගේ ලෝකයට සමුදී අවසන් නිසා.\n\nඉතාමත් සංවේදී ගී පද පෙලක්. සමහර විටක මෙය ඔබේ නෙතඟ කඳුලක් නංවන්නට සමත් වේවි. එහෙම වුනොත් ඒකෙ පුදුමෙකුත් නෑ. මම කවදත් ආදරය කරන දයා ද අල්විස් රචිකාවියගේ ජීවිතයේ අත්දැකීමක් මෙම ගීතයෙන් මතුවූවාදෝයි මට සිතෙනව. එය හුදෙක් සිතුවිල්ලක පමනයි.", "role": "assistant" } ]
[ { "content": "පාපන්දු රෙගුලාසි මොනවාද?", "role": "user" }, { "content": "Fédération Internationale de Football Association විසින් පාපන්දු පාලනය කරයි. ඔවුන්ගේ මූලස්ථානය මුලින්ම 1904 දී ස්විට්සර්ලන්තයේ ආරම්භ කරන ලදී. ඔවුන්ට දැනට ලොව පුරා සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් සිටී. FIFA විසින් එක්සත් රාජධානියේ ඉංග්‍රීසි ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන පරිදි පාපන්දු ක්‍රීඩාවේ සියලුම නීති රීති පාලනය කරයි.", "role": "assistant" } ]
[ { "content": "මිනිස් මනස සහ මොළය ගැන කියන්න.", "role": "user" }, { "content": "මානසිකවිද්‍යාව මගින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතර පවත්නා සම්බන්ධතාවය ගවේෂණයට පෙළඹිණි. නමුත්,\n\nවිඥානය මගින් මොළයේ පවත්නා තත්වය හෝ මොළයේ පවත්නා තත්ව මගින් විඥානය තීරණය කරයි ද යන්න පැහැදිලි නැත. නැතහොත් විඥානය යනු ද ස්නායු පද්ධතිය සමග සම්බන්ධතාවයක් නොමැති සංකීර්ණ අවස්ථාවක් ද?\n\nමෙය පැහැදිලි කරගැනීම සඳහා විඥානය හා මොළයේ ක්‍රියාකාරිත්වය අර්ථ දැක්වීම අත්‍යවශ්‍ය වේ.\n\nප්‍රායෝගිකව ගත්කළ විශේෂයෙන්ම කෘත්‍රීම බුද්ධිය, ස්නායු මනෝවිද්‍යාව සහ ප්‍රජානන ස්නායු මනෝ විද්‍යාව යන අවස්ථාවල මෙය වැඩි වශයෙන් යොදා ගෙන ඇත.", "role": "assistant" } ]
[ { "content": "silencer (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?", "role": "user" }, { "content": "Silencer = නිහඬකරය\n\nවාහනයක එන ඉංග්‍රීසි වචන වලට අපි සිංහල වචන භාවිතා නොකරන්නේ ඒවා ඉගෙන ගැනීමට අපහසු නිසාමයි\n\nවිප්‍රකාර පාරිභාෂික වචනවලට වඩා සයිලන්සරය කිව්වම කනටත් ඇහැටත් හිතටත් ප්‍රියයි. අපේ නොවෙන දේට අපේ වචන හරි යන්නෙ නැහැ. සිංහල භාෂාවෙ සීමා තේරුම් ගන්න අපි නිහතමානී වීම අවශ්‍යයි. ලෝකෙ හැම දැනුමම විග්‍රහ කරන්න සිංහල භාෂාවට බැහැ. එහෙම වීම අවශ්‍යත් නැහැ. ", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය සම්පූර්ණ කරන්න.\n\nසෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා\nවෙරළේ රළ මැන්නා\nසීමාවක් මායිමක් නැතැයි කී\nසෙනෙහස ඇයි දෙතැනක තනිවී..", "role": "user" }, { "content": "සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා\nවෙරළේ රළ මැන්නා\nසීමාවක් මායිමක් නැතැයි කී\nසෙනෙහස ඇයි දෙතැනක තනිවී..\n \n\nකැකුළක් සිඳුනෙන් හදවත පිපුණු\nකඳුළෙන් කටු මත විෂ තිබුණා\nබිඳුණොත් බඳුනක පිළියම් කරනට\nබැරි කැළලක් මතු වී තිබුණා...\n \nපවකින් පෙර අත් භවයක සිදුවූ\nසිතකින් සිතකට දුක පිරුණා\nමගෙ අත දිගු කළ හැකි හැම තැනදී\nඔබ අත මා දුරකින් තිබුණා...\n\n\nගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්\nපද : ප්‍රනීත් අබේසුන්දර\nසංගීතය : මහින්ද බණ්ඩාර\n ", "role": "assistant" } ]
[ { "content": "ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු වූයේ ඇයි?", "role": "user" }, { "content": "19 සියවසේදී එක්වූ ඉංග්‍රීසි වදන් ලිවීම සඳහා ෆ අක්ෂරය සිංහල භාශාවට එකතු විය.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ සාමාන්‍ය පළල සැතපුම් 12 කි. මෙය පළලින් අඩුම ප්‍රදේශ දෙක මොනවාද?", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීපික තටකයේ පළලින් අඩුම ප්‍රදේශ දෙක ත්‍රිකුණාමලය සහ පානදුර වේ.", "role": "assistant" } ]
[ { "content": "ලංකාවේ වැඩිම කාලයක් පාලන බලය ගෙනගිය ආක්‍රමණික පාලකයා කවුද ?", "role": "user" }, { "content": "එළාර රජු ( වසර 44,යි )", "role": "assistant" } ]
[ { "content": "ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු මැසිඩෝනියාවේ රජු ලෙස ඔහුගේ අධිකාරය ඔප්පු කළේ කෙසේද?", "role": "user" }, { "content": "ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ ඝාතනයෙන් පසු වයස අවුරුදු 20 දී මැසිඩෝනියාවේ රජු බවට පත් විය. ග්‍රීක නගරයක් වන තීබ්ස්හි කැරැල්ලක් තීරණාත්මක ලෙස මැඩපැවැත්වීමෙන් ඔහු තම අධිකාරිය තහවුරු කර ගත් අතර, එහිදී ඔහු නගරයට කඩා වැදී සිය බලය ප්‍රදර්ශනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණන් වැසියන් මිය ගොස් ඉතිරි ජනගහනය වහල්භාවයට පත් විය.", "role": "assistant" } ]
[ { "content": "ලොව ප්‍රථම ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ රටවල් දෙක කුමක්ද?", "role": "user" }, { "content": "එංගලන්තය - ඕස්ට්‍රේලියාව (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරන ලදි.)", "role": "assistant" } ]
