Text
stringlengths
37
138
දතේ කොටස් ගැන දැන් යම් අවබෝධයක් ඇති නේ. දතේ ඇතුලෙම
කොටස තමයි කල්ක කුහරය (Dental Pulp) කියලා හැඳින්වෙන්නේ. මෙහි ස්නායු
සහ රුධිර කේෂනාලිකා අඩංගුයි. මෙය සජීවී පටකයක්. මෙය බැක්ටීරියා හෝ
වෙනත් හේතු මගින් ආසාදනය වුණාම තමයි ස්නායු පිරවීමක් අවශ්ය වන්නේ.
ස්නායු පිරවීමක් කළ යුත්තේ ඇයි? කල්ක කුහරය ආසාදනය වුණාම එය
රුධිර නාල ඔස්සේ දත ආශ්රිත පටක වලාට පැතිරෙන්න පුළුවන්. දත
අසල ගෙඩියක්(abscess) ඇතිවීම වගේම ඉදිමීම සිදු වෙන්න පුළුවන්. මෙම ක්රියාවලිය
දීර්ඝ කාලයක් ඔස්සේ සිදුවීම නිසා වෙනත් රෝගී තත්වයන්ද ඇති වෙන්න
පුළුවන්. යටි ඇන්දේ දතක් නම් විෂබීජ පැතිරිලා ආශ්රිත පටක ඉදිමීම
නිසා ශ්වසන පද්ධතිය අවහිර වීමෙන් මරණය පවා සිදුවීමේ හැකියාවක් තියෙනවා.
මෙම ප්රතිකාරය සාමාන්යයෙන් සිදු කරන්නේ හිරි වට්ටලා. ඒ නිසා වේදනාවක්
දැනෙන්නේ නෑ. ආසාදිත පටක කොටස් ඉවත් කරලා වෙනත් මාධ්යයකින් කල්ක
කුහරය පිරවීම තමයි සිදු කරන්නේ. මේක ගොඩක් සියුම් ඒ වගේම
කාලය ගතවෙන ක්රියාවලියක්. රෝග ලක්ෂණ ස්නායු පිරවීමක් කරන්නේ සාමාන්ය පිරවුමක්
කළ නොහැකි දත් වලට. ඒ කියන්නේ කල්ක කුහරය ආසාදනය වුණාම
ස්නායු පිරවීමක් කරන්න වෙනවා. මේ දතේ ගොඩක් වෙලාවට කිසිම වේදනාවක්
නැහැ. ඒත් දතේ අවපැහැ ගැනීමක් තියෙන්න පුළුවන්. කාලයකට පෙර වේදනා
ගෙන දුන්න දතක් දැන් කිසිම වේදනාවක් නැතුව අවපැහැ ගැන්විලා තියෙනවානම්
ඒ දත සඳහා බොහෝවිට ස්නායු පිරවීම් කරන්න වෙනවා. ඒ වගේම
ස්නායු පිරවීමෙන් පසුව දතේ ශක්තිමත් බව අඩුවෙන නිසා බොහෝවිට දත
මතුපිටින් කරන crown restoration කළ යුතු වෙනවා. දත් කියන්නේ ගොඩාක්
වැදගත් දෙයක්. දතක් ගැලෙව්වට පස්සේ ඒ දත අපිට ආයෙ ලබාගන්න
බැහැ. ඒ නිසා දත ගලවන්න කලින් ස්නායු පිරවීමක් කරලා ඒ
දත ගලවන්නෙ නැතුව බේරගන්න පුළුවන්ද කියලා බලන එක ගොඩක් වැදගත්.
"අන්න අදත් අර චානකය එනව. ඉක්මනට කොහාට හරි මාරු වෙමු."
