date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-09-27T10:48:17.000Z
සෝයා බෝංචි නිසා කබලෙන් ලිපට වැටුණු, ගලෙන්බිඳුණුවැව ගොවියෝ...
සෝයා බෝංචි නිසා කබලෙන් ලිපට වැටුණු ගොවියෝ
COLOMBO (News 1st) - ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා මෙරට ගොවිතැනට මුල්තැන දිය යුතු බව බොහෝ දෙනා නිතර පවසන දෙයකි. ඒත්, ඇත්ත තත්ත්වේ දන්න ගොවියෝ කියන්නේ ගොවිතැන දුකක් බවයි. කබලෙන් ලිපට වැටුණු, ගලෙන්බිඳුණුවැව - හුරුළුවැව ගොවීනුත් එහෙම පිරිසකි. මේ ගොවියෝ එදා ඉඳලම වගා කළේ වී.. හුරුළුවැවේ වතුර අඩු වුණු නිසා වී වගා කරන එක ප්‍රශ්නයක් විය. වී වෙනුවට සෝයා බෝංචි වගා කරන්න කියල ගොවියන්ට කිවුවේ ගොවිතැනට සම්බන්ධ නිලධාරීන්මයි. සොයා බෝංචි වගාව වී වගාව තරම් ලේසි දෙයක් නෙවෙයි කියලයි ගම්මු කියන්නේ. බිම් සැකසීමේ ඉඳලා අස්වනු නෙළීම දක්වා සෝයා බෝංචි වගාවට ලොකු මුදලක් වැය කරන්න වෙනු ඇත. අඹුදරුවන්ගේ කනකර උගස් තියලා සෝයා බෝංචි වගා කළේ, කිලෝ එකක් රුපියල් 125 ට ගන්නවා කියලා අදාළ සමාගම් පොරොන්දු වෙච්ච නිසාවෙනි. අද, සෝයා බෝංචි කිලෝවක මිල සහතික මිලෙනුත් ගොඩක් පහළට ගොස් තිබේ. මේ ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්න ගොවියෝ ගණන 665 කි. කළින් පොරොන්දු වුණු විදියට මිල ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියල මේ අය ඉල්ලනවා.
2020-09-27T10:23:33.000Z
20 පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් - සජිත් ප්‍රේමදාස
20 පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක්
COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පවසයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කරලා තියෙන්නේ පුද්ගලිකත්වය මත. ඒක ඇත්තටම රජය ඇතුළේ තිබෙන බල අරගලයක ප්‍රතිඵලයක් හැටියටයි මම දකින්නේ. හැබැයි සිදු විය යුත්තේ රටේ අනාගතය ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා රටෙත් ජනතාවගේත් අනාගත අභිවෘද්ධිය තකා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය වෙනව නම් එය සිදු විය යුත්තේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා 19 න් ඔබ්බට ඒ කියන්නේ 19 න් නිර්මාණය වුණු යහපත් ආයතන සුරකිමින් එයිනුත් ඔබ්බට ගිහිල්ලා ඒ ආයතන තවදුරටත් ස්වාධීන කරමින් ඒ ආයතනවලට ලබා දිය යුතු මානව සම්පත භෞතික සම්පත මූල්‍ය සම්පත ලබාදීලා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර තිබෙන බල අරගලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ තනතුරු දෙකටම යම් බලයක් ලබා දීලා චෙක් ඇන්ඩ් බැලන්සස් ක්‍රමවේදයක් තුළින් සංවරණ හා තුළන වැඩ පිළිවෙළක් තුළින් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඒකාධිපති බලයක් ලබා නොගන්නා තත්ත්වයකට අපිට පුළුන් බොහොම සමබර සමතුලිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිර්මාණය කරන්න විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, අද පොළොන්නරුව තමන්කඩුවේ අඹන්ගඟ දකුණු ඇළ - ශ්‍රී විවේකාරාම විහාරයට පැමිණි අවස්ථාවේදීය. ආගමික වතාවත් ඉටු කළ විපක්ෂ නායකවරයා, විහාරාධිපති පූජ්‍ය මහබැද්දේ ආනන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් පසු ප්‍රේමදාස මහතා එහි රැස්ව සිටි ජනතාව හමුවිය. https://www.facebook.com/NewsfirstSL/videos/973891656421826/
2020-09-27T07:35:03.000Z
මුහුදෙන් ගෙන්වූ බවට සැක කහ තොගයක් පොලීසිය භාරයට
කහ කිලෝ 1024 ක් පේසාලේදී පොලීස් භාරයට
COLOMBO (News 1st) - කහ කිලෝ 1024යි ග්‍රෑම් 245 ක් සමග ලොරි රථයක් පේසාලේ පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ, ලද තොරතුරක් මත පෙරියකර්සල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය. පොලීසිය සඳහන් කළේ, සැකකරුවෙකු නොමැතිව මහ මග දමා ගොස් තිබූ ලොරි රථය සහ කහ තොගය සිය භාරයට ගත් බවයි. එම කහ තොගය නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කරන අතර පොලිතින් උර 29ක අතුරා ඇතැයි පොලීසිය පැවසීය. මෙම කහ තොගය ගෙන්වූයේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
2020-09-27T07:04:45.000Z
ගිලා බැසීමට ලක් වූ මහනුවර නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට
මහනුවර නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට
COLOMBO (News 1st) - ගිලා බැසීමට ලක් වූ මහනුවර, බූවැලිකඩ නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒවායේ පවතින ප්‍රමිතිය සම්බන්ධයෙන් එමගින් විමර්ශනය කරන බවයි. ඒ අනුව ගිලා බැසීමට ලක් වූ නිවසේ කොන්ක්‍රීට් කැබලි ඇතුළු ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවන් සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් ඇතැයි එම සංවිධානය පැවසුවේ ය. එම පරීක්ෂණ වාර්තා ඉදිරි දින කිහිපය තුළ පළාත් ආණ්ඩුකාරවරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදීමට නියමිත වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අදාළ නිවසේ මූලික අඩිතාලම නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලින් තහවුරු වී ඇති බවයි. මේ අතර අදාළ නිවස ඉඳිකළ මාතලේ පිහිටි කොන්ත්‍රාත් සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි. අදාළ නිවස සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කරන විමර්ශන වාර්තාව නිකුත් වූ වහාම, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.
2020-09-27T05:42:33.000Z
පීලි පැනීමක් නිසා කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්
කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබේ. දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක් ව ඇති බවයි. ඒ හේතුවෙන්, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේ ය. පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි.
2020-09-27T03:03:19.000Z
පුත්තලමේදී රත්‍රං ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දැලේ
පුත්තලමේදී රත්‍රං ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දැලේ
COLOMBO ( News 1st ) : පුත්තලම, පාලවිය කලපු තීරයේදී රත්‍රං කැබලි 21 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම රන් කැබලි තොගයේ බර කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 485 ක් බවයි. යතුරු පැදියකින් මේවා රැගෙන යමින් සිටියදී පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි නාගවිල්ලුව පදිංචිකරුවෙකි. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-09-27T01:46:26.000Z
ත්‍රීකුණාමල වරායට පැමිණි ඉන්දීය තෙල් නැවේ 17 දෙනාටම කොරෝනා
ත්‍රීකුණාමලයට පැමිණි තෙල් නැවේ 17දෙනාටම කොරෝනා
COLOMBO ( News 1st ) : ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එම නැවෙහි සිටි පුද්ගලයකු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීම හමුවේ සමස්ත කාර්ය මණ්ඩලයම PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙය තහවුරු වී තිබේ. ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 4000 ක් ප්‍රවාහනය කරමින් තිබු එම නැව ත්‍රීකුණාමලය වරායට පැමිණීමට පෙර කොළඹ වරායට ද පැමිණ ඇතැයි වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම නෞකාව සහ කාර්යය මණ්ඩලය ඉන්දියාවට පිටත් කර හැරීමට නියමිත බවයි.
2020-09-27T00:50:08.000Z
කොරෝනා ආසාදිතයින් ගණන 3349 දක්වා ඉහළට
මෙරට තුළ PCR පරීක්ෂණ 279,740ක්
COLOMBO ( News 1st ) : මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ඊයේ(26) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයකු ඒ අතර වේ. ඔවුන් මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී හඳුනා ගත් රෝගීන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ , එම පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධානය මධ්‍යස්ථානවලට යොමු කළ බවය. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 467 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ. මේ අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1520 කි. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-09-27T00:39:55.000Z
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට ඒමී කෝනි බැරට් නම් කෙරේ
ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට නමක්
COLOMBO ( News 1st ) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයකට ඒමී කෝනි බැරට් නම් කරනු ලැබ තිබේ. ජනාධිපතිවරණයට සති පහමාරක් තිබියදී ජනපති ට්‍රම්ප් ඇයව මෙම තනතුර සඳහා යෝජනා කර ඇත්තේ රූත් ජින්ස්බර්ග් ගේ අභාවයෙන් හිස්වූ තනතුර සඳහා ය. ඒමි බැරට් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුරට තෝරා පත් කර ගතහොත් ඇය එම ධූරයට පත්වූ අමෙරිකාවේ පස්වන කාන්තාව වනු ඇති. 1991 වසරෙන් පසු මෙම තනතුර සඳහා නාමයෝජනා වූ ලාබාලතම පුද්ගලයාද 48 හැවිරිදි ඒමි බැරට් ලෙස සඳහන් ය.
2020-09-26T23:45:55.000Z
හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ
හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ
COLOMBO ( News 1st ) : හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බොරැල්ල, සහස්පුර සහ අතුරුගිරිය, අරංගල ප්‍රදේශවලදීය. ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7 කි. සැකකරුවන් බොරැල්ල සහ තලවාකැලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. එම පුද්ගලයින් අද මාලිගාකන්ද සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-26T23:27:25.000Z
වලස්මුල්ලේදී ගිනි අවි 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගිනි අවි 2 ක් සමග සැකකරුවෙකු කොටු
COLOMBO ( News 1st ) : වලස්මුල්ල, තලගම්වාඩුව ප්‍රදේශයේදී විදේශීය සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි තලගම්වාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-26T23:53:34.000Z
මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්
මහජන දිනයේ අපහසුතා පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්
COLOMBO ( News 1st ) : මහජන දිනය ලෙස ප්‍රකාශිත සඳුදා දිනයේ ජනතාවට සිදුවන අපහසුතා කඩිනමින් දන්වන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි. අමාත්‍යාංශය පැවසුවේ, ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳුදා රාජකාරි ස්ථානයේ නොමැති වීමෙන් ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවය. එවැනි ආයතන සම්බන්ධයෙන් එම ආයතන භාර අමාත්‍යාංශයට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මීට අමතරව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සිය සේවා ස්ථානයේ නොමැති ග්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් ද තම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසය. එවැනි නිලධාරීන් පිළිබඳ කඩිනමින් සොයා බලන බව ද එම නිලධාරියා සඳහන් කළේය. ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පසුගියදා චක්‍ර ලේඛයක් නිකුත් කළේ ය.