[ { "content": "පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන කියන්න.", "role": "user" }, { "content": "පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම ගැන පහත දැක්වේ.\n1) පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම සදහා\nමැටි අධික පස්වල ජලය රැදෙන අතර එවැනි මැටි පස් සදහා කංකුන්, කොහිල ආදී බෝග වර්ග සුදුසුය. වැලි අධික පස්වල ජලය රැදීම අඩු අතර ඒ සදහා අල බෝග හා රටකජු යන බෝගවර්ග සුදුසුය.\n\n2) වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා\nවැලි අධිකව ඇති පසකට කොම්පෝස්ට් එකතු කිරීම තුළින්ද, මැටි අධික පසකට වැලි එකතු කිරීම මගින්ද වයනය දියුණු කිරීම කළ හැකිය.\n\n3) බිම් සැකසීමට සුදුසු උපකරණ තෝරා ගැනීමට\nවැලි පසක් හා ලෝම පසක් සමඟ සංසන්දනය කිරීමේදී මැටි පසක් තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීම සදහා තැටි නඟුල්, මෝල්බෝඩ් නඟුල් වැනි වැඩි බලයක් යෙදිය හැකි උපකරණ යොදා ගැනීම සුදුසු වේ.\n\n4) පාත්තිවල උස තීරණය කිරීම සදහා\nසාමාන්‍යයෙන් වැලි පසක ජලවහනය වැඩි බැවින් උසින් අඩු පාත්තිද, මැටි පසක ජලවහනය අඩු නිසා උසින් වැඩි පාත්තිද සැකසීම සුදුසු වේ.\n\n5) උචිත ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සදහා\nවැලි පස් සහිත භූමිවලට මතුපිටින් ගලායන ජල සම්පාදන ක්‍රම සුදුසු නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ඉතා යෝග්‍ය වේ.\n\n6) පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සදහා\nවැලි පස අධික ලෙස ඛාදනයට ලක්වන නිසා සංරක්ෂණ ක්‍රම වැඩියෙන් යෙදීම අවශ්‍ය වේ.", "role": "assistant" } ]
[ { "content": "සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා කුමක්ද?", "role": "user" }, { "content": "සෞරග්‍රහ මණ්ඩලයේ පරිභ්‍රමණ කාලය අඩුම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය. එහි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 89කි .", "role": "assistant" } ]
[ { "content": "සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. \n\nදිනක් නරියෙක් බොහෝ බඩගින්නෙන් කෑම සොයාගෙන කැලයේ ඇවිදින්නට වුණා. නමුදු කෑම සොයා ගැනීමට නොහැකි වූ නරියා, දන්නෙම නැතුව ගමකට සේන්දු වුණා. ගමේ ගොයම් කපා නිම වූ කමතක, ගොවීන්ට බීමට ගෙනා කිරි ජෝග්ගුවක් තබා තිබුණා. එයට ඔලුව දැමූ නරියා මුළු කිරි ජෝග්ගුව ම හිස් කළා. \n\nකිරි බී බඩ පිරුණු නරියාට ජෝග්ගුවෙන් හිස එළියට ගැනීමට අවශ්‍ය වුවද, නරියාගේ හිස ජෝග්ගුව තුල සිර වී තිබුණා. නරියා කලබල වී හැම තැනම දුවන්නට ගත්තා. දැඟලුවා. කොතරම් මහන්සි වුවත් ජෝග්ගුවෙන් හිස එළියට ගැනීමට නොහැකි වුණා.\n\nමෝඩ නරියා හිතුවා මේක ජෝග්ගුව කල වැඩක් කියලා. \"මේ ජෝග්ගුව, මේ හොඳටම ඇති. දැන් මට යන්න දීපන් නැත්නම් මන් උඹ ට හොඳ වැඩක් කරනවා.\" එත් ජෝග්ගුවට ගානක් වත් නෑ. කිසිම හැල හොල්මනක් නැතුව ජෝග්ගුව නරියාගේ හිස හිර කරගෙනම හිටියා.\n\n\"අහ් !! එහෙනම් උඹ මාව අත අරින්නෙම නෑ නේද? හිටපන් මන් උඹට කරන්නම් හොඳ වැඩක්..\" කියා නරියා කෝපාවිෂ්ට ව, දිව ගොස් ගඟකට පැන්නා. \n\nජෝග්ගුව දියේ ගිල්වා මැරීමට සිතූ මෝඩ නරියා, දියේ ගිලී මිය ගියා. \n\n", "role": "user" }, { "content": "මෝඩ වීම", "role": "assistant" } ]
[ { "content": "ප්‍රතිශක්ති විද්‍යාවේ පියා කවුරුන්ද?", "role": "user" }, { "content": "සර් එඩ්වඩ් ජෙනර්", "role": "assistant" } ]
[ { "content": "කලවන් ද? කවලන් ද?", "role": "user" }, { "content": "ඔය න් යන්න නම් වැරදියි. භාවිතයේ ඇත්තේ කලවම් සහ කවලම් යන දෙපදය යි.", "role": "assistant" } ]
[ { "content": "කුළු බඩු පිළිබඳ ඉතිහාසය ගැන කථා කරමු.", "role": "user" }, { "content": "ශීතකරණ හෝ අධිශීතකරණ නොතිබුණ යුගයන්හි දී ලෝකයේ විවිධ කලාපවල ජීවත් වූ ජනයා තමන්ට ආවේණික වූ ස්වභාවික ක‍්‍රමයක් මඟින් ආහාර සංරක්ෂණයට පෙළඹී සිටියහ. විශේෂයෙන් යුරෝපීයයන්ට ශීතකාලයේදී තම ආහාර සංරක්ෂණය කරගැනීම ගැටළුවක් වූ අතර කුළු බඩු වර්ග භාවිතා කිරීමෙන් එම ගැටළුව විසඳා ගැනීමට ඔවුන් සමත්විය. මෙහිදී කුළු බඩු සඳහා බටහිර රටවල ඉතා ඉහළ ඉල්ලුමක් පැවතුණි. 15 වන ශතවර්ෂයට පෙර කුළු බඩු වෙළඳාම, අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. ලෝකයේ පෙරදිග කලාපයට අයත් රටවල්වල තිබුණු කුළු බඩු වර්ග ඒකරාශී කරමින් කොන්ස්තන්තිනෝපලය හරහා මධ්‍යධරණී වරායන් වෙත ගෙනඑමින් එම කුළු බඩු බටහිර රටවල් වෙත අළෙවි කිරීමේ කාර්යය දීර්ඝ කාලයක් පුරා අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. එ‍හෙත් නාවික කටයුතු ආරම්භ කිරීමත් සමඟ යුරෝපීයයන් නැගෙනහිර ප‍්‍රදේශවලට යාත‍්‍රා කල අතර පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වැනි වෙළඳ සමාගම් මගින් අරාබීන් සතුව පැවති කුළු බඩු ඒකාධිකාරය බිඳ දමන ලදි. යුරෝපා ජාතිකයන් ලෝකයේ අප‍්‍රිකා සහ ආසියා මහද්වීප තුළ තම බලය පතුරුවන ලද අතර යුරෝපා වෙළඳපල තුළ කුළු බඩු සඳහා තිබුණු ඉහළ ඉල්ලුමට සරිලන දායකත්වයක් සැපයීම වෙනුවෙන් කැපවිය.", "role": "assistant" } ]
[ { "content": "සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. \n\nඑක්තරා ගමක ඉතා ම මෝඩ මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නම \"පිං හාමි\". ඔහු ක්‍රමයෙන් වියපත් වන විට, තමාට ඉටු කර ගත නොහැකි වූ ආශාවක් හිතට පැන නැගුණා. එනම්, තම හිස කෙසේ හෝ රන් පනාවකින් පීරිය යුතුය යන්නයි.\n\n\"රන් පනාවක් සාදා, තම හිස පීරන තෙක්, මම කැඩපතින් මුහුණ බැලීමට යන්නේ නැහැ\" යි කියා ඔහු තරයේම අදිටන් කර ගත්තා. ඉන්පසු ඔහු, තමා කාලයක් පුරාවට ම එකතු කල ධනය ගෙන රන් කරුවකු හමුවට ගියා.\n\nරන් කරුවා පනාව සාදා දීමට පොරොන්දු වුණා. නමුත් ඔහු සතු වූ එම ධනය පනාව සැදීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. එබැවින් ඔහුට තවත් කාලයක් ධනය ඉපයීමට සිදු වුණා. අවසානයේදී, ඔහු මහන්සියෙන් ඉපයූ සියළු ධනය වැය කොට රන් පනාවක් සාදවාගෙන නිවසට පැමිණියා.\n\nඉන්පසු පිරිසිඳු වී අළුත් වස්ත්‍ර ඇඳ, කැඩපත ඉදිරිපිටට ගොස් රන් පනාවෙන් හිස පීරීමට සැරසුණා. නමුත් ඒ වන විට ඔහුගේ හිසෙහි පීරීමට එකඳු කෙස් ගසක් වත් තිබුනේ නෑ. අවසානයේදී, ඔහුගේ ආශාව ඉටු කර ගැනීමට නොහැකි හිස් ආශාවක් බවට පත් වුණා. \n\n", "role": "user" }, { "content": "මෝඩ ආශාව", "role": "assistant" } ]
