text
stringlengths
40
589k
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බෝගන්විලා [/INST] බෝගන්විලා (උච්චාරණය බෝගන්වීලියා ලෙසින්: https://forvo.com/search/Bougainvillea/en/ ) ( or ) is a genus of thorny ornamental vines, bushes, and trees with flower-like spring leaves near its flowers. යොමුව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පරිගණක මෙහෙයුම් පද්ධති [/INST] මෙහෙයුම් පද්ධතියක් පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක. බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද ෆර්ම් වෙයාර්ය (firmware). ලිනක්ස් (Linux), මැක් ඕඑස් (macOS), මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති කිහිපයකි. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස්, මැක් ඕඑස් හා වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය. බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි. මෙහෙයුම් පද්ධති - ඉතිහාසය ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි. · MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි. · මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය. · 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. · 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය. · 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය. · Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය. · සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය. එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක. [ NEW BY DON ] මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පහත කරුණු ඔස්සේ දැක්විය හැකිය. මතක කළමනාකරණය (Memory Management)                                                පරිගණක මෙහෙයුම් පද්ධතියක් එක්පරිශීලකයෙක් කාර්යයන් කිහිපයක් පරිගණකය පරිගණක මෙහෙයුම් පද්ධතියක්හරහාසිදු කරන විට එම කාර්යයන් අතර ගැටුමකපරිගණක මෙහෙයුම් පද්ධතියක්්පරිගණක මෙහෙයුම් පද්ධතියක් ඇතිනොවන සේ පරිගණකයේ මතකය වෙන්කර දීම,පරිශපරිගණක මෙහෙයුම් පද්ධතියක්ීලකයන් වැඩි පිරිසක් සම්බන්ධ වී සිටින විටපරිගණක මෙහෙයුම් පද්ධතියක් එම එක් එක් පරිශීලකයාගේ කාර්යයන් අතර ගැටුමක් ඇති නොවන සේ මතකය වෙන්කර දීම, යම් කාර්යයක් අවසන් වූ පසු ඒ සඳහා වැය වූ ඉඩ මතකයෙන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා ලබා දීම මේ යටතේ සිදුවේ. ක්‍රියාවලි කළමනාකරණය (Process Management)                                              මධ්‍ය සැකසුම් ඒකකය(CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන ලබයි. එසේ වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණයයි. උපාංග කළමනාකරණය (Device Management)                      පරිගණක පද්ධතියකට අයත් උපාංග (මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව,මවුසය,…)  ඒවායේ ක්‍රියාකාරී සීඝ්‍රතාවය, දත්ත සහ තොරතුරු ප්‍රමාණය, අරමුණු, තොරතුරු ගලා යාමේ දිශාව, තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිතා වන සන්නිවේදනය නීති. (Communication  Protocol)වැනි විවිධාකාර පැති ඔස්සේ කළමනාකරණය කිරීමයි. ගොනු කළමනාකරණය (File Management)                      දත්ත සහ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය තුල ස්ථිරව ගබඩා කරන ආකාරය ගොනුවක් ලෙස හඳුන්වයි. ගොනු සෑදීම, ඒවා නම් කිරීම. ගොනු ක්‍රමානුකූලව තබා ගැනීම, ගොනුවට ප්‍රවේශ වීම සහ ආරක්ෂා කිරීම ගොනු කළමනාකරණයයි. ආරක්ෂණ කළමනාකරණය (Security Management)                                                         පරිගණක පද්ධතියක් බාහිර සහ අභ්‍යන්තර උපද්‍රව මඟින් ආරක්ෂා කරගැනීම මෙහිදී සිදුකරනු ලබයි.  අනවසර පිවිසෙන්නන් වැලැක්වීමට සඳහා යොදන යූසර් නේම්(user name) සහ පාස් වර්ඩ්(Password) මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි. web :- www.donofficial.com e-mail :- donofficialmail@gmail.com යුනික්ස් සහ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති කෙන් තොම්සන් (Ken Thompson) ඔහුගේ MULTICS ව්‍යාපෘතියේ ‍අත්දැකීම් මත පදනම්ව යුනික්ස් ලිවීමට යොදාගත් BCPL මත පදනම්ව, B ලියන ලදී. B‍ C හි මඟින් ප්‍රතිස්ථාපනය වූ අතර යුනික්ස්, සෑම නූතන මෙහෙයුම් පද්ධතිකටම බලපෑම් ඇති කරන විශාල සංකීර්ණ අන්තර්ව බැඳුනු මෙහෙයුම් පද්ධති පවුලක් බවට වර්ධනය විය. (ඉතිහාසය බලන්න) යුනික්ස් වැනි පවුල මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයෙන් වෙනස් කාණ්ඩයකි. එයට සිස්ටම් System V, BSD, හා ලිනක්ස් වැනි ප්‍රධාන උප ඒකක කිහිපයක් ඇතුළත් වේ. යුනික්ස් යන නාමය ද ඕපන් ගෘප් හි වෙළඳ නාමයක් වන අතර එහි අර්ථ දැක්වීමට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් සඳහා යෙදීමට අවසර ලබා දී ඇත. “යුනික්ස් වැනි” බහුලව භාවිතා වන්නේ නියම යුනික්ස්ට සමාන මෙහෙයුම් පද්ධති සමූහයක් හැඳින්වීමටය. යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති යන්ත්‍ර නිර්මිත විශාල ප්‍රමාණයක් මත ධාවනය වේ. ඒවා ව්‍යාපාර කටයුතුවලදි සේවා දායකවල සහ අධ්‍යාපනික හා ඉංජිනේරුමය කටයුතුවලදී වර්ක්ස්ටේෂන් (workstations) වල බහුලව භාවිත‍ා වේ. GNU ලිනක්ස් හා BSD වැනි නිදහස් මෘදුකාංග යුනික්ස් ආදේශක මෙම අංශවල ජනප්‍රිය වේ. ලිනක්ස් වෙළඳපොළ කොටස බොහෝ වෙනස් බෙදාහැරීම් අතර බෙදී යයි. නොවෙල් (Novell) හා රෙඩ් හැට් (Red Hat) මඟින් සිදු කරන මහා පරිමාණ ව්‍යවසාය පන්තියේ බෙදා හැරීම් සංස්ථා මඟින් භාවිතා කරන නමුත් සමහරක් ගෘහස්ථ පරිශීලකයන් ද එම නිපැයුම් භාවිතා කරයි. ඓතිහාසිකව ගෘහස්ථ පරිශීලකයන් ස්ථාපනය කළේ ඔවුන්ගේම බෙදා හැරීමකි. නමුත් 2007 දී ගෘහස්ථ PC සඳහා උබුන්ටු ලිනක්ස් බෙදා හැරීම ඩෙල් (Dell) සමාගම ආරම්භ කළ අතර වර්තමානයේ වෝල්මාර්ට් (Walmart) සමාගම GOS v2 සමඟ පහත් අන්තයේ පරිගණක ඉදිරිපත් කරයි. වැඩතලය (desktop) මත ලිනක්ස් , වර්ධනය කරන හා විනෝදාංශමය මෙහෙයුම් පද්ධති දියුණු කරන ප්‍රජා අතර ජනප්‍රිය වේ. (පහත බලන්න) නිදහස් මෙහෙයුම් පද්ධති සඳහා වෙළඳ පොළ කොටස් දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍ය නොවේ. එසේ වන්නේ ඒවා නියෝජනයන් යටතේ භාවිතා කර මිළ දි නොගන්නා බැවිනි. අනෙක් අතට නිදහස් මෙහෙයුම් පද්ධතිවල මුළු බාගත කිරීම් මත පදනම්ව ඇති වෙළඳ පොළ කොටස් දත්ත බොහෝ විට විශාල ‍මවා පෑමකි. මන්ද යත් මෙහෙයුම් පද්ධති ගණනාවක් ගැනීමට ආර්ථිකව ප්‍රශ්නයක් නොමැති නිසා පරිශීලකයන් මෙහෙයුම් පද්ධති කිහිපයක් බාගත කර වඩා සුදුසු දෙය තෝරා ගනියි. HP හි HP-UX හා IBM හි AIX වැනි සමහරක් යුනික්ස් ආදේශක එම නිෂ්පාදකයාගේම දෘඩාංගවල පමණක් ධාවනය වන ලෙස සකසා ඇත. සෝලාරිස් (Solaris) වැනි අනෙක්වාට x86 සේවා දායක හා PC ඇතුලුව විවිධ වර්ගවල දෘඩාංග මත ධාවනය විය හැක. ඇපල්හි මැක් OS X මාච් (Mach) හා ෆ්‍රී BSD මඟින් ඇපල්හි මුල් කාලීන (යුනික්ස් නොවූ) මැක් OS ප්‍රතිස්ථාපනය කර ඇත. යුනික්ස් අන්තර් ක්‍රියාකාරීත්වය සොයා බලන ලැබුවේ POSIX සම්මත ප්‍රකාශයට පත් කිරීමෙනි. POSIX සම්මතය විවිධ යුනික්ස් ආදේශක සඳහාම නිර්මාණය කර තිබුණත් ඕනෑම මෙහෙ‍යුම් පද්ධතියකට යෙදිය හැකි වේ. තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධති තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධතියක් (RTOS) යනු ස්ථාවර නියමිත කාලයක් සහිත යෙදුම් සඳහා අරමුණු කර ඇති බහු කාර්ය කරණ මෙහෙයුම් පද්ධතියකි (තථ්‍ය-කාල පරිගණනය). කුඩා නිහිත පද්ධති, මෝටර්රථ එන්ජින් පාලක, කාර්මික රොබෝවරුන්, අභ්‍යාවකාශයානා, කාර්මික පාලන, සහ සමහරක් මහා පරිමාණ මෙහෙයුම් පද්ධති යන දේ මෙවන් යෙදුම් වලට අයත් වෙති. නිහිත පද්ධති විසින් ඒ සඳහාම කැපවු විවිධ මෙහෙයුම් පද්ධති රැසක් භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විශේෂ කාර්යය ක්‍රමලේඛයක් නිපදවීමට "මෙහෙයුම් පද්ධති මෘදුකාංග” සෘජුවම යෙදුම් හා සම්බන්ධ කර ඇත. ඇති සරලම නිහිත පද්ධතිවල, මෙහෙයුම් පද්ධතිය හා යෙදුම අතර වෙනසක් දැකිය නොහැකි වේ. එක්තරා කාල අවශ්‍යතාවයක් ඇති නිහිත පද්ධති තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති (real-time operating system) ලෙස හඳුන්වයි. නිශ්චිත කාලයක් නියම කර ඇති නිහිත පද්ධති වන VxWorks, eCos, QNX මෙන්ම RTLinux වැනි තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති ඇත. Palm 05, windows CE, BSD සහ Linux වැනි මෙහෙයුම් පද්ධති තථ්‍ය කාල පරිගණනයට ආධාර නොකලත් සමහර නිහිත පද්ධති ඒවා භාවිතා කරයි. Windows CE හි මේස පරිගණකයෙහි Windows වලට සමාන යෙදුම් ක්‍රමලේඛ සහිත අතුරු මුහුණතක් (API) පවතී. එසේ වුවත් මේස පරිගණකයෙහි Windows හි ඇති කේත පදනම (Code base) හා Windows CE හි සමානකම් නැත. කෙසේ වෙතත් මෑත කාලයේදී Linux විසින් නිහිත මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුඛස්ථානය ලබා ගෙන ඇත්තේ පහත කරුණු හේතුකර ගෙනය. කුලී ගෙවිය යුතු නැතිවීම, පුළුල් හැකියාව, උසස් කාර්ය සාධනය හා අඩුවෙන් මතකය වැය වීම යන කරුණු පදනම් කරගෙනය. සටහන් පරිගණක පරිගණක විද්‍යාව පරිගණක තාක්ෂණය පරිගණක මෙහෙයුම් පද්ධති </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විනෝද් කන්නා [/INST] විනෝද් කන්නා (උපත 6 ඔක්තොම්බර් 1946) යනු, ඉන්දියානු නළුවෙකු සහ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙයි. ඔහු සක්‍රීය දේශපාලනඥයෙක්ද වෙයි. ගුර්ඩාස්පුර් සඳහා, ඔහු වර්තමාන පාම වෙයි. 1968 සහ 2013 අතර, චිත්‍රපට 141 සඳහා ඔහු පෙනී සිට ඇත. වසර 2007 දී එළිදැක්වුනු ගෝඩ්ෆාදර් නම් පකිස්තානි චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයද ඔහු විසින් රඟපාන ලදි. 1946 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බ්‍රෙන්ඩන් ඕහාරා [/INST] බ්‍රෙන්ඩන් ඕහාරා යනු, එක්සත් රාජධානියෙහි ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි (එස්එන්පී) දේශපාලනඥයෙකි. 2015 වසරෙහිදී, ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ඔහු තේරී පත් විය. ආශ්‍රිත 1960 දශකය තුළ උපත් ජීවත්වන්නෝ ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයෝ ස්කොට්ලන්ත ජාතික පක්ෂය පාමවරුන් අයර්ලන්ත සම්භවයක් සහිත ස්කොට්ලන්ත ජනයා එරා පාමවරුන් 2015–20 ස්කොට්ලන්ත මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: උපරි-ප්‍රථිවි ග්‍රහලෝක [/INST] උපරි-ප්‍රථිවි ග්‍රහලෝක යනු පෘථිවියට වඩා වැඩි ස්කන්ධයකින් යුතු එනමුත් වායු ග්‍රහලෝක වලට වඩා ස්කන්ධය අඩු ග්‍රහලෝකයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 733 [/INST] ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හොරස් බර්ඩ් (පාරාවෝ) [/INST] හොරස් බර්ඩ් හෙවත් හොරස්-බා, යනු ඊජිප්තුවේ පළමු සහ දෙවන රාජවංශ අතර කාලයෙහි ඇතැම්විට ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි සැලකෙන පාරාවෝවරයකුගේ සෙරෙඛ්-නාමයයි. ආශ්‍රේයයන් බාහිර සබැඳි Francesco Raffaele: Horus SNEFERKA - Horus Bird - Horus SEKHET (?) - Horus BA ක්‍රි.පූ. 30වන සියවසේ පාරාවෝවරු ක්‍රි.පූ 29වන සියවසේ පාරාවෝවරු ඊජිප්තුවේ පළමු රාජවංශයේ පාරාවෝවරු ඊජිප්තුවේ දෙවන රාජවංශයේ පාරාවෝවරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 927 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මාපිල් ගණය [/INST] මාපිලුන් සුලු විෂ සර්ප ගණයකි. Species Boiga andamanensis (Wall, 1909) - Andaman cat snake Boiga angulata (W. Peters, 1861) - Leyte cat snake Boiga barnesii (Günther, 1869) - Barnes' cat snake Boiga beddomei (Wall, 1909) - Beddome's cat snake Boiga bengkuluensis Orlov, Kudryavtzev, Ryabov & Shumakov, 2003 Boiga blandingii (Hallowell, 1844) - Blanding's tree snake Boiga bourreti Tillack, Ziegler & Le Khac Quyet, 2004 Boiga ceylonensis (නිදි මාපිලා) (Günther, 1858) - Sri Lanka cat snake Boiga cyanea (A.M.C. Duméril, Bibron & A.H.A. Duméril, 1854) - green cat snake Boiga cynodon (F. Boie, 1827) - dog-toothed cat snake Boiga dendrophila (F. Boie, 1827) - gold-ringed cat snake or mangrove snake Boiga dightoni (Boulenger, 1894) - Pirmad cat snake Boiga drapiezii (H. Boie & F. Boie, 1827) - white-spotted cat snake Boiga forsteni (නාග මාපිලා) (A.M.C. Duméril, Bibron & A.H.A. Duméril, 1854) - Forsten's cat snake Boiga gokool (Gray, 1835) - arrowback tree snake Boiga guangxiensis Wen, 1998 Boiga irregularis (Merrem, 1802) - brown tree snake Boiga jaspidea (A.M.C. Duméril, Bibron & A.H.A. Duméril, 1854) - jasper cat snake Boiga kraepelini (Stejneger, 1902) - Kelung cat snake Boiga multifasciata (Blyth, 1861) - many-banded cat snake Boiga multomaculata (F. Boie, 1827) - many-spotted cat snake Boiga nigriceps (Günther, 1863) - black-headed cat snake Boiga nuchalis (Günther, 1875) - Ashahar's cat snake Boiga ochracea (Günther, 1868) - tawny cat snake Boiga philippina (W. Peters, 1867) - Philippine cat snake Boiga pulverulenta (Fischer, 1856) - Fischer's cat snake Boiga quincunciata (Wall, 1908) Boiga ranawanei Samarawickrama, Samarawickrama, Wijesena, & Orlov, 2006 (2005) - Ranawana's golden cat snake Boiga saengsomi Nutphand, 1985 - banded cat snake Boiga schultzei Taylor, 1923 - Schultz's blunt-headed tree snake Boiga siamensis (Nootpand, 1971) - gray cat snake Boiga tanahjampeana Orlov & Ryabov, 2002 Boiga trigonata (රූන් මාපිලා) (Schneider, 1802) - Indian gamma snake Boiga wallachi Das, 1998 - Nicobar cat snake මාපිල් ගණය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බෙන් කින්ග්ස්ලි [/INST] ශ්‍රීමත් බෙන් කින්ග්ස්ලි (උපත 31 දෙසැම්බර් 1943 ) බ්‍රිතාන්‍ය ජාතික රංඟන ශිල්පියෙකි. ඔහුට ඇක්ඩමි ,බෆ්ටා, ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මාන දිනා ගැනීමට ඔහුගේ සිනමා ජීවිතය තුළදී ඔහුට හැකිවිය. ඔහුව වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුයේ “Gandhi “ චිත්‍රපටියේ “Mohandas Gandhi” චරිතය නිරූපණය කිරීමෙනි. මෙම රංඟනය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයෙන් පිදුම් ලබීය. බෙන් කින්ග්ස්ලි උපත ලැබුවේ ස්කාබරෝ නුදුරුව පිහිටි පැන්ඩ්ල්බරී වලය. ඔහුගේ පියා වෛද්‍යවරයකු වු අතර මව නිළියක හා නිරූපණ ශිල්පිණියක වූවාය. කින්ග්ස්ලි ගේ පියා උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. කින්ග්ස්ලි ගේ මවගේ පියා රුසියානු හෝ ජර්මන් ජාතිකයකු බවට විශ්වාස කෙරේ. කුඩා කල කින්ග්ස්ලි හැදී වැඩුණේ ස්කාබරෝ වලට නුදුරු සැල්ෆොර්ඩ් වලය. කුඩා කල “Manchester Grammar School” පාසැලට අතුලත් වුවේය. ඔහුගේ පන්තියේ මිතුරා වුයේ පසු කාලයකදී ජනප්‍රිය නළුවෙකු වු රොබට් පවෙල් ය. සැල්ෆ්‍රඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත් ඔහු තම රංඟන ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙනි. මේ කාලයේදී ඔහු තම නාමය වෙනස් කරගත්තේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට එය බාධාවක් වේ යැයි සිතූ නිසාය. 1943 උපත් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නර්තන ප්‍රස්තාර‍ය - ඉතිහාසය [/INST] නර්තන ප්‍රස්තාර‍ය - ඉතිහාසය පළමු පරිගණක අංකනය සජිවිකරණය කරන ලද රූපයක් නර්තන සැලසුම් කරන්නා විසින් යොදු චලනයන්ට අනුව DOM නර්තනය ගැනෙය සේ එඩි ඩොම්බ්‍රොවර් විසින් අගල් 2 වන පුද්ගලිකපරිගණයන් 1982 දී නිපදවන ලධී. සමහර අංගයන් හි විශේෂිත රංගනයන් වන පෝර්ට්හැන්ඩ්, නර්තනය,මොරිස් නරත්නය හා බේලාමෑස් ෆුයුලේ සදහන් කල හැක. ඇත් තඩ්නිසන්ගේ පොවන නැටුම් ශාස්ත්‍රය 1989 හි නර්තන අංගනයන් 13 සෑදෙන් අතර, එකට එන සමාන නිරිමි වලින් එම පද්ධතීනගේ වාසි හා අවාසි දැන ගත හැක. මෙම පොත එලිදැක්විමට හා නර්තන අංගනයේ ගොඩනැගීමට හා ක්‍රියාවෙහි යෙදිමට උපකාරි වෙයි. 1975 වර්ෂයේ දී ඇත් ගාවිසන් ආතර් පෙන්ටි ලියොන්ගේ පැස් ඩී හින්ස ගේ නැටුම් රචන ය නැවත රචනා කල අතර 1844 ලා විවැන්ඩ්යර් එහි මුල් සංගිතය ද ජොෆ්රි බැලේ නාට්‍යමය හිස ප්‍රශ්නි රචිත ‍යොදා ගැනුනි. මෙය සෙන්ටි ලියෝ විසින් ඔහුගේ සිමෙන්නොරියාග්‍රැෆි නර්තන අංගයෙන් ප්‍රතිනිර්මාණය කලහ. 1978 මැරික්ස් බැලේ නර්තනය පිර්ලැනොම් විසින් වේදිකා ගත කරන ලද අතර වර්තමානයේ එය ඔහු සතුව ඇත. පැ ඩි. රිස් බැලේ නර්තනය තවමත් ලාව පුරා රංගන ගත කෙරේ. ඉතා ප්‍රචලිත නර්තන අංකනයන් වන ර්ජේව් එකතුව නර්තනයේ ක්‍රමයෙන් ලෙස බ්ලැඩිමියර් බ්‍රබැනොව්ව් ස්ටෙපනොව් විසින් පටිගත කරන ලදී. එහි අන්තර්ගත වන්නේ ප්‍රසිදධ ඉම්පිරියල් බැලෙය. එය 20 වන ශතව්ෂයේ එකතුවනිහි. මෙයින් බහුතරයක් නැටුම් ශාස්ත්‍රය මෙරයිස් පෙටියා ගේ එකතුවකි. මෙයින් ඔහුගේ මුල් රචකා වන ද ස්ලිපින් බියුටි ගිසෙල් ලානොසයර් හා සිබෝන් විල වේ. අනෙක් රචන අතර ද නම්න්‍රැනර් මුල් පිටපත් ‍ෙනාපෙලා බැලේ නර්තනය වේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රෝමනුවන්ගේ භාෂාව [/INST] රෝමනුවන්ගේ ජන්ම භාෂාව ලතින් භාෂාව හා ඉතාලි භාෂාව වේ. මෙම භාෂාවේ ව්‍යාකරණ එතරම් සංකීර්ණ ඒවා නොවේ.මෙහි අක්ෂර මාලාව සකස් වී ඇත්තේ Etruscan අක්ෂර මාලාව පදනම් කරගෙනය.එම අක්ෂර මාලාව පදනම් වී ඇත්තේ ග්‍රීක අක්ෂර මාලාවයි.කෙසේ වෙතත් ලතින් සාහිත්‍ය අලංකාර කර ගැනීමට හා පැවත්මට අලංකෘත සහිත දියුණු කෘතිම භාෂවක් ක්‍රිස්තු පූර්ව පලමුවන සියවසයේ දී භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ ව්‍යවහාරික භෂාව වූයේ Vulgar ලතින් ය.මෙම Vulgar ලතින් පැරණි ලතින් වලට වඩා සුවිශේෂී ලෙස වෙනස් ය.එහිදී භාෂා උච්චරණය, ව්‍යකරණ , වචන මාලා ආදිය බොහෝ ලෙස වෙනස්ය. රෝමයේ ප්‍රධාන ලිඛිත භෂාව ලතින් භාෂව වන අතර දැන උගත් බුද්ධිමත් ප්‍රභූ ජනයා ග්‍රීක භාෂාවෙන් කථනය සිදු කරන ලදී.සාහිත්‍යධරයෝ ලේඛන කලාවට ද ග්‍රීක භාෂාව භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට තිබූ බ්යිසැන්ටින් අධිරාජ්‍යයේ ලතින් භාෂාව භාවිතා වූයේ නැති තරම්ය.නමුත් බයිසැන්ටින්හි (Byzantine) විසූ ජුස්ටිනියන් අදිරජ්‍යයා මිය යෑමෙන් පසු ග්‍රීක භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය.රෝම අධිරාජ්‍යයේ බලපෑමට ඒ අවට රාජ්‍ය නතු වන විට ලතින් භාෂාව මුළු යුරෝපයේ ම ව්‍යාප්ත විය.මේ කාළයේ vulgar ලතින් උප භාෂාව වන විට රෝම භාෂාව සෑහෙන්න ප්‍රමාණයක් යුරෝපයේ ව්‍යාප්තව පැවතුනි. ලතින් න්‍යෂ්ට වූ භාෂාවක් වුව ද භාෂාව හොඳින් හැසිරවිය හැකි ස්වල්පයක් දෙනා ඉන් ප්‍රයෝජන ගන්නා ලදී.ඔවුන් එමගින් Ecclesiatical ලතින් භාෂාව නිර්මණය කරන ලදී.එය රෝමයේ වැනිස් නගරයේ ක්‍රිස්තියානි දේවස්ථාන වල නිල භාෂාවයි.දැනටමත් බටහිර යුරෝපයේ භාවිතා වන Lingua Franca නැමති භාෂාවේ ලතින් භාෂාවේ ආභාෂය ඇතුලත්ව ඇත.මෙය ජත්‍යන්තර භාෂාවකි.අවසානයේ 19 වන සියවසයේ දී ප්‍රංශ භෂාව ද 20 වන සියවසයේ දී ඉංග්‍රීසි භාෂාව ද යුරෝපයේ ජනප්‍රිය භාෂා බවට පත් විය.ඉංග්‍රීසි භාෂාවේ එන වචන 80% ක් පමණ ඍජු හෝ වක්‍ර ආකාරයෙන් ලතින් භාෂාවෙන් දායාද වුණු වචන වේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අවුට්බැක් [/INST] අවුට්බැක් () යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශයකි. ඉතිහාසය ඇබොරිජිනල් ජනයා, අවම වශයෙන් වසර 50,000 පමණ සිට මෙහි ජීවත් වී ඇත. පරිසරය ගෝලීය වැදගත් කම කාර්මික ඉඩම් පරිහරණයේ (industrial land use) හිඟකම නිසා Outback ප්‍රදේශය, පෘථිවියේ ඉතිරිව ඇති විශාලතම නොවෙනස් වූ ස්වාභාවික ප්‍රදේශවලින් (intact natural areas) එකක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට හේතු වී ඇත. Global "Human Footprint" and wilderness ප්‍රධාන පරිසර පද්ධති මෙහි ඇති ප්‍රධාන භූමි වර්ග වන්නේ: Kimberley සහ Pilbara කලාප, වයඹදිග ඕස්ට්‍රේලියාව, Top End තුළ වන අර්ධ ශුෂ්ක සැවනා බිම් , Channel Country වල දිය මං, බටහිර Queensland, ten deserts, මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාව, MacDonnell Ranges වැනි අභ්‍යන්තර කඳුවැටි, තැනිතලා: Great Australian Bight වලට උතුරින් වන Nullarbor Plain, සහ Great Western Woodlands, දකුණුදිග-බටහිර ඕඉස්ට්‍රේලියාව. වන සත්ත්වයෝ කර්මාන්ත Pastoralism සංචාරක කර්මාන්තය පතල් කර්මාන්තය ජන ගහණය පහසුකම් ප්‍රවාහණ පහසුකම් ආශ්‍රිත Australian landmarks Bushland Central Australia Channel Country Australian outback literature of the 20th century Australian desert මූලාශ්‍ර භාහිර සබැඳි ඕස්ට්‍රේලියාවේ සුන්දර අවුට්බැක් ප්‍රදේශය – ලයිෆ් සඟරාව විසින් සෑදූ slideshow එකක් Rural geography Regions of Australia Australian English Q150 Icons Australian outback Australian slang </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මුද්‍රණය [/INST] මුද්‍රණය යනු තීන්ත යොදාගෙන, මුද්‍රණය යන්ත්‍ර ආධාරයෙන් කඩදාසි මත අකුරු සහ රූප ප්‍රතිනිර්මාණය කරන ක්‍රියාවලි යයි. සාමාන්‍යෙන් මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදු කෙරෙන අතර ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය කොටසකි. ඉතිහාසය යුරෝපය වර්ෂ 1300දී අච්චු මුද්‍රණ කලාව යුරෝපයට පැමිණියේ රෙදි මත මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා ය. ආගමික අරමුණු සඳහා විශාල වශයෙන් අලංකාර ලෙස පින්තාරු මුද්‍රණය කරන ලදී. වර්ෂ 1400 පමණ වන විට කඩදාසි පහසුවෙන් ලබාගත හැකි වූ නිසා, ධර්මයානුකූල ලී කැටයම් අච්චු මගින් මුද්‍රණය කරන ලද කඩදාසි හා ක්‍රීඩා කිරීමට භාවිතා කරන කඩදාසි කුටිටම්, වැඩි වශයෙන් දක්නට හැකි විය. 1425 සිට මෙම මුද්‍රණ කටයුතුවල සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබුණි. පහළොස්වන සියවසේ මැද භාගය පමණ වනවිට ලී කැපුම් පොත් හා බ්ලොක් පොත්, විස්තර හා පින්තූර දෙකම ඇතුලත් කොට නිර්මාණය විය. පොත් හා අත් පිටපත් එහා මෙහා ගෙනයා හැකි ලෙස සකසන ලදී. විද්‍යාර්ථීන් අතර මේ පිළිබඳව විවිධ මත වාද ඇති විය. ඔවුන්ගේ හඳුන්වා දීම් කලින් සිදු කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ මතය වුයේ එම හඳුන්වා දීම් ජංගම ආකාරයෙන් සිදු කිරීම සුදුසු බවයි.(1440-1460) මුද්‍රණ ක්‍රියාවලිය සඳහා කඩදාසි අවශ්‍ය වූ අතර ඒවා යුරෝපයට ගෙන එන ලද්දේ චීනයෙනි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කඩදාසි චීනයෙන් ගෙන්වනු ලැබුවත් ඒවායේ මුද්‍රණය කිරීමේ හැකියාව නොතිබුණු බවයි. ඇතැම් සාක්ෂි වලින් මුද්‍රණ ශිල්පයයේ ආභාෂය ලද්දේ ආසියාවෙන් සහ යුරෝපයෙන් ලැබුණු බව තහවුරු වේ. අතින් පිටපත් කිරීම හෝ අච්චු මඟින් මුද්‍රණයට සාපේක්ෂව ජංගම ආකාරයේ මුද්‍රණ ක්‍රියාවලිය මඟින් එම කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරයි. ප්‍රකාශණ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පද්දිරුප්පු මැතිවරණ බලප්‍රදේශය [/INST] පදිරුප්පු මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, පදිරුප්පු නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පදිරුප්පු මැතිවරණ බලප්‍රදේශය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස පදිරුප්පු දිගටම පවතියි. 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය 23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය 24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය 5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය 19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය 20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය 22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය 27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය 21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල: ආශ්‍රිත ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ මඩකලපුව දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කුර්ආන් - අනෙකුත් ආගම් අතර සම්බන්ධය [/INST] ශුද්ධ වූ අල්කුර්ආනය අනෙකුත් පහළ වූ ආගම් (පැරණි ගිවිසුම, බයිබලය) සමග ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි කරන අතර අනෙකුත් පහළ වූ ආගම්වල කරුණුවල ඇති සමාන බව හා එහි සම්භවය සනාථ කරන්නේ මේ ප්‍රස්තකයන් සියල්ලම නැමදීමට සුදුසු එකම දෙවියන් වහන්සේගෙන් පහළ වී ඇති බවය. ශුද්ධ වූ අල් කුර්ආනය පුන පුනා පවසන කතන්දර, පුද්ගලයන්ගේ තොරතුරු, හා සිද්ධීන් සලකා බැලීමේදී ඒවා පැරණි ගිවිසුමේ හා බයිබලයේ ඇති තොරතුරුවලට බො‍හෝදුරට සමාන වන අතර එහි සාහිත්‍යමය අගය ඉහළින් පවතී. (එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් පහළ කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” පහළ කළේය. අල්කුර්ආන් (3:3)එහෙත් එහි තොරතුරු හැදෑරීමේදී අල්කුර්ආන් සහ අනෙකුත් ග්‍රන්තවල තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එහි බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ආදම් නබි තුමාගෙන් පටන් එනෝක්, නුන්, හේබර්, ෂෙලාන්, ආබුහට්,ලුත්, ඉස්මිඉල්, ඉස්හාක් , යඃකූබ්, යුසුන් , ජොබ්, ජෙත් රෝ, දාවුද්, සුලෙයිමාන්, එලීජා, එලීෂා, ජෝනා ,හාරුන්, මුසා ,එස්රා, ස්කරියියා, ඊසා.... නබිතුමා දක්වා නබිවරුන්ගේ නම් දේව වක්තෘන් වශයෙන් අල් - කුර්ආනයේද සඳහන් වන අතර ඒ ගැන (Prophets of Islam) නම් ග්‍රන්තයේ සඳහන් වී ඇත. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ පොදුවේ ඇති අනාවරකයන් කුර්ආනයේ සහ අනෙකුත් පහළ වූ දේව ග්‍රන්තවල ප්‍රචාරය කිරීම සිදු කරනු ලබන අතර එය පැරණි ගිවිසුමේ සහ බයිබලයේ සඳහන් ඒ ඒ නබිවරුන්ම පහළ වූ සුභ ආරංචි තහවුරු කරයි. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ කලින් පහළ වූ ආගම් ප්‍රතික්ෂේප කිරීමට ‍හේතුව ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක පවතින අතර ඒවා කළින් කළ වෙනස්කම්වලට භාජනය කර ඇති බවත්ය. දෙවියන්ගේ නීතියට අමතරව මිනිසුන්ගේ අදහස් එයට එක්කර ඇති නිසාය. නමුත් ශුද්ධ කර්ආනය මෙම කරුණු සියල්ලෙහිම සම්පිණ්ඩණයක් ලෙස අවසන් වරට පහළ වූ අංග සම්පූර්ණ ජීවන සැළැස්මකි. යුදෙව්වරුන් හා කිතුණුවන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ පුරාණ බයිබලයේ සඳහන් හා කැනීම්වලින් සොයාගන්නා ලද තොරතුරුවලින් තහවුරුවන මළ මුහුදේ සම්බවය ගැන ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් තොරතුරුවන අතර පරණ ගිවිසුමේ හා බයිබලයේ තොරතුරු පරිවර්තනය කිරීමෙන් හා ග්‍රීක සිද්ධාන්ත තොරතුරුවල අඩංගු කරුණු සංසන්දනය කිරීමෙන් හෙළිවන්නේද එහි ඓතිහාසික සංසිද්ධීන් බවයි. NeedToAddCategory </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සම්මානය [/INST] රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ. මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ. සෑම වසරකම සම්මාන ලැයිස්තුව යොමු කිරීම් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: එයාපෝඩ්ස් [/INST] අයිෆෝන් 7 හා 7ප්ලස් නිකුත් කිරීමත් සමඟ මෙම Airpods උපාංගය Apple Inc. සමාගම එම අයිෆෝන් වෙනුවෙන්ම නිකුත් කරන ලදී </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විශ්වයේ මුල ද්‍රව්‍යවල සුලභත්වය [/INST] ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවලින් සෑදී සාමාන්‍ය පදාර්ථය එනම් මූල ද්‍රව්‍ය සමස්ත විශ්වයේ අඩංගු ද්‍රව්‍යවලින් සුළු ප්‍රමාණයක් වේ. විශ්වය පිළිබද සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව විශ්වයෙන් 73% ක් පමණ සමන්විත වනුයේ අදුරු ශක්තියෙන් වන අතර 23% ක් පමණ අදුරු පදාර්ථයෙන්(Black matter) සමන්විත වේ. තරු ග්‍රහලෝක හා අනෙකුත් දෘෂ්‍ය කොටස්වලින් සමන්විත පදාර්ථය හෙවත් මූලද්‍රව්‍ය මුළු විශ්වයේ 4% පමණ සුළු ප්‍රතිශතයක් නිර්මාණය කිරීමට දායක වී ඇත. අංශුමය භෞතික විද්‍යා උපකරණ මේ වනතෙක් අදුරු පදාර්ථයේ පැවැත්ම නිර්ණය කිරීම අසමත් වී ඇති අතර අදුරු ශක්තියේ ස්වභාවය මේ දක්වා අපැහැදිලි තත්වයක පවතී. ආවර්තිතා වගුවට අයත් වන මූලද්‍රව්‍ය බොහෝමයක් ප්‍රධාන වශයෙන් පරමාණු හා ප්ලාස්මා යන තත්ව දෙකෙන් එක් තත්වයක් යටතේ දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථාවලදීද දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථා යටතේදී ද දැක ගත හැක. එවන් ස්ථාන සදහා උදාහරණ ලෙස සුදු වාමන තාරකා , ගුඨ ආගාඨ හා නියුට්‍රෝන තාරකා හැදින්විය හැක. නියුට්‍රෝන හා ෆෝටෝන (ප්‍රධාන වශයෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයකි.)ලෙසද සාමාන්‍ය පදාර්ථය ස්වභාවයේ පවතී. අප දන්නා පරිදි විශ්වීය පදාර්ථයේ බහුලම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් වන අතර දෙවැනි තැන හීලියම්ට හිමි වේ. ඒවා පිළිවෙලින් 1 හා 2 යන පරමාණුක ක්‍රමාංකය දරණ මූලද්‍රව්‍ය වේ. නමුත් තෙවැනි සුලභතම මූලද්‍රව්‍ය ඔක්සිජන් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය 8 වේ. මෙම ප්‍රධාන මූලද්‍රව්‍ය තුන හා සැලකු කළ අන් සියළු මූලද්‍රව්‍ය වඩාත් අඩු ප්‍රමාණවලින් පවතී. විශ්වය හා එහි බිහිවීම පිළිබද සම්මත මතවාදය මත පදනම්ව සැහැල්ලුතම මූලද්‍රව්‍යවල සුලබත්වය පැහැදිලි කළ හැක. ඒ අනුව මෙම මූලද්‍රව්‍යයන් මහා පිපුරුමෙන් තත්පර සියගණනක කාලය ඇතුළත න්‍යෂ්ටික සංස්ලේෂණය ඔස්සේ නිර්මාණය වූ බව පිළිගැනේ. ස්කන්ධය වඩාත් වැඩි මූලද්‍රව්‍ය බොහෝ පසු කාලීනව තාරකා තුළ නිර්මාණය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. හීලියම් - 3 (13He) වායුව පෘතුවිය මත ඉතා දුර්ලභ වන අතර න්‍යෂ්ටික වියලන පරීක්ෂණයක් සදහා යොදා ගන්නා බැවින් දැඩි ඉල්ලුමක් පවතී. එහෙත් 13He වායුව චන්ද්‍රයා මත පෘතුවියට වඩා සුලභව පවතින බව විශ්වාස කෙරේ. තාරකා මාධ්‍යයයේ ප්‍රෝටෝන - ප්‍රෝටෝන දාමය හා CNO වක්‍රය ආදි විවිධ ක්‍රම ඔස්සේ ද වියලනය මගින් මෙම 13He වායුව නිර්මාණය වේ. විශ්වයේ අඩංගු සාමාන්‍ය පදාර්ථයෙන් 74% හා 24% බැගින් පිළිවෙලින් හයිඩ්‍රජන් හා හීලියම් වලින් යුක්ත බව විශ්වාස කෙරේ. මුළු ස්කන්ධයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් සදහා දායක වුවද ඉතිරි බරින් වැඩි මූලද්‍රව්‍ය විශ්වීය ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. ක්ෂීර පථයේ මුළු ස්කන්ධයෙන් 2% ක් පමණ මෙම බරින් වැඩි මූලද්‍රව්‍යවලින් සමන්විතය. මෙම බරින් වැඩි මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ තරු තුළදී වේ. තාරකා විද්‍යාඥයින් හයිඩ්‍රජන් හා හීලියම් හැර අන් සියලු මූලද්‍රව්‍ය ලෝහමය සේ සලකති. මෙසේ සැලකීමට හේතුව වන්නේ හයිඩ්‍රජන් හා හිලීයම් (සුළු වශයෙන් ලිතියම්ද) යන මූලද්‍රව්‍ය පමණක් ස්වාභාවික එනම් තාරකා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලින් තොරව විශ්වය නිර්මාණය වූ බැවිණි. එබැවින් ක්ෂීර පථයේ හෝ වෙනත් ඕනෑම වස්තුවක ඉහත ලෝහමය මූලද්‍රව්‍යයන්හි පැවැත්ම අතීත තාරකා‍ ක්‍රියාකාරිත්වය පෙන්වන සලකුණකි. පහත දැක්වෙන්නේ විශ්වයේ බහුලතම සාමාන්‍ය පදාර්ථයට අයත් මූලද්‍රව්‍ය 10 වේ. මූලද්‍රව්‍ය ඉදිරියෙන් එහි සුලභත්වය මිලියනයට කොටස් (PPm ) ඇසුරෙන් දක්වා ඇත. හයිඩ්‍රජන් - 739000 ppm හීලියම් - 240000 ppm ඔක්සිජන් - 10700 ppm කාබන් - 600 ppm නියෝන් - 1340 ppm යකඩ - 1090 ppm නයිට්‍රජන් - 950 ppm සිලිකන් - 650 ppm මැග්නීසියම් - 580 ppm සල්ෆර් - 440 ppm වෙනත් - 650 ppm References http://en.wikipedia.org/wiki/Abundance_of_the_chemical_elements#Abundance_of_elements_in_the_Universe </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ජුදයානු කඳු [/INST] ජුදයානු කඳු (, , ) යනු ඊශ්‍රායලයේ සහ බටහිර ඉවුරේ පිහිටා ඇති කඳු වැටියකි. එහි උස පමණ වේ. ආශ්‍රිත Judaean Desert Mount of Temptation මූලාශ්‍ර භාහිර සබැඳි Pictures Judaean Mountains & Jerusalem Symbolism and Landscape: The Etzion Bloc in the Judaean Mountains, Yossi Katz and John C. Lehr Mountain ranges of Israel Hebrew Bible mountains Mountains of the West Bank </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ද වර්ල්ඩ් ෆැක්ට් බුක් [/INST] The World Factbook, එසේත් නැත්නම් also known as the CIA World Factbook, යනු Central Intelligence Agency (CIA) මගින් ප්‍රකාශිත, ලොව රටවල් පිළිබඳව almanac-ආකාරයේ තොරතුරු ලබාදෙන ප්‍රකාශනයකි. ආශ්‍රිත World Leaders, another regular publication of the CIA National Security Agency academic publications වෙනත් ප්‍රකාශන Europa World Year Book The New York Times Almanac Time Almanac with Information Please Whitaker's Almanack World Almanac මූලාශ්‍ර Citations General and cited sources භාහිර සබැඳි CIA World Factbook as XML On stephansmap.org – The CIA World Factbook accessible by location and date range; covers the years 2001–2007. All Factbook entries are tagged with "cia". Requires graphical browser with javascript. The current CIA World Factbook in Excel spreadsheet format 1962 establishments in the United States Academic works about intelligence analysis Almanacs Factbook Publications established in 1962 Reference works in the public domain </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ලංකා ඉතිහාසය-විජයගේ සම්භවය [/INST] විජය හා පිරිස් සම්බන්ධ පුරාවෘත්තවල සඳහන් වන විජයගේ මුල් භුමිය "ලාල රත්ත" හි (ලාට රාෂ්ට්‍ර) "සිහපුර" (සිම්හපුර) විය හැකිය. මෙය (වර්තමාන ගුජරාටය) ටොලමිගේ ලරිකා ලෙස හඳුනාගෙන ඇත. සංස්කෘතික ග්‍රන්ථවල ලාල - ලාට දේශ වශයෙන්ද ගැනේ. අල් බිරුනි එය 'ලාර්දේශ්' ලෙස හඳුන්වයි. එක් වීර කාව්‍යයක ඉහළ ඉන්දුස් ප්‍රදේශයේ තිබුණු සිංහපුර රාජධානියක් ගැන කියැවේ. උර්යා, අභිසාර, බාහ්ලිකා දරදා සහ කාම්බෝජ්, යනාදී ස්ථාන එයට මායිම් වේ. 7 වෙනි සියවසේ චීන වන්දනාකාර හියුං සියැං පවා මෙම සිංහ පුර ගැන සඳහන් කර ඇත. (sang-ho-pu-lo) ඔහු සඳහන් කරන්නේ එය ගාන්ධාර (වයඹ පන්ජාබ්) දේශයේ ඉහළ ඉන්දුස් ප්‍රදේශයේ තැනක් බවයි. සමහරු එය ලුණු කඳුවලට ඉහළ ප්‍රදේශයක් යයි කියති. තවත් සිංහපුර නම් ස්ථානයක් ගුජරාටයේ තිබෙන බව සඳහන් වේ. එය ධ්‍රැව සේන නම් මෛත්‍රක රජුගේ අධිකාරි පත්‍රයක සඳහන් කර ඇත. (ක්‍රි.ව.525-545) කතියාවද්හි "සිගොර්" (සිංගෝර්?) යනු එහි වර්තමාන නමයි. 'හිංගුර්' යනුවෙන් කියැවෙන පුරාන ස්ථාන නමයක් ඉන්දුස් ඩෙල්ටාවේ අන්තිම තුඩුවේ සිට සැතපුම් 40 ක් නැගෙනහිරින් තිබුණි. එය සිංහලයන්ගේ පුරාණ කතාවල සඳහන්වන සිංහපුර යන්නේ නෂ්ඨාවශේෂයක් විය හැක. (හිංගුර්<සිංගුර්<සිංග්පුර්<සිංහපූර්). මහා භාරතයේ සඳහන් වන 'සභාපර්ව' හි ග්‍රාමනෙයා නම් ජන කොටස සිංහලයන්ගේ මුතුන් මිත්තන් යැයිද පෙන්වා දී ඇත. ග්‍රාමනේයාවරුන්ගේ මුල් භූමිය ගාන්ධාර/කාම්බොජ දේශයෙහි සිංහපුර යයි විශ්වාස කළ හැක.එහෙත් එම ජනතාව එහි සිට ඉන්දුස් ග‍ඟේපහළට ආහ. ඉන් පසු පණ්ඩව නකුල විසින් පරදවනු ලැබ සෞරස්ත්‍ර අර්ධද්වීපයට යන්නට ඇත. එහිදී ඔව්හු සෞරස්ත්‍ර අර්ධ ද්වීපයෙහි කුඩා රාජ්‍යයක් පිහිටුවා ගන්නට ඇත. පොදු යුගයට ශත වර්ෂ ගණනාවකට ඉහතදී මෙය සිදුවන්නට ඇත. එම කුඩා රාජ්‍යයට ඔවුන් සිංහපුත්‍ර යනුවෙන් නම් තබන්නට ඇත්තේ ගාන්ධාර/කාම්බොජයේ ඔවුන්ගේ පැරණි සම්බන්ධය සිහිකිරීමට විය හැක.බොහෝ දුරට සිදු විය හැක්කේ ආර්ය භාෂා කථා කරන මුල්ම පිරිස ලෙස අප දන්නා විජය සහ ඔහුගේ 700 ක් වූ පිරිස කතියවාද් හි සිහොර් නම් කොටසට හෝ එසේ නැත්නම් ඉන්දු ඩෙල්ටාවේ නැගෙනහිර පෙදෙසේ හිංගූර් නම් ජන කොටසට අයිති වන්නට ඇති බවයි. එහි සිට ඔව්හු ශ්‍රී ලංකාවට යාත්‍රා කරන්නට ඇත. ජනපදිකයින් ලෙස එහි පදිංචිවන්නට ඇත. ශ්‍රී ලංකාව සමග වයඹ කාම්බොජවරු සම්බන්ධතා තිබුණු බව මෙම කරුණුවලින් අනුමාණ කළ හැක. වැඩි විස්තර සඳහා (Kamboja Colonists of Sri Lanka) බලන්න. වර්තමාන ඔරිස්සාවේ තිබුණු කාලිංග දේශයේ පුරාණ අගනුවර වූ සිංහපුරය එම සිංහපුරයම වන්නට ඇත. නිශ්ශංක මල්ලගේ විස්තරයක සඳහන් වන්නේ කාලිංග දේශයේ අගනුවර සිංහපුර බවයි. මයිල්වාකනපුලවර් විසින් 18 සියවසේ ලියන ලද යාල්පානවයිපවමාලෙයි කෘතියෙහි උක්කිර සින්ගන් නමැති ‍රජෙකු ගැන සඳහන් වේ. විද්වතුන් කියන්නේ මොහු කාලිංග මාඝ බවයි. චූලවංශය සඳහන් කරන්නේ කාලිංග මාඝ යනු ඉන්දියාවේ නැවතී සිටි විජයගේ සහෝදරයෙකුගෙන් පැවත එන්නෙකු බවයි. යාල්පානවයිපවමාලෙයි කෘතිය ඉතිහාස කරුණු අඩංගු ලේඛණයක් ලෙස පිළි නොගත්තද මධ්‍ය කාලීන දෙමළ ජනයා විජය පුරාවෘත්තය ගැන පැහැදිලි දැනීමක් ඇතිව සිටින බැවින් ඔවුන් සිංහල රජු කාලිංග වැසියෙකු ලෙස හඳුනා ගනිති. References http://en.wikipedia.org/wiki/Vijaya#Origins_of_the_Viyaya_Clan විජය රජ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගුප්ත කේතනය [/INST] 60456272 හැදින්වීම ගුප්ත කේතකරණයේ( cryptography),ගුප්ත කේතනය(encryption) කියලා හදුන්වන්නේ අපිට වැදගත් වන තොරතුරු( plaintext කියනවා) ඇල්ගොරිතම( algorithm) භාවිතා කරමින් කිසිවකුට ,විශේෂ දැනුම එහෙමත් නැත්නම් ගුප්ත කේතනයට අදාල යතුර ( key) හිමි පුද්ගලයන්ට හැර වෙනත් කිසිවකුට කියවන්න බැරිවිදියට පරිවර්ථනය කිරීමයි. මේ ක්‍රියාවලියට ලක්වුණු තොරතුරු අපි cipher text ලෙස හදුන්වනවා. මේ ආකාරයටම මෙම ක්‍රියාවලියේ ප්‍රතිලෝම ක්‍රියා වලිය අපි හදුන්වනවා ගුප්ත ප්‍රතිකේතනය (Decryption) කියලා එමගින් අපිට පුලුවන් ගුප්ත කේතනය කරපු තොරතුරු නැවත කියවීමට හැකි තත්වයට පත් කරගන්න.බොහෝ විට අතීතයේ යුධමය කටයුතු වලදි සහ රාජතාන්ත්‍රික කටයුතු වලදි තම සන්නිවේදන කටයුතු රහසිගතව සිදු කිරීමට මෙම ගුප්ත කේතනය බහුලව භාවිතා වු අතර එහෙත් වර්ථමානයේ බොහෝවිට සාමාන්‍ය ජනතාවගේ තොරතුරු ආරාක්ෂා කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරනවා.උදාහරනයක් ලෙස පරිගණක ආරක්ෂණ ආයතනය ( Computer Security Institute)2007වාර්ථා වලට අනුව 71% ආයතන තම තොරතුරු හුවමාරු කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරලා තියනවා සහ 53% අයතන තොරතුරු ගබඩා කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරයි. තවද පරිගණක සහ දත්ත සුරැකුම උපාංග තුල තොරතුරු ආරක්ෂකාරීව ගබඩා කිරීමට අපිට මෙම ක්‍රමය යොදාගන්න පුලුවන්.වර්තමාන වාර්ථාවලට අනුව ගණුදෙනු කරුවන්ගේ පුද්ගලික වාර්ථා වැනි රහසිගත වාර්ථා විශාල වශයෙන් තම පරිගණක මගින් හෝ දත්ත ගබඩා තුලින් සොරා ගැනීම් සිදුවී ඇති අතර ගුප්ත කේතනය මගින් මෙවැනි උවදුරු වලින් සිදුවිය හැකි හානිය එවැනි උවදුරු භෞතිකව වැලැක්විය නොහැකි අවස්තා වල වුවත් අවම කරගත හැක. තවඩුරටත් මෙම ගුප්ත කේතනය තොරතුරු සංක්‍රමණයෙදී තොරතුරු ආරාක්ෂා කිරීම සදහා යොදා ගන්නවා.උදාහරණ ලෙස අන්තර්ජාලය, ජංගම දුරකථන, රැහැන් රහිත පද්ධති,සහ බැංකු ATM යන්ත්‍ර තුල තොරතුරු සංක්‍රමණ ගත හැක.මෙහිදීත් තොරතුරු සංක්‍රමණය වීමෙදී අතරමැදදී සොරා ගැනීම් මගින් සිදුවිය හැකි බලපෑම කිරීම ගුප්ත කේතනය මගින් අවම කරගත හැක. . මේවත් බලන්න Cryptography Cold boot attack Cyberspace Electronic Security Act (in the US) Encryption software Cipher Key management Key Famous ciphertexts Rip van Winkle cipher Strong secrecy Disk encryption Secure USB drive Secure Network Communications Security and Freedom Through Encryption Act සටහන් යොමුව Helen Fouché Gaines, “Cryptanalysis”, 1939, Dover. ISBN 0-486-20097-3 David Kahn, The Codebreakers - The Story of Secret Writing (ISBN 0-684-83130-9) (1967) Abraham Sinkov, Elementary Cryptanalysis: A Mathematical Approach, Mathematical Association of America, 1966. ISBN 0-88385-622-0 බාහිර වෙබ් අඩ්වි http://www.enterprisenetworkingplanet.com/_featured/article.php/3792771/PGPs-Universal-Server-Provides-Unobtrusive-Encryption.htm SecurityDocs Resource for encryption whitepapers A guide to encryption for beginners Accumulative archive of various cryptography mailing lists. Includes Cryptography list at metzdowd and SecurityFocus Crypto list. Cryptography </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: දෙසැම්බර් 27 [/INST] දෙසැම්බර් ග්‍රෙගරි දිනදසුනේ දින </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බංගලාදේශයේ බුදු දහම [/INST] බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා, මර්මා, තන්චන්ග්‍යා, සෙසු ජුම්මා ජනයා සහ බරුවා යන ජනයාගේ බහුර ආගම වන්නේ ද බුදු දහමයි. සෙසු 35%ක බෞද්ධ ජනහගහනය බෙංගාලි බෞද්ධ ප්‍රජාවගෙන් සමන්විත ය. බෞද්ධ ප්‍රජාව බංගලාදේශයේ ජනාකීර්ණ ප්‍රදේශ වන චිතගොං සහ ධකා ප්‍රදේශවල දක්නට ලැබේ. ජනගහන විශ්ලේෂණය 2014 වන විට, බංගලාදේශයේ වානිජ නගරය වන චිතගොංහි බරුවාවරුන් සහ උප-නිවර්තන චිතගොං කඳුකර ප්‍රදේශවල වෙසෙන ස්වදේශික අරකානීස සම්භවයක් ඇත්තවුන්ගේන ‍බහුතරයක් බෞද්ධාගමිකයන් බව හෙළිව තිබේ. බංගලාදේශයේ බෞද්ධාගමිකයන්ගෙන් බහුතරයන් එනම් 65%ක් පමණම බරුවා ජනයාගෙන් සමන්විත වේ. චක්මා, චක්, මර්මා, තන්චන්ග්‍යා සහ ඛ්‍යාන්ග් ජනයා අතීතයේ සිටම බුදු දහම අදහන්නෝ වෙති. සර්වසව වාදය අදහන ඇතැම් ගෝත්‍ර ද බෞද්ධ බලපෑමට නතුව ඇත. මේ අතරට ඛුමි සහ ම්රු ගෝත්‍ර අයත් ය. නමුත් සෙසු ගෝත්‍රවලට සාපේක්ෂව මේවායේ ඇත්තේ අඩු ව්‍යාප්තියකි. ඉතිහාසය පුරාවෘත්තයක් අනුව කියැවෙන්නේ ගෞතම බුදුන් වහන්සේ වරක් ධර්ම ප්‍රචාරය සඳහා මෙම ප්‍රදේශය වෙත පැමිණි බවයි. උන් වහන්සේගේ මාර්ගයෙහි ගමන් කිරීමට එහිදී පුද්ගලයකු හෝ දෙදෙනකු මහණ වූ බව ද කියැවේ. කෙසේනමුත්, අශෝක අධිරාජයාගේ සමය වන තෙක්ම මෙම ප්‍රදේශයේ බුදු දහමට එතරම් අනුග්‍රහයක් හිමි වූයේ නැත. ඉන්දියානු උපමහාද්වීපය පාලනය කළ පාල අධිරාජ්‍යය විසින් බොහෝ බෞද්ධ මතවාදයන් වර්තමාන බංගලාදේශය වෙත ව්‍යාප්ත කරන ලදී. ඔවුහු මහාස්ථාන්ගාර් සහ සෝමපුර මහා විහාරය වැනි විහාරාරාම ගණනාවක් ඉදිකළහ. බික්‍රම්පූර් නගරයේ උපන් සුප්‍රකට ආචාර්යවරයකු වූ ආතිෂ විසින් මහායාම බුදු දහම ව්‍යාප්ත කරන ලදී. චන්ද්‍ර රාජවංශයේ පුරාණ්චන්ද්‍ර සහ සුබර්ණචන්ද්‍ර විසින් බුදු දහම වැළඳගත් අතර, හරිකේල් සහ චන්ද්‍රද්වීප් (බරිසාල්) පාලන කළ ඔවුන්ගේ අනුප්‍රාප්තික ත්‍රෛලෝක්‍යචන්ද්‍ර සහ ශ්‍රීචන්ද්‍ර ද ඔවුන්ව අනුගමනය කළහ. ඛාඩ්ගා රාජවංශය යනු භාට් යන පෙළපත් නාමය දරන ලද බෞද්ධ රජවරුන් විසූ රාජවංශයකි. ඔවුන් විසින් විහාර සහ ආරාම ගණනාවක් ඉදිකොට තිබේ. රාජභට රජු දැඩිව කැපවූ මහායාන බෞද්ධයකු ලෙස සැලකේ. 1202 තුර්කි ආක්‍රමණ සමයේ බුදු දහම විවිධ ස්වරූපවලින් ව්‍යාප්තව පැවති බැව් පිළිගැනේ. ආක්‍රමණික හමුදා විසින් විහාරාරාම ගණනාවක් විනාශ කොට තිබේ. නාලන්දා විශ්වවිද්‍යාලය වැනි බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන විනාශ කිරීම හේතුවෙන් බුද්ධාගම ශීඝ්‍රයෙන් පරිහානියට පත් වන්නට විය. 1980 දශකය දක්වා අනුයාත සියවස් ගණනාවක දී, සෙසු බෞද්ධයින් චිතගොං ප්‍රදේශය වටා ඒකරාශී වන්නට විය. මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය රාජ් (1858–1947) යුගය තෙක්ම ආක්‍රමණය නොකොට පැවතිණි. 19වන සියවසේ දී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර ඇරඹුණු අතර, මෙහි දී ථෙරවාද භික්ෂු නිකායයන් දෙකක් වූ සංඝරාජ් නිකාය සහ මහාස්ථබිර් නිකාය වර්ධනය විය. චිතගොං කඳු ප්‍රදේශයේ බහුතර ජනයා බෞද්ධ ගෝත්‍රවලින් සමන්විත විය. ඔවුන්ගේ ආගම විවිධ ගෝත්‍රික ඇදහීම් සහ බෞද්ධ භාෂිතයේ සංකලනයක් ලෙස පැවතිණි. 1981 සංඛ්‍යාලේඛන අනුව, බංගලාදේශයේ ආසන්න වශයෙන් බෞද්ධයන් 538,000ක් ජීවත් වන අතර, ඔවුන් ජනගහනයෙන් සියයට 1කට මඳක් අඩු ප්‍රමාණයක් නියෝජනය වේ. සංස්කෘතිය චිතගොංහි බෞද්ධ විහාර කිහිපයක් දක්නට ලැබේ. බොහෝ බෞද්ධ ගම්මානවල, ශිෂ්‍යයින් ජීවත් වන බෙංගාලි (ජාතික භාෂාව) සහ ඇතැම් පාලි (පුරාතන බෞද්ධ සූත්‍රමය භාෂාව) ලියන්නට සහ කියවන්නට උගන්වන පාසැලක් (ක්යොං) දක්නට ලැබේ. සිය පාසල් අඡයාපනය හදාළ මිනිසුන්ට මෙම පාසල්වල මඳ කාලයක් නවාතැන් ගනීමට ද හැක. ප්‍රාදේශීය බෞද්ධ ආශ්‍රමය ග්‍රාමීය දිවියේ වැදගත් මධ්‍යස්ථානයක් වියත විහාරවලින් පිටත බුදු දහම එය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල නොයෙකුත් ජනප්‍රිය ඇදහීම් සහ විශ්වාසයන් සමග මුසු වී පවතියි. බොහෝ ප්‍රදේශවල, බුද්ධ ප්‍රතිමා සඳහා විවිධ චාරිත්‍ර ඉටු කිරීම සිදු කෙරේ. බුදුන් වහ්නසේගේ දිවියේ වැදගත් සිදුවීම් සැමරීම සඳහා ‍බංගලාදේශ බෞද්ධයින් විසින් නොයෙකුත් ප්‍රධාන උත්සව පවත්වනු ලබයි. සැබැවින්ම බුදු දහම මගින් දේව වන්දනාව ප්‍රතික්ෂේප කොට, බුද්ධත්වයට පත්වූ තැනැත්තකු ලෙස බුදුන් වහන්සේගේ මතකය පමණක් සිහිපත් කිරීම සිදුවුව ද, ජනප්‍රිය බුදු දහම තුළ බුදුන් ප්‍රමුඛ දේවතාවුන් සහ සුළු දේවතාවුන් රැසක් වන්දනාමාන කරනු දැකගත හැක. ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් බෞද්ධ පූජාස්ථාන සහ පුරාවස්තු පවත්වා ගැනීමට සහ නඩත්තු කිරීමට සහාය සපයයි. පහර්පූර් (රාජ්ෂාහි ප්‍රදේශයේ) සහ මේනාමති (කොමිලා ප්‍රදේශයේ) පිහිටි පුරාතන විහාර ක්‍රි.ව. හත්වන සිට නවවන දියවස් දක්වා කාලයට අයත් යැයි සැලකෙන අතර, මේවා රාජ්‍යයේ ආරක්ෂිත ස්මාරක ලෙසින් නම්කොට ඇත. ප්‍රමුඛ බංගලාදේශ බෞද්ධයින් භික්ෂූන් පූජ්‍ය. ජ්‍යෝතිපාල මහාථෙර රාජ්ගුරු අග්ගවංස මහාථෙර පූජ්‍ය. ප්‍රඥානන්ද මහාථෙර පරිපලනය නියෝජ්‍ය ලේකම් සහ ඉහළ අධිනීතිඥ දේවාසිෂ් රෝයි, චක්මා රාජා (චක්මා කවයේ ප්‍රධානී) දේශපාලනය දිලීප් බරුවා (බංගලාදේශයේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී–ලෙනින්වාදී) (බරුවා)). වර්තමාන කර්මාන්ත කටයුතු අමාත්‍ය. ජ්‍යෝතිරීන්ද්‍ර බෝධිප්‍රිය ලර්මා කලාව සහ සාහිත්‍යය කණක් චන්පා චක්මා, කලා ශිල්පියෙකි බිප්‍රදාශ් බරුවා, කතුවරයෙකි පර්ථා බරුවා, ගායකයකු, සෝල්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක සහ ගිටාර් ශිල්පී ක්‍රිකට් ක්‍රීඩකයන් දේබබ්‍රාතා බරුවා දේබාශිෂ් බරුවා සුමන් බරුවා මේවාත් බලන්න බරුවා (බංගලාදේශය) චක්මා ජනයා මර්මා ජනයා රඛිනේ ජනයා ජුම්මා ජනයා ආශ්‍රේයයන් බංගලාදේශය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රේඩාර් උපාංග [/INST] රේඩාර් යනු පරාසය ඌනතා අංශය දිශාව හෝ වේගය හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චුම්භක තරංග භාවිතා කරන පද්ධතියකි. මෙමගින් සචල මෙන්ම නිසල වස්තූන් ද නිරීක්ෂණය කළ හැකි අතර මේ සඳහා ගුවන් යානා, නැව්, මෝටර් රථ, කාලගුණ සැකසුම් සහ භූමි සැකසුම් උදාහරණ වෙයි. රේඩාර් උපාංග හැඳින්වීම සඳහා භාවිතා කරන ඉංග්‍රීසි වදන වන RADAR යන්න 1941 වසරේ දී නිර්මාණය වූවක් වන අතර එය radio detection and ranging නම් පදයෙහි මුලකුරු ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. එතැන් පටන් මෙම වදන සම්මත යෙදුමක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එක් වූ අතර එය කැපිටල් අකුරු භාවිතයෙන් තොරව ලිවීම ද සිදු කෙරෙයි. මුල් කාලයේදී රේඩාර් උපාංග බ්‍රිතාන්‍යයේදී RDF (radio direction finder) ලෙස හඳුන්වන ලදී. රේඩාර් පද්ධතියකට රේඩියෝ තරංග විමෝචනය කරන විමෝචකයක් ද අදාළ වස්තූන් මගින් පරාවර්තනය කරන රේඩියෝ තරංග අණාවරණය කෙරෙන අණාවරකයක් ද පවතින අතර සාමාන්‍යයෙන් විමෝචකය සහ අණාවරකය එකම ස්ථානයේ පිහිටයි. සාමාන්‍යයෙන් මෙසේ පරාවර්තනයෙන් ලැබෙන රේඩියෝ සංඥා ඉතා දුර්වල වන නමුත් මෙම සංඥා වර්ධනය කළ හැක. මේ හේතුවෙන් ශබ්ධය සහ දෘෂ්‍ය ආලෝකය වැනි විමෝචන ඇසුරෙන් අණාවරණය කරගත නොහැකි තරම් දුරකින් පවතින වස්තූන් හඳුනාගැනීමේ හැකියාව රේඩාර් උපාංගවලට ලැබෙයි. රේඩාර් උපාංග විවිධ භාවිතයන් ගණනාවක් සඳහාම යොදා ගැනේ. මෙවැනි භාවිතයන් අතරට හමුදාමය භාවිතයන් හැරුණු විට වර්ෂාපතනය අණාවරණය කර ගැනීම, සාගර මතුපිට තරංග මැනීම, ගුවන් යානා හැසිරවීම සහ පොලිස් නිළධාරීන් මගින් වේගසීමාව ඉක්මවා යන මෝටර් රථ හදුනාගැනීම යනාදිය ද අයත් වෙයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කල් දැමීම [/INST] මනෝ විද්‍යාවේදී කල් දැමීම යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකු කලයුතු ඉහල ප්‍රමුඛතාවයෙන් යුත් කටයුතු අතපසුකර අඩු ප්‍රමුකතාවක් ඇති එනමුත් තමා ප්‍රියකරන කටයුතු සිදුකිරීමයි. මිනිස් හැසිරීම් ආතතිය කාල කළමනාකරණය පෙළඹවීම අවධාන-ඌනතා අතික්‍රියාශීලී අක්‍රමතාව කාංසාව ස්වවීයත්ත්වය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සවානා පරිසර කලාප [/INST] සවානා පරිසර කලාප විවිධ වර්ග කිපයකට අයත් වේ. නිවර්තන සහ උපනිවර්තන සවානා. - මේවා වර්ගිකරණය කර ඇත්තේ නිවර්ථන සහ උපනිවර්ථන තෘණ භූමි සහ පඳුරු බිම් ලෙසය. එනම් නිවර්ථන සහ උපනිවර්ථන තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝම ලෙසයි. අප්‍රිකාවෙහි සෙරන්ගෙටි හි සවානා බිම් එහි වන ජීවිතය සඳහා ප්‍රසිද්ධියක් දරයි. සෞම්‍ය සවානා බිම්. - මේවා මධ්‍ය අක්ෂාංශ සවාන බිම් වන අතර ඒවාට තෙත් ග්‍රීෂ්ම සෘතුවක් සහ වියළි ශ්‍රීත සෘතුවක් අයත්වේ. ඒවා සෞම්‍ය සවානා සහ පඳුරු බිම් ලෙස වර්ගීකරණය කර ඇත. එනම් උෂ්ණ තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝමයි. මධ්‍යධරණි සවානා. - මේවා මධ්‍ය අක්ෂාංශ සවානා බිම් වන අතර ඒවා මධ්‍යධරණි දේශ ගුණයක් පවතින මද වැසි ඇති ශීත කලාප සහ වියළි උණුසුම් ග්‍රීෂ්ම කලාප පවතින මධ්‍යධරණි කැළෑ දැව භූමි සහ පඳුරු බයෝම වල අන්තර්ගත වේ. කැලිෆෝනියාවේ ඕක් ශාක සවානා යනු කැලිෆෝනියාවේ චැපරාල් සහ දැව භූමි කලාපවල කොටසකි. ජල ගැලීම් වලට ලක්වන සවානා. - මේවා නම් යම්කිසි කාලයකට හෝ වසරක් පාසා ජලගැලීම් වලට ලක්වන සවානා වර්ග වේ. ඒවා ජල ගැලීම් වලට ලක්වන තෘණ බිම් සහ සවානා බයෝම ලෙස වර්ගීකරණයට ලක්වේ. මේවා බොහෝ විට දක්නට ලැබෙන්නේ නිවර්ථන සහ උපනිවර්ථන ප්‍රදේශ වලයි. කඳුකර සවානා. -මේවා ඉහළ උන්නතාංශ වල පිහිටන සවානා වර්ග වන අතර ඒවා ‍ලොව පුරා ඉහළ කඳු මුදුන් ප්‍රදේශ වල ස්ථාන කිහිපයක පමණක් පිහිටා ඇත. ඒවා කඳුකර තෘණ භූමි සහ පදුරු බිම් බයෝම වේ. ඇන්ගෝලන් බෑවුම් සවානා සහ දැව බිම් සවානා වර්ග මෙකී වර්ග වල‍ට උදාහරණ වේ. මූලාශ්‍ර Savanna_ecoregions en:Savanna#Savanna_ecoregions </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බෙනට් රත්නායක [/INST] බෙනට් රත්නායක උපන්නේ 19.... ඔක්තෝබර් 24 මාතලේදී ය. ඔහු 1978 සිට වසර කිහිපයක්ම ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. පසුව ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරීය.ඔහු විවාහ වී සිටින්නේ සමන්මලී හවාපන්නා සමඟ වන අතර එම යුවළට එක් පුතකු (උදාර) සහ දියණියන් දෙදෙනෙක් සිටී (එරන්දතී සහ භාග්‍යා). 1986 දී රත්නායක ඕසී.අයි.සී විසින් මෙහෙයවන ලද කැමරාකරණ පාඨමාලාවක් කළේය. පාඨමාලාව අවසානයේදී ඔහු විනාඩි 25 ක කෙටි චිත්‍රපටයක් ‘පියවරු සහ පුත්තු’ නමින් කළේය. 1987 දී ඕසී.අයි.සී සම්මාන උළෙලේදී හොඳම අනුක්‍රමික නොවන නිර්මාණය සඳහා වූ සම්මානය මෙම කෙටි චිත්‍රපටයට හිමි විය. සම්මානයෙන් ලද විශ්වාසය නිසා 1990 ගණන් වල මුල් භාගයේ එම්ටීවී ඔස්සේ විකාශය වූ ‘තරු’ ඇතුළු බොහෝ රූපවාහිනී කතා මාලාවන් නිෂ්පාදනය කිරීමට ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී නාලිකා ඔහු වෙත යොමු කළේය.ඔහු ‘තරු, ග්‍රහණය, කළු හංසයෝ, මකර විජිතය, කඩුමුණ, පළිඟු,සහ www.com යන බොහෝ කැපී පෙනෙන රූපවාහිනී කතා මාලාවන් නිෂ්පාදනය කර ඇත. 1988 දී ඔහු ‘සයුරෙන් එහා’ නමින් කථාංග 5 කින් යුත් කතා මාලාව අධ්‍යක්ෂණය කළේය. 1994 දී ඔහු ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදන ආයතනයක් ලෙස "බෙන් ෆිල්ම්ස්" නමින් තමන්ගේම ආයතනයක් ආරම්භ කළේය. 2001 දී ඔහු ‘අස්වැසුම’ නම් ඔහුගෙ ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්ෂණ සමඟ චිත්‍රපට නිෂ්පාදකයෙකු විය. එම වසරේදී ඔහු හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සරසවිය සම්මානය දිනා ගත් අතර 34 වන හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂවරයා සඳහා වූ ප්ලැටිනම් සම්මානය දිනා ගත්තේය.දේශීය චිත්‍රපට උළෙල කිහිපයකදීම චිත්‍රපටය සම්මාන රාශියක් දිනා ගත්තේය. මෙම චිත්‍රපටය විචාරකයින්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අතර බොම්බේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ෆිප්‍රෙසි සම්මානය දිනා ගත්හ. 2001 දී, මෙම චිත්‍රපටය මොන්ට්‍රියල් සහ ක්විබෙක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා මෙන්ම මොස්කව්, සිංගප්පූරු සහ කේරල ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා ද තෝරා ගන්නා ලදී. 2001 දී බ්‍රසීලයේ පැවති 25 වන සාන්ත පවුලෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙන්ම ඉන්දියාවේ පැවති 4 වන ජාත්‍යන්තර සිනමා උළෙලේදී තරඟකාරී අංශය සඳහා ප්‍රවේශය වශයෙන් මෙම චිත්‍රපටය තෝරා ගන්නා ලදී. 2002 දී 7 වන ඩකා චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ දොන් කුයිකෝටි සම්මානයෙන් පිදුම් ලැබූ දිනා ගන්නා ලදී. 2002 පෙබරවාරි 29 දින මෙම චිත්‍රපටය ශාන්ත ජෝස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි පසුව 2002 ඇමරිකාවේ ටිබුරන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ද 2002 දී එම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම අධ්‍යක්ෂවරයා සඳහා ගෝල්ඩන් රීල් සම්මානය දිනා ගත්තේය. පසුව 2005 දී ඔහු සිය දෙවන චිත්‍රපටය වූ සුලඟ අධ්‍යක්ෂණය කළ අතර එය හූස්ටන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රිදී රෙමී සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම චිත්‍රපටය කල්කටා, මොන්ට්‍රියල්, බ්‍රසීලයේ රියෝ යන ජාත්‍යන්තර සිනමා උළෙල වලදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය 2006 පැවති Pyongyang International Film Festival හි තරඟකාරී අංශය තුළ ප්‍රදර්ශනය කිරීමට තෝරා ගන්නා ලදී. එම කාලයෙම රත්නායක මහතා රූපවාහිනී කතාමාලා දෙකක්  සුධීර සහ සඳ සක්මන නිපදවිය. 2010 දී තිරගත කල ‘ඉර හඳ යට’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය 23 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත වූ අතර රිදී තිර සම්මානය සඳහා ද නිර්දේශ විය. මෙම චිත්‍රපටය 2010 ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ‘ගෞරවනීය’ සම්මානය දිනා ගත්තේය. ඔහු එම චිත්‍රපටයෙන් තම පුත්‍රයා වන උදාරව මෙරට සිනමාවට හඳුන්වා දුන්නේය.