2020-09-26T23:06:25.000Z
ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ
ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ
COLOMBO ( News 1st ) : කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් ඩුබායිහි පිහිටි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, සෞඛ්‍යාරක්ෂණ හේතු මත මෙම පියවර ගෙන ඇති බවයි. මෙහෙයුම් කටයුතුවල නිරත සේවකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිට තම රාජකාරි සිදු කරන ලෙස උපදෙස් දී තිබේ. මේ දිනවල එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 6 ක් පුහුණු වන්නේ ඩුබායිහි ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදීය. සෞඛ්‍යාරක්ෂණ නිර්දේශවලට අනුව එම කටයුතු සිදුවන බව විදෙස් වාර්තාවල සඳහන් විය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාර්ය මණ්ඩල සේවකයන් කිසිවෙකු එම ක්‍රීඩා සංකීර්ණයට ඇතුළු නොවන නිසා එය ආරක්ෂිත බවට තරගාවලි සංවිධායක කමිටුව පවසයි.
2020-09-26T21:15:47.000Z
නැගෙනහිරට හා ඌවට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිරට හා ඌවට වැසි
COLOMBO ( News 1st ) : නැගෙනහිර සහ ඌව පළාත්වලට අද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බස්නාහිර , සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2020-09-26T22:56:10.000Z
කසළ කන්ටේනර් 21ක් යළි එංගලන්තයට
කසළ කන්ටේනර් 21ක් යළි එංගලන්තයට
COLOMBO ( News 1st ) : කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි. 2017 වසරේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණි. ඒ, 2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් භාවිත කරමින් ය. භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන්වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දෑ සොයාගත් බව රේගුව සඳහන් කළේ ය.
2020-09-27T01:13:10.000Z
නව ගිනි භටයින් විසිර යාමේ රථ වාහන පෙළපාලියක්
නව ගිනි භටයින් විසිර යාමේ රථ පෙළපාලියක්
COLOMBO ( News 1st ) : නව ගිනි භටයින් පිරිසක් විසිර යාමේ රථ වාහන පෙළපාලියක් අද වැල්ලවත්තෙන් ආරම්භ වන බව ජාතික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලන මැදිරි නිලධාරී එම්.ඒ රත්නායක මහතා සඳහන් කළේ , රථ වාහන පෙළපාලිය වැල්ලවත්තෙන් ආරම්භ වී ගාලු මුවදොර කොටුව හරහා පුරහල දක්වා ගමන් ගන්නා බවයි. නව ගිනි භටයින් 70 දෙනෙකු ඊට සහභාගී වන අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ වාහන 30 ක් මෙම රථවාහන පෙළපාලියට එක්කර තිබේ.
2020-09-26T22:48:00.000Z
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ දෙමව්පියන්ගේ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ අවදානමක්
පාසල් යා යුතු වයසේ දරුවන් ගැන විශේෂ විමර්ශනයක්
COLOMBO ( News 1st ) : මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ දෙමව්පියන්ගේ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා පවසයි. ඔහු පැවසුවේ, එවැනි දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි. පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් අධ්‍යාපනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.
2020-09-26T22:06:34.000Z
සහල් ආනයනයට කිසිදු සූදානමක් නැහැ -වෙළෙඳ අමාත්‍යාංශය
සහල් ආනයනයට කිසිදු සූදානමක් නැහැ
COLOMBO ( News 1st ) : සහල් ආනයනයට කිසිදු සූදානමක් නොමැති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ , සහල් මෝල් හිමියන් වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කළහොත් සහල් තොග ආනයනයට පියවර ගන්නා බවයි. වසරේ අවසන් කාර්තුවේ විවිධ පාර්ශව වෙළෙඳපොළ තුළ කෘතිම සහල් හිඟයන් නිර්මාණය කරන අවස්ථා නිරීක්ෂණය කර ඇතැයි ඇය පැවසුවා ය. ලේකම්වරිය සඳහන් කළේ, එම තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කර ඇති බවයි. ලබන වසරේ මාර්තු මාසය දක්වා රටට අවශ්‍ය වී තොග පවතින බවට දැනට ගණන් බලා ඇතැයි ඇය පෙන්වා දෙන්නී ය. ලේකම්වරිය පවසන්නේ, කිසිදු අවස්ථාවක සහල් සඳහා පනවා ඇති පාලන මිලෙහි වෙනසක් කිරීමට ද, රජය පියවර නොගන්නා බවයි. පවතින මිල ගණන් යටතේ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළේ පවතින්නේ ද, යන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මගින් අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවද ඇය පැවසුවා ය. මේ අතර උපරිම සල්ලර මිළ ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි. එවැනි වෙළෙඳුන් 44 ක් පසුගිය දිනවල කළ වැටලීම්වලදී හඳුනා ගෙන තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බවයි.
2020-09-26T10:55:42.000Z
රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය ආරුගම්⁣⁣බේදී ඇරඹේ
රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය ඇරඹේ
COLOMBO ( News 1st ) – රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය අද ආරුගම්බේ මුහුදු තීරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව තරගාවලිය සංවිධානය කරයි. ඊට රටවල් 15 නියෝජනය කරමින් එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 101 කි. අද මූලික වටයේ තරග පැවති අතර හෙට දිනයේදී අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. ශූරතාවලියේ සමාප්ති උළෙල හෙට සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.
2020-09-26T09:42:18.000Z
සංහිඳියාව උදෙසා 13 ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි - ඉන්දීය අගමැති
ඉන්දු – ශ්‍රී ලංකා අගමැතිවරු විශේෂ සාකච්ඡාවක
COLOMBO ( News 1st ) – සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙම අදහස් හුවමාරු කරගත්තේ අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු සමග පැවැත්වූ ප්‍රථම විශේෂ සාකච්ඡාව මෙයයි. දෙරටේ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය. දෙරටේ නායකයිනගේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සහ ආරක්ෂක අංශයන්හි ශ්‍රී ලංකාවට ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ. දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති දෙපාර්වයේම අන්‍යෝන්‍ය අවශ්‍යතා අනුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අගමැති මෝදි විශ්වාසය පල කර තිබේ. ධීවරයින් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා කටයුතු කිරීමට ද දෙරටේ නායකයින් එකඟ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. තවත් ඩොලර් බිලියනයක මුදල් හුවමාරු පහසුකමක ඉල්ලීමක් සම්බන්ධයෙන් ද මෙම නිවේදනයේ සඳහන් වේ. අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් ද පැවැත්විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංයේ ඒකාබද්ධ ලේකම් ශ්‍රී අමිත් මහතා අපි දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර නව මුදල් හුවමාරු පහසුකමක් සඳහා අමතර ඉල්ලීම් ද කර තිබෙනවා . ඉන්දියාවට ගෙවිය යුතු ණය ආපසු ගෙවීම කල්දැමීම සඳහා ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම් දෙකම නිල මට්ටමින් සාකච්ඡා කෙරෙමින් පවතී .
2020-09-26T08:53:58.000Z
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානකයි - හිටපු ජනපති චන්ද්‍රිකා කියයි
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානකයි
COLOMBO ( News 1st ) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානක බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය. ඇය මෙම අදහස් පළ කළේ, අද පැවති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරුවට සහභාගි වෙමිනි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වුණේ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදීය. ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනි. ය. මෙම අවස්ථාවට හිටපු කතානායක කරූ ජයසූරිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් එක්ව සිටියහ. සැමරුම් උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා හිටපු ජනාධිපතිනිය අතර බණ්ඩාරනායක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවිය. සම්පූර්ණ වාර්තාව නරඹන්න..
2020-09-26T07:18:36.000Z
නිශාන්ත සිල්වා සිටින රට සොයා බලා වාර්තා කරන්නැයි CID අධ්‍යක්ෂකට ජනපති කොමිසමෙන් නියෝග
CID අධ්‍යක්ෂකට ජනපති කොමිසමෙන් නියෝගයක්
COLOMBO (News1st) : රට හැර ගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔහු සිටින රට සොයා බලා වාර්තා කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂකවරයාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමෙන් නියෝග නිකුත් කර තිබේ.
2020-09-26T07:16:14.000Z
එස්. පී බාලසුබ්‍රමනියම් පොලිස් ආචාර වෙඩිමුර මධ්‍යයේ අවසන් ගමන් යයි
COVID - 19 නිහඬ කළ හඬ..
COLOMBO (News1st) : අභාවප්‍රාප්ත ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී එස්. පී බාලසුබ්‍රමනියම් මහතාගේ අවසන් කටයුතු සිදුකර තිබේ. පොලිස් වෙඩිමුර මධ්‍යයේ තිරුවල්ලූර්හීදි අවසන් කටයුතු සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රවීණ නළු විජේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව චෙන්නායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඔහු අභාවප්‍රාප්ත වූ බවයි. මිය යනවිට 74 වන වියෙහි පසුවූ බාලසුබ්‍රමනියම් මහතා සප්ත ස්වරයේ අපූර්වත්වය මුසු කරමින් භාෂා 16 කින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 40,000 කි.
2020-09-26T04:42:05.000Z
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉපලෝගම ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ්
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්
COLOMBO (News1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉපලෝගම , ගෝනපතිරාව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි තොරතුරක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 60 කි.
2020-09-26T03:52:11.000Z
මි. 442ක හානි පූර්ණ හිමිකම් New Diamond නැවේ හිමිකරුවෝ කියති
කඩිනමින් හානි පූර්ණය ගෙවන බව නැවේ හිමිකරුවෝ කියති
COLOMBO (News 1st) : රුපියල් මිලියන 442 ක හානි පූර්ණ හිමිකම් කඩිනමින් මෙරටට ගෙවීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබේ. මේ පිළිබඳ එකඟතාව නීතිපතිවරයාට එම සමාගම දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ ගින්න හට ගැනිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි.
2020-09-26T03:02:00.000Z
බස්නාහිර පළාතේ විශේෂ වැටලීමක්
බස්නාහිර පළාතේ විශේෂ වැටලීමක්
COLOMBO (News1st) : බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 402 අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 143 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එම වැටලීමේදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් යන මත්ද්‍රව්‍ය ද පොලීසිය භාරයට ගෙන තිබේ.
2020-09-26T02:28:03.000Z
මන්ත්‍රී නිල නිවාස ගැටලුවට පිළියමක්
මන්ත්‍රී නිල නිවාස ගැටලුවට පිළියමක්
COLOMBO (News 1st) : පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ගැටලුවට පිළියමක් ලෙස තාවකාලික පදනමින් රාජගිරියේ පිහිටි මහ බැංකුවට අයත් නිලධාරින් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයේ කොටසක් කුලී පදනම මත ලබා ගැනිමට අවධානය යොමු වි තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් මේ සම්බන්ධයෙන් දිර්ඝව සාකච්ජාවට ලක් කර ඇති බවයි. මාස 3ක කාලයක් සඳහා අදාළ ගොඩනැගිල්ලේ පිහිටි නේවාසිකාගාර කුලි පදනමක් යටතේ මිලදිගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අවධානය යොමු වි ඇති බව ඔහු සඳහන් කළේ ය. පාර්ලිමෙන්තුව සතුව මන්ත්‍රි නිල නිවාස සංඛ්‍යාව 120කි. ඒ අතරින් 100කට ආසන්න සංඛයාවක් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලෙස පරිහරණය සඳහා අවස්ථාව ලබා දි තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත් වු මන්ත්‍රීවරුන්ට යළි සිය නිල නිවාස භාර දෙන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දී තිබිණ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන් 35 කට ආසන්න සංඛ්‍යාවක් යළි නිල නිවාස භාරදි ඇති බවයි. කේසේ නමුත් තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තමන් භාවිත කළ නිල නිවාස මෙතෙක් භාර නොදීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදිමේ ගැටලු මතු වි තිබීම හමුවේ මෙම තාවකාලික පියවර ගැනීමට සිදුව තිබේ. ඇතැම් නිවාස අලුත්වැඩියා කිරිමට ද යම් කාලයක් ගතවිම මෙම තත්ත්වයට හේතු වි ඇති බව පාර්ලිමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඇතැම් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස හිමි නිල නිවසට අමතරව අමාත්‍යවරයකු ලෙස හිමි නිල නිවස ද පරිහරණය කිරිම හමුවේ මන්ත්‍රී නිල නිවාස ගැටලුව තවත් උග්‍ර වි ඇති බවයි. මේ අතර මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ කිරිම පිළිබඳව ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අවධානය යොමු වි තිබේ.