[ { "content": "'හලාහල විෂ'\nමෙහි හලාහල යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?", "role": "user" }, { "content": "සුර අසුරයන් එක්ව වාසුකී නාග රාජයා රැහැනක් කරගෙන කිරි සයුර කැළඹීමේදී අසුරයන් වාසුකී නා රජුගේ මුව පෙදෙසින් අල්ලාගෙන සයුර කැලතූ අතර දැඩි වෙහෙසට හා කෝපයට පත් වාසුකී නා රජුගේ මුවින් පිටවුණ විෂ දුම් මිශ්‍ර වීමෙන් කිරි සයුරේ විෂ හතු වර්ගයක් නිර්මාණය විය. ඒ විෂ හතුවල දුමාරයෙන් සුර අසුර දෙපක්ෂයේම අය ක්‍රමයෙන් සිහිසුන් වීමට පටන් ගනිද්දී ඉන්ද්‍ර ප්‍රධාන දේව මණ්ඩලය ශිව දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වූහ.සියලු දෙවිවරුන්ගේ හඩ එකවිටම ඇසීම නිසා ශිව දෙවියන් පාර්වතිය සමග එතැනට පැමිණි අතර මේ විෂ හතුවලින් නිකුත් වූ හලාහල විෂ නසාදැමීමට දත් එකම කෙනා ශිව පමණක් විය. තම අත්ල පා කිරිසයුරේ තිබුණු සියලු විෂ අත්ලට ගත් ශිව එය තම ශරීරයට අහිතකර බව දැන දැනම මුවට දමා ගත්තේ අනෙකුත් සුරයන් හා විශ්වය බේරා ගැනීමේ අපේක්ෂාවෙනි. එය දුටු පාර්වතිය හලාහල විෂ ශිවගේ ශරීර ගතවීම වළක්වන්නට ශිවගේ ගෙල දෑතින්ම තද කරගෙන සිටි අතර විෂ උගුරෙන් පහළට නොගොස් උගුරෙහි සිරවී ශිවගේ ගෙල නිල්පැහැ වූ අතර නීලකණ්ඨ යන පර්‍යාය නාමය මහදෙවියාට ව්‍යවහාර වන්නේද මේ නිසාය.", "role": "assistant" } ]
[ { "content": "\"බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය)\n\" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.", "role": "user" }, { "content": "බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ\nඅම්මා පෙව් කිරි කඳුලෙන්\nමේ ලොව මෙතරම් හැඩ වුණේ\n\nහැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ\nහිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ\nරහසින් රහසින් ඔබ හැඬුවා\nපුර හඳ පායන පුන් පොහොදා\nබෝ මලුවේදිත් ඔබ හැඬුවා\nඔබගේම දරුවන් රජුන් කරන්නට\nහැඬුවාය සිහිනෙන් පවා\nහැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ\n\nවිහඟුන් ගී දෙන යෞවනයේ\nආදර පාරමි දම් පිරුවා\nජීවන ගමනේ සෝ ගිනි නිවනා\nදෙනුවන් දෙනුවන් එක් කෙරුවා\nසැබෑ වු ප්‍රේමෙන් අත්වැල් බෙදා ගමු\nරැකදේවි සුර සෙන් පවා\nහැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ\n\nකිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු\nසිරුරේ ලේ වැල් මල් දැරුවා\nඒ බිව් කිරි වල පව් අරවන්නට\nඅම්මේ මදි අපි පින් කෙරුවා\nඉන්නා තැනක හිඳ පුතා කියා මට\nඅමතන්න එන්නම් සොයා\n\nබිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ\nඅම්මා පෙව් කිරි කඳුලෙන්\nමේ ලොව මෙතරම් හැඩ වුණේ\nහැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ\n\nග්‍රේෂන් ආනන්ද\nසෝමපාල ලීලානන්ද\nසෝමපාල රත්නායක", "role": "assistant" } ]
[ { "content": "\"ජනගහණය ඉතා වැඩි\" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)\n", "role": "user" }, { "content": "\"ජනාකීර්ණ\" වඩාතම ගැලපෙන තනි පදයයි.", "role": "assistant" } ]
[ { "content": "Switch (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?", "role": "user" }, { "content": "Switch = වහරුව", "role": "assistant" } ]
[ { "content": "නිදහස් අධ්‍යාපනයේ පියා කවුරුන්ද?", "role": "user" }, { "content": "සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා.", "role": "assistant" } ]
[ { "content": "ඔබ දන්නා පැ ල් කවියක් සඳහා සම්පූර්ණ උදහරණයක් දෙන්න ", "role": "user" }, { "content": "පින් ඇති අතපත්තු මට කරපු කා රියා\nමා වැඩ කළ කුඹුර වපුරන්ට නෑ රියා\nගස් මුල් උදුරන්ට මා කරපු වී රියා\nනඩු නැති රටට මොට පායා ද? සූ රියා", "role": "assistant" } ]
[ { "content": "කිතුනු භාවනාව යනු කුමක්ද?", "role": "user" }, { "content": "කිතුනු භාවනාව තුළ අනෙක් මිත්‍යාවන් වලදී මෙන් කිසිඳු ක්‍රියාවලියක් පදනම සේ ගනු නොලබයි. මේ අතරම විවිධවූ භාවනා වර්ග අයත් වන අතර, ඔවුන් තුළ අපට “දෙවියන්ගේ හඬ ඇසිය” යුතු වන්නේ වචනය තුලින් නොව භාවනාව තුලින් වූ පෞද්ගලික එළිදරව්වීමෙන් බව මතයයි. යම් භාවනාවක් තුළ අති විශාල ජනකායක් සිටින අතර ඔවුන්ගේ සිතුවිල්ල වන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන බවයි. නමුත් ඔවුන් විසින්ම විරුද්ධ කථා කියමින් සභාව තුළ අසීමිත භේදයක් ඇති කිරීමට හේතු වෙයි. කිතුනුවන් හට දේවවචනය තම හිතුමතේට වගකීම් විරහිතව යොදාගත නොහැකිය. කෙසේ දයත් “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16). බයිබලය තුලින් පමණක් අපට අපගේ සියළු යහපත් ක්‍රියා සඳහා මුළුමනින්ම සූදානම්වීමට උපකාර කරන්නේ නම් ඒ වෙනුවට වෙනත් මිත්‍යා විශ්වාසයක් ආදේශ කර ගනු ලබන්නේ මක්නිසාද?", "role": "assistant" } ]
[ { "content": "දේදුනු වර්ණාවලිය සැදෙන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න.", "role": "user" }, { "content": "විද්‍යුත් චුම්භක වර්ණාවලිය රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් ඇතුළත් වර්ණ මාලාවකින් සමන්විත විවිධ තරංග ආයාම සහිත ආලෝකයෙන් සෑදී ඇත. සුදු ආලෝකය යනු දේදුන්නෙහි සියලු වර්ණ එකට මිශ්‍ර වී ඇති බව අපගේ ඇස් දකින ආකාරයයි. හිරු එළිය සුදු පැහැයෙන් දිස් වේ. සූර්යාලෝකය වැහි බිංදුවක වැදුණු විට ආලෝකයේ කොටසක් පරාවර්තනය වේ. ඒවා විවිධ කෝණවලින් පරාවර්තනය වී වර්ණාවලිය වෙන් කර දේදුන්නක් ඇති කරයි.\n\nවර්ණාවලිය සූර්යයා, ජල බිඳිති සහ නිරීක්ෂකයාගේ ඇස් අතර ඇති විශේෂිත කෝණ මත රඳා පවතින බැවින් සෑම නිරීක්ෂකයෙකුටම තමන්ගේම පුද්ගලික දේදුන්නක් දකී. ඔබ ගමන් කරන විට දේදුනු \"චලනය\" ලෙස පෙනෙන්නේ එබැවිනි.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය රචනා කලේ කව්ද ?\n\n\nපෙම් රැහැනින් මා වෙලන්න\nඔබෙ සෙවණේ මට හිඳින්න\nමම ආසයි ඔබත් සමග\nමේ දිවි මග එකට යන්න\n\nමගෙ ආදර විල් ජලයේ\nනිල් මානෙල් මලක් වෙන්න\nරේණු සලා මල් මුවරද\nසිහිල් දියට එක් කරන්න\n\nමම රැය නම් ඔබ පුරහඳ\nසිත් අහසේ නැගී එන්න\nසඳ සිහිලේ තැවුල් නිවා\nරැයත් සමග ගෙවී යන්න", "role": "user" }, { "content": "මහින්ද දිසානායක", "role": "assistant" } ]