ඉතාලියේ ඉඩෙන්ටිටා චිත්‍රපට උළෙලේ මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. 2013 දී මෙම චිත්‍රපටය ෆීජි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහු 2013 දී ‘සත් ඉම’ නමින් චිත්‍රපටයක් කිරීමට උත්සාහ කළේය. බාධා කිහිපයක් හේතුවෙන් චිත්‍රපටය අවසන් කිරීමට නොහැකි විය. ඉතින් රත්නායක වසර ගණනාවක් තිගැස්සුණු මනෝභාවයක සිටි ඔහු 2016 දී ‘නෙලා’ චිත්‍රපටය නිපදවිය. බෙනීටෝ ෆෙරෝස් ගල්ඩෝස් විසින් රචිත "මරියානැල්ල" නවකතාව පදනම් කරගෙන ඉන්ද්‍රාණි රත්නසේකර මහත්මියගේ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද "නෙලා" නවකතාව පදනම් කරගෙන ඔහු චිත්‍රපටය නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, ඔහු 2018 චිත්‍රපටය තිරගත වන තෙක් වසර එකහමාරක් පමණ බලා සිටින්නට විය. රත්නායක රන් කෙවිට 1 , රන් කෙවිට 2, අස්වැසුම සහ රාජ්‍ය සේවය පිනිසයි ඇතුළු චිත්‍රපට කිහිපයකම රංඟනයෙන් දායකව ඇත.2012 දී ඔහු රෝමියෝ සහ ඩැන්ටේ නම් රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කළේය. 2017 ඉන්දියාවේ පූනේහි 15 වන ජාත්‍යන්තර සිනමා උළෙලේ (IFFI) ජූරි මණ්ඩලයේ සාමාජිකයකු වීමටද රත්නායක මහතාට අවස්තාව හිමි විය. 2019 දී ඔහු ‘පලිංගු පියපත්’ රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කලහ. ‘කවුරුවත් දන්නෙ නෑ’ මෙතුමාගෙ පැමිණීමට නියමිත සිනමා සිත්තමයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කිම් ජොන්ග් ඉන් [/INST] කිම් ජොන්ග්-ඉන් (කොරියානු: 김종인; උපත ජනවාරි 14, 1994), කායි (කොරියානු: 카이) ලෙසින් වඩාත් හොඳින් හඳුනන, දකුණු කොරියානු ගායකයෙක්, නිරූපන ශල්පියෙක්,නළුවෙක් සහ නර්තන ශිල්පියෙකි. ඔහු දකුණු කොරියානු-චීන පිරිමි කණ්ඩායමේ Exo, එහි උප ඒකකය Exo-K සහ දකුණු කොරියානු සුපිරි කණ්ඩායම් SuperM හි සාමාජිකයෙකි. ඔහු ඒකල වාදකයෙකු ලෙස 2020 නොවැම්බර් මාසයේදී ඔහුගේ විස්තීරණ නාට්‍යය වන Kai නිකුත් කිරීමත් සමඟ ආරම්භ විය. Kai ඔහුගේ සංගීත දිවියට අමතරව Choco Bank (2016), Andante (2017) සහ Spring Has Come (2018) වැනි විවිධ රූපවාහිනී නාට්‍යවල ද රඟපා ඇත. Kai දකුණු කොරියාවේ සහ K-pop හි හොඳම නර්තන ශිල්පියෙකු ලෙස පුළුල් ලෙස සැලකේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: දත්ත [/INST] දත්ත () යනු යම්කිසි විචල්‍යයක හෝ විචල්‍යයන් ගණනාවක ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන තොරතුරු වේ. එසේම පරිගණකය තුළ, සැකසීමට භාජන නොවූ දෑ දත්ත (data) ලෙස ද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස යම් පෙළ ක් (Text), අගය ක් (Value), රූපය ක් (Image) යනාදිය දත්ත ලෙස හැඳින්විය හැකිය. ආශ්‍රිත Biological data Computer data processing Computer memory Dark data Data acquisition දත්ත විශ්ලේෂණය Data bank Data cable Data curation Data domain Data element Data farming Data governance Data integrity Data maintenance Data management Data mining Data modeling Data point Data preservation Data protection Data publication Data remanence Data science Data set දත්ත ව්‍යුහ Data visualization Data warehouse දත්ත සංචිත Datasheet Digital privacy Environmental data rescue Fieldwork Information engineering Machine learning Open data Scientific data archiving Secondary Data Statistics මූලාශ්‍ර භාහිර සබැඳි Data is a singular noun (a detailed assessment) Statistical data දත්ත කලමනාකරණය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නගරාධිපති [/INST] නගරාධිපති යනු නගරයක ප්‍රධානියාය්ය ය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පොමරේනියන් [/INST] පොමරේනියන් (බොහෝ විට හඳුන්වන්නේ පොමනේරියන්, පොම් සහ පොම්පොම් ලෙසිනි) ස්පිට්zස් වංශයට අයත් සුනඛ වර්ගයක් වන අතර, මෙලෙසින් නම් තබා ඇත්තේ, මධ්‍යම යුරෝපයේ පිහිටා තිබෙන (අද වනවිට, උතුරු පෝලන්තයයේ සහ නැගෙනහිර ජර්මනියේ කොටසක් වන) පොමරේනියා ප්‍රදේශය මූලික කරගෙනය. කුඩා ප්‍රමාණයේ ශරීර හේතුවෙන් පොමරේනියන් සුනඛයින් සුරතල් සුනඛ වර්ගයට අයත් වුවත්, මොවුන් විශාල ස්පිට්ස් වර්ගයේ සුනඛයින්ගෙන් පැවතෙන වර්ගයකි. එමෙන්ම මොවුන් ජර්මන් ස්පිට්ස් වර්ගයට අයත් කොටසක් බව නිවැරදිව සොයා ගන්නා ලද්දේ, ලෝකයේ සුනඛයන් පිලිබඳ වූ සංවිධානයFédération Cynologique Internationale විසිනි. එමෙන්ම බොහෝ රටවල් තුළ මොවුන් හඳුන්වන්නේ ස්වර්ග්ස්පිට්ස් (Zwergspitz / Dwarf Spitz) යන නාමයන්ගෙනි. 17 වන සියවසේ සිට බොහෝ ප්‍රමාණයක් රාජකීය හිමිකරුවන් සිටීම මෙම සුනඛ වර්ගය ප්‍රසිද්ධියට පත් වීමට හේතුවක් විය. වික්ටෝරියා රැජිණ සතුව ඉතා සුවිශේෂී ලෙස කුඩා ප්‍රමාණයේ පොමරේනියන් සුනඛයෙකු සිටීම හේතුවෙන් කුඩා ප්‍රමාණයේ සුනඛ වර්ගයන් ලොව පුරා ප්‍රචලිත විය. වික්ටෝරියා රැජිණගේ ජීවිත කාලය තුල පමණක් මෙම වර්ගයේ ශරීර ප්‍රමාණය 50% කින් කුඩා විය. සමස්තයක් ලෙස පොමරේනියන් යනු ශක්තිමත් සහ නීරෝගී සුනඛ වර්ගයකි. මොවුන්ට බොහෝවිට පොදු වූ සෞඛ්‍ය ගැටලුව වන්නේ, ලක්සාටින්ග් පටෙල්ලා Luxating patellaවේ. එමෙන්ම,Tracheal collapse මගින් ද ගැටළු ඇති විය හැක. බොහෝ කලාතුරකින් මෙම වර්ගයේ සුනඛයන්ට, ව්‍යවහාර භාෂාවෙන් "black skin disease" හෝ මුඩු බව / හම පෑදීම (alopecia ex) ලෙස හඳුන්වන සමේ රෝගයෙන් වේදනා විඳීමට විය හැක. මෙය ජාන මගින් ඇතිවන රෝගී තත්ත්වය හේතුවෙන්, සුනඛයාගේ සම කළු පැහැ ගැන්වී, මුළුමනින් ම හෝ ඉතා විශාල ප්‍රමාණයකින් ලෝම අහිමි වීමක් සිදු වේ. මෙම වර්ගය දැනට ඇ.එ.ජනපදයේ වැඩිම ප්‍රසිද්ධිය ලැබූ සුනඛ වර්ග 15 තුළ සිටින සිටින අතර වර්තමාන විලාසිතාව කුඩා සුනඛයින් වීම හේතුවෙන්, ලොව පුරා ඔවුන්ගේ ජනප්‍රියභාවය ද වර්ධනය වී ඇත. විස්තරය කුඩා සුනඛ වර්ගයක් වන පොමරේනියන් සුනඛයන්ගේ බර කිලෝග්‍රෑම් 1.9 - 3.5 (රාත්තල් 4.2 – 7.7) ද, සිටගත් විට බෙල්ල පාමුලට( withers) උස අඟල් 5.0 - 11 (සෙන්ටිමීටර් 13 - 28)ද වේ. ඔවුන් ඉතා කුඩා වුවත්, යහපත් සේ සකස් වූ අධික ලෙස ලෝම සහිත මතුපිටක් හා උඩු අතට පිහිටි බොහෝ ලෝම සහිත කෝමල වලිගයක් ද සහිත, ශක්තිමත් මෙන්ම ප්‍රාණවත් සුනඛ වර්ගයකි. මතුපිට, කර වටා බෙල්ල ප්‍රදේශයේ සහ සිරුර පසුපසට වන්නට, අධිකව ම කේෂර පිහිටා ඇත. එමෙන් ම, පසුපස පාදවල(hindquarters) අග කොටස්වල ද, ඉතා සියුම් ලෝම පිහිටා ඇත. ඉතා මුල්ම කාලයේ දී, මෙම වර්ගයෙන් සුදු පැහැති හෝ කලාතුරකින් කළු සහ දුඹුරු පැහැති පැටවුන් සිටිය ද, 1888 වර්ෂයේදී, වික්ටෝරියා රැජිණ විසින් රතු පැහැති කුඩා පොමරේනියන් පැටවෙකු ඇතිකිරීම, 19වන සියවසේ දී, එම වර්ණය විලාසිතාවක් බවට පත්වීමට ද හේතු විය. නුතන කාලයේ දී පොමරේනියන් පැටවුන් බිහිවීමේ දී, සුදු, කළු, දුඹුරු, රතු, තැඹිලි, ක්‍රීම්, නිල්, අඳුරු පැහැ(sable),කළු සහ දුඹුරු පැහැයට හුරු(tan), දුඹුරු සහ දුඹුරු පැහැයට හුරු වර්ණයකින්(tan), පුල්ලි සහිත, වයිරම් වැටුණු ලෙසින් සහ මෙම වර්ණයන්ගේ එකතුවීම් ලෙස ද බොහෝ විවිධත්වයකින් යුතු වේ. සාමාන්‍යයෙන් පවතින්නේ, තැඹිලි, කළු හෝ සුදු/ක්‍රීම් වර්ණයන්ය. පොමරේනියන් වර්ග බෝ කරන්නන් විසින් මෑතක දී පුල්ලි සහිතmerle වර්ණවත් සමකින් යුතු වර්ගයක් බෝකරනා ලදී. මෙය තනි වර්ණයකින් යුතු පසුබිමක ලා නිල් පැහැ හෝ අළු පැහැ පැල්ලම් විසිරුණු පුල්ලිමය ස්වභාවයකින් යුතු සමකි. බොහෝවිට මෙම පසුබිම් පාදම වර්ණය සඳහා රතු/දුඹුරු හෝ කළු, කෙසේ නමුත් වෙනත් පැහැයන් ද විය හැකිය, භාවිතා වේ. වයිරං සහිත හෝ තද රත් පැහැ වර්ග අතර සංයෝජන සම්මතයන් ලෙස අභිජනනයේ දී පිළි නො ගැනේ. මීට අමතරව මාර්ෂ්මෙලෝ පැහැයට හුරු වූ ඇස්, නාසය හා පතුල්, ඇස් නිල් පැහැයටත් නාසය හා පතුල් රෝස හා කළු පැහැ පුල්ලිමය රටාවකටත් වෙනස් වෙමින් පවතියි. පොමරේනියන්වරුන්හට ඝනකම් ද්විත්ව ලෝම වැස්මකි. පොමරේනියන් සුනඛයින් හැඩ කිරීම අමාරු කරුණක් නො වුන ද, මොවුන් බෝ කරන්නන්ගේ උපදෙස නම් දිනපතා මෙම ලෝම වැස්ම හොඳින් නඩත්තු කළ යුතු බවයි. මක්නිසා ද යත් ලෝම වැස්මේ ඝනකම නිසාත් නිතර ලොම් හැලීමත් නිසාවෙනි. පිටත ලෝම වැස්ම දිගින් වැඩි, කැරලි නො ගැසුණු රළු ස්වභාවයකින් යුක්ත වන අතර අභ්‍යන්තර වැස්ම කෙටි, සිනිදු හා ඝනකම් වේ. අභ්‍යන්තර ලෝම ස්ථරය වසර දෙකකට වරක් අලුත් වන අතර මෙසේ ලොම් ඉවත් වන කාලයේ දී ඉතා පහසුවෙන් ලොම් පටලැවීමට හා ගැටගැසීමට ලක් වේ. පොමරේනියන් දෙදෙනෙකුගෙන් යුතු යුගලයක් "පෆ්" ලෙස හඳුන්වන අතර එයට වඩා වැඩි පිරිසක් (තුන් දෙනෙක් හෝ ඊට වඩා) "ටෆ්ට්ස්" ලෙස හඳුන්වයි. ස්වභාවය පොමරේනියන්වරු සාමාන්‍යයෙන් ඉතාමත් මිත්‍රශීලි සහ සජීවීසුනඛ වර්ගයකි. ඔවුන් තමන්ගේ ස්වාමියා සමග නිරන්තරයෙන් රැඳී සිටීමට දැඩි ඇල්මක් දක්වන අතර ස්වාමියාට ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකරයි. මොවුන් තම ස්වාමියා සමඟ ඉතා ඉක්මනින් හා තදින් බැඳෙන අතර තනිව වාසයට පුහුණු නොකළහොත් ස්වාමියාගෙන් වෙන්වීමෙන් සාංකාවට පත්වේ. Pපොමරේනියන්වරු ඉතා පරීක්ෂාකාරීසහ තමන් අවට සිදුවන වෙනස්කම් පිළිබඳව විපරමින් පසුවේ. තමාට සංවේදනය වන නව උත්තෙජයන් වෙත බිරීමත් එය ක්‍රමයෙන් වර්ධනය කරගැනීමෙන් ඕනෑම අවස්ථාවකදී යහමින් බිරීමටත් ඔවුන් යුහුසුළු වේ. තමා සන්තක ප්‍රදේශය රැකගැනීම කෙරෙහි යම්තාක් දුරට උනන්දු වන නමුත් පිටතින් ඇසෙන ඕනෑම හඬක් කෙරෙහි බුරයි. පොමරේනියන්වරු බුද්ධිමත් සුනඛ වර්ගයක් වෙයි. පුහුණු කිරීම් සඳහා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන අතර තමන්ට අවශ්‍ය දේ තම ස්වාමියාගෙන් සාර්ථකව ලබාගැනීමේ සමත් වෙයි. හොඳින් පුහුණු නොකළහොත් ඔවුන් ඉතා ආක්‍රමණශීලී සහ ආධිපත්යක වේ. සෞඛ්‍යය සමස්ත වශයෙන් සෞඛ්‍යය පොමරේනියන් කෙනෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 12 - 15 අතර වේ. හොඳ අහාර රටාවක් හිමි, ව්‍යායාම සහිතව හොඳින් වැඩුනු සුනඛයකු හොඳ සෞඛ්‍යයකට හිමිකම් කියයි. හොඳින් පිළිවෙළ කරන ලද නිරෝගිමත් පෝමරේනියන් සුනඛයකු ප්‍රාණවත් සත්වයෙකි. මෙම වර්ගය හට ද අනෙකුත් බොහෝ සුනඛ වර්ගවලට මෙන්ම සෞඛ්‍ය ගැටලු ඇති වන අතර ඔවුන්ගේ අඩු බර සහිත දේහය නිසා ඇතිවන 'හිප් ඩිස්ප්ලේසියා' hip dysplasia තත්වය බොහෝවිට ඔවුන්ට විශේෂ වෙයි. සමහරෙක් සෞඛ්‍යය ගැටළු ඇතිවීමට ඔවුන්ගේ සිරුරේ, දත්, කන් හා ඇස් වල පිරිසිදු බව කෙරෙහි ඇති අඩු අවධානය හේතු වේ. පිරිසිදුබව හා දිනපතා චර්යාරටාවන්ගෙන් ඉහත කී බොහෝ ගැටළු මගහරවා ගත හැකිය. පොදු ගැටළු පුල්ලි සහිත සුනඛ විශේෂ අතර සරල හා උග්ර බිහිරි බව, ඇසේ අභ්යහන්තර තරල පීඩනය වැඩි වීම, ඇසේ ඇතිවන ඇමට්රෝකපියා තත්වය, මයික්රෝෆ්තැල්මියාව සහ කොලොබෝමා යන රෝගී තත්ව දක්නට ලැබේ. දෙමවුපියන් ද පුල්ලි සහිත වන විශේෂ වලට අයත් වර්ග නම් අස්ථි අශ්රි්ත, හෘදය අශ්රිමත හා ප්රීජනක පද්ධතියේ රෝගී තත්වයන් ද ඇති විය හැක. පොමරේනියන් වර්ගය අතර දක්නට ලැබෙන තවත් සෞඛ්යයය ගැටලුවක් නම් 'ලක්සේටින්ග් පැටෙල්ලා'Luxating patella තත්වයයි. විකෘති තත්වයක් නිසා හෝ බාහිරව සිදුවූ බලපෑමක් නිසා, පැටෙල්ලාව (දනිස් කටුව)patellar නිවැරදි පිහිටීමේ රැඳී සිටීම සඳහා අස්ථියේ ඇති කට්ටය (නෙරීම) නොපිහිටීම හෝ එය පටු වීම නිසා පැටෙල්ලාව නියමිත පිහිටීමෙන් පිටතට පැනීම මෙම රෝගී තත්වයේදී සිදුවේ. මේ හේතුවෙන් පාදය පොළොවෙන් ඉහල පිහිටන අවස්ථාවේ දී ගාත්රිය සිරවීමකට ලක්වේ. එබැවින් පේශීන් ආතතියට ලක්වී ඇති විට දණහිස් කටුව එහි නිවැරදි පිහිටීම වෙත නැවත පත්වීමට අපොහොසත් වෙයි. ගාත්රාල අස්ථි දාර වලින් දණහිස් කටුව ලිස්සා යාමේදී ඇතිවන මුල් වේදනාව පමණක් දැනෙන අතර එම විසන්දිවීමෙන් පසු ද්වීතික වේදනාවක් සුනඛයාට ඇති නොවේ. ශ්වාසනලිය කාටිලේජ මුදු දුර්වල වීම නිසා ශ්වාසනාලිය බිඳවැටීම tracheal rings සිදුවියහැකිය. ශ්වාසනාලයේ හැඩය පවත්වාගැනීමට උපකාරීවන මෙම මුදු බිඳ වැටීම නිසා පෙනහළු දක්වා වාතය ගමන් ගන්නා වායු මාර්ගය අවහිර වේ. මෙම තත්වය හඳුනාගැනීමේ රෝගී ලක්ෂණ ලෙස නලා හඬක් මෙන් ශබ්දයත් සමඟ ඇතිවන කැස්ස, පාත්තයකුගේ හඬමෙන්, ව්යාබයාම දරාගත නොහැකි බව, නිතර සිදුවන සිහි මුර්ජාවීම් සහ උණුසුම් කාලගුණය සමඟ උග්රත වන කැස්ස, මහන්සිය හා කලබල ගතිය දැක්විය හැක. පොමරෙනියන් සුනඛයින්ගේ නිතර ඇතිවන රොගී තත්වයක්වන ඇලෝපීසියා තත්වය (මුඩුබව) සහ හ්යිපර්පිග්මන්ටේෂන් තත්වය (සම දුර්වර්ණ වීම) යන තත්වයන්ගේ සංයෝජනයක් ලෙස පොදුවේ හඳුන්වනු ලබන "සම කලුවීමේ රෝගය" දක්නට ලැබේ. ලොමීය කබාය, සුඩො කුශින්ග්'ස් රෝගය හෝ උග්රල ලෝම හැලියමේ සින්ඩ්රෝලමය යන අනෙකුත් නම් වලින්ද මෙම රෝගී තත්වය හඳුන්වනු ලබයි. මෙම තත්වය පිරිමි පොමරෙනියන් සුනඛයින්ට වැඩි වශයෙන් බලපානු ලබන අතර ප්රගවෙනිගතවිමේ වැඩි අවකාශයක් ද දැකිය හැක. බොහෝවිට සුනඛයින්ගේ මෙම රෝග ලක්ෂණ ඔවුන්ගේ යොවුන් අවදියේදී පෙන්නුම් කලද ඕනෑම වයසකදී ඇතිවිය හැක. කුශින්ග් සින්ඩ්රෝමම් , මන්දතයිරෝයිඩතාව, කල්ගතවූ උග්රග චර්ම අසාධන හා ප්රසජනක හෝමෝන සංකුලතා තත්වද මෙම රෝගය අනුකාර කරයි. පිරිමි පොමරෙනියන් සුනඛයින් අතර දක්නට ලබෙන තවත් බහුල සංකූලතාවයක් නම් ක්රි.ප්ටෝචයිඩිසම් තත්වයයි. මෙහිදී සත්වයාගේ එක් වෘෂණ කෝෂ ග්රකන්ථියක් හෝ දෙකම වෘෂණ කෝෂය තුලට වර්ධනය වීම සිදු නොවේ. මෙහිදී ශල්යටකර්මයක් මගින් වර්ධනය නොවූ වෘෂණ කෝෂය ඉවත්කිරීමක් සිදුකරනු ලබයි. ඉතිහාසය මූලාරම්භය වර්තමාන පොමරේනියන් සුනඛයින්ගේ ආදිතමයින්, ආක්ටික්(Arctic) කලාපයේ විසු ප්‍රමානයෙන් විශාල, ශක්තිමත් හා වැඩ සඳහා යොදාගන්නා ලද සුනඛයින් විශේෂයක් විය. මොවුන් පොදුවේ වුල්ෆ්ස්පිට්ස්(Wolfspitz) සහ ස්පිට්ස්(Spitz) ලෙස, එනම් ජර්මන් බසින් "උල් මුහුනත්" යන අර්ථය, 16 වැනි සියවසේ විසූ වංශාධිපතියකු වන එබර්හාර්ඩ් සු සයින්(Eberhard zu Sayn) විසින් මොවුන්ගේ උල් හැඩැති මුව පාදක කරගනිමින් හඳුන්වනු ලැබීය. පොමරේනියන් සුනඛ වර්ගය, ජර්මන් ස්පිට්ස්(German Spitz) නැමති සුනඛ වර්ගයෙන් පැවත එන්නන් වේ. මෙම වර්ගයට එම නම ලැබී ඇත්තේ උතුරු පෝලන්තයයේ සහ නැගෙනහිර ජර්මනියේ අතර ඇති බොල්ටික් මුහුඳුබඩ ඇති පොමරේනියා(Pomerania) නම් ප්‍රදේශය හෙතුකොට ගෙනි. පොමරේනියන් වර්ගයේ ජන්ම ප්‍රදේශය මෙය නොවුනද, මුහුම් කිරීමෙන් නියම වර්ගයේ පොමරේනියන් සුනඛයින් බිහිකිරීම සඳහා මෙම ප්‍රදේශය කීර්තියක් ලබා තිබුණි. කෙසේ නමුත් මොවුන් එක්සත් රාජධානියට හඳුන්වාදෙන තෙක් මෙම විශෙෂය ගැන ප්‍රමාණවත් වාර්ථාකරණයක් ගැන සඳහන් නොවේ. පොමරේනියන් විශේෂයක් ගැන පූර්ව නූතන වර්තා කරනයක් 1764 නොවැම්බර් 2 වැනි දින ජේම්ස් බොස්වෙල්(James Boswell) විසින් ඔහුගේ දිනපොතේ, බොස්වෙල්ගේ විශිෂ්ඨ චාරිකාව:ජර්මනියට සහ ස්විට්සර්ලන්තයට. නම් සටහන යටතේ, "පොමර් නම් පොමෙරේනියන් සුරතලෙකුට එම ප්‍රංශ ජාතිකයා බෙහෙවින් ඇලුම් කරයි" ලෙස සඳහන් වේ." 1769 දී තෝමස් පෙනන්ට්(Thomas Pennant)ගේ "ස්කොට්ලන්තයේ චාරිකවක් "(A Tour in Scotland) නම් කෘතියේ එංගලන්තයෙන් පැමිණි සත්ව වෙළෙන්දෙකු විසින් අතිදැඩි කල පොමරේනියන් මුහුම් වු බලු පැටවෙකු හා වෘකයකුWolf ගැනද සඳහනක් වෙයි. මෙම වර්ගයේ විකාශනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ(British Royal Family) සාමජිකයින් දෙදෙනෙකුගේ දායකත්වය බලපා තිබේ. 1767 දී චාර්ලට් රැජින(Queen Charlotte), එංගලන්තයේ තුන්වන ජොර්ජ් රජුගේ(George III of England) බ්සව(Queen-consort), විසින් පොමරේනියන් බලුපැටවුන් දෙදෙනෙකු එංගලන්තයට ගෙන එන ලදී. "ෆීබී"("Phoebe") සහ "ම(ර්)කරි"("Mercury") නම් වූ මෙම සුනඛයින් දෙදෙනා, ශ්‍රීමත් තෝමස් ගේන්ස්බරෝ(Sir Thomas Gainsborough)ගේ සිතුවමක නිරූපණය වී ඇත.මෙම සිතුවමේ නිරූපණය වන සුනඛයා, නූතන විශේෂ වලට වඩා ප්‍රමාණයෙන් විශාලත්වයක් සහ වාර්තා අනුව බර රාත්තල් 30-50 (කි.ග්‍රැ 14-23) වන අතර, නූතන විශේෂ මෙන්ම ඝනව වැඩුනු ලෝම වැස්ම, කන් හා කැරලි ගැසී පසුපසට යොමුවූ වලිගයෙන් සමන්විතය. චාර්ලට් රැජිණගේ මිණිපිරිය වූ වික්ටෝරියා රැජිණ(Queen Victoria) ද මෙම බලුපැටවුන් ඇති කිරීමෙහිලා, මහත් උද්යෝගයකින් පසු වූ තැනැත්තියක් වූ අතර, විශාල ප්‍රමාණයේ කුඩුවක්ද ඇය සතුව විය.ඇය සතුව වූ බලු පැටවුන් අතරින්, ඇයගේ ප්‍රියතම බලුපැටවෙකු වූයේ ප්‍රමාණයෙන් සැලකියයුතු තරම් කුඩා පොමරේනියන් වර්ගයකට අයත් (රෙඩ් සේබල්) රාත්තල් 12 (කි.ග්‍රැ 5.4) පමණ බර වු "වින්ඩ්සර් මැක්‍රෝ" නම් වූ බලුපැටවෙකි. ඇය විසින් 1891 දී "මැක්‍රෝ"ව ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමත් සමග, කුඩා වර්ගයේ පොමරේනියන් සුනඛයන් ඉතා ඉක්මනින් මහත් ජනප්‍රියත්වයක් ලැබීය.ඒ සමඟම, සතුන් ඇති කරන්නන්ද, මුහුම්කරණය සඳහා කුඩා විශේෂ තෝරාගැනීමට නැඹුරු විය.මේ නිසා ඇයගේ සමය තුලදී පොමරේනියන් වර්ගයේ සුනඛයින්ගේ ශරීර ප්‍රමණය 50%කින් පමණ අඩුවී ඇත. ප්‍රමාණයෙන් කුඩා විවිධ වර්ණයෙන් යුතු පොමරේනියන් වර්ග යුරෝපය විවිධ ප්‍රදේශ වලින් ආනයනය කර වික්ටෝරිය රැජිණ විසින් ඇයගේ සුනඛයින් මුහුම්කරනය සඳහා යොදා ගෙන ඇත.ඇයට අමතරව අනෙකුත් රාජකීයයන් ලෙස ප්‍රංශයේ පළමු නැපොලියන්ගේ(Napoleon I of France) සහ එංගලන්තයේ හතර වැනි ජොර්ජ්(George IV of England) රජුගේ බිරිඳ වු ජොසෆින් ඩෙ බෙවුහර්නයිස්(Joséphine de Beauharnais) ද පොමරේනියන් සුනඛයින් ඇතිකරන ලදී. 1891 එංගලන්තයේ දී ප්‍රථම අභිජනක සංගමය පිහිටුවීමෙන් කෙටි කලකට පසු පළමුවරට සුනඛ අභිජනනය සඳහා ලිඛිත සම්මත පිහිටුවා ගනු ලැබීය. මෙම සම්මත වලට අනුව බිහිකරන ලද පළමු සුනඛ සාමාජිකයා 1898 දී ඇමෙරිකාවේදී, ඇමෙරිකානු සුනඛ සමාජයේ(American Kennel Club(AKC))හි ලියාපදිංචි කරන ලද අතර, එය 1900 පිලිගැනීමට ලක්විය. 1912 දී මුහුඳුබත් වූ [ටයිටැනික් (නෞකාව)|ටයිටැනික්] නෞකාවේ සිට දිවි ගලවාගත් සුරතල් සුනඛයින් තිදෙනා අතරින් දෙදෙනෙකුම පොමරේනියන් වර්ගයෙ සුනඛයින් වේ. මාගරට් හේයිස් මෙනවිය සතු වූ "ලේඩි" නම් පොමරේනියන් බලුපැටවා ඇය සමඟ ජීවිතාරක්ෂක බෝට්ටු අංක හතෙන් ද, එලිසබත් බැරට් රොත්ස්චයිල්ඩ් විසින් ඇගේ සුරතලා ඇය සමඟ ජීවිතාරක්ෂක බෝට්ටු අංක හයෙන්ද, ගොස් දිවි ගලවා ගත් බව සඳහන් වේ. වෙස්ට්මිනිස්ටර් සුනඛ සමාජය(Westminster Kennel Club) මගින් පවත්වන සුනඛ තරඟය පලමු වරට පොමරේනියන් වර්ගයේ සුනඛයකු විසින් ජයග්‍රහනය කරනු ලබන්නේ 1926 දී ය.එම තරඟයේදී කුඩා සුනඛ කාණ්ඩයෙන් ග්ලෙන් රොස් ෆ්ලැශර්වේ සුරතල් සුනඛ(Toy Group)ජයග්‍රහනය කරනු ලබයි 1988 වන තුරු කිසිම පොමරේනියන් වර්ගයේ සුනඛයෙකු එම තරඟයෙන් ජයග්‍රහනයක් නොලබන අතර, "ග්‍රේට් එල්ම්ස් ප්‍රින්ස් චාර්මින් 2" විසින් හොඳම සුනඛයා ලෙස ජයග්‍රහනයක් නැවත ලබයි. 1998 දී ප්‍රකාශයට පත් කරන සම්මතයන්ට අනුව, ලෝකයේ බ්සුනඛයන් පිලිබඳ වූ සංවිධානය(Fédération Cynologique Internationale) මගින්, ජර්මන් ස්පිට්ස් සහ කීශොන්ඩ්(Keeshond) සම්මතයන්ට, පොමරේනියන් වර්ගයද අන්තර්ගත කරයි. එම සම්මතයන්ට අනුකූලව ස්පිට්ස් වර්ගයේ මුහුම් පැටවුන් සිත් බැඳගන්නා සුලු ආවේණික ලක්ෂණ වලින් සහ නොහික්මුනු දඟකාර ගතියකින් යුතු වේ.​" ජනප්‍රියත්වය ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත් ජනප්‍රිය සුනඛ වර්ග අතරට ඇතුලත්ව සිටි පොමරේනියන් සුනඛයන්, AKC ලියාපදිංචිකළ හොඳම ලක්ෂණ ඈති සුනඛ වර්ග 20තුලද ඇතුලත්ව,පසුගිය වසර 10ක කාලය තුලද අනුරූපීව සිටී. 2011 වසරේ තරා කිරීමේදී, පසුගිය වසරට වඩා ස්ථාන 2ක් පහලින් සිටිමින්, 17වන ස්ථානයට පත්වී ඇත.. නමුත්, පොමරේනියන් සුනඛයින් එංගලන්තයේ අග්‍රස්ථානයේ සිටින සුනඛ වර්ග 20තුල, 2007 හෝ 2008 වර්ෂවල ඇතුලත් නොවේ. ඕස්ට්‍රේලියාව තුල සුනඛයින්ගේ ගහණය 1986 සිටම අඩුවිය.ඕස්ට්‍රේලියනු ජාතික සුනඛ සභාවේ Australian National Kennel Council ලියාපදිංචි වූ සංඛ්‍යාව 1986 දී උපරිමය 1128 ලෙසින් ද, එය 2008 වන විට 577 ක් දක්වා ද අඩු වී ඇත. කෙසේ වෙතත් 2004 වසරට, ලියාපදිංචිවූ සංඛාව 491, සාපේක්ෂව වර්ධනයකි. මේ ලිපිත් බලන්න සහායක සුනඛ සහායක සුනඛ කණ්ඩායම ඔඩොක්කු සුනඛ මූලාශ්‍ර වැඩිදුර කියවීමට බාහිර සබැඳුම් AKCප්‍රමිතිය පොමරේනියන් විවෘත යෝජනා නිර්දේශකය(Open Directory Project) තුල පොමරේනියන් සුනඛ වංශ සහායක සුනඛ ජර්මනියේ උපතලද සුනඛ වංශ පර්සියාවේ උපතලද සුනඛ වංශ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රන් සහතික [/INST] රන් සහතික () යනු රත්‍රන් හිමිකරුවන් සතුව ඇති සැබෑ රත්‍රන් හිමිකම පිළිබඳ සහතිකයකි. රන් සහතික යන්නට එක්සත් ජනපද කඩදාසි මුදල් (1863-1933) ලෙස ඓතිහාසික අර්ථයක් සහ රන් සඳහා ආයෝජනය කිරීමේ මාර්ගයක් ලෙස වර්තමාන අර්ථය යන දෙකම ඇත. ආශ්‍රිත Silver certificate (United States) National gold bank note Digital gold currency පාද සටහන් සටහන් Paper money of the United States Certificate Certificate Currency lists Banknotes of the United States </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ග්ලීස 581 [/INST] ග්ලීස 581 () යනු පෘථිවියෙන් ආලෝක වර්ෂයන් 20.3 ඈතින් තුලා තාරකා රාශියෙහි පිහිටි, වර්ණාවලීමය මාදිලිය M3V සහිතවූ, රතු වාමන තරුවකි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සාගර උදම් තරංඟ [/INST] සාගර උදම් තරංඟ පෘථිවියෙහි සාගර උදම් තරංඟ චන්ද්රsයාගේ ගුරුත්වාකර්ශණය (එහි ත්රීණව්ර තා අනුක්රතමණය) නිසා ඇති වන උදම් බල හේතුවෙන් ඇති වන්නක් වන අතර පාථිවි සාගර මත බලපාන වෙනත් ආචරණ සමුහයක් හේතු වෙන් වර්ධනය වු තත්වයට පත් වෙයි. ගුරුත්වාකර්ශක උදම් බලය හටගැනීමට හේතු වන්නේ සද වෙත මුහුණලා පිහිටන පෘතුවි අර්ධය (සඳට වඩාත් ආසන්න ප්රැදේශය) ස‍ඳෙහි ගුරුත්වාකර්ශණය හේතුවෙන් පෘථිවි කේන්ද්රවයට සහ පෘතුවියේ සඳ ට වඩාත් ඈතින් පිහිටන ප්ර දේශට සාපේක්ෂව වැඩි ආකර්ශණ බලයකට යටත් වීමයි. ගුරුත්වාකර්ශක උදම් තරංඟ හේතුවෙන් පෘථිවි සාගර පෘථිවිය කෙන්ද්රවය වන පරිදි පිහිටන ඉලිප්සයක ආකාරයට හැඩයකට සකස් වෙයි. මෙම ආචරණය හේතුවෙන් සඳ ට වඩාත් ආසන්න සහ වඩාත් ඈතින් පිහිටි ප්රිදේශ ආශ්රිමතව පෘථිවියට සාපේක්ෂව මුහුදු මට්ටම ඉහළ නගියි. මෙම ප්රතදේශ මුහුදු මට්ටම නෙරාගිය ප්රචදේශ ලෙස සැලකිය හැක. මෙම නෙරාගිය ප්ර දේශ සිය අක්ෂ්යඩ වට‍ා භ්රමමණය වෙමින් දිනකට එක් වරක් බැගින් පෘථිවිය වටා ගමන් කරයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් චලනය වන මෙම නෙරාගිය ප්ර දේශ දෙසට මුහුදු ජලයද නිරන්තරයෙන්ම චලනය වෙමින් පවති. මෙම නෙරුම් යුගලයේ සහ ඒවා පසු පස ගමන් කරන දැවැන්ත සාගර ජල තරංඟ වල ආචරණය අනෙකුත් ආචරණයන්ගේ අන්තර් ක්රිේයාවක් හේතුවෙන් වර්ගික තත්ත්වයට පත්වෙයි. මෙම ආචරණයන් වනුයේ පෘතුවි භ්රනමණයට සාගර පතුල හරහා ජලය ඝර්ෂණ ඔස්සේ සම්බන්ධ වීම, ජලයේ චලනයෙහි අවස්ථිතිය, භූමියට ආසන්නවත්ම ක්ර මයෙන් ගැඹුර අඩුවන සාගර ද්රෝ්ණිය සහ විවිධ සාගර ද්රෝ ණි අතර පවතින විචලන යන ඒවායි. මෙම වර්ධක ආචරණයෙන් නාන ජල බඳුනක ගැඹුරු ජල කඳ සහිත කොටසෙහි ශරීරය චලනයෙන් ඇති වන සුළු කැළඹීමක් හේතුවෙන් ඇලවු කෙළවර ජලය ඉහළ නැගීමට යම්තාක් දුරට සමාන වේ. චන්ද්ර යන් සහ ඊට ආසන්නතම සාගර නෙරුම අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ සම්බන්ධය හේතුවෙන් චන්ද්ර්යාගේ කක්ෂය වෙත බලපෑමක් එල්ල වෙයි. පෘතුවිය සිය අක්ෂ්යඇය වට‍ා චන්ද්රනයා පරිභ්රකමණය වන දිශාව ඔස්සේම දළ වශයෙන් චන්ද්ර යා මෙන් 27 ත් ගුණයක වේගයෙන් යුතුව භ්රසමණය වෙයි. ඒ හේතුවෙන් සාගර ජලය සහ සාගර පතුල අතර හට ගන්නා ඝර්ෂණ සම්බන්ධය සහ ජලයෙහි අවස්ථිතිය හේතුවෙන් චන්ද්රවයාට ආසන්නව පිහිටන උදම් නෙරුමෙහි මුදුන චන්ද්රෙයාගේ කේන්ද්රනය සහ පෘථිවියෙහි කේන්ද්රටය යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් මඳක් ඉදිරියට යොමුව පිහිටයි. චන්ද්රායාගේ පැතිකඩින් බලන විට සඳට ආසන්න උදම් නෙරුමෙහි ස්කන්ධ කේන්ද්රොය එය පරිභ්රරමණය වන ලක්ෂ්යපයට හැමවිටම මදක් ඉදිරියෙන් පිහිටයි. චන්ද්ර්යාට වඩාත් ඈතින් පිහිටන නෙරුම සදහා මෙම ආචරණයෙහි විලෝමය සත්ය් වේ. එනම් එය ඉහත සදහන් මනඃකල්පිත රේඛාවට සාපේක්ෂව මදක් පසු පසින් පිහිටයි. කෙසේ නමුත් එය තවත් කිලෝමීටර් 12756 ක් සදට ඈතින් පිහිටන අතර එය හා ස‍ඳ අතර පවතින ගුරුත්වාකර්ෂණ සම්බන්ධව මඳක් අඩු අගයක් ගනී. මේ හේතුවෙන් පෘථිවිය වටා කක්ක්ෂය ඔස්සේ නිරන්තරයෙන්ම චන්ද්රවයා ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉදිරියට ඇදෙමින් පවති. මෙම ගුරුත්වාකර්ෂණ සම්බන්ධ හේතුවෙන් භ්රගමනය වන‍ පෘථිවියේ (දිනය සහ අධික තත්පරය යන ලිපි ද බලන්න) කෝණික ගම්යෙතාවය සහ එහි චාලක ශක්තිය නිරන්තරයෙන්ම අඩු වෙමින් පවතියි. එසේම චන්ද්රියාගේ කක්ෂය වෙත කෝණික ගම්ය තාවය එකතු වන අතර ඒ හේතුවෙන් කාලයත් සමග ක්රුමයෙන් චන්ද්රයයා වඩාත් ඉහළ කක්ෂයක් වෙත ළඟාවෙයි. චන්ද්රනය‍ාගේ කක්ෂීය අරය මත මෙමඟින් ඇති වන බලපෑම ඉතා කුඩා වෙයි. එය සංඛ්යාඩත්මක වශයෙන් වසරකට 0.1 ppb පමණ‍ වේ. නමුත් වාර්ෂිකව මේ හේතුවෙන් චන්ද්ර යා සහ පෘථිවිය අතර පරතරය මැනිය හැකි අගයක් වන 3.82 cm ප්රවමාණයකින් ඉහළ යයි. එසේම මෙම ආචරණය කාලයත් සමඟ වඩ වඩාත් ප්ර.බල තත්ත්වයට පත් වන අතර මුල් වරට ගගන ගාමීන් සඳ මත පා තැබීමෙන් පසු දළ වශයෙන් වසර 39 ක් ගත වන විට චන්ද්ර යා සහ පෘථිවිය අතර දුර ප්රමමාණය මීටර් 1.48 කින් වැඩි වී ඇත. http://en.wikipedia.org/wiki/Moon#Ocean_tides </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 922 [/INST] වසර () යනු ජූලියානු දින දසුන ප්‍රකාර, දිනයකින් ඇරඹෙන අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගෝලීයකරණය [/INST] ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන . එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ඨන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි. නෝර්ම් චොම්ස්කි තර්ක කරන්නේ ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත බවයි. ගෝලීයකරණය යනු ප්‍රජාව සහ සමාජයන් ‍තොරතුරු යැවීමේ හා බෙදා වෙන් කිරීමේ පටිපාටියේ විප්ලවයක් යැයි ගෝඩන් මැතිස් “පශ්චාත් නවමු ලෝකයේ තේරුම් ගැනීම” නම් වූ ඔහුගේ, වි‍ශේෂ සිදුවීම් රැගත් ව්‍යාපෘතියේ අවිවාදයෙන් පිළිගෙන ඇත. හර්මන් ඊ ඩාලි කියා සිටින්නේ යම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තරීකරණය සහ ගෝලීයකරණය යන පද ද්විත්වය එකම අර්ථ ගෙන දෙන්නක් ලෙස හැඟවෙන්නා වුවද එහි ඉතා සුළු වෙනසක් ඇති බවයි. ජාත්‍යන්තරීකරණය යන වදන අදාල වන්නේ ජාත්‍යන්තර වෙළඳාම, සම්බන්ධතා ගිවිසුම් යනාදියේ වැදගත්කමටයි. අන්තර්ජාතික යන්නෙන් අදහස් වන්නේ ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර යන්නය. ගෝලීයකරණය යනු, ආර්ථිකමය අරමුණු වෙනුවෙන්, ජාතික යන සීමාව ඉවත් කිරීමයි. ගෝලීයකරණය නිසා ඇතිවන බලපෑම් ගෝලීයකරණය නිසා ලෝකයට සිදුවන බලපෑම් කාර්මීකරණය - නිෂ්පාදන ද්‍රව්‍ය වල ඇති අවශ්‍යතාව හා වෙනත් රට වලින් ආනයනය කිරීමේ අවශ්‍යතාව මුල්‍යමය - ලොවපුරා ඇති මුල්‍යමය ආයතන හා මුදල් හුවමාරුවේ අවශ්‍යතාව ආර්ථික - වෙළෙදපොල තත්ත්වය සහ භාණ්ඩ හා මුදල් හුවමාරැව දේශපාලනමය - ගෝලීයකරණය හේතුවෙන් සමාජීය හා ආර්ථිකමය හේතූන්ගේ අයිතින් ගැන රජයන් විසින් වගා බලා ගනී. දේශපාලන වශයෙන් ඇමරිකානුවන් ආර්ථිකමය ප්‍රබලභාවයක් පෙන්වයි. එමෙන්ම චීනයේද පැහැදිලි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ සියලුම තාක්ෂණ හා සම්පත් එරට සතු නිසාය. තවත් අවුරුදු 20 ක් තුළ ලෝකයේ බලවත්ම රාජ්‍ය කුමක්දැයි යන්න ප්‍රශ්නයක් විය හැකිය. යුරෝපානු සංගමය, රුසියාව හා ඉන්දියාවද මේ අතර සිටී. තොරතුරු ලබා ගැනිම් - දුරස්ථ ප්‍රදේශ වලින් ඉක්මණින් තොරතුරු ලබා ගැනීම සංස්කෘතික මත - විවිධ සංස්කෘතීන් එකතුවන නිසා එක් පොදු භාෂාවක් භාවිතය. පාරිසරික බලපෑම - ජාත්‍යන්තර සමාගම් සමග සබදතා අවශ්‍ය වීම, ගෝලීය උණුසුම ඉහළයාම, පරිසරය දුෂණය වැනි ගැටලුවලට පිළියම් සෙවීම. සාමාජීය - ජනතාවගේ ව්‍යාප්තිය සහ ඒ සදහා ඇති අඩු නීති මාලා ප්‍රවාහනය - යුරෝපය තුළ යුරෝපිය වාහන අඩු වීම, තාක්ෂණය ස්ථානගත කිරීම. ජාත්‍යන්තර සංස්කෘතික වෙනස් වීම්. බහු සංස්කෘතිකවාදය සහ සංස්කෘතික විවිධත්වය ජාත්‍යන්තර ගමනාගමනය හා සංචාරය ආගමනය, නීති විරෝධී ආගමනය දේශීය භාණ්ඩ ජාත්‍යන්තරට යැවීම(අපනයනය) කාර්මික - ලෝකයේ ගෝලීය සන්නිවේදනයේ, යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සදහා අන්තර්ජාලය, චන්ද්‍රිකා, ජංගම දුරකථන යොදා ගැනිම, එමෙන්ම ලෝකයේ ඇති ප්‍රමිතීන් වැඩි කිරීම, පිටපත් කිරීමේ නීති, අයිතිවාසිකම් සහතිකය ආදිය. නීති - ජාත්‍යන්තර දුෂණ මර්දන ආයතන පිහිටුවීම , දුෂණය නැති කිරීම හා දැනුවත් කිරීම.