comments
stringlengths
1
1.09k
labels
int64
0
4
කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ (පිටියේ විනිසුරු යුගලය)‍‍
3
රංජන් මඩුගල්ල (තරග තීරක)
3
මරායස් එරාස්මස් (තෙවන විනිසුරු)
3
ඉයන් ගෝල්ඩ් (සිව් වන විනිසුරු)
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයට බැනුම් ඇසීමට සිදුව ඇත්තේ, බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාට ය.
3
වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ.
3
විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනුෂ්කා ෂර්මාට විවිධ ආකාරයේ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
3
ඔවුන් චෝදනා කරනුයේ, අනුෂ්කා ෂර්මා හේතුවෙන් විරාට් කෝලිට සාර්ථකව ක්‍රීඩා කළ නොහැකි වූ බවට ය.
3
මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි.
3
එහි සඳහන් වන්නේ, ඉන්දියාවේ පරාජයට හේතු වූ අනුෂ්කා ෂර්මාගේ නිවසට ගල් ගැසිය යුතු බව ය.
3
අනුෂ්කා ෂර්මාට එරෙහිව පළ කළ තවත් Tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.
3
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ.
3
ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය.
3
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ‍ඉන්දීය පොලීසිය පවසයි.
3
ඔහු දිව කපා ගත් පසු වේදනාවෙන් කෑගසා ඇති අතර නිවැසියන් සහ අසල්වැසියන් පැමිණ ඔවුන් එක්ව තරුණයා රෝහල්ගත කර තිබේ.
3
එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය.
3
සර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි.
3
ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් ඊයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.
3
ඔවුන් සංවේදී ක්‍රීඩකයින් ලෙස හැසිරෙනුයේ, ක්‍රීඩාංගණය තුළදී පමණක් නොවේ.
3
තමන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිනවීම සඳහා ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කාලය වැය කරනුයේ, අතිශය නිහතමානීව ය.
3
එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටියේ ය.
3
එය දැනගත් Kieron Adamගේ වීරයින් වූ හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.
3
සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය.
3
මෙම අදහාගත නොහැකි සතුට එම නිවස පිහිටි ප්‍රදේශයේ නිවැසියෝ ද බෙදා ගත්හ.
3
මෙම නිහතමානී ක්‍රිකට් විරුවන් එදින Kieron සහ ඔහුගේ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගයකට ද එක්වීම විශේෂත්වයකි.
3
මෙය සිදුවූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය.
3
පකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් ජත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
3
එක්දින තරග 162 කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 5122 කි.
3
2015 ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි.
3
නව නායකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අභියෝගයක් පවතින බව ත් පකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අංශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතු බව ත් එහිදී ඔහු පෙන්වා දී තිබේ.
3
පළමු වරට පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක් කරා නවසීලන්තය රැගෙන ගිය අද පැවති ඓතිහාසික තරගයේ වඩා ත් කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූයේ, ග්‍රාන්ට් එලියට් ය.
3
ඒ, ඔහු නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හෙයිනි.
3
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, දකුණු අප්‍රිකාව පරාජය කිරීමට මුල් වූ ග්‍රාන්ට් එලියට් දකුණු අප්‍රිකාවේ උපත ලබා හැදී වැඩුණු පුද්ගලයෙකු වීම ය.
3
ඔහු 1979 වසරේ මාර්තු 21 වන දා මෙලොව එළිය දුටුවේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී ය.
3
පසුව එරට හැදී වැඩුණු ඔහු 19න් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ත්, දකුණු අප්‍රිකා – A කණ්ඩායම ත් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.
3
ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ, 2001 වසරේදී ය.
3
පසුව 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ග්‍රාන්ට් එලියට් සමත් විය.
3
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.
3
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.
3
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.
3
ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.
3
ඒ, පරාජයට පත්ව කඳුළු සලමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අස්වසමිනි.
3
මෙය ක්‍රීඩාශීලී සමස්ත ලෝක වාසීන්ගේ අගැයීමට ලක් විය.
3
තරගයෙන් අනතුරුව ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
3
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
3
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.
3
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43කදී කඩුලු 5කට ලකුණු 281ක් රැස් කළේ ය.
3
තරගයේ 38 වන පන්දු වාරය අවසානයේ ලකුණු 216ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය.
3
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 82ක් රැස් කළ අතර නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 65ක් රැස් කළේ ය.
3
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට හිමි විය.