"ඔව් බං. ඌට අහු වුණාම කියවිල්ල ඉවරයක් " "කියවිල්ල නම්
කමක් නැහැ කියමු. උගෙ කටේ ගඳ තමයි ඉවසන්න බැරි..." මෙවැනි
කතා ඔබ එදිනෙදා අහලත් ඇති. කියලත් ඇති. අත්විඳලත් ඇති. මේ
තත්වය අත්විඳින්නාට වගේම රෝගියාටත් ඉතාම අප්රසන්න, මානසික් පීඩාවක් ගෙන දෙන
තත්වයක්. මුඛයෙන් දුර්ගන්ධයක් හැමීමට හේතුවන ප්රධාන හේතු රාශියක් තියෙනවා. එයින්
ඉතාම සුලබ රෝගී තත්වයක් ගැන තමයි අද ඔබවෙත තොරතුරු ගෙන
එන්නේ. ඒ තමයි විදුරුමස් රෝග. ශ්රී ලංකාවාසීන්ගෙන් 70%කටත් වැඩි ප්රමාණයක්
වයස අවුරුදු 60 වන විට සම්පූර්ණයෙන්ම දත් නොමැති තත්වයට පත්
වන් බව වාර්තාවක සඳහන් වෙනවා. මේ සඳහා හේතු වෙන්නේ විදුරුමස්
රෝගයි. විදුරුමස් රෝග නිසා සිදුවන දත් අහිමි වී යාම, දත්
නරක් වීම නිසා සිදුවන දත් ගැලවී යාමට වඩා වැඩියි කියලයි
පර්යේෂණ වාර්තා වල සඳහන් වෙන්නෙ. විදුරුමස් රෝග වලට ප්රධානම හේතුව
වෙන්නේ අපි සාමාන්ය ව්යවහාරයේ මැලියම් කියලා හඳුන්වන දෙය. එය හඳුන්වන
නිවැරදි නම "දන්ත පථ" (dental plaque) යන්නයි. මෙය සමන්විත වන්නේ
බැක්ටීරියා වලින්. සාමාන්යයෙන් මෙය ඇලෙන සුළු අවර්ණ ද්රව්යයක්. මෙය බොහෝ
විට රැඳෙන්නේ දත් හා විදුරුමස් අතරයි. (රූපයේ දක්වා ඇති පරිදි)
ඒ වගේම දත් අතර හා දත් මතුපිටත් මෙම මැලියම් රැඳී
තිබෙනවා. මෙම මැලියම් සාමාන්ය දත් බුරුසුවකින් හොඳින් මැදීමෙන් ඉවත් කරගත
හැකියි. සිනිඳු කෙඳි සහිත දත් බුරුසුවක් මේ සඳහා හොඳටම ප්රමාණවත්.
දවසට දෙසැරයක් පමණ ආහාර ගැනීමෙන් පසුව දත් පිරිසිදු කර ගැනීම
වැදගත් වනවා. නමුත් මෙම මැලියම් දිගු කාලයක් ඉවත් කිරීමෙන් තොරව
පැවතුනහොත් එවා ඝන තත්වයට පත් වෙනවා. එවිට සාමාන්ය දත් බුරුසුවකින්
ඒවා ඉවත් කරන්නට බැහැ. දන්ත වෛද්යවරයෙකු වෙත ගොස් දත් පිරිසිදු
කරගැනීම මගින් ඝන වූ මැලියම් ඉවත් කරගත හැකියි. මැලියම් දිගු
කාලයක් තිස්සේ ඉවත් නොකිරීම නිසා විදුරුමස් ප්රදාහය (gingivitis) නැමති රෝගී
තත්වය ඇති වෙන්න පුළුවන්. මෙය විදුරුමස් රෝග වල මුල් අවස්ථාවයි.
මෙහිදී විදුරුමස් රතු වී, ඉදිමුණ තත්වයට පත් වන අතර විදුරුමස්
වලින් ලේ ගැලීමද සිදු වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි
රෝගී තත්වයක්. දත් හා විදුරුමස් ඉතා හොඳින් පිරිසිදුව තබා ගැනීම
මගින් එය සුව කරන්න පුළුවන්. දන්ත වෛද්යවරයෙක් ලවා දත් පිරිසිදු
කරගැනීම පමනක් මෙයට ප්රමාණවත් වන්නේ නැහැ. දිනපතා දත් මැදීම මගින්
යහපත් මුඛ සෞඛ්ය පවත්වා ගැනීම ඉතාම වැදගත්. විදුරුමස් ප්රදාහය (gingivitis)
නම් තත්වය දකින්න ලැබෙන්නේ මේ විදියට. විදුරුමස් ප්රදාහය සඳහා ප්රතිකාර
නොකල විට එය විදුරුමස් රෝගය බවට පත්වෙනවා. මෙහිදී විදුරුමස් දත්
වලින් ඈත් වීම නිසා ඒ අතර හිඩැස් (pockets) හටගන්නවා. නොයෙක්
බැක්ටීරියා වලට එහි ඉතා හොඳින් රැඳීමට හැකියි. එවිට දතේ මුල
කොටසේත් මැලියම් නිර්මාණය වෙනවා. එම බැක්ටීරියා වල ක්රියාවලිය සහ ඒවාට
එරෙහිව ශරීරයෙන් සිදු කරන ප්රතික්රියා නිසා දත් හා අස්ථිය අතර
ඇති සම්බන්ධතා බිඳ වැටී දත් බුරුල් වෙන්න පටන් ගන්නවා. මෙය
දිගින් දිගටම සිදුවීමෙන් දත් ගැලවී යන්න පවා පුළුවන්. අවාසනාවකට මෙය
සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක් නෙවෙයි. නමුත් ප්රතිකාර මගින්
තවදුරටත් රෝගය දරුණු වීම වලක්වා ගන්න පුළුවන්. එම තත්වය පහත
රූපයෙ පරිදියි. මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නිසා මුල් අවස්ථාවේදීම
ප්රතිකාර සඳහා යොමු වීම වැදගත්. ඔබ විදුරුමස් රෝගයකින් පෙළෙනවාදැයි දැනගත
හැකි රෝග ලක්ෂණ ගැන අපි දැන් විමසා බලමු. මුඛයෙන් දුර්ගන්ධයක්
හැමීම. විදුරුමස් රතු වී, ඉදිමී තිබීම. විදුරුමස් වලින් ලේ ගැලීම.