මේ අතර නීති රීති පිළිපදින විට අපට සිදුවන ඕනෑම කරදරයකට මෙම අංකය ඇමතිය හැක. 119 මතක තබා ගන්න නීති රීති පිළිපදින විට පමණි තවදුරටත් බලන්න බටහිර ජනමාධ්‍ය සහ ගෝලීය සමාජය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අනෝදා [/INST] අනෝදා හෙවත් ආත්තා යනු පලතුරකි. අනෝනා රෙටිකියුලාටා ශාකයෙහි ඵලය වෙයි. නිවර්තන නව ලෝකය නිජ බිම කර ගත් , පහත් බිම් සහ උණුසුම්, ආර්ද්‍ර වාතාවරණයක් ප්‍රියකරන මෙම ගස, කුඩා පතනශීලි හෝ අර්ධ-සදාහරිත ශාකයක් වන අතර, සමහරවිට මීටර 10 (අඩි 33) උසක් දක්වා වර්ධනය වෙයි. පලතුරු </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ කුල ක්‍රමය [/INST] උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ. ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ. පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය. සිංහල නොවන අය සහ දෙමළ කුල බරතකුල සහ කොළඹ මහට්ටි වශයෙන් තවත් සමාජ කණ්ඩායම් වූහ. ඔවුන් කුලය වැනි වූ - ස්වකීය වර්ණනා සමග පමණක් විවාහ වීමේ පිලිවෙතක් ගෙන ගිය අය වූ අතර ඔවුන් සිංහල හෝ දෙමළ යනුවෙන් හදුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළහ. මෙම දෙපාර්ශවයේම අය දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් සමග පැමිණිනු අය වුහ. ඉන්දීය උසස් කුල සම්භවයක් ඇති අයගෙනුත් ඉහළම කුලයේ අය ලෙස සැලකුයේ “මර්වර්” වරුන්ය. කුල ක්‍රමයට එරෙහිව ජනවර්ගයේ වැදගත්කම මෑතක් දක්වා කුලය යන සාධකය ජන වර්ගයට වඩා වැදගත් ලෙස සැලකින. යටත් විජිත නිලධාරීන් විසින් ගොවිගම කුලය “වෙල්ලාල” පරිද්දෙන් පන්තිගත කරන ලදී. යුරෝපා - ආසියා සම්මිශ්‍රනයෙන් පැවත එන්නවුන්ද (Eurasians) සහ දකුනු ඉන්දීය චට්නිවරුද දකුණේ සිංහල ගොවිගම කුලයට අනුගත වූහ. කුලයන් අතර විවාහය සාමාන්‍ය කරුණක් විය. ඉතා ඉහළ පංතියේ නොහොත් පළමු පන්තියේ “ගොවීනට පවුල්” ලෙස හැදිනු වුනු අය (සුපිරි යටත් විජිතවාදී රජයේ ඉහළ නිළයන්) පැවත ආවේ ගොවිගම පිරීමීන්ගෙන් සහ යුරෝපීය කාන්තාවන්ගේ සම්මිශ්‍රණයෙනි. ආගම හා කුලය දෙමළ කුල ක්‍රමයේදී එම කුල ක්‍රම පැවතීමට ආගමික සිරිත් විරිත්ද උත්තේජනයක් සැපයුවේය. වැඩවසම් යුගයේදී පහත් කුල වල අයට පුජ්‍ය ස්ථාන වලට‍ ඇතුලු වීමට අවසර නොලැබිණි. මෙවැනි තහනම් කිරීම් බෞද්ධ සිරිත් විරිත් වල නොතිබුණි. මන්ත්‍ර ගුරුකම් කරන්නවුන් , ලෙඩ රෝග සුවකරන්නන් අනවින කපන්නන්, සුනියම් රුවන්, තොවිල් නටන්නන් අයත් වුයේ බෙරවාදනය කරන “බෙරව” කුලයටයි. ගොවිගම නොවන කුල වල අයට පැවිදි වීම සදහා 19 වන සියවසේදී අමරපුර - රාමඤ්ඤ නිකායයන් ආරම්භ කෙරුනි. මෙය සියම් නිකායට එරෙහි වීමකි. සියම් නිකාය ඇරඹි 18 වන සියවසේදී එය ආරම්භ කර දශක කිහිපයක් ඇවෑමෙන් එම නිකාය ගොවිගම කුයේ අයට පමණක් වෙන් කෙරිනි. 1960 වසරේ අග භාගයේ යාපනය දිස්ත්‍රික්කයේ උතුරු පෙදෙසේ “ කෝවිල් අරගල” කිහිපයක් ඇති විය. මෙහිදි සිදු වුයේ පහත් යැයි සම්මත කුල වල අය කුමකටද කෝවිල් වලට ඇතුල් වීමට අයිතියක් තිබේ යයි කියමින් බලෙන් ඒවා තුලට ඇතුළු වීමයි. References http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka#Castes_amongst_Hill_Country_Tamils </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පෙරස් ලෝහ විද්‍යාව [/INST] යකඩ සහ එහි මිශ්‍ර ලෝහයන්හී ලෝහ විද්‍යාව හෙවත්, පෙරස් ලෝහ විද්‍යාව ආරම්භ වූයේ ප්‍රාග්-ඓතිහාසික යුගයෙහිය.දැනට හමුවී ඇති පැරණිතම යකඩ මානවකෘතිය ක්‍රිපූ 4වන සහස්‍රකයෙහිදී ඊජිප්තුවෙහිදී, උල්කාශ්ම යකඩ-නිකල් වෙතින් නිමවා ඇත. ලෝකයෙහි විශාලතම සහ වඩාත්ම නූතන භූගත යපස් නිධිය ක්‍රියාත්මක වන්නේ ලැප්ලන්තයයෙහි, නොර්බොට්ටන් කෝරළයෙහි, කිරුනා නගරයෙහිය. විශාල ස්වීඩන පතල්-සමාගමක් වන ලුවෝසවෝරා-කිරුනාවාරා AB වෙත අයිති මෙම පතල විසින්, ටොන් මිලියන 26 කට වැඩි යපස් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙයි. ආශ්‍රිත History of steelmaking යකඩ යුගය මිශ්‍ර ලෝහ ලැයිස්තුව මූලාශ්‍ර ෆෙරස් මිශ්‍ර ලෝහ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ප්‍රකාශ කිරීම සහ රඳවාගැනීම [/INST] In the sport of cricket, a declaration occurs when a captain declares his team's innings closed and a forfeiture occurs when a captain chooses to forfeit an innings. Declaration and forfeiture are covered in Law 15 of the laws of cricket. This concept applies only to matches in which each team is scheduled to bat in two innings; Law 15 specifically does not apply in any form of limited overs cricket. Declaration The captain of the batting side may declare an innings closed, when the ball is dead, at any time during a match. Usually this is because the captain thinks his team has already scored enough runs to win the match and does not wish to consume any further time batting which would make it easier for the opponents to play out for a draw. Tactical declarations are sometimes used in other circumstances. A captain considering declaration must balance the risks of declaring too early (thus setting too low a target for the opposing team) against those of declaring too late or not at all (thus making it easier for the opponents to force a draw preventing the completion of the match). The first captain to declare was Charles Wright in 1890. In a game against Kent at the Bat and Ball Ground in Gravesend, Wright declared Nottinghamshire's second innings closed on 157 for 5 to set Kent a target of 231 to win. However, the tactic did not come off as the game was drawn with Kent on 98 for 9 and Nottinghamshire requiring one more wicket to win. Before declarations were made legal, batsmen of a team that wanted to get the other team to bat again would deliberately get themselves out, leading to some farcical situations, where the fielding side would make no attempt to dismiss a batsman who was trying to be dismissed. Forfeiture Under the current Laws, a captain may forfeit either of his side's innings. A forfeited innings shall be considered as a completed innings. Usually this happens in shorter competitive two-innings matches, where captains need to agree with each other how to set up the match so that there is a reasonable chance of a result. Winning a game gains a team considerably more points than drawing it, so captains are often willing to risk giving the opposition an opportunity to win that they otherwise would not have had as long as they are getting a similar opportunity in return. Test cricket Only one innings has been voluntarily forfeit in Test cricket. This was on 18 January 2000 at Centurion, South Africa, in the fifth and final Test between South Africa and England. South Africa had already won the series, as they were up 2-0 (with 2 matches drawn) after the first four matches. After South Africa scored 155 for 6 on the first day, rain washed out the next three days. With only one day remaining, the match was set for a certain draw. That was until Hansie Cronje, the South African captain, entered into a deal with his English counterpart, Nasser Hussain, that South Africa would continue batting till they reached about 250 and then declare. England and then South Africa would then both forfeit an innings, leaving England approximately 250 to win (in the event the target was 249). At that time, the laws only permitted a side to forfeit its second innings, so England's first innings was treated as having been declared at 0 for 0 after 0 balls. England went on to score 251 for 8 and win by 2 wickets. Many of the South African team criticised Cronje at the time for setting too low a target. It later emerged that Cronje had been approached by a bookmaker, and asked to ensure the game would end with a positive result. Nasser Hussain and the England team were not aware of this at the time, taking the South African request at face value. References Cricket captaincy and tactics Cricket laws and regulations </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: එක්ස්-ෆයිල්ස් ඒකකය [/INST] ද එක්ස්-ෆයිල්ස් රූපවාහිනී කතාමාලාවෙහි "එක්ස්-ගොනුවක්" නැතහොත් "එක්ස්-ෆයිල්" එකක් යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය වෙතින් විසඳීමට නොහැකි හෝ අවම ප්‍රමුඛතාවක් ලදැයි සඳහන් වන ප්‍රබන්ධිත පරීක්ෂණයකි. මෙම ගොනු එක්ස්-ෆයිල් ඒකකය වෙත හරවා යැවේ. පුද්ගලයන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇල්වින් කර්ෂ් සහකාර අධ්‍යක්ෂක බ්‍රැඩ් ෆොල්මර් වෝල්ටර් ස්කිනර් විශේෂ නියෝජිතයින් ඩේනා ස්කලී ෆොක්ස් මෝල්ඩර් ජෝන් ඩොගට් මොනිකා රෙයස් ඩයනා ෆවුලි ජෙෆ්රි ස්පෙන්ඩර් ලෙයිලා හැරිසන් කයිඩ් මිලර් ලීස් අයින්ස්ටයින් ආතර් ඩේල්ස් ආශ්‍රේයයන් ඒකකය පාරස්වාභාවික පිළිබඳ ප්‍රබන්ධ රාජ්‍ය විමර්ශන ෆෙඩරල් විමර්ශන කාර්යාංශ ප්‍රබන්ධ චරිත </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බෝධි ඝර [/INST] බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි. මූලාශ්‍ර බෝධි ඝර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි [/INST] උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි (1930 මාර්තු 17 - 2015 අප්‍රේල් 8) සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ 20 වැනි මහානායක ධුරය දැරූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකි.[1] උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි (1930 මාර්තු 17 - 2015 අප්‍රේල් 8) සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ 20 වැනි මහානායක ධුරය දැරූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකි. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ 1930 මාර්තු මස 17 වැනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ කළුගමුව උඩුගම ග්‍රාමයේ දී ජේ. ජේ.එම්.පුංචි බණ්ඩා සහ මුතු මැණිකේගේ පවුලට දාව උපත ලැබිය. සංඝ ශාසනයට ඇතුළත් වීමට පෙර උඩුගම රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. 1945 ජුලි 21 වැනි දින අස්ගිරි මහා විහාරයට සාමණේර භික්ෂූ ශාසනයට ඇතුළත් වූ උන්වහන්සේ වයස අවුරුදු 21 දී සාමණේර නමක් වශයෙන් 1951 ජුනි 12 වැනි දින අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. , උසස් අධ්‍යාපනය ලැබුවේ මාතලේ ධර්මරාජ මහා පිරිවෙනෙන්. උන්වහන්සේ අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපලාභිධාන මහානායක හිමියන්ගේ (1893-1970) ශිෂ්‍යයෙකි. 1966 දී බුද්ධරක්ඛිත හිමියන් අස්ගිරි පාර්ශ්වයේ කීර්තිමත් කාරක මහා සංඝ සභාවේ සභිකයෙකු ලෙස පත් කරන ලදී. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන භාරකරු ලෙස අවස්ථා ගණනාවකදී කටයුතු කළේය. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ 1992 වසරේ දඹුල්ල රජමහා විහාරාධිපති ධුරයට පත්වූහ. පලිපාන ශ්‍රී චන්දානන්ද මහානාහිමියන් 1999 දෙසැම්බර් 13 වැනි දින අපවත් වීමෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියට පත් විය. ධර්මදූතයෙකු වශයෙන්, බුදුදහම ප්‍රචාරණය සඳහා කොරියාව, තායිලන්තය, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව, තායිවානය, චීනය, ටිබෙටය, හොංකොං, බුරුමය සහ කාම්බෝජය වැනි අවස්ථා ගණනාවකදී ඔහු විදේශ රටවල් කිහිපයකට සංචාරය කළේය. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සති කිහිපයක් රෝගාතුරව 2015 මාර්තු 10 වැනිදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු මීට වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වී ඇත. ඔහු නියුමෝනියාව සහ වකුගඩු රෝගය සඳහා 2015 අපේ‍්‍රල් 6 වන දින දක්වා රෝහලේ ප‍්‍රතිකාර ලබා ගත් අතර පසුව ඔහුගේ තත්ත්වය නරක අතට හැරී වහාම දැඩි සත්කාර ඒකකයට මාරු කර යවන ලද අතර අවසානයේ ඔහු දින දෙකකට පසු 2015 අපේ‍්‍රල් 8 වන දින මිය ගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 85 කි. ඔහුගේ මරණය ගැන. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ 21 වැනි මහානායක ධූරයට පත් වූයේ ගලගම ශ්‍රී අත්තදස්සි මහනාහිමියන් විසිනි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හෙරිටන්ස් කණ්ඩලම [/INST] ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි... එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි. පිහිටීම මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී. අතීතය 1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි. ගෘහ නිර්මාණය ‍දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ. මේවාද බලන්න කණ්ඩලම වැව වැව ජෙෆ්රි බාවා ආශ්‍රිත බාහිර සබැඳි වෙබ් අඩවිය හෝටල් - ශ්‍රි ලංකා කලා ඔය ද්‍රෝණිය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නත්තල [/INST] නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල මහා මංගල දේව මෙහෙයන් ඇතුලු අනෙකුත් මෙහෙයන් පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ ජනප්‍රිය චරිතයකි. එතුමා නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, මෙලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවය. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. නිරුක්තිය නත්තල යන වචනය Natal යන පෘතුග්‍රීසි වදනින් බිඳී සි‍ංහලයට පැමිණ ඇත. සමරන දිනය විවිධ සංස්කෘතීන් සහ සමාජ විසින් විවිධ දිනවල නත්තල සමරනු ලබයි. ග්‍රෙගරි දිනදසුන අනුව ඒම දින පහත පරිදි වේ. ජනවාරි 6 ජනවාරි 7 ජනවාරි 19 දෙසැම්බර් 25 ඉතිහාසය ක්‍රිස්තුන් වහන්සේගේ පහළවීමට පළමු (ක්‍රිස්තියානි පූර්ව) සම්භවයන් බොහෝ සංස්කෘතීන් හී අවුරුද්ද පුරා පවත්වන උත්සව අතරින් සම්ප්‍රදායක් ලෙස වඩාත් ම ජනප්‍රිය වූයේ ශීත සෘතුවේ දී පවත්වනු ලබන එක්තරා උත්සවයකි. මෙයට හේතුව වූයේ ශීත කාලයේ දී ගොවිතැන් කටයුතු අඩු වීම සහ උතුරු අර්ධ ගෝලයේ පවත්වනු ලබන ශීත සෘතු සූර්යනියුක්තියෙන් පසු ජනතාව විසින් දීර්ඝ දිනයන් මෙන් ම කෙටි රාත්‍රියන් ද බලාපොරොත්තු වීමයි. නූතන නත්තලේ මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර වලට ඇතුළත්වන ක්‍රියාවන් සමහරක් නම්: රෝමානු උත්සවයකින් (Roman Saturnalia) පැවත එන තෑගි බෙදා දීම සහ සිනහ උපදවන ක්‍රියා කිරීම; රෝමානු අලුත් අවුරුද්දෙන් පැවත එන අලංකාර තුරුලිය, ආලෝක පහන්, පින් කටයුතු; ජර්මානු උත්ස‍වයකින් (Teutonic Feasts) පැවත එන යූල් කොට (Yule Log) සහ විවිධ ආහාර වර්ග යි. මෙම චාරිත්‍ර සැකසී ඇත්තේ පහත සඳහන් උත්සව ආදි විවිධ ශීත සෘතු උත්සව වලින් බව කියැවේ. නැටාලිස් සොලිස් ඉන්වික්ටි (Natalis Solis Invicti) රෝමානු ජාතිකයින් විසින් දෙසැම්බර් 25 වන දින "ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි" ( Dies Natalis Solis Invicti) යන නමින් උත්සවයක් පවත්වා තිබේ. මෙහි තේරුම වන්නේ "අපරාජිත හිරුගේ උපන්දිනය" යන්නයි. මෙහි දී යෙදෙන සොල් ඉන්වික්ටස් (sol invictus) යන යෙදුම නිසා, සිරියානු හිරු දෙවියෙකු වන එලා ගේබල් (Elah-Gabal); ඕරලියන් අධිරාජ්‍යයාගේ (Emperor Aurelian) දෙවියන්; පර්සියානු සම්භවයකින් යුත් මිත්‍රාස් (Mithras) නම් වූ සොල්දාදුවන්ගේ දෙවියන් වැනි හිරු දෙවියන් රැසකට ඔවුන්ට වන්දනා කල හැකි විය. එකල ශීත සෘතු සූර්යකාන්තිය බිඳ වැටුණු දිනය ලෙස දෙසැම්බර් 25 වන දා සලකා තිබේ. (වර්තමාන කාලයන්ට අනු‍ව මෙම දිනය දෙසැම්බර් 21 හෝ 22 වන දා යෙදේ) එදින සූර්යයා අපරාජිත බව සනාථ වී, ක්ෂිතිජයේ උතුරු දෙසට ගමන් කරන බව කියැවේ. බොහෝ ක්‍රිස්තියානි කතෘවරුන් විසින් සූර්යයාගේ මෙම නැවත ඉපදීම, ජේසුස් වහන්සේගේ නැවත ඉපදීමට සම්බන්ධ කර ඇත. යූල් මිථ්‍යාදෘෂ්ටික විශ්වාස වලින් යුත් ස්කැන්ඩිනේවියාව, දෙසැම්බර් මස අග සිට ජනවාරි මස මුල දක්වා යූල් නමැති ශීත සෘතු උත්සවයක් සමරා තිබේ. ‍එහි දී යූල් කොටන් ගිනි දල්වා ඇති අතර ඒවා තෝර් නමැති ගිගුරුමේ දෙවියන් (God of thunder) හට ගෞරවය දැක්වීම පිණිස සිදු කර ඇත. මෙම ජාතිකයින් විසින් මේ හා සබැඳි බොහෝ චාරිත්‍ර පවත්වා ඇති අතර, ඔවුහු තවමත් නත්තල් උත්සවය "යූල්" යන නමින් හඳුන්වති. ක්‍රිස්තියානි සම්භවයන් ජේසු තුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දින හා සම්බන්ධ වී ඇත්තේ ඇයි දැයි ත‍වමත් සොයාගෙන නැති කරුණකි. බයිබලයේ නව ගිවිසුමේ ද මෙය පිළිබඳ නියත දිනයක් සඳහන් වන්නේ නැත. නත්තලේ දින දොළස (The Twelve Days of Christmas) ලෙස අප හඳ්‍රන්වන්නේ නත්තල් දිනයට පසු, එනම් දෙසැම්බර් 26 වන දින සිට ඇති දින දොළසයි. ජේසුස් වහන්සේගේ උප්පත්තිය මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය තුමිය නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල් කතාව ලූක් සහ මතෙව් යන සුවිශේෂයේ කතුවරුන්ගේ ශුභාරංචිය ග්‍රන්ථ වලද දක්වා ඇත. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී ඉපදුණු බව මෙම අනුශාසනා වල කියැවේ. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලෙනක දී (stable) සිදුවූ බව කියැවේ. ආදිකාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගවලෙන සහ ගව ඔරුව එකම ගුහාවක පිහිටා ඇත. (එය අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහළින් පිහිටා තිබේ). දේවදූතයකු විසින් මෙම ගවලෙන අවට ප්‍රදේශයේ සිටි එ‍‍ඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. දේවදූතයන් විසින් එඩේරුන්ට දෙන ලද සලකුණ වූයේ ගව ඔරුවක බාවා සිටින බිළිදෙක්‍ වේ. ඉන්පසු ඔවුන් බිළිදු ජේසු තුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම ද වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර කියැවුනු අනාවැකි සම්පූර්ණ කෙරුනි. සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත (Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුව වැදගත් වේ. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇත. නත්තල් සීයා සහ තෑගි ගෙනෙන අනෙකුත් අය නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රො‍ස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි. ඔහු 1863 පටන් සෑම වසරකදී ම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති අතර, 1880 දශකයේ දී අප අද හඳුනන ප්‍රතිරූපය නිම කර ඇත. මෙම රූපය 1920 දී ප්‍රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයා‍ට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින‍ගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත. ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇති අතර, ලා බෙෆානා නම් කාන්තාව (ඉතාලි ජනප්‍රවාදයේ පැවත එන චරිත‍යකි) ආවීර්භාවයේ සන්ධ්‍යා කාලයේ දී තෑගි ගෙන තිබේ. ඇය ජේසු බිළිඳා වෙත තෑගී ගෙනෙන අතරේ දී අතරමං වූ බව කියැවේ. දැන් ඇය සෑම දරුවෙකුට ම තෑගි ගෙන එන බවට විශ්වාස කෙරේ. විවිධ සංස්කෘතීන් වල නත්තල් සීයාගේ සහායකයන් ලෙස මිට්ටන් හඳුන්වා ඇති අතර ඔවුන් විසින් තෑගි සාදනු ලබන බව පැවසේ. ඇතැම් ලතින් ඇමරිකානු රටවල් වල පවතින සංස්කෘතියට අනුව, නත්තල් සීයා තෑගී සාදා ජේසු බිළිඳා හට බාර දෙන අතර, ජේසු බිළිඳා එම තෑගී දරුවන් අතර බෙදා හරින බව කියැවේ. මෙම කතාව සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස සහ වර්තමාන ගෝලීයකරණයේ සංසන්දනයක් ලෙස සැලකේ. නත්තල් සීයා ලෙස බොහෝ දෙනා හදුන්වන්නේ 14 වන සියවසේ ටර්කි හි ජීවත් වූ නිකලස් නම් පුද්ගලයෙක්වේ.( පසුකාලයේදී මොහු ශුද්ධවරයට ඔසවන ලදි. ඉන්පසු මොහුව හදුන්වන ලද්දේ සාන්ත නිකලස් නමිනි). මොහු නත්තල් කාලයේදී තමාගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග ගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල සිටින් ලමයින්ට බෙදා හරියි. ඔහු මෙය සිදුකලේ රහසිගතවය. එනම් රාත්‍රී කාලයේදී එම නිවෙස්වල දුම් කවුළුවලින් රහසින්ම නිවස වෙත ගොස් තෑගි බෝග තබා යාමයි. නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය මෙයයි. නත්තල් ගස සහ අනෙකුත් සැරසිලි නත්තල් ගස බොහෝ ලෙස හඳුන්වනු ලබන්නේ මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායේ සහ සදාහරිත අතු හා ගස් වන්දනා යාගයක ක්‍රිස්තියානිකරණයක් ලෙස ය. වර්තමාන නත්තල් ගසේ සම්ප්‍රදාය 18 වන සියවසේ දී ජර්මනි‍යේ දී ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය මාර්ටින් ලූතර් ආරම්භ කල බවට සමහරු තර්ක කරති. ජර්මනියේ සිට මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාලට් රැජින විසිනි. ඉන්පසු වික්ටෝරියා රැජින ගේ කාල වකවානුවේ දී ඇල්බට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දෙන ලදී. එම කාලයේ දී ම ජර්මානු සංක්‍රමිකයින් විසින් එම සම්ප්‍රදාය ඇමරිකා එක්සත් ජනපදයට ද හඳුන්වා දී ඇත. නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලි වලින් අලංකාර කරනු ලැබේ. 19 වන සියවසේ සිට පොයින්සෙටියා (poinsettia) නැමති ශාක වර්ගය නත්තල සමග සම්බන්ධ වී ඇත. හොලී (holly), මිසල්ටෝ (mistletoe), රතු ඇමාරිලිස් (red amaryllis) සහ නත්තල් පතොක් (Christmas Cactus) මෙම උත්සව සමයේ දී විශේෂිත අනෙකුත් ශාක වර්ග වේ. නත්තල් ගස සමග ගේ දොර ද, මෙම ශාක වර්ග වලින් සැරසිය හැක. තව ද මල් වඩම් සහ සදාහරිත ශාක අතු ද මේ සඳහා භාවිතා කල හැක. ඕස්ට්‍රේලියාව, උතුරු සහ දකුණු ඇමරිකාව සහ යුරෝපයේ සමහර ස්ථාන වල නිවෙස් ඉදිරිපිට විදුලි බුබුලු සහ වෙනත් නත්තල් සැරසිලි වලින් අලංකාර කිරීම සම්ප්‍රදායකි. මෙම රටවල් වල නගර සභා සමහර අවස්ථා වලදී මේ සඳහා තම අනුග්‍රහය ද ලබා දෙයි. බටහිර ලෝකයේ දී තෑගි එතීම සඳහා ආගමික නත්තල් තේමා වලින් සහ විවිධ වර්ණයන්ගෙන්යුත් කඩදාසි නිපදවනු ලැබේ. නත්තල් ගම්මාන (Christmas Villages) සාදා ප්‍රදර්ශනය කිරීම බොහෝ නිවෙස් වල සිරිතකි. සීනු, ඉටිපන්දම්, සීනි කූරු (candy canes), දිගු මේස් (stockings), මල් වඩම් සහ දේවදූතයින් තවත් නත්තල් සැරසිලි කිහිපයකි. මෙම සැරසිලි ඉවත් කෙරෙනු ලබන්නේ නත්තල් දිනයෙන් පසු දොළොස්වන රාත්‍රියේ දී හෙවත් ජනවාරි 5 වන දිනයේ දී ය. නත්තල් මුද්දර බොහෝ ජාතීන් විසින් නත්තල් කාලයේ දී අනුස්මරණ මුද්දර නිකුත් කර ඇත. තැපැල් පාරිභෝගිකයෝ මෙම මුද්දර නත්තල් කාඩ්පත් යැවීම සඳහා භාවිතා කරති. මුද්දර එකතු කරන්නන් අතර නත්තල් මුද්දර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මෙම මුද්දර සාමාන්‍ය තැපෑල සඳහා භාවිතා කල හැකි අතර එය මුළු අවුරුද්ද පුරා ම වලංගු වේ. ඒවා සැලකිය යුතු ප්‍රමාණයකින් නිපදවන අතර, ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස මුල දී අලෙවි කෙරෙනු ලැබේ. 1898 දී ඉම්පීරියල් පැන්ස තැපැල් ගාස්තුවේ (Imperial Penny Postage Rate) ආරම්භය සංකේතවත් කිරීම සඳහා කැනේඩියානු මුද්දරයක් නිකුත් කර ඇත. මෙම මුද්දරයේ ලෝක ගෝලයේ සිතියමක් පෙන්වා ඇති අතර "XMAS 1898" ලෙස අභිලේඛනයක් ද එහි පහල අඩංගු වේ. 1937 දී ඕස්ට්‍රියාව "නත්තල් සුභ පැතුම් මුද්දර" (Christmas greeting stamps) දෙකක් හඳුන්වා දී ඇත. එම මුද්දර වල රෝස මලක් සහ රාශි චක්‍රය නිරූපණය කෙරේ. 1939 දී බ්‍රසීලය විසින් අර්ධ-තැපැල් මුද්දර හතරක් නිකුත් කර තිබේ. රජ තුන් කට්ටුව සහ බෙත්ලෙහෙම් තරුව, දේවදූතයා සහ දරුවා, දකුණු කුරුසය සහ දරුවා, සහ මව හා දරුවා යන තේමාවන් මෙම මුද්දර වල අඩංගු වේ. ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවය (The U.S Postal Service) මගින් සෑම වසරකදී ම ආගමික මුද්දරයක් සහ ලෞකික මුද්දරයක් නත්තල උදෙසා නිකුත් කෙරේ. නත්තලේ අර්ථශාස්ත්‍රය ලෝක වාසී බොහෝ ජනතාවට ආර්ථික උනන්දුව ඇතිකරන විශාලම දේ වන්නේ නත්තලයි. මේ කාලයේ දී සිල්ලර වෙළෙඳසැල් වල චමත්කාරජනක ලෙස විකුණුම් ප්‍රමාණය වැඩි වේ. ජනතාව තෑගි බෝග, නත්තල් සැරසිලි හා අනෙකුත් අවශ්‍ය දේ මිල දී ගන්නා අතර, වෙළෙඳසැල් ද නව භාණ්ඩ බොහොමයක් හඳුන්වා දෙති. ඇමරිකා එක්සත් ජනපදයේ නත්තල් තෑගි බෝග මිල දී ගැනිමේ සමය ආරම්භ වන්නේ ඔවුන්ගේ ප්‍රශංසා කිරීමේ දිනයට (Day of Thanksgiving) පසුවයි. නමුත් ඇමරිකානු වෙළෙඳසැල් බොහොමයක් ඔක්තෝබර් මස මුල දී පටන් නත්තල් භාණ්ඩ විකිණීම ආරම්භ කරති. බොහෝ පළාත්වල, නත්තල් දිනය, ව්‍යාපාර හා වෙළෙඳ කටයුතු සඳහා අවම ක්‍රියාකාරිත්වයක් දක්වන දිනය ලෙස සැලකේ. සෑම ආකාරයේ ම වෙළෙඳසැල් සහ ව්‍යාපාර මෙදින (අවුරුද්දේ වෙනත් කිසිම දිනයකට වඩා) වසා තිබෙන අතර, විවිධ කර්මාන්ත වල කටයුතු ද අත්හිටුවනු ලැබේ. එංගලන්තය සහ වේල්ස් යන රටවල පනවා ඇති 2004 නත්තල් දින වෙළෙඳාම් කිරීමේ පනත (Christmas Day (Trading) Act 2004) මගින් විශාල ව්‍යාපාර වල නත්තල් දිනයේ දී වෙළෙඳ කටයුතු කිරීම නවත්වනු ලබයි. ස්කොට්ලන්තය ද මෙවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු වල නිරත වේ. චිත්‍රපටි බෙදාහරින ශාලා වැඩි මිල ගණන් වලින් යුත් චිත්‍රපටි ද මෙකල නිකුත් කරයි. ඒවා අතර නත්තල් චිත්‍රපටි, මනඃකල්පිත චිත්‍රපටි සහ වැඩි නිෂ්පාදන වටිනාකමක් ඇති නාට්‍යයන් ද අන්තර්ගත වේ. නත්තල් කාලයේ දී මෙම තෑගි බෙදා දීමේ කටයුතු නිසා, ක්ෂුද්‍ර ආර්ථික න්‍යාය යටතේ එය අතිරේක බරක් වී ඇති බව ආර්ථික විද්‍යාඥ විශ්ලේෂණයක දී ගණනය කර ඇත. මෙම අලාභය, තෑගි දෙන තැනැත්තා එම තෑග්ග වෙනුවෙන් යොදන දේ සහ තෑග්ග ලබන තැනැත්තා එය තමන් මිල දී ගතහොත් වියදම් කරන මුදල අතර වෙනස ලෙස ගණන් බලනු ලැබේ. 