text
stringlengths
40
589k
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සරල ඝනාකාර අපිච්ඡදය [/INST] විශාල ගෝලාකාර මධ්‍ය න්‍යෂ්ඨියකින් යුතු ඝනාකාර සෛලවලින් යුතු ය. ඩිම්බ කෝෂයේ, වෘක්කාණු ආස්තරණය, තයිරොයිඩ් ග්‍රන්ථීය, ඇසේ ඇතැම් කොටස්වල අඩංගු ය. කෘත්‍ය සංශ්ලේෂණය හා අවශෝෂණය සිදුකරයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ වසර පණහක සිනමාව [/INST] ශ්‍රී ලංකාවේ වසර පණහක සිනමාව ගාමිණි හා මාලිනී නිධානය චිත්‍රපටය. මෙම චිත්‍ර පටය වසර 50 ක සිනමා ඉතිහාසයක ප්‍රථම ස්ථානය ගනී. 1947 ජනවාරි මාසයේ සිට 1997 ජනවාරි මාසය අතර සම්පුර්ණ වු වසර පනහක කාලසීමාවක් තුලදී පැවති සිංහල සිනමාව තුල බිහිවු චිත‍්‍රපට අතරින් ප්‍රධාන පෙලේ සුපිරි චිත්‍රපට අතරින් ප්‍රධාන පෙ‍ලේ සුපිරි චිත්‍රපට දහය වර්ග කිරීම සඳහා සිනමා අධිකාරීය විසින් කමිටුවක් පත්කර ඇත. 1972 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් කළ නිධානය (The Treasure) නම් චිතුපටය රංගන දායකත්වය ගාමිණි ෆෝන්සේකා හා මාලිනි විසින් ලබා දුන් අතර එහි තිර රචනය සඳහා වස්තු බීජය වී ඇත්තේ නිධානයක් ග‍බා ගැනීමේ අරමුනින් තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක්ය. මෙම චිත්‍රපටය 1972 දී වැනීසියේ පැවති අන්තර්ජ‍ාතික සිනමා උ‍ෙළලදී Silver Lion of St Mark සම්මානය හිමිකරගන්නා ලදී.තවද ලන්ඩන් සිනමා උ‍ෙළලදී වසරේ විශිෂ්ඨතම සිනමා නිර්මාණය සඳහා ඩිප්ලෝමාවක්ද හිමිකරගනී. ශ්‍රී ලාංකික සිනමාවේ මුල් වසර 50 තුල බිහිවු හොදම චිත්‍රපටය ලෙසට මෙකී චිත්‍ර පටය තෝරාපත් කර ඇත. References http://en.wikipedia.org/wiki/Cinema_of_Sri_Lanka#Fifty_years_of_cinema </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය [/INST] ඉතිහාසය බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය. 1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිනි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති. බාලදක්‍ෂ ආදර්ශපාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නය. මෙයින් අදහස් වන්නේ බාලදක්‍ෂයා සැම විටම කයින් හා මනසින් තම යුතුකම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය. “ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය. මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී. 1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී. ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොමෙන්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 1929 දී V වන ජෝර්ජ් රජු ඔහුට "ගිල්වෙල්හි බේඩන් පවෙල්" යන වංශාධිපති පදවියකින් ගෞරව කරන ලදී. 84 වන ඡන්ම දිනයට ආසන්නව තිබියදී 1941 ජනවාරි 08 වන දින B.P පරලොව සැපත් විය. - බාලදක්‍ෂ නීතිය - • බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි. • A Scout Is Trustworthy. • බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි. • A Scout Is Loyal. • බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි. • A Scout Is Friendly And Considerate. • බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි. • A Scout Is A Brother To Every Other Scout. • බාලදක්ෂයා ආචාරශීලි අයෙකි. • A Scout Is Courteous. • බාලදක්ෂයා කරුණාවන්ත තැනැත්තෙකි. • A Scout Is Kind. • බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි. • A Scout Is Obedient. • බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි. • A Scout Is Cheerful. • බාලදක්ෂයා සකසුරුවම් අයෙකි. • A Scout Is Thrifty. • බාලදක්ෂයා සිත, කය හා වචනයෙන් පිරිසිදු අයෙකි. • A Scout Is Clean In Thought, Word And Deed. - බාලදක්‍ෂ පොරොන්දුව - මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද, සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද, බාලදක්ෂ නීතියට කීකරු වීමට ද, මාගේ අවංක විශ්වාසය උඩ මාෙග් සම්පූර්ණ උත්සාහය යෙදීමට ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි. On My Honour I Promise To Do My Best To Do My Duty To My Religion And My Country To Help Other People At All Times To Obey To The Scout Law. - ලෝක බාලදක්‍ෂ පදක්කම - •තරු කොන් දහය - බාලදක්ෂ නීති දහය. •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන. •ඊ හිස - නිවැරදි දිශාව හා උසස් වීම පෙන්නුම් කරයි. •වෘත්තාකාර ලණුව - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/සහෝදරත්වය/එකට බැඳී සිටින බව •පිරිමි ගැටය - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/එකට එකතුවුණූ සහෝදරත්වය/අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින බව. ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ස්කවුටින් සඟරාව විසින් වාර්තා කර ඇත. ඉන් පෙර යුගයෙහි එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම ලෙස භාවිතා විය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ලාංඡනයේ අර්ථය •කඩුවක් සුරතින් ගත් සිංහයා - ශ්‍රී ලංකේය අනන්‍යතාව •තරුකොන් දහය - බාලදක්ෂ නීති දහය •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන •කොළ පාට - සොබා දහමට ඇති ලැදි බව / එළිමහන් දිවිය •ලා රෝස පාට - නිහතමානී බව / සමානාත්මතාව / උපේක්ෂශීලී බව •පලා පෙති දහසය - දේශීය සංස්කෘතික ලක්ෂණ බාලදක්‍ෂයකුට ප්‍රයෝජනවත් ගැට වර්ග පිරිමි ගැටය රුවල් ගැ ටය කොස් පට්ටා ගැටය කඹ කොට කිරීමේ ගැටය වටයක් පැටලැවු වළලු දෙකේ ගැටය ලණු අග වෙලීම ඩ*ගිණි නිවන්නාගේ පුටු ගැටය නොලිස්සන තොන්ඩු දෙකේ ගැටය මංපහරන්නාගේ ගැටය කතිර බැම්ම ජිවිතාරක්ෂක ගැටය තණ්ඩෙල් ගැටය ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරය මෙය ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 110 වන වසරයි. ලෝක බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 01 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248කි. 1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ විශේෂ සිදුවීම් කිහිපයක් '''ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය.''' 1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය. 1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු අතර පසුව මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ හෙයින් F.G පියර්ස් මහතා බාලදක්ෂ කටයුතු භාරව ක්‍රියා කළේය. එතුමාද ඉන්දියාවේ සේවයට ගිය අතර සර් එඩ්වඩ් ඩෙන්හැම්, J.H ද සේරම්, වර්නන් ග්‍රේනියර් යන ත්‍රිත්වය බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්හ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. ලෝක බාලදක්ෂ නායකතුමාගේ ලංකා සංචාරය 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ රැළියක් පැවැත්විය. 1934 බී.පී. තුමා තම මෙනෙවිය සමග දෙවන වරටත් ලංකාවට පැමිණීම. ලංකා පළමු බාලදක්ෂ කණ්ඩායම් බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ. 1 වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය - 1912 1 වන මහනුවර ධර්මරාජ විද්‍යාලය - 1913 1 වන කොළඹ අග්‍රාණ්ඩුකාරතුමාගේ කණ්ඩායම - 1914 2 වන කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය - 1914 1 වන ගාල්ල මහින්ද විද්‍යාලය - 1914 2 වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - 1914 ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් සිදුවීම් 1915 - මුල්ම බාලදක්ෂ සංගණනය. (බාලදක්ෂයින් / නායකයින් 248) 1916 - පෝතක බාලදක්ෂ අංශය ආරම්භ වීම. 1917 - පළමු බාලදක්ෂ රැළිය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වීම. 1917 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම. දෙවන වතාවටත් 1918 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම. 1918 -මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ වීම. 1919- තෙවන වරටත් රජුගේ ධජය දිනා ගැනීම 1920 - පළමු බාලදක්ෂ ජම්බෝරියට තේනුවර මහතා සහභාගි වීම. 1921 – B.P තුමා හා ආර්යාව පළමු වරට ලංකාවට පැමිණීම. 1924 - පළමුවන ලී පදක්කම් පාඨමාලාව මෝදරදි පැවැත්වීම. 1931 - කළුතර ද සේරම් බාලදක්ෂ ජනපදය ඇරඹීම. 1934 - B.P තුමන් දෙවන වර ලංකාවට පැමිණීම. 1945 - රුපියලේ වැඩ ව්‍යාපාරය ආරම්භ වීම. 1952 - පළමු ජාතික ජම්බෝරිය පැවැත්වීම 1955 - ශ්‍රී ලංකාව ලෝක බාලදක්ෂ සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීම. 1957 - ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නීතිගත කිරීම. 1962- පළමු බාලදක්ෂ මුද්දරය නිකුත් වීම. 1975 පළමු ජාතික කබෝරිය පැවැත්වීම. 1990 - පළමු සාක් ජම්බෝරිය පැවැත්වීම. 1991 - ප්‍රථම ජාතික ඉන්ඩාබා සමුළුව පැවැත්වීම. 2001 - ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම. සමස්ත ලංකා බාලදක්ෂ රැලි 1917 - පළමුවන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ, 1918 - 2 වන සමස්ත ලංකා රැලිය, බැරැක්ක, මහනුවර, 1919 - 3 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, 1921 - 4th All Ceylon Rally, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ, (බී.පී.තුමාගේ පැමිණීම) 1922 - 5 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, (වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922) 1924 - 6 වන සමස්ත ලංකා රැලිය, කොළඹ, (බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය) ජාතික බාලදක්ෂ ජම්බෝරි 1952 - පළමු ජාතික ජම්බෝරිය - කොළඹ 1962 - දෙවන ජාතික ජම්බෝරිය - කොළඹ 1985 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුරය 1992 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණෑගල 1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර 2002 - සයවන ජාතික ජම්බෝරිය - ගාල්ල 2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය 2010 - අටවන ජාතික ජම්බෝරිය - හම්බන්තොට 2016 - නමවන ජාතික ජම්බෝරිය -යාපනය 2020- දසවන ජාතික ජම්බෝරිය-ත්‍රීකුනාමලය ජාතික බාලදක්ෂ කබෝරි 1975 - පළමු ජාතික කබෝරිය - ගාල්ල 1984 - දෙවන ජාතික කබෝරිය - කොළඹ 1986 - තෙවන ජාතික කබෝරිය - ගාල්ල 1995 - සිව්වන ජාතික කබෝරිය - කළුතර 1996 - පස්වන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල 2000 - සයවන ජාතික කබෝරිය - මීගමුව 2004 - හත්වන ජාතික කබෝරිය - මහනුවර 2007 - අටවන ජාතික කබෝරිය - ගාල්ල 2010 - නමවන ජාතික කබෝරිය - අඟුණුකොලපැලැස්ස 2013 - දසවන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල 2016 - එකළොස්වන ජාතික කබෝරිය - ගාල්ල ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරි දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත. 1990 - පළමු සාක් ජම්බෝරිය - කොළඹ 2000 - දෙවන සාක් ජම්බෝරිය - නුවරඑළිය ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරි ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වූහ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා අැත. 2012 - 29වන කලාපීය ජම්බෝරිය - දඹුල්ල ජාත්‍යන්තර ජම්බෝරි ලෝක බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත. ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA) අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI) කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS) ලෝක බාලදක්ෂ ජම්බෝරි ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බෝරියට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වූහ. අවසන් වරට පැවැත් වූ 23 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2015දී ජපානයේදී පැවැත්විය. ඒ සඳහා රටවල් 216ක් නියෝජනය කරමින් ලොව පුරා බාලදක්ෂයින් 32000ක් මෙවර ජම්බොරියට එක්වූහ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය සිඟිති අංශය සාමාජික පදක්කම සතුට දිනුම පෝතක අංශය සාමාජික පදක්කම් රන්තරු පදක්කම් රිදීතරු පදක්කම් රන්තරු පදක්කම් බාලදක්‍ෂ අංශය ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය. දිසා කොමසාරිස් ප්‍රදානය. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ මූලාශ්‍ර පරිශීලක:Scouting magazine https://baladakshaya.blogspot.com http://www.scouting.lk/ http://www.srilankascouts.lk/si/component/content/article/76.html </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ආලෝක විදුලි පහන් [/INST] ආලෝක විදුලි පහන් යනු ඉතා පුළුල්,ඉහළ තීව්රතාවයකින් යුත් කෘතිම ආලෝක සැපයිමක් ලෙස සැලකිය හැක. බොහෝ විට මේවා යොදා ගැනෙන්නේ අඩු ආලෝක තත්ත්වයන් යටතේ පැවැත්වෙන ක්‍රීඩා තරඟ ආලෝකමත් කිරීමටය. වැඩි නාභිගත කරන ලද පහන් වේදිකා ආලෝක මෙවලමක් ලෙස බොහෝ සෙයින්  ප්රසංග හා වේදිකා නාට්ය වැනි සජීවී සංදර්ශන තුළ භාවිතා වේ.  රාත්‍රී කාලයේ ක්‍රීඩා තරඟ පැවැත්වීමට හා බොහෝ වෘත්තීය ක්රීඩා වල යෙදීම සඳහා ක්‍රීඩා පිටි ආලෝක විදුලි පහන් ක්‍රීඩා පිටිවල පැවතීම අනිවාර්‍ය කරුණක් ලෙස සලකනු ලබයි. දිවා කාලයේ කාර්‍ය බහුල ක්‍රීඩා ලෝලීන් හට සන්ධ්‍යා කාලය සහ රාත්‍රී කාලය ක්‍රීඩා සඳහා බෙහෙවින් යෝග්‍ය ලෙස සැලෙකේ. මෙහි ප්‍රධාන අභිප්‍රේරකය ලෙස සැලකෙන්නේ රූපවාහිනි අලෙවිකරණයයි. ස්ථාවර ආලෝක පහන් සවිකර නොමැති ක්‍රීඩා පිටි කෘතිම ආලෝකය අවශ්‍ය අවස්ථාවන් වලදී තාවකාලික ජංගම හා අතේ ගෙන යා හැකි ආලෝක පහන් භාවිත කරනු ලබයි. බොහෝ විශාල ආලෝක පහන්  (පහළ පින්තූරය බලන්න) බල්බ ප්‍රතිස්ථාපනය කිරීමට  සහ නඩත්තු කිරීම සඳහා දොඹකර හාවිත කරයි. මේ සඳහා සාමාන්‍යයෙන් විශේෂඥ දැනුම ලත් ඉංජිනේරුවයෙකු හෝ දෙදෙනෙකු අවශ්‍ය වේ. විවිධ මාදිලි  බොහෝ සෙයින් සුලභ ආලෝක පහන් මාදිලියක් වන්නේ ඉතා ඉහල දීප්තතාවකින් යුත් සුදු ආලෝකයක් සහිත metal-halide  (සාමාන්‍යයෙන් 75-100 ලුමන් /වොට්)ලාම්පුවයි. සෝඩියම් වාෂ්ප ලාම්පු ( Sodium-vapor lamps) ඉතා වැඩි  ලූමන්/වොට් අනුපාතයක් (සාමාන්‍යයෙන් 80–140 ලුමන් /වොට්) සහිත බැවින් හා  ඉහල පිරිවැය එලදායිතාවකින් යුක්ත නිසා සහ අවශ්‍ය පරිදි lux අගයන් පැවතීම නිසා වැඩි වශයෙන් ක්‍රිඩා තරග ආලෝකමත් කිරීමට යොදාගනු ලබයි.  LED තාක්ෂණයත් සමග වර්තමානයේ ආලෝක පහන් ක්ෂේත්‍රයේ ඉතාමත් දියුණු අවදියකට පැමිණ ඇත. මේ වන විට LED ආලෝක පහන් ක්‍රීඩාංගණය ආලෝකකරණය සඳහා යොදාගනු ලබයි. ඒ සඳහා හේතු වී ඇත්තේ LED පහන් වල ඇති වැඩි විදුලි කාර්යක්ෂමතාව හෙවත් විදුලි පිරිමැස්ම සහ වැඩි ආයු කාලයයි. 2014 මාර්තු 24 දින ලොව පළමුවතාවට එක්සත් රාජධානියේ Taunton Vale Sports Club  ක්‍රීඩාංගණය LED ආලෝකයෙන් ආලෝකමත් විය. පෝලෝ  ලොව පළමු වරට පෝලෝ ක්‍රීඩාව polo කෘතිම ආලෝක පහන් යොදා ගනිමින් 1878 ජූලි 18  දින එංගලන්තයේ, ලන්ඩනයේ, ෆුල්හැම් පෙදෙසේ දී  රෙනෙලා සංවිධානය (Ranelagh Club)හලිංග්හැම් සංවිධානයට (the Hurlingham Club) එරෙහිව පවත්වන ලදී. . ක්‍රිකට් ක්‍රීඩාව ලොව ප්‍රථම වතාවට 1952 අගෝස්තු 11 දින එංගලන්තයේ දී පවත්වන ලදී එය විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් රූපවාහිනි ඔස්සේ නරඹන ලදී. ඉන් පසුව ලොවපුරා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල ඇති ක්‍රීඩාංගණ වලද ආලෝක පහන් සවිකිරීමට පියවර ගන්නා ලදී.ක්‍රිකට් ක්‍රීඩාවේ යොදාගන්නා ආලෝක පහන් ඉතා උස් වූ සිරස් පොල්ලක ආලෝක පහන් සවිකරනු ලබන්නේ, පිතිකරුවා විසින් පන්දුවර පහර දෙන විට ඉහළ අහසට නගින පන්දුව, පන්දු රකින පිලේ සාමාජිකයන්ට හොඳින් දර්ශනයවීම සඳහායි. කෙසේවෙතත්, බොහෝ ක්‍රීඩාංගණවල විවිධාකාර වූ aආලෝකපහන් භාවිතා කරනු ලබයි. ඩුබායි හී DSC Cricket Stadium ක්‍රීඩාංගණය මෑතදී ලොව දැනට පවතින නවීනතම වළලු ආකාර වූ (Ring of Fire)  විදුලි පහන් ස්ථාපනය කරන ලදී .[citation needed] පාපන්දු තරඟ ලොව ප්‍රථම කෘතිමාලෝකයෙන් ආලෝකමත් වූ ක්‍රීඩාංගණය වන්නේ  Bramall Lane ක්‍රීඩාංගණයයි. ඉතා අදුරු වූ ශීත ඍතුවේ දී පැවැත් වූ ක්‍රීඩා තරගයක් සදහා යොදා ගන්නා ලදී. ඒ සඳහා කලින් ආරෝපනය කරන ලද බැටරි යොදා ගන්නා ලදී.  1949 සැප්තැම්බරයේ දී පළමු වතාවට එංගලන්තයේ දකුණු ලිවර්පූල් හී  FC's Holly Park ක්‍රීඩාංගණය ස්ථාවර විදුලි ආලෝක පහන් ආධාරයෙන් පැවැත්විනි.  1950 වසරේදී, Southampton FC's ක්‍රීඩාංගණය එකල එංගලන්තයේ පැවැති ආලෝක පහන් සවිකල එකම ක්‍රීඩාංගණය විය. පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගය 1955 නොවැම්බර් 30 දින එංගලන්තයේ වෙම්බ්ලි හිදී එංගලන්තය සහ ස්පාඤ්ඤ අතර පවත්වන ලදී. එම තරගය එංගලන්තය 4-1ක් ලෙස ජයග්‍රහණය කරන ලදී. 1956 පෙබරවාරි 22 දින කෘතිමාලෝක භාවිත කරන ලද පාපන්දු ලීග (Football League) තරගාවලියික් පොර්ට්ස්මවුත් හී ෆ්රටූන් පාර්ක් (Fratton Park) හිදී  පොර්ට්ස්මවුත් හා නිව් කාර්ස්ට්ල් යුනයිටඩ් (Newcastle United) කණ්ඩායම් අතර පවත්වන ලදී. පසුකාලීනව බොහෝ ක්‍රීඩාංගණ තම පැරණි ආලෝක පහන් ඉවත් කර නව පහන් සවිකර ගන්නා ලදී. මීට පෙර එය කිරීමට නොහැකි වුනේ පාපන්දු ක්‍රීඩාංගණ වල වහලය ඉතා පහතින් පැවතීම හේතුකොට ගෙනය. 1990 දී මෙය මුලින්ම ක්‍රියාවට නංවන ලද්දේ Elland Road, Old Trafford සහ Anfield යන ක්‍රීඩාංගණය වේ. රගර් තරඟ ප්‍රථම කෘතිමාලෝකය යටතේ පවත්වන ලද රග්බි ලීගය වන්නේ 1932 දෙසැම්බර් 14 දින එංගලන්තයේ වයිට් සිටි ක්‍රීඩාංගණයේදී,  White City Stadium වීග්න් සහ ලීඩ්ස් කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයයි.  එම තරගය ලීඩ්ස් කණ්ඩායම 18-9 ක් ලෙස ක්‍රීඩා ලෝලීන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ ජයග්‍රහණය කරන ලදී. එය අති සාර්ථක වූ හෙයින් වයිට් සිටි ක්‍රීඩාංගණය විසින් වියන් හයිෆීල්ඩ් ක්‍රීඩා සංවිධානය මිලදී ගෙන බදාදා දිනවල රාත්‍රී කාලයේ කෘතිමාලෝක භාවිත කර රග්බි ලීග ක්‍රීඩා සඳහාම යොදවන ලදී.  1951 ඔක්තෝබර් 31 දින බ්ර්රැඩ්ෆෝර්ඩ් හී ඔඩ්සල් ක්‍රීඩාංගණයේදී (Odsal Stadium, Bradford ) ලොව ප්‍රථම ආලෝක පහන් යොදා ගනිමින් පැවති රග්බි තරගය උතුරු බ්ර්රැඩ්ෆෝර් සහ නවසීලන්ත කණ්ඩායම් අතර ක්‍රීlඩා ලෝලීන් 29,072 ඉදිරිපිට පවත්වන ලදී. වෘතීය සුපර් ලීග (Super League ) රගර් තරගයක් පැවැත්වීමට නම් එම ක්‍රීඩා සමාජය සතුව ආලෝක පහන් සවිකරන ලද ක්‍රීඩා පිටියක් පැවතිය යුතුය. ආධුනික භාවිත  බොහෝ නවමු හා අධුනික ක්‍රීඩා සමාජ සතුව අඩු පහසුකම් සහිත ආලෝක පහන් ඇති අතර ඒවා තරග සඳහා පුහුණුවීම් කටයුතුවල යොදා ගත හැක. එම පහන් කිසිසේත්ම තරග සඳහා ප්‍රමාණවත් නොවන බව දක්වයි. ඒවා ක්‍රීඩාංගණයේදී එක් කොටසක් පමණක් ආලෝකමත් කිරීමට ප්‍රමාණවත් වේ.[citation needed] වෙනත් භාවිතයන් රේසින්  racing, බේස් බෝල් baseball, සහ ටෙනිස් tennis වැනි ක්‍රීඩා සඳහාත් ආලෝක පහන් යොදාගනු ලබයි. සඳහන් කිරීම/ පරිශීලනය (ඉංග්‍රීසි ලිපියෙන් ) </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මධූ [/INST] මධූ ෂා (උපත මධුබාලා; 26 මාර්තු 1969) යනු ප්‍රධාන වශයෙන් බොලිවුඩ්, මලයාලම්, දෙමළ, තෙලිඟු සහ කන්නඩ චිත්‍රපටවල රංගනය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ඉන්දියානු චිත්‍රපට නිළියකි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය [/INST] ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකාවේ බහු-සාමාජික මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් එකකි. මෙම දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුගෙන් 9 දෙනෙකු තෝරා ගන්නා අතර 2020 දී ලියාපදිංචි ඡන්දදායකයින් 867,709 ක් සිටිහ. 1982 ජනාධිපතිවරණය දිස්ත්රික්කය සඳහා 1982 ඔක්තෝබර් 20 දින පැවති පළමු ජනාධිපතිවරණයේ ප්රතිඵල සටහන: 1988 ජනාධිපතිවරණය දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දින පැවති දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සටහන: යොමු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බාදිය [/INST] ආශ්‍රිත උදම් Vada diya ha badiya athiwanuye chandrayage guruthwakarshanayeni </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කටුනායක [/INST] කටුනායක යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේය. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සාගරිකා ගෝමස් [/INST] Articles with hCards සාගරිකා ගෝමස් (ඉංග්‍රීසි:Sagarika Chandani Gomes ; 1961 ඔක්තෝබර් 19 - 1989 සැප්තැම්බර් 13), ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ කලාකාරිනියක වූ අතර, ඇය රජයේ රූපවාහිනී නාලිකාව වන රූපවාහිනී සංස්ථාවේ සේවය කළාය. ළමා අවධිය ඇය 1961 ඔක්තෝබර් 19 වන දින කොළඹ කාසල් කාන්තා රෝහලේ දී සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමඟ පවුලේ බාලයා ලෙස උපත ලැබුවාය. දෙහිවල ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයේ මෙන්ම දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබමින් සිටියදී ඇය සිය කලා කුසලතා වර්ධනය කර ගත්තාය. වජිර චිත්‍රසේනගෙන් ඇය නර්තනයට දස්කම් පෑවාය. ඇය ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි අතර නූර්ති සහ නාඩගම් ගායනයේදී ඇය ලෝනා මුනි රජගේ ශ්‍රී දළදා පැන්වමි ගීතය ගායනා කළාය. මෙම කාලය තුළ ඇය ටවර්හෝල් පදනමේ පොත් තබන්නියක් ලෙස සේවය කළාය. කෙසේ වෙතත්, ඇයගේ නිදහස් වෘත්තිය වූයේ රූපවාහිනී විකාශන කලාවයි. භීෂණ සමයේ ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් රජයේ ප්‍රවෘත්ති කියවන අතරේ මාරාන්තික ‘ද්‍රෝහී’ ක්‍රියාවකි. නාට්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා ටවර්හෝල් පදනමේ ශිෂ්‍යත්වයක් මත ඇය 1993 දී කල්කටා වෙත ප්‍රථම වරට විදේශ ගත වූවාය. 1987-1989 ජවිපෙ කැරැල්ලේදී සමන් පියසිරිගේ නායකත්වයෙන් යුත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ (දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය) ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ශාඛාවක් විසින් රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන්ට නියෝග කරන ලදී. තර්ජනයට ලක්ව, බොහෝ ප්‍රවෘත්ති නිවේදකයින් සවස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළහ. ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය ඒ.ජේ.රණසිංහ සාගරිකා ගෝමස් වෙත පැමිණ සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම භාර ගනී. ඇය සවස ප්‍රවෘත්ති පිළිගෙන භාර ගත්තාය. මරණය 1989 සැප්තැම්බර් 13 වැනි දින නාඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක් ඇගේ නිවසට පැමිණ ඇයව නිවස තුළට දමා බොහෝ ප්‍රශ්න ඇසුවා. ඔවුන් සමඟ යාමට පෙර ඇය ඇගේ රන් මාලය සහ අත් පළඳනාව ගලවා පියාගේ අත තැබුවාය. ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඇයව ඇගේ නිවසින් පැහැරගෙන ගොස් ඇත. පසුව ඇයව වෙරළට ගෙන ගොස් ඝාතනය කර ඇත. ඇය ලිංගික අතවරයට ලක්ව නැත. පසුව, ආරක්ෂකයින් හරියටම පැයකට පසුව නිවැසියන් නිදහස් කර ඇත. ඇගේ මිනීමරුවන් කිසි විටෙකත් හඳුනාගෙන නොමැත. මරණයට පෙර ඇය යුධ හමුදා නිලධාරියෙකු වන පෙම්වතා සමග තව දින කිහිපයකින් යුග දිවිය අරඹන්නට බලාපොරොත්තුව සිටියාය. යොමු කිරීම් සිංහල ජනයා 1989 මරණ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මාර්තු [/INST] මාර්තු යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ තෙවන මාසයයි. මෙම මාසයට දින 31ක් තිබේ. සිංහල දින දසුනට අනුව මෙය මැදින් මාසය වේ. මාස මාර්තු ග්‍රෙගරි දින දසුනේ මාස </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සමස්ත ඉන්දීය තෘණමූල් කොංග්‍රසය පක්ෂය [/INST] සමස්ත ඉන්දීය තෘණමූල් කොංග්‍රසය ( ඉංග්‍රීසි : All India Grassroots Congress; කෙටියෙන්: AITC ), වාචිකව තෘණමූල් කොංග්‍රසය (කෙටියෙන්: TMC ) යනු බටහිර බෙංගාලයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී වන ඉන්දියානු දේශපාලන පක්ෂයකි . පක්ෂය නායකත්වය දරනු ලබන්නේ 2011 සිට ප්‍රාන්තයට නායකත්වය දුන් බටහිර බෙංගාලයේ වත්මන් මහ ඇමතිනී මමතා බැනර්ජී විසිනි. එය දැනට පාර්ලිමේන්තුවේ තුන්වන විශාලතම පක්ෂය වන අතර එය ලෝක් සභාවේ මන්ත්‍රීවරුන් 23 ක් සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 13 ක් සහ ඉන්දියාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල මන්ත්‍රීවරුන් 235 ක්, භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය වලට පසුව ය. 2016 දී මැතිවරණ කොමිසම තෘණමූල් කොංග්‍රසය ජාතික දේශපාලන පක්ෂයක් ලෙස පිළිගත්තේය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පණ්ඩුකාභය රජ [/INST] පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජකෙනෙකි. ඔහු ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක් සෙසත් කළ මුල්ම ස්වදෙශික පාලකයාය. එතුමා විසින් අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළේය. ප්‍රවේණිය එතුමාගේ ප්‍රවේණිය පිලිබදව මතවාද තුනක් පවතී . මහාවංශයට අනුව එතුමාගේ මව්පියන් දෙදෙනාම ආර්යයන් වන අතර මව උන්මාද චිත්‍රා කුමරිය සහ පියා දීඝගාමිණී කුමරු වේ. කුමාරතුංග මුනිදාස ශුරින්ගේ මතයට අනුව එතුමාගේ පියා චිත්‍රරාජ වේ. ආර්යයන් සමග කිසිම සම්බන්දයක් එතුමාට නොමති අතර ස්වදේශික වීරවරයෙකි. මහාවංශ කතාව මහාවංශයට අනුව පඩුවස්දෙව් රජුට සහ භද්දකච්චායනා බිසවට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුත්‍රයා ඔහුගේ මාමාවරු මරාදමන බවට නෙයිමිත්තක කරුවන් ප‍‍්‍රකාශ කළේය. ඒ අසා නැගනියන් මරන්නෙමුයි චිත්‍රා කුමරියගේ සොහොයුරන් තීරණය කළහ. නමුත් වැඩිමහල් අභය කුමරු එය වැළකිය. ඉන්පසු ඔවුන් එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරියව බොහෝ කලක් රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිත්‍රා හ‍ට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා ලෙසද හදුන්වන ලදී. භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණි බව අසා ඇගේ සොයුරන් හයදෙනා වු රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද ලක්දිවට පැමිණයහ. ඔවුන් පැමිණ ලංකාවේ නොයෙක් තැන්වල ජනාවාස පිහිටුවීය. රාම කුමරු විසූ තැන රාමගොණයයි කියනු ලැබේ. උරුවෙල හා අනුරාධ යන දෙදෙනාගේ වාසස්ථාන උරුවෙලය, අනුරාධ යැයි කියනු ලැබේ. එසේම විජිත, දිර්ඝායු සහ රොහණ යන මොවුන්ගේ වාසස්ථානද විජිතග්‍රාම, දිර්ඝායුග්‍රාම සහ රොහණයයි කියනු ලැබේ. අනුරාධ කුමරු දකුණු දිගින් වැවක් කරවිය. ඉන් ඉක්බිතිව රජගෙයක් කරවා එහි වාසය කළේය. පඬුවස්දෙව් මහරජ සිය දෙටු පිත් අභය කුමරු සුදුසු කල උපරජ තනතුරෙහි අභිෂේක කෙළේය. දීඝායු කුමරුගේ පුත්‍රයා වන්නේ දීඝගාමිණී කුමරුය. දීඝගාමිණී කුමරු චිත්‍රා කුමරිය ගැන අසා ඇය ගැන කැමැත්තක් ඇතිවී උපතිස්ස ග්‍රාමයට ගියහ. ඉන්පසු දීඝගාමිණී කුමරු හා චිත්‍රා කුමරිය අප්‍රසිද්ධව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් චිත්‍රා කුමරිය ගැබ් ගත්තාය. චිත්‍රා කුමරියගේ දාසිය මේ බව මවුබිසවට කීවාය. මවුබිසව රජුහට මේ බව සැල කළහ. රජු තම පුත්‍රයන් කැඳවා, චිත්‍රා කුමරියව අප විසින් රැකිය යුතුය. එමනිසා දීඝගාමිණී කුමරුටම ඇය දෙමුයි කීයේය. පුතෙක් ඉපදුණොත් මරමුයි සිතා දීඝගාමිණී කුමරුට චිත්‍රා කුමරියව විවාහ කර දුන්හ. චිත්‍රා කුමරිය දරුවා බිහි කිරීමට ආසන්න කාලයේදී,‍ රාජ කුමාරවරුන්ට රහසින් වෙනත් ගර්භනී කාන්තාවක්ව රැගෙනවිත් චිත්‍රා කුමරිය සමීපයේ තැබීය. සුදුසු කාලයේදී චිත්‍රා කුමරිය පුතෙකු වැදුවාය. අනෙක් කාන්තාව දුවෙකු වැදුවාය. ඒ කුමරුව පණ්ඩුකාභය යැයි නම් කළෝය. චිත්‍රා කුමරිය විසින් ඒ කාන්තාවට මසු දහසක් හා සිය පුතු දී, ඒ දියණියව රැගෙන ළඟ හොවාගත්තීය. චිත්‍රා කුමරියට දුවෙක් ඉපදුණායි සිතා රාජ කුමාරවරු සතුටු වූහ. චිත්‍රා කුමරියගේ නියමයෙන් එක් දාසියක් ළදරු කුමරහු කරඬුවක බහාගෙණ දොරමඩල නම් ගමට ගියාය. පණ්ඩුකාභය කුමරු පිළිබද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ කළහ. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු සියලු අනතුරු වලින් දිවි ගලවා ගත්‍හ. පසුව සොළොස් හැවරදි වූ කුමරු ශිල්ප හැදැරීම සදහා දකුණුදිග පණ්ඩුල නම් ගම විසූ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙත යැවුයේය. කුමරු එහි ගොස් පණ්ඩුල බමුණ මුණගැසිණ. “දරුව ‍තෝ පණ්ඩුකාභය කුමරු දැයි” යි විචාරා “ඒසේය” යි කීකල ඔහුට සත්කාරකොට “දරුව තෝ රජ වන්නීය. සමසැත්තැවසක් රජය කරන්නෙහිය. ශිල්ප උගණුව.” යි කියා ශිල්ප ඉගැන්විය. පණ්ඩුල නම් බ්‍රාහ්මණයාගේ චන්දන නම් පුතු හා පණ්ඩුකාභය කුමරු වහා සිප් නිමවා පන්සියයක් පිරිවර සමග පණ්ඩුල ග්‍රාමයෙන් නික්ම කසගලට පැමිණියහ. එතැනින් සත්සියයක පිරිවර සමග ඉක්බිතිව එක්දහස් දෙසියයකින් සමන්විත පිරිවර ගිරිකණ්ඬසිව නම් කුමරුගේ දේශය වෙත ගියහ. ඉක්බිතිව පාණ්ඩුකාභය කුමරු ගඟින් එතර දොළුගලට ගියේය. එහි සතර අවුරුද්දක් වාසය කෙළේය. මාමාවරුන් එපවත් අසා පාණ්ඩුකාභය කුමරු සමඟ යුද පිණිස එළඹියෝය. මාමාවරුන් දුම්රක්ගල කඳවුරු පිහිටුවා බෑණ සමඟ යුධ කළෝය. මාමාවරුන්ව ගඟින් එතරට පළවා හැරි පණ්ඩුකාභය කුමරු ඒ කඳවුරෙහි දැවුරුද්දක් විසිය. දුම්රක්ගල වසන චෙතියා නම් යකින්න තිඹිරසඟන විලෙහි වෙළඹරුවින් ඇවිදින්නීය. සුදු සිරුර හා රන්පැහැති සිත්කලු ඒ වෙළඹ එකෙක් දැක “මෙහි මෙබඳු වෙළඹක් වසන්නීය” යි කුමරු හට දැන්විය. කුමරු රැහැණ ගෙණ ඇය අල්වා ගන්ට එළඹියේය. පසුපසින් ආවහු කුමරු දැක ඕතොමෝ භයවී අතුරුදහන්නොවි ඒ විල සිසාරා දිව්වාය. ඈහට “ති මරමි” කියා කඩුවු එසවිය. “ස්වාමිනි, ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනව” යි ඇය කීවාය. ඔවුන් දුම්රක්ගලට ගොස් එහි සතර අවුරද්දක් වාසය කළේය. භටසේනා රිටිගලට අවුදින් යුධකාලය බලමින් එහි සත්අවුරුද්දක් වාසය කළේය. මාමාවරුන් දෙදෙනෙකු හැර ඔහුගේ සෙසු මාමාවරුන් අටදෙනා යුදයට සැරසුණෝය. ඔවුන් රිටිගල එළඹ (එහි පෙර පිහිටි) කුඩානුවර කඳවුරු පිහිටුවා ගෙණ සිවුරගසෙන් දි සෙනෙවියා යවා හාත්පසින් රිටිගල වට කළහ. පණ්ඩුකාභය කුමරු චෙතියා යකිනිය හා මන්ත්‍රණය කොට පණ්ඩුකාභය කුමරු යක්වෙළඹ පිට නැගි කුමාරයාගේ සේනාව මාමාවරුන් සමග යුද්ධයට එළඹුණාය. පණ්ඩුකාභය කුමාරයාගේ සේනාව, සියලුම පරසෙනාද මාමාවරුන් අටදෙනාද මරා යුද්ධය ජයග්‍රහණය කළෝය. ඉනපසු පණ්ඩුකාභය කුමාරු රාජ්‍යත්වයට පත්ව හැත්තෑ වසරක් රාජ්‍යය කළේය. මේවාද බලන්න අභය වැව අසල දේවාලය දීඝගාමිණී අනුරාධපුරය යක්කයින් මූලාශ්‍ර සිංහලේ රජවරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හැංගිමුත්තං [/INST] හැංමුත්තං යනු පොඩි ළමුන්ගේ ක්‍රීඩාවකි. මේ සඳහා දෙදෙනෙකුට වඩා වැඩි දෙනෙක් සිටිය යුතුය. මෙහිදී කෙරෙනුයේ එක් අයකු හැරෙන්නට අන් සියල්ලෝම තැන් තැන් වලට ගොස් සැඟවී සිටීමය. අර පෙර සඳහන් කළ තැනැත්තා යම් කාල සීමාවකට පසුව ඔවුන් සෙවිම ආරම්භ කරනු ලැබෙයි. සෙල්ලම් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඩන්සිනන් දියඇල්ල [/INST] ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළු ඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු පුඩළුඔය ඇල්ල (ඩන්සිනන් දියඇල්ල) නම් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ. මේවාද බලන්න ශ්‍රී ලංකාවේ දියඇලි ආශ්‍රිත ශ්‍රී ලංකාවේ දිය ඇලි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ෂැවොලින් කුං ෆු [/INST] ෂැවොලින් කුං ෆු ෂැවොලින් වුෂු හෝ ෂැවොලින් ක්වාන් ලෙසද හැඳින්වේ, වුෂු හෝ කුංෆු හි පැරණිතම, විශාලතම හා වඩාත් ජනප්‍රිය සටන් ක්‍රම වලින් එකකි. ඉතිහාසය ===ෂැවොලින්ට පෙර චීන සටන් කලාව=== දකුණු හා උතුරු රාජවංශ (ක්‍රි.ව. 420–589) සුයි සහ ටැන්ග් රාජවංශ (ක්‍රි.ව. 581-907): ෂැවොලින් සොල්දාදුවන් භික්ෂූන් මින්ග් රාජවංශය (1368-1644) </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඇඩ්රිනලින් [/INST] ඇඩ්රිනලින් () යනු හෝමෝනයක්, neurotransmitter සහ ඖෂධයක් වේ. මූලාශ්‍ර ඖෂධ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි [/INST] මෑත යුගයේදී බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහගු ශාසනික සේවයක් ඉටුකල බෞද්ධ භික්ෂුන් අතරින් ඉදිරියෙන්ම කියවෙන නාමයක් වේ නම් ඵ් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමයයි. එවකට බෞද්ධයන් විසින් කිතුණුවන් සමග යෙදුණු වාද වලදි උන් වහන්සේ නායකත්වය ගෙන කටයුතු කිරිමත් සමග උන් වහන්සේ නිතැතින්ම මහත් ප්‍රසිද්ධියට පත්වුයේය. මුල්කාලීන ජිවිතය බලපිටිය මොහොට්ටිවත්ත නම් ගම්මානයේදී අසනේරිස් මැන්දිස් මහතාටත් සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතොණියටත් 1823 පෙබරවාරි 09 වෙනි දින පුත්‍ රුවනක් ලැබින. හේ නමින් මිගෙල් මැන්දිස් නම් විය. දොලොස් හැවිරිදි වියෙදී සසුන් ගත වු මේ කුමරා පසූව මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි නම් විය. සිය ගුරු හිමියන්ගේත් පියාණන්ගේත් අභාවයෙන් මහත්සේ කම්පාවට පත් ගුණානන්ද හිමියො සිය පැවිදි දිවියෙන් තාවකාලිකව සමුගත් බව පෙනෙන්නට තිබේ. 1874 දී උපසම්පැපදාව ලැබූ උන්වහන්සේ පැවිදි දිවිය තුලදි තමනට හැකි උපරිමයෙන් සිංහල,පාලි,සංස්කෘත ආදි භාෂාවනුත් බුදු දහමත් උගත් උන්වහන්සේ පසුකාලිනව ලද ඉංග්‍රීසි භාෂා අධය්‍යාපනයත් සමග කිතු දහමද මැනවින් උගත්තේය. බුදු දහමෙත් කිතු දහමේත් සංසන්දනාත්මක අධය්‍යනයෙන් එලඹ් නිගමන ඔස්සේ පසුකාලීනව බුදු දහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් කැප වු බවක් පෙනෙන්නට තිබේ. එකල කරදරයක් නැතිව මහ මග ගමන් ගන්නා අයෙක් වි නම් හෙතෙම බයිබලයක් අතින් දරා සිටින්නෙකු විය යුතුය. ඊට හේතුව වුයෙ කිතුදහමටත් බටහිර ඌජාරුවටත් එකල හිමිව තිබු සැලකිල්ලය. එසේ නොවන්නට යම් ‍යම් දුෂ්කරතාවයන්ට ලක්වන්නට සිදුවිම සුලභ සිද්ධියක් විය. එමෙන්ම සිංහල ජාතියටත් බුදු දහමටත් මෙකල රජයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වින. 1849 වර්ෂයෙ දී පැනවු එක් නියෝගයකට අනුව කොළඹ නගරයේ වු සියලු බෝ ගස් කපා ඉවත් කිරිම කළ යූතු විය. එහෙත් මෙකි නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මොහොට්ටිවත්තේ ගුනාණන්ද හිමියන් ප්‍රමුඛ කොළඹ බෝධිරාජ සමිති‍යෙන් ඉඩ නොලැබිණි. තිබු බෝ ගස් කැපිමට ඉඩ නොදිමත් කැපු ගස් වෙනුවට තවත් බෝ ගස් සිටුවිමත් උන්වහන්සෙගේ ප්‍රධානත්වයෙන් පිහිටවු සමිතියෙන් සිදු කෙරිණ. උන් වහන්සේ ක්‍රිස්තියානි වාද විසාතනිය, සත්‍ය විය, රිවිරැස, බුද්ධ ඇදහිල්ල ඇති පොත් පත් ද රචනා කළහ. මෙකල බුදු දහමත් කිතුනුදහමත් අතර පැවති පංච මහාවාද වැඩ සටහන පිලිබදවත් නොකියාම බැරිය.1865 බද්දේගම දී ද 1865 කැලණියේ වරාගොඩ දී ද 1866 උදම්මිට දී ද 1871 ගම් පොළ දී ද 1873 පානදුරේ දී ද බෞද්ධ - ක්‍රිස්තියානි දෙපිරිස අතර ප්‍රසිද්ධ වාද ඇති විය. පංචමහාවාද යනුවෙන් හැඳිවෙන්නේ ඒවාය. එවැනි වාද අතුරින් පානදුරා වාදය බෞද්ධාගමට වාසි ලබා දෙමින් නිමාවු‍යෙය. මෙම ජයග්‍රහනයෙන් වාර්තා ඉංග්‍රිසි භාශාවෙන් කිය වු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඉන් පැහැදි ශ්‍රි ලංකාවේ බෞද්ධාගමික කටයුතු කෙරෙහි මුල් වු බව කියවේ. සිංහල බෞද්ධ කොඩියේ ආරම්භය සනිටුහන් වන්නේ මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගේ විවාදයන් හි එසවු ධර්ම චක්‍රය ඇතුලත් කොඩියේ සිටය.1873 දී මෙම වාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් ‍යම් තැනක සදහන් වන උන්වහන්සේගේ චතුර කථිකත්වය නිසාම "වාදිභසිංහ" නාමය උරුම කරගත් බව සදහන් වෙයි. මෙවන් නිර්භීත ශාසනික සේවාවන් ‍රැසක් ඉටුකල උන්වහන්සේ ඓතිහාසික සැමරුම් රාශියක් ඉතිරි කරමින් වර්ෂ 1890 සැප්තැම්බර් 21 වන දිනයේ අපවත් වී වදාළහ. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරැදු 67කි. බෞද්ධ ලේඛකයෝ ථේරවාද බෞද්ධ සංඝයා වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධ සංඝයා වහන්සේ 1823 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1030 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. 1030 </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: යුරෝපයේ රටවල් සහ පරායත්ත භූමිප්රදේශ [/INST] ඩෙන්මාර්කය ඔස්ට්‍රියාව පෘතුගාලය ස්වීඩනය ජර්මනිය ස්විට්සර්ලන්තය ස්පාඤ්ඤය ෆින්ලන්තය ඉතාලිය ග්‍රීසිය නෝර්වේ පෝලන්තය එක්සත් රාජධානිය අයර්ලන්තය නෙදර්ලන්තය ස්ලොවේනියාව රුසියාව එස්තෝනියාව බොස්නියා සහ හර්සගොවිනා මැසිඩෝනියාව යුක්රේනය බෙල්ජියම ලක්සම්බර්ග් රුමේනියාව හංගේරියාව ලිතුවේනියාව ක්‍රෝඒෂියාව ඇල්බේනියාව ප්‍රංශය ස්ලොවැකියාව ලැට්වියාව මෝල්ඩෝවා ඇන්ඩෝරා අයිස්ලන්තය ලීච්ටෙන්ස්ටයින් මොනාකෝ චෙක් ජනරජය මෝල්ටාව සර්බියාව බල්ගේරියාව මොන්ටිනීග්‍රෝ සැන් මැරිනෝ කොසොවෝ ට්‍රාන්ස්නිස්ට්‍රියා ෆැරෝ දූපත් ඒලන්ඩ් දූපත් අයිල් ඔෆ් මෑන් ගුවෙන්සි ජර්සි ජිබ්‍රෝල්ටාර් ස්වැල්බාඩ් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මහාගෞරි [/INST] මහාගෞරි (දේවනාගරී: महागौरी) යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ නවදුර්ගා ස්වරූප අතුරින් අටවන ස්වරූපයයි. නවරාත්‍රී උත්සවයේ අටවන දිනයේ දී මහාගෞරි වන්දනාවට පාත්‍ර වේ. හින්දු පුරාණෝක්තිවේදය අනුව මහාගෞරි දෙවඟන සිය බැතිමතුන්ගේ සියලු ආශාවන් ඉටු කරදෙන්නී ය. දෙවඟන වන්දනාමාන කරන අයෙක් දිවියේ සියලු වේදනාවන්ගෙන් නිදහස් වේ. ආශ්‍රේයයන් බාහිර සබැඳි මහාගෞරි නවදුර්ගාවෝ හින්දු දෙවඟනෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma) [/INST] ප්‍රභාත් මාන්නප්පෙරුම (ඉංග්‍රීසි: Prabhath Mannapperuma) යනු STEMUP අධ්‍යාපනික පදනම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වරයායි. ජීවන සටහන් ප්‍රභාත් මාන්නප්පෙරුම ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව ආදි සිසුවෙකි. ඔහු වෘර්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වෙයි. ආශ්‍රිත ශ්‍රී ලංකාවේ තරුණ පරිගණක ක්‍රමලේඛකයින් ටිකෙන් ටික ගොඩනැගීම STEMUp අධ්‍යාපනික පදනම පිළිබඳ දර්ශනයක් micro:bit ශ්‍රී ලංකා සමුහයේ අරමුණ CoderDojo ශ්‍රී ලංකා හරහා ශ්‍රී ලාංකීය දූ පුතුන් පරිගණක කේතනයෙන් සවි බල ගැන්වීම  චරිත කතා ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 304 (ක්‍රීඩාව) [/INST] 304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී. දළ විශ්ලේෂණය 304 උපක්‍රම සම්බන්ධ කාඩ් ක්‍රීඩාවකි. යම් යම් අවස්ථාවන්හිදී යම් යම් කාඩ් මතක තබා ගැනීමට සිදු වේ. එක් ආකාරයටකට මෙය වාසනාව හා ඇතැයි සිතිය හැකිය. තවද මෙය ගණනය හා බැඳී ඇති යම් අවස්ථාවලදී තරඟය අවසන්වීමට ප්‍රථම ජය පරාජය ප්‍රකාශ කල හැකි වේ. ආරම්භයේදී එක් ක්‍රීඩකයකුට කාඩ් 4 බැගින් දක්ෂිණාවර්ථව කාඩ් බෙදන්නා විසින් කාඩ් බෙදනු ලැබේ. කාඩ් බෙදන්නාට ආසන්නතම දකුණෙන් සිටින ක්‍රීඩකයා විසින් තුරුම්පු වර්ගය කිව යුතු වේ. මෙම ක්‍රීඩකයා තමාට ලැබුණු කාඩ් 4න් වඩාත් ගැලපෙන කාඩ් පත රැගෙන එහි මුහුණත අන් අයට නොපෙනෙන පරිදි මේසය මත තබයි. පසුව අනිත් ක්‍රීඩකයින්ට ඇසෙන සේ තමන්ගේ පිළට ලබා ගත් හැකි ලකුණු ගණනක් ප්‍රකාශ කරයි. මෙය බොහෝවිට තමා අතේ ඇති වාසි දෙස බලමින් කෙරෙන නිගමනයකි. දැන් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයකුට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පළමු ක්‍රීඩකයා කී ගණනට වඩා ලකුණු ගණනක් ගත හැකි නම් ඒ බව කියමින් ඔහුගේ තුරුම්පුව අන් අයට නොපෙනෙන්නට වඩා තබයි. මෙසේ දෙවැනි ක්‍රීඩකයා කිරීම අනිවාර්ය නොවේ. කිසියම් හෙයකින් දෙවැනි ක්‍රීඩකයා වඩා වැඩි අගයක් ඉදිරිපත් කලේ වී නම් පළමු ක්‍රීඩකයාගේ තුරුම්පුව අවලංගු වී දෙවැන්නාගේ තුරුම්පුව වලංගු වේ. දැන් අවැසි නම් 3වැනි ක්‍රීඩකයාට එනම් පළමු ක්‍රීඩකයාගේ පිළේ අනෙත් ක්‍රීඩකයාට අවස්ථාවක් ලැබේ. ඔහු යම් හෙයකින් ඔහුට ඊටත් වැඩි අගයක් ලබා ගත හැකියැයි සිතයි නම් නව අගයක් කියමින් ඔහුගේ තුරුම්පු වර්ගය ඉදිරිපත් කරයි. මෙසේ 4 වැනියාටද අවස්ථාවක් ලැබේ. එක් අයෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි. එම නිසා වාසි අවස්ථාවන් බලා වඩා ඉහල අගයක් කීමෙන් වාසිය තමා කෙරේ රඳවා ගත හැකිය. මෙසේ තුරුම්පු සැඟවූ පසුව අනෙත්කාඩ් 4 බෙදනු ලැබේ. දැන් එක් ක්‍රීඩකයෙකුට කාඩ් 8 බැගින් ලැබී ඇත. එක් ක්‍රීඩකයෙක් පමණක් තුරුම්පු වර්ගය දන්නා අතර ක්‍රීඩාව පටන් ගනී. පළමුව කාඩ් ලැබුණු ක්‍රීඩකයා පළමුව කාඩ් පතක් ඉදිරිපත් කරයි. මෙහිදී ඔහු විසින් තුරුම්පු සඳහන් කලේ වී නම් එම වර්ගයේ කාඩ් පතක් නිකුත් කිරීම කල නොහැකි වෙයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට තුරුම්පු වර්ගය ගැන කිසියම් නිගමනයක් ලබා ගත හැකි වෙයි. බොහෝ විට පළමු ක්‍රීඩකයා J කාඩ් ඇත්නම් එය ඉදිරිපත් කරයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට සමාන වර්ගයේ කාඩ් ඇත්නම් ඒවා ඉදිරිපත් කලයුතු වෙයි. යම් හෙයකින් එම ජාතියේ කාඩ් නොමැති නම් කිසියම් වර්ගයක කාඩ් පතක් මුනින් අතට නවා අන් අයට එක කුමක්දැයි නොපෙනෙන ලෙසට තුරුම්පු සඳහන් කළ තැනැත්තා වෙතට ඉදිරිපත් කරයි. යම් හෙයකින් එය තුරුම්පු වී නම් එය සියල්ලන්ටම පවසයි. ලකුණු කාඩ් සියල්ලේම ලකුණු එකතුව 304ක් වේ.(නැතහොත් 30.4ක් වේ.) එම නිසාම මෙම ක්‍රීඩාවට 304 යන නාමය ලැබී ඇත. එය පහත අයුරින් කාඩ් එකිනෙක හා බෙදී යයි. 8 හා 7 යන කාඩ් සඳහා කිසිදු ලකුණක් නොලැබේ. උපරිම ලකුණු එනම් 30 ලැබෙන්නේ J සඳහාය. ආරම්භක ලකුණු මුල් ක්‍රීඩකයාගේ ආරම්භක ලන්සුවේ අවම අගයක් පවතී. එය බොහෝ විට 160 ලෙසින් පිළිගනී. මෙයින් අදහස් වන්නේ ලන්සුව තැබූ පිළ ලකුණු 160ක් ගත යුතු බවයි. එවිට අන් පිලේ අයෙක් 170 හෝ 200 හෝ කිසියම් වැඩි අගයක ලන්සුවක් තැබිය හැකිය. මේ අවස්ථාවේදී ලන්සුව තැබූ පිළ ඒ ලකුණු ගණන ලබා ගත යුතුය. එනම් ලන්සුව වැඩිවන විට ලබා ගත යුතු ලකුණු ගණන වැඩි වේ. එසේ නැත්නම් අනිත් පිළ ලබා ගත් යුතු ලකුණු ගණන අඩු වේ. එසේ වන්නේ මුළු ලකුණු ගණන 304ක් බැවිනි. මෙහිදී මුල් ක්‍රීඩකයාට විශේෂ අවසරයක් ලැබේ. එනම් ඔහුට පළමුව ලැබුණු කාඩ් සියල්ලේ ලකුණු එකතුව 16ට වඩා අඩු නම් අත බිම දැමීම එනම් අවලංගු කිරීම කළ හැකි වෙයි. මෙයින් කියැවෙන්නේ ඔහුට ආරම්භක ලන්සුව තැබීමට තරම් වාසි කාඩි නොලැබුණු බැවින් එම ක්‍රීඩා වාරය අවලංගු කළා යන්නයි. නීති දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව ඇත්නම් එය ඉදිරිපත් කල යුතු වෙයි. දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව නැත්නම් පමණක් වෙනත් වර්ගයක කාඩ්පතක් ඉදිරිපත් කල හැකි වෙයි. පළමුව කාඩ්පත් ලැබුණු ක්‍රීඩකයා මුල්ම ලන්සුව තැබිය යුතුය. අවම ලන්සුවේ අගය 160කි. මුල් ක්‍රීඩකයා තුරුම්පු නම් කලේ වී නම් ඔහුට එම වර්ගයේ කාඩ්පතක් පළමු වාරයේදී නිකුත් කල නොහැකිය. තුරුම්පු සියළුම කාඩ්වලට වඩා බලවත් බැවින් කිසිවිටෙක එය සඟවා තැබිම (පාස් කිරීම) කළ නොහැක. එක් ක්‍රීඩකයෙකුට තුරුම්පු ඉල්ලීම(ලන්සු තැබීම) සඳහා එක් අවස්ථාවක් පමණක් ලැබේ. ඔහුට ලන්සුව වෙනස් කිරීම කල නොහැකිය. එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැක. මුල් ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් ප්‍රතිවාදී පිළට ලන්සු තැබීමේ එක් වාරයක් හෝ අඩුම තරමින් ලැබේ. උදාහරණ ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති අවස්ථාවක් සලකමු. පළමු ක්‍රීඩකයාගේ කාඩ් 4 එතරම් හොඳ වාසි සහගත නොමැති බැවින් හා තමා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් 170 යැයි පවාසයි. 