text
stringlengths
40
589k
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව [/INST] වාමාංශික පක්ෂ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ වල් පැලැටි [/INST] වගාවක හෝ ගෙවිතැනක අදාල බෝගයට බාධා සිදුවන හෝ මූල්‍යමය පාඩු සිදුකෙරෙන වල් පැලැටි හෙවත් පලිබෝධ ශාක ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි ගොයම් පැළයට අමතරව කුඹුරෙහි දක්නට ලැඛෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හඳුන්වනු ලැබේ . වල් පැළ පාලනය සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ වී වගාව ආරම්භක අවස්ථාවේ සිටමය. එබැවින් වගා ආරම්භයට පෙර සිටම සාර්ථක වල් පැළ පාලනයක් සිදු කර ගැනීමට නම් කුඹුරෙහි ඇති විවිධ වල් වර්ග කුමන ප්‍රමාණයකින් තිබේද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. වී වගාවේ බලපෑම් ඇති කරන වල් පැළෑටි ද ප්‍රධාන කාණ්ඩ 03 ක් හඳුනා ගත හැක. එනම් , තෘණ වර්ගයේ වල් පැළෑටි පන් වර්ගයේ වල් පැළෑටි පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි දිය සියඹලා විද්‍යාත්මක නාමය කුලය ලක්ෂණ වාර්ෂික ඇතැම් විට බහුවාර්ෂික පළල් පත්‍ර ගණයෙහි ගැනෙන පඳුරක ආකාරයට බොහෝ සෙයින් අතු බෙදී වැ‍ඩෙන පැළයක් ලෙස මෙය හඳුනාගත හැක.මෙහි කඳ බොහෝ දුරට සිලින්ඩරාකාර හැඩයකින් යුතුවේ.මෙහි පත්‍ර ආයත හැඩයෙන් යුතුවන අතර පත්‍ර සෙ.මී.3-10 දිගින් යුතු වේ.මෙම පත්‍රිකා යුගල් ලෙස පිහිටයි. මහ ගිරාපලා විද්‍යාත්මක නාමය Commelina diffusa කුලයCommelinaceae ලක්ෂණ මෙය බිම දිගේ පැතිරී වැඩෙන වාර්ෂික සහ බහුවාර්ෂික ‍යන දෙකොටසම අයත් මාංෂල පළල් පත්‍ර ශාකයකි.මෙහි පුෂ්ප මංජරිය නිල් පැහැති පුෂ්ප හට ගනී. මෙහි ප්‍රවාරණය සිදුවන්නේ කදේ ගැට වලින් හට ගන්නා මුල් සහ බීජ මගිනි.ජල මාර්ග අසල ජලය එකතුවි පවතින කුඹුරුවල නියරවල් වල දක්නට ලැබේ. වෙල් කරාඹු විද්‍යාත්මක නාමය Ludwigia octovalvis කුලය ලක්ෂණ මෙය සෘජුව පඳුරක් ලෙස වැඩෙන වාර්ෂික ජලජ පළල් පත්‍ර ශාකයකි.මෙය සෙ.මී.10-30 පමණ උසට බොහෝ විට දම් පැහැයකට හුරු අධික ලෙස අතු‍ බෙදෙමින් කාෂ්ටීයව වැඩෙන කඳකින් යුතුය.පත්‍ර සරළ සහ හැඩය ලාන්සාකාර වේ.මෙහි පුෂ්ප මංජරිය කහ පැහැතිය.මෙහි ප්‍රවාරණය සිදුවන්නේ බීජ මඟිනි.මේවා ජලය සහිත කුඹුරුවල බහුලව දක්නට ඇත. වල් පැළැටි මඟින් ගොයමට සිදුවන හානියේ ස්වරුපය හඳුනා ‍ගැනීම බිම් සකස් කරන අවස්ථාවේ‍දි ඇතිවන අපහසුතාව නිසා අධික වියදමක් දැරීමට සිදුවීම. කුඹුරට යොදන පොහොර,ජලය,ලැබෙන ආලෝකය වැඩි තරඟකාරීත්වයකින් වල් පැල ලබාගැනීම නිසාත් ගොයම් ගසේ වර්ධනය බාල වීම. වී වගාවට හානිකරන කෘමීන්,දිලීර,රෝග කාරකයන් සහ නෙමටෙඩාවන්ට ධාරක ශාකයක් ලෙස ක්‍රියා කිරීමෙන් අස්වැන්නට සිදුවන හානිය වඩාත් වැඩි කිරිම. කුඹුරේ වැඩෙන වල් පැළ වල බීජ සහ වර්ධක කොටස් ජලය මඟින් අවට ඇතා ඇල,දොල සහ ගංගාවලට එකතු වී වාරි මාර්ගවලට අවහිර වීම. වී අස්වැන්නට හානි කරන මීයන් බෝවීමට හොඳ පරිසරයක් ලබා දිම. වල් පැළෑටි බීජ සමඟ මිශ්‍ර වීම නිසා වීවල ගුණාත්මක අගය අඩු වීම. ඉහත කරුණු සියල්ලම හේතු කොට ගෙන අස්වැන්න සහ එහි ගුණිත්මක අහ ආර්ථික අගය අඩු විම. බටදැල්ල විද්‍යාත්මක නම : Isachne globoa okuunta කුලය : Gramineae ලක්ෂණ : මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙයට බිම දිගේ පැතිර වැඩන ධාවක කඳක් සහිතයි. මේවා බීජ සහ ධාවක කොටස් මගින් ප්‍රචාරණය වේ. ජලය හොඳින් බැස නොයන අධික මඩ සහිත කුඹුරුවල මේවා දැකිය හැක. කුඩමැට්ට (Finge rush) විද්‍යාත්මක නම : Scripus Supinus L. Nar කුලය : Cyperaceae ලක්ෂණ : මෙය වාර්ෂික පන් ශාකයකි. ඍජුව සෙ. මී. 10-30 ක් උසට වැඩෙන ශාකයකි. කඳ සිලින්ඩාරාකාරය. මෙහි පත්‍ර සියල්ලම පාදස්ථායෙන් පටන් ගනි. මෙිවා බීජ මගින් ප්‍රචාරණය වේ. කුඹුරු ආශ්‍රිතව ඉතා බහුලව වැඩේ. මෙම වල් පැලැටිය වී අස්වැන්න අඩු වීම අධික ලෙස බලපායි. මෙය වියළි සහ තෙත් කලාපවල දක්නට ඇත. කලාදුරු (Purple nutsedge) විද්‍යාත්මක නම : Cyperus rotundus L. කුලය : Cyperaceae ලක්ෂණ : බහු වාර්ෂික පන් ශාකයකි.සෙ. මී. 15-20 පමණ උසට වැඩේ. කඳ ඍජුය. අතු බෙදී නොමැත. කඳ ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. මෙහි පත්‍ර තද කොළ පැහැයක් ඇති රේඛීය පත්‍ර වේ. ප්‍රධාන වශයෙන් මේවා ආකන්ධ මගින් ප්‍රචාරණය සිදු කරයි. බීජ මගින් ද කලාතුරකින් ප්‍රචාරණය සිදු වේ. ගොඩබිම සහ ජල කුඹරැවල බහුලව දක්නට ලැබේ. තුණැස්ස (Umbrella Sedge) විද්‍යාත්මක නම : Cyperus iria Linn කුලය : Cyperaceae ලක්ෂණ : මෙය වාර්ෂික පන් ශාකයකි. පඳුරක් ලෙස වැඩෙන මෙම වල් පැළැටිය තන්තුමය, රතු පැහැයට හුරු මුල පද්ධතියක් ඇත. මෙහි කඳ පැහැදිලි පැතිලි ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. බීජ මගින් ප්‍රචාරණය සිදු වේ. මඩ සහිත කුඹුරුවල බහුලව දක්නට ලැබේ. මොටිලු (Small Flower Umbrella Plant) විද්‍යාත්මක නම : Cyperus difformis Linn කුලය : Cyperaceae ලක්ෂණ : මෙය වාර්ෂික පන් ශාකයකි. මි. මී. 1 - 4 ක් පමණ මෙහි කඳ මහත්වන අතර මෘදුය. බීජ මගින් ප්‍රචිරණය සිදු වේ. මඩ කුඹුරුවල බහුලව දක්නට ලැබේ. පළල් පත්‍ර වර්ගයේ වල් පැලැටි හඳුනා ගැනීම දිය හබරල (Monochoria Pickerel weed ) විද්‍යාත්මක නම : Monochoria vaginalis කුලය : Pontederiaceae ලක්ෂණ : මෙය මාංශල, අර්ධ ජලජ, පළල් පත්‍ර සහිත ඒක බීජ පත්‍ර වාර්ෂික හෝ ඇතැම් විට බහුවාර්ෂික ශාකයකි. කඳ ඍජුය, සිනිඳුය. ඇතඅම්විට රෛමසෝමය සහිතය. මෙහි ඇත්තේ කෙටි මාංශලමය කඳකි. එමෙන්ම වෘත්තයේ පාදස්ථ කොටස පුෂ්ප මංජරිය ශාකයකි. මෙය නිල් පැහැති පුෂ්ප දරයි. මෙහි ප්‍රචාරණය සිදු වන්නේ බීජ මගිනි. තවද ඇල දොල, ‍ගංගා ආශ්‍රිත නිශ්චල ජලයේ සහ මඩ අධික කුඹුරුවල දක්නට ලැබේ. දිය ගෝවා (Yellow water lettuce) විද්‍යාත්මක නම : Limnocharis flava busheanau කුලය : Limnocharieacae ලක්ෂණ : වාර්ෂික / බහුවාර්ෂික ජලජ පළල් පත්‍ර ශාකයකි. රෛමසෝමය සහිතය. ධාවක කඳෙන් මුල් ඇති වී අළුත් පැළ ඇත. මෙම වල් පැළැටිය මීටර් 0.5 - 1 පමණ උසට වැඩේ. මෙහි පත්‍ර පළල්, අණ්ඩාකාර, තරංගී නාරටි වින්‍යසයක් සහ දිග ත්‍රිකෝණාකාර වෘත්තයක් සහිතයි. එමෙන්ම පාදස්ථයේ පත්‍ර කොපු ඇත. මෙහි ප්‍රචරණය සිදු වන්නේ ධාවක කඳෙන් සහ බීජ මගිනි. තවද තෙත පර්සරයක් ඇති කුඹුරුවල, නොගැඹරු ඇල දොළ, වගුරු බිම් ආශ්‍රිත දැකිය හැක. ශ්‍රී ලංකාවේ පොල් වගාවේ වල් පැලෑටි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය [/INST] ගුණ්ටුපල්ලේ හෙවත් ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය පිහිටියේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ කාමවරපුකෝට අසල ය. මෙය එලූරු සිට 40 km පමණ දුරින් පිහිටා ඇත. මෙම අඩවියෙහි බෞද්ධ ලෙන් දෙකක්, චෛත්‍ය ශාලාවක් සහ කුඩා ස්තූප ගණනාවක් දක්නට ලැබේ. මෙහි චෛත්‍ය ශාලාවෙහි දැව කැටයම් අනුකරණය කරමින් තැනූ දුර්ලභ ශෛලමය පිවිසුමක් දක්නට ලැබේ. එය ලෝමස් ඍෂි ලෙනෙහි පිවිසුමට වඩා සරල ය. සටහන් ආශ්‍රේයයන් "ASI": Group of Buddhist Monuments, Guntupalli. ASI Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සහ ව්‍යූහ ආන්ධ්‍ර ප්‍රදේශ් හි පුරාවිද්‍යා අඩවි ඉන්දියාවේ ස්තූප ආන්ධ්‍ර ප්‍රදේශ් හි බෞද්ධ අඩවි ඉන්දියාවේ බෞද්ධ ලෙන් ඉන්දියාවේ බෞද්ධ ආරාම ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන ආන්ධ්‍ර ප්‍රදේශ් හි ලෙන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: දෙසැම්බර් 28 [/INST] දෙසැම්බර් ග්‍රෙගරි දිනදසුනේ දින </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සිද්ධාර්ත් නිගම් [/INST] සිද්ධාර්ත් නිගම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නව යොවුන් නළුවකු වන අතර ඔහු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ක්ෂේත්‍රයෙහි රංගනයේ නියැළෙයි. ඔහු ජනයා අතර ජනප්‍රිය වූයේ ධූම් 3 (2013) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිත සහ ඓතිහාසික නාට්‍ය රූපවාහිනී කතාමාලාවක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් කතාමාලාවේ අශෝක අධිරාජයාගේ ළමා විය නිරූපණය කිරීම හේතුවෙනි. දිවිය සහ වෘත්තිය නිගම් උපත ලැබූයේ 2000දී වන අතර, ඔහු උපත ලබා හැදී වැඩුණේ උත්තර් ප්‍රදේශ්හි අලහබාදයේ ය. ඔහු සිය දසව ශ්‍රේණියේ අධ්‍යාපනය ඛේල්ගාඔන් මහජන පාසලේ දී සම්පූර්ණ කළේ ය. එම පාසලේ දී ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවෙහි ද නිරත වූයේ ය. පසුව ඔහු අලහබාද් සිට මුම්බායි වෙත පදිංචියට පිටත් විය. පූනේහි 58වන ජාතික පාසල් ක්‍රීඩා ‍උළෙලේ දී නිගම් සමාන්තර දඬු ඉසව්වේ දී රන් පදක්කමත්, උස් දඬු ඉසව්වේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. ඔහුට වැඩිමහල් සොහොයුරකු ද වේ. ඔහුගේ මව විසින් රාජ්‍ය නොවන සංවිධානයක් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි. නිගම් සිය වෘත්තිය ආරම්භ කළේ ජිම්නාස්ටික් ශිල්පියකු ලෙසයි. එහි දී ඔහුව ජාතික මට්ටමේ ජිම්නාස්ටික් තරග සඳහා තේරීපත් වූ අතර, ඔහු රන් පදක්කමක් ද හිමි කරගෙන තිබේ. අනතුරුව 2011දී රංගන දිවිය ආරම්භ කරමින් ඔහු බෝර්න්විටා වෙළඳ දැන්වීමකට පෙනී සිටියා ය. මෙම වෙළඳ දැන්වීමෙහි ඔහුගේ රංගන ප්‍රතිභාව දුටු චිත්‍රපට නිෂ්පාදකයෝ ඔහුව ධූම් 3 චිත්‍රපටයට දායක කරගත්හ. මෙහි දී ඔහු‍ව යොදාගැනුණේ ආමිර් ඛාන්ගේ චරිතයේ ලාබාල විය නිරූපණය සඳහා ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ විජේ ක්‍රිෂ්ණා ආචාර්ය විසිනි. 2013 දෙසැම්බර් 20 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි. බොලිවුඩ් හුංගාමා නැමැති රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් සිය විචාරයෙහි සඳහන් කොට ඇත්තේ, "සිද්ධාර්ත් නිගම්හට ඇත්තේ නැරඹිය යුතුම දක්ෂතාවයකි. ඔහු විශිෂ්ටයි!" යනුවෙනි. ඉන්ඩියා ටුඩේ පුවත්පත වෙනුවෙන් සුහානි සිං පවසා ඇත්තේ, "ඔහු තමන්ගේ ස්ව ධෛර්යයයෙන් යුතු ප්‍රතිභාව සහ මනහර විලාසය මගින් තිරය ඒකාලෝක කරයි." මෙම චිත්‍රපටයෙන් ලද සාර්ථක ප්‍රවේශයත් සමග, ඔහු පුංචි තිරයේ රංගනයට ද පිවිසියේ ය. ඔහු විසින් මිත්‍යාමය රූපවාහිනී මාලා නාට්‍යයක් වන මහා කුම්භ්: ඒක් රහාසයා, ඒක් කහානි කතාමාලවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. එහි දී ඔහු සුවිශේෂී බලයයන්ගෙන් යුතු රුද්‍රාගේ ළමා විය නිරූපණය කරන ලදී. 2014 දෙසැම්බර් 15 දින මෙම කතාමාලාව ලයිෆ් ඕකේ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ විය. 2015 පෙබරවාරි මස නිගම් විසින් චක්‍රවර්තින් අශෝක සම්රත් නැමැති ඓතිහාසික මාලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. මෙහි දී ඔහු සමග සමීර් ධර්මාධිකාරි, පල්ලවී සුභාෂ්, ම‍නෝජ් ජෝෂි, සුමිත් කොවුල්, අංකිතා ෂර්මා සහ තුනීෂා ෂර්මා යන නළු නිළියන් රංගනයෙන් දායක වූහ. මෙහි දී නිගම් විසින් අශෝක අධිරාජයාගේ ලාබාල විය නිරූපණය කරන ලදී. මෙම කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඔහු විචාරක පැසසුමට පාත්‍ර විය. එසේම හොඳම ආධුනික නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය, වඩාත් ජේත්තුකාර ආධුනිකයා සඳහා ටෙලිවිෂන් ස්ටයිල් සම්මානය ලයන්ස් ස්වර්ණ සම්මාන හා ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙවල්හි දී හොඳම ළමා නළුවා, දේශ් කි ලාඩ්ලා සඳහා 2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් මේ සඳහා ඔහුට හිමි විය. 2016 දී ප්‍රියතම ළමා නළුවා සඳහා රන් පත් සම්මානය ද ඔහුට පිරිනැමිණි. 2015 පෙබරවාරි 15 දින, නිගම් K9 නිෂ්පාදන විකට/කථා මාලාවක් වන කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහනේ විශේෂ මහාශිවරාත්‍රී කථාංගය සඳහා විශේෂ අමුත්තකු ලෙස සහභාගී විය. නිර්මාණ දායකත්වය සම්මාන සහ නිර්දේශ සටහන් පාදක සටහන් ආශ්‍රේයයන් බාහිර සබැඳි ජීවන්වන්නෝ 21වන සියවසේ ඉන්දියානු ළමා නළුවන් 2000 උපත් ඉන්දියානු රූපවාහිනී නළුවෝ හින්දි සිනමාවේ නළුවන් උත්තර් ප්‍රදේශ්හි නළුවන් අලහබාද්හි ජනයා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රාජ්පුත් චිත්‍ර කලාව [/INST] රාජ්පුත් සිතුවම් හෙවත් බොහෝවිට හඳුන්වනු ලබන රාජස්ථානි සිතුවම් ඉන්දියාවේ රාජ්පුතානාහි රජ මාළිගාවන් තුළ ක්‍රමයෙන් විකාශනය වී වැජඹුණු සිතුවම් කලාවකි. එකී රජ්පුතානා රාජධානිය තුළ වෙනස් වෙනස් ලෙස ශෛලීන් ක්‍රමයෙන් විකාශනය විය. නමුත් මෙය නිශ්චිත පොදු ලක්ෂණ සහිත වූවකි. රාජ්පුත් සිතුවම් වලින් විවිධ තේමා,රාමායණ වීර කාව්‍යයේ විවිධ සිදුවීම් විදහා දක්වයි. ක්ෂුදු සිතුවම් සහිත අත් පිටපත් නැතිනම් තනි පත්කඩවල් ඒකරාශී කොට සකස්කළ ඇල්බම ලෙස ඉදිරිපත් කිරීම රාජ්පුත් සිතුවම් ඉදිරිපත් කළ මාධ්‍යයක් විය. නමුත් බොහෝ සිතුවම් මාළිගාවන්හි බිත්ති මත , බලකොටු වල අභ්‍යයන්තර කුටිවල,සුවිශේෂී ස්ථානයන්හි, ශෙක්හාවත් රාජ්පුත්වරුන් විසින් ඉදිකළ බලකොටුවන්හි සහ මාළිගාවන්, ශෙක්හාවතී මැදුර වැනි ස්ථාන වල සිතුවම් කරන ලදි. අවශ්‍ය වර්ණයන් සකසාගනු ලැබුවේ නිශ්චිත ඛනිජ ,ශාක ආශ්‍රෙයන්,හක් බෙල්ලන්,සහ වටිනා පාෂානයන්හි ව්‍යුත්පන්න වලිනි. එසේම රන් සහ රිදී ද යොදා ගැනින. අභිමත වර්ණ සංයෝජනයේදී දීර්ඝ ක්‍රියාවලියක් භාවිතා වූ අතර ,සමහර අවස්ථාවන්හිදී ඒ සදහා සති ගණනාවක් ගතවිය.එසේම ඉතා සියුම් පින්සල් යොදා ගැනිනි. අන්තර්ගතය විවිධ තේමා අන්තර්ගත රාජ්පුත් සිතුවම් රාශියෙන්, රාජ්පුත් සිතුවම්හි පොදු රටාවක් වන්නේ ,පසුබිම පුරා ප්‍රධාන සිදුවීම දැක්වීමයි. සුවිශේෂී ලෙස, සැළකිය යුතු ප්‍රමාණයෙන් දැක්වූ පසුබිම පුරා අන්තර්ගතව ඇත්තේ අල්ප වූ සීමාවන් සහ වෙන් කළ නොහැකි චරිත සහ උද්‍යාන අලංකරණයන්ය.මෙම ක්‍රමයේදී, බොහෝවිට ඒක පුද්ගල සිතුවම් සැම විටම සිතුවම් නොවුනු අතර, අවසරය හිමිව තිබුනේ පසු බිමෙහි සාමාන්‍යෙයන් පුද්ගලයන් ද්විත්වයක් පමණ දැක්වීම සහ මානව රූපය අර්ථන්විතව යෙදීම සිදුවිය. හුදෙක් සිතුවම් ශිල්පීය ප්‍රතිපත්තියෙන් පිට, රාජ්පුත් සිතුවම් බොහෝවිට දේශපාලන කරුණු සම්බන්ධව සහ සමාජ සාරධර්ම සම්බන්ධව නිර්මාණය විය. මෙවාර් පාලකයන්ට අවැසි වූයේ මෙම සිතුවම් වලින් එවුන්ගේ අරමුණු සහ ඔවුන්ගේ බලපරාක්‍රමය නිරූපනය කිරීමටය.එමනිසා ,සිතුවම් වලින් නිරතුරුවම පාලකයන්ගේ බලය නැතිනම් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් සිදුකළ විපර්යාසයන් විදහා දැක්වුණි. . මෙම අරමුණු දෙක පැහැදිළිවම මෝගල් කටයුතු සම්බන්ධව නිමවුණු රාජ්පුත් සිතුවම් වලින් පැහැදිළි වේ. කාලානුක්‍රමික ප්‍රතිපත්තියෙහි, මෙම සංස්කෘතීන් ද්විත්වයම එකකට එකක් සංඝට්ටනය වීම් දක්නට ලැබෙන අතර, මූගල් විලාසිතාවල සහ සංස්කෘතික ප්‍රමිතියෙහි සහ ,රාජ්පුත් සිතුවම් වල එකම බාහිර අන්තර්ගතය ඇතුළත් විය.නමුත් මූලිකවම විවිධ ආලේඛය සිතුවම්,ප්‍රසිද්ධ මූගල් සිතුවම් ශිල්පීන් (ගෝවර්ධන්, හෂීම්, වැනි.)අතින් නිමවුණු අතර මෙය රාජුපුත් කටයුතුවල හමු නොවේ.කෙසේ නමුත් රාජුපුත් ශිල්ප ක්‍රමය ප්‍රමුඛව මූගල් සිතුවම් වල දක්නට නොලැබේ. "දහ අට වන සියවස ආරම්භයේදී, රාජ්පුත් සිතුවම් සම්ප්‍රදායික මූගල් ආරක් ගැනීම නිසා වෙනස් විය. " (බීච් 175). පාසල් 16 වන සියවස අග භාගයේදී රාජ්පුත් සිතුවම් පාසල් ආරම්භවූ අතර එය ස්වදේශීයත්වය සම්බන්ධවීමෙන් විශේෂ ආරක් සංවර්ධනය සදහා මුලින් ආරම්භවූ අතර,ඉක්මනින්ම විදේශීය ආභාෂය (පර්සියන්,මූගල් ,චීන ,යුරෝපීය )සහිත අද්විතීය රටාවක් එයට ලැබුණි. රාජස්ථානි සිතුවම් සමන්විතවන්නේ මූලධර්ම පාසල් හතරකින් වන අතර මේවා සමන්විත වන්නේ වෙනස් සිතුවම් රටාවලින් සහ අර්ථ නිරූපණයන්ගෙන් වන අතර ඒවා සුළු සුළු වශයෙන් වෙනස් විය.එම මූලධර්ම පාසල් පහත පරිදි වේ: මෙවාර් පාසල .සමන්විත වන්නේචාවාන්ඩ්, නාථ්ද්වාරා, දේව්ගාර්, උදයිපූර්සහ සාවාර් ආරයේ සිතුවම් මාර්වාර්අඩංගු වන්නේ කිෂාන්ගාර්, බිකානෙර්, ජෝධ්පූර්, නාගෝර්, පාලිසහ ඝානේරෝආරය හදෝතිපාසල සමඟ කොටා, බුන්ඩිසහ ජලාවාර් ආරය සහ ධුන්දාර් පාසල අයත්වන්නේ ඇම්බර්, ජායිපූර්, ෂෙකාවතී සහ යුනිආරා ආරේ සිතුවම්. කාන්ග්‍රා සහ කුල්ලු සිතුවම් පාසල් රාජ්පුත් සිතුවම් කලාව කොටස් වේ. නයින්සුක් යනු පහරි සිතුවම් පිළිබදව සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙක් වූ අතර,උතුරෙහි කෙටි පාලනයක් ගෙනගිය රාජ්පුත් කුමරියකට ඔහු සේවය කරන ලදි. වාණිජ සංගමයෙහි ආර්ථික සමෘද්ධිය සහ “වෛශ්නාගමෙහි” පුනර්ජීවනය සහ භක්තී සංස්කෘතියේ වර්ධනය යන සාධක රාජස්ථානි සිතුවම්කලාවේ සංවර්ධනය සඳහා බොහෝ සෙයින් දායක විය. මෙම සම්ප්‍රදායයේ ආරම්භයේදී රාමනූජා,මීරාබායි,තුල්සිදාස්,ශ්‍රී චෛතන්‍ය,කබීර් සහ රාමනාන්ද් වැනි ආගමික ප්‍රවර්ධකයන්ගෙන් මහත් ආභාශයක් ලැබුනි.සියළුම රාජ්පුතානා රාජ්‍යයන් මූගල්වරුන්ගේ ආක්‍රමණයන් වලට යටත්වූ අතර, නමුත් අවසානය වන තෙක්ම මෙවාර් ඔවුන්ගේ පාලනයට යටත් නොවිනි.රාජසුථානි පාසලක් වන මෙවාර් ප්‍රථම‍යෙන් වැජඹීමට මෙය හේතුවක්විය (නොඉදුල් ආකෘතියෙන් සහ අවසන් තෙක්ම පැවති)., ජායිපූර්,ජෝධ්පූර්, බුන්ඩි, කොටා-කලාම්, කිෂාන්ගාර්, බිකානෙර් සහ රාජස්ථානයේ වෙනත් ස්ථාන පසුව ඇතිවිය.. මේවාත් බලන්න මෙවාර් චිත්‍ර කලාව කාන්ග්‍රා චිත්‍ර කලාව තන්ජෝර් චිත්‍ර කලාව දාල්චන්ද්, 18වන සියවසේ රාජ්පුත් චිත්‍ර ශිල්පියෙකි. ආශ්‍රේයයන් Art and artists of Rajasthan: a study on the art & artists of Mewar with reference to western Indian school of painting, by Radhakrishna Vashistha. Abhinav Publications, 1995. . A study of Bundi school of painting, by Jiwan Sodhi. Abhinav Publications, 1999. Court painting at Udaipur: art under the patronage of the Maharanas of Mewar, by Andrew Topsfield, Museum Rietberg. Artibus Asiae Publishers, 2001. . Rajput Painting, by Ananda K. Coomaraswamy, Publisher B. R. Publishing Corporation, 2003. . The artists of Nathadwara: the practice of painting in Rajasthan, by Tryna Lyons. Indiana University Press, 2004. . Beach, M. (1992). 1700–1800: The Dominance of Rajput Painting. In Mughal and Rajput Painting (The New Cambridge History of India, pp. 174–213). Cambridge: Cambridge University Press. doi:10.1017/CHOL9780521400275.008 Ghosh, P. (2012). The Intelligence of Tradition in Rajput Court Painting. Art Bulletin, 94(4), 650-652. වැඩිදුර කියවීමට Dalrymple, William. (2016). The beautiful, magical world of Rajput art.] New York Review of Books, November 26, 2016. Kossak, Steven. (1997). Indian court painting, 16th-19th century. Metropolitan Museum of Art. බාහිර සබැඳි ඉන්දියානු මධ්‍යකාලීන චිත්‍රකලා ගුරුකුල - රාජ්පුත් චිත්‍ර කලාව ඉන්දියානු රාජමාලිග චිත්‍ර කලාව, 16වන-19වන සියවස මෙට්‍රොපොලිටන් කාල කෞතුකාගාරයෙනි. ඉන්දියානු චිත්‍ර කලාව රාජස්ථානි කලා ඉන්දියානු චිත්‍ර කලා ගුරුකුල අලංකෘත අත්පිටපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 943 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය [/INST] කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කයිට්ස් දිවයින අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කයිට්ස් දිගටම පවතියි. 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය 23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය 24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය 5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය 19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය 20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: වී. ඒ. කන්දයියා 1963 දී මිය ගියේය‍. 1963 පාර්ලිමේන්තු අතුරු-මැතිවරණය 1963 අගෝස්තු 31 දින මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා පැවැත්වුණු පාර්ලිමේන්තු අතුරු-මැතිවරණයෙහි ප්‍රතිඵල: 1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය 22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය 27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය 21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: ආශ්‍රිත ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ යාපනය දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ස්වාභාවික උපද්‍රව [/INST] ස්වාභාවික උපද්‍රව ‍යනු ස්වාභාවික ක්‍රියාවලි හේතුවෙන් මිනිස් ප්‍රජාවට හෝ දේපළ වලට හා පරිසරයට හානි සිදුවිය හැකි සංසිද්ධියක් ලෙස හැදින්විය හැක. භූ විද්‍යාත්මක  උවදුරු හිමධාවය විශාල හිම (හෝ ගල්) ස්කන්ධයක් කන්දක හැඩ ප්‍රදේශය හරහා ලිස්ස යාමෙන් හිමධාවයක් ඇතිවේ. [7]  කැටිති ද්‍රව්‍ය වලින් සමන්විත ගුරුත්ව ප්‍රවාහය සඳහා හිමධාවය උදාහරණයක් වේ. හිමධාවයකදී ද්‍රව්‍ය සමුහයක් හෝ විවිධ වර්ග වල ද්‍රව්‍යන්ගේ මිශ්‍රණ සමුහයක් ගුරුත්ව බලය යටතේ වේගයෙන් ඇද වැටීම හෝ ලිස්සා වැටීම සිදුවේ. හිමධාවයන්  බොහෝ විට ප්‍රමාණයෙන් හෝ සිදුවීමෙන් ඇති වන ප්‍රතිවිපාක වල දරුණු බව  මත වර්ග කරනු ලැබේ. භුමි කම්පාව භුමි කම්පාවක් යනු භූ කම්පන තරංග විහිදුවන ගබඩා වී ඇති ශක්තිය ක්ෂණිකව නිදහස් වීම නිසා ඇති වන සංසිද්දියකි. පොළව මතු පිටදී භූමිකම්පාවක් භුමිය සෙලවීමක් හෝ විස්ථාපනය වීමක් ලෙස විද්‍යමාන වන අතර; මුහුදු පතුලේදී ඇති වන භූමිකම්පාවක් හේතුවෙන් ඇතිවන ජලය විස්ථාපනය සුනාමි සඳහා ද  හේතු විය හැකිය. ලෝකයේ ඇතිවන බහුතරයක් භූමිකම්පා ( විශාලම ඒවාගෙන් 90% හා 81%) ඇතිවන්නේ 40,000 km දිග , circum-පැසිෆික් භූ කම්පන තීරය හෙවත් පැසිෆික් පලගානෙන් විශාල කොටසක් මායිම් වන  ගිනි පැසිෆික් මුදුව ලෙස හඳුන්වනු ලබන,අශ්ව ලාඩම් හැඩ කලාපය තුලය. සැම දවසකම භූමිකම්පා බොහොමයක් ඇති වන අතර ඉන් සුළුතරයක් පමණක් සැලකිය යුතු හානියක් ඇති කිරීමට තරම් විශාල වේ. වෙරළ ඛාදනය  වෙරළ ඛාදනය යනු ලෝකයේ වෙරළාශ්‍රිත වෙරළත ඉම ප්‍රාථමිකව උදම් හා කුණාටු සැඩ පහරවල බලපෑම මත  මුහුදු රළ හා දියරලවල් හේතුවෙන් විපර්යාස වීම සහ වෙනස් වීම වේ.වෙරළ ඛාදනය දිගු කාලින ක්‍රියාවලියක් හේතුවෙන් සිදු විය හැකි අතර නිවර්තන කුණාටු හෝ දැඩි කැලබුම් සිදුවීම්  වැනි උපාක්යානරුපි සිදුවීම් මතද ඇති වේ. ලහර් ලහර් යනු ගිනිකඳු පිපිරීම් හා සම්බන්ධ ස්වභාවික සිදුවීමක් වන අතර ග්ලැසියර් ඛාදිත ගිනිකඳු පිපිරීම් වලින් ඇතිවන වේගවත්ව ගිනිකන්දේ එක දිශාවකින් පහලට රූටා වැටෙන  දියවූ අයිස් වලින් ඇති වන මඩ, ගල්,සහ අළු වලින් සමන්විත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හා සම්බන්ධ වේ.  මෙම ගලා යාම් තත්පරයක් තුල මුළු නගරයක්ම විනාශ කිරීමට සමත් වන අතර  දහස් ගණනක් මිනිසුන්ගේ ජිවිත අහිමි වීමට  හා බැසෝල්ට් ප්‍රවාහ ඇතිවීම සඳහා ද බලපායි. මෙය ස්වබාවික සිදුවීම් මත රඳවා පවතී. නාය යැම් නාය යැමක් යනු  බෑවුමක් පහලට විශාල වශයෙන් රොන් මඩ විස්ථාපනය වීමයි. සින්ක් හෝල් සින්ක් හොල් යනු  ගුහා වැනි අන්තර්භෞම ව්‍යයුහ බිඳ වැටීමෙන් ඇතිවන මතුපිට භුලක්ෂණ පැතිරීමට නොදී වලක්වනු ලබන අවපාතනයි. මේවා දුර්ලභ වුවත් ක්ෂණිකව ජනාකීර්ණ ප්‍රදේශයක ඇතිවන විශාල සින්ක් හෝල් ගොඩනැගිලි හා අනෙකුත් ව්‍ය්යුහ බිදවැටීමට හේතු වේ . ගිනිකඳු පිපිරීම් ගිනිකඳු පිපිරිමක් යනු ගිනිකන්දක් සක්‍රිය වීමේ හා එහි බලශක්තිය නිදහස් කිරීමේ ප්‍රධාන කාරණය වන අතර  පිපිරීම් වල විවිධ වර්ග ඇත.ඒවා  හවායි හි Kilauea වැනි දෛනික කුඩා පිපිරීම් වල සිට Lake Taupo (අවුරුදු 26,500 පෙර  ) සහ Yellowstone Caldera වැනි සුපිරි ගිනිකඳු  වල මෙගා දැවැන්ත පිපිරීම් (අවම ඝන කිලෝමීටර් 1,000 දක්වා ද්‍රව්‍ය විහිදුවන ගිනිකඳු ) දක්වා පරාසයක පවතී. ටෝබා ව්‍යසන න්‍යායට අනුව අවුරුදු 70 සිට 75 දහසකට පෙර , Lake Toba  හි සිදුවූ සුපිරි ගිනිකඳු පිපිරීමකදී  මිනිස් පරිණාමය අවහිර කරමින් මිනිස් ජනගහනය 10,000 හෝ අභිජනන යුගල 1,000 අඩු විය. සමහර පිපිරීම් වලදී ගුවන් යානයක වේගයට වඩා වැඩි වේගයකින් කන්දක පහලට ගමන් කල හැකි අධික උෂ්ණත්වය සහිත අළු වළාකුළු සහ දුමාරයන්වන  යමහල් ගලායැම් ඇති වේ. ශ්‍රී ලංකාවේ ගිනිකඳු නැත. කාළගුණ විද්‍යාත්මක  උවදුරු හිම කුණාටු හිම කුණාටුවක් යනු ඉතා සිතල සහ සුළං සහිත තත්ත්වයන් යටතේ අඩු උෂ්ණත්වය, දැඩි සුළං සහ අධික හිම වැනි ලක්ෂණ සහිතව ඇතිවන  දැඩි හිම කුණාටුවක්  වේ. නියඟය ඉදිරි වර්ෂ තුලදී ගෝලීය උෂ්ණත්වය සහ කාලගුණ වෙනස්වීම් හේතුකොටගෙන ඉතා පුළුල් නියඟයන් ඇති විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ඉතා අවම වර්ෂාපතන මට්ටම සහ ඉහල දේශගුණය හේතුවෙන් මෙම පුළුල් නියඟයන් අප්‍රිකානු මහාද්වීපය තුල  ඇති වීමට වැඩි ඉඩක් පවතී. හිම කුණාටුව හිම කුණාටුවක් යනු අකුණු කුණාටුවකදී බිමට වැටීමෙන් ස්ථානයකට හානි කල හැකි වන හිම කැට  නිපදවීමෙන් ඇති වන ස්වභාවික උපද්‍රවයකි. හිමකුණාටු විශේෂයෙන්ම ගොවිපල ක්ෂේස්ත්‍ර වැනසීම , භෝග විනාශය, උපකරණ හානිය සඳහා හේතු වේ. තාප තරංග තාප තරංග යනු තාපය නිසා ඇතිවන සහ එම ඇති වන ස්ථානයට අන්ත සහ අසාමාන්‍ය බලපෑම් ඇති කරන උපද්‍රවයකි.තාප තරංග ඉතා දුර්ලබ වන අතර, ඒවා ඇති වීම සඳහා උෂ්ණත්ව විපර්යාස,කාටා උෂ්ණත්වමාන සුළං හෝ අනෙකුත් සංසිද්දී වැනි විශේෂ කාලගුණ සිදුවීම් වල සංයුතියක් අවශ්‍ය වේ. මානව ප්‍රේරණ කාලගුණ උෂ්ණතව වැඩිවීම් හෝ stadial සිදුවීම් (අයිස් යුගයේ ග්ලැසියර වීමට විරුද්ධ සිදුවීම් ) හේතුවෙන් ගෝලීය උණුසුම්වීම ඇතිවන දිගු කාලින සිදුවීම් සඳහා ද හැකියාව ඇත. සුළි කුණාටුව සුළි , නිවර්තන සුළි කුණාටු , සහ ටයිපුන් යනු මෙම සංසිද්දිය සඳහා යෙදෙන තවත් නම් වන අතර,  ඒවා සාගරය පුරා නිර්මාණය වන සුළි කුණාටු පද්දතියක් වේ.එය ඇතිවන්නේ සාගරයෙන් වාෂ්ප වන ජලය කුණාටුවක් බවට පත්වීමෙන්ය.කොරියෝලිස් ආචරණ හේතුකොටගෙන කුණාටුවක් පැයට මීටර් 74 (119 km/h) වේගයෙන් කැරකිම්ට ලක්වේ.මෙමෙ සිදුවීම සඳහා අත්ලංතික් සහ නැගෙනහිර පැසිෆික් සාගර වල සුළි ලෙස භාවිත වන අතර, ඉන්දියානු සාගරයේ නිවර්තන සුළි කුණාටු ලෙස ද , බටහිර පැසිෆික් සාගරයේ ටයිපුන් ලෙස ද භාවිත වේ. අයිස් කුණාටු වායුගොලිය තත්වයන් නිසා අයිස් පතනය වීමේ කාලගුණ සිදුවීමක් ලෙස අයිස් කුණාටු හැඳින්විය හැක.එය හානි ඇති කරයි. එසේම මෙම අයිසි කුණාටු බහුලව පවතින්නේ අයිස් ද්‍රැව සහිත ප්‍රෙද්ශවලය. ටෝනාඩෝ ටෝනාඩෝ යනු අකුණු කුණාටු හේතුවෙන් ඇතිවන ස්වභාවක ආපදාවක් වේ. ටෝනාඩෝ ඉතා දරුණු වන අතර 50 mph (80 km/h) සහ 300 mph (480 km/h ) , සහ ඊට වැඩ වැඩි වේගයකින් වුවද හමා යයි. ටෝනාඩෝ වරකට එකක් හෝ supercells හා බැඳුනු විශාල ටෝනාඩෝ අවදානම් කලාප ලෙස  හෝ අකුණු කුණාටු ඇති වන විශාල ප්‍රදශ වල ඇති විය හැක.දිය ගොබ වලාවන් ද අඩු වැසි තත්ත්ව යටතේ නිවර්තන ජලය මත ඇති වන ටෝනාඩෝ වේ. කාලගුණ වෙනස්වීම් කාලගුණ වෙනස්වීම් යනු අනෙකුත් කාලගුණික උපද්‍රව වල අවදානම අඩු හෝ වැඩි වීමට බලපාන දිගු කාලින උපද්‍රවයක් වන අතර සාගර ජල මට්ටම වැඩි වීම හේතුවෙන් දේපොළ අන්තරාවට පත් වේ. එමෙන්ම වාසස්ථාන හානිය නිසා ජෛව වස්තුනට ද උපද්‍රව ඇති කරයි. අප සුර්ය කුණාටු අප සුර්ය කුණාටු මගින්  තාක්ෂණික යටිතල ව්‍යුහ කඩා බිඳ දැමීම හෝ හානි වීම සිදු විය හැකි අතර magnetoception.සහිත විශේෂ අවමංගත වේ. දිය ගොබ වලාව ජලය මත ඇති වන ටෝනාඩෝවකි. Water spout   බලන්න. ශ්‍රී ලංකාවේ දැනට ඇතිවී ඇත.මෙහි ආසන්නතම සිදුවීම යාපනයේදී සිදුවිය. ගංවතුර ගංවතුරක් යනු වැවක් වැනි ජල ශරීරයක ජලය සාමාන්‍ය සිමාවට වඩා පිටාර යාම හෝ ගොඩබිම ප්‍රදේශ මත ජලය එකතු වී තිබිමයි. ලැව්ගිනි ලැව්ගිනි යනු සැලසුම් නොකළ හා පාලනය කල නොහැකි ලෙස ඇතිවන ගින්නකි. ලැව්ගිනි ඇතිවීම සඳහා අකුණු සැර වැනි ස්වභාවික සිදුවීම් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද  බලපානු ඇත රෝග රෝග යනු නාගරීකරණය, අඩු සනීපාරක්ෂක පහසුකම් වැනි මානව සාධක නිසා ඇති වන ස්වභාවික උපද්‍රවයක් වේ. මිනිසුන් විශාල ප්‍රමාණයකට වැළඳෙන රෝග වසංගත හෝ රෝග පැතිරීමක් ලෙස හැඳින්විය හැකිය. සමහර අවස්ථාවලදී රෝග වලට එරහිව කෘත්‍රිමව පවතින ප්‍රතිජීවක ප්‍රතිරෝදය වැනි ආරක්ෂක ක්‍රම අසාර්ථක වීමෙද අවදානමක් පවතී. බහු-අවදානම් විශ්ලේෂණය ඉහත සඳහන් කල සෑම ස්වභාවික උපද්‍රවයක්ම අවකාශය හා ඒවා ඇති වන කාලය, උපද්‍රව සංඛ්‍යාතය , ආපසු ඇතිවීම ,තීව්රතාවය සහ බලපෑම වැනි කරුණු මත විවිධ වෙනස් ලක්ෂණ සහිත වේ.  මෙම සංකීර්ණතා ,  "තනි-අවදානමක්" ඇගයීම සාමාන්‍ය කරන අතර  එක් සුවිශේෂී අවදානම්  වර්ගයක අවදානමක් ඇති වීම සඳහා බලපායි.  මේ උදාහරණ වල උවදුරු බොහෝ විට හුදෙකලා හෝ ස්වාධීන ලෙස සලකනු ලැබේ. සියළුම ස්වාභාවික උපද්‍රව සහ ඒවායේ අන්තර් ක්‍රියාවන්  හෝ අන්තර්සම්බන්දතා හඳුනාගැනීමේ  "බහු අවදානම" මේ සඳහා විකල්පයක් වේ. එක ස්වභාවික උපද්‍රවයක් පුරණය වන හෝ එකක් හෝ ඊට වැඩි ස්වභාවික උපද්‍රව සඳහා සම්භාවිතා ව වැඩි කරන බොහෝ උදාහරණ  පවතී. උදහරණයක් ලෙස භූමිකම්පාවකින් නාය යමක් පුරණය විය හැකි අතර ලැව්ගින්නක් මගින් අනාගතයේදී ඇති විය හැකි නා ය යාමක සම්භාවිතාවය වැඩි කරයි.ඇතිවිය හැකි සහ අවකාශීය වැදගත්කමක් ඇති ස්වභාවික උපද්‍රව 21 පුරා විස්තරාත්මක සමාලෝචනයකින්   එවැනි අන්තර්ක්‍රියා 90  හඳුනා ගෙන  ඇත.මෙම ස්වභාවික උපද්‍රව සහ anthropic ක්‍රියාවලිය අතර ද අන්තර්ක්‍රියා පවතී.උදාහරණයක් ලෙස  භූගත ජල වියුක්තීකරණය භූගත ජලය හා සම්බන්ධ ගිලා බැසීම් ඇති විය  හැක. ඕනෑම ප්‍රදේශයක  ඵලදායී අවදානමක් විශ්ලේෂණය කිරීම සඳහා  (උදා, ආපදා අවදානම අවම කිරීමේ කාර්යය සඳහා) ඉතා මැනවින් අදාළ සියලු උවදුරු හා ඒවායේ අන්තර් ක්‍රියාවන්  පිළිබඳ විමර්ෂණයක් ඇතුළත් විය යුතුය. ජාත්‍යන්තර ව්‍යාපාර වර්ෂ 2000 දී, එක්සත් ජාතීන් අන්තරායේ සැබෑ හේතු ආමන්ත්‍රණය  කිරීමට හා සෑම උවදුරකින්ම ඇති විය හැකි මානව, ආර්ථික සහ පාරිසරික හානි අවම කිරීමේ අරමුණ සහිතව ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම වැඩි කිරීම සඳහා තිරසාර දියුණු කිරීමේ අනිවාර්ය උපාංගයක් ලෙස  ආපදාවන්ට ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ඇති කිරීමට ජාත්‍යන්තර  පූර්ව අනතුරු ඇඟවීමේ වැඩ සටහන දියත් කරන ලදී (UNISDR, 2000).  