2001 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් බවට නිමානය කර ඇත. මෙම විශ්ලේෂණයේ ඇති සංකීර්ණ සාධක නිසා, එය වර්තමාන ක්ෂුද්‍ර ආර්ථික න්‍යායයේ තිබිය හැකි සංවරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යොදා ගැනේ. වෙනත් අතිරේක බර නැතහොත් මෙම අලාභයන් අතර, නත්තල නිසා පරිසරයට ඇති බලපෑම් ද තිබේ. ඒ සඳහා ද්‍රව්‍යමය තෑගි උදාහරණයක් ලෙස ගත හැක. එම තෑගි නිසා නඩත්තු හා ගබඩා පිරිවැයක් ආරූඪ වන අතර ඒවා පරිසරයේ තැන් තැන් වල ගොඩගැසීම් වලට ද ලක්වේ. විශේෂ කරුණු රූප ගැලරිය තවත් බලන්න නත්තල් පෙරරැය Christmas Eve නත්තලයේ දින දොළස Twelve days of Christmas කිතු දහම Christianity ආශ්‍රිත සහ සටහන් අඩවියෙන් බැහැර පිටු Theology.lk කතෝලික දේවධර්ම ලිපි දෙසැම්බර් 25 නත්තල සැමරීම ශුද්ධ ලියවිල්ල ඇසුරින්? ඉංග්‍රිසි මූලාශ්‍ර The Origins of Christmas, by Joseph F. Kelly (August 2004: Liturgical Press) ISBN 978-0-8146-2984-0 Christmas Customs and Traditions, by Clement A. Miles (1976: Dover Publications) ISBN 978-0-486-23354-3 There Really Is a Santa Claus: The History of St. Nicholas & Christmas Holiday Traditions, by William J. Federer (December 2002: Amerisearch) ISBN 978-0-9653557-4-2 The Birth of Christ", by Peter Sammons (May 2006: Glory to Glory Publications) (UK) ISBN 0-9551790-1-7 ජේසුස් වහන්සේ නත්තල </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . ආශ්‍රිත ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රාජධානි එක්ස්ප්‍රස් [/INST] රාජධානි එක්ස්ප්‍රස් () යනු ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයකි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මහාසෝණ [/INST] මහාසෝණ හෙවත් රිටිගල ජයසේන යනු කාවන්තිස්ස රජතුමා සහ දුටුගැමුණු රජතුමා ළග සිටි ඇතුන් දහයකගේ ශක්තිය ඇති ප්‍රධාන යක්ක සෙන්පතියෙකි. මෙම රණශූරයා අංගම් ශ්‍රාස්ත්‍රයේ කෙළ පැමිණියෙකි. රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ උරුමක්කාරයා වන්නේ මොහුය. එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ මහාසෝණ හෙවත් රිටිගල ජයසේන සේනාධිපතියාය. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි. මහාසෝණ හෙවත් රිටිගල ජයසේන යනු මහාවංශයට අනුව මහාසෝණ යෝධයා කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. මහාසෝණ යෝධයා පිළිබඳව මූලාශ්‍ර වල දැක්වෙන තොරතුරු ද ඉතාම අල්පය. ලක්දිව රෝහණ ජනපදයෙහි කුටුම්බරිකන්නිකාවෙහි උපන් බව සහස්සවත්තුප්පකරණයේ වාර්තා කරයි. රසවාහිනිය දක්වන්නේ රෝහණයේ කදලුම්කන්නිකාවෙහි හුන්දරිවාපිගම උපන් බවයි. මොහු සත් හැවිරිදි කල විසල් තල්ගස් මුලින් උදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, දස හැවිරිදි කල මහත් බල ඇති බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද සාහිත්‍යයේ දැක්වේ. දුටුගැමුණු රජුට යුද්ධය සඳහා සහය දුන් යක්ක සේනාවේ නායකයා මොහුයි. දුටුගැමුණු - එළාර යුද්ධයේදී, විජිතපුර බලකොටුව අල්ලා ගැනිම සඳහා සිදු වූ සටනේ දී, මහාසෝණ යෝධයා පවුර කඩා වෙනම විවරයක් සදා ඉන් ඇතුළුව තල් රුකක් ගෙන සටන් කළ බව සාහිත්‍යයේ සඳහන් වේ. රිටිගල ජයසේන හා ගෝඨයිම්බර අතර සටන පිළිබද සාහිත්‍ය කතාව දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුව පරදා යුද්ධය ජයග්‍රහණය කළාට පසුව ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කර ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කරන ලදී. සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද වන සෝනා කුමරිය පැමිණි අය පිළිගන්න රාජකාරිය කළේය. ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බර යෝධයාට පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බර යෝධයා, ඔහුව පිළිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කළාය. ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන මහාසෝණ හෙවත් රිටිගල ජයසේන ය. ගෝඨයිම්බර ‍සෙනවියාත් මේ රිටිගල ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි. රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බර යෝධයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය. මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කළත් තම අභිමානයත්, තමන්ට සිදුවු ලජ්ජාවත් මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත. සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයා සෙනවියාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය. ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය. තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය. එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත. (අද එම ස්ථානය ඔළුකරදන නම් වේ.) මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි. (එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු) හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය. (පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය.) එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ. එනම්, එළුවකු වාහනයක් කරගත් “ලේ සොහෝන් යක්ෂයා” මුවකු වාහනයක් කරගත් “අමු සොහොන් යක්ෂයා” අශ්වයා වාහනය කරගත් “ජය සොහොන් යක්ෂයා” බැටළු වාහනය සහිත “මරු සොහොන් යක්ෂයාද” අලියකු පිට යන “ගොළු සොහොන් යක්ෂයාද” මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ. වෙසමුණි රජු මහසොහෝන් යක්ෂයාට දෙගාත (මිනිස් හා කුකුළු) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ. (ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද? මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින්) මේවාද බලන්න දස මහා යෝධයෝ දසමහා යෝධයෝ රිටිගල ජයසේන යක්කයින් මූලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ධාන්‍ය වෙළෙඳාම [/INST] ධාන්‍ය වෙළෙඳාම () යනුවෙන් අදහස් කරනුයේ තිරිඟු, බඩ ඉරිඟු, හා සහල් වැනි ආහාරමය ධාන්‍ය වර්ග දේශීයව හා ජාත්‍යන්තරව සිදුකරන වෙළෙඳාමයි. ධාන්‍ය වෙළෙඳාම </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Chad Trujillo [/INST] C A ටෘජිලෝ, විද්‍යාඥයෙකි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රයිට් සහෝදරයෝ [/INST] රයිට් සහෝදරයින් ලෙස ප්‍රකට, ඕවිල් (1871 අගොස්තූ 19 - 1948 ජනවාරි 30) සහ විල්බර් (1867 අප්‍රේල් 16 - 1912 මැයි 30) ඇමරිකානු ජාතිකයෝ වූහ. ඔවුන් දෙපළ ලොව පුරා ප්‍රචලිත වුයේ ප්‍රථම වරට සාර්ථකව ගුවන් යානයක් නිපදවීම නිසාය. එනම් ප්‍රථම වරට වඩා හොඳින් පාලනය කළ හැකි පියාපත් සහිත ගුවන්යානයක් නිපදවුයේ මොවුන් විසිනි. මොවුන් හඳුන්වා දුන් ‘අක්‍ෂ තුනක පාලනය’ නැමැති ක්‍රමවේදය හරහා ගුවන් නියමුවාට වඩාත් කාර්යක්‍ෂම ලෙස තම යානය හසුරුවා ගැනීමට අවකාශ ලැබිනි. අදටද ගුවන්යානා පාලනයේ සම්මතය මෙයයි. වසර ගණනාවක් පුරා මුද්‍රණ ශිල්පයේ, මෝටර් කාර්මික ශිල්පයේ යෙදෙමින් ලබාගත් පළපුරුද්ද සහ දැනුම ගුවන් යානය සොයා ගැනීම දක්වා සහෝදරයින් දෙපළ මෙහෙයවනු ලැබීය. බයිසිකලයක පවතින සමතුලිතතාව පවත්වාගැනීමේ හැකියාව ඔස්සේ කල්පනා කළ ඔවුන් සමතුලිතතාව පවත්වා ගතහැකි පියාඹන යානයක් පිළිබඳ සිහින දුටුවේය. ගුවන් යානය නිපදවුනේ ඒ අනුවය. සටහන් | |} </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මිරුසුවිල [/INST] ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටි ගම්මානයකි. යාපනය දිස්ත්‍රික්කය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Hazard analysis and critical control points [/INST] අහාර මගින් වැලදෙන රෝග </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නන්දිකඩාල් කලපුව [/INST] නන්ඩිකගඩාල් කලපුවෙදි මිනිමරු කොට් ත්‍රස්තවාදි ප්‍රබා වීරොදර රනවිරුවන් අතින් මරු මුවට පත් වුහ.. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම [/INST] 1954, 1974 සහ 1990 යන වසර වලදී ලෝක පාපන්දු ශුරතාවය හිමි කරගෙන ඇත. වත්මන් ශ්‍රේණිගත කිරීම් වල අංක 2 ස්ථානයේ පසුවෙයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ටිබෙට් [/INST] ටිබෙට් යනු ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තිබ්බත බසින් භෝ(བོད་) ලෙස ද, චීන බසින් ශී ද්සං(西藏) ලෙස ද හඳුන්වනු ලැබේ. තිබ්බතීය ප්‍රදේශ ආශ්‍රිත ව මානව ශිෂ්ටාචාරය වසර 21,000 කට පමණ පෙර ඇරඹුණේ යැයි සැළකේ. ටිබෙටය මාතෘභූමිය කොටගත් තිබ්බත ජනයා මෙන්ම, මොන්පා, චියං සහ ළෝබා ගෝත්‍ර ද, වත්මන වනවිට චීන හන් සහ හු-එයි ජනයා ද ටිබෙට් ප්‍රදේශයේ ජීවත් වේ. තිබ්බත ආර්ථිකය රඳාපවතින්නේ ස්වයංපෝෂිත කෘෂිකර්මය හා මෑතක සිට ජනප්‍රිය වූ සංචාරක කර්මාන්තය මත ය. ටිබෙටයේ ප්‍රධාන ආගම ටිබෙට් බුදුදහම වන අතර එය ටිබෙට් බොන්දහමත් සමඟ බැඳී පවතියි. තිබ්බතීය භාෂාවන් ලිවීමට ප්‍රාදේශීය ලිඛිත අක්ෂර ක්‍රමය වන තිබ්බත හෝඩිය ටිබෙට් ප්‍රදේශයන්හි භාවිතා වේ. ටිබෙට් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හයිඩ්‍රොසොවා [/INST] සීලෙන්ටරේටා වංශයේ එක් වර්ගයකි. බුහුබා අවස්ථාව ප්‍රමුඛ ය. තනි හෝ ගණාවාස අකාර මෙඩූසා ඇත. අරීය සමමිතියක් දරයි. මුඛය වටා ඒක ග්‍රාහිකා වළයක් වේ. උදා: හයිඩ්‍රා, ඔබීලියා, මුහුදු කොරල් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හක්මන [/INST] හක්මන නගරය ඈත අතීතයකට උරුමකම් කියන නගරයකි. හක්‌මන දකුණේ ඓතිහාසික පුරවරයකි. හක්‌මන පිහිටි උමංගල රජ මහා විහාරය කාවන්තිස්‌ස යුගයට අයත්වන හෙයින් එකළ මේ ප්‍රදේශය වූවද රෝහණ රාජධානියට අයත් සරුසාර ප්‍රදේශයක්‌ ලෙස පවතින්නට ඇතැයි සැලකේ. පසු කලෙක ලක්‌දිව මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගෙන සිටි බටහිර ජාතීන්ද තම ආකර්ශනය දකුණේ මුහුදු බඩ ප්‍රදේශවලට යොමු කළහ. ඉන් එහාට යම් අවධානයක්‌ යොමු කළේ පහත රට තේ වගාව ඇසුරින්ය. එහෙත් හක්‌මන වැනි ප්‍රදේශ තේ හා පැඟිරි වගාවන්ට නතු වූවද එහි පැවැතියේ අවසංවර්ධිත වටාපිටාවක්‌ය. දැනට වසර කීපයකට පෙර වූවද අවිධිමත් ලෙස හක්‌මන නගරය ගම්සභා උසාවියට හා කඩ කීපයකට සීමා විය. මේ නිසා අද දවසේ ශ්‍රී ලංකාවේ වෙනත් නව නගරවලට සාපේක්‍ෂව හක්‌මන අලංකාර දැකුම්කළු නව නගරයක්‌ නිර්මාණය වෙමින් පවතී. මේ වන විටත් ඒ සඳහා වැය කර ඇති මුදල ලක්‍ෂ 5500 කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිස්‌ථානය, බැංකු ශාඛා ගොඩනැඟිලි ක්‍රමානුකූල සැලැස්‌මකට අනුව ඉදිවේ. සියලුම රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් කට්‌ටි හක්‌මන නගර සැලැස්‌මට අනුව වෙන් කර දී ඇත. මීට අමතරව ප්‍රාදේශිකය සභා කාර්යාලය, පුස්‌තකාල හා ක්‍රීඩා පිටියේ වැඩ නිම වෙමින් පවතී. කඩ කාමර 400 කින් සමන්විත දැවැන්ත සති පොළ රු. ලක්‍ෂ 400 ක වියදමින් ඉදිවූවකි. පිබිදෙන හක්‌මන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්‌ සේ සටහන් වන්නේ මහා මාර්ග හා කුඩා මාර්ග සංවර්ධනයයි. හක්‌මන, මාතර, හක්‌මන, බෙලිඅත්ත, හක්‌මන මුලටියන හා හක්‌මන වලස්‌මුල්ල ප්‍රධාන මාර්ග කාපට්‌ යොදා ඉදි කළ නවීන මාර්ග ලෙස දැනටමත් ගමනාගමනයට විවෘතව පවතී. මේ සඳහා වැය වී ඇති මුදල ලක්‍ෂ 226 කි. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ද බේකන් කුක්බුක් [/INST] ද බේකන් කුක්බුක්: මෝර් දෑන් 150 රෙසිපීස් ‍ෆ්‍රොම් අරවුන්ඩ් ද වර්ල්ඩ් ෆො එව්රිවන්ස් ෆේවරිට් ‍ෆුඩ් යනු බේකන් පිළිබඳව ජේම්ස් විලාස් විසින් ලියැවුනු සූපශාස්ත්‍ර පොතකි . වසර 2007දී එය ප්‍රකාශයට පත් කරන ලද්දේ විලී සමාගම විසිනි. විලාස් යනු ටවුන් ඇන්ඩ් කන්ට්‍රි සඟරාවෙහි පූර්ව සංස්කාරකවරයෙන් වන අතර, ද බේකන් කුක්බුක් යනු, ආහාර පිළිබඳ ඔහුගේ 15වන පොතයි. පොතෙහි පිට කවරයෙහි ඔහු සටහන් කරනුයේ "ඔහු ‍කොළුවකුව සිටි කාලයෙහි සිට බේකන් වලින් විමෝහනය වී සිටි බවයි. ආශ්‍රිත ලිපි බේකන් එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ෆෘක්ටෝස් [/INST] ග්ලුකෝස් අණු  2ක් එකතු වීමෙන් මොල්ටෝස් අණුවක් සැදේ. ග්ලුකෝස්+ග්ලුකෝස්  මොල්ටෝස්+ජලය පිෂ්ටය ජිරණයේ අතරමැදි ඵලයකි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 2012 ගිම්හාන ඔලිම්පික් [/INST] ඔලිම්පික් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශිල්ප [/INST] ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි.. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක. අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස්ව පාරම්පරිකව පවතින අත්කම් සම්ප‍්‍රදායන් ගැමි කලා ශිල්පයන් ලෙස හැදින්වේ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සයිකෝෂියාවේ ස්වභාවය හා රෝග ලක්ෂණ [/INST] මානසික විකෘතිතාවය(භ්‍රාන්තිය) පවතින පුද්ගලයින් පහත සඳහන් එකකින් ‍හෝ වැඩි ගණනකින් පෙළිය හැක. භ්‍රාන්තිය හෝ මායාවන් යනු බාහිර උත්තේජනයක් නොමැතිව ඇතිවන සංවේදන අවබෝධයන් වෙයි. මෙය බාහිර උත්තේජනයේ වැරදි දැක්මක් වන අවබෝධයේ විකෘතිතාවය සහ මායාවන් යන්නන්ගෙන් වෙනස් වෙයි. (බාහිර උත්තේජකයන් සහිත වීම නිසා) ව්‍යාජ දර්ශනයන් ඉන්ද්‍රියන් ‍පහේම විවිධ ආකාරයෙන් ඇති විය හැක. එනම් එළිය , පැහැයන්, රස, සුවඳ වැනි සරල සංවේදන මෙන්ම සත්වයින් සහ මිනිසුන් දැකීම සහ බිය වීම, විවිධ කටහඬවල් ඇසීම, සංකීර්ණ ස්පර්ෂ සංවේදන වැනි සංකීර්ණ අර්ථ සහිත අත්දැකීම් ද විය හැක. ශ්‍රවණ මායාවන් , විශේෂයෙන්ම කටහඬවල් ඇසීමේ අත්දැකීම් මානසික විකෘතිතාවයේ පොදු සහ ප්‍රමුඛ රෝග ලක්ෂණයකි. මෙම ශ්‍රවණයන් තමාට කථා කරන ලෙස, තමා ගැන කථා කරන ලෙසත් තවද විවිධ කථකයින් වෙන පුද්ගලයෙකු ගැන කථා කරන ලෙස ද අත්විඳිය හැක. ශ්‍රවණ මායාවන් අවනම්බු කරන, විධාන සලස්වන , කලින් සිතේ පැවත එන මායාවන් වූ කළ ඒවා එම පුද්ගලයාට විශේෂයෙන්ම කරදරකාරී වෙයි. නමුදු සෑම විටම මෙලෙස ශබ්ද ඇසීම අනර්ථකාරී ලෙස සැලකිය නොහැක. එනම් මෙලෙස ශ්‍රවණ මායාවන් ඇසෙන බොහෝ ‍දෙනාට මනෝ චිකිත්සකයකුගේ උපකාරය අවශ්‍ය නොවේ. මොවුනට මානසික ‍රෝගයක් නොමැති වුවද ඔවුනගේ උපකාර කිරීමට ශ්‍රවණ ශබ්ද පාලකයන් නිර්මාණය කර ඇත. මිථ්‍යාමතයන් මානසික විකෘතිතාවයන්හි දී මිථ්‍යා විශ්වාසයන් ඇති විය හැක. සමහරක් විශ්වාස පීඩනෝන්මාදී ඒවා වෙයි. කාල් ජැස්පර්ස් විසින් මානසික විකෘති විශ්වාසයන් ප්‍රාථමික සහ ද්විතීයික ලෙස වර්ගීකරණය කරන ලදී. ප්‍රාථමික මිථ්‍යා විශ්වාසයන් යනු හදිසියේ ඇතිවන සාමාන්‍ය මානසික ක්‍රියාවලීන්ගෙන් පැහැදිය නොහැකි විශ්වාසයන්ය. ද්විතීයික මිත්‍යා විශ්වාසයන් යනු ඇතැම් විට පුද්ගලයාගේ පසුබිම හෝ දැනට පවතින තත්වය අනුව බලපෑම් ඇති කළ හැකි මිථ්‍යාමතයන් වෙයි. (උදාහරණ - ජාතීන් අනුව / ලිංගික/ ආගමික පසුබිම /) සිතීමේ රෝග සවිඥානයට ඇති වන බාධා කිරීම් නිසා ඇති වන සිතීමේ රෝග එමගින් කථනයට සහ ලිවීමට ඇති වන බලපෑම මත වර්ගීකරණය කොට ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයා කථන පීඩනය (ඉක්මණින් නොනැවතී කථා කිරීම, වාක්‍ය මැදදී වෙනත් මාතෘකාවලට නොගැළපෙන ලෙස මාරු කිරීම , සිතීමේ හිස් බව, එලිසමයට අනුව කථනය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක. සිතේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් නොමැතිකම මානසික විකෘතිතාවයේ වැදගත් සහ හඳුනාගත නොහැකි ලක්ෂණය වනුයේ අබාධයට ලක් වූ පුද්ගලයාට එය පිළිබඳ අවබෝධයක් නොමැති වීම එනම් අසාමාන්‍ය විකාර රූපී පුද්ගල අත්දැකීම් හා හැසිරීම් ගැන ඔහුට අවබෝධයක් නැත. උග්‍ර හදිසි මානසික විකෘතිතාවයක දී වුව ද එම පුද්ගලයෝ ඔවු‍න් අත් විඳින විකාර රූපී මායාවන් , විශ්වාස කළ නොහැකි මතයක් සත්‍යයන් නොවන බව අවබෝධ කර නොගනිති. මුල් කාලයේ දී එම අවබෝධය අඩුකමට හේතු ලෙස සාමාන්‍ය ක්‍රමය සිහි බුද්ධියේ අකර්මණ්‍යතාවය ද හෝ විඳ දරා ගැනී‍මේ හැකියාව මග හැරීම ලෙස විශ්වාස කරයි. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මඟින් හීනෝන්මාදය පමණක් ඇති පුද්ගලයින් තුළ මෙන්ම විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයින් කණ්ඩායම් තුළ ද සිත පිළිබඳ ඇති අවබෝධය හා සිහිබුද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව හඳුනාගෙන ඇත. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මාර පරාජය [/INST] මාර පරාජය යනු බුද්ධත්වය ලබන්නා වූ සෑම බෝධිසත්ත්වයෙක් මුහුණ දෙන්නා වූ දෙයකි.වජිරාසනයේ වැඩ හිඳිනා බෝධිසත්වයන්ව බුදු විම වැළැක්විම පිණිස මාරයා පැමිනේ. ඔහු පැමිනෙන්නේ මාර සේනාවත් පිරිවරාගෙනය . කෙතෙරම් උත්සහ කරත් ඔහුට මහ බෝධිසත්වයන්ගේ බුදු විම වැළැක්විය නොහැක . අවසානයේ දසපාරමි බලයෙන් මාරයා පැරදි යයි . මේ මහ භද්‍ර කල්පයේ පහළ වු සතර වන ගෞතම බුදුරජාණන් වහන්සේ බෝ මුලද පස්වන බුදුන් වහන්සේ ලෙස පහළ වෙන්නා වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසෙහිම මාර පරාජය කර බෝමුලට වැඩම කරන බව බුදු දහමේ සඳහන් වේ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Wienerschnitzel [/INST] Wienerschnitzel යනු එක්සත් ජනපදය ඇමරිකාව ඉක්මනින් ආහාර ආපනශාලාව දාමය. එය ජෝන් ගලාර්ඩි විසින් 1961 දී ආරම්භ කරන ලදී. ඇමෙරිකානු ෆාස්ට් ආහාර අවන්හල් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1781 [/INST] 1781 වසර. 1781 </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නිරිපොල [/INST] කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල බල ප්‍රදේශයට අයත් සුන්දර ගම්මානයකි. ඓතිහාසික වැදගත්කමක්ද ඇත. සීතාවක රජ දහන සමයේද මෙම ප්‍රදේශය මෙනමින්ම හඳින්වූ බවට සාධක තිබේ. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්ම [/INST] කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්ම (චීන: ) යනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.ව. 14වන සිට 16වන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූයේ යැයි සැලකෙන කොරියානු අර්ධද්වීපයට හෝ මොංගෝලියානු සංස්කෘතියකට අයත් විය හැකි හිස් වැස්මකි. මෙම හිස්වැස්ම ඵලක අකින් යුක්ත වේ. මෙම හිස්වැසුම් සම්ප්‍රදාය ටිබෙටයේ සිට කොරියානු අර්ධද්වීපය තෙක් ව්‍යාප්ත වී ඇත. මේ හා සමාන ව්‍යූහයකින් යුත් ටිබෙට් හිස්වැස්ම සේම මෙම කොරියානු ශෛලියේ හිස්වැස්ම ද නිර්මාණය කොට ඇත්තේ යකඩ සහ සම්වලිනි. කෙසේනමුත්, මෙ හිස්වැසුම් දෙවර්ගය අතර ඇති වෙනස්කමක් වන්නේ කොරියානු ශෛලියේ ඵලක අටේ හිස්වැසුම්, ටිබෙට් ශෛලියේ ඵලක අටේ හිස්වැසුම්වලට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා වීමයි. සාමාන්‍යයෙන් ඵලක අටකින් සමන්විත දර්ශීය ටිබෙට් හිස්වැස්මක් 21 cm සිට 22 cm දක්වා උසකින් යුක්ත වන අතර, මෙම ඵලක අටකින් යුත් කොරියානු ශෛලියේ හිස්වැස්මේ උස 13 cm ක් පමණකි. එහි දිග 24.3 cm සහ පළල 21 cm පමණ ද වේ. මෙම කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්මේ 1065.9 g පමණ වේ. විස්තරය බා බැන් නම් වූ මෙම හිස්වැසුම් සම්ප්‍රදායේ ඉතිහාසය ක්‍රි.ව. 8වන සියවස තෙක් ඈතට දිවයන අතර, 16වන සියවස වන විට එය සුලබ විය. මෙය පළමු දක්නට ලැබුණේ ටිබෙට් කලාපයේ ය. මෙය ඵලක අටේ හිස්වැස්ම යනුවෙන් හැඳින්වෙන්නේ එය යකඩ ඵලක අටක් සහ සම් භාවිතයෙන් නිර්මාණය කොට ඇති නිසායි. වර්තමානය වන විට මැනවින් සංරක්ෂණය වී ඇති ටිබෙට් ශෛලියේ හිස්වැසුම් ගණනාවක් හමුවන අතර, ඇතැම් හිස්වැසුම් ටිබෙටයේ විහාරස්ථානවල තැන්පත් කොට තිබෙනු දැකගත හැකි ය. ටිබෙටයේ හිස්වැසුම්වලට සමාන අයුරින් කොරියානු මෙම ‍ආකාරයේ හිස්වැසුම් ද නිර්මාණය කොට ඇත්තේ යකඩ සහ සම් භාවිතයෙනි. කෙසේනමුත්, කොරියානු ඵලක අටේ හිස්වැසුම් සහ ටිබෙට් ශෛලියේ හිස්වැසුම් අතර දක්නට ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ කොරියානු හිස්වැසුම් ඵලක අටකින් යුත් ටිබෙට් හිස්වැසුම්වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීමයි. සාමාන්‍යයෙන් ටිබෙට් ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්මක් 21–22 cm අතර උසකින් යුත් අතර, නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශකයට තබා ඇති මෙම කොරියානු ශෛලියේ හිස්වැස්ම 13 cmක් පමණ උසකින් යුක්ත ය. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ කටයුතුවලින් ප්‍රමාණවත් සාක්ෂි හමුවී නොමැති හෙයින්, මෙම ඵලක අටේ හිස්වැසුම් සමග නික‍ට වටා බඳින පටියක් ද භාවිතා වූයේ ද යන්න තවමත් මතභේදයට ලක්ව ඇත. නමුත්, කැනීම් කටයුතුවල දී සොයාගැනුණු ටිබෙට් ශෛලියේ මෙන්ම කොරියානු ශෛලියේ ද ඵලක අටකින් යුත් හිස්වැසුම්වල නිකටෙහි සවි කරන පටියක් මෙතෙක් සොයාගෙන ද නොමැත. සටහන් ආශ්‍රේයයන් වැඩිදුර කියවීමට බාහිර සබැඳි මෙට්‍රොපොලිටන් කෞතුකාගාර වෙබ් අඩවිය කොරියාවේ රාජවංශ කොරියාවේ ඉතිහාසය කොරියානු කලාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වොල්ටෙයාර් [/INST] François-Marie Arouet එසේත් නැත්නම් වොල්ටෙයාර් යනු ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි.වෝල්ටෙයාර් නාට්‍ය, කවි, නවකතා, රචනා, ඉතිහාස සහ විද්‍යාත්මක ප්‍රකාශන ඇතුළුව සෑම සාහිත්‍යමය ස්වරූපයකම පාහේ කෘති නිෂ්පාදනය කරමින් බහුකාර්ය සහ සාරවත් ලේඛකයෙක් වී ඇත. 20 000 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් සහ පත්‍රිකා 2 000 කට වඩා ලිවීය. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු සිවිල් නිදහස වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙක් වූ අතර කතෝලික සභාවේ හා ප්‍රංශ රාජාණ්ඩුවේ දැඩි වාරණ නීතිවලින් නිරන්තර අවදානමකට ලක්ව සිටියේය. ඔහුගේ ප්‍රධාන මතයක් වූවේ කකතෝලික සභාව සහ රාජ්‍ය වෙන් විය යුතු බවයි . වොල්ටෙයාර් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: නාගරීකරණය [/INST] කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතු සදහා ඒකරාශී වු පුද්ගලයන් සමුහයක් වාසය කරන ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. නාගරික යැයි නිර්වචනය කළ ප්‍රදේශ වල ජන සංඛ්‍යා ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වීම නාගරීකරණය ලෙස හැදින්විය හැකිය.ලොස් ඇන්ජලිස්හි මෙට්‍රොපොලිටන් පෙදෙස නාගරීකරණය යනු ලෝකය පුරා විශාල ලෙස පැතිරී ඇති සමාජමය විපර්යාසයන් අතර ප්‍රධාන එකකි.ලෝක ජනවිද්‍යාත්මක වෙනස්‍වීම් පැහැදිලි ලෙස පෙන්විය හැකි දර්ශකයක් වුව ද නාගරීකරණය සෑම තැනකම සමාකාරව වර්ධනය වූ ක්‍රියාවලියක් නොවේ.එමෙන්ම "නගර" යන්න සඳහා පැහැදිලි ඍජු නිර්වචනයක් සපයා ගැනීම ද දුෂ්කර වූවකි.නගරයක් යනු වාණිජ,කාර්මික, මූල්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය ,පරිපාලන, නේවාසික යනාදී විවිධ වූ කාර්යයන් සංකේන්ද්‍රණය වූ ජනාවාසයකි.එබැවින් කඩසාප්පු, කර්මාන්තශාලා, බැංකු, පාසල්, රෝහල් ,රාජ්‍ය ආයතනයන්, නිවාස වැනි විවිධ කාර්යයන් සඳහා වෙන්වූ ගොඩනැඟිලි නගරය තුළ පවතී.නගරයක් තුළ වගාබිම්, වනාන්තර වැනි භූමි පරිභෝජනයන්ට වඩා ඉදිකළ බිම් සාපේක්‍ෂව කැපී පෙනෙයි.මෙවැනි ලක්‍ෂණ සහිත ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස හඳුන්වනු ලබයි. ‍බොහෝ රටවල ජනසංඛ්‍යාව පදනම් කර ගනිමින් නාගරික ප්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ කරනු ලබන අතර ග්‍රීසිය, ප්‍රංශය වැනි ර‍ටවල පරිපාලන කටයුතු සඳහා බෙදා ඇති කුඩා පරිපාලන ඒකකයක් තුළ සිටින වැඩිම ජනසංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් මුළු ඒකකයම නාගරික හෝ ග්‍රාමීය ජනාවාසයක් ලෙස පිළිගනු ලබයි. ලෝකයේ සමහර රටවල නිවාස සංඛ්‍යාව පදනම් කොට ගෙන නාගරික ප‍්‍රදේශ හඳුනා ගනු ලබන අතර ශ‍්‍රී ලංකාව, පකිස්ථානය වැනි රටවල් පරිපාලන සීමා පමණක් යොදාගනිමින් නාගරික ප‍්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ ගනී. කෙසේ වෙතත් නාගරික ප‍්‍රදේශ හඳුනාගැනීමේදී මුළු ජන සංඛ්‍යාව, භූමි ප‍්‍රමාණය, ජන ඝණත්වය හා ආර්ථික, සමාජ සංවිධාන ව්‍යුහය යන සියලූම සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත. එබැවින් නාගරික ප‍්‍රදේශයක් ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් වෙන් කර හඳුනාගැනීම සඳහා 1971 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිශ්චිත නිර්ණායක කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය. එනම්, 01. පරිපාලන තත්වය 02. ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය 03. පළාත් පාලන ප‍්‍රදේශ 04. නාගරික ලක්ෂණ 05. මූලික ආර්ථික කටයුතු එබැවින් නාගරීකරණය යනු කාර්යාංශ රාශියක් කේන්ද්‍ර කරගත් අවකාශීයව සංකීර්ණ මාර්ග ජාලාවකින් එකිනෙකට සම්බන්ධ වූ භූමි කොටසකි. නාගරික ප‍්‍රදේශයේ හඳුනාගැනීම සඳහා ජනසංඛ්‍යාව, නිවාස සංඛ්‍යාව, පරිපාලනමය ප‍්‍රදේශ වශයෙන් එක් නිර්වචනයක් පමණක් යොදාගැනීම සාර්ථක නොවීම හේතුවෙන් ඉන්දියාව, උස්බෙකිස්ථානය, ලිතුවේනියාව ආදී රටවල් කිහිපයක නාගරීකරණය සඳහා නිර්වචන කිහිපයක් භාවිතා කරනු ලබයි. නාගරීකරණය මැනීම සදහා ප්‍රධාන ක්‍රම සතරක් උපයෝගී කොට ගැනේ. නාගරික ප්‍රදේශයක් සාධක සතරක ශ්‍රිතයක් ලෙසද දැක්විය හැකිය. නාගරීකරණය = ජනගහනයේ ප්‍රමාණය, භුමි ප්‍රමාණය, ජන ඝණත්වය, ආර්ථීක සමාජ සංවිධාන ක්‍රමය සංක්‍රමණය පිළිබද අධ්‍යයනය කරන විට ඉන් බලපැම් ලබන වැදගත් සංරචකයකි නාගරීකරණය. ලෝක ජනගහන ව්‍යාප්තිය තීරණය කරන සාධක අතරින් වැදගත්ම සාධකයක් ලෙස නාගරීකරණය හැදින්විය හැකිය. දැනට ලොව ජීවත් වන මුළු ජනගහනයෙන් 48% පමණ නාගරීක යැයි සම්මත ප්‍රදේශ වල ජීවත් වෙති. ඵක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාගරීකරණය සම්බන්ධ නිර්වචනය අනුව නාගරික ප්‍රදේශයක තිබිය යුතු මූලික ලක්ෂන තුනකි. 1.පරිපාලනය 2.ආර්ථීක ක්‍රියාවලිය 3.පාරිසරික තත්ත්වයන් නාගරීකරණ මිනුම් නාගරීකරණය පිළිබඳ අධ්‍යයනයේදී නාගරික මිනුම් හරහා නාගරීකරණයේ ස්වභාවය සහ තත්ත්වය හඳුනා ගත හැකිය. නාගරික මිනුම් අතර 1.නාගරික ප්‍රතිශතය (Degee of urbanization) 2.නාගරීකරණ ලතාව (Tempo of urbanization) 3.ජන කේන්ද්‍රනය හා විසිරනය (Concentration & dispersion of population) 4.නාගරික වර්ධන සංරචක (Components of population growth) මෙහිදි නාගරීකරණය මැනීම සදහා බහුලව යොදා ගන්නා මිනුම ලෙස නාගරීකරණ ප්‍රතිශතය දැක්විය හැකිය. මෙය සාපේක්ෂ මිනුමකි. ආර්ථික ප්‍රතිලාභ ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ නාගරීකරණයට ඉතා සීග්‍රයෙන් බඳුන්විය. ඊට ගොවිතැන් කටයතු, පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවට ඇතිවූ නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩ හේතු විය. නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශ උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවීමට, සේවාවන්, ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්තාගත ආදායම් ඉපයීමට ද සමත්විය. මෙහි අධ්‍යාපන, පරිපාලන අංශයේ දියුණුවක්ද දැකිය හැකිය. මෙසේ විවිධාකාර වු කොටස් මගින් නාගරීකරණ ධුරාවලිවය (Urban Hierachy) නිර්මාණය වේ. නාගරීකරණය සමගම බඩුමිල ඉහළ යාමක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස එරික් හොබොස්වෑම් (Eric Habswam) ගේ "The age of revolution" කෘතියෙහි සඳහන් වන පරිදි, එම යුගයේදී නාගරිකරණය ඉතා සීඝ්‍රයෙන් සිදු වුණි.එමෙන්ම වැඩ කරන ජනතා ඉතා අසීරු ජීවිතයක් ගත කළහ. යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශවල දුප්පත් ජනයා විසු බවත් ඊට සාපේක්ෂව බටහිර ප්‍රදේශ පොහොසත් වු බවත්ය. නාගරීකරණය දෙස ජනතාව සෘණාත්මක ආකල්පයකින් බැලුවත් එහි ධනාත්මක පැතිකඩ වන්නේ, රැකි රක්ෂා ලබාදීම, අධ්‍යාපනය දියුණුව, නිවාස සහ ප්‍රවාහන දියුණුව හා විවිධාකාර වු ජාතීන් ආගම් අතර මෙන්ම වෙළෙදපොල තරගකාරීත්වයද දැකිය හැකි විය. නාගරීකරණය කෙරෙහි බලපාන මුලික සාධක නාගරීකරනය සාධක හතරක් නිසා සිදු විය හැකිය. 1.අභ්‍යන්තරව සිදු වන ග්‍රාමීය නාගරික සංක්‍රමණ 2.ස්වභාවික වර්ධනය 3.ජාත්‍යන්තර නාගරික සංක්‍රමණ 4.ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත නිර්වචනය ලෝක නාගරික ප්‍රවණතාවයන් නාගරික ජනගහනයේ ප්‍රතිශතය ප්‍රක‍්ෂිප්ත අගයන් මුලාශ්‍රය- (එක්සත් ජාතීන්) ලොව විවිධ ප්‍රදේශ අනුවද ජනගහන වර්ධනයේ විවිධත්වයන් වේ. නාගරික වර්ධන අනුපාතිකය ප්‍රක්ෂිප්ත අගයන් මුලාශ්‍රය (එක්සත් ජාතීන් 2002) ශ්‍රි ලංකාවේ නාගරීකරණය ලංකාව තුල යම් ප්‍රදේශයක් නාගරික ලෙස නම් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන තිරණයන් මතය. ශ්‍රි ලංකාවේ මහ නගර සභා (municipal council), නගර සභා (urban council), සහ සුළු නගර සභා ලෙස නාගරික ප්‍රදේශ නිර්වචනය වේ. ශ්‍රී ලාංකික නාගරික ජන සංබ්‍යාවේ වර්ධනය මුලික ක්‍රම තුනක් මත සිදු වී ඇත. නාගරික ප්‍රදේශ වල ස්වභාවික වර්ධනය නාගරික ප්‍රදේශ වලට අදාල ශූද්ධ සංක්‍රමණ ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත නිර්වචනය වසර 2000 දී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය 22.08% පමණ වු අතර 2005 දී 24.05% පමණ ඇතැයි සැලකු අතර ප්‍රක්ෂේපන අනුව 2010 වන විට 26.04% පමණ වනු ඇත. නාගරීකරණය සම්බන්ධ ගැටළු නාගරික ක්‍රියාවලිය සමඟ බොහෝ රටවල විවිධ සමාජ ආර්ථික ප්‍රජා විද්‍යාත්මක දේශපාලන සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක වශයෙන් ගැටළුකාරී තත්වයන් පැන නැගී ඇත. නාගරික තදබදය. මෙම තත්වය හේතුවෙන් 1.නාගරික ප්‍රදේශ වල අඩු ආදායම් ලාභි පවුල් වැඩි වීම 2.නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩි වීම 3.රැකියා විරහිත තරුණයන් බිහි වීම වැනි දේ ඇතිවේ. නාගරීකරණය හා පාරිසරික සෞබ්‍යය මෙහිදී පහත ගැටළු ප්‍රධාන වේ 1.මිනිස් භුමි අනුපාතය පහළ වැටීම 2.ජනගහන තදබදය හා පාරිසරික ප්‍රශ්න 3.ජනගහන වර්ධනය හා දුගීකම 4.නාගරීකරණය හා සෞබ්‍ය ප්‍රශ්න නාගරීකරණය නිසා ඇති වන මෙම ගැටළු ඉන්දියාවෙහි කල්කටාව, ලංකාවේ කොළඔ වැනි නගර වල පමණක් නොව ඇමරිකාවේ චිකාගෝ වැනි නගර වලද දැකිය හැකිය. රූප එකතුව මූලාශ්‍ර බාහිර යොමු world urbanization prospects නාගරීකරණය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මිනිස් සිරුරෙහි විවිධ මූලද්‍රව්‍යවල සුලභතාවය [/INST] ස්කන්ධය අනුව මිනිස් සිරුරේ සෛල 65% - 90% අතර ප්‍රමාණයක් ජලයෙන් යුක්ත වන අතර, වැඩි ප්‍රමාණයක් කාබන් අඩංගු කාබනික සංයෝගවලින් සමන්විත වේ. මේ නිසා මිනිස් සිරුරේ ස්කන්ධයෙන් වැඩි කොටසක් ඔක්සිජන්ද ඉන් පසුව කාබන්වලින්ද සමන්විත වේ. මිනිස් සිරුරේ මුළු ස්කන්ධයෙන් 99% ක් මූලික ද්‍රව්‍ය 6 කින් සමන්විත වේ. ඒවා නම් ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිඩ්‍රජන්, පොස්පරස් සහ කැල්සියම් වේ.ස්කන්ධය අනුව (ප්‍රතිශත) මූලද්‍රව්‍ය ඔක්සිජන් -65% කාබන්-18% හයිඩ්‍රජන් -10% නයිට්‍රජන් -3% කැල්සියම් -1.5% පොස්පරස් -1.2% පොටෑසියම් -0.2% සල්ෆර් -0.2% ක්ලෝරීන් -0.2% සෝඩියම් -0.1% මැග්නීසියම් -0.05% යකඩ, කෝබෝල්ට්, තඹ, සින්ක්, අයඩීන් -< 0.05% බැගින් සෙලනියම්, ෆ්ලුවෝරීන් -< 0.01% බැගින් == මිනිස් සිරුරේ අවයව අපේ සිරුර ආවරණය කරන සමේ බර කිලෝ ග්‍රෑම් 4 කි එයින් ආවරණය කරනු ලබන සමස්ත සිරුරේ වර්ගඵලය වර්ග මීටර 1.14 ත් අතර වේ ඇඳුම් ඇඳීමේදී හා අධි අඳින ලද ඇඳුම ගැලවීමේදී ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ද සම ඇතිවීමේ දී ද සමේ කොටස් ගැලවී යැයි එක් විනාඩියකදී එවැනි සමයේ ශුද්‍ර කොටස් කැබලි ලක්ෂ පහක් පමණ වේ ජීවිත කාලය තුලදී කිලෝ ග්‍රෑම් 18 ක බරින් යුත් මිය ගිය සමයේ සෛල ප්‍රමාණයක් ඇතිල්ලීමෙන් ඉවත්කෙරේ මිනිස් සිරුරේ මියයාම 80% ම හේතු වන්නේ ගෘහස්ථ දූවිලි අංශු ය ස්නායු අපේ දේහය තුළ ස්නායු සෛල කෝටි 13ක් පමණ අන්තර්ගත වේලාව එළියක් සම්ප්‍රේෂණය කිරීමේ වේගය පැයට කිලෝ මීටර් දෙසිය 29කි එය ලොව වේගවත්ම මෝටර් රථයේ වේගය ද ඉක්මවූ වූවකි නාසය නාසයේ ආඝ්‍රාණ සංවේදන වේගය පැයට කිලෝමීටර් 160කි එය දුම්රියේ ධාවන වේගය ද ඉක්මවය සෛල අපේ ශරීරයේ බිලියන 50 ක් තරම් විශාල සෛල ගණනක් ඇත සෑම විනාඩි ගැනම වරක් එම සෛල අතරින් බිලියන තුනක් මිය යයි ඒ අනුව එක් දිනකදී මිලියන හාර ලක්ෂ 321 පමණ වූ විශාල ගණනක් මිය යයි ඒ වෙනුවට නව සිහිවේ හැම දිනකම අපේ සිරුර තුළින් අලුත් සෛල විශාල ්‍රමාණයක් බිහි වෙයි ආශ්වාස ්‍රශ්වාස සාමාන්‍ය මිනිසෙක් විනාඩියක කාලයකදී වාතය මීටර් හයක් ද එක් දිනකදී වාදය මීට 8 දාස් 640 ක් ද ආශ්වාසය කරයි අපේ සිත බියට තැති ගැන්මට ලක්වූ විට වීමකට සිදුකරන ආශ්වාස ප්‍රශ්වාස ගන්න ගණන 13.11 කි විනාඩි ි ආශ්වාස ප්‍රාශ්වාස කරන සාමාන්‍ය අගය විස්සකි අපි එක් දිනකදී 28800 වාරයක් ආශ්වාස ප්‍රශ්වාස යෙදෙමු මොලයේ ශක්තිය සෑම දිනකම ඔබේ මොළය තුළ වූ සෛල ලක්ෂයක් පමණ ඔබට අහිමි වන බව දන්නා ද වාසනාවකට මෙන් ඔබට ඔබේ මොලේ බිලියන සිය ගණනක් තරම් විශාල ගණනක් ඇත ඔබේ මොළය තුළ අන්තර්ගත සෛලවල මතුපිට වර්ගඵලය වර්ග cm 2090 කි </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සී.ඒ. ධර්මපාල [/INST] ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල (ඉංග්‍රීසි: C. A. Dharmapala) ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී. මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මොහුගේ සහෝදරයා වෙයි. ජීවන සටහන් මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත සී.ඒ. ධර්මපාලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින් නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ Silumina 2014 November 9 නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ former Defence Secretaries ශ්‍රී ලාංකිකයෝ ලංකික දේශපාලනඥයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: වැවිලි කර්මාන්තය [/INST] මුල් අවධියේදී වැවිලි කර්මාන්තය විශාල ගොවිපල ලෙසද වතු යායවල් ලෙසද විශේෂයෙන් නිවර්තන හෝ අර්ධනිවර්තන රටවල, පුළුන්, දුම්කොල ,කෝපි, උක් සහ ගස් (දැව) යනාදිය එහිම පදිංච් කම්කරුවන් විසින් සිදු කරන ලදී. වැවිලි කර්මාන්තය ජාත්‍යන්තරව මහා පරිමාණයෙන් පැල සිටුවා සිදු කරන අතර එය සාමාන්‍යයෙන් ධාන්‍ය නිෂ්පාදනයට හෝ තණ බිම් වගාවට පමණක්ම සිදු නොවේ. ඒවා (වර්තමානයේදී) ශාක සහ පඳුරු වගාවට ද භාවිතා වේ. ඒවාගොවි බිම් සඳහාම හෝ යැපීම සඳහාම පමණක් නොවන අතර ආර්ථික පදනමට ද වගාවන් සිදු වේ. වැවිලි කර්මාන්තයන් ලෙස හඳුන්වන ශාක වගාව විශේෂ ආකාර කිහිපයකින් ගොවිපල ආර්ථිකය හා දක්වන සම්ඳතාවය නිසා එසේ හැඳින්වේ. මේවා බොහෝ සෙයින් විශාල ඉඩම් හිමියන් මැදිහත් වී යැපීමට පමණක් සීමා නොවී , ආර්ථිකමය වටිනාකමක් ඇති උස්වන ශාක වන අතර සේවය සඳහා විශාල සේවක සංඛ්‍යාවක් ද භාවිතා කරයි. මෙයට අළුතින්ම හඳුන්වාදෙන පළාත්වලට යෙදවීම නිතර සිදුවේ.අතීතයේදී මෙය වහලුන් ගිවිසගත් කම්කරුවන් සමඟ එකතුව සිදු කරන ලද අතර ඒවා ඉතා අසාධාරණ ආර්ථික ක්‍රම මත පදනම් විය. කෙසේවෙතත් ගොවිතැන සහ කිරි නිපැයුම යන කරුනු දෙකම (නිතරම නොවන) සාමාන්‍යයෙන් මෙම නිර්ණය කිරීම් වලින් බැහැර වේ. අතීතයේ ඉපැරණි ලාභදායි ක්‍රමයක් වන ලැටිෆන්ඩියා මගින් වාණිජමය ප්‍රමාණයන් ගෙන් ඔලිව් තෙල් හෝ වයින් අපනයනය සඳහාම නිපදවන ලදී. වැවිලි කර්මාන්තය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගුරුකුල විද්‍යාලය [/INST] ගුරුකුල විද්‍යාලය වර්ෂය  1948 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ආරම්භ විය. ඒ ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහතර දෙනෙකුගෙන් ආරම්භ  කළ සුප්‍රකට අධ්‍යාපන පීඨයක් වශයෙනි. මුලින්ම ඉංග්‍රීසි පාසලක් ලෙස ගුරුකුලය ආරම්භ වූවත් පසුව ජාතික සංස්කෘතිය අනුව හා සිංහල භාෂාව පෝෂණය කිරීමයි විදුහලේ ඉලක්කය වූයේ. එදා මෙදා තුළ ගුරුකුලයෙන් ශිල්ප ලබා ජාතික හා ජාත්‍යන්තර  තලයට නැගී බුද්ධිමතුන්, උගතුන් ,දේශපාලනඥයන්, කලාකරුවන් සිටින බව ආඩම්බරයෙන් පැවසිය හැක. වර්තමානය වනවිට ජාතික පාසලක් වන ගුරුකුලය ප්‍රාථමික හා ද්වීතීක යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු පැවැත්වේ. විද්‍යාලීය ආදර්ශ පාඨය : පඤ්ඤා උදපාදී දර්ශනය : ගුණ , නැණ , හුරු විරුකම්වලින් සුපෝෂිත, අති විෂිටත්වයට පත් දරුවකු දැයට තිළිණ කිරීම. මෙහෙවර : අති විශිෂ්ටත්වයට පත්, ගුණ,නැණ,හුරු විරුකම්වලින් සුපෝෂිත,පරිසර හා ඒකාත්මික විය හැකි, දැයේ චිර පැවැත්ම සුරකින දරුවෙකු බිහි කිරීම උදෙසා සියලු ම භෞතික හා මානව සම්පත් සංවර්ධනාත්මක ව යෙදීම ගුරුකුල විද්‍යාලයේ මෙහෙවර වේ. ඉතිහාසය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් වර්ෂ 1948 ගුරුකුල විද්‍යාලය ආරම්භ විය ඒ මහාචාර්ය යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හිමියන් ඊට පුරෝගාමි විය. ඉංග්‍රීසී පාසලක් ලෙස ආරම්භ වූ ගුරුකුලය මූල අවධියේ සිටම දේශීය සංස්කෘතියට හා සිංහල සාහිත්‍යයට මූලිකත්වය ගෙන කරයුතු කලේය. විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ " අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීමයි " ගුරුකුලය වර්ෂ 1961 දී රජයේ පාසලක් බවට පත් වූ අතර 1954 අගෝස්තු 27 වන දින විද්‍යාලංකාර සභාවේ කළමණාකාරීත්වයෙන් පාසල නිදහස් කර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජේෂ්ඨ දිවීතීයික පාසලක් ලෙස ස්ථාපිත කරන ලදී. පසුව 1960 නොවැම්බර් 15 දින පාසල රජයේ පාසලක් ලෙස ප්‍රකාශ කරන ලදී. ඉන් පසු 1964 මැයි මස 04 වන දින පාසල කෑළණිය් ස්ටේෂන් පාරේ පිහිටි පත්තායම් වත්තේ ( වර්තමාන ස්ථානය ) වෙත ගෙන යන ලදී. පසුව විද්‍යාලය වර්ෂ 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක් ලෙස නම් කරනු ලැබීය. එදා සිට මේ දක්වා විද්‍යාලීය අභිමානවත් ගමන්මගෙහි කීර්තිමත් විද්වතුන් , කලාකරුවන් , ලේඛකයින් , වෛද්‍යවරුන්, විධායක නිළධාරීන් , ක්‍රිකට් ක්‍රීඩකයින් , දේශපාලඥයන් වැනි විශිෂ්ට පුද්ගලයන් රැසක් ගුරුකුල මෑණියන් තුලින් බිහි විය. ක්‍රීඩා හා සමිති ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසලක් වන  ගුරුකුලය තුල සිසු දරුවන්ට තම දක්ෂතා ඔප් නංවාගැනීමට පාසල තුල •  ක්‍රිකට් •  පිහිනුම් •  වොලිබෝල් •  කරාතේ •  බැඩ්මින්ටන් •  වූෂූ •  චෙස් •  නෙට්බෝල් •  පරිසරභට •  කැඩෙක්ට් වැනි ක්‍රීඩා සහ තවත් බොහෝ ක්‍රීඩා වර්තමාන තුල පාසල තුල පැවැත්වේ. පාසල් ශිෂ්‍යන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීමට විද්‍යාලය විසින් විවිධ සමිතීන් ක්‍රියාත්මක වේ. • බෞද්ධ සමිතිය • සිංහල සාහිත්‍ය සමිතිය • ඉංග්‍රීසී සාහිත්‍ය සමිතිය • ශිෂ්‍යභට බලකාය • බාලදක්ෂ සංගමය • නර්තන කවය • සංගීත කවය • කථික සංගමය • ළමා මිතුරු සංගමය • ජීව විද්‍යා සංගමය • සාන්ත ජෝන් ගිලන් ඒකකය • මාධ්‍ය ඒකකය • නව නිපැයුම් සංගමය විද්‍යාලීය නිවාස • මයුරපාද ( රතු වර්ණය ) • විජයබා ( කොළ වර්ණය ) • සුනේත්‍රා දේවී ( කහ වර්ණය ) • ප්‍රතිරාජ ( නිල් වර්ණය ) නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සදහා සිසුන් මෙම නිවාස නියෝජන කරමින් ක්‍රීඩා සදහා ඉදිරිපත් වේ සෑම වසරකම මුල් වාරයේදි පැවැත්වේ. පාසල් ගීතය ගුරුකුල විදුහල් මාතා සැරදේ බැති නී ගයමු ඔබේ ගුණ නිබදේ // විකසිත පියුමාකරයක බිඟු කෑළ වැනි පිබිදී එන ඔබේ සිසු දරු කැළ ඇකයට ගෙන විදු රැස් දහරාවෙන් සරසා රට දැය නගන වඩනු මැන ගුරුකුල විදුහල්............ කීර්ති යශෝ ගුණ රාශිනිකේතන විදුහල් මාතා වන අභිනන්දන අප හදවත රජ දහන පුබුදුවා යහ මග පෙර මග පෙන්වා දෙනු මැන ගුරුකුල විදුහල්............ ධීර වීර හෙළ ගුණ මිණි බරණින් අප ජීවනයේ මංපෙත පහදා ගුරුකුල රන්දද කොඩි නංවන්නට අපට සවිය බල වර දෙනු මැනවි ගුරුකුල විදුහල්............ පද රචනය : වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි තනු නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කෑගල්ල නගර සභාව නැණසල [/INST] KEGALLE OLAGAMA VIDATHA NENASALA URBEN COUNSIL KEGALLE OPEN- 2008-01-31 MEMBERS- CHAIRMEN OF URBEN COUNSIL MR. G.K. SAMARASINHE NENASALA OWNER & MANAGER \ SECRATARY OF GAMA NAGUMA & VIDATHA MR.M;A;C;J' FERNANDO FIRST AID & BEAURTY CULTURE DPT \TRESURA MISS CHANDI MALSINHE DRAMA DPT MISS PIUMALY FERNANDO OPERATOR MR. B;N;WEERASINHE NEW STAFF- G.SAMARASINHE SEENIER LECTURE COMPIUTOR J.JAYATHILAKE CORDINATOR & OPERATOR HELPERS & LECTURES- BAGYA \ JAYAMINI \ GAYANI ANUHAS - KIDS CORDINATOR NENASALA OWNER & MANAGER \ SECRATARY OF GAMA NAGUMA & VIDATHA MR.M;A;C;J' FERNANDO FIRST AID & BEAURTY CULTURE DPT \TRESURA MISS CHANDI MALSINHE DRAMA DPT MISS PIUMALY FERNANDO </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ගිවිසුම් [/INST] ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර පවතින, අන්‍යෝන්‍ය බන්ධනයන් සහිත, ලිඛිත මූලාවයව සහිත හෝ විරහිත, නිත්‍යානුකූලව බලාත්මක කල හැකි සම්මුතියකි. ගිවිසුම් වාචික වශයෙන් පිහිටුවා ගත හැකිද වන්නේය (ප්‍රවාචික ගිවිසුම්). ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිමය ප්‍රතිකර්මය වන්නේ "අලාභ" ගෙවීම හෝ මූල්‍ය වන්දි ගෙවීම වෙයි. යුක්ති සාධාරණව, අලාභය වන්නේ ගිවිසුම හෝ නිරෝධාඥාවක් හෝ විශේෂිතව ක්‍රියාත්මක වීමයි. මෙම ප්‍රතිකර්ම දෙකම විසින් අලාභ සිදුවූ පාර්ශවයට "හෙට්ටුවේ වාසිය" හෝ අපේක්ෂිත අලාභය ලබා දෙන අතර, ඒවා පොරොන්දු පරිබාධකයකදී ලැබෙන හුදු විශ්වාසී අලාභයට වඩා අධිකය. ගිවිසුමක් සැදීම යනු පොදු නීතියේ දී ගිවිසුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවන් 5 ක් තිබිය යුතු වේ. පිරිනැමීම හා පිළිගැනීම colleen & auptaree), ප්‍රතිෂ්ඨාව නෛතික සබඳතා ඇති කර ගැනීමේ අදහස, සුදුසුකම, හැකියාව හා නියමයන් ය. ප්‍රතිෂ්ඨාව සිවිල් නීති ක්‍රමයේ දී නම් අත්‍යාවශ්‍ය අංගයක් නොවන නමුත් ගිවිසුම් වලදී ඇතිවිය හැකි වංචා වැළැක්වීම සඳහා පවතින නීති හා අනුකූලවීම අනිවාර්ය අංගයක් වේ. 19 වැනි සියවසේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ Calill vs srnlke Ball earpary නඩුවේ දී ගිවිසුමක් සැදුම පිළිබඳව ඉතාමත් වැදගත් තීන්දුවක් දුනි. වෛද්‍ය වෙළඳ සමාගම Senake ball company විසින් උණ රෝගය සඳහා නව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඖෂධ වර්ගයක් පිළිබඳව වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරන ලදී. එම ‍‍‍‍‍ඖෂධය භාවිතයෙන් රෝගය සුව නොවුවහොත් එය මිලදී ගත් අයට පවුම් 100 ක මුදලක් ප්‍රදානය කරන බවක්ද ඉන් කියවිණ. මෙහිදී කාබොලින් සමාගමේ තර්කය වූයේ මෙම දැන්වීම වැදගත් එකක් ලෙස නොසැලකිය යුතුය යන්නයි. එහි කිසිම නීතිමය බැඳීමක් නැත. එය හුදු ආරාධනාවක් පමණි. නමුත් අභියාචනාධිකරණ තීන්දුව වුයේ සාධාරණ පුද්ගලයෙකුට හැ‍ඟෙන අකාරයට සමාගම විසින් බරපතල පොරොන්දුවක් පාරිභෝගිකයන්ට දී ඇත යන්නයි. මහජනතාවට ඉන් ප්‍රතිෂ්ඨාවක් ලබා දී ඇති අතර පැහැදිලි වශයෙන් ම මෙම නිෂ්පාදනය දෝෂ සහිත නිෂ්පාදනයක් බවත් එය භාවිතාකරන්නන් ඉන් අපහසුතාවයටත් පත් වී ඇත. එම නිසා මෙය පැහැදිලි පොරොන්දුවක් බවත් අත්වැරදීමකින් ඉදිරිපත් කරන ලද්දක් නොවේය යන්නත් අධිකරණ තීන්දුව විය. ගිවිසුමකට අදාළ කොන්දේසි ගිවිසුම් කොන්දේසි යනු ගිවිසුමේ කොටසක් වන ඕනෑම ප්‍රතිපාදනයක් වේ. කොන්දේසි වලින් ගිවිසුම් බන්ධන ඇති කරන අතර ඒවා බිඳීම නඩු පැවරීමකට හේතුවක් වේ. සෑම කොන්දේසියක්ම ප්‍රකාශිතව දන්වා නැති අතර සමහර කොන්දේසි ලඝු වන අතර, ඒවා ගිවිසුමේ අරමුණු හා පරිබාහිර ඒවා ලෙස සලකනු ලැබේ. බොයිලර්ප්ලේට්(Boilerplate) ටීනා එල් ස්ටැක් (Tina L stak) ගේ ‘Negotiating and drafting courted’ හි විස්තර කෙරෙන අන්දමට බොයිලප්ලේට්(Boilerplate) ප්‍රතිපාදන යනු නීතීඥවරුන් විසින් කොකවන් තෛලය ලෙස භාවිතා කරන ප්‍රතිපාදනයන් ය. නමුත් සමහර නීතිඥයින් මෙම යෙදුම පටු ආකාරයකට භාවිතා කරනු ලබන අතර සමහර ප්‍රතිපාදන ගිවිසුමේ අවසානයට දක්වා ඇත. නියම වශයෙන් මෙම ප්‍රතිපාදන පාර්ශවකරුවන් අතර සබඳතාව හා ගිවිසුම හසුරුවන්නේ කෙසේ ද යන්න විස්තර කරනු ලබයි. මේවා ද්විතීකව වැදගත් වන ප්‍රතිපාදන ලෙස සලකනු ලැබුවත්, මේවායේ නෛතික ප්‍රතිවිපාක ඉතා වැදගත් වේ. පොදු ප්‍රතිපාදන වලට නීති හසුරවන ප්‍රතිපාදන, පැවරුම් හා අභියෝජන ප්‍රතිපාදන, ජුරි නඩු අත්හැරීමේ ප්‍රතිපාදන, දැන්වීම් ප්‍රතිපාදන මෙන්ම අනුපාතික බලපෑම් ප්‍රතිපාදන ද ඇතුලත් වේ. කොන්දේසි වර්ග කිරීම කොන්දේසි හෝ ප්‍රතිඥාව කොන්දේසි ගිවිසුමේ මුලය හා සම්බන්ධ වන අතර ඒවා බිඳීමෙන් ගිවිසුම අවලංගු වේ. අනෙක් පාර්ශවයට ගිවිසුමේ බැඳීම් වලින් ඉවත් වීමට ඉඩකඩ සලසාදෙයි. ප්‍රතිඥාව එතරම් වැදගත් නොවන අතර ඒවා බිඳීමෙන් ගිවිසුම අවලංගු නොවේ. කෙසේ නමුත් කොන්දේසි ‍හෝ ප්‍රතිඥාවන් බිඳීම හේතුවෙන් නිවැරදි පාර්ශවයට වන්දි ලබාගැනීමට අවස්ථාව සැලසේ. කොන්දේසි ගිවිසුමක මුලය හා සම්බන්ධ වන්නේ ද, නැද්ද යන්න විෂයානු බද්ධ කරුණකි. උදා: නිළියන් නාට්‍යමය නිෂ්පාදනයක පළමු දින රාත්‍රියේ දී රඟපෑමට එකඟවීම කො‍න්දේසියක් වෙයි. ගායකයකු විසින් සංගීත සන්දර්ශනයක පෙරපුහුණුවීම් සඳහා පළමු දින තුන තුළ සහභාගී වීමට එකඟ වීම ප්‍රතිඥාවකි. යෙදුමන් හෝ එම යෙදුමේ ස්වභාවය අනුව එය කො‍න්දේසියක් ‍හෝ ප්‍රතිඥාවක් වන්නේද යන්න නීතිය මඟින් ප්‍රකාශ වේ. උදා: භාණ්ඩ විකිණීමේ පනතේ 15 A වගන්තියේ නාමය, විස්තරය, තත්ත්වය හා සාම්පල (පනතේ සඳහන් පරිදි) කොන්දේසි ගණයට වැටේ. අනාමික‍ කොන්දේසි Hong kong Vs Kawasaki නඩුවේ දී විනිසුරු ඩිප්ලොක් (Diplock) සාමිවරයා විසින් අනාමික කොන්දේසි සංකල්පය ඉදිරිපත් කරන ලදී. ඒවා බිඳීම ගිවිසුමේ මුලික පරමාර්ථය ඉෂ්ට ‍නොවීම හා සම්බන්ධ ද, නැද්ද යන වග බිඳීම් ස්වභාවය මත රඳා පවතියි. මෙම කොන්දේසි බිඳීමද අන් කොන්දේසි මෙන් වන්දි ලබාගැනීමට අවස්ථාවක් සලසා දේ. එමඟින් ගිවිසුම අවලංගු වන්නේ ද? නැත්ද යන කාරණය තීරණය වන්නේ ගිවිසුම මඟින් නිවැරදි පාර්ශවයකට සලසා ඇති නෛතික වාසි ලැබේ ද? නොලැබේ ද? යන්න මතය. විනිසුරුවරයකුවන මගව් (Magaw) සාමිවරයා විසින් 1970 දී නෛතික ස්ථාවරත්වය මුල්කරගෙන කොන්දේසි හා ප්‍රතිඥා වර්ග ඉදිරිපත් කරන ලදී. Reardon Smith Line Ltd. v Hansen-Tangen ගිවිසුමක තුන්වන පාර්ශවය පෙරවිතා වාදය මඟින්, ගිවිසුමක වාසි ගනුදෙනුවක් බලාත්මක කළ හැක්කේ එයට සම්බන්ධ පුද්ගලයන්ට පමණි. සාමාන්‍යයෙන් ගිවිසුමක් බිඳීමේදී ගිවිසුම් පාර්ශ්වයන්ට සිවිල් නඩු පවරයි. නමුත් පසුගිය වසර කිහිපයේදී පෙරවිතා නීතිය යම් ප්‍රමාණයකට විඛාදිත විය. එමෙන්ම තුන්වන පාර්ශ්වයේ අර්ථලාභීන්ට, ඔවුන් පක්ෂ නොවූ ගිවිසුමක් බිඳීයාමේදී, වන්දි ලබාද එමඟින් අනුමත කර ඇත. තුන්වන පාර්ශ්වයක් ගිවිසුමකට යටත්වන අවස්ථා දෙකක් ඇත. එනම් තුන්වන පාර්ශ්වය, ප්‍රභාවී පාර්ශ්වයකට ණය ගෙවීමට එකඟ වන බව සදහා කරන මානකය හා පොරොන්දු ලාභීයා විසින් (පොරොන්දු සම්පණ්‍යයට අදාලව) අර්ථලාභීන්ට අදාල අර්ථ ලාභ ලබා දෙන්නේ දැයි සොයා බැලීමයි. පාර්ශවයන් වෙත අනුමත විත්තිවච්යන් ඇත්නම් මූලික ගිවිසුම තුන්වන පාර්ශවයේ අර්ථලාභීන් වෙත දීර්ඝ කරයි. එංගලන්තය මගින් 1999 ගිවිසුම් පනත හඳුන්වා දීම මෑත කාලීනව සිදුවු ඊට උචිත උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ගිවිසුමක අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේදනය නීතියේ ඇසට අනුව ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් පාර්ශවයන් හට සම්මුතියකට එලඹීමට නොහැකි වේ.එමෙන්ම එවිට පාර්ශ්වයන් අතර එකඟවීමේ සම්මුතියකට එලඹීමේ නීතියට අනුව ගිවිසුමක් ඇතිකිරිමටද නොහැකිය. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාද පදවලට එකඟවීමට නොහැකිවීම නිසා සම්පූර්ණ ගිවිසුම අසාර්ථක වීමට පුළුවන. කෙසේ වුවද උසාවිය මඟින් වෙළෙඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය මඟින් ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි. එමෙන්ම උසාවිය පිටස්තර ප්‍රමිතීන්ද සලකනු ලබයි. මේවා එම ගිවිසුම්වල සවිස්තරව සඳහන්ව ඇත.එසේ සඳහන් වී නැතිනම් අදාල විෂයෙහි සාමාන්‍යයෙන් අඩංගු වන පරිදි සිදුවේ. මීට අමතරව උසාවිය මඟින් පදමාලාවක් අනුදේශනය කරයි. වටිනාකමක් පෙන්වා නැත්නම් උසාවිය මඟින් සාධාරණ සහ අනන්‍ය අගයක් නියම කරයි. මෙය ඉඩමට සහ පාවිච්චි කළ භාණ්ඩවලට එකඟ නොවේ. ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභේද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සාධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමානවේ දැයි පරීක්ෂා කරයි. ගිවිසුම්කර සිද්ධාන්තය ගිවිසුම්කර සිද්ධාන්තය ගිවිසුම් නීතියේ ප්‍රධානතම නිතිමය සිද්ධාන්තය වන අතර එමඟින් ගිවිසුම් නීතියේ නියමයන් හා සංකල්පිත සැකයන් පිළිබඳව සාකච්ඡා කරයි.මෙහිදී නැගෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ගිවිසුම බලාත්මක කළ යුත්තේ ඇයි ද යන්නයි. මෙම ප්‍රශ්නයට වඩාත් පිළිගත හැකි පිළිතුරු ලෙස දිය හැක්කේ, ඉන් ලැබෙන ආර්ථික වාසි හා පොරොන්දු බලාත්මක කිරීමයි. මෙම සිද්ධාන්තික විවාදයේ තවත් පැතිකඩක් වන්නේ ගිවිසුමෙහි බැඳීම් නීතිය හා පවතින පුළුල් සබඳතාවයි. බැඳීමක් සාම්ප්‍රදායිකව ගිවිසුම් දෙකකට බෙදා වෙන්කර ඇති අතර එකක් ස්වේච්ඡාවෙන් ම වගකීම බාරගන්නා අතර එය එක් පුද්ගලයෙකු‍ට හෝ කීපදෙනකුට සීමා වේ. සිවිල් වැරදි (fort) නීතිය මඟින් පනවනු ලැබූ අයිතිවාසිකම් වැරදිසහගත ලෙස කඩකිරීම් වලින් ආරක්ෂා කිරීම පදනම් කර ගනිමින් වන අතර එහිදී බහුතරයකට වගකිව යුතු වේ. මෑතකදී ප්‍රතිෂ්ඨාපන බැඳීම් ලෙස තුන්වන ආකාරයක බැඳීම් ආකාරයක් හඳුනා ගන්න ලැබූ අතර එය අසාධාරණ ධනාරෝපනය මත පදනම් වේ. (වග උත්තරකරු පැමිණිළිකරුගේ වියදමින්) සාමාන්‍යයෙන් ගිවිසුමක වගකීම වන්නේ ගිවිසුම මඟින් බලාපොරොත්තු වන කාර්යයන් හොඳින් ඉෂ්ට කිරීමට නොහැකිවීම ය. නමුත් සිවිල් වැරදිවල ක්‍රියාවෙන් (පැහැර හැරීම නොව) තත්ත්වය නරක අතට හැරීම සහ අසාධාරණ ලෙස පැමිණිළිකරුගේ මූල්‍යමය ලාභය ගැනීම හෝ ලබා නොදී සිටීම පදනම් වේ. ඒ සඳහා වගකීම වන්නේ ඒවා ප්‍රතිස්ථාපනයයි. එක්සත් ජනපද නීතියට අනුව ගිවිසුමක් යනු පාර්ශවයන්ගේ එකඟත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ පූර්ණ නීතිමය බැඳීමයි. නමුත් පොරොන්දුවක් ඉටු කිරීම තුලින් නෛතික යුතුකමක් ඇති කිරීම සඳහා අනිවාර්යයෙන්ම කල යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාවන් දැයි දක්වා නොමැත. අයිතිවාසිකම්වල පැවත්ම, වරප්‍රසාද හා පොරොන්දුවකින් පැවරූ බලය නීතිය විසින් හඳුනා ගන්නා අවස්ථා පොදු නීතියේ විස්තර කර ඇත. ගිවිසුම් ඉදිරිපත් කිරීම සහ පිළිගැනීම කොන්ත්‍රාත්තුවක ඉතා වැදගත් ලක්ෂණය නම් මෙම ගිවිසුම් එක් පාර්ශවයක් විසින්, පිළි ගන්නා අනෙක් පාර්ශවය උදෙසා කේවල් කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන්නකි. මෙය පාර්ශවයන් දෙකක 'අභිප්‍රායන්ගේ සමගාමීත්වය' නැතහොත් 'අදහස් එකතු වීමක්' ලෙස හැඳින්විය හැකිය. මේ සඳහා දෙපාර්ශවයම එක් අභිප්‍රායක සිටින වගට එකඟත්වය පල කරන සාක්ෂි තිබිය යුතු වීම අනිවාර්ය වේ. මෙහිදී අභිප්‍රාය ලෙස හැඳින්වෙනුයේ යමෙක් සාධාරණ නිරවද්‍ය දෘෂ්ඨිකෝණයෙන් උපස්ථිතික වශයෙන් ඉදිරිපත් කිරීමක් හෝ පිළි ගැනීමක් ප්‍රමාණවත් බවයි. කාර්ලිල් එදිරිව කාබොලික් ස්මෝක් බෝල් සමාගම නඩු තීන්දුව 'ඒක පාර්ශවීය ගිවිසුමක්' සඳහා හොද උදාහරණයකි. එනම් බැඳී සිටීමක් බලපැවැත්විය හැක්කේ එහි දක්වා ඇති කොන්දේසියක අනුයංජනය එක් පාර්ශවයක් විසින් අනුමත කළහොත් පමණකි. එක්සත් ජනපදයේ පොදු නියමය නම් "සංශාය විතාර්කික අවස්ථාවකදී ඉදිරිපත් කිරීමක් යනු, අපර්ණලාභියා හට ඔහුගේ/ඇයගේ තෝරා ගැනීම මත ප්‍රාප්‍රේක්ශව ඉදිරිපත් වූ ඉල්ලීම ඉටු කිරීමට හෝ ක්‍රියාකාරීත්වය ප්‍රවාරණය කිරීමට ලබා දුන් ආරාධනාවක් වීමයි." ඉදිරිපත්කිරීම සෑම විටම වාචිකව හෝ ලිඛිතව ප්‍රකාශ කිරීම අනිවාර්‍ය නොවේ. ව්‍යංගයෙන් ගිවිසුමක් යනු කොන්දේසි වචනයෙන් විස්තර නොකරන ලද එක් අවස්ථාවකි. ව්‍යංගයෙන් කොන්ත්‍රාත්තුවක පාර්ශවයන් එහි අඩංගු දෑ සදහා විශේෂයෙන්ම අධ්‍යයනය නොකර වූවද සම්මුතියකට පැමිණ සිටීමට ඉඩ ඇත. උදාහරණයක් වශයෙන් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා වෛද්‍ය වරයෙකු වෙත යන රොගියෙකු එම ලබාගත් සේවාව සඳහා වූ සාධාරණ මිලක් ගෙවීමට එකඟ වේ. යම් හෙයකින් ඔහු/ඇය එම ගෙවීම පැහැර හැරීම ගිවිසුම් කඩ කිරීමකි. ව්‍යංග ගිවිසුමක් අර්ධ ගිවිසුමක් වශයෙන්ද හැඳින්විය හැකිය. මක් නිසාද යත් එය කොන්ත්‍රාත්තුවක පාරිසිද්දියක් නොවේ. එනම් එවැනි අවස්ථාවලදි අධිකරණයට පිළියම් යෙදීමට හැකිය. උදාහරණයක් ලෙස පයිප්ප වැද්දුම්කරුවෙක් වතුර මලක් වැරදි තණකොල පිටියක සවි කළහොත්, නිවසේ හිමිකරු ඔහුගේ අසල්වාසියා නව වතුර මල් පද්ධතියක ලැබූ බව දැකීමෙන් දැන ගනී. එම දින උදයේ වැද්දුම්කරු විසින් වැරදීමකින් එය ඔහුගේ තණකොළ පිටියේ සවි කරනු දකී. නමුත් ඔහු ඒ ගැන කිසිවක් නොපවසා සිටියි, එසේම වැද්දුම්කරු බිල්පත ඔහු අතට පත් කළ විට එය ගෙවීම පැහැර හරියි. එම පුද්ගලයා ගෙවීම සඳහා බැඳී සිටීද? ඇත්ත වශයෙන්ම අධිකරණය හමුවේ ඔහු/ඇය වෑද්දුම්කරු විසින් අතපසුවීමකින් එය සවි කරන බව දැන සිටි බව ඔප්පු කළහොත් ඔහු/ඇය එම ගෙවීම සඳහහා බැඳී සිටී. එසේ ඔප්පු කළ නොහැකිනම් ඔහු ඒ සඳහා බැඳීමක් නොමැත. මෙවැනි හිමිකම් පෑමක් " සේවා ප්‍රමාණික" ලෙස හැඳින්වේ. ගිවිසුම් ප්‍රතිෂ්ඨාව පරිබාධකය ප්‍රතිෂ්ඨාව යනු පොදු නීතිය යටතේ ගිවිසුමක අන්තර්ගත වන එහෙත් විවාදයට බඳුන් වූ කාරණයකි. මෙහි මූලික අදහස නම් ගිවිසුමට අදාල පාර්ශවයන් විසින් කේවල් කිරීම සඳහා වටිනාකමක් ඇති යමක් ඉදිරිපත් කළ යුතු වීමයි. එම තත්ත්වය එක් පාර්ශවයකට වාසිදායක වීම හෝ හානිදායක විය හැකි ප්‍රතිෂ්ඨා රීතින් තුනක් මඟින් පාලනය වේ. ප්‍රතිෂ්ඨාව 1. ප්‍රතිෂ්ඨාව සරිලන ප්‍රමාණයට විය යුතු අතර ප්‍රමාණවත් වීම අත්‍යාවශ්‍ය නොවේ. උදා: පැන්සයකට කාරයක් මිලදී ගැනිම සඳහා නෛතිකව බැඳීසිටින ගිවිසුමක් ඇතිකර ගත හැකිය. මෙහිදී ප්‍රතිෂ්ඨාව ප්‍රමාණවත් නොවීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවීම, එක් පාර්ශ්වයක ප්‍රතිෂ්ඨාවට අනෙක් පාර්ශ්වයේ ප්‍රතිෂ්ඨාව වඩා විශාල වශයෙන් වැඩි වීම එම ගිවිසුම අවලංගු වීමට බලපෑ හැකි හේතු වීමට ඉඩඇත. එවැනි ගිවිසුම් වංචාව, බලකිරීම හෝ අසමාන කේවල් කිරීමේ බලය හෝ මහජන ප්‍රතිපත්ති වලට පටහැනි වීම හෝ යනාදි හේතූන් නිසා අවලංගු කළ හැකිය. තවත් අවස්ථාවක දී සමපාර්ශ්වීය ගිවිසුම් පැවතිය හැකි අතර එහි දී එක් ගිවිසුමක් තවත් ගිවිසුමක් සඳහා ප්‍රතිෂ්ඨාවක් වේ. කෙසේ වෙතත් ප්‍රතිෂ්ඨාව අර්ථ විරහිත දෙයක් බවට පවතින විවේචන ඉතාමත් අල්පය. 2. ප්‍රතිෂ්ඨාව අතීත දෙයක් නොවිය යුතුය. Eastwoos Vs Kengon නඩුවේ දී තරුණියකගේ භාරකරු විසින්, ඇගේ අධ්‍යාපනය හා අනාගත දියුණුවටත්, විවාහය සඳහාත්, ණයක් ලබාගත් අතර විවාහයට පසුව ඇගේ ස්වාමිපුරුෂයා එම ණය ගෙවා දැමීමට එකඟ විය. අධිකරණ තීන්දුව වූයේ භාරකරුට එම පොරොන්දුව බලාත්මක කළ නොහැකි බවත් ඇගේ අධ්‍යාපනයට ණය ලබා ගැනීම අතීත ප්‍රතිෂ්ඨාවක් බවත් එය ඇගේ සැමියා ගෙවීමට පොරොන්දු වීමට පෙර සම්පූර්ණ වූ බවත් ය. 3. ප්‍රතිෂ්ඨාව පොරොන්දුව ලැබූ තැනැත්තාගෙන් විය යුතුය. A පුද්ගලයා විසින් C පුද්ගයාට B පුද්ගයා කළ සේවයට ගෙවීමට පොරොන්දු වීම එවැනි පොරොන්දු ලාභීන් කිහිපයන් සිටින වටයක දී ප්‍රතිෂ්ඨාව ඉන් එක් අයෙකුගෙන් පමණක් විය යුතුය. සිවිල් නීති සම්ප්‍රදායේ දී නම් පොරොන්දු හුවමාරු කර ගැනීම හෝ ඒකමතිකව සිටීම හෝ වටිනා දේවල් හුවමාරු කරගැනීම හෝ වඩා නිවැරදි ක්‍රමයක් බව පිළිගැනේ. ඔබ ම‍ට පොතක් දීමට පොරොන්දු වුවහොත් මම ඔබට කිසිවක් ආපසු නොදී එම ත්‍යාගය පිළිගන්නේ නම් මට ඒ පොත සඳහා නීතිමය අයිතිවාසිකමක් ඇති අතර ඔබ මට පොත ත්‍යාගයක් වශයෙන් දුන්නාය යන සිතුවිල්ලද මාහට වෙනස් කළ නොහැකිය. පොදු නීති සම්ප්‍රදායේ පූර්ව ගිවිසුම් ගණුදෙනු වලදී කුල්බා සංකල්පය (Culpa) නමින් පරිබාධකය ප්‍රභේදයක් භාවිතයට ගැනීම මේ වනවිට ඉහළ යමින් පවතී. පරිබාධකය සාධාරණත්වය මත පදනම් වූ මතවාදයකි. එහි දී එක්පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට සහතික වන අතර එම පාර්ශවය එම සහතික වීම මත රඳාපැවතීමෙන් හානිදායක අවස්ථාවන් වලදී නෛතික බැඳීම ඇති කරයි. විශ්ලේෂණයන් ගණනාවක් පරිබාධකය වෙනුවට භාවිත කළ හැකි බවට ද යෝජනා කරයි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවලට වඩා මෙම සංකල්පය ඉවත් කිරීමේ හැකියාව ඇත්තේ ව්‍යවස්ථාදායකයට ය. ගිවිසුමක් නිශේධනය කිරීම ගිවිසුමක් නිශේධ කරන ප්‍රධාන ක්‍රම 3ක් පවතී. ගිවිසුමක් ශූන්‍ය ( බල රහිත ) කිරීම, අත්හළ හැකි වීම හෝ බලාත්මක කළ නොහැකි වීම එම අවස්ථා 3 යි. බල රහිත කිරීම මගින් ගිවිසුම කිසිලෙසකින් භාවිතයට නොගත් ලෙස සැලකෙයි. අත්හැරීම මගින් දෙපාර්ශවයම ගිවිසුම තම තමාගේ සිතැඟි අනුව නොවන නිසා අත්හැරීම දක්වයි. බලාත්මක කළ නොහැකි වීම කිසිදු පාර්ශවයකට අධිකරණයට යාම මග අහුරුවාලයි. මන්ධාවදමනය යන්නෙන් ගිවිසුමක් හකුලා ගැනීම දක්වාලයි. සාවද්‍ය නිරූපණය සාවද්‍ය නිරූපණය යනු එකපාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය ගිවිසුමට ඈඳා ගැනීම සඳහා ඒ පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දී මුලා කරනු ලැබීමයි. උදාහරණයක් ලෙස යම් යම් අවස්ථාවලදී වෙළඳුන් විසින් භාන්ඩවල තත්ත්වය සහ ස්වභාවය පිළිබඳ ලබා දෙන වැරදි පොරොන්දු දැක්විය හැකිය. සාවද්‍ය නිරූපණයක් හඳුනාගත් අවස්ථාවකදී ඒ සඳහා වන්දි ලබා ගනීමට හෝ මන්ධාවදමනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත. ගිවිසුම් නීතියට අනුව සාවද්‍ය නිරූපණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. සිද්ධියක ප්‍රෝඩාව සහ ප්‍රේරිත ප්‍රෝඩාව යනු ඒවායි. සිදුවීමක ප්‍රෝඩාව මගින් ප්‍රධාන වශයෙන් අනෙක් පාර්ශවය ගිවිසුමට බැඳීමට යන වග දැන සිටියේද යන්න පිළිබඳව සලකා බලයි. එසේ නොදැන සිටියේ නම් එම ගිවිසුම බල රහිත එකකි.ප්‍රේරිත ප්‍රෝඩාවකදී අනෙක් පාර්ශවය ගිවිසුමට පෙළඹ වූ නිරූපණය පිළිබඳව සලකා බලයි. එය එම පාර්ශවය මගින් දැන සිටියේ නම් ගිවිසුම ප්‍රතික්ෂෙප කිරීමට තිබූ අවස්ථාවකදී ගිවිසුම අත් හල හැකිය. ගෝර්ඩන් එදිරිව දුන් සෙලිකෝ තීන්දුවට අනුව සාවද්‍ය නිරූපණය කියනලද හෝ කරන ලද සියල්ල මතම සිදු නොවන නමුදු එය වචනයෙන් හෝ පැවැත්ම මගින්ද සිදු කළ හැකිය. පොදුවේ මතයක් ප්‍රකාශ කිරීම හෝ අභිප්‍රායක් දැක්වීම මේ යටතට නොවැටේ. නමුත් එක් පාර්ශ්වයක් විසින් ඒ සඳහා ඔහුගේ විශේෂ දැනුමට අය කරයි නම් එය සාවද්‍ය නිරූපණයකි. අතපසුවීම අතපසුවීමක් යනු පාර්ශවයක් හෝ පාර්ශව කීපයක් මගින් ලබා ගන්නා ලද වැරදි අවබෝධයකි. පොදු නීතිය මගින් ප්‍රධාන වශයෙන් වරද 3 ක් හඳුනාගෙන ඇත. ඒවා නම් ඒකපාර්ශවික වරද, අන්‍යෝන්‍ය වරද සහ පොදු වරදයි. ඒකපාර්ශවික වරදක් යනු ගිවිසුමට අදාල එක් පාර්ශවයක් පමණක් එහි විෂය පථයට අනුකූලවූ වරදක් සිදු කළ අවස්ථාවකි. මෙවැනි අවස්ථාවකදී අධිකරණය විසින් වරද සිදු කළ පාර්ශවය එය දැනුවත්ව වංචනීය අදහසින් සිදු නොකරන ලද්දක් නම් එය පිළි ගනී. අන්‍යෝන්‍ය වරදකදී ගිවිසුමේ දෙපාර්ශවයම වරද සිදු කර ඇත. ඔවුන් තම යම් කිසි අනෙකකට ගිවිසුන බව විශ්වාස කරයි. අධිකරණය මගින් සාමාන්‍යයෙන් නිරවද්‍ය හේතුවක් දැක හැකි නම් එය පිළිගනී. නමුත් මෙමගින් අහිතකර ලෙස බලපැවතුණු පාර්ශවය හට ගිවිසුම අත්හළ හැකිය. පොදු වරද යනු දෙපාර්ශවයම එකම කරුණ පිළිබඳව වැරදි අවබෝධයකින් සිටීමයි. මෙය බෙල් එදිරිව ලිවර් සහෝදරයෝ සහ සමාගම තීන්දුව මගින් දක්වාලනු ලබයි. උත්තර්ජනය සඳහා අයථා බලපෑම් සිදුකිරීම උත්තර්ජනය යනු "පුද්ගලයෙකුට යම් කිසිවක් ඔහුගේ හෝ ඇයගේ සිතැඟිවලට හෝ තීන්දුවට හෝ එරෙහිව සිදු කිරීම සඳහා සිදු කරන හානිකර බලපෑම" ලෙස හඳුන්වා ඇත. උදාහරණයක් ලෙස් බාර්ටන් එදිරිව ආම්ස්ට්‍රෝන්ග් තීන්දුව, එනම් ආම්ස්ට්‍රෝන්ග් විසින් බාර්ටන්ට මරනීය තර්ජන එල්ල කර ගිවිසුමට අත්සන් ගැනීම. අධිකරණය විසින් අයථා බලපෑම යටතේ ගිවිසුම නිශේධ කරන ලදී. මෙහිදී වැරදි නොකළ පාර්ශවයට ගිවිසුම නිශේධ කිරීම සඳහා ඔප්පු කළ යුත්තේ අනෙක් පාර්ශවය විසින් ගිවිසුමට එළඹීමට බලපෑමක් එල්ල කළ බව හා එනිසාම ගිවිසුමට බැඳුනු බව පමණි. අයථා බලපෑම යනු යමෙකු විසින් තම තත්ත්වය නොහොත් තරාතිරම භාවිතා කොට අනෙක් පාර්ශවයකට බලපෑම් කිරීමයි. නමුත් නීතිය මගින් දෙමාපිය දූදරු නීතීඥ සේවාදායක වැනි සමහරක් විශේෂ සබඳතා මත සිදු කරන එවැනි බලපැවැත්වීම් අනුමත කර ඇත. මක් නිසාදයත් මෙහිදී එක් පාර්ශවයක් විසින් අනෙකාගේ සුභසිද්ධිය උදෙසා විශේෂ අවධානමක් ගන්න බැවිනි. නමුත් මෙවැනි සාධාරණ තත්ත්වයක් සාධනය කළ නොහැකි විට අධිකරණය මගින් එවැනි ගිවිසුම් අවලංගු කරයි. ඔඩොරිස්සි එදිරිව බ්ලූම්ෆීල්ඩ් පාසල් දිස්ත්‍රික්කය බලන්න. සීමිතභාවය සමහර අවස්ථාවලදී සාමාන්‍ය හෝ කෘත්‍රිම පුද්ගලයන්ගේ ගිවිසුම් බලාත්මක කිරීමේ හෝ එවැනි බලාත්මක කළ ගිවිසුම් තබා ගැනීමේ හැකියාව සීමිත වේ. එනම් ළදරුවෙකුට හෝ කුඩා ළමයෙකුට ඔවුන් සතු කේවල් කිරීමේ බලය භාවිත කළ නොහැකිය. එසේම විධායක නොවන අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ සමාගම වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමෙන් වලක්වයි. මක් නිසාදයත් එය ඔවුන්ගේ බලතල වලින් එපිටව පවතින්නක් බැවිනි. තවත් උදාහරණයක් නම් අබාධිතව හෝ බීමත්කම නිසා විකෘති හෝ මන්ද මානසිකභාවයෙන් පෙළෙන්නන් දැක්විය හැකිය. එවැන්නන් හා බැඳුණු ගිවිසුම් හෝ පොරොන්දු ශුන්‍ය හෝ අත්හළ හැකි වේ. සීමිතභාවයට අදාල නීතිය පළිහක් ලෙස හෝ පුද්ගලයන්ව ඒජන්තවරුන් ලෙස ක්‍රියා කිරීමට ප්‍රතිභාධනයක් ලෙසද ක්‍රියා කරයි. නීති විරෝධී ගිවිසුම් යම් ගිවිසුමක් නීතිවිරෝධී ක්‍රියාවකට හෝ පොදු පිළිවෙතකට එරෙහිව පාදක වූවක් නම් එවා ශුන්‍ය ගිවිසුම් වේ. මේ සඳහා කැනේඩියානු උදාහරණයක් ඇත.එය නම් රාජකීය කැනේඩියානු බැංකුව එදිරිව නෙවිල්, කාන්තාවක් තම සැමියාගේ අත්සන අයථා ලෙස වංචනිකව යොදා බැංකුවෙන් $58000ක් වටිනා චෙක් පත් 40ක් මාරු කරගන්නා ලදී. නමුත් ඇයව අපරාධයෙන් බේරා ගැනීමට සැමියා විසින් බැංකුව මගින් නිර්මිත "එම චෙක් පත් සඳහා වූ සියලු වගකීම් සහ බැරකම් ඔහු සතුය" යනුවෙන් දැක්වෙන ලියවිල්ලකට අත්සන් තබන ලදී. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි වූ අතර අධිකරණය මගින් එය නිශේධ කරන ලදී. මක්නිසාදයත් එහි ප්‍රධාන අරමුණ වූයේ අපරාධයක් වසන් කිරීමයි. මෙනිසා බැංකුවට එම සැමියා විසින් ගෙවූ මුදල නැවත ගෙවීමට නියෝග කරන ලදී. එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කළ නොහැකි ගිවිසුම් වන්නේ චර පුරුෂයෙකු හෝ රහස්‍ය ඒජන්තවරයෙකු ලෙස සේවයට බැඳුණු ගිවිසුම්ය. මක් නිසාද යත් අතිශය රහස්‍යභාවය ගිවිසුමේ කොන්දේසියක් වන බැවිනි. යම්හෙයකින් චරපුරුෂයා රජයට එරෙහිව වැටුප හෝ වරප්‍රසාද පිළිබඳව නඩු පවරයි නම් එය ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමකි. මෙනිසා එය මෙය පාදක කොටගෙන මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පොදු සම්මුතීන් යටතේ බලාත්මක කළ නොහැකිය. අනෙක් මෙවැනි ගනයේ ගිවිසුම් නම් නියමිත අවම වැටුපට වඩා අඩුවෙන් සේවය කිරීමට එළඹෙන ගිවිසුම්ය. මෙහිදී සේවකයාගේ වන්දි ලබා ගැනීමේ අයිතිය ඔහුද වරදකට යටත්වීම නිසා අහෝසි වී යයි. ගිවිසුම් කඩකිරීම් සඳහා පිළියම් ගිවිසුම් කඩකිරීමක් යනු එය ගිවිසුමේ සඳහන් වූ පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමකි. ගිවිසුමක් කඩ වූ පසු එය අත්හැර නොදැමූ බව සලකා පිළියම් කළ හැකි ක්‍රම රැසක් පවතී. දර්ශීය වශයෙන් ගිවිසුම් කඩවීමකට යෙදිය හැකි පිළියම නම් මුදල්මය අලාභහානි ප්‍රදානය කිරීමයි. නමුත් යම් අනන්‍ය විෂයානුබද්ධ අවස්තාවක් සමග ගනුදෙනු කිරීමේදී විශේෂ කාර්‍යසාධනයක් නියෝග කළ හැකිය. බොහෝ රාජ්‍යන්ට අනුව එක්සත් රාජධානියේ කිරුළ දරන්නා හට 1948 ට පෙර ගිවිසුම් කඩ කිරීම් වෙනුවෙන් දඩුවම් කිරීම කළ නොහැකි විය. නමුත් ගිවිසුම්කරුවන් එවන් අවස්ථාවලදී ගිවිසුම්වලට එළඹීමට අදිමදි කිරීමක් කළහැකිය. එසේම අයිතිවාසිකම් පෙත්සම් යටතේ වූ වන්දි ගෙවීම්ද ස්වදේශ කටයුතු භාර ලේකම්වරයා හෝ ඇටෝනි ජෙනරාල් විසින් හෝ පිටසන් කළ යුතු විය.ක්‍රව්න් ප්‍රොසීඩිං ඇක්ට් නම් 1947 කිරුළ දරන්නාද අනෙක් ඕනෑම අයෙකු මෙන් උසාවිය ඉදිරියේ ගිවිසුම් කඩවීම් සඳහා වන්දි ගෙවීමට මග විවර කරන ලදී. අලාභහානි ප්‍රධාන වශයෙන් අලාභහානි ආකාර හතරකි. ගිවිසුම කඩවීම සිදු වූ පාර්ශවයට වන්දි ගෙවිමට සිදුවන අලාභ හානි. මෙම අලාභ හානි ප්‍රධාන වශයෙන් දෙකොටසකි, එනම් අලාභ හානි සහ ඍජු අලාභහානි වේ. අවම මූල්‍යමය වටිනාකමක් සහිත නාමමාත්‍රික අලාභහානි වරද සිදු කළ පාර්ශවයට දඬුවම් අත් කළ හකි දණ්ඩණීය අලාභහානි. මේව බොහෝ විට වංචාකරීව හැසිරුණු අවස්ථාවලදී භාවිතා වේ. අනාගතයේදී එම වරදම සිදු කරන්නන් හට එය සිදු කිරීම අධෛර්‍ය කිරීම සඳහා යොදා ගන්නා නිදර්ශනීය අලාභ හානි. වන්දි ගෙවිය යුතු අලාභහානි ප්‍රධානය කෙරෙනුයේ පාර්ශවයක් ගිවිසුම නිසිලෙස ක්‍රියාත්මක කිරීමට සමත්වී නම් ඔහු වඩා යහපත් තත්ත්වයට රැගෙන ඒම සඳහාය. මේ සඳහා ඔවුන් ගිවිසුම ක්‍රියාත්මක කළේ නම් ලැබීමට තිබූ ප්‍රතිලාභය පිළිබඳ නිෂ්චිත ඇඟයීමක සිටිම අනිවාර්‍ය වේ. තවද ගිවිසුම් කඩවීමක් සිදුවූ විට එම කඩකිරීම සිදු නොකළ පාර්ශවයට අලාභහානිය අවම කිරීමට හෝ එය ආවරණය කිරීමට අනෙක් පාර්ශවයට වගකීමක් ඇත්තේය. එසේ දූරදර්ශිතව හඳුනාගෙන අමතර අවදානමක් හෝ වියදමක් හෝ අමානුශිකත්වයක් නොමැතිව වළක්වාගත හැකිව තිබූ කඩකිරීම් සඳහා වන්දි අය කිරීමක් සිදු කළ නොහැකිය. හාර්ඩ්ලි එදිරිව බැක්සන්ඩේල් තීන්දුවෙන් පොදු සහ ආනුභාවිත අලාභහානි සංස්ථාපිත කෙරිණි. පොදු අලාභහානි යනු ගිවිසුමක් කඩවීමකදී ස්වභාවිකව උපදින අලාභහානි වේ. ආණුභාවිත අලාභහානි යනු එසේ ගිවිසුම් කඩ වීමකදී සාමාන්‍යයෙන් ඇති නොවන නමුත්, ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී දෙපාර්ශවය විසින්ම එකඟ වූ අලාභහානි වේ. උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකු ව්‍යාපාරික හමුවක් සඳහා යාමට කාරයක් කුලියට ගෙන එම හමුව සඳහා යාමට පැමිණි විට කාරය නොමති වුවහොත්, පොදු අලාභහානිය වනුයේ වෙනත් කාරයක් කුලියට ගැනීම සඳහා යන වියදමයි. නමුත් දෙපාර්ශවයම කාර්ය කුලියට ගැනීමේ සැබෑ හේතුව දන සිටි නිසා ආනුභාවිත අලාභහානිය වනුයේ එම ව්‍යාපාරික අවස්ථාව මගහැරීමෙන් වන පාඩුවයි. කෙසේ නමුත් මෙම පාඩුව වළක්වාගත හැකිව තිබූ පාඩුවකි. මක්නිසාදයත් කාරය එම ස්ථානයේ නොතිබීම එම පුද්ගලයාට වෙනත් කාරයක් කුලියට නොගැනීමට අයිතියක් නොදෙන බැවිනි. ඔබ ගිවිසුමකින් බැඳී ඇති ඕනෑම අවස්ථාවක එය යමක් සම්පූර්ණ කිරීමට ඉල්ලා සිටී, සහ යමෙකු ඔබට එය ඔබගේ ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර සම්පූර්ණ කිරීමට දන්වා සිටී නම්, මෙය පූර්වාපේක්ශිත ගිවිසුම් කඩ කිරීමක් ලෙස හැඳින්වේ. එසේම එය අනපේක්ෂිත හෝ ගෙවිය යුතු වන්දි මුදල නිෂ්චිතව ගණනය කළ නොහැකි අවස්ථා වලදී අධිකරණය විසින් හානි ඌ පාර්ශවය ගිවිසුමට එළඹීමට පෙර සිටි තත්ත්වයට පත් කිරීමට උවමනා තරම් වන්දි මුදලක් ගෙවීමට නියෝග කළ හැකිය. නිශ්චිත කාර්ය සාධනය එක්සත් ජනපදයේදී ගිවිසුමක් කඩවීම නිසා වන්දි ලැබීමට හෝ නිශ්චිත කාර්ය සාධනය ලබා ගැනීමට හානි වූ පාර්ශවය විසින් සිවිල් නඩුවක් පැවරිය යුතු වේ. යම් හෙයකින් ගිවිසුමෙහි සමථකරණ වගන්තියක්/ඡේදයක් ඇතුළත්ව තිබේ නම් පීඩාවට පත් වූ පාර්ශවය ගිවිසුමේ එකඟ ඌ වගන්ති ප්‍රකාරව සමථකරන වන්දියක් ඉදිරිපත් කළයුතු වේ. බොහෝ ගිවිසුවලට එළඹීමෙන් පසුව ඇතිවන ආරවුල් අධිකරණයට යාම වෙනුවට සමථකරණයෙන් විසඳිය යුතු බවට දක්වා ඇත. සුරකුම්පත් තැරව්කරුවන් සහ වෙළෙන්දන්ට එරෙහිව ගනුදෙනුකරුවන්ගෙන් එල්ලවන වන්දි අය කරගැනීම් බොහෝවිට හෝ සම්පූර්ණයෙන්ම පාහේ සමථකරණයෙන් විසඳෙනු ලැබේ. මක්නිසාදයත් ඔවුන්ගේ NASD හෝ NYSE වැනි ස්ව-යාමක ආයතන සමග ඇති සාමාජිකත්ව වගන්ති හා කොන්දේසි වලට අනුව එම තැරව්කාර ගිවිසුම්වල සමතකරණ වගන්ති තිබීම අනිවාර්‍ය වේ. එසේම සමහර වන්දි අය කිරීම් ඒවායේ සාමන්‍ය පොදු පිළිගැනීම ඉක්මවා යන විට (උදාහරන ලෙස එක් පාර්ශවයක් නීති විරෝධී ක්‍රියාවක යෙදීම හේතුවෙන් ඇති වන අලාභහානි වලදී) සමතකරණ වගන්ති ඇතුළත් කළ නොහැකිය. සාමන්‍ය අධිකරණ තීන්දුවක් ආකාරයෙන්ම බලපවත්වනු ලබන බවයි. කෙසේ නමුදු වංචාවකට අදාළ නොමැතිනම් සමතකරණ තීන්දුවෙන් නිදහස් කරනු ලැබේ. එංගලන්තයේ සහ වේල්සයේ, ගිවිසුමක් කඩකිරීම වැළැක්වීමට වන්දියක් බලපැවැත්විය හැකිය. එසේ නැතහොත් හදිසි අවස්ථාවකදී අතුරු තහනම් නියෝගයක් මගින් බලපැවැත්විය හැකිය. පීඩාවට පත් වූ පාර්ශවය ගිවිසුම කඩවීම සහ එහි අනිටු ඵලවිපාක සැලකිල්ලට ගෙන එවැනි කඩවීමකදී මූල්‍යමය වශයෙන් මිළ කළ නොහැකි නම් එය වැළැක්වීම සඳහා තහනම් නියෝගයකට අයදුම් කළ හැකිය. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කවුඩුල්ල ජාතික උද්‍යානය [/INST] මුළු භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. උද්‍යානය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරුළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි. කවුඩුල්ල ජාතික උද්‍යානය ආශ්‍රිත දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්‍යානයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත. කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්‍යානයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන ඔබ්බට ගමන් අරඔයි. උද්‍යානයට 1500 mm -2000 mm වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්‍රේල් සිට ඔක්තෝම්බර දත්වා වියළි තාලගුණයත් පවති. කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් ඵත්රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුමියේය. මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්‍රී ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ. ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම ව්ශේෂයෙන්ම ව්යළි කාලයේ අලි ඇතුන්ගේ වාසයට මනා පරිසරයක් උදාතර දේ. නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද, තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා, තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්‍ෂක සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්‍යානය තුළ දැකගත හැකිය. කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි. උද්‍යානය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය. මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්‍ෂි විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය. උද්‍යානයේ පවතින ශාක ප්‍රජාව වියළි සදාහරිත වනාන්තර වලට අයත් වේ. කුඹුක්, පළු, වීර, මයිල සහ මාදම් වැනි ශාක දැකගත හැකිය.ඇළ මාර්ග සහ දිය පාරවල් දෙපස ඉවුරු නිල්වන් පරිණත ගංගා ආශ්‍රිත වනාන්තර පෝෂණය කරයි. හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්‍යානය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මගිනි. ඵය 2002 අප්‍රේල් මස 01 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රි ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි. එහි ඡෛව විවිධත්වය සහ ඡල විද්‍යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය. සත්ත්ව සහ ශාක සංරක්‍ෂණය පනත යටතේ උද්‍යානය නම් කර ඇත. ගමන් මාර්ගය හබරණ සහ පොළොන්නරුව යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ සිට උතුරු දෙසට මිනිත්තු 20 ක රිය පැදවීමකින් කවුඩුල්ල වෙත ලඟා විය හැකිය. උපුටා ගැනීම රක්‍ෂිත ප්‍රදේශ කළමණාකරණ සහ වනජීවී සංරක්‍ෂණ ව්‍යාපෘතියේ ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: හයිඩ්‍රජන් [/INST] හයිඩ්‍රජන් වූකලී අවර්ණ ගන්ධයකින් හා රසයකින් තොර වායුවකි. එය විෂක් නොවන මුත් ස්වසනයට ආධාර නොවේ. එය දන්නා අඩුම ඝනත්වයකින් යුත් පදාර්ථයයි. සම්මත තත්ත්ව වලදි ඝනත්වය ලිටරයකට ග්‍රැම් 0.08999 ක් පමණ වේ. සෙල්සියස් අංශක -259.2 ක තපාංකයක්ද -259.2 එය සුදු ස්ඵටිකරූපි ඝනයක් ලෙස මිදෙයි. ඉතිහාසය 1671 දී රොබට් බොයිල් යකඩ ගොනු කිරීම සහ තනුක අම්ල අතර ප්‍රතික්‍රියාව සොයාගෙන විස්තර කළ අතර එමඟින් හයිඩ්‍රජන් වායුව නිපදවනු ලැබේ. 1766 දී හෙන්රි කැවෙන්ඩිෂ් හයිඩ්‍රජන් වායුව විවික්ත ද්‍රව්‍යයක් ලෙස හඳුනාගත්තේ ලෝහ-අම්ල ප්‍රතික්‍රියාවකින් වායුව “ගිනි අවුලුවන වාතය” ලෙස නම් කිරීමෙනි. "ගිනි අවුලුවන වාතය" ඇත්ත වශයෙන්ම "ෆ්ලොජිස්ටන්" යන උපකල්පිත ද්‍රව්‍යයට සමාන බව ඔහු අනුමාන කළ අතර 1781 දී වායුව දහනය කිරීමේදී ජලය නිපදවන බව තවදුරටත් සොයා ගත්තේය. මූලද්‍රව්‍යයක් ලෙස හයිඩ්‍රජන් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට සාමාන්‍යයෙන් ගෞරවය හිමි වේ. 1783 දී ඇන්ටොයින් ලැවොසියර් විසින් මූලද්‍රව්‍යයට හයිඩ්‍රජන් යන නම ලබා දෙන ලදි (ග්‍රීක ὑδρο- හයිඩ්‍රෝ යන්නෙහි අර්ථය “ජලය” සහ “ජාන” යන්නෙහි අර්ථය “මැවුම්කරු” යන්නයි) ඔහු සහ ලැප්ලේස් විසින් කැවෙන්ඩිෂ් විසින් හයිඩ්‍රජන් දහනය කරන විට ජලය නිපදවන බව සොයා ගන්නා ලදී. [5] ඇන්ටොයින්-ලෝරන්ට් ඩි ලැවොසියර් ලැවොසියර් මහා සංරක්ෂණය පිළිබඳ සිය අත්හදා බැලීම් සඳහා හයිඩ්‍රජන් නිපදවූයේ ගින්නකින් රත් වූ තාපදීප්ත යකඩ නළයක් හරහා ලෝහමය යකඩ සමඟ වාෂ්ප ප්‍රවාහයක් ප්‍රතික්‍රියා කිරීමෙනි. ඉහළ උෂ්ණත්වයේ ඇති ජල ප්‍රෝටෝන මගින් යකඩ නිර්වායු ඔක්සිකරණය කිරීම පහත ප්‍රතික්‍රියා සමූහය මඟින් ක්‍රමානුකූලව නිරූපණය කළ හැකිය: Fe + H2O → FeO + H2 2 Fe + 3 H2O → Fe2O3 + 3 H2 3 Fe + 4 H2O → Fe3O4 + 4 H2 සර්කෝනියම් වැනි බොහෝ ලෝහ හයිඩ්‍රජන් නිපදවීමට තුඩු දෙන ජලය සමඟ සමාන ප්‍රතික්‍රියාවක් සිදු කරයි. පුනර්ජනනීය සිසිලනය සහ ඔහුගේ නව නිපැයුම වන රික්තක නළය භාවිතා කරමින් 1898 දී ජේම්ස් දේවර් විසින් හයිඩ්‍රජන් ප්‍රථම වරට ද්‍රවකරණය කරන ලදී. ඔහු ඊළඟ වසරේදී hydrogen හෙවත් හයිඩ්‍රජන් නිපදවීය. 1931 දෙසැම්බරයේ හැරල්ඩ් යූරි විසින් ඩියුටීරියම් සොයා ගන්නා ලද අතර 1934 දී අර්නස්ට් රදෆර්ඩ්, මාක් ඔලිෆන්ට් සහ පෝල් හාර්ටෙක් විසින් ට්‍රිටියම් සකස් කරන ලදී. සාමාන්‍ය හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් වලින් සමන්විත අධික ජලය 1932 දී යුරේගේ කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී. 1806 දී ෆ්‍රැන්කොයිස් අයිසැක් ඩි රිවාස් විසින් පළමු ද රිවස් එන්ජිම හයිඩ්‍රජන් හා ඔක්සිජන් මිශ්‍රණයකින් බල ගැන්වෙන අභ්‍යන්තර දහන එන්ජිම නිපදවන ලදී. එඩ්වඩ් ඩැනියෙල් ක්ලාක් විසින් 1819 දී හයිඩ්‍රජන් ගෑස් පුපුරායාම සොයා ගන්නා ලදී. පළමු හයිඩ්‍රජන් පිරවූ බැලූනය 1783 දී ජැක් චාල්ස් විසින් සොයා ගන්නා ලදී. [5] හෙන්රි ගිෆාර්ඩ් විසින් 1852 දී පළමු හයිඩ්‍රජන් එසවූ ගුවන් යානය සොයා ගැනීමෙන් පසුව හයිඩ්‍රජන් විසින් පළමු විශ්වාසදායක ගුවන් ගමන් සඳහා සෝපානය සපයන ලදී. ජර්මානු ගණන් කළ ෆර්ඩිනන්ඩ් වොන් සෙප්පලින් හයිඩ්‍රජන් විසින් ඔසවන ලද දෘඩ ගුවන් යානා පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළේය. එහි පළමු ගුවන් ගමන 1900 දී සිදු විය. නිතිපතා නියමිත ගුවන් ගමන් 1910 දී ආරම්භ වූ අතර 1914 අගෝස්තු මාසයේදී පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වන විට ඔවුන් බරපතල සිදුවීමකින් තොරව මගීන් 35,000 ක් රැගෙන ගොස් තිබුණි. හයිඩ්‍රජන් ඔසවන ගුවන් යානා යුධ සමයේදී නිරීක්ෂණ වේදිකා සහ බෝම්බ හෙලන ගුවන් යානා ලෙස භාවිතා කරන ලදී. ආශ්‍රිත ලිපි මූලාශ්‍ර බාහිර යොමු තරංග යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික හයිඩ්‍රජන් ගණනය කිරීම් හයිඩ්‍රජන් (නොටින්හැම් සරසවිය) හයිඩ්‍රජන් කලා සටහන හයිඩ්‍රජන්වල තරංග ශ්‍රිතය මූලද්‍රව්‍යය </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මැනිතෝ [/INST] මැනිතෝ (; Manéthōn, gen.: Μανέθωνος) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙලනිස්තික යුගයේ ටොලමයික රාජධානියේ සෙබෙනිටොස් () ප්‍රදේශයේ විසූ ඊජිප්තු පූජකයෙකි. ඔහු විසින් ග්‍රීක බසින් රචනා කරන ලද ඊජිප්ටියකා (ඊජිප්තුවේ ඉතිහාසය) ග්‍රන්ථය පුරාතන ඊජිප්තු රජවරුන්ගේ රාජ්‍ය සමයයන් හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන කාලානුක්‍රම මූලාශ්‍රයක් ලෙස සැලකේ. කෙසේනමුත් ඔහු මෙම රාජාවලිය රචනා කරන ලද්දේ ටොලමි I සෝටර් සහ ටොලමි II ෆිලඩෙල්ෆෝස් යන පාරාවෝවරුන් දෙදෙනාගෙන් කවර රාජ්‍ය සමයේද යන්න අපැහැදිලි ය. එසේවුවද එය ටොලමි III යුවර්ගිටිස් රාජ්‍ය සමයට පෙර ලියැවුණකි. සටහන් බාහිර සබැඳි Chronologie de Manéthon showing the names given by Manetho and the names used now Manetho: History of Egypt, Sacred Book, etc. Who's Who in Ancient Egypt: Manetho "The First Egyptian Narrative History: Manetho and Greek Historiography", ZPE 127 (1999), pp.93-116 by J. Dillery ක්‍රි.පූ. 3වන සියවසේ උපත් ක්‍රි.පූ. 3වන සියවසේ මරණ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 1988 ගිම්හාන ඔලිම්පික් [/INST] ඔලිම්පික් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සුවිනීතා වීරසිංහ [/INST] Her father was an ex-gunman at the Army and mother was a housewife. She started junior school with Buddhist Girls College in Mount Lavinia until grade 5 and then attended to Dehiwela Madya Maha Vidyalaya. At the school, she was an athlete and a strong netball shooter. She also completed all three stages of Kandyan dancing at school times. After finishing school, she enrolled with Indigenous Medical College for a four-year course. However, while studying at third year, Weerasinghe quit from medical college and entered cinema industry. She was first married to late Tissa Abeysekara, who was a renowned director in Sinhala cinema. She has one son from her second marriage with Sarath Kongahage. Her son Devinda Kongahage is also a director in Sinhala cinema. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශිල්පා ශෙට්ටි [/INST] ශිල්පා ශෙට්ටි (තුලු: ಶಿಲ್ಪಾ ಶೆಟ್ಟಿ; 1975 ජූනි 8) ඉන්දියානු සිනමා නිලියෙකු සහ මූස්තර නිරූපිකාවක වන අතර බාසිගර් (1993) ඇගේ මංගල චිත්‍රපටය විය. බොලිවුඩ්, දමිළ, තෙලඟු සහ කන්නඩා චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලබා දී තිබේ.ඇයගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය ආග් චිත්‍රපටයේ විය. තම රංගන දිවියේ විවිධ පසුබෑම් වලට ලක් වුවද නඇවත එම ගිලිහුනු ජනප්‍රියත්වය ගොඩ නගා ගැනීමට ඇය සමත් විය. දඩකන් (2000) සහ රිශ්තෙ (2002) චිත්‍රපටයන්හි ඇය දැක්වූ දක්ෂතා ප්‍රසංශනීය වූ අතර පිර් මිලෙන්ගෙ (2004) හි එඩ්ස් රෝගියෙකුගේ චරිත නිරූපණය බොහෝ ගෞරව බුහුමනට පාත්‍ර විය. ඇගේ බාල සොහොයුරිය ශමිතා ශෙට්ටි ද බොලිවුඩ් නිළියකි. මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැටළුකාරී අවස්ථා කිහිපයකද ඇය පටලවණු ලැබීය. 2006දී අසභ්‍ය දර්ශණයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අතඩන්ගුවට ගැනීමට වරෙන්ත්තුවක්ද නිකුත් කෙරුණි. 2007 වසරෙදී බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන "සෙලෙබ්‍රිට් බිග් බ්‍රදර්" (Celebrity Big Brother ) අතරතුර ඇය සහ ජඩ් ගූඩි, ජො ඔ'මේරා සහ ඩැනීලෙ ලොය්ඩ් යන තරඟකරුවන් අතර ජාත්‍යන්තර වර්ගවාදී අර්බුදය පිළිබඳව විවාදයක් ඇතිවූ අතර තරඟය අවසානයේ ඇය 63%ක චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සමඟම චිත්‍රපට කර්මාන්තය තුළ ඇයගේ ජනප්‍රියත්වය නැවත ස්ථාපනය වූ අතර අනුපිළිවෙලින් “ලයිෆ් ඉන් අ... මෙට්‍රො” සහ “අප්නෙ” යන චිත්‍රපටයන්හි රංගනයෙහි යෙදුනි. ඇය පිළිබඳ නැවතත් ධානාත්මක කතිකාවතකට මෙය මුල පිරීය. මූලාශ්‍ර 1975 උපත් ඉන්දියානු රූපවාහිනී නිවේදිකාවෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ‍වර්ෂය [/INST] වර්ෂයක් යනු, පෟතුව්ය ,සූර්යා වටා සිය කක්ෂයේ එක් පුනරාගමනයක් සිදු කිරීමට ගන්නා කාලය යි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: කාල් මාක්ස් [/INST] කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී. ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය. ළමා කාලය හා අධ්‍යාපනය කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්‍රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය.මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය.කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.1824 දී මාක්ස් බෞතිෂ්ම ලබයි.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ.බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස් එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්‍ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය.ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ. රැකියාව බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්‍රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්‍රකාශනය මෙහිදී එළිදක්වයි.මෙම කම්යුනිස්ට් ප්‍රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය.එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්‍රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ ලිපිවලින් පෙනීයයි. පවුල කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය.එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.ජෙනී කැරොලින් (1844-1883),ජෙනී ලවුරා (1845-1911),එඩ්ගා (1847-1855),හෙන්රි එඩ්වට් (1849-1850),ජෙනී එවෙලිනා (1851-1852),ජෙනී ජූලියා (1855-1898) යන දරුවන් හය දෙනකු හා තවත් එක් දරුවකු නම් තැබීමට පෙරම මියගියේය.මීට අමතරව මාක්ස් ගේ මෙහෙකාරියකවූ හෙ ලේනා දෙමුත් ගේ ප්‍රෙඩී නම් දරුවා ගේ පියා මාක්ස් බව සඳහන්වේ. මාක්ස් නිතර ව්‍යාජ නාමයන් ගෙන් පිනීසිටිමින් නිවෙස්වල කුලියට සිට ඇත.වරක් මාක්ස් තම මිතුරෙකුට මෙසේ ලියා යැවීය.˘පිස්කල් නිරධාරින් දෙදෙනකු සමග පැමිණි ගෙවල් අයිතිකාරිය අැඳ පුටු යනාදිය හා යට ඇඳුම් ගවුම් ද මගේ අත දරුවාගේ තොටිල්ලද දූවරුන් දෙදෙනා හඬවමින් හොඳ සෙල්ලම් බඩුද ලේඛනගත කළාය.˘පසුදින අපට ඒම නිවස අතහැර යාමට සිදුවිය යනුවෙන් මාක්ස් ලියා යැවීය.මෙයින් ඔවුන් පත්ව සිටි අසරණ බව හා දර්ද්‍රතාවය පැහැදිළි වෙයි. 1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය.මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය. සෙෘඛ්‍ය මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත. මරණය 1881 දෙසැම්බර් මස තම බිරිඳ මියගිය පසු මාක්ස් දැඩි ලෙස රෝගාතුර විය. මාස 15ක පමන කාලයක් වරින් වර උත්සන්න වෙමින් පැවති ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්වූ බව සඳහන් වේ. 1883 මාර්තු මස 14 වන දින, ලන්ඩනයේදී ඔහු මෙලොවින් සමුගත්තේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. ලන්ඩනයේ ජීවත්වූ මාක්ස්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින් විසින්, 1883 මාර්තු 17 වන දින සන්ධ්‍යාවේ ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසානභූමියේදී මිහිදන් කරන ලදී. එම අවමගුල් උත්සවයට නව දෙනෙකු හෝ එකොලොස් දෙනෙකු සහභාගීව සිටි බව සඳහන් වේ. එහිදී ෆෙඩ්‍රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී. "මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි." දර්ශනය සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය. 1867 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය. ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය. මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ. කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය. කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී. පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය. පංති ගැටුම කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5 ක් හදුන්වා දෙයි. ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය වැඩවසම් අවධිය ධනවාදී අවධිය සමාජවාදී අවධිය සුපිරි කමියුනිස්ට් අවධිය ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය. වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ.ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි.මෙම සමාජ ක්‍රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය.මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි.රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි.බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය.මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය.මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ. වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත.වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි.ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි.නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි.මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ.කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය.ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ. මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි.සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී.මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත.ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි.කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රාෙයා්ගිකව දක්නට නැත.සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක.මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ. මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි.මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ.මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ.කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි. පරාරෝපණය පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි.මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි.මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතාකරඇත.එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය.එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි.මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය.එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවික කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි.එනම් ධනවාදී අර්ථ ක්‍රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි.එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්‍රාග්ධනය නිපදවයි.ධනපතියා සතුවන මෙම ප්‍රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී.නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්‍රාග්ධනය බවට පත්වී ධනවාදී සමිාජය තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය. උපරි වයුහය හා අධෝ ව්‍යුහය කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි.ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.එසේත් නැතිනම් බිම්මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී.එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි.ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය.එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය. ආගම පිළිබඳ මාක්ස්ගේ අදහස් ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘ ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්‍රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්‍රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි. කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි. උපුටා ගැනීම මුලික සමාජ විද්‍යාව ‍‍‍ වැඩිදුර කියවීම් ලෝකය වෙනස් කළ කාර්මික විප්ලවය මාක්ස්වාදීන්ගේ අන්තර්ජාල ලේඛනාගාරය ලෝක සමාජවාදී වෙබ් අඩවිය Karl Marx 1818 උපත් දේශපාලනය සමාජ විද්‍යාඥ‍යෝ චරිත කතා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: 2018 ලෝක ක්‍රිකට් ලීග් හතරවන අදියර [/INST] The 2018 ICC World Cricket League Division Four was an international cricket tournament that took place during April and May 2018 in Malaysia. It formed part of the 2017–22 cycle of the World Cricket League (WCL) which determined the qualification for the 2023 Cricket World Cup. The top two teams were promoted to the 2018 ICC World Cricket League Division Three tournament and the bottom two teams were relegated to Division Five. Two of the three final round of group stage matches finished as a no result because of rain. Per the rules of the tournament, the matches were replayed on the final day of the competition, with the play-off round scrapped and used as a reserve day. Therefore, the final league standings were used to determine the promotion and relegation places. Uganda won the tournament and were promoted to Division Three, along with runners-up Denmark. Vanuatu and Bermuda finished in fifth and sixth respectively, and were relegated to Division Five. Hosts Malaysia finished third and Jersey finished fourth, therefore both team remained in Division Four. Ben Stevens of Jersey was named as the player of the tournament. මුලාශ්‍ර </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: බැබිලො‍්නියා හා අෂ්‍රියා සමාජ ජීවිතය [/INST] අෂ්‍රියානු සාමාන්‍ය වැසියෙක්, උසාවි නිලධාරියෙක් සහ වංශවතෙක් වශයෙන් බැබිලෝනියාවේ පුජක පදවිය පන්ති ගණනකට බෙදුණු එකක් විය. රෝග සුව කළ හැකි අයවලුන්ගේ පන්තිය ඉන් එකකි. අෂ්‍රියාවේ මිලිටෙරි වංශවතෙක්ගේ ප්‍රතිරූපය තිබුණි. හමුදාවට බලෙන් බදවා ගැනීමෙන් එහි බලය වැඩි වී තිබුණි. දෙවන ආසියානු අධිරාජ්‍යයා විසින් ඒ දේවල් සාර්ථක ලෙස දියුණු කරවන ලදී. තුරඟ සේනාවට රථ යොදන ලදී. ටිග්ලත් - IV පයිල්සර් අශ්වාරෝහකයන්, සෑදල සහ උස බූට් සපත්තු ද සෙන්නචෙරිබ් යුධ සේනාංකද තැනුවේය. ආචාර පෙළපාලිය ගමන් කරන විට කූඩාරම්, යුධ ආම්පන්න රථ සහ ප්‍රාකාර බිදින යුද්ධෝපකරණ ද ගෙන යන ලද අතර ටාටන් හෙවත් ප්‍රධාන අණ දෙන නිළධාරියා රජුට පමණක් දෙවැනි විය. මෙම රටවල් දෙකෙහිම වහල්ලු බොහෝ සිටියහ. ඔවුන්ට ඉහළින් සිටියේ ආෂ්‍රියාවේ සාමාන්‍යයෙන් දුබලව සිටි වෙළෙද හා කෘෂි කර්මාන්තයේ නියුක්ත වූවන් ය . බැබිලෝනියාවට වඩා අෂ්‍රියාවේ වැදගත් වු කොටසක් ලෙස ලේඛකයන් හැදින්විය හැකිය. කම්කරුවන්, මුදල් ණයට දෙන්නන්, කවියන් හා සංගීතඥයන් රටවල් දෙකේම සිටියහ. මිනිසුන්ගේ නිවාස වල වුයේ ඉතා කුඩා ලී බඩු ප්‍රමාණයකි. ඒවා අතර පුටු, මේස හා කවිච්චි විය. අෂර්බානිපල් තම කවිච්චියේ හාන්සි වී ආහාර ගත් අතර ඔහුගේ බිරිද ඔහුට පසෙකින් තිබු පුටුවක වාඩි වී සිටි බව කියවේ. මරණයක් අවස්ථාවේදි මිනිය සුළු වශයෙන් අදාහනය කිරීම සිදුවුණු අතර ඊට මරණකරුට අයත්ව තිබු දේවල් ද එක් කරන ලදී. ආදාහනාගාරය තිබුණේ නගරයට යාබදවයි. එය පිරිසිදු දිය දහරා ගලා යන කුඩ දිය පාරවල් සහිත මාර්ග වලින් සකස් වී ඇත. බොහෝ සොහොන් කොත් තනා තිබුණේ අමු ‍ගඩොලෙනි. මළ ගිය තැනැත්තාට කරන උපහාරයක් ලෙස අල්තාරද නිමවා තිබුණි. පුරාණ සොහොන් කොත් දිරා යන විට ඒ මතින් නැවත නව සොහොන්කොත් නිමවුණි. පුදුමයකට මෙන් තවමත් අෂ්‍රියාවේ සෙලියුසීඩ් හෝ පාතියන් යුග වලට වඩා පැරණි ආදාහනාගාරයක් තවම සොයා ගෙන නැත. සටහන් {| </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: විකාශ කාලවාර මංගල දර්ශනය [/INST] විකාශ කාලවාර මංගල දර්ශනයක් යනු, ප්‍රතිෂ්ඨාපිත රූපවාහිනී දර්ශනයක නව විකාශ කාලවාරයක පළමු කථාංගය වෙයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සඳරුවන් ජයවික්‍රම පෙරේරා [/INST] සඳරුවන් ජයවික්‍රම පෙරේරා (ඉංග්‍රීසි: Sandaruwan Jayawickrema Perera) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකි. තිරරචකයෙකි. මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙකි. අධ්‍යක්ෂක ස්වාධීන රූපවාහිනිය (ITN - Independent Television Network). සඳරුවන් ජයවික්‍රම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. අපේ උත්සාහය සාර්ථකයි රයිගම් ටෙලීස් 2017 තාත්තාගේ ගීත ගායනා කරල මෙතන රැෙදන්න මගේ අදහසක් නෑ... මගේම ගීත එකතුවක් මේ අවුරුද්දේ එළියට දානවා අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා මම හොයන්නේ වෙනස් චරිත චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ආදි නාලන්දියයෝ සිංහලයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මත්ද්‍රව්‍ය [/INST] මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආ‍වෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි. මත්ද්‍රව්‍ය භාවිතය මෙ අනුව සෑම දෙනාම පාහේ සිය ජීවිතයේ කිසියමි කාලයකදී හෝ අවස්ථාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කර තිඛෙන්නට පුළුවන.නිදි කිරා වැටීම වැළැක්වීමට ද ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට ද අපි කෝපි පානයකරමු.බුලත් කෑමට දූම්කොළ භාවිතා කරයි.එසේ නැතහොත් වෛද්‍යමය හේතූන් මත ‍මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ද්‍රව්‍යයන් නියම කර භාවිතා කිරීම සිදූවෙයි . මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම මත්ද්‍රව්‍ය සියල්ලම වාගේ සමාජීය වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වන අතර වෛද්‍යමය වශයෙන් විඳ දරා ගත හැකි ආරක්ෂා සහිත ප්‍රමාණවලින් පරිහරණව කළ හැකි වුවද,මෙම සීමා වලින් බැහැර වීම නිසා වෛද්‍යමය,සමාජයීය,මනෝවිද්‍යාත්මක හා නෛතික ප්‍රශ්නවලට මඟ සැලසේ.අනිසි ලෙස මත්ද්‍රව්‍ය පරිහරණව යනු මෙයයි.පුද්ගලයෙකු අත්හදා බැලීමක් ලෙස සෙමින් සෙමින් නිතිපතා භාවිතා කරන විට හුරුපුරුදු වීම නැතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබන මත්ද්‍රව්‍යක් එබඳු නිර්දේශයක් හෝ වෛද්‍යමය අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීම ද අනිසි ලෙස පරිහරණය කිරීමකි.මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට බලපෑම් කරන සාධක අතර පුද්ගලයා,මත්ද්‍රව්‍ය වර්ගය සහ භාවිතයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භය වෙයි.පුද්ගලයා මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට යොමු වන්නේ මත්ද්‍රව්‍ය හා එහි බලපෑම පිළිබඳ විශ්වාසයන් ද ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතුවන පුද්ගලයාගේ භාවික තත්ත්වය ද , පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමේ උපක්‍රම හා ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රශ්න ද හේතු වෙයි.අනිසි ලෙස භාවිතය රඳා පවතින මත්ද්‍රව්‍ය වර්ගය සහ එහි බලපෑම් වන්නේ එම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය සහ පිරිසිදු බව තනි ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයන් ගණනාවක සංයෝජනයක් ලෙස භාවිතා කිරීමයි.අයථා පරිහරණයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භයන්වලින් ද මෙ සඳහා ඉඩ ප්‍රස්ථා සැලසේ.ඒ යටතේ මත්ද්‍රව්‍ය සපයා ගැනීමට හා මිලට ගැනීමට හැකියාව,ද්‍රව්‍යයේ නෛතික තත්ත්වය,මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන සැටි,භාවිතය පිළිබඳ පොදු විශ්වාසයන්,අගය කරන කණ්ඩායම්,සමාජ තත්ත්වය පීඩාකාරී තත්ත්වයන් හා ස්ත්‍රී පුරුෂභාවයට අදාළ ගැටළු වෙයි. මත්ද්‍රව්‍යවලට පුද්ගල ඇබ්බැහි වීම කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යමය,සමාජයීය හා නෛතික ප්‍රතිඵල කුමක් වුවද,ඒ ගැන නොතකා අදාළ මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට යොමු වීමයි.අදාළ චර්යා වෙයි නියැලීම අනිවාර්ය යන හැඟීම,චර්යාව පාලනය කර ගැනීමට ඇති හැකියාව හීන වීම, චර්යාව නැවැතැවු විට ඇතිවන සිත් ‍වීදනාව හා එම චර්යාව නිසා අයහපත් ප්‍රතිඵල උද්ගත වන බව සනාථ කෙරෙන සාක්ෂි තිබුණ ද,දිගින් දිගටම එම චර්යාවෙහි නිරත වීම ඇබ්බැහි වීමේ මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.දුම් නොබොන මිත්‍රයන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොතකා සිගරටි බීමට පුරුදු වූවෙකු මොවුන්ය.මෙවැනි ප්‍රශ්න ඇතිවන ආකාරයට මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතයට ඇබ්බැහි වූවන් සමාජය විසින් ලේබල් කිරීම සිදුවෙයි.එනම් බේබද්දා,කුඩුකාරයා,සිගරටි පිස්සා ලෙසයි. සහිෂ්ණුතාවය කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි.එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙි ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි.මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි.ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි.ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබිබැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි .මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි.උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය. රැඳි පැවැත්ම කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබිබැහි වීමේ ලක්ෂණ හා චර්යාවන් මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වන්නට පටන් ගත් කළ ඔවුන් එකී මත්ද්‍රව්‍ය මත රැඳි සිටීමට පටන් ගනියි.කිසියමි මත්ද්‍රව්‍යයන් භාවිතය මත කායික (භෞතික)හෝ මානසික වශයෙන් මිනිසුන් රැඳි සිටීමට පුළුවන.එ මගින් අදාළ පුද්ගලයා බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ කාලයක් අපතේ යවමින් හෝ ඒවායේ භාවිතයෙන් පසු පැන නගින කායික මානසික ප්‍රතිඵල වලට මුහුණ දෙමින් සිටීමට හැකිවෙයි .ශාරීරික සෞඛ්‍ය පිරිහීමට පුළුවන.පවුලේ සාමාජිකයන් හෝ යහළු මිත්‍රාදින්ගේ නොසලකා හැරීමට භාජනය වෙයි.නැත්නමි ඔවුන්ට අක්‍රෝෂ පරිභව කරමින් සිටියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස හිතවත් පිරිසගෙන් හුදකලා වීම හා දුරස් වීම සිදුවෙයි.මත්ද්‍රව්‍ය භාවිතය නිසා රැකියා අහිමි වීමට ද ඉඩ ප්‍රස්ථා උදා වෙයි.මෙකී ගැටළු මත පුද්ගලයා තුළ උද්ගත වන මානසික අවපීඩන තත්ත්වයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට පුද්ගලයා මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරා යොමු වෙයි.මෙසේ ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය මත යැපීම,නැත්නම් රැඳි පැවැත්ම නම් වෙයි.එමගින් පුද්ගලයාට ශාරීරිකවද මානසිකවද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙයි. කායික හා මානසිකව ඇතිවන බලපෑම මත්ද්‍රව්‍යය භාවිතා කළ කාල පරිච්ඡේදය භාවිතා කළ ප්‍රමාණය අනුව පුද්ගලයා වෙත වන බලපෑම් ද වෙනස් වෙයි.ඇතැම් බලපෑම් ක්‍ෂණිකය.කෙටි කාලීනය.දිගු කාලයක් පුරා අනිසි ලෙස පරිහරණය කර තිබීමෙහි ප්‍රතිඵලයක් ලෙස බලපෑම් පැන නගියි.ඇතැමි බලපෑම් තාවකාලිකය.එම බලපෑම් රඳා පවතින්නේ ද්‍රව්‍ය භාවිතා කරන කාලය තුළ දී පමණි.අනෙක් අතට තවත් සමහර ද්‍රව්‍ය භාවිතය අතහැර දමා තිබීමෙන් පසුව වූවද යළිත් උද්ගත වන්නට ඉඩ තිඛෙයි.මෙම බලපෑම් මානසික හා කායික බලපෑම් යනුවෙන් දෙවර්ගයකට වෙන් කර හඳුනා ගත හැකිය. මනස තුළ ඇතිවන බලපෑම් මතක ශක්තියට හානි පැමිණීම. සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම. කෙටි කාලීනව අමතක වන සූළු ගතිය. විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම. සංවෙදනාවන්ට බාධා පැමිණේ. අභිප්‍රේරණ ගැටළු මතු වෙයි. ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම. තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම. නින්දට බාධා ඇති වීම. අදහස් විරහිත බව. සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය. ඉචිඡාභංගත්වයට පත් වීම. උත්සුක බව /මානසික පීඩනය /අවපාතය. මානසික රෝග උද්ගත වීමේ අවධානය. හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම. ශාරීරිකව ඇතිවන බලපෑම් අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්. හෘදය හා පෙනහලූ ආශ්‍රිත රෝග උදා,ස්වසන රෝග ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම. අධ්‍යාතතිය. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම. බඩගිනින /කෑම අරුචීය. සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම. තිගැස්ම. විකාරයෙන් නන් දෙඩවිම. ලිංගික අප්‍රාණිකත්වය. තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම් දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්. ආත්ම ගෞරවහ නැතිවීම. පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම. ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම. පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම. පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම. පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම. අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම. පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම. නිවස තුළ කායික හා ලිංගික ප්‍රචණ්ඩත්වය පැන නැඟීම. පවත්නා තත්ත්වය පිළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පිිළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම. සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය. මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය. මුදා ගැනීම කිසියමි මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම අනුක්‍රමයෙන් අඩු කිරිම හෝ එය භාවිතා කිරීමෙන් මුළුමනින්ම මුදා ගැනීම අත්හැර දැමීමට සැලැස්වීම යන්නෙන් අදහස් වෙයි.මෙම ක්‍රියාවලිය හා බැඳී පවත්නා මනෝ විද්‍යාත්මක හා භෞතික ලක්ෂණ මුදා ගැනීමෙහි ලක්ෂණ ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම ලක්ෂණ රඳා පවතින්නේ ඒ ඒ නියත මත්ද්‍රව්‍ය මතය.නිදසුන් ලෙස,දුඹුරු සීනි හා මත්පැන්වලින් වැළකී සිටීම නිසි උණ,සීතල,ගැස්ම,වමනය,මස්පිඩු පෙරළීම, හිසරදය,පාචනය හා තදබල වේදනා පහළ වීමට ඉඩ තිඛෙයි.ගංජා භාවිතය නැවැත්වීම නිසා නිනිදට බාධා ඇති වෙයි.එනම් නින්ද නොයාම,නපුරු හීන පෙනීම ආදියයි.තවද ආහාර අරුචිය,උද්දීපනය,ව්‍යාකූලතා,දහඩිය දැමීම,හැඩීම,උණ හා සීතල ද,අද්භූත හීන පෙනීම වැනි ලක්ෂණ පහළ වීමට ඉඩ තිඛෙයි.මත් ද්‍රව්‍යය භාවිතය නැවැත්වීම නිසා පැන නගින ලක්ෂණවල තීව්‍රතාව රදා පවතින්නේ සහිෂ්ණුතා මටිටම මතය.අඩු නිරීම හෝ නවත්තා දැමීම දිගින් දිගටම පවත්වා ගෙන යන විට නිශ්චිත කාලයක් තුළ ඉතා උග්‍ර අතට හැරී අනුක්‍රමයෙන් අඩුවී ගොස් අදාළ මත්ද්‍රව්‍යයේ බලය විරහිත වන විට ඒ අනුව ශරීරය යළි හැඩ ගැසෙන්නට පටන් ගනියි.ඒ අනුව මෙකී තීව්‍ර ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් සෙමෙන් අතුරුදහන් වී යයි. පින්තුර ගැලරිය මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය දුම්වැටි තහනම අඩවියෙන් බැහැර පිටුත් බලන්න Prescription Drugs - Information, Interactions & Side Effects World Health Organization National Drug Strategy - Australian National Council on Drugs </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Oxford [/INST] ඔක්වර්ඩ් එංගලන්තෙය් නගරයකි.එය ඔක්ස්වර්ඩ්ෂයර් ප්‍රාන්ත නගරය සහ එකම නගරයයි.2017 දී එහි ජනගහනය 152,450 ක් ලෙස ගණන් බලා ඇත.එය ලන්ඩනයට වයඹ දෙසින් සැතපුම් 56 (කි.මී. 90), බර්මින්හැම් සිට ගිනිකොන දෙසින් සැතපුම් 64 (කි.මී. 103) සහ බ්‍රිස්ටල් සිට ඊසාන දෙසින් සැතපුම් 61 (කි.මී. 98) කි.මෙම නගරය ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නිවහන වන අතර දිවංගත ඇන්ග්ලෝ සැක්සන්ගේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයේ සෑම ශෛලියකින්ම ගොඩනැගිලි ඇත. ඔක්ස්ෆර්ඩ් හි කර්මාන්තවලට මෝටර් නිෂ්පාදන, අධ්‍යාපනය, ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ විද්‍යාව ඇතුළත් වේ. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: Spermatophyte [/INST] spermatophytes, () ශාක වර්ගීකරණයේ දී භාවිතාවන පදයකි. මූලාශ්‍ර ශාක </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: මැවුම්වාදය [/INST] මැවුම්වාදය යනු ස්වභාව ධර්මය සහ එහි අංශ වන විශ්වය, පෘථිවිය, ජීවය සහ මිනිසුන් වැනි දෑ දිව්‍යමය නිර්මාණයක් ලෙස සළකන ආගමික විශ්වාසයයි. </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: අධ්‍යයනායතන [/INST] අධ්‍යයන හෝ පර්යේෂණ කටයුතු සිදුකරන ආයතන අධ්‍යයනායතන නම්වේ. මේවා ස්වාධීන සංවිධාන හෝ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයක කොටසක් විය හැක. අධ්‍යයනායතන </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ශ්‍රී නාග ජාතික පාසල [/INST] මාතලේ දිස්ත්‍රික්කයේ ආස‍නයේ නාඋල නග‍රයේ පිහිටි ‍ඓතිහාසික අතින් වැදගත් පාසලක් ලෙස ශ්‍රී නාග ජාතික පාසල හැදන්විය හැකිය. මුල් යුගයේ ස්වභාෂා පිරිමි පාසලක් ලෙස මෙම විද්‍යාලය හැදන්විනි. රජයේ පාසල් - ශ්‍රී ලංකා පාසල් - ශ්‍රී ලංකා </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: තබ්ලාව [/INST] වර්ගීකරණය 1 මෙය නිර්මානය කර තිබෙන්නේ පර්සියනු ජතික අමීර් ඛුශ්රු පඩිතුමා විසිනි............ 2.ඉන්දියානු සමාසාත වාද්‍ය භාණ්ඩකි. 2.මතුපිට බැටළු සමකින් යුක්තය වාදන පරාසය 3යතුරු ඇණය හෝ වරපට මිටියකින් හෝ ලී ඇණයකින් සුසර කරයි. 4 ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ පක්හවාජි, මිරින්දගම්, කොල් තබ්ලාව ජනප්‍රිය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන අතර ශාස්ත්‍රීය, ජනප්‍රිය ආගමික යන මේ සියළු සංගීත ශෛලින් සදහා මුළු ඉන්දිය උපමහද්වීප්‍රයට පුරාම භාවිතා වන අතර හින්දුස්ථානී රාජගධිර සංගීතයේ දී ද වැදගත් සංගීත භාණ්ඩයකි. අතින් තට්ටු කිරිනේ වයනු ලබන බෙර කොටස් දෙකකින් යුක් වන තබ්ලාවේ එම කොටස් දෙක එකිනෙකට වෙනස් වු ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇත. තබ්ලාව යන පදය ආරාබි වචනයකින් බිදි ආ එකකි. කරුනු මෙහි දයන් හා බයන් නමින් කොටස් දෙකක් තිබේ බායාව වමතින් හා දායාව දකුණතින් වයයි. තබ්ලාවේ කොටස්, 1.සයාහි- මෙය තබ්ලාවේ මැද ඇති කලු පැහැති කොටසයි මෙම කොටස සෑදීමට සියුම් යබොර කුඩු හා බත් අඩංගු මිශ්‍රණයක් යොදා ගනී. 2.චාන්ටි- මෙය තබ්ලා ගැටියේ අගල් 3/4 පමණට ඇති සම් පටියයි. 3.ලව- මෙය සයාහි හා චාන්ටිය අතර ඇති සම් කොටසයි මෙය බායාවෙහි එක් පසක් අඩු පළලකින් හා වැඩි පළලකින් ඇත් ඒ වැඩි පළල සහිත කොටස මෙදාන් ලෙස හදුන්වයි. 4.ගජරා-එනම් තබ්ලාවෙහි මුහුණත(පූඩිය) තබ්ලාවට සවිකර තබා ගන්න කොටසයි. 5.බද්ධි- මෙය තබ්ලාවෙ මුහුණත(පූඩිය) තබ්ලාවට සවි කර බැද ගන්න වරපටි වේ. 6.ගට්ටා- මෙය බද්ධි හා තබ්ලාවේ කද අතරින් ඇති සිලින්ඩාකාර ලී කොට වේ. සටහන් hdhxhsnbcjhxj | Tabla |} {| </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: ටැන් ලී [/INST] ටැන් ලී (උපත 1977 මැයි 20), - වියට්නාම-ඕස්ට්රේලියානු විදුලි සංදේශ ව්‍යවසායිකාවක සහ Emotivහි සම නිර්මාතෘවරියද වේ. ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී. මුල් කාලය දකුණු වියට්නාමය උපත ලද ටැන් ලී 1982 දී තම පවුලේ අය සමඟ සරණාගත ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. වෘත්තීය Footscray සංගමයේ වියට්නාම ප්‍රජා සභාපති ලෙස, ඇය, මෙල්බර්න් පුරා පුන්‍යාධාර ආයතන මගින් සහ පුවත්පත් මාර්ගයෙන් ඇය දායකත්වයන් ගණනාවක් කර ඇත. පිළිගැනීම් ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී. සහ වයස අවුරුදු 30න් පහළ සාර්ථක ඕස්ට්රේලියානු කාන්තා තිස්දෙනා අතරටද පත්ව ඇත. මූලාශ්‍ර 1977 උපත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික කාන්තාවන් වියට්නාම සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජනතාව </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: රත් හඳුන් [/INST] තරමක් රවුම් කොළයකින් යුක්තය. බොහෝ දුර්ලභව බෙහෙත් වර්ගයක් වන අතර, ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි. නිවැරදිවම ශාකය හඳුනාගැනීම කෙසේ වෙතත්, නිවැරදි රත් හඳුන් ලී කැබැල්ලක් සොයා ගැනීමටද බොහෝ දුෂ්කරය. ආශ්‍රිත ලිපි සුදු හඳුන් </s>
<s>[INST] පහත මාතෘකාව සම්බන්ධයෙන් විස්තර සපයන්න: සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය [/INST] සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . ආශ්‍රිත ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කොළඹ දිස්ත්‍රික්කය </s>