comments
stringlengths
1
1.09k
labels
int64
0
4
මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි.
3
ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
3
පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිටියට පිවිසියේය.
3
පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු 2 කට දැවී ගියේ ය.
3
ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි.
3
එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය.
3
අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.
3
ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය.
3
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී රෝහිත් ෂර්මා දැවී යාමකට ලක්වූ පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තෆා කමාල් දැඩි විරෝධය පළ කර තිබේ.
3
ඔහු මාධ්‍ය ඔස්සේ චෝදනා කර ඇත්තේ, ඊයේ තරගයේදී ඉන්දියාවට වාසි වන ආකාරයේ වැරදි තීරණ කිහිපයක් ම විනිසුරුවරුන් විසින් දෙනු ලැබූ බව ය.
3
එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි.
3
මුස්තෆා කමාල් අවධාරණය කර ඇත්තේ, ඊළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් රැස්වීමේදී මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව ය.
3
එහිදී, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා විනිසුරුවරුන්ට දඬුවම් නොකළහොත් තමන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වන බවට ද ඔහු තර්ජනය කර ඇත.
3
විනිසුරුවරුන්ගේ තීරණ හේතුවෙන් ඊයේ තරගය විනාශ වූ බව ත්, සමස්තයක් ලෙස විනිසුරුවරුන්ගේ විනිශ්චයන් වෘත්තීයමය මට්ටමක නොපවතින බව ත් මුස්තෆා කමාල් අවධාරණය කරයි.
3
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ, මේ පිළිබඳව විමර්ශනයක් කරන බව ය.
3
විනිසුරුවරුන්ගේ තීරණ විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව ද ඩේවිඩ් රිචර්ඩ්සන් සඳහන් කර තිබේ.
3
ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ, අලීම් ඩා සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවරුන් ය.
3
රෝහිත් ෂර්මා ලකුණු 90ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද, එම පන්දුව නිපන්දුවක් බවට ප්‍රධාන විනිසුරුවරයා තීන්දු කළේ ය.
3
එහෙත්, ඉණට ඉහළින් පැමිණෙන පන්දුවක් නිපන්දුවක් බව නම් කිරීමට ප්‍රධාන විනිසුරුට හැකියාවක් නොමැති අතර එය ඉණට ඉහළින් පැමිණි පන්දුවක් නොවන බව ද පුනරූපණවලින් සනාථ විය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 302ක් රැස් කළේ ය.
3
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 137ක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු 65ක් රැස් කළේ ය.
3
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 19ක් සපිරේ.
3
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු 17 වන දා ය.
3
ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානය හිමි කර ගැනීමට සමත් විය.
3
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේ ය.
3
ඔස්ට්‍රේලියාව – 241/7
3
මාර්ක් ටේලර් – 74
3
රිකී පොන්ටිං – 45
3
පන්දු යැවීම – අරවින්ද ද සිල්වා (3/42)
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය.
3
ශ්‍රී ලංකාව – 245/3
3
අරවින්ද ද සිල්වා – 107 (නොදැවී)
3
අසංක ගුරුසිංහ – 65
3
අර්ජුණ රණතුංග – 47 (නොදැවී)
3
මෙම තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, නොදැවී ලකුණු 107ක් සහ කඩුලු 3ක් බිඳ හෙළූ අරවින්ද ද සිල්වා ය.
3
තරගාවලියේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය සම්මාන හිමි කර ගත්තේ ය.
3
මීට වසර 19කට පෙර ශ්‍රී ලංකාවට අත් වූ එම ජයග්‍රහණය යළි ත් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබේ.
3
ඒ සඳහා පළමු පියවර හෙට දිනට යෙදී තිබීම විශේෂත්වයකි.
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය.
3
එම තරගය ජයගෙන යළි ත් ලෝක ක්‍රිකට් කිරුළ ලක් මාතාවගේ හිස පැළඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට Newsfirst.lk වෙතින් හෘදයාංගම සුබ පැතුම්!
3
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ ය.
3
කුමාර් සංගක්කාර දැවී යාම ත් සමග ම සිඩ්නි ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළෙන්නට විය.
3
ඒ අනුව, තරගය මද වේලාවකට අත්හිටුවීමට සිදු විය.
3
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබා සිටී.
3
කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක 4ක් රැස් කර සිටියේ ය.