[ { "content": "තරංගයේ වේගය (V) ගණනය කරන සමීකරණය කුමක්ද?", "role": "user" }, { "content": " \n \n\nතරංගයේ වේගය (ms^-1) = තරංගයේ සංඛ්‍යාතය (s^-1) * තරංග ආයාමය (m)\n\n", "role": "assistant" } ]
[ { "content": "2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ කවුරුන්ද?", "role": "user" }, { "content": "2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ඩෑ නියෙල්(Daniel Kwan) ක්වාන් සහ ඩෑ නියෙල් ශිනර්ට්(Daniel Scheinert ) විසිනි. ඒ \"Everything Everywhere All at Once\" චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙනි. ", "role": "assistant" } ]
[ { "content": "තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු ගැන කරුණු කියන්න.", "role": "user" }, { "content": "තෘණ වර්ගයේ වල් පැළෑටියක් වන ගොජරවාලූ/ ගොම තණ/ කුඩු කේඩු (Wrinkle duck beak) ගැන කරුණු පහත දැක්වේ.\nවිද්‍යාත්මක නම : Ischaemum rugosum saisb\nකුලය : Gramineae\nලක්‍ෂණ : මෙහි කඳ කොළ පැහැයක් ගන්නා අතර ගැටවල රෝම පිහිටයි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය ජලය අඩු වීමත් සමඟ කුඹුරුවල බහුලව දක්නට ලැඛෙන වල් පැළෑටියකි.", "role": "assistant" } ]
[ { "content": "පහත ප්‍රකාශය සත්‍යද? අසත්‍යද?\nහෘද පේශි අපගේ සවිඥානික පාලනය යටතේ පවතී.", "role": "user" }, { "content": "\"හෘද පේශී අපගේ සවිඥානික පාලනය යටතේ පවතී\" යන ප්‍රකාශය වැරදිය. හෘද මාංශ පේශී නොහොත් මයෝකාඩියම් ස්වයංක්‍රී​ය ස්නායු පද්ධතිය මගින් පාලනය ​වේ. මෙම පද්ධතිය අපගේ සවිඥානික පාලනයෙන් ස්වාධීනව ක්‍රියා කරන අතර, අපට ඒ ගැන සිතීමට අවශ්‍යතාවයකින් තොරව හදවත මඟින් සිරුර පුරා රුධිරය පොම්ප කිරීම සිදු කරයි.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?", "role": "user" }, { "content": "2000 සිඩ්නි ඔලිම්පික් උළෙලෙදී සුසන්තිකා ජයසිංහ මහත්මිය මීටර 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගනිමින් ශ්‍රීලංකාවට දෙවන ඔලිම්පික් පදක්කම ගෙන එන ලදී.", "role": "assistant" } ]
[ { "content": "දේදුන්න වර්ණ කීයකින් සමන්විතද?", "role": "user" }, { "content": "දේදුන්න වර්ණ හතකින් සමන්විත වේ.", "role": "assistant" } ]
[ { "content": "2022 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහසේ වසර කීයක් සමරනු ලැබුවේද?", "role": "user" }, { "content": "ඉන්දියාව 2022 අගෝස්තු 15 වන දින නිදහසේ 75 වන සංවත්සරය සමරනු ලැබීය.", "role": "assistant" } ]
[ { "content": "(Mixed reality) භාවිතා කරන තාක්ෂණයන් ", "role": "user" }, { "content": "මිශ්‍ර යථාර්තය (MR) යනු භෞතික හා අථත්‍ය ලෝක ඒකාබද්ධ කර භෞතික හා ඩිජිටල් වස්තූන්ට තත්‍ය කාලීනව සහජීවනයෙන් හා අන්තර් ක්‍රියා කළ හැකි නව පරිසරයක් නිර්මාණය කරන ගිල්වන තාක්‍ෂණයකි. පහත දැක්වෙන්නේ මිශ්‍ර යථාර්ථයේ භාවිතා වන තාක්ෂණික ක්‍රම කිහිපයකි:\n\n1. හිස මත සවිකර ඇති සංදර්ශක (HMDs): HMDs මිශ්‍ර රියැලිටි තාක්‍ෂණයේ තීරණාත්මක අංගයක් වන අතර එමඟින් පරිශීලකයින්ට ඩිජිටල් ලෝකය වඩාත් ගිලී යන ආකාරයෙන් අත්විඳීමට ඉඩ සලසයි. මිශ්‍ර යථාර්ථයේ භාවිතා වන HMD වල උදාහරණ ලෙස Microsoft HoloLens, Magic Leap One සහ Oculus Quest 2 ඇතුළත් වේ.\n\n2. චලන පාලක: චලන පාලක යනු මිශ්‍ර යථාර්ත පරිසරයන්හි ඩිජිටල් වස්තූන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන අතින් ගෙන යා හැකි උපාංග වේ. ඒවා බොහෝ විට වඩාත් ගිලී ගිය අත්දැකීමක් ලබා දීම සඳහා HMDs සමඟ ඒකාබද්ධව භාවිතා වේ. චලන පාලක සඳහා උදාහරණ ලෙස Microsoft HoloLens අත් අභිනය හඳුනාගැනීම, Oculus Touch පාලක සහ HTC Vive පාලකයන් ඇතුළත් වේ.\n\n3. අවකාශීය සිතියම්කරණය: අවකාශීය සිතියම්කරණය යනු භෞතික පරිසරයේ ඩිජිටල් සිතියමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. එය මිශ්‍ර යථාර්ත පද්ධතිවලට තත්‍ය කාලීනව භෞතික වස්තූන් හඳුනා ගැනීමට සහ අන්තර් ක්‍රියා කිරීමට හැකියාව ලබා දෙයි. මිශ්‍ර යථාර්තයේ භාවිතා වන අවකාශීය සිතියම්කරණ තාක්ෂණයට උදාහරණ ලෙස Microsoft හි Spatial Anchors සහ Google හි ARCore ඇතුළත් වේ.\n\n4. පරිගණක දැක්ම: පරිගණක දැක්ම යනු යන්ත්‍රවලට සැබෑ ලෝකයේ දෘශ්‍ය දත්ත හඳුනා ගැනීමට සහ අර්ථ නිරූපණය කිරීමට ඉඩ සලසන තාක්ෂණයකි. එය මිශ්‍ර යථාර්ථයේ තීරණාත්මක තාක්‍ෂණයක් වන්නේ එය පද්ධතියට භෞතික පරිසරය තේරුම් ගැනීමට සහ අන්තර් ක්‍රියා කිරීමට හැකි වන බැවිනි. මිශ්‍ර යථාර්තයේදී භාවිතා වන පරිගණක දර්ශන තාක්‍ෂණයට උදාහරණ ලෙස වස්තු හඳුනාගැනීම, ඉරියව් ඇස්තමේන්තු කිරීම සහ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය ඇතුළත් වේ.\n\n5. කෘතිම බුද්ධිය (AI): පරිශීලකයින්ට වඩාත් යථාර්ථවාදී සහ පුද්ගලාරෝපිත අත්දැකීම් ලබා දීම සඳහා මිශ්‍ර යථාර්ථයේ දී AI භාවිතා වේ. යථාර්ථවාදී අතථ්‍ය වස්තු ජනනය කිරීමට, පරිශීලක අභිනයන් හඳුනා ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට සහ අතථ්‍ය අක්ෂර සමඟ සංවාදයක් නිර්මාණය කිරීමට AI භාවිත කළ හැක.\n\n6. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (IoT): IoT යන්නෙන් අදහස් කරන්නේ සංවේදක, මෘදුකාංග සහ ජාල සම්බන්ධතාව සමඟ කාවැදී ඇති අන්තර් සම්බන්ධිත භෞතික උපාංග ජාලයට දත්ත රැස් කිරීමට සහ හුවමාරු කිරීමට ඉඩ සලසයි. මිශ්‍ර යථාර්ථයේ දී, ඔවුන්ගේ පරිසරය පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු ලබා දීමෙන් පරිශීලකයාගේ අත්දැකීම වැඩිදියුණු කිරීමට IoT උපාංග භාවිතා කළ හැක. මිශ්‍ර යථාර්ථයේ භාවිතා වන IoT උපාංග සඳහා උදාහරණ ලෙස ස්මාර්ට් නිවාස සංවේදක, පැළඳිය හැකි සහ බීකන්ස් ඇතුළත් වේ.\n\n7. Cloud computing: Cloud Computing භාවිතා කරන්නන්ට වැඩි පරිගණක බලයක් සහ ගබඩා ඉඩක් ලබා දීම සඳහා මිශ්‍ර යථාර්ථයේ දී භාවිතා වේ. වලාකුළු මත පදනම් වූ මිශ්‍ර යථාර්ත යෙදුම් වලට විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමට සහ පරිශීලකයින් සඳහා වඩාත් යථාර්ථවාදී සහ අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් නිර්මාණය කිරීමට සංකීර්ණ ඇල්ගොරිතම ධාවනය කළ හැක. වලාකුළු මත පදනම් වූ මිශ්‍ර රියැලිටි වේදිකා සඳහා උදාහරණ ලෙස Microsoft Azure සහ Amazon Web Services (AWS) ඇතුළත් වේ.", "role": "assistant" } ]
[ { "content": "ඉන්දියාව පිලිබඳ වාක්‍ය 10 ක දීර්ඝ හැඳින්වීමක් ලියන්න.", "role": "user" }, { "content": "නිල වශයෙන් ඉන්දීය ජනරජය ලෙස හඳුන්වනු ලබන ඉන්දියාව දකුණු ආසියාතික රාජ්‍යයකි. එය හයවැනි විශාලතම භුමි ප්‍රමාණයක් ඇති දේශය ද, 2023 වර්ෂයේ ජුනි මාසයේ සිට ලොව ජනාධිකම දේශය ද වන අතර, 1947 දී නිදහස් අත් කරගත් දා පටන් ලොව ජනාධිකම ප්‍රජාතාන්ත්‍රික දේශය ද වේ. දකුණින් ඉන්දියන් සාගරයෙන් වැසී ඇති ඉන්දියාව, ගිනිකොණ දිගින් බෙංගාල බොක්කටත්, නිරිත දිගින් අරාබි මුහුදටත්, බටහිරින් පකිස්තානයටත්, උතුරින් චීනය, භූතානය, හා නේපාලයටත්, නැගෙනහිරින් මියන්මාරයට හා බංග්ලාදේශයටත් මායිම් වේ. ඉන්දියාව ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට ආසන්නව පිහිටා ඇති අතර අන්දමන් හා නිකොබාර් දුපත් හේතුකොට ගෙන එය තායිලන්තය, මියන්මාරය හා ඉන්දුනීසියාව සමඟ සමුද්‍රීය දේශසීමා ද පවත්වා ගෙන යයි. භාරතය, හින්ද්, හින්දුස්ථානය, ජම්බුද්වීපය හෙවත් දඹදිව යනාදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන ඉන්දියාව ප්‍රාන්ත විසි අටකින් හා ස්වාධීන පාලන ප්‍රදේශ අටකින් සමන්විත වේ. ජන විවිධත්වයේ නිදසුනක් වන ඉන්දියාව හින්දු ආගම, බෞද්ධාගම, ජෛන ආගම හා සික් දහම යන ලොව ප්‍රධාන ආගම් හතරටම නිජබිම වේ. වසර පනස් දහසක පෙර සිට ම නූතන මිනිසාට නිවහන වූ මෙය හරප්පා ශිෂ්ටාචාරය, සොළොස් මහා ජනපද, මෞර්ය අධිරාජ්‍යය, චෝල අධිරාජ්‍යය, ගුප්ත අධිරාජ්‍යය, දිල්ලි සුල්තානේටය, විජයනගර අධිරාජ්‍යය, මූගල් අධිරාජ්‍යය, මරත අධිරාජ්‍යය, සික් අධිරාජ්‍යය හා මයිසෝර රාජධානිය වැනි අධිරාජ්‍යයන් හා රාජධානිවලට පදනම විය. ප්‍රධාන වශයෙන් ඉන්දු-යුරෝපිය හා ද්‍රවිඩ භාෂා කතා කරන ඉන්දියාවේ නිල භාෂා වන්නේ හින්දි හා ඉංග්‍රීසි භාෂා ය. කතක්, භරතනාට්‍යම් වැනි නර්ථන ශෛලීන් ද, ටජ් මහල, සාංචි ස්ථුපය, බ්‍රිහාදීස්වර කෝවිල වැනි වාස්තු විද්‍යාත්මක පුදුමයන් ද, මහාභාරතය, රාමායනය වැනි වීර කාව්‍යයන් ද ඉන්දියාව ලොවට දායාද කර ඇත්තේ ය. ලොව පස්වන විශාලතම ආර්ථිකය ලෙස ලොව බල තුලනයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් විසි එක්වන සියවසේ භුදේශපාලනය හැඩ ගැන්වීමෙහිලා ඉන්දියාව දායක වනවා නොඅනුමානයි.", "role": "assistant" } ]
[ { "content": "ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා කවුද ?", "role": "user" }, { "content": "ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී ලකුණු නොලබා දැවීගිය , පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා රෝයි ඩයස්ය (එංගලන්තයට එරෙහිව).", "role": "assistant" } ]
[ { "content": "මතකය යන වදනට සමාන පදයක් දැනගන්න කැමැතියි.", "role": "user" }, { "content": "ස්මරනය\nස්මෘතිය\nආවර්ජිතය\nසිහිය", "role": "assistant" } ]
[ { "content": "පිසඹුරු කුඹුරු යනු කුමක්ද?", "role": "user" }, { "content": "කුඩමැට්ට වැනි ශාකවලින් පිරුණු අසාර කුඹුරු .\n \" දියෙහි හිඳුනා සෙවෙල් සේ වෙරලොමුදු හටගනී. පිසඹුරු සේ හිසකෙහෙදු හටගනී.\" යනුවෙන් කර්ම විභාගය නම් පැරැණි කෘතියක දැක්වේ.ඒ අනුව පිසඹුරු යනු යම් කුඩා ශාක විශේෂයක් බව පෙනෙයි. ", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි රැජින කවුරුන් ද?", "role": "user" }, { "content": "අනුලා රැජින.\nසිංහල රාජවංශය ලෙස ද හඳුන්වනු ලබන ශ්‍රී ලාංකික රාජාවලියේ පළවෙනි රැජින වන්නේ ක්‍රි.පූ. 47-42 අතර කාලයේ දී අනුරාධපුරය පාලනය කළ අනුලා රැජින යි. රාජ්‍යත්වයට පත් වූ බවට ලිඛිත සාක්ෂි සහිත පළමු ආසියාතික කාන්තාව ද ඇය යි. ඈ සැමියා වූ වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජුගේ පුත්‍රයා වූ චෝර නාග රජුගේ ඇවෑමෙන් රාජ්‍ය පාලනය සියතට ගත්තා ය. චෝර නාග රජුගේ මරණය ඝාතනයක් බවත් එය සිදු කරන ලද්දේ අනුලා බිසව බවත් මූලාශ්‍ර ලේඛනවල සඳහන් ය. ඉන්පසු වරින් වර තවත් පුරුෂයන් සිව් දෙනෙකු සරණ පාවාගත් ඈ ඔවුන්ව හුදු රූකඩ වශයෙන් යොදා ගෙන ඔවුන් ලවා රාජ්‍ය කර වූ වා ය. අනතුරුව ඈ ඔවුන් සියලු දෙනා ම වස දී ඝාතනය කළා ය. ක්‍රමයෙන් රාජ සභාව තුළ තම දේශපාලනික බලය ස්ථාපිත කරගත් ඈ සිව් මසකට ඉතා සුඛිත, ස්වාධීන ජීවිතයක් ගත කළා ය. එසේ වුව ද, ඇය අතින් ඝාතනය වූ කුඩා තිස්සගේ මලණුවන් වූ කූටකණ්න තිස්සගේ වැටලීම හමුවේ ඇගේ ස්වාධීන රාජ්‍ය පාලනය අවසන් විය. එක් මූලාශ්‍රයකට අනුව ඇයගේ අමානුෂික ඝාතනයන් සිදු වූ මාළිගයේ සිර කර, ඊට ගිනි ලෑම හරහා කූටකණ්න තිස්ස ඇය ව ඝාතනය කර ඇත. තවත් මූලාශයකට අනුව චිතකයට නංවා, ඊට ගිනි තබා ඇයව ඝාතනය කර ඇත. කෙසේ වුව ද, ඇයගේ මරණය වේදනාකාරී වූ බව නම් ප්‍රත්‍යක්ෂයකි.\nඇතැමෙක් ඇය හුදෙක් මනඃකල්පිත චරිතයක් බවට තර්ක කරති. එකල ප්‍රචලිතව පැවති 'කාන්තාවන් රාජ්‍ය පාලනය නුසුදුසු යැ'යි යන මතය සනාථ කිරීමට සාහිත්‍යධරයන් ගෙතුව කටකතාවක් බව ඔවුන්ගේ මතය යි. ඇයගේ රාජ්‍ය පාලනය සනාථ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි අල්ප වීමත් මෙම මතය ප්‍රසිද්ධ වීමට බලපා ඇත. එහෙත් බහුතරය ඇය රාජ්‍ය කළ බවට පිළිගනු ලබයි.\nඇය රාගයෙන්, බලයෙන් අන්ධව, සිංහාසන අතර ක්‍රීඩාවේ තරඟ කළ තවත් එක් සිංහල රාජවංශිකයෙකුට නිදසුනක් බව බොහෝ දෙනෙකුට වැටහෙනු පෙනේ. ", "role": "assistant" } ]
[ { "content": "මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීම වැළැක්වීම සදහා උපකාරී වන විටමින් වර්ගය", "role": "user" }, { "content": "විටමින් K", "role": "assistant" } ]
[ { "content": "පාකිස්ථානය ගැන කෙටි විස්තරයක් කරන්න. ", "role": "user" }, { "content": "පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.\n\nඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.\n\nපළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.", "role": "assistant" } ]
[ { "content": "\"ලබ සවන් රන් පටින්\" තේරුම පහදා දෙන්න.", "role": "user" }, { "content": "\"පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ....\nලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ.....\nමඳ පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ....\nදිළි එවුන් රූ සිරු නුවන් වන් බඹ වුවත් දැහැණින් මිදේ....\nවෙණ වැයුම රස විඳුම සඳහා දෙව් ලොවින් බිමට බට සුරඟනන් ගේ රූ සොබාව වර්ණනය කරන පැදි කිහිපයක එක් පැදියකි...\nඑම සුරඟනන්ගේ පියයුරු , පිපුණු සමන් මල් ගවසන ලද තන පට වලින් ආවරණය කර ඇති විට රත්තරං හන්සයින් සේ සිත් බඳනා සුළුය...\nසිත් බඳනා අතරම නෙත් බඳිනා බවක්ද කියැවෙයි.දෙවඟනන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් නම් ලම්භ කර්ණ හෙවත් එල්ලෙන ස්වභාවයේ දිගු කන් පෙති පිහිටීම.ඒ එල්ලෙන සුළු කන් පෙති ද රන් පාටය.(තන , රන් පාට සේම) ඒවා රන් පස හෙවත් ස්වර්ණ පාෂයන්ය...පසින් යනු මළ පුඩු හෙවත් යමක් හසු කරගන්නා (ග්‍රහණයට ගන්නා) යන අදහසයි.වෙණ නද ඇසීමට පැමිණි ජනයා එම රන් වන් දිගු කන් පෙති දෙස ද ආශාවෙන් බලා සිටි බව , හෙවත් රත්තරන් මළ පුඩුවල (මළයක් හෙවත් උගුලක් අටවන්නට ලණු ඇවැසි වේ) දිගු රත්තරන් මළ පුඩු වල ජනයාගේ නෙත් නමැති මුව පොව්වන් අසු වූ සැටියෙකි...\nමේ සුරඟනන් නර්තනයේ යෙදෙන විට , මඳ පවනින් සැළෙන හෙවත් ලෙළදෙන රත්තරනින් කරන පහන් සිළු මෙන් රත්තරං පාට බඳ සැළීමෙක්ද වේ...\nමේ අයස්කාන්ත රූ සොබාවන් නෙත ගැටෙන විට වීතරාගී බඹු වුවද ධ්‍යානයෙන් මිදෙන සුළුය.", "role": "assistant" } ]
[ { "content": "වැඩිම වාර ගණනක් නොබෙල් ත්‍යාගය දිනාගත් සංවිධානය කුමක්ද?", "role": "user" }, { "content": "ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය", "role": "assistant" } ]
[ { "content": "කොස් වර්ග දෙක නම් කරන්න.", "role": "user" }, { "content": "කොස් වර්ග දෙකක් හමුවන අතර ඒවා \"වරකා\" සහ \"වැල\" ලෙස හදුන්වයි. \"වරකා\" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් \"වැල\" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ.", "role": "assistant" } ]
[ { "content": "ඉංග්‍රීසි හෝඩියේ ස්වර කීයක් තිබේද ඒවා නම් කරන්න?\n", "role": "user" }, { "content": "a, e, i, o, u යන ස්වර 5ක්.\n", "role": "assistant" } ]
[ { "content": "චීනයේ භාවිතා වන මුදල් ඒකකය කුමක්ද?", "role": "user" }, { "content": "යුආන්", "role": "assistant" } ]
[ { "content": "\"මහල්ලා සහ මුහුද\" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු කවුද?", "role": "user" }, { "content": "\"මහල්ලා සහ මුහුද\" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල්‌ පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු අර්නස්ට්‌ හෙමිංවේ. 20 වෙනි ශත වර්ෂය ආරම්භයේදි ඇමෙරිකානු නවකථා කරුවන් ඉහළ සහ පහළ පන්ති සමාජ ජීවිතය හසුකර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රබන්ධ කථා වල විෂය පථය පුළුල් කළහ.", "role": "assistant" } ]
[ { "content": "ඔපෙක් (OPEC) සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙ ද?", "role": "user" }, { "content": "වියානා නුවර තුල", "role": "assistant" } ]
[ { "content": "\"T\" යනු ඉංග්‍රීසි හෝඩියේ කී වෙනි අකුර ද?", "role": "user" }, { "content": "\"T\" යනු ඉංග්‍රීසි හෝඩියේ විසි වන අකුර යි.", "role": "assistant" } ]
[ { "content": "සය විස යන්නෙන් කුමන ඉලක්කමක් හැඳින්වේද?", "role": "user" }, { "content": "සය විස යන්නෙන් හැඳින්වෙන්නේ විසිහය (26) ඉලක්කමය.", "role": "assistant" } ]
[ { "content": "ගඟක් මුහුදට වැටෙන ස්ථානය යන්නට තනි වචනයක් දෙන්න.", "role": "user" }, { "content": "මෝය ", "role": "assistant" } ]