2020-09-26T02:02:54.000Z
ගල්කිස්සේ කාණුවක ජීව උණ්ඩ තොගයක්
ගල්කිස්සේ කාණුවක ජීව උණ්ඩ තොගයක්
COLOMBO (News 1st) : ගල්කිස්ස, පිරිවෙන පාරේ කාණුවක තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50 ක් බැගින් අඩංගු පෙට්ටි 2 ක් සහ ජීව උණ්ඩ 4 ක් සහිත පාර්සලයක් එලෙස සොයා ගෙන ඇති බවයි. ගල්කිස්ස, කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකදී ගිනිඅවි සමග සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, උඩුදුම්බර කලල්ගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් සහ පතොරම් 5 ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී ද මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
2020-09-26T01:49:28.000Z
ප්‍රදේශ දෙකක රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් මරුට
රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් මරුට
COLOMBO (News 1st) : සමන්තුරය, හිදෝගම හා වැල්පැන්න යන ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් ති දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කල්මුණේ, අක්කරපත්තුව මාර්ගයේ ජී.පී.එස්. හන්දියේදී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් 18 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. හිදෝගම, හතේඇල - මහනෙලුවැව මාර්ගයේ යතුරු පැදියක් කැබ් රථයක ගැටිමෙන් 75 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර වැල්පැන්න, අලුත්ගම - මතුගම මාර්ගයේ ලෙව්වන්දූව ප්‍රදේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2020-09-25T23:39:47.000Z
මෙරට කොරෝනා ආසාදිතයින් පිළිබඳ නවතම තොරතුරු
තවත් කොරෝනා ආසාදිතයින් 12ක්
COLOMBO (News 1st) : අද (26) උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව හඳුනා ගත් ආසාදිතයින් මෙසේයි. *ඩුබායි සිට පැමිණි පුද්ගලයින් - 2යි *කාටර් සිට පැමිණි - 6යි *ඇල්බේනියානු ජාතික වෙළඳ නාවික - 1යි *යුක්රේන ජාතික වෙළඳ නාවිකයින් - 3 යි ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3345ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් සංඛ්‍යාව 174කි. සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් ගණන 3158ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් අහිමි වූ ජිවිත ගණන 13කි. මේ අතර අද (26) දිනය වන විට කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අදාළව වාර්තා වූ සියලු ආසදිතයින් සංඛ්‍යාව 650 කි. විදෙස් රටවල් කිහිපයක සිට තවත් ලාංකිකයින් 122 දෙනෙකු අද දිනයේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. තව ද ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 271 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත අතර මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,817කි. තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6,991කි. ඊයේ (25) දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 1300ක් සිදු කර ඇති අතර මේ වනවිට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 278,145කි. අද (26) වන විට කොරෝනා ආාසදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර ඉන් 14 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් ය. කන්දකාඩු මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2කි.
2020-09-25T20:45:20.000Z
මාලිගාකන්දේ හොර කච්චේරියක් වටලයි : සැකකරුවෙකු දැලේ
මාලිගාකන්දේ හොර කච්චේරියක් වටලයි
COLOMBO ( News 1st ) : මරදාන, මාලිගාකන්ද ප්‍රදේශයේදී ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රබර් මුද්‍රා 227 ක්, ව්‍යාජ ලිපි ශීර්ෂ 42 ක්, විදේශ ගමන් බලපත්‍ර 300 ක්, ජාතික හැඳුනුම්පත් 9 ක්, ලැප්ටොප් පරිගණකයක්, ස්කෑන්ර් යන්ත්‍රයක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් හා ජංගම දුරකතනයක් සිය භාරයට ගත් බවයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
2020-09-25T19:56:28.000Z
යුක්රේනයේ ගුවන් අනතුරකින් 22 ක් මරුට
යුක්රේනයේ ගුවන් අනතුරකින් 22 ක් මරුට
COLOMBO ( News 1st ) : යුක්රේනයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ශිෂ්‍ය භටයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක් ව ඇති බවයි.
2020-09-25T19:52:15.000Z
ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරු අද විශේෂ සාකච්ඡාවක
ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරු විශේෂ සාකච්ඡාවක
COLOMBO ( News 1st ) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ ගැටලුව පිළිබඳව අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ප්‍රධාන කරුණක් ලෙස අවදානයට ගන්නා බවයි. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ උතුරු හා නැගෙනහිර පළාතේ ධීවරයින් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ය. එහිදී ධීවරයින් මේ ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.
2020-09-25T20:10:46.000Z
මහනුවර කඳුකර ආශ්‍රිත නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක්
කඳුකර නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක්
COLOMBO ( News 1st ) : මහනුවර ඇතැම් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකර ඇති නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහනුවර මහ නගර සභාව පවසයි. නගරාධිපති කේසර සේනානායක මහතා පැවසුවේ එහි අවදානම් තත්ත්වයක් ඇත්නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කඳුකර ආශ්‍රිත නිර්දේශ නොමැති ඉදිකිරිම් සඳහා ඉදිරියේදී සැලසුම් අනුමත නොකිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2020-09-25T10:47:54.000Z
පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ....
පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ....
COLOMBO ( News 1st ): අද සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 70 කි.
2020-09-25T09:33:07.000Z
වාචික නියෝග චක්‍රලේඛ ලෙස සළකන්න ගමින් ගමට යන ජනපතිගෙන් නිලධාරීන්ට කියයි
වාචික නියෝග චක්‍රලේඛ මෙන් ක්‍රියාත්මක කළ යුතුයි
COLOMBO ( News 1st ): ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට කළ සැලැස්ම අනුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරය කළේය. ඒ අනුව, ජනාධිපතිවරයා බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමග පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයට එක් විය. එහිදී, පැමිණ සිටි නිළධාරීන් ඇමතූ ඒ මහතා පවසා ඇත්තේ, ජනතාවගේ පොදු යහපත පිණිස දෙන, සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සළකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර තිබේ. එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
2020-09-25T05:30:45.000Z
කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණයෙන් නිවේදනයක්
COLOMBO ( News 1st ) : උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.
2020-09-25T04:59:28.000Z
නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 කට අනුමැතිය
COLOMBO (News 1st) : නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව , *සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත *මිලින්ද මොරගොඩ මහතා - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් *රවිනාථ ආරියසිංහ මහතා - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති *එස්.අමරසේකර මහතා - දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් *විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා - ඇෆ්ගනිස්ථාන තානාපති *විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා - ජපානයේ ශ්‍රී ලංකා තානාපති *මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය - ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි *ආචාර්ය පාලිත කොහොන මහතා - චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
2020-09-25T04:42:51.000Z
වරාය නගර පිවිසුමේ සිට දියත උයන දක්වා පා පැදි මං තීරුවක්
වරාය නගරයේ සිට දියත උයන දක්වා පා පැදි මං තීරුවක්
COLOMBO (News1st) : කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා පා පැදි මං තීරුවක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට මෙම පා පැදි මං තීරුව ඉදි කිරීමට අපේක්ෂිත ය. නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී. කේ. ගුණතිලක මහතා පැවසුවේ, පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පා පැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා මූලික සැලැස්ම මේ වනවිට සකස් කර ඇති බවයි. ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථ වාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීම හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ අරමුණයි. මෙම පා පාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 ක් වන අතර පළල අවම මීටර 1.5 ක් ද උපරිමය මීටර 2.5 ක් ද වේ. මෙම මං තීරුව වරාය නගර පිවිසුමෙන් ආරම්භ වී අනතුරුව කෙටි දුරක් ගාලු පාරට සමාන්තරව ගමන්කර බාලදක්ෂ මාවතේ බේරේ වැව දෙසට හැරි ගංගාරාමය හා Colombo City Centre ගොඩනැගිල්ල අතරින් විහාර මහාදේවී උද්‍යානය දෙසට ගමන් කරනු ඇති. අනතුරුව උද්‍යානය මැදින් යොමු වන මං තීරුව නෙළුම් පොකුණ රඟහල අසලින් නිදහස් චතුරශ්‍රය තෙක් ගමන් කර ආකේඩ් ගොඩනැගිල්ල අසලින් බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වෙත ගමන් කරයි. බොරැල්ල කනත්ත පසුකර බේස්ලයින් සීමාවේ ඇති ගොල්ෆ් පිටිය හරහා කෝට්ටේ වගුරු බිම් අතරින් දියත උයන තෙක් පළමු අදියර ගමන් කිරීමට නියමිත ය. එතැන් සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තු වටා විහිදී නැවත වරක් දියත උයන දක්වා පැමිණෙනු ඇති. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල, ශාන්ත බස්තියන් ඇළ මාර්ගය, අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පා වෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර ඇත. පළමු අදියර යටතේ මෙම මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් පවතී. ඕනෑම ස්ථානයකින් මුදල් ගෙවා පා පැදියක් ලබාගෙන මෙම ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පා පැදිය භාර දිය හැකි ය. නාගරික සංවර්ධන අධිකාරියේ පවසන්නේ, උදෑසන හෝ රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිත කරනු ඇතැයි, උපකල්පනය කරන බැවින් ආලෝකය අඩ අවස්ථාවල භාවිත කළ හැකි ආකාරයේ පහන් හා වර්ණ ගැන්වීම් ජාත්‍යාන්තර ප්‍රමිතියකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත ය.
2020-09-25T04:40:35.000Z
කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්
කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) – කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ , එම කාලය තුළ කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හැරෙන බවයි. කොළඹ තදාසන්න ප්‍රදේශවල ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීමක් මීට හේතු වී තිබේ.