4 වැනි ක්‍රීඩකයා(ප්‍රතිවාදී පිළේ ක්‍රීඩයයෙක්) තමාගේ කාඩ් 4 තරමක් වාසි සහගත බැවින් හේ 180 යැයි කියමින් ලන්සුව ඉහල දමයි. දැන් 2 වැනි ක්‍රීඩකයාගේ කාඩ් වඩාත් වාසි සහගත උවත් ඔහුට මෙම ලන්සුව වැඩි කර ගත නොහැකි වෙයි. ඒ මන්දයත් එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැකි බැවිනි. දැන් ක්‍රීඩාවේ අවසාන ලන්සුව 180 බැවින් ප්‍රතිවාදී පිළ විසින් ලකුණු 125(304 - 180 + 1)ක් ලබා ගත යුතු වෙයි. ක්‍රිඩාව අරඹන්නේ පළමුව ලන්සුව තැබූ ක්‍රීඩකයාම වේ. තවමත් තුරුම්පු හෙලි වී නොමැත. මෙම වාරයේ ක්‍රීඩා කරනුයේ තුරුම්පු නොවන කාඩ් වර්ගයකි. එක් ක්‍රීඩකයෙක්ට මෙම ක්‍රීඩා වාරයේ කාඩ් නොමැති හෙයින් ඔහුට තුරුම්පු අනුමානා කරමින් කාඩ්පතක් සඟවා තුරුම්පු නම් කල ක්‍රීඩකයා වෙතට යවයි. මෙම අවස්ථාවේදී එය තුරුම්පු වර්ගයේ කොලයක් නම් සියල්ලන්ටම එය හෙලි කල යුතු වෙයි. තමා විසින් සැඟවූ කොළයද අන් අයට පෙන්විය යුතු වෙයි. විචලනයන් සමහර අවස්ථාවලදී 8 හා 7 යන කාඩ් ක්‍රීඩාව සඳහා යොදා නොගනී. එවිට එක් ක්‍රීඩකයකුට ලැබෙන්නේ කාඩ් 6ක් පමණි. මෙම අවස්ථාවේදී පළමුව කාඩ් 3ක් හා දෙවැනුව කාඩ් 3ක් බෙදීම සිදු වේ. සමහර අවස්ථාවලදී පළමුව කාඩ් 4ක් හා දෙවැනුව කාඩ් 2ක් බෙදීමද සිදු වේ. ක්‍රීඩකයින් ගණන අනුවද යම් යම් විචලනයන් සිදු වේ. ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇති විටදී ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති විටදී ක්‍රීඩකයින් 8 දෙනෙක් ඇති විටදී අවම ලන්සුව වෙනස් වේ. තුරුම්පු Half-Court මෙම අවස්ථාවේදී Half-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. මෙහි විශේෂත්වය වනුයේ දෙවැනි වටයට කාඩ් බෙදීමට ප්‍රථම එය අන් අයට පැවසිය යුතු වෙයි. එනම් කාඩ් 4ක්(හෝ 3ක්) ලැබීමෙන් අනතුරුවය. තවද සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ. Full-Court මෙම අවස්ථාවේදී Full-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ. මේවාත් බලන්න ඕමි ඌනෝ පිස්සු අට කාඩ් ක්‍රීඩා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මුඛ ප්‍රතිසජලන ළවණය [/INST] දියරමය පාචනයට ප්‍රතිකාරය ඉතා විශ්වාසදායී ඔසුවකි අඩු මිල විශිෂ්ඨ මානව නිර්මාණ කීපයෙන් එකකි ලංකාවේ බහුලව හඳුන්වන්නේ ජීවනී නමිනි. භාහිර සබැඳි ප්‍රතිසජලන ව්‍යාපෘතිය [Rehydration Project] ඖෂධ ප්‍රතිකාර කොලරාව විජලනය Body water Gastroenterology Medical treatments Therapy World Health Organization essential medicines Wikipedia medicine articles ready to translate </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සප්ත කන්‍යා ගුවන් අනතුර [/INST] මාටින්එයා ගුවන් සේවයේ 138 ගුවන් යානය 1974 දෙසැම්බර් 4 දින ශ්‍රී ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත් විය. එය ඉන්දුනීසියාවේ සුරාබයා සිට කොළඹට එමින් පැවති ගුවන් යානයකි. එය ගරුඩා ඉන්දුනීසියා ගුවන් සේවය වෙනුවට ක්‍රියාත්මක වූ ගුවන් යානයකි. එය මැක්ඩොනල් ඩග්ලස් DC-8-55CF යානයකි. මෙම අනතුරින් යානයේ සිටි මගීන් 191ම, හෙවත් හජ්ජි සැමරීමට මක්කම බලා ගමන්ගනිමින් සිටි ඉන්දුනීසියානු මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9දෙනා  මරණයට පත් වූහ. ගුවන්යානය සුරාබයා ගුවන්තොටුපොලෙන් UTC වේලාවෙන් 12.03ට ජෙඩා බලා පිටත් වී ඇති අතර එය අතරමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් නැවත්වීමට සැලසුම් කර තිබී ඇත. UTC වේලාවෙන් 16.30ට පමණ කටුනායක පාලක මැදිරිය ගුවන්යානය නිෂ්කාශනය කර ඇත. UTC 16.38ට පමණ වෙනත් ගුවන් ගමන් පාලකයෙක් ගුවන්යානය අඩි 5000ට නිෂ්කාශනය කර අඩි 8000ට නිෂ්කාශනය කිරීම වාර්තා කර ඇත. 16.44ට  පාලක මැදිරිය ගුවන්යානය අඩි 2000ට නිෂ්කාශනය කර ඇති අතර ධාවනපතයට 04ක ප්‍රවේශයක් බලාපොරොත්තු වෙන්න යි දැනුම් දී ඇත. එමෙන් ම කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ධාවනපාතය දර්ශනය වන විට දැනුම් දීමට ය. නියමුවන් ගුවන්යානය අඩි 4,355ක් උස හා ගුවන්තොටුපොළට නාවුක සැතපුම් 40ක් නැගෙනහිරින් පිහිටි සප්තකන්‍යා කඳුවැටියේ ගැටෙන තුරු ම පහතට බැසීම පවත්වාගෙන ගොස් ඇත. ඉන් ගුවන්යානයේ සිටි සියලුදෙනා ම මියගොස් ඇත. මෙය දැනටත් ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම අනතුර වන ඇරෝ එයාර් 1285 හා නයිජීරියා එයාර්වේස් 2120 ගුවන්යානා අනතුරු වලට පසුව සිදු වූ DC-8 ගුවන් යානයක් සම්බන්ද තුන්වන දරුණුම අනතුර ද මෙය වේ. එකල, මෙය ලෝකයේ සිදු වී ඇති දෙවනි දරුණුතම ගුවන්යානා අනතුර විය. ගුවන්යානය සහ කාර්ය මණ්ඩලය මෙම ගුවන්යානය 1966දී නිම කරන ලද PH-MBH ලෙස ලියාපදිංචි කර තිබූ මැක්ඩොනල් ඩග්ලස්  DC-8 ගුවන්යානයකි. එය KLM ගුවන්සේවය විසින් වෙනස් කරන ලද ප්‍රැට් සහ විට්නි එන්ජින්වලින් සමන්විත වූවකි. මාර්ටින් එයාර් 138 ගුවන්යානයේ කාර්යමණ්ඩලය: ප්‍රධාන නියමුවා වූ හෙන්ඩ්‍රික් ලෑම්, පළමු නියමුවා වූ රොබර්ට් බ්ලොම්ස්මා, ගුවන්යානා ඉංජිනේරු ජොහැන්නස් විජ්නන්ඩ්ස්, නෞගණක ඉන්ග්‍රිඩ් වෑන් ඩ විලට් සහ ගුවන් සහයක හෙන්රියෙට්ටා බොර්ග්හොල්ඩ්ස්, අබ්දුල් හමීඩ් උස්මාන්, ලිලික් හෙරවාටි, ටිටියා වෑන් ඩිජිකුම්, සහ හෙන්ඩ්‍රිකා වෑන් හැම්බර්ග්. පිහිටීම ගුවන් යානය අනතුරට පත් වූයේ මස්කෙළිය තර්බර්ටන් වත්තේ තිබූ සප්ත කන්‍යා නම් වූ කඳුවැටියේ 5වන කන්දේ ගැටීමෙනි. එය අනතුරට පත් වූයේ කටුනායක ගුවන්තොටුපොළේ සිට නාවික සැතපුම් 40ක් දුරිනි. අනතුරට හේතුව නිරීක්ෂකයින් අනතුරට හේතුව ලෙස දක්වා ඇත්තේ ගුවන්තොටුපොළට ඇති දුර වැරදියට හඳුනා ගැනීමෙන් නියමුවන් ආරක්‍ෂිත අවම උස මට්ටමට වඩා පහලට බැසීමේ දී සිදු වූ නැගී එන බිම් මට්ටම සමඟ සිදු වූ ඝට්ටනයකි. නිරීක්ෂකයින්ට අනුව මෙම දුර පිළිබඳ වැරදි අර්ථකතනයකට නියමුවන් මුහුණ දී ඇත්තේ ගුවන් යානයේ දී ඩොප්ලර් සහ කාලගුණ රේඩාර් පද්ධති මත ම යැපීම නිසා ය. අනතුරට තුඩු දුන් සිද්ධීන් ගුවන්යානය ඉන්දුනීසියාවේ සුරාබයා ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් 1974 දෙසැම්බර් 4වනදා පැය 1200 ට පමණ සවුදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළ බලා ගුවන්ගත වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සැලසුම්කර තිබූ නැවතුමකුත් සහිතව ය. ගුවන්යානය පැය 1616ට පමණ කටුනායක ප්‍රවේශ පාලක මධ්‍යස්ථානය සම්බන්ද කරගනිමින් ඔවුන් සැතපුම් 130ක් දුරින් සිටින බව වාර්තා කර ඇති අතර පාලක මැදිරිය කාලගුණ තත්ත්වයන් වාර්තා කර ඇති අතර ගුවන් යානයට බැසීම් අවසරය සඳහා කොළඹ ප්‍රදේශ පාලක මැදිරියට මාරු වීමට දන්වා ඇත. පසුව ගුවන්යානය අඩි 35,000 සිට බැස ඇති අතර ප්‍රවේශ පාලක මැදිරියට නැවත භාර දී ඇත. ප්‍රවේශ පාලක මැදිරිය ගුවන්යානය අඩි 2,000ට බැස්වීමට අවසර දී ඇති අතර නියමුවන්ට දැනුම් දී ඇත්තේ ගුවන්තොටුපොළ දර්ශනය වුවහොත් හෝ කටුනායක අදෛශික සංඥා කුලුනට උඩින් සිටියහොත් දැනුම් දෙන ලෙස යි. නියමුවන් විසින් මෙම දැනුම්දීම පිළිගෙන ඇති අතර ඉන් පසුව කිසිඳු සන්නිවේදනයක් සිදු වී නැත. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහල මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර ගුවන්යානයේ ගිනිගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂියක් නොමැත. ගුවන් යානය පුපුරන හඬ අවට සිටියවුන්ට හොඳින් ඇසී ඇත. පසුව හඳුනාගෙන ඇත්තේ මෙම ගුවන්යානය 5වන කන්දේ ගැටී ඇති බව යි. නැවතවරක් ගුවන්යානය සමඟ සම්බන්දතා ඇති කරගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර කොළඹ ප්‍රදේශ පාලක මැදිරියේ උපදෙස් අනුව ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගුවන්යානය ලියාපදිංචිව ඇති රට වූ නෙදර්ලන්තයට හා නිපැයූ රට වූ ඇමෙරිකා එක්සත් ජනපදයට දන්වන ලදී. මෙම අනතුරට භාජනය වූවන් රැසක් ඉන්දුනීසියානු ජාතිකයින් වීම නිසා ඉන්දුනීසියාවට ද දැනුම් දී ඇත. ස්මාරක අනතුර සිදු වූ ස්ථානයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි නොර්ටන්බ්‍රිජ් නගරයේ කුඩා ස්මාරකයක් තනා ඇත. ඊට අමතර ව අනතුරින් ඉතිරි වූ රෝදයක් මහජන ප්‍රදර්ශනයට තබා ඇති අතර එය නොර්ටන්බ්‍රිජ් පොලීසිය භාරයේ පවතී. ගායක ඇන්ටන් ජෝන්ස් මහතා මෙම සිදුවීම පිළිබඳ ව ඔහුගේ "කන්දේ හැපුණු මහා වනන්තරේ" ගීතයෙන් කියා ඇත. ඊට අමතරව තවත් ස්මාරකයක් මියගිය අයගේ පවුල් විසින් අනතුර සිදු වූ ස්ථානයට පහලින් පිහිටුවා ඇත. වසර 30කට පසුව මාර්ටින් එයාර් විසින් කාර්ය මණ්ඩලයේ නම් ඇතුලත් ඵලකයක් ස්ථාපිත කර ඇත. ලෙලිස්ටඩ් ගුවන්තොටුපොළේත් ස්මාරකයක් පිහිටුවා ඇති අතර ඊට හේතුව නොදනී. ආශ්‍රිත ලිපි අයිස්ලෑන්ඩික් එයාර්ලයින්ස් 001 ගුවන්යානා අනතුර මූලාශ්‍ර ගුවන් යානා ගුවන් අනතුරු බාහිර සබැඳි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: දිලාන් ජයවර්ධන [/INST] දිලාන් ජයවර්ධන (ඉංග්‍රීසි: Dilan Jayawardane) යනු නිර්මාතෟ (ඉංග්‍රීසි භාෂාව:ස්කූප්ලර් ටෙක්නොලොජි), පරිගණක ඉංජිනේරු ගූගල් ආයතනය ඇමරිකානු එක්සත් ජනපදය. ජීවන සටහන් දිලාන් ජයවර්ධන වරලත් පරිගණක ඉංජිනේරු වරයෙකි. මොරටුව විශ්වවිද්‍යාලය හා මැසචූසෙට්ස් විශ්වවිද්‍යාලය ඇමරිකාව ඉංජිනේරු උපාධි දරයෙකි. දිලාන් ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත දිලාන් ජයවර්ධනයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නිදහස සහ නව ව්යeවස්ථාව [/INST] ලංකාවේ ප්රවධාන ජාතීන් දෙක වන සිංහල හා දෙමළ ජනවර්ග දෙක අතර මූලික වශයෙන් නොසන්සුන් තාවයක් හටගත්තේ ඵම ජාතීන් දෙකම නියෝජනයවන පරිද්දෙන් දෙමළ ජාතිකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් ජාතික ව්ය වස්ථාදායක කවුන්සිලයට පත් කිරිමෙනි. බ්රිනතාන්යම ආණ්ඩුකාරයා වූ විලියම් මැනිං "ජනවාර්ගික නියෝජනයක්" සඳහා ක්රිමයාකාරීව ධෛර්ය දුන්නේය. ඵ් අනුව සිංහල හා දෙමළ ජනයා අතර බලය දෝලනය වූ කොළඹ ආසනය නිර්මාණය විය. ඉන් අනතුරුව ඩොනමෝර් කොමිසම දැඩි ලෙස ජනවාර්ගික නියෝජනය ප්රමතික්ෂේප කළේය. ඵ් වෙනුවට පොදු ඡන්දය දීමේ ක්රනමයක් යෝජනා කළේය. මෙම ක්ර මයට දෙමළ ජනයා ඵකහෙලා විරුද්ධ වූහ. දෙමළ ජන සංයුතිය අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බලය අඩු වන බව ඔවුනට අවබෝධ විය. කොළඹ පදිංචිව සිටිමින් යාපනයේ සහ නැගෙනහිර පාලනය කළ උසස් පැලැන්තියේ ඉඩම් හිමි දෙමළ ප්රසජාවද මෙම ක්රගමයෙන් ඔවුන්ගේ බලය ඵම ප්ර දේශවල අඩු වන බව වැටහින. හිට්ලර්,මුසෝලිනී සහ ෆ්රුන්කෝ ආදීන්ගේ නැගී සිටීමත් සමග ජාතිවාදී දේශපාලන කැරැල්ලක් 1930 ගණන් වලදී යුරෝපයේ ආරම්භ වෙමින් තිබුණු බව බ්රි තාන්යෙ ඉතිහාසඥයෙකු වූ ජේන් රසල් තහවුරු කළේය. 1935 දි ජී.ජී. පොන්නම්බලම් "ලාංකික" යන සංකල්පය ප්ර0තික්ෂේප කළේය. ඵ් වෙනුවට තමන් අභිමානවත් "ද්රබවිඩයෙකු" බව ප්රෙකාශ කළා පමණක් නොව මහාවංශයට පහර දෙමින් ප්රෂසිද්ධ රැස්වීම්වලදී ඵ් බව දිගටම කි‍වේය. නාවලපිටියේදී ඔහු විසින් පවත්වන ලද දේශනය ප්ර්ථම සිංහල දෙමළ කෝලහලයකට හේතුවුනු අතර යාපනය මැතිවරණ කොට්ඨාශයේ ඔහුට වැඩි දේශපාලන වාසියක්ද අත් විය. දේශපාලනික වශයෙන් අති දක්ෂිණාංශිකයෙකු මෙන්ම දීප්තිමත් කතෝලික නිතිඥයකු වූ පොන්නම්බලම්ගේ අදහස වූයේ සිංහල හෝ දෙමළ වේවා ඡන්දය දිය යුත්තේ ඵක්තරා පන්තියකට පමණක් බවයි. ඵවකට දෙමළ ප්රේජාවගේ නායකයකු වූ පොන්නම්බලම් සෝල්බරි කොමිෂමට යෝජනා කළේ සිංහල දෙමළ දෙපාර්ශවයටම නිදහස් ලංකාව තුළ සමාන ආසන සංඛ්යාජවක් හිමි විය යුතු බවයි. රටේ ඵක් පුරවැසියෙකුට ඵක ඡන්දයක් පමණක් හිමි වන මැතිවරණ ක්ර මයක් ඇති කිරීමට බලාපොරොත්තුව සිටි කොමිෂමට ඔහුගේ මෙම අදහස ඉතා පුදුමයට කරුණක් විය. බ්රිබතාන්යටයන් විසින් සම්ප්රාදායික දෙමළ ප්රගදේශවල සිංහල ජනයා පදිංචි කරවන්නැයි කියූ පොන්නම්බලම්ගේ ප්රවකාශය ද කොමිසම ප්රගතික්ෂේප කළා පමණක් නොව දෙමළ ජනයා විශාල වශයෙන් දකුණට සංක්ර මණය වන බව ද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමෙන් පසු ජී.ජී.පොන්නම්බලම් සහ ඔහුගේ දෙමළ කොංග්රෙසයේ මධ්යකස්ථ මතධාරීන් බටහිරට නැඹුරු අදහස් ඇති ඵක්සත් ජාතික පක්ෂය සමග ඵක් විය. තමිල් අරසු කච්චි නොහොත් ද්රිවිඩ ඵක්සත් පෙරමුණ (ඉංග්රී සියෙන් ෆෙඩරල්) පිහිටුවා ගනිමින් S.J.V.චෙල්වනායගම් දෙමළ දේශපාලන කොටස් දිනා ගැනීම සඳහා කටයුතු කළේය. http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Independence_and_the_new_constitution </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රුසියාවේ දෙවන නිකොලස් සාර් [/INST] නිකොලස් II හෝ නිකොලායි II, රුසියාවේ ශාන්ත දෙවන නිකොලස් (Saint Nicholas II of Russia) රුසියාවේ අවසාන අධිරාජ්‍යයා විය. 1894 නොවැම්බර් 1 සිට 1917 මාර්තු 15 දින දේශපාලන බලපෑම් නිසා සාර් පදවිය අත්හැර දමන තෙක් රුසියානු අධිරාජ්‍යය පාලනය කරන ලද්දේ ඔහු විසිනි. ඔහුගේ පාලන කාලය තුලදී රුසියානු අධිරාජ්‍යය ලෝක බලවතෙකුගේ තත්ත්වයේ සිට ආර්ථික හා හමුදාමය පරිහාණියකට පත්වීම නිසා බිඳ වැටීම සිදුවිය. කොඩින්කා (Khodynka) ඛේදවාචකය, ප්‍රති-සෙමිටික වැඩසටහන්, ලේ වැකුණු ඉරිදාව (Bloody Sunday), 1905 රුසියානු විප්ලවය මර්ධනය කල ප්‍රචණ්ඩ විලාශය, දේශපාලන ප්‍රතිවාදීන් මරාදැමීම් සහ රුසියානු-ජපන් යුද්ධයට පෙළඹීම වැනි හේතු නිසා දේශපාලන ප්‍රතිවාදීන් විසින් Nicholas the Bloody (ලේ වැකුණු නිකොලස්) යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්වීය. සෝවියට් ඉතිහාසඥයින් දක්වන පරිදි නිකොලස් දුර්වල, සිය තීරණ නිසා යුධමය පරාජ වලට මුහුණ දීමට සිදුකල සහ මිලියන ගණනකගේ ජිවිත අහිමි කල අදක්ෂ පාලකයෙකු විය. 1904-05 දී සිදු වූ රුසියානු-ජපන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත්විය. එහිදී රුසියානු බෝල්ටික් නාවික බලඝණය ත්සුෂිමා සටනේ දී සහමුලින්ම විනාශ වී ගිය අතර මැන්චුරියාව සහ කොරියාව අහිමි වීම සහ දකුණු සකාලින් (Sakhalin) ප්‍රදේශය ජපනුන් අත්පත් කරගැනීම සිදුවිය. ජර්මන් අධිරාජ්‍යය මැදපෙරදිග බලය ලබාගැනීමට විරුද්ධ වීම සඳහා එක්සත් රාජධානිය සමඟ රුසියාව ඇන්ග්ලෝ-රුසියන් අවබෝධතාවයකට එළඹුණු නමුත් එය අවසන් වූයේ රුසියාව සහ එක්සත් රාජධානිය අතර මහා තරගයක් ඇති කරවමිනි. 1914 ජුලි 30 නිකොලස් විසින් රුසියානු හමුදා සංවිධානය අනුමත කිරීම නිසා 1914 අගෝස්තු 1 දින ජර්මනිය රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළාය. ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට පළමු ලෝක යුද්ධයේදී රුසියානුවන් මිලියන 3.3 ක් පමණ ඝාතනය වී ඇත. රුසියානු අධිරාජ්‍ය හමුදාවේ දැවැන්ත පරාජයන්, යුධ කටයුතු වලදී ඉහළ අණ දෙන නිලධාරියාගේ අදක්ෂ කළමනාකාරිත්වය සහ හමුදාවන්ට ආහාර සැපයුම අඩාල වීම යනාදී කරුණු රමොනොව් පෙළපතේ බිඳවැටීම සඳහා ප්‍රධාන හේතුසාධක විය. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු නිකොලස් සිය පදවිය අත්හැරියේය. ඔහු සහ ඔහුගේ පවුල සිරගත කරන ලද අතර 1917 ගිම්හානයේදී ටොබෝල්ස්ක් (Tobolsk) වෙත යවන ලදී. 1918 අප්‍රේල් 30 නිකොලස්, ඔහුගේ මව මේරි සහ අලෙක්සන්ද්‍රා එකැටරින්බර්ග් (Ekaterinburg) හි ජාතික සෝවියට්වරුන්ට (the local Ural Soviet) භාර දෙන ලදී. සිරගත කල ඉතිරි පිරිස මැයි 23 දින භාරදෙන ලදී. 1918 ජුලි 16/17 රාත්‍රියේ දී නිකොලස් සහ ඔහුගේ පවුලේ අය බෝල්ෂෙවික් ආරක්ෂකයින් විසින් අවස්ථාවාදී ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. පසු කාලයේදී සාර් පවුලේ සියලු දෙනාගේ ශරීර කොටස් සොයා ගන්නා ලද අතර ඔවුන් ඝාතනය කර වසර 80 කට පසු 1998 ජුලි 17 දින ශාන්ත පිටර්ස්බර්ග් හි රාජ්‍ය ගෞරව සහිතව ඒවා තැන්පත් කරන ලදී. 1981 දී නිව්යෝර්ක් හි රුසියාවෙන් පිටත පිහිටි රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් නිකොලස්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දිවිපිදුවන් (martyrs) ලෙස ශාන්තුවරයට පත්කරන ලදී. 2000 අගෝස්තු 15 දින රුසියාවේ, රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් ක්‍රිස්තුස් වහන්සේ පරිදි දිවිපිදුවන් සිහිපත් කරමින් නිකොලස් සහ ඔහුගේ පවුලේ අය ශාන්තුවරයට පත්කරන ලදී. රුසියාව රුසියානුවන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 145 [/INST] වසර 145 (CXLV) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, හඩ්රියානුස්ගේ සහ සීසර්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 898 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 145 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. උපත් අප්‍රේල් 11 – සෙප්ටිමියස් සෙවේරුස්, රෝමානු අධිරාජයා (ම. 211) මරණ චීන හාං රාජ වංශයෙහි අධිරජයාවූ හාං චුංදී (උ. 143) ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලක්ස්සම්බර්ග් ආදිපාද වසම [/INST] ලක්ස්සම්බර්ග් ආදිපාද වසම මං තීරුව - දකුණ අන්තර්ජාල TLD – lu3 දුරකථන සංකේත - 352 ලක්ස්සම්බර්ග් ආදිපාද වසම බටහිර යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය අතර වේ. එහි ජනගහනය මිලියන භාගයක් පමණ වන අතර වර්ග කි. මී. 2586 (වර්ග සැතපුම් 999) පමණ වේ. එහි නියෝජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයන් හා ව්‍යවස්ථාදායක ‍රාජාණ්ඩුවක් පවතී. එය පාලනය කර ඇත්තේ ආදිපාද වරයෙකි. එය ලෝකයේ පවතින එකම රාජකීය ආදිපාද වසමයි. එහි සංවර්ධිත ආර්ථිකයක් හා ලෝකයේ ඉහළම ඒක පුද්ගල දළ ගෘහස්ථ නිෂ්පාදනය පවතී. මෙය ඉතිහාසයේ රෝමානු යුගයේ බලකොටුවක් සේ පැවතුන අතර මුල් මධ්‍ය යුගයේ ප්‍රංශ මාලිගාවක් සේ පැවතුණි. එය ස්පාඤ්ඤ මාවතේ පැවති ආරක්ෂක මුර කුටියක් වන අතර ස්පාඤ්ඤ යුරෝපයේ බලය නතු කරගෙන සිටි අතර 16 හා 17 ශතවර්ෂවල බටහිර අර්ධ ගෝලයට හා ඔබ්බට බලපැමක් ඇති කළේය. ලක්සම්බ්ග් යුරෝපානු සංගමය, නේටෝ OECD එක්සත් ජාතීන්ගේ සංගමය බෙනිලන්ස් සහ බටහිර විශාලතම නගරය වන අතර යුරෝපානු සංගමයේ සංස්ථා හා ඒජන්සි පිහිටා ඇත. ‍එය පිහිටා ඇත්‍ෙත් ‍ රෝමානු යුරෝපයේ නව ජර්මන් යු‍රෝපයේ සංස්කෘතිකමය බෙදීම තුලය. ලක්සම්බර්ග් භාෂා 3 ක් භාවිතා කරන රටකි. ජර්මන්, ප්‍රංශ හා ලක්සම්බර්ග නිල භාෂාවන් වේ. ලෞකික රාජ්‍යයක් වන නමුත් එය ‍ෙරා්මානු කතෝලික රාජ්‍යයක් ලෙස තිබී ඇත. ලක්ස්සම්බර්ග් ආදිපාද වසම පින්තුරය - කොඩිය ආදර්ශ පාඨ්‍ය - ගීය ජාතික ගීය අගනුවර සහ විශාලම නගරය - ලක්සම්බර්ග් - 490 36' N 60 7' E රාජ්‍ය භාෂා - ජර්මානු, ප්‍රංශ, ලක්සම්බර්ගියානු රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාදායක ආදිපාද වසම මහා ආදිපාදවරයා - මහා ආදිපාද හෙන්රි අගමැති - ජීන් ක්ලෝව්ඩ් ජන්කර් නිදහස - ප්‍රංශ අධිරාජ්‍යය සිට - 9 ජුලි 1815 පළමු ලන්ඩන් ගිවිසුම - 19 අප්‍රෙල් 1839 දෙවන ලන්ඩන් ගිවිසුම - 11 මැයි 1867 පෞද්ගලික ඒකාබද්ධතාවයේ අවසානය - 23 නොවැම්බර් 1890 EU රාජ්‍යයට පැමිණිම - 25 මාර්තු 1957 වර්ග ප්‍රමාණය - එකතුව - 2.586 Km2 (108) 998.6 sq mi ජලය (%) – නොසැලකේ ජනගහනය - 2010 තක්සේරැව - 502 202 2001 ජන සංඛ්‍යාංකය - 439 539 ඝනත්වය - 194.1 / Km2 501.3 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 40.091 බිලියන සාමාන්‍ය - $ 82 440 GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව - $ 54.973 බිලියන සාමාන්‍ය - $ 113 044 HDI (2007) – 0.960 (ඉතා ඉහළ) මුදල් - යුරෝ (E) (EVR) කාල මණ්ඩලය - CET (UTC + 1) ශ්‍රීෂ්ම සෘතුව (DST) – CEST (UTC + 2) </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කැතෝඩය [/INST] එය හරහා ධ්‍රැවිත විදුලි උපකරණයක් තුලින් ඉවතට විද්‍යුත් ධාරාව ගමන් කරවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් කැතෝඩයක් නම් වෙයි. සම්මතය ප්‍රකාර, විද්‍යුත් ධාරාවෙහි දිශාව, ඉලෙක්ට්‍රෝන ගැලීමේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙයි —එනයින්, කැතෝඩ ඉලෙක්ට්‍රෝඩය වෙතට ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවට සැලකෙන අතර ධාරාව එය වෙතින් ඉවතට ගලයි. සමහරවිට මෙම සම්මතය ධාරණය කර ගැනුම සඳහා, “කැතෝඩ ධාරාව ඉවතට ගලයි” යන අර්ථය ඉංග්‍රීසි බසින් දෙන cathode current departs හෙවත් “කැතෝඩ් කරන්ට් ඩිපාට්ස්” යන්නෙහි ඉංග්‍රීසි මුලකුරු තුලින් සැදි CCD යන ස්මෘති උපක්‍රමයක් පොදු වහරෙහි භාවිතයෙහි පවතියි. ඉලෙක්ට්‍රෝඩ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බහුපත්කරණය [/INST] දුරවිනැවුමෙහිදී සහ පරිගණක ජාලයන්හී, බහුපත්කරණය (සමහරවිට පත්කරණය) යනු, ප්‍රතිසම පණිවුඩ සංඥා හෝ සංඛ්‍යාංක පණිඩුව සංඥා ප්‍රවාහ හෝ බහුවිධ සංඛ්‍යාංවක්, හවුල් මාධ්‍යයක් ඔස්සේ එක් සංඥාවක් බවට සංයෝග කිරීමයි. මෙහි අරමුණ වන්නේ මිල අධික සම්පතක් හවුලේ භූක්ති විඳීමයි. නිදසුනක් වශයෙන්, දුරවිනැවුමෙහිදී, දුරකථන ඇමතුම් කිහිපයක් එක් කම්බියක් තුලින් ගෙන යා හැක. 1870 ගණන් වලදී, දුරරේඛණයෙහිදී බහුපත්කරණයෙහි සම්භවය ඇතිවූ අතර, වර්තමානයෙහිදී, සන්නිවේදනය තුල එය පුළුල් ලෙසින් භාවිතා වෙයි. 