[ { "content": "කොකෝවා නිෂ්පාදන සහ ප්‍රයෝජන මොනවද?", "role": "user" }, { "content": "කොකෝවා මත්පැන්, කොකෝවා බටර්, කොකෝවා කේක් සහ අමු කොකෝවා කුඩු වැනි පුළුල් පරාසයක වූ අන්තර මාධ්‍ය නිෂ්පාදන භාවිතා කරමින් කොකෝවා වැඩිවශයෙන් පිරි සැකසුම් කෙරෙන්නේ චොක්ලට් සහ කොකෝවා නිෂ්පාදනවලටය. සැබෑ චොකලට් (එය මේදය ලෙස කොකෝවා බටර් පමණක් භාවිතා කරයි, එබැවින් වඩා හොඳ ගුණාත්මක බවක් ඇති අතර වඩා මිල අධිකය) සහ මිශ්‍ර චොකලට් (කොකෝවා බටර් වෙනුවට වෙනත් එළවළු මේද භාවිතා කරයි) ලෙස චොක්ලට් වැඩිදුරටත් වර්ග කල හැකිය. නිවර්තන සහ ආසියානු වෙළඳපොළවල වැඩි වශයෙන් ඇත්තේ මිශ්‍ර චොකලට් ය. ශ්‍රී ලංකාවේ චොකලට් වෙළඳපොළෙන් 85% ක්ම මිශ්‍ර චොකලට් වේ.\nකොකෝවා කුඩු මූලිකව යොදා ගැනෙන්නේ බිස්කට්, අයිස්ක්‍රීම් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන බොහොමයක්, බීම වර්ග, කේක් රස ගැන්වීමටත් සහ රසකැවිලි සහ ශීත කළ අතුරුපස වැනි දෑ දැවටීමටය. එය බීම කර්මාන්තයේ ද භාවිතා වේ. චොකලට්, සබන්, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ඖෂධීය නිෂ්පාදන නිෂ්පාදනයයේදීද කොකෝවා බටර් යොදා ගනී. සමහර රටවල කොකෝවා පල්පයේ යුෂ පැසවීමට සලස්වා කාර්මික මධ්‍යසාර, බ්‍රැන්ඩි සහ වයින් වැනි මධ්‍යසාර පාන වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා භාවිතා කරයි. සත්ව ආහාර පිළියෙල කිරීමේදී ගෙඩියේ ලෙලි භාවිතා වේ. ලෙලි සහ කටු, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සහ ජෛව ඩීසල් නිපදවීමේ දී යොදා ගනී.\n\n", "role": "assistant" } ]
[ { "content": "ආඥාව සහ අනාඥාව අතර වෙනසක්/සමානකමක් තියෙනවද?", "role": "user" }, { "content": "‍යටත්විජිත සමයේ ජීවත් වූ පැරණි ගැමියන්, ආඥාව යන්නටම කටවහරේ යෙදූ, අවියත් වචනයක් තමයි අනාඥාව.\n' එංගලන්තෙ මහ රජ්ජුරුවන්ගෙ අනාඥාව!' කියන්නෙත් මහ රජ්ජුරුවන්ගෙ ආඥාවමයි.", "role": "assistant" } ]
[ { "content": "මුස්ලිම් පාසල් නඟා සිටුවීම සඳහා සිද්දි ලෙබ්බේ මහතාට සහය වුයේ කවරෙක් ද? ", "role": "user" }, { "content": "ඔරාබි පාෂා", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ විශාලතම කොරල් පරය කුමක්ද?", "role": "user" }, { "content": "මහා බාධක පරය ලෝකයේ විශාලතම කොරල් පරය වේ.", "role": "assistant" } ]
[ { "content": "Sesame Street නිර්මාණය කළේ කවුද?", "role": "user" }, { "content": "Sesame Street නිර්මාණය කළේ ජිම් හෙන්සන්, ලොයිඩ් මොරිසෙට් සහ ජොආන් ගැන්ස් කූනි විසිනි", "role": "assistant" } ]
[ { "content": "මේක තුන් තේරවිල්ලක්.\nගොහොරු වේල්ල", "role": "user" }, { "content": "ගොහොරැ නම් මඩ වේල්ල නම් කන්ඩිය \nමඩ කන්ඩිය -> කඩ මන්ඩිය", "role": "assistant" } ]
[ { "content": "රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ නම් කරන්න.", "role": "user" }, { "content": "රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික ක්ශීරපායින් විශේෂ පහත දැක්වේ.\nකළු වදුරා Trachypithecus vetulus\nරිලවා - Macaca sinica\nරන් හෝතඹුවා - Paradoxyrus zeylonensis", "role": "assistant" } ]
[ { "content": "ආවර්තිතා වගුව යනු කුමක්ද", "role": "user" }, { "content": "ආවර්තිතා වගුව යනු රසායනික මූලද්‍රව්‍යවල වගු සැකැස්මකි, ඒවායේ පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පුනරාවර්තන රසායනික ගුණාංග අනුව සංවිධානය වේ. විවිධ මූලද්‍රව්‍ය අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට, නව මූලද්‍රව්‍යවල ගුණ පුරෝකථනය කිරීමට සහ නව ද්‍රව්‍ය සැලසුම් කිරීමට එය විද්‍යාඥයින්ට ඉඩ සලසයි.", "role": "assistant" } ]
[ { "content": "දළදා මාලිගාව හඳුන්වනු ලබන වෙනත් නම් මොනවා ද?\n\n", "role": "user" }, { "content": "දළදා වහන්සේ වැඩ හිටි මන්දිරය, ධාතු ඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මැදුර ආදී නම් වලින් ද දළදා මාලිගාව හඳුන්වනු ලබයි. ", "role": "assistant" } ]
[ { "content": "ප්‍රශ්නය : ආකෘතිමය ගැලපුම් ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් හඳුන්වා දුන්නේ පිළිතුර:", "role": "user" }, { "content": "ඔබ සඳහන් කළ \"ආදර්ශ ගැලපුම් ප්‍රතිපත්තිය\" මෑත වසරවලදී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන ලද හෝ සකස් කරන ලද විවිධ ආර්ථික සහ මුදල් ප්‍රතිපත්ති සමඟ සමපාත වන බව පෙනේ. එම නමින් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති අතර, ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ රාමු කිහිපයක් මෙම කුඩය යටතේ සලකා බැලිය හැක.\n\n1. මුදල් ප්‍රතිපත්ති සහ උද්ධමනය ඉලක්ක කිරීම ඉන්දියානු සංචිත බැංකුව (RBI) වර්ධන අරමුණ නොසලකා හරිමින් මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. \n2. මුදල් ප්‍රතිපත්ති කමිටුවේ කාර්යභාරය: RBI හි මුදල් ප්‍රතිපත්ති කමිටුව (MPC) උද්ධමන ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තීරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. \n\nමෙම ප්‍රතිපත්ති සහ ගැලපීම් මගින් ආර්ථික වර්ධනය මූල්‍ය ස්ථාවරත්වය, උද්ධමනය පාලනය සහ ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ කිරීම සමඟ සමතුලිත කිරීමට ඉන්දියාවේ උත්සාහයන් පිළිබිඹු කරයි. මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස්කම්, විශේෂයෙන්ම නම්‍යශීලී උද්ධමන ඉලක්ක ගත කිරීම සහ MPC හි භූමිකාව, FDI ප්‍රතිපත්තිවල ගැලපීම් සමඟින්, මෙම සන්දර්භය තුළ ප්‍රධාන අංග වේ.", "role": "assistant" } ]
[ { "content": "SLBC හි දේශීය FM ජාලය මගින් පිරිනමනු ලබන ගුවන්විදුලි සේවා මොනවාද?", "role": "user" }, { "content": "SLBC හි දේශීය FM ජාලය දැනට රටපුරා ගුවන්විදුලි මධ්‍යස්ථාන හයක් විකාශනය කරයි. මෙම ස්ථාන අතර \"සිංහල ස්වදේශීය සේවය\" (සිංහල ජාතික සේවය), \"දෙමළ ජාතික සේවය,\" \"ඉංග්‍රීසි සේවය,\" \"සිටි එෆ්එම්\" (සිංහල), \"වෙළද සේවය\" (සිංහල වානිජ සේවය), \"තේන්ද්‍රල්\" (දෙමළ වාණිජ සේවය) සහ හින්දි සේවාවක් ඇතුළත් වේ.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රීලංකාව වෙනුවෙන් දෙවන වරට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ කවුද?", "role": "user" }, { "content": "සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදි කාන්තා මීටර් 200 රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය වයස අවුරුදු 20දි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම පළමු ඔලිම්පික් තරගයට සහභාගි විය.", "role": "assistant" } ]