2020-09-25T00:58:17.000Z
ජනපති ඇතුළු පිරිසට මරණ තර්ජන කළ පොඩි ලැසී යළි රිමාන්ඩ්
පොඩි ලැසී යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි ලබන 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය. ඒ බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්ට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවට අදාළවයි. මෙහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ලබාගත් නියෝගය මත බූස්ස බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශවල සාරාංශය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද ඉදිරිපත් කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියේ තමන් එවැනි තර්ජනයක් සිදු නොකළ අතර සිදුවන අපහසුකම් පිළිබඳව පමණක් පැවසු බව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින් පැවසූ බවයි. ‍මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර සිටින්නේ, කොස්ගොඩ තාරකයි. කොස්ගොඩ තාරක රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මදුෂ් ඩුබායිහි සිටියදි බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ගොස් ඔහුගෙන් පහසුකම් ලබාගෙන ඇති බවට තාරක ප්‍රකාශයක් ලබාදි ඇති නිසා ඒ පිළිබඳව අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් සහ මාකඳුරේ මදූෂ්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය. නීතිඥ සහායක් තිබේ දැයි, මහේස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි සැකකරුගෙන් විමසු විට සැකකරු ප්‍රකාශයක් ලබා දිමට අවසර ඉල්ලා සිටිමින් කියා සිටියේ තමන් තර්ජනයක් නොකළ අතර පහසුකම් පිළිබඳව පමණක් කතා කළ බවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ, එය සැකකරුගේ ප්‍රකාශයේ සටහන්ව තිබෙන අතර හැම දාමත් ඇප නොතබා සිටීමට බැරි බවයි. එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කියා සිටියේ මේ අයගේ ක්‍රමවේදය එය බවත් ඔවුනගේ සහය පිරිස් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සැකකරුවන්ට ආරක්ෂාව සලසමින් ඔවුන් වටා සිටින බවයි. මොවුන් ආපන ශාලාවෙන් දින කිහිපයකට සරිලන ආහාර ගබඩා කර ආහාර වර්ජනය ආරම්භ කර ඇති අතර බන්ධනාගාරය තුළ එවැනි දේ සිදු වන්නේ නම්, බන්ධනාගාරය අධිකරණයට වාර්තා කළ යුතුව තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පළමුවන සැකකාර කොස්ගොඩ තාරක සතු ගිනිඅවි විශාල ප්‍රමාණයක් හෝමාගම ප්‍රදේශයෙන් සොයාගත් අතර දෙවන සැකකරු 2016 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධවි ඇති බවට අනාවරණය වි ඇති බවයි. ආරක්ෂාව සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයක් කර තිබූ අතර තමන් පෙර දිනයේ ඉල්ලා සිටියේ සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් නොව අධිකරණයට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම බව පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව ද කියා සිටියේ ය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසේකර,පොලිස් පරීක්ෂක පොල්වත්ත යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ සැකකරු අද අධිකරණයට රැගෙන විත් සිටි අතර අධිකරණය අවට ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණ. https://www.youtube.com/watch?v=UIGwUQ0RYXs&feature=youtu.be
2020-09-25T00:19:07.000Z
කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට
කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : උඩුදුම්බර ප්‍රදේශයේදී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට මෙම කොටියා හසුවී ඇති බවයි. පසුව අදාළ පිරිමි සැකකරුවන් දෙදෙනා මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර තිබේ. පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට හැකිවී තිබේ. කොටියාගේ ඉතිරි ශරීර කොටස් සොයා උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් අද තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=qkFicxuJvwk&feature=youtu.be https://www.youtube.com/watch?v=BDEA0xu7pSM&feature=youtu.be
2020-09-24T23:22:25.000Z
ගිනිඅවි සමග තැන තැන කොටු වන සැකකරුවන්
ගිනිඅවි සමග තැන තැන කොටු වන සැකකරුවන්
COLOMBO (News 1st) : පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලින් ගිනිඅවි සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය ඇල්පිටිය ගනේගොඩදී ඉන් එක් වැටලීමක් සිදු කර ඇති අතර එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් හා බෝර 16 වර්ගයේ පතොරමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් හා පතොරම් 5ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ, කරුවලගස්වැව පොලීසිය තබ්බෝව ප්‍රදේශයේ නිවසක සිදු කළ සෝදිසියකදී ය. විදේශීය රටක නිෂ්පාදිත තවත් ගිනිඅවියක් සහ පතොරම් 3ක් සමග සියඹලාණ්ඩුවේදී ද සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. දෙණියාය මහවත්තේදී තවත් සැකකරුවෙකු පොලීස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සමගයි.
2020-09-24T21:52:40.000Z
කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු ලබාදුන් 10,000 සම්බන්ධයෙන් විශේෂ විගණනයක්
කොරෝනා සමයේ දුන් සහනාධාරය සම්බන්ධයෙන් විගණනයක්
COLOMBO (News 1st) -කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් එම පරීක්ෂණ පැවැත්වෙන බවයි. ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ද ඒ සඳහා පාදක කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. මේ වනවිට එවැනි පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. මේ අතර හම්බෙගමුව සමෘද්ධි සංචර්ධන බැංකුවේ සිදුවූ එවැනි මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව ඊයේ විමර්ශන මගින් අනාවරණ කළේය.
2020-09-24T21:40:13.000Z
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට අදාළ උපකාරක පන්ති නැවැත්වීමට දින නියමවෙයි.
AL හා ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පන්ති නැවැත්වීමට දින
COLOMBO (News 1st) - මෙවර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති,සම්මන්ත්‍රණ හා වැඩමුළු ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දක්වෙන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හා වැඩමුළු හා සම්මන්ත්‍රණ ලබන 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම් බවයි. අපොස උසස් පෙළ විභාගය ලබන 12 වැනිදා ආරම්භ වන අතර එය නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනිදා පැවැත්වෙන බවයි.
2020-09-24T21:19:25.000Z
අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක්
අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්
COLOMBO (News 1st) - අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේ, මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බවයි. එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේය. වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා දුරස්ථ එන්නත් විදින උපකරණ භාවිත කිරීමට පියවර ගෙන ඇති බවයි. අයාලේ යන සුනඛයින් ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමට ප්‍රබල ලෙස හේතුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
2020-09-24T20:38:27.000Z
සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට රජය සැලසුම් කරයි
සහල් ආනයනයට රජය සැලසුම් කරයි
COLOMBO (News 1st) - සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත් එම සහල් තොග ආනයනය කරන බවයි. ලක් සතොස හරහා එම සහල් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි. එවැනි වෙළෙදුන් 44 ක් පසුගිය දිනවල කළ වැටලීම් වලදී හඳුනා ගෙන තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බවයි.
2020-09-24T20:28:45.000Z
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
COLOMBO (News 1st) - අද උදෑසන 5 30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර 97.4 කි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
2020-09-24T20:02:31.000Z
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් වැලිගමදි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි.
2020-09-24T10:56:37.000Z
ආන්දෝලනයකට හේතු වූ විදේශීය කසළ තොගයට සිදු වූයේ කුමක් ද?
විදේශීය කසළ තොගයට සිදු වූයේ කුමක් ද?
COLOMBO (News 1st) - පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට හේතු වූ විදේශීය කසළ තොගයට සිදු වූයේ කුමක් ද? පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු කසළ කන්ටේනර් තොගය පිළිබඳ අප දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ වගකිවයුතු අංශ ප්‍රකාශ කළේ, අධිකරණය ලබාදෙන තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහෙත් නියමිත පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් අවස්ථා ගණනාවකදී අසමත්වීම හේතුවෙන් අධිකරණයට තීන්දුව ලබාදීම ප්‍රමාද කිරීමට සිදු විය. පසුගිය පෙබරවාරී මාසයේදී අධිකරණය ප්‍රකාශ කළේ, අදාළ කැළි කසල ප්‍රතිඅපනයනයට පියවර ගන්නේ නම් තම අධිකරණය ලබාදී ඇති නියෝග එම ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි. පසුගිය 7 වැනි දා අප කළ විමසීමකදී කොළඹ වරාය පරිශ්‍රයෙන් හා කටුනායක ආයෝජන කලාපයෙන් හමු වූ කසළ කන්ටේනර් තොගය යළි බාර ගැනීමට එංගලන්තය කැමත්ත පළ කළ බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය. සති දෙකකට පසු අප අද යළිත් එම අධිකාරියෙන් ප්‍රශ්න කළෙමු. ඔවුන් අද ප්‍රකාශ කළේ, ලබන සතිය වනවිට නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවයි. මේ කසළ තොගය එංගලන්තයට යැවීමට අවශ්‍ය විගමන කටයුතු මේ දිනවල අවසන් අදියරේ පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය. විදේශීය කසළ තොගය ආපසු යැවීම සතියෙන් සතිය කල් යන්නේ ඇයි? මේ පිටුපස සිටින පුද්ගලයින් කවුද? අවධානයට... https://www.facebook.com/NewsfirstSL/videos/720177548711524/
2020-09-24T08:18:22.000Z
ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී
ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී
News 1st – ක්‍රිකට් වෙනුවෙන් කැප වෙමින්, ක්‍රීඩා කරමින්, විස්තර විචාරයටද දායක වූ ඩීන් ජෝන්ස් ඉන්දියාවට පැමිණ සිටියදී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ. ඔස්ට්‍රේලියානුවන්ගේ මතකයෙන් කිසිදා ඈත් නොවන ඩීන් ජෝන්ස්, අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 59 කි. මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා ඉන්දියාවට පැමිණ සිටියදී හෘදයාබාදයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ ඉන්දියාවේ මුම්බායි නුවරදීය. 1984 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ඩීන් ජෝන්ස් ටෙස්ට් තරග 52 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 164 කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේ ය. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ලෙස සටහන්ව ඇත්තේ, 1992 වසරේ ශ්‍රී ලංකාව සමග මොරටුව -ද සොයිසා- ක්‍රීඩාංගණයේ පැවැති තරගයයි. ඔහු ටෙස්ට් ලකුණු 3631 ක් සහ එක්දින ලකුණු 6068 ක් රැස් කර තිබේ. ඩීන් ජෝන්ස්, 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය හිමි කර ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉහළ දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කාගේත් ආදරය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ හදිසි නික්ම යෑම පිළිබඳව දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
2020-09-24T10:29:39.000Z
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක පිටපතක් කතානායකට
20 ට එරෙහි පෙත්සමක පිටපතක් කතානායකට
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වී ඇති පෙත්සමක පිටපතක් පාර්ලිමේන්තුවට යොමු කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා සිය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කැමරාව ඔහු වෙත එල්ල නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/753436735386588/
2020-09-24T07:26:44.000Z
කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට
කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට
COLOMBO (News 1st) - කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2020-09-24T07:14:36.000Z
කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවක්: 7 දෙනෙකු රෝහලේ
කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවක්
COLOMBO (News 1st) - කොටිකාවත්ත ආදාහනාගරයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ දේහයක් ආදාහනය කිරීමට යාමේදී එහි එක් විවරයකින් මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බවයි. තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
2020-09-24T06:44:57.000Z
20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්
20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අද පස්වරුව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනු කර තිබුණි. අද දිනයේ ලැබී තිබුණු පෙත්සම් ගණන 6 කි. හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ද අද පෙත්සමක් ගොනු කළේ ය. මේ අතර ජාතික සංවිධාන එකමුතුව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව වහා ප්‍රසිද්ධ කළ යුතු බවයි.
2020-09-24T06:27:06.000Z
මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
COLOMBO (News 1st) - හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද මරණ දඬුවම නියම කර තිබේ. ඒ, හෙරොයින් ග්‍රෑම් 106 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරමිනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 1998 දෙසැම්බර් 04 වැනි දා පිටකොටුව මත්ස්‍ය වෙළෙඳසැල් සංකිර්ණයේදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ හමුවේ පනවා තිබූ නඩුවක් විභාග කළ මහාධිකරණය 2012 ජුලි මස පළමු වැනි දා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබුණි. එම සිර දඬුවමට එරෙහිව විත්තිකරු ගොනු කර තිබූ අභියාචනාවක් සළකා බැලු අභියාචනාධිකරණය එම නඩුව නැවත විභාගයට ගන්නා ලෙස මහාධිකරණයට නියෝග කර තිබුණි. නැවත විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කළේ ය.
2020-09-24T05:47:29.000Z
20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්...