1910 වසරෙහිදී, දුරකථන වාහක බහුපත්කරණ ක්‍රමයක් තුලින්, දුරකථන ක්‍රමය තුල බහුපත්කරණයෙහි භාවිතය හඳුන්වාදීම වෙනුවෙන්, ජෝර්ජ් ඕවන් ස්ක්වයර් හට ගෞරවය හිමි වෙයි. බහුපත්කරණය කෙරුණු සංඥාව, සංදාමයක් (කේබලයක්) වැනි, සන්නිවේදන නාලිකාවක් තුලින් සම්ප්‍රේෂණය කෙරෙයි. සමර්පණය කෙරෙන එක් එක් පණිවුඩ සංඥාව හෝ දත්ත ප්‍රවාහය හෝ සඳහා, බහුපත්කරණය විසින්, සන්නිවේදන නාලිකාවෙහි ධාරිතාව, තාර්කික නාලිකා කිහිපයක් වෙතට බෙදා වෙන් කරණු ලබයි. ප්‍රති-බහුපත්කරණය ලෙසින් හැඳින්වෙන, ප්‍රතිවර්ත ක්‍රියාවලිය විසින්, ආදායක (රිසීවර) කෙළවරෙහිදී, මුල් සංඥා, නිශ්කර්ශය කෙරෙයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නර්තන අධ්‍යාපනය හා ශිල්පය [/INST] 1920 වර්ෂයේ නර්තන අධ්‍යනය ශ්‍රාස්ත්‍රීය විෂයක් ලෙස පිළිගැනිනි. වර්තමානයේ මෙම විෂයයන් පූර්ණ පද්ධතියන් වන්නේ විශ්වවිද්‍යාල, සෞන්දර්යය හා මානව වැඩසටහන් තුලය. 20 වන ශතවර්ෂයේ දී ප්‍රායෝගික දැනුම හා සමානව ශාස්ත්‍රීය දැනුම ද ප්‍රායෝගික පර්යේෂණ සදහා උපකාර විය. විශාල නර්තන පාඨමාලාවන් ඇති අතර ඒවායින්, • විශේෂඥ පුහුණුව : විලාසය හා ශිල්ප ක්‍රම • පුහුණු පර්යේෂණ : නැටුම් ශාස්ත්‍රය රඟ දැක්වීම • මානව ශිල්ප ශාස්ත්‍රය • නර්තන චිකිත්සාව • නර්තන හා ශිල්පය • ලබාන් චලනය පරිපූර්ණ නර්තන ශාස්ත්‍රීය පාඨමාලාවන් BA (Hons) සිට PhD හා අනෙකුත් පශ්චාත් ආචාර්ය උපාධි දක්වා විහිදේ. බොහෝ නර්තන විශේෂඥයන් මෙම පාඨමාලා හදාරා විශේෂඥ නර්තන වෘත්තිකයන් ලෙස ක්‍රියා කරයි. සටහන් {| |Dance - Dance studies and techniques {| නර්තනය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප‍්‍රතිසංස්කරණවාදය ට එරෙහි වීම් [/INST] ප‍්‍රතිසංස්කරණවාදය ට එරෙහි වීම් ප‍්‍රතිසංස්කරණවාදී නායකයෝ දෙවියන් හුදෙක් පැරණි ව්‍යුහ තරබාරු කිරීමට සැදී පැහැදී සිටියේයැ යි විශ්වාස නොකළෝ ය. ඔවුන් ආගමික නැගී සිටීම නව යුගයක උදාව යැයි උපකල්පනය කලෝ ය. ප‍්‍රතිසංස්කරණවාදියෝ නව ගිවිසුමේ පරිද්දට සමස්ත ක‍්‍රිස්තියානි පල්ලියම සංස්කරණය කිරීමට උත්සාහ ගත්තෝ ය. ඇතැම්හු බයිබලය පුරාණ දූෂණ වලට හසුවී ඇති බවද නිවැරදි කිරීම් අවශ්‍ය යැයි ද පැවසුවෝය. ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ පැවතියේ ප‍්‍රතිසංස්කරණවාදී ක‍්‍රමවේදය තුලින් ම පල්ලිය ප‍්‍රතිසංස්කරණයකට භාජනය කර විශ්වාසය සහ ක‍්‍රියාමාර්ග තුල නැවත මුල් බයිබලීය තත්වයට ගැනීම අරමුණු කරගෙනය. නමුත් පියුරිටන්වාදීන් වැනි ප්‍රොතෙස්තන්ත කණ්ඩායම් ක‍්‍රිස්තියානි විශ්වාසය හා ජීවිතය අරභයා ඓතිහාසික විනිශ්චයක් ඇති බව සැළකුවෝ ය. ප්‍රොතෙස්තන්තවාදීහු ඓතිහාසික ගලායාමක් හා ඇදහීමක් විශ්වාස කළෝ ය. නමුත් ප‍්‍රතිසංස්කරණවාදීන් මෙම ඓතිහාසික විනිශ්චය ප‍්‍රතික්ෂේප කළ අතර ක‍්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ මුලින් ම එළිදරව් කළ දිව්‍යමය රටාව වැළඳගැනීම සඳහා උත්සාහ කළෝය. එමනිසා ප්‍රොතෙස්තන්ත සාමාජිකයෝ පල්ලියේ ඇතැම් ක‍්‍රියාමාර්ග බයිබලයට අනුකූල නැතැයි බැහැර කළද ප‍්‍රතිසංස්කරණවාදීන් විසින් ප්‍රොතෙස්තන්තයන් අනුමත කළ සන්ඬේ සබත් හා ටි‍්‍රනිටි වැනි ඇදහීම් ද ප‍්‍රතික්ෂේප කරණු ලබයි. ප‍්‍රතිසංස්කරණවාදී සංවිධාන අතර ක‍්‍රිස්ටියන් කන්වෙන්ෂන්ස් චර්චස් ඔෆ් ක‍්‍රයිස්ට් ඩයිසිපල්ස් ඔෆ් ක‍්‍රයිස්ට් යෙහෝවාස් විට්නසස් (යෙහෝවා ගේ සාක්ෂිකරුවෝ) ද ලැටර් ඬේ සේන්ට් මූව්මන්ට් සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස් සහ තවත් බොහෝ ඇත . මොවුන්ගේ ආගමික දර්ශණ විවිධ වන නමුත් මොවුන් සියල්ලෝ ම ක‍්‍රිස්තියානි ආගමේ ශුද්ධ වූ රටාව බොහෝ කාලයකට ඉහත දී ක‍්‍රමයෙන් විනාශ වූ බවත් ඔවුන්ගේ දේවස්ථාන හරහා එය නැවත පිහිටුවීමට හැකිවූ බවත් විශ්වාස කරති. ඇතැම්හු තමුන්ට ම මෙය සම්පූර්ණයෙන් ප‍්‍රතිස්ථාපනය කළ හැකි යැයි විස්වාස කරන අතර ඇතැම්හු වර්තමානයේ බොහෝ දේවස්ථාන වල භාවිත වන ක‍්‍රිස්තියානිය හඳුන්වාදෙනු ලැබුවේ තම නිකාය මගින් යැයි තහවුරු කරති. ඩයිසිපල්ස් ඔෆ් ක‍්‍රයිස්ට් මේ සඳහා එක් උදාහරණය කි. ඇතැම් ප‍්‍රතිසංස්කරණවාදීහු ප‍්‍රධාන ධාරාවේ නිකාය වන ප්‍රොතෙස්තන්ත කතෝලික හා ඕතඩොක්ස් වැනි ඇදහීම් නියම ක‍්‍රිස්තියානිය ලෙස නොසලකති. References http://en.wikipedia.org/wiki/Restorationism#A_Protest_against_Protestantism </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රකාශය සහ රඳවාගැනීම [/INST] In the sport of cricket, a declaration occurs when a captain declares his team's innings closed and a forfeiture occurs when a captain chooses to forfeit an innings. Declaration and forfeiture are covered in Law 15 of the laws of cricket. This concept applies only to matches in which each team is scheduled to bat in two innings; Law 15 specifically does not apply in any form of limited overs cricket. Declaration The captain of the batting side may declare an innings closed, when the ball is dead, at any time during a match. Usually this is because the captain thinks his team has already scored enough runs to win the match and does not wish to consume any further time batting which would make it easier for the opponents to play out for a draw. Tactical declarations are sometimes used in other circumstances. A captain considering declaration must balance the risks of declaring too early (thus setting too low a target for the opposing team) against those of declaring too late or not at all (thus making it easier for the opponents to force a draw preventing the completion of the match). The first captain to declare was Charles Wright in 1890. In a game against Kent at the Bat and Ball Ground in Gravesend, Wright declared Nottinghamshire's second innings closed on 157 for 5 to set Kent a target of 231 to win. However, the tactic did not come off as the game was drawn with Kent on 98 for 9 and Nottinghamshire requiring one more wicket to win. Before declarations were made legal, batsmen of a team that wanted to get the other team to bat again would deliberately get themselves out, leading to some farcical situations, where the fielding side would make no attempt to dismiss a batsman who was trying to be dismissed. Forfeiture Under the current Laws, a captain may forfeit either of his side's innings. A forfeited innings shall be considered as a completed innings. Usually this happens in shorter competitive two-innings matches, where captains need to agree with each other how to set up the match so that there is a reasonable chance of a result. Winning a game gains a team considerably more points than drawing it, so captains are often willing to risk giving the opposition an opportunity to win that they otherwise would not have had as long as they are getting a similar opportunity in return. Test cricket Only one innings has been voluntarily forfeit in Test cricket. This was on 18 January 2000 at Centurion, South Africa, in the fifth and final Test between South Africa and England. South Africa had already won the series, as they were up 2-0 (with 2 matches drawn) after the first four matches. After South Africa scored 155 for 6 on the first day, rain washed out the next three days. With only one day remaining, the match was set for a certain draw. That was until Hansie Cronje, the South African captain, entered into a deal with his English counterpart, Nasser Hussain, that South Africa would continue batting till they reached about 250 and then declare. England and then South Africa would then both forfeit an innings, leaving England approximately 250 to win (in the event the target was 249). At that time, the laws only permitted a side to forfeit its second innings, so England's first innings was treated as having been declared at 0 for 0 after 0 balls. England went on to score 251 for 8 and win by 2 wickets. Many of the South African team criticised Cronje at the time for setting too low a target. It later emerged that Cronje had been approached by a bookmaker, and asked to ensure the game would end with a positive result. Nasser Hussain and the England team were not aware of this at the time, taking the South African request at face value. References </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පාවෝ (ගණය) [/INST] Pavo යනු සැවුල් කුලයට අයත් විශේෂ දෙකකින් සමන්විත ගණයකි. එම විශේෂ දෙක සමග කොංගෝ මොනරා ද ඇතුළත්ව පොදුවේ මොනරා ලෙස හැඳින්වේ. විශේෂ ඉන්දියානු මොනරා (Pavo cristatus) හරිත මොනරා (Pavo muticus) ෆොසිල වාර්තා Pavo bravardi (මුල්කාලීන – පසුකාලීන ප්ලියෝසීන) – Gallus moldovicus හෙවත් ඇතැම් අවස්ථාවල moldavicus ලෙස වැරදි අයුරින් උච්චාරණය කෙ‍රෙන විශේෂය කනිෂ්ඨ පර්‍යායනාමයක් විය හැක Gallus aesculapii, ග්‍රීසියෙන් හමුවූ පසුකාලීන මියෝසීන – මුල්කාලීන ප්ලියෝසීන යුගයට අයත් "වලිකුකුළු" විශේෂයකි. ඇතැම්විට මොනර විශේෂයක් වන්නට ද ඇත. ප්ලියෝසීන යුගයේ බෝල්කන් අර්ධද්වීපය තුළ මොනරුන් (බ්‍රැවර්ඩ්ගේ මොනරා) ptarmigan සමග පැවතී ඇත (Lagopus) ප්ලියෝසීන යුගයේ අවසානය තෙක් මොනරුන් බෝල්කන් අර්ධද්වීපය සහ ගිනිකොණදිග යුරෝපයේ බහුලව ව්‍යාප්ත වී පැවතිණි. ආශ්‍රේයයන් Stidham, Thomas A. The first fossil of the Congo peafowl (Galliformes: Afropavo). S. Afr. j. sci. [online]. 2008, vol.104, n.11-12, pp. 511–512. ISSN 0038-2353. Louchart A. (2003). A true peafowl in Africa. S. Afr. J. Sci. 99, 368–371. [ Links ] Pickford M., Senut B. and Mourer-Chauviré C. (2004). Early Pliocene Tragulidae and peafowls in the rift valley, Kenya: evidence for rainforest in East Africa. C. R. Palevol 3, 179–189. [ Links ] Dupain J. and Van Krunkelsven E. (1996). Recent observations of the Congo Peacock Afropavo congensis in the Equateur Province, Zaire. Ostrich 67, 94–95. [ Links ] Stidham T.A. (2007). Preliminary assessment of the Late Miocene avifauna from Lemudong'o, Kenya. Kirtlandia 56, 173–176. [ Links ] Kimball R.T., Braun E.L. and Ligon J.D. (1997). Resolution of the phylogenetic position of the Congo peafowl, Afropavo congensis: a biogeographic and evolutionary enigma. Proc. R. Soc. Lond. B 264, 1517–1523. [ Links ] Phylogeny of major lineages of galliform birds (Aves: Galliformes) based on complete mitochondrial genomes: X.-Z. Kan1, J.-K. Yang1, X.-F. Li1, L. Chen1, Z.-P. Lei2, M. Wang1, C.-J. Qian1, H. Gao3 and Z.-Y. Yang3 Dyke, G.J., Gulas, B.E. and Crowe, T.M. 2003. The suprageneric relationships of galliform birds (Aves, Galliformes): a cladistic analysis of morphological characters. Zoological Journal of the Linnean Society 137: 227-244. van Tuinen, M. and Dyke, G.J. 2004. Calibration of galliform molecular clocks using multiple fossils and genetic partitions. Molecular Phylogenetics and Evolution 30(1): 74-86 පක්ෂි ගණ මොනරා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කිරිඔරුව අම්බලම [/INST] කිරිඔරුව අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අමුණුදෝව ග්‍රාමයේ පිහිටා තිබේ. කිරිඔරුව අම්බලම, අංක 1586 දරණ ගැසට් පත්‍රය යටතේ 2009.01.23 දිනදී බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ. මූලාශ්‍ර අම්බලම් බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද [/INST] යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ. සීයලා සහ ආච්චිලා- හයවන ජෝර්ජ් රජතුමා, එලිසබෙත් මව් රැජින, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු,බැටන්බර්ග් හි ඇලිස් කුමරිය සහෝදර සහෝදරියෝ - චාල්ස් කුමරු , ඈන් කුමරිය, එඩ්වඩ් කුමරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රත්‍යක්ෂය [/INST] ප්‍රත්‍යක්ෂයක් හෝ, උපග්‍රහණයක් හෝ යනු, තර්කාංගයක් හෝ තර්කනයෙහි ඇරඹුම් ලක්ෂ්‍යයක් හෝ වෙයි. සම්භාව්‍ය ලෙසින් සංකල්පිත ආකාරයට, ප්‍රත්‍යක්ෂයක් යන්න තෙරම් ස්ඵුට තර්කාංගයක්දැයි කිවහොත් මතභේදයකින් තොරව සත්‍යය බැවි පිළිගැනෙයි. ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ධර්මාශෝක රජ (සිංහලේ) [/INST] කල්‍යාණවතී බිසවගෙන් පසු තුන් මස් වයසැති ධර්මාශෝක නම් බිළිඳෙකු රජකමට පත් කරන ලද අතර ඔහුව අණිකංග නම් ද්‍රවිඩයෙකු විසින් මරන ලදී. සිංහලේ රජවරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විභංගප්පකරණය [/INST] විභංගප්පකරනය විවිධ මාතෘකාපිලිබදව සාකජ්චාකරන පරිචේච 18 කින් යුතුවේ උදාහරනලෙස පලමු පරිචේචයෙන් සාකච්චාකරන්නෙ පංචස්කන්දය පිලිබදවය එක් පරිචෙිදයක් කොටස් තුනකින් සමන්විතවේ මෙහි එක් එක් කෙටස් තුල පලමු ඒකකයතුල සුත්ර අනුව විස්තර කරනු ලැබේ දෙවැන්න අභිධර්ම පැහැදිලිකිරිමය තෙවැන්න පශ්න සහ පිලිතුරැ ලෙස පැහැදිලි කිරිමය අභිධම්ම පිටකය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අත්තනායක එම් අබේගුනසේකර [/INST] අත්තනායක එම් අබේගුනසේකර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1960 ගිම්හාන පැරාලිම්පික් [/INST] පැරාලිම්පික් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Softonix Inc [/INST] Hey! We are Softonix Inc. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සීනොසොයික් [/INST] සීනොසොයික් (), යනු පෘථිවිය මත වන වත්මන් යුගය වෙයි. මෙය Phanerozoic geological era තුනෙන් (3) වඩාත්ම නූතන යුගය වෙයි. Mesozoic Era අවසානයේ සිට අද දක්වා වන වසර මිලියන හැට පහක (65) කාලය මෙයට ඇතුළත් වෙයි. සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි. එයට හේතුව මෙම යුගය ක්ෂීරපායින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය. පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය. ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය. ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍යයෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය. ඔවුහු දරුණු විලොපිකයන් වූහ. ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය. දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය. ග්ලැසියර ඛාදනය ප්ලෙස්ටෝසීන යුගයේ උච්චත්වයට පැමිණියේය. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ. නිරුක්තිය ඉංග්‍රීසි බසින් Cenozoic ( නැතිනම් ; තවද Cænozoic, Caenozoic හෝ Cainozoic හෝ ; Greek නව ජීවය kainos "නව", සහ zoe "ජීවය") ලෙස සීනොසොයික් යන්න දැක්වෙයි. උප විභාජනය සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ. Paleogene Neogene Quaterary දේශගුණය ජීවය මූලාශ්‍ර බාහිර සබැදුම් Western Australian Museum - The Age of the Mammals Geological eras Geological history of Earth 03 </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය [/INST] 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 6 වන දිනදී දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් මහනුවර පොල්ගොල්ල මගී බස් රථයක් තුල පුපුරුවා හරින ලද, පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. පිපිරීම නිසා දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්දයෙන් එල්ටීටීඊ (LTTE) සංවිධානයට චෝදනා කරන ලදී. මේවාද බලන්න දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව මූලාශ්‍ර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ලකල ප්‍රහාර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ජන ප්‍රමාණය ග්‍රාම නිළධාරි වසම් ආර්ථිකය ප්‍රාදේශීය ලේකම්වරුන් ආශ්‍රිත ලිපි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර Divisional Secretariats Portal ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගාල්ල දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රත්‍යාස්ථතාව (භෞතික විද්‍යාව) [/INST] භෞතික විද්‍යාවෙහි, ප්‍රත්‍යාස්ථතාව යනු, ඒවා විකෘත කිරීමෙන් පසුව මුල් හැඩයට යළි පැමිණීමට ඝන ද්‍රව්‍යයන් සතුව පවතින ප්‍රවණතාව වෙයි. ඒවා මත බලයන් යෙදූ විට, ඝන වස්තූන් විරූපණයට භාජනය විය හැක. භෞතික විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය [/INST] {{Infobox civilian attack |title=දෙහිවල දුම්රිය බෝම්බය |partof= ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයෙ |image= |image_size=300px |alt= |caption= |map= |map_size= |map_alt= |map_caption= |location= දෙහිවල දුම්රියාපොලේදී අංක 764 දරණ කාර්යාල මගී දුම්රිය තුල |target= රැකියාව අවසන්කර නිවෙස් වලට යන සිංහල ජාතික සිවිල් ජනයා |date= 1996 ජූලි 24 |type= සැඟවූ බෝම්බය |victim= මරණ: 58 - 64 බරපතල තුවාල ලැබූවන්‍: 274 |perps= |perp= |perpetrators= |perpetrator= |susperps=ඇන්තනි පිල්ලේ රොබට්‌ ට්‍රැක්‌සිලන් නොහොත් බාලසිංහම් නොහොත් තේවන් සවරිමුත්තු ලෝගනාදන් නොහොත් ආනන්දන්චිත්‍රසේනන් තුරුමාල් නොහොත් රමණී |susperp= |weapons=බෝම්බය |numparts= |numpart= |dfens= |dfen= |footage= |motive= |name=}} දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1996 වසරේ ජුලි 24 වැනි දිනදී, දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද්දකි. සිදුවීම දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින්, බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා ප්‍රහාරයක් දියත් කල මුල්ම අවස්ථාව ලෙසද මෙය සැලකේ. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ. හෙළාදැකීම් මෙම නින්දිත ප්‍රහාරය එම වසරේම ජුලි 25 වන දිනදී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් හෙළා දුටු අතර, නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ 1967 පනතේ 3න් වන වගන්තිය අනූව යමින් ඉන්දියාවද එම මසදී, එල්ටීටීඊ ය වෙත පනවා තිබූ තහනම තව දුරටත් දීර්ඝ කරන ලදී. මේවාද බලන්න දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව වැඩිදුර කියවීම් රොහාන් ගුණරත්න. (1998). ශ්‍රී ලංකා'ස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සිකියුරිටි, කොළඹ: සවුත් ඒෂියන් නෙට්වර්ක් ඔන් කන්ෆ්ලික්ට් රිසර්ච්. ISBN 955-8093-00-9 රොහාන් ගුණරත්න. (ඔක්තෝම්බර් 1, 1987). වෝර් ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් පෝස්ට්-අකෝඩ් රිපෝර්ට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩීස්. ISBN 955-8093-00-9 ගුණසේකර, S.L. (නොවැම්බර් 4, 2003). ද වේජස් ඔෆ් සින්, ISBN 955-8552-01-1 මූලාශ්‍ර බාහිර සබැඳි janes.com එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ලකල ප්‍රහාර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වින්ඩෝස් එක්ස්පී සංස්කරණ [/INST] ifyhuydhjvjbigufudhdh ufdugkgkgigigifuffu ififfihlhpuogofudtatatwtwtsh igixufugigifigigk iglhlhlbkvigjvjvkviyeyetatsyww </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පොතුපිටිය පූජාරාමය [/INST] වාද්දුව ප්‍රදේශයේ පොතුපිටිය නැමති ග්‍රාමයේ පිහිටි ප්‍රකට විහාරයක් වන්නේ පොතුපිටියේ පූජාරාමයයි. මෙම විහාරය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ සාර්ලිස් මාස්ටර් නම් මහා චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරවන ලද්දා වූ විහාර මන්දීරය නිසාත් දහනවවන සියවසේ රචනා වූ නාරි සංදේශය නිසාවෙනුත්‍ ය. පානදුර සහ කළුතර අතර ගාලු මාර්ගයේ නවසිය පණහ දශකය දක්වාම පන්සලක් පැවතියේ නම් ඒ පොතුපිටියේය. අතීත රදළ වරුන්ගේ අභිමානය යැයි කිවහොත් එය නිවැරදිය. කිමද ලන්දේසීන් විසින් බුදු දහම කෙලසන කළක විහාරයක් සෑදීමට තරම් නිර්භය වූවන් ජාත වූ භූමියක් බැවින. ජනප්‍රවාදය මෙම ස්ථානයේ විහාරයක් ඉදිවූවේ ක්‍රිස්තු වර්ශයෙන් 1798 ක්වූ ජනවාරි අටවෙනිදා බව විහාර වංශයේ සඳහන් වේ. ඊට පෙර මෙහි කුඩා නුග ගසක් බුදුකුටියක් සහ අම්බලමක් තිබී ඇත්තේය. ජනප්‍රවාදයේ සඳහන් ලෙසට බෙන්තොට ගලපාත නම් විහාරය වන්දනාවට පැමිණියා වූ පැරකුම් රජතුමා අතර මඟ දී සර්පයෙකු ගේ දෂ්ඨනයකට ලක්වී කැලණි ගංගා මිටියාවතේ සිට මේ දක්වා දුරක් පැමිණ ඇත්තේ සර්ප විශ නාශක රුක් අත්තන ශාකයක පොත්තක් සොයා ගැනීම සඳහාය. මෙම පළාතේ එකල රුක් අත්තන වැඩුණු සරුසාර වතු පැවති බැවින් රුක් අත්තන පොතු පිටිය නමින් මෙම ග්‍රාමය පොතුපිටිය වූ බව සඳහන් වේ. සතුටට පත් වූ රජු පූජාරාමය පවතින භූමියේ කුඩාවට බුදුගෙයක් තනවා එය සන්නාසියෙකුට පුදා ඇත්තේය.