3
එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 26කදී ලකුණු 59ක් රැස් කළේ ය.
3
කෝරි ඇන්ඩර්සන් ලකුණු 58ක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
3
ඒ අනුව, පන්දු වාර 42.5කදී ලකුණු 299ක් රැස් කළ නවසීලන්තයට ජය හිමි විය.
3
තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද ග්‍රාන්ට් එලියට් නම් කෙරිණි.
3
සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ දෙවි කෙනෙකු (God Sachin) වී හමාර ය.
3
ඔහු වෙනුවෙන් දෙවොලක් ද ඉදි කර තිබේ.
3
ඒ, සචින් ටෙන්ඩුල්කාර් පිහිටවූ ක්‍රිකට් වාර්තා, වාර්තා කළ ශතක සහ එල්ල කළ 6 පහර හේතුවෙනි.
3
එහෙත්, ඔහු සිය ක්‍රීඩා ලෝලීන් අතර දේවත්වයට පත් වීමට තවත් හේතුවක් නිර්මාණය වී තිබේ.
3
එම හේතුව වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ම පිළිබඳව නිවැරදිව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවැකි පළ කිරීම ය.
3
ඔහු විසින් රචනා කරන ලද ‘Playing It My Way’ නමැති ස්වයංචරිතාපදානය එළි දැක්වීමේ උත්සවයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටෙන්ඩුල්කාර් මෙම අනාවැකිය පළ කර තිබිණි.
3
ඔහු එහිදී පැවසුවේ, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති බව ය.
3
එම ප්‍රකාශය කළ අවස්ථාව ඇතුළත් වීඩියෝව Youtube හරහා මේ වන විට ලෝක ක්‍රිකට් ලෝලීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
3
පහත දැක්වෙන්නේ, එම වීඩියෝව යි.
3
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 15කට හිමිකම් කී ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු බාල වයස්කාර දැරියන් පිරිසක් දූෂණය කළ බවට වූ චෝදනාවක‍‍ට වරදකරු වී තිබේ.
3
එසේ වරදකරු වී ඇත්තේ, 1960 – 1970 අතර කාලයේදී යුගල ශූරතා 9ක් සහ මිශ්‍ර යුගල ශූරතා 6ක් දිනා ගත් බොබ් හෙවිට් නම් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා යි.
3
මේ වන විට 75 වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි.
3
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු 1980 ත් 1990 ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය.
3
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, ඔහු දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ බාල වයස්කාර ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිසක් දූෂණයට ලක් කර ඇති බවට අධිකරණයේදී සනාථ වූ බව ය.
3
ඊට අමතරව, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට නඩු පවරා තිබිණි.
3
කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
3
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.
3
ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.
3
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ එම ගැටුම හට ගැනිණ.
3
තරගයේ අවසන් භාගයේදී නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පැවසී ය.
3
මෙම ගැටුම මර්දනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණ.
3
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ ගැටුමක් හට ගැනිණ.
3
තරගයේ අවසන් භාගයේදී නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පවසයි.
3
තරගය පැවැත්වුණේ, කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ය.
3
මෙම ගැටුම මර්දනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණ.
3
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.
3
ගැටුම මර්දනය කිරීම සඳහා කැරලි මර්දන ඒකක කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා නම් කළ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලංකාකිකයන් දෙදෙනෙකු ඇතුළත්ව තිබේ.
3
ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන අඟහරුවාදා ආරම්භ වේ.
3
එහි පළමු තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හීදී පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.
3
එම තරගයට තරග තීරක ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවීඩ් බූන් නම් කර ඇති අතර, ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් නම් කර තිබේ.
3
එහි දෙවැනි තරගය ලබන බදාදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර, පැවැත්වෙනු ඇති.
3
එම තරගයේ තීරකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රංජන් මඩුගල්ල නම් කර තිබේ.
3
එම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස නම් කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචර්ඩ් කැට්ල්බර්ග් ය.
3
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, 40 වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය.
3
ඒ, කොළඔ රාජකීය විද්‍යාලය සමඟ අද පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගිනි.
3
කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් රාජකීය ක්‍රීඩකයින් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
3
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළේය.
3
දනුෂ් පීරිස් ලකුණු 64 ක් රැස් කළ අතර හරිත සමරසිංහ ලකුණු 59 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 261 ක් පමණි.
3
ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය.
3
ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි.
3
ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.
3
තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 213 කි.
3
මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.
3
තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි.
3