20 නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිගමන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/315209826445076/
2020-09-24T05:07:33.000Z
20 ට එරෙහිව කීර්ති තෙන්නකෝන්ගෙන් පෙත්සමක්
20 ට එරෙහිව කීර්ති තෙන්නකෝන්ගෙන් පෙත්සමක්
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත. පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇත්තේ නීතිපතිවරයායි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට ලැබී ඇති ‍පෙත්සම් සංඛ්‍යාව 12 කි.
2020-09-24T05:02:21.000Z
නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි
නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි
COLOMBO (News 1st) : ලොවම බිලි ගත් Covid-19 වසංගතය ඉතා සීරුවෙන් පාලනය කළ රටවල් අතරින් නවසීලන්තයට ද හිමි වන්නේ, පුමුඛ ස්ථානයකි. අද වන විට නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලන කර ඇති අතර පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවයි. තව ද ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර විවාහ උත්සව, ක්‍රීඩා උත්සව වැනි අවස්ථාවලදී තවදුරටත් සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම අවශ්‍ය නොවනු ඇති. සියලු දෙනාට සුපුරුදු පරිදි සේවා ස්ථාන වෙත වාර්තා කළ හැකි අතර සේවා ස්ථාන තුළදී මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් ඕක්ලන්ඩ්හි වැසියන් සහ ගුවන් මගීන්ට තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ඊට හේතුව පසුගිය අගෝස්තු මාසයේදී යළිත් එහි වෛරසය හිස ඔසවන්නට වීමයි. කොවිඩ් -19 වංසංගතයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව නවසීලන්තය පුළුල් ලෙස පැසසුමට ලක් වූ අතර ජුනි මාසය වනවිට එරට පොදු ජන ජීවන රටාව කෙමෙන් යථා තත්ත්වයට පත් වන්නට විය. මේ අතර පසුගිය සතියේ සිය සහයකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ මුව ආවරණ නොපැළඳ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම පිළිබඳව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් සමාව අයැද තිබේ. නවසීලන්තය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1468ක් වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 25කි.
2020-09-24T04:49:13.000Z
රු. 100 ක අල්ලසකට වේලාසටහන්කරුවෙකු අත්අඩංගුවට
රු. 100 ක අල්ලසකට වේලාසටහන්කරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - අරලගංවිල බස් නැවතුම්පොළේ වේලාසටහන්කරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, බස් කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 100 ක අල්ලසක් ලබා ගැනීමේදීය. බස්රථය අරලගංවිල බස් නැවතුම්පොළේ නවතා තබා ගැනීමට සහ නියමිත වේලාව තෙක් මගීන් නංවා ගැනීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසුරිය මහත්මිය සඳහන් කළේ, කොමිසමේ 1954 හදිසි දුරකතන ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-09-24T04:15:28.000Z
හිටපු ජනපති සහ සහයක රදගුරුවරුන්ට ජනපති කොමිසමෙන් තරයේ අවවාද
ජනපති කොමිසමෙන් හිටපු ජනපතිට තරයේ අවවාද
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ සහයක රදගුරුවරුන් තිදෙනකුට අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම අද තරයේ අවවාද කළේ ය. ඒ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සතියේදී ජනපති කොමිසම හමුවේ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී තිබිණ. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම වෙත ලබාදුන් ප්‍රකාශයක් කොළඹ අගරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසු මෙය වාර්තා විය. සිය මතය ප්‍රකාශ කරමින් ජනාධිපති කොමිසම කියා සිටියේ නීතිඥවරුන්ට සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව තිබියදී මෙවැනි නිවේදන ප්‍රසිද්ධ නොකළ යුතු බවයි. ඒ අනුව ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාටත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් සහයක රදගුරුවරුන් තිදෙනෙකුටත් ජනාධිපති කොමිසම මෙලෙස අවවාද කර සිටියේ ය.
2020-09-24T03:17:50.000Z
කොරෝනා ආසාදිතව මාතර සිටි රුසියානුවෙකු හම්බන්තොට රෝහලට
කොරෝනා ආසාදිත රුසියානුවෙකු හම්බන්තොට රෝහලට
COLOMBO (News 1st) : අද පෙරවරු 5. 30 න් අවසන් වූ පැය 24 තුළ කෝවිඩ්-19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ. කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ආසාදිත පුද්ගලයින් 11 දෙනා අතර සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකු ,ඩුබායි සිට 7 දෙනෙකු ,ඉතියෝපියාවේ සිට අයෙකු සහ රුසියාවේ සිට පැමිණි අයෙකු ඇතුළත් බවයි. අද පෙරවරු 5. 30 වන විට, කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටි සියලු ආසාදිතයින් සංඛ්‍යාව 650 කි. මේ අතර, පසුගිය 13 වැනිදා මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණි රුසියානුවන් 15 දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2680894432161886/
2020-09-24T03:13:11.000Z
අවිස්සාවේල්ලේදී ගිනිඅවි හා පතරොම් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
අවිස්සාවේල්ලේදී ගිනිඅවි සමග සැකකරුවන් 2ක් දැලේ
COLOMBO (News 1st) : අවිස්සාවේල්ල, නාපාවල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි සහ විවිධ වර්ගවල පතරොම් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් නාපාවල ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, පතොරම් 85 ක් සහ පුහුණු පතොරම් 27 ක් සොයා ගත් බවයි. අනතුරුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අවිස්සාවේල්ල කුඩගම ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ. විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතොරම් 6 ක් ඔහු සතුව තිබී සොයා ගත් බව පොලීසීය සඳහන් කළේ ය. සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2020-09-23T23:12:58.000Z
මන්නාරමේදී මාළු ලොරියෙන් එළියට ආ කේරළ ගංජා
මාළු ලොරියෙන් එළියට ආ කේරළ ගංජා
COLOMBO (News 1st) : මාළු ලොරියක සඟවා ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා 103kg ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මඩු ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මඩු පොලිස් වසමේ පුංචි කුලම් මාර්ග බාධකයේදී කළ පරීක්ෂාවකදී ලොරිය තුළ තිබූ ශීතකරණයේ විදුලි පංකා කට තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී ගංජා සහිත පාර්සල් 49ක් සොයා ගත් බවයි. ගංජා තොගය සමග අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36, 38 වයස්වල පසුවන ඇඹිලිපිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
2020-09-23T22:50:55.000Z
ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි පළමු වැනිදා සිට තහනම්..
ප්ලාස්ටික් උපකරණ කිහිපයක් ජනවාරි 1 සිට තහනම්
COLOMBO ( News 1st ) - ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි පළමු වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බවයි. ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වේ. ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
2020-09-23T22:36:56.000Z
සොරකම් කළ යතුරු පැදි හා ත්‍රිරෝද රථ සෙවීමට පොලීසිය මහජන සහය පතයි
ඔබේ යතුරු පැදිය හෝ ත්‍රිරෝද රථය ගැන සැකයක් පවතීද?
COLOMBO (News1st) : බස්නාහිර පළාත තුළ 2019 සහ 2020 වසරවලදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සොයා පොලීසිය විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එලෙස සොරකම් කරන ලද වාහනවල ස්වරූපය සහ පැහැය වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සකසා ඒවා විවිධ පුද්ගලයින් වෙත විකුණා ඇති බවට තොරුතුරු ලැබී ඇති බවයි. පොලීසිය වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි අපරාධකරුවෙකුට හසුවී ඇත්නම්, හෝ වාහනය පිළිබඳ සැකයක් පවතී නම්, පහත අංක අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි. 071- 8591727 - අධ්‍යක්ෂ / කොළඹ අපරාධ කොට්ඨාසය 071-8592167 - අධ්‍යක්ෂ / බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය 071- 8592279 - අධ්‍යක්ෂ / බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය 0777-128128/011-2013060 - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් කාර්යාලය මේ අතර සිය ත්‍රිරෝද රථයේ හෝ යතුරු පැදියේ නිත්‍යනුකූලභාවය තහවුරු කර ගැනීම වාහන හිමිකරුවන්ගේ වගකීමක් බව පවසන පොලීසිය අවධාරණය කර සිටින්නේ, සොරකම් කරන ලද යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් දැන හෝ නොදැන භාවිත කිරීම අපරාධමය වරදක් බවයි. පොලීසිය නිකුත් කර ඇති නිවේදනයට අනුව ජාවාරම්කරුවන් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ හා යතුරුපැදිවල විස්තරය...
2020-09-23T19:34:53.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. 2012 සිට අන්තවාදයට එරෙහි ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවයි – පූජිත් ජයසුන්දර : 2012 වසරේ සිට අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවක් වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. 2. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි : දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. 3. ලබන 01 වැනි දා සිට ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී විධිමත් කරමින් චක්‍රලේඛයක් : ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 4. මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස් :කොළඹ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 1000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. විදෙස් පුවත් 5.අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී : කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ගොස් තිබේ.
2020-09-23T21:46:03.000Z
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි.
COLOMBO (News1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාදය පැවැත්වෙන්නේ 2019 අවසාන කාර්තුවේ මුදල් කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳවයි.
2020-09-23T21:35:11.000Z
හැටන් ⁣- කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වෙයි
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
COLOMBO (News 1st) - ගිනිගත්හේන රම්පාදෙනිය ප්‍රදේශයේදී හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරවී තිබේ. ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමෙන් මාර්ගය අවහිරවීම හේතුවෙන් රථ වාහන ධාවනය මේවනවිට ඇනහිට තිබේ. එමනිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසීය උපදෙස් ලබාදෙයි.
2020-09-23T20:52:50.000Z
දිවයිනේ විවිධ ප්‍රදේශවල යුරියා පොහොර හිඟයක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල යුරියා පොහොර හිඟයක්
COLOMBO (News 1st) - දිවයිනේ විවිධ ප්‍රදේශවල යුරියා පොහොර හිඟයක් මතුව තිබේ. මේ පිළිබදව පොහොර නිශ්පාදන සැලසුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළේ, පොහොර මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. යුරියා පොහොර භාවිතා කර මිශ්‍ර පොහොර සකස්කරන නමුත් එම මිශ්‍ර පොහොර සකස්කිරීම සඳහා ද යූරියා පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව පොහොර විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් පොහොර සැපයුම්කරුවන්ට පොහොර ලබාදීමට දුෂ්කරතා මතුව ඇති බව ඔහු සඳහන් කළේය.
2020-09-23T20:31:56.000Z
රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් රැසක් ගැන ජනපති කියයි
රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳගිවිසුම් ගැන ජනපති කියයි
COLOMBO (News 1st) - අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් රැසක් රටට හිතකර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි අයුරින් එම ගිවිසුම් සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ, අපනයන සංවර්ධන සභාව යළි සක්‍රීය කරමින් රැස්වූ අවස්ථාවේදීය. නිල බලයෙන් ජනාධිපතිවරයාට සභාපතිත්වය හිමිවන අපනයන සංවර්ධන සභාව එලෙස රැස්වූයේ වසර 28 කට පසුවයි. අපනයනකරුවන් අධෛර්යමත් කරන අනවශ්‍ය නීති රීති ඉවත් කළ යුතු බව, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය. මේ අතර ආයෝජකයින් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ, මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී. ආයතන රැසක් කළ පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් කර ඇතැයි ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය. පොලී අනුපාත, මූල්‍ය ඒකකය සහ කොටස් වෙළෙඳ පොළ ස්ථාවරත්වය සතුටුදායක මට්ටමට හැරී ඇතැයි නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ, ප්‍රමුඛතා 10 ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මග සැලසීම සිය අරමුණ බවයි. නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් තානාපතිවරුන්ගේ සහායෙන් ආයෝජකයින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රමුඛයන් සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් කාර්යාලයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු විය. ඊට අමතරව සිමෙන්ති සහ යකඩ මිල පහළ දැමීමේ හැකියාව සොයා බලන්නැයි ද ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
2020-09-23T20:25:19.000Z
"රත්මලානේ රොහා" පොලිස් වෙඩි පහරින් මරු⁣ට
"රත්මලානේ රොහා" පොලිස් වෙඩි පහරින් මරු⁣ට
COLOMBO (News 1st) - පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු වූ "රත්මලානේ රොහා" නැමැති සැකකරු අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ. මෙම සැකකරු ඉන්දියාවට පලායාමට සූදානමින් කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මෙලෙස මියගොස් තිබේ. ඔහු සන්තකයේ තිබී T56 ගිනි අවියක් හා රිවොල්වරයක් පොලිස් භාරයට ගෙන තිබේ.