2006-2007 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආපදා අවම දිනයේ තේමාව "ආපදා අවම කිරීමේ අධ්‍යාපනය පාසලෙන් ආරම්භ වේ " යන්නයි. රාජ්‍ය ආරක්ෂාව සඳහා වෘත්තිකයන්ගේ පදනම,සියලු දෙනාටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීම සඳහා "ආපදා අවදානම අවම කිරීමේ අධ්‍යාපනය පාසලේ අරඹයි" යනුවෙන් ජාත්‍යන්තර  විවෘත රචනා හෝ ලිඛිත තරඟයක් පවත්වන ලදී. මෙයද බලන්න Act of God Risks to civilization, humans and planet Earth List of environmental disasters Ten Threats identified by the United Nations Emergency management Civil defense Disaster relief Disaster risk reduction Standardized Natural Hazards Disclosure Statement Social vulnerability ආශ්‍රිත ස්වාභාවික උපද්‍රව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කෝලි කුට්ටු [/INST] ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 2.5-3 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. කඳ මහත් වේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. වැඩි වශ‌යෙන් කඩුපත් මො‌රෙයියන් හටගනී. කෙසෙල් මුහය දම් පාටට හුරුය. මිහිරි සුවදක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැන පහලට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පාටට හුරුය. කැනක බර කි.ග්‍රෑම් 18-20 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට පැනමා රෝගය වැළඳීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී. මෙම කෙසෙල් ප්‍රභේදය 2005 වසරේදී නිර්දේශ කරන ලදී. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගුටෝ බෙබ් [/INST] ගුටෝ අප් ඔවේන් බෙබ් (උපත 9 ඔක්තොම්බර් 1968) යනු, වේල්ස කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙක් සහ අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. පෙරදී වේල්ස මන්ත්‍රණ සභාව සහ මහජන මන්ත්‍රී මණ්ඩලය යන ද්වයයම සඳහා තරග කොට තිබූ ඔහු, පළමුව තේරී පත් වූයේ 2010 මහා මැතිවරණයෙහිදී වන අතර, ඊශ්‍රායෙලයේ කොන්සර්වේටිව් මිතුරෝ කණ්ඩායමෙහි සාමාජිකයෙක් වෙයි. ආශ්‍රිත දැරූ නිලයන් 1968 උපත් ජීවත්වන්නෝ වේල්ස භාෂාව-කතා කරන ජනයා වේල්ස මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එරා පාමවරුන් 2010–15 එරා පාමවරුන් 2015–20 කොන්සර්වේටිව් පක්ෂය (එරා) පාමවරුන් ප්ලයිඩ් කම්රි දේශපාලනඥයෝ ඇබරිස්ට්විත් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ රෙක්ස්හම් හී උපත ලද්දෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ISO 3166-2:JP [/INST] ISO 3166-2:JP යනු ISO 3166-2 හි ජපානය සඳහා ඇති ප්‍රවේශයයි. දැනට ජපානය සඳහා, ප්‍රාන්ත 47 ක් සඳහා ISO 3166-2 කේත අර්ථ දක්වා ඇත. සෑම කේතයක් ම කෙටි ඉරකින් (hyphen) වෙන්වන කොටස් දෙකකින් යුක්ත වේ. මුල් කොටස එනම් ජපානය සඳහා වන ISO 3166-1 alpha-2 කේතයයි. දෙවන කොටස JIS X 0401 ජපන් කාර්මික සම්මතයේ (Japanese Industrial Standards) ප්‍රාන්තය සඳහා කේතය වන ඉලක්කම් දෙකකි (01–47). කේත ආසන්න වශයෙන් උතුරේ සිට දකුණට වෙන් කොට ඇත. කේත ආශ්‍රිත Administrative divisions of Japan FIPS region codes of Japan භාහිර සබැඳි ISO Online Browsing Platform: JP Districts of Japan, Statoids.com 2:JP ISO 3166-2 Japan-related lists </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: යක්කඩුව වීරගාමිණී [/INST] එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම වර්ෂ 1958 පෙබරවාරි මස 04 වන දින රාගම හාලිවින්ග්ස් ක්‍රිඩා සමාජය සමගින් සිය මංගල එල්ලේ තරගය ආරම්භ කල යක්කඩුව වීර ගාමිණි එල්ලේ ක්‍රීඩා සමාජය අඛණ්ඩව මේ දක්වා යක්කඩුව,නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රිඩාවට ලැදි මහජනතාවගේ සහයොගය මත එල්ලේ ක්ෂේතයේ ඒ ශ්‍රේණියේ කණ්ඩායමක් ලෙස දක්ෂතා පෙන්වමින් සිටි. ක්‍රිඩා සමාජය ආරම්භයේ පටන් එස් එච් ගුණසේකර,ඇලෙක්ස්සැන්ඩර් රණසිංහ,බන්දුල පෙරේරා,නිමල් තිස්ස ජයසුරිය.එස් ඒ අබේරත්න ගරැ සභාපතිවරැන් වශයෙන්ද.පියදාස වෙල්ගම,වින්සන් පෙරේරා,ජෝෂප් පෙරේරා.රත්නපාල පෙරේරා.සිරිපාල රණසිංහ සුනිල් නිහල් පෙරේරා ලේකම් වරැන් වශයෙන්ද භාණ්ඩාගාරික වශයෙන් තිලකරත්න පෙරේරාද සංවිධායක වශයෙන් මිලාන් බොතේජුද මෙම ක්‍රිඩා සමාජය වර්ථමානය දක්වා වසර හැටකට(60) ආසන්න කාලයක් ඉදිරියට රැගෙන යාමට දායකත්වය සපයමින් එල්ලේ ක්‍රීඩාව නංවාලීම සදහා නිහඩ මෙහෙවරක් කර ඇති අතර විසිවන ශතවර්ෂයේ සභාපති වරැන් වශයෙන් හෂාන් පෙරේරා ලේකම් වශයෙන් ගාමිණි මදුරාවල සහ ප්‍රධාන සංවිධයක වශයෙන් සාගර පෙරේරාද මනා මෙහෙයක් ඉටු කරමින් කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් ශක්තියක් සපයා ඇත. ශ්‍රි ලංකා එල්ලේ සම්මේලනය මගින් මෙහෙයවන ලද 1973/1974 වර්ෂයන්හි පවත්වන ලද එල්ලේ ක්‍රීඩාවේ රන් කිරැල සේ සලකනු ලබන ජාතික එල්ලේ සූරතාවය එම වර්ෂයන් දෙකෙහිදී ලබා ගැනීමට හැකි විම මෙන්ම එක් පිලකට ඉනිම් දෙකක් හිමි තරගමාලාවන්හි ශුරතාවයන් කිහිපයක් ලබාගැනිමටත්,එම අනු ශූරතාවයන් කිහිපයක්ද ලබාගෙන ඇති අතර සුහද එල්ලේ තරගයන් විශාල සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් එල්ලේ ලෝකයේ නම් දරා ඇති ප්‍රභල කණ්ඩායමක් වශයෙන් හදුන්වා දිය හැක. එමෙන්ම 1988 වර්ෂයේ දිවයිනේ ප්‍රථම වරට ආරාධිත ආධුණීක එල්ලේ තරග මාලාවක් සංවිධානය කිරිමේ ගෘරවය හිමි වන්නේද මෙම ක්‍රීඩා සමාජයටයි.ඩබ්ලිව් තෝබියස් පෙරේරා,ආර් වීරසිරි රණසිංහ,එස් ඒ අබේරත්න,මාර්ෂල් පෙරේරා,නිමල තිස්ස ජයසූරිය,ඉංදික නවරත්න,ගාමිණී නවරත්න,සුනිල් පෙරේරා,සාගර පෙරේරා,රැවන් චන්දන කලින් කලට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති නායකයින්ය. 1992 වසරේ ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙහයවන ලද ජාතික ක්‍රීඩා උත්සවයේ ජාතික ශුරයා බවට ෂෙල්ටන් පෙරේරාද,1997 වසරේ ජාතික ශුරයා වශයෙන් රැවන් චන්දනද සම්මාන සහ සහතිකපත් ලබා ඇත.එයට අමතරව වාර්ෂිකව පවත්වනු ලබන එල්ලේ ක්‍රිඩාව තුල තවත් වැදගත් හා නරඹන්නන් අතර මහත් ජනප්‍රීය තාවයට පත්ව ඇති ගම්බද හා නගරබද එල්ලේ තරගයන් මෙන්ම ආසන එල්ලේ තරගමාලාවන් හිදී ජා - ඇල ආසනය නියෝජනය කිරිමටත් දිස්ත්‍රික්ක එල්ලේ කණ්ඩායම් නියෝජනය කිරිමේ භාග්‍යයද යක්කඩුව වීරගාමිණී කණ්ඩායමේ ක්‍රිඩකයෙකුහට නිතැතින්ම හිමි වීමේ අවශ්ථාවන් බොහෝ ඇත්තේ එම කණෟඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මතයි. 1962.02.04 වන දින පවත්වන ලද ප්‍රථම ගම්බද හා නගරබද එල්ලේ තරගයේදී එවකට වීරගාමිණි කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකුවු එම කණ්ඩායමේ නායක තෝබියස් පෙරේරා ගම්බද කණ්ඩායම නියෝජනය කිරිමට වරම් ලබා ගන්නා ලදී.එසේමඉන් වසර තිස් දෙකකට පසු එනම් 1995 වර්ෂයේ වෙන්නප්පුව ඇල්බට් එප් පීරිස් ක්‍රීඩාංගනයේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද කණ්ඩායමේ නායකත්වය මෙම ක්‍රීඩා සමාජයේ එවකට නායකයාව සිටි ෂෙල්ටන් පෙරේරායි.1969 දී ජාතික පාසැල් එල්ලේ සූරයා ලෙස රන් පදක්කම දිනූ මිලන් බොතේජු මෙම ක්‍රිඩා සමාජයේ ක්‍රිඩා කරමින් නිවන්දම ජිනරාජ මහා විද්‍යාලීය එල්ලේ කණ්ඩායමේ දක්ෂතා පෙන්වීමෙන් අනතුරැව එම පදක්කම දිනා ගැනීමද විශේෂ සිදුවිමක් වශයෙන් හැදින්විය හැක.එසේම මෙම කණ්ඩායම නියෝජනය කරනු ලැබු දක්ෂ ක්‍රිඩකයෙකු මෙන්ම එහි ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබූ සිරිපාල රණසිංහ එම ලබාගත් දැනුම මත ශ්‍රී ලංකා එල්ලේ පාලක මණ්ඩලයේ ලේකම් වශයෙන් එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුනුව සදහා කටයුතු කරමින් සිටින අතර එය මෙ කණ්ඩායම ලැබු තවත් භාග්‍යයක් වශයෙන් හදුන්වා දීමට හැක.එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති සිමිත සංඛ්‍යාවක් වූ පොත්පත් අතරින් 1999 දි එල්ලේ ක්‍රිඩාවට පිවිසිම යනුවෙන් පොතක් මුද්‍රණය කරමින් දිවයින තුල ප්‍රශිද්ධ කිරිමට සිරිපාල රණසිංහ මහතා විසින් ඉටුකරන ලද්දේද එල්ලේ ක්‍රීඩාවට දක්වන ලද කැපවිම මෙම කණ්ඩායම තුලින් ලබාගත් බැවිනි. එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එම ක්‍රීඩාව රැක ගැනීම සදහා මෙම කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙන්ම ජා-ඇල ,යක්කඩුව සහ නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවට ලැදි සෑම අයෙකුගේම සහයද මෙම ක්‍රීඩා සමාජයට ලැබෙන බැවින් ක්‍රීඩා සමාජයේ දියුණුවට හා දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට ඉමහත් පිටුවහලක් වි ඇති අතර තරගමාලාවන් පැවැත්වෙන ක්‍රීඩාංගනයන් කරා එම ක්‍රීඩා ලෝලි ජනතාව රැස් වෙමින් එල්ලේ තරග නරඹමින් මෙම ක්‍රීඩාව වර්ථමාන සහ අනාගත තරැණ පරපුර වෙත දායාද කිරිමට කැපව සිටිමද එල්ලේ ක්‍රීඩාවට පමණක් නොව ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වලදි පවා මෙම එල්ලේ ක්‍රිඩා සමාජය විසින් ප්‍රමුකත්වය ගෙන කටයුතු කිරිම පැසසිය යුතු කරැණකි. රැවන් චන්දන,ෂෙල්ටන් පෙරේරා,එච්ඒ ජයරත්න,පිඩි නිශාන්ත,සාගර පෙරේරා,අජිත් රෝහණ,නිරන්ජන් පෙරේරා,සුදම් ලසන්ත,චින්තක පෙරේරා,සුනිල් පෙරේරා,සුසන්ත කුමාර,රනිල් චන්දන,මහින්ද නිරෝෂන්,ඇලෙක්සැන්ඩර් රණසිංහ,ඩී මිල්ටන් ජෝෂප්,සුරංග මදුරාවල,නීල් කුමාර,සුරංග සම්පත්,සහන් ජයදේව,වීරසිරි පෙරේරා,2010 වර්ෂයෙන් පසු ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ලද ක්‍රීඩකයින් වශයෙන් හදුන්වා දිය හැකි අතර යක්කඩුව නිවන්දම පදේශයේ විශාල ක්‍රීඩකයින් පිරිසක් වර්ථමානය වනවිට මෙම කණ්ඩායම නියෝජනය කර තිබීමද සදහන් කළ හැක. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සිංහල නවකතා ඉතිහාසය හා විචාරය [/INST] සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් විසින් රචිත ග්‍රන්තයකි. ආශ්‍රිත එදිරිවීර සරච්චන්ද්‍ර මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: එරාවූර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] එරාවූර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ජනගහනය ග්‍රාම නිළධාරි වසම් ආර්ථිකය ප්‍රාදේශීය ලේකම්වරුන් ආශ්‍රිත ලිපි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර Divisional Secretariats Portal ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඩකලපුව දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ [/INST] රංගනය පාලිත සිල්වා හයිසන් විජේරත්න ශ්‍රියන්ත මෙන්ඩිස් හැරිස් ලකී ඩයස් ගයාන් වික්‍රමගේ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කැලම් මකේග් [/INST] කැලම් මකේග් (උපත 6 ජනවාරි 1985) යනු, 2015 මැයි මාසයෙහි සිට ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. වසර 2007 දී ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි මන්ත්‍රණ සභිකයෙකු ලෙසින් ඔහු තේරී පත්වූ අතර, 2011 වසරෙහි සිට 2012 දක්වා, ඔහු ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි නායකයා විය. ආශ්‍රිත . 1985 උපත් ජීවත්වන්නෝ ස්කොට්ලන්ත ජාතික පක්ෂය පාමවරුන් එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ ස්කොට්ලන්තයෙහි මන්ත්‍රණ සභිකයෝ එරා පාමවරුන් 2015–20 ඇබර්ඩීන් මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව [/INST] ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය. කුරුණෑගල දිස්ත්‍රික්කය මෙම දිස්ත්‍රික්කය කුරුණෑගල , කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 910 වෙයි. කුරුණෑගල අධ්‍යාපන කලාපය පාසැල් 125 කින් සමන්විත වන කුරුණෑගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න කුලියාපිටිය අධ්‍යාපන කලාපය පාසැල් 168 කින් සමන්විත වන කුලියාපිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න නිකවැරටිය අධ්‍යාපන කලාපය පාසැල් 173 කින් සමන්විත වන නිකවැරටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න මාහෝ අධ්‍යාපන කලාපය පාසැල් 183 කින් සමන්විත වන මාහෝ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න ගිරිඋල්ල අධ්‍යාපන කලාපය පාසැල් 145 කින් සමන්විත වන ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය පාසැල් 116 කින් සමන්විත වන ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න පුත්තලම දිස්ත්‍රික්කය මෙම දිස්ත්‍රික්කය පුත්තලම හා හලාවත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 351 වෙයි. පුත්තලම අධ්‍යාපන කලාපය පාසැල් 189 කින් සමන්විත වන පුත්තලම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න හලාවත අධ්‍යාපන කලාපය පාසැල් 162 කින් සමන්විත වන හලාවත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඇන්ඩෲ ජැක්සන් [/INST] ඇන්ඩෲ ජැක්සන් (මාර්තු 15, 1767 – ජූනි 8, 1845) යනු, ඇමරිකානු සොල්දාදුවෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ අතර, 1829 වසරෙහි සිට 1837 වසර දක්වා එක්සත් ජනපදයෙහි හත්වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නාරිලතා [/INST] නාරිලතා () තරමක් දුර්ලබ ආසියාවේ හමුවන ඕකිඩ් විශේෂයකි. සාහිත්‍යයේ භාවිතය හිමාල වනයේ පිපෙනවා යැයි සැලකෙන මලකි. රංගනයක යෙදී සිටින ලලනාවකගේ රුව ලෙස දිස්වෙි. මල් පිපෙන කාලයන්හි ඒවා දැකීමෙන් තාපසයින්ගේ ධ්යාන කැඩෙන බව සදහන්වෙි. මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වේ. පිරපාකරන [/INST] (Tamil: வேலுப்பிள்ளை பிரபாகரன், November 26, 1954) සම්පූර්ණ නම වේලුපිල්ලේ ප්‍රභාකරන්,පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන් ලෙසට ද ව්‍යවහාර කෙරෙන අතර වඩාත් ප්‍රචලිත නම ප්‍රභාකරන් ලෙසටය. වෙනත් නම් – තුරෙයි, තම්බි, කරිකාලන් උපන් දිනය – 1954 නොවැම්බර් 26 උපන් ස්ථානය – යාපනයේ වැල්වැටිතුරෙයි ලිපිනය – අංක 322, පේදුරු තුඩුව පාර, වැල්වැටිතුරෙයි. අධ්‍යාපනය ලැබූ පාසල – වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලය, සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇත. පාසල් සමයේ විනෝදාංශ - පොත් කියවීම ජූඩෝ හා කරාටේ ක්‍රීඩාව සරුංගල් ඇරීම මරණය - 2009 මැයි 18 පවුලේ විස්තර rr පියාගේ නම – තිරුවේන්කාදම් වේලුපිල්ලේ පියාගේ උපත – 1924 ජනවාරි සිංගප්පූරුවේදී මවගේ නම – වල්ලිපුරම් පාර්වතී සහෝදර සහෝදරියන් - වැඩිමල් සහෝදරයා - මනෝකරන් වේලුපිල්ලේ බිරිය – වනජාදේවි වැඩිමල් සහෝදරිය - ජෙගදීස්වරී සැමියා - මාතියාපරණම් දෙවෙනි සහෝදරිය – විනෝදනී සැමියා - රාසේන්දිරන් පියාගේ වෘත්තිය - සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ කටයුතු කර තිබේ. 1947 විවාහයෙන් පසුව ලංකාවට පැමිණ තිබේ. පසුව ලංකාවේ රජයේ ලිපිකරු සේවයේ යෙදී ඇති අතර අවුරුදු 58 දී විශ්‍රාම යන විට ඉඩම් නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ. බිරිය – මදිවදිනි විවාහය සිදුවූ දිනය – 1984 ඔක්තෝබර් 01 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී බිරියගේ පියා - වී. කේ. එරම්බු බිරියගේ මව - සින්නම්මා දරුවන් – 1 චාල්ස් ලූකස් ඇන්තනී (පුතා) උපත – 1985 – 04 - 18 ද්වාරගා (දුව) උපත – 1986 – 06 - 02 බාලචන්ද්‍රන් (පුතා) උපත 1996 – 01 – 10 කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම 1956 අගෝස්තු 16 - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇරඹීම 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම 1957 ඔක්තෝබර් 03 - ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීම 1958 ජනවාරි 19 - "ශ‍්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය 1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය. 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී. ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශය නම් කිරීම. මෙම ප්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. 1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීම. 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම. 1987 ජුලි 29 දින - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම 1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම 1987 ජුලි - ඉන්දියන් හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීම 2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම 2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම 2001 අප්‍රේල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම 2001 ජුලි - කටුනායක ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම 2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන් පළමු ඊලාම් යුද්ධය william dickcent was his right hand from 1999-2006. 1983- 1987 දක්වා - පළමු ඊලාම් යුද්ධය දෙවන ඊලාම් යුද්ධය 1990 - 1993 දක්වා - දෙවන ඊලාම් යුද්ධය තෙවන ඊලාම් යුද්ධය 1995 - 2002 දක්වා - තෙවන ඊලාම් යුද්ධය හතරවන ඊලාම් යුද්ධය 2006 සිට - හතරවන ඊලාම් යුද්ධය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත 1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ ලංගම බසයකට ගිනි තබති. 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි. 1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ය. 1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය. 1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි. එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය 1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම 1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි. දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම 1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම 1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම 1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම 1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළාම් යුද්ධ හතරක් ඇරඹීම කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි. 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි. 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය. 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි. ඊට පසු 2009 ජනවාරි 7 දා කොටි සංවිධානය තහනම් විය. ගුවන් කොටි බලකාය 2007 දි කොළඹ වරායේදි කොටි සංවිධානයේ ගුවන් යානා රැසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විනාශ කරන ලදි.( ශ්‍රී ලංකා ගුවන් හමුවේ එක් ගුවන් යානයක් පමනක් යොදා ගන්නා ලදි( මුහුදු කොටි බලකාය මුහුදු කොටි බලකා ප්‍රදාණියා ලෙස කටයුතු කරනු ලැබුවේ සුසෙයි. චාල්ස් ඇන්තනී බලකාය වැඩි විස්තර සඳහා කවුද මේ ප්‍රභාකරන් මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගිරය [/INST] ගිරය යනු අතීත පරම්පරාවන් අතර බහුල ලෙස භාවිතයට ගැණුනු, සරල ගෘහීය මෙවලමකි. එය කැපෙන තලය සහිත උඩු අත හා උඩු අත හැපෙන යටි අත යන දෑතින්ද, ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන කවාකාර හිසකින්ද සමන්විත වේ. ගිරය එකල බුලත් තට්‌ටුවක අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ සුලභ මෙවලමක් විය. ගිරාකැත්ත යනු ලංකාවේ අනෙක් ප්‍රදේශ වල අසන්නට නොමැති නමුත් ජන වහරට අනුව දඹදෙණිය රාජධානිය කාලයේදී පාවිච්චි කල උපකරණයක් ය. එකල තිබූ වැවක සොරොව්ව මැරුණු ආඳෙකූගෙන් හිරවීම නිසා ජල ගැලීමක් ඇති වී ඇත.එවිට වීර පුද්ගලයෙක් ගිරාකැත්ත නම් උපකරණයක් සදා ජලයේ කිමිදී අවහිරය කපා ඇත.කලින් සකස් කල ලීවරය ක්‍රියාත්මක නොවූයෙන් ඔහු ද ජලය සමග ගසා ගොස් ඇත. එම ගිරය හමුවූ ස්ථානය අද 'ගිරාකැතිකුඹුර'නමින් හැදින්වේ. නම ගිරය යන නම තැනීමට මුල්වී ඇති "ගිර" යන වදන අරුත් කීපයක්‌ ගෙන දෙයි. කන්ද, දිසාව, උස, කැපුම් උපකරණය වැනි අදහස් රැසක්ම ඉන් හඟවයි. ගිරයේ හිස ඇතුළු සම්පූර්ණ හැඩය, ගිරවා (පක්‍ෂියා) සිහිගන්වයි. බිහිවීම මිනිසා විසින් ලෝහ සොයා ගැනීමත් සමග නිපදවනු ලැබූ විවිධ මෙවලම් අතුරින් බිහිවූ තවත් එක් මෙවලමක්‌ ලෙස ගිරය සැළකේ. භාවිත කරනු ලබන අරමුණ අනූව ගිරය වානේ, යකඩ, තඹ, පිත්තල, රන්, රිදී වැනි ලෝහ වර්ග වලින් නිමැවුණි. තවත් විශ්වාසයකට අනූව ගිරය යනු සක්දෙවි විසින් මවනු ලැබූ මෙවලමකි. භාවිතය පුවක් ගෙඩිවල ලෙල්ල ඉවත් කිරීමටත්, වියළි හා අමු පුවක්‌ මදය කපා ගැනීමටත් ගිරය බහුලව භාවිතා කරයි. එසේම දේශීය වෙදකම තුල නොයෙකුත් ඖෂධ වර්ග කපා ගැනීමටද ගිරය භාවිතා වේ. දෙවියන්ගේ ලෙඩ ඇති වූ විට කුඩා ගිරයක් අතේ එල්ලීමේ සිරිතක්‌ද පවතී. ගිර වර්ග පොඩි ගිර ආභරණයක් ලෙස ගෙල පැළඳීම සඳහා රන්, රිදී, තඹ, පිත්තල වලින් තැනූ ගිර. වැලකුම් ගිර තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ වැනි දේ වැළැක්වීම සඳහා ගැහැණු දරුවන්ගේ ඉඟ පැළඳීමට තැනූ ගිර. පත්තිනි ගිරය විවාහ චාරිත්‍රවලදී මනාලියගේ මවට පිරි නමන කිරිකඩසේලයේ ගැට ගසන ගිරය. කුමාරිහාමි ගිර කාන්තාවන් කොන්ඩ බැඳිමට යොදා ගත් ගිර. ජන වහර "ගිරයට අසු උන පුවක්‌ ගෙඩිය වගේ" වැනි ජන වහරයන් ගිරයේ සාමාජයීය බලපෑම් හඟවයි. දේශීය සංස්කෘතිය තුල යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම්, ශාන්තිකර්ම, කොඩිවිණ කැපීම ආදී කටයුතු වලදී කිරීමේදී දෙහි කපමින් දෝෂ පහ කරවීමට උපයෝගී කරගන්නා ආයුධයක් ලෙස ගිරය සමාජ සංස්කෘතිය තුල භාවිතා වේ. එසේම ඇදුරෙකු විසින් ආතුරයෙකුගේ හිසේ සිට දෙපතුල දක්වා ගෙන ගොස් විසි කර දමන ගිරය, භූමියෙහි පතිත වන දිශාව අනූව නිමිති ශාස්‌ත්‍ර කීමද, එකල ජන සමාජය තුල දැකගත හැකිවූ ගිරය හා බැඳි විශේෂ අංගයක් විය. ආශ්‍රිත ලිපි හුණු කිල්ලෝටය ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස [/INST] ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක වර්ගයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එහි උප පරිපාලන ඒකකය ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බේදා ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පරිපාලන ඒකකවු කෝරළේ , රට යන අතීත පරිපාලන ඒකක වර්ථමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පදනම වි ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික්ක අනුව පහතින් දක්වා ඇත: මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුන්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පස්බාගේකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ දිස්ත්‍රික්කය අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවර එළිය දිස්ත්‍රික්කය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හගුරන්කේත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැගෙනහිර පළාත අම්පාර දිස්ත්‍රික්කය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නවිදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කල්මුනේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සයින්දමරුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කරෙයිතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නීන්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඩකලපුව දිස්ත්‍රික්කය මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය එරාවූර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය එරාවූර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝරළේ පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝරළේ පත්තු බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාන්මුනේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාන්මුනේ දකුණ සහ එරුවිල් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොරතිවු පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුත්තූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරු මැද පළාත අනුරාධපුර දිස්ත්‍රික්කය අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරගම් පළාත නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොළොන්නරුව දිස්ත්‍රික්කය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කය ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දුපත උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දුපත දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තේන්මාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වඩමාරච්චි නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලිකාමම් දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලිකාමම් නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිලිනොච්චි දිස්ත්‍රික්කය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මන්නාරම දිස්ත්‍රික්කය මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාන්තෛ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මූසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුලතිව් දිස්ත්‍රික්කය මාන්තේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුනුක්‌කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වවුනියාව දිස්ත්‍රික්කය වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන්ගලචෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කය අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටුපොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුත්තලම දිස්ත්‍රික්කය ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සබරගමුව පළාත කෑගල්ල දිස්ත්‍රික්කය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර දිස්ත්‍රික්කය අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දකුණු පළාත ගාල්ල දිස්ත්‍රික්කය අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හම්බන්තොට දිස්ත්‍රික්කය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතර දිස්ත්‍රික්කය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඌව පළාත බදුල්ල දිස්ත්‍රික්කය බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොණරාගල දිස්ත්‍රික්කය බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඩුල්ල-දඹගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ දිස්ත්‍රික්කය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මේවාද බලන්න ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ නගර සභා ශ්‍රී ලංකාවේ මහනගර සභා ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් සභා බාහිර සබැදි Divisional Secretariats Portal Statoids: Divisions of Sri Lanka ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මහනුවර (වක්‍රෝත්තිහරණය) [/INST] ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න මහනුවර හෙවත් සෙංකඩගල නගරය අගනුවර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයන් [/INST] පහත ලැයිස්තුගත කොට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයුම්, ක්‍රියාත්මක වන විදෙස් රාජ්‍යයන් පිළිබඳව වෙයි. එම ලැයිස්තුවට ගරු කොන්සල් මෙහෙයුම් අන්තර්ගත නොවෙයි. යුරෝපය අමෙරිකාව ආසියාව අප්‍රිකාව ඕෂනියාව කැන්බරා (මහ කොමසාරිස්) සිඩ්නි (කොන්සල්-ජනරාල්) බහුපාර්ශ්වික සංවිධාන ජිනීවා (එක්සත් ජාතීන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සඳහා නිත්‍ය නියෝජනය) නිව් යොර්ක් (එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජනය) වියානා (එක්සත් ජාතීන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සඳහා නිත්‍ය නියෝජනය) මේවාද බලන්න ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා බාහිර සබැඳි Ministry of Foreign Affairs of Sri Lanka - Missions Abroad ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වසූරිය [/INST] වසූරිය මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි. වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත. වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි. විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි. ආශ්‍රිත වසංගත ලැයිස්තුව මූලාශ්‍ර භාහිර සබැඳි බෝවන රෝග මානව සංහතියේ ජයග්‍රහන ප්‍රතිශක්තිකරණය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රෝස [/INST] රෝස යනු බහු වාර්ෂික පුෂ්ප හටගන්නා ශාකයකි .ජීනස් රෝස යනු එහි උද්භිද නම වන අතර එය රෝසසි( Rosaceae) පවුලට අයත් වෙයි.එය පඳුරු ලෙසට වර්ධනය වන ශාකයකි .තියුණු කටු වලින් සමන්විත වන ඉහල යන කුඩා කඳකින් සමන්විත ශාක විශේෂයකි. රෝස පුෂ්පය විවිධාකාරයෙන් විවිධ වර්ණයන්ගෙන් සමන්විතය. එහි වර්ණය රතු,කහ,සුදු වර්ණ පරාසයක පැතිර පවතී. බොහෝ වර්ගයන් හෝ කුලයන් ආසියාවට ආවේනික වන අතර , කුඩා ප්‍රමාණයක් යුරෝපයටත් , උතුරු ඇමෙරිකාවටත් සහ අප්‍රිකාවටත් ආවේනික වේ.නමුත් දැනට ඉතා බහුල ලෙස ජනප්‍රිය වී ඇත්තේ දෙමුහුන්(hybrids) වර්ගයන්ය.ඒවා ඉතාමත් සුන්දර සහ මනරම් සුවඳකින් සමන්විතය .බොහෝ සමාජයන් ගේ ඉතාමත් ඉහල සංස්කෘතික බැඳීමක් මෙම රෝස මල් සමග ඇති බව පෙනේ .වර්ධනයේදී තරමක් කුඩා ප්රතමානයන්ගේ සිට මීටර් 7 ක් උසට උවද වැඩෙන ශාකයකි. විවිධ රෝස විශේෂ පහසුවෙන් දෙමුහුන් කල හැකි අතර , මෙය උයන් රෝස මල් පුළුල් ලෙස සංවර්ධනයට භාවිතා කර ඇත රෝස යන වචනය බිඳී එන්නේ ප්‍රංශ බසින් එන ලතින් බසට සම්බන්ඳ “රෝස” වන අතර , එයද ග්‍රීක බසින් එන “ρόδον rhódon (Aeolic βρόδονwródon),” සහ ඉපැරණි පර්සියානු බසින්ද බිඳී එන “Avestan varəδa, Sogdian ward, Parthian wâr".මෙය ලියුවේ ආකර්ෂා සන්ජනනි 6-B කු/ශාන්ත බබර්නදෙත් ආදර්ස මහා විද්‍යාලය-පොල්ගහවෙල උද්භිදවිද්‍යාව ශාක පත්‍ර නටුවේ කඳ මත හටගනියි. බොහෝ වර්ගයන්ගේ මෙම ශාක පත්‍ර සෙ.මි. 5 සිට 15 (අඟල් 2.0 සිට 5.9 දක්වා) දිගක් ගනියි. පිහාටු වැනි පත්‍ර 5 – 9,ශාක උප පත්‍රිකා , පත්‍රිකාවල සමාන්‍යයෙන් දැති සහිත අග්‍රස්ථ දාරයකින් සහ යටිපසින් නිතරම කුඩා තුඩු වලින් ද යුක්ත වෙයි.බොහෝ රෝස වර්ග , විශේෂයෙන් දකුණු ආසියානු වර්ග පතනශීලි වන අතර , කුඩා ප්‍රමාණයක් සදාහරිත හෝ එයට ආසන්න වේ. රෝසා ස්ර්සියා (Rosa sericea)හැර අනෙකුත් වර්ගයන්ගේ පුෂ්ප වල පෙති පහක් ඇත ඒවායෙහි ඇත්තේ හතරකි . සෑම පෙත්තක්ම පෙති දෙකකට බෙදෙන අතර සාමාන්‍යයෙන් සුදු හෝ රෝස පැහැයක් ගනී .නමුත් සමහර රෝස විශේෂ කහ හෝ රතු පැහැයක් ගනී.සෑම රෝස පත්‍රයකම පහලින් මණිපත්‍ර පහකි , එහෙත් රෝසා ස්ර්සියා හි ඒවා හතරකි .