3
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් මේ වන විට බිඳ වැටී තිබේ.
3
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19කට දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ය.
3
නුවන් කුලසේකර දැවී ගියේ, එක් ලකුණක් ලබා සිටියදී ය.
3
මේ වන විට තරගයේ 34 වන පන්දු වාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 116ක් ලබා සිටී.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.
3
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 102ක් රැස් කර සිටී.
3
ලහිරු තිරිමාන්න (ලකුණු 41), කුසල් ජනිත් පෙරේරා (ලකුණු 3) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 0) ද දැවී ගියහ.
3
අද දිනයේ විශේෂත්වයක් වූයේ, කුමාර් සංගක්කාර මන්දගාමී ලෙස ඉනිම ගොඩ නැගීම ය.
3
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටෙද්දී කුමාර් සංගක්කාර ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටී.
3
ඔහු මේ වන විට පන්දු 73කට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ, ලකුණු 27ක් පමණි.
3
ඒ සඳහා ඔහු එල්ල කළේ, එක් 4 පහරක් පමණි.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.
3
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 81ක් රැස් කර සිටී.
3
සිව් වන කඩුල්ල ලෙස මහේල ජයවර්ධන ලකුණු 4කට දැවී ගියේ, ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ය.
3
ඔහු පන්දු 16කට මුහුණ දුන්නේ ය.
3
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
3
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.
3
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 69ක් රැස් කර සිටී.
3
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
3
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.
3
රංගන හේරත් වෙනුවට ආදේශ කළ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ට, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
3
එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහබාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 කි.
3
මේ අතර අද තරගයේ කාසියේ වාසිය ජයගැනීම, ජයග්‍රහණය සඳහා වැඩි බලපෑමක් ඇති කරන සාදකයක් ලෙස තමන් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසී ය.
3
අර්ධ අවසන් පූර්ව වටයේ දකුණු අප්‍රිකාව සමග අද පැවැත් වෙන තරගය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි.
3
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු 300 සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය.
3
අද තරගය පිළිබඳ අදහස් දක්වමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී ඩිවිලියස් කියා සිටියේ, හොඳින් තරගය ක්‍රීඩා කරමින් ඉදිරියට පැමිණීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ය.
3
අද සිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන්නේ පරාජිතයින් පිටු දැකීමේ ක්‍රමයට ය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්වවටයේ සිට, තෙවැනි විනිසුරු විමසන අවස්ථාවක සිදුවන සංවාද විකාශය කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට්
3
කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබේ.
3
එම ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ , පසුගිය වසරේනොවැම්බර් මස පැවැති ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලූ බව ය.
3
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට එක්දින තරග 59 කට සහභාගී වී ඇති අතර ඉන් තරග 29 ක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය.
3
දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.
3
රංගන හේරත් ආබාධයකට ලක් වූයේ, එංගලන්තය සමග පැවති තරගයේදී ය.
3
අද රංගන හේරත් පුහුණුවීම්වලට සහභාගී වුව ද සාර්ථක ලෙස පන්දු යැවීමට නොහැකි විය.
3
ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, ඇඟිල්ලේ තුවාලය සුව වී නොමැති හෙයින් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ය.
3
තරිඳු කෞෂාල් එන්. සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
3
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව දෙකකි.
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය.
3
දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙනුයේ, සුවිශේෂී සන්ධිස්ථානයක සිට ය.
3
ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත.
3
1992 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය.
3
1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.
3
1999 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
3
2003 – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය.
3
2007 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
3
2011 – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය.
3
ඇතැම් ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, knockout ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයගෙන නොමැති දකුණු අප්‍රිකාව දීර්ඝ කාලීන මානසික පීඩනයක පසුවන බව ය.
3
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රික‍ට් නායක AB ඩි’විලියර්ස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
3
ඔහු අවධාරණය කර ඇත්තේ, අතීතයේ පරාජය වීම් පිළිබඳ මතකය මෙවර තරගාවලියේදී කිසිදු බාධාවක් කර නොගන්නා බව ය.
3
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ එනම් අදින් වසර 19කට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ.
3
මේ අතර, මෙම තරගාවලිය කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහභාගි වන අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ.
3
ඒ අනුව, මෙවර ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීම සඳහා හෙට තරගය අනිවාර්යයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.
3
මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
3