2020-09-23T08:26:54.000Z
20 හැදුවේ අමෙරිකාව ද? - ජවිපෙ ප්‍රශ්න කරයි
20 හැදුවේ අමෙරිකාව ද?
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ, අමෙරිකාවදැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කර තිබේ. පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මේ ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක, අද එතකොට 20 ලිව්වේ එක්සත් ජනපද කාර්යාලයද කියන සැකය පවා අද මතුවෙලා තියෙනවා. විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ තිබිච්ච ආණ්ඩුවේ තිබිච්ච ඒ මහා බලගතු එඩිතරභාවය 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා. ආණ්ඩුව ඇතුලේ. එක්කෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්න ඕන ඔහු තමයි මේක ලිව්වේ නැත්තම් ඔහු මේක අමෙරිකාව ලව්වා හරි කවුරුහරි මේක ලියෙව්වා, එහෙම නැත්තම් අගමැතිවරයා කියන්න ඕන ඔහු මේක ලිව්වා අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා. 20 වන සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට අගමැතිවරයා පත්කළ කමිටු වාර්තාවට සිදු වූයේ කුමක්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක, අගමැතිවරයා කමිටුවක් හදලා කිව්වා ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනයේ ගැසට් එක පිළිබඳව අලුතින් අධ්‍යනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒ වාර්තා ඉදිරිපත් කරන ඡායාරූපත් සමාජ ජනමාධ්‍යවල පළ කරලා. ඒවගේම ඒ කැබිනට් අනුකමිටුවේ හිටපු ඇමතිවරයෙක් කිව්වා දැන් මේ විස්ස අගෝස්තු මාසයේ ගැසට් කරපු විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ නැතිය පාර්ලිමේන්තුවට අලුත් විස්සක් එන්නේ කියන එක නමුත් අපි දන්නවා ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කරලා තිබෙන්නේ ඒ ගැසට් එකම තමයි පරන එකම තමයි. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරාම පනතක් නෙවෙයි ඊට වඩා කුඩා දෙයක් වුණත් අධ්‍යනය කරලා ඊළඟ කැබිනට් මණ්ඩලයේ තමයි අනුමතයට ලක්වෙන්නේ. අනුමත කිරීම හරහා. නමුත් විසිවෙනි සංශෝධනය එහෙම නෙවෙයි කැබිනට් මණ්ඩලයේ එදිනම ඉදිරිපත් කෙරු මොහොතේම අනුමත කරා. කරලා ඒක ගැසට් කලා. ඒ වියරු බල උවමනාවට සියල්ල ඩොසර්කරගෙන යනවා. තවදුරටත් බලය තහවුරු කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? මේ පිළිබඳවත් බිමල් රත්නායක මහතා කරුණු පැහැදිලි කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, අපි කියන්න කැමැතියි මේ බලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ කණ්ඩායම ගන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව පාවිච්චි කරන්න නෙවෙයි. ඒවායේ යම් යම් ගැටලු ඇතිවෙයි. පවුල ඇතුළේ විසෙඳගනියි ඒගොල්ලෝ. සමහරවිට මේක පුපුරලත් යයි. ඒවා අනිවාර්යයෙන්ම ඉදිරියෙදී වෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ බලය පාවිච්චි කරන්න යන්නේ කාට ද? විශේෂයෙන්ම මේ උකහා ගන්නා බලය පාවිච්චි කරන්නේ මේ රටේ ජාතික සම්පත් දේශීය සහ විදේශීය ධනකුහරයන්ට පවරන්න. මේ තුනෙන් දෙකෙ බලයක් මේ ඔක්කොම ඉල්ලනවා හැබැයි කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් වචනයක් නෑනේ. තුනෙන් දෙකේ බලය ලැබුණට පස්සේ මේ විසිවෙනි සංශෝධනයෙන් පස්සේ චීනෙට දුන්නු හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා කියනවාද? මේය පරාජය කළ යුතු වෙනවා අපේ රට ඉදිරියට ගලවාගෙන යන්න නම්. 18 ට උස්සපු අත ගැන තමන්ම කළ කිරෙනවා කියලා කියපු ඇමතිවරු අපි දන්නවා. ඒ අය දැනුත් ඉන්නවා. වල්ගේ එල්ලිච්ච ටීම් එකට දැන් පොඩ්ඩක් අමාරුයි මේ එකපාරටම මේක දනගහලා පෙන්නන්න. ඒ නිසා ඒගොල්ලෝ අර පොඩි පොඩි හේතු කියනවා. ඔය මම දැක්කා ද්විත්ව පුරවැසිභාවය, වෙන වෙන කතා. අපිට පේන හැටියට ඒ ඕකකොමලා රාජපක්ෂවරුන්ට බයයි. ඒ නිසා ඒ ඒකකොම ඡ්නදේ දියි ඒහෙම ඡ්නදේ දුන්නහම 150 හම්බෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, එතුමා මුදල් වියදම් කරලා බලයකුත් නැත්තම් මේක කොරගෙන යන්න මොකටද මේ ධුරය පවත්වාගෙන යන්නේ රටේ? මේක අයින් කරොත් හොද නැද්ද? ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, අයින් කරොත් හොඳයි. නමුත් ඔකේ අනික් පැත්ත ඔබතුමා මතු කරපු ආණ්ඩුවම දාන මිනිස්සුන්ව ගොනාට අන්දන ඒ කියන්නේ සල්ලි ගොඩාක් වියදම් කරන බලය ගොඩාක් තියෙන්න ඕන. කොහෙද අනේ එහෙම තර්ක තියෙන්නේ? දැන් සල්ලි ගොඩාක් තියෙන නිසා කෑම ගොඩාක් කන්න ඕනද? රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වෙච්ච මිනිහා ඒකාධිපතියෙක් කරන්න ඕන නැහැනේ. අනික් එක බලතල නැති වීම නිසා මොකක්ද රටට වෙලා තියෙන ප්‍රශ්නේ? මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ කියන මහත්වරු දෙන්නා හැප්පුනේ 19 ප්‍රශ්නයක් නිසානේ. 19 ප්‍රශ්නය නිසා විතරක් නෙවෙයි දෙන්නම මෛත්‍රීපාල සිරිසේනට උවමනාව තියෙනවා දෙවැනි වරටත් ජනාධිපතිකම ගන්න. ඒකට තමයි එයා මුළු ගේමම ගැහුවේ දිනපු දවසේ ඉඳන්ම. මෛත්‍රීපාල ගෙන් ඒක අහෝසි කරන්නේ නැතිව මෛත්‍රීපාල ගෙන් පසුව ඒ පුටුවටම එයා පනින්න. ඉතිං ඒකට බිළිවෙලා තියෙනවා 19 යි ප්‍රජාතන්ත්‍රවාදයයි ඕකකොම. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඉතිං දැන් ජනතාව ඔබතුමාලාව පත් කරන්නේත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, ජනතාවට අවශ්‍ය වේලාවට තමයි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නට වෙන්නේ. අපි ජනතාවටත් කියන්නේ අර අශ්වයා ගියාට පස්සේ අස්තාලය වහලා වැඩක් නැහැ ඊට කළිනුයි කළ යුත්තේ. https://www.facebook.com/NewsfirstSL/videos/331742441439403/
2020-09-23T08:09:38.000Z
2012 සිට අන්තවාදයට එරෙහි ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවයි - පූජිත් ජයසුන්දර
අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුව ක්‍රමවේදයේ අසාර්ථක බව
COLOMBO (News 1st) - 2012 වසරේ සිට අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවක් වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද යළිත් සාක්ෂිදෙමිනි. පොලීසිය ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නතර කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දුන් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය. ඔහු පැවසුවේ, එම කාර්යය රාජ්‍ය බුද්ධි අංශයට පමණක් සීමා කළ බවයි. හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර ඇති වූ ගට්ඨනයත් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමත් නිසා තමන්ට රාජකාරී ඉටුකිරීමේදී බාධා ඇති වූ බව ජයසුන්දර මහතා කියා සිටියේ ය. ඇතැම් තීරණ ගැනීමේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා පරස්පර උපදෙස් ලබාදුන් බව ද ඔහු අනාවරණය කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පතිවරයා පැවසුවේ, 2018 ඔක්තෝබර් 28 වැනි දායින් පසුව තමන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගිවීම හිටපු ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව පිළිබඳව තමන් සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වූ මතභේදය ඊට හේතු වූ බව ද ඔහු පැවසීය. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා යන මහත්වරුන්ට සහ සහායක රදගුරු හිමිවරුන් තිදෙනෙකුට තම නීතිඥවරුන් සමග හෙට උදෑසන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම්දීමක් කෙරුණි. මෙම කැඳවීමට හේතුවී තිබුනේ හිටපු ජනාධිපතිවරයා සහ කොළඹ අගරදගුරු හිමිපාණන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදන දෙකක් සම්බන්ධයෙන් කොමිසම තුළදී කරුණු සාකච්ඡාවට ලක්වීමයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරයා සමග අද පස්වරුවේ යළි ත් ජනාධිපති කොමිසමට පැමිණියේ ය. හිටපු ජනාධිපතිවරයා එහි පැමිණියේ කොමිසමේ කැඳවීමකින් තොරවයි. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි විමර්ශන අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ ය. අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ ජයසූරිය මහත්මිය හමුවේ අද කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, විමර්ශනයේ උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බැවින් නීතිපති උපදෙස් වාර්තා කිරීමට දිනයක් ලබාදෙන ලෙසය. ලබන වසරේ මාර්තු 17 වැනි දාට නඩුව යළි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට නියෝග කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/327490018358898/
2020-09-23T07:57:25.000Z
බස්නාහිර සොරකම් කළ යතුරු පැදි හා යතුරු පැදිවල චැසි/එන්ජින් අංක ප්‍රසිද්ධ කෙරේ
ඔබේ යතුරු පැදිය/ත්‍රී වීල් එක සොරකම් කළ එකක්ද?