පසු කාලයේ එම තැන ප්‍රකට වූවේ හින්නවැල්ල දේවාලය රයිගම යකුන්දූවේ විසූ හිටිරාළ නම් ප්‍රධානියාගේ සොයුරියක වූ කඩුකෝන් බිසෝ බණ්ඩාර කුමරිය මෙම ස්ථානයේදී භික්ශුනී දිවියට පත් වූ බැවින් පොතුපිටිය පූජාරාමය යන නාමය භාවිත කිරීමට පෙර කඩුකෝන් පොතුපිටි රජමහා විහාරය යන නාමයත් භාවිතා කර ඇත. ප්‍රතිගාල් සමයේ මෙම භූමියට පසෙකින් දොමින්ගෝ නම් දේවස්ථානය සැදූ පසුව බොදු මතකය සම්පූර්ණයෙන්ම වියැකීයන්නට ඇත්තේය. ග්‍රාමයේ පවා බොදු දහම අදහන ලද්දාවූ කිසිම අයෙකු ප්‍රතිගාල් හෝ ලන්දේසි සමයේ සොයාගත නොහැකිවිය.තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් නම් රජ පරපුරට සම්බන්ද වූ තුඩුගලගේ දෝන ලුසියා පෙරුමාල් කුමරිය සීතාවක රජවාසලට සම්බන්ද වූ අයෙකුගෙන් පැවතෙන්නෙකු ලෙස සලකන වස්කඩුවේ යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරා ධර්මසේන නම් මුදියන්සේ සමඟ විවාහා වී පූජාරාම භූමියට පසෙකින් පැවති දොමින්ගෝ නම් රෝමානුකතෝලික දෙව්මැදුර පෙනෙනා මානයේ පදිංචි වී තිබේ. ලුසියා කුමරිය එතෙක් බුදු දහම ඇදහූවෙකු වූ අතරම මෙම භූමියේ පැවති ඉපැරණි නුග ගස අසල නව බුදුමැදුරක් සාදා වන්දනාමාන කරවීම අරඹා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඇය විසින් බුදු දහමට සම්බන්ද කිසිවෙකුත් නොවූ මෙම පලාතට බුදු දහම සමීප කරවීමට සිතා මෙහි කුඩා අම්බලමක්(ධර්ම සාකච්ඡා මණ්ඩපයක්) තනා තිබෙයි.ග්‍රාම වාසීන් මෙම භූමිය තම සංවිධාන කටයුතු සඳහා භාවිතා කළා වූ පොදු භූමියක් වූවේ අනතුරුවයි. බොහෝ විට දහඅටවන සියවස් කාළයේදී මෙහි පැවති අම්බලමේ ගම් සභාව පවත්වන ලදී. විහාරය ඉදි වීමේ කතාව මොල්ලිගොඩ ප්‍රදේශයේ විසුවා වූ ලන්දේසි ආණ්ඩුවට අතපත්තු ආරච්චි කෙනෙකු වශයෙන් සේවය කළා වූ සුසෙව්හේවාගේ පිලිප්ස් කොරනේලිස් අප්පුහාමි නම් අයෙකු උඩරටට ලංදේසි සේනාවක් බාරව ගොස් ඇති අතර සිංහල සේනාවට පැරදී සියම් නිකායික විහාරයක ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී.බොහෝ කළක් එසේ ජීවත් වූ ඔහු මල්වතු නිකාය යටතේ පැවිදි දිවියට යොමුවූවත් කුලය සලකා උපසපුව ලබා දුන් බැවින් ඔහුට උපසපුව ලබා ගත හැකි නොවීය.උපසපුව නොලැබෙන බව දැනගත් ඔහු ගණින්නාන්සේ වෙසින්ම පිටව ගියේය. නැවත ඔහු තම ග්‍රාමයට පැමිණි කළ වාද්දුව මොල්ලිගොඩ මාවල ගම් කරවූ තෝම්බු ආරච්චි වූ මැට්ටියගේ දොන් කොන්ස්තන්තිනෝ ආරච්චි(මැස්ටියගේ මහ විදානේ) විසින් බොදු භික්ෂුවකට ඉඩ දීම ලන්දේසි ආණ්ඩුවට සිදුකරනා අකටයුත්තක් යැයි සිතා පදිංචි වීමට ඉඩ නොදෙන ලදී. අනතුරුව ඔහු පොතුපිටියට පැමිණ රිචඩ් ධර්මසේන ගම්ප්‍රධානියා ගෙන් අවසර ගෙන වත්මන් පොතුපිටියේ වාලුකාරාමයට පසෙක පිහිටි කිලිමන්ටුවාගේ සුසාන භූමිය නම් ස්ථානයේ පදිංචි වී තිබේ. එම ස්වාමීන් වහන්සේ අනතුරුව ප්‍රකටවන ලද්දේ නන්දසිරි ගණින්නාන්සේ නමින. පානදුර තොටුමුණ පලාත පුරා මෙම බොදු හිමිනමකගේ ආගමනය ආරංචි වී බොහෝ දෙනා ආධාර ලබා දෙන ලදී. එම ආධාර වලින් මීගමුවගේ කිරිනේලිස් ප්‍රනාන්දු නම් ඉඩම් හිමියාගේ උපකාරයෙන් කුඩාවට වැලිඅරම නමින් 1760දී පමණ අරඹන ලද විහාරය පසුව වාළුකාරාමාය ලෙසින් ජනප්‍රිය විය.කුලය සලකා පැවිද්ද ලබා නොදුන් බැවින් ගොවිගම කරාව සලාගම බොහෝ පිරිසක් පැවිද්ද ලබා ගත්තේය. 1780වසර වන විට ගණින්නාන්සේ යටතේ අන්තේවාසික භික්ෂුන් ගණන පන්සියය ඉක්මවා තිබිණ. ලංදේසි ඉංග්‍රීසි යුද ඇතිවූ සමය වන විට ආගමික නිදහස යළි ඇතිවිය. පොතුපිටියේ විසූ යකුන්දූවේ හිටිරාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර ප්‍රධානියා තම වැඩිමහලු පුතුන් දහතුන් දෙනෙකු නන්දසිරි ගනින්නාන්සේ සමීපයේ පැවිදි කරවන ලද්දේ ක්‍රි.ව. 1790දී පමණය. නන්දසිරි ගගණින්නාන්සේ සමීපයේ අකුරු කළ වාද්දුවේ ධම්මානන්ද හිමි 1807වසරේ දී පමණ මහනුවරට වැඩම කර මල්වතු පාර්ශවයේ විහාරයේ නැවත පැවිද්ද ලබා උපසපුව ලබාගනී. උපසපුව ලබා තම ග්‍රාමය වූ මොල්ලිගොඩ ට පැමිණ තිත්තවල නම් ස්ථානයේ කුඩාවට විහාරයක් අරඹන ලදී.මල්වතු පාර්ශවයේ උපසපුව ලබා ගත හැකි නන්දසිරි ගණින්නාන්සේ සමීපයේ පැවිද්ද ලද ගොවිගම කුලයේ බොහෝ දෙනෙකු නැවත ධම්මානන්ද හිමියටතේ පැවිද්ද ලබා උපසපුව ලබා ගත්තේය.පොතුපිටිය වාලුකාරාමය තුල බොහෝ ස්වාමීන් වහන්සේලා පිරිසකට විසීමට ඉඩකඩ සීමා විය. ගම් වැසියන්ගේත් ධර්මසේන මුදලිතුමාගේත් මුල් වීමෙන් පූජාරාමය තනවන්නේ ඉන් අනතුරුවයි.පැවතියා වූ දඹදෙණි රජ සමයට අයත් වූ බුදුකුටි සියල්ල විනාශ කරදමා නව විහාරය සකසන ලදී. පළමුව තනවන ලද්දේ ස්වාමීන්වහන්සේලා හට විසීම සඳහා ආවාසගෙයක් සහ කුඩා ධර්ම ශාලාවකි . ශත වර්ෂ 1801 දී පැවිදිව සිටි ධර්මසේන ස්වාමීන් වහන්සේලා මෙම භූමියට සැපත් විය. ඒ අතරින් නායක ස්වාමීන් වහන්සේ වූවේ වැඩිමහලුම ස්වාමීන් වූ පොතුපිටියේ සීලරතන ධර්මරාජාභිදාන හිමියෝය. එතුමා රෙපරමාදු ආගමේ පවා පරතෙරට උගත් අයෙක් විය. නාරි සංදේශය නම් මහා කාව්‍යය සඳහා පණපොවන්නේ එතුමන්‍ ය. කිසිකලක උපසපුව නොලද උන්වහන්සේ සාහිත්‍ය භාශාව කලාව වෙත ඉමහත් නැඹුරුවක් දැක්වූ අතරම මල්වතු පාර්ශවයේ වාද්දුව සංඝ පරපුර අයත් භික්ෂූන් සාහිත්‍ය අධ්‍යයනයට යොමුවූවේ මුන්වහන්සේ වෙතටය. එසේම අමරපුර නිකායික වස්කඩු පාර්ශවයේ බොහෝ භික්ෂූන් වෙතද ගුරුහරුකම් පෑවේය. හින්නවැල්ල දේවාලය වැඩිදුර තොරතුරු නාරි සඳැස විහාරයේ වංශකතාව කිවහොත් නිවැරදිය. ලංකාවේ සාහිත්‍ය වංශයේ හැරවුම් ලක්ෂයක් වූවේ මෙම සංදේශයයි. ක්‍රිස්තු වර්ශයෙන් 1820 වසරේ දී පමණ පොතුපිටියේ ධර්මරාජ හිමි විසින් රචනා කරවන ලදී. මෙම කාව්‍යයේ සුවිශේශ තාව වන්නේ බුදු දහම සහ රෙපරමාදු දහම අතර සමීපතාවක් ගොඩනගා තිබෙන බැවින සංඝ පරපුර පූජාරාමය නව විහාරය 1798 වසරේ අරඹනු ලදුව එහි මුල්ම විහාරාධිපතිත්වය ලබාගත් පොතුපිටියේ ධර්මරාජ හිමි උපසපුව ලබා නොගත්තේ තම ගුරු භික්ෂූන් වූ නන්දසිරි ගණින්නාන්සේ වෙත සලාගම කුලයේ හින්න උපකුලය සලකා සියම් නිකායික මල්වතු පාර්ශවයේ උපසපුව ලබා නොදීමට විරෝධය පළ කිරීම වෙනුවෙනි. ධර්මසේන අනෙක් භික්ෂූන් දොලොස් වහන්සේ නම නැවත වරක් මල්වතු නිකායේ පැවිද්ද ලබා තිත්තවල විහාරයේ වාද්දුවේ ධම්මානන්ද හිමි නොහොත් නන්දසිරි ගණින්නාන්සේ ගේ ප්‍රභලම අන්තේවාසික භික්ෂුව සමීපයේ 1810 වසරේදී පමණ උපසපුව ලබාගනී(වාද්දුවේ සංඝ පරපුර). නන්දසිරි ගණින්නාන්සේ යටතේ පැවිදිව සිට ධම්මානන්ද හිමියන්ගෙගෙන් උපසපුව ලද්දා වූ වස්කඩුවේ ධම්මජෝති හිමියෝ පස් වසරක් පූජාරාමයේ වෙසෙමින් අගනා ධර්ම ශාසනික සේවාවක් සිදු කළේය. අනතුරුව අභිනවයෙන් ඉදිවූ තල්පිටිය දළධාවත්ත විහාරයේ වැඩවාසය කරමින් එම ප්‍රදේශයේ බොදු පුනර්ජීවනය ට අතහිත ලබා දුන්නේය. ධර්මරාජ ස්වාමීන් වහන්සේට පසුව මහනායක දූරයට පත් වූ ධම්මසේන හිමියෝ රාජාගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හිමිට පවා පාලි බස කීමට ගුරුහරුකම් පෑ අයෙකි. අනතුරුව විහාරාධිපති දූරයට පත් වූවේ පොතුපිටියේ පදුමානන්ද ස්වාමීන් වහන්සේය. පදුමනන්ද ස්වාමීන් වහන්සේ විසූ සමයේ දී දෝන මාරියා ධර්මසේන ළමාතැනී විසින් ගොවිගම සහ සලාගම යන කුලවලට පමණක් සීමා වූ උපසපුව සලාගම කුලයේ හින්න උප කුලය වෙත ලබා දීම සිදු කළේය.කොරොස්දූව ගඟේ සීමාමාලකයේදී එම කර්මය සිදුවිය. පොතුපිටියේ පදුමානන්ද හිමියන් යටතේ මල්වතු උපසපුව සහ අමරපුර සමාගම යටතේ ලබාදුන්නා වූ උපසපුව මුසු වීමෙන් මෙම නව නිකායික සමාජය අරඹන ලදී. එම නිකායික මූලස්ථානය වූවේ කොරොස්දූවේ ගඟේ සීමාමාලයකයයි.පසුව පොතුපිටියේ වාලුකාරාමයේ විසූ කොරොස්දූවේ ගුණානන්ද හිමියන් පළමුව උපසපුව ලබා ගත් අතරම අමරපුර මල්වතු ශ්‍රී සද්ධර්ම යුක්තික නිකාය වශයෙන් එය නම් තබන ලද්දේය. පොතුපිටිය කොළබද වෙලේ පන්සල එම නිකායේ මුදුන් මල්කඩ බවට පත් විය.මෙම නිකායේ පැවිදිව උපසපුව ලබාගත් මාතර ධම්මානන්ද හිමියෝත්, මාතර ධර්මාරාම හිමියෝත් වැල්ලබඩ ඥානානන්ද හිමියෝත් පූජාරාම විහාරයේ අධිපතිත්වය දැරූවත් නිසැක වර්ශයන් සඳහන්ව නැති නමුත් ශ්‍රී බු.ව. 2411 වසරේ කළුතර උතුර දේශාස්ත්‍ර ග්‍රාමයේ අශෝකාරාමය ඉදිකළ කටුකුරුන්දේ ධානපති සුසෙව්හේවාගේ සල්මන් ප්‍රනාන්දු රේන්ද මහතාගේ බෑනා වූ එතනමඩලේ වැල් අරුමගේ එළියස් ප්‍රනාන්දු රේන්ද මහතා එහි තැබූ ගල් පුවරුවක සඳහන් වන්නේ අශෝකාරාම විහාරය මාතර ධර්මාරාම හිමියන් ඉදිරියේ සඟ සතු කොට පූජා කල බවයි."ශ්‍රී බුද්ධ වර්ශ 2411 දී මෙම දේශාස්ත්‍ර කළුතර වැල් අරුමගේ එළියස් ප්‍රනාන්දු ධනපති උපාසකතුමා මෙම අශෝකාරාමය මාතර ශ්‍රී ධර්මාරාම ස්වාමිපාදයන් ප්‍රමුක සංඝ මධ්‍යයෙහි සඟසතු කොට පූජාකරන ලදී.  මෙහි පාලනය සංඝයාවහන්සේ විසින් අළුත්ගම සංඝරතන මහා ස්ථවිර පාදයන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට බාරදෙන ලදී" ඒ අනුව වර්ශ 1860-1880 අතර සමයේ ධර්මාරාම හිමියන් පූජාරාම විහාරයේ විහාරාධිපතිව වෙසෙන්නට ඇති බව මතයයි. විසි වන සියවසේ මුල් දශකය වන විට පොතුපිටියේ සීලරතාභිධාන ස්වාමීන් වහන්සේ පූජාරාමයේ විහාරාධිපති ධූරයට පත් විය. කොළඹ යුගය ඒකාලෝක කළ සාර්ලිස් මාස්ටරසහ ඔහුගේ මූර්ති කිරීමේ දක්ෂතම ගෝලයා වූ සෝදිරිස් ් විසින් විහාර මන්දිරයේ චිත්‍ර සඳහා අත් පොත් තබන ලද්දේ මෙකළ . මෙතුමන්ගේ ගෝල නමක වූ පොතුපිටියේ ධම්මසිරි පිලානන්ද සහ ධම්මතිලක හිමිවරුන් විසින් මෙසමයේම පොතුපිටියේ ධම්මතිලකාරාමය(වඩ්ඩාරාමය) සාදාගෙන එහි පදිංචි විය. සීලරතන හිමියන් ක්‍රි.ව.1932 වසරේ දී අපවත් වූ පසුව පොතුපිටියේ සුධීරානන්දාභිදාන හිමියෝ දාගැබක් සඳහා අත්පොත් තබමින් විහාරය නගා සිටුවාලීම සඳහා මහත් පරිශ්‍රමයක් දරණ ලද්දේය. විහාරයේ ධර්මරාජ අවධියෙන් පසුව ස්වර්ණමය යුගයක් වූවේ බද්දේගම සුමන හිමියෝ මෙහි විහාරාධිපතිව විසූ සමයයි. විහාර මන්දිරය පානදුර තොටුමුණ පළාතේ පවතින සුවිශාල ඉපැවණිම විහාර මන්දිරය කිවහොත් නිවැරදිය. වර්ශඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙම විහාර මන්දිරය ඉදිකරවීම අරඹා තිබෙන්නේ 1810 වසරේ දීය. කුඩාවට ඉදිකළ මන්ධිරයේ රයිගම් කළාවට අයත් සිතුවම් අඳින ලදී. නමුදු එම කුඩා විහාර මන්දිරය දායක දායිකාවන් දුකට පත් කරවීය. එබැවින් මන්දිරය සුවිශාල කරවීම 1824 වසරේ දී අරඹන ලදී. ඒ සඳහා මුල් වන ලද්දේ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ ළමාතැනීය. ඇයගේ ජීවන කාලය තුල මෙහි කටයුතු අවසන් කරවාගත නොහැකි වූ අතර 1839 වසරේ යකුන්දූවේ හිටිරාළලාගේ දෝන මාරියා පෙරේරා ළමාතැනී විසින් ගල් උලුවහු බැඳ රියන් දොලහක් උස් වූ විහාර මැදුර සාදවා නිම කරවන ලදී. විහාරයේ පළමු විහාරදිපති ස්වාමීන් වහන්සේගේ නාමයෙන් විහාර මන්දිරය ධර්මරාජ ප්‍රතිමාලය වශයෙන් නම් කරවන ලද්දේ 1840 දීය. මෙම විහාර මන්දිරයේ ගෲහනිර්මාණ ශිල්පියා වශයෙන් ක්‍රියා කර ඇත්තේ සුසෙව්හේවාගේ ආලිනේරිස් ප්‍රනාන්දු නොහොත් ආලිවඩුරාළ නැමැත්තෙකි. ඔහුව ඇතමුන් කටුවන්ගොඩ ගණිතයා ලෙසින් ද හඳුන්වා තිබේ. මෙලෙස සුවිශාලව ඉදි වූවත් මන්දිරයේ කුඩා කොටසක හැර අනෙක් කිසිඳු බිත්තියක සිතුවම් නොවීය. 1894 වසරේ පමණ ආරම්භ කරවන ලද පොතුපිටිය බොදු නෙත් මහා සමිතිය මගින් මන්දිරයේ තවත් සුවිශාල කරමින් චිත්‍ර නිර්මාණය අරඹා තිබේ.පිටත ඉස්තෝප්පුව එක් කරමින් සුවිශාල කලේය. ඒ සඳහා බොහෝ අනුග්‍රහය සලසන ලද්දේ එම සමිතියේ නිර්මාතෲ වූ පොතුපිටියේ පොලිස් විදානේ ආරච්චි වූත් සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ මැතිතුමා විසින. ක්‍රිස්තු වර්ශ 1913 (ශ.ව.1835) සාර්ලිස් ශිල්පියා විසින් විහාර මන්දිරය සිතුවම් කරවීම අරඹන ලද්දේය. වසර පහලවකට ආසන්න සමයක් ගතකොට චිත්‍ර අවසාන කරවා නේත්‍රා තබා ඇත්තේ 1926 වසරේ දීය. විහාර මන්දිරයට ඇතුලු වූ වම් පස බිත්තියේ සාර්ලිස් ශිල්පියා විසින් තබන ලද්ද වූ අත්සන දැක ගත හැක. මුහුණු තුනේ බරාඳය දොරටු තුනක් සහිතව ඉදිවූ පෝටිකෝ වර්ගයට අයත් නිර්මාණයක් වන මෙය හඳුන්වන්නේ මුහුණු තුනේ බරාඳය ලෙසින. පූජාරාම විහාරය මන්දිරයේ ඇතුලුවන ස්ථානය වන මෙය කාණු පරාල තුනක් මුදුන් පරාලතුනක් එකට සම්බන්ධ කරමින් ඉදිකළ සුවිශේෂී නිර්මාණයකි. අතීතයේ පැවති කුඩා පෝටිකෝව විනාශ කරවා අභිනවයෙන් ඉදිකළ මෙම සුවිශේෂී නිර්මාණය සාදවා අවසන් වී ඇත්තේ ක්‍රි.ව.1913ක් වූ පෙබරවාරි මාසයේයි. ඉපැරණි ධර්මශාලාව පූජාරාමයේ ඉපැරණි ධර්ම ශාලාව ඉදිකරවා තිබෙන්නේ ශත වර්ෂ 1798 වසරේ දී පමණය.ඒ විහාරයේ ඉදිවූ පැරණිම ගොඩනැගිල්ල ලෙසින. වර්ථමානයේ එම ගොඩනැගිල්ල ඒ ආකාරයෙන්ම දක්නට නැත. බු.ව.2430 වසරේ නව සීමා පිහිටවා වැඩ අරඹා බු.ව. 2445 වසරේ දී වැඩ අවසන් කරවා බු.ව. 2447 එනම් 1903 වසරේ දී ගෙවැදුණු එකළ පානදුරේ තොටුමුණ පළාතේ සුවිශාලම ධර්ම මන්දිරයයි.මෙම මහා මන්දිරය ඉදි කරවීමට මුල් වූවේ පොතුපිටියේ දිවංගතවූ යකුන්දූවේ හිටිරාළලාගේ දෝන ගචෝ ඉසබෙලා පෙරේරා ධර්මසේන ළමාතැනී සහ දිවංගත පොතුපිටියේ රේන්ද සහ ස්කාගාර හිමි ව්‍යාපාරිකයෙකු වූ ඇම්. පිනෙස් ප්‍රණාන්දු මැතිතුමාය.මන්දිරය කරවීම වෙනුවෙන් පිනෙස් මැතිනිදු විසින් රුපියල් පන් දහසක් පමණ වටිනා දැව පරිත්‍යාග කරවන ලද්දේය.විශේශයෙන් එම දැව යොදාගන්නා ලද්දේ සුවිසල් සොල්දරය සැකසීම සඳහාය. ඒ විහාරයේ පවතින ධර්මරාජ හිමියන්ට උපතින්ම උරුම වූ නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමට විය.(1967 වසරේ දී අභිනවයෙන් ඉදි වෙමින් පැවති පූජාරාම දාගැබේ දේවතා කොටුවේ තැම්පත් කරන ලදී.) සුධීරානන්ද නායකා හිමියන්ගේ විහාරාදිපති ධූර කාළයේ දී ඩඩ්ලි සේනානායක මැතිනිඳු විසින් මෙම ධාතූ මන්දිරය දැක බලා සතුටුව තවත් ධාතුන් වහන්සේලා දෙනමක් පරිත්‍යාග කරවන ලදී.වර්ථමානයේ පූජාරාම විහාරයේ ප්‍රදර්ශනය කරනුයේ එම ධාතූන් වහන්සේලා දෙනමය. දෑපිට මඩුව පූජාරාම විහාරයේ ධර්මශාලාවේ දැව ඉහල මාලයේ සකසා තිබෙන සුවිශේෂී වාස්තු කලා ගාරය දැවපිට මඩුව හෙවත් දෑපිට ගේ ලෙස හඳුන්වයි. දැව සොල්දරයක් මත තුනී කොස් සහ බුරුම තේක්ක ලී භාවිත කර සකසා ඇති එම කුටිය විසිතුරු වීදුරු කණ්නඩි භාවිතයෙන් සරසා තිබේ. අතීතයේ දී සෑම මසකම පොහෝ දිනයේ මෙහි ධාතු ප්‍රදර්ශන පැවත ඇති අතර ජේවීපී අරගල සමයේ මෙම භූමියට කඩා වැදුනු ම්ලේච්ඡ පිරිස් දෑපිට මඩුවේ අභිමානය කෙලෙසා වටිනා වස්තු පැහැරගෙන ගොස් තිබේ. අතීත මතකයන් විදහා දක්වමින් දැව පමණක් ඉතුරු වී දෑපිට මඩුව අදටත් අතීත අභිමානය ප්‍රදර්ශනය කරයි. ඉපැරණි බෝධිය කතලුවේ ශ්‍රී ගුණරතනාභිධාන නායක හිමියන් විසින් 1830 වසරේ දී පමණ ලංකාව පුරා බෙදාහරිනා ලද ශ්‍රී මහා බෝධියේ අංකුර අතරින් එක් අංකුරයකින් හටගත්ත වූ බෝ රුකකි. අතීතයේ සිට සුවිශේෂී දේව හාස්කම් පවතින වෲක්ෂයක් බවට මතයක් පවතී. නක්ෂස්ත්‍ර වේදීනගේ මතයන්ට අනුව නම් පළමුව මෙහි විහාරාධිපති දූරය හොබවනු ලැබුවා වූ සීලරතන ධර්මරාජ හිමියෝ මෙහි වෲක්ෂ දේව වරම් ලබා වෙසෙනු ලැබේ. ඉපැරණි දාගැබ වර්ථමානයේ දාගැබ පවතින ස්ථානයට වැසී ගිය භූමියේ එකල කුඩා දාගැබක් පිහිටියේය. එක බුද්ධ ශාරීරික ධාතු තැම්පත් කර ඉදිකරාවූ දාගැබක් නොවීය. වර්ශ 1847 දී පොතුපිටියේ ධර්මරාජ හිමියන්ගේ ආදාහන භෂ්මාවශේෂ නිදන්කොට සකසන ලද්දා වූ සුසාන දාගැබක් විය. සියවසක් පමණ ඇවෑමෙන් එම දාගැබ ද විනාශ වී පැවතින . පොතුපිටියේ සුධීරානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ධර්මරාජ හිමියන්ගේ භශ්මවශේෂ ධර්මශාලා ගොඩනැගිල්ලට ඉදිරිපසින් ඝටාකාර හැඩයෙන් කුඩා සුවිශේෂී චේතියක් තනවා තැම්පත් කොට සුසාන දාගැබ පැවති භූමියේ වර්ථමාන දාගැබ තනවා තිබේ. දාගැබ එක්දාස් නවසිය පනහ දශකය වන විට පැවති ඉපැරණි දාගැබ විනාශ වී ගොස් ඉතිරිව පැවතියේ එහි අත්තිවාරම පමණකි. එබැවින් පොතුපිටියේ එවක පූජාරාම විහාරාදිපති සුධීරානන්ධාභිධාන හිමියෝ නව දාගැබක් සැකසීම අරඹන ලදී. එම දාගැබ නම් කළේ ස්වර්ණගිරි චේතිය නමින.බුරුම දේශයේ රැන්ගුන් චේතියේ හැඩයට එය සැකසීමට බලාපොරොත්තු විය. දෙදහස් පන්සීය සම්බුධත්ව ජයන්තිය සඳහා කොත් පැලඳවීමේ අදහසින් ඉදිකිරීම් ආරම්භ කරවන ලද්දේ ශත වර්ශ 1954ක්වූ නොවැම්බර් මස හත් වන ඉරිදා දිනයි. මුල් ගල් තැබීම සිදුකළේ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ආදී ප්‍රභූන් කිහිප පලකි. විහාරයේ බොදු නෙත් මහා සමිතිය චයිත්ය වර්ධන සමිතිය ලෙසින් මෙකල නම් කරවන ලදී. සමිතියේ සබාපති ලේඛම් ද්විත්වයේ රැඳී සිටියේ දාගැබ ඉදිකරවීමේ පූර්ණ අනුග්‍රාහකයන් ලෙසින් සිටියා වූ සුසෙව්හේවාගේ පින්හාමි ආරියරත්න මැතිතුමා සහ සුසෙව්හේවාගේ අල්ලිස් ධර්මසේන මැතිතුමාය. බද්දේගම සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සම්පූර්ණ දාගැබේ කටයුතු අවසාන කරවන ලද්දේ 1972 වසරේදීය. අලංකාර පවුර පොතුපිටියේ සුසෙව්හේවාගේ සීච්චෝ ප්‍රනාන්දු මැතිනිය විසින් 1850 වසරේදී (ශක වර්ශ 1772) පමණ ඉදිකරවන ලද්දා වූ ඉපැරණි පන්සලේ ඉදිරිපස තාප්පය විසිවන සියවසේ අගබාගය වන විට බොහෝ අභාවයට පත්ව තිබිණ . එබැවින් පණ්ඩිත බද්දේගම සුමන හිමියන්ගේ අනුශාසනයෙන් පවුර ප්‍රතිසංස්කරණය කරවන ලදී. නව සැලැස්මකට අනුව ග්‍රැනයිට් පාශාන එක්කර සැකසූ පවුර විශ්මිත රටා වලින් අනූන නිර්මාණයක් විය ඉපැරණි පවුරේ පැවති සුවිශාල කුළුණු සඳහා ජපන් මෝස්තර ආරූඪ කරවා තිබේ. ලාම්පු කුළුණු පවුර ලාම්පු කුළුණු පවුර වෙනත් ලංකාවේ කිසිඳු විහාරස්ථානයක දක්නට නැති නිර්මාණයක් වන අතර එක දිගට ලාම්පු සහිත කුළුණු පහළවකින් පමණ යුක්තවූ නිර්මාණයකි. වර්ථමානය වන විට ලාම්පු දක්නට නැතත් එහි කුළුණු තවමත් ජීවමානයි. ක්‍රි.ව. 1885වසරේ එනම් ශක වර්ශ 1807 වසරේ කඨින පූජා උත්සවය වෙනුවෙන් පොතුපිටියේ ධානපති සල්මන් ප්‍රනාන්දු මැතිතුමා සහ සීච්චෝ ප්‍රනාන්දු මැතිනිය විසින් රුපියල් 400ක මුදලක් වැය කරමින් සාදවා පූජා කරවා තිබේ. ගණ්ඨාර කුළුණ පූජාරාම විහාරයට පසුව අයත් වූ ගණ්ඨාර කුළුණ පිහිටියේ වත්මන් දාගැබට ආසන්නයේය. වර්ථනාමයේ දක්නට නැත. විහාරය ට පසෙකින් පිහිටි රෝමානු කතෝලික දේවස්ථානය රෙපරමාදු පූජකයන් විසින් අල්ලාගෙන ප්‍රදේශයේ පැවතිය හැකි එකම ආගම රෙපරමාදු බව අඬබෙර ගසා දැනුවත් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. බුදු කුටියක් සහිත වූ පූජාරාමය පිහිටි බිමේ දේවස්ථානයේ සීනු කුළුණ තනා බෞද්ධයන්ට පෙනෙනා පරිදි නිතර වාදනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පසු කාලයේ කාලයාගෙ ඇවෑමෙන් විනාශ වී ගොස් ඇති අතර එම ස්මාරකය සාර්ලිස් මාස්ටර් විසින් දුටු අයුරු විහාර මන්දිරයේ සිතුවමට නගා ඇත. මුංගල මුං ගල ලෙස ප්‍රාදේශීය ව්‍යවහාරයේදී භාවිත වන සුවිශේෂී කුරහං ගල පොතුපිටිය පූජාරාමය සතු ඓතිහාසික වස්තුවකි. අතීතයේ දී රදළ පරපුරකින් පැවතෙන ධාතුන් වහන්සේලා තුන් නමකට එකම පවුලේ සොයුරන් නව දෙනෙක් ගැටුණු අවස්ථාවකදී පොතුපිටියේ සීලරතන ධර්මරාජ හිමියෝ මැදිහත්ව මෙම මුං ගලේ ධාතුන් බහා කොටස් නවයක් වන සේ එම ධාතුන් ඇඹරූ බව කියැවෙයි. කැඩීගිය ධාතූන් නමයක් වහන්සේලා බෙදා ගත් පසු ඉතුරු වූ ධාතු භෂ්ම මුං ගලට ඇලී පැවති බැවින් මුං ගල ධාතුන් වහන්සේ ලෙසින් සාමාන්‍ය ජනයා අතර වන්දනාවට පාත්‍ර විය. පසු කාළේ මුංගල් ධාතුව ලෙසින් ව්‍යවහාරයට පත් මෙම ඓතිහාසික වස්තුව ලංකාවේ කිසිඳු විහාරයක හමුනොවන සුවිශේෂී සංධිස්ථානයකි. මූලාශ්‍ර බද්දේගම සුමන හිමියන්ගේ ( අසිරිමත් පොතුපිටිය රජමහ වෙහෙර 1998)/ රාජාගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ වර්ෂඛණ්ඪරාශ්ට්‍ර ග්‍රන්ථය - 1875/ දෝන මාරියා ලමාතැනී කල පිංකම් හෑල්ල-1914(වුල්ෆන්ඩාල් සත්‍යාර්ථ මුද්‍රණාලය) නාරි සංඳේශය අරුත් ගැන්වීම ඩබ්ලිව්. ඒ. එෆ්. ධර්මවර්ධන- 1925/ ජයවර්ධන පුරයේ ඉතිහාසය- ඩබ්ලිව්.ඒ.