විදුරුමස් ඇඟිල්ලෙන් තද කරනවිට වේදනාවක් ඇතිවීම. ආහාර ගන්නා විට දත්
වලින්වේදනාවක් ඇති වීම. දත් සෙලවීම. දත් හිරිවැටීම. විදුරුමස් දියවී යාම
නිසා දතේ මුල කොටස මතුවී තිබීම. මෙවැනි තත්වයක් තියෙනවා නම්
ප්රතිකාර සඳහා දන්ත වෛද්යවරයෙක් වෙත යොමු වීම ඉතාම වැදගත්. විදුරුමස්
රෝග ගැන තවත් තොරතුරු මීළඟ ලිපියෙන්... Posted by දත් වෙද
කලින් ලිපියෙන් විදුරුමස් රෝග හැදෙන්නේ කොහොමද, විදුරුමස් රෝග වල රෝග
ලක්ෂණ ගැන එහෙම කතා කරපු නිසා අද විදුරුමස් රෝග ගැන
තවත් වැදගත් තොරතුරු ටිකක් කියන්නම්. විදුරුමස් රෝග සඳහා වැඩි අවදානමක්
ඇති කරන සාධක කිහිපයක් තියෙනවා. මේ සාධක එකක් හෝ කිහිපයක්
තියෙනවානම් ඔබට විදුරුමස් රෝග සෑදීමේ අවදානම වැඩියි. දුම්පානය: දුම්පානය ඔබට
විදුරුමස් රෝග ඇති කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම විදුරුමස්
රෝග සඳහා කෙරෙන් ප්රතිකාර වල කාර්යක්ෂමතාවයටත් දුම්බීම බලපානවා. ඔබ නිතර
දුම්පානය කරන කෙනෙක් නම් මේ ප්රතිකාර වලින් කිසිම ප්රතිඵලයක් නැති
වෙන්න පුළුවන්. හෝමෝන අසමතුලිතතා: විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භණී සමයේ සිදුවන හෝමෝන
වෙනස් වීම විදුරුමස් රෝග් සඳහා බලපාන්න පුළුවනි. දියවැඩියාව: පාලනය නොකරන්
ලද දියවැඩියා තත්වය නිසා විදුරුමස් රෝග සඳහා කෙරෙන ප්රතිකාර වලින්
යහපත් ප්රතිඵල නොලැබෙන්න තිබෙන හැකියාව වැඩියි. අනෙකුත් රෝගී තත්ව: විශේෂයෙන්ම
ඒඩ්ස්, පිළිකා වැනි රෝගී තත්ව නිසාත් විදුරුමස් රෝගී තත්ව ඇති
වෙන්න පුළුවන්. විවිධ බෙහෙත් වර්ග: උපත් පාලන පෙති, විශාදය (depression)
සඳහා ලබාගන්න බෙහෙත් වර්ග (anti depressants) සහ හෘද රෝග සඳහා
ලබාගන්න සමහර බෙහෙත් වර්ග මේ සඳහා හේතු වෙන්න පුළුවන්. ජානමය
හේතු මානසික ආතතිය මන්දපෝෂණය ස්ථූලතාවය ඔය වගේ විවිධ හේතු විදුරුමස්
රෝග ඇති වෙන්න බලපාන අවදානම් සාධක විදියට ක්රියා කරනවා. සාමාන්යයෙන්
විදුරුමස් රෝග වැඩිපුර දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 30ට වඩා වැඩි
පිරිමි අයගේ බවයි පර්යේෂණ වාර්තාවල සඳහන් වන්නේ. විදුරුමස් රෝග වල
රෝග ලක්ෂණ කලින් ලිපියේ දක්වා තිබෙනවා. ඔබට එම රෝග ලක්ෂණ
තියෙනවා නම් ඉක්මනින් ප්රතිකාර සඳහා යොමුවීම වැදගත්. විදුරුම රෝග සඳහා
ප්රතිජීවක ඖෂධ, මුබ සේදුම් දියර ආදිය භාවිතා කරන්න ඕනේ වෛද්ය
උපදෙස් යටතේ පමණයි. වෛද්ය උපදෙස් වලින් තොරව ඒ සඳහා යොමුවීම
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card