2019-2020 යන වර්ෂ වල දී බස්නාහිර පළාත තුළ සොරාගන්නා ලද යතුරු පැදි හා ත්‍රී රෝද රථ සොයා ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබේ. එලෙස සොරාගන්නා ලද රථ මේ වන විට විවිද ස්වරූයෙන් හා පැහැය වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛණ සකස්කර විකුණා ඇති බව හෙළිව ඇති බව ද පොලීසිය නිවේදනය කරයි. පොලීසිය විසින් එලෙස සොරාගන්නා ලද යතුරු පැදි හා ත්‍රී රෝද රථවල චැසි අංක හා එන්ජින් අංක ප්‍රසිද්ධ කර ඇත. යතුරු පැදි හා ත්‍රීරෝද රථ හිමිකරුවන් පහතින් ඇති අංක හා සංසන්ධනය කරන ලෙසත් සැකයක් පවතීනම් පහත අංක හරහා එය දැනුම් දෙන ලෙසත් බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කරයි. 0718 - 591727 / 0718 592167 / 0718 - 592279 / 0777 - 128128 / 0112 - 013060 සම්පූර්ණ ලයිස්තුව බාගත කරගන්න ( පළමු කොටස | දෙවැනි කොටස )
2020-09-23T11:45:25.000Z
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්
විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්
COLOMBO (News 1st) – උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව, විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල දූමායන කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අමතරව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ සහාය ඇතිවද, ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට කටයුතු සූදානම්ව පවතී. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 12 වැනිදා ආරම්භ වන අතර මධ්‍යස්ථාන 2648 කදී එය නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2936 කදී ඔක්තෝබර් මස 11වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2020-09-23T06:10:15.000Z
බණ්ඩාරවෙල මහල් ගොඩනැගිල්ලක ගින්නක්
බණ්ඩාරවෙල ගින්නක්
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල, නගරයේ මහල් ගොඩනැගිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක පස්වන මහලේ ගින්න හටගෙන ඇති බවයි. ගින්න නිවීම සඳහා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් වාහන 3 ක් යොදවා ඇත. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි පොලීසිය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/3479870545410914/
2020-09-23T06:36:52.000Z
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරගැනීම අත්හිටුවයි
COLOMBO (News 1st) - දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බවයි.
2020-09-23T05:43:54.000Z
ලබන 01 වැනි දා සිට ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී විධිමත් කරමින් චක්‍රලේඛයක්
ග්‍රාම නිලධාරීවරුන්ට චක්‍රලේඛයක්
COLOMBO (News 1st) - ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත්තේ, ග්‍රාම නිලධාරීවරුන් සිය විවේක දින හැර දින 6 ක් පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටු කිරීමට බැඳී සිටින බවයි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, සෙනසුරාදා දින දහවල් 12.30 දක්වාත් ග්‍රාම නිලධාරීවරුන් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතු වේ. සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉදිරි දින 3 න් එක් දිනක් විවේක දිනය ලෙස ද ඉතිරි දින දෙක ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගත යුතු බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකාරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 16/2020 ලෙස එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
2020-09-23T04:54:36.000Z
''අවසානෙ 20 අවජාතක දරුවෙක් වුණා'' - ජවිපෙ
''අවසානෙ 20 අවජාතක දරුවෙක් වුණා'' - ජවිපෙ
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවසානයේ ආණ්ඩුව තුළම අවජාතක දරුවෙකු බවට පත්ව ඇතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. රත්නායක මහතා පැවසුවේ, පසුගිය අගෝස්තු 28 ගැසට් කළ කෙටුම්පතට සමාජයෙන් විරෝධයක් ඉදිරිපත් වූ බවත් අවසානයේ 20 වන සංශෝධනය සැකසුවේ කවුරුන් දැයි කියා ඉදිරිපත් වීමට නොහැකි තරමට එය සැකසූ පුද්ගලයින් බිය වී ඇති බවත් ය. ''20 ලිව්ව මිනිහෙක් හොයා ගන්න නෑ. අධිකරණ ඇමතිගෙන් අහනවා ඔබ ද ලිව්වෙ කියලා එයා කියනවා එයා නෙවෙයි කියලා, ජී.එල්. පීරිස් මහත්තයගෙන් ඇහුවම ඔහු කියනවා. ඔහු නෙමෙයි කියලා, අන්තිමට 20 ලිව්වෙ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ද කියන සැකය පවා දැන් මතු වෙලා තියෙනවා. ඇත්තටම බලන්න ඕන කවුද මේක ලිව්වෙ කියලා'' 20 ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රජාතන්ත්‍ර විරෝධි රට අවුරුදු 40ක් ආ පස්සට ගෙන යාමට දරන උත්සාහයක් බවත් සාමජයෙන් එල්ල වූ විචේචන හමුවේ, 20 ලියපු අය හැංඟෙන මට්ටමට පත්වූ බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය. ඉදිරිපත් වූ දිනයේම කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසු කෙටුම්පත පිළිබඳ අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කිරීම විහිළු සහගත ක්‍රියාවක් බව ද රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ ය. https://www.youtube.com/watch?v=IifO8zcUshc&feature=youtu.be
2020-09-23T02:32:56.000Z
මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස්
මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස්
COLOMBO (News 1st) : කොළඹ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 1000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, එම පිරිස ලබන සෙනසුරාදා පොලිස් කෂේත්‍ර බලකා මූලස්ථානයට කැඳවා උපදෙස් ලබා දෙන බවයි. මේ අතර අද සිට බස් ප්‍රමුඛතා මං තීරුව බස්රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා පමණක් සීමා කීරිමට ගත් තීරණය සාර්ථක බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ, මං තීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා අතිරේක නිලධාරීන් මාර්ග දෙපස රාජකාරි සඳහා යොදවා ඇති බවයි.
2020-09-23T01:53:30.000Z
20ට එරහෙිව සමගි ජන බලවේගයෙන් විශේෂ පෙත්සමක්
20ට එරහෙිව විශේෂ පෙත්සමක්
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේ ය. සමගි ජන බලවේගය වෙනුවෙන් පෙත්සම ගොනු කරනු ලැබුවේ, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනි. 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම්, වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා තිබේ. ඉන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, එය සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නිගමනය කරන ලෙසයි. https://www.youtube.com/watch?v=XSak3FD6S3k&feature=youtu.be
2020-09-23T01:45:26.000Z
මන්ත්‍රී ආරක්ෂාව අඩු කිරීම ගැන වාද විවාද
මන්ත්‍රී ආරක්ෂාව අඩු කිරීම ගැන සංවාදයක්
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය. මේ එහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇතිවූ සංවාදය. ''ජනාධිපතිට, ආරක්ෂ ලේකම්ට පවා හිරේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයේ තරජනය කළා. එහෙම තත්ත්වයක් යටතේ මේවට අරගල කරන මන්ත්‍රීවරුන්ගෙන් ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කරලා තියෙනවා. අපි මත්ද්‍රව්‍යට අරගල කරද්දී ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම 225ටම කරපු බරපතළ තර්ජනයක්..'' - බුද්ධික පතිරණ - ''පොලිස් නිලධාරීන් ඉන්නෙ පොලිස් රාජකාරිය කරන්න මන්ත්‍රීවරුන් සහ අනෙක් අය සඳහා පොලිස් නිලධාරීන් ඉන්නෙ 85000යි මන්ත්‍රීවරුන්ට මහ ජනයාගේ විශ්වාසයක් නැත්නම්, පොලීසිය නැතිව යන්න, පොලීසිය ඉල්ලන්නේ ෆයිල් උස්සන් යනන් ද? පොලීසිය දෙන්නේ නැහැ ෆයිල් උස්සගෙන යන්නයි, බෑග් උස්සගෙන යනන්යි. අපි ආරක්ෂාව දෙන්නම්, මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි, රටටම ආරක්ෂාව දෙනවා'' - අමාත්‍ය චමල් රාජපක්ෂ - මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන්නැයි අද විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. එම සංවාදයට බුද්ධික පතිරණ, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත කැටගොඩ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එක්වූහ. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියේ, කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමේ සම්ප්‍රදාය දිගිටම පවත්වා ගත යුතුව ඇති බවයි. මේ අතර ණය කාර්යංශයේ නම සඳහන් වීම ණයක් ලබාගැනීමට බාධාවක් නොවීමට සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
2020-09-23T00:38:22.000Z
දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කෙරේ
දුම්රියමාර්ග සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නතර කෙරේ
COLOMBO (News 1st) - කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය සේවය ඇතුළු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සඳහන් කළේ, දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි. ඒ අනුව අදාළ සියලු ව්‍යාපෘති යළි සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත් කර තිබේ. මේ යටතේ රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ද නැවත සලකා බැලෙනු ඇත. ලේකම්වරයා පැවසුවේ අදාළ කමිටුවේ නිර්දේශ මත අත්‍යවශ්‍ය ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. දේශීය අරමුදල් උපයෝගී කර ගනිමින් එම ව්‍යාපෘති ප්‍රමුඛතාව මත පෙළ ගස්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.
2020-09-23T00:37:12.000Z
බලංගොඩදී සැකකටයුතු ලෙස තරුණියක මියයයි
බලංගොඩදී සැකකටයුතු ලෙස තරුණියක මියයයි
COLOMBO (News 1st) – බලංගොඩ බණ්ඩාරවත්ත, වැලිහරණාව ප්‍රදේශයේ 17 හැවිරදි තරුණියක් සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. තරුණිය නිවසේ වැටී සිටියදී රෝහල්ගත කළ බව ඇගේ මව පොලීසියට ලබා දුන් කටඋත්තරයේ සඳහන්වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ දහවල් අදාළ තරුණිය බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි. තරුණියගේ මරණයට නිශ්චිත හේතුව අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදි තහවුරු කර ගත හැකි වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2020-09-23T00:07:02.000Z
තවත් කොරෝනා අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගනී
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 14ක්
COLOMBO (News 1st) - මෙරටින් තවත් Covid -19 අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 13 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් ය. ඔවුන් අතරින් සවුදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු ද , කුවේට් සිට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ද , කටාර් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද , ඉන්දියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු ද වන බව වාර්තා වේ. එම පුද්ගලයින් 14 දෙනා සමග කන්දකාඩු සහ සේනපුර මද්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයන් සංඛ්‍යාව 650 කි. මේ අතර අද දින (23) උදෑසන දෝහාකටාර් සිට පුද්ගලයින් 42කු සහ ඉන්දියාවේ සිට එක පුද්ගලයෙකු ද මෙරටට පැමිණ තිබේ. එසේ පැමිණෙන පුද්ගලයින් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. ඒ අතර අද (23 නිරෝධායන කටයුතු අවසන් කර පුද්ගලයින් 162 නිවෙස් වෙත පිටත්ව යාමට යමිතව තිබේ.
2020-09-22T23:36:41.000Z
අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී
අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී
COLOMBO (News 1st) : කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ගොස් තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන්නේ, අද (23) වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 205,471ක් බවයි. තව ද එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂයට ආසන්න වෙමින් පවතී. මෙම වාර්තාගත මරණ සංඛ්‍යාව භයානක තත්ත්වයක් බව පවසන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටින්නේ, චීනය වෛරසය පැතිරීම වැළැක්වීම නතර කළ යුතු බවයි. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙමින් පවතී. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිටම අමෙරිකාවේ සහ ගෝලීය කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස් කළ අතර ඔවුන්ට අනුව අමෙරිකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී ඇත්තේ, පසුගිය ජනවාරි මාසයේදී ය. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයින් වාර්තා වීම වැඩි වෙමින් පවතින අතර උතුරු ඩැකෝටා ප්‍රාන්තයෙන් පසුගිය සති කිහිපයේ රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කර ඇත. මේ අතර ශීත සමය තුළ තවත් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට පැවසනෙ අතර බෝවන රෝග පිළිබඳ විශේෂඥ ඇන්තනී ෆවුසි අනතුරු ඇඟවූයේ සරත් ඝෘතුවේදී සහ ශීත ඝෘතුවේදී ඇමරිකානුවන් ''සැඟව සිටිය යුතු" බවටයි. මේ අතර කෝවිඩ් වෛරසයෙන් වැඩි බලපෑම් එල්ල වූ දෙවන රට බවට පවත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,646,010 ක් වන අතර මරණ සංඛ්‍යාව 90,021කි. ආසාදිතයින් 4,595,335ක් වාර්තා වන බ්‍රසීලය තෙවන ස්ථානයේ ද 1,115,810ක් වාර්තා වන රුසියාව සිව් වන ස්ථානයේ ද පසුවේ.