මේවා ඉහලින් බැලු විට එමෙන්ම කොළ පැහැති ස්ථාන ලෙසට හොඳින් ,රවුම් පෙති අතරෙන් දර්ශනය වෙයි . ඉතා අනර්ඝ ඩිම්බකොෂයන් තිබෙන අතර ඒවා පසුව චර්මලයන් ලෙසින් වර්දනය වෙයි . රෝස ස්වභාවිකව කෘමි පරාගණ ශාකයකි. රෝස ශාකයේ ඵලය දම් ගෙඩි වැනි ඵලයක් වශයෙන් නම් කෙරයි . බොහෝ ගෘහ උද්‍යාන වගාකරුවන් මෙම ඵලය නිෂ්පාදනය නොකරයි.තවද පෙති සියල්ල එකිනෙකට ඉතාමත් තදින් බැඳී ඇති නිසා පරාඝනය ඉතා අපහසුවෙන් සිදුවෙයි . බොහෝ රෝස ඵලයන් රතු පැහැ ගනී. නමුත් රෝසා පිම්පිනේලිෆොලියා විශේෂයේ ඵලය තද රෝස හෝ කළු පැහැයක් ගනී . සෑම ඵලයකම පිටතින් මාන්ශලයක් සහිත වනු ඇත .එය තුල බීජ 5 – 160පමණ පහසුවෙන් නොනැමෙන කේශයන් ගොන්නක අනුපුරකයක් ලෙසට ඔබ්බවා( තාක්ෂණිකව නම් කෙරෙන චර්මලය යනු එක බිජුවක් ඇති වියලි ඵලයකි ) තිබේ. වෙනත් ඕනම ශාකමය විටමින් සී ඇති ඵලයන් අතර සමහර වර්ගයන්ගේ රෝස ඵලය, විශේෂයෙන් ඩෝග්-රෝස ( රෝසා කානියා) සහ රුගෝසා රෝස වල ( රෝසා රුගෝසා )බහුල ලෙසින් විටමින් සී ඇත. මෙම ඵලයන් පලතුරු භක්ෂක කුඩා පක්ෂි විශේෂ ආහාරයට ගනී . ඔවුන් ශාකයේ බීජ බිම හෙලීමෙන් ප්‍රචාරණය සිදුවෙයි. රෝස ගසෙහි දඬු මත හමුවන තියුණු දේ රෝස කණ්ටක ලෙසට හැඳින්වෙයි . නටුවෙහි බාහිරව වර්ධනයවූ කොටස්ය.(දෙහි කුලයේ ශාක වල කඳේ ගැටිති වල වර්ධනයන්ය ඒවාට ගැටිති සහ අන්තර් ගැටිති තිබෙයි ) නුමුත් සමහර විශේෂයන්ගේ රෝස කොකු විලසින් තිබීම , වර්ධනයේදී වෙනත් ශාක සමඟින් බැඳී හෝ ඇමිනී ඉහලට යාමට උපකාර වෙයි. රෝසා පිම්පිනේලිෆොලියා සහ රෝසා රුගොෂා විශේෂයන්ගේ ඇති කණ්ටක හෙවත් තුන්ඩ පහුරක් සේ ගොනු වීඇත මෙය ශාකයේ ආරක්ෂාවට එනම් සතුන්ගේ උලා කෑම මගින් ආරක්ෂාවට හොඳ අවියකි. ඒමෙන්ම මුහුදු ඛාදණ වලින් ආරක්ෂාවට ඇති අනුවර්තනයක් ලෙසත් ප්‍රයෝජනවත් වෙයි (මෙම දෙවර්ගයම ස්වභාවිකවම වැවෙන්නේ මුහුදු වෙරල ආශ්‍රිතව ය ) කණ්ටක හෙවත් කටු තිබුනත් මුවන් නිතරම රෝස උලාකයි . ඉතාමත් සුළු රෝස විශේෂ වල මෙම තුන්ඩ හෙවත් කටු අවශිෂ්ඨ අවයව ලෙසත් පවතියි. විශේෂ ජීන්ස් රෝස උප කොටස් 4කට බෙදිය හැක. හල්තේමියා (Hulthemia)-පත්‍ර හෝ උප පත්‍ර නොමැති රෝස විශේෂයකි හෙස්පර්හොඩස්(Hesperrhodos) ප්ලේටෙර්හොඩන් (Platyrhodon) රෝසා (Rosa) මෙම ජීන්ස් රෝස උප උප කොටස් 11කට බෙදිය හැක. බැන්ක්සියනේ(Banksianae) බ්‍රක්ටියේට් (Bracteatae) කැනිනියා (Caninae) කැරෝලිනා (Carolinae) චිනෙන්සිස් (Chinensis) ගැලිකනියා (Gallicanae) ජිම්නොකපියා (Gymnocarpae) ලෙවිගේට් (Laevigatae) පිම්පිනැලිෆොනියා(Pimpinellifoliae ) රෝසා(Rosa) සින්ස්ටිලියා (Synstylae) ප්‍රයෝජන රෝස ශාක විසිතුරු පැළ ලෙස එළි මහන් උද්‍යාන වල සේම නිවාස ඇතුලතද අලංකරණයට වගා කරයි. එසේම රෝස සුවඳ විලවුන් නිපදවීමට සහ මල් පොකුරු සෑදීමටද යොදා ගනී.සුළු වශයෙන් ඖෂධ ලෙසද භාවිතා කරයි. විසිතුරු පැල ලෙස විසිතුරු රෝස වලින් බොහොමයක් දෙමුහුම් රෝස වේ .රෝස පත්‍ර සහ රෝස නටුවද අලංකාරයක් ගෙන දෙයි.එසේම විවිධ වර්ණයෙන් යුතු රෝස පුෂ්ප තිබෙන බැවින් මෙම ශාකය විසිතුරු පැළ ලෙස යොදා ගත හැක. කැපූ මල් ලෙස කැපූ රෝස මල් සඳහා දේශීය හා වාණිජ යන දෙආකාරයෙන්ම ජනප්‍රියත්වයක් ලැබී ඇත . සාමාන්‍යයෙන් ඔවුන් අස්වැන්න නෙලා ගත් පසු කැපූ මල් විකීණීම සඳහා ශීතකරනයෙහි ගබඩා කර ගනී. උෂ්ණත්වය අධික දේශගුණයන් හිදී කපූ මල් වීදුරු ගෘහයන් තුල වග කරනු ලබන අතර,උණුසුම් රටවල මල් කාලගුණ හානි නොවීමට සහ , රෝග පළිබෝධ පාලනය ඵලදායීව සිදු කිරීමට ආවරණ යටතේ වගා කළ හැක. සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැම් නිවර්තන කලාපීය රටවල වගා කරන අතර, කපූ මල් ලොව පුරා රටවල වෙළෙඳපොළ වෙත ගුවන් මගින් ප්‍රවාහනය කරනු ලබයි. සමහර රෝස මල් යම් ආකාරයකට කෘතීමව සායම් යොදා වර්ණ ගන්වයි. සුවඳ විලවුන් ලෙස රෝස සුවඳ විලවුන් රෝස තෙල් ආශ්‍රයෙන් නිපදවන අතර,රෝස තෙල් ලබා ගැනීමට රෝස පෙති තලා වාෂ්පීකරණය සිදු කල යුතුය.ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන රෝස වතුර ආහාර පිසීම, රූපලාවන්‍ය ද්‍රව්‍ය , වෛද්‍ය විද්‍යාව හා ආගමික චාරිත්‍ර සඳහා භාවිතා කරයි.මෙම නිෂ්පාදන තාක්ෂණය පර්සියාවේ සම්භවය සහ අනතුරුව වඩාත් මෑතකදී නැගෙනහිර යුරෝපය තුලට අරාබිය සහ ඉන්දියාව හරහා පැතිරුණු අතර බල්ගේරියාව, ඉරානය හා ජර්මනිය, දම්සක් රෝස මල් (රෝසා × damascena 'Trigintipetala') භාවිතා කරයි. ලෝකයේ අනෙකුත් රටවල් වලද රෝසා × centifolia භාවිතා කරයි. ආහාර පාන ලෙස රෝස ඵලයෙහි ඇති විටමින් C අන්තර්ගතය භාවිතා කරමින් ජෑම්, ජෙලි, මාර්මලෙඩ්, සහ සුප් සහ තේ සාදනු ලබයි. තවද රෝස ඵලය තෙරපීමෙන් සහ පෙරීමෙන් රෝස සිරප් සාදා ගනු ලබයි. එසේම රෝස ඵලය භාවිතා කර රෝස බීජ තෙල් සආදා ගනු ලබන අතර එමගින් සම සඳහා නිෂ්පාදන සහ තවත් මේකප් නිෂ්පාදනද සාදා ගනු ලබයි. රෝස ජලය ඉතා රසයක් ඇති කරන අතර පර්සියානු සහ මැදපෙරදිග ආහාර සඳහා දැඩි ලෙස භාවිතා කරයි. සමහර අවස්ථාවන්හිදී තේ රසය වැඩි කර ගැනීම සඳහා රෝස පෙති හෝ රෝස පොහොට්ටු භාවිතා කරනු ලබන අතර වෙනත් ඖෂධ පැළෑටි සම මිශ්‍ර කිරීමෙන් ඖෂධීය තේ පානයක් සාදා ගත හැක. ප්‍රංශයේ ඉතා විශාල ලෙස රෝස සිරප් භාවිතා කරනු ලබන අතර එය රෝස පෙති මගින් සාදා ගනියි.ඇමරිකාව මෙම ප්‍රංශ රෝස සිරප් භාවිතා කරමින් කැවිලි වර්ග සහ මාස්මෙලෝස් සාදා ගනියි. රෝස මල් ආහාර ලෙස ද,ආහාර සඳහා සුවඳ එකතු කිරීමට රසකාරක ලෙසද භාවිතා කරයි. එංගලන්තයෙහි "රෝස ක්‍රීම්" නැමැති රස කැවිලි සාදන්නන් විශාල වශයෙන් සිටියි. ඖෂධයක් ලෙස R. canina රෝස විශේෂයෙහි රෝස ඵලය භාවිතයෙන් විටමින් C සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැක.විශාල රෝස ප්‍රමාණයක් අත් බෙහෙත් ලෙස භාවිතා කරනු ලබයි.රෝසා කෙනෙන්සිස් විශේෂය චීන සම්ප්‍රදායික බෙහෙතක් වශයෙන් භාවිතා කරයි.අනෙක් රෝස විශේෂ අමාෂා ආශ්‍රිත ගැටළු සඳහා භාවිතා කරන අතර පිළිකා වර්ධනය පාලනය කිරීම සඳහාද පරීක්ෂණ සිදුකරමින් සිටී. සංස්කෘතිය කලාව කලාව තුල රෝස මල් සඳහා විශේෂ ස්ථානායක හිමි වන අතර, රෝස මල චිත්‍ර තුළ,මුද්දර මත, විසිතුරු භාණ්ඩ වල සිත්තම් කර ඇති අතර වාස්තු විද්‍යාත්මක අංගයක් ලෙසද පෙනී යයි. සංකේත රෝස මල සඳහා දිගු සංස්කෘතික ඉතිහාසයක් ඇති වීම එය සංකේතයක් ලෙස බොහෝ විට භාවිතා කිරීමට තුඩු දී තිබේ. පළිබෝධ සහ රෝග වල් රෝස මල් පළිබෝධ සහ රෝග ගණනාවක් සඳහා ධාරක පැළෑටි වේ. වගා රෝස මල් බොහෝ විට, කෘමි ,මාකුළු හා දිලීර පළිබෝධ සහ රෝග වලින් දැඩි හානි යටත් වේ. බොහෝ අවස්ථාවල දී මෙම ගැටළු පාලනය කිරීමට විධිමත් ලෙස ප්‍රතිකාර ලබා දීමකින් තොරව වගා කළ නොහැක. ආශ්‍රිත ලිපි • ADR රෝස මල් • වතු රෝස මල් කුසලතා සම්මාන ලැයිස්තුව • පුද්ගල නාම සහිත රෝස මල් වගා ලැයිස්තුව • ප්රසිද්ධ රෝස විශේෂ • රෝස (වර්ණ) • රෝස උයන • රෝස මල් ප්‍රදර්ශන • රෝස ආශ්‍රිත පර්යේෂණ මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කැලෑ නාගයා [/INST] කැලෑ නාගයා (Naja melanoleuca),කළු නගයා හා කළු සුදු තිත් නාගයා ලෙසද හැඳින්වේ. මොවුන් අප්‍රිකාවට විශේෂ වූ විශාලතම නාග වර්ගයක් ලෙසද සැලකේ. විශේෂයෙන් අප්‍රිකාවේ මධ්‍යම ප්‍රදේශයේ හා බටහිර ප්‍රදේශයේ මොවුන් දැක ගත හැකිය. මොවුන් මොවුන් ඉහල අනුගත වීමේ හැකියාවකින් යුක්ත වන අතර මොවුන් ඉතා වියලි කාලගුණ සහිත ප්‍රදේශවලින් සොයාගත හැකිය .කැලෑ නාගයන්ට පිහිනීමට හැකිවන අතර අර්ධජලජ සත්ව විශේෂයකි. මොවුන් ඉතා ඉක්මනින් වෙනස්වන අහර වේලක් ඇත. විශාල කෘමින්, මාළු, ගෙම්බන්, කුඩා ක්ෂීරපායින්, උරගයෝ,කටුස්සන්,ගොළුබෙල්ලන්, ඒ අතර වේ. මෙම විශාල සහ විසකුරු නාගයන් ඉතා භයානක නාග විශේෂයකි සාමාන්‍ය ලෙස මොවුන් ඉතා චංචල හා සෝදිසියෙන් සිටින සුළු සත්ව විශේෂයකි.කැලෑ නාගයා ආක්‍රමණශීලි විය හැක.එය නාගයාගේ අනතුරු ඇඟවීමේ ඉරියව්ව මගින්, එනම් ඉදිරිපස කොටස ඉදිරියට ඔසවා පටු පෙනවය විහිදවා ඉතා ශබ්දයෙන් පිබිම මගින් උපකල්පනය කල හැක.අනිකුත් අප්‍රිකානු නාගයන්ට වැඩ දෂ්ට කිරීම අඩුය.මේ එසේ සිතනු ලබන්නේ ඔවුන්ගේ චංචල ගතිය,වේගවත් සංචලනය,දෛනික ස්වභාවය නිසාය.මෙම සර්ප විශේෂයේ එක් සපා කැමක් ජිවිතයට තර්ජනයක් විය හැක.මොවුන් අප්‍රිකානු නාග විශේෂ අතර භයානකම නාග විශේෂය වේ.ලයිබීරියාවේ පුද්ගලයන් දෙදෙනෙකු මේ තත්වයට මුහුණ දී කපා වෙන කිරීමකට ලක්විය.සපා කෑමකට ලක් වූ විට පිළිකුල් ගතිය, වමනය, හා ශ්වසන අපහසුත ඇතිවේ.මෙම විශේෂයේ යැයි සැලකෙන නාගයෙක් දෂ්ට කිරිමෙන් ඝනාවේ දරුවෙක් විනාඩි 30ක් ඇතුලත මරණයට ලක් විය.කැලෑ නාගයා සපා කැමෙන් ඇතිවන රෝග ලක්ෂණ බොහෝ දුරට ඊජිප්තියනු නාගයා(Naja haje) සපා කැමෙන් ඇතිවන රෝග ලක්ෂණ වලට සමානය. නිරුක්තිය කැලෑ නාගයා වර්ග කෙරෙන්නේ Naja නම් සත්ව ගනයේ Elapidae නම් සත්ව ගෝත්‍රය යටතේය.මෙම සත්වය පළමුවෙන් සොයාගනු ලැබුවේ 1857 දී Edward Hallowell නම් ඇමෙරිකානු චර්ම රෝග විශේෂඥයකු විසිනි.මෙම උරග වරයට දුන් පොදු නාමය වන්නේ Naja යන්නයි.Naja හි සංස්කෘත වචනය Naga () වේ. melanoleuca විශේෂ ග්‍රීක නාමයෙහි තේරුම වුයේ සුදු සහ කළු යන්නයි melano යන වචනය ග්‍රීක භාෂාවෙන් කළු යන අරුත දෙන අතර leuca ග්‍රීක භාෂාවෙන් සුදු යන තේරුම දෙයි. මෙමෙ උරග විශේෂය කළු නාගයින් මෙන්ම සුදු ගැටිති සහිත නාගයන් ලෙසද හදුන්වනු ලබයි. පරිණාමය හා වර්ගීකරණය කැලෑ නාගයා Naja කුලය අනුව Elapidae පවුලට අයත් වේ.Josephus Nicolaus Laurenti.පළමුව වර්ෂ 1768 දී කුලය අනුව විස්තර කළේය.ජාතිය අනුව Naja melanoleuca එය 1857Edward Hallowell පළමුව විස්තර විය.විවිධ කරුණු මත කුලය අනුව Naja උපකුලවලට බෙදේ එයනම්, අහර රටාව,වාසස්ථාන,දේහය වැනි කරුණුය. Naja melanoleuca යනු Boulengerina උපකුලයෙහි කොටසකි.අනිකුත් ජාති 3ක් ඇත ඒවානම් Naja annulata,Naja christyi සහ Naja multifasciata වේ.මෙම උපගණය තම නිජබිම ලෙස මධ්‍යම හා බටහිර අප්‍රිකානු වනාන්තර වලට සීමා වී ඇත. ඔවුන් ජලජ සතුන් වන අතර ජලජ ආහාර විශේෂ ආහාරයට ගනී.Boulengerina උපගනයේ ජාතින් විශේෂ දේහ විවිධත්වයක් පෙන්වයි.කෙසේ වෙතත් දිග අනුව පරාසය මැනීමේදී කැලෑ නාගයා ගේ(Naja melanoleuca) දිග මීටර් 2.7(අඩි 8.9) සිට කුහර නාගයා ගේ දිග (Naja multifasciata) මීටර් 0.8(අඩි 2.6) දක්වා විහිදේ.පහත දැක්වෙන රූපසටහනෙන් පැහැදිලි වන්නේ ජාතිය අනුව Naja වර්ගීකරණය සහ ඒ අතර සම්බන්දතාවයි. ජෛව විද්‍යාව හදුනාගැනීම සහ බාහිර ශරීර විස්තරය කැලෑ නාගයා අප්‍රිකාවේ දිගම නාග විශේෂයයි.ඒ වගේම නාග විශේෂ අතරින් ලෝකයේම දිගම නාග විශේශයද වේ. මාධ්‍යන්‍ය වැඩිහිටි විද්‍යුත් කැලෑ නාගයෙකුගේ දිග මීටර් 1.4 සිට 2.2(අඩි 4.6 සිට අඩි 7.2)දක්වා වර්ධනය වේ.නමුත් සමහර නාගයන් මීටර් 2.7(අඩි 8.9) දිගක් ලබාගැනේ. සමහර අවස්ථාවල කලාතුරකින් එය මීටර් 3.1(අඩි 10) දක්වා වන නාගයන් ද ඇත.ගැහැණු කැලෑ නාගයා හා පිරිමි කැලෑ නාගයා දිගෙන් වර්ධනය වන්නේ සමානවය,මෙම විශේෂය අතර ලිංගික ද්විරුපතාවක් නැත.ඔලුව සහිත කොටස විශාල වන අතර පැතලි ස්වාභයක් ගනී,එය යන්තම් බෙල්ලෙන් වෙනස් වේ.උඩ සිට එය යන්තම් ක්‍රමයෙන් සිහින් හන ප්‍රමාණයෙන් අඩුවේ ප්‍රමාණවත් ලෙස ශරීරයක් සහ සිහින් වලිගයක් ඇත. මෙම ලක්ෂණ මාද්‍යම ප්‍රමාණයේ නාගයෙකුගේ වේ.ශරීරයේ පිටුපස උඩු පැත්තේ පිහිටි කොරපොතු හා බඩ පැත්තේ පිහිටි කොරපොතු එක පත්තකදී එකතුවේ.එමෙන්ම,පිටුපස සිලින්ඩරාකාර හැඩතිවේ.කැලෑ නාගයාගේ ගර්භාශයේ ඇති ඇටවලින් දිගට ප්‍රස්හරණය කිරීමේ හැකියාවක් සහ බය උණු විට කුන්ඤ හෑඩති වියනක් ලෙස හැඩගැසේ.ඔලුව මුදුනෙහි හා ඔලුව පැත්තෙහි ඇස අතර කෝණය වෙනස් වන අතර හොම්බ වටකුරුවේ.ඇස විශාලවන අතර වටකුරු කනිනිකාවක් සහිත වේ. සමෙහි කොරපොතු සකස්වීම අනිකුත් නගරයන් මෙන්ම කැලෑ නාගයාගේත් සම ආවරණය වී ඇත්තේ කොරපොතු වලිනි.සර්පයා මුළුමනින්ම කොරපොතුවලින් ආවරණයවී හෝ විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයෙන් යුක්ත ඝන කොරෝපොතු වලිනි.එය මුළුමනින් සර්පසමක් ලෙස හැදින්න්වේ.කොරපොතු මගින් සර්පයාගේ ශරීරය ආරක්ෂා කරන අතර එය චලනය වීමේදී උපකාරීවේ.තෙතමනය රදවා ගැනීමට මෙය උපකාරීවේ.රළු බව හා වෙස් මාරු කිරීමට වැනි මතුපිට ලක්ෂණ වෙනස් කිරීමටද මෙය බොහෝ උපකාරීවේ.කැලෑ නාගයාගේ මතුපිට කොරපොතු සිනිදු වේ එය ශක්තිමත්වේ. මෙම වර්ගයක්න්ගේ පහය ප්‍රධාන වර්ණ 3ක් අතර වෙනස්වේ.ඒවානම් සිනිදු කළු,නිකට,උගුරු ප්‍රදේශය,ඉදිරියෙන් පිහිටි නෙරා වැටෙන ප්‍රදේශ් ආලේපන පැහැය හෝ සුදු පැහැය වේ.පලල් කළු පැහැය පල්ලම් මෙන් ඇත.ඔලුවෙහි පැත්තක් සිත් ඇදගන්න සුළු කළු හෝ සුදු පැහැයෙන් ඇත.ආකර්ශනයක් ඇතිවීමට තොල් වල කළු හැදු සිරස් පටිමෙන් ඇත.දෙවන පැහැය ඇත්තේ අප්‍රිකාවේ බටහිර තැනිතලා බිම්වල දක්නට ඇත එය කළු සහ කහ පැහැයයි.කළු වලිගය සහ ඔලුව මුදුන දුබුරු පැහැ ගැන්වී ඇත.නිකට තොල් හා උගුර ප්‍රදේශ කහ පැහැය වේ.තුන් වැනි පැහැය හමුවන්නේ අප්‍රිකාවේ නැගෙනහිර වෙරල තිරයෙනි,සැම්බියාවේ සහ දකුණු කොන්ගොවෙන් හමුවේ.දුබුරු හෝ කළු දුබුර් සහිත ඉහල ප්‍රදේශයක් පවතී.පහල කොටස සුදුමාලි පාට වේ.දුම්බ්රු සැප සහිත ප්‍රදේශ් පවතී.දුබුරු පැහැ වලිගයක් සමන්විතවේ. අභිජනනය මොවුන් ආණ්ඩජ සත්ව විශේෂයකි.බිජු වලින් පැටව් බෝවිමයි.ගිම්හානයේදී ගැහැණු කැලෑ නාගයා 11 ත් 26 ත් අතර සිනිදු සුදු බිත්තර ප්‍රමාණයක් පිට කරයි.ඒවායින් හැම එකක්ම දල වශයෙන් මිලිමීටර් 30 සිට 60 දක්වා වේ.මෙම බිත්තර එක පොකුරකට ඇලවී ඇත.බිත්තර දමන්නේ කුහර සහිත ගස්වල හෝ වේයන්ගේ පස් ගොඩවල හෝ සිදුරු තුල හෝ ගැහැණු සතා විසින් තනාගත කැදැල්ල වේ.සංසර්ගයට පෙර දෙදෙනා නර්තනයේ වේදේ.ඔවුන් දෙදෙනා ඔලු දෙක පහලට ලංකර හෝ පොලොව දිගේ දිගාවී දැවටෙයි.මෙය සංසර්ගයට පෙර පයක පමණ කාලයක් සිදු කරයි.පිරිමි සත්වය තම ගුද මාර්ගය ගැහැණු සත්වයාගේ ශරීරයට වෙන්නට තද කරයි.අභිජනනය කාලය තුල ගැහැණු සත ආරක්ෂාව සහිත වන අතර ඉක්මනින් කිපෙන සුළුය.මෙම කාලය තුල ඇය ආක්‍රමණශීලි වේ.අඩි පාරක් ළඟ කැදැල්ල ඇත්නම් කුපිත වීමකින් තොරව උවද පහර දිය හැක.එය මරණිය ප්‍රතිපලයක් විය හැක.බිත්තර වලින් එලියට එන පැටව් නිදහස් හා ස්වාදීන වන අතර දිග සෙන්ටිමීටර් 22 සිට 25 දක්වා වේ.සමහර අවස්ථාවල එය මැනීම සෙන්ටිමීටර් 47 දක්වා සටහන් වී ඇත. ගැහැණු සත්වයා බිජු රකින කාලය දවස් 55 සිට 70 දක්වා විහිදේ.එය උෂන්ත්වය 27-30 °C වේ.මෙම සර්පයින්ට් දිගු ආයු කාලයක් පවතී,නිදර්ශකයක් ලෙස අල්ලාගත් නාගයෙකු අවරුදු 25ක් ජිවත් විය.විෂ සහිත සර්පයෙක් ජිවත් වුනු දිගම කාලය ලෙස වාර්තාවේ. නිජබිම් සහ ව්‍යාප්තිය භූගෝලීය ව්‍යාප්තිය කැලෑ නාගයා සොයා ගැනීමට හැකි වන්නේ විශේෂයෙන් බටහිර හා මැද අප්‍රිකාවෙහිය.විශේෂයෙන්ම සෙනගාල,ඝනාව,ගිනියා හා දකුණු අපරදිග රටවල් වන මාලි,ලයිබීරියාවේ,බරකින ෆාසෝ,ටොගෝ,බෙනින්,ගෙබෝන්,කැමරූන්,නයිජිරියා,බටහිර අප්‍රිකානු රටවල් වන කොංගෝ,උතුරු ඇන්ගෝලා,කෙන්යා,උගන්ඩාව,රුවන්ඩාව,අපරදිග අප්‍රිකාව හා දකුණු අප්‍රිකානු රටවල මෙම සත්වය වැඩිවශයෙන් දැක ගත හැකිය. නිජබිම් මෙම සත්වයාගේ වාස භුමිය වන්නේ විශේෂයෙන්ම කඳුකර උස් වනාන්තර වේ. මෙම සත්වයා ඕනෑම පරිසරයකට ලේසියෙන් අනුවර්තනය වන සත්වයෙකි.මෙම සත්වයා රඳා පවතින්නේ අප්‍රිකානු උරග විශේෂ පැවත එන ආකාරයටය.මෙම නාගයා පැවත එන්නේ දකුණු අප්‍රිකානු පෙදෙසින් වන අතර සැවන හා තණබිම් වන අතරම ශේෂ උණු කඳු සහිත රටවලද දැක ගර්හ හැකිය.එමෙන්ම මෙම නාගයා නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ එනම් මැද අප්‍රිකාව තුලද වාසය කරනු ලැබේ.බටහිර අප්‍රිකාවේ කඩොලාන පවතින ප්‍රදේශ වලද මෙම සත්වය සුලබව දැක ගැනීමට හැකියාව ඇත.මෙම නාගයන් සමූහ වශයෙන් බටහිර අප්‍රිකාවේ සැවන හා තණබිම් ප්‍රදේශ වලද(ජලය සහිත ප්‍රදේශ වල) ජිවත් වෙඉ. එමෙන්ම ශාක වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ වලද විහේෂයෙන් අක්ෂාංශ 14 ට වැඩි ප්‍රතිකුල ගඟ සහිත ප්‍රදේශ වලද දැක ගත හැකිය.මෙම උරග විශේෂය වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ නිම්න භුමි ජලාශ්‍රිත තෙහ භුමි වල හා වෙරළබඩ කලාප වලය .මෙම සත්වය ඕනෑම පරිසර තත්වයන් සදහා පහසුවෙන් අනුවර්තනය වන අතර මෙම සත්වය වියලි කලාප වලට වුවද අනුවර්තනය වීමට සුදානමින් සිටි.බටහිර කෙන්යාවේ විශාල තෘන ප්‍රදේශයකදී මෙම සත්වය වාසය කරනු දැක ගැනීමට ලැබී ඇත. මෙම නාගය උගන්ඩාවේ වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ ජලාශ අසන්නයේදීය.දුඹුරු වර්ණක සහිත ප්‍රදේශ වල මෙන්ම උස වනාන්තර හා තෙත් තැන භුමි තුලද මෙම සත්වය සුලබව දැක ගත හැකිය(සිම්බාබ්වේ).මෙම සත්වයාගේ ගුප්ත ක්‍රියාකලාපය ,ගුල තුල විසීමට ඇති ලැදිකම හා ප්‍රචණ්ඩකාරී හැසීරීම තවත් ලක්ෂණ කිහිපයකි.මෙම සත්වය පලතුරු වගාවන් ආශ්‍රිතව මෙන්ම රූස්ස ගස් වල මුදුනේද වාසය කරනු ලැබේ.එමෙන්ම උස සහිත ප්‍රදේශ වල එනම් මුහුදු මට්ටමේ සිට වනාන්තර කඳු වලට මීටර් 2800 ක් උස්‌ ප්‍රදේශ වලද මෙම සත්වය තවදුරටත් දැක ගත හැකි වේ. හැසිරීම සහ ආහාර හැසිරීම කැලෑ නාගයා ඉතා කඩිසර දහවල් කාලයේ වෙසෙන හොඳින් නැගිමට හැකි සත්ව විශේෂයකි.එය Naja. වර්ගයේ වැඩිම ජලජ සත්ව විශේෂයයි.ඌ පොලවේ සිටින වේගවත් හා ඉතා හොඳ නගින්නෙකි,මීටර් 10(අඩි 33) ට වඩා උස ගස් වලට නැගීමට හැකියවක් ඇත.ඌ ඉතාමත් ඉක්මනින් සංචලනය වන අතර නිතරම සෝදිසියෙන් සිටි.ඌට හොඳින් පිහිනා යාමට හැකි අතර ජලයේ පිහිනීමට වැඩි කැමැත්තක් දක්වයි.සමහර ප්‍රදේශ වල ඌගේ ප්‍රධාන ආහාරය මළුන් වන අතර මොහු අර්ධ-ජලජ ජීවියෙක් ලෙස හැදින්විය හැක.කෙසේ උවත් දහවල් කාලයේ වැඩිවශයෙන් ක්‍රියාශීලි වන්නේ නිසල පරිසරයකය.රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වන්නේ මොහු නගරබද ප්‍රදේශයක සිටින විටය. කැලෑ නාගයා ක්‍රියාශීලි නැති විටදී කුහර තුලට,පඳුරු වලට, බෙන වලට, මුල් අතර,හා කඳු කුහර තුල සැඟව සිටි.ඒ තර පාවිච්චි නොකරනලද වේයන්ගේ පස්ගුහාවන්ද වේ.සමහර ස්ථානවල,ගංගා ඉව්රු වල, ඉදිරියට නෙරුණු මුල් ජාල හා කුරුළු කුඩු තුලද සැඟවේ.නගරබද ප්‍රදේශ වලදී අත්හරින ලඳ ගොඩනැගිලි හා කුට්ටි අතර සිටි.කලබල අවස්ථාවන් හිදී තම පටු පෙනය ඉහලට සිටිනසේ නැගී සිටි මේ නිසා දිගු දුර වේගවත් පහරක් එල්ල කිරීමට හැකියාව ඇත.මෙලෙස පහර දෙන්නේ ඌට කරදරයක් හෝ හිරිහැරයක් කළහොත් හෝ මුලුගැන්වී සිටින අවස්ථා වලදීය.ඉදිරියට ඈදී කෙසේ හෝ දෂ්ට කිරීමට පෙලබෙයි.මොහු නාගයන් අතුරින් ශක්තිමත් සහ අවදානයෙන් සිටින නාගයෙකි.කැලෑ නාගයා ඉතා දරුණු සතෙක් ලෙස සමහර විශ්වාස කරයි.අල්ලගන්න ගොදුරට කෙසේ හෝ මිදීමට ඉඩ නොදී රදවගනී.මොහුගේ වර්ගයේ අය විෂ පිටටත විදීම සිදු නොකරයි. ආහාර කැලෑ නාගයා විශාල පරාසයක ගොදුරු අහාරයට ගනී.මත්සයින්,අනිකුත් සර්පයන්,කටුස්සන්,හා කුරුළු බිත්තර සහ අනිකුත් කුඩා සතුන් ඒ අතර වේ.සමහර,බටහිර අප්‍රිකාවේ ප්‍රදේශ වල සිටින කැලෑ නාගයන් ඔවුන් කුඩා කෘමින් හහ ක්ෂීරපායි සතුන් අහාරයට ගනී.අනිකුත් සර්පයින් මොහුගේ ගොදුරු වලට ලන්නොවේ. විෂ නාගයාගේ විෂ ක්‍රියාකාරී වන්නේ ඌ සැප කෑමෙන් පසුවය.එය උග්‍ර විෂ සහිතවේ.murine intraperitoneal හි අගය 0.324 mgkg එක සපා කෑමකදී නිපදවන මාද්‍යන්‍යා විෂ ප්‍රමාණය 571mg සහ උපරිම පිටකලහැකි විෂ ප්‍රමාණය 1102mg වේ.සපා කැමකදි,එය උග්‍ර අවස්ථාවකදී මරණය මිනිත්තු 30 ත්120ථ ත් අතර කාලයක් තුල ඉතාම ඉක්මනින් සිදුවිය හැක. සපා කැමකින් පසුව මතුවන රෝග ලක්ෂණ සහ ලකුණු,පාතය,කම්මැලිකම, අවයව අංශ බාගය,ඈසීමේ දෝෂ, කතා කිරීමේ අපහසුත,කරකැවිල්ල,කම්පණය, අඩු රුධිර පීඩනය, බදරිදීම්,උණ,සුදුමලිවිම සහ ශ්වසන රෝග අපහසුතා ද ඒ අතර ඇතුලත් වේ. කැලෑ නාගයා අප්‍රිකානු නාගයන් අතරින් ඉතා ස්වල්ප වශයෙන් දෂ්ට කරන සර්පයෙකි.බොහෝදුරට එය ඔවුන්ගේ වාසස්ථාන වලදී වේ.රෝග ලක්ෂණ විද්‍යාවේ අදහස බොහෝ දුරට එය ඊජිප්තියනු නාගයා(Naja haje) සමානවේ.මෙම වර්ගයන් අතර සායනික අත්දැකීම් ඉතා දුරස්තවේ.ඇතැම් වරතගත දෂ්ට කිරීම් ලේකන ගතකොට ඇත.උග්‍ර විෂ සහිත බව නිසා ශ්වසන අපහසුත වලින් මරණයට ලක් වී ඇතිබව් වාර්තාවේ.නමුත් දෂ්ට කිරීමන් පසු ඉක්මනින් ප්‍රතිවිෂ ලබා දුනහොත් සුවවීමේ අවස්ථා ඇත එවැනි අවස්ථා වාර්තාවී ඈත.නමුත් කලතුරුකින් ඉබේම සුවවන අවස්ථාද ඇත.ප්‍රතිවිෂ ලබාදීම අතපසු උවහොත් රෝගියාගේ අවදානම වැඩිවන් අතර ඉක්මනින්ම මරණයට හෝ රෝගාතුර බව වැඩිවීමට හේතුවේ.සර්පයා මුලුගැන්වී හෝ උගේ ඉරියව් වෙනස් උවහොත් ඌ ඉක්මනින් පහරදීමට පෙළබේ.එවිට වැඩි විෂ ප්‍රමාණයක් ඇතුළු වීම සිදුවේ එවිට මාරාන්තික වේ.බෙහෙත් නොකර මරණයට පත්වුන් ගැන වරතගත නොවුනත් එය ගොඩක් ඉහලාවේ.කැලෑ නාගයා විෂ විදීමක් හෝ පිට කිරීමක් සිදු නොකරයි.සත්ව විද්‍යාවේ මොවුන්ගේ ජාතිය අනිකුත් ජාතින් අතුරින් බුද්දිමත් වේ. යොමුව බාහිර යොමුව Immediate First Aid for bites by Forest cobra (Naja melanoleuca) Clinical Toxinology Resource Forest cobra (N. melanoleuca) Elapidae Elapidae by common name Naja Reptiles of Africa Snakes Snakes of Africa </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මනෝවේදය [/INST] ඉංග්‍රීසි බසින් psychology (සයිකොලොජි) ලෙස ව්‍යවහාර කෙරෙන අතර ග්‍රීක භාෂාවෙන් Psyche ආත්මය මනෝ විද්‍යාඥයින් සැබෑ ලෝකය තුල මනස සහ මොළය පිළිබඳව ඇති සම්බන්ධතාවය විග්‍රහ කිරීමට උත්සාහ දරති. ඔවුහු මිනිසාගේ සංජානනය , ප්‍රජානනය , හැගීම් , පෞරුෂත්වය , හැසිරීම් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පිළබඳව හදාරති. මනෝවිද්‍යාව මගින් ඉහත කී අධ්‍යයනයන් මගින් ලබා ගන්නා දැණුම එදිනෙදා මිනිස් ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් සදහා යොදා ගැනේ. උදා :- පවුල් සංස්ථාව , අධ්‍යාපනය සහ රැකියාව. තවද එමගින් නොයෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාරද ලබාදේ. මිනිස් මොළයෙහි මුලික මානසික ක්‍රියාවලීන් හදුනාගැනීමට මොළය විච්ඡේදනය නොකොට මනෝවිද්‍යාව මගින් එම මුලික මානසික ක්‍රියාවලීන් සමාජයේ හැසිරීම සහ ගතිකයන් කෙරෙහි හැසිරෙන ආකාරය භෞත වේදය සහ ස්නායු විද්‍යාත්මක සංකල්පයක් මගින් අවබෝධ කරගැනීම මනෝ විද්‍යාවේ උත්සාහයයි. මනෝ විද්‍යාවෙහි විවිධ උප ක්ෂේත්‍රයන් සහ යොදා ගැනිම් ඇත. උදා :- මිනිසාගේ සංවර්ධනය , ක්‍රීඩා, සෞඛ්‍යය , කර්මාන්ත , නීතිය , මාධ්‍ය සහ අන්තර්පුද්ගල සබදතාවයන්ය. මනස සහ මොළය ‍මනෝ විද්‍යාව මගින් සිහිය , හැසිරීම හා සමාජ සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කිරීමට උත්සාහ කෙරේ. නිරීක්ෂණ හා පර්යේෂණ පාදක කොටගත් මනෝ විද්‍යාව මගින් මිනිසාගේ අත්දැකීම් සහ හැසිරීම් ඒ ආකාරයෙන්ම විග්‍රහ කරයි. 1980 සිට මනෝවිද්‍යාව මගින් විඤ්ඥානය සහ මොළය හෝ ස්නායු පද්ධතිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව පරීක්ෂණ කරයි. නමුත් මේ දෙකෙහි ඇති අන්තර් සම්බන්දතාව මේ වන විටද අපහැදිලිය. විඤ්ඥානය මගින් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කෙරෙත්ද , මොළයේ ක්‍රියාකාරීත්වය විසින් විඤ්ඥානය පාලනය කරත්ද එසේත් නොමැති නමු මේ අංග දෙක එකිනෙකට ස්වායත්ව හැසිරේද යන්න මේ වන විට පර්යේෂණාත්මක මට්ටමේ පවතී. විඤ්ඥානය ස්නායු ක්‍රියාකාරීත්වය හා සෘජු සම්බන්ධකමක් නොමැති සංකීර්ණ වු මිත්‍යාවක්ද යන්න අවබෝධ කරගැනීම සඳහා විඤ්ඥානය සහ මොළය පිළිබඳව නිසි අර්ථ දැක්වීමක් අවශ්‍ය වේ. මනෝ විද්‍යාව න්‍යායන් හා ප්‍රායෝගික අංශ දෙකෙහිම මොළයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විග්‍රහ කෙරෙන කෘතිම බුද්ධිය , ස්නායු ‍මනෝ විද්‍යාව සහ සංජානන ස්නායු විද්‍යාව පිළිබඳව නොයෙකුත් අංග බහුලවම ඇතුළත්වී ඇත. මනෝවේදය මනෝ විද්‍යාව ස්නායු පද්ධතිය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 140 [/INST] වසර 140 (CXL) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, හඩ්රියනුස්ගේ සහ සීසර්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 893 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 140 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: භාණ්ඩ [/INST] මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගත හැකි ද්‍රව්‍යමය භාණ්ඩ හෝ භෙතික දැ භාණ්ඩ ලෙස හැදින්වේ භාණ්ඩ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වාමන දේවාලය, ඛජුරාහෝ [/INST] වාමන දේවාලය (දේවනගරි: वामन मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන වාමන හට පිදූ හින්දු දේවාලයකි. මෙම දේවාලය ක්‍රි.ව. 1050-1075 අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට ඇතුළත් දෙවොලකි. පිහිටීම මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ නැගෙනහිර සමූහය තුළ ය. එය බ්‍රහ්ම දේවාලයේ සිට මීට 200ක් පමණ ඊසානදිගින් පිහිටා ඇත. ගෘහනිර්මාශ ශිල්පය මෙහි ගර්භගෘහයක්, අනතරාලයක්, මහා-මණ්ඩපයක් සහිත පාර්ශ්වික හරස් අංශයක් සහ ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් දැකගත හැක. ගැලරිය ආශ්‍රේයයන් බාහිර සබැඳි ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ සුචිය - ඡතර්පූර් ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, වාමන දේවාලය, ඛජුරාහෝ ඛජුරාහෝවේ හින්දු දේවාල 11වන සියවසේ හින්දු දේවාල හින්දු ලෝක උරුම අඩවි බුන්දෙල්ඛාන්ද් මධ්‍ය ප්‍රදේශ්හි ස්මාරක සහ අනුස්මරණ මධ්‍ය ප්‍රදේශ්හි ලෝක උරුම අඩවි විෂ්ණු දේවාල </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බැසිල් ප්‍රනාන්දු [/INST] ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලාංකේය නීතිවේදියෙක්, කතුවරයෙක්, කවියෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දක්ෂ ලේඛකයෙකි. ඔහු වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඔහු 1972 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් එල්.එල්.බී උපාධිය ලැබීය. ඔහු හොංකොං හි UNHCR අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියක වියට්නාම සරණාගතයින්ගේ නීති උපදේශකයෙකු බවට පත් විය. ඔහු 1992 දී ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නිලධාරියෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංක්‍රාන්ති අධිකාරියට (UNTAC) සම්බන්ධ වූ අතර පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථානයේ (දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය) කාම්බෝජයේ නීති ආධාර ප්‍රධානියා ලෙස ද සේවය කළේය. ඔහු 1994 සිට හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම සහ ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී සිටී. 2014 දී, "ආසියාවේ මානව හිමිකම් ක්‍රියාවට නැංවීමට සහය දැක්වීමට සහ ලේඛනගත කිරීමට ඔහුගේ වෙහෙස නොබලා සහ කැපී පෙනෙන කාර්යය" වෙනුවෙන් ඔහුට Right Livelihood සම්මානය පිරිනමන ලදී. නීති විද්‍යාව කාම්බෝජයේදී, ඔහු පශ්චාත්-කොමියුනිස්ට් සමාජවල නීති රීති පිළිබඳ ගැටළු ලිවීමට පටන් ගත් අතර, පසුව ඔහු ආසියානු සමාජවල යුක්තිය පිළිබඳ ගැටළු දක්වා වර්ධනය විය. ඔහු ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ තවත් ආසියානු රටවල් කිහිපයක් පිළිබඳ අධ්‍යයනයන් පදනම් කර ගනිමින් මෙම තේමාව පිළිබඳව පුළුල් ලෙස ලියා ඇත. අන්තර් සම්බන්ධිත ප්‍රකාශන තුනක, The phantom limb: ශ්‍රී ලංකාවේ අසාර්ථක අධිකරණ පද්ධති, වධහිංසා සහ මානව හිමිකම් කටයුතු; රාජ්‍ය ආයතනවල අධිකාරිය අයකර ගැනීම: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සම්පත් පොතක්; ශ්‍රී ලංකාව: දණ්ඩ මුක්තිය, අපරාධ යුක්තිය සහ මානව හිමිකම්, ඔහු ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම විශ්ලේෂණය කළේය. මෙම අධ්‍යයනය වෙනත් තැන්වල එවැනි අධ්‍යයනයන් සඳහා ආදර්ශයක් සපයා ඇත. සිවිල් සමාජය Demoralization and Hope - ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම සඳහා සමාජ පදනම් නිර්මාණය කිරීම, ඩෙන්මාර්කයේ NFS Grungtvig සහ ඉන්දියාවේ බී. ආර්. අම්බෙඩ්කාර් යන අයගේ අදහස් සංසන්දනාත්මක අධ්‍යයනයක් හරහා ඔහු සිවිල් සමාජ න්‍යාය වර්ධනයට දායක විය. මෙය ආසියානු ව්‍යාපෘති කිහිපයක මානව හිමිකම් කටයුතු සඳහා ජන පාසල් සංකල්පය හඳුන්වා දීමට හේතු විය. මානව හිමිකම් ලිපි හුවමාරු පාසල ද මෙයට ඇතුළත් ය. කවි සහ වෙනත් නිර්මාණාත්මක ලේඛන කවියෙකු ලෙස ඔහු ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන් සිය කවි ප්‍රකාශයට පත් කළේ 1972 දී A New Era to Emerge නම් එකතුවකිනි. මෙම එකතුව සමාලෝචනය කරමින් එකල ප්‍රකට සාහිත්‍ය විචාරකයකු වූ එම්.අයි.කුරුවිල්ල 1976 නවසිළු පුවත්පතට මෙසේ ලිවීය, “ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කවි ලියන අය අතර බැසිල් ප්‍රනාන්දු බොහෝ අංශවලින් අද්විතීය බව මට හැඟේ. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ප්‍රතිදානය කුඩා විය හැකි වුවද, පරාසයෙන් සහ ගැඹුරින්, අපේ, උදාහරණයක් ලෙස අප්‍රිකානු කවියන් වැනි වඩා වැදගත් සම්ප්‍රදායක් තුළ ලියන කවියන් හා සසඳන විට ඔහුට තමාගේම පදනමක් තිබිය හැකිය." පසුව බැසිල් ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද එකතු කිරීම් කිහිපයක් ලිවීය. ඔහුගේ මෑතකාලීන එකතුව නම් The Sea Was Calm behind your house (2009) සහ චීන ගෙදර කිරිල්ලේගේ ගීතය (2009), සිංහල එකතුවකි. බැසිල්ගේ කවි ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ප්‍රකාශයට පත් කරන ලද කෘති කිහිපයක් ඇතුළත් කර ඇත. ඔහුගේ කවි අද ලෝක සාහිත්‍යයේ ඇන්ඩර්ස් ස්ජෝබෝම් විසින් සමාලෝචනය කරන ලදී. යොමු කිරීම් බාහිර සබැඳි බැසිල් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික වෙබ් අඩවිය ආසියානු මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් අඩවිය බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගාඩියන් පුවත්පතට ලියූ ලිපි ක්‍රියාකාරී ආචාර ධර්ම හි වගන්තිය 2 ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය UPI Asia සඳහා ලියා ඇති ලිපි ශ්‍රී ලංකා මානව හිමිකම් අතුරුදහන් වූවන් සඳහා සයිබර් අවකාශයේ සොහොන් බිම Year of birth missing (living people) ජීවමාන ජනයා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නිමල් ගාමිණී අමරතුංග [/INST] රණසිංහ ආරච්චිගේ නිමල් ගාමිණී අමරතුංග ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුස්නේ විනිසුරුවරයෙකි . ඔහු 2005 ජනවාරි මාසයේදී පත් කරන ලදී. අමරතුංග සිය ප්‍රාථමික අධ්‍යාපනය කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සම්පූර්ණ කළේය. ඉන්පසුව, අමරතුංග 1970 දී නීතිවේදී උපාධිය (LLB) ලබා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. 