[ { "content": "සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග කරන්න.", "role": "user" }, { "content": "සැකැස්ම අනුව සිංහල නාම පද වර්ග පහත දැක්වේ.\nතනි නාම පද\nසමාස පද\nසංයුක්ත නාම පද\nක්‍රියානාම\nයුගල නාම පද", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , \" හොඳම නිළිය \" සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය කවුද ?", "role": "user" }, { "content": "ශ්‍රී ලාංකික සිනමා සම්මාන ඉතිහාසයේ , \" හොඳම නිළිය \" සම්මානය දිනාගත් ළාබාලතම රංගන ශිල්පිණිය වන්නේ නිත්‍යවානි කන්දසාමි වේ.\n( 2003 වසරේදී , පුංචි සුරංගනාව් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් )", "role": "assistant" } ]
[ { "content": "ලොව විශාලතම විල් 10,", "role": "user" }, { "content": "කැස්පියන් විල\nසුපීරියර් විල\nඒරල් විල\nවික්ටෝරියා විල\nහ්‍යුරන් විල\nමිචිගන් විල\nබයිකල් විල\nටැංගනිකා විල\nග්‍රේට් බෙයාර් විල\nග්‍රේට් ස්ලේව් විල", "role": "assistant" } ]
[ { "content": "ස්කන්ද දෙවියෝ ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.\n\nකාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1 වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ. එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.\n\nස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රීලංකාව හා එංගලන්තය අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී ඉහළම සබඳතාවයට හිමිකම් කියන පිතිකරුවන් යුගලය කවුද?", "role": "user" }, { "content": "උපුල් තරංග සහ සනත් ජයසූරිය", "role": "assistant" } ]
[ { "content": "\"හාත්පසින් \" යනු වටපිටාව ද සෑමපැත්තෙන් ම ද යන්න පහදා දෙන්න", "role": "user" }, { "content": "හාත්පස= අවට\nහාත්පසින්ම =එහෙම් පිටින්ම", "role": "assistant" } ]
[ { "content": "ඛේදජනක වසර(years of the Great Depression) ලෙසද හැඳින්වෙන 1930 දී ඇමරිකානුවන් කී දෙනෙක් රැකියා විරහිතව සිටියාද?", "role": "user" }, { "content": "1930 දී, මහා අවපාතයේ මුල් වසරවලදී, එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගත්තේය. 1930 සඳහා නිශ්චිත විරැකියා සංඛ්‍යා නවීන දත්ත තරම් නිවැරදි නොවූවත්, විරැකියා අනුපාතය 8.7% ක් පමණ වූ බව ගණන් බලා ඇත. මෙම ප්‍රතිශතය මිලියන 36.4 ක පමණ ශ්‍රම බලකායකින් ආසන්න වශයෙන් ඇමරිකානුවන් මිලියන 3.2 ක් රැකියා විරහිත බවට පරිවර්තනය විය.\n\n1933 දී විරැකියා අනුපාතය එහි උච්චතම අවස්ථාවට ළඟා වීමත් සමඟ ඊළඟ වසරවලදී තත්වය නරක අතට හැරුණි. මෙම සංඛ්‍යා මහා අවපාතයේ විරැකියා අර්බුදයේ විෂය පථය සම්පූර්ණයෙන් ග්‍රහණය කර නොගත හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය, මන්ද ඒවා අඩු සේවා නියුක්තිය සහ ඒවා සඳහා ගණන් නොගනී. රස්සාවක් හොයන එක නවත්තලා තිබ්බ. මහා අවපාතය, එක්සත් ජනපදයේ සහ ලොව පුරා රැකියා සහ ජීවන තත්වයන්ට ප්‍රගාඪ ලෙස බලපාන, නූතන ඉතිහාසයේ වඩාත්ම දරුණු සහ තිරසාර ආර්ථික පසුබෑමක් ලෙස පවතී.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ජන්ද බලය ලැබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව?", "role": "user" }, { "content": "ඩොනමෝර්", "role": "assistant" } ]
[ { "content": "බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ මොනවාද?", "role": "user" }, { "content": "පහත ප්‍රදේශ වල ගල් අඟුරු බහුලව ඇත.\n\n- දකුණු වේල්ස්\n- යෝක්ෂයර්\n- ලැන්කැෂයර්", "role": "assistant" } ]
[ { "content": "බ්‍රහස්පති ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන්නේ කෙසේද?", "role": "user" }, { "content": "රහස්පති ග්‍රහයා අනෙකුත් සියලුම ග්‍රහලෝක එකතු වී ඇති ස්කන්ධය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.", "role": "assistant" } ]
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\n\"ගින්නක් නැතුව නගින දුම\"", "role": "user" }, { "content": "\"ගින්නක් නැතුව නගින දුම\" යන තේරවිල්ලේ විසඳුම මීදුම වේ.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය සම්පුර්ණ කරන්න. \n\nගෙල වට බැන්දා වූ මුතු පොටේ \nදිස්නෙට මුහුණේහි ඔප වැටේ\nඔසරි නෙරියට නළල් තිලකෙට\nබැන්ද සිටු පෙම් ආනන්ද වේ", "role": "user" }, { "content": "ගෙල වට බැන්දා වූ මුතු පොටේ \nදිස්නෙට මුහුණේහි ඔප වැටේ\nඔසරි නෙරියට නළල් තිලකෙට\nබැන්ද සිටු පෙම් ආනන්ද වේ\n\nකෝකිල සංදේශ කවි පොතේ\nඔය වැනි උපමා ද තව ඇතේ\nරුවැති ළඳකට තනිව මග තොට\nයන්න නිදහස දැන් නෑ වගේ\n\nකාගේ කවුරුද ඉන්නේ කොතැනද\nනෑ අපි අඳුනන්නේ\nආගන්තුක අපි ආවම කඳුරට\nනැතුවද පිළිගන්නේ\n\nකෝකිල සංදේශ කවි පොතේ…..\nගෙලවට බැන්දා වූ මුතු පොටේ…..\n\nසෙංකඩගලපුර පෝදා සඳ මෙනි\nමේ මුතු මැණිකේලා\nදළදා සමිඳුන් වැඩ හිඳිනා බිම\nනෑ හොඳ නෑ ඕවා\n\nගෙලවට බැන්දා වූ මුතු පොටේ…..\nකෝකිල සංදේශ කවි පොතේ…..\n\nප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී\nඅජන්තා රණසිංහ\nප්‍රියා සූරියසේන", "role": "assistant" } ]
[ { "content": "Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය කුමක්ද?", "role": "user" }, { "content": "Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය ලාදුරු රෝගයයි.", "role": "assistant" } ]
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
8
Edit dataset card