එෆ්. ධර්මවර්ථන-1925/ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලෞකික බුද්ධාගම [/INST] ලෞකික බුද්ධාගම - සමහර විට අඥෙයවාදී බුද්ධාගම, බෞද්ධ අඥෙයවාදය, අඥාන බුද්ධාගම, අදේවවාදී බුදුදහම, ප්‍රායෝගික බුදුදහම, බෞද්ධ අදේවවාදය හෝ බෞද්ධ ලෞකිකවාදය ලෙසද හඳුන්වනු ලැබේ - බුද්ධාගමේ පුලුල් යෙදුමකි, මානවවාදී , අඥානවාදී වටිනාකම් මත පදනම් වූ බුද්ධාගම. ප්‍රායෝගිකවාදය සහ (බොහෝ විට) ස්වභාවිකවාදය, අද්භූත හෝ අද්භූත විශ්වාසයන් මග හැරීම. එය අදේවවාදී හෝ අඥෙයවාදී පුද්ගලයන් විසින් ඔවුන්ගේ ලෞකික ප්‍රතිලාභ සඳහා බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සහ දර්ශනය වැලඳ ගැනීම ලෙස විස්තර කළ හැකිය. ලෞකික බෞද්ධයන් බුදුන් වහන්සේ ජීවත් වූ යුගයේ සහ විවිධ සූත්‍ර සහ තන්ත්‍ර ලියා ඇති කාලවල ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් සැලකිල්ලට ගනිමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ බෞද්ධ ග්‍රන්ථ තාර්කික හා බොහෝ විට සාක්ෂිවාදී ලෙස අර්ථකථනය කරයි. ලෞකික බෞද්ධ රාමුව මිථ්‍යා විශ්වාස ලෙස සැලකිය හැකි හෝ ආනුභවික පර්යේෂණ මගින් පරීක්‍ෂා කළ නොහැකි විවිධ සම්ප්‍රදායික විශ්වාසයන්ගෙන් බෞද්ධ ධර්මය ඉවත් කරයි, එනම්: අද්භූත ජීවීන් ( දේව, බෝධිසත්ත්ව, නාග, ප්‍රේත, බුද්ධ, ආදිය), කුසල් සහ එහි මාරුව, නැවත ඉපදීම, සහ කර්මය, බෞද්ධ විශ්ව විද්‍යාව ( පිරිසිදු භූමි හා අපාය වල පැවැත්ම ඇතුළුව) යනාදිය ගබ්සාව සහ මානව ලිංගිකත්වය වැනි සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් සාම්ප්‍රදායික බෞද්ධ ආචාරධාර්මික අදහස් ද ප්‍රශ්න කිරීමට හෝ නොවීමට ඉඩ ඇත, සමහර පාසල්, විශේෂයෙන් බටහිර බෞද්ධ ඒවා විකල්ප ස්ථාවරයන් ගනී. ඉතිහාසය ලෞකික බුද්ධාගම බෞද්ධ නූතනවාදය සහ ලෞකික මානවවාදය තුළ එහි මූලයන් ඇත, සහ පුනරුදයේ සම්භාව්‍ය ග්‍රීක සංස්කෘතිය ප්‍රකෘතිමත් වීමෙන් පසු බටහිර රටවල සිදුවෙමින් පවතින ලෞකිකකරණයේ පුළුල් ප්‍රවණතාවයේ කොටසකි. ලෞකික බුද්ධාගමේ බොහෝ අංගයන්, 20 වැනි සියවසේ අවසාන දශකවල බටහිර ඇතැම් ගිහි බෞද්ධ ප්‍රායෝගික ප්‍රජාවන් අතර, සිවිල් සංගමයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පක්ෂව සහ සම්ප්‍රදායික කඩාකප්පල් කරමින් කාන්තාවන් ඇතුළත් කර ගැනීම සඳහා බෞද්ධ පැවිදි සංස්කෘතියේ ධුරාවලියේ ලක්ෂණ අත්හැරීම සමඟ සම්බන්ධ වේ. පීතෘමූලික අධිකාරියේ ව්‍යුහයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සුවිශේෂත්වය. එක්සත් ජනපදයේ Insight Meditation ව්‍යාපාරය නූතනවාදී ලෞකික සාරධර්ම මත පදනම් විය. ඇමරිකානු ගුරුවරයෙකු සහ හිටපු ථෙරවාදී භික්ෂුවක් වන ජැක් කෝන්ෆීල්ඩ් ප්‍රකාශ කළේ, ඉන්සයිට් භාවනා සංගමයට බෞද්ධ භාවනාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බවයි, "පූර්ව කර්ම, සිවුරු, සජ්ඣායනා සහ සමස්ත ආගමික සම්ප්‍රදායේ සංකූලතා නොමැතිව". බෞද්ධ විපස්සනා භාවනාව පිළිබඳ ජනප්‍රිය ගුරුවරයෙකු වන එස්.එන්.ගොඑන්කා ඉගැන්වූයේ ඔහුගේ ක්‍රියාව නිකායික ධර්මයක් නොව, “සෑම පසුබිමකම මිනිසුන්ට ප්‍රයෝජන ගත හැකි දෙයක්: ජීවත්වීමේ කලාවක්” බවයි. මෙය අත්‍යවශ්‍යයෙන්ම බුදුදහම ආගමකට වඩා ව්‍යවහාරික දර්ශනයක් ලෙස සලකයි, හෝ ප්‍රබෝධයෙන් තොරව බෞද්ධ දර්ශනය මත රඳා පවතී. එවැනි බෞද්ධ සම්ප්‍රදායේ රාමු බොහෝ දුරට වාචාල බවත්, ගොඑන්කා වැනි ගුරුවරුන් තම ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමේදී සහ භාවනා ක්‍රම ව්‍යාප්ත කිරීමේදී ඔවුන්ගේ සම්ප්‍රදායික ආගමික බැඳීම් රඳවා ගත් බවත් මෑත කාලීන ශිෂ්‍යත්වයන් පෙන්වා දී ඇතත්, එවැනි වාචාල ප්‍රතිනිර්මාණය බුදුදහම උකහා ගත් ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. සහ විසිවන ශතවර්ෂයේ අවසාන භාගයේ මතු වූ ගෝලීයත්වයේ සන්දර්භය තුළ නැවත ඇසුරුම් කරන ලදී. ස්ටීවන් බැචෙලර් යනු දැඩි ලෞකික බුද්ධාගමක් ප්‍රවර්ධනය කරන ස්වයං ප්‍රකාශිත ලෞකික බෞද්ධයෙකි. බැචෙලර් යනු වඩාත් සාම්ප්‍රදායික බුද්ධාගමේ පැවිදි වූ බෞද්ධ භික්ෂුවකි. ටිබෙට් බුද්ධාගම සහ පසුව සෙන් ප්‍රගුණ කරන භික්ෂුවක් ලෙස ඔහුගේ අත්දැකීම් අනුව, වඩා ලෞකික හා අඥෙයවාදී ප්‍රවේශයක අවශ්‍යතාවය ඔහුට දැනුනි. ඔහුගේ පොත්වල Buddhism Without Beliefs and Confession of a Buddhist Atheist ඔහු බුදුන්ගේ ඉගැන්වීමට ඔහුගේ ප්‍රවේශය ප්‍රකාශ කරයි, සිද්ධාර්ථ ගෞතමයන් පරමාදර්ශී ආගමික නිරූපකයෙකුට වඩා ඓතිහාසික පුද්ගලයෙකු ලෙස විස්තර කරයි, සහ මරණින් මතු ජීවිතයක් පිළිබඳ සංකල්පය සමඟ කටයුතු කරන සාමාන්‍ය බෞද්ධ ධර්මයන් පරීක්ෂා කරයි. ඔහුගේ බුද්ධාගමෙන් පසු පොතේ ඔහු පයිරෝනිස්වාදයේ හෙලනිස්ටික් දාර්ශනික සම්ප්‍රදායට සමාන බුදුදහම පිළිබඳ සංශයවාදී දාර්ශනික අර්ථකථනයක් ප්‍රවර්ධනය කරයි. මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයේ කොටසක් ලෙස පයිරෝ ඉන්දියාවේ සිටියදී පයිරෝ යම් බුදුදහම ඉගෙන ගත් බවත් බුද්ධාගම ප්‍රඥප්තියට වැටීමට පෙර මුල් බුදුදහමේ පැවති සංශයවාදය පයිරෝනිස්වාදයෙන් පිළිබිඹු විය හැකි බවත් බැචලර් සැක කරයි. ප්රධාන සංකල්ප සහ භාවිතයන් නූතනත්වයේ කතිකාවන්ගේ ආලෝකය තුළ සාම්ප්‍රදායික බෞද්ධ චින්තනයේ සහ භාවිතයේ සම්ප්‍රදායික පාසල් වෙනස් කිරීමට නැඹුරු වන විවිධ ආකාරයේ බෞද්ධ නූතනවාදය මෙන් නොව, ලෞකික බුදුදහම පදනම් වී ඇත්තේ ධර්මයේම මූලික අංග ප්‍රතිනිර්මාණය කිරීම මත ය. මේ සඳහා එය "බුදුන් වහන්සේ සැබවින්ම අදහස් කළේ කුමක්ද" හෙළි කිරීමට ප්‍රකාශ නොකර, ඓතිහාසික බුදුන් වන සිද්ධත්ථ ගෞතමයන්ගේ මුල් ඉගැන්වීම් නැවත ලබා ගැනීමට උත්සාහ කරයි. ඒ වෙනුවට, එය මුල් කැනොනිකල් ඉගැන්වීම් බුදුන් වහන්සේගේම ඓතිහාසික සන්දර්භය තුළ (ක්‍රි.පූ. පස්වන සියවසේ ගංඟා තැනිතලා සංස්කෘතිය) අරුත් ගන්වන ආකාරයෙන් අර්ථකථනය කරන අතරම අපේ කාලයේ ජීවත් වන මිනිසුන්ට ඒවායේ වටිනාකම සහ අදාළත්වය විදහා දක්වයි. මෙම පරිවර්ථනයේ පැති දෙකම වචනාර්ථයෙන් "ලෞකික" වන අතර ඒවා ලතින් මූල වචනය saeculum - විශේෂිත යුගයක් හෝ පරම්පරාවක් උද්දීපනය කරයි. බෞද්ධ අදේවවාදියෙකු පිළිබඳ ස්ටීවන් බැචලර්ගේ පාපොච්චාරණය තුළ ව්‍යාපාරයේ ආචාර ධර්ම ග්‍රහණය කර ඇත. ලෞකික බුදුදහම යෝජනා කරන්නේ පාරභෞතික විශ්වාසයන් සහ ඉන්දියානු ආගමික සංස්කෘතියේ සමාජ විද්‍යාව අතහැර දැමිය යුතු බවයි. මෙම සංස්කෘතිය මනුෂ්‍ය ජීවිතය දුටුවේ දුක් විඳීමේ ආපසු හැරවිය නොහැකි ක්ෂේත්‍රයක් ලෙස වන අතර, එයින් යමෙක් මනුෂ්‍යත්වයෙන් ඔබ්බට කල්පවත්නා තත්වයක් තුළ අතික්‍රමණයක් සෙවිය යුතුය - එය ප්‍රායෝගිකව සියලුම බෞද්ධ පාසල් මෙන්ම හින්දු ආගම සහ ජෛන ආගම ද ස්ථීර කරන ස්ථාවරයකි. අනෙක් අතට ලෞකික බුද්ධාගම මෙලොව හා මෙලොව පූර්ණ මානව සමෘද්ධිය සඳහා මාර්ගෝපදේශයක් ලෙස බුද්ධ ධර්මය ලබා දීමට උත්සාහ කරයි. පශ්චාත් පාරභෞතික දර්ශනයක් අනුගමනය කිරීමේදී, එය බුද්ධ පරිනිර්වාණයෙන් පසු විකාශනය වූ බෞද්ධ සම්ප්‍රදායේ පවත්නා ආගමික ස්වරූපයන් සමඟ හවුල් වේ. ඒ වෙනුවට, එය වර්තමාන පශ්චාත් පාරභෞතික දර්ශනය සමඟ සමපාත වේ, අඩුම තරමින් සංසිද්ධිය නොවේ, එබැවින් රැඩිකල් ක්‍රිස්තියානි දේවධර්මයේ සමාන චලනයන් සමඟ අභිසාරී මාවතක තමන්ව සොයා ගැනීම, දොන් කුපිට් සහ ගියානි වට්ටිමෝ වැනි චින්තකයින්ගේ කෘතිවලින් සොයාගත හැකිය. ලෞකික බුදුදහම ඕතඩොක්ස් බෞද්ධ විශ්වාසයේ පාරභෞතික විද්‍යාව මගින් නීත්‍යානුකූල කරන ලද බල ව්‍යුහයන් ප්‍රතික්ෂේප කරයි. භාවනා අභ්‍යාස සඳහා ප්‍රමිතිගත බෙහෙත් වට්ටෝරු මත පදනම් වූ අධ්‍යාත්මික ප්‍රගතිය පිළිබඳ සංකල්ප මෙන්ම, සම්ප්‍රදායික පාසලක හෝ ගුරුවරයෙකුගේ අධිකාරිය විසින් අනුමත කරන ලද භාවනා ක්‍රම මාලාවක ප්‍රවීණත්වය ලබා ගැනීම සඳහා බෞද්ධ පිළිවෙත අත්‍යවශ්‍යයෙන්ම සැලකිලිමත් වේ යන අදහස එය ප්‍රශ්න කරයි. ඒ වෙනුවට, ලෞකික බුද්ධාගම උතුම් අෂ්ටාංගික මාර්ගයෙන් (නිවැරදි දැක්ම, චේතනාව, කථනය, ක්‍රියාව, ජීවනෝපාය, උත්සාහය, සිහිය සහ සමාධිය) ආදර්ශයට ගත් පරිදි, ස්වයං පාලනයක් දිරිමත් කරන අතර, කෙනෙකුගේ මනුෂ්‍යත්වයේ සෑම අංශයක්ම එකසේ ආවරණය කරයි . එවැනි ප්‍රවේශයක් සෑම කාලයකටම සහ ස්ථානවලට වලංගු "බුද්ධත්වයට" "එක් සත්‍ය මාර්ගයක්" ඇති බව අවධාරනය කරනවා වෙනුවට, විශේෂිත පුද්ගල සහ වාර්ගික අවශ්‍යතා සඳහා පුළුල් පරාසයක ප්‍රතිචාර ජනනය කිරීමට විවෘතය. තව දුර කියවීමට  බුදු දහම බටහිරට පැතිරිම ආශ්‍රිත ලිපි Pages with unreviewed translations </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සිංහල ක්‍රීඩා සමාජය [/INST] සිංහල ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකි. මෙය ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජ වලින් එකකි. වඩාත් සාර්ථකම ක්‍රිකට් සමාජය ද වේ. ලංකාවේ හිටපු අග්‍යමාත්‍රවරු 3ක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු මෙහි සභාපති ලෙස සේවය කර ඇත. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පස්වන ජෝර්ජ් රජ [/INST] පස්වන ජෝර්ජ්, George V (ජෝර්ජ් ෆ්‍රෙඩ්රික් අර්නස්ට් ඇල්බර්ට්; 3 ජුනි 1865 - 20 ජනවාරි 1936) 1910 මැයි 6 සිට 1936 ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යවල රජු මෙන්ම ඉන්දියාවේ අධිරාජ්‍යයා විය. සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ පාලන සමයේ උපත ලද ජෝර්ජ්, ඔහුගේ පියා වූ ඇල්බර්ට් එඩ්වර්ඩ් සහ වැඩිමහල් සොහොයුරා වූ ඇල්බර්ට් වික්ටර් කුමරුට පසු රජ කිරුළ දැරීමට සිටි තෙවැන්නා විය. 1877 සිට 1891 දක්වා ජෝර්ජ් රාජකීය නාවික හමුදාවේ සේවය කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ අනපේක්ෂිත මරණය නිසා 1892 ආරම්භයේ දී ඔහු රජ කිරුළ ලබා ගැනීමට සිටි දෙවැන්නා බවට පත්විය. ජෝර්ජ්ගේ මිත්තණිය 1901 දී මිය යාම නිසා ඔහුගේ පියා හත්වන එඩ්වර්ඩ් (Edward VII) නමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ-අධිරජ බවට පත්විය. ජෝර්ජ්, වේල්ස්හි කුමරු බවට පත්විය. ඔහුගේ පියාගෙන් පසු 1910 දී ජෝර්ජ් සිහසුනට පත්විය. ඔහු දිල්ලි රාජසභාව (Delhi Durbar) ට පැමිණි එකම ඉන්දියාවේ අධිරාජ්‍යයා වෙයි. පස්වන ජෝර්ජ්ගේ රාජ්‍ය කාලය තුළ සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය, අයර්ලන්ත ජනරජවාදය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය යනාදී දේශපාලන කරළියේ මූල විපර්යාසාත්මක අංශ වර්ධනය විය. 1911 පාර්ලිමේන්තු පනත මගින් ඡන්දයෙන් තේරී පත්වූ House of Commons, ඡන්දයෙන් තේරී පත් නොවන ස්වාමි මංත්‍රී මණ්ඩලය ට වඩා අධිපතිත්වයෙන් යුක්ත වන බව ප්‍රකාශයට පත් කරන ලදී. පළමුවන ලෝක යුද්ධයේ (1914 - 1918) ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ඥාතිවර රුසියාවේ දෙවන නිකොලස් සාර් සහ ජර්මනියේ දෙවන විල්හෙල්ම් ගේ අධිරාජ්‍යයන් බිඳ වැටුණි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි උපරිම ඵලදායි වපසරියට වර්ධනය වුණි. ජර්මන් විරෝධී මහජන මතය නිසා සැක්ස-කොබර්ග් ගොතා යන රාජ වංශයේ නාමය, සහ අනෙකුත් ජර්මානු රාජකීය සහ වංශාධිපති තනතුරු අතහැර 1917 දී ඔහු වින්ඩ්සර් රාජවංශයෙහි ප්‍රථම රජු බවට පත් විය. 1924 දී ඔහු ප්‍රථම කම්කරු අමාත්‍යංශය පත්කරන ලද අතර 1931 වෙස්ට්මින්ස්ටර් ආඥා පනත මගින් ඩොමීනියන් රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙන්වූ, ස්වාධීන රාජ්‍යයන් බව පිළිගනු ලැබිය. දුම්පානය නිසා හටගත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සිය රාජ්‍ය කාලයේ අවසන් සමයේ ඔහු පීඩා විඳි අතර ඔහුගේ මරණින් පසු ඔහුගේ වැඩිමහල් පුත් අටවන එඩ්වර්ඩ් ලෙස රජවිය. රජවරු - එක්සත් රාජධානිය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විලාසිතා පිලිබඳ ජනමාධ්‍ය [/INST] විලාසිතා ජනමාධ්‍ය යනු ප්‍රසිද්ධ කරන ලද විලාසිතා මාධ්‍යවල සියලු අංග විස්තර කිරීමට යොදා ගන්නා පදයකි. සමහරක් විට විලාසිතා රචකයන්ට, විලාසිතා විවේචකයන්ට හෝ විලාසිතා වාර්තාකරුවන්ට මෙම වදන යෙදේ. විලාසිතා ජනමාධ්‍ය සදහා වඩාත් සුදුසු උදාහරණය වන්නේ සඟරා හා පුවත් පත්වල දැක්වෙන විලාසිතාය. නමුත් මෙම වදනට විලාසිතා පිළිබඳව පොත්, රූපවාහිනියේ විකාශය වන විලාසිතාවලට අදාළ වාර්තා මෙන්ම අන්තර් ජාල විලාසිතා සඟරා, වෙබ් අඩවි හා බ්ලෝග් ඇතුළත් වෙයි. විලාසිතා ජනමාධ්‍යයේ ක්‍රියාව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් එයට ඇතුළත් වන්නේ ලිපි ලිවීම හා සංස්කරණය හෝ විලාසිතා සංදරශණයක් ඇති කිරීමට හා අලංකාර කිරීමට උපකාර කිරීමයි. විලාසිතා ජනමාධ්‍යකරුවෙක් පර්යේෂණ කිරීමට හා / හෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට විශාල කාලයක් ගත කරන අතර ඔහුට හෝ ඇයට ඡායාරූප කරුවන්, නිර්මාණකරුවන් හා මහජන සම්බන්ධතා විශේෂඥයින් ඇතුළත් විලාසිතා කර්මාන්තයේ යෙදෙන මිනිසුන් සමග හොද සබඳතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. විලාසිතා ජනමාධ්‍ය කරුවන් ප්‍රකාශකයන් මගින් පුර්ණ කාලීනව හෝ නිදහස් පදනමක් මත සේවයෙහි යොදවනු ලැබේ. විලාසිතා ජනමාධ්‍ය හා අන්තර්ජාලය විලාසිතා පිළිබඳව වූ ප්‍රථම අන්තර්ජාල අඩවිය වූයේ ෆැෂන් නෙට්ය. එය ආරම්භ වූයේ 1995 ජනවාරි මාසයේ දීය. 1990 මැද භාගය වන විට අන්තර්ජාලය යනු අධ්‍යාපන අංශ මඟින් ක්‍රියාත්මක කළ පර්යේෂණ ජාලයක් විය. නමුත් මෙම නවතම මාධ්‍යයේ අති විශාල ඉල්ලුම, විලාසිතාවල මුල් පිවිසීම හා ස්වාධීන හා ජනප්‍රිය විලාසිතා ප්‍රකාශකයන්, නිර්මාණකරුවන් හා දෘශ්‍ය කලාකරුවන් ඉක්මණින් අන්තර්ජාලය හා එක්වීම මඟින් නිරූපණය වේ. ෆැෂන් නෙට් හි නිකුත් කිරීම සිදුවී වසර භාගයකට පමණ පසු 1995 පසුභාගයේ දී නිව් යෝර්ක් මත පදනම් වූ ෆැෂන් මෝල් හා ELLE පැමිනුණි. ලුමියර් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සඟරාව වු අතර එහි නික් නයික් හා ජීන් බැප්ටිස් මොන්ඩිනෝ ඇතුළු ඡායාරූපකරුවන් නිරූපණය විය. එය නිකුත් වුයේ 1995 ඔක්තෝබර් මාසයේ දීය. 1996 දී යූව්ස් සෙන්ට් ලොරෙන්ට්ගේ රන් වේ සංදර්ශණය සඳහා ෆැෂන් ලයිව් මඟින් ප්‍රථම අන්තර්ජාල සජීවී විලාසිතා වෙබ් විකාශනය ආරම්භ කරන ලදී. ෆැෂන් වින්ඩෝස් මේ ප්‍රමුඛයන් අතර සිටන අතර එය 2007 දී එහි දසවන සංවත්සරය සමරන ලදී. CNN ස්ටයිල් හා හින්ට් සඟරාව 1998 දී ආරම්භ විය. ඊළඟ වසරේ දී Boo.com හි නැඟීම හා බිඳ වැටීම සිදු විණි. එම සමාගම මඟින් මාස 18 තුළ දී ඩොලර් මිලියන 135 ක් විනාශ කරන ලදී. වෝග් හා W සඳහා වූ SHOWstudio.com හා style.com 2000 වසරේ දී ආරම්භ විණි. ඉන්පසුව 2002 දී ජේසන් කැම්බෙල්ගේ JC Report හා 2005 දී Refinery 29.com ද ඇරඹිණි. 2007 යම් අපහසු කාල සීමාවකට පසුව W විසින් style.com අතහැර එය වෝග් හි තනි අන්තර්ජාල නිවස බවට පත්විමට ඉඩ දුණි. විලාසිතා රචකයන් මඟින් නිර්මාණය කරන ලද දැනටමත් එහි ඔප ඇති සැකැස්මට ජනප්‍රිය නවතම වෘත්තීයමය බ්ලොග් එක් වුයේ Fashionreporters ය. 2007 දී Beauty flow විශිෂ්ට අන්තර්ගතවලින් යුත් සම්පූර්ණයෙන්ම ෆ්ලෑෂ්වලින් නිර්මාණය කරන ලද සඟරාවක් සමඟ කරලියට පැමිණුණි. වර්තමානයේ විලාසිතා බ්ලොග් විලාසිතා කර්මාන්තයේ දිනෙන් දින දියුණු වන බලයක් බවට පත්ව ඇත. 2006 අගෝස්තු මාසයේ දී මෙම ප්‍රවණතාවයට එරෙහිව ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය වන වෙස්ට් ෆීල්ඩ් ගෘප් හි හිමිකරුවා වක්‍රාකාරව ඔවුන්ගේ වෙළෙඳ සාප්පු තුළ ඇති නිෂ්පාදන ප්‍රචාරණය කරන දර්ශනයකින් යුත් නව ජනප්‍රිය විලාසිතා ප්‍රවණතා හඳුනාගන්නේ කුමකටදැයි යන මාතෘකාවෙන් යුත් වෙබ් ලිපියක් නිකුත් කරන ලදී. එවැනි දෙයක් සඳහා මුදල් සැපයීම ස්වාධීන වන අතර එය මිළ දී ගැනීම හෝ ප්‍රචාරණය මත රඳා නොපවතින නමුත් සම්පූර්ණයෙන්ම වෙළෙඳ දැන්වීම් මත රඳා පවතී. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වේළුවන විද්‍යාලය [/INST] වේළුවන විද්‍යාලය, 1952 මැයි මස 1 වන දින පිහිටුවන ලදී. . </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අර්ධනාරීශ්වර [/INST] අර්ධනාරීශ්වර (සංස්කෘත: अर्धनारीश्वर) යනු ශිව සහ පාර්වතී දේවියගේ සංයුක්ත ස්වරූපය යි. අර්ධනාරීශ්වර අර්ධ-පුරුෂ සහ අර්ධ-ස්ත්‍රී ලෙස නිරූපනය කර ඇති අතර, මැදින් සමානව බෙදී ඇත. දකුණු අර්ධය සාමාන්‍යයෙන් ශිව වන අතර ඔහුගේ සම්ප්‍රදායික ගුණාංග විදහා දක්වයි. මුල්ම අර්ධනාරීශ්වර රූප ක්‍රි.ව. පළමුවන සියවසේ සිට කුෂාන් යුගයට අයත් වේ. එහි නිරූපණ ශිල්පය ගුප්ත යුගයේදී පරිණාමය වී පරිපූර්ණ විය. පුරාණ සහ විවිධ නිබන්ධනවල අර්ධනාරීශ්වරගේ පුරාවෘත්ත සහ ප්‍රතිමූර්තිය ගැන දක්වා තිබේ. අර්ධනාරීශ්වර යනු භාරතය පුරා බොහෝ ශිව කෝවිල් වල දක්නට ලැබෙන ජනප්‍රිය ස්වරූපයකි, නමුත් මෙම දෙවියන්ටම කැප කර ඇති දේවස්ථාන ඇත්තේ ස්වල්පයකි. අර්ධනාරීශ්වර නියෝජනය කරන්නේ විශ්වයේ පුරුෂ සහ ස්ත්‍රී ශක්තීන්ගේ සංශ්ලේෂණයයි (පුරුෂ සහ ප්‍රකෘති). එහි දෙවියන්ගේ ස්ත්‍රි තත්වය වන ශක්ති, දෙවියන්ගේ පුරුෂ තත්වය වන ශිවගෙන් වෙන් කළ නොහැකි වන ආකාරය නිදර්ශනය කරයි. මෙම මූලධර්මවල එකමුතුව සියලු නිර්මාණයන්ගේ මූලය සහ ගර්භාෂය වේ. තවත් මතයක් නම් අර්ධනාරීශ්වර යනු ශිව දෙවියන්ගේ සර්ව ව්‍යාප්ත ස්වභාවයේ සංකේතයක් බවයි. නිරුක්තිය අර්ධනාරීශ්වර යන නාමයේ තේරුම "අඩක් ස්ත්‍රියක් වූ දෙවියන්" යන්නයි. අර්ධනාරීශ්වර ස්වරූපය අර්ධනරනාරි (අර්ධ පුරුෂයා-ස්ත්‍රිය), අර්ධනාරිශ, අර්ධනාරිනටේශ්වර (අඩක් ස්ත්‍රියක් වූ නර්ථනයේ දෙවියන්), නරනාරි, අම්මිඅප්පන් (දෙමළ භාෂාවන් මව සහ පියා) ආදි නාමයන්ගෙන්ද ආමන්ත්‍රණය කරයි. ගුප්ත යුගයේ ලේඛක පුෂ්පදන්ත ඔහුගේ මහිංනාස්තාවේ මෙම ස්වරූපය දේහර්ධඝටනා ("ඔබ සහ ඇය එක් සිරුරේ අර්ධයන් සේ") ලෙස සඳහන් කරයි. විෂ්ණුධර්මෝත්තර පුරාණයේ සඳහන් කොට ඇත්තේ ගෞරීශ්වර ලෙසයි. ආශ්‍රේයයන් හින්දු ආගම </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1871 [/INST] ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පංචායුධය [/INST] පංචායුධය යනු සිංහල ජන සමාජයේ දෙමාපියන් විසින් සිය කුඩා දරුවන්ගේ කරෙහි, ඉණෙහි පළඳවනු ලබන රත්තරනින් හෝ රිදියෙන් තැනූ අාභරණයකි. අළුත උපන් බිළිඳෙකුගේ ගෙළේ පංචායුධයක් පැළැඳවීම, සම්මත මංගල කරුණක්‌ ලෙස අතීත මාපියන් විසින් සළකන ලදී. නාමය පංචායුධ යන නාමයෙහි අර්ථය අායුධ පහක් යන්නයි. කුඩා දරුවන්ගේ පළඳවනු ලබන පංචායුධයේද අායුධ වර්ග පහක සංඛේත දැකගත හැකිවේ. පංචායුධයක අන්තර්ගත වන එම අායුධ වර්ග පහ වනුයේ, ත්‍රිශූලය කඩුව දුන්න සංඛය පාරා වළල්ල වේ. පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන පංචායුධ කුමාරයාගේ කතාවද, මෙහි නාමය සමග සබැඳෙන බව විශ්වාස කෙරේ. විශ්වාසය අළුත උපන් බිළිඳු දරුවෙකුගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවා ඇස්‌වහ කටවහ දෝෂ, ග්‍රහ අපල දෝෂ අාදී අනෙකුත් පෙනෙන නොපෙනෙන දේෂ වලින් අාරක්ෂා වනු අැතැයිද, එසේම දරුවා තුල ඉන් තේජස ජනිත වේයැයිද, අතීත දෙමාපියන්ගේ විශ්වාසය විය. කුඩා දරුවන්ගේ පමණක් නොව, උපදින දරුවාද ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් අතීතයේ දී ගර්භනී මවුවරුන්ට ද පංචායුධ පළඳවා ඇති බව පැවසේ. සබැඳි සිරිත් පංචායුධයක් තැනීම හා පළඳීම එකල සුභ නැකැත් අාශ්‍රිතව සිදු විය. පංචායුධය තැනීම - බිළිඳු දරුවා උපන් දවසේම හෝ ඉපිද පස්‌වන දවසේදී (හෝ පසුව) පංචායුධය තනනු ලැබේ. එහිදී පිරිමි දරුවෙකු සඳහා මදටිය ප්‍රමාණයක බරට රත්රන් ප්‍රමාණයක්ද, ගැහැණු දරුවෙකු සඳහා ඉන් භාග ප්‍රමාණයක බරට රත්රන් ප්‍රමාණයක්ද ගනු ලැබූ බව සඳහන් වේ. පංචායුධය ජීවම් කිරිම - සමහර ප්‍රදේශ වල තනනු ලැබූ, පංචායුධය පැළඳවීමට පෙර නිසි පිළිවෙත් පරිදි ජීවම් කිරීම සිදුවෙයි. පංචායුධය පැළඳවීම - කුඩා බිළිඳු දරුවා ඉපදී මාස කිහිපයක් (සමහර තැන්හී එය ඉපිද දින පහත් දහයත් අැතුළත ලෙස දැක්වේ) ගිය පසුව (බොහෝ විට ඉඳුල් කට ගාන දිනයේදී), රත්‍රං පතක කැටයම් කරන ලද අායුධ පහ එනම් පංචායුධය ආභරණය, සුබ මුහුර්තයකින් සියලු චාරිත්‍ර විධි ඉටුකොට දරුවාගේ ගෙළ පැළඳවනු ලබයි. ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සමරිසි [/INST] ස්ත්‍රී පුරුශ බේදය සලකා, ස්ව වර්ගය සමග සමීප සබදතා දක්වන හෝ එයට ලැදි තැනැත්තන් සමරිසි තැනැත්තන් සේ සැලකේ. තවද මොවුන් තමන්ගේම ලිංගික කණ්ඩයට(ස්ත්‍රි හෝ පුරුෂ) අයත් පුද්ගලයන් සමග ආදරය කිරිමට හා ලිංගික හැසිරිම් වල යේදිමට ඇල්මක් දක්යයි. මෙය අදිත ගැසීම ලෙසද හැඳින්වේ. මූලාශ්‍ර මානව ලිංගිකත්වය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පොද වැස්ස [/INST] පොද වැස්ස යනු, වැස්සට වඩා කුඩා ජල බිංදු වෙතින් – සාමාන්‍යයෙන් විෂ්කම්භය ට වඩා කුඩා – සමන්විත සැහැල්ලු ද්‍රව වර්ෂණයකි. පොද වැස්ස සාමාන්‍යයෙන් සැදෙනුයේ පහළ මට්ටමෙහි ස්ථරීකෘත වලාකුළු සහ ස්තර කැටි වලාකුළු වෙතිනි. පොද වැස්ස වෙතින් නිමැවෙන වර්ෂණ ශීඝ්‍රතාවයන් වනුයේ පොළොව මතදී දිනකට මිලිමීටරයක් (0.04 අඟ) හෝ ඊට අඩු අගයයක් වෙයි. පොද වැසි බිඳිති වල කුඩා ප්‍රමාණය නිසා, පෘෂ්ඨයක් මත පතිත වීමට පෙර බොහෝ අවස්ථා වලදී පොද වැස්සෙන් අධික ප්‍රමාණයක් වාෂ්පීභවනය වන අතර එබැවින් පොළොව මත නිරික්ෂකයන් විසින් ආවේදනය කරනු නොලැබිය හැකිය. පොද වැස්ස සඳහා මෙටාර් කේතය වනුයේ DZ වන අතර හිමායන පොද වැස්ස සඳහා එය FZDZ වෙයි. ආචරණ පොද වැස්ස වෙතින් මානවයන් කෙරෙහි අවම ක්ෂණික බලපෑම් පමණක් ඇති කරන නමුදු, හිමායන පොද වැස්ස හේතුවෙන් අනතුරු සහිත තත්ත්වයන් ජනිත විය හැකිය. හිමායන පොද වැස්ස ඇතිවන්නේ, හිමාංකයට වඩා පහළ උෂ්ණත්වයක පවතින පෘෂ්ඨයක් මතට අධිශීත පොද වැස්ස පතිතවූ විටදීය. මෙම බිඳිති පෘෂ්ඨය මත ගැටෙත්ම ක්ෂණයෙන් මිදෙන අතර, මාර්ග පෘෂ්ඨය මත තහඩු අයිස් ( කළු අයිස් ලෙසින්ද සමහරවිට හැඳින්වෙයි) සැදීමට ඉවහල් වෙයි. හටගැනීම විශේෂිත ලෙසින් උපනිවර්තන කලාපයන්හී සිසිල් ප්‍රදේශ තුලදී, ලෝකයෙහි සාගරයන්හී විශාල ප්‍රදේශ මත බහුල ලෙසින් වර්ෂණය සිදු කෙරෙන ආකාරය වන්නේ පොද වැස්ස වෙයි. මෙම ප්‍රදේශයන්හී බහුලව දක්නට ලැබෙන්නේ නොඋස් සාමුද්‍රීය ස්තර කැටි සහ වෙළෙඳ සුලං කැටි වලාකුළු වන අතර, මේවා සම්පූර්ණයෙන්ම පිහිටන්නේ සාමුද්‍රීය මායිම් ස්තරය තුලය. ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සපුගස්කන්ද ඩීසල් බලාගාරය [/INST] සපුගස්කන්ද ඩීසල් බලාගාරය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, සපුගස්කන්ද හී පිහිටුවා තිබෙන, මෙගාවොට් 160 ක විද්‍යුත් ජනන ධාරිතාවයක් සහිත ඩීසල් බලාගාරයකි. බලාගාරය සතුව MAN සහ Siemens විසින් සපයන ලද, විදුලි ජනක ඒකක 12 ක් පවතී. ඉන් 4 ක් මෙගාවොට් 20 බැගින් විදුලිය ජනනය කරන අතර, ඉතිරි සියල්ල මෙගාවොට් 10 බැගින් විදුලිය උපදවයි. බලාගාරයේ මෙහෙයුම් කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන් ලබයි. මෙම සියළුම ඒකක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වෙයි. මේවාද බලන්න ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව ආශ්‍රිත ඉන්ධන-දහන බලාගාර- ශ්‍රී ලංකා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බුත්තල මැතිවරණ කොට්ඨාශය [/INST] බුත්තල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල නගරය අනුව යමිනි. මාර්තු 1960 දී බුත්තල මැතිවරණ කොට්ඨාශය ඉවත් කෙරුණේ වෝල්ටර් තල්ගොඩපිටිය ප්‍රධානත්වය දැරූ මැතිවරණ කොට්ඨාශ නැවත නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ තීරණය පරිදීය. 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය 23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල: 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය 24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල: 1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය 5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල: ආශ්‍රිත ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ මොණරාගල දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: IPO model [/INST] IPO ආකෘතිය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් සංචාලනයට යන්නසෙවීමට පනින්න ආදාන-ක්‍රියාවලිය-ප්‍රතිදාන ආකෘතිය මෙම ආදාන-ක්රියාවලිය-ප්රතිදාන (කොටස් නිකුතුව) ආදර්ශ , හෝ ආදාන-ක්රියාවලිය-ප්රතිදාන රටාව, දී බහුලව භාවිතා ප්රවේශයක් පද්ධති විශ්ලේෂණය හා මෘදුකාංග ඉංජිනේරු විද්යාව තොරතුරු සැකසුම් වැඩසටහනක් හෝ වෙනත් ක්රියාවලිය ව්යුහය විස්තර සඳහා. බොහෝ හඳුන්වාදීමේ ක්‍රමලේඛන සහ පද්ධති විශ්ලේෂණ පා xts යන් මෙය ක්‍රියාවලියක් විස්තර කිරීමේ මූලික ව්‍යුහය ලෙස හඳුන්වා දෙයි. අන්තර්ගතය 1දළ විශ්ලේෂණය 2වැඩ කරන පද්ධති 3පද්ධති වර්ග 3.1ස්වාභාවික පද්ධති 3.2නිර්මාණය කරන ලද භෞතික පද්ධති 3.3නිර්මාණය කරන ලද වියුක්ත පද්ධති 3.4සමාජ පද්ධති 3.5මානව ක්‍රියාකාරකම් පද්ධති 4පද්ධති ලක්ෂණ 5සැබෑ ජීවිත යෙදුම් 5.1ආයතනික ව්‍යාපාර 5.2වැඩසටහන්කරණය 5.3විද්‍යාත්මක 6මෙයද බලන්න 7යොමුව දළ විශ්ලේෂණය ඒ පරිගණක වැඩසටහනක් ආදාන-ක්රියාවලිය-ප්රතිදාන ආකෘතිය, පරිශීලක හෝ වෙනත් මූලාශ්රයකින් යෙදවුම් ලැබෙන සමහර කරන්නේ භාවිතා ක්රියාවලිය තවත් ආකාරයක සඳහා ප්රයෝජනවත් වේ ගණනය යෙදවුම් මත, සහ ගණනය ප්රතිඵල පැමිණේ.  සාරාංශයක් ලෙස පද්ධතිය පරිසරයෙන් වෙන්ව යන අතර එමඟින් යෙදවුම් සහ ප්‍රතිදානයන් එකමුතු යාන්ත්‍රණයක් ලෙස අර්ථ දක්වයි.  පද්ධතිය මඟින් වැඩ කොටස් තුනකට බෙදා ඇත: පරිසරයෙන් අවශ්‍යතාවයක් ( ආදානය ) අවශ්‍යතාවය ( ක්‍රියාවලිය ) මත පදනම් වූ ගණනය කිරීමකි පරිසරය සඳහා ප්‍රතිපාදන ( ප්‍රතිදානය ) වෙනත් වචන වලින් කිවහොත්, එවැනි යෙදවුම් ද්‍රව්‍ය, මානව සම්පත්, මුදල් හෝ තොරතුරු, පරිභෝජන, සේවා, නව තොරතුරු හෝ මුදල් වැනි ප්‍රතිදානයන් බවට පරිවර්තනය වේ. ප්‍රති consequ ලයක් ලෙස, ආදාන-ක්‍රියාවලි-ප්‍රතිදාන පද්ධතියක් වැරදි අර්ථකථනයකට ගොදුරු වේ. මෙයට හේතුව, න්‍යායාත්මකව, පද්ධතියෙන් පිටත පරිසරය සම්බන්ධයෙන් සියලු දත්ත එහි අඩංගු වීමයි. එහෙත්, ප්‍රායෝගිකව, පරිසරය තුළ පද්ධතියේ පාලනයෙන් බැහැරව පවතින බැවින් පද්ධතියකට තේරුම් ගත නොහැකි සැලකිය යුතු විවිධාකාර වස්තු අඩංගු වේ. එහි ප්‍රති As ලයක් ලෙස පද්ධතිය සහ පරිසරය අතර සීමාව පවතින්නේ කොතැනද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. විවිධ විශ්ලේෂකයින් බොහෝ විට තමන්ගේ සීමාවන් සකසා ගනිමින් ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුග්‍රහය දක්වන අතර එමඟින් බොහෝ ව්‍යාකූලතා ඇති වේ. වැඩ කරන පද්ධති පද්ධති චින්තනය සම්බන්ධයෙන් අදහස් වෙනස් වේ.  එවැනි එක් අර්ථ දැක්වීමක් මඟින් ව්‍යුහයක් ලෙස ආදාන-ක්‍රියාවලි-ප්‍රතිදාන පද්ධතිය දැක්වේ: "පද්ධති චින්තනය යනු යටින් පවතින ව්‍යුහය පිළිබඳ අවබෝධය පිළිබඳ වඩ වඩාත් ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගැනීමෙන් හැසිරීම පිළිබඳ විශ්වාසදායක නිගමනයන් කිරීමේ කලාව හා විද්‍යාවයි" විකල්පයක් ලෙස, දුරස්ථ වස්තූන් සමඟ බන්ධනය වීමේ අර්ථයෙන් පද්ධති 'පරිපූර්ණ' නොවන බව ද යෝජනා විය (නිදසුනක් ලෙස: කකුළුවන්, ඕසෝන් ස්ථරයක් සහ ප්‍රාග්ධන ජීවන චක්‍රය එකට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම). පද්ධති වර්ග තොරතුරු පද්ධති සාහිත්‍යයේ වැඩිපුරම සඳහන් කර ඇති ප්‍රධාන කාණ්ඩ පහක් ඇත: ස්වාභාවික පද්ධති මානව මැදිහත්වීමක ප්‍රති created ලයක් ලෙස නිර්මාණය නොවූ පද්ධතියක්. මෙයට නිදසුන් වනුයේ සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම මිනිස් සිරුර ද වර්තමාන ස්වරූපයට පරිණාමය වීමයි නිර්මාණය කරන ලද භෞතික පද්ධති මානව මැදිහත්වීමක ප්‍රති created ලයක් ලෙස නිර්මාණය වී ඇති අතර භෞතිකව හඳුනාගත හැකි පද්ධතියකි. එවැනි උදාහරණ වනුයේ කිසියම් නිශ්චිත අරමුණක් සඳහා මිනිස් මනස විසින් නිර්මාණය කරන ලද විවිධ පරිගණක යන්ත්‍ර ය. නිර්මාණය කරන ලද වියුක්ත පද්ධති මිනිස් මැදිහත්වීමක ප්‍රති created ලයක් ලෙස නිර්මාණය වී ඇති අතර භෞතිකව හඳුනාගත නොහැකි පද්ධතියකි. මෙයට නිදසුන් වනුයේ කිසියම් නිශ්චිත අරමුණක් සඳහා මිනිස් මනස විසින් නිර්මාණය කරන ලද ගණිත හා දාර්ශනික පද්ධති ය. සාමූහිකව නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීමට මිනිසුන්ට ඉඩ සලසන සමහර සමාජ පද්ධති ද ඇත. සමාජ පද්ධති මිනිසුන් විසින් නිර්මාණය කරන ලද සහ අස්පෘශ්‍ය අරමුණු වලින් උපුටා ගත් පද්ධතියකි. උදාහරණයක් ලෙස: පවුලක්, එය මානව සම්බන්ධතාවල ධූරාවලියක් වන අතර එය සාරාංශයක් ලෙස ස්වාභාවික හා මානව පද්ධති අතර මායිම නිර්මාණය කරයි. මානව ක්‍රියාකාරකම් පද්ධති ධූරාවලිය සහිත සංවිධානයක්, නිශ්චිත අරමුණක් සඳහා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දකි. උදාහරණයක් ලෙස: නිශ්චිත අරමුණක් සඳහා සහයෝගයෙන් හා සාක්ෂාත් කර ගැනීම සඳහා මිනිසුන් එකට සංවිධානය කරන සමාගමක්. මෙම ක්‍රමයේ ප්‍රති result ලය භෞතිකව හඳුනාගත හැකිය.  කෙසේ වෙතත්, පෙර වර්ග සමඟ සැලකිය යුතු සම්බන්ධතා කිහිපයක් තිබේ. මානව ක්‍රියාකාරකම් පද්ධතිය (HAS) පිළිබඳ අදහස විවිධාකාර වූ කුඩා සමාජ පද්ධතියකින් සමන්විත වන අතර එහි සුවිශේෂී සංවර්ධනය හා සංවිධානය ඇත. එපමණක් නොව, HAS වලට සැලසුම් කළ පද්ධති ඇතුළත් කළ හැකිය - පරිගණක සහ යන්ත්‍රෝපකරණ. පෙර පද්ධති වලින් බහුතරයක් අතිච්ඡාදනය වේ. පද්ධති ලක්ෂණ ඕනෑම පද්ධතියක මූලික හැසිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබේ. පද්ධති විවෘත හෝ සංවෘත ලෙස වර්ග කළ හැකිය : මුදල්, දත්ත, බලශක්තිය හෝ හුවමාරු ද්‍රව්‍ය ලෙස ඔවුන්ගේ පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරන අය සාමාන්‍යයෙන් විවෘත යැයි වටහා ගනු ලැබේ. පද්ධතියේ විවෘතභාවය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. මෙයට හේතුව, පද්ධතියක් පරිසරයෙන් එක් ආදානයක් පවා ලැබෙන්නේ නම් එය විවෘත යැයි වර්ගීකරණය කරනු ඇත, නමුත් හුදෙක් පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරන පද්ධතියක් විවෘත ලෙස වර්ගීකරණය කරනු ඇත. පද්ධතිය වඩාත් විවෘත වන විට, එහි සංරචකවල පුරෝකථනය කිරීමේ හැකියාව අඩු නිසා එය වඩාත් සංකීර්ණ වනු ඇත. පරිසරය සමඟ කිසිසේත් අන්තර්ක්‍රියා නොකරන ඒවා වසා ඇත. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව, නිමැවුමේ ප්‍රායෝගික භාවිතය නැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම සංවෘත පද්ධතියක් හුදෙක් සජීවී වේ. එහි ප්‍රති As ලයක් ලෙස බොහෝ පද්ධති විවෘතව හෝ යම් ප්‍රමාණයකට විවෘතව පවතී. පද්ධති නිර්ණායක හෝ ස්ථිතික ලෙස වර්ග කළ හැකිය : චර්යා රටාවන් අනුව මනාව නිර්වචනය කර ඇති සහ පැහැදිලිව ව්‍යුහගත පද්ධතිය පුරෝකථනය කළ හැකි වන අතර එමඟින් නිර්ණායක බවට පත්වේ. වෙනත් වචන වලින් කිවහොත් එය භාවිතා කරන්නේ ආනුභවික දත්ත පමණි. උදාහරණයක් ලෙස: ගණිතය හෝ භෞතික විද්‍යාව නිශ්චිත නීති වටා සකසා ඇති අතර එමඟින් ගණනය කිරීමේ ප්‍රති results ල පුරෝකථනය කළ හැකිය. නිර්ණායක පද්ධතිවලට අභ්‍යන්තර සංරචක අතර සරල අන්තර්ක්‍රියා ඇත. පැහැදිලිව ව්‍යුහාත්මක චර්යා රටා නොමැති වීම නිසා වඩාත් සංකීර්ණ හා බොහෝ විට විවෘත පද්ධතිවලට සාපේක්ෂව අඩු පුරෝකථන හැකියාවක් ඇත. එබැවින් එවැනි ක්රමයක් විශ්ලේෂණය කිරීම වඩා දුෂ්කර ය. [ උපුටා දැක්වීම අවශ්‍යයි ] එවැනි පද්ධති විවිධාකාර ක්‍රියාකාරකම් සිදුකරන අතරම මිනිසාගේ ස්ථිතික ස්වභාවය නිසාය. බව පවසා තිබෙන අතර, නිර්මාණය කර ඇති පද්ධති තවමත් අයනික ලෙස සලකනු ලැබේ, [ තහවුරු කරන්න ] නිසා නිර්මාණය ඇතුළත් නීති දෘඩ ව්යුහය. පද්ධති ස්ථිතික හෝ ගතික ලෙස වර්ග කළ හැකිය පරිගණක බලයේ නිරන්තර පරිණාමය නිසා බොහෝ පද්ධති ගතික ලෙස හැඳින්වුවද, සමහර පද්ධති නිර්මාණය කිරීම හා පැවතීම අතර සමතුලිතතාවය ඇති කර ගැනීමට අපහසු විය. සංවර්ධකයින් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමෙන් සපයන ගතික සිතියමකට වෙනස්ව, පරිණාමය නොවන මුද්‍රිත සිතියමක් එවැනි උදාහරණයකි. පද්ධති ස්වයං-නියාමනය හෝ ස්වයං-නියාමනය නොවන ලෙස වර්ග කළ හැකිය පද්ධති ක්‍රියාකාරිත්වයේ ස්වයං පාලනයේ තරම වැඩි වන තරමට අවසාන පද්ධතියේ ජීවත්වීමේ හැකියාව වැඩි වේ. ඕනෑම පද්ධතියකට ස්ථායීව සිටීම සඳහා එහි ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකිවීම අත්‍යවශ්‍ය වේ. [ උපුටා දැක්වීම අවශ්‍යයි ] සැබෑ ජීවිත යෙදුම් ආයතනික ව්‍යාපාර ඒ නිෂ්පාදන ක්රියාවලිය යෙදවුම් ලෙස අමුද්රව්ය ගත බව, නිෂ්පාදන ක්රියාවලිය අදාළ වන අතර, ප්රතිදාන නිෂ්පාදිත භාණ්ඩ නිෂ්පාදනය කරයි. එවැනි පද්ධති භාවිතය මඟින් සමාගමේ සෑම දෙපාර්තමේන්තුවක් තුළම සමාගම්වල ක්‍රියාකාරිත්වය අනුව, ප්‍රමාණය කුමක් වුවත්, ශක්තිමත් මානව සංවිධාන නිර්මාණය කිරීමට උපකාරී වේ. IPOs හට පවත්නා ස්ථිතික හා ස්වයං-නියාමන පද්ධති ප්‍රතිව්‍යුහගත කළ හැකි අතර, වර්තමාන ඉටුකිරීමේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සැබෑ ලෝකයේ නිෂ්පාදන ඉටුකිරීම් බාහිරින් ලබා ගැනීමේදී භාවිතා කරනු ඇත. ක්‍රමලේඛනය කේතීකරණය සඳහා දැනට පවතින වැඩසටහන් වලින් බහුතරයක් වන ජාවා , පයිතන් , සී ++ , නිශ්චිත IPO ආකෘතියක් මත පදනම් වනු ඇත, කේතයෙන් පැහැදිලි යෙදවුම් පැමිණ, යෙදුම් වැනි ප්‍රතිදානයන් බවට පරිවර්තනය වේ. ඒ සැකසුම් කණ්ඩායම ගනුදෙනුව සමජාතීය ගනුදෙනු විශාල වෙළුම් පිළිගත්තේය පද්ධතිය, එය හසුරුවා (විය හැකි දත්ත සමුදාය යථාවත් කිරීම), සහ එවැනි වාර්තා හෝ ගණනය ලෙස ප්රතිදානය නිපදවයි. අන්තර්ක්‍රියාකාරී පරිගණක වැඩසටහනක් , එය පරිශීලකයෙකුගේ සරල ඉල්ලීම් පිළිගන්නා අතර සමහර සැකසුම් සහ / හෝ දත්ත සමුදායන් ප්‍රවේශ වීමෙන් පසුව ඒවාට ප්‍රතිචාර දක්වයි. විද්‍යාත්මක ක්‍රියාකරු විසින් සපයනු ලබන යෙදවුම් භාවිතා කරන කැල්කියුලේටරයක් සහ ඒවා ක්‍රියාකරු විසින් භාවිතා කළ යුතු ප්‍රතිදානයන් බවට සකසයි. ඒ thermostat උෂ්ණත්වය දැෙනන අතර, (ආදානය), ක්රියාවක් (සක්රිය / අක්රිය තාපය) තීරණය, සහ ක්රියාදාම (ප්රතිදාන) ඉටු කරන. මෙයද බලන්න කියවන්න-එවාල්-මුද්‍රණ ලූපය නිස්සාරණය, පරිවර්තනය, පැටවීම CIPO- ආකෘතිය යොමුව ^ දක්වා ඉහළට:a b c ග්‍රේඩි, JO, "පද්ධති ඉංජිනේරු සැලසුම් සහ ව්‍යවසාය අනන්‍යතාවය," ටේලර් සහ ෆ්‍රැන්සිස්, 1995. ^ ගොයෙල්, ඒ., "පරිගණක මූලධර්ම," පියර්සන් අධ්‍යාපන ඉන්දියාව, 2010. ^ දක්වා ඉහළට:a b Zelle, J., "Python Programming: An Introduction to Computer Science, 2 වන සංස්කරණය," Franklin, Beedle, & Associates, 2010. ^ දක්වා ඉහළට:a b c d e f g h කරි, ඒ. සහ ෆ්ලෙට්, පී. සහ හොලිංස්වර්ත්, අයි., "තොරතුරු හා පද්ධති කළමනාකරණය: ව්‍යාපාර ඉදිරිදර්ශනය," රූට්ලෙජ්, 2006. ^ වේරින්ග් ඒ. ප්‍රැක්ටිකල් සිස්ටම්ස් චින්කින්, ඉන්ටර්නැෂනල් තොම්සන් බිස්නස් ප්‍රෙස්: ලන්ඩන්. (1996) Arch ^ බී. රිච්මන්ඩ්: පද්ධති චින්තනයට හැඳින්වීම, ස්ටෙලා © 1992-1997 ^ එම්. බෝලේ: පද්ධති චින්තනය සමඟ කළමනාකරණය: ව්‍යාපාර තීරණ ගැනීමේදී ගතිකය ඔබ වෙනුවෙන් වැඩ කිරීම 1996 ^ දක්වා ඉහළට:a b c d e f P. B. චෙක්ලන්ඩ්: පද්ධති සිතීම, පද්ධති පුහුණුව. 1981. ^ දක්වා ඉහළට:එය ආ බී විල්සන් පද්ධති: සංකල්ප, හා ක්රමවේදයන් අයදුම්පත් (1984) Atch පැච්ච් ඩී. (1990) ප්‍රායෝගික මෘදු පද්ධති විශ්ලේෂණය ^ ෆ්ලින් ඩීජේ (1992) තොරතුරු පද්ධති අවශ්‍යතා: නිර්ණය හා විශ්ලේෂණය ^ දක්වා ඉහළට:එය ආ මාටින් සී පවල් පී (1992) සරළ පද්ධති. කළමනාකරණ ඉදිරිදර්ශනය ^' http://smallbusiness.chron.com/use-ipo-model-37493.html ප්රවර්ග </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ජයන්ත සිල්වා [/INST] කැලණියගේ ජයන්ත සිල්වා (උපත:1973 පෙබරවාරි 6, කළුතර ) යනු 1995 සිට 1998 දක්වා ටෙස්ට් තරග 7කට සහ එක් එක්දින තරගයකට ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් ජීවමාන ජනයා 1973 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සෙනසුරාදා [/INST] සතිඅන්තය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අන්දමන් දූපත් [/INST] අන්දමන් දූපත් යනු නැගෙනහිරින් බෙංගාල බොක්ක හා ඉන්දියාවත් බටහිරින් මියන්මාරයටත් මායිම්ව ඇකි කොදෙවු දූපත් සමූහයකි. අන්දමන් දූපත් බොහෝ අදිවාසී ජනකණ්ඩායම්වල නිජභූමියකි. ඉතිහාසය නිරුක්තිය අතීතයේදී මෙම දිවයින් සමූහයට හනුමන්තා නම් හින්දු දෙවියකු සදහා සංස්කෘත භාෂාවෙන් හදුන්වන අනඩොමන් යන නමින් හදුන්වා ඇත. තවද ඉතාලියානු දේශ ගවේශකයෙකුවන නිකොලා ද කොන්ටි මෙම දූපත් සමූහය හදුන්වා ඇත්තේ රන් දිවයින නමිනි. අතීත ජනාවාස අන්දමන් දූපත් වසර දහස්ගණනක සිට ජනාවාසවී පැවතිණ.පුරාවිද්‍යාත්මක සාධක අනුව මීට වසර 2,200 කට පෙර අන්දමන් දූපත් ජනාවාසව තිබී ඇත.කෙසේ වෙතත් ඇතැම් අධ්‍යනයන්ට අනුව මෙම දූපත් මධ්‍යම පිලියොලිතික යුගයේ සිටම ජනාවාසවී පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. අන්දමන් දූපතිවාසී ආදිවාසීන් ලෝකයෙන් හුදෙකලාව මහා සමාජයෙන් ඈත්ව වාසය කිරීම 18 වන සියවස දක්වාම පැවතින. මෑත ඉතිහාසය තුල අන්දමන් දූපත්වලට පිටස්තර පුද්ගලයන් ඇතුළු වන්නට විය.ඒ අතර අප්‍රිකානු ජාතිකයන් අරාබි ජාතිකයන් බටහිර ජාතීන් හා ඈත පෙරදිග ජාතීන්ද වෙයි චෝල අධිරාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 800 ත් 1200 අතර කාලයතුල චෝල අධිරාජයේ බලය අන්දමන් දූපත් කරාද ව්‍යාප්තව පැවතිණ. රාජේන්ද්‍ර චෝල (1014 - 1042) අධිරාජ්‍යයා අන්දමන් හා නිකොබාර් දූපත් අතුළු විශාල භූගෝල කලාපයක් තම අණසකට නතුකරගත්හ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය 1789 දී එවක පැවති මහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අන්දමන් දූපත් අශ්‍රීතව නාවික හමුදා කඳවුරක් නිර්මාණය කරන ලදී.මෙින් වසර දෙකකට පසු මහා අන්දමන් දූපතේ පැවති නාවුක කඳවුර එම දූපතේ ගිණිකොණ දෙසට ගෙනයන ලදී.කෙසේ වෙතත් මෙම අවධියේදී අන්දමන් නාවික හමුදා කඳවුරේ සිටි බොහෝ නාවුක භටයන් රෝගවලට ගොදුරුවී මියගියයේය. 1824 දී රහස් හමුදාවක් යටත් විජිත සොල්දාදුවන්ට ප්‍රහාර එල්ල කළහ.1830 සහ 1840 අන්දමන් දූපත් වලට ගොඩබසිනලද නැවු මුහුදුබත්විය මෙම නැවියන්ට අන්දමන් ආදිවාසීන් විසින් පහරදී ඔවුන් ගේ මාංශ ආදිවාසීන් අනුභව කරඇති බව පැවසේ. 1844 දී බ්‍රිතාන්‍යයට අයත් මගි ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන නැවක් අන්දමන් දූපත් අසළ දී කුණාටුවකට හසුවී මුහුදුබත් විය.මේ අතර යටත් විජිත හමුදාවන්ට නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමට අදිවාසීන්ට හැකිවිය. මෙලෙස අන්දමන් දූපත්වාසී අදිවාසීන්ගෙන් යටත් විජිත හමුදාවන්ට නොයෙක් බාධක ඇතිවිය. 1859 මැයි 17 තවත් විශේෂ දිනයක්විය. එදින මහා අන්දමන් ගෝත්‍රිකයන් හා බ්‍රිතාන්‍ය හමුදාව අතර ගැටුමක් ඇතිවිය.මෙහිදී ආදිවාසීන් රැසක් මරණයට පත්විය තවත් පිරිසක් සිරගතවිය සිරගතකල ඇතැම් ආදිවාසීන් පසුව මරණයට පත් කරනලදී. 1867 දී උතුරු සෙන්ටිනල් දූපතට බ්‍රිතාන්‍ය නැවක් ගොඩබැසීය.ඔවුන් බොට්ටුවල නැගි වෙරළට සේන්දුවිය.තුන්වන දිනයේදී යකට පොලු අතැතිව පැමිණි නිරුවත් ආදිවාසීන් ඔවුන්ට පහර දුන්හ.එක් අයකුට බෝට්ටුවෙන් පැනයාමට හැකිවිය.අනෙත් පිරිස පසුව බ්‍රිතාන්‍ය රාජකීය නැවක් මගින් බේරා ගැනීමට හැකිවිය. මෙයාකාරයෙන් අන්දමන් දූපත්වාසී අදිවාසීන් හා බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවන් අතර නිතර ගැටුම් ඇතිවිය. මෙයින වඩාත් අගතියට පත් වන්නේ අන්දමන් ස්වදේශික ජනයායි,බ්‍රිතාන්‍ය සමයේම අැෆ්පනිස්ථානයේ සිට පැමිණි මුස්ළිම් ජාතික ෂ(ර්) අලි අන්දමන් හා නිකොබාර් දූපත් වලට පැමිණේ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙහි දේශපාලන සිරකරුවන් සදහා වූ බන්ධනාගාරයක්ද ස්ථාපිතව පැවතිණ.ඉන්දියානුවන් මෙම බන්ධනාගාරය කළු වතුර ලෙස හදුන්වා ඇත; 1996 දී කාලපනි හෙවත් කළු වතුර නමින් චිත්‍රපටයක්ද මේ අශ්‍රිතව නිපදවිය. මෙම බන්ධනාගාර යේදී සිරකරුවන් දහස් ගණනක් මිය ගියබව පැවසේ. බොහෝ දෙනා මෙම බන්ධනාගාරය තුල පැවති අමානුෂික වද බන්ධන හමුවේ මියගොස් ඇත.වයිපර් දූපතේ පැවති බන්ධනාගාරය තුලදී සිරකරුවන් එල්ලා මාරා දැමීම සිදුකර ඇත. ජපන් බලපෑම  අන්දමන් හා නිකොබාර් දූපත්වල බලය දෙවන ලෝක යුධ සමයේදී තමා යටතට ගැනීමට ජපානයට හැකිවිය. ජපාන් අධිරජ්‍ය යටතේ පැති අන්දමන් හා නිකොබා දූපත් පසුව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ෂවීය රටවල් ලෝක යුද්ධයෙන් ජයග්‍රහනය කිරීමත් ජපානය ලෝක යුද්ධයෙන් පරාජය වීමත් නිසා යලින් අන්දමන් දූපත්වල බලය බ්‍රිතාන්‍ය යටත්විජිතයට අයිතිවිය.කෙසේ වෙතත් පසුව මහා බ්‍රිතන්‍ය විසින් තම යටත් විජිතයන්ට නිදහස ලබාදීමට තීරණය කිරීමත් සමග ඉන්දියාවටද 1947 දී නිදහස ලැබීම සමග අන්දමන් හා නිකොබාර් දූපත් ඉන්දියාවට අයත්විය. මෑතකාලීන ඉතිහාසය 1998 අප්‍රියල් මාසයේදී ජෝන් එස් කැලහන් නම් ඡායාරූප ශිල්පියකු අන්දමන් දූපත අශ්‍රිත දියමත ලිස්සායෑමේ ක්‍රීඩා වැඩසටහනස් සංවිධානය කළේය.එය තායිලන්තයේ පුකේට් දිවයිනේ සිට ඇරඹිණි.ඔවුන් දින දහයක් පුරා අන්දමන් දූපත් සමූහයේ විවිධ ස්ථාන කරා දියමත ලිස්සා යමින් තොරතුරු ගවේශනය කළහ.ඔවුන් එහි සිටි ආදිවාසීන් ගැනද තොරතුරු රැස් කළහ.ජනමාධ්‍යවේදියකුවන සැම් ජෝර්ජ් පළමු වරට අන්දමන් දූපත ආශ්‍රිත දියමත ලිස්සා යෑම සිදුකලහැකි පෙදෙස් වල සිතියමක් ජාතත්‍යන්තර සගරාවක පළ කළේය.. ජැක් ජොනසන් ගේ Thicker than Water නම් සිනමා පටයට පසුබිම වන්නේ අන්දමන් දූපත් ආශ්‍රිත වෙරළ තීරයයි 2004 දෙසැම්බර් 26 දින සිදුවූ සුනාමි ව්‍යසනය නිසා අන්දමන් දූපත් ආශ්‍රීතව දැඩි මුහුදු කෑමක් ඇතිවිය. මෙම සුනාමි ව්‍යසනයෙන් 2,000 අධික අන්දමන් දූපත්වාසින් පිරිසක් මරණයට පත්විය.4,000 අදික ළමුන් පිරිසක් අනාථවිය.40,000 පමණ දෙනාට නිවාස අහිමිවිය.. නැවත 2009 අගෝස්තු මාසයේදී රික්ටර් මාපකයේ 7 ඉක්මවූ භූමි කම්පාවක් නිසා අන්දමන් දූපත්වලට දැඩි බලපෑමක් ඇතිවිය.2010 මාර්තු 30 දිනද රික්ටර් මාපකයේ 6.9 ඉක්මවූ භූමිකම්පාවක් වාර්ථාවිය. භූගෝලීය පිහිටීම අන්දමන් දූපත් සමූහය ඉන්දියන් සාගර කලාපයට අයත් අන්දමන් මුහුද අශ්‍රිතව බෙංගාල බොක්ක තුල පිහිටා ඇත.අන්දමන් දූපත් සමූහයට උතුරින් බංගලා දේශයත් ඊශාන දෙසින් මියන්මාරයත් නැගෙනහිරින් තායිලන්තයත් ගිණිගොණ දෙසින් මලයාසියාව හා සිංගප්පූරුවත් නිරිත දෙසින් ශ්‍රී ලංකාවත් පිහිටයි. නිවර්තන කලාපීය දේශගුණයක් පවතින අන්දමන් දූපත් තුල උණුසුම් හා වියලි දේශගුණ තත්වයක් පවතී.මෙම දූපත්වලට ඊශානදිග සහ නිරිතදිග මෝසම් සමය තුල වර්ෂාපතනය හොදින් ලැබේ.බොහෝවිට නිරිතදිග මෝසමෙන් වර්ෂාව හොදින් ලැබෙන අතර ඊශානදිග මෝසමෙන් ලැබෙන්නේ අඩු වර්ෂාපතනයකි. වෘක්ෂලතා මධ්‍යම අන්දමන් දූපත් තෙත් පතන වෘක්ෂ ලතාවලින් පිරි වාන්තර ප්‍රදේශයන්ය.අන්දමන් දූපත්වල උතුරු පෙදෙසේ තෙත් සදාහරිත වනාන්තර පිහිටා ඇති අතර මෙහි වටිනා දැව වර්ග වලින් සමන්විතය. අන්දමන් දූපත් ස්වභාවික වෘක්ෂලතාවලින් පිරි නිවර්තන වනාන්තර සහිත භූමියකි.වෙරළාශ්‍රිත බිම් කඩොලාන ශාක ප්‍රජාවගෙන් පොහොසත්ය. මෙම වැසි වනාන්තර බුරුමයේ ඇති වැසි වනාන්තර වලට සමානය.බොහෝ වනාන්තර සදාහරිතය,එහෙත් උතුරු අන්දමන් දූපත් මධ්‍යම අන්දමන් දූපත් ඇතැම් දකුණු අන්දමන් දූපත් කිහිපයක් ආශ්‍රිත පතනශ්‍රීලී වනාන්තර හමුවේ. දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව බොහෝවිට අපිශාක මීවන හා උඩවැඩියා වර්ග දක්නට ලැබේ. අන්දමන් දූපත් ආශ්‍රිත වනාන්තර බොහෝමයක් මිනිස් ක්‍රියාකාරනම් වලින් නිදහස්ව ස්වභාවිකව වැඩුණු වනාන්තර වෙයි.මෙහි වැඩි වශයෙන් ආදිවාසීන් ජීවත් වුවද ඔවුන් ශිෂ්ට මිනිසුන් මෙන් වනාන්තර විනාශ කිරීම පමණ ඉක්මවා දඩයම් කිරීස සිදු නොකරයි.එම නිසාම මෙහි ස්වභාවික පරිසරය ආරක්ෂාවී පවතී.කෙසේ වෙතත් මෙහි මෑතකදී සංක්‍රමණයවූ ජන කොටස් නිසා අන්දමන් දූපත් ආශ්‍රිත පරිසරය දූශනයවීම වැළැක්වීමට කටයුතු යොදා ඇත. දැව අන්දමන් දූපත් තුල දැව සදහා යොදාගතහැකි ශාක වර්ග 200 පමණ පවතී.මෙයින් විශේෂ 30 පමණ ආර්ථිකමය වශයෙන් ඉතා වටිනා ශක වර්ගවේ.: මාබල් (Diospyros marmorata) පඩුක් (Pterocarpus dalbergioides) සිල්වර් ග්‍රේ (a special formation of wood in white utkarsh) චෝලිi (Sageraea elliptica) කොක්කෝ (Albizzia lebbeck) පඩුක් දැව ලී භාණ්ඩ නිෂ්පාදනය සදහා යොදා ගනී. සත්වසංහතිය අන්දමන් දූපත් යනු බොහෝ සත්ව වර්ගයනට නිජ භූමියකි. ක්ෂීරපායින් මෙම දූපත් වලට ආවේණික ක්ෂීරපායින් කිහිපයක් සිටී අන්දමන් ස්පිනි ෂෘෘ (Crocidura hispida) අන්දමන් ෂෘෘ (Crocidura andamanensis) ජර්කින් ෂෘෘ (Crocidura jenkinsi) අන්දමන් හොර්ෂෘෘ වවුලා (Rhinolophus cognatus) අන්දමන් මීයා (Rattus stoicus) අන්දමන් වල් ඌරා ද මෙම දූපත් වලට ආවේණික සත්වයෙකි, අතීතයේ අධිරාජ්‍යවාදීන් විසින් අන්දමන් දූපත් තුල ඇති දැව ප්‍රවාහනයට යොදාගත් අලියන් පසුව අන්දමන් දූපත් තුල දමා යාම නිසා මධ්‍යම අන්දමන් දූපත් තුල අලින්ද දක්නට ලැබේ. කුරුල්ලන් අන්දමන් දූපත් වලට ආවේණික කුරුළු විශේෂ කිහිපයක්ම දක්නට ලැබේ Spilornis elgini, a serpent-eagle Rallina canningi, a crake (endemic; data-deficient per IUCN 2000) Columba palumboides, a wood-pigeon Macropygia rufipennis, a cuckoo dove Centropus andamanensis, a subspecies of brown coucal (endemic) Otus balli, the scops owl Ninox affinis, a hawk-owl Aceros narcondami, the Narcondam hornbill Dryocopus hodgei, a woodpecker Dicrurus andamanensis, a drongo Dendrocitta bayleyii, a treepie Sturnus erythropygius, the white-headed starling Collocalia esculenta, the glossy swiftlet Aerodramus fuciphagus, the edible-nest swiftlet අන්දමන් දූපත්වල ඇති හිරිගල් ගුහා තුල විවධ කුරුළු විශේෂ නවාතැන් ගනී.විශේෂයෙන් මේතුල වසන වැහි ලිහිණියන් මෙම හිරිගල් හුහා තුල කැදලි තනා ගනී.මෙම කැදලි ආර්ථිකමය වටිනාකමෙන්ද ඉහලය.. සර්පයන් හා උරගයන් අන්දමන් දූපත් තුල මෙම දූපත්වලටම ආවේණික උරග හා උභයජීවින් කිහිපයක් සිටී.මේ අතරට අන්දමන් දූපත් වලට ආවේණික ගෙම්බන් මැඩියන් සහ දකුණු අන්දමන් කරවලා (Bungarus andamanensis) අන්දමන් දිය කබරයා (Varanus salvator andamanensis) මේ අතර වෙයි. අන්දමන් දූපත්තුල කිඹුලන් බොහොවිට දැකිය හැක.ඇතැම් අවස්ථාවල මෙම කිඹුලන් සංචාරකයන්ට පහරදීම් හා ඇතැම්විට කිඹුලන්ට ගොදුරුවී මියගිය අවස්ථාද අසන්නට ලැබේ.කෙසේ වෙතත් කිබුලන් බහුලව ගැවසෙන ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරුසවිකර ඇත. ආගම අන්දමන් දූපත්වාසී ආදිවාසීන් අතර ඒකදේවවාදී බහුදේවවාදී හා සර්වාත්මකවාදී ආගම් පවතී. මෙම දූපතේ ආදිවාසීන් පලුගා නමින් හදුන්වන සර්වබලදාරී දෙවි කෙනෙකු අදහති. පලූගා නම් සර්වබලදාරී දෙවියන් වහන්සේගේ නිවහන අන්දමන් දූපත් බව ඔවුන් අදහති. පලූගා අකමැති ක්‍රියාවන් සිදු නොකිරීමට අන්දමන් දූපත්වාසීන් ප්‍රවේසම්වේ.ඇතැම් ආදිවාසීන් මියගිය අයගේ ආත්ම භූතයන් යක්ෂයන් ආදී අධිමානුෂික බලවේගයන් පිළිබද ඇදහීම් විශ්වාස කරයි.සිහින පිළිබද වූ මිත්‍යා විශ්වාසද ඔවුන් අතර බහුලව පවතී. මීට අමතරව හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් සිඛි බෞද්ධ හා ජෛන දර්මය අදහන බැතිමතුන්ද සිටිතී. ජනගහනය අන්දමන් දූපතේ ජනගහණය ආසන්න වශයෙන් 343,125 පමණය අන්දමන් දූපත්වාසීන්ට අමතරව සංක්‍රමණයවන ජනතාව සමග ජනගහණය වෙනස් වෙයි. අන්දමන් ආදිවාසීන් අතීතයේ සිට අන්දමන් දූපත් තුල ආදිවාසීන් ජීවත්විය.වර්තමානය වනවිට මෙම ස්වදේශිකයන්ගේ ප්‍රමාණය ඉතා අඩුවී ඇත.අන්දමන් දූපත් නිජබිම කරගත් ආදිවාසීන් කිහිපයක් මෙසේය. මහා අන්දමන්වරු(Great Andamanese) ජරාව ගෝත්‍රිකයන්(Jarawa) ජන්ගිල්වරු(Jangil) (or Rutland Jarawa) ඔන්ගේවරු(Onge) සෙන්ටිනලීස්වරු(Sentinelese මෙම ආදිවාසීන් බොහෝ පිරිසක් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ඇතිවූ ගැටුම් නිසා මියගියහ.මීට අමතරව විවිධ වසංගත නිසාද ඔවුන් මෙලොව හැරදා ගියහ.මහා අන්දමන් ජනගහනය 5000 පමණවේ.ඔන්ගේ ජනගහනය 100 පමණය. සංස්කෘතිය ප්‍රවාහනය අන්දමන් දූපත් අශ්‍රිතව ඇති එකම ගුවන්තොටුපල වියර් සවකාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලයි,මෙම ගුන්තොටුපලේ සිට කල්කටා වෙන්නායි නවදිල්ලි බෙන්ගලුරු විශාඛපට්නනම් බුබනේසවරු දක්වා පියාසර කරයි. මෙම ගුනක්තොටුපල ඉන්දීය රජය යටතේ පලනයවෙයි. කුඩා ගුවන් ගමන් කිහපයක්ම අන්දමන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක කටයුතු සදහා යෙදවේ. මෙම දූපත් ආශ්‍රිත මහා මාර්ග අවම වීමත් ගුවන් ගමන් සදහා අධික වියදමත් නිසා සංචාරය තරමක් අපහසු කටයුත්තකි, කෙසේ වෙතත් මෙම ගැටළුවට ප්‍රතිකර්ම සොයාගැනීම කෙරේ රජයේ අවධානය යොමුවී ඇත. මේවාත් බලන්න සටහන් යොමුව History & Culture. The Andaman Islands with destination quide India Home Department. The Andaman Islands: with notes on Barren Island. C.B. Lewis, Baptist Mission Press, 1859 read online or download බාහිර යොමු Official Andaman and Nicobar Tourism Website Andaman District (official site) </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ත්‍රිතුණ්ඩ කපාටය [/INST] ත්‍රි තුණ්ඩ කපාටය () හෘදයේ දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටන කපාටය යි. මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කිරි අල [/INST] කිරි අල මෙම වර්ගයේ අල දිගැටි හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලය. මෙම අල වර්ගය ආහාරයට ගන්නා විට මතු වන කිරි රසය නිසා මෙම අල වර්ග කිරි අල යන නමින්ම හඳුන්වන බව සඳහන් වේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය [/INST] නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය, මීගමුව යනු ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිතම පොදු පාසැල වන අතර, වෙස්ලියානු දේවගැතිවරුන් විසින් 1815-1816 අරඹා ඇත. ඉතිහාසය මෙතෝදිස්ත මිෂනාරිහු, 1815 දී වෙස්ලියානු මෙතෝදිස්ත ඉරිදා පාසැල ඇරඹු අතර, මුහන්දිරම් එල්.ඊ.පෙරෙයිරා මුල් ගුරු වශයෙන් පත් කෙරුණි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 861 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: තිර මුද්‍රණය [/INST] තිර මුද්‍රණය (ස්ක්‍රීන් මුද්‍රණය) තිර රාමුවක් ආධාර කරගෙන ස්ටෙන්සිලයක් උපයෝගී කො‍ට තීන්ත තෙරපීම තුළින් අභිමත රටාවකට අක්‍ෂර හෝ රේඛා, ඡායාරූප ඕනෑම උපස්ථරයක් මත පිටපතක් හෝ පිටපත් රාශියක් ලබා ගැනීම තිර මුද්‍රණය (ස්ක්‍රීන් මුද්‍රණය) ලෙස හැඳින්වේ. --Uthmax 14:38, 23 මාර්තු 2010 (යූටීසී) </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) [/INST] ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ [/INST] පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ දෙස් විදෙස් ජනාදරයටපත් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමයි.උන්වහන්සේ අතුරුගිරිය දම්දිය අසපුව පිංබිමේ වැඩසිටින අතරම සුමදුර කාව්‍යම ධර්මදේශනාවන් සහ උත්තම මාපියවන්දනා වැඩසටහන ඔස්සේ ලෝකවාසී බොදු හදවත් සනසමින් දෙස්විදෙස් ධර්මදූත සේවාවේ නියැලෙන පින්වත් හිමි නමකි. අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘවර දම්දිය මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක දහම් සිසිල පාරමිතා පදනමේ ගරු අනුශාසක උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද. චරිතාපදානය වර්ෂ 1990 ඔක්තෝබර් 10 වැනි දා රත්නපුර බලංගොඩ මස්සැන්න නම් සොඳුරු ගම් පියසේදී මස්සැන්න අම්පිටියාවත්තගේ ගාමිණී අත්තනායක මහතාට සහ තම්මැට්ටම් කාරලාගේ චන්ද්‍රාවතී මැතිණිය යන දෙපළගේ පින්මහිමය නිසාවෙන් මෙලොව මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ උපත ලැබීය. මස්සැන්න ශ්‍රී වජිරඥාන විද්‍යාලයෙන් මූලික පාසල් අධ්‍යාපනය  ලබමින් කුඩාකල මස්සැන්න ග්‍රාමයෙහි කෙලිදලෙන් ගතකරමින් සිටිනා අවදියෙහිදී සසුන් ගත වීමට ඇති වූ අසාව නිසාවෙන්  දෙමාපිය අවසරයෙන් මස්සැන්නේ දේවගිරි විහාරයෙහිදී එම විහාරාධිපති මස්සැන්නේ විමලඥාන නාහිමියන්ගේ සමීපයෙහි මස්සැන්නේ විජිත හිමි නමින් පැවිදි දිවියට පත්විය. මූලික ආධ්‍යාපනය කොළොඹ පට්ටියහන්දිය ශ්‍රී විද්‍යාශේකර මූලික පිරිවෙනේන් ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී සංඝසභාවට අනුබද්ධ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරයට වැඩම කෙරිණි එහිදී වත්මන් විහාරාධිපති පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරගනයෙහි අධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක, කොළොඹ නවකෝරලේ නවතොටමුනේ උපප්‍රධාන සංඝනායක,ශාස්ත්‍රපති රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්‍යත්වයෙන් මරදාන ශ්‍රී ලංකා විද්‍යලය මහ පිරිවෙනට ඇතුලත්ව උසස් අධ්‍යාපනය හැදෑරීය. වර්ෂ 2010 ජුනි මස 17 වන දින මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරගනයෙහි අධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක, කොළොඹ නවකෝරලේ නවතොටමුනේ උපප්‍රධාන සංඝනායක,ශාස්ත්‍රපති රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අචාර්ය උපාධ්‍යත්වයෙන් කොට්ටේ සිරිමංගල උපෝසතාගාරයේදී අධීශීල සංක්‍යාථ උපසම්පදාව ලැබීය. 2012 අගෝස්තු මස 2 වන දින එනම් ඇසල පුරපසළොස්වක් පොහෝ දින මස්සැන්නේ විජිත හිමියන් අතුරුගිරිය ගල්පොත්ත පාර මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටා තිබෙන ශ්‍රී ධම්මවිජිතාශ්‍රම විහාරස්ථානයට වැඩම වන්නට විය. එදින පටන් සිදුවූයේ ගල්පොත්ත පාර සැදැහැති පින්වතුන්ට මෙන්ම ලෝකවාසී බොදුනුවන් වෙනුවෙන් පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දම්දිය අසපුව පිංබිම කෙමෙන් කෙමෙන් නිර්මාණය වීමයි.අද වන විට ලෝකප්‍රසිද්ධ ජනාදරයට පාත්‍රවූ පින්බිමක් ලෙසට දම්දිය අසපුව පිංබිම සඳහන් කල හැකිය.පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් මත මතුබුදුබව පතා සසර පාරමී දම් පුරමින් වැඩසිටින පත්තිනි මෑණියන්ගේ නමින් ලොව ඉදිවන අසිරිමත් මහා සෑය මේ වන විට දම්දිය අසපුව පිංබිමේ ඉදිවෙමින් පවතී. ශාසනික සේවා දහම් සිසිල පාරමිතා පදනම . දහම් සිසිල පාරමිතා පදනම හරහා පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් වර්ෂිකව ලක්දිව පුරා සිටින පාසල් දුවාදරුවන්ට පාසල් උපකරණ බෙදාදීම මෙන්ම පිරිවෙන් අධ්‍යපනය ලබන කුඩා සාමණේර හිමිවරුන්ට පාසල් උපකරණ බෙදාදීම සිදු කරනු ලබයි දම්දිය අන්තර්ජාල රූපවාහිනිය . ලොවටම දම් සුවඳ යන මැයෙන් පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුනු දම්දිය අන්තර්ජාල රූපවාහිනිය ඔස්සේ ලෝකවාසී පින්වත් සැමට නිර්මල ශ්‍රී සද්ධර්මය දායාද කරනු ලබයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සමාජ මානව විද්‍යාව [/INST] හවායි පැසිෆික් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන රොබට් බොරොෆ්ස්කි ට අනුව සමාජ මානව විද්‍යාව විසින් "මානව විද්‍යාවට හා මානව විද්‍යාඥයන්ට අපේ කාලයේ සමාජයීය ප‍්‍රශ්න දෙසට ආලෝකය විහිදුවමින් එමෙන්ම සමාජයීය වෙනසක් සඳහා අනුබල දීමේ පැහැදිලි අරමුණින් යුක්තව ඒවා පිළිබඳව පුළුල් මහජන සංවාදයක් ධෛර්යමත් කරමින් විෂය ඉක්මවා ගොස් ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා ඇති හැකියාව ප‍්‍රදර්ශනය කෙරේ." (බොරොෆ්ස්කි 2004). මෙරිල් සින්ගර් සමාජ මානව විද්‍යාව යන සංකල්පය විවේචනයට ලක් කළේ එය විසින් ප‍්‍රායෝගික මානව විද්‍යාව නොසලකා හැර ඇතැයි යන පදනම මත සිටිමිනි. බොහෝ ප‍්‍රායෝගික මානව විද්‍යාඥයින් විසින් සමාජ මානව විද්‍යාව යැයි දැන් විස්තර කරනු ලබන දේ දැනටමත් කරනු ලබන හෙයින් සමාජ මානව විද්‍යාඥයින් ප‍්‍රායෝගික මානව විද්‍යාඥයින්ගෙන් දුරස් කිරිමේ උපක‍්‍රමයක් මිස නව ලේබලයක් අවශ්‍යවන්නේ මන්දැයි තේරුම් ගැනීමට දුෂ්කරයැයි ඔහු ලියයි. (ඩන්ගර්-2006) ‘‘එමෙන්ම තමන් ප‍්‍රායෝගික මානව විද්‍යාවෙන් සිතාමතා වෙන්කොට දකින අළුතින් බිහිවන ලේබලයන්හි අරමුණ කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත. ඉන් ඒවා ගොඩනංවන්නන් හෝ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ වන අතර විෂයයෙහි වඩා පුළුල් ශුභ සිද්ධිය වෙනුවෙන් ඉන් ඉටුවන සේවය කුමක්දැයි දැකීම දුෂ්කර‘‘ යැයි රිල්කෝ බෝවර් විසින් ලියා ඇත. (රිල්කෝ- බෝවර් 2000) සින්ගර් ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන එරික් හැන්ස්ටාඞ් සමාජ මානව විද්‍යාව හේතුකොට ගෙන අවශයයෙන්ම ප‍්‍රායෝගික මානව විද්‍යාව බැහැර කිරිමක් සිදු නොවන බව තර්ක කරයි. (හැන්ස්ටාඞ් 2001) එක් වැදගත් කාරණයක් හේතුකොට ගෙන "එය ප‍්‍රයෝජනවත් අර්ථාලංකාරයක් වේ යයි ද සමාජ හා ශාස්ත‍්‍රීය අවබෝධය අතර වෙනසක් ඇතැයි යන කාරණයට එය අවධානය යොමු කරයි" ද යනුවෙන් පවසන ඇලන් ජෙෆ්රි ෆීල්ඞ්ස් (ෆිල්ඞ්ස් 2001) සමාජ මානව විද්‍යාව යන සංකල්පය වෙනුවෙන් පෙනී සිටි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අධ්‍යාපන මනෝවේදය [/INST] අධ්‍යාපන මනෝවේදය යනු මිනිසා අධ්‍යාපන පසුබිමක ඉගෙන ගන්නා ආකාරය, අධ්‍යාපනික වෙනස්කම්වල ඵලදායීතාව ඉගැන්වීමේ මනෝ විද්‍යාත්මක පසුබිම සහ පාසල් සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන කරන විග්‍රහයකි. නමුත් අධ්‍යාපනික මනෝවිද්‍යාව සහ පාඨශාලීය මනෝවිද්‍යාව එකිනෙකට බැඳුණ ද ගවේශකයින් සහ මතවාදීන් අධ්‍යාපනික මනෝ විද්‍යාඥයින් ලෙසද පාසල් හා ඒවා ආශ්‍රීත මනෝ විද්‍යාඥයින් පාඨශාලීය මනෝවිද්‍යාඥයින් ලෙස ද හැඳින්විය හැක. අධ්‍යාපනික මනෝ විද්‍යාව මගින් ශිෂ්‍යයා ඉගෙනීම සහ තම බුද්ධිය වැඩි දියුණු කරන ආකාරය ගැන අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන්ම මෙහිදී අධිමානසිකත්වයක් ඇති සිසුන් සහ අබාධිත සිසුන් ගැන වැඩි අවධානයක් යොමු කරයි. අධ්‍යාපන මනෝවිද්‍යාව යන්න එය අනිත් අංගයන් හා ඇති සබඳතාවයන් මගින් බොහෝ දුරට අවබෝධ කර ගත හැකිය. මෙය මනෝවිද්‍යාව හා අතර ඇති සම්බන්ධතාවය ද වෛද්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව අතර සහ භෞතික විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව අතර ඇති බැඳීමට සමාන වෙයි. එමෙන්ම අධ්‍යාපනික මනෝවිද්‍යාව මගින් පුහුණු සැලසුම් අධ්‍යාපනික තාක්ෂණවේදය, විෂය මාලා සැකසුම , සංවිධානාත්මකතා අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, පන්ති පාලනය වැනි උප කොටස් මනාව පහදා දෙයි. මෙය ඥානාත්මක විද්‍යාව සහ ඉගෙනීම් විද්‍යාව යන දෙඅංශයටම දායක වෙයි. විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත්තේ ශාස්ත්‍ර පීඨය තුළයි. මෙම නිසා මූලික මනෝවිද්‍යා පාඨග්‍රන්ථයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යාව සඳහා යොදවා ඇති (හඳුන්වාදීම) ඉඩ ප්‍රමාණය අල්ප වේ. ජීව විද්‍යාව මනෝ විද්‍යාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගෝරම්ගේ ගුහාව [/INST] ගෝරම්ගේ ගුහාව යනු, ජිබ්‍රෝල්ටා බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශයෙහි පිහිටි ස්වභාවික මුහුදු ගුහාවක් වන අතර, යුරෝපයේ නියැන්ඩර්තාල්වරුන්ගේ අවසන් ජනාවාස ලෙසින් දන්නා ස්ථාන අතුරින් එකක් වෙයි. එය පිහිටා ඇත්තේ ජිබ්‍රෝල්ටා පාෂාණයේ අග්නිදිග මුහුණතෙහිය. මුලින්ම ජනාවාසව පැවතියදී, එය වෙරළෙහි සිට දළ වශයෙන් කිලෝමීටර් පහක් පමණ ඈතින් පැවතුනා විය හැකි වුවද, මුහුදු මට්ටමෙහි වෙනස්කම් නිසා, එය දැනට මධ්‍යධරණී මුහුදේ සිට මීටර කිහිපයක් පමණක් ඈතින් පවතියි. මහත් වැදගත් කමක් ඇති බැවින් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් යෝජිත ප්‍රභින්න ගුහා සතරක සංකලනයක් වන ගෝරම්ගේ ගුහා සංකීර්ණයට එම නම ලබා දී ඇත්තේ ගෝරම්ගේ ගුහාව විසිනි. අනෙකුත් ගුහා තුන වන්නේ වෑන්ගාඩ් ගුහාව, හයීනා ගුහාව සහ බෙනට්ස් ගුහාව යන්නන්ය. සොයාගැනීම මුහුදු බිංගෙයක පසුපස පිහිටි පැලුමක් විවෘත කිරීමේදී, 1907 වසරේදී එය සොයාගත්, රාජකීය මෙන්ස්ටා ෆියුසිලියර්ස් දෙවන බලඇණියේ කපිතාන් ඒ. ගෝරම් අනුව යමින් මෙම ගුහාව නම් කර ඇත. ලාම්පු-දැළි භාවිතා කරමින් ඔහුගේ නම සහ සොයාගත් දිනය ගෝරම් විසින් ගුහා බිත්තියේ අභිලේඛනය කළ අතර, එතැන් පටන් මෙම ගුහාවට ඔහුගේ නම භාවිතා විය. මෙම මුල් සොයාගැනුමෙන් පසුව, බැලූ බැල්මට මෙම ගුහාව—අවම වශයෙන් නිල මට්ටමෙන් හෝ— අමතක වී ඇති සෙයක් පෙනෙන්නේ ජිබ්‍රෝල්ටානු ඉතිහාසඥයෙක් සහ ගල් වන පිරික්සන්නෙක්වූ ජෝර්ජ් පලොව් විසින් ජේ. ජේ. ඩේවිස් 1943 යන්න ගුහා බිත්තියේ කොටා තිබියදී කියවු බවක් මෙනෙහි කළ බැවිනි. පුරාවිද්‍යාව පුරාවිද්‍යාත්මක උනන්දුවක් ඇති කල අඩවියක් බවට ගෝරම්ගේ ගුහාව පත්වූයේ එහි වැදගත්බව මුලින්ම හඳුනාගත් පසුවය. ඉන් ඉහළ පැවති ප්‍රපාතයෙහි සිට, ගුහාවට පහළින් වූ වෙරළ (ගවනර්ස් වෙරළ) අනාගම්‍යව පැවතුණි; කෙසේවෙතත්, ගල්කුළෙහි උමං කැණීම් ව්‍යාපෘතියක එක් අදියරකින් පසුව නිර්මාණය වූ, වැඩකට ගත නොහැකි ද්‍රව්‍ය ගොඩ නිසා, වෙරළ සහ ගුහාව වෙතට පිවිසිය හැකි විය. ජිබ්‍රෝල්ටා පුවත්පත් හරහා, ගුහාවේ පුරාවිද්‍යාත්මක උනන්දුවක් ඇතිකරලන මානවකෘති ඇති බවට වාර්තා කල පළමුවැන්නන් වූයේ කිහ්ලි සහ වෝඩ් යන රාජකීය ඉංජිනේරුවරුන් දෙදෙනාය. ඔවුන් හට හමුවී තිබුණේ මැටි භාණ්ඩ සහ ශිලා මෙවලම් වෙති. තවදුරටත්, ඔවුන් වාර්තා කළේ, ගෝරම්ගේ ගුහාවේ තිබී මානව සහ සත්ත්ව නෂ්ටාවශේෂ සොයාගෙන ඇති බවයි. ජිබ්‍රෝල්ටා සංගමයේ ගෞර්වාර්භ එෆ්. ඊ. බ්‍රවුන් විසින් මෙම සොයාගැනුම් පිළිබඳව ජිබ්‍රෝල්ටාවේ ආණ්ඩුකාරවරයා වෙත වාර්තා කර සිටි අතර, ඔහු විසින් මෙම අඩවිය වෙත කළ සංචාරයකින් පසුව තවදුරටත් විමර්ශනයන් සිදු කරන ලෙසට ඉල්ලා සිටියේය. ඔවුන්ගේ විචාරණයන් සඳහා, මෙම විමර්ශනයන්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත වාර්තා කෙරිණි. රාජකීය ඉංජිනේරුවෙකු සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරී භූවිද්‍යාඥයෙක් වූ ලුතිනන් ජෝර්ජ් බේකර් ඇලෙක්සැන්ඩර්, 1945 වසරෙහිදී ජිබ්‍රෝල්ටාව වෙත ලඟා විය. විස්තරාත්මක භූවිද්‍යාත්මක සිතියමක් නිමැවුම අරමුණු කර ගෙන ජිබ්‍රෝල්ටාවේ භූවිද්‍යාත්මක පිරිමැනුමක් සිදු කිරීමට හේ තීරණය කළේය. ගෝරම්ගේ ගුහාව කැණීම පළමුවෙන් සිදු කළේ ඇලෙක්සැන්ඩර් වන අතර, ජිබ්‍රෝල්ටා කෞතුකාගාරය විසින් ඔහුගේ ක්‍රමවේදයන් අභියෝගයට ලක් කිරීම නිසා, 1948දී ජිබ්‍රෝල්ටාවෙන් පිටව යන තෙක් ඔහු එය සිදු කළේය. 1945දී, ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලිපි යවමින් එය වෙතින් ඉල්ලා සිටියේ, ගුහාවේ විමර්ශනයන් තවදුරටත් සිදු කර ගෙන යන ලෙසය. මේ සඳහා අවශ්‍ය සම්පත් කෞතුකාගාරය වෙත නොතිබුනද, 1920 ගණන් වලදී ජිබ්‍රෝල්ටාවේදී සිදුකල ඇයගේ පූර්ව කර්තව්‍යයන්හිදී ඩෙවිල්ස් ටවර් ගුහාව වෙතින් නියැන්ඩර්තාල් හිස්කබලක් සොයා ගත්, කේම්බ්‍රිජ් මහාචාර්ය ඩොරති ගැරඩ් වෙත ආණ්ඩුකාරවරයාගේ ආයාචනය ඉදිරිපත් කළහ. ගැරඩ් විසින්, ඇන්කරා හී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ආයතනයේ අධිසාමාජිකයෙක් වූ ආචාර්ය ජෝන් ඩාසි වෙෂ්ටර්ගේ උපකාරය පැතිණි. 1948 සැප්තැම්බරයේදී පැමිණි වෙෂ්ටර්, දෙමසත් තිස්සේ පරික්ෂණ වළවල් සෑරුවේ තවදුරටත් කැණීම් යුක්ති සහගතද යන්න නිර්ණය කරගැනුමටය. ආශ්‍රිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හමුදා හෙලිකොප්ටර් යානා - ප්‍රහාරක හෙලිකොප්ටර් යානා [/INST] ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සන්නද්ධ ඒවා වන අතර ඒවායින් යුධ ටැංකි ආදිය විනාශ කිරීමටත් යුධ භූමියට ආසන්නව ගුවන් ආධාරක ප්‍රහාර සැපයීමටත් සමත්ය. නූතන ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ප්‍රථමයා වන්නේ වියට්නාම සංග්‍රාමයේ දී යොදා ගත් AH-1 කෝබ්‍රා නම් වූ යානාවයි. එය සාම්ප්‍රදායික ගුවන්නියමුවා නූතනයට රැගෙන ආ පුරෝගාමීය වන අතර පුළුල් යාත්‍ර රාමුවක් සහිත යානාවේ ඉදිරිපසට වන්නට තුවක්කු සහ ප්‍රහාරක රොකට් හා මිසයිල මගින් බලගන්වා ඇති ප්‍රබලයෙකි. තම ඉලක්ක ඉතා පහසුවෙන් හදුනාගැනීමට අවශ්‍ය සංවේදක එනම් MN Wave වැනි රේඛා පද්ධති වලින් මෙම ප්‍රහාරක යානා සමන්විතය. මෙම පද්ධති භාවිතා කිරීමට පහසුකම් ලබාදෙමින් එක්සත් රාජධානිය නිපද වු “ඇපචි” වැනි යානා පෙර විපරම් කටයුතු සඳහා යෝග්‍ය වන්නේ ද ඉහත කී සංවේදක පද්ධති නිසාමය. http://en.wikipedia.org/wiki/Military_helicopters#Attack_helicopters </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නෙල්සන් මෙන්ඩිස්‌ [/INST] නෙල්සන් මෙන්ඩිස්‌ (ඉංග්‍රීසි: Nelson Mandis) යනු ප්‍රවීන ක්‍රිකට් පුහුනුකරු සහ ඉංග්‍රීසි ගුරුවරයෙකි. ජීවන සටහන් ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ක්‍රිකට් පුහුනුකරු විය. ආශ්‍රිත නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන ක්‍රිකට් තරගාවලිය 8දා බ්‍රැඩ්මන්ගේ ජීවිත කතාව කියවා ක්‍රිකට්‌ "ඔස්‌තාර්ලා" බිහිකළ ඉස්‌තරම් ගුරුවරයා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දුසිමක්‌ මුදුනට ගෙනා ගුරුවරයා චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ කොළඹ නාලන්දා විද්‍යාලයයීය, පීඨය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ජනගහනය ග්‍රාම නිළධාරි වසම් ආර්ථිකය ප්‍රාදේශීය ලේකම්වරුන් ආශ්‍රිත ලිපි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර Divisional Secretariats Portal ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මන්නාරම දිස්ත්‍රික්කය </s>