1972 ඔක්තෝම්බර් මාසයේදී ඔහු නීතිඥ මණ්ඩලයට කැඳවනු ලැබීය. 1979 ජූනි 01 වැනි දින වැඩබලන රජයේ නීතීඥවරයකු රජයේ අධිනීතිඥවරයකු ලෙස පත්වීම් ලැබූ ඔහු 1978 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණි. තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටියදී, 1984 දී, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති පිළිබඳ පශ්චාත් උපාධිය (LLM) ලබා ගත්තේය. අමරතුංග මහතා 1990 දී මෝල්ටාවේ ජාත්‍යන්තර සමුද්‍ර නීති ආයතනයෙන් ‘නීතිය පිළිබඳ ශාස්ත්‍රපති’ දෙවන පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත. ඔහු 1988 සැප්තැම්බර් 8 වැනි දින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලෙස උසස් කරන ලදී ෆ්ඝ් ෆ්ග් හ්ෆ්හ්ඩ්ෆ් හ්ෆ්ඩ්ග් ෆ්ද්ෆ්ඩ් ඝ්ෆ්ද් ඩ්ෆ්ඝ් ඩ්ෆ්ඝ් ඩ්ෆ්හ් ෆ්ද් ෆ්ග් හ්ෆ්ඝ් ෆ්ඝ්ඩ්ෆ්හ් ඩ්ෆ්ඝ් ෆ්ඝ්ෆ්ග් හ්ෆ්ඝ් ෆ්ද් ෆ්ද්ඩ් 1994 ජනවාරි 6 වැනි දින ඔහු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී. ඔහු අම්පාර, කොළඹ, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. 2001 පෙබරවාරි 28 දින අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් වූ අමරතුංග මහතා 2001 ජනවාරි මාසයේ සිට අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2005 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුයිස්නේ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී. ඔහු 2014 දී විශ්‍රාම ගියේය යොමු කිරීම් Year of birth missing (living people) ජීවමාන ජනයා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මයික්‍රොසොෆ්ට් හී ඉතිහාසය [/INST] මයික්‍රොසොෆ්ට් යනු බහුජාතික පරිගණක තාක්ෂණ සමාග්මකි. මයික්‍රොසොෆ්ට් හි ඉතිහාසය ආරම්භ වූයේ 1975 වර්ෂයේ අප්‍රේල් 4 වන දින බිල් ගේට්ස් සහ Albuquerque හි Paul Allen එය ආරම්භ කිරීමත් සමගයි . operating system සහ Microsoft Office, එහි දැන් පවත්නා නිශ්පදන අතර ඉහලින් අලෙවි වන් නිශ්පදන වේ. 1980 හි ආරම්භයත් සමග Microsoft ආයතනය IBM ආයතනයත් සමග වැදගත් හවුලක් ඇතිකරගත් අතර එමගින් ඔවුන් අලෙවිකරනු ලබන පරිගණක සමග Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ලබාදීමේ හැකියාව ලැබුනු අතර, සෑම අලෙවියකින් පසුවම Microsoft ආයතනයට ඔවුන්ගේ කොටස ගෙවිය යුතු විය. 1985 දී IBM ආයතනය OS/2 ලෙස නව මෙහෙයුම් පද්ධතියක් නිපදවන ලෙස ඉල්ලීමක් කල අතර Microsoft ආයතනය මගින් එය නිශ්පදනය කලද, පසුව ඔවුන් ඔවුන්ගේම විකල්ප මෙහෙයුම් පද්ධතියක් අලෙවිකිරීම ආරම්භ කලේය. එය OS/2 සමග නව තරගකාරී නිපයුමක් බවට පත්විය. අවසානයේදි Microsoft නිශ්පදනය, OS/2 නිශ්පදනයට වඩා හොදින් අලෙවි කිරීමට සමත් විය. 1990 දී Microsoft ආයතනය විවිධ මෙහෙයුම් පද්ධති රැසක් එලිදැක්වීමත් සමග ඔවුන් 90% වෙළදපල හිමිකරිත්වයක් අත්පත් කරගත්තේ ය. මේ වන විට Microsoft ආයතනය බොහෝ දුරට සර්තක වී තිබේ. 2008 හි පමණ සිට Microsoft ආයතනය මගින් වාර්ෂිකව ලෝක ව්‍යාප්තව ඇමෙරිකානු ඩොලර් බිලියන 60.42 අදයමක් ලබන අතර, සේවකයින් 90,000 පමණ රටවල් 105 ක සේවය කරයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කරීම් ජනත් [/INST] කරීම් ජනත් (උපත 1998 අගෝස්තු 11) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 දෙසැම්බර් 7 වන දින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිය පළමු පෙළ මංගල තරගයට පිවිසියේය. ඔහුගේ පළමු පන්තියේ මංගල තරගයට පෙර, ඔහු 2016 අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතයේ ක්‍රීඩකයෙක් විය. යොමු කිරීම් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රාජිත සේනාරත්න [/INST] රාජිත සේනාරත්න (ඉංග්‍රීසි: Rajitha Senaratne) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්‌ත්‍රික්‌කය, හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා. ජීවන සටහන් මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන් ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ආදි නාලන්දියයෝ ලංකික දේශපාලනඥයෝ බෞද්ධයෝ ලාංකික සිංහලයෝ 1950 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සඳදුන්න [/INST] සඳදුන්න, (චන්ද්‍ර දේදුන්න හෝ  සුදු දේදුන්න ලෙසින්ද හැඳින්විය හැකිය.), දිවාකාලයේදී අහසේ ඇති ජලවාෂ්ප වෙත සූර්යාලෝකය පතිත වීමෙන් දේදුන්න ඇති වන ලෙසින්ම, සඳ එළිය සහිත රාත්‍රී කාලයේදී ඇතිවන දේදුනු විශේෂයකි. සඳදුන්න එතරම් පැහැදිලිව නොපෙනේ. එයට හේතුව සඳෙහි පෘෂ්ඨය මඟින් පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් වීමයි. එය සෑම විටම අහසේ සඳ පවතින දිශාවට විරුද්ධ දිශාවෙහි දක්නට ලැබේ. මෙලෙස තුනී රිදී පැහැති ඉරක් ලෙසින් සඳදුන්නක් දර්ශණය වීමට හේතුව වන්නේ එහි පවතින ආලෝකය මිනිස් ඇසෙහි වර්ණ සංවේදී කේතු සෛල උත්තේජනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නිසයි. එබැවින් එය සුදු පැහැයකින් යුතුව දිස්වේ. කෙසේනමුත් සඳදුන්නක වර්ණ ඡායාරූපයක් ලබා ගැනීම මඟින් දැකගත හැකියි. . සඳදුන්න පිළිබඳව ඇරිස්ටෝටල්ගේ Meteorology (circa 350 BC), ග්‍රන්ථයේ සහ 1847 වර්ෂය දරණ ප්‍රකාශණයේත් සඳහන් වී තිබේ. නිර්මාණය වන අයුරු සඳදුන්න ඉතාම පහසුවෙන් නැරඹීම සඳහා සඳෙහි කලාව පුර සඳ තත්ත්වයේ හෝ ඊට ආසන්නතම තත්ත්වයක පැවතිය යුතු වේ. එමෙන්ම ක්‍ෂිතිජය මට්ටමේ සිට අංශක 42 කට වඩා අඩු උසකින් චන්ද්‍රයා අහසේ පැවතිය යුතුයි. රාත්‍රී අහස ඉතා අඳුරු වීම සුදුසුයි. හිරු උදාවට පැය 2 සිට 3 කට පෙර සහ හිරු බැසයාමට පැය 2 සිට 3 කට පසුවත් මෙය පහසුවෙන් දැකගත හැකියි. චන්ද්‍රයාට විරුද්ධ පසින් වැහි බිඳු පතිත වීම හෝ කඩා හැලෙන දිය ඇල්ලකින් ජල වාෂ්ප නිකුත් වීම සිදු විය යුතුයි. මෙම සාධක වල සංකලනයෙන් සඳදුන්නක් නිර්මාණය වීම සිදුවේ. නමුත් දේදුන්නක් ඇති වෙනවාට වඩා සඳදුන්නක් ඇතිවීම ඉතාම දුර්ලභ සිදුවීමකි. සඳදුන්නක් දැක ගත හැකි ස්ථාන වශයෙන් Waimea 'Kamuela', Hawaii Island, Hawaii යන ස්ථාන උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය. දැකිය හැකි ස්ථාන ලොව පුරා විවිධ ස්ථාන කිහිපයකදීම ජල වාෂ්ප, මීදුම හෝ තුෂර මඟින් සඳදුන්න නිර්මාණය වීම සුලබව දැකගත හැකියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති Yosemite ජාතික උද්‍යානය සහ Cumberland Falls දිය ඇල්ල අසළ, Corbin, Kentucky දියඇල්ල අසළත් සුලබව දැකගත හැකියි. අප්‍රිකාවේ සැම්බියාව සහ සිම්බාබ්වේ අතර දේශසීමාවේ පිහිටි Victoria දිය ඇල්ල සහ ක්‍රෙයෝෂියාවේ Plitvice Lakes විල අසලද සඳදුන්න දැක ගත හැකියි. සමුද්දේශ ‘සඳදුන්න‘ - තරු පිරි අහසක දේදුන්නක් බලමු. Moonbow picture </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව [/INST] පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන්නෙන් පහත දෑ අදහස් විය හැක: රජයේ දෙපාර්තමේන්තු කර්ණාටක ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාව කේරළ ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාව තමිල්නාඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (නේපාලය) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකාව) වක්‍රෝත්තිහරණ පිටු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 811 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: යුද්ධය පිළිබඳ සමාජීය විද්‍යාත්මක න්‍යායන් [/INST] යුධ මූලාරම්භයේ සිටම සමාජ විද්‍යාව ඒ හා සම්බන්ධිතය. එමෙන්ම දහස් ගණන්වන න්‍යායන් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අතුරින් බොහෝ ඒවා පරස්පර විරෝධීය. සමාජ විද්‍යාව සම්ප්‍රදායන් රැසකට බෙදා ඇත. “ස්වකීය රාජ්‍යය පිළිබඳ ශ්‍රේෂ්ඨත්වය” ඉන් එකක් වන අතර එය Eckart Kehr සහ හාන්ස් උල්රිච් වෙහ්ලර්ගේ ක්‍රියාකාරකම් මත පදනම්ය. එයට අනුව යුද්ධය ස්වකීය කොන්දේසි හේතුවෙන් ඇතිවන බව දැක්වේ. එසේම එයට විදේශ අතපෙවීම් ද හේතුවිය හැකි බවට වැඩි දුරටත් දැක්වේ. නමුත් පළමුවන ලෝක යුද්ධය හා සම්බන්ධව කිසිදු විදේශ ආරවුලක් නැත. එසේ වුවත් විවිධ රටවල් බල සමතුලිතතාවයට, ආර්ථිකමය හේතුමත, සමාජ හා දේශපාලනික හේතුමත සම්බන්ධ විය හැක. මෙය සාම්ප්‍රදායික විදේශ දේශපාලන ශ්‍රේෂ්ඨත්වයෙන් වෙනස් වන්නේ “කාල් වොන් ක්ලුස්විට්ස්” සහ “ලියෝ පෝල්ඩ් වොන් රෑන්ක්” අතර දේශපාලනය සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් යුධ ඇතිවීමෙහි ලා බලපානු ලබන්නේ යැයි ඇති වූ වාදයන් සමගය. ආශ්‍රිත http://en.wikipedia.org/wiki/War#Sociological_theories </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මහින්දාගමනයේ සිට අධ්‍යාපනය [/INST] මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි. පළමු වරට මිහින්තලා පර්වත මුදුනෙහි මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජුට බුදු දහම හඳුන්වා දීමත් සමඟම බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායටත් පදනම වැටුණු අතර, බුදු දහම කෙරෙහි පැහැදුනු දෙවන පෑතිස් මහරජ දෙවන දින අනුරපුර මහමෙවුනා උයන මිහිඳු හිමියන්ට පිදීමත් සමඟ බෞද්ධ අධ්‍යාපන ආයතන ක්‍රමයකට ද පදනම වැටුණි. සංවිධිත වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වීමටත් තැනින් තැන තිබූ අසංවිධිත ගුරු ගෙදර අධ්‍යාපන සම්ප්‍රදායය අනුක්‍රමයෙන් අහෝසි වීමටත් මහා විහාරය මුල් වූ බව අතීතය අපට ගෙනහැර දක්වයි. බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වුයේ හික්මීමෙන් යුතු ගුණවත් සිල්වත් ජීවන රටාවක් ගොඩ නැගීමයි. මේ වනාහි දැහැමි ස්වයංපෝෂිත දිවි පෙවෙතක් තුළින් දෙලොවටම හිත සුව පිණිස වන සමාජයක් ගොඩනැගීම යි. පන්සල කේන්ද්‍ර කරගනිමින් අරඹන ලද අධ්‍යාපනය සිල්වත්, විනයවත් පරිසරයක් තුළ දැනුම ලබා දීම එදා දක්නට ලැබුනි. ආගමානුකූල අදහස්, ඔවදන්, ක්‍රියාකාරකම් පන්සලේ හාමුදුරුවන්ගෙන් ලබා ගන්නට හැකි විය. නමුදු රටක සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍යකරණ වෘත්තීය දැනුම ආගමික ශාස්තෘන්ගෙන් ලබා ගැනීම අසීරු වූයේ උන්වහන්සේ වෘත්තීය ආභාෂයට වඩා උදක්ම ආත්ම පාරිශුද්ධත්වය ලඟා කර ගැනීම පිළිබඳ වු කටයුතු වල නියැලීමයි. මේ නිසා වෘත්තිය දැනුම අවිධිමත් ලෙස තම පර‍පුරෙන් පැවතෙන ආකාරය අනුව ලබා ගැනීමට බොහෝ පිරිසකට සිදුවිය. මෙහි වඩාත් ම කැපීපෙනෙන ලක්ෂණය වුයේ සමහරක් වෘත්තින් සමාජයේ පහත් ලෙස සැලකීමට ලක්ව තිබීමයි. උදා - මැටි ආශ්‍රිත වලං කර්මාන්තය. නමුදු එවකට පැවති වැඩ වසම් සමාජ ක්‍රමය නිසා මේ අප්‍රසාදය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිස් ඉදිරිපත් නොවුනි. කරුණු එසේ වුවද මහින්දාගමනයත් සමග ලංකාව තුළ ඇතිවුන බෞද්ධ ප්‍රබෝධය හේතුවෙන් ගොඩනැගුණු අධ්‍යාපන රටාව තුළ විෂයමාලාව එවකට පැවති ශාස්ත්‍රීය, ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් නිර්මාණය සඳහා රුකුලක් විය. මෙහිදි විෂමාලාව  ගුරු ගෙදර  පන්සල  පිරිවෙන  වෘත්තීය ආදී වශයෙන් කොටස් කර දැක්විමට පුළුවන. ගුරුගෙදර විෂයමාලාව තුළ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරා ලීය. මෙම විෂයමාලාව සරල එකක් විය. එමෙන්ම ගුරුගෙදර ප්‍රධාන විෂයමාලාව ද විය. ගණිතය ඉගැන්වීම පිළිබඳ සාක්ෂි නොමැතත් කියවිම, ලිවිම, වැනි ඉගැන්වීම් කටයුතු අඩංගු වී තිබේ. මෙහිදී පිල්ලම් ඉගැන්වීම සඳහා අක්ෂර 560 ක් භාවිතා කළ බවට සාක්ෂි ඇත. අකුරු හදුන්වා‍දිමෙන්හඳුන්වාදීමෙන් පසු නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් ‍කවි පොත, ආදී කෘති වලට අමතරව බුද්ධ ගජ්ජය, සකස් කඩය කියවීම වැනි අභ්‍යාස මගින් උච්චාරණය පිළිබඳ මනා දැනුමක් ලබා දීමට කටයුතු කරනකර ඇත.මීට අමතරව කඩු ශිල්ප, දුනු ශිල්ප, ආදි ශිල්පීය කුසලතා වර්ධනය සඳහාද අවස්ථව උදාකර දුන් බවට සාක්ෂි පවති. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාව ආරම්භ කිරීම පන්සලෙන් සිදු විය. ධර්ම විනය හා පාලී භාෂාව ඉගැන්විම පන්සල ආශ්‍රිත පිරිවෙණ් වලදී සිදු විය. මෙම විෂයමාලාව ක්‍රියාත්මක කරන්නේ මූලික අධ්‍යාපනය ගුරුගෙදරින් ලබා පැමිණෙන බැවිනි. මෙහිදී ගිහි පැවිදි දෙපිරිසටම අධ්‍යාපනය ලබා දිමට කටයුතු සලස්වන ලදි. සිංහල හා පාලී වශයෙන් විෂය මාලාව දෙ‍කොටසකට වෙන් කරන ලද අතර පාලි විෂයමාලාව නාම පද වරනැගීම සමාන පද තේරුම් කිරීම ව්‍යාකරණ ඉගැන්වීම පාලි නාම වරනැගිල්ල පාලි නිඝණ්ඩුව බාලවහැරය ලෙසට නැවතත් කොටස් කෙරිණ. මීට අමතරව සාමනේර භික්ෂූන්ගේ ශික්ෂණයට අදාළ වූ සාමනේර ශික්ෂා නම් ග්‍රන්ථයද එහි සිංහල අනුවාදනය ද යොදා ගෙන ඇත. පොත පතින් බැහැර වූ විෂය බාහිර ක්‍රියා කාරකම් සඳහා පොහෝ දින බණ ඇසීම, බණ කීම, එදිනෙදා වත්පිළිවෙත් කිරිම දක්නට ලැබුනි. තවද මහ‍පිරිවෙන් වල (අභයගිරිය, මහා විහාරය) ව්‍යාවකරණ, සාහිත්‍යය අංක ගණිතය, ජන්ද ශාස්ත්‍රිමය, නාට්‍ය කලාව, වෛද්‍යවිද්‍යාව වැනි විෂයන් භාවිතා කර ඇති බව සිතිය හැකිය. ගිහි පැවදි ශිෂ්‍යයන් ට අමතරව ‍විදේශිකයන් ද මෙම විෂයමාලාව හදාරා ඇත. විෂය මාලාව තුල කාන්තා නියෝජනය පිළිබද මහින්දාගමනයට පෙර වැඩි අවධානයකින් යුතුව සිදු වූ බවට ප්‍රබල සාක්ෂි නොමැත. එහෙත් මහින්දාගමනයෙන් ටික කලකට පසු සඟමිත් තෙරණිය ලංකාවට වැඩම කිරීමත් සමඟම කාන්තාවට ද මෙම අවස්ථාව උදාකර ගැනීමට හැකිවිය. තත්ත්වය එසේ නමුදු මෙහිදී මෙහෙණි සසුනට ඇතළු වන කාන්තාවන්ට පමණක් අධ්‍යාපන අවස්ථාව හිමි වු අතර ගිහි කාන්තාවන් සඳහා අවස්ථාව විරල විය. විෂය මාලාවේ සාරාංශය මෙසේ විග්‍රහ කිරීමට හැකිවේ.  විධිමත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බෞද්ධාගමික පදනමකින් යුතුවිය. මෙය බොදු සමාජයක් බිහිකිරීමේ අවශ්‍ය තාවය මත ගොඩ නැගුනි.  අකුරු ලිවිමේ කියවීමේ හැකියාව ඇති කිරීමේ පදනම විය. මෙහිදී මුලික අවශ්‍යතා ලෙස බෙහෙත්වට්ටෝරුවක් කියවීම, තල්පතක පණිවිඩයක් යැවීම දැක්වීමට හැකිය.  පිරිවෙන් අධ්‍යාපනය තුලින් භික්ෂූන් වහන්සේගේ ධර්ම විනය ප්‍රගුණ කිරීම බෞද්ධ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය බණ කීම පුණ්‍යානුමෝදනා කිරීම, සෙත් පිරිත් කීම වැනි අවශ්‍යතා සපිරීම ද අවශ්‍යතාවයක් විය.  එවක සමාජයේ පැවති අවශ්‍යතා අතර වූ ජොතිශ ශාස්ත්‍රය, වෛද්‍යවිද්‍යාව ආදී ක්ෂේත්‍ර වල කටයුතු ද වැඩවසම් ක්‍රමය තුළ වු වෘත්තීය පුහුණු අවශ්‍යතාවයන් ද ඉටු කිරීම සිදු විය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මුල්ම යුගයේදි ගුරු ගෙදර ආශ්‍රිතව දක්නට ලැබුනි. නමුදු මහින්දාගමනයෙන් පසු ඇති වු ආගමික පිබිදීමත් සමඟ ගම හා බැඳුනු පන්සලෙන් ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය ආරම්භවිය. මෙහිදී ඉගෙනුම් කාර්යය පන්සලේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය. ධර්ම දේශනා, අනුශාසනා, දේශනා ආදිය මුලිකම අධ්‍යාපන ක්‍රමවේදයන් ලෙස යොදා ගනු ලැබීය. මෙහි බලාපොරොත්තුව වුයේ අකුරු ලිවිමේ හා කියවිමේ හැකියාව ලබා දිමයි. මෙය ගුරු ගෙදර ඉගැන්වීම් ක්‍රියාවලිය විය. අකුරු ලි‍විම සඳහා ‍‍වැලි පිල්ල සිසුන් සහ ගුරුවරයාද ප්‍රචලිත ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිත කෙ‍රින. කියවීමේ උපකරණ ලෙස පුස්කොල පොත් භාවිතා කළ ද එය ඉතා සීමිත ප්‍රමාණයෙන් විය. මීට අමතරව වනපොත් කිරීමේ ක්‍රමවේදය ද ඉතාමත් සුලභ කාරණයක් විය. මේවා මතක තබා ගැනීමේ පහසුව සඳහා තාලයකට ගැයීම වැනි ක්‍රමවේදයන් යොදාගන්නා ලදි. පිරිවෙන් හා මහාපිරිවෙන් වලද ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් ද මීට බොහෝ සෙයින් සමාන විය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමෙන් පසුව වුවද වනපොත් කිරීම දක්නට ලැබුනි. ධර්මය පමණක් නොව ඡන්දස්, අලංකාර, ව්‍යාකරණ, ආදිය ‍ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය වුයේ කටපාඩම් කිරීමයි. මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුත්තේ පැරණි ප්‍රශස්ත ස්වදේශිය අධ්‍යාපන ක්‍රමයත් විෂයමාලාව ලෙස සලකනු නොලැබුවත් වෘත්තීය විෂයයන් ලෙස වැඩ වසම් කුල ක්‍රමය යටතේ පියාගෙන් පුතුට උරුම වූ විශේෂ වෘත්තීය කුසලතා රැසක් පැවති බවයි. පිළිම නෙලීම, වාරිකර්මාන්ත ඇත් දත් මුතු මැණික් කර්මාන්තය, රන් රිදී ආභරණ නිෂ්පාදනය ආදි කර්මාන්ත ඉතාමත් ඉහල තාක්ෂණික කුසලතාවයෙන් යුතුව ක්‍රියාත්මක වුවත් මේවා විෂයමාලාව තුල විධිමත්ව ඇතුලත් වූ බවක් නොපෙනේ. ගුරුගෙදර ගුරුවරයා වුයේ එහි ගෙහිමියා වේ. ඔ‍හුගේ දැනුම අත්දැකීම් පදනම් කරගෙන ඉගගෙනුම් ඉගැන්වීම් ක්‍රමය සංවිධානය කරන ලදි. මීට අමතරව පන්සලේ ගුරුවරයා වුයේ භික්ෂුන් වහන්සේය. පැවිදි වීමෙන් අනතුරුව ධර්මය ඉගෙනීමෙන් පසු ලද වියත් බවෙන් ලද පන්න‍රයෙන් ගුරුවර චරිතයට පණ පොවයි. මෙය පිරිවෙන් මහ පිරිවෙන් බවට පත් කිරීමට තරම් සුදුසු කමකි. මෙසේ මහ පිරිවෙන් වල වාසය කළ නායක ස්වාමීන් වහනසේලා ගේ දක්ෂතාවය මත එම ආයතන මහත් කිර්තියක් උසුලන්නට විය. සසුනේ පැවිදිව එකී වියත් භික්ෂුන්ගෙන් අධ්‍යාපනය හදාරමින් එකී සෙවනේ මහණ දම් පිරීමෙන්ම තවත් වියත් භික්ෂූන් රැසක් බිහි වී ඇති බවට අතීතය අපට සාක්ෂි දේ. මේ නිසා දක්ෂ භික්ෂූන් එවැනි මහා පිරිවෙන්හි අධ්‍යාපනය ලැබීමට යොමු කරන ලදි. එමෙන්ම ‍පන්සලේ පිරිවෙනේ හා මහා පිරිවෙන් වල ගුරු භික්ෂුන් පුහුණු කිරීමද මේ අතතුරම සිදු කරන ලදි. අධ්‍යාපනය හදාරණ භීක්ෂුන්ගේ ඇති සුවිශේෂීතා මත අනාගතයේදී ගුරු භීක්ෂුවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුනි. ගුරුගෙදර මීට වෙනස් තත්වයක් විය. එනම් ගුරුගෙදර බොහෝ විට සිටියේ එම නිවසේ ගෙහිමි යා ගුරුවරයා ලෙසය. මෙම නිවස තුළ සියළු කටයුතු ගුරුතුමාගේ අනුදැනුම මත සිදු විය. එනම් මෙහි සමස්ථ සංවිධාන ව්‍යුහය මත රදා පැවතුනි. ඔහු විසින් සිසුන් ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීය. වැටුප් ලැබීමක් නොකරන ලද නමුදු සිසුන් විසින් දෙන ලද ගුරුපඬුරු භාරගන්නා ලදි. ගුරුගෙදර සියළුම පාලන කටයුතු ගුරුවරයාගේ අධීක්ෂනයෙන් සිදුවිය. මෙහිදි අධ්‍යාපන කටයුතු වලට අමතරව එදිනෙදා ගෙදර දොර වැඩ කටයුතුද විය. මේවා සිදුකිරීම මගින් තම ජීවිත කටයුතු පිළිවෙල කිරීම සදහා යොදා ගන්නා ලදි. මේ සංවිධාන ව්යිහය තුළ විධිමත් අවිධිමත් නොවිධිමත් අධ්යායපන ක්රාමවේදයන් පැවති බවට සාක්ෂියකි. තවද සිසුන් ගුරු ගෙදර නේවාසිකව සිටි බැවින් ඔවු‍නගේ සියළු පහසුකම් ගුරුගෙදරින් සපයන ලදි. පන්සල සහ පිරිවෙණ, මහපිරිවෙණ තුළ ද්විතීයික හා උසස් අධ්යාිපන අවස්ථාවන් උදාකරගන්නා ලදි. මෙහි ඉගැන්වීම කරනු ලැබුවේ භික්ෂූන් විසිනි. මෙම පන්සල් පිරිවෙන් වලට රාජ්යා අනුග්රසහය නිරතුරුම ලැබුනේ රටේ ප්රනධානියාවු රජු තමන්ගේ යුතුකම් සහ වගකීමක් ලෙස සිතා කටයුතු කල බැවිනි. පිරිවෙණ් වලට අවශ්යේ ආහාර, ආවාස, සිවුරු පිරිකර ඇතුළු සියළුම දේ රාජ්යැ අනුග්රණහය යටතේ ලබා දුනි. පිරිවෙණේ පාලනය සිදු කරන ලද්දේ භික්ෂුන් විසිනි. මෙය විහාර පාලනයේම කොටසක් වූ අතර එතම් සංකීර්ණ නොවිය. ගිහි සිසුන් සදහා නේවාසික අවස්ථා විරල වු අතර පැවිදි සිසුන් නේවාසිකව සිටියහ. නේවාසිකයන්ගේ ඉදුම් හිටිම්, අහාර පාන සංවිධානය විශේෂ හිමිනමක් යටතේ සිදුවිය. මහා පිරිවෙණ් වල මෙකි සංවිධාන කටයුතු සංකීර්ණ වු බැවින් ඒ සඳහා විශේස වැඩ පිළිවෙලකට අනුව සිදුවිය. උදෑසන අවදිවීමේ සිට රාත්රීඳ නිද්ද දක්වා මේ සියල්ලම නියමිත කාල සටහනකට අනුව සිදු විය. මේ අයුරින් බලන කල ලංකාව තුළ මහින්දාගමනයත් සමග ඇති වු පිබිදිමත් සමග අධ්‍යාපන ක්‍රමයක් ලාංකිය ජන සමාජයට අවැසි පරිදි ගොඩනැගුණු බව කිව හැකිය. සාරධර්ම පිරි සමාජ රටාවක් තුළ කර්මාන්ත ආදිය සිදුකරමින් ස්වයංපෝෂිත අර්ථ රටාවක් පැවතුන බව කිවහැකි වේ. ශ්‍රී ලංකාවේ බුද්ධාගම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ඉතිහාසය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: භූගෝල විද්‍යා සංවර්ධනය [/INST] භූගෝල විද්‍යා සංවර්ධනය යනු පොළොව මත වෙසෙන මිනිසාගේ ජීවන තත්ත්වය හා ක්‍රියාකාරකම් පිළිබඳ පෘථිවියේ භූගෝල ශාස්ත්‍රය යටතේ අධ්‍යයනය කිරීමයි. මෙහිදී සංවර්ධනය යනු මිනිසුන්ගේ ජිවිත වලට බලපාන වෙනස් වීමේ ක්‍රියාවලියකි. මේ වෙනස ඉවසා දරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ වැඩි දියුණුවක් සිදුවේ. "කෙසේ වුවද සංවර්ධනය සෑම අවස්ථාවක දීම නියත ක්‍රියාවලියක් නොවේ," අසංවර්ධනය සංවර්ධනය කරා ගෙන ගිය ගෝලීය ආර්ථික බලයන් සම්බන්ධයෙන් ගන්ඩර් ෆැනක් විස්තර කළේ ඒ අයුරිනි. මෙය ඔහුගේ රඳා පැවැත්මේ මතයෙන් ආවරණය වී ඇත. භූගෝලීය සංවර්ධනයේ දී, භූගෝලී ශාස්ත්‍ර ඥානය අනුව සංවර්ධනයට ඇති අවකාශ පිළිබඳව විවිධ ක්‍රමවේද හදාරයි. ආර්ථික, දේශපාලන හා සමාජ සාධක දෙස බැලීමේදී සංවර්ධනය මැනීමට හැක්කේ කවර ගුණාංගවලින් ද යන්න සොයා ගැනීමට ඔවුන් උත්සාහ දරති. වෙසෙසින්ම ඔවුන් තේරුම් ගැනීමට ප්‍රයත්න දරන්නේ භූගෝලීය හේතුන් හා වෙනස්වන සංවර්ධනයේ ප්‍රතිඵලයන්ය. එම අධ්‍යයනවලදී සංසන්දනය කරනුයේ ආර්ථික වශයෙන් වඩා සංවර්ධිත රටවල් (MADC) හා ආර්ථික වශයෙන් ඌන සංවර්ධිත(LEDC) රටවල්ය. අතිරේක වශයෙන් රටවල් ඇතුළත වෙනස්කම්ද සලකා බලනු ලැබේ. සංවර්ධනය වන භූගෝලීය විද්‍යාවේදී තිරසර සංවර්ධනය ගැනද අධ්‍යයනය කෙරෙනුයේ අනාගත පරම්පරාවටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඉඩකඩ සැලසිය යුතු බැවිනි. සටහන් {| |Development geography |- භූගෝල විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඩොනල්ඩ් බ්‍රැඩ්මන් [/INST] ක්‍රිකට් ඉතිහාසයේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ව සැළකෙන්නේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙසය. ක්‍රිකට් විචාරකයෙකු හා ලේඛකයෙකු ලෙස ද සේවය කළ ඔහුගේ ලකුණු සාමාන්‍යය වන 99.94 ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩාවක් ගත් කළ ඉතා ඉහළ දක්ෂතාවයක් ලෙස සැළකේ. ඔහුගේ 20 වසරක ක්‍රීඩා දිවිය තුළ අති මහත් වාර්තා සමූහයක් පිහිටුවන ලද අතර සමහර ඒවා අදටද නොබිඳී පවති. එකල ඔහුව හැදින්වූයේ පිතිකරුවන් 3 දෙනෙක් තරම් වටිනා වස්තුවක් ලෙසය. වෙනත් ක්‍රීඩකයන් හා ජනමාධ්‍ය සමඟ එතරම් හොඳ සබඳතාවයක් නොදැක්වූවද ඔහුව "ශ්‍රේෂ්ඨතම ඕස්ට්‍රේලියානුවා ” යැයි හැදින්වේ. 1908 උපත් 2001 මරණ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වායු [/INST] වායු යනු පදාර්ථයේ සම්භාව්‍ය අවස්ථා තුනෙන් (අනෙකුත් ඒවා නම් ඝන හා ද්‍රව වෙති) එකකි. උච්ච උෂ්ණත්වයකදී වායුවක් අධික ලෙස අයනීකෘතවී ප්ලාස්මා අවස්ථාවට පත්විය හැකි අතර එය පදාර්ථයෙහි සම්භාව්‍ය අවස්ථාවක් සැටියට නොගැනෙයි. ශබ්ද නිරුක්තිය භෞතික ගති ලක්ෂණ මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවල‍ට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩා‍ආකර්ෂණ බලයක් සඳහා හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක. වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි. ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාව උෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි. අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි. මහේක්ෂීය පද්ධතිය විශ්ලේෂණය කිරීමේදී දිග පිළිබඳ පරිමාණයක් තිබීම අපේක්ෂිතය. විශාල දිග පරිමාණය මහෙක්ෂ පද්ධතිය සදහා අදාල වන අතර වඩා කුඩා දිග පරිමාණ ක්ෂුද්‍ර මට්ටමේ පද්ධති සඳහා අදාල වේ. මහේක්ෂ පද්ධතිවල දී මනින සංරචක, වායුවක් පද්ධතියක් මත හෝ එහි වටපිටාව මත ඇති කරන ප්‍රවේගය, පීඩනය හෝ උෂ්ණත්වය මැන විශාල පරිමාණ බලපෑම් වැනි ඒවා වෙයි. ද්‍රව ගතික සමීකරණවල විවිධ ආකාර, Navier-Stokes සමීකරණය හා Euler සමීකරණය වැනි ගණිතමය සමීකරණ චලනය වන වායුවල පීඩනය, ඝනත්වය, උෂ්ණත්වය හා ප්‍ර‍ෙව්ගය අතර සම්බන්ධතා‍ ආදර්ශනය සඳහා ගොඩනගා ඇත. පීඩනය අඩංගු භාජනයේ බිත්තිමත අඩංගු වායුව මගින් ඇති කරන පීඩනය සරළ චාලක සිද්ධාන්ත මගින් පැහැදිලි කළ හැක. වායු අංශු ඒ මේ අත අහඹු චලිතයේ යෙදෙන අතර ඒවා භාජනයේ බිත්ති සමග මෙන්ම එකිනෙක සමග ද ගැටේ. මෙම අංශු සියල්ල ස්කන්ධය, ගම්‍යතාව හා ශක්තිය යන සංස්ථිතික විය යුතු භෞතික ලකෂණ පෙන්නුම් කරයි. (ආදී යන්ත්‍ර විද්‍යාවට අනුව ගම්‍යතාව යනු ස්කන්ධ හෝ අර්ධ ප්‍රවේගයේ වර්ගයේත් ගුණිතයෙන් ලැබෙන අගයයි). අංශු භාජනයේ බිත්තිවල ගැටීම නිසා ඇතිවන සියළු බලවල සියළු සංරචකවල එකතුව භාජන බිත්තියේ වර්ගඵලයෙන් බෙදූ විට පීඩනය ලැබේ. එමනිසා පීඩනය චලනයවන අංශුවල රේඛීය ගම්‍යතාවල සාමාන්‍ය ලෙස ද පැවසිය හැක. පොදු දුර්මනයක් වන්නේ වායු පීඩනය විස්තර කිරීමට අණු එකිනෙක හා ගැටීම අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මේ සඳහා ඒවායේ අහඹු ප්‍රවේගය ප්‍රමාණවත්ය. උෂ්ණත්වය ඕනෑම භෞතික පද්ධතියක උෂ්ණත්වය එය තැනී ඇති පරමාණු හා අණුවල චලිතයේ ප්‍රතිඵලයකි. සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාවේ දී උෂ්ණත්වය යනු අංශුවක අඩංගු මධ්‍යයන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. මෙම ශක්ති ගබඩාවක ආකාරය අංශු වල ස්වතන්ත්‍රතා ප්‍රමාණය මගින් කියැවේ( ශක්ති තත්ව) අංශුවලට විවිධ ප්‍රවේග පවතින අතර එක් අංශුවක ප්‍රවේගය අනෙකුත් අංශු සමග ගැටුම් නිසා නිතර වෙනස් වේ. වේග පරාසය සාමාන්‍යයෙන් මැක්ස්වෙල් - බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය මගින් පැහැදිලි කෙරේ. විශිෂ්ට පරිමාව තාපගතික විශ්ලේෂණයක් සිදුකිරීමේ දී ඝටන විත්ති ගුණ පිළිබඳ කතා කිරීම අත්‍යවශ්‍යය. වායු ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ ලෙසද වායු ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ ඝටන ගුණ ලෙස හැඳින්වේ. විශිෂ්ට පරිමාව ඝටනා ගුණයකට උදාහරණයක් වේ. මන්ද යත් විශිෂ්ට පරිමාව යනු පදාර්ථ ඒකක ස්කන්ධයක් මගින් අයත් කරගන්නා පරිමාව වන හෙයිනි. පරිම‍ාව හා විශිෂ්ට පරිමාව අතර වෙනස වන්නේ විශිෂ්ට පරිමාව ස්කන්ධයෙන් ස්වායත්ත වීමයි. ඝනත්වය වායුවල අණුවලට නිදහසේ චලනය විය හැකි නිසා වායුවක ස්කන්ධය සාමාන්‍යයෙන් විදහා දක්වන්නේ එහි ඝනත්වයෙනි. ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි. සරළව විශිෂ්ට පරිමාවේ විලෝමයයි. වායු සදහා ඝනත්වය විශාල පරාසයක් තුළ වෙනස් විය හැක. එසේ වන්නේ වායු අණු අහඹු චලනයේ යෙදෙන බැවිනි. මහේක්ෂීය ලෙස ඝනත්වය යනු වායුවක තත්ව විචල්‍යයන් පිළිබඳව කිසියම් ක්‍රියාවලියක් තුළදී ඝනත්වයේ වෙනස්වීම තාප ගතික නියමවලට අනුකූලව සිදුවේ. අහඹු චලිතයේ යෙදෙන අංශු විශාල සංඛ්‍යාවක් ඇති බව දී තිබුණද ස්ථිතික වායුවක් සදහා මුළු භාජනය පුරාම ඇත්තේ සමාන ඝනත්වයකි. එම නිසා ඝනත්වය අදිශ රාශියකි. එනම් එය විශාලත්වයක් ඇති දිශාවක් නැති සරළ භෞතික රාශියකි. නිත්‍ය ස්කන්ධයක් ඇති භාජනයක පරිමාව වායුවේ ඝනත්වයට සමානුපාතික බව චාලක සිද්ධාන්ත මගින් පෙන්වා දිය හැක. අන්වීක්ෂීය අන්වීක්ෂීය පරිමාණයකදි මනිනු ලබන්නේ අණුක මට්ටමේ රාශීන්ය. අණුක හෝ අංශුමය චලිතය විස්තර කිරීම සදහා විවිධ සිද්ධාන්ත හා ගණිතමය ආදර්ශන බිහිවී ඇත. වායුන්ට අදාල ආදර්ශන කිහිපයක් පහත පෙළ ගස්වා ඇත. චාලක වාදය චාලක වාදය (හෝ වායු පිළිබද චාලකවාදය) වායුවල අණුක සංයුතිය හා චලිතය සලකමින් පීඩනය , උෂ්ණත්වය හෝ පරිමාව වැනි මහේක්ෂීය ගුණ විස්තර කිරීමට යත්න දරයි. මෙම වාදය කියා සිටින්නේ පීඩනය ඇති වන්නේ සර් අයිසැක් නිව්ටන් අනුමාන කළ පරිදි අණු අතර ස්ථිතික විකර්ෂණයෙන් නොව විවිධ ප්‍රවේගවලින් චලනය වන අණු එකිනෙක ගැටීම නිසා කියාය. මෙය අණුක චාලනවාදය ලෙස ද ගැටුම් පිළිබදවාදය ලෙස ද හදුන්වයි. බ්‍රවුනීය චලිතය බ්‍රව්නීය චලිතය යනු තරලයක් තුළ ඇති අංශුවක අහඹු චලිතය විස්තර කිරීමට යොදා ගන්නා ගණිතමය අකෘතියකි. අංශු පිළිබදවාදය ලෙසද මෙය හදුන්වයි. තනි වායු (පරමාණු හෝ අණු) නිරීක්ෂණය සදහා වූ නූතන තාක්ෂණික සීමා තුළ දී සිදු කළ හැක්කේ සෛද්ධාන්තික ගණනය කිරීම් මගින් ඒවායේ චලිතය ගැන අදහස් ඉදිරිපත් කිරීමයි. නමුත් එම චලිතය බ්‍රව්නීය චලිතයෙන් වෙනස් වේ. එයට හේතුව බ්‍රව්නීය චලිතය ඇති වන්නේ අදාල අංශු සමග වායු අණු එකක් හෝ කිහිපයක් වේගයෙන් ගැටීමෙන්, විටින් විට වෙනස් වන වායු අණුවල ඝර්ෂණ බල නිසා ඇති වන සුමට ඇදීමක් හේතුවෙන් වන බැවිනි. මෙම අංශුව ( සාමාන්‍යයෙන් පරමාණු මිලියන් හෝ බිලියන ගණනක අඩංගු) අක්- වක් මාර්ගයක චලිත වුවද , තනි වායු පරමාණුවක් පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු විය හැකි තරම් අක්වක් චලිතයක් නිරීක්ෂණය කළ නොහැක. අන්තර්අණුක බල භෞතික විද්‍යාවේදී, රසායන විද්‍යාවේ දී හා ජීව විද්‍යාවේ දී අන්තර් අණුක ආකර්ෂණ බල යනු ස්ථායී අණු අතර හෝ මහාපරිමාණ අණුවල ක්‍රියාකාරී භාණ්ඩ අතර ඇති වන බලයි. අණු ද්වි පරමාණුක නිදහස් මූලද්‍රව්‍ය හා තනි පරමාණු අතර ඇතිවන ක්ෂණික ආකර්ශන අන්තර් අණුක ආකර්ෂණ බලවලට අයත් වේ. අස්ථායී නිසා අයනික හා සහ සංයුජ බන්ධනවලින් වෙනස් වන අතර මේවා ඇති වන්නේ අංශුවල ක්ෂණික ධ්‍රැවීකරණය නිසාය. අණුවක හෝ පරමාණුවක ව්‍යුහයෙහි ඉලෙක්ට්‍රෝන චලන නියමිත ස්ථානයක් නොමැති නිසා ඉලෙක්ට්‍රෝන හරියටම ව්‍යාප්ත වී නොතිබීමේ හැකියාවක් ඇත. එම නිසා විද්‍යුත් ආරෝපණ ද හරියටම ව්‍යාප්ත නොවී තිබිය හැක. සරල ආකෘතිය වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවලට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි. තාත්වික වායු තාත්වික වායු ක්‍රියාවලි උපකල්පන මත පදනම වූවකි. පහත උපකල්පන සම්පීඩ්‍යතා ක්‍රියා විචල්‍ය තාප ධාරිතා වැන්ඩවාල් බල අසමතුලිත තාප ගතික ක්‍රියා අණුක විඝටනය පිළිබඳව වාද හා විවිධ සංයුති යටතේ මූලික ප්‍රිතික්‍රියා බොහෝ යෙදීම් සදහා ඉහත කරුණු පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස තාත්වික වායු ක්‍රියාකාරිත්වය වැදගත්වන අංශයක් වන අභ්‍යවකාශ පටලයක් නැවත පෘථිවි ගත වීමේදී ඇතිවන අධික පීඩනය හා තාපය ගැන අධ්‍යයනය කිරීම අද දින වන විට සිදුවේ. කල්පිත වායු පරිපූර්ණ වායු යනු තාත්වික වායු තව දුරටත් උපකල්පන යොදා සුළු කිරීමකි. එනම් සම්පීඩ්‍ය සාධකය මෙහිදී 1 වශයෙන් යොදා ගනී. එම නිසා විචල්‍ය තත්ත්ව යටතේ කල්පිත වායු නියමය පිළිපදී. ඉහත ආසන්න කිරීම් ඉංජිනේරු ශිල්පයේදී සුදුසුය. ආසන්න කිරීම් නිසා සත්‍ය සංයෝග අතර වෙනස යම් සැලකිය යුතු පරාසයක පවතියි. උදාහරණයක් ලෙස, පරිපූර්ණ වායුවේදී යොදා ගන්නා උපකල්පන මගින් මෙම විශ්මිත දහන කුටීරය තුළ සිදුවන දහනය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හා ගණනය සිදුකළ හැකිය. පරිපූර්ණ වායු අර්ථ දැක්වීම අනුව අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හැර ඇත. කල්පිත වායූන් හිදී කරන ලද උපකල්පන සියල්ල ද මෙහිදී උපකල්පනය කරනු ඇත. ඊට අමතරව පහත උපකල්පනද අන්තර්ගත කර ඇත. අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැර ඇත. අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැරීම නිසා පරිපූර්ණ වායුවක් පවතින අවස්ථාව චාලක වාදය හෝ ස්ථිත යාන්ත්‍රික විද්‍යාව මගින් පහසුවෙන් පැහැදිලි කළ හැකිය. පරිපූර්ණ වායුවේ අර්ථ දැක්වීම තව දුරටත් දෙආකාරයකට සරල කළ හැකි අතර සමහරක් ග්‍රන්ථ මෙය අතහැර හෝ සංයුක්ත කොට සරල කිරීම් ඉදිරිපත් කොට ඇත. පැහැදිලිව අවබෝධ කිරීමට මෙම සරල කිරීම් වෙන වෙනම ඉදිරිපත් කොට ඇත. තාපජ පරිපූර්ණ වායුව තාප ගතික සමතුලිතතාවේ සිටී · රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි. · අභ්‍යන්තර ශක්තිය, එන්තැල්පිය සහ විශිෂ්ට තාපය උෂ්ණත්වයේ පමණක් ශ්‍රිත වේ. e = e(T) h = h(T) de = CvdT dh = CpdT මෙවැනි උපකල්පනයක් ආදර්ශනය සදහා උපකාරීවේ. උදාහරණයක් ලෙස අක්ෂීය සම්පීඩකය ගත් විට එහි උෂ්ණත්වය තාපජ පරිපූර්ණ ආකෘතියෙන් පිට පැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. තාප ධාරිතාවට විචලනය වීමට ඉඩ ඇත, එනමුත් උෂ්ණත්වයට හා අණුවලට මැදිහත් වීමට අවසර නොමැත. කැලරික පරිපූර්ණ සියළුම සීමා කිරීම් හා උපකල්පන කරන ලද වායු ආකෘතියට පහත උපකල්පනය ද ඇතුළත් කරනු ලැබේ. නියත විශිෂ්ට තාපය (Constant Specific Heats) e = CvT h = CpT කෙසේ වුවත් මෙය සීමා කිරීම් අධික වූ වායු ආකෘතියක් වුවද එයට සෑහෙන තරම් නිරවද්‍ය ගණනයක් කිරීමට අවකාශ තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් අක්ෂීය සම්පීඩකයේ සම්පීඩන ක්‍රියාවලිය , අප ඉහත සලකා බලන ලද උදාහරණයේදී (නියත පීඩනය තාප ධාරිතාව Cp සහ විචල්‍ය පීඩනයේ තාප ධාරිතාව Cp) සසඳන ලද සරල කිරීම් හා සිදුවන අපගමනය අනෙක් සාධක සම්පීඩක ක්‍රියාවලියට එකතු වන විට අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් Cp නියතව පැවතුණත් හෝ නැතත් එල්ල කළ හැකිය. (සම්පීඩකයෙහි අවකාශය , මායිම් ස්ථරය , ඝර්ෂණ හානිය , නිෂ්පාදන අපද්‍රව්‍යය ආදිය වේ.) ඉතිහාසමය නිපදවීම් ඇතැම් විට බොයිල්ගේ නියමය, අවස්ථා සමීකරණයක ප්‍රථම ප්‍රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට ‍රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එකතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම ‍පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්‍රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක. pVn = නියතයක් ලෙස මෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ. 1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්‍රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී. 1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. V1/T1 = V2/T2 1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක. මුළු පීඩනය = පළමු වායුවේ + 2වන වායුවේ + n වැනි වායුවේ පීඩනය පීඩනය ...... වායුවේ පීඩනය විශේෂ මාතෘකා සම්පීඩ්‍යතාවය සම්පීඩ්‍යතා සාධකය (Z) යොදාගනු ලබන්නේ සත්‍ය වායුවක පරිපූර්ණ වායු සමීකරණය වෙනස් කිරීමෙන් ගණනය කිරීම සදහා වේ. පරිපූර්ණ වායු සමීකරණය වඩා නිරවද්‍යව යොදා ගැනීමට මෙය භාවිතා කරනා අතර ඇතැම් විට එය (fudge –factor) නමින් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් 2හි අගය 1ට ඉතා ආසන්න වේ. රෙනෝල්ඩ්ස් අංකය (Reynolds Number) තරල ගති විද්‍යාවේදී රෙනෝල්ඩ්ස් අංකය තරලයේ අභ්‍යන්තර බල හා දුස්‍රාවී බල අතර අනුපාතයක් වන අතර එය තරල ගති විද්‍යාවේදී යොදාගන්නා වැදගත් මාන රහිත අංකයක් වේ. අනෙකුත් මාන රහිත අංකයන් මෙන්ම රෙ‍නෝල්ඩ්ස් අංකය ද ගති විද්‍යාවේ නිවැරදි බව පෙන්වන‍ හොඳ මිණුම් දණ්ඩක් ද වේ. දුස්ස්‍රාවීතාවය උදාහරණ - අප මුලින් දැනගත් පරිදිම පීඩනය බිත්තියක් මත ලම්භකව ක්‍රියා කිරීම. (සාමාන්‍යයෙන්) එම බලයේ අපසාරී සංරචකය වායුවේ දුස්ස්‍රාවීතාවය මත රඳා පවතී. වස්තුවක් වායුවක් හරහා ගමන් කිරීමේදී දුස්ස්‍රාවීතා බලපෑම වඩාත් වැදගත් වේ. ආකූලතාවය තරල ගති විද්‍යාවේදී ආකූතාවය හෝ ආකූල ප්‍රවාහය යනු එහි ලාක්ෂණික ව්‍යාකූලවීම අනුමානිකව වෙනස්වීමයි. මෙහිදී අඩු ගම්‍යතා විසරණයක් හා විශාල ගම්‍යතා සංවහනයක් මෙන්ම කාලය හා අවකාශය හමුවේදී පීඩනය හා ප්‍රවේගය වෙනස්වීම් වේ. මායිම් ස්ථරය (Boundary Layer) අංශු ඒ හරහා ගමන්කරන වස්තුවක පෘෂ්ඨියට ඇලේ. මෙම අංශු ස්ථරය මායිම් ස්ථරය ලෙස හැඳින්වේ. වස්තුවේ පෘෂ්ඨය මතදී අංශුව පෘෂ්ඨයේ ඝර්ෂණය නිසා නිෂ්ඵල වී පැවතීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. මායිම් ස්ථරය සමග ඇති වස්තුවේ හැඩයට එම මායිම් ස්ථරය හරහා බලපෑමක් ඇති කිරීම මගින් එහි හැඩය වෙනස් කිරීමට හැක. තවද “මායිම් ස්ථරය” පෘෂ්ඨයෙන් වෙන් කිරීමට ද හැක. එලෙස වෙන් කිරීමේ දී අනිවාර්යෙන්ම එය නැවතත් තවත් පෘෂ්ඨයක් සාදා ගනිමින් ගලා යාමේ මාර්ගය වෙනස් කර ගනී. මේ සඳහා පැරණි උදාරණයක් නම් ව‍ායු පත්‍ර නිපදවීමයි. (stalling airfoil) උපරිම එන්ට්‍රොපිය පිළිබඳ මූලධර්මය මුළු නිදහස් ශක්ති ප්‍රමාණවල එකතුව අනන්තය කරා ළගා වන්නට එම පද්ධතියම එහි මහේක්ෂ අවස්ථාවට ළගාවීමට සමරූපීවම එය එහි උපරිම ගුණාකාරය බවට ද පත්වේ. තාපගති සමතුලිතතාවය තාපගති සමතුලිතතාවය යොදාගනු ලබන්නේ පද්ධතිය තුළ හටගන්නා ශක්ති වෙනස ප්‍රමාණවත් තරම් අණු අතර ගැටීම ඇතිවීමට තරම් විශාල කාල පරිමාණයක සිදු වන විට පරමාණු එකිනෙක වේගයෙන් ගැටීමෙන් පිටවන ශක්තිය පරමාණු තමන් සතු ශක්තිය වශයෙනුත් ශක්තිය විවිධ ප්‍රභේද වශයෙන් ද පද්ධතියේ පවතිනා මුළු ශක්තිය සියළුම පරමාණු අතර සමතුලිතතාවය පවතින පරිදි බෙදී‍ යන්නේ නම් පමණි. (දර්ශීය පද්ධතියක වුවද මෙය සිදු වීමට ගතවන්නේ නැනෝ තත්පර කිහිපයක් පමණි) වායු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: එඩ්මන්ඩ් ද ලිවේරා [/INST] එඩ්මන්ඩ් ද ලිවේරා ලංකා මාධ්‍යවේදියෙකි. ඔහු ද ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කර්තෘ වූ අතර ගල්කිස්ස එස්. තෝමස් විද්‍යාලයේ විද්‍යාලීය ගීතයේ නිර්මාපකයා විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඇකඩමියේ ය. යොමු කිරීම් Year of death missing Year of birth missing </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අයිකාන් [/INST] පවරාදුන් නම් සහ අංක සඳහා අන්තර්ජාල සංස්ථාව (අයිකාන්) යනු, අන්තර්ජාලය-ආශ්‍රිත දත්ත ගබඩා සහ එ.ජ. රජය වෙනුවෙන් සෘජුව අන්තර්ජාල පවරාදුන් අංක අධිකාරිය (අයිඒඑන්ඒ) ලෙසින් ඉටු කල කාර්යයන් කළමනාකරණය අභිප්‍රේක්ෂණය කරන ලාබ-නොඋපයන සංවිධානයකි . </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය [/INST] ක්‍රිපූ 218 දී සිදුවූ හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය දෙවන පියුනික් යුද්ධයෙහි සිදුවූ ප්‍රධාන සිද්ධීන් අතරින් එකක් වන අතර, ඕනෑම කිසියම් හමුදාමය බලකායක් විසින් පුරාතන යුධකරණයෙහිදි සාක්ෂාත් කල මහත් කීර්තිමත් මස්තකප්‍රාප්තීන් අතරින් එකක් ලෙසින් සැලකෙයි. රෝමානු සහ මිත්‍ර පාක්ෂික භූමි හමුදා ඛණ්ඩ ස්ථාපිතයන් මෙන්ම රෝමානු නාවික ආධිපත්‍යයද පසුකර ඉදිරියට පැමිණි හැනිබල් විසින්, ඔහුගේ කාර්තජේනියානු හමුදාව ඇල්ෆ්ස් මතින් ඉතාලිය වෙතට තරණය කරවා රෝමානු ජනරජය අබියසට යුද්ධය ගෙන ඒමට සමත් විය. පසුබිම ඊගට්ස් දිවයින් වෙතදී සිදුවූ අවසන් කාර්තජේනියානු නාවික පරාජයෙන් පසුව, කාර්තජේනියානුවෝ යටත් වෙමින් පළමු පියුනික් යුද්ධයෙහි පරාජය භාර ගත්හ. කාර්තේජ්හී දේශමාමක පක්ෂයෙහි ප්‍රධාන සාමාජිකයෙක්වූ සහ පළමු පියුනික් යුද්ධය පැවති වකවානුවේදී තම හැකියාව ප්‍රදර්ශනය කරමින් ක්‍රියාන්විතයෙහි යෙදුනු ජෙනරාල්වරයෙක්වූ හැමිල්කර් බාර්කා (බාර්කා යන්නෙහි අර්ථය අකුණුපහර යන්නයි) විසින්, සිසිලියේදී රෝමානුවන් අබියසදී පරාජයට පත්වීමෙන් කාර්තේජයට ඇතිවූ අලාභයන් වෙනුවෙන් පිළියම් යෙදීමේ මාර්ග විමසමින් සිටියේය.මෙයට අමතරව, සාර්ඩිනියාව අහිමිවීම පිළිබඳව, කාර්තජේනියානුවෝ (සහ පුද්ගලික වශයෙන් හැමිල්කර්) අප්‍රසන්නව සිටියහ. රෝමානුවන්ට යුද්ධය පරාජය වීමත් හා සමගම, රෝමානුවන් විසින් කාර්තජේනියානුවන් වෙත පැනවුනු කොන්දේසි සැලසුම් කර තිබුනේ, රෝමයට කප්පම් ගෙවන පුරවරයක් බවට කාර්තේජ් පත් කරන අතරම එහි නාවික බල ඇණිය එයට අහිමි කරන ලෙසිනි.සාම ගිවිසුමෙහි කොන්දේසි කර්කශ වුවද, කාර්තේජයේ ශක්තිය බිඳලීමට රෝමානුවෝ උත්සුක නොවූහ; කාර්තේජය එම කාලයේදී අතිශය සෞභාග්‍යමත් සාමුද්‍රික වෙළෙඳ වරායක් වූ බැවින්, රෝමානුවන් විසින් ඔවුන් වෙත පනවන ලද කප්පම වාර්ෂීක පදනමකින් පහසුවෙන් ගෙවා දමන ලද අතරම කාර්තජේනියානු කුළී හේවායින් විසින් සිදු කල කැරලි ගැසීම් වලට කාර්තේජය නියැලී සිටියේය. පළමු පියුනික් යුද්ධයෙන් පසුව රෝමානු භාණ්ඩාගාරයන් පුරවමින් කාර්කේජය වෙතින් ගිලිහී ගිය සිසිලයේ ධන සම්පත්තිය වෙනුවට ආදේශ කරලීම සඳහා සහ ඔවුන්ගේ භාණ්ඩාගාරයට ඉතාමත් ආවශ්‍යයිකව තිබූ ආදායම සැපයීම සඳහා අවශ්‍ය විවිධාංගික ස්වභාවික සම්පතෙන් හෙබියාවූ දේශයක්වූ අයිබීරියාව යටත් කර ගැනීමේ අභිලාෂයක් කාර්කජේනියානු දේශමාමක පක්ෂය වෙත තිබුණි. මෙයට අමතරව, දේශමාමක පක්ෂයේ ප්‍රමුඛ කුලවත් පවුලක් වූ බාර්කාවරුන්ගේ අභිලාෂයක් වූයේ, රෝමානු හමුදාමය සන්ධානයට එරෙහිව පළිගැනීමේ යුද්ධයක් දියත් කිරීමට මෙහෙයුම් මූලයක් ලෙසින් කිසියම් දිනයක අයිබීරියානු අර්ධද්වීපය භාවිතා කිරීමය. මෙම කරුණු දෙක අත්වැල් බැඳ ගත් අතර, ගවේෂණය වෙත මධ්‍යස්ථමතධාරීන්ගේ විරෝධය එල්ල වුවද, ක්‍රිපූ  238 දී හැමිල්කාර් විසින් අයිබීරියානු අර්ධද්වීපය යටත් කර ගැනුමෙහි මෙහෙයුම දියත් කෙරුණේ මෙම පරමාර්ථයන් සිහි දරා ගෙනය. කාර්තේජය වෙතින් බටහිර දෙසට නික්ම ගොස් හර්කියුලීස් ස්තම්භ දෙසට ගමන් කල හැමිල්කාර්ගේ හමුදාව විසින් සමුද්‍රසන්ධිය තරණය කොට අර්ධද්වීපය යටත්කරගැනුම ඇරඹූ අතර, වසර නවයක පරාසයක් තුලදී හැමිල්කාර් විසින් අර්ධද්වීපයෙහි අග්නිදිග කොටස දික්විජය කරන ලදි. අළුතින් දික්විජය කෙරුණු පළාත් තුල ඔහුගේ පරිපාලනය අධ්‍යයනය කල වෘද්ධ කතෝ හට "හැමිල්කාර් බාර්කා හට සමාන කල හැකි කිසිදු රජෙකු නොවීය" යැයි නොපවසා සිටීමට නොහැකි විය. ක්‍රිපූ  228 දී, හැනිබල් විසින් එම සිද්ධිය බලා සිටියදීම, හැමිල්කාර් මරා දැමුණේ, අර්ධද්වීපයෙහි කෙල්ටික් ස්වදේශිකයන්ට එරෙහිව යුද්ධ මෙහෙයුමක් තුලදීය. ඔහුගේ බෑනා වූ සහ දේශමාමක පක්ෂයෙහි සාමාජිකයෙක්ද වූ, නාවික හමුදා අණදෙන නිලධාරියා– "කඩවසම්" හස්ඩ්රුබල් – වෙත කාර්තජේනියානු අයිබීරියානු යුද්ධ හමුදාවෙහි නිලධාරින් විසින් ප්‍රධාන අණදෙන නිලධාරී තනතුර පැවරිණි. අයිබීරියානු අර්ධද්වීපයෙහි නැගෙනහිර වෙරළ ඔස්සේ ග්‍රීක ජනාවාස ගණනාවක් පිහිටි අතර ඒ අතුරින් වඩාත් සංගණ්‍ය වූයේ සගූන්ටුම් නම් වෙළෙඳ මධ්‍යස්ථානය විය. හඩ්ස්රුබල්ගේ දක්ෂ හමුදාමය නායකත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික නිපුණතාවය විසින් අත්පත් කරදුන්, අර්ධද්වීපය තුල කාර්තජේනියානු බලය තහවුරු කරගැනීම පිළිබඳ මෙම ජනාවාස විසින් සැලැකිලිමත් බව ප්‍රකාශ කෙරුණි. ආරක්ෂාව සඳහා, සගූන්ටුම් විසින් රෝමයේ සහය පැතීය; රෝමය විසින් නගරය වෙත හමුදා බලකායක් එවුනු අතර කාර්ටජේනාහී හඩ්ස්රුබල්ගේ කඳවුර වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් යවමින්, ඔහු වෙත දන්වා සිටියේ ස්පාඤ්ඤය තුල කාර්තජේනියානු ප්‍රගමනයන් වෙත අයිබරස් ගංගාව විසින් සීමාවක් පැනවිය යුතු බවය. ගිවිසුමට එළඹීම සහ තානාපතියන් හඩ්ස්රුබල්ගේ කඳවුර වෙත යැවීම ක්‍රිපූ 226 දී සිදුවිය. ක්‍රිපූ 221 දී, ඝාතකයෙක් අතින් හඩ්ස්රුබල් මිය ගියේය. අයිබීරියාවෙහි කාර්තජේනියානු යුද්ධ හමුදාවෙහි නිලධාරින් විසින් හැමිල්කාර්ගේ 29-වියැති පුතු, හැනිබල්, පිළිබඳ ඔවුන්ගේ උසස් මතවාද ගෙනහැර පාමින් ඔහු යුද්ධ හමුදාවෙහි ප්‍රධාන ආඥාපති බවට තෝරා පත් කර ගත්තේ මෙම වසරෙහිදීය. දුෂ්කර කඳු සටන් තුලින් වසර නවයක් තිස්සේ තම පියා විසින් සංයුක්ත කෙරුණු යුද්ධ හමුදාවේ ආඥාපති තනතුරෙහි වැඩ භාර ගත් (කාර්තජේනියානු සෙනෙට් මන්ත්‍රණ සභාව විසින් පරාක්‍රීය ලෙසින් අනුමත කෙරුණු ) හැනිබල් ප්‍රකාශයට පත් කලේ, ඉතාලිය තුලදී රෝමයට එරෙහිව යුද්ධ වැදී එහිදී එය පරාජය කිරීමෙහි තම පියාග් සැලසුමෙහි පළමුවන අරමුණ වූ අයිබීරියානු අර්ධද්වීපය දිනාගැනීමෙහි තම පියාගේ ව්‍යාපෘතිය සාක්ෂාත් කොට අවසන් කිරීමට තමා කටයුතු කරන බවය. ඔහුගේ ආඥාපතිත්වයෙහි පළමුවන දෙවසර තුලදී, හැනිබල් තම පියාගේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීම ඉටුකිරීමට පිඹුරුපත් සකසමින් සහ ඒ අතරම අඩවශයෙන් හඩ්ස්රුබල්ගේ මරණය නිසා හටගත් සහ එතෙක් දිනා සිටි කාර්තජේනියානු දේපල, භූමිභාග ආදියට තර්ජන එල්ල කරමින් ඇතිවූ භව්‍ය කැරළි කිහිපයක් මැඩ පැවැත්වීමෙහි නියැලිණි. ඔල්කේඩ්ස් නමැති ගෝත්‍රයක් වෙත ප්‍රහාර එල්ල කොට අල්තයියා නම් ඔවුන්ගේ ප්‍රධාන නගරය ඔහු අත්පත් කර ගති. අසල්වැසි ගෝත්‍ර කිහිපයක් විසින් මෙම ප්‍රහාරයෙහි ජවය සහ චණ්ඩ ගිජුකම පිළිබඳව විමතිය පල කල අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහූ කාර්තජේනියානුවන්ට යටත්වූහ. මෙම මෑතදී යටත්වූ ගෝත්‍ර සියල්ල වෙතින් ඔහු වෙත කප්පම් ලැබුණු අතර ඔහුගේ යුද්ධ හමුදාව යළි කාර්ටජේනා වෙත ප්‍රයාණය කොට එහිදී ඔහුගේ හමුදාවන්ට තුටු පඬුරු ප්‍රදානය කොට අනාගතයෙහිදී තවත් තෑගි ප්‍රදානය කෙරෙන බවට පොරොන්දු විය. ඊළඟ දෙවසර තුලදී, සගූන්ටුම් නගරය හැර, ඒබ්රෝ දෙසින් දකුණු දිග පිහිටි අයිබීරියානු සියළු භූමිය හැනිබල් විසින් සාර්ථක ලෙසින් තමන් යටතට පත් කර ගත් අතර, රෝමයෙහි ආරක්ෂාව යටතේ පැවති එම නගරය, ඔහුගේ ආසන්නතම සැලසුම අතර නොවීය. අර්ධද්වීපය තුල මෙවිට හැනිබල් යටතේ නොපැවතියේ කැටලෝනියා සහ සගූන්ටුම් යන ප්‍රදේශ පමණි. රෝමානු විදේශ සම්බන්ධතා රෝමානු දේශපාලනය පිළිබඳ විස්තර හැනිබල් වෙත දන්වනු ලැබූ අතර, ඔහු නිර්ණය කලේ ප්‍රහාරයට සුදුසුම අවස්ථාව උදාවී ඇති බවය. රෝමානු ජනරජයෙහි සෑම මුල්ලකම ස්ථානගත කර සිටි ගෝල් ජාතික චරපුරුෂයන් ඔහු සතු වූ අතර, සෙනෙට් මන්ත්‍රණ සභාවේ ඇතුළාන්ත සමූහයෙහි පවා ඔවුහු සිටියහ. පළමුවන පියුනික් යුද්ධය (ක්‍රිපූ 264-241) කෙළවර වීමෙන් අනතුරුව රෝමන්වරු වසර ගණනක කාලයක් වැය කලේ අර්ධද්වීපය තුල සිය බලාධිකාරිය දැඩි ලෙසින් තහවුරු කර ගැනීම සඳහා අර්ධද්වීපය තුල වැදගත් භූගෝලීය ස්ථාන අත්පත් කර ගැනීමට අමතරව සිසිලිය, කෝර්සිකාව සහ සාර්ඩීනියාව යන ප්‍රදේශ දක්වා රෝමයේ බලාධිකාරිය දිගු කර ගැනීම සඳහාය. මේවාට අමතර වශයෙන්, පඩනේ ගෝල්වරුන් හා සමග සියවසකට වැඩි කාලයක් පුරා විටින් විට රෝමන්වරු සටනෙහි ඇවිලුණහ. බෝයිවරු ක්‍රිපූ 238 දී රෝමන්වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කල අතර, එම යුද්ධය ක්‍රිපූ 236 වන තුරු පැවතිණි.උතුරු දිග ඉතාලියෙහි ස්වදේශිකයන්ට අයත්ව තිබුණු භූමිප්‍රදේශ ආක්‍රමණික ලෙසින් ජනපදකරණය සඳහා රෝමානුවන් ක්‍රිපූ 225දී යළිත් අරඅඳින බව දුටු එම ස්වදේශිකයෝ, ප්‍රහාරය සඳහා යොමුවූ නමුදු, පරාජය කරනු ලැබූහ. තමන්ගේ දේශසීමාව ඇල්ෆ්ස් දක්වා විහිදුවීමට දැඩි ආශාවක් රෝමානුවන් තුල තිබිණි. ක්‍රිපූ 224 දී, බෝයිවරු රෝමානු ආධිපත්‍යයට නතුවූ අතර, ඊළඟ වසරෙහිදී අනරිවරුන්ද රෝමානුවරුන්ට යටහත් වූහ. ක්‍රිපූ 224දී, රෝමානුවන් ගොල්වරුන් හා තවත් සටනකට එළඹුනු අතර, මෙවර එය සිදුවූයේ ඉන්සියුබර්ස්වරුන් හා සමගිනි. පළමුව පෝ සහ ආද්දා ගංගාවන් හමුවන සන්ධිය අසල තොටුපොලක් තරණය කිරීමට උත්සාහ කරද්දී ඉන්සියුබර්ස්වරුන් වෙතින් රෝමානුවරුන් සැලකිය යුතු හානියක් අත්දුටුහ. මෙම ප්‍රදේශයෙහි කඳවුරු බැඳ ස්වල්ප දවසක් ගත කරමින් කිසිදු තීරණාත්මක ක්‍රමවේදයකට එළඹිමට නොහැකිව සිටින විටෙක, රෝමානු කවුන්සල්වරයා එක්වරම තීරණය කලේ ඉන්සියුබර්ස්වරුන් හා සමගින් ගිවිසුමක් නිරාකරණය කර ගත යුතු බවය. නැවුම්ව කතිකා කරගත් මෙම යුද්ධ විරතිය අනුව, ඔවුන්ගේ මිත්‍රපාක්ෂිකයන්වූ චෙනෝමනිවරුන්ගේ භූමිප්‍රදේශ වෙත පූර්ණ ගෞරව අභිමානයෙන් ප්‍රයාණය කිරීමේ වරම රෝමානුවරුන්ට හිමි විය. කෙසේවෙතත්, චෙනෝමනිවරුන්ගේ භූමිප්‍රදේශ වෙත ආරක්ෂා සහගත ලෙස එළැඹි රෝමානුවෝ, ඉන්සියුබර්ස්වරුන්ගේ භූමිප්‍රදේශ වෙත ඔවුන්ගේ යුද්ධ හමුදාව යළි ප්‍රයාණය කරමින් විජයග්‍රහණය කළහ. ක්‍රිපූ 222දී, කෙල්ට්වරු විසින් රෝමානු සෙනෙට් මණ්ඩලය වෙත රාජ්‍ය තාන්‍ත්‍රික පිරිසක් යවමින් සාමය අයැද සිටියහ. තමන් විසින්ම ජයගැනුම සඳහා අවස්ථාවක් ඇති බවට දුටු කවුන්සල්වරු (මාර්කුස් ක්ලෝඩියස් සහ ග්නායුස් කොර්නේලියුස්) විසින් එම තානාපති පිරිස තරයේ ප්‍රතික්ෂේප කල අතර, රෝමානුවරුන් හා යුද්ධයකට ගෝල්වරුන් සූදානම් වූහ. ඇල්ෆ්ස් කඳු වලින් ඔබ්බෙහි සිට කුලී හේවායින් 30,000 කුලියට බඳවාගත් ඔවුහූ, රෝමානුවරුන් පැමිණෙන තුරු බලා සිටියහ. මෙහෙයුම් කාලසීමාව ඇරඹෙත්ම, කවුන්සල්වරුන්ගේ භට හමුදා නැවතත් ඉන්සියුබර්ස්වරුන්ගේ භූමිප්‍රදේශ වෙතට ප්‍රයාණයෙහි යෙදුනහ. මේඩියෝලානුම් අසබඩ පෙදෙසකදී, දරුණු ගැටුමක් ඇවිලුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් ගෝල් විප්ලවයෙහි නායකයෝ රෝමානුවරුන්ට යටත් වූහ. මෙම ජයග්‍රහණයත් හා සමගින්, පඩනේ ගෝල්වරුන් අවාසනාවන්ත ලෙසින් දමනය කරනු ලැබූ අතර කැරලිගැසීම සඳහා පන්නරය ලදහ. සූදානම් වීම තත්ත්වය පිළිබඳ අවබෝධයකින් පසුවූ හැනිබල්, පෝ නිම්නයෙහි ගෝල් ජාතික ගෝත්‍රයන් වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ගණනාවක් පිටත් කර යැවීය. ක්‍රිපූ  220 දී, පඩනේ ගෝල්වරුන් ("පඩනේ ගෝල්වරුන්" ලෙසින් ඔවුන් හැඳින්වුනේ මෙම යුගයෙහිදී පෝ ගංගාව රෝමන්වරුන් හැඳින්වූයේ "පාඩුස්" ලෙසින් වන නිසාය) හා සමගින් ඉතා සමීපයෙන් සන්නිවේදනය කිරීම ඔහු විසින් ඇරඹූ අතර, මුදල්, ආහාර සහ මගපෙන්වීම සැපයීම සඳහා පොරොන්දු මෙම දූත පිරිස් විසින් කාර්තජේනියානුවන් වෙත යළි රැගෙන එන ලදි. මෙම දූත කාර්ය මෙහෙවරෙහි විශේෂිත අරමුණ වූයේ, ඇල්ෆ්ස් කඳු වැටියෙහි සිට පෝ නිම්නය වෙත හැනිබල් හට පහත වැසීමට සුදුසු ආරක්ෂිත ස්ථානයක් පිළියෙල කර ගැනුමය. ඇල්ෆ්ස් කඳු පිළිබඳ මහත් දැනුමක් හැනිබල් සතු නොවූ නමුත්, එය දුෂ්කර ප්‍රයාණයක් වීම සහතික බව ඔහු දැන සිටියේය. මෙම කඳු පංතිය පිළිබඳව සමහරක් තොරතුරු සපයන්නන් විසින් ලබා දුන් වාර්තා පරිදී, එහිදී ගෝල්වරුන් වෙතින් පවා සිදුවීමට ඉඩ ඇති දුෂ්කරතා පිළිබඳව ඔහු අවබෝධයෙන් සිටියේය. මෙම කර්කශ කඳු පංතිය තරණය කොට අතිශයින් වෙහෙසට පත් බල ඇණි සමගින් පෝ නිම්නය වෙත පහතට බැස එකෙණෙහිම සටනකට මුහුණ දීමට ඔහු අපේක්ෂා නොකලේය. ඇල්ෆ්ස් කඳු පිළිබඳව හැනිබල් විශේෂිත වශයෙන් දැන සිටියේ ඉහළට නැගීමට වඩා පහතට බැසීම සීඝ්‍රතම බවය. ඔහු ප්‍රයාණයෙහි යෙදෙන භූමි භාගයන්හී මිත්‍ර පාක්ෂිකයන් සීටිම ඔහුට අවශ්‍යවීමට මෙය එක් හේතුවක් විය. ඉතාලිය වනාහී, අප්‍රිකානු මහාද්වීපික තැටියෙහි කොටසක් නොවූ අතර එය යුරෝපියානු තැටියෙහි කොටසක් විය; භූකාරක තැටි චලනය නිසාවෙන් ඉතාලියානු අර්ධද්වීපය, යුරෝපය වෙතට තල්ලුකිරීම නිසා ඇල්ෆ්ස් කඳු තැනී ඇති අතර ඉහත කරුණ නිසාම ඇල්ෆ්ස් කඳු වල ඉතාලියානු පැත්ත සැලකිය යුතු තරමක් තද බෑවුමක් සහිත විය. ඔවුන් විසින් මෑතකදී යටත් කරගත් ගෝල්වරුන්ට රෝමානුවන් විසින් නොසතුටුදායක ලෙසින් සලකා තිබූ අතර, මෙම ස්වදේශිකයන් සතුව තිබූ ඉඩම් රෝමානු ජානපදිකයන් අතර බෙදා දීමද මෙම නැවුම්ව යටත් කර ගත් ගෝත්‍රයන්ගේ පක්ෂපාතිත්වය සහතික කරනු වස් අතිශයින් පීඩාකාරී පියවර ගැනීමද සිදු කොට තිබුණි. විශේෂයෙන් ඇල්ෆ්ස් කඳු වැටියට යාබදවම පැවති ගෝත්‍රික භූමිප්‍රදේශයක් සහිතවූ ඉන්සියුබර්ස්වරුන් සහ පෝ ගංගාවේ තවද පහළ ජීවත්වූ බෝයි ජාතිකයන්, හැනිබල් විසින් සැලසුම් කර තුබූ ආක්‍රමණය කෙරෙහි මහත් මනාපයක් දැක්වූහ. මෙයට අමතර වශයෙන්, අයිබීරියානු අර්ධද්වීපයෙහි පදිංචිව සිටි බොහෝ ජන කොටස් එකිනෙකට ඥාතිත්වයක් දැක්වූ ගෝල් ජාතික ගෝත්‍ර වලට අයත් වූ අතර, මෙම ගෝල් වරුන්ම හැනිබල්ගේ හමුදාවෙහි සේවය කලහ. මහත් සේ කලකිරුණු මෙම ගෝත්‍ර සමග, විශේෂයෙන් ඇල්ෆ්ස් කඳු යාබදව ජීවත්වූ ගෝත්‍ර සමග, කිට්ටු සබඳතා ඇති කර ගැනුම පහසු බව පෙනී ගිය අතර, ඔවුන් අතරින් ඉන්සියුබර්ස්වරුන් සහ බෝයි ජාතිකයින්, තම අවශ්‍යතා ඉටු කර ගනු වස් හැනිබල්ගේ හමුදාව සමගින් සංවාදයෙහි යෙදෙනු ඇති බවට විශ්වාස කෙරිනි. හැනිබල්ගේ සැලසුම පිළිබඳව පොලිබියුස් පැවසුවේ මෙයයි: ඔහුගේ ව්‍යාපාරය මෙහෙයවූයේ පරිපූර්ණ විචාරබුද්ධියක් සහිතවයි; එසේ කල හැකි වූයේ ඔහු අවතීර්ණ වීමට නියමිත භූමියේ පැවති තත්ත්වය පිළිබඳව සහ එහි නිවැසියන් තුල රෝමානුවන්ට එරෙහිව පැවති එදිරිවාදී ස්වභාවයන් නිරවද්‍ය ලෙසින් අවබෝධ කර ගත් නිසාය; භූමි ප්‍රදේශයෙහි ස්වදේශිකයන් සමග සබැඳියාව දුෂ්කර තැන්හී ඔහු තැබූ මාර්ගෝපදේශකයන් සහ හසුරුවන්නන් ඔහුගේ අපේක්ෂාවන් සහ සමාන චරිත ස්වභාව ඇත්තන් වූහ සගූන්ටුම් වටලෑම මෙම සූදානම් වීම හමාර වත්ම, සගූන්ටුම් වැසියන් තමන් හා සමග යුද්ධ වැදෙනු බවට පොළඹවාගැනුමට හැනිබල් ප්‍රයත්න දැරුවේ සගූන්ටුම් හී ක්‍රීයාවන් ඔස්සේ ඇයගේ ප්‍රතියුක්තයා වූ රෝමයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට අවකාශ ලබා ගැනුමටයි. තමන් විසින්ම සාමය බිඳදැමීමට ඔහු සතුටු නොවූ අතර, සගූන්ටුම් වැසියන් විසින් ඔහු වෙත ප්‍රහාරය දියත් කිරීම සඳහා පොළඹවාගැනුමට විවිධ උපක්‍රම ගණනාවක් උපයෝගී කර ගති. කෙසේවෙතත්, කාර්තජේනියානුවන්ගේ යුද්ධකාමී හැසිරීම පිළිබඳව පැමිණිලි කෙරුමට රෝමානුවන් වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් යැවීම හැර වෙනත් යමක් සගූන්ටුම් වැසියෝ නොකලහ. එවිට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ප්‍රතිචාර දැක්වූයේ, අයිබීරියාවට කමිටුවක් යැවීමෙන් සහ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ලෙසින් විසඳා ගැනුමට ප්‍රයත්න දැරීම තුලිනි. මෙම කොමිසම සමග ගණුදෙනු කිරීමට හැනිබල් වෙත කිසිම අභිලාශයක් නොතිබුණු අතර ඔහු සිදු කලේ එයට අවඥාසහගත ලෙසින් සැලකීම වන අතර එය තුලින් ඔහු බලාපොරොත්තු වූයේ කොමිසම විසින් ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට එය පෙළඹවෙනු ඇති බවයි. කෙසේවෙතත්, කොමිසම නොමග යැවීම සාර්ථක නොවූ අතර යුද්ධයක් අත ළඟ බව එයට හැඟී ගොස් තිබුණි. සාමය නොබිඳෙන ලෙසට කොමිසම කටයුතු කල අතර, පහර දීමට හැනිබල් සූදානම්ව සිටින බවද ඉතා ඉක්මනින් පහර දීම සිදු වනු ඇති බවද යන ප්‍රවෘත්තිය ඔවුන් විසින් රෝමය වෙත දන්වන ලදි. ඉදිරියෙහිදී කාර්තජේනියාව හා සමගින් සිදුවිය හැකි යැයි අනුමාන කෙරුණු ගැටුම සඳහා සම්පත් නිදහස් කරගනු වස් පියවර කිහිපයක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ගන්නා ලදි. ඉලේරියානු කැරැල්ලක් දරුණු ලෙසින් පූර්ණ බලය යොදමින් මැඩ පවත්වන ලද අතර, සිසැල්පයිනියානු ගෝල් ප්‍රදේශයෙහි බලකොටු ගණනාවක් තැනීමේ ක්‍රියාවලිය රෝමානුවන් විසින් වේගවත් කරන ලදි. රෝමය හා සමගින් පෙරදී පැවැති ඔහුගේ මිත්‍ර පාක්ෂිකභාවය අත්හල ෆේරෝස් හී ඩිමීට්‍රියස් විසින් රෝමානු රාජ්‍යය වෙත ඈඳාගනු ලැබුණු ඉලේරියානු නගර වෙත පහර දීම එවිට අරඹා තිබුණි. හැනිබල් බලාපොරොත්තු වූ දේවල් එලෙස සිදු නොවූ අතර අවසානයෙහිදී ඔහු විසින් (ඔහුගේ දේශපාලන සතුරන්වූ සාම පක්ෂය බලයේ සිටි) කාර්තේජයට දන්වා යැවුවේ සගූන්ටුමියානුවන් විසින් ඔවුන් යටතේ සිටි ගෝත්‍රයක් වූ ටෝර්බලිට්ස්වරුන් හට කෲර ලෙසින් වධ හිංසා පමුණුවන බවත්,කාර්තේජ් වෙතින් පිළිතුරක් නොමැති කල තමන් සගූන්ටුම් ඉදිරියේ කඳවුරු බැඳ සිටින බවත්ය. කාර්තජේනියානු සෙනෙට් මණ්ඩලයෙහි කතා බහ කෙරුණේ රෝමානුවන් හට හැනිබල් පාවා දිය යුතු බවත් ඔහුගේ මෙම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කල යුතු බවයි. කෙසේවෙතත්, කාර්තේජයෙහි බහුතරයක් විසින් යුද්ධය නැවැත්වීමට වඩා ගැටුම සඳහා ප්‍රියමනාපයක් දැක්වූහ. මාස අටක කාලයක් තුල වටලෑම සිදුවූ අතර, ඔවුන්ගේ සන්ධානයෙහි එකඟතාවයන්හී කොටසක් වශයෙන් සිදුව තිබිය යුතු වූවද, රෝමානුවන් විසින් කිසිදු ආධාරයක් සගූන්ටුම් වැසියන් වෙතට නොඑවූ බව සංගණ්‍ය කරුණක් වශයෙන් දත යුතුය. ඉලේරියානුවන් හා යුද්ධයෙහි පැටලී සීටිමට ඉඩ දීම මිස, අයිබීරියාවෙන් නැග ආ කාර්තජේනියානු තර්ජනය පිළිබඳව කල යුතුව තිබූ සැලකිල්ල රෝමානුවෝ නොදැක්වූහ. වැටලීමෙන් පසුව, වැසියන් සියල්ල වහලුන් ලෙසින් විකිණීමට හැනිබල් ක්‍රියා කල අතර, එම විකිණීමෙන් උපයා ගත් මුදල් සිය සොල්දාදුවන් අතර බෙදා හැරීය. එයට අමතර වශයෙන්, නගරය කොල්ලකෑමෙන් ලැබූ සියළු වස්තුව කාර්තේජය වෙත ගෙන ගොස් එහි ජනතාව අතර බෙදා දුන්නේ, ඔහුගේ අභිප්‍රාය වෙනුවෙන් සහයෝගය උපයා ගැනීම සඳහාය. නගරයෙහි වස්තුවෙහි ඉතිරි කොටස ඔහුගේ යුද්ධ වියදම් පෙට්ටගම වෙත බහාලනු ලැබුවේ ඔහු සැලසුම් කර තිබූ ගවේෂණයන් සඳහා භාවිතා කරනු වස් විය. පිරනීස් හරහා ප්‍රයාණය හැනිබල් විසින් සගූන්ටුම් වටලෑමෙන් පසු පැමිණි ශීත සෘතුව කාර්ටජේනාවෙහි ගත කල අතර, එම කාලසීමාව තුලදී ඔහුගේ හමුදාවන් ඔහු විසින් ඔවුන්ගේ ස්වදේශයන් වෙත යන පරිදී නිදහස් කොට තිබුණි. දුෂ්කර මෙහෙයුමක් වන බවට ඔහු දැන සිටි ඉදිරි මෙහෙයුම සඳහා ඔහුගේ යුද්ධ හමුදාවෙහි චිත්ත ධෛර්යය හැකි ඉහළම මට්ටමට මස්තකප්‍රාප්ත කරවීමෙහි බලාපෙරොත්තුව සහිතව ඔහු විසින් මෙසේ සිදු කරන ලදි. ඔහුගේ සොහොයුරු, හස්ඩ්රුබල් යටතෙහි කාර්තජේනියානු අයිබීරියාවෙහි පරිපාලනය සහ රෝමානුවන්ට එරෙහිව එහි ආරක්ෂාව ඔහු විසින් පමුණුවන ලදි. මෙයට අමතරව, අයිබීරියාවෙහි දේශීය හමුදාවන් අප්‍රිකාව වෙතද සහ අප්‍රිකාවෙහි දේශීය හමුදාවන් අයිබීරියාව වෙතද ඔහු හුවමාරු කරන ලදි. තමන් රෝමය විනාශකෙරුමෙහි කාර්යයෙහි නිරතව සිටියදී හමුදාව හැර යෑම අවම කිරීම සඳහා සහ හමුදාවන්හී පක්ෂපාතිත්වය සහතික කිරීම සඳහා ඔහු විසින් මෙය සිදු කරන ලදි. ඔහුගේ සොහොයුරු වෙතට යාත්‍රාවන් කිහිපයක්ද ඔහු විසින් සපයන ලදි. රෝමානුවන්ට කැටලෝනියාවෙහි කඳවුරු ලෑමට අවකාශ දීමෙන් අත්විඳිය හැකි ගැටළු පිළිබඳ පූර්වදැනුමක් හැනිබල් සතු විය. මෙම භූමිප්‍රදේශයෙහි ඔවුනට මිත්‍ර පාක්ෂිකයන් ගණනාවක් වූ අතර, සටනක් නොමැතිව ඔහුගේ පාදකයෙහි භූමිප්‍රදේශයක රෝමානුවන්ට ස්ථානගතවීමට ඔහුට ඉඩ දිය නොහැකි විය. ඉතාලියේදී සටනෙහි වැදෙමින් සිටියදී ඔහු වෙත භට හමුදා ඛණඩ පැමිණීම සඳහා මෙම භූමි ප්‍රදේශය ඔස්සේ වැටෙන මං පෙත් භාවිතා කල යුතුව සිටි බැවින් මෙම භූමි ප්‍රදේශය ඔහු විසින් යටත් කර ගත යුතුව තිබුණි. ඔහු ඉතාලියෙහි සටන් වැදීම ඇරඹූ කල්හී අයිබීරියාවෙහි ඉරණම දෛවයට භාර කෙරුමට ඔහුගේ අභිලාෂයක් නොවීය. වේගවත් හා ජවසම්පන්න මෙහෙයුමක් භාවිතයෙන් භූමි ප්‍රදේශය යටත් කර ගැනුම හැනිබල් විසින් තෝරාගන්නා ලද අතර, එය සාක්ෂාත් කර ගනු වස් ඔහුගේ යුද්ධ හමුදාව පේළි තුනකට වෙන් කොට එමගින් භූමි ප්‍රදේශයෙහි සමස්තයම එකවර අභිබවනය කෙරුමට ඔහු සැලසුම් කලේය. ඔහු විසින් භාවිතා කිරීමට නියමිත මං පෙත පිළිබඳව, ඔහුගේ ඔත්තු සපයන්නන් සහ ඇල්ෆ්ස් කඳු අවට ජීවත්වූ කෙල්ටික ගෝත්‍ර වෙතින් විස්තර ලද පසු, හැනිබල් විසින් කාර්තජේනියානුවන් මෙහෙයුම වෙත යොමු කරවන ලදි. විවිධ අප්‍රිකානු සහ අයිබීරියානු ජාතීන් වෙතින් සමන්විතවූ 90,000 ක බැර අවි පාබළ සේනාවක් සහ 12,000 ක අශ්වාරෝහක හමුදාවක් සමගින් ඔහු පිටත් විය. ඒබ්රෝ සහ පිරනීස් අතර ප්‍රයාණයෙහිදී ඉලර්ජිටෙස්වරු, බාර්ගසීවරු, ඇරනසීවරු සහ ඇන්ඩොසීනිවරු යන්නාවූ ගෝත්‍ර සතරක් හා සටන් වැදුමට කාර්තජේනියානුවන් හට සිදු විය. මෙම මෙහෙයුමෙහිදී හැනිබල් විසින් නගර ගණනාවක් යටත් කර ගත්තද පොලිබියස් විසින් ඒවා සඳහන් කොට නොමැත. මෙම මෙහෙයුම වේගයෙන් සිදු කරන ලද්දේ, මෙම භූමි ප්‍රදේශය හැකිතරම් කෙටි කාලයකින් නතු කර ගැනුම හැකි වන පරිදීය. හැනිබල්ගේ පාර්ශවයට සිදුවූ හානි කිහිපයක් පොලිබියස් විසින් වාර්තා කර ඇත. මෙම භුමි ප්‍රදේශය යටත් කර ගැනුමෙන් පසුව, මෙම ප්‍රදේශය තුල මෙන්ම විශේෂයෙන්ම රෝමානුවන් සමග පැවති ඇඟෑලුම්කම නිසා ඔහුගේ අවිශ්වාසයට පාත්‍රවීමට හේතු කාරක වූ බාර්ගසීවරු මත ආඥාපතිත්වය පතුරුවනු පිණිස , ඔහුගේ සහෝදර හැනෝ යෙදවීය. මෙම භූමි ප්‍රදේශය පාලනය කිරීම සඳහා ඔහුගේ සහෝදරයා වෙත පාබළ හමුදා භටයන් 10,000 ක් සහ අශ්වාරෝහක භටයන් 1,000 ක් ඔහු විසින් සැපයිණි. මෙහෙයුමෙහි මෙම මුල් අදියරෙහි, තවත් පාබල භටයන් 10,000 ක් සහ අශ්වාරෝහක භටයන් 1,000 ක් නිවෙස් බලා යැවීමේ විකල්පය ඔහු තෝරා ගති. කරුණු දෙකක් ඉටු කරනු වස් ඔහු මෙය සිදු කලේය: හැනිබල් කෙරෙහි ධනාත්මක ආකල්පයන් දරන පිරිසක් ඔහු අනුගමනය කරනු දැක්ම ඔහු රිසි විය; ගවේෂණයෙන් හොඳ ප්‍රතිඵල ලැබීමේ හැකියාවන් ඇති බවට ඉතිරි අයිබීරියානුවන් (ඔහුගේ හමුදාවෙහි මෙන්ම ඉන් පිටතද) විශ්වාස කිරීම නිසා, ගවේෂණය ඉදිරියට යත්ම ප්‍රතිස්තම්භනයන් ලෙසින් භට ඛණ්ඩයන් අවශ්‍ය වන විට ඒවාට බැඳීමට වඩාත් නැඹුරුතාවයක් ඔවුන් විසින් දක්වනු ඇති බව යන විශ්වාසය නිසාය. ඉතිරිවූ භට හමුදාව සමන්විත වූයේ පාබල හමුදා භටයන් 50,000 ක් සහ අශ්වරෝහක භටයන් 9,000 ක් වෙතිනි. ප්‍රධාන පේළිය වූයේ දකුණුතම පේළිය වූ අතර, එය වෙත යුද්ධ වියදම් පෙට්ටගම, අශ්වරෝහක හමුදාව, මාර්ගෝපකරණ, යුද්ධයට අවශ්‍ය සියළු දේ සහ හැනිබල් තෙමේද විය. මෙය ඉතාමත් වැදගත් පේළිය වූ අතර, හැනිබල් එම පේළිය වෙත වීම අහුඹු සිදු වීමක් නොවීය. රෝමානුවන්ගේ සැබෑ ක්‍රියාවන් හා උරෙන් උර ගැසී සිටීමට හැකි වන පරිදී තමන් වෙත යාත්‍රාවන් නොමැති තාක් කල් , තම යුද්ධ හමුදාවන් පිරනීස් මතින් ප්‍රයාණය තුලදී නැගුමෙහි හෝ බැසුමෙහි හෝ යෙදී සිටියදී ඒවාට පහර දීමට උත්සාහ කෙරුමට හැකිවන පරිදී ගොඩබැසීමක් සිදු කිරීමට රෝමානුවන් ක්‍රියා කරන විටක එවන් අවස්ථාවක එය මුහුණ දීමට හැකි වන පරිදී සිටීමට හැනිබල්ට අවශ්‍ය විය. ඇඩබා නගරයෙහිදී ඒබ්රෝ තරණය කල මෙම පේළිය, ටැරකෝ, බාචිනෝ, ජුරන්ඩා, එම්පොර්යයි සහ එලිබරෙස් හරහා වෙරළ තීරය ඔස්සේ කෙලින්ම ගමන් කලහ. මෙම ඔප්පිඩුම් නගරයන් සියල්ලක්ම යටත් කර ගෙන ආරක්ෂිත බලකොටු බවට හැරවිණි. මෝරා නම්වූ ඔප්පිඩුම් නගරයෙහිදී දෙවන හෝ මධ්‍යම හෝ පේළිය එබ්රෝ තරණය කල අතර, එතැන් සිට එය පිළිබඳ ලැබුණු තොරතුරු අල්පය. මෙම භූමි ප්‍රදේශයෙහි මිටියාවත් කිහිපයක් ඔස්සේ එය ගමන් කල අතර, එහි ඉදිරි ගමනට විරුද්ධතාවය දැක්වූ ඕනෑම ගෝත්‍රයක් මැඩපැවැත්වීමට එයට අණ ලැබී තිබුණි. එහි ඉලක්කය සපුරාලීමෙන් අනතුරුව එය ප්‍රධාන පේළිය හා එය අත්‍යන්තයෙහිදී යළි එකතු විය. සිකරිස් ගංගාව විසින් එය ස්පර්ශ කරන ස්ථානයෙහිදී එබ්රෝ ගංගාව තරණය කල තුන්වන හෝ වම් හෝ පේළිය ගංගා මිටියාවත ඔස්සේ ගමන් කොට කඳුකර භූමි ප්‍රදේශ වෙත ඇදුණේය. දෙවන පේළිය සහ පළමුවන පේළිය විසින් සිදු කල කාර්යයම එය විසින් සිදු කරන ලදි. මෙම එක් එක් ප්‍රයාණයන් සැලසුම් කරන කල, සෑම පේළියකම මං පෙත හරහට රූබ්‍රකේටස් ගංගාව පිහිටන බවට හැනිබල් සහතික වූ අතර, බාර්බේරියානුවන් අතින් කිසියම් උපද්‍රව සහිත තත්ත්වයකට එක් පේළියක් පත්වුවහොත් අනෙකුත් පේළි විසින් ගංගාව ඉහළට හෝ පහළට ගමන් කිරීමෙන් එකෙිනෙකා වෙත උදව් කල හැකි වන පරිද්දෙන් මෙය සිදු කෙරිණි. මාස දෙකක කාලයක් පුරාවට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, එය අතිශයින් වැය අධික විය. දෙමසක් තුල පැවැති මෙහෙයුම තුල, හැනිබල්ගේ භටයන් 13,000 නටහ. රෝන් වෙත ප්‍රයාණය පිරනීස් හරහා බැසීමෙන් පසු රෝන් වෙත ප්‍රයාණයෙහි කැපී පෙනෙන විස්තරය වන්නේ එය පිළිබඳ කැපී පෙනෙන ලෙසින් කිව යුතු කිසිවක් නොමැති බවය. පසුගිය ජූලි සහ අගෝස්තු මාස තුලදී පිරනීස් කඳුවැටියහෙි ජීවත්වූ බොහෝ සැඩපරුෂ ජන කොටස් මැඩ පවත්වමින් සිටි කාර්තජේනියානුවන් හට මෙම ප්‍රයාණය මනස්කාන්ත ‍ජව මාරුවක් වූවා විය හැකිය. මෙම ප්‍රදේශයෙහි දේශීය ජනයා විසින් ආක්‍රමණික හමුදාවන් වෙතට විරුද්ධව එල්ල කල දරුණු ප්‍රතිවිරුද්ධතා පිළිබඳ බොහෝ උදාහරණ වෙතින් කැටලෝනියාවේ ඉතිහාසය වර්ණවත්ව තිබේ. අර්ධද්වීපික යුද්ධය යනු බොහෝ උදාහරණ අතුරින් එකක් පමණක් වන අතර, වඩාත් පැතලිමය භූමිභාගයක් විසින් ලබා නොදෙනු ලබන බොහෝ වාසිදායක තත්ත්වයන් මෙම භුමි ප්‍රදේශයෙහි ඡින්න භූමි ලක්ෂණ විසින් විරෝධන කණ්ඩායම් වෙත උදා කර දෙයි. මෙම සරියෙහි ඔහු පසු කල භූමි ප්‍රදේශයන්හි ජනයා විසින්, කාර්තජේනියානුවන්, රෝමානුවන් සහ හැනිබල්ගේ හමුදාව ඔවුන්ගේ භූමිය හරහා ගමන් කිරීම පිළිබඳව විවිධ හා ප්‍රභින්න මත දැරූහ. මෙම ගෝත්‍රයන්ගෙන් සමහරක් ඔහුගේ අභිප්‍රායට මිත්‍රශීලි සහයෝගයක් දැක්වූ අතර අනෙකුන් ඔහුට විරුධත්වය දැක්වූහ. මෙම භූමි ප්‍රදේශය හරහා ඔහුගේ ප්‍රයාණයෙහිදී මෙම ජනයා සමග ගනුදෙනු කිරීමෙහිදි හැනිබල් විසින් දැක්වූ හැකියාව ප්‍රකටව දැක්වුණේ, මෙම ප්‍රදේශයෙහි ජනතාව අතර දේශපාලනමය සජානියත්වයක පැවතීම විරල වුවද, මෙම භූමි ප්‍රදේශය තුල කිසිදු සටනක් සිදුවූ බවට වාර්තාව නොතුබූ හෙයිනි. ඔවුන්ගේ භූමි ප්‍රදේශය තුලින් ප්‍රයාණයෙහි යෙදෙත්ම, එක් එක් ගෝත්‍රය හා සමගින් ගනුදෙනු කිරීම ඔහු විසින් සිදු කෙරිණි. ඔහු වෙත තිබූ පොළඹවාගැනුමෙහි ක්‍රමවේදනයන් වූ ඔහුගේ පුද්ගලික ආකර්ෂණීය භාවය සහ ඔහුගේ යුද්ධ වියදම් පෙට්ටගම ඔහු විසින් භාවිතා කෙරිණි. සාර්ථක ග්‍රීක වෙළෙඳ පුරයක්වූ මසීලියා (වර්තමාන මාර්සේල්), රෝමානුවන්ගේ ආභාෂය යටතේ කලක් පැවති අතර, රෝමානුවන් විසින් එහි ජානපදිකයන් පවා පදිංචි කර තිබුණහ. ඉදිරියට පැමිණෙමින් සිටි කාර්තජේනියානු හමුදාව පිළිබඳ මසීලියා පුරය බිය වූ හෙයින්, රෝමානු අභිප්‍රායයන් වෙනුවෙන් අවි ගැනීම කරනු වස් රෝන් නදියෙහි වම් ඉවුරෙහි (නැගෙනහිර ඉවුරෙහි) දේශීය ගෝත්‍රයන් පොළඹවා ගැනුමෙහි ප්‍රයත්නයක යෙදුනහ. එය එසේ සිදු කිරීමට ඔවුනට හැකි වූ අතර, මෙම භූමි ප්‍රදේශයෙහි බාබේරියානුවන් විසින් රෝන් නදිය තරණය කිරීම හැනිබල්ට ගැටළු සහගත කරවන ලදි. ක්‍රිපූ  218 සඳහා කොන්සල්වරුන් අතරින් එකෙකු වූ පුබිලියුස් ස්කීපියෝ, විසින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් අණ ලද්දේ, එබ්රෝ හෝ පිරනීස් හෝ රණ මඬලෙහිදී හැනිබල්ට මුහුණ දෙන ලෙසටය. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඔහුට මේ සඳහා යාත්‍රා 60 ක් වෙන් කර දෙන ලදි. කෙසේවෙතත්, කාරණය විසින් අවශ්‍යව තුබූ ජවය හා වේගයෙන් ඔහු ක්‍රියා නොකලේය. පෝ ප්‍රදේශය වෙත ඔහු ලඟා වෙත්ම, අළුතින් යටත් කර ගැනුනු ගෝල්වරුන් අතර කැරැල්ලක් ඇති වී තිබුණි. පෝ ප්‍රදේශයෙහි ජනපද බොහෝමයක් පිහිටුවා තිබූ අතර, එය නිසා, හැනිබල් ඔවුන් වෙත එමින් සිටි බවද දැන් සිටි බෝයි සහ ඉන්සියුබර්ස් යන ගෝත්‍ර අළුතින් නැගී සිටිමින් සිටියහ. එම අවස්ථාවෙහි සූදානම්ව තිබුණු භට සේනාංක නියමිත පරිදී අයිබීරියානු ගවේෂණය සඳහා භාවිතා කරනු වෙනුවට, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අණ දුන්නේ ප්‍රීටරවරයෙකුගේ ආඥාපතිත්වය යටතේ ඒවා පෝ ප්‍රදේශයට යැවිය යුතු බවත්, කොන්සල්වරයා විසින් නව භට සේනාංක බඳවා ගත යුතු බවත්ය. නව යුද්ධ හමුදාවක් තැනීම, රෝමානුවන්ට සාපේක්ෂ ලෙසින් පහසු කාර්යයක් විය. යුද්ධ හමුදාවෙහි සේවය කිරීමට සුදුසුකම් ලත් බොහෝ පුරවැසියෝ සිටි අතර, රජය විසින් කල යුතුව තිබුණේ තවත් සොල්දාදුවන් අවශ්‍ය බවත් ඔවුන් සේවයේ යෙදීම අවශ්‍ය බවත් දැන්වීම පමණි. කිසියම් අවස්ථාවකදී සේවයෙහි යෙදීම අනිවාර්යයෙන්ම පැන නගින හෙයින්, බොහෝ රෝමානුවන්, ඔවුන්ගේ යෞවන කාලයෙහි කොටසක් වැය කලේ හමුදා ඛණ්ඩ වල සේවය කිරීමට පුහුණුව ලබා ගැනුමටය. අවසානයෙහිදී, සියළු නව හමුදා ඛණ්ඩයන් රැස් කර ගැනුමෙන් පසුව – තත්ත්වය විසින් ඔහුගෙන් බලාපොරොත්තුවූ ඉක්මන් බවට වඩා ඉතාමත් කම්මැලි ස්වභාවයෙන්– ඕස්ටියා වෙතින් ඔහු නැව් නැංගේය. මාලිමා යන්ත්‍ර නොතිබූ මෙම කාලයෙහිදී, යාත්‍රිකයන්ගේ පුරුද්දක් වූයේ ඔවුන්ගේ නැව් වෙරළ අසබඩින් යාත්‍රා කොට රාත්‍රියෙහිදී ආහාර පාන සඳහා නැවැත්වීමයි.ඒ අනුව, (ඉතාලියානු) අර්ධද්වීපයෙහි වෙරළ ඔස්සේ උතුරු දෙසට යාත්‍රා කොට අයිබීරියානු අර්ධද්වීපය වෙතට බටහිර දෙසට හැරුණු නැව් පෙලට මසීලියා පුරයෙහි නතර කරන ලෙසට කොන්සල්වරයා නියෝග කලේය.ඔහු එහි පැමිණි පසු, ඔහුගේ විශ්මයට හේතුවක් වෙමින් මසීලියානුවන් පැවසුවේ ඔහු සිතූ පරිදී තවමත් කැටලෝනියාවෙහි සිටිනවා වෙනුවට, දින 4 ක පමණ ප්‍රයාණයකට ඔබ්බෙන් නගරයට මෙහා රෝන් නදියෙන් එහා පැත්තේ හැනිබල් සිටින බවයි. රෝන් නදියෙන් එතෙර වීම හැනිබල්ගේ ප්‍රයාණයන් බොහෝමයක්ම පිළිබඳ වාද භේද පවතින අතර, විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ඇල්ප්ස් මතින් ප්‍රයාණයට ඔහු භාවිතා කල මං පෙත පිළිබඳවය. කෙසේවෙතත්, නූතන ඉතිහාසඥයින් එකඟ වන්නේ රෝන් නදියෙහි බටහිර ඉවුරෙහි හැනිබල් විසින් ඔහුගේ යුද්ධ හමුදාව කඳවුරු ලා සිටි ස්ථානය පිළිබඳව සහ නදියෙන් එතෙර වීමෙහි අදහස ඔහුගේ මනස තුල පහළ වී එය සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක කෙරුණු ආකාරය පිළිබඳවය. කැටලෝනියාවෙහි ඇයගේ මිත්‍ර පාක්ෂිකයන් කාර්තජේනියානුවන් හමුවේ අනාරක්ෂිතව පැවතීමට තරම් රෝමය උදාසීන වූ අතරතුර, රෝමානුවන්ගේ මිත්‍ර පාක්ෂිකයන්වූ මසීලියානුවන් උත්සුක වූයේ, රෝන් නදියට වම් පස (නැගෙනහිර) ඉවුරෙහි ගෝත්‍රයන් කාර්තජේනියානුවන්ට එරෙහිව පෙළඹවීමයි. මසීලියා පුරයට අසබඩින් කාර්තජේනියානුවන් සිටින බවට ඔත්තුසේවා තොරතුරු ලද සැනින් කොන්සල්වරයා විසින් ඔහුගේ යෝජිත අයිබීරියානු ගවේෂණය අත්හල අතර ඒ වෙනුවට ඔහුගේ මනසෙහි පහල වූ ඊළඟ තර්කානුකූල පියවර වූ ඔහුගේ උපරිමයෙන් හැනිබල් රෝන් නදියෙන් එතෙර වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරවීය. මෙය සාක්ෂාත් කර ගනු වස් ඔහු විසින් අශ්වාරෝහක භටයින් 300 කින් සැදුම්ලත් පේළියක් රෝන් නදියෙහි වම් (නැගෙනහිර) ඉවුර දිගේ ඉහළට යැවුයේ හැනිබල්ගේ යුද්ධ හමුදාව ගැවසෙන නියම ස්ථානය නිර්ණය කර ගන්නා ලෙස නියෝග සහිතවය. හැනිබල් විසින් ද එවැනිම රහස් ඔත්තු පුවත් ලද්දේ ඔවුන්ගේ කොන්සල් හමුදාවන්ගෙන් එකක් (22,000 පාබළ සහ 2,000 අශ්වාරෝහක) සමග රෝමානුවන් පැමිණි බවටයි. දකුණු පස (බටහිර) ඉවුරෙහි සිටි සෙල්ටියානුවන් සහ රෝමානුවන් අතර පෙර සිට පැවැති ද්වේෂයෙන් හැනිබල් වාසි ලබා ගත් අතර, මෙම බැරෑරුම් අවහිරයෙන් එගොඩ වීමට ඔවුන්ගේ උපකාරය ලබා දෙනු වස් එකඟ කරවා ගත්තේය. මුහුදෙහි ගමන් කල හැකි බෝට්ටු කිහිපයක් සහ එම ප්‍රදේශයෙහි ස්වදේශිකයන් විසින් භාවිතා කරන ලද ඔරු ගණනාවක එකතුවක් ඔහු ඔවුන්ගෙන් ලබාගත්තේය. මේවා මිලදී ගැනීමට අමතර වශයෙන්, තවත් බෝට්ටු ගණනාවක් තැනීම සඳහා උපකාර ඔවුන්ගෙන් ලබා ගැනුමට ඔහු සමත් විය. රෝන නදියෙන් එගොඩ වීමට මෙසේ සූදානම් වීමෙහි ක්‍රියාවලියට දින දෙකක් ගතවිය. කාර්තජේනියානු හමුදාවෙහි සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් රෝන් නදියෙහි වම් ඉවුරෙහි, කවාරෙස් නම් ගෝල් ජාතික ගෝත්‍රයක් රැඳී සිටියහ. නදියෙහි ඈත පැත්තෙහි බලකොටු සහිත කඳවුරක් මෙම ගෝත්‍රය සතුවූ අතර, හැනිබල්ගේ හමුදාව විසින් ගංගාව තරණය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් සිටියේ, ඔවුන් තරණය කරද්දීම ප්‍රහාර එල්ල කරන අටියෙනි. ඉන්දියාවෙහිදී මහා ඇලෙක්සැන්ඩර්ගේ හිඩෑස්පස් ගංගාව තරණය කිරීම පිළිබඳව හැනිබල් නොදැන සිටියා නොවිය හැකි අතර, උපායමාර්ගික සහ යුද උපායශිලී කරුණු සැලකූ කල මෙහි පැවැති තත්ත්වය එවැනිම විය. හැනිබල් විසින් එම ආකෘතිය සැලකිල්ලට ගනිමින් තම සැලසුම සැකසූ අතර (වර්තමානයෙහි පවා හමුදාමය ආයතනයන්හී යුද්ධ ආධුනිකයන්හට මෙම සැලසුම හඳුන්වනු ලබන්නේ ගංගාවන් තරණය කිරීමෙහි කුකී කටර් ක්‍රමය ලෙසිනි) ඔහුගේ ලුතිනන්වරුන් අතුරින් එක් අයෙකුවූ බොමිල්කාර්ගේ පුත් හැනෝ හට අණකලේ, උතුරු දෙසට හමුදාමය චාරිකාවක් සිදුකොට, ඔහුගේ අදහසෙහි ආකාරයට එයට සුදුසුම ස්ථානයෙහිදී රෝන් නදිය තරණය කොට, බලාත්කෘත ප්‍රයාණයන් තුලින් දකුණු දිශාවට ප්‍රයාණය කොට, හැනිබල් විසින් නදිය තරණය කරන විටදීම බාර්බේරියානු හමුදාවෙහි පැති ඛණ්ඩය වෙත ප්‍රහාර එල්ලකරන ලෙසටයි. ආශ්‍රිත ඇල්ෆ්ස්හී ඉතිහාසය දෙවන පියුනික් යුද්ධය ක්‍රිපූ 218 තරණය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව [/INST] ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව යනු පාෂාණිධාතු විද්‍යාවෙහිම ශාඛාවක් වන අතර, ක්ෂුද්‍ර ෆොසිල, හෙවත් නැරඹීමට අණ්වීක්ෂයක් අවශ්‍ය වන්නාවූ ජීවින්ගේ ෆොසිල, ඒවායේ රූප විද්‍යාව සහ ඒවායේ ගුණාත්මක විස්තර එය විසින් අධ්‍යයනය කරයි. ක්ෂුද්‍ර ෆොසිල සාමාන්‍යයෙන් මිලිමීටර සතරකට වඩා විශාල සහ පොදු වශයෙන් එක් මිලිමීටරයකට වඩා කුඩා ප්‍රමාණයෙහි ෆොසිල ලෙසින් දැක්විය හැකි ක්ෂුද්‍ර ෆොසිල පිළිබඳ අධ්‍යයනය සඳහා ආලෝක හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අවශ්‍ය වෙයි. පියවි ඇසින් හෝ අත් කාචය වැනි අඩු-බලැති විශාලකයන් භාවිතයෙන් හෝ අධ්‍යයනය කල හැකි ෆොසිල හැඳින්වෙන්නේ , මහා ෆොසිල ලෙසිනි. සමහරක් ජීවින් ක්ෂුද්‍ර ෆොසිල ලෙසින් සැලකිය යුතුද නැද්ද යන බව තීරණය කිරීම දුෂ්කර විය හැක්කේ ඒවා සඳහා නියත ප්‍රමාණයෙහි සීමා නොපවතින බැවිනි. නිදසුනක් වශයෙන් ගත් කල, බ්‍රයොසෝවා (විශේෂිත වශයෙන් කීලොස්ටොමාටා) වැනි සමහරක් ගණවාසී ජීවීන්හට සාපේක්ෂ වශයෙන් විශාල ගණවාසයන් තිබුණද, ගණවාසයෙහි කුඩා තනි ජීවීන්ගේ සියුම් කංකාල විස්තර අනුව පදනම් වෙමින් උන් වර්ගීකරණය කෙරෙයි. තවත් නිදසුනක් ගත් කල ප්‍රාක්තමයන් වන ෆොරැමිනිෆරා ගණයන් අතරින් නිව්මියුලිටයන් වැනි ගණයන්ගේ බොහෝ ෆොසිල පිළිබඳ දැනගත හැකිවන්නේ කාසියක් පමණ විශාල කවච (“ටෙස්ට්” නමින් හැඳින්වෙන) මාර්ගයෙනි. ක්ෂුද්‍ර පොසිල යනු ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ සිට ප්ලොයෝසීන යුගය දක්වා වූ භූ විද්‍යාත්මක දත්තවලට අනුව සොයා ගන්නා ලද පොසිලය. සාගර පරිසරවල සුලභ වුවත් කලපු ජලයේ, මිරිදිය හා ගොඩබිමද අවසාධිත නිධි ලෙස මේ පොසිල හමුවේ. සෑම ජීව රජධානියක් පිළිබඳව ක්ෂුද්‍ර පොසිල මගින් නිරූපණය වන අතර වඩාත් සුලභ වන්නේ ප්‍රෝටිස්ටා සැකිලි හෝ කෝෂ්ඨය. මේවා Chrysophyta, Pyrrhophyta, Sarcodina, acritarchs සහ chitonozoans යන ජිවී ආකාරයන්ට අයත් වන ඒවා වන අතර මීට අමතරව සනාල ශාකවල පරාග හා බිජානුද හමුවේ. ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව මෙම කොටස් නීර්ණය කර ගැනෙන්නේ ෆොසිලයේ රසායනික සංයුතිය මතයි. මෙහිදි වෙනත් තක්සෝන හෝ පරිසර විද්‍යාත්මක නීති වලින් බලපෑම නොවේ. මෙම ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයින් ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාඥයින් ලෙස හැඳින්වන අතර ඔවුන් තක්සෝන එකක් හෝ කිහිපයක් පිළිබඳව විශේෂ දැනුමක් ඇත්තවුන්ය. ජීව විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: IBM [/INST] අන්තර්ජාතික ව්‍යාපාර යන්ත්‍ර සංස්ථාව , කෙටියෙන් IBM හා “බිග් බ්ලූ” NYSE ලෙස අනුවර්ත නම් ලබා ඇති IBM ආයතනය ආර්මන්ක් , නිව් යෝර්ක් , USA හි මූලස්ථානය පිහිටි බහු ජාතික පරිගණක තාක්ෂණ හා උපදේශක විචාර සංස්ථාවකි. මෙම ආයතනය 19 වන සියවස තෙක් දිවෙන ‍අඛණ්ඩ ඉතිහාසයකින් යත් අල්ප තොරතුරු තාක්ෂණික ආයතනවලින් එකකි. IBM පරිගණක දෘඩාංග හා මෘදුකාංග නිෂ්පාදනය හා සිදු කරයි. තවද මේන් ෆ්‍රේම් (mainframe) පරිගණකවල සිට නැනෝ තාක්ෂණය දක්වා පරාස ගතවන අංශ සදහා යටිතල පහසුකම් සේවා , සත්කාරක සේවා හා උපදේශන සේවා සලසයි. ලොව පුරා 388,000 වඩා වැඩි සේවක සංඛ්‍යාවකින් යුත් IBM ආයතනය මෑත ඉතිහාසයේ වැඩි කලක් පුරා ලෝකයේ විශාලතම පරිගණක සමාගම ලෙස නම් දැරීය. 2006 සිට මුළු ආදායමෙන් (Hawlett – Packard) ට දෙවැනි වීම හැරුණු විට වඩාත් ලාභදායී ආයතනය ලෙස එය පැවතුණි. IBM ආයතනය අනෙකුත් සියලු එක්සත් ජනපද තාක්ෂණික ආයතනවලට වඩා පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවකට හිමිකම් කියයි. එයට රටවල 170 කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඉංජිනේරුවන් හා උපදේශකයන් සිටින අතර ලොව පුරා IBM පර්යේෂණය (IBM Research) ට විද්‍යාගාර අටක් පවතී. IBM සේවකයන් නොබෙල් ත්‍යාග තුනක් ටියුරින්ග් සම්මාන හතරක් තාක්ෂණය පිළිබද ජාතික පදක්කම් පහක් හා විද්‍යාව පිළිබද ජාතික පදක්කම් පහක් දිනාගෙන ඇත. IBM ආයතනය පසුගිය වසරවල චීප නිෂ්පාදකයෙක් ලෙස ලෝකයේ හොදම අර්ධ සන්නායක අලෙවිකරුවන් විසි දෙනා අතර සිටි අතර 2007 දී IBM ආයතනය ලෝකයේ විශාලතම මෘදුකාංග සමාගම අතර දෙවන ස්ථානයට පත්විය. References http://en.wikipedia.org/wiki/International_Business_Machines </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වෙළද ලකුණු [/INST] වෙළද ලකුණු වෙළද ලකුණක වැදගත්කම • එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හදුනා ගැනිම • භාණ්ඩවල ගුණාත්මක භාවය වෙළද ප්‍රචාරක කටයුතු වලදි යොදා ගැනිම • නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනිම • භාණ්ඩ ප්‍රදර්ශනවලදි හා වෙළද ප්‍රචාරන වලදි භාවිතා කිරිම • නව නිෂ්පාදන වෙළදපලට හදුන්වාදීමේ දී යොදා ගැනිම වෙළද නාම භාණ්ඩ සහ සේවා අනිත් තරගකාරී සැපයුම්කරැවන්ගෙන් වෙන්කර හදුනාගත හැකි නමක් පදයක්. නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළදනාමයක් විය හැක. වෙළද නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබද පාරිභෝගිකයන්ගේ පළපුරැද්දයි. භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළද කටයුත්තක් සමූහ වෙළද නාම තරණය (Co – Branding) ලෙස හදුන්වයි. මිල නියම කිරිම භාන්ඩයක් සදහා හුවමාරැවන මුදල් ප්‍රමාණය තීරනය කිරිම මිල නියම කිරිම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයේගීතාව සහ/හෝ පාරිභෝගිකයා භාණ්ඩයවෙනුවෙන් කැප කිරිමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි. අරමුණු • විකුණුම් ප්‍රමාණය වැඩි කිරිම • අදාායම වැඩි කිරිම • ලාභ ඉපයීම හෝ වැඩි කිරිම • වෙළද පල කොටස් වැඩි කිරිම හෝ පවත්වා ගැනිම • තරගකාරි බව නැති කිරිම • මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනිම මිල තීරණය කිරීමේ දී බලපාන සාධක • නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර • දැනට ඇති ආදේශන භාණ්ඩ • සාමාන්‍ය වෙළද පුරැදු • ස්ථිර මිල • බෙදාහරින්න‍න්ගේ ප්‍රතිචාර • පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර • ඉල්ලුමේ ස්වාභාවය නම්‍යතාවය අනම්‍යතාවය වෙළද‍පළ ආකෘතිය • සම්පූර්ණ තරඟය • ඒකාධිකාරී තරඟය • ඒකාධිකාරී • කතිපයාධිකාරී • දර්ශනය මිල තීරණය කිරිම් පියවර • අල්ලාගතයුතු වෙළදපළ කොටස තීරනය කිරීම • මිල තීරණය කිරිමේ ක්‍රම උපායන් සෑදීම • ඉල්ලුම තක්සේරැ කිරිම • තරගකරැවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරිම </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Kithsirimewan Raja maha viharaya [/INST] පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය සිංහලද්වීපයෙහි සකල කලාවන්ගෙන් පිරිපුන් සුරපුරයක් බඳු වූ බස්නාහිර පළාත්බද රයිගම් පුරවරයට මහත් බෞද්ධාලෝකයක් ගෙන දෙන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය හැඳින්විය හැකි ය. ව්‍යවහාර වර්ෂයෙන් තෙවන සිව්වන ශත වර්ෂයන් දක්වා දිවයන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය කිත්සිරිමෙවන් රාජ්‍ය යුගයට අයත් ශිලා ලිපියකින්ද, විවිධ රාජ්‍ය යුගයන්ට අයත් නටබුන් රාශියකින්ද සමන්විත ය.මෙහි වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන්නේ පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය, පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරය, මාකිලංගමුව පූර්වාරාමය, නාරගල ගංගාරාමය යන සිව්මහා විහාරාධිපති, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පරිවේණාධ්‍යක්ෂ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්මවාගාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී ගොඩගම රතනපාල වනරතනාභිධාන රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේයි. වර්තමානයේ වග විමලරතන හිමි කිත්සිරිමෙවන් රාජමහා විහාරයේ භාරකාරීත්වය දරයි. පිහිටීම බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම් කෝරළයට අයත් හොරණ පොකුණුවිට නම් ග්‍රාමයෙහි පිහිටා ඇති මෙම විහාරය ඓතිහාසික බවින් මෙන්ම රමණීය වූ පරිසරයකින් යුතු සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානයට පිවිසීමේදී තැනිතලා බිමක් හමු වුවද විහාර මන්දිර, ස්ථූපය, බෝමළුව ආදී විහාරාංග පිහිටා ඇත්තේ අඩි 50 ක් තරම් උස් වූ ගල් තලාවක් මතය. ඊට පිටුපසට වන්නට ඇති වන පෙත විහාරස්ථානයට ගෙන එන්නේ මනරම් දසුනකි. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 07 ක් පමණ වේ. වර්තමානයේ කිත්සිරිමෙවන් රාජමහා විහාරය නමින් පැවසුවද මීට වසර 10 කට පමණ ඉහතදී පවසා ඇත්තේ කොණ්ඩඤ්ඤාරාමය ලෙසයි. එසේම වර්තමානයේ ගලේ පන්සල යන නමද ව්‍යවහාර කෙරේ. පිවිසිය හැකි මග රත්නපුර පානදුර මාර්ගය (මාර්ග අංක 450) හා හොරණ කොළඹ මාර්ගය (මාර්ග අංක 120) මුණ ගැසෙන ස්ථානය පොකුණුවිට මංසන්ධියයි. හොරණ සිට මෙම විහාරස්ථානයට පිවිසෙන්නේ නම් 2 ½  km ක් පමණ පැමිණි විට මුණ ගැසෙන පොකුණුවිට මංසන්ධියෙන් වමට හැරී වැළිිකල මාර්ගයේ 50 m ක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට පිවිසිය හැක. පොකුණුවිට ග්‍රාමය පිළිබද ජනප්‍රවාද මෙම විහාරස්ථානය පිහිටි පොකුණුවිට ග්‍රාමයට ‘’පොකුණුවිට’’ යන නම නිර්මාණය වීම සම්බන්ධව ජනප්‍රවාද කිහිපයක් පවතී. ඉන් එකක් ලෙස “පොකුණු+අවට’’ යන්නෙන් “පොකුණුවිට’’ යන නම සකස් වීය යන ජනප්‍රවාදය දැක්විය හැකිය. එම ජනප්‍රවාදය ඇති වීමට හේතුව විහාර භූමිය හා ඒ අවට ප්‍රදේශය තුළ විසිරී පැතිරී ඇති පොකුණු සමූහය නිසා විය හැකිය. ඓතිහාසික පසුබිම පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය යනු ලක්දිව ඉතිහාස කතාන්දරයෙහි වැදගත් පිටුවක් පෙරළුෑ රයිගම් පුරවරයෙහි පිහිටි වටිනා පුද බිමකි. කෝට්ටේ යුගයේ රයිගම් බණ්ඩාර රජ දවස ඉතා සශ්‍රීකව දියුණු තත්වයේ පැවති මෙම රයිගම් පුරවරයෙහි රජුන් හා මැති ඇමතීන් විසින් කරවන ලද වෙහෙර විහාර රාශියක් දක්නට ලැබේ. එසේම මෙම පොකුණුවිට  රාජමහා විහාරය පිහිටි රයිගම් පුරවරය වසර 35 000 කට වඩා පැරණි වූ මානව ඉතිහාසයකට උරුමකම් කියයි. එසේම විවිධ රාජ්‍ය යුගයන්ට නෑකම් කියන යම් යම්  ඓතිහාසික කාරණා සහ පුරාවිද්‍යාත්මක නටබුන් මෙම විහාරස්ථානය සතුව පවතී. ඒ අතර, ·       ශිලා ලේඛනය (වසර 1700 කට වඩා පැරණි) ·       ඉපැරණි විහාර මන්දිරය ·       බෝ මළුව ·       ස්ථූපය ·       පොහොය සීමා මන්දිරය ·       ආවාස ගෘහය ශිලා ලේඛනය මෙය කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301-328) රජුගේ අමාත්‍යවරයෙකු වූ සිවයගේ පුත් දේව විසින් ක්‍රි.ව. 04 වන සියවසේ දී කරවන ලද්දකි. එහි අර්ථය මෙසේය. “සිරි මේඝවර්ණ අභය මහ රජතුමා අභිෂේක ලද දසවන වර්ෂයෙහි ශ්‍රී මේඝවර්ණ අභය රජුගේ අමාත්‍ය සිවගේ පුත් දේවගේ ආස්ථානයෙහි තමාගේ පියා සතු කොටසද රබගම කර්ණිකාවේ (ප්‍රදේශයේ) පචරිය විහාරයට දෙන ලදී.” පැරණි විහාර මන්දිරය මෙම විහාරගෙයි ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා හා සිතුවම් පරීක්ෂා කිරීමේදී නුවර යුගයේ අග භාගයට අයත් ලක්ෂණ දැකගත හැකි ය. පිළිම ගෙයට ඇතුළුවන දොරටුවට ඉහළින් හා දෙපසින් බිත්තියෙහි ඉතා රමණීය වූ මකර තොරණකි. පිළිම ගෙයට පිවිසුණ විට බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රධානව විෂ්ණු හා සමන් දේව ප්‍රතිමා හා සැරියුත් මුගලන් දෙනම වහන්සේගේ ප්‍රතිමා දැකගත හැකි ය. පිළිම ගෙයින් පිටත බිත්ති තීරු වලට බෙදා එහි ඉහළින් විහාරය වටා සූවිසි විවරණය සිතුවම් කර ඇති අතර පහතින් සිතුවම් කර ඇත්තේ තේලපත්ත ජාතක කතා වස්තුවයි. ජේතවන විහාරය ශෛලම වූ ස්ථම්භ මත මෙම විහාර ගෙයි ඉදිකිරීම් සිදුකර ඇති අතර විහාරය අභ්‍යන්තරයෙහි වඩා හිදුවා ඇත්තේ රන් ආලේපිත ශෛලම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙය මෙගම විසූ මතෙස් නයිදේ හෙවත් මත්තො නයිදෙ ගල්වඩු රාළගේ නිර්මාණයකි. පිරිනිවන් මඤ්චකය සහිත මහා විහාරය මෙම විහාර මන්දිරයෙහි ඉදිකරවා ඇති පිරිනිවන් මඤ්චකය සහිත වූ දහ අට රියන් ප්‍රතිමාව, ශෛලම ප්‍රතිමාවක් වූ නමුත් වර්තමානයේ මෙහි වර්ණාලේප කර තිබේ. පොහොය සීමා මන්දිරය මෙම පොහොය සීමා මන්දිරය වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් මෙරටට උපසම්පදාව නැවත වැඩම වීමෙන් පසු බස්නාහිර පළාතේ ඉදි කළ ප්‍රථම පොහොය සීමා මන්දිරය ලෙස සැලකේ. කිසිදා නොසිඳ‍ෙන දිය පොකුණ ශෛලමය වූ පිරිනිවන් මඤ්චකය සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින මහා විහාරය, ජේතවන විහාරය හා දාගැබ පිහිටි ඉහළ මළුවට පිවිසෙන පියගැට පෙළට සමීපව ස්වාභාවික ගලෙහි පිහිටා ඇති දිය පොකුණයි. මෙහි ගැඹුර පිළිබදව  කිසිවෙකුට වැටහීමක් නැති අතර නියං සමයකදී වුව නොසිඳ‍ෙන බව විශ්වාස කරයි. මෙම පොකුණ හා සම්බන්ධ ජනප්‍රවාදයක් පවතී. එනම් මෙම පොකුණේ සිට රයිගම, පතහවත්ත රාජමහා විහාරයේ ඇති පොකුණ වෙත සම්බන්ධ වූ උමගක් පවතින බවයි. එය තහවුරු කර ගැනීමට හැකි වී තිබෙන්නේ මෙහි විසූ ආඳ‍ෙකු (eel) නිසාවෙනි. එම ආඳා අල්ලා ගෙන කඩුක්කමක් පළන්දා ඇති අතර එවිට එම කඩුක්කම සහිත ආඳා මේ ස්ථාන දෙකෙහිදීම දැක ගැනීමට හැකි වී ඇත. කෙසේ වෙතත් අද වන විට එම ආඳා දැක ගත නොහැකි ය. ආවාස ගෙය විහාරස්ථාන භූමියට පිවිසෙන විට ප්‍රථමයෙන්ම දැකගත හැක්කේ විහාරස්ථ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිකර ඇති ආවාස ගෘහයයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම ආවාස ගෘහයට පිවිසෙන දොරටුවෙහි සඳකඩ පහනකි. ආලින්දයක් සහිත වූ ඉදිරිපස කොටුවෙහි කෙටි බිත්තියකට සවිකර ඇති ගල් කණු‍වෙහි මෙය ශ්‍රී බු. ව. 2440 දී ඉදිකර ඇති බව සඳහන්ය. මීට ඉහත දී මෙම ආවාස ගෘහයට සමීපයෙන්  දාන ශාලාවක් තිබී ඇති අතර වර්තමානය වන විට එහි නටබුන් හෝ දැකගත නොහැකි ය. ධර්ම ශාලාව සාමාන්‍ය ප්‍රමාණයේ හා ඉතා විශාල වූ ගල් කණු භාවිත කරමින් ගාම්භීර පෙනුමක් ඇති වන ලෙසට ඉදිකර ඇති මෙම ධර්මශාලා මන්දිරය ඉදිකිරීමේදී ගල් කණු 76 ක් පමණ යොදා ගෙන ඇති අතර එම සෑම කණුවකම දායකත්වය ලබා දුන් අයගේ නමද සඳහන් ව ඇත. විහාරස්ථානය මගින් ශ්‍රී රේවත දහම් පාසල පවත්වාගෙන යන අතර මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති, කෝකිලායි සිංහල මහා විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් එහි ප්‍රධානාචාර්ය ධූරය හොබවයි. දෙරණ නාලිකාව තුළින් විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් පටිගත කිරීමට ද මෙම විහාරස්ථානය යොදා ගෙන ඇත. මෙවන් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ඓතිහාසික වටිනාකම නූතන පරපුර දැන අවබෝධ කරගෙන තිබීම ඉතා වැදගත් ය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ [/INST] මාතංගේශ්වර දේවාලය (හෙවත් මාතංගේශ්වර මන්දිරය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි ශිව දේවාලයකි. මෙය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහයේ ය. ඛජුරාහෝවේ පිහිටි චන්දේල යුගයට අයත් ස්මාරක අතුරින් වර්තමානයේ ද ක්‍රියාකාරීව පවතින, වන්දනාමාන කටයුතු සඳහා භාවිතා වන එකම හින්දු දේවාලය මෙයයි. ඉතිහාසය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් මාතංගේශ්වර දේවාලය ක්‍රි.ව. 900-925 පමණ කාලයට අයත් යැයි යෝජනා කොට ඇත. එයට හේතුව ඛජුරාහෝවේ පසුකාලීන දේවාල මෙන් නොව මෙහි සැලැස්ම ඉතා චාම් ස්වභාවයක් ගැනීමයි. කෙසේනමුත්, විද්වතකු වන රානා පී. බී. සිං විසින් මෙය ක්‍රි.ව. 1000 අවට කාලයට අයත් යැයි සඳහන් කොට ඇත. මෙම දේවාලය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත. පුරාණෝක්ති වාර්තා අනුව මාතාංග නැමැති තාපසයකු ලිංගයක් ස්වරූපයෙන් පෙනී සිට ප්‍රේමයේ දේවතාවා පාලනය කළේ ය. ඔහුගේ ආශ්‍රම ඛජුරාහෝ, කේදාර්නාත්, වාරානාසි සහ ගයාවේ පිහිටා ඇත. මේවා වර්තමානයේ සිව් මාතංගේශ්වර ("මාතාංගට අධිපති") දේවාල බිම් ලෙස සැලකේ. වෙනත් වාර්තාවක් අනුව කියැවෙන්නේ මෙම‍ දේවාලය නම් කෙරුණේ ප්‍රේමයට අධිපති දෙවියන්ව පාලනය කළ ශිවගේ ස්වරූපයක් අනුව බවයි. කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය මාතංගේශ්වර දේවාලය එහි බිම් සැලැස්ම සහ ආකෘතිය අතින් බ්‍රහ්ම‍ දේවාලයේම ප්‍රමාණයෙන් විශාල ප්‍රභේදයක් වැනි ය. මෙහි බිම් සැලැස්ම සමචතුරස්‍රාකාර හැඩැති ය. මෙම දේවාලය තුළ මීටර 2.5ක් උසැති ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. මෙම ලිංගය පිහිටුවා ඇති පාදක මණ්ඩපයේ උස මීටර 1.2ක් වන අතර, එහි විෂ්කම්භය මීටර 7.6කි. මෙම ලිංගයේ නගරි සහ පර්සියානු අභිලේඛන දැකගත හැකි ය. මාතංගේශ්වර දේවාලය ඛජුරාහෝවේ පිහිටි වැලිගල් පාෂාණයෙන් නිම කළ දේවාල අතුරින් වඩාත්ම චාම් සේ පෙනෙන දේවාලය වේ. මෙය අතිශයින් කැටයම්වලින් අලංකාර කොට නැත. දේවාලයේ ඇතුළත බිත්ති, පිටත බිත්ති සහ වක්‍රරේඛීය කුළුණ කැටයම්වලින් තොර ය. මෙහි සිවිලිම තුළ මූලික ලියවැල් රටා සහිත ශිඛර දක්නට ලැබේ. වර්තමාන භාවිතය ඛජුරාහෝවේ හින්දු දේවාල අතුරින් තවමත් සක්‍රීයව වන්දනාමානයට පාත්‍ර වන එකම දේවාල භූමිය මාතංගේශ්වර දේවාලයයි. ශිවරාත්‍රී දිනය ආසන්නයේ පෙබරවාරියෙහි හෝ මාර්තු මාසයෙහි ශිවගේ විවාහ මංගල්‍යය සැමරීම වෙනුවෙන් දින තුනික් යුත් විශේෂ උත්සවයක් සංවිධානය කෙරේ. මෙයට ජනයා 25,000ක් පමණ සහභාගී වේ. මෙම මංගල්‍යයේ දී ශිව ලිංගය ජලයෙන් ‍‍නහවා මිනිස් මනමාලයකු මෙන් වස්ත්‍රාභරණවලින් එය සැරසවීම සිදු කෙරේ. ආශ්‍රේයයන් ග්‍රන්ථාවලිය ඛජුරාහෝවේ හින්දු දේවාල මධ්‍ය ප්‍රදේශ්හි ශිව දේවාල 11වන සියවසේ හින්දු දේවාල ඉන්දියාවේ වැලිගල් ගොඩනැගිලි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: -වෙනත්- [/INST] රත්නජීවන් හූල්.. අාණ්ඩු පක්ෂ යයි කියා ගන්නා අයගේ විග්‍රහය 2020 දී 1952 සැප්තැම්බර් 15 උපත ලබන රත්නජීවන් හූල් හෙවත් ජීවන් හූල් යනු කවුද..? මොහු 1975 දි විද්‍යූත් ඉංජිනේරුවෙකු ලෙස කටුබැද්ද විශ්වවිද්‍යාල යෙන් එළියට එනවා. ඉන්පසුව ඔහු සිංගප්පූරුවට යනවා. ඔහු 1980 දශකයෙ නයිජීරීයාවෙ බහු තාක්ෂණික ආයතනයක ( Polytechnic ) ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. ඔහු එහි සිටියදි LTTE සංවිධානයට අරමුදල් එකතු කරන ක්‍රියාකාරිකයෙක් ලෙස වැඩ කරනවා. ලංකාවෙ දෙමළ ගුරුවරුන්ට නයිජීරියාවේ රැකියා ලබා දීලා විශාල ලෙස කප්පම් එකතු කරනවා. එම එකතු කරන මුදල් ලංකාවෙ දෙමළ ජාතිකයෙකුට අයත් පෞද්ගලික ජෙට් යානයක දෙමළ ගුවන් නියමුවෙකු මාර්ගයෙන් ලංකාවට එවනවා. ඉන්පසුව හූල් නයිජීරීයාවෙන් කැනඩාවට එනවා. නයිජීරියාවෙන් කැනඩාවට ඇවිත් කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තය රටින් වෙන්වීමට කරන අරගලයට උදව් කරනවා. ඉන් පස්සේ USA ගිහින් ලොකු කොටි ව්‍යාපාරිකයෙක් වෙන රාජරත්නම් සමග සම්බන්ධකම් පැවැත් වු බවට සැක කරනවා. 1999 දි ලංකාවට පැමිණ ඔහු රුහුණු විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. 1999 දෙසැම්බර් සිට 2003 දක්වා මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2003 සිට 2006 දක්වා මොහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ වැඩ කරනවා. ඒ කාලය අතර තුර අයථා පත්කිරීම් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වෙනවා 2006 දි මොහු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කරනවා. ඔහු හින්දු ආගමිකයෙකු නොවන ඇන්ග්ලිකන් ආගමිකයෙකු නිසා යාපනය විශ්වවිද්‍යාලය තුළ මොහුට විරුද්ධව විරෝධයක් ඇති වෙනවා. මොහු එය LTTE විරෝධතාවක් ලෙස ලෝකයට පෙන්නනවා. ඉන්පසුව මොහු මිචිගන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කරනවා. 2010 නැවත ලංකාවට පැමිණෙන මොහුව 2011 දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නැවත යාපනය උපකුලපති ලෙස පත් කරනවා. මේ පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය විධායක බලතල යොදා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට වසන්ති අර්සරත්නම්ව පත් කරනවා. මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීමත් සමග හූල්ගෙ රාජපක්ෂ විරෝධය දැඩි වෙනවා. 2015 යහපාලන රජය ඇවිත් මැතිවරණ කොමිසමක් ගේනවා. මේ අන පනත් සැකසීමෙ පිටුපස සිටි මහමොලකරුවන් තමයි සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්නලා. ( ජයම්පති වික්‍රමරත්න දැන් ඇමරිකාවේ) මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් තූන් දෙනයි. රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවෙ සිටින ලොකුම රාජ්‍ය නොවන සංවිධායෙක් වන පාක්‍යසෝති සරවනමුත්තු සහ සුමන්තිරන්ගෙ බලපෑම් මත ඒ සඳහා කිසිඳු සුදුසුකමක් නැති විද්‍යූත් ඉංජිනේරුවෙකු වන රත්නජීවන් හූල්ව පත් කරනවා. මොහුව හඳුන්වන්නෙ " Hidden master brain of LTTE " එනම් " LTTE සැඟවුනු මහ මොලය " ලෙසයි. මොහු ඇමරිකානු පුරවැසියෙක්. මේ ඉතිහාසය දන්නෙ කිහිපදෙනා යි. එයින් කිහිප දෙනෙක් අදත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් මේ කරුණු ජනතාව ඉදිරියට ගෙන ඒමට සූදානම්. මේ එහි පලමු වෙඩි මුරය යි. මෙවැනි පුද්ගලයන් සිටින ස්වාධින මැතිවරණ කොමිසම ඔබ තවදුරටත් විශ්වාස කරනවාද? විරුද්ධ පක්ෂය යයි කියා ගන්නා අයගේ විග්‍රය 2020 දී ඇතැමුන්ගේ වෛරයට පාත්‍ර වූ මහාචාර්ය රත්නජීවන් හූල් කවුද? යුද්ධය සමයේ යාපනයේ සැබෑ ජන ජීවිතය, LTTE ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කර The Broken Palmyra ග්‍රන්ථයේ ප්‍රධාන කර්තෘ වූයේ ඔහු ගේ සොහොයුරු රාජන් හූල්ය. (එහි සම කතෘවරියක වූ වෛද්‍ය රාජිනී තිරාණගම මහත්මියව පොත නිකුත් කොට සති කිහිපයකින්, 1989 සැප්තැම්බර් 21, යාපනයේදී LTTE විසින් වෙඩි තබා මරා දමන ලදී. මෙම පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන ලද්දේ රත්නජීවන් හූල් විසින්ය). LTTE ම්ලේච්ඡත්වයට එරෙහිව පෙනී සිටීම වෙනුවෙන් තමන්ටත් තම පවුලේ උදවියටත් විඳින්නට සිදුවූ අනේක ගැහැට ගැන ඔහු අප සමග නිතර පවසා තිබේ. අවසානයේ දී ඔහුට ඉතිරි වූ එකම විකල්පය වූයේ තම රැකියාව ඉඩකඩම් සියල්ල අතහැර තමාගෙත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත බේරා ගැනීම සඳහා රටින් පැන යෑමටය. ත්‍රස්තවාදයේ අත්දැකීම් පිළිබඳ ඔහු අප සමග පැවසුවේ "සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා තුළම "ත්‍රස්තවාදියෙකු" සිටීමට ඉඩ ඇත. එය මුලින්ම මතු වන්නේ තමාගේ ජාතියේ කෙනා කරන වැරදි ක්‍රියා විවේචනය කිරීමට මැලි වීමෙන් හෝ ඒවා අනුමත කිරීමෙනි" යනුවෙනි. සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් උපත ලැබුවේ වේයන්ගොඩය. ඒ 1952 සැප්තැම්බර් 15 දිනය. හූල් ගේ පියා එවකට ලංකා සභාවේ වේයන්ගොඩ මීසම භාරව සිටි පියතුමා විය. 1956 හඳුන්වාදුන් ස්වභාෂා ප්‍රතිපත්තිය ලංකා සභාවටද බලපෑවේය. හූල් දේවගැතිතුමාට සිංහල භාෂාව කතා කළ හැකි මුත් කියවිය නොහැකි වූ නිසා ඔහුට නල්ලූර් දේවස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණි. රත්නජීවන් අධ්‍යාපනය ලැබුවේ යාපනය ශාන්ත ජෝන් විදුහලේය. 1970 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. 1970 පත්වුණු සමගි පෙරමුණු රජය හදුන්වා දුන් ප්‍රමිතිකරණ ක්‍රමයේ (standardization) වින්දිතයකු බවට පත් වන රත්නජීවන්ට ටික දිනකින් කටුබැද්ද තාක්ෂණ විද්‍යායතනයට (Ceylon College of Technology) මාරු වීමට සිදු විය. 1975 දී ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද ඉංජිනේරු පීඨයෙන් BSc (විදුලි ඉංජිනේරු) උපාධියක් ලබා ගත්තේය. ටික කාලයක් ඉංජිනේරු පීඨයේ උපදේශක තනතුරක් දරන හූල් 1976දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙයි. හූල් - විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස 1977 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් MSc උපාධිය ලබා ගන්නා හූල් 1983 දී පෙන්සිල්වේනියාවේ Carnegie Mellon විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නේ මාස 19 වැනි කෙටි කාලයකදීය. 1993 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය හූල් හට D.Sc. පශ්චාත් ආචාර්ය උපාධියක් ලබාදෙන්නේ ඔහුගේ පර්යේෂණ ප්‍රකාශන වල උසස් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ලෝකප්‍රකට ආයතනයක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Institute of Electrical and Electronic Engineers හි පූර්ණ සාමාජිකත්වය හූල්ට ලබාදෙන අතර ඔහු ඒ වරප්‍රසාදය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ. 1997 දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන හූල් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (Institute for Fundamental Studies) කථිකාචාර්යවරයකු වශයෙන් කලක් කටයුතු කළේය. ඉන්පසු යුනෙස්කෝ ආයතනයට සම්බන්ධවී නැවත විදේශගත වන ඔහු ආපසු පෙරළා මව් රටට පැමිණෙන්න 1999 දීය. ඉන්පසු මුලින් රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන ඔහු 1999 දෙසැම්බරයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු ලෙස පත් වෙන අතර 2003 දී එහි මහාචාර්ය තනතුරට උසස් වෙයි. ⚫️හුල් ගේ පළමු පලා යෑම 2006 වසරේදී යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරට හූල්ව පත් කෙරෙන අතර LTTEය ඔහුගේ පත් වීමට මුල සිටම විරුද්ධ විය. ඒ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් LTTEයට විරුද්ධව දෑරූ ස්ථාවරය නිසාය. LTTEයේ බලපෑමට හූල් යටත් නොවන අතර, ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් මරණ තර්ජන එල්ල වෙන්නට විය. ඒ වන විට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුයුක්තව කටයුතු කළ මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍රනාත් මහතාව LTTE විසින් ඝාතනය කරනු ලබයි. මේ හූල් පවුලට දැඩි පීඩනයක් ඇති කරයි. ජීවිත තර්ජනය හමුවේ ඔවුන් රට හැර පලා යන්නේ 2006 අප්‍රේල් දීය. ⚫️හූල් ගේ දෙවැනි පලා යෑම යුද්ධය අවසන් වීමෙන් පසු හූල් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2010 දීය. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයක් පිහිටු වීම සදහා රජයෙන් ලැබෙන ආරාධනාවක් සමඟය. යාපනයේ පදිංචියට සිය පවුල සමග යන හූල් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන අතරම Sunday Leader පුවත්පතටද ලිපි සැපයුවේය. 2011 පලාත් පාලන මැතිවරණයේදී කයිට්ස්හී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ලිපි පලකිරීම සම්බන්ධයෙන් ඇමති ඩග්ලස් දේවානන්ද ඔහු සමග උරණ වන අතර, ඔහුට විරුද්ධව නීතිමය කටයුතු අරඹයි. හූල් අසරණ වන අතර ඔහුගේ නීතිඥයන් ගේ උපදෙස් පරිදි ඔහු නැවත රට හැර පලා යයි. ⚫️හූල් ගේ වර්තමාන භූමිකාව 2015 අගොස්තුවේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන හූල්ව නොවැම්බරයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත්කරනු ලැබේ. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) නියෝජිතයා වශයෙනි. හූල් ස්වභාවයෙන්ම නිදහස් මතධාරියෙකි. තමාගේ හෘද සාක්ෂියට අනුව තමා හරි යයි සිතුන දේ වෙනුවෙන් ජීවිත තර්ජන මැද පවා පෙනී සිටි අයෙකි. කොරෝනා වසංගතය හමුවේ ඔහුගේ භාවිතාව පිළිබඳව දැන් යම් ආන්දෝලනත්මක තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ ඇමරිකාවේ සිටි පැමිණි තම දුවගේ නිරෝධායන තත්ත්වයක් පිළිබඳවය. හූල් දියනිය පූර්ණ නිරෝධායනයට පත් නොවී තම පියා ගේ බලතල පාවිච්චි කොට ඉන් ඉවත් වූ බවට ඇතැම් මාධ්‍ය කරන චෝදනා අප අසා ඇත. මේ සම්බන්ධව මහාචාර්ය හූල් මහතා පැවසුවේ දින 14 ක පූර්ණ නිරෝධායනයකින් පසු ඒ පිළිබඳව සහතිකයක් තම දුවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වෛද්‍ය අනිල් ජාසිංහ ගේ අත්සනින් ලබා දී ඇති බවය. තම ජීවිත කාලයෙන් වැඩි කලක් LTTE යේ අනෙකවිධ එදිරිවාදිකම් වලට මුහුණ දී හෙම්බත් වී සිටින හූල් මහතාට දැන් දැන් රටේ ප්‍රසිද්ධ මාධ්‍යයේ එදිරිවාදිකම් වලටද මුහුණ දෙන්නට සිදුවී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. ඒ පිළිබඳව ඔහු පැවසුවේ, "තොරතුරු දිහා බුද්ධිමත්ව බලන්න. බුද්ධිමත්ව භාරගන්න. ඒවා ඉතා අසත්‍ය විය හැකියි. කිමද, ඒවා කවුරුන් විසින් හෝ මෙහෙයවිය හැකියි". මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හැටියට ජනතාවට ඔහුගේ අවසාන පණිවුඩය වූයේ "ඡන්දය ප්‍රකාශ කිරීමේදී බුද්ධිමත්ව සිතන්න" යන්නයි. " </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අ [/INST] උප තැපැල් කාර්යාල - ශ්‍රී ලංකා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 2022 වි20 ලෝක කුසලාන සංචිතය [/INST] 2022 අයිසීසී පිරිමි වි20 ලෝක කුසලානය අටවන අයිසීසී පිරිමි වි20 ලෝක කුසලාන තරඟාවලියයි. 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැලසුම් කර ඇත. සෑම කණ්ඩායමක්ම 2022 ඔක්තෝබර් 10 ට පෙර ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගන්නා ලදී. තරඟාවලියේ ආරම්භක දිනය වන 2022 ඔක්තෝබර් 16 වන දිනට ක්‍රීඩකයාගේ වයස සහ ක්‍රීඩකයෙකු විස්සයි 20 ක්‍රිකට් වල කණ්ඩායම් එකකට වඩා ක්‍රීඩා කළ විට, ඔවුන්ගේ දේශීය කණ්ඩායම පමණක් ලැයිස්තුගත කර ඇත. (උදාහරණයක් ලෙස: එකල ජොස් බට්ලර් ලැන්කෂයර් ලයිට්නින් වෙනුවෙන් ක්‍රීඩා කළේය.) යොමු කිරීම් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පාලනය කිරිමක් සහිත ගිනි තැබිම [/INST] නියම කරන ලද හෝ පාලනය කිරිමක් සහිත ගිනි තැබ්ම් ( back burning or swailing ) සමහර අවස්ථාවල දී වන කලමණාකරනය, ගොවිතැන, ගස් නැති තණකොළ වලින් වැසුනු තැනිතලාවන් නැවත ඇති කිරීම හෝ හරිතාගාර වායු පිටවීම වැළැක්වීම සදහා යොදා ගන්නා ක්‍රමයකි. ගින්න යනු වනාන්තර හා තණබිම් පරිසර විද්‍යාවේ ස්වභාවික කොටස් වන අතර වන නිලධාරීන් පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් මෙවලමක් ලෙස යොදා ගනී. පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් ඇතැම් යෝග්‍ය, රැ අපට අවශ්‍ය කරන වන ශාක පැලවිම උද්දීපනය කරන අතර එමගින් වනාන්තර නැවත අළුත් වීමක් සිදුවේ. සික්වෝයා වැනි ඇතැමි බීජ ඒවායේ බීජ ආවරණය ඉවත් නොවී ගින්නකට අසුවන තුරු සුප්තව පවතී. කාර්මික රටවල්වල පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් සම්බන්ධයෙන් නීතී හා බලපත්‍ර නිකුත් කිරීමට බලය පැවරී ඇත්තේ ගිනි ගැනීම් පාලන අධිකාරීන්වලට ය. බලයලත් පාර්ශ්වය විසින් ගිනිගැනීම් ඇතිවිය හැකි යැයි බලාපොරොත්තු වන කාලය හා ස්ථානය වචනයෙන් හෝ සටහනකින් ඉදිරිපත් කළ යුතුය. ගිනිගැනීමක් පාලනයෙන් තොරව සිදුවන අවස්ථාවක බලපත්‍රයක් ලබාගෙන තිබීම වගකීම සීමා කිරීමක් නොවේ. Reference http://en.wikipedia.org/wiki/Controlled_burn </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කණදරා වැව [/INST] කණදරා වැව, ශ්‍රී ලංකාවේ පිහිටි වැව කි. මූලාශ්‍ර ආශ්‍රිත මහාසේන රජ වැව් මහසෙන් රජ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පුනරාවර්තන අධ්‍යාපනය [/INST] අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හඳුන්වනු ලබන පුනරාවර්තන අධ්‍යාපනය (Recurrent Educational) අධ්‍යාපනයෙහිලා විසිවැනි සියවසේ මතුවුණු පළමුවැනි නව අදහස වශයෙන් ඇතැම්හු සලකති. ඉතිහාසය ස්වීඩනයේ අධ්‍යාපන ඇමතිව සිටි ඕලො‍ෆ් පාම්(Olof Palm) විසින් 1968 දී ආර්ථික සහයෝගතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (Organization for Economic Co-Operation and Development) ඉදිරියේ පවත්වන ලද දේශනයකින් පසු වර්තමාන අධ්‍යාපනය සඳහා වූ විකල්පයක් වශයෙන් පුනරාවර්තන අධ්‍යාපනය ප්‍රචලිත වී ඇත.පුනරාවර්තන අධ්‍යාපනය යාවජීව අධ්‍යාපනයට වඩා නවතම සංකල්පයකි.අනාගත ලෝක සඳහා වූ අධ්‍යාපනය එය යැයිද කියවේ.පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය අනුව පුද්ගලයා ජීවිත කාලයේ විවිධ අවස්ථාවල වරින්වර අධ්‍යාපනය ලබමින්ද, රැකියාවල නිරතවෙමිකන්ද ජීවිත කාර්යයන් කාර්යක්‍ෂම කරගනී. පුනරාවර්තන අධ්‍යාපනයේ වාසි පුනරාවර්තන අධ්‍යාපනය මගින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පවත්නා ඇතැම් අර්බුදයන් විසඳීමට හැකිවේ.නිදසුනක් වශයෙන් පුනරාවර්තන අධ්‍යාපනය මගින් පශ්චාත් ද්විතිය අධ්‍යාපනයට ඇතුළු වීමට අපේක්‍ෂා කරන්නන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු විය හැකිය.මන්දයත් ඔවුන් ඉගෙනීම සඳහා කැපවී බලාසිටිනු වෙනුවට රැකියාවක යෙදී සිට පසුව ඉගෙනීමකරා ආපසු පැමිණීමේ අවස්ථා ඔවුනට උදාවන හෙයිනි.එමෙන්ම පුනරාවර්තන අධ්‍යාපනය මගින් පුද්ගලයාට ජීවිත කාලය තිස්සේම ක්‍රමානුකූලව වරින්වර අධ්‍යාපනයට පිවිසීමට හැකිවේ.මේ නිසා "පරම්පරා පරතරය" යන භේදය අඩුවේ.යල්පැන ගිය දැනුමට සීමාවී පාෂාණිභූතවීම වැලකේ.බාල පරම්පරාවත්, තරුණ පරම්පරාවත්, වැඩිහිටි පරම්පරාවත් අතර අධ්‍යාපනය සඳහා යොදනු ලබන සම්පත් වඩා සාධාරණ ලෙස බෙදී යනු ඇත.පුද්ගලයකුගේ ජිවිතකාල චක්‍රයෙන් 3/4 වැඩිහිටි වියට අයත්වෙනවානම් ඒ කාලය තුළද ඔහුට අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබේ. වර්තමානයේ පවත්නා පරිදි,ද්විතීය අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු කීපයක්ම සමාජ අත්දැකීම්,සමාජ සංඝට්ටනයෙන් තොරව ඉැගන ගන්නාවිට පුද්ගලයා සමාජයට ආගන්තුකවේ.එහෙත් පුනරාවර්තන අධ්‍යාපනය මගින් ජීවිතය නමැති තක්සලාවේ පරිචයක් ලබයි. වර්තමානයේ" අධ්‍යාපනය" කියූ පමණින් හැඟවෙන ක්‍රියාකාරකම් වලින් බොහෝදුරට ඈත්වූ හා වෙන්වූ මනෝලන්තයක සිට ඉගෙනීම ඉවත්වී පුනරාවර්තන අධ්‍යාපනය මගින් අධ්‍යාපනය ව්‍යවහාරයට පත්වේ. ව්‍යාප්තිය සාම්ප්‍රදායික අධ්‍යාපන ආකෘතියෙන් නව මංපෙත් බලා යන මෙම ක්‍රමය 1970 ගණන්වල ස්වීඩනය,නෝර්වේ සහ ප්‍රංශය යන රටවල ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන අතරඑක්තරාප්‍රමාණයකින් දැනටක්‍රියාත්මකවේ.ජර්මනියේ එය ක්‍රියාත්මක වන්නේ දිළිඳු හා කම්කරු පන්ති ජනතාව සඳහාය. පුනරාවර්තන අධ්‍යාපනය මගින් නූතන සමාජය තුළ මිනිසාට ඉදිරිපත් වන විවිධ සංකීර්ණ .ගැටළුවලට සහ අනෙකුත් අභියෝගයන්ට සාර්ථක අන්දමින් මුහුණදීමට හැකියාව ලැබේ.අනෙක් කරුණ නම් වර්තමින අධ්‍යාපනය බොහෝ දුරට මිනිසාගේ අතීත අවශ්‍යතා සඳහා මිස වර්තමාන හා අනාගත ජීවිත ගැටළුවලට සරිලන ආකාරයෙන් සකස්වී නැත.වෙනස්වන අනාගතය පිළිබඳ කම්පනයට පත්නොවී,ඊට ඔරොත්තුදීම‍ට නම් වරින්වර අධ්‍යාපනය ලැබිය යුතුවේ.අනෙක් අතට තාක්‍ෂණික අනාක්‍ෂරභාවයෙන් මිදීමට පුද්ගලයා වරින්වර නැවත නැවත අධ්‍යාපනය ලැබිය යුතුවේ. පුනරාවර්තන අධ්‍යාපනික අදහස අනුව අධ්‍යාපනය පිළිබඳ මේතාක් පැවති සංකල්පද වෙනස්වේ.මෙම අධ්‍යාපන ක්‍රමය සඳහා අධ්‍යාපන ක්‍රියාවලියේ සියලු අංශ කෙරෙහි විප්ලවීය අන්දමින් සිත යොමුකිරීම අවශ්‍යවේ.එනම් අධ්‍යාපනයේ අරමුණු,ව්‍යුහය,විෂය මාලාව,ඉගැන්වීමේ ක්‍රම සහ ඇගයීම මෙන්ම අධ්‍යානයේදී භෞතික හා මානව සම්පත් පරිහරණය කිරීම ආදියද වේ.නිදසුනක් වශයෙන් ගතහොත් පුනරාවර්තන අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා අනිවාර්ය හා ද්විතීය අධ්‍යාපනයේ විෂයමාලා ප්‍රතිසංස්කරණය විය යුතුය.විශේෂයෙන්ම ද්විතීය අවස්තාවේදී නැවත ඉගෙනීමට පැමිණීම සඳහා අත්තිවාරම දැමීම අවශ්‍යවේ. උපුටා ගැනීම චන්‍ද්‍රපාල කාරියවසම්ගේ 21 වන සියවසට අධ්‍යාපනය මේ අඩවියත් බලන්න අධ්‍යාපනය මනෝ විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හාසරා නගරය [/INST] හාසරා නගරය (උර්දු: , හාසරාගි: ) යනු 70,000 පමණ ජනගහනයකින් යුතු සහ, එයින් හතරෙන් තුන් පංගුවක් පමණ හාසරා ජනයාගෙන් සමන්විත සහ හාසරා නගරයේ දකුණු කොටසේ සුළුතර බලූච් සහ පෂ්ටුන් ගෝත්‍ර සහිත, පාකිස්තානයේ ක්වේටා‍ නගරය අසබඩ බටහිර දිගින් පිහිටි, පහළ-මධ්‍යම ආදායම් ලාභී ප්‍රදේශයකි. පාකිස්තානයේ හාසරා ජනප්‍රජාවන් ක්වේටා දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: OpenBSD [/INST] ඕපන් බීඑස්ඩී () යනු යුනික්ස් වැනි පරිඝණක මෙහෙයුම් පද්ධතියක් වන අතර බ(ර්)කෙලි ම්‍රුදුකාණ්ග ව්‍යප්තියෙන් නිමැවෙන . මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ජනගහනය ග්‍රාම නිළධාරි වසම් ආර්ථිකය ප්‍රාදේශීය ලේකම්වරුන් ආශ්‍රිත ලිපි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර Divisional Secretariats Portal ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගාල්ල දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වතසුදු ශාරිකාවා [/INST] වතසුදු ශාරිකාවා, (Sturnornis albofrontatus) යනුවෙන් හැඳින්වෙන්නේ ශාරිකා කුලයට අයත් පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවට ආවේණික නේවාසික පක්ෂියෙකි. දිගු කාලයක් පුරා මෙම පක්ෂියා S. senex ලෙස වරදවා වටහාගෙන තිබිණි. එම විශේෂය අනතුරුව රතු-හොටැති ශාරිකාවාගේ කනිෂ්ඨ පර්යාය නාමයක් ලෙස හඳුනා ගැනිණි (මීස් 1997). මෙම පක්ෂියාගේ වැඩුණු සතුන් සෙන්ටිමීටර 22ක් පමණ දිගැති අතර, සිරුරේ ඉහළ කොටම දීප්තිමත්-කොළ පැහැති අඳුරු අළු වර්ණයක් ගන්නා අතර, පහළ කොටස් සුදු පැහැයට හුරු ය. හිස සිරුරේ පහත කොටස්වලට වඩා ලා පැහැයෙන් යුක්ත ය. ස්ත්‍රී පුරුෂ පක්ෂීන් දෙදෙනාම පෙනුමින් සමාන නමුත්, නැහැඹි පක්ෂීන් අඳුරු පැහැ වන අතර, ඔවුන්ගේ ඉහළ පෙදෙස දුඹුරු පැහැයක් ද, පහළ පෙදෙස් අළු පැහැයක් ද ගනියි. Sturnus ගණය අතිශයින් පාරවංශික ගණයක් බැවින්, මෙම විශේෂය තවුදරටත් එම ගණය යටතේ රැඳවිය හැකි ද යන්න අවිනිශ්චිත ය. මෑතකාලීන අධ්‍යනවල (ජොන්සන් සහ ෆ්ජෙල්ඩ්සා 2006, සුකොන් ඇතුළු පිරිස 2006) තුළ එය ඇතුළත් නොකෙරුණ ද, එහි බාහිර ස්වරූපය අනුව පෙනීයන්නේ මෙම පක්ෂීන් Sturnus ගණයේ දර්ශීය විශේෂය වන යුරෝපීය ශාරිකාවාට සමීපත්වයක් නොපෙන්වන බවයි. එසේම බොහෝවිට (සහ බොහෝදුරට නිවැරදිව) Acridotheres යටතේ ඇතුළත් කෙරෙන විශේෂ සාමාන්‍යයෙන් මෙම විශේෂ අතරට ඇතුළත් නොකෙරේ. ‍බොහෝ වර්ගීකරණ අධිකාරීත්වයන් විසින් මෙම විශේෂ එයටම අනන්‍ය Sturnornis ගණයට ඇතුළත් කොට ඇත. සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් හිස සුදු ශාරිකාවා, හිස සුදු මයිනා වැනි නම්වලින් ද හඳුන්වයි. මෙම පක්ෂියා ඉංග්‍රීසි බසින් White-faced Starling නම් වේ. ආශ්‍රේයයන් Database entry includes brief justification for why this species is Vulnerable. Grimmett, Richard; Inskipp, Carol, Inskipp, Tim & Byers, Clive (1999): Birds of India, Pakistan, Nepal, Bangladesh, Bhutan, Sri Lanka, and the Maldives. Princeton University Press, Princeton, N.J.. ISBN 0-691-04910-6 Jønsson, Knud A. & Fjeldså, Jon (2006): A phylogenetic supertree of oscine passerine birds (Aves: Passeri). Zool. Scripta| 35(2): 149–186. (HTML උපුටනය) Mees, G.F. (1997): On the identity of Heterornis senex Bonaparte. Bull. B. O. C. 117(1): 67-68. Zuccon, Dario; Cibois, Alice; Pasquet, Eric & Ericson, Per G.P. (2006): Nuclear and mitochondrial sequence data reveal the major lineages of starlings, mynas and related taxa. Molecular Phylogenetics and Evolution 41(2): 333-344. PMID 16806992 (HTML උපුටනය) වතසුදු ශාරිකාවා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වතසුදු ශාරිකාවා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කැස්බෑවා [/INST] සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා (Chelonioidea) සුවිශේෂී සත්වයෙකි.මෙම සත්ත්වයා සාගරයේ ජීවත්වන උරගයකු ලෙසද හඳුන්වයි.වායුගොලයේ ඔක්සිජන් ශ්වසනය කරන සාගරයේ ජීවත් වන මොවුන් වසර දශ ලක්ෂ සියයකටත් ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්වා ගමන් කර ඇති බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙයි. මුහුදු කැස්බෑ විශේෂ දාර කැස්බෑවා ගල්/ වැලි කැස්බෑවා පොතු/ ලෙ‍ලි කැස්බෑවා ඔලුගෙඩි කැස්බෑවා මඩ/ බටු කැස්බෑවා කෙම්ප් රිඩ්ලි කැස්බෑවා කොළ කැස්බෑවා ශ්‍රී ලංකාවේ කැස්බෑවෝ ඉහත සදහන් කළ කැස්බෑ විශේෂ අතරින් කැස්බෑවුන් වර්ග කිහිපයක් ලංකාව ආශ්‍රිත වෙරළ තීරයේදී නිරීක්ෂණය කළ හැකි වේ. ලංකාවේ බූන්දල ජාතික උද්‍යානයේ දකුණු සීමාව, බලපිටිය, මන්නාරම දකුණු වෙරළ, නැගෙනහිර කුච්චවේලි සිට කෝකිලායි දක්වා සහ කොඩයිමුඩෙයි සිට කච්චතිවු දක්වා වෙරළ තීරය , යාපනය අර්ධ ද්වීපය කැස්බෑවන් බිත්තර දමන වෙරළ තීරයන් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේවෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන කැස්බෑවන් වර්ග පහක් හඳුනා ගෙන ඇත. ඔලුගෙඩි කැස්බෑවා ගල්/ වැලි කැස්බෑවා දාර කැස්බෑවා බටු කැස්බෑවා පොතු/ ලෙ‍ලි කැස්බෑවා දාර කැස්බෑවා දාර කැස්බෑවා තුන්දානි කැස්බෑවා, වවුල් කැස්බෑවා හා දකුණු පළාතේදී නැව් කැස්බෑවා ලෙස ද හැඳින්වෙයි. දාර කැස්බෑවාගේ ප්‍රධාන ආහාරය ජෙලි මසුන්(ලොඩියන්) වේ. ඊට අමතරව මාලු, ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන්, මුහුදු බෙල්ලන් ද ආහාරයට ගනු ලැබේ. දාර කැස්බෑවා ගොදුරු සොයා ගැනීමට කි.මී. දහස් ගණනක් දුර ගමන් කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව නිසා සීතල සාගරයේ වුවද පිහිනා ගොස් ආහාර සොයා ගැනීමට හැකි වී තිබේ.කැස්බෑ වර්ග අතරින් විශාලම වර්ගය ලෙස දාර කැස්බෑවා හැඳින්විය හැනි අතර ‍මොවුන්ගේ සාමාන්‍ය බර කි.ග්‍රෑ.600ක් පමණ වේ.දාර කැස්බෑවන් සියයක් පමණ ලංකාව අවට මුහුදු සීමාවේ ජීවත් වේ. ඔලුගෙඩි කැස්බෑවා අනෙක් කැස්බෑ වර්ග හා සැසදීමේදී විශාල හිසක් සහිත වීම නිසා ඔලුගෙඩි කැස්බෑවා යන නමින් හැදින්වේ.මීටරයක් පමණ දිගට වැඩෙන ඔලුගෙඩි කැස්බෑවා සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.180ක් පමණ බරකින් යුතු වේ. ඔලුගෙඩි කැස්බෑවා එකවර බිත්තර 150ක් පමණ දමයි. ඔලුගෙඩි කැස්බෑවාගේ කටුව හදවතක හැඩය ගනී. මෙම ඔලුගෙඩි කැස්බෑවාගේ මාංශ මිනිසුන්ට අහිතකර නිසා මිනිසුන්ගෙන් වන තර්ජන අවම වේ. ගල් කැස්බෑවා ගල් කැස්බෑවා ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන් ටර්ටල් ලෙස හඳුන්වයි. එයට හේතුව මෙම කැස්බෑවාගේ කටුවට යටින් ඇති කොළ පැහැති මේද ස්තරයයි. මෙම මේද ස්තරය සුප් සෑදීමට යොදා ගන්නා නිසා ගල් කැස්බෑවුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී. මීටර් 1ක් පමණ දිග ගල් කැස්බෑවා කි.ග්‍රෑ.180ක් පමණ බරින් යුතු වේ. කුඩා කාලයේ මාංශ භක්ෂක වන අතර වැඩුණු පසු ඇල්ගා ශාක මත යැපෙන ශාක භක්ෂකයින් බවට පරිවර්තනය වේ. බටු කැස්බෑවා කැස්බෑවුන් අතර කුඩාම කැස්බෑ විශේෂය ලෙස බටු කැස්බෑවා හැඳින්වෙයි. දිග සෙ.මී.45ක් පමණ වන අතර බර කි.ග්‍රෑ.40ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඉඳුරුව, කොස්ගොඩ, රැකව, බූන්දල, යාල ආශ්‍රිත ප්‍රදේශවල වෙරළ තීරයේදී බටු කැස්බෑවා දැකිය හැක. බටු කැස්බෑවා සාගර ප්‍රදේශය ආසන්නයේ බිත්තර දමයි. බිත්තර මුහුදට ගසා ගෙන යාමේ හැකියාව වැඩි නිසා බිත්තර රැක ගැනීම අපහසු වී ඇත. පොතු/ ලෙ‍ලි කැස්බෑවා පොතු/ ලෙ‍ලි කැස්බෑවා කැස්බෑ පවුලේ ආකර්ශනීයම සාමාජිකයා ය. උකුස්සකුගේ හොටයක් ආනාරයට හිස සැකසී ඇත. මේ හේතුව නිසා පොතු/ ලෙ‍ලි කැස්බෑවා හොක්ස් බිල් ටර්ට්ල් ලෙස ද හඳුන්වයි. පොතු/ ලෙ‍ලි කැස්බෑවාගේ පිට කටුවේ ඇති ආකර්ෂණය නිසා බොහෝ විට මෙම පොතු/ ලෙ‍ලි කැස්බෑවාගේ කටුව ඔප දැමීමෙන් විසිතුරු භාණ්ඩ නිපදවීමට බොහෝ පුද්ගලයෝ පුරුදු වී සිටිති.දීර්ඝ කාලයක් තිස්සේ විසිතුරු භාණ්ඩ නිපදවීමට මෙම සතුන් දඩයම් කිරීම නිසා වර්තමානයේදී මොවුන් දුර්ලභ කැස්බෑ විශෙෂයක් බවට පත් වී තිබේ. කැස්බෑවෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ෆ [/INST] සිංහල බසට 19 සියවසේදී එක්වූ ඉංග්‍රීසි වදන් ලිවීම සඳහා අවැසි අකුරකි. 1891 වසරේදී ගුණසේකර මුදලිඳුතුමා විසින් අකුරේ හැඩය නිර්මානයකර ඇත. සියවසක් තිස්සේ ක්‍රමිකව භාවිතය වැඩිවූ මෙම අකුර 1989දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් එලිදැකවූ සිංහල වර්ණ මාලාවට ඇතුළු කිරීම සමගම සම්මත අකුරක් බවට පත්විය. වර නැගීම්: ෆ්, ෆා, ෆැ, ෆෑ, ෆි, ෆී, ෆු, ෆූ, ෆෙ, ෆේ, ෆො, ‍ෆෝ අනෙකුත් පිලි යෙදීම්: ෆ්‍ර,ෆ්‍රා, ෆ්රැ, ෆරෑ , ෆ්‍රි, ෆ්‍රී, ෆෘ, ෆ්‍රැ,ෆ්‍රෙ, ෆ්‍රේ, ෆ්‍රො, ෆ්‍රෝ, ෆෛ, ෆෞ ෆං, ෆඃ ආශ්‍රිත ලිපි සිංහල හෝඩි සිංහල වර්ණ මාලාව සිංහල හෝඩි සිංහල අකුරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සාහ්ර්-ඉ-බහ්ලොල් [/INST] සේරී බහ්ලොල් (), හෙවත් සාහ්ර්-ඉ-බහ්ලොල් සහ සාහ්රි බහ්ලොල් යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා හී පෙශාවර් සිට කිලෝමීටර 70ක් පමණ වයඹදිගට වන්නට මර්දාන් දිස්ත්‍රික්කය තුළ තඛ්ත්-ඉ-බාහි නම් නගරය අසල පිහිටි නගරයක් සහ පුරාවිද්‍යා අඩවියකි. References History of Pakistan World Heritage Sites in Pakistan Buddhism in Pakistan Populated places in Mardan District Buddhist sites in Pakistan Archaeological sites in Khyber Pakhtunkhwa </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විද්‍යාව (වක්‍රෝත්තිහරණය) [/INST] ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න අාසියාතික භාෂා වලින් විද්‍යා ලෙස භාවිතාවන වචනයේ තේරුම විද්‍යාව බලන්න. බෞද්ධ සංකල්පමය විග්‍රහය සඳහා විද්‍යාව (බෞද්ධ සංකල්පය) බලන්න. සයන්ස් යන වදනේ සිංහල පරිවර්ථනය සඳහා නවීන විද්‍යාව බලන්න. විද්‍යා යන අන්වර්ථ නාමයේ තේරුම සඳහා සරස්වතී බලන්න. වැඩිදුර කියවීම් නලින් ද සිල්වා. (2008). අපේ ප්‍රවාද 2 විසිදුණු ප්‍රකාශකයෝ. ISBN 978-955-1741-08-2 නලින් ද සිල්වා. (2003). විද්‍යා කතන්දර විසිදුණු ප්‍රකාශකයෝ. ISBN 955-9170-60-0 Book Pre-view බාහිර සබැඳි අපේ දැනුමට දෝහිවීම නිර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ස්කොට්ස් විකිපීඩියා [/INST] ස්කොට්ස් විකිපීඩියා (ස්කොට්ස්: විකිපීඩියා) යනු විකිපීඩියාවේ ස්කොට්ස් භාෂා අනුවාදය වන අතර එය මෙහෙයවනු ලබන්නේ විකිමීඩියා පදනම විසිනි. එය 2005 ජුනි 23 වන දින ආරම්භ කරන ලද අතර පළමු වරට 2006 පෙබරවාරි මාසයේදී ලිපි 1,000 ක් ද 2010 නොවැම්බරයේ ලිපි 5,000 ක් ද විය. 2020 අගෝස්තු වන විට එහි ලිපි 58,000 ක් පමණ ඇත. ස්කොට්ස් විකිපීඩියාව යනු ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඉංග්‍රීසි පදනම් කරගත් පිඩ්ජින් / ක්‍රෙයෝල් වලින් ලියන ලද විකිපීඩියා අටෙන් එකකි. අනෙක් ඒවා ඉංග්‍රීසි විකිපීඩියාව, සරල ඉංග්‍රීසි විකිපීඩියාව, පැරණි ඉංග්‍රීසි විකිපීඩියාව, පිට්කර්න්-නොර්ෆුක් විකිපීඩියාව, ටොක් පිසින් විකිපීඩියාව, ජැමෙයිකානු පැටොයිස් විකිපීඩියා සහ ශ්‍රනාන් ටොංගෝ විකිපීඩියා. මතභේදය 2020 අගෝස්තු මාසයේදී, විකිය ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කිරීමේ දැඩි සාවද්‍ය බව හේතුවෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති ආවරණයන්ගෙන් දැඩි පරීක්ෂාවට ලක් වූ අතර මේ වන විට ප්‍රජාව විසින් සමාලෝචනයට ලක්ව ඇත. ඇමරිකාවේ වෙසෙන අමරිලිස්ගාර්ඩර්නර් (AmaryllisGardener) නම් පරිශීලකයෙකුට ස්කොට්ලන්ත භාෂාවට සංස්කෘතික හානියක් සිදු වූ බවට චෝදනා එල්ල විය. ඔහු බොහෝ විට අක්ෂර වින්‍යාසය සහිතව වෙබ් අඩවියේ ලිපි 27,000 ක් නිර්මාණය කර ඇත. අමලීස් ගාර්ඩනර් විසින් ස්කොට්ස් විකිපීඩියාවේ ලිපි වලින් අඩක් පමණ සංස්කරණ 200,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. ඔහු වසර 6 කට වැඩි කාලයක් වෙබ් අඩවියේ ක්‍රියාකාරීව සිටි අතර ස්කොට්ස් විකිපීඩියාවේ පරිපාලක ලෙස සේවය කළේය. ඔහු ස්කොට්ලන්ත භාෂාව කතා නොකරන ඇමරිකානු යෞවනයෙකු යැයි කියනු ලැබේ. ස්කොට්ස් විකිපීඩියා ඉතිහාසයේ ඕනෑම පුද්ගලයකු විසින් වැඩිම ලිපි සංඛ්‍යාවක් ඔහු විසින් නිර්මාණය කර ඇති අතර එහි ඇත්තේ ලිපි 57,928 ක් පමණි. ඉංග්‍රීසි බසින් ලිපි ලිවීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට ලක් විය. මෙම මතභේදය ස්කොට්ලන්ත භාෂාව කතා කරන පුද්ගලයෙකු විසින් රෙඩිට් පෝස්ට් එකකින් සොයා ගන්නා ලදී. මතභේදය මතුවූ දා සිට ස්කොට්ලන්ත විකිපීඩියාව සියළුම ඇතුළත් කිරීම් සමාලෝචනය කිරීමට පටන් ගත් අතර අමලීස්ගාර්නර් විසින් නිර්මාණය කරන ලද බොහෝ ලිපි මකා දැමීමට පියවර ගත්තේය. යොමුව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඩිජිටල් රූපවාහිනී [/INST] ඩිජිටල් තරංග මගින් සංඥා ලබාගන්නා රූපවාහිනී, ඩිජිටල් රූපවාහිනී වේ. ආරම්භය 1990 ගණන් වල අග භාගයේදී හදුන්වා දුන් මෙම තාක්ෂණය ව්‍යපාර සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සදහ රූපවාහිනිය ප්‍රචාරණය යොදා ගන්නා ලදි. අතර එමගින් නව මුල්‍ය අවස්ථාවන් ඇති විය. සංඛ්‍යාත්මක රූපවාහිනිය, ප්‍රතිසම රූපවාහිනිය වඩා නිමයශිලි සහ කර්යක්ෂම වේ. ප්‍රතියම රූපවාහිනි සංඛ්‍යාක රූපවාහිනිය වඩා හොද තත්ත්වයේ ප්‍රතිබිම්බ සහ ශබ්ද යන වඩා හොද වැඩ සටහන් අවස්ථා සදහා ඉඩ දෙනු ලැබේ. කෙසේ නමුත් DTV මගින් ඉඩාත් හොද කාර්මික තත්තවයන් සදහා ඉඩ දෙන නමුත් ප්‍රතියම සංඥා සංඛ්‍යාත සංඥා මගින් උසස් තත්තවයේ ප්‍රතිබිම්බ හෝ ශබ්ද ගෙන යනු නොලැබේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලංකා ඉතිහාසය-බෙදුම්වාදයේ නැගීම [/INST] පළමුවෙන්ම ෆෙඩරල් පක්ෂය තුළින් දෙමළ දේශපාලනඥයෝ ෆෙඩරල් ක්‍රමයක් කරා තල්ලූ වූහ. බොහෝ සිංහලයින්ට මෙය සැකයට හා විරෝධයට කාරණයක් විය. 1960 වර්ෂවල සිරිමාවෝ බණ්ඩාරනායක රජය මිෂනාරී පාසැල් බොහොමයක් රජය සතු කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළේ එම පාසැල්වල පැවති ආගමික ස්වරූපය ඉවත් කිරීමේ සහ ඉගැන්වීමේ භාෂාව වූ ඉංග්‍රීසිය, සිංහල හා දෙමළ බසටද හැරවීමේ අදහසිනි. මින් පසු සිංහල හා දෙමළ සිසුන් එකට එක්ව පාසැල්වලට පැමිණීම විරළ කරුණක් විය. ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමේ වාසිය අහිමිවීම නිසා දෙමළ තරුණයන්ට ඔවුන් මහත් ආශාවක් දැක් වූ රජයේ පරිපාලන සේවයට ඇතුළත් වීමේ අවස්ථා අහිමි වූ අතර විරැකියාව ඉහළ ගියේය. 1970 දී රටේ එතෙක් භාවිතා වූ සිලෝන් යන්න ශ්‍රී ලංකාව ලෙසට වෙනස් විය. මෙය සිංහල නාමයක් වූ අතර දෙමළ ජනතාව එයට එරෙහි වූහ. 1976 දී බෙදුණු ජාතියක් පිළිබඳ සංකල්පය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) විසින් ඉදිරිපත් කරන ලදී. එම පක්ෂය 1977 දී පැවැත්වූ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වාධීන රාජ්‍යයක් ලබා ගැනීමේ අරමුණින් ඡන්ද ව්‍යාපාරයෙහි යෙදුණු පක්ෂ කිහිපයක් සන්ධානගත වීමෙන් සෑදුනකි. ඔවුහු දෙමළ ප්‍රදේශවල වැඩි ආසන ගණනක් හිමි කරගත් නමුත් වෙනම රාජ්‍යයක් ඉල්ලීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන ලදී. 1981 යාපනය පුස්තකාලය විනාශ කිරීම මැයි 31 සිට ජුනි 2 දක්වා රාත්‍රී කාලයේදී කලහකාරී පිරිස් යාපනයේ වෙළඳපොල ප්‍රදේශය ද, දෙමළ පුවත්පත් කාර්යාලය ද, යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස ද, යාපනය මහජන පුස්තකාලය ද, ගිනි තැබූ අතර හතර දෙනෙකු ඝාතනය කළහ. යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය යාපනය දෙමළ ජනතාවට මහ විපතක් සේ දැණුනු කාරණයක් විය. පොත් කාණ්ඩ 95000 ක්ද අප්‍රමාණ සංස්කෘතික වටිනාකමින් යුත්, නැවත සොයා ගත නොහැකි, ලබා ගත නොහැකි අත් පිටපත් ද එම ගින්නෙන් විනාශ විය. මෙම කළහකාරී පිරිසේ නිල ඇඳුම් ලා ගත් පොලිස් නිලධාරීන් සිටි බවත්, ඉහත කී සිව්දෙනාගේ මරණ සම්බන්ධයෙන් ඔවුන්ද සම්බන්ධ බවත් සාක්ෂි මගින් වාර්තා විය. http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Rise_of_separatism </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රිච්මන් කාසල් මැදුර [/INST] කළුතර පළාත කරවූ ඉංග්‍රීසි යුගයේ අවසාන සමයට අයත් වූ පඬිකාර මුදලි වරයෙකු විසුවා වූ සුවිශාල වලව්වකි. ක්‍රි.ව.1896 වසරේ පමණ මෙම වලව්ව සැකසීම අරඹා ඇති අතර මේවන විට මහා භාරකාර මණ්ඩල භාරයේ පවතී. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගම්බද සුන්දරි (චිත්‍රපටිය) [/INST] රංගනය ශීලා පීරිස් - රූපා වින්සන් ද පෝල් පීරිස් - පෝල් ඇලන් පෙරේරා - මුදලාලි හාමිනේ එච්. දළුවත්ත - ශාස්ත්‍රකරු කිංස්ලි ජයසේකර - විමල් ඊ. සී. බුලත්සිංහල - සේකර මුදලාලි සුජාතා බුලත්සිංහල තිලක් ගුණතිලක ඊ. ඕ. ෆොන්සේකා හර්බි සෙනෙවිරත්න එච්. ගුණසේකර තිලක සිරිවර්ධන ගීත මල් මාලා දාලා - ශීලා පීරිස් ආලය වේග - ශීලා පීරිස් ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර , ශීලා පීරිස් විකාර මේ – හර්බට් පෙරෙරා , තිලකා සිරිවර්ධන ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස් බොළඳ සිනා - කිංස්ලි ජයසේකර විශේෂිතා ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය. මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම. විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය. එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම. ප්‍රදර්ශනය මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි. 1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි. මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට. නිෂ්පාදනය ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත. ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර් නැටුම් - ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලලිත් කලුපෙරුම [/INST] ලලිත් කලුපෙරුම (ඉංග්‍රීසි: Lalith Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. ජීවන සටහන් ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකයාවිය. මොහු සනත් කලුපෙරුමගේ වැඩිමල් සොහොයුරායි. ආශ්‍රිත ලලිත් කලුපෙරුමයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ 1949 උපත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ - ශ්‍රී ලංකා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නැම්මට උඩින් (Above the fold) [/INST] “නැම්මට උඩින්” යන පුවත් පතක් මුල් පිටුවේ ඉහල කෙලවරේ වැදගත් ප්‍රවෘත්තියක් හෝ ඡායා රූපය පලකිරීමේ ග්‍රැෆික් සැකසුම පිළිබඳ සංකල්පයකි. බොහෝ පුවත්පත් පාරිභෝගිකයාට ලැබෙන්නේ දෙකට නමා බැවින් ඒවායේ මුල් පිටුවේ ඉහල භාගය පමණක් දර්ශනය වේ. එමනිසා “නැම්මට උඩින්” කොටස කතුවරයින් සලකනු ලබන්නේ පාරිභෝගිකයාට පුවත්පත මිලදී ගැනීමට පොළඹවන කොටස ලෙසය. එයින්ම එය කතුවරයාට අනුව එම දිනයේ වැදගත්ම ලිපිය වන බව ප්‍රත්‍යාවේෂණය කරයි. එමෙන්ම නැම්මට උඩින් ලෙස හැදින්වෙන ප්‍රදේශය පුවත්පත් රාක්ක වල පවතින විට වඩා මතුවී පෙනෙන බැවින් එහි වෙළද දැන්වීම් ප්‍රචාරකයින්ගේ දැන්වීම් පල කිරිමට කැමති ප්‍රදේශය වේ. “නැම්මට උඩින්” යන යෙදුම සාමාන්‍යයෙන් වැදගත් හා මතුකර පෙන්වන ඕනෑම කොටසක් හැදින්වීමට යෙදිය හැක. විචල්‍ය අනුචලනයට උඩින් (Above the Scroll) යනු වෙබ් පිටුවක උඩම කොටස වේ. එනම් මවුසරය අනුචලනය නොකර දර්ශනය වන කොටස වේ. සමහර වෙබ් අලෙවිකරුවන් මෙය පුවත්පත්වල පරිදි නැම්මට උඩින් ලෙස හඳුන්වයි. නැම්මට යටින් ඇති ලිපි හා තොරතුරු “නැම්මට යටින්” ලෙස හඳුන්වනු ලැබේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්. [/INST] වර්තමාන තරඟ 2008 NBA අමතර තරඟ Playoffs’ ක්‍රීඩාව - බාස්කට් බෝල ආරම්භය - 1946 කොමිෂනර්වරු - ඩේවිඩ් ස්ටර්න් රට (රටවල්) - එක්සත් ජනපදය කැනඩාව ඉතා මෑතදී ශූරතාවන් දිනූ අය - සැන්ට් ඇන්තෝනියෝ ස්පර්ස් රූපවාහිනී කොටස්කරුවන් - (ABC, ESPN, TNT,NBATV) නිල වෙබ් අඩවිය - NBA.com නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන් යනු උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ වෘත්තීය පිරිමි ක්‍රීඩා කණ්ඩායම් එකතුවකි. මෙය USA බාස්කට් බෝල් හි ක්‍රියාකාරී සාමාජිකයෙකි. මෙම එකතුව අන්තර් ජාතික බේස් බෝල් ෆෙඩරේෂණය මගින් එක්සත් ජනපදය තුල බාස්කට් බෝල සඳහා පිළිගත් ජාතික ආයතනයකි. NBA (නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්) උතුරු අමෙරිකාවේ ප්‍රධාන පෙලේ වෘත්තීය ක්‍රීඩා සංවිධානයන්ගෙන් එකකි. එම සංවිධානයට NHL, NFL, සහ MLB කණ්ඩායම්ද ඇතුලත් වේ. මෙම සංවිධානය 1946 ජූනි 6 වෙනි දින නිව්‍යෝර්ක් සිටි හි ආරම්භ වූයේ ‘බාස්කට්බෝල් ඇසෝසියේෂන් ඔෆ් ඇමෙරිකා’ යන නමිනි. මෙම ලීගය (League) නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්” නම ව්‍යවහාරයට ගත්තේ (1949 සරත් ඍතුවේදී) තරඟකාරී සංවිධානය වූ නැෂනල් බාස්කට් බෝල් ලීග්’ සමග මිශ්‍ර වීමෙනි. ලීගයේ අන්තර්ජාතික මෙන්ම වෙනත් එක් එක් කාර්යාල පාලනය කරන ලද්දේ නිව් යෝර්ක් සිටි හි පිහිටා තිබෙන ප්‍රධාන කාර්යාලයෙනි. නිව්ජර්සි හි සොකෝකස් හි පිහිටා ඇති කාර්යාල මගින් NBA එන්ටර්ටේන්මන්ට් සහ NBA TV ස්ටුඩියෝව මෙහෙයවන ලදි. References http://en.wikipedia.org/wiki/NBA </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අල් කුර් - ආනයේ විවේචන [/INST] අල් කුර් - ආනයේ විවේචන යුද්ධය හා සාමය යන මාතෘකා සම්බන්ධයෙන් ශුද්ධ වු අල්කුර් - ආනය දක්වන මග පෙන්වීඹ පිළිබද ව මෑත කාලීනව මතු වු සාකච්ඡා හා විවාද බොහෝමය. යම් විචාරකයන් පෙන්වාදෙන්නේ අල් -කුර් ආනයේ සදහන් වන සමහර පදයයන්ගේ ඓතිහාසික සහ සාහිත්‍යමය ප්‍රකරණයන් සැලකු විට, මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළත් එතුමාගේ වියෝවෙන් පසුවත්, මිත්‍යාදෘෂ්ඨිකයන්ට විරැද්දව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට අනුමැතිය ලබාදෙන බවයි. මෙම විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් සමහර මුස්ලිම්වරැනගේ තර්කය වන්නේ, අල් කුර් - ආනයන සමස්ථයක් වශයෙන් ගත් කළ එහි ප්‍රකරණයෙන් බාහිරව ඉහත සදහන්ආකරයේ පද්‍යයන්ගේ අර්ථය බාහිරව ඉහත සදහන් ආකාරයේ පද්්‍යයන්ගේ අර්ථය සලකා ඇති බවයි. තවද, එම පද්‍යයන් අල් කුර් - ආනයේ ප්‍රකරණයයේන් සැලකු විට අල් කුර් - ආනය ආත්මාරක්ෂාව සදහා හැරෙන්නට අන් සෑම අවස්ථාවකදීම ප්‍රචණඩකාරි ලෙස හැසිරීම තහනම් කරන බව පැහැදිලිවම දැකගත හැකි බයත් ඔවුන් පෙන්වා දෙයි. යම් විවේචකයන් ශුද්ධ වු අල් කුර් - ආනයේ දිව්‍යමය මුලාරම්භය පිළිබද මුස්ලිම්වරැන් දරන විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ මෙම තර්කයට පදනම් වී ඇත්තේ අල්කුර් - ආනයේ යම් යම් පාඨ වල ගැටළු සහ සදාචාරාත්මක ගැටලු පවතින බවට ඔවුන් දක්වන අදහසයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සංවර්ධනය - සංවර්ධනයේදී භූගෝලීය වෙනස්වීම් [/INST] සංවර්ධන රටාව පෙන්නුම් කරන එක් ආකාරයක් නම් ' උතුර - දකුණ බෙදීම්' වේ. මෙමගින් පොහොසත් උතුරත් දුපත් දකුණත් පෙන්නුම් කරයි. මෙය තෙලිම් විහිදෙන රේඛාවක් නොව්න‍ඓය පොළෝ තලය වෙන් කරන්නා සේ පෙනෙන නිසාය. මේ අනුව උතුර කොයසේ, උතුරැ ඇමරිකාව, යුරෝපය,රැසියාව, ජපානය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයයි. මෙම රටවල් වල ආර්ථිකමය වර්ධනයක් දැකිය හැක. දකුණු කොටසේ බොහෝ දියුණු වෙමින් පවතින රටවල් ඇත. මෙම කර්කටක නිවර්තනය (tropic of cancer) මගින්ද වෙන් කල හැක. නමුත් නවතම කාර්මිකරණය වු රටවල් (newly industrialized countries) වන තායිලන්තය, බ්‍රසීලය, මැලයාවථ මෙක්සිකෝව නිසා එය අපහසු වේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හතරැස් සංඛ්‍යා [/INST] ගණිතයෙහි, හතරැස් සංඛ්‍යා හෝ පරිපූර්ණ වර්ග සංඛ්‍යා යනු පූර්ණ සංඛ්‍යාවක වර්ගය වන පූර්ණ සංඛ්‍යා වේ; අනෙකුත් වචන වලින් පැවසුවොත්, එය, යම් පූර්ණ සංඛ්‍යාවක් එය විසින්ම ගුණිතයෙන් ලැබෙන ප්‍රතිඵලය වෙයි. නිදසුනක් ලෙසින්, 9 යනු සතරැස් සංඛ්‍යාවක් වන්නේ, එය ලෙසින් ලිවිය හැකි බැවිනි. සංඛ්‍යාවක වර්ගය සඳහා සූත්‍රයක් වශයෙන් සාමාන්‍යයෙන් භාවිතා වන අංකනය වන්නේ ගුණිතය නොවන අතර, සාමාන්‍යයෙන් " වර්ගය" ලෙසින් උච්චාරණය වන සමතුල්‍ය ඝාතියකරණය වෙයි. සතරැස් සංඛ්‍යාව යන නම පැමිණෙන්නේ හැඩයෙහි නම අනුවය; පහත බලන්න. සතරැස් සංඛ්‍යා සෘණ-නොවන සංඛ්‍යා වෙති. (සෘණ-නොවන) සංඛ්‍යාවක් සතරැස් සංඛ්‍යාවක් බව කියා පෑමට තවත් ක්‍රමයක් වන්නේ, එහි වර්ග මූලයන් පවා පූර්ණ සංඛ්‍යා බව කීමයි. නිදසුනක් ලෙසින්,  = ±3, එබැවින් 9 යනු සතරැස් සංඛ්‍යාවකි. 1 හැර වෙනත් පරිපූර්ණ සතරැස් භාජකයන් නොමැති ධන පූර්ණ සංඛ්‍යාවක් සතරැස්-මුක්ත යැයි හැඳින්වෙයි. සටහන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඇෆ‍්‍රිකානා අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය [/INST] ඇෆ‍්‍රිකානා අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය - අප‍්‍රිකානු ජනතාවගේ අත්දැකීම් ප‍්‍රශ්න කිරීම සහ විශ්ලේෂණය සඳහා නිර්මාණය වී ඇත. x අප‍්‍රිකානු ඉතිහාස අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය - අප‍්‍රිකාවේ ඉතිහාසය පිළිබඳ සෑම අන්දමකම ලිපි ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ සිට මහාද්වීපයේ වර්තමාන අර්බුද දක්වාත් අප‍්‍රිකාව සහ නව ලෝකයේ අප‍්‍රිකානු අමෙරිකානුවන් අතර සබඳතා ත් ඇතුලත් වේ. x ඇෆ‍්‍රිකානා - අප‍්‍රිකාව සහ ඩයස්පෝරාව පිළිබඳ අදහස් ඇතුලත් ජර්නලයකි. x ඇෆ‍්‍රිකානා ඉලෙක්ට්‍රොනික නාමාවලිය - මෙයට අප‍්‍රිකාව පිළිබඳ සෑම අංගයක් ම පාහේ -එහි ජනතාව නිවාස නගර දිස්ත‍්‍රික්ක ප‍්‍රාන්ත රාජ්‍ය ප‍්‍රදේශ ආදියේ සමාජයීය ආර්ථික තිරසාර සංවර්ධනය නිර්මාණශීලී සාහිත්‍ය කලාව සහ ඩයස්පෝරාව පිළිබඳව - අඩංගු වේ. x ඇෆ‍්‍රිකානා ඔන්ලයින් සංස්කෘතික කලාව හා ගවේෂණ පිළිබඳ අප‍්‍රිකානු කේන්ද්‍රයේ ජර්නලය. References http://en.wikipedia.org/wiki/Black_studies#Journals </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අතුල ගුණවර්ධන [/INST] මහාචාර්ය අතුල ගුණවර්ධන (ඉංග්‍රීසි: Athula Gunawardena) යනු ඇමරිකාව විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය වරයායි. අතුල ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන් චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ මහාචාර්යවරු - ශ්‍රී ලංකා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අංගම්පොර (තාවකාලික) [/INST] අංගම්පොර (දෙමළ:அங்கம்போர, ඉංග්‍රීසි: Angampora) සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයෝ, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටිකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳිති. මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර ඔවුන් පිරිසිදු සිංහල (ජනවර්ගය) බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගෙනුම අරඔන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙති. පුහුණුවීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ. වදන් අංගම්පොර යන්නෙහි නිරුක්තිය ඇ‍ෙඟන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංග යන්නයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් ද අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ. එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සඳහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව තිබුණේ මරුවල්ලිය, සුදලිය ,පත්තිනිගේ දොන් පරම්පර්ාා. මූලාරම්භය ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එනමුත් හෙළ සිංහලයෝ මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු වූහ. ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත. පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැඳින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැඳින්වුණි. මෙම නාමය අග්‍රගණ්‍ය වික්‍රමාන්විත රණශූරයෙකු හැඳින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස් තනතුරක් වෙයි. ආයුධ අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරති. අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලැබ ඇත. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. වර්තමාන තත්ත්වය දඩුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලරි, චීන ඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ. මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීන ඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හඳුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයෝ දැඩි වෙහෙසක් ගනිති. වැඩිදුර කියවීම http://www.korathotaangam.com http://realangampora.blogspot.com/ http://www.angampora.info http://www.mardb.com/angampora/ http://angamhoru.blogspot.com ආශ්‍රිත ලිපි රාවණා රජ අංගම්පොර සටන් කලාව කොරතොට අංගම්පොර සම්ප්‍රදාය සටන් ශිල්ප සාම්පදායික සිංහල දැණුම ශ්‍රී ලංකාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා [/INST] ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා (විපත: 1975 ජූලි 27), හිටපු නගරාධිපතිවරයෙකි (යාපනය). ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනලදී. 1975 මරණ ත්‍රස්තවාදය - ශ්‍රී ලංකා චරිත කතා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කගාවා ප්‍රාන්තය [/INST] කගාවා ප්‍රාන්තය, ජපානයේ පිහීටි ප්‍රාන්තයකි. ආශ්‍රිත ජපානය ජපානය ජපානයේ ප්‍රාන්ත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඉතිහාසඥයා [/INST] ඉතිහාසඳයෙක් යනු, අතීතය පිළිබඳ පර්යේෂණ පවත්වන, අධ්‍යයනය කරන සහ ලේඛනය කරන පුද්ගලයෙක් වන අතර එය පිළිබඳව අධිකාරී බලයක් ඔහු තුල ඇති බවට සැලකෙයි. මනුෂ්‍ය වර්ගයා සබැඳි අතීත සිදුවීම් හා කාලාන්තරයෙහි සමස්ත ඉතිහාසය පිළිබඳව, අඛණ්ඩ හා ක්‍රමානුකූල ආඛ්‍යානය සහ පර්යේෂණයට ලක්කිරීම, ඉතිහාසඥයෙකුගේ ප්‍රස්තූතගත කාරණා වෙති. ලිඛිත ඉතිහාසයට පූර්ව සිද්ධීන් පිළිබඳ අවධානය යොමු කරන පුද්ගලයෙක්, ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ඉතිහාසඥයෙක් වෙයි. "ඉතිහාසඥයා" යන පදය, ආධුනික මෙන්ම වෘත්තීය ඉතිහාසඥයින් විස්තර කිරීමටද එකලෙසින් භාවිතා කල හැකි වුවද, අදාල විෂය ක්ෂේත්‍රයෙහි උපාධීන් හිමි කර ගත් අයවළුන් සඳහා මෑතදී සිට එය වෙන් කර ඇත. කෙසේවතුදු, සමහරක් ඉතිහාසඥයින්, ප්‍රකාශන හෝ පුහුණුකිරීම් සහ පළපුරුද්ද මත පිළිගනු ලැබ ඇත. දහනවවන සියවසෙහි අගභාගය වන විට, "ඉතිහාසඥයා" යන්න වෘත්තීය ජීවනෝපායක් වූයේ ජර්මනියෙහි හා අනෙකුත් ස්ථානයන්හී මේ පිළිබඳ පර්යේෂණ විශ්වවිද්‍යාල පැන නැගෙත්මය. සටහන් බාහිර සබැඳි සිලෙක්ටඩ් ටෙක්ස්ට්ස් බයි ද මෝස්ට් නෝන් හිස්ටෝරියන්ස් මානව ශාස්ත‍්‍ර වෘත්තියන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Splenic artery [/INST] The splenic artery is a vital blood vessel that plays a crucial role in the circulatory system. As one of the major branches of the celiac trunk, it supplies oxygenated blood to the spleen, an organ located in the upper left quadrant of the abdomen. Understanding the anatomy and function of the splenic artery is essential for medical professionals, particularly those specializing in fields such as anatomy, physiology, surgery, or radiology. Anatomy: The splenic artery originates from the celiac trunk, which is a major branch of the abdominal aorta. It typically arises from the anterior aspect of the celiac trunk and courses towards the left side of the abdomen. As it travels towards the spleen, the splenic artery often gives off several smaller branches, including short gastric arteries, left gastroepiploic artery, and pancreatic branches. These branches ensure adequate blood supply to the stomach, pancreas, and surrounding structures. Function: The primary function of the splenic artery is to provide oxygenated blood to the spleen. The spleen serves various roles within the body, including immune response, blood filtration, and hematopoiesis (formation of blood cells). The splenic artery carries nutrient-rich blood to the spleen, allowing it to perform these essential functions. Clinical Significance: Knowledge of the splenic artery is vital in both diagnostic and therapeutic contexts. In diagnostic imaging, such as abdominal ultrasound, CT scans, or angiography, understanding the anatomy and branching patterns of the splenic artery aids in identifying potential anomalies or pathologies. For example, splenic artery aneurysms, which are abnormal dilations of the artery, can be diagnosed and managed with this knowledge. In surgical procedures involving the abdomen or splenic region, awareness of the splenic artery is critical. Surgeons may need to ligate or occlude the splenic artery during certain procedures, such as splenectomy (surgical removal of the spleen) or in cases of trauma or bleeding. Careful consideration of the anatomy and potential collateral blood supply is crucial to minimize complications. Conclusion: The splenic artery is a significant blood vessel that supplies the spleen with oxygenated blood. Its anatomical course and branching patterns are essential to understand for medical professionals involved in various fields, including anatomy, physiology, surgery, and radiology. Knowledge of the splenic artery's function and clinical significance enables accurate diagnosis and appropriate management of related pathologies or surgical interventions. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අභ්‍යවකාශ නිරීක්ෂණයේ ඉතිහාසය [/INST] සූර්යයා පිළිබඳ මිනිසුන් තුළ තිබූ මුල්ම ස්ථාවර අදහස වූයේ දවසේ උදාව හා රාත්‍රිය ඇතිකරන හා ක්ෂිතිජයෙන් නැග බැස යන අහසේ ඇති දිදුලන තැටියක් වශයෙනි. බොහෝ පුරාණ හා ඓතිහාසික සංස්කෘතීන්වල සූර්යයා දේවත්වයෙන් හා අද්භූත බලයක් සහිත වස්තුවක් ලෙස සැලකිණි. අතීතයේ දකුණු ඇමරිකාවේ ඉන්කා හා මෙක්සිකෝවේ ඇපටෙක් වැනි ශිෂ්ටාචාරවල සූර්යය වන්දනාව මූලික අංගයක් විය. බොහෝ ඓතිහාසික ස්මාරකයන් නිර්මාණය කර තිබෙන්නේ සූර්යය සංකල්පය (Phenomena) මනසේ තබාගෙනය. උදාහරණයක් වශයෙන් ශෛලමය මහා ශිලා megaliths ග්‍රීස්ම සූර්ය නිවෘත්තිය (Solstice) ( මෙවැනි ස්මාරක ඊජිප්තුවේ, ජැබ්ටා ප්ලායා හා එංගලන්තයේ ස්ටෝන් ගෙන්ච් හි ඇත). අයර්ලන්තයේ මානවයින් ගොඩනගා ඇති ප්‍රාග් ඓතිහාසික නිව් ග්‍රේන්ජ් ස්මාරකයෙන් ශීත ඍතුවේ (Solstice) සූර්යය නිවර්තිය අනාවරණය කෙරේ. පුරාතන මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා ( Chichen Itza) වාසනා හා සරත් ඍතුවේදී පුද්ගලයන්ගේ සෙවණැල්ල සර්පයෙකුගේ හැඩය ගන්නා පරිදි තනා ඇත. ස්ථාවර තරුවලට සාපේක්ෂව සූර්යයා පෘථිවියේ සිට පෘථිවිය රාශි චක්‍රය හරහා ඉලිප්සය දිගේ වසරකට වරක් පරිභ්‍රමණය වන සේ පෙණුනු නිසා ග්‍රීක අභ්‍යවකාශ විද්‍යාඥයියෝ එය හත ලෙස නම් කළහ. එය ග්‍රහ වස්තු හතේ එකක් ලෙස සැලකිණි. ඇතැම් භාෂාවලට සතියේ දිනක් හිරු වෙනුවෙන් නම් කර තිබෙන්නේ ඒ නිසාය. සටහන් {| |Sun History_of_observation |- තාරකා විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: James Curtis Hepburn [/INST] James Curtis Hepburn (; March 13, 1815 – September 21, 1911) යනු ඇමෙරිකානු වෛද්‍යවරයෙක්, පරිවර්ථකයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තියානි මිෂනාරි වරයෙක් විය. ඔහු වඩාත් ප්‍රකට වන්නේ Hepburn romanization නම් වූ ජපන් භාෂාවේ වදන් ලතින් අකුරු වලින් ලියන ක්‍රමවේදය වෙනුවෙනි.. ආශ්‍රිත List of Westerners who visited Japan before 1868 Sakoku මූලාශ්‍ර භාහිර සබැඳි History of Meiji Gakuin University Article on Hepburn in Princeton Alumni Weekly Hepburn Christian Fellowship American expatriates in Japan American Japanologists Presbyterian missionaries in Japan Presbyterian missionaries in Singapore American lexicographers Translators of the Bible into Japanese 1815 උපත් 1911 මරණ Recipients of the Order of the Rising Sun, 3rd class 19th-century American physicians People from Northumberland County, Pennsylvania 19th-century American translators American Presbyterian missionaries University and college founders Missionary linguists </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඔක්තෝබර් 1 [/INST] ඔක්තෝබර් යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දසවැනි මාසයයි.මෙය මෙම වසරේ 274 වන දිනය යි. වසර අවසන්වීමට තව දින 91ක් ඇත. ඔක්තෝබර් ග්‍රෙගරි දිනදසුනේ දින </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විජයදාස රාජපක්ෂ [/INST] විජයදාස රාජපක්ෂ, ජ.නී, පා.ම (දෙමළ: விஜயதாச ராஜபக்ஷ, ඉංග්‍රීසි: Wijeyadasa Rajapaksa), (උපත 1959 මාර්තු 16) යනු ශ්‍රී ලාංකික නීතීඥයෙක් සහ දේශපාලනඥයෙක්. ඔහු වත්මන් අධිකරණ අමාත්‍ය. ඔහු මීට පෙර ශ්‍රී ලංකා රජයන්හි ඔහු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. දේශපාලන ජීවිතය 2004 මැයි මාසයේදී ඔහු ආණ්ඩු පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන ලද අතර ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය පිරිනැමීය.පසුව ඔහු කිසිදු අමාත්‍ය ධූරයක් නොලබා ආණ්ඩුවේ එකම මන්ත්‍රීවරයා ලෙස දිගටම කටයුතු කළේය. 2005 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුව රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍යවරයා ලෙස 2005 නොවැම්බර් මාසයේදී පත් කළ නමුත් ප්‍රතිපත්තිමය කරුණක් මත 2006 අප්‍රේල් මාසයේදී ඔහු ඉල්ලා අස්විය. ඔහු මහරගම ආසනයේ පක්‍ෂ සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්විය.ඉන් අනතුරුව ඔහු 2006 ජූලි මාසයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර 2007 ජනවාරි මාසයේදී පළමු වාර්තාව ඉදිරිපත් කළ අතර එය දේශීය හා විදේශීය වශයෙන් බරපතළ මතභේදවලට තුඩු දුන්නේය. රාජ්‍ය අංශයේ දූෂණ උලුප්පා දැක්වීමෙන් ඔහු ප්‍රසිද්ධියට පත් විය. 2007 දී,එල්එම්ඩි සඟරාව ඔහුව "2007 වසරේ ශ්‍රී ලංකන් ඔෆ් ද යෙර්" ලෙස නම් කළේය. 2010 දී ඔහු කොළඹ දිස්ත්‍රික්කය පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2012 දී ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස තේරී පත් විය.ඔහුගේ පාලන සමයේදී ඔහු හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇයගේ දෝෂාභියෝගය ට සහාය දැක්වීම සඳහා නීතිඥ සංගමය මෙහෙයවීය.2015 ජනාධිපතිවරණයෙන් පසු ඔහු අධිකරණ අමාත්‍ය ධුරයට පත් විය. 2017 දී, එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව ඔහුගේ අමාත්‍ය ධුරයෙන් නෙරපා හරින ලදී. රජය විසින් අධිකරණය පෞද්ගලීකරණයට සහ මැදිහත්වීමට එරෙහිව ඔහු දැරූ අදහස් හේතුවෙන්. ඔහු 2018 මැයි මාසයේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2018 දී, 2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය සමඟ, ඔහු මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2018 ඔක්තෝම්බර් මාසයේදී අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය. මූලාශ්‍ර බාහිර සබැඳි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: යකඩ යුගය [/INST] සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි. යුගයෙහි මුල් කාල පරිච්ඡේදය නිරූපණය කරනුයේ, යකඩ හෝ වානේ යන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතයයි . කෘෂිකාර්මික ප්‍රගණයන්, ආගමික විශ්වාස සහ කලාත්මක ශෛලීයයන් යන දේවල්හී වෙනස්වීම්ද අඩංගු සමාජයේ අනෙකුත් වෙනස්කම් හා සමගින් මෙවැනි ද්‍රව්‍යයක ප්‍රතිග්‍රහණය සමපාත වී ඇත. පුරාවිද්‍යාත්මක පදයක් වශයෙන්, යකඩ යුගය යන්නෙන් අදහස් වන්නේ, කිසියම් ජන කොටසක ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් හෝ විසින්, ඔවුන්ගේ කැපුම් ආයුධ සහ යුද්ධායුධ සඳහ‍ා ද්‍රව්‍යයක් ලෙසින් යකඩ භාවිතා කිරීම වෙයි. යකඩ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: WorldCat [/INST] WorldCat යනු OCLC global cooperative හි සහභාගී වන රටවල් 107 ක පුස්තකාල 15,600 ක ඇති අන්තර්ගතය ලැයිස්තුගත කරන union catalog එකකි. එය මෙහෙයවනු ලබන්නේ OCLC, Inc විසින් ය. ඉතිහාසය 1967 දී ෆ්‍රෙඩ් කිල්ගෝර් ගේ නායකත්වය යටතේ OCLC ආරම්භ කරන ලදී. එම වසරේ දී OCLC විසින් union catalog technology ආරම්භ කළ අතර එය පසුව WorldCat බවට පරිණාමය වීම සිදුවිය. ප්‍රථම catalog records 1971 දී එක් කරන ලදී. ආශ්‍රිත Copac Faceted Application of Subject Terminology (FAST) List of academic databases and search engines Open Library මූලාශ්‍ර Further reading See also: Information about licensing of WorldCat records and some other OCLC data. භාහිර සබැඳි Information on the OCLC website about WorldCat. What is WorldCat?—WorldCat ගැන කෙටි පැහැදිලි කිරීමක් (ඉංග්‍රීසි) Bibliographic databases and indexes Cooperatives Library catalogues OCLC </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඔරබි පාෂා [/INST] sunal is the beast, so dont disturb me. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලාල් වික්‍රමතුංග [/INST] ලාල් වික්‍රමතුංග යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ ලීඩර් ප්‍රකාශන ජාලයෙහි සභාපතිවරයා වේ. ඔහු කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති හැරිස් වික්‍රමතුංගගේ පුතු සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයාද වේ. මූලාශ්‍ර 1950 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගුවන් විදුලි සංගමය [/INST] ගුවන් විදුලි සංගමය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නිල්ලග්ගම බෞද්ධ ස්මාරක [/INST] නිල්ලග්ගම නටඹුන් ශ්‍රි ලංකාවේ ගල්ගමුවට ආසන්න නිල්ලග්ගම පිහිටා ඇති ක්‍රි. ව. 8 - 9 සියවස් සමයට අයත් පෞරාණික බෞද්ධ විහාරයක නටබුන් වේ. බෝධිඝරය නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්‍රාකාරය නිල්ලග්ගම වෑ කන්ද පාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය. නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ. ගල් කැටයම් නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ. දාගැබ පෞරාණික කුඩා දාගැබකි. තවමත් සංරක්‍ෂණය කරනැත. ලඟාවීම ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව - නිකවැව (B126) බස් මාර්ගයෙන් ගොස් පහත ස්ථාන 2න එකකින් හැරී යා යුතුය. . දෙමටෑව හංදියෙන් හැරී (කි.මී. 2): පයින් හෝ SUV රථ සඳහා පමණක් යෝග්‍යය . ගල්ලෑව හංදියෙන් හැරී ගොස් නැවත නිතලව පාසල ලඟින් හැරී. (කි.මී. 5.5) : කාර් හෝ වෑන් ගමන් කල හැක මූලාශ්‍ර බෝධි ඝර නිල්ලග්ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන‎ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1827 [/INST] ක්‍රි.ව.1827 (MDCCCXXVII) වසර, සඳුදා දිනයකින් පටන්ගත් සාමාන්‍ය අවුරුද්දකි. 1827 </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කෝර්ටිකොස්ටෙරොයිඩ [/INST] Corticosteroids යනු පෘෂ්ඨවංශීන්ගේ අධිවෘක්ක බාහිකයේ නිපදවෙන ස්ටෙරොයිඩ් හෝමෝන වර්ගයකි. වර්ග මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පයි (අංකය) [/INST] සන්තත භාගය ආවර්තනය නොවන බව නිරීක්ෂණය කරන්න. පයි හෙවත් π ඉතා වැදගත් ගණිතමය නියමයන් අතරින් එකකි. එහි දළ අගය ආසන්න වශයෙන් 3.14159 කි. එය යුක්ලීඩියානු ජ්‍යාමිතියේ දී ඕනෑම වෘත්තයක පරිධිය එහි විෂ්කම්භයට දක්වන අනුපාතයට සමාන වන අතර තවද එය වෘත්තයක ක්ෂේත්‍රඵලය එහි අරයෙහි වර්ගයට දක්වන අනුපාතයට ද සමාන වේ. ගණිතය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ඇති බොහෝ සමීකරණවල π අඩංගු වේ. π අපරිමේය සංඛ්‍යාවකි. එනම් m හා n නිඛිල වූ විට m/n ආකාරයේ භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව එය දශමය ආකාරයට ලියා අවසන් කළ නොහැකි අතර සමාවර්තනය ද නොවේ. අපරිමේය වීම හැරුණු විට π අත්‍යුත්තර සංඛ්‍යාවක් ද වේ. එනම් නිඛිල මත සිදු කරන වීජ ගණිත කර්ම (බල, වර්ගමූල, ඓක්‍යය ආදී) පරිමිත සංඛ්‍යාවක් ඇසුරින් එය ලබා ගත නොහැකිය. ගණිතයේ ඉතිහාසය පුරාම π හි අගය වඩාත් නිවැරදිව නිර්ණය කිරීමටත් එහි ගුණාංග අවබෝධ කිරීමටත් විවිධ උත්සාහයක් ගෙන තිබේ. මෙසේ π සිත්ගන්නා සුළු ගුණ දැක්වීම හේතුවෙන් එය පොදුවේ සංස්කෘතියේ කොටසක් බවට ද පත්ව ඇත. පයි ලෙස ලියැවෙන π නම් ග්‍රීක අක්ෂරය පරාමිතිය යන අරුත දෙන "περίμετρος", ග්‍රීක වචනය ඇසුරින් 1706 දී විලියම් ජෝන්ස් විසින් උපුටා ගන්නා ලද බව සැලකිය හැකිය. පසුකාලීනව මෙම යෙදුම ලියනැබ් ඉයුලර් විසින් ප්‍රචලිත කරන ලදී. මෙම නියතය ඇතැම්විට වෘත්ත නියතය, ආකිමිඩීස් නියතය (ආකිමිඩීස් සංඛ්‍යා සමඟ පටලවා නොගත යුතුය) හෝ ලුඩෙල්ෆ් සංඛ්‍යාව ලෙස ද හැඳින්වේ. ගණිතය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රකෘති ලඝුගණක [/INST] ප්‍රකෘති ලඝුගණක විධිමත් ලෙස බහුවලයික ලඝුගණක යනු පාදය e වු ලඝුගණකයි. මෙහි e යනු 2.718281828459 ට ආසන්න අපරිමිත නියතයකි. වඩා සරලව x සංඛ්‍යාවේ ප්‍රකෘති ලඝුගණකය යනු x ට සමාන වීම සදහා e නැංවිය යුතු බලයයි. උදාහරණයක් ලෙස e හි ප්‍රකෘති ලඝුගණකය 1 ක් වේ. මන්ද e1 = e බැවිනි. 1 හි ප්‍රකෘති ලඝුගණකය o වේ. ඒ e0 = 1 වන බැවිනි. සියලු ධන තාත්වික සංඛ්‍යා x සදහා ප්‍රකෘති ලඝුගණකය 1 සිට x දක්වා y = 1/t වක්‍රය යට වර්ග ඵලය ලෙස අර්ථ දැක්විය හැකි අතර ශුන්‍ය නොවන සංකිර්ණ සංඛ්‍යා සදහාද ඉහත පරිදිම අර්ථ දැක්විය හැකිවේ. පහත සර්වසාම්‍යයන්ට අනුව ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය ඝාතිය ශ්‍රිතයේ ප්‍රතිලෝම ශ්‍රිතය ලෙසද අර්ථ දැක්විය හැකිය. වෙනත් ආකාරයකට ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය, ධන තාත්වික සංඛ්‍යා කුලක‍යේ සිට සියලු තාත්වික සංඛ්‍යා කුලකයට සමක්ෂේපයකි. වඩාත් පැහැදිලි ලෙස එය ආකලනය යටතේ වු තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකට ගුණනය කළ විට තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකින් වු සමරූපතාවයක් ඇතිවේ. මෙම ශ්‍රිතයෙන් එය නිරූපණය කළ හැකිය. එමෙන්ම ලඝුගණක ‍e ට පමණක් නොව 1 හැර අනෙක් ඕනෑම ධන පාදයකටද අර්ථ දැක්විය හැකිය. මෙය නොදන්නා දෙය වෙනත් රාශියක ඝාතයක් ලෙස ඇතිවිට ගැටලු විසදීමේදී ප්‍රයෝජනවත් වේ. ගණිතය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය [/INST] ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය යනු, එකලොස්වන පියුස් පාප්වහන්සේ විසින් 1926 වසරෙහිදී නියම කරන ලද, බටහිර ජනවන්දනා ලිතට සාපේක්ෂ වශයෙන් මෑත කාලීන එක්වීමකි. 1970 වසරෙහි සිට, එය සැමරීම, සාමාන්‍ය සමයෙහි අවසන් ඉරු දින දක්වා ගෙන ලදි. </s>