2020-09-22T21:35:58.000Z
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රීක්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. ඌව පළාතේ ද පස්වරු දෙකින් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේය. උතුරු ,උතුරු මැද,සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රීක්කවලත් මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
2020-09-22T21:20:20.000Z
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද
COLOMBO (News 1st) - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද පැවැත්වේ. එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමතයි.
2020-09-22T21:16:09.000Z
රු. 60 ට පොල් දෙන්න අවධානය යොමු වෙයි
රු. 60 ට පොල් දෙන්න අවධානය යොමු වෙයි
COLOMBO (News 1st) - පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා සහන මිලට ජනතාවට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. ඒ අනුව ජංගම රථ යොදා ගනිමින් රුපියල් 60 ක මිලකට ජනතාවට පොල් අලෙවි කිරීමට ඊයේ සිට පියවර ගැනුණි. පොල්, කිතුල්, තල් හා රබර් වගා සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සෑම ප්‍රධාන නගරයක්ම කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.
2020-09-22T21:08:43.000Z
නවෝත්පාදන තුළින් පෙරමුණට එන සැලසුමකට ජනපති අවධානය
නවෝත්පාදන තුළින් පෙරමුණට එන සැලසුමකට ජනපති අවධානය
COLOMBO (News 1st) - නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, දේශීය හා විදේශීය වෙළෙදපොල ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් සුහුරු තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ කරුණු අණාවරණ කළේය. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ, සාමාන්‍ය පෙල හෝ උසස් පෙළ හෝ සමත් ,අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය හා වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ඇරඹීමේ අවශ්‍යාතාවය පිළිබඳවයි. උසස් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමටත් නවෝත්පාදන එකම ආයතනයක් යටතට ගැනීමේ අවශ්‍යාතාවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණි.
2020-09-22T19:36:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ජන ගැටලු සොයා ජනපති ගමින් ගමට : ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර තිබේ. 2. ගංජා ප්‍රවර්ධනය නැවැත්විය යුතුයි – ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව : ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ගංජා නීති ගත කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බව සම්බන්ධයෙන් අදහස් පළ කළේය. 3. අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපතිගේ ප්‍රකාශයක් ගැන කරුණු විමසයි : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් කළ ප්‍රකාශයකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද දිනයේදී නියෝගයක් නිකුත් කිරීමට සූදානම්ව ඇත. 4. අද සිට බස් ප්‍රමුඛතා මංතීරුවට සීමා : අද සිට බස් ප්‍රමුඛතා මංතීරුව බස් රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා සීමා කර තිබේ. විදෙස් පුවත් 5.එක්සත් ජාතින්ගේ 75 වැනි සංවත්සරයට ලෝක නායකයින් රැසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙයි : එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කර තිබේ.ලෝක යුද්ධ වැළැක්වීම, අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, අන්තර්ජාතික නීති සැකසීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත.
2020-09-22T20:10:41.000Z
කටාර් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ
කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි
COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02කට වසා තැබේ. ඒ තානාපති කාර්යාලය සේවකයෙකු Covid 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙනි.
2020-09-22T09:52:03.000Z
ජන ගැටලු සොයා ජනපති ගමින් ගමට
ජන ගැටලු සොයා ජනපති ගමින් ගමට
COLOMBO ( News 1st ) : ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමාම ශ්‍රවණය කර නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි. ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන තිබේ. ජනහමුව හපුතලේ අක්කර සියය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී ලබන සිකුරාදා උදෑසන 10 ට ඇරඹෙනු ඇති.
2020-09-22T08:56:34.000Z
ගංජා ප්‍රවර්ධනය නැවැත්විය යුතුයි - ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව
ගංජා ප්‍රවර්ධනය නැවැත්විය යුතුයි
ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව අද මාධ්‍ය හමුවක් කැඳවමින් ගංජා නීති ගත කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බව සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහි වැඩි අවධානය යොමුකර තිබුණේ, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට අවධානය යොමු නොකළ යුතු බවයි. කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක - අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි දැනට රටේ පවතින ගංජා ප්‍රවර්ධනය පිලිබදව තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ ගංජා ප්‍රවර්ධනය නතර කිරිමට නිතිමය අංශයත් ක්‍රියාත්මක වෙන්නට ඕන. අදහස් ප්‍රකාශ කිරිම අතින් ගරුතර මහා සංඝරත්නයත් ඊළඟට අනෙකුත් සියලුම සංවිධානත් සුදානම් විය යුතුව තිබෙනවා. එතකොට මේක සීඝ්‍රයෙන් පැතිරීයන තත්ත්වයක් තියෙන්නේ මේ රටේ. කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලංකාවේ ගංජා භාවිතය, ඒ වගේම ගංජා වැවීමේ ප්‍රවනතාවයට යම්කිසි අවසරයක් ලබාදියි යුතුයි. කියන මතයක් ගොඩනැගීගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ මතය සමහර ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන බව අපි දැක්කා. සමහර ජාත්‍යන්තර සංවිධාන ඒවගේම තානාපති කාර්යාල සමඟ මේ පිලිබදව සාකච්ඡා පවත්වන බව පුවත්පත් වලින් අපිට දැනගන්නට ලැබුනා. ඉතිං මේ වාතාවරණය තුල අපි එක්තරා විදිහක කනස්සල්ලකට පත්වුනා. ඇයි මේ එක ව්‍යසනයක් තුරන් කරන්නට ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවේදි ඒ හා සමානව වාගේ තවත් භයානක තත්ත්වයකට අපේ තරුණ පරපුර ඇද දමන්නට ක්‍රියාකරමින් ඒ ගැන කතා කරමින් සිටින්නේ කියලා. මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් මේ ගංජා ව්‍යාපාරය ලංකාවේ නීතිගත කරන්නට හෝ දැනට පවතින නීති ලිහිල් කරන්නට හෝ කටයුතු නොකරන්නැයි කියලා ලංකාවේ දේශපාලන නායකත්වයෙන් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.
2020-09-22T07:28:05.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපතිගේ ප්‍රකාශයක් ගැන කරුණු විමසයි
හිටපු ජනපතිගේ ප්‍රකාශයක් ගැන කරුණු විමසයි
COLOMBO ( News 1st ) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් කළ ප්‍රකාශයකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හෙට දිනයේදී නියෝගයක් නිකුත් කිරීමට සූදානම්ව ඇත. අද දිනයේ සාක්ෂි විමසීම අවසන්වීමෙන් පසුව කොමිසම මේ බව දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සිය නීතිඥවරයා සමග පැමිණ සිටියේ ය. කොමිසමේ දැනුම් දීමකින් තොරව හිටපු ජනාධිපතිවරයා පැමිණ තිබිණි. පසුගියදා කොමිසම හමුවේ සාක්ෂිදෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකට අදාළව පලවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබුණි. හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා අද කියා සිටියේ, මෙම ප්‍රකාශය ජනාධිපති කොමිසමේ බලය හෑල්ලුවට ලක්කිරීමක් මෙන්ම තම සේවාදායකයා බියට පත්කිරීමක් බවයි. එම නිසා හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කොට ඇත. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ , හිටපු ජනාධිපතිවරයාට භාෂණයේ නිදහසක් ඇති බවයි. මුලු රටටම සත්‍ය දැනගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා එම නිවේදනය නිකුත් කළ බවද ඔහු කියා සිටියේ ය. ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, එම නිවේදනය කොමිසම අවලාදයට ලක්කිරීමක් හෝ සාක්ෂිකරුවන් බියවැද්දීම සඳහා නිකුත් කළ එකක් නොවන බවයි. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කළ ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පසුගියදා ප්‍රකාශයක් නිකුත් කළ බව ඔහු සිහිපත් කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති කොමිසමට සහයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කියා සිටියේ, එම ප්‍රකාශයෙන් අපරාධ වින්දිතයින් හා සාක්ෂිකරුවන්ට සහය ලබාදීම හා ආරක්ෂා කිරීමේ පනත මෙන්ම විමර්ශන කොමිෂන් සභා පනතද උල්ලංඝණය කර ඇති බවයි. විමර්ශන නිලධාරීන් හමුවේ ලබාදී ඇති සාක්ෂිය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කිරීම හරහා සාක්ෂිකරුවෙකු තුළ බිය වැද්දීමක් සහ කොමිසම හෑල්ලුවට ලක්කිරීමක්ද සිදුවන බව ඇය පෙන්වා දී ඇත. කොමිසම ඉදිරියේ නීතිඥවරුන්ට හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදී තිබියදී මෙවන් ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අවධාරණය කළා ය. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී කියා සිටියේ, එම ප්‍රකාශ හරහා කොමිසමට හානියක් සිදුවී ඇත්නම් හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති එම ප්‍රකාශය ඉවත් කර ගැනීමට සූදානම් බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන ඔක්තෝම්බර් 5 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අද නියෝග කොට ඇත. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ඔක්තෝම්බර් 6 වනදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
2020-09-22T06:17:18.000Z
හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවට සීමා
හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවට සීමා
COLOMBO ( News 1st ) : හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුව බස් රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා සීමා කර තිබේ. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ පිළිබදව සඳහන් ක‍ළේ ය. https://youtu.be/ux0E1Ht3PJc
2020-09-22T05:59:55.000Z
බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ අත් බෝම්බ 8 ක්
බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ අත් බෝම්බ 8 ක්
COLOMBO ( News 1st ) : බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයක තිබියදී අත් බෝම්බ 8 ක් සොයා ගෙන තිබේ. ඒ , ප්‍රදේශවාසියෙක් කළ දැනුම් දීමකට අනුව වැල්ලව පොලීසිය සිදු කළ සෝදිසි කිරීමකදී ය. එහිදී බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයක සඟවා තිබූ මෙම අත් බෝම්බ 8 සොයා ගෙන තිබේ. අදාළ අත් බෝම්බ සූක්ෂමව අසුරා තිබුණි. පොලීසිය පැවසුවේ එලෙස සූක්ෂමව ඇසිරූ අත් බෝම්බ නැවත පාවිච්චියට ගැනීමේ හැකියාව ද ඇති බවයි. මෙම බෝම්බ වසරකට අධික කාලයක් පැරණි ඒවා බවට පොලීසිය සැක පළ කරයි. කෙසේවෙතත් අධිකරණ නියෝගය ලද වහාම අදාළ අත් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේ ය.
2020-09-22T04:27:00.000Z
කෝප් කමිටුවේ සභාපතිධුරය චරිත හේරත්ට
කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්
COLOMBO ( News1st ) : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් පත් කර තිබේ.
2020-09-22T04:03:57.000Z
ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ආනවිලුන්දාව රක්ෂිතය : ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
COLOMBO (News 1st) – ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත ලබන මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ , ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඊයේ(21) දිනයේ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණි.