text
stringlengths
201
3.03M
රුපියල් මිලියන 35,000ක් කොමිස් දීමට යනඛනිජ තෙල් ගනුදෙනුව කාගේද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රුපියල් මිලියන 35,000ක් කොමිස් දීමට යන.ඛනිජ තෙල් ගනුදෙනුව කාගේද?.By ලසන්ත රුහුණගේ.October 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.රටේ පැන නැගී ඇති විදේශ මූල්‍ය අර්බුදය තේරුම් ගන්නේ කෙසේද යන්න පවා ගැටලුවක් බවට පත් කරමින් එය ඔඩුදුවා ඇත. මේ සටහන ලියන මොහොත වනවිට වාර්තා වන්නේ රටේ විදේශ සංචිත අරමුදල ඍණ අගයක් බවට පත්වී ඇති බවය. ඊට හේතුව එම දිනයේ ගෙවීමට ඇති ඩොලර් ණය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක රටේ ඩොලර් සංචිතය පැවතීමය. එමෙන්ම එදිනම තවදුරටත් වාර්තා වන්නේ ඉතිහාසයේ විශාලම රුපියල් ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව නිකුතුවක් ඉදිරිපත් කර ඇති බවය. ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාර මේ සටහන ලියන මොහොත වනවිටත් වාර්තා වූයේ නැත..ඩොලර් අර්බුදය පිළිබඳ කරුණු එසේ වාර්තා වද්දී රාජ්‍ය ආයතනයක් විසින් ලබා ගැනීමට යන ඉහළම ඩොලර් ණය ගැන කරුණුද මේ වනවිට වාර්තා වෙමින් තිබේ. ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මූල්‍ය වෙළඳපොලෙන් ලබා ගැනීමට යන වැඩි පොලී හා වැඩි කොමිස් මුදලක් ගෙවන විශාල ඩොලර් ගනුදෙනුවක් ගැනය..මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් ඉල්ලා ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසය. කැබ්නට් පත්‍රිකාවේ එම ණය මුදල සඳහා පොළිය වශයෙන් 3%ක් දක්වා ඇති අතර ණය සම්පාදන ගාස්තු හා වෙනත් ගාස්තු වශයෙන් දේශීය නියෝජිතයාට මුළු ණය මුදලින් 7%ක් ගෙවිය යුතු බව දක්වා ඇත. ඒ අනුව මුළු ණය මුදලින් ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙන්නේ 93%ක මුදලක් පමණය. මේ ණය වසර 12ක කාලයකදී ගෙවා අවසන් කළ යුතු අතර ණය ගෙවීම සඳහා වසර 2ක සහන කාලයක් ලැබේ..කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ ප්‍රසම්පාදන කමිටුව කරන ලද ඉල්ලීමට අනුව පාර්ශ්ව 23ක් අතරින් නිසි ලෙස ප්‍රතිචාර දැක්වූයේ පාර්ශ්ව 7ක් පමණක් බවයි. එම සමගම් අතරිනුත් සමාගම් 2ක් ව්‍යාපෘති මූල්‍යයනය හා වෙළඳ කටයුතු මූල්‍යයනය සඳහා වූ බැවින් ප්‍රතිමූල්‍යකරණය සම්බන්ධයෙන් ලැබුණ යෝජනා 5ක් කමිටුව සමාලෝචනය කළ බවයි. එම සමාගම් 5 වන්නේ හොංකොන්හි ස්කයිලයින් ප්‍රොෆිට්, බි්‍රතාන්‍යයේ ටි්‍රපල් ඒ ඉන්වෙස්ට්මන්ට්, ඇමරිකාවේ කොන්සෙප්ට් ග්ලෝබල්, බි්‍රතාන්‍යයේ මැටරැක්ස්ට්‍රා හා ඇමරිකාවේ යුනි කන්ට්‍රෝල් යන සමාගම්ය..එම සමාගම්වල සවිස්තරාත්මක යෝජනා ලබා ගැනීමට අමතරව එම පාර්ශ්වයන්ගේ දේශීය නියෝජිතයන් කැඳවා වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට කමිටුව පියවර ගත් බවත් තම ප්‍රධාන මූල්‍යයන ආයතන වෙතින් ලබාගත් නිශ්චිත යෝජනාවක් සහ ගිවිසුම් කෙටුම්පත ඉදිරිපත් කරන ලෙස එම රැස්විමේදී දේශීය නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව කන්සෙප්ට් ග්ලෝබල් ආයතනයේ මූල්‍යයන ආයතනය වන පීඑස්එල් ඇමරිකා ඉන්කෝපරේෂන් විසින් ණය කොන්දේසි සනාථ කිරීමත්, මෙම ක්‍රියාවලියට අදාලව ශ්‍රී ලංකාවේ උපදේශක ලෙස කන්සෙප්ට් ග්ලෝබල් පත්කිරීමත් ලිඛිතව සනාථ කළ බවත් එහි සඳහන්ය..ඒ අනුව කන්සේප්ට් ග්ලෝබල්හි මූල්‍යයන ආයතනය වන පීඑස්එල් ඇමරිකා ඉන්කෝපරේෂන්ට සිය ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අභිප්‍රාය දැක්වීමේ ලිපියක් නිකුත් කිරීමටත්, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව එම සමාගම සමග එළෑඹීමට අදාල ගිවිසුමක් කෙටුම්පත් කිරීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවසර ලබාදීමටත් උදය ගම්මන්පිල ඇමතිවරයා කැබ්නට් මණ්ඩලයෙන් අනුමැති ඉල්ලා ඇත..ණය මුදල ලබා ගැනීමට යන පීඑස්එල් ඇමරිකා ඉන්කෝපරේෂන් සමාගමේ දේශීය නියෝජිතයා පිළිබඳ හෙළිදරව්වක් කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ඔක්තෝබර් 08 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඔහු එම දේශීය නියෝජිත ආයතනය පිළිබඳ සොයා බැලූ බවත් එය රාජගිරිය ප්‍රදේශයේ ඇති බෝඩ් ලෑල්ලක්වත් නැති කුඩා ගෙයක් බවත්ය. එමෙන්ම එම දේශීය නියෝජිත සමාගමේ හිමිකරු වශයෙන් සඳහන් වන කෙනට් ඩිලාමොට් නැමැත්තා රටේ කිසිදු සමාගමක තනතුරක්වත් නොදරන අයකු බවත්, එම පුද්ගලයා බර්ගර් සංගමයේ තනතුරක් දරන පුද්ගලයකු පමණක් බවත්ය..මෙම කැබිනට් යෝජනාවට අදාලව සිදුවූ තවත් අපූරු කරුණු හෙළිදරව් වූයේ ඔක්තෝබර් 07 වැනිදා සිරස රූපවාහිනියේ විකාශය වූ මාවත වැඩසටහනේදීය. එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවිය යුතු විශාල ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මූල්‍ය වෙළඳපොලෙන් ලබා ගැනීමට එම සංස්ථාව විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, එය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්ය. ඒ මගින් ඔහු ඉල්ලා ඇත්තේ එම ඩොලර් බිලියනයක මුදල ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් යෝජනා කැඳවීමටය..එහෙත් ඊට නිරීක්ෂණ ඉදිරිපත් කරමින් එවක මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියේ යෝජනා කැඳවීමක් නොකරන ලෙස ඉල්ලා ඇත. ඒ ඒ වනවිටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලබා ගැනීමට උත්සාහ කරන ඩොලර් ණයවලට ඒ මගින් බලපෑමක් සිදුවෙතැයි සඳහන් කරමින්ය. ඒ වෙනුවට සිය නිරීක්ෂණ මගින් මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ ඒ වනවිටත් ඛනිජ තෙල් සංස්ථාවට ණය ලබාදීම සඳහා ලැබී ඇති යෝජනා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් සමන්විත කමිටුවක් මගින් සලකා බලන ලෙසය..ඉහතින් සඳහන් කරන ලද ඩොලර් බිලියන 2.5ක ණය මුදල හා එය ලබා ගැනීමට යන සමාගම පිළිබඳ තොරතුරු ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන්නේ ඉන්පසුය. මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් බිලියන 1ක් ලබා ගැනීමට අවසර ඉල්ලා තිබියදී එය අවසන් කැබිනට් පත්‍රිකාවට ඩොලර් බිලියන 2.5ක් බවට පත් වූයේ කෙසේද යන්නය. එය එසේ වූයේ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිලගේ වුවමනාවටද? නැතහොත් ආණ්ඩුවේ බලවතකුගේ වුවමනාවටද? තෝරා බේරාගත යුතු තවත් ප්‍රශ්නයක් වන්නේ එයය. ඊටත් වඩා බරපතළම ප්‍රශ්නය වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ එම අමාත්‍යාංශය මුදල් ලබා ගැනීමේ යෝජනා ප්‍රසිද්ධියට පත්කර නැති තත්වයක් හමුවේ මුදල් ලබාදීමේ යෝජනා ලැබුණේ කෙසේද යන්න හා ඒ කාහටද යන්නය. කෙසේ වෙතත් එවක මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ හොදින් දැනසිට ඇති බව ඔහුගේ නිරීක්ෂණවලින් පෙනේ..මෙය ඕනෑ නම් අපට රාජපක්ෂ පාර්ශ්වයම මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ රුපියල් බිලියනයක බැඳුම්කර ලබා ගැනීමට යෝජනා කැඳවා රුපියල් බිලියන 10ක බැඳුම්කර පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් ලබාගත් අවස්ථාවට සමාන කළ හැකිය. නමුදු මෙහිදී එක වෙනසක් තිබේ. ඒ යෝජනා කැඳවීමක් අනුව ලැබුණ ඉල්ලීම් මත එම ගනුදෙනුව සිදුවීමත්, මෙම ගනුදෙනුව එසේ සිදුවී නොතිබීමත්ය..මෙහිදී පැන නගින අනෙක් ප්‍රශ්න වන්නේ 3%ක පොලී අනුපාතය අඩු පොලී අනුපාතයක්ද යන්නය. ණය ලබාදෙන ජාත්‍යන්තර පිළිගත් මූල්‍ය ආයතනවල පොලී අනුපාතයන් බොහෝ විට පවතින්නේ 2% කට වඩා අඩු අගයකය. එමෙන්ම 7%ක ණය සම්පාදන හා වෙනත් ගාස්තුවක් යන්න කෙසේ සාධාරණය කළ හැකිද යන්නය. එය පොලී අනුපාතයටත් වඩා දෙගුණයකට වඩා වැඩි එකකි. මෙම ගනුදෙනුවේ රස රහස ඇත්තේ එතැනය..මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සමාගම තෝරාගත්තේ ඔවුන් ශ්‍රී ලංකා රජය ලබාදෙන ඇප සුරැකුම් ලබාගැනීමට කැමැත්ත පළකිරීම නිසා බවය. යෝජනා ඉදිරිපත් කළ අනෙක් සමාගම් ජාත්‍යන්තරව පිළිගත් බැංකුවල ඇප සුරැකුම් ඉල්ලා සිටි බවය. එමෙන්ම එම සමාගම 7%ක මෙහෙයම් මුදලක් ඉල්ලන්නේ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැටී ඇති ලෝක ශ්‍රේණිගත කිරීම් හමුවේ ශ්‍රී ලංකා රජය ලබාදෙන ඇප සුරැකුම්වල අවදානමක් ඇති බැවින්, එම ණය මුදල සම්බන්ධයෙන් වන අවදානම වැඩි නිසා රක්ෂණ ගාස්තුද වැඩිවී ඇති නිසා බවය. එසේම ඔහු අවධාරණය කරන අනෙක් කාරණය වන්නේ මෙවැනි විශාල මුදලක් එම සමාගම ලබාදේ යැයි ඔහුට එතරම් විශ්වාසයක් නැතත් ලැබුණ යෝජනා ඉදිරිපත් නොකළා යන අවලාදයෙන් බේරීම සඳහා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි..මෙම ගනුදෙනුවේදී 7%ක ණය සම්පාදන හා වෙනත් ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 175ක් හෙවත් රුපියල් මිලියන 35,000ක මුදලක් (ඩොලරය රුපියල් 200ක් ලෙස සලකා) ගෙවන්නට යන්නේ පදනමක් ඇති යැයි අපට සිතන්නට නොහැකි නාමික පුද්ගලයෙකුටය. එම අති විශාල මුදල 2022 විසර්ජන කෙටුම්පතේ සඳහන් ඛනිජ තෙල් සංස්ථාව අයත් උදය ගම්මන්පිලගේ බලශක්ති අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල වන රුපියල් මිලියන 251 හා සැසැඳීමේදී එමෙන් 140 ගුණයකට ආසන්නය..මෙම අනුන්ගේ යෝජනාවට අමාත්‍ය උදය ගම්මන්පිල කර ගසන්නට යන්නේ සද්භාවයෙන්ද?■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleහය-හතර නොතේරෙන පාලනයක්.Next article‘එයාර් ඉන්දියා’ විකුණා දමයි;.‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි.By ගාමිණි වියන්ගොඩ.November 23, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි. මේ කතාව එවැන්නකි. දරුවන් හත් දෙනෙකුගෙන් යුත් එක්තරා පවුලක් විය. මේ පවුලට විශාල දේපළක් තිබුණි. ඒ සියල්ල තිබුණේ මවගේ නමටයි. මව මියයන්නට පෙර එම දේපළ, පියාගේ ප්‍රාණ භුක්තියට යටත්ව, දරුවන් හත් දෙනාගේ නමට අම්මා ලීවාය. පියා සූදුකාරයෙකි. බේබද්දෙකි. බිරිඳගේ මරණයෙන් පසු, දේපළවලින් එන සියලු ආදායම ඔහු සූදුවටත්, බීමටත් නාස්ති කෙළේය. කිහිප අවස්ථාවකදීම මේ දේපළ පියා විසින් රහසේ උකස් තියා සින්න වීමට යද්දී එය බේරා ගැනීම සඳහා ඉදිරිපත් වීමටත් දරුවන්ට සිද්ධ විය..දරුවන් මුහුණදුන් ප්‍රශ්නය මෙයයි: එය විශාල වටිනාකමක් ඇති දේපළක් නිසාත්, පියාගේ මරණයෙන් පසු යම් දවසක එය තමන්ගේ වන නිසාත්, පියාගේ හැසිරීම ඉවසා සිටින අතරේම ඔහුගේ මරණය තෙක් කෙසේ හෝ දේපළ ආරක්ෂා කරගැනීමත්, අකමැත්තෙන් වූවත් දරුවන්ට කිරීමට සිද්ධ විය. දරුවන්ට තිබුණු එකම සහනය වුණේ, එය “අපේ’‘ යන හැඟීම පමණි..ලංකාවේ ජනසතුව මෙවැනි දෙයකි. ‘ජනසතු නම්, ඒ ඇති’ යන ආකල්පයක් අපේ හිත්වල මුල්බැසගෙන තිබේ. උදාහරණයක් වශයෙන්, අහසේ සිට දිනපතා රුපියල් කෝටි ගණනින් මුහුදට අතහරින ‘ශ්‍රී ලංකන්’ නමැති අපේ ධජය රැගත් ගුවන් සමාගම මොන මට්ටමකින් හෝ පෞද්ගලීකරණය කිරීමට ගියොත් අප කලබල වන්නේ ගැරඬියාට භූමිතෙල් වැදුණා සේ ය. රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව අනුව, 2009 සිට 2019 දක්වා වූ අවුරුදු දහය තුළ මේ රාජ්‍ය සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 240 කි. එනම්, දවසකට රුපියල් හය කෝටි හැට හය ලක්ෂ හැට හය දහස් හයසිය හැට හයකි. (66,666,666)..දැන් ටිකක් හිතා බලන්න: මෙහිදී “අපේ” වන්නේ කුමක්ද? ශුද්ධ පාඩුව ය. කෑමබීම, යානවාහන, ගේfදාර, විනෝදය ආදිය “අපේ” කර ගැනීමට අප කැමති වුවත්, හිස ඇම්මක්, පපුවේ අමාරුවක්, පිළිකාවක් වැනි දුකක් “අපේ” කරගැනීමට අප කැමතිද? එසේ නම්, ජාතිකත්වය පිළිබඳ කාරණාවේදී පමණක්, ඕනෑම පාඩුවක්, ඕනෑම හානියක් “අපේ” කරගැනීමට අපි මෙතරම් ආශා කරන්නේ ඇයි?.මෙතෙක් වේලා මා කීමට තැත් කළ අතුරු කතාව මෙයයි: එනම්, ජනතාව තුළ පැලපදියම් වී ඇති, උත්තුංග යැයි මතුපිටින් පෙනෙන මුත් කිසි හරයක්, මදයක් නැති බොල් මතිමතාන්තර, අපේ වැනි නොදියුණු ලෝකයේ දේශපාලනඥයා සිය බලය සඳහා ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පාවිච්චියට ගන්නා බවයි. යහපාලන රජය විසින් විකුණා දමා ඇතැයි කී ජාතික සම්පත් තමන් බලයට පත් වූ පසු ආපසු රජයට පවරා ගන්නා බවට රාජපක්ෂලා දුන් පොරොන්දුව එවැන්නකි. ඒ පොරොන්දුව අපේ ජනතාව තුළ එදා ඇති කෙළේ මහත් ප්‍රහර්ෂයකි..යථාර්ථය මුණගැසීම.දැන් ඔවුන් බලයට පත්ව ඇති තත්වය තුළ, මඟහැර යා නොහැකි කටුක සත්‍යයට ඔවුන් මුහුණදී තිබේ. එය, තමන් වැපිරූ සකල භෝගයේ අස්වැන්න නෙළාගන්නා කාලයයි. අයවැය ඉදිරිපත් කිරීමට කලින්ම, තමන්ගේ අයවැයෙන් ගන්නට දෙයක් මිස දෙන්නට දෙයක් නැතැයි මුදල් ඇමතිවරයා කීවේ එබැවිනි. රාජ්‍ය සේවය මහා බරක් බව ඔහු කීවේත් එබැවිනි. කෙරවලපිටියෙන් කෑල්ලක් හොරෙන් ඇමරිකාවට ලියා දුන්නේත් එබැවිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමේ කතාබහ කසුකුසු වශයෙන් එහෙන්මෙහෙන් දැන් ඇසෙන්නේත් එබැවිනි..රාජ්‍ය ව්‍යවසාය යනු, රජය විසින් කරනු ලබන ව්‍යාපාරික වැඩ කටයුතු ය. ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකි. මෙවැනි රාජ්‍ය ව්‍යවසායන් 400කට අධික සංඛ්‍යාවක් අපට තිබේ. ඉන්දියාවට ඇත්තේ 200කට ආසන්න සංඛ්‍යාවකි. ඉන්දියාවේ රාජ්‍යය අපේ රාජ්‍යයට වඩා මොන තරම් විශාලදැයි අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතින් ගත් කල අපේ රාජ්‍යය සමාන වන්නේ, අප මුලින් කී නාස්තිකාර පියාට ය. ජනසතුව හිස මුදුනින් අදහන අපේ ජනතාව සමාන වන්නේ, ඔහුගේ අසරණ දරුවන්ට ය. ඉන්දියාව ඊයේ පෙරේයිදා තමන්ගේ “එයා ඉන්ඩියා” ගුවන් සමාගම, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ටාටාකාරයාට විකුණා දැම්මේය. “ඔය හොඳටම ඇති” කියා අවසානයේදී ඉන්දියාවේ පාලකයන්ට සිතෙන්නට ඇත..ලංකාව අද මුහුණදී සිටින අර්බුදය සමන්විත වන්නේ, නොදැරිය හැකි තරමට පුම්බා ඇති රාජ්‍ය අංශය, පාඩු පිට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය ණය කන්දරාව, විශාල අයවැය පරතරය, විදේශ විනිමය අහේනිය, ගෙවුම්ශේෂ අර්බුදය වැනි ව්‍යුහාත්මක ප්‍රශ්න රාශියකිනි. උල්කාපාතයක් සේ රුපියලේ අගය පහළ වැටීම, බංග්ලාදේශයෙන් පවා ණය ගන්නට සිද්ධ වීම, ප්‍රකෝටි ගණනින් සතිපතා මුදල් අච්චු ගැසීමට සිද්ධ වීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිද්ධ වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට පවා පෝලිම් ගැසීමට සිද්ධ වීම සහ අහස උසට බඩු මිල ඉහළ යාම ආදි සියල්ල ඒ ව්‍යුහාත්මක අර්බුදයේ බාහිර ප්‍රකාශනයන් ය. ගිය සතියේ පළවූ එක් වාර්තාවක්, මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් වැඩිවීම්වල ප්‍රතිශතයන් මෙසේ දක්වා තිබේ: නාඩු හාල් සියයට 50, සම්බා සියයට 65, වියලි මිරිස් සියයට 36, පරිප්පු සියයට 127, සීනි සියයට 50, කිරිපිටි සියයට 22, ගෑස් සියයට 79, ටින් මාළු සියයට 65….විවේචනය විතරක් නොව උත්තරයක්ද අවශ්‍යයි.ඉතිං, ජනතාව අලුත් ගැලවුම්කරුවන් සොයති. ඒ ගැලවුම්කරුවන් කිසිවෙකු, ඉහත කී අපේ ආර්ථීකයේ ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳා ගන්නා වැඩපිළිවෙළක් ගැන මේ දක්වා කතා කොට නැත. උදාහරණයක් වශයෙන්, ඉහතින් කී ‘ශ්‍රී ලංකන් එයා’ වැනි රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද? ඒවා රාජ්‍ය අංශය යටතේම ලාභ ලබන ව්‍යාපාර බවට පත්කරන්නේද, එසේ නැතහොත් පෞද්ගලික අංශයට පවරන්නේද යන්න ඔවුන් කිව යුතුය. රාජ්‍ය අංශය යටතේම ලාභ ලබන ව්‍යාපෘති බවට පත්කරන්නේ නම්, එය කරන්නේ කෙසේද යනාදි ප්‍රශ්නවලට උත්තර නොදී, පාලකයන් විවේචනය කරමින් සිටීම පමණක් නොසෑහේ..මේ බව හොඳින් දන්නා රාජපක්ෂලා උගුරට හොරා බෙහෙත් බීමට බලති. ඒත් මදි නම්, කටේ දිවේ නොගෑවී බොරු කියන්නට බලති. පසුගිය දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් ගත යුත්තකට තිබුණේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන කාල සීමාව අවුරුදු පහේ සිට දහය දක්වා ඉහළ දැමීම පමණි. එය පවා අයවැයකින් කළ යුත්තක් නොවේ. ඉතිරි යෝජනා බොහොමයක් අතාර්කික ය. දියාරු ය. අයවැයකට වඩා, ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඒවා යෝග්‍ය විය හැකි බව සමහරු මේ වන විටමත් පෙන්වා දී තිබේ..මොළ හතේ ව්‍යාජය.අලුත් මුදල් ඇමතිවරයාගේ මොළ හතක් ගැන කතා වී වැඩි කාලයක් නැත. මුලින්ම, ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ගැන විශ්වාසය තැබූ මිනිස්සු ඊළඟට එල්ලුණේ බැසිල් රාජපක්ෂගේ මොළ හතේ ය. මේ දෙන්නාගේම අතීත ක්‍රියාකාරීත්වයන් තුළින් එවැනි නිගමනයකට පැමිණීමට තරම් හේතු නොතිබුණත්, ගඟේ ගහගෙන යන විට පරඬැලේ එල්ලෙන්නේත් හේතුවක් ඇති නිසාම නොවන බව අපි දනිමු. එහෙත් හැම අපේක්ෂාවකටම යම් සීමාවක් තිබිය යුතුය. බැසිල් රාජපක්ෂ “කෝවිඩ්” යන වචනය “කෝවින්” යැයි උච්චාරණය කරනු දුටු දවසේම, අකුරු කියවීමේ පුරුද්දක් ඔහුට නොමැති බවත්, ඔහු (සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්) ප්‍රවෘත්තිවලට සවන් දෙන්නෙකු හෝ නොවන බවත්, එකපැහැර කාටත් වැටහිය යුතුව තිබුණි. එහෙත් පසුගිය සතියේ, ලිඛිත අකුරු දෙස බලාගෙන වෙනත් මොනවාදෝ ඔහු උච්චාරණය කරනු දකින තෙක්, රටේ බහුතරයකට ඔහු පිළිබඳ ඒ අවබෝධය තිබිණිදැයි සැකසහිත ය..ජනතාවක් වශයෙන් අප එසේ ය. නොමිලේ උගත හැකිව තිබෙන පාඩම් අප ඉගෙනගන්නේ විශාල වියදමක් දරමින් සහ දීර්ඝ කාලයක් ඒ සඳහා වැය කරමිනි. රජයේ වියදම් අඩු කිරීම සඳහා වන අයවැය යෝජනාවක් වශයෙන්, මැති ඇමතිවරුන්ට සපයන ඉන්ධන ප්‍රමාණයෙන් මාසයකට ලීටර් පහක් අඩු කිරීමට තීරණය කිරීම මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද? එක්කෝ, ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයේ සැබෑ ස්වභාවය මේ මුදල් ඇමතිවරයා අහලකින්වත් තේරුම්ගෙන නැති බව ය. නැතිනම්, සෙල්ලම් ගෙවල් දාන කාලයේවත් නොතිබුණු බොළඳ කමකින් මේ මුදල් ඇමතිවරයා තවමත් විඳවන බව ය..මෙවැනි දේශපාලනඥයන්ට බොරුව රජ ඔසුවකි. තමන් කියන බොරු ඉතා පහසුවෙන් අනාවරණය විය හැකි බව හොඳින්ම දැන දැනත් ඔවුහූ බොරු කියති. මෙවර අයවැය තුළ එවැනි බොරු රාශියක් විය. මේ වසරේ රජයේ පුනරාවර්තන වියදම්වලින් සියයට 20 ක්ම වැය වී ඇත්තේ සමාජ සුභසාධනය වෙනුවෙන් යැයි ඔහු කීවේය. (පුනරාවර්තන වියදම් යනු, රජයේ දෛනික වියහියදම් ය). පාලකයන් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් එතරම් ප්‍රමාණයක් වැය කරන්නේ නම් එය අගේ කටයුතු ය. එහෙත් ඇත්ත වශයෙන්ම, සමාජ සුභසාධනය සඳහා මේ ආණ්ඩුව වැය කොට ඇති ප්‍රමාණය කුමක්ද? මේ වසරේ මුල් මාස හතරෙන් පසු ඊට අදාළ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත්කොට නැත. එහෙත්, මුල් මාස හතරේ ප්‍රකාශයට පත් සංඛ්‍යාලේඛනවලින් යම් ඉඟියක් ඒ ගැන අපට ලබාගැනීමට පිළිවන. ඒ කාලය තුළ රජයේ මුළු පුනරාවර්තන වියදම රුපියල් මිලියන 890,085 කි. එයින් සමාජ සුභසාධනය සඳහා වැය කොට ඇත්තේ රුපියල් මිලියන 35,840 කි. එනම් සියයට 4 ක් පමණි. එසේ තිබියදී ඔහු බොරු කීවේ ඇයි? තමන් දුගී ජනතාව වෙනුවෙන් සහ සමාජ සාධාරණය වෙනුවෙන් කැප වී සිටින බව පෙන්වීමටයි..ඊළඟට, රජයේ බදු ආදායමෙන් සියයට 80 ක් ලැබෙන්නේ, බදු ගෙවන පිරිසෙන් සියයට 20 කගෙන් යැයි ඔහු කීවේය. තත්වය එසේ නම් අප ආඩම්බර විය යුතුය. මන්ද යත්, ඉහළම ධන කුවේරයන්ගේ බදුවලින් රජයේ බදු ආදායමෙන් සියයට 80 ක් සමන්විත වීම, සමාජ සාධාරණත්වය පිළිබඳ යහපත් ලක්ෂණයක් වන බැවිනි. එහෙත් ඇත්ත තත්වය වන්නේ, රජයේ බදු ආදායමෙන් සියයට 78 ක් ලැබෙන්නේ වක්‍ර බදුවලින් (රතුළුණු ගෙඩිය සහ සීනි කිලෝව ආදියෙන්) බවයි. එනම්, පොදුවේ මුළු මහත් ජනතාවගෙන්ම බවයි..ජීවන ගුණය සම්බන්ධයෙන් ගත් විට, ලෝකයේ දියුණු රටවල් ගානටම වගේ ලංකාව සිටින බවටත් ඔහු කයිවාරු ගැසුවේය. “මානව සංවර්ධන සූචිය” නමින් හැඳින්වෙන ලෝක මාපකයක් තිබේ. ඊට අනුව, ජීවන ගුණය ඉහළම රටවල සිට පහළම රටවල් දක්වා වර්ගීකරණය කෙරේ. ඒ දර්ශකය තුළ ලෝකයේ රටවල් 189 ක් අතරින් ලංකාව සිටින්නේ 73 වැනි ස්ථානයේ ය. ලෝකයේ දියුණුම රටවල් අහලකින්වත් ලංකාව නැති බව එයින් පෙනේ..මෙවැනි බොරු සහ කයිවාරු ගැන අප මවිත විය යුතු නැත. ඕනෑම සෘණාත්මක දෙයක් ධනාත්මක දෙයක් වශයෙන් හුවාදැක්වීමට ඔවුන්ට ඇත්තේ මනා නිපුණත්වයකි. මෑතකදී මා දුටු එක් ප්‍රවෘත්ති වාර්තාවකින් කියැවුණේ, එක් සිරගෙයක අලුත් සිරමැදිරි වගයක් විවෘත කරන සිද්ධියකි. අදාළ ඇමතිවරයා රිබන් පටියක් කපා උත්සවශ්‍රීයෙන් එය විවෘත කරන ඡායාරූපයක්ද ප්‍රවෘත්ති වාර්තාවත් සමග පළ විය. එවිට මට මෙසේ සිතුණි. මෙවැනි සිද්ධියක් උත්සවශ්‍රීයක් ගත්තේ කෙසේද? අලුතෙන් සිර මැදිරි ගොඩනැඟීමට සිදුවීම පාලකයෙකුට ආඩම්බරයට කාරණයක්ද, නැත්නම් ලැජ්ජාවට කාරණයක් වන තරමට හොරෙන් කළ යුතුව තිබූ දෙයක් නොවන්නේද? දේශපාලනඥයන් ආඩම්බර විය යුත්තේ, නැත්නම් කයිවාරු ගැසිය යුත්තේ, තමන්ගේ රාජ්‍ය කාලය තුළ, රටේ තිබෙන සිරමැදිරි සංඛ්‍යාව අඩු කර දැමීමට හැකි වුවහොත් නොවේද?■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජ්‍ය සේවයට.වසර පහකින් සීමා.Next articleරට හැර යන අයගෙන් 30%ක් උපාධිධාරියෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නැතිවුණු වචනයක් නිසා ලියැවුණු පොතක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නැතිවුණු වචනයක් නිසා ලියැවුණු පොතක්.By සංස්කාරක.March 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ සුභාෂිණී චතුරිකා.1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව” (The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ සැමුවෙල් ජොන්සන් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුණේය. ඒ සඳහා ප්‍රථමයෙන් බඳවා ගත් සංස්කාරකවරුන් දෙදෙනාම අතින් එම කාර්යය එතරම් සාර්ථකව සිදු නොවුණු නිසා, ඉන් වසර විසි දෙකකට පසු ආචාර්ය ජේම්ස් මරේ නම් ස්කොට්ලන්ත ජාතික වාග් විද්‍යාඥයා ප්‍රධාන සංස්කාරක ලෙස බඳවා ගන්නා ලදි. ඔහු එම කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉදිරියට කරගෙන ගියේය. 1915 වසරේ ඔහු මිය යන තුරුම ඔහු ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස ක්‍රියා කළ අතර එහි අවසාන වෙළුම නිකුත් වූයේ ඔහුගේ මරණින් පසු, 1928 වසරේදීය..1901 වසරේදී, අනුග්‍රාහකයෙක් කළ විමසීමකට අනුව A-B වෙළුමට අයත් වීමට නියමිත ව ‘Bondmaid’ නම් වචනය (වහල් දැරිය) ශබ්දකෝෂයට ඇතුළත් වී නොමැති බව දැන ගන්නට ලැබුණි. ශබ්දකෝෂයේA-B වෙළුම සම්පාදනය කිරීමට වසර හතළික් පමණ ගතවූ අතර අවසානයේ එයට ඇතුළත්විය යුතු වචනයක් ශබ්දකෝෂය සම්පාදකයන්ගෙන් ගිලිහී තිබුණි. ප්‍රධාන සංස්කාරක මරේ ඇතුළු කාර්ය මණ්ඩලයේ කිසිවෙක් එය එසේ සිදු වූයේ ඇයි දැයි යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වූහ. අවසානයේ එම වචනය ශබ්දකෝෂයේ උපග්‍රන්ථයට හෝ ඇතුළත් කරන ලද්දේ 1933 දීය..ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සම්පාදනයේ ඉතිහාසය තුළ සඳහන් එම කුඩා සිදුවීම ඉතාමත් සිත් ගන්නාසුලු කෘතියකට වස්තු බීජ සපයා ඇත. එය පිප් විලියම්ස් නම් එංගලන්තයේ උපත ලද ලේඛිකාවක විසින් 2020 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද The dictionary of lost words නම් කෘතියයි. ඇය එම කෘතිය ලිවීමට හේතු වුණු කාරණා පිළිබඳ මෙසේ පවසන්නීය:.“මම මෑත කාලයේ කියවා බෙහෙවින් රස විඳපු පොතක් තමයි සයිමන් වින්චෙස්ටර් විසින් ලියූ The Professor and the Madman නම් කෘතිය. එහි කියැවෙන්නේ, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සංස්කාරක ජේම්ස් මරේ සහ ශබ්දකෝෂ සම්පාදනයේදී ඉංග්‍රීසි වදන්, එම සාහිත්‍ය තුළ භාවිත වන ආකාරය පෙන්වා දීම සඳහා ස්වෙච්ඡාවෙන් උදාහරණ සපයා දෙන අයෙකු අතර ඇතිවුණු මානුෂික සබඳතාවක් ගැන කතාන්දරයක්. ඒ කෘතිය කියවා මම ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ එම ක්‍රියාවලිය ට වශී වුණා, ඒත් මම එය කියවා අවසන් වන විට, පිළිතුරක් සොයා ගත නොහැකි පුංචි ප්‍රශ්නයක් මා වෙත ඉතිරි වුණා. ඒ ක්‍රියාදාමයට සහභාගි වූ අය සියලු දෙනාම පිරිමින්, එවිට එම ශබ්දකෝෂය තුළ කාන්තාවන් භාවිත කළ වදන් කොයි ආකාරයෙන් නිර්වචනය කර තිබුණිද? ඔවුන් ශබ්දකෝෂය සම්පාදනය කළ ආකාරයට එහි අඩංගු කළ සෑම වචනයකටම පාඨමය මූලාශ්‍රයක් තිබිය යුතු වූවා නම්, නූගත්, දුප්පත් හෝ ධනවත් කාන්තාවන්ට මෙහෙ කරන සේවක කාන්තාවන් විසින් කතාබහ කරන වචන එම ග්‍රන්ථයේ තිබෙන්නට ඉඩකඩ නැහැ, මන්දයත් ඒවාට පාඨමය මූලාශ්‍ර නැති නිසා. මම මේ ගැන තරමක් හොයා යද්දී මට ඒ සඳහා පිළිතුරක් නොලැබුණත්, ශබ්දකෝෂය සම්පාදනයේදී අතහැරුණු වචනයක් පිළිබඳ මට කුතුහලය දනවනසුලු පුංචි කතාවක් ඇස ගැටුණා.”.ඇය ඒ අතුරුදහන් වුණු වචනයත්, ඒ පුංචි කතාවත් The Dictionary of Lost Wordsකෘතියේ පදනම ලෙස යොදා ගෙන ඇත. ඇය ආචාර්ය මරේ ඇතුළු කණ්ඩායම පිළිබඳ කියැවෙන ඓතිහාසික පසුබිම තුළට ‘එස්මේ නිකෝල්’ නම් චරිතය ගෙන එන්නීය. එස්මේ යනු ආචාර්ය මරේගේ එක් සහායකුගේ කුඩා දියණිය ය. ඇයගේ මව ජීවතුන් අතර නැත, ඒ නිසා ඇයගේ පියා, ශබ්දකෝෂය සම්පාදනය කරන ස්ථානයට ඇය ද දිනපතා කැඳවාගෙන එයි. තම පියා සහ අනෙක් පිරිස ශබ්දකෝෂයට එක් කරන වචන ලියා ඇති කොළ කැබලි සමඟ වැඩ කරන මේසය යට ඇය සෙල්ලම් කරන්නීය. වයස අවුරුදු හයේදී පමණ, එක් දිනෙක වචනයක් සහිත කොළ කැබැල්ලක් මේසය යට ඇය සිටින තැනට වැටෙයි. වෙනදාත් එසේ කොළ කැබලි වැටෙන නමුත් පසුව ඒවා විසි කළ කෙනාම නැවත අහුලා ගනියි. පුදුමයකට මෙන් එම කොළ කැබැල්ල කිසිවෙකු අහුලා නොගත් නිසා ඇය එය තම ඇඳුමේ සාක්කුවක් තුළ රුවා ගන්නීය..ඒ වචනය යනු ඇය ඉදිරි වසරවල දී එක්රැස් කිරීමට නියමිත වචන රැසෙන් පළමු වචනයයි, ඒ සියල්ලම ශබ්දකෝෂය සම්පාදනය කළ මධ්‍යම පන්තියේ පිරිමින් විසින් ප්‍රතික්ෂේප කරන ලද කාන්තා අත්දැකීම්වලට සම්බන්ධ වචනය..සයිමන් වින්චෙස්ටර් විසින් ලියන ලද The Surgeon of Crowthorne (මෙය ඇමරිකාවේදී Professor and the Madman යන නමින් නැවතත් ප්‍රකාශයට පත් විය. ඒ පිළිබඳව නිර්මාණය කළ චිත්‍රපටයද එනමින්ම හඳුන්වයි) කෘතිය තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ එහි ප්‍රධාන සංස්කාරක ආචාර්ය මරේ සහ ඔහුට සහාය දුන් අසම්මත හැසීරීමකින් යුතු වෛද්‍ය විලියම් මයිනර් නම් පුද්ගලයා වෙතටය. එම කෘතියට අනුව පාඨකයා තේරුම් ගන්නේ ශබ්දකෝෂය සම්පාදනය කිරීම යනු සහමුලින්ම පිරිමින්ගේ කාර්යයක් යැයි යන මතයයි. එම කෘතිය තුළ ශබ්දකෝෂය සම්පාදනය කිරීමේදී සිදුවුණ කාන්තා දායකත්වය පිළිබඳ, විශේෂයෙන් ඉතිහාසඥවරියක සහ ලේඛිකාවක වන, ශබ්දකෝෂය සම්පාදනයේදී උපදේශකවරියක ලෙස ද සේවය කළ ඊඩිත් තොම්සන් වැන්නවුන් පිළිබඳ වැඩිමනත් දේ නොකියවෙයි. ඊඩිත් සහ ඇයගේ සහෝදරිය (ඇයද ලේඛිකාවකි) 1888 වසරේදී නිකුත් කළ A-B වෙළුමට ඇතුළත් කළ උපුටන 15,000කට පමණ තම දායකත්වය සැපයූහ. The Dictionary of Lost Wordsකෘතිය තුළ ඊඩිත්, ‘ඩිත්’ නම් චරිතය බවට පත් වෙයි. ඇය කෘතිය තුළ එස්මේගේ මවගේ මිතුරියක වන අතර ඇය එස්මේගේ ඥාන මව ද වෙයි. පසු කලෙක ඇය එස්මේගේ සමීප මිතුරියක හා උපදේශකවරිය ද බවට පත්වන්නීය..එස්මේ තමා අයත් සමාජ පංතියේ අනෙක් කාන්තාවන් මෙන් සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට ආශා කළේ නැත. ඇය හැදීවැඩුණේ වචනවලට සහ ඒවායේ අර්ථයන්ට ආදරය කරමිනි. ඇය විවාහ ජිවිතයකට ඇතුළු වනවාට වඩා ප්‍රිය කළේ ඇයගේ පියා සමඟ ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ කාර්යයන්වල නිරත වීමටය. ඇය එම කාර්යයේ නිරත වන විට, ඇතුළත් විය යුතුම වූ සමහර වචන ශබ්දකෝෂයේ නොමැති බවත්, ඇතුළත් කර ඇති වචනවල ද පැහැදිලි අගතිගාමී බවක් දක්නට ඇති බවත් ඇය නිරීක්ෂණය කළාය. ඒ වචන සියල්ල එක්ව ගත් විට, කාන්තාවන් කරන කාර්යයන්ට වඩා පිරිමින්ගේ කාර්යයන් වඩා වැදගත් ය යන අදහස මතුවීමට අවකාශ සලසන බව ඇයට වැටහුණි. කාන්තාවන් පිළිබඳ කියැවෙන වචනවලදී ඒවා සෑම එකක්ම ‘බිරිඳ’, ‘අම්මා’ හෝ ‘වෛශ්‍යාව’ වැනි කාන්තා භූමිකාවලට අදාළ තත්වයන් විස්තර කෙරෙන වදන්ය. ජෝර්ජ් ඕර්වෙල් 1984 කෘතියේ පැවසූ පරිදි භාෂාව යනු චින්තනය පාලනය කරන එක් විදියකි. එහෙයින් වඩාත් වැඩි අවකාශයක් ලැබී ඇත්තේ පිරිමින් කරන කාර්යයන්ගේ වැදගත්කම කියාපාන වචනවලට නම්, කාන්තාවන් වැදගත්කමින් අඩු පිරිසක්ය යන මතය ඉන් කුළුගැන්වෙයි..කෘතිය තුළ දක්වන පරිදි literately නම් චවනය ආචාර්ය මරේ විසින් ශබ්දකෝෂයට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ එම වචනයට අදාළ උදාහරණයක් අන්තර්ගතව ඇත්තේ කාන්තාවක විසින් ලියන කෘතියක පමණක් වීම නිසාය. එහෙත් ඔහු literata නම් වචනය ශබ්දකෝෂයට ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළ කරයි. එම වචනය අඩංගු එකම උදාහරණය ඇත්තේ පිරිමියෙකු විසින් ලියන ලද කෘතියකය. එමෙන්ම එස්මේගේ නිරීක්ෂණයට අනුව මෙහෙකාර කාන්තාවන් විසින් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් පිළිබඳ කතා කිරීමේ ‘expectingට’ නම් වචනය භාවිත කෙරෙයි, නමුත් D-E වෙළුම තුළ එම වචනය සඳහා දක්වා තිබූ අර්ථය වෙනෙකකි. ශබ්දකෝෂයේ Menstruation (මාසික ඔසප් වීම) යන වචනය ඇතුළත්ව තිබුණද එම වචනයට අදාළ උදාහරණ දක්වා තිබුණේ ‘අපිරිසිදුකම’, ‘දූෂ්‍ය වීම’ වැනි අර්ථයන් කුළුගැන්වෙන ආකාරයෙනි. මරේ මහතා එක්රැස් කරන වචන සේම අර්ථය දෝෂ සහිත ලෙස සඳහන් කොට ඇති වචන ද එකසේ වැදගත් යැයි තේරුම් ගන්නා එස්මේ එවැනි, ශබ්දකෝෂයෙන් අතුරුදහන්ව ඇති වචන සොයා ගොස් ඒවා එක් රැස් කිරීමට පටන් ගනියි..වචන සෙවීමේ ව්‍යායාමය කාන්තා ඡන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරය දක්වාම ඇයව ගෙනයයි. තමා ස්වයංව පවරා ගත් කාර්යය සිතුවාට වඩා වැදගත්කමක් ඇති බව ඇය එහිදී තේරුම් ගනියි. කාන්තාවන් කෙසේ හෝ ඡන්ද අයිතිය ලබාගත්තද, එම අරගලය කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව ද ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාරයක් දක්වා පුළුල් කර ගත යුතු බව ද වටහා ගනියි..එසේම කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය දිනා ගැනීමේ ව්‍යාපාරයද ගොඩ නැඟී ඇත්තේ සම අයිතීන් මත නොවේ. වරෙක එස්මේගේ මිතුරියක වන ලිසී කෘතිය තුළ ඒ පිළිබඳ ඇයගේ නිරීක්ෂණය කියාපායි. ‘ගෑනුන්ගේ ඡන්ද අයිතිය ගන්න ඔය ගෑනු ඔච්චර දැඟලුවාට, ඒක ලැබෙන්නේ ඒ අයටවත් මටවත් නෙමෙයි. ඒක ලැබෙන්නේ සල්ලි පනම් තියෙන, ඒ කියන්නේ එවුන්ගේ බිම මදින්න, පිස් පෝච්චිය අස් කරගන්න වෙන එකෙක්ගෙ උදව් හොයන ගෑනුන්ට. එවුන් ඡන්ද අයිතිය ගත්තාට පස්සේත් මම මරේ නෝනාගේ වහල් කෙල්ලම (bonmaid) තමයි.’ එක්සත් රාජධානිය තුළ කාන්තාවන්ට මුලින්ම ඡන්ද අයිතිය 1918 වසරේ ලැබුණ මුත් එය වයස අවුරුදු තිහට වඩා වැඩි, වත්කම් සහිත කාන්තාවන්ට පමණක් සීමා විය. පිරිමින්ට සමාන ලෙස කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණේ 1928 වසරේදීය..ඉතිහාසයට සම්බන්ධ දේශපාලන නවකතාවක් වන The Dictionary of Lost Words නිර්මාණය කිරීමේ අත්දැකීම එහි කතුවරිය වරෙක මෙසේ විස්තර කළාය..“නවකතාව කෙසේ විය යුතුද සහ එහි ප්‍රධාන අවස්ථාවන් පිළිබඳ මගේ මනසේ පැහැදිලි චිත්‍රයක් තිබුණා, ඒත් ලිවීමේ ක්‍රියාවලිය තුළ ඕනෑම දෙයක් සිදු විය හැකියි, ඒ, චරිත සහ පර්යේෂණය යන කාරණා දෙක නිසා. විටෙකදි මම ලියාගෙන යන විට චරිතයක් මම සැලසුම් නොකරපු හෝ බලාපොරොත්තු නොවුණු දෙයක් කියනවා හෝ කරනවා, ඒත් එය ඉතාමත් ස්වාභාවිකයි. ඒ වගේම තමයි චරිතවල සන්දර්භය වඩා හොඳින් තේරුම් ගැනීමට මම පර්යේෂණය දිගටම කරගෙන යද්දී මට මඟ හැරිය නොහැකි කිසිවක් සම්බවෙනවා. ඡන්ද අයිතිය පිළිබඳ කතාවේ සිදුවීම් පෙළ අවසන් වුණේ එය සිදුවීමට ඉඩ තිබුණාට වඩා තීව්‍ර බවකින්. මම නවකතාව ලිවීම ආරම්භකරන විට මට වැටහීමක් තිබුණේ නෑ, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය හා සම්බන්ධ සිදුවීම් පෙළත්, එක්සත් රාජධානියේ කාන්තාවන් ඡන්ද අයිතිය ලැබීමේ සටනට අදාළ කතා සන්දර්භයත් කෙතරම් එකිනෙකට සමීපයෙන් සිදු වීද යන්න..ඒවායේ කතා ගෙතී ඇත්තේ ඒ සිදුවීම් දෙක එකිනෙකින් වෙන් කර තබන්න, ඒත් මට අනුව ඒවා වර්තමානයේ පවා රැව් දෙන ආකාරයෙන් එකිනෙක හා වෙලී තිබුණා. එක්සත් රාජධානියේ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන දේශපාලන අයිතීන් ලැබුණේ, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පූර්ණ කිරීමෙන් (1928) සති කිහිපයක් ඇතුළතය යන්න මා වටහා ගත් විට, එය මට දැනුණේ මට ලැබුණු ත්‍යාගයක් ලෙසයි, ඒ වගේම මා කියමින් සිටි කතාවට ලැබුණු වටිනාකමක් ලෙසයි.”.සැබැවින්ම විචාරකයන්ට අනුව වචනවලට ඇලුම් කරන, වචනවලට අප දිය යුතු වැදගත්කම සහ අපගේ භාෂාවන් තුළ අන්තර්ගතව ඇති ආවේණික අගතීන් පිළිබඳ සිතන පාඨකයෙකුට මෙය ඉතා වටිනා කෘතියකි. වචන තුළ මෙවැනි දේශපාලනයක් ගැබ් වී ඇති බව ඔබ මින් පෙර දැන නොසිටියේ නම්, එම කාරණය පිළිබඳව පිප් විලියම්ස් විසින් අපට ඒත්තු ගන්වන්නේ ඉතාමත් සුන්දර සහ මනස කුප්පනසුලු කතා වස්තුවකිනි. ඇය ඔක්ස්වර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ ඉතිහාසය තුළ වූ ඉතා කුඩා සිදුවීමක් භාවිතයට ගෙන ලියා ඇති කෘතිය පාඨකයාට සාහිත්යික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද ඉතාමත් වැදගත් කෘතියක් ලෙස හැඳින්විය හැකිය..තොරතුරු මූලාශ්‍ර: www.lapl.org/collections-resources/blogs/lapl/interview-author-pip-williams readingproject.neocities.org/BookReviews/TheDictionaryOfLostWords_PipWilliams.html■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසිදුවේ යැයි නොසිතූ දේ සිදුවීමට නියමිතයි.Next article‘රාජ්‍ය බැංකුවක් කඩාවැටිලා’ ප්‍රකාශයෙන් ගිනිගනී.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විජයකලාට ගල් ගැසීමෙන් පසු.. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විජයකලාට ගල් ගැසීමෙන් පසු...By සංස්කාරක.July 8, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..දැන් සියලූ දෙනාම එක්වී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට ගල් ගසා අහවරය. දේශපාලන නිරීක්‍ෂකයකු මනුවර්ණ සමග කීවේ, ‘පාර්ලිමේන්තුවේ 224ම එක පැත්තක් ගෙන විජයකලාට ගල් ගැසූ බව’ය..විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාවේ නීතිය අනුව නම් වරදක් කර තිබෙන බව ඔවුහු කියති. ඒ රටේ නීතියෙන් තහනම් සංවිධානයක් වන එල්ටීටීඊය යළි පණගැන්විය යුතුයැයි ප‍්‍රසිද්ධියේ කීමය. යාපනයේ වීරසිංහම් ශාලාවේදී ඇමති වජිර අබේවර්ධනද සහභාගිවී සිටි රැස්වීමකදී ඇය ඒ බව ප‍්‍රසිද්ධියේ කී නිසා සියල්ලෝම ඇය හා උරණව මේ දිනවල ඇය දේශපාලන වශයෙන් ඝාතනයේ යෙදෙති. තව පියවර තව ඉස්සරහටය..මහේෂ්වරන් මහත්මිය ඒ ප‍්‍රකාශය කළේ, පසුගි ය දාක සිදුවුණු කුඩා දැරියකගේ ඝාතනය ගැන ආවේගයෙන්, වේදනාවෙන් විය හැකිය. එල්ටීටීඊය තිබුණා නම් මෙහෙම වෙන්නට ඉඩක් නැහැයැයි ඇය කියන කතාව විවේචනයට බඳුන් වුණත්, 88-89 කාලයේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය බලවත්ව තිබුණු කාලයේදී, දකුණේ සිංහල ජනතාවද මෙවැනිම අදහසක සිටි බව අමතක නොකළ යුතුය. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නිසා, ‘කසිප්පු පෙරන්න ලැබෙන්නේ නැහැ, ස්ත‍්‍රී දුෂණවලට ඉඩක් නැහැ. ගෑනු ළමයින්ට බයක් නැතිව පාරේ බැහැලා යන්න පුළුවන්’ වැනි කතා ඒ කාලයේ අසන්නට ලැබිණි. කතාව ඇත්ත වන්නටත් පුළුවන. ලෝකයේ හැම රටකම ගරිල්ලා ව්‍යාපාර ජනතාව නමැති ජලයේ නිරුපද්‍රිතව සිටීමට, පළමුව කරන්නේ ජනතාවගේ අනුමැතිය හිමිවන, සදාචාරාත්මක දේවල් යම් පමණකට කිරීමය. අපරාධවලට ඉඩක් දෙන්නේ නැහැයැ’යි කියන කතාව එවැන්නකි. අපරාධකාරයන්ද බිය වනු ඇත්තේ, එවැනි ව්‍යාපාරවලින් තමන්ට ලැබිය හැකි දඬුවම ගැනයි. එනම් නඩු ඇසීමක් නැති මරණයයි. එල්ටීටීඊය බලවත්ව සිටි කාලයේදී උතුරේ ද ඒ ක‍්‍රමයම පවත්වාගෙන යන ලදි. එහෙත්, එල්ටීටීඊය ඊට වඩා ටිකක් ‘ප‍්‍රජාතාන්ත‍්‍රික’ වෙමින්, තමන්ගේම දණ්ඩ නීති සංග‍්‍රහයක් අනුව නඩු විසඳන උසාවි ක‍්‍රමයක් පවත්වාගෙන ගියේය. සාමාන්‍ය පොලිසියක් වැනි පොලිසියක්ද පවත්වාගෙන ගියේය. දකුණෙන් උතුරට මත්පැන් ගෙනයන්නට තහනම් කර තිබුණත්, උතුරේ මත්පැන් නිෂ්පාදනයට අවසර දුන්නේය. වෙනම රාජ්‍යයක් හැටියට පවතින බව පෙනෙන්නට අවශ්‍ය එවැනි ව්‍යුහමය වෙනස්කම් එල්ටීටීඊය විසින් සැලසුම් සහගතව කරන ලද ඒවාය. එහෙත්, ඒ කාලයේ වුවද, අපරාධ උතුරේ නොතිබුණායැයි කියන කිසිවෙක් නැත..අනෙක් අතට, දැරිය ඝාතනය ගැන අද විස්සෝපයෙන් කතාකරන විජයකලා මහේෂ්වරන්ට, පසුගිය කාලයේ ඝාතනය වුණු විද්‍යා දැරියගේ ඝාතකයන් ආරක්‍ෂා කළායැයි චෝදනාවක් තිබුණු බවද සමහරු මතක් කර දෙති..කොහොම වුණත්, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි එල්ටීටීඊය යළි ප‍්‍රාණවත් කරන්නට කීවායැයි විජයකලාට ඇති චෝදනාව ගැන, විමර්ශනයක් කරන ලෙස කතානායකවරයාද නීතිපතිට දන්වා තිබේ. අගමැතිවරයා කියූ පරිදි, පොලිස් නිලධාරීන් 600ක් දෙනා ඝාතනය කළායැයි කියන කරුණාට පක්‍ෂයේ උපසභාපතිකමක් දුන් පිරිසක් විජයකලාට එරෙහිව ඒ අතර අවි අතට ගෙන සිටිති. 2005දී එල්ටීටීඊයට කප්පම් දී බලයට ආ අය විජයකලාට අද එරෙහි වෙති. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී තවදුරටත් කිව්වේ, ඇයට විරුද්ධව පියවර ගතයුතු බවට පක්‍ෂය දැනටමත් තීරණය කර ඇති බවය. එජාපයේම සමහරු, ඇය ඇමති ධුරයෙන් ඉවත්වීම හෝ ඉවත්කිරීම කළ යුතුයැයි කීහ. බදාදා රාත‍්‍රියේ ඇය අගමැතිවරයා හමුවන්නට නියමිතව සිටියාය. මේ සියල්ල අනුව, ඇගේ දේශපාලන ඉරණම කුමක්දැයි ඉදිරි දිනවල තීරණය වනු ඇත..මතුපිටින් බැලූ විට ඇය ආණ්ඩුක‍්‍රම වයවස්ථාව උල්ලංඝනය කොට ඇති බව කිසිවකුට කිව හැකිය. එහෙත්, එයින් නොනැවතී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වචනවලට ගොස් සලකා බැලිය යුතුය..හයවැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවට එකතු කරන ලද 157 (අ) ව්‍යවස්ථාවෙන් කියන පරිදි, ‘ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට, කෙළින්ම හෝ අන්‍යාකාරයකින්, ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ආධාර දීම, අනුබල දීම, අනුග‍්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතුය. මේ විධිවිධාන කඩකරන අයකුට අධිචෝදනා ගොනුකොට, නඩු විභාගයකින් පසු අභියාචනාධිකරණය විසින් වරදකරු කළ විට, අවුරුදු හතකට අඩු කාලයක් සඳහා ප‍්‍රජා අයිතිවාසිකම් අහෝසි කළ හැකිය. ජීවිකා වෘත්තියට අත්‍යවශ්‍යයැයි අධිකරණය විසින් තීරණය කරන ඒවා හැර චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කළ යුතුය. මන්ත‍්‍රීධුරය අහිමි කෙරෙයි..6 වැනි සංශෝධනය අනුව මන්ත‍්‍රීවරයකු දිය යුතු ප‍්‍රතිඥාව මෙසේය. ‘… වන මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කොට අනුගමනය කරන බවටද, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට, කෙළින්ම හෝ අන්‍යාකාරයකින්, ශ‍්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී, ආධාර දීම, අනුබල දීම, අනුග‍්‍රහ දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම හෝ නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප‍්‍රතිඥා දෙමි.’.විජයකලා සිය ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයේදී, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට, කෙළින්ම හෝ අන්‍යාකාරයකින්, ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ආධාර දීම, අනුබල දීම, අනුග‍්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීමක් කර නැතියැයි කිසිවකුට කිවහැකිය. එවැන්නක් ගැන දේශනා කිරීමද කර නැත. එල්ටීටීඊය එවැන්නක් වෙනුවෙන් පෙනීසිටියායැයි ගත්තත්, දැන් එල්ටීටීඊයක් නැත. ඒ නිසා ඔවුන්ට ආධාර අනුබල දීමද කළ නොහැකිය. එය ඇත්තේ තහනම් සංවිධාන ලැයිස්තුවේය. බොහෝ අය නිගමනයට එළැඹී ඇත්තේ, එල්ටීටීඊය තිබුණු කාලයේ ඉහත වරද කරන්නට උත්සාහ ගත් බව මතකයේ තබාගනිමිනි. ‘අනාගතයේ එල්ටීටීඊය ආයෙත් ආවොත්’ යන්න පූර්ව නිගමනය කරමිනි. යළි එල්ටීටීඊයක් ඒමේ හෝ, එවැන්නක් එන බවට සමාජය තුළ බියක් ඇතිකිරීමේ හෝ බලලෝභී වුවමනාව ඇත්තේ කාටද යන්න පැහැදිලිය. දැන් සිදුවී ඇත්තේ, ඒ අයගේ පදයට අනුව, අනෙක් සියලූම දෙනා නැටීමය..කොහොම වුණත්, ඇය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව වරදක් කර ඇතිදැයි නිගමනය කළ යුත්තේ නඩු විභාගයකින් පසුව අභියාචනාධිකරණයයි. විමල් වීරවංශවත්, රනිල් වික‍්‍රමසිංහවත්, මහින්ද රාජපක්‍ෂවත් නොවේ. ඒ නිසා මේ ගැන පාර්ලිමේන්තුවේද පිටතද කෙරෙන පුහු ඝෝෂාවල ලොකු අර්ථයක් නැත..ඒකාබද්ධ විපක්‍ෂයට මහේෂ්වරන්ගේ කතාව, නිව්යෝර්ක් ටයිම්ස් ගංවතුරේ ගසාගෙන යමින් සිටියදී එල්ලෙන්නට ලැබුණු තණකොළ ගසකි. මහජනයා ගෙවිය යුතු ණයවලින් රාජපක්‍ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6ක් ගත්තායැයි කියන කතාව නිසා රාජපක්‍ෂ පාර්ශ්වය පසුගිය දිනවල මුනින් වැටී සිටි තත්ත්වය මගහරවා ගැනීමට, මහේෂ්වරන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළදීත්, මාධ්‍යවලදීත් පුළුවන් තරම් හයියෙන් කෑගැසීමෙන් හැකියැයි ඔවුන් සිතනවා ඇත..එජාපයද ඉන්නේ උගුලක වැටීය. පසුගිය කාලයේ ආණ්ඩුව බෙදුම්වාදීන්ගේ වුවමනාවන් අනුව වැඩ කරනවායැයි විපක්‍ෂයෙන් ආ චෝදනාවෙන් ගැලවෙන්නට උපායක‍්‍රමයක් නැතිව සිටින මේ අසමත් පක්‍ෂය, මහේෂ්වරන්ගේ කතාව දකිනු ඇත්තේ තමන්ගේ හිස මතට පාත්වුණු තවත් හෙණගෙඩියක් හැටියටය. ඒ නිසා, පක්‍ෂයට කරන්නට ඇත්තේ, අනිත් ඔක්කොම එක්ක එකතුවී මහේෂ්වරන්ටම ගල් ගැසීමය. මහේෂ්වරන් ආරක්‍ෂා කරන්නට වචනයක් හෝ කීම සියදිවි නසාග ැනීමකි. අගමැතිවරයා පටන්ගත්තේ එතැනිනි..ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ ගැන කියන්නේ කුමක්දැයි තවමත් දන්නේ නැත. ඔහුද අදහස් පළකළ විට මේ සිද්ධිය කුමන සිත්ගන්නාසුලූ මුහුණුවරක් ගනු ඇද්දැයි දේශපාලන උනන්දුවක් ඇති අය බලා සිටිති..දැන් තිත්ත ඇත්තට එමු..මහේෂ්වරන්ගේ මේ කතාව, වීරසිංහම් ශාලාවේදී, රජයේ ප‍්‍රධාන ඇමතිවරයකු ඉදිරියේ කළ ප‍්‍රසිද්ධ කතාවකි. සිංහලයට පරිවර්තනය කර ගත්විට, දළ වශයෙන් ඇය එහිදී වචන 1144ක් කතා කළාය. එහෙත්, මේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තිබුණේ ඉන් වචන 66ක පමණි. ඊනියා දේශපේ‍්‍රමීන් මුළු රටම ගිනි තියා, මහේෂ්වරන්ට ගල් ගසන්නට පටන්ගත්තේ ඒ වචන 66 නිසාය..එහෙත්, ඇගේ මුළු කතාවෙන් කියැවුණේ කුමක්ද? උතුරේ ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් කොටසක් යළි භාරදීම ගැන ස්තුති කළ ඇය සිය කතාවේ වැඩි කොටස වෙන් කළේ තමාද සාමාජිකයකු වන ආණ්ඩුව උතුරේ ජනතාවට වුණු පොරොන්දු කඩකළ ආකාරය ගැන වේදනාව කියන්නටය. ගැහැනුන්ගේ දුක දන්නා තවත් ගැහැනියකගේ වේදනාව කියන්නටය. ඇගේ මුළු කතාවම වෙන්වී තිබුණේ ආණ්ඩුවට එරෙහි ඒ චෝදනා ගොනු කරන්නටය. එකක් එකක් පාසා ගතහොත් ඇගේ චෝදනා මේවාය..1. ජනාධිපතිතුමා තම පක්ෂය දියුණු කරගන්නවා මිස අපගේ ජනතාව ආරක්ෂා නොකරයි. 2. අපේ තරුණ තරුණියන්ට රැුකියා නැත. ඒ නිසා ඔවුහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. 3. යුද්ධයෙන් පසු මත්ද්‍රව්‍ය උතුරට ආවේ දේශපාලකයන්ගේ වාහනවලිනි. 4. යුද්ධයෙන් සැමියා අහිමි වූ පවුල්වලට ජීවනෝපායක් ඇති කර නැත. ගෘහමූලිකයා අහිමි පවුල් 30,000ක වැන්දඹුවනට සලකා නැත. 5. පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් 12,000කට පමණ ජනාධිපතිතුමා කිසිවක් කර නැත. ඒ ජනතාවට සහනයක් ලබාදීම සඳහා තිබුණ කැබිනට් යෝජනාවත් දකුණේ ඡුන්ද ගැන බලා ප‍්‍රතික්‍ෂෙප කෙරිණි. 6. උතුරු පළාතේ තනතුරු ලබා දී තිබෙන්නේ දකුණේ තරුණ තරුණියන්ටය. උතුරේ උපාධිධාරීහු එළවළු විකිණීම, සිමෙන්ති ඇනීම වගේ දේවල් කරති. 7. සංවර්ධනය, රැුකීරක්ෂා, උසස්වීම් සෑම දෙයකින්ම මුල් තැන හිමි වන්නේද අනෙක් පළාත්වල සිටින අයට පමණය. 8. තෙන්නමරාච්චි ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයක් ලෙස වෙන් කර ලබා දෙන මෙන් පසුග ිය ආණ්ඩුවෙන් ඉල්ලූවත් සිදුවුණේ නැත. මේ ආණ්ඩුවේ අවුරුදු තුන ඇතුළතද සිදු නොවීය. වෙන් කර දී තිබුණා නම් පසුගිය අයවැය යටතේ ප‍්‍රතිපාදන මුදල් ලැබෙන්න ඉඩ තිබුණි. රැුකීරක්ෂා ලැබෙන්න ඉඩ තිබුණි. 9. පළාත් සභාවට ලැබෙන ප‍්‍රතිපාදන නැවතත් රජයේ භාණ්ඩාගාරය වෙතම යයි. පළාත් සභාවේ තීන්දු තීරණ ගත්තත් ඒවා ඉටු වෙන්නේත් නැත. 10. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නිසා නියමිත වෙලාවට මැතිවරණය පැවැත්විය යුතුය..මහේෂ්වරන්ගේ ද්‍රෝහී කතාවට ගල්ගැසූවන් එසේ ගල් ගැසීම අහවර වුණු පසු, ඈ ඉහත කී අනෙක් දේවල් ගැන කියන්නේ කුමක්ද? ඒවා ඇත්තද? බොරුද? එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වී ඇති ජනකොටසකගේ දේශපාලන නියෝජිතයා වන ඇයට ඒ දුක්ගැනවිල්ල ප‍්‍රසිද්ධියේ කියනවා හැර දැන් කරන්නට ඉතිරිවී ඇත්තේ කුමක්ද?.ඇගේ මුළු කතාවම, මේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් එල්ල කළ එකම අධිචෝදනා පත‍්‍රයකි. අවාසනාවකට. ඒ එක් චුදිතයෙකු වන අගමැතිවරයාම, දැනටමත් ඇයට විරුද්ධව පියවර ගන්නා බවට තර්ජනය කොට තිබේ. ලිබරල් මනසකින් යුක්තයැයි කියන ඔහු පවා සිතනවා ඇත්තේ, මෙය දේශපාලන විවේචනයක් ලෙස නොගෙන රාජපක්‍ෂ කඳවුරේ පසුගාමීන් මෙන්, නීතියේ අකුරු ඇතුළතම විසඳා, තමන් වෙතින් ගිලිහී යමින් තිබෙන සිංහල බෞද්ධ ඡුන්ද ටික කොහොම හරි රැකගැනීම ගැනය..බහුතර සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන නිතර දෙවේලේ බියෙන් සිටින දේශපාලකයන් මහේෂ්වරන්ගේ වචන 66 ගැන කිපී ගල් ගසන්නට ඉක්මන්වීම ගැන පුදුමයක් නැත. එහෙත්, ඇය දංගෙඩියට යැවු පසුවවත්, ඇගේ ‘වැරදි වචන’ පසුපස තිබෙන ‘නිවැරදි ඇත්ත’ ගැන ගැඹුරින් බලා, දෙමළ මිනිසුන්ට සාධාරණයක් ඉටුකිරීමට දේශපාලන අධිෂ්ඨානය වඩා ගත යුතුය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමේ අයත් පුනරුත්ථාපනය කළ යුතුය..Next articleගූඩ ආර්කිටෙක්චර් තර්කනයේ වර්ණ පටිපාටීන්ට ග්‍රැෆිටි සෞන්දර්ය මොලොක් නොකළ සළකුණ; උපාලි ආනන්ද.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මිදි පොකුරේ සීතල කඳුළ – බළලෙකුගේ කතන්දරය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මිදි පොකුරේ සීතල කඳුළ – බළලෙකුගේ කතන්දරය.By සංස්කාරක.March 17, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ කැත්ලීන් ජයවර්ධන.උමෙශකි හරුඔ නම් වූ ජපන් ලේඛකයා විසින් ලියන ලද බළලෙකුගේ කතන්දරය සංගෘහිතව ඇත්තේ ‘මිදි පොකුර’ නම් වූ කුඩා කෙටිකතා එකතුවෙහි ය. කෙටිකතා හයකින් යුතු මිදි පොකුරේ එන ඒ කෙටිකතාවලින් පහක් මීට පෙර පළවූ ‘අසලියා මල්’ හා ‘ඉෂ්ටාර්ථසිද්ධිය’ නම් වූ කෙටිකතා සංග්‍රහයන්හි ද පළවූ බව මහාචාර්ය ආරිය රාජකරුණා පොතේ හැඳින්වීමෙන් කියයි. මෙහි එන ‘මිදි පොකුර’ ‘බෝනික්කා’ බළලෙකුගේ කතන්දරය, දොඩම් හා සර්කස් අශ්වයා යන කෙටිකතා පහ පරිවර්තනය කරනු ලැබ ඇත්තේ ද ආරිය රාජකරුණා විසිනි. මිදි පොකුර ගොඩගේ ප්‍රකාශනයකි..ජපානයේ පාසල්වල ඉහළ පංති සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථ ඔස්සේ, නූතන ජපන් සාහිත්‍යය ඉගැන්වීම සඳහා මෙම කෙටිකතා බෙහෙවින් උපයෝගි කර ගැනෙන බව ද පොතේ හැදින්වීමෙහි සඳහන් ය. මේ ජපන් කෙටිකතා සංග්‍රහය ප්‍රධාන වශයෙන් ම යොවුන් පාඨක ලෝකය අරමුණු කොට සම්පාදිත වූවකි යි පොතේ (කවරය පිටුපස) පසුවදන ද කියයි. එහෙත් මේ හැම කෙටිකතාවක්ම ළමයින් සඳහා ද නිර්දේශ කිරීමට බැරි නැත. ඊට හේතුව ඒ හැම කෙටිකතාවකම පාහේ ළමයෙක් හෝ ළමයින් සිටීමම නොවේ. ළමා මනසේ වර්ධනයට මෙන්ම ළමයකු වශයෙන් යථාර්ථයට මුහුණදීමට හා යථාර්ථය ග්‍රහණය කරගැනීමට ද එය පෙර පාසලක් වැනි වන හෙයිනි..බළලෙකුගේ කතන්දරයට පාදක වන්නේ බළලෙකුගේ මරණයකි. පාසල් යන වයසේ ළමයෙක් මහපාර අයිනේ පිහිටි ගොඩනැගිල්ලක හුදෙකලාව වාසය කරයි. ළමයාගේ කාමරය පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ ය. මේ කාමරය ළමයා ලබාගෙන ඇත්තේ කුලියට ය. ළමයා පාසල් යන්නේ ද කුමක් කරන්නේ ද යන්න ගැන සඳහනක් කෙටිකතාවේ නොවන අතර ඒ විස්තර කෙටිකතාවේ අභිප්‍රායට අදාළ වන්නේ ද නැත. මේ අතර ළමයාගේ හුදෙකලා ජීවිතයට බළලෙක් කඩාවදින්නේ එක් අහම්බ අවස්ථාවකදී ය..මෙම බළලා එක් දිනක් හදිසියේ ම ඔහුගේ කාමරයට වැදී සිටියේ ය. ඌ කොහේදෝ සිට අවුත් ලී පියස්සේ පහත කෙළවර පිහිටි සිදුරකින් ඔහුගේ කාමරයට රිංගාගෙන එහිම පදිංචි විය. ළමයා හුදෙකලාව ජීවත් වූ බැවින් ඔහු තුළ බළලා කෙරෙහි කිසියම් ඇල්මක් හටගත්තේ ය. (මිදි පොකුර, 32 පිට).මේ අනපේක්ෂිත හමුව මුලින්ම ළමයා තුළ බළලා කෙරෙහි ජනිත කරන්නේ ආදරයක් නොවේ. දයානුකම්පාවකි. ඒ, ඌ මෙතෙක් කල් දුෂ්කර ජීවිතයක් ගත කළ බවට උගේ කෘශ ශරීරය සාක්ෂි සපයන බැවිනි. වැහැරී ගිය ඒ සිරුරේ ප්‍රභාමත්ව දිදුළන්නේ දෑස පමණි. ළමයාගේ දයානුකම්පාව අනුක්‍රමයෙන් ස්නේහයක් බවට පෙරළෙන්නේ ඒ දැසේ ආකර්ෂණය හේතුවෙනි යි අනුමාන සිතුවිල්ලක් මෙහිදී පාඨකයා තුළ පැන නැගෙයි. කෙසේ වුව ද ඉනික්බිතිව බළලා සිය නවාතැන බවට පත්කරගන්නේ ළමයාගේ කාමරයයි..ළමයා බොජුන්හලට යන හැම විටෙකම පිඟන්වල ඉතුරුව ඇති මා`ඵකටු හා පාන්වාටි ද කඩදාසියක ඔතාගෙන එයි. බළලා ළමයා එන තුරු බලා සිටින්නේ බලාපොරොත්තු සහගතව ය. ඌ මහත් ආශාවෙන් මා`ඵ කටු ගිලදමයි. එතෙකින් ද නොසෑහී කාමරයට එන කෘමිසතුන් ද ආහාරයට ගනී. බළලාගේ ප්‍රියතම කටගැස්මක් බවට පත්වන්නේ රැහැයියන් ය..ප්‍රවාහන සමාගමකට අයත් මේ ගොඩනැගිල්ල පා`ඵ පෙදෙසක හිස් භූමියක පිහිටා ඇති හෙයින් රැහැයියෝ ද ආසිවාසි නැතුවම එහි ඇදී එති. බළලා රැහැයියන්ට කුරුමාණම් අල්ලන්නේ අතිශය ප්‍රාණවත් දෑසින් හා ප්‍රබෝධජනක ඉරියව්වකිනි. බළලා දෙස බලා සිටින එවැනි විටකදී ළමයාට සිතෙන්නේ තමා ද රැහැයියන්ට කුරුමාණම් අල්ලන බවකි. අල්ලාගත් රැහැයියා හඬනගා සපාකන බළලා උගේ අඬුපඬු පමණක් ඉතිරි කරයි. කාමරයේ පැදුරු මත ඉඳිකටු මෙන් විසිරුණ ඒවා ළමයාගේ යටි පතුළේ ඇනී යයි. යටිපතුළට වේදනාව දැනෙන හැම විටෙකම ළමයාගේ මතකයට නැගෙන්නේ කවි පදයකි..රැහැයියන් නිවෙස් තුළ රැව් දෙත්ම.ඉකුත් වස ගෙවී යයි.මෙය වනාහි බොහෝ කලකට පෙර ඔහු සිය මාමාගෙන් උගත් කවි පද දෙකකි. චීන බසින් ලියවී තිබූ හෙයින් එහි අර්ථය කුමක් දැයි ඔහු නොදත්තේ ය. කිසියම් හේතුවක් නිසා මේ කවි දෙපදය ඔහුගේ සිත් තුළ රැඳී තිබුණි. මීට අමතරව තවත් නොයෙක් දෙය ඔහු සිය මාමාගෙන් උගත්තේ ය. එතකුදු වුවත් ඔහුගේ මතකයේ රැඳූී තිබුණේ මෙපමණකි. අන් සියල්ලම ඔහුගේ මතකයෙන් ගිලිහී ගියේ ය. (33 පිට).ළමයා බළලාට නම් තබන්නේ ‘කරො’ කියා ය. රෑ බෝ වූ පසු බළලා ළමයාට තුරුලු වී නිදාගනියි. බළලාගේ මෙළෙක් සම හරහා උගේ මු`ඵ ඇට සැකිල්ලම ළමයාට ස්පර්ශ වෙයි. නොයෙක්, කෑම බීම කවා පොවා බළලා පුෂ්ටිමත් කිරීමේ ආශාවකින් ළමයාගේ සිත මැඬී යයි. එහෙත් ඊට බාධා පමුණුවන්නේ ළමයාගේ දිළිඳුකමයි. ඒ අනුව භෝජනාගාරයෙන් රැගෙන එන මා`ඵකටු ප්‍රමාණය වැඩි කරගැනීමට ළමයා උනන්දු වෙයි..දිවා කල කාමරයේ රැඳී නොසිටින බළලා පිටතට ගොස් පැමිණෙන බොහෝ අවස්ථාවලදී උගේ කුස පිරී ඉදිමී තිබේ. පැත්ත වැටී සිටින ඌ තොලකට ලෙවකන්නේ රැහැයියන් දෙස නොබලාම ය. උගේ පිරුණු බඩට තට්ටුවක් දමමින් ළමයා මෙසේ අසයි..‘උඹ මොනව ද කාල ආවේ ?’.කල්පනාකාරීව සිතාබලන විට ළමයාට සිතෙන්නේ ඒ දුෂ්කර කාලයේදී පිට බළලුන්ට කෑම දෙන ගෙවල් හෝ ගෘහනියන් හෝ සිටිය නොහැකි යැයි කියා ය. එහෙත් බළලාට දොස් තැබීම ද සාධාරණ නොවන බවක් ඒ සමගම හැඟෙයි. එහෙයින් ඔහු මෙසේ කියයි..‘හොරකම් කළාට කමක් නැහැ. හැබැයි අහුවෙන්ඩ නම් එපා.’.වලාකුළින් ගහණ අඳුරු දිනයක ළමයා කවු`ඵවෙන් මහපාර දෙස බලා සිටී. හරස් පාරකින් කරො මතුවනු ඔහුට පෙනෙයි. ඌ පැමිණෙමින් සිටින්නේ දෙපැත්තට වැනෙමිනි. නුහුරු අයුරකින් නොණ්ඩි ගසමින් එන කරොගේ බෙල්ල ද පසෙකට නැමී තිබේ..කරො එදා පාර පනින්නේ වෙනදා මෙන් ජවසම්පන්නව නොවන බවත්, උගේ බෙල්ල පසෙකට නැමී තිබූ ආකාරයත් කීමෙන් රචකයා ඉඟි කරන්නේ කුමක් සම්බන්ධයෙන් ද? පිටතට යන කරො කුස පුරවාගෙන එන්නේ හොරා කෑමෙනියි ළමයා වටහා ගන්නා බව ඊට කලින් කියැවී තිබේ. ‘අහුවෙන්ඩ එපා’ යැයි කීව ද මේ දවසේ බළලාගේ සොරකම ගෘහිණියක විසින් දන්නා ලද්දේ ද? ඇය ඔහුට තැලූ ද? කරො ආයාසයෙන් ගමන් කරන්නේ ඒ නිසා ද?.කරො මහපාර පනින්නට තැත් කරයි. අශූභ පෙර නිමිත්තක් පිළිබඳ ආකස්මික හැඟීමක් ළමයා තුළ විදුලි කොටයි. කරො ගාටගාටා ඉදිරියට ඇදී එත්ම වේගයෙන් පැමිණි ක`ඵ පැහැති මෝටර් රථයක් ඒ දුඹුරු සිරුර යටකරමින් ඈතට ඇදීයයි..හිස තුළ ගිනි ගත්තාක් බඳු හැඟීමකින් යුතුව ඔහු එදෙස මොහොතක් බලා සිටියේ ය. කරො ගේ ඇඟ පත තැලී පොඩි වි යන හඬ ඔහුගේ මු`ඵ සිරුර පුරා ප්‍රබල ලෙස දැනෙන්නට වන. මෝටර් රථයේ වේගය මඳක් අඩු වී සැණෙකින් නැවතත් වැඩි විය. වම් පසට ඇදී ගිය රථය ක්‍රමයෙන් නොපෙනී ගියේ ය. අඳුරු අහස යට පු`ඵල් මහ පාර මැද උගේ චප්ප වූ මළකඳ කඩමාල්ලක්සේ වැතිර තිබුණි. එය දුටු විගස හඬ නගා වැලපීමට ඇති වූ හැඟීම යටපත්කර ගනිමින් කම්පනය මැඬ ගනිමින් ඔහු අයා ගත් දෙනෙතින් ද සැලෙන දෑතින් ද යුතුව සිටියේ ය. (35 පිට).ඒ රාත්‍රියේ ළමයා පොරෝනාව තුළට ගුලිවන්නේ කඳු`ඵ වගුරුවමිනි. තමා බළලාට මේ සා ස්නේහවන්තව සිටි බවක් මීට කලින් තමාට දැනගත හැකි නොවූයේ මන්දැයි ඔහුට සිතෙයි. බළලා ජීවමානව සිටිනු ඔහුට කොතෙකුත් පෙනෙන්නට වෙයි. අනතුරුව පෙනී යන්නේ අඳුරු අහස යට, මහපාර මැද උගේ චප්ප වූ සිරුර කඩමාල්ලක් සේ වැතිර තිබූ අයුරු ය. ඒ හා සමගම වැස්ස වහින්නට ගනී..පසු දා වැස්ස නැවතුණ පසුව ද ළමයා සිය ඉදිමුණු ඇසිපිය අතරින් මහපාර දෙස බලයි. මළසිරුර තවමත් එහි තිබේ. එහෙත් ඒ පෙරදා මෙන් නොවේ. රැය පුරා පාරේ ගමන්ගත් වාහනවල ටයර්වලට චප්ප වීම හේතුවෙන් දැන් එය ලෑල්ලක් මෙන් පැතලිව ගොසිනි. ඔහුගේ වේදනාව තියුණු ව නැගෙයි..හවස් වන විට කරොගේ මළසිරුර මුලින් තිබූ ප්‍රමාණයෙන් අඩක් බවට පත්විණි..පසුව දාත් ඔහු උදේ සිටම කවු`ඵව අසලට වී බලාගත් ගමන් සිටියේ ය. මේ වන විට එකී මළසිරුරින් බළලෙකුගේ හැඩය අතුරුදහන් වී තිබුණි. එය සිව්පසින්ම අඩියක් පමණැති ළා දුඹුරු පාට කඩමාල්ලක් සේ දිස්විණි. එසේ වුවත් ඔහු පෙර දින සිට නිරතුරුවම ඒ දෙස බලා සිටි හෙයින් දෝ ඈතින් පෙනෙනුයේ උගේ සිරුරෙහි කොයි කොටස දැයි හරි හැටි හඳුනා ගැනීම එතරම් දුෂ්කර කාර්යක් නොවීය. (37-38 පිටු).සවස් කාලය එළඹෙන විට කරොගේ මළසිරුර කුඩා වී යන්නේ සටහන් පොතක ප්‍රමාණයට ය. මෝටර් රථයක් ඈතින් පෙනී යන හැම විටක ම ළමයා තැතිගනියි. ඒ, හැම මෝටර් රථයක්ම ආදරණීය සත්ත්වයාගේ සිරුරෙන් කිසියම් කොටසක් උදුරාගන්නා හෙයිනි..අන්තිමේ දී කරොගේ සිරුර අවසන් වරට ඩැහැගෙන යන මොහොත පැමිණියේ ය. එය සිදුවුයේ දිරාපත් වූ කුලී රථයක් මගිනි. එය පැත්තකට ඇලවි ඇලවී පැද්දී මහා ඝෝෂාවක් නගමින් ආවේ ය. මැදි වියෙහි හුන් පිරිමි පස් හය දෙනෙක් එකිනෙකාට හිරවී රථයෙහි ගමන් කළහ. ඔවුහු සියලු දෙනාම පාහේ සුරාවෙන් මත්වී උන්හ. ඔවුන් තම අත් කවු`ඵවෙන් එළියට දමමින් ද ඇතුළට ගනිමින් ද සිටිනු පෙනිණි. මෝටර් රථය පවා සුරාවෙන් මත්වී සිටින්නාක් මෙන් දිස්විණි. එකී රථය තම පිටිපස රෝදය මගින් කරො ගේ මුහුණෙහි ඉතිරි කොටස සැණෙකින් ඩැහැගෙන කර්කශ හඬක් නගාගෙන ක්‍රමයෙන් ඈත්වී ගියේ ය..ඔහු කවු`ඵවෙන් ඉවත්වී කාමරය මැදට අවුත් ඇද වැටෙන්නාක් මෙන් එහි හිඳ ගත්තේ ය. ඉක්බිති දෑතින් මුහුණ සඟවාගෙන නිසල හඬින් වැලපුණේ ය. කරොගේ සිරුර සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීම ඔහු තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට හේතු විණි. උගේ මළසිරුර කෑලි සිය ගණනකට කැඩි බිඳී රෝදවල ඇලී තෝකියෝ නගරය පුරා සැරිසරන බව සිහිවී ඔහු හඬ නගා වැලපුණේ ය. (38-39 පිටු).කෙටිකතාකරුවා මේ අවස්ථා නිරූපණය සිදු කරන්නේ සියුම් ලෙස කල්පනාකාරීව ය. තර්කානුකූලව ය. රථයේ ගමන් ගන්නන්ගේ බමන මත, ඒ විනෝදාස්වාදය හා සිහිවිකල් බව සමග ළමයාගේ දුක්බර මනෝභාවයන් සැසඳීමට මෙහිදී පාඨක සිත යොමු වන්නේ නිරායාසයෙනි. ‘මෝටර් රථය පවා සුරාවෙන් මත්වී සිටින්නාන් මෙන් දිස්විණි’ යන වැකියෙන් පාඨකයා තුළ ඇඳී යන්නේ බීමත් රියැදුරෙකු පිළිබඳ චිත්ත රූපයකි..කරො මියගිය පසු උදාවන හතර වන දිනයේදී අමුත්තක් ද සිදුවේ. කාමරයේ බිත්තිය මුල්ලකට වී රැහැයියන් සැනසිල්ලේ පසුවනු එදා ළමයාට පෙනෙයි. පැදුර උඩට පනින එක් රැහැයියෙක් මධුර හඬක් ද නගයි..මිදි පොකුර පොතේ අවසාන පිටු කිහිපයක් වෙන් වන්නේ මහාචාර්ය ආරිය රාජකරුණා මේ කෙටිකතා පිළිබඳව කරන අදහස් දැක්වීමක් සඳහා ය. එහිදී මහාචාර්ය රාජකරුණා බළලෙකුගේ කතන්දරය ගැන පවසන්නේ ‘බළලාගේ මරණය ළමයාගේ ශෝකයට කරුණක් වුව ද රැහැයියන්ගේ ප්‍රීතියට හේතු වූ බව දක්වමින් සිත් ගන්නා ලෙස කතාව කෙළවර කර ඇත්තේ ය. කියා ය.’.මහාචාර්ය ආරිය රාජකරුණාගේ සාහිත්‍ය මෙහෙවරෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස අප දකින්නේ ජපන් සාහිත්‍යයේ අනගි මිණිමුතු මෙසේ සිංහල පාඨකයා අත පත් කිරීමයි. අසලියා මල් සහ ෂිග විහාරයේ තෙරුන්වහන්සේගේ ප්‍රේමය (ඉෂ්ටාර්ථ සිද්ධිය) එහි අග්‍රපල ලෙස හැඳින්විය හැකියි..පිටු හතරකට සීමා වූ මේ කුඩා කෙටි කතාව ගැන දිගට කතාකරන්නට අප යොමු කළේ එහි වූ ජීවගුණයම මිස අන් කිසිවක් නොවේ. මේ කෙටිකතාව ලියූ උමෙශකි හරුඔ ලේඛකයා ප්‍රකට කරන්නේ ද ජපන් නිර්මාණකරුවන් අතිමහත් බහුතරයකට පොදු වූ ඒ ගැඹුරු ජීවන දැක්මයි. ලෝකය හා ජීවිතය පිළිබඳ මේ දාර්ශනික චින්තාව ජපන් සාහිත්‍ය නිර්මාණ බොහොමයකට පොදුවූවකි. විශිෂ්ට හා ගැඹුරු කෙටිකතා නිර්මාණ හඳුනා ගැනීමට නම් කියවිය යුතු වන්නේ ජපන් කෙටිකතා යැයි අපට බොහෝවිට කල්පනා වී ඇත්තේත් ඒ අනුව යි. අප එසේ කියන්නේ දිගු කලක් මු`ඵල්ලේ මේ රටේ අතිමහත් බහුතරය අතරේ විශිෂ්ටතම කෙටිකතා ලෙස පොදු පිළිගැනීමට ලක්ව තිබූ රුසියානු කෙටිකතාව හෝ විශිෂ්ටතම කෙටිකතාකරුවා ලෙස සම්භාවනාවට පාත්‍රව සිටි ඇන්ටන් චෙකොෆ් හෝ අවතක්සේරු කරන්නට නොවේ. එහෙත් අඳුරු නිම්න භූමියක, තීර්ථයක හුදෙකලාවූවකුගේ පාඵවට, තනිකමට හුරු මනෝභාවයක් පාඨක සිත්හි ජනනය කරන ජපන් කෙටිකතා, ඒ අඳුර හා පා`ඵව ඔස්සේ ම පාඨකයාගේ දෑසට යොමු කරවන්නේ දුර ඈත දිදුළන තරු එළියක් වැනි ආලෝක ධාරාවකි. බළලෙකුගේ කතන්දරයේ මේ තරුඑළිය බවට පත්වන්නේ රැහැයියන් ය..මෙහි එන ‘මිදි පොකුර’ නම් වූ කෙටිකතාව ද විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක් ලෙස කැපී පෙනෙන්නකි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වී ඇති මේ කෙටිකතාව ගුරුන් හා සිසුන් අතර පැවතිය යුතු සාධනීය සබඳතාව කුමක් දැයි අපූර්වාකාරයෙන් විශද කරයි. දරුවකුගේ පසුබෑම් ගුරුවරියක විසින් වටහා ගනු ලබන (වටහාගත යුතු) ආකාරය පිළිබඳ පියකරු සිත්තමක් චිත්‍රණය කරයි. ජපන් කෙටිකතා අධ්‍යයනය යනු හුදෙක් රසවින්දනය සඳහාම කළ යුත්තක් නොවන බව හා ඉන් සැලසෙන අමතර ලාභවාසි ගණනාවක් ද වන බව සැලකිය යුත්තකි..සොබාදහම, කුරුල්ලන්, ගස් මෙන්ම මල් ද ජපන් නිර්මාණකරුවනට අපූරු නිර්මාණ සඳහා වස්තුබීජ සපයයි. ළමාකතා හෝ යොවුන් කතා නොවන වැඩිහිටියන් සඳහා ලියැවුණ ජපන් කෙටිකතා බොහොමයක ද මේ ලක්ෂණය දැකිය හැකි ය. ජපන් කතාකරුවා මරණය පිළිබඳව ද උනන්දුවක් දක්වන්නෙකි. මරණය අශූභයක් නොවන බව, මරණය යනු ජීවිතයේ අනිවාර්ය අංගයක්ම වන බව ඔවුහු මනාව පසක් කොට සිටිති..බළළෙකුගේ කතන්දරය ගැන කතාබහක් ඇරඹීමට අපට සිතුණේ. අප දකින, මේ රටේ ලියැවෙන බහුතරයක් වූ ළමා නිර්මාණවලින් මේ රටේ ළමයාට කොතෙක් දුරට යථාර්ථය ග්‍රහණය කරගැනීමට ඉඩ සැලසෙන්නේ ද යන ප්‍රශ්නාර්ථය ද සමගිනි. මේ රටේ ළමා කතා, යොවුන් කතා කලාපයෙන් බොහෝ දුරට ඇත් වී ඇති (ඈත් කරනු ලැබූ) එක් ප්‍රපංචයක්, සංසිද්ධියක් ලෙස පැහැදිලිවම පෙනීගොස් ඇත්තේ මරණයයි. ‘මරණය’ වැනි ප්‍රස්තුතයක් කරළියට නැංවීම ළමයාගේ මනසට ගෝචර නොවන බව හා මනෝවිද්‍යානුකූලව ද එය අයෝග්‍ය වන බව බොහෝ දෙනා කල්පනා කරති. එහෙත් මු`ඵමහත් ලොවෙහිම සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨතම ආගමික දේශකයකු වන ක්‍රිෂ්ණමුර්තිතුමන් මරණය සම්බන්ධයෙන් පළ කළ එක් අදහසක් පමණක් මෙහිදී උපුටා දැක්වීමට සිතුණේ දරුවන්ගෙන් මරණය වසං කිරීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න හඳුනාගැනීම සඳහා ය. මෙය සඳහන් වන්නේ ක්‍රිෂ්ණමුර්ති සංවාද සටහන් එකතුවක් ලෙස හැඳින්විය හැකි, ආරියරත්න විජයසිංහගේ පරිවර්තන නිමැවුමක් වූ ‘මරණය හා තනිකම’ කෘතියේ ය..ඔබ ළමයින්ට ගණිතය, කියවීම හා දැනුම අත්කර දෙන අනෙකුත් කවර විෂයයන් උගැන් වුව ද, මරණයෙහි ඇති සුවිශාල වූ ඓශ්වර්යය ද, ඒ සමග ඔවුනට උගැන්විය යුතු ය. එය එසේ කළ යුතු වනුයේ, අවසානයෙහි දි මුහුණ පෑ යුතු බියකරු ශෝකාන්තයක් ලෙස නොව, මේ එදිනෙදා ජීවිතයෙහි ම පවතින දෙයක් ලෙස ය: නිල්වන් අහස දෙස හා කොළයක් මතට වී සිටින තණකොළ පෙත්තකු දෙස බලන දෛනික ජීවිතයට ම අයත් වුවක් ලෙස ය. දත් ඒම නිසාත්, සුරතල් ළමා වියෙහි දී වෙනත් ලෙඩ රෝග නිසාත්, ඇති වන නොයෙකුත් අපහසුතාවන් මෙන් එය ද උගැනීමෙහි ම කොටසකි. ළමයින් තුළ ඇත්තේ අපූර්ව කුතුහලයකි. ඔබ මරණයෙහි යථා ස්වභාවය දකින්නෙහි නම්, සියල්ල ම මරණයට පත් වන බවත්, හ`ඵ ධූලි වන බවත් යනාදි වශයෙන් විස්තර කරන්නට යන්නේ නැත. එහෙත් ඔබ විසින් එය ළමයිනට පහදා දෙනු ලබන්නේ, මුදු හදවතින් යුතුව ය: කිසිදු බියක් නොමැතිව ය. (253-254 පිටු).ක්‍රිෂ්ණමුර්ති තුමන් මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කරන්නේ ගසක ඉදුණු කොළයක් සුළඟට ගිලිහී බිම පතිතවීම මීට එක් නිදසුනක් වශයෙන් දරුවන්ට පෙන්වා දිය හැකි බව ය. කුඩා කල ‘මරණය සඟවා තැබීමට තැත්කිරීමේ එක් අනිටු ප්‍රතිපලයක් වන්නේ වැඩුණු වයසේදී මරණය ආගන්තුක කලාපයක් ලෙස හැඟීයාම හා මරණබිය වඩ වඩාත් වර්ධනය වීමට ඉන් අවකාශයක් විවර වීම’ බව ක්‍රිෂ්ණමුර්තිතුමන්ගේ ද අදහස වූ බව මෙයින් පෙනීයයි..ළමයින් සඳහා ලිවීමේදී මල්, සුරතල් සතුන් වැනි වස්තුන් යොදා ගැනීමේ අවශ්‍යතාව බැහැර නොකරන අතරම ළමයාට යථාර්ථය ග්‍රහණය කරගැනීම සඳහා ද එහිදී යම් අවකාශයක් විවර කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුත්තකියි අපි සිතමු. ඒ මරණය පිටුදැකිය යුතු නිෂේධනීය තත්ත්වයක් ලෙස දැකීමේ හඳුනාගැනීමේ අවාසි සහගත තත්ත්වයන් බොහොමයක් ද පවතින හෙයිනි. උපදින ඕනෑම මිනිසකු මියයන බව, ඒ යථාර්ථය කුඩා ළමුන්ගෙන් වසං කිරීමේ විශේෂ වාසියක් වේයැයි සිතිය හැකි ද නැත..කෙසේ වූවත් යුරෝපයේ ඇතැම් රටවල වෙසෙන මිනිසුන් සුසාන භූමියක් ආසන්නයේ පිහිටා ඇති බිම් කොටස් මිලදී ගැනීමට මහත් උනන්දුවක් දක්වන බව අප අසා තිබේ. මේ නිසාම තරමක් අධික මිලකට අලෙවි වන්නේත් සුසානයක් සමීපයේ වන ඉඩම් කොටස් වන බව ද ප්‍රකට ය. බොහෝ විට ඒ නිස්කලංක බව, නිදහස කෙරෙහි යුරෝපීයයන් තුළ වන කැමැත්ත නිසා විය හැකි ය. කිසිදු ගැටලුවක්, කරදරයක් කිසි දා පැන නොනගින්නේ මියගිය මිනිසුන්ගෙන් ම බව ඔවුන් කොතරම් හොඳින් සාක්ෂාත් කොට ඇත්තේ ද?■..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමිනිස් රූපය හා මිනිස් අවතාර – සමීර කළුපහනගේ දෘශ්‍ය කලාව.Next articleඅලුගෝසුවනේ එල්ලාපන්ෟ අවි ගත් ගීත කලාව ගැන.. – තැලුණු මිනිස් අධ්‍යාත්මයේ හඬ මතුවුණා ගීත රචක රජී වසන්ත වෙල්ගම -අපි තුවක්කුව නැතිව ගීතය අවියක් කරගත්තා සංගීතඥ ජයතිලක බණ්ඩාර.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මැරුවේ හමුදාව නම් ප‍්‍රශ්නයක් නෑ..!! | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මැරුවේ හමුදාව නම් ප‍්‍රශ්නයක් නෑ..!!.By කේ සංජීව.July 15, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.dav.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.දිනය ජූලි 4 වෙනිදා ය. වෙලාව හිරු මුදුන්වූ වෙලාවය. තැන ගාල්ල උපනන්ද ප‍්‍රථමික විදුහල් භූමියයි. ගාල්ල උපනන්ද ජාතික පාසලද, මේ ප‍්‍රථමික අංශයද තිබෙන්නේ එකම භූමියකය. සිදුවීමකි!! හදිස්සි නීතිය යටතේ සහරාන්ලාගෙන් පාසල් දරුවන් සුරක්ෂිත කරගන්නට පාසලේ මුරට හිටිය යුධ සෙබලා එම පාසලට පැමිණි පියෙකු වෙඩිතබා කෙහෙල්කඳක් සේ බිම හෙළන්නේ සිය දියණිය එක අතක එල්ලී සිටියදීමය. මේ ඒ කතාවය. රණ විරුවන් අධෝවාතයක් යැව්වත් ෂා සුවඳයි සුවඳයි කියන මිනිසුන් මේ කතාව සාවදනව කියවිය යුතුය..ගාල්ල පින්න¥වෙන් හැරී අමුකොටුව, ගොඩකන්ද, පිලාන මලගෙදර සොයා අපි එහි ගියෙමු. ඒ පසුගිය ඉරු දිනයේදීය. අප එහි යනවිට මරාදමා තිබූ පුද්ගලයාගේ අවසන් කටයුතු නිමවී තිබුණේ ය. කඳු ගැටයක් මැද ගෙවල් පොකුරකට මැදිව තවමත් ඉදිවෙමින් තිබෙන නිවෙසක් මරණ සොවින් හැඩිවී තිබුණි. මියගිය තැනැත්තාට අවසන් ගෞරව දෙන්නට පැමිණි මිනිසුන්ට වතුර දීමට ප‍්‍රාදේශීය සභාවෙන් ගෙනා වතුර බවුසරය තවමත් එහිය. අප නිවෙසට පිවිසෙන්නට ඔන්න මෙන්න පඩි නඟින විට බල්ලා බුරාගෙන පනින්නට විය. ‘බල්ලා ගිය’ එකෙකු බල්ලාට සන් කළේය. අපි නිවසට ගියෙමු. හදිස්සි නීතියට මුවාවී පැමිණි වෙඩි උණ්ඩයට උදරය සිඳුරුව මිය ගිය උදය ප‍්‍රදීප් කුමාරගේ ප‍්‍රිය බිරිය අයේෂා දිමුතු මංජුලී අප ඉදිරියට පැමිණියා ය. ඇය අත පුංචි පුතෙක් ය. ඒ පුංචි දරුවා නිදිය. අප ඇය සමග සංවාදය ආරම්භ කළෙමු..මහත්තයා ගියේ දරුවා ගේන්න...‘මගේ මහත්තයා මෙහෙම මරලා දානකොට එයාට අවුරුදු හතලිහ පැනලා දවස් දෙකක් හෝ තුනක් ඇති. මගේ මහත්තයා නාවික හමුදාවේ බෑන්ඞ් එකේ අවුරුදු 12ක් ඉඳලා විශ‍්‍රාම ගිය කෙනෙක්. අපි දෙන්නා හමුවුණෙත් නාවික හමුදාවෙදි. මම නාවික හමුදාවෙ නැටුම් කණ්ඩායමේ හිටියා. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. දුවයි. ලොකු පුතා ජාතික පාසලේ. ජාතික පාසලයි ප‍්‍රාථමික අංශයයි දෙකම එකට තමයි තියෙන්නේ. එදා මම දුවයි පුංචි පුතයි දෙන්නම ඉස්කෝලෙට දාලා වැඩට ගියේ. උදේ 10ට විතර ඉස්කෝලෙන් කෝල් කරලා මහත්තයට කියලා තියෙනවා දුවට අසනීපයි ගෙදර එක්කරගෙන යන්න කියලා. දුව ඉගනගන්නේ දෙකේ පන්තියේ. ඉතිං මහත්තයා දහයට විතර ඉස්කෝලෙට ගිහිං දුවව පාසලේ අත්සන් කරලා ගෙදර අරගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ මහත්තයා ආයි ගෙදර එක්කරගෙන ආපු දුවත් (මිනුකි දෙව්හාරා වයස 7යි* එක්කරගෙන එයාට බෙහෙත් ගන්නයි, 1 වසරේ ඉන්න චූටි පුතාව (හෙසඳු නිසලිත* එක්කරගෙන එන්නයි ගෙදරින් එළියට බැහැලා තියෙනවා. ඒ දවල් 12ට විතර. අපේ ගෙදර සීසීටීවී චෙක් කලානම් මේ වෙලාවල් හරියටම බලන්න පුලූවන් බොරුද කියලා. එහෙම ඇවිත් දුව එක්කම ඉස්කෝලේ ඇතුලට ගියා’.සිදුවීම සිදුවන්නේ මෙතනින් පසුවය. රණවිරු වන්දනයේ යන මාධ්‍ය මේ පියාගේ පළමු පාසල් ගමන පිළිබඳ කතා කරන්නේ නැත. ඔහු උදේ 10ට පමණ පාසලට පැමිණ කිසිදු කරදරයකින් තොරව තම අසනීප දියණිය ගෙදර ගෙනියන්නේය. ඉන්පසුව ඔහු දෙවන වර පස්වරු 12ට පමණ පාසලට පැමිණියේ බෝම්බයක් බඬේ බැඳගෙනද? අපි හමුදාවෙන් ප‍්‍රශ්න කරන්නෙමු. නැත ඔහු දෙවනවර පාසලට පැමිණියේ තම අසනීප දැරියද අතේ එල්ලාගෙනය. උදය ප‍්‍රදීප් කුමාර පළමුවර පාසලට පැමිණෙනවිට මේ මිනීමරු රණවිරුවා සිටියේ කොහිද? ඔහු ගේට්ටුවේ රාජකාරියේ නොසිටියේද?.. සිටියානම් දෙවනවර පැමිණෙන විට උදේ 10ට පාසලට පැමිණි උදය ප‍්‍රදීප් සහරාන් සේ පෙනුනේ ඇයි?.. ඒ රණවිරු උණුසුම නිසාද?...එළියට ආවේ මැරිලා.‘මේ ඉස්කෝලෙට ගේට්ටු දෙකක් තියෙනවා. පළවෙනි ගේට්ටුවේ ඉඳලා දෙවෙනි ගේට්ටුව අතර පරතරය මීටර් දෙසීයක් විතර ඇති. මගේ මහත්තයා දුවත් එක්ක පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා තියෙනවා. එතනදි මේ ගේට්ටුවේ මුරට හිටපු හමුදාවෙ එක්කෙනා අපේ මහත්තයාට මොනවා හරි කියලා තියෙනවා. ඊට පස්සෙ දෙන්නා කතාවෙලා. දුව කියන විදිහට මහත්තයා කියලා තියෙනවා දැන් මම දහයට විතර ආවා එතකොට ගේට්ටුවේ බලූ බල්ලෙක් හිටියේ නෑ කියලා. කොහොම හරි ඔහොම කතාවෙවී තමයි දෙවෙනි ගේට්ටුව දිහාට තුන්දෙනාම (ප‍්‍රදීප්, හමුදා සෙබලා, දියණිය* ගිහිං තියෙන්නේ. ඔය දෙවෙනි ගේට්ටුවේ ඉඳලා ප‍්‍රාථමිකේ ප‍්‍රින්සිපල්ගේ කාර්්‍යාලයට එච්චර දුරක් නෑ. එතනදි තමයි ‘හිටහං මම මේක මිස්ට රිපෝට් කරනවා’ කියලා මහත්තයා මිස්ගේ රූම් එක අස්සට ගිහිං තියෙන්නේ. ඒ ගිහිං එනකොට අර හමුදා සෙබලා මගේ මහත්තයාගෙ අතින් ඇදලා තියෙනවා. එතකොට වැටෙන්න ගිහිං. ඒ එක්කම වෙඩි තියලා. ඊට පස්සේ මහත්තයා ඒ වෙඩි පාරට බිම වැටිලා. එයා දුවට කතාකරන්නේ ‘චූටික්කි’ කියලා. ‘චූ’ කියලා කියන්න වෙලා නෑ දුව අත අල්ලනකොට අත කඩාගෙන වැටිලා. දුව තමයි මේවා කියන්නේ. ඉස්කොලේ වැඩ බලන ප‍්‍රින්සිපල් කෙනෙක් ඉන්නේ, එයත් මේක දැකලා තියෙනවා ඒත් දැන් කවුරුත් මේ ගැන කතාකරන්නේ නෑ. දැන් මගේ මහත්තයා තමයි වැරදිකාරයා වෙලා තියෙන්නේ. මම අහන්නේ වෙඩි තියන්න කලින් මගේ චූටික්කි දැක්කහම වත් හිතුණේ නැද්ද මේ කරන්න යන්නේ අපරාදයක් කියලා’ නැවතත් ඈ කතා කරන්නීය. ඇය කියනා ලෙස දැන් මේ සිද්ධිය දෑසින් දකිනු ලැබූ එකම සාක්ෂිකාරිය තම දියණිය පමණි. ඇය තාත්තාට තමන්ගේ දෑස ඉදිරිපිට වූ දෙයක් තවත් කෙනෙකුට කියන්නට තබා ඒ ගැන සිතන්නටවත් පුළුවන් දැයි මට සැක සිතෙයි. ඈ ඒ තරමට පුංචිය. ඇය තවම දෙක වසරේ ය. ඇයට දැන් වයස අවුරුදු 7ක් ය. ඒ බියකරු මොහොත සමග ඇයට ඇයගේ ඉතිරි ජීවිත කාලයම ගෙවා දමන්නට සිදුවී ඇත. මින්පසු අනාගතයේ කවදාහෝ දිනෙක ඇයට සුව නින්දක් හෝ ලැබෙනු ඇතැයි සැක සහිතය. මා හට උතුරේ දරුවන් මතකයට නැගේ. එහෙත් ඈ බෝහෝ තොරතුරු තම මවටද, පරීක්ෂණ සඳහා පැමිණි පොලීසියටද පවසා ඇත. එහෙත් තවමත් නීතිය සහ සාධාරණය වියරු හමුදා සෙබලා පැත්තේය..මේ අතර පාසල අසල සමහරුන් කියන්නේ ඔහු පාසලට පැමිණෙන විට එක පන්තියක් ඇර තිබුණ බවය. අයේෂාද එම තොරතුර තහවුරු කරමින් කියන්නී, 1 වසර ඒ පන්තිය ඒ මොහොත වනවිට නිමාකර තිබී ඇති බවය. ඔවුන්ගේ පුංචි පුතා සිට ඇත්තේ 1 වසර බී පන්තියේ ය. එම පන්තියද නිමාකිරීම සඳහා දරුවන් පෝලිම්කර සිට ඇත. තත්ත්වය මෙයනම් ඇයි ප‍්‍රදීප් ඝාතනය කළේ? ප‍්‍රශ්නාර්ථයකි. අනික් පැත්තෙන් ඔහු මෙම සෙබලාගේ තුවක්කුව පැහැරගන්නට වලිකෑවේනම් එම කලබලයේ තරම නිසා හෝ පාසලේ දරුවන් සහ ගුරුවරුන් එම ස්ථානයට පැමිණෙන්නේ නැතිද?.. එක දරුවෙක් අතේ එල්ලාගෙන ආයුධ සන්නද්ධ සෙබලෙක් සමග ඔට්ටුවෙන්නට තරම් මේ හිටපු නාවික සෙබලා මෝඩයෙක් ද? අපිට එන සාධාරණ ප‍්‍රශ්න ඕවාය. පාසල මුර කරනවානම් මුර කරන්නේ පළමු ගේට්ටුව අබියස එයින් පිටතය. එය එහෙමනම් මෙම පුද්ගලයා ගේට්ටුවෙන් කුඩා දැරියක් ද සමග ඇතුලූ වී මීටර් සීයක් පමණ යනකම් මේ සෙබලා අල තැම්බුවේද?.. පාසලේ ආරක්ෂාව සඳහා වෙඩි තැබුවේනම් ඔහු වෙඩි තැබිය යුත්තේ පළමු ගේට්ටුව ළඟදී නොවේද? හිටපු නාවික සෙබලා බෝම්බයක් බඬේ බැඳගෙන පැමිණියේනම් මේ වෙඩි හඬත් සමග එය පුපුරවාගනු නියතය. ඒ ඔහු තමන්ගේ ඉලක්කය තුළට ඒ වනවිටත් පැමිණ තිබුණ නිසාය..අපේ සෙබලා වැරදි නෑ...මේ ලියුම්කරු යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක සුමිත් අතපත්තු වෙත කතා කළේය. ඒ මෙම සිදුවීම පිළිබඳව යුධ හමුදාව පැත්තේ කතාව විමසා දැනගැනීමටය. ඔහුව සම්බන්ධ කරගන්නට නොහැකි විය. එහෙත් නම සඳහන් කරනවාට අකමැති වෙනත් නිළධාරියෙක් ඔහු වෙනුවට මෙම ලියුම්කරු වෙත තොරතුරු ලබාදුන්නේය. ‘ගාල්ල කොටුව ගැමුණු හේවා රෙජිමේන්තුවට අනියුක්තව රාජකාරි කරපු ලාන්ස් කෝප‍්‍රල් ඉන්දික කියලා සෙබලෙක් තමයි මෙම වෙඩි තැබීම සිදුකරලා තිබෙන්නේ. දැනට යුද්ධ හමුදාව මේගැන පරීක්ෂා කරන්න මූලික පරීක්ෂණ උසාවියක් පත්කරලා තිබෙනවා. ඊට අමතරව යුද්ධ හමුදා පොලීසියත් මේ ගැන පරීක්ෂණයක් කරනවා. දැනට මෙම සෙබලා 581 බලසේනාවේ විවෘත අත්අඩංගුවට ගැනීම කියන තත්ත්වයේ රඳවලා තිබෙනවා. ඒ සේනාංකාධිපතිගෙ අධීක්ෂණය යටතේ. දැනට අපි කරපු පරීක්ෂණවලින් ඔප්පුවෙලා තිබෙනවා මේ සෙබලා වැරැුද්දක් කරලා නෑ කියලා. ඔහුගෙන් තුවක්කුව උදුරාගෙන පාසලට බලෙන් ඇතුල් වෙන්න හැදුවා කියන එක තමයි දැනට අපි සතු තොරතුරු කියන්නේ’. ඇතුල්වෙන්න උත්සාහ කළා කියන්නේ කොහොමද මේ පුද්ගලයා පාසලට ඇතුල් වෙලා තමන්ගේ දියණිය එක්ක මීටර් 100ට වඩා ගිහිං තිබෙනවා නේ, ඊට පස්සෙනේ වෙඩි තියලා තියෙන්නේ? මේ ලියුම්කරු යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක විදිහට කතා කළ නිළධාරියාගෙන් විමසුවේය..එවිට ඔහු ප‍්‍රකාශ කළේ තවමත් යුද්ධ හමුදා පරීක්ෂණ අවසන් නැති බවය. පොලීසියට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක භාර දෙන්නට හැකි බවය. යුද හමුදාව නිසි පරීක්ෂණයක් කරනවා යැයි කීවත් එම පරීක්ෂණ කණ්ඩායමේ කිසියම් නිළධාරියෙක් හෝ තවම තම නිවසට පැමිණියේ නැතැයි මරා දමනු ලැබූ ප‍්‍රදීප්ගේ බිරිඳ කියන්නීය. ඇය කියන පරිදි පොලීසියනම් පැමිණ එම අවස්ථාවේ තම සැමියා සමග සිටි පුංචි දියණියගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ගිය බවය. මෙම ලියුම්කරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකරට කතා කළේය. එහෙත් ඔහු සම්බන්ධ කරගන්නට නොහැකි විය. පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ පොලීසියද මේ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය. ඔවුන්ගේ නිගමනය ද මෙම සෙබලා නිවැරදි බවය. අහෝ!! හදිස්සි නීතිය තිබුණ පමණින්, ඔහු කලහකාරී ලෙස හැසිරුණා කියමු එය එසේනම්, එසේ වූ පමණින් මෙලෙස පපුවටම නැතිනම් බඩට වෙඩිතබා මිනිසෙකු මරා දැමිය හැකිද?.. දණිස්සෙන් පහළට වෙඩි තබන්න යැයි කියන්නේ නිකං සොමියටද?...බිරිඳගේ ආයාචනය.‘හරි මගේ මහත්තයා මේ සෙබලා එක්ක කටගහගෙන ආවා කියමු. රාජකාරියට බාදා කළා කියමු. ඒත් හත්දෙයියනේ මෙහෙම පපුවටම කොකා ගස්සලා මරලා දානවද? මගේ මහත්තයා දුව එක්ක ඉස්කෝලෙට ගියේ, යකෝ බෝම්බයක් බැඳගෙන ආවනම් ඔහොමද එන්නේ? දැන් සේරම වෙලා. මමයි මගේ දරු පවුලයි අනාථ වුණා. මහත්තා නේවි එකෙන් අයින් වුණාට පස්සේ අපි පපර බෑන්ඞ් එකක් ගහලා තමයි ජීවිතය රැුකගත්තේ. ජීවිතේ අමාරු නිසා මම ළඟකදි ඉඳලා ගාමන්ට් යනවා. ඉතිං මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මගේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ආධාරයක් කරන්න පිහිට වෙන්න කියලා විතරයි. මේ සෙබලා පෝරකයට ගෙනිච්චා කියලා මට මගේ මහත්තයා ආයි ලැබෙන්නේ නෑ. ඒනිසා මම වැදලා ඉල්ලන්නේ මේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා. අනික තමයි රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙහෙම පිස්සෝ ඉස්කෝල මුරකරන්න දාන්න එපා කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. දැන් චුට්ටක් හිතන්න මගේ චූටික්කි කොහොමද තමන්ගේ තාත්තා මරලා දාපු ඉස්කෝලෙට යන්නේ? මට දැන් තියෙන ප‍්‍රශ්න මේවා..’ ඇය හැඬු කඳුළින් කියන්නීය. එසේ කියන ඇය තවදුරටත් කියන්නේ පොලීසියේ පරීක්ෂණ ක‍්‍රියාවලිය දෙස තමන් බලාසිටින බවය. තමන් ඊළඟ නඩුවාරයට නීතිඥයෙක් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවන බවද ඇය කියන්නීය..දැනගන්නට තිබෙන ලෙස අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසු ඇතිවූ තත්ත්වය මත පාසල් ආරක්ෂාව සඳහා සෙබළුන් 9000කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් පාසල් ගේට්ටු අබියස රඳවා ඇත. අධ්‍යාපන අමාත්‍ය නියමයෙන් දැන් පාසල් ගේට්ටු මුර කිරීම සඳහා හමුදා සෙබලූන්ට අමතරව දෙමාපියන් යොදවන්නේ නැතිබව දැනගන්නට ලැබේ..මෙලෙස පාසලක් තුළට දරුවෙක් රැුගෙන යන්නට පැමිණි පියෙක් වෙඩිතබා මරාදැමීමෙන් සමාජයක් ලෙස අපිට ඉගනගැනීමට තිබෙන පාඩම් මොනවාද?.. රට හදන්නට හමුදා පාලනයක් ඉල්ලන, හමුදා ලේකම්ලා ඉල්ලන රට වැසියන් තමන්ගේ ඉල්ලීම දෙස නැවත විචාරශීලීව බැලිය යුතුය. යුද්ධය දිනූ රණවිරුවන් නේ කියමින් රණවිරු වන්දනයේ යන පුද්ගලයින්ටද අඳුරෙන් ආලෝකයට එන්නට මේ ඝාතනය හොඳ අවස්ථාවක් ය. අනෙක් පැත්තෙන් උතුරේ යුධ අපරාධ වුණේ නෑ යැයි කියමින් උදේ සවස පොළවේ හැපෙන සිංහල බෞද්ධ පිංවතුන්ටද තමන්ගේ දැහැනින් මිඳී දැන් යථාර්තයට පැමිණිය හැකිය. එලෙස පැමිණ ඒ පීඩිතයින් දෙස සානුකම්පිත දෑස් දැල්විය හැකිය. ඒවා එලෙස වුණොත් මේ ඝාතනයෙන් රටක් වශයෙන් අපි පාඩමක් ඉගනගත්තා වෙනු ඇත. හදිස්සි නීතිය යනු මිනී මරණ්නට ලැයිසමක් නොවන බව හමුදා සෙබළුන් ආරක්ෂ අංශ දැනගත යුතුය. එය ඔවුන්ට දැනවීමටනම් ඝාතනය කරනු ලැබූ ප‍්‍රදීප් හට යුක්තිය සාධාරණය ඉටුවිය යුතුය. ඒ අනුව ඝාතකයාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleහමුදා පරාධකරුවන්ටත් නඩු පවරමුද.Next articleමාධ්‍යයේ බොරුව හෙළිකල මව්වරුන්ගේ ප‍්‍රකාශ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස සැමරීමට සිවිල් සමාජයෙන් විරෝධයක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස සැමරීමට සිවිල් සමාජයෙන් විරෝධයක්.By සංස්කාරක.May 18, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.A Sri Lankan Tamil man takes part in a ceremony at Mullaivaukkal on the outskirts of Jaffna on May 18, 2019. - Sri Lanka celebrates ending a protracted ethnic war 10 years ago on May 18 after a final show down, but for many Tamil civilians it is another day of reliving their trauma. (Photo by ISHARA S. KODIKARA / AFP).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දෙමළ ජනතාවගේ ඉල්ලීම් පිළිනොගෙන ඔවුන්ව පීඩාවට පත් කරමින්, යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස සැමරීමට විරෝධය පළ කරමින් පියවරුන් ඇතුළු කතෝලික සමාජය නියෝජනය කරන සිවිල් ක‍්‍රියාකාරිකයන් පිරිසක් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් පළ කර තිබේ..මැයි 18 වැනිදා නිකුත් කළ එම ප‍්‍රකාශය මෙසේය..‘රටක සභ්‍යත්වයේ ශක්තිමත් බව ප‍්‍රකාශවන්නේ එරට වෙසෙන සියලූ ජන කොටස් එක මවකගේ දරුවන් සේ සම ගරුත්වයක්, සම අයිතියක් භුක්ති විදින ගැටුම් රහිත සමාජයක් වීමෙනි..ශ‍්‍රී ලංකා මාතාවගේ නිවුන් දරුවෙකු වන දෙමළ ජනයාගේ සාධාරණ දුක් ගැනවිලි මත පදනම් වූ අරගලය යුද්ධයක් දක්වා වර්ධනය වූයේ එය අවම වශයෙන් වසර තිහක් පමණ අහිංසාවාදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් ලෙස පැවැතීමෙන් අනතුරුව බව සැ`ගවිය නොහැක. ඉන් පසු අප රට තුළ සිවිල් යුද්ධයක් ලෙස එය තවත් වසර තිහක් පමණ පැවැති අතර 2009 දී ඇමරිකාව බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ ලෝකයේ බොහෝ ධනවත් රාජ්‍යයන්ගේ සහය ඇතිව ශ‍්‍රී ලංකා රාජ්‍යය විසින් එය යුධමය වශයෙන් පරාජය කරන ලදී..එතැන් සිට වසර 11 ක් ගතවන මේ මොහොත දක්වාත් දෙමළ ජනයාගේ ගැටලූවලට සාධාරණ වූ ද, ධාර්මික වූ ද විසඳුම් ලබාදෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සිතාගත නොහැකි තරම් ක‍්‍රෑර සංහාරික යුද්ධයක් මගින් දෙමළ අරගලය තලා දැමීම දෙමළ ජනයාගේ ප‍්‍රශ්නවලට දුන් විසඳුම ලෙස සිතන නරුම මානසිකත්වයක් ඇතිව තිබීම කණගාටුවට කාරණයක් මෙන් ම අපගේ සභ්‍යත්වය පිළිබද අර්බුදයක් ද වේ..1971, 1988-89 කාලවලදී බරපතල සංහාරික අත්දැකීම් දෙකක් අත්දුටු සිංහල පීඩිත ජනයාට උතුරේ අත්දැකීම තේරුම් ගැනීම අපහසු එකක් නොවේ. එය තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම්, ඒ ජාතිවාදී මුලාව නිසා පමණකි. ඒ මුලාවෙන් මිදී උතුරේ පීඩිත ජනයාගේ අයිතීන් උදෙසා හ`ඩ නැගීමට එක්වන්නැයි අපි දකුණේ පීඩිත ජනයාගෙන් පළමුව ඉල්ලා සිටිමු. එක් ජාතියක විලංගු තවත් ජාතියක විලංගු බවට පත් වන බවත් එක් ජාතියක නිදහස අනෙක් ජාතියක නිදහස සමඟ සම්බන්ධ වන බව අප අවබෝධ කරගත යුතුය..ශ‍්‍රී ලංකාව තුළ තමන්ට අනන්‍ය ඉතිහාසයක්, භාෂාවක්, භූමි ප‍්‍රදේශයක්, සංස්කෘතියක් සහිතව මුල් ඇදුනු මෙරට දෙමළ ජනතාව ඉල්ලා සිටියේ, ඉල්ලා සිටින්නේ තමන් ව දේශපාලන ආර්ථික හා සංස්කෘතිමය ලෙස පීඩාවට පත් නොකර තමන්ගේ අනන්‍යතාවය හා අභිමානය සහිතව මෙරට සම පුරවැසියන් ලෙස ජීවත්වීමේ නිදහසයි. විශේෂයෙන් යුද්ධයේ අවසානයත් සමග ප‍්‍රමාණාත්මක බහුතරය විසින් තව තවත් ඔවුන් නොතකා හරින තත්ත්වයක්, තව තවත් ඔවුන් යටපත් කරන තත්ත්වයක්, තව තවත් ඔවුන්ගේ තුවාල පාරන තත්ත්වයක් ඇතිවීම ඔවුන් ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් පිටතට තල්ලූ කිරිමක් වේ..අවම වශයෙන් තවමත් ඔවුන්ට ප‍්‍රසිද්ධියේ තම මළවුන් සිහිකිරිම වැනි ප‍්‍රාථමික මානව යුතුකමක් ඉටු කිරිමටවත් බාධාවකින් තොරව ඉඩදීමක් සිදු නොවේ. ත‍්‍රස්තවාදින් ලෙස දකුණ විසින් නම් කළේ වුවද, මිය ගිය සිවිල් වැසියන් මෙන් ම එල්. ටී. ටී. ඊ සාමාජිකයෝ ද ඔවුන්ගේ නෑසියෝ වෙති. ලංකාවේ ජනයා අදහන කවර දහමක් අනුව වූවත් ඒ හිමිකම ඔවුන්ට ලබාදීම ධර්මානුකූල ය, මානුෂික ය..දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳව නිශේධාත්මක ප‍්‍රතිචාර දක්වන ශ‍්‍රී ලංකා රජය ලංකාවේ සියලූ අධිකරණ විසින් වරදකරු කොට ඇති මිරුසවිල් සමූහ ඝාතනයේ වරදකරු කොට දඩුවම් දුන් පුද්ගලයා ජනපති සමාව දී නිදහස් කිරීම ද, යුද සමයේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ ජාත්‍යන්තර පරික්ෂණ යෝජනාවෙන් රජය ඉවත්වීම ද දෙමළ ජනයා තුළ අපෙක්ෂා භංගත්වය වර්ධනය කරමින් ඔවුන් මෙරට රාජ්‍යයෙන් තව තවත් ඈත්කරමින් සිටී. පහුගිය වසර 11ක් පුරා ජාත්‍යන්තර ප‍්‍රජාව කර ඇත්තේද දෙමළ ජනතාව රැවටීම පමණි. ලෝක බලවතුන් යුද අපරාධ හා ජන සංහාරය සම්බන්ධ චෝදනා ශ‍්‍රී ලංකා රජය තමන්ගේ බල අරමුණු සඳහා හීලෑ කරගැනීමේ උපකරණයක් ලෙස යොදාගෙන ඇති බවක් දක්නට ඇත. සියළුදෙනා නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිති..තම රටේ ජනකොටස් දෙකක් අතර ඇති වූ මෙවැනි අර්බුද ලෝකයේ බොහෝ රටවල් විසදා ගත්තේ සත්‍යය, යුක්තිය හා සමාව දීම ඇතුළත් පුළුල් විවෘත ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලියකිනි. එවැන්නක් තවමත් අප රට තුළ ක‍්‍රියාත්මක නොවීමත් ඒ වෙනුවට අධිපතිවාදය තහවුරු කරමින් සත්‍යය ස`ගවා තැබීමට උත්සාහ කිරීමත් අභාග්‍යයකි. වරදවා ගැනීමකි..වසර 72ක් ශ‍්‍රී ලංකාව පාලනය කළ සියලූ පාලකයන්ගේ අසමත්කම නිසා ඇති වූ යුද්ධයෙන් මියගිය දෙමළ සිංහල ඇතුළු සියල්ලෝ මේ රටේ දූ පුත්තු ය. ඒක පාර්ශ්වීය ස්මාරක අනෙක් පාර්ශ්වය වේදනාවට පත්කර ජාතීන් අතර ධ‍්‍රැවීකරණය තීව‍්‍ර කරන්නේ ය..වසර ගණනාවක සිට ම දෙමළ ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම් ගණනාවක් නොසලකා හරිමින් තිබේ. එකම රටක් තුළ සියලූ ජාතීන් එක්සත් ව, එක්සිත් ව, ජීවත් විය යුත්තේ නිදහසින් මිස බලහත්කාරයෙන් නොවේ. එම සිහිනය දිනෙන් දින බොඳ වෙමින් තිබේ. එබැවින්, ශ‍්‍රී ලාංකේය ජාතියක් ලෙස අපේ රට ඉදිරියට යාම අපෙක්ෂා කරන මෙහි පහත අත්සන් කරන අපි පහත සඳහන් කරුණු ඉටුකරන ලෙස ශ‍්‍රී ලංකා රජයට මේ මොහොතේ බලකර සිටිමුග.1. අතුරුදහන් වූවන් පිළිබඳව ‘ඔවුන් මැරිලා’ යන යැයි සරල ප‍්‍රකාශයෙන් ඔබ්බට ගොස් මානව වටිනාකම් මත පදනම් වූ අතුරුදහන් වූවන් පිළිබද නිසි ක‍්‍රමවේදයක් මත කරුණු නිරාකරණය කර අවසන් කිරිමට කටයුතු කරනුග.2. විධිමත් සාධාරණ චෝදනා ගොනු කිරීමක් ඇතිව හා නැතිව වසර ගණනාවක් තිස්සේ රදවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් පිළිබද ප‍්‍රශ්නයට ‘දේශපාලන සිරකරුවන් නැතැ’යි කීමෙන් ඔබ්බට ගොස් දේශපාලන තීන්දුවක් ගෙන කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරනු..3. දෙමළ ජනයාගේ පවරාගත් ඉඩම් ආපසු දීමේ කටයුතු වේගවත් කරනු. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඉඩම් වගා කිරිමට හමුදාව යෙදවීම වෙනුවට ඒ ප‍්‍රදේශවල ජනයා යොදා ගනිමින් ඔවුන්ගේ ආර්ථික ප‍්‍රශ්න අවම කිරීමටත්, ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරිමටත්, අභිමානයෙන් නැගී සිටීමටත්, වැඩ පිළිවෙලක් නිර්මාණය කරනු. පුද්ගල නිදහසට බාධා කරන හමුදාමය බාධා කිරීම් වහා නවතනුග.4. කොන්දේසි විරහිතව මියගිය සියලූ ඥාතීන් අනුස්මරණය කිරීමටත්, ඔවුන් වෙනුවෙන් සොහොන් කොත් හා ස්මාරක ඉදි කිරීමටත් නිදහස ලබා දෙනු..5. ජන සංයුතියට සාපේක්ෂව රටේ වෙනත් පළාත්වලට වඩා වෙනස් හමුදා සංයුතියක් මගින් උතුරු නැගෙනහිර මිලිටරීකරණය කිරීම වහා නවතනු..6. දෙමළ ජනයාගේ සංයුතිය හා ශක්තිය දුර්වල කිරීමේ අදහසින් ක‍්‍රියාත්මක කරන බලහත්කාර සිංහල ජනපදකරණ ක‍්‍රියාවලිය වහා නතර කරනු..7. පමා වූව ද අව්‍යාජ සාමයක් සඳහා අත්‍යවශ්‍ය මෙන් ම උපකාරී වන සත්‍යය, යුක්තිය හා සමාවදීම ඇතුළත් පුළුල් හා විවෘත ප‍්‍රතිසංධාන වැඩ පිළිවෙළක්් ආරම්භ කරනු..8. ශ‍්‍රී ලංකාවේ සියලූම ජාතීන් හා සුළු ජන කොටස් එකම ශ‍්‍රී ලාංකේය ජාතියකට අනුකලනය කිරීම සඳහා විධිමත් සාධනීය ක‍්‍රමවේදයක් සකසනු. නොඑසේ නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම තීන්දු කිරීමේ ස්වයං තීරණ අයිතියට ගරු කරනු..සියලූ වගකිව යුතු පුරවැසියන්ගෙන් හා සිවිල් සංවිධානවලින්.1. සාධාරණවූ ද, යුක්තිගරුක වූ ද පුරවැසියන් ලෙස ඉහත ඉල්ලීම් ඉටු කරන ලෙස රජයට බලපෑම් කිරීම.2. ජාති, කුල ආගම් භේදයෙන් සියලූම පුරවැසියන්ට සමානව සැලකීම ඉල්ලා සිටින අතර,.3. යුද්ධයෙන් මිය ගිය සියලූ ජාතීන්ගේ දූ පුතුන් ස්මරණය කරන්නාවූ ද, සියලූ ජාතින්ට හා පොදුවේ රටට බරපතල සමාජ ආර්ථික දේශපාලනික හා ආධ්‍යාත්මික විනාශය කැඳවූ යුද්ධය දක්වා වර්ධනය වූ ප‍්‍රශ්නය නිසි පරිදි මැදිහත්ව දකින්නට හා නැවත එවැන්නක් සිදු නොවන්නට අවශ්‍ය ප‍්‍රඥාව දල්වාලන්නාවූ ද, ”පොදු සත්‍යයේ පවුරක්” ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, එවැන්නක් ජනතාවගෙන් බිහිවන සැබෑ ප‍්‍රතිසංධාන වැඩ පිළිවෙලක කොටසක් ලෙස ඉදිකළ යුතුයැයි අපි යෝජනා කරමු.ඉතිං, මේ මොහොතේ මුළු ලොව ම කිසියම් ආකාරයකට ආගමික ජාතිකවාදයක් වෙත ගමන් කළ ද, මානව ඉතිහාසය අත්පත් කරගත් ශ්‍රේෂ්ඨ ධර්මයන් හා පොදු මානව ප‍්‍රඥප්ති මත පදනම් ව එකසත් ශ‍්‍රී ලාංකේය ජාතියක් වෙත යාම හැර කල්පවත්නා විසඳුමක් නැති බව අපි අවධාරණය කරමු. එබැවින් අධිපතිවාදයෙන් දෙමළ ජනයා යටපත් කිරීම මගින් ජාතින් අතර පැලූම් රේඛා වර්ධනය කරන ක‍්‍රියා මාර්ග වෙනුවට දෙමළ ජනයාගේ සංස්කෘතික දේශපාලනික හා ආර්ථීක හිමිකම් ශක්තිමත් කරන මාවතකට මෙරට පිවිසිය යුතු ය.’.එම ප‍්‍රකාශයට අත්සන් තැබූ පුද්ගලයන් මෙසේය. ෂෙරාඞ් ජයවර්ධන පියනම, එම්. සතිවේල් පියනම, රසිකා පීරිස් පැවිදි සොයුරිය (ශුද්ධවූ පවුලේ නිකාය), නිශාන්ත ගුණරත්න පියනම, මහින්ද නාමල් මයා, ටෙරන්ස් ප‍්‍රනාන්දු පියනම, මැටිල්ඩා ලාසරස් පැවිදි සොයුරිය (ශුද්ධවූ පවුලේ නිකාය), කුසුම් කුමාරසිරි පියනම, ලාල් ලක්ෂ්මන් මයා, සරත් ඉද්දමල්ගොඩ පියනම, හැඞ්ලි ඇන්තනි මයා (ජනවබෝධ කේන්ද්‍රය), ඇලෝයි පීරිස් පියනම (ජේසු නිකායික), අරුන ශාන්ත නෝනිස්, හෙලන් පෙරේරා මෙනවිය, දීපා ප‍්‍රනාන්දු පැවිදි සොයුරිය (ශුද්ධවූ පවුලේ නිකාය), රීඞ් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියනම, රැල්ස්ටන් වයිමන් මයා, චින්තක රාජපක්ෂ මයා, ඉදුනිල් කන්කානම්ගේ මෙනවිය, රොෂානි ප‍්‍රනාන්දුපුල්ලේ මිය, මෙලනි මානෙල් පෙරේරා මෙනවිය (මාධ්‍යවේදිනි), තෙරේසා රාජපක්ෂ මෙනවිය, ශ‍්‍රියන්ති පෙරේරා මෙනවිය, ශිවන්ති සිල්වා මෙනවිය, රීටා ප‍්‍රනාන්දු මෙනවිය, ජූඞ් සමන්ත මයා, විජිත් රොහාන් මයා, මහින්ද රත්නායක මයා, නිමල් පෙරේරා මයා, හර්මන් කුමාර මයා, විල්සන් බුලත්සිංහල මයා..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනාධිපතිවරණයෙන් පසුත් ගෝඨාභය ඇමෙරිකානුවෙක්ව සිටියාද?.Next article5000 ගෙවා ඇත්තේ සමෘද්ධි අරමුදල්වලින්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රුපියල් 1000 වැටුප, කරුංකා, මුරලි සහ වියත් මග | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රුපියල් 1000 වැටුප, කරුංකා, මුරලි සහ වියත් මග.By ලසන්ත රුහුණගේ.October 13, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.මැතිවරණයක් අබිමුව කලඑළි බසින පිරිස් බොහෝය. ඊට පෙර කිසිදාක කිසිම දෙයක් පිළිබඳ කිසිදු අදහසක් නොතිබූ මේ පිරිස්වලට හදිසියේම පහළවන අදහස් මනරම්ය. විනය, නායකත්වය, තීන්දු තීරණ ගැනීම ආදිය ගැන වෙනත් ක්ෂේත‍්‍රයන් නිසා සිවිල් තත්වයක් ලැබුණ එම පිරිස් හදිසියේම මතුවී කතාකරති..ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එවැන්නෙකි. හදිසියේම ඔහුට ඍජු තීන්දු තීරණ ගැනීමේ නායකත්වයක් රටට අවැසි බව දැනී තිබුණි. ඒ නිසාම ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සිටම මහින්ද රාජපක්ෂගෙන් ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය ඩැහැගැනීම සඳහා පිහිටුවා තිබූ වියත් මඟ සම්මන්ත‍්‍රණයකට මුත්තයියා මුරලිදරන් සහභාගි වී තිබුණි..ඒ පසුගිය සැප්තැම්බර් 08 වැනිදා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවති ‘රටේ විනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේගයෙන් දියුණු කිරීම සඳහා තරුණයන්ගේ කාර්යභාරය’ මැයෙන් වූ සම්මන්ත‍්‍රණය සඳහාය. ඊට මුරලිට අමතරව ඔහුගේ බිරිඳ මනිමලර් රාමමූර්ති, අරවින්ද ද සිල්වා, නාලක ගොඩහේවා හා ගෝඨාභය රාජපක්ෂද සහභාගි වී තිබුණි..අරවින්ද ද සිල්වා එයට සහභාගි වුවද එය කැපී පෙනුණේ නැත. ඒ ඔහු එහිදී ප‍්‍රසිද්ධියේ අදහස් පළකිරීමක් නොකළ නිසාය. නමුත් මුත්තයියා මුරලිදරන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම කැපී පෙනුණි. මාධ්‍ය එය වාර්තා කරනු ලැබූයේ ‘මුරලිගෙන් දුස්රාවක්’ ලෙසය. එම දුස්රාවට අදාල මුරලිගේ ප‍්‍රකාශය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයටය..නායකයෙකු හැමෝටම ආදර්ශයක් විය යුතු බවත්, හරි ලස්සන වචනවලින් කතාකරන්න ඕනෑම කෙනෙකුට හැකි බවත්, හැමෝටම ආදර්ශයක් වීමට බැරි බවත්, එය ඉතා දුෂ්කර හා අමාරු කාර්යයක් බවත්, මිනිස්සු විශ්වාස කරන්නේ ආදර්ශයක් වුවහොත් පමණක් බවත්, රටට අවශ්‍ය එවැනි නායකයෙකු බවත් තමන්ගේ ඡුන්දය ලැබෙන්නේ එවැනි නායකයෙකුට පමණක් බවත් මුරලි එහිදී කියා තිබුණි..එම කතාවේදී ඒ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ෆුල්ටොස් පන්දුවක් යවන මුරලිදරන් ඇත්තම දුස්රාව යවා තිබුණේ සජිත් පේ‍්‍රමදාසට එරෙහිවය. ඒ ගැන ඔහු කියා තිබුණේ මෙවැන්නකි..රට වෙනුවෙන් මැරෙන්න හරි සූදානම් බව සමහර අය කියන බවත්, ඇයි ඔබ මැරෙන්නේ කියා තමන් අසන බවත්, මැරෙන කෙනාට රට පාලනය කිරීමේ වගකීමක් තියෙන බවත් ඔහු කියා ඇත. යමකු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් දෙන්න, මම මැරිලා හරි විකට් ගන්නම් කියා කීවොත් ඔහු මැරුණොත් විකට් ගන්නේ කවුදැයි ප‍්‍රශ්න කර ඇති මුරලිදරන් එය හරි ක‍්‍රමය නොවන බව කියා ඇත..නායකයෙකු වූ විට ස්මාට් විය යුතු බවත් උපදෙස් ගත යුතු බවත් හරි හෝ වැරදි වුව තීරණ ගත යුතු බවත් රටට අවශ්‍ය එවැනි නායකයෙකු බවත් ඔහු හදවතින්ම එවැනි නායකයෙකුට සහයෝගය දක්වන බවත් මුරදිලරන් එහිදී වැඩිදුරටත් කියා ඇත..එහිදී ඔහු නොකියා කියා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන බවය. ගෝඨාභයගේ වියත් මගට ඔහු පැමිණීමම ගෝඨාභයට සහයෝගය දීම හැර වෙනකක් නොවේ. එසේ පැමිණ වෙනකෙකුට සහයෝගය දෙන බව හෝ ගෝඨාභය විවේචනය කිරීම ඔහුට කළ නොහැකිය..මේ රටේ පුරවැසියකු වශයෙන් මැතිවරණයකදී ඕනෑම කෙනෙකුට සහයෝගය පළකිරීමේ අයිතිය හා නිදහස මුරලිදරන්ට ඇත. එය අප ප‍්‍රශ්න කරන්නේ නැත. අපගේ ප‍්‍රශ්න කිරීම වන්නේ මුරලිදරන්ට එවැනි අදහසක් පහළ වන්නේ ඕපපාතිකවද යන්නය. ඒ සඳහා ඔහුට කිසිදු පසුබිමක් තිබී නැතිද යන්නය..පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිටම බල දේශපාලනයත් සමඟ මුරලිදරන්ගේ නම ඇදී ඉස්මත්තට ආවද ඒවා යළි යටගියේ තොරතුරු මදිකම නිසාවෙන්ය..මේ කියන්නට යන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඔක්තෝබර් කුමන්ත‍්‍රණය සමයේ වතුකරයේ කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඇදීගිය සටන ආශ‍්‍රිත කතාවක් පිළිබඳවය..ගෝල්ෆේස් පිටියට දහස් ගණන් ආධාරකරුවන් රැුස්කර එහි සංවිධායකයන් මෙහෙයවන අවධියේ ඔවුන්ට පණිවිඩයක් ලැබී තිබුණි. ඒ මුත්තයියා මුරලිදරන්ගෙන්ය. පණිවිඩයෙන් කියා තිබුණේ වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීමේ ක‍්‍රමවේදයක් මුරලිදරන් සතුව පවතින බැවින් ඔහු හමුවන්නට එන ලෙසය. අරගලය ජයග‍්‍රහණයට සහය ලැබෙන්නේ කාගෙන්ද යන්න සංවිධායකන්ට ප‍්‍රශ්නයක් වන්නේ නැත. එමෙන්ම ඔවුන් එම සෑම අවස්ථාවක්ම උරගා බලනවා ඇත..එමනිසා රුපියල් 1000 වතු වැටුප් අරගලයේ සංවිධායකයන් තිදෙනෙකු පණිවිඩකරුවාගේ මඟ පෙන්වීම් අනුව මුරලි හමුවීමට ගොස් ඇත. ඒ කොල්ලූපිටියේ පිහිටු මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ශෂිදරන්ගේ නිවසටය. මේ තිදෙනා එම නිවසේදී මුරලිව හමුවී ඇත. එහිදී මුරලි කියා ඇත්තේ තේ මණ්ඩලයේ ඇති අරමුදලකින් මේ වතු කම්කරු වැටුප් ගෙවිය හැකි බවය. (සමහරවිට මුරලි අදහස් කරන්නට ඇත්තේ තේ ශක්ති අරමුදල විය හැකිය.* ඒත් එම අරමුදලේ මුදල් ලබාගැනීම වත්මන් පාලකයන්ට බැරි බව මුරලි කියා ඇත. ඔහු නොකියා කියා ඇත්තේ වත්මන් පාලකයන්ට කොන්දක් නැති බවය. ඒ නිසා දේශපාලන වෙනසක් විය යුතු බව ඔහු කියා ඇත. ඒ සඳහා මේ වතුකර විරෝධතාකරුවන්ට සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලෙසත්, ඒ මගින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත..මේ කථාබහ අතර එහි පැමිණ ඇත්තේ නාමල් රාජපක්ෂය. රුපියල් 1000 අරගලයේ සංවිධායකයන් එවැන්නක් කිසිසේත් බලාපොරොත්තු වී නැත. ඔවුන් වික්ෂිප්තභාවයට පත්වී ඇත. නාමල්ද සාකච්ඡුාවට මැදිහත් වෙමින් කියා ඇත්තේ මුරලි කී දෙයමය. දේශපාලන පක්ෂයක් ලෙස හෝ සංවිධානයන් ලෙස ඔවුන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ගේ ආණ්ඩුවකදී මේ ප‍්‍රශ්න විසඳන බව කියා ඇත..මුරලිගේ බල දේශපාලන සබඳතා එබඳුය. වියත් මග වැනි කථා ඉදිරියේදීත් අපට හමුවිය හැකිය. ඒ නිසාම එම කථාවලින් කවුරුත් අමන්දානන්දයට පත්විය යුතු නැත. දැනට මුරලි සම්බන්ධයෙන් එළිපිට අල්ලාගත හැකි ලෙස නැතත් ඔහුගේ මල්ලි මුත්තයියා ශෂිදරන්ට බල ව්‍යාපාරික කටයුතු ඇත. ඉන්දුනීසියාවෙන් ගෙන්වන කරුංකා ශ‍්‍රී ලංකා නිෂ්පාදන වශයෙන් හඳුන්වා ඉන්දු ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට යැවීමේ ජාවාරමේ එක් අයෙකු වූ 4එස් සමාගමේ අයිතිකරුවා මුත්තයියා ශෂිදරන්ය. මේ කරුංකා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන ලෙස වූ සහතිකය ශෂිදරන් ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පමණක් හිමිවී ඇති එකකි. එමෙන්ම මේ සඳහා ඉන්දුනීසියාවෙන් කරුංකා ගෙන්වීමේ වරමද හිමිව ඇත්තේ එම ව්‍යාපාරිකයන් පිරිසට පමණය. එය විවෘත අවකාශයක පැවති වෙළඳ කටයුත්තක් නොවීය. වරෙක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ගෙන ඒමේ රේගු පරීක්ෂණයකදී හෙළිවී තිබුණේ අදාල එතනෝල් ආනයනකරුට එම කටයුතු සඳහා මුදල් දී තිබුණේ මුත්තයියා ශෂිදරන් බවය..ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් නැතත් මෙවැනි ව්‍යාපාරික ගණුදෙනුවල සිටින පවුල්වල සාමාජිකයන්ට බල දේශපාලනය අවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. ඔවුන්ගේ සිවිල්කම යට ඇති ඇත්ත අප තේරුම් ගත යුතුය..ටම බල දේශපාලනයත් සමඟ මුරලිදරන්ගේ නම ඇදී ඉස්මත්තට ආවද ඒවා යළි යටගියේ තොරතුරු මදිකම නිසාවෙන්ය..මේ කියන්නට යන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඔක්තෝබර් කුමන්ත‍්‍රණය සමයේ වතුකරයේ කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඇදීගිය සටන ආශ‍්‍රිත කතාවක් පිළිබඳවය..ගෝල්ෆේස් පිටියට දහස් ගණන් ආධාරකරුවන් රැුස්කර එහි සංවිධායකයන් මෙහෙයවන අවධියේ ඔවුන්ට පණිවිඩයක් ලැබී තිබුණි. ඒ මුත්තයියා මුරලිදරන්ගෙන්ය. පණිවිඩයෙන් කියා තිබුණේ වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීමේ ක‍්‍රමවේදයක් මුරලිදරන් සතුව පවතින බැවින් ඔහු හමුවන්නට එන ලෙසය. අරගලය ජයග‍්‍රහණයට සහය ලැබෙන්නේ කාගෙන්ද යන්න සංවිධායකන්ට ප‍්‍රශ්නයක් වන්නේ නැත. එමෙන්ම ඔවුන් එම සෑම අවස්ථාවක්ම උරගා බලනවා ඇත..එමනිසා රුපියල් 1000 වතු වැටුප් අරගලයේ සංවිධායකයන් තිදෙනෙකු පණිවිඩකරුවාගේ මඟ පෙන්වීම් අනුව මුරලි හමුවීමට ගොස් ඇත. ඒ කොල්ලූපිටියේ පිහිටු මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ශෂිදරන්ගේ නිවසටය. මේ තිදෙනා එම නිවසේදී මුරලිව හමුවී ඇත. එහිදී මුරලි කියා ඇත්තේ තේ මණ්ඩලයේ ඇති අරමුදලකින් මේ වතු කම්කරු වැටුප් ගෙවිය හැකි බවය. (සමහරවිට මුරලි අදහස් කරන්නට ඇත්තේ තේ ශක්ති අරමුදල විය හැකිය.* ඒත් එම අරමුදලේ මුදල් ලබාගැනීම වත්මන් පාලකයන්ට බැරි බව මුරලි කියා ඇත. ඔහු නොකියා කියා ඇත්තේ වත්මන් පාලකයන්ට කොන්දක් නැති බවය. ඒ නිසා දේශපාලන වෙනසක් විය යුතු බව ඔහු කියා ඇත. ඒ සඳහා මේ වතුකර විරෝධතාකරුවන්ට සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලෙසත්, ඒ මගින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත..මේ කථාබහ අතර එහි පැමිණ ඇත්තේ නාමල් රාජපක්ෂය. රුපියල් 1000 අරගලයේ සංවිධායකයන් එවැන්නක් කිසිසේත් බලාපොරොත්තු වී නැත. ඔවුන් වික්ෂිප්තභාවයට පත්වී ඇත. නාමල්ද සාකච්ඡුාවට මැදිහත් වෙමින් කියා ඇත්තේ මුරලි කී දෙයමය. දේශපාලන පක්ෂයක් ලෙස හෝ සංවිධානයන් ලෙස ඔවුන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ගේ ආණ්ඩුවකදී මේ ප‍්‍රශ්න විසඳන බව කියා ඇත..මුරලිගේ බල දේශපාලන සබඳතා එබඳුය. වියත් මග වැනි කථා ඉදිරියේදීත් අපට හමුවිය හැකිය. ඒ නිසාම එම කථාවලින් කවුරුත් අමන්දානන්දයට පත්විය යුතු නැත. දැනට මුරලි සම්බන්ධයෙන් එළිපිට අල්ලාගත හැකි ලෙස නැතත් ඔහුගේ මල්ලි මුත්තයියා ශෂිදරන්ට බල ව්‍යාපාරික කටයුතු ඇත..ඉන්දුනීසියාවෙන් ගෙන්වන කරුංකා ශ‍්‍රී ලංකා නිෂ්පාදන වශයෙන් හඳුන්වා ඉන්දු ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට යැවීමේ ජාවාරමේ එක් අයෙකු වූ 4එස් සමාගමේ අයිතිකරුවා මුත්තයියා ශෂිදරන්ය. මේ කරුංකා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන ලෙස වූ සහතිකය ශෂිදරන් ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පමණක් හිමිවී ඇති එකකි. එමෙන්ම මේ සඳහා ඉන්දුනීසියාවෙන් කරුංකා ගෙන්වීමේ වරමද හිමිව ඇත්තේ එම ව්‍යාපාරිකයන් පිරිසට පමණය. එය විවෘත අවකාශයක පැවති වෙළඳ කටයුත්තක් නොවීය. වරෙක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ගෙන ඒමේ රේගු පරීක්ෂණයකදී හෙළිවී තිබුණේ අදාල එතනෝල් ආනයනකරුට එම කටයුතු සඳහා මුදල් දී තිබුණේ මුත්තයියා ශෂිදරන් බවය..ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් නැතත් මෙවැනි ව්‍යාපාරික ගණුදෙනුවල සිටින පවුල්වල සාමාජිකයන්ට බල දේශපාලනය අවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. ඔවුන්ගේ සිවිල්කම යට ඇති ඇත්ත අප තේරුම් ගත යුතුය..Tags.කරුංකා.මුත්තයියා මුරලිදරන්.රුපියල් 1000 වැටුප.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවසරේ හොඳම හින්දි චිත‍්‍රපටිය ආටිකල් 15.Next articleඒ තරුවට ගියොත්?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නිර්වින්දනය වූ ජන සමාජයක්අවධි කරන්නේ කෙසේ ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නිර්වින්දනය වූ ජන සමාජයක්.අවධි කරන්නේ කෙසේ ද?.By සරත් විජේසූරිය.February 8, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑ හතරකි. නිදහස ලද ලංකාව අද මහ කන්දක් මුඳුනේ තිබෙන තිරිංග බිඳුණ බර කරත්තයක් වැනිය. එහෙත් රටේ පාලකයා මෙවරත් නිදහස සමරමින් කටමැත දොඩවන බව අපි දනිමු. රටේ ජනතාවගෙන් බහුතරය පසු වන්නේ වත්මන් පාලනයෙන් නිදහස් වන්නේ කෙලෙස ද යන්න සම්බන්ධව අතීරණයක ය..වත්මන් පාලනය මැතිවරණයකින් වෙනස් කිරීමට රටේ බහුතර ජනතාව සූදානමිනි. එහෙත් ජනතාවට එය කළ හැකි ද?.තවත් පැත්තකින් කරුණු සලකා බලන විට රටට අත්ව තිබෙන ඉරණම ගැන යථාවබෝධයක් ජනතාවට තිබෙන්නේ ද? යන පැනයත් මතු වේ..එසේ නම් ජනතාවට රටට අත්ව තිබෙන ඉරණම අවබෝධ කර දෙන්නේ කෙසේ ද?, කොහොම ද යන ප්‍රශ්න මතු වේ..සබුද්ධික සමාජයක් ද?.ලංකාවේ අද තත්වය ගැන ජනතාවගේ අප්‍රසාදය පැහැදිලිය. එයින් ගම්‍ය වන්නේ ජනතාව සබුද්ධික බව ද? ජනතාව, විශේෂයෙන්ම මූලික අවශ්‍යතා සපුරා ගන්නට නොහැකිව මහමඟ රස්තියාදු වන ජනතාව ආණ්ඩුවට හා පාලකයන්ට බැණ වදින්නේ රටට අත්ව තිබෙන ඉරණම ගැන යථාවබෝධයකින් නොවේ යයි සිතේ. පාලකයන්ට බැණ වැදීමට මූලික හේතුව මූලික අවශ්‍යතා සපුරා ගන්නට නොහැකි වීම ය. මෙතුළ පවතින්නේ ලංකාවේ ඉරණම සම්බන්ධ නරකම තත්වයකි. එය නම් මැතිවරණයක් ළං වෙන විට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට පැලැස්තර අලවා තත්වය සමහන් කර ගන්නට පුළුවන් වීමය. එය තාවකාලිකය..අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ උදවියට වඩා, අධ්‍යාපනයක් නිසි ලෙස නොලද – නිසි ජීවන වෘත්තියක නිමග්න විය නොහැකි අසරණ පුරවැසියන් මැතිවරණයක දී තීරක සාධකය වේ. ඔවුන් මුසපත් කිරීමට හා ඔවුන්ගේ ඡන්දය කොල්ල කන්නට රාජපක්ෂවරු මැනවින් දනිති. ඒ සඳහා මුදල් පොම්ප කිරීමට තක්කඩි ජාවාරම්කාරයෝද සිටිති. එනමුත් බරපතළ ප්‍රශ්නයක් වෙනත් තැනක ඇත. එය නම් රටේ දැන උගත් ජනතාව නිසි ජීවන වෘත්තීන්හි නිරතව සිටින ජනතාව – ‘ඉහළ තලයේ වෘත්තිකයින්‘ නිර්වින්දනය වී සිටීමය..හාල් සේරුවක් නෑඹිලියකින් ගරන විට වැලි ගල් ටික වෙන් කළ හැකි ය. හාල් බුසලක් නෑඹිලියකින් ගරා වැලි ගල් ටික වෙන් කළ හැකි ද? ඉතා ඉක්මනින් නොහැකි වුණත් හැකි ය. එහෙත් එය නොහැකි වී ඇති බවකි ලංකාවේ දැන උගත් සමාජය කටයුතු කරන ස්වරූප විදහා පාන්නේ..රටේ මධ්‍යම පන්තිය නිර්වින්දනය වීමට අදාළ හේතු සාධක ද තිබේ. ඒ මොනවාද?.පළවෙනි හේතු සාධකය වන්නේ නීති ගරුක පුරවැසියෙකුටවත් කතා කිරීමේ නිදහස අහිමි කර තිබීම ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කතා කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති බව කියැවේ. එහෙත් හැබෑම තත්වය නම් කතා කළ හැක්කේ ‘දත් තිස් දෙකකට‘ මැදිව ය..රටේ සිදුවන විනාශකාරී දේවල් ගැන දන්නා – ඒවාට නිල වශයෙන් සහභාගිවන පුද්ගලයන් සමඟ කතා කරන විට උගුරට හොරා බේත් කෑමක නිරතව සිටින බව පෙනේ. ඇතමුන් විවෘතව පළ කර සිටින්නේ බිය යි. මේ විවිධ අවකාශයන්හි දැන උගත් පුද්ගලයන් කීප දෙනෙකු පැවසූ අදහස් ය..”මහ විනාශයක් කරා තමයි රට තල්ලු වෙන්නෙ. ඒත් ඉතින් අපි කටක් ඇරලා කතා කරන්නේ කොහොම ද?”.”ඇත්ත කිව්වොත් රක්සාව ඉවරයි, ඒ විතරක් නෙමේ ජීවිතයත් විශ්වාස නෑ.”.”කොන්ද කෙළින් තියාගෙන කතා කරපු අයට පුළුවන් වෙලා තියෙනව ද මේ සිස්ටම් එක පොඩ්ඩක් හරි වෙනස් කරන්න?”.”අපි කතා කළා කියමු, රක්සාව නැති කළොත් මොකද කරන්නෙ? අපි මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා කියමු. කොච්චර කාලයක් කොච්චර ධනයක් වැය කරන්න වෙනව ද?.එතකොට අපේ අඹුදරුවන්ට අත්වන ඉරණමට වග කියන්නෙ කවුරුන් ද?”.”මර්දනය – හිංසනය පාලකයන්ගෙ අතේ කෙවිටක් වෙලා තියෙන්නේ පුරවැසියන්ට යුක්තිය ඉටු නොවන නිසා. නොපමාව – නියමාකාරව යුක්තිය පසිඳලෙනවා නම් කවදාවත් දැන උගත් සමාජය නිවටව කට පියාගෙන ඉන්නෙ නෑ.”.ජන සමාජයක වග කිව යුතු පුරවැසියන් නිහඬ කිරීමට පාලකයන් අතට අසාමාන්‍ය අන්දමින් බලය ලැබුණේ යුද්ධයෙනි. ඒ බලය කොතරම් ද යත් යුද්ධයෙන් අනතුරුවත් දිගටම ඒ බලය, බලාත්මක ය. සාපරාධී මනුෂ්‍ය ඝාතන ගැන අපි දනිමු. ඒවාට යුක්තිය සාධාරණය ඉටු නොවුණේ හෝ නොවන්නේ ඇයි? දීර්ඝ නඩු විභාගයකින් දඬුවම් ලද පුද්ගලයෙකුට පාලකයාට නිදහස ලබා දෙන්නටත් – ඔහුට රජයේ ඉහළම පදවියක් ලබා දෙන්නටත් හැකි තත්වයක් නම් රටේ තිබෙන්නේ සමාජයක් නිර්වින්දනය නොවේ ද?.පිරිහුණු සංඝ සමාජය.ආණ්ඩුකරණයේ වැරදි – අදූරදර්ශී පිළිවෙත් – දූෂණ වංචා හරියාකාරව දන්නේ රජයේ උසස් නිලධාරීන්ය. අද ලංකාවේ අමාත්‍යාංශයක ලේකම්වරයාගේ සිට පොලිස් ස්ථානාධිපති දක්වා හැම තනතුරක්ම – පදවියක්ම දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි – අභිමත පරිදි උරුම වන හෝ උරුම නොවන බව පැහැදිලි සත්‍යයකි. එබැවින්, ඔවුන් හීන දීන වීම සොබාවය වේ. ඉහතින් සඳහන් කළ අන්දමට රැකියා බිය – මරණ බිය යනාදිය නිසා නිහඬව සිටින පිරිසක් ද යට කී ගොඩ ‘විශාල කරන‘ තත්වයකි රටේ තිබෙන්නේ. මේ යථාර්ථය වටහා නොගෙන ‘නීති තර්ක – කෙස් පැළෙන තර්ක‘ ඉදිරිපත් කිරීමේ පලක් නැත. ඒ ඇයි?.කිසිම ජීවිත අවදානමක් නැති – අඹු දරුවන් පෝෂණය කිරීමටත් නැති, ‘මහා සංඝරත්නයක්‘ රටේ සිටින බව අපි දනිමු. මේ මහා සංඝ රත්නය කොතරම් හීන දීන ද? ඊටත් වඩා අභාග්‍යය අවිචාරාත්මකව රට විපතට පත් කළ පුද්ගලයන්ට ගරු නම්බු නාම ප්‍රදානය කිරීම ය. ලංකාවේ පාලකයන් හොඳාකාරවම දන්නා සත්‍යයක් වන්නේ රටේ සංඝ සමාජය පිරිහී තිබෙන වග ය. තමන්ට අභිමත අන්දමට හසුරුවා ගත හැකි බව ය. වරදානවලට ගිජු බවය. රට වැසියන් විඳින දුක් ගැන අසංවේ දී බව ය. ඉතින් පාලකයාට සංඝ සංස්ථාවත් – අධිකරණයත් තමන්ට අභිමත අන්දමට හැසිර විය හැකි නම් ජන සමාජයක් නිර්වින්දනය වීම අරුමයක් නොවේ..රටේ බහුතර ජනතාවක් ආගම අදහනවා යනු, ඒ ජනතාව විසින් ආගම් නඩත්තු කිරීම සිදු කරනවා යන්නය. පන්සලකට ගොස් සිල් සමාදන් වීමට පවා මුදලක් වැය කළ යුතු තත්වයක් නිර්මාණය කර ඇත. ඒ වූ කලී කිසියම් අන්දමකට බදු අය කිරීමකි. විවිධ කටයුතු නිර්මාණය කරමින් අන්තිම දුගී උවැසියන්ගෙන් පවා මුදල් එකතු කිරීමකි කරන්නේ. එපමණක් ද? හිතේ හැටියට වළඳන්නට දන් පිළියෙල කර දෙන්නේ ද දායක දායිකාවන්ය. ආගම දහමින් කිසිම අවබෝධයක් නොලද දායක දායිකාවන් හිතේ හැටියට දන් දෙන්නේද ‘මහා පන්සල්‘වලට ය. දනක් නොලබන කුඩා පන්සල් ද රටේ ඇත. ඒ පන්සල් කුඩා වී තිබෙන්නේ, ඒවායේ භික්ෂූන් අසරණව සිටින්නේ කරුමය නිසාය, පින්වන්ත භික්ෂූන් වැඩ වාසය කරන්නේ ‘මහා පන්සල්වල‘ ය. ඉතින් මුග්ධ අදහස්වලින් මඬනා ලද දායක දායිකාවන්ටම සරිලන සංඝ සමාජයකි දැන් රටේ තිබෙන්නේ..සියල්ලටම වඩා බරපතළ අපරාධය වන්නේ ජාතිවාදය නඩත්තු කිරීමට බෞද්ධ භික්ෂුව කටයුතු කිරීමය. ‘සිංහල බෞද්ධ ආණ්ඩුවක්‘ හදන්නට පන්සල් – භික්ෂූන් කටයුතු කළේ අවිචාරාත්මක ලෙස ය. අසරණ දායක දායිකාවන් දක්කන ලද්දේ මිථ්‍යාවේ ගිල්වමිනි..අපි මෙසේ සිතමු..පාස්කු ප්‍රහාරය නිසා ජාතික ආරක්ෂාව ගැන සංඝ සංස්ථාව වගකීමක් හිසින් ගෙන ඒ අවස්ථාවේ කටයුතු කළා යයි සිතමු. එහෙත් අද වෙන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ යථාවබෝධයක් රටට – ලෝකයට ලැබී ඇත. සංඝ සංස්ථාව මුනිවත රකින්නේ ඇයි? මුනිවත රකිනවා පමණක් ද? ගරු නම්බු ප්‍රදානය කරමින් හැම වරදක්ම සාධාරණීකරණය කරන තත්වයකට පත්ව සිටියි. ඒ ඇයි?.අපි එයත් අමතක කරමු..රට කෑලිවලට විකුණන බවට – ජාතික සම්පත් විකුණන බවට – අවිචාරයෙන් රටට කී භික්ෂූන් අද සිදු වෙන කිසිවක් වෙනුවෙන් කතා නොකරන්නේ ඇයි? ජනතාව මහ මඟට ඇද දමා ඇති තත්වය නොදකින්නේ ඇයි? කප්පරක් බොරු කියා බලය මිට මොළවා ගෙන නඩු හබ හුස්ම නාල්ලා අහෝසි කර ගැනීම නොදකින්නේ ඇයි? කෙළවරක් නැතිව ජාවාරම්කාරයන් රටේ ධනය හා වස්තුව කොල්ලකෑම ගැන කටක් නොසොල්වන්නේ ඇයි? ඒ වෙනුවට පාලකයාගේ දෙපා ළඟට ගොස් ප්‍රශස්ති ගායනා කරන්නේ ඇයි?.ඉතින් ලංකාව අද පත්ව තිබෙන අවාසනාවන්ත තත්වයට වැඩියෙන්ම වගකිව යුත්තේ සංඝ සංස්ථාව නොවේ ද?.දැළි පිහියකින් ගහක් බිම දැමිය හැකි ද?.දැළි පිහියෙන් කළ හැකි වැඩ තිබේ. රැවුල බෑම – හිස බූ ගෑම – බෙල්ල කැපීම ද දැළි පිහියෙන් කළ හැකිය. එහෙත් දැළි පිහියෙන් ගසක් කපන්නට නොහැකිය..ආණ්ඩුවක් පරාභවයට පත්වන විට විපක්ෂය මුවහත් වීම සොබාවයයි. විපක්ෂය විවිධ තලවල පිහිටා ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරයි. ඇතමෙකු ප්‍රහාර එල්ල කරන්නේ අහිමි වුණ පුටුවේ යළි වාඩි වෙන්නටය. තවත් අය ප්‍රහාර එල්ල කරන්නේ විනාශය වටහා ගෙන ය. කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් වෙනසක් ඇති කළ හැකි නොවේ. එහෙම හිතනවා නම් එය දැළි පිහියෙන් ගහක් බිම දැමීමට හැකියයි සිතීම හා සමානවම මුග්ධ ය..දියෙහි ගිලෙන ඔරුවක සිරි නැරඹීම ද කළ යුත්තේ?.ඔරුව ගිලෙන්නට හේතු කාරණා පැහැදිලි කිරීම ද පළමුව කළ යුත්තේ?.කවර විපතකින් හෝ බේරෙන්නට නම් කොන්දේසි රහිතව – ‘සාමූහික බලයක්‘ ගොඩ නැඟිය යුතුම වේ..ලංකාව අවාසනාවන්ත රටක් බවට පත්ව තිබෙන්නේ ‘සාමූහික බලයක්‘ පිළිබඳ ඥානය ජන සමාජය තුළ නොතිබීම ය. කල දුටු කල වල ඉහ ගන්නට හැකි යයි සිතන නායකයන් මතු වෙන්නේ එබැවින්ය..වග වලසුන් පිරි – නයි පොළොඟුන් පිරි අඩවියකට සිහි බුද්ධිය ඇත්තෙකු තනිව යන්නේ නැත. අතපය පමණක් රැගෙන යන්නේ ද නැත..කවර විනාශයකින් හෝ බේරීම අවශ්‍ය නම් ‘කොන්දේසි රහිතව‘ ඒ වෙනුවෙන් එක් විය යුතුය. එහෙත් ඒ එක්වීම සිදු විය යුත්තේ පදනමක් මතය. පදනම නිර්මාණය කළ යුත්තේ ‘තමන්ට කුට්ටියක්‘ – තමන්ගේ මතය‘ යන පටු ආකල්පවලින් වියුක්තවය..ආණ්ඩුකරණය කරන්නේ කෙසේ ද? යන්න නිරවුල්ව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් පෙළ ගැසීමට ගෝඨාභය රාජපක්ෂ අත දිගහැර අවස්ථාව ලබා දුන්නේ දිව්රුම් දුන් දා සිටය. එහෙත් විපක්ෂයට අදාළ හැම පක්ෂයක්ම කළේ කරන්නේ ‘ගංවතුරේ‘ ඔරු පැදීම ය..යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් තනි පක්ෂයකට නිසි සැලැස්මක් තැනිය නොහැකිය. එමෙන්ම අන්තිම මොහොතේ සන්ධානගත වීම තුළින් ද යහපත් ආණ්ඩුකරණයකට මඟ හෙළි කර ගත නොහැකිය..රටට – ජනතාවට එසේත් නැතහොත්, විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට අත්ව තිබෙන ඉරණම සම්බන්ධයෙන් උගත් පාඩම් බොහෝ ඇත. කවුරුත් එක මේසයක වාඩි වී මේ උගත් පාඩම් යළි ආවර්ජනය කළ යුතුය. අරමුණ විය යුත්තේ යහපත් ආණ්ඩුකරණයකට ශක්තිමත්ව පෙළ ගැසීම විනා බලයේ අයිතිකාරයන් වීම නොවේ. එහිදී බලය අත්කර ගැනීම හා බලය අත් කර ගත් වහාම කළ යුතු බරපතළ ප්‍රතිසංස්කරණ වහාම – කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය නෛතික ව්‍යුහය සම්බන්ධ අවබෝධය ලැබිය යුතුය. අධිකරණ ක්ෂේත්‍රය තුළ මේ වෙනුවෙන් කැප වීමට නිසි ප්‍රාමාණිකයෝ සිටිති. ඇතමුන් රටින් පිට සිටියද රට වෙනුවෙන් සිය ඥානමය සම්පත ලබා දෙන්නට කැමති බව ද ඇත්තකි. එහෙත් ඒ කිසිවෙකු අයාලේ යන ගමනකට දායක වෙන්නට පා ඔසවන්නේ නැත. පළමුව කාටත් ‘සාමූහික ශක්තිය‘ පළ කර සිටිය යුතුය..ගැටලුව කොතන ද?.ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තීරණාත්මක අවකාශයක දී ඒ වෙනුවෙන් පෙර මං බලන්නට යම් අන්දමකට ‘චරිතයක්‘ විය. ප්‍රධාන පක්ෂ දෙක අතර බලය දෝලනය වන විට ද හැම විටම විපක්ෂය තුළ යම් නායකත්වයක් විය. එහෙත් අද තත්වය වෙනස්ය..අද මේසය මත තිබෙන බත බුදින්නට තිබෙන්නේ, මස් මාළු නොවේ. එළවළු ද නොවේ. බතක් ඇත. කුසගින්නද ඉහළ ය. රතු ලූණු ටිකක් – මිරිස් කරල් ටිකක් – ලුණු ටිකක් – පොල් ටිකක් – උම්මලකඩ ටිකක් – දෙහි ටිකක් ඇත. සමහර වර්ගයකින් ටිකක් වැඩියෙන් ද ඇත. මොළේ කල්පනා කළ යුතු දෙයක් ඇත. එය නම් බත බුදින්නට සම්බලයක් තනා ගැනීම ය..ඇතමුන් මෙසේ කියන්නට පුළුවන..”අපි ලෑස්ති නෑ කාගෙවත් සම්බෝලෙකට හවුල් වෙන්න”.”අපි තමයි ඉහළින් ඉන්න ඕනැ, අනික් අය අපට පහළින්, අපි යටතෙයි ඉන්න ඕනැ”.”අපියි දන්නෙ කරන හැටි, අපිට කරන්න දීලා අනික් අය පැත්තකට වෙන්න ඕනැ”.”පරණ පාරවල්වල යන්න අපි ලෑස්ති නෑ, අපි යන්නෙ අලුත් පාරක් හදාගෙන”.තවත් මත තිබිය හැකිය..තීරණයක් ගත යුත්තේ කුස ගින්නේ මැරෙනවා ද? පුළුවන් විදිහට බත බුදින්නට සම්බලයක් සාදා ගන්නවා ද? යන්න ය..මේ අදහස හාස්‍යයෙන් බැහැර කරන්නට හැකිය. පාපන්දුවක් සේ උඩ දමා පහර දෙන්නටත් මරු ය..එහෙත් කොටින්ම කිව යුත්තේ සාමූහිකව ගොඩ නැඟීම විනා තනි තනිව මියයාම තුළ විනාශය පවතින බව ය..පාරිශුද්ධ කවුරු ද?.ලංකාවේ ඉදිරි පෙළ කිසිම පක්ෂයක් පරම පිවිතුරු නැත. ඒ ඒ පක්ෂවල නායකයන් ද පරම පිවිතුරු නැත. අනෙක හැම පක්ෂයක්ම විවිධ ස්වරූපවල වැරදිවලට වගකිව යුතුය. මිනී මැරීමේ සිට හොරකම් කිරීම දක්වා වැරදි හැම පක්ෂයකම ගිණුම්වල ඇත. ඉන් යම් කාරණාවක් සම්බන්ධව වියුක්ත යම් පක්ෂයක් වේ නම් ඒ ආණ්ඩුකරණය නොකළ, ආණ්ඩුකරණයට දායක නොවුණ පක්ෂයකි..ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ළඟක නොව ඈතක ද පරමාදර්ශී චරිතයක් නැත. තම තමන් පරමාදර්ශී යයි සිතුවාට එය යථාර්ථයක් නොවේ..ප්‍රධාන හැම පක්ෂයකම ‘චරිත සහතික‘වල දුබල – නරක වැකි ලියැවී තිබේ. එසේ නම් අතීතයේ පෙට්ටම්ගම් කිසිම පක්ෂයක්, තමන් පාරිශුද්ධය යන අනුවණ අදහසක පිහිටා විවර කළ යුතු නැත..බරපතළ සමාජ විරෝධී වැඩ කළ පුද්ගලයෙකුගේ දරුවෙකු ලෝකයට වඩාත් යහපත් දේ නිර්මාණය කළ කෙනකු ලෙස හඳුනා ගන්නට අපට පුළුවන. ලෝකයට අසිරිමත් බලපෑමක් කළ ස්ටීව් ජොබ්ස්ගේ චරිත කතාව කියවන විට පසක් වන්නේ අතීත වැරදි – සමාජ විරෝධී වැඩ ඔහු කොතරම් කර තිබේ ද යන්නය. එහෙත් වැදගත්ම දේ වන්නේ ඔහු, ඔහුට ප්‍රථමව අවංක වීමය..අවමඟුලක් සිද්ධ වෙන්නට නියමිතය. ඊට කලින් මාරු වී යනවා ද?.මරණයට පත් වන පුද්ගලයාට පණ දෙන්නට බැරිය, ඒත් වළලා දැමීම හෝ එකතුව කළ යුතු නොවේ ද, එය නොකළහොත් මිනී කුණු ගඳ දැනෙන්නේ ඒ පුද්ගලයාගේ උදවියට පමණක් නොවේ..ලංකාවේ මිනිස්සු කොන්දේසි රහිතව මළගෙදර යන්නෝ වෙති. මළගෙදර අකමැත්තෙන් ගිය උදවිය පුදුමාකාර හිතවන්තකම් පවත්වන්නන් බවට ද පත් වෙති. වළ දැමූ මිනිය ගොඩගෙන ආරෝවන් පිරිමහ ගන්නේ නැත. සිහියෙන් – අවධියෙන් වෙනස් වී ඉදිරි ගමනක යාම සිරිතය..අප ජීවත් වන්නේ නිර්වින්දනයට ලක් වුණ ජන සමාජයකය. ඒ ජන සමාජය තනි තනිව අවධි කළ නොහැකිම ය..සිහින පෙනුණාට කමක් නැත, බලෙන් සිහින දකින්නට කල්පනා නොකළ යුතුය..තවත් කල් මරන තැනක නම් අප ඉන්නේ, පාරිශුද්ධතාව – පරමාදර්ශී බව සම්බන්ධයෙන් ‘පොරොන්දම් ගැළපීම‘ නවත්වා යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් එක මේසයක වාඩි විය යුතුය. මුලසුන ගන්නට සිටින කිසි කෙනෙකු සුදුසු නැත්නම් සියලු දෙනාගේ එකඟත්වයෙන් සුදුස්සෙකු පත් කර ගත යුතුය. සිරිසේනලා නොවන අය ලංකාවේ ඇත්තේම නැද්ද?.පාරිශුද්ධ උන්මාදයෙන් පෙර මං බලන කවුරුන් වුව හෙට දවසේ කරන්නේ විනාශයේ මුව විටට තල්ලුව තිබෙන රට පහළට පෙරළීමය. කන්ද මුඳුනේ තිබෙන තිරිංග රහිත බර කරත්තය මුග්ධව – උඬඟුව පල්ලමට තල්ලු කර දැමීම ය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article43 සේනාංකයෙන්.සලකා බැලීම වටින සැලැස්මක්.Next articleබෙහෙත් නැතිවුණොත් කොරෝනා මරණවලට වැඩිය.මරණ සිදුවිය හැකියි.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර.රාජිත සේනාරත්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
..ඒ මගේ නංගි – දිලිනිගේ අයියාට කියන්නට තිබෙන කතාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ...ඒ මගේ නංගි – දිලිනිගේ අයියාට කියන්නට තිබෙන කතාව.By කේ ඩබ්ලිව් ජනරංජන.March 15, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.‘අපි හිටියේ තුන්දෙනයි. මමයි අම්මායි නංගියි විතරයි. 2002දී තාත්තා නැතිවුණේ. තාත්තා විශේෂ වැඩක් කළේ නැහැ. ගොවිතැන් කටයුතු, කම්කරු වැඩ කළේ.’.ප්‍රභාත් කතාකරන්නට පටන්ගත්තේ එහෙමය. ඔහු හිඳ සිටියේ සෝපාව කෙළවරකට වන්නටය. සෝපාව පසෙක බිම නැගණියගේ විශාල ඡායාරූපයක් තබා තිබිණ. නැගණිය, දිලිනි යසෝමා ජයසූරියය. දැන් කවුරුත් දන්නා පරිදි හංවැල්ල ලැගුම් හලක් තුළදි ගාතනයට ලක්වුණේ ඇයයි. මේ වන විට ඇගේ සිරුර මිහිදන් කොට හමාරය..ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මවාගත් ගරුගම්භිරත්වයෙන් අංශුමාත්‍රයක්වත් ඔහුගෙන් පෙනුණේ නැත. ඔහු හැම අතින්ම සාමාන්‍ය විය. නැගණියගේ මරණය පිළිබඳ වික්‍ෂිප්තය ඔහු දැඩි ලෙස පීඩාවට පත්කර ඇති බව නම් පෙනිණි..තෙප්පනාව, කොළඹ රත්නපුර මාර්ගයේ කුරුවිටට ටිකක් මෙහායින් දකුණු පැත්තට හැරී කිලෝමීටර් හතරක් විතර ගිය විට හමුවන, නිහඬ ගම්මානයකි. ප්‍රභාත්ගේ නිවෙස තිබුණේ, තෙප්පනාව ගමේ මනනන්දනාරාම විහාරය අසලින් යන මාවතෙන් තවත් පටු කොන්ක්‍රීට් පාරකට හැරී ගිය විට පාර අයිනේමය. කොන්ක්‍රීට් ගල්වලින් බැඳ තිබුණු අසම්පූර්ණ නිවසේ ජනෙල් වසා තිබුණේ රෙදිවලිනි. කවදාක හෝ ටයිල් අල්ලන්නට හැකිවෙතැයි සිතා බිමට රළුවට කොන්ක්‍රීට් දමා තිබිණ. බිමට කළුවර පාත්වෙන්නට පටන් ගන්නා ඒ මොහොත වන විට, ගමේ හිතවත්හු කීපදෙනෙක් ගෙදර පිලේ වාඩිවී කතාකරමින් සිටියෝය. තවත් එකිනෙකා ආවෝය. ගියෝය..අප කතාකරන ඉරිදා සවස වන විට, දිලිනිගේ දේහය ඔවුන්ට බාරදී නොතිබිණි. මවගේ හා ප්‍රභාත්ගේ සාම්පල ලබාගෙන තිබුණත්, ඩීඑන්ඒ මළසිරුරේ ඩීඑන්ඒ සමග සැසඳුම් වාර්තා ලැබී තිබුණේ නැත. ඒ නිසා පශ්චාත් මරණ පරීක්‍ෂණයද කර තිබුණේ නැත..ප්‍රභාත් ජයසූරිය, කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකි. මෙතැන් සිට නැගණිය ගැන ප්‍රභාත්ගේ කතාව කියන්නට ඉඩ දෙමු..‘නංගි ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට විතරයි. තෙප්පනාවෙ කුමාර මහා විද්‍යාලයේ. ඊට පස්සේ අවිස්සාවේල්ලේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඊට පස්සේ ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ වැඩ කළා..ඉගෙනීමෙන් පස්සේ මම කොළඹ ආයතන කීපයක වැඩ කරලා 2014න් පස්සේ දේශපාලන වැඩවලට සම්බන්ධ වුණා..ඉස්කෝලෙ යන කාලෙ ඉඳලාම මම තරුණ සේවා සභාවත්, ඇඩික් (මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) එකත් එක්කත් වැඩ කළා. රැකියාව කළත් නංගි මා එක්ක ඒ වැඩකටයුතුවලත් නිරතවුණා. මට හැඟෙන විදියට සහ දැනෙන විදියට එයා ඒ පැත්තෙන් මටත් වඩා ඉස්සරහට ගියා. මේ සිද්දියත් එක්ක ගමේ විතරක් නෙවෙයි, ලංකාව පුරාම අය මගේ නම්බර් එක හොයාගෙන කතාකරලා නංගි ගැන අහනවා, කියනවා. මම දේශපාලනය කළාට මේ කුරුවිට, රත්නපුර විතරයි. ඒත්, එයාට මට වඩා වපසරියක් තිබුණා. එයා තරුණ තරුණියන් එක්ක වැඩිහිටියන් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කළා..මෙහේ ගංවතුරට හැම තිස්සෙම අහුවෙන ප්‍රදේශයක්. අවුරුද්දකට දෙපාරක්වත් වතුර දානවා. මෙහේ යටවෙනවා. තෙප්පනාව ගම වටේට මායිම හැටියට තියෙන්නේ කුරු ගඟ. ගංවතුර ගැලුවාම, ‘අපි මිනිසුන්ට උදව් කරන්න ඕනෑ, පුළුවන් දෙයක් කරන්න’ කියලා හැම තැනම ඉන්න යාළුවන්ට කතාකරලා නංගි උදව් ඉල්ලා ගන්නවා. 2017දී මහගංවතුර ආපු වෙලාවේ නුවර බදුල්ල හම්බන්තොට වගේ පැතිවලිනුත් එයා මිනිසුන්ට ආධාර එකතුකර ගත්තා. දේශපාලනය කළාට මටවත් ඒ වගේ වැඩක් තෙප්පනාවට කරගන්න බැහැ..ඇඩික් එකත් එක්ක, යෞවන සමාජ එක්ක තියෙන සම්බන්ධතාව උඩ විශාල වැඩ එයා කොටසක් කළා. යෞවන සමාජ මෙහෙ බලමණ්ඩලේට ගිහින්, දිස්ත්‍රික් සංගමය නියෝජනය කරලා ජාතික මණ්ඩලේට යනකං එයා ඉහළට ලියා. තරුණ සේවා සභාවේ හිටපු එරන්ද වැලිඅංග සර්ත් එක්ක එහෙම හරිම හිතවත්. ලංකාව පුරාම එයාට යාළුවො හිටියා..වයස 30යි. ඒත් වයසට වඩා නංගිට තිබුණා හොඳ නායකත්ව ලක්‍ෂණයක්. යම් කිසි දෙයක් කරන්න කියලා පැවරුවොත් ඒක සම්පූර්ණයෙන්ම කරනවා. මේ දේ මම කරන්න ඕනෑ හිතුණොත් ඒ දේ කරනවා. ඒ ලක්‍ෂණය නිසා තමයි මම හිතන්නේ රට පුරා එයාට යාළුවො හිටියේ. ඒ වගේම අසාධාරණය පෙන්නන්න බැහැ. දේශපාලනය කරද්දි මට අවුලක් ආවොත් මම ගණං ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා වුණාට එයා එහෙම නැහැ. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ කියලා ඕන කෙනෙකුට මූණටම කියනවා. ගෑනු ළමයෙක් වුණාට කොල්ලෙක් වගේ තමයි හැසිරුණේ. ආත්ම ශක්තිය කියන එක හොඳටම තිබුණා. කවුරු මොන දේ කිව්වත් එයාට ඕන දේ කරනවා. ඒ ලක්‍ෂණ එයාට උපතින්ම ආපු දෙයක්. ගමේ අය වුණත් කියන්නේ මම ඉන්න විදියයි එයා ඉන්න විදියයි වෙනස් කියලා. මම නෝමල් එකේ ඉන්නේ. සමහර අය කියනවා, උඹ ඡන්දෙ ඉල්ලන්නේ නැතිව නංගි ඉල්ලුවානං හොඳයි කියලා..ඉස්කෝල යන කාලෙ ශිෂ්‍ය නායක තනතුරු දැරුවා. තූර්යවාදක කණ්ඩායමේ නායිකාව වුණා. ක්‍රීඩාවලට ඉතාම දක්‍ෂයි. මලල ක්‍රීඩා ඇතුළු බොහෝ ක්‍රීඩා කළා. මුලින්ම සීතාවක කාර්මික කලාපයේ හයිඩ්‍රාමනී ආයතනයේ වැඩ කරද්දී කාන්තා ක්‍රිකට් කණ්ඩායමේත් හිටියා. ඒ ආයතනයේ අවුරුදු පහක් සේවය කළා. අවුරුදු දෙකහමාර තුන වෙද්දී අවුරුදු පහේදී හයේදී ලැබෙන්න ඕන උසස්වීම් පවා ලැබුණා. ඊට පස්සේ ආර්පිකෝ ඉන්ෂුවරන්ස් එකේ. මම දේශපාලනේට ආවාම රැකියාවෙන් අයින් වෙලා දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. දිගටම එහෙමයි හිටියේ. නමුත් එයා දේශපාලනේට අවතීර්ණ වෙන්න හිතුවේ නැහැ. මට ශක්තියක් වෙමින් වැඩ කරන්නයි වුවමනාව තිබුණේ. මට වැඩිය අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයනුත් එක්ක එයායි සම්බන්ධ වෙලා වැඩ කළේ. මම ලියුමක් දීලා, සර් මැඩම් කියලා කතාකළාට එයා එහෙම නැහැ. එයාට ලියුම් නැහැ. කෙලින්ම මන්ත්‍රීතුමා ඇමතිතුමා හමුවෙලා මේක කෙරෙන්න ඕනෑ වැඩක්, කොහොම හරි කරලා දෙන්න කියලා තමයි කිව්වේ. දේශපාලනඥයන්ට වුණත් කියන්න ඒන දේ මූණටම කියනවා. හැබැයි පස්සේ හිතේ තියාගෙන ඉන්නෙත් නැහැ..ගෙදර හිටියේ එයායි මායි. සහෝදරයා හැටියට මට ගෞරවය තිබුණා. අයියා කියලා බයකුත් තිබුණා. ඒත් විහිළු තහළුවෙන් ඉන්න ගති පැවතුම් තිබුණා. වරදක් පෙන්නලා දුන්නා වුණත්, පස්සේ අයියේ කියලා සාමාන්‍ය විදියට කතා කළා. අම්මාට උදව් කරගෙන ගෙදරදොරේ වැඩ ටිකත් කරගෙන හිටියේ. මගේත් අම්මාගේත් ඇඳුම් ටික වුණත් හේදුවෙ එයා. ගේ ඇතුළේ වැලි කැටයක්වත් පෑගෙන්න බැහැ. පිරිසිදුකම පිළිවෙළ වුවමනායි..වටේ පිටේ මිනිසුන්ගේ කුඹුරු වැඩවලට උදව් වෙනවා. කෑම හදනවා. කෑම අරගෙන කුඹුරට යනවා. ශ්‍රමදාන කටයුත්තකදී වුණත් මට යන්න බැරි නං යන්නේ එයා..පොලිසිය පරීක්‍ෂණ පැත්තෙන් කළ දේවල් ගැන මම සෑහීමට පත්වෙනවා. පොඩි කාලයක් තුළ ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයාගෙන ඇත්තටම එයාලා හොඳට වැඩ කළා..මුල් අවස්ථාවෙ මාධ්‍ය හැසිරීම නෙවෙයි දවස දෙක යද්දී තිබුණේ. ඒක වෙනස් වෙන්න ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පැත්තෙන්. එක එක්කෙනා කියන දේවල් මිසක මම මේ වන තෙක් ෆෝන් එකවත් බැලුවේ නැහැ ඒ කියන දේවල් අහලා බලන්න බැරි හින්දා. මට කීපදෙනක් කතාකළා. නංගිගෙ යාළුවො පවා. ‘අයියෙ මෙහෙම දෙයක් වෙනවා, නංගිටයි ඔයාලටයි අපහාස වෙන විදියට තමයි සිද්දවෙන්නේ. අනෙක් පුද්ගලයා (දිවි නසාගත්) ලියපු ලිපිය සහ අනික් කීප දෙනෙක් කිව්ව දේවල් උඩයි ඒක වෙන්නේ’ කියලා ඔවුන් කිව්වා..ඊයේත් ටීවී චැනල් එකක මල්ලි කෙනෙක් ආවා. ඇත්තටම කිව්වොත් මම එයාට බැන්නා. මම අපේ නංගි හරි කියන්නෙත් නෑ, කවුරුවත් වැරදියි කියන්නෙත් නෑ. මොකක් හරි දෙයක් ඇතිනේ මෙවැනි සිදුවීමක් වෙන්න. මම එයාලාට කිව්වේ ඒකයි, නමුත් මේක මිනිමැරුමක්. ඒක සාධාරණීකරණය කරන්න හදන්න එපා. මට නංගි නැතිවුණා. ඒකේ වේදනාව මටයි පවුලෙ අයටයි තියෙනවා. නමුත් මේ සිද්දියෙන් මේ වගේ දේවල් නවතින්න ඕනෑනෙ. ආයෙත් මේ වගේ සිද්ධියක් රටේ සිදුවෙන්න දෙන්න හොඳ නැහැ කියන එක හිතලා මාධ්‍ය හැසිරෙන්න ඕනෑ..මගේ නංගිගෙ තොරතුරු හොයනවා. ඉස්සර ඉඳලා තිබිච්ච ආදර සම්බන්ධතා හොයනවා. ආගිය තැන් හොයනවා. අර පුද්ගලයා ලියපු ලිපිය හරහා කරුණු අරගෙන ලියනවා, කියනවා. ඒක ඒකපාර්ශ්වික ලියුමක්නේ. මිනිමැරුම කළාට පස්සේ ලියපු එකක්. ඒ වගේම එයා මැරෙන්න බලාගෙන ලියපු එකක්. ඒකේ එයාට ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ‘මට ගහන්න ආවා. මාව මරන්න කට්ටියක් අරගෙන ආවා’ කියලා ඒකේ ලියලා තිබුණත් නංගිත් ඒවාට වගකියන්න ඕනෑද? ඒකේ තියෙන දේවල්වලට උත්තර දෙන්න ඒ පුද්ගලයාත් දැන් නැහැ. ඉතින්, ඒක පාවිච්චි කරලා නංගි ගැන ලියන කියන එක වැරදියිනේ. උත්තර දෙන්න දැන් නංගිත් නැහැ..මම නං හිතන්නේ නංගිගේ චරිතෙවත්, ඒ පුද්ගලයාගේ චරිතෙවත් ගැන මාධ්‍ය හොයන එකේ වැඩක් නැහැ. ඒත් විමර්ශනවලට සහායක් දෙන්න පුළුවන් නම් ඒකයි වටිනාම දේ. ඒක ඒ දෙන්නාටම කරන හොඳක් හැටියටයි මම දකින්නේ. අපේ මරණය මාකට් කරන එක හරි නැහැ. ඒකයි මම ඒ චැනල් එකේ මල්ලිට කිව්වේ. එයා මට කිව්වේ අනේ අයියෙ අපිට එහෙන් කියන දේවල් තමයි කරන්නේ. අයියා කියන එක ඇත්ත. අපිටත් නංගිලා ඉන්නවා වගේ කතාවක්. එයා මට කිව්වේ, ‘මිනිමැරුම සාධාරණීකරණය කරන විදියේ වැඩක් මාධ්‍යවල යනවා. ඒ ගැන වොයිස් කට් දෙන්න’ කියලා. මම කිව්වා, ‘ඒක ඇත්ත මල්ලි, මේ දවස් පහම ඔයාලා කළේ ඒකනේ. ඒ දවස් පහේම නංගිගේ පැත්තට කුණු ටික දාලා දාලා දැන් නේ අනිත් පැත්ත කතාකරන්න එන්නේ. දැනුයි අපෙන් ඇවිල්ලා අහන්නේ. මේ වෙනකොට ගහලා ඉවරයිනේ. ඒවා මිනිසුන්ගේ ඔළුවට ගියාට පස්සේ ආපස්සට හරවන්න බැහැනේ. අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වත් වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි.’ කියලා..තාත්තාගේ නංගි ඊයෙ ආවා මෙහෙ. එයාලගෙ ගෙදරට කවුරු හරි පත්තර ගෙනත් දාලා ගිහින් තියෙනවා. මුල් පිටුවේ හෙඩ්ලයින් එකම ගිය ඒවා. ඒ මිනිස්සු වයසයි. මානසිකව එයාලාටත් මේවා බලපානවානේ..අපේ නංගිගෙ පැත්තෙන් කතාකළේ නැහැ. ඒක මාධ්‍යවල, විශේෂයෙන් සමාජ මාධ්‍ය කළ ලොකු වරදක්..නංගිගෙ සිරුර අඳුනගන්න අපි කොළඹ යන බදාදා දවසෙ උදේ පත්තරවල ගිහින් තිබුණා මමයි අම්මායි නංගිගේ සිරුර හඳුනාගත්තා කියලා. අපි හිටියේ කොළඹ යන ගමන් අතරමග නවගමුවේ. මගේ යාළුවො ටීවී බලලා කතාකරලා අහනවා මගදි, ඇත්තටම ඔයාගේ නංගිද, ඔයාලා අඳුනගත්තාද කියලා. ඒත් අපි මග හිටියේ..අද ප්‍රධාන පත්තරේක දාලා තියෙනවාලු නංගිට කොහෙද රටකත් පෙම්වතෙක් හිටියා කියලා. ඉතින් ඒවා ටීවි එකේත් කියවනවා. කියලා තියෙන්නේ රුසියාවෙ පෙම්වතායි මෙහෙ පෙම්වතායි කියලා. හොඳයි, තොරතුරක් හම්බ වුණා කියමුකො. වගකීමක් තියෙන කෙනෙක් ඒක දාන්නේ නැහැනේ එක පාරට. අපෙනුත් අහන්න එපැයි. එහෙමවත් කරන්නෙ නැහැ කියන්නේ මාධ්‍ය සදාචාරයක් නැහැ කියන එකනේ. ඒක තමයි අවුල තියෙන්නේ මෙතන. ඒ අයට හිතු හිතු දේ ලියනවා. කියනවා. එහෙම වෙන්න හොඳ නෑ. සමහර පත්තරවල නංගිගෙ නමවත් වයසවත් හරියට ලිව්වේ නැහැ. ගමේ නමවත් හරියට ලිව්වේ නැහැ. තෙප්පාගම කියලා ලියනවා. ඒ තරම් නොසැලකිල්ලකින් තමයි කොළඹ ඉඳලා ලියන්නේ. ඔය මාධ්‍ය ආයතනවල අයට අඩු ගානේ කෝල් එකක් දීලා අපිට කතා කරන්න පුළුවන්නේ. විමර්ශන කරන වේල්ල වීදියේ පොලිසියේ මගේ නොම්මරේ තියෙනවානේ..මාධ්‍යවලින් පෙන්නුවේ නංගිගෙ චරිතෙ අවුල් කියලා. එයාට මෙහෙම කොල්ලො හිටියා කියලා. ඇත්තටම එහෙම හැසිරීමක් අපි දැකලා නැහැ. ටෙලිෆෝන් කෝල් එකකට වුණත් උත්තර දෙන්නේ අපි අතරෙදිමයි. පැත්තකට ගිහින් කුටු කුටු ගාන සිරිතක් තිබුණේ නැහැ. අපිට කිසි සැකයක් තිබුණේ නැත්තෙත් ඒ නිසායි. එයාට රෑට පොස්ටර් ගහන්න තිබුණොත් කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් කතාකරගෙන ගහන්න යනවා. එහෙම සමාජශීලි කාටවත් බය නැති කෙනෙක් එයා. අඩු ගණනේ ඒ ගුණේටවත් දක්‍ෂකම්වලටවත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑනේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමානව හිමිකම් රේඩාර් එකට ලංකාව දැම්මේ මහින්දයි වාසුයි – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු.Next articleමිනිස් රූපය හා මිනිස් අවතාර – සමීර කළුපහනගේ දෘශ්‍ය කලාව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අපිට වැඩ කළ අයට කුලපතිකම් දීම සහඅපිට වැඩ කළ අය එල්ලුම්ගහෙන් නිදහස් කිරීම හෙවත්සිස්ටම් චේන්ජ් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපිට වැඩ කළ අයට කුලපතිකම් දීම සහ.අපිට වැඩ කළ අය එල්ලුම්ගහෙන් නිදහස් කිරීම හෙවත්.සිස්ටම් චේන්ජ්.By ගාමිණි වියන්ගොඩ.November 16, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.ගෝඨාභය රාජපක්ෂගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ, ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් කෙනෙකි. එනම්, හිත හොඳ චණ්ඩියෙකි. ඔහු තමාව ජනතාව අතරේ ප්‍රක්ෂේපණය කොට තිබුණේද එසේ ය. එවැනි අපේක්ෂාවකට පිටුබලය දුන් අතීත සුදු වෑන් සංස්කෘතියකුත් පැත්තකින් තිබුණි..ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කොට තිබේ. විශ්වවිද්‍යාල ධුරාවලියේ බලවතා වන්නේ උපකුලපතිවරයා මිස කුලපතිවරයා නොවේ. උපකුලපති තනතුරට කෙනෙකු තෝරාගනු ලබන්නේ විශ්වවිද්‍යාල ක්‍රමය තුළම පවතින යාන්ත්‍රණයක් ඔස්සේ ය. එහෙත් කුලපති තනතුර එසේ නොවේ. රාජ්‍යයේ ප්‍රධානියා විසින් කරනු ලබන ඒ පත්වීම, විශ්වවිද්‍යාලය නමැති ආයතනයේ ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍ර වීමට තරම් වටනේය යන සාධකයත් සැලකිල්ලට ගෙන සිදු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය, හුදෙක් සම්මානිත තනතුරක් මිස විධායක තනතුරක් නොවේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඒ තනතුරට පත්කිරීම,.ගලගොඩඅත්තේ ඥානසාර හෝ පිටකොටුවේ භික්ෂුව පත්කරනවාට වඩා හොඳ ය. සිදුවිය නොහැකි දෙයක් තවදුරටත් ඉතිරිව නැතැයි යන අවබෝධය අනුව බැලුවොත්, දැන් අප සැලකිල්ලට ගත යුත්තේ, පත්කළ පුද්ගලයාට වඩා, ඒ පුද්ගලයා පත්කිරීම සඳහා දෙන ලද හේතුවාචකයයි. රාජ්‍ය චින්තනයේ ස්වභාවය සැඟව ඇත්තේ එතැන බැවිනි. ජනාධිපතිවරයා එය විස්තර කරමින් කීවේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගිය වාරයේ තමන්ටත්, ඊට කලින් තමන්ගේ වැඩිමහල් සහෝදරයාටත් උපකාර කළ නිසා මේ ප්‍රත්‍යුපකාරය කළ බවයි..පවතින ක්‍රමය වෙනස් කිරීම හෙවත් “සිස්ටම් චේන්ජ්” ගැන, මේ ජනාධිපතිවරයා තරම් වෙන කිසි ජනාධිපතිවරයෙකු කතා කොට නැතැයි සිතමි. යම් කාලයක් ඇමරිකාවේ ජීවත්ව සිටි නිසා, “සිස්ටම් චේන්ජ්” යනුවෙන් ඔහු අදහස් කරන්නේ හොඳ දෙයක් විය යුතු යැයි බොහෝ දෙනා සිතූහ..ක්‍රමය යනු.‘ක්‍රමය’ වෙනස් කිරීම පිළිබඳ කතාබහ ඇති වී දීර්ඝ කාලයකි. ‘ක්‍රමය’ යනුවෙන් ඉස්සර අදහස් කෙරුණේ, ධනපති ක්‍රමය සහ සමාජවාදී ක්‍රමයයි. ඉතිං, ධනපති ක්‍රමය වෙනුවට සමාජවාදී ක්‍රමයක් ඇති කිරීමට නම්, ධනපති ක්‍රමයේ මෙවලම්වල වහලුන් නොවී, ඒ ක්‍රමයට පිටස්තර මෙවලම් පාවිච්චියට ගත යුතු බවට එදා අදහසක් තිබුණි. උදාහරණයක් වශයෙන්, ධනපති ක්‍රමය වෙනස් කළ හැක්කේ ඡන්දය නමැති මෙවලම හරහා නොව, විප්ලවය නමැති මෙවලම හරහා ය ආදි වශයෙනි..මේ මතය අද බැහැර කෙරේ. එහෙත් එවැනි මතයක් ඇති වුණේ ඇයිද යන්න සොයා බැලීමේදී අපට හමුවන්නේ මෙවැනි අදහසකි. මැතිවරණයක් හරහා බලයට පත්වන පාලක පංතිය හෝ කණ්ඩායම, තමන්ව බලයට පත් කළ ජනතාවගේ සහ සමාජ කොටස්වල ඕනෑඑපාකම්වලට යට වීමට නියමිත ය. එහෙත් (නිර්ධන) පංතියක් විසින් බලහත්කාරයෙන් (විප්ලවයෙන්) බලය අල්ලාගත් විට, ඒ පංතියේ බලය මූලික කරගත්, සපුරා වෙනස් සමාජ සහ ආර්ථික ‘ක්‍රමයක්’ නිර්මාණය කළ හැකි වන්නේය. කෙසේ වෙතත්, ලෝකයේ තැන් තැන්වල දැනට විසිරී සිටින සීමිත මාක්ස්වාදීන් පිරිසක් මිස පොදුවේ ලෝකය පුරා සිටින නූතන මාක්ස්වාදී බහුතරය අද මේ මතය පිළිගන්නේ නැත. ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ වුව අද විප්ලවයක් ගැන කතා නොකරන්නේ එබැවිනි..එසේ නම් අප තේරුම්ගත යුතුව ඇති දෙය මෙයයි: ‘ක්‍රමයේ වෙනසක්’ යනුවෙන් ලංකාවේ හුදී ජනයා අද අදහස් කරන්නේ, “ක්‍රමය තුළ” වෙනසක් බව ය. එනම්, මේ ධනපති ක්‍රමය තුළම සිදු කෙරෙන, සමාජ හිතකාමී සහ දෑහිතකාමී වෙනසක් ය. ලෙනින් සහ මාඕ සේතුං වෙනුවට, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සහ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ගැන බොහෝ දෙනාගේ සිහියට එන්නේ එබැවිනි. එසේ වෙතත් ඒ නම් හතර තුළම, බලහත්කාරය සහ අධිකාරීභාවයත්, හිංසනයත් අඩංගුව තිබේ. ඉතිං, ඊට වෙනස්, සමාජ හිතකාමී සහ දෑහිතකාමී වෙනසක්, ඊට වෙනස් මාදිලියකින්, ධනපති ක්‍රමය තුළින්ම සිදු කළ හැකි බවත් ලෝකයේ තවත් තැන්වල මේ වන විට පෙන්වා දී තිබේ. එය, දළ වශයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් සහිත ලිබරල් ධනවාදී ක්‍රමය යැයි හැඳින්විය හැකිය. එනම්, නැවතත් දළ වශයෙන් ගත්තොත්, ධනවාදී සහ සමාජවාදී අංගෝපාංගයන්ගේ සම්මිශ්‍රණයක් යැයි හැඳින්විය හැකිය. බටහිර යුරෝපයේ බොහෝ රටවලින් ඊට නිදසුන් සැපයෙයි. විශේෂයෙන්, නෝර්වේ, ස්වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තය වැනි යුරෝපා රටවල් එහිදී සිහියට නැඟේ. ඉතිරි දියුණු ධනපති රටවල්ද, අඩුවැඩි වශයෙන්, එවැනි මාවතක ගමන් කරමින් සිටින බවක් පෙනේ..ගෝඨාභය රාජපක්ෂගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ, ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් කෙනෙකි. එනම්, හිත හොඳ චණ්ඩියෙකි. ඔහු තමාව ජනතාව අතරේ ප්‍රක්ෂේපණය කොට තිබුණේද එසේ ය. එවැනි අපේක්ෂාවකට පිටුබලය දුන් අතීත සුදු වෑන් සංස්කෘතියකුත් පැත්තකින් තිබුණි. ඒ නිසා, අවශ්‍ය නම් තවත් ටිකක් ඉදිරියට ගොස්, හිට්ලර් කෙනෙකු වී හෝ රට ගොඩගන්නේ නම් මැනවැයි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිනමක් වරක් ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළෝය..69 ලක්ෂයේ අපේක්ෂාව.එක පැත්තකින්, මේ අපේක්ෂාවන් සහ රටේ සැබවින් පවතින යථාර්ථය ගැනවත්, තවත් පැත්තකින් ඒ අපේක්ෂාවන් සහ ඒවා ඉෂ්ට සිද්ධ කිරීමට බාරදෙන පුද්ගලයාගේ බුද්ධිමය මට්ටමත් අතර තිබෙන නොපෑහීම ගැනවත් වන බැවහැර ඥානයක්, අපේ සහ රටේ අවාසනාවට, 69 ලක්ෂයට තිබුණේ නැත. ඒ නිසා, මැටියෙන් හැදූ බළලෙකු මීයන් අල්ලනු ඇතැයි ඔවුහු අපේක්ෂා තැබූහ..2020 දී ඩොලර් බිලියන 4 ක්ද, 2021 දී තවත් ඩොලර් බිලියන 4 ක්ද වශයෙන් විදෙස් ණය පියවා දැමීමට තමන්ට සිදුවිණැයි ජනාධිපතිවරයා ගිය සතියේ නෝක්කාඩුවට කීවේය. ඒ කතාවේ අනිත් පැත්ත, ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට පසුව දා ඔහුට මතක් කර දුන්නේය. එනම්, ඒ කියන ණය මුදල් දෙකම, පිළිවෙළින් 2010 දී සහ 2011 දී ඔහුගේ වැඩිමහල් සහෝදර මහින්ද රාජපක්ෂ විසින් ගන්නා ලද ණය මුදල් බවයි. යථාර්ථය එයයි. එහෙත් 2019 නොවැම්බර් මාසයේ ඡන්ද පොළට යන විට, අර කී 69 ලක්ෂය එහෙම කතාවක් දැනගෙන සිටියේ නැත..යහපාලන ආණ්ඩුව විකිණූ සම්පත් නැවත රජයට පවරා ගන්නා බව, බලයට පත්වීමට කලින් ගෝඨාභය රාජපක්ෂ කීවේය. අප දැනුවත්ව එසේ පවරා ගත් කිසි සම්පතක් තවම නැත. ඒ වෙනුවට, නොරොච්චෝලේ යම් ව්‍යාපෘතියක් ඇමරිකානු සමාගමකට මහ රෑ අත්සන් කොට පවරා දී ඇතැයි දැනගන්නට තිබේ. යථාර්ථය එයයි. අර 69 ලක්ෂය 2019 නොවැම්බර් මාසයේ ඡන්ද පොළට යන විට එය අවබෝධ කරගෙන සිටියේ නැත..එහෙත් අවශ්‍ය කෙනෙකුට දැනගැනීම සඳහා ඒ සියලු තොරතුරු අවශ්‍ය තැන්වල තිබුණි. ඒවා ගැන සොයා බැලීමත්, විචාර බුද්ධියකින් ඒවා කිරා බැලීමත් පමණි කළ යුතුව තිබුණේ. එහෙත්, යම් මහන්සියක් දරා විචාර බුද්ධිය මෙහෙයවීමේ කැක්කුමක් අර 69 ලක්ෂයට තිබුණේ නැත..ඒ වෙනුවට ප්‍රහර්ෂයෙන් යුතුව බදා වැළඳගැනීමට වෙනත් යමක් තිබුණි. එය හැඳින්නුවේ ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් ක්‍රමය වෙනස් කිරීම නමිනි. නිදහසෙන් පසු 70 වසරක් රට පාලනය කළ සියලු දෙනා එකම සිස්ටම් එකකට අයත් බවත්, ගෝඨාභය රාජපක්ෂ ඒ සිස්ටම් එකෙන් පිටස්තරයෙකු බවත්, ‘වියත් මඟ’ නමැති පිරිසක් පුනපුනා කීහ. සිස්ටම් එකෙන් පිටස්තරව සිතිය හැකි මිනිස්සු නැතිවා නොවේ. එහෙත්, එකී මිනිසුන්ට පවා ක්‍රියා කිරීමට සිදුවන්නේ, සිස්ටම් එකෙන් දෙන ලද කොන්දේසි යටතේ බව, මේ ‘වියත් මඟ’ රටට කීවේ නැත. යථාර්ථය එයයි..ණයක් ගත්තොත් පොළියකුත් තිබේ.ඒ සඳහා ඇති ලොකුම උදාහරණය අපි සලකා බලමු. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන්නේ, ‘පොහොට්ටුව’ නමැති දේශපාලනික කඳවුරේ ආශීර්වාදයෙන් සහ ආධාරයෙනි. ඒ කඳවුරේ නිර්මාතෘවරයාගේ සිට නායකත්වයේ බොහොමයක් දෙනා දූෂණය, වංචාව, සොරකම සහ නොයෙක් අපරාධ සම්බන්ධයෙන් නම් දරාපු පිරිසකි. එසේ හෙයින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු නියෝජනත්වය තුළත්, ඒ දූෂණය, වංචාව සහ සොරකම ආදි අගතීන් නියෝජනය වීම වැළැක්විය නොහේ. ඊළඟට,.ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා අසීමිත ධනස්කන්ධයක් අවශ්‍ය කෙරේ. එය සැපයෙන්නේ, ව්‍යාපාරිකයන්ගෙන් සහ ජාවාරම්කාරයන්ගෙනි. දැන් මේ කියන සිස්ටම් එක තුළ රජයන ප්‍රධාන කොන්දේසි දෙකක් අපට හඳුනාගත හැක. එකක්, දේශපාලනික සොරුන් සහ දූෂිතයන් ය. අනෙක, ව්‍යාපාරිකයන් සහ ජාවාරම්කරුවන් ය..ජනාධිපතිවරණයක් ජයගැනීම යනු, පෙරලා මේ සියලු දෙනාට පොළියත් සමග ණය ගෙවිය යුතු එක්තරා කරුමයකි..එය කරුමයක් වන්නේ, රටේ අනාගතය පිළිබඳ යහපත් හෘදය සාක්ෂියක් සහ යහපත් චේතනාවක් සහිත පුද්ගලයෙකු ජනාධිපතිවරණයෙන් ජයගත්තොත් ය. 2019 නොවැම්බර් මාසයේ ජයගත්තේ එවැන්නෙක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ තුළ අනාගතය ගොඩනැඟීම පිළිබඳ අවශ්‍යතාවක් හෝ ඒ සඳහා අවශ්‍ය කරන දැනුමක් හෝ තිබුණු බවට සාක්ෂි නැත. වැඩිම වුණොත් ඔහු තුළ තිබෙන්ට ඇත්තේ, ඔහුගේ අමාත්‍යාංශ ලේකම් කාලයේ කොළඹ නගරය ශෝභාමත් කිරීමට සමානව, ලංකාව වැනි අර්බුදකාරී සමාජයක් සහ ආර්ථිකයක් සාර්ථක කරගැනීමටත් හැකි වේය යන බොළඳ ආකල්පයක් විය හැකිය. එය පවා පිළිගැනීම පහසු නැත. මන්ද යත්, බලයට පත්වූ දා සිට රට ගොඩගැනීමේ හෝ ආර්ථිකය නංවාලීමේ එක පියවරක් හෝ මේ දක්වා ගැනීමට අපොහොසත්ව තිබීම සහ, ඒ වෙනුවට, තිබුණු ආර්ථිකයත් බංකොලොත් වන තැනට කටයුතු කෙරී ඇති බව දැන් කාටත් පෙනී යන බැවිනි..බලයට පත්වූ දා පටන් ඔහු ආ ගමන් මඟ දෙස හැරී බැලීමෙන් අපට එය අවබෝධ කරගත හැක. ඔහු මුලින්ම කෙළේ, ජනාධිපති බලතල වැඩි කරගැනීම සඳහා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමයි. ඒ බලතල අනුව, ගලගොඩඅත්තේ ඥානසාර වැනි භික්ෂුවක් නීති ප්‍රතිසංස්කරණ සඳහා පත්කරතියි හුදී ජනයා සිතුවේ නැත. ඊළඟට, ආණ්ඩුවට අයවෙමින් තිබූ ප්‍රධාන බදු රාශියක් ඔහු අහෝසි කෙළේය. ඒ අනුව, රජයට එතෙක් ලැබෙමින් තිබුණු රුපියල් බිලියන 1000 ට අධික බදු ආදායම ගිය වසරේ රුපියල් බිලියන 450 දක්වා අඩු විය. එය, තමාට උදව් කළ ඉහතින් කී ව්‍යාපාරිකයන්ට සහ ජාවාරම්කරුවන්ට දෙන ලද පාරිතෝෂිකයක් මිස වෙන කවරක්ද? ව්‍යාපාරිකයන්ට බදු සහන සලසන විට රටේ ආර්ථිකය පණගැන්විය හැකි බවත්, පාරිභෝගිකයාට ඉන් කොටසක්වත් කාන්දු වෙතැයි විශ්වාස කළ හැකි බවත් ඇත්ත. එහෙත් පසුගිය දෙවසරක කාලය තුළ රටේ පාරිභෝගිකයා දැරූ වියදම සතයකින්වත් අඩු වී ඇති එක භාණ්ඩයක්වත් කෙනෙකුට පෙන්විය හැකිද? ව්‍යාපාරිකයන්ට සහ ජාවාරම්කරුවන්ට සැපයූ ඒ දැවැන්ත බදු පාරිතෝෂිකය, අවසානයේ පාරිභෝගිකයන්ටත් සහනයක් නැති, ආණ්ඩුවටත් වසරක් පාසා රුපියල බිලියන 550 ක් අහිමි කරගත් අභ්‍යාසයකින් අවසන්ව ඇත..ඊළඟට ඔහු කෙළේ කුමක්ද? රාජපක්ෂ පවුලේ සහ රාජපක්ෂ කඳවුරේ නඩුහබ අහවර කරගැනීමයි. හිරේ යන්නට නියමිත නඩු, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා ඉල්ලා අස්කර ගැනීමට ඔහු වැඩ සැලැස්සුවේය. එල්ලුම්ගස් ගිය නඩු, ජනාධිපති සමාව දී එකලාසයක් කරගත්තේය..බලයට පත්වීමේ සැබෑ ආධ්‍යාශය.මේ සියල්ලෙන් පෙනී යන්නේ කුමක්ද? ඔහු බලයට පත්කිරීම පසුපස අධ්‍යාශයන් දෙකක් රාජපක්ෂ කඳවුරට තිබුණු බවයි. එකක්, රාජ්‍ය බලය රාජපක්ෂ පවුලෙන් පිටට යා නොදී ආරක්ෂා කරගැනීමයි. දෙවැන්න, ඒ බලය යොදවා, එම කඳවුරේ පුරෝගාමීන්ට හැම සේවයක්ම සැලසීමයි. එම සේවය, විටෙක (නඩු ඉවත් කරගෙන) නීතිය පැත්තෙන්ද, විටෙක (බදු සහන දෙමින් සහ ජාවාරම් ඉවසමින්) ආර්ථිකය පැත්තෙන්ද, තවත් විටෙක (හිරේ විලංගුවේ දමා) සතුරන්ගෙන් පළිගනිමින්ද කිරීමට සිදු වෙයි..දැන් ආපස්සට හිතන්න: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එල්ලුම්ගහට නියමිත අපරාධකරුවෙකු විශේෂ හේතු දැක්වීමකින් තොරව ජනාධිපති සමාව යටතේ නිදහස් කරද්දී බාල්දුවට ලක්වන්නේ කුමක්ද? අධිකරණයයි. දූෂිතයන්ගේ සහ හොරුන්ගේ නඩුහබ පෝලිමේ ඉල්ලා අස්කර ගන්නා විට බාල්දුවට ලක්වන්නේ කුමක්ද? නීතිපති දෙපාර්තමේන්තුවයි. මිනීමැරීමේ අපරාධයට එල්ලුම්ගසට නියම වී සිටින පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දෙන විට බාල්දුවට ලක්වන්නේ කුමක්ද? ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය අභ්‍යාස කරන ආයතනයයි. ගලගොඩඅත්තේ ඥානසාරට නීති ප්‍රතිසංස්කරණ බාරදීමෙන් බාල්දුවට ලක්කරන්නේ කුමක්ද? නීතියේ ආධිපත්‍යයයි..ගෝඨාභය රාජපක්ෂගේ “සිස්ටම් චේන්ජ්” යනු, පවතින ආයතනවල ගර්වය සහ ඒවා කෙරෙහි ඇති මහජන ගෞරවය විනාශ කොට, තනි පුද්ගලයෙකු විසින් සියල්ල තීන්දු කරන රාජ්‍ය පාලනයකට අවශ්‍ය කරන මනෝමය තත්වය සමාජය තුළ නිර්මාණය කිරීමයි. මිනිසා විසින් මෙතෙක් ගොඩනඟා ගන්නා ලද බුද්ධිමය නිර්මිතයන්ද එහිදී බේරෙන්නේ නැත. මහා කෝවිඩ් උපද්‍රවය අස්සේ පාර්ලිමේන්තුවට පැණි පෙවූ හැටි ඔබට මතකද? එතැනදී පෑගුණේ කුමක්ද? විද්‍යාව ය..දැන්, කොළඹ විශ්වවිද්‍යාලයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කෙළේ, ‘අපිට උදව් කළ නිසා’ පමණක්ම නොවන බව ඔබට වැටහේද? පසුගිය දිනවල ගුරුවරුන් රස්තියාදු කොට නින්දාවට පත්කළාට වඩා සූක්ෂ්ම සහ සුගම ආකාරයෙන්, රටේ බුද්ධිමය ආයතනික ස්ථරයේ හිස වන් විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමත් එක් අධ්‍යාශයක් වශයෙන් පවතී..මගේ තර්කය මෙයයි: එම හිමියන්ගේ පත්කිරීම ගැන අප කලබල විය යුත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට අනාගතයේ සිදු විය හැකි හානියක් ගැන නොව, එම පත්කිරීම පසුපස වැඩ කළ රාජකීය චින්තනය විසින් රටටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් අනාගතයේ කළ හැකි අබග්ගය ගැන ය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලක්ෂ තුනකට උන්හිටිතැන් අහිමි කරන.මුතුරාජවෙල රැම්සා ගැසට්එක.Next articleඥානසාර හිමි පරදා අලි සබ්රි දිනයි.ජනාධිපතිගෙන් සංශෝධිත ගැසට් පත්‍රයක්.දෙදෙනෙක් ඉල්ලා අස්වෙලා,.මහාචාර්යවරු යැයි කී අය කථිකාචාර්යවරු වෙලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
වෛද්‍ය සැපයුම් අංශයේ මිලියන 644ක එම්එස්ඩී සිස්ටම් එකට මොකද වුණේ? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වෛද්‍ය සැපයුම් අංශයේ මිලියන 644ක එම්එස්ඩී සිස්ටම් එකට මොකද වුණේ?.By සංස්කාරක.June 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දෝෂ සහිත නම් සමාගමට කිව්වේ නැත්තේ ඇයි?.■ අමන්දිකා කුරේ.රජයේ සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එය වඩාත් ඵලදායී කරගැනීමටත් එම සේවා පරිගණක පද්ධතිගත කිරීම සිදුකරනු ලබයි. අධ්‍යාපනය, පරිපාලන කටයුතු මෙන් ම සෞඛ්‍ය සේවාද මෙලෙස පද්ධතිගත කර භාවිත කිරීම, ඒ හරහා සේවාවන් ලබා දෙන්නා සහ ලබා ගන්නා තැනැත්තා යන දෙදෙනාගේ ම කාලය ඉතිරි කරන්නකි..වෙනත් රටවල එසේ වුවත් ශ්‍රී ලංකාවේ පද්ධති සහ මෘදුකාංගවලින් සිදු වන්නේ මෙම ක්‍රියාවන්ටත් වඩා මුදල් කාබාසිනියා කිරීමක් බව පසුගිය කාලය පුරා අසන්නට ලැබුණු කරුණු අනුව පැහැදිලි වන දෙයකි. එක්කෝ එම පද්ධති ක්‍රියාකරවීමට අවශ්‍යතාවට ගැළපෙන අන්දමින් සකසා නැත. එසේත් නැතිනම් ඒ පිළිබඳව විෂය දන්නා ඒවා ක්‍රියාත්මක කරවීමට දන්නා අය නොමැත. මේ නිසා විශාල මුදලක් වැය කරමින් සැදූ පරිගණක පද්ධති රාජ්‍ය ආයතනවල ඔහේ වේලෙමින් ඇත..ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වෛද්‍ය සැපයුම් අංශය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ කොඳුනාරටිය බඳු ය. සෞඛ්‍ය සේවයට අවශ්‍ය සියලුම ඖෂධ, ශල්‍ය උපකරණ, ප්‍රතික්‍රියක ආදි සියලු දේ සපයන්නේ එම අංශය හරහා ය. ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය ඇණවුම් ලබා දෙන්නේ ද ඒ හරහා ය..කෙසේවෙතත් ඒ සඳහා ක්‍රියාත්මක වන පරිගණක පද්ධතිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බව පසුගිය මැයි 31 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී හෙළි විය. ඖෂධ හිඟය සම්බන්ධයෙන් කැඳවා තිබූ එම පොදු ව්‍යාපාර කාරක සභාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්, වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇතුළු එම ක්ෂේත්‍රයට අයත් නිලධාරීන් රැසක් කැඳවා තිබුණි. ඖෂධ ගෙන්වීමට අවශ්‍ය මුදල් මේ වන විට විවිධ ආධාර මගින් ලැබී තිබෙන බවට එහිදී සාකච්ඡා වූ අතර එසේ නම් ඖෂධ ගෙන්වීමට අදාලව ඇති ප්‍රමාදය කුමක්දැයි සාකච්ඡා විය..මිලියන 644ක සිස්ටම් එක වැඩ නෑ.එවිට ආචා්රය නාලක ගොඩහේවා විමසුවේ ඖෂධ ගෙන්වීමට අදාළ වෛද්‍ය සැපයුම් අංශයේ පද්ධතියක් තිබෙන නිසා ඒ හරහා ක්‍රියාත්මක විය නොහැකි වන්නේ මන්ද යන්නයි. පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ එම පද්ධතියේ ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් පවතින බවයි. එම නිසා ඔවුන් ඖෂධ ඇණවුම් කිරීම ආශ්‍රිත දත්ත පරිගණක මෙහෙයුම් කණ්ඩායමක් හරහා වෙනම රැස් කර ඇති බවයි..කෙසේවෙතත් එහිදී අදහස් දැක් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් සහ සාමාජික ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ පද්ධතියෙන් පිට එම ඇණවුම් ආදිය සිදු කිරීන නීති විරෝධී බවයි. පද්ධතිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවන නිසා ඇතැම් කාර්යයන් ඒ හරහා සිදු කරගත නොහැකි බව නිලධාරීහු පැවසූහ..වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පැවසුවේ, ඒ සඳහා රුපියල් මිලියන 644ක් වැය කළ බවත් පද්ධතිය පවත්වාගෙන යාම සඳහා එම පද්ධතිය නිර්මාණය කළ සමාගමට මාසිකව රුපියල් මිලියන 5ක් ගෙවූ බවත් ය. එම පද්ධතිය නිර්මාණය කළ සමාගමේ නම ”ඊ-විස්” බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී හෙළි විය..මෙම පද්ධතිය යථා තත්වයට පත් කරගැනීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයාගේ විමසීමට ප්‍රතිචාර වශයෙන්, එම පද්ධතිය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිර්මාණය කරගැනීමට නම් රුපියල් මිලියන 7000ක් වැය වන බව නිලධාරීහු පැවසූහ..ඊ-විස් චෝදනා ප්‍රතික්ෂේප කරයි.උක්ත පද්ධතිය වෛද්‍ය සැපයුම් අංශය තුළ ක්‍රියාත්මක වන්නේ 2015 වර්ෂයේ සිටය. මෙම පද්ධතිය සැකසීම සඳහා ඊ-විස් සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ 2008 වර්ෂයේදීය..පසුගිය සතියේ කෝප් කමිටුවේ දී මෙම කරුණු අනාවරණය වීමත් සමග එම සිදුවීම මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය. ඒ සමගම එම පද්ධතිය නිර්මාණය කළ සමාගම වන ඊ-විස් සමාගම ඊට පිළිතුරු දක්වා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඔවුන් එහිදි පැවසුවේ පද්ධතිය නිර්මාණය කිරීමට එතරම් මුදලක් වැය නොවූ බවයි. එම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අත්සන් කළ කොන්ත්‍රාත්තුවේ සඳහන් වූ පරිදි ඒ සඳහා ලැබුණේ මිලියන අසූ තුනක් බව එම සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක පැවසුවේය..ජුනි මස 03 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එම සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ එතරම් විශාල මුදලක් මෙම පද්ධතියට වැය කර නොමැති බවයි. පද්ධතිය නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 83ක් වැය වූ බවත් ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල මිලියන 223ක් බවයි ඔහු පෙන්වා දෙනු ලැබුවේ..කෙසේවෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පවතින වෛද්‍ය සැපයුම් අංශයේ මෙම පද්ධතිය සඳහා වැය කළ ඉතිරි මුදල වැය කළේ කුමක් සඳහා ද යන ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ. මේ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා මාසිකව සමාගමට රුපියල් මිලියන 5 බැගින් ගෙවූ බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ වුවත් එය අසත්‍ය බව ද ඊ-විස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ය. සමාගම මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ තොරතුරුවල දැක්වුණේ, මෙම පද්ධතිය පළමුවරට ක්‍රියාත්මක කළ 2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා කිසිදු ගෙවීමකින් තොරව ම පද්ධතිය පවත්වාගෙන පැමිණි බවයි. 2017 වසරේ දී මෙම පද්ධතිය සඳහා වගකීම් කාලයක් ලබා දී ඇති අතර එය 2020 නොවැම්බර් මාසයෙන් අවසන් වී ඇත. ගිවිසුම් ප්‍රකාරව මාසිකව පද්ධතිය පවත්වාගෙන යාමට අදාල මුදල් ගෙවා ඇත්තේ 2020 නොවැම්බර් මාසයේ සිටයි. ඒ රුපියල් මිලියන 4.9කි. ඒ අනුව 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ ජුනි මාසය දක්වා මාස 20ක කාලය සලකා බැලුව ද එම සමාගමට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 98කි. ව්‍යාපෘතියට වැය වූ මුළු මුදල සහ එම මුදලේ එකතුව රුපියල් මිලියන 321කි. එසේ නම් ඉතිරු රුපියල් මිලියන 323 ට වූයේ කුමක් ද යන කාරණය මේ වන විට හෙළි වී නොමැත..නිලධාරීහු බෝලය පාස්කරති.මෙම මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය සහ ගෙවීම් සිදු කළ ආකාරය පිළිබඳව කරුණු විමසීමට අප එම වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීම උත්සහ කළ ද එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය..වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ඩබ්.එම්.සී.එම් විජේසිංහ මහතා පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර පැවසුවේ ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් මේ පිළිබඳව විමසන ලෙසයි. වෛද්‍ය සමන් රත්නායක දූරකථනය හරහා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සහ කළ ද නොහැකි විය. පසුව අප වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී සුදර්ශනගෙන් ද මෙම මුදල් ගෙවීම පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ, එම අංශයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව සහකාර අධ්‍යක්ෂවරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි. කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එස්.ඒ. සන්දරප්පෙරුම මහතා පැවසුවේ ඒ පිළිබඳව මාධ්‍යට තොරතුරු ලබා නොදෙන ලෙසට තමාට ඉහළින් උපදෙස් ලැබී ඇති බවයි..පද්ධතියේ දෝෂ ඇතැයි සමාගමට දන්වා නෑ.අප කළ විමසීමක දී ඊ-විස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිර්මාල් පීරිස් පෙන්වා දුන්නේ එම පද්ධතියේ යම් දෝෂයක් පවතින්නේ නම් කොන්ත්‍රාත්තුව අනුව ඒවා පිළිසකර කිරීමට සමාගමට දැනුම් දිය යුතු වුවත් පසුගිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙළිදරවු වූ ආකාරයේ දෝෂයක් පිළිබඳව සිය සමාගම දැනුවත් කර නොමැති බවයි. කොන්ත්‍රාත්තුවට අනුව ඇතැම් දෝෂ ඇති වුවහොත් පැයකින් හෝ පැය දෙකකින් ආදි වශයෙන් කඩිනමින් ම එම දෝෂ පිළිසකර කිරීමට මෙම සමාගම බැඳී සිටියි. නිර්මාල් පීරිස් මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම පද්ධතිය නිසි ආකාරයෙන් කියා කරන්නේ දැයි සහ අවශ්‍ය පරිදි ක්‍රියාකරන්නේ දැයි යන්න පැහැදිලි කරගැනීම සඳහා එම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කරවීමට පෙර වසර දෙකක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක කර බැලූ බවයි. ඒ ඒ අවස්ථාවන්වල දී ඇති වූ දෝෂ හඳුනාගෙන ඒවාට විසඳුම් සොයා පද්ධතිය සකස් කළ බව ඔහු පවසයි. එවැනි දෝෂයක් ඇති වූයේ නම් සිය සමාගමට දැන්වීම සිදු කළ යුතුව තිබූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි..කෙසේවෙතත් පොදු ව්‍යාපාර කාරක සභාවේ ප්‍රකාශ වුණු පරිදි, මෙම ප්ද්ධතිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවනවා වුවත් මෙම පද්ධතිය මුලින්ම ක්‍රියාත්මක කළ 2015 සිට 2020 දක්වා ඒ හරහා ඖෂධ ඇණවුම් 45000ක් පමණ සිදු කර තිබේ. නමුත් 2020 ජනවාරි සිට මේ දක්වා සිදු කර ඇත්තේ ඇණවුම් 950ක් පමණි. එසේ ඇණවුම් කිරීමේ දී ප්‍රශ්නයක් මතුවූයේ නම් ඒ ඒ කාලවලදී එම සමාගම දැනුවත් කර ඒවා යථා තත්වයට පත් කරගැනීමේ හැකියාව කොන්තාත්තුවේ ගිවිසුම් ප්‍රකාරව තිබූව ද ඒවා හරිහැටි ක්‍රියාත්මක වී නොමැති බව පැහැදිලිය..මුදල් ගෙවීම සම්බන්ධයෙන් ද මේ වන විට පැහැදිලි කිරීමක් ලබාදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ වෛද්‍ය සැපයුම් අංශයද සමත් වී නොමැත. මෙම පද්ධතිය සඳහා වැය කළ මුදල හා පසුව සමාගමට ගෙවා ඇති මුදලේ එකතුව ඔවුන් ගෙවූ බව කියන මුදලින් අඩක් පමණ වේ. එසේ නම් මෙම මුදල්වලට සිදු වූයේ කුමක් ද, ඒවා අනුමත වූයේ කෙසේද යන ප්‍රශ්නය තිබේ..වසර හතරක විගණන වාර්තා නෑ.මේ අතරම මැයි 31 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළිදරවු වූ තවත් කරුණක් වූයේ ජාතික ඖෂධ නියාම අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් වසර ගණනාවක් තිස්සේ සිය විගණන වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර නොමැති බවයි. එම ආයතන දෙක විසින් අවසන් වරට විගණන වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ 2017 වර්ෂයේ දී ය. 2018 වර්ෂයේ සිට විගණන වාර්තා කිසිවක් මේ වනතෙක් ඉදිරිපත් කර නොමැත..ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව එක් මූල්‍ය වර්ෂයක් අවසන් වී මාස හයක් ගත වීමට ප්‍රථම විගණන වාර්තා ඉදිර්පත් කළ යුතු වූවත් මෙම ආයතන දෙක වසර හතරක පමණ කාලයක විගණන වාර්තා තවමත් ලබා දීමට අපොහොසත්වී ඇත. මේ ආකාරයෙන් විගණන වාර්තා ලබා නොදීම සහ ඉහත සාකච්ඡා කළ ආකාරයේ අපැහැදිලි විශාල මුදල් ගනුදෙනු අතර අනිවාර්යයෙන් ම සම්බන්ධයක් තිබිය හැකිය. විගණන වාර්තා හෙළිදරවු නොකිරීම හරහා එම ආයතනවල වංචා දූෂණ සහ වැරදි තීරණ සියල්ල යටපත් වී සැඟව යයි. එම නිසා ප්‍රශ්නගත ගනුදෙනුවේ ද ඉතිරි මුදලට සිදුවූයේ කුමක්ද යන්න එම විගණන වාර්තාවල සඳහන්වී තිබිය යුතුය..විගණන වාර්තා මෙතෙක් කල් ලබා නොදුන්නේ ඇයිදැයි විමසූ විට ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජිතයෙකු පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවට පවසන්නේ එම වාර්තා මේ වන විට මුද්‍රණය කරමින් පවතින බවයි. 2018 වර්ෂයේ වාර්තාවක් තවම මුද්‍රණය වන්නේ යැයි පිළිතුරු දීම අතිශය පදනම් විරහිත ප්‍රකාශයකි. එසේ නම් තොරතුරු මාධ්‍යයට ලබා දීමෙන් වැළකී සිටින මෙම ආයතනවල බලධාරීන් විගණන වාර්තාවල ඇති කරුණුද සඟවා සිටින්නේ දැයි සැකයක් නිරායාසයෙන් ම මතු වේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිදුලි බල සටන පැය ගණනක සිට දින ගණනක් දක්වා අඳුරේ සිටීමටද?.Next articleඊළඟ මිරිඟුව: 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මේ ඇඳිරි නීතියට සුමන්තිරන් විරුද්ධ ඇයි? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මේ ඇඳිරි නීතියට සුමන්තිරන් විරුද්ධ ඇයි?.By තරිඳු උඩුවරගෙදර.May 7, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.දැනට පනවා ඇති ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන බව මුලින්ම ප‍්‍රසිද්ධියේ පෙන්වාදුන්නේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්ය. පසුව ඔහු කිහිප වතාවක්ම ඒ ගැන කරුණු පෙන්වාදී තිබුණි. ඔහු මැයි 03 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් ඒ ගැන පැමිණිල්ලක්ද කර තිබුණි..සුමන්තිරන් මහතා දැනට පනවා ඇති ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන බව කීවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමටද? ඇඳිරි නීතිය ඉවත් කොට සියල්ල කඩාකප්පල් කිරීමටද? ඔහුට ඕනෑ මිනිසුන් තැනින් තැනට ගමන් කොට කොවිඞ්-19 රෝගය පැතිරෙන හැටි දකින්නටද? ඇත්තටම ඔහුට තිබෙන අමාරුව කුමක්ද? වැනි හරස් ප‍්‍රශ්න රැුසක් කෙනෙකුට විමසිය හැකිය..මාර්තු 20 වැනිදා සිට වරින් වර ඇඳිරි නීතිය පැනවීම ගැන සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන නිකුත් කර ඇතත් පිළිගත හැකි කිසිදු නීතියක් අනුව ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නොමැති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මානව හිමිකම් කොමිසමට යැවූ ලිපියේ සඳහන් විය. නිත්‍යානුකූලව ඇඳිරි නීතිය පැනවීමට අදාලව රජයට උපදෙස් ලබාදෙන ලෙස එම ලිපිය මගින් ඔහු කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණි..සිංහල මාධ්‍ය ආයතන බොහොමයක් මෙම ලිපිය පිළිබඳව වාර්තා කළේ නැත. ඉංග‍්‍රීසි මාධ්‍ය කිහිපයක් පුවත පළකර තිබුණි. එම ලිපියෙහි විශේෂත්වය වන්නේ, ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන්නේ ඇයිද යන කාරණයත්, නිත්‍යානුකූලව ඇඳිරි නීතිය පැනවිය යුත්තේ ඇයිද යන කාරණයත් එම ලිපියෙන් ඉතා විස්තරාත්මකව පෙන්වාදී තිබීමය..ජනාධිපතිවරයාට නිත්‍යානුකූල ලෙස ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත. මහජන ආරක්ෂක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීමට ක‍්‍රම දෙකක් ඇත. එක් ක‍්‍රමයක් අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන අතර අනෙක් ක‍්‍රමය අනුව පාර්ලිමේන්තුවේ කැඳවීම අවශ්‍ය නොවේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ මාරාන්තික නොහැකියාවක් තිබේ නම්, අඩු තරමේ දෙවැනි ක‍්‍රමයට වත් ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත..සරලවම කීවොත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයාත් ඔහුව උපුටා දක්වමින් ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූලභාවය ප‍්‍රශ්න කළ අපත් අදහස් කරන්නේ ඇඳිරි නීතිය අනවශ්‍ය බව නොවේ. කරන දෙයක් නීතියට අනුව කළ යුතු බවය. මේවා නීතියට අනුව සිදු නොවුණොත්, අනාගතයේදී එමගින් බරපතල ගැටලූ ඇතිවිය හැකි නිසාය..තමා බී/1454/20 අංකය දරණ නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් නීතිඥයා ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අපේ‍්‍රල් 20 වැනිදා ඉදිරිපත් වූ බව සුමන්තිරන් මහතා තම පැමිණිල්ලෙන් පෙන්වාදී ඇත. එහිදී දැනට කිසිදු පිළිගත හැකි නීතියක් අනුව නිත්‍යානුකූලව ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නොමැති බව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ තමන් පෙන්වාදුන් බව පෙන්වාදී තිබේ. රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවක් මත නොවන බවත්, ඒ අනුව මන්ත‍්‍රීවරයාට ඇප ලබාදීමේදී දැනට පවතින ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූලභාවය පිළිබඳව තමා කිසිදු නිර්වචනයක් සිදු නොකරන්නේයැයි නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා පැහැදිළිව පෙන්වාදුන් බවත් සුමන්තිරන් මහතා එම ලිපියෙහි සඳහන් කර තිබේ..මාර්තු 20 වැනිදා සිට දිවයින පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශයට පත්කළ බවත්, ඉන්පසුව වරින් වර ඇඳිරි නීතිය ඉවත් කිරීම් හා නැවත පැනවීම් ගැන විවිධ අවස්ථාවල විවිධ ප‍්‍රදේශවලට අදාලව ප‍්‍රකාශයට පත්කළ බවත් ඔහු පෙන්වාදී ඇත..කොවිඞ්-19 වසංගත තත්වය නිසා පුද්ගලයන් විවිධ තැන්වලට ගමන් කිරීම සීමා කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙන බව තමාගේ විශ්වාසය වන නමුත්, ඇඳිරි නීතිය නිත්‍යානුකූලව පැනවිය යුතු බව ඔහු පෙන්වාදී තිබේ. කෙසේ වෙතත් දැනට කිසිදු නීතිමය පදනමක් මත ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නැති බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ..මෙලෙස නිත්‍යානුකූලව ඇඳිරි නීතිය පනවා නොමැති වීමෙන් රටේ නීතියේ පාලනයට සහ රටේ ජනතාවගේ යහපතට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව ඔහු පෙන්වාදෙයි. වැදගත්ම කතාව එයයි. මේ රජුගේ වචනය නීතිය බවට හැරෙන රාජාණ්ඩු ක‍්‍රමයක් නොවේ. කොටින්ම, යම් පුද්ගලයෙකු පුරවැසියන්ව ‘පාලනය’ කරන ක‍්‍රමයක් නොවේ. ඒ වෙනුවට නීතියෙන් විවිධ බලතල පැවරී ඇති ආයතන, නිලධාරීන් හා මහජන නියෝජිතයන් තමන්ගේ බලය අනුව පියවර ගනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකි. සියල්ලන් තමන්ට පැවරී ඇති බලතල අනුව තීන්දු ගත යුතුය. අනෙක් අය ඒවා පිළිපදින්නේ ඒ අනුවය..කාගේ හෝ වචනය නීතිය බවට පත්වීමේ පුරුද්දක් අනාගතයේදී භයානක ප‍්‍රතිඵල දක්වා ගමන් කරනු ඇත..මෙම තත්වය යටතේ 1996 අංක 21 දරන පනතේ 10 (සී) සහ 10 (ඩී) වගන්ති වෙත අවදානය යොමු කළ යුතු බවත්, ඒ අනුව මෙවැනි තත්වයක් පිළිබඳව ආණ්ඩුවට උපදෙස් ලබාදීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිසමට ඇති බවත් සුමන්තිරන් මහතා සිය ලිපියෙන් පෙන්වාදී ඇත..මෙරට ඇඳිරි නීති පැනවීම සිදු කරන්නේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පනවන හදිසි නීතිය අනුව බවත්, මේ වන විට එලෙස හදිසි නීතිය පැනවීමක් සිදුකර නොමැති බවත් එම ලිපියෙහි සඳහන්ය. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනතේ තුන්වැනි කොටසෙහි ඇති 16 වැනි පරිච්ෙඡ්දය යටතේ ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කොට පුද්ගලයන්ගේ ගමනාගමනයට සීමා පැනවිය හැකි බවද පෙන්වාදී තිබේ. මෙතෙක් එය ක‍්‍රියාත්මක කර නොමැත..වැදගත්ම කාරණය වන්නේ මීට පෙර, මෙලෙස නීතියට පිටින් පුද්ගලයන්ගේ ගමනාගමනය සීමා කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නඩු තීන්දුවක් උපුටා දැක්වීමය..තමන් කැමති ස්ථානයකට ගමන් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(එච්) අනුව පුද්ගලයන්ට ඇති අයිතියක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණයද පෙන්වාදී ඇති බව සුමන්තිරන් මහතා එම නඩු තීන්දුව උපුටා දක්වමින් සඳහන් කරයි. එම නඩු තින්දුව වන්නේ (2002) 3එස්එල්ආර් 146 වඩිවේලූ එදිරිව පොලිස් ස්ථානාධිපති සිදම්බරපුරම් සහ වෙනත් අය නම් තීන්දුවය..එම තීන්දුවට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම පනවා තිබුණේ වවුනියාවේ අවතැන් කඳවුරක පදිංචිව සිටි පුද්ගලයෙකුය. 2001 ජුනි මාසයේදී ඔහු තම අසනීප වූ දරුවාට ප‍්‍රතිකාර කිරීම සඳහා කොළඹ දක්වා ගමන් කිරීමට උත්සාහ ගැනීමේදී ඔහුට කොළඹට පැමිණීමට අවසර ලබාදී තිබුනේ නැත. පසුව කොළඹ සිටි අසනීප වූ ඥාතියෙකු හමුවීම සඳහා 2002 ජනවාරි මාසයේදී යෑමට උත්සාහ කර තිබුණු අතර එයටද අවසරය දී තිබුණේ නැත. ගමන් කිරීම සඳහා ගමන් බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වී තිබුණි. ඒ අනුව අයදුම්පත‍්‍රයක් පුරවා, ායාරූප සහ විස්තර ඇතුළත් කොට, කොළඹ සිටින දායකයෙකු සොයාගැනීමටද සිදුවී තිබුණි. මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ මෙම ගමන් බලපත‍්‍ර ක‍්‍රමය සහ ගමනාගමනය සීමා කිරීමේ නීති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පනවා නොමැති බවත් ඒ නිසා පෙත්සම්කරුට කැමති ස්ථානයකට ගමන් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබුණු අයිතිය උල්ලංඝනය වී තිබුණු බවත්ය..පුරවැසියන්ට පොදු මහාමාර්ගවල ගමන් කිරීම සහ පොදු ස්ථානවලට ගමන් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අයිතිය ඇති බවත්, එම අයිතියට සීමා පැනවිය හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(6) හා 15(7) ව්‍යවස්ථා යටතේ පමණක් බවත් මෙම ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමය ඒ යටතේ පනවා ඇති සීමාවක් නොවන බවත් එම නඩු තීන්දුවෙන් පෙන්වාදී ඇත..ඒ අනුව එම තීන්දුව පැහැදිළිව කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාව යටතේ පමණක් ගමනාගමනයට සීමා පැනවිය හැකි බවය..පුරවැසියන්ගේ ගමනාගමනය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතියට සීමා පනවන්නේ නම්, එය නිත්‍යානුකූලව කිරීම වැදගත් බව නීතිඥ සුමන්තිරන් එම ලිපියෙහි සඳහන් කර ඇත..ලංකාවේ දැනට පනවා ඇති ඇඳිරි නීතියට අදාල ගැසට් පත‍්‍රයක් නැත. එය පොලීසිය කටින් ප‍්‍රකාශයට පත්කරන ඇඳිරි නීතියකි. මීට පෙර මාධ්‍ය ඉදිරියට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ ඇඳිරි නීතිය ‘පොලිස් ඇඳිරි නීතිය’ ලෙස හැඳින්වීය. දැන් ඔහු එය ‘නිරෝධායන ඇඳිරි නීතිය’ ලෙස හඳුන්වයි. නිරෝධායන හා වසංගත වැළැක්වීමේ ආඥාපනත යටතේ ඇඳිරි නීතිය පනවා ඇති බව පෙන්වන්නට ඔහු එසේ කීමෙන් උත්සාහ කරනවා විය හැකිය..නිරෝධායන හා වසංගත වැළැක්වීමේ ආඥාපනත යටතේ ඇඳිරි නීතිය පැනවීමට බලයක් ලැබී නොමැති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්ගේ ලිපියෙහි සඳහන් කර ඇත. ඔහු එම ලිපිය සමඟ අදාල පනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිද උපුටා දක්වා ඇත..නිරෝධායන පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම සඳහා නීතිමය විධිවිධාන නැත. පොලීසියට දිවයින පුරා දිර්ඝකාලීනව බලපැවැත්වෙන ඇඳිරි නීතියක් පනවන්නට බලය පැවරී නැත. ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය පනවන්නට බලතල හා නීතිරීති ඇත. අ`ඩුව තිබියදී අත පුච්චාගන්නට ඕනෑ නැත. නීතියට අනුව ඇඳිරි නීතිය පැනවිය යුතුය. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙන්වාදී ඇත්තේ එම කාරණයය..ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(6) ව්‍යවස්ථාව මෙසේය..‘14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඌ) ෙඡ්දයෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක‍්‍රියාත්මක විය හැක්කේද, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය.’.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව මෙසේය..‘12 වැනි ව්‍යවස්ථාවෙන්, 13 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි හා (2) වැනි අනුව්‍යවස්ථාවලින් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති සියලූම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද, ක‍්‍රියාත්මක විය හැක්කේද, රාජ්‍ය ආරක්ෂාවද, රටේ යථා පැවැත්ම ද, තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසිපරිදි පිළිගන්නා බවට සහ ඊට නිසිපරිදි ගරු කරන බලට වගබලා ගැනීම පිණිසත්, ප‍්‍රජානත්ත‍්‍රවාදී සමාජයක පොදු සුභසාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත්, නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය. මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා ‘නීතිය’ යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත්කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝගද ඇතුළත් වන්නේය.’.Tags.M. A. Sumanthiran.ඇඳිරි නීතියට ‍‍.සුමන්තිරන් විරුද්ධ ඇයි?.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපී.බීගේ ලියුම බලය අවභාවිත කිරීමක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළ යුතුයි – සුනිල් හඳුන්නෙත්ති.Next articleකොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය.By කේ ඩබ්ලිව් ජනරංජන.May 19, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය කාලයේ ගිලී සිටි ප්‍රශ්නයකට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින්, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකූල’ යැයි කිව්වේය. ඒ තීරණයෙන් මහත් සොම්නසට පත් අජිත් රෝහණ මහතා, (ඔහුද නීතිඥයෙකි.) මාධ්‍ය ඉදිරියට පැමිණ, මෙතෙක් කල් ඇඳිරි නීතිය නීත්‍යනුකූල නැතැයි කියූ අයට හතර අතේ අවලාද කියන්නට පටන්ගත්තේය. ‘රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි පවසන කණ්ඩායම් රටේ පවත්නා ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවන අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවට ගෙනගිය දුර්මතය ගම්පහ මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අනුව දුරුව ගිය බව’ ඔහු මාධ්‍ය හමුවකදී පැවසීයැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කළේය..අජිත් රෝහණ මහතාගේ මේ ප්‍රකාශය, රාජපක්‍ෂ ආණ්ඩුවේ චින්තන විලාසිතාව, තෙමේද ප්‍රකට කිරීමකි. මානව හිමිකම් ගැන කතා කරන්නන්, එන්ජී ඕකාරයන් හැටියට හංවඩු ගසා, මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ඔවුන් නගන හඬ යටපත් කිරීමට තැත්දැරීම රාජපක්‍ෂ ආණ්ඩුවේ එදාත් අදත් පිළිවෙතයි. එහෙත් එය දේශපාලන පිළිවෙතකි. අජිත් රෝහණ මහතා දේශපාලනඥයෙක් නොවේ. ඔහු පොලිසියේ, සාමාන්‍ය රජයේ සේවකයෙකි. පොලිසියේ කෙනකු මානව හිමිකම් ගැන කතාකිරීම එන්ජී ඕ වැඩක් හැටියට හෙළා දැක කතාකරන්නේ නම්, රටේ වැඩියෙන්ම මානව හිමිකම් කඩකරන ආයතනය වන පොලිසියේ ‘මානව හිමිකම් ආරක්‍ෂාව’ ගැන ඇඳෙන්නේ බියකරු චිත්‍රයකි..එහෙත් ඔය කියන එන්ජී ඕකාරයන් ඇඳිරි නීතිය ගැන කිව්වේ මොනවාද? එකක්, ආණ්ඩුව දැමූ ඇඳිරි නීතිය නීත්‍යනුකුල නොවන බවය. දෙක, එසේ වුවත් කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා මහජනතාව එම නීත්‍යනුකූල නොවන ඇඳිරි නීතියට වුව යටත් විය යුතු බවය. කිසිම පුද්ගලයකුට ඇඳිරි නීතිය කඩ කරන ලෙස කිසිවෙක් නොකීවේය. රන්ජන් රාමනායකට ඇප ලැබුණු දා ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්තිරන් මාධ්‍යවලට කීවේද, ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවන නමුත් මහජනතාව එය පිළිපැදිය යුතු බවයි..තත්වය එසේ තිබියදී, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, පසුගිය මැයි 11 වැනිදා මහේස්ත්‍රාත් නඩු අංක බී1108/20දී කළ තීරණය, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකුල කිරීමක්’ බව අජිත් රෝහණ මහතා උජාරුවෙන් කියමින් සිටියි. දැන් ඔහු ඇඳිරි නීතිය යන්නට පාවිච්චි කරන්නේ ‘නිරෝධායන ඇඳිරි නීතිය’ යැයි කියාය. ‘නිරෝධායන’ කෑල්ලක්, ඇඳිරි නීතිය පැනවූ මුල් කාලයේ අජිත් රෝහණ මහතාගේ ශබ්ද කෝෂයේ තිබුණේ නැත. ඒ කාලයේ කිව්වේ ‘ඇඳිරි නීතිය’ කියා පමණකි. නිරෝධායන ඇඳිරි නීතියක් ගැන ගම්පහ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කරයි. ‘මෙම නියෝගය මගින් මූලික වශයෙන් පැමිණිල්ල විසින් සැලකර සිටිනු ලබන ‘නිරෝධායන ඇඳිරි නීතිය’හි නෛතික වලංගුභාවය සම්බන්ධයෙන් මා විසින් තීරණය කළ යුතු බැවින්..’ යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේදී කියයි..ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්තිරන් ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවේයැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසුව, අජිත් රෝහණ මහතාත්, ආණ්ඩුවත් අර්බුදයට ගියේය. එහෙත් කිසිවෙක් ඒ හේතුව නිසාම ඇඳිරි නීතිය කඩ කළේ නැත. ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවෙතත්, කොරෝනාවෙන් බේරීමට සියලූ දෙනාම ස්වෙච්ඡාවෙන් ඇඳිරි නීතිය පිළිපැද්දෝය. එය කඩකළායැයි කියන දහස් ගණනක් දෙනා, එසේ කළේ ඇඳිරි නීතිය නීත්‍යනුකූලව පනවා නැති නිසායැයි සිතා බවට වාර්තා වී ද නැත..කොහොම වුණත්, ගම්පහ මහේස්ත්‍රාත්වරයා, යම් විශේෂිත සිදුවීමකට අදාළව නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යනුකූලයැයි දීර්ඝ තීන්දුවක් ලියා තිබේ..හැබැයි, ගම්පහ මහේස්ත්‍රාත්වරයා පොලිස් පැමිණිල්ලකදී ඇඳිරි නීතිය නීත්‍යනුකූලයැයි නියෝගයක් දුන් පමණින්ම ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවේ. හෙටානිද්දා වෙනත් මහේස්ත්‍රාත්වරයකු ඇඳිරි නීතිය නීත්‍යනුකූල නොවේයැ’යි තීරණය කළ හැකිය. එසේ කිරීමට සම්පූර්ණ නීත්‍යනුකූල බලය ඕනෑම මහේස්ත්‍රාත්වරයකුට තිබේ. ‘මීට කලින් අහවල් මහේස්ත්‍රාත්වරයා, ඇඳිරි නීතිය නීත්‍යනුකූලයැයි තීරණය කළ නිසා, තමාත් එසේ තීරණය කිරීමට’ කිසිම බැඳීමක් කිසිම මහේස්ත්‍රාත්වරයකුට නැත. වෙන විදියකට කිවහොත්, මහේස්ත්‍රාත්වරයකුගේ තීරණයකට කිසිම අනුගමනය කිරීමේ බැඳීමක් නැත. නැතිනම් ‘අනුගම්‍ය බලයක්‘ නැත. ලංකාවේ එවැනි අනුගමනය කිරීමේ බැඳියාවක් පහළ අධිකරණ මත ඇති කරන්නේ, අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු මගින් පමණකි..මහේස්ත්‍රාත්වරයකු යනු අධිකරණ පද්ධතියේ පහළම ශ්‍රේණියේ අධිකරණ නිලධාරියාය. ඔහුගේ/ඇගේ තීන්දුවලින් වෙනත් කිසිම අධිකරණ නිලධාරියකු නොබැඳේ. ඒ නිසා, මංජුල කරුණාරත්න මහතාගේ තීරණය සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා මාධ්‍ය තාරකාවක් වෙමින් ඕනෑවට වඩා උෂාර් නොවී සිටීමට උත්සාහ කිරීම හොඳය. නැතිනම්, හෙටානිද්දා ඊට පරස්පර තීන්දුවක් කවුරු හරි දුන්නොත් රෝහණ මහතාට උතුර දකුණ පටලවාගන්නට සිදුවනු ඇත..අනෙක් අතට, මංජුල කරුණාරත්න මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව ගම්පහ පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද මතක තබාගත යුතුය. ගම්පහ සිද්ධියට අදාළ පුද්ගලයා එවැනි අභියාචනයක් කරාවිදැයි පැහැදිලි නැත..කොරෝනා වසංගතය මැඬලීම එකකි. ඊට මුවාවී රටේ නීතියට අනුකූල නැති තහනම් පනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තවත් එකකි. නීත්‍යනුකූලව එය කළ හැකිව තිබියදී, එය නොකර, මිනිසුන් පීඩාවට පත්කිරීම තවත් එකකි..අජිත් රෝහණ මහතා නීතිඥයකුද වන බැවින්, මහජන ආරක්‍ෂක පනත යටතේවත්, නිරෝධායන ආඥා පනත යටතේවත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේවත්, පොලිස් ආඥා පනත යටතේවත් ඇඳිරි නීතිය පැනවිය හැකිදැයිද, දැන් පනවා ඇති ඇඳිරි නීතිය ඒ කිසිවක් යටතටවත් ගැනෙනවාදැයිද, කල්පනා කර බැලීමත්, තමන්ගේම හෘදය සාක්‍ෂියෙන් හා නෛතික දැනුමෙන් ප්‍රශ්න කිරීමත් හොඳ දෙයකි..සමහර විට ඒ මහතා මේ වන විටත් ඒ ගැන දැනුම් තේරුම් ඇති අධිකරණ නිලධාරීන්ගෙන් ඇඳිරි නීතිය නීත්‍යනුකූලදැයි උපදෙස් ලබාගෙන ඇතිවා වන්නටත් පුළුවන. සමහරවිට අධිකරණ නිලධාරීන් ඇඳිරි නීතිය පනවා ඇත්තේ කුමන නීතියක් යටතේදැයි ඔහුගෙන්ම ප්‍රශ්න කර තිබෙනවා වන්නටද පුළුවන. ඒ ප්‍රශ්නවලට ඔහුට උත්තර ඇති වී නැති වී ඇතිවා වන්නටත් පිළිවන..කෙසේ වෙතත්, මහජනතාව කළයුත්තේ ඇඳිරි නීතිය මුළුමනින්ම නීත්‍යනුකූල නොවෙතත්, ආණ්ඩුවේ වෑයම සලකා එයට අනුගත වී කොරෝනා වසංගතය මුලිනුපුටා දැමීමට හැකි අන්දමින් සහාය වීමය.x.Tags.ajith rohana.covid 19.ravaya.Ravaya Newspaper.sri lankan politics.අජිත් රෝහණ.අනිද්දා.අනිද්දා පුවත්පත.ඇඳිරි නීතියAnidda Newspaper.නවසීලන්තය.රාවය.රාවය පුවත්පත.වසංගතයanidda.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමෙත්සඳ සෙවණ සෙමි-ලොක්ඩවුන්.Next articleසතොස පෝලිමයි ඡන්ද පෝලිමයි එකක් නෙවෙයි- රෝහිණි කුමාරි විජේරත්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විධායක ජනාධිපති ක්‍රමය ගැන ‘අමතක කිරීම’ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විධායක ජනාධිපති ක්‍රමය ගැන ‘අමතක කිරීම’.By ගාමිණි වියන්ගොඩ.January 31, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි..රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”-.(තුර්කි ප්‍රස්තාවපිරුළකි).පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනතුරු අඟවා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති පිස්සෙක් ඇමරිකාවේ ජනාධිපති තනතුරට පත්විය. එහෙත් ඊළඟ පළමු අවස්ථාවේම ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනතාව සමත් වූහ. 1978 දී පටන් ගත් ලංකාවේ ජනාධිපති ක්‍රමයේ පළමු පාලන කාලය අවුරුදු 17 ක් යන තෙක් වෙනස් කරගැනීමට නොහැකි විය. ඊළඟට 1994 දී බලයට පත් පාලනය අවුරුදු 21 ක් යන තෙක් වෙනස් කරගැනීමට නොහැකි විය. විධායක ජනාධිපති ක්‍රමයේ සමස්ත ඉතිහාසය තුළ ඉතා පහසුවෙන් අවුරුදු 5 ක් වැනි කෙටි කාලයක් තුළ වෙනස් කරගැනීමට හැකි වී තිබෙන එකම පාලන කාලය වන්නේ යහපාලන තන්ත්‍රයයි. උත්ප්‍රාසය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමයේ එතෙක් ඉතිහාසය තුළ එම විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට පියවර ගත් එකම ආණ්ඩුවත් එයම වීමයි..ඊළඟ ජනාධිපතිවරණය සඳහා දැන් තියාම පිඹුරුපත් සකස් කරමින් සිටින පිරිසක් සිටිති. ඒ අතරින්, සජිත් ප්‍රේමදාස, බැසිල් රාජපක්ෂ, අනුර කුමාර දිසානායක සහ චම්පික රණවක කැපී පෙනේ. ඔවුන් අතරින් චම්පික රණවක හැරුණු කොට අනිත් සියල්ලන්, අතීතයේ යම් කාලයක, මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත් පක්ෂයක හෝ කඳවුරක සාමාජිකයන් ය. මෙම ක්‍රමයට එක දිගටම ආශා කළ චම්පික රණවක පවා, ලංකාවේ මැතිවරණ ක්‍රමයත් වෙනස් කෙරෙන්නේ නම්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ඉල්ලීමට එකඟ විය හැකි යැයි අද කියන බව පසුගිය දා වාර්තා විය..ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රති-ප්‍රජාතන්ත්‍රවාදය අතර එක් මූලික වෙනසක් තිබේ. එනම්,.ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාලකයා බැඳ තබන යාන්ත්‍රණය, ප්‍රති-ප්‍රජාතන්ත්‍රවාදය තුළ නැති වීමයි. ඒකාධිපතියා යනු, නිදහස් පාලකයෙකි. සිතැඟියාවක් කිරීමේ බලය සහ නිදහස ඔහුට තිබේ. ඔහු බැඳී සිටින යදම්, එක් සීමාන්තික අවස්ථාවකදී හැර, ඉතා ලිහිල් ය. සීමාන්තික අවස්ථාව වන්නේ, ජනතාව කුලප්පු වී, ඒකාධිපතියාව බෙල්ලෙන් අල්ලා බාල්කයක එල්ලා ඝාතනය කිරීමේදී ය. (මුසෝලිනී). නැත්නම්, තමාගේ සුරතල් බල්ලාටත් වෙඩි තබා තමාත් වෙඩි තබාගෙන බංකරයක් ඇතුළේ සියදිවි නසාගැනීමේදී ය. (හිට්ලර්)..ප්‍රජාතන්ත්‍රවාදය තුළ, නායකයා මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට පත්වීම වළක්වයි. එහි රහස වන්නේ නායකයා යහපත් පුද්ගලයෙකු වීමම නොව, නායකයාට ඒකාධිපතියෙකු වීමේ ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇහිරී තිබීම ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළත්, ඇතැම් තත්වයන් යටතේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතියන් ඇති විය හැකිය. විධායක ජනාධිපති ක්‍රමය යනු, එවැනි ඒකාධිපතියන් ව්‍යවස්ථානුකූලව පත්කර ගැනීමේ වැඩි ශක්‍යතාවක් සහිත පාලන ක්‍රමයකි. මේ ලිපියේ මුලින් කී පුද්ගලයන් සියල්ලන්ම ජනාධිපති තනතුරට නුසුදුස්සන් වන්නේ, ඒ සියලු දෙනාගේම චරිත ස්වභාවය නිසා හෝ දෘෂ්ටිවාදී නැමියාවන් නිසා, ඕනෑම අවස්ථාවක, ප්‍රජාතන්ත්‍රවාදියාගෙන් ඒකාධිපතියා වෙත මාරු වීමේ චරිත ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් ඔවුන් සියල්ලන් සමන්විත වන නිසා ය..දැන් කෙනෙකු ප්‍රශ්නයක් මතු කළ හැකිය: මෙය, පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නම්, යහපත් පුද්ගලයෙකු සිටියොත් විධායක ජනාධිපති ධුරයත් යහපත් එකක් විය නොහැකිද? උත්තරය මෙයයි: මුලින්ම, මෙය පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. පුද්ගලයන් නිදර්ශනයට ගන්නේ, ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නය තේරුම් ගැනීම වඩාත් පහසු වන නිසා ය. එහෙත්, පුද්ගලයාගෙන් එපිටට ගිය විට, ප්‍රශ්නයේ සැබෑ හරය අපට තේරුම්ගත හැකිය. දෙවැනුව, පුද්ගලයා යහපත් වුණත්, මේ ක්‍රමය තුළ ලංකාව වැනි රටක ජනාධිපති තනතුර යහපත් විය නොහැක. (ඒ කාරණාද්වය ගැන පසුව සාකච්ඡා කෙරේ)..නායකයන්ගෙන්උ ත්තර ඉල්ලා සිටිය යුතු ප්‍රශ්නය.අනුර කුමාර දිසානායක හැර, කලින් කී සියලු දෙනාගෙන් අප සෘජු උත්තරයක් ඉල්ලා සිටිය යුතුය. එනම්, විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම, ඔවුන් සිතන පරිදි, තවදුරටත් අවශ්‍ය වන්නේ ඇයිදැයි රටට පහදා දෙන ලෙසයි. අනුර කුමාර දිසානායකට ඒ ප්‍රශ්නය ඉදිරිපත් නොකෙරෙන්නේ, ‘අර්බුදය ජයගැනීමේ කඩිනම් ප්‍රවේශයක්’ තුළ ඔහු මෙසේ සඳහන් කොට ඇති බැවිනි:.“තනි පුද්ගලයෙකු මත අත්තනෝමතික ලෙස බලය සංකේන්ද්‍රණය වූ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුවට වගකියන කැබිනට් මණ්ඩලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැඟිය යුතුය.”.මෙය, ඔහු මෙන්ම, සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයෙන්ද පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිය යුතු වැදගත් කාරණයකි. අද ප්‍රධාන විපක්ෂය වශයෙන් සිටින ඔවුන් මේ කාරණය මඟහැර යාමට බැලීම අනතුරුදායක ය. එසේ මඟහැර යාමට බැලීමම, අපේ අනාගතය පිළිබඳ භයංකාර පෙරනිමිති දනවයි..ඔවුන්ගේ නිශ්ශබ්දතාව තුළ අපට සලකා බැලීමට සිදුවන්නේ, මේ මතවාදය, එනම් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තබා ගත යුතු බවට වන මතවාදය ඔවුන් වෙනුවෙන් සමාජගත කිරීමට උත්සාහ කරන වෙනත් අයගේ තර්ක විතර්ක ඇසුරිනි. එහි ප්‍රමුඛ ප්‍රකාශකයෙකු වන්නේ ආචාර්ය දයාන් ජයතිලක ය. ඔහු සමගි ජනබලවේගයේ උපදේශකයෙකු වශයෙන් සිටින වියතෙකි. ගෝඨාභය ‘වියත් මඟේ’ අයට වඩා බුද්ධිමතෙකි. එහෙත් දයාන් ජයතිලක තමන්ගේ දැනුම සහ තර්ක ඥානය ඉතිහාසයේ බොහෝ අවස්ථාවල පාවිච්චි කොට ඇත්තේ, සැබෑව විදාරණය කිරීමට වඩා, තමා ඒ මොහොතේ පය ගසා සිටින කඳවුර යුක්ති සහගත කිරීම සඳහා බව ඔහුගේ අතීත චර්යාව පෙන්වා දෙයි..එසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අරභයා දයාන්ගේ කරුණු දැක්වීම් වැදගත් කොට සැලකිය යුතුව තිබේ. මන්ද යත්, ඔහු වැනි වියතෙකුගේ කරුණු දැක්වීම් එසේ නම්, ඊට අඩු මට්ටමේ පෘථග්ජනයෙකුගේ කරුණු දැක්වීම්වලට පිළිතුරු දීමේ මහන්සියෙන් අපට නිදහස් වී සිටිය හැකි බැවිනි..දයාන් ජයතිලකගේ තර්ක-විතර්ක.ජනාධිපති ක්‍රමය ගැන ඔහුගේ අලුත්ම ලියවිල්ල තුළ එක තර්කයක් අපට හමු වෙයි. එනම්, චීලී රටේ මෑතකදී ජනාධිපති ධුරයට පත්වූ තරුණ රැඩිකල්වාදියා එරටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන කතා කොට නැති බවයි. ඇත්ත, එහෙත් අපේ රටේ ජනාධිපති ක්‍රමය හෝ වෙනත් ඕනෑම රටක ජනාධිපති ක්‍රමයක් හෝ පවත්වාගෙන යා යුතු බවට එය ‘තර්කයක්’ වන්නේ කෙසේදැයි කෙනෙකුට කියා දිය හැකිද? බුදුරජාණන් වහන්සේ යුද්ධයට විරුද්ධ වී නැති බව වරක් කියා සිටි මහාචාර්ය නලින්ද සිල්වා ඊට තර්කයක් වශයෙන් ගෙනහැරපෑවේ, හමුදා විසුරුවා හරින්නැයි කිසි රජ කෙනෙකුට බුදුන් වහන්සේ දේශනා කොට නැති වීමයි. විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගැනීම අරභයා වන දයාන් ජයතිලකගේ බුද්ධි මණ්ඩලයේ මුවහත්ම අවි වන්නේ මේවා නම්, එයම කියාපාන්නේ, විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගැනීමට තරම් වැදගත් හේතුවක් අපට නැති බවයි..ඊට කලින් මීට වඩා තරමක් හරවත් තර්කයක් වෙනත් ලිපියකින් ඔහු ගෙනහැර දක්වා තිබුණි. එනම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම, විධායක ජනාධිපති ක්‍රමයක් සහිත රටවල් නියෝජනය කරන්නන් බව ය. 69 ලක්ෂයක් මිනිසුන් විශ්වාස කළ පමණින් යමක් නිවැරදි වන්නේ නැති බව, දේශීය වශයෙන් අපි මේ මොහොතේ උගෙන ගනිමින් සිටිමු. බිලියන 8 කට ආසන්න ලෝක ජනගහනයෙන් බිලියන 4.30 ක් හෙවත් සියයට 50 ට අධික ජනතාවක් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් වීම, ලංකාවේ බෞද්ධයන් ඉදිරියේ කිතුණුවකු විදිහට ‘තර්කයක්’ වශයෙන් දයාන් ගෙනහැර දක්වන එකක් නැත. කෙසේ වෙතත්, රටක් වශයෙන් අපට ඉගෙනීමට ඇති බොහෝ දේවල් ලෝකයෙන් සොයා බැලීමේ වරදක් ඇතැයි මේ ලියුම්කරු නොසිතයි. එහෙත් එසේ සොයා බැලීමේදී අප සැලකිල්ලට ගත යුත්තේ, මතුපිටින් පෙනෙන්ට ඇති සංඛ්‍යාත්මක අගයන් නොව, ඒවා පසුපසින් තිබිය හැකි ගුණාත්මක අගයන් ය..දයාන් කියන, විධායක ජනාධිපති ක්‍රමයක් සහිත රටවල් හතර වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව සහ චීනයයි. විධායක ජනාධිපති ක්‍රමයක් නැති, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයන් අතර සිටින එකම රට වන්නේ මහා බි්‍රතාන්‍යයි. පහෙන් හතරක් හෙවත් සියයට 80 ක් විධායක ජනාධිපති ක්‍රමය තෝරාගෙන ඇති බව දයාන් ගම්‍ය කරන අදහසයි. මේ රටවල් හතර ගැන අපි දැන් විමසා බලමු..ඒ අතරින් චීනය යනු එක පක්ෂයක් රජයන, එක නායකයෙකු ජීවිතාන්තය දක්වා එරටේ නායකත්වයේ සිටිය යුතු බවට ව්‍යවස්ථාවෙන්ම ලියාගෙන ඇති, ඒක-පාක්ෂික සහ ඒකා-අධිපති ක්‍රමයකි. ඒ නිසා, පාලන ක්‍රමයක් වශයෙන් චීනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවට ගන්නට දෙයක් නැත. ඊළඟට රුසියාව ගත්තොත්, දැඩි අධිකාරීවාදයක් ස්වකීය ජනාධිපති ක්‍රමය හරහා පිහිටුවාගෙන ඇති, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ප්‍රසිද්ධියේ උල්ලංඝණය කරන, ව්‍යවස්ථානුකූල ඒකා-අධිපති රාජ්‍යයකි. විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ/නොහොඳ ගැන අප කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නමැති පසුබිමේ සිට නම්, මේ රටවල් දෙකෙන් එකකින් හෝ ඉගෙන ගැනීමට වැදගත් පාඩම් සොයාගැනීමට නැත. අවශ්‍ය නම් උගත හැක්කේ, දැනටත් වඩා අධිකාරීවාදී වන්නේ කෙසේද සහ දැනටත් වඩා මර්දනකාරී වන්නේ කෙසේද යන්න පමණි..ඇමරිකාව සහ ප්‍රංශය: සාර්ථකත්වයේ නිදර්ශන.දැන්, දයාන්ගේ ආදර්ශ රටවල් හතරෙන් දෙකක් එසේ පැත්තකින් තැබූ විට තව රටවල් දෙකක් ඉතිරි වෙයි. ඒ, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශයයි. මේ රටවල් දෙකේ විධායක ජනාධිපති ක්‍රමය සාර්ථක බව අප පිළිගත යුතුය. ඒවා, ප්‍රජාතන්ත්‍රවාදී බවත් අප පිළිගත යුතුය. එහෙත් ඒ රටවල් දෙක එසේ වී ඇත්තේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. ඊට ලැබෙන උත්තරය, කලින් කී රුසියාව සහ චීනයේ ජනාධිපති ක්‍රමය ආදර්ශයක් වශයෙන් නොගැනීමට හේතුකාරක වූ කාසියේම අනිත් පැත්ත බව අපට එවිට වැටහෙනු ඇත. එනම්, ඇමරිකාවේ සහ ප්‍රංශයේ දක්නට ලැබෙන, දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රීය ආයතනික පද්ධතිය සහ දියුණු දේශපාලන/සමාජ සංස්කෘතිය, ඒ රටවල් දෙකේ විධායක ජනාධිපති ක්‍රමය සාර්ථකව නඩත්තු කිරීමට හේතුකාරක වී ඇති බවයි. විධායක ජනාධිපති ක්‍රමයක් සාර්ථක විය හැක්කේ, එකී කොන්දේසි ඇති රටක පමණක් වන බව එහි අදහසයි. තවද, විධායක ජනාධිපති ක්‍රමයක් ඇති ඇමරිකාව සහ ප්‍රංශය යන රටවල් දෙකම සමාජයීය වශයෙන්, දේශපාලනික වශයෙන් සහ සංස්කෘතිය අතින් නෑකම් කියන්නේ, තමන් මෙන්ම විධායක ජනාධිපති ක්‍රමයක් ඇති චීනයට හෝ රුසියාවට නොව, විධායක ජනාධිපති ක්‍රමයක් නැති බි්‍රතාන්‍යයට බවත් කවුරුත් දන්නා කාරණයකි..මේ ඉතිහාසය සහ සමාජ තත්වයන් සැලකිල්ලට නොගෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයන්ගෙන් 5 න් 4 ක් විධායක ජනාධිපති ක්‍රමයට අයත් වූ පමණින්, අපටත් යෝග්‍ය වන්නේ එයම යැයි කීම දයාන් වැනි විද්වතෙකුට තරම් නොවන කල්පනාවකි..ඊළඟට, විධායක ජනාධිපති ක්‍රමය, කියන තරම් දරුණු නැතැයි පෙන්වීමට ඔහු තවත් තර්කයක් ඉදිරිපත් කරයි. එනම්, එක වාරයක් පමණක් ගත වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ව ගෙදර යැවීමට ඇමරිකාවේ ජනාධිපති ක්‍රමයට හැකි වීමයි. නැවතත් ඔහු ඔප්පු කර පෙන්වන්නේ කාගේ තර්කයද? ඔහුගේ නොව, අපේ තර්කය ය. එනම්, ඇමරිකාවේ දියුණු දේශපාලන සංස්කෘතිය සහ ශක්තිමත් ආයතනික පද්ධතිය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ව් මුල් අවුරුදු හතරෙන් පසුව ගෙදර යැවිය හැකි වූ බව පැවසිය යුත්තේ, ඔහු නොව අප ය. ඊළඟට, එම තර්කයම අනිත් පැත්තෙන් ඔප්පු කරගැනීමටත් දයාන් ජයතිලකට අවශ්‍ය නම්, ඔහු හැරිය යුත්තේ, රුසියාවේ පුටින් වෙත ය. ඔහුව ගෙදර යැවීමට, මැතිවරණ තිබියදීත් එරට ජනතාවට බැරි වී ඇත්තේ ඇයි? තවත් ටිකක් එහාට ගොස්, මොන තරම් ඡන්ද තිබ්බත් චීනයේ නායකයාව මරණය තෙක් එම තනතුරෙන් ඉවත් කළ නොහැක්කේ ඇයිද යන්නත් කෙනෙකු කල්පනාවට ගත යුතුය..ජනාධිපති ක්‍රමයේ අනිවාර්ය කොන්දේසිය:සමාජ දියුණුව සහ ශිෂ්ටත්වය.විධායක ජනාධිපති ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රීය අරුතකින් ඔරොත්තු දිය හැක්කේ, දියුණු දේශපාලනික සංස්කෘතියක් සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතියක් ඇති රටකට පමණක් බව එහි අදහසයි. ලංකාව වැනි, ඒ දෙකම නැති රටකට, එවැනි විධායක ජනාධිපති ක්‍රමයක් හරහා ලැබිය හැක්කේ, අධිකාරීවාදයේ සිට ඒකාධිපතිවාදය දක්වා වන, මර්දනකාරී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී රාජ්‍ය නායකයන් විසින් හොබවනු ලබන, ප්‍රජාපීඩක රාජ්‍ය තන්ත්‍රයක් පමණි..ලෝකයේ ඇතැම් රටවල් පාර්ලිමේන්තු ක්‍රමයක සිට විධායක ජනාධිපති ක්‍රමයකට මාරු වී ඇති බවත් හෙතෙම කියයි. මෙය, අමුතුවෙන් කීමට දෙයක් නොවේ. ලංකාව එසේ මාරු වූ එක් රටකි. එහෙත් අප එසේ මාරු වුණේ ඇයිද යන්නත්, ගත වූ අවුරුදු 44 ක කාලය තුළ ඒ ක්‍රමයේ ආදීනවත් අද වන විට ඕනෑවටත් වඩා අප අත්දැක තිබේ. පාර්ලිමේන්තු ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයට රටවල් මාරු වූ බව කියන ඔහු, විධායක ජනාධිපති ක්‍රමයක සිට පාර්ලිමේන්තු ක්‍රමයකට රටවල් මාරු වන තත්වයකුත් ඇති බව වසංගයි..අපේ කලාපයේම රටවල් දෙකක් ඒ විදිහට ජනාධිපති ක්‍රමයක සිට පාර්ලිමේන්තු ක්‍රමයට මාරු වූ බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙයි. ඒ, පාකිස්තානය සහ බංග්ලාදේශයයි. මේ රටවල් දෙකම, නිදහස ලැබීමේදී පාර්ලිමේන්තු ක්‍රමයක් තෝරාගෙන ඇති මුත්, පසුව විවිධ හමුදා පාලනයන් යටතේ විධායක ජනාධිපති ක්‍රමයකට මාරු විය. පාකිස්තානය 1962 හමුදා කුමන්ත්‍රණයෙන් පසු, ඒ විදිහට, පාර්ලිමේන්තු ක්‍රමයෙන් ඒක-අධිපතිවාදී ක්‍රමයට මාරු විය. එහෙත් 2010 වන විට, විවිධ හැලහැප්පීම් ගණනාවක් පසු කොට ඇවිත්, අවසානයේදී පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට අද වන විට ඒ රට ප්‍රවිශ්ට වී සිටී. නිදහස ලබා ගැනීමේදී පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරගත් බංග්ලාදේශයත්, ඉන්පසු 1975 දී විධායක ජනාධිපති ක්‍රමයකට මාරු විය. එහෙත් දීර්ඝ හමුදා පාලන යුගයකින් පසුව 1991 දී එම රටත් නැවත වරක් පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට මාරු වූ බව ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙයි. මෙවැනි හමුදා පාලන නොතිබුණු මුත්, රජ ක්‍රමයක් පැවති අපේ කලාපයේ තවත් රටවල් දෙකක් පාර්ලිමේන්තු පාලන ක්‍රමය තෝරාගෙන තිබේ. ඒවා නම්, නේපාලය සහ භූතානයයි..මේ විෂය සම්බන්ධයෙන් ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, 1945 සිට 1979 දක්වා කාලය තුළ විදේශිකයන් අතින් නිදහස ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 93 ක් ලෝකයේ ඇති බවත්, ඊළඟ දශකය තුළ එනම් 1980 දශකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වශයෙන් එක දිගටම රැඳී සිට ඇත්තේ ඒ අතරින් රටවල් 15 ක් පමණක් බවත්, ඒ රටවල් සියල්ල පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් සහිත රටවල් බවත් ය. එහි අදහස වන්නේ, නිදහසෙන් පසු පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් වෙනුවට ජනාධිපති පාලන ක්‍රමයක් තෝරාගත් සෑම රටක්ම, නිදහසෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයේ ඛාදනයන්ට ගොදුරු වී ඇති බවයි. මේ කරුණු සියල්ල ඔහු උපුටා දක්වන “ආණ්ඩු ව්‍යුහය සහ මැතිවරණ පද්ධති” නැමති කෘතියේ කතුවරයා පෙන්වා දී ඇති පරිදි, සමස්තයක් වශයෙන් ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදය දරා සිටීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ හැකියාව අතින් ගත් විට, ජනාධිපති පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් තුන් ගුණයකින් ශක්තිමත් වෙයි..ජාත්‍යන්තර අත්දැකීම් එසේ වෙතත්, වඩා වැදගත් වන්නේ අපේ අත්දැකීම් ය. ජාත්‍යන්තරයටත් පාඩම් කියා දිය හැකි තරමට, විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අපූරු අත්දැකීම් තොගයක් අපට තිබේ. ඒ ගැන පසුව කතා කරමු.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලංවිම අර්බුදය මෙතනින් කොතැනටද?.ඉංජිනේරු ඉල්ලීම ඉටුවේ, සභාපති ඉවත්වේ.Next articleඑක එක වෙලාවට එක එක සැකකරුවා වේදිකාවට ගෙනෙන.බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය.පොලිස් පරීක්ෂණ ව්‍යාකුලයි: නීතිඥයෝ කියති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
Cult of personality, ඒකාධිපතියන්ගේ පෞරුෂ උමතුව ගැන නිපැයුණු වාර්තා චිත්‍රපට | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Cult of personality, ඒකාධිපතියන්ගේ පෞරුෂ උමතුව ගැන නිපැයුණු වාර්තා චිත්‍රපට.By සංස්කාරක.March 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අතුල දිසානායක.ඒකාධිපති පාලකයින් පිළිබඳ හැඳින්වීමේදී යෙදෙන ක Cult of Personality හෝ Personality Cult යන්න ගැන නිශ්චිත සිංහල යෙදුමක් ඇත්දැයි නොදනිමි. එවැන්නක් සොයා ගන්නට ද නොහැකි විය. එහෙත් එය හැඳින්වීම සඳහා “පෞරුෂ පිස්සුව”, පෞරුෂ උමතුව හෝ “පුද්ගලවාදී පිස්සුව” හෝ “පුද්ගලවාදී උමතුව”, “පුද්ගලවාදී ඇදැහිල්ල” යන්න යෙදීම් වඩාත් ගැළපෙන බව සිතමි..රටක නායකයා අසමසම, ශ්‍රේෂ්ඨ, වීරත්වයෙන් යුතු පුද්ගලයකු ලෙස ඔසවා තැබීම පෞරුෂ වැළඳුණු නායකයින් සිටින රටවල ලක්ෂණයකි. පාලකයා අභිනන්දනය කරන තරමට අනෙක් දේශපාලනඥයිුන්ගේ සහ නිලධාරි පැළැන්තියේ පැවැත්ම සහතික වේ. මේ නිසා රටේ පාලකයාට කදිමට ගැළපෙන ප්‍රචාරණ යාන්ත්‍රණයක් නිර්මාණය වේ. පෞරුෂ උමතුව වැළඳුණු ඒකාධිපතියන් ගැන සිය ගණන් වාර්තා චිත්‍රපට නිර්මාණය වී තිබේ. මේ සටහන ලියවෙන්නේ භැඑකෙසං වාර්තා චිත්‍රපට මාලාවක් වන How to Become a Tyrant (2001), History Documentary Russia’s War-10, The Cult of Personality (2020), Cult of the Personality in the Soviet Union- Cold War Documentary, History of the North Korean Cult of Personality – The Legacy of Kim II Sung (2021) සහ Evolution of Evil යන වාර්තා චිත්‍රපට මාලාව ඇතුළු කෙටි සහ දීර්ඝ වාර්තා චිත්‍රපට පදනම් කරගෙනය. එමෙන්ම ඒකාධිපතියන් ගැන ලියවී ඇති වෙනත් ලිපි ද පරිශීලනය කෙරිණි..පෞරුෂ උමතුව තදින් වැළඳුණු මේ ඒකාධිපතියන්ගෙන් ඇතැමෙකුගේ ළමා කාලයේදී විවිධාකාර ලෙස දුක්ගැහැට සහ ඛේදවාචකවලින් පිරී තිබේ. ඇතැම් අය සමාජයේ පන්තිමය වශයෙන් හෝ වෙනත් සංස්කෘතික බෙදීම් අනුව කොන් කිරීමට හෝ අසාධාරණයට ලක්වූ අය වෙති. එමෙන්ම මොවුන් බොහෝ දෙනා බලයට පත්වන්නේ හමුදා කුමන්ත්‍රණ හෝ වෙනත් දේශපාලන කුමන්ත්‍රණ තුළිනි..සෝවියට් යුගයේ ස්ටාලින් උත්කර්ෂයට නැංවූ අයුරු.ජර්මනියේ සිදුකෙරුණු පර්යේෂණ වාර්තා උපුටා දක්වමින් The Guardian පුවත්පතේ ලියවුණු ලිපියක ඇඩෝල්ෆ් හිට්ලර් කුඩා කාලයේ සිය පියාගේ ශාරීරික හිංසනයට ලක්වූ අන්දම පෙන්වා දෙයි. එය ඔහුගේ සහෝදරිය පවුලා හිට්ලර් (Paula Hitler 1896 -1960) විසින් පසුකලෙක අනාවරණය කරන ලද්දකි. 1977 -2010 දක්වා වසර 33ක් බලයේ සිටි මුවම්මර් ගඩාෆි ලිබියාවේ කුඩා සංචාරක ගෝත්‍රයක් වූ බෙඩොයින් ගෝත්‍රයට අයිති වූවෙකි. ළමා කාලයේ ගැහැට විඳි ඔහු පාසලේ දී අනෙක් ළමුන් අතින් හිරිහැරයට ලක්වූවෙකි. රුසියාවේ ජෝර්ජියාවේ උපත ලැබූ, 1922 සිට 1953 දක්වා වසර 31ක කාලයක් රුසියාව පාලනය කළ ජෝශප් ස්ටාලින්ගේ ළමා කාලය ද සතුටුදායක එකක් නොවීය. කුඩා කාලයේ ස්ටාලින්ට වසූරිය වැළඳුණු අතර ඔහුගේ වම් අත උපතේදී ඇතිවූ ආබාධයක් සහිත විය. උගත් මිනිසුන් ඉදිරියේ ඔහු හීනමානයෙන් පෙළුණු අයෙක් විය. 1979 සිට 2003 දක්වා වසර 24ක් ඉරාකය පාලනය කළ සදාම් හුසේන්ගේ ළමා කාලය ද දුක්මුසු එකකි. සංචාරක එඬේර පවුලකට අයත් වූ ඔහු සිය සුළුපියාගේ හිංසනයට ලක් වූ අතර වයස අවුරුදු 10දී නිවසින් පැනගියේය..ලෝකයේ එතෙක් මෙතෙක් සමාජවාදී හෝ කොමියුනිස්ට් හෝ ධනේශ්වර ක්‍රමවල බිහි වූ ඒකාධිපතියන්ට මේ පිස්සුව වැළඳී තිබේ. තමන් වර්ණනා කරගැනීමට, උත්කර්ෂයට නංවා ගැනීමට රාජ්‍ය ප්‍රචාරණ යන්ත්‍රණය උපරිම වශයෙන් භාවිත කිරීම මේ පුද්ගලවාදී පිස්සුව වැළඳුණු මිනිසුන්ගේ ලක්ෂණයයි. ගම් නියම්ගම්වල, නගරවල දැවැන්ත පිළිම ඉදිකිරීම, දැවැන්ත චිත්‍ර හෝ ඡයාරූප එල්ලා තැබීම, උද්‍යාන, මාවත් ආදියට සිය නම තැබීම, මේ ඒකාධිපතියන්ගේ ලක්ෂණයකි. මේ වර්ගයේ අයගේ තවත් ප්‍රකට ලක්ෂණයක් වන්නේ දීර්ඝ ලෙස කතා කිරීමයි. එමෙන්ම එය අසා සිටින්නන්, අවසානයේ මිනිත්තු ගණනාවක් නොකඩවා අත්පොලසන් දිය යුතු අතර කිසිවෙකුත් තම අත්පොලොසන් නාදය කලින් නිම කිරීමට බියවෙති. දැවැන්ත හමුදා සංදර්ශන, පෙළපාලි ආදිය පැවැත්වීමද මෙවන් නායකයන්ගේ ලක්ෂණයකි. තමන්ගේ නමින් රටේ ඉහළම සම්මාන පිරිනැමීම ආදිය ද මෙම පුද්ගල උමතුව තදින් වැළඳුණු පාලකයින්ගේ ලක්ෂණයකි..ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔබට බහුපක්ෂ ක්‍රමයක් දැකගත හැකි අතර ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී හෝ කොමියුනිස්ට් අදහස් දරන දේශපාලන පක්ෂ දැකිය හැකිය. එහෙත් සමාජවාදී හෝ කොමියුනිස්ට් රටක දැකිය හැක්කේ එක් පක්ෂයක් පමණි. ඒ කොමියුනිස්ට් පක්ෂයයි. මේ නිසා එක් පුද්ගලයකු මතුවීම, එම පුද්ගලයා දශක ගණන් පාලන බලය හෙබවීම සුලබ ලක්ෂණයකි. එමෙන්ම සමාජවාදී නොවුණද ඒකාධිපතියන් සිටින ධනේශ්වර රටවලද මෙම තත්වය දැකිය හැකිය. මීට අමතරව ඒකාධිපතියන් නොවුණ ද මේ පෞරුෂ පිස්සුව වැළැඳුණු පාලකයින් ලෝකයේ සෑම මහද්වීපයකම දකින්නට ලැබේ..සදාම් හුසේන් තමන්ව වීරත්වයට නගා ගැනීමට දැවැන්ත චිත්‍ර සහිත පුවරු රට පුරා පිහිටුවූයේය..මිහිමත මේ මොහොතේ මේ පෞරුෂ පිස්සුව තදින්ම වැළඳී ඇති දේශපාලන නායකයකු ලෙස උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ කිම් ජොන් උන් හැඳින්විය හැකිය. මීට පෙර එය වැළඳී තිබුණේ ඔහුගේ සීයා වන උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ පළමු නායකයා වන කිම් ඉල් සුන්ග්ටය. ඔහු 1948 සිට 1994 දක්වා වසර 48ක් පාලන බලය හෙබවූ අතර ඊළඟට බලයට පැමිණියේ ඔහුගේ පුතා වන කිම් ජොන්ග් ඉල්ය. ඔහුගේ පාලන කාලය 1994 සිට 2011 දක්වා වසර 17කි. දැන් උතුරු කොරියාව පාලනය කරන්නේ කිම් ඉල් සුන්ගේ මුණුබුරා වන කිම් ජොන් උන්ය. මේ වන විට 2011 සිට වසර 11ක කාලයක් ඔහු උතුරු කොරියානු රාජ්‍ය පාලනය කරයි. මේ එකම පරම්පරාවේ (සීයා, පුතා සහ මුණුබුරා වශයෙන්) පෞරුෂ උමතුව විඳ දරාගැනීමට උතුරු කොරියානු වැසියන්ට සිදුවී තිබේ. මේ තිදෙනාගේම දැවැන්ත පිළිම රට පුරා ඉදිකෙරී ඇති අතර උදෑසන සිට නින්දට යන තෙක් එරට ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් මිනිසුන්ට අසන්නට- දකින්නට ලැබෙන්නේ කිම් ජොන් උන්ගේ වර්ණනාව සහ කොමියුනිස්ට් පිතෘභූමියේ වර්ණනාවයි..බාහිර ලෝකයෙන් වෙන් කරනු ලැබූ, බාහිර ලෝකය කුමක් ද කියාවත් නොදන්නා මේ පුරවැසියන්ට රජයේ මාධ්‍ය (තිබුණේ රජයේ මාධ්‍ය පමණි) තුළින් උදේ සවස දිනපතා අවුරුදු ගණන් නායකයාගේ ගුණ වැයූ විට, ඔහුගේ ක්‍රියාකාරකම් වැනූ විට ඒවා පමණක් දකිමින් මොළ ශෝධනයට ලක්වී තම නායකයා තරම් නායකයකු ලොවේ අන් තැනක නැතැයි සිතයි. තමන්, තම රට සහ ජාතිය ගලවා ගැනීමට ඇති එකම නායකයා ඔහු බව සිතයි. ඉදින් තම සදාදරණීය නායකයා වෙනුවෙන් දිවි පිදීමට වුවද ඉදිරිපත් වේ. උතුරු කොරියාවේ කිම් කොමියුනිස්ට් පරම්පරා තුන ගැන නිපදවී ඇති වාර්තා චිත්‍රපට නරඹන විට පුද්ගලවාදී පිස්සුව කොතරම් ද යත් අවබෝධ කරගත හැකිය..නායකයා උත්සව අවස්ථාවක දකින විට, නායකයා ජාතිය අමතන විට, නායකයා මිය ගිය විට ජනතාව හොටු පෙරමින්, විලාප තබමින් හැඬීම මේ ගණයේ නායකයන් සිටිනා රටවල ලක්ෂණයකි. උතුරු කොරියාවේ දැන් නායකයාව සිටින කිම් ජොන් උන්ගේ පියා 2012 මියගිය විට මිනිසුන් විලාප තබමින් හඬන දර්ශන ඕනෑ තරම් යූටියුබයෙන් දැක ගත හැක. මෙවන් අවස්ථාවල මිනිසුන් ප්‍රමාණවත් ලෙස වැළපෙන්නේ නැතිනම් ඔවුන්ට කොමියුනිස්ට් රජය දඬුවම් කරන බවට බටහිර රටවල් චෝදනා කළේය. එහෙත් එය උතුරු කොරියානු රජය ප්‍රතික්ෂේප කළේය. එහෙත් මේ තරම් දැවැන්ත ලෙස සෑම මිනිසෙකුම එක අන්දමින් විලාප තබමින් වැළපෙන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට අපහසු නැත. එකක් වන්නේ පෞරුෂ උමතුව මගින් නායකයා තම යටත්වැසියන් තුළ ඇති කර ඇති නායක ගැති මනෝභාවයයි. දෙවැන්න ප්‍රමාණවත් ලෙස හැඬුවේ නැතිනම් දඬුවම් විඳින්නට සිදුවීමේ බියයි. බිම පෙරළෙමින්, පොළොවේ හැපෙමින් වැළපෙන උතුරු කොරියානු වැසියන් දුටු විට කිසිවෙකුට සිනහ නොවී සිටිය නොහැක..දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන නායකයන් හැඳින්වෙන්නේ මහජන නියෝජිතයන් ලෙසය. ඔවුහු මහජන ඡන්දයෙන් තේරී පත්වී නිසි කාලයේ දී ධුරයෙන් බැස යති. එහෙත් මේ පුද්ගලවාදී පිස්සුව වැළඳුණු ඒකාධිපතියන් දශක ගණන් පාලනයේ රැඳී සිටිමින් සිය ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ තමන් විසින්ම සිය යටහත් ජනතාව ලවා උත්කර්ෂයට නංවා ගනිමිනි. නිදසුන් ලෙස ‘සදාදරණීය නායකයා’, ජාතියේ පියා, ජාතියේ විරුවා, උත්තරීතර නායකයා, හොඳම මිතුරා යනුවෙන් තමන් හඳුන්වා ගැනීම මේ පුද්ගලවාදී පිස්සුව වැළඳුණු ඒකාධිපතියන්ගේ ලක්ෂණයකි. ඉහත දැක්වූ සියල්ල සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝශප් ස්ටාලින් හැඳින්වීමට යොදාගන්නා ලදි. ඇතැම් තැන්වල කලාවේ සහ විද්‍යාවේ විශිෂ්ටයා යන නාමයෙන් ද ස්ටාලින්ව හඳුන්වා ඇත. ස්ටාලින්ගේ ප්‍රතිමා රට පුරා ඉදිවෙන්නට පටන් ගත් අතර ස්ටාලින්ගේ නම අලුත උපන් දරුවන්ට යොදන ලදි. ස්ටාලින්ගේ මෙන් උඩුරැවුල සහිත නළුවන් චිත්‍රපටවල දකින්නට ලැබුණු අතර කලාකරුවන්ට සිය නිර්මාණවලින් ස්ටාලින් අභිනන්දනය කිරීමට ධෛර්යවත් කරන ලදි. ස්ටාලින්ගේ රුව කාල් මාර්ක්ස්, එංගල්ස්, ලෙනින් හා සමව තබමින් උත්කර්ෂයට නංවන චිත්‍ර නිර්මාණය කෙරිණි..20 වන සියවසේ පෞරුෂ උමතුවෙන් පෙළුණු දරුණුතම පුද්ගලයා වන ස්ටාලින්ගේ අබිරහස් මරණයෙන් පසු බලයට පැමිණි නිකිතා කෘෂේව් 1956 පෙබරවාරි 25 සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයේ දී ස්ටාලින්ගේ මේ පුද්ගලවාදී උමතුව සහ එහි විපාක තදින්ම විවේචනය කළේය. කෘෂේව් ස්ටාලින්ගේ ක්‍රියා කලාපය මාක්ස් ලෙනින්වාදයට පටහැනි බව කියාසිටියේය. ස්ටාලින් මියයාමෙන් පසු සෝවියට් දේශය නිර්ස්ටාලින්කරණය කිරීමට නිකිතා කෘෂේව් පියවර ගන්නා ලදි. 1961දී රුසියාව පුරා ඉදිකර තිබූ ස්ටාලින්ගේ ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ස්ටාලින් විසින් පොත පතට එක්කර තිබූ කරුණු සංස්කරණය කෙරිණි. ස්ටාලින්ගේ නමින් නම් කර තිබූ නගර නැවත නම් කිරීම සිදුවිය. එහෙත් ලෙනින්ගේ ප්‍රතිමා එලෙසම තැබුවේය. නිකිතා කෘෂේව්ගේ ප්‍රතිපත්තිය වූයේ සෝවියට් දේශය නැවත මාක්ස්- ලෙනින්වාදයට රැගෙන යාමය. එහෙත් 1991 දී සෝවියට් දේශය බිඳවැටීමත් සමග මහජනයා ලෙනින්ගේ පිළිරූද කඩා බිඳදැමූහ..සමාජවාදී දේශපාලන දර්ශනය ක්‍රියාත්මක වූ රටවල තනි තනි පුද්ගලයන් උත්කර්ෂයට නොනැගීම සුවිශේෂ ලක්ෂණයකි. එමෙන්ම එම ක්‍රමයන් තුළ ප්‍රමුඛත්වය ඇත්තේත්, උත්කර්ෂයට නංවන්නේත් සාමූහිකත්වයයි. එහෙත් එහි උත්ප්‍රාසජනක විරුද්ධාභාසය නම් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා, රටේ නායකයා තනි පුද්ගලයකු ලෙස අසමසම ලෙස අසීමාන්තිකව උත්කර්ෂයට නැංවීමයි..සිය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම මෙම ඒකාධිපතියන්ගේ සුලබ ලක්ෂණයක් විය. ස්ටාලින් මිලියන ගණනින් සිය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කළේය. ඔවුහු රුසියාවේ අතිදුෂ්කර ප්‍රදේශයන් වන සයිබීරියාවේ ගුලාග් නමින් හැඳින්වුණු ශ්‍රම කඳවුරුවලට බලහත්කාරයෙන් යවා මියයන්නට සලස්වන ලදහ..1922 සිට 1943 දක්වා දශක දෙකකකට වැඩි කාලයක් ඉතාලියේ ෆැසිස්ට් ආඥාදායකයා වූ බෙනිටෝ මුසොලිනී ද සිය ඒකාධිපති පැවැත්ම උදෙසා පුද්ගලවාදී පිස්සුවෙන් පෙළුණු අයෙකි. ඔහු ඉතාලියේ කුඩා ළමුන්ගේ පාසල් පෙළ පොත්වලට ඇතුළත් කළ පාඩම්වල මෙසේ දැක්වේ. “දරුවනි ඔබ බෙනිටෝ මුසොලිනීට ආදරය කළ යුතුය. ඔහු ඉතාලිය නමැති පිතෘභූමියේ යහපත සහ එහි මිනිසුන්ගේ යහපත පිණිස කටයුතු කරයි. ඔබ අනේක වාරයක් ඔබගේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අසා ඇති පරිදි ඉතාලිය මේ තරම් බලවත් රටක් බවට පත් කිරීම පිළිබඳව ඔබ මුසොලිනීට ණය ගැතිය” ළමා කාලයේ සිට මොළ ශෝධනයට ලක්කොට රටක පුරවැසියන් නොව යටත්වැසියන් නිර්මාණය කරගැනීමට පුද්ගලවාදී උමතුවෙන් පෙළෙන ඒකාධිපතියන් කටයුතු කරන්නේ එලෙසය..මේ ඒකාධිපතියන්ගේ තවත් පොදු ලක්ෂණයක් වන්නේ නිරන්තරයෙන් විදේශ කුමන්ත්‍රණ ඇතැයි ජනතාව ඉදිරියේ ජප කිරීමය. එවන් කුමන්ත්‍රණ න්‍යායන් අඛණ්ඩව ප්‍රචාරය වන විට එය සත්‍යයක් යයි සිතන්නට යටහත් ජනයා පෙළඹෙති. ඉදින් ඒ පාලකයා නැවත නැවත වුවද බලයට ගෙන ඒමට ජනතාව කැමැත්තෙන් කටයුතු කරති..පසුගිය සියවසේ අප දුටු ඒ ඒකාධිපති දුෂ්ටයන්ගේ අවතාර අදත් ලෝකයේ තැනින් තැන මතු වෙමින් පවතී. බුද්ධිමත් පුරවැසියන් යනු ඒකාධිපති පාලකයන්ගේ පුද්ගලවාදී පිස්සුවෙන්- උමතුවෙන් මුලාවන්නෝ නොවෙති. එහෙත් දියුණු වෙමින් පවතින රටවල දේශපාලන සාක්ෂරතාව සහ සබුද්ධිකභාවය නැති පුරවැසියන් තවමත් පුද්ගලවාදී පිස්සුව ඇති පාලකයන් සරණ යන්නට නිරතුරුව සෑදි පැහැදී සිටිති. දේශපාලනයේදී අසීමාන්තික ලෙස පුද්ගලයින් වන්දනාමාන කිරීම බොහෝ විට ඒකාධිපතියෙක් නිර්මාණය කිරීමෙන් කෙළවර වෙයි. අනතුරුව එය අවසන් වන්නේ මහත් විනාශයකිනි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑදා ඊඩිපස් නිසා සිද්ධ වෙච්ච ව්‍යසනයයි, අද ව්‍යසනයයි එක සමානයි: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක.Next articleසිදුවේ යැයි නොසිතූ දේ සිදුවීමට නියමිතයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මොනරාගලට හීතල ගල මරගල ය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මොනරාගලට හීතල ගල මරගල ය.By සංස්කාරක.July 16, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මරගල කන්ද දැවෙමින් තිබියදී ලියන්නට සිදුවීම ඉමහත් වේදනාවකි. දොඹගහවෙල චමිල ගින්න දුටුවනම මහ ? දුරබනුවෙන් කතා කොට ඇසුවේ එගිනි නිවුමට ගුවන් සහාය සම්පාදනය කරගැනුමට පුළුවන්කමක් ඇතිද යන්නයි. කිසියම් නොමිනිසුන් පිරිසක් දෙපසකින් ගිනි ලෑ මොනරාගල හදබිම දැවෙන පුළුටු ගන්ධය පපුව හිර කරන්නට වූයේ එහි කාව්‍යාත්මක සුන්දරත්වය විඳගත් අත්දැකීම්වල මතක ගින්නක් ඇවිළෙන්නට වූ නිසාය. යළි වැසි සාර මසකදී සියල්ල සන්සුන්ව හරිත පැහැයට හැරෙනු ඇත. ගින්නේ අංගාර පොළව තවත් සරු කරනු ඇත. එහෙත් කුරා කුහුඹින්ගේ සිට දැවුණු සසල ප‍්‍රාණීන්ද, හරිත පෑ තුරුවිටපයන්ට දැවෙන්නට සිදුවූ ඛේදයද යුක්තිය අයදිනු ඇත. ඉදින් මරගල රසාලිප්තය ගැන ලිවිය යුතුය. ඒ ඔබට එහි නිදහසේ සරන්නට ඇරයුම් කරනු පිණිසමය..මරගල, මොනරාගල මිණි කිරුළ.මුල්සල මුප්පනේ පුරාණ මාරගල්ල කන්ද ය අද මරගල වී ඇත්තේ.වෙන හෙල්වලට වැඩි මරගල උතුම් කමා.එම හෙළ උසට යොත හෙළුවා හපන්කමා.ආදි සිටි අයට බැරිවිය නිවට කමා.කෝඩි තොපට දෙන දායාද කිමද මෙමා.මේ මුප්පනේ මහ වැදි රට ආදි පරම්පරාවල ඇත්තො මරගල වරුණ කවියෙන් විඳි අන්දමය. කතුරෙන් කපන්නා වාගේ හීතල ඇඟ වෙලෙන පරිසරයක් මොනරාගල ඇත්නම් ඒ මරගල මුදුනේ සහ ගෝවින්ද හෙළ මුදුනේ ය..එහෙත් ශේෂ කන්දක් වන ගෝවින්ද හෙළට වඩා උසැති මරගල වඩා සිහිල් මෙන්ම ඒ අවට සෞම්‍ය සදාහරිත වනගුල්මයෙන් සමන්විත විචිත‍්‍ර පරිසර පද්ධතියක්ද මවා ඇත. ඇතමෙකුට අනුව මරගල වනාහි ගල්ඔය කඳු පංතියේ උසම මුදුන් කිහිපයෙන් සමන්විත භෞම කලාපයයි. එහෙත් විශේෂය මේ තැනි කලාපයේ සෑම කඳු පංතියක්ම තැනි බිම හෝ ගංගාදියෙන් එකක් අනෙකෙන් වෙන්ව තිබීමයි..මොනරාගල නගරයට ළඟා වන විට දුර තියාම මේ තුංග කඳු සිරස දකින්නට ලැබේ. ආදියේ සිට සදාහරිත තෙත් නිවර්තන වනාන්තර පද්ධතියකින් සමන්විතව තිබෙන්නට ඇතැයි සිතිය හැකි එහි බිමෙන් සැලකිය යුතු කොටසක් රබර් වගාවට යොදා ගැනුණේ සුද්දා රට කරවූ කාලයේදී ය. එවක පදිංචි කළ දෙමළ ජනයා සිරිගල, අලියාවත්ත වැනි හුදෙකලා ගම්වල අදත් අනන්ත දුකින් පරිපීඩිතව වෙසෙන්නේ පසුව ජනවසමෙන්ද අතහැර දැමූ වතුයායන් ඈලියාවට ගිය නිසා ය. එකල කන්දේ ඉතාම සිසිල් බෑවුමක සුද්දා ඉදිකළ ජී ලෝන් බංගලාව යැයි අද වහරන රමණීය නවාතැන දැන් පාලනය වනනේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගිනි. කිසිවෙකුට අවැසි නම් ඒ නිවහන වෙන් කරවා ගෙන මරගල සිරිය අත්විඳින්නට පුළුවන. එහෙත් මේ ඇරියුම නැවතුමට නොව ඒ රමණීය කවිය මතින් ඇවිද යමින් රස ස්පර්ශ කරන්නටය..මරගල වැටියේ උසම තැන අඩි 2200ක් විතර උස ඇති කියලයි කියන්නේ. කෑගල්ල පැත්තෙන් එහෙම ආව ඇත්තො හුලංදාඔය ව්‍යාපාරය යටතේ ගොවිතැන් කරන්න ඉඩම්ලාභීන් වුණේ මරගලින් ඇදෙන හුලංදාඔයේ පිහිටෙන්. පානම් පත්තුවෙන් මුහුද ඉඹින හැඩඔය උපදින්නෙත් මරගල උල්පත්වලින් ම තමයි. ඇයි මොනරාගල ටවුමෙ කාටත් බොන්න පිරිසිදු වතුර දෙන්නෙත් මරගලින්ම තමයි. මොනරාගල දිස්ත‍්‍රික්කය වියලි කලාපීය දේශගුණ ලක්ෂණ පෙන්වද්දි, මරගල අවට මිලිමීටර් 2500කට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් උරුම කලාපයක් බිහිවීම සොබාදමේ ආශ්චර්යයක්. එහේ හරියට ලග්ගල පැත්ත වගේ. සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ නැගෙනහිර ලංකාවේ විශාලම ශේෂ කඳු පංතිය වුණු මේ කඳු මුදුනේ නිතර වැහි වළාකුළු ගැවසීම හින්දා වෙන්න ඇති. සොබා අසිරිය විඳින්න මරගල කන්දේ කරක් ගහන කාට වුණත් අතිපැරණි බෞද්ධ ආරාමවල නටබුන් දකින්නත් පුළුවන්. මොකද මේ තමයි පුරාණ මයුරගිරියත් පිහිටලා තිබුණු බිම. ගලබැද්ද කිට්ටුවට ගියාම ශ‍්‍රීපාන සුගලා දේවිගේ මාලිගා නටබුන් වගේම පුරාණ දාගැබ් එක්ක විසිතුරු බිසෝ පොකුණත් දකින්න පුළුවන්. මේ එක එකක් ගැන කියනවා නම් ආයෙ දෙකක් නෑ වෙන වෙනම කියන්න ඕනෑ..මරගල ගමන්.මරගල තරණය අරඹන්න පිවිසුම් මාර්ග කිහිපයක්ම හොයාගන්න පුළුවන්. මොනරාගල ටවුමෙන්. වැලියාය පැත්තෙ මයුරගිරිය අසබඩින්. නැත්නම් මං වංගියක් කවුඩාවේ රංජිත් හොයලා දුන්න කොල්ලො නඩයක් එක්ක ගියා වගේ ජී ලෝන් බංගලාව මුණ ගැහෙන සාවියෙන් හරි කන්දෙ නොපෙනෙන බෑවුමකින් වුණත් පුළුවන්. අලියාවත්තෙන් සිරිගලෙන් ගොඩ වෙනවා නම් පහසු වෙයි මුදුන් ඉම ආසන්නෙටම ජනාවාස තියෙන හින්දා..හැබැයි මම නම් කැමතිම, ආයෙ වංගියක් යනවනම් යමු කියන මංපෙත තියෙන්නෙ කොළොන්වින්නෙ ගල්ගෙඩියාව පැත්තෙන්. මොකද ඒ ඉසව්වෙ ඉන්නෙ කාලයක් බඩ රස්සාවට කරක් ගහද්දි මාත් එක්ක බිතුසිතුවම් රූ වගේ මිත‍්‍ර සන්ථවයෙන් බැඳිච්ච මිනිස්සු. මොනරාගල අම්පාර පාරේ 31 හන්දියෙන් බැහැලා ගමට යද්දි දැක්ක හුඟක් දේවල් දැන් වෙනස් වෙලා. මොකද එතකොට නොතිබ්බ ලයිටුත් ලැබිලා. ඒත් තවම දළ බෑවුම තරණය කරලා මරගල මුදුනෙ ගිමන් හරින්න කැමති වෙන මිනිස්සු හොයාගන්න අමාරු වෙන්නෙ නැහැ..මගේ ගමන් සගයො වුණේ ගල්ගෙඩියාවෙ දිසායි තව කොල්ලො කිහිප දෙනෙකුයි. හුඟක් දවස්වල මං අම්පාර බස් එකෙන් බහිද්දි දිසා පරණ බයිසිකලෙත් අරන් 31 හන්දියට ඇවිල්ලා ඉන්නවා. අපි බයිසිකලය පැදගෙන යන්නෙ මරගල කන්දට සමාන්තරව..වැහි කාලෙක නම් බෑවුමෙන් ඇදෙන දිය සීරාවන් හීන්දෑරි දිය ඇලි වගේ ඉර අවුවට දිළිසෙනවා. මගදි පේ‍්‍රමදාස මාමා මුලිච්චි වුණොත් රුපියල් පහක් දෙන්ඩ වෙනවා බීඩි බොන්ඩ. ඒ පරිසරයෙ මං වැඩියෙම්ම ආස කරපු ගහ බකිණි. බකිණි ගස් හරිම ගුප්ත නිහඬ බවක හැමවෙලාවෙම වෙලිලා හිටියා. විරුද්ධ පැත්ත බැලූවාම මට පේනවා විජයාබලිය. ඒකත් හුදෙකලා කන්දක්. වේවැල් රැුහැන්වල එල්ලිලා අතකින් ගිනි හුලකුයි පත් ලීයයි වාරු කරගෙන ඉණේ එල්ලගත්ත ලබු කැටයක් එක්ක පහළට බැස්ස ගම්මු විජයාබලියෙ බඹර වද කපාපු කතා දිසා මට කිව්වෙ හුළං කපාගෙන බයිසිකලය පදිද්දි. ඒ ගමන්වලට මිනිස්සු ගියේ මස්සිනාකමට මිස යාළුකමට නෙවෙයි..පස්සෙ දවසක මේ කතාවල සෞන්දර්යයෙන් වශී වෙච්ච මට ඒ පරම්පරාවේ ඉතිරිවෙලා හිටපු අන්තිම දෙතුන් දෙනා බඹර මලිකි ගයනවා අහගෙන ඉන්න ලැබුණෙ ධර්මෙ අයියා බෙහෙත් තියාපු කිතුල්මලක පැහිච්ච සාරෙත් බීලා. ඉස්සරවෙලාම වංගියක ලෝලලෙහෙල ආරණ්නෙ බලන්න ගියාට පස්සෙ තමයි අපි මරගල නගින්ඩ කතිකා කර ගත්තෙ. ඒ වෙනකොට මේ ආරණ්ණෙත් මරගල වාගෙම කැලෑවක්. ආරණ්ණෙ කැලෑ වැදුණෙ තාඹුගල ආනන්ද හාමුදුරුවො මරා දැම්මට පස්සෙ කියලයි ගම්මු කිව්වෙ. හැබැයි ඒ අව්අස්සෙ ගල් බෙයඳ පළලා නිධන් ගත්තු තැනුත් ගම්මු මට පෙන්නුවා..දොළ දිගේ මරගලට.දිසාලයෙ ගෙදර හිටියෙ සුළුපටු සෙනඟක් නෙවෙයි. ඒ හින්දා පවුලෙ හත් අට දෙනාම එකතු වෙලා ඇතිමලේ වැවට මෙපිට හේන් කුඹුරු කෙරුවා අක්කර දහයක විතර. කොහොමත් මේ හැමෝම කැලේ කොළේ හොඳට දන්න මිනිස්සු. දිසාලගේ තාත්ත කාලෙකට කලිං එගං වෙලා තිබ්බෙත් මරගල පාවුලේ කැලේ කරක් ගහද්දි වෙඩිල්ලක් පත්තු වෙලා. දණිහෙන් උඩ බිඳිලා යන්ඩ පත්තු වෙච්ච ඒ වෙඩිය ගෝණෙකුට අටවලා තියෙන්ඩ ඇති කියලා දිසා කියව්වා. වෙඩි බඳින ඉසව් ගැන හෙම හොඳටම දන්න දිසා වගේ හාදයෙක් තමයි මේ ගමනටත් පෑහෙන්නෙ. අනික ගස්ගල්වල ලැගලා ඉන්න කුණකට්ටො හෙම ඈත තියා දකින හොඳ ඇහැකුත් දිසාට තියෙනවා. ඒකත් පරිස්සමට හොඳයි..ගමනට කලිං දවසෙ මං ගිහිල්ලා නැවතුණේ දිසාලයෙ ගෙදර. ඒ මට පුරුදු ලැගුම්පොළක්. එදා රත්නායක මාමාලා අහ මුට්ටිවල පිරෙන සුදුපාට පොල්වතුර ගෙනැල්ල තිබ්බා. කාගෙ හරි ගඩොල් පෝරණුවක ගිනි දාන්ඩ උදව්වට එන නඬේට දෙන්ඩ පෙරාපු හැළි අරක්කු ඉතිරියකුත් එක්ක. ඒ ? කාපු කැකුළු බත මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ළපටි හේන් වැටකොළු වෑංජනේ කිරට, බණ්ඩක්කා තෙල් දාලා තිබ්බෙ වේලපු ඌරු කරවල දාලා. ඇඟ හයිය වෙනවා කියන ලී මෑ මැල්ලූමකුත්. ලී මෑ මැල්ලූම් කනවානම් අශ්වගන්ධ අරිෂ්ඨය බොන්ඩ ඕන කාරණාත් ඉෂ්ඨ වෙනවා කියනවානෙ..පහුවදා උදේ මරගල නඟින්න අපි තෝරගත්තෙ මරගලින්ම ගලන දොළ ඉමක් දිගේ දිසා දන්න පාරක්. පෙර මා උපදෙස් තමයි ගස්ගල් අතපත ගාද්දි පරිස්සමෙන් කුණකට්ටො ඉන්න පුළුවන්. පාරෙන් පිට යන්න නරකයි වෙඩි බැඳලා ඇති. එහේ වෙඩි බැඳිල්ලට කිව්වෙ ‘කඳන් බඳිනවා’ කියලා. මේක අඩුම තරමෙ පැය දෙක තුනක ගමනක් වුණාට කන්ඩ දෙයක් මිස වතුර වුවමනා නැහැ. එතකොටත් ගමම බිව්වෙ දොළේ වතුර. මේ පැත්තෙ කන්ද උඩ ගෙවල් නැහැ. ඒ හින්දා වතුර පිරිසිදුයි එවේලෙ බෝතල් කරන්ඩ තරම්..මේ දොළ පාරවල අපිට ආවේණිකයි කියලා හිතන්න පුළුවන් මසුන් වගේම කළු පාට ඉස්සො ජාතියකුත් ඉන්නවා. දිසා දක්ෂයි ඒවා ගැන වංහුං කියන්නත්. අපි මේ පාරෙන් නො ආවා නම් පරිසරය විඳගන්න බැරි වෙන තරම් පුරාණ නටබුන් ගැන විස්තර හොයන්න සිද්ධ වෙන්න ඉඩ තිබ්බා. ටික දුරක් ගිහිං දිසා පෙන්නනවා මිදි ගෙඩි වාගේ වටකුරු ඵලයක්. දන්නවාද මේ මොනවද? කියලා. දිසා ඇහුවාට මං දැනගෙන හිටියේ නැහැ. ඒ තමයි වේ ගෙඩි. ඒ කියන්නෙ වේවැල්වල ඵල. ඒවා වන ඵලයක් විදිහට භුක්ති විඳින්න පුළුවන්. එදාම තමයි ඇටිකෙහෙල් කියලා දිසා පෙන්නපු වන ඵලයක් රස බලන්නත් මට පුළුවන් වුණේ. ටික දුරක් ගියාම දොළ මතුවෙන්නෙ පොළව යටින්. අඩි හැට හැත්තෑවක් එහෙම උමං දොළක් ගලනවා. ඒකත් හරිම විසිතුරුයි. ගමන ඉස්සරහට යද්දි බෑවුම වැඩියෙන් ශීීඝ‍්‍ර වෙනවා. සමහර තැන් ඉලූක අල්ලගෙන නඟින්න වෙනවා..ගමනෙ මැද තැන්නකදි අපි ආවෙ හේනකට. අතහැරල දාපු හේනකට. විශ්වාස කරනවාද ඒ හේනේ නෙලාගෙන තිබ්බෙ ත්‍රෛලෝක විජයාභ පත‍්‍ර අස්වැන්නක්. ගස්වල ඉතිරි නටු තිබ්බා. පැල්කොටේ එහෙන් මෙහෙන් කාගෙ හරි පරිභෝජනයට ටිකක් එකතු කරගන්නත් පුළුවන් තරමට වේලිච්ච ඒවා තිබ්බා. හැබැයි අපි එක්කහු කරගත්තෙ ඒවා නෙවෙයි. දිරච්ච දඹ කොටේක පිපිලා තිබ්බ ලේන හතු ඔඩොක්කුවක්. එදා ? ආපහු පල්ලම් බැස්ස අපිට තලප කන්න දිසාලයෙ අම්මා බිම්මල් වෑංජනයක් හැදුවෙ ඒවයින්..හේනෙ ගිමන් නිවද්දි දිසා අමුතු කතාවක් කිව්වා. ඒ දඩයමේ ගියපු කාණ්ඩෙකට මුලිච්චි වෙච්ච ගෝනෙක් ගැන. ඒකා බිම දපලා හිටියෙ මස්වෙන්ඩම. එක වෙඩිල්ලක්වත් පත්තු කරන්ඩ ඕන වුණේ නැහැ. අන්තිමට මස් කරද්දි බොක්ක පලලා බැලූවම පිරෙන්ඩ බෙහෙත් අහවල් අවුසදේ. මේකා මත්වෙලා ඉඳලා තියෙන්නෙ. දිසා මතක මල්ල ලිහලා අමුතු කතාව මට දුන්නා. දැන් මං මේ ලිව්වෙ ඒක..පාන්දරින් ආව හින්දා ඉර මුදුන් වෙන්න කලියෙං කුරු නෙල්ලි ගස් පහු කරලා මරගල මුදුනෙ තැන්නට නගින්න පුළුවන්. ඒ අතරෙ දිසා ඇඟිලි අතරෙ ළපටි දලූ පොඩි කරලා ලාකඩ ගස් ගැන පාඩමක් කියා දෙනවා. තවත් ගහ කොළ ගැන පාඩම් ගොඩක්..ඇත්තටම ඒ ගිරි මුදුන වැඩි තැන් තැනි බිම්. ලොකු කුඩා ගල් කුළු පලාවන් තෘණ ගොල්ලට මැදි වෙලා. දිය සීරාව තියෙන තැන් එමට. මට හිතුණෙ ඒ මුදුන් තැන්න පරිසරකාමීන්ට කදිම කඳවුරු බිමක් කියලා. ඉහළ සිට දකින්න පුළුවන් දසුනත් පුළුල්. කට්ටිය කිව්වෙ ඉවසලා හිටියොත් පානම් පත්තුව පහුකරලා මුහුද දකින්න පුළුවන් කියලා. ඒක ඇත්ත මොකද නැගෙනහිර වෙරළ ඉම වෙනකම් ආයෙ කඳු නෑ. මොනරාගල මැද්දෑවෙ බණ්ඩාරවෙලක් තියෙනවා කියලා දැනෙන්නෙ මරගල නැග්ගම. දිසා කිව්වෙ ඇවිල්ලා ?ක ඉමු මැළයක් පත්තු කරගෙන කියලා. මැළෙන් ගල රත් වුණාම ගලේ උයාගන්න රොටී කන්නත් පුළුවන්..ආයෙ දවසක එහෙම යන්න නම් මරගල රැුකෙන්න ඕන. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයිති වැඩිපුර භූමියත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවොත් එහෙම ගමනක් යන්න මරගල පරිස්සම් වෙයි.x.x ලසන්ත ද සිල්වා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමම හැමදාම මම එක්ක සන්තෝෂයෙන් හිටියා.Next articleශ‍්‍රී ලාංකික සොයාගැනීමක් හිසරුදාවට භෞත චිකිත්සක ප‍්‍රතිකාර.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා” | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”.By ගාමිණි වියන්ගොඩ.March 28, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත් ය. මොවුන් එසේ කීවේ, දැනට කර්කශ විවේචනයට ලක්ව තිබෙන පක්ෂ දේශපාලනය ගැන පමණක් නම්, ඔවුන්ගේ ඒ කතාවේ යම් ගත යුත්තක් ඇතැයි සිතිය හැකිව තිබුණි. නැත, ඔවුන් අදහස් කෙළේ පටු පක්ෂ දේශපාලනය පමණක් නොව, රටේ සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ පොදු තේමාවමයි. ඒ අනුව, ශ්‍රී ලංකාකාරයෙකු හෝ යූ.එන්.පීකාරයෙකු නොවී සිටීම පමණක් නොව, ඒ තට්ටු මාරුව ප්‍රශ්න කරන ජේ.වී.පීකාරයෙකු පවා නොවී සිටීමත් පමණක් නොව, රටටත් පුරවැසියාටත් බලපාන ආර්ථීක හෝ දේශපාලනික කිසිවක් ගැන කතා නොකර පාඩුවේ සිටීමත්, වැදගත් සහ සිල්වත් පුරවැසි ගුණාංගයක් යැයි සිතීම ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය විය..පසුගිය මාස කිහිපය තුළ මේ පිරිස් තරමක් වැඩිවියට පත්ව සිටිත්. අද පෝලිම්වල සිට කැමරා ඉදිරියට විත් තමන්ගේ දුක කියන, තමන්ගේ කෝපය නිදහසේ මුදාහරින වැඩි පිරිසක්, සම්මත අර්ථයේ පක්ෂ අනුගාමිකයන් නොවේ. එසේම කිසි පක්ෂයකින් මෙහෙයවනු ලබන පිරිසක්ද නොවේ. එක් වැඩිහිටි පිරිමියෙකු තමන්ගේ දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් සොයාගැනීමට නොහැකිවත්, තවත් වැඩිහිටි පිරිමියෙකු තමාගේ රෝගයට බෙහෙත් ටික සොයාගැනීමට නොහැකිවත් සිටිමින්, කැමරාවක් ඉදිරියේ හැඬුම් වළක්වාගත නොහැකි වූ දර්ශන කිහිපයක් පසුගිය සතියේ දැකගැනීමට ලැබුණි. ඒ පුද්ගලයන් රඟපෑමක් කළා නොවේ. ඔවුන්ට ඇත්තෙන්ම දුක වාවාගන්නට බැරි වුණි. මේ තත්වය අපට කියා දෙන පාඩම වන්නේ, අපි හම්බ කරගත් පමණින් කාලා ඉන්නට බැරි තත්වයකුත් රටක ඇති විය හැකි බවයි..ආණ්ඩු-විරෝධයත්, බඩට දැනෙන තරමට විතරද?.රට පුරා අද ඇවිළෙමින් තිබෙන ආණ්ඩු විරෝධය ඒ ආකාරයෙන්ම නැති ගතියක් දැන් සති දෙක තුනකට කලින් උතුරුමැද පළාතේ යම් ප්‍රදේශයකදී මට දැකගන්නට ලැබුණි. මෙය, අර්ධ-නාගරික, අර්ධ-ග්‍රාමීය පළාතකි. ඒ ගම් පළාතේ කිසි පවුලක් ආණ්ඩුව ගැන බරපතල කළකිරීමකින් සිටිතැයි කිව හැකි සාක්ෂියක් දින දෙක තුනක කාලයක් තිස්සේ මට සොයාගැනීමට නොලැබුණි. ඔවුන්, රාජපක්ෂවාදීන් වූවාමත් නොවේ. සමහර පවුල් ඇත්තෙන්ම රාජපක්ෂ විරෝධී යැයිද සිතන්නට කරුණු තිබුණි. එහෙත් ඒ කිසිවෙකු තුළින් පුපුරා යන ආණ්ඩු විරෝධයක් ප්‍රකාශයට පත්වුණේ නැත. ඒ නිසා, විටින්විට, නාගරික අත්දැකීම් අනුසාරයෙන් වර්තමාන ප්‍රශ්නය වටින්ගොඩින් කතා කිරීමට මම උත්සාහ කෙළෙමි. රට පුරා ගෑස් නැතිව, පෙට්‍රල් නැතිව, කිරිපිටි නැතිව මිනිසුන් පෝලිම්වල සිටින සැටි රෑට ඔවුන්ට රූපවාහිනියෙන් පෙනෙයි. එහෙත් ඒ කිසි අවස්ථාවක රූපවාහිනිය පොළොවේ ගැසීමට සිතෙන මානසික තත්වයක් ඒ කිසිවෙකු තුළ නැතැයි මට පෙනුණි..ඔවුහු කිසිවෙක් ගෑස් පාවිච්චි නොකරති. තවමත් ඔවුන් උයන්නේ දර ලිප්වල ය. ලිපට ඕනෑ තරම් දර, වත්තේ තිබේ. ඔවුන් කිසිවෙකු කිරිපිටි බොන්නේ නැත. අවශ්‍ය තරම් එළකිරි ගමේ තිබේ. පෙට්‍රල් යනු ඉතා දුරස්ථ අවශ්‍යතාවකි. ත්‍රීවීලරයක් හෝ මෝටර් සයිකලයක් දෙකක් තිබුණත්, ඒවා නැතිව වූවත් ඔවුන්ට පවතින්ට බැරිකමක් නැත. වැඩි දෙනා යන්නේ පයිනි. නැත්නම් බයිසිකලයෙනි. ඒ නිසා, පසුගිය කාලයේ රටේ ගොඩනැඟෙමින් තිබූ විරෝධය පැවතී තිබුණේ ඔවුන්ගෙන් පිටස්තර අත්දැකීමක් වශයෙනි..ඊට සතියකට පමණ පසු, ගොයම් කපාගැනීමේ දවස් උදාවුණි. ඒ ගම් කිහිපයේ කිසිවෙකු ඉස්සර මෙන් පේළි ගැසී ගොයම් කපා, දවස් ගණන් ශ්‍රමය වගුරා අස්වනු ගෙට ගන්නේ නැත. ඒ වෙනුවට, පැයක් හමාරක් වැනි කෙටි කාලයක් තුළ අක්කරයක තරම් කුඹුරකින් අස්වැන්න නෙළා දීමට සමත් විශාල යන්ත්‍රයක් ඔවුන්ට තිබේ. එය හඳුන්වන්නේ, ‘භූතයා’ කියා ය. ගොයම් කපන කාලයට මේ ‘භූතයාට’ විශාල ඉල්ලුමක් තිබේ. ඉහත කී ගොයම් කපන කාලයේ, මීට පෙර කිසි දවසක අත්විඳ නැති තත්වයකට මුහුණදීමට මේ ගම්වල වැසියන්ට මෙවර සිදු විය. හේතුව, ‘භූතයාට’ ඩීසල් සොයාගැනීමට බැරි වීමයි. නාගරික වැසියන් ගෑස් සම්බන්ධයෙන් කුපිත වන ආකාරයෙන්ම මේ ගම්වල වැසියෝද ඒ අවස්ථාවේ කුපිත වූහ..මෙයින් මා කියන්නට උත්සාහ කෙළේ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ කිසි සමාජ කොටසකට අහක බලාගෙන සිටීමට අවසරයක් දී නැති බවයි. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේත් පෝලිම් ක්‍රමයක් පැවතුණත්, රටේ සමස්ත ආර්ථික සහ සමාජ පද්ධතිය කඩාවැටුණේ නැත. එදා තිබුණේ, භාණ්ඩ හිඟයක් පමණි. එය පවා, යම් (හරි හෝ වැරදි) මතවාදයක් මත ඇති කරගත් නිශ්චිත සැලසුමක් අනුව ඇති කෙරුණු තත්වයක් මිස, අද මෙන්, ආණ්ඩුවේ හිඟනකමක් නිසා ඇති වූ තත්වයක් නොවේ. අද වන විට, මේ ආණ්ඩුව යටතේ, පෝලිම් නිසා මරණයට පත්ව ඇති සංඛ්‍යාව 4 කි. එයින් එක් කෙනෙකු මියගොස් ඇත්තේ, පෝලිම් නිසා ඇති වූ ඝාතනයකිනි. ගෘහස්ථ ගෑස් පිපිරීම්වලින් මරුමුවට පත්ව ඇති සංඛ්‍යාව 7 කි. මේ සියල්ලටමත් වඩා සමස්ත චිත්‍රය කුළුගන්වා පෙන්වන අවස්ථාව වන්නේ, මිනියක් රැගත් අවමංගල රථයක්ද, එක් පිරවුම් හළක පෝලිමේ සිටි බවට වාර්තා වූ පුවතයි. ජීවත්ව සිටින මිනිසුන් පමණක් නොව, මළමිනී පවා පෝලිමේ තැබීමට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සාර්ථක වී ඇති බව එයින් කියැවෙයි..ආණ්ඩුව විතරක්ද? ඇයි ජනතාව?.රාජපක්ෂලා ඇතුළු මෙතෙක් රට කරවූ සියලු පාලකයන්ගේ අසාර්ථකත්වයට අමතරව, ජනතාව යැයි හඳුන්වන කොට්ඨාසයේ අසාර්ථකත්වයකුත් මෙහි ඇති බව අප අමතක නොකළ යුතුය. ඕනෑම ප්‍රශ්නයක් තමාට බලපෑමක් ඇති නොකරන තාක්, එය ප්‍රශ්නයක් වශයෙන් ගැනීමට උත්සාහයක් නොගැනීම එවැනි මිනිසුන්ගේ ස්වභාවයයි. එය, ඉහත කී ග්‍රාමීය ජනතාව පැත්තෙන් පමණක් නොව, වෙනත් වෘත්තිකයන් සම්බන්ධයෙන්ද දැකිය හැකි තත්වයකි. වර්තමාන ලෝකයේ සංකීර්ණ ස්වභාවය අනුව, කිසි ප්‍රශ්නයක්, තමන් නොවන, අනිකාට පමණක් බලපාන ප්‍රශ්නයක් වශයෙන් නොපවතින බව බොහෝ දෙනාට නොවැටහෙයි. “අපි හම්බ කරගත්තොත්, අපි කාලා ඉන්නවා” යැයි කියන්ට පුරුදුව සිටියේ, ප්‍රශ්න තිබෙන්නේ, හම්බ නොකරන එවුන්ට පමණකැයි හිසින් ගත් වැරදි විශ්වාසයක් නිසා ය..ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු අත්කරගෙන තිබෙන එකම සාධනීය දෙය වශයෙන් දැනට පෙනෙන්නේ, රුපියලේ අගය රුසියානු රූබලයේ අගයට සාපේක්ෂව ඉහළ දමා ගැනීමට හැකි වීම පමණි. එයත්, රාජපක්ෂලාගේ හෝ අජිත් නිවාඩ් කබ්රාල්ගේ දක්ෂකමක් නිසා ඇති වු දෙයක් නොව, පුටින්ගේ කෙරුවාව නිසා නිකම් ඇදී ඇති ලොතරැයියකි. රුසියානු රූබලයක කලින් වටිනාකම රුපියල් 2.68 ක් විය. පසුගිය දා එහි වටිනාකම රුපියල් 2.39 ක් වී ඇතැයි වාර්තා වුණි. ඇත්තෙන්ම එය, ලෝකය පුරා රූබලය කඩාවැටීමෙන් ලංකාවේ රුපියලේ අගය ඉහළ යාමකි. එහෙත් ඒ වාසිය පවා දැන් සිටින්නේ ලංකාවේ අවාසියටයි. මන්ද යත්, ලංකාවේ තේ වැඩියෙන්ම අපනයනය කෙරෙන රට රුසියාව වන නිසා, මේ විදිහට රූබලය කඩාවැටීම නිසා, අපේ තේ අපනයනකරුවන්ට තේ කිලෝවකට ලැබෙන මිල පහළ යන්නේය..උදාහරණයක් වශයෙන්, ගිය සතියේ පැට වූ තේ කිලෝවකට රුපියල් 2.68 ක් අපේ තේ අපනයනකරුවාට ලැබුණේ නම්, දැන් ඔහුට ලැබෙන්නේ රුපියල් 2.39 ක් පමණි. ඉතිං, පුටින්ගේ ආධාරයෙන් අපේ රුපියලේ අගය ඉහළ යාම පවා, උදම් ඇනීමට තරම් හේතුවක් වන්නේ නැත. (ඒ පාඩුව, දැන් රුපියල පාවෙන්නට හැරීමෙන් ඇති වූ බාල්දුව නිසා මඟහැරෙන්නට පුළුවන)..රාජ්‍ය නිලධාරී මාෆියාව.මේ විදිහට හැම පැත්තකින්ම රටක් අර්බුදයට යාමට, පාලකයන් සහ මහජනතාව හැරුණු විට, විශාල වශයෙන් වගකිව යුතු තවත් පිරිසක් සිටිති. ඒ, රාජ්‍ය නිලධාරීන් ය. අවංකව සේවය කරන ඉතා අතලොස්සක් හැරුණුකොට, රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයකි. එක පිරිසක්, කිසි සේවයක් නොකොට, රටට සහ ජනතාවට බරක් වී ඇති නිකමුන් ය. රාජ්‍ය සේවයේ බහුතරය සමන්විත වන්නේ මොවුන්ගෙනි. (හොඳින් හොයා බලන්න: පෞද්ගලික අංශයේ කිසි තැනක මෙවැනි නිකමුන් බෙහෙතකටවත් සොයාගන්නට නැත). අනිත් පිරිස, ඔවුන්ගේ විශේෂඥ භාවය නිසාම, රටත් ජනතාවත් ගෙලග්‍රහණයෙන් ගැනීමට සමත්ව සිටින පිරිසකි. අපේ ආර්ථික අසංවර්ධනයේ ප්‍රධාන පංගුවක වගකීම බැර විය යුතු පිරිස ඔවුන් ය..මේ දවස්වල දිනපතා පැය 5-8 අතර කාලයක් මිනිසුන්ට විදුලිය නැත. අද තිබෙන සියලු අගහිඟකම්වලට ආසන්තම හේතුව අපේ විදේශ විනිමය සංචිතය (ඩොලර්) ඉවර වී යාමයි. එහෙත් ඒ සාධකය මත පමණක් පිහිටා ප්‍රශ්නයේ සැබෑ ස්වභාවය වටහාගැනීමට පුළුවන්කමක් නැත. විදේශ විනිමය අවම කරගෙන අපේ අවශ්‍යතා පිරිමසාගත හැකි වෙනත් මාර්ග අපට නොතිබුණේද යන ප්‍රශ්නය එහිදී සලකා බැලිය යුතුය. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන්, ‘ආනයන-ආදේශන’ යන වහරක් අපේ භාවිතයට පැමිණ ඇත. එහි අදහස වන්නේ, ආනයනය කරන භාණ්ඩයට සමාන භාණ්ඩයක් දේශීය වශයෙන් නිපදවාගත යුතුව ඇති බවයි. එම ප්‍රතිපත්තිය මත පිහිටා දියුණු කරගත හැකි දේශීය භාණ්ඩ තිබේ. ඒ අතරින් ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතුව තිබුණු එක භාණ්ඩයක් වන්නේ විදුලිය ජනනයයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් අපේ පාලකයිනුත්, විශේෂඥ රාජ්‍ය නිලධාරීනුත් කටයුතු කොට ඇත්තේ කෙසේද?.ලංකාවේ විදුලිය ජනනය කෙරෙන ප්‍රධාන මූලාශ්‍ර තුනකි. එනම්, තාප (ගල්අඟුරුවලින් සහ ඉන්ධනවලින්), ජල විදුලිය (ජලයෙන්) සහ නව පුනර්ජනනීය බලශක්තිය (හිරු එළිය සහ සුළඟෙන්) ආදී වශයෙනි. අපේ විදුලිය අවශ්‍යතාවෙන් සියයට 70 ක් සැපයෙන්නේ තාප විදුලි ජනනයෙනි. ඒ සඳහා ගල්අඟුරු සහ ඉන්ධනවලට ඩොලර් අවශ්‍ය කෙරේ. අද ලයිට් කැපෙන්නේ ඒ ඩොලර් ප්‍රමාණය අපේ අතේ නැති බැවිනි. (ඉන් ඇති කෙරෙන පරිසර හානිය වෙනම කාරණයකි). ඊළඟට, අපේ විදුලිය අවශ්‍යතාවෙන් සියයට 20 ක් සැපයෙන්නේ ජල විදුලියෙනි. එම අංශයෙන් උපරිම මට්ටමට මේ වන විට අප ළඟා වී තිබේ. ඒ නිසා තවදුරටත් එම අංශයෙන් දියුණු වීමේ ඉඩකඩ අඩුයි. එහෙත්, හිරු එළියෙන් සහ සුළඟෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තව බොහෝ දුරක් යා හැකිය. ඒවා අපට නොමිලේ සහ යහමින් ලැබෙන සම්පත් ය. එහෙත් ඒ ගැන, විය යුතු තරමේ අවංක සැලකිල්ලක් මේ දක්වා යොමු වී නැත..ලොකුවටම හොරා කන ‘උගතුන්’.ඊට ප්‍රධාන හේතුව, විශාල වශයෙන් ඩොලර් වියදම් වන ගල්අඟුරු සහ ඉන්ධනවලින් විදුලිය ජනනය කිරීමේ වර්තමාන ක්‍රමය දිගටම පවත්වා ගැනීමෙන් ඩොලර් මිලියන ගණනින් ජාවාරම් (කොමිස්) ලාභ ලබන විදුලිබල මණ්ඩලයේ මාෆියාවක් ක්‍රියාත්මක වන බැවිනි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉංජිනේරුවන් වූ පිරිස් මේ මාෆියාවේ සක්‍රීය කොටස්කරුවෝ ය. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීම හැම අතකින්ම අධෛර්යමත් කිරීමට සහ ඊට බාධා කිරීමට, විවිධ රෙගුලාසි සහ නීතිරීතිවල අවසරය යටතේ මේ පිරිස කටයුතු කරති. ඒ බාධක මඟහරවා විදුලි ජනනය නිසි මාර්ගයට ගැනීමට උවමනාවක් දේශපාලනඥයන්ට ඇත්තේද නැත. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, අපේ නිවෙසක වහලේ සවි කෙරෙන සූර්ය පැනල මාර්ගයෙන් විදුලිය ජනනය කිරීමේ ඉතා සුළු ක්‍රියාවලිය පවා අනුමත කොට ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ විදුලිබල මණ්ඩලයට මාස 6 සිට අවුරුදු ගණන් දිග්ගැස්සෙන කාලයක් ගතවෙන අතර, ලංකා පෞද්ගලික විදුලි සමාගමට (ලෙකෝ) ඒ සඳහා ගතවන්නේ සති 2-4 ත් අතර කාලයක් පමණක් බව මෙහිදී පෙන්වා දිය හැකිය. මේ වන විට, මලයාසියානු සමාගමක් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව සිංගප්පූරු අධිකරණයක නඩු පවරා තිබේ. චෝදනාව වන්නේ, සුළං සහ සූර්යබල විදුලිය ජනනය සඳහා එම සමාගමට දී තිබූ අවසර පත්‍රය පසුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් අත්හිටුවා තිබීමයි. එසේ අත්හිටුවීමට හේතුව, විදුලිබල මණ්ඩලයේ එක්තරා නිලධාරියෙකු ඉහත කී සමාගමෙන් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලීම සහ එම සමාගම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි..විදුලි ජනනය පිළිබඳ මේ කාරණාව, අද අප මුහුණදෙන අර්බුදයේ එක අංශයක් පමණි. ජාවාරම්කාර අවශ්‍යතාවන් නිසා, රටේ අභිවෘද්ධිය පරදුවට වැටී ඇති තව අංශ රාශියක සංකලනයක් වර්තමාන අර්බුදය තුළ ගැබ්ව තිබේ. ඒ සියල්ල පිළිසකර කොට නිසි මඟට ගන්නා තුරු, “අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා” යැයි ඇත්තෙන්ම කිව හැක්කේ, කළු සල්ලිකාර, ජාවාරම්කාර විදේශ ගිණුම් හිමි අතලොස්සකට පමණක් බව දැන්වත් දත යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅඩුවෙන් පාවිච්චි කරන අයට වැඩියෙන් වැඩි කරන ලංවිම විදුලි ගාස්තු. වැඩි මිල හදිසි විදුලිය මිලදී ගැනීම්වලට කොමිසමෙන් කොන්දේසි.Next articleඉස්ලාම් ෆෝබියාව හා ලංකාව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හුස්මකින් නිවෙමු බඹරකඳු සිරසේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හුස්මකින් නිවෙමු බඹරකඳු සිරසේ.By සංස්කාරක.July 3, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.සියල්ල චමත්කාර ජනක ය. සදාතන වසන්තය සදා හරිත තුරුපත් මත නිදන්ව ඇත. සියල්ල එක්වන්ව අවදි වේ. නිද්‍රාවට පත්වන්නේ ද එක්වන්ව ය. ඈත ගිරි හිස් මතින් ඇදී එන මුදු පවන් රළ මිහිදුමාරය තුනී සළුවක් කොට හාත්පස අතුරයි. සියල්ල සන්සුන් ය. විඩා නිවන්නට තරම් සිහිල් ය. ඔබ මොහොතක් නිශ්චලව සවන් දෙන්න. කුරුළු කූජනය පමණක් නොවේ. පළා පෙත්තන්ගේ සසඟ කෙඳිරිලි පවා ඇසෙන මොහොතක් උදා වනු නිසැකය. සොබා දම් සිත්තරා ඇඳි සිත්කලුම සිතුවමක් ගැන ඉඩක් ලැබුණොත් මං කියන්නෙ එහෙමයි. ඔය ගමන් සැහැල්ලුවත් එක්ක එන්න අපි යමු බඹරකන්දට එතැනින් ලංකා ඇල්ලට..පාර පටන් ගන්නෙ 99 කොළඹ බදුල්ල පාරට බෑවුමකින් අමුණලා හරියටම කියනවා නම් කලු පහන ඩබල් බ්‍රිජ් පහු කරපු ගමන්. බස් එකේ එනවනම් එතැන බැස්සොත් කඩ පොඩ්ඩකින් ඉඟුරු කහට කෝප්පයක් එක්ක පොල් රොටියකින් සප්පායම් වෙන්න පුලුවන්. මේ පාරෙ කොළඹ පැත්තට පල්ලම් බහින හුඟ දෙනෙක් තමන්ගෙම වාහනයකින් එනවනම් නැවතිලා වතුර ඩිංගක් නාගෙන යන්නෙ. සමහරු පොඩි අඩියකුත් ගහලා ගඟට බහිනවා. ගං දියට වඩා සීතල ළඟපාත පීල්ලක වතුර. බෙලිහුල්ඔය ගලගමෙන් පටන් ගත්තම හපුතලේට එනකම් සීතල දිය දහර ගලන පීලි විස්සකට කිට්ටු ගාණක් පහු කරන්න පුලුවන්. කන්ද උඩට එද්දි තමයි සීතල ටිකෙන් ටික වැඩි වෙන්නෙ..පැරණි ගම්වල අලුත් හීන.බඹරකන්දට යන ගමන ගැන කියන්න කළිං වල්හපුතැන්න ඉස්කොලෙ ළඟට ගිහින් එමු. මේ ඉසව්වෙ තමන්ගෙ පිරිවර එක්ක හක්කලං කරපු මහාචාර්ය රාජ් සෝමදේව ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළුවා. ඔහු කිව්වෙ හල්දුම්මුල්ල ප්‍රාග් ඓතිහාසික යුගයෙත් ජනාවාස වෙලා තිබ්බා කියලා. ශිලා මෙවලම් විතරක් නෙවෙයි පස්සෙන් පහු කාලෙ යකඩ භාවිතා කරපු කාලෙත් සාපේක්ෂව පුරාණ ජනාවාසයක්. ඇත්ත මේ ගම් බොහෝම පරණයි..සොරගුණු දේවාල පුවතට අනුව යාපා මහ රජ්ජුරුවන්නෙ කාලෙත් මේ ගම්වල මිනිස්සු හිටියා. පාරෙන් උඩ පැත්තට වීරකෝන්ගම, ගිනිගත්ගල වගේ පරණ ගම් තියනවා. ඒත් අවිචාරවත් පයිනස් වගාවයි, මෑත කාලෙක බර යන්ත්‍රෝපකරණ යොදාගෙන කළ වන වගා හෙළි කිරීමයි නිසා ගිනිගත්ගලට යන්න තිබුණු පහසු මාර්ගය නාය ගියා. දැන් ආයෙමත් මහජන මුදල් වියදම් කරලා පාර හදනවා. කතාව ඒක නෙවෙයි. පාර නාය ගියාම එ ඉසව්වෙන් යකාගෙ කොරිඩෝව දිගේ උඩවේරිය ලෝකාන්තෙ පැත්තට යන සෙනඟ අඩු වුණා. හරියට බැලුම් ගලක එල්ලිලා තියනවා වගේ කදිම නවාතැනක් වුණු වර්ල්ඩ්ස් එන්ඩ් ලොජ් එකට යන පිරිසත් සීමා වුණා. ඒ මාත් හරිම ආස තැනක්. සීතල දිය තඩාගය ළඟ හිටගත්තම ඈතින් කලු පීත්ත පටියක් එළලා වගේ තියෙන කොළඹ බදුල්ල පාර පේනවා. සමනල වැව, උඩවළව ඉසව්ව බෝගහපට්ටිය කැලෑ කුට්ටිය මේ හැම දේම සිතුවමක් වගේ. නාය ගිය පාර හදනකම් මේ චිත්‍රය බලන්න එනවනම් බඹරකන්ද දිය ඇල්ලට යන පාරෙ අතරමඟකින් හැරිලා එන්න පුලුවන්. හැබැයි මේ පැරණි ගම්වල මිනිස්සුන්ට තියෙන්නෙ අලුත් හීන. කඳු මැද්දෙ කැලෑ පාරවල්වලින් සොබාදහමෙ තුරුලට යන සංචාරකයො එක්ක නිදහසේ ගණුදෙනු කරන හීන. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ සංවර්ධනයට මුවා වෙලා සොබා මව කෝප ගන්වන්න එපා කියලා. නාය යෑම් පවා ටෙලිග්‍රෑම් ගහලා ගෙන්න ගන්න විපත් හැටියටයි මිනිස්සු දකින්නෙ..ආසයි නම් පයින් යන්න.බඹරකන්ද දිය ඇල්ල පේන තෙක් මානයට වාහනයකින් යන්න පුලුවන්. පාර පටු වුණත් සුන්දරයි. කතා දෙකක් නැහැ කවුරු වුණත් දෙතුන් පලක බහිනවා කැමරාවෙ අලවාගන්න වටින තැන් දැක්කම. තැනක දෙකක එළිමහන් දෙණිවල හෙල්මලු කුඹුරු. දියදහරවල සිරි සිරිය. ඉතිං මේවා විඳගන්න ආස නම් හොඳම දේ පයින් යන එක. ජෝති අයියගෙ කඩේ පහු වුණාට පස්සෙ වාහනවලින් යන අයට නම් නැංගුරම්පළක් තියෙනවා. පයින් යද්දි අමුතුවෙන් තැන් හොයන්න ඕන නැහැ නැංගුරම් දාන්න. ඇවිදලා මහන්සි නම් ජෝති අයියගෙන් උණු කහට කෝප්පයක් බොන්න ඉඟුරු දාපු. නයිමිරිස් සම්බෝල එක්ක උණු පොල් රොටියක් හරි තිබ්බොත් තම්බපු මඤ්ඤොක්කා හරි කන්නත් පුලුවන්. මේ සාවියට නයි මිරිස් ආගමක් වගේ..දිය ඇල්ල ගාවට යන්න ප්‍රවේශ පත්‍රයක් ගන්න වෙනවා. පිවිසුම් කවුන්ටරය  පාලනය කරන්නෙ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව. ඔවුන් එතැන සුන්දරව නඩත්තු කරන හින්දා එහෙම සුලු මුදලක් ගෙවුවට වරදක් නැහැ. තැනේ හැටියට හොඳ වැසිකිලි කැසිකිලි පහසුකමුත් තියෙනවා. ආපහු මේ පැත්තෙන්ම එනවනම් ජෝතිට කිව්වොත් උණු කැකුළු බත් උයලා තියයි. එහෙම දවසක් බත් කන්න මාත් එක්ක ආවා ගිතාර වාදකයා මහේන්ද්‍ර පැස්කුවල්. ආපහු මේ පැත්තෙන්ම එනවනම් කියලා කිව්වෙ සමහරු එහෙම එන්නෙ නැති හින්දා. කැලේ පුරුදු අය කුඩාරමකුත් අරගෙන ඇවිත් දිය ඇල්ල උඩහට නැඟලා බාගෙදා රෑ නැවතිලා පහුවදා උඩවේරිය පැත්තෙන් ඔහියට පල්ලම් බහිනවා. ඔහියෙදි කොළඹ යන්න කෝච්චිය අල්ලගන්න පුලුවන්. සමහරු ගමන කෙළවර කරන්නෙ හොර්ටන් තැන්නෙන්. සුද්දොත් රංචු පිටින් එන මේ පාරෙ ඇත්තටම එක දවසකින් යන ගමනක් හොයාගන්න පුලුවන්. දැන් නම් කැලේ කඳවුරු බඳින්න අවසර දෙන්නෙ නැහැ කියලයි කියන්නෙ..ඒ බිඟු නදය..බඹරකන්ද තමයි  ලංකාවේ උසම දිය ඇල්ල. දැන් නම් වතුර අඩුයි උඩවේරිය පැත්තෙ මිනිස්සු වගා කරන්න අතර මැද්දෑවෙන් හරස් කරන හින්දා. මේ කන්දෙ පර්වත ප්‍රාන්තයන් දැක්කම සීගිරියෙ ශිලා බෑවුම් මතක් වෙන්න පුලුවන්. ඒවයෙ එල්ලිලා තියෙන බඹර වද හින්දා කන්දට ඒ නම ලැබෙන්න ඇති. මට නම් ඇල්ල පාමුල නොගැඹුරු සීතල දිය තටාකයේ කරවටක් ගිලිලා ඉද්දි ඇහෙන්නෙත් මෘදු බිඟු නදක්. එතැන කිසිම අනතුරක සේයාවක් නැති තටාකයක්. පුලුවන්නම් දිය ඇල්ලෙ මුදුන් ඉම දිහා බලාගෙනයි ඉන්න ඕන. සැබෑ සෞන්දර්යකාමීන්ට නන්දන උයනෙ දොරටුව දර්ශනය වෙනවා. සියල්ලෙන් මිදිලා සීත දියේ සිතුවිලි මිදෙන්න සළස්වනවානම් නියම තැන ඇල්ල පව්වෙන් බිමට පනින්න ඉස්සර ගිමන් නිවන මුදුන් තැන මුදුන් තටාකය. එතැනට යන එක ලේසි නැහැ. හැබැයි ඒ දළ බෑවුම නගිද්දි වෙහෙසක් දැනෙන්නෙ නැති තරමට පරිසරය සුන්දරයි. හරිම පවිත්‍රයි. පපුව පිරෙන්න හුස්මක් අරගත්තම ආයුෂ ගෙවෙන පවු හේදෙනවා. තව තත්පර දෙක තුනකින් ජීවන අපේක්ෂාව ඉහළ යනවා. වැඩි දුරක් පයින් වනාන්තරය මැද්දෙන් යන්න තියන ගමන පරිස්සමෙන් යන එක කාගෙත් වගකීමක්. අතරමගදි කන්දෙන් එබිලා පහළ බලන්න හිතෙන්න පුලුවන්..මං නම් කියන්නෙ ඇල්ල ඉහත්තාවට ගියාම හැම දේම නිස්කාන්සුවේ බලා ගන්න පුලුවන් නිසා එහෙම එබෙන්න වුවමනා නැහැ. මොකද කන්දෙන් එබිකම් කරපු සමහරුන්ගෙ ජීවිත ගමනත් මේ ගමනෙදි කෙළවර වුණ නිසයි එහෙම කියන්නෙ. හෝරා දෙකක් යන්නෙ නැහැ ඒ බිඟු නද ඇරඹෙන තැනට යන්න. ඇත්තටම එතැන විස්මයක්. මුණ ගැහෙන්නෙ සෞන්දර්යය විතරක් නෙවෙයි. නිවීම අත් දකින්න පුලුවන්. කැමැත්තෙන් වරුවක් නවතින්න පුලුවන් තැනක්. කැමතිනම් ආයෙත් පල්ලම් බහින්නෙ නැතිව උඩවේරිය පැත්තට කන්ද නඟින්න. එහේදි මුණ ගැහෙන්නට නියමිතයි දිව්‍ය ලෝකය මැද දුක. ඒ ඌව පළාතෙ කෙළවරක්. දෙමළ වතු කම්කරුවො අපා දුක් විඳිනවා සීතලයි හුළඟයි එක්ක ඔට්ටු වෙවී. හැම ලැයිමකම වහළෙට මහ ගල් කුට්ටි නග්ගලා තිබ්බෙ හුළඟ තහඩු හොරකම් කරගෙන යන්න ඉඩ තිබ්බ හින්දා. උඩවේරියෙ මිනිස්සුන්ට හපුතලේ, බණ්ඩාරවෙල කියන්නෙත් සිංගප්පූරුවක්. ඔවුන් තවම ගෙවන්නෙ සුද්දගෙ යුගය..හරිත පැහැ රහසක්..ආයෙමත් පල්ලම් බහිද්දි අතරමැද්දෙන් හැරිලා ලංකා ඇල්ල පැත්තට යන්නෙ නැත්නම් මේ ගමනෙ වටිනාකම අඩු වෙන්න පුලුවන්. හැබැයි එක දවසකින් ලංකා ඇල්ලයි බඹරකන්දයි දෙකම බලනවා කියන්නෙ සීරුවට කරන්න ඕන දෙයක්. කන බොන දේවලුත් එක්ක උදේ පාන්දර පටන් ගත්තොත් බැරි වෙන්නෙ නැහැ. ලංකා ඇල්ල පැත්තට යද්දි ගෙවන වන මං පෙත හෝර්ටන් තැන්නටම ඇදිලා යනවා. එක පැත්තකින් හෝර්ටන් තැන්නෙ මායිම් කඳු පෙනෙද්දි අනෙක් පැත්තෙන් පයින් යන්නන්ගෙ තවත් ගමනාන්තයක් වුණ වංගෙඩි ගල පේනවා. ඈත කඳු පාමුල හුදෙකලා කුඩා තේවත්තක ඉඳලා පල්ලම් බහින ගැමියෙක් අමු තේ දළු බරක් එක්ක මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා. මේ පාරෙත් සමහර තැන්වල කදිම කඳවුරු බිම් තියෙනවා හැබැයි දැන් ඒවායෙ නවතින්න අවසර ගන්න බැරි බවයි ගම්මු කියන්නෙ. එක කාලෙකට මේ මග දෙපැත්ත ලස්සන නෙළු මල් යායක් වෙනවා..දුර්ලභ මීවන වර්ග කඳුකර ඕකිඩ් වර්ග ගණනාවක් තියෙනවා. කඳුකර තෙත් නිවර්තන වනාන්තරය හෝර්ටන් තැන්න පැත්තට ඉහළ නගිද්දි වළාකුළු වනාන්තර සහ පිග්මි වනාන්තර බවට පරිවර්තනය වෙනවා කියලයි මහාචාර්ය පියල් මාරසිංහ කිව්වෙ. අඩි සිය ගාණක් ඉහළ ඉඳලා පහළ දෙණිය දිහා බලද්දි ගලන දිය පහරවල පතුළෙ ගල් කැට ගණින්න පුලුවන් තරමට වතුර පැහැදිලියි. සොබාදහමේ මදිරාව පානය කළා වගේ මත් වෙලා නිසොල්මනේ ඉන්න රිළවු මොකක්දෝ දැහැනක. උන්ට බාධා කරන්න හිත ඉඩදෙන්නෙ නැහැ. අන්තිමට ලංකා ඇල්ල අසබඩට ගියාම පුංචි දිය ඇලි දියණියක්. හෝර්ටන් තැන්නෙන් ගලන දිය දහර හරිම සීතලයි. හැබැයි මෙතැන ගල මත්තෙ හැදිලා තියෙන තටාකයේ එබෙන්න හිතන්න එපා. පෙනුමෙන්ම බොහොම ගැඹුරුයි. ලංකා ඇල්ල පාමුලට එන්න කළියෙං අතරමඟින් හැරුණම තවත් ලස්සන දිය ඇල්ලක දෙනෙත් අලවගන්න පුලුවන්. හැබැයි ඒක වෙනම ගමනක්. ඔබ මේ ගමන යනවනම් පිය සටහන් විතරක්ම ඉතිරි කරලා එන්න. මොකද මේ පරිසරය හරිම පවිත්‍රයි..ලසන්ත ද සිල්වා..Tags.බඹරකන්ද.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article‘අත්දැකීම් ප‍්‍රකාශ කළ හැකි හොඳම මාර්ගය සාහිත්‍යයි’ – ජෝකා අල්හාති.Next articleබෝම්බ ප‍්‍රහාරයට වඩා දේශපාලන සිරවීම් ආර්ථිකයට හානිදායකය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඔබටත් ජටාවක් පැළඳිය හැකිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඔබටත් ජටාවක් පැළඳිය හැකිය.By සංස්කාරක.December 1, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.විලාසිතා හා විලාසිතා නිර්මාණකරණය අද වන විට ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. වයස් සීමාවකින් තොරව ලෝකයේ බොහෝ අය විවිධ විලාසිතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. විලාසිතා නිර්මාණකරුවනුත් විවිධ දේවල් ඔවුන්ගේ විලාසිතාවලට වස්තු බීජ කරගෙන තියෙනවා. ස්වභාවධර්මයේ ඇති දේවල් බහුලවම විවිධ විලාසිතාවලට වස්තු බීජ වෙලා තිබෙනවා. නමුත් යම් රෝගයක් නිසාම ලෝකය පුරා සමහර විලාසිතා ඇති වෙලා තියෙනවා කිව්වොත් ඔබ සමහර විට පුදුමයට පත් වේවි..වික්ටෝරියානු සම්ප්‍රදායේ එන දිගු සායත් එවැන්නක්. 1800 කාලයේදී එංගලන්තය පුරාම ක්ෂය රෝගය පැතිරෙනවා. ඒ නිසාම එහි බලපෑමට ලක් වුණු කාන්තාවන් කෘශ බවට පත් වෙනවා. මෙම වික්ටොරියානු සාය සිහින් ඉඟක් සහිත විලාසිතාවක්. එය පසුපසින් පිම්බී තිබෙනවා. රෝගය නිසා කෘශ වුණු කාන්තාවන්ට භාවිත කළ හැකි විලාසිතාවක් වශයෙන් මේ සාය ඒ කාලයේ ජනප්‍රිය වුණා. පසුකාලීනව ඒ මුල් විලසිතාවේ යම් යම් වෙනස්කම් සිදුවුණා..ලිතුවේනියාව හා ආජන්ටිනාවත් ඇමරිකාව වැනි රටවල විලාසිතා නිර්මාණකරුවන් දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වූ ඇඳුම් නිර්මාණය කරනවා. දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට ඇඳුමක වර්ණය අනුව තෝරා ගැනීම් කරන්න බෑ. ඒ නිසාම ඇඳුම් මත විවිධ කැටයම් මගින් මෝස්තර නිර්මාණය මෙහිදී සිදුකරනවා. ඒ රටවල දෘශ්‍යාබාධිත පාරිභෝගිකයන් මේ විලාසිතා සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා..ලංකාවෙත් පිළිකා රෝගයෙන් පීඩා විඳින අය වෙනුවෙන් කළ විලාසිතා නිර්මාණයක් පහුගිය දවසක එළිදැක්වුණා. පිළිකා රෝගයට කීමෝතෙරපි ප්‍රතිකාර ගැනීම නිසා හිසකෙස් අහිමි වුණු කාන්තාවන්ට පාවිච්චි කරන්න පුළුවන් හිස් ආවරණයක් විදිහට ඔවුන් මෙය නිර්මාණය කර තිබෙනවා. එහි නම ‘ජටා’..ඇත්තෙන් ම එය නිර්මාණය කර තිබෙන්නේ ජටාවක් ආකාරයට. විවිධ හැඩවලින් අලංකා ජටා මෙමඟින් ලබා ගන්න පුළුවන්. ගැහැනු පිරිමි දෙගොල්ලන්ට ම ගැළපෙන ආකාරයට මේ ජටා නිර්මාණය කරලායි තියෙන්නේ..ජටා ව්‍යාපරය ආරම්භ කරන්න මූල් වන්නේ ලංකාවේ හිටපු විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි. ඇගේ කණ්ඩායමත් මෙයට විශාල හයියක් කියලා ඇය කියනවා..මේ විලාසිතාව ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වුණොත් පිළිකා රෝගියෙක් ජටාවක් පැළැඳ සිටීම විශේෂයක් වශයෙන් නොදැනේවි. ඔවුන්ටත් සාමාන්‍ය විදිහටම සමාජයේ සැරිසැරීමට පුළුවන්..ජටා ආයතනය මේ අලංකාර ජටාවලින් ලැබෙන ලාභය 100%ක්ම පිළිකා රෝගයට ගොදුරු වුණ පුද්ගලයන් සවිබල ගැන්වීම වෙනුවෙන් යොදවන බව ඔවුන් කියනවා. පිළිකා රෝගයෙන් පීඩාවිඳින්නන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ පළමු පියවර විදිහට ජටා ආයතනය මේ විලාසිතාව නම් කරලා තිබෙනවා..මේ සංකල්පය ගැන ”අනිද්දා” ජටා ආයතනයෙන් විමසීමක් කළා. ඒ ආයතනයේ නියෝජිතවරියක් ජටා හඳුන්වා දුන්නේ මෙහෙමයි..‘ජටා කියන නම අපිට ගොඩක් කිට්ටුයි ජටාව හින්දා..ජටා කියන්නෙ පිළිකාව සමග කරන සටන තවත් පණ ගන්වන්න ගෙනාපු අදහසක්. ඇත්තටම ජටා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ලාභ ලබන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. අපේ අරමුණ තමයි ජටා සමාජය තුළ ප්‍රසිද්ධ කරන එක. එතකොට ගොඩක් මිනිස්සු ජටා බඳීවි. එහෙම බැන්දාම කෙනෙක් දිහා බලලා අපිට කියන්න බැහැ ‘මෙයා පිළිකාවට ප්‍රතිකාර කරන කෙනෙක් හෝ මෙයා ෆැෂන් එකට ජටා බඳින කෙනෙක් කියලා. එහෙම වුණා ම පිළිකාවට එරෙහිව සටන් කරන කෙනෙක්ට ශක්තිය හා ධෛර්යක් ලැබෙනවා. ජටාවලින් ලැබෙන ලාභයේ සෑම සතයක්ම යන්නෙ පිළිකාවට එරෙහිව සටන් කරන අය වෙනුවෙන්. ඉදිරියේ දී අපි ඉන්දිරා පිළිකා අරමුදලත් එක්ක සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නෙ.”.ජටා ආයතනයේ කොළඹ 03 පිහිටා ඇති ප්‍රදර්ශනාගාරයෙන් වගේම ඔවුන්ට අන්තර්ජාලය හරහා ඇණවුම් ලබා දීමෙන් ජටා ලබා ගන්න පුළුවන්. පිළිකා රෝගීන් වෙනුවෙන් වර්තමානය වන විටත් ලංකාවේ විවිධ සත්කාර කෙරෙනවා. පිළිකා රෝහලට කෙරෙන පරිත්‍යාගවල පටන් හිසකෙස් අහිමි වූ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් කළඹ සැකසීම සඳහා බොහෝ දෙනෙක් තමන්ගේ වරලස පරිත්‍යාග කරනවා. යමෙක් පිළිකාවට ගොදුරු වුණාම ඔවුන් විශාල මානසික කඩාවැටීමකට ලක් වෙනවා. පිළිකා රෝගියෙකු හඳුනාගන්න පුළුවන් එක විදිහක් ඔවුන්ගේ ප්‍රතිකාර නිසා හිසකෙස් අහිමි වී තිබීම. එය ඔවුන්ට ඉතාම සංවේදී කාරණයක්. ඉතින් මේ විදිහට හිස කෙස් ආවරණය වෙන විදිහට කරන විලාසිතාවන් නිසා අපට කෙනෙක් පිළිකාවෙන් පෙළෙනවාද කියලා ඔවුන්ගේ හිස දිහා බලලා නිගමනය කරන්න බැරි වෙනවා. ඒ වගේම එවැනි රෝගීන් දිහා අනවශ්‍ය විදිහට බලන එක වැළකෙන නිසාම ඔවුන්ට මානසික සහනයක් සැලසෙනවා..මේ සංකල්පය හරිම අලුත් සහ වෙනස් සංකල්පයක්. බාහිර සමාජයට පෙනෙන ආකාරයට රෝග ලක්ෂණ මතුවී තිබෙන රෝගවලින් පෙළෙන අය ඔවුන්ට ලැබෙන අනවශ්‍ය අවධානය නිසාම බෙහෙවින් මානසික පීඩාවකින් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අලුතෙන් හිතන අයට විවිධ නිර්මාණ කරන්න පුළුවන් කියන එකට ජටා කියන්නේ හොඳ උදාහරණයක්.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමග්දෙලේනා නම් දේවතාවිය සිත්තම් කළ.කැරලිකාර ඩාවින්චි.Next articleනව ගෑස් ප්‍රමිතිය.කෙටුම්පතේ හිරවේ කෙටුම්පතක් ලෙස.විෂය ඇමති ජනපති ■ රාජ්‍ය ඇමති නාමල්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනාධිපතිගේ ආශීර්වාදයෙන් සභාපතිනියගේ අධ්‍යක්‍ෂණයෙන් ජාතික රූපවාහිනිය යළිත් නක්‍ෂත‍්‍රකාරයන්ට වේදිකාව හදයි දොර හරියි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනාධිපතිගේ ආශීර්වාදයෙන් සභාපතිනියගේ අධ්‍යක්‍ෂණයෙන් ජාතික රූපවාහිනිය යළිත් නක්‍ෂත‍්‍රකාරයන්ට වේදිකාව හදයි දොර හරියි.By රේඛා නිලුක්ෂි හේරත්.September 23, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.‘‘ජාතික රූපවාහිනියෙ අපි කාලයක් තිස්සෙ මේ වගේ වැඩසටහන් නවත්වන්න කියලා සටන් කළා. ආරියරත්න ඇතුගල මහතා සභාපතිවරයා ඉන්න කාලයේදී රූපවාහිනියට ජ්‍යෝතිෂවේදීන් ඇවිල්ලා මිනිස්සුන්ගෙ ඔළුවලට මිථ්‍යාව පුරවන වැඩසටහන් විකාශය කළා. නූතන ඉතිහාසය පුරාවට කළේ ඒක. ඒත් 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩු වෙනසෙන් පස්සෙ අපි කාලයක් තිස්සෙ කරපු ඉල්ලීම් සඵල වුණා. ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත්වුණ සෝමරත්න දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් ජාතික රූපවාහිනිය ජ්‍යෝතිෂය ප‍්‍රවර්ධනය කරන වැඩසටහන් නැවැත්වූවා. එවැනි වැඩසටහන් නවත්වන්න තරම් නිර්භීත තීරණයක් ගත්ත ලංකාවෙ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු කරන එකම රූපවාහිනී නාළිකාව තමයි ජාතික රූපවාහිනිය. එතැනින් පස්සේ මේ වෙනතුරුම ඒ වැදගත් තීරණය අනුව ජාතික රූපවාහිනිය කටයුතු කළා. දැන් මේ උත්සාහ කරන්නෙ ජාතික රූපවාහිනිය ආයෙමත් ආපස්සට ඇදගෙන යන්න.’ ජාතික රූපවාහිනියෙහි සේවය කරන ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක් නිර්නාමිකව අනිද්දා සමග අදහස් පළකරමින් එසේ පැවසීය..ඔහු එසේ අදහස් ප‍්‍රකාශ කළේ ජාතික රූපවාහිනී නාළිකාවේ සැප්තැම්බර් 12 වැනිදා විකාශය වූ ‘චක‍්‍රාවාටය’ නම් වැඩසටහන පිළිබඳවය. වැඩසටහනට ගෙන්වා තිබුණේ ජ්‍යෝතිෂවේදීන් යැයි කියාගත් කේ.ඒ.යූ. සරචත්චන්ද්‍ර, ඉන්දික තොටවත්ත, එස්.ජේ. සමරකෝන් යන පුද්ගලයන්ය. වැඩසටහන ආරම්භ කරද්දී වැඩසටහන් ඉදිරිපත් කරන්නා මෙසේ කීය..‘‘ ඕනෑම සමාජයක පැවැත්ම සඳහා මිනිස්සු විහින් සම්මත කරගත්ත නීති, රීති, ඇදහීම්, විශ්වාස භාවිත කරනවා. එක එක සමාජයෙන් සමාජයට එය වෙනස් වෙන්න පුළුවන්. ආගම දහමේ සිටම අපි අනුගමනය කරන ඇදහීම් විශ්වාස පිළිගන්නවා වෙන්නත් පුළුවන්. ප‍්‍රතික්ෂේප කරනවා වෙන්නත් පුළුවන්.’’ එම අදහස් පළකිරීම අනුව මෙම වැඩසටහන සමාජයේ ඇති විවිධ විශ්වාසයන් පිළිබඳවය. වැඩසටහන ඉදිරිපත් කරන ජාතික රූපවාහිනිය එම අදහස් පිළිගැනීමක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැත..එහෙත් වැඩසටහනට කැඳවා තිබුණේ එම අදහස් නියෝජනය කරන පුද්ගලයන් පමණි. ජාතික රූපවාහිනිය මධ්‍යස්ථ කණ්ණාඩිය දමාගෙන උත්සාහ කරන්නේ නැවතත් ජ්‍යෝතිෂය ප‍්‍රවර්ධනය කිරීමට බව එයින්ම පැහැදිලි වෙයි. එසේ සිදුකිරීමට හේතු රැසකි..සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපතිධුරය දැරූ සමයේදී ජ්‍යෝතිෂය ප‍්‍රවර්ධනය කරන වැඩසටහන් නැවැත්වූවා පමණක් නොව, ඉන්පසු සභාපති පදවියට පත් රවි ජයවර්ධන මහතා ජ්‍යෝතිෂය වැනි විශ්වාසයන් පිළිබඳ ඇත්ත නැත්ත සෙවීම සඳහා ‘යථාරූප’ නම් වැඩසටහනක්ද ආරම්භ කර තිබුණි. එම වැඩසටහන සම්බන්ධයෙන් ජ්‍යෝතිෂවේදින් දැඩි විරෝධය දක්වා තිබුණු අතර අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලනඥයන්ද ජාතික රූපවාහිනි නාලිකාවේ එම ප‍්‍රතිපත්තිය විවේචනය කර තිබුණි..යථාරූප.යථාරූප වැඩසටහන ජ්‍යෝතිෂය පිළිගන්නා පුද්ගලයන්ට සහ එය ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට විවෘත වේදිකාවක් විය. එම වැඩසටහනේදී ප‍්‍රසිද්ධියේ ජ්‍යෝතිෂයට අභියෝග එල්ල විය. ඒ නිසාම කල්ගත වෙද්දී ජ්‍යෝතිෂය විශ්වාස කළ එය එම වැඩසටහනට සහභාගී නොවී මඟහරින්නට වූහ. ඔවුන් විවිධාකාරයෙන් මෙම වැඩසටහන නැවැත්වීමට උත්සාහයන් ගෙන තිබුණි. එහෙත් 2018 මුල් කාලයේදී එම වැඩසටහන නැවැත්වීමට වැඩසටහනේ නිෂ්පාදකවරයා වූ දුමින්ද තිලකසේන මහතාම තීරණය කර තිබුණි. ඒ ජ්‍යෝතිෂවේදීන් වැඩසටහන මඟහැරීම නිසා යථාරූප ආරම්භ කිරීමට පදනම් වූ සැබෑ අරමුණ ඉටු නොවූ නිසාය..කෙසේ වෙතත් අපට වාර්තාවන ආකාරය නැවත ජ්‍යෝතිෂය ප‍්‍රවර්ධනය කරන චක‍්‍රාවාටය නම් වැඩසටහන ආරම්භ වී තිබුණේ දේශපාලන බලපෑම් සහ ජාතික රූපවාහිනියේ වත්මන් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ වුවමනාව නිසාය. ඇය පැහැදිළිවම ජ්‍යෝතිෂය ප‍්‍රවර්ධනය නොකර සිටීමේ වසර තුනක ජාතික රූපවාහිනී ප‍්‍රතිපත්තිය කඩ කරන්නට තීරණය කර තිබුණි..ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස වැඩකටයුතු භාරගැනීමද සිදුකර තිබුණේ සුබ නැකතටය. ඇය පෞද්ගලිකවම ජ්‍යෝතිෂය පිළිගන්නා බව පැහැදිලි කාරණයකි. ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තමන් ගත් තීරණය ගැන මෙසේ අදහස් දැක්වීය..මම කාන්තාවක් නිසා.‘‘මම ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස පත්වෙන්න මාස කිහිපයකට කලින් තමයි යථාරූප වැඩසටහන නවත්වලා තියෙන්නේ. මීට කලින් මේ ආයතනයට විවිධ සභාපතිවරුන් පත්වෙලා තියෙනවා. ඒ කිසිම සභාපතිවරයෙකුටවත් කිසිම පුද්ගලයෙක් කිසිම චෝදනාවක් නගලා නැහැ. නමුත් කාන්තාවක් මුල් පුටුවට ආවාම ඒක ඉවසගන්න බැරි අය තමයි මාව ඉලක්ක කරලා මේ විධියට මට චෝදනා කරන්නේ. වැඩසටහන නවත්වන්න තීරණය කරලා තිබුණේ එම වැඩසටහන නිෂ්පාදනය කරපු දුමින්ද තිලකසේන මහතා. ඔහු එය නවත්වලා තිබුණේ පසුව ඊට වඩා හොඳ වැඩසටහනක් කිරිමේ අරමුණෙන්. පසුව ඒ කාලසීමාවේ සෙයිලම කියලා වැඩසටහනක් කළා. ඒ වැඩසටහන නතර කළාම චක‍්‍රාවාටය කියලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ වැඩසටහන පටන්ගත්තේ අරමුණක් ඇතිව. සමාජයේ වැරදි මතයක් පළවෙලා තියෙනවා. අපි චක‍්‍රාවාට වැඩසටහන මගින් මිථ්‍යාව වපුරනවා කියලා. මේ වැඩසටහන මිථ්‍යාව වපුරන වැඩසටහනක් නෙවෙයි..සමාජයේ ජ්‍යෝතිෂයට පක්ෂ පිරිසක් සහ විපක්ෂ පිරිසක් ඉන්නවා. විපක්ෂ මිනිස්සු මේ වැඩසටහනට විරුද්ධව කථාකරනවා. පක්ෂ අය මේ වැඩසටහන හොඳයි කියනවා. චක‍්‍රාවාටය කියන්නේ සමාජයේ තියෙන විවිධ ආන්දෝලනාත්මක කරුණු සාකච්ඡුාවට ගන්න වැඩසටහනක්. ඒ පිළිබඳව විමසීමක් කරන එක. මේ බ‍්‍රහස්පතින්දා ඔය චෝදනා කරන අයට බලන්න පුළුවන් චක‍්‍රාවාටය කියන්නේ මොනවාද කියලා..මිථ්‍යාවට පක්ෂ අය වෙනුවෙන් අපි පෙනීසිටින්නේත් නැහැ. විපක්ෂ අය වෙනුවෙන් පෙනීසිටින්නේත් නැහැ. අපිට අරමුණක් තියෙනවා. අපි ඒ අරමුණට වැඩසටහන කරගෙන යන්නේ. වෙනත් රූපවාහිනි නාළිකාවල ජ්‍යෝතිෂවේදීන් ගෙනල්ලා හඳහන් බලනවා. වැඩසටහන් කරනවා. කවුරුවත් ඒ වැඩසටහන්වලට විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි මේකට විරුද්ධ වෙන්නේ.’’.චක‍්‍රාවාටය වැඩසටහනේදී පැහැදිලිවම කෙරුණේ ජ්‍යෝතිෂවේදීන් පමණක් ගෙන්වා එය මහා විද්‍යාවක් ලෙස සලකමින් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමය. ඒ නිසා ඇය යළි යළිත් මතු කරන්නට උත්සාහ කරන මධ්‍යස්ථ බව චක‍්‍රාවාට ය වැඩසටහනෙහි නැත..ජනපතිගේ විශ්වාසය.පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන උපදෙස් තිබුණේ ජාතික රූපවාහිනියෙහි ජ්‍යෝතිෂ වැඩසටහන් විකාශනය නොවන බවත්, ජ්‍යෝතිෂයෙහි බලයක් ඇති බව තමා අත්දැකීමෙන් දන්නා නිසා එවැනි වැඩසටහන් විකාශය කරන ලෙසත්ය. කෙසේ වෙතත් ඒ උපදෙස් දෙන මොහොත වෙද්දීත් ජාතික රූපවාහිනිය චක‍්‍රාවාට වැඩසටහනට ජ්‍යෝතිෂවේදීන් ගෙන්වීමට සැලසුම් සකස් කර තිබී ඇත. කෙසේ වෙතත් චක‍්‍රාවාට වැඩසටහනෙන් ආරම්භ කෙරුණු ජ්‍යෝතිෂයට ඉඩ විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය ඉදිරියටත් ක‍්‍රියාත්මක වනු ඇත. ජනාධිපතිවරයාගේද උපදෙස් අනුව ඉදිරියේදී කේන්දර කියවන වැඩසටහන් පවා ජාතික රූපවාහිනියේ ආරම්භ කිරීමට ඉඩහසර විවෘත වී ඇත..එහෙත් ජ්‍යෝතිෂවේදීන්යැයි කියාගන්නා පුද්ගලයන් විද්වතුන් ලෙස සලකා ඔවුන්ට සාමාන්‍ය ජනතාවගේ ජීවිත පාලනය කරන්නට ඉඩදෙන අන්දමේ වැඩසටහන් විකාශය කරවීම ජාතික රූපවාහිනිය ඉහළට ගෙනඒමක් නොව පහළට ඇද දැමීමකි. ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කියන ආකාරයට වෙනත් රූපවාහිනී නාලිකා එවැනි වැඩසටහන් විකාශය කිරීම ගැන කතා නොකර සිටීමේ ප‍්‍රතිපත්තියක් අප වැනි මාධ්‍ය ආයතනවලට හෝ මිථ්‍යාව ප‍්‍රවර්ධනය කිරීමට එරෙහිවන සමාජ කොටස්වලට නැත. එහෙත් එවැනි පෞද්ගලික ආයතනවලටත් එහා ගොස් රාජ්‍ය මාධ්‍ය ආයතනයකින් මෙසේ කිරීම බරපතළ ගැටලූ‍වකි..ජාතික රූපවාහිනියේ සභාපතිවරයා හැටියට පත්වුණු වහාම එහි ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන් නවතා දැමීමේ තීරණය ගත්තේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාය. ඔහු මෙසේ අදහස් දැක්වීය..මිථ්‍යාව ප‍්‍රවර්ධනය ගැන කනගාටුයි.‘‘යථාරූප කියන්නෙ නැවැත්විය යුතු වැඩසටහනක් නෙවෙයි. තව වර්ධනය කරලා මහජනතාව දැනුවත් කරන්න තිබුණු වැඩසටහනක්. එහෙම ඒවා නවත්වලා ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් ගෙනඒම සමාජය ආපස්සට ඇදගෙන යෑමක් විදියට මම සලකන්නේ. එහෙම නෙවෙයි. අපි සමාජ ප‍්‍රගමනයට දායක වෙන වැඩසටහන් ජාතික නාළිකාවෙන් විකාශය කළ යුතුයි. අපි නැවත ගල් යුගයට යා යුතු නැහැ. රූපවාහිනියේ මෙවැනි අවගමනයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. එය කාගේ යෝජනාවක්දැයි මම දන්නේ නැහැ. යථාරූප වැඩසටහන නැවත පටන්ගන්න කියලාත් ඉල්ලා සිටියා. මම කියන්නේ නෑ ඒ වැඩසටහනෙන් එක මතයක් විකාශය කරන්න කියලා. විවිධ මතධාරීන් ගෙන්වන්න. එතකොට බලාගෙන ඉන්න ජනතාව තීරණය කරයි සත්‍යය සහ අසත්‍යය මොකක්ද කියලා. යථාරූප වැඩසටහන ඕනෑම කෙනෙකුට අභියෝග කරන්න අවස්ථාව ලබාදීලායි පවත්වාගෙන ගියේ. යථාරූප ආරම්භ කරන්න මගේ කාලයේදි තමයි පදනම දැම්මෙ. හැබැයි මම ඉවත් වුණාමයි ඒක විකාශය වුණේ. මිථ්‍යාව ප‍්‍රවර්ධනය කරන වැඩසටහනක් ආරම්භ කිරීම ගැන මම කනගාටු වෙනවා. ආත්ම විශ්වාසයක් නැති, ගස් ගල් කෙරෙහි, යක්ෂයෝ කෙරෙහි විශ්වාසයක් තියාගෙන ඉන්න සමාජයක් හදන්නද මේ උත්සාහය කියන ප‍්‍රශ්නය මට එනවා. සමාජයට වගකිව යුතු වැඩිහිටියන් හැටියට දරුවන්ට කියලා දෙන්න ඕනෑ මිථ්‍යාවද විද්‍යාවද කියන ප‍්‍රශ්නය තමයි මට තියෙන්නේ..මිථ්‍යාව අදහන කෙනෙකුට පෙනෙනවා යථාරූප වැඩසටහන මිථ්‍යාවට එරෙහිව යන එකක් කියලා. එහෙත් මේ වැඩසටහන සැලසුම් කරද්දී මගේ අරමුණ වුණෙත් මෙම වැඩසටහනේදී සියලූ‍දෙනාටම අවස්ථාව දෙන්න. ඒත් ඒ වැඩසටහන විවිධ මිථ්‍යා මතධාරීන් මඟහැරියා. ඔවුන් තේරුම්ගත්තා විද්‍යාවේ ශක්තිය සමඟ තරග කරන්න බැහැ කියලා. ඒ නිසායි ඔවුන් කිව්වෙ මේ වැඩසටහන ඒකපාක්ෂික එකක් කියලා. ඒත් අපි කළේ පේ‍්‍රක්ෂකයා ඉදිරියේ විවෘතව මත ගැටීම්වලට ඉඩ සැලසීමයි..රූපවාහිනිය වගේ ජාතික මාධ්‍ය ආයතනයකින් අපි බලාපොරොත්තු වෙන්නෙ ජනප‍්‍රිය වැඩසටහනක් නෙවෙයි. රටේ වැඩි පිරිසක් කැමති විදියේ වැඩසටහන් කරන්න ඕනැ කියලා කෙනෙක් තර්ක කරනවා නම් ඒක වැරදියි. මේ වගේ ආයතනයකින් කළ යුත්තේ ජනතාවගේ බුද්ධිය වර්ධනය කරන වැඩසටහනක්. සත්‍යාවබෝධය දක්වා යා යුතු වැඩසටහනක්.’’.ජ්‍යෝතිෂය විශ්වාස කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හෝ සුබ නැකැත් බලන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය හෝ සියලූ‍දෙනාට අවස්ථාව ලැබෙන වැඩසටහනක් කරනවා නම් කළ යුත්තේ ජ්‍යෝතිෂය ප‍්‍රශ්න කරන පුද්ගලයන්ට සහ පිළිගන්නා පුද්ගලයන්ට විවෘතව ගැටෙන්නට ඉඩ සැලසෙන අන්දමේ වැඩසටහනක් සංවිධානය කිරීමය. ජ්‍යෝතිෂය පිළිගන්නා අය පවා එය සත්‍යයැයි විශ්වාස කරනවා නම් එහි සත්‍ය බව ඔප්පු කරන්නට ඇති හොඳම අවස්ථාව එවැනි වැඩසටහනකි. එය කරන්නට ශක්තිය තිබුණේ සෝමරත්න දිසානායක මහතාටය..රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මේ ගැන මෙසේ අදහසක් දැක්වීය..ඇමතිලාටත් දැක්මක් නැහැ.‘‘යථාරූප වැඩසටහන නිෂ්පාදනය කළේ අජිත් තිලකසේනගේ පුතා දුමින්ද තිලකසේන. ඒ වැඩසටහනට ආවා හොඳ වෛද්‍යවරයෙක්. එම වෛද්‍යවරයා මාතලේ සිට බස්රියෙන් ඒ වැඩසටහනට ආවා. ඔවුන් මේ වැඩසටහන වෙනුවෙන් ඉතාම කැපවුණා. මමත් සහභාගි වුණා. යථාරූප වැඩසටහන නැවැත්වීම ඉතාම අමනෝඥ මෝඩ වැඩක්. ඔය තැන්වලට කවුරු පත්කළත් රජය කියන හැටියට තමයි වැඩ කරන්න වෙන්නේ. මංගල සමරවීර ඇමතිවරයානේ රූපවාහිනිය බාරව ඉන්නේ. ඔහු ලෝකය ගැන පුළුල් දැක්මක් තියෙන මනුස්සයෙක් කියලා අපි හිතනවා. මේ වගේ වැඩවලින් පෙනෙනවා ඔවුන්ට එහෙම අවශ්‍යතාවක් නැහැ කියලා. මිනිසුන්ගේ චින්තනය පුළුල් කරන්නයි රාජ්‍ය මාධ්‍ය ආයතන වැඩකරන්න ඕනෑ. ඒත් ඔය ආයතනවල මුල් පුටුවලට පත්වෙන අයත්, ඒ ඇමති ධුර දරන අයත් ඒ ගැන අවංක වුවමනාවක් තිබෙන අය නෙවෙයි. ඒ බව මෙයින් පැහැදිලි වෙනවා.’’.යථාරූප වැඩසටහන ඍජුවම ඉලක්ක කරමින් එයට විවේචන එල්ල කිරිමට චක‍්‍රාවාට වැඩසටහනේ පාළුගෙයි වළං බිඳීමට පැමිණි ජ්‍යෝතිෂවේදීන්යැයි කියාගන්නා පුද්ගලයන් කටයුතු කර තිබුණි..මේ තිදෙනාම මීට පෙර ජාතික රූපවාහිනියේදීම යථාරූප වැඩසටහනේදි පිළිතුරු නැතිව අසරණ වූ පුද්ගලයන්ය. හත්පොළේ ගාගත් පුද්ගලයන්ය. ඔවුන් වීරයන් බවට පත්කරන්නට ජාතික රූපවාහිනිය, එම ගුවන් කාලයේදීම කටයුතු කිරීම රටෙහි ගමන්මඟ සංකේතවත් කරන ඛේදවාචකයකි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබස්නාහිර පළාතේ මුග්ධ අධ්‍යාපන බලධරයෝ.Next articleදිදුලන ඉන්දියාව හා කළුවර දිවයින.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විද්‍යඥයන් හා බුද්ධිමතුන් වෙත කෙරෙන හදිසි ආයාචනයක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විද්‍යඥයන් හා බුද්ධිමතුන් වෙත කෙරෙන හදිසි ආයාචනයක්.By News Admin.June 11, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.News Admin.■ කිතුසර කණ්ඩායම.පෘථිවි ගෝලයටත් එහි ජීවයටත් ආදරය කරන ශ්‍රී ලාංකීය පුරවැසියන් පිරිසක් ලෙස, 2021 ලෝක පරිසර දිනයේ පැවැති ‘පරිසර අර්බුදය’ මූලය හා විසඳුම්’ නම් කතිකාවතින් මතු වූ අදහසක් අනුව මෙම ආයාචනය ඉදිරිපත් කිරීමට තීරණය කළේමු..අපගේ මේ ආයාචනය,.– අප රට තුළ ජීවත්වන,.– අප රටින් බැහැර රටවල ජීවත්වන සියලු ජාතින්ට අයත් ශ්‍රී ලාංකේය බුද්ධිමතුන් වෙත කෙරෙන විවෘත ආයාචනයකි..පසුගිය කාලය පුරාම අප රට තුළ ඇති වූ අර්බුද අවස්ථාවලදී මෙන්ම සාමාන්‍ය ප්‍රශ්න වලදීද මෙරට පොදු ජනයා මුහුණ දෙන ගැටලුවක් වන්නේ ඇත්ත විද්‍යාත්මක අදහස කුමක්ද යන්න තෝරා බේරා ගැනීමයි..නිදසුන් ලෙස ඉතා මෑතක ඇති වූ විෂ පොල්තෙල් පිළිබඳ ප්‍රශ්නය, පර්ල් එක්ස්ප්‍රස් නැව ගිනි ගැනීමේ ප්‍රශ්නය ආදියේ දී ද, ලොක් ඩවුන් කළ යුත්තේ කෙසේ ද ? කෝවිඩ් සිරුරු භූමදානය කරනවාද ? නැද්ද ? ආදි විවිධ ප්‍රශ්නවලදී මෙරට පොදු ජනයාට පිළිගත හැකි විද්‍යාඥ අදහස ප්‍රකාශ කරන ස්වාධීන විද්‍යාඥ මණ්ඩලයක අවශ්‍යතාවය තදින් ම දැනී ඇත..එවන් ස්වාධීන අදීන විද්‍යාඥ හා බුද්ධිමතුන් මණ්ඩලයක් නිසි මැදිහත්වීමක් අවශ්‍ය අවස්ථාවලදී අප්‍රමාදව කළේ නම් අපේ රටේ තත්ත්වය මේ සා දුක්ඛීත නොවනු ඇත..මෙහිදී විද්වත් යන ලේබලය යටතේ විවිධ පක්ෂවල පටු දේශපාලන අරමුණු වලට අනුව ගොනුවු පිරිස් නිසා ජනතා තුළ විද්වතුන් කෙරෙහිද බරපතල අප්‍රසාදයක්, විරෝධයක් මතු වී ඇති අතර ‘විද්වත්’ යන්න හාස්‍යයට ලක්වන තත්ත්වයක් ඇති වී ඇත..නමුත් අප අදහස් කරන්නේ මිථ්‍යාව වෙනුවට විද්‍යාව ජන සමාජයක යහපත් පැවැත්මට අත්‍යාවශ්‍ය මග පෙන්වීම විය යුතු බවයි. එසේම ඒ විද්‍යාව පවතින දුෂ්ඨ ක්‍රමය සාධනීයව වෙනස් කිරිම අවැසි බව දකිනා ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසින් පෙන්වා දිය යුතු බවයි. ක්‍රමය පවත්වා ගැනීමට ක්‍රියා කරන සම්ප්‍රදායක බුද්ධිමතුන් සිදු කරන්නේ තත්ත්වය තවත් නරක අතට හැරවීම බවද අපි දකිමු..ශ්‍රී ලංකාව රටක් ලෙස පර්යේෂණ සඳහා අවම පිරිවැයක් දරණ රටක් වන නිසාත්, දේශපාලන බලපෑම් මත නිදහසේ වැඩ කිරීමට ඉඩකඩ අවම වීම නිසාත් මේ රටින් පිට සේවය කරන විද්‍යාඥයින් රැසක්ද සිටින බව අපි දනිමු..එසේම බොහෝ විද්‍යාඥයින්ට, බුද්ධිමතුන්ට තම ජීවිත යහපත්ව පවත්වා ගැනීමට තරම් ආදායම් ඇති හෙයින්ද තමන් නිරත වන ක්ෂත්‍රය තුළ ඉටුකරන කාර්යයන් තුළින් සමාජ පිලිගැනීමක් හා වටිනාකමක් නිතැනින්ම උරුම වන නිසා ද, මුදලට ගැතිවීම හෝ ලාභ ජනප්‍රියත්වය හඹා යෑම හෝ අවශ්‍ය නොවන බව අපි දනිමු..බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලාකරුවන් ගැන කියු ප්‍රකාශයකින් කරන අවධාරණයක් අපගේ මෙම ප්‍රස්තුතයට අදාලව ඉදිරිපත් කළොත්,.“මේ සා අඳුරු යුගයක් තිබුණි දැයි අනාගත පරපුර නොඅසනු ඇත. එහෙත් ඒ අඳුරු යුගයේදී බුද්ධිමතුන් විද්‍යාඥයින් කුමක් කළේ දැයි ඔව්හූ අසනු ඇත”.එබැවින් අප රටේත්, අනාගත පරපුරේත් පාරිසරික උරුමයේත් නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබට මේ යුගය විසින් පවරා තිබෙන මෙහෙවරක් ලෙස සළකා ඔබගේ කාලයෙන් ශ්‍රමයෙන් යම් කොටසක් කැප කර ‘ස්වාධීන විද්‍යාඥ මණ්ඩලක් පිහිටුවා ගෙන අප රටේ පාරිසරික හා සමාජ ප්‍රශ්නවලදී මහජනයාට නියම සත්‍ය ඉක්මනින් සන්නිවේදනය කරන ලෙසයි. එය ඔබ උපන් දේශයට ඔබ කරන අගනාම සේවය වනු ඇත. එපමණක් නොව එය ඔබටද ඔබේ පවුල්වලටද ආශිර්වාදයක් වනු ඇත. එවැන් කාර්යයන් සඳහා අවශ්‍ය පිරිවැය රට තුළින් හා විදේශයන් තුළ සිටින අවංක පිරිස් තුළින් සම්පාදනය කරගත හැකි වනු ඇත..අප රටත්, මානව සමාජයක් ඉදිරියට ගෙනයා හැක්කේ පටු දේශපාලකයින්ටවත් ඔවුන්ගේ ව්‍යාපෘතිවල ඉත්තන් බවට පත් වු ඊනියා විද්වතුන්ටවත්, පවතින දුෂ්ට ක්‍රමය පවත්වා ගැනීමට මත දක්වන සම්ප්‍රදායික බුද්ධිමතුන්ටවත් නොවේ. සෑම ක්ෂෙත්‍රයකම සිටින ඓන්ද්‍රීය බුද්ධිමතුන්ටය. එබැවින් ඔබගේ මැදිහත්විම යුග අවශ්‍යතාවයක් බව නැවත අවධාරණය කරමින් ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමු. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස හෘදය සාක්ෂිය කතා කරන අය සැමට ආයාචනා කරමු.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපයබර වායට පිටකර බෙහෙත් බැඳි පාරිභෝගික අධිකාරියේ ගෑස් ගැසට්ටුව.Next articleයහපාලන කාලයේ ලංකාව ලබාගත් මානව හිමිකම් දියුණුව පවා නව රජය යටතේ ආපස්සට හැරවෙනවා යුරෝපා පාර්ලිමේන්තුව කියයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.anonymous June 14, 2021 At 12:53 pm.How true & I’d love to help for the sake of the future generations. But, I have to say sorry for now. Not as long as the ‘Jarapaksa thieveing murderers’ are out in the open. Get them all inside where they deserve to be held..Reply.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තනි තීරණ ගන්න ජනාධිපති ක්‍රමයේ අර්බුදයඅද හොඳටම පැහැදිලියිආචාර්ය ජයම්පති වික්‍රමරත්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තනි තීරණ ගන්න ජනාධිපති ක්‍රමයේ අර්බුදය.අද හොඳටම පැහැදිලියි.ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.By සංස්කාරක.December 22, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැදීමේ කාර්යයේදී මන්ත්‍රීවරුන් ඒකෙන් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එසේ ව්‍යවස්ථාවක් සෑදීම දක්වා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන හදාගන්න අවශ්‍යයි. මොකද අපේ ව්‍යවස්ථාවේ තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනෑ කියලා..■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර.ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍ය ඇයි?.මේ වන විට ආණ්ඩුකරණය පිළිබඳ විශාල අර්බුදයක් ලංකාවේ තියෙනවා කියලා ඕනෑ කෙනෙක්ට පේනවා. ඒ වගේම අපේ ජනවාර්ගික ගැටලුව විසඳිලා නෑ. අපි බෙදුම්වාදය යුදමය වශයෙන් පරාජය කළාට ඒකට තුඩුදුන්නු දේශපාලනික කාරණා තවමත් එහෙමයි..අනිත් කාරණය තමයි අපි මේ වන විට විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව උපරිමයෙන්ම අත්විඳිමින් තියෙනවා. අපිට පේනවා විශාල බහුතර වැඩි ඡන්දෙකුත් ලැබිලා,.පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකකුත් ලබාගෙන, විසිවන සංශෝධනයත් කරලා තිබියදී ආණ්ඩුකරණය වැටිලා තියෙන ප්‍රපාතය..ජේආර් ජයවර්ධන පාර්ලිමේන්තුවට යටත් නොවී තනි තීරණ ගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඉන්න ඕනෑ කියලා කිව්වාට, ඒ තනි තීරණ ගන්න ජනාධිපති ක්‍රමයේ අර්බුදය අද හොඳටම පැහැදිලියි. ඒ නිසා අද ඕනෑ සාමූහික වශයෙන් එකතු වෙලා තීන්දු ගන්න ආණ්ඩු ක්‍රමයක්. සංවරණ හා තුලනයන් සහිත එකක්..අනික් කාරණය තමයි අපේ ව්‍යවස්ථාව නවීකරණය කරන්න අවශ්‍යයි. මොකද දැන් ඒක අවුරුදු හතළිහක් විතර පරණ ව්‍යවස්ථාවක්. අපේ මූලික අයිතිවාසිකම් පර්ච්ඡේදය ගත්තොත් අද වන විට ඒක විශාල වශයෙන් යල් පැනලා ගිහින් තියෙන එකක්..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක ගලින් කෙටුවා වගේ තියන්න බෑ. ඒවා නවීකරණය වෙන්න ඕනෑ. ඒ නිසා තමයි අපිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ..ඒ කියූ ඇතැම් අරමුණු වෙනුවෙන් ඔබගේද මැදිහත් වීමෙන් පහුගිය යහපාලන රජය විසින් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ ඒවා ගෙනාවා. නව ව්‍යවස්ථාවක් ගෙන එනවා හැර, ඒ විදිහේ සංශෝධන මගින් මේ ව්‍යවස්ථාව ගොඩදැමීමේ හැකියාව කොහොමත්ම නැද්ද?.මං මුලින් කිව්ව අරමුණු ඉටුකරගන්න නම් මේ තියෙන ව්‍යවස්ථාවේ හැම පරිච්ඡේදයටම වගේ තද සංශෝධන අවශ්‍ය වෙනවා. ඉතිං තියෙන එක ඒ විදිහට සංශෝධනය කරන්න නම් මුළු ව්‍යවස්ථාවම සංශෝධනය කරන්න වෙනවා. ඒ නිසා ඊට වඩා පහසු සහ වඩාත් හොඳ ක්‍රමය තමයි අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන එක..අනික් කාරණය තමයි තියෙන ව්‍යවස්ථාව බරපතළ විදිහට වෙනස් කරද්දී වගේම අලුත් ව්‍යවස්ථාවක් ගොඩනගද්දී කියන කාරණා දෙකේදීම කොහොමත් ජනමත විචාරණයකට යන්න ඕනෑ. ජනමත විචාරණයකට නොගොස් මේ තියෙන ව්‍යවස්ථාවේ ඒ විදිහේ විශාල සංශෝධනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා තියෙන එක සංශෝධනය කිරීම හා අලුත් එකක් සැකසීම කියන දෙකේ ඒ හැටි වෙනසක් නෑ..මං මෙතනදි අදහස් කරන්නේ නෑ ව්‍යවස්ථාවක් සංශෝධනය නොකර ඉන්න අවශ්‍ය නෑ කියලා. ව්‍යවස්ථාවන්ට සංශෝධන අවශ්‍යයි. හැබැයි පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සංශෝධන සිදුකිරීමයි නරක. උදාහරණයක් විදිහට දැන් අවුරුදු හැත්තෑපහක් විතර වයස ඉන්දියානු ව්‍යවස්ථාවේ සංශෝධන තියෙනවානේ සීයකට අධික සංඛ්‍යාවක්. නමුත් ඒවා සැබෑ ආණ්ඩුකරණ අවශ්‍යතා නිසා ගෙනාපු ඒවා මිස පටු දේශපාලනික අරමුණු නිසා ගෙනාපුවා නෙමෙයි..ඔබ ඇතුළු සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනාවානේ. නමුත් මේ යෝජනා යථාර්ථයක් බවට පත් කරන වැඩපිළිවෙළ මොකද්ද?.අපි මේ යෝජනා ඉදිරිපත් කළේ මූලික වශයෙන් ඒ යෝජනා පිළිබඳ කථිකාවක් ඇති කිරීමට. මේ සතියේ කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විවිධ ආගම්වල පූජ්‍ය පූජක පක්ෂයේ ඉහළම අයගේ සහ සිවිල් සමාජයේ සහභාගිත්වයෙන් මේ යෝජනා ඉදිරිපත් කරලා අපි සාකච්ඡාවක් පැවැත්තුවා..ඒ වගේම අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා පවත්වන්න. ඒ වගේම සිවිල් සංවිධාන එක්ක සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සූම් අවකාශය හරහා බොහෝ දෙනාට සහභාගි වෙන්න පුළුවන් විදිහට සාකච්ඡා මාලාවක් පවත්වන්නත් අපි කල්පනා කරනවා. ඒ වගේම කුරුණෑගලින් පටන්ගෙන හැම දිස්ත්‍රික්කයකම පාහේ සාකච්ඡා කරන්න සාකච්ඡා මණ්ඩප ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා..අපි ඒ විදිහේ පුළුල් වැඩපිළිවෙළක් අරං ගියාම දේශපාලන පක්ෂවලට සිදුවෙනවා අපිත් එක්ක සාකච්ඡා පවත්වන්න. මොකක් හරි පක්ෂයක් හිතාගෙන ඉන්නවා නම් ඊළඟ ඡන්දයේදී බලය නිකම්ම අපේ අතට වැටෙයි, එතකොට අපි මේ තියෙන ක්‍රමයටම බලය ගෙනියනවා කියලා, ඒක හීනයක්..ඉදිරි මැතිවරණයක් දක්වා බලා නොසිට වර්තමාන ආණ්ඩුව එක්ක මේ යෝජනා ගැන සාකච්ඡා කරන්න උත්සාහ නොකරන්නේ ඇයි?.මේ ආණ්ඩුව හරහා මේ වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුව නම් ජනතාවට අවශ්‍ය විදිහේ, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ගැන සැලකිල්ලක් දක්වයි කියලා. හැබැයි මේ කාට වුණත් ඔය හිතන තරම් පහසුවෙන් බලය ලබාගන්න එක කරන්න බෑ. ඒකට පුළුල් වැඩපිළිවෙළක් තියෙන්නම වෙනවා..මං මේ ඊයේ පෙරේදාත් සමාජ මාධ්‍යයේ දැක්කා යම් පෝස්ට් එකක් ‘වෙන්ඩ ජනාධිපතිවරුනි, කරුණාකර උත්තර දෙන්න. ඔබගේ යෝජනා මොනවාද?‘ කියලා. ඒ නිසා මේ රටේ ඡන්දදායකයා ඉදිරියේදී නිකංම බලය දෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා බලය ගන්න බලාගෙන ඉන්න අයටත් බලය රැකගන්න බලාගෙන ඉන්න අයටත් කිසියම් පැහැදිලි වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්න වෙනවා..අපි කල්පනා කරන විදිහට අපිට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ යෝජනා බොහෝවිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ආණ්ඩු වෙනසක් එක්ක. ඒ නිසා අපිට ඒ කාලය තුළ අපේ යෝජනා පිළිබඳව පුළුල් ජන මතයක් හා දැනුවත් කිරීමක් කරන්න වෙනවා..මේත් එක්ක සමාජයේ ගොඩනැගෙමින් පවතින තවත් කථිකාවක් තමයි, මහජන ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ කථිකාව. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ව්‍යවස්ථා වැඩපිළිවෙළට වඩා වෙනස් වැඩපිළිවෙළක් නේද ඒ තුළ තියෙන්නේ? ඒ පිළිබඳ ඔබගේ අදහස මොකද්ද?.ඒ සංකල්පයෙන් බොහෝ විට කියන්නේ ව්‍යවස්ථා හැදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැතිව වෙනම මහජන සම්පාදන මණ්ඩලයකට දිය යුතුයි කියන එක. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට සම්බන්ධ වුණාම ඒ අයගේ පෞද්ගලික කැමැත්ත හා ළැදියාව ඒකට බලපාන්න ඉඩ තියෙනවා..චිලී රටේ මෑතකදී කළා වගේ, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම මේ සංකල්පයේදී කියවෙනවා. චිලී රටේ විශාල මහජන උද්ඝෝෂණයක් තිබුණාට පස්සේ අවශ්‍ය නීතිමය වෙනස්කම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටෙව්වා. ඒවා කළේ නීති විරෝධීව නෙමෙයි, අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ නීත්‍යනුකූලව. එතනදී ජනතාවගෙන් ඇහුවා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් සියයට පණහක් මන්ත්‍රීවරු ගන්නවාද, එක්කෙනෙක්වත් ගන්න එපාද කියලා. ජනමත විචාරණයේදී අතිවිශාල බහුතරේ කිව්වා මන්ත්‍රීවරු නැතිව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ඕනෑ කියලා. ඒකේදී ඒ වගේම සහතික කෙරුණා, හරි අඩක් පමණ කාන්තාවන්ද සිටින්න ඕනෑ කියලා. මේ අනුව 47%ක ප්‍රමාණයක් කාන්තාවන් තේරී පත් වුණා. මේ සම්පාදක මණ්ඩලයේ විවිධ දේශපාලනික පක්ෂවල ක්‍රියාකාරිකයන්, විවිධ වෘත්තිකයන්, විවිධ ගෝත්‍රික කණ්ඩායම්වල නියෝජිතයන්, විද්වතුන් ආදි සියල්ල ඉන්නවා. ඉතිං මේ වැඩපිළිවෙළ සංකල්පයක් විදිහට මං කැමති වැඩපිළිවෙළක්..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැදීමේ කාර්යයේදී මන්ත්‍රීවරුන් ඒකෙන් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එසේ ව්‍යවස්ථාවක් සෑදීම දක්වා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන හදාගන්න අවශ්‍යයි. මොකද අපේ ව්‍යවස්ථාවේ තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනෑ කියලා. ඉතිං ඒක වෙනස් කරන්න නම් ඒකත් ව්‍යවස්ථානුකූලව කරන්න ඕනෑනේ. ඒකයි අපිට එතැන තියෙන ප්‍රායෝගික ගැටලූව..ඒ ක්‍රමය වෙනත් රටවල ප්‍රායෝගිකව භාවිත වුණේ ඒක යථාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් ව්‍යතිරේකී අවස්ථා තියෙන නිසා නේද?.මම කියන්නේ නෑ හැම විටම වර්තමාන තිබෙන ව්‍යවස්ථාව අනුවම යන්න ඕනෑ කියලා. ඉතාම කලාතුරකින් එක්තරා අවස්ථා එනවා මීට වඩා වෙනස් විදිහක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දීර්ඝ කාලීන භීෂණ කාලයකින් පස්සේ යම් රටකට එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. රටක් යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වුණාම ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ සුවිශේෂ අවස්ථා කිහිපයකදී හැර අර විදිහේ ක්‍රමයකට යන එක එච්චර ප්‍රායෝගික නෑ. නමුත් ඒ සංකල්පය වැදගත් එකක්..ඒ වගේම හැත්තෑ දෙකේදී අපි මීට වඩා වෙනස් විදිහකට ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. මොකද සෝල්බරි ව්‍යවස්ථාව යටතේ අපිට ඕනෑ විදිහට අලුත් ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්ද කියලා සැකයක් තිබුණා. හැත්තෑවේ මැතිවරණයේදී සමගි පෙරමුණ ජනවරමක් ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවෙන් පිට, මන්ත්‍රීවරු රැස්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න. ඒකට තුනෙන් දෙකක් ලැබුණ නිසා සියලු පක්ෂවලට නව රඟහලට ආරාධනා කළා ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. මේකට සියලු පක්ෂ එකතු වුණ නිසා ආණ්ඩුක්‍රම සම්පාදන මණ්ඩලයක් සෑදීමට සුජාතභාවය ලැබුණා. එහෙම වුණත් ඒක හැදුවේ සමගි පෙරමුණට අවශ්‍ය විදිහට නිසා එක්සත් ජාතික පක්ෂය අන්තිමට ඡන්දේ දුන්නේ නෑ. තවත් පක්ෂ මගදී නැගිටලා ගියා. අන්තිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ලැබුණු සුජාතභාවය නිර්මාණය කළ ව්‍යවස්ථාවට නැතිව ගියා..අන්තිමට ඒකෙන් කළේ හැත්තෑ පහේ තියන්න ඕනෑ ඡන්දය හැත්තෑ හතේ තියලා පාර්ලිමේන්තු කාලය සමගි පෙරමුණ අවුරුදු දෙකකින් දික් කරගත්තු එක විතරයි. හැත්තෑ පහේ ඡන්දය තිබ්බා නම් සමගි පෙරමුණ දිනන්නත් තිබුණා. පැරදුණත් විශාල පරාජයක් ලබන්නේ නෑ. නමුත් හැත්තෑ හතේ ඡන්දෙන් ජේආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් ලැබුණා. ඒ නිසා හැත්තෑ දෙකේ ව්‍යවස්ථාවත් ඉවත් වෙලා ගියා..මේ කරුණු දිහා බලද්දී පේනවා මේ වෙලාවේ තියෙන ප්‍රායෝගිකම ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ තමයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හැටියට අපි තෝරගෙන තියෙන්නේ කියලා. හැබැයි කනගාටුදායක කරුණ තමයි තවමත් විරුද්ධ පක්ෂයේ පක්ෂවලින් ආණ්ඩුක්‍රම යෝජනා පිළිබඳ කතාවක් බහක්වත් නැති එක. කලින් කිව්වා වගේ, සමහරවිට ඒ අය හිතනවා ඇති අපිට කාගෙවත් යෝජනා අවශ්‍ය නෑ මේ ආණ්ඩුවේ ජනප්‍රියතාව වේගයෙන් හීන වන නිසා නිකංම අපේ ඔඩොක්කුවට බලය වැටෙයි වගේ දෙයක්. ඒක සම්පූර්ණ මිථ්‍යාවක්. මේ ආණ්ඩුව වෙනස්කරන්න පුළුවන්. බැරි නෑ. නමුත් ඒකට සෑහෙන ඒකාබද්ධ ප්‍රයත්නයක් ගත යුතුයි..මේ එක්කම තවත් සමහරු කියනවා අද තියෙන්නේ ආර්ථික ගැටලු. ඒ ගැටලුවලට තමයි විසඳුම් හොයන්න ඕනෑ කියලා. ඒකත් අර වගේම අර්ථාන්විත කථාවක්. මොකද ආර්ථික ගැටලුවලට උනත් සම්බන්ධයි ව්‍යවස්ථා රාමුව. ඒ වගේම ආණ්ඩුකරණය පිළිබඳ ක්‍රියාවලියත් මේකට බලපානවා. මොකද මේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුවක් තමයි අන්‍යයන්ගේ, විශේෂඥයන්ගේ අදහස් ගන්නේ නැතිව ඒකමතික තීන්දු තීරණ ගන්න එක. ඉතිං මේ කියන ආණ්ඩුකරණය පිළිබඳ ගැටලු විසඳගන්න වෙන්නෙත් අලුත් ව්‍යවස්ථාවකින්..මේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය තියෙද්දිම, වෙනත් කෙනෙක් තියෙන ව්‍යවස්ථාව යටතේම බලයට පත් වුණා කියලා රටට වන යහපතක් නෑ. රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න නම් මුලින්ම ආණ්ඩුකරණය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම අත්‍යවශ්‍යයි. අධිකරණය ස්වාධීන කරන්න බෑ ආණ්ඩුකරණය ප්‍රජාතන්ත්‍රවාදී නොකර. මානව හිමිකම් ආරක්ෂා කරන්න බෑ ආණ්ඩුකරණය ප්‍රජාතන්ත්‍රවාදී නොකර. ඒ නිසා තමයි සාධරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලට මුල් තැන දීලා වැඩ කරන්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයෝජිත දත්ත ආරක්ෂණ පනතෙන් පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ නවෝත්පාදනයට ඇතිවන විපාක.Next articleකතාව මොකක්ද.අහන්නේවත් නැතිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.රංගන ශිල්පිනී යශෝධා රසඳුනී.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රනිල් වික‍්‍රමසිංහ, මඩු මංගල්‍යය සහ ජාතික සංහිඳියාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රනිල් වික‍්‍රමසිංහ, මඩු මංගල්‍යය සහ ජාතික සංහිඳියාව.By ගාමිණි වියන්ගොඩ.September 9, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.පසුගිය මඩු මංගල්‍යයේ දී අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයක් මාධ්‍ය වාර්තා කෙළේය. ඉන් කොටසක් මෙසේ ය:.‘‘මඩු මංගල්‍යය කියන්නේ, සිංහල දෙමළ ජාතීන් දෙකම සහෝදර සහෝදරියන් වගේ සහභාගී වෙන උත්සවයක්. මේ වගේ ආගමික මංගල්‍ය උත්සවවලින් ජාතීන් අතර සහයෝගීතාව සහ සහෝදරත්වය වර්ධනය වෙනවා.’’.සෑම ප‍්‍රධාන ආගමික උත්සවයකදීම රටක නායකයෙකු මෙවැනි ඕලාරික ප‍්‍රකාශ කිරීම වර්තමානයේ පිළිගත් සම්ප‍්‍රදාය වී තිබේ. එසේ වෙතත්, ලංකාවේ වෙසෙන ජාතීන් අතර ප‍්‍රශ්නයක් ඇති නිසාත්, ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ මිනී මරාගෙන ඇති නිසාත්, ජාතික සහජීවනය ආගමික උත්සවයක වැදගත් කාරණයක් වශයෙන් ගැනීම අවුලක් නොවේ..එහෙත් ආගම හරහා සහජීවනය ගොඩනැගීමේ ව්‍යාපෘතිය, දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් ද අසාර්ථක වී දැන් සියවස් ගණනක් ගතවෙන බව මතක තබා ගත යුතුය. දේශීය වශයෙන් ගතහොත්, මහාවංශය ලියූ 5 වැනි සියවසේ පටන් ලංකාවේ සහජීවනයක් ආගම හරහා ගොඩනැගී මේ ඕනෑම අනාගත ව්‍යාපෘතියක් ව්‍යර්ථ කිරීමේ බීජ වපුරා ඇති බව පෙනේ. ජාත්‍යන්තර වශයෙන් ගතහොත්, 11 වැනි සියවසේ පටන් ගෙනගිය කුරුස යුද්ධ, ආගමේ නාමයෙන් ජාතීන් ඝාතනය කළ අවස්ථාවන් ය. ලෝක ඉතිහාසයේ සියවස් පහළොවක් ආපස්සට අප හැරී බැලූවොත්, සෑම ප‍්‍රධාන ආගමක්ම, ප‍්‍රයෝගිකව යුද බිමට යාමෙන් හෝ මතවාදීමය වශයෙන් ‘ආගමික අනෙකාව’ නිර්මාණය කරමින්, මිනිසුන් අතර සමගියට වඩා වපුරා ඇත්තේ භේදයයි..මෙය, ඒ කිසි ආගමක නෛසර්ගි ක වරදක් නොවිය හැකිය. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ගත්තොත්, උන්වහන්සේ භේදය හැම අතකින්ම පිටුදැක තිබේ. මිනිසුන් කෙරෙහි පමණක් නොව, සතාසීපාව කෙරෙහි පවා උන්වහන්සේ මෛත‍්‍රිය දේශනා කොට ඇත්තේ එබැවිනි. ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ශාස්තෘවරුන් සම්බන්ධයෙන් ගත්තත්, තත්වය වෙනස් නැත..එහෙත්, මේ සෑම ආගමක්ම බිහි වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ, ඒවා ආධ්‍යාත්මික මාර්ගවලින් පිට පැන ලෞකික අනන්‍යතා මෙවලම් බවට පත්වූ දා සිට, මේ කිසි ආගමක ශාස්තෘවරුන් සැබවින් වදාළ කිසිවක්, අදට අදාළ කර ගත නොහැකි මට්ටමකට කුරවල් විය..‘අනන්‍යතා මෙවලමක්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ඔබේ තනි පුද්ගල භාවය, ඔබට වඩා වැඩි පිරිසක් සමග යා කර ගැනීමෙන් තර කර ගත හැකි ඕනෑම දෙයක්, ‘අනන්‍යතා මෙවලමකි’. දැන් අපි මෙසේ ගමු. ඔබ කියවන මේ ලිපිය ලියා ඇති සිංහල භාෂාව තිබෙන්නේ, ඔබ සහ මා අතර පණිවිඩ පාලමක් ගොඩනගා ගැනීමටයි. එය සන්නිවේදනය යනුවෙන් හැඳින්වෙයි. එහෙත්, මේ සිංහල භාෂාව අද පාවිච්චි වන්නේ ඒ සන්නිවේදන කාර්යය සඳහා පමණක් ද? නැත. මේ භාෂාව ලියන කියවන ඔබ සහ මම, ඒ භාෂාව හරහා සිංහලයෙකු බවටත් පත්කොට තිබේ. සිංහල යනු භාෂාවක් වන අතර, සිංහලයා යනු අනන්‍යතාවක් වෙයි. තිඹිරිගෙයි කිසි භාෂාවක් කතා නොකළ බිළිඳාට වඩා ඔබ අද ශක්තිමත් කෙනෙකු වන්නේ, අනතුරුව භාෂාවක් උගෙන එය වහරන නිසා හෝ ඇඟපතින් සහ මොළයෙන් හැදී වැඞී ඇති නිසා පමණක් හෝ නොවේ, ඔබේ භාෂාවම කතා කරන තවත් එක්කෝටි එක හමාරක් පමණ වන මහා සෙනගක් සමග ‘නෑ කමක්’ මේ භාෂාව හරහා ඔබ ඇති කරගෙන තිබෙන බැවිනි. ඒ අනුව, ඔබට දැන් ‘සිංහ-ලේ’ ගැන කතා කළ හැකිය..ඊළඟට, මෙය ලියන මා උපතින් බෞද්ධයෙකි. ඒ ධර්මය ගැන මා කියවා ඇති පරිදි, එය ආධ්‍යාත්මික විමුක්තිය උදා කර ගැනීම සඳහා වන මාර්ගයකි. එහෙත්, කුඩා කල සිට මාව හදාවඩා ඇත්තේ සහ මට උගන්වා ඇත්තේ, ඒ ආධ්‍යාත්මික විමුක්තියට පටහැනිව, ලෞකික පිරිසක් සමග අනන්‍ය වීමේ (එක් වීමේ) පාලමක් වශයෙන් මේ ආගම පාවිච්චි කිරීමටයි. යුරෝපයේ හෝ වෙනත් බටහිර රටක දී ‘මම බෞද්ධයෙක්’ යැයි කියා ගැනීමෙන් මට නොදැනෙන හයියක් සහ ශක්තියක්, ලංකාවේ දකුණේ යම් තැනක සිට එසේ කියා ගැනීමෙන් මට දැනේ. එසේ වන්නේ ඇයි? තනි පුද්ගලයන් වශයෙන් (බොහෝ විට අප නොදැනුවත්ව) අප තුළ ඇති තනිකම, හැම විටකම, මා වැනිම වූ තවත් සමූහයක් සමග එක් වීමෙන් මගහැරෙන නිසා ය. මේ නිසා, සිංහලයෙකු සහ බෞද්ධයෙකු වීම මට විශාල හයියක් ගෙන දෙයි. ඉහත කී මහාවංශය ලියූ මහානාම හිමියන්ගේ අභිප‍්‍රාය වූයේ ද ඒ හයිය ඔබටත් මටත් ගෙන දීමටයි. මේ කාරණය, සිංහල බෞද්ධයන්ට පමණක් නොව, වෙනත් සෑම ජාතියකට සහ ආගමකටත් පොදු ලක්ෂණයකි..ඉතිං, මිනිසුන් බෙදා වෙන් කරන කුලවාදය ඉඳුරා ප‍්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේගේ පැවිදි ශාසනය ලංකාවේදී එම කුලවාදයම කරපින්නාගෙන සියම්, රාමඤ්ඤ සහ අමරපුර ආදී වශයෙන් විවිධ නිකායන්ට බෙදී සිටින අවස්ථාවක, එවැනි පැවිදි සමාජයක් කුලවාදයට වඩා බරපතල ජාතිවාදයක් පිටුදකිතැ යි අපට අපේක්ෂා කළ හැකි ද? තවත් විදිහකින් ඒ ප‍්‍රශ්නය ඇසුවොත්, බුදුන් වහන්සේටත් සාර්ථක කර ගැනීමට බැරි වූ ව්‍යාපෘතියක් (කුලවාදය/ජාතිවාදය දුරලීමේ ව්‍යාපෘතියක්) වර්තමාන සංඝ සාසනය හරහා සාර්ථක කර ගැනීමක් ගැන අපට බලාපොරොත්තු තැබිය හැකි ද?.අගමැතිවරයාගේ මඩු මංගල්‍යයේ ප‍්‍රකාශය අපට සලකා බැලීමට සිදුවන්නේ ඒ සන්දර්භය මත පිහිටමිනි..ඔහු පෙන්වා දෙන පරිදි, මේ රටේ වෙසෙන සිංහල සහ දෙමළ කිතුණු ජනයා ආගමික වශයෙන් එක තැනකදී වාර්ෂිකව හමු වූ ස්ථානය එයයි. එය සහෝදරාත්මක හමුවකි. එහෙත් එසේ වූ පමණින්, කලක් තිස්සේ ඔවුන් අතරේ කෙමෙන් උග‍්‍ර වෙමින් පැවති වාර්ගික වෛරය සමනය කර ගැනීමට ඊට හැකි වී ද? නැත. වසරක් පාසා මේ ස්ථානයට වන්දනාවේ ගිය සිංහලයන් යුද්ධය පැමිණීමත් සමග එක පැත්තකටත්, දෙමළ ජනයා තවත් පැත්තකටත් වී මරා ගනිද්දී අර ඉහතින් කී ආගමික සහජීවනය නැසී ගියේය..නූතන ලෝකයේ ලෞකික ප‍්‍රශ්නවලට පිළිතුරු ආගමකින් හෝ ශාසනයකින් සැපයෙතැයි බලාපොරොත්තු වීම, ලංකාවේ කෘෂිකර්මයේ අනාගතය අතුරලියේ රතන හිමියන්ට භාර කිරීම වැනි වැඩකි. අද ලෝකය, ලෞකික ප‍්‍රශ්න විසඳීම සඳහා අලූත් මෙවලම් දෙකක් සොයාගෙන තිබේ. එකක් වන්නේ විද්‍යාවයි. දෙවැන්න වන්නේ, ශිෂ්ට නීතියයි. මේ දෙකටම, ජාතියක් නැත, ආගමක් නැත, තවත් විදිහකින් කිවහොත්, ඒවා තුළ වාර්ගික අනන්‍යතා සහසම්බන්ධය කොහෙත්ම නැති තරම් ය..දැන් අපි අගමැතිවරයාගේ මඩු මංගල්‍යයේ ප‍්‍රකාශයේ ඊළඟ කොටසට යමු. ඒ මෙසේ ය:.‘‘ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර වෛරය වපුරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ සමහර කණ්ඩායම් ඉන්නවා ඒ විදිහේ වෛරය වපුරන්න උත්සාහ කරන. ඒ අයට ඉඩ දෙන්න අපිට බැහැ.’’.අගමැතිවරයා මේ ප‍්‍රකාශය කළ යුතුව තිබුණේ, මඩු පල්ලියේ සිට රටට ඇහෙන්ට කරන ධර්ම දේශනාවක් වශයෙන් නොව, කැබිනට් මණ්ඩලයේ සිට පොලීසිය සහ අධිකරණය භාර ඇමතිවරයා වෙත නිකුත් කෙරෙන නියෝගයක් පරිද්දෙනි. අපේ ජාතික සහජීවනය සම්බන්ධයෙන් මේ දේශපාලඥයන් අතීතයේ හැසිරී ඇති ආකාරය මෙහිදී දීර්ඝ වශයෙන් ගෙනහැර දැක්වීමේ අවකාශයක් නැත. එහෙත්, ඉතා මෑත අතීතයේ එක සිදුවීමක් පමණක් මේ කාරණය පැහැදිළි කිරීම සඳහා මම යොදා ගමි..ගලගොඩඅත්තේ ඥානසාර යනු මෑත අතීතයේ ලංකාවේ ජාතික සහජීවනය ඉතා නින්දිත අන්දමින් විනාශ කළ පුද්ගලයෙකි. පසුගිය රජය සමයේ ඔහුව ජාතිවාදී ව්‍යාපෘතියක් සඳහා ප‍්‍රයෝජනයට ගැනීම අපට තේරුම් ගත හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුවක් බලයට පත්වන්නේ, ජාතික සහජීවනයක් ගොඩනැගීමේ පරමාදර්ශය යටතේ ය. එසේ තිබියදී, මේ භික්ෂුව අලූත් ආණ්ඩුව යටතේත් පරණ සෙල්ලම කිරීමට පටන්ගත් විට, අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුව කටයුතු කළ ආකාරය ප‍්‍රශස්ත නොවීය. වරක්, මොහු පොලීසියට අවශ්‍ය කර සිටි අවස්ථාවක, ඔහු සැඟවී සිටි පන්සල පොලීසිය දැන ගත්තේය. එහෙත්, එම පන්සල පරීක්ෂා කොට ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවසරය අගමැතිවරයා සහ එවක පොලීසිය භාර ඇමති සාගල රත්නායකගෙන් ලැබුණේ නැත. එනම්, ඔහුව අත්අඩංගුවට ගැනීම, නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, දේශපාලනික ප‍්‍රශ්නයක් වශයෙන් මේ දේශපාලඥයන් විසින් සලකනු ලැබූ බවයි. පන්සලක් පරීක්ෂා කොට භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම තමන්ට දේශපාලනිකව අවාසි සහගත සිද්ධියක් විය හැකි බව ඔවුන්ගේ මතය විය. (බුදුන් වැඩිය කැළණිය රජමහා විහාරයේ අධිපති උන්නාන්සේවත් අත්අඩංගුවට ගෙන එල්ලූම් ගස් යැවූ අතීතයක් අපට ඇති බව එහිදී අමතක කෙරුණි.). ඒ අනුව, පසුව දා හොර රහසේම ඔහුට පොලීසියට භාර වීමට කටයුතු සලසා දී උසාවිය හරහා ඇප ලබා දුනි. මේ සමස්ත වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වුණේ, අගමැතිවරයාගේ සහ සාගල රත්නායකගේ දැනුම සහ අනුමැතිය ඇතිවයි..ඒ පුද්ගලයා මෙවර හිරේ ගියේ, අධිකරණ සේවයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ, ප‍්‍රතිපත්ති ගරුක පුද්ගලයන් කිහිප දෙනෙකු නීතියේ සහ අධිකරණයේ ගරුත්වය වෙනුවෙන් නොබියව පෙනී සිටීම නිසාම පමණි. එසේ නොවන්නට, මේ පුද්ගලයා අලූත්ගම සහ දිගන පමණක් නොව, අපේ සමස්ත අධිකරණයමත් ගිනි තියනු ඇත..අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු මේ යහපාලන ආණ්ඩුව තේරුම් ගත යුතු දෙය වන්නේ, අපේ ජාතික සහජීවනය යථාර්ථයක් කර ගැනීමට නම්, අනිත් සියල්ලට කලින්, සෑම ජාතියකටම සහ සෑම පුද්ගලයෙකුටම එක සේ ක‍්‍රියාත්මක වන නීතියක් සහ අධිකරණයක් අපට ඇති බව මේ රටේ සෑම පුරවැසියෙකුටම බැලූ බැල්මට දැක ගැනීමට තිබිය යුතු බවයි. එක පැත්තකින් අපරාධකරුවන්ට සහ දුෂිතයන්ට නීතිය ඉදිරියේ කප්පරක් වෙට්ටු දැමීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, අනිත් පැත්තෙන් මඩු පල්ලි ගොස් ජාතික සහජීවනයක් ගැන කතා කිරීම විහිළුවකි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනපති බාධා නිසා පරීක්ෂණ නතරවේ.Next articleආණ්ඩුවෙන් යන්න මෛතී‍්‍ර කැමතියිලූ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
චීනයෙන් ඉල්ලං පොහොර කෑමේ රාජපක්‍ෂ විලාසිතාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.චීනයෙන් ඉල්ලං පොහොර කෑමේ රාජපක්‍ෂ විලාසිතාව.By සංස්කාරක.November 2, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.රසායනික පොහොර තහනමත් සමග කාබනික පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර සමාජයේ විවාදයට තුඩු දෙමින් පසුගිය සතියේ ද්‍රව නයිට්‍රජන් කාබනික පොහොර යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හැඳින්වූ පොහොර වර්ගයක් ද ගුවනින් ලංකාවට ගෙන එන ලදි. කාබනික පොහොර ආනයනය කිරීමේ දී එම ටෙන්ඩරය චීන සමාගමක් වන කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම සඳහා ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කර තිබුණි..කාබනික ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නම් 1999 අංක 15 දරන ශාක ආරක්ෂණ පනත යටතේ ය. එමෙන් ම ශාක ද්‍රව්‍ය ඇතුළත් නම් අනිවාර්යයෙන් ම ආනයන සමාගම 1981.11.02 දිනැති අංක 165/2 අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු ය. මෙම චීන සමාගමෙන් පොහොර ගෙන්වීමට අදාළව එවැනි කිසිදු බලපත්‍රයක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර නොමැත..1999 අංක 15 දරන ශාක ආරක්ෂණ පනතේ 4වන වගන්තියට අදාළව මෙම පොහොර සාම්පල පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඒ අනුව චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කර තිබුණි. ඊට අදාළ වාර්තාව ඔක්තෝබර් 10 වන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පොහොර ලේකම් කාර්යාලයට යවා තිබේ. ශාක ආරක්ෂණ පනතට අනුව පරීක්ෂණවලින් ලැබුණු අවසන් වාර්තාව සම්බන්ධයෙන් යම් පාර්ශ්වයක් සැහීමට පත් නොවන්නේ නම් වාර්තාව ඉදිරිපත් කර පැය 72ක් ඇතුළත අභියාචනා ගොනු කළ යුතු අතර කිසිදු පාර්ශ්වයක් විසින් එලෙස පැය 72ක් තුළ අභියාචනා ගොනු කර නැත..යම් හෙයකින් අභියාචනා ගොනු කරන්නේ නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත්කරන අභියාචනා මණ්ඩලයක් යටතේ පරීක්ෂණය සිදු කරන අතර එහි තීරණය අවසන් තීරණය වේ..දැන් ගොඩ නැගී ඇති ප්‍රශ්නය වන්නේ එලෙස නීතිමය ප්‍රතිපාදන තිබියදීත් අහිතකර බැක්ටීරියා පවතින්නේ යයි තහවුරු වූ පොහොර තොග රැගත් චීන නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිටීමයි. එමෙන් ම එම පොහොර ලබා ගැනීමට චීන රජයද නිල වශයෙන් ම ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටියි..මෙම චීන සමගමට එරෙහිව සීමාසහිත ලක් පොහොර සමාගම විසින් ඔක්තෝබර් 22 හා 26 වන දිනවලදී කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝග දෙකක් ලබා ගත් අතර ඔක්තෝබර් 26 ලබා දුන් වාරණ නියෝගයට අනුව මෙම පොහොර තොගය සඳහා ගෙවීම් කිරීමට මහජන බැංකුවේ ණයවර ලිපි නිකුත් කර ඇති අතර ඒවා ගෙවීම ද අවහිර කර ඇත. ඒ අනුව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා නැව කොළඹ වරායට ඇතුළු කරගැනීමට අවසර ලබා නොදී ඇති අතර මෙම පොහොර නැව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිකොණ ප්‍රදේශයේ රැඳී සිටියි..මෙම පොහොර තොගය ගොඩබාන්නේ නැති බවත් ඒවා නැවතත් හරවා යවන බවටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය වූයේ ද මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලබා නොගන්නා බවයි..මෙම පොහොර නැව භාර ගන්නා ලෙසට චීන රජය හා එම සමාගමෙන් යම් තර්ජනයක් සිදු කෙරෙමින් පවතියි. ඔවුන් පවසන්නේ මෙම පොහොර තොගයට ණයවර ලිපි නිකුත් කර ඇති මහජන බැංකුව අසාදුගත කිරීමට කටයුතු කරන බවයි. ආණ්ඩුවේ පාර්ශ්ව මේ පොහොර තොගය කිසිසේත්ම බාර නොගන්නා බවට පුරසාරම් කියමින් යද්දී පසුගිය දිනක පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ පොහොර සමාගම විසින් ශ්‍රී ලංකාව හා එම සමාගම දෙකම එකඟ වන විද්‍යාගාරයක පොහොර සාම්පල පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටි බවයි. එහෙත් 1999 ශාක ආරක්ෂණ පනත අනුව සියලු බලතල පැවරී තිබෙන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය..චීන පොහොර සමාගම විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර තම පොහොරවල අහිතකර බැක්ටීරියා පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් වශයෙන් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්ජීඑස් සමූහයට පොහොර සාම්පල යොමු කර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින බව එහි දැක්වේ. එම පරීක්ෂණ වාර්තාව අනුව පොහොරවල බැක්ටීරියා තිබෙන්නේ නම් තමන් එම පොහොර තොගය නැවත රැගෙන යන බවද බැක්ටීරියා නොමැති බවට තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව එම පොහොර තොග ලබා ගෙන සියලු මුදල් ගෙවිය යුතු බව ද ඔවුන් එහි සඳහන් කර ඇත. එසේ වුවහොත් මෙතෙක් එම පොහොර තොගය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද තම සමාගම නීතිමය වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් මෙහි දී දන්වා තිබේ..මේ අතර මෙම විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාමාණික විද්වතුන් ද අදහස් දක්වා තිබූ අතර ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ කමිටු කිහිපයකම දැරූ තනතුරුවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාරය බුද්ධි මාරඹේ ඉවත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ආචාර්ය නාලිකා ප්‍රියංවදා රණතුංග විසින් සමාජ මාධ්‍ය වෙත දක්වා තිබූ අදහසේ උපුටා ගැනීමක් පහත දැක් වේ..“අවසන් වරට නැවතත් මතක් කරමි. තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය. එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේරටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවේ ඉදිරිය තීරණය කරනු ඇත. මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙක් නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ෂුද්‍ර ජීවීන්ද වඩාත් ආක්‍රමණශීලී වේ යැයි නිකමට මට සිතේ. මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ.”.මෙලෙස විද්වතුන් ද මේ පොහොර තොගය ගැන අදහස් දක්වද්දී මෙම පොහොර තොගය බාර නොගන්නා බවට මීට පෙර ප්‍රකාශ නිකුත් කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඔක්තෝබර් 27 මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම පොහොර නැව ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව ඇත්තේ බලපත්‍රයක් ලබා නොගෙන බව ය. එහෙත් පරීක්ෂණයක් සිදුකිරීමටත් ප්‍රථම එම සමාගමය ටෙන්ඩරය ලබා දී ඇත්තේ ද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ම ය. එම මාධ්‍ය හමුවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද සම්බන්ධව තිබුණි. තුන්වන පාර්ශ්වයක් හරහා පොහොර සාම්පල් පරීක්ෂා කරගැනීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වුවද අමාත්‍යවරයා ඒ පිළිබඳව පැහැදිලි අදහසක් ප්‍රකාශ නොකිරීමට පරෙස්සම් වී තිබුණි..ඇත්ත වශයෙන් ම මෙහි දී තුන්වන පාර්ශ්වයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් සිදු කිරීමට අවශ්‍ය නොමැති අතර ඔහු සමග එම මාධ්‍ය හමුවේ රැඳී සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි බලයලත් පුද්ගලයා වන්නේ ය. කෙසේ වුවත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙලෙස තුන්වන පාර්ශ්වයක් හරහා පොහොර සාම්පල පරීක්ෂා කිරීමට එකඟතාව පළ කර ඇති බවයි..ආණ්ඩුවේ පාර්ශ්වයන් මේ පොහොර නැව කුමන පදනමක් යටතේ වුවත් බාර නොගන්නා බවට ප්‍රකාශ සිදු කළ ද චීන බලපෑම හමුවේ ක්‍රම ක්‍රමයෙන් එය බාර ගැනීමට සිදු වන බව මේ වන විට පෙනී යන කාරණයයි. ලිපිය ලියන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින නැවේ තිබෙන්නේ මෙරටට ආනයනය කිරීමට බලාපොරොත්තු වන පොහොර තොගයේ පළමු කොටස පමණක් වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9.1කි. චීනයෙන් එම පොහොර නැව්ගත කළ පසු ශ්‍රී ලංකා රජය එහි වටිනාකමින් 75%ක් ගෙවිය යුතු බවට ණයවර ලිපි කොන්දේසිවල සඳහන් අතර ඉතිරි 25% ගොඩබෑ පසු ගෙවිය යුතු ය. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවට සිදුවන්නේ නෛතිකව නුසුදුසු යැයි තහවුරු වූ පොහොරක් චීන බලපෑම නිසා අතිවිශාල මුදලක් ද ගෙවා ලබාගෙන ඒ හරහා ඇතිවන ආපදාවන්ට ද මුහුණ දීමට ය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඥාන- සාර.කාර්ය සාධනය.Next articleඅදානි ආ හේතුව ගැන කැබිනට් ප්‍රකාශකට කටඋත්තර නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දියට බැසීම තහනම් වූ සොඳුරු වෙරළ මරීනා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දියට බැසීම තහනම් වූ සොඳුරු වෙරළ මරීනා.By සංස්කාරක.March 30, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ සංජීවනී රූපසිංහ.කුඩා කාලයේදී තාත්තා ගෝල්ෆේස් යමු යැයි කියද්දී මට දැනෙන සතුට නිම් හිම් නැති වෙයි. හැම වෙසක් එකටම කොළඹ පුරා වෙසක් බලා අවසන අප යන්නේ ගෝල්ෆේස් පිටියට හෙවත් ගාලුමුවදොර පිටියටය. වෙසක් එනතුරු මා එකල මාස දොළහක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ වෙසක් බැලීමටත් වඩා රැල්ල පාගන්නට තිබූ ආසාවටය. රාත්‍රියේ සෙනඟ පිරුණු නගර දිගේ ඔහේ ඇවිදින්නට මම කවදත් ප්‍රිය කරමි..ඉන්දියාවේදී රාත්‍රී කාලවල සෙනඟ පිරුණු නන්නාඳුනනා නගර දිගේ ඔහේ අරමුණකින් තොරව ඇවිද යාම මහත් ප්‍රීතියක් ගෙන දෙන්නකි. අවශ්‍ය කරන්නේ ආපසු එන්නට පාර මතක තබා ගැනීම පමණි..වෙසක්වලින් තොරව ද ඒ කාලයේ ඉඳ හිට තාත්තා ගෝල්ෆේස් යමු යැයි කියන දවස් ඇත. රාත්‍රිය, අයිස් ක්‍රීම්, මා වඩාගෙන දුවන්නට හදන සීත සුළඟ, සරුංගල්, රැල්ල පෑගීම, ඉස්සෝ වඩේ, අන්නාසි අච්චාරු යනාදි දේ සමඟ මා කුඩා කාලයේ ගාලුමුවදොර පිටියේ අත්විඳි සුන්දරත්වය ජීවිතේ ඕනෑම කාලයක යළි අත්විඳින්නට මම ආසා කරමි. ඇඳන් ඉන්න ඇඳුම් පිටින්ම ඕනෑම මුහුදු වෙරළකට පැන නටන්නට මට හැකියාවක් ඇත්තේ යළි මගේ ළමා කාලයේ සැරිසරන්නට මට ඇති අසීමිත ආශාව නිසාමය. මගේ සැමියා වැඩිපුරම බිය වන්නේ මා මුහුදු වෙරළක් දකිනවාටය..“ඔයාට උන්හිටි තැන් අමතක වෙනවානේ මූදක් දැක්කාම” ඔහු කියයි..ලංකාව වටේ ඇති මුහුදේ සෑම තැනක්ම පාහේ මගේ දෙපාවලට හුරු පුරුදුය. දැන් මා අත්විඳින්නට ආසා කරන්නේ ඉන්දියාවේ වෙරළේ සුන්දරත්වයයි. එහෙත් ලංකාවේදී මෙන් ඉන්දියාවේ මුහුදට පැන නටන්නට මට දිරියක් නැත. මන්ද යත්, පිටුපසින් මා දෙස බලා සිටින්නට කිසිවෙකු නැති බව මා දන්නා නිසාය. දැන් ඇති එන්න යැයි දහස්වර අඬගසන්නට කෙනෙක් නැත. මුහුදු වෙරළක සුන්දරත්වය සමඟ අසීමිත සෞන්දර්යෙන් මා මනස පිරී යද්දී හිත ගල් කරන් බලන් ඉන්නට මට සිදුවෙයි..චෙන්නායි මරීනා මුහුදු වෙරළ තෙරක් නැතිව පෙනෙන අතිශය ජනාකීර්ණ මුහුදු වෙරළකි. මදුරාසි මරීනා හෝ මැරිනා මුහුදු වෙරළ ලෙස ද හඳුන්වන මෙම වෙරළ එක දිගට පෙනෙන දිගුම මුහුදු වෙරළ අතර දෙවැන්නයි. එය කිලෝමීටර් දහතුනක දිගින් යුතු වෙයි. දිවා කාලයේ නම් සිහින් වැල්ලේ අඩි තැබිය නොහැක. පතුල් පිලිස්සී යයි. සවස් කාලයක දී පවා මම එයින් පතුල් පුළුස්සා ගතිමි. කෙතරම් වේගයෙන් දිව්වත් පතුල් පිළිස්සෙයි. අඩිය වැල්ලේ ගැඹුරේ ගිලෙයි..මරීනා මුහුදු වෙරළේදී සිහි ගන්වන්නේම ගාලු මුවදොර පිටියයි. මරීනා මුහුදු වෙරළේ කිලෝමීටර් හයක් පමණ එක දිගට ඇති සක්මන් මලුව හා ජනාකීර්ණබව අතින් එය ගාලුමුවදොර පිටියට සමාන වේ. මරීනා මුහුදු වෙරළ තරම් ගොල් ෆේස් පිටිය දිගු නැතත් කුඩා කල අපට එය පෙනෙන්නේ කිලෝමීටර් සිය ගණනක් දිගුවන ආකාරයෙනි. එකල අපේ ලෝකය පොඩිය. එවන් මුහුදු වෙරළක් අති විශාල දිගින් යුතු වේ යැයි අපට සිතේ. අර තරම් දිගු මුහුදු වෙරළක් අද දකිද්දී ද අපට අප කුඩා කල දුටු දිගුම දිගු යැයි සිතූ මුහුදු වෙරළම සිහි වන්නේ එහෙයිනි. ඒවා අහසයි පොළොවයි මෙන් වෙනස් යැයි අද සිතුණ ද සුන්දරත්වය අතින් නම් දෙතැනක තබා සිතන්නට කොහොමවත් බැරිය..පාලු මුහුදු වෙරළක ඇති නිස්කලංක සුන්දරත්වයත් ජනාකීර්ණ මුහුදු වෙරළක ඇති කලබලයත් දෙකේම මොකද්දෝ අමුතු සුන්දරත්වයක් ඇත. ඒ දෙයාකාරයටම මම දෙවිදිහකට කැමති වෙමි. මරීනා මුහුදු තීරයේ සූ ගාලා සෙනඟ යැයි කිව හැකි තරම් එය ජනාකීර්ණය. නෑමත් පිහිනීමත් එහි තහනම් වෙයි. මන්ද යත් මුහුදු පතුලේ යටින් ඇති භයානක දියවැල් නිසාය. මගේ රියැදුරා බැගෑපත්ව මට කීවේ අඩුම තරමින් රැල්ල පාගන්නවත් එපා යනුවෙනි..“මෙතන භයානක දිය සුළි තියනවා. එකපාර මිනිස්සු සිය ගණන් ගහගෙන යනවා. ඒකයි මුහුදට බහින්න තහනම් කරලා තියෙන්නේ”.“නාන්න ලෝකේ තියන භයානකම මුහුදු වෙරළ මෙතන”.“මුහුදු පතුලේ සුළි විතරක් නෙමෙයි ගල් වේගයෙන් කැරකෙමින් තියෙන්නේ. මිනිසුන්ව ගිල ගන්නවා විතරක් නෙමෙයි ඒ ගල් වැදිලා ක්ෂණිව මැරෙනවා.”.“මේ කිට්ටුව ගිලුණු නැවක් තියනවා. ඒකේ ගිහින් වැදිලා මැරෙනවා”.“මේ හරියේ මුහුද හරි ගැඹුරුයි මැඩම් බහින්න නම් හිතන්නවත් එපා”.මේ මුහුදු තීරයට එනතුරුම රියැදුරා මා බිය ගැන්වූයේ එසේය..එහෙත් රැල්ල නොපාගන යන වෙරළකින් ඇති ඵලය කුමක්ද? මං මුහුදට පැන දණහිසට ඉහළින් රැල්ල ගසා යන්නට ඉඩ දෙන තරමේ මුහුදු සීමාව පසු කළෙමි. එහෙත් ඉන් එහාට යන්න බයය. මා මුහුදේ ගසා ගෙන ගියහොත් බේරා ගන්නට කෙනෙක් නැත. මගේ තෙත ඇඳුම් නිසා කාර් එකේ සීට් තෙත්වනවාට මගේ රියේ රියැදුරු මහතා කැමති නැත. අනෙක් අතට රියැදුරා කිව් කතා මගේ හිතේ රැව් දෙයි. ඒවායින් ටිකක් හෝ ඇත්ත විය යුතුය..මෙම මුහුදු වෙරළේ විශේෂත්වය නම් ඉතා අඩු මිලට ලංකාවේ යහළුවන්ට දීමට මෙම ස්ථානයෙන් බොහෝ සුන්දර තෑගි මිලට ගත හැකි වීමයි. ඇඳුම් ද කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩුද මෙහි ඉතා ලාභය. වර්ණවත් බෙල්ලන් කපා සාදන ලද සුන්දර යතුරු රඳවනයක් ඉන්දියන් රුපියල් දහයක් වැනි අඩු මිලට මෙම මුහුදු වෙරළෙන් ලබා ගත හැකිය..මෙම වෙරළ තීරයේ ඉන්දියාවේ වීරයන්ගේ පිළිරූ තබා ඇත. ඒ අතර මහත්මා ගාන්ධි පිළිරුව, සුභාෂ් චන්ද්‍රබෝස් පිළිරුව, කන්නගී පිළිරුව, ස්වාමි විවේකානන්ද පිළිරුව, ඇනී බෙසන්ට් පිළිරුව ආදිය, අප දන්නා කියන උදවියගේය. ඒවා දැකීමෙන් අප යළිදු අතීතයේ සක්මන් කරන්නට යාම නැවැත්විය නොහැකිය..මරීනා මුහුදු වෙරළේ විවිධ කෑම වර්ග පන්සීයයකට වඩා ඇතැයි මට සිතෙයි. අච්චාරු වර්ග ක්ෂණික නූඩ්ල්ස් වර්ග, වඩේ, මෙන්ම විවිධ නම් නොදන්නා ඉන්දියානු කෑම වර්ග සිය ගණනකි. විශාල තෙල් තාච්චි තබා ගනිමින් ඒවා එවෙලේ තෙලෙහි දමා බැද දෙයි. මම සම්බාරු සමඟ වඩේ ද අන්නාසි අච්චාරු ද මිලට ගතිමි. අච්චාරු කමින් හිමිහිට ඉර බහින තුරු වෙරළේ ඈතට ඈතට හුදකලාව ඇවිද යාම සොඳුරු අත්දැකීමකි. ඉර ගිලෙන්නේ ලංකාව දෙසිනි. මගේ රට ඇත්තේ ඒ පැත්තේ යැයි සිතන විට හදවත පිම්බෙන අමුතු හැඟිමක් එයි. ඉර ගිලුණාට පසුව මරීනා මුහුදු වෙරළේ සුන්දරත්වය අත්විඳිය යුතුමය. මම ඒ වෙනුවෙන් බලා සිටිමි. තවත් ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයක් ගෙන කෑවේ මා එන්නට පෙර මගේ මිතුර මිතුරියන් දුන් අවවාද සිහි කරමිනි..“පාරේ තියන දේවල් කන්න එපා. බඩේ අමාරු හැදෙනවා. හොඳ තැන්වලින් විතරක් කන්න.” එහෙත් එසේ කරන්නේ කෙසේද? මේ වෙරළ අත්විඳින්නට නම් මේ කුඩා කඩවල ඇති අනන්ත අප්‍රමාණ කෑම ජාතිවලින් දෙක තුනකවත් රස බැලිය යුතුමය..මෝසම් වැසි කාලයට මරීනා මුහුදු වෙරළට සුදු වළාකුළු ගොඩ ගසනවාලු. ඒවා වළාකුළු නොව රැල්ලත් සමඟ වෙරළට ගොඩ ගසන පෙණය. එවිට මෙම වෙරළ කිරි සයුරක් සේ දිස්වනවාලු. එහෙත් මේ පෙණ ශරීරයට මත්සයින්ට විෂ සාගර දූෂක නිසා ඇති වන බව කියැවේ. මේ පෙණ සෑදෙන්නේ රෙදි සෝදන කුඩු සහ ඩිටජන්ට් වර්ග මුසු වීමෙන් යැයි කියවේ. මරීනා වෙරළට කිරි සයුරක් ඕනෑ නැත. මේ සුන්දර වෙරළ තීරය රැක ගත හොත් ඒ හොඳටම සෑහේය. ඉන්දීය සාගරයට මුහුණලා ඇති නැගෙහිර වෙරළෙන් නික්මී ආරාබි මුහුදට මුහුණලා ඇති බටහිර වෙරළට ලබන අපි සතියේ යමු.■ (ලබන සතියට).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article‘කවිය ඔබ‍’ උන්ඩියල් ක්‍රමයට.Next articleත්‍රාසජනකයන්ගේ රෝද හතරෙ ලෑල්ල, ස්කේට් බෝර්ඩ්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හය-හතර නොතේරෙන පාලනයක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හය-හතර නොතේරෙන පාලනයක්.By ගාමිණි වියන්ගොඩ.October 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.ඇමරිකාව හෝ බි්‍රතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල් සතු ආර්ථිකයන්, ලෝකයේ නොයෙක් තැන්වලට විහිදෙයි. ඒ සමගම ඔවුන්ගේ මුදල්ද ඒ හැම තැනකම සංසරණය වෙයි. ඒ නිසා, යම් සීමාවකට යටත්ව ඔවුන් මුදල් අච්චු ගැසීම, ලංකාව වැනි කොදෙව්වක, වෙන කිසි තැනක පාවිච්චියට නොගැනෙන රුපියල වැනි මුදල් ඒකකයක් අසීමාන්තික අන්දමින් අච්චු ගැසීමකට සමාන වන්නේ නැත..මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි..එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැඟෙන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක් අමාරුවෙන් කර ගහගෙන යන පිරිසක්..ඊළඟ පෙරනිමිත්තේ අඩංගුව මෙසේ ය: ගෑස් සිලින්ඩර කර ගහගෙන යන දුගී කාන්තාවන් පිරිසක් සහ සීනි කිලෝවක් ලබා ගැනීමට පෝලිමේ සිටින තවත් දුගී පුරවැසියන් පිරිසක්..තෙවැනි පෙරනිමිත්ත තුළ මහා මැෂිමක් තිබුණි: එයින් නොකඩවා සල්ලි නෝට්ටු අච්චු ගැසී ‘සට සට‘ ගා එළියට පැන්නේය..සිව්වැනි පෙරනිමිත්ත තුළ ජනාධිපති ගෝඨාභය මැතිතුමා පෙනී සිටියේය. ‘සර් ෆේල්’ කියා ඔහු තමාටම කියාගත්තේය..මේ රජය බලයට පත් වූ දා සිට මහ බැංකුව රුපියල් ටි්‍රලියන 2 ක් අලුතෙන් සල්ලි අච්චු ගසා තිබේ. ටි්‍රලියනයකට බිංදු 12 කි. සිංහල ව්‍යවහාරයෙන් ගත්තොත්, කෝටියේ ඒවා ලක්ෂයකි. අප මේ කතා කරන්නේ, ඒ වාගේ දෙගුණයක මුදල් ප්‍රමාණයක් ගැනයි. එය, රටේ සමස්ත මුදල් සම්භාරයෙන් සියයට 30-35 අතර ප්‍රමාණයක් බව සඳහන් ය. නිදහසෙන් පසු කිසි රජයක් අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් මුදල් කන්දරාවක් අච්චු ගසා නැත. මේ ආණ්ඩුවේ අර්ථශාස්ත්‍රඥයා වශයෙන් සැලකෙන මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන විදිහට මෙසේ මුදල් අච්චු ගැසීම රටකට ප්‍රශ්නයක් වන්නේ නැතිලු. ඊට උපහැරණ දක්වමින්, ඇමරිකාව වැනි දියුණු රටවල් පවා එසේ මුදල් අච්චු ගසතියි ඔහු කියයි..පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් තුළ අපේ රට කෝවිඩ් වසංගතයට ගොදුරු වී තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සාමාන්‍ය පරිද්දෙන් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වුණි. එසේ තිබියදී, තව සියයට 35 ක් පමණ වන අලුතෙන් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට පොම්ප කෙරෙන විට සිදුවන්නේ කුමක්ද? කෝවිඩ් වසංගතයෙන් පරිහානියට ලක්වීම නිසා දැනටමත් අඩු වී ඇති නිෂ්පාදනයේ පවතින මිල ගණන් ඉහළ යාමයි. මෙය තේරුම් ගැනීමට කෙනෙකුට ආර්ථික විද්‍යා ඥානයක් අවශ්‍ය නොවේ..ඇමරිකාව හෝ බි්‍රතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල් සතු ආර්ථිකයන්, ලෝකයේ නොයෙක් තැන්වලට විහිදෙයි. ඒ සමගම ඔවුන්ගේ මුදල්ද ඒ හැම තැනකම සංසරණය වෙයි. ඒ නිසා, යම් සීමාවකට යටත්ව ඔවුන් මුදල් අච්චු ගැසීම, ලංකාව වැනි කොදෙව්වක, වෙන කිසි තැනක පාවිච්චියට නොගැනෙන රුපියල වැනි මුදල් ඒකකයක් අසීමාන්තික අන්දමින් අච්චු ගැසීමකට සමාන වන්නේ නැත. තවත් විදිහකින් කිවහොත්, අප අලුතෙන් අච්චු ගසන හැම රුපියලක්ම සංසරණය වන්නේ ලංකාව නමැති අපේ පුංචි වෙළෙඳපොළ තුළම පමණි. එවිට එරටේ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙයි..අද එය හැම පැත්තකින්ම පෙනෙන්ට පටන්ගෙන තිබේ. පසුගිය දින දෙක තුන තුළ ගෑස්, සිමෙන්ති, කිරිපිටි, පාන්පිටි, පාන්, බත් පැකට් සහ ප්ලේන්ටියේ පවා මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඊට කලින්, හාල්, තෙල්, සීනී ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණනුත් ඉහළ ගියේය. පසුගිය ආණ්ඩුව කාලයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක (47 ක්?) මිල පහළ දැමුණි. ඒ සියලු ඖෂධ වර්ග දැන් ගණන් ගොසිනි. එක මිතුරෙකු අද මට කී පරිදි, සිමෙන්ති කොට්ටයක් මිල දී ගැනීමට නම් එම කඩයෙන් වැලි කාලකුත් මිල දී ගත යුතුව ඇති බව කඩකාරයා ඔහුට කීවේලු..රටක භාණ්ඩ සහ සේවාවන්හි මිල ඉහළ යාමට විවිධ හේතු බලපෑ හැකි බව ඇත්ත. ඒ අතරින්, අපට පාලනය කළ නොහැකි හේතු ගණනාවක් ඇති බවත් ඇත්ත. උදාහරණයක් වශයෙන්, පිටරටින් ගෙන්වන යම් භාණ්ඩයක මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ ගියොත්, ඒ භාණ්ඩයේ ලංකාවේ මිල ඉහළ යාම කිසිවෙකුට වැළැක්විය හැකි නොවේ. එසේම, දේශීය වශයෙන් නිෂ්පාදනය වන යම් භාණ්ඩයක්, නියඟය සහ අස්වැන්න විනාශ වීම වැනි වෙනත් විවිධ හේතු නිසා වෙළෙඳපොළේ සැපයුම අඩු වෙතොත් එවිටද ඒ භාණ්ඩයේ මිල ඉහළ යාම වැළැක්විය නොහේ..එහෙත් මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට භාණ්ඩවල මිල ඉහළ යාම් පසුපස ඇති හේතු අතරින් වැදගත්කම අතින් ගත් විට ඉහත කී හේතු වැටෙන්නේ දෙවැනි තුන්වැනි ස්ථානයටයි. පළමු ස්ථානය ගන්නේ, ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති, ළාමක සැලසුම් සහ දූෂිත ගනුදෙනු ය..වැරදි ප්‍රතිපත්ති.මුලින්ම වැරදි ප්‍රතිපත්තිවලට උදාහරණයක් ගනිමු. (මෙය, මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති රාශියකින් එකක් පමණි). මීට දින දෙක තුනකට කලින් පුවත්පත්වල මෙවැනි දෙයක් වාර්තා කොට තිබුණි: තේ කර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට රජයෙන් අවසර ලැබේ. ඒ, මේ සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ය..රසායනික පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කොට දැන් මාස හයකි. රසායනික පොහොර නොමැතිව තේ කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බව වටහා ගැනීමට මාස හයක් තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයන්ට අවශ්‍ය කෙළේ ඇයි? ඒ තරමට ඔවුන් මන්දබුද්ධිකද? අප වැනි තේ කර්මාන්තය ගැන වැඩි දැනුම් තේරුම් නැති පෘථග්ජනයන් පවා, ලංකාවේ ප්‍රධාන අපනයන බෝගවලින් චිරාත් කාලයක් ලෝකයේ නමක් දිනාගෙන සිටි තේ වගාව සඳහා යම් පොහොරක් අවශ්‍ය කරන බව දැනගෙන සිටි බව කීම කයිවාරුවක් නොවේ. රසායනික පොහොර නිසා යම් හානියක් රටේ පසට හෝ ජනතාවගේ සෞඛ්‍යයට සිදුවෙතැයි මොහොතකට පිළිගත්තත්, එම පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කිරීමට නම්, ඒ සඳහා වන ආදේශක පොහොරක් තේ කර්මාන්තය සඳහා අවශ්‍ය කරන බවත් දැනගැනීමට කෘෂි විශේෂඥයෙකු විය යුතුම නැත. එහෙත් එවැනි පොහොරක් තමන් සන්තකයේ නොතිබියදී, ජනාධිපතිවරයා හිටිගමන් පොහොර ආනයනය තහනම් කෙළේය. ඒ තීරණය පසුපස තිබිණැයි කියන ‘රට වෙනුවෙන් ආදරය’ හෝ ‘ජනතාව ගැන ඇති ආදරය’ හෝ වෙන මොනයම්ම හේතුවක්වත්, අද වන විට පිළිගත හැකි සහ පවත්වාගෙන යා හැකි නොවන බව නොවේද, මේ තහනම ගිය සතියේ සිට ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ? ඉතිං මේ කාලය තුළ එකී මුග්ධ තීරණය නිසා ලංකාවේ තේ කර්මාන්තයට සිදු වූ හානිය දැන් අප පියවාගන්නේ කාගෙන්ද?.අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටියදී ‘හෙජින් ගිවිසුම’ නමැති දෙයකට උරදුන්නේය. ඇත්තෙන්ම ‘හෙජින් ගිවිසුම’ යනු සූදුවකි. සූදුවකදී ලැබිය හැකි දිනුම-පැරදුම ගැන, පක්ෂව සහ විපක්ෂව, කෙනෙකුට තර්ක කළ හැකිය. ඕනෑම සූදුවක අවදානමක් තිබේ. එසේම, ඊට සරිලන හෝ එසේ සරිලන්නේ යැයි බැලූ බැල්මට පෙනෙන වාසියක්ද තිබේ. ඒ නිසා, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ‘හෙජින් ගිවිසුම’ නිසා අවසානයේ ලංකාවට විඳින්නට සිදු වූ විශාල පාඩුව ගැන එකහෙළාම චෝදනා කිරීම සාධාරණ නැති බව මේ ලියුම්කරුගේ විශ්වාසයයි. දැන් ඒ සිද්ධිය සමග, රසායනික පොහොර එක රැයකින් තහනම් කිරීමේ ‘සූදුව’ සන්සන්දනය කරන්න. අවදානමට සරිලන හෝ එසේ සරිලන්නේ යැයි ඈතකින් හෝ නොපෙනන ‘සූදුවක්’ නොවේද එය? පොහොර තහනම නිසා තේ නිෂ්පාදනය අඩු වන බවට ඔට්ටු ඇල්ලීමට මිස, ඒ නිසා නිෂ්පාදනය වැඩි වෙතැයි ඔට්ටු ඇල්ලීමට හිතන ‘බුද්ධිමතා’ කවුද?.ළාමක සැලසුම්.පාලකයන්ගේ ළාමක සැලසුම් සඳහා උදාහරණයක්ද මේ කාසියේම අනිත් පැත්තේ තිබේ. රසායනික පොහොර තහනම් කරන විට, ඊට ආදේශකයක් වශයෙන් කාබනික පොහොර පාවිච්චියට සමස්ත කෘෂිකර්මාන්තය මාරු කරවීමේ ලද බොළඳ අදහසක් මිස නිසි සැලසුමක් ආණ්ඩුවට තිබුණේ නැත. ‘වියත් මඟ’ යැයි නම් දැරූ පිරිසකගේ ඔළු ගෙඩිවල තිබුණේ කුණුකන්දල් ය. ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන, මහාචාර්ය පට්ටමක්ද ඇති චන්න ජයසුමන උදාහරණයට ගත්තොත්, කෝවිඩ් වසංගතය සඳහා දේශීය පැණියක්ද, උතුරුමැද වකුගඩු රෝගය සඳහා තවත් දේශීය සොයා ගැනීමක්ද, කාලිඅම්මා හෝ වෙනත් එවැනි පිශාචයෙකු හීනෙන් කී අවවාදයක් අනුසාරයෙන් තමන් සන්තකයේ ඇති බව කීමට තරම් මේ ‘බුද්ධිමතා’ දුරදිග ගිය බව, පියවි සිහියෙන් කෙසේ නම් කෙනෙකු විශ්වාස කරන්නද! ඉතිං, මොවුන් යෝජනා කෙළේ කුමක්ද? එක රැයකින් කාබනික පොහොරට මාරු වීමයි. ඒ අනුව කාබනික පොහොර තොගයක් චීනයෙන් ගෙන්නුවේය. දැන් ඒ පොහොරවලත්, පසට සහ වගාවට හානිකර රසායනික තත්වයක් තිබේලු. අවසානයේ, තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කාබනික පොහොර අදහස පැත්තකින් තබා තිබේ. ඒ, දැනට ය. ඉස්සරහට තවත් දේවල් පැත්තකින් තැබෙනු ඇත..තේ පමණක් නොව, ඊයේ වන විට සමාජ මාධ්‍ය වාර්තා කළ පරිදි, වී ගොවියෝද පොහොර ඉල්ලා තැන් තැන්වල කෘෂිකර්ම ඇමතිගේ පඹයෙකුට ගිනි තබනු දක්නට ලැබුණි. ඊළඟ කන්නයෙන් පසු, ලංකාවේ ජනතාව අතරින් ආහාර කැරලි හටගත්තොත් කෙනෙකු පුදුම විය යුතු නැත. බොහෝ ඇස්තමේන්තුවලට අනුව, ඊළඟ කන්නයේ වී නිෂ්පාදනය සියයට 40කින් අඩු වන්නේය. පවතින ආහාර හිඟයට ආණ්ඩුවේ විසඳුම වුණේ කුමක්ද? හදිසි නීතිය පැනවීම සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ‘අත්‍යාවශ්‍ය සේවා අධිකාරියේ’ සභාපති තනතුරට පත්කිරීමයි! නායකයා රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට බලන්නේත්, යුද්ධය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට හිතූ මනස් රාමුවෙන්ම බව මෙයින් නොපෙනේද?.‘තමා ඇමති ධුරයේ සිටින තාක් කල්, එක සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වන්නේ නැති’ බවට මහින්දානන්ද අලුත්ගමගේ කයිවාරු ගසා වැඩි කලක් නැත. දැන් සහල් මෙටි්‍රක් ටොන් 100,000 ක් පිටරටින් ගෙන්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. එසේ ගෙන්වන සහල්, කාබනික පොහොර පාවිච්චි කොට නිෂ්පාදනය කළ සහල් ද? නැත. ඒවා වවා ඇත්තේ, අපටත් වඩා රසායනික පොහොර පාවිච්චි කරමින් විය හැකිය. එහි අදහස වන්නේ, එක පැත්තකින් අපේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා යැයි කියමින් රසායනික පොහොර තහනම් කළ ආණ්ඩුවක්, අනිත් පැත්තෙන් අපේ තියෙන විදේශ විනිමය සොච්චමත් පාවිච්චි කොට, රසායනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කළ සහල් මෙටි්‍රක් ටොන් 100000 ක් පිටරටින් ගෙන්වා අපේ ජනතාවට කැවීමට දැන් පේවී සිටින බවයි..‘පාලන මිලක්’ දමා, හදිසි නීතිය දැම්මේ බලහත්කාරයෙන් වුව සහල් තොග අත්පත් කරගැනීමට විය යුතුය. ඒ ‘පාලන මිල’ ගොවියාටවත්, වී මෝල්කාරයාටවත් දරාගත හැකි මිලක් නොවේ. ගොවියන් සහ මෝල් හිමියන් ඒ මිලට එකඟ නොවෙතොත් ඔවුන්ට ‘පාඩමක්’ ඉගැන්වීමට ‘හදිසි නීතිය’ තිබුණි. ඒ අනුව ‘කඩා පනින හමුදා’ යොදා සමහර වී ගබඩා වටලෑවේය. අල්ලාගත් වී තොග, ගබඩාකරුවන්ගෙන් මිලට ගෙන සතොස හරහා බෙදාහැරීමට පියවර ගත්තේය. එහෙත්, සහල් හිඟයේ අඩුවක් හෝ සහල් මිල ගණන්වල අඩුවක් හෝ සිදු නොවීය. අවසානයේ ඊනියා මිල පාලනය ඉවත් කෙරුණි..රටක ආර්ථික චක්‍රයේ කේන්ද්‍රීය බලවේග දෙක වශයෙන් සැලකිය හැක්කේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ය. ඕනෑම ආර්ථිකයක මේ දෙන්නා අතරේ අන්තර් යැපීමක් පවතින්නේය. එසේ නොමැතිව කිසි ආර්ථිකයක් ඉදිරියට නොයයි. තවත් විදිහකින් කිවහොත්, නිෂ්පාදකයාගේ ලාභයත්, පාරිභෝගිකයාගේ ප්‍රශස්ත උපයෝගීතාව සහ මිලදී ගැනීමේ හැකියාවත් අතරේ තුලනයක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් නිෂ්පාදකයෙකු අධික ලාබ ලැබීමට යාමේදී, එය පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමට පැමිණි විට, එම නිෂ්පාදනය නොවිකිණී පවතියි. එනම්, ව්‍යාපාරය කඩාවැටෙයි. නිෂ්පාදකයෙකු මෙසේ අධික ලාබ ලැබීමට යාමේදී පමණක් නොව, යම් නිෂ්පාදනයක පිරිවැය හෙවත් වියදම ඇත්තෙන්ම අධික වන විටත්, ඊට සරිලන මිලක් ගෙවා පාරිභෝගිකයාට එම භාණ්ඩය මිලදී ගත නොහැකි නම් එවිටත් ව්‍යාපාරය කඩාවැටෙයි. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර පවතින මෙම නොපෑහීම හෙවත් පරස්පරයට විසඳුමක් වශයෙන් ‘මිල පාලනය’ සාර්ථක ප්‍රතිකර්මයක් නොවේ. උදාහරණයක් වශයෙන්, යම් හේතුවක් නිසා සහල් නිෂ්පාදනය සඳහා ගොවියාට වැය වන මුදලට අඩු අගයක් ‘මිල පාලනය’ යටතේ ගැසට් කළ පමණින්, ඒ පාලිත මිලට පාරිභෝගිකයා අතට හාල් කිලෝවක් ලැබෙන්නේ නැත. හේතුව, එම මිලට වී නිකුත් කිරීම ගොවියා ප්‍රතික්ෂේප කරන බැවිනි. වහා කුණු වන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමහරවිට පාඩුවක් දරාගෙන හෝ තමන්ගේ නිෂ්පාදනය ‘පාලිත මිලට’ විකිණීමට ගොවියෙකුට සිද්ධ විය හැකිය. එහෙත් සහල් වැනි එසේ ඉක්මණින් කූණු නොවන නිෂ්පාදනයක් පාඩුවට විකුණන්නට ගොවියාට හෝ වී මෝල් හිමියාට තදියමක් නැත..(මෝල් හිමියන්ගේ ජාවාරම්කාර භූමිකාව මෙහිදී බැහැර නොකෙරේ. එහෙත්, ඒ ජාවාරම්කාර පරිසරය වගාදිගා කෙරුණේ රාජ්‍ය පාලකයාගේ, “සිරිලක දේ සිරිසැප දේ” නමැති ළාමක ජාතිකවාදය කරපින්නා ගත් කෙටි-දුරදැක්ම නිසා ය)..රාජ්‍ය අනුග්‍රහය ලත් දූෂණය.අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල මෙසේ ඉහළ යාමට හේතු වූ ඊළඟ වැදගත් කාරණය වන්නේ, රාජ්‍ය අනුග්‍රහය ලත් දූෂිත ගනුදෙනු ය. පොල්තෙල් සඳහා තිබූ රුපියල් 50 බද්ද පැය 24 ක කාලයක් සඳහා පමණක් ශත 25 දක්වා අඩු කළ අවස්ථාව ඔබට මතකද? එසේ කෙළේ කවුද? අගමැති මහින්ද රාජපක්ෂ ය. ඒ පැය 24 ගත වූ පසු නැවතත් බද්ද වැඩි කෙළේය. බද්ද අඩු කළ පැය 24 ඇතුළත එක් ව්‍යාපාරිකයෙකු ලැබූ කෝටි ගණනක අයුතු ලාභය, මහබැංකු බැඳුම්කර වංචාවෙන් උපයාගත් (සහ එදා සිටම රාජසන්තකයට ගෙන ඇති) මුදලටත් වඩා අධික බව මාධ්‍ය වාර්තා කෙළේය. ඒ පොල්තෙල් ව්‍යාපාරිකයා ලැබූ අයුතු කෝටි ගණන මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කළ හැකිව තිබූ ධනයකි. ඉතිං, බැඳුම්කරේදී මෙන් ඒ ධනය රාජසන්තක කෙළේද? නැත..ඊළඟට සුදු ලූණු මගඩිය ගන්න: සුදුලූණු කන්ටේනර් දෙකක්, කිලෝව රුපියල් 135 බැගින් කොටුවේ ව්‍යාපාරිකයෙකුට විකිණූ සතොස ආයතනය, එම ව්‍යාපාරිකයාගෙන්ම එම සුදුලූණු කිලෝව රුපියල් 450 බැගින් ගෙවා ආපසු මිල දී ගත්තේය. මේ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය ලත් මගඩි ගණනාවක් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කෙළේය. නිදහසෙන් පසු අපේ රට පාලනය කළ ‘හොර හැත්ත’ වෙනුවට, අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ‘වියත් මඟකින්’ රට ගොඩගැනීමට බාර කළ නායකත්වයකින් 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වුණේ මෙයද?.තමාට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැති බවත්, වැරදි හදාගෙන ඉදිරියට යා යුතු බවත් පසුගිය සතියේ ජනාධිපතිවරයා කියා තිබුණි. ඇත්තෙන්ම මෙය, අත්දැකීම් නැති නිසා ඇති වූ තත්වයක්ද, එසේ නැතහොත්, විචාර බුද්ධියේ අඩුවක් නිසා ඇති වූ තත්වයක්ද? අත්දැකීම් නැති කෙනෙකුට අත්දැකීම් ඇති කෙනෙකුගේ සහාය ලබා ගත හැකිය. එහෙත්, විචාර බුද්ධිය නැතොත්, ඒ වෙනුවට ආදේශ වනු ඇත්තේ ධම්මික බාස්ගේ, එලියන්ත වයිට්ගේ හෝ ඥානක්කාගේ “ඥානයයි”.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleආණ්ඩුවට ඩොලර් හිඟ නිසා කාන්තාවන් පිටරට පැටවීමට ඇති නීති ලිහිල් කරයි.Next articleරුපියල් මිලියන 35,000ක් කොමිස් දීමට යන.ඛනිජ තෙල් ගනුදෙනුව කාගේද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අපේ අලුත් යාළුවා අශිෂ්ට ඩුටර්ටේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපේ අලුත් යාළුවා අශිෂ්ට ඩුටර්ටේ.By සංස්කාරක.January 20, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.2018 ඔක්තෝබර් 26 වැනිදා, මුළු ලෝකයේම අපවාදයට පාත්‍රවනසුලු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදා සිට මේ දක්වා කිසිම රටක සංචාරය කළේ නැත. තතු දත් අය කියන්නේ, සිරිසේන ජනාධිපතිවරයා ලෝකය ඉදිරියේ අවමානයට පාත්‍රවූ තරම නිසා, ලෝකයේ දියුණු රටවලින් ඔහුට මින් පසු සංචාර සඳහා ආරාධනා නොලැබෙනු ඇති බවයි. මීට පෙර නම නියමකරගත් සංචාරවල යෙදෙනු ඇති නමුත්, 2015 ජනවාරියේ සිට, ලෝකයේ විවිධ රටවල් විශාල ප්‍රමාණයකින් ලැබුණු හිත හොඳ මත පදනම් වුණු සංචාරක ඇරියුම් තවදුරටත් ඔහුට නොලැබෙනු ඇත..එසේ තිබියදී ඔහු මේ සතියේ පිලිපීනයේ සංචාරයක යෙදුණේය..පිලිපීනයේ ඉන්නේද ලෝකයේ ශිෂ්ට රටවල් කිසිවක් විසින්වත් පිළි නොගැනෙන හිතුවක්කාර, නීතිය නොතකන. ඝාතනයම ජීවිතය කරගත්, නායකයෙකු වන රොඞ්රිගෝ ඩුටර්ටේය. ඔහු පසුගිය කාලයේ තම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්, පාවිච්චි කරන්නන් මරා දමා රට පිරිසිදු කිරීමේ ඝාතන ක්‍රියාන්විතයක් පවත්වාගෙන ගියේය. ඒ හරහා ලෝකයේ මානව අයිතිවාසිකම් ගැන උනන්දුවන රටවල් හා සංවිධානවල අවමානයට පාත්‍ර වූයේය..ඔහු අනුව යමින්දෝ ජනාධිපති සිරිසේනද රටේ සිරගෙවල්වල සිටින, මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වී මරණ දඬුවම හිමිවූවන්, එල්ලා මරා දමන්නට සැරසුණේය. එහෙත් ලෝක සම්මතයට පිටුපා යන්නට සිරිසේන ජනාධිපතිවරයා වැන්නකුට පණ මදි වුණු නිසා, ඒ ඝාතන ක්‍රියාන්විතය ලංකාවේ ක්‍රියාත්මක වුණේ නැත..කොහොම වුණත්, ජනාධිපති සිරිසේන ආඩම්බරයෙන් සංචාරයේ යෙදුණ පිලිපීනය ගැන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම මේ ලියවිල්ලේ අරමුණයි. ඒවා කියවූ විට අපේ ජනාධිපතිතුමාගේ අලුත් මිතුරෝ කවරහුදැයි රටේ වැසියන්ට දැනගත හැකිවනු ඇත..2016 මාර්තුවේ බලයට ආ වහාම ඩුටර්ටේ, පිලිපීනයේ පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාවිච්චි කරන්නන් සොයාගොස් මරාදැමීමේ ඝාතන මෙහෙයුමක් සඳහා යෙදෙව්වේය. ඔහුගේ බලාපොරොත්තු වුණේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය අවසාන වන විට අඩුම ගණනේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පිලිපීන වැසියන් 20,000ක් 30,000ක් අතර ප්‍රමාණයක් මරා දමන්නටය. හෙවත් සියල්ලන් මරා ප්‍රශ්නය විසඳන්නටය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඇස්තමේන්තු සඳහන් කරන ආකාරයට මේ වන විට අඩුගණනේ 12,000ක් වත් මරා දමා තිබේ. තමාගේ ධුර කාලය අවසන් වන තුරු හෝ අන්තිම මත්ද්‍රව්‍ය සැකකරුත් මරාදමන තුරු හෝ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය අවසන් නොකරන බව ඩුටර්ටේ කියයි. ඒ ක්‍රියාන්විතය තුළ ඝාතනය වුවන් අතර අවුරුදු 5ක වැනි දරුවන්ද සිටින බව මාධ්‍ය වාර්තා කළේය..ඒ අතර, මේ මහා අපරාධයට එරෙහි වන මානව හිමිකම් ක්‍රියාධරයන්, උපදේශකයන්, නීතිඥයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් හා පරිසර ක්‍රියාකාරිකයන් විශාල පිරිසක්ද ඩුටර්ටේගේ ඝාතන ලැයිස්තුවල හිඳ තිබේ. 2018 මාර්තු මාසයේ මැනිලා අධිකරණය ඉදිරියේ ගොනුකළ ඝාතන ලැයිස්තුවක ඔවුන්ගේ නම් සඳහන් වෙයි..ඩුටර්ටේ පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු මාරියා ලෝඞ්ස් සෙරිනෝ ධුරයෙන් පහකලේය. මානව හිමිකම් ගැන මැදිහත්වුණු පිලිපීන මානව හිමිකම් කොමිෂන් සභාවට ප්‍රසිද්ධියේ අවලාද නැගුවේය. ඊට රජයෙන් ලබා දෙන වාර්ෂික මුදල් කපා හරින බවට තර්ජනය කොට තිබේ. රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විශාල ප්‍රමාණයක් නොසලකා හැර ඇත. මානව හිමිකම් ගැන සොයා බැලීමට පිලිපිනයට එන විදේශිකයන් කිසිවකුට රට තුළට ඇතුළුවීමට පිලිපීන රජය අවසර දෙන්නේ නැත..පිලිපීනයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වුණු, අවුරුදු 20ක් එරටේ වාසය කළ, 76 හැවිරිදි ඕස්ටේ්‍රලියානු ජාතික කන්‍යා සොයුරියක වූ පැට්රිෂියා ෆොක්ස් රටින් පිටුවහල් කරන්නට ඩුටර්ටේ රජය පසුගි යදා ක්‍රියා කළේය..එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආදිවාසි ජනතාව පිළිබඳ විශේෂ වාර්තාකරු, පිලිපීන ජාතික වික්ටෝරියා ටවුලි කෝපුස්ද ඩුටර්ටේගේ ප්‍රහාර ලැයිස්තුවේ සිටින නිසා, දැන් සිය රට ඒමට බියෙන් සිටියි..ධුරයට පත්වුණු වහාම, ඩුටර්ටේ ජනාධිපති මන්දිරයේදී ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමා ඩවාවෝහි නගරාධිපතිවරයා හැටියට සිටි කාලයේ තනිවම මෝටර් බයිසිකලයක නැගී ගොස් ස්ත්‍රී දූෂණ හා පැහැරගැනීම්වලට චෝදනා ලත් මිනිසුන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. ඒ කියන්නේ උසාවියත්, දඬුවම් දෙන්නාත් ඔහු බවය. අන් අයටද එසේ කරන ලෙස ඔහු දිරිගැන්වුයේය. බීබීසීය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීද ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කීවේය. නගරාධිපතිවරයා හැටියට සිටියදී, අඩුගණනේ තුන්දෙනකු තමා ඝාතනය කළ බව ඔහු බීබීසීයට කියා තිබේ. 1988 සිට 2016 දක්වා ඔහු තුන් වරක් නගරාධිපති ලෙස පත්වී තිබේ. මේ තරම් ප්‍රසිද්ධියේ ඝාතන කළ බවට කියා ඇති නමුත් පිලිපීනයේ පොලිසිය ඔහු සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් අරඹා නැත්තේය..රොඞ්රිගෝ ඩුටර්ටේගේ කල්ක්‍රියාව සැලකූ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් පැවසුවේ, 2016 මාර්තුවේදී බලයට පත්වුණු ඩුටර්ටේ ජනාධිපතිවරයා මානසික රෝග පරීක්‍ෂාවකට ඉදිරිපත් කළ යුතු මට්ටමේ කෙනෙකු බවයි..මේ ස්වල්ප තොරතුරු ප්‍රමාණය අනුව වුවද ඩුටර්ටේ ඝාතකයෙකි. මානව වර්ගයාට එරෙහි අපරාධවල යෙදුණෙකි. මානව හිමිකම් විරෝධියෙකි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවමානයට පත් සාමාජිකයෙකි. අපේ ජනාධිපතිතුමා සිනා මුසු මුහුණින් ගොස්, මහත් හරසරයට ලක්වුණා යැයි වාර්තා වුණේ මෙවැනි අශිෂ්ට, ම්ලේච්ඡ හා හිතුවක්කාර ජනාධිපතිවරයකු අතිනි.■.අරුණ ජයවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමාධ්‍ය නිදහස පුරවැසි නිදහසට ඉහළින් නොවේ.Next articleමාධ්‍යවලින් අපට මඩ ගැසීම ගැන පුදුම වෙන්නේ නැහැ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කොරෝනා කාලේදරුවන්ට මොකද වුණේ? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කොරෝනා කාලේ.දරුවන්ට මොකද වුණේ?.By සංස්කාරක.November 24, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබූ පාසල් නැවත පියවරෙන් පියවර ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික හා උසස් පෙළ අංශවල දරුවන්ට පාසල් ආරම්භ කරලා තිබෙනවා. වසංගතය නිසා දරුවන් ලොකු කාලයක් නිවෙස්වල ගත කළා. පළමු හා දෙවන ශ්‍රේණිවලට ඇතුළත් වුණු දරුවන්ට පාසල් යාමට සිදුවුණේ ම නැති තරම්. ඒ නිසාම පාසල් යාම ඔවුන්ට අලුත්ම අත්දැකීමක් වෙලා. එක දිගට පාසල් ගිය දරුවනුත් නිවසේ දීර්ඝ කාලයක් සිටීම දෙමවුපියන්ටත් එය වෙනස් අත්දැකීමක් වුණා. මේ ඇතිවුණු අලුත්ම සමාජ තත්වයත් එක්ක දරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දෙමවුපියන්ගේ හා ගුරුවරුන්ගේ අදහස් මේ..එරන්දිකා දිමුතුකුමාරි...මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව දැන් අට වසරේ. පොඩි එක්කෙනා මේ අවුරුද්දෙ තමයි පළමු ශ්‍රේණියට ඇතුල් වුණේ. නමුත් එයාට ඉස්කෝලෙ යන්න බැරි වුණා වහලා තිබුණු නිසා. දවස් දෙකක් වගේ තමයි එයාට ඉස්කෝලෙ යන්න පුළුවන් වුණේ. එයා ඇත්තටම ඉස්කෝලෙ යන්න ගොඩක් ආසාවෙන් හිටියා. ලොකු දුව නම් ගෙදරට වෙලා ඉන්න කැමතියි වගේ පෙනුණේ. නමුත් දෙන්නාම ඔන්ලයින් කෙරුණු ඉස්කෝලෙ වැඩ ඔක්කොම කළා. පොඩි දුවට අකුරු ලියන්න කියලා දුන්නේ ලොකු දුව. එයා දැන් අකුරු ලියන්න පුරුදු වෙලා තියෙනවා. ලොකු දුව නම් ටිකක් කම්මැලි වුණා ගෙදර දිගටම හිටපු නිසා. මම වැඩට ගියාම එයාලා ආච්චි එක්ක කාලෙ ගත කළේ. ඔන්ලයින් ඉගෙනීමට අවශ්‍ය නිසා ජංගම දූරකථනයක් අරන් දීලා තිබුණා. ඒක ආච්චි ඉන්න වෙලාවට විතරක් පාවිච්චි කරන්න කියලායි මම දුන්නේ. එයාලා ඒ විදිහට තමයි ඒක පාවිච්චි කළේ..පොඩි දුව ඔන්ලයින් ඉස්කෝලෙ උගන්වන කොට ගොඩක් වෙලාවට නිදි. තවම පොඩි ළමයෙක් නිසා එයාට ටික වෙලාවක් යද්දි නිකන් ම නින්ද යනවා. ඒත් ඒ දෙන්නාම යූටියුබ් එකේ විවිධ වැඩසටහන් බලන්න නම් ටිකක් යොමු වෙලා කියලා හිතෙනවා. දැන් එයාලා මටත් වඩා වැඩියෙන් ෆෝන් එකේ වැඩකරන විදිහ දන්නවා වගේ. දරුවො දෙන්නා ඉස්සර නම් හරියට රණ්ඩු වෙනවා. නමුත් ඉස්කෝලෙ නැවතිලා දෙන්නාම ගෙදර ඉන්නකොට ඒ දෙන්නා හරිම සමගියෙන් හිටියා. මටත් හිතාගන්න බැරිවුණා එයාලා ඒ විදිහට ඉන්න එක. ලොකු දුව නංගිව නාවන්න, කවන්න, බලාගන්න ගත්තා. මට හිතෙන්නේ එයාලා ගෙදර ඉඳපු නිසා ගෙදර සාමාන්‍ය වැඩවලට එයාලාත් පුරුදු වෙලා කියලා. දැන් ඉස්කෝලෙ පටන් ගත්තේ පොඩි දුවට විතරයි. ලොකු දුව තමයි එයාව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරන්නේ. ඉස්සර නංගිගේ ඇඟේ පවුඩර් ටිකක් ගාන්නවත් බෑ කියන ළමයා දැන් නංගිව හරිම ආදරෙන් බලාගන්නවා. කොරෝනා නිසා දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වුණා තමයි. නමුත් ළමයි ඒ කාලය ඇතුළත මගහැරිලා තිබුණු දේවල් ඉගෙන ගත්තා කියලා මට හිතෙනවා..බුද්ධික වික්‍රමාරච්චි...කොරෝනා තිබුණු කාලේ නම් ගුරුවරයෙක් හැටියට ළමයි එක්ක තිබුණු සම්බන්ධතාව ගොඩක් අඩු වෙලා තිබුණේ. ඒකට එක හේතුවක් වුණා ගුරු වැඩවර්ජනය නිසා කෙරෙමින් තිබුණ ඔන්ලයින් අධ්‍යාපනයත් නැවතුණු එක. ඉඳලා හිටලා ළමයෙක් අපට මොනවා හරි දෙයක් අහගන්න කතා කළොත් මිසක් දරුවො සහ අපි අතර සම්බන්ධතාව ගොඩක් දුරට අඩු වෙලා තිබුණේ. මට හිතෙන විදිහට ළමයින්ටත් නැවත අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනෑ කියලා ලොකු අපේක්ෂාවක් තිබුණේ නෑ. ඒකට එක හේතුවක් වුණේ විභාගවලට නිශ්චිත දින වකවානු නොතිබුණු එක. එහෙම නිශ්චිත දිනවකවානු තිබුණා නම් ළමයි කොහොම හරි තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න උත්සාහයක් හරි දරනවා. එහෙනම් වැඩවර්ජනයක් තිබුණත් අපි වුණත් දරුවන්ට උගන්වනවා..මට තියෙන පෞද්ගලික අත්දැකීම තමයි මේ පාසල් වහලා තිබුණු කාලය ඇතුළත ගොඩක් දරුවො විවිධ රැකියාවල නිරත වෙලා තිබුණා. සමහරු වාහනවලින් ගිහින් පොල් විකුණලා තිබුණා. සමහර ළමයි කරවල විකුණලා තිබුණා. මම උගන්වන ඉස්කෝලෙ තියෙන්නේ අලුත්ගම ප්‍රදේශයේ. ඒ නිසා සමහර ළමයි මාළු වෙළඳාමට යොමුවෙලා තිබුණා. පාසල් පටන් ගත්තාට පස්සෙ ළමයි කීපදෙනෙක් කිව්වා පානදුර පැත්තේ ප්ලාස්ටික් බඩු හදන තැනක වැඩ කළා කියලා. දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක වැඩිහිටි ළමයි ගොඩාක්ම අධ්‍යාපනයෙන් ඈත් වෙලා හිටියේ..මේ වෙනකොට පාසල් පටන් අරන් තියෙන්නේ. නමුත් තාමත් ගොඩක් ළමයින් ඉගෙනීමට ලොකු උනන්දුවක් දක්වන්නේ නෑ. තාම සුපුරුදු රිද්මයට ඇවිල්ලා නෑ. දැන් උසස් පෙළ විභාගයට දිනත් දීලා තියෙන්නේ නමුත් තවම උසස් පෙළ ළමයින්ගෙ ලොකු පැමිණීමක් දකින්න නෑ. කොරෝනා එක්ක පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙන්න සිදු වුණත් ළමයින්ගේ විනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් වෙලා කියලා නම් මම දකින්නේ නෑ. ඔවුන්ව පාසල් ශිෂ්‍යයා කියන එකෙන් බැහැර වෙන්න තරම් කල් ගියේ නෑ. ඒ නිසා ළමයින්ගේ හැසිරීමේ ලොකු වෙනසක් නම් මම දකින්නේ නෑ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රවණතාවක් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙන්වන්නේ නෑ. තාමත් ඉස්කෝලෙ ඇතුළෙ අධ්‍යාපනය විධිමත් නැති එකත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න හේතුවක් තමයි ළමයි වැඩියෙන් ඉන්න පාසල්වල පන්තියේ දරුවන්ගෙන් කොටස බැගින් තමයි පාසලට ගෙන්වන්නේ. ඒ නිසා පාසල් පරිපාලනයත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් උසස් පෙළ ගොඩක් ළමයි රැකියාවක් හොයාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. වයස සම්පූර්ණ ගොඩක් ළමයි රට යන්න පාස්පෝට් පවා හදන්න ගිහින් තිබුණා..චන්ද්‍රානි සිල්වා...මගේ දරුවො දෙන්නාම කොරෝනා කාලෙ ගෙදර හිටියේ. ලොකු දුව පළමු වරට උසස් පෙළට පෙනී ඉඳලා දෙවනි වරටත් පෙනී සිටින්න සූදානම් වෙමින් තමයි හිටියේ. පුතා නම් සාමාන්‍ය පෙළ ලියලා ගෙදරට වෙලා හිටියේ ප්‍රතිඵල එනකම්. ඒ දෙන්නාගෙම හැසිරීම ටිකක් වෙනස් වුණා පාසල් වහලා තිබුණු කාලේ. මම ඒකට ලොකුම හේතුවක් විදිහට දකින්නෙ එයාලා ජංගම දූරකථනය වැඩියෙන් පාවිච්චි කරන්න යොමු වුණ එක. උදාහරණයක් කිව්වොත් දුවට පන්ති සේරම තිබුණේ ඔන්ලයින්. ඒ නිසා එයා දවසම ෆෝන් එකේ. එයා ඒකටම යොමුවෙලා හිටපු නිසා එයාගෙ පෙනීම දුර්වල වුණා..පුතා නිකම් ඉඳපු කාලයෙ යාළුවො එක්ක වැලි ගොඩ දාන්න, පොඩි පොඩි වැඩ කරන්න ගත්තා. ඊට පස්සෙ එයාට රෙදි සාප්පුවක රැකියාවක් ලැබිලා ඒක කළා. එයාත් ජංගම දූරකථනයක් ගත්තා සහ එයාත් ඒක පාවිච්චි කරන එක වැඩි වුණා. විශේෂයෙන්ම කිව්වොත් පුතා මේ කාලේ ටිකක් මුරණ්ඩු වුණා වගේ එකක් දැනුණා. එයා හම්බකරන සල්ලි ගෙදරට දුන්නා. නමුත් එයා ඇතුළෙ දෙයක් ගොඩනැගිලා තිබුණා වගේ දැනුණා, එයාත් ගෙදර නඩත්තු කරනවා කියලා. ඒ නිසා වෙන්න ඇති අක්කාට වඩා මල්ලි ටිකක් මුරණ්ඩු වුණා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවාට පස්සේ එයා කරපු රැකියාවෙන් අයින් වුණා. දැන් එයා වාණිජ විෂයන් හදාරන්න පන්ති යනවා. ඔවුන්ට දැන් පාසල් පටන් ගන්නත් ළගයි. දැන් ආපහු පාරක් පාසල් දරුවෙක්ගේ තත්වයට එයා ඇවිල්ලා කියලා මට හිතෙනවා. අමතර දේවල්වලට යොමු කරපු කාලය නවත්තලා දැන් නැවත ඉගෙන ගැනීමට යොමු වෙලා තියෙනවා..නිරූපා ප්‍රියදර්ශනී...මම පාසල් ගුරුවරියක් වගේම මටත් පොඩි පුතෙක් ඉන්නවා. එයා දැන් තුන වසරේ ඉගෙන ගන්නේ. මම උගන්වන්නෙත් ප්‍රාථමික පන්තිවලට. මම හිතන්නේ මගේ පුතා වගේම අනිත් දරුවනුත් එක විදිහටම යම් මාසික පීඩනයකට මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි එයාලා යම් දුරකට අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඈත් වුණා වගේ එකකුත් වුණා. මගේ පුතා ගෙදර ඉඳපු කාලෙ නම් මම එයාට පාඩම් කියලා දුන්නා දවසේ වෙලාවක් වෙන් කරගෙන. ඒත් පාසලේ ඉගෙන ගන්නවා වගේ උනන්දුවකින් එයා ඒ දේවල් කළේ නෑ. දරුවන්ගේ මනෝ විද්‍යාත්මකවත් මම හිතන්නේ එයාලා එයාලාගේ පන්තිවල ළමයි එක්ක කරන ක්‍රියාකාරකම්වලින් තමයි මුල් කාලේ හැමදේම ඉගෙන ගන්නේ. ඒ නිසා දරුවාට ගෙදර ඉඳන් මම උගන්වපු එකෙන් ඒ තරම් දෙයක් වුණේ නෑ. ඒ වගේම මම ඔන්ලයින් ඉගැන්වුවා දරුවන්ට. දෙක වසරේ දරුවන්ට ඉගැන්වුවෙ. දරුවන්ට අපි කියන දේවල් තේරෙන්නේ නෑ. සමහර දරුවන්ට ඔන්ලයින් එන්න පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා පොඩි දරුවන්ගේ අධ්‍යාපනය ගොඩක් අඩාල වුණා මම දකින විදිහට නම්..නමුත් දරුවො ඉස්කෝලෙ ආවාට පස්සේ නම් එයාලගෙ ලොකු ප්‍රබෝධයක් තියෙනවා කියලා මම නිරීක්ෂණය කළා. එයාලා හරිම ආසාවෙන් ඉස්කෝලෙ එනවා. නමුත් එයාලා එකට සෙල්ලම් කරන්න යන එක නම් නවත්වාගන්න ටිකක් අමාරුයි. දරුවො දැන් ඉස්කෝලෙ ඇවිත් කතා කරන දේවල්වල වෙනසක් තියෙනවා. ටෙලිනාට්‍ය ගැන කතා කරනවා වැඩියි. ඒ වගේම ජංගම දූරකතනවල පාවිච්චි වෙන වචන, ජංගම දූරකථන යොදාගෙන කරන ක්‍රීඩා ගැන කතා කරනවා වැඩියි. ගොඩක් දරුවො කතා වෙනවා යූටියුබ් එකේ විවිධ වීඩියෝ පළකරන අයගේ නම් ගැන. ඊට පස්සේ ඒ ඒ වීඩියෝවල දාපු විශේෂ වාක්‍ය වගේ දේවල් දරුවො සාමාන්‍ය කතා බහේදි යොදාගන්නවා කියලා පෙනෙනවා. මම පුතාට නම් ජංගම දූරකථනය තනිව පාවිච්චි කරන්න දුන්නේ නෑ. ඒ වගේම මම සැලකිලිමත් වුණා එයා බලන දේවල් ගැනත්. නමුත් එදා එදාට වැඩට යන දෙමවුපියන්ට මේ දේවල් හොයලා බලලා කරන්න අමාරුකමක් තියෙනවා. ඒ වගේම සමහර දෙමවුපියන්ට මේ දේවල් ගැන ලොකු තේරුමක් නෑ. දරුවො හැම තිස්සේම අලුත් දේවල් ඉගෙනගන්නනෙ හදන්නේ. ඒ නිසා එයාලා ජංගම දූරකථන ගැන එයාලාට අහුවෙන එක එක පැතිවලින් ඉගෙන ගෙන තියෙනවා. ඒක තමයි අපි දැන් පාසල්වල දකින්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඔට්ටුපාලු‍ බෝලෙන් පුහුණුවුණු.පළමු ටෙස්ට් කඩුලු‍ රකින්නා.මහේෂ් ගුණතිලක.Next articleපීඩිත කළු‍ මිනිසාගේ ආත්මය හෙවත් ජුලයිගේ මිනිස්සු!.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
චෙස් ඉතිහාසය කෙටියෙන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.චෙස් ඉතිහාසය කෙටියෙන්.By සංස්කාරක.September 22, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.‘මම පෞද්ගලික නිගමනයකට ආවා. ඔක්කෝම කලාකරුවන් චෙස් ක‍්‍රීඩකයන් නෙවෙයි. ඒත් ඔක්කෝම චෙස් ක‍්‍රීඩකයන් කලාකරුවන්.‘ ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී මාර්සල් ඩුෂාම්ප් එසේ කියා තියෙනවා..ප‍්‍රහාරකයන් භයානක ලෙස ළංවෙනවා. ප‍්‍රහාරකයන්ගේ ඇත් සේනාව ඒ වෙද්දීත් ආරක්ෂක සීමාව බිඳහෙලා අවසන්. රජු පසුබහින්නට සූදානම්. එහෙත් සතුරු පාබල හමුදාව ඒ වෙද්දීත් ඔහු වටලා හමාරයි. පැන යන්නට තැනක් නැහැ..මේ කියන්නේ සැබෑ යුද්ධයක් ගැන නෙවෙයි. එහෙත් මේ කතාව සෙල්ලමක් ගැනත් නෙවෙයි. සහස‍්‍ර එකහමාරකට විතර කලින් චෙස් ක‍්‍රීඩාව මෙබඳුයි. එය යුදමය සැලසුම්කරණය සඳහා පාවිච්චි කළ ක‍්‍රමවේදයක් වුණා. එහෙත් එය යුදමය විශිෂ්ටත්වය පෙන්වන්නට පමණක් පාවිච්චි වුණේ නැහැ. මනුෂ්‍ය සම්බන්ධතාවලට සංකේතයක් විදියටත්, බුද්ධිමතුන්ගේ විශිෂ්ටත්වය පෙන්වන ක‍්‍රමවේදයකුත් වුණා..චෙස් පිළිබඳ මුල්ම ඓතිහාසික වාර්තා ක‍්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසෙන් හමුවෙනවා. එහෙත් පුරාවෘත්තවලට අනුව එය ඊටත් පෙර හයවැනි සියවසට දිවයනවා..ගුප්ත අධිරාජ්‍යයේ තරුණම කුමාරයා යුද්ධයේදී මරාදැමුණාට පසුව චෙස් ආරම්භ වූ බව විශ්වාස කෙරෙනවා. ඔහුගේ සහෝදරයා, තමන්ගේ මවට ඒ කනගාටුදායක සිදුවීම යළි පෙන්වීම සඳහා කොටු අටයි අටක ලෑල්ලක් හා ඉත්තන් පාවිච්චි කළ බව කියනවා. මේ අෂ්ඨපද ලෑල්ල එවකට තිබුණු වෙනත් ජනප‍්‍රිය කල් මරන ක‍්‍රීඩාවලට පාවිච්චි කළ එකක්..කෙසේවෙතත් අලූත් ක‍්‍රීඩාවක් එයින් ඇරඹුණා. එහි වටිනා ලක්ෂණ දෙකක් තිබුණා. නූතන චෙස් ක‍්‍රීඩාව හා ගැටගැහෙන්නේ ඒ ලක්ෂණ දෙක නිසායි. එහි එක් එක් ඉත්තන්ට කොටු මත ගමන් කිරීම සඳහා එකිනෙකට වෙනස් වූ නීතිරීති තිබීම පළවැනි ලක්ෂණයයි. දෙවැනි ලක්ෂණය වන්නේ එක් රජ ඉත්තෙක් සිටීමයි. රජුගේ ඉරණම අනුව තරගයේ ඉරණම තීරණය වුණා. හයවැනි හත්වැනි සියවස්වලදී ඇරඹුණු මේ ක‍්‍රීඩාව චතුරංග ක‍්‍රීඩාව ලෙස හැඳින්වුණා. මෙය සංස්කෘතික වචනයක්..ඉන්දියාවෙන් මේ ක‍්‍රීඩාව පර්සියානු අධිරාජ්‍යයට ගියා. ක‍්‍රීඩාවේ මූලික රීති මෙන්ම නාමයත් එහිදී වෙනස් වුණා. චෙස් යන වචනය බිඳී ආවේ එදා ක‍්‍රීඩාවට ලැබුණු ෂා යන වචනයෙන්. එහි තේරුම රජු යන්නයි. චෙක්මේට් යන නම බිඳී ආවේ ‘ෂා මත්‘ යන වචනයෙන්. එහි තේරුම ‘රජු යටත්’ යන්නයි..පර්සියානු අධිරාජ්‍යය බිඳීගොස් ඉස්ලාමික රාජ්‍යය පැතිරෙද්දී චෙස් ක‍්‍රීඩාව අරාබියටත් ගියා. එය උපායඋපක‍්‍රම හා සැලසුම්කරණයට අදාළ ක‍්‍රීඩාවකින් එහා ගොස් කාව්‍යමය චින්තනයක් සඳහා චෙස් පාවිච්චි වුණා. උගත් විද්වතුන් හා රාජ්‍ය තාන්ත‍්‍රිකයන් චෙස් පාවිච්චි කරන්නට පටන්ගත්තේ දේශපාලන බලය පැහැදිලි කරන්නටයි..පාලක කාලිෆ්වරුන් නිතිපතා චෙස් ක‍්‍රීඩා කරන චෙස් ක‍්‍රීඩකයන් වුණා..ඉතිහාසඥයෙකු වූ අල් මසූඩි චෙස් ක‍්‍රීඩාව වාසනාව මත පදනම් වූ ක‍්‍රීඩා වෙනුවට මනුෂ්‍යයාගේ නිදහස් චින්තනය පිළිබිඹු වූ ක‍්‍රීඩාවක් ලෙස අගය කළා..මධ්‍යතන යුගයේදී බිහිවූ චීන සේද මාවත ඔස්සේ ක‍්‍රීඩාව නැගෙනහිරට සහ ගිනිකොණදිග ආසියාවට චෙස් ආවා. ඒ අනුව ඒ ඒ ප‍්‍රදේශවල චෙස් ඇසුරෙන් ප‍්‍රාදේශීය ක‍්‍රීඩා බිහිවුණා. චීනයේදී චෙස් ඉත්තන් ලෑල්ලේ කොට මත නොව, කොටුවල කෝණ මත තබා ක‍්‍රීඩා කළා. එයින් ‘ගෝ’ නම් චීන ක‍්‍රීඩාවක් බිහිවුණා. එවැනි වෙනස් ක‍්‍රීඩා ජපානය හා මොංගෝලියානු අධිරාජ්‍යයේත් බිහිවුණා..නූතන චෙස් ආරම්භ වුණේ ක‍්‍රිස්තුවර්ෂ 1000දී පමණ යුරෝපයේදීයි. ඒ කාලය වෙද්දී චෙස් ක‍්‍රීඩාව අධ්‍යාපනයෙහි කොටසක් වුණා. විවිධ සමාජ පන්ති තමන්ගේ සමාජ කාර්යභාරය ඉටු කරන හැටි පෙන්වීම සඳහා සංකේතයක් වශයෙන් චෙස් පාවිච්චි වුණා. ඒ අනුව යුරෝපීය සමාජයට ගැළපෙන ලෙස ඉත්තන් වෙනස් වුණා. බිෂොප්වරුන්, නයිට්වරුන්, පාබල සෙබළුන් ආදි ලෙස චෙස් ලෑල්ලට අලූත් ඉත්තන් බිහිවුණා..ඔය කාලයේදී යුරෝපයේ බලය හෙබවූ පල්ලියේ ආධිපත්‍යය චෙස් ගැන සැක කරන්නට පටන්ගත්තා. සදාචාරවාදීන් තර්ක කළේ චෙස් ක‍්‍රීඩාව වෙනුවෙන් කාලය වැයකිරීමට එරෙහිවයි. ප‍්‍රංශයේදී තාවකාලිකව ක‍්‍රීඩාව තහනමකට පවා ලක්වුණා. එහෙත් ක‍්‍රීඩාව ප‍්‍රගුණනය වුණා..15 වැනි සියවස වෙද්දී නූතන චෙස් ක‍්‍රීඩාවේ තවත් වැදගත් අංගයක් ක‍්‍රීඩාවට එකතු වුණා. කලින් සිටි උපදේශකයාගේ දුර්වල ඉත්තා වෙනුවට රජු ළඟටම චෙස් ක‍්‍රීඩාවේ බලවත්ම ඉත්තා වූ රැුජිණ එකතු වුණා. සමකාලීන යුරෝපයේ සිටි බලවත් රාජ්‍ය නායිකාවන් හා දේශපාලනයෙහි බලවත් කාන්තාවන් සංකේතවත් කරන්නට රැුජිණ චෙස් ක‍්‍රීඩාවට එකතුවුණා..ක‍්‍රීඩාවේ රිද්මය රැුජිණගේ ආගමනයෙන් වෙනස් වුණා. අනෙකුත් නීතිරීති ස්ථාපිත වෙද්දී චෙස් උපාය උපක‍්‍රම ලිපිලේඛන ලෙස ලියැවුණා. චෙස් සිද්ධාන්ත බිහිවුණා..කල් යද්දී චෙස් ක‍්‍රීඩාව රජමැඳුරුවලින් කෝපි කඩවලට ආවා. ඒ කාලයේදී චෙස් ක‍්‍රීඩාව ක‍්‍රීඩකයන්ගේ නිර්මාණශීලීත්වය පෙන්වන, හදිසි තනි තීන්දු ගැනීම් දිරිමත් කරන, නාට්‍යරූපී තරග පැවැත්වෙන රෝමාන්තික ක‍්‍රීඩාවක් බවට පත්වුණා. මේ ගති ස්වභාවය නිසාම ක‍්‍රීඩාවේ සුන්දරම ක‍්‍රීඩාවක් 1851දී පැවැත්වුණා. ඒ තරගයේදී ඇඩොල්ෆ් ඇන්ඩර්සන් තම රැුජිණවත්, රූක්ලා දෙදෙනාත් අහිමි කරගත් පසුව උපක‍්‍රමශීලී ලෙස ප‍්‍රතිවාදී රජු චෙක්මේට් කරන්නට සමත්වුණා..එහෙත් වෘත්තීයමය චෙස් ක‍්‍රීඩාව බිහිවෙද්දී එවැනි නාට්‍යරූපී චෙස් ක‍්‍රීඩාව ඉක්මවමින් තද කල්පනාවකින් පසුව සිතාමතා ගන්නා පියවර මත පදනම් වූ චෙස් ක‍්‍රීඩාවක් බිහිවුණා. අන්තර්ජාතික චෙස් තරග බිහිවීමෙන් පසු රාජ්‍යයන්හි බලවත්කම පෙන්වීම සඳහා චෙස් වැදගත් වුණා..උදාහරණයක් ලෙස රුසියාව තම රටේ සිටි චෙස් විශිෂ්ටයන්ගේ හැකියා වැඩිදියුණු කරන්නට පටන්ගත්තා. ජාත්‍යන්තර වශයෙන් චෙස් ලෝකය ආක‍්‍රමණය කරන්නට රුසියානු ක‍්‍රීඩකයන්ට හැකිවුණා. මේ රුසියානු ආධිපත්‍යය බිඳදැම්මේ තවත් රටක් නොවෙයි. අයිබීඑම් පරිගණකයක්. එහි නම ‘ඞීප් බ්ලූ‘. චෙස් ක‍්‍රීඩා කරන පරිගණක ඊට දශක ගණනක් පෙර සිට බිහිව තිබුණා. එහෙත් 1997දී ඞීප් බ්ලූ පරිගණකය එවක චෙස් ලෝක ශූරයා වූ ගැරී කැස්පරොෆ් පරාජය කිරීම ඉතිහාසයේ පළවැනි වතාවට ලෝක ශූරයා පරිගණකයකට පරාජය වූ අවස්ථාව වුණා..මේ වෙද්දී චෙස් මෘදුකාංගවලට දිගින් දිගටම මනුෂ්‍යයන් පරාජය කිරීමේ හැකියාවක් තියෙනවා. එසේ වුව චෙස් මෙන්ම පරිගණකයත් මනුෂ්‍යයන්ගේ නිෂ්පාදනයක්. මනුෂ්‍ය තාක්ෂණයෙන් නිර්මාණය වූවක්..අනුරංග ජයසිංහ.(‘ටෙඞ් එඞ්’ යූටියුබ් චැනලයෙනි.*.Tags.චෙස් ඉතිහාසය කෙටියෙන්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක් ද?.Next articleලාංකිකයන්ටත් හමුවූ, පාරග‍්‍රහයන්ගේ කතාව මුල සිට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනාධිපති සහ ගෝලීය වසංගතය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනාධිපති සහ ගෝලීය වසංගතය.By සංස්කාරක.April 17, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.(තිසරණී ගුණසේකර විසින් Colombo Telegraph වෙබ් අඩවියේ පළකළ The President in the Pandemic ලිපියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය).”හෙට වන විට, සියල්ලම ඒ වනවිටත් වෙනස්ව දක්නට ලැබෙනු ඇත; හෙට වන විට, සියල්ලම ඒ වනවිටත් වෙනස්ව ඇති බව හැෙඟනු ඇත.” වික්ටර් ක්ලෙම්පරර් (The Language of the Third Reich).ඒ 1348 වසරේ ඔක්තෝබරයයි. ඒ, පසුව ආ පරම්පරාවන් විසින් කළු/අඳුරු මරණය ලෙස හඳුන්වන ලද මහාමාරිය මුළු යුරෝපයම වෙළා ගත් සමයයි. ඇජිමට් නම් පුද්ගලයෙකු ජිනීවාහි දී අත්තඩංගුවට ගන්නා ලද අතර, පාපොච්චාරණයක් සඳහා ඔහුගේ අත්සන ලබාගෙන තිබුණි (රාජකාරිමය වාර්තාවන්ට අනුව, ඔහුව දෙවරක් ‘සුළු වධහිංසනයට’ ලක්කර තිබුණි). වධහිංසනයට ලක්කිරීම මගින් ලබාගත් ඔහුගේ පාපොච්චාරණයේ දී ඇජිමට් පවසන්නේ රබ්බයි හෙවත් යුදෙව් ආගමික වියතෙකුගේ ඉල්ලීම පිට යුදෙව් නොවන ජනතාව අතර වසංගතය පැතිරවීම සඳහා ඔහු විසින් ළිංවලට වස එක්කරන ලද බවයි. ඇජිමට් යුදෙව්වෙකු වීම හේතුවෙන් ඔහු ඉලක්කයට ගැනීම තුළින් මහාමාරියේ මුල්කාලයේදීම යුදෙව්වන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම සඳහා එය මූලික අඩිතාලමක් බවට පත්විය..වසංගතය මගින් එල්ල වන අනතුරුදායක තත්ත්වය එකලට මෙන්ම මෙකලටත් එක සේ පොදුය. අතිශයින්ම බියට පත් බහුතර ක්‍රිස්තියානි ජනතාව තුළ සැකය සහ අවිඥානය රජකරන්නට ගත් බැවින් ඔවුහු එකාවන්ව එම අනතුරට මුහුණ දීම පසෙකලා ආගමික සුළුතරයක් මත සිය කෝපය සහ අවිශ්වාසය පළකරන්නට යෙදුණහ. In the Wake of the Plague නම් වූ සිය ග‍්‍රන්ථය හරහා නෝමන් කැන්ටර් නම් ඉතිහාසඥයා කියාපාන්නේ යුරෝපයේ වාසය කළ යුදෙව් ප්‍රජාවන්ව රෝග වාහකයන් ලෙස නම් කොට, ක්‍රිස්තියානින් අතර වුවමනාවෙන්ම රෝග බීජ පැළකරන්නන් ලෙස ඔවුන්ව හංවඩු ගසන ලද බවයි. ව්‍යාජ පුවත් සහ වෛරය පැතිරවීම නිසා යුදෙව්වන්ට එරෙහිව වධහිංසන පමුණුවන රැල්ලක් ආරම්භ විය. ‘කළු මරණය’ දුරස්ථ මතකයක් බවට පත්ව බොහෝ කාලයකට පසුව වුවද, යුරෝපය පුරා යුදෙව් විරෝධී මත අඛණ්ඩව වසංගතයක් ලෙසින් පැතිරෙනු දැකිය හැකි විය..නව ගෝලීය වසංගතයක් ලොවම වෙළාගෙන ඇති මේ කාලයේ දී ඒ ඉතිහාසයම දෝංකාරයක් ලෙස අප වෙත පැමිණ ඇති බව දැනේ. The Pandemic is a Portal නමින් ප්‍රකට ලේඛිකා අරුන්දතී රෝයි විසින් පළකර ඇති රචනයේදී ‘ඉන්දියාව තුළ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් වසර මුළුල්ලේම ක්‍රියාත්මක කරන ඔවුන්ගේ විෂ සහිත මුස්ලිම් විරෝධී න්‍යායපත්‍රය කෝවිඞ් පිළිබඳ වාර්තාකරණයට ද අන්තර්ගත කොට ඇත’ යනුවෙන් පවසන්නීය. ‘සමස්තයක් ලෙස ගතහොත් ඔවුන්ගේ වාර්තාකරණයෙන් අදහස් කෙරෙන්නේ මුස්ලිම්වරුන් මේ වෛරසය නිෂ්පාදනය කළ අතර, ශුද්ධ වූ යුද්ධයක් හෙවත් ජිහාදයක් ආකාරයෙන් වුවමනාවෙන්ම එය මිනිසුන් අතර බෝ කර හැරි බවකි” (Financial Times 3.4.2020)..ඒ හා සමානවම මුස්ලිම්-විරෝධී හිස්ටීරියාව ප්‍රචලිත කරන ව්‍යාපෘතියක් ශ්‍රි ලංකාව තුළ ද තරමක් වේගයෙන් ක්‍රියාත්මක වේ. අන්තර්ජාල විචාරකයන් විසින් වෛරසයට පණ දෙන්නන් ලෙස මුස්ලිම්වරුන්ට චෝදනා කරමින්, මුස්ලිම් රෝගීන් ‘සියදිවි නාශක ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වමින් සිටින අතර, ආණ්ඩුව ඒ බව නොදුටුවා සේ සිටියි..ඉතාලියේ සිට නැවත මෙරට පැමිණි බොහොමයක් ශ්‍රි ලාංකිකයන් නිරෝධායනයට ලක්නොවී පැනයාමට උත්සාහ කළ විට, ආණ්ඩුව සහ ජනමාධ්‍ය ඉතාම නිවැරදි ලෙස සදාචාරය රකිමින් ඔවුන්ගේ ආගම හෝ ජාතිය පිළිබඳ සඳහන් කිරීමෙන් වැළකුණහ. එහෙත් මේ නිසි සදාචාරය කෝවිඞ්-19 වසංගතයට එරෙහි ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය සතියේ අමු අමුවේම කඩන ලදි. හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සඳහා සිවිල් ඇඳුමින් සැරසී පෙනී සිටි ලූතිනන් ජෙනරාල්වරයා පැවසුවේ ”ඊයේ දින රෝගියෙක් අකුරණ ප්‍රදේශයෙන් සොයාගැනුණා. අපි තවත් පුද්ගලයෙකු පුත්තලමෙන් සොයාගත්තා. ඔහුත් බොහෝ අය සමග සම්බන්ධතා පවත්වා තිබෙනවා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. මේ තැන් දෙකේදීම හමු වූ රෝගීන් මුස්ලිම් ජාතිකයන්” යනුවෙනි..එලෙස විවෘතව රෝගීන් දෙදෙනෙකුගේ ආගම ගැන සඳහන් කිරීම මගින් ඇඟවූයේ ප්‍රතිපත්ති සැකසීමේදී ඇති ජාතිවාදී ප්‍රවේශයයි. කුප්‍රකට දෙරණ වීඩියෝව බැලීමේ දී පෙනීයන්නේ මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා ද හමුදාපතිවරයාගේ පා සටහන් අනුව යමින් ”අද රෝගීන් 20ක් හඳුනාගත්තා. ඉන් 19 දෙනෙක්ම මුස්ලිම් ජාතිකයන්. 19ක්!” යැයි කියා සිටියි. ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් සාකච්ඡුා මණ්ඩපයට පැමිණ සිටි විපක්ෂ සාමාජිකයන් දෙපළ ද ඇමතිවරයාගේ වෛරී ප්‍රකාශයන්ට එරෙහිව වචනයක්වත් කතා කළේ නැත..ඉන් පසුව, විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලකයන් – ප්‍රධාන ලෙසම මංගල සමරවීර සහ කරු ජයසූරිය – මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රචාර හෙළාදැක ප්‍රකාශ නිකුත් කළහ. එක්සත් ජාතික පක්ෂය ද වර්තමානයේ ජාති සහ ආගම් පදනම් කරගත් බෙදීම් ඇතිකිරීමට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහෙත් ආණ්ඩුව තවමත් සමාව නොඉල්ලන, පසුතැවිලි රහිත ස්ථාවරයක පසු වේ. මෙසේ තිබියදී, මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තාවන්ට අනුව, ප්‍රභූ පැලැන්තියේ රෝගීන් සඳහා හමුදා රෝහලක විශේෂ වාට්ටුවක් වෙන්කර ඇතැ’යි ප්‍රකාශ කළ නිසාවෙන් ශිෂ්‍යයෙකු සහ වෛද්‍යවරයෙකු අත්තඩංගුවට ගෙන තිබේ. නමුත් ගෝලීය වසංගතයක් අතරතුර දී පවා ජාතීන් අතර කලබල ඇති කිරීමට උත්සාහ ගන්නා අය නීතියට ඉහළින් වැජඹෙමින් සිටිති..වෛරසය පාලනය කිරීමට සමත් වූ රටවල් ස්වල්පය, විශේෂයෙන් තායිවානය, දකුණු කොරියාව සහ අයිස්ලන්තය, එලෙස කර ඇත්තේ ඉතා පුළුල් සහ ආක‍්‍රමණශීලී පරීක්ෂා කිරීම් යොදාගනිමිනි. ඔවුන් කටයුතු කරන්නේ ‘ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට්’ සිද්ධාන්තය මත පිහිටාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව, දිනකට පරීක්ෂාවන් 750 – 1000 අතර සංඛ්‍යාවක් කිරීමට ශ්‍රි ලංකාවට හැකියාව තිබුණත්, පරීක්ෂාවන් කෙරෙන්නේ දිනකට 250කටත් අඩුවෙනි (ලංකා නිව්ස් වෙබ් – 2020 අප්‍රේල් 5). මේ මෙහෙයුම්වල පෙරමුණේ සිටින වෛද්‍යවරුන් සහ වෙනත් සෞඛ්‍ය සේවකයන් සඳහා ලබා දී ඇති ආරක්ෂක ඇඳුම් කට්ටලවල ගුණාත්මක බව පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර තිබේ..ආණ්ඩුව විවේචකයන් නිහඬ කරවන පිළිවෙතක් අනුගමනය කරයි. එය ජාතිවාදය රජකිරීමට ද සිය අවසරය ලබා දී ඇත. නමුත් මේ වෛරස ව්‍යාප්තියට එරෙහි මෙහෙයුමේ ප්‍රධානතම කාර්යභාරය වන පුළුල් සහ නිරන්තර පරීක්ෂාවන් සිදුකිරීම සම්බන්ධයෙන් නම් එහි අසමත් බව පැහැදිලිව පෙනී යයි. තිත් එකින් එක යා කර බලන විට ජාතික සහ ගෝලීය ආපදාවකදී පවා සිය පටු දේශපාලන න්‍යායපත්‍රය මුදුන්පත් කරගැනීමට ප්‍රමුඛතාව දෙන පාලක පැලැන්තියක සේයාව ඔබට දැකගත හැකි වනු ඇත..සමාව දිය නොහැකි ජනාධිපති සමාව සහ වරදට දඬුවම් නොදී සිටීමේ වෛරසය.ඇඳිරි නීතිය පනවා දින 6ක් ගතවත්ම, ජනාධිපතිවරයා විසින් අධිකරණයෙන් යුක්තිය පසිඳලා දඬුවම් නියම කළ මිනීමරුවෙකු නිදහස් කළේය..යුද හමුදාවේ සැරයන් සුනිල් රත්නායක පුද්ගලයන් අට දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු විය; එය (ලිපිය ලියැවෙන විට) වෛරසය නිසා මරණයට පත් ශ්‍රි ලාංකිකයන් ගණනට වඩා තුනකින් වැඩිය..”වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිවලින් අනාවරණ කළ පරිදි, මරණයට පත් වූ පුද්ගලයන් අටදෙනාම මරණයට පත්ව තිබුණේ එකම ආකාරයේ මාරාන්තික තුවාල කිරීම් නිසාය, එනම් පිටුපස සිට ගෙල කැපීම මගිනි.” යනුවෙන් සුනිල් රත්නායකගේ මරණ දඬුවම තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ) විනිසුරු බුවනෙක අලූවිහාරේ සටහන් කර තිබුණි. එලෙස පිටුපසින් සිට ගෙල කපා මැරූ පුද්ගලයන් අතර වයස අවුරුදු 5ක ළදරුවෙක්ද විය. එම ළදරුවා සමග ඔහුගේ පියා, ඔහුගේ සොහොයුරන් දෙදෙනා (වයස අවුරුදු 13 සහ 15) සහ අනෙකුත් වැඩිහිටියන් (සියල්ලන්ම යුද්ධය නිසා උන්හිටිතැන් අහිමි වූ සිවිල් පුරවැසියන්) ඔවුන්ගේ උපන්ගම වූ මිරුසුවිල් වෙත, සිය මරණය වෙත පියමන් කළහ. විනිසුරු අලූවිහාරේ සටහන් කරන අන්දමට, ඔවුන් එතැනින් පිටත්වීමට ආසන්න වත්ම, ළදරුවා විසින් ඉදුණු ගෙඩි සහිත පේර ගසක් දැක, එම ගෙඩි කඩා දෙන මෙන් වැඩිහිටියන්ට ඇවිටිලි කොට තිබේ. දරුවාගේ ඇවිටිල්ල මත එම කණ්ඩායම පේර කැඞීම සඳහා සිය ගමන නතරකොට සිටි අතරතුර මාරයා ඔවුන් හමුවට පැමිණියේය..එවන් මිනීමරුවෙකුට සමාව දෙන්නට හැක්කේ කුමන ආකාරයේ නායකයෙකුට ද? එවැනි නායකයෙකුගෙන් රටකට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?.මේ ලැජ්ජාවිරහිත සමාව ලබාදීමෙන් ඇති වූ ලැජ්ජාව සහ ඉන් ඇති කළ කම්පනය දෙගුණ-තෙගුණ වන්නේ ඒ සමාව ලබාදීම සඳහා තෝරාගත් නිශ්චිත කාල වකවානුවයි. සාමාන්‍යයෙන් නම් ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ දේශපාලනයට තාවකාලික විරාමයක් ලැබිය යුතුව තිබුණි. එහෙත් ජනාධිපතිවරයා විසින් මේ කර ඇත්තේ ගෝලීය වසංගත තත්ත්වය යොදාගනිමින් සිය දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමයි..ජනාධිපති සමාව ලබා බන්ධනාගාරයෙන් පිටව ආ මිනීමරුවා පිළිගැනීමට පැවැත්වූ සාදයේ ප්‍රධානියා වූයේ අන් කවරෙකුවත් නොව විශ්‍රාමික මේජර් ජෙනරාල් සහ වත්මන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ය. ඔහුගේ පෙනීසිටීම ඒ ජනාධිපති සමාව ලබාදීමේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකිය හැක්කේ ඉන් එම සමාව සඳහා අවශ්‍ය අවසන් මතවාදීමය නිල අනුමැතිය ලබා දී තිබුනු බැවිනි. මෙය නිකම්ම නිකම් හුදෙකලා ක්‍රියාවක් නොවන බවත්, එය ගෝඨාභය රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසක් බවත් ඉන් කියැවුණි..මේ සමාවෙන් කියැවෙන්නේ ‘මගේ සේවා කාලය තුළ කිසිදු අපරාධයක් අපරාධයක් නොවනු ඇත’ යනුවෙනි. පක්ෂපාතීත්වය විසින් සියලූ ක්‍රියාවන්, එනම් දරුණුතම ගණයේ මිනීමැරුම් පවා ශෝධනය කරමින්, ඒවා වීර ක්‍රියාවන් බවට මාරු කරයි..‘ඔබ සත්‍ය වශයෙන්ම මාගේ විශ්වාසිකයෙකු නම් වරදට දඬුවම් නොලබා සිටීම ඔබේ අවියෝජනීය අයිතියයි’ යනුවෙන් මේ සමාවෙන් කියැවේ. ‘ඔබ මට සත්‍යවාදීව සිටින තාක් කල්, ඔබේ නිල හෝ නොනිල ක්‍රියාවන් සඳහා වන දඬුවම්වලින් ඔබ බේරාගෙන, ඔබට මුක්තිය ලබාදෙමි’ යනුවෙන් මේ සමාවෙන් තවදුරටත් කියැවේ..ම්ලේච්ඡත්වය වීරත්වය බවත්, ලේ පිපාසිත බව යනු දේශප්‍රේමීත්වය බවත් මේ ජනාධිපති සමාවෙන් කියැවේ..එම සංහාරයෙන් දිවි බේරාගත් එකම පුද්ගලයා ඒ ගැන පැමිණිලි කළ විට හමුදාව එපිළිබඳ විස්තරය යටගැසීමට උත්සාහ නොකළේය. ඒ පුද්ගලයාගේ පැමිණිල්ල සඳහා වැදගත් අවධානයක් ලබාදෙමින්, ඔහුට ආරක්ෂාව ලබා දී, ප්‍රථමයෙන් මේජර් සිඞ්නි සොයිසාගේ අධීක්ෂණය යටතේ හමුදා පොලීසිය විසින් වැඩි කල් නොයවාම පරීක්ෂණ කටයුතු අරඹා කරගෙන යන ලදි. අපරාධය මගින් හමුදාවේ අඳුරු පැතිකඩ හෙළිදරව් වුවද, එම අපරාධය හෙළිදරව් කරගෙන, ඊට වගකිවයුත්තන් සඳහා දඬුවම් පැමිණවීම මගින් ප්‍රදර්ශනය වූයේ හමුදාව සතු උදාර බව, විනීත බව, යුක්තිය පිළිබඳ මූලික සංවේදනය සහ මානව දයාව පිළිබඳ පැතිකඩයි. මෙම සමාව දීම හරහා ජනාධිපතිවරයා විසින් අනුමත කොට තිබෙන්නේ පුද්ගලයන් අටදෙනා බිහිසුණු ලෙස ඝාතනය කිරීම අපරාධයක් ලෙස දුටු හමුදා සෙබළුන් සහ නිලධාරීන් නොව, එම අපරාධය සිදු කළ, එසේ කිරීම අනුමත කළ සහ එයට සාධාරණීකරණය සැපයූ අයවලූන්වයි. මේ සමාව දීම ගැන වගේවගක් නොමැතිව සිටි සහ ඉන් ප්‍රති ප්‍රමෝදයට පත් සිංහලයන්ට ද එහි ප්‍රතිඵල අත්විඳීමට සමහරවිට සිදු වනු ඇත්තේ රතුපස්වල වැනි තවත් සිදුවීම් කිහිපයකට පාර කැපුණු විටය..මිරුසුවිල් සමූහ ඝාතනය පිළිබඳ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූයේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි. සැරයන් රත්නායක වැරදිකරු කරනු ලැබුවේ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසිනි. එලෙස වැරදිකරු කරනු ලැබීම සාධාරණීකරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් අදාළ මහාධිකරණ නඩු තීන්දුව ඒකමතිකව ස්ථිර කරන ලදි. මේ ජනාධිපති සමාවත් සමගින් අධිකරණ පද්ධතියට දෙන පණිවිඩය නම් නීතියේ ආධිපත්‍යයේ මළගම සනිටුහන්ව ඇති බවත්, පාලකයාගේ ආධිපත්‍යය සියල්ලටම ඉහළින් බලපැවැත්වෙන බවත් ය. අධිකරණය ඊට හැකි උපරිමයෙන් කටයුතු කළත්, විධායකයට නිමේෂයකින් ඒ සියල්ල ශූන්‍ය කළ හැක..මේ සාහසික සමාව දීම පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ ලැජ්ජාසහගත සහ ලැජ්ජාවිරහිත නිශ්ශබ්දතාවෙන් පෙන්වන්නේත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ තුළ ඇත්තේ බියගුළු බවත්, අවස්ථාවාදයත් පමණක්ම බවයි..අධිකරණයෙන් යුක්තිය පසිඳලීමෙන් අනතුරුව මරණ දඬුවම ලැබූ හමුදා සැරයන් සුනිල් රත්නායකට ලබා දුන් සමාව දිය නොහැකි ජනාධිපති සමාව, වරදට දඬුවම් නොදීමේ වෛරසයේ විශාල ඉදිරි පිම්මකි. ඒ නිසා ඇති වූ භයානක තත්ත්වය, කෝවිඞ්-19 නිසා ඇති වූ ගෝලීය වසංගතයේ භයානකත්වය පිළිබඳ මතකයන්ටත් වඩා වැඩි කාලයක් නොනැසී පවතිනු ඇත..නීතියට අවඥා කිරීම; ව්‍යවස්ථාවට නිග්‍රහ කිරීම.2005 අංක 13 දරන ශ්‍රි ලංකා ආපදා කළමනාකරණ පනත මගින් හදිසි ජාතික ආපදාවන්හි දී ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික මණ්ඩලය නම් අපක්ෂපාතී ආයතනයක් ස්ථාපනය කිරීම අනිවාර්ය කොට තිබේ..ඉහත පනතට අනුව, ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, අදාළ විෂය හා සම්බන්ධ ඇමතිවරු 25ක් සහ කථානායක විසින් නම්කරන විපක්ෂ මන්ත‍්‍රීවරු 5ක් එම මණ්ඩලයට අයත් විය යුතු වෙති. පාර්ලිමේන්තුව විසිරුවා නොතිබුණේ නම්, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඉහත පනතේ විධිවිධාන යටතේ මණ්ඩලයක් පත්කිරීම ජනාධිපතිවරයාගේ අනිවාර්ය නීත්‍යනුකූල වගකීමක් බවට පත් වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති තත්ත්වයක් තුළ, මේ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් ස්වයංව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබේ. එහෙත් මේ ඒකපාර්ශ්විකත්වය සහ තනිපුද්ගල නායකත්වය නිසා ලැබී ඇති ප්‍රතිඵලය ධනාත්මක එකක් නම් නොවේ..පළමුවෙන්ම ජනාධිපතිවරයා වර්තමාන ගෝලීය වසංගතය අප රටට ද විශාල තර්ජනයක් වීමට ඇති හැකියාව නොසලකා හරිමින් අගෝස්තු මස වන තෙක් ක්‍රියාත්මක වීමට කල් තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඉන්පසු ඔහු විසින් නොයෙකුත් කණ්ඩායම් විසින් හේතු දක්වමින් කළ පැහැදිලි කිරීම්, විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රජාවගේ යෝජනාවලට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරමින්, තමන්ට සුපුරුදු දේශපාලනය කරන්නට තීරණය කළේය. වෛරසය පාලනය සඳහා ඔහු විසින් පත්කළ කාර්යසාධක බලකායේ සාමාජිකයන් එකිනෙකා හා උරෙනුර ගැටෙමින් වාඩි වී සිටින අයුර රූපවාහිනීයේ විකාශනය වූ රැස්වීම්වල දී දකින්නට ලැබුණේ සමාජීය ආශ්‍රයෙන් ඈත් වීම යන අවවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුට්ටුවකටත් ගණන් නොගන්නා ආකාරයෙනි. ජනාධිපතිවරයා සාක් රටවල නායකයන්ට පැවසුවේ තමන් මැතිවරණය පවත්වන බවත්, කෝවිඞ්-19 ආසාදිතයන් 28ක් යනු මුළු රටේම යාන්ත්‍රණය වසාදැමීම සඳහා හේතුවක් නොවන බවත් ය..නාමයෝජනා භාරගෙන අවසන් වූ වහාම, ඔහු සිය ප්‍රතිවිරුද්ධ දිශාවට විශාල පිම්මක් පනිමින් දීපව්‍යාප්තව බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළේය. අත්තනෝමතික ලෙස ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරමින් සහ ඉවත් කිරීම නිසා මහජනතාව නිස්කාරණේ බියට පත් වූ අතර, එය අවසානයේ අමනෝඥ සන්ත්‍රාසයක් බවට වර්ධනය විය..තමන් ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය අවලංගු නොකරමින්, පාර්ලිමේන්තුව නැවත නොකැඳවමින් දැන් ඔහු තවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදයකට පාර කපමින් සිටී..දිනපතා විකාශය වන නාට්‍යයක් සිහිගන්වමින් පැවැත්වුණු කාර්යසාධක බලකායේ රැස්වීම්වල මුල් දවස්වල ජවනිකාවකදී සහභාගියෙකු යෝජනා කළේ ගෝලීය වසංගතය අවසන් වන කාලය තෙක් රට හමුදාවට භාර දිය යුතු බවයි. ජනාධිපතිවරයා සිය සුපුරුදු සිනහව පාමින් තමන් ද ඊට කැමති බව ප්‍රකාශ කළේය..දින කිහිපයකට පසුව, තවත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස ඔහු විසින් පත්කරන්නට යෙදුණි. දැන් ඔහුගේ සමහර ආධාරකරුවන් පවසන්නේ මේ අර්බුදය අවසන් වන තුරු අධිකරණයේ අනුමැතිය රහිතව ඔහුට කැමති පරිදි මැතිවරණය කල්දැමීමට ද අවශ්‍ය නම් හැකියාව ඇති බවයි. ජනාධිපතිවරයා මේ උපදේශය අනුගමනය කරන්නේ නම්, ගෝලීය වසංගතයේ දුක්ඛිතම වින්දිතයා ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වීම වැළැක්විය නොහේ..ලෝක මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා අනතුරු අඟවා ඇත්තේ මේ ගෝලීය වසංගතය මින් පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අවපාතයක් ඇති කර ඇති බවයි. මේ ගෝලීය වසංගතය නිසා ශ්‍රි ලංකාවට ලැබෙන බරපතළම ප්‍රතිඵලයක් ලෙස නව දුප්පත් පැලැන්තියක කූටප්‍රාප්තිය සිදුවීම සැලකිය හැක, මක්නිසාද යත් ජීවනෝපායන් සහ ආදායම් මාර්ග අහිමි වීම නිසා සමාජයේ පහළ මධ්‍යම පන්තියේ බහුතරයකට දුප්පත්කම උරුම කරගැනීමට සිදුවීමයි. මේ නව පැලැන්තියේ පුද්ගලයන්ගේ මනැස් තුළ දිවෙන ප්‍රධාන අංග විය හැක්කේ ද්වේෂය සහ අපේක්ෂා භංගත්වයයි. එම නව පැලැන්තියේ සිංහල සාමාජිකයන්ගේ අවධානය වෙනතකට හැරවීමේ අරමුණින් පාලකයන් විසින් සුළුතර ජනතාව දඩමීමා කරගනු ඇති බව ආණ්ඩුවේ මෑතකාලීන ක්‍රියාමාර්ගවලින් පැහැදිලිවම පෙනීයයි..බ‍්‍රසීලියානු බිලියනපතියෙකු සිය පුද්ගලික ජෙට් යානයෙන් ස්ථාන කිහිපයකටම ගොස්, රැස්වීම් පවත්වා, විවිධ පුද්ගලයන් හමු වී සමාජශීලීව හැසිරුණේ ඔහුට වෛරසය ආසාදනය වූ බවට හෙළිදරව් කර තිබියදීය. ඔහු කළ අපරාධයට ඔහු අයත් ප්‍රජාවේ කිසිදු අදාළත්වයක් නැත. එය ඔහුගේම පමණි. සිංහලයෙකු කරන අපරාධයක් යනු සිංහල අපරාධයක් නොවේ. දමිළයෙකු කරන අපරාධයක් යනු දමිළ අපරාධයක් නොවේ. එමෙන්ම, මුස්ලිමෙකු කරන අපරාධයක් යනු මුස්ලිම් අපරාධයක් නොවේ..මේ ගෝලීය වසංගතය පතුරන්නේ අහවල් සුළුතරය විසින්යැ‘යි යන මතවාදය ස්ථාපනය කිරීම වනාහි මේ ආණ්ඩුවේ බල ව්‍යාපෘතිය සඳහා උපකාරී වනු ඇත, එහෙත් ඉන් ශ්‍රි ලංකාවේ අනාගතය කුඩුපට්ටම් කර දමනු ඇත්තේ අඛණ්ඩ සමාජීය ප්‍රචණ්ඩත්වයකට මුල පුරමිනි..ගෝලීය වසංගත මගින් නිරතුරුවම වෙනසක් සඳහා මං එළිපෙහෙළි කොට තිබේ. ගෝලීය වසංගතයකින් පසු පියනගන ලෝකය ඉන් පෙර අත්විඳින්නට ලැබුණු, දකින්නට තිබුණු ලෝකය නොවේ. ආණ්ඩුවෙන් ලැබෙන සංඥා අනුව නම්, අපේ පශ්චාත්-ගෝලීය වසංගත අනාගතය බොහෝවිට ජාතිවාදී ප්‍රචණ්ඩත්වයෙන් සහ ආඥාදායකත්වයෙන් සපිරි වනු ඇත. එම තර්ජනය තේරුම් ගෙන එයට එරෙහිව මුහුණ දීම, ගෝලීය වසංගතය පැරදවීම සඳහා කළ හැකි සියල්ලක්ම කිරීම තරම්ම වැදගත් වේ..පරිවර්තනය: ෂම්මාස් ගවුස්.Tags.anidda.Anidda Newspaper.Colombo Telegraph.corona.covid 19.අනිද්දා.අනිද්දා පුවත්පත.කොරෝනා.ජනාදිපති.තිසරණී ගුණසේකර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleOff Road ආර්ථික ඒකනි..ආර්ථික මඩොල්දූවේ හීන සහ අවතාර.Next articleලෝක සෞඛ්‍ය සංවිධානය ගැන රනිල් ට‍්‍රම්ප්ට ලියලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
වාමාංශික දේශපාලනයේ පසුබෑම පිළිබඳව තවදුරටත් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වාමාංශික දේශපාලනයේ පසුබෑම පිළිබඳව තවදුරටත්.By සංස්කාරක.August 26, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක...පෙර සතියේ සාකච්ඡා කළ වාමාංශික ව්‍යාපාරයේ පරිහානිය පිළිබඳව මේ අවස්ථාවේ දී තරමක් දීර්ඝ ලෙස අවධානය යොමු කිරීම වැදගත්ය. ඊට හේතුව වන්නේ ලංකාවේ දේශපාලනය මේ අවස්ථාවේ දී තවත් ඉතා සංකීර්ණ ව්‍යුහාත්මක පරිවර්තනයක් අබිමුවේ සිටින බැවිනි. පැරණි වාමාංශික ව්‍යාපාරය අහෝසි වී යාම සිද්ධ වූයේ ද එවැනි ම වූ ව්‍යුහාත්මක පරිවර්තනයක ප‍්‍රතිඵල වශයෙනි..පසුගිය සතියේ ලිපියේ මා සාකච්ඡා කළේ 1953 හර්තාලය ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අවසානය සලකුණු කළේ කවර ආකාරයට ද යන්නයි. මේ සාකච්ඡුාව ඉදිරියට ගෙනයාම සඳහා රැුඩිකල් වාමාංශිකයන් විසින් හර්තාලය අරබයා, එය මෙහෙයවනු ලැබූ වාමාංශික පක්ෂවලට ලෙන එන ප‍්‍රකට විවේචනය සලකා බලමු. ප‍්‍රකට විවේචනය වන්නේ මේ අවස්ථාවේ දී වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය අත්පත් කරගැනීමට උත්සාහ නොකළේය යන්නයි. මේ විවේචනයට වාමාංශික පක්ෂ විසින් දෙනු ලැබ ඇති පිළිතුර වන්නේ හර්තාලයේ අරමුණ වූයේ කිසිසේත්ම රාජ්‍ය බලය අත්පත් කරගැනීම නොවන බවයි. ඇත්ත වශයෙන් ම එය සාධාරණ පිළිතුරකි. කෙසේ වෙතත් එම පිළිතුර තුළ ම වාමාංශික ව්‍යාපාරයේ අර්බුදය ද ගැබ් වී තිබේ. මගේ අදහස වන්නේ පිළිතුර මෙන්ම ප‍්‍රශ්නය ද සාධාරණ එකක් බවයි..ප‍්‍රශ්නය සාධාරණ එකක් වන්නේ වාමාංශික ව්‍යාපාරය විසින් ආරම්භයේ සිට සිය දේශපාලන මැදිහත්වීම පිළිබඳව ඉදිරිපත් කළ න්‍යායික දැක්ම තුළ, රාජ්‍ය බලය අත්පත් කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කරනු ලැබීම මගනොහැරිය හැක්කක්ව තිබූ නිසාය. 1947 මහ මැතිවරණයේ දී මැතිවරණ මාර්ගයෙන් රාජ්‍ය බලය අත්පත්කර ගැනීමට අසමත් වූවා නම්, අන් ආකාරයකට රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා වූ ප‍්‍රවේශයක් සකස් කරගැනීම මඟහැරිය නොහැකිව තිබූ දෙයක් වීය..ඇත්ත වශයෙන්ම 1953 හර්තාලයේ ද පරීක්ෂාවට ලක් වූයේ මහජනයා සාමූහික වශයෙන් බලමුළු ගැන්වීම සම්බන්ධයෙන් වාමාංශික ව්‍යාපාරයට තිබූ හැකියාවේ සීමාවයි. ආපසු හැරී බලන විට අපට පැහැදිලිව පෙනී යන්නේ ඒ හැකියාවේ උපරිම අවස්ථාව වූයේ ද 1953 හර්තාලය ම බවයි. එසේ නම් ගැටලූ‍ව වන්නේ මහජනයා බලමුළු ගැන්වීමේ සිය හැකියාව උපරිම මට්ටමට වර්ධනය වී තිබියදීත් වාමාංශික පක්ෂවලට රාජ්‍ය බලය අත්පත් කරගැනීම පිළිබඳ උපාය මාර්ගයක් නොතිබුණේ මන් ද යන්නයි..මගේ තක්සේරුව වන්නේ හර්තාලය අවස්ථාවේ රාජ්‍ය බලය අත්පත් කරගැනීමට ප‍්‍රායෝගික වශයෙන් හැකියාවක් නොතිබුණේය යන්න සාධාරණ ප‍්‍රකාශයක් බවයි. එසේ වුව ද ගැටලූ‍ව වන්නේ ම එසේ හැකියාවක් නොතිබීම තේරුම් කරන්නේ කෙසේ ද යන්නයි..මෙම උභතෝකෝටිකය නිරවුල් කරගැනීම සඳහා මා යෝජනා කරන විසඳුම වන්නේ මෙයයි: ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්වය තුළ දක්නට ලැබුණු ඉතා වැදගත් ප‍්‍රතිවිරෝධී ලක්ෂණයක් වූයේ එහි න්‍යායධරයන් විසින් සාධාර්මික මාක්ස්වාදී සංදර්භයක් තුළ ඉදිරිපත් කරනු ලැබූ වාමාංශික ව්‍යාපාරයේ න්‍යායික දැක්ම හා වාමාංශික ව්‍යාපාරවේ දේශපාලන ආමන්ත‍්‍රණයට ආකර්ෂණය වූ ජනකණ්ඩායම්හි දේශපාලන පරිකල්පනය තුළ වාමාංශික ව්‍යාපාරය ස්ථානගත වූ ආකාරය අතර ඉතා බරපතළ පරතරයක් පැවැති බවයි..රුසියාව, චීනය, කියුබාව වැනි රටවල මාක්ස්වාදී ව්‍යාපාර මෙම ප‍්‍රතිවිරෝධය මතුපිටට පැමිණීමට පෙර රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නය විසඳාගැනීමට සමත් විය. ඒ විවිධ ඓතිහාසික හේතු නිසාය. නමුත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය එසේ කිරීමට අසමත් විය. එසේ වීමටද බලපෑ (මෙහි සාකච්ඡා කිරීමට අවකාශ නොමැති) ඓතිහාසික සාධක බොහෝ තිබේ. එම තත්වය තුළ වාමාංශික පක්ෂවල ඉරණම තීරණය කරනු ලැබූ යේ ඊට ආකර්ෂණය වූ ජනකණ්ඩායම්වල දේශපාලන පරිකල්පනය විසිනි. 1950 ගණන්වලින් පසු ක‍්‍රමානුකූලව වාමාංශික පක්ෂ කෙරේ තිබූ ආකර්ෂණය හීන වී ගිය බව මෙහි දී සඳහන් කිරීම වැදගත් ය. ඇත්ත වශයෙන් ම ජනතා විමුක්ති පෙරමුණෙ ඉරණම ද මේ ආකාරයෙන් තේරුම් කිරීමට හැකියාව තිබේ. එය රාජ්‍ය බලය අත්පත් කරගැනීමට පැරණි වාමාංශික ව්‍යාපාරයට වඩා සක‍්‍රිය උත්සාහයක් ගනු ලැබූයේ වී නමුදු එය දෙවරක්ම අසාර්ථක වූයේ එයට පැවැති ජනතා ආකර්ෂණයේ සීමාවන් නිසාය. මේ අනුව පැරණි වාමාංශික ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ද කළ හැකි නිරීක්ෂණයක් වන්නේ එම ව්‍යාපාරයන්හි නායකත්වය විසින් සිය කාර්යභාරය න්‍යායිකව පරිකල්පනය කළ ආකාරය හා එම ව්‍යාපාර කෙරේ ආකර්ෂණය වූ ජනකොටස්හි දේශපාලන පරිකල්පනය අතර පැවැති පරතරය තේරුම් ගැනීමට මේ ව්‍යාපාරයන්හි නායකත්වය අසමත් වූ බවයි..නිර්මාල් රංජිත් දේවසිරි.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබල්ලා, උදිත ලොකුබණ්ඩාර හා ඡන්දදායකයා.Next articleදෘශ්‍යාබාධිතයකුට වියදම රුපියල් 6යි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.Bogala Sawundiris August 30, 2018 At 12:31 am.53 Harthalaya wanahi maha wedawarjanayak dura diga yamaki. Mehi moolikathwaya gaththe Samasamaja pakshayaya. Andu balaya elleematanam nikamma wedakarana panthiyata ha sesu peedithayinata hekiyawak netha. Ey sandaha hamudawe sahaya awashyaya. Adu washayen hamudawa aragalayata hithwath ho madyastha ho akalpayaka sitiya yuthuya. Leninge aragalayata hamudawa kelinma sahaya dekweeya. Leninta eya pahasu wooye yuddayak thibuna nisaya. Samasamajaya arbudayata giye methanadeeya. Colvin wennanta upades deemata lokaye kisima Marxwadiyek no weeya. Hitapu aya Colvin idiriyedee nikam kurumittan pamanak weeya. Me thathwaya thula Dhanapathi aanduwakata ringa yam athhada beleemak kireemata Samasamajaya theeranaya kala wannatada puluwana..Reply.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආණ්ඩුවේ තකතීරු තීන්දුව කාර් ප්‍රමුඛතා මංතීරු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආණ්ඩුවේ තකතීරු තීන්දුව කාර් ප්‍රමුඛතා මංතීරු.By සංස්කාරක.September 27, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කොළඹ හා අවට මාර්ගවල ක්‍රියාත්මක වූ බස් ප්‍රමුඛතා මං තීරුවෙහිම ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ද ධාවනය කරවීමේ නීතිය ක්‍රියාත්මක වූයේ සැප්තුම්බර් 21 වන සඳුදා සිටය. ඊට පෙර සතියේ සැප්තැම්බර් 14 වන සඳුදා සිට සිකුරාදා දක්වා ඒ සඳහා පෙරහුරුවක් ක්‍රියාත්මක විය..පෙරහුරුව ක්‍රියාත්මක කර දින දෙකකට පසුව 16 වන දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ඉදිරි දින තුන යතුරු පැදි හා ත්‍රීරෝධ රථ පාරේ වම් පස පළමු මං තීරුව වන බස් ප්‍රමුඛතා මං තීරුව පමණක් භාවිත කළ යුතු බවයි. බස් රථ, ත්‍රීරෝධ රථ හා යතුරු පැදි පාර පුරා ඇති මං තීරු සියල්ලේම ගමන් කරන නිසා මාර්ග තදබදය ඇති වන බවත් එහිදී ඔහු සඳහන් කළේය. උදෑසන 6 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් බේස්ලියින් පාර, හයිලෙවල් පාර, නුවර පාර, ගාලු පාර හා ශ්‍රී ජයවර්ධනපුර වන ප්‍රධන මාවත්වල මේ නීතිය ක්‍රියාත්ම විය..ඔහුගේ ප්‍රකාශයට අනුව විනයක් නැතිව මාර්ගයේ ගමන් කරන්නේත් මාර්ග තදබදය ඇති කරන්නේත් මගී ප්‍රවාහන බස් රථ, ත්‍රී රෝධ රථ හා යතුරුපැදි කරුවන්ය. ඒ අය එක ගොඩට දැම්මාම ඔක්කෝම හරිය..මෙය තකතීරු තීන්දුවකි. ප්‍රවාහනය ගැන මූලික දැනුමක් ඇති අයෙකුට පවා මෙය අසාර්ථක වන, මෝඩ තීන්දුවක් බව ක්ෂණිකව වැටහේ. යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයන් වෙනුවට හැම තීන්දුවක්ම ‘හමුදාකාරයන් හා පොලිස්කාරයන්’ ගන්නට ගියාම වෙන හදිය මේ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහ යෙන් පැහැදිලි විය..මීට පෙර කොළඹ නගරයේ මාර්ග තදබදය සඳහා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමයක් අත්හතා බලා තිබුණේ අහසින් කඩා පාත් වූ අදහසක් ලෙස නොවේ. එය අමල් කුමාරගේ වැනි අපේ කලාපයේ සිටින විශිෂ්ඨම ප්‍රවාහන විශේෂඥයන්ගේ යෝජනා මත ක්‍රියාත්මක කළ එකකි. එය විධිමත් සැලසුම් ඇතිව ඉදිරිපත් කළ යෝජනාවකි. එය කොළඹට පැමිණෙන මගීන්ගේ පහසුව ගැනත්, තදබදය අවම කිරීම සඳහාත් සකස් කළ ක්‍රමයකි..බස් රථයකට පාරේ වෙන්වන ඉඩ මෝටර් රථ දෙකකින් ආවරණය කරයි. ලංකාවේ අමුතු වාහන සංස්කෘතියක් ඇත. සමාජ තත්වය පෙන්වන්නට පැජරෝ, මොන්ටෙරෝ, ඩිෆෙන්ඩර්, වී8 වැනි වාහනය ගැනීම සම්ප්‍රදායකි. සමහරවිට එක් මගියෙක් පමණක් එවැනි වාහනයක හරි බරි ගැහී ගමන් කරයි. එහෙත්, වෑන් රියක ඉඩකඩ මහපාරෙන් අල්ලාගනියි..මාර්ග තදබදය අවම කිරීම යනු මාර්ගයේ පවතින ඉඩකඩෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමයි. නගරයට පෞද්ගලික වාහන ඇතුළුවීම හැකි තරම් අවම කොට, පොදු ප්‍රවාහනයට යොමු කිරීමයි. සාමාන්‍ය ගාස්තු මත සාමන්‍ය මගීන් ගමන් කරන අතර, ඉහළ වියදමක් දැරීමට හැකි අයට සුඛෝපභෝගී පොදු ප්‍රවාහන ක්‍රම ආරම්භ කිරීමත් සුදුසුය..බස් රථවලට වෙනම, විශේෂ මංතීරුවක් ලැබෙන විට බස් රථයක යන අයට ඉක්මනින් ගමනාන්තයට යා හැකිය. එවිට මගීන් ඉක්මන තකා පෞද්ගලික වාහනය ගෙදර තබා බස්රියෙන් පැමිණෙයි..සතියේ දිනවල කොළඹ නගරයට වැඩිම පිරිසක් පැමිණෙන්නේ බස් රථ, ත්‍රීරෝද රථ හා යතුරුපැදිවලිනි. මේ වාහන සියල්ල එක මං තීරුවකට හිර කර ඉතිරි මං තීරුවේ හෝ මං තීරු දෙකේ මෝටර් රථ ඇතුළු සුඛෝපභෝගී වහානවලට පහසුවෙන් ගමන් කිරීමන් කිරීමට මේ ආණ්ඩුව පසුගිය සතියේ ක්‍රියාත්මක කළ ක්‍රමවේදය අනුව ඉඩ කඩ විවර කර තිබුණි.  එක් මං තීරුවක බස්, ත්‍රීරෝද රථ හා යතුරුපැදිකරුවන් සිර වී බලා සිටියදී මොටර් රථ ඉතා පහසුවන් තමන්ට පමණක් වෙන් කළ මං තීරුවේ ගමන් කළේය. බැලූ බැල්මටම එය අදායම් මට්ටම් දෙකක මිනිසුන්ට දෙආකාරයකට සැලකීමක් ලෙස පෙනෙන්නට තිබුණේය. පෙරහුරු අවස්ථාවේදීම මෙම ක්‍රමවේදය ත්‍රීවීල් හා යතුරුපැදි කරුවන්ගේ හා බස්වල ගමන් කළ මගීන්ගේ දැඩි දෝෂාරෝපනයට හේතු විය..ඇත්තටම මේ ක්‍රමය හදා ඇත්තේ මගීන්ගේ ප්‍රවාහන අරමුණු ගැන සිතා නොවේ. මාන්නයෙන් පිරි, මහපොළොවේ නැති ඉහළ පාන්තික අදහසකිනි. කරදරකාරයන් ටික එක ගොඩට දැම්මාම හරි කියා කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කල්පනා කරමිනි..සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මේ මංතීරු නීතිය ගෙන ආවේ මාර්ග තදබදය අවම කිරීමට හෝ කොළඹට පැමිණෙන බහුතරයක් පුද්ගලයින්ගේ සුව පහසුව සැලසීමට නොව කාර්වලින් පැමිණෙන ඉහළ පංතියේ අයට පහසුකම් සැලසීමේ අරමුණින් බවය..පෙරහුරු සතිය අවසන් වී 21 වන සඳුදායින් පසුව මේ නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සැප්තැම්බර් 20 වන ඉරිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාලිය සේනාරත්න සඳහන් කළේය. මේ තීරණයේ ඇති බරපතල අවුල සම්බන්ධයෙන් ඇති වූ දැඩි විවේචන හේතුවෙන් මේ නීතියෙහි සංශෝධනයක් කළ බව 22 වන දා පොලිස් මූලස්ථානයේ දී යළිත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න 23 වන දා සිට මං තීරු නීතිය සංශෝධන සහිතව ක්‍රියාත්මකවන ආකාරය පැහැදිලි කළේය..ඒ අනුව බස් ප්‍රමුඛතා මං තීරුවෙන් ත්‍රීරෝද රථ හා යතුරුපැදි ඉවත් කර බස් ප්‍රමුඛතා මං තීරුවෙහි මගීන් ප්‍රවාහනය කරන ලංගම හා පෞද්ගලික බස්වලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් හා බස්රථද, කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථද ගමන් කළ යුතු බව හා යතුරු පැදි, ත්‍රීරෝද රථවලට දෙවන මං තීරුවෙහි ගමන් කළ හැකි බව සඳහන් කළේය..ඉහළ සිටින පුද්ගලයන්ට මහමගදී සාමාන්‍ය මගියෙකු විඳින පීඩාව ගැන වැටහෙන්නේ නැතිවා විය හැකිය. සාමාන්‍ය මගියෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ මහමගට ගෙවෙයි. ඔවුන්ට විවේකයෙන් සැහැල්ලුවෙන් ඉන්නට තිබෙන කාලය දහදිය දමමින් බස් රියක සිර වී ගත කරන්නට සිදුවෙයි. යතුරුපැදිකරුවන් අස්සෙන් දමමින් වාහන පැදීම නරක බව ඇත්තය. එහෙත්, ඉක්මනින් ගමනාන්තයට යෑමේ අරමුණෙන් ඔවුන් බරැති යතුරු පැදියක් එහේ මෙහේ කරන්නේ විනෝදයට නොවේ. තෙහෙට්ටුවෙන් පිරි, සැහැල්ලුවක් නැති ශ්‍රම බලකායක් බිහිවීමට දුර්වල ප්‍රවාහනය ප්‍රධාන හේතුවක් වී තිබේ. පසුගිය රජයේ කුමන අඩුපාඩු තිබුණත් ප්‍රවාහනයේ අඩුපාඩු පුරවන්නට විද්වතුන්ගේ උපදෙස් මත සැලසුම් සකස් කර තිබුණි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් පටන්ගන්නට සිටියේත් ඒ අනුවය. මහා වියදමක් දරමින් දුර බැහැර ගමන් යන්නට අධිවේගී මාර්ග හදන මේ ආණ්ඩුව අගනගරයේ ප්‍රවාහන අර්බුදය විසඳන්නට මෙවැනි අසාර්ථක උත්සාහයන් ගැනීම කණගාටුවට කාරණයකි. මං තීරු නීතිය නිසා වඩාත් පීඩාවට පත් වූවන් අතර රැකියා සඳහා යතුරු පැදිවලින් කොළඹට පැමිණෙන පුද්ගලයින් ප්‍රමුඛය. මං තීරු දෙකක නිදහසේ වේගයෙන් සුඛෝපබෝගී මෝටර් රථ ඉගිල යන විට වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් එදෙස බලා සිටියේ ඔවුන්ය. මේ නීතිය ක්‍රියාත්මක කළ පළමු දවසේම එය ඉහළ පැලැන්තියේ අයට මාර්ගයේ ප්‍රමුඛතාවක් ලබාදීමට කළ වැඩක් බව පෙනෙන්නට තිබුණු බව පවසන්නේ සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහය..‘මෙතන ප්‍රශ්නය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ප්‍රායෝගික නොවීම. යතුරුපැදිකරුවෝ විනයානුකූල වෙනවා. පොලීසිය යෝජනා කරන දේ නිවැරදි නෙවෙයි.  දැන් ආයෙත් දාලා තියෙනේ දෙවැනි මං තීරුවේ ත්‍රීරෝද රථ හා යතුරු පැදි ධාවනය කළ යුතුයි කියලා. මම ඊයේ දැක්කා මං තීරු තුනේම කාර්. මේකේ ප්‍රධාන ප්‍රශ්නේ කාර් නිසා ඇති වෙලා තියෙන්නේ. රෝද හතරේ වාහන හොඳටම වැඩියි. මේ වැඩෙන් වුණේ මාර්ග නීති සම්බන්ධයෙන් රියදුරන්ගේ මනසේ තිබුණු අවබෝධය සම්පූර්ණයෙන්ම අවුල් වීම විතරයි. ඒ ඇතිවෙන අවුල ලිහන්න ඉදිරියේදි මේ අයට සෑහෙන වෙහෙසක් ගන්න සිද්ධ වෙනවා.’.සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ඒ පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසකි..‘පාරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. එය විසඳා ගැනීම සඳහා පාර භාවිතා කරන අයයි, පරිපාලනය කරන අයයි හැමෝම කැප වෙන්න ඕනෑ. හැබැයි ඒ ගැන අපි සංවේදීයි. මාර්ග නීති සැමට එක සේ  ක්‍රියාත්මක විය යුතුයි. පැවතිච්ච තත්වය ඇතුළේ ත්‍රීරෝද රථ සහ යතුරු පැදි වෙට්ටු දාලා තමන්ගේ ගමන ගියා. අවුලේ ප්‍රයොජනය ගත්තේ ත්‍රීවීල් හා යතුරුපැදි කියමුකෝ. අපේ තමයි විනයක් නැත්තේ කියලා අදහසක් සමාජයේ තියෙනවා. ඒ තත්වය නැතිකරන්න නම් අමුතුවෙන් කවුරුවත් නීති දාන්න ඕනෑ නෑ. තියෙන නීති රට පුරාම හරියට ක්‍රියාත්මක කළාම ඇති.’.2017 වසරේදී මුලවරට බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හඳුන්වා දීමේදී ඒ ක්‍රියාවලියට දායක වූ මහාචාර්ය අමල් කුමාරගේ මං තීරු සම්බන්ධයෙන් අද උද්ගත වී ඇති තත්වය පිළිබඳ දැඩි ලෙස කණගාටුවන බව පැවසීය. කොළඹ කිලෝමීටර් 30 ක් පමණ දුරක් තුළ අත්හදා බැලීම් කර, පර්යේෂණ කර, ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් හා අදාල පුද්ගලයින් පුහුණු කිරීම්වලින් පසුව බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක කළ බවත් ක්‍රමවේදයේ ඇති වූ ගැටලු දින කිහිපයකින් විසඳා බස් රථවල වේගය තරමක් වැඩි කර ගැනීමට හැකි වූ බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. සෙසු වාහනවලටත් ඉන් යම් පහසුවක් සැලසුණු අතර පහුගිය සතිය වන තුරුම ක්‍රියාත්මක වුයේ ද ඒ ක්‍රමයයි..‘බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රම ලෝකයේ රටවල් 200 ක පමණ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වෙනවා. රටක ආර්ථික ක්‍රියාවලියේදී වැදගත් වෙන්නේ වාහන නෙමෙයි. එන මිනිස්සු ප්‍රමාණයයි. ඒ නිසයි දියුණු රටවල් මං තීරු ක්‍රම වගේ සංකල්ප භාවිතයට ගන්නේ. ප්‍රමිතියෙන් යුතු බස් රථ ධාවනයේ යොදවන්නේ. එතකොට වෙන්නේ බස් එක වෙලාවට යනකොට මෝටර් රථයේ එන මනුස්සයා, මෝටර් සයිකලයේ එන මනුස්සයා බස් එකේ එන්න ගන්නවා..දැන් තියෙන තත්වය අනුව කොළඹ නගරයට දවසකට ලක්ෂ 10 ක් විතර පුදගලයින් ඇතුල් වෙනවා. බස් ගමන් වාර 10,000 යි. පෞද්ගලික වාහන ලක්ෂ 4 ක් කොළඹට එනවා. ඒවායේ ලක්ෂ 6 ක් පුද්ගලයින් එනවා. තදබදයට මූලික හේතුව ඒ පුද්ගලික වාහන. ඒ වාහන ලක්ෂ 4 න් ලක්ෂයක් අඩු  කරගන්න හැකි වුණොත් මේ තදබදය විශාල ලෙස අඩු වෙනවා. බස් ප්‍රමුඛතා මංතීරුවට වෙනත් වාහන ඇතුළ් කළාම බස් ගමනාගමනය අඩාල වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කේ කාර් ප්‍රමුඛතා මං තීරු ක්‍රමයක්..මේ මං තීරු නීතිය අපේ රටේ මෝටර් රථ ආඥා පනතේ මුල ඉඳලාම තියෙනවා. පාරක වාහනයක් ගමන් කරනවා නම් වම් පත්තෙන් ගමන් කරන්න ඕනෑ. තීරු තුනක් තියෙනවා නම් අපි පදවන්න ඕනෑ වම් පැත්තේ තීරුවේ. වාහනයක් ඉස්සර කරනවානම් හෝ දකූණට හරවනවා නම් තමයි දකුණුට ගන්න ඕනෑ. අපි අධිවේගී මාර්ගවල යනකොට ඒ ක්‍රමය හොඳින් පාවිච්චි කරනවා. අනෙක් පාරවල්වල වම් තීරුවේ කවුරුවත් යන්නේ නෑ. මං තීරු නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා නම් පොලීසිය කළ යුත්තේ සියලුම වාහන වම් පැත්තෙන් ධාවනය කරවීමයි. වම් මං තීරුවේ බස්, දෙවෙනි මං තීරුව ත්‍රීරෝද රථ හා යතුරුපැදි, තුන්වෙනි මං තීරුව කාර් කියලා මම ලෝකේ කොහේවත් දැකලා නෑ. මං තීරු නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ වේගය අනුව. හෙමින් යන බස් රථයක් වමේ අයිනෙන් යන්න ඕනේ. හයියෙන් යන කාර් එකක් ඊට දකුණෙන් යන්න ඕනෑ. එතකොට තමයි පාරේ විනය හා කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ.’■.ප්‍රින්ජිත් ආලෝකබණ්ඩාර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනමත විචාරණයක් ඕනෑ කිව්වොත් ආණ්ඩුව 20 අත්හරී ඡන්දෙන් පරදීවියැයි අනුමානයක්.Next articleආණ්ඩුව උපාධිධාරීන් යොදා දත්ත එකතු කරන්නේ ඇයි?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනාධිපති ගෙදර යායුතුයි! ඔවුහු එකහඬින් කියති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනාධිපති ගෙදර යායුතුයි! ඔවුහු එකහඬින් කියති.By සංස්කාරක.April 26, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.බලයට පත් වූ දූෂිතම ජනාධිපතිවරයා.කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක.ජනාධිපතිවරයා දැන්වත් මුළු රටම ඉල්ලන දේ සිදු කළ යුතුයි..රාජපක්ෂ පවුලෙත් ගෝඨාභය රාජපක්ෂ තමයි ඒක නරකම තැනට ගෙන ආවේ. ඒක පටන් ගන්නේ ජනාධිපතිවරණයටත් පෙර සිටම සිදු කරපු අපරාධවලින්. ඒ අපරාධවල ප්‍රතිඵල තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. රාජපක්ෂ පවුලට අනිවාර්යයෙන් ම ඒකට දඬුවම ලැබෙන්න ඕනෑ..ඒ නිසා මම කියන්නේ ජනාධිපති ඉල්ලා අස් වෙලා මදි. ඉල්ලා අස් වෙලා ගෙදර යන්න නෙවෙයි එයා ඉල්ලා අස් වෙලා කරපු වැරදිවලට දඬුවම් ලබන්න හිරේට යන්න ඕනෑ. මිනිස්සු මරපු, ජනමාධ්‍යවේදීන් මරපු ඉතිහාසයක් ඔහුට තිබෙන්නේ. මහජන මුදල් වංචා කරපු ඉතිහාසයක් ඔහුගේ පවුලට තිබෙනවා. නඩු 35ක් ඔහුට තිබුණා. ජනාධිපති පදවියට මුවා වෙලා ඒවා ඒවා වහ ගත්තා. මම හිතන්නේ ඔහු තමයි මේ ඉතිහාසයේ බලයට පත්වුණු දූෂිතම ජනාධිපතිවරයා. ඒ නිසා මේ තිබුණු දූෂිත තත්වය උච්ඡතම තැනකට ගෙන ආව ගෝඨාභය වහාම ඉල්ලා අස් විය යුතුයි. ඒ වගේ ම ඔහුට එරෙහි චෝදනා ගොනු කරලා ඔහුට දඬුවම් ලබා දිය යුතුයි..ජනාධිපති බලයේ සිටීම සදාචාර විරෝධීයි.සරත් ඉද්දමල්ගොඩ පියතුමා.ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම ඉවත් විය යුතුයි කියන එකයි මගේ මතය. ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සපයන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුවට නොහැකි නම් ඒ පාලකයන්ට පවතින්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ නිසා දැන් ඔවුන් බලයේ රැඳී සිටීම සදාචාර විරෝධී කටයුත්තක්. දැණ් මුළු රටම පිළිගන්නවා මේ රාජපක්ෂ පවුල රටේ සම්පත් පැහැරගත්තා කියලා. මිනිස්සු පාරට එන්නේ තමන්ට තියෙන නැතිබැරිකම කියන්න. නිරායුධ මිනිස්සුන්ට වෙඩි තැබීම තුච්ඡ ක්‍රියාවක් කියලා මම හිතන්නේ. ඒ නිසා වහාම ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස් වෙලා අලුත් පාලනයක් පිහිටුවිය යුතුයි..කළමනාකරණය බැරි නම්ගෙ දර යන්න.ලේඛක මොහාන් රාජ් මඩවල.ජනාධිපතිවරයාට පවතින ව්‍යවස්ථානුකූල බලතල අනුව ඔහුට තව අවුරුදු දෙකක් බලයේ සිටිය හැකියි. නමුත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ පරිදි හැම ක්ෂේත්‍රයකින් ම රට පිරිහිලා තිබෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන් ම බංකොලොත්. තව ඉස්සරහට මිනිස්සුන්ට කන්න පවා නැතිවෙයි. මහා අඳුරු යුගයක් පටන් ගත්තා පමණයි. මේ තත්වය තවත් වර්ධනය වන තත්වයක් තමයි තියෙන්නේ. ජනාධිපති ඇතුළු ආණ්ඩුවට මේ තත්වය කිසිසේත්ම කළමනාකරණය කරගන්න බෑ කියන එක පැහැදිලියි. ජනාධිපති ඇතුළු ආණ්ඩුව තවත් බලයේ ඉන්න ඇයි කියන එක ප්‍රශ්නයක්. ඉල්ලා අස් වෙලා යන්න තරම් මේක සදාචාරාත්මක ආණ්ඩුවක් නෙවෙයි. නමුත් මගේ අදහස නම් ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම වහාම ඉල්ලා අස් විය යුතුයි කියන කාරණය..පරමාධිපත්‍යයට ගරුකර බැස යන්න.නීිතිඥ නුවන් බෝපගේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තියේ පැහැදිලිවම දක්වලා තිබෙනවා ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙන්න ඕනෑ විදිහ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට පුළුවන් වැඩිම විශ්වාසයක් තිබෙන කෙනාව අනුප්‍රාප්තිකයෙක් විදිහට පත් කරගන්න. අගමැති මහින්ද රාජපක්ෂ දෙවරක් ජනාධිපති ධුරය දරපු නිසා ඔහුට හැකියාවක් නෑ නැවත ජනාධිපති වෙන්න. ජනතා හඬට ඇහුම්කන් දීලා ඉල්ලා අස් වෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ඉතා හොඳින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. එහෙම නොකර මිනිස්සුන්ට වෙඩි තබමින් තවත් බලයේ සිටීම ජනතා පරමාධිපත්‍යයට හානි කිරීමක්. අපේ රටේ පරමාධිපත්‍යය තිබෙන්නේ මහජනතාවට. ඒ නිසා අවුරුදු පහකට ද දහයකට ද කියලා අදාල නෑ, කොච්චර කාලයකට බලය ගත්තත් ජනතාව යන්න කියනවා නම් ඔවුන්ට ජනතා පරමාධිපත්‍යය නෑ. ඒ නිසා ඔවුන් වහාම ඉල්ලා අස් විය යුතුයි..ජාතිවාදය, අධික බලය ජනාධිපති සමග ගෙදර යන්න.සත්‍යවේල් පියතුමා.ජනාධිපතිවරයා මේ මොහොතේ ජනතාවගේ හඬට සවන්දිය යුතුයි. මම ජනාධිපතිට ගෙදර යන්න කියන එක හේතුවක් තමයි මේ ආර්ථික කඩා වැටීම. ජනතාවගේ කුසගින්න ජනාධිපතිවරයාට තේරෙන්න ඕනෑ. ඒ වගේම දැන් ඇති වෙලා තිබෙන්නේ දිගු කාලීන දේශපාලන ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා ඉලා අස් නොවී ඒ දේශපාලන අර්බුදයට විසඳුමක් සොයාගන්න බෑ. දැන් තරුණයො පාරට බැහැලා කියන්නේ අපි ළඟ ජාතිවාදය ආගම්වාදය නෑ කියලා. මේ ආණ්ඩුව බලයට ආවේ ඒවා පාවිච්චි කරලා. ගෝඨා ගෙදර යන්න කියන එක පසුපස තිබෙන්නේ ඔහුත් සමගම ජාතිවාදය හා ආගම්වාදයටටහ් යන්න කියන එක. ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා සමගම අධික විධායක බලයත් අහෝසි කරන්න ඕනෑ. ඒ නිසා ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල ජනතා හඬට ඇහුම්කන් දීලා බලය අත්හැරිය යුතුයි..ජනාධිපතිගේ පොරොන්දු පත්‍රය කඩ වෙලා.මාධ්‍යවේදී දුමින්ද සම්පත්.ජනතා ඡන්දයෙන් පත් වුණත් පාලකයන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැති නම් ජනතාව පාරට බැහැලා යන්න කියනවා නම් ඒ පාලකයන් අස්වෙලා යා යුතුයි. වෙනත් රටවල නායකයන් ඒ විදිහට ඉල්ලා අස් වූ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. දැන් ලංකාවේ ජනාධිපතිත් ඉල්ලා අස් වෙලා යන්න ඕනෑ. ජනාධිපතිවරයා මේ වන විට රටට ඔප්පු කරලා ඉවරයි තවදුරටත් මේ රට ඔහුට කළමනාකරණය කරගන්න බෑ කියන එක. ජනාධිපති විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන විට ජනතාව සමග ඇතිකරගත් සම්මුතිය දැන් බිඳ දමලා ඉවරයි. ඒ සම්මුතිය කැඩුණු නිසා තමයි ඡන්දය දීපු ජනතාවත් පාරට බැහැලා ඔහුට යන්න කියන්නේ. ඒ නිසා දැන් ඔහු කළ යුත්තේ ජනතා හඬට කන් දීලා ඉල්ලා අස් වෙන එක..ගෞරවයෙන් බැස යන්න.ආචාර්ය අතුල විතානවසම්.රටේ ජන අරගලය තුළින් ජනාධිපතිවරයාව බිත්තියට ම හේත්තු කරලා ඉවරයි. ජනාධිපතිවරයා ධුරය අත්හැරීම මිසක් වෙන කරන්න දෙයක් නෑ. ඔහුගේ බලයේ සුජාතභාවය දැනටම ගිලිහිලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට අලුතෙන් දෝෂාභියෝගයක් ගෙන එන්න අවශ්‍ය නෑ. ජනතාව විසින් ඔහුට දැනටමත් දෝෂාභියෝගයක් ගෙනැවිත් තිබෙන්නේ. දැන් ඉන්න විපක්ෂය තේරුම් නොගත්තාට දෝෂාභියෝගයක් ගෙන ඒම ඉතාම අපහසු වෙන විදිහට තමයි අපේ ව්‍යවස්ථාවේ ඊට අදාල ප්‍රතිපාදන සකස් කරලා තියෙන්නේ ම. නමුත් දැන් ජනතාව ඔවුන්ගේ පරමාධිපත්‍ය බලයට අනුව මහජන දෝෂාභියෝගයක් ජනාධිපතිවරයාට විරුද්ධව ගෙනැවිත් තිබෙනවා. ඒ තුළ බලවත් චෝදනා අඩංගු වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් වහාම ඉල්ලා අස් විය යුතුයි. ජනාධිපතිට ඉල්ලා අස් වෙනවා නම් කතානායකට ඉදිරිපත් කරන සරල ලියුමකින් ඉල්ලා අස් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ සරල ක්‍රියාමාර්ගය අරන් දැන් ම තිබෙන ගෞරවය හෝ රැකගෙන ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් විය යුතුයි. එසේත් නැතිනම් තව ටික කාලයකින් ජනතාව විසින් ම ඉතාම නින්දිත විදිහට ඔහුව බලයෙන් පහකරාවි..ශිෂ්ට සම්පන්නව ඉවත් වෙන්න.චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම.දැන් රට නිල වශයෙන් ම බංකොලොත්. සාමාන්‍යයෙන් ශිෂ්ට දේශපාලනයේ දී එවැනි වේලාවක රාජ්‍ය නායකයා ඉල්ලා අස් වෙනවා. මීට වඩා සුළු සිද්ධිවලටත් වෙනත් රටවල වගකිව යුතු පාලකයන් වගකීම භාරගෙන ඉල්ලා අස් වෙලා තිබෙනවා. 1953 හර්තාලය වෙලාවේ අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස් වුණා. ඒක තමයි ශිෂ්ට දේශපාලන ක්‍රමයක විදිහ. ඒ නිසා ජනාධිපතිවරයා මේ වගකීම භාර අරන් වහාම ඉල්ලා අස් විය යුතුයි..ආණ්ඩුවත් එක්කම ගෙදර යන්න.චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ.මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තම ගජමිතුරන්ට උපරිම වාසි ලබා දෙන අතරතුර පීඩිතයාව තවත් දුප්පතුන් බවට පත් කළා. කෘෂි අර්බුදයක් ඇති කරලා ආදායම් මාර්ග නැති කළා. මේ අර්බුද ගණනාවක් නිසා තමයි ජනතාව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීම ඉල්ලන්නේ. දැන් ඒ මහජන මතය ජනාධිපතිවරයාට ඉල්ලා අස් කිරීමට බලකරන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. නමුත් අපට ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් පමණක් සෑහීමකට පත් වන්න බෑ. ජනාධිපති සමග මේ අසාර්ථක රජයත් ඉල්ලා අස් විය යුතුයි. ව්‍යවස්ථාදායකය තුළ මහජන මතය නියෝජනය කරන අය මේ රජය පරාජය කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේ ම බලය වැඩිකරගත් ප්‍රතිපාදනත් ඉවත් කළ යුතුයි..පවුල පිටින් ගෙදර යන්න.චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර.මේ මොහොත වන විට රාජපක්ෂලා ගෙදර යා යුතුයි කියන එක තහවුරු වෙලා ඉවරයි. ඒ ගැන විවාදයක් නෑ. ඡන්දෙ දීපු ජනතාවත් විරුද්ධ වෙලා තිබෙනවා. ලංකාව කියන්නේ පොඩි රටක්. ඕනෑම කෙනෙක්ට බලලා ජනමතය තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ රාජපක්ෂලා සූදානම් නෑ ඒ යථාර්ථය තේරුම් ගන්න. නමුත් ඔවුන්ට කිසි වැඩපිළිවෙළක්වත් නෑ. නැවත වැඪපිළිවෙළක් ගෙනාවත් රාජපක්ෂලාව අපට පිළිගන්න බෑ. ඒ නිසා මුළු රාජපක්ෂ පවුලම ගෙදර යා යුතුයි..යන්න බැරි නම් එළවිය යුතුයි.රංගන ශිල්පිනි දීපානි සිල්වා.රටේ නායකයෙක්ට ගරුත්වයක් තිබිය යුතුයි. මොන තරම් විවේච තිබුණත් ඕනෑම මනුෂ්‍යයෙකුට ගරුත්වයක් තිබිය යුතුයි. නමුත් දැන් අපේ රටේ නායකයා විදිහට ඉන්න කෙනා අහන්න තියෙන හැම වචනෙකින් ම ජනතාවගෙන් අපහාස විඳලා ඉවරයි. ජනාධිපති කියලාවත් මිනිස්සු දැන් ඔහුට ගරු නොකරන්නේ ඔහුගේ අසාර්ථක ක්‍රියාකලාපය නිසයි. ඔවුන් දන්නවා ඔවුන් මොනවා ද කළේ කියලා මේ රට විනාශ කරන්න. කලාකරුවෙක් හැටියටත් මට කියන්න තියෙන්නේ මේ ජනාධිපතිවරයා කලාවට කරපු දෙයකුත් නෑ. මහජනතාවට කරපු දෙයකුත් නෑ. ඒ නිසා මම මහජනතාවට කියන්නේ මොවුන් යන්න සූදානම් නැතිනම් තවත් ඉවසන් ඉන්නේ නැතිව පාරට බැහැලා මොවුන්ව එළවන්න එකතු වෙමු කියලා..ජනාධිපති ධුරයම අහෝසි කළ යුතුයි.නීතීඥ නිශාම් කාරියප්පර්.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විදිහට අපේ ස්ථාවරයත් ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා දැන් ඉල්ලා අස් වෙන්න සූදානම් කියන පණිවුඩය දෙන්න ඕනෑ. පසුව අන්තර්වාර පාලනයක් පිහිටුවා ගත යුතුයි. එහෙම ඉවත්වෙන්නේ නැතිනම් ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාවලියකට දැන් යා යුතුයි..ජනතා අවශ්‍යතාව ඉටු කරන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම්.ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අය දකුණේ මිනිස්සුන්ට තුවක්කු දිගු කරගෙන කරන දේවල් අපට අලුත් දේවල් නෙවෙයි. අපි හැමදාම මේ තත්වයන්ට මුහුණ දුන්නා. එක එක හේතු කියලා මේ ජනාධිපති බලයට ආව කාලයේ ඉඳන් මිනිස්සු මැරුවා. ඒ නිසා දැන් ජනාධිපතිතුමා ඉලා අස් වෙන්න ඕනෑ. විශ්වාසය නැතිවෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවේත්. ඒ නිසා ආණ්ඩුවත් ගෙදර යන්න ඕනෑ. ඒ වගේ ම ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කරන්න ඕනෑ. දැන් ජනතාවගේ අවශ්‍යතාව ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙලා යන එක. අපිත් අද දකුණේ ජනතාවත් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමාට කියන්නේ ඒක..විනාශය නවතන්න.ලේඛිකා ශාන්ති දිසානායක.ජනාධිපතිව මහජන ඡන්දයෙන් තෝරා පත් කරගත්තත් ඔහුට මහජන අභිලාෂයන් ඉටු කරන්න බැරි වෙලා තිබෙනවා. ධුරයේ වැඩකටයුතු පටන් ගත්ත කාලයේ පටන් ම රටට අත් කර දුන්නේ අසාර්ථකත්වය. කාබනික වගාව, බදු මුදල් අහිමිකරගැනීම වගේ විශාල විනාශකාරී ක්‍රියා ඔහු විසින් සිදු කළා. ඔහු ඒ කරපු විනාශය දැන් නවත්වන්න කාලය හරි. හමුදා මානසිකත්වයක් එක්ක තමයි මේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. ඒ විදිහට ගත්ත තීරණත් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා සිදුකරන විනාශය නවත්වලා වහාම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි..ජනාධිපති යවමු! ක්‍රමයත් පෙරළමු!.දේශපාලන විචාරක විදර්ශන කන්නන්ගර.මේ මොහොතේ දී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයේ වියරු පාලනය එරෙහි ජනතා විරෝධය සංධිස්ථානමය මොහොතකට ඇවිත් තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ මර්දන උපකරණ ඉතාම බිහිසුණු ලෙස ජනතාව වෙත එල්ල වෙලා තිබෙනවා. කලින් තිබුණු පාලනයේ වියරු බව නිසා තමයි රාජපක්ෂලාට 2015 දී ගෙදර යන්න සිදු වුණේ. ඒ වෙනකොට සිංහල බෞද්ධ බහුතරය රාජපක්ෂලාට පක්ෂපාතීව තිබුණේ. නමුත් දැන් මිනිස්සු එකාවගේ කෑ ගහලා කියන්නේ මේ වියරු පාලකයන්ට ගෙදර යන්න කියලා. ආර්ථික වශයෙන් පහළ මාලයේ සිටි ජනතාවගේ විරෝධය දැන් සමාජයේ හැම කොටසකටම පැතිරිලා ගිහින් ඉවරයි. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕනෑ. ඒ වගේ ම ඔවුන් සමගම ඒ ක්‍රමයත් ගෙදර යවන්න ඕනෑ..ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර යන්න.ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර.සෘජු මහජන ඡන්දයෙන් පත්කරගත් ජනාධිපතිවරයාට මහජනතාව එළියට බැහැලා දැන් කියනවා ගෙදර යන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රාජ්‍යයේ, ආණ්ඩුවේ ප්‍රධානියා වගේම සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා රාජ්‍ය පාලනයේ යම් වරදක් සිදුවෙනවා නම් ජනාධිපතිවරයා ඊට වගකිවයුතුයි. ළඟදී කරපු කතාවක දි ජනාධිපතිවරයා පිළිගත්තා ඔහු ගත්ත යම් යම් තීරණ වැරදුණා කියලා. ඒ වැරදුණේ ඔහුට පමණක් නෙවෙයි මුළු ජාතියටමයි. ඔහුගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් තමයි මේ රට මේ අර්බුදයට ඇද දැම්මේ. ඔහු තමන්ගේ ඥාතීන්ට 75%කට වඩා ජාතික ධනයේ තීරණ ගැනීමේ බලය දුන්නා. මේ වෙලාව වෙනකොට ජනාධිපතිවරයා බලයේ රැඳී සිටිමින් අණ දෙමින් කරන්නේ සාපරාධී ක්‍රියාවක්. මේ වෙලාවේ ජනතා පරමාධිපත්‍යය හිමි ජනතාව පාරට බැස්සාම ඔවුන්ට විරුද්ධව අවම බලය කියලා දැවැන්ත මර්දනයක් ක්‍රියාවට නංවලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා දැන් පරමාධිපත්‍ය බලය අවබෝධකරගෙන ඉවත් විය යුතුයි. නැතිනම් ඔහු බලයේ සිටිය යුතු ද නැතිද කියලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනමත විචාරණයක් හෝ පැවැත්විය යුතුයි. මේ මොහොතේ දෝෂාභියෝග ගෙන ඒම පහසු නෑ. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර වහාම ඉවත් විය යුතුයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleආණ්ඩුව ඉල්ලා අස්වෙනු! ශ්‍රීලනිපයෙන් උද්ඝෝෂණ.Next articleරතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හොරු රකින පක්ෂයක් ආරක්ෂා කරන්න බෑ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හොරු රකින පක්ෂයක් ආරක්ෂා කරන්න බෑ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන.By සංස්කාරක.October 28, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ඔබ පසුගිය දවසක කීවා ලංකාවෙ දේශපාලනය ගැන කලකිරිලා ඉන්නෙ කියලා…..ලංකාව නිදහසෙන් පස්සේ පාලනය කළ සියලූ‍ නායකයන් සහ පක්ෂ ලංකාවේ දැන් ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකියන්න ඕනෑ. ලංකාවේ ඉතාම හොඳ මානව සම්පතක්, හොඳ පිහිටීමක්, දේශගුණයක් තිබුණාට ඒවායින් ප‍්‍රයෝජන නොගෙන ටිකෙන් ටික කඩාවැටෙන රටක් බවට පත්වෙලා තියෙන්නේ. වත්මන් ආණ්ඩුව වුණත් ලංකාව ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න උපරිමය කරලා නැහැ. ලංකාවේ සමාජය විසින් ජාති, ආගම්, කුල සහ පක්ෂ විදියට බෙදිලා රට ආපස්සට ගෙනයන්න කටයුතු කරලා තියෙනවා. දැන් ලංකාව තියෙන්නේ පැකින් පිට. තාම පැකින් කඩලා පාවිච්චි කරලා නැහැ. දැන් රාජ්‍ය සේවය කඩාවැටිලා. දේශපාලනඥයන් දූෂණ චෝදනා ලැබීම මේ මොහොත වෙන තෙක්ම නැවතිලා නැහැ. දූෂිත දේශපාලනඥයන්ට නීතිය ක‍්‍රියාත්මක නොවෙන අවස්ථා බොහෝයි. දේශපාලනය එක්ක ජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන්, දූෂිතයන් ගැටගැහිලා. මට කලකිරීම තියෙන්නෙ, අපට 2015දී ජනවරමක් දුන්නේ යහපාලනය කියන බීජය රෝපණය කරලා උඩින් කිව්ව සංස්කෘතිය නවත්වන්න. දූෂණය නවත්වලා ඒකේ ඵලය රටේ ජනතාවට නෙලාගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. රටේ ජනතාව අතර දැඩි විශ්වාසයක් තිබුණා. ඒත් අද රටේ ජනතාව තුළ අප කෙරෙහි තිබුණු විශ්වාසය පළුදු වෙලාදෝ කියලා සාධාරණ සැකයක් තියෙනවා. ඒකට හේතුව, මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවාය, මේ සමහර කණ්ඩායම් ආරක්ෂා කරනවාය කියන මතය රට තුළත් රටේ ජනතාව තුළත් ඇතිවෙලා තියෙනවා. ඒ හරහා රටේ ජනතාවගේ විශ්වාසය කඩවෙනවා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය පාවිච්චි කරලා හොරකමට සම්බන්ධ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා යහපාලන ආණ්ඩුව පත් කළා. ඒත් අද ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක සහ මට අත්විඳින්න වෙලා තියෙන අත්දැකීම් එක්ක කලකිරීමක් තියෙනවා..ඔබේ අත්දැකීම කියලා කියන්නේ, රොයිස් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් ඔබ විවෘත කරන්න හිටපු ඉදිකිරීම් විවෘත කළ නිසා නේද? මේක ඔබේ පෞද්ගලික ප‍්‍රශ්නයක් අල්ලාගෙන කරන කෑගැසීමක් නෙවෙයිද?.අපි කරන ඕනෑම දෙයක් පසුපස පෞද්ගලික හේතු සහ පොදු හේතු තියෙනවා. මම මෙහෙම පැහැදිලි කරන්නම්. ජනතාව විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මාව දෙවැනි ස්ථානයට පත්කරන්නට හේතුව තමයි මගේ දේශපාලන භාවිතාව. අපි චණ්ඩිකම මත පදනම් වෙච්ච දේශපාලනඥයන් නෙවෙයි. මැරකම් මත පදනම් වුණ දේශපාලනඥයන් නෙවෙයි. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට එද්දී ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මට ලැබුණු ප‍්‍රතිපාදන මත නිර්මාණය කළ මාර්ග ඇතුළු ඉදිකිරීම් රොයිස් ප‍්‍රනාන්දු කියන අපේ පක්ෂයේ මීගමුව නගර සභා මන්ත‍්‍රීවරයෙක් විසින් විවෘත කරලා තිබුණා. ඔහු තමන්ගේ නම තියෙන බෝඞ් ඒවායේ ගහලා තිබුණා. රොයිස් ප‍්‍රනාන්දු කියන මන්ත‍්‍රීවරයා රන් භාණ්ඩ වෙළඳසැලක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබලා අදටත් ඇප මත සිටින කෙනෙක්. ඒ පමණක් නොවෙයි, මේ මන්ත‍්‍රීවරයාට චෝදනා රැුසක් තියෙනවා. එවැනි දෙයක් ගැන කතාකිරීම බොළඳ දෙයක් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒත් පක්ෂ දේශපාලනය ඇතුළේ මෙවැනි විවෘත කිරීම් කියන්නෙ ලොකු බලපෑමක් තියෙන දෙයක්. ඔහු උත්සාහ කරන්නෙ බලහත්කාරයෙන් විවෘත කිරීම්වලට සහභාගි වෙලා මිනිස්සුන්ව රවට්ටන්න. මම කියන්නෙ මේ වගේ හොරුන්ව ආරක්ෂා කළ යුතු නැහැ. මේ වගේ හොරුන්ව අපේ පක්ෂයේ නායකයන් ආරක්ෂා කරනවා නම් ඒ නායකයන්ව ආරක්ෂා කරන්න අපි සූදානම් වෙන්නේත් නැහැ. හොරුන්ව රකින පක්ෂයක් ආරක්ෂා කරන්න අපට බැහැ. මේවාට විරුද්ධව ඕනෑම බලවේගයක් එක්ක එකතුවෙන්න අපි සූදානම්. මේ කතාව කියන්නේ මේ විවෘත කිරීම් නිසාම නෙවෙයි. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. කාලයක් තිස්සේ මේ වගේ සිදුවීම් රැුසක් ගැන අපි සැලකිල්ලෙන් හිටියා. මේවාට විරුද්ධව මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් විදියට අපි සාකච්ඡුා කරමින් ඉන්නවා. ඉදිරියේදී අපි තරුණ මන්ත‍්‍රීවරු හැටියට මෙවැනි ක‍්‍රියාවලට විරුද්ධව කටයුතු කරනවා..ප‍්‍රාදේශීය මැරයන් දේශපාලනයෙහි නිරතවීමත්, ඒ අයට පක්ෂවල ඉහළ නායකයන් අනුග‍්‍රහය දැක්වීමත් ලංකාවෙ දේශපාලනය ඇතුළේ සාමාන්‍ය තත්වයක් නේද?.අපට විරුද්ධව නම් කිසි කෙනෙක්ට ඇඟිලි දිගුකරන්න හැකියාවක් නැහැ. අපට ඡන්දය දුන්න කෙනෙකුට ලැජ්ජා වෙන්න කිසිම හේතුවකුත් නැහැ. පසුතැවිලි වෙන්න හේතුවකුත් නැහැ. ඒ නිසා අපි ඉදිරියේදී දේශපාලනික වශයෙන් දූෂණය, වංචාව, නාස්තියට එරෙහිව පියවර ගන්න කටයුතු කරනවා. මේ අය චණ්ඩිකමින් තමයි දේශපාලනය කරන්නෙ. බලහත්කාරය තමන්ගෙ විරුද්ධවාදීන්ට එරෙහිව පාවිච්චි කරනවා. ඒත් ලෝකය දැන් දියුණුයි. ඉස්සර ගෝත‍්‍රවාදය එක්ක තමයි ඇෙඟ් හයිය තියෙන කෙනා බලහත්කාරය මත පාලනය කරන්නෙ. ඒත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වෙද්දී මොළය පාවිච්චි කරන අයට තමයි පාලන බලය ලැබෙන්නෙ. ක‍්‍රමයෙන් මිනිස්සු මේ වගේ අයව ප‍්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඇත්තටම රොයිස් ප‍්‍රනාන්දු කියන මන්ත‍්‍රීවරයා ගත්තත් ඔහු ඉතාම අසීරුවෙන් තමයි ජයග‍්‍රහණය කළේ. ඔහුට නගර සභාවේ බලය පිහිටුවන්නත් බැරිවුණා. කොහොම වුණත් අපි දේශපාලනය කරන්නෙ ජාති, කුලය, පක්ෂ භේද නැති අරමුණු සමඟ. අපේ දේශපාලනයට මේ වෙද්දී ශ‍්‍රීලනිපය, පොදුජන පෙරමුණ, ජ.වි.පෙ., එජාපය වගේ හැම පක්ෂයකම සහයෝගය ලැබෙනවා. සාමාන්‍යයෙන් ඔය හැම පක්ෂයකම ඡුන්දදායකයන් දැන් ටිකෙන් ටික හුරුවෙමින් ඉන්නවා මහත්මා දේශපාලනයක් කරන, චෝදනා නැති අයට ඡුන්දය දෙන්න. ඉස්සර කරපු සෙල්ලම් දැන් කරන්න බැරි බව පැහැදිලියි. මිනිස්සු පැහැරගෙන යෑම්, මිනීමැරීම්, පාතාලයන් ළඟ තබාගෙන කරන දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඒ නිසා තමයි රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු ඡුන්දය දුන්නෙ. දැන් ජංගම දූරකථනයෙන් ඕනෑම දේශපාලනඥයෙකුගේ පැටිකිරිය ගැන විස්තර හොයාගන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙනවා. ලෝකය පුංචි වෙනවා. සමාජය දැනුවත් වෙනවා. තොරතුරු සැරිසරනවා. ඒ නිසා නීතියෙන් පැන ගියත් සමාජයෙන් පැනයන්න ඔය දූෂිතයන්ට බැහැ. ප‍්‍රශ්නය තියෙන්නෙ දේශපාලන පක්ෂ විදියට අපි ඒ නව තත්වයට මුහුණදෙන්න සූදානම්ද කියන එක..ඔබ අන්තිමට කී කතාව ගැන නැවත විමසුවොත්, ලංකාවේ දේශපාලන පක්ෂ තවමත් හැඩගැහිලා තියෙන්නෙ මැර දේශපාලන සංස්කෘතියට අනුව කටයුතු කරන්න නේද? ඒක වෙනස් වෙලා නැහැ නේද?.ඒක තමයි මමත් කියන්න උත්සාහ ගන්නෙ. තවම පක්ෂවලින් ගණන් හදන්නෙ ප‍්‍රතිශතවලින්. මෙච්චර ප‍්‍රතිශතයක් සිංහල ඡුන්ද තියෙනවා. දෙමළ ඡුන්ද මෙච්චරක් තියෙනවා. අහවල් පක්ෂෙන් මෙච්චර ප‍්‍රතිශතයක් එනවා. අහවල් කුලය නියෝජනය කරලා මෙච්චර ඡුන්ද එනවා කියලා තමයි ගණන් හදන්නෙ. ඒත් දැන් ඡුන්ද පවතින්නෙ ඒ විදියට නෙවෙයි. අපි දැන් කතාකරන්නෙ අර ප‍්‍රතිශත ඉලක්ක කරලා නෙවෙයි. පොදුවෙ හොඳ නරක ගැන කල්පනා කරලා. දේශපාලන පක්ෂ කැමති වුණත් අකැමති වුණත් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවෙමින් පවතිනවා. ඒත් දේශපාලන පක්ෂවල නායකයන් මේ තත්වය තේරුම් අරගෙන නැහැ. ඒක අනාගතයේදී ලොකු ප‍්‍රශ්නයක් බවට පත්වේවි. වර්තමාන දේශපාලන ක‍්‍රමවේදය තුළ ඇතිවෙලා තියෙන අලූ‍ත් දේශපාලන විපර්යාස ඇතැම් දේශපාලනඥයන් තේරුම් අරන් තියෙනවා. ඒ අය සාර්ථක දේශපාලනයක නියැලෙනවා..හැබැයි එජාපය පවා මැරයන්ට පක්ෂයේ දොරටු විවෘත කරලා තියෙනවා නේද?.ඒක තමයි. අපි බහුතරයක් හැටියට ගත්තොත් එජාපයේ අල්ප ප‍්‍රමාණයක් ඒ වගේ අය ඉන්නවා. කොහොම වුණත් අපි මේ වගේ අයට විරුද්ධ වෙන්න ඕනෑ පක්ෂ විදියට බෙදිලා නෙවෙයි. මොන පක්ෂෙ හිටියත් මේ අය අයිති එක සංස්කෘතියකට. මේ අය තමයි ගුරුවරු දණ ගැස්සුවෙ. ස්ත‍්‍රී දූෂණ සීයක් කළා කියලා පාටි දැම්මෙ. විදේශ කාන්තාවන් දූෂණය කළේ. මේ එකම වර්ගයේ දේශපාලනඥයන්. එකම සංස්කෘතිය නියෝජනය කරන අය. මේ හැමෝමට ඉතිහාසයක් තියෙනවා. ඔවුන්ට දේශපාලන පක්ෂවල දොරටු විවෘත වෙන්නෙ ඒ ඉතිහාසය නොදැන නෙවෙයි. මේ අය දේශපාලනය කරන්නේත් ඔවුන්ගේ දේශපාලන මගඩි, ජාවාරම් ආදියට දේශපාලන ආරක්ෂාව ගන්න. තමන්ගෙ හෙංචයියන්ව පොලීසියේ ඕඅයිසීට බලපෑම් කරලා නිදහස් කරගන්න. සමෘද්ධි සහනාධාර ටික බෙදන එකට බලපෑම් කරන්න. ගුරුවරුන්ට බලපෑම් කරලා ළමයින්ව ඉස්කෝලෙට දාන්න. ටෙන්ඩර් ටික බෙදලා කොමිස් ගන්න. පාර හදන එකෙන් ගසාකන්න. ඒත් කාවින්ද ජයවර්ධන, ඞී.වී. චානක, ෂෙහාන් සේමසිංහ, චමින්ද විජේසිරි, නාලක කොලොන්නේ වැනි දේශපාලනඥයන් එහෙම වැඩ කරන අය නෙවෙයි. අපි පක්ෂ පාට භේදයකින් තොරව අර සංස්කෘතිය නවත්වලා, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. මම කියන්නේ ජනතාවත් අපි එක්ක ඉන්නවා. අපට ඡුන්දය ලැබෙනවා. අපට විශ්වාසයි රටේ ජනතාව 2020 වෙද්දී ඒ සංස්කෘතිය තවත් ඉදිරියට ගෙනයනවා. සුදුසුම පුද්ගලයන්ට පාලන බලය ලබාදේවි කියලා විශ්වාස කරනවා. රටේ ජනතාව හොඳ නායකයන්ට රට බාරදීම සඳහා ලොකු පිපාසයකින් ඉන්නවා. රට දියුණු කරන්න පුළුවන්, සමාජය ගොඩනගන්න පුළු‍වන් නායකයන්ට රට බාරදීමේ දැඩි වුවමනාවකින් ජනතාව ඉන්නවා. ඒ නිසා තමයි ජනතාව ජංගම දූරකථනයෙන්, පත්තරවල වාර්තාවලින් දැනුම රැස් කරමින්, සාකච්ඡුා කරමින් ඉන්නෙ රටේ ඊළඟ නායකයා කවුද කියලා. ඒ සාකච්ඡාව ගැන හරියට උනන්දු වුණොත් එක්සත් ජාතික පක්ෂයට වුණත් හොඳ නායකයෙක්ව බිහි කරගන්නත් පුළුවන්..ඕනෑම බලවේගයක් එක්ක එකතුවෙලා වැඩ කරන්න සූදානම් බව ඔබ කීවා. ඒ කතාවෙන් හරියටම අදහස් කළේ මොකක්ද? විපක්ෂය සමඟ එකතුවීමද?.අපි මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡුා කරමින් ඉන්නවා. අපි පක්ෂය ආරක්ෂා කරමින්, නායකත්වය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ තමයි අපි යෙදෙන පක්ෂ දේශපාලනය. ඒ වුණාට ඒ අතරේ අපි උත්සාහ කරනවා වඩා හොඳ පාලන ක‍්‍රමයක් ඇතිකිරීම සඳහා සටන් කරන්න. දූෂණය, නාස්තිය නතර කළොත් රට ගොඩගන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්නට ණය උගුලකට රට හිිරවීම හේතුවුණ බව අපි දන්නවා. මේ රට ගොඩනගන්න මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනෑ බව අපි දන්නවා. රටේ මානව සම්පතෙන් ප‍්‍රයෝජනයක් අරගන්න ඕනෑ බව අපි දන්නවා. අපි හැමදේම දන්නවා. ඒත් රටේ හොරකම, වංචාව, දූෂණය, අක‍්‍රමිකතා, නාස්තිය නතර නොකළොත් රට දියුණු කරන්න කොහෙත්ම බැහැ. අද නාස්තිය නිසා රටට සිද්ධවෙන අලාභය ඉතාමත් වැඩියි. අපි ඒ ප‍්‍රශ්නවලට ඍජු පිළිතුරු දෙන්න වෙනවා. ඒ වෙනුවෙන් අපට වෛද්‍යවරු එක්ක එකතුවෙන්න වේවි. ඉංංජිනේරුවන් එක්ක එකතුවෙන්න සිදුවේවි. අපට ප‍්‍රතිවිරුද්ධ අදහස් තියෙන අය එක්ක එකතුවෙන්න සිදුවේවි. ඉස්සෙල්ලාම රටට අවශ්‍ය කණ්ඩායම් එකතු කරගෙන රට ඇතුළේ කරන්න පුළුවන් දේ කරන්න අපි උත්සාහ කරනවා. ඉදිරියේදී කළ යුත්තේ මොකක්ද කියලා පුළුල් අධ්‍යයනයක් හා අවබෝධයක් ඇති කරගන්න ඕනෑ. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු සාකච්ඡුා කරනවා. අපි දැක්මක් එක්ක කටයුතු කරනවා. කරන්නේ මොකක්ද කියන එක ඉදිරියේදී තීරණය කළ හැකියි..ඔබ කලින් ඞී.වී. චානක වගේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගැනත් සිහිපත් කළා. ඔබ කියන මේ සාකච්ඡාව ඒ පක්ෂවල මන්ත‍්‍රීවරුන් එක්කත් එකතුවෙලා කරන සාකච්ඡාවක්ද?.මම ඒ වෙලාවේ උදාහරණයකට කීවේ. මම කිව්වෙ හැම පක්ෂයකම තරුණයන් විදියට නව දේශපාලන සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව. අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විදියට තමයි මේ ගැන සාකච්ඡා කරන්නෙ. ඒත් ඇතැම්විට ඉදිරියේදී ඔවුන් සමඟ කටයුතු කරන්නට ඉඩ තියෙනවා. මොකද මම කලිනුත් කිහිප වතාවක් කිව්වා වගේ දේශපාලන පක්ෂ තියෙන්නෙ ආණ්ඩු බලය ලබාගැනීමේ දේශපාලනය වෙනුවෙන් පමණයි. රට දියුණු කරන්න නම් පක්ෂ විදියට බෙදෙන්න අවශ්‍ය නැහැ. අද වකු ගඩු රෝගීන් දුක්විඳිනවා. පිළිකා රෝගීන් දුක්විඳිනවා. ගොවීන් දුක්විඳිනවා. ධීවරයන් දුක්විඳිනවා. ඒ මිනිස්සු වෙනුවෙන් ප‍්‍රමාණවත් විදියට රාජ්‍යය ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. ප‍්‍රතිලාභයක් ලැබෙන්නෙ නැහැ. ඔවුන් වෙනුවෙන් රාජ්‍යය ක‍්‍රියාශීලී විදියට කටයුතු කළ යුතුයි. මම කියන්නෙ තරුණයො විදියට අපට ඇතිවෙන සරල හැඟීමක් ගැන. අපි නිකන්ම සිටිය යුතු නැහැ. අපි යමක් කළ යුතුයි. අපට තියෙන තරුණ ජවය පාවිච්චි කළ යුතුයි. මම කියන්නෙ ඒ හැඟීම සහ ජවය රටේ යහපත වෙනුවෙන් පාවිච්චි කිරීම පිළිබඳව. අපි යම් දේශපාලන පක්ෂයකට එක්වෙන්නෙ යම්කිසි දේශපාලන විශ්වාසයක්, දැක්මක් එක්කනෙ. අපි දේශපාලන පක්ෂයක දේශපාලනය කරන්නෙ ඒ විශ්වාසය එක්ක. අපි ඒ දේශපාලනය කරගෙන යනවා වගේම අපි එක්ක එකතුකරගන්න පුළු‍වන් කණ්ඩායම් එක්ක එකතුවෙන්න ඕනෑ. මම කියන්නෙ ඒක ගැන. මම කීවෙ පක්ෂ මාරු කරන කතාවක් නෙවෙයි. මම කියන්නෙ විරුද්ධ දේශපාලන බලවේග සමඟ වුණත් එකට වැඩ කළ හැකිනම් එවැනි මොහොතක වැඩකරන්නට අපි සූදානම් බව..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමෛතී‍්‍ර, රනිල් සටන් විරාමයක් හැර වෙන විකල්පයක් නැත.Next articleවිශ්වවිද්‍යාලයට ‘පොලූ තැබීම’.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඔහුත් නැති මව්බිම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඔහුත් නැති මව්බිම.By සංස්කාරක.January 20, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය..රවී විසින් වත්පොතෙහි තැබූ සටහනක් දුටු අයකුගෙන් එය දැනගන්නා විට ඔහු පිටව ගොස් පැයක් හෝ දෙකක් ගත වී තිබුණා විය හැක. නමුත් ප්‍රභූ පත්තරකාරයකු නොවූ නිසා ප්‍රේමලාල් වෙඩික්කාර ගැන දීර්ඝ ගුණ සමරු වැණුම් කිසිත් නොලියැවුණු තරම් ය. ඒ නොලියැවුණු දෑ වැදගත් ඉතිහාසයක ්පංගුවකි. ඒ ඉතිහාසය අයිතිවන්නේ මරණයෙන් දරදඬු අතීත සමයක මෙළැවුණු දකුණේ යුක්තිගරුක සාමූහික අභිලාෂයන්ගෙන් පිටුබල ලැබූ මිනිස් වෑයම්වලට ය. ප්‍රේමලාල් වෙඩික්කාර ඒ මිනිස් ප්‍රයත්නයන්ගේ වැදගත් කොටස්කරුවෙකි. 1993 සැප්තැම්බරයේ දී මහර බන්ධනා ගාරයේ දී පහර දී මරා දැමූ ‘ලක්දිව’ පත්‍රයේ පිටු සැලසුම් කළ උදය කුමාර රණතුංග සහෝදරයාගේ අකල් මරණයෙන් පසු, ඒ භීම සමයේ ජීවිතය අනලස්ව බෙදාගත් සහෝදර පත්තරකාරයන්ගෙන් අප හැරගිය පළමුවැන්නා ප්‍රේමලාල් වෙඩික්කාර ය..1990 පෙබරවාරියේදී පටන්ගත් ‘ලක්මිණ’ පත්තරය, ඊට පෙර පැවති ධවල භීෂණ සමයේ මිනිස් මාංශ පිළිස්සුණු ගිනිජල් දකුණේ වෙඩි දුමාරයෙන් නැගී ආ පළමු ෆීනික්ස් පක්ෂියා යැයි බොහෝදෙනා කල්පනා කළහ. ඒ ‘ලක්මිණ’ පත්තරයේ කුරුඳුවත්ත වාර්තාකරු වශයෙන් ලාල් අයියා වැඩ කළ බව මම පසුව දැනගතිමි. ඒ කාලයේත්, ඔහු පුරහල අසල ත්‍රීවීල් රථ ගාලෙහි රැඳී හයර් දිව්වාට සැක නැත. සති හතළිහක් පළ වූ ‘ලක්මිණ’, 1991 මුල් කාර්තුවේදී ඇන හිටියේය. එයින් වසරක් ඇවෑමෙන් පටන් ගත් ‘ලක්දිව’ පත්තරයේ පළමු පිටපත නිකුත් වූයේ 1992 ජනවාරි 26 වැනිදා ය. නමුත් කර්තෘ මණ්ඩල කටයුතු 1991 නොවැම්බරය වනවිටත් ඇරඹී තිබුණි. උසස් පෙළ ලියා දෙමසකින් පත්තර රස්සාවට ඇතුල් වූ මා ලාල් අයියා දැන හැඳින ගත්තේ ඒ නොවැම්බරයේදී ය..ශ්‍රී ලංකාකාරයකු වූ ඔහු කලක් ‘දිනකර’ පත්තරයට ලීවේය. එවකට නීති විද්‍යාල ශිෂ්‍යයකු වූ ඩලස් හා ලාල් අයියා අතර යාලු‍කම දලු ලා වැඩෙන්නට ඇත්තේ ඩාලි පාරේ ගෙවීගිය ඒ දවස්වල විය යුතු ය. පළමුව ‘ලක්මිණේ’ත්, දෙවනුව ‘ලක්දිවේ’ත් කුරුඳුවත්ත වාර්තාකරු වූ ලාල් අයියා, ත්‍රී වීලරය දුවන අතරේ ප්‍රාදේශීය වාර්තා ලීවේ ඒ දැන හැඳුනුම්කම හරහා ය. බොරැල්ලේ සුපර් මාකට් සංකීර්ණයේ දෙවැනි මහල කෙළවරේ කුඩා කුටි දෙකක කොටු වූ ‘ලක්දිව’ කර්තෘ මණ්ඩල පරිශ්‍රය ඔහුගේ උස් සිනා හඬින් නිතර පිරී ගිය ඒ දවස් හරහා රාජ්‍ය භීෂණයේ දිගු අඳුරු සෙවණැලි වැටී තිබිණ. නමුත් ‘ලක්දිව’ යාවජීව සාමාජිකයකු වූ ඔහු බදාදා හවසට මුල්පිටුවේ පුවත් ලියන්නට ද සහාය වූයේය..පත්තර දිවියට කලින්, කලක් මණ්ඩතිවු හා පරන්තන්හි රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වැඩබිම්වල නේවාසිකව වැඩ කළ ඔහු, ඒ නිසාම චතුරව දෙමළ බස කතා කළේය. යාපනයේ වීරසිංහම් ශාලාවේ වේදිකාගත වූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයට සවන් දෙන්නට ආ දෙමළ ජනයා, සිංහල – දෙමළ සමගිය ගැන පබැඳුණු ඕලාරික ගීතයක් අවසානයේ නැගී සිට විනාඩි කිහිපයක් අත් පොළසන් දුන් ආකාරයත්, ජයවර්ධනගේ රාජ්‍ය මර්දන පිළිවෙත් හමුවේ අවිගත් තරුණ දේශපාලනය අර්ධද්වීපය සිසාරා ක්‍රමයෙන් පැතිර ගිය ආකාරයත් ගැන කතා මගේ මතකයේ පත්ලට කිඳා බැස්සේ ලාල් අයියාගේ සජීවී විස්තරයන්ගෙනි..ජනාධිපති ප්‍රේමදාස, ආමර් වීදියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලියේදී ඝාතනය වූයේ 1993 මැයි පළමුවැනිදා ය. ‘ලක්දිව’ සමස්ත කාර්ය මණ්ඩලයම සිය රැකියාවලින් ඉල්ලා අස් වී පාරට බැස්සේ මැයි 19 වැනිදා ය. මැයි 27 වැනිදා ‘අප ලක්දිවෙන් ඉල්ලා අස් වූයේ ඇයි?’ මැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ මුළුදුන් පළමු රැස්වීම සාර්ථක කරගනු වස් සංවිධාන කටයුතුවලට දායක වූ ලාල් අයියා අප කැටුව සරසවි හා වැඩබිම්වලටත්, කලා – සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ නිවෙස්වලටත් රෑ දවල් නොබලා දිව්වේය. සැප්තැම්බරයේ දී ‘හිරු’ පත්තරය ආරම්භ කරන තෙක් ලාල් අයියාගේ ත්‍රී වීලරය අපට තිබූ එකම වත්කම විය..‘හිරු’ පත්තරය පටන්ගන්නට වෙහෙස නොබලා වැඩකළ සිව් මාසයක කාලයේ ආධාර වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතුවල මූලික වගකීම වැටී තිබුණේ උදිත ගයාෂාන්, විමල් වීරවංශ හා මගේ කර මතය. කඩවත පදිංචිකරුවකු වූ උදිත විඩාපත් දවස කෙළවර රෑ මැද හෝ ගෙදර ගියේය. නවතින්නට තැනක් නැතිව නොදන්වා රෑ මැද නිරාහාරව කඩා වදින විමල්ටත්, මටත් මැදියමේ නැගිට බත් බෙදා දෙන්නට කිසිවිටක නොපැකිළුණු තැන් දෙකක් කොළඹ තිබිණ. එකක් නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරේ ජීවත් වූ විනී හෙට්ටිගොඩ සහෝදරයාගේ නිවසේ ය. අනෙක, මාලබේ තලාහේනේ, සමගි මාවතේ ලාල් අයියාගේ කුඩා කුලී නිවසේ ය. ‘හිරු’ පත්තරය ආරම්භයේ සිට එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරය දැරූ ලාල් අයියා ත්‍රී වීලරයත් රැගෙන මුද්‍රණාලවලත්, මහපාරේත් රස්තියාදු වූයේය. කොල්ලු‍පිටියේ පහළොස්වැනි පටුමගේ පිහිටි පළමු ‘හිරු’ කාර්යාලයේ, සංජීවගේ කවටකම් ගහන පරිගණක කාමරයේ රැ මැදක් වනතුරු ඔහුගේ සිනා හඬින් පිරී තිබුණේ ඒ කාලයේ ය..1995 මැද භාගය වනතෙක් ‘හිරු’ හා එක්ව සිටි ලාල් අයියා පසුව ඉන් මඳක් දුරස් විය. අන්‍යෝන්‍ය අනවබෝධයන් විසින් ඇතිකළ සිත් රිදීම් ගහණ සමයක ඈත් වූ ලාල් අයියා වෙනත් පුවත්පතක් හෝ දෙකකට දායක වූ කෙටි කාලයකින් පසු යළිත් පුරහල අසළ ත්‍රී රෝද ගාලේ නිත්‍ය සාමාජිකයෙක් විය. පැරණි මිතුදම් කිසිවිටක අමතක නොකළ ඔහු හමු වූ හැම විටකම ‘බඩ ගිනි’දැයි විමසා ප්‍රත්‍යන්ත ඔසු පැන්හලට බලෙන් කැටුව ගොස් කොළ කැඳ රැගෙන දුන්නේය. නැතහොත් යාබද කුඩා කඩයෙන් තේ ඇණවුම් කොට ත්‍රී වීලරයටම වී පිළිසඳරේ යෙදුණේය. 2006 නොවැම්බරයේ මැද අඳුරු වැසිබර සන්ධ්‍යාවක පුංචි බොරැල්ල මංසන්ධියේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයට යන්නට කැනීස් අවන්හල ඉදිරිපිටින් පාර පනින විට ලාල් අයියා හමු වූ බව මට මතක ය. ත්‍රී රෝද රිය මග අයිනක නවතා, රූටා වැටෙන කලිසම සුපුරුදු පරිදි උඩට අදිමින් ලාල් අයියා අඳුරේම දිව ආවේය. රෑ ගමන් බිමන් ගැන දොස් කී හේ ගිහින් ඇරලවන්නට යන තැනක් කියන්නැයි බල කළේය. ඒ අවසන් වතාවට ය..ඉකුත් ජූලි මාසයේ දී දුරකථනයෙන් ඇමතූ විට හේ හැඟු‍ම්බර හඬින් දෙපැයක් පමණ කතා කළේය. කියා නිම නොවූ තතු කතා කරන්නට යළිත් කතා කරන්නෙමැයි මම පොරොන්දු වීමි. මෑත දී ඔහු දිනමිණට ලියූ තීරු ලිපි කියවා බලන්නැයි හේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. නමුත් නොවැම්බරයේ අග දී ලාල් අයියා බරපතළ ලෙස ගිලන් වී ඇතැයි මා දැනගත්තේ පැරණි මිතුරු සුදත් ලියා එවූ පණිවිඩයකිනි. රෝගී තත්ත්වය ගැන නොදන්නා සේ කතා කරන්නැයි සුදත් ඉල්ලා තිබිණ..‘ජීවත්වීමේ හේතුව, දිගු මරණයක ගැලීමට සූදානම් වීම’ යැයි විලියම් ෆෝක්නර්ගේ As I Lay Dying’ හි ඇඩී බන්ඩ්‍රන්ගේ කෙටි ස්මරණයන් අතරේ කියැවේ. දෙසැම්බර් මාසයේ අවසන් වරට කතා කළ ලාල් අයියා ඒ දිගු මරණයට කෙතරම් සූදානම්ව සිටියේදැයි මම නොදනිමි. දෙසැම්බර් 9 වැනිදා මා හා කතා කළ ඔහු විටෙක හැඬුවේය. විටෙක කවටකම් කොට සිනහසුණේය. දේශපාලන තත්ත්වය ගැනත්, අතීත මිතුදම් ගැනත් ශෝකයෙන් කතා කළේය. ඒ සමය දිවියේ හොඳම කාලය යැයි දුක්බර ප්‍රීතියකින් ස්මරණය කළේය. 2011 ජූනි මාසයේ දී යළි හමු නොවන බව දැන දුරකතනයෙන් තාත්තාගෙන් සමුගත් පරිද්දෙන්ම, මේ දෙසැම්බරයේදී මම ලාල් අයියාගේ කටහඬ පෑරුණු හදින් විඳ ඔහුගෙන් සමුගතිමි. ඒ ඔහුට ඒ බැව් නොකියා ය..මතුයම් දිනක අගනුවර නිදහසේ යන්නට අහම්බෙන් හෝ ඉඩක් ලදොත්, බෞද්ධ කාන්තා විදුහල අසළින් හිස පොවා 201 – 5005 ත්‍රී වීලරය ඇතිදැයි බලා බසයෙන් බසින්නට දැන් ඉඩක් නොලැබේ. ඒ ඔහු නැති නිසාවෙනි..පසමිතුරුතාවන්ට වඩා ජීවිතය විශාල ය. පසමිතුරුකම් ජීවිතය කොටගත්තෝ ඒ රහස නොදනිති. ලාල් අයියා අයිතිවන්නේ ඒ විසල් ජීවිතයට ය..සමාජ යුක්තිය පිළිබඳ නොතිත් අපේක්ෂාවන්ගෙන් මෙළැවුණු ’89 සංහාරයෙන් පසු එළැඹී ගෙවී ගිය අතීත දිවිය, අඳුරේම බිඳුණු පළිඟු‍වක් බඳු ය. තැවුල්පත් සිතින් හැරී බලා විඳිය යුතු සොඳුරු දුක්බර මතක අංශු විසිරුණු පළිඟු‍ කැබලිති මෙන් ඒ අඳුරේත් දිදුලයි. ලාල් අයියා පිළිබඳ මතකය ඒ වන් පළිඟු‍ අංශුවකි; නිමක් නැති මතක අඳුරේ පවා දිදුලන, කිසිකලෙක නොනිවෙන ආලෝක තිතකි.■.රෝහිත භාෂණ අබේවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleReview Of Photoshop CC Editing Techniques.Next articleමෛත්‍රී සමාජයේ සංස්කෘතික දිවි තතු බිඳක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පුරවැසි ව්‍යාපාරයේ ක්ෂණික වගකීම් සහ කාර්යභාරය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුරවැසි ව්‍යාපාරයේ ක්ෂණික වගකීම් සහ කාර්යභාරය.By ජයදේව උයන්ගොඩ.May 18, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.පසුගිය නව වැනිදා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදය සහ උසිගැන්වීම මගින් මෙහෙයවනු ලැබූ දේශපාලන මැර පිරිසක් විසින් ‘මයිනාගෝ ගම’, සහ ‘ගෝඨාගෝ ගම’ විරෝධතාවේ යෙදී සිටි පිරිසට එල්ල කරනු ලැබූ ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්ගේ හෙළා දැකීමට දැනටමත් පාත්‍ර වී තිබේ. එම ප්‍රහාරය, එහි කර්තෘවරුන් නොසිතූ ආකාරයේ දේශපාලන ප්‍රතිඵල ගණනාවකට දැන් තුඩුදී තිබේ. අග්‍රාමාත්‍යව සිටි මහින්ද රාජපක්ෂගේ වැටීම ඉක්මන් වූයේ ඒ ප්‍රහාරයේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙසය. සමස්ත රාජපක්ෂ පවුලේම දේශපාලන ව්‍යාපෘතියද දැන් තාවකාලිකව බිඳ වැටී තිබේ. තවමත් බලයේ සිටින රාජපක්ෂ පවුලේ සාමාජිකයා වන ගෝඨාභය ජනාධිපතිවරයාගේ බලයේ පදනම්ද එම ප්‍රහාරය නිසා තවත් දෙදරවා තිබේ..“යන යකා කොරහත් බිඳගෙන ගියා” යන ගැමි වහරේ අදාළ බව සනාථ කරමින් අගමැති මහින්ද ධුරයෙන් ඉවත් වීමේ සිදුවීමෙහි දේශපාලන ඇඟවීම් ගණනාවක්ම තිබේ. එය ජනාධිපති සහ අගමැති යන දෙදෙනා අතර පැවති සැඟවී සිදුවූ බලඅරගලය එළියට පැමිණි අවස්ථාවක්ද වේ. එදා හවස පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක කැබිනට් රැස්වීමට පෙර, තම බලය පෙන්වීමට, අගමැතිවරයා යොදා ගත් යාන්ත්‍රණයක් වූ බව පෙනෙන්නේ, අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම හා ඉන්පසු දියත් කළ ප්‍රහාරයයි. එහෙත් එය කැරකී තමාටම ආපසු වැදුණු පාරාවළල්ලක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන පක්ෂයක් ලෙස පොදු පෙරමුණද, බලයෙහි තවමත් ඉතිරි වී සිටින ජනාධිපතිවරයාද, මුළු ආණ්ඩුවද ඇද වැටී තිබෙන්නේ, ගොඩ ආ නොහැකි අර්බුදයකටය..මැයි 09දා හදිසියේ නිර්මාණය වූ මෙම අර්බුදයේ අනෙක් ක්ෂණික ප්‍රතිඵලය නම්, ජනාධිපතිවරයාගේත්, සමස්ත ආණ්ඩුවේත් සුජාතභාවය, එනම් ආණ්ඩු කිරීමට ඇති සදාචාරාත්මක අයිතිය මුළුමනින්ම වාගේ අහිමිවීමයි. ජනාධිපතිවරයාටද ආණ්ඩුතන්ත්‍රයේ ප්‍රධානියා ලෙස රට ආණ්ඩු කිරීමට තවමත් නෛතික බලයක් තිබුණද, එය දැන් බොහෝ පුරවැසි පිරිස් පිළිනොගන්නා බලයක්ද වී තිබේ. ජනාධිපතිවරයාට තමන් පාලනය කිරීමට ඇති නෛතික මෙන්ම සදාචාරාත්මක අයිතියද පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ ක්‍රියාදාමය ඉහළම හිණිපෙත්තට පැමිණියේ පසුගිය 9දා අගමැති සහෝදරයා කළ ‘ත්‍රස්තවාදීන්’ සහ ‘ප්‍රචණ්ඩ’ ක්‍රියාව නිසාය. පොදු පෙරමුණු ආණ්ඩුවේ වැටීම දෙදෙනාම ආරම්භ කළ අවුරුදු දෙකක් තිස්සේ වර්ධනය වූ ක්‍රියාවලියක් නම්, එය උච්ඡස්ථානයට පැමිණියේ මැයි 9දාය. එම ක්‍රියාව ජනාධිපතිවරයාද කල්තියා දැන සිටි, ඔහුද අනුමත කළ දෙයක් දැයි අපි නොදනිමු. එහෙත් සමාජයේ ගොඩ නැඟී තිබෙන මතය නම්, එය ජනාධිපති-අගමැති දෙදෙනාගේ හවුල් මෙහෙයුමක්ය යන්නයි..නවවැනිදා සිදුවූ සිද්ධියේ තවත් අතුරු ප්‍රතිඵලයක් නම් පුරවැසි විරෝධතා ව්‍යාපාරයේ ශක්තිය සහ දේශපාලන සුජාතභාවය පියවර ගණනාවකින්ම ඉදිරියට යාමයි. දේශපාලනය මැරයින් දෙතුන් දහසක් විසින් තමන්ට එරෙහිව දියත් කළ ‘ආණ්ඩු ත්‍රස්තවාදී ප්‍රහාරය’ පැය කිහිපයක් තුළදී පරාජය කිරීමට නිරායුධ සහ සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ සිටි පුරවැසියෝ සමත් වූහ. එය පුරවැසි ව්‍යාපාරය ලැබූ දේශපාලන සහ සදාචාරාත්මක ජයග්‍රහණයක්ද වේ..මෙම පසුබිම තුළ නව දේශපාලන තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ. එය නම් හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පැතිරීමයි. එය ආරම්භ කෙළේ ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට පැමිණි අගමැතිගේ ආධාරකරුවන්ය. ප්‍රහාරකයින්ට ‘ක්ෂණික දඬුවම් දීමේ’ ප්‍රතිචාරයක්ද ක්‍ෂණිකව මතුවිය. එය ප්‍රහාරයට ගොදුරුවූ කණ්ඩායම්වලින් එල්ල වූ ආත්මාරක්ෂක ප්‍රතිචාරයයි. එහෙත් පසුදින පටන්, ආණ්ඩු ත්‍රස්තවාදයේ සංවිධායකයින් සහ එයට සහභාගි වූවන්ගේත් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයින්ගේත් නිවෙස් හා දේපළවලට, රාත්‍රී කාලයේ පහරදීම් සහ ගිනි තැබීම් දක්වා වර්ධනය වී තිබේ. මෙය වනාහී රටේ සාමයටත්, පුරවැසි ව්‍යාපාරයටත් බරපතළ හානි පැමිණවිය හැකි එමගින් ආණ්ඩුවේ කොටස්වලට වාසි ඇති කරවන ඒ නිසාම පැතිරීමට ඉඩ නොතැබිය යුතු තත්ත්වයකි..පුරවැසි ව්‍යාපාරයේද ආණ්ඩුවට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම්වල ද ක්ෂණික අවධානය මෙම හදිසි අවශ්‍යතාව වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිරවීමට අවශ්‍ය දේශපාලන කණ්ඩායම්ද, මැර කණ්ඩායම්ද, ආණ්ඩුවට සම්බන්ධ කොටස්ද, ඉදිරි දින කිහිපය තුළ සංවිධානාත්මකව අලුත් ‘මෙහෙයුම්’ දියත් කිරීමේ හැකියාව අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. දැනට සිදුවී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට ‘පළිගැනීමේ ප්‍රතිචාර’ දියත් කිරීම, එවැන්නක ආරම්භය වන්නටද පුළුවන. එවැන්නක් සංවිධානය කිරීමට අවශ්‍ය මුදල්, පිරිස් සහ මැර බලය පොහොට්ටු පක්ෂයට තිබේ..ඉදිරි දින සහ සති කිහිපය තුළ ලංකාවේ සමාජය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් සම්පාදනය වී තිබේ. පසුගිය 9දා අගමැතිවරයාගේ කණ්ඩායම දියත් කළ ‘ආණ්ඩු ත්‍රස්තවාදී’ ප්‍රහාරයේ එක් අරමුණක් වී තිබෙන්නට ඇත්තේද මෙම පසුබිම නිර්මාණය කිරීමයි. ග්‍රාමීය මට්ටමේ ආණ්ඩුවේ ආධාරකරුවන්ද, ඔවුන්ට විරෝධය දක්වන පුරවැසි කණ්ඩායම් අතරද ‘ප්‍රති ප්‍රහාර දීමේ’ ප්‍රචණ්ඩ ක්‍රියා පොහොට්ටු පක්ෂයේ කණ්ඩායම්වලට පහසුවෙන්ම ඇති කළ හැකිය. එමෙන්ම ආගම්වාදී සහ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ කැරලි ඇති කිරීමටද පොහොට්ටුවේ කණ්ඩායම් පසුබට නොවනු ඇත. තමන් අතින් ගිලිහී යන බලය තම අතට ගෙන රඳවා ගැනීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේද රටේ පුරවැසියන් අතර ‘සිවිල් යුද්ධ’ තත්ත්වයක් නිර්මාණය කිරීමයි. 2019 පාස්කු දින ප්‍රහාරය පිටුපස රාජපක්ෂ බල ව්‍යාපෘතියද තිබුණේය යන දැනට අප රටේ ප්‍රචලිත මතය ඇත්ත නම්, එවැනි දෙයක් නැවතත් සංවිධානය කිරීමට ඔවුන් සතු උවමනාව සහ හැකියාව අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. මැයි 09දා ආණ්ඩුවේ මැර කණ්ඩායම, සමහර දකුණු ඉන්දියානු චිත්‍රපටවල දැකිය හැකි යුද්ධ පිළිබඳ දර්ශනද සිහිගන්වන ලෙස දියත් කළ ප්‍රහාරයේ වීඩියෝ දර්ශනවලින් අපට ලබාගත හැකි එක් අනතුරු හැඟවීමක් වන්නේද මෙයයි..ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම්වලට මෙන්ම ස්වාධීනව ක්‍රියා කරන මැර කණ්ඩායම්වලද ප්‍රචණ්ඩත්වය සමාජය පුරා පහසුවෙන් පැතිරවිය හැකි පසුබිමක් දැන් නිර්මාණය වී ඇති බව අපි ඉහතදී සඳහන් කළෙමු. එම පසුබිම නිර්මාණය වීමට තුඩු දුන් ප්‍රධාන සාධක කිහිපයක් මෙසේ සාරාංශයෙන් දැක්විය හැකිය. තමන්ගේ ජීවිතය මෙන්ම අනාගතය අන්ධකාර කරන වර්තමාන ආර්ථික හා සමාජ අර්බුදයේ නිර්මාතෘවරුන් මෙම ආණ්ඩුවේ නායකයින් බව පුරවැසියෝ දනිති. ඔවුන්ගේ අසාර්ථකත්වය සහ ඔවුන් නිර්මාණය කර ඇති විනාශකාරී තත්ත්වය ගැන කිසිදු වගවීමක් හෝ පසුතැවීමක් නොදක්වන පාලකයන් ගැන පුරවැසියෝ කෝපයට පත්වී සිටිති. මැයි 09 සිදුවූ මැර ප්‍රහාරය නිසා එම කෝපය තවත් උත්සන්න වී තිබේ. මෙම පුරවැසි කෝපය දෙපැත්තටම කැපෙන ආයුධයකි. එය සාධනීය මෙන්ම විනාශකාරී අරමුණුවලටද යොදාගත හැකිය. පුරවැසි ව්‍යාපාරය එම කෝපයේ ඉතාම සාධනීය ප්‍රතිඵලයයි..දෙවැනි සාධකය, ආණ්ඩුව පත්වී ඇති බරපතළ අර්බුදයයි. අගමැති සහ කැබිනට් මණ්ඩලයක් නැති තත්ත්වයක් තුළ රටෙහි දේශපාලන වශයෙන් පවතින්නේ අර්ධ-අරාජක තත්ත්වයකි. මේ අතර මැයි 09දා සිදුවීමෙහි ප්‍රතිඵලයක් වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ බලයද පෙර නොතිබූ ආකාරයේ දුර්වල තත්ත්වයකට ඇද වැටීමයි. ඔහුගේ අධිකාර බලය සමාජය තුළ පිළිනොගන්නා තත්ත්වයක් දැන් නිර්මාණය වී ඇත. රාජ්‍ය සේවකයන් මෙන්ම මහජනතාවද ජනාධිපතිවරයාගේ නියෝග සහ උපදෙස් පිළිගන්නේ නැත. බොහෝ කණ්ඩායම් ආණ්ඩුවට පනවා ඇති ඇඳිරි නීතිය පවා නොතකමින්, පොලිසි බලා හිඳිද්දී ගිනි තැබීම්, පහරදීම් වැනි ක්‍රියාවල යෙදෙන බව පෙනෙන්නේ ඒ නිසාය..මේ අතර පොහොට්ටු පක්ෂයට සම්බන්ධ ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෝ මහජන කෝපයේ ඉලක්ක බවට පත්වී සිටිති. දූෂණය, අල්ලස, අයුතු ලෙස ධනවත් වීම සහ ප්‍රදර්ශනශීලී බලකාමය නිසා එවකට සිටි අගමැතිවරයා 9 වැනිදා විවෘත කළ නව අවකාශය තුළ ඔවුහු පහසුවෙන්ම මහජන වෛරයටද දැන් පාත්‍ර වී සිටිති. මෙම දේශපාලනඥයන්ගේ නිවාස, වාහන, දේපළ ඔවුන්ට අයත් දූෂිත දේශපාලන පන්තියේත්, දේශපාලන සංස්කෘතියේත් සජීවී සංකේත ලෙස සලකමින් කෝපයට පත් මහජනයා දැන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ. මෙය කොතැනින් අවසන් විය හැකි දෙයක් දැයි කිව නොහැකියි. එය පොහොට්ටුව පාක්ෂිකයින්ගෙනුත්, සංවිධානාත්මක සහ ප්‍රචණ්ඩ ප්‍රති ප්‍රහාරවල ආරාධනා කරන, දේශපාලන වශයෙන් පාලනය කළ නොහැකි, විෂම චක්‍රයක ආරම්භය වීමේ විභවතාව ඇති ක්‍රියාවක් බව නම් අප කිසිසේත්ම අමතක නොකළ යුතුය..මහජනයාගේ සමහර කොටස් තමන් දැනට පත්වී තිබෙන අන්ත දුගී බව සහ අසරණකම නිසාම ධනවතුන්ටද, ව්‍යාපාරිකයන්ටද, කඩ සාප්පුවලටද පහරදීමේ තත්ත්වයට තල්ලුවීමේ ඉඩකඩ ද දැන් විවෘත වී තිබේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්වී ඇති අකර්මණ්‍යතාව සහ දැනට ඉදිරියට යන අර්ධ අරාජක පසුබිම තුළ නාගරික සහ ග්‍රාමීය සමාජයේද දුගී ජන කොටස් අතරින් මතුවන මෙවැනි ‘සමාජ කැරලිකාරී’ පුද්ගලවාදී ප්‍රතිචාර, ලංකාවේ දැනට පවත්නා අර්බුදය තුළ බොහෝ විට සිදුවිය හැකි දේය..මෙපරිදි, අප රටේ වර්තමාන අර්බුද මොහොතේ දිග හැරෙන ප්‍රචණ්ඩතාවල මූලය, ස්වභාවය සහ ඉදිරිමග පිළිබඳ තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. එම ප්‍රචණ්ඩත්වය නිසා ලංකාවේ පුරවැසියන් විසින් පසුගිය සති ගණනාව තුළ සාමකාමීව ඉදිරියට ගෙන යනු ලැබ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පත්විය හැකි අනතුර ගැනද සාකච්ඡා කළ යුතුව තිබේ. පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ශක්තිය ගොඩ නැගී තිබෙන්නේ එහි ඇති සාමකාමී ස්වභාවය සහ ඒ නිසාම ගොඩ නැගී තිබෙන පුළුල් පුරවැසි සහභාගිත්වය මතය. මෙම ස්වභාවය දිගටම රැක ගැනීම සහ ප්‍රචණ්ඩකාරීත්වය පරාජය කිරීමට පුරුවසි කොටස් බලමුළු ගැන්වීම පුරවැසි ව්‍යාපාරයේ අලුත්ම කාර්යය වී තිබෙන්නේ ඒ නිසාය..ලංකාවේ මේ දිනවල අලුතින් ළඟාවී තිබෙන දේශපාලන අර්බුදය සුළු පටු එකක් නොවේ. රාජපක්ෂ කඳවුර පහසුවෙන් බලය අතහැර ඉවත් වී යතැයි අපේක්ෂා නොකළ යුතුය. තම දේශපාලන පුනරාගමනය සහ පැවැත්ම සඳහා ප්‍රචණ්ඩත්වය අවියක් ලෙස යොදා ගැනීමේ පළපුරුද්දක් ඇති රාජපක්ෂ කඳවුරෙහි ඊළඟ පියවර ගැන විමසිල්ලෙන් සිටීම පුරවැසි ව්‍යාපාරය විසින් කළ යුතුව තිබේ. ප්‍රචණ්ඩත්වය සමාජයේ පතුරුවමින් එය තම බලය රැක ගැනීමේ දේශපාලන අවියක් කර ගැනීමට ඔවුන් සතු හැකියාව ගැන විමසිල්ලෙන් සිටිය යුතුද වේ. ඒ සමගම, විරෝධය පැතිරීමෙන් නොනැවතී, ඉන් ඉදිරියට ගිය දේශපාලන උපක්‍රම ගැන සිතීමටද දැන් පුරවැසි ව්‍යාපාරය ඉදිරිපත් විය යුතුව තිබේ..ඒ සඳහා සිතා බැලිය යුතු විකල්ප පියවරක් වන්නේ දැනට යෝජනා වී ඇති අන්තර්වාර පාලන ක්‍රමයේ න්‍යාය පත්‍රය, තීරණ සහ ක්‍රියාමාර්ග හැඩගැස්වීමට බලපෑම් කිරීමේ අවකාශය ලබා ගැනීමයි..අන්තර්වාර පාලන ක්‍රමයක් පිළිබඳ යෝජනාවට දැන් අලුත් සන්දර්භයක් 10දා සිට ගොඩනැගෙමින් තිබේ. අගමැති සහ කැබිනට් මණ්ඩලය අස්වීමෙන්ද, 9දා සිදුවීමෙන්ද පසුව රාජපක්ෂ පවුලේත්, පොහොට්ටු පක්ෂයේත් දේශපාලන ශක්තිය දුර්වල වී තිබේ..ජනාධිපතිවරයාගේ බලයද දැන් දුර්වල වී තිබේ. ‘ආණ්ඩුව කරන්නේ කවුද?’ යන ප්‍රහ්නයට දැන් අලුත්ම පිළිතුරක් අවශ්‍ය කරන තත්ත්වයට දැන් රටේ දේශපාලන අර්බුදය ගමන් කර තිබේ. පාර්ලිමේන්තුව හෝ සාමකාමී මාර්ගවලින් දැනට තිබෙන ප්‍රශ්නයට අත ගැසීමට,.පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් තිබුණද, පොහොට්ටු පක්ෂයට නුපුළුවන. මේ අතර, ඒ සඳහා සජබෙ, ජවිපෙ සහ අනෙක් දේශපාලන පක්ෂවලට ඇත්තේ මඳ පාර්ලිමේන්තු ශක්තියකි..මෙම පසුබිම තුළ, ලංකාවේ දේශපාලනය නව දිශානතියකට යොමු කිරීමේ දේශපාලන අවකාශයක්, පුරවැසි ව්‍යාපාරය ඉදිරියේ විවෘත වී තිබේ. මෙම අවකාශය පුරවැසි ව්‍යාපාරය විසින් පරෙස්සමෙන් සහ මූලෝපායිකව භාවිත කළ හැකිය. ඒ සඳහා මූලික අදහස් කිහිපයක් පහත දැක්වේ..පසුගිය සඳුදා සිට දිග හැරෙන දේශපාලන ක්‍රියාවලිය පුරවැසි ව්‍යාපාරය ඉදිරියේද සන්ධිස්ථානයක් විවෘත කර ඇත. එය මෙවැන්නකි..පුරවැසි ව්‍යාපාරය නිසා ආණ්ඩුවත්, රාජපක්ෂ කඳවුරත් දෙදරී ඇත..බලය අතහැර දැමීමේ විකල්පය තෝරා ගැනීමේ සූදානමක් තවමත් නැති වන්නට පුළුවන. ඔවුන් බලයෙන් තල්ලු කිරීමට දැනට ඇති හොඳම මාධ්‍යයක් වන්නේ ඔවුන් නැති ‘අන්තර්වාර’ හෝ ‘භාරකාර’ ආණ්ඩුවක් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් පිහිටුවීමයි. දැනට නීතිඥ සංගමයෙන් ඉදිරිපත් කර ඇති අන්තර් වාර ආණ්ඩු යෝජනාවලිය, අවශ්‍ය යාවත්කාලීන කිරීම්ද සහිතව යළි සකස් කර, එය ‘සංක්‍රමණීය ආණ්ඩුවක්’ බවට පරිවර්තනය කිරීම, පුරවැසි ව්‍යාපාරයට නැති තත්ත්වයක් මෙම සතිය තුළ ගොඩ නැගී තිබේ..පුරවැසි ව්‍යාපාරය තමන් ගැනම තක්සේරුවක් කර ගන්නේ නම්, එය විසින් පිළිගත යුතු කරුණක් වන්නේ, එය දැන් පාර්ලිමේන්තුවට සමාන්තර, පුරවැසි දේශපාලන බල කේන්ද්‍රයක් බවට පත්වී ඇත යන්නයි. අන්තර් වාර ආණ්ඩුවට අවශ්‍ය දේශපාලන වරම ලබාගත යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන් පමණක් නොවේ. එය රටේ දැනට බිහිවී ඇති සමාන්තර බල මධ්‍යස්ථානයක් වන පුරවැසි ව්‍යාපාරය වෙතින් ප්‍රධාන වශයෙන් ලබාගත යුතුව තිබේ. මෙම ශක්තිය ඉදිරියට ගෙන යෑමේ මාවත් විවෘත කර ගැනීම පුරවැසි ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් ඉදිරියේ අද මතුවන කර්තව්‍යයකි. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගෝල්ෆේස් මැර ප්‍රහාරය සැලසුමකි.Next articleමහින්ද තැබූ ගින්න ඇවිළ ගිය හැටි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
21 වැනි සියවසට අවශ්‍ය සාක්ෂරතාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.21 වැනි සියවසට අවශ්‍ය සාක්ෂරතාව.By සංස්කාරක.October 14, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..විසි එක් වැනි සියවසේ සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන නිපුණතා ගණනාවකි. විවිධ විෂය කේෂ්ත‍්‍රයන්හි දැනුම, නිර්මාණාත්මක හැකියාවන්, සාක්ෂරතාව, ජීවන නිපුණතා හා තම ජීවිකා වෘත්තියට අදාළ නිපුණතා, තෝරාගැනීම හා නොරැුවටී සිටීමට ඇති හැකියාව යනාදිය ඒවාට අයත්ය. අපේ රටේ බොහෝ ආර්ථික, සමාජයීය හා දේශපාලන ගැටලූවලට කොටින්ම කියතොත් ශීඝ‍්‍ර සංවර්ධනය අඩාල වීමට සාක්ෂරතාවට සම්බන්ධ නිපුණතා හීනවීම ද සෘජුව බලපා ඇත. සාමාන්‍ය අර්ථයෙන් සාක්ෂරතාව කියන්නේ අකුරු ලිවීමේ කියවීමේ හැකියාවට වන අතර අඩුම තරමින් යමක් අර්ථකථනය කරගැනීමේ හැකියාවවත් පුද්ගලයා තුළ ඇද්දැයි යන්න ඒ හරහා නොකියවේ. බස් රථයක බෝඞ් එකක් කියවා ගැනීමට වැඩි යමක් එහි නැත. එකී සාක්ෂරතාවේ ප‍්‍රශස්ත මට්ටමකට 20 වැනි සියවසේදීම අපට යන්නට හැකි විය. එහෙත් 21 වැනි සියවසේ අර්ථයෙන් සාක්ෂරතාව යනු ඉතාම පළල්වූ ද රටක සංවර්ධනය හා ගැටගැසුණා වූද ප‍්‍රපංචයකි. එයට මූල්‍යමය සාක්ෂරතාව, දේශපාලන සාක්ෂරතාව, ප‍්‍රජා සාක්ෂරතාව, සෞඛ්‍ය සාක්ෂරතාව, පරිසර සාක්ෂරතාව, තොරතුරු හා ජනමාධ්‍ය පිළිබඳව සාක්ෂරතාව යනාදිය ඇතුළත්ය. පසුගිය සතියේ මා මූල්‍යමය සාක්ෂරතාව හීන නිසාවෙන් ක්ෂුද්‍ර මූල්‍ය උගුලට ස්ත‍්‍රීන් හසුකර ගැනීම ගැන කථාකළ අතර මෙවර දේශපාලන සාක්ෂරතාව හීනවීම නිසා අප අත්විඳින තත්වය පිළිබඳව කථා කරන්නට සිතුවෙමි..දේශපාලන සාක්ෂරතාව යනු රාජ්‍ය පාලනයට සහභාගිවීම සඳහා අවශ්‍ය කරන හැකියාවන්ගෙන් පුරවැසියා සන්නද්ධව සිටීමයි. සමාජය මුහුණ දෙන්නාවූ ගැටලූ විවිධ දෘෂ්ටිකෝණයන් හරහා ඇගයීමකට ලක් කිරීමටත් තම රටේ පාලකයන් එම ගැටලූ ආමණ්ත‍්‍රණය කරන ආකාරය පිළිබඳව තක්සේරු කිරීමටත් දැනුවත් පුරවැසියන් ලෙස පාලනයට සහභාගි වීමටත් හැකියාව පුද්ගලයකුට තිබිය යුතුය. එවැනි පුද්ගලයෙක් තමන් ගුරුකොට ගත් දේශපාලන මතවාදයද සැලකිල්ලට ගෙන දැනුවත්භාවයෙන් යුතුව තම ඡන්දය පාවිච්චි කරයි. උදාහරණ ලෙස ගතහොත් මෙවර පළාත් පාලන ඡන්දයේදී මහින්ද මහතා අගමැති කරන්නට හිතාගෙන ඡන්දය දුන්නේ දේශපාලන සාක්ෂරතාව නොමැති අයයි. එම ඡන්දයේදී මෝටර් සයිකලයට ඡුන්දය දී ජයග‍්‍රහණය කරවීම නිසා මහරගම නගර සභාව තුළ සිදුවෙමින් යන සිද්ධිදාමයත් පසුගිය වතාවක කණ්නාඩියට ඡුන්දය ලබාදී කොළඹ මහ නගර සභාවට වූ හදියත් රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පිළිබඳව හොඳ කියවීම්ය..රටේ බහුතරය තමන් ඡන්දය දියයුත්තේ කාටදැයි තීරණය කරන්නේ පරම්පරාගතව ඡුන්දය පාවිච්චි කළ ආකාරය, විවාහයෙන් පසු නම් ස්වාමිපුරුෂයාගේ පක්ෂ නැමියාව, ජාතිවාදය, ආගම්වාදය, යුද්ධය හමාර කිරීම රැුකියාවක් හෝ නිවසක් වැනි දෙයක් ලබාදීම වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් ලෙසට, හැඩරුව හෝ පැවත එන පවුල වැනි පුද්ගලබද්ධ කාරණයන් යනාදිය මත පිහිටා අතීතය සමඟ ගනුදෙනු කරමින්ය. එසේත් නැත්නම් සොරුන්ට දඬුවම් කිරීම, රැකියාවක් නිවසක් වැනි යමක් ලබා ගැනීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම, අහවලා හෝ අහවල් පවුලේ අයකු නායකත්වයට පත් කිරීම, අපේ පරම්පරාගත පක්ෂය බලයට පත් කිරීම වැනි කාරණා එකක් හෝ කීපයක් සඳහාය. මෙම අරමුණු අතර දේශපාලනික අරමුණු ඇත්තේ අතලොස්සකි. දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ තරගකාරී ලියවිලි පමණක් බවට පත්ව තිබීමටද මෙම කාරණාව බලපායි. දේශපාලන පක්ෂයක පදනම සමාජවාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යනාදි ලෙස දේශපාලන මතවාදයන් ගුරු කොට ගෙන තිබිය යුතු වුවත් එවැන්නක් පැහැදිලිව පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවල වන අතර ඒවා සමඟ කටයුතු කරන්නේ ඡුන්දදායකයන්ගෙන් කුඩා ප‍්‍රතිශතයකි..විධායකය, ව්‍යවස්ථාදායකය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අපේ රටේ ආණ්ඩුකරණ ව්‍යුහයන්ය. ඒවායේ කාර්යභාරය පත්වන පුද්ගලයන් ඉටු කළයුතු කාර්ය භාරය තරමකටවත් නොදැන ඡුන්දය පාවිච්චි කරන්නෝ අතිවිශාල ප‍්‍රතිශතයකි. (තේරී පත්වන අයගෙන්ද සෑහෙන පිරිසක් එම ගණයේම බව පෙන්වන උදාහරණ එමටය.).මෙලෙස රටේ අතිබහුතර ඡුන්දදායකයා දේශපාලන සාක්ෂරතාවෙන් හීන වන විට කපටි දේශපාලකයෝ ප‍්‍රතිපත්ති දේශපාලනය නොකරන අතර ඒ වෙනුවට විරෝධාකල්ප දේශපාලනයේ නිරත වෙති. මඩගැසීම්, පුද්ගලාභිවන්දන, කුමන්ත‍්‍රණ භීතිකාවන් ඇති කිරීම, කෙන්ද කන්ද කරන මාධ්‍ය සංදර්ශන, ජනතාව ඉදිරියේ මිගෙල් හා දේශපාලන කණ්ඩායම තුළ දනියෙල් පන්නයේ හැසිරීම්, එක් පක්ෂයක සිටිමින් වෙනත් පක්ෂයක න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කිරීම, කටකථා ආදිය හරහා තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කරගැනීමට කටයුතු කිරීම යනාදි දේ කරති. මේවායේ තෙල් බේරෙන කොටස් එකිනෙකාගේ න්‍යාය පත‍්‍ර මත කටයුතු කරන මාධ්‍යායතන හරහා ජනතාවට සම්පේ‍්‍රෂණය කරති. එවිට දේශපාලන සාක්ෂරතාව හීන නොරැුවටී සිටීමේ කලාව නොදන්නා ජනතාවට රටේ ඇත්ත ප‍්‍රශ්න අමතකව යන අතර එක් එක් දේශපාලකයා පිළිබඳව ධනාත්මක හා සෘණාත්මක ආකල්ප ඔවුන්ගේ විඥානය තුළ රෝපණය වේ. එවිට දේශපාලන පක්ෂ පරයා පුද්ගල චරිත මතු වීමද සිදුවේ..මෙම තත්වය ඡුන්ද ප‍්‍රතිඵලවලට සෘජුව බලපායි. එලෙස පත්වන අයත් ඉදිරියේදී එවැනි ක‍්‍රමවේද හරහා ඡුන්ද උපරිම කිරීමට බලාපොරොත්තු වන අයත් ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වනවාට කැමති නැත. එහෙයින් මෙවැනි රටවල ප‍්‍රතිපත්ති දේශපාලනයේ නිරත වීම කුණාටු කලාපයක ඇති සිහින් තාප්පයක් මත ඇවිද යනවා වැනි අපහසු කාර්යයකි. රටේ තිරසර සංවර්ධනයට විරෝධාකල්ප දේශපාලනය නොව ප‍්‍රතිපත්ති දේශපාලනය අවශ්‍ය හෙයින් දේශපාලන සාක්ෂරතාවද ඇතුළුව 21 වැනි සියවසට අවශ්‍ය සාක්ෂරතාව අප ඇති කර ගත යුතුය..ප්‍රියදර්ශනී ආරියරත්න.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවම අවසන් කළ හැකිද?.Next articleකාලගුණය හා දේශපාලනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ණය ශ්‍රේණිගත කරනවා කියන්නේ මොකක්ද?ආචාර්යඩබ්ලිව්. ඒ. විජේවර්ධන | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ණය ශ්‍රේණිගත කරනවා කියන්නේ මොකක්ද?.ආචාර්ය.ඩබ්ලිව්. ඒ. විජේවර්ධන.By සංස්කාරක.January 27, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ජcolombotelegraph.com වෙබ් අඩවියෙන්.උපුටාගන්නා ලද ලිපියකි..පසුගිය සතියේදී ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය ලබා ගැනීම් සඳහා වන ශ්‍රේණිගත මට්ටම පහළ දැමීම මගින් අපගේ මූල්‍ය පද්ධතිය තිගැස්මකට ලක් කළා, මෙහි තේරුම කුමක්ද?.මෙය ඇත්තටම හදිසියේ ඇතිවූ තත්වයක් නොවෙයි. කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද අනිටු ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් තමයි මෙලෙස විද්‍යමාන වී ඇත්තේ. ශ්‍රේණිගත මට්ටම පහළ දැමීමක් සිදු කරන බවට ෆිච් ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවටත් මුදල් අමාත්‍යාංශයටත් සෑහෙන තරම් කල් තබා දැනුම්දීම් කර තිබුණා. ආර්ථිකයේ දරුණු කඩා වැටීම හමුවේ ආයෝජකයන්ට පිළිගත හැකි විසඳුම් ඉහත ආයතන ලබා නොදෙන වටපිටාවක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත වෙළඳපල බලවේග මෙම පහළ දැමීම අපේක්ෂා කරනු ලැබුවා..දිගින් දිගටම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලබාදුන් අනතුරු ඇඟවීම් මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුව තැකීමක් කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය මාස් පතා කඩා වැටෙන්නට වුණා. මෙම ණය ශ්‍රේණිගත මට්ටම පහළ දැමීම තිගැස්මක් නොව දිගුකාලීනව වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම එරෙහිව ලබා දුන් දඬුවමක් බඳුයි. ෆිච් ආයතනයට අමතරව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් හා මූඩීස් යන ආයතනත් මෙලෙස ශ්‍රී ලංකාවට දඬුවම් කළා..ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?.අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළෙන් ණය පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙක් අඩුම තරමින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 2කින් සිය ණය ලබාගැනීම් ශ්‍රේණිගත කර ගත යුතුයි. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලබා දෙන මිනුම මගින් ණයගැතියා නියමිත කාල සිමාවේදී හෝ නියමිත දිනයේදී පොලිය හා මුල් මුදල ගෙවීම පැහැර හැරීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ගේ නිගමනය ලබා දෙනවා..මෙලෙස ඔවුන්ගේ නිගමන ප්‍රකාශ කිරීමට පෙර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ණයගැතියාගේ ආර්ථික තත්වය පිළිබඳ ස්වාධීන විගණනයක් කරනවා. එහිදී, ණයගැතියාගේ දේශපාලන ස්ථාවරත්වය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රජයේ පසුගිය කාලයේ වැඩපිළිවෙළ යන ප්‍රධාන කරුණු අධ්‍යයනය කරනු ලබනවා..ඔවුන් මහා බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමග දීර්ඝ සාකච්ජාවන්හි නිරතවනවා. ඔවුන්ගේ සොයාගැනීම් ඉන්පසු මුදල් අමාත්‍යාංශයේ හා මහා බැංකුවේ නිලධාරීන්ගේ ප්‍රතිචාර සඳහා ඉදිරිපත් කරන අතර අවසන් නිවේදනය සිදු කරන්නේ මෙම ප්‍රතිචාරයන්ට සවන්දීමෙන් පසුවයි..වර්තමාන ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම පහළ දැමුවේ රජයට නොසලකා හැරිය නොහැකි කරුණු 3ක් මුල් කරගෙනයි. පළමුවැන්න, ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා මට්ටම මාසිකව නරක අතර හැරෙමින් පැවතීමයි. දෙවැන්න, කඩා වැටෙන විදේශ විනිමය සංචිත හා වඩාත්ම පීඩාකාරී හේතුව වන තෙවැන්න, විදේශ විනිමය බැඳීම් හෙවත් ණය හා අනෙකුත් ගෙවීම් සඳහා පිටස්තර මාධ්‍යයන් මගින් ප්‍රමාණවත් තරම් ණය පහසුකම් ලබා ගැනීමට නොහැකිවීමයි..අප රට මුහුණ පා ඇති තත්වය සරල උදාහරණයකින් කියතොත්, ‘මිනිසෙකුට පිටස්තර පුද්ගලයන්ට මුදල් ගෙවීමට සිදුව ඇත, නමුත් ඒ සඳහා එම මිනිසාට මුදල් නැත, එමෙන්ම වෙනත් පුද්ගලයින්ගෙන් ණයට ගෙන ගෙවීමටද නොහැකි තත්වයක් උදාවී ඇත.’.ෆිච් ආයතනයට ප්‍රථම මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් ආයතනයද ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදෙස් ණය ගැනීම් ශ්‍රේණි මට්ටම Caa2 සිට Caa1 දක්වා පහතට හෙළුවා. එයද අපගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සඳහා දෙන ලද දඬුවමක් ලෙස දක්විය හැකියි..ඉතිහාසයේ හෝ ශ්‍රී ලංකාව ඉහළ ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම් අත්පත් කරගෙන තිබුණාද?.නැහැ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ 2005 වසරේදී ෆිච් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් (S&P ආයතන සමගයි. ඒ 2007 වසරේදී නිකුත් කළ ඇමරිකානු ඩොලර් (ඇ.ඩො.) මිලියන 500ක අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නිකුතුව සඳහායි..ෆිච් ආයතනය BB- ලෙසදS&P විසින් B- ස්ථාවර ආර්ථික දැක්මක් (stable economic outlook) සහිත ශ්‍රේණිගත කිරීම් මට්ටමක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. සාපේක්ෂව බලන කල ෆිච් ආයතනය ලංකාවට එක කට්ටයක් වැඩි ශ්‍රේණිගත මට්ටමක් ලබාදී තිබුණා. නමුත් මෙම වර්ගීකරණ මට්ටම් ආයෝජනය සඳහා නිර්දේශිත මට්ටම වන BBB- මට්ටමට වඩා පහළ තලයක් වුණා. ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු ශ්‍රේණිගත මට්ටම සමපේක්ෂණ හෙවත් ආයෝජන සඳහා සුදුසු නොවන බැඳුම්කර ලෙස හඳුන්වනවා. මේවා වෙළඳපළේ හඳුන්වන්නේ සුන්වූ බැඳුම්කර ලෙසයි. ඒ කාලයේදී පවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපගේ අසමතුලිත අයවැය සහ දුර්වල බාහිර අංශය (විදේශ රටවල් සමග ගනුදෙනු කරන අංශ) ඉස්මතු කර තිබුණා. මෙලෙස දුර්වලතා පෙන්වා දීමේ අපේක්ෂාව වූයේ එමගින් ආර්ථිකයේ පැනනගින ඌනතා සමනය කිරීමත් ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම ඉහළ නංවා ගැනීමත් යන කරුණුයි. නමුත් රට ගමන් කළේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. ස්ථාවර ආර්ථික දැක්ම ඉන්පසු ඍණාත්මක බවට පත්වුණා. ඉන්පසු B- ලෙස ෆිච් ආයතනයත් B ලෙස S&P ආයතනයත් වර්ගීකරණය කළා. ශ්‍රී ලංකාවේ බැඳුම්කර තවදුරටත් ආයෝජන සඳහා නුසුදුසු බවට පත්වුණා. මෙය සිදුවුණේ 2008දීයි..එතැන් පටන් ශ්‍රී ලංකාව ගමන් කළේ එක් දිශාවකටයි, සමහර අවුරුදුවල ශ්‍රේණිගත කිරීමෙහි හා ආර්ථික දැක්මෙහි (economic outlook) යම් වර්ධනයක් වාර්තා කිරිමට අප සමත්වුණා..තුන්වන ශ්‍රේණිගත කිරීමේ ආයතනය වන මූඩීස්, ශ්‍රී ලංකාව ඒ වන විටත් නිලනොවන මට්ටමින් අනෙක් ආයතන දෙක ශ්‍රේණිගත කරන ලද මට්ටමින්ම ශ්‍රේණිගත කර තිබුණා. 2018 නොවැම්බරයේදී එවකට රජය විසින් ශ්‍රේණිගත කිරීමේ කටයුතු සඳහා නිල වශයෙන් ඔවුන්ව සම්බන්ධ කර ගත්තා. වර්තමානයේදී මෙම ආයතන 3 විසින්ම ශ්‍රී ලංකාව CCC හෝ CC මට්ටම දක්වා පහළ දමා තිබෙනවා. මෙමගින් සිදුව තිබෙන්නේ අප බංකොලොත්භාවයට තවත් ළඟා වීමයි. මේ තත්වය ඉතාමත් අසතුටුදායකයි..ශ්‍රේණිගත මට්ටම පහළට දැමීමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් මොනවාද?.පෙර සඳහන් කළ ආකාරයටම ශ්‍රේණිගත කිරීමෙන් සිදුකරන්නේ ණයගැතියෙකුහට කලට වේලාවට ණය මුදල හා පොලිය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ නිගමනය ඉදිරිපත් කිරීමයි. රටක ශ්‍රේණිගත මට්ටම පහළට ගමන් කිරීම මගින් දැනට සිටින ආයෝජකයන් හා ඉදිරියේදී එම රටේ ආයෝජනයට මුදල් ලබා දීමට අපේක්ෂා කරන ආයෝජකයන් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. මෙමගින් අදහස් කරන්නේ ආයෝජකයන් එම රටේ ආයෝජනය සිදු නොකළ යුතුයි යන්න නොවේ. මේ අවදානම් තත්වය ගණනය කර මුදල් දීමට ඔවුන්ට හැකියි. අවදානම් තත්වයට ගැළපෙන පොලී අනුපාතයක් ණයගැතියා කෙරෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා..එය හඳුන්වන්නේ අවදානම් වාරිකය කියායි (Risk Premium). ණය ශ්‍රේණිගත මට්ටම පහළ යෑමේදී ආයෝජකයා ගනු ලබන අවදානම වැඩි බැවින් ණයගැතියා කෙරෙන් වැඩි ප්‍රතිලාභයන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ශ්‍රේණිගත මට්ටම පහළ යාම නිසා ණයගැතියාගෙන් වන අවදානම වැඩිවෙනවා. එවිට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළෙන් ණය ගැනීමේදී වැඩි පොලියක් ගෙවීමට සිදුවෙනවා. ණය ගැනීමේදී එම වියදම දැරීමට රටකට සිදුවෙනවා..වඩාත්ම අවධාරණය කළ යුතු කරුණ නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන පෙන්වා දෙන අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් ලබාදීම ණය ලබා ගන්නා රටවල වගකීම බවයි. එවිට නැවත ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට එම රටවලට හැකිවෙනවා. ණය ගැනීමේදී වන වියදම අවම කරගැනීමටද එමගින් හැකිවෙනවා..ස්වාධීන රාජ්‍යයක් ශ්‍රේණිගත කිරීම්වල පහළට යෑම නිසා ඇතිවන අනෙක් බලපෑම නම් එහි සියලුම රාජ්‍ය ආයතන එකී පහළ දැමීම සමග ඊට අනුරූපීව ශ්‍රේණිගත මට්ටම්වල පහත යාමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවල බාහිර ණය සඳහා වන ශ්‍රේණිගත මට්ටමට මෙය බලපෑමක් එල්ල කරනවා. උදාහරණයක් ලෙස ලංකා බැංකුව සැලකුවහොත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ශ්‍රේණිගත මට්ටම CC නිසා ඊට වඩා ඉහළ ශ්‍රේණිගත මට්ටමක් ඔවුන්ට හිමි වන්නේ නැහැ. එය ඔවුන්ගේ ප්‍රාග්ධන පිරිවැය ඉහළ යෑමට හේතුවනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී රටක රාජ්‍ය ආයතන එම රාජ්‍යය සමග නැගී සිටිනවා මෙන්ම රාජ්‍යයේ ශ්‍රේණිගත මට්ටම පහත යෑම සමග පහත වැටෙනවා..වෙළඳපළ ආරංචි මාර්ගයන්ට අනුව ශ්‍රී ලංකාවේ ගෙවීමේ කාලය සම්පූර්ණ වීමට නියමිත ස්වෛරී බැඳුම්කර ද්වීතියක වෙළඳපළේ ගනුදෙනු වන්නේ ඉතා ඉහළ වට්ටමකටයි. එම තත්වයට හේතුව ශ්‍රේණිගත මට්ටම පහළ යෑමද?.තාක්ෂණික කරුණු අධ්‍යයනයට අනුව නම්, ඔව්. ශ්‍රේණිගත මට්ටම පහළ යෑම නිසා අවදානම් වාරිකයන් සහ ප්‍රතිලාභ අනුපාතිකයන් ඉහළ යනවා. එවිට මිල පහළ වැටෙනවා. මෙම වෙළඳපළ ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි..නමුත් වර්තමානයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙළඳාම් වන්නේ වට්ටමකටයි. මෙම තත්වය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම නිසා ඇති වූවක් නොවෙයි. මෙම බැඳුම්කරවල මිල පහත වැටීම පටන් ගත්තේ 2020 පෙබරවාරි පමණ සිටයි. එම කාලයේදී ශ්‍රේණිගත කිරීම්හි කිසිදු වෙනසක්ව තිබුණේද නැහැ. ඊට පෙර මෙම බැඳුම්කර ගනුදෙනු වූයේ අධි මිලකටයි. එනම් මේවායේ වෙළඳපළ මිල, ඒවායේ මුහුණත වටිනාකමට වඩා වැඩිව පැවතුණා. නමුත් නව රජය බලයට පත්වීමත් සමග ඔවුන් අගය මත බදු (VAT) ගෙවන්නන්ට හා අදායම් බදු ගෙවන්නන්ට ආකර්ෂණීය බදු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හඳුන්වා දුන්නා. මෙමගින් කෙටි හා මාධ්‍ය කාලීනව රජයේ බදු ආදායම අඩුවන බව බොහෝ දෙනා පෙන්වා දුන්නා. මෙනිසා රජයේ අදායම 3%කින් පහත වැටුණා. දළ දේශීය නිෂ්පාදිතය සමග සන්සන්දනය කළහොත් 12% සිට 9% දක්වා අඩුවීමක්..ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් 2019 දෙසැම්බර් මාසයේදී රජයට අනතුරු අඟවමින් පවසා සිටියේ බදු සහනය නිසා රජයට රුපියල් බිලියන 500ක් පමණ මුදලක් අහිමි වනු ඇති බවයි. මෙම දූරදර්ශී අවවාදයන් රජය ගණනකට ගත්තේ නැහැ. තත්වය දරුණුවන බව තේරුම් ගත් ශ්‍රී ලංකා රජයේ ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර සිටි ආයෝජකයන් සිය බැඳුම්කර වෙළඳපළේ විකුණා දැමීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලය වශයෙන් මෙම අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවල මිල ද්වීතියක වෙළඳපළේ පහත වැටීමට පටන් ගත්තා, මුලදී පැවති අධිමිල තත්වය වට්ටම් සහිත තත්වයක් බවට පත්වුණා..ශ්‍රේණිගත කරනා ආයතනවලට වඩා ආයෝජකයින් ඉක්මන්වුණා. 2020 මුල් කාලයේදී පමණ අයවැය සහ ආර්ථිකයේ බාහිර අංශය ව්‍යසනකාරී ලක්ෂණ පෙන්නුම් කළත් ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ඇති මට්ටම පහළ දැමීම අත්‍යවශ්‍ය නොවන බව ඔවුන් නිගමනය කළා. බැඳුම්කරයන්හි ද්වීතියක වෙළඳපළේ මිල සැප්තැම්බරයේදී පහළ වැටීමෙන් පසුවත් ඔවුන් එම නිගමනයේ සිටියා. වර්තමානයේ එම බැඳුම්කර ඉතා ඉහළ වට්ටමකට මෙන්ම අධික ප්‍රතිලාභ ප්‍රතිශතයකට ගනුදෙනු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2030දී කාලය සම්පූර්ණ වීමට නියමිත බැඳුම්කර වෙළඳාම් වන්නේ ඇ.ඩො. 55 සිට 60 දක්වා සහ ප්‍රතිලාභ අනුපාතිකය 20%ක් වන අවස්ථාවකයි. 2022 ජනවාරි මාසයේ කල් පිරෙන බැඳුම්කරය සැලකුවහොත් එහි මිල ඇ.ඩො. 88ක් දක්වා තරම් පහළ වැටී ඇත්තේ 300%කට අධික ප්‍රතිලාභ අනුපාතිකයක් දක්වමින්..මේ මහා විපතට හේතුව ශ්‍රේණිගත කිරීමේ ආයතන නොවෙයි. වෙළඳපළ, මෙම ආයතනවලට වඩා ඉදිරියෙන් හිටියා. ඔවුන් කළේ වෙළඳපළ අනුගමනය කිරීමයි. ඇතිව තිබෙන අවාසි සහගත තත්වය ගැන රජය ඔවුන් වෙතම දෝෂාරෝපණය කර ගත යුතුයි. ප්‍රතිලාභ අනුපාතිකයන් 300% සිට 20% දක්වා වන අධික පරාසයක පැවතීම නිසා අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළඳපළ සම්පූර්ණයෙන්ම රජයට වැසී තිබෙනවා. එනිසා වෙළඳ ශේෂය පියවා ගැනීමට අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළඳපළේ සේවාව ලබා ගැනීමට රජයට නොහැකියි. මිත්‍ර රටවලින් කෙටි කාලීන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ මෙනිසායි. මෙම උත්සාහයන් තාවකාලික පැලැස්තර පමණයි. උද්ගතව ඇති ආර්ථික ව්‍යසනයෙන් අප රට මුදවා ගැනීමට අවශ්‍ය වන්නේ ස්ථිරසාර දුරදර්ශී ප්‍රතිසංස්කරණයි..ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යාමට ශ්‍රී ලංකාවට හැකිද?.ඔව්, ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට නම් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 3ක් පිළිබඳ ෆිච් ආයතනය සඳහන් කරනවා..පළමුවැන්න නම් ශ්‍රී ලංකාව රටේ බාහිර ආර්ථිකය යළි ගොඩනගා ගත යුතුයි. ෆිච් ආයතනය පවසන පරිදි ශ්‍රී ලංකාව සිය බාහිර ආර්ථිකයේ ද්‍රවශීලතාව නංවා ගත යුත්තේ මුදල් ණයට ගැනීමෙන් නොව ණයට ගැනීමෙන් තොරවයි. මෙමගින් අදහස් කරන්නේ දැන් මහා බැංකුව කරන පරිදි මුදල් ඒකක හුවමාරු පහසුකම් හෝ මිත්‍ර රටවලින් මුදල් ණයට ගැනීමෙන් විදේශ සංචිත වර්ධනය කර ගැනීම තුළින් ෆිච් ආයතනය අපගේ ශ්‍රේණිගත මට්ටම ඉහළ නොදමන බවයි. උදාහරණයක් ලෙස විදේශ ශ්‍රමික ප්‍රජාව වෙතින් ලැබෙන ප්‍රේෂණ, ඍජු විදේශ ආයෝජන හෝ වත්කම් විදේශිකයන්ට විකිණීම මගින් ලැබෙන විදේශ මුදල් භාවිත කර අපගේ විදේශ සංචිත ගොඩනගා ගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා..දෙවැන්න නම්, රජයේ අයවැය වැඩිදියුණු කර ගැනීමයි. එනම් අයවැය තුළින් රාජ්‍ය අදායම වැඩි කර ගැනීම, නාස්තිකාර වියදම් කපා හැරීම, අයවැය පරතරය පිළිගත හැකි අවම මට්ටමකට ගෙන ඒම සහ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය පහළ ගෙන ඒමට තිරසර වැඩසටහනක් ඉදිරිපත් කිරීම යන ක්‍රියාවන් මගින් අයවැය ශක්තිමක් කළ යුතුයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ රජය වඩා තිරසර මූල්‍ය පහසුකම්හි සේවාව ලබා ගැනීම මගින් ණය ගෙවීම පැහැර හැරීමේ මට්ටමට ළඟා නොවනු ඇති බවයි..තෙවනුව ෆිච් ආයතනය සඳහන් කරන්නේ, රජය සිය ප්‍රතිපත්තිවල විශ්වසනීයත්වය හා තාර්කිකභාවය තහවුරු කිරීම පිණිස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව..මෙවැනි ප්‍රතිසංස්කරණ පැකේජයක් මගින් ගුණාත්මයෙන් ඉහළ රාජ්‍ය හා බාහිර මූල්‍ය පද්ධතියක් බිහි කර ගත හැකියි. එමගින් ආයෝජකයන් වඩාත් සැලකිල්ලට ලක් කරන ණය ගෙවීම පැහැර හැරීම’ යන අවදානම අවම කර ගැනීමට හැකි වනු ඇති..ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සමග වාද විවාද කිරීම තුළින් විසඳුමකට ළඟා විය හැකිද?.නැහැ, මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනවල සහ එම ක්‍රමවේදයන්ගේ වැරදි සෙවීම නොව ඔවුන් පෙන්වා දී ඇති වැරදි අඩුපාඩු මගහරවා ගෙන ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව රජයට උපදෙස් ලබා දිය යුතුයි. මහා බැංකුව මෙම ශ්‍රේණිගත ආයතන වැරදි බවට ගොඩ නගන තර්ක පිටස්තරව විමර්ශනය කරන්නෙකුට පෙනෙන්නේ ඉතාමත් නිෂ්ඵල ක්‍රියාවක් ලෙසයි.■.(ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විසින් රචිත A Child’s Guide To Fitch Shock: Rationale, Impact, Challenges ලිපියෙහි සිංහල අනුවාදයයි. සැකසුම මිලින්ද පීරිස් සහ සුනිල් චන්ද්‍රසිරි.).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගොපලු ගීතයෙන් දැනුවත් සංවාදයකට?.Next articleමහින්දගේ කුස්සියට.ජනපති කාර්යාල මුදල්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මම දායකත්වය දුන් දේ රසවත්ව ඇහෙනවාටයි මම කැමති: ගිටාර් වාදන ශිල්පී බුද්ධිකපෙරේරා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මම දායකත්වය දුන් දේ රසවත්ව ඇහෙනවාටයි මම කැමති: ගිටාර් වාදන ශිල්පී බුද්ධික.පෙරේරා.By සංස්කාරක.April 21, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ගිටාර් වාද්‍ය ශිල්පීන් බොහොමයක් ඉන්නවා. කණ්ඩායම් සංගීතය සහ ෆ්‍රීලාන්ස් මියුසීෂන්ස්ලා හැටියට. නමුත් රෙකෝඩිං ෆීල්ඩ් එක ඇතුළේත් සංගීත ප්‍රසංගවලත් සහභාගිවීමේ දක්‍ෂතාව තියෙන ලීඩ් ගිටාර් වාදන ශිල්පීන් අතලොස්සයි ඉන්නේ. එයින් එක්කෙනෙක් බුද්ධික පෙරේරා..ඔබට තියෙන වාසනාව තමයි ඔබ ගොඩාක් සංගීත අධ්‍යක්‍ෂවරුන් එක්ක වැඩ කරනවා. ඒ අත්දැකීම ගැන පොඩ්ඩක් කියන්නකො අපට...ඒක ලොකු අත්දැකීමක් වාදන ශිල්පියකුට. මම මේ වෙනකොට රටෙ ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරුන් සමග වැඩකරනවා. ඒ එකිනෙකාගේ නිර්මාණ එකිනෙකට වෙනස්. අද වැඩකට ගියාම අධ්‍යක්‍ෂවරයෙක් දෙන දේ ප්ලේ කළාම අපිටත් යමක් ලැබෙනවා. හැමදාම අලුත් අත්දැකීමක් ලැබීම ජීවිතයට අලුත් සහ වාදන ශිල්පියකුට ඉතාම වැදගත්. සංගීත කණ්ඩායමක වාදන ශිල්පියකු වුණාම එකම ෆෝමැට් එකක තමයි කාලයක් තිස්සේ වැඩ කරන්නේ. එතකොට ඒකට හුරුවෙනවා. නමුත් ශබ්දාගාරවල පටිගත කරන ශිල්පියකු වුණාම හැමදාම අලුත් අලුත් දෙවල් තමයි මුණැහෙන්නේ. ඒක නිසා අපිත් හැමදාම යාවත්කාලීන වෙනවා..රෙකෝඩිං ගිටාරිස්ට් කෙනකුයි ප්‍රසංගවල ගිටාරිස්ට් කෙනකුයි සම්පූර්ණ දෙකක්. ඒ බැලන්ස් එක කොහොමද?.සෙෂන් මියුසිෂන් කෙනෙක් වෙන්න කලින් මම අවුරුදු 12ක් විතර ලයිව් බෑන්ඩ්වල ප්ලේ කළා. වාදන ශිල්පියකුට සජීවී ප්‍රසංග වේදිකාවල ලැබෙන අත්දැකීම ඉතා ම වැදගත් තමන්ගෙ ගමන යනකොට. මට අද එළියෙ ෂෝ එකක් ප්ලේ කරන්න කිව්වොත් මම දන්නවා පාවිච්චි කළ යුතු ඉෆෙක්ට් එකේ ඉඳන්ම. මම දන්නවා යූස් කරන්න ඕනෑ මොකක්ද මෙතෙන්ට කියලා. ඒක වැදගත්..මම අහලා තියෙන දෙයක් තමයි ඔබ බොහොම විනයවත් ගිටාරිස්ට් කෙනෙක්. ඔරිජිනල් පටිගත කිරීමක ට්‍රැක් එක අහලා ඒ විදියටම මැච් කරගෙන ඒකම ගහන්න ඔබ දරන උත්සාහය සහ ඒකට කරන සාධාරණය ගැන ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරුන් කතාවෙනවා. ඔබ එය කොච්චර සාර්ථකව කරනවාද කියන එක ගැන ඔබේම තනක්සේරුව කොහොමද?.මගේ ගුරුතුමා මට කිව්වා අපි යම්කිසි වාදනයක් කොහේ හරි ඉදිරිපත් කරනකොට ඒකේ ඔරිජිනල් එක ප්ලේ කරපු ශිල්පියා හෝ, අපි හිතමු ගායනයක් කියලා, ඒ ඔරිජිනල් ගායකයා අපට පෙනුණේ නැතිවුණාට ඒගොල්ලෝ එතන ඉන්න පුළුවන්. ඒක වැරදි විදියට කළොත් ඒ මුල් ශිල්පියාට අපි කරන අගෞරවයක්. සහ පොඩි කළකිරීමක් ඔවුන්ට ඇතිවෙන්නත් පුළුවන්, මම මෙච්චර ආදරෙන් කළ නිර්මාණයක් ඇයි මේ වගේ නිකං දීලා තියෙන කොට විනාස කරන්නේ කියලා. ඉතිං මට සර් කිව්වේ, හැම වෙලාවෙම පුළුවන් තරම් ඔරිජිනල් එක ෆලෝ කරන්න, උදාහරණයකට මම අද ප්ලේ කරනවා කියලා හිතන්න ප්‍රවීණ වාදක මහින්ද බණ්ඩාර ප්ලේ කරපු වාදනයක්, එතැන තියන්නේ එතුමා කාලයක් තිස්සේ ගොඩනගාගත්ත ශිල්පීයභාවය සහ දායකත්වය. මම වාදකයෙක් විදියට ඒකට ගරුකළ යුතුයි. සහ ඒකෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒක ඉදිරිපත් කිරීම තුළින් සමාජයට දෙනකොට අපි හොඳ දෙයක් දෙන්න ඕනෑ. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ ඔරිජිනල් ටෝන් එක, ඔරිජිනල් ෆීල් එක මේන්ටේන් කරන්නයි..ඔබේ මුල් කාලය ගැන කතාකරමුද පොඩ්ඩක්...ඒලෙවල් කරන්න යනකොට තමයි මම මියුසික් පටන්ගත්තේ. ඒ ලෙවල් කරන්න ගියේත් නැහැ. මියුසික්වලට තියෙන ආසාවට ගිටාර් එකම ප්‍රැක්ටිස් කරනවා. මගේ යාළුවො ටිකක් එකතුවෙලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඊට පස්සේ පටිගත කිරීම් ශිල්පියකු විදියට ශබ්දාගාරෙක වැඩකළා. එතැනදි තමයි මට හමුවුණේ ශබ්දාගාරවල පටිගත කරන වාදන ශිල්පීන්. එතැනදී මට පෙනෙනවා සජීවීව වාදනය කරන දේවල්. මම තමයි සවුන්ඩ් ඉංජිනියර්. ඒ අත්දැකීමත් එක්ක ශබ්දාගාර පටිගත ශිල්පියකු පැත්තටම ආවා..ඔබ යූටියුබ් මාර්ගයෙන් ටෙක්නික්ස් ගැන ගොඩාක් අප්ඩේට් වෙන කෙනෙක්. ඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කියන්න..ඉගෙන ගන්න කාලෙ අපට යූටියුබ් කියලා මාධ්‍යයක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ වීඑච්එස් ටේප්. කැසට් රෙකෝඩර් නැත්නම් වීසීඩීයක් තමයි තිබුණේ. කාගෙහරි ගාව එකක් තියෙනවා නම් රෙකොඩ් බාර් එකකට ගිහින් ඒක ප්ලේ කරලා, ප්ලේ කරලා සමහර විට ඉරි ගිහිල්ලා පේන්නේ නැති තරමට ඉගෙන ගන්නවා. නමුත්, මේ වෙනකොට යූටියුබ් එකට ගිහිල්ලා මොකක් හරි කැමති ගීතයක කවර් සොන්ග්ස් කියලා ගැහුවොත් දාහක් විතර එනවා. ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. යූටියුබ්වලින් හරි ෆේස්බුක්වලින් හරි ලෝකයේ හොඳම වාදකයො නිර්මාණ එළිදක්වනවා. ඒ කාලේ අපි ගිටාර් දෙවිවරු හැටියට හිතපු අයත් එක්ක මේ වෙනකොට මැසේජ් දාලා චැට් කරලා ඒ අයගේ අදහස් ගන්න තරමට අද තාක්‍ෂණය ඇවිත් තියෙනවා. සබ්ජෙක්ට් එකට අදාළ දෙයක් ඇහුවොත් ඒගොල්ලො අනිවාර්යයනේම රිප්ලයි එකක් එවනවා. මේ ටෝන් එක පොඩියුස් කරගත්තේ කොහොමද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියනවා. අනිවාර්යයෙන් ඒකෙන් ඉගෙනගන්න පෙළඹෙන්න ඕනෑ. ලොකු විශ්වවිද්‍යාලෙකට ගියා වගේ තමයි යූටියුබ් එක මම දකින්නේ..අලුත් ගිටාරිස්ට්ලාත් ෆේස්බුක් හරහා ඔබෙන් උපදෙස් ගන්නවා පෙනෙනවා. ඒ අත්දැකීම කොහොමද?.සමහර මාස්ටර් ක්ලාස් ගිය ශිෂ්‍යයෝ ඒ මුළු මාස්ටර් ක්ලාස් එකම රෙකෝඩ් කරලා යූටියුබ් එකේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ එකකට යන්න ඩොලර් පන්දාහක් විතර, ඒ කියන්නේ ලක්‍ෂ පහක් හයක් විතර යනවා. ඒ මුළු මාස්ටර් ක්ලාස් එකම යූටියුබ් එකේ තියෙනවා. හැබැයි අපේ ගොඩාක් අය බලන්නේ නැහැ. ෆොටෝ එකක් දැම්මොත් ඕනෑ තරම් ප්‍රතිචාර දක්වනවා. නමුත් අර වගේ වීඩියෝ එකක් දැම්මොත් බලන්නේ නැහැ..ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා සමාජ මාධ්‍ය ජාලාවල බොහොම ක්‍රියාකාරීව ඉන්නවා. ලංකාවේ ශිල්පීන් ඒ විදියට ක්‍රියාකාරීව ඉන්නවා අපි දකින්නේ නැහැ. ඔබ හැබැයි ඒ වාගේ ක්‍රියාකාරීව කටයුතු කරනවා. සෙල්ෆ් මාර්කටිං විදියටද නැතිනම් කමියුනිකේෂන් චැනල් එකක් හැටියටද ඔබ මේක පාවිච්චි කරන්නේ?.ෆේස්බුක් ලෝකයේ ලොකු ජාලයක්නේ. ඒක හදලා තියෙන්නේම මාර්කටිං වුවමනාවට. ලයනල් රිචි අද ඉන්න ඉහළම තැන හැටියට මාර්කටිං කරන්න ඕනෑත් නෑ එයාලාට. ඒත් එයාගේ ඉන්ස්ටග්‍රෑම් එකට අද වුණත් පෝස්ට් එකක් දානවා. ලොකු ලොකු ආටිස්ට්ලා හැමෝම දවසකට එක පෝස්ට් එකක්වත් දානවා. ඒගොල්ලො එක්ක බැලුවාම අපි ඒ දේවල් කරනවා මදියි කියලා මම හිතනවා..ඔබ ගිටාර් වාදන ශිල්පියකු හැටියට ප්‍රසංගවලට සහභාගි වෙනවා වගේම වෙස්ටර්න් මියුසික් පැත්තටත් ඔබේ දක්‍ෂතාව බොහොම තියෙනවා..ගිටාර් ඉගෙනගෙන මම කාලයක් ෆ්ලෙමින්ගෝ ගිටාර් ප්ලේ කළා. ඒක ක්ලැසිකල් ගිටාර්, ෆ්ලෙමින්ගෝ මික්ස් එකේ ගියේ. මගේ ගුරුතුමාම කිව්වා අපේ රටේ පවතින සංගීතෙත් ඉගෙන ගන්න කියලා. ඒ නිසා මම සින්දුත් අහලා ඒවාත් ඉගෙන ගත්තා. ඒ කාලේ මම ආස කරන ගිටාර්ස්ට්ලා හිටියා, ජෝ සැක්‍රියානි, ස්ටීව් වයිට්, එඩී වැන්හෙලන්, ඒ ඔක්කොම ඩිස්ට්‍රෝෂන් ගිටාර් ගහන අය. එක එක පුද්ගලයාගේ රසඥතාව වෙනස්නේ. මට වැඩිපුරම ෆීල් වුණේ ඒවා. ඉතින් මම වැඩිපුර හොයන්න ගත්තා. ඉස්සර වෙබ් සයිට්ස් තිබුණා, ගිටාර් ටි්‍රක්ස් කියලා. ඒවායේ ඔක්කොම රොක් ගිටාර්ස්ට්ස්ලාගේ ලෙසන්ස් අප්ඩේට් කරලා තිබුණේ. මට මතකයි ෆ්ලොපි ඩ්‍රයිව් එකට දාගෙන එනවා නෝට් එකයි පොඩි එම්පීත්‍රී එකකුයි. අදටත් මා ගාව එකොස්ටික් ගිටාර්ස් නැහැ. ඉලෙක්ටි්‍රක් ගිටාර්ස් නම් තිහකට වැඩිය තියෙනවා. මගේ ෆීල් එක සහ මම ආසාවෙන් කරන දේ තියෙන්නේ ඒ හඬ තුළ. ඒකට අවශ්‍ය දේවල් තමා මම ගොඩනගාගන්නේ..අද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාද්‍ය ශිල්පීන්ව පෙනෙන්න අරන් තියෙනවා. ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. බහුතරයක් වාද්‍ය ශිල්පීන් තමන්ගේ නිර්මාණ හැකියාව දායක කරලා වැඩ කරන්නේ. වාද්‍ය ශිල්පීන්ගේ අගය නොදන්න ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. මේ වෙනකොට යම් ප්‍රමාණයකට වාද්‍ය ශිල්පීන් ගැන සමාජගත වෙලා තියෙනවා. සමාජය ඒ අය ගැන දන්නවා..ඔබ ඔබේ ට්‍රැක් එක ගහලා ලැබෙන මුදල අරගෙන ගෙදර යන කෙනෙක් නෙවෙයි. පටිගත කිරීම ඉවර වෙනකම් ඉඳලා, අනිත් ශිල්පීන්ගේ දායකත්වයටත් යමක් එකතු කරලා යන කෙනෙක්. කාලය වැය කරගෙන ඒ දේවල් ගැන ඔබ හිතන්නේ ඇයි?.නිර්මාණයක් රසවත් වෙන්නේ මං ගහන ගිටාර් එකෙන් විතරක් නෙවෙයි. ඒක රසවත් වෙන්නේ හැමෝගේම දායකත්වය එකතුවෙලා ඇවිල්ලා. මම ගිටාර් එක ගහනකොට ඒකට හරියන බැකිං එක, හරි වොලියුම් එක දුන්නේ නැත්නම්, මගේ සෝලෝ එක ලස්සන නෑ. රෙකෝඩිං එකකදී මගේ මිත්‍රයෙක් වාදනය කරනවා නම් මට මීට වැඩිය දායකත්වයක් දෙන්න පුළුවන් කොහොමද කියලා බලනවා. ඕක මෙහෙම ට්‍රයි කරමු පොඩ්ඩක් කියලා මම කියන්නේ ඒ නිර්මාණයට ආදරෙන්. ශිල්පියකු හැටියට මම දායකත්වය දුන් දේ රසවත්ව ඇහෙනවාට තමයි මම කැමති. ■.(පියෝ ටීවීහි චරණ නාලිකාවේ විකාශය වූ ‘මියුසෝස්’ වැඩසටහනක සංස්කරණය කරන ලද ලිඛිත පිටපතකි. සම්භාෂක සහ වැඩසටහන් අධ්‍යක්‍ෂ, කළිඳු වීරසිංහය.).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහිනවලින් රට ගොඩනැගිය හැකිද?.Next articleධර්මයෙන් ජීවිතය කියවීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කාලාබීලා, ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තමයි කැමති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කාලාබීලා, ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තමයි කැමති.By තරිඳු උඩුවරගෙදර.July 7, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.කසුන් කල්හාර.අපි නූතන සංගීතයේ නවීනයන්ගේ ප‍්‍රවීණයා මුණගැසුණෙමු. නවීනයන්ගේ ප‍්‍රවීණයා යන මිතුරු-ගෞරවනාමය කසුන් කල්හාරට පාවිච්චි කළේ ප‍්‍රවීණ නිවේදක කැලූම් ශ‍්‍රීමාල්ය. කසුන් කල්හාර යොවුන් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස දෙවැනි සහස‍්‍රකය එළැඹීමෙන් පසු ලංකාවේ ගීත සාහිත්‍යය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය..කසුන් සමග කතාබහෙන් අප දැනගත්තේ ඔහු මේ කාලයේ වැඩිම කාලවේලාවක් වෙන්කරන විෂය ක්ෂේත‍්‍රය සංගීතය නොවන බවය. සංගීතය කසුන්ගේ තෙවැනි විෂය ක්ෂේත‍්‍රයයි. ඔහු වැඩිපුර කාලය වෙන් කරන්නේ වෙනත් ක්ෂේත‍්‍ර දෙකකටය..ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.ලංකාවේ ජනප‍්‍රිය මාධ්‍ය පමණක් සැලකිල්ලට ගත්තොත්, නූතනයේ වැඩිම ජනප‍්‍රියත්වයක් ඇති ගායන ශිල්පීන් දසදෙනා අතරවත් කසුන් නැත. රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල විකාශය වන ගීත අතර කසුන්ට ඇත්තේ කුඩා ඉඩකි. ලංකාවේ කලා ක්ෂේත‍්‍රයෙහි ජනප‍්‍රියත්වය ලබන්නට නම් ඉටු කළ යුතු වතාවත් ගොන්නක් තිබේ. රූපවාහිනී නාලිකාවල ජනප‍්‍රිය වැඩසටහන්වලට සහභාගි විය යුතුව තිබේ. ගායකයන් තෝරන තරගවල විනිශ්චය මණ්ඩලවලට යා යුතුය. දේශාභිමානී ගීත හා බොදු බැති ගී ගායනා කළ යුතුය. කලින් කලට ජනප‍්‍රිය ගීත රැුල්ල බලමින් එයට ගැළපෙන ලෙස ගීත නිර්මාණය කළ යුතුය. ගීතවලට රූපරචනා නිර්මාණය කළ යුතු ක‍්‍රමවේද පවා දැන් ඇත. ජනප‍්‍රියත්වයේ රැුඳී ඉන්නට නම් ඉටු කළ යුතු වතාවත් බොහොමයක් ඇත..‘මම එහෙම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. මට පුංචි කාලයේ ඉඳලා ආභාසය ලබාදුන් මිනිස්සු ඉන්නවානේ. මගේ අම්මා මාලිනී බුලත්සිංහල, තාත්තා එච්.එම්. ජයවර්ධන, කේමදාස මාස්ටර්, ගුණදාස කපුගේ, රත්න ශ‍්‍රී විජේසිංහ වගේ මිනිස්සු ජනප‍්‍රිය වෙන්න ඒවා කළේ නැහැ. මම මියුසික් කරන්න පටන්ගත්තු කාලේ ගීත සංගීතය අවුල් තැනක තමයි තිබුණේ. ඒක පරම්පරා වෙනසක් වෙන්න ඇති. සල්ලි පස්සේ යන්න තරම්, මට සල්ලි ප‍්‍රශ්නයක් තිබුණෙත් නැහැ. අපි සාමාන්‍ය විදියට ජීවත්වුණ සාමාන්‍ය පන්තියේ පවුලක්. අම්මා ගායිකාවක් වුණාට අපි සාමාන්‍ය පවුලක්. අපට කෑමබීම ටික ලැබුණා. එතැනින් එහාට ගැටලූවක් තිබුණේ නැහැ. ඉතින්, මුදල් සොයායෑමේ අමාරුවක් තිබුණේ නැහැ. ඒ නිසා මට ඕනෑ වුණේ හොඳම නිර්මාණයක් කරලා, ඒ නිර්මාණයේ හැඟීම් රසය විඳින්න. අපි හැඟීම්බර මිනිස්සු. මගේ මාපියනුත් එහෙමයි.’.කසුන්ට ළමා කාලයේ සිට ඉහළම මට්ටමේ සංගීතය ඇසුරු කිරීමේ වාසනාවක් ලැබී තිබුණි..‘කේමදාස මාස්ටර් මට චූටි කාලයෙ ඉඳලාම බෙතෝවන්, මොසාර්ඞ් වගේ අයගේ මියුසික්, කැසට්වලට රෙකෝඞ් කරලා ගෙනත් දුන්නා. මාස්ටර්ගේ දුවලා දෙන්නා ඒ කාලයේ චෙකොස්ලෝවැකියාවේ හිටියේ. ඉතින්, එයාලා රෙකෝඞ් කරලා සංගීතය මාස්ටර්ට එවනවා. මාස්ටර් කොපි කරලා මට ඒවා දුන්නා. ඒවා එක්ක තමයි මම මගේ මියුසික් සැසඳුවේ. ඉතින්, ලංකාවේ සමකාලීන මියුසික් හා මම අහපු ඒවා අහසට පොළොව වගේ. මට භක්ති ගීත කියන්නවත්, දේශාභිමානී ගීත කියන්නවත් වුවමනාවක් තිබුණේ නැහැ. මට සාමාන්‍ය වෙන්න වුවමනාවක් තිබුණේත් නැහැ.‘.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.නිතර රූපවාහිනියේ ඔහුව දකින්නට ලැබෙන්නේ නැත. ජනප‍්‍රිය ප‍්‍රසංග වේදිකාවලට නම් ඔහු කොහෙත්ම ගොඩවෙන්නේ නැත. කසුන් හැමවිටම තමන්ගේම අභිමානය රැුකගැනීමට උත්සාහ කරන බව පෙනෙයි. ඒත් බොහෝ ගායකයන් කියන්නේ කසුන් මෙන්, තමන්ට එවැනි තත්වයක් පවත්වාගෙන යෑම අසීරු බවයි. තම ආත්මය රූපවාහිනී නාළිකාවල හා ප‍්‍රාදේශීය දේශපාලනඥයන් හා ධනවතුන් සංවිධානය කරන සංගීත ප‍්‍රසංගවල ප‍්‍රාග්ධනයට පාවාදෙන්නට සිදුවෙන බවයි..‘මූල්‍යමය ප‍්‍රශ්න නිසා තමයි මිනිස්සුන්ට ඕක කරන්න සිද්ධවෙන්නෙ. සමහරු මං වගේ ඉන්න කැමතියි. ඒත් ඉන්න බෑ. මේ සිස්ටම් එකෙන් එයාලාට ගහලා තියෙන ගැහිල්ල තමයි ඒක. ගමෙන් එන කොල්ලෙක්ට මෙහේ පදිංචි වෙන්න ගෙයක් ගන්න සිද්ධවෙනවා. කාලා බීලා ඉන්න ආදායමක් හොයන්න වෙනවා. මේක මාර ප‍්‍රශ්නයක්. මුල ටිකේ අපි මොළේ පාවිච්චි කළේ නැත්නම්, ඔය ප‍්‍රාග්ධන හිමියන් අපව පාවිච්චි කරන්නෙ අනුන්ට තලන කසයක් විදියට..ඒත් මෙහෙම කොටසක් තියෙනවා. දෙපැත්තටම මේක පැවරෙනවා. ඔය අයට ඕනෑ විදියට නටන්නේ නැතිව, ගෞරවය රැුකගෙන ඉන්නත් පුළුවන්. ඒකට හිතේ හයිය තියෙන්න ඕනෑ. අපිත් දැන් තියෙන වටිනාකම හදාගන්න කලින් කාලයේ සල්ලි නැතිව හරියට කෑමක් බීමක් නැතිව, ගමන් බිමනක් නැතිව ඉඳලා තියෙනවා. අපි ඒ අමාරු කාලය පහුකළේ ආත්මය පාවාදීලා එක රැුයින් මුදල් උපයන්න පුළුවන්කම තියෙද්දී. සමහර කාලෙක ත‍්‍රීවිල්වල ගියෙත් ණයට. ඒ කාලය අල්ලගෙන ඉන්න ඕනෑ. තමන්ගෙ ආත්ම විශ්වාසය අනෙක් මිනිස්සුන්ට දැනෙන්න සැලැස්සුවේ නැත්නම් හැමදාම ජීවත්වෙන්න සිද්ධවෙන්නේ අනෙක් මිනිස්සුන්ට ඕනෑ විදියට..අපේ අම්මලා තාත්තලාගේ කාලයේ වගේ නෙවෙයි. දැන් මාධ්‍ය ආයතනවල නිෂ්පාදකයන් හිතන්නේ කලාකරුවන්ව හදන්නත් පුළුවන්, නසන්නත් පුළුවන් තමන්ට කියලායි. එතකොට ගායකයෙක්ට පවතින්න නම් අර තේරීම කරන මනුස්සයාගේ උපන්දින සාදයට ගිහිල්ලා සිංදු කියන්නත් ඕනෑ. හිත දිනාගන්න. චැනල්වලින් අඬගහන ඕනෑ තැනකට යන්න ඕනෑ..මට මුල ඉඳලාම ඕවා ඇල්ලූවේ නැහැ. මම බොහොම ආඩම්බර මිනිහෙක්නේ. මිතුරු ලීලාවෙන් කවුරුහරි මට උපන්දෙන සාදෙට සිංදුවක් කියන්න එන්න කියලා කතාකළාම, මම මූණටම බෑ කියනවා.’.කසුන් ඒ අන්තිම කොටස කීවේ අභිමානවත් ලෙස දෑස් ලොකු කරමිනි. පිටකොන්ද හා ස්වයංඅභිමානය රැුකගැනීම සියල්ලට වඩා කසුන් අගය කරන දෙයක් බව පෙනේ..‘මේ රටේ වැඩකරන්න ඕනෑ තරම් මාධ්‍ය තියෙනවා. මම කියන්නේ ෆෙස්බුක් එන්නත් කලින්. හෑන්ඞ්බිල් ගහලා ෂෝ කරපු රටක් මේක. ‘පවන’ හෝ ‘කම්පන’ කළේ ගුවන්විදුලියේ අනුග‍්‍රහයෙන් නෙවෙයි. ඒ වගේ ප‍්‍රසංගයක් කළේ අත්පත‍්‍රිකාවලින් විතරයි. මාධ්‍යවල උදව්වෙන් කරපු ප‍්‍රසංගත් තිබුණා. එහෙම උදව්වක් නැතිව කරපු ප‍්‍රසංගත් තිබුණා. මාධ්‍ය නැතිව අර මිනිස්සු වැඩ කළා. මම ඉගෙනගත්තේ ඔවුන්ගෙන්. අද වුණත් මට නාලිකාවකින් කතාකළ ගමන් මම යන්නේ නැහැ. එතැනට යන වෙලාවෙ මට ගෙදරට වෙලා නිදාගන්න පුළුවන්. නැත්නම් ෆිල්ම් එකක් බලන්න පුළුවන්. ඒ මොනවා නැතත් මට නිකන් ඉන්න පුළුවන්නෙ. මට නම් නිකන්ම ඉන්න එක තමයි ජීවිතේ තියෙන ලොකුම සතුට. කල්පනා කරමින් ඉන්නවා තරම් සතුටක් තියෙනවාද? ඒ සතුට නැති කරගෙන මම අලූතෙන් ඇඳුම් ඇඳගෙන, නාලා කරලා, කාලය වැයකරලා, රිහර්සල් කරලා වැඩසටහනකට යන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය මට තියෙනවා. මම යනවා නම් එක්කෝ රටට වැඩක් තියෙන්න ඕනෑ. නැත්නම් මට වැඩක් තියෙන්න ඕනෑ. මගේ කාලය නිකන්ම වැය කරන්න බෑ. ඔයාලා මේ ගුවන් කාලයෙන් මුදල් උපයන නිසා මට හිමි මුදල ගෙවන්න. එහෙම නම් මම එනවා කියලා මම කියනවා.‘.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.පසුගිය කාලසීමාවේ කසුන් කල්හාරගේ නව නිර්මාණ දකින්න ලැබුණේ අඩුවෙනි..‘මම මේ කාලය ටිකක් නිහඬව, කම්මැලිකමේ ඉන්නේ. එහෙම කාල එනවා. මට පොඩි වෙලාවක් අවශ්‍ය වුණා එහාට මෙහාට ගිහින් නිකන්ම ඉන්න. ඒ නිසා එදිනෙදා ආදායම වෙනුවෙන් කරපු වැඩ හැරුණාම වැඩි වැඩක් කෙරුණේ නැහැ. අලූතින් කළ ගීත ටිකක් ඉදිරියේදී එළිදක්වන්න පුළුවන් වේවි. අපේ රටේ ප‍්‍රශ්නයක් තියෙනවා. සෝෂල් මීඩියාවලයි, ටීවී චැනල්වලයි අද තියෙන්නේ මොනවද කියලා අපි හැමෝම දන්නවානේ. මේ තියෙන දේවල් එක්ක තරග කරන්න අපේ දරුවෙක්ව දානවාද කියන ප‍්‍රශ්නයයි මට තියෙන්නේ. නිර්මාණයක් කියන්නේ මගේ දරුවෙක්නේ..රටේ දැවැන්ත ප‍්‍රශ්නයක් තියෙද්දී නිර්මාණ එළියට දාන්නේ කොහොමද. දැන් රටේ ලොකු ඛේදවාචකයක් තියෙනවා. ඒ අස්සෙ සිංදුවක් එළියට දාන එක මට නම් විහිළුවක්. අපි අපටම බොරු කරගන්න ඕනෑ නැහැනේ. සිංදු අහනවාට වඩා මිනිස්සුන්ට ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ජීවත්වෙන්න ඕනෑ තමයි. වෘත්තිය මේක තමයි. ඒත් රටේ සිද්ධවෙන අනෙක් දේවල්වලට ගරු කරන්න ඕනෑ. විනෝදය කියන්නේ රටක අනෙක් දේවල් සියල්ලට පස්සේ එන දෙයක්. මුලින්ම ආහාරපාන, සෞඛ්‍ය, නිවාස වගේ ප‍්‍රශ්න සියල්ල විසඳුණාම මිනිස්සු දෙයියනේ කියලා සැහැල්ලූ වෙන වෙලාවට තමයි විනෝද කර්මාන්තය තියෙන්නේ. කලාව කියන්නේ සුවයක්. මොනා නැතිවුණත් කලාවෙන් ජීවත්වෙන්න පුළුවන් කියන එක ඇත්ත නෙවෙයි. රටක් සුඛිත මුදිතව තියෙන්න ඕනෑ හරියට කලාව විඳන්න. ඒකේ තේරුම සල්ලි නැති මනුස්සයාට කලාකෘතියක් රසවිඳින්න බැහැ කියන එක නෙවෙයි. ඒක වැරදියට අරුත් ගන්වන්න හොඳ නෑ. මම කියන්නෙ, අපි මේ ඛේදවාචක අස්සෙ විනෝද වෙන්න උත්සාහ කරලා වැඩක් නෑ. ඒක පාදඩ වැඩක් විදියටයි මම දකින්නේ.’.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.කසුන්ගේ පුද්ගල සම්බන්ධතා විජිතය ඔහුගේ කලා ජීවිතයට ඍජුව බලපා ඇත. එක් අතෙකින් ඔහුගේ මාපියෝය. අනෙක් අතින් ඔහුගේ පේ‍්‍රම සම්බන්ධතාය. ඒ සියල්ල මැද ඔහුගේ මිතුරු සම්බන්ධතාය. මව හා පියා කසුන්ගේ කලා දිවියට පදනම සැකසූහ..‘මම ඒ දෙන්නාට ලැජ්ජාවක් නොවී ඉන්න හැකි තරම් උත්සාහ කළා. එයාලාව උපුටලා මගේ අඩුවක් පෙන්වන්න ඉඩ තියන්න බැහැ කියන බය තිබුණා.’.කසුන් සිය මාපියන්ට හා බිරිඳට මෙන්ම ජීවිතයේ ඉහළම වටිනාකමක් මිතුරු කැලට ලබාදෙයි. ඔහුව පරිපූර්ණ කරන්නට ඒ මිතුරන්ගෙන් ලැබුණු සහයෝගය ඔහු ඉහළින්ම අගය කරන්නේය. ඉන්ද්‍රචාප ලියනගේ, චරිත් සේනාධීර, විදර්ශන කන්නංගර, කෞශල්‍ය කුමාරසිංහ, අසංක සායක්කාර, චාමර ගුරුගේ, විදුර ප‍්‍රභාත් මුණසිංහ ඇතුළු කොළඹ ආනන්ද විද්‍යාලයේ එකට උසස්පෙළ සඳහා අධ්‍යාපනය ලැබූ සමීපම මිතුරන් රංචුව ගැන ඔහු සිහිපත් කළේය. කසුන් කල්හාර හා ඉන්ද්‍රචාප ලියනගේ උසස්පෙළ අධ්‍යාපනය ලැබූ කාලයේදීම ගීත නිර්මාණය කරමින්, සාර්ථක නිර්මාණ ගොන්නකට පදනම දමාගත්තේ ඒ මිතුරන්ගේ නොමඳ සහයෝගයෙනි. පසුකාලීනව ඉහත කී මිතුරු රංචුව තවත් පුළුල් විය..‘අද මිනිස්සු එකිනෙකාව අගය කරන්නේ නැහැනෙ. කවුරුහරි මහන්සි වෙලා හොඳ වැඩක් කළාට, අවංකවම ඒක අගය කරන කවුරුත් නැහැ. යාළුකමට කට වචනෙට වැඬේ හොඳයි කියලා කියන එක ගැන නෙවෙයි මම කියන්නේ. හදවතින් අනෙකාව අගය කරන්නේ නැහැ අද. ඒ නිසා ප‍්‍රමිතියෙන් යුතු වැඩවලට තල්ලූවක් නෑ. ඒත් මට මගේ යාළුවන්ගෙන් ඒ තල්ලූව ලැබුණා.’.කසුන් ඒ අගයකිරීම්වල අනෙක් පැත්ත ගැනත් කීය. ඒ දුර්වල වැඩ විවේචනය කිරීමය..‘අගය කිරිමෙහි අනෙක් පැත්ත තමයි විවේචන ඕනෑ වෙලාවට විවේචනය කිරීම. මේ යාළුවෝ වැරැුද්දක් දුටු ගමන් ගහලා බිමටම අත්හරිනවා. ලැජ්ජා කරනවා. ඒ නිසා අපි හැමෝම ප‍්‍රවේශම් වෙනවා වැඩක් කරද්දී යන්තමින්වත් අඩුපාඩුවක් නොතියා ඉන්න. ඒත් ඒ විදියට විවේචනය කළාට පස්සේත් එකිනෙකාට වැළඳගන්න පුළුවන්. ඒ මිත‍්‍රත්වයත් තියෙනවා. මිතුරු රංචුවක් විදියට හිටියේ නැත්නම් අද අපි කවුරුත් නැහැ. අපි අද කියවන පොත පහුවදා මුණගැහිලා සාකච්ඡුා කරනවා. විදර්ශන පොතක් අරගෙන එනවා. චරිත් තවත් පොතක් අරගෙන එනවා. සමහර පොත්වල රසවත් කෑලි කියවනවා. බොහෝවිට අපේ ගෙදරට තමයි සෙට් වුණේ. අපි ඒ කාලේ මූල්‍යමය ලාභයක් පැතුවේ නැහැ. රංචුවක් විදියට හොඳ වැඩ කරලා සතුටුවීමයි අපේ අරමුණ වුණේ. ආදරණීය විවේචකයෝ නැත්නම්, වැඩ කරන්න අසීරුයි..අපි මේ කතාබහ පටන්ගත්ත තැන මතකනේ. මුලින්ම මම භක්ති ගීත, දේශාභිමානී ගීත ගායනා නොකිරීම ගැන ඇහුවානේ. ඇත්තටම දේශාභිමානී ගීත නම් මං මැරෙනකල් කියන එකක් නෑ. මම තනියෙන්ම හිටියා නම් ඔහොම එකක් කරන්න ඉඩ තිබුණා. ඒත් දැන් මම එහෙම සිංදුවක් කියන්න යනවා කියලා ආරංචි වුණත් අර යාළුවෝ ටික ඇවිත් මට කෙළිනවා. ඊට පස්සෙ ඉතින් ජීවත්වෙලා වැඩක් නෑ. මම පැහැදිලි කරන්න උත්සාහ කළේ මට තියෙන බය. ඒ බය හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම තියෙන්න ඕනෑ.‘.ඉන්ද්‍රචාප ලියනගේ කසුන්ගේ ගායන දිවියේ සුවිශේෂී ගමන් සගයාය..‘එයා හේමසිරි ලියනගේගේ පුතාද කියලා මම මුලින්ම දන්නේ නැහැ. චාපා මගේ පසුබිම දැනගෙන හිටියේත් නැහැ. ඒලෙවල් කාලයෙ මුණගැහුණාම අපි දෙන්නා එකිනෙකාට ගැළපෙන බව තේරුණා. චාපා මියුසික්වලට ආසයි. මට ඒ වෙද්දී මියුසික් ගැන අත්දැකීම් තිබුණා. අපි වැඩ කරද්දී මට තේරුණා චාපා මේ වැඬේට නුහුරු එකෙක් නෙවෙයි කියලා. චාපා තමයි මට ජීවිතේට හමුවුණ හොඳම ගායන සගයා. මගේ කටහඬට ගැළපුණේ ඔහු.‘.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.වැඩක් නොකර විවේකීව ඉන්නට කැමති බව කසුන් කලින් කීවේය. කසුන් කල්හාර සංගීතයටත් වඩා කාලය වෙන්කරන විෂය ක්ෂේත‍්‍ර දෙකක් තිබෙන බව අපි කලින් කීවෙමු. කසුන් ගෙවන්නේ විවේකී රසබර ජීවිතයකි. ඔහුගේ සංගීතය ඒ විවේකී දිවියෙහි ප‍්‍රතිඵලයකි..‘මම ආහාරපානවලට පේ‍්‍රම කරන කෙනෙක්. ෆුඞ් ලවර් කෙනෙක්. ඉතින්, මගේ කාලය වැඩිපුරම වෙන්වෙනවා කෑමබීම වෙනුවෙන්. මම හොඳට බොනවා. දැන් නම් ඉස්සරට වඩා ටිකක් අඩුවෙන් බොන්නේ. නොබී ඉන්නෙ මොකටද ඉතින්. මට හොඳට කන්න ඕනෑ. මම මගේ කෑම ඔක්කෝම හදාගන්නවා. හොඳට කාලාබීලා, ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තමයි කැමති..ගොඩක් වෙලාවට ෆිල්ම් බලනවා. දවසකට ෆිල්ම් තුනක්වත් බලනවා. හැම තිස්සේම මගේ අතේ අයිපෑඞ් එක හරි තියෙනවා. ඉස්සර නම් ගොඩක්ම කළේ පොත් කියැවීම. දැන් නම් කියවනවා ටිකක් අඩුයි..මම කෑම ජාති ගොඩක් හදන්න දන්නවා. බීම වර්ග බොහොමයක් ගැනත් දන්නවා. බීම වර්ග පැත්තෙන් කීවොත්, කොක්ටේල් වර්ග. මම හිතන්නේ කොක්ටේල් වර්ග 150ක් විතර මම හදන්න දන්නවා. බඩු තිබුණොත් ඕනෑ විදියට හදන්න පුළුවන්. කෑමබීම රසවිඳීම එන්නේ හොඳම සුඛෝපභෝගී රසවින්දන මාධ්‍යයක් විදියට. කෑම රසවිඳින්න නම් ලොකු වියදමක් යනවා. එහෙම නැත්නම් ස්වයංපෝෂිත වෙන්න ඕනෑ..මට විවිධාකාර කෑම වර්ග පුළුවන්. චයිනීස් රෙසිපි හදන්න පුළුවන්. බටහිර කෑම වර්ග හදන්න පුළුවන්. සිංහල කෑම වර්ග හදන්න පුළුවන්. ඉන්දියන් කෑම වර්ග තමයි කන්න අමාරු. දැන් ගොඩක් කෑම වර්ග ගැන ඉගෙනගන්න ක‍්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට කෑමවර්ග ගැන තියෙන අත්පොත්වලින් තමයි කෑම වර්ග ගැන ඉගෙනගන්න ලේසි. ඒවා ඇසුරෙන් කෑමවර්ග හදලා අත්දැකීම් ගන්න ඕනෑ.’.කසුන්ගේ සමීපතමයන් පවසන්නේ කසුන් අවන්හලක කෑමකට ගියොත් කුස්සියටමය යන බවය. ඇතැම්විට කෝකියා පසෙක සිටියදී ආහාරවේල සකසන අන්දම ගැන සම්පූර්ණයෙන්ම උපදෙස් දෙන්නේ කසුන්ය. මෑතකදී එක්තරා අවන්හලක කසුන් තැනූ කෑම වර්ගයක වට්ටෝරුව අවන්හලේ වට්ටෝරුවක් ලෙස එළිදැක්වීමටද බලාපොරොත්තුවන බව දැනගන්නට ලැබුණි. ආහාරවලට ඔහු ඒ තරම් පේ‍්‍රම කරන්නේය. ආහාර කියන්නේද එක්තරා කලාවකි. ඒ සියල්ල දෙස බලද්දී තමන්ගේ අභිමානය රැුකගෙන සංගීතය කරන කසුන්ට, ඒ අභිමානය රැුකගෙන දිවි රැුකගනු පිණිස කෝකියෙකු ලෙස රැුකියාවේ යෙදෙන්නටත් පුළුවන්ය..ගීත, දේශාභිමානී ගීත ගායනා නොකිරීම ගැන ඇහුවානේ. ඇත්තටම දේශාභිමානී ගීත නම් මං මැරෙනකල් කියන එකක් නෑ. මම තනියෙන්ම හිටියා නම් ඔහොම එකක් කරන්න ඉඩ තිබුණා. ඒත් දැන් මම එහෙම සිංදුවක් කියන්න යනවා කියලා ආරංචි වුණත් අර යාළුවෝ ටික ඇවිත් මට කෙළිනවා. ඊට පස්සෙ ඉතින් ජීවත්වෙලා වැඩක් නෑ. මම පැහැදිලි කරන්න උත්සාහ කළේ මට තියෙන බය. ඒ බය හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම තියෙන්න ඕනෑ.‘.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.ඉන්ද්‍රචාප ලියනගේ කසුන්ගේ ගායන දිවියේ සුවිශේෂී ගමන් සගයාය..‘එයා හේමසිරි ලියනගේගේ පුතාද කියලා මම මුලින්ම දන්නේ නැහැ. චාපා මගේ පසුබිම දැනගෙන හිටියේත් නැහැ. ඒලෙවල් කාලයෙ මුණගැහුණාම අපි දෙන්නා එකිනෙකාට ගැළපෙන බව තේරුණා. චාපා මියුසික්වලට ආසයි. මට ඒ වෙද්දී මියුසික් ගැන අත්දැකීම් තිබුණා. අපි වැඩ කරද්දී මට තේරුණා චාපා මේ වැඬේට නුහුරු එකෙක් නෙවෙයි කියලා. චාපා තමයි මට ජීවිතේට හමුවුණ හොඳම ගායන සගයා. මගේ කටහඬට ගැළපුණේ ඔහු.‘.ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ.වැඩක් නොකර විවේකීව ඉන්නට කැමති බව කසුන් කලින් කීවේය. කසුන් කල්හාර සංගීතයටත් වඩා කාලය වෙන්කරන විෂය ක්ෂේත‍්‍ර දෙකක් තිබෙන බව අපි කලින් කීවෙමු. කසුන් ගෙවන්නේ විවේකී රසබර ජීවිතයකි. ඔහුගේ සංගීතය ඒ විවේකී දිවියෙහි ප‍්‍රතිඵලයකි..‘මම ආහාරපානවලට පේ‍්‍රම කරන කෙනෙක්. ෆුඞ් ලවර් කෙනෙක්. ඉතින්, මගේ කාලය වැඩිපුරම වෙන්වෙනවා කෑමබීම වෙනුවෙන්. මම හොඳට බොනවා. දැන් නම් ඉස්සරට වඩා ටිකක් අඩුවෙන් බොන්නේ. නොබී ඉන්නෙ මොකටද ඉතින්. මට හොඳට කන්න ඕනෑ. මම මගේ කෑම ඔක්කෝම හදාගන්නවා. හොඳට කාලාබීලා, ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තමයි කැමති..ගොඩක් වෙලාවට ෆිල්ම් බලනවා. දවසකට ෆිල්ම් තුනක්වත් බලනවා. හැම තිස්සේම මගේ අතේ අයිපෑඞ් එක හරි තියෙනවා. ඉස්සර නම් ගොඩක්ම කළේ පොත් කියැවීම. දැන් නම් කියවනවා ටිකක් අඩුයි..මම කෑම ජාති ගොඩක් හදන්න දන්නවා. බීම වර්ග බොහොමයක් ගැනත් දන්නවා. බීම වර්ග පැත්තෙන් කීවොත්, කොක්ටේල් වර්ග. මම හිතන්නේ කොක්ටේල් වර්ග 150ක් විතර මම හදන්න දන්නවා. බඩු තිබුණොත් ඕනෑ විදියට හදන්න පුළුවන්. කෑමබීම රසවිඳීම එන්නේ හොඳම සුඛෝපභෝගී රසවින්දන මාධ්‍යයක් විදියට. කෑම රසවිඳින්න නම් ලොකු වියදමක් යනවා. එහෙම නැත්නම් ස්වයංපෝෂිත වෙන්න ඕනෑ..මට විවිධාකාර කෑම වර්ග පුළුවන්. චයිනීස් රෙසිපි හදන්න පුළුවන්. බටහිර කෑම වර්ග හදන්න පුළුවන්. සිංහල කෑම වර්ග හදන්න පුළුවන්. ඉන්දියන් කෑම වර්ග තමයි කන්න අමාරු. දැන් ගොඩක් කෑම වර්ග ගැන ඉගෙනගන්න ක‍්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට කෑමවර්ග ගැන තියෙන අත්පොත්වලින් තමයි කෑම වර්ග ගැන ඉගෙනගන්න ලේසි. ඒවා ඇසුරෙන් කෑමවර්ග හදලා අත්දැකීම් ගන්න ඕනෑ.’.කසුන්ගේ සමීපතමයන් පවසන්නේ කසුන් අවන්හලක කෑමකට ගියොත් කුස්සියටමය යන බවය. ඇතැම්විට කෝකියා පසෙක සිටියදී ආහාරවේල සකසන අන්දම ගැන සම්පූර්ණයෙන්ම උපදෙස් දෙන්නේ කසුන්ය. මෑතකදී එක්තරා අවන්හලක කසුන් තැනූ කෑම වර්ගයක වට්ටෝරුව අවන්හලේ වට්ටෝරුවක් ලෙස එළිදැක්වීමටද බලාපොරොත්තුවන බව දැනගන්නට ලැබුණි. ආහාරවලට ඔහු ඒ තරම් පේ‍්‍රම කරන්නේය. ආහාර කියන්නේද එක්තරා කලාවකි. ඒ සියල්ල දෙස බලද්දී තමන්ගේ අභිමානය රැුකගෙන සංගීතය කරන කසුන්ට, ඒ අභිමානය රැුකගෙන දිවි රැුකගනු පිණිස කෝකියෙකු ලෙස රැුකියාවේ යෙදෙන්නටත් පුළුවන්ය..Tags.කසුන් කල්හාර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසජිත්ගේ සැලැසුම කුමක්ද?.Next articleලංකාවේ සිංහල මුස්ලිම් සබඳතා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රාජ්‍ය සේවකයන් ඉන්න ටිකත් රට ඇරියාම වැඩ කරන්නේ කවුද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රාජ්‍ය සේවකයන් ඉන්න ටිකත් රට ඇරියාම වැඩ කරන්නේ කවුද?.By සංස්කාරක.June 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් වෙනත් රටවල රැකියා අවස්ථා සඳහා විදේශගත කරවීමට මේ දිනවල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. එමෙන් ම බහුතරයක් ශ්‍රී ලාංකිකයන් මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ ස්ථිරවම හෝ තාවකාලිකව රැකියාවක් සඳහා හෝ විදෙස් ගත වීමට ය. විශාල පෝලිම් ද ඒ සඳහා නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසා ය. ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනඒමට පවතින පහසුම, සෘජුම සහ කෙටි කාලීන ම ක්‍රමය මේ ආකාරයෙන් ශ්‍රමිකයන් විදෙස්ගත කර ඔවුන්ගේ ප්‍රේෂණ හරහා රටට ඩොලර් ලබා ගැනීමයි. විරැකියාවෙන් පෙළෙන අය හෝ වෙනත් සිදු කරමින් සිටින රැකියාවෙන් ඉවත් වී විදේශගත වීමේ සම්භාවිතාව මේ වන විට වැඩි වී තිබේ..රාජ්‍ය සේවයට ද වැටුප් ගෙවීම පිළිබඳව ගැටලුවක් උද්ගත වී ඇති මොහොතක රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දී ඔවුන්ව විදෙස්ගත කිරීමේ ව්‍යාපෘතියක් කරළියට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිටින බවට සාකච්ඡා වන්නේ බොහෝ කලක සිට ය. ඇතැම් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා නිලධාරී හිඟයන් පවතිද්දී ඇතැම් සේවා සඳහා අතිරික්ත සේවකයෝද සිටිති. කෙසේවුවත් රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවට අවසන් වරට අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතූ අවස්ථාවේදී ද පැවසූ අතර ඒ සඳහා ඇතැම් විට මුදල් අච්චු ගැසීමට සිදු වන බව ද පැවසුවේ ය..රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දී ඔවුන් විදේශගත කරවීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. මේ පිළිබඳව මූලික අදහස අගමැතිවරයා සහ කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර ඉදිරිපත් කළේය. ඒ අනුව සිය තනතුරට හෝ ජ්‍යේෂ්ඨත්වයට හානියක් නොවන අන්දමින් වසර පහක පමණ වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශ රැකියාවක් සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට අවසර හිමිවේ. ඔහු හෝ ඇය විසින් එම කාලය තුළ විදේශ රැකියාව අවසන් කර නැවත පැමිණි පසු තමා සේවය කළ ආයතනයේ සේවය කළ තනතුරටම නැවත ඇතුළත් වී සේවය කළ හැකිය. එම තනතුරු සඳහා රාජ්‍ය සේවකයන් නැවත සේවයට ගන්නේ නම් එම වසර ගණනාව පුරාවටම ඔහු වෙනුවෙන් එම ආයතනයේ රැකියා පුරප්පාඩුව තබාගෙන සිටිය යුතුවේ. ඒ සඳහා වෙනත් අයෙකු බඳවා ගැනීමද කළ නොහැකිය. මුලින් සඳහන් කළ පරිදි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා මෙනිසා විශාල බලපෑමක් එල්ල වනු ඇත. අවශ්‍ය සේවාවන් ලබා දීමට අදාලව ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැති වීම අනිවාර්යයෙන් ම තවත් අර්බුදයකට පාර කපන්නක් වනු ඇත..විශේෂයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නිරතවන්නන් විදෙස්ගත වීම් සහ පරිපාලන හා බැංකු සේවකයන් විදෙස්ගත වීම එවැනි අර්බුදයකට ඉක්මනින්ම පාර කපනු ඇත. සෞඛ්‍ය සේවයේ මේ වන විටත් අර්බුදයක් පවතින අතර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය නිසා මේ වන විටත් සෞඛ්‍ය සේවය යම් කඩාවැටීමකට ලක් වී තිබේ..සෞඛ්‍ය සේවාවේ සේවකයන් විදෙස් ගත වීම රට තුළ විශාල සෞඛ්‍ය අර්බුදයක් ඇති කිරීමට මග පාදනු ඇති බව අප කළ විමසීමක දී ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි විසින් පෙන්වා දෙන ලදි. සුගතානන්ද හිමි පෙන්වා දුන්නේ කරුණු දෙකක් හේතුවෙන් මෙම රාජ්‍ය සේවකයන් විදෙස්ගත කරවීමේ ව්‍යාපෘතියට සිය සංගමය විරෝධයක් දක්වන බවයි..‘පළමුවෙන් ම මෙම තීරණය හරහා සෞඛ්‍ය සේවය දැඩි හැකිලීමක් සිදු වෙන්න නියමිතයි. දෙවැනි කාරණය දැනටමත් සෞඛ්‍ය සේවයේ විවිධ අංශ සඳහා විශාල පුරප්පාඩු ප්‍රමාණයක් සහ හිඟයක් පවතිනවා. දැනට හෙද කාර්යමණ්ඩල පමණක් 19,428ක හිඟයක් තිබෙනවා. රෝහල් සහායක තනතුරේ 6,700ක පුරප්පාඩු තිබෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණය 14,000ක් පමණ වෙනවා. මෙවැනි වටපිටාවක තමයි විදෙස් රැකියාවලට රාජ්‍ය සේවකයන්ට අවස්ථාවක් දෙන්න හදන්නේ. දැන් සෞඛ්‍ය සේවකයන් විදේශගත වීමක් සිදු වුණොත් ඒ අඩුපාඩුව පිරවෙන ක්‍රමයකුත් නෑ. දැනටත් අමාරුවෙන් අතිකාල කරලා තමයි කරගෙන යන්නේ.’.සුගතානන්ද හිමියන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයට අනුප්‍රාප්තිකයන් නොමැති නිසා ඇතැම් විට ස්ථානමාරුවක්වත් ලබා ගැනීමට අපහසු තත්වයක මේ වන විට සිටින බවයි..‘අනුප්‍රාප්තිකයෙක් නැතිව ස්ථාන මාරුවක්වත් අනුමත නොකරන ආණ්ඩුව තමන්ගේ අර්බුදය වහගන්න රාජ්‍ය සේවකයා පාවිච්චි කරන එකක් තමයි මේ තියෙන්නේ. රාජ්‍ය සේවය අඩු කරන්න ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා. එහි එක් මුහුණුවරක් විදිහට තමයි රාජ්‍ය සේවකයන් විදෙස්ගත කරවීම යන්නේ. නමුත් එයින් සිදු වන්නේ ඇති වෙලා තිබෙන අර්බුදය තවත් වැඩි වෙන එකයි.’.සාමාන්‍යයෙන් රාජ්‍ය සේවක බහුතරයක් සිය වැටුපෙන් අඩු වන පරිදි පුද්ගලික ණය මුදල් ලබා ගෙන සිටිති. මේ හරහා නිවාඩු ලබා ගන්නා රාජ්‍ය සේවකයන්ගෙන් එම ණය මුදල් අයකරගන්නේ කෙසේද යන්න සහ ඔවුන් විසින් එම ණය මුදල් ගෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තවමත් රජය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උපසභාපති ධනුෂක කුමාරසිංහ පෙන්වා දෙයි..‘බොහෝ ආයතනවල සේවය කරන අය මේ විදිහට ණය මුදල් අරගෙන තිබෙනවා. මෙහෙම නිවාඩුවක් දෙනවා නම් මේ කරුණු ගැනත් සැලකිලිමත් විය යුතුයි. රාජ්‍ය සේවකයන් බඳවාගෙන තිබෙන්නේ ඒ ඒ ආයතනවල වැඩ ටික කරන්නනේ. දැනට රාජ්‍ය බැංකු සේවකයන් විදෙස්ගත කිරීම පිළිබඳව තීරණයක් අරගෙන නැති වුණත් අනෙක් ආයතනවල මේ ප්‍රශ්නයත් එක්ක ඇති වන තදබදය හා ප්‍රමාදය බැංකු පද්ධතියට අනිවාර්යයෙන් ම බලපානවා. ඒ කියන්නේ එය සෘජුවම ආර්ථිකයට බලපානවා. එක ආර්ථික ප්‍රශ්නයක් විසඳගන්න ගිහින් තවත් ආර්ථික හා සමාජීය අර්බුදයක් මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන්.’.ඔහු පෙන්වා දෙන්නේ මෙලෙස විදෙස්ගත වීමට සුදුසුකම් ලබනු ඇත්තේ ද වැඩකිරීම සම්බන්ධයෙන් දක්ෂතාව වැඩියෙන් දක්වන නිලධාරීන් බවයි..‘අනිවාර්යයෙන් ම ආයතනවල ඉන්න වැඩ කිරීමට වැඩි දක්ෂතාවක් තිබෙන නිලධාරීන් තමයි බොහෝ විට මේ විදේශගත වීමට සුදුසුකම් ලබන්නේ. එහෙම වුණොත් අපට ලොකු ප්‍රශ්නයක් එනවා දක්ෂ නිලධාරීන් හිඟවීමත් එක්ක. දැනටමත් සමහර රාජ්‍ය ආයතන ඉස්සරහ පෝලිම් හැදිලා ඉවරයි. දක්ෂ නිලධාරීන් රටින් පිට වුණොත් මේ තත්වය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන දැනට වැඩපිළිවෙළක් රජයට තිබෙන බවක් පෙනෙන්නට නෑ.’.රාජ්‍ය සේවකයන් විදෙස්ගත වීම බලපාන තවත් අංශයක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. අධ්‍යාපන ක්ෂේත්‍රයද පුරප්පාඩු මධ්‍යයේ ගෙන යන එකකි. ගුරු හිඟයට තවමත් විසඳුම් ලැබී නොමැත. ගුරුවරුන් නොමැති නිසා වසරකට පාසල් කිහිපයක් ම වැසී යන තත්වයක පවතියි. එවැනි තත්වයක් යටතේ ගුරුවරුන් විදෙස්ගත වුවහොත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අවදානමකට වැටෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි..‘ගුරුවරුන්ට හිතෙන්න පුළුවන් අපට රට ගිහින් හොඳ රැකියාවක් කරලා වැඩි මුදලක් උපයන්න පුළුවන් කියලා. නමුත් ගුරුවරු රට ගියාම ළමයින්ට උගන්වන්නේ කවුද? රජය මේවා ගැන කතා කරන්නේ නැතිව රාජ්‍ය සේවය හෑල්ලු කරනවා රාජ්‍ය සේවය අඩු කරන්න ඕනෑ කිය කිය. රාජ්‍ය සේවය වැඩි වුණේ කොහොමද? ඒ දේශපාලනඥයන්ගේ ගෝලයන්ට දේශපාලන පත්වීම් දීලා තමයි රාජ්‍ය සේවය වැඩි වුණේ. ඒකට රාජ්‍ය සේවකයාට බැනලා වැඩක් නෑ.’.මේ පිළිබඳව විමසීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද නොහැකි වූ අතර එම අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක පැවසුවේ මෙම රාජ්‍ය සේවකයන් විදෙස්ගත කරවීම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. මේ වන විට ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් හැකි ඉක්මනින් අවසන් තීරණයක් ගනු ඇති බවටත් ඇය ප්‍රකාශ කළා ය..එම අමාත්‍යංශය හරහා එවැනි තීරණයක් තවම ගෙන නැතත් රාජ්‍ය සේවකයන් විදෙස්ගත කිරීමට අදාළව රාජ්‍ය සේවකයන්ට අයදුම් කිරීම මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා ආරම්භ කර තිබේ. ජුනි 08 නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර සඳහන් කර තිබෙන්නේ විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයන්ට ඒ හරහා ලියාපදිංචි වන ලෙසයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අවසන් තීරණයක් ළඟදීම ගන්නට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා උනන්දුවක් දක්වන පිරිස් ලියාපදිංචි වන ලෙස එම නිවේදනයේ සඳහන් ය..මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අවධානයක් යොමුව තිබේ. සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදවලට මුහුණ දෙන රටවලට රාජ්‍ය සේවය කප්පාදු කිරීමට අරමුදල උපදෙස් ලබා දෙයි. මුලින් සඳහන් කළ පරිදි ඇතැම් ක්ෂේත්‍රවල පුරප්පාඩු පැවතිය ද ඇතැම් ක්ෂේත්‍රවල අතිරික්ත සේවක ප්‍රමාණයක් සිටින නිසා රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩිය. එම සේවකයන්ගේ විරෝධයෙන් තොරව එය තාවකාලිකව අඩුකරගැනීමේ පහසුම මාර්ගයක් රජය විසින් තෝරාගෙන ඇති බව පෙනෙයි. කෙසේවුවත් ඒ හරහා තවත් අර්බුද රාශියකට පාර කැපෙන බව අවසානයේ පැහැදිලිවන කරුණයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසුගතදාස ක්‍රීඩාංගණයේ උපකරණ හොරුන්ට දඬුවම් දෙනු.Next articleමහා අර්බුදය සහ විය හැකි සමාජ පිපිරීම්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගේ හම්ටි ඩම්ටි ‍ල‍ෝකය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගේ හම්ටි ඩම්ටි ‍ල‍ෝකය.By සංස්කාරක.September 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මාලක දේවප‍්‍රියගේ ‘තරුවන් සරණයි’ ‘නිහොන් සැප ලැබේවා’ ‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ යන ගුවන්විදුලි නාට්‍ය තුන ගුවන්විදුලි නාලිකාවක ප‍්‍රචාරයවීම ගැන, කේ කේ ශ‍්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ නම් නවකථාව ප‍්‍රකාශයට පත්වීම ගැන, අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍යය වේදිකාගතවීම ගැන, යම් භික්‍ෂූන් සහ උපාසකයන් පිරිසක් මේ දිනවල කැළඹී සිටිති. ඒ හා සමගම ලේඛනයේ හා ප‍්‍රසංගයේ යෙදී සිටින යම් කලාකරුවෝ මෙන්ම පාඨක/පේ‍්‍රක්‍ෂක/ශ‍්‍රාවක පිරිස් ද ඊට ප‍්‍රතිචාර දක්වමින් සිටිති. භික්‍ෂු/උපාසක පිරිස් කියා සිටින්නේ ප‍්‍රස්තුත කලාකෘති නම් කර තිබෙන ආකාරයෙන් ස්වකීය ආගමික ශාස්තෘවරයාට මෙන්ම ස්වකීය ආගමටත් අපහාස වන විත්තියයි. එතෙකින් නොනැවතුණු ඒ භික්‍ෂු/උපාසක පිරිස මේ කෘති තහනම් කරන්නැ’යි ඉල්ලා රටේ සංස්කෘතික ඇමැත්තා පෙරටු කරගෙන පොලිසියට ගොස් සිටින අතර මේ කෘති සම්පාදනය කළ ලේඛකයෝ සහ ප‍්‍රාසංගිකයෝ ස්වකීය ආරක්ෂාව පතා පාඨක/පේ‍්‍රක්‍ෂක/ශ‍්‍රාවක පිරිස් සමග මහජන වේදිකාවට නැගගෙන සිටිති..මේ සිද්ධි දාමය මුද්‍රිත, ඩිජිටල්, අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ගැනීමත් සමගම ඊට අනුබද්ධ හා අනුපූරක සිද්ධීන් මෙන්ම ඒවාට පසුබිම් වූ මතවාද හෙළිදරව් වන්නට පටන් ගති. ලේඛකයන් හා ප‍්‍රාසංගිකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවේදී සහ වෙනත් මාධ්‍ය වාර්තාවලදී මේ සිද්ධීන්ට අදාල බොහෝ වෙනත් කරුණු ද හෙළිදරව් වන්නට පටන් ගති. සිද්ධි දාමය සකි‍්‍රය වී ඇත්තේ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්‍ෂ අදාල නවකථාවට එරෙහිව පියවර ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට ලිපි යොමුකිරීමත් සමගය. ඊට පෙරාතුව ඉහත කී ගුවන්විදුලි නාට්‍ය තුන තහනම් කරන්නැ’යි හෙළ උරුමය නමැති දේශපාලන පක්‍ෂයේ උපදේශක තැන්පත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇඹිලිපිටියේදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් ඉල්ලා සිටියේය. අනතුරුව ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අනුග‍්‍රහය දැක්වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා කාර්යාංශය කියා සිටියේ ඒ නාට්‍යවල අන්තර්ගතයෙන් කිසිසේත් බුද්ධාගමට හා එහි ශාස්තෘන්ට හානි නොසිදුවන බවත් නාට්‍යයේ නම්වලින් හානියක් වන බව කියනවා නම් ඒවා වෙනස්කර එම ගුවන්විදුලි නාට්‍ය විකාශනය කරන බවත්ය. එම නාට්‍ය විකාශනය කරන ගුවන්විදුලිය බාර ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මේ නාට්‍යවලින් බුද්ධාගමට හෝ එහි ශාස්තෘවරයාට හෝ කිසිදු අපහාසයක් නොවන බවත් බුදු දහමට අපහාස වන්නේ කලා නිර්මාණ වාරණය කිරීමෙන් බවත්ය. මේ ක‍්‍රියාදාමය පිටුපස හෙළ උරුමය පක්‍ෂයේ අනෙක් උපදේශකයා වන පාර්ලිමේන්තුවට සම්බන්ධ හිමි නම ද සිටින බව වැඩිදුරටත් ඔහු කියා සිටියේය..‘බුදුන්ගේ රස්තියාදුව’ නම් නවකථාවට අදාලව සිදුවූ සිද්ධි බොහෝ ගණනාවක් ද මේ වනවිට හෙළිදරව් වී තිබේ. පොත මුද්‍රණය කොට එළිදක්වන්නට සූදානම් වූ මොහොතේ එතැනට පොලීසිය කඩා පැන නවකතා පොත් ගොන්නත් කේ කේ ශ‍්‍රීනාත් ලේඛකයාත් උපුල් සන්නස්ගල ප‍්‍රකාශකයාත් පොලීසියට කැඳවාගෙන ගොස් තිබේ. එසේවූයේ සංස්කෘතික ඇමැත්තා පොලිස්්පතිට යොමුකළ ලිපිය අනුව පොලිස්පති ක‍්‍රියාත්මක වූ නිසාය. මේ පොතෙන් බුද්ධාගමට සහ එහි ශාස්තෘවරයාට අපහාසවන බව බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නමින් හඳුන්වන සංවිධානයේ අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමි (මේ භික්‍ෂුව රංචු ගැසී රජයේ දේපොලවලට අලාබහානි කිරීම නිසා අධිකරණය ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත්කර තිබිණ) විසින් සංස්කෘතික ඇමතිට පැමිණිලි කර තිබිණි. තමා සහ විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා විසින් ‘බුදුන්ගේ රස්තියාදුව’ නම් පොත සම්බන්ධව කරන ලද පැමිණිල්ලට අදාලව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය හමුවේ වැඩිදුර කටඋත්තර දෙනු ලැබූ බවත් නුදුරේදීම අදාල චුදිතයන් අධිකරණය හමුුවට ඉදිරිපත් කැරෙන බවත් භික්‍ෂුව තවදුරටත් කියා තිබේ. ඒ හැරෙන්නට මෙම බෞද්ධ විරෝධී පොත විකුණන්න එපා යැයි මේ සංවිධානය පොත් සාප්පුවලට බලකිරීම නිසා ප‍්‍රසිද්ධ පොත්සාප්පුවලින් දැන් ඒ පොත මිල දී ගන්නට ද බැරිය..කලින් පිටපත අනුමත වීම නිසා නිෂ්පාදනය කොට රගදක්වන්නට නියමිතව තිබූ ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍යයට එරෙහිව බෞද්ධ විරෝධී යැයි චෝදනාවක් එල්ල වූ නිසා මහ අකරතැබ්බයකට මුහුණදෙන්නට සිදුවූ බව එම නාට්‍යයේ සම්පාදක අසංක සායක්කාර කියා සිටී. බෞද්ධ විරෝධී යැයි කියන ප‍්‍රචාරය කෙතරම් උග‍්‍රවූවාදැ’යි කියනවා නම් නාට්‍ය වාර ගණනාවක්ම පැවැත්වීමට සංවිධානය වී තිබුණත් ඒ හැමෙකක්ම සංවිධායකයන් අවලංගු කිරීම නිසා බලගතු ආර්ථීක අනර්ථයකට මුහුණ දෙන්නට සිදුවූ වග සායක්කාර කියා සිටී..වින්දිත ලේඛකයන් හා ප‍්‍රාසංගිකයන් පැවත්වූ පුවත්පත් සාකච්ඡාවටත් චෝදක බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමි පැවැත්වූ පුවත්පත් සාකච්ඡුාවටත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පුවත්පතක් සමග පැවැත්වූ සාකච්ඡාවටත් ස්වකීය අවධානය යොමු කරන සාමාන්‍ය පාඨක/පේ‍්‍රක්‍ෂක/ශ‍්‍රාවක පුරවැසියෙකුට පෙනීයන්නේ මේ ක‍්‍රියාදාමය තුළ කිසියම් සමාජ දේශපාලන දිශානතියක් අඩංගුවී තිබෙන බවයි. වැඩවසම්වාදී ආධානග‍්‍රාහී යල්පිනූ මත දරන භික්‍ෂූන් කීපදෙනෙකු සහ ඇමතිවරයෙකු විසින් තමනට අනර්ථ අනදර කරමින් තම කෘතීන් වාරණය කිරීමට කැසකවන බව වින්දිත කලාකරුවෝ පැවසූහ. දේශපාලන පක්‍ෂයක උපදේශකවරයෙකු වන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කීවේ ප‍්‍රස්තුත කලාකරුවන් බුද්ධාගමට හා ශාස්තෘවරයාට අපහාස කරන බවත් එම ක‍්‍රියාදාමය පිටුපස වෙනත් දේශපාලන පක්‍ෂයක උපදේශකවරියක සිටින බවත්ය. බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ අගුලූගල්ලේ ශ‍්‍රී ජිනරතන හිමි ද කියා සිටියේ ප‍්‍රස්තුත කලා කෘති බුද්ධාගමට සහ එහි ශාස්තෘවරයාට අපහාස කරන බවත් ඒ නිසා ඒවා තහනම් කළ යුතු බවත් එහි ප‍්‍රථම පියවර හැටියට පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණිලි කළ බවත්ය. ජිනරතන හිමි එතැනින් නැවතුණේ නැත. අධිකරණයට අපහාස කිරීම නිසා අවුරුදු විස්සක සිර දඩුවමකට යටත්කර තිබෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව ලබාදෙන ලෙස, උතුරුමැද පළාතේ මහඇමති විග්නේශ්වරන් පළාත්සභාවෙන් පන්නා දමා නැවත මැතිවරණයක් පවත්වන ලෙස, ජනාධිපතිට බලකරන විත්තිය මේ භික්‍ෂුව කියා සිටියේය..මේ ආදි වශයෙන් බලන කල මේ කියමන් සියල්ල තුළ සමාජ දේශපාලන දිශානතියක් තිබෙන මතවාද අඩංගු බව පැහැදිලිය. එබැවින්, මේ සිද්ධියට සහ ඊට අනුබද්ධ හා අනුපූරක අනෙකුත් සිද්ධීන්වලට පාදකවූ සංජානන, සංකල්ප, මතවාද ගැන කිසියම් සීමිත කතිකාවක් හෝ ඇරඹීම මැනවැ’යි පාඨක/පේ‍්‍රක්‍ෂක/ශ‍්‍රාවක පුරවැසියෙකු වශයෙන් මම සිතමි. ප‍්‍රවේශය හැටියට, ප‍්‍රස්තුත කලාකෘතිවලට එරෙහිව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කලා කෘති සම්බන්ධයෙන් දරන මතවාදය ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි. පුවත්පත් සාකච්ඡුාවකදී ඒ හිමියන් මෙසේ අදහස් දක්වා තිබේ..කණට පාරක් රේඩියෝ නාට්‍ය එකතුවට විරෝධ පළකළේ ඇයි?.ඔය කියන රේඩියෝ නාට්‍ය එකතුවට ජාතික සංහිඳියා කාර්යාංශය නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිිනිය ප‍්‍රධානත්වය දරන ආයතනයකින් රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප‍්‍රසිද්ධ කළ එකක්. මේකෙන් බෞද්ධ ඉගැන්වීම්, පිළිගැනීම් සහ බෞද්ධ ධර්මය උපහාසයට යොමු කරනවා. ඒක අපරාධයක්. අපි කියන්නේ බෞද්ධ වුණත් වෙන ආගමක වුණත් සංවේදී ආකල්පවලට උපහාස කිරීම වැරදියි. විශේෂයෙන් නිර්වස්ත‍්‍ර පරමං සුඛං කියන එක නිවන පරම සුවයයි කියන පාඨය බරපතළ ලෙස විවේචනය කිරීමක්. වෙන ආගමක නම් මෙහෙම වෙලාවක ලේ හැලීම් පවා වෙන්නට තිබුණා. මට තියෙන ප‍්‍රශ්නය චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආයතනයට බුද්ධාගම එක්ක තිබෙන මේ තරම් වෛරය මොකක්ද කියන එක..එහෙත් මේ නාට්‍යවල අන්තර්ගතයෙහි බෞද්ධ ධර්මය පිළිබඳ කාරණා නැහැ. ඒවායේ වෙනම කාරණා තිබෙන්නේ..ඒක ප‍්‍රශ්නයක් නැහැ. අපට අන්තර්ගතය වැඩක් නැහැ. නම තමයි අපේ විවේචනයකට හසුවෙන්නේ. නම වැදගත්නේ. නමක් නැතිව නාට්‍යවල අංක දමන්න තිබුණානේ. අපි කියන්නේ මේ නම්වලින් හානියක් වෙනවා කියලා. මේවාට නීතිමය පියවර ගන්න ඕනෑ..මීට කලිනුත් බෞද්ධ ධර්මයට අපහාසයක් වේ යැයි අර්ථකථනය කළ හැකි නිර්මාණ තිබුණා. උදාහරණයක් ලෙස එක චිත‍්‍රපටයක මහානායක හිමිනමක් විසින් රාජකුමාරයෙකුව ඝාතනය කරන්නට සැලසුම් කරන දර්ශනයක් තිබුණා. ඒවා පිළිබඳව නිහ`ඩව සිට මේවා ගැන කථාකිරීම දේශපාලන වුවමනාවකින් කරන දෙයක් බවට චෝදනා එල්ලවෙනවා..මම ඕමල්පේ සෝභිත හිමි. මම මහානායක හිමිනමක් නොවෙයි. බුද්ධි අංශවල කෙනෙක් නොවෙයි. අමාත්‍යාංශයක හෝ රැු`ගුම් පාලක මණ්ඩලයක හෝ මම නැහැ. මම චිත‍්‍රපට බලන්නෙත් නැහැ. නාට්‍ය බලන්නෙත් නැහැ. ඔය පොත් කියවන්නෙත් නැහැ. මට හැම එකක්ම දකින්න සර්වඥ ඥානයකුත් නැහැ. මෙතැන මම දැකපු දේ මම කථා කළේ. විශේෂයෙන්ම නිර්වස්ත‍්‍රං කියලා අසභ්‍ය වචනයක් බෞද්ධ පාඨයකට ගැළපීම ලොකු වැරැුද්දක්. ඒක දැකපු නිසයි කථා කළේ (අනිද්දා, 26-08-2018)..පුවත්පතට දී තිබුණු පිළිතුරුවලින් සාමාන්‍ය පාඨකයාට පැහැදිලිවන්නේ සෝභිත හිමියන්ට තමන් ප‍්‍රසිද්ධියේ කියන කරන දේවල් ගැන එතරම් පැහැදිලිකමක් නිනව්වක් නැති බවයි. වරෙක ඒ හිමි මෙසේ කියයි: ‘මේකෙන් බෞද්ධ ඉගැන්වීම්, පිළිගැනීම් සහ බෞද්ධ ධර්මය උපහාසයට යොමු කරනවා. ඒක අපරාධයක්.’ තවත් වරෙක ඒ හිමියන්ම මෙසේ කියයි: ‘ඒක ප‍්‍රශ්නයක් නැහැ. අපට අන්තර්ගතය වැඩක් නැහැ. නම තමයි අපේ විවේචනයට හසුවන්නේ.’ කලා කෘතියක පමණක් නොව වෙනත් ඕනෑම කෘතියක කටයුත්තක නම සහ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් යම් මතිභ‍්‍රමයක විරුද්ධාහාසයක සංදිග්ධභාවයක ඒ හිමියන් පැටලී සිටින බව සාමාන්‍ය පාඨකයාට වුවද වහා ඒත්තු ගැන්වෙයි. පළමු කියමනෙන් සෝභිත හිමි බෞද්ධ ඉගැන්වීම්, බෞද්ධ පිළිගැනීම් සහ බුද්ධ ධර්මය වනාහි බුද්ධාගමේ අන්තර්ගතය බව ගම්‍ය කරයි. දෙවැනි කියමනේදී එම අන්තර්ගතයෙන් වැඩක් නැතැ’යි කියමින් එය නිෂේධ කරයි. තමන් දරනා මතයක් පිළිබඳව කෙනෙකුට අසීරු තත්ත්වයකට ප‍්‍රසිද්ධියේ මුහුණ දෙන්නට සිදුවීම ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයකි..සෝභිත හිමිගේ මේ අදහස් කියැවූ විගස මගේ මනස ප‍්‍රතිචාර තුනකට නතු විය. එයින් දෙකක් ඈත මතකයන්ය, අනෙක කතිකාවක්ය. පළමුව මතකයන් ද පසුව කතිකාව ද පාඨක ඔබ ඉදිරියේ තැබුවොත් ඒවා මෙසේය. මා ගැටවර වියේදී කියැවූ ලූවිස් කැරෝල්ගේAliceZs Adventures in Wonderland (‘ඇලිස් දුටු විස්මලන්තය’ නමින් මෙය සිංහලෙන් පළ වී තිබේ) නම් කථා මාලාවේ අඩංගු එක් කථාවක් වනHumpty Dumpty කථාවේදී කථානායකයා හම්ටි ඩම්ටි ඉදිරිපත් කරන උඩගු තර්කයකදී මෙසේ කියයි:.‘මම් වචනයක් පාවිච්චි කළොතින් එයින් අදහස්වන්නේ ඒ පදයේ තේරුම මම් අඩුවැඩි වශයෙන් නිශ්චිතව තෝරා ගෙන තිබෙනවා කියන එකයි’ යනුවෙන් හම්ටි ඩම්ටි අවඥාසහගත බර හ`ඩකින් කීවේය..‘ඒ වුණාට ඇත්ත ප‍්‍රශ්නය නම් විවිධ තේරුම් තිබෙන පද ඔබට තනන්නට පුඵවන්ය කියන කාරණයයි,’ ඇලිස් කීවාය..‘නැහැ ඇත්ත ප‍්‍රශ්නය නම් කුමන පදයේද සර්වාධිකාරිබලය තියෙන්නේ කියන කාරණයයි. එච්චරයි කථාව.’ ඇලිස්ට කටඋත්තර නැතිව කිිසිවක් හිතාගන්නටත් බැරි විය..හම්ටි ඩම්ටි ඇලිස්ට කියන්නේ පදවල තේරුම එකම අධිකාරයක් විසින් නිර්මාණය කරන බවයි. හම්ටි ඩම්ටි කියන විදියට ඒ අධිකාරය දෙන තේරුම බාරගත යුතුය. ඒ අධිකාරය නම් සර්වබලධාරි සර්වතෝභද්‍ර දෙවියන්වහන්සේය. පදවල තේරුම සම්බන්ධයෙන් හම්ටි ඩම්ටි කියන කථාව අදට කෙතරම් වලංගුද? පදවල තේරුම දෙන්නේ සර්වබලධාරියෙකුද? හරි කුමක්ද වැරදි කුමක්ද? කවුරු කුමක් කළ යුතුද? කවුරු කුමක් නොකළ යුතුද? ඇත්ත කථාව නම් මේ නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ මේ සමාජය ස්වකීය අල්ලේ නටවන්නට තරම් බලයක් හොබවන යම් යම් දේශපාලන බලධාරි හම්ටි ඩම්ටිලාය, ඔවුන් සමග කල්ලි ගැසුණු පූජක හම්ටි ඩම්ටිලාය.AliceZs Adventures in Wonderland පොතේ හම්ටි ඩම්ටිගේ රූපයත් ඇලිස්ගේ රූපයත් චිත‍්‍රයට නගා තිබේ. පෙනුමට අනුව හම්ටි ඩම්ටි බිත්තරයක් වැනි තට්ට ගෙඩියක් තිබෙන කලිසම් කමිස සපත්තු හැඳ සිටින මැදිවියේ අයෙකි, ඇලිස් ගැටවර වියේ පසුවන දැරියකි. තාප්පයක් උඩ අඩමානෙට වාඩි වී සිටින මේ පණ්ඩිතමානි බිත්තර ඔලූවා තමනට අතට අත දෙද්දී තාප්පෙන් බිමට වැටී ඔලූව පොඩිපට්ටම් කරගනීවිදෝ’යි ඇලිස් බියෙන් ඇළලෙයි..මගේ දෙවැනි මතක ප‍්‍රතිචාරය වූයේ, මවිසින් කියවන ලද, සිංහල ජනවහරේ එන සුප‍්‍රකට පිරුඵ කටන්දරයකි. එය නම් කොට තිබෙන්නේ ‘කඵවා මාරපන ගියා වගෙයි’ කියාය. ගමේ කෝරාළගේ ගෙදර සිටින අතවැසි කොලූ කඵවා ඉන්තේරුවෙන්ම කලබලකාරයෙකි. උඩක් බිමක් නොබලා වචනයක් ඇසුණු ගමන් විසේ පත්තු කරගන්නා මේ කලබලකාරයාට කෝරාළ දවසක් ‘ක`ඵවෝ මාරපන ගිහින් වරෙන්’ කියා ක`ඵවාගේ ගමනට අවශ්‍ය කරන පණිවුඩ පනත් සහ වෙනත් කළමනා ලකලැහැස්ති කොට බලන විට ක`ඵවා අතුරුදහන්ය. නැවත ඔහු මතුවූයේ දවසකට දෙකකට පසුය. ඒ ගැන විමසූ විට විස්මපත් කෝරාළට කඵවා උත්තර දුන්නේ තමා මාරපන ගොස් නැවත ආ බවයි ÷ මාරපන ඈත පිටිසර ගම්මානයක් බැවින් ගමනට කල්ගතවූ බවයි. වචනයක පදයක නම ඇසුණු පමණින්, ආතක් පාතක් නැතුව කුලප්පු වී හතිවැටුණු, ක`ඵවාගේ මේ විපර්යාසය තේරුම්ගන්නට කෝරාළට පුුඵවන්වූයේ යම් පමණකට තම මොළයට බැටදීමෙන් පසුවය. කෝරාළ පිරුළක් තැනුවේය: ‘ක`ඵවා මාරපන ගියා වගෙයි.’.මේ කතන්දර දෙකම මගේ මනස ඉ`ගිය ලබා දෙන්නේ කලින් කියූ පරිදි නිශ්චිත කතිකාවක් වෙත අවතීර්ණ වීමටය. බරසාර ආචාර්ය සංස්කෘතික ඇමතිවරයෙකු සහ දේශපාලන පක්‍ෂයකට උපදෙස් දෙන බරසාර ආචාර්ය භික්‍ෂුවක් මේ ක‍්‍රියාදාමයේ ආරම්භකයන් හැටියට සිටින නිසා එවැනි කතිකාවක් සඳහා ඉඩහසර තනාගත යුතු බව අනිවාර්යයෙන්ම මට ඒත්තු ගැනී තිබේ. විශේෂයෙන්ම මේ දෙදෙනා බුද්ධිජීවින් හැටියට සමාජයේ පිළිගැනෙන නිසා එවැන්නක් අනිවාර්යයෙන්ම කළ යුතුය. එම කතිකාව පූර්වඅවයව දෙකකට බෙදා පවත්වාගෙන යන්නට මා කැමතිය. ඒ පූර්වඅවයව බිඳීඑන්නේ සෝභිත හිමියන්ගේ සාකච්ඡුාව තුළින්මය. ඒවා මෙසේය:.1. සෝභිත හිමි අදහස් හා සංකල්ප යනාදිය නිරායාසයෙන්ම ඒවා ලැගුම්ගෙන සිටින සන්දර්භවලින් පිටතට ගෙන සාකච්ඡුා කරයි..2. සෝභිත හිමි අදහස් හා සංකල්ප ආකෘතිය/අන්තර්ගතය වශයෙන් බෙදන්නට බැරි යැයි කියමින් අන්තර්ගතය නිෂේධ කොට ආකෘතියෙහි එල්ලී සිටී..එහෙත් එම කතිකාව ඇරඹීමට ප‍්‍රථමයෙන් ප‍්‍රබන්ධ සාහිත්යික කෘතීන් නිසා බුද්ධාගමට සහ එහි ශාස්තෘවරයාට අපහාස වනවා යැයි කියන පොදු වියුක්ත චෝදනාව මීට කලින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබන්ධ සාහිත්‍යය තුළ පළවී තිබෙන යම් කෘතීන් සම්බන්ධයෙනුත් එල්ල කරනවාදැ’යි අදාල භික්‍ෂුන් සහ උපාසක පිරිස් එ්වාට දක්වන ප‍්‍රතිචාරය කුමක්දැ’යි දැනගනු රිසියෙමි. එවැනි එක් ප‍්‍රබන්ධයක් පමණක් පාඨක ඔබේ සහ අදාල භික්‍ෂු/උපාසක පිරිසේ අවධානය පිණිස මේ අවස්ථාවේදී උපුටා දක්වන්නට කැමැත්තෙමි..1967 වසරේදී පළමුවරට ප‍්‍රකාශනයට පත්වූ ටෙනිසන් පෙරේරාගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෙටිකථා එකතුවට මේ වනවිට වසර 51 ගතවී තිබෙන අතර එහි තුන්වන මුද්‍රණයත් දැන් පළ වී හමාරය. ඒ කියන්නේ එම පොතෙන් සෑහෙන ප‍්‍රමාණයක් පාඨකයන් මිල දීගෙන ඇති බවයි. ‘මෙම කෘතිය හා ලේඛකයා මුහුණ දුන් යම් තර්ජන, ගර්ජන, වාරණ, උපහාස, අපහාස බොහෝ දෙනෙකු මේ වන විට දන්නා නිසා මම ඒ ගැන කථා නොකරමි. එහෙත් මේ කෘතියේ ඉරණම දකින්නට වසර පණහක් තිස්සේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉන්නට ලැබීම ගැන ප‍්‍රාණියෙකු වශයෙන් සතුටු වෙමි,’ යැයි පොතේ තුන්වන මුද්‍රණයට සඳහනක් සපයමින් ටෙනිසන් කියයි. පොතේ එන පළමුවන කෙටිකථාව ‘මෛත‍්‍රි බුදුහාමුදුරුවෝ බුදුවන පුස්තකාලයේ සියඹලා ගහ යටදී’ යන නමට හිමිකම් කියයි. දෙවන කථාවේ නම ‘බුද්ධදාස ස්වයං රසය විඳින මොහොතේ ස්වකීය කාමරයේදී’ යන්නයි..රංජිත් පෙරේරා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපේ් වෘත්තාකාර සිරගෙය.Next articleපාසල් සිසුන්ගෙන් 80.4%කට ගුරුවරුන් පහරදීලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රටබටු දාපු, කොල්ලු හොදි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රටබටු දාපු, කොල්ලු හොදි.By සංස්කාරක.August 9, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.අප ආතා කිව්වේ ආත්තම්මාට ය. උන්දෑ ජීවිත කාලයේ කිසිම දිනක පාසලකට ගොස් නොතිබූ වලපනේ දිසාවේ හරස්බැද්ද ගම් තුලානේ අතිදුර්ග පාරවලින් ප්‍රවේශ විය යුතු ගමක ඉපිද යාබද මොරබැද්දේ මිනිසෙකු හා සරණ විත් තවත් දුරු රටක වසා අවසන මුහුදුකරයේ ගමකදී දිවිසැරිය නිමා කළ ගැහැනියකි. ඈ උපන් ගම නිවෙස්වල ගෙවතු වට සිටවූ පෙයාර්ස් ගස්වල අදද පල දරන අන්දම  මහත් අභිරුචියෙන් නැරඹිය හැකි දසුනකි. මේ මෑත නුවරඑළියෙන් නික්ම මහකුඩුගල දෙසට යද්දී ඒ අසිරිමත් පෙයාර්ස් මතක විඳ ගනිමින් ගිය මට එබිම දුර්ග මොහොර සිරසකින් එබී බලන කල ඈත ඌව මිටියාවත් දිසෙන සොඳුරු දස්සන සිහිපත් විය. පෙයාර්ස් හා බොහෝ උඩරට එළවළු බෝග වවන්නට නිසි සෞම්‍ය දේශගුණයකින් හෙබි බිම එක්වරම බැලුම්ගල යැයි හඳුන්වන අඩි දෙදහසක පමණ ප්‍රපාතයකින් කෙළවර වෙයි. ඉන් එපිට මධ්‍යම කඳුකරයේ වියළි නැගෙනහිර කලාපය වන්නේ කටුසර බෝග වවන්නට බෙහෙවින් හිතකාමී දේශගුණයකට නිවහන වෙයි..මේ ආතා ඉඳහිට සිය උපන්ගමට ගොස් පැමිණියහොත් හෝ ඇගේ නෑසියන් සිව් පස් පැයක ගමනක් නිමාවේ අප බලන්නට පැමිණියහොත් හෝ හෙළෙන් පල්ලෙහා හේන්වල වැවෙන කුරහන් රැගෙන ඒමේ සිරිතක් තිබිණ.  වන්නියෙන් බිම්තැන්නෙන් මෙපිට මේ ඌව මැදරට අතරමැදි හුදෙකලා ගම්බිම්වල පැතිර තිබූ විචිත්‍රභාවී හේන් කුරක්කන් සංස්කෘතිය පසු කාලයේ ගිල ගත්තේ දුම්කොළ බෝගය වවන්නට මිනිසුන් හුරු වීම නිසාය. පස්සෙන්පහු කාලෙක ආතාගෙ සිහිකල්පනාව දූරිංභූත ව යන්නට මතු ඉඳහිට තමා දැන සිටි කුරක්කන් කවියක් කියන්නට ඇය අමතක නොකළාය. කුරක්කන් හෙවත් කුරහන් ගෙනා විගස ගැහැනුන්ගේ කාරිය වූයේ ඒවා හොඳහැටි ගරා වට්ටවල දමා අව්වේ වියළා ගැනීමයි..ගෝනි පඩංගුවක් හෝ පැදුරක් ගොම ගෑ ගෙබිම එලා කුරහන් ඇඹරීමේ කටයුත්ත සඳහා බවලතියෝ දෙතුන් දෙනෙකු වට වෙති..එදවස ගෙවල අරුමෝසම් ඇන්ටික් භාණ්ඩයක්ව විසිත්ත කාමරයේ තැම්පත් නොවූ කුරහන් ගලක් වූ අතර එය පලු දෙකකින් හා උඩ පලුවේ අල්ලුවකින්ද මැද කුහරයකින්ද සමන්විත වූ අපූරු මෙවලමක් ලෙස අප සිත් ගත්තේය. ගල් යුගයේ පාෂාණමය මෙවලම් තනාගෙන ඒවායෙන් සංස්කෘතිය සුහුරු කරගත් මිනිසා නිපද වූ අද්විතීය මෙවලමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැත. බොහෝවිට භාවිතයෙන්ම ඔප මට්ටම් වූ කිතුල් ලී අල්ලුවෙන් අත බර කොට කුරහන් දෙගලේ මතු ගල් පුවරුව කරකවන විට මැද කුහරයෙන් තව තවත් කුරහන් ඇට හෙළීම තමන්ටම කළ හැකි වූ නමුත් තවත් කෙනෙකු හවුලේ එය කරන දසුන සුලබ විය. යටි ගල මත ඇතිල්ලී කරකැවෙන උඩු ගලින් තෙරපී බිඳී පිටි වන කුරක්කන් ගල් දෙබෑවේ මැදි ඉඩෙන් එලා ඇති පැදුරට හෝ ඇතිරිල්ලට වැටේ. ඒ සිනිඳු කුරහන් පිටි බහුලව තලප තැනීමට හා කුරහන් රොටී, පිට්ටු සහ හැලප සෑදීම සඳහා භාවිත කළ හැකිය..කුරහන් කෑමේ අග්‍රේෂය තලප කෑමයි. පතන්දර තලප ගුලි දඩමස් හොදියෙන් අනා කෑ මතක මට ගෙනෙන්නේ ගල්ගෙඩියාවේ දිසාගේ හේන් බිම්වල සහ බලහරුවේ සමතේගේ මැටි කුස්සියේ නහඹු සුවඳ හා මුසුවය. කුරහන් තලප කන්නට නම් දඩමස් හොද්දක් වුවමනායැයි පැතිරුණ කතන්දර තිබුණි. වියළි දඩමසක කුර හා හම්ද මුහු කළ හොද්දක් සමඟ ගිලින තලපය තනාගන්නා බෝගය නිසා මේ කටුසර බිජු කුරහන් වූ බව මා හා කීවේ මුප්පනේ මහ වැදිරට මිනිසෙකි. එහෙත් ඌව රට උඩිස්සට එද්දී හිඟ දඩමස් පිළිබඳ විස්සෝප නොවූ ගම්මු අලකොළ නියඹලාවක් හෝ බොහෝ ඇට බැට හා කොළ පලාද එළවළු මෙන්ම අල බෝග, තිබ්බටු, අසමෝදගම්පවා එක්කාසු කර තැනූ ආනමක් සමඟ තලප කෑහ..ඉහළ ඌවේ මෙන්ම මහනුවර දිසාවේ හඟුරන්කෙතින් මෙපිට වලපනේ සාවියේ මිනිස්සුද තමන් වැවූ රනිල බෝගයක් වූ කොල්ලු තලප කෑම සඳහා සුදුසු හොද්දක් උයා ගැනීමට භාවිත කළහ. අවුරුද්දේ මුල් කාර්තුවේ කොල්ලු වැස්ස යැයි හඳුන්වන කඩින් කඩ ඇදහැලෙන අක්වැස්ස බලා කොල්ලු වැපිරූ ඔවුහු කරල පැසෙන විට වැල් පිටින් උදුරා ගොම ගෑ කමතක දමා මඳක් වියළුණු කළ මෝල ගස් හෝ තඩි පොලුවලින් තනා හෙළා ගන්නා ඇට එකතු කරගත්හ. ඒවා උයන්නට ගන්නේ කබලේ බැද වණේ ලා කොටා  පියලි කිරීමෙන් අනතුරුව කුල්ලේ පූ කර පොතු හැර ගරා හොද්දටය. මේ හොද්ද රස වන්නේ බොහෝ සෙයින් යොදන රටබටු නමැති කුඩා හේන් තක්කාලි නිසාය..අද ද ඔවුහු කුරහන් තලප හා කොල්ලු හොදි කති. එහෙත් ඒ මෝලේ ඇඹරූ කුරහන් හා කඩෙන් ගෙනා පිටිවලින් තැනූ තලප හා කොල්ලු හොදිය. දශක දෙක තුනකට ඉහත ඔවුන් වෙත තිබූ විචිත්‍ර සංස්කෘතිය අහිමි වී ගොසිනි. ඒ හා කාබනික ආහාර සංස්කෘතිය මෙන්ම වැඩ සංස්කෘතියේද පංගුවක් අහිමි ව ඇත. ■.■ ලසන්ත ද සිල්වා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපිරිත් කඹයේ සිට වශී බෝලය තෙක් – තිලක් සේනාසිංහ.Next articleකටහඬ එක්ක අතුරේ යන අය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අදානි ආ හේතුව ගැන කැබිනට් ප්‍රකාශකට කටඋත්තර නෑ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අදානි ආ හේතුව ගැන කැබිනට් ප්‍රකාශකට කටඋත්තර නෑ.By සංස්කාරක.November 2, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ මුහම්මද් තාරික්.ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත පිරිසක් පසුගිය 24 වන දින රාත්‍රියේ පෞද්ගලික ගුවන්යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණියහ. එම නියෝජිත පිරිස අතර ගෞතම් අදානි මහතාගේ පුත් සගාර් අදානි, අදානි ට්‍රාන්ස්මිෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්ද අයත්ය. පෞද්ගලික සංචාරයක් ලෙස එය සිදුව තිබුණු අතර මෙම සංචාරයේදී ගෞතම් අදානි මහතා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් කීප දෙනෙකු හමුවීමට නියමිතව තිබුණු බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණි..ගෞතම් අදානි මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් 25 වන දින සිදුවූ අතර එය පෞද්ගලික මට්ටමින් පැවති හමුවක් විය. අදානි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සඳහන් කළ හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ, කොළඹ වරායේ බටහිර ජැටියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වරාය, බලශක්තිය සහ පුනර්ජනනිය බලශක්තිය සම්බන්ධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔහු උනන්දුවක් දක්වන බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් අදානි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමාගම සමඟ ගිවිසුම් ගතවී ඇති පසුබිමක් තුළය..ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් මත සිදු කෙරෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අත්සන් කිරීම ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදා සිදු කෙරිණි. එහි සියයට 51 ක කොටස් අදානි සමූහයට අයත් වන අතර තවත් කොටස් 34 ක් අදානි සමාගමේ මෙරට නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමටත්, වරාය අධිකාරියට කොටස් 15 ක්ද අයත් වේ..එදිනම සවස එම පිරිස මන්නාරමේ සංචාරයකද නිරත වූහ. විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමටය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින් එම පිරිස මන්නාරමට ගිය අතර සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඇත..ගෞතම් අදානි මහතා මෙරට සංචාරයක නිරතවීමේ අරමුණ කුමක්ද යන්න 26 වැනි දින පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි..මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, “මේ සංචාරය පෞද්ගලික සංචාරයක් හැටියට තමයි වාර්තා වෙන්නේ. එම සංචාරය තුළදී ලංකාවේ තියෙන ආයෝජන අවස්ථා පිළිබඳව අදාල සමාගම කරුණු විමසන බව අපට වාර්තා වෙලා තියෙනවා. දැනටමත් ඔබ දන්නා පරිදි බටහිර ජැටිය ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම ඇතුළු කරුණු, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඇති අවස්ථාවන් විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් දැනට නිකුත් වෙලා නැහැ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණ දෙන ඩොලර් හිඟයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය සඳහා එවැනි ආයෝජන රටට කැඳවාගෙන ඒම විශේෂ කාරණයක්. ශ්‍රී ලංකාව දැනට පවතින තත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමඟ සැසඳීමේදි ආයෝජකයින් අඩුවෙන් එන රටක්. ඒ තත්වය හොඳ තත්වයට පරිවර්තනය කරගෙන මේ රටට ආයෝජකයින් කැඳවා ගැනීමට අවශ්‍ය පසුතලය පහසුකම් නිර්මාණය කිරීමත් රජයක වගකීමක් හැටියට අපි සලකනවා.” යනුවෙනි..රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසුවේ, “ලෝකයේම අංක 15 ඉන්න සමාගම. ඔවුන් පෞද්ගලික සංචාරයක් ලංකාවට සිදු කළා. ඔවුන් ලංකාව තුළ බැලුවා විශේෂයෙන්ම සුළං ශක්තිය පිළිබඳව. කොහොමද බලශක්තිය, ඒ තියෙන පොටෙන්ෂල් එක බලන්න තමයි ලංකාවට ආවේ. ඒවාගේම ලංකාවේ කරන්න පුළුවන් ආයෝජන පිළිබඳව සොයා බැලීමක් කළේ. ආයෝජන මණ්ඩලය ඇතුළු ඒ සියලු නිලධාරින් හමුවුණා. ඒවාගේම විසර්ජනනීය බලශක්ති පිළිබඳව ඒ බලශක්තිවල කරන්න පුළුවන් ආයෝජන පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය භූමියත් පරීක්ෂා කිරිමේ කටයුතු සිදුකළා.” යනුවෙනි..සංචාරය නිමා කරමින් ගෞතම් අදානි මහතා ප්‍රමුඛ ව්‍යාපාරික කණ්ඩායම 26 දින පස්වරු 4.10 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටව ගියේය..සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ගෞතම් අදානි මහතා සංචාරය පිළිබඳව සඳහන් කර තිබෙන්නේ, “ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් කොට සලකනවා. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුත්තට අමතරව, ශ්‍රී ලංකාව තුළ වෙනත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වන හවුල්කාරිත්වය පිළිබඳවත් සොයා බැලීමට අදානි සමූහය කටයුතු කරනවා” යනුවෙනි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleචීනයෙන් ඉල්ලං පොහොර කෑමේ රාජපක්‍ෂ විලාසිතාව.Next articleනියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම.තවත් යෝජනා කිහිපයක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අදත් මෙතුමෝ දුකම වළදති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අදත් මෙතුමෝ දුකම වළදති.By සංස්කාරක.August 5, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දහඅට වංගුවේදී වාහනය ඉදිරියට පැන්නේ ගෝනෙකි. වාහනය පදවාගෙන ගිය උදය කළුපතිරණ එකවරම බ්‍රේක් ගැහුවේ ගෝනා වාහනයේ වැදුණා නම් වාහනය අනතුරට පත්වී අපගේ ගමන අවසන්වන බෑවිනි. රාත‍්‍රිය එහි පශ්චිම භාගයට ආසන්නය. අම්පාර ගෝනගල ගමේ එල්ටීටීඊ සංවිධානයෙන්යැයි සැකකරන සමූලඝාතනයක් ගැන තොරතුරු රැුස්කිරීමට අප යන ගමනට බුද්දියාගම චන්දරතන අපේ හාමුදුරුවන්ද එකතුවුණේ, උන්වහන්සේ එසේ මායිම්ගම්වලට යන කණ්ඩායමේ නිරන්තර සාමාජිකයකු වුණු නිසාය. අප තව පැය හතරක්වත් ගමනේ යෙදිය යුතුව ඇත. හැකි තරම් ඉක්මනින් අම්පාරට ළඟාවිය යුතුය. ගෝනගල ගමේ එකම පවුලේ සමාජිකයන් ඇතුළුව 54 දෙනකු මරාදමා ඇත. ඝාතකයන් පැමිණ ඇත්තේ ඊට මායිම්වුණු රානමඩුව ගමෙන්යැයි දැනගන්නට ලැබුණි. බොහෝ මිනිසුන් අතට හසුවන දෙයක් ගෙන අත්ට‍්‍රැක්ටර් හෝ වෙනයම් වාහනයක නැගී ආරක්ෂිත තැන්වලට යන බවද දැනගන්නට ලැබුණි. අප තවම දහඅට වංගුව පසුකළා පමණි. එකිනෙකා නිදිකිරන්නට වුණු අතර එය රියැදුරු අසුනේ වූ උදයටද දැනෙන්නට ඇත. එහෙත්, ගමන නැවැත්විය නොහැකිය. බුද්දියාගම හාමුදුරුවෝ එක දිගට සින්දු කියන්නට වූහ. ඒ උපක‍්‍රමයෙන් උදෑසන වනතුරුම උන්වහන්සේ උදය නින්ද නොයන සේ තබාගැනීමට සමත් වූහ..බුද්දියාගම හාමුදුරුවෝ අපූරු චරිතයකි. බෞද්ධ භික්ෂුවක වුවද ඕනෑම කෙනෙකුට ළංවිය හැකි චරිතයක් ඔහුට විය. වන්නි සංස්කෘතික පදනම යනුවෙන් කණ්ඩායමක් ගොඩනගා පුත්තලමේ කරුවලගස්වැව, ඉහළ පුලියන්කුලම ගම්වල අහීදුප්පත් මිනිසුන්ට උදව් කරන්නට කළ හැකි සෑම දෙයම කරන්නට අදද ඔහු වෙහෙසෙයි. බුද්දි දියවර ගම්මානය අසල, අනුරාධපුර පාරේ පිහිටි එහිමියන් වැඩසිටි පන්සලට දිනෙක මා දහවල ගොඩවදින විට, පාන් කාලක් හා පිහියකින් උලූ‍ප්පාගත් පොල් කෑලි සමග දහවල් දානය ගනිමින් සිටියෝ, වරෙක කසාගල මහා විහාරයටම අධිපති වන්නට සිටි බුද්දියාගම චන්දරතන අපේ හාමුදුරුවෝය..කසාගල පන්සල අතහැර පැමිණීම ගැන මෑතකදී විමසූවිට ඔහු කීවේ, ලොකු හාමුදුරුවන් අපවත්වී සතියක් නික්මයන්නට පෙර පන්සල හැරදා ආවේ, තමා භික්ෂුවක විනා දේපළ එකතුකරන්නකු හෝ වතු පාලකයකු නොවිය යුතු බව තරයේ අදිටන් කරගත් නිසා බවයි. අක්කර දහස් ගණනක දේපළක් හිමි කසාගල මහා විහාරයේ අධිපති වුණා නම් තමා ජනතාවගෙන් ඈත්වන බව චන්දරතන හිමියන්ගේ මතයයි..එහිමියන්ගේ අම්මා මුණසිංහ ආරච්චිලාගේ හීන්හාමිය. පියා ජුවානිස්ය. වයස 12දී සාමණේර දිවියට ඇතුළත්ව 1972දී බුද්දියාගම චන්දරතන හිමි, උපසම්පදාව ලබන්නේ මාතර හම්බන්තොට දෙපළාතේ අධිකරණ සංඝනායක කදුරුපොකුණේ සුමනතිස්ස ගුරුහිමියන් යටතේය. බුද්දියාගම හිමියන් මහණ වන්නේ කදුරුපොකුණේ හිමියන් විහාරාධිපති ධුරය දැරූ කසාගල රජමහා විහාරයේය..පැවිද්දෙන් පසු මාතර කිතලව පිරිවෙණෙන්ද අනතුරුව ගාල්ල රේවත පිරිවෙණෙන්ද තම ධර්මශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරන එතුමන් උපාධිය හෑදෑරීමට යන්නේ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණටයි. කසාගල කියන්නේ, අඟුණකොළපැලැස්ස සමීපයේ රජමහා විහාරයකි. අපේ කතානායක හාමුදුරුවෝ අතිවිශාල දේපළක් හිමිව තිබුණු ඒ රජමහා විහාරයේ ගුරු-ශිෂ්‍ය පරම්පරාවට අයත්වුණු නිසාම විහාරාධිපති අනුප‍්‍රාප්තිකයෙක්ද වූහ. කදුරුපොකුණේ සුමනතිස්ස ගුරුහිමියන් අපවත්වූ පසු කසාගල විහාරයේ විහාරාධිපති වන්නෝ විතාරන්දෙනියේ විමලසිරි හිමියෝය. බුද්දියාගම චන්දරතන හාමුදුරුවෝ පරම්පරා සම්ප‍්‍රදාය අනුව විමලසාර හිමියන්ගේද අනුප‍්‍රාප්තිකයාය. 1988දී විමලසාර හිමියන්ද අපවත්වුණු විට ගුරු-ශිෂ්‍ය පරම්පරා සම්ප‍්‍රදායට අනුව විහාරාධිපති උරුමය එන්නේ අපේ හාමුදුරුවන්ටය. එහෙත් එහිමියන් එහිදී මුහුණ දෙන්නේ උභතෝකෝටිකටය. එක පැත්තකින් ඒ වනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු දකුණේ සන්නද්ධ කණ්ඩායම්වල තර්ජනයයි. අනෙක් පැත්තෙන් විශාල සාංඝික දේපළක් කළමනාකරණයට තිබුණු තදබල අකැමැත්තයි. ලොකුහාමුුදුරුවන්ගේ් ආදාහනයෙන් පසු එළැඹෙන සතිය නව විහාරාධිපති පත්කරගන්නා අවස්ථාවයි. බුද්ධියාගම හාමුදුරුවෝ, විහාරාධිපතිකම පැවිදි සහෝදරයකුට දී හිස් අතින්ම රාජමහා විහාරයෙන් එළියට ආවෝය..චන්දරතන හාමුදුරුවන් මට මුලින්ම මුණගැහෙන්නේ, යොහාන් දේවානන්ද පියතුමා සහ නිමල්කා ප‍්‍රනාන්දු සහෝදරී සමග කිතුනු තරුණ හමුවකට පැමිණෙන තරුණ භික්ෂුවක ලෙස 1985 තරම ඈත කාලයකය. දකුණේ මාක්ස්වාදීන් වෙතින් තර්ජනයට ලක්වන ඔහුට ජීවිතය බේරගන්නට කලක් වහංවී ඉන්නටත් සිදුවිය. ඒ කාලයේ දෙසැම්බර් 10, මානව හිමිකම් දිනයෙක කොළඹ පැවැත්වුණු රැුස්වීම් තුනකම මුලසුන දැරුවේ ඔහුය. එය සාම ක‍්‍රියාකාරිකයන් හා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් අතර ඔහුට තිබුණු ඉහළම පිළිගැනීමේ සංකේතයක් බඳුවිය. අන්තර් ආගමික කටයුතු ඔහුගේ ප‍්‍රධානතම කටයුත්ත විය. මුස්ලිම් හා දෙමළ මිනිසුන් සමග වැඩ කිරීමට ඔහු ජීවිතයේ බොහෝ කාලයක් වැයකළේය. සාම පාගමන්, සාම වැඩමුළු‍ හා මුලින් විස්තර කළ ආකාරයේ මායිම් ගම්දනව්වල මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු ඕනෑම වේලාවක කැපවී සිටියේය. අදත්, ඔහු ජීවත්වන්නේ ඉතා දුෂ්කර එළුවන්කුලම ගමේ, උදව්වට උපකාරයට ඉන්නා තව එක පුද්ගලයකු සමගය..ඉතා සතුටෙන් තම භික්ෂු කාර්යය ගැමියන් සමග බෙදාහදා ගන්නා බුද්දියාගම අපේ හාමුදුරුවෝ දැන් සෑත්තෑවෙනි වියට පියනගමින් සිටිති. ‘බුද්දියාගම’ යනුවෙන් මිතුරන්ගෙන් ආමන්ත‍්‍රණය ලබන නමුත්, කටපුරා හාමුදුරුවෝයැයි කියන්නට කිසිවකු නොපැකිළෙන යතිවරයෙකි ඔහු. පසඟ පිහිටුවා නමස්කාර කළ හැකි නියම යතිවරයෙකි ඔහු. දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භයව පෙනීසිටි අපේ හාමුදුරුවෝ සියලූ‍ ආගම්වල මිතුරෙකි. වචනයේ පිරුණු අරුතෙන්ම අල්පේච්ඡු මිනිහෙකි. රජසැප විඳිමින්, දේශපාලන නායකයන් ඇසුරේ ඔවුන්ට පිරිත්නූල් බඳිමින් මහ විහාරයක අධිපති වී විරාජමාන වනවාට වඩා මිනිසුන්ගේ භික්ෂුවක වීමට ඔහුට අවැසි විය..ඕනෑම කණ්ඩායමක් සමග එකම විදියට වැඩ කරන්නට ඔහුට පුදුම හැකියාවක් තිබේ. ඉතා දැඩිව බෙදුණු විභවතාවන් ඇති කණ්ඩායමක් වන එන්ජී ඕ සමග වැඩ කිරීමේදී ඔහුට භේදයක් නොතිබිණ. ලෝක සහයෝගිතා ව්‍යාපාරය, මර්ජ් සංවිධානය, මහජන සාම පෙරමුණ, ජාතික සාම මණ්ඩලය, ජාතික ක‍්‍රිස්තියානි මණ්ඩලය, දේවසරණ හා වෙනත් බොහෝ ජනතා සංවිධානවල ක‍්‍රියාකාරිකයකු වුණු බුද්දියාගම හාමුදුරුවෝ එක තැනෙක සිටින පුද්ගලයෙක්ද නොවූහ. බහුජනතාවගේ හිතසුව පිණිස චාරිකා කළේය. මණ්ඩාවල හිමියන් විසින් ලියන ලද පිටු කිහිපයක එහිමියන් හැඳින්වෙන්නේ ජීවමාන යතිවරයෙකු ලෙසය..සාමාන්‍ය මිනිසකු තුළ නොදකින ආත්ම සංයමයක් එහිමියන් තුළ විය. තරගකාරීත්වයක් නොවීය. අතිශයින්ම නිහතමානිය. බුදුදහම ගැන තිබුණේ විශාල දැනුම් සම්භාරයකි. තම ජීවිතයට කිසිම සුවපහසුවක් නොසොයා නොතකා මිනිසුන්ගේ සාමය වෙනුවෙන් ඔහු තවමත් චාරිකා කරන්නේය..සුභද්‍රාරාමයේ බාහිර උපාධියට සූදානම් වන සමයේදීම කරුවලගස්වැවේ පන්සල සමග සම්බන්ධ වන්නේ සුභද්‍රාරාමයට සම්බන්ධ ඒ පන්සල හා ගම්වැසියන්ගේ ජීවන ත්ත්ත්වය උසස් කිරීමට කරන විවිධ වැඩ හරහාය. කරුවලගස්වැව පන්සලට එන්නේ එය බලාගන්නට කෙනෙකු නොසිටි නිසාවටය. මේ දකුණේ භීෂණය උත්සන්න වන සමයයි. ජීවිතය ආරක්ෂා කරගැනීමට එහිමියන් තායිලන්තයට යන්නේ කළහැකි කිසිවක් නොවූ නිසාය. ඒ ජීවිත තර්ජනය එන්නේ, වාමාංශික ව්‍යාපාර හා වෙනත් බහුජන ව්‍යාපාර සමග බද්ධවන එහිමියන්ගේ මතය හා පැරණි වාමාංශික නායකයන් සමග වන ඇසුරද නිසාය. තායිලන්තයෙන් ලංකාවට එන්නේ ඒ ප‍්‍රශ්න තුරල්වුණු පසුවය. කාලයාගේ ඇවෑමෙන් කරුවලගස්වැවට බද්ධවන බුද්ධියාගම හාමුදුරුවන් එතැන් සිට වසන්නේ කරුවලගස්වැවය. වල්අලින්ගේ කරදරද, කොටින්ගේ කරදරද සමගින් දුක්විඳින ගැමියන් සමග ජීවත්වන අපේ හාමුදුරුවන් ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් දරන්නේ ‘සාමය හා දේශපාලන විසඳුම්’ යන මතය පමණෙකි. ‘සාමය වෙනුවෙන් අපට කළ හැකි හැමදෙයක්ම අපි කළා’ එහිමියෝ කියති..මොනරාගල ගොවි හටන.මෙටා ඉන්ටර්නැෂනල් යනු බි‍්‍රතාන්‍ය සමාගමකි. වික්ටෝරියා වේල්ල හදන්නට බි‍්‍රතාන්‍ය ආධාර ගැනීමේදී මොනරාගල වැල්ලවායේ හා පැල්වත්තේ සීනි සමාගම් ආරම්භ කිරීමටත්, ඒවාට අවශ්‍ය ඉඩම් බි‍්‍රතාන්‍ය සමාගම්වලට බදුදීමටත් එකඟතාවක් තිබිණු බවට එකල මතයක් විය. මෙසේ සුද්දන්ට බදු දුන්, බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්ය‍යා ඉපදුණ පුණ්‍යභූමියේ ඉඩම් බේරාගැනීමට බහුජන ව්‍යාපාර සමග හා වාමාංශික කොටස් සමග එක්වුණු විජය චන්ද්‍රිකා වැන්නන් සමග ඉදිරියෙන්ම සිටි අය අතර අප හිමියෝද කෙනෙකි. සමස්ත ලංකා ගොවි සම්මේලනයට අනුයුක්තව කටයුතු කළ එහිමියෝ එකල බහුලව පැවති ගොවි සටන්වල නිරන්තරයෙන් නිමග්න වූහ. සියවස් ගණනාවක් නිවහල් ගොවීන් වුණු ජනතාවක් ගොවි-කම්කරුවන් බවට පරිවර්තනය වන්නට නොදී, ඔවුන් වෙනුවෙන් චාරිකා කිරීම එතුමන්් කසාගල රජමහා විහාරයේ වසන සමයේදීම ඇරඹූ බහුජන හිතාය කටයුත්තකි. වික්ටෝරියාව අපට ලෑබෙන්නේ 1981දීය. පැල්වත්ත සටන් ඇරඹෙන්නේ 1984 අගභාගයේදී පමණය. 1986 වන විට පැල්වත්ත හා සෙවණගල සීනි සමාගම වැඩකටයුතු නිමාකර තිබිණි. එය නවසීලන්තයේ වැනි තැනක් වුණු අතර ගොවීන් එදාවේල කන්නට නොහැකිව දුක්වින්ද බව ලියුම්කරුද 1986 කාලයේදීම දැක තිබිණි. අද අපට එදා ගොවි සටන් අමතකව ගිය සෙයකි. එවැනි අතීතයක් තිබුණු බවවත් නොදන්නා බොහෝ දෙනා රත්න ශ‍්‍රීගේ ‘බිම්බරක් සෙනග’ සින්දුවෙන් කියන්නේ කා ගැනද කියාවත් නොදනිති..අසූගණන්වල හැදුණු තවත් මහාමාරියක් වුණේ ජලබදු පැනවීමට ජේආර් ආණ්ඩුව කළ යෝජනාවයි. ඊට එරෙහිව ගොවීන් පාරට බැස කළ සටන්වලදී කුරුණේගල හා රජරට ගොවීන් සමග දුෂ්කර චාරිකා කළෝ, ඒ සටනේම කොටසක් වුණු අපේ හාමුදුරුවෝය. කුරුණේගල, ජලබදු සටනේ එවැනි එක් සටන් මධ්‍යස්ථානයක් විය. සමස්ත ලංකා ගොවි සංවිධානය (සලගොසය) ‘ගොවියා’ නමින් පුවත්පතක් කළ අතර ඉබ්බාගමුව, යකල්ලේ ‘දේවසරණ’ අසූගණන්වල ගොවිසටන්වල ක‍්‍රියාකාරී මධ්‍යස්ථානයක් විය. යොහාන් දේවානන්ද කිතුනු පියතුමාද දේවසරණ මධ්‍යස්ථානයේ සරත් ප‍්‍රනාන්දුද, ටීබී හා පැටි‍්‍රක් ප‍්‍රනාන්දු වැනි සටන නායකයන්ද, අප හිමියන් මතක කරන්නේ සැබෑ සෙනෙහසිනි. සටන් සගයන්වූ ඔවුහු බොහෝදෙනා අද අප හැරගොසිනි..ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් කාර්යභාරයක් කළ ජාතීන් අතර යුක්තිය හා සමානත්මතාව සඳහා ව්‍යාපාරය හෙවත් මර්ජ් බුද්දියාගම චන්දරතන හිමියන්ගේ තවත් නවාතැනක් විය. සාමය ඇතිකිරීමට ඕනෑම දෙයක් කිරීමට හා ඕනෑම කෙනෙකු සමග වැඩකිරීමට සැදීපැහැදී සිටි චන්දරතන හිමියන් යාපනයට යන්නේ ඉන්දීය හමුදාව යාපනය අත්පත් කරගෙන සිටි සමයේදී, 1987දී ය. ඒ, ඉන්දීය හමුදාව ඉවත්ව යායුතු බව කියමින් යාපනයේ ජනතාව ඉන්දීය හමුදා කඳවුරු ඉදිරියේ උද්ඝෝෂණ කරන සමයයි. දකුණෙන් ගිය විවිධ කණ්ඩායම් කලකින් ඇතිවුණු සටන් විරාමය තුළ, උතුරු-දකුණු සංවාද ආරම්භ කළ සමයයි..දිනක්, යොහාන් දේවානන්ද පියතුමා ඇතුළු‍ කණ්ඩායමක්ද, වෙනත් දකුණෙන් ගිය කණ්ඩායමක්ද උතුරේ ජනතා සංවිධාන හමුවී, නැවත එමින් සිටියෝය. ඒ දිනවල එල්ටීටීඊය, ඉන්දීය හමුදා යාපනයෙන් පිටවිය යුතු බවට විශාල මතයක් ගොඩනගමින් සිටි අතර ඉන්දු-ලංකා ගිවිසුම අහෝසි කිරීමටද බලකෙරිණි. ඒ මත දකුණේ කණ්ඩායම් උභතෝකෝටිකයක හිරවිණි. ඔවුන් මෙතෙක් ඉල්ලාසිටි සමහර ඉල්ලීම් ඉන්දු-ලංකා ගිවිසුමේ තිබුණු අතර එල්ටීටීඊය ඒවා ප‍්‍රතික්‍ෂෙප කිරීම නැවත යුද්ධයකට අරඇඳීමක් බව ඔවුනට පෙනිණි. මෙවැනි අන්තර්කාලයක යාපනයට ගිය කණ්ඩායම නැවත එන ගමනේදී, එල්ටීටීඊය විසින් වන්නියට ආසන්නයේ තැනකදී ඔවුහු නතර කරන ලදහ. එතෙක් දකුණේ ප‍්‍රගතිශීලි කණ්ඩායම් අරබයා අනුගමනය කළ ප‍්‍රතිපත්තියට වෙනස්ව යමින් එල්ටීටීඊය මේ මොහොතේ මේ කණ්ඩායම සන්තක සියලූ ‍දේ හා වාහන උදුරාගත්තේය. අවසන ජීවිතද අහිමිවීම බව කණ්ඩායමට වැටහිණි. ජීවිතය හා මරණය අතර ගෙවුණු එම හෝරා කිහිපය එම ගමනට සහභාගිවුණු චන්දරතන හිමියන්ට තවමත් මතකය..බුද්දියාගම හිමියෝ හම්බන්තොට ජලබදු සටනේද නායකයෙකි. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ දකුණේ සංවිධායකයා වන අතර බොහෝ දේශපාලකයන් සමග කටයුතු කරන්නට මේ සමයේදී උන්වහන්සේට සිදුවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, තිස්සමහාරාම හිටපු මන්ත‍්‍රීවරයකු වුණු ටෙනිසන් එදිරිසූරිය හා බොහෝ වාමාංශික නායකයන් සමග එහිමියෝ් හම්බන්තොට ගොවි ජනතාවගේ ජල අයිතිවාසිකම් වෙනුවෙන් නිබයව පෙනීසිටියෝය. තමාට මහත් ශක්තියක්වූ ටෙනිසන් එදිරිසූරිය, එහිමියෝ අදද සිහිපත් කරති. ගොවිසටන්වල එක් සන්ධිස්ථානයක් ලෙස එහිමියන්ට මතක් වන්නේ පොළොන්නරුවේ ගොවි මැයි දිනයයි. ගොවීන් වෙනුවෙන් පළමු වතාවට මැයි දිනයක් සංවිධානය වන්නේ සලගොසයෙනි. අපේ හාමුදුරුවෝ එහිද සංවිධායකයෙකි..මර්ජ් සංවිධානයෙන් ආරම්භ කළ මායිම් ගම්මාන සම්බන්ධීකරණ කමිටුවේද එතුමෝ යාවජීව සාමාජිකයෙකි. අප ගෝනගල සංහාරය වාර්තා කරන්නට යන්නේ මෙම යාවජීව සම්බන්ධය නිසාය. එතුමෝ අප සමග බොහෝ ගම්වල සෑරිසෑරූහ. ගෝමරන්කඩවල සුමනසාර හාමුදුරුවෝද, හොරොව්පොතානේ පියරතන හිමියෝද භානුකද යූඇල් ජෝසප්, මඩහපොල දිසානායක හා සුනිල් කහගල්ල එවැනි අප සමග කටයුතු කළාහුය. බුද්දියාගම හිමි කටයුතු කරන්නේ සියලූ‍ සත්වයන්ට මෛත‍්‍රිය පතමිනි. සිංහල මායිම් ගම්මානවලටද, මුස්ලිම් මායිම් ගම්මානවලටද, දෙමළ මායිම් ගම්මානවලටද එහි වෙනසක් නැත..එසේ මෛත‍්‍රිිය පාන්නේ වරෙක එල්ටීටීඊයෙන් මරණ වරෙන්තුව ලියාගෙන අනූනමයෙන් බේරි ආවායිනුත් පසුවය. එල්ටීටීඊ ළමා සොල්දාදුවන්, අලූ‍ත්ම මැගසින් සහිත ස්වයංක‍්‍රිය රයිෆල් හිසට තබා කොකා ගස්සන්ට පෙරත්, ‘ඔබ කැමති දෙයක් කරන්නයැ’යි සන්සුන් සිතින් කියමින් මෛත‍්‍රිය පෑ යතිවරයකු ලෙසය. උතුරේ බොහෝ කලක් ජීවත්වූ දෙල්ගල්ලේ පදුමසිරි හිමියන්, යොහාන් දේවානන්ද පියතුමා, රත්මලානේ කම්කරු සෙවණේ කිංස්ලි පෙරේරා, නිමල්කා ප‍්‍රනාන්දු, ෂෙල්ටන් රණරාජා නියෝජ්‍ය ඇමතිතුමා හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ පතාකයකු වු දොස්තර සුනිල් රත්නප‍්‍රියද එදා ජීවිතය බේරාගෙන සෑතපුම් 25ක් පමණ කිලිනොච්චියට පයින්ම ආ කණ්ඩායමේ අයය. සාමයට විවේකයක් නැත. අප හිමියන්ටද එසේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ වාසුදේව මහත්තයා සමග උතුරට යන්නේද ජීවිතය අනතුරේ තිබියදීය. විජය කුමාරතුංග හා චන්ද්‍රිකා කුමාරතුංග ආදින් සමග මොනරාගල කච්චේරිය වටලන්නට යන්නේ වෙල්ලස්සේ ගොවිබිම් රැුක දෙන්නටය..කරුවලගස්වැවට ආ පසු වන්නි සංස්කෘතික පදනම පිහිටුවා එල්ටීටීඊ පහරදීම්වලින් අනාථවුණු මහ එළුවන්කුලම ජනතාවට ගෙවල් 70ක් පමණ හදාදෙන්නේ වන්නි සංස්කෘතික පදනම හා ඔස්-එඞ් මුදල්වලින්ය. මෙම අනාථවුණු සමයේ ඉෆ්තාර් උත්සවයකට ගොස් රාත‍්‍රි 8ට පමණ පුත්තලම හන්දියට වී සිටින්නේ මේ සෑත්තෑවියද ඉක්මවු බුද්ධපුත‍්‍රයාය, කාගේ හෝ වාහනයකට නැග ගත්තේ නැත්නම් රුපියල් 1500ක් දී පන්සලට වඩින්නට ඕනෑය..ලක්ෂාන් ඩයස්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළෙදපොළෙන් ලොකු කුට්ටියක් කඩාගත හැකි කෙක්කක් විදියට.. මහාචාර්ය ලියනගේ අමරකීර්ති.Next articleධාවකයෙකුගේ ශෝකාන්තය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සුඩානයේ හිටපු ඒකාධිපතියා ජාත්‍යන්තර අධිකරණයට | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සුඩානයේ හිටපු ඒකාධිපතියා ජාත්‍යන්තර අධිකරණයට.By සංස්කාරක.February 16, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.වසර 30ක් තිස්සේ සුඩානය පාලනය කළ දරුණු ඒකාධිපති පාලකයා වන ජනාධිපති ඕමාර් අල් බෂීර් හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට එරට වත්මන් පාලකයන් තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ දැන් සුඩානය පාලනය කරන මිලිටරි නායකයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන්ගෙන් සැදි කණ්ඩායම වන ‘පාලක කවුන්සිලය‘..‘තීර් තීර් යා බෂීර්‘ යැයි කියමින් මීට වසරකට පෙර සුඩානයේ කාන්තාවන් පෙරටු කරගත් උද්ඝෝෂකයන් වීදි සටනක නිරත වුණා. එය ලොවම පුදුම කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක්. බෂීර් බලයෙන් පහකිරීම සඳහායි එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවතුණේ..එම උද්ඝෝෂණවල විශේෂත්වයක් තිබුණා. එයට මතවාදීමය නායකත්වය දුන්නේ සුඩාන වෘත්තිකයන්ගේ සංවිධානය. වෛද්‍යවරුන් ප‍්‍රමුඛ වෘත්තිකයන් එහි සිටියා. සැබෑ වියතුන් මෙන් ඒකාධිපතිවාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රටෙහි ජනමතය නිර්මාණය කිරීමට ඔවුන් සමත්වුණා. ඇතැම් රටවල ‘වෘත්තිකයන්‘ ඒකාධිපතියන් ඉල්ලමින් කෑගසන සමයක සුඩාන වෘත්තිකයන්ගේ මැදිහත්වීම පුදුම සහගත තත්වයක් ලෙස සැලකුවා. ඉහළ ආදායමක් ලබා තමන්ගේ ජීවිතය පමණක් සුරක්ෂිත කරගන්නට සිතන, රටේ මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කුමක් සිදුවුවත් කම් නැතැයි සිතන වෘත්තිකයන්ට වඩා සුඩාන වෘත්තිකයන් වෙනස්. ඊට අමතරව එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ මහමඟ නායකත්වය ගෙන තිබුණේ කාන්තාවන්. හැමවිටම සටන්පාඨ කියමින් මහමග සිටින මව්වරුන් හා දියණියන් දකින්නට ලැබුණා. මහමඟ සටනේ ඉතාම තරුණ අය සිටීමත් විශේෂත්වයක්. බෂීර්ගේ පාලන සමයෙහි ඉපිද, හැදී වැඩුණු තරුණයන් අලූත් ලෝකයක් ඉල්ලා සටන්වැදුණා..වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්වලට මෙන් සුඩානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්වලට යුරෝපයේ සහ ඇමෙරිකාවේ විශාල සහයෝගයක් නොලැබීමත් නිරීක්ෂණය කළ යුතු කරුණක්. මැදපෙරදිග රටක් වන සුඩානයේ පිහිටීම ජාත්‍යන්තර බල දේශපාලනයේදී තීරණාත්මක තැනක් ලෙස සැලකුවා. ඒ නිසා සුඩානයේ බලයේ සිටින පාලකයන් සමග විශාල ගැටුම් ඇති කර නොගැනීමට ජාත්‍යන්තර බලවතුන් වගබලාගන්නා බවට චෝදනා එල්ලවුණා..සුඩාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල උද්ඝෝෂණ ව්‍යාපාරයෙහි අරමුණු බොහොමයි. බෂීර් ගෙදර යැවීමට පමණක් එය සීමා වුණේ නැහැ. ඒකාධිපති පාලකයා ගෙදර යවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් ඇතිකිරීම, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ඉස්ලාම් ෂරියා නීතිය මුල් කරගත් පීඩාකාරී නීතිරීති වෙනස් කිරීම, කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්වලට පවා ඇති නීතිමය බාධක ඉවත් කොට කාන්තා නිදහස ශක්තිමත් කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, යුක්තිය ඉටු ආදි ඉල්ලීම් ගණනාවක් තිබුණා..මෙම උද්ඝෝෂණ වර්ධනය වෙද්දී 2019 අපේ‍්‍රල් මාසය වෙද්දී බෂීර්ට ඉල්ලා අස්වෙන ලෙස එහි මිලිටරි නායකයන් ප‍්‍රමුඛ කණ්ඩායමක් දැනුම් දී තිබුණා. එයින් පසුව මිලිටරි නායකයන් සුඩාන බලය අල්ලාගත්තා..එහෙත් සාමාන්‍ය ජනතාව එම මිලිටරි නායකත්වයට එරෙහිවත් උද්ඝෝෂණවල නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිස මිලිටරි පාලනයක් නොවෙයි. මිලිටරි නායකයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදිය නොහැකි බව තමන්ගේ කලාපයේ රටවල් ගණනාවක අත්දැකීම් ඇසුරෙන් ඔවුන් දැන සිටියා..මිලිටරි නායකත්වයට එරෙහි උද්ඝෝෂකයන් දරුණු ලෙස මැඬපැවැත්වීම් 2019 වසර පුරාවට වාර්තා වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සමාජය එම මර්දනය පිළිබඳවත් අඩු අවධානයක් යොමු කිරීම ගැන චෝදනා එල්ලවුණා..විවිධ අරගලවලින් පසුව මේ වනවිට සුඩානය පාලනය කරන්නේ වසර තුනක කාලසීමාවක් සඳහා පත්වූ අන්තර්කාලීන රජයක්. 11 දෙනෙකුගෙන් සමන්විත කවුන්සිලයක් එම පාලකයන් අතර ඉන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම්වල මෙන්ම මිලිටරි නායකයන්ගේ නියෝජනයක් එහි තිබෙනවා. අගමැතිවරයෙක් ඉන්නවා. වසර තුනකින් ඔවුන් මැතිවරණයක් පැවැත්විය යුතුයි. එහෙත් සුඩානයේ වැඩි බලය මිලිටරි නායකයන් සතුයි..බෂීර් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදෙන බව පාලක කවුන්සිලය ප‍්‍රකාශයට පත්කළත්, සටහන ලියන මොහොත දක්වා එය කරන්නේ කෙසේදැයි දැනුම් දී නැහැ. මීට පෙර සුඩානයේ මිලිටරි නායකයන් බෂීර් ජාත්‍යන්තර අධිකරණයට බාරදෙන්නට සූදානම් බව පෙනුණේ නැහැ. කෙසේ වෙතත් මීට පෙර උද්ඝෝෂකයන් හා මිලිටරි නායකයන් අතර පැවති සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස අල් බෂීර් ජාත්‍යන්තර අධිකරණයට බාරදීමට තීන්දු කර තිබුණා..ඒ අනුව එරට පුරවැසියන් දරුණු මර්දනයන්, පීඩාවන් මැදින් තමන් පීඩාවට පත්කළ ඒකාධිපතියා ගෙදර යවා, ඔහුට යුක්තිය හමුවට පමුණුවීමට සමත්වූ බව කිව හැකියි. තමන්ගේ පුරවැසියන් බලය යොදා පාලනය කරන්නට සිතන ලොව පුරා නායකයන්ට පුරවැසියන්ගේ බලය පෙන්වූ තවත් අවස්ථාවක් ලෙස මෙය ලෝක ඉතිහාසයේ ලියැවේවි..මේ වනවිට අල් බෂීර්ට එරෙහි ¥ෂණ වංචා චෝදනා සුඩාන අධිකරණයේදී ඔප්පු වී ඔහු වසර දෙකක සිරදඬුවමක් ලබමින් ඉන්නවා..තමන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයෑම ගැන පිළිතුරු දෙමින් අල් බෂීර් කියා තිබුණේ එම අධිකරණය දේශපාලනික අධිකරණයක් බව. ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඇති චෝදනාවලින් තමා නිර්දෝෂී බව ඔහු කියා තිබුණා..ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බෂීර්ට ඇති චෝදනා වන්නේ යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ජන සංහාරය. මෙම ඒකාධිපති පාලකයා තමන්ගේ එදිරිවාදීන් බුරුතු පිටින් ඝාතනය කිරීම පමණක් නොව, ස්ත‍්‍රී ¥ෂණය යුද උපක‍්‍රමයක් ලෙස පාවිච්චි කිරීම ගැනත් කුප‍්‍රකටයි. ඔහුගේ සමයේදී 200,000 – 400,000 අතර පිරිසක් ඝාතනය කර ඇති බව අනුමාන කෙරෙනවා. ජාත්‍යන්තර අධිකරණයේදී විභාගයට ගනු ඇත්තේ එම අපරාධ පිළිබඳවයි..ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට බෂීර් ගෙනගියොත් එය එම අධිකරණය පැත්තෙන් ඉතා යහපත් අවස්ථාවක්. ජාත්‍යන්තර අධිකරණය කිසිදු වැදගම්මකට නැති ආයතනයක් බව කියන අදහස්වලට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වීමට මෙය අවස්ථාවක් කරගත හැකියි. 2002 දී පිහිටුවූ මෙම ආයතනයෙහි අරමුණ වන්නේ ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ, ආක‍්‍රමණ, අධිකරණයට අපහාස කිරීම යන අපරාධ කොට, තමන්ගේ රටේදී යුක්තියට මුහුණ නොදෙන බලවතුන්ට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් යුක්තිය ඉටු කිරීම. එම අධිකරණය මෙතෙක් පුද්ගලයන් 45 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා. එහෙත් ඇතැම් අධිචූදිතයන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිට, එම අධිකරණය මඟහරිමින් ආරක්ෂිතව සිටීම නිසා ජාත්‍යන්තර අධිකරණයෙහි ඵලදායකත්වය ගැන විවේචන නැගෙනවා. බෂීර් එම අධිකරණයට ඉදිරිපත් කිරීම විශේෂ අවස්ථාවක් වේවි. ලොව පුරා රාජ්‍යයන් ගණනාවක අධිකාරිවාදී පාලකයන්ටද එය අනතුරු හැඟවීමක් වේවි..( බොක්ස් *.බෂීර්ගේ ගමන්මග.1994 ජනවාරි 01: ඕමාර් අල් බෂීර් සුඩානයේ අගනගරයට කිලෝමීටර් 100ක් පමණ ඈතින් ඇති ග‍්‍රාමීය පෙදෙසක උපත ලැබුවා..1973 ඔක්තෝබර්: තරුණ වයසේදී සෙබළෙකු ලෙස ඊජිප්තු හමුදාව සමග යුද්ධයට එකතු වුණා..1989 ජුනි 30: සේනාංකයක අණ දෙන නිලධාරියෙකුව සිටියදී ඉස්ලාම් ජන සහයෝගය ලබමින් කුමන්ත‍්‍රණයකින් සුඩානයේ බලය ඩැහැගත්තා..2003 පෙබරවාරි: ඩාර්ෆූර් ප‍්‍රදේශයේ කැරලිකාර ජනතාව මැඬලීම සඳහා මිලිටරි බලය යෙදවූවා. ලක්ෂ 3ක පමණ සිවිල් ජනතාව සමූලඝාතනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. එය නූතන ලෝක ඉතිහාසයේ දැවැන්තම සමූලඝාතනයක්..2009 මාර්තු: බෂීර් ජනාධිපතිවරයා යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කර ඇති නිසා, ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළා. පසුව ඔහුට ජන සංහාර චෝදනා මත වරෙන්තු නිකුත් කළා. එහෙත් සියලූ චෝදනා ඔහු ප‍්‍රතික්ෂේප කළා..2010 අපේ‍්‍රල් 26: බෂීර් ජනාධිපතිවරයාගේ කාලසීමාවේදී මුල් වරට පක්ෂ කිහිපයක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයක් පැවැත්වුවා. එය විපක්ෂය වර්ජනය කළා. බෂීර් එය ජයගත්තා..2013 සැප්තැම්බර්: පෙට‍්‍රල් මිල ඉහළ යෑමකින් පසු උද්ඝෝෂණ මාලාවක් පටන්ගත්තා. එය මැඬලීමේදී ඝාතන සිදු වුණා..2018 දෙසැම්බර්: පාන් මිල තුන් ගුණයකින් වැඩිවූ පසු බෂීර් ඉවත්විය යුතු බව කියමින් නගර ගණනාවක උද්ඝෝෂණ පටන්ගත්තා..2019 අපේ‍්‍රල් 11: මිලිටරි නායකයන් ආණ්ඩුවේ බලය ඩැහැගනිමින්, බෂීර් බලයෙන් පහකළා. බෂීර් අත්අඩංගුවට ගත්තා..අනුරංග ජයසිංහ.Tags.anidda.Anidda Newspaper.foreign news.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයහපාලන ආණ්ඩු කාලේ කොරෝනා වසංගතය පැමිණියා නම්!.Next articleකෙනෙක් ලස්සන කරලා සතුටු වෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අගමැතිගේ ‍‍‍ෙෆවරීට්ලාට වගේ සැලකීමක් මට නැහැ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අගමැතිගේ ‍‍‍ෙෆවරීට්ලාට වගේ සැලකීමක් මට නැහැ.By තරිඳු උඩුවරගෙදර.September 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.එජාප සංවත්සරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ කියලා තිබු ණා 2030දී ඊළඟ පරම්පරාවට පක්ෂය බාරදෙන බව. රනිල් වික‍්‍රමසිංහ මහතා 2030 තෙක් ඉන්න උත්සාහ කිරීම ගැන එජාප සාමාජිකයෙක් විදියට ඔබේ අදහස මොකක්ද?.එතුමා කිව්වේ නැහැ 2030 වෙනතුරු අගමැතිවරයා විදියට ඉන්නවා කියලා. එතුමාගේ ප‍්‍රකාශයේ අදහස එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ. එහෙත් මම දන්න විදියට එතුමා පක්ෂයේ ඉන්න තරුණයන්ට වගකීම් පවරලා තියෙනවා. අත්දැකීම් තියෙන හොඳ තරුණ පෙළක් අපට ඉන්නවා. අපි අනෙකුත් පක්ෂ එක්ක සංසන්දනය කරලා මේක කතාකරන්න එපැයි. දැන් අනෙක් පැත්තේ නායකත්වයට යන්න නම් රාජපක්ෂ කියන නම තියෙන්න එපැයි. එජාපයේ එහෙම නැහැ. දැන් සේනානායකලා ඉන්නවා, විජේවර්ධනලා ඉන්නවා, හෂීම්ලා ඉන්නවා, පේ‍්‍රමදාසලා ඉන්නවා, රහුමාන්ලා ඉන්නවා, පෙරේරාලා ඉන්නවා. ජාතිභේද පවා නැතිව සමඅවස්ථා දීලා තියෙනවා. රාජපක්ෂලා බලයේ ඉන්නකොට හැම තැනටම රාජපක්ෂලා දැම්මා. කතරගම දේවාලේ බස්නායක, එයාලයින් එකේ, රග්බිවල, නාවික හමුදාවේ වගේ හැම තැනකම රාජපක්ෂලා ඉන්නවා. දැන් එජාපයේ නායකත්වය තමන්ව විවේචනය කරන්න ඉඩදීලා තියෙනවා. මම ඒක යහපත් දෙයක් විදියට දකිනවා..ඒත් පක්ෂය ඇතුළේ නායකත්වය පිළිබඳ ඇතිවෙන සංවාද දිගින් දිගටම යටපත්වෙනවා..පක්ෂ ප‍්‍රතිසංවිධානය කරද්දී පොරොන්දු වුණා පක්ෂයේ ප‍්‍රතිසංස්කරණ ගැන. ඒ කටයුතු වෙන අයට බාරදුන්නා. ඒවා දිහා බලද්දී පක්ෂයේ සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා. මම එතුමා ඉදිරියේ නැගිටලා එතුමාට විරුද්ධව අදහස් දක්වපු අවස්ථා තියෙනවා. අපට පුළුවන් වුණා පක්ෂය ඇතුළේ හිටපු උපනායකලා වෙනස් කරන්න. අධිකරණ ඇමති වෙනස් කරන්න පුළුවන් වුණා. රවී කරුණානායක වගේ බලවතෙක් පක්ෂය ඇතුළේ කෑගහලා පසුපෙළට ගෙනියන්න පුළුවන් වුණා. මේක සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. මහින්ද රාජපක්ෂලා ෆයිල් හැංගුවා. කතාකරන අයට ගහන්න ආවා මිසක් පියවර ගත්තේ නැහැ. එජාපයේ එහෙම නැහැ. පහුගිය කාලයේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා රවී කරුණානායක උපනායක තනතුරේ ඉන්නවාට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමතිද කියලා. මමත් තව නායකයෙකුත් නැඟිට්ටා. සමහර ජ්‍යෙෂ්ඨ ඇමතිවරු නැගිට්ටෙ නැහැ. මට ඇස් ගැහුවා එපා කියලා. මම කිව්වා ඔයා මට ඇස් ගහන්නෙපා ඔයත් නැගිටින්න කියලා. මගෙන් ඇහුවා හේතුව මොකක්ද කියලා. මම කිව්වා මට පෞද්ගලික වෛරයක් නැහැ. හැබැයි පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එක්ක එතුමාට සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි හෙළිවෙලා තියෙන නිසා පරීක්ෂණ අවසන් වන තෙක් එතුමා තනතුරු නොදරා ඉවත් වෙන්න කියලා..පක්ෂය ඇතුළේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දැන් නැවතිලාද?.මම දන්නේ නැහැ. මම අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා මාවත් ඒ කමිටුවට පත්කරන්න කියලා. මාව පත්කළේ නැහැ. මම යන ක‍්‍රමය ටිකක් දරුණු වැඩි ඇති. මම නිසා අපහසුතාවට පත්වෙනවා ඇති. පක්ෂයේ ඉහළ නායකයන්ගෙන් මට ඒ විරෝධය එල්ලවෙලා තියෙනවා. අකැමැත්ත ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒත් මට තේරෙන විදියට මම වැඩකරන විදිය ගැන ජනතාව කැමතියි. ඒ නිසා මම ඒ වැඩපිළිවෙළ නවත්වන්නේ නැහැ. සැප්තැම්බර් 13 වැනිදා මම අල්ලස් කොමිසමට යන්න ඉන්නවා. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ගත්ත රවී කරුණානායක, දයාසිරි ජයසේකර සහ සුජීව සේනසිංහ යන අයට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මා. මේක ප‍්‍රථම වතාවට වෙනවා ඇත්තේ. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරු දෙන්නෙක්ට සහ රාජ්‍ය ඇමතිවරයෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඒ නිසා ලංකාවෙ දේශපාලනයට සාපේක්ෂව මට මේක සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්..කොහොම වුණත් පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මම එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ. මම පක්ෂය කොන්දේසි විරහිතව ආරක්ෂා කරන කෙනෙක් නෙවෙයි. මම කොන්දේසි විරහිතව ජනතාව වෙනුවෙන් පෙනීඉන්නවා. මම හිතනවා ජනතාව ආරක්ෂා කළොත් ජනතාව පක්ෂය සහ මා වෙත ඒවි කියලා. මහින්ද රාජපක්ෂලා කළේ කොන්දේසි විරහිතව හිතවතුන් වෙනුවෙන් පෙනීසිටීම. තමන්ගෙ සමීපතමයන්ව කෝටිපතියන් කරන එකනෙ ඔවුන් කළේ. අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම කළේ. ඒකෙන් පාවෙන ඡුන්ද සියල්ල රාජපක්ෂලා අහිමි කරගත්තා. ජනතාව වෙනුවෙන් පෙනීසිටින පක්ෂයකට පාවෙන ඡුන්ද ලැබෙනවා. මානව අයිතීන්, කතාකිරීමේ අයිතිය, භාෂණ නිදහස වගේ පක්ෂයේ යහපත් ලක්ෂණ මා හරහා නියෝජනය වෙනවා. හැබැයි ඒ නිසා මම බොහෝවිට පක්ෂයේ මතයට වඩා වෙනස් මතයක ඉන්නවා. ඇවන්ගාඞ් සිද්ධියේදී පක්ෂය ඉන්නේ එක් මතයක. මම ඉන්නේ වෙන මතයක. බැඳුම්කරයේදී අපේ පක්ෂය හිටියේ වෙන මතයක. මම හිටියේ වෙන මතයක. ඩිෆෙන්ඩර් ප‍්‍රශ්නයක් වුණාම යාලූ‍කම් පැත්තක තියලා මම හිටියේ පක්ෂයට වඩා වෙනස් මතයක. ඉතින් මාව කොන්වුණා, මම ටීම්වර්ක් එකක හිටියේ නැහැ කියලා. එහෙම කතාකරද්දී මාවත් බ්ලොක් වෙනවා. මටත් සීමා වැටෙනවා. මන්ත‍්‍රීවරුන්ගේ පඩි වැඩිකරද්දී මම විරුද්ධ වුණා. මොකද ජනතාව වෙනුවෙන් කතාකරලා මට ලොකු පඩි ගන්න බැහැ. ඉතින් විශේෂ දීමනා අවශ්‍ය නැති බව කියලා මම ලියුම් යවනවා. එතකොට අනෙක් නායකයන් කියනවා ඔයා මේක ගන්නම ඕනෑ කියලා..පක්ෂයේ අයත් ඔබේ ක‍්‍රියාකාරකම්වලට කැමති නැහැ නේද?.කට්ටිය බනිනවා චිත‍්‍රපටි වීරයා වෙන්න හදනවා කියලා. ඒත් ජනතාව කියන්නේ මම පක්ෂයේ ඉන්නකොට පක්ෂය ගැන ආදරයක් ඇතිවෙනවා කියලා. මට පක්ෂයේ විශාලම ෆේස්බුක් අඩවිය තියෙනවා. මට ලක්ෂ හතක් ඉන්නවා. අගමැතිවරයාට ඉන්නෙ ලක්ෂ හතරක් පමණ. තවත් ජනප‍්‍රියම චරිතවලට ඉන්නේත් අඩු ගණනක්. මම හිතන්නේ එහෙම වෙන්නේ මම කෙළින් කතාකළ නිසා කියලා..කොහොම වුණත් ඔබේ ප‍්‍රශ්නයට ගියොත්, මේක නිසා පක්ෂයේ තනතුරු ලැබීමේදී, පක්ෂයේ පොදු තීරණ ගැනීමේදී මම කොන්වෙනවා. ඒ නිසානේ ගම්පහින් වැඩිම අරගත්ත මගේ නියෝජ්‍ය ඇමතිකමත් එපා වාහෙට හොදි බෙදන්නා වගේ ලැබුණේ. මුලින් දුන්නේ නෑ. පස්සෙ හරි අමාරුවෙන් වගේ මට දුන්නා. අගමැතිවරයාගේ ෆේවරිට්ලාට වගේ සැලකීමක් මට නැහැ. දැන් අගමැතිවරයාගේ ෆේවරිට්ලාට ලැබෙන ඇමතිධුර සහ මට ලැබුණු ඇමතිධුර අතර වෙනස බලන්න. කලාකාරයෙක් විදියට මෙයා ඉන්න ඕනෑ, හැබැයි එයා එතැන ඉන්න ඕනෑ, එතැනින් එහාට එන්න බැහැ කියල හිතනවා ඇති..මාව ආසනයෙන් ආසනේට නිතර මාරු කරන්නේ. කටානෙන් රත්නපුරට, රත්නපුරෙන් බලංගොඩට, බලංගොඩෙන් දිවුලපිටියට. එතැන පස් ව්‍යාපාරිකයො පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එළෙව්වානෙ. දැන් මම ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක. සහෝදර දේශපාලනඥයන් මට බනනවා. ඔන්න නළුවා එනවා, සිංදු කියලා ඡුන්ද ගන්නවා කියලා. දැන් පක්ෂ නායකයාට මං ගැන පැමිණිලි යනවා වගේ ඉස්කෝලෙ යන කාලෙ ප‍්‍රින්සිපල්ටත් හැමදාම පැමිණිලි ගියා. මං ඇණයක් වෙන්න ඇති..නැවත අගමැතිවරයාගේ 2030 කතාව පැත්තට ආවොත්. ලංකාවෙ දේශපාලනඥයන්ගෙ වයස බලද්දී ආර්. සම්බන්ධන්, රනිල් වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් වියපත් නායකයන්. ඊළඟ පරම්පරාවට මේ මොහොතේදී රට බාරකරන්න ඕනෑ බව හිතන්නේ නැද්ද?.මම ඔබේ තර්කය එක්ක එකඟයි. ඒත් මම මෙහෙම කාරණයක් මතු කරන්නම්. මහතීර් මොහොමඞ්ගෙ වයස බැලූ‍වොත්, ලී ක්වාන් යූ සහ කැස්ත්‍රෝ දේශපාලනය අත්හරිද්දී වයස බැලූ‍වොත් ඔවුන් වියපත් වෙන තුරු දේශපාලනය කළා. මම හිතන්නේ දේශපාලනඥයෙකුගේ වයස නෙවෙයි වැදගත් කාරණය. ඔහුගේ මතවාද, ඔහුගේ දැනුම, ඔහුගේ ස්ථාවරය, කාර්යක්ෂමභාවය වගේ කාරණා තමයි වැදගත් වෙන්නේ. එක ස්ථාවරයක නැති, සවුත්තු දේශපාලනඥයෙක් නම් මොනතරම් වයස ගියත් වැඩක් නැහැ. ඔබ කී ලැයිස්තුවේ ඉන්න අයගෙන් මහින්ද රාජපක්ෂ වගේ දේශපාලනඥයෙක් නොසන්ඩාල වැඩ පටන්ගත්තේ අවුරුදු විසි ගණන්වල ඉඳලා කියලා සාක්ෂි තියෙනවා. ඔහු එදා ඉඳන් අද වෙනතුරු කීවරක් ස්ථාවර මාරුකරලා තියෙනවාද? ඉතින් මහින්ද රාජපක්ෂගේ ප‍්‍රශ්නය වයස නෙවෙයි. ඔබ කීව ලැයිස්තුවේම ඉන්න තවත් දේශපාලනඥයන් ඉන්නවා තමන්ගේ ස්ථාවරය මාරු නොකරපු. ඔවුන් වියපත් වුණත් නාමල් රාජපක්ෂලා වගේ තරුණයන්ට වඩා රටේ නායකත්වයට ගැළපෙනවා. මර්වින් සිල්වා, එස්බී දිසානායක වැනි දේශපාලනඥයන්ගේ පුතුන් තාත්තලාටත් වඩා සවුත්තුයි. ඔවුන්ට වඩා වියපත් තාත්තලා හොඳයිනේ. නාමල් රාජපක්ෂ වගේ පුතෙක් ඉඳිද්දී මහින්දට වෙන හතුරෝ ඕනෑ නැහැ..ඊළඟ ජනාධිපතිවරණයේදී කරන දේ ගැන සියලූ‍දෙනා කතාකරනවා. ඔබටත් ඒ ගැන යෝජනා තිබෙනවාද?.මම හිතන්නේ ඒකට උත්තර දෙන්න දැන්ම වේලාසන වැඩියි. අපට අවුරුදු පහක කාලයක් දීලා තියෙනවා. ඒ කාලයේදී හොරු ඇල්ලීම, සංවර්ධනය, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය දියුණු කිරීම ගැන හිතන්න ඕනෑ. මේ වසර දෙකේ වේගයෙන් ගමන් කිරීමයි වැදගත් වෙන්නේ..මේ වෙද්දී ඔබ අධිකරණයේ නඩුවකට මුහුණදෙමින් සිටිනවා. ඥානසාර හිමි, එස්බී දිසානායක වගේ ඔබත් අධිකරණයට අපහාස කරලා දඬුවම් ලබනු ඇතැයි ඇතැම් අය කියනවා..මට තිබෙන චෝදනාවත් එස්බී දිසානායකට තිබෙන චෝදනාවත්, ඥානසාර හිමිට තිබෙන චෝදනාවත් එකක් නෙවෙයි. අධිකරණයට අපහාස කිරීම කියන කාරණාව තුනටම අදාල බව ඇත්ත. ඒත් ඉහත කී දෙන්නා හිරේ ගිය පමණින්ම මාව හිරේ දාන්න ඉඩ හැදෙන්නේ නැහැ. මාව හිරේ දැමීම හෝ නොදැමීම මගේ නඩුවෙ සන්දර්භය ඇතුළේ අධිකරණය තීරණය කළ යුතු දෙයක්. කොහොම වුණත් මගේ අරමුණ වුණේ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම. මම කිව්වෙ නැහැ අධිකරණයේ ඉන්න හැමෝම දුෂිතයි කියලා. මගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අනුව මම කීවෙ අධිකරණයේ යුක්තිය ඉටුවන ආකාරය පීඩිතයන්ට සහ ධනවතුන්ට දෙවිදියක් කියලා. ඒත් ඥානසාර හිමි වින්දිත කාන්තාවක්ට අධිකරණ භූමියේදී බැනවැදිලා, විනිසුරුවරයාට අභියෝග කරනවා. සුද්දාගේ නීතිය ගණන් නොගන්නා බව කියනවා. එස්බී දිසානායක මහතා බලූ‍ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා කියනවා..එස්බී දිසානායක මහතා පහුගිය සතියක රූපවාහිනී වැඩසටහනකදී කියනවා අවධානය යොමුකරන්න වටින කතාවක්. එස්බී දිසානායක මහතාගේ තීන්දුව ලබාදෙද්දී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා දුරකථන ඇමතුමක් දීලා කිව්වාලූ‍ එස්බී ඔයා වරද පිිළිගන්න කියලා. ‘අත්හිටුවූ හිරදඬුවමක් දෙන්නේ, වරද පිළිගන්න’ කිව්වාලූ‍. අපි හැමෝම දන්නා විදියට එස්බී දිසානායක ඇමතිවරයා වරද පිළිගත්තා. රූපවාහිනී වැඩසටහනේදී එස්බී ඇමතිවරයා කී කතාව ඇත්ත නම් විනිසුරුවරයා දුරකථනයෙන් විත්තිකරුවාට කතාකරලා දෙන්න සූදානම් වෙන නඩු තීන්දුව ගැන කියලා. කොහොම වුණත් එස්බී ඇමතිවරයාව රවට්ටලා වරද පිළිගන්නට එකඟ කරවාගෙන පස්සෙ ‍ඔහුට වෙනස් දඬුවමක් දීලා. ලංකාවේ අධිකරණයේ මහා ගැටලූ‍වක් ඒ සිදුවීමෙන්ම පේනවා. කොහොම වුණත් මම කියන්න ඕනෑ මගේ නඩුවයි ඉහත කී නඩු දෙකයි එකක් නෙවෙයි දෙකක්. මගේ නඩුවට ලැබෙන තීන්දුව කුමක් වුණත්, මම කී කතාවේ වැදගත්කම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මම කිසිදා වරදක් කළ බව පිළිගන්නේත් නැහැ. මොකද මම වරදක් කරලා නැහැ. මගේ අරමුණ යහපත්..බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අහපු ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස කියනවා එෆ්සීඅයිඞී එකෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසන්න යවපු පරීක්ෂණ වාර්තා අතරින් 50කට වැඩි ප‍්‍රමාණයක් තවම උපදෙස් නොලැබී නීතිපති දෙප ාර්තමේන්තුවේ තියෙනවා. මේවා සම්බන්ධයෙන් නඩු පවරා නැහැ. හොරු ඇල්ලීම ගැන කතාකළ ඔබේ අදහස මොකක්ද?.මේ නඩු ඉක්මනට ගන්න ඕනෑ. ඇත්තටම ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ නඩුව අහන කුරුණෑගල විනිසුරුවරිය තමයි හොඳම වැඬේ කළේ. නඩුව ඉක්මනට ගන්නවා. ඒ නඩුව ඉවර වෙනතෙක් සැකකරුවන් රිමාන්ඞ් බන්ධනාගාරයේ තබනවා. මම හැමදාම කියන විදියට නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය වගේ ආයතන අතේ තමයි මේ වැඬේ තියෙන්නේ. ඒවා ස්වාධීන ආයතන. ඒවා පාලනය කරන්න බැහැ. සාක්ෂි තියෙද්දී සැකකරුවන්ට එක පාරම ඇප ලැබෙනවා නම්, නඩු පවරන්න පුළුවන්කම තිබියදී නඩු පවරන්නේ නැතිනම් නීතිය ඉටුවෙන්නේ නැහැ. ඔය තරම් පරීක්ෂණ කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා නම් දැන් වැඬේ තියෙන්නේ නීති ක්ෂේත‍්‍රය අතේ. නීති ක්ෂේත‍්‍රය කාර්යක්ෂම නම් මේ දුෂණ වංචා සහ අපරාධ ගැන යුක්තිය ඉටුවේවි..එක කාරණයක් සහතික වෙන්න පුළුවන්. එදා රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාට විරුද්ධව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තියෙද්දී ඔහු නයෙක් ගැහුව බව කියමින් පරීක්ෂණ මඟහැරියා. ඒත් අද ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියාට පවා අල්ලස් කොමිසමෙන් නීතිය ක‍්‍රියාත්මක වෙනවා. ජනාධිපති කොමිෂන් සභා පත්කරලා බැඳුම්කර වංචාව වගේ සිදුවීම් ගැන පරීක්ෂණ කරනවා. රාජපක්ෂ ආණ්ඩුව සමයේත් බැඳුම්කර වංචා ගණනාවක් කරලා තියෙනවා. පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් ඒ කාලයේත් ලාභ ලැබුවා. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ සහෝදරිය පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියා. ඒත් ඒ කාලයේ ක‍්‍රියාත්මක නොවුණ නීතිය අද ක‍්‍රියාත්මක වෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ මිතුරුකම නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට ආරක්ෂාව ලැබුණේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න වැඩකටයුතු සූදානම් කළා..සීඅයිඞීය පරීක්ෂණ ස්වාධීනව කරනවා. ඒත් ආණ්ඩුව වෙනස් වුණාට නීති ක්ෂේත‍්‍රය වෙනස් වෙලා නැහැ. නීතිඥවරු, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. දුමින්ද සිල්වා පිළිබඳ නඩු තීන්දුව ගන්න. විනිසුරුවරුන් දෙන්නෙක් පැහැදිලිව දුමින්ද සිල්වා වරදකරු කියලා කියද්දී එක් විනිසුරුවරයෙක් නිදොස් කොට නිදහස් කරනවා. සැකකාරයන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝග ලැබෙනවා..කොහොම වුණත් හොඳ වැදගත්, යහපත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අධිකරණයේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඉන්න තැන්වලදී පරීක්ෂණ හොඳින් සිදුවෙනවා. ඒ විදියට ඉදිරියට යන නඩුත් තියෙනවා. මේ සමාජය ¥ෂිතයි. මේ ¥ෂිත සමාජයේ පිනුම් ගහපු අය තමයි බොහෝ තැන්වල ඉන්නේ. ඒවා එකවර වෙනස් කරන්න අමාරුයි. මේවා වෙනස් කරන්න තමයි අපිත් කෑගහන්නේ. කොහොම වුණත් ජීවිත පරිත්‍යාගයෙන් පරීක්ෂණ සිදුකොට වැඩකරන උදවියට මම හිස නමා ආචාර කරනවා. සමාජය ඉදිරියට යන්නේ එහෙම අය නිසා. කලකට ඉහතදී බැසිල් රාජපක්ෂ හඞ්සන් මහත්තයා සමඟ ගුවන්විදුලි සාකච්ඡුාවකදී කියනවා ඞීඒ රාජපක්ෂ මහත්තයා මැරුණාම ඔහුගේ දානය කරන්න සල්ලි නොතිබුණු බව. ඉඩම් විකුණලා දානය කරන්න වුණ බව කියනවා. එහෙම හිටපු රාජපක්ෂලා අද ලෝකයේම ධනවත් පවුලක් බවට පත්වෙලා. මේවා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කළ යුතුයි. ඒකට නීති ක්ෂේත‍්‍රයේ සහයෝගය අවශ්‍යයි..මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවුණ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් හිටියා. හමුදාව අවශ්‍ය තොරතුරු නොදුන්න නිසා පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න බැරි බව කියනවා. හමුදාවට තොරතුරු නොදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්න බව කියනවා. එක්නැලිගොඩ, නාවික හමුදාවේ කප්පම් කල්ලිය ගැන පරීක්ෂණ මේ වෙද්දී නැවතිලා. මේ අපරාධ ගැන කතාකළ කෙනෙක් විදියට අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?.ඔබ කියන මතයට අකමැත්තෙන් වුණත් මට එකඟ වෙන්න සිද්ධවෙනවා. මම රණවිරුවන්ට ආචාර කරනවා. ඒත් හමුදාපති මහේෂ් සේනානායක කියන විදියට සැබෑ රණවිරුවා සහ අපරාධකරුවා අතර වෙනස හඳුනගන්න ඕනෑ. හිටපු නායකයන්ගේ වුවමනාවට මාධ්‍යවේදීන්ව ඝාතනය කරන්න, පැහැරගන්නට රණවිරුවන් පාවිච්චි කරලා තියෙනවා. ලසන්ත වික‍්‍රමතුංග මරපු පුද්ගලයන්ට ලසන්ත එක්ක වෛරයක් තිබිලා නැහැ. මිග් යානා ගනුදෙනුවෙන් ලසන්ත මරපු පුද්ගලයන්ට ලාභයක් ලැබිලා නැහැ. රතුපස්වල උද්ඝෝෂණය කළ මිනිස්සු නිසා බි‍්‍රගේඩියර් දේශප‍්‍රියට පාඩුවක් වෙලා නැහැ. දුෂිත රටක යුද්ධයක් තිබුණොත් යුද්ධය ඇතුළෙත් අනිවාර්යයෙන් දුෂණ වෙනවාමයි. යුද්ධයේදී අවිආයුධ වෙළඳාමේ ඉඳන් විවිධ දේවල්වලට ලොකු බලයක් ලැබෙනවා. යුද්ධය මෙහෙයවන පුද්ගලයන් කරන ඕනෑම දෙයක් පිළිගන්න ජනතාව සූදානම් වෙනවා. ඒක වැරදි විදියට පාවිච්චි කරන පාලකයන් ඉන්නවා. ඉතින්, මේ අපරාධ කළ අය රණවිරුවන් නෙවෙයි. ඔවුන් රණවිරුවන් නම් තමන්ට අණදුන්නේ කවුද කියලා ඔවුන් කියයි. සැබෑ විරුවන් මේ අපරාධවලට ගෑවිලා ඉන්නවා නම් ඔවුන්ගෙන් ඉල්ලන්නේ, ඔබට අණ දුන්න කෙනාගේ නම කියන්න. එහෙම නැතිනම් එවැනි අයව ආරක්ෂා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. එවැනි අයව ආරක්ෂා නොකර පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න ඉඩ දිය යුතුයි...Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනියඟයෙන් පීඩාවට පත් දිස්ති‍‍ක්ක 17කට ජල බවුසර් 405යි.Next articleපොලිස් පහරදීමෙන් දරුවන් රෝහලේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කවියන් කියන්නේ සංවේදී පිරිසක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කවියන් කියන්නේ සංවේදී පිරිසක්.By තරිඳු උඩුවරගෙදර.September 23, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර..මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල.සාහිත්‍යයට අඩිය තැබුවේ කොහොමද?.මේ හිටපු පුංචි කාලයේදී සාහිත්‍යකරුවෙක් වෙනවාය කියලා අදහසක් තිබුණේ නැහැ. ආකර්ෂණය තිබුණේ සිනමාවට. ඒ කාලයේ මට ලියන්නත් බැහැ, සිංහල ව්‍යාකරණත් බැහැ, දක්ෂත් නැහැ. කොහොම වුණත් අවුරුදු 15 ඉඳන් සඟරාවලට සිව්පද කවි ලියලා තියෙනවා..ඒ කාලයේ සිනමාවට සම්බන්ධ දේවල් දැනගන්න තිබුණු ප‍්‍රධාන මාධ්‍යය සරසවිය පත්තරය පමණයි. මම සිනමා හීනය එක්ක සරසවිය කියවලා විශාල සිනමා දැනුමක් ලැබුවා. සරසවියෙන් කලාකරුවන්ගේ ලිපින බලලා මම ලිපි යැව්වා. 1999දී සනත් අබේසේකර මහතා මට ලියුමක් ලියලා තිබුණා ටෙලිනාට්‍යයක වැඩ කරන්න කොළඹ එන්න කියලා. මම කලා ක්ෂේත‍්‍රයට ආවෙ ‘දිළිසෙන සල්ලි’ කියන නාට්‍යයේ ටීබෝයි විදියට..මට හරිම සතුටුයි. මම එතෙක් ටීවී එකේ දැකපු නළුනිළියන් හැබැහින් දකිනවා. එතැනින් පටන්ගෙන 2012 විතර වෙද්දී කාර්යබහුල වෘත්තිකයෙක් බවට පත්වෙනවා. කලා අධ්‍යක්ෂ, නිෂ්පාදන කළමනාකරණ, දෙවන හා තුන්වැනි සහාය අධ්‍යක්ෂ වගේ තනතුරුවලින් ප‍්‍රධාන සහාය අධ්‍යක්ෂ දක්වා ආවා..කොළඹදී මම කවිය ගැන වෙනම කියැවීමක් හදාගත්තා. යොවුන් පුවත්පත්, කාන්තා පුවත්පත්වලට ලියූ මම රාවය වගේ පුවත්පත්වලට ලියන්න පටන්ගත්තා. ඒ කාලයේ ‘මකරන්ද’ සහ ‘කවි සියපත’ කියන පොත් දෙකට මගේ කවි තෝරාගත්තා. අනෙක් පැත්තෙන් ටෙලිනාට්‍ය එක්ක විවිධ තැන්වල ඇවිදින්න ලැබුණා. මම ලියූ කවි එකතු කොට කවි පොතක් පළකිරීමේ හැකියාවකුත් ඇතිවුණා..සන්ථව ප‍්‍රකාශන ආයතනය ආරම්භ වුණේ කොහොමද?.කවි පොතක් ලියාගත්තාට කිසිම අදහසක් නැහැ පළකිරීම ගැන. පොත් කර්මාන්තය ගැන දන්නේ නැහැ. මට ඒ වෙද්දීත් කවිවලට හොඳ ප‍්‍රතිචාර තිබුණා. ඒ නිසා මේ කවි එකතු කරගෙන ෆයිල් එකක දාගෙන ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශකයන් හැමෝම ළඟට අරගෙන ගියා. මම ඔවුන්ට වරදක් කියන්නේ නැහැ. මම ආධුනිකයෙක්. උස්සගෙන ආවේ කවි පොතක්. ඉතින් ලෝකයෙ ලොකුම තරහකාරයෙක් විදියටයි මාව දැක්කේ. පොත් අතටවත් ගත්තේ නැහැ. අන්තිමේ මම සල්ලි ටිකක් එකතු කරගෙන කර්තෘ ප‍්‍රකාශනයක් හැටියට පොත මුද්‍රණය කළා..පොත කඩවලට දැම්මෙ මම. පුස්තකාලවලට දැම්මෙ මම. හැබැයි ලාභයක් තැකුවෙ නැහැ. මම කල්පනා කළේ මේ පොත මිනිස්සු අතරට ගෙනියන්නයි. ඒ පොත සෑහෙන පිරිසක් කියෙව්වා. ඒකෙන් මම අත්දැකීමක් ලැබුවා පොතක් මුද්‍රණය කිරීම, වට්ටම් ලබාදීම, බෙදාහැරීම, මුදල් එකතුකිරීම ගැන. මම ‘සෙංකොට්ටං’ ලියද්දී දැනගෙන හිටියා ඒකට ඉල්ලූ‍මක් ඇතිවෙන බව. යම් අය මට කතාකරලා පොත මුද්‍රණයට ඉල්ලලාත් තිබුණා. ඒත් මම ඒ වෙලාවෙ කල්පනා කළා මේ පොතත් මම මුද්‍රණය කරනවා කියලා. ඒ වෙලාවෙ තමයි මගේම මුද්‍රණ ආයතනයක් විදියට පොත මුද්‍රණය කරන්න හිතුවේ. ඒ පොතට ලොකු ඉල්ලූ‍මක් හැදුණා. එතැනින් හැදුණු ආදායමෙන් තමයි මට පොත් මුද්‍රණය කරන්න තරම් ආර්ථික හයියක් හැදුණේ..වෙනත් ලේඛකයන්ගේ පොත් මුද්‍රණය ආරම්භ වුණේ කොහොමද?‍.සෙංකොට්ටන්ට පස්සෙ මම ක්ෂේත‍්‍රය ගැන අවබෝධයෙන් හිටියා. අජන්තා හපුආරච්චිගේ කවි පොතක් කළා ඒ කාලයේදී. ඉන්පසුව පොත් කරන්න පටන්ගත්තා. මේ වෙද්දී මම කවි පොත් සීයක් විතර මුද්‍රණය කරලා තියෙනවා. මම නවකථා වගේ පොත් මුද්‍රණය කරලා තියෙන්නේ තුනක් විතර. කිසි කෙනෙක් කවි පොත් බාරනොගන්න කාලයේදි මම කවි පොත් කළා..කවි පොත් ප‍්‍රකාශනය ලාභ ලැබෙන වැඩක්ද?.නැහැ. ළහිරු කිතලගමගේ පොතෙන් සහ රත්න ශ‍්‍රී මහත්තයාගේ පොත් දෙකෙන් පමණක් පාඩුවක් නොලබා ඉන්න හැකිවුණා. දැන් අපි කවි පොත් 500ක් මුද්‍රණය කරන්නේ. කතුවරයාට කර්තෘ භාගයත් දුන්නාට පස්සේ ලාභයක් නැහැ. ප‍්‍රකාශකයෙක් වුණාට මට වෙළෙන්දෙක් වෙන්න අදහසක් නැහැ. මගෙන් ගන්න අයට පුළුවන් තරම් සහනයක් විදියට පොත් දෙනවා. බොහෝ විට 50% වට්ටමට පොත් දෙනවා. ඒක කරන්නේ කවි පොත් ප‍්‍රචලිත කරන්න. මේ හැමදේම කරන්න මට ශක්තිය ලැබිලා තියෙන්නෙ විශේෂයෙන් සෙංකොට්ටං සහ යම් ප‍්‍රමාණයක් මාණික්කාවත අලෙවි වීමෙන් ලැබුණු ආදායම නිසා. හෙට වුණත් මට ඒ ආදායම නැතිවුණොත් මට පොත් ප‍්‍රකාශනය නවත්වන්න වෙනවා. හැබැයි මම දන්නවා මම පොතක් ලිව්වොත් ඉල්ලූ‍මක් තිබෙන බව..ඔබ කලාකරුවෙක්. පොත් ප‍්‍රකාශකයා කියන අසීරු කටයුත්ත කරද්දී මුද්‍රණය කරන පොත් ප‍්‍රමාණය ගැන ලේඛකයන් රවටලා ලාභ ලැබීම ගැන චෝදනා එල්ලවෙනවා නේද?.මම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා. මම බොහෝ වෙලාවට පොත්වලින් සහ මුදලින් තමයි පියෙව්වෙ. කවුරුවත් නිල වශයෙන් චෝදනා කරලා නැහැ. හැබැයි කවුරුහරි කියනවා නම් මම වැඩිපුර පොත් මුද්‍රණය කරලා අඩුවෙන් සල්ලි ගෙව්වා කියලා, මම ඒ අදහස ගැන සතුටු වෙනවා. ඔවුන්ගෙ අහිංසක අදහසක් විදියටයි මම ඒක සලකන්නේ..ඉදිරියේදී සන්ථව ප‍්‍රකාශන නවතීවිද?.ම්…. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. කවියන් කියන්නෙ සංවේදී පිරිසක්. ඔවුන් එක්ක මේ වගේ ගනුදෙනුවක් කරන්න අමාරුයි. හැඟීම් ගනුදෙනුවක් කරන්න පුළුවන්. මූල්‍යමය වශයෙන් ගනුදෙනු කිරීම අපහසු බව මට හැඟිලා තියෙනවා. එතැනදී ඔවුන් සීයට සීයක් අවංක නැහැ කියලාත් හිතනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ අත්දැකීම් විෂයෙහි පෝෂණය වෙන්න. ඒ නිසා මේක නතර වෙන්න පුළුවන්. මම මේ දේවල්වලින් යැපිලා නැහැ..මුද්‍රණය කරන්න පොත් තෝරාගන්නේ කොහොමද?.මූලිකව කවි ටික බලනවා. හැබැයි ඒකත් ප‍්‍රායෝගික තලයේදී අමාරුයි. මොකද දවසකට දහයක් පහළොවක් කතාකරනවා කවිපොත් කරන්න කියලා. ඉතින් කියවන්න අමාරුයි. මේ වෙද්දි මම මේ අවුරුද්දෙ කරන කවි පොත් ටික තීරණය කරලා ඉවරයි. මම හඳුනාගෙන තිබුණොත් මේ කවියා පොතක් දුන්නොත් ඒක මුද්‍රණය කරනවා කියලා, මම ඒවාට ප‍්‍රමුඛතාව දෙනවා..ඔබ නිර්මාණයක් කරන්න විශාල කාලයක් ගන්නා නිසා ඒ නිර්මාණවලට වෙළෙඳපොළේදී සාපේක්ෂව ඉහළ ඉල්ලූ‍මක් තියෙනවා නේද?.වෙන්න පුළුවන්. මට හරියටම ගණනක් කියන්න බැහැ. ඒත් සෙංකොට්ටං කොච්චර ගහලා තියෙනවාද කියලා ඇහුවොත් 50,000ට වැඩි ලක්ෂයට අඩු සංඛ්‍යාවක් මුද්‍රණය කරලා තියෙන බව කියනවා. ඒත් මම අද ? පොතක් ලියලා හෙට දැම්මත් ඒක මිලදී ගන්න දහස් ගණනක් ඉන්න බව රහසක් නෙවෙයි. මම හිතන්නේ නැහැ මගේ නිර්මාණ පරිපූර්ණයි කියලා. ඒත් මම දන්නවා මට ආදරය කරන පාඨකයන්ගේ විශ්වාසය ආරක්ෂා කළ යුතුයි කියලා..ලොකු ලාභයක් නැති සාහිත්‍ය වැඩවලට කාලය වැයකරන ඔබ ඔබේ පෞද්ගලික, ආර්ථික ජීවිතයට යොමුකරන අවධානය මොන වගේද?.ඒ පැත්ත ගැන හිතුවා අඩුයි. තවමත් මට කියලා ගෙයක් නැහැ. කවුරුවත් ඒ අවශ්‍යතාව පෙන්වලා මට කරදර කරලාත් නැහැ. ඒත් ඉදිරියේදී ඒක කරගන්න අවශ්‍යයි. මට තියෙන ලොකුම අවශ්‍යතාවක් තමයි මගේ දුව මේ අධ්‍යාපන රටාවෙ ගොදුරක් නොකර ඉන්න එක. දරුවන් මුහුණදෙන පීඩනයට මගේ දරුවා මුහුණ නොදී ඉන්නේ කොහොමද කියන එක ගැන මම හොයනවා. මගේ ගමන් බිමන් වගේ වැඩවලට පොඩි කාර් එකක් තියෙනවා. ඒක කාලය කළමණාකරණයට අත්‍යවශ්‍ය නිසා. ඒ හැරුණාම මට කිසිම ආර්ථික සම්පතක් නැහැ..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපුත්තලම ප්‍රාදේශීය සභා සභාපති බන්ධනාගාරයට.Next articleමෛත‍්‍රී අපේක්ෂකකම දෙපැත්තෙන්ම ඉල්ලයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සමාව දීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සමාව දීම.By සංස්කාරක.September 23, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..සාමය සහ සහජීවනය ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් පසුගිය සතියේ මාධ්‍යවල පළ විය..එම යෝජනා මාලාව බැලූ බැල්මට ම සාධනීය බව කිව යුතු ය. එසේ වන්නේ, තිස් අවුරුදු යුද්ධය හා ඊට හේතු සාධක වූ කාරණා සම්බන්ධයෙන් අන්ත ජාතිකවාදී ස්ථාවරයක සිටි, සමහර විට තවමත් සිටින, ජාතික හෙළ උරුමය, මේ යෝජනාවලිය හරහා, යළි සිතීමක් පෙන්වන නිසා පමණක් නොවේ. රටේ වර්තමාන සමාජ දේශපාලන කොන්දේසි හඳුනා ගෙන යම් තරමකින් වත් ඊට අනුගත වන්නට කල්පනා කළ බවක් පෙනෙන නිසා ය..හෙළ උරුමයේ යෝජනාවලියෙහි පදනම ‘සමාව දීම’ ය. සමාව දීමේ පදනම ලෙස ඔවුන් යෝජනා කරන්නේ ‘යුදමය අභිමතාර්ථයන් සාධනය කිරීමෙහි ලා කරන ලද අපරාධ’ ය. ඒ අනුව, යුදමය අභිමතාර්ථ සාධනයෙහි ලා හමුදාවේ සාමාජිකයන්, ඔවුන්ට සහාය වුණු වෙනත් සන්නද්ධ කණ්ඩායම්, එල්ටීටීඊය හා වෙනත් දමිළ සන්නද්ධ කණ්ඩායම් විසින් කරන ලද අපරාධවලට සමාව දිය යුතු ය. සමාව දීමෙන් පසු, ඒ සියල්ල අමතක කර, අනාගතයේ යළි යළිත් ඒවා මෙනෙහි නොකරන බවට පොරොන්දු විය යුතු ය. එමෙන් ම පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි ලා කරන ලද අපරාධවලට නීතිය ක‍්‍රියාත්මක කළ යුතු ය..යුදමය අභිමතාර්ථ යනුවෙන් මෙහි සඳහන් වන්නේ කුමක්ද යන්න ගැන සාධාරණ අපැහැදිලිභාවයක් තිබේ. එය අර්ථ නිරූපණය වන්නේ කෙසේ ද? එහි ප‍්‍රායෝගික වපසරිය කුමක් ද? පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කරන ලද අපරාධ යනු කුමක් ද? පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කරන ලද අපරාධ ද යුදමය අභිමතාර්ථ සාධනයෙහි ලා කරන ලද අපරාධ හැටියට අර්ථ දැක්විය හැකි ද? යුදබිමේ දී සිදු වුණු සියලූ දේ යුදමය අභිමතාර්ථ ද? නැතිනම්, යුදබිමේ දී පෞද්ගලික අභිමතාර්ථ හැටියට හඳුනා ගත හැකි දේ සිදුවුණි ද? මේවා තීරණය කරන්නේ කවුද? යනාදිය ඒ ආශ‍්‍රිතව පැන නගින මූලික ප‍්‍රශ්න ය..මේ ප‍්‍රශ්න විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ, සත්‍යය සෙවීමකින් තොරව මේ ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන්නට අපහසු බව ය..ජාතික හෙළ උරුමය සිය යෝජනාවලියට පරිවාර වශයෙන් දකුණු අප‍්‍රිකාවේ සිදු වුණු සමාව දීමේ ක‍්‍රියාවලිය ද ගෙන හැර පායි..දකුණු අප‍්‍රිකාවේ සමාව දීමේ ක‍්‍රියාවලිය හුදෙක් දේශපාලන පක්‍ෂයක හෝ රජයේ හෝ යෝජනාවක් අනුව සිදු වුණු හුදෙකලා සිද්ධියක් නොව, දීර්ඝ කාලීන ක‍්‍රියාවලියක අංගයක් හැටියට ක‍්‍රියාත්මක වුණු දේකි..දකුණු අප‍්‍රිකාවේ සමාව දීමේ අවස්ථාව ඇති වන්නේ, සුදු සහ කළු යන ජනතාවගේ එකඟත්වයෙන් ඇති කර ගන්නා ලද සත්‍යය සෙවීමේ කොමිසම සොයා ගත් කරුණුවල ප‍්‍රතිඵලයක් ලෙස ය. ඒ නිසා, දකුණු අප‍්‍රිකාවේ දී වැදගත් ලෙස සැලකිය යුතු වන්නේ සමාව දීමේ ක‍්‍රියාවලියට වඩා සත්‍යය සෙවීමේ ක‍්‍රියාවලියයි. එය හුදෙක් අත්අඩංගුවේ සිටින, නඩු පවරා ඇති දෙපාර්ශ්වයේ පුද්ගලයන්ට සමාව දීම වැනි ලිහිල් කටයුත්තක් නොවේ..පළමුව සත්‍යය සෙවීමේ කොමිසමක් අරඹා, ඒ හරහා සත්‍යය සොයා ගෙන, අවසානයේ සංහිඳියාව ඇති කරන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නයට එක් පිළිතුරක් ලෙස ය, සමාව දීමේ ක‍්‍රියාවලිය ඇති වන්නේ. ලෝකයේ ප‍්‍රමුඛ ගණයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන එරටේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නේ ද මේ ක‍්‍රියාවලියේ ම ප‍්‍රතිඵලයක් හැටියට ය. ඒ නිසා, සමාව දීමට පෙර ඇත්ත සොයා ගැනීම සඳහා සත්‍යය සෙවීමේ කොමිසමක් පිහිටුවීම අත්‍යවශ්‍ය ය..ලංකාවේ දැන් ක‍්‍රියාත්මක වන සංහිඳියා වැඩ පිළිවෙළ තුළ සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් ද අන්තර්ගත ය. ඒ යාන්ත‍්‍රණය තුළින් සත්‍යය සොයා ගත් පසු, සමාව දෙනවා ද, නෛතික විපාක ලැබීමට සලස්වනවා ද යන්න තීරණය කළ හැකි ය..එහෙත්, ඒ තීරණය ද ගත යුත්තේ ඒ යුද්ධයේ සැබෑ වින්දිතයන් වූ සිංහල, දෙමළ මිනිසුන් විසිනි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article50,000ක ගල් කියුබ් එක 1,65,725ට ගෙන 51,000ක කොන්ක‍්‍රීට් කියුබ් එක 1,65,270ට ගෙන බෙලිඅත්තට යන නාස්තිකාර කෝච්චි පාර.Next articleකන පලන පන්සල් හැම තැනම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
උස අත්තක මලක් වෙන්නයි ඕනෑ :සමන් අතාවුදහෙට්ටි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.උස අත්තක මලක් වෙන්නයි ඕනෑ :සමන් අතාවුදහෙට්ටි.By සංස්කාරක.September 3, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ඔබේ ගම් පළාත, කුඩා කාලේ හැදී වැඩුණේ කොහේද කියා කිව්වොත්?.විවාහ වූ අලුත මගේ අම්මාට, තාත්තාට වුවමනා වෙලා තිබුණා සුන්දර පළාතක ජීවත් වෙන්න. ඒ නිසා පළමු පත්වීම අරගෙන ඒ අය ගියා ගල්ගොමුවේ ඇහැටුවැවට, ඇහැටුවැව ගමේ ඉස්කෝලේ පටන් අරන් තියෙන්නේ 1955 විතර. ඒ වන්නියේ දුෂ්කර ගම්මානයේ තමයි මම ඉපදෙන්නේ..ඊටත් එහා තියෙන සියඹලන්ගමුවේ ඉස්කෝලේ විදුහල්පතිවරු ඉන්නේ නෑ. ගුරුවරු ඉන්නෙත් නෑ. අවුරුදු තුනක් තුළ විදුහල්පතිවරු හය දෙනෙක් ඉඳලා අයින්වෙලා ගිහින් තිබුණා. ඒක තාත්තා දැනගත්තාට පස්සේ 1959 සැප්තැම්බර් මාසේ අපි යනවා සියඹලන්ගමුවේ ඉස්කෝලෙට. 1964 අග විතර වෙනකන් අපි ඉන්නේ සියඹලන්ගමුවේ. ඊට පස්සේ අපේ අධ්‍යාපන කටයුතු නිසා තමයි තාත්තලා අම්මලා තීරණය කරන්නේ නගරයට එන්න ඕනෑ කියලා..සියඹලන්ගමුවේ ඉඳලා කෙලින්ම එන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට. එච්.ඩී. සුගතපාල මහත්තයා තමයි කනිෂ්ඨ අංශයේ විදුහල්පතිතුමා. එතුමා ලේඛකයෙක්, පුවත්පත් කතුවරයෙක්, නාට්‍යවලට ළැදි කෙනෙක්. ඒ ඇසුර එක්ක තමයි මගේ කලා ජීවිතේ ගොඩනැගෙන්නේ. මගේ ඇඟේත් යමක් තියෙන්න ඇති..ඒ කාලේ මම ‘මිහිර’ පත්තරේට ලිපි ලියනවා. ඉස්කෝලේ කුඩා සඟරා සංස්කරණය කරනවා..1967 අපි සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයට ‘පොතේ ගුරා’ කියලා ඉස්කෝලෙන් නාට්‍යයක් කරනවා. ඒ නාට්‍යයට දෙවෙනි තැන ලැබෙනවා. ගුවන් විදුලියේ ළමා අංශයේ ප්‍රධානියා වූ ප්‍රභා රණතුංග මහත්මිය ඒ නාට්‍යය බලන්න එනවා. නාට්‍යයේ රඟපෑ සමහර ළමයින්ට එතුමිය ගුවන් විදුලියේ වැඩසටහන් සඳහා ආරාධනා කරනවා. අපි කිහිප දෙනෙක් ගුවන් විදුලියට යනවා. ළමා පිටියට සම්බන්ධ වෙනවා. නමුත් එක්කෙනයි දෙන්නයි ඉතිරි වෙන්නේ. අනික් අය හැලෙනවා..එතැනින් තමයි මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ. ඉතිං මම ගුවන් විදුලිය එක්කම හැදෙනවා වැඩෙනවා. 1976 විතර ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් ලෙස සේවයට බැඳෙනවා..මම ‘දෙසතිය’ සඟරාවේ ක්‍රීඩා සංස්කාරකවරයා විදිහට වැඩකළා. එයට සමාන්තරව ගුවන් විදුලියේ රාජකාරි කළා. ඒ නිසා මම ලේඛනයේයි, විද්‍යුත් මාධ්‍යයේයි දෙකේම සමාන්තරව ඉදිරියට ඇවිල්ලා තියෙනවා..විවිධ රටවල සංචාරය කරමින් ඔබ ලියූ සංචාරක සටහන් හරහා ඔබ සිංහල සාහිත්‍යයට නව ආරක ග්‍රන්ථ මාලාවක් තිළිණ කර තිබෙනවා. ඒ ගැන කතාකළොත්?.සංචාරක ලේඛනය නැත්නම් චාරිකාලංකාර කියන එක අතීතයේ හිටන් තිබුණා. හියුන් සාන්, ඉබන් බතූතා, මාර්කෝ පෝලෝ, එසේ දේශාටන සටහන් ලියූ අය. ඒවායෙන් අපිට ඒ ඒ කාලවකවානු පිළිබඳව විශාල දැනුමක් අවබෝධයක් ලබාගන්න පුළුවන්, එක්දහස් තුන්සිය ගණන්වල පවා පිටරටින් ආ අය ලියූ එවැනි කෘතීන් තියෙනවා..ලංකාවෙත් එහෙම සාහිත්‍යයක් පැවතුණා. පත්තර කලාව ඇතුළේ මීමන ප්‍රේමතිලක විවිධ තැන් ගැන සතිපතා ලිපි ලියලා තියෙනවා. විමලරත්න තුමාරගම එයා ගිය ස්ථාන පිළිබඳව කවි ලියලා තියෙනවා. මෑත ඉතිහාසයේ ධර්මසිරි ගමගේ, නීල් විජේරත්න, කපිල කුමාර කාලිංග, සුනේත්‍රා රාජකරුණානායක, සංචාරක සටහන් ලියලා තියෙනවා..නමුත් පොත් මාලාවක් විදිහට කවුරුවත් ඒවා පළකළේ නෑ. මමත් එහෙම පළකරන්න හිතාගෙන පටන්ගත්තා නොවෙයි. නමුත් පළමු පොතට විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි වූ නිසාත්, මගේ මිත්‍රයෝ සහ ප්‍රේම් දිසානායක මහත්තයා මාව දිරිමත් කළ නිසාත්, තමයි මේක දිගටම ලියන්න පෙළඹුණේ..ඒ අනුව තමයි මම චාරිකාලංකාර පොත් මාලාවක් කරන්න පෙළඹුණේ. පළමු පොත ජපානය ගැන ලියැවුණු ‘හණමිචිය දිගේ’, දෙවෙනි පොත චීනය ගැන ලියැවුණු ‘සොඳුරු සැරිසර සේද මාවත දිගේ’, තුන් වෙනි පොත මැලේෂියාව ගැන ලියැවුණු ‘සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ’, හතර වෙනි පොත චීනය ගැන ‘සොඳුරු සැරිසර සක්වල දිගේ’. එහි වැඩි බර තියලා තිබුණේ ටිබෙටි ස්වාර්ථය පිළිබඳව..පසුගියදා එළිදුටුවේ මගේ ඉන්දියාව ගැන ලියැවුණු ‘සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ’ සහ ‘සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ’ කියන පොත් දෙකයි. ඒ පස්වෙනි හා හයවෙනි පොත්..ඔබ බොහෝ කල් පටන් විවිධ සාහිත්‍ය නිර්මාණවල හා ලේඛන කාර්්‍යයන්හි යෙදෙන කෙනෙක්. නමුත් මේ සොඳුරු සැරිසර පොත් මාලාවට ඔබ වැඩි ඉඩකඩක් වෙන්කොට තිබෙන බව පෙනෙනවා..සංචාරක කටයුතුවලට මම ටිකක් පෙරේතයි. ඒ නිසා මේ සොඳුරු සැරිසර පොත් මාලාවට වැඩි ඉඩක් වෙන්වෙලා තියෙනවා..අනික පාඨකයන්ගේ පැත්තෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඔවුන් කියවන්නේ නැත්නම්, හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැත්නම්, මේවා පළ කරන්න පෙළඹවීමක් ඇති නොවෙන්න තිබුණා..රසවින්දනය කියන දේ සංචාරක සටහන්වල නැතුවා නොවෙයි. සංචාරක පැත්තෙන්, අධ්‍යාපනික පැත්තෙන්, සමාජීය පැත්තෙන්, දේශපාලනික පැත්තෙන්, ආර්ථික පැත්තෙන් ආදි වශයෙන් විවිධ තොරතුරු ලියැවිලිවලට කැටිවෙනවා කියලා මට හිතෙනවා..විවිධ රටවල සංචාරයේ යෙදෙමින් කරුණුකාරණා සොයමින් මෙවැනි සටහන් ලිවීම ලෙහෙසි පහසුකාර්යයක් නොවෙයි?.සාමාන්‍ය සංචාරකයෙක් විදිහට ගිහිල්ලා මේ වගේ කෘතියකට කරුණු හොයන්න බෑ. සාමාන්‍ය සංචාරකයෙක් යම් තැනකට ගිහිල්ලා රිසි සේ නිදහසේ එතැන තියෙන දේවල් බලලා, විඳලා පැයකින් එන්න පුළුවන් වුණාට, සංචාරක සටහන් කරන්නෙකුට ඒකට දවසක් යනවා. එක පැත්තකින් ඒක වෙහෙසකර කාර්යයක්, ඒක ශාරීරික වෙහෙස පමණක් නොවෙයි. ඒ දවස ගතකරන්න වුණාම ඒ එක්ක එක් වෙන තවත් ගොඩාක් දේවල් තියෙනවා. වියදමක් තියෙනවා. ඒ නිසා මේක අමාරුයි. සමහර තැනක් නරඹලා එතැන තියෙන තොරතුරු ප්‍රමාණවත් නොවුණොත් තවත් තැනකට යන්න වෙනවා තොරතුරු ගන්න..චීනය, ජපානය වගේ රටවලට ගියාම භාෂා පරිවර්තකයෙක් ඕනෑ කරනවා. සමහර අවස්ථාවල මට ඒ ඒ රටවල ලේඛනාගාරවලට ගිහිල්ලා පැරණි ලේඛන කියවන්න, පතපොත බලන්න, කරුණු එක් රැස් කරන්න සිද්දවෙනවා. නමුත් මම මේ කාරණේට තියෙන ආසාව, උනන්දුව, කැපවීම දැකලා සමහර ආයතන, හිතවත් පුද්ගලයන් ඉදිරිපත් වෙලා නවාතැන් පහසුකම්, ගමන් පහසුකම් සපයලා තියෙනවා. එහෙම නොවෙන්න මේ වැඬේ මට තනියම කරගන්න වෙන්නේ නෑ..මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සමග සංසන්දනාත්මකව බලන විට අද ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ ඔබට තිබෙන්නේ කෙබඳු තක්සේරුවක්ද?.තාක්ෂණික වශයෙන් අපි ඉදිරියට ගිහින් තියෙනවා. අන්තර්ගතය වශයෙන් අපි ඉදිරියට ගිය බවක් පෙනෙන්නේ නෑ. විද්‍යුත් මාධ්‍ය විතරක් නොවෙයි, පත්තර කලාව ගත්තත් පසුගාමී තැනක ඉන්නේ. ඉදිරියේ එළැඹෙන තාක්ෂණික අභියෝගවලට අපි කිසිම සූදානමක් නෑ..ඔබ විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබා තිබෙනවා. අපේ රටේ තත්ත්වය සංස්කෘතික භාවිතාවන් ගැන ඔබ මොකක්ද හිතන්නේ?.ඇත්තටම අපේ රටේ කෑම සහ බීම සම්බන්ධයෙන් සංස්කෘතියක් හැදිලා නෑ. මීට අවුරුදු දහයකට පහළොවකට කලින් මගේ ප්‍රංශ යාළුවෙක් එක්ක සැඳෑ වෙලාවක කතා කරමින් ඉන්නකොට ‘අපි විනාඩි පහළොවෙන් කෑම හදලා පැය එකහමාරක් විතර ඒවා කනවා, ඔයාලා පැය එකහමාරක් තිස්සේ කෑම හදලා විනාඩි පහළොවෙන් කනවා’ කියලා කිව්වා. අපි කෑම කන්න ඉගෙනගෙන තියෙනවා. බීම බොන්න ඉගෙනගෙන තියෙනවා. රස විඳින්න ඉගෙනගෙන නෑ. ඒගොල්ලෝ මත්පැන් බොන්නේ නෑ. රස විඳිනවා. ඉස්සර අපේ මගුල් ගෙවල්වල අපට මතකයි සමහර අය පිළිකන්නට ගිහින් දෙකක් කටේ හලාගෙන කෙළ ගහගහ ඇවිල්ලා කෑම මේසේ ඉඳගන්නවා. ඒ බොන්නේ වෙරි වෙන්න. බඩ පැලෙන්න කන්න ඕනෑ. දියුණු රටවල මහ පුදුම විදිහට ඒ කෑම සංස්කෘතිය ගොඩනැගිලා තියෙනවා..අද වෙනකොට සම්පූර්ණයෙන්ම වාගේ තාක්ෂණය හා තාක්ෂණික උපකරණ පැමිණෙන්නේ විදේශයෙන්. රටක් ලෙස අපි තාක්ෂණික භාවිතයන් පැත්තෙන් කොයි වගේ ආස්ථානයක සිටද කටයුතු කරමින් ඉන්නේ?.තාක්ෂණය උපයෝගී කරගෙන අපේ නිර්මාණ කලාව පෝෂණය කරන්න අපි හිතන්නේ නෑ. අලුත් දෙයක් ආ ගමන්ම අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. තාක්ෂණයට බැනලානේ අපි පටන් ගන්නේ. ට්‍රැක් අටේ රෙකෝඩිං ආවාට පස්සේ ගායකයාට වෙනම රෙකෝඩිං ස්ටුඩියෝ එකට ඇවිත් සිංදුව කියන්න පුළුවන්, එක එක සංගීත භාණ්ඩය වෙන වෙනම ඇවිත් ප්ලේ කරන්න පුළුවන්. පස්සේ සේරම එක් කරලා සිංදුව හදන්න පුළුවන්..ඩිජිටල් ක්‍රමය ආවාට පස්සේ කටහඬ වෙනස් කරගන්න පුළුවන්, ඕනෑ කෙනෙක්ට සිංදු කියන්න පුළුවන් කියලා බැන බැන ඉන්නවා. තාක්ෂණය හරියට පාවිච්චි කිරීම ගැන අපි පස්සේ හිතන්නේ..මම අවුරුදු විස්සක් වගේ කාලයක් තුළ අවස්ථා කිහිපයකදී චීනයට නිල සංචාර ගිහින් තියෙනවා. ඒ අවස්ථාවල චීනයේ හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, ප්‍රාන්තවල නායකයෝ මුණගැහිලා තියෙනවා. ඒ අය ඒ අයගේ රට ගැන කියද්දී කියන්නේ ‘චීනයේ නගරවල අදායම ඉතා හොඳයි, ඒ නිසා දුප්පත් ගම්මානවලින් දුප්පත් ජනතාව නගරවලට සංක්‍රමණය වෙනවා රැකියාවල් සඳහා, මේක විශාල ප්‍රශ්නයක්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ දුප්පත්කම නැති කරන එක’ කියලා. අද චීනය තමයි ලෝක ආර්ථික බලවතා. ඒ ශක්තිවන්ත ආර්ථික බලවතාගේ ජනාධිපතිතුමා කියනවා, තමන් දුප්පත්, ඒ දුප්පත්කම නැති කිරීම සඳහා තමයි අපි වැඩ කරන්නේ කියලා..ලංකාවේ අපි කියනවා අපි ලෝකෙන් උතුම් රට කියලා. ඒ ආකල්පය අපේ දියුණුවට විශාල බාධකයක් වෙලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා අපිට තරම් හොඳ සංස්කෘතියක් වෙන කාටවත් නෑ කියලා. අධිමානයකින් ඉන්න කෙනාට තව යන්න තැනක් නෑ. මම අන්තිමයා කියලා හිතුවොත් තමයි පළමුවෙනියා වෙන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. ලෝකේ අපිට වැඩිය දියුණු මිනිස්සු, සංස්කෘතීන් තියෙන බව අපි පිළිගන්න අවශ්‍යයි. ■.ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබෙලිහුල්ඔය වරුණා.Next articleසුළං කපොල්ලේ පාරාදීසය: ඇල්ල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මානුෂීය ආධාරවලින් යැපෙන්නට නම් ආණ්ඩු අවශ්‍ය නැත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මානුෂීය ආධාරවලින් යැපෙන්නට නම් ආණ්ඩු අවශ්‍ය නැත.By සංස්කාරක.May 18, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ මිණි සර.ආර්ථික අර්බුදය දේශපාලන කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාව අසරණ රාජ්‍යයක් බවට පත්වී හමාරය. මහජනතාව විසඳුම් ඉල්ලා සිටී. මහජන නියෝජිතයන් තනතුරු සඳහා සටන් කරමින් සිටින බව පෙනේ. ස්ථාවර ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ හැකි පරිදි පාලන ව්‍යුහයක් වහාම ඇති කරගත යුතුය. එය ප්‍රමාදවන දිනයක් පාසා ජන ජීවිතය තවත් ආගාධයට තල්ලුවීම වැලැක්විය නොහැකිය..මහ බැංකු අධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් විශ්වාසයක් ගොඩ නැගීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්විය. ව්‍යවසායකයන්, ව්‍යාපාරික ප්‍රජාව පමණක් නොව පොදු මහජනතාව ද ඔහු අනුගමනය කරන්නට ඉඩ ඇති ඕනෑම තීන්දුවකට විවෘත කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි. මුල්‍ය අරමුදලේ ණය, එහි කොන්දේසි, විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය වැනි තීරණාත්මක තීන්දු ගැන පුළුල් එකඟතාවකට පැමිණීමට හැකිවීම වාසිදායක බව පැහැදිලිව පෙනිණ. දේශපාලන ස්ථාවරභාවය ඇති කරගැනීමට උන්දුවක් නැති අවස්ථාවක ඔහු තව දුරටත් මහ බැංකුවේ නිල තල උසුලන්නට සූදානම් නැති බව ප්‍රකාශ කර තිබේ. මෙම තීරණාත්මක අවස්ථාවේ දී මහජනතාව, ආර්ථිකය හා සමාජ ව්‍යුහය ගැන ඉතාම ගැඹුරෙන් කල්පනා කළ යුතුය. ජන සමාජයේ සෑම අංශයකම කැපවීම වැදත්ය. සියලුම දෙනා පියවරක් පිටුපසට ගෙන ඉදිරි ගමන සඳහා ශක්තියක් විය යුතු බව අවධාරණ කළ යුතුව තිබේ..ආර්ථික කුණාටුවක් නැගෙන බවට තිබුණ පෙරනිමිති හමුවේ ගත යුතු පියවර විද්වත්හු අවධාරණය කළහ. එය කෙළවර වන දේශපාලන විනාශය ගැන ද කෙලින්ම කියා තිබුණි. බලලෝභී, අන්‍ය අදහස්වලට නොනැමෙන දේශපාලනඥයෝ ඒවා නොතකා දිගින් දිගටම කටයුතු කරමින් සිටියේය. කුණාටුව පහත් වී තිබේ. ශ්‍රී ලංකාව නමැති ආර්ථිකය සාගරයේ කුඩා ඔරු පියල්ලකි. ලෝකයේ බලවත් රටවල විශාල ආර්ථික සමග සසඳන පසු මෙම කුඩා ඔරු පියල්ලට ගැලවීමක් නැත. කුණාටුව එන්නට කලින් පවත්වාගෙන යා යුතුව තිබුණ ගමන් දිසාව වෙනස් කරන හා පාලනය අතට ගන්නා සාකච්ඡා කුණාටුවෙන් විනාශ වූ පසු වැදගත් නැත. ඊළඟ පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීම ගැන කරන නිර්ලජජිත අරගලය රට තවත් නොදන්නා ඉසව්වකට පා කරන අතර එහි භයානක ඉරණම ගැන ජනතාවගෙන් යැපෙන දේශපාලනඥයන් අනුමාන නොකිරීම විමතියට හේතුවකි. මරාගෙන මැරෙන ආර්ථිකයක් දක්වා ගමන් කිරීම ඉතාම සාහසික තත්ත්වයකි..බලය හා අධිපතිවාදය සඳහා වූ පවුල් එකමුතුවක් තිබුණ බව අමතක කළ යුතු නැත. එම එකමුතුව විනාශ කරන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට හා විවෘත ආර්ථික ක්‍රමයට බරපතළ හානියක් බව ඒත්තු ගැන්වීමෙකින් අනතුරුවය. ක්‍රමය වෙනස් කිරීම සඳහා තදබල උවමනාවක් සමාජය තුළ තිබේ. මහජන ඡන්දයෙන් පත් වූ පාලනය පන්නා දමන්නට ජනතාව මහ පාරට බහින්නේ අරගලයක සංඥාව සහිතවය. අරගලයකට පසු බිහිකරගන්නා නැවුම් උද්දාමය වනාහි එකමුතුවක් නැති, වැඩපිළිවෙළක් රහිත, පාර්ලිමේන්තු බලය සඳහා පමණක් අභිලාෂය කරගත් උදාසීන පිරිසකගේ පාලනයක් විය යුතු නැත. වහාම සැලැස්මක් සකස් කළ යුතුව තිබේ. වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතුය. දෙස් විදෙස් ආයෝජන, දෙස් විදෙස් දේශපාලනය වෙත විශ්වාසය ජනිත කළ හැකි පියවරක් කරා වහාම ගමන් කළ යුතුව ඇත..ශ්‍රී ලංකාව දැනට ජීවත්වෙන්නේ මානුෂීය ආධාර මත බව අමතක කළ යුතු නැත. ඉන්දියාව සපයන ලද සහාය හැමදාම සැණකෙළි පවත්වන්නට නොවේ. ඉන්ධන සංචිතය සඳහා වන චක්‍රීය ණය ඉක්මනින් අවසන් වනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියනයකින් ආරම්භ වී එය දෙගුණයක් දක්වා ගිය ආහාර හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේ මිල දී ගන්නට ලබා දුන් ණය තව ස්වල්ප දිනකින් අවසන් වනු ඇත. බංගලිදේශය, චීනය, ඉන්දියාව, යුරෝපා ප්‍රජාව හෝ වෙනත් රටක් ලබා දුන් ආධාර පවතින ඛේදවාචකය හමුවේ එම රටවල ජනතාවගෙන් අය කරගත් බදුවලින් නිකුත් කරන ලද සලාකයක් බව අමතක කළ යුතු නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා නිකුත් කරන්නට ඉඩ ඇති වාරිකය කිසිසේත් හුස්ම ගැනීමට පවා ශක්තියක් ලබාදෙන්නේ නැත. ඊළඟට හැදෙන්නට නියමිත බල අරගලයක් සහිත බව පෙනෙන ආණ්ඩුව අමතක කළ යුතු නැති පැත්තකි. ඡන්ද පවත්වන්නට, ව්‍යවස්ථා අලුතින් හදන්නට බැරිකමක් නැත. කලින් ආර්ථිකය ස්ථාවර කරගත යුතුය. ගිලෙන ඔරුවක සිටින අප සියලුම දෙනා ගොඩබිමට ගොස් අලුත්ම නැවක් සකස් කරගන්නා ආකාරය ගැන තම තමන්ගේ අභිලාෂ පරිද්දෙන් ප්‍රකාශ කරමින් සිටින අතර අප පසුවන්නේ ගොඩබිමක් නොපෙනෙන සාගරයක බව අවධාණය කළ යුතුය..මහා භාණ්ඩාගාරයේ ඉලක්කම් අනුව 2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය දැන් වලංගු නැත. එහි තිබුණ ඉලක්ක ඉරී විනාශ වී ගොස් තිබේ. පොලී අනුපාත, විනිමය අනුපාත යනාදිය සැලසුම්වලට තියුණු බලපෑමක් එල්ල කර ඇත. ණය නොගෙවන්නට ගෙන ඇති තීරණය පදනම් කරගෙන විදේශ විනිමය බැඳුම්කර නිකුත් කරන්නට කිසිම අවස්ථාවක් නැති තැනක පසුවේ. 2021 වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.2 ක තිබුණි. මෙම වසරේ සියයට තුනක වර්ධනයක් සහිතව අය වැය හිඟය සියයට 10.2 ක පාලනයක් කරා ගමන් කළ හැකි බව පුරෝකථනය කර තිබුණ බව මතක් කළ යුතුය. දැන් පවතින පරිසරය තුළ කිසිම ආකාරයකට එම සංවර්ධන ඉලක්කයට යා නොහැක. ආර්ථික වර්ධනය මගහැරෙන පසුබිම තුළ රජයේ ආදායම බිඳ වැටේ. අය වැය හිඟය දෙගුණ තෙගුණ විය හැක. එහි හිඟය පියවන්නට දේශීයව ගන්නා ණය තවත් වටයකින් උද්ධමනය නංවන බව පැහැදිලිය. ජීවන වියදම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක සිටින ජනී ජනයාට ඉදිරියේ දී පවා ලැබෙන උත්තරය සහනදායී විය නොහැක..ඉදිරි මාස කිහිපය තුළ තවත් බර වැඩිවනු ඇති අතර විදුලිය, ගෑස් හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සම්පූර්ණ කිරීම දැවැන්ත අභියෝගයක් වනු ඇත. තාවකාලික ආණ්ඩුවක මුල් පුටුව හා ඇමැති තනතුරුවලට පෙළ ගැසෙන පිරිස තමන්ට කළ හැකි තරම ගැන තක්සේරුවක සිටිය යුතුය. ක්‍රමය වෙනස් කර සහන සම්පාදනය කරන තෙක් ජනතාව බලා සිටී. තාවකාලික ව්‍යුහයකට ගමන් කළ හැකි සීමාවක් ඇත. ඒවා නොතකා සිහින මැවීම අනාගතයට කරගන්නා වරදකි. අද කළ යුතු සාමූහික තීරණයක් ගෙන විද්වතුන්ගේ උපදෙස් පරිදි තීර්ථයක් කරා සේන්දුවීමය. විද්වතුන්ගේ යෝජනා ද ප්‍රායෝගික විය යුතුය. ජනතාව විශාල දුෂ්කරතාවක සිටින අතර එකවරම බදු වැඩි කර ආර්ථිකය එකවර නග්ගන්නට වෑයම් කිරීම නැවත වතාවක් විරෝධතාවලට අතවනන අවස්ථාවක් වනු ඇත. මේවා පරෙස්සමෙන් ලිහිල්ව කරගත යුතු ප්‍රතිසංස්කරණ වන අතර ජනතාව මත අධික බලාපොරොත්තු ඇති නොකරන, මෙම ඉරණම තමන්ගේ වාසියට හරවා නොගන්නා යාන්ත්‍රණයක් හැර අනෙකකින් මෙම අවකාශය තුළ පලක් නැත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅද සෝභිත හාමුදුරුවෝ හිටියා නම් අඬාවි, හදවත පුපුරාවි: හිටපු කතානායක කරු ජයසූරිය.Next articleමේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා: කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විඥානය අතින් අන්තිම අඩියේ ඉන්නේ දේශපාලනඥයා: ඕෂෝ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විඥානය අතින් අන්තිම අඩියේ ඉන්නේ දේශපාලනඥයා: ඕෂෝ.By සංස්කාරක.November 25, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක...බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මහාවීර වැනි ආගමික නායකයන් එකල හාත්පස පැතිර තිබූ දැවෙන ප්‍රශ්නයක් වූ ‘දුප්පත්කම’ට පිළිතුරු සැපයීමට උත්සාහ නොකළේ මන් ද?.දැවෙන ප්‍රශ්නයක් ලෙසින් ම නොවෙතත් ඇහේ රොඞ්ඩක් ලෙසින් වරින් වර සිතෙහි කැවෙමින්, කැකෑරෙමින් අප තුළින් ද මේ පැනය මතුවූ බව මතක් වූයේ මෑතකදී කියවූ පොතකින් මේ ප්‍රශ්නය යළි වර නැගී තිබූ නිසා ය. ඒ පරිවර්තන කෘතිය නම් කර තිබුණේ ‘ඕෂෝ – මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි’ ලෙස ය. මේ ඕෂෝ සංවාද එකතුව සිංහලට නගා තිබුණේ ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු ය..‘විප්ලවය’ යැයි කී පමණින් එකවර හා වැඩි වශයෙන් අපේ මතකයට කඩාවදින්නේ දේශපාලන විප්ලවයන් ය. ඒ අතරිනුත් ප්‍රමුඛ වන්නේ සිය වසරකට පෙර සිදු වූ ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයයි. විවිධ විප්ලව හා ඒවායේ න්‍යාය පිළිබඳව අප කතා කර ඇති අවස්ථා එමට ය. ඒ වෙනුවෙන් සිදු වූ පුද්ගල මැදිහත්වීම් ද අනල්ප ය. එහෙත් දුප්පත්කම නොවේ නම් පන්ති පරතරයට විසඳුම් සෙවීමට පෙර කී විප්ලවයෙන් සියවසක් ගෙවී යන තුරුමත් කිසිදු රාජ්‍යයක් සමත් වී ඇති බවක් නොපෙනෙයි..දැන් බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මහාවීර වැන්නන් මිනිසාගේ දුක් දුරුකිරීමට මිස දුප්පත්කම නැති කිරීමට සාධනීය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළේ මක්නිසා ද යන ප්‍රශ්නය යළිත් කරළියට නැගෙයි. මෙහිදී අප උත්සාහ කරන්නේ භගවාන් ශ්‍රී රාජ්නිෂ් හෙවත් ඕෂෝ ඊට සපයන පිළිතුර පරිපූර්ණ යැයි එකඑල්ලේ ම එකහඬින් ම කියන්නට නොවේ. එහෙත් අපට ද යම් තරමකින් බලපෑම් කළ මේ ප්‍රශ්නයේ අක්මුල් සොයා යාමක් ඕෂෝගේ පිළිතුරින් ගම්‍යමාන වන බව ය, අපගේ පෞද්ගලික අදහස වන්නේ..ඕෂෝ මේ කතාව අරඹන්නේ එවකට (බුදුන් වහන්සේගේ හා ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ) තිබූ සමාජ වාතාවරණය පිළිබඳ ඓතිහාසික චිත්‍රයක් අප තුළ රූපණය කරමිනි. ඒ සිතුවමින් ගම්‍යමාන වන්නේ එවැන්නක් ගැන සිතන්නට ඒ යුගයේදී මිනිසුනට අවකාශයක් විවරව නොතිබූ බව ය. අද දවසේදී වුව අප යමක් ගැන සිතන්නට පෙළඹෙන්නේ කිසියම් සාධකයක් (වාතාවරණයක්) ඒ ගැන සිතන්නට අපට බලකරන කල්හි ය. කාල්මාක්ස්ට (1818-1883) ඒ ගැන සිතන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කර දුන්නේ ‘කාර්මික විප්ලවය’ බව ඕෂෝ අපට සිහිකැඳවයි. (කාර්මික විප්ලවය සිදු වූවේ යැයි සැලකෙන්නේ 1760-1840 අතර කාලවකවාණුවකදී ය) කාර්මික විප්ලවය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ප්‍රථම වතාවට නිෂ්පාදන කාර්යය සඳහා යන්ත්‍ර-සූත්‍ර යොදාගෙන ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇතිකිරීමේ හැකියාව ලද හෙයිනි. කාර්මික විප්ලවයට පෙර පැවැති වැඩවසම් යුගයේ දුප්පත්කම තුරන් කිරීමට නොහැකි වූයේ ප්‍රමාණවත් වත්කම් සමාජය සතු නොවූ නිසා බව ද ඕෂෝ පෙන්වා දෙයි. කළ හැකිව තිබුණේ ධනවතුන් අතළොස්සකගේ ධනය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඔවුන් ද දුප්පත්කම කරා දක්කාගෙන ඒම පමණි..දහසක් අතරින් (ධනවතුන්) එකෙකුගේ ධනය අත්පත් කරගත් පමණින් සමාජයේ දුප්පත්කම අඩුකළේ යැයි කාටවත් කියන්නට බැරිය. මිනිස් ශ්‍රමයේ (මිනිස් අතින්) නිෂ්පාදනය කළ දේ දුප්පත්කමේ රේඛාවෙන් එපිටට සමාජය තල්ලුකර දැමීමට අසමත්වූ බව මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණයයි. වත්කම් ඉපයීම උදෙසා මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගැනීමෙන් අනතුරුව, දුප්පත්කම පලවා හැරීම පිළිබඳව සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. මිනිස් දෑත් දසදහසකින් කළ දේ ඉන්පසු ඊටත් වඩා අඩු කාලෙකින් යන්ත්‍රසූත්‍රවලට කළ හැකි විය. එසේ මහා පරිමාණයෙන් ධනය ඉපැයීම සිදුවන විට ‘දුප්පතුන් සැමදා දුප්පතුන් වශයෙන් නොසිටියි යුතුය.’ යන හැඟීම ඇතිවීම සාධාරණය. (ඕෂෝ, මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි, 172 පිටුව).කාල්මාක්ස් වේදිකාව මතට අවතීර්ණ වන්නේ, ඔහුට වේදිකාවක් නිර්මාණය වන්නේ කාර්මික විප්ලවයෙන් අනතුරුව බව සිහිගන්වන ඕෂෝ, සමාජයේ සමානත්වය ගැන කල්පනා කිරීම සඳහා ඔහුට (මාක්ස්ට) ලකරන ලද්දේ එවකට පැවැති සමාජ වාතාවරණය විසිනි යි කියයි. ඒ සමයේ බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වැඩසිටියේ නම් උන්වහන්සේලාගේ ප්‍රවේශයන් සඳහා ද එවැනි වූ තවත් චින්තනයක් බලපෑම් කිරීමට ඇතැම්විට හැකිව තිබූ ආකාරය ද ඕෂෝ පෙන්වා දෙයි..සමාජයේ පවතින අසමානත්වය නැති කරන්නට බුදුන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ උත්සාහ නොකළේ මන්ද? යන ප්‍රශ්නයට ද පිළිතුරු ගණනාවක් ඇති මුත් ඒවා තේරුම් බේරුම් කර ගත යුතුව ඇත්තේ පරිස්සමිනි යි ඕෂෝ කියයි. අසමානත්වය නැතිකිරීම පිළිබඳ අදහසක් සමාජයකට වැද්දගන්නේ ඒ සමාජය තුළ ‘සමානාත්මතාව’ පිළිබඳ හැඟීමක් ඇති විට ය. ඊට පසුබිමක් නිර්මාණය වන අවස්ථාවන්හිදී ය. මේ සම්බන්ධයෙන් ඕෂෝ පෙන්වා දෙන උපමාව අපූරු ය..දියමන්ති එබ්බූ මාලයකින් සැරසුණ රජකුමරියක දැකීමෙන් කසල ශෝධකයකුගේ භාර්යාවක් තුළ කිසිදු ඊර්ෂ්‍යාවක් ඇති නොවන්නේ යැයි පවසන ඕෂෝ එසේ ද වුව යාබද නිවෙසක වෙසෙන වෙනත් කසල ශෝධකයකුගේ බිරිඳක් වීදුරුගල් ඇල්`ඵෑ මාලයක් පැළඳ සිටිනු දැකීමෙන් පවා ඇගේ සිත ඊර්ෂ්‍යාවෙන් රත්වී යන්නේ යැයි කියයි..සමාජයේ පන්ති දෙකක් අතර සුවිශාල පරතරයක් පවතින්නේ නම් ඒ සමාජය නියෝජනය කරන්නේ සුපිරි ධනවතුන් හා අන්ත දිළින්දන් නම් සමසමාජයක් ඇති කිරීම යනු හිතලුවකි. අසමානත්වයේ කටුක වේදනාව බුදුන් වහන්සේගේ හෝ ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ ඒ සමාජ පන්තිවල ජීවත් වූ මිනිසුන්ට දැනී නැත..ඉනික්බිති ව ඕෂෝ පෙන්වා දෙන්නේ විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ කවිය සහ කලාව මියයාම පිළිබඳව ය. එය අහම්බයක් නොවන්නේ යැයි ඕෂෝ කියන්නේ ලියෝ තොල්ස්තෝයි, පියෙදෝර් දොස්තයොවුස්කි වැනි දැවැන්තයන් සමඟ තරග කළ හැක්කේ කාටදැයි ප්‍රශ්න කරමිනි. ලෝකයේ උසස් ම නවකතාකරුවන් දසදෙනා අද දවසේදී හෝ නම් කෙරුණහොත් ඉන් පස්දෙනකු හෝ රුසියාව නියෝජනය කරනු නියත යැයි ඕෂෝ පවසයි. සාහිත්‍යකලාවේ උපරිව්‍යුහය නියෝජනය කළ තෝල්ස්තෝයිගේ, ඩොස්ටොයෙවුස්කිගේ, ගෝර්කිගේ රට විප්ලවයෙන් පසු මිහිතලයෙන් අතුරුදහන් වූ බව ය, ඕෂෝ කියා සිටින්නේ. මිනිස් ඉතිහාසයේ සිදු වූ පිරිමැසිය නොහැකි දැවැන්ත පාඩුව වන්නේ රුසියාවේ කවිය මියයාම යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටී..ඕෂෝ මේ අදහස් දක්වන්නේ විප්ලවයට එරෙහිව යැයි තේරුම්ගත යුතු ද නැත. ඕෂෝ පුන පුනා කියන්නේ ද විප්ලවයක් සිදුවිය යුතු බව ම ය. එහෙත් මේ විප්ලවය හා ඒ විප්ලවය අතරේ පවතින්නේ විප්ලවීය වෙනසකි..එක් විප්ලවයක් හැර අනකේ සියලු විප්ලව අසාර්ථක වී ඇතැයි ඕෂෝ කියන්නේ බාහිර විප්ලවයට පෙර මිනිසා තමාගේ අභ්‍යන්තරය වෙත එබී බැලීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි..මේ ප්‍රචණ්ඩත්වය එන්නේ කොහෙන් ද?.මමත්වය රජයන සිතිවිලි කෙසේ පහළ වන්නේ ද?.මේ ප්‍රශ්න අපට ඉතා නැවුම් ය. විද්‍යාව විසින් ද විසඳනු නොලැබූ මේ ප්‍රශ්න කවදා හෝ විද්‍යාවෙන් විසඳෙනු ඇතැයි ද සිතීම ද උගහට ය..විනාශය පැමිණෙන්නේ වෙනත් ග්‍රහලෝකයකින් නොවන බවත් අපේ මිනීවළවල් අපම කපමින් සිටින බවත් ඕෂෝ කරුණු සහිතව පෙන්වා දෙයි. මීට හේතුව මිනිසාගේ විකසනයේ පවතින අසමතුලිතභාවය යැයි ද වැඩිදුරටත් පවසයි. විද්‍යාව, තාක්ෂණය වැඩිදියුණු කරගනිමින් සිටිය ද විඥානය ඒ තත්ත්වයට ගෙන ඒමට අප අපොහොසත් ය. විෂයානුබද්ධ දේ නොඑසේනම් බාහිර දේ බෙදා හදා ගැනීම අපහසු නොවෙතත් ආත්මගත දෙයක් එසේ කළ නොහැකි ය. හදගැඹරේ වන සත්‍යය මතු කර ගැනීම අදාළ පුද්ගලයා ස්වෝත්සාහයෙන් ම කරගත යුත්තකි. එය වෙළෙඳපොළේ විකිණීමට තබා නැති අතර මිලදී ගැනීමට නොහැකි නිසා සොරකම් කිරීමට ද නොහැකි ය..අවිඥානක තත්ත්වයේ පසුවන මිනිසුන්ට ඕනවට වැඩි බලයක් ලබාදීම අතිශයින් භයානක කටයුත්තක් වන බව ය, ඕෂෝගේ අදහස වන්නේ. ‘විඥානය අතින් බැලුවොත් දේශපාලනඥයා තමයි අන්තිම අඩියෙ ඉන්නේ’ යි ඔහු කියයි. ඊට හේතුව ඔවුන්ගේ ඉලක්කගත බලාපොරොත්තුව වන්නේ බලගතුවීමේ ආශාව ම වීමයි..රුසියාව ඉතා දරුණු ගණයේ විප්ලවයකින් පසුව සමානාත්මතාව ස්ථාපිත කිරීමට වෑයම් කළ ද අලුතෙන් ඇතිවුණ පාලක පන්තිය පෙර සිටි පාලක පන්තිය තරමට ම බලවත්වූ බවත්, අද චීනයේ සිදුවෙමින් පවතින්නේ ද (ඕෂෝ ජීවත් වූ යුගයේ) ඒ දෙයම බවත් මෙහිදී අවධාරණය කෙරේ..කොමියුනිස්ට් වාදය රට තුළ ස්ථාපිත වීමෙන් අනතුරුව හැම ලේඛකයා ම, හැම කවියා ම හැම චිත්‍රශිල්පියා ම සේවය කළ යුතු වූයේ ‘සමාජවාදයට’ ය. සාහිත්‍යකලාව පැවතිය යුතු වූවේ ඒ ගැන අබමල් රේණුවක දැනීමක් නැති අමන රාජ්‍ය නිලධාරින්ගේ තීන්දු තීරණවලට අනුගතව ය. (චිංගී ස් අයිත්මාතෝව් නම් වූ සෝවියට් ලේඛකයා පසුකාලීනව ලියූ නවකතා තුළින් මේ තත්ත්වය බොහෝ පාඨකයන්ට ද අතැඹුලක් වී තිබේ) නියම කවියාට කිසිවකුටත් සේවය කළ හැකි නැතැයි ඕෂෝ කියයි. ප්ලේටෝගේ (ඍැචමඉකසජ කෘතියේ) අවධාරණයකට අනුව පරමාදර්ශි රාජ්‍යයන් තුළට කවියන් වද්දා නොගත යුතුය යන කියමන උපුටා දක්වමින් ඕෂෝ අසන්නේ ‘ඇයි ඔහු කවියන්ට මෙතරම් බිය වන්නේ?’ කියා ය. ප්ලේටෝට අවශ්‍ය වූයේ එක්තරා ජීවන රටාවක් ජනතාව මත පැටවීම ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු කවියා මියගියේ යැයි ඕෂෝ කියන්නේ ද ඒ අනුව ය. ඕෂෝගේ බොහෝ අවධාරණයන් ඔස්සේ ඔහුගේ කලාකාමී, රසකාමී බව ද ඉස්මතු වන බවකි, පෞද්ගලිකව අපට හැඟීයන්නේ..‘මාක්ස් භාවිත කරන්නේ කාව්‍ය විහීන බසකි. ඔහුගේ පොත් කියවීම ඉතා වෙහෙසකර කටයුත්තකි’ යි ඕෂෝ කියයි. ඔහු එසේ කියන්නේ දාස් කැපිටාල් කෘතිය ප්‍රස්තුතව ය. එය සම්පූර්ණයෙන් කියවා ඇත්තන් (කොමියුනිස්ට්වාදීන් අතරේ පවා) කොතරම් නම් විරල විය හැකි දැයි අසන ඕෂෝ ඉනික්බිතිව පළකරන්නේ මෙවැනි අදහසකි..ක්‍රිස්තුන් වහන්සේට කවිය තිබිණ. උන්වහන්සේ කතා කලේ කාව්‍යමය බසකිනි. බුදුන් වහන්සේට ද එය තිබිණ. උන්වහන්සේ ජීවමාන කාව්‍යයකි. (200 පිටුව).සංකල්ප අලුතින් ගොඩනගා ගැනෙන්නේ යම් යම් ඓතිහාසික මූලාශ්‍රයන් සොයා ඒ මතට පෞද්ගලික අභිප්‍රායයක් ද ඇතු`ඵ කිරීමෙනි. මේ ක්‍රමය ඉතා අපූර්වාකාරයෙන් භාවිතයට ගන්නේ දේශපාලනඥයා ය. රට, ජාතිය, ආගම එහිදී ඔහු තමාගේ කර ගන්නේ කිසිදු පදනමකින් තොරව ය..මවුබිම පිළිබඳ සංකල්පය කරළියට නැගුණු අවස්ථාවක ඕෂෝ කියා ඇත්තේ ‘ඒක පිස්සු කතාවක්. මේ ලෝකයම මගේ’ කියා ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී තමනට හමුදා පුහුණුව ලබාදීමට සැරසුණු මොහොතේ (ඉන්දීය රජයෙන් එවැනි නියෝගයක් පැණවුණු අවස්ථාවේ) ඔහු උපකුලපතිවරයාට මෙසේ කියා තිබේ..මව්භූමිය කියන්නේ මොකක්ද කියලා මට ඔබ පැහැදිලි අදහසක් දෙන්න. මගේ ඇස් පනාපිට ම රටෙන් කොටසක් පකිස්ථානය බවට පත් වුණා. දැන් ඒක මගේ මාතෘභූමිය නොවේ. ඒක දැන් මගේ සතුරු රටක්. දැන් මට ලබා දෙන්න යන හමුදා පුහුණුව වෙන එහෙකට නොවේ. පකිස්ථානයට විරුද්ධ ව සටන් කරන්න. අනාගතයේ දී පංජාබය නිදහස් රටක් බවට පත් වේවි. එතකොට ඒ භූමිභාගය මගේ රටට අයිති නැහැ. එතකොට මේ මොන වගේ මවු කෙනෙක්ද? හිස, අත්, පා සැරින් සැරේ අතුරුදහන් වෙනවා. මොන කෑල්ල ඉතිරි වුණත් මං වගකීමට පත්වෙනවා. කෑල්ලෙන් කෑල්ල අඩු වුණා කියලා මගේ වගකීම අඩුවෙන්නෙත් නැහැ..භූමිය යනු භූමිය ම මිස වෙන කිසිවක් නො වේ. සමස්ත භූමිතලය ම අපේ මව නො වේ නම් කිසිදු වෙන් කළ, කෑලිවලට කැඩූ භූමිතලයක් අපේ මව නො වේ. රටවල් ඉපදෙමින් අතුරුදහන් වෙමින් පවතී. ඒවා දේශපාලන ව්‍යාපෘතීන් මිස අන් කිසිවක් නො වේ. (83-84 පිටු).සැබෑ විප්ලවයක් ලෝකයේ සිදුවන අවස්ථාව ලෙස ඕෂෝ දකින්නේ සැබෑ ආගමික විඥානයක් :ඍැකසටසදබ.ි ක්‍දබිජසදමිබැි* ස්ථාපිත වන දවස ය. මෙහිදී කෙනෙකුට පැන නැගෙනු ඇත්තේ ඕෂෝගේ ආගම කුමක් ද? යන පැනයයි. එහෙත් ඕෂෝට ආගම ගැන ඇත්තේ ද වෙනස්ම අදහසකි..කිතු දහම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හා බෞද්ධාගම යනාදිය සැබෑ ආගම් යැ යි පැවසිය නොහැකි ය. නිර්ව්‍යාජ බව පිළිබඳ සැකසාංකා මතු වේ. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ ය. එහෙත් කිතු දහම එසේ යැ යි කිව නොහැකිය. බුදුන් වහන්සේ සැබෑ ය. එහෙත් බුදු දහම එසේ යැයි කිව නොහැකි ය. කිතු දහම හා බුදු දහම නිර්මාණය කෙළේ මිනිසුන් ය. අප බුදු දහම හා කිතු දහම අපගේ අවශ්‍යතාවන්ට අනුව අපේ සිතැඟි හා අගතීන්ට අනුව නිර්මාණය කළ දෙයකි. (162 පිටුව).ආගම අරබයා විප්ලවයක් හටගැනුණහොත් ලොව පුරා ඇතිවන්නේ ලේබල් සහිත විවිධ ආගම් නොව එක ම ආගම දහමකි යි ඕෂෝ කියයි. එය සබඳතා වර්ධනය කරන්නකි. උසස් සවිඥානකත්වයකි. ආලෝක වර්ෂාවකි. පූර්ණ විප්ලවයකි.■.කැත්ලීන් ජයවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleතුරඟ සන්නිය සහ වර්තමාන ලංකාව.Next articleක්‍රිමියානු යුද්ධයෙන් බැට කෑ සෙවෙස්තපෝලයේ සටහන්, යුද පෙරමුණක තෙමසක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම බදු අඩුකළ කාලයේ සියයට 1222කින් සීනි ගෙන්වීම වැඩිකරලා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම බදු අඩුකළ කාලයේ සියයට 1222කින් සීනි ගෙන්වීම වැඩිකරලා.By සංස්කාරක.April 26, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඉඳුවර බණ්ඩාර.‘සීනි සඳහා බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවාගත් පාර්ශ්වයන් නිවැරදිව හඳුනාගෙන ඉදිරියේදී හෝ එම ආර්ථික වාසිය ජනතාවට විතැන් කිරීමේ හැකියාව පිළිබඳ සලකා බැලීමට හෝ එසේ නොමැතිනම් රජය කැපකළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට ලබා ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම’.සිය නිර්දේශ යටතේ මෙසේ සඳහන් කර ඇත්තේ සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාවේය..ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට ලැබී ඇති සහනය ඇගැයීමට ලක් කිරීම, ජනතාවට සහන ලබාදීම සඳහා රජය විසින් කර ඇති ආදායම් කැප කිරීම පිළිබඳව විමසා බැලීම ආදිය මෙම විගණනයේදී සැලකිල්ලට ලක්කර ඇත..එයට අනුව සීනි කිලෝවක් සඳහා රුපියල් 49.75ක විශේෂ බදු අඩු කිරීම හේතුවෙන් රජය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 28 දක්වා කාලපරිච්ජේදය තුල කැපකළ බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 16,763ක් වී ඇති අතර ලංකා සතොස ආයතනය වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට විකිණීමට සිදුවීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 102ක අලාභයක් ලබා ඇත. එමෙන්ම සීනි ආනයනයේදී බලපත්‍ර සඳහා පනවන ලද දඩ මුදල සියයට 5 සිට 2 දක්වා අඩු කිරීම මගින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 433ක දඩ මුදලක්ද අහිමි වී තිබේ..සීනි බදු අඩු කරන ලද අවස්ථාව වනවිටත් ලංකා සතොස සතුව කිලෝවක් රුපියල් 125.41ක සාමාන්‍ය මිලක් ගෙවා මිලදී ගෙන තිබූ සීනි මෙටි්‍රක් ටොන් 919.4ක් තිබී ඇති අතර එම සීනි කිලෝවක් රුපියල් 85 බැගින් අලෙවි කිරීමට තීරණය කිරීමේදී එහි අලාභය වූ ආසන්න වශයෙන් රුපියල් මිලියන 38ක මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවීමට එකඟ වී ඇත..සීනි ආනයනය සඳහා බලපත් ලබාදීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ විශාල වශයෙන් බදු අඩු කිරීමෙන් පසු සීනි ආනයනය පාලනය කිරීම වන අතර එහෙත් බලපත් නිකුත් කිරීමෙන් පසු සීනි ආනයනය සියයට 47කින් වැඩිවී ඇත. බලපත්‍ර නොමැතිව සිදුකළ සීනි ආනයනයන් සඳහා මිලදී ගැනීමේ වටිනාකමින් සියයට 5ක අතිරේක ගාස්තුවක් අයකළ යුතු වුවද සියයට 2ක් පමණක් අය කිරීමට ආනයන හා අපනයන පාලක තීරණය කර ඇතත් එසේ දඩ මුදල අඩුකර අය කිරීම සඳහා ආනයන හා අපනයන පාලකට බලය ඇති බව නිරීක්ෂණය නොවූ බව විගණනය සඳහන් කරයි..එසේම සීනි ආනයනය සඳහා වන බලපත්‍ර ක්‍රමය 2020 ඔක්තෝබර් 30 දින සිට ක්‍රියාත්මක වුවද බලපත්‍ර නිකුත් කිරීම 2020 නොවැම්බර් 18 දින දක්වා ප්‍රමාද වී ක්‍රියාත්මක වී ඇති අතර එම කාලය තුළ බලපත්‍ර නොමැතිව සීනි මෙටි්‍රක් ටොන් 101,527ක් ආනයනය කිරීමට ආනයනකරුවෝ 18 දෙනෙක් කටයුතු කර තිබේ..පාරිභෝගික අධිකාරියේ පාලන මිලට වඩා වැඩියෙන් සීනි අලෙවි කරන සිල්ලර වෙළඳුන්ට අදාලව වැටලීම් 113ක් 2020 නොවැම්බර් 10 සිට 2021 ජනවාරි 31 දක්වා සිදුකර ඇති බව වාර්තා වුවද එම කාලය තුළ තොග වෙළෙන්දන් හා ආනයනකරුවන් පාලන මිල ඉක්මවා විකිණීම සිදුකරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් සිදුකර ඇති බවට සාක්ෂි නොවූ බව විගණනය සඳහන් කරයි..සීනි ආනයනය කරන තොග වෙළෙදුන් විසින් මිල පාලන ගැසට් පත්‍රයේ ප්‍රතිපාදනය අනුව සිය තොග විකුණුම් මිල රුපියල් 80ක් ලෙස දක්වා ඉන්වොයිස් පත්‍ර නිකුත් කර තිබුණද, සත්‍ය විකුණුම් මිල හා ඉන්වොයිස් මිල අතර වෙනස වෙනම තොග වෙළෙඳුන්ගෙන් අයකරගෙන ඇති බව තොරතුරු ලබාදුන් බව පාරිභෝගික අධිකාරියට වාර්තා වී තිබුණද එය පිළිගත හැකි ලියවිල්ලක් මගින් සනාථ කරගැනීමට නොහැකි වූ බව එය සඳහන් කරයි..සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක් ක් වූ ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට තීරණය කිරීමට පෙර ඒ වනවිට වෙළඳපොලේ තිබූ සීනි තොග ප්‍රමාණය සැළකිල්ලට ගෙන තිබූ බවට සාක්ෂි හමුවී නැත. එමෙන්ම බද්ද රුපියල් 49.75 කින් අඩු කිරීම මගින් සීනි කිලෝ ග්‍රෑම් එකක වෙළඳපල මිල කොපමණ ප්‍රමාණයකින් අඩුකළ හැකිද යන්න ගැන ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඇති බවක් හෝ එකඟතාවකට එළැඹි බවක්ද නිරීක්ෂණය වී නොමැත..එමෙන්ම සීනි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක ආනයනික බදු අඩු කිරීමට කඩිනමින් තීරණය කර තිබුනද එම භාණ්ඩවල ඉල්ලුමේ ස්වභාවය, වෙළඳපල මිල, ඒ වනවිටත් ආනයනය කර ඇති ප්‍රමාණය හා බදු අඩු කිරීමේදී රජයේ ආදායම අහිමි වීමේ ප්‍රමාණය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමට වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවක්ද නිරීක්ෂණය වී නැත..බදු නොගෙවා ආනයනය කර බන්ධිත ගුදම් පහසුකම් යටතේ සීනි මෙටි්‍රක් ටොන් 7608ක් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම රඳවා තබාගෙන තිබෙන අතර එකී තොගයෙන් මෙටි්‍රක් ටොන් 7468ක් බදු අඩුකළ දිනයේම කිලෝවකට ශත 25 බද්දක් ගෙවා ඉවත්කරගෙන තිබේ. එක් දිනක් තුළ එම ක්‍රියාවෙන් පමණක් එම සමාගම රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් ලබා ඇති බව නිරීක්ෂණය කර ඇත..මෙම බදු අඩු කිරීමට පෙර, මාසිකව සාමාන්‍යයෙන් සීනි කිලෝ ග්‍රෑම් 2,105,163ක් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම ආනයනය කර ඇති අතර බදු අඩු කිරීමෙන් පසු මාසිකව සිීනි කිලෝ 27,823,989ක් දක්වා එය වැඩිකර තිබේ. එය බදු අඩු කිරීමට පෙර තත්වය හා සැසැඳීමේදී සියයට 1222ක වැඩිවීමකි. එහෙත් අනිකුත් ආනයනකරුවන් අතරින් සීනි ආනයනය එම කාලයේ වැඩිවී ඇත්තේ එක් ආනයනකරුවකුගේ පමණක් වන අතර ඒ සියයට 6ක ප්‍රමාණයකන්යි. අනිකුත් ආනයනකරුවන් 7 දෙනාගේ ආනයනයන් එම කාලයේදී අඩුවී තිබේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමහින්ද 19 ගේන්න හදන්නේ රෙදිත් ඇඳගෙනද?.Next articleවරද පිළිගන්නවා නම් විපාක විඳිය යුතුයි ‘ගෝටා ගෝ හෝම්’තමයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ලිංගික නිදහස | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලිංගික නිදහස.By තරිඳු උඩුවරගෙදර.September 27, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.ලිංගික නිදහස යන්න ඉතා සංකීර්ණ මාතෘකාවක්. අප වැනි රටවල ලිංගික නිදහස යන්න ඉතා පටු සීමාවක සිර කරන්න කැමතියි. තවත් පුද්ගලයෙකු අතින් බලහත්කාරයෙන් ලිංගික හිංසාවකට, බලහත්කාරයකට ලක් නොවී සිටීම පමණක් ලිංගික නිදහස යනුවෙන් අර්ථකථනය කොට, ඒ පිළිබඳ කතාබහ එතැනින් එහාට ගෙන නොයන්නට අප කැමැත්තක් දක්වනවා. ලංකාවේදී බොහෝ විට ලිංගික නිදහස තහනම් මාතෘකාවක්. කතා කරන්නට ලැජ්ජා හිතෙන මාතෘකාවක්..තමන්ට කැමති ලිංගික සහකරුවෙකු සොයාගැනීම, තමාට ගැළපෙන ලිංගික අත්දැකීම් විඳින්නට අවස්ථාව ලබාගැනීම, අත්හදා බැලීම් කිරීම, ගැළපෙන වටිනාකම් ඇති පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, ඕනෑ වෙලාවක අත්හරින්නට හැකි වීම ආදි නොයෙකුත් සීමාවලට ලිංගික ස්වාධීනත්වය පිළිබඳ කතාව ගෙන යා හැකියි. ශ්‍රී ලංකාවේ ලිංගික ස්වාධීනත්වය ගැන ගැඹුරට ගිය පරීක්ෂණ හෝ ඒ ගැන විවෘත සංවාද අඩුයි. ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්වත් ආයතනය  සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සකස් කළ ශ්‍රී ලංකාවේ ‘ලිංගිකත්වය පිළිබඳ සමෝධානය’ නම් වාර්තාව වැදගත් වන්නේ එවැනි පසුබිමක. එම වාර්තාවේ ලිංගිකත්වයට අදාළ මාතෘකා ගණනාවක් පිළිබඳ පුද්ගල අත්දැකීම් මත පදනම්ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා..යම් කෙනෙකු ප්‍රේම කරන්නට හෝ විවාහ වෙන්නට කලින් අනෙක් පුද්ගලයා සමග කිහිප වතාවක් ලිංගික සම්බන්ධතා පවත්වා තිබීම වඩා සුදුසු බව ඇතැම් අය කියනවා. විවාහයෙන් පසු එකිනෙකාගේ රාග ලෝකය ගැළපෙනවාදැයි කල් තියා දැනගන්න බැහැ. තවත් අය පෙන්වාදෙන්නේ තවදුරටත් විවාහ වීම හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතරේ සම්බන්ධයක් නොමැති බව. විවාහයෙන් පසු වුව, එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන විවෘතව කතාබහ කිරීම, නොගැළපෙනවා නම් වෙනත් සම්බන්ධතා පැවැත්වීමට ඇති හැකියාව ලිංගික නිදහස පිළිබඳ මාතෘකාවට අදාළ කාරණා ලෙස සැලකිය හැකියි. ‘ලිංගිකත්වය පිළිබඳ සමෝධානය’ නම් වාර්තාවෙහි ලිංගික නිදහසට අදාළ පුද්ගල අත්දැකීම් දෙකක් ඇතුළත්. මේ එම අත්දැකීම්...කාමතෘෂ්ණාවම තමයි විසඳුම.‘මට වයස අවුරුදු 28 දී අවුරුදු 7ක් තිස්සේ හිටපු මගේ සැමියා අහිමි වුණා. ඒ සිංගප්පූරුවේදී හදිසි අනතුරකින්. මම මූල්‍ය සමාගමක සේවය කරමින් හිටියේ. එතකොට අපේ දරුවාට අවුරුදු 6ක්. මගේ සැමියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 33ක්. අප දෙදෙනා බොහොම සුන්දර ලිංගික ජීවිතයක් ගත කළා. එහෙත් හදිසි අනතුරෙන් පසු ඔහු මාස හයක් තිස්සේ රෝහල්ගතව හිටියා. මම සිංගප්පූරුවේ දරුවා බලාගනිමින්, රැකියාවක් කරමින් හිටියේ..මම හිටියේ හිරිවැටිලයි. පුරුද්දට වගේ එදිනෙදා දේවල් කරමින් හිටියා. ඇතුළෙන් මා මියගිහින් වගේ දැනුණා. එහෙම හිටපු මම පළමු ලිංගික අත්දැකීම වින්දේ සැමියා මිය ගිහින් මාස හයකට පස්සේ. ඒ අප දෙදෙනාගේම සමීප මිත්‍රයෙක්. ඔහු මටත්, සැමියාටත් ගොඩක් උදව් කළ කෙනෙක්. ඔහු මා සමග සැමියාගේ අනතුරෙන් පසුත් හිටියා. පිටින් බලන ඕනෑ කෙනෙක් අනුමාන කරන්න ඇති ඔහු මා වෙත ළංවුණේ ලිංගික වාසි ලබන්නට කියා. එහෙත් ඒක ඇත්තක් නෙවෙයි. ඒක ඊට එහා ගිය සංකීර්ණ දෙයක්..මට හිතෙන විදියට ඔහු එක්ක මා රාගිකව එක්වුණේ, මා නැවතත් ජීවත්වෙනවා කියලා දැනෙන්න ඕනෑ නිසයි. ඒ වගේම මා හිතන විදියට ඒ තීන්දුව ගොඩක් පැතිවලින් වැරදි වුණත් ඒ සුමුදු, සැනසුම්දායී, කාරුණික රාග අත්දැකීම නැවත මගේ ජීවිතය අවදි වුණා. ටික කාලයකට පස්සේ මා ඔහුගෙන් ඈත් වුණා..පසුකාලීනව මම ‘ෂාදී ඩොට් කොම්’ නම් වෙබ් අඩවියකට ලියාපදිංචි වුණා. ඒක පෙම් හමු (ඬේටින්) සඳහා පහසුකම් සපයන වෙබ් අඩවියක්. එම වෙබ් අඩවියෙන් මට ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ වෙනත් දකුණු ආසියානු පිරිමි අය මුණගැහුණා. ගොඩක් අය දික්කසාද වූ හෝ වෙමින් සිටි අය. බොහෝ අය හෙව්වේ ලිංගික සම්බන්ධතා..පහුගිය අවුරුදු පහක විතර කාලය තුළ මා 30 දෙනෙකු සමග පමණ සම්බන්ධතා පැවැත්වුවා. මම හැමවිටම පාහේ ආරක්ෂක උපක්‍රම පාවිච්චි කළා. බොහෝවිට දිනක් හෝ දෙකක් පෙම් හමුවකට මුණගැසීමෙන් පසු තමයි රාග සම්බන්ධයකට යන්නේ. එවැනි හමුවකින් පසු අනවශ්‍ය වියදම් දරන්නට, අනවශ්‍ය කාලය නාස්ති කරන්නට ඕනෑ නැහැ. මොකද, දෙදෙනා අතර හරි සම්බන්ධයක් නැති නම්, ගැළපීමක් නැති නම් කෙතරම් රාත්‍රි ආහාර වේලවල් වැය කළත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ..එලෙස හමු වූ ඇතැම් අය පැය ගණන් හිටියත් සුරතාන්තයට පත් වුණේ නැහැ. ඔවුනුත් මාත් වෙහෙසට පත් වුණා. නෂ්ටකාමය, ලිංගික අසීරුතා, ක්ෂණික මෝචනය වගේ නොයෙකුත් සිදුවීම් ගැන අත්දැකීම් තිබුණා. පිරිමින් ගැන මා ඉගෙනගත් එක දෙයක් තමයි ඊර්ෂ්‍යාව, වේදනාව සහ තමන්ගේ ශරීරයේ හැඩය පිළිබඳ අනාරක්ෂිත හැඟීම කියන කාරණා පිරිමි අය තුළත් කාන්තාවන්ගේ වාගේම තියෙන බව. ඔවුන් මගෙන් කෙළින් විමසුවත් නැතත්, ඔවුන්ට දැනගන්න ඕනෑ ඇඳ මතදී ඔවුන් සාර්ථකද කියා..රාග සම්බන්ධයක් සාර්ථක කරගන්නට ප්‍රේමයෙන් බැඳෙන්න ඕනෑ බව මා තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඒක සමාජයෙන් ආරෝපණය කළ කොන්දේසියක්. වඩා නිදහස් හා ඕනෑ වෙලාවක අත්හැරලා දාන්න පුළුවන් සම්බන්ධතා ගැන මා විශ්වාස කරනවා. බයෙන්, සමාජ තහනමෙන්, අනුන්ගේ විනිශ්චයට ලක් විමෙන්, ශරීරයේ හැඩය පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙන්, වරදකාරී හැඟීමෙන් මිදෙන්න පුළුවන් එතකොට..රාග සම්බන්ධතාවකින් මා ලබන සතුටෙහි මුල මගේ හැකියාව මිස මගේ පෙනුම නෙවෙයි. සුන්දරත්වය හොඳ සම්බන්ධතාවකට බලපාන්නේ අඩුවෙන්. කාන්තාවක් හිතන්නට ඉඩ තියෙනවා යම් රාග සම්බන්ධයක් අසාර්ථක නම්, එයට හේතුව තමන් බව. එහෙත් ඇතැම් විට පිරිමියා ඔහුගේම හිත සමග අරගල කරනවා විය හැකියි. ඔහුගේ කුමන හෝ අඩුපාඩුවක් ඇති..මා හිතන විදියට මගේ වේදනාව රාග සම්බන්ධතාවලින් නැති කරලා දාන්න මට හැකි වුණා. රාග සම්බන්ධයක් කියන්නේ චිකිත්සාවක්. යම් සම්බන්ධයක් හොඳ එකක් වුණත්, නැතත්, මා එක්ක සිටි කිසිම පිරිමියෙක්ට මා අකාරුණික වෙලා නැහැ. ඇතැම් අය හිටියේ සහකාරිය අහිමිවීමේ වේදනාවෙන්. ඔවුන් මගේ ව්‍යාකූලතාව හා වේදනාව තේරුම් ගත්තා. රාග සම්බන්ධතාවක උණුසුම තරම් සුව කිරීම් බලයක් ඇති අන් කිසිවක් මා දන්නේ නැහැ. මම කවදාවත් මගේ රාග සම්බන්ධතා ගැන පසුතැවිලි වන්නේ නැහැ. මා විශ්වාස කරන විදියට ජීවත්වෙනවා. මා නැවත කිසිදා විවාහ වෙන්නේ නැහැ..වැඩි වැඩියෙන් පිරිස් තව තවත් රාග සම්බන්ධතාවල යෙදුණොත් මේ සමාජය කේන්තිය අඩු සමාජයක් වේවි. කාමතෘෂ්ණාවෙන්ම ඇතැම්විට කාමතෘෂ්ණාවට විසඳුම් ලැබේවි. අත්දැකීම් එක්ක අපට රාගය ගැන ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. මනුෂ්‍ය ස්වභාවය වැටහෙනවා.’..නිදහස, ඒ මගේ නම.‘මගේ මිතුරන් කියන්නේ මට භයානක මරණයක් අත්වේවි කියලයි. එහෙත් මම ඔවුන්ට කියනවා, මා වැඩිපුර කලබල වන්නේ ජීවිතය ගැන මිසක් මරණය ගැන නොවෙයි කියා. මම වයස අවුරුදු 43ක මුස්ලිම් ජාතිකයෙක්. මම ඉගෙනගත්තේ මෙතෝදිස්ත පිරිමි පාසලක..මම අවුරුදු පහක් වෙද්දී තේරුම් ගත්තා, මගේ අනෙකුත් පිරිමි ඥාති සොයුරන්ට වඩා මා වෙනස් බව. අවුරුදු අටක් වෙද්දී මම අම්මාගේ ඇඳුම් සහ අඩි උස සපත්තු පැළැන්දා. මම කාන්තාවක් එක්ක විවාහ වෙලා දරුවන් හදන්න හීන දැක්කේ නැහැ. මට අවුරුදු 15ක් වෙනකොට මගේ ඥාතියෙක් සමකාමී කුරුල්ලන් හා මීමැස්සන් ගැන කියා දුන්නා. ඔහු මට ගුද සංසර්ගය ගැන කියා දුන්නා. එය මට වේදනාකාරී අත්දැකීමක් වුණා. අවුරුදු විසි ගණනක් වනතුරු මා නැවත එයට එතරම් යොමු වුණේ නැහැ. මා වෙනත් රාග ක්‍රියාකාරකම් ගැන ඉගෙනගත්තා. ස්පර්ශය, සිපගැනීම, ශරීර වන්දනාව, මුඛ සංසර්ගය වාගේ නොයෙක් දේවල්. බොහෝ පුද්ගලයන් සමග මා සම්බන්ධතා පැවැත්වුවා..මා සමකාමී බව දැනගත් මුල්ම කෙනා මගේ එකම සහෝදරිය. ඇය මා ගැන විනිශ්චය කරන්න උත්සාහ කළේ නැහැ. මගේ විශ්වාසය ඇය ගලක් වාගේ රැක්කා. මම පසුව මගේ පියාට කිව්වා. ඔහු කල් යල් බලා එයට ප්‍රතිචාර දැක්වුවා. ඔහු මට රාග ක්‍රියාකාරකම්වලදී ආරක්ෂාවෙන්නැයි කීවා. එතැනින් එහාට කතාකළේ නැහැ. එහෙත් මට කාන්තාවන් විවාහ කරදෙන්නට උත්සාහ කිරීම හෝ මෙය ලෙඩක් යැයි කියා සනීප කරන්නට උත්සාහ කළේ නැහැ..මගේ මුල්ම ප්‍රේම සම්බන්ධය විදෙස් රටක ඉඳලා ආ කෙනෙක් එක්ක. එහෙත්, එක් අයෙකු සමග පමණක් තෘප්තිය ලැබීම මට අසීරු වුණා. දැන් මම විවෘතව සමකාමී පිරිමියෙක්. සම්බන්ධතා ගණනාවක් පවත්වාගෙන යනවා..ත්‍රීවීල් රියැදුරන්, ලොරි රියැදුරන් සිට වෘත්තිකයන් දක්වා නොයෙකුත් අය සමග මා සම්බන්ධතා පවත්වා තිබෙනවා. කිසි කෙනෙකු සමග හැඟීම්වලින් සම්බන්ධ වීම සිදුවන්නේ නැහැ. එක දවසක් තුළ අටදෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පවා තියෙනවා. බොහෝ විට මා සමග සම්බන්ධ වන අය විවාහක, දරුවන් පවා ඉන්න අය. මා එවැනි සම්බන්ධයකදී මුදල් දීම හෝ මුදල් ගැනීම කරලා නැහැ. අවුරුදු විස්සක් තිස්සේ මම එවැනි සම්බන්ධතා පැවැත්වුවත්, ඒඞ්ස් රෝගයෙන් ආරක්ෂා වෙන්නට මට හැකි වුණා. මා ආරක්ෂක උපක්‍රම පාවිච්චි කළා..මෙවැනි ජීවිතයක් ගත කරන්නට වැදගත්ම දේ ලිංගික ස්වාධීනත්වය. අනෙක් පුද්ගලයන් සමග විවෘත සංවාදයක් ඇති කරගන්නට හැකියාව. ගැටුම්වලින් ඈත් වීම. ඊර්ෂ්‍යා නොකිරීම, එක් පුද්ගලයෙක් සමග තවත් කෙනෙකු හා පැවැත්වූ සම්බන්ධතාව ගැන කතා නොකිරීම..මම නිතිපතා පල්ලියට යනවා. මම නෝම්බි අල්ලනවා. මම දෙවියන් හා කතා කරනවා. ඔහුට යාඥා කරනවා. ඔහු කාරුණික නිසා ඔහු මට ආදරය කරන බව මා දන්නවා. ඔහු මාත්, මගේ ගමනත් තේරුම් ගන්නා බව මා දන්නවා. මම වෙනත් මනුෂ්‍යයන්ගෙන් මා ගැන සහතික ඉල්ලන්නේ නැහැ. මම මගේම විදියට ජීවත්වෙනවා. මා ගැන ආඩම්බර වෙනවා. මා මැරෙන වෙලාවට මැරෙනවා. නිදහස, ඒ තමයි මගේ නම.’■.ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයකින් එහාට.විදර්ශන කන්නංගර..ලංකාවේ ලිංගික නිදහස පිළිබඳ බොහෝවිට දකින්න ලැබෙන්නේ රැඩිකල් සාහිත්‍ය ප්‍රකාශන සහ රැඩිකල් ආන්තික ප්‍රකාශන විදියට..ඒ වෙනුවට සාමාන්‍ය මිනිසුන් අතරේ, පොදුජන අවකාශය ඇතුළේ ලිංගිකත්වය ගැන ඓතිහාසිකව ගොඩනැගුණ විවෘත කතිකාවක් අපේ රටේ නැහැ. ඒ වෙනුවට අධිපති, වාර්ගික, ආගමික, සංස්කෘතික ආරක්ෂණවාදී නැඹුරුවක් තමයි ලිංගිකත්වය ගැන තියෙන්නේ. ඒකට හේතුව සංස්කෘතික සිවිල් සමාජයක් ලංකාවේ නොතිබීම..යුරෝපයේ ලිංගික නිදහස සම්බන්ධයෙන් නිදහස් ඓතිහාසික, සමාජ අවකාශයක් ගොඩනැගුණේ ඔවුන් රාජ්‍යයත් සමග ඇති කරගත්ත අරගල නිසා. විශේෂයෙන් මධ්‍යම පන්තිය සහ ධනේෂ්වර තමන්ගේම සිවිල් සමාජයක් වෙනුවෙන් අරගල කළා. පුද්ගල නිදහස වෙනුවෙන් අරගල කළා. වාමාංශික අරගල කළා. ඒ එක්ක රාජ්‍යයේ නිල ආගමික සංස්කෘතික මතවාදයන්ට ඇඟිලි ගහන්න බැරි, එයින් පාලනය නොවන ලිංගිකත්වය පිළිබඳ සංස්කෘතියක් හැදුණා. ඒක ඇතුළේ තමයි ලිංගික නිදහස ගැන සංවාදය ඇති වුණේ..ලංකාවේ බුද්ධිමතෙක්, කලාකරුවෙක් ලිංගිකත්වය නිර්වචනය කරගන්න ගියාම අර්බුදයකට යනවා. ඒ ගැන කතා කරන අය අතරේත් තියෙන්නේ පටු දැක්මක්. ලිංගික නිදහස ගැන ප්‍රකාශන පළ කරන අයත් වෙළඳපොළ වෙනුවෙන්, ආන්තික රැඩිකල් බවක් පෙන්වීම වෙනුවෙන්, හුදෙකලා ප්‍රකාශනයක් විදියට තමයි ඒක ඉදිරියට ගන්නේ..ලිංගිකත්වය නිදහස් අවකාශයක් කියන තැනට අපි ගන්න ඕනෑ. විවාහය තුළ වුණත්, විවායෙන් පිට වුණත් ලිංගිකත්වය උපකරණයක් වගේ පාවිච්චි කරලා, හදිසි ශාරීරික ප්‍රීතියක් වින්දනය කරන ගනුදෙනු අවකාශයක් විදියට දකින්න හොඳ නැහැ. කාන්තාවක් හා පිරිමියෙක් වුණත්, පිරිමි දෙන්නෙක් හෝ කාන්තාවන් දෙන්නෙක් වුණත්, වෙන ඕනෑ විදියක එකතුවකින් වින්දනයක් ඇති කරන මිනිස්, සංස්කෘතික අවකාශයක් විදියට ලිංගිකත්වය තේරුම් ගන්න ඕනෑ. ලිංගිකත්වය ගැන විවිධ පක්ෂ, සිවිල් සංවිධාන විවෘතව කතා කරන්න ඕනෑ...විවෘතව කතා කරන්න.ලංකා බණ්ඩාරනායක..ලිංගික නිදහසගැන කතාකිරීම සංකීර්ණයි. මෙය දෙදෙනෙක් අතර විතරක් කාරණාවක්ම නෙවෙයි. පවුලට, ඥාතීන්ට, දරුවන් ඉන්නවා නම් ඒ දරුවන්ට යම් කෙනෙකුගේ ලිංගික ජීවිතයෙන් බලපෑම් එල්ලවෙනවා. ඒ නිසා ඒ නිදහස ගැන කතාකිරීම සංකීර්ණයි. පවුලේ අනෙක් අයගේ විශ්වාසයන්, යම් කෙනෙකුගේ තෝරාගැනීම්වලට බලපෑම් එල්ල කරනවා..ලංකාව වගේ රටවල ලිංගික නිදහස අර්ථකථනය කරන විදියේ බරපතළ ගැටලුවක් තියෙනවා. ඉස්සර නම් එකගෙයි කෑම කියන සංකල්පය තිබුණා. සහෝදරයන් දෙන්නෙක් එක බිරිඳක් විවාහයට ගත්තා. නීත්‍යනුකූල විවාහ තිබුණේ නැහැ. ඒ වෙනුවට යම් දෙදෙනෙක් කැමති නම් එක ගෙදරක ජීවත්වෙන්න පටන්ගත්තා. අපි මුළු ජීවිත කාලයකටම එක් ගැහැනියක් හා පිරිමියෙක් අතර සම්බන්ධයක් ගැන කතා කරද්දී ලිංගිකත්වය පිළිබඳ අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙලා..වෙන රටවල්වල ගැහැනු, පිරිමි සමූහයක් විදියට ලිංගිකව ජීවත්වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙත් අපේ සමාජයේ ඒක හරි හා වැරදි විදියට බෙදීම් හදාගෙන. ඒ බෙදීම්වලට අයත් නොවන අය නරක අය විදියට අර්ථකථනය කරනවා. මානවයන් ඇතුළු අපි ජීවවිද්‍යාත්මක වශයෙන් සාමූහිකව ජීවත්වෙන සත්ව කොට්ඨාසයක්. අපට සහජාශයෙන් එන්නේ එක් පිරිමියෙක් සහ එක් ගැහැනියෙක් ජීවිතයම ගතකිරීමේ තත්වයක් නෙවෙයි..අපි වගේ රටවල ගොඩක් වෙලාවට බොරුව පවත්වාගෙන යනවා. කාටවත් කරන්න බැරි දෙයක් එළියට පෙන්වමින් රහස්‍ය ජීවිතයක් ගතකරනවා. ඒක සාමාන්‍ය තත්වය විදියට පිළිගන්නවා. මේ බොරුව එළියට අරගෙන කතාකිරීම වැදගත්. අඩු තරමේ බිරිඳ සහ සැමියා අතරවත් මේ ගැන සාකච්ඡාවක් වෙන්නේ නැතිව ඇති. එහෙත් අපි මේ මාතෘකාව ගැන විවෘතව කතාකරන්න ඕනෑ..අනෙකා ඉවසන්න.චින්තන ධර්මදාස..මනුස්සයෙකුගේ මරණය හැරුණාම ඒ කෙනාගේ ජීවිතයේ ඊළඟට තියෙන්නට පුළුවන් වැදගත්ම නිදහස තමයි ලිංගික නිදහස. කෙනෙකුට හිතෙන්න පුළුවන් ලිංගික නිදහස එතරම් වැදගත් දෙයක් නොවන බව. එහෙත්, ලිංගිකව නිදහස් නැති මිනිහෙක් සංස්කෘතිය ගැන දකින විදිය, පවුල ගැන දකින විදිය, දේශපාලනය දකින විදිය ආදි නොයෙකුත් දේවලට ලිංගික නිදහස පිළිබඳ කාරණාව බලපානවා. තමන්ට වඩා වෙනස් වූ ආශාවක්, වුවමනාවක් තවත් මනුස්සයෙක් සතුව තියෙන්නට පුළුවන් බව බාරගැනීම දියුණු සමාජයකට අවශ්‍ය මූලික බාරගැනීමක්. අනෙකා ඉවසන්න ඕනෑ. ලිංගික නිදහස නැති සමාජයක පවුල ඇතුළේ ළමයා මානසිකව දුර්වල වෙනවා. මා කියන්නේ ප්‍රතිකාර ගන්නට තරම් මානසික රෝගී තත්වයක් නෙවෙයි. ජාතිවාදය, පටු අදහස්, වෛරී, අසහනකාරී සහ ප්‍රචණ්ඩ දරුවන් හැදී වැඩෙන්නේ ලිංගික නිදහස නැති සමාජයක. අපේ පොලීසිය පවා ලිංගික නිදහස බාරගන්නේ නැහැ. දෙන්නෙක් ප්‍රේම කළත් පොලීසියෙන් පැනලා අල්ලනවා. වැඩිහිටියන් නෂ්ටකාමී තත්වයක් පෙන්වාගෙන ඉන්නවා. ලංකාව සම්පූර්ණයෙන් ලිංගිකත්වය කියන සංකල්පයම නැති පොඩි දරුවන් ජීවත්වෙන රටක තත්වයකට දාලා තියෙනවා. මේක අපි ඒ තරම් නොසලකා හරින නමුත්, අපේ සමාජයේ වැඩිම සාකච්ඡාවකට ලක් කරන්න ඕනෑ වැදගත්ම කාරණාවක්..Tags.Sexual freedom.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑළියේ සටන් බිමක් හදාගන්නවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන.Next articleමගේ බෙල්ල කපලා මැරෙන්න අත්හැරියා- අනුරසිරි හෙට්ටිගේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දෙවන මාත්‍රාව නිසි කලට ඕනෑමය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දෙවන මාත්‍රාව නිසි කලට ඕනෑමය.By සංස්කාරක.March 22, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ පවිත්‍රා රූපසිංහ.ලංකාවේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ 2021 ජනවාරි 29 වන දිනයේය. ඒ අනුව මාර්තු 16 වන විට රටේ ජනගහනයෙන් 773,011 ක් දෙනා සඳහා කොවිඩ් මර්දන ඔක්ස්ෆර්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් කර ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පමණින් කොවිඩ් එන්නතින් ලැබෙන සම්පූර්ණ ඵලදායීතාව ලැබෙන බවක් නොකියැවෙයි. සම්පූර්ණ ඵලදායීතාව ලබා ගැනීම සඳහා එන්නතේ මාත්‍රා දෙකම නිසි කලට ලබා ගත යුතුය. ලංකාවේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලබාගැනීමට නිසි කාලය එළැඹෙමින් තිබෙන අතර එය මැයි මාසයේ මුල් භාගයේදී ආරම්භ කළ යුතුය..ඒ සම්බන්ධයෙන් ගෝලීය තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී, ලෝක ජනගහනය අනුව ගත් කල 381,341,856 ක් පුද්ගලයන් මේ වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන තිබේ. ඒ අතරින් ලෝකයේ 85,589,474 ක් දෙනා එන්නතේ මාත්‍රාවන් දෙකම ලබා ඇති බව ගෝලීය එන්නත්කරණ නිල දත්ත වාර්තා පෙන්වා දී තිබේ..ලංකාවේ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන අතර, ලෝකයේ වෙනත් රටවල එන්නත් කරන වැඩසටහනට වඩා එය ගැටලු සහගතය. එක්සත් රාජධානියේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වන්නේ, කලින් සැකසූ ප්‍රමුඛතා ලයිස්තුවක් පදනම් කරගෙන බව වාර්තා වෙයි. එහිදී පුද්ගලයන්ගේ වයස් කාණ්ඩ අනුව පිළිවෙළ සකසා ඇති අතර, පළමු ප්‍රමුඛතාව ලැබුවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ය. පසුව වයස් කාණ්ඩ අනුව ක්‍රමයෙන් වයස අවුරුදු 30 දක්වා අවරෝහණ ආකාරයට ගමන් කරයි. එරට එන්නත සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ, එළැඹෙන අප්‍රේල් මාසයේ සිට එන්නත ලැබූවන්ට දෙවන මාත්‍රාව ලබාදීම හා පහළ වයස් කාණ්ඩවලට එන්නත්කරණය ඇරඹීම සිදුවන බවය. එක්සත් රාජධානියේ විශේෂිත රැකියාවල නිරතව සිටින පුද්ගලයන්ට එනම් ගුරුවරුන් වැනි වෘත්තිකයන්ට එන්නත ලබාදීමේ ප්‍රමුඛතාව අවශ්‍ය බවට ඉල්ලීම් තිබුණි. කොවිඩ් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව ඊට එරෙහි වෙමින් පවසා ඇත්තේ, වයස් කාණ්ඩය සුදුසුම නිර්ණායකය වන බවත්, වෙනත් කණ්ඩායම්වලට එන්නත ලබාදීමට කටයුතු කිරීමෙන් රටේ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී විය හැකි බවත්ය..කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව පමණක් වෛරසයෙන් උපරිම ආරක්ෂාව ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි. එක්සත් රාජධානියේ නිල වාර්තාවන් මුලින් පෙන්වා දෙන්නේ පළමු මාත්‍රාව ලබා ගෙන ඉන් සති තුනක් හෝ හතරකට පසුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවය. පසුව එන්නත්කරණය වේගවත් කිරීමේ අටියෙන් දෙවන මාත්‍රාව ලබා ගැනීමේ කාලය සති 12 ක් දක්වා දීර්ඝ කර තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්බන්ධයෙන් පවසන්නේ, පළමු මාත්‍රාව ලබාගෙන සති 8 ත් 12 ත් අතර දෙවන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කිරීමෙන් එන්නතේ ඵලදායීතාව සුරක්ෂිත වන බවයි. ඒ අනුව මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසයෙන් 76% ක් දක්වා සුරක්ෂිත බව තහවුරු කරගත හැකිය. එමෙන්ම ඒ හරහා වෛරසයේ පැතිරීමේ ශීඝ්‍රතාව අවම වන බවට ද සාක්ෂි තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල මඟ පෙන්වීම අනුව පුද්ගලයෙකු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමේදී අවස්ථා දෙකේදීම ලබා ගත යුත්තේ එකම වර්ගයේ එන්නතය. පළමු මාත්‍රාව සඳහා ලබා ගත්තේ කුමන වර්ගයක එන්නතදැයි නොදන්නේ නම් පමණක් වෙනස් එන්නතක් හෝ ලබාදිය යුතු බව කියන එම සංවිධානය තවදුරටත් කියන්නේ, එවැනි තත්ත්වයක් උදාවීම ඉතාමත් දුර්ලභ විය හැකි බවය..ලංකාවේ මේ වන විට පළමු මාත්‍රාව වශයෙන් ලබා දී ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතය. බලපත්‍ර ඇතිව ඉන්දියාවේ සීරම් සමාගම නිපදවූ එහි නම කොවිශීල්ඩ්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඔවුනට ලබා දිය යුතු දෙවන මාත්‍රාව ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදනය විය යුතුය. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය පසුගිය මාසයේදී සීරම් ආයතනය සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඒ එන්නත් මාත්‍රා මිලියන 10ක් මිලට ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකි..මුල් මාත්‍රාව ලබා දුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දෙන්නට නම්, පෙර කී මිලියන 10ක එන්නත් ප්‍රමාණය ලංකාවට ලැබිය යුතුය..දැන් වන විට එම ආයතනයෙන් ලිඛිතව ලැබී ඇතැයි කියන සාක්ෂි අනුව, මාර්තු අවසාන වන විට ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලැබීමට නියමිත අපේක්ෂිත එන්නත් මාත්‍රා ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගිවිසුම්ගත කාල සටහනට අනුව නොලැබෙන බවට සාකච්ඡාවක් ඇති වී තිබේ. වරක් සම කැබිනට් ප්‍රකාශක රොමේෂ් පතිරණ ද මාධ්‍ය අමතා පැවසූවේ ඉන්දියාවෙන් අපේක්ෂිත කොවිඩ් මර්දන එන්නත් මෙරටට ලැබීමේ සුළු ප්‍රමාදයක් සිදු විය හැකි බව නිෂ්පාදන සමාගම දන්වා එවා ඇති බවකි. ලංකාවට ලැබෙන්නට නියමිත මාත්‍රා මිලියනයක් මේ ආකාරයෙන් ප්‍රමාද වේ නම් එය විශාල අභියෝගයක් වනු ඇත..එන්නත් නිෂ්පාදන සමාගමේ කිසියම් සැලසුම් බාධාවක් ඇති බවත්, නුදුරු අනාගතයේදී අපේක්ෂිත මාත්‍රාවන් ලංකාවට ලබා දෙන බවත් සීරම් ආයතනයේ සැලසුමයි. මෙම තත්ත්වය තුළ එන්නත ලබා ගැනීම සඳහා කලින් සදා නිම කළ කාලසටහනක් නොමැති වීම සහ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ හැකියාව තහවුරු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකි වීම ඇත්ත වශයෙන්ම ගැටලුකාරීය..මේ දක්වා රටේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් සඳදහා රාජ්‍ය අනුමැතිය ලැබී තිබුණේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතටය. ඒ අතර පසුගිය මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදෙන ස්වාධීන විශේෂඥ කමිටුව, රුසියාවේ ස්පුට්නික් වී එන්නත සඳහා ද ලිපි ලේඛන සහ දත්ත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හදිසි භාවිතය සදහා අනුමැතිය ලබාදී තිබේ. රුසියාවේ ගමාලියා පර්යේෂණ ආයතනය හරහා නිෂ්පාදිත මෙම එන්නතට මේ වන තුරුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. නමුත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මාධ්‍ය වෙත පවසා තිබුණේ, ස්පුට්නික් වී එන්නත ලංකාවට ගෙන්වා ගැනීම සදහා එම සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි..දැන් වන විට ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත තම සංවිධානය පිළිගෙන ඇති ප්‍රමුඛ පෙළේ එන්නත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල පුවත් වාර්තා කර තිබේ. ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙවර්ගයටම වෙනස්ව යමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගබඩා කරන්නට අධික සීතල උෂ්ණත්වයක් අවශ්‍ය නොවේ. සාමාන්‍ය ශීතකරණයේ ගබඩා කළ හැකි හෙයින් එය භාවිත කිරීම පහසුය..තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් මර්දන එක් එන්නතක් තවත් එන්නතක් සමඟ සංසන්දනය කිරීම අසීරු බවයි. ඒ එම සමාගම්වල අත්හදාබැලීම් එකිනෙකට වෙනස් නිසාත් සහ වසංගතයේ විවිධ අවස්ථාවන්වල එම අත්හදාබැලීම් සිදු කර ඇති නිසාත් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති ස්පුට්නික් වී නම් එන්නත සදහා ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් හදිසියේ අනුමැතිය ලබා දීමත්, එම එන්නත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් සිටීමත් ගැටලු සහගතය. සීරම් ආයතනයෙන් අපේක්ෂිත එන්නත් මාත්‍රා ගණන ප්‍රමාද වන බව සැලවීමත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති ස්පුට්නික් වී එන්නතට රටේ අවස්ථාව ලබාදීමත් එකිනෙකට පරස්පර නැත..එන්නතේ මුල් මාත්‍රාව ලැබූවන්ට නිසි කලට දෙවැනි මාත්‍රාව ලැබේද යන්න පිළිබඳ මේ අනුව දැන් ඉතිරිව ඇත්තේ කුකුසක් පමණකි. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගෝඨාභය පැරදුණා නම් බය ඉතිරි වෙනවා ඒක දැන් ඉවරයි! – කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.Next articleචීන සිනොෆාම් එන්නත – චීන අයට පමණයි: චන්න , ලාංකිකයන්ටත්!: සමරවීර , භයානකයි!: විශේෂඥයෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව.By සිරිල් ගුණපාල.November 11, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සිරිල් ගුණපාල.මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි..සිංහල කවියෙහි ස්ත්‍රී භූමිකාව ගැන අවධානය යොමු කරන විට ගජමන් නෝනා ස්මාරකයක් සේ විරාජමාන වේ. එවැනි පෞරුෂයක් නවකතාව විෂයෙහි හඳුනා ගන්නට නොලැබේ. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ නවකතාව නම් වූ සාහිත්‍යාංගය අලුත් සාහිත්‍යාංගයක් ලෙස වැඩී වර්ධනය වීම ය. කලාත්මක අගයෙන් අනූන සාහිත්‍යාංගයක් ලෙස නවකතාව අතු ඉති ලා වැඩෙන විට ස්ත්‍රී පෞරුෂයක් ලෙස ප්‍රබලව මතු වුණේ ඊවා රණවීර ය. ලේඛකයන් තම වැඩ බිමක් බවට පත් කර ගත් ප්‍රබන්ධ කතා ක්ෂේත්‍රය තුළ ඊවා රණවීරට නිසි ගෞරවයක් නොලැබුණි. එහෙත් සෙමින් සෙමින් ලේඛිකාවන් නවකතා නිර්මාණය කරමින් අද වන විට ලේඛකයන් අබිබවන තත්වයකට පත්ව සිටින බවකුත් පෙනේ. කිවිඳියක වීමට වඩා නවකතාකාරියක වීම අතිශයින් අසීරු ය. හේතුව කවි කල්පනාවක් මනසෙහි වඩා හිඳුවා ඉඩක් ලැබුණ අවස්ථාවක කඩදාසියකට දමා එකතු කොට කාව්‍ය සංග්‍රහයක් පළ කළ හැකි වුවත් නවකතාවක් ඒ අන්දමට රචනා කළ නොහැකි ය. ඒ වෙනුවෙන් නිශ්චිතව විශාල කාලයක් කැප කළ යුතු ය. පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියකට ඒ නිදහස උරුම වන්නේ කලාතුරකිනි. කෙසේ වුව හැත්තෑවේ දශකයෙන් පසුව නවකතාකාරියන් සම්මානයට බඳුන් වීමට සමත් වී සිටින බව පෙනේ. මේ සියලු දෙනාගේ පදනම ශක්තිමත් කිරීමට කිසියම් පුරෝගාමිත්වයක් දැරූ ලේඛිකාවක ලෙස මම සුමිත්‍රා රාහුබද්ධ හඳුනා ගනිමි. ඇය අද අපේ කතා නායිකාවයි..සුමිත්‍රා ලකුණ.‘ජීවිතය, වෙනස් කළ හැකි බොහෝ දේ තිබේ. කිසියම් එක් සිදුවීමක් වෙනස් කළහොත්, ඉන් ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ නිතැතින්ම වෙනස් වනු ඇත. ඉතිහාසය ද වෙනස් කිරීමට ඉඩ තිබුණ අවස්ථා එක්කෝ අප මඟහැර ඇත. නැත්නම් අප නොදැනම ඒ සිදුවීම් අපගේ ඇඟිලි අතරින් ඉහිරී ගොස් ඇත.’ (දැක නෙක විලස).සිංහල නවකතා ක්ෂේත්‍රයේ වත්මනේ කැපී පෙනෙන සුනේත්‍රා රාජකරුණානායක, අනුලා විජයරත්න මැණිකේ, සේපාලි මායාදුන්නේ, කැත්ලින් ජයවර්ධන, ශාන්ති දිසානායක යනාදි ලේඛිකාවන්ට සිය ප්‍රතිභානය විශද කිරීමට අවශ්‍ය පදනම සාහිත්‍ය සම්භාෂණය තුළ ගොඩ නඟන්නේ සුමිත්‍රා රාහුබද්ධ බව අපගේ නිරීක්ෂණයයි. ලේඛකයන් විසින් නිරූපණය කරන ලද ‘තරුණිය සහ ස්ත්‍රිය’ නිසි වර්ණ ඔස්සේ පාඨක අවධානයට ලක් වුණේ ඊවා රණවීරගෙන් හා සුමිත්‍රා රාහුබද්ධගෙනි. අයිලීන් සිරිවර්ධන යම් පෞරුෂයක් හිමි කර ගත්ත ද ඇගේ නවකතාවල වස්තු විෂය නෑකම් කිව්වේ ජනප්‍රිය කතා කලාවට ය. ‘අහසින් පොළොවට‘ සිනමා කෘතියක් ලෙස අවධානයට ලක් වුව නවකතාවක් වශයෙන් එය අතිසරල වියමනක් වන්නේය. ඊවා සහ සුමිත්‍රා යන දෙදෙනා ගැන කල්පනා කරන විට, අඛණ්ඩව නවකතා නිර්මාණයෙහි නිමග්න වෙමින් සිය නිර්මාණ ශක්තිය සහ ලේඛන පෞරුෂය සාහිත්‍ය සම්භාෂණය තුළ ප්‍රතිෂ්ඨාපනය කරගත් ලේඛිකාව වන්නේ සුමිත්‍රා රාහුබද්ධ යි..කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන සුමිත්‍රාගේ කැමැත්ත තිබුණේ ආර්ථික විද්‍යාඥවරියක වන්නටය. එහෙත් ඇය අතින් සිදුවුණ අතපසු වීමක් නිසා ඇයට ආර්ථික විද්‍යාඥවරියක වන්නට නොහැකි වේ. සිවිල් නිලධාරිනියක බවට පත්වීම හේතුවෙන් ඇය විශිෂ්ට ලේඛිකාවක ලෙස පෙරමං බලන්නට භාග්‍ය සම්පන්න වන්නීය..විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ තරුණ සුමිත්‍රා සිය ජීවන වෘත්තිය ලෙස මුළින්ම තෝරාගෙන තිබෙන්නේ භාෂා පරිවර්තනය බව මා අසා ඇත. එහෙත් ඇයගේ දෛවය ඊට එහා ලොවක් ඇති බව අවධාරණය කිරීම හේතුවෙන් සිවිල් සේවයට ඇය ඇතුළත් වන්නීය. එහෙත් ඇගේ නිර්මාණ ජීවිතය ‘සිවිල් නිලධාරිනිය‘ තුළ අවසන් ගමන් යන්නේ නැත. සිදු වන්නේ දීප්තිමත් වීම ය..‘සාහිත්‍ය ජීවිතයේ මා ගමන් කළ දුර ගැන මම බොහෝ සතුටට පත් වෙමි. මට කිසියම් කුසල කර්මයක් නිසා ලැබී ඇති ලිවීමේ හැකියාව මෙහෙයවමින් මම මගේ පෑන් තුඩින් මේ වනතුරු කිසිදු අකටයුත්තක් කර නැත. ඉදිරියට එසේ කරන්නේ ද නැත. මන්ද – මට මේ පෑන් තුඩ විවිධ, විචිත්‍ර අදහස් සමුදායක් ද සමඟ තිළිණ කරනු ලැබ ඇත්තේ අනන්ත අප්‍රමාණ වූ ස්වභාව ධර්මය විසින් වන බැවිනි. මගේ පෑන් තුඩින් හැම විටම මා ලියා ඇත්තේ මට දැනෙන දෙයයි. මා අවංකවම විශ්වාස කරන දෙයයි. මම මා ලියූ දෙයට හා ඉදිරියේ ලියන හැම අකුරක් පාසාම අවංක වන බව විශේෂයෙන් මෙහි ලා සඳහන් කරමි.’ (දැක නෙක විලස).බුමුතුරුණක් නොවුණ උදානය.අදටත් ලංකා සමාජයේ ස්ත්‍රියකට අභිමානයෙන් නැඟී සිටින්නට අවස්ථා විරල ය. සුමිත්‍රා ඊට අභියෝග කළ ගැහැනියකි. අභියෝග කොට ජයගත් ගැහැනියකි. සුමිත්‍රාගේ ලේඛන ජීවිතය උපදින්නේ කඩදාසියක් සහ පෑනක් සමඟින් නොවේ. ඇය සතු ද්විභාෂික හැකියාව හේතුවෙන් ලෝක සාහිත්‍යය සමඟ දැඩි මිත්‍රසන්ථවයක් පවත්වාගෙන යාම ඇගේ ලේඛන පෞරුෂයේ දීප්තියට හේතු වී ඇත. ‘උදානය’ නවකතාව මුළින්ම කියවූ පාඨකයෙකු ලෙස මට එදා හැඟුණේ ඉන් පෙර හොඳ නවකතාවක් කියවූ විට ඇතිවෙන හැඟීම් නොවේ. ඒ කුඩා නවකතාව ලියා තිබුණ භාෂා රීතිය, අවස්ථා හා සිද්ධි නිරූපණයේ දී පාඨකයා කතාව තුළ ජීවමාන චරිතයක් බවට පත් කිරීම හා එහි හෘදයංගම බව විශිෂ්ට විය..සාමාන්‍යයෙන් අප අත් විඳින්නේ කවර නිර්මාණකරුවෙකුගේ වුව පළමු නිර්මාණයේ තිබුණ ‘ජීව ගුණය – හෘදයංගම‘ බව ක්‍රමයෙන් සිඳීයාම ය. ඊට හේතුව ප්‍රතිභානය පමණක්ම අඛණ්ඩව ලේඛනයේ නිමග්න වීමට ප්‍රමාණවත් නොවන බව ය. එනිසා විය යුතුය පැරැන්නන්, ප්‍රතිභානයට අමතරව ව්‍යුපත්තිය හා බහුශ්‍රැතභාවය ගැන ද සඳහන් කළේ. කෙසේ වුව සුමිත්‍රාගේ ‘උදානය‘ කියවූ පාඨකයෙකු වූ මා ‘දළ රළ පෙළ‘ කියවන්නට පටන්ගෙන එය කියවාගෙන යන විට වැටහුණේ ‘නිර්ව්‍යාජ අත්දැකීම්වල ජීවය හා සුවඳ‘ එහි උතුරා හමන වග ය..සුමිත්‍රාගේ ‘දළ රළ පෙළ‘ මා මිලට ගත්තේ සන්ත බස්තියම කන්දේ තිබුණ කේ. ජයතිලකයන්ගේ කුඩා පොත් සාප්පුවෙනි. පොත ගෙන ජයතිලකයන් සමඟ පිළිසඳරකත් යෙදුණෙමි. ඒ අවස්ථාවේ එතුමන් කියූ වචන මට තවමත් හොඳින් මතක ය..”කාට වුණත් අත්දැකීම් තිබුණට බෑ. නිර්ව්‍යාජව ඉදිරිපත් කරන්න නිර්භීතකමක් ඕනැ. රාහුබද්ධ ගොඩ නඟා ගත්ත නම හොඳටම රැක ගන්නවා.”.මම සුමිත්‍රාගේ පාඨකයෙකු වූවා පමණක් නොව ඇගේ පොත් මිලට ගෙන මට කැමති අයට තිළිණ කළ, ඇතෑමුන්ට ඒ පොත් කියවීමට ආසාවක් ද ඇති කළ කෙනෙක් වෙමි. මා ඇගේ නිර්මාණවලට බැඳුණේ ‘රසවත් එහෙත් භාවාත්මක නොවුණ‘ පාඨකයා ග්‍රහණයට නතු කර ගන්නා හෘදයංගම භාෂාව නිසාම ය. පණ්ඩිතකම්වලින් වියුක්ත ඇගේ නිර්මාණයක මුළ සිටම තිබුණේ නිර්ව්‍යාජ ගුණයම ය. කිසියම් දවසක දුර ගමනක් ගොස් නවාතැන් ගන්නට තිබුණ බැවින් මම අසවල් දෙයක් නිසාදැයි නොදනිමි, මා හොඳටම කියවා තිබුණ සුමිත්‍රාගේ, උදානය, දළ රළ පෙළ සහ බුමුතුරුණු යන නවකතා තුන බෑගයට දමාගෙන ගියෙමි. දින දෙකක් තුළ පොත් තුනම යළිත් කියවීමි. මට සිහිවුණේ කේ. ජයතිලකගේ වචන ය. සැබවින්ම සුමිත්‍රා නවකතා කලාවට උදානයක් බවත්, පල්හෑලි ලියා බුමුතුරුණක් බවට පත් නොවන බවත් මට හැඟිණි..නැවුම් අත්දැකීම්.සුමිත්‍රාගේ සියලුම නවකතා කියවා තිබෙන කෙනෙකු ලෙස මා දකින වෙසෙස් ගුණය නම් හැම කෘතියකම ඇගේ වස්තුවිෂය වෙනස්ම එකක් වීම ය. ඇතැම් කෘතිවල තිබෙන්නේ ලේඛකයෙකු තමා හොඳටම ලියන ලද වස්තු විෂයක් නැවත දුබල අන්දමට ලියා තිබීම ය. මේ කාරණය ගැන කතා බහකදී මහාචාර්ය සිරි ගුණසිංහ කී බස මෙවැන්නකි..”අපේ රට කුඩා රටක්. අපේ සාහිත්‍යයත් ඇත්තටම සීමිත රාමුවක ලියවුණ කුඩා එකක්. ලෝක සාහිත්‍යයේ ආශ්‍රය නැතුව අද කාටවත් හරවත් දෙයක් ලියන්න බෑ. ලංකාව තුළ ජීවත් වීමෙන් විතරක් අත්දැකීම් ලබපු අයට දුක විතරයි ලියන්න පුළුවන්. නිර්මාණයක තියෙන්න ඕනැ පාඨකයාගේ කල්පනා ශක්තිය අවදි කරන ගුණයක්. නිර්මාණකාරයා ලෝකයේ සාමාජිකයෙක් වෙන්න ඕනැ….”.මට දිනක් පැවසුවේ තමන් කැමති සුමිත්‍රා ඉස්සර ලියපු නවකතාවලට. අද ලියන ඒවා මට හරි ඈතයි. යන්න ය..සරච්චන්ද්‍රගේ බසක් මට සිහි වේ..”සාමාන්‍යයෙන් පාඨකයා – රසිකයා තමන් කැමති වුණ නිර්මාණය හැම වෙලාවෙම නැවත නැවත කියවන්න නරඹන්න කල්පනා කරනවා. මේකට හේතුව පාඨකයා කුඩා ලෝකයක හිරවෙලා ජීවත් වීම. අලුත් නිර්මාණයක් කියන්නෙ අලුත් එකක්. ඒක සාර්ථක ද අසාර්ථක ද වෙන කතාවක්. හැබැයි ඒක කියවන්න නරඹන්න හොඳ නෑ තමන් කැමති විදිහට. නිර්මාණයට ගැළපෙන විදිහට පාඨකයා හෝ රසිකයා අවදි කරන්න ඕනැ විචාරකයො. අපේ ඒක කෙරෙන්නෙ නෑ. මගෙන් අහනවා මළගිය ඇත්තෝ – මළවුන්ගේ අවුරුදු දා භාෂාවෙන් ඇයි පස්සෙ ලියපු ඒවා ලිව්වෙ නැත්තෙ කියලා. හැම වෙලාවෙම පාඨකයා හා රසිකයා වෙනුවෙන් විචාරකයෙක් කරන්න ඕනැ දේ නොකෙරුණාම ඕවා තමයි අහන්නෙ. අලුත් කියවීමක් කෙරෙන්නෙ නෑ.”.මේ අදහස අදට එදාට වඩා වැදගත් යයි සිතමි. මට මතක විදිහට නම්, සුමිත්‍රාගේ ‘කන්දක් සේමා‘ නවකතාවට එය පළවූ වසරේ, විද්‍යොදය සම්මානය, ගොඩගේ සම්මානය, රාජ්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය. ඒ තතු කෙසේ වුව මේ පොතගැන කතා බහකදී මහාචාර්ය සුරවීර පැවසුවේ මෙැවනි අදහසකි..”හොඳට සිංහලෙන් ලියපු සුමිත්‍රා කටවහරට පල්ලම් බැස්සෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ.”.මහාචාර්ය සුරවීර මෙහිදී අප්‍රසාදය පළ කළේ සුමිත්‍රාගේ ‘කන්දක් සේමා‘ නවකතාව දුර්වල නවකතාවක් ලෙස තමන් හිතන බව හෝ නොවේ. ඔහු කම්පාවට පත්ව සිටියේ සුමිත්‍රා සිය ලේඛන රීතිය වෙනස් කරගැනීම නිසා ය. මා කල්පනා කළේ ඊවා රණවීර සාහිත්‍ය සම්භාෂණය තුළ නිල ඇගයීමකට ලක් නොවන්නට හේතුවයි..කන්දක් සේමා කට වහරින් ලියූ නවකතාවක් වන්නේ එහි වස්තුවිෂය ඉල්ලන රීතිය එය නිසා ය. සැබවින්ම ‘අත අත නෑර‘ කෘතිය සාම්ප්‍රදායික රීතියෙන් ලියවුණා නම් එය කියවීම කොතරම් අසීරු විය හැකි ද? භාෂා රීතිය හරි නෑ, පොත නං හොඳයි යන්න අපභ්‍රංස විචාරයක් නොවේ ද?.කියවීම හා තක්සේරුව.පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වසරක් පාසා පිරිනමන ‘ස්වර්ණ පුස්තක‘ සම්මානය නිසා නවකතා පළ වීම හා කියවීම වැඩි වී ඇති බව පැවසේ. ස්වර්ණ පුස්තක සම්මානය නිසාම නවකතා වේගයෙන් ලිවීමක් සිදු වෙන බව ද වාර්තා වේ. කෙසේ වුව සිංහල භාෂාවෙන් ලියන නිර්මාණකරුවන් කිහිප දෙනෙකුට හෝ මේ සම්මානය නිසා හොඳ වෙළඳ පලක් ගොඩ නැගෙනවා නම් එහි වරදක් නැත. ප්‍රශ්නය වන්නේ සම්මානය සඳහා පොත් කියවීම හා තක්සේරුව ඉතා අවිධිමත් තත්වයක පවතින බවක් විද්‍යමාන වීම ය. හැම විටම පොත් කියවන හා තක්සේරු කරන උදවිය සැබවින්ම නිසි ප්‍රාමාණිකයන් ද යන්න ප්‍රශ්නයකි. ප්‍රකාශකයන්ගේ සංගමය පවසන්නේ විනිශ්චය කටයුත්ත ප්‍රශ්නයක් බව දන්නා බවත් ඉන්න අය හැර වෙන අය කොහොම හොයා ගන්නද යන්නත්ය. මේක නම් කිසිම විදිහකට සාධාරණ හෝ නිවැරදි හෝ පිළිතුර නොවේ. මේ කාරණය සිහියට නැඟුණේ සුමිත්‍රාගේ ‘තුරුසමුදා‘ නවකතාවට අත්වුණ ඉරණම ගැන සිතන විට ය. ඒ වසරේ පළවුණ සම්මානවලට නිර්දේශ වුණ නවකතා සියල්ලම කියවූ කෙනෙකු ලෙස මට හැඟුණේ ‘තුරු සමුදා‘ ඉතා හොඳ නවකතාවක් බව ය. එහි තේරුම සම්මාන හිමිවුණ නවකතා සමඟ සසඳන විට මේ නවකතාව ඉහළින්ම තිබෙන බව ය. ඒ නවකතාවේ විෂය සේම රීතිය සැබවින්ම පාඨකයෙකුට නැවුම් අත්දැකීමකි..කියවීම හා තක්සේරුව සම්බන්ධ තවත් අප්‍රසන්න කාරණා ද මතු වේ. ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් නවකතා දහයට – පහට තේරෙන ඇතැම් නවකතා කවර සාධක මත තෝරා තිබෙන්නේ දැයි හිතා ගන්නටවත් නොහැකි ය. මා අසා ඇති අන්දමට කැත්ලින් ජයවර්ධන සිය නවකතා ස්වර්ණ පුස්තක සම්මානයට ඉදිරිපත් කරන්නේ නැත. හේතුව කියවීම හා තක්සේරුව සම්බන්ධ අප්‍රසාදය වන්නට පුළුවන. මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි. කියවීම හා තක්සේරුව එහෙම පිටින්ම සාවද්‍ය වේ. සැබවින්ම මෙවර රජත පුස්තක සම්මාන සඳහා කෘති කියවීම හා තක්සේරුව ද, විශේෂයෙන් කෙටි කතා සම්බන්ධයෙන් තත්වය ඉතාම නරක ය..සුමිත්‍රා රාහුබද්ධ නොව සේපාලි මායාදුන්නේ වැනි ලේඛිකාවක සිංහල නවකතා කලාවට සිදු කර තිබෙන සම්ප්‍රදානය සුළුපටු නොවේ. කතා රසයක් ලුහු බඳින කෙනෙකුට ඔවුන්ගේ කතා කියවෙනවාදැයි නොදනිමි. ඒ කෙසේ වුව අද නවකතා ලියන විශේෂයෙන්ම ලේඛිකාවන්ගේ නිර්මාණ දායකත්වය හා ඔවුන් ඔවුන්ව මහන්සියෙන් ගොඩ නඟාගෙන තිබෙන පසුබිම සලකා බලන විට ඔවුන්ගේ කෘති කියවීම තක්සේරු කිරීම සම්බන්ධයෙන් ‘ඔහේ හොයාගත් උදවිය‘ අතට භාරදීම නම් අවමානයකි. සම්මාන නොලැබීමේ ගැටලුවක් නැත. එහෙත් සම්මානය තීරණය කරන තැනැත්තන් ඒ සඳහා යම් සුදුසුකම් සහිත අය විය යුතු නොවේ ද? ඇතැම් විනිසුරු චරිතවල නම් පළමු වතාවට අසන්නේ ස්වර්ණ පුස්තකය හරහා ය. ඒ කෙසේ වුව මට හිතෙන්නේ සුමිත්‍රාගේ කෘති තක්සේරු කළ හැකි – විවේචනය ද කළ හැකි විශාල පාඨක පිරිසක් ඇය ගොඩ නඟාගෙන සිටින බවය..සුමිත්‍රාගේ ලිවීම හා සංස්කරණය.සුමිත්‍රාගේ පමණක් නොව බොහෝ ලේඛක ලේඛිකාවන්ගේ මුල් කාලයේ නවකතා ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. සිංහලෙන් පළවී තිබෙන හොඳම නවකතා ද ඉතා කුඩා ඒවා ය. විරාගය, චරිත තුනක්, දෙපා නොලද්දෝ, ප්‍රේමයේ සත්‍ය කතාවක් යනාදි නවකතා ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. අද විශාල නවකතා පළ වන්නේ මක් නිසා ද? මට හැඟෙන්නේ බොහෝ දෙනා පරිගණකයෙන් ලිවීම ඊට අදාළ හේතුව බවයි. ඊටත් වඩා කාරණය වන්නේ කිසිම ප්‍රකාශන ආයතනයක කෘතියක් සංස්කරණය කිරීමට තරම් ප්‍රාමාණිකයන් නොසිටීම ය..සුමිත්‍රා අද සිය පොත් පළ කරන්නේ ඇගේම ප්‍රකාශන ආයතනයක් ඔස්සේ ය. එබැවින් ඇය සෑහෙන මහන්සියකින් සොයා රැස් කළ කරුණු සියල්ලම ලියා දක්වන බවක් පෙනේ. ඇයම ලියා, ඇයම මුද්‍රණාලයට යවන බැවින් කිසිම සංස්කරණයකට බඳුන් නොවේ යයි සිතමි. මෙහි හානිය දැක මා ඇගේ පාඨකයෙකු ලෙසින් කම්පා වුණේ ‘තම්මැන්නා‘ නමැති කෘතිය කියවීමෙන් අනතුරුව ය. පුදුම සහගත ලෙස පුනරුක්ති පිරුණ රචනයකි එම කෘතිය. ඉතාම වැදගත් විෂය ක්ෂේත්‍රයක් නවකතාවට පාදක කරගෙන තිබුණ ද එය රසවත් ප්‍රබන්ධයක් ලෙසින් පාඨකයා අතට පත් කිරීමට සුමිත්‍රා මහන්සි වී නැත. කිසිම ලේඛකයෙකුට තමන් ලියන වැකි නිර්ලෝභීව කපන්නට නොහැකි බවකි බොහෝවිට හඳුනා ගන්නට ලැබෙන්නේ. මේ දෝෂය අත්හළ යුතු කෙනෙකි සැබවින්ම සුමිත්‍රා..මා අසා ඇති අන්දමට සුමිත්‍රා විවේචනය රුචි කරන්නේ නැතිලු. මා එහෙම නැතැයි ඇය පවසනු ඇත. එහෙත් ඒක නම් මම පිළි නොගනිමි. ඇගේ ‘අරගලය‘ නවකතාව කොළඹ මහජන පුස්තකාලයේ දී දොරට වැඩිය අවස්ථාවේ මමත් සභාවේ සිටියෙමි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ මහාචාර්ය කුසුමා කරුණාරත්න කෘතිය අගය කරමින් යම් සාධනීය විවේචන කීපයක් ඉතාම සංයමයෙන් කළ සැටි මට මතක ය. එහෙත් අවසන සභාව අමතමින් සුමිත්‍රා කතා කළේ ඇයට තරම් ස්වරයකින් නොවුණි. ඇය කාටවත් දොස් නොකීවද ඇය ඇඟවූයේ ‘මම හරි‘ යන්නය. ඒ නිලධාරී ආස්ථානය පිටතට පැමිණි පසුව ඇතැමුන්ගේ අප්‍රසාදයට හේතු විය. තවත් කරුණක් සිහිවේ. සුමිත්‍රාගේ ‘මධු සමය‘ නමැති කාව්‍ය සංග්‍රහය පළ වූ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් එම කෘතිය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. එහි මුලසුන දැරුවේ කේ. ජයතිලකය. එතුමන් සුමිත්‍රාගේ නිර්මාණ ජීවිතය ගැන මුලසුනේ දෙසුම කරමින් නිසි ඇගයීමක් කළේ ය. එහිදී ඔහු සඳහන් කළ කරුණකි මේ..”නූතන කවියෙහි ප්‍රතිභාසම්පන්නම කිවිඳිය මොනිකා රුවන් පතිරණ නම්, නූතන නවකතාවේ ප්‍රතිභාසම්පන්නම නවකතාකාරිය සුමිත්රා රාහුබද්ධයි”.මේ අර්ථ දැක්වීමට සුමිත්‍රා සතුටු වී නැත. ඇය සිය මිතුරියකට පවසා තිබෙන්නේ, ‘මොනිකාගෙ කවි වැඩි හරිය සුචරිතට ලියපුවා. ඒවා පුද්ගලික ඒවා. මගෙ කවි මගෙ කාව්‍ය රීතිය ඊට වෙනස් එකක්‘ යන්නය. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වෙතත් සමුපකාර අමාත්‍යාංශයෙහි ඇය සමඟ සේවය කළ මගේ මිතුරියකි මේ පුවත පැවසුවේ. මේ පොත පිටවන විට සුමිත්‍රා සේවය කළේ ද සමුපකාර අමාත්‍යාංශයෙහි බව නම් මම දනිමි..ඒ ඕපා දූප කෙසේ වෙතත් මෙහිදී පැවසීමට අවශ්‍ය කාරණය නම් සුමිත්‍රා තනිව ජීවත් වුණ ද නිර්මාණකරණය තුළ සිය භූමිකාව තනි එකක් නොවිය යුතුය යන්නය. සුමිත්‍රාගේ නිර්මාණ ශක්තිය සිඳී නැත යන්න ය, ඇගේ භාෂා රීතිය නීරස නැති බව ය..සාහිත්‍ය නිර්මාණයට අවශ්‍ය සතතාභ්‍යාසය හා ව්‍යුත්පත්තිය ගැන යම් හැඟීමක් මට ඇත. ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේ පරණ දුර්ලභ පොත් කුටි තුළ සැරි සරමින් ඇය පොත් එකතු කරන අන්දම ද මා දැක ඇත. ඉතින් සුමිත්‍රා, ඔබ අද පරිණත ලේඛිකාවකි. අත්දැකීම් බහුල ශක්තිමත් ගැහැනියකි. එබැවින් ඔබ ඊළඟට ලියන නවකතාව තනි මතයක පිහිටා මුද්‍රණාලයට භාර නොදෙන්න. මෙය ළෙන්ගතු ඉල්ලීමකි..පරිවර්තිකාව සහ දැක්ම.සුමිත්‍රා ළමා කෘති ලියා ඇත. කෙටි කතා සංග්‍රහයක් ලියා ඇත. කාව්‍ය සංග්‍රහයක් ලියා ඇත. එහෙත් ඇගේ අනන්‍යතාව – ‘මුද්‍රාව‘ තිබෙන්නේ නවකතාව නම් සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ය. ‘කෙළි මඬල‘ – ‘සුර අසුර‘ – ‘අග පිපිමල්‘ -‘ලොබ නොසිඳේයා‘ – ‘දුල දුලාය‘ ‘සිය සියපත් සිය‘ – යනාදි නවකතා නිර්මාණයෙන් ඇය අභිමානවත් ලේඛිකාවක – ගැහැනියකව නැඟී සිටින්නීය. මා අවංකව විශ්වාස කරන්නේ වත්මනේ නවකතා නිර්මාණයෙහි කෘතහස්ත ලේඛිකාවන්ට මාවත විවර කරන්නට ඇගේ නිර්මාණ දායකත්වය අදාළ වී තිබෙන බව ය..සුමිත්‍රා පූර්ණ කාලීන ලේඛිකාවකි. ඇය උසස් පදවි දැරුවත් නම නරක් කරගෙන නැත. මා අසා ඇති අන්දමට ඇය සිය සැමියාගෙන් වස්තුවක් උරුම කර ගත්තේ ද නැත. සැමියා අකල් මරණයකට ගොදුරු වුණ පසුව ඇගේ ප්‍රාණය දියණිය බව ද ඇය සඳහන් කර ඇත. ඇගේ ආර්ථික ශක්තිය සියලු පදනම් ඇය සිය ලේඛන කුසලතාවෙන්ම හරි හම්බ කරගෙන සිටින බවක් ද පෙනේ. එනිසා ණයත් නැති – බයත් නැති ගැහැනියක් යයි සිතමි..නවකතා ලියන සුමිත්‍රා නම් පූර්ණ ලේඛිකාව සිය පාඨක ජනයා අතට ඉතා වැදගත් කෘති කීපයක් සිංහලයට නඟා පළ කර තිබේ. ඒවා අතර, ‘මම ඔබ සොයමි‘ – ‘සාරා‘ – ‘කටු ඔටුනු‘ – ‘රඟ සොබා‘ – ‘දිගැසිය‘ – ‘දාර දොර කළුවර‘ – කිසිදු වෙහෙසක් නැතිව කියවා හරවත් ජීවන අත්දැකීම් ලත් බව ගෞරවයෙන් සඳහන් කරනු කැමැත්තෙමි..සුමිත්‍රා පරිවර්තනය කර තිබෙන්නේ වෙන කිසි පරිවර්තකයෙකුගේ අවධානයට ලක් නොවුණ කෘති වීම විශේෂය. ‘කටු ඔටුනු‘ සහ ‘දිගැසිය‘ ඇගේ සාහිත්‍ය දෘෂ්ටියට සාකල්‍යයෙන්ම අනුකූලය. ඇගේ නිර්භීත ගුණය – ජීවිතාවබෝධය මෙන්ම ජීවන දෘෂ්ටිය මේ කෘති දෙක ඔස්සේ මැනවින් විශද කර ඇත..සුමිත්‍රා සිංහලයට නඟන ලද, පාවුලෝ කොයියෝගේ (ජීවිත වන්දනාවක සටහන්) කෘතිය සහ මයිකල් ජැක්සන්ගේ ස්වයංචරිතාපදානය වන ‘සඳ මත රඟමි‘ යන කෘති දෙක අති විශිෂ්ටය. මයිකල් ජැක්සන්ගේ චරිතාපදානය මට නම් නිහඬ – ගැඹුරු ගුරුවරයෙකු සදිසි ය. එය කියවන කිසිම පිරිමියෙකුට ගැහැනියකට නිරුත්සාහකව ඇසින් වැටෙන කඳුළු වැලැක්විය නොහැකිය. හරිම අනුවේදනීය හෘදයංගම කෘතියකි. සුමිත්‍රා දීර්ඝ කාලයක් ස්වතන්ත්‍ර නිර්මාණකරණයෙහි නිමග්නව පදම් වුණ – සුමට වුණ භාෂා රීතිය නිසා මේ පරිවර්තන ස්වතන්ත්‍ර රචනා සේම රසවත් ය..ගැහැනිය සම මව.සුමිත්‍රා රාහුබද්ධ තමන්ට අභිමත අන්දමට සිය ජීවිතයේ පදනම ගොඩ නඟා ගත් තැනැත්තියක බව ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානය කියවන විට සිතුණි. ඇය අභියෝග මැද අකම්පිතව නැඟී සිටි තැනැත්තියකි. ඇය මුළු හදින්ම භක්තිමත් ඇගේ ජීවිතය ප්‍රභාවත් කළ සාහිත්‍ය කලාවට යයි සිතමි. ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානාත්මකව වැඩ කරන්නට නැඹුරු වී නැත. ඇය සිය නිර්මාණ ඔස්සේ ඇගේ දායකත්වය මැනවින් කැප කොට නිර්මාණාත්මකව ඥානාලෝකයක් මුදා හැර ඇත..ඇය සිය දියණියට ‘අත අත නෑර‘ පිළිගන්වන්නේ ඇගේ ජීවිතයත් – ප්‍රාණයත් – වස්තුවත් සිය දියණිය බව පවසමින් ලියන කවකිනි..”මුදා හසරැල් මුදු බස් දෙන සුරතල්ම.සිත සනසා සිත පිරිමැද දෙන කැල්ම.සම කර තබමි මගෙ මව් මට දුන් ඇල්ම.සුදු දුව කුඹය මගෙ පන්හිඳ හැම කල්ම”.පියා මෙලොව හැර ගිය පසුව නෙත් පාදා දෙපයින් ශක්තිමත්ව නැඟී සිටින්නට හැකි අන්දමට හැදූ වැඩූ දියණියක සම්බන්ධ තුටු වීමට සමත් වීම ද භාග්‍යයක් යයි සිතමි..සුමිත්‍රා සිය චරිතාපදානය නිම කරන වැකි කීපයකින් මේ සටහන අවසන් කිරීමට කැමැත්තෙමි..”මා රැකියාව කළ හැම ස්ථානයකදීම මගේ හෘදය සාක්ෂියට එකඟව ඉතා හොඳින් මගේ රාජකාරිය ඉටු කළෙමි. මහජනතාවගේ බදු මුදලින් යැපෙන රජයේ සේවකයන් අතරින් කෙනෙක් වූ මම ඒ ජනතාවට ණයකාරියක වී රජයේ සේවයෙන් විශ්රාම නොගත් බව කිව යුතුය……...අවසාන වශයෙන් මගේ මුළු ජීවිතයම මෙහෙයවූ බලවේග දෙකක් ඇත. ඒ මගේ අම්මා සහ මගේ දියණියයි. මට මගේ අම්මාට ඇය කළ සියල්ල වෙනුවෙන් ණය ගෙවීමේ හැකියාව ඇත්තේ ඇය නැවත මගේ මව වීමෙන් නොව ඇය කිසියම් දිනක මගේ දියණිය වුවහොත් පමණකි. එසේ වේවායි මම ප්‍රාර්ථනා කරමි..දියණිය මා පසුපස හා මා ඉදිරියෙන් ද, මා වටා ද සිටින මේ මිහිමත ඇති අප්‍රමාණ සෙනෙහසෙහි ජීවමාන සංකේතයයි. ඒ දායාදය මට දුන් ආදරණීය ලක්ෂ්මන් ඉතා ආදරයෙන් සිහිපත් කරමි. ලක්ෂ්මන් මට බොහෝ ආදරය කළේය. මම එයට කෘතවේදී වෙමි. මම, ඉතා ආදරයෙන් හා සෙනෙහසින් මේ ලොවට හොඳ දරුවෙකු සාදා තිළිණ කර ඇත්තෙමි. ඇය මිනිසුන් කෙරෙහි ඇගේ අපූර්ව වූ කරුණාව සහ දයාව දක්වන විට කිසියම් දිනක මේ පොත ලියූ පෑන ඔබට සිහිපත් වනු ඇත.”.සුමිත්‍රා ඔබ දිරිය මවකි, ගැහැනියකි. ඔබ ඔබේ නම මැනවින් දීප්තිමත් කර ගත් ලේඛිකාවකි..චිරං ජයතු.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලංකාවෙ කලාව විශ්වාස කරන්න.කෝකිල පවන් ජයසූරිය.Next articleදෝසයි, මෝතගම්, කොකට්ටෙයි සමග.බර්ගර්, පිසා හැදෙන ඉයක්කි බොජුන්හල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඉන්දියාව සමග සම්බන්ධතා: වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද?- ■ මහාචාර්ය රොහාන් සමරජීව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඉන්දියාව සමග සම්බන්ධතා: වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද?- ■ මහාචාර්ය රොහාන් සමරජීව.By සංස්කාරක.August 9, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කොළඹ වරායේ දකුණු තටාකයේ ෑක්‍ඔ නමින් හැඳින්වෙන නැගෙනහිර බහාලුම් පර්යන්තය ජාතිකවාදීන්ගේ සටන් පෙරමුණක් බවට පත්ව ඇත. ගිය වසරේ අස්සන් කරන ලද ඉන්දියානු සහ ජපන් ආණ්ඩු සමග එක්ව නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ ගිවිසුම ඉරා දමන ලෙස වෘත්තීය සමිති සමග පෙළගැසුණු ඇතැම් පිරිස් උද්ඝෝෂණය කරති. ඔවුන්ගේ ඉල්ලීම ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්පූර්ණ හිමිකම ඇති සහ එමගින් සම්පූර්ණයෙන් මෙහෙයවනු ලබන තත්ත්වයට පර්යන්තය පත්කරන ලෙස යි. ජාතික සම්පත් විකිණීම ගැන හැමදා අලෙවි කරන තර්ක නැවතත් එළියට දමා ඇත...සැබෑ දේශප්‍රේමියකු කළ යුත්තේ කුමක් ද ?.සැබෑ දේශප්‍රේමියකුගේ නිගමනය පදනම් වනු ඇත්තේ මෙම දිවයිනේ ජීවත්වන ජනයාගේ ජීවන අවස්ථා වර්ධනය වනු ඇත්තේ කුමකින් ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතයි. එම ජනතාවට ඇතිවිය හැකි හානි අවම කරගන්නේ කුමන ක්‍රියා මාර්ගයකින් ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතයි. මෙම පිළිතුරු සොයා ගත හැක්කේ මුහුණ දී සිටින ප්‍රශ්නය යථාර්ථවාදී ලෙස තේරුම් ගැනීම තුළිනි..කොළඹ වරායේ මෙහෙයුම් සමාගම් තුනකින් සිදුකරනු ලබයි. එක් පර්යන්තයකින්  මෙහෙයුම්වලින් සියයට 40ක් සිදුකරනු ලබන ක්‍ෂක්‍ඔ හි බහුතර අයිතිය ඇත්තේ චීනයේ ක්‍ඵ ඡදරඑි සමාගමට යි (ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15ක අයිතිය ඇත).  ජෝන් කීල්ස්, ඵ්ැරින/ ්ඡඵ ටර්මිනල්ස්  සහ එවර්ග්‍රීන් මැරීන් සමාගම්වලින්  සැදුම් ලත් හවුල්කාරිත්වයකට  ී්ර්යන්තයෙහි සියයට 85ක අයිතිය ඇත (ඉතිරි කොටස වරාය අධිකාරිය සතු ය).  තුන්වැනි සමාගම ජයා බහලුම් පර්යන්තයයි. එය 100ට සීයක්ම වරාය අධිකාරිය සතුයි..විශාලතම නැව් ඇතුළු කිරීමේ හැකියාව ඇති මෙම කලාපයේ එක ම ගැඹුරු වරාය ලෙස පවතින දකුණු තටාකයේ මෙහෙයුම් කටයුතු කිරීමට යන දෙවන පර්යන්තය නැගෙනහිර බහාලුම් පර්යන්තය යි. බහාලුම් මෙහෙයුම් ධාරිතාව අතින් 2018 වසරේ ලොව 25 වන විශාලතම වරාය ලෙස පැවති කොළඹ වරාය වත්මන් කලබලවලට පෙර වේගවත් වර්ධනයක් පෙන්නුම් කළේ ය..රට තුළින් ආරම්භ වන සහ අවසන් වන භාණ්ඩ නැව්ගත කිරීම තුළින් පමණක් ලෝකයේ 25 වන විශාලතම බහලුම් වරාය පවත්වාගෙන යාම ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථීකයකට කළ නොහැකි ය. කොළඹ වරායට එන භාණ්ඩ සියයට 70කට වඩා ඉන්දියාවෙන් එන හෝ ඉන්දියාවට යන භාණ්ඩ වෙයි. ඉන්දියාවේ ප්‍රධාන වරාය දෙක වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි න්‍භඡඔ වරාය සහ ගුජරාට්හි පිහිටි මුන්ද්‍රා වරාය යි. මුන්ද්‍රා වරායට වඩා ඉන්දීය බහාලුම් හසුරුවන කොළඹ වරාය ඉන්දියාවේ දෙවන විශාලතම වරාය යයි කිව හැකි ය..ඉන්දියානු බහාලුම් කොළඹ වරායෙන් ප්‍රතිනැව්ගත කිරීම කුමන හේතුවක් හෝ නිසා නැවතුණ හොත් ශ්‍රී ලංකා ආර්ථිකයට වන හානිය බරපතළය. වරාය සේවා අපනයනයෙන් ලැබෙන ආදායම් අහිමි වනු ඇත. කොළඹට නිතර නැව් පැමිණීම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත. කොළඹට තවදුරටත් නොඑන විශාල නැව්වලට ප්‍රතිනැව්ගත කිරීම සඳහා තම බහාලුම් කුඩා නැව් මගින් කලාපීය කේන්ද්‍රය වෙත යැවීමට ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට සිදුවනු ඇත..ජාලකරණයේ ආර්ථික වාසි කේන්ද්‍රීය වරායයන් සතු වෙයි. ප්‍රතිනැව්ගත කිරීම් සහ අදාළ සේවා සපයන වරායයන් වෙත නැව් වැඩි ප්‍රමාණයක් පැමිණෙයි. එම හේතුවෙන් එම වරාය අනෙක් නැව්වලට ද වඩාත් ආකර්ෂණීය වෙයි. එනිසා වරායක කේන්ද්‍රීය තත්වය යම් කලකට රැක ගත හැක.  එසේ වුව ද, කේන්ද්‍ර තත්වය සදාතනික නොවේ. සපයන සේවාවන්හි ගුණාත්මකබව පිරිහුණහොත් හෝ ගාස්තු තරගකාරී වරායන්ට වඩා අධික වුවහොත් හෝ විශාල නාවුක සන්ධාන (බහාලුම් ප්‍රවාහනයේ සියයට 80ක් සිදුකරනු ලබන්නේ සන්ධාන තුනක් මගිනි) ඉවත්ව යෑමට ඉඩ ඇත. එවැනි සිද්ධියකින් කේන්ද්‍ර තත්ත්වය අවසන් වීම ආරම්භ වනු ඇත..නාවුක සන්ධාන අතර කොළඹ වරාය කෙරෙහි කැමැත්තක් ඇතිවීමට එක් හේතුවක් නම් එහි සංසරණ කාලය යි. එනම්, කොතරම් ඉක්මනින් බඩු බෑමෙන් /පැටවීමෙන් පසු නැවකට වරායෙන් පිටව යා හැකි ද යන්නයි. කොළඹ සිංගප්පූරුව සහ වෙනත් ප්‍රධාන වරායන්ට පිටුපසින් සිටිය ද, ඉන්දියානු හා බංග්ලාදේශ වරායයන්ට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටියි. කෙසේ වෙතත්, වෘත්තීය සමිති ඉල්ලීම්වලට පරිබාහිර දේශපාලන හේතු මත  මැතිවරණයට පෙර ක්‍රියාත්මක කළ වැඩවර්ජන මගින් කොළඹ වරායේ කාර්යක්ෂම බව ගැන ඇති පිළිගැනීමට තර්ජනයක් ඇතිකරයි..භූ-දේශපාලන සාධක සැලකිල්ලට ගනිමින් යම් ආණ්ඩුවක් ගන්නා තීරණ මගින් කේන්ද්‍රීය තත්වය ක්ෂය විය හැකි ය. විශේෂයෙන් ම මැතිවරණ කාලවල ඉන්දියානු දේශපාලනඥයන් කියන්නේ අලුත් රැකියා සහ ව්‍යාපාර අවස්ථා බිහිකිරීම සඳහාත්, ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරායට යන ඔවුන් කියන පරිදි බහාලුමකට ඇමෙරිකානු ඩොලර් 100ක් වන මුදල් ඉතිරි කර ගැනීම සඳහාත් දකුණු ඉන්දියාවේ වරායන් ඉදිකරන බවයි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ඉන්දියාව සහ චීනය ගැටුමේ සන්දර්භය තුළ කොළඹ වරායේ ඇති සැලකිය යුතු මට්ටමේ චීන අයිතිය උපායමාර්ගික අවදානමක් ලෙස නිරූපණය කිරීමයි. එක රටක, එනම් ඉන්දියාවේ, ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාර කටයුතු මත යැපෙන්නට සිදුව ඇති කොළඹ වරාය මේ අතින් වඩාත් අවදානම් සහිත ය...භූ-දේශපාලනමය සාධක.කොළඹ වරායට පමණක් අවධානය යොමු කළ ද, භූ-දේශපාලන සාධකවල බලපෑම පෙනෙනු ඇත. විශාලතම පර්යන්තයේ කළමනාකරණ අයිතිය ඇත්තෙත් එහි මෙහෙයුම් කටයුතු කරන්නෙත් චීන සමාගමකි. චීන සබ්මැරීනයක් මෙම වරායෙන් 2014 දී නැවත ඉන්ධන පිරවීම ඉන්දියාවේ දැඩි අසතුටට හේතු විය. මේ වනවිට ඉන්දියාව හා චීනය අතර ගැටුම්කාරී තත්ත්වය පවතින්නේ ඓතිහාසික වශයෙන් ඉහළ තත්ත්වයක ය. මෙම සන්දර්භය තුළ, නැගෙනහිර බහාලුම් පර්යන්තයේ අයිතියෙන් කොටසක් ඉන්දීය සමාගමකට ලබාදීමත්, එමගින් ඉන්දියාව කොළඹ වරායේ කොටස්කරුවෙකු කිරීම තුළින් නව දිල්ලියේ ආරක්ෂක ප්‍රධානීන්ට ලංකාවේ අපක්ෂපාතීබව පිළිබඳ යම් සහතිකයක්  සපයනු ඇත..නැගෙනහිර බහාලුම් පර්යන්තය පිළිබඳව කුමන තීරණයක් ගත්ත ද එහි අර්ථකථනය වඩා පුළුල් සන්දර්භය යටතේ කෙරෙනු ඇත. මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ඇති උනන්දුව අත්හරින ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් ඉල්ලා ඇත. භාවිතයට නොගන්නා නමුත් මතභේදාත්මක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල අයිතිය ආපසු දෙන්නැයි ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලා සිටි බව ද වාර්තා විය. රාජපක්ෂවරුන් චීනය පැත්තට නැඹුරු වන බවට ඇති සංජනනය තවත් ශක්තිමත් වන ආකාරයෙන් මෙම තිත් සම්බන්ධ කර ගැනීමට ඉන්දීය ආණ්ඩුව ක්‍රියාකරන්නට ඉඩ ඇත...එහෙත් ජාතික සම්පත්.නොවිකුණා රැක ගත යුතු නොවේද?.භූමිය විකුණන්නේ නැත. වරාය දිගට ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතිනු ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද ඇතුළත් හවුල් සමාගමකට නිශ්චිත කාලයකට විශේෂිත කටයුත්තක් සඳහා දකුණු වරායේ කොටසක ඉඩ ලබාදීම පමණක් සිදුවෙයි. ඉඩම මගින් ම වටිනාකම් නිපදවන්නේ නැත. වටිනාකම් නිපදවනු ලබන්නේ නියම ආකාරයේ ආයෝජන (වෙනත් තැනකට ඇණවුම් කළ ඒවා නොව නියම ආකාරයේ ගැන්ටි්‍ර දොඹකර ද ඇතුළත් ව) සිදුකිරීමත් සහ උචිත මට්ටමේ ගුණාත්මකභාවයෙන් යුතු හරි ආකාරයේ සේවා සැපයීමත් මගින් ය. නාවුක සන්ධානයන්ගේ සාපේක්ෂ බලය නිසා පර්යන්ත අයිතියේ කොටසක් නාවුක සමාගම්වලට ලබාගැනීමට ඉඩදීම දැන් පොදු භාවිතයකි. සිංගප්පූරුවේ රජයට අයත් ඉතාම කාර්යක්ෂම වරාය සම්බන්ධයෙන් පවා තත්ත්වය එබඳු ය..දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කොළඹ වරායේ කොටස් පෞද්ගලිකව මෙහෙයවන ලද්දේ දිගුකාලීන බදු ගිවිසුම් යටතේ ය. 1999 දී  ී්ඨඔ සඳහා හවුල්කාරීත්වයට ආයෝජනය කළ ඇතැම් සාමාජිකයෝ විදේශිකයෝ වූහ. ඉහළ ම කාර්ය සාධනයක් පෙන්නුම් කළ ක්‍ෂක්‍ඔ, ඩොලර් මිලියන 600ක් තරම් වූ විශාලතම චීන ආයෝජනයකි. එය 2013 සිට ක්‍රියාත්මකව තිබේ. මෙම සමාගම් මගින් වැඩි දියුණු කරන ලද සම්බන්ධතා සහ ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ කාර්යක්ෂමතාව හේතුවෙන් ඉන්දියානු ආර්ථිකයේ වර්ධන වේගය අඩු වූ විට පවා කොළඹ වරායේ වර්ධනය අඩු වුණේ නැත..ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා විදේශීය ආයෝජන යොදවා ගැනීම පිළිබඳව කනස්සල්ලට පත් වී ඇති අයට මෙම අත්දැකීම්වලින් පෙනෙනු ඇත්තේ හානියක් වී නැති බවය. ඉඩම තිබෙන්නේ මෙහි ය. ආයෝජනය කළ ඩොලර් කෝටි ගණනක් වූ මුදල් එම ඉඩමට බැඳී ඇති අතර ඉවත් කරගත නොහැකි ය. එමෙන් ම, ආයෝජකයන් රැගෙන එන වෙළෙඳපොළ සම්බන්ධතා සහ කුශලතා සමස්ත වරායේ ම වර්ධනයට හේතු වෙයි. වරාය සේවා අපනයනයෙන් ශ්‍රී ලංකාව ආදායම් ලබයි. විදේශීය හිමිකම ඇති සමාගම්වල සේවය කරන උදවිය ඉහළ ආදායම් ලබති. ඒ සියලු දෙනා බදු ගෙවති. ප්‍රධාන වෙළෙඳපොළවල් වෙත ඍජු නැව් ගමන් සේවා සහිත ලෝකයේ 25 වන විශාලතම වරාය පවත්වාගෙන යාමෙන් ජාතික ආර්ථිකය අතිවිශාල ප්‍රතිලාභ ලබයි..වාණිජ ව්‍යවසායයන්හි විදේශීය ආයෝජන විදේශීය ණයට වඩා රටට වාසිදායක බව සැබෑ දේශප්‍රේමියකු තේරුම් ගනු ඇත. ආයෝජනයක දී අවදානම බෙදාගැනීමක් සිදුවෙයි. ආයෝජනය ලාභ උත්පාදනය නොකරන්නේ නම් විදේශීය ආයෝජකයාට ද කිසිවක් ලැබෙන්නේ නැත. එබැවින් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ආයෝජකයාට ද දිරිගැන්වීමක් ඇත. අපගේ අභව්‍ය ආශාවක් නිසා යටිතල පහසුකම් අප විසින් ම ඉදිකර මෙහෙයවීමට ණය ලබාගැනීමේ දී මෙම තත්වය ඇතිවන්නේ නැත. ණය ගැනීමේ දී අවදානම සම්පූර්ණයෙන් ම ඇත්තේ අපේ පැත්තේ ය. ව්‍යාපාරය සාර්ථක වුවත්, නැතත් ණය ආපසු ගෙවිය යුතු ය. චීන ණය මගින් ඉදි කළ නොරච්චෝලේ විදුලි උත්පාදක සම්බන්ධයෙන් නැවත නැවත සිදු වූ ආකාරයට යම්කිසි බිඳ වැටීමක් සිදු වූ විට චීනයේ එක්සිම් බැංකුවට පාඩුවක් සිදුවන්නේ නැත. පාඩු සියල්ල සිදුවන්නේ අපට ය..එබැවින් සැබෑ දේශප්‍රේමියකු තෙරුම් ගනු ඇත්තේ නූතන වරාය මෙහෙයුම්වල ස්වභාවය සහ ණය සහ ආයෝජන අතර වෙනස පමණක් නොවේ. භූ-දේශපාලනික සන්දර්භය ද තේරුම් ගන්නා අය අපගේ පුරවැසියන්ගේ සුබසෙත සැලසීමේ උත්සාහය පහසුවෙන් අවහිර කළ හැකි ඉන්දියාව වැනි ප්‍රධාන පාර්ශ්වයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමේ ආරක්ෂක පියවර ක්‍රියාවට නැගීමට ආධාර කරනු ද ඇත.  නීතිමය බැඳීම්වලට ගරු කිරීමටත් සහ අපගේ යෝධ කිට්ටු අසල්වැසියා සමග ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් සම්බන්ධතාව ශක්තිමත් කිරීමටත්  සැබෑ දේශප්‍රේමියකු ආණ්ඩුවට සහය දෙනු ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමැතිවරණයෙන් පසු එළඹිය හැකි අනතුරු සහ වගකීම.Next articleපස්සෙන් එන ‘නරක චරිතය’ වෙනස් කරන්න අලුත් ආණ්ඩුවට හැකිවේද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අපේ අය හැංගිලා කරන එක හරිද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපේ අය හැංගිලා කරන එක හරිද?.By තරිඳු උඩුවරගෙදර.December 9, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.‍.ශර්මි කුමාර්.ලිංගික සේවා සැපයීම ලංකාවේදී සැලකෙන්නේ නීතිවිරෝධී, කතා නොකළ යුතු සහ අසංස්කෘතික මාතෘකාවක් කියලයි. ඔබ ඒක ගැන හිතන්නේ කුමක්ද?.අලු‍තෙන් කියන්න දෙයක් නැහැනේ. දෙවිවරුන්ගේ අතරේත්, රජවරුන්ගේ අතරේත් ලිංගික ශ්‍රමිකයෝ හිටියා නම් දැන් ලිංගිකත්වය ගැන කතාකරන්න බයවෙන්නෙ ඇයි. අන්තඃපුරය කියන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවන් මිසක් වෙන මොකක්ද. දැන් නම් ලිංගික සේවා සැපයීම නීත්‍යනුකූල වෙන්න ඕනෑ. පාතාලය, කුඩු ව්‍යාපාර වගේ ලිංගි ක සේවය හැංගිලා තියෙන්න ඕනෑ නැහැ. ඒකෙන් ගැහැනු අය ගොඩක් අසාධාරණයට ලක්වෙනවා. මොකද නීතියෙන් අනුමත වුණත් නැතත් කර්මාන්තයක් විදියට මේක දැන් පවතිනවානේ. ලංකාවෙ ගැහැනු ගොඩාක් මේක රස්සාවක් විදියට කරනවා. අනෙක ගොඩාක් අය සල්ලි දීලා ලිංගික ශ්‍රමිකයන් ළඟට යනවානේ. ඒ නිසා ලොකු ඉල්ලු‍මකුයි සැපයුමකුයි තියෙනවා. පිටරටවල මේවා එළිපිට සිද්දවෙනවා. පිටරටවල සෙක්ස් චිත්‍රපටි කර්මාන්තය බලන්න. ඒවායේ මොන තරම් අසම්මත ලිංගික සම්බන්ධතා පෙන්වනවාද. අපේ අය ඒවා විවේචනය කරනවා. මම කියන්නේ නැහැ ලංකාවෙත් ඒකම වෙන්න ඕනෑ කියලා. ඒත් කරන ඕනෑ එකක් හැංගි හැංගි කරන්න ඕනෑ නැහැ. ලංකාවෙ අය පිටරට ඒවාට බනිනවානේ. මං අහන්නෙ එයාලා එළිපිට කරන එක වැරදියිලු‍. අපේ අය හැංගිලා කරන එක හරිද?..ඔබ දෙමළ පවුලකින් ආ කෙනෙක්. බොහෝ තැන්වල කියා තිබෙනවා විවාහ වීමෙන් පසුව ඔබ නිරූපිකාවක් විදියට වැඩ කරන්න පටන්ගත්ත බව. සැබෑ ජීවිතයේ ශර්මි කුමාර් සහ ප්‍රසිද්ධියේ දකින චරිතය අතර වෙනසක් තියෙන වාද?.මෙහෙමයි. ඉන්ටර්නෙට් එකෙන් දකින ශර්මි කුමාර් කියන්නේ කැරැ ක්ටර් එකක්. මම ෆෙස්බුක් එකේ එහෙම කතාකරන විදියෙන් ගොඩක් අය හිතනවා ඇති මම ගොඩාක් ඩර්ටි කෙනෙක් කියලා. ඇත්තටම මම ගෙදර හිටියත් ලොකු සද්දයක් නැහැ. ඩර්ටි වචනවලින් කෑගහන කෙනෙක් නෙවෙයි ඇත්ත මම. මම ඉස්සර අයියාට හරිම බයයි. සද්දම නැතිව හිටියේ. අයියලා මම මොනවා හරි කරන්න ගියොත් මට ගහනවා. මම මොකක් හරි අදහසක් කිව්වොත් මට බනිනවා උඹ මෝඩ අදහස් කියන්නේ, උඹට අහවල් දේ හරියන්නේ නැහැ කියලා. මම දෙමළ සංස්කෘතිය එක්ක හැදුණු කෙනෙක්. මං සැලුන් එකක් කරනවාටවත් කැමති නැහැ අපේ පවුල්වල අය. එයාලා කියනවා අඩුම කුලයේ අය තමයිලු‍ මේවා කරන්නේ. අපේ ආච්චිලා දැඩිව විරුද්ධ වුණා. මම ඒවා ගණන් ගන්නෙ නැතිව තමයි සැලුන් එකක් පටන්ගත්තෙත්. නිරූපිකාවක් වුණේත්, දැන් කරන හැම දෙයක්ම කරන්නේත් පවුලේ අය කියන දේවල් ගණන් ගන්නේ නැතිවයි..ඔබ ලංකාවේ වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපටිවල රඟපෑ කෙනෙ ක්. ලංකාවේ වැඩිහිටි විනෝද කර්මාන්තයක් නැති නිසා බොහෝවිට වැඩිහිටිය න්ට පමණක් වන චිත්‍රපටි තමයි ලිංගික චිත්‍රපටි වෙනුවට බො හෝ අය නරඹන්නේ. ලංකාවේ වැඩිහිටි කර්මාන්තය සහ ඇමෙරිකාවේ කර්මා න්තය ගැන හිතන්නේ මොකක්ද?.ඇමෙරිකාවේ තියෙන පෝන් ඉන්ඩස්ටි්‍ර එක වෘත්තිමය වැඩක්. ඒකෙත් පිටපතක් තියෙනවා. අධ්‍යක්ෂවරයා සැලසුම් කරලා තමයි සියලු‍ දේ කරන්නේ. සමහරවිට පැයක වීඩියෝ එකක් දවස් තුනක් පවා කරනවා. මම හිතන්නේ එහෙම කර්මාන්තයක් ලංකාවෙ තිබුණාට කමක් නැහැ කියලා. මොකද ඒවා ආරක්ෂිතයි. අනෙක හොරෙන් ලීක් වෙන වීඩියෝවලින් මිනිස්සුන්ව අපහසුතාවට පත්වීමත් නතර වෙනවා. ලොකුම යහපත තමයි පුංචි දරුවන්වත්, අසරණ කාන්තාවන්වත් ලිංගි ක හිංසාවලට පත්කිරීම අඩුවීම. මට කවදාවත් අමතක නොවෙන සිදුවීමක් තමයි සේයා දැරිය ඝාතනය කිරීමේ සිදුවීම. සේයා ජීවත්වුණා නම් දැන් එයාට වයස අවුරුදු හතරහමාරයි. මගේ දුවගේ වයස වගේ. මේ වගේ සිදුවීම් නවත්වන්න නම් ලිංගිකත්වය ගැන ලොකු වෙනස්කම් කරන්න සිදුවේවි..ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් කියන්නේ කවුද?.සෙක්ස් වර්කර් ගැන නැතත්, සෙක්ස් ගැනම ලංකාවෙ මිනිස්සු හරිහැටි දන්නේ නැහැ. ලිංගිකත්වය විඳින්න දන්නේත් නැහැ. ලංකාවේ සෙක්ස්වලදී තියෙනවා පිරිමි කෙනා ශක්තිමත් වෙන්න ඕනෑ කියලා මානසිකත්වයක්. ඒත් ලිංගිකත්වයේදී පිරිමි කෙනා ශක්තිමත් වෙන්නම ඕනෑ නැහැ. අපේ මිනිස්සු හිතන්නේ ලිංගිකත්වය කියන්නේ ලිංගික ක්‍රියාවල යෙදීම පමණක් කියලා. එහෙත් හැඟීම් කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්. මිනිස්සු මාව දන්නේ ගොඩක් ඩර්ටි ගෑනු කෙනෙක් විදියට. ඒත් මා එක්ක කතාකරන මිනිස්සු ගොඩක් එන්නෙ සල්ලිවලට ලිංගික සේවයක් ලබාගන්න විතරක් නෙවෙයි. එතැනින් පස්සේ මා එක්ක සෑහෙන කතාකරන මිනිස්සු ඉන්නවා. මම ගොඩක් වෙලාවට ඒ අයගෙ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙනවා. සමහරු පැය ගණන් අඬනවා..ලිංගික සේවා සැපයීමෙන් විශාල ආදායමක් ඉපැයීමට හැකියාව තිබියදී, රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නේ ඇයි? ආවරණයක් විදියටද?.මම ලිංගික ශ්‍රමිකයෙක් විදියට රුපියල් තිස්දාහක් ගත්තත්, ඊට වඩා සැලුන් එකෙන් ගන්න රුපියල් දෙතුන්දාහක් ගැන මම සතුටු වෙනවා. මගේ පීඩනය නැතිවෙන්නෙ සැලුන් එකෙන්. තව පැත්තක් තියෙනවා. මම සෙක්ස් වර්කර් කෙනෙක් බව ප්‍රසිද්ධියේ කිව්වාට මෑත කාලයෙ මම බොහොම අඩුවෙන් තමයි සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්නෙ. ඇත්තටම මට ඕනෑ අනාගතයේදීත් මේ වැඬේ කරන්න නෙවෙයි. මම සැලුන් එකක් කරනවා. මම දන්නවා තව කාලයක් යද්දී මගේ ඇඟ වයසට යනවා. අද රුපියල් ලක්ෂයක් කිව්වත් මාව හොයාගෙන එන අය, හෙට මට කරදරයක් වුණොත් මගේ පැත්තවත් බලන්නේ නැහැ. සමහරවිට එදාටත් කියයි ඔයා අහවල් දේ කළොත් මම සල්ලි දෙන්නම් කියලා. ඒ නිසා මම බිස්නස් එකක් පටන්ගෙන, දැන් ඒ බිස්නස් එක දියුණු කරන්න මහන්සි වෙන ගමන් ඉන්නේ. දැන් සමහරු මගෙන් අහනවා වෙනත් සෙක්ස් වර්කර්ස්ලාව, නිරූපිකාවන් හෝ රංගන ශිල්පිනියන්ව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒත් මගේ රස්සාව ඒක නෙවෙයි. මේ කර්මාන්තයේ දිගටම වැඩ කරන්න මට ආසාවක් නැහැ. මට දරුවෙක් ඉන්නවා. එයාලා ගැන බලන්න කවුරුවත් නැතිවේවී..ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවෙහි යෙදෙන කාන්තාවන් ගැන ඔබේ අදහස මොකක්ද?.මේක ලොකු පිරිසක් ඉන්න ක්ෂේත්‍රයක්. ඒත් කාගෙන්හරි ඇහුවොත් මොකක්ද රස්සාව කියලා, මේ රස්සාව කියන අය නැහැ. ප්‍රසිද්ධ නිළියන් පවා මේ රස්සාව කළත්, සමාජයට බොරු වෙස්මුහුණු දාගෙන ඉන්නවා. සමහර නිළියන් පැයකට රුපියල් 45,000 ඉඳන් ලක්ෂය දක්වා ගන්නවා. ගොඩක් අය මේ රස්සාව කරන්නේ සල්ලි නැතිකම නිසා. සමහරු ඉහළම පැලැන්තියේ අයව ආශ්‍රය කරමින්, සැපට ජීවත්වෙන්න තියෙන ආසාව නිසා මේක කරනවා. මම හිතන්නේ ලංකාවෙ රංගන ශිල්පිනියක් දුප්පත් නැහැ. ඒත් සමහර ගැහැනු ළමයි ස්පා එකක වැඩ කරන ගමන් සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩකරනවා. තවත් අය ජොබ් එකක් කරන ගමන් සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩකරනවා. එහෙම කරන්න හේතු තියෙනවා. අම්මාට අසනීපයක් වෙන්න පුළුවන්. තනියෙන්ම දරුවෙක්ව හදනවා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න. දුප්පත්කම. සමහර ළමයි අකැමැත්තෙන් තමයි මේ රස්සාව කරන්නේ. මම කියන්නේ සල්ලි හදිසියකට මේ ජොබ් එකට ආ කෙනෙක් ඉන්නවා නම් මේ ජොබ් එකේම ඉන්න එපා කියලයි. අමාරු කාලයට සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩ කළත්, ඉක්මනින්ම වෙන ජොබ් එකක් හොයාගන්න. මොකද අපිට රස්සාව කරගන්න බැරි විදියට අමාරුවේ වැටුණ වෙලාවක කවුරුවත් උදව් කරන්නෙ නැහැ. මිනිස්සු කෙළ ගහලා යයි..ඔබට දරුවෙක් ඉන්න නිසා, ඔබ මේ වගේ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම වැරදියි කියලා ඇතැම් අය කියනවා නේද?.අපි ඉගෙනගන්න කාලයේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. අපි ඒ ගැන දන්නේවත් නැහැ. ඒත් දැන් කොහේ ගියත් ඉන්ටර්නෙට් තියෙනවා. සමහරවිට අපේ ළමයින්ගේ කාලෙ එයාලාට අඟහරු ලෝකෙට යන්න පුළුවන් වෙයිදත් දන්නේ නැහැ. එතකොට සෙක්ස්වලට තියෙන අර්ථකථනය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර සමකාමී සම්බන්ධතාවක් ලොකු දෙයක්. ඒත් දැන් සමකාමී සම්බන්ධතා සාමාන්‍ය දෙයක් වෙමින් තියෙනවා. ඒක හොඳයි. මං හිතන්නේ ජීවිතය බස් එකක් වගේ. අපි බස් එක ඇතුළේ අවශ්‍ය අය එක්ක කතාකරගෙන, අපේ ගමන ගිහිල්ලා බැහැලා යන්නයි තියෙන්නේ. බස් එකේ අනෙක් අය යන්නේ කොහෙද, යන්නෙ කොහොමද කියලා අපි බලන්න ඕනෑ නැහැ..මේ අදහස් දැක්වීම් නිසා ඔබ අත්අඩංගුවට ගැනීමට ඉඩකඩක් තියෙනවා නේද? ඔබ මේ අදහස් පළ කරන්නේ නීතිය ගැන අවබෝධයකින්ද?.ඇත්තටම කිව්වොත් මම වැඩිය නීතිය ගැන දන්නේ නැහැ. ඒත් නීතිය හැදිලා තියෙන්නේ අපට නේද. අපි නීතියට හැදුණා නෙවෙයිනේ. නීතිය තියන්නේ මිනිස්සු වෙනුවෙන්නේ. මාව නීතියට අහුවෙන්නේ නැත්තෙ ඇයි. මාව නීතියට අහුවුණොත් මට කට අරින්න පුළුවන්. එහෙම වුණොත් ගොඩක් අයට ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මේ සමාජයේ මම ඉන්න ඕනෑ. මං ඉන්න එක ගැන අවුලක් නැහැ. ඒත් මෙහෙම කතාකරන එක තමයි ගොඩක් අයට ප්‍රශ්නය. ඒත් මම නිකන්ම ඉන්නේ නැහැ. මගේ ළඟ තොරතුරු තියෙනවා. ඉස්සර මම නීතියට ගොඩක් බයයි. හොරකම් කරන්නත් බයයි. දැන් නීතියට බය කියන එක නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මම කැමතියි. එහෙනම් මාව විතරක් නෙවෙයි, තව බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න සිද්දවේවි. මාව අරගෙන එයාලාව නොගත්තොත් මම කතාකරනවා..ඔබව වරක් අත්අඩංගුවට ගත්තා නේද?.චිත්‍රපටියක රඟපෑවා කියලා වතාවක් මාව පොලීසියෙන් ඇල්ලු‍වා. මගෙන් ඇහුවා නීතිය කඩපු එක ගැන. ඇත්තටම මම ඔය නීති ගැන දැනගෙන හිටියේ නැහැ. මම රඟපෑ විදියේ චිත්‍රපටි මීට කලිනුත් මම දැකලා තියෙනවා. මම තවත් ඒ වගේ එකක රඟපෑවා විතරයි. නීතිය කඩන්න නීතිය නොදන්න එක නිදහසට කාරණයක් නෙවෙයි. ඒත් මම කියන්නේ නීතිය ගැන මිනිස්සුන්ට උගන්වන්න ඕනෑ. අඩු තරමෙ ඉස්කෝලෙදීවත් උගන්වන්න ඕනෑ. නීතිය අපි දැනගත්තොත් ප්‍රශ්න කරන්න පුළුවන් අහවලා අහවල් නීතිය කඩපු එකට දඬුවම් නොදෙන්නේ ඇයි කියලා..මම පොලීසියෙන් ඇහුවා මම කඩපු නීතිය මොකක්ද කියලා. මට කිව්වා අසභ්‍ය චිත්‍රපටිවල රඟපෑවා, ඒක වැරදියි කියලා. ඒත් ඒ චිත්‍රපටිය අසභ්‍ය චිත්‍රපටි කියන වර්ගයට අයත් වෙන්නේ නැහැ. ඒකෙ අඩනිරුවත් දර්ශන විතරයි තිබුණේ. එහෙම දර්ශනවල රඟපෑම ප්‍රශ්නයක් නැහැ. ඒත් අධ්‍යක්ෂවරයා වැරදියි. එතැන චිත්‍රපටිය හදපු එක නෙවෙයි ප්‍රශ්නය. ඒකෙ අධ්‍යක්ෂවරයා චිත්‍රපටියක් පෙන්වද්දී අවසර ගන්න ඕනෑ තැන්වලින් අවසර අරගෙන නැහැ. නාගරික මන්ත්‍රීවරයෙකුගේ ගෙදරක තමයි රූගත කරලා තියෙන්නේ. ඒ මන්ත්‍රීටත් හරියට කියලා නැහැලු‍ මොකක්ද කරන චිත්‍රපටිය කියලා. ඊට පස්සේ ඒකේ වීඩියෝ කැමරාවලට අසල්වැසි ගෙවල් අහුවෙලා. චිත්‍රපටියේ ඒ ගෙවල් තියෙනවාලු‍. ඒ ගෙවල්වල තිබුණු වාහනවල අංක පවා අහුවෙලා. ඒක වැරදියිනේ..එතැන ලස්සන සිදුවීමක් තියෙනවා. මේ චිත්‍රපටිය ඒ මන්ත්‍රීවරයාගේ පවුලේ කෙනෙක් බලලා. නාගරික මන්ත්‍රීවරයාගේ කටවුට් පවා ෆිල්ම් එකේ තිබිලා. ඊට පස්සේ මන්ත්‍රීවරයාගේ පවුලෙ අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ලස්සන දේ තමයි පවුලේ අයත් චිත්‍රපටිය බලලා තිබුණ එක. තව අය ඒක බලයි කියලා බයවුණ එක. ඒ කියන්නේ ඒ චිත්‍රපටි ගොඩාක් මිනිස්සු බලන බව. මතුපිටින් හැමෝම ශාන්තුවරු වගේ වුණාට ඇත්තටම එයාලා හොඳට සෙක්ස්වලට විවෘතයි. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සේ මට මාර හයියක් ආවා. ඉස්සර අම්මා කියන්න බය වුණ මම අම්මට.. කියලා බනින්න තරම් හයියක් ගත්තා. සමාජයෙන් මට කතාකරන එක වචනයට උත්තර විදියට වචන දෙකක් සමාජය පැත්තට දමලා ගහන්න හයියක් මට ආවා. ඒ ගැම්මට තමයි මම අදත් කතාකරන්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅඳුරේ රිදී රේඛා.Next articleමාධ්‍ය සහ රෙස්ලින්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පෝලිම් අහිංසකයි කැරලි තමයි භයානක | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පෝලිම් අහිංසකයි කැරලි තමයි භයානක.By ගාමිණි වියන්ගොඩ.June 22, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක් උද්ගතව තිබුණි..මෙතෙක් අප දැන සිටි නගරබද වාහන තදබදය සිදුවුණේ, පාරේ යනෙ’න වාහන ප්‍රමාණයේ අධිකතාව නිසා ය. දැන් පාරේ දිවෙන වාහන අඩුයි. අද වාහන තදබදය ඇතිවන්නේ, ඉන්ධන සඳහා පාරවල් අරක්ගත් මේ වාහන පෝලිම් නිසා ය. අපේ ජීවිත කාලයේ ප්‍රථම වතාවට, දුවන වාහන නිසා නොව, නොදුවන වාහන නිසා වාහන තදබදය ඇති කෙරුණු අවස්ථාව මෙයයි..පෝලිමක් යනු, භාණ්ඩයක හිඟයක් සහ එම භාණ්ඩය මිලදී ගැනීමට ඇති හැකියාවක් යන සාධක දෙක එක්තැන් වන ස්ථානයයි. ඉන්ධන හෝ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් ගැසෙන්නේ, ඒ භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව ඇති මිනිසුන් ය. එනම්, මේ පාරිභෝගිකයා, එක්තරා අර්ථයකින් ‘පොහොසතෙකු’ වන බවයි. ඔහුගේ/ඇගේ අතේ, අවශ්‍ය කරන භාණ්ඩය මිලදී ගැනීම සඳහා සල්ලි තිබේ. එසේම, ඒ භාණ්ඩය තව පැයකදී හෝ වරුවකදී හෝ දින දෙක තුනකදී හෝ ලැබෙතැයි යන විශ්වාසයක් ඔහුට/ඇයට තිබේ. මේ කාරණා දෙක නිසා, පෝලිම යන ස්ථානය සාමකාමී වන්නේය. විනයගරුක වන්නේය. හේතුව, අපේක්ෂාභංගත්වය වෙනුවට අපේක්ෂාව තවමත් ඉතිරිව තිබෙන නිසා ය..අද අප ගත කරන මේ මොහොත දෙස අනාගතේ දවසක ආපසු හැරී බැලීමේදී අප සතුටු වන්නට ඉඩ තිබේ. මන්ද යත්, ඊළඟට එළැඹීමට ඉඩ ඇති හෙට දවස, මීට වඩා භයානක දවසක් වීමට හොඳටම ඉඩ ඇති බැවිනි. එය භයානක වන්නේ, අගමැතිවරයා සහ මහබැංකු අධිපතිවරයා වැනි බලධාරීන් දැන් දිනපතාම පාහේ අපට මතක් කර දෙන පරිදි, මීටත් වඩා දුෂ්කර භාණ්ඩ හා සේවා හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි නිසා පමණක්ම නොවේ. එක සමාජ ස්තරයක් (ඉන්ධන-ගෑස්) පීඩාවට පත්කරන වර්තමාන මොහොත, සමස්ත සමාජය අහේනියට පත්කරවන මොහොතක් දක්වා, ගුණාත්මක වශයෙන් පහළට කඩාවැටිය හැකි බැවිනි. ඉහත කී පෝලිමේ සිටි, ඉන්ධන ලබාගැනීමට අතේ සල්ලි තිබූ ‘පොහොසත්’ පාරිභෝගිකයා වෙනුවට, ඊළඟට අපට මුණගැසෙනු ඇත්තේ, දවසේ එක වේලක්වත් බඩගින්න නිවාගැනීමට තරම් පිච්චියක් අතේ නැති, හිඟන පාරිභෝගිකයෙකි. පෝලිමක සිටින කෙනාට තිබෙන ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) මේ කියන පාරිභෝගිකයාට නැත. එනම්, පෝලිම කියා දෙයක් එදාට නැති වන බවයි. පෝලිම එසේ නැති වීම යනු, ඉහතින් කී පෝලිමේ අර්ථකථනය අනුව, අපේක්ෂාවද නැති කරවන්නකි. ඒ අපේක්ෂාභංගත්වය, කෙලින්ම ගැටගැසෙන්නේ, මිනිස් පැවැත්මේ අවම අවශ්‍යතාව වන කුසගිනි නිවාගැනීමේ තරගය සඳහා ය. එහිදී ඉවසීම නැති වන්නේය. කැරලි ඇති වන්නේය..උදාහරණයක් ගන්න: දවසම පෝලිමේ සිටියත් අවසානයේ ඉන්ධන බවුසරය නොපැමිණියොත් හෝ පිරවුම්හලේ ඉන්ධන අවසන් වුණොත්, දත්මිටි කාගෙන ඔබට ආපසු ගෙදර යා හැකිය. එහෙත්, උදේ කෑමක් ගෙන නැති, දවල් කෑමත් යාන්තමට පිරිමසාගෙන ඇති දරුවන් තුන් හතර දෙනෙකු සිටින පියෙකුට හෝ මවකට, ඒ දරුවන් රෑටත් කෑමක් නැතිව නින්දට වැටෙන විට ඇති වන අන්ත අපේක්ෂාභංගත්වය, ඔහුගේ/ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවනු ඇත..මෙසේ කියන විට ඔබේ හිතේ ඇඳෙනු ඇත්තේ, ඔබ දැක පුරුදු, මාර්ග පාලන සංඥා එළි සහිත මංසන්ධිවල හිඟාකන මිනිසුන්ගේ චිත්‍රයකි. නැත, මේ කියන්නේ එවැනි මිනිසුන් ගැන නොවේ. ඇත්තෙන්ම ඔවුන්ගේ තත්වය මෙතරම් අසරණ වන එකක් නැත. මේ අදහස් කරන්නේ, නිත්‍ය රැකියාවක් කරන, නිත්‍ය වැටුපක් ඇති මිනිසුන් ය. ඉදිරියේ එළැඹෙන අධි-උද්ධමනය විසින් මේ සියල්ලන්, හිඟන්නන් බවට පත්කරනු ඇත..උද්ධමනය සහ ආහාර හිඟයට වගකිව යුතු අපරාධකරුවෝ.මෙහිදී අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය වන්නේ, වර්තමාන අර්බුදයේ භයානක අදියර එළැඹෙන්නේ ගෑස් සහ ඉන්ධන පෝලිම් සමග නොව, ඊට වෙනස් පරිමාවකින් නිර්මාණය කෙරුණු, මහබැංකුව සහ භාණ්ඩාගාරය කෙලින්ම වගකිව යුතු, රටේ මූල්‍ය කළමනාකරණයේ අපරීක්ෂාව සහ ෆිස්කල් ප්‍රතිපත්තියේ අදූරදර්ශී තීරණ නිසා ඇති කෙරී තිබෙන විකෘතිය නිසා ය යන්නයි. තවත් විදිහකින් කිවහොත්, භාණ්ඩ හිඟයට අමතරව, මුදල් අතිරික්තයක්ද නිසා ඇති කෙරුණු, අධි-උද්ධමනය නමැති අර්බුදයක් අප ඉදිරියේ දිගහැරෙමින් තිබෙන බවයි. ඉදිරි කාලයේ ඉන්දියාවෙන් හෝ වෙනත් තැනකින් ඩොලර් බිලියන දෙකක් ලැබුණොත්, ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් පාරෙන් ඉවත් කළ හැකිය. එහෙත්, මහබැංකුවේ අසීමිත මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබුණු බදු ආදායම් කපාහැරීම නිසා ඇති කොට තිබෙන අධි-උද්ධමනය (උදා: සියයට තුන්හාරසීයකින් භාණ්ඩ/සේවා මිල ඉහළ යාම) ඉදිරියේදී තවත් උග්‍ර වනු ඇත. පෝලිම් නැති, ආහාර කැරලි ඇති විය හැක්කේ එවැනි තත්වයක් තුළයි..මේ කාරණයේදී, දේශපාලනඥයන්ට එපිටින් සිටින සමාජ කොටසක් ගැන අවධානය යොමු කළ යුතුය. වර්තමාන ආර්ථික අගාධය ගැන, ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට විත්තිකූඩුවේ මුලින්ම සිටිය යුත්තේ, ඉහළ පෙළේ සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙකි. කලක් මහාචාර්යවරයෙකු වශයෙන් සිට මහබැංකුවේ අධිපති තනතුරට පත් ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, ඔහුගෙන් පසු දෙවැනි වරටත් මහබැංකුවේ අධිපති තනතුරට පත් අජිත් නිවාඩ් කබ්රාල් සහ දීර්ඝ කාලයක් ජනාධිපති උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ පී.බී. ජයසුන්දර වැනි නිලධාරීහු එහි පෙරමුණේ සිටිති. ඔවුන්ට පසුපසින්, වෛද්‍යවරයෙකු වන අනුරුද්ධ පාදෙනිය සහ භික්ෂුවක් වන අතුරලියේ රතන වැනි කිහිප දෙනෙක් සිටිති. ගෝඨාභය රාජපක්ෂ ඒ ආර්ථික අපරාධයේ විත්තිකරුවෙකු වන්නේ, මෙකී කේවට්ටයන්ගේ උපදෙස් සහ ක්‍රියාන්විතයන් කිරා බැලීමට තරම් සාමාන්‍ය බුද්ධියක් ඇති පුද්ගලයෙකු නොවීම නිසා ය..නූතන සමාජයක් යනු, ශ්‍රම විභජනය නමැති ක්‍රමවේදය උඩ සංවිධානය වූ මිනිස් සමූහයකි. එම සංවිධාන ජාලයේ වෙසෙන විවිධ ජන කොටස්, විවිධ කාර්යයන්හි නිරත වෙති. ගොවියෝ වවති, ව්‍යවසායකයෝ ව්‍යාපාර කරති, ඉංජිනේරුවෝ ගොඩනැඟීම් කරති, වෛද්‍යවරු ප්‍රතිකාර කරති, ගුරුවරු උගන්වති ආදී වශයෙනි. මුළු රටටම ආහාර සැපයූ ගොවියන් කුඹුරුවලින් එළියට ඇද දැමූ බලධාරීන් දැන් කියන්නේ, අප විසින් අපේ ආහාර අපේ ගෙවත්තේම වගා කරගත යුතු බවයි. වඩුවෙකුගේ නියන, කියත සහ බුරුමය වැනි උපකරණ පැහැරගෙන, ඉන්පසු තමාගේ ඇඳ පුටු මේස තමාගේම නිවසේ තනාගන්නැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට මේ තත්වය සමානයි..මේ ආකාරයෙන් සමස්ත රටම දණින් වට්ටවා ඇති තත්වයක, රජයේ සේවකයන්ට සිකුරාදා නිවාඩු දීමට යන බව කියැවෙයි. ඒ නිවාඩුව, නිවසේ සිට ගොවිතැන්බතක් කරගැනීමටලු. (හිනා නොවන්න: මේ නිවාඩු දවස, විදේශ භාෂා උගෙනීම සඳහාත් යොදාගත හැකිලු!) ඊට අමතරව, දරුවන්ගේ පාසල්, සතියට දින තුනකට සීමා කිරීමට යන බවත් කියැවෙයි. ශ්‍රමිකයන් සතියේ වැඩ කරන පැය ගණන අඩු වන්නේ රටක ආර්ථික සංවර්ධනය හේතුවෙනි. ඉස්සර දවසට පැය 18 ක් වැඩ කළ කම්කරුවන් දැන් දවසට පැය 8 ක් පමණක් වැඩ කරන්නේත්, ඉස්සර සතියට දින 6/7 ක් වැඩ කළ සේවකයන් දැන් සතියට දින 5 ක් පමණක් වැඩ කරන්නේත් ආර්ථික සහ සමාජ සංවර්ධනයේ හේතුවෙනි. එහෙත් ලංකාවේ ඒ වැඩ කරන පැය සහ දින ගණන් දැන් අඩුවන්නේ, සංවර්ධනයේ නොව අගාධයේ හේතුවෙනි. ඊට හේතුව ඉන්ධන හිඟය යැයි කියැවේ. එතකොට, ඉන්ධන හිඟයේ හේතුව කුමක්ද?.වියත් ජාතිකවාදය.ඒ කතාව ආපස්සට කියවාගෙන යන විට, මෙය ස්වාභාවික විපතක් නිසා සිදු වූ තත්වයක් නොවන බව පෙනෙනු ඇත. මේ වනාහී, වියතුන් යැයි කියාගත් මිනිසුන්ගේ මුග්ධත්වය නිසා පමණක්ම ඇති කරගත් නස්පැත්තියකි. මේ වියතුන් යැයි කියාගත් සියලු මිනිසුන්ගේ එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම්, ඔවුන් සියල්ලන් විවිධ මට්ටම්වලින් ජාතිකවාදීන් වීමයි. එය අහම්බයක් නොවේ. ජාතිකවාදය යනු, දූපතක් වශයෙන් තනියෙන් අපට පැවතිය හැකිය යන මූලික අදහසයි. ඔවුන්ට අනුව, අපෙන් පිටස්තර මුළු ලෝකයාම දවසේ පැය විසිහතරේම කරන්නේ, ලංකාව විනාශ කිරීමේ ක්‍රමයක් ගැන සිතමින් සිටීමයි. ඒ නිසා, අප කළ යුත්තේ ඒ තර්ජනයට එරෙහිව තනි පයින් නැඟී සිටීමයි. ඒ අනුව, අපේ දේවල් අපම නිෂ්පාදනය කරගත යුතුය. පිටරටින් ගෙන්වන රසායනික පොහොර වෙනුවට, අපේම ගොම සහ කැලිකසල අපේ කෘෂිකර්මය සඳහා පාවිච්චියට ගත යුතුය. ඉහතින් කී පාදෙනියත්, අතුරලියේ රතනත් ජනාධිපතිවරයාට දුන් උපදෙස් ඊට සමානයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය කන්නයේ වී අස්වැන්න සියයට 40-50 ක ප්‍රමාණයකින් පහළ වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. දැනට පවතින තත්වය තුළ 49 ලක්ෂයක් ජනතාව හෙවත් මුළු ජනගහනයෙන් සියයට 22 ක්, ආහාර අතින් අනාරක්ෂිත භාවයකට පත්ව සිටින බවත් එම මූලාශ්‍රය පෙන්වා දෙයි..ඉහතින් කී කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී අදහසම, ඉහතින් කී මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් විසින් රටේ මූල්‍ය පද්ධතියටත් ආදේශ කෙළේය. ලෝකයේ වෙන කොහේවත් නැති, අපේ රටේ පමණක් පාවිච්චියට ගැනෙන රුපියල් කොළ, බිලියන ගණනින් නොව, ටි්‍රලියන ගණනින් අච්චු ගැසුවත් උද්ධමනයක් ඇති නොවන බව ඔවුහූ දිවුරා කීහ. ඒ අනුව, ටි්‍රලියන පහකට ආසන්න මුදල් ප්‍රමාණයක් අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ අප අච්චු ගසා තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, පසුගිය මාර්තු මාසයේ සිට රුපියලේ අගය සියයට 80 කින් පහළ වැටීමයි. අපේ දේවල් අපම නිෂ්පාදනය කරගත යුතුය යන අදහසේ කූටප්‍රාප්තිය එයයි. එකී දේශාභිමානී ආරම්භක උත්තේජනය අද වන විට අපව රැගෙන ගොස් ඇති දුර කොපමණද යත්, අප වෙනුවෙන් ලෝකයාගෙන් හිඟාකෑමට, මාලදිවයින වැනි තුට්ටු දෙකේ රටක හිටපු ජනාධිපතියෙකුගේ ගරු සේවයත් ලබාගැනීමට තරම් වන තත්වයකට අද අප ඇදවැටී සිටී..මහාචාර්ය ස්ටීව් හැන්කෙ.ලෝකයේ විවිධ රටවල ඇති වන උද්ධමනයේ ප්‍රමාණය වඩාත් විද්‍යාත්මක මට්ටමකින් ගණනය කිරීමේ සූත්‍රය හඳුන්වා දීමේ පුද්ගලයා වශයෙන් සැලකෙන්නේ, ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කෙ නමැත්තා ය. ලංකාවේ උද්ධමනය පිළිබඳ ඔහුගේ මුල්ම ගණන් බැලීම සිදුවුණේ පසුගිය පෙබරවාරියේ ය. ඒ වන විට අපේ උද්ධමනය සියයට 54 ක් වෙතැයි ඔහු ගණන් බලා තිබුණි. ඊළඟට මාර්තු මාසයේ නැවතත් ඔහු ගණන් බැලුවේය. ඒ වන විට එය සියයට 78 ක් විය. එම මාසය අවසානයේ (අප්‍රේල් 21) ඔහුගේ ගණන් බැලීමට අනුව එය සියයට 120 ක් දක්වා වැඩි වී තිබුණි. එදා ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කෙළේය. ඒ මෙසේ ය: “ජනාධිපති රාජපක්ෂ 2019 දී බලයට පත්වීමේ සිට, ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම දෝරේ ගලා ගොස් තිබේ. රුපියලේ වටිනාකම කඩාවැටී තිබේ. ඒ අතර, ආර්ථික අහේනියකින් ලංකාව ඇළලී ගොස් තිබේ.”.අද වන විට ඒ මහාචාර්යවරයාගේ ඇස්තමේන්තු පවා නැවත සකස් කිරීමට සිදු වනු ඇත. ඒ, හොඳ පැත්තට නොව, නරක පැත්තට ය. අද වෙළෙඳපොළට යන පාරිභෝගිකයන්ට, සෑම භාණ්ඩයකම මිල සියයට 200-300 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඇඟට දැනෙනු ඇත. ඊළඟ සති කිහිපය තුළ එය තවත් වැඩි වනු මිස අඩු වනු ඇතැයි සිතීමට හේතු නැත..කෝවිඩ් වසංගතයත්, යුක්රේන-රුසියානු යුද්ධයත් හේතුවෙන් මේ අවස්ථාවේ ලෝකයා මුහුණදෙන ආර්ථික අවපාතමය තත්වයක් ඇති බව සැබවි. එය ලංකාවටත් බලපා තිබේ. එහෙත්, අපේ කලාපයේ වෙනත් කිසි රටක් පත්ව නැති ව්‍යසනයකට ලංකාව පත්ව තිබීමෙන් පෙන්නුම් කරන්නේ, එකී ලෝක අවපාතයට උඩින් ගිය මදාවි චක්‍රයක් ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වී ඇති බව ය. එසේම විවිධ අවස්ථාවල මෙවැනි අර්බුදවලට යට වූ රටවල් ඒ අහේනිවලින් ගොඩ ඇවිත් ඇති බවත් සත්‍යයකි. කිසි රටක් සදාකාලික අර්බුදයක සිටින්නේ නැත. එහෙත්, බඩ සුද්ද වෙන විට ලෙඩා මැරී සිටියොත්, සමස්තයක් වශයෙන් ජනතාවට විඳගැනීමට සිදුවන හානිය අධිකයි..කුඩා කල මා අසා ඇති කතාවකට අනුව, කිඹුලෙකුගෙන් බේරී පලා යන මිනිසෙකුට කිඹුලා මෙසේ කීවේලු: ‘මගෙන් බේරිලා ගියාට, මගේ මල්ලි ගෙදර ඉන්නවා.’ එදා රෑ ඒ මිනිහා හූනෙකු හපාකෑමෙන් මියගියේලු. පෝලිම ජයගත හැකිය. එහෙත්, මහා සටනක් දී ගෑස් සිලින්ඩරය කරගහගෙන ගෙදර යන ඔබට, කුස්සියට ගිය සැණින් උද්ධමනය දැනෙනු ඇත..පසුගිය මාර්තු 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීය. “මෙය මා නිර්මාණය කළ අර්බුදයක් නෙවෙයි” කියා ඔහු එදා කීවා ඔබට මතකද? එය ඔබට හරිහැටි නොවැටහෙතැයි සිතාගෙනදෝ, ඔහු මෙසේද කීවේය: “මම දේශපාලනයට ආවේ ඔබතුමන්ලාගේ ඉල්ලීම නිසයි”. එනම්, මගේ වරදක් ඇතොත් ඔබතුමන්ලාත් ඊට වගකිව යුතු බවයි. ගිය සතියේ ඔහුගේ මල්ලී සහ මොළ හතක් ඇතැයි කියන බැසිල් රාජපක්ෂ මෙසේ කීවේය: “මේ වර්තමාන අර්බුදයට, අපව බලයට පත්කළ 69 ලක්ෂයත් වගකිව යුතුයි”..දැන් ඔබට කීමට ඇත්තේ කුමක්ද?■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලංකා බැංකුවේ සභාපති පෙර සිටි සමාගමට අක්‍රිය ණය තිබියදී ණය දීලා.Next articleහාල් හිඟයක් එනවා: ඇමති කිව්වා.මෝල් හිමියෝ හාල් හංගුවා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
බෙහෙත් නැතිවුණොත් කොරෝනා මරණවලට වැඩියමරණ සිදුවිය හැකියිසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තරරාජිත සේනාරත්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බෙහෙත් නැතිවුණොත් කොරෝනා මරණවලට වැඩිය.මරණ සිදුවිය හැකියි.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර.රාජිත සේනාරත්න.By සංස්කාරක.February 8, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.පසුගිය දවස්වල ගාල්ල ප්‍රදේශයේ මරණ විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. එහි මරණ පරීක්ෂකවරයා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් විමසුවාම ඔහු කියලා තියෙනවා මේ බහුතරයක් ලෙඩ රෝගවලින් පීඩා විඳින අය සහ ඔවුන්ගේ බෙහෙත් නොමැතිකම නිසා තමයි බහුතරයක් මිය ගිහින් තියෙන්නේ කියලා..■ අමන්දිකා කුරේ.වසංගතය තවම අවසන් වෙලා නෑ. පවතින සෞඛ්‍ය තත්වය ගැන ඔබට තිබෙන පැහැදිලි කිරීම කුමක් ද?.දැන් නැවත කොවි වෛරසයේ අලුත්ම ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා. දවසකට රෝගීන් 1000 පන්නලා වාර්තා වෙනවා. මරණ ප්‍රමාණයත් යම් ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා පෙනෙනවා. එන්නත්කරණය සිදු කර ඇති නිසා වෙනදා තරම් රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ..මේ වන විට 15000ක් විතර මේ වසංගතය නිසා මිය ගිහින් තියෙනවා. විශාල පිරිසක් ආසාදිතයො වුණා. මේකට හේතුව මොකක්ද? එකට හේතුව තමයි මේ රජය ඒ ඒ අවස්ථාවලදී ගත යුතු පියවර එකක්වත් නොගැනීම. මේ රට දිවයිනක්. ඒ නිසා පහසුවෙන් ම ගුවන් තොටුපොළ වහලා හෝ කළමනාකරණය කරලා මේ රෝගය පැතිරීම අවම කරගන්නට තිබුණා. 2020 මාර්තු මාසේ තමයි ගුවන්තොටුපොළ වසා දමන්න හෝ කළමනාකරණය කරන්න කියලා. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව සිදු කළේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න කියලා තව තවත් යුරෝපීය සංචාරකයන් ගෙන්වා ගත්ත එක. රට අගුළුලෑමකට යන්න කියලා අපි කිව්වාම ඒක ගණන් ගත්තේ නෑ. පස්සේ රට අගුළුලෑමකට යන්නේ නැතිව ආණ්ඩුව කළේ ඇඳිරි නීතිය දාපු එක. ඇඳිරි නීතිය අයින් කරපු ගමන් ඔක්කොම මිනිස්සු ගිහින් පොර කකා බඩු ගන්න යනවා. ඒකෙන් වුණේ තවත් රෝගය පැතිරුණු එක..ඒ වගේ ම මම 2020 මැයි මාසයේ දී පාර්ලිමේන්තුවේදී කිව්වා මේ වන විට එන්නත් පරීක්ෂණ සිදු කරමින් තිබෙන නිසා දැන් ම එන්නත් ඇණවුම් කරන්න කියලා. මොකද ඒ එන්නත් වෙළඳපොළට එනවිට බලවත් රාජ්‍යයන් ඔවුන්ගේ මුදල් වියදම් කරලා ලොකු ප්‍රමාණයක් ගන්න ගියාම අපට ගන්න එන්නත් නැතිවෙනවා. ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේ නැවත මම කිව්වා පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මාසයේ දී අයවැය දාන්න කලින් දැන් හරි එන්නත ඇණවුම් කරන්න කියලා. ලෝකයේ අනෙකුත් රටවල් එන්නත් ඇණවුම් කරන්න පටන් ගත්තේ අගෝස්තු මාසයේ දී. අපි ඇණවුම් කළේ 2021 ජනවාරිවල. එතකන් කළේ ධම්මික පැණිය, සුදර්ශනී පැණිය, රිටිගල පැණිය වගේ පැණි ප්‍රවර්ධනය කරමින් ගිය එකයි මුට්ටි ගඟට දාපු එකයි. අන්තිම අවිද්‍යාත්මක ක්‍රමවේදයකට තමයි මෙවැනි ගෝලීය වසංගතයකට මේ ආණ්ඩුව මුහුණ දෙන්න කටයුතු කළේ. අපි එන්නත් ඇණවුම් කරන විට ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් වෙළඳපොළේ ඉවර වෙලා තිබුණේ. අවසානයේ අපිට හොයාගන්න පුළුවන් වුණේ සයිනොෆාම් එන්නත් පමණයි. දැන් කියනවා එන්නත්කරණය ඉතාම සාර්ථකයි කියලා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේ එන්නත් නිසි කාලයේ ගෙනාවා නම් විශාල මරණ සංඛ්‍යාවක් අපට අඩු කරගන්නට තිබුණා..එන්නත්කරණය සාර්ථක වෙලා තියෙන්නේ ඉතාමත් විශාල ප්‍රමාදයකිනුත් එක්ක. ලංකාව කියන්නේ එන්නත්කරණය අතින් අංක එකට හිටපු රටක්. එවැනි රටක් තමයි කොවිඩ් එන්නත්කරණයෙන් අද පහළට වැටිලා තියෙන්නේ. එන්නත් ගෙන්වීමේ දීත් අක්‍රමිකතාවක් සිදු වෙලා තියෙන බවක් පේනවා. ෆයිසර් එන්නත් පවා ඩොලර් 7කට ලංකාවට ගේනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් එක එන්නතක් ඩොලර් 15 බැගින් ගෙන්වලා තිබෙනවා. දින කිහිපයකට පසු නැවත ඩොලර් 7ට ගෙන්වලා. මෙතන මොකක් හරි වංචාවක් තිබෙන බව පැහැදිලියි..ඔබ බලයේ සිටියා නම් සෞඛ්‍ය අර්බුදයට දෙන විසඳුම කුමක්ද?.මෙතන මුල ඉඳන් ම වුණේ වැරදි ක්‍රමවේදයක්. අපේ රටේ හොඳ සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු හොඳ ජාලයක් තියෙනවා. මම සෞඛ්‍ය ඇමති විදිහට ඉඳපු කාලයේ දී මැලේරියාව, මවගෙන් දරුවාට බෝවන පිටගැස්ම, රුබෙල්ලා ඇතුළු වසංගත හතක් ලංකාවෙ නැත්තටම නැති කළා. අපට එහෙම කරන්න හැකි වුණේ ලංකාව ඇතුළේ හොඳ මහජන සෞඛ්‍ය යාන්ත්‍රණයක් තිබුණ නිසා. මේ ආණ්ඩුව කළේ මොකක්ද? හමුදාව ඉස්සරහට දාගෙන ලෝක වසංගතයක් පාලනය කරන්න ගියා. මහජන සෞඛ්‍ය යාන්ත්‍රණයට වගකීම් දෙන්නෙ නැතිවුණාම ඒවා අක්‍රිය වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි බලයේ හිටියා නම් මේ මහජන සෞඛ්‍ය යාන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කරවලා ඒ හරහා මේ වසංගතය මැඬ පවත්වන්න කටයුතු කරනවා..ඒ වගේම අපි බලයේ හිටියා නම් එන්නත් ටික ඉක්මනට ගෙනල්ලා ඒවා ජනතාවට ලබා දීලා මරණ ප්‍රමාණය අඩු කරගන්නවා. ඉතාම දුර්වල අය හැරුණු විට එන්නත්කරණය නිසි කාලයේ දී සිදු කළා නම් මරණ විශාල ප්‍රමාණයක් වළක්වා ගන්න තිබුණා. ඒ මරණවලට මේ ආණ්ඩුව වගකිව යුතුයි..ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් මේ දිනවල කතා වෙනවා..ඔව්, අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්වා ගන්න පවා මේ ආණ්ඩුවට ඩොලර් නැතිව ඉන්නේ. ඖෂධ ගෙන්වීම කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. අද ඇණවුම් කරලා හෙට ගෙන්වන්න බෑ. ඒවාට කලින් ඇණවුම්කරලා නිෂ්පාදකයෙකු තෝරාගෙන සිදු කළ යුතු පියවර ගණනාවක්ම තියෙනවා. සල්ලි නෑ කිය කියා ඒක ගෙන්නුවේ නෑ. දැන් රෝහල්වල බෙහෙත් නෑ. රටක ප්‍රධාන අවශ්‍යතා තුනක් තියෙනවා. එකක් තමයි ආහාරපාන. දෙවැන්න ඖෂධ. තුන්වැන්න ඉන්ධන. විවිධ රෝගවලට බෙහෙත් බොන ජනතාව ඉන්නවා රටේ. ඔවුන්ගේ ඖෂධ වර්ග හිඟ වුණාම ඕක ද වෙන්නේ? ඔවුන් මරණයට පත් වෙන්න වුණත් ඉඩ තිබෙනවා. පසුගිය දවස්වල ගාල්ල ප්‍රදේශයේ මරණ විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. එහි මරණ පරීක්ෂකවරයා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් විමසුවාම ඔහු කියලා තියෙනවා මේ බහුතරයක් ලෙඩ රෝගවලින් පීඩා විඳින අය සහ ඔවුන්ගේ බෙහෙත් නොමැතිකම නිසා තමයි බහුතරයක් මිය ගිහින් තියෙන්නේ කියලා..පිළිකා රෝගියෙක්ට අවශ්‍ය ඖෂධ ලබා නොදුන්නොත් ඔහු මිය යන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. හෘදයාබාධයකට වුණත් එහෙමයි. දියවැඩියා රෝගියෙකුගේ බෙහෙත් නැති වුණොත් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න බැරි වෙනවා. ඖෂධ හිඟවෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. දැනටමත් රෝහල්වල පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් ම හිඟ වෙලා තියෙන්නේ. බෙහෙත් නැති වුණොත් කොරෝනා මරණවලට වඩා මරණ ප්‍රමාණයක් ඉදිරියේ දී සිදු විය හැකියි. මේක ඉතා බරපතළ තත්වයක් බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි..රජයේ රෝහල් පමණක් නෙවෙයි මේ වන විට පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලත් ඖෂධ හිඟයි. පෞද්ගලික අංශයටත් බෙහෙත් ගෙනවන්න විදිහක් නෑ ඩොලර් නැති නිසා..ඒ වගේ ම රෝහල්වලත් මේ වන විට ඇන්ටිජන් කට්ටල හා පීසීආර් කට්ටල හිඟයකුත් පවතිනවා. මෙහෙම හිඟයක් පවතින විට කොහොමද වසංගත තත්වය පාලනය කරගන්නේ. රෝගීන් හඳුනාගන විදිහක් නැතිව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ රෝගීන් හඳුනාගෙන නොමැති නිසා සමාජයේ ගැවසුණාම ඔහුගෙන් විශාල පිරිසකට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දිය යුතුයි. ගත යුතු තීරණ ගත යුතු අවස්ථාවේ ගත යුතුයි..මෙවැනි ජනතා ප්‍රශ්න වෙනුවෙන් ඔබේ පක්ෂයේ ඉදිරි සැලසුම් මොනවාද?.අපි පහුගිය මහමැතිවරණයට එන විට අපේ පක්ෂයට ලොකු සංවිධානාත්මක ව්‍යුහයක් තිබුණේ නෑ. අපට තිබුණේ පක්ෂයේ නමයි සජිත් ප්‍රේමදාස කියන නමයි විතරයි. නමුත් දැන් දැන් අපි රට පුරාම ශාඛා සමිති හදලා සංවිධානාත්මක වැඩක් කරගෙන යනවා. පහුගිය නොවැම්බර් මාසයේ අපි පවත්වපු විරෝධතාවට විශාල ජනකායක් සම්බන්ධ වුණා. විවිධ ප්‍රදේශවලින් ජනතාවට පැමිණීම අවහිර කරලා තිබුණත් විශාල ජනතාවක් කොළඹට පැමිණුණා. ඒ වගේම ඒ අවහිර කරපු බාධා කරපු තැන්වල ඉඳගෙන ම ජනතාව විරෝධය පළකළා. දැන් මේ වෙලාවේ ප්‍රශ්නය තියෙන්නේ ඉදිරියට බලයට එන්නේ කවුද කියන එක නෙවෙයි කොහොම ද ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කියන එක. ඒ නිසා අපේ පක්ෂය විදිහට මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරගෙන යමින් සිටිනවා. ඊට අදාළව ඉදිරියේදීත් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනිර්වින්දනය වූ ජන සමාජයක්.අවධි කරන්නේ කෙසේ ද?.Next articleඅධිරාජ්‍යවාදී රටවලට ගෙවන්න තියෙන ණය.වහාම අපි කපා හරින්න ඕනෑ.එක්සත් සමාජවාදී පක්ෂයේ නායක.සිරිතුංග ජයසූරිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අරුණෝදයේ විලාපයහෙවත් හඳුනා නොගත්කසළ සෝදන්නියකගේ පැමිණිල්ල | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අරුණෝදයේ විලාපය.හෙවත් හඳුනා නොගත්.කසළ සෝදන්නියකගේ පැමිණිල්ල.By සංස්කාරක.December 29, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ සරත් චන්ද්‍රජීව.අරුණෝදයේ විලාපයට පසු සටහන.ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණය විමසා බැලීමේදී ඒ පිළිබඳ විස්තර ඉතා ඈත අතීත ඉතිහාසය තුළට ගමන් කරනවා. එහෙත් ලංකාව බි්‍රතාන්‍ය ක්‍රීටයේ යටත් විජිතයක් වීමෙන් පසු කෝපි, සිංකෝනා, කොකෝ සහ පැඟිරි වගාකිරීමට ඉන්දියාවෙන් මෙරටට පළමුව ජනයා ගෙනැවිත් තිබෙනවා. උඩරට ප්‍රදේශයේ අත්හදා බැලීම්වලින් පසුව ඵලදායි වූ තේ වතු වැවීම, රබර් වගාව මෙන්ම දුම්රිය මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම, කොළඹ නගරයේ කම්කරු හා පවිත්‍රතා කටයුතු සඳහා යොදා ගැනීම පිණිසත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් කුල පීඩනයට පත්ව සිටි ඉතා දුප්පත් ජනයා මෙරටට ගෙනැවිත් පදිංචි කර තිබෙනවා. මේ වකවානුවේ ඉන්දියාව ද බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවති හෙයින් බි්‍රතාන්‍ය පාලන අධිකාරියට මෙම කටයුතු පහසුවී තිබෙනවා. මෙම ජනයා ‘බි්‍රතාන්‍යයන්ගේ වහලුන්’, ‘කුලීකරුවන්’ (කූලීස්), ‘යටත්විජිත දාසයන්’ වැනි විවිධ නම්වලින් අතීතයේ හදුන්වා තිබෙනවා. එහෙත් ඔවුන් ‘වැඩකරන ජනයා’ වශයෙන් ද මේ අතර හඳුන්වා තිබෙනවාග වාර්තාගත ඉතිහාසය අනුව මෙසේ ඉන්දියානු ජනයා බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ පළමුව මෙරටට ගෙනැවිත් තිබෙන්නේ ‘පෙරදිග ඉන්දියානු සමාගම’ විසින් 1796 වසරේදී. මෙම ජනයා දකුණු ඉන්දියාවේ රාම්නාත්, තින්නවේලි, මදුරෛ, ත්‍රිචිනාපොලි ප්‍රදේශවලින් ද සලෙම්, තන්ජෝර්, අර්කොට් දිස්ත්‍රික්කවලින් ද මුහුදුබඩ කර්ණාටක ප්‍රදේශයෙන් ද මලබාර්, කොචින්, ට්‍රැවන්කෝර් ප්‍රදේශවලින් ද තෙලිඟු ජනයා ආන්ද්‍රා ප්‍රදේශයේ චිට්ටූර්, නෙල්ලූර් දිස්ත්‍රික්කවලින් ද මෙහි ගෙනැවිත් තිබෙනවා. මෙසේ ගෙන එන ලද ජනයා දුම්රිය දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි විවිධ දෙපාර්තමේන්තු යටතේ වැඩවලට යොදවා ඇති අතර කොළඹ නගරයේ ජනයා මෙහෙයවා ඇත්තේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව හා කොළඹ නගර සභාවයි..(බලන්න:S.Muthiah (2003) The Indo-Lankans their 200 year saga: A pictorial record of the people of.origin in Lanka from 1976, Indian Heritage Foundation Colombo).පෞද්ගලික අත්දැකීම්.මගේ ළමා කාලයේ නුවරඑළිය ලිඩෙස්ඩේල් වතුයායේ සහ රාගල ප්‍රදේශයේ ගත කිරීම නිසා තේවතුවල සේවය කළ මේ ද්‍රවිඩ ජනයාගේ දරිද්‍රතාව සහ ජීවන රටාව මා සියැසින් දැක අත්විඳ තිබෙනවා. 1970-72 මා සිටියේ මගේ ලොකු බාප්පා සහ පොඩි අම්මා සමගයි. බාප්පා තේ වතු කොන්දොස්තර කෙනෙක්. මේ වකවානුවේ සේවය කළේ රත්නපුර උඩකරවිට ‘නිරිඇල්ල’ වතුයායේ. ඉතා තරුණ කාලයේ සිට සුදු තේවතු පාලකයන් යටතේ පුහුණු වී තිබු ලොකු බාප්පාට තේ වගාව ඔහුගේ ජීවිතය වී තිබුණා. මේ කාලයේදී ද තේ වතුවල ජනයාගේ ලයින් කාමර ජීවිතය ගැන සජීවීව දැක ගැනීමට මට අවස්ථාව ලැබුණා..කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා 1973දී ඇතුල් වීමෙන් පසුව කලාශිල්ප විද්‍යාලයේ වැසිකිළි සෝදන්නට ආ සක්කිලියර් කුලයේ ඉන්දු-ලංකා මිනිසුන්ගේ ජීවිත ගැන මා දැනගත්තා. තේවතුවල කම්කරුවන්ට ටකරම් වහලයකුත් සමග බිත්තිවලින් වටවූ උසින් අඩු මඳ ආලෝකයෙන් යුත් ලයින් කාමර නිවාස පන්තියක් තිබුණත් කොළඹ නගරයේ පවිත්‍රතා සඳහා සිටි ජනයාට එවැනි පහසුකමක්වත් තිබුණේ නැහැ. පරණ ටකරම්වලින් සාදාගත් වහලයත් ලෑලි කෑලි, ගෝනි පඩංගු හා කාඩ්බෝඩ්වලින් ආවරණය වූ පැල්පත්වල මේ ජනයා අතිශය දුක්ඛිත ජීවිතයක් ගත කළා..විශේෂ චරිත.කොළඹ රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ (1973-78) එහි ගුරුවරුන්ට අමතරව අපගේ ඇසුරට පත් විශේෂ චරිත කිහිපයක් විද්‍යාලයේ සේවය කළා. ඉන් පළමුවැන්නා චිත්‍ර ඇඳීමට යොදාගන්නා කැන්වස්වලට හා සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ රෙදි සවිවන ලී වට්ටුව සකස් කිරීමත් චිත්‍රවලට ලී රාමු මෙන්ම මූර්තිවලට ලී බේස් ද සාදා දුන් වෛද්‍යසේකරයි. දෙවැන්නා සුදු පාට ජාතික ඇඳුමින් සැරසුණු ඒබ්‍රහම් අයියා. තුන්වැන්නා ජේමිස් අයියා. හිටියෙ පුස්තකාලයේ සහායකයෙක් වශයෙන්. මරදානෙ ටෙක්නිකල් කොලේජ් එකේ චිත්‍ර කලා හා සැලසුම් පාඨමාලා 1949 දී වෙනම අංශයක් හැටියට හෝර්ටන් පෙදෙසට ගෙන ඒමෙන් පසුව සේවයට බැඳී තිබුණු මේ අය කලා ශිල්ප විද්‍යාලයේ පුරෝගාමියා වූ චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරාට වෙන්ව තිබූ චිත්‍රාගාරයේ කරන වැඩවලට සම්බන්ධ වී දිගු කාලීන අත්දැකීම් තිබුණ අය. ජේ.ඩී.ඒ. පෙරේරා චිත්‍රයක් ඇඳලා ඉවර කළාම “මොකද හිතන්නෙ චිත්‍රය ගැන, තව වැඩ කරන්න ඕනද නැද්ද”යි මේ තිදෙනාගෙන් ඇසීම පුරුද්දක් කරගෙන තිබුණු බව විද්‍යාලය තුළ එකල ප්‍රකට කතාවක්. චිත්‍ර ඇඳ නොතිබුණාට දෘශ්‍ය සාක්ෂරතාව පිළිබඳ හොඳ ඉවක් මේ තිදෙනාටම තිබුණා..හතර වැනියා සුන්දරලිංගම්. විදුහල්පති කාර්යාලය (පසුව අංශ ප්‍රධාන කාර්යාලය) තුළ පසෙකින් ගොස්, අංශ ප්‍රධානියාට වෙන්කර තිබූ වැසිකිළිය සේදීමත් හේවුඩ් ගොඩනැගිල්ලේ පහළ මාලයේ සහ ඉහළ මාලයේ තිබූ පුස්තකාල කාර්ය මණ්ඩලයේ හා කථිකාචාර්යවරුන්ගේ වැසිකිළි පවිත්‍ර කිරීමත් ඔහුගේ ප්‍රධානියාට රාජකාරිය වුණා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැසිකිළි පවිත්‍ර කිරීම ඔහුගේ බිරිඳ කන්නම්මාගේත් පුත්‍රයාවූ මහාලිංගම්ගේත් රාජකාරිය වුණා. පරිශ්‍රයේ ඉදිරිපස හැර හේවුඩ් ගොඩනැගිල්ලේ දෙපස හා පසුපස ඉදිකර තිබූ උසින් අඩු ඇස්බැස්ටස් ෂීට් වහලය සහිත ඇතුළත පෙනෙන පරිදි ඉදිරිපස කොටු දැල්වලින් ආවරණය කර තිබූ උසින් අඩු ගොඩනැගිලි පෙළ හෙවත් පැරණි හේවුඩ් මන්දිරය සතුව තිබූ අශ්ව ගාල කලා ශිල්ප විද්‍යාලයේ ලෝහ, දැව, මැටි, රෙදිපිළි චිත්‍රාගාර විෂයන් ස්ථාපිත ගොඩනැගිල්ල බවට පත්වුණා. මෙම ගොඩනැගිල්ල සහ තාප්පය අතර තිබූ අඩි 03ක පරතරය අතර කොටසේ තැනක කැඩුණු බංකුවක් මත සුන්දරලිංගම් කණ්ඩායම විවේක ගන්නා ස්ථානය වුණා. ඉදල්, කොසු බුරුසු, බාල්දි සමග ගිනිවතුර බෝතල් ද මේ පටු තීරුවේ ඔවුන් සමගම තිබුණා..කැන්ටිමත් ඉහතින් කී කලා ශිල්ප ගොඩනැගිල්ලෙත් (අශ්වගාල) අතර තිබූ කාණුව අයින දිගේ අඩි දෙකක තීරුවකින් මෙම කොටසට ඇතුල් වීමට තිබුණා. මෙම තීරුවෙන් ඇතුල්වී ඔවුන් සමග ඉඳහිට කතා බහට ගියත් ඔවුන් එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මගේ දෙවන අධ්‍යයන වසරේ අනු විෂයයන් දෙක සඳහා මා තෝරා ගත්තේ සැහැල්ලු ලෝහ සැලසුම් සහ සෙරමික් සැලසුම්. 1970 දශකයේ මුදල් අහේනිය හා ද්‍රව්‍ය හිඟය නිසා ඔක්සයිඩ් මිලදී ගැනීමේ අපහසුතාව මත සෙරමික් සඳහා දුඹුරු පාට වර්ණ දියරයක් සහ පැණි දුඹුරු පාට දිස්නයක් සෑදීම සඳහා මලකඩ එකතුකර අඹරා එය සාදා ගත්තා. මලකඩ එකතු කිරීමට අමතරව පාට වීදුරු කැබලි විශේෂයෙන් නිල්පාට වීදුරු එකතු කළා. මේ කටයුත්ත සඳහා කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වෙරළට සමාන්තරව රේල් පාර දිගේ ඇවිද්දා. රේල් පාරේ තැන තැන අතහැර දමා තිබූ යකඩ පීලිවලින් මේ මලකඩ එකතු කළා. රේල් පීලිවලින් මලකඩ එකතු කිරීමේ අදහස මට කීවේ කසළ සෝදන්නට පැමිණි සුන්දරලිංගම් පවුලයි. මට වඩා වසර පහකින් වැඩිමහල්ව සිටි අඩි හයකට වඩා උස මහාලිංගම් සමග මේ කාර්යයට අපි රේල් පාර දිගේ ඇවිද්දා. පළමු වතාවට ඔවුන්ගේ පැල්පත් සහිත වත්තට (බම්බලවත්තේ සක්කිලි වත්ත) ගියා. මහාලිංගම් එයට කැමති වුණේ නැහැ එය මට අපහාසයක් යැයි ඔහු කීවා. සෙරමික් විෂය ප්‍රධානි මේ පවිත්‍රතා කම්කරුවන් හැඳින්වූයේ ‘කූලී’ යන යමින්. ගෙදර ගිය වෙලාවක බාප්පාට මේ ගැන කීවාම “කූලී කියන්නේ කිසිදු රැකියාවක් සඳහා පුහුණුවක් හෝ හැකියාවක් නැති කියන එකටයි. හැකියාවක් නැත්නම් තේ වතු මෙච්චර ලස්සනටත් තේ කර්මාන්තයක් තියෙන්නෙත් කොහොමද. තේ ගස් කප්පාදුව අපට කරන්න පුළුවන්ද. ගල්වැටි දාලා කඳු සෝදා යෑමෙන් වළක්වා ගන්නා විදිය මොනතරම් ක්‍රමවත්ද. රේල්පාරවල් කොච්චර හොඳට හදලා තියෙනවද. ඔවුන් වැඩකරුවො” යයි කීවේ කූලී යන හැඳින්වීමට බාප්පාගේ අකමැත්ත පළ කරමිනුයි..ඊළඟ වසරේදී එළිමහන් ඇඳීමක් සඳහා මේ පැල්පත්වල දළ සටහන් අඳිමින් අපි ශිෂ්‍ය කණ්ඩායමක් මේ වත්ත පසුකර පයින් ගියා. මා පමණක් මහලිංගම්ලගේ ගෙදර ගියා..මූර්ති ශිල්පී මහාචාර්ය කර්බෙල්ගේ පැමිණීම.එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දිවංගත අගමැතිවරයාගේ ලෝකඩ මූර්තියක් ගාලු මුවදොර සවිකිරීම සඳහා රුසියානු මූර්ති ශිල්පී මහාචාර්ය ලෙව් කර්බෙල් 1976 මෙරට පැමිණියා. ඒ අතර කලා හා කලා ශිල්ප විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට මූර්ති කලා නිදර්ශනයක් කිරීම සඳහා මහාචාර්යවරයා විද්‍යාලයට ද ආවා. ඒ වනවිට අපේ විද්‍යාලයේ නම ‘ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය’ වශයෙන් වෙනස් වී තිබුණා. මාපලගම විපුලසාර හිමියන් ද මහාචාර්යවරයා සමග ආවා. ආයතනයේ මූර්ති අංශ මගින් ද්‍රව්‍ය සහ උපකරණ සූදානම්කර තිබුණා. අසුන්ගෙන සිටි විපුලසාර හිමියන්ගේ ශීර්ෂ මූර්තිය, ශිල්පී මහාචාර්ය ලෙව් කර්බෙල් පැයකටත් වඩා අඩු කාලයකින් වේගවත්ව අඹා පෙන්වමින් ආලේඛ්‍ය මූර්ති නිදර්ශනයක් ඉදිරිපත් කළා. මෙම නිදර්ශනයෙන් ලද උත්තේජනයෙන් පසු මගේ ප්‍රධාන පාඨමාලාව වූ චිත්‍ර පාඨමාලාවෙන් ඉවත් වී ප්‍රධාන පාඨමාලාව ලෙස මූර්ති පාඨමාලාවට මා ඇතුළත් වුණා. 70 දශකයේ තිබූ චිත්‍ර උපකරණ හිඟයෙන් ඇතිවූ පීඩාව ද මෙම පාඨමාලා මාරුවට හේතු වුණා. මහාචාර්ය කර්බෙල් කළ දේ අවබෝධ කර ගැනීමට මිත්‍රයෙකු අසුන් ගන්වා මගේ පළමු ආලේඛ්‍ය මූර්තිය කළා. ඒ සඳහා පෙනී සිටියේ ජී. මලවිආරච්චි. තරුණ මහලිංගම්ට මසකට රුපියල් 10ක් හෝ 15ක් දීමට තීරණය කරගෙන මහලිංගම් මගේ ආලේඛ්‍ය සඳහා පෙනී සිටින නිදර්ශනය බවට පත්කර ගත්තා. මෙය ඉතාම දුෂ්කර තත්වයකින් කැමති කරවා ගැනීමක් වුණා. අවම වශයෙන් සතියකට එක ප්‍රායෝගික අත්හදා බැලීමක්වත් මේ අනුව සිදු කළා. මැටි සූදානම්කර තැබීම, ඇඹීමට පෙනී සිටීම, ඇඹීම අවසානයේ මූර්ති අංශයේ ගුරුවරුන් දෙදෙනාගේ නිරීක්ෂණ හා ඇගයීම්වලින් පසු මැටි ගලවා ඉවත් කොට පිරිසිදු කිරීම මහලිංගම්ගේ රාජකාරිය වුණා. සතියකට වතාවක් මෙය දිගටම කෙරුණා. මට මසකට ශිෂ්‍ය ණය ලැබුණේ රුපියල් 150ක්. ක්‍රමයෙන් මහලිංගම් මගේ අත්උදව්කාරයා සහ මිත්‍රයා බවට පත් වුණා. එකල සිටි ශිෂ්‍යයන්ගෙන් ප්‍රමාණයෙන් විශාල මූර්ති කළේ මා පමණයි. ඒ නිසා මට උදව්කරුවෙක් අවශ්‍යම වුණා..ආයතනයේ පවිත්‍රතා කටයුතු භාරව සිටි ඉන්දු – ලංකා පවුල සමග ඇසුර.උදේට කැන්ටිමෙන් ලබාගන්නා පාන් බාගයක් සමග හිස් සෝඩා බෝතලයකට ලබා ගන්නා ප්ලේන්ටියක් සුන්දරලිංගම් පවුල විවේක ගන්නා ස්ථානයට රැගෙන ගොස් කුඩා වීදුරුවකට බෝතලයෙන් තේ කහට එක වත්කර පාන් කාලක් එක් අයෙක් උදේ ආහාරය වශයෙන් තේ වීදුරුවේ පොඟවා ගෙන කෑම ඔවුන්ගේ දෛනික රටාව වුණා. දවල්ට කළෙත් ඒ දේමයි. රාත්‍රි ආහාරයට ගෙදර ගොස් දියට හොද්දක් සමග පොල් රහිත රොටී ඔවුන්ගේ ආහාරය වුණා. ආයතනයේ ඔවුන් සිටින ස්ථානයට මා ගියවිට කබල් බංකුවෙන් නැගිට හිටගෙන සිටිනවා හැර ඔවුන් කවදාවක් ඉඳගත්තේ නෑ. මා ද ඔවුන් සමග හිටගෙනම කතාබහේ යෙදුණා. ඔවුන් කවදාවත් සෙරප්පු හෝ සපත්තු දැම්මේ නැහැ. හිස් වැසුම් පැළඳුවේ නැහැ. වැස්සකට හෝ තද අව්වකට කුඩයක් ඉහලුවේ නෑ. බස්වල ගමන් ගියේ නෑ. හෝර්ටන් පෙදෙසේ සිට බම්බලවත්තට ඔවුන් ගියේ පා ගමනින්. ඒ වගේම බම්බලවත්තේ සිට හෝර්ටන් පෙදෙසට ආවේත් පා ගමනින්. බසයකට නැගී සමව අසුන් ගැනීමකට තිබූ අකමැත්ත සහ පසුබෑම මෙයට හේතු වුණා. මා එකල දුම්බීමට පුරුදු වී සිටියා. ඉඳ හිට දුම්වැටියක් දෙකක් තාත්තටයි පුතාටයි එකිනෙකාට නොපෙනෙන්නට දීමට මා පුරුදුවී සිටියා. දුම්වැටියක් ඉරීම ඔවුන්ට මහත් සතුටක් ගෙන දෙන්නක් වුණා. ඔවුන් බීව්වේ ‘රාජා බීඩි’..යාපනයේ සිටි මිතුරු මිතුරියන් ඉරිදා රාත්‍රි තැපැල් දුම්රියෙන් යාපනයේ සිට එන විට ඉඳහිට ‘උප්පුමා’ (රුලං පිටිවලින් සාදා තෙම්පරාදු කර ඇති පිට්ටු වැනි රසවත් කෑමක්) පාර්සලයක්, තල් අල, තල් හකුරු, අඹ කාලෙට අඹ වැනි දෑ මටත් ගෙනාවා. ඒවායින් කොටසක් මහලිංගම් පවුලට දීම මට පුරුද්දක් වුණා. එම පුරුද්දේ පළමු දවසෙ උප්පුමා පාර්සලය දෙකට කඩා එකක් මගේ ලී කබඩ් එක තුළ තබා අනෙක කැන්ටිම ළඟ පටු තීරුවෙන් තාප්පයත් ගොඩනැගිල්ලත් අතර විවේක ගන්නා සුන්දරලිංගම් පවුල වෙත ගොස් දුන්නා. සුන්දරලිංගම් කීවේ “මහත්තයා මේවා යාපනේ කුලවතුන් කන කෑම. ‘දොරේ කඩවුලේ සාමි’ (මහත්තයා, දෙවියනේ) අපිව ඇසුරු කරන බව දැනගත්තොත් මහත්තයාව සම්පූර්ණයෙන් ඒගොල්ලො අයින් කරාවි. ඔයා අල්ලන දෙයක්වත් ඒගොල්ලො අල්ලන එකක් නෑ. කරුණාකරලා අපි ඉන්න තැනට එන්න එපා” යැයි බැගෑපත්ව ඉල්ලා සිටියා. එහෙත් යාපනේ මිතුරන්ගේ පැත්තට මේ කිසිවක් සන්නිවේදනය නොවී මගේ චර්යාව දිගටම පැවතුණා. මේ කාලයේ ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ශෝකී කතන්දර අත්දැකීම් ඔවුන් මා සමග කිව්වා. සුන්දරලිංගම්ට (පියා) හොඳට සිංහල කතාකිරීමට හැකියාව තිබුණා. ඔහුගේ බිරිඳ කන්නම්මාට සිංහල කතාකිරීමට හැකියාව තිබුණේ නැහැ. මහලිංගම්ටත් සිංහල කතාකිරීමට හැකියාව තිබුණා. මගේ පළමු තෙළිඟු පාසල ඔවුන් සමගයි..‘හඳුනා නොගත් කසළ සෝදන්නියකගේ කතාව’ සුන්දරලිංගම් සහ බිරිඳ දෙමළ බසින් සාකච්ඡා කරමින් පළමුවෙන්ම කීවේ 70 දශකයේ මේ වකවානුවේ. මේ කතාව 1930ට සම්බන්ධව විස්තර කිරීම මට තදින් මතක හිටියේ මගේ තාත්තාගේ උපන් අවුරුද්ද ද 1930 නිසයි. “හින්දු දෙවිවරුන්ගේ නම් ඔයගොල්ලො දාගෙන ඉන්නෙ මොකද. වාසගම්වලින් නම් කියන්නේ නැද්දැ”යි මා ඇසූ වෙලාවක ඔවුන් කීවේ “චෙට්ටියාර්, මුදලියර්, රාවතර් වගේ වාසගම් අපට තහනම්. අපි සක්කිලියර්ලා පහත්ම කුලේ. ඒක නිසා අපි කරන්නෙ ඒ ගොල්ලොත් වඳින දෙවියන්ගෙ නම් අපේ නම් හැටියට දාගන්නවා”. 1978 පැවති මගේ උපාධි ප්‍රදානෝත්සවයේදී මා විසින් නිර්මාණය කර තිබූ ප්‍රමාණයෙන් ලොකු මූර්ති එහා මෙහා ගෙනියන්න උදව් කළ කණ්ඩායමේ වැඩි බර කරගැහුවේ මහාලිංගම්. ඔහු සද්දන්ත ශරීරයක් සහිත කෙනෙක්. මා විශ්වවිද්‍යාලයෙන් පිටව ගියාට පසු මේ සියලු දෙනා සමග තිබූ සබඳතාව බිඳී ගියා. 1982/83 ඔවුන් මා නැවත හමුවුණේ පෑලියගොඩ සහ වත්තල අතර පැල්පත් යායෙදී.තරුණසේවා නිලධාරියෙකු වශයෙන් කොළඹ ක්ෂේත්‍ර කටයුතු රාජකාරි අතර ඔවුන්ට උදව්කළ හැකි මගක් තිබේදැයි දැනගැනීමටයි. නැවතත් 1991 මා කථිකාචාර්යවරයෙක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට පැමිණීමෙන් පසු දැනගත්තේ ඔවුන් සුපුරුදු පරිදි පැරණි රාජකාරියේ යෙදී සිටින බවයි. 1994 සිට 1999 අග දක්වා පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා මා විදේශගතව සිටියා..මහලිංගම් මගේ කාර්යාලයට කැඳවූ වේලාවට ඔහු කවදාකවත් අසුන් නොගත්ත නිසා පුටුවෙන් නැගිට මේසය ඉදිරිපිටට විත් මේසයට බරදී හිටගෙන ඔහු සමග කතාබහ කිරීම මගේ පුරුද්දක් වුණා. 2000 වසර අගදී දිනක් මහාලිංගම් මා හමුවීමට පැමිණ ඔහුගේ පුත්‍රයා තංගවේලුට ඔහු කරමින් සිටි රැකියාව ස්ථිර කරදෙන මෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තංගවේලු කම්කරු තනතුරක් සඳහා ඉල්ලුම් කළා. එහෙත් ආයතනයේ වෛද්‍යවරයා විසින් තංගවේලු වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් කළා. හේතුව වශයෙන් දක්වා තිබුණේ ඔහු මානසික ආබාධයකින් පෙළීමයි. පසුව මා වෛද්‍යවරයා හමුවී මේ පිළිබඳ විමසීමක් කළා. තංගවේලු කරන අප්‍රසන්න රැකියාව හොඳ සිහියෙන් කරන්න පුළුවන් රැකියාවක් නොවන බව පවසමින් ප්‍රතිකාර පන්තියක් නියම කර ඉන්පසුව නිර්දේශ කළ හැකිදැයි ඇසුවා. ඒ සඳහා පැහැදිලි උත්තරයක් වෛද්‍යවරයා ලබාදුන්නේ නෑ. පසුව අධ්‍යක්ෂවරයාට දැනුම් දී තංගවේලු අනියම් කම්කරු තනතුරේ දිගටම තබා ගත්තා..තංගවේලු කථා කළේ ඉතාම අඩුවෙන්. ඔහුගේ සිංහල කතා කිරීම ඉතා දුර්වලව තිබුණා. දෙමළ බසින් කතා කළොත් අත්දෙක පිටුපසට බැඳගෙන සිනාසෙමින් අඩුවෙන් කතාකරමින් පිළිතුරු දීම ඔහුගේ පුරුද්දක්..ඉහත සිදුවීමෙන් පසු මහලිංගම් කාර්යාලයට කැඳවා තංගවේලු පිළිබඳ වෛද්‍යවරයා කී දේ මහලිංගම්ට මා කීවා. “සර්ගෙ වරදක් නෙවෙයි. ඒක ඇත්ත, මහත්තයා ඉගෙන ගන්න කාලයේ මහත්තයත් එක්ක අපේ තාත්තා අපේ ආච්චි කෙනෙක් ගැන කියපු කතාවක් මතකද, ඕක අපේ පරම්පරාවෙන් එන ලෙඩක්” යැයි පවසමින් තංගවේලුගේ වෛද්‍ය පරීක්ෂණය අසමත් වීම මහාලිංගම් සාධාරණීකරණය කළා. මා නැවතත් ඒ මුළු කතාවම කියන්නැයි මහලිංගම්ගෙන් ඉල්ලා සිටියා. ‘හඳුනා නොගත් කසළ සෝදන්නියකගේ කතාව’ තුන්වෙනිවර හෙවත් අවසන්වරට ඇසුවේ ඒ අවස්ථාවේදී..2001 වසරේදී මා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීමෙන් පසුව හෝර්ටන් පෙදෙසේ පරිශ්‍රයෙන් ඇල්බට් චන්ද්‍රවංක පරිශ්‍රයට රාජකාරි සඳහා මාරු වුණා. මහලිංගම්ගේ දණහිසෙන් පහළ තිබුණු තුවාලවලට විෂබීජයක් ඇතුල්වීම නිසා එම වසරේදී ඔහු මියගියා. පෑලියගොඩත් වත්තලත් අතර ඔවුන්ගේ පැල්පත් සහිත වත්තට ගොස් මහලිංගම්ට අපි අවසාන ගෞරවය දැක්වුවා..හඳගමගේ ‘අල්බොරාදා’ චිත්‍රපටිය ජපානයේ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලක තරඟකාරී අංශයකට ඉදිරිපත් කොට ඇති බව 2021 ඔක්තෝබර් මාසයේ දැනගන්න ලැබීම නිසා නෙරූදාගේ ‘මෙමොආස්’ පොත කියවීමේ උවමනාව මට ඇති වුණා. සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂකයෙකු වන බි්‍රතාන්‍ය පුරවැසි දුල්ෂාන් එල්ලාවල සමග කළ සාකච්ඡාවකදී ඔහු එම පොත මා වෙත ලැබෙන්නට සැලැස්සුවා. මෙමොආස් පොතේ 99 සහ 100 වන පිටුවලට මා ළඟා වුණේ නොවැම්බර් මාසයේ මුල් සතියේ දිනෙක රාත්‍රි 2.30ට. මේ කොටස කියවද්දි මගේ හෘදය ස්ඵන්දනය වෙනස් වුණා. පපුව ගැහෙන්න පටන් ගත්තා. නෙරූදා කියන කතාවේ ඊළඟ කොටසට ඉතාම සමාන කතාවක් මා බිම් මට්ටමින් සුන්දරලිංගම්, තංගම්මා හා ඔවුන්ගේ පුත්‍රයා වූ මහාලිංගම්ගෙන් දැනගෙන සිටි නිසා මේ දෙකේ සම්බන්ධය මාව කම්පනයට පත් කළා. එවෙලේම ලොකු කෝපි කෝප්පයක් සාදාගෙන ‘අල්බොරාදා ප්‍රබන්ධයෙන් ඔබ්බට’ ගවේෂණාත්මක පර්යේෂණ පත්‍රිකාව ලිවීම ආරම්භ කළා. ලිවීම නතර කළේ පාන්දර 6.30ට. ඒ වනවිට පපුවේ ගැස්ම සාමාන්‍ය වී තිබුණා. පැය දෙකක් නින්දට වැටී උදේ 10.00ට නැවත ලිවීම ආරම්භ කළා. එය පුවත්පත්වල පළ කළත් හිත ඇතුළේ දෝංකාර දෙමින් තිබූ තත්වය අවසන් වුණේ නැහැ. ‘හඳුනා නොගත් කසළ සෝදන්නියකගේ පැමිණිල්ල’ එළිදුටුවේ එහි ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් මාසයේ දී. ■.මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි.කුලවතුන්ගේ මල මූත්‍රා.සෝදා පිරිසිදු කිරීමයි රාජකාරිය.ලෝකයාට නොපෙනී.උදාවට පෙර හිරු දෙවි.අරුණෝදයේ පෙනී නොපෙනී ඡායාවක්ව.කුලවතුන්ගේ බාල්දි කක්කුස්සිය සෝදා.රැගෙන හිසින් නොපෙනී යනවා.මුහුදින් එහා අපේ රටේ.ආන්ද්‍රාවේ අමරාවතියේ.ඉපදී මෙරට ආවාලු අතීතයේ.බුද්ධඝෝෂ කියලා බෞද්ධ සන්නාසි කෙනෙක්.මෙරටුන් වැඳ නමස්කාර කළාලු සන්නාසි සාමිට.එතුමා ලිව්වාලු ‘විසුද්ධිකරණ මාර්ගම්’, ‘ධම්මපද’.පුස්තක මෙරට වසමින්.තාත්තයියා1 අම්මම්මාට2 කියනවා.මමත් අහගෙන හිටියා දවසක්.මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි…...ඇණතියාගෙන මුහුදට නෙත් යොමා.මගේ කල්පනා මුහුදේ ගිලී…...‘කෙල්ලට ඔළුවෙ අමාරුවක් තියෙනවා..බලාගත්තු අතේ බලාගෙනයි ඉන්නෙ’.තන්ඩි්‍ර3 කිව්වා තල්ලිට4.ඇසුණා යාන්තමට.නැගෙන බිඳෙන මුහුදු විලාපය අස්සේ...කක්කුස්සි පඩිය මත.ටින් බෙලෙක්කයක දමා තිබෙන.කාසි පනම් ගෙනැවිත් දුන්නේ තන්ඩි්‍රටයි.තන්ඩි්‍රගේ අසනීප නිසා.තන්ඩි්‍රගෙයි තල්ලිගෙයි රස්සාවට.මාවත් යැව්වා වැල්ලවත්තට.පට සාරි පලතුරු දමා තිබුණත්.යන එන මග අයිනේ.අන්සතු දෑ ඇල්ලීම තහනම්.අයිති නෑ අකැපයි අපට ඒවා.එකදාස් නවසිය තිහේ අවුරුද්දේ.දවසක අරුණෝදයේ.මීදුම මැදින් ප්‍රාදූර්භූතවූ දිග්ගජම්5 සුදු මිනිසා.තදින් අත අල්ලාගෙන ඇදගෙන ගියා බංගලාව ඇතුළට.හදවත ගැහුණා මුහුදේ රළට වඩා වැඩියෙන්.මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි.උඩ වැස්මටත් යටි වැස්මටත්.ඇඟේ ඔතා ගෙන සිටි එකම රෙද්ද.අසුරු සැණින් ගලවා ඇඳ මත මා හෙළා.වැතිරුණා මා මත දිග්ගජම් සුදු මිනිසා.තුෂ්ණිම්භූතව ගල් ගැසී යහන මත.මා මුදා ගන්නැයි යැද්දා.පත්තිනි කාලි මෑණිවරුන්ගෙන්.හිතේ මැවුණු මහා දේවි මෑණිවරුන්ගේ ප්‍රතිමාවක් සේ.ගල්වී උන්නා දෑස් විවර කරගෙනම.දෙවියන් පැමිණෙන තෙක්...අම්මා දෙවියෝ ප්‍රාදූර්භූතව මා මුදා ගත්තේ නෑ..මුහුණ කට නොසෝදා කුණු කෙළ ද සමග.පෙරදා රෑ වෙරි මතේ ගඳ.සුරුට්ටු සුවඳ මුසුව හුස්ම වැටුණා මුහුණට.කුසගින්න නිවූ රොටී බාගය පෙරදා රාත්‍රියේ.කහට කෝප්පය සමග උදේ හිස් බඩින්.කොයින්ද වීරියක් හටනට දිග්ගජම්මෙකුට එරෙහිව.සන්තර්පණය වූ දිග්ගජම්.සාරියකුත් පලතුරුත් දිගු කළා සිනාසී….පෙරදා දිනවල අලුයම යන එන පාර අයිනේ.තිබූ පෙරේත ගොටුව මෙය බව සිහිවී.හනිකට ගෙදර දිව්වා එක හැල්මෙ.නහය රිදිලා අතගා බැලුවාම.වැඩිවිය පැමිණි දා අම්මම්මා තෑග්ගට දුන්.වීදුරු පබළු මූකුත්ති දෙකෙන්.එකක් හැළිලා දිග්ගජම්ගේ දැඟලිල්ලට.තල්ලිට කීවාම මේ වෙච්ච ඇබැද්දිය.ඈ හඬා වැටී මා සැනසුවා.“උඹේ තාත්තයියාගෙයි අම්මම්මාගෙයි.ආච්චිලයි සීයලයි ගෙනාවේ.ආන්ද්‍රාවෙන් ඉන්දියාවේ.මෙහෙ කුලවතුන්ගේ වැසිකිළි හෝදන්න.පහත්ම කුලයේ අපි…..මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි.අපේ භාෂාව තෙළිගු.තමිල්නාඩුවේ දෙමළට වඩා.අපේ වහර වෙනස්.අපි කතා කරන්නේ ආන්ද්‍රා දෙමළයි..නා කූටුරු6… මේ රටේ මිනිසුන්ට එය අණ්ඩර දෙමළයි.බන්ගාරු කූටුරු7… අපි සක්කිලි.ඒ වුණාට අපි අරුන්දතියර්ලා, සක්කිලියර්ලා..සියලු මිනිසුන් ඇහැරෙන්නට කලින්.හිරු දෙවියන් වඩින්නටත් කලින්.අපි අවදිවෙනවා අරුණෝදයේ කුරුල්ලන් සමග”.තල්ලි මා සැනසුවා කඳුළු වගුරුවා.අම්’මායි 8 උඹ ගෙදර හිටපන් හැංගිලා.යන්න එපා එළිපහළියට.තදින් සුසුමක් හෙළා.අපට පිටුපා තන්ඩි්‍ර කීවා මුහුද දෙස බලා.දවසක අරුණෝදයේ ගෙදර ආවා අමුත්තෙක්.තන්ඩි්‍රටත් තල්ලිටත් වඩා වයසක.මව්පියෝ දෙන්නාම කීවේ ඔහු සමග මට යන්න.තන්ඩි්‍රගේ අයියගේ පුතා වැල්ලේ රැකලා ඉඳලා.දිග්ගජම්ට අනින්න ගියාලු එයාගෙ කිරිච්චියෙන්.මට කරපු වින්නැහියේ තරහට.දිග්ගජම්ගේ සේවකයා කන්නයියාගේ පිටකොන්ද කඩලා.එයා දැන් අබ්බගාතයෙක්.ඒ දෙමව්පියෝ දොස් කියන්නෙත් මටලු.හඬා වැලපුණත්.තල්ලියි තන්ඩි්‍රයි දෙන්නත් සමග.සෝදරුදුයි9 සෝදරියි10 දමා යන්නට බෑ කියා අඳෝනාවෙන්.පත්තිනි කාලි මෑණියෝ යැද්දත්.දිග්ගජම් මගේ පතිවත කෙළෙසා ඇති නිසා.මට යන්න වුණා අමුත්තා සමග.දෙමව්පියන් භාරදුන් හිමියා සමග ගියත්.එයා කාසකාරයෙක්.බීවේ වයින් ස්පිරීතු දෙහි ගෙඩි මිරිකා දමා.දුකටත් සතුටටත්.දවසක බීම විස වී දින ගණනක් වැතිරි සිට කෙඳිරි ගාමින්.අරුණෝදයේ දවසක ඔහු මිය ගියා.වෙරළ දිගේ දුවගෙන තන්ඩි්‍රගෙයි තල්ලිගෙයි.ගෙදර නැවත ආවත් හතිදාගෙන.ඔවුන්ට මහත් වදයක් මා.මළ හිරු බැසයන වෙලාවක.සොහොන් පල්ලා.හිමි දේහය සුදු වතින් ඔතා චිතකය මත තැබුවා.පරයර්වරු වැඩි සද්ද නොනැගෙන්න.තප්පු බෙර වැයුවා හෙමිහිට.චිතකය ඇවිලුවා සොහොන් පල්ලා.හිරු නැගෙන රත් පැහැයෙන්.සැමියා දවන චිතකයට පනිනවාලු බිරින්දෑවරු ආන්ද්‍රාවේ.සිහිවුණා නෑදෑයෝ කියන කතන්දර.තන්ඩි්‍රටයි තල්ලිටයි කරදරයක් නොවෙන්න.තවත් දරුවෙක් එක්ක.සිත හදාගෙන දෑත් එක්කර.නමස්කාර කරගෙනම දිව්වා ගින්න ඇතුළට.‘මදුරාපුරය මෙන් කොලොම්පුරය ද ගිනි ගනිත්වා……’.මදුරාපුරය මෙන් කොලොම්පුරය ගිනිගත්තේ නෑ.දිග්ගජම් මගේ පතිවත කෙළෙසූ නිසා ද ඒ…...නැතිනම් මුතු මැණික් දැමූ රන් සිලම්බු.කන්නගීට මෙන් මට නො තිබුණු නිසා ද.ගෝදාවරියේ, ක්‍රිෂ්ණා නදියේ පාවී.චිතකයේ අළු මුහුදට ගියත් ආන්ද්‍රාවේ.අපේ අළු ගඟක් නැතිවම.මුහුදට වැටුණා බම්බලවත්තෙන්.ගින්නෙන් නොදැවුණු ආත්මය.යුක්තිය සොයා සැරිසරණවා…….මගේ දූෂකයා ලියූ මානුෂීය ලිපිවලට.කවි සාහිත්‍ය ප්‍රබන්ධවලට.සාමය, සාධාරණ සේවාවට සම්මාන පදක්කම්.දිග්ගජම්ට ලෝකයා බුහුමන් කරනවා.කවියේ සාහිත්‍යයේ දිග්ගජම් එයා…….සීලාචාර තානාපති එයා.කවියා සහිත්‍ය ලෝකයේ.එයාගේ ‘මතක සටහන්වල’.ලියා තිබෙන්නේ මා පරයා කුලේ කියලාලු.මා පරවර් වුණා නම්.අරුණෝදයේ ඇවිත් වැසිකිළිය හෝදන්න.දිග්ගජම්ට අහුවෙන්නේ නෑ.පරවරුන් මළගෙවල්වල බෙර ගහනවා.නගරයේ කැලි කසළ අතුගානවා.අපට වඩා උන් උසස් කුලයේ.මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි.නොබෙල් ත්‍යාගලාභි චිලියානු මහා කවියා.සක්කිලි මට පෙම් කළාලු.කව්දෝ ලියා තිබුණාලු.ප්‍රේමයෟ කුමක්ද එය.පෙම් සුව අපට අයිති නෑ…..කලාව, සාහිත්‍ය බොරු කියනවාද මොනතරම්.මනස්සෘෂ්ටිය, රැවටිලි ගෙත්තම්, මිථ්‍යාව රසවත් කර.අපේ අඳෝනා මත රමණය, හිංසාව විකුණනවා...මගේ ආත්මය උන්ට දැනී නෑ.මගේ විලාපයත් උන්ට ඇසී නෑ.අම්මම්මායි තාත්තයියායි මට කතාකළේ.‘අන්දමයින බාලිකා‘11 කියලයි.ගෙදර රත්තරන් නැති වුණත්.තල්ලි කීවේ ‘බන්ගාරු කූටුරු’ කියලයි.තන්ඩි්‍ර කීවේ මගෙ ‘අම්’මායි’ කියලයි.බර්තා12 කීවේ ‘ප්‍රේමිකුදු’13 කියලා ලතාවෙන්.පොතක ලියූ නමක් මට නෑ.ඒ නිසා දෙවියොත් මගේ නඩුව ඇහුවේ නෑ…….මුහුණට මුලිච්චිය අසුභයි.ඇල්ලීමත් හිරිකිතයි.ලෝකයාට නොපෙනී.උදාවට පෙර හිරු දෙවි.අරුණෝදයේ පෙනී නොපෙනී යනවා ඡායාවක් වී■.තෙළිඟු පද සහ එහි සිංහල අරුත්.තාත්තයියා: සීයා 2. අම්මම්මා: ආච්චි.තන්ඩි්‍ර: තාත්තා 4. තල්ලි: අම්මා.දිග්ගජම්: යෝධයා 6. නා කූටුරු: මගෙ දුවේ.බන්ගාරු කූටුරු: රත්තරන් දුවේ.අම්’මායි : කෙල්ල 9. සෝදරුදු: මල්ලි.සෝදරි: නංගි 11. අන්දමයින බාලිකා: හුරතල් කෙලී.බර්තා: සැමියා 13. ප්‍රේමිකුදු: ආදරියේ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපීඩකයාගෙ පැත්තෙත්.ඛේදවාචකයක් තියෙනවා.‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ.ජගත් මනුවර්ණ කොඩිතුවක්කු.Next articleළමා කාලයේ හීනය මොකක්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තිරුපති සරණං ගච්ඡාමි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තිරුපති සරණං ගච්ඡාමි.By සංස්කාරක.March 3, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ සංජීවනී රූපසිංහ.මම ඔබට තිරුපති ගැන කියන්නට පොරොන්දු වීමි. මෙතරම් වංචා කරන, හොරකම් කරන, ජනතාව සූරා කන ජාතියේ නායකයන් ආරක්ෂා කරන මෙම දෙවියා සුළුපටු දෙවියෙක් වෙන්නට නම් කොහොමත් බැරිය..මිනිසුන් පිස්සුවෙන් යන, පිස්සුවෙන් අදහන තිරුපති දැක බලා ගන්නට මට ද ආසා හිතුණි..“කොණ්ඩේ දීලා තමයි එන්න වෙන්නේ” මගේ ක්‍රිස්තියානි මිතුරා මට හිනැහෙන්නට විය. ඔහු මට ආසාවෙන් පෙන්වූයේ ක්‍රිස්තියානි කතෝලික පල්ලි පමණි. ඒවා ගැන පසුව කියමි..“මොකටද කොණ්ඩේ දෙන්නේ”.“ඒ දෙවියෝ කොණ්ඩවලට ආසලු. එන හැමෝම කොණ්ඩේ බූ ගාලා දන් දෙනවා”.“ඉතිං අපේ නායකයෝ දීලා නෑනේ”.“එයාලා තිරුපතිවත් අන්දලා තියෙන්නේ” මිතුරා බක බක ගා හිනැහෙයි..කෙසේ වුව ද මගේ බලවත් පෙරැත්තය නිසාම අපි යන්නට පිටත් වීමු..“නොන් වෙජ් කාලා මේ වගේ ගමන් යන්නේ නැහැ”.“ඒ මොකෝ”.“හරි නම් මාස ගානක් පේ වෙන්න ඕන වෙජිටේරියන් කෙනෙක් විදිහට”.“මං යන්නේ වඳින්න නෙමෙයි බලන්න”.චෙන්නායි සිට තිරුපති දක්වා මෝටර් රථයකින් ගමන් කිරීමට පැය තුනහමාරක් හතරක් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය මෝටර් රථයකින් යන්නේ නම් ඉන්දියන් රුපියල් 5000 ත් 7000 අතර මිලක් නියම වනු ඇත. දුම්රියෙන් හෝ බස්රථයෙන් යන්නේ නම් විශාල මුදලක් ඉතිරි වෙයි. සෑම දිනකම උදේ පාන්දර චෙන්නායි සිට ආන්ද්‍රා දක්වා ගමන් අරඹන දුම්රිය ද විශේෂ බස්රථ සේවා ද ඇත. ඒවා මඟින් එක් අයෙකු සඳහා ඉන්දියන් රුපියල් එක්දහස් පන්සීයක පමණ මුදලකින් තිරුපති යාම සහ ආපසු ඒම කළ හැකිය. දුම්රිය ගමන වඩා සුන්දර අත්දැකීමක් ඔබට ලබා දෙනු ඇත. තිරුපති දුම්රිය ස්ථානයට ඔබට චෙන්නායි සිට පහසුවෙන් ළඟා විය හැකිය. එසේම ඔබ අභ්‍යන්තර ගුවන් සේවා භාවිත කරන්නේ නම් චෙන්නායි සිට ගුවනින් තිරුපති කරා ළඟා විය හැකිය..අප ගමන් කළේ මෝටර් රථයකින් වීම වඩා සුවපහසු අත්දැකීමක් විය. රිසි වූ තැන නවතන්නටත්, අතරමඟ ඇති දේ දැක බලා ගැනීමටත් එය පහසුවකි..විදේශිකයන්ට තිරුපති දෙවොලට ඇතුල් වන්නට ඉඩ ලැබෙන්නේ දහවල් දෙළහට බැවින් පාන්දරින් එහි යාමේ අර්ථයක් නොමැත..ගමන අතිශය සුන්දර ය. මඟදෙපස ඇති සුවිසල් වියලි ගල් කඳු නිම නොවෙයි. ඈතින් නිල් කඳු දිස්වෙයි. ඇතැම් තැනක ඇති සූරියකාන්ත මල්වතු මලින් පිරී බබලයි. කැලෑ පිපිඤ්ඤා විකුණන වෙළෙන්දියෝ මඟ දෙපස තැන තැන සිටිති. සිහින් පතෝල කරල් මෙන් ඇඹරුණු කැලෑ පිපිඤ්ඤා රසවත් ය. ගමන් විඩාව නිවයි. අතර මඟ ඇති හින්දු කෝවිල් මෙන්ම ජෛන පන්සල් ද නැරඹීමට ඒ අතර ඔබට අවකාශ ලැබේ. හින්දු කෝවිල් අප දැක පුරුදු පරිදි අභ්‍යන්තරය වර්ණ විභූෂිත වන අතර ජෛන පන්සල් තනි සුදුවට ඈතට දිස්වේ. අන්ද්‍රා ප්‍රාන්තයට ඇතුළු වූ පසු එහි භාෂාව වන්නේ තෙලිඟු ය. ඔවුහු බහුතරය ඉංග්‍රීසි හෝ දෙමළ කතා කරන්නට දන්නේ නැත. අණ්ඩර දෙමළ යැයි සිංහල ව්‍යවහාරයට ඇතුළු වූයේ කුමක් දැයි මම සිතමි. මන්ද එය ආන්ද්‍රා දෙමළ විය නොහැකිය. මොවුන් දෙමළ දන්නේ නැත..අන්ද්‍රා නගර මධ්‍යයට යන විට තිරුමාලා කඳුවැටිය දිස්වෙන්නට පටන් ගනී..කඳුවැටිය දිගේ කෙමෙන් ඉහළ නඟින අපට පාර දිගේ පයින්ම කන්ද නගින බැතිමතුන් හමුවේ. එය යාපනේ සිට කතරගම දක්වා පයින්ම පැමිණෙන ලංකාවේ හින්දු බැතිමතුන් අපට සිහි ගන්වයි. එසේම පඩි පෙළ දිගේ කන්ද පයින්ම නගින තවත් පිරිසකි. එය අපට සිහිගන්වන්නේ සිරීපාදේ නගින බෞද්ධයන් ය. දෙවිවරු කඳු මුදුන්වලම සිටින්නේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. අහසේ වසන දෙවිවරුන් පිළිබඳ සංකල්පය ප්‍රාථමික ඒකදේවවාදයක් ලෙස මානවවිද්‍යාවේදී හඳුන්වනු ලබයි. ඕස්ටේ්‍රලියානු මානව විද්‍යාඥයෙකු වන විල්හෙල්ම් ජාමිස්මිට් ප්‍රාථමික ඒකදේවවාදයක් පිළිබඳ මතයක් ඉදිරිපත් කරන අතර ප්‍රාථමික ඒකදේවවාදය (Urmonotheismus) තුළ අහසේ වසන දෙවියෙකු පිළිබඳ බොහෝ සමාජයන්හි විශ්වාසයක් පැවති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙයි..අහස චමත්කාරජනකය. ඉර හඳ පුදුම සහගතය. අසිරිමත්ය. මේවා මෙසේ වන්නේ දෙවියන්ගේ මැදිහත්වීමෙනැයි මිනිසුන් සිතන්නට ඇත. කඳු මුදුන් අහසට ළඟය. එම නිසා දෙවියන්ට ලැගුම් ගත හැකි වඩාත් සුදුසු ස්ථාන වන්නට ඇත්තේ කඳු මුදුන් ය. දෙවියන් දැකීම ඉතා අසීරු කටයුත්තකි. එය සිදුවන්නේ හැමවිටම කඳු මුදුනකය. මෝසෙස්ට දෙවියන් දර්ශනය වන්නේ ද සීනායි කඳු මුදුනේ දී ය. කන්ද උඩ දේශනා පිළිබඳ බටහිර ආගම්වල ප්‍රකටය..තිරුමාලා කඳු පන්තියම අයත් වනාන්තරය අර්ධ ශුෂ්ක දේශගුණයක් සහිත ශාක ගහන වූ වනාන්තරයකි. වඩා උස් නැති තුරුවලින් ගහනය. ඒවා තද කොළ පැහැ නොගනී. ඇතැම් තැනක තද කොළ පැහැති ශාක ඇත. එහෙත් එම වනාන්තරය අභය භූමියකි. විවිධ කුරුලු විශේෂත් කළු වඳුරෝත් මෙහි සුලබය. මුවන් විශාල වශයෙන් රුඳවූ භූමි මඟදී හමුවේ..කන්ද මුදුනට නඟිද්දී මුළු ආන්ද්‍රාවම පහතින් දිස්වෙන්නට පටන් ගනී. මයිසූරු නගර මධ්‍යයේ ඇති චාමුණ්ඩි කඳු මුදුනට නගිද්දී ද දැනෙන්නේ මෙම හැඟීමමය. එයට යටින් මුළු මයිසූරු නගරයට දිස් වෙන්නට පටන් ගනී. චාමුණ්ඩි දෙවොල ගැන කතාව පසුවට තබන්නම්..මිනිසුන්ගේ විශ්වාසය නම් තිරුපති දෙවොළේ පොළොවට පය තැබූ පමණින් ජීවිතය නොසිතන තරම් වේගයෙන් වෙනස් වන බවයි. තිරුමාලා කඳු මුදුනේ වැඩ සිටින්නේ විෂ්ණු හෙවත් වෙන්කටේෂ්වර දෙවියන් බව මිනිසුන්ගේ විශ්වාසයයි. මොහු හින්දු දෙවිකෙනෙකු බව ප්‍රකටය. එහෙත් අප්‍රකට කරුණ වන්නේ ඒ පිළිබඳ ඇති මහායානික විශ්වාසයයි. මහායානිකයින්ගේ විශ්වාසය නම් මෙහි සිටින්නේ මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් බව ය..මා ඉන්දියාවේ යනවා යැයි හිතවත් හින්දු පූජකවරයෙකුට කී විට ඔහු කීවේ,.“තිරුපති යන්න” කියාය..ඒ ඇයි දැයි මම ඇසුවෙමි..ඔහු මහත් භක්තියෙන් පපුවට අත තබා පැවසුවේ,.“ගියාම ඔයාට තේරේවි. ජීවිතේ උඩු යටිකුරු වෙනවා බලා ඉන්නකොටම” කියාය..අපි තිරුපති යද්දී දෙවොලට ගන්නා උපරිම මිනිසුන් ප්‍රමාණය අරගෙන අවසන්ය. එම නිසා ආපසු හැරෙන්නට සිදු විය..“මං කිව්වානේ ඉස්සෝ දැල්ලෝ මාලු කාලා තිරුපති යන්න බෑ කියලා”.මගේ මිතුරා කියයි..“ඉස්සෝ දැල්ලෝ කාපු නිසා නෙමෙයි. අපි හරියට ප්ලෑන් නොකරපු නිසා”.මම කියමි..දැන් රුපියල් හයදාහකට තට්ටු වී ඇත. හෙට ද යළි පැමිණිය යුතුය..“දැන් කියන්න තියන දෙයක් මෙහෙම ඉඳන් දෙයියන්ට කියන්න. ආපහු හෙට නම් එන්න බැහැ” මගේ මිතුරා කියයි..“මෙහෙම කියන්න බැහැ දෙයියන්ට. හෙට එන්නම ඕනේ” මම ස්ථිරසාර හඬින් කියමි..“මට නම් බෑ හෙටත් මේ කට්ට කන්න. ඔයාට එන්න වාහනයක් හොයා දෙන්නම්”.එහි දිනකට පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවයි. කොරෝනා සමයේ තිරුපති දෙවොල වසා දමන්නට සිදු වීම ද එහි සිටි ප්‍රධාන පූජකයන් පවා කොරෝනාවෙන් මිය යාම ද නිසා තරමක් ජනශූන්‍යව පැවතුණ ද යළිත් එය ජනයාගෙන් පිරී ඇත..මගේ මිතුරා කීවේ ඇත්තක්ද බොරුවක් ද යන්න නොසිතා එදින මම මස් මාළු මොකටත් නොකා ඉන්නට සිතුවෙමි. හෙට නම් මේක ඇතුළ කෙසේ දැයි දැක බලා ගත යුතුය. එදින රාත්‍රියේ ගී රයිස් ලෙස හඳුන්වන ගිතෙල් සූදුරු මිශ්‍ර බතක් සමඟ ගෝවා මල් ව්‍යංජනයක් ආහාරයට ගතිමි. එය කිව නොහැකි තරම් රසවත්ය. ඉවසීම අපහසුය. මම දෙතුන් වරක් බෙදාගෙන ගී රයිස් කෑවෙමි. ගෝවා මල් ද එය චිකන් දැයි කිව නොහැකි තරම්ය. උයා ඇත්තේ කළු පාටටය. කවදාවත් ආහාරයට නොගත් මසක් සේ රසවත්ය. මම ගොනා සේ මහ ගොඩක් කෑවෙමි. එය බඩට ඔරොත්තු දුන්නේ නැත..පැය දෙක තුනක් ගත වෙද්දී මට බඩ රිදෙන්නට පටන් ගත්තේය. කිහිප වරක් වැසිකිළි යමි. රෑ නින්දක් නැත. පසුදා උදේ යළි තිරුපති යා යුතුය. දෙහි බොමි. අසමොදගම් බොමි. කිසිවකින් හොඳක් නැත. මේ ඉන්දියාවට ආවේණික බඩේ අමාරුව බව මට වැටහෙමින් තිබිණි..දහ වරක් පමණ වැසිකිළි ගොස් නින්දක් නැතිව හිටියත් අමාරු බවක් නොපෙන්වා මම පසුදා තිරුපති යන්නට පිටත් වීමි. එහෙත් ගමන ගියේ පැය භාගයක් පමණි. මට යළිත් බඩ රිදෙයි. නැවතත් හරවා ගෙන හෝටලයට යා යුතු යැයි රියැදුරාට කීවෙමි. ඔහු කීවේ මේ අවට වැසිකිළියකට යා හැකි බවය. මම හෝටලයට යා යුතු බව තරයේ කීවෙමි..ගාස්තුව වැඩි වන බව ඔහු කීවේය. එහෙත් කමක් නැතැයි කී මා යළි පැමිණ මඳ වෙලාවක් හිඳ යළිත් පිටත් වීමි. ඉන්දියාවේදී ආහාරයෙන් ඔබ ප්‍රවේසම් විය යුතුමය. එම ආහාරවලින් ඉන්දියාවටම අනන්‍ය වූ බඩේ රුදාවන් වැළඳිය හැකි බැවිනි. ඒවා ඉතා දරුණුය. දවස් ගණන් එක දිගට වමනයත් බඩේ වේදනාවත් බඩ බුරුලට යාමත් පැවතිය හැකිය. ශරීරයේ සියලුම ශක්තීන් නිම වී ක්ලාන්ත වෙන්නට තරමට ඒවා දරුණු වන බැවින් සෑම විටම බෝතල් කළ පිරිසිදු ජලය පමණක් පානය කිරීමට මතක තබා ගත යුතුය..එසේම රසවත් ඉන්දීය ආහාර ගැනීමේදී ද සැලකිලිමත් විය යුතුය. පිරිසිදු ආපන ශාලාවලින් වඩේ තොසේ ඉඩ්ලි මෙන්ම තවත් බොහෝ රසවත් ආහාර ඔබට හමුවනු ඇත. පාරේ සිට පිසින ආහාර දුටු විට ඒවා රස බලන්නට ආසා හිතීම අරුමයක් නොවේ. එහෙත් ඒවායින් බඩේ අමාරුවක් සෑදීමේ ඉඩ ඉතා ඉහළය. ඉන්දියාවේ මිනිසුන් ආහාර පිසින්නේ බොහෝ විට තල තෙල්, රටකජු තෙල් හෝ ගිතෙලිනි. ඒවා අපේ ආමාශයට පුරුදු නැත. ඒ නිසා ඒවා දිරවා ගත නොහැකිව අපට බඩේ අමාරු හැදෙයි..ඉන්පසු මම දින තුනක්ම බීවේ පලතුරු යුෂ පමණි. ඉන්දියාවේ ස්වාභාවික පළතුරු බීම බොහෝ විට සාදන්නේ ජලයෙන් නොව කිරිවලිනි. ඒවා බොහෙවින්ම රස, උකු පලතුරු යුෂ වේ. එවැනි බීමකින් නැවත ප්‍රධාන ආහාරවේලක් පවා ගත නොහැකි තරමට කුස පිරේ. මගේ රියැදුරා දිගටම දින තුනක් අරන් දුන් ලයිම් ජූස් නිසා මගේ බඩේ අමාරුව කෙමෙන් සුව විය..පැය පහ හය පෝලිමේ සිට වුවත් එක් නිමේෂයක් දේව පිළිරුව නැරඹීමට ඉඩක් නොමැති තරම් තදබදයක් තිරුපති කෝවිල තුළ නිරන්තරව පවතී. එහෙත් දෙවොල අසල ඇති මල් සැරසිලි ඉතාමත් විචිත්‍රවත් ය. බාර ඔප්පු කිරීමට පැමිණෙන පිරිස් හිසකෙස් දන් දෙති. දෙවියන් ඉදිරියේ සියලු අයහපත් සිතිවිලි තබා යා යුතු යැයි හින්දු මතයක් ඇත. එහි ඇති සුවිශේෂ ආහාරය නම් රසවත් ලඩ්ඩුය. ඒවා කජු බෙහෙවින් දමා සාදන ලද ගුලි විශේෂයකි. දෙවොලෙන් නොමිලේ ලඩ්ඩු තුනක් අපේ ටිකට් එකට දෙන අතර තවත් ලඩ්ඩු අපට මිල දී ගැනීමට හැකියාව ඇත..තිරුපති බිමේ අපි නිදහසේ ඇවිද ගියෙමු. ඔබ ද හැකි දිනක එහි ඇවිද යන්න. ස්වාභාවිකත්වය සමඟ එක් වන්න. වනාන්තර සමඟ කතා කරන්න. ඔවුන්ගේ හඬ ඔබට ඇසෙනු ඇත. මුවන් ගහන අභය භූමි තුළ ඇවිද යන්න. දෙවියන්ගෙන් දේවල් සිඟා කෑම වෙනුවට ඔබ තුළ සිටින දෙවියන් ඔබට මුණ ගැසෙනු ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවේදිකාව මත.සුදු කරල් නෙළුෑ.කපුරු බණ්ඩා.Next articleකියවූ පොතක වැඩියෙන්ම දැනුණු තැන.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු.By සංස්කාරක.April 8, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Labourers wearing facemasks unload bananas at a vegetable market during a nationwide curfew imposed as a preventive measure against the spread of the COVID-19 novel coronavirus in Colombo on April 4, 2020. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව හඳුන්වාදීමේ පන්තිය මතක උදවියට, නාගරික ජනයා තමන්ගේ ආහාරපාන දිනපතා ලබාගත් ආකාරය පිළිබඳ කතාන්දරය මතක් වනු ඇත. විවිධත්වයකින් යුතුව ධාන්‍ය, එළවළු, මාළු සහ මස් ආදිය අවශ්‍ය ප්‍රමාණවලින් අඛණ්ඩව සපයනු ලබන්නේ කිසිදු මධ්‍යම සම්බන්ධීකරණයකින් තොරවය. නගරවැසියන්ට ආහාර ලැබිණි. ගොවීන්ට ඔවුන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ හිමි විය. මෙම ක්‍රියාවලියට පහසුකම් සැපයූ අතරමැද සිටි බොහෝ දෙනාට ද තමන්ගේ ජීවනෝපාය සපයාගත හැකිවිය. සාම්ප්‍රදායිකව මෙම කතාන්දරය කියනු ලබන්නේ වෙළෙඳපොළ විමධ්‍යගත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්ය යන මූලික පාඩම ඉගැන්වීම සඳහා ය; ලෝ පතළ ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත්ගේ ප්‍රස්තුතය වන අදෘශ්‍යමාන හස්තය වැඩ කරන හැටි හුවා දැක්වීමටය..සුමටව වැඩකරන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් වෙත අප අවධානය යොමුවන්නේ එය බිඳවැටුණු විට පමණි. අද එය සිදු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර ලබාගන්නේ කෙසේ ද යන්න බොහෝ කුටුම්බවල වැදගත්ම ප්‍රශ්නය බවට පත් වූ විට තමන්ගේ මේස මතට ආහාර ලැබුණේ කෙසේද කියා මහජනයා තේරුම් ගන්නට පටන් ගනිති. එසේ වුවද, බොහෝ අවස්ථාවල සිදුවන්නේ තමන් හා කෙලින්ම ගැටෙන සැපයුම් ජාල කොටස සමග පමණක්වූ ප්‍රශ්නය හඳුනාගැනීමයි. එනම් අවශ්‍ය භාණ්ඩය සඳහා වන සැපයුම්කරු හඳුනාගැනීම, ඇණවුමක් ලබාදෙන ආකාරය, ඇණවුම් කළ භාණ්ඩය ලබාගැනීම හා මුදල් ගෙවීම ආදියයි..මෙම උපාංග හරිහැටි ක්‍රියාත්මක නොවන විට මහජනයා කලකිරීමට පත්වෙති. සමහරු වටෙන් වැඩකරන ක්‍රම සොයාගනිති. තමන්ගේ තොග අවසන් කරගැනීමේත්, වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උපයා ගැනීමේත් අවශ්‍යතාව නිසා සැපයුම්කරුවෝද පැලැස්තර විසඳුම් සොයාගනිති. එලෙස කල් ගත වෙද්දී සැපයුම් දාමවල පාරිභෝගිකයාට කිට්ටුම ප්‍රශ්න තාවකාලිකව හෝ විසඳෙනු ඇත. එසේ වුවද, ඉක්මනින්ම තේරුම්ගත හැකි දෙයට වඩා ඔබ්බෙන් සොයා බැලීම වැදගත්ය..විද්‍යුත් වාණිජ්‍යයේ සමීප අන්තය.බොහෝ කාලයක් තිස්සේ අපි විද්‍යුත් වාණිජ්‍යය ගැන කතා කළෙමු. වසරේ 2018 ලර්න්ඒෂියා මෙහෙයවූ සමීක්ෂණයකට අනුව අන්තර්ජාලය භාවිතයෙන් දුර සිට මිල දී ගැනීමේ හැකියාව පිළිබඳව වයස අවුරුදු 15 සහ 65 අතර වන ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතකරන්නන් අතරින් සියයට හැත්තෑවක් දෙනා දැන සිටියද, කුමන අවස්ථාවක හෝ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ඒ ක්‍රමයට මිල දී ගෙන ඇත්තේ එම කණ්ඩායම අතරින් සියයට 43ක් (දශ ලක්ෂ 1.6 ක්) පමණකි. කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට පැනවූ ඇඳිරි නීතිය නිසා මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ වන බවට සැකයක් නැත..මිල දී ගැනීම් කළ අය අතර වුවද, එසේ මිල දී ගැනීම් කළ වාර ගණන (පාවිච්චිය) අල්පය. පසුගිය මාස තුනේදී කළ ගනුදෙනු ගැන විමසු විට කිසිවක් මිල දී නොගත් බව සියයට 51ක් ප්‍රකාශ කළ අතර, 1-5 වාර ගණනක් පමණක් බව සියයට 31ක් පැවසූහ. පසුගිය මාස තුනේ දී ගනුදෙනු 5කට වඩා කර තිබුණේ සියයට 10ක් තරම් සුළු පිරිසකි. සෙවීම, ඇණවුම් කිරීම, මුදල් ගෙවීම සහ භාණ්ඩ භාරදීම යන සම්පූර්ණ කාර්ය මාලාව සඳහා විද්‍යුත් වාණිජ්‍ය වේදිකා භාවිත කර තිබුණේ කුමන හෝ ගනුදෙනුවක් කළ අය අතරින් සියයට 23ක් පමණකි. සියයට තිස් අටක් වේදිකා භාවිතා කොට තිබුණේ භාණ්ඩ සහ සේවා සෙවීම සඳහා පමණකි..ගැනුම්කරුගේ දැක්මට අනුව වැදගත් අංග වන්නේ සෙවුම් සහ සොයා ගැනීම්වලට අදාළ කරණා (මට අවශ්‍ය භාණ්ඩය තිබෙන්නේ කා ළඟ ද? එහි ගුණාත්මක බව ප්‍රමාණවත් ද? මිල කුමක් ද?) සහ ගෙවීම් හා භාණ්ඩ භාරදීමට යොදාගත හැකි ආකාරයයි. ශ්‍රී ලංකාවේ ණය පත් (credit card) භාවිතය අඩු නිසා (2019 වසරේ 3 වන කාර්තුවේ භාවිතයේ තිබු ණය පත් සංඛ්‍යාව දශ ලක්ෂ 1.79ක් පමණක් වූ අතර අනන්‍ය භාවිත කරන්නන්ගේ ඇත්ත සංඛ්‍යාව ඊටත් අඩු ය.) ගනුදෙනු සම්පූර්ණ කළ සුළු පිරිස අතරින් ණය පත් යොදාගෙන ගෙවීම් කළේ සියයට 11ක සංඛ්‍යාවක් වීම තේරුම් ගත හැකි ය. භාණ්ඩ ලබාගන්නා මොහොතේදී මුදල් ගෙවීම (COD) (සියයට 31) සහ හර පත් (සියයට 30) වඩාත් ජනප්‍රිය වී තිබිණි..භාණ්ඩ, විශේෂයෙන් සිල්ලර බඩු, දුර සිට මිල දී ගැනීම සම්බන්ධයෙන් උනන්දුව වැඩිවීමක් ඇඳිරි නීතිය නිසා ඇති විය. ඒ සමගම, ඇණවුම් කළ භාණ්ඩ ගබඩාවෙන් ලබාගැනීම සහ භාණ්ඩ භාරදීමේ සාම්ප්‍රදායික ක්‍රම යොදාගැනීමේ හැකියාව ඇහිරිණි. මුදල් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අපහසුතා ඇතිවීමත්, නැතහොත් ඔවුන්ගේ මුදල් ඉපැයීමේ අවස්ථා අහිමි වීම නිසා මුදල් නැතිවීමත් නිසා මුදල් ගෙවීමේ ක්‍රම ද බලපෑමට ලක්විය. ඇඳිරි නීති බලපත් ලබාගත් වාහන යොදා ගනිමින් නිෂ්පාදන බෙදාහැරීමට වෙළෙඳුන්ට සිදුවිය..අපේ නගරවල සෑම කුටුම්බයකම පාහේ දූරකථනයක් ඇත. එසේ වුව ද, වෙනත් අනුමානයන් භයානකය. වෛද්‍ය නිර්දේශ සම්ප්‍රේෂණය සඳහා වට්ස් අප් යොදාගත හැකි යයි උපකල්පනය කිරීම වැරදිය. ලර්න් ඒසියා සමීක්ෂණයට අනුව, 2018 දී, වයස අවුරුදු 15-65 කාණ්ඩයේ අය අතරින් ස්මාට් ෆෝන් තිබුණේ සියයට 37 කට පමණකි. එම සංඛ්‍යාව මේ වනවිට වැඩි වී තිබිය හැකි මෙන්ම, නගරවල සංඛ්‍යාව සැලකිය යුතු තරම් වැඩි විය හැකි වුවත්, ඖෂධ අවශ්‍ය අයගෙන් බහුතරය සතුව ස්මාට් ෆෝන් ඇති බවත්, ඔවුන් අන්තර්ජාලය භාවිත කරන බවත්, වට්ස් අප් බා ගත කොටගෙන ඇති බවත්, වෛද්‍ය නිර්දේශවල රූප සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඔවුන් සතු බවත් ආදි වශයෙන් උපකල්පනය කිරීම නොකළ යුතුය..කොරෝනා අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍යයේ යෙදෙන වෙළෙඳුන්ට තිබුණේ පහසු කාර්යයක් නොවේ. නරක් වන්නේ නැති ඉලෙක්ට්‍රොනික මෙවලම් රූපලාවණ්‍ය භාණ්ඩ ආදිය විකිණීම එතරම් අපහසු නැත. පසුගිය සති කිහිපයේදී ඉල්ලුම ඉහළ ගියේ ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී පරිස්සම් විය යුතු කිරි, පලතුරු සහ එළවලු ආදියටයි. පැහැදිලිවම, කුඩා ප්‍රමාණයක් සඳහා භාවිත කිරීමට යොදාගත් ක්‍රමයක්, ඉල්ලුමෙහි හදිසි ඉහළයාමකදී අපහසුතාවකට ලක්වනු ඇත. ඉහළම ඉල්ලුම ලැබෙන විට ක්‍රමය කඩා වැටිය හැක. ක්‍රමවේද මුල සිටම ගොඩ නැගීමට සිදුවනු ඇත..විද්‍යුත් වාණිජ්‍යය සඳහා කිසිදු වැඩ පිළිවෙළක් නොතිබූ ඇතැම් සුපිරි වෙළෙඳසල් ඇණවුම් ලබාගැනීම සඳහා දූරකථන අංක නිවේදනය කළේය. ඒවාට දූරකථන ඇමතුම් ගලා එන්නට විය. අවශ්‍ය මෘදුකාංග හෝ එකවර එන ඇමතුම් ගණනාවක් කළමනාකරණය කළ හැකි නියෝජිතයන් සංඛ්‍යාවක් නොමැතිව මෙම අංක උත්පාදනය කළේ ඇණවුම් නොව කලකිරීමයි. අන්තර්ජාලය පදනම් කරගත් අඩු ධාරිතා වේදිකා තිබූ අයගේ වේදිකාද ඉල්ලුම් වැඩි වීමත් සමග බිඳ වැටිණි. මෙම දෙපාර්ශ්වයටම අවශ්‍ය පසු අන්ත (back end) සැකසුමක් නොවී ය. ඇමසන් සහ අලිබබා වැනි විද්‍යුත් වාණිජ දැවැන්තයන්ගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම පාහේ රඳා පැවතුණේ ප්‍රමිතිගත ඇසුරුම්, පරිගණකගත (සහ රොබෝ තාක්ෂණික) ගබඩාවලින් භාණ්ඩ සොයා ගැනීම සහ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව මතය..කෙටි කාලීන වශයෙන් ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමිතිගත බඩු මලු හෝ එබඳු ආකෘති මගින් ඇණවුම් සහ සැපයුම් ක්‍රියාදාමයන් සරල කර ගත හැකිය. ළැදියාව ඇති පාරිභෝගිකයන්ගේ දත්ත ගබඩාවෙහි ඔවුන්ගේ පසුගිය ඇණවුම් ඇත්නම්, එයද ඇණවුම් භාර ගැනීමේ ක්‍රියාවලිය පහසු කරනු ඇති අතර පාරිභෝගිකයන් විය හැකි අයගේ කලකිරීමද දුරු කළ හැකි වෙයි..විද්‍යුත් වාණිජ්‍යයේ දුර අන්තය.විද්‍යුත් වාණිජ්‍යයේ පාරිභෝගිකයාට සමීප අන්තය දියුණු කිරීමට තිබෙන අපහසුතාව තේරුම් ගැනීමට එය භාවිත කරන බොහෝ දෙනකුට අපහසුව තිබෙන තත්ත්වයක් යටතේ සැපයුම් දාමයේ ඈත අන්තය පිළිබඳව වඩා විශාල නොදනුවත්කමක් පැවතීම පුදුමයට කරුණක් නොවේ. සිල්ලර වෙළෙන්දකුගෙන් පාරිභෝගිකයකුට කුකුළු මස් ලබා දීම සඳහා මාස ගණනාවක් තිස්සේ සිදු වන ඉතාමත් සංකීර්ණ ගනුදෙනු ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. සැපයුම් දාමයේ එක් පුරුකක් බිඳ වැටුණහොත් එහි ප්‍රතිවිපාක දාමය දිගේ ගලා යන අතර ක්ෂණිකව හෝ සති කිහිපයකින් හෝ මාස ගණනකින් හෝ පාරිභෝගිකයාට විඳින්නට සිදුවෙයි..මේ ගැන බොහෝ දේ ලිවිය හැකි වුව ද, ඉඩකඩ මඳ නිසා අනාවැකියක් කීමට පමණක් මට ඉඩ දෙන්න. මාස කිහිපයක් යන විට කුකුළු මස් සහ බිත්තර සැපයුමෙහි අඩු වීමක් සහ / හෝ මිල ඉහළ යාමක් සිදුවීම නියතය. කුකුළු ආහාර සපයා ගැනීමට ඉඩ ඇහිරීම වැනි සැපයුම් දාමයේ සිදු වූ බාධා නිසා කුකුළු පැටවුන් නිපදවන ආයතනවලට පැටවූ බිහිකිරීමට තබාගත් බිත්තරද විකුණා දැමීමට සිදුවී තිබේ. අද වෙළෙඳපොලේ බිත්තර තිබිය හැකිය. එසේ වුවද, හෙට තිබෙන කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණය අඩු වෙනු ඇත. මේ ගැන වැඩි විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..මහාචාර්ය රොහාන් සමරජීව.ඡායාරූපය: ඉෂාර එස් කොඩිකාර/ Getty Images.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොවිඩ් නිසා තල්ගහෙන් බිමට වැටුණ යාපනේ අඩුකුල මිනිස්සු.Next articleමැතිවරණ කොමිසම එක්ක තරහ ඇයි?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විකල්ප සිනමා සංස්කෘතියකඅද දවසේ අදාළත්වය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විකල්ප සිනමා සංස්කෘතියක.අද දවසේ අදාළත්වය.By සංස්කාරක.February 9, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.චීවරයට මුවා වී ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට දඬුවම් දෙමින්.ආචාර සම්පන්න භික්ෂූන් වහන්සේලාට බුදු දහම පවරා දෙන ලෙස.ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලු‍වේ සත්‍යය නිර්භයව කතා කරන බුද්ධිමතෙකු හැටියටයි..ඒ තමයි පතී!.පසුබිම:.ආචාර්ය ධර්මසේන පතිරාජ අපගෙන් සමුගෙන පසුගිය ජනවාරි මස 28 වැනි දිනට සිවු වසරක් පිරුණි. ඒ පදනම්ව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය Remembering Pathi (පතී සිහි කැඳවුම) නමින් අනුස්මරණ ශාස්ත්‍රීය දේශනයක්, ජනවාරි මස 28 වැනි දින, විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර එය සිදු කෙරුණේ, පිළිවෙළින් ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය, වොලොන්ගොන් විශ්වවිද්‍යාලය සහ සිඩ්නි විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සිනමා අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ආචාර්ය ලලීන් ජයමාන්න විසිනි. සූම් ඔස්සේ මෙම දේශනය පැවැත්වූ ආචාර්ය ජයමාන්න ‘1947-1978 දක්වා ලාංකික සිනමාවේ කාන්තා නිරූපණය’ පිළිබඳ සිය නිබන්ධනය 1982 වර්ෂයේ දී නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය දිනාගෙන ඇති අතර The Epic Cinema of Kumar Shahani (Indiana University Press, 2015)” Poetic Cinema and the Spirit of the Gift in the Films of Pabst, Parajanov, Kubrick and Ruiz (Amsterdam University Press, 2021) නමැති මෑත ප්‍රකාශිත සිනමා ග්‍රන්ථ ඇතුළු සිනමාව සබැඳි ලේඛන ගණනාවක් සිනමා අධ්‍යයන ක්ෂේත්‍රය වෙත එක් කොට ඇති ශාස්ත්‍රාලයීය බුද්ධිමතෙකි..මෙහි පළවන්නේ ඇයගේ දේශනය පදනම් ව ලියැවෙන සංක්ෂිප්ත ලිපියකි..■ ලලින් ජයමාන්න.පරිවර්තනය: ප්‍රියන්ත ෆොන්සේකා.මගේ කතාවට කොටස් දෙකක් තිබෙනවා. පළමුවැන්නෙදි, ආචාරධාර්මික යහපැවැත්ම ගැන සැලකිලිමත් වුණු ආචාර්යවරයෙක් සහ උපදේශකයෙක් වශයෙන් අපිට පතිරාජගෙන් උරුම වෙන්නෙ මොනවද කියල මම කලක ඉඳන් ආවර්ජනය කරපු අදහස් කිහිපයක් බෙදාගන්නවා. දෙවැන්නෙදි, සිනමා ඉතිහාසය හරහා යමිනුත්, සමකාලීන චිත්‍රපට සංස්කෘතිය වෙත හැරෙමිනුත් ‘චිත්‍රපට සංස්කෘතිය’ පිළිබඳ අදහස කෙටියෙන් සිතියම්ගත කරන්න මම හිතනවා..පතී: මග පෙන්වන්නෙකු ලෙස.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ පතිරාජයන්ගේ සිනමාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජය විසින් පවත්වන්නට යෙදුණු නිල උත්සවයේ දී පතී කෙටි නමුත් සම්මුති බිඳ හෙළුෑ ප්‍රබල කතාවක් කළා. හැමවිටම මෘදු වෙන ඔහුගේ කටහඬ එක්තරා ආචාරධාර්මික බලයකින් කැපී පෙනුණා. ඒක නිකම්ම නිකම් කතාවක් නෙවෙයි. ‘කවදාවත් උපන්දිනයක් නැත්තම් සංවත්සරයක් මම නම් සමරන්නෙ නැහැ’ කියමින් පතී කතාව පටන් ගත්තේ උඩරට නැට්ටුවන් සහ බෙර වයන්නන් එක්ක රජය උත්කර්ෂවත්ව පවත්වපු උත්සවයේදි. ඔහු තරමක අසනීපයෙන් ඉන්න බව පෙනුණත් ඔහු ඇසූ ප්‍රශ්න සුළුපටු නැහැ. චිත්‍රපට ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය ඔහු ප්‍රශ්න කළා. ‘කොහේ තියෙන කර්මාන්තයක් ද? වෘත්තීය ස්ථාවරබව, නිසි යටිතල පහසුකම් නැතිව, ප්‍රාග්ධනය නැතිව කර්මාන්තයක් තිබේවි ද?’ පතී ඇහුවා. හොඳ සිනමා කෘති සාදන්නට සිටින නව පරපුරට රජය සහාය විය යුතු බව ඔහු කිව්වා. චීවරයට මුවා වී ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට දඬුවම් දෙමින් ආචාර සම්පන්න භික්ෂූන් වහන්සේලාට බුදු දහම පවරා දෙන ලෙස ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලු‍වේ සත්‍යය නිර්භයව කතා කරන බුද්ධිමතෙකු හැටියටයි. ඒ තමයි පතී!.ඒ යටතේ එන දෙවැනි සිතුවිල්ල මගේ හිතේ ඇති වුණේ පතීගේ වියෝවෙන් පස්සෙ මහාචාර්ය සුමති සිවමෝහන් ලියා තිබුණු ලිපියක් අන්තර්ජාලයෙන් කියවනකොට. සිනමාවට ආධුනිකයෙක් හැටියට තමා වෙත පතීගෙන් ලැබුණු උපදේශකත්වය ඇය දක්වනවා. ඒ කතාව මට සිහිකැf​ඳව්වෙ 70 දශකයේදී රෙජී සිරිවර්ධනගේ සභාපතිත්වයෙන් රැස්වුණු සිනමා කර්මාන්තය පිළිබඳ රාජ්‍ය කොමිසම යෝජනා කළ දේවල්. චිත්‍රපට පාසලක් හෝ පුහුණු වැඩටසටහනක් රට තුළ නොතිබීම එදා එතැන කියැවුණා. පතීගේ මැදිහත්වීම ඒ හිස් තැන පිරවීමක් බව පෙනෙනවා. සුමති මෙතෙක් නිර්මාණය කර තිබෙන චිත්‍රපට හතර අන්තර්වාර්ගික සබඳතා, සුළුතර ප්‍රජාවන්, වතු දෙමළ ජනතාව සහ විශේෂයෙන් එහි කාන්තාව පිළිබඳ වටිනා මැදිහත්වීම් බව පෙනෙනවා..පතී යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරපු කාලේ, 1977 දී, එහෙ මිතුරන් සහ සගයන් එක්ක හදපු ‘පොන්මනි’ යම් හරස්-සංස්කෘතික හුවමාරුවක ආරම්භයක් බව පෙනෙනවා. ඔහු යාපනයට යවලා චිත්‍රපට සංස්කෘතියක බීජ එහි පැළකරපු විශ්වවිද්‍යාල පරිපාලකයන්ට අපි ස්තුති වෙන්න ඕනෑ. බොහොම වෙලාවට, ‘පොන්මනි’ එක්ක ඇරඹුණු මේ සහයෝගිතාවේ ගමන, දශක ගණනාවකට පස්සෙ, කොළඹ නගරය මග හරිමින් ශක්තිමත් විකල්ප සිනමා සංස්කෘතියකට මග පාදපු යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මග පෑදුවා කියල අපිට හිතන්න පුළුවන්..පතී පොන්මනි හරහා ගෙනා සිනමා භාවිතය වගේම ඔහුගේ ආලෝකය ලැබූ සුමතිගේ සිනමා කෘති තුළත් හුරුපුරුදු සමාජ අත්දැකීම් හා මව් භාෂාවෙන් මිදිලා සංස්කෘතික හා වෙනත් භාෂා කලාප දිහාට ගිය ගමන හඳුනාගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටවල රෝමාන්තික සෞන්දර්යය වෙනුවෙන් ඉල්ලා සිටින, භූ දර්ශන හෝ සිනමා රූප හමුවන්නේ නැහැ. ඒ වෙනුවට හමුවන්නේ අන්ද්‍රෙ බසින් යෝජනා කරන ආකාරයේ නව-යථාර්ථවාදී ‘තොරතුරුමය-රූප’ (Fact-image) ය..චිත්‍රපට සංස්කෘතිය පිළිබඳ අදහස: ඓතිහාසික සටහනක්.1920 දශකයේ මුල් භාගයේ දී, නිහඬ සිනමා යුගය තුළ, යුරෝපයේ චිත්‍රපට සංස්කෘතික අදහස වර්ධනය වීම සම්බන්ධ ඓතිහාසික ඉදිරි දර්ශනය පිළිබඳ කතා කරන්න මම කැමතියි..සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිහිවීමත් එක්ක එන දේශපාලනික පෙරටුගාමී සිනමාව, ප්‍රංශ උපස්ථිතිවාදී පෙරටුගාමී සිනමාව සහ ඔවුන් ගොඩනැගූ අදහස් සහ සංකල්ප කිහිපයක් කතා කරන්නත් කැමතියි. ඒත් එක්ක මම ඕස්ටේ්‍රලියාවේ මුල් පදිංචිකරුවන්ගේ විචිත්‍රවත් සමකාලීන විකල්ප චිත්‍රපට සංස්කෘතිය ගැනත් කෙටියෙන් ගෙන හැර දක්වන්නම්..චිත්‍රපටය සහ සංස්කෘතිය ගැන කතා කරද්දි ‘සංස්කෘතිය’ විකාශනය වුණු විදිහ විමසන එකත් වැදගත්. යුරෝපයේ දී එය දුෂ්කරතා එක්කයි ඒකාබද්ධ වෙන්නෙ. එහෙදි එය කෘෂිකර්මය (Agri-culture) සහ භෝග වගාව (cultivation) පිළිබඳ අදහස් සම්බන්ධ කෙරෙනවා. එය ක්‍රියාවලියක්, නැගීමක් වගේම ක්‍රියාකාරකමක්..යුරෝපයේ දී මෙම පද දෙකේ සංයෝජනයට දිගු ඉතිහාසයක් තියෙනවා. ඓතිහාසික වශයෙන් සංස්කෘතිය යන වචනය යුරෝපයේ කිසි විටෙක මධ්‍යස්ථ වන්නේ නෑ. සියවස් ගණනාවක් පුරා අතිවිශාල දැනුම් සම්භාරයක් සඳහා ප්‍රවේශය සහිත සමාජ පන්තිය, උරුම වූ ධනය සහ වරප්‍රසාද සමඟ සම්බන්ධ වූ යුරෝපයේ ඉහළ සංස්කෘතිය හරිම බලවත්. යුරෝපා කලාව, රජු සහ පල්ලිය සඳහා නිර්මාණය වුණු දෙයක්. නමුත් ප්‍රංශ විප්ලවයෙන් පස්සේ බුර්ෂුවා පන්තිය ඉගෙනීමට සහ රස විඳීමට ප්‍රවේශ වෙනවා. සංස්කෘතිය, සංස්කෘතික වීම යන්නෙන් අදහස් කරන්නේ ඉගෙනීම සහ රසය පිළිබඳ කරුණුවල සංකීර්ණත්වය හඳුනාගැනීම වන්නේ සංස්කෘතික නොවූ පිරිසකුත් හමුවීම හේතුවෙන්..බි්‍රතාන්‍යයේ දී සංස්කෘතිය යන වචනය සංස්කෘතික අධ්‍යයනයේ ආරම්භකයකු හැටියට සැලකෙන සමාජවාදී විශාරද රේමන්ඩ් විලියම්ස් ගැඹුරු විමර්ශනයකට ලක් කළා. විලියම්ස් ‘සංස්කෘතිය’ කියලා අදහස් කරන්නේ කුමක්ද කියන දේ ගැන අපගේ අවබෝධය පුළුල් කළා. බොහොම වෙලාවට අප්‍රිකාවේ, ඊනියා ‘ප්‍රාථමික’ සංස්කෘතීන් සහ ඒවායේ භාවිතයන් පිළිබඳව මානව වංශ පර්යේෂණ සිදු කරද්දි, ඉහළ පැලැන්තිය ඇවිත් ‘උසස් සංස්කෘතිය’ ලෙස සැලකූ දෙයට වඩා පුළුල් දෙයක් බවත්, යටත්විජිත මානව විද්‍යාව සංස්කෘතිය ලෙස හැදෑරූ දෙයට වඩා වැඩි දෙයක් බවත් අපට පෙන්වලා දෙනවා. දැන් මේ වෙද්දි, Culture and Society, Key Words වගේ විලියම්ස්ගේ පොතපත, සංස්කෘතික අධ්‍යයනය පාඨමාලාවල මූලික පාඨ ග්‍රන්ථ වෙලා. දැන් මීගන් මොරිස් වගේ අය බොහොම මෑත මැදිහත්වීම් කරගෙන යනවා..දකුණු ආසියාවට ඇවිත් සංස්කෘත කියන වචනය දිහා බලන්න. ඒක දර්ශනවාදයේ සහ සෞන්දර්යයේ බොහොම දැනුම ක්ෂේත්‍රවල විශාල ලේඛන සමූහයක් තියෙන සම්භාව්‍ය ඉන්දියානු භාෂාවේ නම. සිංහලට එද්දි ඒ නමට පුංචි වෙනස්කමක් එක්ක සංස්කෘතිය යන වචනය එනවා. සංස්කෘත-සංස්කෘතිය. පළවෙනි එක භාෂාව, දෙවැනි එක අදාළ වචනය. මෙතනදි සංස්කෘතිය ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයේ වරප්‍රසාදය වූ සංස්කෘත කියවීමට හා ලිවීමට ඇති හැකියාව පූර්වාදර්ශනය කරනවා. ඒ හින්දම ඒක සුවිශේෂයි..දැන් අපිට film-culture කියලා කිව්ව විදිහටම සරලව, සිංහල භාෂාවෙන් සිනමා-සංස්කෘතිය කියලා කියන්න පුළුවන් ද? එහෙම නම් ඒ කවදා ඉඳල ද? ‘රේඛාව’ට කලින් එහෙම පුළුවන් වුණාද කියන්න? සිනමාව සහ ශිෂ්ටාචාරය ගැන සිංහලෙන් කතා කරන්න පුළුවන් ද? ශිෂ්ටාචාරයක් කියන්නෙ සාක්ෂාත් කර ගත්තු රාජ්‍යයක්, උරුමයක්. සිනමාව එක්ක ශිෂ්ටාචාරය? ඔබ මට වඩා හොඳින් දන්නවා ඇති. කුමාර් ෂහානි ගැන මම ලියපු පොතේ දි එයා තර්ක කරනවා, එයයි, රිත්වික් ඝටක් වගේම මනි කෞල් දෙන්නයි ඉන්දියානු සිනමාව ඒ රටේ ශිෂ්ටාචාරගත කලාව එක්ක එකතු කළා කියලා. නමුත් එයාලගෙ ඉතිහාසය අපට වඩා විවිධයි. විචිත්‍රවත්. අපේ ඉතිහාසයට වඩා පොහොසත්..සිනමාව සහ සංස්කෘතිය අතර විරුද්ධත්වය යුරෝපීය සිනමා ඉතිහාසයේ මුල ඉඳන්ම මුණ ගැහෙන දෙයක්. හේතුව, චිත්‍රපටය මුලින්ම කාර්මික විප්ලවයේ නිෂ්පාදනයක් වුණු හින්දත්, යාන්ත්‍රික ක්‍රියාවලියක් වුණු හින්දත්, එය මුල් කාලෙදි ගෙවත්තෙ විකුණන ලද භාණ්ඩයක් වගේ වුණු හින්දත් බව පේනවා. ඒ කාලෙ කෙටි චිත්‍රපටවල මුල්ම ප්‍රේක්ෂකයන් වුණේ නාගරික කම්කරු පංතිය වගේම සංක්‍රමණිකයෝ. ලොකු කාර්මික නගරවල ඇමරිකානු ප්‍රේක්ෂකයො වගේ එයාලා බොහොම දෙනෙක් ඉංග්‍රීසි කතා නොකළ නූගත්තු. මුල් කාලේ චිත්‍රපට ප්‍රදර්ශනය කළේ මුඩුක්කු ප්‍රදේශවල. මේ ලාභ ජනප්‍රිය ස්ථාන චිත්‍රපටයට ඉතා නරක නමක් අරගෙන ආවේ පළවෙනිම ප්‍රේක්ෂකයො ගණිකාවො, ඒත් එක්ක සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප කරපු බව සිතන මිනිස්සු වගේම නූගත් කම්කරුවන් වුණු හින්දයි. පියුරිටන් පල්ලියේ කණ්ඩායම් වගේම සමාජ ප්‍රතිසංස්කරණවාදියො චිත්‍රපටයට හොඳටම විරුද්ධ වුණා. ඇත්තටම සිනමාව තිබුණේ සංස්කෘතිය තිබුණු තැන නෙවෙයි..පස්සෙ කාලෙක මේක මධ්‍යම පන්තියට අයිති කලාවක් වෙනවා. වේදිකා නාට්‍යවල, නවකථාවේ ආඛ්‍යාන සිනමාට නැගෙද්දි, සිනමාව කර්මාන්තයක් බවට හැරෙද්දි, සිනමා ශාලා නගර මධ්‍යයට එනවා. 1915 විතර වෙද්දි සිනමාව ප්‍රබල මධ්‍යම පන්තික කලාවක් වෙද්දි, ඒකට විශාල සමාජ පිළිගැනීමක් ලැබෙනවා. යුරෝපයට තරම් අතීතයට විහිදුණු උසස් සංස්කෘතියක් නොතිබුණු ඇමරිකාවට, එයාලගෙ රටේ නැගෙමින් තිබුණු දේශපාලනික සහ ආර්ථික ශක්තිය එක්ක ප්‍රබල කර්මාන්තයක් තනා ගන්න පුළුවන් වෙනවා. පළමු ලෝක යුද්ධයෙන් පස්සෙ ඔවුන් ලෝක වෙළඳ පොළටත් යනවා..සෝවියට් සමූහාණ්ඩුවේ දී චිත්‍රපටය ඔවුන්ගේ වැදගත්ම කලාව වෙනවා යුරෝපාකරයේ අනෙත් කලාපවලට ප්‍රතිපක්ෂව. බහුතරයක් නූගත් සමාජයට රූපවලින් සෝවියට් ඉතිහාසය තේරුම් කළ හැකි වීම මෙතැනදී හේතුව වෙනවා. ඉතින් නූගත් ජනතාවගේ අධ්‍යාපන මාධ්‍යයක් ලෙස සිනමාව පිළිගැනෙනවා. 1920 ගණන්වලදී ප්‍රංශයේ ආර්. කැනූඩෝ, ෂෝන් එප්ස්ටීන් වගේ විචාරකයො,චිත්‍රපට අධ්‍යක්ෂවරු, චිත්‍රපට තාක්‍ෂණය අද්විතීය නවීන මාධ්‍යයක් බව ඒත්තු ගන්වලා, එහි මුල් ගුණාංග ගවේෂණය කරමින් එය ඇත්ත වශයෙන්ම ලෝකයේ සත්වැනි කලාව බවට අදහසක් වර්ධනය කිරීමට පටන් ගන්නවා, චිත්‍ර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති කලාව, සංගීතය, නැටුම් සහ රංග කලාව එක්ක තබමින්. ඒත් එක්කම යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකයන් සහ න්‍යායාචාර්යවරුන්ගේ පළමු පරම්පරාව වුණු අයිසන්ස්ටයින්, වර්ටෝව්, එප්ස්ටයින්, බෙලා බාලාස් යන හැමෝම පළවෙනි ලෝක යුද්ධයේ බිහිසුණු බවට එරෙහිව, වඩාත් මානුෂීය ජීවන දර්ශනයක් ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙන, කැමරා ඇස තුළින් ලෝකය අලු‍තින් දැකීමට හැකි අද්විතීය උපකරණයක් විදිහට කැමරාව දකිනවා. එය ජනතා කලාවක්!.සිනමා සංස්කෘතියක් නිර්මාණය වීමත් සමග ප්‍රංශය වැනි රටවල නැගුණු චිත්‍රපට සමාජ සංවිධානය කිරීම, ඉහළ සංස්කෘතියේ සම්ප්‍රදායන් කපා දමන්න හේතු වුණා. මෙම ප්‍රංශ සම්ප්‍රදායට එදා ඉඳන් මේ දක්වා අඛණ්ඩ ඉතිහාසයක් තිබෙනවා. ඒ අය නිර්මාණය කළ ආයතන හරහා නිකුත් වුණු Cahier du Cinema වගේ ඇතැම් සඟරා තවමත් නිකුත් වෙනවා. ඒක චිත්‍රපට විචාර සම්ප්‍රදායක් වර්ධනය කළා. 1930 ගණන්වල හෙන්රි ලැන්ග්ලොයිස් ආරම්භ කළ ප්‍රංශ සිනමා ආයතනය තවමත් තියෙනවා. ඒක විශිෂ්ට චිත්‍රපට ලේඛනාගාරයක්..සිනමාව විවිධ සංකල්ප නිර්මාණය කර දුන්නා. Montage ගෙන බලන්න. ඒක යන්ත්‍ර සූත්‍ර කැබලි එකට සවි කරන්න ඉංජිනේරු විද්‍යාවෙන් ගත්තු යෙදුමක්. නමුත් ඒක තාක්ෂණික යෙදුමකට වඩා වැඩියි. ඒක සංකල්පයක්. සිනමාව ගඟක් වගේ ගලන්නේ නෑ. රූප, කැපීම්, බිඳීම්, ප්‍රවාහයන් සහිතයි. සංස්කරණය සඳහා ප්‍රංශ වචනය ඒක. නමුත් සෝවියට් අදහස චිත්‍රපට සංකල්පයක් බවට පරිවර්තනය කිරීම. නිර්මාණාත්මකව භාවිත කළ montage වචනවලින් විතරක් නෙවෙයි රූපවලිනුත් හැඟීම් උත්තේජනය කිරීමේ බලය තියෙනවා. විධිමත් අදහස්, න්‍යායික සංකල්ප, සෞන්දර්යය සහ දේශපාලනය ඔවුන්ගේ සිතීමේ හා චිත්‍රපටය සෑදීමේ ක්‍රමය තුළ ඒකාබද්ධව සම්බන්ධ වෙනවා. මේක අපූරු උරුමයක්. සෞන්දර්ය =Aisthesis..ඕස්ටේ්‍රලියානු ආදිවාසී චිත්‍රපට සංස්කෘතිය අසාමාන්‍ය වෙන්නෙ Walkabout (1971″ Nicholas Roeg) නම් බි්‍රතාන්‍ය චිත්‍රපටයක් හරහා පළමු ඕස්ටේ්‍රලියානු ආදිවාසී නළුවා වුණු ඩේවිඩ් ගුල්පිලි (David Gulpili) ප්‍රධාන චරිතයක් එක්ක ආවාම. එයා එයාගෙම භාෂා කිහිපයක් කතා කළාට චිත්‍රපටියට ගනිද්දි ඉංග්‍රීසි කතා කළේ නැහැ. එයා දඩයක්කාරයෙක්, නැට්ටුවෙක්, ඒත් එක්ක ගෝත්‍රික ආදිවාසියෙකු වූණු හින්ද සින්දු කිව්වා, චිත්‍ර ඇන්දා. සමහර සුදු ඕස්ටේ්‍රලියානුවො, කළු ජාතිකයෙකු චිත්‍රපටයක දැකපු පළවෙනි අවස්ථාව ඒක වෙන්න පුළුවන්. වසර 50 ක වෘත්තීය ජීවිතයකට පස්සෙ මෑතක මියගිය ගුල්පිලි, ස්වදේශික සංස්කෘතිය සහ ඓතිහාසික අත්දැකීම්, සුදු ජාතිකයන්ට සහ අනෙත් මිනිසුන්ට ගැඹුරු ආකාරයකින් විවෘත කළ ආදරණීය ජාතික සංකේතයක් බවට පත්වෙමින් ශක්තිමත් දේශීය චිත්‍රපට සංස්කෘතියක් නිර්මාණය කිරීමට උපකාරී වුණා..වසර ගණනාවක් පුරා ස්වදේශික දේශපාලන බලපෑම් කිරීම හරහා ස්වදේශික කථා කීම ප්‍රවර්ධනය කරන්නScreen Australia සංවිධානයේ ස්වදේශික දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ වගකීම රජය භාර ගත්තා. දැන් අවුරුදු විසි පහකට වඩා පැරණි ක්‍රමානුකූල පුහුණුවක් ලබපු, ස්වදේශික චිත්‍රපට නිෂ්පාදකයන් සහ නළුවන්ගේ පරම්පරා ගණනාවක් හමු වෙනවා. දැන් වෙනම රූපවාහිනී නාලිකාවක් තියෙනවා. NITV චිත්‍රපට ඇතුළු දේශීය කටයුතු සඳහා කැපවී තිබෙනවා. වසර 65,000ක් තරම් ඈතට දිව යන ලෝකයේ පැරණිතම, අඛණ්ඩ, ජීවමාන සංස්කෘතියක් ඇති ඕස්ටේ්‍රලියාවේ පළමු ස්වදේශික ජාතියේ ජනතාවගේ සංස්කෘතිය අවබෝධ කර ගැනීමේ ක්‍රම දියුණු වෙලා ඇවිත්. සිතුවම් හා චාරිත්‍ර, නීතිය ඇතුළු දේ අපි දකිනවා. ආදිවාසී සහ ආදිවාසී නොවන පුද්ගලයන් දැන් ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කරනවා..හැරී බලමු..චිත්‍රපට සංස්කෘතියක් නිර්මාණය කළ හැකියි. චිත්‍රපටයට, එහි සාමූහික පිළිගැනීමේදී අදහස්, සදාචාරාත්මක සහ දේශපාලනික ලෙස ජනනය කළ හැකියි..චිත්‍රපටය ගැන ලිවීමේ කවර හෝ මාධ්‍යයක් දිරිමත් කළ යුතුයි. ඕනෑම අඛණ්ඩ පැවැත්මක් සහිත චිත්‍රපට සංස්කෘතියක් සඳහා මෙය අත්‍යවශ්‍ය අවශ්‍යතාවක්. සැම විටම විෂයයන් හරහා නව සම්බන්ධතා සඳහා මංපෙත් විවර කරමින් චිත්‍රපටය පිළිබඳ ලිවීමේ විවිධ ක්‍රමවල දිරිගැන්වීමක් තිබිය යුතුයි. හැකි නම් භාෂා තුනම දිරිමත් කළ යුතු අතර වාර්ගික වෙනස්කම් හරහා චිත්‍රපට කෙරෙහි උනන්දුව දිරිමත් කළ යුතුයි..විකල්පය පිළිබඳ අදහස හුදෙක් විරුද්ධවාදී නොවිය යුතු අතර ඒ වෙනුවට එහි ධනාත්මක න්‍යාය පත්‍ර සහ දේශපාලන සහ වෙනත් ආශාවන් වර්ධනය කළ යුතුයි. වාද විවාද සහ එකඟ නොවීම් බියෙන් හා බිය ගැන්වීම්වලින් තොරව නිදහසේ විකාශය කළ යුතු අතර එමඟින් විවේචනාත්මක චින්තනයට ඉඩ දිය යුතුයි..අතීත සහ සමකාලීන සිනමාවේ ඉතිහාස පිළිබඳ කුතුහලයක් වර්ධනය කළ යුතු අතර, ගෝලීය වශයෙන් විවිධ චිත්‍රපට කෙතරම් ද යන්න සහ එහි පොහොසත් ඉතිහාසය කුමක්ද යන්න පිළිබඳ අවබෝධය පුළුල් කිරීම සිදු කළ යුතුයි..මේ සියල්ල අතර, චිත්‍රපට නිෂ්පාදනය, අත්හදා බැලීම් දිරිමත් කළ යුතු අතර දැන් හමුවන තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ සාපේක්ෂ පහසුව සමඟින්, තරමක් ලාභදායී, කුඩා පරිමාණයෙන් පවා චිත්‍රපට නිෂ්පාදනයට රජයට සහාය විය හැකියි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයුක්තිය වෙනුවෙන් මම මාවම බිලිදුන්නා.සන්ධ්‍යා එක්නැළිගොඩ.Next articleසාහිත්‍ය කෘතියක් ටෙලිනාට්‍යයකට හැරවීම.විශාල අභියෝගයක්.අඳුන්ගිර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ.ඉන්දික ධර්මතිලක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පරිපූර්ණ පැන්සල | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පරිපූර්ණ පැන්සල.By රේඛා නිලුක්ෂි හේරත්.November 25, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්..පැන්සල තවදුරටත් නවීකරණය විය හැකිදැයි විටෙක කල්පනා කළ හැකිය. එහෙත් පැන්සලට තවදුරටත් නවීකරණය විය නොහැකි බව කියන්නී, ‘ටෙඞ් ටෝක්ස්’ වෙබ් අඩවිය වෙනුවෙන් පැන්සල ගැන විශේෂ ටෙඞ් ටෝක් එපිසෝඩයක් නිර්මාණය කළ පැන්සල් ව්‍යාපාරයක් කරන කැරොලින් වීවර් විසින්ය. ඇය කියන්නේ පැන්සල පරිපූර්ණ බවය. ඇගේ කතාව අහද්දී මේ පුංචිම පුංචි සරල උපකරණය මිනිස් ඉතිහාසයට කර ඇති දැවැන්ත බලපෑම කොපමණදැයි කල්පනා කරන්නට සිතුණි..පැන්සල අප අතීතයට ගෙනයෑමට සමත්ය. එය කාලයක් ගතවෙන තුරු අප බොහෝ දෙනෙකු අකමැතිම උපකරණය විය. ඒ පුංචිම කාලයේදීය. පැන්සල අත්හැර පෑනෙන් ලියන්නට ප්‍රාථමික පන්තියේදී ගුරුවරුන්ගෙන් අවසර ලැබෙන්නේය. එහෙත් සියලු‍ සිසුන්ට එකවර අවසර ලැබෙන්නේ නැත. හොඳින් අකුරු ලියන්නට සමත් සිසුන්ට පමණක් පෑනෙන් ලියන්නට මුලින් අවසර ලැබේ. ඇතැමෙකු පැන්සල කඩා පැන්සල සමඟ වෛරයෙන් එයට සමුදුන් හැටි අදත් සිහිවෙයි. එහෙත් වසර ගණනාවකට පසුව අද පැන්සල ගැන නොස්තැල්ජියාවෙන් පිරුණු ආදරයක් ඇතිවෙයි. අදත් පැන්සල පවතින්නේ එක් ප්‍රධාන හේතුවක් නිසාය. එයින් ලියැවෙන දෙයක් මැකිය හැකි නිසාය. අද ලියන්නන් වූ අප ලිවීම පටන්ගත්තේ පැන්සලෙනි..ලංකාවේ පැන්සල සිහිකළ විගස බොහෝ අයට මතකයට එන්නේ රතු සහ කළු නටරාජ් පැන්සලය. එහි පසුපස මකනයක් නැත. ඒ නටරාජ් මකන වෙළඳපොළක් වෙනම තිබූ නිසාය. එහෙත් බොහෝ පැන්සල් වර්ගවල ලොව සුපුරුදු ප්‍රමිතිය අනුව මකනයක් තිබේ. මේ උපකරණය පරිපූර්ණ බවට පත්වුණේ කෙසේදැයි කැරොලින් වීවර් විස්තර කරන්නීය. අප කිසිදා නොසිතන කාරණයක් ඇත. පැන්සල මේ තත්වයට ළඟාවෙන්නට වසර සිය ගණනක් ගතවූ බවයි. මිනිසුන් සිය ගණනකගේ ශ්‍රමය සහ වෙහෙස වැයවූ බවයි..පැන්සල ඇරඹෙන්නේ ග්‍රැෆයිට් හෙවත් මිනිරන් නිසාය. එය කාබන්වල ස්වරූපයකි. ආදිකාලයේදී බිත්තිවල අඳින්නට මිනිරන් පාවිච්චි කර ඇත. එය ඇරඹෙන්නේ මිනිරන් කපා කුඩා කූරු ලෙස සකසා, ඒ වටා නූල්, කඩදාසි හෝ බැටළුහම්වලින් එතීමෙන් නිර්මාණය කරගන්නා ආදිකාලීන පැන්සල්වලිනි. එකල ලන්ඩනයේ වීදිවල මේවා අලෙවි කරන්නට තිබී ඇත. ඇඳීමට, ලිවීමට මෙන්ම ගොපල්ලන්ට බැටළුවන් සලකුණු කිරීමට මේ පැන්සල් පාවිච්චි කර තිබේ..ප්‍රංශයේ නිකොලස් ජේකස් කොන්ටේ විසින් ග්‍රැෆයිට් අඹරා, ක්ලේ කුඩු සහ වතුර සමඟ මිශ්‍ර කොට පල්පයක් නිර්මාණය කර ඇත. එම පල්පය අච්චුවකට දමා පෝරණුවක පුච්චාගත් පසුව ශක්තිමත් ග්‍රැෆයිට් කූරක් නිර්මාණය කරගත හැකි විය. එකල ලිවීම සඳහා පාවිච්චි කළ බොහෝ උපකරණවලට වඩා එය ශක්තිමත් විය. අද වෙන තුරු පැන්සලේ මිනිරන් කූර නිර්මාණය වෙන්නේ ඒ ක්‍රමයටය..මේ අස්සේ ඇමෙරිකාවේ මැසිචුසෙට්ස්හි හෙන්රි ඬේවිඞ් දොරෝ, පැන්සල්වල විවිධ ස්වරූපයන් වර්ගීකරණය කිරීම හඳුන්වාදුන්නේය. අංක එකේ සිට හතර දක්වා මිනිරන් ඝනත්වය වර්ගීකරණය විය. සාමාන්‍ය පාවිච්චියට 2බී පැන්සල සුදුසු බව නිර්දේශ විය. පැන්සලේ කූර මහත් වෙන තරමට පැන්සලේ ඉර තද පැහැ සහ අඳුරු පැහැ වන අතර, කූර හීනි වෙද්දී පැන්සලේ ඉරි හීනි සහ දීප්තිමත් වනු ඇත..මුල් කාලයේදී පැන්සල් රවුම් විය. අතින් නිර්මාණය කෙරුණි. නිර්මාණය කිරීම අසීරු කටයුත්තක් විය. ඇමෙරිකානුවෝ පැන්සල් නිර්මාණය කාර්මීකරණය කළෝය. ජෝසෆ් ඩික්සන් පැන්සල සොයාගැනීමේ ගෞරවයට නම් කෙරෙයි..ලී පතුරු කපාගෙන, ඒවායේ ග්‍රැෆයිට් කූර සඳහා ඉඩ නිර්මාණය කරගෙන, ග්‍රැෆයිට් කූර මැද තබා අලවාගැනීම සඳහා යන්ත්‍ර නිර්මාණය කෙරිණ. හරි රවුම් පැන්සල වෙනුවට ෂඩාස්‍රාකාර පැන්සල නිෂ්පාදනය කිරීම පහසු බව සොයාගැනිණ. ඒ නිසා එය ප්‍රමිතිය බවට පත්විය..පැන්සලේ ආරම්භයේ පාන් පොතු, රබර් ආදිය මකන්නට යොදා ගැනිණ. 1858 දී ඇමෙරිකානු ජාතික හයිමන් ලිප්මන් ඉරේසරය සහිත රේසරය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබුණි. එය පැන්සල විශේෂයෙන් වෙනස් කර තිබුණි..බ්ලැක්වින්ග් 602 පැන්සල බොහෝ ලේඛකයන් පාවිච්චි කර ඇතැයි පිළිගැනීමට ලක්වී තිබේ. ජෝන් ස්ටෙයින්බැක් සහ ව්ලැඞ්මිර් නාබොකොව් වැනි ලේඛකයන් ඒ පැන්සල පාවිච්චි කර ඇත. ඩික්සන් පැන්සල් සමාගම පැන්සල් තැනීමේ දැවැන්තයන්ය. අදත් ඓතිහාසික පැන්සල් නිෂ්පාදකයෝ සිටිති..ජීවිතයේ ඉදිරියට යන අපට ඇතැම්විට දැන් පැන්සල අමතක වී ඇතිවා විය හැකිය. එහෙත් පැන්සල මොහොතකට සිහිපත් කළොත් අතීත මතක රැසක් සිනමා පටයක් මෙන් දිගහැරෙන්නට පටන්ගනු ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleහිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත.Next articleශිශිරයේ පවා අදිසි ගිම්හානයක් මා තුළ තිබෙනවා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කුමට මෙරට අධිකරණය? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කුමට මෙරට අධිකරණය?.By සංස්කාරක.June 10, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..තමා අත්අඩංගුවට ගැනීමට නියමිත ව ඇති බැවින්, ඉන් වළක්වා ලන ලෙස ඉල්ලා ආරක‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක‍ෂ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් තමා ඉවත් වන බව විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා ය. ඒ, මේ ජුනි මාසයේ මුල ය. ඒ හේතුවෙන් පෙත්සම් විභාගය කල් තබන ලදි. ඊළඟ දිනය මේ අවුරුද්දේ නොවැම්බර් 27 වැනි දා ය. ඒ කියන්නේ තවත් මාස හයකට පසු දිනයකිෟ නොවැම්බර් 27න් පසු තවත් සති දෙක තුනකින් මේ අවුරුද්දේ වසර අවසාන අධිකරණ නිවාඩුව ද එළැඹෙනවා ඇත. නොවැම්බර් 27 වැනි දා ද පෙත්සම් විභාගය කල් යෑමට තවත් හේතුවක් යෙදුණොත් ඊළඟ දින ලැඛෙනු ඇත්තේ ලබන අවුරුද්දේ මැදට ය..ගෝඨාභය රාජපක‍ෂ මහතා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන්, ලංකා හොස්පිට්ල්ස්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සහ ඇවොන් ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා කැඳවා ඇති බවත්, එහි ගියහොත් තමා අත්අඩංගුවට ගැනීමට සැලසුමක් ඇති බවත් කියමිනි. රාජපක‍ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති මේ චෝදනා ගමේ ගොඩේ හරක් හොරකමක්, ගස්ගෙඩි කැඩීමක් ගැන නොවේ. මිලියන ගණනින්, සමහර විට බිලියන ගණනින් මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙනි..එක් උදාහරණයක් කිවහොත්, 2006දී ව්‍යාජ සමාගමක් හරහා මිග් යානා හතරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුසියාවෙන් මිලදී ගැනීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6ක් වංචා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවක් ගෝඨාභය රාජපක‍ෂ මහතා වෙත එල්ල වී තිබේ. (සමහරුන් කියන විදියට, මේ ගනුදෙනුව ගැන 2007 ජූලි 29 වැනි දා සිය පුවත්පතේ දීර්ඝ ව ලියමින්, ගනුදෙනුවට අදාළ සමාගම හා පුද්ගලයන් ව්‍යාජ බව, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හෙළි කිරීම, ඔහුගේ ජීවිතය අහිමි වීමට ද හේතු විය.).මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය, ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දෙන්නට එහි එන ලෙස දැනුම් දුන් විට රාජපක‍ෂ මහතා කළේ කුමක් ද? ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමයි. ඒ 2015 දී ය. ඒ පෙත්සම මුලින් විභාගයට ගත් ඊවා වනසුන්දර හා සරත් ආබෘෘ යන විනිසුරුවරු, පෙත්සම විභාගය අවසන් වන තුරු ගෝඨාභය රාජපක‍ෂ අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කළෝ ය. ඒ නියෝගය දුන් විනිසුරු ඊවා වනසුන්දර, 2014 ජූලි 6 වැනි ඉරිදා, සති අන්ත zදේශයZ පුවත්පතට කියා තිබුණේ, තමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක හැටියට පත් කළ ජනාධිපති මහින්ද රාජපක‍ෂ නීති විද්‍යාලයේ සිටියදී තමාගේ හොඳ මිතුරකු බවයි. ඒ මිතුරුකම ගැන ඒ පුවත්පත් ලිපියේ දී ඈ මහත් ආහ්ලාදයෙන් දීර්ඝ වශයෙන් විස්තර කොට තිබේ. ඒ සා මිතුරු ජනාධිපතිවරයාගේ සහෝදරයා, මහජන මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා දෙන්නැයි, තමා ඉදිරියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙන ආ විට, ඇය ඒ සහෝදරයාට අවශ්‍ය නියෝගය ලබා දුන්නා ය..දැන් 2015න් වසර තුනක් ඉක්මී ගොසිනි. අද වන විට, ඊවා වනසුන්දර මහත්මිය ද ඇතුළු ව විනිසුරුවරුන් හතර දෙනකු එම පෙත්සම විභාගයෙන් ඉවත් වී තිබේ. එහෙත්, පෙත්සම තවමත් විභාගයට ගෙන නැත. මහජන මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ගෝඨාභය රාජපක‍ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහි නියෝගය තවමත් ක්‍රියාත්මක වෙයි..මේ ක්‍රියාවලිය දෙස බලා සිටින සාමාන්‍ය යුක්ති ගරුක අප වැනි මිනිසකුගේ සිතට එන්නේ කුමක් ද?.අපේ අධිකරණය ගන්නා තීන්දු තීරණවලින්, මහා පරිමාණයෙන්, ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ දේශපාලන කැරැට්ටුවක් ඇතිවුන්ට, රටේ වෙනත් සාමාන්‍ය මිනිසුන්ට නොමැති අසාධාරණ රැකවරණයක් සැපයෙනවා ය කියා නොවේ ද?•.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමම මේ ගේම් එකට ආසයි කාංචනා අමිලානි.Next articleත‍්‍රිපුද්ගල මහාධිකරණ ‘පාට් ටයිම්’.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අනෙකාගේ අනන්‍යතාව, අධ්‍යාපනය සහ ආචාරධාර්මිකත්වය ආචාරදාර්මිකත්වය වාගාලංකාර දේශපාලනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අනෙකාගේ අනන්‍යතාව, අධ්‍යාපනය සහ ආචාරධාර්මිකත්වය ආචාරදාර්මිකත්වය වාගාලංකාර දේශපාලනය.By සංස්කාරක.June 2, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.සමාජය තුළ පුද්ගල සබඳතා ජාලගතවී ඇති ආකාරය, නැතිනම් අප සහ අනෙකා අතර වන සම්බන්ධය පිළිබඳ නැවත සිතා බැලීමේ දී ආචාරධාර්මිකත්ව කතිකාව ඒ සඳහා විශාල එළියක් සපයයි. සමකාලීන දාර්ශනිකයකු වන ඉමැනුවෙල් ලෙවිනාස් පිළිබඳ අධ්‍යයනයක දී ෂරෝන් ටොඞ් පෙන්වා දෙන ආකාරයට ආචාරධාර්මිකත්වය යනු ‘සමාජ සාධාරණය පිළිබඳ ඕනෑම ගැඹුරු අධ්‍යයනයක් සඳහා කේන්ද්‍රීයව වැදගත්’ වන කතිකාවකි. අප ජීවත්වන සමාජයේ පවතින දැඩි ප‍්‍රචණ්ඩමය ජීවමාන යථාර්ථයන් විසින් අපගේ සියලූ භාවිතාවන් තුළ පවතින ආචාරධාර්මික ස්වභාවය නිරන්තරයෙන් ප‍්‍රශ්න කරනු ලැබේ. අනෙක් අතට අප ලබන අධ්‍යාපනය සහ ආචාරධාර්මිකත්වය අතර පවතින විසම්බන්ධතාව පිළිබඳව ද වහාම අපගේ අවධානය යොමුවිය යුතුය. විශේෂයෙන්ම සමාජ සාධාරණය පිළිබඳ අධ්‍යාපනයක් නොලබා ඇති බුද්ධිමතුන් සහ වෘත්තිකයන් පිළිබඳ ගැටලූව විශාල සමාජ ව්‍යසනයන්ට හා සමාජ සංහිඳියාව බිඳී යාමට බලපායි..ජාතීන් හෝ ආගම් හෝ එවැනි කුමන අනන්‍යතාවක් සහිත පිරිස් වශයෙන් හෝ එක්ව ජීවත්වීමේ දී අපගේ අන්තර්ක‍්‍රියාකාරිත්වයේ යහපතට භෞතිකමය බලපෑමක් සිදු කිරීමට හැකි පරිදි ආචාරධාර්මිකත්වය සහ අධ්‍යාපනය පදනම්ගත නොවී තිබීම විශාල ගැටලූවක් බව ෂරෝන් ටොඞ් පෙන්වා දෙයි. එක් අතකින් නිදහස් අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළින් ඉහළටම නැඟගත් මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් හා බොහෝ සිවිල් සමාජීය ප‍්‍රභූන් මුස්ලිම් අනන්‍යතාව සමඟ කරන ජාතිවාදී ක‍්‍රීඩාව දෙස බැලීමෙන් පමණක් අපට මේ සත්‍යය වටහාගත හැක. එනම් අපගේ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ ආචාරධාර්මිකත්වයට ලබා දී තිබෙන ආන්තික ස්ථානය නිසා අනෙකා පිළිබඳ ගෞරවයෙන් බැලිය හැකි පුරවැසියන් තැනීමට අපි අපොහොසත් වී සිටිමු..පාස්කු ප‍්‍රහාරයත් ඉන් පසු මතුවූ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාර මාලාවත් හරහා මතු කර ගත හැකි එක යථාර්ථයක් නම් ‘අනෙකා‘ සම්බන්ධයෙන් අප විසින් අනුගමනය කරනු ලබන අතිශය ආන්තික සහ බැහැරකරණීය පිළිවෙතයි. එම පිළිවෙත් බොහෝකොට අප වෙත ලැබී ඇත්තේ අපගේ වාර්ගිකකරණය වූ, ලිංගිකවාදයට ගොදුරුවූ, ආගමිකකරණයට සහ පංතිමය ලෙස බෙදීමට ලක්කරන අධ්‍යාපන ක‍්‍රියාවලියයි. තරගකාරී අධ්‍යාපනයක අතිධාවනකාරී වී සිටින සිසුවාගේ මනසට සමාජ ජීවිතය පිළිබඳ පරිකල්පනය ඇතිවන්නේ ම තරගකාරීත්වයේ භූමියක් වශයෙන්ම පමණි. මෑතකදී ෆෙස්බුක් හරහා පෝස්ටුවක් පළකළ ටියුෂන් ගුරෙකු නිර්ලජ්ජිතව ප‍්‍රකාශ කළේ තමන්ගේ විශාල සිසු කැළට එක්තරා සමාගමක භාණ්ඩ පරිහරණය තහනම් කළ බවයි. එම සමාගම කිසියම් සිංහල නොවන ජනවර්ගයකට අයත් ව්‍යාපාරික පංතියකට අයත් එකක් නිසා ඔහු එසේ කළ බව සමාජය ඉදිරියේ හඬනඟා ප‍්‍රකාශ කිරීමට තරම් ශක්තිය ලැබෙන්නේ ආචාරධාර්මිකත්වය සහ සමාජ සාධාරණය පිළිබඳ අධ්‍යාපනයක් වෙනුවට වාර්ගික කේන්ද්‍රීය චින්තනයක් ඔහුට ලැබී ඇති බැවිනි..සමාජය තුළ සංකේතීයව සහ භෞතික පදනම්වලින් ප‍්‍රචණ්ඩ යයි හඳුනාගත හැකි සබඳතාවලින් වෙනස්කොට සැලකීමට බඳුන් වන, ‘අනෙකුන් බවට’ නැතිනම් ‘ආන්තිකකරණයට’ ලක්වන අනන්‍යතාවන් පිළිබඳව සදාචාරමය ප‍්‍රවේශයකින් අවධානය යොමු කිරීමට සමාජ සාධාරණය පිළිබඳ අධ්‍යාපනය අප පුරුදු කරයි. මේ අනුව අනන්‍යතාව, වෙනස, ප‍්‍රජාව ආදි සමාජීය ප‍්‍රවර්ගයන් හරහා නිරන්තරයෙන් උච්චාරණය වන ‘අනෙකා’ න්‍යායික සහ ප‍්‍රයෝගිකමය වශයෙන් දැනුම් නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ කේන්ද්‍රීය ස්ථානයක් හිමිකර ගන්නා බව පෙනී යයි. සමාජ සාධාරණය පිළිබඳ අධ්‍යාපන ප‍්‍රවේශයට සමාන්තරවම අද වන විට ආචාරධාර්මිකත්වය යන්න අනෙකා පිළිබඳ පැවතිය යුතු ‘ප‍්‍රචණ්ඩමය නොවන සබඳතාවක්’ වශයෙන් ද හඳුනා ගැනේ. පවුල තුළ ස්ත‍්‍රියට එරෙහි ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සේම සාර්වතලයේ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය නිසා සමාජීය දේහයට විශාල ආතතියක් නිරන්තරයෙන්ම ඇතිවෙයි..පාස්කු ප‍්‍රහාරයෙන් පසුව බොහෝ ජනමාධ්‍ය, සදාචාරය පසෙකලා, ප‍්‍රචණ්ඩත්වය සිය ග‍්‍රාහකත්වය ඉහළ දමාගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් තෝරාගෙන තිබේ. ඉස්ලාම් අන්තවාදීන් අතළොස්සක් දියත්කළ දීන ප‍්‍රහාරය නිසා වාර්ගික ප‍්‍රති-ප‍්‍රචණ්ඩත්වය ඇතිකළ පිරිස් විසින් විනාශ කළ මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාර, නිවාස ආදි භෞතික ප‍්‍රචණ්ඩත්වය විසින් අනෙකාගේ සම්පූර්ණ යටහත්භාවය සහ වහල්බව අපේක්ෂා නොකරන්නේද? පාලක පන්තිය මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් අනුගමනය කරන නිහීන හා පක්ෂපාතී පිළිවෙත තුළින් අනෙකා මේ රාජ්‍යය තුළින් බැහැර කොට හෝ තම බල ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට ඔවුන් ගන්නා උත්සාහය මොනවට පැහැදිලි වෙයි..සමාජ සාධාරණය පිළිබඳ අධ්‍යාපනයට අනුව ‘අනෙකා’ යනු සමාජීය, ආර්ථික තත්වයන්ගේ බලපෑමෙන් හෝ දේශපාලනික විසම්බන්ධතාවේ ප‍්‍රතිඵලයක් නිසා ඇතිවන පිඩාකාරීත්වය තුළින් සිදුවන නිමැවුමකි. අනෙක් අතට අනෙකා සම්බන්ධව පවතින සියලූ උපලක්ෂණයන් හෝ ගුණාංගයන් හෝ ස්වභාවයන් යනු ‘භෞතික, දෘෂ්ටිවාදීමය සහ කතිකාමය භාවිතාවන් හරහා ළඟා කරගත් දේවල්ය. එනම් කාලය සහ අවකාශය හරහා ගොඩනැඟූ ලක්ෂණය. දාර්ශනික අර්ථයකින් බලන විට ‘අනෙකාමය’ ස්වභාවය යනු වෙනස් පර්යායක් පිළිබඳ තත්ත්වයකි. එබැවින් එය පැවැත්ම, සමාජීය ස්ථානය පිළිබඳ ගැටලූවක් නොව විකල්පීයතාව පිළිිබඳ බලයකි. එම විකල්පීයතාවට බියවූ ප‍්‍රචණ්ඩ බලය විසින් අනෙකාගේ බාහිර සංස්කෘතික අනන්‍යතාව මර්දනය වෙමින් තිබේ.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඉහ ගෙන කෑ.Next articleලෝක ආර්ථිකයේ අඳුරු පැත්ත.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්‍යතන ප‍්‍රශ්න(ය* කවරේද? (2) | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්‍යතන ප‍්‍රශ්න(ය* කවරේද? (2).By ගාමිණි වියන්ගොඩ.September 10, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.අපේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක, එනම්, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය* තුළ දෘෂ්ටිවාදීමය අඩංගුව වශයෙන් පවතින්නේ නව ලිබරල්වාදයේ සහ ජාතිකවාදයේ සම්මිශ‍්‍රණයකි. පොදුජන පෙරමුණ ජාතිකවාදය වැඩියෙන් තමන්ගේ පාවිච්චියට ගන්නා අතර, එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදය වැඩියෙන් සිය ප‍්‍රයෝජනයට ගනී. එනම් මේ පක්ෂ දෙකෙන් එකක්වත්, නව ලිබරල්වාදය හෝ ජාතිකවාදය මුළුමණින් අතහැර නැති බවයි. අනිත් පැත්තෙන්, නව ලිබරල්වාදය නිර්දය විවේචනයට ලක්කරන සමාජවාදී විකල්පයක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කෙරේ. එහෙත් ඒ පක්ෂය තවම රාජ්‍ය බලය හොබවා නැත. එබැවින් කිසි වියදමකින් තොරව හෙවත් චර්යාවෙන් ඔප්පු කොට පෙන්වීමේ බරකින් තොරව, පොදුවේ ජාතිකවාදයත්, විශේෂයෙන් නව ලිබරල්වාදයත්, පහසුවෙන් ප‍්‍රතික්ෂේප කළ හැකිය. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ප‍්‍රවාහය තුළ විකල්පය යනුවෙන් අද වරනැගෙන්නේ එයයි. ඒ විකල්පය තුළ, අලූත් වම ගොඩනැංවීමේ අධ්‍යාශය ඇති බව ඔවුහූ කියති..ගෝඨාභයට පක්ෂව සහ විපක්ෂව රාජපක්ෂ කඳවුර ඇතුළේ පැවති බලවේග දෙකේ පසමිතුරු සබඳතාව, පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය විසින් තීරණාත්මක වෙනසකට භාජනය කොට ඇත. එතෙක්, ගෝඨාභයගේ අපේක්ෂකත්වයක් පිළිබඳ යම් හෝ ප‍්‍රතිවිරෝධතාවක් පවුලේ සාමාජිකයන්ගෙන්ම එල්ල වී තිබිණි නම්, එය පාස්කු ප‍්‍රහාරයෙන් පසු තවදුරටත් පවත්වා ගැනීමට ඒ පවුල් සාමාජිකයන්ට පුළුවන්කමක් තිබුණේ නැත. එනම්, මේ සිද්ධියෙන් පසු, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය, පදනමක් ඇතිව හෝ නැතිව, දේශපාලනික සංවාදය තුළ ප‍්‍රධාන තැනකට ගෙනැවිත් ඇති බවයි. එහිදී, ගෝඨාභයගේ අත්‍යවශ්‍යතාව එම කඳවුර තුළ ඊට පෙර නොවූ තරමට උත්සන්න කෙරුණි. තවත් විදිහකින් කිවහොත්, එතෙක් එම කඳවුර තුළ සිටි ඔහුට විරුද්ධ බලවේග පාස්කු ප‍්‍රහාරයෙන් පසු පරාජය කෙරුණු බව ය..මේ සම්බන්ධයෙන් උගත යුතු පාඩම වන්නේ, ජාතික ආරක්ෂාව පරදුවට වැටී ඇති බවට මතවාදයක් උවමනාවෙන් ගොඩනගන හෝ ඉබේ ගොඩනැගෙන ඕනෑම අවස්ථාවක, එක පැත්තකින් රාජ්‍යයත්, අනිත් පැත්තෙන් රාජ්‍ය පාලකයාත්, මර්දක අවියක් සහ මර්දකයෙකු වශයෙන් සමාජය විසින්ම ඉල්ලා සිටින තත්වයක් නිර්මාණය කළ හැකි බවයි. හෙවත්, එකී ජාතික ආරක්ෂාවේ අවශ්‍යතාව මගින්, රාජ්‍ය මර්දනය සඳහා වන සුජාතභාවයක් සමාජයෙන්ම සැපයෙන බවයි. මේ සම්බන්ධයෙන් අතීත පාඩම් කිහිපයක් අපට තිබේ. එකක් වන්නේ 1971 සහ 1987-89 දකුණේ තරුණ නැගිටීම් ය. ඒ දක්වා ඉතා ප‍්‍රාථමික මට්ටමේ තිබුණු ලංකාවේ ආයුධ සන්නද්ධ රාජ්‍යය ඒ නැගිටීම් අවසරයක් කරගනිමින් විශාල වශයෙන් නවීකරණය විය. වඩ වඩාත් බලධාරී විය..දෙවැනුව, දෙමළ තරුණ සන්නද්ධ ව්‍යාපාරය විසින්, ලාංකේය රාජ්‍යය තවත් තීව‍්‍ර කොට, පෙර නොවූ විරූ මහජාතිකත්වයකුත් ඊට එක්කාසු කෙළේය. දකුණේ සහ උතුරේ මේ නැගිටීම් දෙකේ අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, රාජ්‍යය යන ආයතනය, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම, අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකි කාර්යක්ෂම මර්දක යන්ත‍්‍රයක් වශයෙන් උස්මහත් කොට හදාවඩාගෙන ඇති බවයි..මෙය, ගෝඨාභයගේ අපේක්ෂකත්වය අරභයා රාජපක්ෂ පවුල් සාමාජිකයන් කාලයක් පවත්වාගෙන ගිය ‘විරෝධය’ කුරුවල් කිරීමට හේතු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සමාන ය. ‘වියත් මග’ සහ ‘එළිය’ වැනි ජාතිවාදී බුද්ධිමතුන් සහ විශ‍්‍රාමික ආන්තික හමුදා කොටස්වල පමණක් ආශීර්වාදයෙන් පැවතුණු ගෝඨාභය තවදුරටත් ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව රාජපක්ෂ පවුලෙන් ඉන්පසු උදුරා ගැනුණි. පාඩම: නූතන රාජ්‍ය ක‍්‍රමය තුළ, ඕනෑම අතිධාවනකාරීත්වයක්, ක්ෂණිකව හෝ කාලයාගේ ඇවෑමෙන්, රාජ්‍යයේ මර්දනය මුවහත් කරන බව ය. ලිබරල් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් එවැනි අතිධාවනකාරී ව්‍යාපාර මගින්, ඉස්සරට වඩා කුරුවල් කරවන බව ය..එසේ නොමැතිව, ඔහුගේ අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂ පවුල අවනත වීම අප කෙසේ නම් තේරුම්ගන්නද? මුලින්ම, පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්දට විධායක ජනාධිපති වීමේ ව්‍යවස්ථාමය පුළුවන්කමක් නැත. ඒ ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීමේ අවස්ථාවක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කර ගැනීම හරහා ඔහුට අත්පත් කරගත හැකිව තිබුණි. ඇත්ත වශයෙන්ම, ඒ පිළිබඳ ඔහුගේ කැමැත්තත් විවිධ ආකාරයෙන් ප‍්‍රකාශයට පත්ව තිබුණි. එසේ තිබියදී, දැන් ගිය සතියේ නැවත වරක් ඒ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉදිරිපත් වන විට ඔහු ඊට විරුද්ධ වී තිබේ. ඒ සඳහා ඔහු දෙන හේතුව ළාමක ය..එනම්, ජනාධිපතිවරණයක් කට ළඟ තියාගෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඒ නායකයන් දෙන්නා තතනන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිප‍්‍රායයන් සඳහා බවට ඔහු නගන චෝදනාවයි. මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ඔහුගේ කතාව නිවැරදි ය. එහෙත් තර්කය වැරදි ය. මන්ද යත්, ඔවුන් දෙන්නා සම්බන්ධයෙන් පැවතිය හැකි යැයි මහින්ද කියන පෞද්ගලික අභිප‍්‍රායම මහින්ද සම්බන්ධයෙන්ද සත්‍යයක් විය යුතු බැවිනි. හේතුව, පවතින ක‍්‍රමය යටතේ ඔහුට ලබාගත නොහැකි වරමක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබා ගැනීමේ අවස්ථාව ඔහුටත් ලැබෙන බැවිනි. එහෙත් පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා, අවසානයේදී ඔහු ගෝඨාභයගේ ජාතිකවාදී ගල් රෝලට දැන් හසුව සිටී..ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයට අමතරව, යහපාලන ආණ්ඩුව තමන් දුන් ප‍්‍රධාන පොරොන්දු දෙකම (විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ ¥ෂිතයන්/අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම* කඩ කොට සිටීමට අමතරව, ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන්ද කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට සමත් නොවීම නිසා හටගෙන ඇති බලවත් ජනතා අප‍්‍රසාදයත් විසින්, ආණ්ඩුව නොවන්නා වූ වෙනත් විකල්පයක් දෙසට හැරීමේ තල්ලූව ජනතාවට සපයනු ලැබේ. එම රැුල්ලෙන් ඉතා සොච්චමක් (නයි නටවන්නන් වශයෙන් මා හඳුන්වන* ආතක්පාතක් නැති පුහු පුද්ගල චරිත දෙසට බර විය හැකි අතර, අතිවිශාල පොදු ආකර්ෂණය ඇති වනුයේ, පවතින ආණ්ඩුව නිශ්චිතව පරාජය කළ හැකි යැයි විශ්වාස කළ හැකි බලවේගය සහ පුද්ගලයා කෙරෙහි ය. ඒ ගෝඨාභය රාජපක්ෂයි. මුලින්, ඔබ ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ අත්‍යාසන්න අවශ්‍යතාව ගොඩනංවයි. ඊළඟට, ගෝඨාභය නමැති ජාතික ආරක්ෂාව නිෂ්පාදනය කරන්නාව ඉදිරිපත් කරයි..ඔහුගේ අතීතයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකුගේ නූල් පොටක්වත් සොයාගත නොහැකි බව රටම දනී. ඔහු ජනාධිපති වුවහොත් අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ නිසා, යම් තරමකට ඔහු පාලනය කිරීමට මහින්ද අයියාට හැකි වනු ඇතැයි ඔහුගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂම කියා තිබීමෙන් පෙනී යන්නේ, ගෝඨාභයගේ තරම ඔහුගේම සහෝදරයා පවා ප‍්‍රතික්ෂේප නොකරන බවයි. ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණය කැරැුවීමෙන් ජාතික ආරක්ෂාව, කාර්යක්ෂමතාව, ¥ෂණයෙන් තොර වීම ආදි අපේක්ෂා කිසිවක් සාධනය නොවේ. ඔහු අනිවාර්යයෙන්ම ෆැසිස්ට් පාලනයක් කරා ගමන් කරනු ඇති බවත්, බොහෝ විට මර්දක රාජ්‍ය යන්ත‍්‍රයක් හරහා, ලංකාවේ පෙර නොවූ විරූ ඒකාධිපතියෙකු සේ ස්ථාපිත විය හැකි බවත් පැහැදිලි ය..ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද්‍යතනයේ මුහුණදෙන අත්‍යාසන්න ප‍්‍රශ්නය වන්නේ ගෝඨාභයගේ ජයග‍්‍රහණය නතර කළ හැක්කේ කෙසේද යන්නයි. ඒ ප‍්‍රශ්නය සමග තව කාරණා කිහිපයක් ගැටගැසී තිබේ. එයින් ප‍්‍රධාන වන්නේ, තමාගේ ඡුන්ද ගොඩ වැඩි කර ගැනීමෙන් නොව, (එක්සත් ජාතික පෙරමුණ ඇතුළු* ප‍්‍රතිපාර්ශ්වයේ ඡුන්ද ගොඩ කඩාඉහිරවීමෙන් ගෝඨාභය ජයගත හැකිය යන කාරණයයි..ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය මේ විග‍්‍රහයට අදාළ වන්නේ මෙහිදී ය. 2010 දී සහ 2015 දී ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේ ‘තමන්ගේම නොවන’ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙනි. ඉන් පළමුවැන්නා, (සරත් ෆොන්සේකා* පරාජය විය. දෙවැන්නා, (මෛත‍්‍රීපාල සිරිසේන* ද්‍රෝහී විය. දැන් ජනතා විමුක්ති පෙරමුණේ එක් තර්කයක් මෙසේ විය හැකියි: එකම වරද, අවුරුදු නවයක් වැනි කෙටි කාලයක් තුළ, තුන් පාරක් කළ නොහැක. අනිත් අතට, තමන්ගේ පක්ෂයත්, විකල්ප වාම බලවේගයත් ගොඩනගා ගැනීම සඳහා මේ ජනාධිපතිවරණය පාවිච්චියට ගත යුතුය..මේ තර්කණයට ප‍්‍රතිපක්ෂව ගැටගැසෙන ඊළඟ ප‍්‍රශ්නය මෙසේ ය: පක්ෂය ප‍්‍රමුඛ විකල්ප වාම බලවේගය ගොඩනැගීම, ගෝඨාභය ජයග‍්‍රහණය කැරැුවීමෙන් අත්කරගත හැකි වන්නේද? එසේ නොවෙයි නම්, ගෝඨාභය පරාජය කිරීම, පක්ෂය ප‍්‍රමුඛ කරගත් විකල්ප වාම බලවේගය ගොඩනැගීමේ ප‍්‍රධාන පූර්ව කොන්දේසියක් නොවන්නේද? මෙසේ ප‍්‍රශ්න කිරීම, එකම චක‍්‍රයක් වටේ නැවත නැවතත් කැරකීමක් බඳු වැඩක් බව ඇත්ත. ඒ නිසා, මේ චක‍්‍රයෙන් පිටට පැමිණ ඒ දෙස බැලිය යුතුව තිබේ..විධායක ජනාධිපති ක‍්‍රමය යනු, ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක පමණක් බලයට පත්කැරැුවීම ආයතනිකව අනිවාර්ය කෙරෙන යාන්ත‍්‍රණයකින් යුතු සැලැස්මකි. ඒ ක‍්‍රමය තුළ, මොන පක්ෂය සමග සන්ධානගත වුවත් නැතත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාරයකට එම තරගය තුළ කරට කර සිටිය නොහේ. ජනාධිපතිවරණයක් යනු, විකල්ප පක්ෂයක් හෝ තුන්වැනි බලවේගයක් ගොඩනැගෙන පරිසරයක් නිර්මාණය කරවන අවස්ථාවක් නොවීම ඊට හේතුවයි. ඒ ක‍්‍රමය තුළ සිදුවන්නේ, තුන්වැනි බලවේග අඩුවැඩි වශයෙන්, සෘජුව හෝ වක‍්‍රව, ජනාධිපති යාන්ත‍්‍රණය තුළට ගිලගනු ලැබීමයි. එය, ජනතා විමුක්ති පෙරමුණ, ඉන් එක් පක්ෂයක් සමග සන්ධානගත වූවත් නැතත්, සිදුවන තත්වයකි. මේ නිසා, පක්ෂය ගොඩනැගීම සඳහා හෝ විකල්ප වාම බලවේගය ගොඩනැගීම සඳහා හෝ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගැනීමට යත්න දැරීම, පතිවතක් පෙන්වීමට ප‍්‍රයෝජනවත් විය හැකි වෙතත්, කිසි දවසක මගුලක් සාර්ථක කර ගැනීමට නොහැකි වන තත්වයකි..ඇත්ත, අනිත් අතට, ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක මුක්කුවක් වීමත්, පක්ෂයක් වශයෙන් විනාශකාරී ය. මේ නිසා, විධායක ජනාධිපති ක‍්‍රමය නමැති උගුලෙන් ගැලවීම, අන් සියල්ලන්ට වඩා වැඩදායක වන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව පැහැදිලියි. එහෙත් අවාසනාවකට, 20 වැනි සංශෝධනය ඔවුන් ගෙනාවේ ගමේ මගුල් කපුවෙකු මෙනි. කපුවාගේ රාජකාරිය, කේන්දරයක් ගෙනැවිත් බාරදීම පමණි..දැන් අප ඉදිරියේ ඇඳෙන චිත‍්‍රය මෙයයි: ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම, ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන බවට හෝ යහපාලනය සැබවින් ඇති කෙරෙන බවට හෝ තිරසර සහතිකයක් නොවේ. එහෙත් ඔහු ජයග‍්‍රහණය කැරැුවීම යනු, ඒ සියල්ල නියතව ආපස්සට හරවන නොවරදින වට්ටෝරුව ය. එය අත්දුටුවයි. සත්තයි..අපි දැන් කුමක් කරමු ද?.Tags.ගාමිණී වියන්ගොඩ.ගෝඨා.ගෝඨාභය රාජපක්ෂ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිගණකාධිපති හෙළිකළ ශ‍්‍රී ලංකන් ඉරණම.Next articleයටත්වීමේ දේශපාලනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විට්මන් සහ තණපත් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විට්මන් සහ තණපත්.By සංස්කාරක.July 8, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Description Walt Whitman - Brady-Handy.jpg Walt Whitman. Library of Congress description: "Walt Whitman". Source Library of Congress Prints and Photographs Division. Brady-Handy Photograph Collection. http://hdl.loc.gov/loc.pnp/cwpbh.00752. CALL NUMBER: LC-BH82- 137 [P&P] Date between 1855 and 1865 Author [?] Brady, Mathew Date of birth/death ca. 1823 15 January or 16 January 1896 Location of birth/death Warren County, New York New York City Work period 1844 - ca. 1887 Work location New York City and Washington, D.C. Permission (Reusing this image) PD.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.වෝල්ට් විට්මන් යනු ප්‍රකට කවියෙකු බව අපි දනිමු. එහෙත් ඔහු කවර තරමේ ප්‍රකට කවියෙකු ද යන්න සලකා බලනු වටී. එය එතරම් අපහසු ද නොවේ. හැරල්ඩ් බ්ලූම් නම් සුප්‍රකට සාහිත්‍ය විචාරකයා ඔහු ගැන කරන කෙටි හැඳින්වීම පමණක් වුවද ඒ සඳහා ප්‍රමාණවත් ය..“කිසිදා කවි පේළියක්වත් ලියා නැත්තෙකු වුවත්, ඔබ ඇමරිකානුවෙකු නම්, වෝල්ට් විට්මන් යනු ඔබේ සංකල්පීය මව සහ පියා ය. ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය තෝරන්නෙකුට මෙල්විල්ගේ “මෝබි-ඩික්”, ට්වේන්ගේ “හක්ල්බරි ෆින්”, එමර්සන්ගේ රචනා වැනි ඉතා හොඳ පොත් හමු වනු ඇත. එහෙත් ඒ කිසිවකට විට්මන්ගේ “Leaves of Grass” (තණ පත්) ඉක්මවා යා නොහැක.”.“නිදහස් කවියේ පියා” ලෙස සැලකෙන විට්මන්ගේ සාහිත්යික සහ සමාජමූල බරපතලභාවය දක්වන තවත් හැඳින්වීම් කිහිපයක් බලමු. “ඇමෙරිකාවේ කවියා ඔහුයි. ඇමෙරිකාව යනු ඔහුයි.” (එස්රා පවුන්ඩ්). “විට්මන් සහ “තණපත්” නොමැතිව ඔබට කිසිදා ඇමරිකාව හරියාකාරව වටහා ගත නොහැකි ය” (මේරි කොස්ටෙලෝ). “විට්මන් යනු ඇමරිකාවේ විශිෂ්ටතම කවියා ය.” (ඇන්ඩෘ කානගී). “දැන් ක්‍රිස්තු උපත සමරන්නාක් මෙන් ඇමරිකාවේ ජනතාව මතු දිනෙක විට්මන්ගේ උපත සමරනු ඇත.” (විලියම් කෙනඩි)..“විට්මන්” නම ඉතිහාසයේ මෙතරම් තදින් ලියැවුණේ කෙසේද? ඔහුගේ කවි පොත් සියල්ල……… (සමාවන්න, ඔහුගේ “කවි පොත”) මෙතරම් විශිෂ්ට වූයේ කෙසේද? ඔව්! වෙනත් කෘති සහ ලේඛන පසෙක තිබුණාවේ. ඔහු ලිව්වේ එක් කවි පොතකි. “තණපත්” ය. මුලින්ම පළ වූයේ 1855දී ය. එහෙත් 1892දී මිය යන තෙක්ම විට්මන් වැඩිම කාලයක් ගත කළේ එම කෘතිය වරින් වර වෙනස් කරමින්, අලුත් කරමින්, යළි යළිත් පළ කිරීම සඳහා ය..විවිධ රැකියා සහ පුවත්පත් සඟරා අතර කරක්ගැසීමෙන් පසු තිස් විය පසු කළ විට්මන් කවියෙකු වීමට තීරණයක් ගෙන, “තණපත්” රචනා කිරීම අරඹයි; තමාගේම මුදලින් පිටපත් 795ක් මුද්‍රණය කර බෙදා හරියි. එය කෙටි ප්‍රස්තාවනාවකින් ද, දීර්ඝ කවි 12කින් සැදුණු කවි පේළි 2315 කින් ද, සැමුවෙල් හොලියර් විසින් අඳින ලද විට්මන්ගේ රුව ඇතුළත් සරල කවරයකින් ද සමන්විත කෘතියක් විය; එක් අතකින් සාම්ප්‍රදායික කවියේ කාල්පනික වූත්, පුරාවෘතාශ්‍රිත වූත් විෂයික පසුබිම වෙනුවට ජනතාව, පරිසරය, දේශප්‍රේමය, ලිංගිකත්වය, සමාජ යථාර්ථය යනාදිය අපූර්ව ලෙස ආදේශ කිරීමක් ද, අනෙක් අතට රිද්මයත්, සීමිත බස්වහරත් බිඳ දමා නිදහසේ නවමු රූප මැවූ සහ සංකේතීය අරුත් නැගූ කාව්‍ය පෙරළියක් ද විය..සීමිත ඉඩෙහි කවි ඛණ්ඩ දෙක තුනක් තබමි. විට්මන් ඇමරිකානු සිවිල් යුද්ධයේ ආරම්භය සනිටුහන් කළයුරත් (1), ගසක් ඇසුරෙන් ලෛංගික හුදකලාව සංකේතවත් කළයුරත් (2) මෙබඳු ය..“තැලෙන් තැලෙන් බෙර!.වැයෙන් නළා වැයෙන්.ජනෙල් තුළින් ද්වාර තුළින් පුපුරා.දයා විරහිත සේනා ලෙසින්”..“තනි පංගලමේ සිටී එය.අතු වීදා පෙඳ සලමින  අහිමිව සගයෙක්.මුමුණා තුටු කළු කොළ පතර.සවිමත් නොනැමෙන.එහි රළු පෙනුම    සිහි කරයි මට    මාවම”.“තණපත්” වෙත යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචන ද එල්ල විය. එය නිසරු මිථ්‍යාදෘෂ්ටික පොතක් බවත්, කතුවරයා උඩඟු මෝඩයෙකු බවත් ජෝන් ලෙස්ලි නම් විචාරකයා පැවසීය. එය විට්මන්ගේ සමලිංගික අභිලාෂයන් පළ කරන අශ්ශීල කෘතියක් බව ද කියැවිණි. එහෙත් කෙමෙන් විට්මන්ගේ කවිය සමාජගත විය. රැල්ෆ් වල්ඩෝ එමර්සන්, අමොස් ඇල්කොට්, ඩේවිඩ් තෙරයු වැනි ප්‍රවීණයන්ගේ ප්‍රශංසාව එයට හිමි විය. ඇමරිකානු සමාජය ඔහුගේ නිදහස් කවි මග සහ දර්ශනය තරයේ වැළඳගත් අතර ඔහුගේ අනුරාගී, දේශානුරාගී අභීත කවි එළිය, අඳුරේ නාගරීකරණය වෙමින් තිබූ ඇමරිකාවට පහන ඇල්ලුවේය..“Pioneers! O Pioneers!” වැනි කවි තුළින් තම ජනතාවට ගෞරවය පළ කළ ඔහු “O Captain! My Captain!” කවියෙන් අගයන්නේ ලින්කන් පිළිවෙත් ය. “I hear America Singing” (“අසමි ඇමරිකාවේ ගායන”) වැනි කවියකදී ඔහු සාමාන්‍ය ජනතාවගේ ප්‍රමෝදය ඒකරාශි කරන අයුර (3) හද බඳියි..“….ගීතය දැව රසින්නාගේ සීසාන යොවුනෙකුගේ.උදෑසනක දාවළ ඉසිඹුවක.හෝ ඉර බැස්මෙහිවැඩ කරන තරුණ බිරිඳකගෙ.මහන-සෝදන දැරියකගෙ  ප්‍රණීත ගායන….”.අපිළවෙළ නිදහස් දිවිය ගෙවී, සෞඛ්‍යය පිරිහෙද්දී මරණයට සූදානම් වූ විට්මන්, තමා සඳහා කළු ගල් සොහොන්ගැබක් තැනවීය. “තණපත්” කෘතියේ කවි 400කින් පමණ යුතු අවසන් සංස්කරණය ද පළ කළේය. ඔහු එය හැඳින්වූයේ “මරණීය සයනයේ සංස්කරණය” නමිනි. ඔහු මිය ගොස් පැය තුනක් තුළ දහසකට වැඩි පිරිසක් අවසන් ගෞරව දැක්වීම පිණිස ආවෝ ය. මල් සහ සෝ පලකයන්ගෙන් ඔහුගේ සිරුර වැසී ගියේ ය..කවියෙන් කළ හැකි වෙනස කුමක්දැයි විට්මන් අපට උගන්වයි. කවියා සහ සමාජය අතර ඉතා වැදගත් සංකේතීය සබඳතාවක් ඇතැයි විශ්වාස කළ ඔහුගේ ප්‍රකට අදහසක ගැඹුර ගැන මම කල්පනා කරමි..“කවියා ඔහුගේ දේශය උරා ගන්නා තරමේම සෙනෙහසකින් දේශය විසින් එම කවියාව උරා ගත යුතු ය.”.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅමෙරිකන් ජෝති සහ ලංකා එල්විස්: සමාන්තර ජනපතාකයෝ.Next articleමුව හමට තඩි බෑම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සිතුම් සයුර: ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Monday, May 15, 2017.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය,.එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච.අපේ රැග් කාලය.ජෝතිර්වේදයට අනුව මේ වෙද්දි අපේ සෙට් එකේම සෙනසුරු උච්ච වෙලා රාහු නීච වෙලා අනිත් සුභ ග්‍රහයො ඔක්කොම අපේ කේන්දර දාල පැනල ගිහිල්ල.අපි පව් දෙවියනේ...උදේ ඉදන් ලෙක්චරස් අහල රැග් කාල එපා වෙලා එන අපිට රෑටත් ලෙක්චරස්.ඒකට කියන්නෙ තෙල කියලලු.රැග් එක නොහොත් විශ්වවිද්‍යාලය තුල සමාජගත කරන මේ ක්‍රියාවලිය තුල තිබෙන්නාවූ මූලික අරමුණ වනුයේ සිසුන් අතර පවතින්නාවූ අන්නෝන්‍ය සබදතාව වර්ධනය කිරීම සහ විශ්වවිද්‍යාල පද්දතියට අප අනුගත කිරීමයි..ඒම කියන්නෙ ඉතින් අපේ සින්නො.7 පහු වෙනකොට නානගෙ ලුනු සහ මිරිස් ලස් සෝරු කාල සුපුරුදු පරිදී අපිව බලන්න එන අපේ ජේෂ්ඨ උතුමන්ල, අදත් අපිව බලන්න ආවෙ අපිට තියන ආදරයට.සින්නොන්ගෙ තෙලට කරවෙන සූඩ පැටව් ටිකට එහෙන් මෙහෙන් අඩි සහ නම්‍යකරන ප්‍රක්ටිකල් හම්බෙනකොට දඩස් ගාල ඇරුන කාමරේ දොරෙන් ඇතුලු වුනේ බයානක උතුමන්ල සෙට් එකක්.මෙතෙක් නම්‍යකරන පාඨමාලාව පවත්වපු සහෝදරයන්ට හයි ෆයු එකක් දාපු උතුමන්ල මාරාවේශ මූඩ් එක ඔන්කරන් හැරුනෙ අපි දිහාට."තොපි දන්නවද තොපේ එකෙක් කෝස් එක අතඇරල යන්න හදනව කියල ,.ඒක කාමරේට වෙලා අඩනව,.තොපි දන්නවද ඇයි කියල ..කියපිය තොපිට කට නැද්ද?".කව්ද යකෝ ඒ.නිව් වින්ග් එක නොහොත් අපේ හොස්ටල් එක තට්ටු දෙකේ බිල්ඩින් එකක්,.ඒකෙ පල්ලෙහා තට්ටුවෙ කොනක හිටපු අපිට වට පිටාවෙ ආරංචි ආවෙ හිමින්.ඇරත් අපිට දිවැස් තියනව කියල ඇ.මේක දැන්ද කොහෙද අඩන්න පටන් අරන් තියෙන්නෙ,.මේකට ඉගනගන්න සල්ලිවත් නැද්ද ගොඩක් ළමයින්ට තියෙන්නෙ එ ප්‍රශ්නෙ.නැත්නම් ගෙදර ලොකු ප්‍රශ්නයක්වත් ද?.ඇත්තටම ඒවෙද්දි අපේ අතරෙ සියුම් සහෝදර කමක් හැදිල තිබුන නිසා හිතට ආවෙ අමුතු දුකක්."අනේ යකෝ තොපි තොපි මොකුන්ද බන් උබේ එකෙක්ට තියන ප්‍රශ්න වත් උබල දන්නෑ".මේ වෙද්දි මේ සීන් එක නිසා අඩි හතර පහක් කාල මූනු රතු වෙලා තිබුනු අපිට ඒ වචන කිනිසි පාරක් වගේ හදවතට බැස්ස."ගිහිල්ල බලපිය තොපේ එකාට මොකද වෙලා තියෙන්නෙ පල පො#&$%@ ".ඇත්තටම මේකට මොකක් වෙලාද?.දාහතරෙ කාමරේ අඩන බරාව බලන්න යන අපි හැමෝගෙම හිතේ තොබුනෙ ඒ ප්‍රශ්නෙ.අපි කාමරේට යනකොට කමරේ සින්නො ටිකකුයි අපේ උන් ටිකකුයි බරා ලගට වෙලා ඉන්නව.මුකුත් නොදන්න අපි බරා ගාවට ගියේ බරා කැම්පස් එක දාල යන හේතුව දැන ගන්න.පල්ලෙහා ඇදේ යකඩ බාර් එකට ඔලුව තියන්, ලග තියන සාලුවෙන් හොටු පිහපිහ, හොදටම අඩන බරාව දැක්කහම කාගෙ උනත් පපුව හෝස් ගාල යන්නෙ නිරායසයෙන්ම."ඇයි බරා මොකක්ද ප්‍රශ්නෙ, ඇයි බං ඔහොම අඩන්නෙ, උබට සල්ලි ප්‍රශ්නයක්ද? , අපි සල්ලි එකතු කරල දෙන්නම් බං, අඩන්නැතිව හිටහන්"."අනේ මට මෙහෙ ඉන්න බෑ බං".ඒ බරා.උගේ කැඩිච්චි කටහඩට තවත් දුක හිතෙනව."ඇයි බන් කියපන්කො මොකක්ද ප්‍රශ්නෙ ගෙදර ප්‍රශ්නයක්ද අපි ඉන්නව බං ඕන එකකට"."අනේ එහෙම දෙයක් නෑ බන්'."ඇයි නැත්නම් කවුරුහරි උබට එන්න දෙන්නැද්ද කියපන් කවුද ඒ".ඒ අපේ සෙට් එක.මේ වෙද්දි කොහොම හරි බරාව ගොඩදාන්න අපි එක හිතින් තීරනය කරල ඉවරයි."කියපන් බරා කියපන් අපි ඉන්නවනෙ කියපන්"."අනේ බන් මට මට...".ගොත ගැහෙන බරාගෙ කටහඩ උගේ ප්‍රශ්නෙ බැරෑරුම් කම අපිට කියුව."කියපන් මචන් අපි ඉන්නවනෙ".ලගතියන සාලුවෙන් හොටු පිහපු බරා අපේ පැත්තට හැරුන."අනේ අනේ ..අනේ...බං මට.මට ඉංග්‍රීසි තේරෙන්නෑ බං මන් යනව ගෙදර මට ලෙක්චර් ඉන්න බෑ බං".මුගෙ #&$*$*-$&.ඇයියකෝ අපිට ඉංග්‍රීසි තේරෙනව කියලද මේකෙ ඉන්නෙ , ඔය මගුල නිස්සාද පරට්ටයො ඇඩුවෙ ඒකද යකෝ අපි අඩි කෑවෙ තොට අද මම.. තෝ ...ඒ අපේ හිත.සින්නො ඉන්න නිසා අපිට මුගේ අඩු කඩන්න බැරිය.නැතිනම් නොකර ඉන්නෙත් නැතිය.මේ බරා අපිට මුලින්ම දුන්න ආතල් එක...කොහොමින් කොහොමින් හරි රැග් කාලෙ දිත් රැග් කාලෙ ඉවර උනාට පසුවත් අපිට බරාගෙ කාමරේ නුපුරුදු නැනක් නොඋනෙ එතන ආතල් ලෝකයක් නිසා...තර්ඩ්යියර් එකට ආවත් ආතල්නම් ඉවර නැත.මේ සදුද දවසක් , සදුද කියන්නෙ ඉතින් මල දවසක්, මේ දවසෙ තමා ඉතින් ගොඩක් ඈයො ගෙදර ඉදන්ම ලෙක් එකට වාර්තාකරන දවස,.දවල් එක වෙද්දි ඔක්කොම ආවත් බරා තාම නැත..ඕක ඔහොම්මමනෙ ඉතින්....එකට පටන් ගත්තෙ කබ්බ සර්ගෙ ලෙක් එක ,.ඒක සර්ගෙ පෙට් නේම් එක.අතිශය උග්‍ර කඩ්ඩ්ඩ වචන පාවිචි කර කර උගන්වන මේ මැත්ස් පාඩම පට්ට කම්මැලි නිසා ගොඩක් අය හිටියෙ වෙනම ලෝක වල.සමහරු යුද්ධවල නොහොත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන් ගහනව,.සමහරු එස් එම් එස් මලක, සමහරු ඇස් ඇරන් දොයි...මේ වෙද්දි එෆ් බ් චෙක් කරකර හිටපු මාත් හිටියෙ පට්ට නිදිමතේ ඒත් සර් දරුනුවටම උගන්වනව, අපි දොයි කියල දැනුන නිසාද කොහෙද කබ්බ සරුත් හිටියෙ තරහින්....මේ අස්සෙ දඩස් ගාල ඇරුන දොරෙන් ආවෙ බස් එකේ කට්ට කාගෙන ආනිසාදෝ අතිශය විඩාවට පත්වෙලා ඉන්න බරා.කබ්බ සර් දැක්ක බරාගෙ ඇස් උඩගියේ බයට.ඇයි හිවලො තෝ දැක්කෙ නැද්ද කබ්බව.ඒ මගේ හිත.මේ වෙදෙදි හැමෝම හිටියෙ ඉතාමත් හොද අවදානයකින් සහ ජොලියකින්.කෑලෑන් කුඩු වෙන්න ඇටෑක් එද්දිත්...කෙල්ල එවන මැසේජ් ඉන්බොක්ස් එකේන් පිරෙද්දිත් අපේ සහෝදර සහෝදරියො වට පිටාව ගැන අතිශය අවදානයෙන් හිටියෙ.ඇයි මේ.බ්කෝස්.බරා ඉස් හියර්....ආතල් එකක ලැබීමට නියමිතයි!!!.මේ වෙද්දි හැම දෙනාගෙම, බරාගෙ පැත්තට තිබ්බ කන ලොකු වෙලා.අසරණ බරා ඉදිරියට ඇදුනෙ අතිශය තරහ මූඩ් එකේ හිටිය සර්ගෙන් ඇමතුමක් ලැබුන නිසා,.ප්‍රේක්ශකයන්.. අතිශය අවදානයෙන්!."ලුක් ඇට් දි ටයිම්, වයි ආයූ ලේට්? ".සර්ගෙ කඩු පහරට ඔල්මොරොන්දන් වෙච්චි බරා කටත් ඇරන් කිසිම හැගීමක් නැතුව සර් දිහා බලං හිටියෙ ඌට මුකුත් තේරුනේ නැති නිසාද කොහෙද.මුගේ ඉන්න ස්ටයිල් එකට මල පැන්න සර් ආයෙත් ප්‍රශ්නෙ ඇහුවෙ හමුදාවෙ මේජර් කෙනෙක් වගෙ උස් හඩින්."වයි අර් යූ ලේට් හා!!!!".උඩගිහින් බිම වැටුනු බරාත් කඩුවෙන් කෙටුවෙ පිලිතුරු උත්තමාචාරය වගේ."හෝම් කමින්ග් නවු සර් !!!".මොකක්.හෝම් කමින්ග්.ආතල් එකක් ලැබීමට බලාපොරොතුවෙන් හිටි සැවොම අතිශය උද්දාමයට පත් වෙද්දි බරා පුටුවක ඉද ගත්තෙ හිනාවීමට නොහැකි නිසා බොරුවට කෝල් එකක් ගන්නව වගේ එලියට ගිය කබ්බ සර් නිසා,.ඒ බරා.අදටත් ඌට කඩ්ඩ බැරිය...ඒවගේම.අපිට ආතල් නොදී ඉන්නත් බැරිය...ප.ලි - කඩ්ඩ බැරිවීම විහිලුවට ලක්කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්ඩ..බරා කවදහරි කඩ්ඩ ඉගනගන්නවා කියාත් විස්වාසය..Posted by Sithum at 7:15 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.5 comments:.UnknownMay 16, 2017 at 1:13 AM.super story...!!!!!!!!!.ReplyDelete.Replies.SithumApril 28, 2020 at 8:56 AM.Thanks.Delete.Replies.Reply.Reply.UnknownDecember 14, 2019 at 9:06 AM.👍👍👍👍👍👍.ReplyDelete.Replies.SithumApril 28, 2020 at 8:56 AM.Thanks.Delete.Replies.Reply.Reply.laafedahmenMarch 4, 2022 at 12:33 AM.How to Play Slots - Las Vegas - MapyRO.Las Vegas 하남 출장안마 slots can be found on the map and 출장샵 most people know 사천 출장샵 what's around the 제주도 출장샵 corner. There's 강원도 출장마사지 no shortage of slots..ReplyDelete.Replies.Reply.Add comment.Load more....Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.▼ 2017 (2).▼ May (2).ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.► 2014 (2).► November (1).► October (1).► 2013 (8).► August (2).► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.15 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Tuesday, June 25, 2013.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?.."අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල".දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති..පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා.පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව..ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ,.පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න,.රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එකයි විතරයි.ඒ පොත කියවපු ඕනම පොඩි කොල්ලෙක්ට එහෙම කරන්න හිතුන් නැති වුනොත් තමා පුදුම වෙන්න ඕනෙ,.ඒ සිද්දි මතක් කර කර පොත් ටික ටික එලියට අදින කොට පෙට්ටියක් අඩියෙ තිබිල එලියට අවෙ මට නුපුරුදු පොත් දෙකක්,.මොනවද මේ පොත්,.වේයො ගොඩක් කාල තිබුන ලොකු පොත අයින් කරපු මම අතට ගත්තෙ පිට කවරෙ විතරක් වේයො කාල තිබ්බ පොඩි පොත,කොච්චර වේයො හිටියත් ඒ පොතේ එක පි‍ටුවක් වත් වේයො කාල තිබ්බෙ නෑ..අක්ෂි වෛද්‍ය රත්නය.පරණ නෝට් පොතක් වගේ පේන පොතේ පලවෙනි පි‍ටුවෙ උඩින් තිබුනෙ එහෙම..ඇස් ලෙඩ , ඒවගෙ රෝග ලක්ෂණ, බෙහෙත් වර්ග ගැන ලියල තියන මේක වෙද පොතක්..පුදුමයක් නෑ මම මේක කියවල නැති එක, මොකද දැනුත් මේකෙ තියන සමහර වචන මට තේරුම් ගන්න අමාරුයි,බැදි අකුරු වලින් තිබ්බ සමහර වචන මට කොහොමටවත් තේරුනේ නැහැ,ඒ උනාට මේක ලියපු කෙනා ගොඩක් පැහැදිලිව ලියල තිබුන නිසා මම පොත දිගටම ආසවෙන් කියවගෙන ගියා..පොතේ මැද හරියට වෙනකම් වේගයෙන් කියවගෙන ගිහින් පොතත් අරගෙන මම සියඹලගහ යට තියන බංකුව උඩට ගියේ වෙද කම් ගැන තිබුනු පි‍ටු අතර තිබුනු අමුතු දෙයක් දැකල,.පොළොව යට මැණික් බැලීමට අඳුනක්.අඳුන්!.අඳුන් කියන්නෙ අංජනම් ද?.වෙද පොතක් ඇතුලෙ අඳුන් ගැන ලියල තියෙන්නෙ ඇයි?.ඒ වෙලාව මගේ ඔලුවට ආවෙ ඔය ප්‍රශ්න.කවුරු හරි මගෙන් ඇහුවොත් මන්තර විශ්වස කරනවද? කියල මට ඒකට දෙන්න හරි උත්තරයක් නෑ.මොකද මම ඒ ගැන දන්නෑ..කොහොම උනත් මේ පොත් කොහොමද මෙතන්ට ආවෙ, කියල මම හොයන්න ඔනෙ,.අනිත් පි‍ටුවල තියෙන්නෙ මොනවද?.අනිත් පොතේ තියෙන්නෙ මොනවද?.සමහර දේවල් මට තේරුම් ගන්නත් අමරුයි..මේව බොරු ද? එත්,.මෙච්චර මහන්සි වෙලා කවුරු හරි පොතක බොරු ලියයිද?.ඒ වගේම ඇත්තටම, අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?..පසුව- මේ මගේ පලවෙනි post එක,වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න පුලුවන්නම් ගොඩක්.ස්තූතියි!.Posted by Sithum at 10:07 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක සයුර.30 comments:.රෙහානිJune 27, 2013 at 9:03 PM.ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද ? කොහොම උනත් ඔය පොත් ටික හොඳට අධ්‍යනය කලොත් වටිනා දේවල් හොයාගන්න පුළුවන් වේවි යාලුවේ.ReplyDelete.Replies.රෙහානිJune 27, 2013 at 9:20 PM.folowers ගැජට් එක දාගන්න ..එතකොට ඔයාට ඔයාව කියවන අයව පහසුවෙන් හඳුනාගන්න පුළුවන් ..මෙහෙම කරන්න Desine - Layout - add a Gadget - Folowers (ඔයාට කැමතිතැනක).Delete.Replies.Reply.SithumJune 27, 2013 at 10:33 PM.මේ පොත් ටිකේ මන් හිතුවෙවත් නැති දේවල් තියනව රෙහානි,අඳුන් ගොඩක් තියනව,.කව්ද මේ පොත් දුන්නෙ කියල මට හොයගන්න පුළුවන්වුනා.මම තව ටිකක් හොයල ඒ ගැන post එකක් දාන්නම්.මම folowers ගැජට් එක දැම්ම ඒත් ඒක වැඩ නැහැ වගේ,.comment කරාට ගොඩාක් ස්තූති, බ්ලොග් වලට මම ගොඩක් අළුත් තව දේවල් තියනවනම් කියල දෙන්න.pls.Delete.Replies.Reply.UnknownAugust 11, 2018 at 6:45 AM.Mewa karanna mulika danumak thibiya yuthui,ashta karamaya,din,nakath,puja,homa dupa, mantharaya pamanak thibinen pala rahithai,hariyata parippu witharak thiyanawa wage,namuth prippuhada ganna- lunu miris thunapaha oni neda.Delete.Replies.Reply.Reply.LancelotJune 28, 2013 at 12:46 AM.ඇතුතද බොරුද කියලා කරලම තමයි බලන්න වෙන්නේ !!!!.ReplyDelete.Replies.SithumJune 28, 2013 at 1:36 AM.ඕනකරන බඩු ටික හොයාගත්තොත් කරල බලන්න පුලුවන්, අමාරුම වැඩේ ඒකනෙ, තව 108 පාරක් කියන මන්තරයක් තියන්ව ඒකනම් කියවගන්න පුලුවන්..ඒත් ඉතින් හරියට නොදැන ඕව කොරන්ට ගිහින් මොනව වෙයිද දන්නෑ..Delete.Replies.Reply.Reply.samakayawateJune 28, 2013 at 3:31 AM.ඉතා හොඳ අදහස් ඇති අඩවියක්නේ සිතුම්. අදයි නෙත ගැටුණේ. බ්ලොග් කරණයට පිවිසි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි එන්නම් දිගටම..ReplyDelete.Replies.SithumJune 28, 2013 at 4:16 AM.අගය කිරීමට බොහෝම ස්තූතියි නලීන්, දිගටම ඔබව බලාපොරොත්තු වෙනව..Delete.Replies.Reply.Reply.ChamsJune 28, 2013 at 6:43 AM.මාත් ආව සිතුම් සයුරට ගොඩවදින්න :) බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න සුභ පතනව ඔයාට....ReplyDelete.Replies.SithumJune 28, 2013 at 8:16 AM.බොහෝම ස්තූතියි chams සිතුම් සයුරට සාදරයෙන් පිළිගන්නවා!.Delete.Replies.Reply.Reply.රයිටර් June 30, 2013 at 10:54 PM.ඕකේ නැද්ද අර නොපෙනී යන්න පුළුවන් තෛලය හදන විදිහ හෙම ?.ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:35 AM.හ හා, ඒක නම් නෑ.. දේවතාවුන් තව මලගිය ප්‍රාන කාරීන් ගෙන්වන මන්තර තියනව...මේ පොත අප්පච්චිට දිපු කෙනා තාම ඉන්නව. හෙන තඩි උඩු ‍රැවුලක් වවාගෙන ඉන්න ටිකක් භය හිතෙන පෙනුමක් තියන කෙනෙක්.. හම්බෙලා කතාකරන්න යන්න ඕනෙ.Delete.Replies.Reply.Reply.ක්සැන්ඩරයාJuly 4, 2013 at 2:46 AM.ටොම් සෝයර් කියන්නේ මගෙත් ප්‍රියතම පොතක්. කී පාරක් කියෙව්වද කියන්න බැරි තරං කියවල ඇති. නියමයි.. ලිවිල්ල දිගටම ගියොත් පුතේ බුලට් එකක් වෙනවා සිකුරුයි..ReplyDelete.Replies.SithumJuly 4, 2013 at 3:04 AM.ටොම් වෙන්න කරපු පිස්සු වැඩ ගොඩක් තියෙනව ඒවත් ලියන්නම්කො..Delete.Replies.Reply.DudeAugust 10, 2013 at 5:35 AM.මම හොඳටම පරක්කුයි. අඳුන් ගැන නම් මම දන්නේ නෑ. නමුත් ටොම් සෝයර් මගෙත් ප්‍රියතම පොතක්..Delete.Replies.Reply.SithumApril 28, 2020 at 8:58 AM.මමත් කාලෙකින් ආවෙ.Delete.Replies.Reply.Reply.Praසන්னJuly 4, 2013 at 4:27 AM.දිගු ගමනක් යන්න සුබ පැතුම් මල්ලියෙ..ReplyDelete.Replies.SithumJuly 4, 2013 at 5:19 AM.සුබ පැතුමට ගොඩක් ස්තූතියි.Delete.Replies.Reply.Reply.UnknownDecember 31, 2015 at 9:55 PM.ඔව් පුලුවන් දරුවෝ මේවා සත්‍යක්.මන් ලගත් ඔයවගේ පොත් පුස්කොල පොත් ඕන තරම් තියේ.ඒත් පරිස්සමින්.0702078426මේ අංකයට කතා කරන්න.මන් ඔයාට ඕවයි ඇත්ත නැත්ත පහදා දෙන්නම්...බුදු සරණයි ඔබට...ReplyDelete.Replies.Reply.sanaMay 16, 2016 at 2:37 AM.http://mantaragurukam.weebly.com/ ‍මේකට යන්න පට්ට ‍හොරුන්ට ඔය ‍පොත් ටික ‍දෙන්න එපා ඔයාව රවටා ගනී.ReplyDelete.Replies.sanaOctober 3, 2017 at 9:47 PM.උඩ එක වැඩ නෑ දැන් ‍මෙන්න ‍මේකට යන්න ‍මේක ‍හොදයි මමත් ගෙදර වැඩ වාගයක් කර ගත්ත හරි ගියා..www.nomileguru.blogspot.com.Delete.Replies.Reply.Reply.UnknownJune 3, 2016 at 1:46 AM.මුලු බ්ලොග් එකම කියෙවුවා එල.ReplyDelete.Replies.Reply.UnknownJune 3, 2016 at 1:47 AM.මුලු බ්ලොග් එකම කියෙවුවා එල.ReplyDelete.Replies.Reply.UnknownSeptember 15, 2016 at 7:15 AM.මට ඔයාගෙ fb link1 දෙනවද???....ReplyDelete.Replies.Reply.UnknownSeptember 15, 2016 at 7:18 AM.නැත්නම් මගේ Fb 1ta Rec 1k දාන්න..Malith Dushmantha.ReplyDelete.Replies.Reply.UnknownNovember 18, 2016 at 5:30 AM.Ela ela mamath asai igena ganna.ReplyDelete.Replies.Reply.UnknownNovember 18, 2016 at 5:42 AM.Ela ela mamath asai igena ganna.ReplyDelete.Replies.Reply.mantharagurukamDecember 1, 2016 at 12:28 AM.http://nomileguru.blogspot.com.ඕකෙ යන්න සුපිරිම මන්තර තියෙයි.ReplyDelete.Replies.Reply.UnknownMarch 13, 2017 at 12:49 PM.Aththa ban owa.ReplyDelete.Replies.Reply.UnknownApril 20, 2017 at 10:23 PM.mcn me daana post aththada....ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).► 2014 (2).► November (1).► October (1).▼ 2013 (8).► August (2).► July (3).▼ June (3).අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.සුද්දගෙ බ්ලූ සීඩී එක.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?.About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.14 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: අන්ඩර්ටේකර් vs රතූ.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Friday, October 24, 2014.අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.....කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම..බය වෙන්න එපා කියනව, subject combination ගැන කියල දෙනව, අපේ විස්තර අහනව, කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව.දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි.ඉතින්, මොකට බය වෙන්නද ,.අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,.මේක සුපිරි තැනක්......"අප්පච්චි අපිටනම් ‍රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි..මෙයල අපිට මොකුත් කරන එකක් නෑ..".අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක්."එහෙමද එහෙනම් අද ‍රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි,කල්පනවෙන් පරිස්සමින් හිටපන්".අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ.තර්ක විතර්ක අනවශ්‍යයි,මටත් ඉතින් ඔනෙ බම්බුවක්,..අවුලක් වෙන එකක් නෑ.ඒත් ටිකක් බයයිද මන්ද..වෙලාව රෑ අටයි...අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි..තව එකේක් ඇද යට.ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව,.මම පු‍ටුවක් උඩ,.දඩාස් ගාල ඇරුන අපේ කාමරේ දොරෙන් ආවෙ අපේ සීනියර් අයියල ටිකක්.."ආ අයියෙ මොකද මේ පැත්තෙ.."."අයියෙ.... නැගිටපිය පර බ#*&#@*$#*#*%$%*^*".කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා.මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ........අයියලගෙ සහෝදර ප්‍රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප්‍රේමයේ උනුසුමටද කොඉන්ද...මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන........අපි ජුන්ඩොය අපිට නීති ඇත.ඉංග්‍රීසි අකැපය.අයියලා නම් නැත,ජේෂ්ඨ උත්තමයන් ඇත,ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි.පාවාදීම අකැපය .දුන්නොත් ඉවරය.සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය..ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන්..උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි,.තව... අපි, අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ ,.තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ..හරි සෝයි!!!.අපි ඉතින් හවසට ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන්..ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු ‍තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන්......අනේ ! මොනවා...ට කියනවද ඉතින්....ඉතින් ඔන්න, මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන්,තැනින් තැන මැලියම් වැහෙන කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම, මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට.අප්පේ.... දැක්කහම ආ..ස හිතෙනව.එක තැනෙක උද්ඝෝෂනයක්...." හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!.හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!.හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!".සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා.තවත් තැනක තොරන් විරිදු තාලයට ක්‍රිකට් විස්තර විචාරයක්...."ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා...ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව...".තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැ‍ටුමක් ප්‍රදර්ශනය කරනව,.ගායනය සහෝදර කැකුළන්ගෙන්.ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක්.මුන් දෙන්න ගහගනියිද මන්ද....තවත් සමහරු හිතින් මාවාගත්තු පු‍ටු වල නොහොත් මනෝ පු‍ටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව , ඔය පු‍ටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප,.අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පු‍ටුවෙ වාඩි වෙන්නෙ.බලන්න අපේ කැපවීම ,.සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි!!!!.ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ...."ඒ කවුද බන් අර තට්ටෙ තියෙන උතුමානාන්"." අ.. ඒ කොන්ඩය උතුමානන් බන්..."."කොන්ඩය, කො බන් කොන්ඩෙ "." අඩේ අර සුදු... කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ....".ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට." සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි!! "." සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි!! ".කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ...ඒ අස්සේ සමහරු කාර්ඩ් කුප්පියක්."අර පිංකි උත්තමාවිය, අර ලෙටී උත්තමාවිය, අර ජෙසා...."."යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො....".කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක්,.ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක....අ හ්! නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක...."අනේ !! මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන්..".ඒ රතූ මගේ සහොදර බැජියෙක්,.මේකට නම් පාඩම් හිටින්නෑ, ඒ කියන්නෙ ඉතින්, බඩුම තමා..ඔන්න තවත් එක සුන්දර වාත කරන, වාතවන වේලාවේදි නොහොත් ‍රැග් එකේදි, මාත් ඉතා සැප පහසු මනෝ පු‍ටුවක ඉදගත්ත,.මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ..!!.කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම,.ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව,.අන්ඩර්ටේකර්,.අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස ,යෝධ ඇගක් තියෙන, කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක්. වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි,.කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි!!!.මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව...හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න.ඒ මගේ හිත.මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල.."ඒ මෙහෙ වරෙන්".බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ.."කෙලින් හිටපන් යකෝ!!! "."තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද...".තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ.."තොට කියනදේ ඇහෙන් නැද්ද"."ඇහෙනව උතුමානනි .. මට පුළුවන් උතුමානනි"."අ එහෙමද තොට මතකයිනෙ. හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ".තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද.."කියපන් අර කවුද?"."ඒ..ඒ පැටී උතුමානන් උතුමානණි"."පැටී උතුමානන්, ඒ පැටීද යකෝ...‍තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල"."අර කවුද කියපන්..."."ක.. ක. කට්ටි උත්තමාවිය උතුමානණි...".චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල...දැන් ඉවරයි !!.....රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය...මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව.මාත් එක්ක මනෝ පු‍ටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව.පව්! , අසරණ රතූ."හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන්....".ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක....අන්ඩර්ටේකර් පෙන්නුවෙ ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් ,.රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර්...ඉබ්බ යකෝ ඉබ්බ...අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න...ඉබ්බ යකෝ කියපන් ඉබ්බ."තොට කියන්න පුළුවන්ද කියපන් පරයා.."."පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි".හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද....කියපන් දෙයියෝ කියපන්....ඉබ්බ කියල කියපාන්....මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි...........!."පුළුවන්.. එහෙනම් කියපන් ඒ කවුද?"."ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ..."."ගෙම්බ ‍තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම....".අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත්‍රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල...කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක."අනේ... මටනම් එපා......වෙනව බන්!!!".Posted by Sithum at 1:40 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.23 comments:.හංසි(swan)October 24, 2014 at 4:09 AM.නියමයි !!! ජය වේවා රතූ ට :D :D අපරාදේ වැරදිලාවත් මට ඔය එක සීනියර්කෙනෙකුට වත් මූනට 'ගෙම්බා ' කියල කියාගන්න බැරිඋනානේ . :D අපිටත් කාලයක් තිබ්බ ඔහොම නම් පාඩම් කරන් දවල් දොළහට බැජ් මීටින් තියෙද්දී නිකන් කරන්ට් වැදුන වගේ බයේ ගැහි ගැහි කට්ට කාපු කාලයක් වාසනාවට ඒ බිහිසුණු අවදිය දැන් නම් ඉවරයි :P.ReplyDelete.Replies.SithumOctober 24, 2014 at 6:56 AM.ඒකනම් ඇත්ත ඒ වෙලාවට හොදට හිතේ පාඩම් කරන් ඉන්න නමුත් අමතක වෙනව නේද?.හැබැයි ‍රැග් එක ගොඩක් අසුන්දරයි කියල ඒකාලෙ හිතුනත් ...‍රැග් කාලෙදි සිද්ධ වෙච්චි දේවල්වල ගොඩක් සුන්දර බඩ පැලෙනකන් හිනාවෙන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනව......Delete.Replies.Reply.Reply.ඉවාන් පවුලූශාOctober 24, 2014 at 4:37 AM.කොහෙද යකෝ හැංගිලා ඉන්නේ.ReplyDelete.Replies.SithumOctober 24, 2014 at 7:02 AM.අම්මේ කොමෙන්‍ටුව දැක්කහම තියෙන සතුට :).ආපහු හැන්ගෙන්නෑ දිගටම ලියන්ට ඕනෙ ඉවාන්...කොහොමහරි වෙලාවක් හොයාගන්න ඕනෙ බ්ලොග් එක ආපහු ලියනකොට දැනෙන්නෙ මාර සතුටක්!!! ඉතින් කොහොම නවත්තන්නද.Delete.Replies.Reply.Reply.එල ද බ්‍රා මෙන්ඩාOctober 24, 2014 at 8:59 PM.චැහැ...ඉස්කෝලේ යනකාලේ උඔගේ බොලග් එක කියවන්න ලැබුනානම් මම කොහම හරි කැම්පස් යනවා ඒ තරම් එල ද බ්‍රා..ReplyDelete.Replies.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)October 24, 2014 at 11:21 PM.මම කියන්න ආපු එක උඹ කියලා. එල ද බ්‍රා.Delete.Replies.Reply.SithumOctober 25, 2014 at 12:05 AM.කැම්පස් යන එකයි ගිහින් ඉන්න එකයි අමු කට්ටක් සහෝ ඒත් ඒකෙ ආතල් ලෝකයයි.ඒ ආතල් කන ක‍ටු ඔක්කොම අමතක කරනව.Delete.Replies.Reply.Reply.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)October 24, 2014 at 11:22 PM.පට්ටයි බොල. පවු බං රතූ. :).ReplyDelete.Replies.SithumOctober 25, 2014 at 12:08 AM.ඌනම් පව් තමා හැබැයි ඕක මම මේ සිද්දිය බ්ලොගේ ලියුව කියල දැන ගත්තහම මගේ ඔලුව කයි!!!.Delete.Replies.Reply.Reply.UnknownOctober 25, 2014 at 4:46 AM.ඇඩෙනවා තනි ඇහැට.........................රතුවා නියම පොරක්.... ගැලපෙන පොරක්.....ReplyDelete.Replies.SithumOctober 25, 2014 at 5:09 AM.ඇඩෙනව නේන්නම්, හෝස්ටල් එකේ ‍රැග් කාලෙ රස කතා කියන්න පටන්ගත්තොත් මේ කතාව කොහොමහරි උඩට එනව,.ඇත්තටම රතූ නියම පොරක් එලකිරි කොල්ලෙක්..Delete.Replies.Reply.Reply.උමා(දසුන්)October 25, 2014 at 12:13 PM.ඔන්න ඕකයි මම කැම්පස් යන්න බෑ කියලා අපේ අම්මට කියලා ආණ්ඩුවේ අෆ්ෆා................*).ReplyDelete.Replies.SithumOctober 25, 2014 at 6:39 PM.අම්මේ.. ඒකාලෙ ගොඩක් දුර දිග හිතල වගේ.Delete.Replies.Reply.Reply.Manosh SandaruwanOctober 25, 2014 at 8:41 PM.අඩේ පට්ට මචෝ පට්ට.. උඹව කියවපු මුල් වතාව. මුල් වතාවෙන්ම වැදුනා නියමෙටම. ආසාවෙන් කියවන්න පුලුවන් බං උඹේ මේ ලිවීමේ ශෛලිය. මං කැමතිම ඉස්ටයිල් එක..ඔන්න ඕකනේ බං මං කැම්පස් නොගියේ..නැත්නම් බැරිකමකට එහෙම නෙවෙයි!!.ReplyDelete.Replies.SithumOctober 25, 2014 at 9:25 PM.ගොඩක් ස්තූතියි මචෝ, දිගටම වරෙන් මේ පැත්තෙ.සමහර වෙලාවට ‍රැග් එකත් පට්ට ආතල් බන්.Delete.Replies.Reply.Reply.Mahesh RathnayakeOctober 28, 2014 at 2:07 AM.පට්ට පට පට යකෝ හම්මේ පටං ගත්ත වෙලේ ඉදල් හිනා කෝච්චියයි....අපරාදෙ පරක්කු වෙලා ආවෙ කමන්නෑ මීට පස්සෙ මාත් එන්නංකො දිගට.....ජයවේවා.ReplyDelete.Replies.SithumOctober 28, 2014 at 4:13 AM.බොහොම ස්තූතියි මචෝ, පරක්කු වෙලා ආවත් කමක්නෑ දිගටම එන්න මේ පැත්තෙ. :).ජයවේවා.Delete.Replies.Reply.Reply.රාජ්October 28, 2014 at 2:35 AM.හෙහ් හෙහ්........උඹත් දැං ලොකු එකෙක් ඈ! කාලෙකට පස්සෙ ආවෙ මේපැත්තෙ.ReplyDelete.Replies.SithumOctober 28, 2014 at 4:18 AM.අම්මේ දැක්කහම තියන සතුටක්, මංඒ ත් බැළුව මාව අමතක වෙලාදෝ කියලා,.Delete.Replies.Reply.Reply.ChandanaNovember 2, 2014 at 5:25 AM.ඕව පස්සෙ මතක් කරන කොට තමයි හිනා ඩබල් වෙන්නෙ. ලස්සන ලියවිල්ල. :).ReplyDelete.Replies.SithumNovember 5, 2014 at 5:39 PM.ගොඩක් ස්තූතියි!, ඒක නම් ඇත්ත තමයි. චන්දන, හිනා වෙවී මෙව බ්ලොග් එකේ ලියනකොට මාර සතු‍ටුයි.Delete.Replies.Reply.Reply.විභීෂණ IINovember 10, 2014 at 7:51 PM.අපිට නම් ඔය වගේ කැම්පස් මතක නැහැ බන්....එත් ඉතින් උඹල ඔය වගේ අතීත මතක අවුස්සනකොට බොහොම ආසාවෙන් කියෝගෙන යන්න පුළුවන්...ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 7:19 AM.මට හිතෙන විදිහට මේ මතක තමා අන්තිමේට ඉතිරි වෙන්නෙ විභීෂණ.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).▼ 2014 (2).► November (1).▼ October (1).අන්ඩර්ටේකර් vs රතූ.► 2013 (8).► August (2).► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.13 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Saturday, June 29, 2013.අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්සලාවට වරම් ලැබුනත්,.කොල්ල තාම ඉන්නෙ, ගෙදර : ).කොහොම උනත් මේ ගෙවුන කාලයේ දි මගෙ ජීවිතේට ලැබුන දේවල් බොහෝමයි..ඒ දේවල් වලින් දෙකක් තමයි මේ ,.පලවෙනි එක , උසස් පෙල යනු ඉතා භයංකාර විහිලුවක් බව, හොඳින් තේරුම් යෑම..දෙවනි එක , අන්තර්ජාලයේ බ්ලොග් අඩවි නමින් අපූරු දෙයක් තියෙන බව දැන ගැනීම..පලවෙනි එක කෙසේ වෙතත්, දෙවනි එක ඒ කියන්නෙ බ්ලොග්, මගේ ජීවිතේට ගෙනාව දේවල්නම් ගොඩක් තියෙනව ,.ඉතින් එතකොට , කොටස් වෙළෙඳපොළ කොහොමද මෙතනට ගෑවුනේ?.ඔව්, හොද ප්‍රශ්නයක්..කොටස් වෙළෙඳපොළ ගැන හොයන්න ගිහින් තමා මට මුලින්ම බ්ලොග් අඩවියකට ගොඩවෙන්න.හම්බවුනේ..ඒ දවස්වල විශ්ව විද්‍යාලෙ මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරපු වීරසූරිය අයිය හා හා පූරා කියල ජොබ් කට්ටක් හොයාගත්තෙ අවුරුදු තුනේ ඩිග්‍රිය, ස්ට්‍රයික් නිසා අවුරුදු හතරකට ඇදුන නිසා..ඒ ජොබ් එක තමා Investment Adviser ඒ කියන්නෙ ආයෝජන උපදේශක, මේ ජොබ් එක තිබ්බෙ කොටස් වෙළෙඳපොළේ තැ‍රැව්කාර සමාගමක,..දවසක් මළ ගෙදරකදි හම්බවුන වීරසූරිය අයිය මගේ ඔලුවට කොටස් වෙළෙඳපොළ නොහොත් CSE (colombo stock exchange) ගැන දැම්මෙ ඔය වගේ දේවල් වලට මම උනන්දු නිසා වෙන්නෝනෙ.."කොටස් වෙළෙඳපොළ ! අපෝ අපිට පුලුවන් ද ඕවට සෙට් වෙන්න?".මම වීරසූරිය අයියගෙන් ඇහුව පලවෙනි ප්‍රශ්නෙ ඒක,.උත්තරේට මට හම්බ උනේ පැය බාගෙක විතර ලෙක්චර් එකක් එයා ඉතින් ආයෝජන උපදේශකනෙ : ).කියපු දේවල් වලින් ගොඩක් නොතේරුනාට මේ වැඩේ මටත් කරන්න පුලුවන් කියල අන්තිමේදි මට තේරුනා..ඒත් ඉතින් වලට බහින්න කලින් වලේ මොනවද තියෙන්නෙ කියල හරියට දැනන් ඉන්න එපැයි,.කව්ද මේ වෙලාවෙ අපේ පිහිටට ඉන්නෙ..., කියන්න බලන්න..ඔව් , Google දෙයියො තමා.වෙන කවුරුද?.සෙව්ම් යන්තරේ සැරිසරනකොට තමා මට හම්බ උනේ Guide to CSE බ්ලොග් එක,.මේ සුපිරි බ්ලොග් එක කියෙව්වහම මට කොටස් වෙළෙඳපොළ ගැන පුදුම ආසාවක් ඇති උනේ, ගොඩක් විස්තර හෙව්ව, ගොඩක් මහන්සි උනා,.කොටින්ම කියුවොත්, හැමදාම පිළිවෙලට වැඩ කරන්නෑ කියල අම්මගෙන් බැනුම් අහන මම මේ වෙනුවෙන් වෙනම file හැදුව වෙනම notes හැදුව..කොහොමහරි මම පොඩි කාලෙකින් CSE එක ගැන ලොකු දැනුමක් ලබාගත්ත, මේ ගැන වීරසූරිය අයියත් හිටියෙ පුදුමෙන්!.ඊලගට තිබුනෙ CDS Account එකක් open කරල වැඩේ පටන්ගන්න..මේ හැම වැඩේටම උපදෙස් දුන්නෙ වීරසූරිය අයිය, මිනිහ මොනව හරි කියල CSE එකට එන්ටර් වෙන්න තිබ්බ මගෙ ආසාව වැඩිකරා..මේ මිනිහ දවසක් කියුව කතාවක්,."මල්ලි අහල තියනවද වෝරන් බුෆට් ගැන, මිනිහ ලෝකෙ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්, මල්ලි දන්නවද මිනිහ කොහොමද සල්ලි හම්බකරේ කියල, ආයෝජනේ කරල .. , එයා stock ගන්න මුලින්ම පටන් අරන් තියෙන්නෙ අවුරුදු එකොලහේදි , ඒත් එයා ලගදි කියල තියනව අපරාදෙ ඊටත් කලින් වැඩේ පරන්ගන්න තිබ්බෙ කියල, ඉතින් බලන්න මල්ලි ... අපි කොච්චර පරක්කුද කියල, හැබැයි කොහොමහරි වැඩේ හරියට අල්ල ගත්තොත් ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන්".එයා අහපු ප්‍රශ්න වලට එයාම උත්තර දිදී කියපු කතාව අහපු මාත් හිතාගත්ත බුෆට් වගේ වෙනව කියල ඊට පස්සෙ Hugh Hefner වගේ පොරක් වෙන්න බැරි යෑ..Hugh Hefner කියන්නෙ play boy සගරාවෙ අයිතිකාරය මේ ඉන්නෙ පල්ලෙහායින් ශොය් නෙ.ඉතින් කොහොමහරි....,.CDS Account එකත් හැදුව,.කොටස් වෙළෙඳපොළේ online කොටස් ගන්න පුලුවන්, බලන්න පුලුවන් software එකත් දාගත්ත,.හා හා පුරාකියල පලවෙනි වතාවට සොෆ්ට්වෙයර් එකෙන් Main Bord එක බලපු දවසෙ මට හිතුනෙ මාත් දැන් බුෆට් කෙනෙක් කියල..දවස් දෙක තුනක සොෆ්ට්වෙයර් අධ්‍යයනයෙන් පස්සෙ තමා කොටස් ගන්න ඕනෙ,.ඒත් කොටස් ගන්න සල්ලි ඕනනනෙ,.ඒකට ඉතින් අප්පච්චිගෙ සරණ තමා, දෙදාහක් විතර ඉල්ල ගන්නව දෙදහට විසිදාහක් දෙන්න බැරියැ..ඔන්න බුෆට් කෙනෙක් වීමේ සිහිනයේ මුල් පියවරේ අවසන් අදියරයි මේ,.."අප්පච්චි මේ.. මට සල්ලි වගයක් ඔනෙ, දෙන්න පුලුවන්ද?"."සල්ලි, කීයක්ද දැන් ඕනෙ?"."දෙ..දෙදාහක් විතර දෙන්නකො, මම ආපහු දෙන්නම්"."දෙදාහක් ! දෙදාහක් මොකටද උබට, අනික කොහොමද අපහු මට සල්ලි දෙන්නෙ කියපන් බලන්න".මෙන්න මගේ චාන්ස් එක ගත්ත ගට කරට."අප්පච්චි.. මම ඔය සල්ලි කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න හදන්නෙ දැන් මමත් CSE එකේ...............".මගේ අදහස් දැක්වීම පටන් ගන්නකොටම අප්පච්චි පැනපි මැද්දට."කොටස් වෙළෙඳපොළ...! අනේ පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ , ඒ සැරේ සූදුවට යන්නද හදන්නෙ....."."නෑ අප්පච්චි, ...මේක..."."පලයං ගිහින් ප්‍රයෝජනවත් වැඩක් කරපන්,...කොටස් වෙළෙඳපොළ..., කොටස් වෙළෙඳපොළ , උඹට ඕනෙ නෑ, හොදට ඉගෙනගනින් එතකොට සල්ලි හොයන්න පුලුවන්, ආපහු ඔය ගැන කතා කරන්න බෑ හරි ද,".හිත ඇතුලෙ හිටපු අනාගත වෝරන් බුෆට් අප්පච්චිගෙ වචන වලට කොහේගියාද මන්ද?.ඔලුවත් බිමට පහත් කරගෙන එලියට ගිය මට මතක් උනේ උදේ බලපු ප්ලේබෝයි අයිති කාරය හිටපු.පිංතූරේ,.මුන් හිනාවෙන්නෙ මට ද?..Posted by Sithum at 12:47 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක සයුර.54 comments:.AnonymousJune 29, 2013 at 4:56 AM.නියම අත්දැකීම. මමත් උසස් පෙළට කරේ කොමස්. හැබැයි මට යන්න වුණ සබරගමුව කැම්පස් එක දුර වැඩි වුණ නිසා මං සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය කරන්න කැළණියට ගියා. ඒකෙන් මගේ කොමස් ජීවිතය මාර විදිහට වෙනස් වුණා. මං වෙනම පාරකට වැටුණා. මං මාර ආතල් එකේ මේ ජීවිතේ ගෙවනවා. ඒකෙන් ඔයා යන්න ඉන්න ගමන ගැන මුකුත් කියන්න උත්සහ කරා කියලා හිතන්න එපා..ඉතිං ඉතිං කොටස් වෙළදපොළ එතනින් ම කොටස් වෙලා ගියා ද ?.බ්ලොග් එක කියෙව්වා. නියමයි. ආසයි ඔය වයසේ කොල්ලෙක්ගේ අදහස් කියවන්න..තුෂාර විතාරණ.කුරැටු ගෑ ගී පවුර බ්ලොග් එකේ කෙනෙක්.ReplyDelete.Replies.SithumJune 29, 2013 at 12:52 PM.ජීවිතේ එක බලාපොරොත්තුවක් නැති වෙනකොට තව එකක් ඉබේම උපදිනව කියල මට හිතෙන්නෙ,.කොටස් වෙළදපොළ ගැන අපහු හිතන්න ඕන හැබැයි මම ඊට කලින් රස්සාවක් කරල සල්ලි හම්බ කරල ඉන්න ඕන..ගොඩක් ස්තූතියි මාව දිරි ගැන්නුවාට, ආපහු මේ පැත්තෙ ඇවිත් යන්න එන්න..Delete.Replies.Reply.Reply.මාතලන්June 30, 2013 at 12:36 AM.බොහොම රසවත්. ඇත්තටම හොඳට ඉගෙනගෙන සහතික පුළුවන් තරම් ගන්න. තමන්ගේ දෙයක් නොකරනවනම්, අනාගතේ සහතික නැතුව මුකුත් කරන්න බැරෙවෙයි. මම ඒ කට්ට අදත් කනවා..බ්ලොග් එක නම් සුපිරියි. පින්තූර එහෙම නියමෙටම මැච් වෙනවා. කියවන්න කිසිම කම්මැලි කමක් නෑ. අනිත් අයගේ ඒවටත් කොමෙන්ට් කරලා කොහොම හරි ජනප්‍රිය කර ගන්න. මම දැක්ක සුපිරිම පෝස්ට් එකක් කියන්න පුළුවන් කිසිම ලෝභ කමක් නැතුව..ReplyDelete.Replies.SithumJune 30, 2013 at 2:31 AM.කියාගන්න බැරි තරම් සතු‍ටුයි! ගොඩක් සතු‍ටුයි මාතලන් මගේ පුංචි බ්ලොග් පි‍ටුවට ඇවිත් ගොඩාක් ලොකු සුපිරි කොමන්‍ටුවක් දාල,.කියන්නද රහසක්,.මගේ මේ පුංචි බ්ලොග් පි‍ටුව ගහක් නම්, මම ලියන ලිපි ඒගහේ මල් වගේ...ලැබෙන හැම කොමෙන්‍ටුවක්ම මේ ගහට පොහොරක්...හැබැයි,.මේ ගහ පැල කරේ මම නෙමෙයි...මාතලන් ඔයා වගේ සිංහල බ්ලොග් ලියපු බ්ලොග් කාරයො....ඉතින් මට ලැබෙන හැම පැසසුමක්ම ඔය හැම දෙනාටම අයිතියි!.Delete.Replies.Reply.රෙහානිJune 30, 2013 at 9:39 PM.මෙයාගෙන් මේ වගේ කොමෙන්ට් එකක් ගන්න කොච්චර අමාරුද කියලා ඔයා දන්නවද ? :D මෙයා මෙහෙම කියනවා කියන්නේ අපිට කියන්න දෙයක් නෑ වගේ තමයි .ඇත්තටම පොස්ට් එක නියමයි මල්ලෝ ..ආසාවෙන් කියෙව්වා.Delete.Replies.Reply.SithumJuly 1, 2013 at 11:46 AM.අප්පේ ඇත්තද?.. මේ කොමෙන්ට්ස් දැක්කහම පුදුම සතුටක් දැනෙන්නෙ. බ්ලොග්කාරියක් විදිහට රෙහානි ඔයාටත් ඒක දැනිල ඇති..නොවරදවාම මේ පැත්තෙ එන්න...Delete.Replies.Reply.Reply.ChamsJune 30, 2013 at 4:54 AM.ඇත්තටම කිසිම කම්මැලිකමක් නැතුව කියෙව්වා ඔයාගෙ පෝස්ට් එක.ඔයාගෙ අත්දැකීම විස්තර කරල තියෙන විදිහ නියමයි. දිගටම ලියන්න :).ReplyDelete.Replies.SithumJune 30, 2013 at 9:03 PM.පරණ සිද්ධි මතක් කර කර ලියනකොට මාර සතුටක් දැනෙන්නෙ,ඒ වෙලාවෙ කොච්චර දුක හිතුනත් දැන් ඒක සුන්දර මතකයක්,.මේ අගය කිරීම් මට ගොඩක් වටිනව chams ස්තූතියි!.Delete.Replies.Reply.Reply.මැලේ රාළJune 30, 2013 at 6:54 AM.ඇත්තටම උබ මරු කොල්ලෙක් මටත් ඉන්නේ උබට ඉන්න ජාතියම තාත්තෙක් ........ උබ වැඩේ හොදට පටන් අරන් තියෙනවා, මට උබවගේ හැදියන් කියල මගේ අලුත් තාත්තලාගෙන එකෙක් වෙන මාතලන් ගොයියා මගේ බ්ලොගේ කෝම්මෙන්ට් කරලා...... (මගේ බ්ලෝග වල වටේ රිව්ව කක්කුසිසියක් වගේලු .... සෝ සැඩ් ......)මම මෙතනට ආවේ අපි නොදන්නා චෙස් කියන්න බලාගෙන එත් උබ දල තියෙන ආලවට්ටන් ටික හොයාගෙන දාන්න මට හව කාලයක් යයි. නිවාඩු වෙලාවක ඒ පැත්තෙත් ඇවිත් යන්න ......අලුත් බ්ලොගට හා උබට ජය.http://onemalaysiasinhala.blogspot.com/.ReplyDelete.Replies.SithumJune 30, 2013 at 9:19 PM.තැන්කියු...තැන්කියු...Maley Rala ,මාතලන් බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනව, මටත් තව ගොඩක් තියනව ඉගෙනගන්න,.අනිවාරයෙන් ඔයාගෙ බ්ලොග පැත්තෙ එනවාමයි.Delete.Replies.Reply.Reply.samakayawateJune 30, 2013 at 9:18 AM.සුන්දර විදියට ලියලා තියනවා මලයා. ඒ වගේම තමයි මට අදටත් ඔය කොටස් වෙළෙදපලේ වැඩ කටයුතු තේරෙන්නේ නැනේ..ReplyDelete.Replies.SithumJune 30, 2013 at 9:30 PM.බොහොම ස්තුතියි Naleen අයියෙ. (කමක් නෑනෙ අයිය කිව්වට :) ).මටත් මුලින්ම කිසිදෙයක් තේරුනේ නැහැ. ඒත් අතාරින්නැතිව ඒ ගැනම විස්තර හොය හොය ඉන්නකොට තමා තේරුනේ මේකෙ පොඩි රටාවක් තියනව කියල, ඔලුව කොටස් වෙළෙදපොලේම තියෙන්න ඕනෙ..නැත්නම් අවුල්.Delete.Replies.Reply.Reply.සාතන්June 30, 2013 at 9:52 AM.හෙහ් හෙහ්.... තාත්තා මරු උත්තරේ දීලා තියෙන්නෙ... :).හැබැයි මලේ (මම හිතනව උඹ මට වඩා බාලයි කියල) ඉතිං කොටස් වෙලඳ පල සූදු පිටියක් කරගන්න එක හරි ආයෝජනය කරන තැනක් හරි කරගන්න පුළුවන් තමන්ටම තමයි... ඔය සූදූ කතාව එන්නෙ මිනිස්සු වැඩිපුර කතා කරන්නෙ ලේසියට හොයන සල්ලි ගැන හින්දා... අනිත් කාරණාව දැනුම නැති කම....ReplyDelete.Replies.SithumJune 30, 2013 at 9:41 PM.ඒක හරියටම හරි සාතන්, මොනව කරන්නද, ගොඩක් මිනිස්සු කොටස් වෙළෙදපොල ගැන හරියට දන්නෙ නෑ, දන්නෙ කලු සල්ලි සුදු කරන්න ලොක්කො කියන ජාතිය පාව්චි කරන තැනක් විදිහට, ඒ කතාවත් ඇත්ත තමා.. ඒ උනාට මේකෙ හොද පැත්තකුත් තියනවනෙ..Delete.Replies.Reply.Reply.සුදීකJune 30, 2013 at 10:54 AM.මාතලන්ගේ මග පෙන්වීමෙන් ආවේ. මමත් මේ වෙනකොට කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරලා තියෙනවා. පාඩු වුනේ නෑ. හැබැයි ඔබේ පියා කරපු දේ ගැන මම දුක් වෙනවා. බ්ලොග් ලෝකේ දිගු ගමනක් යන්න අවස්ථාව උදා වෙන්න කියලා පතනවා..ReplyDelete.Replies.SithumJune 30, 2013 at 9:59 PM.සාදරයෙන් පිළිගන්නව සුදීක, දිගටම මේ පැත්තෙ එන්න, මගේ බ්ලොග් පි‍ටුවෙ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න..කොටස් වෙළදපොල අතහැරියෙ නෑ, තව ටිකක් ඉවසන්න ඔනෙ..Delete.Replies.Reply.Reply.SabithJune 30, 2013 at 2:34 PM.එක්තරා විදියක සූදුවක් තමයි! ලක් එකයි චාන්ස් එකයි එක්ක වැඩේ ගැන අයිඩියා එකක් තියෙනවා නම් ගොඩේ ගොඩ. හැබැයි ලොකු ලොකු ගනන් ආයෝජනය කරනකොට සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන! ඕවයිත් මාෆියා තියෙනවා කියනවනේ! ඉන්සයිඩ් ට්‍රේඩින්!.ReplyDelete.Replies.SithumJune 30, 2013 at 10:25 PM.මාත් ඔය කතාව අහල තියනව.. එ අවදානමට මුහුන දෙන්න වෙනව..මේ පැත්තෙ දිගටම එන්න Sabith.Delete.Replies.Reply.Reply.Aruni ShapiroJune 30, 2013 at 5:19 PM.මාතලන් කියපු පාරෙන් තමයි මාත් ආවේ..වොරන් බෆට් කොටස් ආයෝජනය කළේ සහ කරන්නේ ඒ ඒ කොම්පැණියක වැඩ කරන ලොකු කුඩා අය බැහැ දැකලා කතාබස් කරලා, අයවැය වාර්තා කියවලා එහෙම. අයවැය දෙපාර්තමේන්තුවට පෙන්වන පොත් සහ කොම්පැණිය ගෙනියන පොත් කියලා දෙකක් තියන රටවල් වල වොරන් බෆට් ලා බිහිවෙනවා වැඩිය දකින්න බැහැ. සාබීත් කියනවා වගේ ඕවයෙ දැන් වැඩියෙන් තියෙන්නෙ මාෆියා. අවසානයේ දී බෆට් පවා ඔබාමාට පක්ෂව වචනයක් දෙකක් ප්‍රසිද්ධියේ කියලා එයාගෙ බඩු ප්‍රවාහන කෝච්චි වලට වාසි වෙන්න නීති හදාගත්ත..තාත්තාට සවන් දෙන්න. හොඳින් ඉගෙන ගන්න, කොටස් වෙළඳපොල ගැනත් තව ඉගෙන ගන්න. එතකොට ඕනෑම ඕනෑ නම් තව වැඩි කලක් යන්න කළින් අන්තිම පහළට කඩා වැටෙන ඇමෙරිකන් කොටස්වෙළඳපොලේ වුනත් ආයෝජනය කරන්නත් පුලුවන් වේවි!!!!.ReplyDelete.Replies.SithumJune 30, 2013 at 10:37 PM.ඔබතුමිය මේ පැත්තෙ ආපු එක මට ලොකු සතුටක්,.මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තහම මම වෝරන් බෆට් ගැන තව විස්තර හෙව්ව, බලන් ගියහම උත්සහ වන්තකම දියුණු වෙන්න ඔනෙ..ඒ තත්වෙ ‍රැක ගන්න පන්දමත් ඔනෙ, එකට කියන්නෙ මොලේ පාවිච්චි කරනව කියන එකද දන්නෑ..දිගටම මේ පැත්තෙ ගොඩ වෙලා යන්න එන්න..Delete.Replies.Reply.Aruni ShapiroJuly 1, 2013 at 9:53 AM.sithum sayura,.//ඒ තත්වෙ ‍රැක ගන්න පන්දමත් ඔනෙ, එකට කියන්නෙ මොලේ පාවිච්චි කරනව කියන එකද දන්නෑ.//.පන්දම නැතිව තත්වය රැකගැනීමටයි මොලේ පාවිච්චි කරනවා කියන්නෙ..Delete.Replies.Reply.SithumJuly 1, 2013 at 11:39 AM.ඒක ඇත්ත.., ඒත් ගොඩක් අය පන්දම් ඇල්ලුවට පස්සෙ ලැජ්ජාව වහගන්න කියන්නෙ මොලේ පාවිච්චි කරා කියල..Delete.Replies.Reply.Reply.මයියා ( Mayya)June 30, 2013 at 6:11 PM.සධාරන කොටස් වෙළදපොලක් පවතින් රටක නම් කොටස් වෙළදපෝලේ ආයෝජයකයෙක් වීමේ වරදක් මමත් දකින්නේ නෑ.....ඒත් ලංකාවේ කොටස් වෙළදපොල සූදු අන්තුවන් අරක්ගත් කූට ජාවාරමක් වෙලා....කොටස් වෙළදපොලනියාමනයේ කලින් හිටියේ...ප්‍රසින්ඩන්ට් සෙකටරි ලලිත් චීරතුඔංගගේ නෝනා....රෙද්ද ඇදන් කොටස් වෙළදපොලේ ජාවරම් වලට සම්භන්දවෙන්න බැරි නිසා ඒ නෝනා තමන්ගේ තත්වය තියා ගෙන අයින් උනා..ඊලගට ආවේ තිලක් කරුණාරත්න..ඒයා ඒතැන සුද්ද කරගන්න හදන කොට ප්‍රසිඩන්ට්ම් කියලා එයාට අයින් වෙන තැනට කටයුහු සිද්ද උනා..දැන් ඉන්නේ අයෝජන චෝදනා සහිත සමාගමකම කොටස් තිවු ආචාර්්‍ය කෙකෙන්ක්...දැන් වැඩේ තියෙන්නෙ සාමාන්‍ය සුළු ආයොජකයන් කොටස් වෙලදපොලට ආකර්ශනය කර ගැනීමයි..මොකද මේ ජාවාරම්කාරයන්ගේ ගොදුරු වෙන්නේ මේ සාපෙක්ශව අඩු දැනීමක් සාහිත සාමන්‍ය සුලු අයෝජයකයන් වීම නිසයි....මට නම් කොටස් වෙළද ප්පොල කලු සල්ලි සුදු කරගන්න හොර තිප්පලක්...මං කථා කරන්නේ ලංකාවේ කොටස් වෙලදපොල ගැන....ඔබගේ බ්ලොග් ආරම්භයට මගේ සුභ්පැතුම් පිලිගන්න.....ReplyDelete.Replies.SithumJune 30, 2013 at 10:54 PM.ඇත්ත කතාව මයියා සම්පූර්ණ ඇත්ත....ලගදි කොටස් වෙළදපොලේ සිද්දවුන වෙනස්වීම්, කඩාවැටිම්, දිහා බලද්දි හිතෙන්නෙ,.කොටස් වෙළදපොල,දේශපාලකයොයි, කුඩු බිස්නස් කාරයොයි පාලනය කරනව කියල..සමහර කොටස් වල මිල බොරුව පුම්බගෙන ගිහින් එකපාරටම පහලට දාන්නෙ, සුලු ආයෝජකයොන්ගෙ සල්ලි ගරාගන්න,.සුභ පැතුමට බොහම ස්තූතියි!.නිතර ඇවිත් යන්න එන්න..Delete.Replies.Reply.Reply.ඉවාන් පවුලූශාJune 30, 2013 at 6:26 PM.මාතලන්ගේ පාරදිගේ ආවේ, ඇත්තටම සුපිරි වැඩක්, සුබපැතුම්..ReplyDelete.Replies.SithumJune 30, 2013 at 10:58 PM.ගොඩක් ස්තූතියි! ඉවාන් පව්ලූශා මේ දිරිගැන්වීම් මට ලොකු හයියක්..Delete.Replies.Reply.Reply.AnonymousJune 30, 2013 at 9:36 PM.මාත් මාතලන්ගේ පාර දිගේ ආවේ. දිගට ම ලියාගෙන යමුකෝ. අපිත් එන්නංකෝ ඇවිත් යන්න. පෝස්ට් එක නං ඇත්තට ම මරු තමා! කියවන්න ආස හිතෙනවා පින්තූර එහෙම ලස්සණ දාල තියෙන නිසා! සුභ පැතුම්!.ReplyDelete.Replies.SithumJune 30, 2013 at 11:04 PM.ගොඩක් ස්තූතියි! ධාරා හොද නරක දැන ගත්තොත් තමා හැදෙන්න පුලුවන්...මාතලන්ගෙ පාර දිගේ ගොඩාක් අය ඇවිත්,.. ගොඩක් සතු‍ටුයි....දිගටම එන්න..Delete.Replies.Reply.Reply.දිනුකJune 30, 2013 at 10:01 PM.මාත් කාලයක් ඔය වැඩේ කළා.රුපියල් 10,000ක් විතර දාලා 15,000ක් විතර හොයාගෙන ගිටාර් එකක් ගත්තා.දැං ඉතිං ඒවා කෙරෙන්නෑ.එළ එළ ඔහොම යං ඈ.....ReplyDelete.Replies.SithumJune 30, 2013 at 11:11 PM.අයියෝ... ඇයි නැවැත්තුවෙ! 5000 ක ලාභයකුත් හම්බෙලානෙ...ආපහු කරන්න අදහසක් නැද්ද?.දිගටම මේ පැත්තෙ එන්න දිනුක..Delete.Replies.Reply.Reply.චමී4යූ~chami4uJune 30, 2013 at 10:25 PM.හොද බ්ලොග් එකක් , පොස්ට් එකත් හොදයි ලියන විදියත් ලස්සනයි.. දිගටම ලියමු එහෙනම් අපි එනවා කියවන්න,.ජය වේවා !!!!.(මාතලන් තමයි පාර කිව්වේ ඈ ..).ReplyDelete.Replies.SithumJuly 3, 2013 at 8:51 AM.ගොඩක් ස්තූතියි චමී 4යූ, දිගටම එන්න..Delete.Replies.Reply.Reply.රයිටර් June 30, 2013 at 10:43 PM.හම්බෝ මට මෙලෝ සබ්බ සකලමනාවක් නොතේරෙන තැනක් තමයි කොටස් වෙළඳපොල. හෙහ් හෙහ්.. මම නම් කියන්නේ තාත්තා එහෙන් කොසු බාල්දි දැම්මට ලාවට වගේ පටන් ගන්න කියල. පේනවනේ ප්ලේ බෝයි අයියා ඉන්න හැටි...ඉරිසියාවේ බැරුවා..ලුතෙන් පටන් ගත්ත බ්ලොගක්නේ ඔක්කොම මුල ඉඳන් කියවන්න පුළුවන් වෙයි..ReplyDelete.Replies.SithumJune 30, 2013 at 11:21 PM.අප්පච්චි එපා කිව්වට ඒව කනකට නොගෙන කරපු ගොඩක් වැඩ වලදි උනේ මට බාල්දි පෙරලෙන එක...හැබැයි ඒවගේ හිතුවක්කාර වැඩ නොකෙරුවනම් ජීවිතේ කිසි ජොලියකුත් නෑ..බ්ලොගට සාදරයෙන් පිලිගන්නව පැතුම්, දිගටම එන්න.Delete.Replies.Reply.Reply.දේශකයාJune 30, 2013 at 11:50 PM.Wonderful.ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:25 AM.Thanks.. Thanks.Delete.Replies.Reply.Reply.රාජ්July 1, 2013 at 12:12 AM.ඊට පස්සෙ?.ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:27 AM.ඊට පස්සෙ කොල්ල අතගැහුව තවත් වැඩකට.. වැටිල බෑනෙ. : ).Delete.Replies.Reply.Reply.වැව් ඉස්මත්තJuly 1, 2013 at 2:01 AM.අනතර්ගතයෙ දක්වලා තියෙන කොටස් වෙළදපොල ගැනනම් මම දන්නෙ නැ ඇත්තටම එත් ඔබේ කතා ශෛලිය නම් හරිම ලස්සනයි. හැමදාම ලියමු.ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:28 AM.බොහොම ස්තූතියි! අනිවාරයෙන් ලියනව. දිගටම එන්න..Delete.Replies.Reply.Reply.සමනළීJuly 1, 2013 at 4:38 AM.නියමයි මල්ලි... හරිම රසවත් පෝස්ට් එකක්.....ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:31 AM.අහ්.. සමනළී අක්කත් ඇවිත්! බොහෝම ස්තූති අගය කරනවට.. ආපහු එන්න..Delete.Replies.Reply.Reply.Kenji @ JapanJuly 1, 2013 at 4:51 PM.නියමයි සිතුම්.ලියවිල්ල වගේම ගැලපෙන පින්තුර පෙල ගැස්මත් ඉතාමත් උසස්..මාතලන් සිංහල බ්ලොග් ලෝකයෙ කරන සේවය අපි අගය කල යුතුයි.නවකයින්ට දෙන තල්ලුව කියල වැඩක් නැහැ..ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 5:55 PM.සිතුම් සයුරට සාදරයෙන් පිලිගන්නව කෙන්ජි!.පැසසුම් වලටත් බොහෝම ස්තූතියි..මාතලන් කරන සේවය විශිෂ්ඨයි! අති විශිෂ්ඨයි!.මාතලන්ගෙ සින්ඩියෙ මගේ බ්ලොග් පි‍ටුව ගැන විශේෂයෙන් ලිපියක් පලවේවි කියල මට හීනෙකින වත් හිතුනෙ නෑ...ඒක මම වගේ නවකයින්ට දෙන තල්ලුවක් වගේම,.අලුතින් බ්ලොග් ලියන්න හිතන අයට ලොකු හයියක්!.කවුරු හරි අලුතින් බ්ලොග් පි‍ටුවක් ලියන්න යනවනම් කියන්න තියෙන්නෙ,.එන්න ඇවිත් හොද දෙයක් ලියන්න.....අපිට උදව්කරන්න සිංහල බ්ලොග් අවකාෂයේ ගොඩක් අය ඉන්නව....තනිවෙන්නෑ කවදාවත්ම......Delete.Replies.Reply.Reply.එල ද බ්‍රා මෙන්ඩාJuly 1, 2013 at 9:12 PM.ඔන්‍න‍ මමට් ආවා මටලාන් ගේ සින්ඩිය හරහා. දිගටම එනන්කෝ අවිට් යන්න.ජයවේවා.ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 10:04 PM.දිගටම එන්න .... : ).Delete.Replies.Reply.Reply.SilentSahanJuly 2, 2013 at 8:26 AM.onna mamath aawa mathalange para ahan..digatama liyanna malli..mama dakka oya mage blog ekatath aawa..suba pathum digatama liyanna....ReplyDelete.Replies.SithumJuly 2, 2013 at 10:26 AM.ස්තූති අයියෙ.. මේ පැත්තෙ දිගටම එන්න.Delete.Replies.Reply.Reply.වීපොකුරෙ වීයාJuly 3, 2013 at 4:36 AM.මාතලන් කිව්ව පාරදිගේ ආවෙ..!.ඇත්තටම සිත් ඇදගන්නා කතා විලාශය,බ්ලොග් පසුබිම..ආදී දේ බොහෝයි..!ලෝබ නැතිව කියන්නේ..!.ජය වේවා මචං..!.ReplyDelete.Replies.SithumJuly 3, 2013 at 4:41 AM.බොහෝම ස්තූතියි ! වීපොකුර වීයා.. අගය කිරීම ගොඩක් වටිනව..දිගටම මේ පැත්තෙ එන්න..Delete.Replies.Reply.Reply.Damith GunawardaneJuly 4, 2013 at 10:11 AM.මතලන් ගොයිය මෑලෙ රාලට බෑනපු තෑනකින් දෑකල අවෙ.සුපිරියට ලියල.සුබ පෑතුම් දිගටම එන්නම්.ReplyDelete.Replies.SithumJuly 4, 2013 at 5:21 PM.සිතුම් සයුරට සාදරයෙන පිළිගන්නව දමිත්....Delete.Replies.Reply.Reply.Praසන්னJuly 4, 2013 at 11:49 PM.මාත් ටෙලිකොම් එකේ කොටස් දාපු දවස්වල අරගෙන අවුරුදු ගානක් තියාගෙන ඉඳල විකුණල දැම්ම. ඊටපස්සෙනං ඔය ගැන හෙව්වෙ නෑ. මේ තියෙන වැඩත් එක්ක ඕකෙ පදිංචි වෙලා ඉන්න වෙලාවක් නෑනෙ..ReplyDelete.Replies.SithumJuly 9, 2013 at 8:50 AM.පදිංචි නොවී හිට්යොත් කෙලවෙනවතමා :D.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).► 2014 (2).► November (1).► October (1).▼ 2013 (8).► August (2).► July (3).▼ June (3).අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.සුද්දගෙ බ්ලූ සීඩී එක.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?.About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.13 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: සුද්දගෙ බ්ලූ සීඩී එක.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Thursday, June 27, 2013.සුද්දගෙ බ්ලූ සීඩී එක.."කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව".පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන්තියටම ඇහෙන්නත් එක්ක.."හයට ගියා බන් උන් මිදුල අතුගාල තියෙන්නෙ බාගෙට, ආපහු අතුගෑවෙව්ව, නැත්නම් අපිටනෙ බන් සර්ලගෙන් අනංමනං අහන්න වෙන්නෙ,මොකද කේස් එක? උදෙන්ම ඔෆ් එකක් ද?",.මේ අපි නිල් කොට කලිසමට බායි කියල සුදු දිග කලිසම අලුතින්ම ඇදපු කාලෙ.ඒ කියන්නෙ අයියල උන කාලෙ..හැමෝටම සුදු දිග කලිසම හම්බ වෙන කොට, මට තවත් දෙයක් හම්බවුනා, ඒ ශිෂ්‍යය නායක පට්ටම..අලුත් ශිෂ්‍යය නායක සෙට් එකට මුලින්ම දෙන්නෙ පොඩි ළමයි බලාගන්නනෙ, ඉතින්.මට මුලින්ම බාරදුන්නෙ හය වසර.හැබැයි වැඩේ ලේසිමත් නැහැ ඒක ඉතින් දන්නෝ දනිති..පන්ති හතරක් තිබ්බ හයවසර බලාගන්න ශිෂ්‍යය නායකයො හතරක් හිටිය, කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි..මේ පන්ති තිබුනෙ සර්ලගෙ ක්වාටස් ලග නිසා පන්ති අවට පිරිසිදුකම ගැන අපි හිටියෙ ලොකු අවදානයකින්..නැතිනම් උදේ පාන්දර එලියට බහින සර්ල ජාතිය අමතන්නෙ පොඩි උන්ට නෙමේ අපි හතර දෙනාට..ඒක නිසා පොඩි කොල්ලන්ටයි කෙල්ලන්ටයි ටොකු ඇනල හරි අපි මිදුල හරියට අතු ගාවගත්ත..ශිෂ්‍යය නායකයො උනහම ඉතින් පොඩ්ඩක් සැරටත් ඉන්න එපැයි..කුප්ප, මගේ ගජ යාළුව,.මිනිහ මගේ පන්තියෙ නෙමෙයි C එකේ, මම A එකේ..ඇගට හිර වෙන්න කලිසමයි කමිසෙයි ඇදල ලාවට ජෙල් පාරක් දාගෙන එන මූ ටවුන් එකේ පොරක්."උදේම සිංහල බන් ටීච්ර් පරක්කු වෙලානෙ එන්නෙ,ඒක නෙමෙයි පොඩ්ඩක් වරෙන්කො පොඩි වැඩක් තියෙනව".උදේ පාන්දරම මොකක් හරි බෙල්ල ගහල යන වැඩක් තමා, පන්තිය පිටිපස්සට මාව ඇදන් ගිය කුප්ප අතේ තිබුන ගණිත අච්චු පොතෙන් එලියට ඇදල ගත්තෙ බ්‍රව්න් පේපර් කවරෙක දාල තිබ්බ සීඩි දෙකක්.."මචං මේ දෙක උඹට තියාගන්න පුළුවන්ද?"."මොනවද බන් ඇතුලෙ තියෙන්නෙ?".මොනවද තියෙන්නෙ කියල ලාවට අදහසක් ඔලුවට ආවත් මට අහන්න හිතුනෙ නිකමට වගේ.."කා‍ටුන් එකක් බන්"."කා‍ටුන් එකක් අනෙ පලයන් යකෝ යන්න උඹ බලන කා‍ටුන් ඇත්ත කියපන්"."හරි හරි බන් එකක තියෙන්නෙ කා‍ටුන් එකක්, අනිකෙ තියෙන්නෙ බ්ලූ එකක්".මොබයිල් ෆෝන්, ඩිවිඩි ,ඉන්ට්ර්නෙට්, එච්චර ජනප්‍රිය නැති ඒකාලෙ ගොඩක් තිබ්බෙ සීඩී..ඒ දවස් වල සීඩී කඩවල සීඩී විතරක් නෙමෙයි සීඩී ප්ලේයර් පවා කුලියට දුන්නෙ සීඩී ප්ලේයර් එකක් පවා ගෙදරක තිබුනෙ කලාතුරකින් නිසා..කොල්ලො සෙට් වෙලා ‍ෆිල්ම් බලන එක ඒකාලෙ සොමි වැඩක්, ගොඩක් වෙලාවට මේවැඩේට සෙට් උනේ ටවුන් එකේ ඉන්න කොල්ලො.මම ටවුන් එකේ නෙමේ නිසා මාත් ඒ වෙනකොට කොල්ලො සෙට් එකක් එක්ක සීඩී බලල තිබුනෙ නෑ..සිංහල,දෙමළ,ඉංගිරීසි ‍ෆිල්ම් වගේම කලාතුරකින් හම්බෙන බ්ලූ සීඩීත් කොල්ලො සෙට් වෙලා බැලුව,හොයාගන්න ගොඩක් අමාරු නිසා අපි ඒ සීඩී පරිස්සම් කරේ නිධන් වගේ, ගත්ත විදිහටම නොදුන්නොත් අපහු නැහැ..කොහොම උනත් ඉස්කොලෙට සීඩී තහනම්!. හම්බ උනොත් කනේ පාර.ඊට වඩා දරුනු වෙන්නෙ දෙමව්පියන් ගෙන්වන එක..ඉතින් වැඩේ භයානයි!."මොකද බන් ඕව මෙහාට ගෙනාවෙ අහු උනොත් ගස්නෙ".කුප්පයට මම කියුවෙ සීඩී දෙක අතට අරන් කවරෙට දාන ගමන්."ඒකනෙ බන් උඹ ගාවට ගෙනාවෙ උඹ ගාව තිබුනොත් කවදාවත් මාට්‍ටු වෙන්නෑනෙ".ඒක ඇත්ත අහු නොවෙන විදිහට බොරු කියන්න, අවුලක් නම් ආද වගේ ලිස්සල යන්න මට හොදට පුලුවන් කියල අපේ උන් හොදට දැනගෙන හිටිය,ඉතින් උන්ගෙ සුරක්ශිතාගාරය උනේ මම.."හරි දැන් කාටද උඹ මේක ගෙනාවෙ"."සුද්දට බන් උන්ගෙ ගෙදරට අලුතෙන් ප්ලේයර් එකක් ගෙනල්ල, දැන් දවස් ගානක් ඉදන් බ්ලු ඒකක් ඉල්ලනව , අද උන්ගෙ ගෙදර කවුරුත් නෑලු ඌ පව්නෙ බන්".එතකොටම අත්දෙකේ දූවිලි පිහද පිහද එතනට අවෙ සුද්ද."මචං ගෙනාවද?".සුද්ද කුප්පගෙන් එහෙම ඇහුවෙ සෙල්ලම් බඩුවක් ගෙනාවද අහන පොඩි එකෙක් වගේ."ගෙනාව යකෝ අපි එහෙම තමා, සිතුමගෙන් හවසට ගමු මූගාව තිබුනොත් මාට්‍ටු වෙන්නෑනෙ".ඒ කුප්පගෙ පම්පෝරිය මෙක ඔහොම්මමයි."අනේ මචං පරිස්සමින් තියගනින් ඕව පොඩ්ඩක් වත් හීරුනොත් වැඩ නෑලුනෙ".මගේ අතේ තිබ්බ සීඩී දෙක අතට අරන් අපහු මගේඅ අතට දුන්න සුද්ද ගෙ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තිබුනෙ සතුටට වෙන්න ඇති,.ඒ වෙලාවෙ පන්තියට විද්‍යා ටිච්ර් ආපු නිසා මම පන්තියට ගියෙ ඉස්කොලෙ ඇරුනට පස්සෙ උන් දෙන්නට ගේට්‍ටුව ගාවට එන්න කියන ගමන්,......සුද්ද , සුද්ද සුදුයි සුදු කියුවට ඌට තිබුනෙ අමුතු සුදක්,මිනිහ ඉන්නෙ B පන්තියෙ..ගෙදර තියෙන්නෙ ඉස්කොලෙ කිට්‍ටුව උනාට සුද්ද ඉස්කොලෙට පරක්කු නොවී ආවෙ බොහොම කලාතුරකින්..එක නිසා ඉස්කොලෙට පරක්කු වෙලා එන අයට සුද්ද කරන්න office එක ඉස්සරහ තියන පොඩි පිට්ටනියෙ හැම උදේකම වගේ සුද්ද වැරදුනේනම් නැහැ..ඉස්කොලෙ ඇරුනට පස්සෙ හය වසරෙ ළමයි පෝලිමේ යවල මම ගේට්‍ටුව ගාවට යන කොට අරුන් දෙන්නම එතන."මොකද බන් පරක්කු?".ඒ සුද්ද.මූට තියන හදීසියක්.මගෙ අතින් සීඩී දාල තිබ්බ බ්‍රවුන් ප්‍රේපර් කවරෙ අතට ගත්ත කුප්ප එකෙ තිබ්බ සීඩි දෙකෙන් එකක් සුද්දට දුන්නෙ බොහොම ප්‍රවේසමින්.."පරිස්සමින් තියාගනින් මචං, මාට්‍ටු කර ගන්න එපා, හූරගන්නත් එපා, මම ඕක අපහු කඩේ අයියට දෙන්න ඕන, තව වැඩිය බලන්න එපා උඹ තවත් කෙට්‍ටුවෙයි අ "."අනේ නෑ දෙයියො මම එහෙම කරන්නෑ,මම උබට මේක හෙට ගෙනත් දෙන්නම්,උබට මම ඕක අතින් ඇල්ලුවද කියල හොයාගන්නත් බැරිවෙයි".කියපු සුද්ද අපිට යනව කියලවත් නොකිය ගියෙ මූ ඇවිදිනවද දුවනවද කියල කාටවත් හොයන්න බැරි විදිහට.පහුවදා ඉස්කොලෙ ගේට්‍ටුවගාවදි සෙට් උන කුප්පයි මායි පන්තියට ගියෙ එකට,.පන්තිය ඇතුලට යනකොටම අපි දෙන්න දැක්කෙ අතිශය දුබල දර්ශනයක්.සුද්ද හැමෝටම කලින් ඉස්කෝලෙ ඇවිත්!.ඇ මූට මොකක් වෙලාද?."ඔන්න බලපන් අපිම ඉන්න ඔනෙ මුන්ව හදන්න".කුප්පය කියුවෙ මහ සද්දෙන් හිනාවෙවී.එත් සුද්දගෙ මූනෙ තිබුනෙ අඩන්න වගේ පෙනුමක්."ඇයි බන් උඹල මට මෙහෙම කරන්නෙ, මම දවස් කීයක් බලන් හිටියද,මම හිතුවෙ උඹල මගෙ යාළුවො කියල ඒත් ඒත් උඹල මහ ජරා සත්තු බන්, ශික් මං කොච්චර ආසාවෙන්ද හිටියෙ වැලක් බලන්න".සුද්ද කියපු දෙයින් මමයි කුප්පයි ගල් ගැහුනෙ මොකක්ද උනෙ කියල හිතාගන්න බැරිව.."ඇයි බන් සීඩී එක හීරිලද? වැඩ නැද්ද? මම චෙක් කරලනෙ ගත්තෙ,මම අපහු එක කඩේට දෙන්නත් ඕන බන්,උඹ වැල බැලුවෙ නැද්ද?".කලබල වෙච්ච කුප්ප කියපු දෙයින් උනේ සුද්ද තවත් ඇවිස්සුන එක,."හීරිලද? වැඩ නැද්ද? වැල ‍වැල තෝ මට දුන්නෙ වැලක් ද යකෝ එකෙ තිබ්බෙ ටොම් ඇන් ජෙරී.ටොම් ඇන් ජෙරී කියන්නෙ වැලක් ද යකෝ "."හුටා සීඩී දෙක මාරු වෙලා".කුප්ප කිව්වෙ මට විතරක් ඇහෙන්න..Posted by Sithum at 7:48 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක සයුර.17 comments:.රාජ්June 27, 2013 at 8:07 PM.පව් අසරණ කොලුව. ටොම් ඇන්ඩ් ජෙරී බලල වැලක් ඇදල නිදාගන්න ඇති..ReplyDelete.Replies.SithumJune 27, 2013 at 9:01 PM.ඔව් ඔව්, කොහොම හරි, සුද්ද ආපහු කුප්පගෙන් සීඩී නම් ඉල්ලුවෙ නෑ,.රාජ් ඔයා තමයි මගේ බ්ලොග් එකේ පලවෙනි comment එක දැම්මෙ, ගොඩක් ස්තූතියි!.Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීJune 28, 2013 at 1:31 AM.ඕං මං දෙවෙනි කොමෙන්ටුව කොටනවා. සයිලන්ට්සහන්ගෙ පැත්තෙන් මෙහෙට එන්න පාර හම්බවුනේ. දිගටම ලියහං. අපි එන්නං කියවන්න. ජයවේවා!.ReplyDelete.Replies.SithumJune 28, 2013 at 1:43 AM.බොහෝම ස්තුතියි ඩ්‍රැකී, අනිව ලියනව, ආපහු එන්න මේ පැත්තෙ.අඩු පාඩු තියනවනම් කියන්න..Delete.Replies.Reply.Reply.ජයශ්‍රීJune 28, 2013 at 3:54 AM.මේ එන්නේ ....... තුන්වෙනියා..කුප්පා පවුලේ සියල්ලන් ම සමඟ එකට සිට “ටොම් අන්ඩ් ජෙරි“ බැලුවනම් කොහොමට හිටීවිද?.සුභපැතුම් සිතුම් දිගටම ලියන්න !.ReplyDelete.Replies.SithumJune 28, 2013 at 4:27 AM.ස්තූතියි ස්තූතියි ජයශ්‍රී, දිගටම මේ පැත්තෙ එන්න,.ඇත්තටම කුප්ප අනිත් සීඩී එක අරන් ගිහින් මොනවද කරේ කියල මට අහන්න බැරි උනානෙ, call එකක් දීල අහල බලන්න ඕනෙ.Delete.Replies.Reply.Reply.AnonymousJune 28, 2013 at 8:44 AM.ටොම් ඇන්ඩ් ජෙරී කියලා නෙමෙයි, ස්කුබිඩූ කියල නම් එකක් තියෙනවා..ReplyDelete.Replies.SithumJune 28, 2013 at 8:55 AM.අපෝ අපිනම් දන්නෑ ඕව, නරක වැඩකරාට අපි හොඳ ළමයි!.prasanna86k සාදරයෙන් පිළිගන්නව සිතුම් සයුරට, ආපහු ඇවිත් යන්න එන්න..Delete.Replies.Reply.Reply.JZeroJune 28, 2013 at 9:27 AM.අනේ පව් අහින්සකය.මටත් ඒ කාලෙ ඔය වගේ cd මාරුවුන seen එකක් උනා :P.ReplyDelete.Replies.SithumJune 28, 2013 at 10:06 AM.Lable කරලත් හරියන් නෑනෙ. : ) නේද?.JZero ආපහු මේ පැත්තෙ ඇවිත් යන්න එන්න..Delete.Replies.Reply.Reply.රයිටර් June 30, 2013 at 10:50 PM.හම්බෝ ඔහොම උනාම ඇතිවෙන කලකිරීම ටොන් ගානක්..අසරණ අහිංසක බලාපොරොත්තු...ReplyDelete.Replies.SithumJuly 1, 2013 at 11:33 AM.අනේ ඔව්, මට ඒවෙලාවෙ සුද්දගෙ මූන තාමත් මතක් වෙනව..Delete.Replies.Reply.Reply.UnknownJuly 3, 2013 at 9:53 AM.හත්මුතු පරම්පරාවටම පිං ලැබෙන වැඩක් නේ කුප්පයා කරන් තීන්නේ....සුද්දා දකින දකින තැන පිං දෙනවා ඇති.....ReplyDelete.Replies.SithumJuly 3, 2013 at 10:48 AM.පිං කෙසේ වෙතත් දර්ශන සුද්දයි කුප්පයි සෙට්වුනොත් ඔය කතාව අනිවාරයෙන්ම ඇදල ගන්නවාමයි..එතකොට හොද පද අහගන්න පුලුවන්.Delete.Replies.Reply.Reply.DudeAugust 10, 2013 at 5:31 AM.ෂික් විතරක්! ආයෙ ගෙදර කවුරුවත් නැති දවසක් කවදා ඒවිද!.ReplyDelete.Replies.SithumOctober 28, 2014 at 5:01 AM.ඕකට තමා කරුමෙ කියන්නෙ!! :) :).Delete.Replies.Reply.Reply.LalithOctober 5, 2015 at 6:05 AM.දැන් නම් වැල බැලුවොත් පොලෝසියේ මාමල එල්ලලා ගහනවලු..සිංහල බ්ලොග්ගල..ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).► 2014 (2).► November (1).► October (1).▼ 2013 (8).► August (2).► July (3).▼ June (3).අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.සුද්දගෙ බ්ලූ සීඩී එක.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?.About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.13 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: කුමාරයා මං.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Friday, July 5, 2013.කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න ".පන්තියට ආපු නංගිල දෙන්නෙක් කියපු පනිවිඩය රේනුකා ටිචර් මට කියුවෙ එහෙම..ලියලියා හිටිය නෝට් පොත පැත්තකින් තියල නැගිටින ගමන් මම හිතුවෙ කුමුදු ටීච්ර් මට මේ වෙලාවෙ මොකට එන්න කියනවද කියල..මේ මම නමයෙ පන්තියෙ ඉන්න කාලෙ..නමය පන්තිය තිබුනෙ, ඉස්කෝලෙ තිබුන තට්‍ටු දෙකේ බිල්ඩින් දෙකෙන් එකක. දැන්නම් බිල්ඩින් තුනක් තියනව එත් ඉස්සර තිබුනෙ දෙකයි..මම හිටියෙ කොම්පියුටර් රූම් එක තිබුන බිල්ඩින් එකේ, උඩ තට්‍ටුවෙ කෙලවර තිබුන නවය A පන්තියෙ..කුමුදු ටිචර්, කුමුදු ටිචර්තමා අපිට ඉංග්‍රීසි උගන්වන්නෙ..ඉතින් ඉංගිරීසි උගන්වන ටීචර් කෙනෙක් කතාකරනව කියන්නෙ ලෙඩක් තමා...." ආ... මේ.. එන්නෙ ප්‍රින්ස් ".ඉස්කෝලෙ පිටිපස්සටම වෙන්න තිබුන මේන් හෝල් එක ඇතුලට ආපු මාව පෙන්නල කුමුදු ටීච්ර් කියුවෙ හැමෝටම ඇහෙන්න...කර කර හිටපු කතාබස් නවත්තපු ඔක්කොම අය, මගේ සපත්තු දෙකේ ඉදන් හිස් මුදුන වෙනකම් බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ...මේ මොකක්ද යකෝ වෙන්න යන්නෙ..! මගේ හිත හිතන කොටම කුමුදු ටීචර් කතා කරා.."සිතුම් පුතා.. මේ සැරේ ඉංග්ලිශ් කොම්පෙටිශන් වලට අපි ඩ්‍රාම එකක් දානව... අට වසරින් තමා ඔක්කොමල ගන්න හිටියෙ, ඒත් පුතා... ප්‍රින්ස්ගෙ කැ‍රැක්ටර් එකට හොද කෙනෙක් හිටියෙ නෑ, ඔයාට පුළුවන් නේද ඒක කරන්න".කිසිදෙයක් හිතාගන්න බැරිව හිටිය මට ඇහුනෙ,..ඉංග්ලිශ්, කොම්පෙටිශන්,...,ඩ්‍රාම,...ප්‍රින්ස්.. කියන වචන විතරයි.."පුළුවන් ටීචර්... මම කරන්නම්.." මගේ කට මටත් නොදැනිම කිව්ව..රගපාන්න,උඹ .. මොකක්ද සිතුමො කර ගත්තෙ.. දැන් ඉතින් ස්ටේජ් එක උඩට නැගල චාටර් වෙයන්.හිත කියුවදේට මට හීන් දාඩිය දාගන ආව...."පුතා මේ වසන්ති ටීචර්, වසන්ති ටීචර් තමා ඩ්‍රාම එක ප්‍රැක්ටිස් කරවන්නෙ.. හැමදාම හවසට ප්‍රැක්ටිස් තියනව පුතාට එන්න පුළුවන්ද?.."."පුළුවන් ටීචර් මම එන්නම්...".කොච්චර පුළුවන් කියුවත් මගේ හිත කියුවෙම පැනල පලයන්..... කියලමයි..වසන්ති ටීචත් උගන්නන්නෙත් ඉංග්‍රීසි,.හැබැයි අපිට නෙමෙයි, එකොලහ, දොලහ, දහතුන , පන්තිවලට, ඉතින් ඒ නිසා වසන්ති ටිචර්ව අපිට හම්බවුනේ බොහොම කලාතුරකින්..ලොකු රවුම් මූනක් තිබ්බ ටීචර් දාගෙන හිටපු රවුම් කන්නඩි කුට්ටම නිසා මට ටීචර්ව පෙනුනෙ කන්නාඩිකුට්ටමක් දාගෙන හිටිය ලොකු බස්සෙක් වගේ......"සිතුම් පුතා.. ඔයා මීට ඉස්සර ඇක්ට් කරල තියනවද?".වසන්ති ටීච්ර් මගෙන් මුලින්ම ඇහුවෙ එහෙම..."නෑ ටිචර්"."කමක් නෑ, නළු පෙනුමක් තියෙනවනෙ, අපි කරල බලමු. කො.. හැමෝම එන්න.... ප්‍රින්ස්ව අදුන ගන්න..".මෙච්චර වෙලා හොරෙන් වගේ අපි කතාකරන දේවල් අහන් හිටිය කෙල්ලො සෙට් එක ටිචර් ලගට ආව..."පුතා අපි මේ සැරේ කරන්නෙ ස්ලීපින් ප්‍රින්සස්, අහල තියනවනෙ නිදි කුමාරි කතාව, මේ තමා ඩ්‍රාම එකේ විච්".වසන්ති ටීචර් එහෙම කියුවෙ ලග හිටපු කළු නංගි කෙනෙක් පෙන්නන ගමන්.විච්.., කව්ද යකෝ විච් කියන්නෙ ...."එතකොට.... මේ කුවින් , මේ කිං ".කොල්ලෙකුත් ඉදලනෙ මේකව දැක්කෙ දැන්."එතකොට... කෝ ප්‍රින්සස්.. සොනාලි.දූ ...."."එනව ටීචර්....".මේන් හොල් එකේ දොරින් ඇතුලට ආවෙ පුංචි ගෑනු ළමයෙක්..ලස්සන පුංචි නංගියෙක්...මේ මම ඒවෙනකොට දැකපු, කෙට්‍ටුම ගෑනු ළමය,.ඒත් දගකාර දිලිසෙන ඇස් දෙකක් තිබුන සොනාලි නංගි, ඇත්තටම ගොඩාක්.. ලස්සනයි..!."දූ මේ සිතුම් අයිය තමා ප්‍රින්ස්ට ඇක්ට් කරන්නෙ.., එතකොට පුතා මේ තමා ප්‍රින්සස්".මං දිහා චුට්ටක් බලල හිනාවුනු සොනාලි නංගි බිම බලාගත්තෙ ලැජ්ජාවෙන් වගේ."එතකොට අපිට සෝල්ජර් කෙනෙක් අඩුයි නේද?"." ගිහාන් එන්නම් කිව්ව ටිචර්" ඒ විච්." හොදයි.. එහෙනම් ඒ කියන්නෙ සිතුම් විතරයි නවය වසරෙන්..... එහෙනම් ඉතින් නංගිල මල්ලිල එක්ක ඩ්‍රාම එක හොදට කරමු කැමතියි නෙ ".එතකොට මේ නංගිල ගොඩට මම විතරයි නේද අයිය!.අනේ! මේ වගේ ටීචර්ලට මල් තියන වදින්න ඕනෙ අප්ප....මෙච්චර වෙලා අකමැත්තෙන් හිටපු හිත එක පාරම වැඩේට කැමැත්ත දුන්න.ටිචර් දුන්න ඩයලොග්ස් ටිකත් අරගෙන.. මම පන්තියට අවෙ හෙට හවස ඉස්කෝලෙ මොනව වෙයිද කියල හිතන ගමන්..."Oh.. My Little Daughter... she's very Beautiful".තොටිල්ලක් කියල හිතාගෙන,කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් ගත්ත හුනු කොට්ටෙ ක්වීන් ආදරෙන් ඉම්බ...අහ්..! අපි ප්‍රැක්ටිස් පටන්ගත්තනෙ, මේ පලවෙනි දවස..ඔන්න ඉතින් රජ ගෙදර දූ ඒ කියන්නෙ මගේ පුංචි කුමාරි ඉපදෙනව..., විච් ට කිව්වෙනැති නිසා විච් නොහොත් මන්තරකාරි තරහ වෙනව, තාත්තට හොරෙන් මාලිගාවෙ ඇවිදින්න යන ලස්සන කුමාරි මන්තරකාරිගෙ උගුලකට අහුවෙලා ඉදි කට්ටක් ඇන ගෙන දොයිය ගන්නව.....දැන් තමා කුමාරයගෙ වාරෙ,ඒ කියන්නෙ මගේ වාරය.."කෝ ප්‍රින්ස්.., අ සිතුම් පුතා, දැන් ඔයා අස්සය පිටේ එන්න ඕනෙ, සෝල්ජර් ඔයත් අස්සය පිටේ නැගල ප්‍රින්ස් පිටිපස්සෙන් එන්න...ඔයාල යන්නෙ කැලේකට හරිද ".මදැයි කොරා දැන් පලයන්කො අස්සය පිටේ...ටිකක් වෙලා කල්පනා කරපු අපි දෙන්න දැන් අස්සය පිටේ යනව." මයි ගෝඩ්....! ගෙම්බෙක් වගේ පැන පැන එන්න එපා පුතා , අස්සයෙක් උඩ යන්නෙ ගෙම්බෙක් උඩ නෙමෙයි......".කොල්ලො දෙන්න ගෙම්බො පනිනව දැක්ක ටිචර් කිව්වෙ ඔලුව අත ගහගෙන.." දූල ඔය කොසු දෙකකක් ගෙන්න... දැන් පුතාල ඔය කොස්ස කකුල් දෙක අස්සෙ හිරකරගෙන, පොඩිකාලෙ අස්සය ගෝන් ගියා වගේ යන්නකො".අස්සය ගොන් කෙසේ වෙතත් , කටවල් තදකරන් හිනාවෙන නංගිල ටික දැක්කහම මට හිතුනෙ අස්සය පිටේම ගෙදර දුවන්න..හොද වෙලාවට ප්‍රින්සස්ට ගානක් නෑ,.. චූටි නංගි නිදි, නංගිට ඇත්තටම නින්ද ගිහින්වත් ද?.කොහොමහරි, කැලේ අස්සෙන් අස්සය පිටේ යන කුමාරයට රජ මාලිගයක් හම්බවෙනව, සෝල්ජර් එක්ක ඇතුලට යන කුමාරය නොහොත් ප්‍රින්ස් සිතුම් දකින්නෙ, උඩු අතට, ගුරු මේසෙ උඩ නිදිය ගෙන ඉන්න පුංචි කුමාරිව....."හරි පුතා දැන්... හිමිහිට ලගට ගිහින්, ප්‍රින්සස්ව කිස් කරන්න..".මම මොකක්....\.ටීචර් කියපු දේට ප්‍රින්සස් කුමාරිත් උඩ ගිහින් ඇහැරුනා."නැ නැ.. ඇත්තම කිස් එකක් නෙමෙයි.. හෙමිහිට ලගට ගිහින් ඔලුව පාත් කරන්න...... එතකොට ඔන්න ප්‍රින්සස් ඇහැරෙන්න ඕනෙ..".සීතල වෙලා තිබුන අත පය, ටික ටික උනුසුම් වෙනව දැනුනෙ එතකොට...කට ඇරන් බලන් හිටපු අපේ පුංචි ඕඩියන්ස් එක සුන්වූ බලාපොරොත්තු ඇතුව කට වහ ගත්ත...ඉතින්, අඩි කිහිපයක පරතරය ඇතිව හාද්දක් දුන්නහම දැන් ප්‍රින්සස් නැගිටිනව.....ප්‍රින්සස් විතරක් නෙමෙයි කිං, කුයින්..ඔක්කොමල නැගිටිනව....ඊට පස්සෙ ඉතින් වෙඩින් එක...ඒක වෙන්නෙ මෙහෙම කිං විවාහ වෙන්න අවසර දුන්නහම.. කුමාරයයි කුමාරියි අත් දෙක අල්ලගන්න ඕනෙ...අත් දෙක අල්ලගන්න, අපෝ මට බෑ.....ඒ කාලෙදි, ඒ වයසෙදි..කෙල්ලෙක්ගෙ අතින් අල්ලන එක අපිට පෙනුනෙ මහා පාප කර්මයක් වගේ..ඇත්තටම මාර ලැජ්ජයි., අනික මේ ප්‍රසිද්ධියෙ කොහොමද දෙයියනේ ඕව කරන්නෙ..!.ප්‍රින්සස්ටත් ඒකම හිතිලද කොහෙද..අපි දෙන්නම ඇගිලි ටික විතරක් අල්ලල ෂේප් උනා..ඊට පස්සෙ තිබ්බෙ හැමෝටම ගී ගයා විසිරයන්න...අම්මෝ..එක දිගට ප්‍රැක්ටිස්.....මේ වෙනකොට මගේ වෙඩින් එක දැන ගත්ත මගේ මිතුරු කැල.. නව යුවල ගැන සැමට ප්‍රසිද්ධ කිරීමේ නියලුනා.." ආ සිතූම් අපිට හොරෙන් බැන්ද නේද?"." ආ... සොනාලී....".මේ අස්සෙ සමහරු සීරියස් අරන්,." මචං ඇත්ත කියපන් බං.. ඇත්තටම හවසට උඹල දෙන්න මොනවද කරන්නෙ, උඹල දෙන්න සෙට් නේද?.".මේව ඒ දවස් වල නිතර ඇහුන දේවල්...ඉතින් මටත් මොකෝ , කෙල්ලත් හොදයි නෙ!.මේ කියන කතා නිසා දෝ..අමන්ද, සමහර දවස්වල පුංචි කුමාරියි මායි හීන ලෝක වල පුංචි පුංචි නාට්‍යත් රග පෑව...රංගජීව සර් එනවලු අපේ නාට්‍ය බලන්න......රංගජීව සර් කියන්නෙ රාජ්‍ය සම්මාන දිනපු නාට්‍යකාරයෙන්, සර් එන්නෙ අපේ නාට්‍ය බලල අඩුපාඩු හදන්න..."හෙට එද්දි ඔක්කොමල කොස්ටියුම් අරන් එන්න ඕනෙ.. අපි හෙට කොම්පෙටිශන් එක කියල හිතගෙන මේක කරන්නෙ.. උදෙන්ම එන්න ඕනෙ හැමෝම".හවස ගෙදර යද්දි ටිචර් කියුවෙ එහෙම..උදෙන්ම ඇවිත් මිත්තරයන්ගෙ සහයෝගය ඇතිව කුමාර ඇදුම දාගත්ත මම, සෝල්ජ්ර් මල්ලිත් එක්ක මේන් හෝල් එකෙ ඉස්සරහ බංකුවක වාඩි උනේ අස්පයගෙ පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න...දහය , එකොලහ පන්ති මේන් හෝල් එක ඇතුලෙ ඩ්‍රාම එක බලන්න .. ඒ අපේ ඕඩියන්ස් එකලු...."කොහෙද මනුස්සයො ප්‍රින්සස්".නාලාගිරි ඇතා වගේ කඩාගෙන බිදගෙන ආපු වසන්ති ටිච්ර් මගෙන් ඇහුව..."ම .. ම.. මම ගත්තෙ නෑ ටීච්ර්..."." ගත්තෙ නෑ.."."නැ.. ම.. මම දන්නෑ ටිචර්"."සර්රුත් ඇවිත් කොහෙද මනුස්සයො මේ කෙල්ල, ඒකි නැතිව පටන්ගන්නත් බෑනෙ.."."එයා ගෙදර ඉදන් ලෑස්ති වෙලා එනව කියුව ටිචර්" අසරණ වෙලා හිටිය මගේ උදව්වට ආවෙ මන්තරකාරි...මේ වෙලාවෙ පට පට ගාල ආපු සද්දෙ ඇහිල අපි හැමෝම බැලුවෙ ගේට්‍ටුව දිහා...මගේ කුමාරි එනව....සී කුවීන්ස් අල්ලපු, ලස්සන පිම්බුනු ගව්මක් ඇදන්, සුදු මූන පව්ඩර්වලින් තවත් සුදු කරන්, සුදු මේස් දෙකක් අත් දෙකට දාල, ලස්සන පුංචි ඊයම් පාට ඔ‍ටුන්නක් ඔලුවෙ දාගෙන..තාත්තගෙ පරණ රතු පාට තැපැල් නයින්ටියෙ ලැගේජ් එකේ ඉදගෙන.., මගේ කුමාරි එනව.කොහොමද පැටියො ටව්න් එක මැද්දෙන් ඔහොම ආවෙ...මට ඇඩෙන්න වගේ...මෙච්චර වෙලා කෝපයෙන් වෙව්ල වෙව්ල හිටිය ටීචර්ගෙ කටත් ඇරිල..මේ දර්ශනය ඇසිපිය නොහෙලා බලන් හිටිය මාගේ සීලාචාර කටවල් ඇති යහළුවන්ගෙ ඇස් මගේ දිහාට හැරුන නිසා, මං මේන් හෝල් එක ඇතුලට රිංගුවෙ පැත්තකින් හේත්තු කරල තිබුන ලී කඩුවත් අරන්..ඉක්මනින් පටන් ගත්ත නාට්‍ය දර්ශනය අවසන් උනේ අයියල අක්කල ගෙ අත්පොලොසන් හඩත් එක්ක...අපේ වැඩේ හොදයි!.දැන් ඉතින් ගුණ දොස් විචාරය..හැමෝගෙම ගුණ දොස් නාට්‍යානුසාරයෙන් කියාගෙන ආව රංගජීව සර් අන්තිමට හැරුනෙ කුමාරය දිහාවට, ඒ කියන්නෙ මන් දිහාට.." මේ බලන්න කුමාරයො ඔයාගෙ රගපෑම හොදයි. ඒත් තව ටිකක් චරිතයට කිදාබහින්න ඕනෙ,.තාත්වික වෙන්න ඕනෙ, ලැජ්ජ වෙලා බෑ.....බලන්න, ඔයාට.. ලස්සන කුමාරියක් දීල තියනව...ඒ කුමාරි ඔයාට බන්දලත් දෙනව.. හ.. කියන්න ඔයා කුමාරිට කැමති නැද්ද? "."කැ .කැමතියි සර්.."."එහෙනම් මොකද මනුස්සයෝ ... ඔච්චර ලැජ්ජාවෙන් මේ කෙල්ලගෙ අත අල්ලන්නෙ... අල්ලනවකො හොදට... ඔයවගේ චානස් හම්බෙනවද හැමෝටම..".සාවදානව අසාසිටි ප්‍රේකෂක යන්ගේ සිනහ හඩ සහ හූ හඩ දසත පැතිරුනේ මගේ හිත සලිත කරමින්.ඒත් ... එකපාරටම මගේ සුපිරි සිතට ආවෙ වෙන දෙයක්,.සර්.. අතින් අල්ලන එකනම් හරි එතකොට..., කිස් එක....රතු වෙලා තිබුන පුංචි කුමාරිගෙ සුදුමූන දිහා මට බැලුනෙ ඉබේටම වගේ...Posted by Sithum at 11:14 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක සයුර.51 comments:.AnonymousJuly 5, 2013 at 11:51 PM.මාරු කතාව! ඇත්තට ම හරි ම ලස්සණ යි, සිතුම් අයියේ . . . කතාව මැවිලා පේනවා වගේ. ඒ අතරේ උඹ ළාවට වගේ කියා ගත්තා නේද "මම හැන්ඩියා" කියලා :D.ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 12:08 AM.අපෝ නෑ නංගි.. ගොඩක් අය එහෙම කියනව තමා ඒත් ඉතින් මම ඕව ගැන වැඩිය හිතන් නෑ.... :D.Delete.Replies.Reply.Reply.DDTJuly 5, 2013 at 11:54 PM.හයියූ .... ඒ පාර ඇකිලුනේ සර්ගෙ මූනලු. :D.උඹ ඔය ඉමේජ් දාපු tangled එකේ කොල්ල වගේ හිටිය නම් මරුවට තියෙන්න ඇති, මට මැවිල පෙනුනා උගේ ඇක්ෂන්. හිනාකාල මැරෙනවා ඒ ඇක්ෂන්වලට නම්..ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 12:12 AM.Tangled මට කට පාඩම් film එකක්... ෆ්ලින් රයිඩ්ර් ගෙ ඇක්ෂන් මරුතමා....Delete.Replies.Reply.Reply.Praසන්னJuly 6, 2013 at 12:24 AM.ඉතිං කොල්ල (සොරි ප්‍රින්ස් සිතුම්) කොම්පෙටිෂන් එක දවසෙ කෙල්ලගෙ අත මිරිකල රියල් කිස් එකකුත් දුන්නලු නේද?.ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 12:40 AM.ශි... මට මතක නෑ අප්ප... : ).Delete.Replies.Reply.Reply.Rohana RanasingheJuly 6, 2013 at 1:07 AM.නියමයි පුතා නියමයි. බලමු ඔබ ගැන මගේ යම් අදහසක් තියනවා. පස්සෙ කියන්නම්, දැනට කල් වැඩියි..ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 2:55 AM.ඔබතුමා මේ පැත්තට පැමිනිය එක මට ලොකු සතුටක්.....මන් ගැන තියන අදහස දැන ගන්න මම බොහොම කැමතියි.....ඒ වගේම මම හිතනව ඔබතුමා මම ලියපු අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද ලිපිය කියවන්න ඇති කියල, එතන තිබුන ලොකු පොතේ නම යෝග රත්න කාරකය...ඒ පොතේ සම්පූර්ණ යෙන්ම තියෙන්නෙ කවි.. පි‍ටු පන්සිය පනහකටත් වඩා මේ පොතේ තියනව.. මේ පොත ගැන ඔබ ගේ අදහස දැන ගන්න කැමතියි.Delete.Replies.Reply.AnonymousJuly 7, 2013 at 8:17 AM.parana kenekwa mathak wenawa neh? ;).Delete.Replies.Reply.Reply.රෙහානිJuly 6, 2013 at 1:51 AM.අදත් වෙනදා වගේම හොඳයි සිතුම් ..ඇත්තමයි කියවන්න හරිම ආස විදිහට ඔයා ලියනවා ..ප්‍රින්ස් කොහොමහරි ප්රින්සස්ට කිස් එක දෙන්න තමයි ට්‍රයි කලේ නේද ? :D මටත් තියනවා ඔය වගේ පුංචි කාලේ නාට්‍ය මතකයක් !මේක කියවද්දී ඒක මතක් උනා.ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 3:49 AM.ස්තූතියි! ස්තූතියි!....ඒ මතකෙ ගැන අපිටත් දැන ගන්න ලියන්නකො.Delete.Replies.Reply.Reply.චමී4යූ~chami4uJuly 6, 2013 at 2:03 AM.බොහොම හොදයි කතාව ලස්සනට ලියවිලා තියෙනවා ....දීර්ග ගමනකට සුභපැතුම් .!!!.ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 3:51 AM.ස්තූතියි! චමී...Delete.Replies.Reply.Reply.andhabinduwaJuly 6, 2013 at 4:34 AM.ඉස්කෝලේ කාලේ ඔය වගේ සුන්දර මතක තමා ඉතුරු වෙන්නේ.ඉතින් ඊට පස්සේ මුකුත් නැද්ද අතුරු කතාවක් එහෙම.... :D.ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 8:42 AM.ඒක සහතික ඇත්ත මොරබ්බ..ඒ කාලෙ මතක් වෙනකොට මාර සතුටක් දැනෙනව...ඊට පස්සෙ විතරක් නෙමෙයි, මේ කතාව ඇතුලෙත් අතුරු කතා ගොඩයි..බොහොම අමාරුවෙන් මෙච්චර කොට කරේ.Delete.Replies.Reply.Reply.හිරුJuly 6, 2013 at 5:10 AM.දැන් අපිත් ප්‍රින්ස් කියන්න පටන් ගනියි කියලා නේද හිතුවේ.. අපි අහුවෙයි ඕවට... හි හි.....9 වසරේ දි ඔහොම චාන්ස් එකක් කියන්නේ ඊට වඩා වැඩිමල් අයියලාගේ ඊරිසියාවට ලක් වෙන වැඩක්... ගුට් කන්නත් වෙන ජාතියේ... එහෙම උනේ නැද්ද සිතුම්.....ReplyDelete.Replies.DDTJuly 6, 2013 at 6:05 AM.ආ ... මේ ඉන්නෙ අත්දැකීම් සපිරි කාන්තාවක්. :).ෂුවර් එකටම හිරු හින්ද කවුරු හරි අහිංසකයෙක් දෙන්නෙක් මූණකට සමතලකරවගෙන ඇති ඒ කාලෙ. කොල්ලොන්ගෙ වලිවල කොනක චීත්තයක් ඉන්නවය කියන්නෙ නිකන්යැ, නේහ් ..... :).Delete.Replies.Reply.හිරුJuly 6, 2013 at 7:25 AM.ඇත්තටම මං ඔය සීන් එක ගැන දුකෙන් ඉන්නේ DDTයෝ... මං හින්දා වලියක් ගිහිල්ලම නෑලුනේ දැන් බලනකොට.... හි හි.Delete.Replies.Reply.SithumJuly 6, 2013 at 9:13 AM.හිරු ටත් වෙලා තියෙන වැඩ...පොඩි පොඩි සිද්ධිවුනා.. ඒව ශේප් : ).Delete.Replies.Reply.AnonymousJuly 16, 2013 at 8:35 AM.ඒ කියන්නෙ කොල්ලා ගුටි කාලා.Delete.Replies.Reply.Reply.සමනළීJuly 6, 2013 at 5:43 AM.අඩේ.... මේකටත් වදින චාන්ස්.... ඇත්ත කියනවා, අන්තිම දවසේ දුන්නා නේද ප්‍රින්සස්ට රියල් කිස් එකක්..... ;).ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 9:19 AM.ඒව පු ඩොට් ර : ).Delete.Replies.Reply.Reply.මාතලන්July 6, 2013 at 8:24 AM.දැන් මේක මේ පොඩි කාළේ වෙච්ච බොහොම සුළු හිතේ පහල වෙච්ච පෙම් පටලැවිල්ලක්නේ. ඒත් එකෙකුටවත් පුළුවන් උනාද මෙච්චර ලස්සනට මේ දේ කියන්න. මීට වඩා රහ දේවල් උනත් අමුවෙන්වත් කියා ගන්න බැරි උන් වැඩිපුර ඉන්නේ. අනික කතාවට ගැලපෙන පින්තූර.. උඹ නම් හැබෑ දස්සයෙක් පුතා... මල් හතයි බුලත් වට්ටියයි....පැහැදිලි අනාගතයක් හිමියි තරුණයා.....ReplyDelete.Replies.SithumJuly 6, 2013 at 10:56 AM.බොහොම ස්තූතියි ! මාතලන්, බොහොම ස්තූතියි !.Delete.Replies.Reply.Reply.AnonymousJuly 6, 2013 at 11:56 AM.අඩෝ කොපි කැට් කාරයා. ගොන් පාර්ට් දාන්න එපා යකෝ මෝඩ හරක් කතා ලියලා..ReplyDelete.Replies.Kenji @ JapanJuly 6, 2013 at 7:12 PM.අඩෝ ඇනය,තොට ගොන් පාර්ට් වුනාට අපිට රස සාගරයක්..තොට කිචි නම් නොකියව ඉදපිය **ස බල්ල..අලුතෙන් ආපු වැඩ්ඩෙක් ගෙ ගමන නවත්තන්න ආවොත්,හතර හන්දි කඩල ගිහිල්ල දානව හොරිවිල..Delete.Replies.Reply.Reply.LancelotJuly 6, 2013 at 7:41 PM.මේ වගේම අද්දැකීමක් මටත් තියෙනවා බං !!!! හැබැයි අන්තිමට උනා වගේ දරුණු දෙයක් නං උනේ නෑ !!! සුපිරි ඇ.ReplyDelete.Replies.SithumJuly 7, 2013 at 3:15 AM.එහෙනම් දිනෙල්කට මේ කතාව හොදට දැනෙන්න ඇති..Delete.Replies.Reply.Reply.MUHUDUJuly 6, 2013 at 9:48 PM.Tangled එකේ පින්තුර ටික කතාවට ගැලපෙන්න දාල තියෙනව? ඉතින් දෙන්න ඊට පස්සෙ වෙන වෙන නාට්‍යත් රඟ පෑවද ??.ReplyDelete.Replies.SithumJuly 7, 2013 at 3:20 AM.හ හා.. ඕවට උත්තර දෙන්න බෑ දෙයියනේ!.Delete.Replies.Reply.Reply.sameeraJuly 7, 2013 at 7:18 AM.මට අල්ලලා ගියේ ප්‍රින්සස් තැපැල් නයින්ටියේ ටවුම මැදින් අපු හැටි .. මැවිලා පෙනුනා .... " එතකොට කිස් එක " තාත්වික්වම කොලාද ?.ReplyDelete.Replies.SithumJuly 7, 2013 at 7:43 AM.මොන තාත්විකද සමීර , ප්‍රින්සස් ඊට පස්සෙ මම ලගට එනකොටම නැගිටින්න ගත්ත.. පලාත් ගියට පස්සෙ ටිකක් ෂේප්.Delete.Replies.Reply.Reply.AnonymousJuly 7, 2013 at 8:11 AM.මේක ලියන විදිය හොදට හුරුයි වගේ.බලමුකෝ ...............කොහොම උනත් ලස්සනට ලියල තියෙනවා.දිගු ගමනක් යන්න ලැබේවා!!!!!!!!!!.ReplyDelete.Replies.SithumJuly 8, 2013 at 9:33 AM.ඇගයුමට ස්තූතියි!.Delete.Replies.Reply.Reply.ඉවාන් පවුලූශාJuly 7, 2013 at 7:58 PM.එලම එල, පට්ටම පට්ට, සිරාම සිරා.... තව මොනවද තිඉයෙන වචන...ම්..ම්..ම්.. ආ එක නෙවෙයි උඹ කොහොම හැරී උඹට නළු පෙනුමක් තියෙනවා කියලා කියා ගත්තා නේද?.ReplyDelete.Replies.SithumJuly 8, 2013 at 9:35 AM.ටීචර්නෙ කියුවෙ ප්‍රගීත්, මොනව කරන්නද ඉතින්:D.Delete.Replies.Reply.Reply.Damith GunawardaneJuly 8, 2013 at 4:37 AM.අනෙ හුකෙ උබෙ ඔලුවෙ ඔක තමා දිගටම තිබුනෙ නෙ ????. මම කිවුවෙ කිස් එක.එලටම ලියල ඈ.ReplyDelete.Replies.SithumJuly 8, 2013 at 9:38 AM.තැන්කියු තැන්කියු :D.Delete.Replies.Reply.Reply.Sumith NiriellaJuly 8, 2013 at 12:31 PM.ලියන විදිය විදියත් ප්‍රයෝගත් ආකර්ෂණීයයි; සිත්ගන්නාසුළුයි..ReplyDelete.Replies.SithumJuly 9, 2013 at 8:36 AM.බොහොම ස්තූතියි! සුමිත්.දිගටම මේ පැත්තට එන්න..Delete.Replies.Reply.Reply.ChamsJuly 8, 2013 at 10:12 PM.ඔයා ලියල තියෙන විදිහ නම් නියමයි සිතුම්. හරියටම කතාවටම ගැලපෙන පින්තූර ටිකකුත් හොයාගෙන. ඇත්තටම ඔයා අර ප්‍රශ්නෙ ඇහුවද සර්ගෙන්???.ReplyDelete.Replies.SithumJuly 9, 2013 at 8:38 AM.අපෝ නෑ chams, ඒක මට හිතුන විතරයි. ඇහුවනම් එහෙම හොදට කන්න වෙනව :D.Delete.Replies.Reply.Reply.දේශකයාJuly 9, 2013 at 1:00 AM.උඹ ලස්සනට ලියනව. ඒ්ෙක් ෙදකක් නෑ.. ජයම ෙව්වා. ලජ්ජාව පැත්තක දාලා අතිං අැල්ලුව අනිත් වැෙඩත් නිකම්ම හරි යාවි.. ඒක හරිගිෙය් නැද්ද බං...ReplyDelete.Replies.SithumJuly 9, 2013 at 8:40 AM.සර් මගේ ලැජ්ජාව නැති කරානෙ.. ගුරුවරු කියනදේ අහන්නත් ඕනනෙ :D.Delete.Replies.Reply.Reply.මහිම මදුරංගJuly 9, 2013 at 5:43 AM.awurudu ganakin ban mee blog ekakata comment ekak danne.uba sira liyanawa.atharamaga nawaththanne nathuwa digatama liyapan kollp.sira hode,.ReplyDelete.Replies.SithumJuly 9, 2013 at 8:42 AM.අහන්නත් සතු‍ටුයි මහීම. දිගටම ලියන්නම්...මේ පැත්තට නොවරදවාම එන්න..Delete.Replies.Reply.Reply.උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාJuly 16, 2013 at 9:18 AM.ඒල කතාව මෙහෙම හිටියට අපිත් හෙන නලුවො තමා ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය නාට්‍ය දෙකකම හිටියා. එකක හිටියෙ වලහෙක්ට ඒකෙ තිබ්බේ කතාව ඉවරවෙනකම් ගොරවන්ඩ විතරයි. අනිකෙ හිටිය් මලකට ඒකෙ තිබ්බේ කතාව ඉවරවෙනකම් හෙලවෙන්ඩ..ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 2:22 AM.එල එල.Delete.Replies.Reply.Reply.UnknownJuly 18, 2013 at 4:22 AM.අඩේ උඹ නියමෙට ලියනවා බං.පිංතූරත් එක්ක ස්ටෝරිය නියමෙට යනවා.කෙල්ලත් ලස්සන නම් කොල්ලෝ නෝන්ඩි දැම්මට හිත ඇතුලේ හෙන ජොලියක් තියෙන්න ඇති නේද?.ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 2:23 AM.ඒකනම් කියල වැඩක් නෑ කසුප්.Delete.Replies.Reply.Reply.සිඟිතිOctober 16, 2013 at 8:21 AM.ලස්සන පොස්ට් එකක් මල්ලි. මට අපි ඩ්‍රාමා කරපු හැටි මතක් වුනා. හප්පා ඒ වගේ සුන්දර කාලයක්. අපිට නම් ඔය කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අත් අල්ලන එක ප්‍රශ්නයක් වුනේ නෑ. මොකද අපේ ඉස්කොලෙ ගෑල්ලමයින්ගෙ ඉස්කොලයක්. හික්ස්... දිගටම ලියන්න. ජය වේවා.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).► 2014 (2).► November (1).► October (1).▼ 2013 (8).► August (2).▼ July (3).කොටි කොටි කොටි.කුමාරයා මං.KFC මල්ලි.► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.15 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: පළමු වෙඩිල්ල.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Monday, November 17, 2014.පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව".ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්..සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන..මේ යුද්ධෙ කාලෙ.මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්....පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්.මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි...මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.."මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු..අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං".පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන..ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන.ඒ ටී56.ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,.කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,.ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?.සිවිල් අයට බැරිද?.අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන....ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක..එතකොට මම..........කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්..මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්....ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?.ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්..ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා."මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?".ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.."නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?".මේවෙද්දි ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි....තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..."මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට ".වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..."මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"."නෑ මල්ලි එච්චර අමාරු නෑ ඉන්න මම කියල දෙන්නම්".ඔන්න චාන්ස් එක මෙන්න අයියල..ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි..මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,.ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම....හූ...රේ.....ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.." අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො....".සෑහෙන ගේමකින් පසු."ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් ".අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ..අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ."මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු".ඈ ඒ මොන වැඩක්ද...මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න..ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,.හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..."මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන..".ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..."මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"."නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද".කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,.ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.."හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද".මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?.මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ.ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,."මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි".ඈ..... නොදකින්."හා කමක්නෑ අයියෙ".කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ..මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ.මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග...ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා.හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්......මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්..සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,.හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,.මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,.හිතට ආවෙ ලොකු බරක්.මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද.ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,.හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්.හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,.ඒම් එක හරි, හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ..ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු..තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,."මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල".හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,...................................................................................................................................ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,.ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා.ඇත්තටම වෙඩි තියන එක ලේසිද?.Posted by Sithum at 9:13 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.19 comments:.ChandanaNovember 17, 2014 at 9:37 AM.තුවක්කුවක් පාවිච්චි කරන එක, කොල්ලෙකුට එක වයසක දි එන ආසාවක් කියල මට හිතෙනව. මං නම් වෙඩි තියල නෑ. මට පොඩි සිද්ධියක් මතක් වුණා..අපේ ගෙදර තිබුණා බලපත්‍ර සහිත තුවක්කුවක්. ඒ මං පුංචි කාලෙ. (පසු කාලයක ඒක ආපහු රජයට භාර දුන්නා.)එක දවසක් ඕකෙන් පොල් ගහක හිටපු මොකෙක් හරි සතෙකුට වෙඩි තියන්න හැදුවා, අපේ ගෙදරට ඇවිත් ඉඳපු කෙනෙක්. ඔය අතරෙ ම ගෙදරට ආවා හමුදා සේවයේ ඉඳල නිවාඩු ආ කෙනෙකුත්. අර මුලින් කිව්ව කෙනා පොල් ගහේ ඉන්න සතාට වෙඩි තියන්න කියල තුවක්කුව දුන්නා පස්සෙ ආපු පුද්ගලයාට. ඔහු ඉලක්කය අරගෙන පොඩ්ඩක් වෙලා ඉඳල, වෙඩි තියන්නෙ නැතුව තුවක්කුව ආපහු දුන්නා. ඒ සිදුවීම තදින්ම මගෙ මතකයේ රැඳුනා..ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:36 AM.මටත් ඒකාලෙ තුවක්කු පාවිච්චි කරන්න මාර ආසාවක් තිබුනෙ,.මට මේ සිද්දියෙන් පස්සෙ තුවක්කු එපා නොවුනත් දැන් මට් හිතෙනව ඇත්තටම ආයුධයක් කියන්නෙ ඒකාලෙ හිතන්හිටියවගෙ සෙල්ලම් බඩුවක් නෙමෙයි කියලත්, ඒවගේම ‍ෆිල්ම් වල පෙන්නනව වගේ ඒවගෙන් වැඩකිඩ දාන්න හොදනෑ කියලත් :) :) :).Delete.Replies.Reply.Reply.දේශකයාNovember 17, 2014 at 6:21 PM.කැඩේට් ට්‍රේනින් එකට යද්දි නං වෙඩි තියන්න පුරුදු කරා. ඒත් දිගටම වෙඩි තියන්න බැරි උනා. අපේ මලයනං ඒ හාදයොන්ගේ බැච් එකේ හොදම වෙඩික්කාරයා උනා...ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:43 AM.අහ් ඒ කියන්නෙ වෙඩික්කාරයෙක්,මට කැඩෙට් යන්න බැරි උනානෙ ඕන්.Delete.Replies.Reply.Reply.Mahesh RathnayakeNovember 17, 2014 at 6:59 PM.බෙස්ට් ෂූටර් හිහි.ඒකත් පට්ට ඇ................තුවක්කු අතේ තියං ඉන්න උංගෙන් බාගයක්ම වෙඩි තියන්නෙ හිතේ කැමැත්තෙන් නෙවී බං....ඒක තේරුං ගන්න එහෙම වෙලාම බලන්න ඕන....ආමි එකේ කීයෙන් කී දෙනාද ආතතියට ලක් නොවී ඉන්නෙ.ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:46 AM.ඒකනම් ඇත්ත මටත් ඕක හිතුනා, තුවක්කුවක් තිබුනට විතරක් මදි වෙඩි තියන්න පුළුවන් හිතකුත් හැදිල තියෙන්න ඔනේ මට හිතෙන විදිහට.Delete.Replies.Reply.Reply.Praසන්னNovember 17, 2014 at 8:29 PM.ඒක තීරණය වෙන්නෙ ඒ අවස්ථාවෙ තියෙන වටපිටාව අනුව තමයි..ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:47 AM.ඔව් එක වෙන්න පුලුවන් එතන වෙඩිපිටියක් උනානම් මට හිතුන දේවල් ඒවෙලාවෙ නොහිතෙන්නත් තිබුන.Delete.Replies.Reply.Reply.UnknownNovember 17, 2014 at 10:31 PM.ෆයරිං වලදී බලන්න අවශ්‍ය ෙගාඩක් දේවල් තියෙනවා. ඉලක්කය දෙස නිවැරදි අැසෙන් බැලීම.... ඉලක්කයේ පහළ පාදයේ හරි මැදට ඉලක්ක කිරීම... ඒ වගේම හුස්ම පාලනයත් හරිම වැදගත්... අනික තමයි වෙඩි තියන්න ඉන්න අාකාරයත් ඉතාවැදගත්........................ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:51 AM.ඇත්තටම මම මුලින් වෙඩි තිබ්බ වතාවෙ ඔය කිසිදෙයක් දැනන් හිටියෙ නෑ,මට හම්බ වුනේ බොහොම පොඩි ට්‍රේනින් එකක්නෙ ,පස්සෙ බ්ලොග් කියවිල්ලෙන් දැනගත්ත ටිකක් ඒ ගැනත් : ).Delete.Replies.Reply.Reply.Ashan De CostaNovember 17, 2014 at 11:04 PM.මැද කියවන් එනකොට මං හිතුව වෙඩි තියද්දි තුවක්කුව පස්සට විසිවෙලා ඇවිත් මූණ සමතලා වෙච්ච කතාවක් කියන්න යන්නෙ කියල. :D බලද්දි වැඩේ හොඳට කරගෙන...වාසනාවද අවාසනාවද මන්දා මට අද වෙනකම් තුවක්කුවක් අල්ලල බලන්නවත් චාන්ස් එකක් ලැබිල නෑ...ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 5:57 AM.මට මුලින්ම චාන්ස් එකක් හම්බුනා බැරල් දෙකේ ලොකු තුවක්කුවකින් වෙඩි තියන්න චාන්ස් එකක්, ඒකට දාන්න තිබුනෙ ලොකු රතුපාට උන්ඩ , ඒ උන්ඩ වල තිබුනෙ පුංචි බයිසිකල් බෝල වගේ යකඩ ගුලි,ඒ කාලෙ මම ගොඩක් පොඩි නිසාත්, මම පිටි පස්සට විසි වෙයි කියල හිතුන නිසාත් මට එදා වෙඩි තියන්න හම්බ උනේ නෑ, එද වෙඩි තිබ්බනම් මම කවදාවත් තුවක්කුවක් අල්ලන එකක් නෑ.Delete.Replies.Reply.Reply.හංසි(swan)November 18, 2014 at 6:33 AM.ජීවයක් නැති වස්තුවකට වෙඩි තියද්දි මෙච්චර තිගැස්මක් ඇතිවෙනවානම් පණපිටින් ඉන්න සතුරෙකුට වෙඩි තියද්දි හිතට කොහොම තිගැස්මක් දැනෙනවා ඇත්ද ...සතුරෙක් උනත් තමන්ගේ අතින් විනාස වෙන ජීවිතයක්නෙ ..ReplyDelete.Replies.SithumNovember 18, 2014 at 7:17 AM.ඇත්ත හංසි මටනම් හිතාගන්න බෑ ඒක , මම ඔය ප්‍රශ්නෙ මම අදුනන හමුදාවෙ සේවය කරන අයගෙන් ඇහුවහම මට හම්බවුන උත්තර හරිම සංවේදියි.Delete.Replies.Reply.Reply.රාජ්November 19, 2014 at 9:35 PM.උඹේ හැඟීම් කියවද්දි මට හිතුනෙ තුවක්කුවක් එල්ල කරල මිනිහෙකුට‍ වෙඩි තියන කෙනෙකුගෙ සිතිවිලි මොන වගේ වෙන්න පුළුවන්ද කියල..ReplyDelete.Replies.Aru-ගේ අඩවියNovember 23, 2014 at 7:03 AM.එහෙම එවුන්ට සිතුවිලි එන්නේ නැහැ රාජ්. ඒවා ගල්වෙලා තියෙන්නේ..Delete.Replies.Reply.Reply.ලොකු පුතාDecember 2, 2014 at 3:05 AM.මම පලවෙනි වතාවට මෙහාට ආවේ.....හොඳ අත්දැකීමක්....මමත් Fire Arm එකකින් වෙඩි තියල නැහැ, නමුත් වෙඩි තියන තැන් වල ඇති පදම් ඉඳල තියෙනවා..ඒ වගේම ටිකක් හොඳ මට්ටමේ Air Rifle එකකින් ඇති පදම් වෙඩි තියල තියෙනවා..හැබැයි ඒකෙන් වෙඩි තියද්දි යන පෙලට් එක මුන් ඇටයක් සයිස් නිසා ඒම් එක ගන්න එක ටිකක් අමාරුයි..දුර බලන්න පුළුවන් හොඳ ස්කෝප් එකක් තිබ්බත් මට ඒකට හුරු වෙන්න බැරි උනා..මිනිහෙකුට තුවක්කුවක් එල්ල කරලා කොකා ගස්සන එක අමාරු නැහැ..අමාරු වෙන්නේ එතනින් පස්සේ ටික,.පලවෙනි එක වෙඩි වැදිච්ච මිනිහ ලඟට යන්න සිද්ධ වෙනවනම්, ඒ මිනිහ මැරෙන්න වැටිලා දඟලනවා බලන්න වෙනවනම්....ඒ කියන්නේ හෘද සාක්ෂිය එක්ක ඩීල් කරන්න වෙනවනම් වැඩේ අවුල්....ReplyDelete.Replies.Reply.vicharakaJanuary 9, 2015 at 7:15 PM.මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ (http://jangun.wordpress.com) වැටිලා තිබුණ කමෙන්ට් එකක් ඔස්සේ තමයි මෙතනට ආවේ. බොහොම ලස්සනට තරුණ සිතක සිතුවිලි විස්තර කර තියනවා..මේ රයිඩර්ස් කියන වචනයත් අර ත්‍රී වීල් කියන වචනය වගේ අපි දේශීයව හදාගත් එකක් මිසක් නිවැරදි යෙදුම නෙවෙයි. මෙහි නිවැරදි යෙදුම Quick Reaction Team = QRT වියයුතුයි. QRT එකක් පයින්, වාහනයකින්, ජල යාත්‍රාවකින්, ගුවන් යානයකින්, පිටත් කර යැවිය හැකියි..T 56 සහ AK 47 යන අවි දෙක අතර වෙනස ඔබට තවම වැටහෙන්නේ නැතුව ඇති. එය ඔබේ වරදක් නොවේ. ඔබ මේ විෂයයට ආධුනිකයකු නිසා. ඔබ දක්වා ඇති T56 පින්තූරයේ ඇත්තටම තිබෙන්නේ AK 47 අවියක්. බලන්න එහි තුවක්කු බටයේ අග කෙළවර අංශක 45 ක පමණ කෝණකට කපා දමා තිබෙනවා. එහෙම තිබෙන්නේ AK 47 අවියේ..මෙවැනි කතන්දර තවත් ලියන්න. ඒ වගේ රසවත් සිදුවීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ..ReplyDelete.Replies.Reply.ChandiMarch 29, 2015 at 3:19 AM.මාත් ආවෙ අදයි. අපිත් තරුණ උනා වගේ. තව ලියන්න. ලස්සනයි..ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).▼ 2014 (2).▼ November (1).පළමු වෙඩිල්ල.► October (1).► 2013 (8).► August (2).► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.12 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Monday, May 15, 2017.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය,.එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච.අපේ රැග් කාලය.ජෝතිර්වේදයට අනුව මේ වෙද්දි අපේ සෙට් එකේම සෙනසුරු උච්ච වෙලා රාහු නීච වෙලා අනිත් සුභ ග්‍රහයො ඔක්කොම අපේ කේන්දර දාල පැනල ගිහිල්ල.අපි පව් දෙවියනේ...උදේ ඉදන් ලෙක්චරස් අහල රැග් කාල එපා වෙලා එන අපිට රෑටත් ලෙක්චරස්.ඒකට කියන්නෙ තෙල කියලලු.රැග් එක නොහොත් විශ්වවිද්‍යාලය තුල සමාජගත කරන මේ ක්‍රියාවලිය තුල තිබෙන්නාවූ මූලික අරමුණ වනුයේ සිසුන් අතර පවතින්නාවූ අන්නෝන්‍ය සබදතාව වර්ධනය කිරීම සහ විශ්වවිද්‍යාල පද්දතියට අප අනුගත කිරීමයි..ඒම කියන්නෙ ඉතින් අපේ සින්නො.7 පහු වෙනකොට නානගෙ ලුනු සහ මිරිස් ලස් සෝරු කාල සුපුරුදු පරිදී අපිව බලන්න එන අපේ ජේෂ්ඨ උතුමන්ල, අදත් අපිව බලන්න ආවෙ අපිට තියන ආදරයට.සින්නොන්ගෙ තෙලට කරවෙන සූඩ පැටව් ටිකට එහෙන් මෙහෙන් අඩි සහ නම්‍යකරන ප්‍රක්ටිකල් හම්බෙනකොට දඩස් ගාල ඇරුන කාමරේ දොරෙන් ඇතුලු වුනේ බයානක උතුමන්ල සෙට් එකක්.මෙතෙක් නම්‍යකරන පාඨමාලාව පවත්වපු සහෝදරයන්ට හයි ෆයු එකක් දාපු උතුමන්ල මාරාවේශ මූඩ් එක ඔන්කරන් හැරුනෙ අපි දිහාට."තොපි දන්නවද තොපේ එකෙක් කෝස් එක අතඇරල යන්න හදනව කියල ,.ඒක කාමරේට වෙලා අඩනව,.තොපි දන්නවද ඇයි කියල ..කියපිය තොපිට කට නැද්ද?".කව්ද යකෝ ඒ.නිව් වින්ග් එක නොහොත් අපේ හොස්ටල් එක තට්ටු දෙකේ බිල්ඩින් එකක්,.ඒකෙ පල්ලෙහා තට්ටුවෙ කොනක හිටපු අපිට වට පිටාවෙ ආරංචි ආවෙ හිමින්.ඇරත් අපිට දිවැස් තියනව කියල ඇ.මේක දැන්ද කොහෙද අඩන්න පටන් අරන් තියෙන්නෙ,.මේකට ඉගනගන්න සල්ලිවත් නැද්ද ගොඩක් ළමයින්ට තියෙන්නෙ එ ප්‍රශ්නෙ.නැත්නම් ගෙදර ලොකු ප්‍රශ්නයක්වත් ද?.ඇත්තටම ඒවෙද්දි අපේ අතරෙ සියුම් සහෝදර කමක් හැදිල තිබුන නිසා හිතට ආවෙ අමුතු දුකක්."අනේ යකෝ තොපි තොපි මොකුන්ද බන් උබේ එකෙක්ට තියන ප්‍රශ්න වත් උබල දන්නෑ".මේ වෙද්දි මේ සීන් එක නිසා අඩි හතර පහක් කාල මූනු රතු වෙලා තිබුනු අපිට ඒ වචන කිනිසි පාරක් වගේ හදවතට බැස්ස."ගිහිල්ල බලපිය තොපේ එකාට මොකද වෙලා තියෙන්නෙ පල පො#&$%@ ".ඇත්තටම මේකට මොකක් වෙලාද?.දාහතරෙ කාමරේ අඩන බරාව බලන්න යන අපි හැමෝගෙම හිතේ තොබුනෙ ඒ ප්‍රශ්නෙ.අපි කාමරේට යනකොට කමරේ සින්නො ටිකකුයි අපේ උන් ටිකකුයි බරා ලගට වෙලා ඉන්නව.මුකුත් නොදන්න අපි බරා ගාවට ගියේ බරා කැම්පස් එක දාල යන හේතුව දැන ගන්න.පල්ලෙහා ඇදේ යකඩ බාර් එකට ඔලුව තියන්, ලග තියන සාලුවෙන් හොටු පිහපිහ, හොදටම අඩන බරාව දැක්කහම කාගෙ උනත් පපුව හෝස් ගාල යන්නෙ නිරායසයෙන්ම."ඇයි බරා මොකක්ද ප්‍රශ්නෙ, ඇයි බං ඔහොම අඩන්නෙ, උබට සල්ලි ප්‍රශ්නයක්ද? , අපි සල්ලි එකතු කරල දෙන්නම් බං, අඩන්නැතිව හිටහන්"."අනේ මට මෙහෙ ඉන්න බෑ බං".ඒ බරා.උගේ කැඩිච්චි කටහඩට තවත් දුක හිතෙනව."ඇයි බන් කියපන්කො මොකක්ද ප්‍රශ්නෙ ගෙදර ප්‍රශ්නයක්ද අපි ඉන්නව බං ඕන එකකට"."අනේ එහෙම දෙයක් නෑ බන්'."ඇයි නැත්නම් කවුරුහරි උබට එන්න දෙන්නැද්ද කියපන් කවුද ඒ".ඒ අපේ සෙට් එක.මේ වෙද්දි කොහොම හරි බරාව ගොඩදාන්න අපි එක හිතින් තීරනය කරල ඉවරයි."කියපන් බරා කියපන් අපි ඉන්නවනෙ කියපන්"."අනේ බන් මට මට...".ගොත ගැහෙන බරාගෙ කටහඩ උගේ ප්‍රශ්නෙ බැරෑරුම් කම අපිට කියුව."කියපන් මචන් අපි ඉන්නවනෙ".ලගතියන සාලුවෙන් හොටු පිහපු බරා අපේ පැත්තට හැරුන."අනේ අනේ ..අනේ...බං මට.මට ඉංග්‍රීසි තේරෙන්නෑ බං මන් යනව ගෙදර මට ලෙක්චර් ඉන්න බෑ බං".මුගෙ #&$*$*-$&.ඇයියකෝ අපිට ඉංග්‍රීසි තේරෙනව කියලද මේකෙ ඉන්නෙ , ඔය මගුල නිස්සාද පරට්ටයො ඇඩුවෙ ඒකද යකෝ අපි අඩි කෑවෙ තොට අද මම.. තෝ ...ඒ අපේ හිත.සින්නො ඉන්න නිසා අපිට මුගේ අඩු කඩන්න බැරිය.නැතිනම් නොකර ඉන්නෙත් නැතිය.මේ බරා අපිට මුලින්ම දුන්න ආතල් එක...කොහොමින් කොහොමින් හරි රැග් කාලෙ දිත් රැග් කාලෙ ඉවර උනාට පසුවත් අපිට බරාගෙ කාමරේ නුපුරුදු නැනක් නොඋනෙ එතන ආතල් ලෝකයක් නිසා...තර්ඩ්යියර් එකට ආවත් ආතල්නම් ඉවර නැත.මේ සදුද දවසක් , සදුද කියන්නෙ ඉතින් මල දවසක්, මේ දවසෙ තමා ඉතින් ගොඩක් ඈයො ගෙදර ඉදන්ම ලෙක් එකට වාර්තාකරන දවස,.දවල් එක වෙද්දි ඔක්කොම ආවත් බරා තාම නැත..ඕක ඔහොම්මමනෙ ඉතින්....එකට පටන් ගත්තෙ කබ්බ සර්ගෙ ලෙක් එක ,.ඒක සර්ගෙ පෙට් නේම් එක.අතිශය උග්‍ර කඩ්ඩ්ඩ වචන පාවිචි කර කර උගන්වන මේ මැත්ස් පාඩම පට්ට කම්මැලි නිසා ගොඩක් අය හිටියෙ වෙනම ලෝක වල.සමහරු යුද්ධවල නොහොත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන් ගහනව,.සමහරු එස් එම් එස් මලක, සමහරු ඇස් ඇරන් දොයි...මේ වෙද්දි එෆ් බ් චෙක් කරකර හිටපු මාත් හිටියෙ පට්ට නිදිමතේ ඒත් සර් දරුනුවටම උගන්වනව, අපි දොයි කියල දැනුන නිසාද කොහෙද කබ්බ සරුත් හිටියෙ තරහින්....මේ අස්සෙ දඩස් ගාල ඇරුන දොරෙන් ආවෙ බස් එකේ කට්ට කාගෙන ආනිසාදෝ අතිශය විඩාවට පත්වෙලා ඉන්න බරා.කබ්බ සර් දැක්ක බරාගෙ ඇස් උඩගියේ බයට.ඇයි හිවලො තෝ දැක්කෙ නැද්ද කබ්බව.ඒ මගේ හිත.මේ වෙදෙදි හැමෝම හිටියෙ ඉතාමත් හොද අවදානයකින් සහ ජොලියකින්.කෑලෑන් කුඩු වෙන්න ඇටෑක් එද්දිත්...කෙල්ල එවන මැසේජ් ඉන්බොක්ස් එකේන් පිරෙද්දිත් අපේ සහෝදර සහෝදරියො වට පිටාව ගැන අතිශය අවදානයෙන් හිටියෙ.ඇයි මේ.බ්කෝස්.බරා ඉස් හියර්....ආතල් එකක ලැබීමට නියමිතයි!!!.මේ වෙද්දි හැම දෙනාගෙම, බරාගෙ පැත්තට තිබ්බ කන ලොකු වෙලා.අසරණ බරා ඉදිරියට ඇදුනෙ අතිශය තරහ මූඩ් එකේ හිටිය සර්ගෙන් ඇමතුමක් ලැබුන නිසා,.ප්‍රේක්ශකයන්.. අතිශය අවදානයෙන්!."ලුක් ඇට් දි ටයිම්, වයි ආයූ ලේට්? ".සර්ගෙ කඩු පහරට ඔල්මොරොන්දන් වෙච්චි බරා කටත් ඇරන් කිසිම හැගීමක් නැතුව සර් දිහා බලං හිටියෙ ඌට මුකුත් තේරුනේ නැති නිසාද කොහෙද.මුගේ ඉන්න ස්ටයිල් එකට මල පැන්න සර් ආයෙත් ප්‍රශ්නෙ ඇහුවෙ හමුදාවෙ මේජර් කෙනෙක් වගෙ උස් හඩින්."වයි අර් යූ ලේට් හා!!!!".උඩගිහින් බිම වැටුනු බරාත් කඩුවෙන් කෙටුවෙ පිලිතුරු උත්තමාචාරය වගේ."හෝම් කමින්ග් නවු සර් !!!".මොකක්.හෝම් කමින්ග්.ආතල් එකක් ලැබීමට බලාපොරොතුවෙන් හිටි සැවොම අතිශය උද්දාමයට පත් වෙද්දි බරා පුටුවක ඉද ගත්තෙ හිනාවීමට නොහැකි නිසා බොරුවට කෝල් එකක් ගන්නව වගේ එලියට ගිය කබ්බ සර් නිසා,.ඒ බරා.අදටත් ඌට කඩ්ඩ බැරිය...ඒවගේම.අපිට ආතල් නොදී ඉන්නත් බැරිය...ප.ලි - කඩ්ඩ බැරිවීම විහිලුවට ලක්කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්ඩ..බරා කවදහරි කඩ්ඩ ඉගනගන්නවා කියාත් විස්වාසය..Posted by Sithum at 7:15 AM 5 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Wednesday, May 3, 2017.වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.“මචංල හෙට උදෙන්ම ඇහැරෙන ඕනෙ උදෙන්ම ගියොත් තමයි ලේසි”,.මේ ට්රිප් එකක් ගියොත් නිදාගන්න ප්රථමයෙන් කියන ඒ සුන්දර වාක්ය,.“යකෝ ඇහැරියන් පරක්කුයි ඊයෙ කලින් ඇහැරෙනව කියුවනේද තොපි".ඒ රියල් සිටුවේශන් එක,.අපි පරක්කු උනත් පීකර්ගෙ බාප්පයි පුංචියි උදෙන්ම ඇහැරිල අපිට කන්න උයනව... ගෙනියන්න කෑම හදනව,.අපි පවු දෙවියනේ කැම්පස් සිස්සයො උනත් තම මල් වගේ පොඩි උන්නෙ,.අද මීමුරේ යන දවස,.මඩ ගැසීම් ,තැබිලි වලු බෑම්, පොටෝ ශූට් කිහිපයක් අවසානයේ පීකර්ගෙ බාප්පට සහ පුංචිටයි පිං දීල අපි ආරම්භකරා අපේ ගමන,.මුලින්ම අපේ අද නිවහන වන කෑම්පින් ටෙන්ට් එක නොහොත් කූඩාරම ගන්ට ඕනෙ,.කතාව නුවර කාපු උන් වගේ උනාට, අපිට නුවර කාපු උන්ගෙ උපදෙස් පරිදි ටෙන්ට් එක තියන තැන හොයගන්න මාර වෙලාවක් ගියා,.මීමුරේ පාර දුශ්කරයි, ඒත් පට්ට සුන්දරයි!, ඇත්තටම ලංකාව කොචර ලස්සනද, මොනතරම් දෙවල් මේ පුංචි රටේ තියනවද,.මචං සන්රූෆ් එක ගලවමු,.අවට පරිසරයෙන් ඔදවැටිච්ච අපේ එකෙක්ගෙ අයිඩියා එකට තව එකෙක්ට මල.“පිස්සුද යකෝ වැස්සොත්”.“මේ ගමන පරිස්සමින් යමු හරිය, නිකන් පිස්සු වැඩ නොකර හිටහන්”,.මේක බලහන්කො.ඉතින් අපි අපේ ඒ හාමු මහත්තයගේ කීමට සවන් දිලා ඔහුට ගෞරවයක් වශයෙන් සන්රූෆ් එක ගැලෙව්වෙ තවත් ඔවදන් ගොඩක් සමගින් ,.“ගලවපන් පුලුවන්නම් ඔය වහලම ගලවපන්”.දැන් පටට්ට ආතල් වරකට දෙදෙනාබැගින් වහලේ හිලෙන් අවට සිරි නරබනව.චොච්චර ලස්සන උනත් සමහර දේවල් දකිද්දි හිතට ඇතිඋනේ මාර දුකක්,.පාරෙ හිගමන් යදින පොඩි ලමයි, අනේ සල්ලි දෙන්නකෝ කියල කෑගහදිදි මේ සුන්දරත්වය යටින් කොච්චර ලොකු අසුන්දර කතා තියනවද කියල අපිට හිතුන,.ගමන දිගයි….,තැන් දෙක තුනක මහන්සියට නතර කරත් අපි සිරියලතා අක්කගෙ තේ කඩේ ගාව වාහනේ නතර කරේ ඇගේ මහන්සිය යන්න තේ උගුරක් බොන්න,.හම්මේ රස …, රසම රස නියම කිතුල් හකුරු එක්ක හම්බුන ඒ තේ එකනම් පංකාදු පහයි!,.තැන තැන ගල් මතුවෙලා,අබලන් වෙලා තියන පාරෙ සුපුන් වාහනේ එලවන්නෙ හෙමින්, ඉතිං මේක තමා ඉදිරි අසුනේ යන්ට හොද වෙලාව,.ඉස්සරහ කෝපයිලට් ආසනයේ අරග්ගත් කලු බුතයාව පිටි පස්සට දාල මං ඉදගත්ත කෝපයිලට් එක්ස්පීරියන්ස් එක ගන්ට,.එහෙත් දුකයි සහෝදරවරුනී ගමන ආරම්භයෙන් සුලු මොහොතකට පසු නපුරු ගල් කැබැල්ලකට අසුවී අපේ රථයේ ඉදිරිපස රෝදය පුපුරායාම නිසා මට සිදුවුනේ බහින්ට,.රෝදෙ හුලං බින්දුවයි, වාහනේ කදු පල්ලමක නතර උන නිසා, ජැක් එක ගහන එක මාර අමරුයි, ඉස්සරහින් වාහන පස්සෙන් වාහන අපි මැද,.කොහොමින් කොහොමින් හරි අපි නිසා එතනින් යන්න බැරි උන සියලු දෙනාගෙ උපදෙස් සහ යෝජ්නා බැහැර හැරල අපි අපිට පුලුවන් විදිහට රෝදෙ ගලවන් ස්පෙයාර් වීල් එක දාගත,.නැවතත් දුකයි සහෝදර වරුනි ඒකෙත් හුලං ස්වල්පයයි,.මොනා.. කරන්නද ඉතින්.ලග තියන මැටි වලින් හදපු ගෙදරක මිදුලට වාහනේ දාපු අපිට දෙවියො බැලුව වගේ උදව්වට ආවෙ රාජ අයිය,.“මල්ලිල දැන් හවස් වෙලානෙ හෙට උදේට මෙහෙන් යන වෑන් එකෙ ගිහින් රෝද දෙකම හදන් එන්න දැන් යන්න හදන්න එපා”,.ඒ රාජ අයිය,."එතකොට අයියෙ අපිට අපේ ටෙන්ට් එක ගහ ගන්න මේ හරියෙ තැනක් තියනවද?".සිටුවේශන් එකේ හැටියට මිදුලෙ හරි ටෙන්ට් එක ගහගන්න හිටිය අපිට රජ අයියගෙ නංගිගෙ පොඩි එකා රොශාන් කියුවෙ පට්ට කතාවක්.“පල්ලෙහා ගග ගාව කෑම්ප් කරන තැනක් තියනව අයියෙ එතනට යමු”,.මේ වෙද්දි කෑම්පිං සිහිනය බොදවේලා තිබුන අපිට මේක ගුඩ් නිවුස් එකක්,.රාජ අයිය අපිට කෑම උයල දෙන්නම්ලු, අපිට කෑම්ප් ගහන තැන පෙන්නන්නම්ලු ,ඇත්තටම මේ හොද මනුස්සයයි ඒ අපිට උදවුන හැමෝමයි අපිට කරේ ලොකුම ලොකු උදව්වක්,.රෝෂාන් මල්ලිත් එක්ක ගිය අපි ගියා අපේ කෑම්පිං සයිට් එකට.යකෝ මේක එල පොට් එකක්නෙ,.ගගෙං එගොඩ පුන්චිං නාන තටාකයක් ඉදිරිපිට මල්ලිගෙත් උපදෙස් පරිදි අපේ කුඩාරම සහ ගිනිමැලය ඉදි උනා,.මිනිස්සුන්ගෙ ජීවිතේ නොමැකෙන සුන්දර මතක සටහන් තියෙනව , හැමදාම උනත මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් අපිව මහා සුන්දර ලෝකෙකට ගෙනියනව,.රෑමද, මද සීතලේ , ගගක් අයිනෙ, ගිනිමැලයක් ඉස්සරහ, කුඩාරමක් අටවගෙන පට්ට කොල්ලො සෙට් එකක් එක්ක සතුටින් ඉන්නකොට දැනෙනෙ දේ අය කවදාවත් අමතක වෙන්නෑ,.සිංදු , කතා, කාඩ් සෙල්ලං, ශ්ෆිට් එකට කදවුරෙ මුර කිරිම් මේ අපි වැඩ,."මචං... මේව දෙවියංගෙ අඩවි".රාජ අයිය කෑම ගෙනාපු භාජනේක තිබුන ඇනෙයි අගුරු කෑල්ලයි ගැන , කතා කරන කොට පබිල කතාවක් පටන් ගතෙ එහෙම, අපෙන් හතර දෙනෙක් නිදි අනිත් අය , කදවුර ආරක්ශා කිරීමට නිදිමරනව,."මචං හොල්මන් කියල දෙයක් තියනව, අඩෝ එක දවසක්....මේ එක්තරා හොල්මන් කතාවක් කොහොමින් හරි ඇත්ත උනත් බොරු උනත් මේ හොල්මන් කතා සීරිස් එක ඇහුවම හිතට ආවෙ පොඩි බයක් ,.රැ දොලහත් පහු වෙලා, දෙවියනේ මූට වෙන කතා තිබුනෙම නැද්ද කියන්න,.අපි ඇහැරෙනකොට,කයියයි ,සුපුනුයි රෝදෙ හදන්න ගිහින් , අපේ අනිත් ආරක්ශකයො හොදට කුඩාරම ඇතුලෙ දොයි, අනෙ අම්මප මුන්නං.....උදෑසන ජංගල් බොකක් සහ හොද කූල් බාත් එක්කට පස්සෙ ,හදාගත වෑන් එකෙන් අපි අපේ පුංචි ගයිඩ්ල වෙච්චි රොෂාන් මල්ලියි අජිත් මල්ලි එක්ක ගියේ මීමුරේ ගමයි, සූරිය අරන ෆිල්ම් ලොකේශන් එකයි බලන්න,.ලංකාවෙ සුන්දර ගමක සුන්දරත්වය විදිනගමන් අපි ලංවුනා අපෙ ගමනේ අවසාන ස්ථානයට මෙතන ගලේ ලිස්සන්න පුලුවන් ඒත් කොහොමෙයි, දහ අතේ කල්පනාකරකර ඉන්නකොට පැත්තක හිටපු, රා වලින් නාලාගිරි බඩවල් පුරවගන්න සෙට් එකක් එක්ක ආව ගයිඩ් පොර වැඩට බැස්ස,.හප්පේ මෙහෙම ආතල් එකක්,ඒක කොහොමද දෙවියනේ විස්තර කරන්නෙ.....ලිස්සන්න ලිස්සන්න ආසහිතෙනව අප්පා….ආතල් ගොඩක මතකයන් ගැන කතාකරකර අපි ආපහු ගෙදර එන්න පිටත් උනේ පුදුම සතුටින් ......ඇත්ත හොදටම මහන්සියි, ගමනක් යන එක ලේසි නැහැ,.ඒත් අපි ජීවිතේ කවදහරි දවසක නැවතිල හැරිල බලාවි අපි මොනවද අපේ ජීවිතේ කරල තියෙන්නෙ කියල ඉතින් ඒ දවසට මේ ලස්සනට ගතකරපු දවස් මතක්වෙල ඉබේටම අපේ මූනට හිනාවක් ඒවී,.ඒ මතකයන් අපිව හැමදාම සතුටින් ජීවත් කරාවි.ඉතින් සහෝදර වරුනි.ඊලගට යන්නෙ කොහෙද?.ප.ලි - ඹුහුනු පොත නිසා වල් වැදුන මාගේ බ්ලොගයට සාධාරනයක් ඉස්ට කිරීම උදෙසා.Posted by Sithum at 5:55 AM 8 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: Meemure, sri lanka, trip.Location: Meemure, Sri Lanka.Monday, November 17, 2014.පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව".ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්..සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන..මේ යුද්ධෙ කාලෙ.මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්....පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්.මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි...මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.."මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු..අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං".පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන..ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන.ඒ ටී56.ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,.කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,.ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?.සිවිල් අයට බැරිද?.අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන....ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක..එතකොට මම..........කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්..මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්....ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?.ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්..ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා."මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?".ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.."නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?".මේවෙද්දි ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි....තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..."මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට ".වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..."මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"."නෑ මල්ලි එච්චර අමාරු නෑ ඉන්න මම කියල දෙන්නම්".ඔන්න චාන්ස් එක මෙන්න අයියල..ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි..මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,.ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම....හූ...රේ.....ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.." අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො....".සෑහෙන ගේමකින් පසු."ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් ".අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ..අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ."මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු".ඈ ඒ මොන වැඩක්ද...මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න..ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,.හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..."මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන..".ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..."මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"."නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද".කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,.ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.."හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද".මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?.මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ.ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,."මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි".ඈ..... නොදකින්."හා කමක්නෑ අයියෙ".කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ..මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ.මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග...ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා.හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්......මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්..සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,.හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,.මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,.හිතට ආවෙ ලොකු බරක්.මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද.ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,.හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්.හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,.ඒම් එක හරි, හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ..ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු..තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,."මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල".හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,...................................................................................................................................ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,.ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා.ඇත්තටම වෙඩි තියන එක ලේසිද?.Posted by Sithum at 9:13 AM 19 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Friday, October 24, 2014.අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.....කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම..බය වෙන්න එපා කියනව, subject combination ගැන කියල දෙනව, අපේ විස්තර අහනව, කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව.දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි.ඉතින්, මොකට බය වෙන්නද ,.අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,.මේක සුපිරි තැනක්......"අප්පච්චි අපිටනම් ‍රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි..මෙයල අපිට මොකුත් කරන එකක් නෑ..".අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක්."එහෙමද එහෙනම් අද ‍රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි,කල්පනවෙන් පරිස්සමින් හිටපන්".අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ.තර්ක විතර්ක අනවශ්‍යයි,මටත් ඉතින් ඔනෙ බම්බුවක්,..අවුලක් වෙන එකක් නෑ.ඒත් ටිකක් බයයිද මන්ද..වෙලාව රෑ අටයි...අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි..තව එකේක් ඇද යට.ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව,.මම පු‍ටුවක් උඩ,.දඩාස් ගාල ඇරුන අපේ කාමරේ දොරෙන් ආවෙ අපේ සීනියර් අයියල ටිකක්.."ආ අයියෙ මොකද මේ පැත්තෙ.."."අයියෙ.... නැගිටපිය පර බ#*&#@*$#*#*%$%*^*".කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා.මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ........අයියලගෙ සහෝදර ප්‍රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප්‍රේමයේ උනුසුමටද කොඉන්ද...මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන........අපි ජුන්ඩොය අපිට නීති ඇත.ඉංග්‍රීසි අකැපය.අයියලා නම් නැත,ජේෂ්ඨ උත්තමයන් ඇත,ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි.පාවාදීම අකැපය .දුන්නොත් ඉවරය.සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය..ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන්..උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි,.තව... අපි, අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ ,.තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ..හරි සෝයි!!!.අපි ඉතින් හවසට ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන්..ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු ‍තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන්......අනේ ! මොනවා...ට කියනවද ඉතින්....ඉතින් ඔන්න, මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන්,තැනින් තැන මැලියම් වැහෙන කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම, මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට.අප්පේ.... දැක්කහම ආ..ස හිතෙනව.එක තැනෙක උද්ඝෝෂනයක්...." හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!.හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!.හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!".සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා.තවත් තැනක තොරන් විරිදු තාලයට ක්‍රිකට් විස්තර විචාරයක්...."ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා...ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව...".තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැ‍ටුමක් ප්‍රදර්ශනය කරනව,.ගායනය සහෝදර කැකුළන්ගෙන්.ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක්.මුන් දෙන්න ගහගනියිද මන්ද....තවත් සමහරු හිතින් මාවාගත්තු පු‍ටු වල නොහොත් මනෝ පු‍ටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව , ඔය පු‍ටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප,.අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පු‍ටුවෙ වාඩි වෙන්නෙ.බලන්න අපේ කැපවීම ,.සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි!!!!.ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ...."ඒ කවුද බන් අර තට්ටෙ තියෙන උතුමානාන්"." අ.. ඒ කොන්ඩය උතුමානන් බන්..."."කොන්ඩය, කො බන් කොන්ඩෙ "." අඩේ අර සුදු... කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ....".ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට." සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි!! "." සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි!! ".කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ...ඒ අස්සේ සමහරු කාර්ඩ් කුප්පියක්."අර පිංකි උත්තමාවිය, අර ලෙටී උත්තමාවිය, අර ජෙසා...."."යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො....".කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක්,.ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක....අ හ්! නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක...."අනේ !! මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන්..".ඒ රතූ මගේ සහොදර බැජියෙක්,.මේකට නම් පාඩම් හිටින්නෑ, ඒ කියන්නෙ ඉතින්, බඩුම තමා..ඔන්න තවත් එක සුන්දර වාත කරන, වාතවන වේලාවේදි නොහොත් ‍රැග් එකේදි, මාත් ඉතා සැප පහසු මනෝ පු‍ටුවක ඉදගත්ත,.මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ..!!.කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම,.ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව,.අන්ඩර්ටේකර්,.අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස ,යෝධ ඇගක් තියෙන, කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක්. වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි,.කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි!!!.මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව...හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න.ඒ මගේ හිත.මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල.."ඒ මෙහෙ වරෙන්".බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ.."කෙලින් හිටපන් යකෝ!!! "."තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද...".තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ.."තොට කියනදේ ඇහෙන් නැද්ද"."ඇහෙනව උතුමානනි .. මට පුළුවන් උතුමානනි"."අ එහෙමද තොට මතකයිනෙ. හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ".තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද.."කියපන් අර කවුද?"."ඒ..ඒ පැටී උතුමානන් උතුමානණි"."පැටී උතුමානන්, ඒ පැටීද යකෝ...‍තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල"."අර කවුද කියපන්..."."ක.. ක. කට්ටි උත්තමාවිය උතුමානණි...".චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල...දැන් ඉවරයි !!.....රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය...මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව.මාත් එක්ක මනෝ පු‍ටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව.පව්! , අසරණ රතූ."හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන්....".ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක....අන්ඩර්ටේකර් පෙන්නුවෙ ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් ,.රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර්...ඉබ්බ යකෝ ඉබ්බ...අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න...ඉබ්බ යකෝ කියපන් ඉබ්බ."තොට කියන්න පුළුවන්ද කියපන් පරයා.."."පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි".හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද....කියපන් දෙයියෝ කියපන්....ඉබ්බ කියල කියපාන්....මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි...........!."පුළුවන්.. එහෙනම් කියපන් ඒ කවුද?"."ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ..."."ගෙම්බ ‍තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම....".අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත්‍රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල...කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක."අනේ... මටනම් එපා......වෙනව බන්!!!".Posted by Sithum at 1:40 AM 23 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Older Posts Home.Subscribe to: Posts (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.All Comments.Atom.All Comments.Blog Archive.▼ 2017 (2).▼ May (2).ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.► 2014 (2).► November (1).► October (1).► 2013 (8).► August (2).► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.14 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: හදවතේ කැඩපත.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Friday, August 2, 2013.හදවතේ කැඩපත.O/L.පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ,.හරි නේද?.ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.....ඇත්තටම මේ කාලෙ කියන්නෙ, ඉස්කොලෙ කාලෙ කරපු නැති ඒ කියන්නෙ, විදපු නැති අද්දැකීම් විදගන්න හදන කාලයක්..පොත් වලට ඔරවපු එවුන් පොත් දිහා බලන්නෙත් මේකාලෙ, පිට්ටනිය ඇලජික් එවුන් පිට්ටනියට බහින්නෙත් මේ කාලෙ, වලි වලට බය එවුන් චන්ඩි වෙන්නෙත් මේ කාලෙ,.ඒ වගේම පාසල් ප්‍රේමය නොවිදපු ගොඩක් අය ප්‍රේමවන්තයො වෙන්නෙත් මේ කාලෙ..ඒ අතින් බලනකොට ,සුදු පාට ‍රැලි ගවුමක් ලගින් යනකොට, ඇග හිරිවැටිල යන තරමට O/L ප්‍රේමණියයි...මේ ආදරේද , කැමැත්තද , ආකර්ෂණයද , ඒව කවුරුත් හිතුවෙ නෑ,.කොහොමහරි, කොල්ලො කෙල්ලො සෙට් කරගන්න වෙහෙසුනා, ක‍ටු කෑව, ගුටි කෑව,චාටර් උනා, ඒත් පසුබැස්සෙ නෑ.....ඒ අස්සෙ කොල්ලො සෙට් කරගන්න කෙල්ලො සීතල යුද්දෙක!.අනේ ඉතින් කොහොඹ ගස් වටේ කරවිල වැල් එතෙන හැටි, කොට්ටොරුවො හොට පටලගන්න හැටි,.කුරුළු කිරිලියො ටිචර්ල සර්ලට හොරෙන් තැන තැන පෙම් බස් දොඩ දොඩ ඉන්න හැටි දකින අපේ ගල් හදවත් ආදරෙන් මොලොක් වුනා....අපි කොච්චර හොදද , සිලි වත්ද,කොච්චර අහිංසකද,.ඒත් , හැමෝටම ගෑනු ළමයි ඉදිද්දි අපි කොහොමද දෙයියනේ මේ කෲර ලෝකෙ තනියම ඉන්නෙ.....!.මොලොක් වෙච්ච හදවත් පසාරු කරන්න ගොඩක් ලේසියි ....හී පහරක් මටත් වැදුන, නොදැනීම......හංසි,.හංසි මගේ පන්තියේ හිටපු කෙල්ලෙක්, මගේ යාළුවෙක්,.ලස්සන හොද ගෑනු ළමයෙක්, මට වඩා ටිකක් උසින් අඩු, එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්.මම එයාට කැමතියි.. ඔව්,ගොඩක්.. එයත් මට කැමැත්ත දුන්න...අපි ආදරේ කරනවද?.ඒ ගැන අපි දෙන්නම හරියට දැනන් හිටියෙ නෑ, ඒත් අපි දෙන්නට දෙන්න කැමැත්තෙන් හිටියෙ ගොඩක්, .....අපේ සම්බන්දෙ ගැන කවුරුවත් දැනගන්නවට අපි කැමති වුනේ නෑ.. අඩුමගානෙ යාළුවොවත්...ඒකට ලොකු හේතුවක් තිබුන....මං ගැන තොරතුරු, මම ගෙදර යන්න ඉස්සල්ල ගෙදරට හම්බෙනව .... ගෙදරට ආරංචි වෙනව කියන්නෙ ඉතින් ලෙඩක්නෙ...හංසිගෙ ගෙදරට ආරංචි වුනොත් ඉතින් අපි දෙන්නටම වෙන්නෙ මැරුම් කන්න....ඒ නිසා අපි යාළුවන්ටත්, අපි ගැන නොකිය ඉන්න තීරනයකරා....ඒ වුනත් අපි දෙන්න හිතුවටත් වඩා ආදරය නිර්භීතයි...!.හැංගි හැංගි කතාකරපු අපිදෙන්න නොදැනිම එලියට ආව...අපේ යාළුවො අපි දෙන්නව තේරුම් ගත්ත...ඒඅයත් හරියට නොදන්නව වගේ ඇගෙව්ව... ඒත් ගොඩක් උදව්කරා...ක්ලාස් එකේ,ලයිබ්‍රි එක ලග ,කෝච්චි ස්ටේශන් එකේ කොනේම තියන කොලපාට බංකු පේලි වල ඉදගෙන අපි ගොඩක් දේවල් කතාකරා...ඇත්තටම අපි කතානොකරපු දෙයන් නැතිතරම්..ඒ දේවල් කොච්චර බොලඳ වුනත් හරිම සුන්දරයි!.අපි කතාකරන දිහා බලාගෙන, අපි ලගින්යන අයියල අක්කල සමහර වෙලාවට විහිලු කරනකොට , ඇත්තටම අපි බය වෙන්න ඕන උනත්, අපිට දැනුනෙ අමුතු සතුටක්....මමත් රෝගි උනා..කෑම අරුචිය, නින්ද නොයාම, තනියෙන් කිසිම හේතුවක් නොමැතිව සිනාසීම, මනෝ පාරවල් ගැසීම ඕව තමයි රෝග ලක්ෂණ.මේ රෝගෙ නිසා මම ටික ටික කෙට්‍ටු වෙන්න ගත්තත්,.මේ රෝග ලක්ෂණ තිබුන හංසි එන්න එන්න මහත් වෙනව!.හැම කෙල්ලෙක්ටම මෙහෙම වෙනවද?.හතරවෙනි පීරියඩ් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි.මෙක ඉතින් අපි ආසම පීරියඩ් එකනෙ..මොකට කියනවද.ඇයි ටිචර් අපිට උගන්නන්න මෙච්චර වදවෙන්නෙ? වෙලාවකට ටිචර් ගැන දුකත් හිතෙනව..."ගුඩ් මෝර්නින්ග් චිල්ඩ්‍රන්......"."ගුඩ් මෝර්නින්ග් ටිචර්..............".ටීචර් ගෙ බොදවෙන රූපෙත් එක්ක මගෙ ලගට ආවෙ හංසි.හංසියි මායි ගොඩක් තැන්වල ඇවිද්ද, වැව රවුමෙ,පාර්ක් එකේ, නිලාවැලි බීච් එකේ.... හංසිගෙ අතින් අල්ලගෙන මේ හැම තැනම ඇවිදිනකොට මට දැනුනෙ මේලෝකෙ සතුටින්ම ඉන්න කොල්ල මන් කියල,මේක තමා ජීවිතේ කියන්නෙ....ඔව් මේක තමා.හංසි, ලස්සන හංසි, මගේ ලගල එනව."සිතූ....ම්.. සිතූ.....ම් සිතුම්...".එහා පු‍ටුවෙ හිටපු කට්ටගෙ වැලමිටි පාරින් , මගේ සිහින මාලිගය කුඩු වෙලාගියා."මොකද ය.."."සිතුම්".ඒ ඉංග්‍රීසි ටිචර්."ඇ...ඇයි ටීචර්.."."මොකද තනියම හිනාවෙන්නෙ..?".උත්තර සියගානක් ඔලුවට ආවත් එකක්වත් කටින් පිට නොවුනෙ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනා.ටිච්ර් මගේ දිහාබලන් කල්පනා කරනවා,."සිතුම්පුතා ඔයා දන්නවද හදවතේ කැඩපත කියන්නෙ මොකටද කියල?"."මූනට තමයි හදවතේ කැඩපත කියන්නෙ.පුතාගෙ හදවතට මේදවස් වල මොනවහරි වෙලාතියෙනව කියල මට පුතාගෙ මූන බැලුවහම කියන්න පුලුවන්.මේකාලෙ ඕව කරල ජිවිතේ නාස්තිකරගන්න එපා පුතා.. ඕව කරන්න හොද කාලයක් එනව එතකන් ඉවසන්න...මේ දවස්වල විභහගෙ හොදට පාස් කරගන්න එක ගැන විතරක් හිතන්න".පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනට පස්සෙ ටීච්ර් පන්තියෙන් එලියට යනකන්ම මම හිටියෙ සිහියෙන් නෙමෙයි.ටීච්ර් කිව්වෙ මොකක්ද, කොල්ලො කෙල්ලො මට මොනව කියාවිද, මට මොකක්ද දෙයියනේ මේ උනේ..හැමෝම මග ඇරල ක්ලාස් එකේ දොරේ උලුඅස්සට මම හේත්තු උනේ මේ දේවල් හිත හිත.ලැජ්ජවෙන් රතු උන මූන බිමට හරවගෙන හංසි මගේ ලගට ආව."මොනවද අනේ උයා කරන්නෙ, හැමෝම මගේ දිහා බැලුව..".ලැජ්ජාවෙන් මූන රතුවෙලා තිබුනත් ඒ මූන සතුටෙන් පිරිල.ඇයි ඔයාට ඔච්චර සතු‍ටු හංසි.මට එහෙම හිතුනත් ඊලග මොහොතෙදි මට තව දෙයක් තේරුනා.ඔව්, ටීචර් කිව්වහරි, හදවතේ තියනදේ මූනෙන් කියවන්න පුලුවන්, හංසිගෙ හදවත ආදරෙන් කියනදේ ඒ ලස්සන මූනෙන් මට පෙනුන."ඔයා මට ගොඩක් ආදරෙයි නේද සිතුම් , මාත් ඔයාට ආදරෙයි පැටියො, ගොඩාක්....".Posted by Sithum at 1:51 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක සයුර.31 comments:.රයිටර් August 2, 2013 at 2:39 AM.ඕලෙවල් කාලේ ප්‍රේම ප්පුරාණේ... හම්බා.... හදවත කීරි ගැහිලා යන අමුතු ගතියක් තිබුනා සුරූපී කෙල්ලෙක් එහෙම හිනා වෙනවා දැක්කාම. ශීෂ්...ආයේ යන්න පුළුවන් නම්..ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 2:43 AM.මේක ලියනකොට මට මට ඔය දේ සෑහෙන වතාවක් හිතුන පැතුම්, ආයෙත් යන්න පුළුවන්නම්.. ඒකනම් මාර කාලයක්.Delete.Replies.Reply.Reply.ඉවාන් පවුලූශාAugust 2, 2013 at 2:57 AM.ලෙසටම ලියලා තියෙන්නේ, උඹනම් පට්ට ක්‍රියේටිව් ඩයල් එකක්.//"එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්"// ඕලෙවල් කාලේ හිතගිය හැම කෙල්ලගේම ඇස් දෙක මට පෙනුනේ ඔහොම තමයි බං..ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 8:58 AM.අහා... එහෙනම් ඉස්කෝලෙ කාලෙ ප්‍රේම කතා ගොඩක් ඇති නේද? : ).Delete.Replies.Reply.Reply.රෙහානිAugust 2, 2013 at 3:21 AM.ලස්සන මතකයක් අලුත් උනා ......කාලේ කාලේ ඉස්කෝලේ -ආයේ එන්නෑ ඒ කාලේ.ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 8:59 AM.මොකක්ද රෙහානි ඒ මතකෙ, අපිටත් කියන්ටකො.Delete.Replies.Reply.Reply.නිහඬ සිතිවිලි (Indrachapa)August 2, 2013 at 3:28 AM.කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් ආදරේ හිතෙන එක්කෙනෙක්වත් හිටියේ නැහැනේ... O/L වල Love සබ්ජක්ට් එක absent උනේ ඕක හින්ද :p.ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 9:01 AM.ටීචර් කිව්ව වගේ ඉවසුවද : ).Delete.Replies.Reply.Reply.දේශකයාAugust 2, 2013 at 3:49 AM.කියල වැඩක් නෑ මාර ආතල් බං.. සිරාවට...ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 9:03 AM.: ) : ) : ) : ).Delete.Replies.Reply.Reply.මැලේ රාළAugust 2, 2013 at 3:53 AM.මේ කතාවට තව කොටසක් තියෙනවාද ........ මට නිකන් තේරෙන්නේ ඉවර නැ වගේ ....... ඊට පස්සේ මොකද උනේ කියලත් ලියපන්කො.ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 9:08 AM.කතව තව දිගයි.. ඒත් මගේ හිතේ තිබුනෙ මෙතනින් කතාව ලියන එක ඉවර කරන්න ඕනෙ කියල,.Delete.Replies.Reply.Reply.AnonymousAugust 2, 2013 at 4:00 AM.මගේ නං ඕ ලෙවල් ප්‍රේමය හිත ඇතුළේ පිපිලා හිතේ ම පරවෙලා ගියා. තනි ආදරේක වුණත් විඳින්න කොච්චර දේවල් තියෙනවා ද? හ්ම්ම්, ඒවා ඉතින් දැන් පරණ කතානේ. දැන් කෝ මේකේ ඉතුරු කොටස? ඊට පස්සේ හංසි සහ සිතුම් . . . දැම්මේ නැත්තං බලා ගමු, හරි ද?.ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 9:10 AM.//තනි ආදරේක වුණත් විඳින්න කොච්චර දේවල් තියෙනවා ද?//.ඒකතාව හරියටම හරි.Delete.Replies.Reply.Reply.GimhaniAugust 2, 2013 at 5:44 AM.දැන්නම් දුක් වෙනවා ඒ කාලේ පෙම් නොකර එක ගැන ..ReplyDelete.Replies.SithumAugust 2, 2013 at 9:12 AM.හැමදේම වෙන්නෙ හොදට ගිම්හානි.Delete.Replies.Reply.Reply.Kenji @ JapanAugust 2, 2013 at 6:53 PM.ඒ කාලෙ "හදවතේ කැඩපත්"කීයක් තිබුනද කියල ගනං කෙරුවට හරි ගාන එන්නෙ නැහැ..දැන් ඉතිං වයසක බුවෙක් නෙ..ලියවිල්ල සුපිරියි.මේව කියවල නාකි අපිත් තිරිහන් වෙනව..ReplyDelete.Replies.SithumAugust 4, 2013 at 11:11 PM.ඒකියන්නෙ කොල්ල කාලෙ සුපිරි ලවර් කෙනෙක් වෙන්න ඇති : ): ).Delete.Replies.Reply.Reply.මාතලන්August 2, 2013 at 7:56 PM.පොඩි උන්ගේ ප්‍රේමයක තියෙන සුන්දර බව නිර්ව්‍යාජ බව බොළඳ බව උපරිමයෙන්ම තියෙන නිර්මාණයක්...ReplyDelete.Replies.SithumAugust 4, 2013 at 11:27 PM.ඇත්තටම බොළඳයි, සුන්දරයි, ඒත් කවදාවත් අමතක නොවව තරම් අපූරුයි!.Delete.Replies.Reply.Reply.DDTAugust 2, 2013 at 9:18 PM.හැම කෙනෙක්ගෙම ජීවිතේ අමතක නොවන යුග ඕලෙවල් ඒ ලෙවල් කරපු කාලයන්. පාසල් ජීවිතයෙ හොඳම සහ සතුටින්ම ගතකරපු අවුරුදු කීපය..ReplyDelete.Replies.SithumAugust 4, 2013 at 11:31 PM.ඒ දවස්වල ඉස්කෝලෙන් පිටවෙලා ගන්න ආතල් ගැන සිහින මැව්වට, ඇත්තටම ආතල් එක තියෙන්නෙ ඒකාලෙ කියල දැන් තමා තේරෙන්නෙ.Delete.Replies.Reply.Reply.Damith GunawardaneAugust 4, 2013 at 12:05 AM.ලොකු කතාවක පොඩි කොටසක් නේ...අප්පා ඔය ෆිලින් එකනම්......කියන්න තෙරෙන්නෙ නෑ බන්.උන් අපිව තවුතිසාව කිට්ටුවටම ගෙනියනව නෙ.හිටපු ගමන් පොලොවට ඈදල දාන එකත් නෑතුව නෙමෙයි.හෑබෑයි මචන් කතාකරන ඈස් තමයි මට හමු උනෙ නෑතිම එක.ReplyDelete.Replies.SithumAugust 4, 2013 at 11:37 PM.උබටත් දවසක හම්බවෙයි...පැයක් කතාකෙරුවත්.. කතා නොකර ඇස් දෙක දිහාබලන් ඉන්න තප්පර දෙක තුනේදි, ගොඩාක් කියවන ඇස් දෙකක් හම්බ වෙයි.Delete.Replies.Reply.Reply.වැව් ඉස්මත්තAugust 4, 2013 at 6:13 AM.කොහොමද ලියුම් ලියල දෙනකොට ජාතික කොඩියෙ වගෙ හතර පැත්තට බො පෙති එහෙම දාල ආ.ReplyDelete.Replies.SithumAugust 4, 2013 at 11:43 PM.අපොයි! මතක් වෙද්දි ඇග හිරිවැටිල යනව..කෙල්ලගෙන් ලියුමක් හම්බෙන එකතරම් සතුටක් තවත් නෑ..ඒත් ලියුමක් දෙන්න, ලියුමක් ලියන්න ගියහම තමා වැඩේ බරපතලකම තේරෙන්නෙ,.පලවෙනි ලියුම ලියන්න කට්ට කාපු හැටි මටනම් තාම මතකයි..ලේසි නෑ.... පැය හතරක් විතර ගියා.Delete.Replies.Reply.Reply.DudeAugust 9, 2013 at 9:45 PM.වෙන කාගෙද බ්ලොග් රෝල් එකක එල්ලලා තියෙනවා දැකලා අහම්බෙන් ගොඩ වැදුනා. කතා හතෙන් පහක්ම කියෙව්වා. සිතුම්ට හොඳ අනාගතයක් තියෙනවා කියලා මට හිතුනා සිංහල බ්ලොග් රචකයෙක් හැටියට. මගේ Google + නම හෙන්රි බ්ලොග්වෝකර් වුනාට උඹ එහෙම කියලා හක්ක පන්නා ගන්න ඕනෙ නෑ, මගේ බ්ලොගර් නම ඩූඩ්..ReplyDelete.Replies.SithumOctober 28, 2014 at 5:11 AM.ගොඩාක් ස්තූතියි වූඩ්.Delete.Replies.Reply.Reply.කතන්දර KathandaraAugust 17, 2013 at 4:07 AM.දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා.වසන් කරන සිත මුහුණෙන් කියවෙනවා.(කපුගේ).ReplyDelete.Replies.Wijith BandaraOctober 28, 2014 at 5:08 AM.This comment has been removed by a blog administrator..Delete.Replies.Reply.Reply.SithumOctober 28, 2014 at 5:12 AM.දෙනෙත් කියෙව්වොත් ,කියවන්න පුළුවන්නම්........ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.► 2017 (2).► May (2).► 2014 (2).► November (1).► October (1).▼ 2013 (8).▼ August (2).බ්ලොග් දෙවියන් වෙත............හදවතේ කැඩපත.► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.13 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සිතුම් සයුර: වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.සිතුම් සයුර.අසන දකින විදින විදවන මගේ ජීවිතය.Wednesday, May 3, 2017.වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.“මචංල හෙට උදෙන්ම ඇහැරෙන ඕනෙ උදෙන්ම ගියොත් තමයි ලේසි”,.මේ ට්රිප් එකක් ගියොත් නිදාගන්න ප්රථමයෙන් කියන ඒ සුන්දර වාක්ය,.“යකෝ ඇහැරියන් පරක්කුයි ඊයෙ කලින් ඇහැරෙනව කියුවනේද තොපි".ඒ රියල් සිටුවේශන් එක,.අපි පරක්කු උනත් පීකර්ගෙ බාප්පයි පුංචියි උදෙන්ම ඇහැරිල අපිට කන්න උයනව... ගෙනියන්න කෑම හදනව,.අපි පවු දෙවියනේ කැම්පස් සිස්සයො උනත් තම මල් වගේ පොඩි උන්නෙ,.අද මීමුරේ යන දවස,.මඩ ගැසීම් ,තැබිලි වලු බෑම්, පොටෝ ශූට් කිහිපයක් අවසානයේ පීකර්ගෙ බාප්පට සහ පුංචිටයි පිං දීල අපි ආරම්භකරා අපේ ගමන,.මුලින්ම අපේ අද නිවහන වන කෑම්පින් ටෙන්ට් එක නොහොත් කූඩාරම ගන්ට ඕනෙ,.කතාව නුවර කාපු උන් වගේ උනාට, අපිට නුවර කාපු උන්ගෙ උපදෙස් පරිදි ටෙන්ට් එක තියන තැන හොයගන්න මාර වෙලාවක් ගියා,.මීමුරේ පාර දුශ්කරයි, ඒත් පට්ට සුන්දරයි!, ඇත්තටම ලංකාව කොචර ලස්සනද, මොනතරම් දෙවල් මේ පුංචි රටේ තියනවද,.මචං සන්රූෆ් එක ගලවමු,.අවට පරිසරයෙන් ඔදවැටිච්ච අපේ එකෙක්ගෙ අයිඩියා එකට තව එකෙක්ට මල.“පිස්සුද යකෝ වැස්සොත්”.“මේ ගමන පරිස්සමින් යමු හරිය, නිකන් පිස්සු වැඩ නොකර හිටහන්”,.මේක බලහන්කො.ඉතින් අපි අපේ ඒ හාමු මහත්තයගේ කීමට සවන් දිලා ඔහුට ගෞරවයක් වශයෙන් සන්රූෆ් එක ගැලෙව්වෙ තවත් ඔවදන් ගොඩක් සමගින් ,.“ගලවපන් පුලුවන්නම් ඔය වහලම ගලවපන්”.දැන් පටට්ට ආතල් වරකට දෙදෙනාබැගින් වහලේ හිලෙන් අවට සිරි නරබනව.චොච්චර ලස්සන උනත් සමහර දේවල් දකිද්දි හිතට ඇතිඋනේ මාර දුකක්,.පාරෙ හිගමන් යදින පොඩි ලමයි, අනේ සල්ලි දෙන්නකෝ කියල කෑගහදිදි මේ සුන්දරත්වය යටින් කොච්චර ලොකු අසුන්දර කතා තියනවද කියල අපිට හිතුන,.ගමන දිගයි….,තැන් දෙක තුනක මහන්සියට නතර කරත් අපි සිරියලතා අක්කගෙ තේ කඩේ ගාව වාහනේ නතර කරේ ඇගේ මහන්සිය යන්න තේ උගුරක් බොන්න,.හම්මේ රස …, රසම රස නියම කිතුල් හකුරු එක්ක හම්බුන ඒ තේ එකනම් පංකාදු පහයි!,.තැන තැන ගල් මතුවෙලා,අබලන් වෙලා තියන පාරෙ සුපුන් වාහනේ එලවන්නෙ හෙමින්, ඉතිං මේක තමා ඉදිරි අසුනේ යන්ට හොද වෙලාව,.ඉස්සරහ කෝපයිලට් ආසනයේ අරග්ගත් කලු බුතයාව පිටි පස්සට දාල මං ඉදගත්ත කෝපයිලට් එක්ස්පීරියන්ස් එක ගන්ට,.එහෙත් දුකයි සහෝදරවරුනී ගමන ආරම්භයෙන් සුලු මොහොතකට පසු නපුරු ගල් කැබැල්ලකට අසුවී අපේ රථයේ ඉදිරිපස රෝදය පුපුරායාම නිසා මට සිදුවුනේ බහින්ට,.රෝදෙ හුලං බින්දුවයි, වාහනේ කදු පල්ලමක නතර උන නිසා, ජැක් එක ගහන එක මාර අමරුයි, ඉස්සරහින් වාහන පස්සෙන් වාහන අපි මැද,.කොහොමින් කොහොමින් හරි අපි නිසා එතනින් යන්න බැරි උන සියලු දෙනාගෙ උපදෙස් සහ යෝජ්නා බැහැර හැරල අපි අපිට පුලුවන් විදිහට රෝදෙ ගලවන් ස්පෙයාර් වීල් එක දාගත,.නැවතත් දුකයි සහෝදර වරුනි ඒකෙත් හුලං ස්වල්පයයි,.මොනා.. කරන්නද ඉතින්.ලග තියන මැටි වලින් හදපු ගෙදරක මිදුලට වාහනේ දාපු අපිට දෙවියො බැලුව වගේ උදව්වට ආවෙ රාජ අයිය,.“මල්ලිල දැන් හවස් වෙලානෙ හෙට උදේට මෙහෙන් යන වෑන් එකෙ ගිහින් රෝද දෙකම හදන් එන්න දැන් යන්න හදන්න එපා”,.ඒ රාජ අයිය,."එතකොට අයියෙ අපිට අපේ ටෙන්ට් එක ගහ ගන්න මේ හරියෙ තැනක් තියනවද?".සිටුවේශන් එකේ හැටියට මිදුලෙ හරි ටෙන්ට් එක ගහගන්න හිටිය අපිට රජ අයියගෙ නංගිගෙ පොඩි එකා රොශාන් කියුවෙ පට්ට කතාවක්.“පල්ලෙහා ගග ගාව කෑම්ප් කරන තැනක් තියනව අයියෙ එතනට යමු”,.මේ වෙද්දි කෑම්පිං සිහිනය බොදවේලා තිබුන අපිට මේක ගුඩ් නිවුස් එකක්,.රාජ අයිය අපිට කෑම උයල දෙන්නම්ලු, අපිට කෑම්ප් ගහන තැන පෙන්නන්නම්ලු ,ඇත්තටම මේ හොද මනුස්සයයි ඒ අපිට උදවුන හැමෝමයි අපිට කරේ ලොකුම ලොකු උදව්වක්,.රෝෂාන් මල්ලිත් එක්ක ගිය අපි ගියා අපේ කෑම්පිං සයිට් එකට.යකෝ මේක එල පොට් එකක්නෙ,.ගගෙං එගොඩ පුන්චිං නාන තටාකයක් ඉදිරිපිට මල්ලිගෙත් උපදෙස් පරිදි අපේ කුඩාරම සහ ගිනිමැලය ඉදි උනා,.මිනිස්සුන්ගෙ ජීවිතේ නොමැකෙන සුන්දර මතක සටහන් තියෙනව , හැමදාම උනත මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් අපිව මහා සුන්දර ලෝකෙකට ගෙනියනව,.රෑමද, මද සීතලේ , ගගක් අයිනෙ, ගිනිමැලයක් ඉස්සරහ, කුඩාරමක් අටවගෙන පට්ට කොල්ලො සෙට් එකක් එක්ක සතුටින් ඉන්නකොට දැනෙනෙ දේ අය කවදාවත් අමතක වෙන්නෑ,.සිංදු , කතා, කාඩ් සෙල්ලං, ශ්ෆිට් එකට කදවුරෙ මුර කිරිම් මේ අපි වැඩ,."මචං... මේව දෙවියංගෙ අඩවි".රාජ අයිය කෑම ගෙනාපු භාජනේක තිබුන ඇනෙයි අගුරු කෑල්ලයි ගැන , කතා කරන කොට පබිල කතාවක් පටන් ගතෙ එහෙම, අපෙන් හතර දෙනෙක් නිදි අනිත් අය , කදවුර ආරක්ශා කිරීමට නිදිමරනව,."මචං හොල්මන් කියල දෙයක් තියනව, අඩෝ එක දවසක්....මේ එක්තරා හොල්මන් කතාවක් කොහොමින් හරි ඇත්ත උනත් බොරු උනත් මේ හොල්මන් කතා සීරිස් එක ඇහුවම හිතට ආවෙ පොඩි බයක් ,.රැ දොලහත් පහු වෙලා, දෙවියනේ මූට වෙන කතා තිබුනෙම නැද්ද කියන්න,.අපි ඇහැරෙනකොට,කයියයි ,සුපුනුයි රෝදෙ හදන්න ගිහින් , අපේ අනිත් ආරක්ශකයො හොදට කුඩාරම ඇතුලෙ දොයි, අනෙ අම්මප මුන්නං.....උදෑසන ජංගල් බොකක් සහ හොද කූල් බාත් එක්කට පස්සෙ ,හදාගත වෑන් එකෙන් අපි අපේ පුංචි ගයිඩ්ල වෙච්චි රොෂාන් මල්ලියි අජිත් මල්ලි එක්ක ගියේ මීමුරේ ගමයි, සූරිය අරන ෆිල්ම් ලොකේශන් එකයි බලන්න,.ලංකාවෙ සුන්දර ගමක සුන්දරත්වය විදිනගමන් අපි ලංවුනා අපෙ ගමනේ අවසාන ස්ථානයට මෙතන ගලේ ලිස්සන්න පුලුවන් ඒත් කොහොමෙයි, දහ අතේ කල්පනාකරකර ඉන්නකොට පැත්තක හිටපු, රා වලින් නාලාගිරි බඩවල් පුරවගන්න සෙට් එකක් එක්ක ආව ගයිඩ් පොර වැඩට බැස්ස,.හප්පේ මෙහෙම ආතල් එකක්,ඒක කොහොමද දෙවියනේ විස්තර කරන්නෙ.....ලිස්සන්න ලිස්සන්න ආසහිතෙනව අප්පා….ආතල් ගොඩක මතකයන් ගැන කතාකරකර අපි ආපහු ගෙදර එන්න පිටත් උනේ පුදුම සතුටින් ......ඇත්ත හොදටම මහන්සියි, ගමනක් යන එක ලේසි නැහැ,.ඒත් අපි ජීවිතේ කවදහරි දවසක නැවතිල හැරිල බලාවි අපි මොනවද අපේ ජීවිතේ කරල තියෙන්නෙ කියල ඉතින් ඒ දවසට මේ ලස්සනට ගතකරපු දවස් මතක්වෙල ඉබේටම අපේ මූනට හිනාවක් ඒවී,.ඒ මතකයන් අපිව හැමදාම සතුටින් ජීවත් කරාවි.ඉතින් සහෝදර වරුනි.ඊලගට යන්නෙ කොහෙද?.ප.ලි - ඹුහුනු පොත නිසා වල් වැදුන මාගේ බ්ලොගයට සාධාරනයක් ඉස්ට කිරීම උදෙසා.Posted by Sithum at 5:55 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: Meemure, sri lanka, trip.Location: Meemure, Sri Lanka.8 comments:.Praසන්னMay 3, 2017 at 6:06 AM.හප්පට සිරි, මුට මොකද මේ හදිස්සියෙ බ්ලොග් එකක් මතක් වෙලා තියෙන්නෙ..ඊළඟට කොහේ ගියත් කමක් නෑ මේක ලියහං..ReplyDelete.Replies.SithumMay 3, 2017 at 6:25 AM.හප්පේ දෙයියො දැක්ක වගේ,ඉතින් කොහොමෙයි?.ගොඩකාලෙකින් කියවපු පලවෙනි බ්ලොග් කොමෙන්ට් එක, මාරම සතු‍ටුයි අයියෙ...දිගටම ලියන්නම්කො...Delete.Replies.Reply.Reply.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)May 3, 2017 at 7:10 PM.මීමුරේ හොද බිස්නස් පොට් එකක් කරගෙන. අපරාදේ ලස්සන ගමක් ළගදිම නැතිවෙලා යනවා..අපොයි මීමුරේ ගිහිල්ලා වෙච්චි අතිභයංකාර සිද්ධිය ගැන ළගදිම මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නයි ඉන්නේ..ReplyDelete.Replies.SithumMay 4, 2017 at 10:03 PM.ඔව් එකනම් ඇත්ත අසංග ලස්සන ගම ටික ටික වෙනස් වෙනව, ගොඩක් ගොවියො දැන් ගයිඩ්ල වෙලා....අනිවාරයෙන් ලියන්න...Delete.Replies.Reply.SithumMay 4, 2017 at 10:04 PM.This comment has been removed by the author..Delete.Replies.Reply.Reply.samakayawateMay 4, 2017 at 12:31 AM.දැනට දහ දොළොස් වතාවක් මී මුරේ මංගච්චලා තියනවා මේ වෙනකොට. එත් තාමත් මග ඇරුණු තැන් අපමණයි මේ වන පෙත අස්සේ..ReplyDelete.Replies.SithumMay 4, 2017 at 10:04 PM.අපිටත් ගොඩක් තැන් මිස් උනා, ඔකොම කවර් කරන්න දවස් දෙක තුනක්ම ඉන්න වෙයි මන් හිතන්නෙ.Delete.Replies.Reply.SithumMay 4, 2017 at 10:04 PM.This comment has been removed by the author..Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?." අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල " දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු....අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!.මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස....KFC මල්ලි.මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර. මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...! කොහොමින්....පළමු වෙඩිල්ල."අඩේ... අන්න රයිඩර්ස්ල එනව" ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ....කුමාරයා මං." සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න " පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය....ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය, එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච ....සුද්දගෙ බ්ලූ සීඩී එක." කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව " පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන....අන්ඩර්ටේකර් vs රතූ.දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද. මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද.... කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හ....හදවතේ කැඩපත.O/L පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ, හරි නේද? ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.... ....කොටි කොටි කොටි.1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද.... අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව් ඇයි අපි....Total Pageviews.Subscribe To.Posts.Atom.Posts.Comments.Atom.Comments.Blog Archive.▼ 2017 (2).▼ May (2).ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ.► 2014 (2).► November (1).► October (1).► 2013 (8).► August (2).► July (3).► June (3).About Me.Sithum.View my complete profile.Followers.My Blog List.ඩ්‍රැකීගේ අඩවිය.පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස.14 hours ago.sAm cReations.ත්‍රීවීල් අයියා - Three wheel brother !!.1 year ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.රාජ්ගෙ නවාතැන.යහපාලනේ කිව්වොත් සල්ලි තමයි......4 years ago.සිතුම් සයුර.ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!.5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago...නිසල සිත් මල 11.8 years ago.Picture Window theme. Powered by Blogger.
සත් සමුදුර: December 2014.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, December 30, 2014.වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - දෙවන කොටස.යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? එසේත් නැතිනම් 1493 වසරට පෙර යුරෝපයේ සිෆිලස් රෝගීන් නොසිටියේද? යම් හෙයකින් ඇමරිකානු මහද්වීපයේ ස්වදේශිකයන් සිෆිලස් රෝගී වාහකයන් නම් කොලොම්බස්ගේ නාවික ගමණයට වසර දසදහස් ගණනකට පෙර තිබුනායැයි විශ්වාස කෙරෙන Beringia පාලම නැතහොත් අද දේශපාලනිකව පසමිතුරු වෙසින් සිටිනා රුසියාවේ Chukotka අර්ධද්වීපය හා ඇමරිකානු ප්‍රාන්තයක් වන ඇලස්කාවේ Seward අර්ධද්වීපය යා කරමින් පැවතුන අයිස්වලින් නිර්මාණයවී තිබූ පාලම ඔස්සේ ආසියාව හා ඇමරිකාව අතර අයිස්යුගයේ මිනිසුන් සංක්‍රමණය වීම ඔස්සේ යුරෝපය වෙතට රෝගය පැමිණීමට ඉඩක් තිබෙන බව කොලොම්බස්ගේ නාවිකයන් විසින් රෝගය යුරෝපයට රැගෙන ආ බවට ප්‍රතිවිරුද්ධ මත පළ කරන්නන් සංකල්පයක් ගෙනහැර දක්වයි.බොහෝවිට සිෆිලස් රෝගීන් යුරෝපයේ සිටියත් එය කොලොම්බස් යුගයේ තරම් අධික නොවීම. රෝගී ලක්‍ෂන පහලවීමත් සමග සමාජයට මුහුණ දී ගත නොහැකිව මුළුගැන්වී සැඟව සිටීම වැනි කාරණා සහ පුනරුද යුගයේදී මෙන් නොව මිනිසුන් ස්ථික ජීවන රටාවකට එනම් තමන්ගේ හුරු පුරුදු පරිසරයෙන් ඔබ්බට නොයා ජීවත කාලය පුරා එක් පෙදෙසකට පමණක් කොටුවීම වැනි කරුණු නිසා රෝගය ව්‍යාපතවීම වැලකී තිබෙන්නටද ඉඩ තිබේ..කෙසේවෙතත් කොලොම්බස්ගේ නාවික ගමනට පසු මෙසේ සිෆිලස් යුරෝපයට රැගෙන ආ බවට වූ මතයට ප්‍රතිවිරුද්ධ මතය ගොඩනැගෙන්නේ ඉතාම මෑත කාලයකදීය. ඒ මතය බොහෝ අවස්ථාවල රූපවාහිනී වාර්තාමය චිත්‍රපටි හරහා වීමද විශේෂිතය..PBS නාලිකාවේ Secret of Dead වාර්තා චිත්‍රපටි මාලාවේ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ සහ BBC රුපවාහිනි නාලිකාවේ "Pompeii : Life and Death in Roman town" වාර්තා චිත්‍රපටියේ මෙම කරුණු අන්තර්ගතවිය..මුලින් පැවසූ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මෙම සංකල්පයට ප්‍රධාන සාක්‍ෂියක් ලෙස එංගලන්තයේ Hull උසාවි සංකිර්ණය ඉදිකිරීමට යාමේදී කැනීම්වලදී හමුවූ ඉපැරණි තාපාසාරාමයක නටඹුන් හා ඒ ආශ්‍රිතව තිබූ ඇටසැකිලි වල හිස්කබල් වල ඇති සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත කඩතොළුද, ග්‍රීක අධිරාජ්‍ය සමයේ ක්‍රි.පූ. 580 - 250 අතර කාලසමයේදී ඔවුන්ගේ කොලොනියක් වූ ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රද්‍ෙශයේ තිබූ නටඹුන් අතර තිබූ හිස්කබල්වලට මෙම සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත ලක්‍ෂන හමුවූ බව පැවසූහ. එසේම "Pompeii : Life and Death in Roman town“ චිත්‍රපටියේදී විධාරණය වූ විසුවියස් ගිණිකන්දට යටවූ සිරුරු අතරින් හමුවූ නිවුන් දරුවන් යයි සැලකුන ඇටසැකිලි වල හිස්කබල් දෙකක දත්වල තිබූ Hutchinson's Teeth ලක්‍ෂන නිසා වසර 2000 කට පෙරද (විසුවියස් යමහල විධාරණය නිසා පොම්පේ නගරය ලාවා වලින් යටවූයේ ක්‍රිි.ව. 2070 දී යයි සැලකෙන නිසා) යුරෝපයේ වැදගත්ම ශිෂ්ඨාචාර සමයක එනම් රෝම ශිෂ්ඨාචාර සමයේද සිෆිලස් තිබූ බවට මතයක් ඉදිරිපත් විය..Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මූලිකව හිස්කබල් හතරක් සම්බන්ධයෙන් මෙම මතය ඉදිරිපත් කරයි. කෙසේවෙතත් එම සාක්‍ෂි දුටු පමණින් මෙසේ කොලොම්බස්ගේ ගමණට පෙර සිෆිලස් මතයක් තිබූ බවට ඉදිරිපත් කරන බවටත් ඇති චෝදනා බොහෝමයකි.හිස් කබල් අංක. 1216 දරන හිස්කබල තරුණවියේ වැඩිහිටි පිරිමි හිස් කබලක් ලෙස සැලකෙන අතර එහි ඇති කඩතොළු සිෆිලස් රෝගය උත්සන්න වීමෙන් ඇතිවන ලක්‍ෂන වලට සමාන බව වැඩසටහන නිමවූවන් පවසති. කෙසේවෙතත් මෙම රෝගී ලක්‍ෂනම තවත් බැක්ටීරියා ආසාදනයෙන් වැලදෙන yaws සහ bejel යන රෝග වලදීද ඇති වන බව සැලකේ. තවද 805, 932, 1121 අංක දරන හිස් කබල් වලද සිෆිලස් රෝගයට සමාන ලක්‍ෂන තිබෙන බව පැවසුනද ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නොසපයති..ඉහත පැවසූ 1216 දරන හිස් කබල කාබන් කාල නිර්ණයට අනුව ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව මුල් අවස්ථාවේදී පවසන ලැබූ අතර තවදුරටත් මතය සනාථ කරනු පිණිස අදාල භූමියෙන් හමුවූ මිනීපෙට්ටිවල ලී කැබලි පරීක්‍ෂෙවන් ලද තොරතුරු චිත්‍රපටියේ දක්වයි. ඒ අනුව මෙම ලී කැබලි ක්‍රි.ව. 1340 - 1369 අතර කාලයට අයත්ය. ඒ එලෙස නම් චිත්‍රපටියේ තොරතුරුවලට අනුව සිෆිලස් රෝගය යුරෝපයේ කොලොම්බස්ගේ ඇමරිකානු ගමණට වසර 150 කට පෙර සිටම පැවත තිබේ..එහෙත් චිත්‍රපටියට අවශ්‍ය වී ඇත්තේ තම මතය එලෙසම ප්‍රේක්‍ෂකයන්ට ඒත්තු ගැන්වීමට දැයි සැක මතුවන අවස්ථා රැසක් ඇත..1216 දරන හිස් කබල දෙවරක් කාබන් කාල නිර්ණපරීක්‍ෂනයට ලක් කළේයත ඒ 2000 වසරේදී සහ නැවත 2003 වසරේදීය. කෙසේවෙතත් මෙම තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබුවේ එයිනුත් කාලයක් ඉක්ම ගිය තැන වූ අතර ඒ 2011 වසරේදීය. මුල් අවස්ථාවේ පෙර පැවසූ මෙන් ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව පැවසුන අතර දෙවන අවස්ථාවේ ලද කාලය එයට හාත්පසින්ම වෙනස්විය. එනම් ක්‍රි.ව. 1428 - 1611 අතර කාලසීමාවකට අයත් බව පැවසීය. මෙසේ කාලසීමා දෙකකට අයත්බව පැවසීම කාලනිර්ණ යාන්ත්‍රණයේ දෝශයකට ලෙසටද සැකකෙරුන අතර පසුව මෙම පලාතේ සාමජීය හා භූවිශමතා ලක්‍ෂන අනුව මෙම ව්‍යාකූල තත්ත්වයට යම් හේතු සාධක අනුමාන කළ හැකි තත්ත්වයක් උදාවිය..අතීතයේ පටන් හල් යනු හල් ගංඟාව ආශ්‍රිතව තිබෙන නගරයක් වන අතර එහි බොහෝ නිවාස මතස්‍ය පරිභෝජනයෙන්ද ඉහලය. කරදිය හෝ මිරිදිය සංඝටක අධිභාවිතයට ගෙන තිබීම මෙසේ කාබන් කාල නිර්ණය වෙනස්කම් වලට බලපෑම් කිරීමට හේතුවිය හැකි බවද දැක්වේ. කෙසේවෙතත් මේ කාරණා සියල්ල විවාදසම්පන්නය..(In The Syphilis Enigma, Roberts is quoted as saying that since Hull was a port city, many of its residents may have consumed a lot of fish, “and that high marine content in the diet can affect the accuracy of the radiocarbon results.” That is, a diet high in marine or lacustrine content can generate radiocarbon dates for the organism that can be hundreds or even thousands of years older than its actual age.24 This effect is caused by delayed exchange rates between atmospheric CO2 and ocean biocarbonate and the dilution effect caused by the mixing of surface waters with upwelling deep water that contains ‘old carbon’. 25–27 To correct for this effect, the relative proportion of marine content in the organism’s diet is assessed, typically using δ13C values, as marine foods are typically enriched in δ13C (relative to terrestrial protein sources).28,29 Correcting for the effect is complicated, as δ13C values yield only rough approximations of marine dietary content;e.g., 30,31,32however, a very conservative adjustment suggests that approximately 30% of Skeleton 1216’s diet came from marine sources.23 Corrections for the marine reservoir effect yield adjusted date ranges of AD 1408–1611, for the first date, and AD 1492–1657 for the second, more recent date. Both corrected dates include a span of over 100 years after the return of Columbus and the first recorded syphilis epidemic in Europe.).අතීතයේ හල් තාපසාරාමය, මධ්‍යතන යුගයේ අනෙකුත් කිතුනු ආගමික ස්ථාන මෙන් ධනයෙන් ආඪය වූ ස්ථානයක් නොවූ අතර දිළිඳු ලෙස දිවි ගෙවූ පූජකයන් සිටි ස්ථානයක් විය. ඔවුන් සිය දිවිසරි කරගත්තේ හිඟමන් යැදීමෙන් ලෙස බව දැක්වෙන අතර ඔවුන් විවිද රෝග ආදියෙන් පීඩාවට පත්වූ අසරණයන්ට පිහිට වූ බවද පවසති. මේ නිසා ඇතැම් අවස්ථාවල භයානක ලෙඩරෝග වලට ඔවුන්ද ගොදුරුවී තිබේ. මේ අනුව මෙහි තිබූ ඇටසැකිලි එසේ මියගිය පූජකයන්ගේ හෝ ඔවුන් විසින් ඇපඋපස්ථාන කරන ලද රෝගීන්ගේ විය හැකි යයි සැක කෙරේ..අතීත සිෆිලස් සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කරන තවත් සිදුවීමක් නම් ක්‍රි.පූ.580-250 අතර කාලයේ ග්‍රීක කොලනියක්ව පැවැති ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රදේශයෙන් හමුවූ ඉපැරණි හිස්කබල් කොටස්වලද දකින්නට ලැබුන කඩතොළුවීම් සිෆිලස් නිසා ඇතිවන කඩතොළු වලට හැම අතින්ම සමානකමක් ඉසලීය.එක් පිරිසක්, එනම් කොලොම්බස්ගේ ඇමරිකානු ගමනට පෙර යුරෝපයේ රෝගය තිබූ බව පිළිගන්නා පිරිසට තවත් සුභවාදී තොරතුරක් වූවත් අනෙක් පිරිස එනම් මෙම මතයට ප්‍රතිවිරුද්ධ පිරිස දරන මතය නම් මෙම හිස්කබල් සියවස් ගණනාවක් පුරා පැවති අනාරක්‍ෂිත හා විවිද උපද්‍රව වලට මුහුණදීමට ඇති ප්‍රභලතම අවස්ථාවන් මත වෙනත් බාහිර කරුණු හේතුවෙන් මෙම කඩතොළු හිස්කබලේ ඇතිවන්නට ඉඩ ඇති බවයි..However, as they acknowledge, the poor preservation of the remains prevent definitive diagnosis (of caries sicca) in the cases of cranial thickening, and the other types of lesions are not specific to syphilis..මෙවැනි පරස්පර විරෝධී කරුණුකාරණා නිසා නිල පිලිගැනීම ලෙස තවමත් පවතින්නේ කොලොම්බස්ගේ ඇමරිකානු සංචාරයෙන් පසුව යුරෝපයට හා අනෙකුත් මහද්වීප වෙතට සිෆිලස් සංක්‍රමණය වූ බවටයි..http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3413456/.එසේ සිදුවුනි නම් එනම් සිෆිලස් නොදැනුවත්ව යුරෝපයට රැගෙන ආවාට වඩා අගෞරවයක් ඇමරිකානු රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින්ම සිදුකරගෙන තිබුනි. එනම් 1932 සිට 1972 දක්වා වසර 40 ක කාලයක්.ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක් වන ටස්කගී නගරයේ ඇමරිකානු-අප්‍රිකානු නීග්‍රෝ කළු ජාතිකයන් යොදවාගෙන සිදුකළ අපකීර්තිමත් සිෆිලස් පර්යේෂන හා ඇමරිකානු සෞඛ්‍ය සේවය ප්‍රමුඛවම මැදිහත් වී 1946 සිට 1948 දක්වා දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාවේ සිදුකළ සිෆිලස් පර්යේෂන ඉතාමත් ශෝචනීය හා පිළිකුල් සහගත වූහ. ඔවුන් ග්වාතමාලාවේදී මෙම පර්ශේෂන සදහා යොදවාගෙන තිබුනේ සොල්දාදුවන්, සිරකරුවන්, වෛෂ්‍යාවන් සහ අසරණ තත්ත්වයට පත්ව සිටි අනාථයන්ය‍. මෙම පිරිසට සිෆිලස් එන්නත් කිරීම මගින් ආසාධිතයන් බවට පත්කොට ඔවුන් හරහා සමාජයේ තවත් පිරිස් වෙත රෝගය ව්‍යාප්ත වීමට සලස්වා විවිද පර්ශේෂන සිදුකිරීම උක්ත ක්‍රියාදාමයේ අරමුණ විය. සිෆිලස් වලට අමතරව ගොනෝරියා රෝගයද එලෙස කෘත්‍රිමව ව්‍යාපත්වීමට සලසා පර්යේෂන සිදුකළ බව පැවසේ..ටස්කගීහී තත්ත්වය මෙයට වඩා වෙනස් විය. එහිදී අඩු අධ්‍යාපනයක් ලද කළු ජාතිකයන් 600 ක පිරිසත් යොදවාගෙන ඔවුනට ඇමරිකානු රජයේ අනුග්‍රහයෙන් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන මුවාවෙන් සිෆිලස් රෝගයේ බලපෑම නිසා රෝගීන්ට අත්වන ඉරණම පියවරෙන් පියවර අධ්‍යයනය කරන ලදි. මෙහිදී මෙම පිරිසගෙන් 399 දෙනෙකුට පර්යේෂනයට සම්බන්ධවීමට පෙරාතුවම සිෆිලස් වැලදී තිබූ අතර අනෙක් 201 දෙනාට රෝගය වැලදී නොතිබුනි. පිරිමි නිග්‍රෝ අය පමණක් මෙම කාර්යයට යොදවා ගත් අතර ඔවුනට සිෆිලස් රෝගයට අදාලව නොව අනෙකුත් රෝගාබාද සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලැබූ අතර ආහාර සහ මිය ගිය පසු අවසන්කටයුතු සිදුකරදීමේ කාර්යයද නොමිලේ රජය විසින් කර දීමට වගබලාගන්නා ලදි. කිසිවිටක උක්ත පර්යේෂනයට යොදවා ගත් අසරණයන්ට තමන්ට සිෆිලස් වැලද තිබූ බව හෙළි නොකළ අතර එවකට මෙම මිනිසුන් අතර සිෆිලස් හා ඊට ආසන්න ලක්‍ෂන ඇති රෝගාබාදයන් වන Anemia සහ Fatigue වැනි රෝගාබාදයන් පොදුවේ හැදින්වීමට භාවිතා “නරක ලේ“ නැතහොත් "Bad Blood" සදහා ප්‍රතිකාර ලබා දෙන බව අඟවන ලදි. තවත් අතකින් මෙම මිනිසුන්ට සැඟව සිටින සතුරෙකු බදු සිෆිලස් පිළිබව කිසිදු අවබෝදයක් නොවීය. රෝගය වැලද තිබුනද එය ක්‍රියාත්මක වන්නේ පියවරෙන් පියවර මන්දගාමීව නිසා තමන්ගේ කටයුතු සිදුකරගැනීමට එයින් මුල් අවස්ථාවේ බාධාවක් වනු නොවන නිසාත් ඇතැම් විට රෝගය තමන්ට වැලඳී තිබෙනවාදැයි දැනගැනීමේ අවශ්‍යතාවයක් වත් ඔවුන්ට නොවූ බව පැවසේ..මානව සදාචාරය, වෛද්‍ය සේවයේ නීතිරීති හා එහි ඇති සංවේදී ගුණාංග සහ සම්මතයන් යන සියල්ල දරුණු ලෙස හා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙම පර්යේෂන, සිෆිලස් රෝගය සුවපත්කිරීමට සොයාගත් සාර්ථකම ඔසුව වූ පෙනිසිලීන් 40 දශකයේදී භාවිතයට ගත් අවස්ථාවේ පවා අදාල රෝගීන්ට එය ලබා නොදෙමින් සිදුකළ අතර ඒ අවස්ථාවේවත් පෙනිසිලීන් එම රෝගීන්ට ලබාදුනිනම් රෝගීන් බොහෝ සංඛ්‍යාවක් රෝගයෙන් ගලවා ගැනීමේ අවස්ථාව පැහැදිලිවම තිබූ බව පැවසේ. රෝගයට ප්‍රතිකාර කොට රෝගීන් සුවපත්වීම සිය පර්යේෂනයට සිදුවන හානියක් ලෙස සැලකූ බලධාරීන් රෝගීන් රෝගයෙන් පීඩාවිදින අයුරු නිරීක්‍ෂනය කරා පමණක් නොව රෝගයෙන් මිය ගිය පසුව සිරුර අභ්‍යන්තරයට රෝගයේ බලපෑම කෙසේවුනිදැයි මරණ පරීක්‍ෂනයේදී නිරීක්‍ෂනය කොට සිය පර්යේෂනය සාරථක කර ගැනීම පමණක් ඒකායන අරමුණ වන්නට ඇත. මෙම ආසාධිත රෝගී මනුශ්‍යන්ගේ රුධිරය, සුෂුම්නා තරලය යනාදිය විද්‍යාගාර පරීක්‍ෂනවලට ලක්කළ අතර රෝගීන්ගේ සිරුරේ බාහිර ස්වරූපයේ ඇති වන වෙනස්කම් මෙන්ම X-Ray ඡායාරූප ගැනීමෙන් සිරුර අභ්‍යන්තරයද පරීක්‍ෂාවට ලක්කරන ලදි..සත්‍ය ලෙසම ඔවුන් මෙම රෝගීන් පිළිබදව සිදුවේ මිනිසුන් ලෙස නොව පරීක්‍ෂනාගාර ගිනිපිග් මීයන් ලෙසය. තවත් අතකින් වර්ණභේදවාදයේ හෙවනැල්ල නිසාම මෙම මිනිසුන් පිළිබදව ඇස යොමුකළේ වාර්ගික දෘෂ්ඨිකෝණයකින්වීමත් පැවසිය යුතුය..අදාල පරීක්‍ෂනයට සම්බන්ධ වූ රෝගීන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන්ටද ඔවුන්ගෙන් රෝගය වැලඳුන අතර මෙම අයට ලැබුන දරුවන්ටද සිෆිලස් වැලද තිබීම නිසා සිදූවූ මරණ හා සදාකාලික රෝගී තත්ත්වයන් නිසා ඇතිවූ ඛේදවාචකය කිසිසේත් ලඝුකොට දැක්විය නොහැකිය..මිනිසුන්,යක්‍ෂයන් සහ දෙවියන් යන සියල්ලම සිටින්නේ අප ජීවත්වන ලෝකයේම බව ඉතිහාසය පුරාවටම සාක්‍ෂි ලබාදෙයි. මෙම සම්මතය එක් රටකට හෝ මහද්වීපයකට හෝ දේශසීමා අතර සිරකළ නොහැකි යථාර්තයකි. මිනිසුන්ගේ ජීවිත සමග මිනිස් ආත්මය ලැබූ යක්‍ෂයන් ක්‍රීඩා කරන විට නොබියව ඉදිරිපත් වන දේවියන්ට උරුම වූ ගුණාංග ඇති මිනිසුන් වසර තිස් ගණනක් හෝ මෙම ටස්කගී පරීක්‍ෂන සිදුකරගෙන යන අවස්ථාවේ පහල වීම භාග්‍යයකි. පීටර් බක්ස්ටන් නම් මහතාද එවැනි දෙවියෙකු ලෙස හැදින්වීම වරදක් නැත. ඔහු මෙම ව්‍යසනය අවසන්කීරීමට මුලින්ම දෙබරයට ගල්ගැසූ තැනැත්තා ලෙසත් හැදින්විය. හැකිය‍..1965 දී වයස 27 ක තරුණයකුව සිටියදී සමාජ සේවයකයෙකු ලෙසත් රෝගාබාද ව්‍යාප්තිය පිළිබදව පර්යේෂකයෙකු ලෙසත් ක්‍රියාකාරිකයෙකු ලෙස සැන් ෆ්‍රැන්සිස්කෝවේ සේවය කරමින් සිටියදී ඇමරිකානු මහජන සෞඛ්‍ය සේවය විසින් ඔහුව සේවයට බදවා ගන්නා ලදි. එහිදී ඔහුට පැවරුණ කාර්යය වූයේ ලිංගිකව වැලඳුන රෝග ඇති රෝගීන් සමග සම්මුඛ සාකච්ඡා කොට වැඩිදුර තොරතුරු එක්රැස් කර ගැනීමයි. එහිදී ඔහු සමග සේවය කරමින් සිටි අනෙකුත් කාර්යය මණ්ඩලය වෙතින් අප මෙම කතා කරනු ලබන ටස්කගී පරීක්‍ෂන පිළිබදවද දැනුවත්භාවයක් ලැබූ අතර එය ඔහුට අදහා ගත නොහැකි දෙයක් විය. මහජන සෞඛ්‍ය සේවය විසින් මෙවැන්නක් සිදුකරගෙන යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි සහ පිළිකුල් සහගත බව ඔහු තරයේ ඇදහූ අතර මෙම පරීක්‍ෂන සිදුකරගෙන යාමට තරයේ විරුද්ධත්වය පළ කරමින් 1966 නොවැම්බරයේදී නිල වශයෙන්ම මහජන සෞඛ්‍ය සේවයේ බෝවන රෝග අංශයට ලිඛිතව දැනුවත් කළත් එම අංශය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ තවමත් පරීක්‍ෂන අවසන්ව නොමැති නිසා මෙම කාර්යයන් නතර කළ නොහැකි බවටයි. එහෙත් මෙම ගුණගරුක මිනිසා නැවතත් ක්‍රියාත්මක වෙමින් 1968 නොවැම්බරයේදී නැවත වරක් අදාල බලධාරීන් වෙත මෙම අමානුශික ක්‍රියාව නවතා දමන ලෙස ඉල්ලා සිටින ලදි..එහෙත් බීරි අලියාට වීනා වාදනයට වඩා වෙනස් නොවූ ප්‍රතිඵලයක් ඇති තැන පීටර් බක්ස්ටන් විසින් වසර තිස් ගණනක් පුරා කරගෙන යන මෙම නින්දාසහගත ක්‍රියාදාමය පිළිබදව තොරතුරු වොෂින්ටන්ස්ටාර් පුවත්පතේ මාධ්‍යවේදීනියක වන Jean Heller වෙතට ලබාදුන් අතර 1972 ජූලි 25 වනදා මෙම ආන්දෝලනාත්මක පුවත වොෂින්ටන්ස්ටාර් පුවත්පතේත්, ඉන් දිනක් ඉක්මගිය තැන එනම් ජූලි 26 වනදා මෙය මුල් පිටුවේම පළවන ප්‍රමුඛතම පුවත ලෙස ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදි..එම වසරේම එනම් නොවැම්බර් 16 දා එරට සෞඛ්‍ය අමාත්‍යාශය විසින් නිකුත් කළ නියෝගයක් මගින් අදාල පරීක්‍ෂන අත්හිටුවීමටත් මෙම පරීක්‍ෂනයට බදුන් වූ අසරණ රෝගීන්ට කඩිනමින් පෙනිසිලින් හා අනෙකුත් ඔසු ලබාදීමටත් උපදෙස් සපයන ලදි..තවද මෙම පුවත ලැව්ගින්නක් සේ පැතිරයාමත් සමග ඇමරිකානු බලධාරීන්ටද ඇස්කන් වසාගෙන සිටීමේ අවස්ථාව තුරන් කරනු ලැබූ අතර එරට කොන්ග්‍රස් සභාවේ අනුකමිටුවක් විසින් බක්ස්ටන් ඇතුළු මෙම කාර්යයට සම්බන්ධවූ සියළුම දෙනාගෙන්ම සාක්‍ෂි විමසීම ආරම්භකරන ලදි..සාක්‍ෂි විමසීමෙන් අනතුරුව මානවයන් යොදාගනිමින් සිදුකරන ලබන පර්යේෂන නීතිවිරෝධී හා සදාචාර අචාර ධර්මවලටද පටහැනි බව කොන්ග්‍රස් අනුකමිටුවක් විසින් තීරණය කරනු ලැබූහ. තවද 1974 දී සම්මත කරගත් පනතක් මගින් මෙම පර්ශේෂන නිසා අගතියපත් රෝගීන්ගෙන් ඒ වන විට ජීවත්ව සිටින්නන්ට US$ 37,500 ක වන්දි මුදලක් සෑම රෝගියෙකුටම ලබා දීමට නියෝග කෙරුණ අතර අදාල පර්යේෂනය තුළ මියගිය රෝගීන්ගේ යැපෙන්නන්ට US$ 15,000 ක් බැගින් වූ වන්දි මුදලක් ලබාදීමට රජයට නියෝග කරන ලදි. එහෙත් මෙම පරීක්‍ෂන සිදු කළ කිසිවෙකු දණ්ඩනයට ලක්කළ බවක් නම අසන්නට නොලැබුනි..කෙසේවෙතත් ඇමරිකානු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය පිළිබදව ඇමරිකානු කළු ජාතිකයන් තුල ඇතිවූ සැකමුසු හැඟීම එයින් දශක දෙකක් ඉක්මගිය තැන පවා තැන්පත්ව තිබූ බවට ඇති හොදම සාක්‍ෂිය 1996 දී වර්ජීනියා සරසවියේ මූලිකත්වයෙන් නිකුත් කළ වාර්තාවක් වූ The Tuskegee Syphilis Study and Its Legacy” මගින් සිදුකළ නිර්දේශයයි. එනම් මූලිකවම එවකට ජනපතිව සිටි බිල් ක්ලින්ටන් මහතා විසින් පැරණි රජයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයන් නිසා අගතියට පත් පාර්ශවයන් වෙතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිම සහ සිදූවූ හානිය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් තවදුරටත් කඩිනම්ව හා කාර්යක්‍ෂව භාවිතයට නැඟිය යුතු බවත්ය..1997 මැයි 16 වනදා ඇමරිකානු ඉතිහාසයේ තවත් සංවේදී දිනයක් වූවාට සැකයක් නැත.එදින ධවල මන්දීරයට ඒ වන විට ටස්කගී පරීක්‍ෂනවලට මුහුන දුන් කළු ජාතිකයන් අතරින් ජීවත්ව සිටි අටදෙනකු පමණක් වූ පිරිස අතරින් පස් දෙනෙකු ගෞරවනීය ලෙස ධවල මන්දීරයට කැඳවූ අතර ඔවුන් ඒ වන විට වයොවෘදව ජීවිතයේ සැදෑසමයේ අවසාන භාගය ගතකරමින් සිටියහ. මෙම පිරිස ජනපති ක්ලින්ටන් මහතා විසින් කැඳවූයේ ඇමරිකානු රජය විසින් 30 දශකයේ සිට 70 දශකයේ මුල දක්වා සිදුකරන ලද ටස්කගී අධ්‍යයනය නිසා අගතියට ලත් පාර්ශවය ලද හානියට සමාව ගැනීම සදහායි. මෙහිදී ඔහු "සිදුවූ හානිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි නමුත් මෙම අපරාධය පිළිබදව නිහඬව සිටීම අවසන් කළ යුතු බව පැවසුවේය. එසේම ඇමරිකානු රජය විසින් සිදුකළ මෙම ලජ්ජා සහගත ක්‍රියාව සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවද පවසා සිටියේය.“."What was done cannot be undone. But we can end the silence. We can stop turning our heads away. We can look at you in the eye and finally say on behalf of the American people, what the United States government did was shameful, and I am sorry ... To our African American citizens, I am sorry that your federal government orchestrated a study so clearly racist.".http://en.wikipedia.org/wiki/Peter_Buxtun.http://www.issues4life.org/blast/2012177.html.ටස්කගී අධ්‍යයනයන් පිළිබදව තැනුන වාර්තාමය චිත්‍රපටියකි Miss Ever's Boys චිත්‍රපටිය එදා සමාජයේ මෙම රෝගය පිළිබදව තිබූ දැනුවත් භාවය, මෙම රෝගීන් උපක්‍රමශීලී ලෙස පරීක්‍ෂනවලට යොමු කළ ආකාරය, සංවේදී ලෙස එම රෝගීන් තවදුරටත් අපහසුතාවයට ලක්වන ආකාරය සහ තවත් කාරණා රැසක් දැන ගැනීමේ අවස්ථාව සලසනු ලබයි..(The true story of the US Government's 1932 Tuskeegee Syphilis Experiments, in which a group of black test subjects were allowed to die, despite a cure having been developed.).http://en.wikipedia.org/wiki/Tuskegee_syphilis_experiment#Study_termination.http://en.wikipedia.org/wiki/Guatemala_syphilis_experiment.ග්වාතමාලාවේ තත්ත්වය ගත්විට එහිදී සමාජයේ අඩුවටිනාකමක් ලබාදී තිබූ ගණිකාවන්, මානසික රෝහල්වල වල නේවාසිකව ප්‍රතිකාරගත් මානසික රෝගීන්, අනාථයන්, සිරකරුවන්සේම රාජ්‍ය මෙවලමකට වඩා දෙයක් නොවූ සොල්දාදුවන් ඉතාඅඩු වටිනාකමක් ලබාදෙමින් තම පරීක්‍ෂනවලට ලබාගැනීම ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණවිය. මෙයටම සමානකමක් ටස්කගී පරීක්‍ෂනවලදීද දක්නට ලැබුනත් එහිදී තිහේ දශකය වනවිට රෝගයට තිබූ වියදම් අධික හා වේදනාකාරී ප්‍රතිකර්ම රෝගීන්ට ලබාදෙමින් සිටියත් තිහේ දශකයේ මුල්භාගය වන විට ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අවපාතයත් සමග රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වැඩි මුදලක් වැයකිරීමට වඩා අඩු මුදලක් වැය කරමින් එම රෝගීන්ම පරීක්‍ෂන සදහා යොදා ගැනීම අරමුණ විය..ග්වාතමාලාවේදී වසර දෙකක් වැනි කුඩා කලායකදී ඇමරිකානු සෞඛ්‍යය බලධාරීන් සිදු කළ පර්යේෂන එයින් වසර ගණනාවක් යනතුරුපරම්පරා කිහිපයකටම බලපාන හානිකර තත්ත්වයක තිබේ. අසාධනයට ලක්කළ මිනිසුන් වෙතින් තවත් මිනිසුන් ගණනාවකට රෝගය වැලදුන අතර කණගාටුදායකම තත්ත්වය වන්නේ ඔවුන්ගේ දරුවන්ටද රෝගය වැලදී උපත ලැබීම තුලින් අන්ධභාවය, මොලය හරිහැටි නොවැඩීම සහ තවත් ශාරිරික ආබාධ රැසක උරුමකරුවන්ව ජීවිත කාලය පුරාවටම දුක්විදීමයි..සිරකරුවන්, අනාථයන් හා ගණිකාවන් හැරුණ කොට සොල්දාදුවන් පවා ගත් කළ ඔවුන්ද අන්ත දුගී පවුල්වල සාමාජිකයන් වූ අතර රෝගයට ප්‍රතිකර්මයක් කර ගැනීමට ඔවුන්ට මුදල්හදල් නොවූවා සේම ඔවුන්ගෙන් නොදැනුවත්වම රෝගය වැලදුන පවුල්සාමාජිකයන්ටද ප්‍රතිකර්මකර ගැනීමේ හැකියාවක් නොවීය. අඩුතරමින් පසුකලෙක මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාකරකම්සිදුවන අවස්ථාවල පවා ඒවා සිදුවන බවක්තරම්වත් ඔවුන් නොදැන සිටිහය. තවත් විටක මේ සොල්දාදුවන් බැරැක්කයෙන් රැගෙන ගොස් අදාල රෝග කාරකයන් සිරුරට ඇතුළුකිරීම‍, රෝගය සිරුර තුල ක්‍රියාකාරීවන අයුරු නිරීක්‍ෂනය වැනි කටයුතු වලට රැගෙන ගියවිට ඔවුන්ට ගෙවූ මිල වූයේ සිගරට් පැකට්ගණන් ලබාදීම පමනි. ඇතැම් සොල්දාදුවන් දුම්පානය නොකරන්නන් වුවද ඔවුන්ගේ සාක්කු පුරවා තිබුනේද සිගරට් වලිනි. මාරන්තික රෝග කාරකයක් සිරුරට ඇතුළු කර ඔවුන්ගේ ජීවිත සමග සූදුකෙලිනවාට අමතරව ලෝකයටම ව්‍යවසනයක්ව පවතින දුම්පානයටද ඇබ්බැහිකරවීමට ප්‍රයත්නදැරීම හෝ එහි නිරතවන්නන්නට තවත් උඩගෙඩි දීම තුලින් ද්විතිකව පිළිකා සහ තවත් බෝනොවන රෝග ව්‍යාප්තියටද මෙම සිෆිලස් පර්යේෂකයන් අතගසා සිටීම කෙබදු ආකාරයේ දඩුවමකට යටත් කරන්නටදැයි සිතාගන්නටත් නොහැකිය..එසේම ග්වාතමාලාවේ තත්ත්වය තවත් අහිතකරබවකට හේතුවූයේ එරට ලිංගික කටයුතු සදහා කාන්තාවන් ඉතාම අඩුමුදලකට ලබාගැනීමේ හැකියාව තිබූ නිසා රෝගය ව්‍යාප්තවීමේ ශීඝ්‍රතාවයද ඉහලවීමයි..අද ඒඩ්ස් වැනි දරුණු රෝග වලින් සිෆිලස් රෝගය යටපත් කර තිබුනත් සියවස් කිහිපයක් පුරා ලෝකය භීතියට පත්කළ ප්‍රධානම ව්‍යාධිය ලෙස සැලකීම නිවැරදිය. කෙසේවෙතත් මානව හැගීම් වල ඇති අසමතුලිත බව මෙන්ම නොදැනුවත්බව නිසා මෙම රෝගයෙන් පීඩාවිදි හෝ මරණයට පත් වූ ජනගහණය කෙදිනකවත් ගණන් බලා නොමැති විය යුතු අතර තවත් අතකින් එය අසීරු කාරණයකි..මූලාශ - The Deadly Deception Documentary Movie.මෙහි පළමු ලිපිය - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස.පසුවදන : 2014 වසරේදී ලියා පළ කරන්නට ලැබුන ලිපි සංඛ්‍යාව ඉතාමත් අල්පයක් බව මේ මොහොතේ කණගාටුවෙන් වුවත් පවසා සිටින්නට සිදුව තිබේ. පෞද්ගලිකව හා වෘත්තීය ජීවිතයේදුන යෙදුන වැඩ රාජකාරීවල බහුලවීම මෙන්ම ඇතැම් අවස්ථාවල ලියන්නට තරම් උද්යෝගයක් නොතිබීමත් මෙලෙස අල්ප ලිපි සංඛ්‍යාවකින් වසර නිම කරන්නට සිදුවීම සතුට ගෙනදුන්නක් නොවූවත් පළ කළ අල්ප ලිපි ගණන වුවද කරුණු අතින් පොහොසත් ලිපි වීම මම මෙන්ම ඔබද පිළිගනු ඇතැයි සිතමි. කෙසේවෙතත් ලබන වසරේදී මෙයට වඩා සංඛ්‍යාත්මක අතින්ද වැඩි අගයක ලිපි පළ කරන්නට උත්සහ දරණ බව මේ මොහොතේ පවසමි. බොහෝවිට කාලය ගත්විට මේ වසර ගෙවෙන්නට ඇත්තේ තවත් දිනයක් පමණක් නිසා මේ ලිපිය මෙම වසරේ අවසාන ලිපිය වීමට ඉඩ කඩ වැඩි බවද පවසමින් ලබන්නා වූ 2015 නව වසර අසත්‍යයෙන්තොර, යහපත් දේවල් අසන්නට දකින්නට ලැබෙන හා ප්‍රායෝගිකව අත්විදින්නට ලැබෙන සහ අතමිට සරු සුභ නව වසරක් වේවායි පතමි..ස්තූතියි!.ලියුවේ සත්සමුදුර at 1:40 PM 15 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය, සිනමාව.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).▼ 2014 (11).▼ December (1).වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නග....► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Vehicles - 'Car of the Era'.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, May 10, 2011.දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Vehicles - 'Car of the Era'.දෙමුහුන් වාහන ගැන ලිපියක් ලියන්න හිතුනේ අහඹු විදියට. ඒ ගිය සතියේ උදෑසනක ගුවන් විදුලියේ ප්‍රචාරය වුන වැඩසටහනක් හදිස්සියේම අසන්නට ලැබුන නිසා.හැබැයි මේ දේත් මුලින්ම කියන්න ඕන, මම නම් මෝටර් කාර්මික ශිල්පය ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා මේ ලිපියේ සදොස් තැනක් හෝ අළුතෙන් ඔබ දන්න යමක් එකතු කරන්න තියෙනවා නම් ඒවත් සදහන් කරන්න කියල ඉල්ලනවා..අපේ ර‍ටේ මීට මාස කිහිපයකට පෙර මෙම දෙමුහුන් වාහන වලට අඩු කරල තිබුන බදු නැවත ඉහල දාල තියෙනබවත් ඔබ දන්නවා ඇති. අපේ ‍ර‍ටේ මෙනැනි වාහන වලට තවම එතරම් නැඹු‍රුවක් නැති නිසා ඒක එතරම් ගැටළුවක් නොවේ කියල සිතුනත්, මෙවැනි පරිසර හිතකාමී වාහන ගන්න සිතා සිටින අයට නම් ඒක ඒ අදහස අධෛර්යමත් කරන්න හේතුවීම වලක්වන්න බැරිවේවි..දෙමුහුන් වාහන කියන්නේ මොනවාද? What is a Hybrid Vehicles?.මෙම වාහන වලට බලය සපයා ගැනීමේ මුලංශ්‍ර ලෙස අභ්‍යන්තර දහන එන්ජිමක් (mechanical energy)සහ විදුලි මෝටරයක් මගින් අරෝපන ක්‍රියවලිය සිදුකරනු ලබන නැවත ‍ආරෝපනය කල හැකි කෝෂ පද්දතියක් (electrical energy) යන උපාංග දෙකේම සුසංයෝගයක් තමයි තිබෙන්නේ. ඊට අමතරව මෙම වාහන වල ප්‍රධාන කොටස් ලෙස දැක්වෙන්නේ:.Power split device - සරලව දක්වනවා නම් මෙමගින් තමයි එන්ජිමෙන්ද එසේත් නැතහොත් කෝෂ පද්දතියෙන් බලය ලබා ගන්න බව තීරණය කරන පද්දතිය..Regenerative Braking system (ප්‍රතිආරෝපක තිරිංග පද්දතිය) - මෙම පද්දතිය මගින් වාහනයේ තිරිංග යෙදවීමේදී අපතේ යන තාප ශක්තිය විදුලි මෝටරයකට ලබාදී එය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකර එම බලයෙන් කෝෂ ආරෝපනය කර ගනු ලැබේ..Inverter (අපවර්ථකය) - මෙයින් බැටරියේ DC power, මෝටරය සදහා අවශ්‍ය AC power බවට පරිවර්ථනය කරයි..දෙමුහුන් වාහනත් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට වර්ග කර තිබේ..ඉන් පළමුවැන්න Mild Hybrid ආකාරයයි. මෙම Mild ආකාරයේ දෙමුහුන් වාහන වල විදුලි මෝටරයෙන් සිදුකරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමට සහය වීමයි. මෙහිදී ප්‍රධාන කාර්යය සිදුකරන‍්නේ අභ්‍යන්තර දහන එන්ජිම වන අතර අතිරේඛ බලය අවශ්‍යවූ විට විදුලි මෝටරයෙන් ශක්තිය ලබාදෙන අතර එයට තනිව පමණක් ක්‍රියාකර වාහනය ධාවනය කල නොහැක..Mild Hybrid.දෙවැන්න Full Hybrid ආකාරයයි. මෙහිදී විදුලි මෝටරය, අභ්‍යන්තර දහන එන්ජිම හා බැටරි පද්දතිය එක්ව හෝ තනි තනිව ඒ ඒ අවස්ථාව මත ක්‍රියාකිරීමේ හැකියාව ඇති අතර අඩු වේගය පවත්නා අවස්ථාවලදී විදුලි මෝටරයෙන් පමණක් තනිව ධාවනය කිරීමේ හැකියාව ඇත. අතිරේඛ බලය අවශ්‍ය වූ විට එන්ජිමද ක්‍රියාකාරීවී වාහනය ධාවනය වීම සිදුවේ..තෙවැන්න Plug-in Hybrid මාදිලියයි. මේවා PHEVs නැතහොත් Plug-in Hybrid Electric Vehicles ලෙසද හැදින්වේ. මේවායේ සැකැස්ම නම් සාමාන්‍ය දෙමුහුන් වාහනවලට අධි ධාරිතා‍වයකින් යුතු කෝෂ ‍යෙදීමෙන් මේවා නිපදවා ඇති අතර මෙම කෝශ අපගේ නිවසේ විදුලිය භාවිතා කර නැවත ආරෝපණය කල හැක. එසේම සාමාන්‍යයෙන් දෙමුහුන් වාහනවල කෝෂ ආරෝපණය කරන පහසුකමද මේවායේ අන්තර්ගතය. එසේම මේ කෝෂවල ආරෝපණය ප්‍රමාණවත් නොවුවහොත් සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමේ බලය ලබා ගැනීමේ හැකියාවද ඇත.එසේම මේවායේ භාවිතා කරන අධි ධාරිතාවයකින් යුතු කෝෂ නිසා සාමාන්‍ය දෙමුහුන් වාහන කෝෂය ආරෝපණයෙන් ගමන් කරන දුරට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාවද ඇත.).එහෙත් ඇතැම් මූලාශ්‍රවල මෙම වර්ගීකරණයන්ට අමතරව තවත් ආකාරයේ දෙමුහුන් වාහන ක්‍රම ගැනත් වර්ගීකරණයන් ඇත..මේ ඒවායෙන්ද කිහිපයක් වන අතර ඉන් එකක් වන්නේ ‍Series Hybrid ක්‍රමයයි. මෙහිදී අභ්‍යන්තර දහන් එන්ජිම ඍජුවම වාහනය ධානයට සම්බන්ධ නොවන අතර එය භාවිතා වන්නේ විදුලිය උත්පාදනයටයි. මෙම එන්ජිම යෝග්‍ය එසේත් නැතහොත් ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර එය කෝෂ නැවත උපරිම මට්ටමට ආරෝපණය වන තුරු ක්‍රියාකරයි. වාහනය මුළුමනින්ම ධාවනය වන්නේ එසේ ආරෝපිත කෝෂවල ශක්තියෙනි. කෝෂ නැවත විසර්ජනය වීම ආසන්න වන විට එන්ජිම නැවත පන ගැන්වේ. REEV (range-extended electric vehicles) ලෙස හැදින්වෙන්නේද මෙම series hybrid ක්‍රමයේ වාහන වලටම වේ. එසේම දෙමුහුන් නොවන විදුලි මෝටර් රථ වලද ඛණිජ තෙල් භාවිතා කරන එන්ජිම යොදා ගන්නේ අභ්‍යන්තර කෝෂ ආරෝපකයක් ලෙසයි..අනෙක් වර්ගය තමයි Parallel hybrid කියන මාදිලිය මෙහිදී තනි විදුලි මෝටරයක් හා අභ්‍යන්තර දහන එන්ජිම (internal combustion engine - ICE) ‍යන බල සැපයුම් ක්‍රම දෙක වෙන වෙනම හෝ දෙකම එක්ව බලය ලබාදේ..මෙයට අමතරව මෙම ක්‍රම දෙකම සුසංයෝගයෙන් යොදාගන්නා Combined Hybrid වාහන ගැනත් සදහන් වන අතර Power-split හෝ series-parallel hybrid ලෙසද මෙය හැදින්වේ. මෙම ක්‍රමයේදී Series Hybrid ක්‍රමය අඩු වේග වලදී යොදා ගන්නා අතර Parallel hybrid ක්‍රමය වැඩි වේගවලදී යොදා ගනි..තවත් දෙමුහුන් ආකාරයක් micro hybrid ක්‍රමයයි. මෙය start-stop technology නැත්නම් stop-start system ලෙසද හදුන්වන අතර මෙහිදී වාහන තදබදයක් වැනි අවස්ථාවක වාහනයේ එන්ජිම ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිතවේ. මෙනිසා 10% ක් හෝ ඊටත් වැඩියෙන් ඉන්ධන වැයවීම ඉතිරියක් වන අතර 20% කින් පමන පරිසරයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීමද වලකින බව පැවසේ..ඇයි අපිට දෙමුහන් එහෙමත් නැත්නම් ව්‍යවහරයේදී කියන Hybrid වාහන වලට යොමු‍වෙන්න සිදුවෙන්නේ?.ඒකට හේතුව තමයි ඉදිරියේදී පොසිල ඉන්ධන ලෝකයෙන් තුරන් වීම ව‍ගේම දිනෙන් දින අධික ලෙස ඉහල යන ඛණිජ තෙල් මිල මෙන්ම එම ඉන්ධන දහනයේදී සිදුවන අධික පරිසර දූශණය වගේම පොසිල ඉන්ධන දහනය නිසා නිකුත් කරන හරිතාගාර අචරණයට හේතුවන වායු නිසා ‍ගෝලීය උශනත්වය ඉහල යාම වගේ අහිතකර ප්‍රතිඵල හමුවේ මෙවැනි විකල්පයක් කරා මුළු ලෝකයටම පූර්ණවම ඉක්මනින් යොමුවීමට සිදුවීමත් වලක්වන්න නොහැකි දෙයක් කියල පවසන්න සිදුවෙනවා..දෙමුහුන් වාහන වල වාසි මොනවාද? Advantages -.මෙම වාහන වල ප්‍රධානම වාසිය විදියට ඕනෑම අවස්ථාවක කියවෙන්නේ මෙහි ඇති ඉන්ධන පිරිමැස්මයි (Fuel economy). ඕනෑම වාහනයක ඉන්ධන පිරිමැස්ම තීරණය වෙන්නෙ රියදුරාගේ වාහන පැදවීමේ විලාශය මත කියන එක ප්‍රකට කාරණයක්. ඒ අනුව සැලකීමේදී සාමාන්‍ය ඉන්ධන වන පෙට්රල් හෝ ඩීසල් භාවිතාවන වාහනයකට වඩා මෙම දෙමුහුන් වාහන වල 30% සිට ඉහල අගයකට ඉන්ධන පිරිමසා ගන්න හැකි බව පැවසෙනවා. මේ එක්කම තවත් වාසියක් අත්වන බව රහසක් නොවේ. ඒ තමයි මුදල් ඉතිරියකුත් සිදුවීම (Fuel Cost Savings)..ඒවගේම එන්ජිමෙන් වගේම විදුලි මෝටරයෙනුත් යන ක්‍රම‍ දෙකෙන්ම වාහනයට ජවය සපයන නිසා සාමාන්‍යයෙන් වාහනයකට භාවිතා කරන එන්ජිමට වඩා කුඩා එන්ජිමක් භාවිතා කිරීමේ හැකියාවත් මෙම වාහන වලට තිබෙන අතර එයින් වාහනයේ එන්ජිමයට යන අමතර ඉඩ ප්‍රමාණය තව අඩු වනවා සේම එන්ජිමේ බර අඩුවීම හේතුවෙන් වාහනය බර අඩුවීමත් එමනිසා ඉන්ධන දහනය අඩු වීමත් විශේෂයි..(relying on both the engine and the electric motors for peak power needs, resulting in a smaller engine sized more for average usage rather than peak power usage. A smaller engine can have less internal losses and lower weight.).කල් පැවැත්ම (Durability) කියන ගුණාංගයත් මෙම වාහන වල තිබෙන වාසියක් තමයි. ඒක සිදුවෙන්න හේතුව තමයි මෙම වාහන වල අභ්‍යන්තර ඉන්ධන එන්ජිම වාහනය ධාවනය නොවී පවතින අවස්ථාවල ස්ව්‍යංක්‍රීයවම ක්‍රියාවිරහිතවීම (The hybrid vehicle automatically shuts off its combustion engine when idling.).මේ කාරණය නිසා ඉන්ධන ඉතිරියක් සිදුවෙනවා පමණක් නොවෙයි, එන්ජිම භාවිතයත් අඩුවීම සිදුවෙනවා. එය එන්ජිමේ කල්පැවැත්මට හොදයි වගේම මෙම වාහන වල තියෙන ප්‍රතිජනක තිරංග පද්දතිය මගින් වාහනය තිරිංග භාවිතයේදී අපතේ යන ශක්තිය නැවත ග්‍රහණය කරගැනීමත් සිදුකර ගැනීම තුලින් තිරිංගවල කල්පැවැත්මත් තවදුරටත් තහවුරු කරල තියෙනවා. (Also, the regenerative braking system that recaptures the lost energy when braking reduces the wear on the brakes.).ඒ වගේම වාහනයට තිරිංග යොදල වේගය අඩුකිරීමේදී ඇතිවන හා එහිදී අපතේ යන තාප ශක්තිය මෙම ප්‍රතිජනක තිරංග පද්දතියට සවි කරල තියෙන විදුලි මෝටරයකට යෙදවීම මගින් එම මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකරල ඒ ශක්තිය මෙම වාහනයේ කෝශ ආරෝපණයට යොදා ගැනීමත් විශාල වාසියක්..(http://en.wikipedia.org/wiki/Regenerative_brake).දැන්නම් මෙම වාසිය ටිකක් අඩුවෙලා තිබුනත් කලින් මෙම වාහනවලට බදු සහන (Tax credit reward) වගේම විවිද ප්‍රතිලාභ මෙම වාහන භාවිතා කරන්නන්ට ලබා දී තිබේ..මුලින් සදහන් කල විදියට දැන් භාවිතා කරන ඉන්ධන දහනය කරන වාහන වලින් පරිසරයට කරන බලපෑම (Environmental impact) නම් සුළුවට හිතන්න පුළුවන් දෙයක් නොවේ. මෙම පොසිල ඉන්ධන දහනයේදී නිකුත් කරන Hydrocarbons, nitrogen oxides, carbon monoxide වගේම ඊයම් හේතුවෙන් පරිසර දූශනයත් එමගින් ඇතිවන විවිද ශ්වසන ආබාධ වගේම තව නොයෙකුත් රෝග රැසක් සැදීමට හේතුකාරක වනවා සේම ඒ වායු නිසා සිදුවන ගෝලීය උශ්නත්වය ඉහල යාමෙන් පෘතුවි ධ්‍රැව ‍ප්‍රදේශ වල අයිස් දියවීමෙන් සාගර ජල මට්ටම ඉහල යාම නිසා පහත් බිම් ප්‍රදේශ සමුද්‍ර ජලයෙන් යටවීම වැනි අතිශයින් බැරෑරුම් ගැටළුවටලත් හොද විසදුමක් තමයි මෙම දෙමුහුන් වාහන. ඒ එක්කම එම වාහන වලින් පිටවන දුම් ප්‍රමාණය අඩුවීම වගේම වාහනය ධාවනය නොවන අවස්ථාවල එන්ජිමෙන් නිකුත් වන ශබ්දය අඩුවීම නිසා ශබ්ද දූශනයද යම්තාක් දුරකට අඩුවීම තවත් වාසියක්. ඒ වගේම ඉන්ධන භාවිතය අඩුකම නිසා පිරිසිදුකමත් මෙම වාහනවලින් දැක ගන්න හැකියාව වැඩියි.(Hybrids are very efficient, quieter, cleaner and based on a mature technology.).ඒ වගේම තව දෙයක් තමයි මෙවැනි දෙමුහුන් වාහන නිෂ්පාදනයේදී ඒවායේ කාර්යයක්‍ෂමතාව වැඩි කරන්න වගේම ඒවා නෙත් ආකර්ශනය වන හැඩයකිනුත් (Sophisticated design) නිපදවන්න නිෂ්පාදකයන් පෙලඹීලා ඇති බවත් පැවසිය යුතුයි. එතනදී කාර්යක්‍ෂමතාව වැඩි කරන්න‍ aerodynamics නැතහොත් වායුගති විද්‍යාවට අදාලව වාහනයේ ආකෘතිය තනන්න නිෂ්පාදකයන් යුහුසුළු වීම නිසා එතනදී වාහනය ධානයේදී වාතයෙන් එන ප්‍රතිරෝදය අවම කිරීමත් ඉන්ධන පිරිමැස්මට බලපාන බව සැලකිය යුතුයි. මෙය දෙමුහුන් වාහනවලටම විශේෂිත වූ වාසියක් නොවේ. ඒ කියන්නේ වෙනත් වාහන තැනීමෙදිත් මෙය දැන් සලකල තියෙනවා. ඒත් දෙමුහුන් වාහන වලදී මෙය ඕනෑකමකින් අවධානය යොමුකරල තියෙන බවත් අමතක කල යුතු නැහැ. (මෙම වචනය මඟහැරී ගොස් තිබී පසුව ඇතුළු කරන ලදි)..තව දෙයක් තමයි දෙමුහුන් වාහන වල කාර්යකමතාව වැඩි කරගන්න භාවිතා කරන low-rolling resistance tires ගැනත් සදහන් කල යුතුයි. මෙම ටයර් මගින් සුමට හා ඝෝශාවන් රහිත ධාවනයක් වගේම විවිද කාලගුණ තත්ව යට‍තේ ආරක්‍ෂිතව ධානයට අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේ..තව දෙයක් තමයි වාහනය සෑදීමට ගන්න අමුද්‍රව්‍යයත් සැහැල්ලු ඒවා ගන්න නිරන්තරයෙන්ම අවධානය යොමුකරල තිබීමත්.මේනිසා වාහනය ධාවනයට අවශ්‍ය බලය අඩුවීම හා එයින් ඉන්ධන පිරිමැස්මත් සිදුවෙනවා. මෙනිසා මෙම වාහන හදන්න සංයුක්ත සංයෝග වන carbon fiber හෝ අඩුබර ලෝහ වන aluminum සහ magnesium යොදා ගෙන තිබේ..දෙමුහුන් වාහන වල අවාසි - Disadvantages.අපේ රටේදී මූලිකවම මතකයට නැගෙන්නේ මෙවැනි වාහන වල බැටරිය සම්බන්ධ ගැටළුවයි. එනම් බැටරියේ මිල පිළිබදවයි. සාමාන්‍යයෙන් වසර 3 කට පමණ පසු නව බැටරියක් හෙවත් කෝෂ සවිකිරීමට සිදුවෙතැයි පැවසෙන අතර අඩුම තරමෙන් ලංකාවේ මුදලින් ලක්‍ෂ දෙකකට වඩා වැඩිවීම දැඩි ගැටළුවක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය එකවර වැඩි මිලක් ලෙස පෙනුනත් ඉන්ධන පරිභෝජනයට වැයවන මුදල අඩුනිසා බැටරිය එවැනි මිලකට වුවත් ලාභ දායක බව මෙම වාහන පිළිබද විශේෂ්‍යඥයන්ගේ මතයයි..තව ගැටළුවක් වන්නේ මෙම වාහන වල මිලයි. එනිසා මෙම දෙමුහුන් වාහන බොහෝමයක් තවමත් භාවිතා කරන්නේ දියුණු සංවර්ධිත රටවල වන අතර අතලොස්සක් අඩු සංවර්ධිත රටවල භාවිතා වේ. එයට එක් හේතුවක් වන්නේ මේවායේ අමතර කොටස් වල මිල වැඩිකම, මෙන්ම වාහන තැනීමට ගන්නා අමුද්‍රව්‍ය මිලද අධිකවීමයි. එසේම සමහර දුර්ලභ ඛනිජ වර්ග මෙම වාහන වල කොටස් වල කාර්යක්‍ෂමතාව හා ගුණාත්මකබව වර්ධනයට යොදා ගැනීමද මිල අධික වීමට හේතුවකි. උදාහරණයක් ලෙස මේවායේ මෝටර් පද්දතිවල කාන්දම් වල ශක්තිය වැඩි කිරීමට යොදා ගන්නා Neodymium ලෝහය පෘතුවියේ දුර්ලභ ලෝහයක් ලෙස සැලකේ..එසේම සාමාන්‍ය වාහනයකට වඩා වෙනස් නඩත්තු කිරීම් මෙවැනි වාහන වලට අවශ්‍ය අතර ඒ සදහා දැනුම සහිත කාර්මිකයන් හිඟවීමද තවත් ගැටළුවකි. උදාහරණයක් ලෙස මේවායේ විදුලි මෝටර් හා කෝශ අතර වින්‍යඥාසගත කිරීම් (configuration) සාමාන්‍ය වාහනයකට වඩා ව්‍යාකූල බව පැවසේ. එනිසා යම් හෙයකින් වාහනය දෝශයකට ලක්වී එම ප්‍රදේශයේ මේ පිළිබද නිපුනත්වය ලත් කාර්මික ශිල්පියෙක් නොසිටියහොත් ඔබට අපහසුතාවයට ලක්වීම වලක්වන්නට නොහැකි කරුණකි..එසේම මෙවැනි වාහන වල අධිවොල්ටීයතාවයක් භාවිතා වන නිසා යම් හෙයකින් වාහනය අනතුරකට ලක්වී එම අධිවෝල්ටීයතාව ඇති කොටස් නිරාවරණයවුවහොත් අනතුරු සිදුවීමටද ඉඩඇත..තවත් චෝදනාවක් වන්නේ hybrid වාහනවලට සාමාන්‍ය වාහන වලට තරම් ඉක්මනින් accelerate කර ගැනීමට නොහැකියි යන ගැටළුවයි..බහුලවම මෙම වාහන වලට යොදාගන්‍නා බැටරි වන්නේ nickel metal hydride සහ lithium ion කෝෂයි. මේවා භාවිතාකර කල් පැන ඉවත් කල පසු නිසි ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය නොකල හොත් මේවායේ රසායණික පරිසරය සමග මුසුවී එයින් දැඩි අහිතකර ප්‍රතිඵල අත්වීමද බරපතලම ගැටළුවක් ලෙස සැලකේ..එසේම ලිපිය අවසානයට පැමිනෙන මොහොතේ තවත් ගැටළුවක් සමහරවිට ඔබට ඇතිවන්නට ඇති. ඒ තමයි දැන් අප ‍රටේත් ප්‍රචලිත වෙමින් පවතින විදුලි වාහන හා සැසදීමේදී මොනවගේ වාසි අවාසි ඇත්ද යන්නයි..ඒ ගැනත් කෙටියෙන් දක්වන්නේ නම්;.විදුලි වාහන පූර්ණ වශයෙන්ම ආරෝපිත කෝශ මත යැපෙන නිසා එයින් කිසිදු දුමක් ඇති නොවන නිසා ඒ ආකාරයෙන් පරිසර දූශනයක් සිදුනොවන අතර මේවායෙන් නිකුත්වන ශබ්දය අඩුවීමද ශබ්ද දූශනය වැලකීමට හේතුවකි. එසේම අඩු වේගයකදී වාහනය නිෂ්ශබ්දතාවයෙන්ම ධාවනය වන බවද පැවසේ..මෙම වාහන එකලස් කිරීමද පහසුබව පැවසෙන අතර එන්ජින් පද්දතිය සරල බවද සදහන් කරයි. එසේම මේවායේ එන්ජිමේ චලනය වන කොටස් හා අනෙකුත් කොටස්ද අඩු බව හා මේවායේ නඩත්තු කටයුතු අවම වීමද වාසියකි..එසේම ගෘහස්ත විදුලිය භාවිතයෙන් වුවද ඕනෑම ස්ථානයකදී කෝශ ආරෝපණය කර ගැනීමට හැකිවීමද වාසියකි..මේවායේ අවාසි ගැනද සදහන් කල යුතුය..දෙමුහුන් වාහන වල මෙන් මේවායේද බැටරි භාවිතයෙන් පසු නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ..අනෙක මේවායේ බැටරි ආරෝපණය කල පසු යා හැකි දුර සීමා සහිත දුරකි. එනම් දල වශයෙන් 160 Km පමණ වේ. ඒනිසා එම දුරට පසු බැටරි ආරෝපණය කර ගත හැකි ස්ථානයක් සොයාගැනීමටද සිහිතබා ගත යුතුවේ..බැටරි ආරෝපනයට ගතවන කාලය හා වැයවන මුදල වැඩිවීමද තව ගැටළුවකි. එනම් බැ‍ටරිය ආරෝපනයවීමට පැය 6 ක් හෝ 8 ක් යන අතර ක්‍ෂනිකව බැටරිය ආරෝපනය කරගෙන ඔබගේ ගමන යාමට සිතා සිටින්නේ නම් එය සිදුකල නොහැකි බව පැවසිය යුතුය. අනෙක් කරුණ නම් මෙවැනි කාලයක් ගෘහස්ථ විදුලි පද්දතියට වාහනය සම්බන්ධකර ඇති නිසා ඔබට ගෙවන්නට සිදුවන විදුලි බිලද වැඩිවීම නොවැලැක්විය හැකි කරුණකි..මෙවැනි වාහන වල ජවසම්පන්න බව අඩුවීම හා තවමත් මෙම තාක්‍ෂනයන් දියුණුවෙමින් පැවතීමද ගැටළුවකි..එසේ නම් දැන් මෙම ලිපිය අවසන් කරන අතරම ඔබට මේ ගැන වැඩි දුර දැන ගැනීමට පහත සදහන් වෙබ් අඩවිවලට පිවිසීමෙන් ඉතාමත් හොදින් හැකි බවද දන්වමි....http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9501.0.http://hybridvehicle-s.com/hybrid-vehicle/.http://alternativefuels.about.com/od/alternativefuels101/a/hybridfaq3.htm.http://www.allhybridcars.com/advantages-of-hybrid-cars.html.http://en.wikipedia.org/wiki/Hybrid_electric_vehicle.http://www.reviewcar.com/hybrid-car-overview.http://www.altenergymag.com/emagazine.php?issue_number=05.06.01&article=naftc.http://en.wikipedia.org/wiki/Hybrid_vehicle.http://myskillweb.blogspot.com/.http://www.presstv.ir/detail/158321.html.http://www.engineerlive.com/Design-Engineer/Automotive_Design/Magnetic_sensor_bearing_designed_for_micro-hybrid_cars/22055/.ලියුවේ සත්සමුදුර at 4:42 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: තාක්‍ෂනික.29 comments:.රොබින්May 10, 2011 at 8:21 AM.හොඳ ලිපියක්. Aerodynamic කතාවට නම් එකඟ වෙන්න බෑ. මොකද වර්ථමානයේ මෝටර් රථ නිෂ්පාදකයින් සියල්ලම වගේ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද ඒක ඉන්ධන පිරිමැස්මට විතරක් නෙවෙයි, ඉහල වේග වලදී වාහනයේ stability එකටත් බලපාන නිසා....දෙමුහුන් වාහන වල තවත් අවාසියක් වන්නේ දීර්ඝකාලින නිෂ්පාදනය සමස්ථයක් ලෙස සාපේක්ෂව සැලකුවොත් එය සාමාන්‍ය වාහනයක් නිපදවීමේදී සිදුකරන පරිසර හානියට වඩා වැඩි හානියක් සිදු කිරීම....ජය...!.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 9:30 AM.@රොබින් - ස්තූතියි! Aerodynamic ගැන කියද්දී එක වචනයක් මඟහැරිලා. එය "මෙය දෙමුහුන් වාහනවලටම විශේෂිත වූ වාසියක් නොවේ. ඒ කියන්නේ වෙනත් වාහන තැනීමෙදිත් මෙය දැන් සලකල තියෙනවා." ලෙස වෙනස් විය යුතුයි. (එම "නොවේ" යන්න ලිපියටත් එකතු කරනු ලබනවා." මට තරමක් අපහැදිලියි කෙසේද දෙමුහුන් වාහන නිපදවීමේදී සිදුවන අධික පරිසර දූෂනය පිළිබදව දක්වා ඇති කරුණ ගැන. කරුණාකර එය පැහැදිලි කරන්න හැකිද?.ReplyDelete.Replies.Reply.MaRLaNMay 10, 2011 at 9:50 AM.හොද ලිපියක්.....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 9:54 AM.@MaRLaN - ස්තූතියි!.ReplyDelete.Replies.Reply.BunnyMay 10, 2011 at 10:57 AM.හොද ලිපියක්...මේවාගේ ප්‍රදාණම අවාසිය තමා...තාම මේවා රෙපයාර් කරන්න බාස්ලා ලංකාවේ නැ..:D ටොයොටා එකෙන් 10 දෙනෙක් යවන්නලු ඉන්නේ.. මේ ගැන ඉගෙන ගෙන එන්න...ඒ වගේම ලංකාවේ කරන කෑලි බට් කිරිලි මේවාට හරියන්නැ..ජෙනුයින්ම දාන්ට වෙනවා... :-) සුලු ලාබයක් බලලා.. ගත්තාම.. අපේ රටේ උන්දැලාට පට්ට කට්ටක් කන්න වෙන්නෙ...මං දන්න විදියට නම් බැට්රිය ලක්ශ 4 ගානක් ලු..!.ReplyDelete.Replies.Reply.රත්ගමයාMay 10, 2011 at 10:57 AM.පට්ටයි අය්යේ....මම නම් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හැබැයි... :).ReplyDelete.Replies.Reply.ධනික | DhanikaMay 10, 2011 at 11:16 AM.සෑහෙන්න වටිනා ලිපියක්. බොහොම ස්තූතියි!.ඔබේ සිංහල පරිවර්තන සහ භාවිතා කර ඇති සිංහල වදන් මාලාව විශිෂ්ටයි..ReplyDelete.Replies.Reply.Praසන්னMay 10, 2011 at 11:46 AM.වැදගත් ලිපියක්..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 2:06 PM.@Bunny - ඔබ කියන එක සත්‍යයක් ලංකාවේ ‍මේවා අළුත්වැඩියාකරන්න බාසුන්නැහැ‍ලා නැතුව ඇති තමයි. අනිත් එක සමහර විට කොළඹ හා ඒ ආසන්නයෙන් සොයා ගන්න පසුකාලෙක පුළුවන්වුනත් වෙනත් පලාත් වල ඇත්තෙම නැතුවා ඇති වගේම ඒවාට සුදුසු Workshop,garage වගේ උනත් සොයා ගන්න එක ලේසි වෙන එක නැහැ. බැටරිය නම් මිල අධික බව මම මුලින් පවසපු ගුවන් විදුලි වැඩසටහනෙදිත් පැවසුවා. හැබැයි ඒකෙදි කියපු තව දෙයක් තමයි කාලයක් යන කොට බැටරිය 100,000/= කට වගේ ගන්න කාල‍යකුත් ඉදිරි‍ අනාගතයේ යම් දිනක පැමිනෙන බව....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 2:13 PM.@රත්ගමයා - ස්තූතියි! අළුත් තාක්‍ෂනයක් නිසා ඒ ගැනත් දැනගෙන සිටින එක හොදයි....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 2:16 PM.@ධනික | Dhanika - ස්තූතියි!නැවතත් සත් සමුදුරට එන්න....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 10, 2011 at 2:17 PM.@Praසන්ன - ස්තූතියි! හැකියාවක් ලැබෙන ආකාරයට තව මෙවැනි ලිපි පල කරන්න බලාපොරොත්තුවෙනවා....ReplyDelete.Replies.Reply.AnonymousMay 10, 2011 at 3:56 PM.එක මුහුන් වාහනයක්වත් ගන්න සල්ලි නැතුව දෙමුහුන් වාහන කොහෙන් ගන්නද?.ReplyDelete.Replies.Reply.AnonymousMay 10, 2011 at 4:00 PM.Bunny said....මං දන්න විදියට නම් බැට්රිය ලක්ශ 4 ගානක් ලු..!.ලක්ෂ 4ට කාර් එකක්ම ගන්න පුලුවන්නේ. එතකොට පොඩි පුරස්නෙකට තීන්නෙ වාහනයෙන් බැහැල ටික වෙලාවක් යනකම් හෙල්ලි හෙල්ලි තමා ඇවිදින්න වෙන්නෙ. ඒක ගානක් නෑ :D.ReplyDelete.Replies.Reply.තාරක Dilsh@nMay 11, 2011 at 5:40 PM.හදන්න බාස්ල නැති එක නම් තව ටික කාලයක් යද්දි හරි යයි. ඉස්සර ඔටෝ ගියර් වාහන ආවහමත් හදන්න දන්න අය නෑ කියල ගොඩක් අය ගන්න අදි මදි කලානෙ. ඒත් දැන් ඒක හරිනෙ..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 11, 2011 at 5:45 PM.@තාරක Dilsh@n & Anonymous1&2 - කාලය සමඟ ඒ ගැටළු නම් විසදේවි. ඒත් දැන් මේවායේ මිල නම් පසුගිය දිනවල වැඩි කරන ලද බදු නිසා ලක්‍ෂ ගණනකින් වැඩි වුනා. ඒ නිසා ඉතින් ගන්න අය නම් ටිකක් අඩු වේවි....ReplyDelete.Replies.Reply.ඉබ්බාMay 15, 2011 at 9:01 PM.good work.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 16, 2011 at 1:26 PM.@parakrama - Thanks!!!.ReplyDelete.Replies.Reply.පැණියාSeptember 23, 2011 at 2:03 PM.ඉතාම කාලීන ලිපියක්..!! සිංහල භාවිතයත් විශිෂ්ටයි..පොඩි ඉල්ලීමක් තියෙනවා..ඔයා සඳහන් කරල තියෙනවා දෙමුහුන් වාහන වර්ග ගැන. Prius, Honda civic/Fit වැනි වාහන මෙයින් කවර වර්ගයට අයිතිද කියල උදාහරණ සහිතව දක්වන්න පුළුවන්ද?.ReplyDelete.Replies.Reply.සත්සමුදුරSeptember 23, 2011 at 2:14 PM.@පැණියා - ස්තුතියී! ඔබ සදහන් කර තිබෙන වාහන කුමන ගණයකට අයත්දැයි සොයාබලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී සටහන් කරන්නම්....ReplyDelete.Replies.Reply.සංහිඳ පාමුළOctober 7, 2011 at 3:48 PM.සත්සමුදුර ගැන කියන්න තියෙන්නෙ මම මුලින්ම කිව්ව වගේම සත්සමුදුරක්ම තමයි. වැදගත් ලිපියක්, මේ වර්ගයේ වාහනයක්නම් තවම ගන්න බැරි උනා, පසුකාලීනව ඒකට අවැසි පසුබිමක් හැදෙයි කියල හිතනව, තරමක වැඩ අඩු උනාවගේම කාලයක් තිස්සෙ ගන්න හිටපු ලැප්ටොප් පරිඝණකය ගත්ත, කලින් තිබුන එක නැතිකමින් තමයි ගොඩක්ම සත්සමුදුරට එන්න වගේම ලිපි ලියන්නත් බැරි උනේ, දැන් හෙමින් හෙමින් ආයෙමත් එන්න ඕනි, ඇත්තෙන්ම ගොඩක් ලිපි තියෙනව එකතුවෙලා කියවන්න, එහෙනම් නැවත් වරක ආපු මට දුන්න welcome එකට ගොඩක් ස්තූතී, හැමදාම කියනව වගේ සත්සමුදුර චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඔබතුමාට අවැසි ශක්තිය ලැබේවා කියා පතනවා..ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 8, 2011 at 11:19 PM.@සංහිඳ පාමුළ - ස්තූතියි! මිතුර ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවායිද මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉඩ ලැබෙන අයුරින් මඟහැරුන ලිපි කියවන්න.....ReplyDelete.Replies.Reply.AnonymousNovember 1, 2011 at 10:02 AM.good one...thanx dude.ReplyDelete.Replies.Reply.UnknownMarch 1, 2012 at 5:59 PM.වටින ලිපියක්.ReplyDelete.Replies.Reply.KRMKAugust 25, 2012 at 11:16 AM.Thanks..ReplyDelete.Replies.Reply.vicharakaAugust 13, 2015 at 11:04 AM.බොහොම හොඳ ලිපියක්. බොහොම ස්තුතියි..ReplyDelete.Replies.Reply.UdarathOctober 14, 2015 at 2:04 PM.My Professor Kushida Sensei car walata hari kemati.Dr. Navaratna also..ReplyDelete.Replies.Reply.UnknownDecember 17, 2015 at 4:44 PM.හොඳ ලිපියක් ස්තුතියි ...ReplyDelete.Replies.Reply.UnknownOctober 19, 2016 at 7:08 PM.හොද ලිපියක් mamath hybrid gana shl project ekak karanawa tnx mata me lipya ekata godak udawak una.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex) - +18 (වැඩිහිටියන්ට පමණයි).සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Monday, January 2, 2012.ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex) - +18 (වැඩිහිටියන්ට පමණයි).මුලින්ම ලැබූවාවූ 2012 නව වසර සත් සමුදුර කියවන-නොකියන මෙන්ම ප්‍රශංසා-නින්දා කරන සෑමදෙනාට තමන්ගේ සියළු යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන සුභ නව වසරක් වේවායි පතන අතරේම, නැනනුවණ දියුනු වී ඇත්ත ඇති සැටියෙන් දකින, යථාර්තය දකින බුද්ධිමත් පිරිසක් වේවායිද පතමි..ඉතින් මේ ලිපිය ලියන්නට සිතුනේ අහම්බෙන්. සුපුරුදු මාතෘකාවටම අකුරු ගලපන්න සිතා සිටින මොහොතේ මීට සති කිහිපයකට පෙර ලියන ලද වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට පදනම් වන්නේ මේ මාතෘකා ටික පමණක්ද? ලිපි‍යට මේ වන විට ඔබලා ලබාදුන් අදහස් අනුව තවත් මට අමතක වෙලා තිබුන වගේම, ඒ අදහස් තවත් ප්‍රසාරණය කරල ඉදිරිපත් කරන්නට මේ ලිපිය මේ වසරේ මුලින්ම ලියන්නට අදහස් කලා. හැබැයි මේ ලිපිය ටිකක් වැඩිහිටියන්ට පමණයි කොටසුත් එකතු කරන්න වුනා පසුගිය දිනවල ලෝකය පුරා ඉතාමත් ලොල් බවින් භාගතකරන විඩියෝ ක්ලිපයක ප්‍රවෘතියකුත් දකින්නට ලැබුන නිසා ඒ ගැනත් මෙහි ලියන්නට සිතූ නිසා. හැබැයි මේ සිනමා හෝ ටෙලිනිර්මාණ කල අය තරහවෙන්න එපා ඒ ඒ නිර්මාණ ගැන සදහන් කරල විවේචනය කරලා තියෙනවා කියලා..උදාර කියන කතාව ඇත්ත දේශීය නාලිකාවල බලන්න ඇති දේවල් නම් නැති තරම්. රූපවාහිනි මමත් ජාතික රූපවාහිනියේ බලන්නේ ඉරිදා සවස 5.00 ට විකාශනය වන අප පාසල් යන කාලේද විකාශනයවූ පැරණි එහෙත් තවමත් රසවිදිය හැකි McGyver ඉංග්‍රිසි ටෙලි වෘතාන්තය පමනයි. ඒ හැරෙන්න වෙන ඒ නාලිකාවේ දැන්නම් බලන්න දෙයක් නැහැ. ඒත් ඉරිදා දහවල් පෙන්වන සමහර ඉංග්‍රීසි චිත්‍රපටිනම් බලනවා. ITN හොද වෙලාවට පේනනෙත් නැහැ. අනෙක් නාලිකාවලත් තෝරාගත්ත ටෙලිනාට්‍ය කිහිපයක් පමණයි බලන්නේ. මටත් ඇත්තටම කියන්න තියෙන්නේ බොහෝ ක්‍ෂෙත්‍රයන්වල වගේ පැරණි දේවල් ගැන අතීතාවලෝකණයේ යෙදෙන්න පමණයි දැන් සිදුවෙලා තියෙන්නේ..Gihan සහ Senna වගේම නමක් සදහන් නොකරත් මේ නිර්නාමික මිතුරා කියන්නේ සත්‍යයක්. සිනමා හෝ ටෙලි නිර්මාණයක් කරන්න මහ විශාල මුදලක් ‍ඕනේ නැහැ. නිර්මාණාත්මක මටසිළුටුභාවය තමයි අවශ්‍ය. ඒ දේ ලංකාවේ බහුතරයක් නිර්මාණකරුවන් අතින් ගිලිහිලා ගියබව තමයි කණගාටුවෙන්වුනත් කියන්නට ඉතිරිවෙලා තියෙන්නේ. ඒ වගේම ලෝක ප්‍රකට ගත්කතුවරුන්ගේ පොත් හෝ තිරරචනාම පදනම් වියයුතු නැහැ. උදාහරණයක් ලෙස දැන් ඉරිදා 8.30 ට තිරගතවන දූලි පින්තාරු මටනම් හිතට ඇල්ලුවෙත් නැහැ. ඒවගේම සමීපබවක් නැහැ කියලත් හිතෙනවා ඒ ඉදිරිපත් කරල තියෙන විදිය. ඒත් දැනට වසර 15-20 කට ඉස්සෙල්ලා ටයිටස් තොටවත්ත මහත්තයා විසින් සිංහලයට හඩකැවූ මනුතාපය කොහොමද? තාමත් ඒ නිර්මාණයේ සියළු ජවනිකා මතකයි වගේම සියළු චරිතයන් වල සිටිය පුද්ගලයනුත් හිතේ ඇදිලවගේ මතකයට නැගෙනවා. මොන්තක්‍රිස්තෝ, රොබින්හුඩ් එතනින් ගියාම අර දෙවන ලෝක යුද්දකාලේ ජපානයේ අලිපැටියෙකු ගැන කියන නිර්මාණය කොතරම් සංවේදිබවක් ගෙනදුන්නාද?.ඒත් හැබැයි සෑහෙන්න දුරකට මටසිළුටුබවකින් සිනමා හෝ ටෙලි නිර්මාණ කල හැකි මිනිසුන් අපිට නැත්තෙත් නැහැ. ජයන්ත චන්‍ද්‍රසිරිගේ අග්නිදාහය, වෙස්මුහුණ, දඬුබස්නාමානය, අකාලසන්ද්‍යා හා විශ්වනාත් බුද්ධි කීර්තිසේනගේ සිහින දේශය, මිල්ල සොයා වැනි නිර්මාණ සැබැවින්ම වෙනස් මානයකට අපව ‍රැගෙන ගිය බවත් කියන්නට ඕන..'''Outsider"' ඔබ කියල තියෙනදේ සහමුලින්ම ඇත්ත. එකම අච්චුවේ නිර්මාණාත්මකබව හීන ඉල්ලුමට සැපයුම වගේ වාණිජ භාණ්ඩ තමයි‍ වැඩිමනත්ම දැන් තියෙන්නේ..hare :-) සහ හරී දරන අදහස්වලට මමත් එකඟයි. අදපොදුවේ ගත්තාම ඒ ඒ රුචිකත්වයත් ටෙලිනාට්‍ය තැනීමට භාවිතා වෙන බවක් පෙනවා. ඒවගේම රටේ විවිද සමාජතල ඉලක්ක කරගෙනත් ඇතැම් නිර්මාණ කල බව කියන්නට පුළුවන්. උදාහරණයක් ලෙස විකාශනය වී අවසන් වූ සරා‍ ටෙලිනාට්‍ය නාගරික වතු පදනම් කරගෙන ඒ ජනතාව ප්‍රමුඛ ලෙස ඉලක්ක කර තැනූවක් බව පෙනෙන අතර දැන් විකාශනය වන මලී ටෙලිනාට්‍ය, යාගහෝම හදහූනියම් ආදිය විශ්වාස කරන ගම්බද මෙන්ම ඇතැම් නාගරික මිනිසුන් ඉලක්ක කරගෙන තැනූවක් බව පේනවා. දැන් හැබැයි මේ ටෙලිනාට්‍යය දෙකේම මහාපොදු සාධකය තමයි දේශපාලකයන් සිටීම හා ඇමතිවරු වගේ පොඩි මිනිස්සුන්ට සමීප වෙන්න බැරි චරිත ලඝුකොට දක්වා තිබීම..අනෙක් කාරණය තමයි තවත් ටෙලිනාට්‍ය තැනීමේදී යොදාගන්නා නළුනිළියන්, තිරයෙන් එපිටදී එකිනෙකා තම පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම්වලට පාදක වූ චරිතයන්වීම. සමහර විට මෙසේ යොදාගන්නේ එම ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වය වැඩිකරගැනීමට වෙන්නටත් ඇති. ඉතින් මේ විදියට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය විවිද හැලහැප්පීම්වලට ලක්වෙමින්, ඔවුන්ගේ දරුවන්, බිරිද හෝ සැමියා මෙන්ම සමීපතමයන් විවිද හිත්වේදනාවලට ලක්වෙමින් සිටින අවස්ථාවක "Marketing" කියන සංකල්පය පෙරදැරි කරගෙන මෙවන් ආකාරයේ නිර්මාණ කඩිමුඩියේ විකාශනය කිරීම ඔවුන්ගේ සමීපතමයන් තවතවත් අපහසුවට ලක්කරනවා වගේම අනියමින් එම කාරණයට පදනම් වු දෙපල හොදින් ගැලපෙන දෙදෙනෙක් බව සමාජයට ඒත්තුගන්වන්නවත් උත්සහ දරනවද කියලත් හිතෙනවා. අනෙක් පැත්තෙන් අනියම් සබඳතාවලට උල්පන්දම් දීමක් දෝ යන කාරණයකුත් මෙයින් නිරූපණය වෙනවා. කො‍හොමවුනත් අපිට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න නම් බැහැ..Miyuru ගේ අදහසට මමත් එකඟවෙනවා. මම නම් හින්දි චිත්‍රපටිවලින් බලන්නේ ගීත පමණයි. එතරම්ම බහුතරයක් හින්දි චිත්‍රපටිවල සංගීත නිර්මාණය අනර්ඝයි. කතාව නම් බොහෝ අවස්ථාවල කම්මැලිගතියක් ගෙනදෙන්නේ. කො‍හොවවුනත් සංගීතය පැත්තෙන් නම් ලෝකයේ අංක එකේ තියෙන්නේ හින්දි සිනමාව වියයුතුයි. අභිමාන්, ආරාධනා, මධුමතී, දෝස්ති, ඒක් පුල් දෝමාලි වගේ පැරණි චිත්‍රපටි වගේම මෑත කාලයේ සාජන්, දිල්,මොහ්රා වගේ චිත්‍රපටි අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ සංගීතය නිසාම විය යුතුයි..තවත් මිතුරන් කිහිපදෙනෙකුම කියා ඇති පරිදි දුක සිතෙන චිත්‍රපටිවලට හෝ ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි දැයි වැටහෙන්නේ නැහැ. සමහරවිට එය මානසික රෝගයක්ද දන්නෙත් නැහැ. ඒත් අපේ රටේ මිනිස්සු බොහෝමයක් ස්වභාවයෙන් දුකට කැමතියි වගේ සමහරවිට රටේ බහුතරයක් දුක් විදීමට බදුන්වන නිසා දුක පිළිබදව අභ්‍යාස කිරීම සිතේ සැනසීම ගෙන දෙනවාදැයි දන්නෙත් නැහැ. ඒත් මොකක්දෝ රහසක් මේ සංසිද්ධියේ තියෙනවා. ඒක නිසා වෙන්න ඕන ඇතැම් නාලිකාවල ප්‍රවෘත්තිවලත් අමිහිර මතක, මිනීමරාගන්න ඒවා, දුක්විදින ඒවා රසකරකර ප්‍රචාරය කරන්නේ. සමහරවිට ඒකම් මොකක් හරි Marketing Trick එකක් වෙන්න ඇති. කොහොමවුනත් දියුණුවෙන රටකට මෙවැනි අසුභවාදී ඍනාත්මක අදහස්වලින් වෙන්නේ තවතවත් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීමයි..තව මිතුරෙක් කියා ඇති ඇතැම් චිත්‍රපටිවල කතාකරන්නේ වචන දෙක තුනයි ඒවාට 'සම්භාව්‍ය' නොකිය 'ගොළු චිත්‍රපට'කීවානම් වඩාත් හොද බව. ඒකත් ඇත්ත මේ සම්භව්‍ය චිත්‍රපටිවලින් හෝ වාණිජ යයි කියන චිත්‍රපටිවලින් සිතට සැහැල්ලුවක් සැනසීමක් ගෙනදීම වෙනුවට තවත් බැරෑරුම් විදියට හිතල කතාව තේරුම්ගන්න ‍ප්‍රහේලිකා විසදන්න ඕනෑනම් ඒ චිත්‍රපටි අර මුල් කාලේ වගේ ගොළුචිත්‍රපටි විදියට වර්ග කලොත් ඒකට රුචිකත්වය තියෙන කෙනා පමණක් තෝරාබේරාගෙන බලාවි. හැබැයි ඒ මිතුරා කියලා තියෙන සමහර දේ ගැන නම් එකඟවෙන්න බැහැ. උදාහරණයක් ලෙස සුළඟකියන චිත්‍රපටිය නම් මම බලලා නැහැ. ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි දැල, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටිවල කතාබහ කෙරුනේ අමිහිරි සත්‍යයක් වන ලංකාවේ ප්‍රසිද්ධියේ කතානොකරන ලිංගික අසහණයයි. මමත් ගෑනියක් නම් මම බලපු බවක් මතක නැහැ.හැබැයි ඒක අර කාලෙකට ඉස්සෙල්ලා ‍කාම රැල්ලේ එකක් දැයි පොඩි මතකයක් තියෙනවා. සුළඟ එනු පිණිස නම් බලලා නැතත් මේ ගැන යම් ආන්දෝලනයක් ඇතිවූ කාලයේ දැනගන්නට ලැබුන ආකාරයට මෙයිනුත් කියවුනේ කලින් පැවසූ ලිංගික අසහණය පිළිබදව යථාර්තයයි. ඒ නිසා මේ දැක්වූ සියල්ලම කුණුහරුප ලෙස අර්ථදැක්වීම යෝග්‍ය නැතිබවයි මගේ නම් නිර්දේශය..තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes (**=ex) පිලිබදවත් ඇතැම් අවස්ථාවල ‍අසන්නට ලැබෙනවා. එතකොට ඉතින් ඒවායේ සිටිනවායැයි කියන අය මාධ්‍ය ප්‍රකාශකරල ඒ සිටින්නේ තමන් නොව තමන්ගේ රුවට සමාන අයෙක් යැයිද කියනවා. සමහරවිට ඔවුන් කියන දේ ඇත්තක් වන අවස්ථාමෙන්ම, මෙවන් ක්‍රියා තමන්ගේ වැටෙමින් පවතින ජනප්‍රියත්වය යලි නගාසිටුවා ගැනීමට භාවිතා කරන බවකුත් තිරයෙන් පිටුපසදී අසන්නට ලැබෙනවා. මූන මගේ, ඒත් ඇග මගේ නොවේ යයි කාලෙකට ඉස්සෙල්ලා තනපු , ඉංග්‍රිසි චිත්‍රපටියක් බාලවිදියට කොපි කරල සිංහල චිත්‍රපටියක් හදපු වෙලාවේ අසන්නටත් ලැබුනේත්. කොපිකරන එකවත් හරියට අපේ මිනිස්සුන්ට කරන්න බැහැ කියන එකට හොදම උදාහරණයක් තමයි ඒ චිත්‍රපටියත් එකේ මුල් ඉංග්‍රීසි චිත්‍රපටිය තමයි 1978 දී තිරගතවූ I Spit on your Grave හෙවත් Day of the Woman චිත්‍රපටියයි. මේ චිත්‍රපටියේ ඇති නිර්මාණාත්මකභාවය දැඩිලෙස හානිකරමින් ආර්ථික අරමුණු පෙරදැරිකරගෙන සිංහල චිත්‍රපටිය තැනුවා පමණක් නොවේ එහි රඟපෑ නිලියගේ කලාජීවිතයත් එතනින්ම කෙලවර කරදැමීමට එය හේතුවක් වූ බවයි ‍පැවසිය යුත්තේ..මේ කරුණුවලට අමතරව තවකරුණු බොහෝමයක් ඇතිමුත් ඒවාත් ඉඩලැබෙන අයුරින් පලකිරීමේ බලාපොරොත්තුව ඇතුව දැනට නවතිනවා....මෙම ලිපියේ දෙවන කොටස -.මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්....මීට පෙර මේ තේමාවට අදාලව ලියන ලද ලිපි -.ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? +18 - This Post is MORE SUITABLE for ADULTS.අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ..ලියුවේ සත්සමුදුර at 11:11 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතුවර අදහස්.39 comments:.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !January 2, 2012 at 11:27 AM.This comment has been removed by the author..ReplyDelete.Replies.UnknownMay 9, 2015 at 10:05 PM.This comment has been removed by a blog administrator..Delete.Replies.Reply.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !January 2, 2012 at 11:28 AM.//මෑත කාලයේ සාජන්, දිල්,මොහ්රා වගේ චිත්‍රපටි අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ සංගීතය නිසාම විය යුතුයි//.උඹ මැත කාලයේ කියන්නේ 1990-1995 කාලෙටද ? 2005න් හින්දි සිනමාවේ පැහැදිලි වෙනසක් තියෙයි . කැමතිනම් පහල තියන චිත්‍රපටි තුන හොයාගෙන බලන්න වෙනස තේරෙයි(Delhi Belly, Dhobi Ghat,Bindhi Bazaar ) , මේ තුනම 2011 දි ආපු , මම බලපු වෙනස්ම විදිහේ ඒවා . කොහොමටත් Tamil Remakes සහ ගොන් පාට් චිත්‍රපටි කිහිපයක් ඇරුණාම 2011 ආපු ගොඩක් චිත්‍රපට මට නම් හොඳයි (සරල , විනෝදාත්ම ඒවා බලනව නම් හොඳ ඒවා දෙකතුනක් කියන්නම් ).I Spit on Your Grave චිත්‍රපටියේ නව නිශ්පාදනයක් ආවා නේද ගිය අවුරුද්දෙද කොහෙද ? ඕකේ සිංහල චිත්‍රපටියෙ නම මොකක්ද ? මට නම් එච්චර වැදුන චිත්‍රපටියක් නෙවෙයි.ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 2, 2012 at 11:31 AM.@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - ඔව් 80/90 දශක තමයි මෑත කාලය කියා අදහස් කලේ. දැන් නම් නිපදවෙන හින්දි චිත්‍රපටිවල ගීත පෙර තරම් ඇඟට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා..මමත් දැක්කා 2010 දී නැවතත් I Spit on Your Grave චිත්‍රපටියක් තනා තිබෙනවා. ඒකනම් මම බලලා නැහැ. සිංහල චිත්‍රපටිය තමයි "ඇගේ වෛරය". දැන් මතකයිනේ.....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 11:36 AM.අපේ මිනිස්සු ෆිල්ම් හදන්නෙ සල්ලි බලාගෙන කියන එක පිලිගත් යුතුයි. බොහෝ විට සමහ ෆිල්ම් බැලුවාම ටිකට් එකේ සල්ලි අපරාදේ කියන එක මට ඕන තරම් ඇහිලා තියෙනවා. මිනිස්සුට යමක් දෙන්න තෘප්තියක් ලැබෙන සිනමා නිර්මාණයක් දෙනවා නම් හරිම වටිනවා. හොලිවුඩ් කොපියක් හරි හොදට දෙනවනම් ඒ හරි වටිනවා. මොකද පිලිගන්න ඕනෙ චිත්‍රපටියක හදන්න ඔනේ සල්ලි නෙමෙයි. කතාවෙ තේමාවයි..ReplyDelete.Replies.AnonymousAugust 2, 2012 at 11:51 PM.Do you know why film producer spend so much on the film. since they get double tax deduction benefits over their income,.Delete.Replies.Reply.Reply.සත්සමුදුරJanuary 2, 2012 at 11:43 AM.@Anony - ඔව් තේමාව හොද එකක් විය යුතුයි. මුදල් වියදම් කල පලියටම ඒක හොද නිර්මාණයක් වෙන්නේ නැහැ. ඔබ පවසන දේට මමත් එකඟවෙනවා මෑත කාලයේ තැනූ සමහර නොවේ බොහෝමයක් චිත්‍රපටි සිනමාශාලාවට ගිහිල්ලා බලලා සල්ලි වියදම් කරේ අපරාදේ කියලා හිතෙනවා විතරක් නෙමෙයි. ඒවා රූපවාහිනියේ නොමිලේ පෙනවනකොටත් ඒවා බලන්න වියදම් කරන කාලයය, විදුලිබිලයි අපරාදේ කියල තමයි කියන්නවෙන්නේ....ReplyDelete.Replies.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !January 2, 2012 at 11:43 AM.මට නම් 1995-2005 ත් ඇඟට දැනෙන මියුසික් තියෙයි (උදා කබි කුෂි කබි ගම් , වීර්-සාරා ), චිත්‍රපටිවල රිද්මය වෙනස් වෙනකොට සංගීතයත් වෙනස් වෙලා . රොක්, හිපොප් වගේ ඒවා හින්දි සිනමාවටත් ඇවිල්ලා . ඔය සීන් නිසා මම දන්න ගොඩක් හින්දි ගීත රසිකයො දැන් එන හින්දි සිංදු වලට කැමති නැ . ඒත් හිතට අල්ලනව නම් ඔනි රටක ඔනි මඟුලක් අහන නිසා කෙනෙක් නිසා මම නම් දැන් එන එව්වත් අහනව.අද දැනගත්තේ ඇගේ වෛරය ඔය චිත්‍රපටියේ කොපියක් කියල . මම ඕක ටිකයි බැලුවේ , ඉංග්‍රිසි එක බැලුවේ මැතක . ශෘංගාර රසය ඇති කරවන්නවත් අපේ හැතිකරය නොදන්න බ්ව පෙන්වපු එක අවස්ථාවක් තමයි ඇගේ වෛරය කියන්නේ , අර අලුත් වර්ශන් එක මම අහම්බෙන් දැක්කේ , ඒක මුල් එකට වඩා සැර බාලයි.ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 2, 2012 at 11:49 AM.@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - කබි කුෂි කබි ගම් , වීර්-සාරා වගේ චිත්‍රපටිවලත් සංගීතය විශිෂ්ඨයි. ඇගේ වෛරය ලංකාවේදී නම් කාමරැල්ලට අයත් වුනාට I spit on your grave කියන චිත්‍රපටි‍ දෙකම අයත්වෙන්නේ Horror/Thriller/Crime කාණ්ඩයටයි..1978 - http://www.imdb.com/title/tt0077713/.2010 - http://www.imdb.com/title/tt1242432/.එකෙන්ම පේනවා ලංකාවේදී තමන්ගේ වාසියට කඹරගොයත් තලගොයාබවට පත්කරගෙන තිබෙන ආකාරය. මේ රටේදී කො‍යිකොයි ක්‍ෂෙත්‍රවලත් සිදුවෙලා තියෙන්නේ මේ දේ තමයි....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 12:52 PM.මම අර පලවෙනි ලිපියේ comment කරපු අනෝ, මම ෆිල්ම් hall එකකට ගිහින් බලපු පලවෙනි චිත්‍රපටිය jurassic පාර්ක්, මගේ පලවෙනි විද්‍යා ප්‍රබන්ද ෆිල්ම් එකත් ඒක.... හරියට ඉංග්‍රීසි තේරුනේ නැතත් ඉහලින්ම රසවින්දා (විදුසර පත්තරේ කතාවේ පසුතලය ගැන කතාවක් ගිය නිසා තේරුම්ගන්න අමාරු වුනේ නෑ), එදායින් ඇති වුනු ජාන ඉංජිනේරු විද්‍යාවට ඇති ඇල්ම තාම අඩුවුණේ නෑ (අද මම ජාන ඉංජිනේරු විද්‍යා ආචාර්ය උපාදි අපේක්ෂකයෙක් ). ටිකක් හිතල බලන්න හරියට බාවිතා කරනවා නම් මේක කොච්චර ප්‍රබල මාද්යයක් ද... මට තාම හිතාගන්න බෑ ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ... ඇයි කවදාවත් විද්‍යාත්මක නැබුරුවක් තියෙන ෆිල්ම් එකක් හැදුනේ නැත්තේ කියල ... අපිට ඇක්ෂන් වලින් ... ආදර කතාවලින් ... සින්දු වලින් ලෝකෙත් එක්ක හැප්පෙන්න බෑ ... ඇයි අපි ලෝකෙට යමක් දෙන්නේ නැත්තේ අපේ පරිකල්පන හැකියාව තුලින් ... සිංහල දන්නේ නැති අය සබ් එකක් හරි දා ගෙන බලය්. අර මම කලින් ගත්ත උදාහරණය Primer ... තනිකර පරිකල්පනය යොදවල හදපු දෙයක් ....තවත් දෙයක් කියන්න ඕනි ... හොලිවුඩ් වලත් දැන් විද්‍යා කතා පැත්තක තියල මායා කතා රැල්ලක් යනවා ... මේක නම් එච්චර හොද ලකුණක් නෙවේ ....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 1:06 PM.ලිපියේ කරුණු ගොඩක් එක්ක එකඟ වෙන්න පුළුවන්....මමනම් අද ආසාවෙන් බලන එක ටෙලියක් තියෙනවා.අහසින් වෙටුනා ස්වර්නවහින්යේ තමා යන්නේ මම කාලෙකින් දෙකක විශිෂ්ටම තිර රචනයක් හා රන්ගපීම් තියෙන කතාවක්.....@ශ්‍රීන්@.ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 1:09 PM.ane samwenna mage sinhala gena....mama thaamath me blogwalata aluth...@sreen@.ReplyDelete.Replies.Reply.hare :-)January 2, 2012 at 1:35 PM.12.52පි.ඇම්. ඇනෝ - Primer චිත්‍රපටිය මමත් බැළුවෙ මෑතකදි. ඒක බොහොම අඩු මුදලකින් කෙරුන නිර්මාණයක්. අහම්බෙන් හොයාගන්න කාලතරණය පාදක කරගෙන ගොඩනැංවෙන කතාවක්. වැදගත්ම වැඩේ තමයි ඒක සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයක වගේ ජිමික්ස් මුකුත් නැති සරල කතාවක් විධියට ඉදිරිපත්වීම. කතාවෙ ලොජික් එක හරියට නොතේරුණ නිසා පොඩ්ඩක් හොයල බැලුවා. තේරෙන විධියට සෑහෙන්න ගණිතය ටිකක් තියෙනවා..ඔයා අර කිව්ව වගේ හොලිවුඩය ආක්‍රමණය කරගෙන යන ෆැන්ටසික් කතා රැල්ල නිසා ‍හොලිවුඩ් චිත්‍රපටිවලත් ගන්න දෙයක් නැති වෙයිද මන්දා..හින්දි සිනමාවෙ සංගීතය දැන් දැන් ඉන්දියාවෙන් ගැලවීගෙන යන බවක් පේන්න තිබුණට තවමත් සමහර විට හම්බවන සංගීතමය නිර්මාණ රසයෙන් උපරිමයි. බුවා කියපු Dhobi Ghat මම 2011දී බලපු හොඳම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටි දෙකත් හොයාගන්න ඕන. මේකෙදි අමීර් ඛාන් නිෂ්පාදකයෙක් විධියට අරගන්න අවදානම විශිෂ්ඨයි. වීර් සාරා වගේ චිත්‍රපටියක සංගීතය පැරණි සංගීතඥයෙක්ගෙ කියලත් මම අහල තියෙනවා. ඔය පරණ කට්ටිය පොත්වල විතරක් ලියපු වාදනය නොවී තියෙන සංගීත ඛණ්ඩ තවමත් ලොකු ගණන් වලට බොලිවුඩ් නිෂ්පාදකයො ගන්නවලු..දිනේෂ් කියන ලිංගික දේවල් සාලයට ඒම වැඩි ඈතක නෑ. රේටිංග්ස් වැඩිකරගැනීම එකම අරමුණ කරගෙන ඉන්න වැඩසටහන් නිෂ්පාදකවරු ඊළඟට කරන්නෙ ටෙලි නිලියන් සහ ප්‍රවෘත්ති නිවේදිකාව ක්‍රමයෙන් නිරුවත් කරන එක. එහෙම කරපු වෙනත් රටවල නාලිකා යූටියුබ් එකේ හොයාගන්න බැරිත් නැහැ..ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 1:46 PM.ඇත්තටම දැන් මම දන්න ගොඩ දෙනෙක් ටෙලි නාට්ය නරඹන එක පමනක් නෙවෙයි, රූපවාහිනියම බලන එක ගොඩක් දුරට නවත්තල දාල. එක දිගට වැල වාගෙ යන නාට්ටියක් අරගෙන බලන්න, සති කිහිපයකට පස්සෙ නැවතත් කතාව මුල තැනමයි තියෙන්නෙ. ටික කලකට ඉස්සර ගියා ඔය විදිහට හින්දි වැල් නාට්ටය පෝලිමක්. ඒවගෙ කතා තිබ්බෙත් ඒ විදිහට තමා. දැන් සින්හලෙන් යන්නෙත් 100%ක් ඒ ආරයට තනපු, කතාව සින්හලෙන් යන නාට්ට්ය පෝලිමක්. අනික ගොඩක් ඒවගෙ තියෙන්නෙ එකම කතාව (තේමාව ) කෙල්ල සහ කොල්ල ගෙන් එක්කෙනෙක් දුප්පත්, අනික් කෙනා පොහොසත්. හැමද්ම විහිලුවට ගත්තු තාත්තෙක් හරි අය්ය කෙනෙක් හරි ඉන්නවා, අම්ම අසරනයි, ඒ අම්මල/නැන්දල ගෙවල් වලටත් ඉන්නෙ සාරි ඇඳන්, කොල්ලයි කෙල්ලයි පලාතෙ ඉන්න ලස්සනම දෙන්න. මට තියන ප්‍රශ්නෙ ආදරේ කරන්න පුලුවන් ලස්සන (ඉටි රූප වගේ) අයට පමනද? (මම හිතනව දුන්හිඳ අද්දර බලපු අය ඇති කියල ).ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 2:36 PM."I Spit on your Grave" ඇසුරෙන් සෑදූ සිංහල චිත්‍රපටිය මොකක්ද?.ReplyDelete.Replies.Reply.උදාරJanuary 2, 2012 at 2:45 PM.මේ තේමාව යටතේ නම් කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒත් හැමදේම නැතුව යම් සීමාවක් ඇතුළේ ඉඳන් මං කතා කරන්නම්. කමෙන්ට්ස් ඇතුළෙ කතාවෙලා තියෙන Dhobi Ghat මාත් බැලුවා. ඒක සහමුලින්ම ඉන්දියානු වට්ටෝරු සිනමාවෙන් පිට පැනපු කෘතියක්. දිනේෂ් ඒක බලල නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න..ඒ වගේම ඉන්දියානු සිනමා සංගීතය (හින්දි) කියන්නේ දන්න කාලේ ඉඳන් මගෙත් කන පිනවන අපූර්ව වින්දනාත්මක අංගයක්. 1952 දි එළියට ආපු baiju bawra ගේ ඉඳල 2008 රිලීස් වුණ rab ne bana di jodi දක්වාම ඒ සංගීතය මට එක විදිහටම විඳින්න පුළුවන්. මෙතන දි මං දකින එක කාරණයක් තමයි ඉන්දියානු සිනමා සංගීතය අපේ වගේ එක එක පුද්ගලයින්ගේ කර උඩ තිබිල ඒ පුද්ගලය මිය ගියහම එතනින් ඒ වැඩේ නතර නොවීමයි. සරලවම කිව්වොත් මුල් යුගයේ හිටපු කෙනාගේ අතින් අතහැරෙන බැට්න් එක තමන් අතට ගන්න ඉන්දියාවේ සංගීතකරුවන් සමත්වෙලා තියෙනවා. ඉන්දියාවෙයි ලංකාවෙයි මං දකින එක වෙනසක් තමයි මේ. ඒ වගේම හින්දි සිනමාව මේ වෙනකොට ඉන්දියාවෙන් එපිටට ගිහිල්ලයි තියෙන්නේ. ඊට අනුරූපීව තමන්ගේ සංගීතයටත් විශේෂයෙන්ම බටහිර දේවල් එකතු කරගන්න ඉන්දියානු සංගීතකරුවන් යොමුවෙලා තියෙනවා. ඒ. ආර්. රහුමාන් කියන්නේ මේ වැඩේ බය නැතුව හොඳටම කරන කෙනෙක්..ReplyDelete.Replies.Reply.උදාරJanuary 2, 2012 at 2:53 PM.@hare.වීර් සාරාවලට පාවිච්චි කළේ මදන් මෝහන්ගේ සංගීතයයි. මෙයා වැඩ කළේ 1943-1975 කාලෙදියි. ඔය කාරණාව විකිපීඩියාවේ තියෙන්නේ මෙන්න මෙහෙමයි.."In 2004, Madan's unused tunes were recreated by his son, Sanjeev Kohli, for the Yash Chopra film Veer-Zaara " (http://en.wikipedia.org/wiki/Madan_Mohan_(director) ).ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 2:55 PM.@ hare :-).ඔබතුමාගේ බ්ලොග් එකට මම අද තමා ගොඩ වුනේ ... කියවන්න දේවල් ගොඩය්... බු.මා. කරගත්ත පස්සේ නිවීහැනහිල්ලේ කියවන්න.-12.52පි.ඇම්. ඇනෝ.ReplyDelete.Replies.Reply.සෙන්නාJanuary 2, 2012 at 3:09 PM.ලංකාවේ ටෙලි නට්‍ය කලාවනම් දැන් අන්තිමයි... අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමා බලන්ඩ පුළුවන් හොඳ නට්‍යක් හැදෙන්නේ. අන්තිමට ටෙලිනාට්‍ය වලටත්, චිත්‍ර කතා වලට වෙච්ච දේම වෙයි මගේ හිතේ... බාල දේවල් හැමදාම අලවි කරන්ඩ බෑ... ටික කාලෙකින් මිනිස්සු ඒවා අත් හැරලා දානව... දැන් ලංකාවේ ටෙලිනට්‍යයට ඒ දේ වේගන තමා යන්නේ....මට නම් දැන් හවස 0700 ඉඳලා 1000 විතර වෙනකම් ටීවී එක දිහා බලන්ඩවත් හිතෙන්නෑ.. ඒ තරම් අප්පිරියයි...ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 3:40 PM.මචං චිත්‍රපටිය ගැන මොකද කියන්නෙ?.ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 2, 2012 at 3:49 PM.@Anony - Primer මම තවම බලලා නැති වුනත් ඉදිරියේදී හෝ බලන්න ඕන. ඔබ කියා තිබෙන කරුණු වලට මමත් එකඟයි. ඔබ එම මාධ‍්‍යයේ ගුණාත්මක පැත්ත හොදින් ග්‍රහණය කරගත් අයෙක් නිසා එය ඔබ‍ගේ ජීවිතය සාර්ථක කරගන්න යොදාගන්න හැකිවුනා. හැබැි මේ මාධ්‍යයේම භාවිතා කරන මම දැනට කිහිප‍ දිනකට පෙර ලියූ Shottas හෝ City of God වගේ චිත්‍රපටි වෙනස් අත්දැකීමක් ලබාගන්න නරඹන එක හොදයි. හැබැයි ඒ දේවල් චිත්‍රපටිය නැරඹුවාට පසුව භාවිතයට ගන්න ගියොත්නම් දැවැන්ත විනාශයකින් තමයි කෙලවර වෙන්නෙත්. මෙන්න මේ නිසා මේ මාධ්‍ය තුල වුනත් තියෙන හොද දේ අපේ ජීවිතය යොදාගන්නත්, අහිතකර දේවල් කිසිම අයුරකින් යොදා නොගෙන සිටින්නත් වගබලා ගන්න ඕන....ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 2, 2012 at 4:05 PM.@hare :-) - ඉන්දියාවේ සංගීත‍යේ තිබෙන කන්කළු මිහිරිබව මෙන්ම ගුණාත්මකබවත් එදා සිට අද දක්වාම නොනැසී පවත්වාගෙන යන්නට එම සංගීතඥයන් සමත්වෙලා තිබෙනවා..හැබැයි මායාකතා නිසා හොලිවුඩ් සිනමාව විනාශ වේය යන කාරණය නම් බැහැර කරන්න සිදුවෙනවා. මම ඒකට හේතුව කියන්නම් 60 දශකය වගේ ගත්තාම ඒ කාලේ බහුලවම නිපදවුනේ ගොපළු චිත්‍රපටි ඉතින් ඒ කියලා වෙනස් ආකාරයේ චිත්‍රපටි නොහැදුනෙත් නැහැ ඒ කාලනේ පසුව වෙනස් තේමාවක චිත්‍රපටි ටිකක් වැඩිපුර හැදුනා. ඒ එක්කම 70 දශකයේ ලිංගිකත්වය ප්‍රදර්ශනය වෙන චිත්‍රපටි සැහෙන්න හැදිල තියෙන බව කියන්න පුළුවන්. ඒවා ගත්තම අද ඔබ හොලිවුඩ් චිත්‍රපටියක අඩුම තරමෙන් එකක් හරි තියෙන බෙඩ්ශීට් පොඩි කරනවට වඩා සෑහෙන්න ඉදිරියට ගිය ඒවා අද කාලේ එ් වගේ චිත්‍රපටියක් හැදුනොත් ඒකේ X අකුරුත් වැඩිවේවි. ඒ එක්කම 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපටි වැඩියි. 90 දශකයේ මට හිතෙන්නේ පාතාල ලෝකය ගැන චිත්‍රපටි ටිකක් වැඩියි වගේ. ඉතින් මේ දශකයේ මායා චිත්‍රපටි ටිකක් වැඩි වුනාට තව ටිකක් කල් ගිය තැන වෙනස් තේමාවක් ඒ තැන ගනීවි..අවසාන වශයෙන් ඔබ කියා තිබෙන ලිංගිකත්වය ආලින්දයට ඒම ඇත්තෙන්ම වැඩි දවසක් කොහොමත් යන එකක් නැහැ. ඒකට දැන් ඉදන්ම අපේ රංගන ශිල්පිනියන් සූදානම් වෙනවා වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද දැන් අඩුම තරමින් සතියට එක නිළියක් හරි ඒ පෙරහුරුවලට සහභාගීවෙලා ඉදල පොලීසියට එහෙම අහුවෙන්නේ....ReplyDelete.Replies.Reply.SabithJanuary 2, 2012 at 4:34 PM.සුභ නව වසරක් වේවා මචෝ!.ReplyDelete.Replies.Reply.අශේන් මලින්දJanuary 2, 2012 at 9:22 PM.@ Senna කතාවට 100% එකග වෙනවා සහෝ. ඉස්සර ටීවී එක පිස්සුවෙන් වගේ බැලුවා. ඒත් දැන් ටී වී එක බලන්න රුචිය අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර බොහොම ආසාවෙන් නරබපු රූපවාහිනියත් එහෙම වෙලා වගෙ , ඉස්සට ඒකෙ ගිය ටීවී සීරියස් ටික බැලුවත් ඇති ඒ තරම් ගති.... දැන් මෙගා රැල්ල නිසා ටීවී බැලිල්ල එපා වෙලා තියෙන්නෙ.. මොනවා උනත් ඉස්සට ගියා හොද ටෙලි නාට්‍ය . බොහොම හොද කතා තිබුනු ඒවා. දැන් ඒවා දකින්න තියෙන්නෙ අතලොස්සක් විතරයි.. මම දන්න විදියට හොලිවුඩයේ ඉරෝටික් කතා වලින් ජීවිතේට ගන්න දෙයකුත් තිබුනා...ReplyDelete.Replies.Reply.``` Outsider```January 2, 2012 at 9:33 PM.ටීවී බැලිල්ල අතහැරැල අවුරුදු ගාණක් වෙන නිසා ටෙලිනාට්‍ය ගැනනම් කියන්න දන්නෙ නෑ..හින්දි චිත්‍රපටත් එකක නෑර බලපු කාලයක් තිබුණත් සංගීතයේ වෙනස් වීම නිසා තමයි ඒකත් එපා වෙලා වගේ ගිහින් තියෙන්නෙ. අර පරණ චිත්‍රපට වල වගේ පෙරදිග සංගීතය තියෙද්දි ආශ හිතෙනව. ඒත් දැන් හින්දි චිත්‍රපට වලත් ගොඩක් ඝෝෂාකාරී සංගීතය වැඩියි. හොඳ එක තෝරගන්න ඔක්කොම බලන්න වෙනවනෙ. එක අතකින් වැරැද්දක් කියන්නත් බෑ දැන් නව පරපුර වැඩියෙන් කැමැති ඒ සංගීතයට. දැන් ලංකාවෙ වුණත් වෙස්ටර්න් මියුසික් නැතිව අලුත් සින්දුවක් එන්නෙ කලාතුරකින්නෙ. වැරැද්ද අපේ වෙනස්වීමට සංවේදී නොවීම..ReplyDelete.Replies.Reply.AnonymousJanuary 2, 2012 at 10:41 PM."ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි දැල, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටිවල කතාබහ කෙරුනේ අමිහිරි සත්‍යයක් වන ලංකාවේ ප්‍රසිද්ධියේ කතානොකරන ලිංගික අසහණයයි.".ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා. මහමග, පඳුරු අස්සේ, බීච් එකේ, උද්‍යානවල, ගස් යට නොයෙක අනාචාර දර්ශන දකින්නට ලැබෙන්නේ ඔය දේ නිසයි. මේවා නිතර නිතර දකින සාමාන්‍ය scene විතරයි. ඒ හැර හොටෙල්වල, නවාතැන් පොළවල්වල තරුණ තරුණියන්ට වෙන දේවල් අනන්ත අප්‍රමානයි. දැන් එක් චිත්‍රපටයක (මට මතක විදියට සුළඟ නැත්නම් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ) එක් තැනක තිබු අසභ්‍ය දර්ශනයක් ගැන හිතලා බලන්න. ඒ දර්ශනයේ පෙන්නන්නේ වයස 7/8 ක් පමණ එක්තරා දරුවෙක් තමන්ගේ මව සමග පාලු ගෙයක අවිදෙමින් යන කොට බිම තිබෙන සුදු පාට කිසියම් ද්‍රවයක් (සැබවින් මෙය එම පාලු ගෙයි තුල කලින් දිනයේ අනාචාරයේ යෙදීමෙන් ඇති වූ ශුක්‍රානු කොටසකි ) දකින්නට ලැබෙයි. මේ දරුවා එය ඇඟිල්ලෙන් ගෙන කටේ දමන්නට උත්සාහ කරයි. ඉතින් මම කියන්නේ මේවා කවදාවක්වත් සිදු නොවෙන දේවල් නේ පෙන්නන්නේ. අමුලික් අසභ්‍ය දේවල් නේ මේවයේ පෙන්නන්නේ. කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් නෙමෙයි ද මේවයේ පෙන්නන්නේ?.ReplyDelete.Replies.Reply.AnonymousJanuary 3, 2012 at 3:24 AM.ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා..-------------.ලිංගික අසහනයක් මේ තරම් හෝ මීට වැඩිය තියෙන්න නම් එක අරාබි රටක් වියයුතුය් .....පුරාණ ලංකාවේ ලිංගික අසහනයක් තිබ්බේ නෑ... මොකද නිසි කලට ඔක්කොමල්ල බදිනවා .... ඒ වගේම විවාහය කියන්නේ මෙච්චර අනම්‍යශීලි දෙයක් උනෙත් නෑ (උඩරට නීතිය බලන්න)... දැන් ඉන්නවා වගේ හිතේ ලිංගික කුහක කම් තියාගෙන කතාකරෙත් නෑ .... කොටින්ම නිරුවත .. ලිංගිකත්වය මැජික් එකක් උනේ නෑ (සිගිරිය / අජන්තා ), මේ ඔක්කොම උනේ බටහිරයන්හේ විකාර රූපී victoriyan සදාචාරේ නිසා ... බටහිර රටවල් එතනින් එලියට ගිහින් .... අපි තාම අනුන්ගේ දරදඩු සදාචාරයක් හිස මුදුනේ තියාගෙන අපේ වගේ හිතාගෙන ඉන්නවා ... දිනේෂ් මේ ගැනත් විස්තර ඇතුව ලිපියක් ලියන්නකෝ (වික්ටෝරියන් සදාචාරේ සහ ලංකාව වගේ දෙයක්)..ReplyDelete.Replies.Reply.Gihan.January 3, 2012 at 4:34 AM.දුක සිතෙන ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි දැයි වැටහෙන්නේ නැහැ ඇතැම් නාලිකාවල ප්‍රවෘත්තිවලත් අමිහිර මතක, මිනීමරාගන්න ඒවා, දුක්විදින ඒවා රසකරකර ප්‍රචාරය කරන්නේ සමහරවිට රටේ බහුතරයක් දුක් විදීමට බදුන්වන නිසා දුක පිළිබදව අභ්‍යාස කිරීම සිතේ සැනසීම ගෙන දෙනවාදැයි දන්නෙත් නැහැ, කොහොමවුනත් දියුණුවෙන රටකට මෙවැනි අසුභවාදී ඍනාත්මක අදහස්වලින් වෙන්නේ තවතවත් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීමයි..ReplyDelete.Replies.Reply.Gihan.January 3, 2012 at 4:41 AM.I Spit on Your Grave'' මේක බලන්න කැමති නම් මෙතනින් බාගන්න පුළුවන්-.http://extratorrent.com/download/2360329/I+Spit+on+Your+Grave%5B2010%5D%5BUnrated+Edition%5DDvDrip%5BEng%5D-FXG.torrent.ReplyDelete.Replies.Reply.PisakkaatuwaJanuary 3, 2012 at 10:47 AM.ලංකාවේ හැදෙන ගොඩක් ටෙලිනාට්‍යයි , චිත්‍රපටියි බලන්න වැයකරන කාලය , හොඳ blog සහ ඒවායේ comment කියවන්න වැය කරන එක හොඳයි ..ReplyDelete.Replies.Reply.ravinumalJanuary 3, 2012 at 11:58 AM.මෙතනදි අපි හැමෝම පිලිගත් තර්කයක් තියනව, ඒ ලංකාවෙ නිපදවන චිත්රිපට නිර්මාණාත්මක බවෙන් අඩුයි කියන කාරණාව (ජාත්යානන්තර නිර්මාණයන්ට සාපෙක්ෂව ) ඒක ටිකක් විවාද සම්පන්නයි, නමුත් මගේ අදහස හා යොජනාව අපි ඒව විවෙච්නය කරනවට වඩා අපි එකිනෙකාට රසවිඳිය හැකි පරාසය පමණක් ‍තෝරා බේරා ගෙන ඉතුරුව ද්වේශය්කින් තොරව බැහැර කර දැමුවොත් මොකද? 100% මිනිස්සු කැමති වෙන විදිහෙ නිර්මාණ බිහිවෙන්නෙ නෑ නෙද? අනික අද හැමදේකටම තියෙන්නෙ වෙලඳ වටිනාකමක්, මම, ඔබ, අපි, මේ නොනවතින අරගලයෙ කොටස් කාරයො, එහෙව් අපිට තවෙකෙක් ට අඟිල්ල දිගුකල හැකිද?.ReplyDelete.Replies.Reply.උදාරJanuary 3, 2012 at 5:49 PM.දිනේශ් මෙන්න ලින්ක් එක..http://thepiratebay.org/torrent/4646083/Sulanga_Enu_Pinisa_aka_The_forsaken_land_(2005).කැමති නම් මේ ටොරන්ට් එකෙන් සුළඟ එනු පිණිස චිත්‍රපටය බාගෙන බලන්න..ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 5, 2012 at 9:24 AM.@උදාර - ස්තූතියි! උදාර සුළඟ එනු පිණිස සබැදිය ලබාදුන් එක හොදයි. ඉදරියේදී ඒක ලබා ගෙන බලන්න ඕන. මේ මාතෘකාව තව ටිකක් ඉදිරියට ගෙනයා හැකි බවක් පේනවා. තව කරුණු ඉදිරියේදි කතා කරමු....ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 5, 2012 at 9:33 AM.මිතුරන් සියල්ලන්ටම ස්තූතිකරන අතරේ මේ මාතෘකාව තවත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට හැකිබවක් පේන්න තියෙන නිසා ඔබලා ලබාදී තිබෙන වටිනා අදහස්වලට පිළිතුරුත් එම ලිපියේදී ලබා දෙන්නට බලාපොරොත්තුවෙනවා.....ReplyDelete.Replies.Reply.සෙන්නාJanuary 5, 2012 at 11:16 PM.Pisakkaatuwa.100% agreed....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 8, 2012 at 1:50 AM.දැන් රටේ වෙනදේ දැක්කාම වික්ටෝරියන් සදාචාරයක් වත් තියනවාද කියන එකත් සැකයි....ReplyDelete.Replies.Reply.විකිMay 8, 2012 at 10:05 PM.ලෝක සිනමාව තුල ඇති උසස් නිර්මාණ වෙනුවට රුපවාහිනී ය අපිට දෙන්නේ පහත සහ පිළුණු දේවල් . මම මේකට කියන්නේ මනසට ගංජා ගැස්සවීමේ ක්‍රමය කියල . රටේ අද්‍යාපනය තුලින් බිහිවෙන්නේ උසස් රසවින්දනයක් ඇති අය නොවේ (හදවත් නැති අය ) . එම නිසා බුද්දිමය රසස්වාදයකට ඉඩ ප්‍රස්ථා නැහැ ...,.ReplyDelete.Replies.Reply.Admin1June 22, 2013 at 1:11 PM.අපෝ දැන් නම් ලංකාවේ රූපවාහිනී නාලිකාවල බලන්න දෙයක් නෑ.ඒවා හරියට දැන් ටෙලිනාටය කඩවගේ, ගෑනුත් 7-7.30 වෙනකම් බලන් ඉන්නෙ ඒ ජරාව බලන්න..ඒත් මට නම් තාම මතකයි,ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු වැඩසටහන් .හුඟක්ම ඒවා තිබුනෙ ජාතික රූපවාහිනියෙ. දිය කඩඉම,බෝඩිම,ඩිස්කවරි වැඩසටහන් ටික,තව නම් අමතක හුගක් අධයාපනික වැඩසටහන් හුගක් තිබුනා ඒ කාලේ..ReplyDelete.Replies.Reply.UdarathDecember 15, 2017 at 2:40 PM.මම හැදුවා නාට්‍යයක් නම udarathdhu4.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).▼ January (10).මාෆියාව පදනම් කරගත් සිනමාව ජනප්‍රිය වී ඇත්තේ ඇයි? - 2.මාෆියා හා පාතාල ලෝකය යනු එකක්ද? දෙකක්ද? - (Mafia a....පැනයන සිරකරුවන් දෙදෙනෙක්...රියදුරෙකු නොමැතිව අධි ව....සුපිරි නළුවන් රඟපෑ වැම්පයර් චිත්‍රපටි - Vampire Mo....ලන්ඩන් පුරවරයේ අසිරිය හා අවලස්සන.London පුරව‍රයේ එදා සහ අද දු‍ටු නොදුටු දසුන් - 1.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අමුතු උපකරණ හා වෙළඳ දැන්වීම් - Strange Products & Ads.මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්....ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැත....► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: August 2014.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, August 26, 2014.Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?.Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි..මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදී DVD Writer තුලට අැතුළු කරන්න..දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු අැති අතර එය ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න..ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න..ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Troubleshoot" තෝරන්න..ඉන්පසුව "Advanced Options" තෝරන්න..අවසානයේදී "Command Prompt" තෝරන්න..දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න..bootrec /fixmbr.bootrec /fixboot.bootrec /RebuildBcd.ඉන්පසුව ස්වල්ප‍ වේලාවක් විනඥාස ගතකිරීම සදහා ගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක් Windows ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර එක් ස්ථාපනයක් පමණක් නම් Y අකුර පමණක් යොදා Enter කළ යුතුය..අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න..ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුව Automatic Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ..ලියුවේ සත්සමුදුර at 12:10 PM 5 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).▼ 2014 (11).► December (1).► October (1).► September (1).▼ August (1).Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?.► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: March 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Thursday, March 29, 2012.පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V.පෙර ලිපියටම මේ ලිපියත් සම්බන්ධවන බැවින් කෙලින්ම අපි අද ලිපියට පිවිසෙමු.මෙන්න මීට කලින් ලියූ ලිපි 4-.දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I.කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II.ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III.යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV.ඒ ඒ කාල වකවානුවලදී විවිද මර්ධන ක්‍රියාපිළිවෙත් හරහා යුදෙව්වන් ලෝකයෙන් තුරන් කරන්නට විවිද පාලකයන් උත්සහ දැරූවද ඒ සියළු දුෂ්කරතා විද දරාගෙන තමන් නියෝජනය කල ක්‍ෂෙත්‍රයේ හිනි පෙත්තටම යාමට සමත්වූ යුදෙව්වන් රැසක් පළමු ලෝක යුද්දයට පෙරතුව හා ඉන්පසුවත් ලෝකයේ සිටි බව පැවසිය හැකියි. සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, මනෝවිද්‍යාවේ පියා‍ ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් විසිවන සියවසේ මුල දේශපාලන ක්‍රියාකාරීනියක වූ රෝසා ලක්සම්බර්ග් වැනි අයසේම තවත් විවිද ක්‍ෂෙත්‍රයන්ගේ කැපී පෙනෙන කාර්යයක් ඉටුකල වෘත්තිකයන් රැසක්ම යුදෙව්වන්..ජර්මනියේ විවිද කාර්යයන්හිදී පවා විශාල මෙහෙවරක් යුදෙව්වන් විසින් ඉටුකලත්, පළමු ලෝක යුද්දයේ පරාජය බොහෝ ජර්මානුවන්ට දරාගත නොහැකි දෙයක් වූ අතර යුදෙව්වන් හතුරන් ලෙස සැලකීමට ‍අඩිතාලම වැටෙමින් තිබූ අවධියකි ඒ. එයින් හිට්ලර් කැපී පෙනෙනම පුද්ගලයෙක් දැඩි යුදෙව් විරෝදයක් තරුණ අවධියේ සිටම දරාගෙන සිටි ඔහු පළමු ලෝක යුද්දයට යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් දුන් දායකත්වය හිතාමතාම අමතක කල ඔහු ජර්මනිය යුද්දයෙන් පැරදීමට නම් යුදෙව්වන් දායක වූ බවට ඔහු නිරතුරු ප්‍රකාශ කලා. යුදෙව්වන් රටේ සාරය උරාගන්නා දුෂ්ඨයන් බවට සපථ කරමින් සිටි ඔහු ඒ වන විට ස්ථාපිතව තිබූ කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් යනු එකට අත්වැල්බැදගෙන සිටින්නන් බවටද විවිද අවස්ථාවල ප්‍රචාරය කරනු ලැබුවා. 1930 වන විට යුරෝපය පුරා යුදෙව්වන් මිලියන 10 ක් පමණ විසිරී සිටි අතර හිට්ලර්ට මෙම යුදෙව්වන් ඉමහත් හිසරදයක්ව පැවතුනා..ආර්ය ජර්මානු වර්ගයක් පිළිබදව නිරතුරුවම ප්‍රකාශ සිදුකල හිට්ලර් ඒ පිළිබදව කුඩා අවධියේ සිටම පාසල් දරුවන් පවා දැනුවත් කල යුතු බව පැවසූ අතර යුදෙව්වන් පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට මොල ශෝදනයකටද ලක්කලේය..යුදෙව්වන්, කොමියුනිස්ට් ක්‍රියාකාරිකයින්, සමාජවාදීන්, අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් හා හිට්ලර් විසින් පිළිකුල් කල ජර්මානු නොවන විවිද ජාතින්ට අභාග්‍ය සම්පන්න පෙරනිමිති උදාකරමින් හිට්ලර් 1933 දී ජර්මනියේ චාන්ස්ලර් ධූරයට පත්වූ අතර 1934 දී ඔහු ජනාධිපති ධූරයටද පත්වීමෙන් පසු මෙම තනතුරු ද්විත්යම දරන සුපිරි නායකයෙකු බවට පත්විය. 1933 දී බලයට පත්වීමත් සමග ඔහුගේ ආණ්ඩුව පළමු සමූහ සිරකදවුර ලෙස Dachau සමූහ සිරකදවුර ජර්මනියේ ස්ථාපිත කරන අතර ප්‍රථමයෙන් මෙහි දේශපාලන සිරකරුවන් රැදවීම ඔවුන්ගේ අභිප්‍රාය විය..1920 දශකයදී ජර්මනියේ කළු ජාතිකයන් 250,000 පමණ වාසය කල අතර නාසින් ඔවුන්කෙරේද දැක්වූයේ දැඩි ආකල්පයකි. ඔවුන්ද ආර්ය ජර්මන් ජාතිය කිළුටු කරන්නන් සේ සැලකූ අතර උපමානව වර්ගයක් ලෙස සලකා ඔවුන් හා සබදතා පැවැත්වීම අධෛර්යමත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් පවා අරඹා සිටියේය..තවද අරාබින්, ආසියාතිකයන්ද ජර්මානු ජාතියේ හතුරන් ලෙස සැලකූ අතර ඒ සෑම සතුරෙකුටම වඩා යුදෙව්වන් නරකම බව සෑම අවස්ථාවකම ඒත්තු ගැන්වීටම උත්සහ දැරූහ..යුදෙව්වන් හා ජර්මානුජාතියට පිළිලයක් ලෙස අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් කෙරේ දැඩි වෛරයක් තිබූ හිට්ලර් ප්‍රමුඛ නාසින් අහිකුන්ථිකයන් හා යුදෙව්වන් අතර සමානකම් ඇති බවට කිසිදු විද්‍යාත්මකබවක් නොගත් මිණුම් දඩු හරහා සනාථ කිරීමට උත්සහ දැරුවා පමණක් නොව තම වාර්ගික ශුද්ධකරණයට පහසුවන ආකාරයේ සිද්ධාන්තයන් පවා ගොඩනැගීය. දෙවන ලෝක යුද්දය ආසන්න කාලය වන විට ජර්මනියේ අහිකුන්ථිකයන් 30,000 ක් පමණ සිටි අතර නැගෙනහිර යුරෝපයේ රුමේනියාව හා සෝවියට්දේශය ප්‍රධාන කොටගෙන මෙම ප්‍රජාවේ මිනිසුන් 1,000,000 පමණ ජීවත් වූහ. හිට්ලර්ගේ මනෝවිකාර අනුගමනය කල ජර්මන් විද්‍යාඥයෝ මෙම මිනිසුන්ගේ විවිද අවයව කිරා මැනබැළුහ. ඒ අතරින් හිස්කබල ප්‍රධාන වූ අතර යුදෙව් හිස්කබලට සමාන බවට නාසින් නිගමනය කලහ..යුදෙව්වන් සේම වටිනාකමක් රහිත ජීවිත ඇති උපමානවයන් සේ අහිකුන්ථිකයන්ටද විවිද අඩම්තේට්ටම් සිදුකරන ලදි..එ‍සේම හිට්ලර්ගේ සිහින අධිරාජ්‍යයේ ප්‍රධානම ජනවර්ගය වූ ආර්යන්ගේ මූලාරම්භය ඉන්දියාවේ හිමාල පෙදෙසින් ඇතිවූ බවට වූ විශ්වාසය තහවුරු කරගැනීමට මෙවන් විද්‍යාඥයන් හිමාලයේ ටිබෙට් නේපාල වැනි රටවලටද පිටත්කර ඔවුන්ගේ මුහුණු හා හිස්කබල මැනීම හා මුහුණුමත විශේෂිත බදාම තවරා Life Mask තැනීම හා ඒවා ජර්මනියේ පර්යේෂනාගාරවල දී ජර්මන් හිස්කබල හා මෙම හිමාල වැසියන්ගේ හිස්කබල් අතර සන්සන්දනාත්මක පර්යේෂනද සිදුකරන ලදි..ටිබෙටයට ගිය ජර්මන් මානව පර්යේෂන කණ්ඩායම.Beger busy taking cranial measurements.(During the trip to Tibet’s highlands, Beger began making facial casts of local people, including his personal servant, a Nepalese Sherpa named Passang. During the first casting, paste got into one of Passang’s nostrils and he panicked, tearing at the mask. Schäfer threatened the employment of the porters who had seen the incident, if they told anyone. However, most of the Tibetans had a much more friendly and light-hearted attitude, and a solid amount of photographic and film footage remains of smiling and laughing Tibetans undergoing facial and skull feature measurements.).මිනිසුන්‍ පිළිබදව පමණක් නොව ටිබෙටයේ පරිසරය, දේශගුණය, සතුන්, සංස්කෘතිය යනාදී විවිද කරුණු රාශියක් පිළිබදව හිට්ලර්ගේ නියෝග මත හිම්ලර් විසින් යැවුන පර්යේෂකයන් හා SS නිළධාරින් විසින් 1938 මැයි සිට 1939 අගෝස්තු දක්වා එක්රැස් කරනු ලැබූ අතර ඔවුන් අවසානයේ ජර්මනියට රැගෙන ගිය දේවල් වල සංක්‍ෂිප්තය මෙසේවිය. කළු සුදු සේයාරූ 20,000ක්, වර්ණ සේයාරූ 2,000 ක්, මුහුණු 17 ක Life Masks සහ පුද්ගලයන් 376 දෙනෙකුගේ කපාල මිමි, ටිබෙටයේ වසන බල්ලන් තිදෙනෙකු, දුර්ලභ බිලාලයන් විශේෂයක්, වෘක්කයන්, badgers සත්වයන්, නරින්, ක්‍ෂිරපායන්ගේ හා පක්‍ෂින්ගේ සම්, ධාන්‍ය හා බෝග කිහිපයක බීජ, ටිබෙටයේ පෞරානික ග්‍රන්ථ කිහිපයකම සම්පූර්ණ පිටපත් යනාදියයි..(1938–1939 German expedition to Tibet).ආර්ය ජාතිය ශක්තිමත්, පෞඩ ජාතියක් හා නිරෝගී ජාතියක්ම වන බවට උදම් ඇනූ හිට්ලර් ප්‍රමුඛ මේ මිනීමරු පාලකයන් ශරීරාබාද සහිත මිනිසුන් දෙවියන් විසින් පවා ප්‍රතික්‍ෂේප කරන බවට ප්‍රචාරණයක් ගෙන ගියෝය. එවැනි ශරීරාබාද ඇති අය තවදු‍රටත් ළමයින් බිහිකිරීම වලකාලනු වස් වන්ධ්‍යාකරන සැත්කම්පවා ඔවුන්ට සිදුකරනු ලැබීය. 1934 දී පමණක් මෙවැනි සැත්කම් 300,000 ත් පමණ සිදුකල අතර පරම්පරාවේ පැටිකිරිය දැක්වෙන කාඩ්පත් සකස්කර පරම්පරාවේ කවරෙකුට හෝ ශාරීරික ආබාද ඇත්දැයි පරීක්‍ෂා කරන ලදි. යුදෙව් නොවන හා ජර්මානු කාන්තාවන්ට හැකිතරම් දරුවන් හැදීම දිරිමත් කල නාසින් ඔවුන් ආර්ය සොල්දාදුවන්, ශ්‍රමිකයන් බිහිවීමට ප්‍රභල සාධකයක් බවට ඒත්තු ගැන්වූහ..තවද මානසික රෝගින් පවා ආර්ය ජාතියේ පැවැත්මට බාධාවක් ලෙස සැලකූ අතර රෝහල් ගතව සිටි මෙවන් රෝගීන් මරා දැමීමේ ව්‍යාපෘතියක්ද යුද්දයට පෙරාතුවම ආරම්භකලා. මෙම වැඩපිළිවෙල "T-4,"/ "euthanasia" යන නාමයන්ගෙන් හදුන්වනු ලැබූ අතර විශ වායු හෝ විශ එන්නත් භාවිතයෙන් ඝාතනය කල අතර ශාරීරික දුබලතාවයන්ගෙන පෙලෙමින් ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් ලක්‍ෂ ගණනකටද සදාකාලික සුවය ලබාදෙන්නට මෙම වැඩපිළිවෙලම යොදා ගත්තා..පෝලන්ත ජාතීන් කෙරේද හිට්ලර් දැක්වූයේ වෛර‍යකි. ඔවුන්ද උපමානව වර්ගයක් ලෙස සැලකූ අතර ඔවුන්ගේ භූමිය අත්පත් කරගත යුතු බවට ඔවුන්ගේ අදහස විය. මේ අනුව මිලියන ගණන් පෝලන්ත ජාතිකයන් මරාදැමුන අතර සමහර පෝලන්ත බිලින්දන්ට "ජර්මානු" හැඩරුව ඇති බවට විශ්වාසයක් නාසින් අතර විය. මේ අනුව 50,000ක් පමණ වූ පෝලන්ත බිලින්දන් පැහැරගෙන ගොස් ජර්මානු දෙමව්පියන්ට ඔවුන්ව ඇති දැඩි කිරීමට ලබා දී එම දරුවන් "ජර්මානුකරණයකට" ලක් කලේය..හිට්ලර් ඇතුළු නාසින් පිළිකෙව් කල තවත් කරුණක් වූයේ සමලිංගිකත්වයයි. නාසින්ගේ මතය අනුව සමලිංගිකයන් දරුවන් බිහි නොකරන නිසා ආර්ය ජාතිය ඉදිරියට රැගෙන යාමට ඔවුන්ගෙන් ලැබෙන දාකත්වයක් නොවන අතර සමලිංගික පිරිමින් යනු නියම පිරිමි නොවන බවට ඔවුන් ඇදහූහ. තවද සමාජ රෝග ව්‍යාපත්තියටද සමලිංගිකයන් වගකිව යුතු බවට නිගමනය කල අතර සමලිංගික සංගම් හා ඔවුන්ටම වෙන්වූ තැබෑරුම් ආදියද වසා දමනු ලැබීය..1933 සිටම යුදෙව්වන් මර්ධනය පදනම් කරගත් නීතිරිති එකක්පිට එකක් රැගෙන එන්නට වූ අතර මුලින්ම 1933 දී යුදෙව්වන්ට තවදුරටත් ජර්මනිය තුල නීතිඥවරුන ලෙස, විනිසුරුවන් ලෙස හෝ සිවිල් ‍සේවාවන්වල යෙදීම තහනම් කලේය. යුදෙව් දරුවන්ට, අන්‍ය ජාතික දරුවන් හා සෙල්ලම් කිරීමද තහනම් කෙරුනි..1933 දී සිදුවූ කැපීපෙනෙනම තවත් සිදුවීමක් නම් ජර්මානු භාෂාව හා සංස්කෘතියේ පාරිශුද්ධභාවය රැකගැනීමවස් ජර්මානු නොවන පොතපත පුළුස්සා දැමීමයි. මෙය 1933 මැයි 10 වනදා රාත්‍රියේ සිදුකරනු ලැබූ අතර වටිනා හා ‍ඓතිහාසිකමය වශයෙන් වැදගත් ලේඛණ ‍රැසක් ලෝකයට අහිමිවීමද මෙදින සිදුවුනි..1935 දී යුදෙව් ලේඛකයන්ට, සංගිතඥයන්ට හා කලාකරුවන්ට නිර්මාණ බිහි කිරීම තහනම් කරනු ලැබූ අතර ප්‍රසිද්ධ ස්ථාන වල යුදෙව්වන්ට අසුන්ගත හැකිවූයේ "යුදෙව්වන්ට පමණයි" යනුවෙන් සලකුණු කල ස්ථානවල පමණක් විය..තවද 1935 සැප්තැම්බර් 15 වන දිනදී ස්ථාපිත කල සුවිශේෂම නීතිය නියුරම්බර්ග් නීති මාලාවයි. සුපිරිසිදු ජර්මානු ආර්ය රුධිරය, ආර්ය නොවන මිනිසුන්ගෙන් ‍කිළිටි වීම වලකා ලීමටත් යුදෙව්වන‍්ට ගැලවී යාමට මගක් ලෙස ආර්ය ප්‍රජාව හා සහසම්බන්ධතා ඇතිවීමෙන් වලකා ලීමත් අරමුණු කොට නිකුත්කල මෙම නීති සරලව මෙසේය..1 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර විවාහයන් තහනම් වූ අතර එම වැරැද්ද කරන්නන් පිටුවහල් කිරීමට යටත්වේ..2 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර ලිංගික සබදතා තහනම් කෙරේ..3 යුදෙව්වන්ට, වයස අවුරුදු 45 ට අඩු ජර්මන් කාන්තාවන් සේවයට ගැනීම තහනම් කෙරේ..4 යුදෙව්වන්ට තම දේශය ලෙස ජර්මන් අධිරාජ්‍ය දැක්විය නොහැකි අතරම ජාතික ධජය හා ‍‍ජාතික වර්ණයන්ද භාවිතා කල නොහැක. ඔවුන්ට තම වර්ගයට ආවේණික වර්ණ භාවිතා කල හැක.(යුදෙව්වන්ට තමන් යුදෙව්වෙකු බව හැඟවෙන සලකුණු වර්ණයන් පැලදීම අනිවාර්ය කොට තිබුනි ඩේවිඩ්ගේ තරුව ඒ අතරින් ප්‍රධාන වේ)..5 මෙම නීති කඩකරන අය බරපතල වැඩ සහිතව සිරගත කොට දඩුවම් කරනු ලැබේ..සාමාන්‍යයෙන් පනවන නීති ඊලඟ වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කෙරුනත් මෙම නියුරම්බර්ග් නීති ඊ‍ට පසුදින සිටම ක්‍රියාත්මක කරන ලදි..1936 දී තවත් නීතියක් ගෙන ආ අතර එයින් යුදෙව්වන් සතුවූ බයිසිකල් හා ටයිප්රයිටර් යනාදිය භාරදිය යුතුවූ අතර යුදෙව්වන් කරන ලද කාර්යයන්ගෙන් ඉවත්විය යුතුවිය. විවිද තාඩනපීඩනයන්ගෙන් බේරීම සදහා කිතුදහම වැලද ගෙන සිටි යුදෙව්වන්ද හදුනාගෙන ඔවුන්ද යුදෙව්වන් ලෙසම නම්කරන ලදි..(යුදෙව්වන් යනු ජර්මනියට පක්‍ෂපාතී නොවන ජනවර්ගයක් ලෙස එරට පුවත්පත් වල පවා නිරතුරුවම ප්‍රකාශ කල අතර ඔවුන් කිතුනු රුධිරය පවා කිලිටි කිරීමට හවුල් වූ බවට පැවසූහ)..1938 දී යුදෙව් වෛද්‍යවරුන්ට හා වින්නඹුමාතාවන්ට සේවයෙන් ඉවත්වන්නට බල කලෙය. යුදෙව්වන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු සිදුකල නොහැකිවිය. චිත්‍රපටියක් නැරඹීමට සිනමා ශාලාවකට යෑම, නාට්‍යයන් නැරඹීමට රඟහලකට යෑම, ඔපෙරාවක් වෙනයම් විනෝදජනක කටයුත්තක් නැරඹීමට සම්බන්ධවීම හෝ පිහිණුම් තටාක භාවිතයද යුදෙව්වන්ට තහනම් කරනු ලැබිය. තවද යුදෙව් දරුවන් ජර්මානු පාසල් වලින් අස්කර දමනු ලැබීය..1938 වසරේ නොවැම්බර් 9 වනදා ජර්මනිය, ඔස්ට්‍රියාව හා ජර්මනිය අත්පත්කරගෙන සිටි Sudetenland හි වාසය කල යුදෙව්වටන්ට අමිහිරිම දිනයක් විය. එදින හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති වූ Joseph Goebbels ගේ මෙහෙයවීම යටතේ වීදුරු බිදුන රාත්‍රිය (Night of Broken Glass) හෙවත් Kristallnachtලෙස හැදින්වූ රාත්‍රියේදී යුදෙව් දේපලවලට ප්‍රහාර එල්ල කිරීම ජර්මානු හමුදාවේ උපඒකක වලින් සහ ජර්මානු සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. එහෙත් මෙහි වගකීම දැරිය යුතුවූයේද ආපදාවට ලක්වූ යුදෙව්වන්මය. ඔවුන්ට මෙම ප්‍රහාරවලදි අනෙක් දේපල වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දිගෙවීමට සිදුවූ අතර යුදෙව්වන්ගේ භෞතික දේපල පමණක් නොව ජීවිතවලටද හානි සිදුවී තිබුනි. යුදෙව්වන් 96 දෙනෙකු මියගොස් සිටි අතර සිය ගණනක් තුවාල ලබා සිටියේය. තවද ඔවුන්ගේ සම්මුති ශාලා 1000 ක් පමණ සහ යුදෙව් ව්‍යාපාර 7500 ක් පමණ විනාශ කොට තිබුනි. අවසානයේ වරදකරුවූයේද ඔවුන්ම වූ අතර 30,000 ක් පමණ දෙනා සමූහ සිරකදවුරු වෙත යැවුන අතර එකරැයින් යුදෙව්වන් 18,000 ක් ජර්මනියෙන් පිටුවහල් කෙරුනි..1939 දී යුදෙව්වන්ට තමන් සතු සියළු වටිනාකියන දේවල් පොලීසිය වෙත ලබාදීමට බලකෙරුනි. තවද කිසිදු හේතුවක් නැතිව හිටිහැටියේ ‍ඔවුන් ජීවත්වූ නිවාස වලින් එලවා දැමුනි. එයට හේතුවක් නොදැක්වූවා පමණක් නොව කිසිදු පෙර දැනුම්දීමක්ද සිදු නොකලේය. තවද යුදෙව්වන්ට ශීත ඍතුවේදී රාත්‍රී 8 න් පසුව පිටතට යාම තහනම් කල අතර ග්‍රීස්ම ඍතුවේදී රාත්‍රී 9 න් පසුව එම නීතිය ක්‍රියාත්මක කෙරුනි..යුදෙව්වන්ට කැමතිනම් තමන්ගේ සියළු දේ අත්හැර ජර්මනියෙන් නික්මීමේ හැකියාවද තිබුනි. එහෙත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල අධික වූ අතර පිටවීමක් මිස නැවත පැමිණීමට නම් අවසර නොවීය. යුදෙව්වන්ගේ ගමන් බලපත්‍රයේ හා අනිකුත් ලේඛණ වල පැහැදිලිවම හදුනා ගැනීම සදහා "J" අක්‍ෂරය පැහැදිලිව විශාලව සටහන් කර තිබුනි. යුදෙව් පිරිමින්ගේ නමට “Israel” එක්කර තිබූ අතර කාන්තාවන්ගේ නම “Sarah” යන්න එක්කිරීමෙන් යුදෙව්වන්ට තම අනන්‍යතාවය සැඟවීමට තිබූ අවස්ථාවන් අවහිර කිරීම නාසින්ගේ අරමුණු විය..තවද මීට පෙර සත් සමුදුරේ සටහන් කල "අල්ලාහු අක්බර්" කෘතියට අනුව ජර්මානුවන්ට කියවීමට අපහසු යුදෙව් නම් වෙනුවට විවිද පරිභව අදහසක් දෙන නාමයන් ඒ අවස්ථාවලදී යුදෙව්වන්ට භාවිතා කිරීමට බල කර ඇත. තම පරම්පරාවේ යටගියාව හා තම පෙලපත් නාමය නිශ්චිතව සොයා ගැනීමට නොහැකිවූ යුදෙව්වන් යුද්දයෙන් පසුවද ජර්මන් සොල්දාදුවන් තමන්ට භාවිතා කිරීමට බල කරන ලද නාමයන් භාවිතා කරන බව පැවසෙන අතර තවමත් සමහර යුදෙව්වන් එවැනි නාමයන් නොදැනුවත්කම නිසා භාවිතා කරන බව පැවසේ..එහෙත් බොහෝ යුදෙව්වන් තමන්ට රටින් පිටවීමට ලැබුන මහගු අවස්ථාව මඟහැරගන්නා ලදි. ඔවුන් සිතුවේ තමන්ට සිදුකරන මෙම අඩම්තේට්ටම් ඉතා ඉක්මනින් නවතිනු ඇති බවත් ජර්මනිය යනු තමන් උපන් රට බවත්ය. එහෙත් දිනෙන් දින සිදුවූයේ මෙම තත්ත්වය උග්‍රවීම මිස අඩුවීමක් නොවේ. නාසින් ප්‍රසිද්ධියේම අහිංසක යුදෙව් වැසියන් තලාපෙලා අවමානය කිරීමට පසුබට නොවූයේය. මහමගදී යුදෙව්වන් එක්රැස් කර එකිනෙකාට රැවුල් ඇද ගැනීමට හෝ නැටීමට සලස්වා ජර්මානුවන් විනෝදවිය. යුදෙව්වන්ට වීධි අතුගෑමටද බලකෙරුනි. බොහෝ අවස්ථාවල කණගාටුදායක තත්ත්වය වූයේ පෙර යුදෙව්වන් හා ඉතා හොද මිතුරන් හෝ හිතවතුන් වූ යුදෙව් නොවන ජනතාව ක්‍රමයෙන් තමන් හොදින් දන්නා හදුනන යුදෙව්වන් කෙරේ පවා නපුරුවීමයි. පෙර හොද මිතුරුමිතුරියන් වූ කුඩා දරුවන් පවා පසුව යුදෙව් වෛරයකට තල්ලුවී යෑම සිදුවිය..“I was so upset! I can’t tell you. I went over to my girlfriend’s, who we sat together in the school.years and the mother opened the door and she said, ‘I heard you were a bloody pig, a Jewish pig. Don’t come here again!’ and threw the door in my face. I stood there like an ox! I couldn’t understand what had happened! My best girlfriend’s mother, she looked after me as if I was her child—from one day to the other she changed.”.යුදෙව්වන් පිළිබදව තව බොහෝ දේ කතා කිරීමට තිබෙන අතර මෙම ලිපි පෙල මේ මොහොතේ ලියවෙන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව යන ‍තේමාව යටතේ නිසා යුද්දය ආරම්භ වූ පසුව සිදුවූ දේවල් එම අවස්ථාවේදී නැවතත් කතා කරන බලාපොරොත්තුවෙන් මෙම ලිපිය දැන් අවසන් කරමි..ලියුවේ සත්සමුදුර at 4:21 PM 23 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය.Tuesday, March 27, 2012.යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV.දෙවන ලෝක යුද්දය ගැන කියවෙන සෑම අවස්ථාවකදීම පාහේ කියවෙන පොදු නාමයන් දෙකක් වේ නම් ඒ එකක් හිට්ලර් ගැන විය යුතු අතර අනෙක යුදෙව්වන් ගැන විය යුතුය. මේ නම් දෙකම ඒ තරමටම ගහට පොත්ත මෙන් මෙම යුද්දය හා සබැදී පවතී. කෙසේවෙතත් යුදෙව්වන් ගැන කරුණු කාරණා කිහිපයක් අපි ඊශ්‍රායලය ගැන ලියවුන ලිපියෙදිත් කතා කරන්නට යෙදුනත් මෙහිදී ඊටත් වඩා පුළුල් මානයකින් යුදෙව්වන් හා දෙවන ලෝක යුද්දයේදී පීඩාවට පත්වූ අනෙක් ජන කොටස් පිළිබදවත් කතා කලයුතුයයි අපේක්‍ෂා කරනු ලබනවා..දෙවන ලෝක යුද්දයේදී අතිශයින්ම පීඩාවට පත්වූ මානවයන් සමූහයක් වූ යුදෙව්වන්ට දෙවන ලෝක යුද්දයෙන් ඉක්බිතිව ඔවුන්ගේ සිහිනයක්ව පැවති "පොරොන්දු දේශය" (Promise land) හෙවත් ඊශ්‍රායලය බිහිවන තුරාවටම ඉතිහාසය පුරාම ලැබී ඇත්තේද අතිශයින්ම කටුක අත්දැකීම්ය. වසර 2000 කටත් වඩා ඔබ්බට දිවයන යුදෙව්වන්ගේ ඉතිහාසයේ ඔවුන් යුරෝපයේ තැනින් තැන කුඩා ජනසමූහ වශයෙන් ජීවත්ව ඇති අතර 18 වන සියවසෙන් පසුව යුරෝපා සමාජයේ යුදෙව්වන්ගේ භූමිකාව පුළුල් වපසරියකට යොමුවී ඇත..යුදෙව්වන්ගේ මූලාරම්භය සිදුවී ඇත්තේ අදටත් යුදෙව් - මුස්ලිම් ගැටුම් ගිණියම්ව පවතින මැදපෙරදිග කලාපයේදීයි. යුදෙව් විශ්වාසයන්ට අනුව වසර 3000 කට පෙරාතුව ඔවුන් මිසරයන්ගේ වහලුන් ලෙස සේවය කර ඇති අතර දෙවියන් විසින් ඔවුන් වහල්භාවයෙන් මුදවා ඇත. මේ බව සංකේතවත් කරමින් ඔවුන් යුදෙව් පාස්කු මංගල්‍යය හෙයත් Passover Ceremony නම් උත්සවයක්ද පවත්වනු ලබයි..ඔවුන් තුල එදා ඉදලම තමන්ගේ කියා රටක් දෙවියන් විසින් ලබාදෙයි කියන විශ්වාසයත් තිබුනා. ඒ දේශය තමයි ඔවුන් ඊශ්‍රායලය කියල හැදින්වූයේ. ඔවුන් තමන්ගේ අගනුවර ලෙස සැලකුවේ ජෙරුසලමයි. එහි ඔවුන් ඇදහූ ජුදා ආගමේ (Judasim) දේවස්ථානත් ඉදිකර ඒවාට භක්තියෙන් යුක්තව වැදුම් පිදුම් කිරීමත් සිදුවුවා. කෙසේවෙතත් මීට වසර 2500 කට පෙරාතුව බැබලෝනියන්වරු ජෙරුසලම් ආක්‍රමණය කල අවස්ථාවේ ඔවුන් විසින් යුදෙව් පූජනීය ස්ථාන විනාශ කිරීම පමණක්‍ නොවේ දැන උගත්භාවයෙන් හා විවිද ශිල්ප වල නිපුනත්වයෙන්ද යුතුව සිටි යුදෙව්වන් තම රටට රැගෙන යාමත් සිදුකරනු ලැබුවා. නැවතත් ඔවුන් තර්ජනයකට මුහුණ දුන්නේ බැබලෝනියාව පර්සියාවට අත්පත් වූ පසුවයි. එහෙත් පර්සියානු රජෙකු වූ Ahasureus විසින් Esther නම් යුදෙව් කත විවාහහ කරගැනීමත් සමග ඇගේ ඉල්ලීම මත තම සහෝදර යුදෙව් ජනතාවට සැනසුම් සුසුම් හෙලන්නට හැකිවී තිබෙනවා..ඉන්පසුව පිටුවහල්ව සිටි යුදෙව්වන් නැවතත් ජෙරුසලමට පැමිණ තමන්ගේ දේවස්ථාන ඉදිකරගෙන සැන‍සිල්ලේ සිටියත් එයට නැවතත් විරාමයක් තබමින් රෝමන්වරුන්ගේ ආක්‍රමණ සිදුවීම ඉන් වසර 500 කට පමණ පසුව එනම් දල වශයෙන් ක්‍රි.ව. 70 දී පමණ සිදුවී තිබෙන අතර යුදෙව්වන්ට විවිද අඩම්තේට්ටම් පමණක් නොවෙයි, ඔවුන්තැනූ දේවස්ථාන විනාශ කිරීමත් ඒවායේ තිබූ වටිනා කියන දේවල් කොල්ලකෑමත් සිදුකර තිබෙනවා..රෝමන්වරුන්ගේ මර්ධනකාරී වැඩ පිළිවෙල හා පිටුවහල් කිරීම වැනි ක්‍රියාදාමයන් නිසා ඇතැම් යුදෙව්වන් නැවතත් බැබලෝනියාවේ විසූ තමන්ගේ සහෘදයන් වෙත නැවත සංක්‍රමණයක් සිදුවී ඇති අතර ඇතමෙක් උතුරු අප්‍රිකාව හා ස්පාඥය වෙතත්, තවත් අය රෝමයට පිටුවවහල් වූ පසු යුරෝපයේ තැන් තැන්වල අනාථයන් වශයෙන් ජීවිතය ගත කරන්නටත් සිදුවී තිබෙනවා. යුරෝපයේ වාසයට ගිය බොහෝ යුදෙව්වන් තමන්ගේ ජනාවාස පිහිටුවාගෙන තිබෙන්නේ ගංඟා ආශ්‍රිතවයි. ජර්මනියේ රයින් සහ ප්‍රංශයේ රොන් නදිය අසබඩව තම ජනාවාස පිහිටුවාගත් ඔවුන් තම යුදෙව් අනන්‍යතාවය රැකගන්නට සමත්වෙලා තිබෙනවා..යුරෝපයේ බොහෝ රාජ්‍යයන්ගේ පාලකයන්ගෙන් යුදෙව්වන්ට පිළිසරන ඇතැම් අවස්ථාවල ලැබි තිබෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි 1264 දී පමණ පෝලන්තයේ පාලකයා වූ Boleslav කියන රජතුමා යුදෙව්වන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමත් තමන්ට අයත්ව තිබූ දැන් ලිතුවේනියාව, බෙලරුසියාව හා යුක්රේනය කියන ප්‍රදේශවල පාලනයටත් හවුල්වෙන්න යුදෙව්වන්ට ආරාධනා කර තිබෙනවා. මේ සුහද ආරාධනාව පිළිගෙන ඒ ප්‍රදේශවල වාසය කල යුදෙව්වන්ට පොලන්තයේ විස්ටුලා නදිය ඉතාමත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල සිට පෝලන්තය වෙත ගමනාගමන කටයුතු කරගැනීම සදහා..ඒ විතරක් නොවෙයි ඔබත් පුදුමවේවි මුස්ලිම් ජාතිකයන් යුදෙව්වන්ගේ ආරක්‍ෂාව හා පැවැත්ම වෙනුවෙන් පෙනීසිටි බව පැවසුවහොත්. මන්ද, අද මේ දෙපාර්ශවය නයයි, මුගටියයි මෙන් දුටු තැන මරාගත්තත් තුර්කි අධිරාජ්‍ය හෙවත් ඔටෝමන් අධිරාජ්‍යයේ හා ක්‍රි.ව‍. 700 දී පමණ උතුරු අප්‍රිකාවේ සිටි මුස්ලිම්වරු ස්පාඥය ආක්‍රමණය කල පසුව ඔවුන්ගේ ස්වර්ණමය යුගය උදාවූ බව පැවසෙන අතර ජුදා ආගම සිත්සේ ඇදහීමටත් යුදෙව් සංස්කෘතියේ උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් එරට පාලනය කල මුස්ලිම් පාලකයන් ඉඩදී තිබෙනවා. ක්‍රි.ව.900 කියන්නේ ස්පාඥයේ යුදෙව්වන්ට හොදම කාලය උදාවූ කාලසමයයි කියන්න පුළුවන්..එහෙත් ක්‍රි.ව.622 පමණ සිට ක්‍රමයෙන් බලයෙන් වැඩී ගෙන ආ මුස්ලිම් බලයට හා ඔවුන් විසින් අත්පත්කරගෙන සිටි ‍ජෙරුසලම කතෝලික පල්ලියේ ආශිර්වාදයෙන් මෙහෙයවූ කුරුස යුද වාදීන්ට ක්‍රි.ව.1099 දී අත්පත්වීමත් සමග ජෙරුසලමේ සිටි යුදෙව්වන්ට පමණක් නොවේ එහි සිටි මුස්ලිම් ජාතිකයන් දහස් ගණනාවකටද සිය ජීවිතයෙන් වන්දිගෙවන්නට හේතුවුවා..මෙම ජෙරුසලම කියන නගරය ගැන යමක් කියනවා නම් එය ලෝකයේ පැරණිම නගරවලින් එකක් ලෙස සැලකෙන අතර එයත් යුදෙව්වන්සේම ඉතිහාසය පුරාවටම විවිද හැලහැප්පීම්වලට ලක්වූ නගරයක්. එය යුදෙව්වන්ට වැදගත්වන්නේ ඔවුන්ගේ හීබෲ බයිබලය පරිදි පළමු ඊශ්‍රායල රාජධානිය ඩේවිඩ් රජතුමා විසින් ක්‍රි.පූ.1000 දී පමණ ස්ථාපිත කිරීමේදී එම රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසලම භාවිතා කිරීමත් කිතුනු බැතිමතුන්ගේ පැත්තෙන් තම ආගමික ශාස්තෘවරයා වූ ජේසුස් වහන්සේ කුරුස ගත කිරීමත් මෙම නගරයේ සිදුවී තිබීමයි. එසේම ඉස්ලාම් බැතිමතුන්ට වැදගත් වන නගරයක් ලෙස සලකන නිසා එදත් අදත් ආගම් කිහිපයකටම වැදගත් නගරයක් ලෙස ජෙරුසලම සැලකෙන බව කිවයුතුයි..ක්‍රි.ව. 1492 දී ස්පාඥයේ සුරක්‍ෂිතව සිටි යුදෙව්වන්ටත් කණකොකා හඩන්නට පටන්ගන්නවා. ඒ එරට තිබූ මුස්ලිම් පාලනය බිදදමා ඔස්ට්‍රියානු කතෝලිකයන් විසින් අත්පත් කරගන්නා අතර එහිසිටි මුස්ලිම් ජාතිකයන් හා යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භකරනු ලබයි. ‍එසේම පිටුවහල් කිරීමට අමතරව ඔවුන්ට කිතුදහම වැලදගන්නා සේ බලකරන අතර එය ප්‍රතික්‍ෂේප කරන්නන් මරාදැමීමද සිදුකරයි. මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාවේද යුදෙව්වන්ගේ පිහිටට එන්නේ මුස්ලිම් පාලකයන්මය. එනම් එවකට තුර්කි අධිරාජ්‍යයේ පාලකයා වූ Sultan Beyazit II විසින් යුදෙව්වන්ව උණුසුම් ලෙස පිළිගෙන තම අධිරාජ්‍යයේ යහතින් කල් ගත කිරීමට ඉඩදෙනවා පමණක් නොව තම වෛද්‍යවරුලෙස පත් කරගන්තේද යුදෙව් වෙදැදුරන්මය. තුර්කි අධිරාජ්‍යයට අමතරව ස්පාඥයෙන් පිටුවහල් කල යුදෙව්වන් නෙදර්ලන්තය වෙතද සංක්‍රමණය වූහ..හිබෲ බසින් ස්පාඥය හැදින්වෙන්නේ Sefarad ලෙසින් වූ අතර ස්පාඥයේ හෝ ඊට යාබදව පිහිටි පෘතුගාලයේ විසූ යුදෙව්වන් Sephardic Jews ලෙස හැදින්වූහ. 250,000 කට අධික Sephardic යුදෙව්වන් සංඛ්‍යාවකට ස්පාඥයෙන් පිටව යාමට සිදුවූ බව කියන අතර මුදල් හෝ ඔවුන් සතුව තිබූ වෙනයම් වටිනා දේවල් රැගෙන යාමද තහනම් විය. මෙලෙස ස්පාඥයෙන් පිටමංව යාමට පෙරාතුව යුදෙව්-මුස්ලිම් මිත්‍රත්වය කෙතරම් ශක්තිමත්දැයි කිවහොත් ඇතැම් මුස්ලිම් අංග යුදෙව්වන්ද අනුගමනය කරන්නට විය. Synagogues ලෙස හැදින්වූ යුදෙව් සිද්ධස්ථාන සමහරක් මුස්ලිම් පල්ලිවල ආකෘතියෙන්ම තැනීම එයට හොද නිදසුනකි..11 වන සියවස පමණ වන විට යුදෙව්වන් හොදින් ස්ථාපිත වූ ස්ථානයක් ලෙස චෙක් ජනරජයට අයත් ප්‍රාග් අගනගරයද සැලකිය හැකියි. එහිදීද ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබූ අතර 16 වන සියවස පමණ වන විට මේ තත්ත්වය උඩුයටිකුරුව නරක කලදසාවක් උදාවී තිබූ බවද පැවසේ..ඒ ඒ කාලවකවානුවලදී යුදෙව් සංක්‍රමණයන් ඇති වූ ආකාරය.Ashkenaz යනු පැරණි හීබෲ බසින් ජර්මනිය හදුන්වන ආකාරයයි. මධ්‍යතන යුගයේදීද එනම් 11 වන සියවසේදී පමණ ජර්මනියෙන් යුදෙව්වන් පිටුවහල් කිරීම සිදුව තිබෙන අතර ඔවුන් ඉන්පසුව ජීවත්ව ඇත්තේ උතුරු, මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ රටවලයි. මෙම යුදෙව්වන් “Ashkenazi” ලෙස හැදින්වෙන අතර ඔවුන් භාවිතා කර ඇති භාෂාව ජර්මන් බසට සමානකමක් තිබූ හා හීබෲ බසින්ම බිදී ආ වචන හා අර්ථයන්ගෙන් යුක්තවූ බසක් ලෙස සැලකෙන අතර Yiddish භාෂාව වේ. කෙසේවෙතත් 11 වන සියවසේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක වූ කතෝලිකයන්, ජුදා ආගම පිටුදැකීමේ ක්‍රියාමාර්ගයන් ඔස්සේ යුදෙව්වන් ජර්මනියෙන් පිටමං කිරීමේ ක්‍රියාවලියට පෙර 4 වන සියවසේදී පමණ යුදෙව්වන් ජර්මනියේ ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස නමක් දිනා ගත් අතර ඔවුන් යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් සමග සබදතා පවත්වාගැනීමද සිදුකරගෙන ගියා. එසේම ජුදා ආගමත් නිදහසේ ඇදහීමට බාධාවක් තිබුනේ නැති බවයි පැවසෙන්නේ. ඒ එක්කම යුදෙව් නොවන ජනතාව සමගත් බොහොම සහජීවනයෙන් මෙම යුදෙව් ජනතාව වාසය කල බව පැවසෙනවා..කොහොමනමුත් ප්‍රචණ්ඩත්වය යුදෙව්වන් කෙරේ ඇතිවෙන විට ඔවුන්ට තමන් කරගෙන ආ ව්‍යාපාර වෘත්තීන් හැරදමා නගරයෙන් නගරයට සංක්‍රමණය වීමට සිදුවූ බව පැවසෙනවා. 15 වන සියවසෙන් පසුව යුදෙව්වන්ගේ වාසභූමි බවට පත්වී තිබෙන්නේ නැගෙනහිර යුරෝපයට අයත් රටවල්..තවද 11 වන සියවස වන විට එංගලන්තයේද යුදෙව්වන් ජනාවාස ස්ථාපිත කරගෙන තිබෙනවා. එහෙත් 1292 දී එඩ්වර්ඩ් රජු යුදෙව්වන් එංගලන්තයෙන් පිටුවහල් කර ගිබෙන අතර 1881 වන විට නැවතත් නෙදර්ලන්තයේ සිටි Sephardi Jews වරුන් එංගලන්තයට නැවත පැමිණ තිබෙන අතර ජර්මනියෙන් පිටමංව සිටි Ashkenazi යුදෙව්වරුන්ද රුසියාවේ සිට එංගලන්තයට පැමිණ තිබෙනවා. වර්ථමානයේත් යුදෙව් සමාජය එංගලන්තයේ සෑහෙන්නට සැලකිය යුතු භූමිකාවකට සම්බන්ධ බවද පැවසෙනවා..Shtetl කියන්නේ Yiddish බසින් රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ යුදෙව්වන් වාසය කල කුඩා නගර හෝ ගම්මාන හැදින්වීමට භාවිතා කල වචනයයි. මෙය ඇතැම්විට සාමාන‍්‍යයෙන් කිතුන බැතිමතුන් වාසය කල නගරවලත් යුදෙව්වන් ජනාවාස වී සිටි ප්‍රදේශය හැදින්වීමට භාවිතා කර තිබෙනවා. කොහොමවුනත් වර්තමානය වන විට නම් Shtetl නමින් අර්ථවත් කිරීමට ප්‍රදේශ ලෝකයේ ඉතිරිව නැහැ. එයට හේතුව තමයි නාසින් විසින් දෙවන ලෝක යුද්ද කාලයේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කල කෲර ජන සංහාරයේදී Shtetl කියන ප්‍ර‍දේශත් අතුගෑවී යෑම. මේ Shtetl වල ජීවිතය නම් සුන්දර එකක් නොවූ බව තමයි පැවසෙන්නේ. දරිද්‍රතාවය හා විවිද දුෂ්කරතා මධ්‍යයේ මෙම ප්‍රදේශ වල ඔවුන්ට වාසය කරන්නට සිදුවී තිබෙනවා. ඒත් දුක්කම්කටොළු මධ්‍යයේ වුවත් යුදෙව් ප්‍රජාව මෙම ජීවිතයට ඇළුම් කර තිබෙනවා. එයට හේතුව තමයි එකම යුදෙව් ජනතාවකට එක්ව වාසය කරන්නට හැකිවීම නිසා පවුල් ඒකකයක් තුල උණුසුම් සමීපතාවයක් හා අන්‍යෙන්‍යයන් අතර බැදීමක් හා බලවත් ආගමික ශ්‍රද්ධාවක් එකිනෙකා අතර පැවතීම. ඔවුන් කෙතරම් පීඩා අත්වින්දත් යුදෙව්වන්ගේ කැපීපෙනෙන ආගමික චාරිත්‍රයක්වන Sabbath චාරිත්‍රය ඔවුන් කැපවීමෙන් මෙම Shtetl වලදී සිදුකර තිබෙනවා..මෙම Shtetl වල නාභිය ලෙස synagogue හෙවත් සම්මුති ශාලාවන් සැලකිය හැකියි. Yiddish බසින් synagogue හදුන්වා තිබෙන්නේ shul යන නමින්. මෙම ස්ථානයේ තමයි යුදෙව්වන් එක්රැස් වී තිබෙන්නේ. ඊට අමතරව යාඥා කිරීමත්, අධ්‍යාපන කටයුතු සිදුකිරීම, විවාහ උත්සව ආදිය පැවැත්වීමත් මෙම ස්ථානවල සිදුවී තිබෙනවා. මුලිනුත් දැක්වූ පරිදි ඉස්ලාමීය ආභාශය හා කතෝලික අභාශයන්ගෙන් තැනුන අලංකාරවත් සම්මුති ශාලා තිබුනත් සාමාන්‍යයෙන් මෙම ස්ථාන සරල බවෙන් යුතු ස්ථාන ලෙස තමයි සැලකෙන්නේ. දෙවන ලෝක යුද්දයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ තිබූ මෙවැනි අලංකාරවත් සම්මුති ශාලා අත්හැරදැමුනත් වර්ථමානය වන විට ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ඇති බවත් පැවසෙනවා..රුසියාවේ රැජින ලෙස 1762 සිට 1796 දක්වා රජකම් කල මහා කැතරින් රාජිනියගේ කාලයේදී රුසියාවේ නගරවල වාසය කල යුදෙව්වන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල වෙන්නට පටන් ගන්නවා. මේ විරෝදතාවයන් නිසාම ඇය 1791 දී the Pale of Settlement නීතියක් බලාත්මක කරන අතර එයින් රුසියාව පුරා ජීවත්වූ යුදෙව්වන්ට එක් ප්‍රදේශකට පමණක් වාසය සදහා කොටු කිරීම කරනු ලබනවා. මේ යටතේ රටේ සිටි යුදෙව්වන්ගෙන් 10% ක් වැනි අතලොස්සක් හැරුන කොට අනෙක් සියළු දෙනා මෙම තනි ප්‍රදේශයට කොටුකරනවා පමණක් නොවේ ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැලකීමටද අමතක කරන්නේ නැහැ. ඒ අනුව ඉහල අධ්‍යාපනයක් ලැබීම, ඉඩම් බද්දට ගැනීම ආදිය තහනම් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි වරින්වර ඔවුන්ට එෙඑරරහිව ප්‍රචණ්ඩත්වය පවා මුදාහරිනවා. කොහොමවුනත් යුදෙව්වන් මෙම බාදක මධ්‍යයේ පවා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා අතර 1910 වන විට මෙම කොටුවූ ප්‍රදේශය තුල යුදෙව්වන් මිලියන 5 ක් පමණ වාසය කල බවද පැවසෙනවා..(මේ එම කොටුකල ප්‍රදේශයන් තුල යුදෙව්වන් ගෙවූ කටුක දිවියේ නිදසුන්).මෙතරම් තාඩන පීඩනයට ලක් කලත් පළමු ලෝක යුද්දයේදි රුසියානු හමුදාව වෙනුවෙන් සේවය කරන්න යුදෙව්වන් 650,000 ක් පමණ සහභාගීවී තිබෙනවා. කොහොමවුනත් රුසියානු හමුදාවේ ඉහල නිළධාරීන් නම් මෙම යුදෙව් සෙබළුන්ට කැමැත්තක් තිබිලා නැහැ. ඔවුන් යුදෙව්වන්ව සලකලා තිබෙන්නේ අර්ධ මනුශ්‍යයන් ලෙස හා අපිරිසිදු පිරිසක් ලෙසයි. ඒ එක්කම රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශවල වාසය කල යුදෙව්වන් කෙරෙත් කිසිම දායාවක් දක්වා නැහැ. එයට එක් හේතුවක්ව තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ වාසය කල යුදෙව්වන් භාවිතා කල Yiddish භාෂාව ජර්මානු උරුවක් ගැනීමත් මෙම යුදෙව්වන් රුසියානුවන්ට නොව ජර්මානුවන්ට පක්‍ෂපාත කමක් දැක්වීමයි. පළමු ලෝක යුද්දයේදී කොපමණ යුදෙව්වන් සංඛ්‍යාවක් මිය ගියාදැයි කිසිම අයෙක් නොදන්නා බව පැවසෙන අතර රුසියානුවන් විසින් යුදෙව්වන් 600,000 ක් පමණ සිරභාරයට ගත් බව පැවසෙන අතර එයින් 200,000 නැවත ආපසු පැමිණ නැහැ.1917 සිදුවූ රුසියානු විප්ලවයත් සමග යුදෙව්වන් පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වූ the Pale of Settlement යටතේ ස්ථාපනය කර තිබූ Pale ලෙස හැදින්වෙන කොටුකල ප්‍රදේශය අහෝසිවීමද සිදුව තිබෙනවා..Kiser Wilhelm II.පළමු‍ ලෝක යුද්දයේදී රුසියානුවන් යුදෙව්වන්ට මෙසේ සැලකුවත්, ජර්මානුවන් නම් හොදින් යුදෙව්වන්ට එම යුද්දයේදී සලකා තිබෙනවා. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්දයට පෙර හා ඒ අතරතුර යුදෙව්වන් පළමු ලෝක යුද්දයට කිසිදු සහයක් ජර්මනිය වෙනුවෙන් ලබා නොදුන්බවට බොරු ප්‍රචාර කරත් එවකට ජර්මනියේ පාලකයා වූ Frederick William Victor Albert of Hohenzollern, a.k.a. Kaiser Wilhelm II නම් යුදෙව්වන් කෙරේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කල අයෙකු වූ අතර ඔහුගේ හමුදාවේ ලක්‍ෂයක පමණ යුදෙව් සෙබළුන් සිටි බව පැවසෙනවා..එම යුද්දයේදී 12,000 ක් පමන යුදෙව් සෙබළුන් මිය ගොස් ඇති අතර 35,000 ක පමණ යුදෙව් සෙබළුන් විවිද අවස්ථාවල සම්මානය හා ඉහල නිලතල ලබා ගැනීමට පවා සමත්ව තිබෙනවා. තවද දෙවන ලෝක යුද්දයේදී යුදෙව්වන්ට ජර්මානු සෙබළුන් යනු මාරයා හා සමාන වූවත් පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපයේ රටවලට ජර්මානු සෙබළුන් පැමිනෙද්දී තමන් පීඩාවට පත්කරගෙන සිටි රුසියානුවන් පරදවා තමන් ගලවා ගැනීමේ සතුටට උණුසුම් ආකාරයෙන් පිළිගත් බවටත් සාක්‍ෂි ඕනෑතරම් තිබෙනවා..ජර්මනිය වෙනුවෙන් සටන්වැදුන යුදෙව් සෙබළුන්.යුද්දය අතරතුරු තම උත්සවයක් සැමරූ අවස්තාවක්.යුද්දයේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් ජර්මනියේන් ලද සැලකුම්.මේ අවසන් සේයාරූ දෙකෙන් දැක්වෙන්නේ පළමු ලෝක යුද්දයේදී.පෝලන්තයට ජර්මානු හමුදා පැමිණි වට ඔවුන් උණුසුම් ලෙස පිළිගත් ආකාරයයි.නැවතත් මෙම යුගයෙන් ආපස්සට යනවානම්, මධ්‍යතන යුගය වන විට ඇතැම් යුරෝපයේ පාලකයන් යුදෙව්වන්ට තමන්ගේ රටේ පදිංචිව සිටින්නට අවසර දී තිබෙනවා. එම පාලකයන් වටහා ගෙන තිබෙනවා යුදෙව්වන්ට තිබූ ශිල්පී නිපුනත්වය ආදිය රටේ දියුණුවට යොදා ගන්නට හැකි බව. සාමන්‍ය වෘත්තීන්ට අමතරව සංගීතඥයන් ලෙස, රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස, භාෂා පරිවර්ත්‍රකයන් ලෙස විශේෂිත වූ කාර්යභාරයන් පවා යුදෙව් ජනතාව ඉටුකර තිබෙනවා. මෙම කාලය යුදෙව්වන් නම් කර තිබෙන්නේ Emancipation ලෙසටයි. ඒත් 18 වන සියවසෙන් පසුව නම් ‍බොහෝ යුරෝපීය රටවල් යුදෙව්වන්ට එරෙහිව විවිද නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා..ඒ එක්කම මධ්‍යතන යු‍ගයේ පල්ලිය නම් යුදෙව්වන් කෙරේ දයාවක් පෙන්නුම්කර නැහැ. පල්ලි‍ය පනවපු නීති අනුව යුදෙව්වන්ට ඉඩම් වලට හිමිකම් කීම හා රැකියාවක නියැලීමත් තහනම් කල බව තමයි පැවසෙන්නේ. පල්ලියේ නීතිවලට අනුව කිතුනුවන්ට පොලියට මුදල් ණයට දීමත් තහනම් කර තිබුනත් ණයට මුදල් ගැනීම නම් තහනම් කර තිබුනේ නැහැ. මේ නිසා කිතුනුවන් මුදල් පොලියට ගත්තේ යුදෙව්වන්ගෙන්..මධ්‍යතන යුගයේ කතෝලික පල්ලිය දැඩි විරෝදත්වයත් යුදෙව්වන් හා ඔවුන්ගේ ආගම වූ ජුදා ආගම කෙරේ දැක්වූ අතර කිතුදහම, ජුදා ආගමට වඩා ශ්‍රේෂ්ඨ බව ඔවුන්ගේ ඉගැන්වීම වුවා. ඔවුන් මිත්‍යාපවා තම බැතිමතුන්කෙරේ ඇති කිරීමට වගබලා ගත්තා 13 වන සියවසට අයත් ජර්මානු පල්ලියක ජනේලයේ නිර්මණය කල මෙම නිරූපනයෙනුත් පැහැදිලිවන්නේ එයයි. කිතු දහම වම් පසින් නියෝජනය කරන අතර දකුණු පසින් ජුදා ආගම නිරූපනය කරනු ලබන මෙහි කිතුදහම ඔටුන්නක් පැලද ඉහල මට්ටමක තබා ඇති නමුත් ජුදා ආගම යනු දෑස් බැදගත්, සත්‍ය දැකීමට බාධාකරන දහමක් ලෙස පෙන්වාදී තිබේ. එසේම යක්‍ෂයා සබදකම් පවත්වන ආගමක් ලෙස ජුදා ආගම හදුන්වා ඇත්තේ යක්‍ෂයාගේ සලකුණ ලෙස සලකන එළු අග දැතින් දරා සිටීම දැක්වීමෙනි..ඒ එක්කම ද්වේශ සහගත මිත්‍යාමත දෝතින් දරාගන්නා මධ්‍යතන යුගයේ විසූවන් යුදෙව්වන් යනු අං තිබෙන, දෙකට බෙදුන වලිගයක්ද ඇති උරගයන් වැනි ජීවින් කොටසක් ලෙස විශ්වාස කර තිබෙනවා. තවද යුදෙව්වන් යනු ලේ පිපාසිතයන් ලෙස ඔවුන් උපුටා දක්වා ඇත්තේ ඔවුන් කිතුනු දරුවන් මරා එම රුධිරය යුදෙව්වන් තනන විශේෂිත වූ පාන් වර්ගයක් තැනීමට භාවිතා කරන බවයි..Anti-Semitism නැතහොත් යුදෙව්වන්ට වෛරීසහගත ලෙස හෙලා දැකීම ඉතා ඈත කාලයේ සිට පැවත ආවත් එය ශක්තිමත් වී තිබෙන්නේ මධ්‍යතන යුගයේ පල්ලියෙන්. ඔවුන්ගේ විශ්වාසය අනුව ජේසුස් වහන්සේගේ අකල් මරණය සිදුවීමට වගකිවයුත්තේ යුදෙව්වන් බවයි. එහෙත් වර්ථමානය වන විට මෙම දෙකොට්ඨාශය ඉතාමත් මිත්‍රශීලීව දේශපාලනයේ පවා යෙදෙන අයුරු සුලභව දැකගත හැකියි.වර්ථමානයසේම 1789-1799 අතර කාලයේ සිදුවූ ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශයේ විසූ යුදෙව්වන්ට, ප්‍රංශයේ අනෙක් ජනතාව හා සමානව සලකන්නත් පාලකයන් ත්‍යාගශීලි වෙලා තිබෙනවා..ප්‍රංශ විප්ලවය සිත්‍තරෙකු දුටු හැටි.ප්‍රංශයේ එසේ ජනහිතකාමී කරුණාවන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කලත් දෙවන ලෝක යුද්දය අහවර වන තුරු යුරෝපයේ බොහෝ රටවල් යුදෙව්වන් කෙරේ අනුගමනය කල ප්‍රතිපත්තිය සුභදායිවූයේ නැහැ. 17 වන සියවසෙන් පසුව රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ රටවල යුදෙව්වන්ට එරෙහිව භාවිතා කල කොල්ලකාරී, විනාශකාරී සංහාරය හැදින්වූයේ Pogroms නමින්. 1905 ට පමණ අදාල දත්ත අනුව 3000 ක පමණ යුදෙව්වන් පිරිසක් වරින්වර ක්‍රියාත්මක කෙරුන Pogroms 600 ක පමණ අවස්ථාවලදී මියගොස් තිබෙනවා. මේ සිතුවමින් දැක්වෙන්නේ එලෙස ඔවුන් වාසය කල shtetl ගිනි තබද්දී තම දරුවා රැගෙන පලා යන පියෙකුගේ නිරූපනයක්. සිතුවමක් වූවත් එයින් ඇති කරන ලද කම්පනය දෑසට කදුළු මුසු කරන්නට සමත් වූ බව කිවයුතුයි..කෙසේවෙතත් යුදෙව්වන්ට එරෙහි පදනම් විරහිත ප්‍රචාර ආදිය දෙවන ලෝක යුද්දය නිමාවන තුරුම පැවති යා..එසේම යුදෙව්වන්ට සහනදායි පිළිවෙතක් අනුගමනය කල රටවල් පවා යම් වැරැද්දකට යුදෙව්වකු සැකකරුවෙකු වූ විටක අනුකම්පාවිරහිතව හා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කල බවට නිදසුන් බොහෝ ඇත. මෙඑවැනි අවස්ථාවකට නිදසුන්ය. එනම් 1894 දී ප්‍රංශයේ යුද හමුදාවේ සේවය කල යුදෙව් නිළධාරියෙකු වන Alfred Dreyfus අත්අඩංගුවට ගත්තේ ඔහු ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට ඔත්තු සපයන අයෙකු ලෙස චෝදනා නගාය. මෙම පෝසටරයේ ඔහු ද්‍රෝහියෙකු ලෙස දැක්වූවත් ඔහුට විරුද්ධ සත්‍ය වශයෙන්ම සාක්‍ෂි නොමැති වූ බවද පැවසේ. එහෙත් නඩු විභාගයේදී වරදකරුවෙකු ලෙස ඔහු නම් කරනු ලැබීය. ඒ අවධියේ දේශපාලව ක්‍ෂෙත්‍රය පවා කැලඹීමට ලක්කල මෙම සිද්ධිය The Dreyfus Affair ලෙස හැදින්වේ..Dreyfus ඉහල හමුදා නිළධාරියෙකු නිසා ඔහු නියෝජනය කල ප්‍රංශ ඉහල පැලැන්තිය අතර ඇතිවූ දෙකඩ වීම පසුව මෙම සිද්දිය සාධාරණත්වයෙන් යුතුව විමසීමට එරට නීති ක්‍ෂෙත්‍රයට මඟපෑදු අතර ඔහුට නැවතත් නිදොස්ව ගෞරවාන්විතව හමුදාවට සම්බන්ධවමටත් පසුව 1907 දී විශ්‍රාම ගොස් නැවත පළමු ලෝක යුද්දයේදි ප්‍රංශය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම යුද වැදීමේ ගෞරවයද හිමිවිය. මේ තිබෙන්නේ ඔහු මුහුණු පෑ සිදුවීම් වලට පසුව ප්‍රංශ සමාජය දෙකට බෙදී ගැටෙන අයුරු 1898 දී පළවූ පුවත් පතක කාටුනයෙන් නිරූපිත ආකාරයයි..Alfred Dreyfus පසුකලෙක තමන්ට එල්ල වූ ‍චෝදනා වලින් නිදහස් වූවත් ඔහුට එරෙහිව නඩුව විභාග වෙද්දී එය වාර්තා කිරීමට පැමින සිටි Austro-Hungarian වාර්තාකරුවෙකු වූ Theodor Herzl ට අනාගතයේ යුදෙව් ප්‍රජාවට එල්ලට විය හැකි තර්ජනය ඉවෙන් මෙන් වටහා ගත්තේ යුදෙව් විරෝදය නීතිපද්දතීන් ඔස්සේද තහවුරු වීම මගින් ප්‍රංශයේ පමණක් නොව යුරෝපයේද යුදෙව්වන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට ඔහු තුල වූ විශ්වාසයයි. හේ නිසා තමන්ගේම කියා රටක් පිලිබදව වූ වැදගත්කම පිළිබදව අදහස් පල කල ඔහු Zionism සංකල්පය පිළිබදව පළමු සම්මේලනය 1896 දී සංවිධානය කරනු ලැබුවා..තවදුරටත් යුදෙව් ජනතාව පිළිබදව කිවයුතු දේ බොහෝයි. එහෙත් ලිපිය සෑහෙන්න දිග වැඩිවෙන නිසා එම දේවල් ඉදිරි කොටසින් දැනගමු..මෙම ලිපියේ දෙවන කොටස -.පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V.මේ දක්වා මෙම ලිපි පෙලේ පළවූ ලිපි -.දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I.කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II.ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III.ලියුවේ සත්සමුදුර at 3:27 PM 43 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය.Tuesday, March 20, 2012.ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III.දෙවන ලෝක යුද්දයට පෙර ලිපි පෙලේ තවත් ලිපියක් ලෙස අද ඔබට ගෙන එන්නේ දෙවන ලෝක යුද්දයට පෙර සිදුවූ තවත් ජර්මානු හිතවාදී ආණ්ඩු පෙරලියක් පිළිබදවයි. මෙම ආණ්ඩු පෙරලිය සිදුවුනේ ස්පාඥයේදී ඒ 1936 ජූලි 17 සිට 1939 අප්‍රේල් 01 දා සිදුවූ ස්පාඥය සිවිල් යුද්දයෙන් අනතුරුවයි..ලේ හෙලවීම් රැසක් සිදුවූ මෙම කැරැල්ල සිදුවූයේ වාංමාශික ආණුඩුවක් වූ දෙවන ස්පාඥය ජනරජය හා හමුදා ජනරාල්ව‍රයෙකු වූ Francisco Franco නායකත්වයෙන් මෙහෙයවුන දක්‍ෂිනාංශික ජාතිකවාදී කැරලිකරුවන් අතරේයි. මෙම සිවිල් යුද්දය එරට හමුදාවේ ඉහල නිළධාරීන් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණයකික් පසුව ඇරඹුන මෙම යුද්දයට ආසන්නම හේතුව Franco ඇතුළු හමුදාවේ ජනරාල්වරුන් කිහිපදෙනෙකුම තමන් එතෙක් දැරූ තනතුරුවලින් පහත දැමීමයි. මේ සමග ඇතිවූ නොහදනෝක්කඩු සමග ඇරඹුන යුද්දයට නායකත්වයදුන් Francisco Franco යනු හමුදාමය පසුබිමක් ඇති පවුලක 1892 දී උපත ලෑබ පසුව නාවික හමුදාසේවයට එක්ව පසුව ස්පාඥය යුද හමුදා සේවයට එක්වන ඔහු 1926 දී එනම් ඔහුට වයස 34 ක් ව තිබියදී ජනරාල් පදවියකින්ද පිදුම් ලැබූවකු වන අතර එවකට යුරෝපයේ සිටි ලාබාලම ජනරාල්වරයා ලෙස සැලකෙන්නේද ඔහුයි. ඔහු මෙතරම් ඉක්මනින් හමුදාසේවයේ ඉහලටම එන්නට හේතුව 1920-1926 අතර කාලයේ උතුරු මොරොක්කෝවේ ස්පාඥය සටන් වැදුන Rif War නැතහොත් the Second Moroccan War දී දෙවන අණදෙන නිළධාරියා ලෙස දැක්වූ දක්‍ෂතාවයයි..ස්පාඥය රජපවුලේ හිතවතෙකු වූ ජනරාල් Franco එම රාජාණ්ඩුව 1932 දී බිච වැ‍ටීමෙන් පසුව බිහිවූ ආණ්ඩුව සමග එතරම් ඇයිහොදයියක් නැති දේශපාලනයෙන් තොර පුද්ගලයෙකු ලෙස තම රාජකාරිය කරගෙන ගිය අතර ඔහු හා ආණ්ඩුව අතර ප්‍රථම ගැටුම නිර්මාණය වුනේ එවකට ඔහු ප්‍රධානියා‍ ලෙස සේවය කල, කැඩෙට් නිළධාරීන් පුහුණු කල හමුදා ඇකඩමිය, ආණ්ඩුවේ යුද අමාත්‍යවරයා විසින් වසා දැමූ පසුව වන අතර ඉන්පසුව කාර්යභාරයක් නොමැති ජනරාල්වරයෙකු බවට පත්වනවා පමණක් නොව ආණ්ඩුවේ විපරමටද ලක්වූ අයෙකු බවට පත්වූ පසුවයි..කෙසේවෙතත් රටතුල රජකල ස්ථාවරත්වය, ඉහලපෙලේ හමුදා හා දේශපාලනඥන්ගේ ඝාතන සමග නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබූ ස්පාඥයේ එවකට සමාජ වටපිටාව තුල 1936 මහා මැතිවරණයෙන් පසුව සිදුවූ හමුදාවේ වෙනස්කම් හා කුමන්ත්‍රණ සමග දක්‍ෂිනාශිංක ජාතිකවාදීන් කරලියට පැමිණෙන අතර ස්පාඥයේ ජනසහයෝගීත්වය දෙපාර්ශවයකට බෙදී යන අතර ආගමික, දේශපාලනික හා හමුදාමය කොටස්ද දෙපාර්ශවයකට බෙදී ඇනකොටා ගන්නා තත්ත්වයට පත්වී එය වසර තුනක් පමණ කාලයක් බිහිසුනු ලෙස ගෙවීයයි..මෙම සිවිල් යුද්දය ස්පාඥයේ රටවැසියන් අතර පවතින යුද්දයක් වූවත් එයට බාහිර සහයද නොමදව ලැබුනි. ජාතිකවාදී පාඨය සමග දේශපාලනය කෙරුන ජර්මනියේ සහ ඉතාලියේ සහය මෙම කැරලිකරුවන්ට ලැබුන අතර Francisco Franco ගේ දේශපාලන ප්‍රවිශ්ඨයද ෆැසිස්ට් ස්වරුපයක් ගත් නිසා ෆැසිස්ට්වාදයම සරණගිය ජර්මනිය හා ඉතාලියද මෙම නවතම මිතුරාට හොදට ගැලපුන අතර අසල්වැසි පෘතුගාලය, සෝවියට් දේශය හා මැක්සිකෝවේ සහය වාමාංශික පාලක ආණ්ඩුවට ලැබුනි. මෙම සහය මූල්‍යමය හා ආයුදවලින් පමණක් නොව හමුදාමය වශයෙන් යුද්දයට සහභාගීවීමෙන්ද ලබා දුන්හ.මේ තිබෙන්නේ එලෙස මෙම යුද්දයට සම්බන්ධවූ පාර්ශවයන් හා ඔවුන්ට යුද්දයෙන් සිදුවූ හානි පිළිබදව දළ සටහනක් හා යුද්දයේදී ගන්නා ලද සේයාරූ සමූහයකි..නොබියම සතුරා ඉදිරියට පැමිණීම.ගුවන් ප්‍රහාර වලින් වැලකීමට සාමන්‍ය වැසියන් ගන්නා උත්සාහය.ගුවන් ප්‍රහාරයකින් පසුව උඩු ගුවනේ සිට ගන්නා ලද සේයාරුවක්.ප්‍රතිවාදියෙකු අල්ලා ගැනීම.ෆැසිස්ට් කැරලිකරුවන්ගේ ජයට වඩා ඇමරිකාවද අපේක්‍ෂාකලේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ පැවැත්මයි..මේ ඇමරිකාවෙන් එරට රජයට පරිත්‍යාග තරන ලද ගිලන් රථයකි.කැරලිකරුවන්ට එරෙහිව කාන්තාවන් පුහුණු කරන අයුරු.කදුකරයේ සිට හමුදාවෙත පහර දෙන දක්‍ෂිනාංශික කැරලිකරුවන්.මේ පිපිරුම පරමාණු බෝම්බ සොයා ගැනීමට බොහෝ කලකට පෙර සිදුවූවකි.වසර තුනක් ඇවිළුන මෙම යුද්දයෙන් ජාතිකවාදී දක්‍ෂිනාංශික කණ්ඩායම ජයගත් අතර Francisco Franco එරට නායකත්වයට පත්විය. ඔහුගේ පාලනය එතැන් සිට 1975 දී ඔහු මිය යන තාක් පැවතුන අතර එය ඒකාධිපති එකක් විය. උග්‍රවාමාංශික විරෝධියෙකු වූ ඔහු දෙවන ලෝක යුද්දයේදී ජර්මනියට සහය පලකල අතර තමන්ට බලයට පත්වීමට උපකාර කල ජර්මානුවන්ගේ සහයට ඔහුගේ හමුදාද සෝවියට් දේශයට පහරදීමේදී නැගෙනහිර යුද පෙරමුනේදී එක්විය. ඔහුගේ කාලය තුල ස්පාඥයේ සමූහ සිරකදවුරු පවා ස්ථාපිත කර තිබූ අතර විරුද්ධවාදීන් දැඩි ලෙස මර්ධනය කිරීම ඔහුගේ කාලයේ සුලභ විය..දෙවන ලෝක යුද සමයේදී ඔහුව බලයෙන් පහකිරීමට ඇමරිකානු-ලතින් ඇමරිකානු එකමුතුවක් තිබුනද දෙවන ලෝක යුද්දය නිමාවෙන් පසුව ඇමරිකාව හා ඔහුගේ නායකත්වයෙන් යුතු රජය ගජ මිතුරන් වූ අතර එයට හේතුව වූයේ ඇමරිකාවේ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තියට Francoගේ උග්‍ර කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිද මනාලෙස ගැලපීමයි..මේ ප්‍රධාන කතාවට අමතරව තවත් සිදුවීමක් ගැනද කිවයුතුය. 1936 දී ග්‍රීස්ම ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුනේ ජර්මනියේ බර්ලින් නුවරදී වූ අතර එවිට ජර්මනියේ සුපිරි පාලකයා වූයේ හිට්ලර්ය. සුදු වර්ණභේදවාදී ආර්ය ජනතාවක් පිළිබදව දැඩි මතධාරියෙකුවූ ඔහු සෑම විටකම මෙම තරඟයේදීද බලාපොරොත්තුවූයේ සුදු ජාතිකයන්ගේ ජයග්‍රහණ පිළිබදවයි..එහෙත් ඇමරිකාව නියෝජනය කරමින් පැමිණ සිටි කළුජාතික තරඟකරුවෙකු වූ Jesse Owens ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන මතකය් ඉතිරිකරමින් දුර පැනීම, මීටර් 100, මීටර් 200 හා මීටර් 100 x 4 සහය දිවීම යන ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනා එකම ඔලිම්පික් තරඟයකදී රන් පදක්කම් හතරක් දිනා ගත් ප්‍රථමයා වීමට සමත්වූ අතර දැඩි වර්ණභේදවාදියෙකු වූ හිට්ලර්ට මෙය ඉහිළුම් නොදෙන සිදුවීමක් විය. මේ නිසා තරඟය නරඹමින් සිටියත් පදක්කම් ප්‍රධානය කරන අවස්ථාවලදී එය මඟහැර යාම හිට්ලර්වෙතින් සිදුවී අතර තවත් කිවයුත්තක් වන්නේ වර්ණභේදවාදය එවකට කොතරම් සුදු ජාතිකයන් අතර ඔඩුදුවා පැවතුනේද යත් ඔවන්ස්ගේ තරඟ ජයට සුභපතා ඔහුගේම රටේ ජනපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් පවා සුභ පැතුම් නොඑවීමයි. තවද මෙවන් ජයග්‍රායකයන් ධවල මන්දීරයට කැදවා භෝජන සංග්‍රහයක්ද ලබාදී සව්දිය පිරීම සම්ප්‍රධායක් වූවත් ඔවන්ස්ට උරුම තිබුනේ කළුහමක් නිසා එම භාග්‍යද අහිමිවිය. අඩුම තරමින් රුස්වෙල්ට් ගෙන් පසුව නායකත්වයට පත්වූ ටෲමන්වත් මේ වැරැද්ද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවූහ..කෙසේවෙතත් ටෲමන්ගෙන් පසුව 1953 දී බලයට පැමින ඩිවයිට් අයිසන්හවර්, 1955 දී ඔවන්ස් යනු "ක්‍රීඩා තානාපතිවරයෙකු" ලෙස ගරුබුහුමනට ලක්කිරීම පැසසිය යුතු කරුණකි..මේ ජර්මනියේ දර්ශනයක් නොව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර නාසි ශාඛාවේ දර්ශනයකි..නාසින්ට සුදුහම ඇත්තන්ගේ සහයට තවත් සාක්‍ෂියක්.ගුවන් නෞකා ලෝකයෙන් තුරන්ව යාමට පෙරාතුව ජර්මනිය හා ඇමරිකාව අතර ගමනාන්තයකදී.ඇමරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැගිල්ල අසලින් යන අවස්ථාවක්.දැන් මෙම ලිපියද අවසන් කරනු ලබන අතර තවත් දෙවන ලෝක යුද්දයට පෙර සිදුවීම් රැසක් සමග තවත් ලිපියකින් හමුවෙමු....මීට පෙර මෙම තේමාව යටතේ ලියන ලද ලිපි -.දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I.කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II.මූලාශ්‍ර -.http://www.onwar.com/aced/nation/sat/spain/fspain1936.htm.http://www.historylearningsite.co.uk/causes_spanish_civil_war.htm.ලියුවේ සත්සමුදුර at 4:38 PM 15 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).▼ March (10).පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී ....යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII....ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III.කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පි....දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා ව....නන්නාදුනයා - UNKNOWN.වයර් නැති ජාල වල දෝශ සෙවීමට පහසු ඔත්තු - Wireless ....පින්තූර කෑලි එක්කර තනි පින්තූරයක් තැනීම.මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5.මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.2 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Wednesday, January 1, 2014.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සිතුවා.වසර දෙකහමාරකට සුළු කාලයකට වැඩි කෙනඩි පාළන කාලය තුළ විවිධාකාරයේ අර්බුදවලට ඔහුට මුහුණ දෙන්නට වූවාසේම ඇමරිකානු දේශපාලනය හා අනෙකුත් ක්‍ෂෙත්‍රයන් තුළ කැපී පෙනෙන වැඩසටහන් කිහිපයකද මුලපුරන්නට ඔහුට හැකිවූවා..ජෝන්.එෆ්.කෙනඩි හෙවත් කවුරුත් ආදරයට ඇමතූ "ජැක්" ගේ ජනාධිපති බවට පත්වීමේ සිහිනය ඔහුටත් වඩා තිබුනේ ඔහුගේ පියාටයි. ඔහු සෑම විටකම පවසා තිබුනේ ඔහුගේ පුතුන් අතරින් කවරෙකු හෝ ජනාධිපතිවරයෙකු වන බවයි. 1888 වසරේ උපන් ජැක් ගේ පියා.ජෝසෆ් කෙනඩි(ජේයෂ්ඨ) ජෝ කෙනඩි හෙවත් නම් වූ අතර ඔහු සිය පවුලේ අය පිළිබදව විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි අයෙක්. බොස්ටන් නුවර කතෝලික පවුලකට අයත් වූ ඔහු ධනවතෙකු වූවා සේම මුල් අවධියේ හොලිවුඩයේ චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ෆ්‍රෑන්ක්ලින් රුස්වෙල්ට් ජනපතිගේ කාලයේදී දේශපාලනයට පිවිස තිබෙනවා. එසේම ඔහු මහා බ්‍රිතානයේ 44 වන ඇමරිකානු තානාපතිවරයා ලෙසද සේවය කර රාජ්‍යතාන්ත්‍රිකවශයෙන්ද සිය අත්දැකීම් මුවහත් කරගෙන තිබූ අයෙක්. තද ගතිගුණ තිබුන අයෙකු ලෙස සැලකෙන කෙනඩි ජනපතිගේ පියා දරුවන් කෙරෙහිද ඇතැම්විට දැක්වූයේ දැඩි සැරපරුශ ක්‍රියාකලාපයක් බව පැවසෙනවා. ඔහුගේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා මෙම පවුලේ දියණියකවූ රෝස්මරී හට ඇතිවූ මානසික රෝගී තත්ත්වය මත වයස අවුරුදු 23 තරම් අඩු කාලයකදී ඇයට මොලයේ සැත්කමක් පවා කිරීම සිදුවූ බවට මතයක් තිබෙනවා. විශේෂයෙන් ඔහුගේ ඉහළ බලාපොරොත්තු සිය දරුවන් කෙරෙන් ඉටු නොවන බව පෙනුන විට රළු ලෙස ඔහු හැසිරුන බව පැවසෙනවා..http://en.wikipedia.org/wiki/Joseph_P._Kennedy,_Sr..තවදෙයක් තමයි ජෝ කෙනඩි හට මාෆියා කල්ලි සමගත් සබඳතා තිබුන බවට හාහූවක් තිබෙනවා. එයින් ඔහු සයි ප්‍රතිවාදීන්ට ට අභියෝග කිරීමේ හෝ බලපෑම් කිරීමේ බලයක්ද ලබා ගත් බවට කතාබහක් තිබෙනවා. ඒ තත්ත්වය එදා බොහෝ දේශපාලනඥයන්, සල්ලිකාරයන්, බලපුළුවන්කාරයන් කළ දෙයක් බව රහසක් නොව (ඇත්තෙනම් එදා විතරක් නෙමෙයි අදත් ලෝකයේ කොතනත් වෙන්නේ මේ දේම තමයි). ජෝ කෙනඩිගේ නීත්‍යානුකූල විවාහයෙන් පිට අනියම් සබඳතා පුරාවෘත්ත වැනි යයි සදහන් කෙරෙනවා. මෙම අනියම් සබඳතා නිසා ඔහුගේ බිරිඳ නැතහොත් ජෝන් එෆ් කෙනඩිගේ මව වන රෝස් එලිසබත් මහත්මිය හට දරා ගන්නට වූ පීඩාවත් සදහන් කළ යුතුයි. එසේම මෙම මව හා පියාට තම දරුවන් නව දෙනාගෙන් පුතුන් තිදෙනෙකු හා දියණියක් තම ජීවිත කාලය තුලදීම මොලොව හැර යනු දකින්නට සිදුවීමත් ඛේදනීයයි. එයින් පුතුන් තිදෙනා සහ දියණිය හදීසි අනතුරු වලින් මිය යාම මෙන්ම වැඩිමහල් පුතු සහ එම දියණිය ගුවන් අනතුරු වලින් මිය යාමත් අනෙක් පුතුන් දෙදෙනා වෙඩිතැබීම් වලින් බිහිසුනු මරණ වලට මුහුණ දීමත් මෙම යුවල කෙසේ දරාගත්තා දැයි සිතා ගැනීමටත් නොහැකිය..1961 වසරේ දෙසැම්බරයේදී හටගත් අංශභාග තත්ත්වයක් මත ජෝ කෙනඩිගේ කතා කිරීමේ හැකියාව මුළුමනින්ම අහිමිව ගිය අතර ඔහු සිය තෙවන පිරිමි දරුවා වූ රොබට් කෙනඩිගේ අකල් වියෝවෙන් යන්තම් වසරක් ගෙවී ගිය තැන එනම් 1969 නොවැම්බර් 28 වනදා වයස අවුරුදු 81 දී මියගියේ රෝගී තත්ත්වයන් නිසාවෙන්මයි. එහෙත් ඔහුගේ බිරිඳ වන කෙනඩි සොහොයුරන් හා සොහොයුරියන්ගේ මව වන රෝස් එලිසබෙත් වයස අවුරුදු 104 ක් තරම් දීර්ඝ කාලයක් ජීවත්වීමේ වාසනාව ලැබූවා. ඇය 1995 ජනවාරි 22 වනදා මිය යන විට ඇයට තම දරුවන් අතරින් පස් දෙනෙකු ජීවතුන් අතර සිටිමේ භාග්‍යය ලැබී තිබූ අතර මුනුපුරු මිනිපිරියන් 28 දෙනෙකු හා ඔවුන්ගේ දරුවන්ද 41 දෙනෙකු ඇයට ඒ වන විට සිටියා..http://en.wikipedia.org/wiki/Rose_Kennedy.කෙනඩි පවුලේ දරුවන් අතරින් කවදා හෝ ජනාධිපති පුටුවේ වාඩිවනු ඇතැයි කාගෙත් බලාපොරොත්තුව තිබුනේ වැඩිමහල්ම පිරිම දරුවා වූ ජෝසෆ් කෙනඩි(කනිෂ්ඨ) මතයි. ඔහු දේශපාලනය වෙත නිරායාසයෙන්ම යොමුව තිබුනේ පියා සහ ඔහුගේ සීයා (මවගේ පියා) වූ බොස්ටන් නුවර නගරාධිපතිවරයා වූ ජෝන් එෆ් ෆිට්ස්ජෙරල්ගේ දේශපාලන කටයුතු නිසාවෙන්ම බන්නට ඇති. එපමණක් නොව ඔහුගේ සීයා පවා වරක පවසා තිබුනේ "මේ දරුවා කවදා හෝ ඇමරිකාවේ ජනාධිපතිබවට පත්වනු ඇති" බවටයි. එසේම ඔහුගේ දේශපාලනික ගමන්මගට සිය දරදඬු පියාගේ බලපෑම පවා අනවශ්‍ය වුයේ ඔහු සිය අනාගත දේශපාලනය පිළිබදව සිහින මෙන්ම සැලුසුමු තමා විසින්ම නිර්මාණය කර ගැනීමේ හැකියාවෙන්ද යුතුවූ නිසයි. ඔහු අප කතානායක "ජැක්" කෙනඩිට වඩා වයසින්ද වැඩිවූයේ වසර දෙකක් පමණයි. එසේම ඔහුද නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ අතර දෙවන ලෝක යුද සමයේදී ලුතිනන් වරයෙකුද වූවා. කෙසේවෙතත් ඔහුගේ මෙන්ම කෙනඩි පවුලේද බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් ඔහු දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයට ආසන්න කාලයකදී එනම් 1944 අගෝස්තු 12 වනදා මහා බ්‍රිතාන්‍යයේ East Suffolk හිදී ගුවන් අනතුරකින් මියගියේ අතිශය රහසිගත මෙහෙයුමක යෙදී සිටියදී. තවද ඔහුගේ සිරුරේ කොටස් වත් නැවත සොයා ගැනීමටද නොහැකිවූවා..http://en.wikipedia.org/wiki/Joseph_P._Kennedy,_Jr..http://en.wikipedia.org/wiki/John_F._Fitzgerald.ඔහුට සේම කෙනඩි පවුලේ තෙවන දරුවා වූ කැත්ලින් කෙනඩි හටත් මිය යාමට සිදුවූයේ ගුවන් අනතුරකින්. ඒ 1948 මැයි 13 වනදා ප්‍රංශයේදී ඇය ඇතුළු පිරිසක් ගමන් කළ ගුවන් යානය කුනාටුවකට හසුවීමෙන් අනතුරුව සිදූවූ අනතුරකින්..http://en.wikipedia.org/wiki/Kathleen_Cavendish,_Marchioness_of_Hartington.කෙනඩි පවුලේ සාමාජිකයන්ට ගුවන් අනතුරු මෙන්ම වෙඩි තැබීම් වැනි අවාසනාවන්ත සිදුවීම් වලින් මිය යාමට සිදුවීම ශාපයක් දැයි සිතෙන තරමට සුලභ දෙයක් වුයේ ඉන් වසර 51 ක් ඉක්ම ගිය තැන කෙනඩි පවුලේ ඉහළම බලාරොත්තුවක් වූ කෙනඩි ජනපතිගේ පුත්‍රයා වන ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද 1999 ජූලි 16 වනදා ඔහු, ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරියද සමග ගුවන් අනතුරකට ලක්ව අවසනාවන්ත ලෙස මිය යාම නිසාවෙනි..ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද පියා මෙන්ම කඩවසම් සහ උගත් තරුණයෙක්. ඔහු පිළිබදව කෙනඩි පවුලේ සියළු දෙනාම බලාපොරොත්තු තබා සිටියේ කවදා හෝ පියා මෙන්ම ඔහුද ධවල මන්දීරයේ පදිංචියට යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බවටයි. එහෙත් ඒ සිහිනය, බලාපොරොත්තුවද කවදාවත් ඉටු නොවන දෙයක් බවට පත් කරමින් ඔහු විසින්ම පැදවූ කුඩා ගුවන් යානය රාත්‍රීයේදී අනතුරකට ලක්වීමෙන් විනාශයට ලක්වන්නේ දින පහක් යනතුරු ඔවුන්ගේ සිරුරුවත් සොයා ගැනීමට නොහැකි වන ලෙසයි. අවසානයේ ජූලි 21 වනදා ඔවුන්ගේ සිරුරු මුහුදින් ගොඩගන්නේ කෙනඩි පවුලේ ජනාධිපති වීමේ සිහිනය ඉහලින්ම තබා සිටි තවත් සාමාජිකයෙකුගේ වියෝව සනිටුහන් කරමින්. මෙම අනතුර මුළුමනින්ම ගුවන් නියමුවා නැතහොත් කෙනඩි පුතුගේ වැරැද්ද නිසා බව අවසාන පරීක්‍ෂන වලින් තහවුරු වූවා. ඔහු ගුවන් යානා පැදවූවද ඒ සදහා අවශ්‍ය සියළු සුදුසකම් ඒ වනවිට සම්පූර්ණ නොකළ අයෙකු බවද හෙළි වූ අතර විශේෂයෙන් මේ නිසා රාත්‍රී කාලයේ ගුවන් යානා පැදවීම කිසිසේත්ම නුසුදුසු කාර්යයක් බවද සැලකියු යුතු කාරණයක් වූවා. පියා මෙන්ම පුතුද ඉතා අඩු වයසින් මරු තුරුලට යනවිට වයස අවුරුදු 38 ක තරුණයෙක්..එදා පියාගේ අවසාන කටයුතු සිදුවන දිනයේදී සිය පියාට අවසාන වශයෙන් ආචාර කරන දසුන කෙනඩි ජනපතිදුන්ගේ අවසාන කටයුතු කෙරෙන අවස්ථාවේ කැපී පෙනෙන මෙන්ම අතිශය සංවේදී සහ සංවේගජනකම අවස්ථාවක් බව ලෝකය පුරාම පිළිගැනුන කාරණයක්..පියාගේ මරණයේදී මෙන්ම කෙනඩි පුතුගේ වියෝවද ඉතාම ඛේදනීය මතකයක් කෙනඩි පවුලට එක් කරනු ලැබුවා. ඔහුගේ උපන්දිනය යෙදී තිබූ දිනයේ සිය පියාගේ අවමගුල් කටයුතු කරන දිනයද යෙදී තිබීම ඔහුට පසු කළෙක කෙසේ දැනෙන්නට ඇත්ද? 1963 නොවැම්බර් 25 වන දිනය ඔහුගේ ජීවිතයේ තෙවන උපන්දිනය යෙදී තිබූ දිනයද වේ..http://www.nydailynews.com/new-york/daily-news-photo-jfk-jr-s-salute-dad-haunts-article-1.1520240.අනාගතයේදී ඇමරිකානු ජනාධිපති බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු කෙනඩි පුතුගෙන් ගිලිහුනා සේම ඔහුගේ පියාගේ අභාවයෙන් අනතුරුව ජනාධිපතිවරුන් බවට පත්වීමේ කෙනඩිවරුන්ගේ බලාපොරොත්තු කෙනඩි සොහොයුරන් වෙතින්ද ගිලිහී ගියේ අවසානාවන්ත අන්දමිනුයි. ඒ අවස්ථා දෙකම කෙනඩි සොහොයුරන් වෙතින් ගිලිහී ගියේ ඔවුන්ගේම අතපසුවීම් වලින්දෝ සිතෙන තරමටම එක් අවස්ථාවක් ඛේදනීය වූ අතර අනෙක් අවස්ථාවේ යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු නොකිරීමේ වරදකට ඔවුන්ට එය ගිලිහී ගියෝය..ජනපති කෙනඩිගෙන් පසුව ජනාධිපති පුටුවට පත්වනු ඇතැයි බලාපොරොත්තු තබා සිටියේ රොබට් කෙනඩි කෙරේය. කීර්තිමත් නීති නිලධාරියෙකු වූ ඔහු සිය සොහොයුරාගේ ජනාධිපති කාලසීමාව තුල ඇමරිකානු නීතිපතිවරයා සේම ඉන් පෙර ද මාෆියා කල්ලිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් අවෙකු ලෙසද ප්‍රසිද්ධ කාරණයකි. විශේෂයෙන් ඇමරිකානු වෘත්තීය සමිති නායකයෙකු හා ඒ හරහා සාපරාධි ක්‍රියා ගණනාවකට සම්බන්ධ Jimmy Hoffa සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග ඇමරිකානු නීති ක්‍ෂෙත්‍රය පුරා දැඩි කතා බහට මෙන්ම එකල කැපී පෙනුන සිදුවීමක් විය. දැඩි පුද්ගලයෙකු වූ Jimmy Hoffa, රොබට් කෙනඩි මරා දැමීමට තරම් දැඩි වෛරයකින් සිටි පුද්ගලයෙකු ලෙසද සැලකෙන අතර රොබට් කෙනඩිට මරණීය තර්ජන එල්ල කිරීමට තරම් නිර්භයවූ අයෙකු බවද නොසලකා හැරිය හැකි කරුණක් නොවේ. එහෙත් මෙම තර්ජනවලට බියට පත් නොවූ රොබට් කෙනඩි සිය නීතිමය මැදිහත් වීම් වලදී මෙන්ම සිය සොහොයුරාගේ පාළන කාල සීමාව තුලදී ඔහු මුහුන දුන් අපකීර්තිමත් Bay of Pig මෙහෙයුම, බර්ලින් අර්බුදය, කියුබානු මිසයිල අර්බුදය සහ සොහොයුරාගේ ස්ත්‍රී ලෝලීත්වය නිසා පැනනැගුන ගැටළු වලදීද ඔහුව ගලවා ගැනීමට මුල් තැන ගත් පුද්ගලයන් අතර ප්‍රමුඛතමයා ලෙස අවිවාදයෙන් පිළිගත යුතුවේ. එසේම කියුබානු නායකයා ධූරයෙන් නෙරපා දැමීම සදහා වූ Operation Mongoose, Freedom operation වැනි අතිශය රහස් මෙහෙයුම් වල ප්‍රධානතම සැලසුම්කරුවෙකු හා නායකයෙකු ලෙසද ඇමරිකානු දේශපාලනය වෙත ඔහුගෙන් ඉටුවූ "සේවයද" ඇමරිකානුවන් කෙසේ අමතක කරන්නද?.බොබී කෙනඩි හෙවත් රොබට් සිය සොයොයුරාගේ අභිරහස් ජනක අකල් වියෝවෙන් පසුව 1964 දී නීතිපති ධූරයෙන් ඉවත්ව මැන්චුසෙට් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු ලෙස පත්වන අතර ජැක් කෙනඩිගෙන් පසුව ජනාධිපති බවට පත්වන ලින්ඩන් බී ජොන්සන්, තමන් මුල්තැනගත වියට්නාම් යුද්ධයේ පසුගාමී තත්ත්වය නිසාම දෙවනවර ජනාධිපති ධූරයට තරඟනොකරන බව පැවසීම නිසා 1968 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඩිමොක්ක්‍රැටික් පක්‍ෂය වෙනුවෙන් නාමයෝජනා ලැබීමට රොබට් කෙනඩි ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් 1968 ජූනි 5 වනදා රාත්‍රියේ කැලිෆෝරිනියාවේ ඇම්බැසඩර් හෝටලයේ පැවති රැස්වීමකින් අනතුරුව ඉන් පිටවීමට කෙටිමඟක් ලෙස ඔහු තෝරාගත් එහි කුස්සිය හරහා යාමට තීරණය කළේ ඔහු නොව මාරයා විය යුතුය. මන්ද ආරක්‍ෂක අංශපවා මෙම මඟෙහි නොයන්න යයි තරයේ පවසද්දී එය නොතකා හරිමින් මිනිසුන් වඩාත් ගැවසුන එම මාර්ගය ඔස්සේ යමින් සිටියදී, මිනිසුන් අතරින් පැමිණි 24 හැවිරිදි Sirhan Sirhan නම් පලස්තීන ජාතික කිතුනුවා විසින් .22 කැලිබර් රිවෝල්වරයකින් එල්ල කළ වෙඩි උණ්ඩ තුනකින් තවත් අනාගත කෙනඩි ජනපතිවරයෙකුගේ සිහිනය බොදකර දැමුවේය. මෙම පලස්තීන ජාතිකයේ රොබ්ට් කෙනඩිගේ ඊශ්‍රායල් හිතවාදීත්වය තරයේ හෙලාදුටු අයෙකු වූ අතර එයට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කළ බව පැවසීය. කෙසේවෙතත් ඔහුට, ජනපති කෙනඩි ඝාතකයා යයි "නිළ" පිළිගැනීම ලත් ලී ඔස්වල්ඩ් හාවිගේ ඉරණම නම් අත්පත් නොවූ අතර අදද ඔහු කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ ප්‍රාන්තයේ සිරගෙයක ජීවිතාන්තය දක්වා සිරබත් බුදිමින් සිටියි..දේශපාලනික වශයෙන් රොබට් කෙනඩිගේ මතයන් කෙරේ වූ වෛරය නිසා ඔහුව ඝාතනය කළ බව එරට වගකිවයුත්තන් පැවසුවද මෙම ඝාතනයටද එරට CIA සංවිධානයේ නම ඈදුනේය. එයට සාධාරණ හේතු ගණානවක් තිබුනි. ජනපති කෙනඩිගේ පාළන කාලයේ මුල් සමයේ පටන්ම CIA සංවිධානය හා ඔහු අතර සබඳතාවය හොද එකක් නොවීය. එයට හේතුව ආසර්ථක හා අපකීර්තිමත් Bay of Pig මෙහෙයුමයි. එයට එක් අතකින් සාධාරණත්වයක්ද තිබේ. මන්ද එය එක්කෝ ක්‍රියාත්මක නොකර සිටීමට කෙනඩි ජනපතිට හැකියාව තිබුනි. එහෙත් ඔහු එම අවස්ථාවේ එයට ප්‍රතිරෝදයක් නොදක්වා මෙහෙයුමට ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් සහය දැක්වීම වැලැක්වීම මගින එම මෙහෙයුමට සම්බන්ධ විශාල පිරිසක් මියගොස්, තුවාල ලබා හෝ සිරභාරයට පත්වීමෙන් කෙනඩි සේම ඇමරිකානු පාලන තන්ත්‍රයම නින්දා සහගත තත්ත්වයකට පත්වීය. එයින් පසුව CIA ප්‍රධානියා වූ Allen Dallus හට සිය ධූරයෙන් නික්මයාමට සිදුවීම මෙන්ම CIA සංවිධානයට අයිසන්හවර් පාළන කාලය තුල ලැබුන තත්ත්වය සැලකිල්ල නොලැබීම නිසා එක් අතකින් CIA සංවිධානය කෙනඩි කෙරේ යහපත් සිතකින් පසුනොවීය. මේ නිසා ජනපති කෙනඩි ගේ සමීපතමයෙකු වූ ඔහුගේ සොහොයුරා කෙරේ වුවද ඔවුන්ගේ ආකල්පය එතරම්ම යහපත් වෙතැයි සිතිය නොහැකිය. තවත් අතකින් කෙනඩි ඝාතනයටද CIA සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට මතයක් තිබුනි. එසේ නම් ආන්දෝලනාත්මක කරුණු වලින් ගහණ වූ එම ඝාතනයේ සුලමුල රොබට් කෙනඩි යම් හෙයකින් ජනපති වුවහොත් සොයනු ඇතැයි බියක් CIA සංවිධානය මෙන්ම එම ඝාතන ක්‍රියාවලියට සම්බන්ධ වූවන් වෙතොත් ඇතිබවට අනුමාන කළ හැකිය..තවත් කරුණක් වන්නේ ඇතැම් මූලාශ්‍ර වල සටහන් වන පරිදි (මෙය පිළිබදව තවම ගැඹුරින් මා අධ්‍යයනය කර නොමැති නිසා එකහෙළාම පැවසිය නොහැකිය) රොබට් කෙනඩි ඝාතනයට සම්බන්ධ වූ ඉහත කී තැනැත්තා එම අවස්ථාවේ සිහිවිකල්වූ තත්ත්වයේ පසුවූ බවටද මතයක් තිබේ. මෙහි ඇති අපූරුම කාරණය වන්නේ මෙම අවධියේ CIA සංවිධානයද මිනිසුන් මනස සිතුවිලි වලින් තොරකර හෝ මනස විකල් කර එහි ක්‍රියාකාරීත්වය කෙබද වනු ඇත්දැයි පරීක්‍ෂන කරමින් තිබූ බව පසුකාලීනව හෙලිවීමයි. මේ කුමන ආකාරයකට, කුමන සම්බන්ධතාවය මත හෝ සිදුවූවත් අවසානයේ සිදුවූයේ උගත්, හා ඇමරිකාවේ කැපී පෙනුනම පවුලක තවත් සාමාජිකයෙකුගෙන් තවත් සේවය සිදුවීමට පෙරාතුව නික්ම යාමයි. රොබට් කෙනඩි මිය යනවිට වයස අවුරුදු 42 ක් වූවා පමණකි..තවත් කෙනඩි සාමාජිකයෙකු ජනාධිපති බවට පත්වනු ඇති බවට විශ්වාසය තිබුනේ කෙනඩි පවුලේ ලාබාලතම් පිරිමි සාමාජිකයා වූ එඩ්වඩ් කෙනඩි හෙවත් ටෙඩ් කෙනඩි පිළිබදවයි..1932 දී උපන් ටෙඩ් මියගියේ 2009 වසරේ අගොස්තු 25 වනදායි. ඒ මොලයේ හටගත් පිළිකා තත්ත්වයක් උත්සන්න වීමෙන්. ටෙඩ් කෙනඩි මුලින්ම සෙනෙට් මණ්ඩලයට පත්වූයේ 1962 දී ඒ ඔහුගේ වැඩි මහළු සහෝදරයා වූ ජැක්, ජනාධිපතිධූරයට පත්වූ නිසා ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් පැවැත්වූ විශේෂ මැතිවරණයට ඉදිරිපත්වීමෙන්. ඔහුත් නියෝජනය කළේ මැසයුචෙට්ස් ප්‍රාන්තයම තමයි. එයින් පසු හත් වතාවක්ම මෙම ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් මණ්ඩලයට පත්වූ ඔහු වසර 47 ක් තරම් දීර්ඝකාලයක් එම ධූරය හොබවමින් සිටියා. ඔහුගේ චතුර කථිකත්වය, සිය වැඩිමහළු සොයුරු ජැක් මෙන් සිත් ඇදගන්නා සුළු භාවය මෙන්ම දේශපාලනයේ ඇති සහජ නිපුණතාවයත් ඔහු මෙතරම් කාලයක් දේශපාලන ලෝකයේ වැජබෙන්නට කෙනඩි පරම්පරාවට අයිතිවීම හැරෙන්නට තවත් හේතුවක් වූවා. දේශපාලනයට පෙර සුළු කාලයක් එරට යුද හමුදාවේද, ඉන්පසු නීතිඥයෙකු ලෙසද කටයුතු කළ ඔහු සම්බන්ධයෙන් දූෂමාන තොරතුරක් වූයේ සිය සහෝදරයාගේ ජනාධිපති සටන අවස්ථාවේ එරට මාෆියා සංවිධානවල සහයද ලබාගත් බවටයි. කෙසේවෙතත් කෙනඩි පරපුරේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව එම සංවිධාන සමග සබඳතා පැවැත්වූ බවට තිබෙන සාක්‍ෂි බොහෝමයක් තිබෙනවා. තවද කෙනඩි ජනපති පවා වක්‍රව හෝ මාෆියා සංවිධාන සමග සම්බන්ධතාවක් තිබුනේදැයි යන සැකය මතුවෙන්නේ ඔහු හාදවී සිටි Judith Campbell නම් තැනැත්තිය, ඒ අවධියේ ඇමරිකානු මාෆියා සංවිධානවල නායකයන්ම සිටි Sam Giancana සහ John Roselli යන අය සමගද සබඳතා පවත්මින් සිටි තැනැත්තියක් නිසයි..ටෙඩ් ගේ ජනාධිපති සිහිනයද බිදවැටුනේ ඔහුගේම වරදකින් කිව්වත් වරදක් නැහැ. 1969 ජූලි 18 වනදා රාත්‍රිය ඔහුගේ දෛවය තීරණය කළ දිනයවූවා නිසැකයි. එදින ඔහු Martha's Vineyard Cappaquiddick දූපතේ පැවැත්වූ සාදයකින් අනතුරුව, ඊට පෙර වසරේදී නැසී ගිය ඔහුගේ සොහොයුරු රොබට් කෙනඩිගේ ජනාධිපති සටනටද ක්‍රියාකාරීව සහභාගීව සිටි Mary Jo Kopechne නම් 28 හැවිරිදි තරුණිය සමග මොටර් රථයක් ධාවනය කරමින් සිටියද එය හදිසි අනතුරකට ලක්ව පෙරලෙන අතර ඔහු කරන්නේ අනතුරට පත් රථය හා එම අනතුරින් බරපතල තුවාල ලබා මරණයට පත්වන තරුණියද හැර දමා පළා යාමයි. ඊට පසුදින ඔහු අදාල බලධාරීන්ට මෙය සැල කර සිටියත් අදාල අවස්ථාවේ ශිෂ්ඨසම්පන්න පුරවැසියෙකු සේ තමන් එම ස්ථානයේ රැදී නොසිට පලා ගොස් එයින් තරුණියට යම් වෛද්‍ය ආධාරයක් ලබාදී ඇය රැකගැනීමට හෝ උත්සාහයක් නොදැරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ අතර අත්හිටවූ මාස දෙකක සිර දඬුවමකටද ඔහු යටත් කරනු ලැබුුවා..මේ සිද්ධිය පිළිබදව ඇමරිකානු මහජනතාව මෙන්ම රටේ වැදගත් පාර්ශවයන් රැසක් මනාපයක් නොදැක්වූ අතර අදාල සිද්ධිය අරඹයා විවිද වාර්තා වැඩසටහන් මෙන්ම පොත්පත් පවා ලියවුන බව සදහන්ය. ටෙඩ් කෙනඩි විහින් කරගත් මෙම නොහොබිනා වැඩේ නිසා ඔහුට ජනපති පුටුවේ වාඩිවීමට වැඩි අවස්ථාව තිබූ 1972 ජනාධිපතිවරණය ගිලිහී ගියා. මන්ද ජනතාවගේ අප්‍රසාදයට ලත් අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම දැනදැන පරාජයට පත්වීමක් බව මුහුකුරා ගිය මිනිසුන් සිටිනා ඇමරිකානු දේශපාලනය තුල අමුතුවෙන් සිතන්නට, කියාදෙන්නට ඕනෑදෙයක් නොවේ. යම් හෙයකින් ඔහු මෙම වින්නැහිය සිදු නොකර ඉදිරිපත්වූවා නම් කෙනඩි නාමය කෙරේ ඇමරිකානු ජනතාවගේ ඇති බැදීම නිසා ජයගැනීමට තිබූ ඉඩකඩ බොහෝවිට තිබුනි..1972 ජනාධිපතිවරණයෙන් අයිසන්හවර් ජනපතිගේ කාලයේ උපජනාධිපති ධූරය ඉසිලූ රිචඩ් නික්සන් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඔහුගේ ඡන්ද ප්‍රතිශථය 60.7% ක් විය..එහෙත් කෙනඩි පවුලේ එක් බලාපොරොත්තුවක් තවමත් ඉතිරිව තිබේ. ඒ ජනපති කෙනඩිගේසහ ජැකී කෙනඩිගේ දරුවන් අතරින් ජීවතුන් අතර සිටින එකම සාමාජිකාව වන කැරොලයින්කෙනඩි මහත්මිය පිළිබදවයි..ඇය දැනට ජපානයේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන අතර අනාගතයේ ඇමරිකාවේ ජනාධිපතිධූරයකට ඉදිරිපත් වේදැයි තවමත් මතපළ කර නොමැත. කෙසේවෙතත් 2008 සහ 2012 ජනාධිපතිවරණ වලදී තමන්ගේ පවුලේ අය නියෝජනය කළ ඩිමොක්‍රැටික් පක්‍ෂයේම අපේක්‍ෂකයා වූ බැරැක් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට ඇය සහය දුන්නාය..මෙම ලිපිය දීර්ඝ බව තවදුරටත් වැඩිවන නිසා ඊලඟ ලිපියේදී මේ ලිපියටම අදාල තවත් කාරණා කතාකරන්නට තබා දැනට නවතිමි.....ලියුවේ සත්සමුදුර at 12:53 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය.18 comments:.samakayawateJanuary 1, 2014 at 4:42 PM.ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා......සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 2, 2014 at 8:43 AM.යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි....Delete.Replies.Reply.Reply.vicharakaJanuary 1, 2014 at 10:21 PM.කෙනඩි පවුලේ වෘතාන්තය ලෝක ඉතිහාසයේ අතිශයින් ඛේදජනක මෙන්ම විශ්මයජනක විස්තරයක්. තවමත් නොවිසඳුණු අබිරහස් මාලාවක්ද එහි ඇතුලත්. මේ දීර්ඝ කතාව පිළිබඳව ඔබ ඉදිරිපත් කර තිබෙන මේ සංක්ෂිප්තය ඉතා ඉහලින් අගය කරනවා..දිනේෂ් මට ඔබේ ඊ මේල් ලිපිනය දෙනවද..ReplyDelete.Replies.සත්සමුදුරJanuary 2, 2014 at 8:44 AM.ඔව් සැඟවුන සහ සැඟවූ කාරණා බොහෝමයක් කෙනඩි පවුල තුල තිබෙනවා. ඇතැම්විට අදටත් කෙනඩි ඝාතනයේ සුලමුල හෙළිනොවන්නට එයත් හේතුවක් වන්නට ඇති....dguruge@gmail.com.Delete.Replies.Reply.Reply.DineshJanuary 2, 2014 at 12:04 AM.කෙනඩි කතාව තාමත් සමහරක් දේවල් අභිරහසක්.. කොච්චර තොරතුරු දැන ගත්තා වුනත් කෙනඩි කතාමාලාවේ විස්තර තවමත් දැන ගන්න ඉතුරු වෙලා තියෙනවනේ...ඊළග ලිපිය එනකන් බලාගෙන ඉන්නවා...ReplyDelete.Replies.සත්සමුදුරJanuary 2, 2014 at 8:45 AM.තවත් ලිපි කිහිපයක්ම බොහෝවිට මේ සම්බන්ධයෙන් ලියන්නට සිදුවේවි......Delete.Replies.Reply.Reply.ItalyDilanJanuary 2, 2014 at 1:38 AM.මම අහලා තියන විදිහට කෙනඩි පවුල කියන්නේ රහස් ගොඩක් සගවාගෙන උන්නු ඒ රහස් නිසාම ජීවිත විනාශ කර ගත්තු කට්ටියක්,කෙනඩි පුතාගේ ගුවන් අනතුර සම්බන්දයෙනුත් නොයෙක් කතා තියනවා නේද?.සුභ නව වසරක් දිනේශ් අයියේ.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 2, 2014 at 8:46 AM.යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතන අතරේම කෙනඩි පවුල ගැන කියනවානම් ඔවුන් සතුව බලය, ධනය මෙන්ම රහස්ද බොහෝමයක් සතුවුනා. වැඩිමහල් පුතුගේ ගුවන් අනතුර පිළිබදවත් අභිරහස් තිබෙන බව මමත් අසා තිබෙනවා.....Delete.Replies.Reply.Reply.RaviJanuary 2, 2014 at 1:26 PM.සුබ නව වසරක් දිනේෂ්!!.දෙදහස් දහ හතරේහිදීත් ඔබට මෙතෙක් කරගෙන ආ සත්කාර්‍යය වඩාත් සාර්ථකව කරගෙන යාමට කාලය සහ අවස්ථාව ලැබේවායි ඉත සිතින් පතන්නෙමි..ReplyDelete.Replies.සත්සමුදුරJanuary 2, 2014 at 3:05 PM.ඔබගේ සුභාෂිංශන ඉතා සතුටින් භාරගන්නා අතරම ඔබටත් සිදුකරන්නට බලාපොරොත්තුවන්නාවූ සියළු යහපත් වැඩකටයුතු සාර්ථක වේවායි පතමි....Delete.Replies.Reply.Reply.රූJanuary 3, 2014 at 6:29 AM.අවුරුද්දේ ඉස්සල්ලම කියවන්න ලැබුණු බ්ලොග් පෝස්ට් එක,,ඉතා වැදගත් කරුණු ටිකක් දන ගන්න ලැබුණා..සුබ පැතුම් නව වසරටත් ඔබගේ බ්ලොගය ටත්.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 3, 2014 at 9:16 AM.ඔබටත් සුභ අළුත් අවුරුද්ද්ක ප්‍රාර්ථනා කරමි.....Delete.Replies.Reply.Reply.සෙන්නාJanuary 3, 2014 at 8:17 AM.බොහොම ස්තූතියි දිනේශ්.. අපූරු තොරතුරු ගොන්නක්.. මටත් හිතෙන්නෙ අවාසනාවක් ඔවුන් පස්සේ පන්නනවදෝ කියලා. බෲස්ලි පවුලටත් ඔහොම අවාසනාවක්/සාපයක් තියනවා කියනවා නේද ?.ඉතුරු ටිකත් ඉක්මනට දාමු..ReplyDelete.Replies.සත්සමුදුරJanuary 3, 2014 at 9:18 AM.ඔව් කෙනඩි පවුල ගැන වගේම බෲස්ලි පවුල ගැනත් මේ ආකාරයෙන්ම ශාපයක් ගැන කියවෙනවා. කොහොමටත් කතාවක් තිබෙනවානේ "ඉක්මනට පිපෙන මල් ඉක්මනට පරවෙනවා කියලා" අඩු ජීවිත කාල ගත කළත් මේ පවුල් දෙකේම අය තවත් වසර ගණනාවක් ආවර්ජනය කරන්න තියලා ගිය දේවල් බොහෝමයි....Delete.Replies.Reply.සෙන්නාJanuary 3, 2014 at 1:27 PM.දිනෙෂ්, පුළුවන්නම් බෲස්ලී ගැනත් ලියමු. හැමෝම කැමතිවෙයි ඔහු ගැන දැනගන්න..Delete.Replies.Reply.සත්සමුදුරJanuary 3, 2014 at 4:43 PM.පාසල් කාලයේ බෲස්ලි ගැන තොරතුරු මොනවද ඒ හැම දේම එකතු කළා .දැන් නම් එම තොරතුරු නැති වුනත් මතකයෙන් වුවත් ඔහු ගැන ලිවිය හැකියි.එහෙනම් අනාගතයේදී ඔහු ගැනත් ලියන්නම්....Delete.Replies.Reply.සෙන්නාJanuary 3, 2014 at 4:54 PM.බොහොම ස්තූතියි. බලාසිටිමි..Delete.Replies.Reply.Reply.හරීJanuary 8, 2014 at 4:30 PM.sthuthiyi adai kiyewwe.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).▼ 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).▼ January (3).ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල ය....සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජී....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක....► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටුක සත්‍ය පෙන්වන වියට්නාම් යුද චිත්‍රපටිය - Platoon.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Sunday, May 22, 2011.යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටුක සත්‍ය පෙන්වන වියට්නාම් යුද චිත්‍රපටිය - Platoon.යුද්දයක කටුක අමිහිර බව අමුතුවෙන් කියා දිය යුතු නැහැ. ලෝක සිනමාවේ යුද්දය පසුබිම් කොට තැනූ තාත්වික නිරූපනයන් රැගත් සාධනීය මට්ටමේ චිත්‍රපටි‍ බොහෝමයක් සම්මානයෙන් පවා ගෞරව බුහුමන් ලැබීමට භාගය සම්පන්න වූ අතර වියට්නාම් යුද්දය අලලා නිමවනු 1986 දී තිරගත වුන Platoon චිත්‍රපටියද ඒ හොද චිත්‍රපටි ගොන්නට වැටෙන සිනමා නිර්මානයක්..මෙහි ඇමරිකානු හමුදා සිය සාහසිකත්වය සතුරු වියට්කොන්වරු මත පමණක් නොව අහිංසක වියට්නාම් වැසියන් එල්ල කොටද මුදා හරින බව දැක ගත හැකි අතරම යුද්දයකදී සිය පාර්ශවයේ අය අතර ඇති නොහද නෝක්කඩු පරිමසා ගැනීමට රහසේම පලිගන්නා අකාරයද මෙහි දැක ගත හැකි කටුක සත්‍යයක්. ඒ සිදුවීම් සියල්ල අනුවේදනීය ආකාරයෙන් නිරූපනය කර ඇති මෙම Platoon චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 4 කටද හිමිකම් කීමට සමත්වූවා..මෙම සිනමා නිර්මානය හොලිවුඩයේ දක්‍ෂ අධ්‍යක්‍ෂකවරයෙකුවන Oliver Stone ගේ අධ්‍යක්‍ෂනයක් වන අතර කතාවද ඔහු විසින් ලියන ලද්දක්. ‍එය හොදින් පෙන්නුම්කරමින් මෙම චිත්‍රපටියේ අධ්‍යක්‍ෂනයට හිමි ඔස්කාර් සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලද අතර හොදම තිරරචනය සදහා නිර්දේශ ලබා ගැනීමටද ඔහු සමත්වුනා..එසේම හොදම චිත්‍රපටිය, හොදම සංස්කරණය හා හොදම ශබ්ද පරිපාලනයට හිමි සම්මාන මෙම නිර්මානය හිමිකරගත් අතර තවත් අංශ කිහිපයක් සදහා නිර්දේශ ලබන්නටද හේතුපාදක වූන බව සදහන් කල යුතුමයි..මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවාලෙස හැත්තෑව දශකයේ සිනමාවට පැමිණී Charlie Sheen විසින් රඟපාන අතර.Charlie Sheen.සහය නළුවන්ලෙස තවත් හැත්තෑව දශකයේ සිනමාවට ප්‍රවිශ්ඨ වූ Tom Berenger.Tom Berenger.හා අසූව දශකයේ සිනමා ආගමනය සිදුකල Willem Dafoe විසින් අති දක්‍ෂ ලෙස රඟ දක්වන ආකාරය මෙම චිත්‍රපටිය නැරඹුවේ නම් ඔබට දැක ගත හැකියි..Willem Dafoe.තරමක් පැරණි චිත්‍රපටියක් වූවත් අතිශය විශිෂ්ඨ නිර්මානයක් වන මෙය imdb සිනමා දර්ශක‍යට අනුව ලෝකයේ නිපදවා ඇති හොදම චිත්‍රපටි 250 අතුරින් 144 වන ස්ථානය මෙයට ලබාදී ති‍‍බේ..http://www.imdb.com/title/tt0091763/.ලියුවේ සත්සමුදුර at 11:14 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: සිනමාව.8 comments:.රවාMay 22, 2011 at 11:48 PM.ඉතාම අපුරු චිත්‍රපටියක්.. නමුත් කි දෙනෙක් මෙය ඉවර වනතුරු නරඹාවිද යන්න ප්‍රශ්නයක්.. මම ආසම විත්‍රපටියක්....මෙකත් එක්කම courage under fire... කියන චිත්‍රපටිය මිට වැඩිය පටු සිමාවක් තුල විශාල පරාසයක් (resolution) ඉදිරිපත් කරන චිත්‍රපටියක්.. කොහොම උනත් මෙක අපුරු චිත්‍රපටියක්....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 23, 2011 at 8:33 AM.@රවා - මම තවම courage under fire චිත්‍රපටිය නම් නරඹලා නැහැ. ඒ ගැනත් දැනුවත් කලාට ස්තූතියි!.ReplyDelete.Replies.Reply.``` Outsider```May 23, 2011 at 9:00 AM.මේක බැලුවද කියල මතක නෑ. ආයෙ සැරයක් හොයාගෙන බලන්න ඕනි. යුද්ධ චිත්‍රපට වලට තියෙන අකමැත්ත නිසා ගොඩක් වෙලාවට හොඳ තේමාවක් තියෙන ඒවත් මග හැරෙනව. මොකද ඇමෙරිකානු යුධ චිත්‍රපටවලින් බහුතරයක්ම වැඩකට නැති ඇමෙරිකානුවන් පිම්බෙන්න කරපු‍ දේවල් කියල පේනව බලද්දි..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 23, 2011 at 9:59 AM.@``` Outsider``` - මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ ගුණ ගැයීමක් සිදුවෙන්නේ නැහැ. ඔවුන්ගේ ම්ලේච්ඡත්වයත් යම් විදියකින් කියා පානවා. හැබැයි මේක සතුට දනවන විනෝදජනක නිර්මානයක් නම් නෙවෙයි....ReplyDelete.Replies.Reply.උදාරMay 23, 2011 at 3:24 PM.මගේ අදහස අනුව නම් මේක නොබලපු හැමෝම බැලිය යුතු වගේම බලපු අයත් ආපහු සැරයක් බලන්න ඕන ෆිල්ම් එකක්..ReplyDelete.Replies.Reply.පන්සල් හංදියMay 23, 2011 at 3:45 PM.මම අහලා තියනවා ඔය ෆිල්ම් එක ගැන ... ඒත් තවම බලලා නැහැ .....ReplyDelete.Replies.Reply.Buddhi May 23, 2011 at 4:21 PM.පිටස්තරයාගේ මතේ මමත් ඉන්න හින්දා මටත් මේ වගේ ඒවා මඟ ඈරෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒත් උඔ කිව්වම නොබලා කොහොමද?.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 23, 2011 at 5:49 PM.@උදාර, කල්හාර දිසානායක & බුද්ධි - මේක හොද චිත්‍රපටි නරඹන සෑම සිනමාලෝලියෙකුම නැරඹිය යුතු නිර්මානයක් බව කිවයුතුයි. විනෝදයක් නම් මෙය බලන විට නැතිවේවි හැබැයි මොලයට වගේම හදවතටත් දැනේවි....ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: April 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Thursday, April 26, 2012.Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop & other sutff invented.අද කාලේ නම් ඡායාරූපයක් අවම දක්‍ෂතා මත වුවත් කැමරාවට නතුකරගෙන පස්සේ ඒක ඕන ඕන විදියට වෙනස් කරගන්න පහසුකම් සෑහෙන්න තියෙනවා. ඒ Digital Camers, Computes සහ Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට මුත්තල වෙන්න ඕන) මේ අළුත් ගැජට් නැතුවම වැඩේට බැහැල තියෙනවා. හොද වෙලාවට මේ උදාහරණ විදියට පෙන්නන පින්තූර ටිකක් දේශපාලනේට සම්බන්ධ නිසා හොදයි. ඒත් කියන්න බැහැ එදා හිටිය හාදයොත් කාන්තාවන්ගේ හිස සහ කද වෙනස් අයගේ හිස සහ කද වලට බද්ද කිරීමේ කිරිමේල් වැඩත් කරාද කියන එකනම්. මෙන්න උදාහරණ කිහිපයක්ම ;.මෙන්න මේ පින්තූරය තමයි දැනට බොහෝ මූලාශ්‍රවල තිබෙන පැරණිම මෙසේ වෙනස් කල පින්තූරය. 1860 දී මේ පින්තූරය එසේ මෙසේ කෙනෙක් වෙනුවෙන් නෙමෙයි වෙනස් කර තිබෙන්නේ. ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලින්කන් වෙනුවෙන්. මේ අයිකොනික් පින්තූරයේ ලින්කන්ගේ මූන සවිකර තිබෙන්නේ ඇමරිකාවේ 7 වන උපජනාධිපති සහ ලින්කන් ජනපති පුටුවට පත්වීමට පෙරාතුවම මිය ගිය John Calhoun ගේ ශරීර කොටසටයි..මේ පින්තූරය තමයි ඒ විදියට වෙනස් කරන ලද දෙවන පැරණිම පින්තූරය මට ලැබුන. කාලය 1864 දී, ඒ ඇමරිකානු සිවිල් යුද්දය සමයේදී. මේ අශ්වයාගේ පිටේ නැගල උජාරුවෙන් ඉන්න මහත්මයා තමයි General Ulysses S. Grant..මේ තරුපටි ගහපු ඒ වගේම ඇමරිකාවේ 18 වන ජනාධිපතිවරයාත් වූ මෙම මහත්මයාගේ මේ පින්තූරේ හදපු එකක් කියලා පස්සේ කාලෙක ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය කරන ලද ගවේෂනයකදී සොයාගත්තා..සැබවින්ම කියනවා නම් පින්තූර තුනක් එකට එකතු කිරීමෙන් තමයි මේ පින්තූරය හදලා තියෙන්නේ. මුහුණු අරගෙන තියෙන්නේ මේ පළමු පින්තූරයෙන්. දෙවන පින්තූරයේ අශ්වයා සහ එහි සිටින පුද්ගලයා Major General Alexander M. McCook ඔහුගේ මුහුණට පළමු පින්තූරයෙන් මුහුණ අරගෙන බද්ද කරල පසුබිම විදියට යොදා ගෙන තිබෙන්නේ තෙවන පින්තූරයයි..මෙන්න ඇමරිකන්කාරයන්ගේ තවත් පින්තූර වෙනස්කිරිල්ලක්‍. මේක කරල තියෙන්නේ 1865 දී. ඒ කාලේ ජනරාල්වරුන්ගේ රැස්වීමකට එන්න බැරි වුන තවත් ජනරාල් කෙනෙක් එක්කිරීම තමයි කරල තියෙන්නෙ. මෙන්න ඒ පින්තූරත්.ඔන්න ඉතින් සමහරු දතමැද ගෙන ඇති ඇමරිකන්කාරයෝ පට්ටගහන්න., උන් එදා ඉදලම කරන්නේ හොර වැඩ කියලා. නැහැ, නැහැ මෙන්න සමාජවාදී සෝවියට් දේශයත් හරි හරියට Photo editing වැඩ කරල තියෙනවා. මෙන්න සාක්කි -.අපි දැනගෙන හිටියේ නැති වුනාට සෝවියට් දේශයේ අසහාය නායක ලෙනින් සහෝදරයාත් පින්තුර Edit කරන වැඩේට අතගහල තියෙනවා. මුල් පින්තූරයේ තමන්ගේ පිටුපසින් සිටිය ගොවින් පස්සේ පින්තූරයේ නැහැ. මොකද ඔවුන්ට සෑහෙන්න සල්ලි තිබනුත් සමාජවාදී න්‍යාඥ යටතේ ඒවා දුප්පතුන්ට දීමට අකමැති වීම නිසා ඔවුන් ජීවිත්වීමේ අයිතියෙන් ඉවත් කරනවාත් සමග පින්තූරයෙනුත් ඉවත් කරන්න පසුබට වෙලා නැහැ‍. හැබැයි මේකේ සිටින ඇතැම් කුඩා දරුවන් පවා ඉවත්කලේ වැරදීමකින්දැයි නොදනිමි..මේ ලෙනින් කතා කරන රැස්වීමක්. ඒත් සෙනඟ එච්චර නැහැ. ඒ කාලේ ඉතින් බස්වලින් සෙනඟ අද්දන්නයැ. ඉතින් මේ පින්තූරය පත්තරේ පලවෙන කොට සෙනඟ නොහිටියයි කියල මිනිස්සු දැන ගත්තොත් ලැජ්ජාවටද කොහේද පස්සේ සෙනඟ හිතාගන්නවත් බැරිගානක් දාල වෙනස් කරලා..1930 දී පමණ වෙනස් කරන ලද පින්තූරයෙන් මුලින්ම ස්ටාලින් ලග හිටිය කෙනා පස්සේ එයින් ඉවත්කරල. බොහෝවිට ස්ටාලින්ට මේ මනුස්සය එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙන්න ඇති. හැබැයි ඉතින් කණගාටුවට කාරණේ තමයි බොහෝවිට මෙලොවිනුත් ඒ වන විට මේ පුද්ගලයා ස්ටාලින්ගේ අනින් ඉවත් කරල තියෙන්න ඇති..ස්ටාලින් ඉන්න මේ පින්තූරයේ දෙන්නෙකුටත් වෙන්න ඇති දේ අමුතුවෙන් කියන්න ඕනැ නැහැ..ස්ටාලින්ගේ හැටි දන්න කෙනෙක් ඔහුත් එක්ක විහිළු කරන්න යනවද? මේ වම්පස පින්තූරයේ දැක්වෙන පුද්ගලයා ස්ටාලින්ට මොනපැත්තෙන්ද යන්නේ කියන එක පෙන්වනවා. ස්ටාලින් වගේ උත්තරීතර පුද්ගලයෙකුට පාර පෙන්වන්න මේ වගේ හාල්පාරුවෙකුට පුළුවන්ද? ඒබව සනාථ කරමින් පසුව පලකෙරුන දකුණු පැත්තේ සේයාරුවෙන් ඔහුව ඉවත්කර ඇත..ස්ටාලින් විතරක් නෙමෙයි. ‍මාවෝ සහෝදරයත් ඒවගේ දේවල් වලට අතගහල තියෙනවා. 1936 දී මේ දකුණු පැත්තේ පින්තූරයේ වම් පැත්තේ ඉන්න හාදයා පස්සේ පින්තූරවල නැහැ. මාවෝ එක්ක මොකක් හරි ආරෝවක් තියෙන්න ඇති. ඒකට දුන්න පනිෂ්මන්ට් එක තමයි මේ..1937 ට අයත් යැයි කියන මෙම පින්තූරය නම් තරහක් නිසා එක් පුද්ගලයෙක් ඉවත් කලා යයි සිතන්න අමාරු එකක්. මොකද හිට්ලර් සහ ගොබෙල්ස් යන දෙදෙනාම සිටින මේ පින්තූරයෙන් පසුව ගොබෙල්ස් ඉවත් කිරීම හිතා ගන්න බැරි කාරණයක්..1939 පින්තූරයක් වන මෙහි වම් කෙලවරේ සිටින්නේ කැනඩාවේ අග්‍රාමාත්‍ය William Lyon, එතකොට මැද සිටින කාන්තාව එලිසබෙත් රැජින. එතකොට දකුණු පසින් සිටින්නේ මෙතන ඉන්න ප්‍රභලම කෙනා ඒකින්නේ මහා බ්‍රිතාන්‍යයේ VI වන ජෝර්ජ් රජතුමා. ඒත් මේ අගමැති මාරම මිනිහෙක් තමන්ගේ මැතිවරණ කටයුත්තකට මේ පින්තූරය යොදා ගැනීමට රජ්ජුරුවෝ ඉවත් කරල රැජින විතරක් පින්තූරයේ ඉතිරි කරල. මේකෙන් මොනවගේ අදහස් දෙන්න මිනිහ හිතාගෙන හිටියද දන්නෑ....මේ තියෙන්නේ තවත් සෝවියට් photo editing වැඩක්. මුල් පින්තූරයේ සටන් පාඨ හරියට පේනනේ නැති නිසා අළුතින් සටන් පාඨ එක් කරල විතරක් නෙමෙයි. අහල තියෙන කඩේක බෝඩ් එකේ තියෙන රන් සහ රිදී ආලේපිත ඔරලෝසු ගැන තියෙන වැකිය ඉවත් කරල "ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න" කියන වැකිය එක්කරල..මෙන්න 1942 පින්තූරයක්. මේකේ සිටින අසරුවා අපි දන්න කෙනෙක්. ඒ බෙනීටෝ මුසලෝනි. ඉතින් ඒවගේ කෙරුම්කාරයෙකුට අශ්වයා පාලනය කරගන්න එක මහදෙයක්ද? ඒ නිසා මුල් පින්තූරයේ සිටින අසු පාලනය කරන්නා ඉවත් කරල වෙන පින්තූරයක් ප්‍රසිද්ධ කළා..මුසලෝනි ගැන යමක් දැන ගන්න ඕන නම් මෙතනට ගියොත් පුළුවන් -.මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල්.මෙන්න තවත් අයිකොනික් ඉමේජ් එකක්. සෝවියට් හමුදා විසින් බර්ලිනයට ඇතුළු වී හිට්ලර් පරාජය කලාට පසු එහි පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලේ වහලට නැගී සෝවියට ධජය ඔසවන අවස්ථාවේ එම සෙබලාට සහය වන අනෙක් සඟයාගේ අත් දෙකේම ඔරලෝසු දෙකක් තිබිල තියෙනවා. Ogoniok කියන සඟරාවේ මෙය පලකරන්න යන අවස්ථාවේ එම සඟරාවේ කතෘතුමා තැනට සුදුසු නුවන භාවිතා කරල දකුණු අතේ ඔරලෝසුව පොඩි editing පාරක් දාලා ඉවත් කරලා..මොකද මිනිස්සු අත් දෙකටම ඔරලෝසු බදිනවයි? ඒ අතේ තිබිල තියෙන්නේ හොරකම් කල ඔරලෝසුවක් මොකද කොහොමත් සෝවියට් සොල්දාදුවෝ ජර්මනියට ඇතුළු වෙන අවස්ථාවේ ඔරලෝසු තිබිල නැහැ. ඉන්පසුව තමයි ඔවුන්ගේ අත් වලට ඔරලෝසු ඇවිල්ල තියෙන්නේ මේ බව මීට කලිනුත් ලිපියක කිව්වා සමහර විට ඔබට මතක ඇති. මෙන්න නැවත වරක් එම ලිපිය කියන්න ඕනෑ වුනොත් එහි ලිපිනය -.හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler.මේ පින්තූරය දේශපාලනයට සම්බන්ධ එකක් නොවේ. යූරි ගගාරින් ගැන දන්නවානේ. නොදන්නවා නම් දැනගන්න ඔහු තමයි ලෝකේ පළමුවරට අභව්‍යාකාශයට ගිය මිනිසා. ඉතින් මේ වැඩපිළිවෙලේ ඔහුවිතරක් නෙමෙයි තවත් අභව්‍යාකාශගාමීන් සිටියා. මේ දකුණු පැත්තේ පින්තූරයේ සිටින්නේ ඒ වැඩපිළිවෙලේ වැඩකල ඔහු සහ ඔහුගේ සඟයන්. ඒත් වම් පැත්තේ පින්තූරයේ පිටිපස්සේ සිටින එක්කෙනෙක් නැහැ නේද? ඒකට හේතුව තමයි පසුව ඔහු එම වැඩපිළිවෙලින් ඉවත්කරල, මොකද ඔහුගේ කල්කිරියාව එතරම් හොද නැතිළු!.මෙන්න 1971 දී වෙනස් කරන ලද තවත් දේශපාලන පින්තූරයක්. මෙහි නිධාන කතාව නම් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම් ලියනොඩ් බෲශ්නේව් සහ බටහිර ජර්මනියේ චාන්ස්ලර්වරයා හමුවූ අවස්ථාවක හොදට බීලා, සිගරට් බිබි සිටින අවෂ්තාවක්, ඒත් මේක පලකොරන්න පුළුවනෑ, රටේ නායකයෝ බිබි පිස්සුනටන ඒවා. ඉතින් වම් පැත්තේ පින්තූරයේදී ඒ අඩුපාඩු මකලා නියමෙට ෂකෂ් කොරල තියෙනවා..මේ පින්තූරයත් තියෙන්නේ කොමියුනිස්ට් නෑකමක්. මාවෝ මැරුණට පස්සේ (මැරුණා කියන වචනේ කැමති නැත්නම් ඒකට සුදුසු අභාවප්‍රාප්ත, කළුරිය වගේ වචනයක් ආදේශ කරගන්න) පැවැත්වුන ඔහු සිහි කිරීමේ උත්සවයකදී, මාවෝගේ අසාර්ථක හා කුරිරු සංස්කෘතික විප්ලවයේ නියමුවන් වූ හතරදෙනාගේ කල්ලියේ කට්ටිය වම්පැත්තේ පින්තූරයේදී ඉවත් කරල තියෙන්නේ..මේ හතරදෙනාගේ කල්ලිය ගැන සුළු විස්තරයක් මෙන්න මේ ලිපියට ගියොත් බලා ගන්න පුළුවන්..දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්,.මේ වගේ වෙනස් කරපු පින්තූර තව ගොඩක් තියෙනවා. ඒ ගැන මේන්න මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් බලා ගැනීමට හැකියි..http://www.fourandsix.com/photo-tampering-history/.http://letsrollforums.com/new-york-times-brief-t23643.html?s=5bade9a9fca88f41e772f3d17d6ebc61&.http://www.dailymail.co.uk/news/article-2107109/Iconic-Abraham-Lincoln-portrait-revealed-TWO-pictures-stitched-together.html.ලියුවේ සත්සමුදුර at 4:12 PM 46 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය, කතාකරන රූප.Wednesday, April 25, 2012.ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII.ලෝකයේ හෝ යම් රටක හෝ යම් ආයතනයක සිදුවන්නාවූ දේවල් ඇතැම්විට ක්‍ෂනිකවම සිදුවූවත් සමහරවිටක එම දේවල් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගෙන සංකල්ප, සිද්ධාන්ත, අන්තවාදී කොටස්වල බලපෑම හා සාම්ප්‍රධායික වෛරී සහගත ආකල්ප වැනි මානුශික වශයෙන් බලපෑ හැකි හේතුද පදනම් කරගෙනය..අප වෙසෙන තෙවනලොව පෙරදිග රටවල ජ්‍යෙතිශය හා වෙනත් අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් ගැන විශ්වාසය තබන මිනිසුන් බහුලවනවා සේම ඇතැම්විට යම්කිසි කාර්යයකට අතතබන්නේ එම බලවේගයන් ගැන උපරිම විශ්වාසයන් තබා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් කාර්මීකරණයේ බලපෑමෙන් වේගයෙන් දියුණු වූ සහ පසු කලෙක පළමුලොව දියුණු සංවර්ධිත රටක් වූ ජර්මනිය වැනි රටක හිට්ලර්, හෙස්, හිම්ලර්, රොසන්බර්ග් වැනි මිනිසුන් විශ්වාස තබා කටයුතු කළා යයි කීමත් තරමක් හිතගන්නටත් නොහැකි කටයුත්තක්. එහෙත් ඒ දේවල් ඒ සැටියෙන් සිදුවූ අයුරු මෙම ලිපියෙන් හැකිතාක් දුරට අපි සොයා බලමු..හිට්ලර් සතුවූ අන්තවාදී යුදෙව් විරෝදය හා ජර්මන් ජාතිවාදය මෙම දෙවන ලෝක යුද්දය මතුපිටින් බලන්නෙකුට, යුදෙව්වන් පළමු ලෝක යුද්දයෙන් පෙර සහ පසුව ජර්මනියේ ස්වදේශීය ජර්මනුවන් අභිබවා සිටි නිසා ඇතිවූ මනෝමූලික බලපෑම නිසා ඇතිවූ බවක් පෙනුනද එය එයට වඩා ගැඹුරට විහිදී ගිය කරුණක්..19 වන සියවසේ ජර්මනියේ සිටි විශිෂ්ඨ ගණයේ ඔපෙරා සංගිතඥයෙකු වූ Richard Wagner ගේ (1813 - 1883) ජර්මානු අභිමානය කැටිකරගත් ජර්මන් පූරාණ කථා තේමාවන් උපයෝගී කරගෙන තැනූ ඔපෙරාවන් ඔහු විසින් සම්පාදිත විවිද ලේඛණයන්, දේශපාලන මත යනාදිය හිට්ලර් තුල ජර්මන් ජාතිය ශ්‍රේෂ්ඨතමයන් බව මෙන්ම අන්‍යයන් අනුපිළිවලින් වැදගත් හා වැදගත්ම නොවන ජනකොටසක් සේ සැලකීමට හේතුවන්නාවූ මානසික ව්‍යාධිය ඇතිවීමට ප්‍රභල බලපෑමක් ඇතිකරන්නට විය. සැබවින්ම මෙම සංගිතඥයා වර්ගවාදය හා යුදෙව් විරෝදය පිළිබදව විවිද කෘති හා මත පලකරන ලද්දෙක් වූ අතර ඔහු විසින් 1850 දී සම්පාදනය කරන ලද "Judaism in Music" හෙවත් "Jewishness in Music"නිබන්ධනයේදී සමකාලීන යුදෙව් ආකල්ප, දක්‍ෂතාවයන් හා යුදෙව් ජනයා හෙලාදකිමින් අදහස් පල කර තිබේ. ඔහුගේ මතය අනුව යුදෙව්වන් ජර්මානු සමාජයට පිටතින් පැමිණියවුන් වූ අතර ජර්මන් අධ්‍යාත්මයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති හානිකර ප්‍රජාවක් ලෙස පවසන්නට වූ අතර ඔහු නියෝජනය කල සංගීත ක්‍ෂෙත්‍රයේදී පවා යුදෙව් නිර්මාණශිල්පීන් කෙරේ දැක්වූයේ පරභව ආකල්පයකි. එම සංගිතඥයන් ගැඹුරින් සංගිතය හැදෑරු අය ලෙස ඔහු නොසැලකූ අතර එම නිර්මාණ කෘත්‍රීම ඒවා ලෙසද සැලකීමට පසුබට නොවීය..හිට්ලර් 12 වන වියේදී.එම නිබන්ධනයට අමතරව විවිද අවස්ථාවල ඔහු විසින් පලකරන ලද ලිපි වල පසුකලෙක නාසිවාදයෙන් පවා කියවුන වාර්ගිකත්වය හා යුදෙව් විරෝදය සැ‍බැවින්ම නිරූපනය විය. හිට්ලර්ට Wagner ගේ ඔපෙරාවක් දකින්නට ලැබුනේ වයස අවුරුදු 12 ක ළමයෙකුව සිටින අවදියේදී බව පැවසේ. එතැන් සිට ඔහු Wagnerගේ ජර්මානු පෞරානික ශ්‍රී විභූතිය ගැන පැවසුන මිත්‍යා කථා ඇතුලත් ඔපෙරා සංගීතයට පෙම් බදින්නට විය. එය ඔහු නාසීන්ගේ හා ජර්මනියේ ජාතික සංගීතය මෙන් විය..තවද නාසින්ගේ රැලි පැවැත්වෙන අතරවාරයේ Wagner ගේ සංගිත කණ්ඩ වාදනය කල අතර Dachau සිරකදවුරේදී, එහි රදවා සිටි දේශපාලන සිරකරුවන්ට ඊළග ආත්මයේදීවත් හොද දේශපාලනයක් කරන්නට "අවසන් විභාගය" වදකාගාරවල පැවැත්වෙද්දීද මෙම සංගීත කණ්ඩ වාදනය කල බව පැවසේ. තවද නාසි නිළධාරීන්ට, තමන්ට දැනෙන මානසික විඩාව හා ආතතිය සංසිදුවා ගැනීමටද මෙම සංගීතය ශ්‍රවණය කරන්නට හිට්ලර් නිර්දේශ කර තිබුනි..Richard Wagner ගේ Parsifal නම් ඔපෙරාවෙන් කියවුන The Quest for the Holy Grail හෙවත් The legend of the Holy Grail කතා තේමාව හිට්ලර් හා නාසින් තුල මධ්‍යතන යුගයේ විශ්වාසයන් කරපින්නා ගැනීමට තවත් හේතුවක් විය. Holy Grail ලෙස බටහිර කිතුනු සමාජයේ සලකන්නේ ජේසුස් වහන්සේ කුරුසප්‍රාප්තියට පෙරදින රාත්‍රියේ සිදුකෙරුන අවසන් භෝජනයේදී භාවිතා කරන ලද පිගාන හෝ කෝප්පයයි. එසේම කුරුසගත කරන ලද පසු හෙල්ලයකින් ඇන්න පසු එතුමාගේ ලේ වැගිරෙන්නට වූ පසුව එම ලේ එකතු කරන්‍න ලද්දේම මෙම බදුනටයි. මේ කාරණා නිසා මෙය ශුද්ධ වූ වස්තුවක් ලෙස සැලකේ.මෙම ශුද්ධ වූ බදුන කිතුනුවන් ශාන්තුවරයෙකු සේ සලකන Joseph of Arimathea විසින් බ්‍රිතාන්‍යයට රැගෙන ආ බව පැවසෙන අතර එය සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ බවද පැවසේ..(මෙම ආගමික කරුණු උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලයෙන් නිසා ඒවායේ සදොස් බවක් වේ නම් කිතුනු බැතිමතුකු විසින් එය නිවැරදි කරන මෙන්ද ඉල්ලා සිටිමි)..තවත් ප්‍රසිද්ධම පුරාවෘත්තයක් වන ආතර් රජුගේ කතාවිත්තිය සමග මෙම ශුද්ධ වූ බදුනේ කථා පුවතද එකට සම්බන්ධ වී ඇත. ආතර් රජුද මධ්‍යතන යුගය තේමා කරගත් පුද්ගලයෙකු වන අතර එකල නයිට්වරුන් කිසියම් වීරකමක නියැලී සිටීම සුලභ දෙයක් විය. ඒ අනුව මෙම බදුන සොයා ගැනීම නයිට්වරුන්ට පැවරුන ප්‍රධානම රාජකාරියක් විය. එකල විශ්වාසයන්ට අනුව මෙම බදුන තිබෙන්නේ නිසරු මුඩු බිමක පිහිටා තිබෙන අද්භූත බලකොටුවක වන අතර එය මුරකරනු ලබන‍්නේ සුව නොවන වනයක් පාද‍යක ඇති නිසා ඇවිදීමට නොහැකි Fisher King නම් රජකෙනෙකු විසිනි (http://en.wikipedia.org/wiki/Fisher_King)..මෙම බදුන පිළිබදව මුලින්ම ලේඛණ ගතවී ඇත්තේ ක්‍රි.ව. 1180 දී ලියවී ඇති ප්‍රංශ ප්‍රබන්ධ කථාවක් වන Conte del Graal ('Story of the Grail'), හෙවත් Perceval වන අතර එතැන්සිට ගතවූ වසර 50 ක පමණ කාලයකදී කතුවරුන් ගණනවක් අතින් මෙම ශුද්ධ වූ බදුන පිළිබදව ගද්‍ය මෙන්ම පද්‍යද ගෙතී ඇත. එ‍සේම තවත් පුරාවෘත්ත හා ඈදීද මෙම ප්‍රධාන කතා වස්තුව ගෙතී ඇත. දහතුන්වන සියවසේදී මේ පිලිබදව ලියවුන Wolfram von Eschenbach ගේ Parzifal සහ Sir Thomas Malory විසින් රචනා කරන ලද Morte Darthur ප්‍රධාන තැනක් ගන්නා අතර මධ්‍යතන යුගයෙන් පසු කාලයක් අමතකව තිබූ මෙම පුරාවෘතය 19 වන සියවසේදී නැවත කරලියට ගෙන ඒමට Richard Wagner ද ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහු විසින් නිපදවන ලද Parsifal නම් ඔපෙරාවේදී ඔහුටම ආවේණික ශෛලියකට මෙම පුරාවෘතය නැවත පුනර්ජීවනය ලදහ. පුරාවෘත‍යේ තවදුරටත් කියවෙන පරිදි මෙම ශුද්ධ වූ බදුනේ ඇතැයි පැවසෙන රුධිරය පානය කරන යමෙකුට අසීමිත බලයක් ලැබෙනු ඇතැයි පවසා ඇත. එහෙත් මෙම ශුද්ධ වූ බදුන සොයා ගැනීමට හැකිවන්නේද අපවිත්‍ර නොවූ රුධිරය ඇති නයිට්වරයෙකුටමය. මේ Parsifal කථා වස්තුව හිට්ලර්ගේ සිතට තදින් කා‍වැදුන දෙයක් විය. ඒ අනුව ඔහු විශ්වාස කළේ මෙම අපවිත්‍ර නොවූ රුධිරය ඇති නයිට්වරයා තමන්ම විය යුතු බවයි. ඒ අදහස්ද සහිතව 1938 දී හිට්ලර් නයිට්වරයෙකු ලෙස ස්වස්තික ධජය රැගෙන සිටින මෙම ප්‍රචාරාත්මක රුව නිර්මාණය කරන ලදි..තවද හිට්ලර්ගේ සමකාලීනයෙකු වූ හිටපු පූජකයකු වූ Lanz von Liebenfels විසින් පලකරන ලද යුදෙව් විරෝධී අදහස් හා ආර්ය සමාජය පිළිබදව ලියූ Ostara සඟරාව හිට්ලර් තුල වර්ගවාදය තවත් පෝෂනය කරන්නට ඉවහල් වූ අතර ඔහු මෙම සඟරාවේ හොදම පාඨකයෙකුද විය..නාසින්ගේ විශ්වාසය අනුව ආර්යයන්ගේ මුල් බිම අත්ලාන්ටිස් නමින් හැදින්වෙන මහද්වීපයයි. මෙවන් මහද්වීපයක් තිබුනේද? නැත්ද? යනවගට තවමත් ඉතිහාසයඥයන් අතර මතභේදතාත්මක වාතාවරණයක් ඇතිමුත් ගුප්ත දේවල් එකහෙලා පිළිගැනීමට කැමති මධ්‍යතන යුගයේ මිනිසුන් මෙන් නාසින්ද එවන් මහද්වීපයක් තිබූ බවත් එය විනාශ වන මොහොතේ එයින් ගිය පූජකයන් පිරිසක් හිමාල‍ කදුවලින් වටවූ ටිබැටයේ වාසය කරනබවටත් විශ්වාස කලහ. මේ නිසාම පසුගිය ලිපියකද පැවසුවාක් මෙන්, නාසි SS හමුදාවේ ලොක්කා වූ හිම්ලර්ගේ පූර්ණ අනුග්‍රහය මත, මුලින් කල්කටාවටත් එහි සිටි අසීරු ගමන් මාවත් ඔස්සේ ටිබැටයට ගිය විද්‍යාඥ කණ්ඩායම එහිදී හරසරින් පිලිගනු ලැබූ අතර එතැන් සිටි වසරක් පුරා එම මිනිසුන්ගේ ජීවන ක්‍රම හා පරිසරය හැදෑරූ එම විද්‍යාඥයන් එම මිනිසුන්ගේ මුහුණු හා අවයවල දිග පළල මැන්නහ. මූනත් තහඩු වලින් අච්චු සකස් කලේය. ජර්මානුවන්ගේ විශ්වාසය අනුව ටිබැටියන් සතුවූ දිගටි මුහුණු ජර්මානුවන්ටද සමාන බව ඔවුන් විශ්වාස කලේය. මෙවන් මිනිසුන්ගෙන් පැවත ආ උතුරු යුරෝපයේ විසූ මිනිසුන් Nordic වරුන් ලෙස හදුන්වන ලදි..(පහත දැක්වෙන්නේ ටිබෙටයේදී ජර්මන් විද්‍යාඥයන් විසින් සිදුකල ගවේශන හා සිදුකල ක්‍රියාකරකම් පිළිබදව නිදසුන්ය).නාසින්ගේ විශ්වාසය අනුව සහ එයට පෝෂනය ලැබුන Richard Wagner‍ ‍ගේ නිර්මාණ අනුව රුධිරය යනු යම් වර්ගයක ආත්මය, ආධ්‍යාත්මය සහ විශිෂ්ඨත්වය කැටිකරගත් මූලිකම ඒකකය විය. මේනිසා නාසි විවිද නාසින්ගේ විවිද උත්සවවල රුධිර වන්දනාවක්ද තිබුනි. මේ අදහස් විසිවන සියවසේ දෙවන දශකයේ සිට ජර්මනිය තුල මුල් බැස්සවීමට නාසි න්‍යඥාචාර්ය Alfred Rosenberg ගේ වාර්ගිකත්වය පිළිබදව වූ අදහස් හා ඔහු විසින් ඒ සම්බන්ධයෙන් සම්පාදනය කරනා ලද ලේඛණද ප්‍රභල තැනක් ගන්නා ලදි (http://www.jewishvirtuallibrary.org/jsource/Holocaust/Rosenberg.html)..හිට්ලර් ප්‍රමුඛ නාසින්ගේ විශ්වාසය අනුව අත්ලාන්ටිස් කාලයේ විසූ ආර්යයන් හට සුපිරි බලයක් සහිත විය. එය සාමාන්‍ය මිනිසුන්ට නොමැති ආකාරයේ බලයක් විය. එහෙත් එම ආර්යයන් පසුකලෙක වෙනත් ජාතින් හා මිශ්‍රවීමත් නැතහොත් පිරිසිදු ආර්ය රුධිරය පිටස්තරයන්ගේ රුධිරය හා මුසු වීමත් සමග ඔවුන් සතුවූ අද්විතීය බලය හීනවී නැතිව ගිය බව නාසින්ගේ අන්තවාදී විශ්වාසයක් විය..Rosenberg ගේ මතය අනුව නැවත අභිමානවත් ආර්ය සංස්කෘතිය උත්පාදනයවී ඇති බව වූ අතර හිට්ලර් එය තවදුරටත් තහවුරු කරමින් පුරාණ සාම්ප්‍රධායිකත්වය ආර්ය සංස්කෘතිය තවත් දියුණු කරමින් සැඟව පවතින පැරණි විද්‍යාවන් ජර්මන් ‍ජාතිය නැතිවූ ගෞරවය ලබාදී බබලවනු ඇතැයි පැවසූහ. හිට්ලර් හා ප්‍රධාන පෙලේ නාසින්ගේ සහභාගීත්වයෙන් පැවතුන උත්සව හා රැලි ආදියේදී පැරණි රෝම සම්ප්‍රධායේ ඇදුම් පැලදුම්, විවිද සංකේත සුලභව දැකගත හැකිවිය. නූතන කලාකෘති ප්‍රතික්‍ෂේප කල හිට්ලර් ඒවා දූෂිත යයි සැලකූහ. තවද මිනිසුන් විසින් නාසින් වීරවරුන් සේ සැලකීම ඔවුන්ගේ අපේක්‍ෂාව විය. ජර්මනිය මුහුණ දෙන සියළු දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් මුදවාලිය හැක්කේ මෙම වීරයන්ට පමණක් බව මිනිසුන් විශ්වාස කල යුතුවිය. එයට ආධාරවන්නාවූ ප්‍රචාරණ වැඩ පිළිවෙලක්ද ඔවුන් සතුවිය..ෆැසිස්ට්වාදී සංකල්පය කරපින්නාගත් හිට්ලර්ට සාමය, සහජීවනය උගන්වන කිතුදහම නොගැලපෙන්නට විය. ඒ අනුව නාසි සංකල්පයට ගැලපෙන නව ආගමක් අවශ්‍ය වූ අතර එහි නායකයාද අසමසම හිට්ලර් විය. ඒ අනුව නාසින්ට ඔහුව විසිවන සියවසේදී බිහිවූ ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය.හිට්ලර් පිළිබදව තැනූ ඇතැම් වාර්තාමය චිත්‍රපටි හෝ පෝස්ටර් වල ඔහු පල්ලියටත් වඩා ඉහලින් සිටින අයෙකු බව හැගවෙන සේ ඉලිප්පීම සුලභ විය..ජර්මනියේ සිටි ජෙහවාගේ සාක්‍ෂිකරුවන් නම් වූ කිතුනු බැතිමතුන් තෙවන අධිරාජ්‍යයට සහය නොදක්වන ලදි. එසේම ඔවුන් ආණ්ඩුවටද සහයක් නොදැක්වූ අතර අවි දැරීමද අනුමත නොකරන ලදි. හිට්ලර්වැනි පාලකයෙකුට මෙවන් විරෝධතා දැක්වීම සැබැවින්ම ව්‍යවසනයක ඇරඹුමක් විය. මෙම බැතිමතුන් බොහෝ දෙනෙකුට පසුකලෙක දිවි ගෙවුමට සිදුවූයේ සමූහ සිරකදවුරුවලය. එවන් ජෙහවාගේ සාක්‍ෂිකරු බැතිමතකු විසින් අදිනා ලද, මෙම චිත්‍රයෙන් පෙන්නුම් කෙරුනේද බහුතරයක් ජර්මානුවන් හිට්ලර් සාන්තුව‍රයෙකු ලෙස දුටු ආකාරය අවඥාසහගතව නිරූපනය කර ඇති අයුරුයි..මේ නව ආගමේ සලකුණ නාසි පක්‍ෂයේද සලකුන වූ ස්වස්තිකයම විය. ස්වස්තිකය ලෝකයේ විවිද සංස්කෘතින්වලදී දැකිය හැකි බහුල සලකුනක් විය. එය පෙරදිග අපරදිග කියා වෙනසක් නොවූ අතර වෙනස වූයේ එය භාවිතා කරන සංකල්පයයි. පුරාතන චීනයේ එය වාසනාවේ සංකේතයක් විය. අද දක්වාම හින්දු හා බෞද්ධාගමේ එය පූජනීය සලකුනක් වේ. තවද යුරෝපයේ සිටි නයිට්වරුන්ගේ පලිහේ එය සලකුණු කර තිබුනේ එයින් මැජික් ආරක්‍ෂාවක් ලැබේ යන අදහස මතයි. තවත් විවිද විශ්වාසයන් ගණනාවක් ස්වස්තිකය පිළිබදව ඇති මුත් හිට්ලර්ට ස්වතිකය පිළිබදව තිබුනේ වෙනමම මතයකි. ඔහුගේ මතය අනුව "ස්වතිකය තුල ආර්ය මිනිසුන් මුහුණ පා ඇති අසීරු තත්ත්වයෙන් මිදීමේ ජයග්‍රාහී මාවත අන්තර්ගතව ඇත" යන්නයි..හිම්ලර්ගේ අයෝමය පාලනය යටතේ වූ SS හමුදාව ජර්මානුවන්ගේ සුපිරිතම මිනිසුන්ගෙන් හා නූතන වීරයන්ගෙන් පිරුණ අසහාය මිනිසුන්ගෙන් සමන්විත වූ බලමුළුවක් සේ සලකන ලදි. SS භටයෙකු බවට පත්වීම පවා ලේසිපහසු දෙයක් නොවීය. මෙම බලකායට බදවා ගන්නා සෙබළුන් සත්‍ය ජර්මානුවන්දැයි දැනගැනුමට පරම්පරා කිහිපයක්ම ආපස්සට ඔවුන්ගේ තොරතුරු සොයා බලන ලදි. සැකවින් කියතොත් 1715 දක්වා ඔවුන්ගේ පැටිකිරිය විමසා බැලිනි. ඔවුන් අඩි 5 අඟල් 9 ක් උසවිය යුතුවිය. එහි නායකයා වූ හිම්ලර්ගේ උසවූයේද මෙම උසයි. ඔවුන්ගේ හිසකේ තඹ විය යුතු වූ අතර ඇස් නිල් පැහැයෙන් යුතු වූහ. එසේම ඔවුන් හොද අධ්‍යාපනයක් ලැබූ අයවීමද අනිවාර්යය විය..පූර්ණ ජර්මානු කාන්තාවන්ට මෙම ආර්ය පෙලපතේ SS භටයන් හා එක්ව කොපමණ ජර්මානු දරුවන් සංඛ්‍යාවක් බිහිකිරීමට කිසිදු බාදාවක් නොවූ අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද නොමදව දැක්වීය. කැමති නම් එම දරුවන් තමන්ටම පෝශනයක කල හැකිවූ අතර එසේ නැතහොත් ඔවුන් හදාවඩා ගැනීමට කැමති ජර්මානු පවුලකට හෝ මෙවන් දරුවන් ඇතිදැඩි කරන මධ්‍යස්ථාන හරහා අනාගත ජර්මානු අධිරාජ්‍යයට ගැලපෙන සේ ඇතිදැඩි කිරීමේ පූර්ණ වගකීම නාසි රජය දැරූහ. කුඩා කල සිටම මෙම දරුවන්ට අන්‍ය ජාතීන් පහත් කොට සැලකීමේ හා ආර්ය ජර්මානු ජාතිය උසස් කොට සැලකීමේ නාසි යන්ත්‍රණයට අනුකූල වන සේ උස්මහත් වීමට අවශ්‍ය මානසික වටපිටාව සහ මොල ශෝදනයද සිදුකළේය..යුදෙව්වන්, අහිකුණ්ඨිකයන්, සමාජවාදීන්, කොමියුනිස්ට්කාරයන්, සහ වෙනත් ජාතීන් වලට අයත් නාසි සතුරන් සේ සැලකූ ජනතාව ඉවක්බවක් නැතිව ඝාතනය කර දැමුවත් ජර්මානු ශුද්වූ රුධිරය ඇති ජනතාව සම්පතක් සේ හිට්ලර් ඇතුළු ජර්මානුවන් සැලකූහ. හැකි තරම් ජර්මන් දරුවන් සැදීමට දිරිදීම කරන අතරම එය අවජාතක සේ සිදුවුනද ගැටළුවක් නොවීය. කොටින්ම හිම්ලර්ට පවා අවජාතක දරුවන් දෙදෙනෙකු සිටි බවට තොරුතුරු මතුවේ. එහෙත් තෙවන අධිරාජ්‍යයේ අසහාය නායක හිට්ලර්ට එකම දරුවෙකු ජාතක හෝ අවජාතක ලෙස හෝ ඔහු මියගියා යයි පැවසෙන 1945 දක්වා සිටි බවට නිල සාක්‍ෂියක් නොමැත..තමන්ගේ මහන්සියෙන් දරුවන් තනනවාට අමතරව ඔවුන් විසින් සලකන ලද ජර්මානු දේහ ලක්‍ෂනවලට ගැලපෙන දරුවන් පැහැරගෙන “Germanize” කිරීමේ වැඩපිළිවලක්ද හිම්ලර්ගේ පාලනයෙන් සිදුකරගෙන ගියේය. මෙම වැඩසටහන 1935 සිට 1945 දක්වා සිදුකරගෙන ගොස් ඇති අතර එය The “Lebensborn”.Program ලෙස නැතහොත් තේරෙන විදියට කියතොත් “wellspring of life” or “fountain or life”ලෙස හැදින්වූහ. මේ වැඩසටහනට සම්බන්ධ වූවන් බාහිර ලෝකයට පැවසූවේ මෙම දරුවන් දෙමව්පියන් විසින් අතහැර දැමූවන් ලෙස වූවත් සත්‍ය ලෙසම සිදුවූයේ දෙමව්පියන්ගේ සුරතේ රැදී සිටියදීම පැහැර ගැනීමයි. මෙසේ රැගෙන ආ දරුවන් අතරින් නාසි අධ්‍යාපනය ලැබීමට අකමැතිවූ හා නාසින්ව ප්‍රතික්‍ෂේපකල දරුවන් Concentration camp වෙත යවා මෙලොවින් ඉවත් කිරීමටද හිම්ලර්ගේ SS හමුදාව "කාරුණික" වූහ. නාසින්ට අනුකූලතාවය දැක්වූ දරුවන්ට ජර්මන් දෙමව්පියන්ගේ සෙවනේ ඇති දැඩි වීමේ වරම් හිමිවිය..Lidice වැනි කුඩා ගම්මාන වල පිරිමි ජනගහනය සමූලඝාතනය කිරීම වැනි වැඩවලදීද ජර්මානු ස්වරූපය ගත් දරුවන් පූර්ණ ජරමානුවන් කිරීමේ කාර්යයට යොමුකල අතර අනෙක් දරුවන් මරාදෑමීමට ප්‍රාග් නග‍රයේ ආණ්ඩුකාරයා වූ Reinhard Heydrich වගබලා ගත්තේය..කෙසේවෙතත් ජර්මානු ආධිපත්‍ය පැතිර තිබූ රටවලින් මෙම වැඩසටහන් ක්‍රියාත්මකවූ කාලසීමාව තුල දරුවන් 250,000 ක් පමණ පැහැරගෙන ජර්මනියට රැගෙන ආ බව පැවසේ..දෙවන ලෝක යුද්දය නිමවී මිත්‍ර හමුදාව අතට ජර්මානු බල ප්‍රදේශ අත්වන විට වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා වූ දරුවන් සිය ගණනක්, ජර්මානුකරණයට ලක්කරන දාරක මධ්‍යස්ථානවලින් හමුවූ බව පැවසේ. එසේම තවත් දරුවන් පිරිසක් ජර්මනු දෙමව්පිය රැකවරනේ විසූහ. මෙම ඇතැම් දරුවන් තමන්ගේ සැබෑ දෙමව්පියන් වෙත යාමට කැමතිවූහ. ඇතමෙක් සැබෑ දෙමව්පියන් වෙත යෑමට අකමැතිවූ අතර සමහරකගේ ජරමන් දෙමව්පියන් තම දරුවන් නැවත දීමට අකමැතිවූහ. තවත් දරුවන් රැසකගේ මව්පියන් කුරිරු යුද්දයේ ගොදුරු බවට පත්ව අවසන් ගමන් ගොස් හමාරය..හිට්ලර් මෙම සියළු කාර්යයන්ගේ නායකත්වය දැරුවත් පෞද්ගලිකව ඔහු විසින් යමෙකුට වෙඩි තබා හෝ මරණයට පත්කල බවට තොරතුරු සොයා ගැනීම උගහටය. එහෙත් ඔහු මෙම කාර්යයන් පවරා තිබූ හයින්ඩ්රිච් හිම්ලර් විසින් ප්‍රාණඝාතයන් රැසකට පෞද්ගලිකවම දායකවූ හා යුද්දය අවසානයේ කෝටි සංඛ්‍යාත ජනකායකට වදකාගාර තුල හෝ ඉන්පිටත ජීවිත අහිමිකල Holocaust සිද්ධි දාමයේ ප්‍රධාන චූදිතයා විය. මෙවන් කුරිරු මනසක් තිබූ හිම්ලර් එක් අතකින් අමුතුම මිනිසෙකි ඔහු උපතින් කතෝලිකයෙකුවූවත් පසුව නාසි මූලධර්මවාදියෙකුබවට පත්වූ අතර පෙරදිග දර්ශනයන් හා ආගම් පිලිබදවද අවධානය යොමුකල හා ඒ පිළිබදව විශ්වාසය කල අයෙකුවිය. යුද්දය පවතින කාලය පුරාවටම හින්දු ශුද්ධ වූ ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ කුඩා පිටපතක් ඔහු‍ගේ සාක්කුවේ රදවාගෙන සිටි බව ඔහුම ප්‍රකාශය කලේය. ඔහුගේ විශ්වාසය අනුව අතීතයේ ජර්මනියේ රජකම් කල හයින්ඩ්රිච් රජුගේ පුනරුප්පතිය ඔහු විය. හයින්ඩ්රිච් රජු යනු අතීතයේදී ස්ලාව් ආක්‍රමණිකයන්ගෙන් ජර්මනිය මුදවාගත් රජුයි. එසේම නැගෙනහිර යුරෝපය අක්‍රමණය කිරීම යනු තමන්ට එදා සම්පූර්ණ කිරීමට නොහැකිවූ රාජකාරිය ඉටුකිරීමක් විය. එනම් ස්ලාව් ජාතිකයන්ගේ නිජබිම වූ නැගෙනහිර යුරෝපය අත්පත් කරගැනීම තම පීතෘ භූමිය නැවත ලබා ගැනීම විය. (http://david-musser.suite101.com/heinrich-himmler-had-bizarre-occult-beliefs-a176656).හයින්ඩ්රිච් රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ Wewelsburg බලකොටුව හිම්ලර් නිතරම ගැවසුන ස්ථානයක් විය. ශේෂව පැවතුන රජුගේ භෂ්මාවශේෂ ගෞරවනීයව තැන්පත් කල හිම්ලර් එයට ඔලිව් අතුතබා පැරණි ආකාරයටම ගරුබුහුමන් දැක්වීය. හිම්ලර් ඇතුළු SS ප්‍රධානීන්ගේ රැස්වෙන ප්‍රධානම ස්ථානයක් බවට මෙම බලකොටුව පත්විය. හිම්ලර්ට හා ඔහුගේ SS ප්‍රධානීන්ට අනුව SS භටයන් යනු පැරණි ජර්මානු ටියුටොනික් නයිට්වරුන්විය. ටියු‍ටොනික් නයිට්වරුන් යනු මධ්‍යතන යුගයේදී ශුද්ධවූ කුරුස යුද්දවලදී කතෝලික දහම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල ජර්මානු නයිට්වරුන්විය. (http://www.crystalinks.com/teutonicknights.html).පැරණි ටියුටොනික් නයිට්වරුන්.මෙම බලකොටුවට අමතරව තවත් පැරණි රජවරුන්ගේ බලකොටු රැසක් SS හමුදාවේ පුහුණු පාසල් බවට හෝ හමුදා මධ්‍යස්ථාන හෝ නාසි පූජනීය ස්ථාන බවට පත්කෙරුනි. Wewelsburg බලකොටුව, 1934 දී හිම්ලර්ගේ පෞද්ගලික නිවහන බවට පත්කර ගත් අතර එහි සේවයට වහල් සිරකරුවන් 4000 ක් පමණ යොදවා ගැනූ ලැබීය. මෙම බලකොටුවේ සේවය කරමින් සිටි සිරකරුවන් තුන්කාලකටත් වඩා අත්වුයේ මරණයයි. මෙම බලකොටුව ආශ්‍රිතව Concentration camp ඉදිකෙරුනේ මෙම බලකොටුවේ වැඩ සදහා වහල් සිරකරුවන් ලබාගැනීමේ පහසුව පිණිසයි. මෙම බලකොටුවද හිම්ලර්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිසංස්කරණය කොට නවතම කොටස්ද පැරණි ආකාරයෙන් එක්කරනු ලැබීය. ත්‍රිකෝණාකාර හැඩයක් ගත් මෙම බලකොටුවේ මුළු ත්‍රිත්වයේ දැවැන්ත කුළුණු තුනක් විය. උතුරුදෙසින් වූ දැවැන්ත කුළුන මෙයින් කැපීපෙනෙන අංගයක් විය. ඒ මෙම කුළුණ කේන්‍ද්‍රගතකර SS Occult Center නැතහොත් හිම්ලර් ව්ශ්වාස කල මධ්‍යතන යුගයේ ගුප්ත විශ්වාසයන්ට වැදුම් පිදුම් කරන ස්ථානය විය. මෙම කුළුනේ පාදමේ හිම්ලර් බිංගෙයක් ඒ සදහා තැනූහ..http://www.scrapbookpages.com/WewelsburgCastle/Castle2.html.උතුරු කුළුනේ ඉදිරිපස.කුළුනට පිවිසෙන දොරටුව.ඉතිහාසඥයන්ට අනුව මෙම බිංගෙය මියගිය SS නායකයන් සිහිපත් කරන තැනක් ලෙසද භාවිතා කර ඇත. ඒ සදහා ඔවුන්ගේ අළු තැන්පත්කල හැකි ස්ථාන 12 ක්ද මෙම බිංගෙය වටේ තබා තිබුනි. මෙම 12 අගය එන්නට ඇත්තේ පැරණි පුරාවෘත්තයක එන ආතර් රජු‍ගේ වටමේසයේ අසුන්ගන්නා ප්‍රධාන නයිට්වරුන් 12 දෙනා ගැනද උපකල්පිත මතයකින් විය යුතුයයි ඉතිහාසඥයන් පවසයි. මේ බව J.H.Brennan විසින් රචිත."Occult Reich" පොතේද සදහන් වේ..මෙම පැරණි පුරාවෘතයන්ට ඇළුම් කල හිම්ලර්, තමන්ගේ ඉහලම SS නිළධාරින් 12 දෙනා හමුවුනේද මෙම ස්ථානයට ඉහලින් තැනූ ශාලාවකදී බව පැවසේ. සූර්යයා නිරූපණය කරන විශාල ලාංඡනයක් මෙහි පොළවේ සටහන් කර තිබුනි. මෙහි දැක්වෙන කිරණ යොදා ගෙන තිබුනේ පෞරානික නෝර්ඩික් අක්‍ෂර මාලාවකිනි..SS භටයන්ගේ සලකුන වන S අක්‍ෂර දෙකද මෙම කිරණ ආකාරයේ S අක්‍ෂර දෙකක් විය. මෙම අක්‍ෂර වලින් සූර්යයා හා ශක්තිය පාලනය නිරූපනය වන බව පැරණි විශ්වාසයන්ට අනුව පැවසෙන අතර තවත් පැරණි අක්‍ෂර කිහිපයක්ම හිම්ලර් සහ ඔහුගේ ගුප්තවාදීන් විසින් භාවිතා කරනු ලැබීය..මෙවන් අක්‍ෂර අතීතියේදී අනාගතය ගැන කීමට, මැජික් මායා වැඩ කිරීමට හා තවත් ගුප්ත දේ කිරීමට යොදාගත් බව ඉතිහාසහඥයන් පවසයි. මෙවන් සලකුණු එකල ජර්මනියේ විවිද ස්ථාන වල විවිද කාර්යයන් වෙනුවෙන් නිරූපනය කිරීමට බහුලව යොදා ගෙන තිබුනි..මෙම SS සලකුණ, SS භටයන්ගේ නිල ඇදුමේ උරබාහුවේ සහ හිස්වැසුම් වල භාවිතා කලහ. Hitler Youth හමුදාවේ සිටි කුඩා ළමයින් සදහා මෙම S සලකුණු එකක් පමණක් භාවිතා කලේය..පුහුණුව ලැබූ SS භටයන්ගේ නිළධාරී පට්ටම් ඇති අයට SS කිනිස්සක්ද ලැබුනි. එහි මිටේ SS සලකුණ හා නාසි සලකුණු සටහන් කර තිබූ අතර තලයේ විශ්වාසනීයත්වය ගෞරවනීය බව හැගවෙන පාඨයක් කොටා තිබුනි..මෙම කිනිස්ස හිම්ලර් විසින් විසිරයෑමේදී ප්‍රධානය කෙරුනි. එසේම SS භටයන්ට විශේෂිතවූ මුද්දක්ද ඇගිල්ලේ රදවා ගැනීමට දෙනු ලැබීය..කතෝලික ආග‍මේ බොහෝ අංග නාසින් විසින් හදුන්වා දුන් නව ආගම් දර්ශනයේදීද භාවිතා කලේය. එයින් පෙනීයන්නේ ඔවුන් අළුත් දහමක් හදුන්වා දුන් බව පැවසුනා හා එහි ගැලවුම්කරුවා හිට්ලර් බවට වහසිබස් දෙඩුවත් උපතින් ලැබුන කතෝලික දහමෙන් ඔවුන්ට පූර්ණ වශයෙන් ගැලවීමට නොහැකිවූ බවයි. කුඩා දරුවන් බෟතීස්ම කිරීමද නාසි ක්‍රමය හා කතෝලික ක්‍රමයේ සම්මිශ්‍රනයකින් සිදුවිය..එහෙත් කතෝලික ආගම ව්‍යාප්තවීමට පෙර ජර්මනියේ භාවිතා කල විවිද ආගමික ගුප්ත මතයන් කෙරේද ඔවුන් එල්ඹ සිටිහය. SS භටයන්ගේ විවාහයන්හිදීද භාවිතා කිරීමට අමුතුම ආකාරයේ මුද්දක් මනාල යුවලට ලබා‍දෙනු ලැබීය..නාසින් විවිදාකාරයේ ගුප්ත පූජනීය උත්සව ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, රෑ හෝ දහවල් පැවැත්වූහ. ඒවා බොහොමයක් පැවැත්වූයේ නූතන කැලැන්ඩරයක් අනුසාරයෙන් නොව පුරාණ ජර්මානු දිනදර්ශනයන් අනුවයි. මේවා අතිශයින්ම උත්කර්ශවත් වූ අතර මිනිස් මනසට ප්‍රභල හැගීමක් දෙන ආකාරයෙන් ඒවා සංවිධානය කර තිබුනි. අදුරේ බලය වැඩියෙන්ම ඔවුන් අතපත ගෑමට කැමතිවිය..හිට්ලර්, හිම්ලර් සහ නාසින් සම්බන්ධයෙන් මෙවන් සැඟවුන දේ බොහෝමයක් ඇත. ඇතැම්‍ දේවල් පිළිබදව ඔවුන් සමගම කිසිදු සාක්‍ෂියක් නොමැතැව තුරන්ව ගිය අතර සමහර දේවල් වසර කිහිපයක් ඉක්මගිය තැන ලෝකය දැනගත්හ. ඔවුන් අතින් ඇතැම් ප්‍රයෝජනවත් දේවල් ලෝකයට දායාද විය. එහෙත් කාර්මික විපල‍වයේ තාක්‍ෂනික දැනුමෙන් සන්නද්ධව, මධ්‍යකාලීන හෝ ඊටත් එපිට යුගවල පැවති අතාර්කික ගුප්ත විකාර දේවල ඔළුවේ පුරවාගෙන, ලොව කුඩාම මහද්වීපයේ ජනිතවූ ඔවුන් ලෝකය පාලනය කරන්නට ගොස් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අකාරුණික ලෙස ගොදුරුකර ගත්හ. එය ඔවුන් යම් ප්‍රයෝජනවත් දෙයක් ලෝකයට දායාද කලේ නම් එහි ගරුත්වයට කිසිසේත්ම ලැබිය නොහැකි දෙයක් බවට පත්කරගත්තේය..මෙවන් වූ නොදත් කාරණා රැසක් සමග ඊලඟ ලිපියෙන් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි....මේ දක්වා මෙම ලිපි පෙලේ පළකර ඇති ලිපි -.දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I.කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II.ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III.යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV.පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V.කටහැකරයන්ට ලෝකය පුරාම දේශපාලනයේ තැනක් තිබීම, මුදල් පුළුස්සා උණුසුම ලබාගැනීම, නායකයාට දිවිහිමියෙන් කැපවුන හා සමලිංගිකත්වය නිසා අපකීර්තියට පත් දුඹුරු කමීසකාරයන් සහ දේශපාලනයේ සදාතනික සත්‍යයන් - Before WWII - Part VI.මේ ලිපිත් මෙම ලිපිවලට තරමක් සමාන කමක් දක්වයි -.හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler.දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්.ලියුවේ සත්සමුදුර at 3:51 PM 17 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).▼ April (6).Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්....ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්....250 වන ලිපියද සමගින් ප්‍රයෝජනවත් දේවල් කිහිපයක්ම එ....සුභ නව වසරකට ආසිරිද සමගින් Internet Speed වැඩි කරග....කටහැකරයන්ට ලෝකය පුරාම දේශපාලනයේ තැනක් තිබීම, මුදල්....පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, May 3, 2011.මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.මේ තබන්නේ 100 වන බ්ලොග් සටහනයි. 50 වන බ්ලොග් සටහන තබා දින 53 ක් ගිය තැන දෙවන බ්ලොග් අර්ධ ශතකය තැබීමට හැකිවීම ගැන සතුටකුත් හිතට දැනෙන අතර එම කාලයේදී තරමක වේගයෙන් එම කාර්යයේ නියලුන නිසා ඒ ඉලක්කය කරා යෑමට හැකිවූ බවද කිව යුතුය. මේ දැක්වෙන්නේ එම වේගවත් ගමනේදී වැදගත් සංධිස්ථානයන් කිහිපයක මතකයන්....100 කියන අගය ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ඕනෑම එකදිගට නියලෙන ක්‍ෂෙත්‍රයක ඒ කාර්යය කරන කෙනාට වැදගත් අගයක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඇත්තම කියනවානම් බ්ලොග් අඩවිය ආරම්භ කලේ 2010 වසරේ අප්‍රේල් වල වුවත් බ්ලොග් සටහනක් මුලින්ම දැම්මේ 2011 ජනවාරි 13 වන දිනයි. එදින ‍කිසිසේත්ම බ්ලොග් සටහන් 100 ක් ලියනවා තබා ඊලඟ සටහන ගැන කිසිම අදහසක් තිබුනෙත් නැහැ. කෙසේ වෙතත් මීට පෙරත් කිවුවා වගේ සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය කියල කියන්න පුළුවන් බ්ලොග් සටහන් මාලාව තමයි ටජ් මහල ගැන ලියපු සටහන. එතැන් සිට මාතෘකා ගලා ඒම ටිකෙන් ටික සිද්දවෙන්න පටන් ගත් අතරම දැන් තියෙන තත්වය තමයි කාලවේලාව මදි කම හා තාක්‍ෂනිකව මුහුණපාන්‍න වෙලා තියෙන දුෂ්කරතා..දෙවන බ්ලොග් 50 අතුරතුර සිදුවූ විශේෂිත සිදුවීම් අතරට මෙතෙක් වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් බ්ලොග් පිටු කියවූ දිනය සටහන් වූයේ Tsar න්‍යෂ්ඨික බෝම්බය ගැන ලිපිය පලවු දි‍නයවන අතර වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් පැමිණි දිනයද එය වේ. එසේම මෙතුවකට සත් සමුදුරේ පලවු ලිපි අතරින් තවමත් වැඩිම දෙනෙක් කියවූ ලිපියද එය බව සටහන් කරනු කැමැත්තෙමි..එසේම දෙවන වැඩිම දෙනෙක් කියවූ ලිපිය වන පැරණි ශල්‍ය උපකරණ ගැන ලිපිය පල කිරීම පමා කරමින් තිබී පසුව එක් දිනක එය පල කලේ එයට කිසිවකුගේ කැමැත්ත හිමිනොවේදෝයි යන සැකයද හිතේ ඇතිවයි. එහෙත් එය ඉතාමත් ජනප්‍රියම ලිපියක් වූයේ කිසිදුලෙසකින් නොසිතූ ලෙසයි..එසේම කණගාටුවට පත්වූ අවස්ථාද නැතුවා නොවේ. වෙහෙසවී ලියූ ලිපි දෙකක් වන ආසියාවේ හෘද සාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් ලිපියට හා ගෑස් මුහුණු ගැන ලිපි දෙකට නම් ලැබුනේ කිසිලෙසකින් බලාපොරොත්තුවූ ප්‍රතිචාර නොවූ අතර එම ලිපි දෙකම එතරම් පාඨක අවධානයට යොමු නොවූ ඒවා විය..කෙසේවෙතත් සමස්ථයක් ලෙස ගත් කල මෙම කාලය තුල සත් සමුදුර වටා එක්වූ පාඨක මිතුරන් සංඛ්‍යාව නම් වර්ධනය වූ බව සදහන් කරන්නේ ඉතා සතුටිනි. එසේම මිතුරන් කිහිප දෙනෙකුම ඉදිරි ලිපි සැකසීමට අවශ්‍ය මූලාශ්‍ර රැසක් හා ඉදිරියේදී පල කල යුතුයයි යෝජනා කර ඇති හරවත් මාතෘකා ගැනද දන්වා එවා ඇති බවද සදහන් කරන අතරම ඉඩ ලැබෙන අයුරින් ඒවායෙන්ද අනිවාර්යයෙන්ම ලිපි සකස් කරන බවද දන්වා සිටිමි..මෙම අවස්ථාව ගැන ඔබ හා කතා කිරීමට දේවල් තව බොහෝමයක් ඇති නමුත් ඉදිරිකාලයේදීත් දිගටම අපි එකිනෙකා සත් සමුදුර තුලින් හමුවන නිසා දැනට මෙම 100 වන බ්ලොග් ලිපිය අවසන් කරන අතර මේ තාක් දුර පැමිණීමට සම්පූර්ණයෙන්ම ශක්තිය වූයේ ඔබ සැම බව කෘත්‍යපූර්වකව නැවත නැවතත් මතක් කරමි. එසේම ඉදිරියේදීත් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා, නව සංකල්ප ආදියද පෙරමෙන්ම ලැබෙනු ඇතැයිද බලාපොරොත්තුවෙමි..බො‍හෝමයක්ම ස්තූතියි!!!!.ලියුවේ සත්සමුදුර at 5:07 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතිමතාන්තර.39 comments:.priyanthaMay 3, 2011 at 5:34 PM.වේගවත් බ්ලොග් ගමනක යන ඔබට තවත් සිය දහස් ගණනින් සටහන් තබන්නට උණුසුම් සුභ පැතුම්...!!!!.ජය...!!!!.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 5:44 PM.@priyantha - ස්තූතියි! මූලාරම්භයේ සිටම ඔබ ලබා දුන් විශාල සහය නොතිබුනානම් මේතාක් ඉක්මනින් කිසි ලෙසකින් මේ ගමන එන්නට ලැබෙන්නේ නැහැ....ReplyDelete.Replies.Reply.sameeraMay 3, 2011 at 6:05 PM.ජය වේවා ,ඉදිරියටත් ඉතා හොද ලිපි පල කරන්න ලැබේවා කියල ප්‍රරාර්තනා කරනවා !.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 6:08 PM.@sameera - ස්තූතියි! ඉදිරියේදිත් හරවත් ලිපි සමග හමුවෙමු....ReplyDelete.Replies.Reply.රොබින්May 3, 2011 at 6:14 PM.බ්ලොග් අතර වැදගත් බ්ලොගයක් නිසා අනිවාර්යයෙන්ම දිගු ගමනයක් යා යුතුයි..... සුබ පැතුම්.....ජය...!.ReplyDelete.Replies.Reply.රවාMay 3, 2011 at 6:28 PM.නියමයි .... කමෙන්ට් එකක් නොදැම්මට ඔයා කරන වැඩෙ නියමයි... ස්තුතියි .. එකට දිගටම කරන්න.ReplyDelete.Replies.Reply.kasunMay 3, 2011 at 6:45 PM.ජයවේවා කිවුව එහනම්.....!!!!!!.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....!!!!!!.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 7:52 PM.@රොබින් - ස්තූතියි! ඔබලාගේ සහය නිසාම තමයි මෙසේ සතුටුදායක මොහොතක් සමරන්න හැකියාව ලැබුනෙත්....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 7:54 PM.@රවා - ස්තූතියි! හැකි අවස්ථාවල ඔබ‍ගේ වටිනා අදහස් එකතු කරන්න....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 7:55 PM.@චතූ...... - ස්තූතියි! සත් සමුදුර සමග ඉදිරියේදිත් රැදීසිටින්න....ReplyDelete.Replies.Reply.hare :-)May 3, 2011 at 8:00 PM.පොඩ්ඩක් විතර සීතල වුණාට ඔන්න මගෙනුත් සුභ පැතුම්. අළුත් තීම් එකත් මම බොහොම කැමති එකක්. ඔබේ විශේෂත්වය වුණේ මේ වර්ගයේ සටහන් ලියවෙන එකම අඩවිය මෙය වීම. දිගටම ඒ තත්ත්වය පවත්වගන්න අවස්ථාව ලැබෙයි කියල හිතනවා. :D.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 8:06 PM.@hare :-) - ස්තූතියි! මුල සිට සහ‍ය දෙන ඔබත් අමතක කල නොහැකි මිතුරෙක්. හැකි සෑම අවස්ථාවකම ඔබ ඒ බලාපොරොත්තුවෙන ගුණාත්මකභාවය රැකීම සිදුකරනවා...ReplyDelete.Replies.Reply.තාරක Dilsh@nMay 3, 2011 at 8:21 PM.ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි.....සුබ පැතුම්!.ReplyDelete.Replies.Reply.Buddhi May 3, 2011 at 8:25 PM.මටත් බ්ලොග් එකේ නම මතක හිටියේ අර න්‍යෂ්ටික බෝම්බ පෝස්ට් එකෙන්. පස්දෙ දිගටම කියෙව්වා. කමෙන්ට් නැතත් දිගම ලියන්න. මේ වගේ ලිපි කියවන්න ගොඩක් අය කැමතියි....!.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 8:30 PM.@තාරක Dilsh@n - ස්තූතියි! ඔව් මේ ඉතා කුඩා දුරක් පමනයි ඇවිත් තියෙන්නේ....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 8:32 PM.@බුද්ධි - ස්තූතියි! ඉදිරියටත් ඒ වගේ ලිපි රැසක් ලියන්න බලාපොරොත්තුවෙනවා....ReplyDelete.Replies.Reply.AnonymousMay 3, 2011 at 8:47 PM.නියමයි අයියා.... සුභ පැතුම්....!.ReplyDelete.Replies.Reply.අමිලMay 3, 2011 at 9:48 PM.මගෙත් උණුසුම් සුභ පැතුම්. ඔබට ජය....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 10:57 PM.@prasanna86k - ස්තූතියි! මල්ලී, ඉදිරියේදිත් සහය දෙන්න....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 11:01 PM.@අමිල - ස්තූතියි! ඉදිරියේදිත් සහය දෙන්න....ReplyDelete.Replies.Reply.UnknownMay 3, 2011 at 11:04 PM.දිනෙශ් අය්යා ඔන්න මගෙන් සුබපැතුම් !. මමත් මස 2 .3 ක ඉදන් සත් සමුදුර හැමදම වගේ කියවනව අනික මම කැමතිම ලිපියක් තමයි ආසියාවේ හෘද සාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් මොකද දන්නෑ කට්ටිය ඒක කියෙඋවෙ නැත්තෙ.මම කියවන හැමවෙලෙම comment නොදැම්මත් ගොඩක් වෙලාවට මේපැත්තෙ එනව හරි.. තව ඉස්සරහටත් නියම එවා ලියමු හරිද ඔන්න මම ගියා..ReplyDelete.Replies.Reply.jhothishalankaMay 3, 2011 at 11:32 PM.නිතර කමෙන්ට් නොකලට මාත් මේ බ්ලොග් එක බලනවා.සුභ පැතුම්..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 11:45 PM.@Theekshana - ස්තූතියි මල්ලී, ඉදිරියේදිත් හමුවෙමු....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 3, 2011 at 11:46 PM.@JHOTHISHALANKA - ස්තූතියි! තවදුරටත් සහය දෙන්න....ReplyDelete.Replies.Reply.පාඨකයාMay 3, 2011 at 11:49 PM.ඔන්න මගෙනුත් සුබ පැතුම්! නිතර කමෙන්ට් නොකලත්, මමත් හැමදාම ගොඩවෙන බ්ලොග් අඩවියක් මේක. ස්තුතියි අපේ දැනුම දියුණු කරගන්න උදවු වෙනවාට!.(තීම් එක මාරු කරපු එකනම් ගොඩක්ම හොඳයි. දැන් හොඳින් කියවන්න පුළුවන්).ReplyDelete.Replies.Reply.AkhilaMay 3, 2011 at 11:57 PM.නිතරම බලන නියම බ්ලොග් එකක්, ජයවේවා !!.ReplyDelete.Replies.Reply.හිස් අහසMay 4, 2011 at 12:29 AM.මම නිතරම කියවන බ්ලොග් එකක් ඒත් මේ බ්ලොග් එක මගේ දුර්වල නෙට් කනෙක්‍ෂන් එකේ ලෝඩ් වෙනවා හොරයි (පින්තූර නිසා මං හිතන්නේ) ඒක නිසා ඔෆිස් එකේ ඉන්නකොට තමයි කියවන්නේ ඒ වෙලාවට කමෙන්ට් කරන්න බෑ ගෙදර ඇවිත් සමහර වෙලාවට කමෙන්ට් එකක් දානවා ...ජයෙන් ජයම වේවා .. තව තව ලියන්න මගෙනුත් ඔන්න උනුසුම් සුබ පැතුම් ...!!.ReplyDelete.Replies.Reply.මගේ සයිබර් නිවහනMay 4, 2011 at 12:54 AM.තව තව වැදගත් දේ ලියන්න මගෙනුස් සුභපැතුම්.................ReplyDelete.Replies.Reply.උදාරMay 4, 2011 at 7:08 AM.මගේ අදහස අනුව නම් සත් සමුදුර කියන්නෙ කෙටි කාලයක දී දිගු ගමනක් ගිය බ්ලොගයක්. ඒ දිගු ගමනේ දි පාඨක දැනුම වර්ධනයෙහි ලා ඔබ බ්ලොගය කළ මෙහෙය අපමණයි. දිගින් දිගටම මා සත් සමුදුර සමගින් රැදී සිටීමට හේතුව ද එයයි. කෙසේ වෙතත් අතීතයේ දී ඔබ අප දැනුමෙන් පෝෂණය කළාක් මෙන්ම ඉදිරියේ දී ද එම කාර්යය තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට ඔබ හට ශක්තිය හා ​​ධෛර්යය ලැබේවායි මම හදවතින් ම සුබ පතමි..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 8:24 AM.@පාඨකයා - ස්තූතියි! ඔව් ඇත්තෙන්ම ඔබලා ලබා දෙන සහය නොමැති නම් මෙසේ වේගවත් ගමනක් ඒමට ලැබෙන්නේ නැහැ. පසුබිම ගැන නම් එතරම් හොද අදහසක් බොහෝ දෙනෙකුට නොතිබූ බව දැනුනා. ඔබලා ඒ නිසා යම් අපහසුතාවයන්ට ලක්වූවා නම් ඒ ගැන මාගේ බලවත් කණගාටුව නැවතත් පවසන අතරම ඉදිරියේදීද එවැනි ගැටළු ඇතිවූ ඕනෑම මොහොතක මා දැනුවත් කරන මෙන්ද ඉල්ලා සිටිනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 8:24 AM.@Akhila - ස්තූතියි! ඉදිරියේදිත් රැදී සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 8:28 AM.@හිස් අහස - ස්තූතියි! ඔබත් නිතරම එන බව දන්නා අතරම පින්තූර වැඩි වුනාම නම් තිරය මතට පැමිනෙන්නට ගතවන කාලය වැඩි විම ගැනත් ගැටළුවක් පැන නගිනවා නම් තමයි. ඒ ගැන කාරුණිකව ඉවසන්න කියලත් ඉල්ලන අතරම සටහන තවත් ගුණාත්මකවීමට පින්තූර වලින් මහඟු කාර්යයක් වනු ඇතිබවත් සත්‍යයක්. කෙසේ වෙතත් අනවශ්‍ය පින්තූර ඇතුලත් නොකර සිටීමටද හැම වෙලාවේම උත්සහ දරන බවත් පවසනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 8:29 AM.@මගේ සයිබර් නිවහන - ස්තූතියි! ඉදිරියේදිත් එන්න. හැකි සෑම වේලාවකම හරවත් සටහන් සත් සමුදුරේ තබන්න තව තවත් බලාපොරොත්තුවෙනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 8:35 AM.@උදාර - ස්තූතියි! ඔබ සත් සමුදුරේ දැවැන්තම ශක්තියක්. ඒ ගැන වචන දෙකක් නැහැ. ඒවගේම මෑත කාලයේදී නම් තරමක් දුරට සත් සමුදුරේ කලින් තරම් කරුණු අතින් වඩාත් පොහොසත් මෙන්ම දීර්ඝ ලිපි පල නොවීම ගැන මටත් කණගාටුවක් තිබෙනවා. එයට හේතු ගණනාවක් පැන නැගුනා. මූලිකම දේ තමයි නිවසේ හා රාජකාරියේ විවිද අත්‍යාවශ්‍ය කාරණා වෙනුවෙන් කාලය වෙන් කරන්න සිදුවීම සහ අනෙක් කරුණ තමයි නිව‍සේ පරිගණකය දැන් පැරණි හා දෝශ සහිත නිසා යම් අවස්ථාවල භාවිතයට ගත නොහැකි ආකාරයටම අබලන්වීම. කෙසේවෙතත් ඉදිරියේදී ඒ අපහසුතා ක්‍රමයෙන් මඟහැරෙනු ඇතැයි විශ්වාස කරනවා....ReplyDelete.Replies.Reply.AnonymousMay 4, 2011 at 2:23 PM.ඔබේ ලේඛන ගමනටත් සියවැනි සන්ධිස්ථානයටත් ඉතසිතින් සුබ පතමි..අන්තර්ජාල සම්බන්ධතාවයේ අඩුලුහුඩුකම් නිසා සමහර අවස්ථාවල ප්‍රතිචාර දක්වන්න අපහසුවී තිබෙන නිසයි මෙතෙක් සුබ පතන්න ප්‍රමාද වුණේ. ඉදිරියටත් සාරගර්භ ලිප රැසක් බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සඳහා ඔබට අවකාශත්, ශක්තියත් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන්නම්..මම.```Outsider```.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 2:39 PM.@```Outsider```- ස්තූතියි! සත් සමුදුරේ පැරණිම මිතුරෙක් ලෙස ඔබ සෑම විටම දැක්වූ සහය ප්‍රශංසනීයයි. ඉදිරියේදීද හරවත් ලිපි රැසක් පල කිරීමට සිතා සිටින අතරම ඔබගේ අපහසුතාවන්ද ඉක්මනින් මඟහැරුමට අවශ්‍ය විධිවිධාන සැල‍සේවායි මම ප්‍රාර්ථනා කරමි....ReplyDelete.Replies.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !May 4, 2011 at 4:04 PM.සුභ පැතුම් බොක්කෙන්ම.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 4, 2011 at 4:18 PM.@buwa - ස්තූතියි! ඔබත් සත් සමුදුර තව තවත් පාඨකයන් අතරට ගෙන යාමට දෙන සහය අමතක කරන්නේ නැහැ....ReplyDelete.Replies.Reply.AnonymousDecember 11, 2011 at 1:32 PM.suba pathum machan thawadurata blog liwimata shakthiya wasanawa labewa.........mama kalana.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.5 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි....සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Monday, October 24, 2011.Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි....මුලින්ම ඔබට කියන්න කැමතියි මේ තමයි සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහන. ඇතැම්විටක ශීඝ්‍රගාමීව වගේම ඇතැම් අවස්ථාවල මන්දගාමී ගමනක යෙදෙමිනුත් තමයි මේ ඉලක්කයට පැමිණියේ. ඒ ඉලක්කය සපිරීමේදී අති දීර්ඝ ලිපි මෙන්ම මැද ප්‍රමණයේ ලිපි හා කෙටි මෙන්ම පින්තූරවලින් යම් පණිවිඩයක් ගෙන ආ ලිපිද ඔබට දැකගන්නට ලැබුනා..කෙසේවෙතත්‍ මේ අවුරුද්දේ ජනවාරි 13 වනදා නිසියාකාරයෙන් ලිපියක් පලකර බ්ලොග් අඩවිය ක්‍රියාකාරී තත්වයට ගන්නා මොහොතේදී ‍මෙපමන ලිපි සංඛ්‍යාවක් හෝ මෙපමණ දුරක් පැමිණීමට කිසිදු අදහසක් තිබුනේ නැහැ. ඒ දුරප්‍රමාණය පැමිණීමට ශක්තිය හා අවශ්‍ය සහය දුන්නේ ඔබලා සැම බව මේ මොහොතේත් මතක් කරනු රිසියි. ඉතින් ඒ ගැනත් සතුටු සිතින් යුක්තව ‍එසේනම් සුපුරුදු පරිදි ලියාගෙන ආ ලිපි පෙලේ සිව්වන ලිපියට අපි දැන් ප්‍රවිශ්ඨවෙමු..මේ ලිපි පෙලේ කලින් ලිපි ත්‍රිත්වය -.හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව.ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2.Steve Jobs ගැන ගැඹුරින්... 3.Chrisann Brennan, ඒ Steve Jobs ගේ තරුණ කාලයේ සෑහෙන්න දුරකට ගෙන ගිය ආදර සම්බන්ධතාවයයි. ඔවුන් දෙදෙනා අතර මෙම සබඳතාවය ඇතිවූයේ Homestead උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ යයි කියන අතර පෙර ලිපියේදීද කියූ ලෙස ඇය අප කතානායකයාගේ අර්ධ හිපි ජීවිතයේදීද සහය වු චරිතයක් වූයේය (Steve Jobs ඉන්දියාවේ සිටි සමයේදී ඔහු LSD වැනි මත්ද්‍රව්‍යවල ත්‍රිල් එකද අත්හදා බලා ඇති බව කියයි). කෙසේවෙතත් මේ අවිවාහක තරුණ දෙපලට තරු විසිවූයේ 1977 පමණ වන විට Chrisann, Steve නිසා ගර්භනී තත්වයට පත්වීමත් සමගයි. කෙසේවෙතත් Steve දැඩි ලෙස මෙම දරුවාගේ පීතෘත්වය පිළිනොගත් අතර තමන් නිසරු පුද්ගලයෙක් බවත් තමන්ගෙන් දරුවෙකු පිළිසදගැනීමක් සිදුනොවිය හැකි බවටත් පදනම් විරහිතව දැඩි ලෙස තර්ක කල බව කියයි. බොහෝවිට සිදුවන්නට ඇත්තේ ඒ වන විට ඔහු ලබා ඇති සාර්ථකත්වය හා වේගයෙන් දියුණුවට පත්වෙමින් සිටියදී තමන්ගේ පාසල් කාලයේ පෙම්වතිය තවදුරටත් තමන්ට නොපෑහෙන බවට සි‍තෙන්නට වීම විය හැක..The new issue of Rolling Stone features.the late Apple visionary Steve Jobs..His first serious girlfriend, Chrisann Brennan,.writes about his young-adult years...මෙලෙස තනිවූ Chrisann ට, දියණියක් 1978 මැයි මාසයේදී ලැබෙන අතර ඇයට තබන නම Lisa Brennan වේ. පසුකලෙක නිපදවූ ඇපල් පරිගණකයකට Lisa යන නාමය තබන්නට Steve Jobs සිතන්නට ඇත්තේ, තමන් දරුවා ප්‍රතික්‍ෂේපකරත් ඔහුගේ යටිසිත තමන් කල දෙය ගැන තිබූ පසුතැවිල්ල හා දරුවාට තිබූ ආදරය වන්නට ඇත..Lisa පරිගණකය.දරුවා ලැබුන පසු Chrisann Brennan විසින් තමන්‍ සතුව තිබූ වත්කමින් හා සුභ සාධක වැඩසටහන් වලින් ලැබූ මුදලින් දරුවා උස්මහත් කරන අතර වසර 7 ක් ඉක්ම ගිය තැන එනම් 1986 දී Lisa හා Steve නැවත හමුවන අතර මෙම පියා තම දුව මුල් වරට නිවාඩුවක් ගත කිරීමට රැගෙන යයි..Jobs තම දියණිය Lisa සමග.පසුව 90 දශකයේ මුල් භාගයේදී තම පියා සමග ජීවත් වීමට Lisa ඔහුගේ නිවසට යන අතර දැන් ඇය 33 හැවිරිදි කාන්තාවකි. ඇය, ඇයගේ නැන්දා නැතහොත් තම පියාගේ සහෝදරිය (Mona Simpson) මෙන් වෘත්තියෙන් ලේඛිකාවක් වන අතර යුරොපයේ වාසය කරන බව පැවසේ. ඇය Oprah Magazine, Vogue, Harvard Crimson, The Massachusetts Review ආදී සඟරාවල ලේඛණ කටයුතුවල යෙදේ..(Mona Simpson (කලින් Mona Jandali), Steve Jobs ට ප්‍රථම වරට මුණගැසුනේ ඔහුට වයස අවුරුදු 27 දී බව කියන අතර ඇය ප්‍රසිද්ධ ලේඛිකාවකි)..Lisa වර්ථමානයේදී.Chrisann Brennan හා Steve Jobs අතර විවාහයක් කිසිදා සිදුනොවූ අතර 1991 දී ඔහු විවාහවන්නේ.Laurene Powell සමගයි. 1989 දී මෙම දෙපල Stanford's graduate business school හිදී මුල්වරට හමුවී කතාබහ කොට දැනඇදුනුම්කම් ඇති කරගන්නා අතර Laurene පෙනසිල්වේනියා‍වේ විශ්වවිද්‍යාල කිහිපයකම උපාධි කිහිපයක්ම ලබාගත් තැනැත්තියකි. මෙ‍ම දෙපලට දරුවන් තිදෙනෙකු ලැබුන අතර Eve, Erin and Reed නම් විය..Steve Jobs සිය බිරිඳ Laurene Powell සමග.Steve Jobs ගේ පෞද්ගලික අලකංලචි එසේ සිදුවෙද්දී නැවතත් ඔහුගේ වෘත්තීමය දිවියට එබිකම් කරන්නේ නම් 1974 දී නැවත ඉන්දියාවේ සිට සිය රට පැමිණි Steve Jobs, ලෝකයේ මේ දක්වා වේගයෙන්ම දියුණුවූ සමාගම ලෙස සැලකෙන ඇපල් සමාගම ඇරඹීමට මුල්වූ අනෙත් සගයා වන Steve Wozniak ට තමන්ද සාමාජිකත්වය දරන 'Homebrew Computer Club' සාමාජිකත්වය ලබා ගැනීමට ඇරයුම් කරයි. (ඇතැම් මූලාශ්‍රවලට අනුව ඇපල් සමාගමේ පලමුවැන්නා Steve Wozniak ලෙස හදුන්වන අතර එය බොහෝවිට සත්‍යයක්ද විය හැක්කේ Jobs ට වඩා ඉලෙක්ට්‍රොනික දැනුම අතින් Woz ඉදිරියෙන් සිටි බව කියයි. Apple I සහ Apple II පරිගණක නිර්මාණයේදීද එහි පරිපථ නිර්මාණයේදීද මුල්තැන ගත්තේ Woz බව නොරහසකි)..මෙම Homebrew පරිගණක සමාජය පැවත්වුනේ Stanford Linear Accelerator Center හි වන අතර එකල ඉලෙක්ට්‍රොනික ක්‍ෂෙත්‍රයේ නිරතව සිටි වෘත්තිකයන් හා එයට සම්බන්ද අයවළුන් එකට රැස්වී තම දැනුම බෙදාගත් හෝ එකිනෙකා අතර එම කටයුතු සදහා උදව් උපකාර බෙදාහදාගත් හා තමන් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික නිශ්පාදන අලෙවිකල ස්ථානයක් ලෙසද මෙය හැදින්වේ. Steve Wozniak පසුකලෙක ලියූ සටහනකට අනුව සිලිකන් නිම්නයේ මෙම පරිගණක සමාජ නොතිබෙන්නට ඇපල් පරිගණක බිහිනොවන්නටද ඇතිබව සදහන් කරයි (Without computer clubs there would probably be no Apple computers. Our club in the Silicon Valley, the Homebrew Computer Club, was among the first of its kind.).Wozniak ගත්විට ඔහු විනෝදකාමී පුද්ගලයෙකු ලෙස පැවසෙන අතර ඔහුට තිබුනේ විනෝදයට.ඉලෙක්ට්‍රොනික නිශ්පාදන බිහිකිරීමේ පිස්සුවයි. එහෙත් Jobs ට තිබුනේ මේවායේ වාණිජමය.වටිනාකමකි. එසේම ඇපල් I පරිගනකය මුලින්ම නිශ්පාදනයේදී එය විනෝදය තකා කරන්නක් පිණිස මිස වාණිජමය අරමුණු කරා නොයන බවට එකඟතාවයක් මුලින් ඔවුන් දෙදෙනා අතර තිබූ බවද පැවසේ (Jobs persuades Wozniak to build a personal computer with him. Woz agrees, although in his eyes on a "hobby, for-fun basis" and not for making money, as he later emphasizes)..මේ Wozniak විසින් ඇපල් පරිගණකය උපත ලැබූ අයුරු හා Steve Jobs ගැන වරක් පැවසූ කරුණු වල සංක්‍ෂිපත්යකි.."Steve Jobs මා උසස් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ පටන් මිතුරෙක්. අප දෙදෙනාගෙම මිතුරෙක් අපව එකිනෙකා හදුන්වාදුන්නේ අප දෙදෙනා අතරේ පොදු සමානකමක් තිබූ නිසයි. ඒ ඉලෙක්ට්‍රොනික්වලට තිබූ පිස්සුව හා විහිළුවලට අප දෙදෙනාතුලම ඇති ප්‍රියතාවයයි. ඔහු තුල සමාගමක් ආරම්භකරන්න විශාල උනන්දුවක් තිබුනා. ඔහු Atari සමාගමේ වැඩකල අතර එහි ප්‍රධාන පෙලේ පුද්ගලයන්ද ඔහුගේ මිතුරන්වූවා. ඒ අතරින් Nolan Bushnell ප්‍රමුඛම කෙනෙක්. Nolan Bushnell තමයි එම සමාගම ආරම්භකලෙත්. ඒවගේම Nolan Bushnell කියන්නේ Steve Jobs ගේ වීරයා නැතහොත් සිතේ ඇදුන ප්‍රතිමූර්තිය කිව්වත් නිවැරදියි. Steve ට අවශ්‍යවුනා සාර්ථක නිශ්පාදන බිහිකරන්න සහ ඒවා අලෙවි කිරීම ආරම්භකිරීමට මෙන්ම ඒවායෙන් හොද මුදලක් උපයා ගන්න. ඒවගේම ඔහුට හොද නිපැයුම් පිළිබදව අදහසුත් තිබුනා. විශේෂයෙන් නිවසේ භාවිතා කල හැකි අනාගත පුද්ගල පරිගණක පිළිබදව ඔහුගේ සිතේ ඇදී තිබුනා..Woz විසින් නිපදවූ Blue Box දුරකථන පද්දති.මුලාකිරීමේ Gadget එක සමග.‍Apple I පරිගණකය නිර්මාණය කිරීම සදහා අප දෙදෙනා අතර හවුලක් අතිකරගත්තා. අපි පළවෙනි අවුරුද්දේ ගොඩක් Apple විකුණුවේ නැහැ. රාත්‍රියේදී අපේ ගරාජයේ අපි ඒවා හැදුවා. අපි මුලින්ම හිතුවේ ඒවායේ පරිපත පුවරු Homebrew Club දී විකුණන්නයි. එයට අපිම සොයාගත්ත චිපයක් දාලා හැදුවා. හොදට වැඩකරා. ඊළගට අපිට $50,000 ක ඇනවුමක් ලැබුනා අපි ඉන්න ප්‍රදේශයේම කඩවලින්. අපිට ඉතින් ඉහේ මලක් පිපුනාවගේ තමයි..ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි මේ ඇනවුමට හරියන්න පරිගණක සිය ගානක් හදන්න මුදල් හොයාගන‍්නේ කියන එකයි. අඩුම තරමෙන් එකකට ඩොලර් සිය ගාණක් වියදම්කරන්න වේවි. Steve අපි දන්නකියන ඉලෙක්ට්‍රොනික් අමතරකොටස් විකුණන වෙලෙන්දෝ හමුවුනා. ඔවුන් අපිට ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි දෙන්න පොරොන්දුවුනා දවස් තිහක ණය කොන්දේසියක් යටතේ. කොහොමවුනත් අවුල මේකයි ණය ගෙවාගන්න බැරිවුනොත් ඔවුන්ට දෙන්නේ මොකක්ද? අපිට කියල මොනවත්ම තිබුනේ නැහැ. අපේම කියල ගෙයක්. අපේම කියල වාහනයක්වත්. ඒත් ඉතින් Steve කියන්නේ වැඩක් ලේසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. අපි මේ කෑලි ටික ගෙනැල්ලා ඒවා පුවරුවල සවිකර පාස්සල ඒවා ආයෙත් ගරාජයට ගෙනැත් පරීක්‍ෂාකරල බැලුවා. මේක චක්‍රයක් විදියට එක දිගට දවස් දහයක් කරා. සාර්ථකයි. ඔක්කොම වැඩකරා. ඒවගේම විකුණුවා. මේ වැඩේ හරිම සතුටුදෙයක් මොකද අපිට තිබුනේ එකම කළමණාකරන මට්ටමක් විතරයි..Apple I පරිගණකය නිර්මාණයේදී Wozniak ගේ සටහන්.දැන් ඉතින් අපිට අපේ නම තහවුරු කරගන්න ඕන. පරිගණක සඟරා පටන්ගත්තා. ඒකාලයේ තිබුනු microcomputers වල විස්තර එකතු කරන්න. ඔවුන් ඒවායේ කොච්චර මතකය තිබෙනවද? processor මොකක්ද? කොහොමද ඒක හදල තියෙන්නේ? මිල? Apple I ට හොද පෙනුමක් තිබනා ඒවගේම Apple කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ මුල්ම අකුරින් එන නමක් නිසා පරිගණක නාමයන් ඇති lists වල මුලින්ම ඉන්නත් වාසනාව ලැබුනා..Apple I එලියට දැම්මට පසසේ අපි උත්සහකලේ තව අළුත් විශේෂාංග එකතු කරන්නයි. අපි හිතුවා වර්ණවත් උස් විභේදනයෙන් යුතු පින්තූර ගැන (color and maybe some high-resolution graphics).මම ඒකට ක්‍රමයක් හොයාගත්තා වඩාත් හොද හා විවිද උපාංග අතර සංකලනයක් අති කිරීමෙන් හා තවත් චිපයන් එකතු කිරීමෙන් ඒක කල හැකි බව. අපි ඒක පරිගණක සමාජයේදිත් පෙන්නුවා වෙන කාටත් බැරිවුනත් අපිට ඉතා සුළු චිපයන් ප්‍රමාණයකින් විශාල දෙයක් කල හැකි පරිපථ නිපදවිය හැකි බව. හැබැයි ඒ කිසිදෙයක් කලේ වෙනත් කිසිදු හේතුවක් නොමැතිවයි..Apple II පරිගණකය Apple I තවත් වැඩිදියුණු කරල හදපු එකක්. එකේ පළමු එකෙන් භාගයක් තමයි චිප් තිබුනේ. ඒවගේම ඒක හොද නිපැයුමක් කියල කියන්න පුළුවන්. ඒක වේගවත්, ඒවගේම වර්ණවත් පින්තූර, උස් විහේදනය, විවිදාකායේ අකුරු සහ තවත් විශේෂාංගරැසක් එහි තිබුනා..හැබැයි මේ නිපැයුම් කරද්දී Steve සහ මා අතර වාදයක් තිබුනා ඒ කොච්චර expansion slots ගණනක් පරිගණකයේ අන්තර්ගතවියයුතුද යන්න ගැන.මට අටක් තිබිය යුතුවූ අතර ඔහුට අනුව එහි තිබිය යුතුවූයේ දෙකක්. මම අටක් කිව්වේ මොකද දන්නවද? මම minicomputers සම්බන්දයෙන් වැඩකරල තිබුන නිසා එහිදී ලබපු අත්දැකීම අනුව අමතර කාර්යයන් කරගන්න තව පුවරු සවිකරගන්න අවශ්‍ය වෙන බව දැනසිටියා. හැබැයි Steve ට හිතුනේ මිනිස්සු වැඩිම වුනොත් භාවිතා කරන්නේ ප්‍රින්ටරයයි, මොඩමයයි විතරක් කියල. කොහොමවුනත් මගේ අදහසට ඉඩ ලැබුන නිසා අටක් expansion slots දාන්න හැකි වුනා වගේම Apple II පරිගණක වල සාර්ථකත්වයටත් එය හේතුවක් වුනා..කොහොමවුනත් ප්‍රමාණවත් අයුරින් Apple II පරිගණක නිශ්පාදනයට මට ඒ වන විට කරමින් සිටි මගේ හොද ආරක්‍ෂිත රස්සාව වුන Hewlett-Packard සමාගමේ රැකියාවට ආයුබොවන් කියන්න සිද්දවෙලා තිබුනේ. මම ඒගැන හිතුවා ඒවගේම මම ඒකට නම් කැමතිවුනේ නැහැ.මට උවමනාවුනේ Homebrew Computer Club එකට ගිහිල්ලා මගේ අදහස් එතනදී බෙදාහදාගන්න සහ අළුත් අළුත් පරිගණක හැදීම ගැන කියන්න විතරයි. මට ඒක නිදහසේ කරන්න විතරයි අවශ්‍යවුනේ. මේ ගැන Steve නම් කනස්සල්ලට පත්වුනා. ඔහු මගේ හිතමිතුරන්ටයි, නෑදෑයන්ටයි දුරකථනයෙන් කතා කරල කිව්වා ඇයි Woz වැරැද්දක් දැන දැනදැනම කරගන්න ය‍න්නේ කියල. අන්තිමේ මේ අතරින් එක්කෙනෙක් මට කතාකරල කිව්වා ඔබලාට සමාගමක් පටන්ගන්න පුළුවන්නේ. ඉතින් ඒකෙම ඉංජිනේරුවෙක් වෙලා හොද පෝසතෙක් වෙන්නත් පුළුවන්නේ කියලා. ඉතින් ඒක මට හොද ධෛර්යයක්වුනා HP සමාගමෙන් ඉවත්වෙන අවධානම් තීරණය ගන්න..අපි අපේ මුල්ම දැන්වීම් ඒජන්සියට ගිහිල්ල අපේ අරමුණු හා අපේ නිශ්පාදන පිළිබදව හා ඒවා අලෙවිකරන්නට බලාපොරොත්තුවෙන විදිය ඔවුන්ව දැනුවත් කරා. ඒ ඒජන්සිය කිව්වේ මොකක්ද දන්නවද? ඇපල් කියන්නේ විහිළු නමක්නේ! ඒක මේ හොදයි අර ඔයගොල්ලෝ විනෝදයට වගේ මේවා හදපුකාලෙට. මේ නම නම් වෙනස් කරන්න වේවි. ඒ කියන්නේ තාක්‍ෂනයට අදාලවෙන නමක්, එහෙමත් නැත්නම් අංකවලට නෑකම් කියන නමක්, නැත්නම් ගණනය කිරීම්වලට හරි දත්ත සමුදායකට හරියන නමක්. අපි ‍අපේ මතයේම හිටියා. ඇපල් තමයි අපි ඉදිරියටත් භාවිතා කරන නම. ඒකෙන් යහපත්බව, නිවහනේදී අධ්‍යාත්මිකබවක්, පුද්ගලිකබවක් සහ මිත්‍රශීලී බවක් නිරූපනය වෙන බවයි අපේ අදහස වුනේ. මුලින්ම අපි භාවිතා කරේ නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙන සලකුන, මේ ඒජන්සිය අපිට දේදුන්නක වර්ණ ඇති ඇපල් ගෙඩිය ඇති ලාංඡනය නිර්මාණය කර දුන්නා. ඒක Steve ගේ අදහසක්"..http://www.atariarchives.org/deli/homebrew_and_how_the_apple.php.Woz එසේ කියද්දී මෙම මිතුරන්‍ දෙදෙනා සිය පළමු පරිගණකය නිපදවීම සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගත්තේ Steve Jobs සතුව තිබූ Volkswagen van ඩොලර් එක්දාස් ගාණකටත්, Woz තමන් සතුව තිබූ HP 65 Programable Calculator ඩොලර් පන්සිය ගණනකට විකිනීමෙන් ලද මුදලින් බව පැවසේ. මේ අතර තව ගැටළුවක් තිබුනි. ඒ ඒවනවිටත් Wozniak, Hewlett-Packard සමාගමේ සේවකයෙක් නිසා ඔහුවිසින් නිපදවන ඉලෙක්ට්‍රොනික උපාංගවල අයිතියද නීතිමය ව‍ශයෙන් එම සමාගමට අයිතිවීමයි. මේ නිසා Wozniak තමන් නිපදවූ අඩුමිල පුද්ගල පරිගණකය මුල්වරට Hewlett-Packard සමාගමට ඉදිරිපත් කලත් එයට ඔවුන්ගේ අවධානයක් යොමුනොවීය. එය ඔවුන් කරගත් ‍ඓතිහාසික වැරැද්දක්වන්නටද ඇත..HP 65 Programable Calculator.1976 දී Wozniak තමන් සේවය කරමින් සිටි Hewlett-Packard ආයතනයෙන් ඉවත් වන අතර ඊට වසර කට පෙර එනම් 1975 දී ඔහු තෘතීක අධ්‍යාපනය ලබමින් සිටි Berkeley හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන්ද ඉවත්වීම සිදුවී තිබුනි..1981 පෙබරවාරියේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණපෑමට Wozniak ට සිදුවිය. ඒ ඔහුගේ Beechcraft Bonanza single engine aircraft යානය California ගුවන් තොටුපලකදී අනතුරකට ලක්වීමයි. නියමිත ධාවනයට කලින් ඉහල එසවීමට යාමේදී මේ අනතුර සිදුවූ අතර මෙයින් Woz බරපතල ලෙස තුවාල ලැබූ අතර ඔහුගේ මුහුනේ සිදුවූ තුවාල වලට අමතරව මතකය අහිමිවීමේ තත්වයකටද මුහුණ පෑවේය. මේ තත්වය සති පහක් තිස්සේ තිබූ බව කියන අතර තමන්ට සිදුවූ අනතුර පිළිබදවත් ඔහුට මතකයක් නොවීය. ඔහුට සියල්ල අපැහැදිලි පටලයකින් වැසී තිබුනාක් මෙන් හැගුන අතර සියළුම දින සති අන්තයේ දිනබවට ඔහු සිතා සේවා ස්ථානයට වාර්තාකිරීමෙන්ද තොරව සිට ඇත. කෙසේවෙතත් ඔහු ඉක්මනින් නැවත ඇපල් සමාගමේ රැකියාවට නොපැමිණි අතර Candice Clark සමග විවාහ වීමද මේ අවධියේ සිදුවිය. විවාහයෙන් පසු නැවත Berkeley වෙත පැමිණියේ ඔහු වෙනත් නමකිනි. ඒ "Rocky Raccoon Clark" යන නමෙන් වූ අතර මෙහි Rocky යන්න ඔහුගේ සුරතල් බල්ලාගේ නමවූ අතර Clark යන නම තව බිරිඳගේ මුල් නම විය.ඔහු නැවතත් මෙම නමින් තමන් අත්හැරදමා තිබූ උපාධිය ලබා ගැනීමට සරසවියට යන අතර 1986 දී ඔහු එය ලබා ගන්නා ලදි..1983 දී Woz නැවත ඇපල් සමාගමේ සේවයට පැමිනියත් තව දුරටත් එහි ඉංජිනේරුවෙකු හෝ ක්‍රියාකාරීම සාමාජිකයෙකු වීමට අපේක්‍ෂා නොකරයි. 1987 පෙබරවාරි 6 වෙනිදා ඇපල් සමාගමේ පූර්ණකාලීන සේවයෙන් ඉවත්වන අතර එහෙත් තවදුරටත් කුඩා දීමනාවක් ලබාගන්නා සේවකයෙකු බවට පත්වේ. එසේම ඔහු එහි කොටස් හිමි අයෙකුද වේ. ("I never left. I keep a tiny residual salary to this day because that's where my loyalty should be forever. I want to be an "employee" on the company database. I won't engineer, I'd rather be basically retired due to my family." ).Woz ඉන්පසු නිහඬ චරිතයක් බවට පත්වන අතර ඔහුදැන් California පාසලක කුඩා දරුවන්ට පරිගණක ගැන උගන්වයි. එසේම ඔහු ‍ඉලෙක්ට්‍රොනික හො පරිගනක තාක්‍ෂනික ‍ක්‍ෂෙත්‍රයන් පිළිබදව උනන්දුව ඇති තරුණ පරපුරටද උදව් උපකාර කරන බව සදහන්ය..Wozniak වර්ථමානයේදී.කෙසේවෙතත් ඇපල් හදන්නටත් පෙර Steve Jobs විසින් Wozniak ව වරක් රැවටූ බවද කියයි. ඒ එසේමෙසේ රැවටීමක් නොවේ. ඒ අවධියේ Jobs, Atari සමාගමේ සේවය කරමින් සිටි අතර Jobs ට එම සමාගම වෙනුවෙන් Breakout නම් විඩියෝ ක්‍රීඩාවක් සදහා පරිපථ නිර්මාණය පැවරී තිබුනි. කෙසේවෙතත් මෙහි අභියෝගය වූයේ අඩුම චිප්ස් සංඛ්‍යාවකින් නිර්මාණය කල යුතුවීම වූ අතර Jobs ට ඒ සදහා අදහසක් නොවූයෙන් තමන්ට වඩා ඉලෙක්ට්‍රොනික් හරඹයේ දක්‍ෂයෙකුවූ Wozniak ඇරයුම් කලේ මේ කාර්යය ඉටුකරොත් තම වැටුපෙන් අර්ධයක් ඔහුට දෙන බවටයි. Wozniak අභියෝගය භාරගත් අතර ඒ සදහා ඔහුට කිසිදු තාක්‍ෂනික දළ සටහනක් නොමැතිවූවත් ක්‍රීඩාව සිදුවන ආකාරය තේරුම් ගැනීමෙන් පමණක් ඔහුට මෙම පරිපථය Jobs ගේ මුල් සැලැස්මෙන් අර්ධ චිප්ස් ගණනකින් නිර්මාණය කල හැකිවිය. පොරොන්දුවේ පරිදි Wozniak ට වැටුපෙන් අර්ධයක් ලැබුනි. ඒ Jobs ඒ වනවිට ලැබූ $750 න් අර්ධයක් වූ $375 කි. හැබැයි අපූරු කරුන වන්නේ මේ ගැන සතුටට පත් Atari සමාගම තවත $5,000 ක් බෝනස් එකක් ලෙස Jobs ට ලබාදීමයි. එහෙත් මෙම මුදල Jobs රහසක් ලෙස තබා ගත්තේය. කෙසේවෙතත් Steve Wozniak ගේ නිර්මාණය එලිදැක්වීමට Atari සමාගමට නොහැකිවන්නේ එය ඔවුන්ට නිර්මාණය කිරීමේදී කුඩාවීම හා සංකීර්ණ වීම යන ගැටළු හේතුවෙනි..Woz ඇපල් සමාගමෙන් ඉවත්වුවද ඔහු හා Jobs අතර පැවති සබදතාවය දිගටම Jobs ගේ මරණය තෙක්ම පැවතිබව පැවසේ. එහෙත් Woz ක් වරක් පවසා ඇත්තේ තමන් හා Jobs අතර සමීප සබදතාවයක් කවදාවත් නොතිබූබවයි..මේ ලිපි පෙල ඉවර නැහැ. ඊලඟ එකේදී අනින් තොරතුරු.....ලියුවේ සත්සමුදුර at 10:48 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.40 comments:.Praසන්னOctober 24, 2011 at 11:08 AM.ලිපි පෙල කියෙවුවත් කොමෙන්ට් එකක් දාන්න බැරිඋනා..වැදගත් ලිපි පෙළක්..200 ට සුබ පැතුම්. දිගටම ලියන්න හැකියාව ලැබේවා..ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 24, 2011 at 11:13 AM.@Praසන්ன - ස්තුතියි! ඊලඟ ලිපිත් බලන්න....ReplyDelete.Replies.Reply.මාරයාගේ හෝරාවOctober 24, 2011 at 11:39 AM.200 ට සුභ පැතුම් මුලින්ම....ඇත්ත වැඩකාරයා පැත්තක වගේ නේද..?.Steve Wozniak ගැන මෙහෙම ලිව්ව එකනං හුඟාක් වටිනවා මට ජොබ්ස් ගැන ලියපු දේවල්වලට වඩා....ඔහු සල්ලි මත්තේ යනවාටත් වඩා පර්යේෂණ පැත්තටත් දැනුම බෙදා ගැනීමටයි ආස කල සුන්දර මනුස්සයෙක් වගේ....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 24, 2011 at 11:43 AM.@මාරයාගේ හෝරාව - ස්තුතියි! මටත් හැගෙන විදියට නියම තාක්‍ෂනික ශිල්පියා Woz. හැබැයි ව්‍යාපාරික ඥානය ‍වගේම අළුතින් දෙයක් කරන්න ඕන කියන උනන්දුව තියෙන්න ඇත්තේ Jobs ට. කොහොමවුනත් Woz සල්ලි පසුපස එතරම් ගිය නැති කෙනෙක් වගේ තමයි පේන්නේ.නැත්නම් තමන්ම ආරම්භකරපු කොම්පැනියෙන් මේලෝකේ මිනිහෙක් අයින්වෙයිද?.ReplyDelete.Replies.Reply.උදාරOctober 24, 2011 at 11:46 AM.දැනුම වඩනු වස් මුල් තැනක් දෙමින්.කරන මෙහෙය හැමවිට මම වනමි නොමින්.අද ද හෙට ද වැජඹේවා පතන සිතින්.සත් සමුදුරට සුභ පතනෙමි මගේ හදින්.ReplyDelete.Replies.Reply.මාරයාගේ හෝරාවOctober 24, 2011 at 12:00 PM.ඒක ඇත්ත දිනේෂ්..ඔබට මතකද මං මුලින්ම ඔබෙන් කරපු ඉල්ලීම... කොහොමද ජොබ්ස් මේක ඉගෙන ගත්තේ කියලා..? ඒ වෙන එකක් නිසා නෙවෙයි පහුගිය දවස්වල හුග දෙනෙක් ස්ටීව් ජොබ්ස් වන්දනා කරන්න ගත්තේ ඔහු ගැන දැනගෙන නෙවෙයි කියන එක මට හුගක් හිතිලා තිබුන කාරණයක්....ඊ ළගට තැනින් තැන ඔහුව විස්තර කරපු අය කියන්නෙම පලවෙනි එක ගරාජ් එකේ හැදුවා කියන ටික විතරයි.. ඒ අස්සෙම කියවෙනවා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටුන විත්තියත්....ඊටත් පසුව ටිකක් හොයලා බලනකොට ඔහුට ඉලෙක්ට්‍රොනික් පිළීබඳව විශිෂ්ඨයෙක් වෙන්න තරං දැනුමක් තිබුන විත්තියක් ලොකුවටම කිය උනෙත් නැහැ. ඔය ටික පේනකොට තමා මං ඔබෙන් ඇහැවුවේ විස්තර.. ඔබ කලින් ලිපියේ ඒ ගැන සෑහෙන විස්තරයක් කලා..එතනදී උනත් විශිෂ්ඨ හැකියාවක් මට පෙනුනේ නැහැ නිර්මාණකරණය අතින්... ඇත්තටම රහස තියෙන්නේ මේ මිතුරාගේ විය යුතුයි කියන එක මට ටිකක් හිතිලා තිබුනේ... සීයට සීයක්ම නැති වෙන්න පුළුවන් උනත් මං හිතන්නේ මං ගිය පාර වැරදි නැහැ කියන එකයි..ස්ටීව් ජොබ්ස් හොඳ වෙළෙන්දෙක්..ඒකේ දෙකක් නැහැ..සමහර විට පසුකාලීනව ඔහු මුදල් ඉපයීමත් හරහා නැවත ඉගෙන ගන්නටත් ඇති.. එහෙමත් නැතිනම් තවත් අර වැනි දක්ෂයි‍න්ගේ හැකියාවන් කොල්ල කන්න ඇති... මං දැක්කා කලින් ලිපියේ කට්ටියක් රණ්ඩු සරුවල් කර ගන්නත් ඇවිත් තිබුනා සැබෑ බෞද්ධයකු සාර්ථක ව්‍යාපාරිකයෙක් විය හැකිද කියන කාරණාව ගැන... ඔය වෙලේ මටත් අදහස් දක්වන්න යන්න හිතුනත් මං මුකුත් නොකියා හිටියේ මේ දවස්වල එක දිගට කතා කර කර ඉන්න තරං වෙලාවක් නැති නිසයි. මොකද මමත් පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක් තමා බෞද්ධ දර්ශනය ලෙවකාපු අයට මිස ඒ තුලට කිඳා බැහැපු අයට සාර්ථක යැයි වර්ථමාන ලෝකය තුල සම්මත වී ඇති අන්දමේ ව්‍යාපාරිකයින් නොවිය හැකි බව....ස්ටීව් ජොබ්ස් කියන මිනිසා තුලත් මං දන්නා ආකාරයේ සැබෑ බෞද්ධ ප්‍රතිරූපයක් කිසි විටකවත් දැක්කේ නැහැ... ඒත් අපේ අය ටිකක් කැමතියිනේ ඌත් අපේ එකෙක් කියලා කියන්න... ඒ ආසාවට මුකුත් නොකියා හිටියේ අන්තිමේදී කොහේවත් යන මුදලාලි කෙනෙක් හින්දා අපි අපි මොකට වාද කර ගන්නවද කියලා හිතලයි.. ඔය ජොබ්ස් ගැන කතා කරන්න ගිහින් මගේ හොඳම යාළුවෙකුත් මාත් එක්ක ආරෝවට ආවා නෙව... ආයේ ඉතිං මොකටද කාලෙත් නාස්ති කරගෙන මිනිස්සුත් තරහා කර ගන්නේ මට සත පහකටවත් වැඩකට නැති මනුස්සයෙක් වෙනුවෙන් මං පිස්සු නටන්නේ....කොහොම උනත් 200 වැනි ලිපියෙන් ඔබ මං ඉල්ලපු දේ අඩු නැතිවම ලබා දීම ගැන අවසාන වශයෙන් බොහෝමත්ම ස්තූති වන්ත වෙනවා... ඊ ළග ලිපියෙන් හමුවෙමු....ReplyDelete.Replies.Reply.චතුරංග පෙරේරා [චතූගේ කථා]October 24, 2011 at 12:19 PM.ලිපි පෙළම මුලඉඳන්ම කියවනවා දිනේෂ් සහෝ... 200 වැනි ලිපියට මගෙනුත් සුභ පැතුම් ඔන්න... දිගින් දිගටම ලියන්න තමා ඕනේ... 200 > 2000 !!! ජයවේවා !!!.ReplyDelete.Replies.Reply.තාරක Dilsh@nOctober 24, 2011 at 12:48 PM.200ට සුභ පැතුම්.. දිගටම ලියන්න ශක්තිය ලැබේවා!.Steve ගේ Business mind එක නම් උපරිමයි....ReplyDelete.Replies.Reply.AnonymousOctober 24, 2011 at 1:01 PM.මගෙනුත් ඔබට සුභ පැතුම්.ReplyDelete.Replies.Reply.LankaOctober 24, 2011 at 1:35 PM.නියමයි... සත් සමුදුරට මම සුභ පතනවා. තවත් දිගු කාලයක් අපිව දැනුමින් පොසොසත් කරන්න කියලා.....මමත් හිතන විදියට වැඩකාරයා ජොබ්ස් නෙවි, Woz ..උදාහරනයක් විදියට අරන් බලන්න අන්තර්ජාලය නිර්මාණය කරපු ටිම් බර්නස් ලි උනත්, ඒයා අපිට යම් කිසි මුදලකට මේක පාවිච්චි කරන්න ඉඩ සැලැස්සුවානම් අද ඔහු තමයි මුළු කොකෙම අංක එකේ පොසතා. නමුත්......ලෝකයේ විශිස්ඪයන් මුදල් පසුපස කවදාවත් යන්නේ නැ....ReplyDelete.Replies.Reply.සෙන්නාOctober 24, 2011 at 3:11 PM.200 ට සුබපැතුම් පතනා අතරේ 200,000 කඩඉමද පසු කිරීමේ හැකියාව ලැබේවායි පතමි !!.අපව දැනුමෙන් පොහොසත් කරනා ඔබට ජයෙන් ජය !!.ReplyDelete.Replies.Reply.මාතලන්October 24, 2011 at 4:53 PM.මේ ළිපි පෙළ ම ඉතා ආසාවෙන් කියවනවා.. බොහොම ස්තූතියි... කොමෙන්ට් කළේ 200 ට සුභ පතන්න.....ReplyDelete.Replies.Reply.ලකී සිරිOctober 24, 2011 at 5:02 PM.200 වෙනි ලිපිය දක්වා සතුටු විය හැකි මගක ආ සත්සමුදුරට හදවතින්ම සුභ පතනවා.....මම ඉස්සර නම් ස්ටිව් ජොබ්ස් දැනගන හිටියේ ඇපල් සමාගමේ මහ මොළකාරයා විදියට විතරයි. අන්තර්ජාලය හරහා බොහෝ දේ කියෙව්වත් ඒව බොහොමයක් ස්ටිව් ජොබ්ස් ගෙ ප්‍රතිරූපය ඉහල නංවන සාම්ප්‍රදායික ලිපි...ඔබ නොලිව්වනම් මේ තොරතුරු මම නම් කොහෙන්වත් කියවන එකක් නැහැ..ස්තූතියි..ReplyDelete.Replies.Reply.AnonymousOctober 24, 2011 at 8:36 PM.Steve Jobs wanted to ruin Android according to biography.http://www.product-reviews.net/2011/10/21/steve-jobs-wanted-to-ruin-android-according-to-biography/.ReplyDelete.Replies.Reply.හිස් අහසOctober 24, 2011 at 10:47 PM.200 වැනි ලිපියට සුබ පැතුම් .නිතරම අදහස් දෙන්න බැරි වුණත් සත් සමුදුර බලන්න මම නම් නිතරම එනවා.දිගටම ලියමු දිනේශ් !!.ReplyDelete.Replies.Reply.Reshan ChathurangaOctober 24, 2011 at 11:16 PM.200ta suba pathami..ස්ටීව් ජොබ්ස් ගැන දන්නෙ නැති ජාති ගොඩක් දැනගත්තා.ReplyDelete.Replies.Reply.සෙන්නාOctober 25, 2011 at 12:40 AM.also watch "Pirates of Silicon Valley".ReplyDelete.Replies.Reply.ItalyDilanOctober 25, 2011 at 12:42 AM.මේ යාලුවා වගේ තමා ඇපල් වල නියම අයිතිකාරයා,,සැබෑ මිනිසෙක්,,මම හිතන්නේ සල්ලි පස්සේ නොදුවපු නිසා ඒ ගැන එච්චර සැලකීමක් කරන්න නැතුව ඇති.....සුභ පැතුම් 200 ලිපියට.ReplyDelete.Replies.Reply.BeetleOctober 25, 2011 at 12:22 PM.200 ට සුභපැතුම්...!!!! මේ මගේ ආසම බ්ලොග් එකක්....ReplyDelete.Replies.Reply.sudarakaOctober 25, 2011 at 5:56 PM.ලිපි 200 ගැන සුබ පැතුම්..බ්ලොග් එක පටන් ගත්ත දා ඉදන්ම කියෙව්වත් කොමෙන්ට් නම් දැම්මේ අඩුවෙන්...එත් හැම ලිපියක්ම එක වගේ රස වින්දා..ඒකට ගොඩක් ස්තූතියි.තව මේ වගේ සාමාන්ය දැනුමෙන් එහා ගිය ලිපි තව දාන්න...අපි අයියා ලියනකම් හැමදාම එවා කියවනවා..ReplyDelete.Replies.Reply.Buddhi October 26, 2011 at 10:14 AM.200 ‍ට සුබ පැතුම්!.මුල ඉදලා එන කෙනෙක් හැටියට මමත් හිතුවේ නැ මෙච්චර දුරක් එවී කියලා. මොකද තමන්ට තියෙන වැඩත් එක්ක මේ වගේ විශාල කරුණු තොගයක් අපිට දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද?.එක මාතෘකාවක් ඔස්සෙ යන ලිපි පෙලක් ගත්තොත් ඒක හරියට පර්යේෂණයක් වගේ හැම පැත්තම ආවරණය වෙන්න ලියවිලා තියෙනවා..මේහි තියෙන ගොඩක් කරුණු එක්කො පැය ගාණක් අන්තර්ජාලයේ කරක්ගහලා හොයා ගන්න ඕනෙ දේවල්, නැත්තම් සල්ලි දීලා පොත් අරං හෝ පුස්තකාල ගානේ ගිහිං හොයා ගන්න ඕන දේවල්. සත් සමුදුර හින්දා ඒ කරදර නෑ. සුවපහසු පුටුවකට වෙලා අපි මේ තොරතුරු කියවන්නෙ හරිම සැහැල්ලුවෙන්. ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි..මම ලිපිය කියවගෙන යද්දි ලියන්න හිටිය අනිත් කාරණා මගේ මිතුරන් වන මාරයත්, බීට්ල්ලුත් කියලා තියෙනවා.....ReplyDelete.Replies.Reply.BindiOctober 26, 2011 at 12:59 PM.බොහොම දේවල් දැන ගත්තා . මෙයා දුවට සලකපු විදිහ නම් මට ඇල්ලුවේ නැහැ . කොච්චර ලොක්කෙක් වුනත් මොකෝ මනුස්සකමයි වටින්නේ ..සත් සමුදුරේ 200 වෙනි සැතපුමට සුබපැතුම් ...පොඩ්ඩක් පමා වුනා එන්න ..ReplyDelete.Replies.Reply.sameeraOctober 26, 2011 at 5:56 PM.මුලින්ම 200 ට සුභ පැතුම් , STEVE JOBSවගේම Wozniak ගැනත් ලීවාට ස්තුතියි.ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:25 AM.@උදාර - ස්තූතියි මිතුර, හැබැයි කවිපද බදින්න නම් මම සමතෙක් නොවන නිසා මේ ලෙස පිළිතුරු දීමට ඔබ අමනාප නොවෙයි කියා සිතනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:29 AM.@මාරයාගේ හෝරාව - අප‍‍ගේ පාඨක මිතුරන් ඉල්ලන දෙයක් මා හට දෙන්නට හැකියාවක් තිබේ නම් මා එම ඉල්ලීම ඉටු කරන්නට හැකි සෑම උත්සාහයම දරනවා. මුල් ලිපියේදී මමත් ගියේ සාම්ප්‍රධායික ගමන් කියා මටත් ඔබ‍ ඒ ගැන විමසුවාම සිතුනා. හැම ලිපියකම දක්නට ලැබෙනවා වගේ ඔවුන් එකපාරටම පුද්ගල පරිගණකය හැදූබවක් තමයි පෙනුනේ. ඒකට ඔවුන් සතුව තිබූ ශක්‍යතාවයන් ගැන කතා කිරීමක් සිදුවුනේ නැහැ. ඉතින් පළමු ලිපියටත් හානියක් නොවන ලෙස වෙනස් ආකාරයේ ලිපි පෙලක් තමයි දැන් සනිටුහන් කරගෙන යන්නේ. ඒක මටත් අළුත් අත්දැකීමක් වුනා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:30 AM.@චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි මිතුර....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:31 AM.@තාරක Dilsh@n - ස්තූතියි මිතුර....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:31 AM.@Anony - ස්තූතියි!.ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:37 AM.@Lanka & ItalyDilan & sameera - සියළු දෙනාටම ස්තුතියි! මෙහි සැබෑ නිර්මාණකරුවා නම් Wozniak විය යුතුයි. හැබැයි Jobs ගේ නිර්මාණාත්මක දැක්ම සහ ඔහු එහි දුටු වාණිජමය වටිනාකම් නොවුනානම් බොහෝවිට පුද්ගල පරිගණක ලෝකයට හදුන්වාදෙන්නට තව සෑහෙන්න කාලයක් යයි. ඒවගේම Wozniak ගැන වුනත් ලෝකය දැනගන්න එකක් නැහැ. මම නම් හිතන්නේ ඔවුන් දෙදෙනාටම සමසේ මෙහි ගරුත්වය ලැබිය යුතුයි කියලා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:39 AM.@Senna,Beetle, ලකී, මාතලන්, හිස් අහස, sudaraka - ස්තූතියි! ඔබලා සියළු දෙනාටම....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:42 AM.@බුද්ධි - මම ඔබට ස්තූතිවන්තවෙනවා මා කරනා කාර්යය ඔබට සැබැවින්ම වැටහීම ගැන. ඇත්තටම මේ කරුණු සියල්ලම එකම මූලාශ්‍රයක සොයාගැනිමට නම්නොහැකි වේවි. ඒ වගේම මූලාශ්‍ර වෙන්වෙනව ගත්තත් ඒවා සොයාගැනීමත් අපහසුවේවි. මුදල්ගෙවා මේවා ගන්නට ගියොත් එයටත් යම් පිරිවැයක් දරන්නට වේවි. ඒ වගේම මුලසිටම ඔබ මට ලබාදෙන ධෛර්ය සහ සහයත් ඉතා විශිෂ්ඨ බව මේ මොහොතේත් සදහන් කරන්නට කැමතියි....ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 10:45 AM.@Bindi - ස්තූතියි! මමත් ඔබගේ මතයම දරනවා. තමන්ගේ දරුවට සලකන්න බැරි පුද්ගලයෙක් ගැන නම් බොහොම කලකිරීමක් ඇතිවෙනවා. ඒ එක්කම ඔහු පසුකාලෙක දරුවා පිළිගත්තත් එම දරුවාගේ කුඩා අවධියේ ඇය හදන්නට ඇයගේ මව කොතරම් ‍කැපවීමක් කරන්නට ඇත්ද පියෙක් නැතුව....ReplyDelete.Replies.Reply.මහේෂ්October 27, 2011 at 11:47 AM.එන්නට ප්‍රමාදවුනත් 200 වන ලිපියට මගේ සුබ පැතුමත් එක් කරන්නේ , තවත් ලිපි පෙළකට කළ හැකි හෘදයාංගම දිරි ගැන්විමක් ලෙසින් . හැමදාමත් වගේ මිල කළ නොහැකි දැනුමක් ඔබේ ලිපියෙන් මම ලබා ගත්තා , බොහොම පිං අපිට මේ දැනුම ලබා දෙනවාට..ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 1:55 PM.@මහේෂ් නිශාන්ත - ස්තූතියි! ඔබ ලබාදෙන සහයද අගය කරමි....ReplyDelete.Replies.Reply.``` Outsider```October 27, 2011 at 2:10 PM.පුද්ගල ගුණාංගයන්ගෙන් වගේම හැකියාවන්ගෙනුත් උසස් මිනිසා වෙන්නෙ Woz කියලයි මට හිතෙන්නෙ. නිර්මාණාත්මක හැකියාව කූඨ වෙළෙඳ අභිප්‍රායයන් වෙනුවෙන් භාවිතා නොකිරීම උසස් මිනිස් ගුණාංගයක්. ධනවත්වීමම අරමුණු නොවීම ඉතා හොඳයි..200 වැනි ලිපියත් කියවන්න ලැබුණ. ඔබේ ගමනට සුබ පැතුම් !.ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 27, 2011 at 3:24 PM.@``` Outsider```- ස්තූතිය! ඒ‍වගේම සත් සමුදුර පසුකරන හැම සංධිස්ථානයකදීම ඔබ නොවරදවාම පැමිණි අයෙක්ලෙස මේ මොහොතෙත් අගය කරන්නටද කැමැත්තෙමි. ව්‍යාපාරික හා ඉදිරිදැක්ම අතින් Jobs ඉදිරියෙන් සිටියත් පුද්ගල ගුණාංග අතින් නම් ඉදිරියෙන් සිටින්නේ Woz වියයුතුයි කියලයි මගේ හැගීමත්....ReplyDelete.Replies.Reply.AnonymousOctober 27, 2011 at 6:42 PM.ලිපි 200 ක් දැම්මට මගෙනුත් ඔබට සුබ පැතුම්!!!!! දිගටම ලියන්න!!!! ජයවේවා!!!!!.ReplyDelete.Replies.Reply.IsuruOctober 28, 2011 at 7:26 AM.200 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම්...! අවුරුද්දක් ඇතුලත ලිපි 200ක් ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක්ද, කොහොම උනත් මෙතනින් නවතින්නෙ නැතුව දිගටම අපිත් එක්ක ඉඳියි කියල හිතනවා :).ReplyDelete.Replies.Reply.සත්සමුදුරOctober 28, 2011 at 10:59 PM.@Anony සහ Isuru - ස්තූතියි! ඔව් 200 ක ඉලක්කයක් කවදාවත් හිතුවේ නැහැ. ඒ වගේම දැන්ම නවතින්න අදහසකුත් නැහැ....ReplyDelete.Replies.Reply.HareendraJanuary 5, 2012 at 6:09 PM.මමත් හිතන්නෙ woz තමා වැඩකාරයා කියලා. කොහොමත් woz ට තියන්නෙ galaxy nexus එකක්. Jobbs තරම් show දාන්නෙත් නෑ. හොද හාදයා..ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).▼ October (12).ඇපල් සහ මයික්‍රොසෝෆ්ට් අතර සිදුවූ දේවල් සහ අවශේෂ ක....ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති....Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්....Steve Jobs ගැන ගැඹුරින්... 3.ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ....හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව.කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්....ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photogr....ටයිටනික් නැවේ ඇතුලත පින්තූර.ඔබ විසින්ම ඔබගේ ජීවය කෙටි කරගැනීමට පාර කපාගන්නා කා....අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask.ටර්මිනේටර්, ඇවටර්, කොනාන්ද බාබෙරියන්, ඒලියන් හදපු ....► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.5 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: May 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Wednesday, May 30, 2012.මේ ඇමරිකාවේ අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි....බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි ‍මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ලියන්නට සිදුවීමත් නිසා අමතර වෙහෙසක් දරන්නටත් සිදුවුනා. කියවන්නට දේ ඕනෑනම් ඕනෑතරම් දේ සත් සමුදුරේ පළ වන නිසා එවා කියවා මේවා බල රසවිද හිතෙන දෙයක් Comment කරන්න....ලියුවේ සත්සමුදුර at 10:21 AM 28 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතාකරන රූප.Friday, May 25, 2012.Windows Explorer ඔබට වද දෙනවාද? මෙන්න මේ විසදුම් ඔබට ගැලපේදැයි බලන්න....මේ දවස් වල මම මේ කරදරයට සමහර අවස්ථාවල මුහුණ දෙනවා. ඒ තමයි හිටි හැටියේම Windows Explorer Crash වෙලා එය වසා දමන්නදැයි අසා සිටීම..ඉතින් මෙයට විසදුමක් ලෙස තෙවන පාර්ශවයේ Explorer Tool එකක් හොයන කොට කිහිපයක්ම ලැබුනා. ඉතින් මම ඒවායෙන් හිත් ගත් ඒවා කිහිපය ගැන ඔබටත් කියන්නට සිතුනා..මෙන්න එයින් එකක් Q-Dir. ‍1 MB එකකටත් වඩා කුඩා මෙම මෘදුකාංගය ඔබට http:/http://www.softwareok.com/?seite=Freeware/Q-Dir වෙබ් අඩවියට පිවිසිමෙන් නොමිලේම ලබාගත හැකියි.තවත් මේ වගේ මෘදුකාංගයක් තමයි FreeCommander. මෙයත් නොමිලේම ලබා ගන්න පුළුවන් http://www.snapfiles.com/get/freecommander.html වෙබ් අඩවියට පිවිසීමෙන්..මේ දෙකම ඔබට සිතට අල්ලන්නේ නැත්නම් CubicExplorer කියන මෘදුකාංගයත් අත්හදා බලන්න. මෙන්න එය ලබා ගැනී‍මට වෙබ් ලිපිනය http://www.cubicreality.com/ce/.මේ මෘදුකාංග ත්‍රිත්වය තුල ඒවාට ආවේණික ‍විශේෂ ලක්‍ෂනත් තිබෙනවා වගේම Windows Explorer වලදී ලබා නොදෙන වාසිත් මේවායේ අන්තර්ගතයි. කැමතිනම් භාවිතා කළාට වරදක් නැහැ..පසු සටහනක් : මේ සටහන නම් මේ ලිපියට අදාල එකක් නොවෙයි. ‍මම මේ කියන්න යන්නේ ආගමික කටයුත්තකට සම්බන්ද බ්ලොග් අඩවියක් ගැන. මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ "හෙළ විජය තරුණ සංවිධානය" නම් බෞද්ධාගමික සංවිධානයක් වෙනුවෙන්. මෙහි නිර්මාතෘවරයා පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ. දැනට මම තමයි අවශ්‍ය තාක්‍ෂනික උපදෙස් සපයන්නේ. විවිද ධර්මානුකූල වැඩසටහන් ක්‍රියාත්මක කරන මෙම සංවිධානයේ දැක්ම හා ඉදිරි වැඩ පිළිවෙල ගැන සටහන් වන මෙම බ්ලොග් අඩවියටත් ඔබත් කැමති නම් ගොඩවෙලා බලන්න. මෙන්න ඒ සදහා ලිපිනය - http://helavijaya.blogspot.com/.ලියුවේ සත්සමුදුර at 3:24 PM 1 comment:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Thursday, May 17, 2012.පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම.මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ..අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action එකක් ලෙස සාදා ගැනීමෙන් නිතර නිතර එම කාර්යය කරනවා නම් ඒවා වෙන් වෙන් අවස්ථාවල වුනත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා..මෙන්න මෙහෙමයි මේ ලිපිය සදහා භාවිතා කිරීමට සරළ Action එකක් සාදා ගන්නේ..මුලින්ම අවශ්‍ය පින්තූර ගොන්නෙන් එක පින්තූරයක් විවෘත කර ගනිමු..දැන් එම Menu bar හරහා Window වලදී Action Palette එක විවෘත කරගන්න..රවුමින් දක්වා තිබෙන "Create New Action" තෝරන්න..මෙහි රවුමින් දක්වා තිබෙන "Begin Recoding" button Click කරන්න...මෙවිට ලැබෙන මේ Window එකේදී කැමති නමක්, අවශ්‍ය නම් තවත් පහසු කර ගැනීමට Function Key එකක් Assign කිරීම සිදු කරගෙන Record Button එක Click කරන්න..දැන් Image හරහා Image Size තෝරන්න..දැන් අවශ්‍ය පියවරයන් වන පින්තූරයේ Width හෝ Height අගයක් හෝ අගයන් දෙකම වෙනස් කර Ok කරන්න. තවත් ඔබට අවශ්‍ය යමක් වේ නම් ඒවාත් සිදුකර කැමති නම් Image එක Save කර ගෙන හෝ නොමැතිව "Stop playing/Recording" button එක Click කරන්න..දැන් ඔබ මෙම පින්තූරය close කර මෙම වෙනස්කමම සිදුකිරීමට බලාපොරොත්තුවන පින්තූරය හෝ පින්තූර තෝරා ඒවා Open කරගන්න..ඔබට අවශ්‍ය එක් පින්තූරයකට මෙම වෙනස්කම සිදුකිරීමට නම්, Action Palette වෙතට ගොස් ඔබ විසින් සුදුසු නමක් ලබා දී තැනූ Action එක තෝරා මෙහි දැක්වෙන "Play Selection" button එක click කරන්න. එවිට වෙනස්කම ක්‍ෂනයකින් සිදුවනු ඔබට දිස්වනු ඇත..ඔබට අවශ්‍ය පින්තූර රැසකටම එක්වර මේ වෙනස්කම සිදුකිරීමට නම් ඔබට අවශ්‍ය පින්තූර සියල්ල Open කර ගැනීමෙන් හෝ යම් Folder එකක ඇති සියළුම පින්තූරවලට මේ කාර්යය සිදුකරගැනීමට නම් පින්තූර අප විසින් Open නොකරද මෙම කාර්යය කළ හැක..පළමුවෙන්ම විවෘත කරගත් පින්තූර කිහිපයකට මේ කාර්යය සිදුකර ගැනීමට නම්, එම පින්තූර Photoshop වලදී විවෘත කර ගැනීමෙන් පසුව Menu bar හිදී File හරහා Automate සහ Batch යන්න තෝරන්න..මෙහිදී ලැබෙන මෙම Window දී Action යන්නට ඔබ විසින් තැනූ Action name එකත් Source දී "Opened Files" යන්නත් තෝරා OK කරන්න. එවිට එක්වරම විවෘත කරගෙන සිටින පින්තූර සියල්ලටම මෙම වෙනස සිදුවනු ඇත..යම් හෙයකින් ඔබට එක් Folder ක තිබෙන සියළුම පින්තූරවලට මෙම වෙනස්කම සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් Source හිදී Folder යන්න තෝරා එහිදී "Choose" button click කර අවශ්‍ය Folder තේරීමෙන් අනතුරුව OK කිරීමෙන් Folder ඇති පින්තූර සියල්ලටම එකවර වෙනස් කම සිදුවනු ඇත..මෙහි දැක්වූයේ කුඩා කාර්යයක් සිදුකරගන්නා අයුරුයි. ඔබටත් නිතර නිතර කරන්නට වෙනස්කම් කිහිපයක් එක්වරම සිදුකරගැනීමට මෙය උපකාරීවනු ඇතයි සිතමි..ලියුවේ සත්සමුදුර at 2:20 PM 5 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පින්තූර වැඩ.Sunday, May 13, 2012.ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය.මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ.අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් සමග ලියවුන ඔහු ගැන මෙන්ම ඇපල් සමාගම ගැන ලිපි පෙල නිසා යටපත් වුන මෙම ලිපිය හදිස්‍සියේම ලියන්නට සිතුනේ මේ දක්වා දිගු ලිපි පෙලක් ලෙස ලියාගෙන එන දෙවන ලෝක යුද්දය පිළිබදව සවිස්තරාත්මකම ලිපි පෙළද ලියාගෙන යන අතරතුරයි..ලන්ඩන් නුවර කේන්‍ද්‍රකරගෙන පිහිටුවා ඇති මෙම ඉටි රූප කෞතුකාගාරය මේ වන ‍විට ලෝකයේ ප්‍රධාන පෙලේ නගර කිහිපයකම පිහටුවා තිබෙනවා‍. මේ කෞතුගාරයේ නම පරිදි මෙහි නිර්මාතෘවරිය කාන්තාවක් ඇය නමින් Marie Tussaud, 1761 දී ප්‍රංශයේ උපත ලද කාන්තාවක්. ඇගේ නමේ අගට මෙම Tussaud කියන කොටස භාවිතාවට යොදාගනු ලබන්නේ ඇය 1795 දී François Tussaud නම් මහත්මයා විවාහ කරගත් පසුවයි. එතැන් සිට ඇය, මෙම කාර්යයට වඩාත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුනද පෙර දැරි කරගෙන Madame Tussaud කියන නම භාවිතයට ගනු ලබනවා. ඒ අනුව ඇයගේ නියම නම තමයි Anna Maria Grosholt..ඇයට මෙම ශිල්පය ඉගනගැනුමට ලැබෙන්නේ ඇයගේ මව නිසා. ඒ ඇයගේ මව, සවිට්සර්ලන්තයේ සිටි ඉටි අනුරූ නිර්මාණය කිරීමේ දක්‍ෂයෙකු වූ වෛද්‍ය Philippe Curtius ගේ නිවසේ බලාගත් තැනැත්තිය නිසා ඇය සමග සිටි මෙම කතානායිකාවටත් හැකියාව ලැබෙනවා අද දක්වා ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඇයගේ කර්තව්‍ය පිළිබදව හැදෑරීමටත්‍. එම වෛද්‍යවරයාටත් ස්තූතිවන්තවිය යුතුයි මේ වගේ නිර්මාණාත්මක කලාවක් තම නිවස බලා ගත් තැනැත්තියගේ දියණියට ඉගැන්වීම පිළිබදව..Tussaud ගේ පළමු ඉටි අනුරුව වශයෙන් තනන්නේ 1777 දී. ඒ කිර්තිමත් ප්‍රංශ දාර්ශනිකයෙකු වන Voltaire ගේ .ඉන් පසුව ඊ‍ට ආසන්න කාලයකදී ඇය විසින් Jean-Jacques Rousseau සහ Benjamin Franklin.කියන කෘතහස්ථ පුද්ගලයන්ගේ ඉටි අනුරූත් නිර්මාණය කිරීම කර තිබේ..Voltaire ගේ ඉටි රුව.ප්‍රංශ විප්ලවය සමයේ ඇයගෙන් සිදුව තිබෙන කාර්යභාරයත් අමුතුම එකක්. ඒ අවධියේ ඇය මේ විප්ල‍වයේ, වැරදිකරුවන් වන ප්‍රමුඛ පෙලේ විප්ලවවාදීන්ගේ හිස ගස දැමූ පසු ඇය විසින් එම හිස් භාවිතා කර Death Mask තනන ලද අතර ඒවා ප්‍රංශයේ පැරිස් නුවර පුරා සංචාරය කරන විප්ලවවාදීන්ගේ පෙළපාලි වල ඉදිරියෙන්ම සංකේතාත්මක විප්ලවීය ධජ ලෙසත් භාවිතා කර තිබෙනවා..1794 දී ඇයට මෙම මහඟු ශිල්පය කියා දුන් වෛද්‍යවරයාගේ මිය යාමත් සමග ඇය විසින් ඒ වන විට නිර්මාණය කරන ලද ඉටි අනුරූ එක්රැස් කරගෙන යුරෝපය පුරා ඒවා ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මෙම කාර්යය ඉන්පසු ගතවූ වසර 33 ක කාලය පුරා ඇය විසින් කරන ලද බව තමයි පැවසෙන්නේ..ඇය ලන්ඩන් නුවරට පැමිණ තිබෙන්නේ 1802 දී. ඒ එහි වාසය කළ තවත් විවිද විශ්මිත දේවල් ප්‍රදර්ශනය කළ තැනැත්තෙකුගේ ආරාධනයෙන්. කෙසේවෙතත ඔහුගේ ආරාධනයෙන් ලන්ඩන් පුරවයට පැමිණ සිය නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කළත් ඇයගේ ආර්ථිකයට නම් එය යහපත් වී නැහැ. මන්ද එයට එක් හේතුවක් තමයි ඇය උපයන ආධායමෙන් අඩක්ම ඇයව මෙම නගරයට පැමණෙන ලෙස ආරාධනා කල තැනැත්තා විසින් ලබා ගැනීමත්..1803 වසරේ සිට ප්‍රංශයේ එවකට අධිරාජ්‍යයා වන නැපෝලියන් විසින් බ්‍රිතාන්‍ය සමග යුද වැදීමත් සමග.Marie Tussaud ට නැවත ප්‍රංශයට යාමට ලැබෙන්නේ නැහැ. මේ නිසා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය පුරා සංචාරය කරමින් සිය ඉටි නිර්මාණ ප්‍රදර්ශනය කරන අතරතුරදී 1831 දී ඇය ලන්ඩනයේ සුප්‍රකට බේකර් වීදියේ ස්ථානයක් කුලී පදනම මත ලබාගෙන, තැනින් තැන ඇවිදිමින් තමන් කළ නිර්මාණ ලෝකෙට පෙන්නන එක නතර කරල මෙම ස්ථානයේ ඒවා ප්‍රදර්ශනයට තබන අතර පසුව 1835 දී ඇය මේ ස්ථානයේ ස්ථීරව පදිංචි වෙලා Madam Tussaud කෞතුකාගාරය ආරම්භකරනු ලබනවා..1842 දී ඇය විසින් තමාගෙම රුව ඉටියෙන් නිර්මාණය කරන ලද බව පැවසෙන අතර එය කෞතුකාගාරයට ප්‍රවිශ්ඨ ‍වන දොරටුව අසලම තබා ඇති බව පැවසේ.මෙම කෞතුකාග‍රයේ තවතමත් ඇය විසින් පෞද්ගලිකවම නිර්මාණය ලද ඉටු අනුරූ රැසක්ම තිබෙන අතර අනෙක්වා ඇයගේ සහායක ශිල්පීන් හෝ වර්ථමාන ශිල්පීන් විසින් ගොඩනංවන ලද ඒවායි. මේ මහඟු කලාකාරිනියේ අභාවය 1850 අප්‍රේල් 15 වන දින ඇය නිදාසිටින විටදීම සිදුවූ බව තමයි කණගාටුවෙන් පවසන්නට සිදුවන්නේ..කෙසේවෙතත් මේ මහඟු ආයතනය 1925 දී ගින්නකින් හා 1941 දී හිට්ලර්ගේ ජර්මානු ගුවන් යානා විසින් හෙලන ලද බෝම්බ වලට ලක්වීම නිසා පැරණි විශිෂ්ඨ නිර්මාණ රැසක් විනාශයට පත්වෙනවා. එයින් සමහරක් යථා තත්ත්වයට පත් කරන්නට හැකියාව ලැබුන බව පැවසෙනවා..එදාටත් වඩා දියුණු හා සංකීර්ණ ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පුරා තම කීර්තියද දරා ගනිමින් මෙම ආයතනය ඉදිරි‍යට ගෙනයාමට අදටත් ඒ වෙනුවෙන් වෙහෙසෙන පිරිස රැසක් සිටිනා බව පැවසෙනවා. අප මේ ඉටි අනුරූ නිර්මාණ නරඹන තරම්, එසේත් නැතහොත් ඒ ගැන ලියන්න, කියවන්න දරන වෙහෙසට වඩා අප්‍රමාණ වෙහෙසක් මේ වෙනුවෙන් දරන්නට සිදුවන බව පැවසෙන අතර එක් ඉටි අනුරුවක් නිර්මාණයට පැය 800 ක් පමණ ගතවන වෙහෙසකාරී, කැපවීමෙන් සහ සීරුවෙන් කළ යුතු කාර්යයක් ලෙස අවිවාදයෙන් සදහන් කල යුතුයි..මූලික මිමි අදාල පුද්ගලයාට ආරාධනා කොට ඔහු හෝ ඇය එම ආයතනට පැමිණි පසු සිරුරේ අවශ්‍ය සියුළු කොටස් වල මිමි හිසේ සිට දෙපතුල දක්වා සවිස්තරව ලබා ගැනීම සිදුකරනු ලැබේ. එසේ පැමිණීමට නොහැකි අය වන හෝ මේ ජීවතුන් අතර නොමැති අයෙකු (උදාහරණයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වැනි අයෙකු) නම් එම අයගේ ඡායාරූප ඇසුරෙන් මෙම ඉටි අනුරූ තැනීම සිදුකරන අතර කෙසේ මේ කාර්යය සිදුකලත් අදාල පුද්ගලයාගේ සේයාරූ 250 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඒවා සියුම්ව නිරීක්‍ෂනය කිරීම තුලින් හැඩය නිර්මාණය කිරීම ආරම්භකරනු ලැබේ..මේ දැක‍්වෙන්නේ අපගේ අසල්වැසි රටේ සුන්දර මිනිසකු වන ශාරුක් ඛාන්ගේ ඉටි රුව සෑදීමේදී අනුගමනය කල පියවරයන්ය -.එසේ ලබා ගනු ලබන මිමි සහ සේයාරූ භාවිතයෙන් මෙම මූර්ති ශිල්පීන් විසින් විසින් මුලින්ම කරනු ලබන්නේ හිසේ හැඩය ඇති අච්චුව Clay වර්ගයක් භාවිතා කර ඇසුරෙන් සෑදීමයි. ඉන්පසු සිරුරේ සැකිල්‍ල වානේ භාවිතා කර තනන අතර ඒවා සිරුරේ හැඩය අනුව පුරවනු ලබන්නේද Clay වලින්මයි. අනෙක් කරුණ වන්නේ මෙම ඉටි අනුරුවක් අදාල පුද්ගලයාගේ සත්‍ය දේහ ප්‍රමාණයට වඩා 2% ක් විශාලත්වයෙන් ඇඹීමයි..මේ දැක්වෙන්නේ CNN නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකුගේ ඉටි රුව සාදන අයුරුයි..මෙසේ තනා ගත් අච්චුවල මෙසේ වෙන් වෙන් වශයෙන් හිස සහ කද නිර්මාණය කරන අතර උණු කරන ලද ඉටි එම අච්චු වලට වක්කර ඒවා සිසිල් වී ඝනවීමට ඉඩහරිනු ලැබේ. ඉන්පසු මෙම තැනූ ඉ‍ටි අනුරුව තවදුරටත් අදාල පුද්ගලයාගේ සියුම් අංග ඉස්මතුවනසේ සීරුවෙන් හා සියුම්ව ඒ සදහා නිපුනත්වය ශිල්පීන් විසින් සකස් කරන අතර මිමි ලබා ගැනීමේදීම ලබා ගන්නා ඉටි අනුරුවෙන් නිරූපිත පුද්ගලයාගේ සමේ වර්ණය, ඇසේ වර්ණය හා හැඩය, කෙස්, දත් ආදියට ගැලපෙන ඒ ඒ කොටස් මෙම ඉටි රුවටද සවිකරන අතර ඒවාද විවිද හැඩයන්ගෙන්, විවිද වර්ණයන්ගෙන්,විවිද මූලද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත් ඒවා මෙම ආයතනය සතුව තිබේ. ‍එසේම කිවයුතුම කරුණක් වන්නේ මෙම ඉටි අනුරූ තැනීමට ලබා ගන්නා දත්ත කිසිවටෙකත් බාහිර පාර්ශවයකට ලබානොදීමට මෙම ආයතනය දැඩි ලෙස අනුගමනය කරන ප්‍රතිපත්තියයි..ඇස්, ඇස් පිහාටු, කොන්ඩා, දත් අවශ්‍ය ආකාරයකට ඔවුන් සතුව ඇත..ඒ ඒ වර්ණයේ කොණ්ඩ.කොන්ඩය සවිකිරීමට ගන්නා උපකරණය.මෙසේ ඉමහත් පරිශ්‍රමයක් යොදා කරන නිර්මාණය ප්‍රදර්ශනයට තැබූ විට ඇතැම් අවස්ථාවල සැබෑ පුද්ගලයා හා ඉටි රූපය අතුරින් කවරෙකු ජීවමානදැයි සොයාගැනීමට නොහැකිවන තරමටම ඒවා ස්වාභාවිකත්වයක් උසුලන බවද කිවයුතුය..බි‍‍යොන්සේ නිර්මාණය කිරීම.මෙම නිර්මාණ නැරඹීමට පැමි‍ණෙන අයට තමන්ට අවශ්‍ය නම් මේවා සමග සේයාරූවලට පෙනීසිටිය හැකි අතර මේවායේ රූපය හිමි සැබෑ හිමිකාරයන් අසලටවත් සාමාන්‍ය පුද්ගලයන් හට එසේ යාමට නොහැකි නිසා එවන් ආශාවල් ඇති අයට මෙම ඉටි අනුරූ හොද අවස්ථාවවකි..ජොනී ඩෙප්ට හාදුවක් දීමට හෝ.ශකීරා සමග නර්ථනයකට එක්වීමටත් බාදාවක් නොමැත.මේ අනර්ඝ උත්සා‍හයේ පියවරවල කෙටියෙන්.අවශ්‍ය නම් වැඩි විස්තර මේ වෙබ් අඩවි වලින් ලබා ගත හැකිය....http://www.madametussauds.com/Hollywood/About/BehindTheScenes.aspx.http://www.madametussauds.com/Washington/PlanYourVisit/Explore/BehindtheScenes/Default.aspx.http://www.madametussauds.com/Amsterdam/en/About/Achterdeschermen/Default.aspx.http://www.madametussauds.com/London/About/SculptorsBlog/cleaningthewax.aspx.http://www.madametussauds.com/Blackpool/About/BehindTheScenes.aspx.පසුව ලියමි -.මේ ලිපිය පළකරන්නට යන ‍මොහොතේ කණගාටුදායක ආරංචියක් ඇස ගැටින. ඒ බ්ලොග් අවකාශයේ තවත් සුන්දර චරිතයක් වූ Observer නමින් පෙනී සිටි මහතාගේ හදිසි වියෝවයි. ඒ මහතා සත් සමුදුරටද ගොඩවැදී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers ලිපියේදී කමෙන්ටුවක් සදහන් කළා අද‍වගේ මතකයි. ඉතින් අප කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි මේ ධර්මතා‍වයේදී හදිසීයෙන් අප අතරින් සදහටම සමුගන්නට සිදුවූ ඔබතුමන්ට මේ අවස්ථාවේ සංවේගයෙන් යුතුව සත් සමුදුර වෙනුවෙන් මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි!.ලියුවේ සත්සමුදුර at 2:08 PM 14 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය, කතාකරන රූප.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).▼ May (4).මේ ඇමරිකාවේ අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි....Windows Explorer ඔබට වද දෙනවාද? මෙන්න මේ විසදුම් ඔ....පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" ....ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමාන....► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: October 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Wednesday, October 31, 2012.ලංකාවේ තවත් පැරණි මුදල් නෝට්ටු සහ පැරණි කාසි කිහිපයක්....ඔබට මතක ඇතිනේ දැනට සති තිහිපයකට පෙර ලංකාවේ පැරණි මුදල්‍ නෝට්ටු පිළිබදව ලිපියක් පළ කළා. එය දුටු මිතුරෙකු තවත් ලංකාවේ ටික කලකට පෙර භාවිතා වූ මුදල් නෝට්ටු හා කාසි රැසක පින්තූර එවා තිබෙනවා. මෙන්න ඒවා....මේ මීට පෙර ලංකාවේ පැරණි මුදල් නෝට්ටු පිළිබදව පළ කළ ලිපියයි - ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න....මෙම සෑම මුදල් නෝට්ටුවක්ම අපේ රටේ දේශියත්වය, අලංකාර පරිසරය, කර්මාන්ත, සංස්කෘතිය ආදිය විදහා පාන තවත් කලා නිර්මාණයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඒ තරමටම ඒවා අලංකාරයි..ලියුවේ සත්සමුදුර at 10:22 AM 17 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතාකරන රූප.Tuesday, October 30, 2012.පොඩි පොඩි ඉඟි....මේ ලිපියෙන් බොහොම පොඩි ඉඟි කිහිපයක් ලබා දෙන්නයි යන්නේ. ඔබට මතකද දැනට මාසෙකට විතර ඉස්සර මෙන්න මේ ලිපිය පළ වුනා..Windows 7/ Vista Update කරන්න ගියාම මේ ගැටළුවට ඔබත් ලක්වුනාද? මෙන්න විසදුම්‍... ඒ ලිපියේ අවසානයේ තිබුන error එකක් තමයි..WINDOWS update 80072EFE error.මෙන්න මේ Error එක fix කර ගන්න පුළුවන් මෙන්න මේ අඩවියේ තියෙන http://windows.microsoft.com/en-US/windows7/Windows-Update-error-80072ee2 "Fix it" කියන Tool එක භාගෙන භාවිතා කිරීමෙන්..ඒවගේම තව ප්‍රයෝජනවත් විය හැකි ඉඟියක් කියන්නම්. ඔබ දන්නවද සෑම පරිගණකයම Windows හරහා ලැ‍‍බෙන Notepad වලින් විවෘත කර ගත හැකි file එකක් සරළ දිනපොතක් ලෙස භාවිතා කිරීමට සකස් කර ගත හැකි බව. මෙන්න මෙයයි කළ යුත්තේ ඔබ මුලින්ම Notepad file එකක් Open කර ගෙන එහි ඉහලින්ම .LOG ලෙස type කර ඔබ කැමති ඕනෑම නමකින් save කර close කර නැවත එම file එක open කිරීමයි. එවිට ඔබට එම අවස්ථාවේ වෙලාව මෙන්ම දිනය දැක ගැනීමට හැකියාව ලැබේවි..ඔබ සෑම අවස්ථාවකම මෙම file එක විවෘත කරන අවස්ථාවකම මෙසේ වෙලාව සහ දිනය ලැබී තිබේවි..ඔබට පහසු මෙන්ම ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු web editor ක් නොමිලේම අවශ්‍යද? මෙන්න මේ අඩවියේ http://scriptly.webocton.de/index.php?cid=9&sid=34 කුඩා එහෙත් පහසු web editor ක් ලබා ගැනීමට ඔබට හැකියි. ඔබගේ පරිගණකයටම install කර ගැනීමට අවශ්‍ය setup file එක වගේම Portable ලෙස තබා ගැනීමට අවශ්‍ය file එකත් මෙහි තිබෙනවා..ඔබට Google search වලට වැදගත් වන යෙදුම් කිහිපයක් කියන්නම්. සිතන්න ඔබට යම් වචනයක හෝ යම් දෙයක් ‍අර්ථය එය ශබ්ද කරන ආකාරය එකහෙලාම දැනගන්නට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ Google වලදී define කියන වදන සමග ඔබට අවශ්‍ය වදන ටයිප් කිරීමයි. ඒ කියන්නේ මෙලෙසයි define Ex : define communication..ඔබට ලංකාවේ තිබෙන ආයතනයක් පිළිබදව හෝ වෙනයම් ස්ථානයක් පිළිබදව ලේසියෙන්ම සොයා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ https://local.google.com/ වෙත පිවිස Current location ලෙස Sri Lanka තේරීමයි. වෙන රටක මෙම සෙවීම කළ යුතු වන්නේ නම් එම රට මෙහිදී සටහන් කර අදාල සෙවීම කරන්න එවිට ඔබට ලේසියෙන් අදාල ස්ථාන‍ය පිහිටා ඇත්තේ කොහිද? එහි ලිපිනය යනාදිය දැන ගැනීමට පුළුවන..ඔබට කිසියම් මාතෘකාවට අදාලව pdf ගොනු පමණක් Google ඔස්සේ ලබා ගැනීමට අවශද? කළ යුත්තේ මෙයයි..Google හිදී "" filetype:pdf ආකෘතියට සෙවීම කිරීමයි. උදාහරණයක් ලෙස ඔබට HTML 5 පිළිබදව සෙවීමක් කර එහි කරුණු සියල්ල pdf ලෙස තිබෙන ඒවා පමණක් අවශ්‍ය නම් කළ යුත්තේ "HTML 5" filetype:pdf ලෙස සෙවීම කිරීමයි. ඔබට සාමාන්‍යයෙන් pdf ගොනු සොයනවාට වඩා හොදින් මෙහිදී ප්‍රතිඵලය ‍ලැබෙනු ඇත..සමහර විට ඔබ දැනටමත් Google හරහා එක් භාෂාවකින් තිබෙනා ඡේදයක් වෙනත් භාෂාවකට පරිවර්ථනය කර ගැනීමට Google Translate භාවිතා කර ඇති. භාවිතා කර නැත්නම් මෙන්න එහි ලිපිනය - http://translate.google.com/.ඔබ කිසියම් වෙබ් පිටුවක සිටිනා විට වෙනත් වෙබ් අඩවියකට යන්න වූවා යයි සිතන්න. එවිට ඔබ කරන්නේ mouse භාවිතා කර address bar එක වෙතට ගොස් දැනට තිබෙනා web address එක select කර මකා හෝ එය මත නව ලිපිනය ටයිප් කිරීම වන්නට පුළුවන්. එතරම් දිග පියවර අවශ්‍ය වන්නේ නැහැ ඔබ Ctrl සමග L භාවිතා කරා නම්..ඔබට යම් ගණිතමය ගැටළුවක්, උදාහරණයක් ලෙස කිසියම් සංඛ්‍යා කිහිපයක් එකතු කරගන්නට, වැඩි කරගන්න හෝ වෙනයම් දෙයකට calculator භාවිතා කරනවා ඇති නේද? Windows වල ඇති calculator හෝ වෙනත් calculator එකක් නැතුවම Google මගින්ම එය කර ගැනීමට ඔබ නිකමට Google search වල සුළු එකතු කිරීමක් වැනි දෙයක් කරන්න. එවිට එහි විසදුම මෙන්ම තවත් ගණනය කරගැනීමට අවශ්‍ය calculator එකක් එහි දිස්වේවි..Below you can find few math syntax Google can recognize..+ for addition.- for subtraction.* for multiplication./ for division.^ for exponential (x to the power of y).% for modulo (to find the remainder after division).choose X choose Y fines the number of possible subset groups of Y out of the set of X..th root of creates the nth root of a number.% of finds percentages X % of Y finds X percent of Y..sqrt finds the square root of the number that follows.ln logarithm base e.log logarithm base 10.lg logarithm base 2.! factorial – This must follow the number you wish to factor..ඔබට කොතැනක හෝ සිතියම නම් බලන්නට ඕනෑ කරන්නට තිබෙන්නේ උදාහරණයක් ලෙස ගම්පහ නගර‍යේ නම් Gampaha,sri lanka map ලෙස Google වල යෙදීමයි..මීට අමතරව තවත් අපි නොදන්නා google රහස් රැසක් මෙන්න මේ අඩවියේ තිබෙනවා - http://www.portent.com/blog/random/best-google-tricks-easter-eggs-april-fools-jokes-and-pranks.htm.දැනට මේ ඇති. පස්සේ දවසක තවත් මේ වගේ කෙටි ඉඟි කිහිපයක් ගැන බලමු....ලියුවේ සත්සමුදුර at 3:04 PM 8 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Friday, October 26, 2012.Windows ලස්සන කරන්න ගිහින් අමාරු‍වේ නොවැටෙන්න...මේ කතා කරන්න යන්නේ ඊයේ මම ලබපු අත්දැකීමක්. හැබැයි මේක ඉල්ලගෙන අමාරුවේ වැටුන වගේ වැඩක් යන්තම් ගොඩයන්න පුළුවන් වුන නිසා හොදයි. සමහර විට ඔබට කිසිදා මෙය අත්නොවෙන්නත් පුළුවන්. යම් හෙයකින් අත්විදින්න වුනොත් මෙම ලිපිය යම් ආකාරයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්..ඔබ දන්නවත් ඇති, සමහර විට භාවිතා කරලත් ඇති අපි භාවිතා කරන Windows මෙහෙයුම් පද්දතියේ හැඩරුවට වඩා වෙනස් හැඩරුවක් ලබා ගැනීමට නිපදවා ඇති Transformation Pack ගැන. මටත් උවමනා වුනා දැන් මම භාවිතා කරන Windows Vista Business Edition එකට අළුතෙන්ම නිපදවා ඇති Mac Os එකක් වන Mountain Lion Theme එක ලබා දීමට. ඉතින් මම මේ Transformation Pack එක හොයා ගත්තා. හැබැයි ඒක තිබුන තැන සටහන් කරල තිබුනේ නම් මේක Windows 7 සදහා විතරයි. Vista ගැන නම් මොනවත් කියලා නැතිවුනත් සාමාන්‍යයෙන් Theme එක වෙනස් කිරීම විතරක් වෙනවා ඇති නේද? හරි‍ගියේ නැති වුනොත් uninstall කරල දානව කියන එකත් එක්ක මේක install කළා. install කරන අවස්ථාවෙත් File එකක් missing කියල ආවත් ඒක ignore කරල ඉදිරියටත් ගියා. Install වුනා, Restart කළා, පොඩි පොඩි missing alert කිහිපයක් ආවත් කරදරයක් නැතිව theme එක වැඩ කරත් Theme එක නිසා පොඩ්ඩක් slow වෙන ගතියක් තියෙනවා වගේ නිසා uninstall කරල දාන්න තීරණය කළා. ඊට පස්සේ Your Uninstaller! හරහා uninstall කරල Restart කළා..ඔන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ. Boot වෙන්න අර‍ගෙන Windows logo එක එන්නේ නැතුව Black Screen එකේ මෙන්න මේ Alert Message එක ඇවිල්ලා, cursor එක සමග තිබෙනවා..LogonUI.exe - Bad Image.C:\Windows\system32\authui.dll is either not designed to run on Windows or it contains an error. Try installing the program again using the original installation media or contact your system administrator the software vendor for support..මේක close කළාට පසුව අර Black Screen එක සහ cursorය පමණක් පෙනෙන්නට තිබෙනවා පමණයි. දැන් ඉතින් restart කරනවා. අයෙමත් Shutdown කරල හරියයිද බැළුවා. නැහැ. Safe mode යන්න හැදුවා. ඒත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. ඊට පස්සේ internet එකේ බැළුවම මේක අර මම කළා වගේ නොගැලපෙන software දැමූවිටත් Malware/Virus නිසාත් ඇතිවිය හැකි බව පවසන අතරම විසදුම් ලෙස තිබෙන්නේ. නැවත එම software එක install කිරීම, Malware/Virus Removal application එකක් ක්‍රියාත්මක කිරීම, Windows Vista DVD එකකින් boot කර Vista Repair කිරීම, Boot වෙන අවස්ථාවේ F8 හරහා Last known Good Configuration එක තෝරා ගැනීම හා අවසාන විසදුම ලෙස නැවත Windows Vista Restore කිරීමයි..ආයෙමත් මේ කරදරකාරයව install කරන්න හරි, Malware/Virus Removal application එකක් ක්‍රියාත්මක කරන්න හරි, OS එක හරියට Boot වෙන්න ඕනනේ. ඒක නිසා ඒ විසදුම හරියන්නේ නැහැ. Last known Good Configuration එකත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා Vista Repair option එක භාවිතා කළා. ඒත් කිසිම වරදක් නැහැ කියලා ඒකත් ලිස්සලා ගියා. දැන් ඉතින් තියෙන්නේ Windows Vista Restore කරන්න විතරයි. ඒක කරනවා නම් Hard එකේ තියෙන අනෙකුත් file අයින් කරන්න ඕන. නැත්නම් ඒවත් මකලා දාල තමයි restore වෙන්නේ. ඉතින් hard එක ගලවලා hard disk bay එකක් හරහා වෙන computer එකක hard disk එකකට data transfer කරල වැඩ ගොඩක් කරන්න වෙන පාටක් තමයි ති‍බුනේ..පොඩි අත්හදා බැලීමක් කරන්න. ආයෙමත් Vista DVD එකෙන් boot කරල ඒකෙදී command prompt එකට ගිහිල්ල C:/Windows/System32 folder එක ඇතුලේ තිබෙන මෙම authui.dll file එක delete කරා‍. ඉන් පසුව නැවතත් restart කරාම අර alert message එක නම් එ‍න්නේ නැහැ. හැබැයි සුපුරුදු අසනීපයේ එක‍ කොටසක් වන කළු තිරය හා cursor එක පමණයි පෙනෙන්නට තිබෙන්නේ. දැන් ඉතින් අර අවසාන විසදුම විතරද තියෙන්නේ කියලත් හිතලා. කොකටත් ආයෙමත් Vista Repair option එක භාවිතා කරල බලන්න හිතුනා. මෙන්න එතකොට නම් start up error එකක් තියෙනවා. ඒක Repair කරනවා කියලා විනාඩි 5-10 ක් විතර වෙලාව අරගෙන restart කරන තැනට ආවා. Restart කරා අසනීපේ හොදවෙලා..කොහොමවුනත් සමහර දේවල් නම් අර Transformation Pack එක ඉවත් කරන කොට නැතිවෙලා ගිහිල්ල තිබුනා. උදාහරණයක් විදියට සමහර mouse cursor වගේ දේවල්. හැබැයි ඒවා මෙන්න මේ site එකෙන් ගන්න පුළුවන් වුනා - http://www.rw-designer.com.කොහොමවුනත් මට මීට පෙර windows xp භාවිතා කරන කාලෙත් මේ වගේ Transformation Pack එකක් භාවිතා කරන අවස්ථාවේ VLC player එක වගේ දේවල් වැඩනොකරා කියල මතකයක් තියෙනවා. ඒත් මේවගේ දරුණු අකරතැබ්බයක් නම් වුනේ නැහැ. මේ නිසා මම ඔබටත් දෙන අවවාදය තමයි Transformation Pack එකක් භාවිතා කරනවා නම් ටිකක් අවධානම අරගෙන භාවිතා කරන්න කියන එකයි....ලියුවේ සත්සමුදුර at 10:58 AM 26 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Thursday, October 25, 2012.ඔබ තේරු හොදම OO7 ගේ වගතුග සහ නොදුටු පින්තූර රැසක්....ඔබට මතක ඇතිනේ මීට දින කිහිපයකට පෙර පළ කරන ලද සියළු James Bond චිත්‍රපටිවල පෝස්ටර් පිළිබදව පෝස්ටුව. එහිදී ඔබ මෙන්ම මමද නම් කළ හොදම Bond නළුවා වුනේ Sean Corney බව ඉතින් රහසක් නොවේ. අද ඔබට ඔහු චිත්‍රපටිවල රඟපෑමේදී නිශ්චල සේයාරු වලට හසුකරගත් සේයාරූ රැසක් මෙන්ම ඔහු පිළිබදව විස්තර ටිකකුත් රැගෙන ඒමට අදහස් කරගෙන සිටිනවා. සරළ සහ කෙටි ක්‍රමයකට ඔහු ගැන මෙසේ සදහන් කරන්නම්..ඉපදුනේ : 1930 අගෝස්තු 30 - ස්කොට්ලන්තයේ එඩින්බරෝ හිදී..සම්පූර්ණ නම : Thomas Sean Connery..ලබා ඇති ඉහලම සම්මානය : නයිට් පදවිය - 2000 වසරේ ජූලි මාසයේ මෙම තත්ත්වය ඔහු ලැබූ අතර දැන් ඔහු හැදින්වෙන්නේ Sir Thomas Sean Connery ලෙසයි..සිනමා ජීවිතයේදී ලද ඉහලම සම්මාන : ඔස්කාර් සම්මානය හොදම සහය නළුවා ලෙස - The Untouchables (1988)..British Academy of Film and Television Arts සම්මාන..සිනමාවට පිවිසීමට පෙර නියැලි වෘත්තීන් : ශාන්ත කත්බර්ඩ්ස් සමූපකාර සමිතියේ කිරි බෙදාහරින්නෙකු ලෙස, රාජකීය නාවික හමුදාවේ නාවික භටයෙකු ලෙස සේවය කළත් සෞඛ්‍ය හේතුන්මත එයින් ඉවත් කරන ලදි. ඉන්පසුව නැවතත් සමූපකාරයේ සේවය කරන ලද අතර ඉන් අනතුරුව ලොරි රියැදුරෙකු ලෙස, ජීවිතාරක්‍ෂක භටයෙකු ලෙස, කම්කරුවෙකු ලෙස, එඩින්බරෝ කලා විද්‍යාලයේ චිත්‍ර ශිල්පීන්ට චිත්‍ර සදහා නිරූපනය සදහා පෙනී සිටීම හා තවද මිනී පෙට්ටි පොලිශ්කරන්නෙකු ලෙසද සේවය කර තිබේ..අමතර දස්කම් : වයස අවුරුදු 18 සිට කායවර්ධන ක්‍රීඩාවේ නියැලී තිබෙන අතර 1950 Mr.Universe තරඟයේ ‍තෙවන ස්ථානයද සතු කරගෙන තිබේ..ලියුවේ සත්සමුදුර at 5:35 PM 8 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: සිනමාව.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).▼ October (14).ලංකාවේ තවත් පැරණි මුදල් නෝට්ටු සහ පැරණි කාසි කිහිප....පොඩි පොඩි ඉඟි....Windows ලස්සන කරන්න ගිහින් අමාරු‍වේ නොවැටෙන්න...ඔබ තේරු හොදම OO7 ගේ වගතුග සහ නොදුටු පින්තූර රැසක්....නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් තවත් මෘදුකාංගයක් පි....OO7 a.k.a James Bond Movie Posters සහ Bond චිත්‍රප....ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? ....අමුතු පරණ පොටෝ ටිකක්.....ඔබ සොයමින් සිටියේ ඔබ සතුව ඇති Images, Audio & Vide....ලේසියෙන්ම හා කාර්යක්‍ෂමව ධාවනය කළ හැකි සේ Video ඔබ....අකුරු වෙනුවට ඔබේ හඬින්ම බ්ලොග් ලිවීම හෙවත් Audio F....සත් සමුදුරට නිතර පැමිණෙන සහ පැරණි ලිපි කියවීමට කැම....හිනිපෙත්තටම ගිය ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්....මිහිපිට සුරපුරයක් බදු Dubai මීට දශක 4 කට පෙර....► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty Enlightening the World.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, May 24, 2011.ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty Enlightening the World.ඇමරිකාවේ නිදහස් ප්‍රකාශන‍ය වෙනුවෙන් එරට පුරවැසියන් වෙත ප්‍රංශයේ පුරවැසියන්ගෙන් ලැබුන ත්‍යාගයක් වන ලිබර්ටි ප්‍රතිමාවේ සම්පූර්ණ නම "Liberty Enlightening the World" වේ..මෙහි මූර්තිකරුවා ප්‍රංශ ජාතික Frederic-Auguste Bartholdi වන අතර ඉංජිනේරුවරයා (Structural Engineer) ලෙස Gustave Eiffel කටයුතු කර ඇත.මෙයින් නිරූපනය වන්නේ රෝම ජාතිකයින් නිදහසේ දෙවඟන ලෙස සැලකූ Libertas වේ. මෙම ප්‍රතිමාවේ එක් අතක ගිනි සිළුවක්ද (torch) හා අනෙක් අතින් tabula ansata ලෙස හදුන්වන නීතිය පිළිබද ලියවුන පුවරුව දරා සිටි. අඩි 300 කටත් වඩා උසින් යුතු ඇමරිකාවේ අනගිබවනීය සංකේතයක් වන මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නුවර, නිව්යෝර්ක් වරායේ පිහිටා ඇති Liberty Island වේ..1875 දී පමණ මුලින් කොටස් කිහිපයක් ඇමරිකාවට ගෙන එන ලද අතර ඉතිරි කොටස් රැගෙන ඒම හෝ ප්‍රතිමාව එකලස් කිරීමක් 1886 වන තෙක් සිදුනොවූ අතර එයට හේතුව ලෙස දක්වන්නේ මූලම්‍ය ගැටළු හා ප්‍රතිමාව තැබීමට ස්ථානයක් නොලැබීමයි. මෙම ප්‍රතිමාවේ ගිනිසිළුව රැගත් අත පමණක් නිව්යෝර්ක්හි Madison Square Park හිදී 1876 සිට 1882 දක්වා ප්‍රදර්ශනය කරනු ලැබීමද සිදුකර තිබෙනවා..1884දී සියළු වැඩ නිමවුන මෙය ප්‍රංශ නැවක් වන "Isere" මගින් 1885 ජූනි 19 වන දින නිව්යෝර්ක් වරායට කොටස් 350 කට වෙන්කර ඒවා ඇසුරුම් පෙට්ටි 214 ක බහා ගොඩබා තිබේ. මේකොටස් නිව්යෝර්ක් හි Bedloe's Island හි වන අතර එය පසුව 1956 දී Liberty Island ලෙස නම් කර ඇත. මෙම ප්‍රතිමාවේ අඩි 89 ක් වන පාදම ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පී Richard Morris Hunt විසින් නිර්මානය කොට ඇත..Pedestal completed on April 22, 1886..1886 ඔක්තෝබර් 28 වන දින ඇමරිකාවේ ජනපති Grover Cleveland මහතා විසින් මෙය විවෘත කර ඇත. ලිබර්ටි ප්‍රතිමාව 1886 සිට 1902 දක්වා ප්‍රදීපාගාරයක් ලෙසද ක්‍රියාත්මකව තිබේ. 1984 දී මෙම ප්‍රතිමාව ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කරන ලද අතර වසරක සංචාරකයන් මිලියන 3.2 ක් පමණ නැරඹීමටද පැමිනෙන බව පැවසේ..කෙසේ වෙතත් 1984 සිට 1986 දක්වා සංචාරකයන්ට මෙය වසා දැමුන අතර එම කාලසීමාවේදී ගිනිසිළු‍වේ හා ප්‍රතිමාවේ අභ්‍යන්තරයේ විශාල කොටසක නැවත ප්‍රතිස්ථාපනය කිරීම් සිදුකල බවද පැවසෙන අතර එයට අමතරව එම අවස්ථාවේ ගිනි සිළුවේ පිටත පැත්තෙන් රන් ආලේපයක් සිදුකර ඇති නිසා රාත්‍රී කාලයේ නිව්යොර්ක් වරායට ගිනි සිළුව දිලිසෙමින් දිස්වෙන බවද කියයි..රන් ආලේපිත දිලිසෙන ගිනි සිළුව.2001 සැප්තැම්බර 11 ප්‍රහාරයෙන් පසුවද ටික කලක් ආරක්‍ෂක ‍හේතුන් මත මෙය වසා දමා තිබේ. 2004 දී පාදම කොටස වෙත සංචාරකයන්ට පැමිණීමට නැවත අවස්ථාව ලබාදී ඇති අතර 2009 දී ප්‍රතිමාව තුලට පැමීනීමට අවස්ථාව ලබා දී ඇත. සීමිත පිරිසකට වරකට මෙහි ඔටුන්න තුලටද යාමට අවසර ලබා දී ඇත. එසේම 1916 න් පසුව ගිනි සිළුවේ බැල්කනි ප්‍රදේශය වෙත යාමේ හැකියාව ඇත..ගිනි සිළුවේ බැල්කනිය.දෙවන ලෝක යුද සමයේ ප්‍රතිමාවට ආරක්‍ෂා කල හැටි.2001 සැප්තැම්බර් 09 ප්‍රහාරය අවස්ථාවේදී.ඔ‍ටුන්න ඇතුලත සිට.එසේම තව කිවයුතු කරුණක් වන්නේ ලිබර්ටි ප්‍රතිමාවේ කුඩා ප්‍රමාණයේ අනුරූ රැසක් ලෝකයේ විවිද ස්ථාන වල දැක ගන්නට හැකිබවද කිවයුතුය. එයින් ප්‍රසිද්ධම එකක් වන්නේ ලිබර්ටි පිළිමයේ මුල්බිම වන ප්‍රංශයේ පැරිස් නුවර සේන් ගගේ දූපතක ඇති කුඩා ප්‍රතිමාවයි..The Statue of Liberty copy on the river Seine in Paris, France. Given to the city in 1885,.it faces west, towards the original Liberty in New York..ඊට අමතරව ලාස් වේගාස් හිදීද මෙම "ලොකු සෙහොයුරියගේ", "කුඩා සෙහොයුරියක්" දැක ගත හැකි අතර ලෝකය පුරා ඇති බොහෝ Theme Park වලදීද මෙම ප්‍රතිමාවේ කුඩා අනුරූ දැක ගත හැකිය..මෙම ලිපියෙන් ඇත්තටම මුලින් අදහස් කලේ ලිබර්ටි ප්‍රතිමාවේ ඔබ නොදුටු දුර්ලභ ඡායාරූප රැසක් පෙන්වීමටයි. එහෙත් එයට මෙම විශිෂ්ඨ නිර්මානය ගැන තොරතුරු එක් නොකලොත් අඩු පාඩුවක් නිසා එයින් තරමක් විස්තර මෙහි ඉදිරිපත් කර ඇති අතර පහත දැක්යෙන වෙබ් අඩවි වලට පිවිසීමෙන් තව කාරණාරැසක් ගැන දැනගත හැකියි....http://www.jssgallery.org/Other_Artists/Richard_Morris_Hunt/Statue_of_Liberty.htm.http://www.knowledgerush.com/kr/encyclopedia/Statue_of_Liberty/.http://en.wikipedia.org/wiki/Statue_of_Liberty.http://www.endex.com/gf/buildings/liberty/libertyfacts.htm.http://www.cr.nps.gov/history/online_books/hh/11/hh11g.htm.http://www.si-web.com/Statue.html.http://www.endex.com/gf/buildings/liberty/libertyfacts/LibertyTorch.htm.ලියුවේ සත්සමුදුර at 11:48 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විවිද.12 comments:.උදාරMay 25, 2011 at 7:30 AM.ලිපිය කෙටි වුණත් පින්තූර ටිකයි විස්තරෙයි හුඟක් වටිනව..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 25, 2011 at 8:21 AM.@උදාර - ස්තූතියි!!!.ReplyDelete.Replies.Reply.TheekshanaMay 25, 2011 at 10:35 AM.ඇයි දන්නැ ප්‍රන්සෙ කට්ට්ය මේක උන්ගෙ රටෙ තියාගන්නැතුව වෙනරටකට දුන්නෙ නේද. දිනෙශ් අය්යා ඇත්තටම 1million dollar කොලයක් තියනවද තියනවනම් ඒකෙන් 1ක් හොරට ගහ ගත්තනම් කොහොමට තියෙයිද.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 25, 2011 at 11:08 AM.@Theekshana - මෙන්න මේ තර්කය තමයි ඒකියන දේට ගොඩනගන්න වෙන්නේ ප්‍රංශය ඒ කාලයේ එංගලන්තය සමග තරහ නිසා එංගලන්තයෙන්, ඇමරිකාව නිදහස ලබා ගැනීමේ ප්‍රීතියට වෙන්න ඇති ප්‍රතිමාව දෙන්න ඇත්තේ. දෙවනියට අහල තියෙන දේ නම් බැරෑරුම් කාරණයක් නිසා ඒකට උත්තරටක් දෙන්න අපහසුයි....ReplyDelete.Replies.Reply.BindiMay 25, 2011 at 2:36 PM.අනගි ලිපියක්. දැන් නම් ප්‍රන්සෙට හිතෙනවා ඇති දුන්න මෝඩ කම කියල.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 25, 2011 at 2:57 PM.@Bindi - ස්තූතියි! හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඇමරිකාව ප්‍රංශයට ඔවුන් අමාරුවේ වැටුන අවස්ථාවල සෑහෙන්න උදව් කලා. විශේෂයෙන් දෙවන ලෝක යුද්දයේදී ඇමරිකාව උදව් කල නිසා තමයි ප්‍රංශයට ජර්මන් පාලනයෙන් මිදෙන්නටත් හැකියාව ලැබුනේ....ReplyDelete.Replies.Reply.hare :-)May 25, 2011 at 6:40 PM.මුලදි ප්‍රංශයයි එංගලන්තෙයි දෙකම ඇමරිකාව වෙනුවෙන් ගහගත්තා නේද? ඒකෙන් එංගලන්තෙ දිනුව. ප්‍රංශ කට්ටියට අකුලං එන්න වුණානේ... ඊට පස්සෙ තමයි ප්‍රංශෙ ඇමරිකාවට සපෝට් කරන්නෙ එංගලන්තෙට විරුද්ධව. ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඔය පිලිරුව.... මොනව වුණත් අපේ රටේ වුණත් පොඩි එකෙක්ගෙ පවා මතකයෙ රැඳුන නිර්මාණයක්. ඇමරිකන් චිත්‍රපටි වලත් සෑහෙන්න පෙන්නනවනෙ ඕක.....ReplyDelete.Replies.Reply.හරීMay 25, 2011 at 6:47 PM.වැදගත් ලිපියක්... නිකන්ම පින්තූර දානවට වඩා විස්තර දාපු එක වටිනවා......ReplyDelete.Replies.Reply.AnonymousMay 25, 2011 at 7:16 PM.thank you.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 25, 2011 at 10:19 PM.@hare :-) - මේක ඇමරිකන්කාරයන්ගේ ජාතික සංකේතයක්වගේ දෙයක්. ඔවුන්ගේ මට පේන ‍විශේෂත්වය තමයි තමන්ගේ ඉතිහාසය වසර 200 වගේ කාලයක් වුනත් තමන්ට හිමිවෙලා තියෙන සුළු ඓතිහාසික වටිනාකමෙන් යුතුදේවල් ඉතා කැපවීමෙන් රැකබලාගැනීම. අපිට ඕනැවටත් වඩා එවැනි සිහිවටන තිබුනත් ඒවා ආරක්‍ෂාකිරීම පිළිබදව තිබෙන තත්වය අමුතවෙන් කිවයුතු නැතුව ඇති....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 25, 2011 at 10:21 PM.@හරී - ස්තූතියි! ඔව් පින්තූර පමණක් නැතිව සුළුවෙන්‍ හෝ විස්තරයක් සටහන් කල යුතුයි....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 24, 2012 at 3:56 PM.තිලකා රන්දෙනි.හරිම අගෙයි. මට මතක් වුණේ අපේ රටේ පැරණි නිර්මාණ. නිර්මාණයයි වැදගත්. නිර්මාණකරුවා නොවෙයි. හැබැයි ඒ කාලේ හිටිය අයට ඒ තරම් නිහතමානී වෙන්න පු`ඵවන් වුණාට අපට එහෙම වෙන්න බැරි එකට ලජ්ජා විය යුතුයි නේද? පුංචි නිර්මාණයක් කරලා අප ප‍්‍රචාරයට කොයි තරම් සද්දයක් දානවාද?.බලාගෙන යනකොට අනන්‍යතාවය හංගා ගත් නිර්මාණයි සදාකාලික වී තිබෙන්නේ..thilakarandeni.lk.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Friday, August 24, 2012.රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා රජු පිළිබදව ලිපි මතුපිටින් බැළු විට විහිළුවක් හෝ මානසික රෝගයක් ඇති අය විසින් ‍ලියන්නේදැයි හැඟුනත් ගැඹුරින් බැළුවිට අතීතකාමයේ ගිලී මනංකල්පිත ‍ලෝකයක හෝ ඇත්ත තත්ත්වයෙන් ඔබ්බට සිතන්නට යන අයට මෙම ලිපිය ගෝචර වෙන්නේ යයි සිතමි.මේ ලිපියෙන් කිසිවිටක අපගේ හෙළ මුතුන්මිත්තන් අපහාසයට හෝ අවමානයකට හෝ හෑල්ලු කිරීමකට ලක්කිරිමට අදහස් නොකරන අතර යථාර්තය පිළිබදව යම් පණිවිඩයක් දීමට පමණක් අදහස් කරමි..මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වන කරුණක් නම් රාවණා රජු පිළිබදවයි. අපගේ කුඩා කාලයේ මෙතරම් හාහුවක් මේ ගැන නොතිබුන අතර දැන් යුද්දයත් ඉවරවුන පසුව කතාකිරිම දෙයක් නැති කමටදෝ බොහෝ මෘධිත හා බ්ලොග් වැනි විද්‍යුත් මාධ්‍ය වලද රාවණා රජු පිළිබදව කතා කරනවා බොහෝ විට දැකිය හැකිය. අප සාමාන්‍යයෙන් දන්නේ රාවණ නමින් ඉතා ඈත අතීතයේ ලක්දිව රජකම් කළ බවත් ඔහු සතුව දඬුමොනරය නම් ගුවනින් ගමන් කළ හැකි යානාවක් තිබූ බවත්, එම යානයෙන් ඉන්දියාවට ගොස් එහි සිටි රාම කුමරුගේ බිරිය වූ සීතා කුමරිය පැහැරගෙනවුත්, අඩම්තේට්ටම් කිසිවක් නොකර රඳවා ගෙන සිටි බවත්, ඉන්පසු හනුමා නම් දැවැන්ත වදුරු රාජයා මෙරටට පැමිණ මහත් අලකලංචියක් කොට ගිය පසුව දැවැන්ත හමුදාවක්ද රැගෙන පැමිණෙන රාම කුමරු හා යුද්දයෙන් රාවණා රජු පැරදුන බවත්ය..එහෙත් දැන් දැන් ඊටත් වඩා එහා යමින් රාවණා රජු විසින් නොකරන ලද නිර්මාණයක් ‍නැත. ලංකාවේ කිසිදුවිටෙක රාවණා රජු සිටි බවට ලිඛිත සාක්‍ෂියක් හමුවී නැත. එහෙත් එයින් රාවණා නම් රජකෙනෙකු ලංකාවේ නොසිටි බවටද ස්ථීරවම කිව නොහැක. උදහරණයක් ලෙස අපගේ ඉතිහාසය ගැන කියවෙන ප්‍රධානම ලේඛණය සේ සැලකෙන මහාවංශය ගත‍හොත් එය ලිවීමට පෙර ශතවර්ශ කිහිපයකට පෙර කරුණු එහි ඇත. ඒවා නිසි අයුරින්ම දැන ගැනීමට එකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හෝ ඉතිහාස කටයුතු පිළිබද ආයතනයක් නොතිබූ අතර මහානාම හිමි විසින් සිංහල අට්ඨකතා, ජනවහර ආදියෙන් ලබා ගත් තොරතුරු වලින් මහාවංශයේ තමන් සිටි කාලවකවානුවට පෙර කාලයේ තොරතුරු සම්පිණ්ඩනය කර තිබෙන බව මහාවංශය පදනම් කරගෙන ලියූ මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේද සදහන්ය..උක්ත ග්‍රන්ථයේ සදහන් පරිදි ඉන්දියාවේ පවා මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයක් නොමැති අතර එරටේ ඇති පුරාණ රාජවලින් ගැන සදහන් ග්‍රන්ථයක් ලෙස සැලකෙන්නේ "රාජතරංගණී" නම් ග්‍රන්ථයයි. එහිද ලියවී ඇත්තේ කාශ්මීරයේ රජකම් කළ රජවරුන් කිහිපදෙනෙකු ගැන පමණි..(උපුටා ගැනීම : මහාවංශය හා සිංහල ජනජීවිතය - සමාරම්භය පිටු අංක xix, xx, xxi).(උපුටා ගැනීම අවසන්.).මෙවන් කරුණු සැලකිල්ලට ගත් කළ පුරාතණ ඉන්දියාවේ විසූ වාල්මිකී නම් ඍශිවරයා විසින් රචිත රාමායණය ගුරු කොට ගනිමින් රාවණා සංකල්පයන් මෙන්ම පිළිගත හැකි නිශ්චිත සාක්‍ෂි නොමැතිව රාවණා සංකල්පයන් පුන පුනා පැවසීමෙන් සමාජයට අත්වන වාසිදායක ප්‍රතිඵලයක් පිළිබදව නම් සැක සහිතය..අනේකවිද ආගම්, ජාතීන් අදත් සිටින ඉන්දියාවේ රාමායණය වැනි කෘති අතිශෝක්තිය, දේවභක්තිය, මිත්‍යාවන් පදනම් කර ගනිමින් පුරාවෘත්තයක් ගොඩනගන්නට ඇත්තේ පුරාතන ඉන්දියානු මනුෂ්‍ය මනසට ගැලපෙන ආකාරයෙන් විය යුතුය..ඔබගේ පහසුව පිණිස 2012 ජූනි 02 දා දිවයින බදදා අතිරේඛයේ පළවූ "වාල්මිකීගේ රාමායණය ඉතිහාස විරෝධී ග්‍රන්ථයකි" ලිපියේ මෙම කොටස පළ කරන්නේ හුදෙක් මා ලියන ලිපියේ කරුණු එකහෙලාම පිළිගත යුතුයි කියන මතයේ සිට නොවේ..උපුටා ගැනීම : වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක්‌ වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක්‌ නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක්‌ ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක්‌ බැවිනි. එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. ප්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක්‌ දැයි හඳුනාගත යුතුය. මුල් අවස්‌ථාවේ ග්‍රන්ථයක්‌ ලෙස නොපැවති මෙය සංස්‌කෘතික ශ්ලෝක 24000 කින් සැකසී තිබුණි. සමස්‌ත රාමායණයට අනුව වාල්මිකී යනු සොර දෙටුවෙකි. ඔහු වනාන්තරයේ මං පහරමින් සිට පසුව සෘෂිවරයෙක්‌ බවට පත්විය. මෙය වාල්මිකී නම් සොරදෙටුවා රාජ වරප්‍රසාද ලබා ගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්‌වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවකු පහළ කර දෙයි. මෙවැනි ප්‍රකාශ, මනස්‌ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතකු පිළිගනී. රාමායණයට අනුව එම දරුවන් දෙදෙනා ලව, කුස නම් වේ. මින් එක්‌ දරුවෙක්‌ වාල්මිකීගේ බව ඊතණ ගසකින් සීතාවට දරුවකු ලබාදීමෙන් තහවුරු වී ඇත. ස්‌ත්‍රියක්‌ වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සති පූජා පැවැත්වූ මිලෙච්ඡ ජන කොට්‌ඨාසයකි. ලක්‌දිව හෙළ කාන්තාව කිසි විටෙකත් තම සැමියා මියගිය පසු ගිනිමැලයට ඇද දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. එබැවින් වික්‍රමතුංග මහාචාර්යවරයා රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් නම් තැනැත්තෙකුගේ බිරිඳ සැමියාගේ වියෝවෙන් පසු ගිනිමැලයට පැන්නේ කුමන පරිච්ඡේදයේ දැයි හෝ සංස්‌කෘතික ශ්ලෝක පාඨයක්‌ රාමායණ තුළින්ම පෙන්වන ලෙස ඉල්ලා සිටිමි. : උපු‍ටා ගැනීම අවසන්..(මෙම ලිපියද රාවණා රජු සම්බන්ධයෙන් ඊට පසුකාලෙක එම පුවත් පතේ පළවූ ලිපියකි - ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!.රාවණා රජු‍ හෝ වෙනත් රජෙකු ලක්දිව විජයාවතරණයට පෙර මෙහි සිටින්නට ඇත. අනිවාර්යයෙන්ම සමස්ථ හෙළයට හෝ ප්‍රාදේශීය වශයෙන් පාලනය ගෙන ගිය රජෙකු සිටින්නට ඇති බව පිළිගැනීමට සිදුවේ. එහෙත් කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් නොමැතිව ඒ රජු විසින් මේවා නිර්මාණය කළාය. ඔහු මේ මේ විශයන්ට දක්‍ෂයෙකු යයි කීම එම රජුටද කරන නිග්‍රහයකි..විශේෂයෙන් ලෝකයේ පුනරුදයෙන්, කාර්මික විප්ලවයෙන් පසුකාලීනව මිනිසුන් තුල යමක් පිළිගන්නට විද්‍යාත්මක පදනමක් ඇතිවූවායින් පසුව ඉතිහාසයේ පැවසූ බොහෝ කාරණ "තාරබර" හැරදමා පිළිගත යුතු හෝ අතිශෝක්තිය ඉවත ලා පිළිගත යුතු තත්ත්වයකට පත්විය. උදාහරණයක් ලෙස ගත් කළ යුරෝපීය මධ්‍යතන යුගයේදී රාක්‍ෂයන්, මන්තරකාරියන්/කාරයන්, මකරුන්, අද්භූත සතුන් පරදවා කුමාරිකාවන් ගලවා ගන්නා නයිට්වරුන් යනාදීය ගැන එකළ බුද්ධියෙන් උගත්කමින් අරාජිකව තිබූ මිනිස් මනසට තකටතක විය..ඈත අතීතයට ගිය ඇමරිකානුවා - A Connecticut Yankee in Kin Arthur's Court වැනි පොත් වල උපහාසය හා ගැඹුරු පණිවිඩයක්ද සහිතව මේ බව පැහැදිලි කර තිබුනි..‍ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ඉතා ගරුත්වයෙන් අදහන පුරාවෘතයන් තිබේ. එය දියුණු යයි සම්මත රටවලට පවා පොදු කාරණයකි. උදාහරණයක් ලෙස එංගලන්තයේ වැසියන් විශ්වාස කරන, කවදා හෝ නින්දෙන් අවධිවනවා යයි සිතන මහා ආතර් රජුගේ පුරාවෘතයද එවන් එකකි.ඇතැම් දෙනෙකු මෙම පුරාවෘත්තය සත්‍ය චරිතයක් ලෙස පිළිගත්තත් තවත් අයෙකු මෙවන් අයෙකු සත්‍ය ලෙස නොපිළිගන්නා අතර ඇතැමෙකු පවසන්නේ ඉතිහාසයේ මවා ඇති අයුරින් ආතර් රජු මුළු එංගලන්තය පුරා බලය විහිදවූ බලසම්පන්න රජෙකු නොව ප්‍රාදේශීයව සිටි පාලකයෙකු බවයි..තවෙකක් තබා මධ්‍යතන යුගයේ චරිතයක් වන රොබින් හුඩ් පවා සත්‍ය චරිතයකට වඩා මිනිසුන්ගේ හිත් පිණවන පුරාවෘත්තයක් බවද පවසයි. (මෙයින් ඔබ රාවණා රජු යනු රොබින් හුඩ්ට සමාන පුද්ගලයෙකු ලෙස අර්ථයක් මනසේ ‍රෝපණය නොකරගත යුතු අතර අදහස් කරනු ලැබුවේ අතීත පුරාවෘත්ත ගොඩ නැගීමේදී සත්‍යයට වඩා එහා ගිහ යමක් එම කතා ගෙතීමේදී එවායේ නිර්මාතෘවරු විසින් කාලයත් සමග යොදා ගෙන ඇත බවයි.).හෙළ ගවේෂන බ්ලොග් අඩවියේ,"මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට"ලිපිය සම්බන්ධයෙන්ද යමක් කීමට සිතුනේ බොහෝ දෙනා මහාවංශ කතුවරයා විසින් රාවණා රජු පිළිබදව නොසලකා හැරි බවට චෝදනා නගන නිසයි. මහාවංශයේ යම් යම් දුර්වලතා තිබිය හැකිය. එහෙත් අපගේ රටේ ස්වෛරීත්වය බිදින්නට පසුගිය කාලයේ යුදමය වශයෙන් මෙන්ම න්‍යයාත්මක, සෛධාන්තිකව සිදුකළ කටයුතු වලදී අපට යම් තාක් දුරට පිළිගත හැකි ඉතිහාසය පවා විකෘති කිරීමට උත්සහ දැරීමේදී එය වලකා ගැනීමට බොහෝදුරට උපකාරී වූ යේ මෙම මහාවංශයම වේ. මේ ඒ පිළිබදව මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේ සන්සෝනි කොමිස පිහිටුවා එහි කටයුතු සිදුවූ අයුරු සදහන් වන කොටසේ සදහන් වන කරුණු වලින් බිදකි..(උපුටා ගැනීම - මහාවංශය හා සිංහල ජනජීවිතය පිටු අංක xxvi සහ xxvii -).උපුටා ගැනීම අවසන්..ලිපිය අවසන් කරමින් කියන්නට ඇත්තේ සමහර විට රාවණා රජු මෙරට සිටින්නට ඇත. සමහර විට නොසිටින්නටත් ඇත. සමහර විට ඔහු ඉතා බලසම්පන්න වෙන්නට ඇති අතර ඇතැම් විට ඔහු ප්‍රා‍දේශීයව ලක්දිව රජකළ පාලකයෙකු වන්නටත් ඇති. ඒ කවර අයෙකු වූවත් ඔහු හා ඔහු හා සබැඳුන අනෙකුත් කරුණු කාරණා ගැන විද්‍යානුකූල හා පිළිගත හැකි සාක්‍ෂි වලින් තොරව කරුණු හුවා දැක්වීම තර්කානුකූල නොවනාසේම ඔහුට කරන අගෞරවයක් බවද සලකමි..එවන් අගෞරවයක් කීරීමෙන් වලකිනවා සේම, ඔහු ගැන ලියා ඇති http://vargapurnikava.blogspot.com/ වැනි බ්ලොග් අඩවියක් කියවීම අතීතකාමයේ ගිලී වර්ථමානය හෝ අනාගතය රාවණා රජ්ජුරුවන්ට බාරදී සිටිනවාට වඩා අපගේ ලේ පිරිසිදු කර ගැනීම තුලින් සෞඛ්‍ය වර්ධනය කර ගැනීමටවත් හේතුවනවා ඇත..ලියුවේ සත්සමුදුර at 2:43 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය, කතුවර අදහස්, විවිද.143 comments:.Buddy --බඩීAugust 24, 2012 at 3:44 PM.Dear Friend,.Please read "Dr Sooriya Gunasekara - Lanka Itihasaye Helayugaya".there are lot of facts regarding Rawana. Great book....You will change your mind...!!.ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 3:57 PM.Already I have read the book. If you want, you could download it from my own blog post comment by whom published it. Any one could write on Rawana or any other human or non human being. But it hasn't any scientific proof I could not belive until solve it..http://sathsamudura.blogspot.com/2011/01/blog-post_4175.html.Delete.Replies.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !August 24, 2012 at 4:14 PM.//lot of facts//.:D.Delete.Replies.Reply.ආචාර්ය මීවනපළානේ ජයරත්නAugust 24, 2012 at 6:15 PM.Not only lots of facts but also including unbroken archeological proofs..Delete.Replies.Reply.UnknownMay 9, 2015 at 9:59 PM.This comment has been removed by a blog administrator..Delete.Replies.Reply.UnknownSeptember 21, 2016 at 4:52 AM.This comment has been removed by a blog administrator..Delete.Replies.Reply.UnknownSeptember 21, 2016 at 4:53 AM.U r sayin that u want scintific proof.. do u have any scientific proof for lord buddha...but we belive it..we follow it..same here for the rawana..i belive it..some day it will come out from the darkness...Delete.Replies.Reply.සත්සමුදුරSeptember 21, 2016 at 10:36 AM.වඩාත් පැහැදිලිව කරුණු දැක්වීමට මා සිංහලෙන්ම පිළිතුරු දෙන්නෙමි.රාවණා රජු නැවත පහළ වීම යනු කිසිසේත් ප්‍රායෝගික යථාර්ථයක් නොවන බව මා සෑමවිටකම විශ්වාස කරන්නකි. යම් හෙයකින් එතුමා පහළ වූවායයි සිතුමු, එතුමා වාසය කළ මීට වසර දහස්ගණනක් හා වර්ථමානය අතර ඇති වෙනස මත එතුමාට මේ ලෝකය තුල ගැලපෙන අයුරින් වැඩි කාලයක් වාසය කිරීමට හැකියයි විශ්වාස කළ හැකිද? අප කවුරුත් විශ්වාස කරන ස්වභාවධර්මයට මෙපිටින් කිසිවකු නැත යන ධර්මතාවයට අනුව කිසියම් පුද්ගලයකු වසර දහස් ගණනක් ස්වභාවධර්මයාගේ නියමයන්ට අනුව නොනැසී පැවතීමට නම් අඩුම තරමින් මමිකරණයටවත් ලක් වී තිබිය යුතුය. හැබැයි මෙතුවකට අජීවී ජීවියෙකු මිස සජීවි ජීවියකු මමිකරණයට ලක්ව ප්‍රාතීභූර්ථ වූ බවක් මෙතරම් සන්නිවේදනය දියුණු ලෝකයේ අනෙක් කෙලවර වූ දෙය ඇසිල්ලකින් අනෙක් කෙලවර දන්නා කාලයක මේ මොහොත වෙන තෙක් දැන ගැනීමට නොමැතිය. එසේ වී දැනටමත් අප නොදන්නවා නම් එය Top Secret කාරණයක් විය යුතුය..බුදුන්වහන්සේ සහ රාවණා යන පුද්ගලයන් දෙදෙනා සැසදීමට යාම නොගැලපෙන උදාහරණයක් යොදාගැනීමකි. බුදුන්වහන්සේ අපට ජීවමානව නොදුටුවද, කාලය විසින් සහ එම දර්ශනය ඉදිරියට ගෙනඑන ලද පුද්ගලයන් ඇතැම්විට එදා තිබූ දේවල්වලට වඩා යම් වෙනස්කම් ඇති කර තිබුනද අඩුම තරමින් එම දහමට අදාල බොහෝ දේ තවමත් අප අදහති එසේම පෙනේනට තිබේ. ඉතිහාසයේ යම් දිනයක මෙවන් දහමක් දර්ශනයක් දෙසූ විශේෂ පුද්ගලයෙක් සිටියාය කියා සිත්නනට හෝ විශ්වාස කරන්නට, එතුමා විසින් දෙසූ ධර්මය අදටත් අපට තිබේ. තවද එය වාචිකව මෙන්ම ග්‍රාන්ථාරූඨ කොට ත්‍රිපිටකය ලෙස අපට ලැබී තිබේ. එවන් පුද්ගලයෙක් සිටියයා යන්න අල්ප මාත්‍රයකින් හෝ සිතන්නට භාරතයේ හා ලංකාවේද ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන ප්‍රකෘති තත්ත්වයේම හෝ නටඹුන් ලෙස තිබේ. එතුමාගේ දහම පවත්වා ගැනීමට හා ව්‍යාප්ත කිරීමට අදටත් එතුමාගේ බුද්ධ පුත්‍රයන් එනම් ස්වාමීන්වහන්සේලා වැඩසිටිති.රාවණා රජු පිළිබදව එපමණකින්වත් පැහැදිලි කිරීමට බහුතරයකට පිළිගත හැකි පුරාවිද්‍යාත්මකවද නිගමනයකට ලක්වූ සාක්‍ෂි කොපමණ තිබේද? අපට අවශ්‍ය නම් ඕනෑම සංකල්පයක් හිතින් මවාගෙන එය හිතවාදී කරුණුද එක්කරමින් එය නැවත පහළවේය, එය සර්වසත්‍යයකි යන්න සිතා සිටිය හැකි වූවත් එය යථාර්ථයක් නොවේ යන්න අප අකමැතිවුවත් පිළිගැනීමට සිදුවේ....Delete.Replies.Reply.Heladiva Explorers December 21, 2018 at 1:09 PM.මේකයි ප්‍රශ්නය. විශ්වාස කරන එක ඔයාලාගේ වැඩක්. බොරු මත වල ගිලෙන් නැතුව පරණ පොතක් පතක් බලන්න. සාක්ෂි තියෙනවා දෙපැත්තටම. වාල්මිකී ඒ රටවලට ගැලපෙන විදියට ලිව්වා. ඉතින් අපි අපේ විදියට කරන්න ඕන. මේක ඇත්ත වෙන්න පුළුවන්..tharu10ravana.blogspot.com.Delete.Replies.Reply.UnknownNovember 21, 2019 at 9:25 PM.Noyekuth matha daran siylu dengen awsarai.ap siyludena dakin deyt wada eha giya ymak adtath lokaye ithiriwa pawathi ey kisiwekutath අසත්‍ය යැයි පැවසීය නොහැකිය.esem apata gochara nou manaynda boho pawathi.emnisa batahira widyathmak mattame sita e පිළිබඳ pamnk ඔළුව idumowgen sithnne nathuwa madak soyballanna e thulin aluth aluth de soya gatha hakiya..Delete.Replies.Reply.UnknownMarch 30, 2022 at 3:45 PM.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download Now.>>>>> Download Full.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download LINK.>>>>> Download Now.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download Full.>>>>> Download LINK nB.Delete.Replies.Reply.Reply.ThinkTwiceAugust 24, 2012 at 3:46 PM.රාවන යනු හින්දු විර කාව්යක් වන රාමායනය තුල ඇති මන්ස්කල්පිත චරිතයකි. රාවන චරිතය ජිවත් වන්නේ හින්දු ආගම නිසාය. හින්දු භක්තිකයන් ඔවුන්ගේ දෙවියන් ලෙස සලකන රාමා එකල ලොකයේ දුස්ටයාව සිටි රාව්නගෙන් ඔවුන් ගලවා ගත් බව අදහති. ඔවුන්ට නම් රාවන ප්‍රතික්සේප කිරිම කල නොහැක්කේ රාමද ඉන් අහෝසි වී යන නිසාය. ඇත්තෙන්ම රාමයානය, මහාහාරතය වැනි පෙරදිග විර කාව්ය රචනා කලා සේම යුරොපයේද හොමර් වැනි කවියන් විසින් ඉලියඩ් , ඔඩ්සි වැනි ග්‍රික විර කාව්ය රචනා කෙරුනි..දැන් අලුත්ම ෆැන්ටසිකරන පැතිරෙමින් තිබේ. ඒවාට අනුව අතීත හෙලයන් සතුව සතුව අබ්යවකාශ තාක්ශනය, න්යශ්ටික අවිද තිබි ඇත.පිටසක්වල ජීවින් සමග යුද්ද කර ග්‍රහලෝක පවා අල්ලාගෙන ඇත. ඔවුන් කියන පරිදි නාසා එකෙන් දැන් ඔය අගහරුවෙත යානා යැවිම කරන්නේ සොරා ගත් පුස්කොල පොත් වල ඇති තාක්ශනයෙන් යන්තම් අටවාගෙනලු. අපි වහාම කොපි රයිට් ඉල්ලා නඩු දමා ඩොලර් බිලියන ගනනක් ඇමරිකාවෙන් ලබා ගත යුතුය..ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 3:59 PM.මගේද මතය ඔබ පවසනා දෙයමයි. අතීත පුරාවෘතයක් 100% ක් විශ්වාස කරමින් තමන්ගේ සිත ඇතුලේ තිබෙන ෆැන්ටසි කතාව ඇත්ත ලෙස කීම තමයි බොහෝ දෙනෙකු කර ඇත්තේ....Delete.Replies.Reply.ආචාර්ය මීවනපළානේ ජයරත්නAugust 24, 2012 at 6:22 PM.අරිසෙන් අහුබුදුවන්ට අනුව ,....අප්‍රිකාව යනු තාරක රජතුමාගේ යටත් විජිතයකි. හේතුව, අප්‍රි=අප්‍රිය වූ, පා=කාපිරියන්..වාරියපොළ යනු ඉපැරණි ගුවන්තො‍ටුපොළකි. හේතුව, වා=වායු, රිය=රථ, පොළ=නැවතුම්පොළ. වාතයෙන් යන රථ නැවතුම් පොළ..සූරිය ගුණසේකරයන්ට අනුව ඊජිත්තුවේ ගීසා පිරමීඩ හැදුවේ හෙළයින්ය. හේතුව එම පිරමීඩ හැදුවේ අහසින් ආ සිංහ මිනිසුන් යැයි ලියා තිබීමත් (අහසින් ආ සිංහ මිනිසුන් හෙළයින් පමණක් විය යුතුය) එම පින්තූර වල හෙළිකොප්ටරයක පින්තූරයක් තිබීමත්ය..එසේම රාවණා රජතුමාට න්‍යෂ්ඨික අවි තිබී ඇත. හේතුවනම් මහා භාරතයේ න්‍යෂ්ඨික පිපිරීම් ගැන සඳහන්ව තිබීමයි..මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ට අනුව රාවණ රජතුමා මේ වසර අගදී නින්දෙන් අවදි වෙයි..ඔය ආකාරයට අප දක්වා ඇති මතවාද වලට පදනම් වූ මූලාශ්‍ර හෙළ නැයුවන්ගෙන්ම අරගෙන ඇත. ඒ අනුව ඒවා බොරුයි යැයි කවූරුන් හෝ කිව්වොත් හෙළ ගවේශක තුමන්ලාද බොරුකාරයින් වෙයි..Delete.Replies.Reply.සත්සමුදුරAugust 24, 2012 at 7:54 PM.ආචාර්ය ජයරත්නයාණෙනි, මන්ද රාවණ රජතුමාට ඔයතරම් නිදිමත, එතුමාට මේ වසර අවසන් වන තෙක් නොයිද දැන්ම නැගිට ගන්නට නොහැකිද?.Delete.Replies.Reply.ThinkTwiceAugust 25, 2012 at 9:39 AM.ඒකනේ මී ජයෝ මාත් කියන්නේ මු ඔච්චර නිදිනම් අයිස් වතුර බාල්දියක් ගහලා හරි ඇහරවපන්කෝ....Delete.Replies.Reply.මහ සම්මත මනුAugust 27, 2012 at 10:29 AM.මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි..අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ..එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ..Delete.Replies.Reply.UnknownAugust 6, 2014 at 9:50 PM.mage site ekata ennna ravana rajatuma gana video eka blanna.http://uguideme.blogspot.com/2014/08/king-ravana-he-is-greatest-emperor-of.html.Delete.Replies.Reply.AnonymousMay 2, 2017 at 5:43 PM.rate metaram akatayutukam weddi rawana raju nida sitinawanam ohu great king kenek wen na.Rawana raju miya gos atha. karunakara puhu katika wenuwen rawana raju upahasayata ganeema nawattanna. rawana yanu lowata awihinsaawadaya, garu kireema helayanta uruma kara dun RAja kenek. Ethumawa wiwechanaya kireemata pratama etuma gana soya balanna. Ona muukasha tiyenawa. Ewa pariharanaya kara etumawa adeekshanaya karanna. Ketaram naraka rajakuta pawa garu karanna purudu wenna. Eka helayange abimaanayak..Delete.Replies.Reply.Heladiva Explorers December 21, 2018 at 1:13 PM.ඇයි ඉන්දියාව රිටිගල ඉල්ලන් නැත්තේ. එයාලා රාමායනය කියවන්නේ නැද්ද?.මෝඩ වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හොඳ මදි.Delete.Replies.Reply.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !August 24, 2012 at 4:15 PM.++++++++++.ReplyDelete.Replies.Reply.හිරුAugust 24, 2012 at 4:42 PM.මේ වගේ දෙයක් ගැන මතයක් පළ කරන්න තරම් දැනුමක් මට නැති උනත් මගේ අදහස නම් රාමයනය හො මහාවංශය පුරාවිද්‍යා මූලාශ්‍ර වශයෙන් යොදා ගන්න පුළුවන් සුළු කරුණු ප්‍රමාණයක් අඩංගු විරකතා දෙකක් විතරයි කියන එකයි.... රාමායනය කියන්නේ තනිකරම ඔය කියනවා වගේ වන්දිභට්ට වීරකතාවක්.... මහාවංශය උනත් ලියවිලා තියෙන්නේ ජනකතා වැනි දේ මූලාශ්‍ර කරගෙන අවුරුදු දහස් ගාණකට පස්සේ.....ඉතිං වීරකතාවලදි සාමාන්‍යයෙන් කරුණු අතිශයෝක්තියෙන් දක්වන අවස්ථා වැඩියි.... මේ රාවණා සිද්ධියත් ඔය වගේ කියලා මට හිතෙන්‌ෙන්....ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 5:05 PM.රාමායණය කෙසේවෙතත් මහාවංශයේ යම් කිසි පුරාවිද්‍යා මූලාශ්‍රයක් ලෙස ගත හැකියි. උදාහරණයක් ලෙස කියනවා නම් මහාවංශයේ යම් ඉදිකීරීමක් මේ මේ අය විසින් කළා කියනවා නම් අඩුම තරමින් ඒ දේවල් අපිට අදටත් ඇහැට දකින්නට වගේම සමහර විට ඒ ආශ්‍රිතව ලැබෙන ශිලා ලේඛණ වලින් හෝ මේ දේ මේ අය කළාය ‍සහ මේ දෙය පවතිනවා යන පදනම මත හෝ පිහිටා පිළිගැනීමට පුළුවන්. ඒත් රාමායණයේ කියනා දේවල් කොහිද තිබෙන්නේ? එහි පැවසෙන දේවල් යම් විදියකින් පිළිගන්න කොහේවත් ලේඛණ ගත කිරීමක්, ඒවා හමුවූ බවක් අසා නැහැනේද?.Delete.Replies.Reply.Reply.උදාරAugust 24, 2012 at 6:26 PM.ඉස්සර නම් නිකමට හරි රාවණා කියල කෙනෙක් හිටියයි කියල මාත් පිළිගත්ත. ඒත් දැන් දැන් මේ ඇහෙන මනස්ගාත හින්ද ඒ ගැන කියන්නත් ලැජ්ජයි වගේ........ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 7:55 PM.ම්..ම්.. ඒක තමයි මටත් තියෙන ගැටළුව....Delete.Replies.Reply.Every thingsNovember 28, 2018 at 12:55 AM.Eth yaluwa janaprawada kiyana ewa nikam awata giyata enne neda. Kalen kaleta ewata athishayokthi ekathuwenawa. Matanam wishwasai rawana raju hitiya kiyannata . Namuth ohu dan aharila kiyala piliganna mata thama be ..Delete.Replies.Reply.Reply.සෙන්නාAugust 24, 2012 at 6:57 PM.අපි හැමදාම කළේ වංසෙ කබල් ගාපු එක විතරනෙ දිනේශ්.. රාවණා කියලා රජ කෙනෙක් හිටියා කියමුකො.. අඩු ගානේ එතුමා කලායි කියන විශ්මිත ක්‍රියා, කළේ කොහොමද කියලා සොයා බැලීමක්වත්, ඒවා නැවත මතු කරගැනීමට උත්සහයක්වත් අපේ නෑනේ.. අපී එතුමගේ පංපෝරිය ගගහ බටහිරින් එන තාක්ශණයට වැඳ වැඳ ඉන්නවා.. සමහර විට ඔය කියනවත් අගේ බටහිරයො පරීක්ශන මගින් ඒ තිබුන මොකක් හෝ රහස් දැනුමක් මතුකරගත්තා වෙන්ඩත් පුලුවන්... අපේ ජාතික ආදායමෙන් පරීක්ශණ සඳහා වෙන් වන්නේ කීයද..ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 7:57 PM.වැඩක් නැහැ සෙන්නා පරීක්‍ෂන සදහා වෙන්වුනත් ඕවා ලංකාවේ හැදෙන්නේ නැහැනේ. බලන්න ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් තිබිලත් නව නිර්මාණකරුවන් විසින් සොයා ගන්නා කිසිම දෙයක් මෙහේ වාණිජ මට්ට‍මෙන් නිශ්පාදනය වෙනවද? නැහැනේ..Delete.Replies.Reply.Reply.AnonymousAugust 24, 2012 at 7:24 PM.රාවනා රජු ගැන කියන්න හදන ඒක විකාරයක් කරගත්ත වරිග පූර්ණිකාවෙන් නම් කෙරෙන්නෙ යහපතකට වඩා අහයපතක්. ලංකාවේ සමස්ත ඉතිහාසයම ඔවුන් දවසක විහිලුවකට ගනීවි.වරිග පූර්ණිකාව කරන්නේ මොර‍ටුව සරසවියේ සිසු පිරිසක්ලූ කියලා ආරංචියක් තියෙනවා! (භෞතිකවාදී මනසකින් ඔද්දල් වුණු) - සත්‍යය දැයි නොදනී.ReplyDelete.Replies.AnonymousAugust 24, 2012 at 8:02 PM.ඕක කරන්නේ මේ බ්ලොග් අවකාසෙම ඉන්න එකෙක්. ඒ කවුද කියා මාරයා ඇතුළු පිරිසක් දන්නවා..Delete.Replies.Reply.සත්සමුදුරAugust 24, 2012 at 8:05 PM.එයට ඔවුන්ට පමණක් දොස් කීමෙන් ඵලයක් නොමැතිය. එයට හේතුව ඉතිහාස ගත පුරවෘතය කෙසේවෙතත් හරිහැටි ඒ ගැන පුරාවිද්‍යාත්මක නිරීක්‍ෂනයක් ‍නිගමනයක් නොමැති උගතුන්, විද්වතුන් ඇතුළුව සියළු දෙනා තාත්වික යථාර්තවාදී ලෝකයෙන් ඔබ්බට ගිය "ෆැන්ටසි" නිගමනයන් ඉදිරිපත් කිරීමයි..අපේ රටේ මිනිසුන් බොහෝමයක් සිතන්නේ කියන්නේ අපගේ රටට තරම් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්, ආගමක් නොමැති බවයි. අනෙක් රටවල සිටින මිනිසුන්ගේ ආගම, ඉතිහාසය හෙළා දකිමින් කටයුතු කරනවා විනා තමන්ගේ වැරදි හදා නොගනිමින් අතීත කාමයෙන් වර්ථමානයට හෝ අනාගතයට වැඩ දායි වැඩක් නොකරමින් රාවණා හෝ අනාගතයේ පහළවෙන දියසේන කුමාරයා සොයමින් හෝ අතීත රජදරුවන් කළ වෙහෙර විහාර වැව් ගැන කතා කරමින් සිටිනවා මිස අළුත් දෙයක් ගොඩනගන්නේ කීයෙන් කීදෙනාද?.ඉතිහාසයට අප ගරු කළ යුතුයි. ඒ පිළිබදව මීට වඩා ප්‍රතිපාදන වෙන්කොට සෙවිය යුතුයි. ඒ එයින් අපගේ සැගවී ඇති යටගියාව ඉස්මතු කරගැනීමටත්, ඒවා අනාගත පරපුරට දැකගැනීමටත්, එයින් ගත හැකි අරුත්බර යමක් වර්ථමානයට හා අනාගතයට එකතු කර ගැනීමටත්ය. නැතුව ඉස්සර කරපු දේවල් ගැන කියමින් කාලය මැරීමට නොවේ....Delete.Replies.Reply.Reply.pissu poosaAugust 24, 2012 at 7:28 PM.මේක නම් නියම බ්ලොග් එක අය්යේ. ඔක්කොම ටික කියවල ඉවර වෙලාම කොමෙන්ටුවක් දාන්නම්. දිගටම මෙහෙම ලියන්න..ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 7:57 PM.ස්තුතියි මල්ලී!.Delete.Replies.Reply.Reply.Pathum HerathAugust 24, 2012 at 8:02 PM.මේ වගේ මාතෘකා ගැන ලියවෙන ලිපි වලට කොමෙන්ට් දාන එක මම වැඩිය කරන්නෙ නෑ.. ඔබේ ලිපි ගොඩක් වෙලාවට යම් පදනමක් සහිතව ලියවෙන නිසා කොමෙන්ට් කරන්න හිතුනේ...ගොඩක් වෙලාවට කැම්පස් කාලෙදි සහ කැම්පස් අවුට් වෙලා(කැම්පස් කිවේ පොදුවේ තේරෙන්නෙ. නොගිය අයත් අදාළයි) ඕවගේ දේවල් ගැන හෙවීමේ ආසාව සහ ඒවාගේ (රැඩිකල්)මත පිළිගැනීමේ ආසාවක් එනවනේ.. මට හිතෙන්නේ මේ දිනවල තියෙන්නෙ අන්න ඒවගේ කට්ටියක් විසින් සොයා ගත් සහ ඒ ඒ අය විශ්වාස කරන දේවල් පතුරවා හැරීමේ පොඩි වැඩක්.. ඒක වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ.. ඇත්තටම අපි හැමෝම ඔය ෆැන්ටසි කතාවලට කැමතියිනේ..ෆැන්ටසියේ වීරයා අපේ කියන්න කවුද අකමැති.. හික්.. පුරාවිද්‍යාව හරි ඉතිහාසය හරි ගැඹුරට හදාරන්නේ නැති බොහෝ හුදී ජනතාවට ඒවගේ රසයක් දෙන එක වරදක් නෑ කියලයි මට හිතෙන්නේ.ඔබ මේ ඉදිරිපත් කරල තියෙන දේනුත් අන්තිමට රාවණා කියන්නේ කවුද කියන එක පැහැදිලි කරන්න බෑ නේ.. නමුත් රාවණා කියන චරිතය යොදාගෙන හොඳ ෆැන්ටසි නිර්මාණයක් කරන්න කාට හරි මේ මඟින් හොඳ අවස්තාවක් හැදෙයි.. අනිත් එක ඉතිහාසයේ චරිත ඇත්ත වුණත් බොරු වුණත් ඇත්තටම එයලා අපිට ෆැන්ටසි ලෝකයක චරිත විතරයි.. ලෝක පූජිත වුණ බොහෝ සිනමා නිර්මාණ වල ඉන්නේ අපේ රාවණා වගේ ෆැන්ටසි වීරයෝ නේ.. අපිටත් අපේම කියල එහෙම කෙනෙක් ඉන්න එක ගැන මට නම් සතුටුයි...ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 8:18 PM.නැහැ. මට කිසි‍සේත් කියන්න බැහැ රාවණා කියල රජ කෙනෙක් හිටියද? නැත්ද? කියලවත්. මොකද මම ඒ ගැන කිසිම පරීක්‍ෂනයක් කරලා නැහැ. මටත් කාලෙකට ඉස්සෙල්ලා රාවණා රජු ගැන ලිපි ලියන්න කියලා පෙර යම් ලිපියක් පළ කළ වෙලාවේ ගොඩක් දෙනෙක් ඉල්ලා සිටියා. ඒත් එහෙම කෙනෙක් සිටි බවට ජනවහරෙන් හා අනෙකුත් නිල නොවන මූලාශ්‍ර (නිල නොවන සේ අදහස් කළේ උදාහරණයක් විදියට දුටු ගැමුණු රජු සිටි බවට මහාවංශය හෝ සාක්‍ෂි දරනවානේ) වලින් මිස කිසිදු පැහැදිලි නිර්ණායකයකින් තොරව ඔප්පු කර ගන්න බැහැනේ..මගේ අදහස මේකයි පැහැදිලිව මෙහෙම කෙනෙක් සිටි බවට ඔප්පු කරන්න බැරිනම්, එහෙම කෙනෙක් ජීවත්වූ හෝ නොවූ බවෙන් ගැටළුවක් නැහැ.එම කෙනාට අපගේ ගරුත්වය හිමිවිය යුතුයි. ඒත් ඒ පිළිබදව දන්නෙත් නැතුව ඔහු විසින් අරක හැදුවය, මේක හැදුවය, ඔහු මේ ක්‍ෂෙත්‍රයේ නිපුණත්වය තිබුන කෙනෙක්ය කියන එක සම්ප්‍රප්පලාපයක් විතරයි. අන්තිමේ මේ ඔප්පු කරගන්න බැරි පුද්ගල චරිත ක්‍රමයෙන් මෙරට මිනිස් සමාජය තුල අනිවාර්ය ජීවමාන සාධකයක් බවට පත්කරල ඒවා ඉස්මතු කරල මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න යටපත් කරන්නට යොදාගැනීමයි පසුව ගැටළුවක් වෙන්නේ. උදාහරණයක් කියනවානම් පේනවානේ අද මෙරටේ ශීලාචාරකම, විනය කියන එක කොච්චර පිරිහිලාද? ඒත් ඒවා පිළිබදව තීන්දු තිරණ ගන්න පුළුවන් බලධාරීන් ඒ ක්‍රියාමාර්ගය ගන්නේ නැතුව අතීත රජදරුවන්ගේ කාලයේ මෙච්චර ශිෂ්ඨය, අපිට තියෙන්නේ මෙච්චර පෞඩ ඉතිහාසයක් කියල කියනවා මිසක් වර්ථමානයේ ජීවත්වන අපගේ ජීවිත යහපත් කරන්නවත්, අනාගතයේ බිහිවෙන්න ඉන්න දරුවගේ ජීවිතය යහපත් කරන්නවත් මූලික වෙන්නේ නැහැ. පේනවානේ අද කී දෙනෙක් දුටු ගැමුණුල වෙන්න යනවද? අන්තිමට රාවණත් වෙන්න ගියොත් මනස්ගාත මිසක් රටට වැඩදායක දෙයක් ඉතිරි වෙන්නේ නැහැ....Delete.Replies.Reply.සත්සමුදුරAugust 24, 2012 at 9:51 PM.මිතුරු මට මේ කරුණු කලින් මඟහැරුනා. ලංකාවේ ෆැන්ටසියකට ඉඩක් තියෙනවද කියන ගැටළුව තියෙනවා. සාමන්‍යයෙන් ඉන්දියාව වගේ ර‍ටක ෆැන්ටසියක් මවන්න ලේසියි කියන එක මගේ අදහස. එයට හේතුව තමයි ඔවුන් උග්‍ර ආගම් භක්තියකින් පෙළීම වගේම අන්ත දිළිදුබාවයත්. ආගමික උන්මාදයකින් සිටින කෙනා ෆැන්ටසියකින් හෝ තම ආගමේ කියවෙන දේවල් අත්විදින්න කැමතියි. ඒවගේම දුප්පතා තමන්ගේ දුක මදකට හෝ නිවා ගන්න ෆැන්ටසිය පිහිටක් වේවි..ඒත් බටහිර දියුණු සමාජයේ ෆැන්ටසිය කියන්නේ හුදු විනෝදයක් හා කලාවක්. ඒ වුනාට අනාදිමත් කාලයක ඉදල බෞද්ධ පදනම ඉතා පහළම ස්ථරය දක්වා ස්ථාපනය වූ ලංකාවට ෆැන්ටසියකට ඉ‍ඩක් නැහැ. පේනවනේ පසුගිය කාලයේ ෆැන්ටසි උපකල්පන ඉදිරිපත් කළ වදුරඹ අළුත් බෝසත් තුමාටයි, සකෘදාගාමීයයි කිව්ව සමන්තභද්‍රටයි බෞද්ධ සමාජයෙන් එල්ලවුන පීඩනය..ෆැන්ටසියක් බෞද්ධාගමිකව යහපත් චේතනාවෙන් හෝ සමාජගත කරන්න යන බොහෝ දෙනෙකුට අත්වන ඉරණම ඒකයි. ඒත් සෝම හාමුදුරුවෝ ෆැන්ටසියකින් තොරව සමාජ යථාර්ථය,ඇත්ත තත්ත්වය මුල් කරගනිමින තම කාර්යය ඉටු කළ නිසා තමයි උන්වහන්සේගේ නික්ම‍යෑමෙන් පසුවත් ලංකාවේ සමාජය තුළ ඉහල පිළිගැනීමකට ලක්වී තිබෙන්නේ..Delete.Replies.Reply.සෙන්නාAugust 24, 2012 at 9:59 PM.@ දිනේශ්,.100% එකඟයි..ඒ කාළේ ඒවා කළාය, මේවා කළාය කිය කිය ඉන්නවා මිසක් මේ කාලේ කරන මගුලක් නෑ.. ලේකෙ තෙල් ඉවර වෙච්චදට අපි විනාසයි.. බේත් පෙත්තෙ ඉඳන් හැමදෙයක්ම පිටින් එනකම් කට බලියන්නේ ඉන්නෙ.. නැව් වලටයි, ප්ලේන් වලටයි එන්ඩ බැරි වෙච්ච දාට ඔක්කොවන්ටම මුහුදට පනින්ඩ තමා වෙන්නෙ..Delete.Replies.Reply.සත්සමුදුරAugust 24, 2012 at 10:49 PM.ඒක තමයි සෙන්නා. අපි වැ‍ටී සිටිනා තත්ත්වය තේරුම් ගත යුතුයි. ජාතියක් වර්ණවත් කරන ඉතිහාසමය කරුණු හැකිනම් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සොයා බලා අනාගත පරපුරටත් ඒවා දැනගැනීමට මාර්ග සලසනවා මිස වර්ථමානයටත් අනාගතයටත් වැඩක් නොමැති හිස් වචන කියා කාලය නාස්ති කිරීමෙන් ඵලක් නොවන්නේමය....Delete.Replies.Reply.Pathum HerathAugust 25, 2012 at 8:16 PM.දිනේෂ්, මම ඔබගේ කතාවට විරුද්ධ නෑ නමුත් අපි හැමදාම කරල තියෙන්නෙ සහ කරන්නෙ එකම දේ... අපි අපේ ඉතිහාසය,ආගම,කලාව සහ සංස්කෘතිය රැක ගෙන ඒවාට ගෞරව කරගෙන ඉන්න එක තමා හැමදාම කළේ... ඒ ඉතිහාසයේ තියෙන්නෙ මොනවද? ආගමේ(අපි අපේ කියන බෞද්ධ ආගම ගැන)කියල තියෙන්නෙ මොනවද කියල කවදාවත් හිතන්නෙ නෑ...ඒ අපි ඒවට ගරු නම්බු දීල ආරක්ෂා කරන එකට තමයි ප්‍රමුඛතාව දීල තියෙන්නේ..දැනටත් මේ හෝ ගාල කට්ටිය ගහ මරා ගන්නේ බුද්ධාගම රැක ගන්න කියල මිසක් ඒක තේරුම් ගන්න නෙවෙයි නේ.. (රැක ගත යුත්තේ ඒව නිවැරදිව තේරුම් ගෙන ක්‍රියාවේ යොදවා මිස හතර වටේට බැන බැන යන එක නෙවෙයි නේ).ඔයා පසු ගිය දිනවල ඩාවින්සි ගැන අපූරු ලිපියක් ලිව්වා.. ඒවගේ තව පුද්ගලයෝ ගැන බොහෝ විස්තර ඔබ සහ වෙනත් අය ඕනෙතරම් ලියනව.. ඒ චරිත මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච චරිත.. ලෝකෙම මිනිස්සු ඒ අය ගැන කතා වෙනවා.. ඒ මිනිස්සුන්ට ගරු කරනව.. ළමයින්ට උගන්නනවා...අපේ රටේ හිටපු එවැනි චරිත ගැන අපේ රටේ ඇර ලෝකේ වෙන මොන රටවල් වලද කතාවෙන්නේ? ක්‍රිකට් කණ්ඩායම ගැන නෙවෙයි මේ කියන්නේ.. ලෝකයේ රටවල් තම්න්ගේ රටේ හිටිය මිනිස්සු ගැන තමන් විසින් ම හොයල බලල ඒ මිනිස්සු කළ කී දෑ ගැන ප්‍රචාරය කරල ඒ ඒ අයට ලැබිය යුතු නිසි ගරුත්වය සහ සැලකීම ලබා දීල තියෙනවා. අපි හැමෝම ඒ අය ගැන දැන ගෙන ඒ ඒ අය කළා යැයි පිළිගන්නා දේවල් අගය කරමින් මේ මහ ලොකුවට පිට රටවල් ගැන කතා කරන්නේ ඒ මිනිස්සු ඒ දේවල් වලට නිසි ප්‍රචාරයක් දීපු නිසා...මම පිළිගන්නවා රාවණා ගැන අපි දන්න කෙහෙල්මලක් නැතුව බොරු වලින් ප්‍රචාරයක් දෙන එක නෙවෙයි කරන්න ඕනේ හරි දේ හොයල ඒ දේ ප්‍රචාරය කරන්න ඕනේ කියන එක(ප්‍රචාරය කරන්න තරම් දෙයක් කරල තියෙනවනම්). දැන් එංගලන්තෙ හිටපු ආතර් රජ්ජුරුවො ගැන ඔයාල අපි දන්නෙ කොහොමද? එයා ලෝකෙටම සේවයක් කරපු කෙනෙක් ද? කැම්ලට් කියල (ඇත්තද බොරුද නොදන්නා) රජ්‍යයක් නියම විදියට පාලනය කරපු යහපත් රජෙක් විදියට අපි එයා ගැන දන්නවා..එයාට වීර නයිට් වරු හිටිය කියලත් අපි දන්නවා.. ඒ රජ්ජුරුවන්ගෙයි නයිට්ලගෙයි නිදන කාමර වල වෙච්ච දේවලුත් අපි දන්නවා.. හික්.. අපි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල තරුණ ළමා වැඩිහිටි ගොඩක් අය ඒ ගොල්ලො ගැන දන්නවා.. ඒ දේවල් ඇත්ත වුණත් බොරු වුණත් වීරයෝ විදියට හැමදාම ඒ චරිත ලොවපුරා මිනිසුන්ගේ සිත්වල ඉන්නවා...දැන් අපි දුටුගැමුණු හරි වළගම්බා හරි රජකෙනෙක් ගැන හිතල බැලුවොත් තව අවුරුදු 20-30කින් ඉන්න පොඩි උන් ෂුවර් එකටම ආ ඒ කවුද කියල අහයි.. අපි ඒ ඒ රජවරු කළා යැයි සළකන සියලලට වන්දනා මාන කරමින් මාර ගරුත්වයකින් පොත් පත් කීපයක් ඇතුළට හිරකරගෙන ආරක්ෂා කරගෙන ඉන්නව..දැන් මේ ටිකෙන් ටික විනාශවෙමින් යන 2500 වසරක් පැරණි සංස්කෘතියට අයත් රාමුව ඇතුළෙ හැදිච්ච පරම්පරා කීපෙකින් පස්සේ මේ දේවල් මේ විදියට රැකිල තියෙයි කියල හිතන්න පුළුවන් ද? ඒක අපි කාගෙවත් වැරද්දක් නෙවෙයි ඒ ඒ දේවල් සිද්ධ වෙන්නෙ එහෙමයි.. අර පරිණාමවාදයේ එන ප්‍රසිද්ධ කියමනට අනුව වෙනස් වෙන දේවල් වලට අනුව ක්‍රමානූකූලව වෙනස් වෙච්ච (තමන්ගේ විදිය රැක ගෙන වෙනස් වීම) අය හැමදාම පවතිනවා...Delete.Replies.Reply.Pathum HerathAugust 25, 2012 at 8:19 PM.ඉස්සෙල්ල කොමෙන්ට් එක දිග වැඩි වුණා.. මේ ඉතිරි ටික..(මෙච්චර දිගට මම බ්ලොග් පෝස්ට්වත් ලියන්නෙ නෑ හික්..).මම කියන්නෙ නෑ මේ දවස් වල මේ හැමෝම බනින වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකේ කියන දේවල් (බහුබූත) ඇත්ත කියල පිළිගන්න එක සහ ඒවා ඒ විදියට සමාජගත වෙන්න අරින්න ඕනේ කියල.. නමුත් මේ විදියට ගොතා කියන බොරු නිසා හරි මිනිස්සු ඒ දේවල් ගැන හොයන්න පෙළඹවීම වටින්නෙ නැද්ද නිකන් වංසෙ කබල් ගගා ඉන්නවට වඩා...ඉතිහාසය දෙස නිර්මාණශීලීව බලල අලුත් දේවල කරන එකේ කිසි වරදක් මා නම් දකින්නෙ නෑ.. මා වර්ගපූර්නිකාව කියවූ පාඨකයෙක් පමණි වෙන කිසි සම්බන්ධයක් නැත.. නමුත් එහි ඇති සමහර නිර්මාණශීලි කරුණු වලට මා පෞද්ගලිකව කැමතියි.. සමහර මෝඩ ආතල් හුදෙක් විනෝදයට මිස වෙන වැඩකට ගත නොහැක...අපි දැන් පිළිගන්නා අපේ වීර චරිත කළ කී දේ අප පිළිගන්නේ ඉතිහාසයේ සිදුවූ කරුණු අනුව ඒ දේවල් හැදෑරූ අය විසින් පොත්පත් වල සටහන් කරතැබූ කරුණු නිසානේ.. ඒවායේ අතිශයෝක්තියෙන් එබ්බවූ කරුණු නෑ කියල අපට කියන්න බෑ නේද.. එහෙම එබ්බවූ දේවල් බෞද්ධ සාහිත්‍යයෙත් ඕනෙ තරම් තියෙනවා (බුදුහාමුදුරුවෝ කිව්වෙ එකක් අපි කරන්නේ තව එකක් වෙලා තියෙන්නෙ ඒක නිසා කියලයි මම හිතන්නේ).සරල උදාහරනයක් කියන්නම් අපේ වර්තමාන රජතුමා ලංකාව තිස්වසරක යුද්දෙන් නිදහස් කළා කියන දේ ඉතිහාසයේ ලියවෙන දෙයක්..ඒක කලේ කොහොමද? සධාරණකම් අසාධාරණකම් වුණ හැටි වලට වඩා ඒ ඉතිහාසය කියවන මිනිසුන්ට වැදගත් වෙන්නේ මෙයා මේක කලා කියන එක.. ඊට පස්සේ රාජ්‍ය පාලන කාලය තුල පාරවල් ටික හැදුවා ලොකු ලොකු බිල්ඩිං හැදුව කියල ඉතිහාසයේ ලියවෙයි.. කලේ කොහොමද වංචා දූෂණ තිබ්බද නැද්ද 100% හරිද කියන එක කාටවත් වැදගත් වෙන්නෙ නෑ...ඉස්සර රජවල මහ දාගැබ් වැව් හදදිත් ඕනෙ තරම අසාධාරණ කම වෙන්න ඇති.. අහිංසක මිනිස්සු මැරෙන්න ඇති.. වංචා දූෂණ කරපු ඇමතිලා මන්ත්‍රීලා ඕනෙ තරම් ඉන්න ඇති.. අපිට ඒව වැඩක් නෑනේ.. අපිට පෙන්නන්න දෙයක් තියෙනවනම් රහ කර කර කතා කරන්න දෙයක් තියෙනවනම් ඉතිහාසේ හරියටම වෙච්ච දේ වැදගත් වෙන්නෙ නෑ නේ.. අන්න ඒ වගේ.. ඔය විදියට හිතල බලනකොට අපි දැන් ඇත්ත යැයි සලකන කිසිම දෙයක් 100% ඇත්ත කියල පිළිගන්න අපිට බෑ නේ...රාවණා ගැනත් එහෙමයි.. අපි දන්න දේවල් ටිකක් තියෙනවා.. ඒ ටිකට තව ටිකක් අතින් දාල ඒක ලස්සන/කැත කිරීම කවුරුහරි කරනවා...අනිත් එක ඉතිහාසය සොයා ඒවා ජනතාව වෙත/ලෝකයට ලබා දීම පත්වන ආන්ඩුවේ වගකීමක් යැයි සිතන තාක් අපේ ඉතිහාසය නම් කවදාවත් එළියට එන එකක් නෑ.. එහෙම මිනිසුන් පාලකයින් විදියට එනකම් බලාගෙන ඉන්න අපි තමයි මෝඩ වෙන්නේ...Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 10:40 PM.ඔබ මට කියන්න යමක් ඉතිරි නොකරම තර්කානුකූලව හා සාක්‍ෂි සහිතවම ඉදිරිපත් කර ඇත. රාවණා හා අනෙකුත් රජවරුන් අතර ගැටළුව අචේතනික හා සචේතනික ගට්ඨනයයි..යමෙකුට වලගම්බා සහ අනෙකුත් රජවරුන් වුවද අනාගතයේ විහිළුවක විය හැක. නමුත් වෙනස ඇත්තේ වලගම්බා යනුවෙන් රජෙකු අපට සිටි බව අපගේ ඉතිහාසය ග්‍රන්ථ කිහිපයකම හෝ සටහන් වීමත් අඩුම තරමින් ඔහු ඉදි කළා යයි සමාජ සම්මත එක් ඉදිකිරීමක් හෝ තිබීමයි..අපට කිසිම දෙයක් 100% පිළිගැනීමට බැහැ. ඒවගේම ඉතිහාසය පුරාවටම සුදු චරි තයයි වර්ග කළ චරිත පිළිබදව ගැඹුරින් සොයා බැළුවහොත් ඇතැම් විට සුදු බව නැති වන තරමටම කළු චරිත ඒ තුල සැගව තිබේ..මමත් වර්ගපූර්ණිකාවට අළුතින් එකතුවූ පාඨකයෙක් වන අතර මෙම ලිපිය ලිවීමට උත්තේජනය සැපයුවේත් වර්ගපූර්ණිකාවයි. එසේම මා බ්ලොග් අවකාශයේ දුටු හොදම වින්දනාත්මක බ්ලොග් අඩවිය බවට නම් කරන්නේත් වර්ගපූර්ණිකාවයි. එසේම මෙහි තාක්‍ෂිකව ඇති බාදකයන් නිසා ලිවීමට අපහසු පිළිතුරක් ඉදිරි ලිපියේදී ලබාදෙන අතර අවස්ථාවක් ලද හොත් එයටද සහභාගී වන ලෙස ඉල්ලමි....Delete.Replies.Reply.UnknownAugust 27, 2012 at 10:58 AM.http://akila-helayek.blogspot.com Web adaviya kiyawanna..Itha gunathmaka lipi atha. Mama mema web adaviya vargapoornikawe thibu lipiyakin danagathimi. Meme mathrukawa sandaha adala viyauthu nomuth awdhanaya aduwen youmu wee athi blog 1k nisa sandahan kireema sudusu yai hanguni..Delete.Replies.Reply.සත්සමුදුරAugust 27, 2012 at 11:34 AM.ස්තූතියී! එම අඩවිය ගැන දැනුවත් කළාට හා මෙහි පැමිණියාටත්....Delete.Replies.Reply.UnknownNovember 18, 2015 at 9:34 PM.Ravana lagadeema anawa a 2017 wasare 06/08 polawa geguruwamin....Delete.Replies.Reply.UnknownNovember 18, 2015 at 9:35 PM.Ravana lagadeema anawa a 2017 wasare 06/08 polawa geguruwamin....Delete.Replies.Reply.Reply.මහේෂ්August 24, 2012 at 10:42 PM.හෙල බස , හෙල අතීතය විහිළුවකට බඳුන කරමින් , ශ්‍රී ලාංකීය ඉතිහාසය පවා විකෘති කරමින් මුද්‍රිත මාධ්‍ය පවා විනෝදය සපයමින් තමන්ගේ වෙළඳාම කරගන්නට උත්සුක වෙන සහ ඒ ඔස්සේම ඇරඹී “රාවණා රැල්ලකින්“ සිංහල බ්ලොග් පරිශ්‍රයත් , ඒ ආශ්‍රිත අන්තර්ජාල පිටුපවා හිස් වදන් වලින් පුරවමින් , හිමි රස තිබියදි “කුණූ රසක් “ විඳින්නට පොළඹවන කාළෙක ඔබේ සටහන නම් අනර්ඝයි , මේ ලෙසින් ගියොත් තව ටික දවසකින් , දෙවනපෑතිස් රජුත් , දුටුගැමුණු රජුත් කවටයන් ගණනට වැටෙනවා ස්ථීරයි ..ඉතිහාසය ගැන නොදත් , තම බස ගැන නොදත් ජාතියක අනාතගය අනාථ නොවේයැයි කෙසේ නම් කියන්නද ? ......ස්තුතියි ඔබේ වෙහෙසට.ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 10:46 PM.සහතික ඇත්ත මහේෂ් මහත්මයා, සහතික ඇත්ත. පුරාවෘත හෝ ඉතිහාසයේ ඉදුරාම දන්නා චරිත ගෞරවනීය ලෙස පැවතීමට ඉඩදිය යුතුයි. ඒවාට අනවශ්‍ය වර්ණනා, ඌනපූර්ණ එකතු කරන්නට යාමෙන් වන්නේ එම චරිත තවත් බැබලීම නොව තිබෙනා තත්ත්වයෙනුත් පහලට වැටීමයි....Delete.Replies.Reply.Reply.Gnanendra Pradeep PathiranaAugust 24, 2012 at 11:04 PM.විජය රජු හා ගෞතම බුදුන් අතර නෑදෑකම මගින් සිංහලයින් යනු ශුද්ධ ථේරවාදී බෞද්ධයින්ය යන මතය කාවැද්දීමට හා බුද්ධාගම වෙනුවෙන් මෙරට රජවරුන් කළ උදව් උපකාරයන් උලුප්පා දැක්වීම සඳහා මහානාම හිමියන් ලියූ "මහාවංශය" පාදක කරගෙන හෝ ඉන්පසු ඉංග්‍රීසි යුගයේ ලංකා ඉතිහාසය අධිකරණමය දෘෂ්ඨිකෝනයකින් විමසා බැලූ කොඩ්රින්ටන්- පරණවිතාන ගුරුකුලයේ පැහැදිලි කිරීම් ඉස්මුදුනින් පිළිගන්නා අයෙකු වෙත්නම් ඔවුන් "රාවණා" පිළිනොගන්නවා ඇත. නමුත් කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදු සමයන් තුළද මෙරට ශිෂ්ඨාචාරයන් පැවැති බවට මහාවංශයම දක්වන අවස්ථාවන්, දිවයිනේ තැන් තැන්වලින් හමුවූ සෙල්ලිපි හා මහායාන සම්ප්‍රදායේ කාශයප බුදුන්ගේ "ලංකාවරණ සූත්‍රය" ආදිය සලකා බලන්නෙකුට මහාවංශයට පෙර පැවැති මෙරට පාලන තන්ත්‍රයන් ගැන අවබෝධයක් ලබාගත හැක.නමුත් බටහිර මනඃකල්පිත වීර චරිත වලට වන්දනා මාන කරන අපේම සමහරුන් අපේ උරුමයන් අවතක්සේරුවට.පහසුවෙන්ම පවසනුයේ "රාවාණා" කිසිදිනෙක නොසිටි ෆැන්ටසි චරිතයක් බවය. සැබැවින්ම ඉන්දියානුවන් විසින් රාමායනය ලීවේම රාවණා නම් බෞද්ධයා නිසා රාමචන්ද්‍ර නම් හින්දුවාට සිදුවූ අවමානය වසා ඔහු වීරත්වයට පත්කිරීම සඳහාය.අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්‍ර විනාශ විය. ඉතිරි වී සුරැකී.තැන් තැන්වල හුදකලාවූ යමක් ඇත්නම් බ්‍රිතාන්‍ය පාලකයන් දවස එම ග්‍රන්ථ බොහෝමයක්ද විදෙස් කෞතුකාගාර කරා සංක්‍රමනය විය.අද වන විට රාවණා ගේ පාලන සමයේ ඉතිරි වී ඇති සාක්ෂ්‍ය වන්නේ සීගිරිය,නාලන්දා ගෙඩිගේ,ඉසුරුමුනියේ කැටයම්,රන්මසු උයනේ සක්වළ චක්‍රය, තිවංක පිළිමගෙය, පොළොන්නරුවේ පුලස්ති (පුලතිසි නොවේ) පිළිමය වැනි (මේවා එකකට වත් කොඩ්රින්ටන් - පරණවිතානට හෝ ඔවුනගේ පසු විශ්ලේශකයින්ට අර්ථ ගැන්වීම් නැත.)ශෛලමය නිර්මානයන්ය. එසේම බොල්තුඹේ සමන් දෙවොලේ ඇති දඬුමොණරය , මඩබාවිට විහාරයේ ඇති විමාන යන්ත්‍ර රූපය ආදියද ඊට සාක්ෂ්‍ය කර ගත හැක. එසේම අංගම්පොර සටන් ක්‍රමය, කොහොඹා කංකාරි ශාන්තිකර්මය,හෙළ වෙදකම, නිල වෙදකම ආදිය සියුම් විමසා බලන්නෙකුට රාවණාගේ දක්ෂතාවයන් හා ක්‍රමෝපායයන් පිළිබදව අවබෝධ කර ගත හැක..එහිදී හෙලයන් හෝ ලාංකිකයින් ලෙස අප මුලින්ම කළයුතු වන්නේ මහානාම හිමියන් සේම කොඩ්රින්ටන් - පරණවිතාන සුසංයෝගයද ඉන්පසු කාලයේ අපේ ගුරුවරුද අපට පෙන්වා නොදුන් එහෙත් තවමත් සාක්ෂ්‍ය සහිතව අප හමුවේ ඇති විජයාගමනයට පෙර යුගය නිසි පරිදි පෙළ ගස්වා ගැනීමය.නමුත් මෙයට ඊනියා රාජ්‍ය නොවන සංවිධාන වල මොළ ශෝදනයට ලක්වූ ඊනියා ඉතිහාසඥයින් මැදිහත් කර නොගැනීමට අප විමසිලිමත් විය යුත්තේ එය අනාගතයේදී හෙළයට, සිංහලයින්ට සිය උරුමය නසන පාරාවළලක් කරවීමට ඔවුන්ගේ ප්‍රෝඩාකාරී සැලැස්මක් මේ මොහොතේද ක්‍රියාවට නැංවෙමින් පවතින බැවිනි..ඉන් අනතුරුව අද දිනයේ "රාවණා" සමච්චලයට ලක්කරන්නන්ට නිසි පිළිතුරු දීමට අපට හැකියාවක් ලැබෙනු ඇත.අප අද දිනයේ සමච්චලයට ලක්කරන ඒ උතුම් මිනිසාගේ බල පරාක්‍රමයන් හොදින් දන්නා ඇමරිකානුවෝ (රාවණාගේ බසින් පාතාලයෝ)ඔවුනගේ රටේ විශේෂ කලාපයක් තුළ අපේ ඉතිහාස සාධක පැරණි ශිෂ්ඨාචාරවල ඉතිහාස හා සසඳමින් වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධ වීමට තොරතුරු.සෙවීමට,පණිවුඩ යැවීමට උත්සහ ගනිමින් සිටී.ඒ බව සිහියේ තබා ගනිමින් ‍ෙමරට වැසියාගේ රාවණා උනන්දුව උත්ප්‍රාසයට ගනිමින් ක්‍රියාකරන ,වර්ගපූර්ණිකාව" වැනි බ්ලොග් අඩවි මෙහෙයවන්නන්ද සිදුකරන්නේ තම හිට්ස් ප්‍රමාණය වැඩිකරගැනීමේ බොළඳ බොරදියේ මාළු බෑමක් බවද පෙන්වා දෙමි..ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 11:46 PM.මහත්මයාණනි ඔබ දක්වා ඇති තොරතුරු බොහොම සිත් ගන්නා සුළු බව අවංකවම පවසමි. එසේම යම් පුරාවස්තුවක් පස් යට වැලලී ඇත්නම් නිසි ලෙස එය සංරක්‍ෂනය කරනා තුරාවටම එලෙසම පස් යට තිබෙන්නට හැර සුදුසු කල්හි එය ගොඩ ගෙන මතු පරපුරටද ආදර්ශයට ගත හැකි අයුරින් සංරක්‍ෂනය කිරීම නිසි ක්‍රම‍වේදයයි සිතමි. රාවණා රජුගේ මෙම සංසිද්ධියද එලෙසමය.නිසියාකාරයෙන් ඒවෙනුන්ම පත් කල පුරාවිද්‍යාක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ට මෙය පවරා ඔවුන් ඇත්ත තතු පහදන තෙක් ඉවසා සිටීම කළ යුතු අතර එයට පෙර රාවණා රජු පිළිබදව අතිශෝක්ති කාරණා ඇතුලත් වර්ණනා, ඌනපූර්ණ එකතු නොකොට ඔහු පිළිබදව ගරුත්වය එලෙසම පවත්වාගෙන යාමට වගබලා ගත යුතුයි..Delete.Replies.Reply.Gnanendra Pradeep PathiranaAugust 25, 2012 at 8:25 AM.දිනේෂ් මහතාණෙනි, ඔබගේ අදහස නිසි කල් එළැඹෙන තුරු රාවණා පුරාවෘත්ත ,සාක්ෂ්‍ය සැඟවී පැවතීම නිවැරදි බවයි. එහෙත් ඒ නිසි කළ.එළැඹෙන්නේ කවදාද යන්න තීරනය කළ යුත්තේ ජාතියක් වශයෙන් අපම මිස වෙනත් පාර්ශවයක් නොවේ.මායාවරුන්ගේ කැලැන්ඩරයේ අවසානයක් ගැන හුවා දක්වමින් වසර පහළොවකට පමණ පෙර සිට බටහිර මාධය විසින් උලුප්පා දැක්වූ ලෝක විනාශයක මිත්‍යාව කෙමෙන් ලංකාව කරාද පැමිණීම "රාවණා" පුනරාගමනයකට කාලය බව කියන්නට මෙරට අනාවැකිකරුවන් උනන්දු වූයේ වසර 5000ක් දක්වා මෙරටදී බුදුසසුන රැකෙන බවට ගෞතම බුදුන්වහන්සේගේ ප්‍රකාශයද සිහියේ තබාගනිමිනි.රටක් තුළ ඇතිවන සංස්කෘතික හෝ දේශපාලනික ප්‍රවණතාවයන් වසර 20-50 අතර කාලය තුළ වියැකී යන්නා සේම ලෝකය තුළ ඇතිවන සංස්කෘතිකමය හෝ දේශපාලනික බලපුළවන්කාර කම් වසර 500-2500 අතර කාලය තුළ බිඳවැටී අළුත් තත්වයන් මතුවීම ඉතිහාසගත සත්‍යයකි.පිළිගන්නට සතුටු වුවද නොවූවද රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් ඇරඹුණු බටහිර අධිරාජයවාදයේ අවසානය දැන් ක්‍රමයෙන් එළැඹෙමින් තිබේ.වසර 2000දී පමණ මතුවූ මෙම තත්වය මත 2007න් පසු කිසිම බටහිර / යුරෝපීය රටකට ආර්ථික වර්ධන තත්වයක් ළඟාකර ගැනීමට හැකිවී නැත.ඒ වෙනුවට මතුවෙමින් පවතින්නේ හුදු භෞතිකවාදී පදනමින් තොරව මානව හිතවාදී හා ස්වභාවිකත්වය පිළිබඳ වැඩිදුර විශ්වාස කරන චීනයේ හා ඉන්දියාව මුල්කරගත් ආසියානු අධිරාජ්‍යවාදයක ලකුණුය.චීනය,ඉන්දියාව,තායිවානය,මැලේසියාව වැනි රටවල ආර්ථික ප්‍රබලත්වය ඊට හොඳ සාක්ෂ්‍යයන්ය.ආසියාවේ රටක් වුවද බටහිරට ගැතිකම් කළ ඔවුන් අනුගමනය කළ ජපානය ආර්ථික අවකාශය තුළ සංකෝචනය වීම අරඹා ඇත.ලාංකිකයන් හැටියට මඩේ සිටවූ ඉන්න සේ වැනෙමින් සිටින අපද මේ තත්වය තේරුම් ගෙන අප විසින් වුවමනාවෙන් අමතක කළ අපේ අතීත ආර්ථික ක්‍රමෝපායයන් අදට ගැලපෙන පරිදි සකස් කර ගත යුතුය.තවදුරටත් බටහිර වන්දිභඨ්ටවාදී චින්තනයක නොඇලෙමින් ඔවුනගේ ඊනියා උපදෙස්.නොසලකමින් අපට ගැලපෙන ගමනක් ආරම්භ කළ යුතුය..රාවණා නම් පුද්ගලයෙකු නැවත පැමිණේ යැයි මම විශ්වාස නොකරමි. නමුත් ඉහත තත්වයන් මත ඉදිරිකාලයේදී රාවණා යුගයේ දී භාවිතා කළ සරල තාක්ෂණය කරා යාමට අපට පමණක් නොව ලෝකයටම සිදුවනු ඇත.පොසිල ඉන්ධන දහනයෙන් ඒවා ක්ෂය වූ දිනෙක දැනට භාවිතා වන යකඩ කඳන් කම්මලකදී උණුකරවා යළි සරල යන්ත්‍ර යුගයකට යාමට අප සූදානම් විය යුතුය. යළි පරිසර හිතකාමී වාතය,ජලය, හිරු රැස් උපයෝගී කරගෙන ක්‍රියාත්මක කළ දඬුමොණර,විමාන තාක්ෂණයට යාමට දිනයක් ලෝකයේ ඉතුරු බිතුරු වන පුද්ගල ශිෂ්ඨාචාරයන්ට සිදුවනු ඇත. ඉතින් ඒ රාවණ යුගය නොවේද?.එයට පෙර 1991දී ඉන්දියවේ ඇරඹුවා සේම අප විසින් අපේ ඉතිහාසය හෙළි පෙහෙළි කර තබාගැනීමෙන් අද දක්වා ශ්ලෝක, ජනශ්‍රැති වෙනත් සංකල්ප ඇසුරෙන් හා ශිලා ලේඛණ බටහිරට ගෙනගිය පොත්පත් ඇසුරේ ඇති අපේ පැරණි ශිෂ්ඨාචාරයේ තාක්ෂණ හැකියාවන් , අධයාත්මික හැකියාවන් ඇසුරෙන් ඒ අඳුරු අනාගතය ජය ගැනීම් හැකියාවක් අපට ලැබෙනු ඇත..Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 8:48 PM.මහත්මයාණනි, ඔබට ලබාදිය යුතු පිළිතුර දීර්ඝ බැවින් තාක්‍ෂනික ගැටළු මත එය මෙම ස්ථානයේ සටහන් කළ නොහැකි තත්ත්වයක උද්ගතව ඇති නිසා එය වෙනමම ලිපියක් ලෙස කඩිනමින් ඉදිරිපත් කරමි....Delete.Replies.Reply.UnknownDecember 31, 2018 at 6:11 PM.ඉතිහාසයක් නොමැතිව බිහිවුණු වර්තමානය තුළ පැවැත්මක් පවතින්නේ නැත. රැඩිකල් වීම යනු ඉතිහාසයට පහර ගැසීම නොවන බව තේරුම් නොයෑම ජාන පිළිබඳ ගැටලුවකි.Delete.Replies.Reply.Reply.RaviAugust 24, 2012 at 11:11 PM.රාවණ ගැන අපි කුඩා කාලයෙ අසා තිබුණු කරුණු කිහිපය අනුව ඔහු මෙරට පුරාතන යුගයක විසූ රජෙකු බවත් ගුවනින් යාමේ ශිල්ප ක්‍රමය පවා ඔහු සතුව තිබූ බවත් කුඩා කාලෙදි මම විශ්වාස කලා...ඊට පස්සෙ ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මයා ලියූ වාල්මිකී රාමායණය මම ඉතාම ආශාවෙන් කියවූ පොතක්..එහි සඳහන් වෙනවා රාවණ දෙවියන් පවා පැරදවූ බව...ඇත්තටම රාවණ කියල පුද්ගලයෙක් හිටියද නැද්ද කියන එක පැත්තක තිබුණාවෙ..ඒ ෆැන්ටසිය අපේ උරුමය ගැන හිතට ගෙනාවෙ ලොකු අභිමානයක්..ඒත් මේ මෑතක පටන් ගත්තු රාවණ උන්මාදය නිසා ඇත්තටම උනේ රාවණ කියන ප්‍රපංචය විහිළුවක් බවට පත් වුණු එකයි. ඔය ගවේසකයො රැල කොහොමින් කොහොමින් හරි අන්තිමට කලේ මේ ලෝකෙ තියන ඔක්කොම හොයාගත්තෙ රාවණ කියල කිසිම පදනමකින් තොරව කරුණු ඉදිරිපත් කරල රාවණ කියන නමත් අප්පිරිය කරල දාපු එකයි..ස්තූතියි දිනේෂ්, හැමදාම වගෙ අගේ ඇති ලිපියක්...:).ReplyDelete.Replies.සත්සමුදුරAugust 24, 2012 at 11:52 PM.ස්තූතියි රවී, ඇත්ත මේ අළුතක පටන් ගත්ත අගක් මුලක් නැති රාවණා උන්මාදය නිසාවුනේ රාවණා කියන දැවැන්ත චරිතය හාස්‍යයකට ලක්වීමයි. ඒ පිළිබදව ලියන්නට සුදුසු අය මෙන්ම නුසුදුසු අයද රාවණා පිළිබදව ලියන්නට යෑමෙන් සිදුවූයේ අවමානයක් මිස ගරුත්වයක් නොවේ. රාවණා රජුගේ දඩු මොණරයට අමතරව තවත් විශ්විස කල නොහැකි දේ පවා ඔහු විසින් නිර්මාණය කරන ලදුවැයි පැවසීමෙන් සිදුවූයේ මේ කාරණා වල විශ්වාසනීයත්වය පළුදුවීමයි. මේ කාර්යය නිවැරදිතාවයකින් තොරව තවත් කාලයක් සිදුවුවහොත් අවසානයේ උපත් පාලන කොපු, උපත් පාලන පෙති වැනි දෑද රාවණා රජු විසින් ‍සොයාගනු ලැබූ ඒවා යැයි පවසනු නිසැකය....Delete.Replies.Reply.Reply.PMAugust 25, 2012 at 12:03 AM.රාවණා ගැන හුඟක් ලිපි වගේ ම මේ ලිපියත් කියවන්න ඕනා. ඒත් මාතෘකාව කියවලා මේ ටික කියන්නම්. අයියේ මේ ජනප්‍රිය සංස්කෘතිය තුළ රාවණා කියන්නේ හොදම තේමාවක්. මේක ඉන්දියාව උනා නම් මහා බ්‍රහ්මයා ගැන කියලා කොච්චර දේවල් ලියයි ද? අනික ග්‍රීක ඉතිහාසය ගන්න. දෙවිවරු කොච්චරක්ද?. අනික ඔය කීප දෙනෙක් බොරු කිව්වා කියලා සමහර අය බ්ලොග් ලියාගෙන ඒ කියපු අයවත් ඉතිහාසයත් ජාතියත් හාසයට ලක්කරනවා. ‍අතීතය ගැන පැත්තක තියන්න මෙහෙම බොරු කී දෙනෙක් මේ වන විටත් කරමින් සිටිනවාද? සමහර ස්වාමින් වහන්සේලා ගේ උසස්පෙළ ප්‍රථිපල වලට නර්ථන ප්‍රථිපලත් ඇවිත්. මේවා ගැනයි කතා කරන්න ඕන. ඒත් කැමැත්ත කියන එක විවිධයිනේ. නිදහසත් එහෙමයි. ඒනිසා කරන්න දෙයක් නෑ..ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 8:10 AM.මෙහෙමයි නංගී කෙනෙකුට තමන් කැමති ඕනම දෙයක් මේ බ්ලොග් අවකාශයේ ලියන්නටත් පුළුවන්, ඒ ලියන දේ යම් කෙනෙකුට කැමති නම් කියවාවි, නැත්නම් අතහැර දමාවි. ඒත් ලියනා දෙයින් ඇතිවිය හැකි බලපෑම ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතිහාසය තුල හාස්‍යයට ලක්කරන්න වැඩිම අවධානම ගන්න වෙන්නේ ආගමික නායකයෙක් ශාස්තෲවරයෙක් වගේ කෙනෙක්. එහෙමත් නැත්නම් රට ජාතිය වෙනුවෙන් ඉතාම කැපවූ කෙනෙක්. ඔබ දැකලා තියෙනවාද දුටු ගැමුණු රජතුමා, එහෙමත් නැත්නම් මෑත ඉතිහාසයේ පහළවූ වීරයන් අතර දැවැන්තම පෞරශය තිබූ කැප්පෙටිපොළතුමාව විහිළුවට ලක්කරනවා කවුරුවත්. එතුමන්ලා ගැන නිරායාසයෙන්ම ගෞරවයක් සමාජය තුල ඇතිවෙලා තියෙනවා. ඒ ව‍ගේම ඔවුන් පිළිබදව බහුතරයක් තොරතුරු නිරවද්‍ය නිසා කවුරුවත් ඒ වගේ තොරතුරු ඇති අය සම්බන්ධයෙන් විහිළු කරන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්න අවධානම ගන්න සුදානම් නැහැ. ඒකයි මම කලින් කමෙන්ටු කිහිපයකම කිව්වේ තමන් නොදන්නා පුද්ගලයන්, සංසිද්ධි, වස්තු සම්බන්ධයෙන් විච්චූර්ණ කතා කියන්න ගිහිල්ල ඒ සජීවි හෝ අජීවි දේවල් වල වටිනාකම අඩු කරන්න හොද නැහැ කියලා..ඔබ පවසා ඇති පරිදි විභාග ප්‍රතිඵල විශමතාමයන් ගෙන් යුතු වීම පිළිබදව වැනි සමාජ ගැටළු ගැන කතා කිරීමෙන් ඵලයක් තිබේද කියා සිතන්නට වෙනවා. ඔබත් අසා ඇති නේ "බිරි අලින්ට වීණා වාදනයා කළා වගේ" කියලා කතාවක්. පුළුපුළුන් වෙලාවට මොකක් හරි පොදු ගැටළුවක් පිළිබදව මමත් ලියනවා. හැබැයි ඒ මොකක් හරි හිතට නැගුන දුකක්, කණගාටුවක්, ආවේගයක් දැනුනොත් පමණයි. ඒවා ප්‍රායෝගිකව නිවැරදි නොවන්නේ නම් කොතෙකුත් ලිව්වාට වැඩක් තිබෙනවාද?.Delete.Replies.Reply.PMAugust 25, 2012 at 3:56 PM.දුටුගැමුණු චරිතය විහිළුවකට ආවා.ඒත් නතර උනා. රාවණාට මේ දේ කළේ මේ උගත් සාමාජය විසින්මයි. නොදන්නා කෙනෙක් අන්තර්ජාලයේ සත්සමුදුර වගේ වටින තරන ආශ්‍රය කරලා අර ගල් පැළෙන බොරැත් විශ්වාස කළොත්? මොකද්ද අයියේ වෙන්නේ!. මං මේ හුණු ගානවා නොවේ.ඒත් මේ චරිතය ගරහුම් ලබනවා වැඩියි. මේ දේ නතර විය යුතුයි කියන තැන මං ඉන්නේ. අන්තර්ජාලය කියන්නේ විකාර දේවල් තියෙන තැනක් වෙන්න ඇති. එත් සිංහල ලිපි වල අන්තර්ගතය ගැන යම් ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුයි. ඉතිහාසය කියන්නේ අද අපි කරන දේ නිසා හෙට දිනයේ ගොඩනැඟෙන දෙයක්. මං දන්නවා ඉතිහාසය විකෘති වෙලා ඇති. ඒත් පදනමක් නැතුව මෙහෙම විකෘති කරන එකට යම් හිත් අමනාපයක් තිනෙවා.අපිට තියෙන්නේ එච්චරයි නේ. කවදාක හරි අපි ඉතුරු කරන්නෙත් ඉතිහාසයක් විතරයි. මං හිතන්නේ බ්ලොග් ලියන කියවන අය කවදා හරි අනාගතයේ ඉතිහාසය කියවන්නන්ට හාසයක් විතරක් ගොඩනඟන තැනක් වේවි.අපරාදේ. පත්තර පොත් දවසක නැසිලා යාවී. එත් මේ අතිව්‍යාප්ත ජාලයේ හත් පණ කවදා නැසේවිද. ඒ අස්සේ බොරු ලියලා එයලා මඩ ගහන්නේ දකුණු ආසියාවේ/ ලංකාවේ ඉතිහාසයට.ඒක පුද්ගලිකයි කියලා හිතන්න එපා අයියේ. ඉතිහාසය කියන්නේ පොදු දෙයක්. එක හුදෙක්ම කෙනෙකුට විහිළුවට ගන්න පුළුවන් නම් ඒක බරපතල කරැණක්. රටකට අයිතිවාසිකම් කියන ආක්‍රමණිකයෝ දවසක අර ගොඩ ගහපු බේගල් වලින් තර්ක කරාවි, හරියට සේතු සමුද්‍රම් නවත්තන්න ඉන්දියානුවෝ තර්ක කළා වගේ. ඒ නැතත් අපරාදේ මගේ රට. ආර්ථිකය/ මුදල/ දේහපාලනය කියලා මොකා කොහොම තම්බන් කෑවත් ඉතිහාසේ හරි අපිට ඉතුරුයි කියලා හිතන්න අපට බෑ. ඒකත් කලා දාලා තව ටික දවසකින්.මේ පිළිබඳ කතා කිරීමෙන් පලක් නෑ. මොකද මට මේ විනාසය බලා ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. ඇත්තටම වර්තමානය සේම අතීතය ගැන කතා කිරීමත් දැන් බීරි මැමත්ලාට වීණා වැයිල්ලක්..Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 4:40 PM.මෙහෙමයි ගැරහුම් කියන එක, හෑල්ලුවට ලක්කරන එක ඒ ඒ කෙනාගේ මතය හෝ තමන්ට ඒ දේ වටිනාකම මත සිදුවන්නක් ලෙසයි මා දකින‍්නේ. මම ඔබට වරදක් කියනවා නෙමෙයි. ඔබට රට, ජාතිය, ඉතිහාසය ගැන කැක්කුමක් ඇති ඒ නිසා වෙන්නට ඕන ආවේගශීලි බවක් ඇතිවෙලා තියෙන්නේ. මේ කරුණු සම්බන්ධයෙන් හැගීම් ඔස්සේ යාම නුවණට හුරු නැහැ. බුදු හාමුදුරුවොන්ටත්, ඒවගේම ජේසුස් වහන්සේටත් ගැරහුම්, අපහාස එතුමන්ලා ජීවත්ව සිටි කාලයෙත් ඇතිවුනා, මොලොවින් නික්මුනාට පසුව අද වෙනතුරාවටත් සිදුවෙනවා. එහෙම වුනා කියලා එතුමා කෙරේ මිනිස්සුන්ගේ භක්තියේ අඩුවක් වුනේ නැහැනේ. භක්තිමත්ව අදහන කෙනා ඒ දේවල් තමන්ට සුදුසු විදියට අදහාවි. ඉතින් අතිශයින්ම ශ්‍රේෂ්ඨ මෙලොව සිටියායැයි අප හොදින් දන්නා බුදුන් වහන්සේ, ජේසුන් වහන්සේ ආදින් හා සලකන කළ ජීවි හෝ ඇතැම් විට අජීවි හෝ විය හැකි රාවණා රජු‍ගැන කවර කතාද? අනෙක ඉහත සදහන් කළ ශාස්තෘන් වහන්සේලා සමාජයට අධ්‍යාත්මිකව මෙන්ම ලෞකිකව හැඩගස්සවා ගැනීමට කළ මෙහෙවර අපමණයි. එහෙම සැලකුවාම රාවණා රජු කළ දේවල් භෞතිකව නැසෙන දේවල් මිසත් අර උතුමන්ලා කළ දේවලට සමාන කරන්න බැහැනේ. අනික රාවණා රජ්ජු‍රුවෝ සීතා පැහැර ගෙන ඒම අද නීතියට බැළුවත් බොහොම ක්‍රිමිනල් වැඩක්. ගැහැණියක් උස්සගෙන එනවා තියා නීතියට අනුව ස්පර්ශකරන්නවත් බැරි බව ඔබත් දන්නවා ඇතිනේ කාන්තාවක් නිසා. ඉතින් රාවණා රජුට කරන්න තිබුනේ හරිනම් ගැහැනියක් උස්සගෙන මේ රටට ගේන එක නෙවෙයි. තමන්ගේ සේනාවයි, අවි ආයුදයි අරගෙන භාරතයට ගිහිල්ල රාමටයි, හනුමටයි දුවන්න ගහන එක. ඉතින් ඒ දේ නොකර ගැහැනියක් උස්සගෙන ඇවිල්ල තියාගෙන ඉන්න කොට පිරිමිකම තියෙන ඕනම පිරිමියෙක් ඇවිල්ල අර නසරානියට දෙන්න ඕන බැටේ දීලා අරගෙන යන එක පුදුමයට කාරණයක් නොවෙයි. ඒක ලෝක ධර්මතාවයක් හෝමර් ගේ the Iliad කියන කාව්‍යයෙත් තියෙන්නේ ඒවගේ දෙයක්. ඉතින් මේ රාවණා රජු වගේ ශ්‍රේෂ්ඨ චරිත ශ්‍රේෂ්ඨත්වයෙන් වැජ‍බෙන්නට ඉඩ හැරිය යුතුයි. නිවැරදිම තොරතුරු විද්‍යානුකූලව ඔප්ප කරන්නට බැරිනම් විවිද දේවල් ගොතා එල්ලන්නට යෑමෙන් සිදුවන්නේ එම චරිත හෑල්ලුවීම වගේම ඒ චරිතවල අදුරු පැති ගැනත් කතා කරන්නට සිදුවීමෙන් එම චරිතවලට අගෞරවයක් සිදුවීමයි..දෙවැන්න තමයි බ්ලොග් වලින් මේ ඉතිහාසය විකෘති කරනවාය කියන එක. මෙහෙමයි මේ දේවල් ගැන ලියන ඇතැම් බ්ලොග් බොරු ලියන බව හොදටම පේනවා. අර කතාවක් තියෙනවානේ චිත්‍ර ශිල්පියෙක් ගෙන රජකෙනෙක් ඇහුවළු ඔබට අදින්න ලේසිම චිත්‍රය කුමක්ද? කියලා එතකොට චිත්‍ර ශිල්පියා කිව්වලු මට අදින්න ලේසිම චිත්‍රය තමයි අවතාර ගැන කියලා. මොකද අවතාර කියන්නේ කවුරුවත් දැකලා නැති දෙයක් නිසා මට ඕන විදියට අදින්න පුළුවන් කියා. ඉතින් සමහර බ්ලොග් වල දැකලා තියෙනවා රාවණා රජු අරක හැදුවය, මේක හැදුවය කියලා කියා තිබෙනවා. ඒකත් හරියට අර චිත්‍ර ශිල්පියා අදින්න ලේස චිත්‍ර ගැන කිව්ව දේ වගේ දෙයක් තමයි. ඒක නිසා නිසිලෙස අධ්‍යයනකින් තොරව විද්‍යාත්මකව ඔප්පු කරන තෙක් මේ දේවල් ගැන විවිද කාරණා කියන්න යාම ඒ චරිතයකට කරන අගෞරවයක්. අනෙක කවුරු හරි ඉතිහාසය ගැන විහිළු කරනවා නම් විහිළු කැමති අය ඒ දේවල බලල රස විදලා එතනින් එහාට හොයන්න කැමති කෙනා මේ දේවල් හරිද කියල හොයයි. අනුවනයෙක් නම් මේ දේ හරිදේ කියලා හිතයි. අපිට කාටවත් දැනුම කියන එක තලල මිරිකල උරච්චිකරල පොවන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. මට කුතුහලය කියන දේ තියෙන නිසා මම ඒ දේ කිහිප තැනකින්, කිහිප ආකාරයකට ගැඹුරට හොයල සුදුසුනම් මේ බ්ලොග් එකෙත් ලියනවා. එච්චරයි. අර කතාවක් තියෙනවානේ "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා, ඒක "ලියන්නා කුමක් ලිවුවත් කියවන්නා සිහිනුවණින් කියවිය යුතුයි" කියලා වෙනස් කරගත්තත් වරදක් නැහැ. සමහර විට හාස්‍ය කියල පෙනෙන දෙයිනුත් වක්‍රමාර්ගයෙන් යම් වටිනා පණිවිඩයක් දෙන්නටත් පුළුවන්. ඒ නිසා හැගීමට වඩා බුද්ධියට මුල් තැන දෙන එක හොදයි....Delete.Replies.Reply.PMAugust 25, 2012 at 7:12 PM.එහෙම තමයි අයියේ දැන් හිතන්නේ.ඒ වෙන කරන්න දෙයක් නැති නිසා. ස්තූතියි මට පැහැදිලි කළාට. අපි හිතන හැටියට තමා අපිට පේන්නේ. පේන දේ වෙනස් කරනවාට වඩා අපේ සිතිවිලි හදා ගත්තනම් හරි තමා. චින්තනය පුද්ගලිකයි. දකින දේ දැකලා හිතන දේ හිතන්න අපි හැමෝටම සමාන නිදහසක් තියෙනවා..Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 7:33 PM.මට බොහොම සතුටුයි නංගි ගැන. ඒ අවශ්‍ය අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමට ඇති හැකියාව අද බොහෝදෙනෙකුට අහිමි දෙයක් නිසා හා ඔබට ඒ හැකියාව ඇති නිසාත්. නංගී, අපි පොඩි කාලේ ලෝකෙ හදන්න යනවා, ඊට ටිකක් වයසින් වැඩිවෙන කොට රට හදන්න යනවා. තවත් වයසට යනකොට ඉන්න පළාත, නගරය හා පසුව ගම දක්වා එය සංකෝචනය වෙනවා. අවසානයේ වයසින් මුහුකුරා යෑමත්, විවාහයක් කර ගෙන දරුවන් කාරිය ලැබුනට පස්සේ අපි හිතන්නේ ඒ වපසරියට අයත් වන මගේ නිවස හදන්න පමණයි. ඒක තමයි ඇත්ත..අනෙක තමයි නංගී අපිට මේ ලෝකෙ තියෙන හැමදේම වෙනස්කරන්න බැහැ. එයට හේතුව ඇතැම් ඒවා සම්බන්ධයෙන් කතාකරන්නට ලියන්නට යෑම තළු ගසේ ඔළුව ගහගැනීම හා සමානයි. ඔබට තේරෙනවා ඇතිනේ වක්‍රමාර්ගයෙන් මා මොකක් ගැනද කියන්නේ කියලා. අන්න ඒ නිසා අපි වීරයෝ වෙනවට වඩා හොදයි කර බාගෙන ඉන්න එක අවස්ථාව, කාලය එනකම්. අර කතාවක් තියෙනවානේ වීරකම් මෝඩයොත් කරනවා වීරයොත් කරනවා කියලා. මෝඩයා කරන්නේ එයින් ඇතිවන ප්‍රතිඵලය නොදැනයි. වීරයා කරන්නේ එහි අවසන් ප්‍රතිඵලයත් දැන, එයට මුහුණ දීමේ සියළු අභියෝගයන් හා අවධානම භාරගෙනයි. ඒ වගේම එහි අනිටු ප්‍රතිඵල අවම කර ගැනීමේ ක්‍රමවේදයත් වීරයා සතුයි. ඉතින් අපි වීරයෝ වෙමුද? මෝඩයෝ වෙමුද?.Delete.Replies.Reply.Reply.ක්සැන්ඩරයාAugust 25, 2012 at 10:17 AM.මම කොහාටවත් නැතුව ප්‍රශ්නයක් අහන්නම්..මොකද ගොඩක් දුරින් තියන විවිධ වූ සංස්කෘති වල සමාන ලක්ෂණ තියන දේවල් දකින්න ලැබෙන්නේ? චීනේ ගිනි පිඹින මකරු දකිද්දී බටහිරින් එන්නෙත් ඒ වගේම දේවල් නේද?.ඒ වගේමයි යුරෝපීය කාර්මික විප්ලවය ගැන කියද්දී ඒ යුරෝපීයන් අහලකවත් නැති කාලේ කිසිම විදියක සම්බන්ධයක් නැති ලංකාවේ මාදුරුඔය සොරොව්ව හැදෙන්න ආව තාක්ෂණය?.මිසරයේ පිරමීඩ හදනකොට ගීසා හි පිරමීඩයේ පාදමට සමානම අගයකින් දකුණු ඇමරිකාවේ පීරු හි තියන හිරු දෙවොල (නම් පිරමීඩය) සැකසුනේ කොහොමද?.මේවා වෙන්න නම් කිසියම් සම්බන්ධයක් තියෙන්න ඕනේ නේද?.ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 4:13 PM.ඔබ අසා ඇති දේවලට වෙන වෙනම මාගේ දැනුම ඇතිව උත්තර දෙන්නෙමි..මුලින්ම මකරු ගැන කියනවා නම් චීන වැසියන් මකරා අදහන හේතුවත් යුරෝපීයන් මකරු ගැන දක්වන ආකල්පයත් විවිදයි. චීනයේ මකරා සැලකෙන්නේ සුභ සංකේතයක් ලෙසයි. ඔවුන් මකරා විසින් ජලයේ පාලනය, දිය ඇලි, සුලි සුලං, ඒ වගේම ගංවතුර ආදිය පාලනය කරන බවට සලකනවා. ඒවගේම ශක්තියේ සහ වාසනාවේ සලකුන ලෙසත් මකරා සලකනවා. ඒ වගේම රාජකීයත්වයේ සලකුන ලෙසත් මකරා සලකනු ලබනවා. සමහර විට ඒක වෙන්නත් ඇති ඉස්සර වංශවත් චීන වැසියන් රැවුල පවා මකරාගේ රැවුල් වගේ නිරූපණය කරන්නට ඇත්තේ..එහෙත් කතෝලික පදනමක් තිබෙන යුරෝපයේ එහෙමත් නැත්නම් බටහිර සමාජයේ මකරා සැලකුනේ අදුරේ බලවේගය හෙවත් යක්‍ෂයාගේ සංකේතයක් ලෙසයි. මෙම යක්‍ෂයා තමයි සාතන්, ලුසිෆර් යනාදී නම් ගණනාවකින් ඔවුන් හදුන්වන්නේ. එහෙම ගත්තම ඔවුන්ට මකරා යනු අසුභ සංකේතයක්. මොකද අදුරේ බලය හෙවත් යක්‍ෂයා ඇදහීම යුරෝපියානු සමාජයේ ‍හොද දෙයක් විදියට සලකන්නේ නැහැනේ. ඒනිසා චීනයේ සහ බටහිර සමාජයේ මෙම මකරා යොදා ගන්නා සංකේතාමකබව හාත්පසින් වෙනස්. එහි එකිනෙක සම්බන්ධතාවයක් නැති සේම එසේ යොදා ගැනීම අහඹු සිදුවීමක් පමණයි ලෙසයි කියන්නට පුළුවන්..Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 5:00 PM.ඊලඟට මම දෙන්නම් උත්තර ඔබ මාදුරුඔය සොරොව්ව ගැන අසා තිබෙන ප්‍රශ්නයට. මේක අපේ පෞඩත්වය, ආදි දියුණුව ගැන කතා කරන කොට නිතැතින්ම නැගෙන සංසිද්ධියක්. මම ඔබට ලංකාවේ වැව් ඉදිවූ ආකාරය හා ඒ ඒ කාල වකවානු මුලාශ්‍ර ගැනද සටහන් කරමින් මගේ අදහස ලබා දෙන්නම්..මෙන්න මුලාශ්‍ර ගත තොරතුරු කිහිපයක් -.අදින් වසර 6000කට පමණ පෙර වැව් තැනීම යුප‍්‍රටීස් ශිෂ්ඨාචාරයේ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පසුව එය ඉන්දියාවට පැමිණි අතර ආර්යයන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව වැව් තැනීම ආසියාවේ එක් තැනක ආරම්භ වී අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වුණා. රජරට මානව ජනවාස බිහි වීමෙන් පසුව කෘෂිකර්මාන්තයේ නියැලූණු ජන කොටස් දිගු කලක් තිස්සේ මෝසම් වැහි රටාව මෙන්ම වියළි කලාපයේ භූ විෂමතාව පිළිබඳව අධ්‍යයනය කළා. එහි ප‍්‍රතිඵලය වූයේ වියළි සමයේ දී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැසි සමයේ ලැබෙන ජලය ගබඩා කිරීමට උත්සාහ කිරීමයි. ඒ අනුව නිම්න හරහා මැටියෙන් බැමි බැඳීමෙන් වැව් තැනීම ආරම්භ වුණා..ලංකාවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි. ලංකාවේ මුලින්ම වැව් නිර්මාණය පිළිබඳ වංශකථාවල සඳහන් වන්නේ කි‍්‍ර. පු. 4 වැනි සියවසේ පණ්ඩුකාභය රාජ්‍ය කාළයේදීය. (http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලාංකීය_ඉතිහාසය සහ අපේ ශිෂ්ඨාචාරයේ පදනම වැටුනු වැව් පද්ධතිය -http://lankacnews.com/sinhala/miraculous/28229/).ඒවගේම කියනවා නම් ඔබ දක්වා ඇති මාදුරු ඔය සොරොව්ව ඉදිවන්නේ කූටකණ්‌ණතිස්‌ස රජුගේ කාලයේ. ඒකියන්නේ ක්‍රි.පූ. 44-22 අතර කාලයේදී ඔබට පැහැදිලියිනේ මෙයින් ආර්යයන්ගේ පැමිණීමෙන් සෑහෙන්න කාලයකට පස්සේ තමයි මාදුරුඔය ජලාශය හා සොරොව්ව හැදෙන්නේ. මෙන්න එයට අදාල මූලාශ්‍ර ගත තොරතුරු ඔබගේ වැඩි අවධානයට -.සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මහවැලි ගඟ සහ මාදුරුඔය අතර ප්‍රදේශය අන්තර ගඟ නම් වූ අතර මෙහි ජලාශයක්‌ ඉදිකරනු ලැබ ඇත්තේ කූටකණ්‌ණතිස්‌ස (ක්‍රි.පූ. 44-22) රජු විසිනි. මේ කාල වකවානුව නිවැරැදි බව කාබන්-14 පරීක්‍ෂණ මගින් තහවුරු කෙරී ඇත. (මාදුරුඔය සොරොව්ව - http://www.vidusara.com/2010/05/19/feature5.html).ඒ කියන්නේ ආර්යයන් මෙරටට රැගෙන ආ වාරි තාක්‍ෂනය තවදුරටත් සංවර්ධනය විමෙන් තමයි මාදුරුඔය සොරොව්ව වගේ විශ්මිත ඉජිනේරු නිපැයුම් ඇතිවෙන්නේ. මේක ආර්යයන්ගෙන් ලැබුන ශිල්පීය දැනුමත් එක්ක ඒ අවධියේ විසු ඉජිනේරුවන්ගේ චින්තනයත් ඉවහල් වෙන්නට ඇති. මොකද යුරෝපයේ තාර්මික විප්ලවය ඔවුන්ට වැදගත් යන්ත්‍ර සූත්‍ර හා අනෙක් කර්මාන්තවලට අදාලව සොයාගත් තාක්‍ෂනයත් ඒ ගැන වැඩිදුර තම සිත මෙහෙයවූ නිර්මාපකයන්ගේ සුසංයෝගයෙන් විවිද නිපැයුම් බිහිවුනා. ඒවගේම අපිට වැදගත් වුනේ කෘෂීකාර්මිකව වැදගත් වාරිකර්මාන්තයයි. ඒ අනුව යුගයෙන් යුගයට ඒ තාක්‍ෂනය වැඩි දියුණු කරගන්නට එදා සිටි ඉංජිනේරු මහතුන් තම සිත යොදවන්නට ඇති....Delete.Replies.Reply.සත්සමුදුරAugust 25, 2012 at 8:05 PM.අවසානයේ ඔබ අසා ඇති පිරමීඩ සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ පිරමීඩ පමණක් නොවෙයි. ‍ලෝකයේ අති දැවැන්ත නිර්මාණ බොහෝමයකට අහසේ තාරකා මණ්ඩල වල පිහිටීම භාවිතා කර තිබෙනවා. මට හරිහැටි මතක නැහැ සත් සමුදුරේම පළවූ කමෙන්ටුවක හෝ වෙනත් ලිපියකත් මා දුටුවා රුවන්වැලිසෑය, ඡේතවනාරාමය හා අභයගිරිය යන චෛත්‍ය ත්‍රිත්වය පවා පිහිටා තිබෙන්නේ ඔරියන් තරු පිහිටා ඇති ආකාරයට බව. ඒ ආකාරයටම බව පැවසෙනවා මිසරයේ මහා පිරමීඩ පිහිටා තිබෙන්නෙත්. ඉතින් පෙර කාලයේ සිටි මිනිසුන් තම ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී නක්‍ෂස්ත්‍රය, වාස්තුවිද්‍යාව වගේම අහසේ තාරකා පිහිටීමේ රටා පවා තාක්‍ෂනයට අනුකූල පදනමකින් යොදා ගන්නට ඇති. මොකද මෙම ලිපියට අනුව පැවසුවත් රාවණා යනු අචේතනික දෙයක් නිසා තමයි ගැටළුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් දැන් පිරමීඩ ගත්තොත් ඒවා සචේතනික වස්තු. එහි තාක්‍ෂනික අංග තවමත් විශ්ලේෂනය කරමින් පවතිනවා. අනෙක කාරණා කිහිපයක් කියන්න ඕන. මිසරය වගේ රටවල ඒ කාලයට ඔබින දියුණු තාක්‍ෂනයක් තිබෙන්නට ඇති. එම තාක්‍ෂනය එම ශිෂ්ඨාචාර බිද වැටීමත් සමග මෙලොවින් තුරන්ව යන්නට ඇතැයි සිතිය හැකියි. ඒවගේම ඊට පසුකාලීනව ඇතිවුන දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාරයට අනුව ඔවුන්ගේම නිර්මාණ තාක්‍ෂනයක් තිබෙන්නට ඇති. අනෙක සමහර විට අප නොදන්නවා වුනාට මුහුදු මාර්ගයෙන් හෝ ගොඩබිම් මාර්ගයක් භාවිතා කර ඇලස්කාව හරහා රුසියාව ඔස්සේ ඊජිප්තුවට ආවද? ඇවිල්ලා ඔවුන් එහි පිරමීඩ අධ්‍යයනය කරාද කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අවදානම, අභියෝග භාරගන්න මිනිසුන් ඒ කාලෙත් සිටින්නට ඇති නිසා එවැන්නක් නොවෙන්නටම ඇතැයි කියා කියන්නටත් බැහැ. අනෙක ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවේ දොරකඩට එන්නට පෙර චීන ‍ජාතිකයන් ඇමරිකාව සොයා ගෙන තිබුනාය කියලා මතයක් තියෙනවා. මොකද විජයාවතරණයට පෙර ලංකාවේ බුද්ධාගම තිබුනාය කියලා මතයක් තිබෙනවා. මේ නිසා නිල පිළිගැනීමෙන් පරභාහිර දේවල් තියෙන්නට පුළුවන්. යම් අවස්ථාවක නිල පිළිගැනීමත් සමග ගරුත්වය නිලවශයෙන් ලබා ගත් කෙනාට යාම මත තමයි බොහෝ දේවල නිර්මාතෘ වරයා බවට එම පුද්ගලයා පත්වන්නේ..අනෙක තමයි දැන සුලභව කියන Alien ලාගේ උදව්වෙන් මේ දේවල් කරාය කියන එක. මොකද ලෝකයේ අති පැරණි ස්ථාන රැසක නූතන අභ්‍යවකාශගාමීන්, අභ්‍යවකාශයානා, සහ පිටසක්වල හා සම්බන්ධ දේවල් වල කැටයම් හා සිතුවම් හමුවීම. ඒ එක්කම සමහර ගොඩනැගීම්වල ඇති පාශාන වල කැපුම් වර්ථමානයේ අති සූක්‍ෂම යන්ත්‍රවලින් කළ යුතු ඒවා වන අතර ඒ අවධියේ මේවා එදා තාක්‍ෂනය ඔස්සේ කෙසේ කළාද යන්න උභතෝකෝටික ගැටළුවක් වීම. මේ දේ ගැනනම් ඉක්මනින් සත් සමුදුරේ සාක්‍ෂි සමගම කතා කරන්නට බලාපොරොත්තු‍වෙනවා..Delete.Replies.Reply.Every thingsNovember 28, 2018 at 1:00 AM.Oya nam mahawansen epita kalpana karanne ne wage .ohelath ekka wada karala wedak ne.Delete.Replies.Reply.Reply.UnknownAugust 25, 2012 at 12:10 PM.දිනේෂ් මල්ලී ඔක්කොම ටික කියවල ඉවර වෙලාම කොමෙන්ටුවක් දාන්නම්. දිගටම මෙහෙම ලියන්න. මේ ගැන ටිකක් ගැබුරින් හොයලා බලන්න ඕන..ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 4:43 PM.හොදයි අයියේ....Delete.Replies.Reply.Reply.කෝරලේ මහත්තයා August 25, 2012 at 1:04 PM.අදමයි බොලේ මේ පැත්තේ ගොඩ වැදුනේ. අගෙයි... අගෙයි. ලිපියනම් හොඳයි. හිතන්න දෙයක් දීල ලියල තියෙනවා. ආයෙම එන්නම්කෝ.......ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 4:44 PM.ස්තූතියි කෝරලේ මහත්තයෝ. එහෙනම් විවේකපාඩුවේ මේ වැයික්කියටත් යන්න එන්න ආයිබොවං....Delete.Replies.Reply.Reply.UnknownAugust 25, 2012 at 9:11 PM.දිනේෂ් ඔයාගේ මේ ලිපිය නම් කාලින වශයෙන් ඉතාමත් වැදගත් එකක් කියල කියන්න ඕනේ...ඔය කියනවා වගේ ගොඩක් ය අනවබෝදය.. එහෙමත් නැත්නම් අතීත කමය කියන මානසික තත්ව නිසා දුර්මත.ගොඩක ඉන්නවා. මේ රාවනා කියන මනක් කල්පිත කතන්දරයත් ඒ වගේ දෙයක් තමා. මමත් මේ දුර්මතයේ ඉන්න අයගේ මානසික තත්වය.වෙනස් කරන්න ගොඩක් උත්සහ කළා. එත් මී කට්ටිය ඉන්නේ පුදුම විදිහේ දැඩි මානසික තත්වයක..මොනවා උනත් පුරාවිද්‍යාත්මකව රාවනා කියන සංකල්පය තහවුරු කරන්න කිසිම සාධකයක් මේ වෙනකන් කිසිම තැනක හමු වෙලා නෑ..පුදුම වැඩේ තම සමහර පුරාවිද්‍යා විෂයක් වශයෙන් හදාරපු කට්ටියත් මෙම මතයට එකඟ වෙන එක..කෙසේ වෙතත් මෙම රාවනා සංකල්පය කිසිම පදනමක් නැති නිකම්ම නිකන් සංකල්පයක් විතරි කියල නම් කියන්න පුළුවන්..ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 10:42 PM.ස්තූතියි! මමත් ඔබ විසින් දක්වා ඇති අදහස් බොහෝමයකට මධ්‍යස්ථව එකඟ වෙනවා. ඒ එක්කම මෙම ලිපියට අදාල පිළිතුරු ලිපියක් ඉදිරියේ පළ කරනවා. හැකිනම් එයටද පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා....Delete.Replies.Reply.Reply.UnknownAugust 25, 2012 at 10:38 PM.මම මෙතන තියෙන ප්‍රතිචාර කියවන විට මට නම් හිතෙන්නෙ අපි පබ ගාලක පැටලී තියෙනව කියලයි..ReplyDelete.Replies.සත්සමුදුරAugust 25, 2012 at 10:44 PM.ඔබගේ කතාවෙත් ඇත්තක් තිබේ. මෙවැනි ලිපියක් ලිවීමට සිදුවුනේත් විද්‍යානුකූල නොවන පසුබිමක සිට ඉතිහාසගත කරුණු පිළිබදව තමන්ගේ සිතට දැනෙන සුරංගනා කතා කීමට යාමයි....Delete.Replies.Reply.Reply.ශණි शनिAugust 25, 2012 at 11:25 PM.රාවණා රජතුමා ඇත්තටම සිටියාදැයි විමසමින් ලියා ඇති මේ ලිපියට මහන්සියෙන් කරුණු ගොනු කර ඇති බව පෙනේ. රාවණා රජතුමා කියා කෙනෙක් සිටින්නට ඇතැයි මාත් සිතන නමුත් ඔහු අද මේ කියවෙන ආකාරයේ මහා බ්‍රහ්මයා හෝ ආදම් හෝ නොවන බව මගේ විශ්වාසයයි. ලංකාව, ඉන්දියාව, තායිලන්තය ආදී කලාපීය රටවල් ගණනාවක් තුළ එකම කතාවක් ප්‍රබන්ධය වන්නට යම් මූලාශ්‍රයක් තිබිය හැකියි. ඒත් ලෝකය ආරම්භ වුනේ සිංහලයන්ගෙන් කියා කීම ලැජ්ජා නැති පුරාජේරුවකි..රාවණා ගැන මගේ ලිපි පෙළත් කියවන්නැයි ආරාධනා කරමි..ReplyDelete.Replies.සත්සමුදුරAugust 26, 2012 at 8:42 AM.ස්තූතියි! ඒ ඇරයුම සතුටින් භාර ගන්නවා....Delete.Replies.Reply.Reply.AnonymousAugust 26, 2012 at 8:04 AM.යමක් නිවැරදි අධ්ය!යනයකට ලක් කිරීම සඳහා අප තුල තිබිය යුතු අත්යා්වශ්ය ම අවශ්යනතාවයක් තියනවා. ඒ තමයි එය සතරවන මානයක ඉඳල අධ්ය යනය කරන එක. ඒ කියන්නෙ මොකක්ද ? ඒ පිළිබඳව තමාගේ ඇති බැඳීම් වලින් නිදහස් වෙන එක. මේ කාරණය හිතන තරම් ලේසියෙන් අවභෝධ කරගන්න පුලුවන් වෙයිද කියල සැකයි..උදාහරණයක් වශයෙන් දිඝ නිකායෙ පළමුවන සුත්රලය (මම අන්ත ආගමික වාදියෙක් නම් නෙමෙයි. ඒත් මේ කරුණු පිළිබඳ ඉගන ගන්න ඕනෙ තරම් සම්පත් තියන බව පෙන්වන්න ඕනෙ) අපිට පෙන්වල දෙන්නෙ සියලු දේවලට මුලික හේතුව. මුලපරියාය සුත්රනය. ඒ කියන්නේ මගේ කියල හිතෙන යම් කිසි දෙයක් අධ්යෙයනය කිරීමේදි, අපේ බැඳීම නිසා, මනස තුල ඇති වන පක්ෂපාත බව විසින් අපි අධ්යියනයේ අතරමන් කරනවා..මේක අපි තවත් කෝණයකින් තේරුම් ගන්න උත්සහ කරමු..අපි යම් කිසි නිර්මාණයක් කරනකොට (උදාහරණයක් වශයෙන් බ්ලොගයක් ලියන එකම ගමු) අපි ඒක කරන්නෙ අපේ අවභෝධයෙන්. එතකොට ඒකෙ අඩංගු වෙන දේවල් අපිට සාපේක්ෂව නිවැරදියි. නමුත් නිරපේක්ෂ වෂයෙන් වැරදි විය හැකියි. ඒත් සාපේක්ෂ කෝණයකින් පරීක්ෂා කරන අපි දන්නෙ නැහැ අපි යන්නෙ වැරදි මාර්ගයක කියල. යම් කිසි දවසක දැනගත්තට පස්සෙ තමයි දන්නෙ, එදාට වඩා නිවැරදි දෙයක් අද දන්නවා කියල..මේ ලෝකෙ සියලු දේවල් අපි මනින්නෙ, ගවේෂණය කරන්නෙ මනසින්. ඒක අසම්පුර්ණයි කියන එක මනසින් තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි, අපි වගේ මිනිසුන්ට ඒ කාරණය කියල දෙන්න ලෝකය පුරා විටින් විට උගතුන් පහල උනේ. බුදුහාමුදුරුවෝ, ජේසුස් වහන්සේ, නොයෙක් සෘෂිවරුන් ආදිය. ඒක මේ ස්වභාව ධර්මයේ නිතියක්. ස්වභාවයක් !.මේ ලෝකෙ පවතින්නෙ සත්ය විතරමයි. යම් කිසි සත්යෂයක් අවුරුදු දහස් ගණනක් පවතින්නේ ඒ නිසා. අසත්යර කියන එක සත්යතයේ අවජාතක උපතක්. ඒ නිසා අසත්යන කියන එක විටින් විට ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් සත්යේය පවතිනවා. මේ ආගමික ඉගැන්වීම් අදටත් තව වසර දහස් ගණනක් ඉදිරියටත් පවතිනවා. ඒ ඉගැන්වීම් දුර්වල වෙන වෙලාවට නැවතත් විශිෂ්ඨ චරිතයක් සමාජයේ පහල වෙලා ඒව කියල දෙයි..බුද්ධිය කියන එක සහ ප්රිඥාව කියන එක එකක් නෙමෙයි දෙකක්. ප්ර ඥාව කියන එක මනසේ බැඳීම් වලින් තොර නිවැරදි දේම දකින ස්වභාවය. බුද්ධිය කියන්නේ මනසින් සහ අත්දැකීම් වලින් කාලයක් තිස්සෙ ගොඩනගාගන්නා දැනුම. ඒක අසම්පුර්ණයි. ඒ නිසා ඒක නැවත නැවත වෙනස් වෙනවා. බුද්ධිමත් කෙනා බොහොම කරුණු දන්නවා. බුද්ධිය වැඩි වෙන්න වෙන්න දන්නා ප්රොමාණයත්, දන්නා ප්රුමාණය වැඩි වෙන්න වෙන්න වැරදෙන ප්රඩමාණයත් වැඩියි..බුද්ධිය අපේ අනනන්යාතාය වැඩි කරනවා. ශක්තිමත් කරනවා. උදාහරණයක් වශයෙන් මගේ නමට යටින් යටින් දාන උපාධි අකුරු පේලි ටික කරන්නෙ මගේ අනන්යුතාවය ශක්තිමත් කරල, අන් අයගෙන් වෙන්වෙලා කැපී පෙනෙන එක. තවත් විධිහකින් කියනවනම් මාන්නය. ඒව වැඩි වෙන්න වෙන්න, ඒව ආරක්ෂා කරගන්න අපි ස්වභාවයෙන්ම වෙහෙසෙනවා..ප්රභඥාව එහෙම දෙයක් නෙමෙයි. ඒක අපේ සැබෑ අනන්යකතාවය හඳුනාගන්න මග පාදනව. සෑබෑ අනන්ය්තාවය හඳුනා ගන්න බැහැ, අපේ බැඳීම් වැඩි උනහම. උපරිම ප්රනඥාව තුල අනන්ය්තාවය ශුන්ය යි. ප්රීඥාව ශුන්ය වනවිට අනන්යපතාවය උපරිමයි. මෙන්න මේ නිසා උපරිම ප්රනඥාවන්තයේ වු ශාස්තෘන්ලට කිසි දිනයක තනතුරු නම්බුනාම තිබුනෙ නැහැ..සතරවන මානය කියන්නේ මනසින් අධ්යහයනය කරන එක නෙමෙයි. ප්රරඥාවෙන් අධ්යනයනය කරන එක. බැඳීම් වලින් තොරව අධ්යසයනය කරන එක. ඒක කරන හැටි තමයි සේරම ශාස්තෘන් ල අපිට කියල දිල තියෙන්නේ. ඒ ඉගැන්වීම් තමයි අපි ආගම් කියල අදහන්නෙ. මෙතන අපි කරන්නේ ඒ අය කියපු විධිහට අධ්ය්යනය කරන එක නෙමෙයි. ඒව කියල දුන් අය අදහනවා. ඒක හරිද වැරදිද කියන එක මම දන් නැහැ..ReplyDelete.Replies.සත්සමුදුරAugust 26, 2012 at 8:44 AM.ඔබේ අදහස තවත් දිශාවකට අප ‍යොමු කරනවා. ස්තූතියි අළුතෙන් යමක් සිතන්නට දුන්නාට....Delete.Replies.Reply.Reply.AnonymousAugust 26, 2012 at 8:05 AM.මේ ලෝකය පැවතීමට සත්යත වගේම බොරුවත්, විද්යාවව වගේම අවිද්යතවත්, ආලෝකය වගේම අන්ධකාරයක් එක හා සමානව දායක වෙනවා. පළමු අවශ්යවතාවය තමයි මේ ලෝකෙ සමබර විධිහට ආරක්ෂාකාරීව පැවතීම. යම් කිසි කෙනෙක් ලෝකයේ අවිද්යාබව නැති නම් අන්ධකාරය නැති කරන්න උත්සහ කලොත් සමබර තාවය බිඳෙනවා. ඒක ඉතාමත් භයානකයි..මෙන්න මේ නිසාම සියලු ශාස්තෘන්ල, තමාගේ ඉගැන්වීම් විවෘත කලේ සීමිත කොටසකට විතයි. උදාහරණයක් වශයෙන් තමා අවට ගොඩක් දෙනෙක් හිටියත් බුදුන් වට පිට බලල දවසකට එක්කෙනෙක් තෝර ගත්ත. නැති නම් ජේසුස් වහන්සේ තමා පසු පස ආපු විශාල අනුගාමිකයන් පැත්තක තියල තමා බලන්න ගහට නැගල හිටපු පොලී කාරයා තෝරා ගත්ත..ශාස්තෘන්ල තමා විසින් සොයාගත් කරුණු ලෝකයට හෙලි කලේ යම් කිසි පෙරණයක් හරහා. සීමිත කොටසකට විතරයි ඒක ග්රෙහණය කරගන්න පුලුවන් උනේ. අනිත් අය ඒව තමන්ගේ "ආගම්" කරගන අදහනවා, මරා ගන්නවා, ඒවගෙන් යැපෙනවා. ඒ සඳහා උන් වහන්සේලා භාවිත කළ ශිල්ප ක්රහම අතරින් එකක් තමයි, ඒව ලියල තියන ආකාරය..උදාහරණයක් වශයෙන් "දෙවියන් වහන්සේ ලෝකය මැවු සේක" කියල තිබුන ගමන් "බුද්ධිමතුන්ට " එන ගැටලුව, එහෙනම් දෙවියන් වහන්සේ මැවුවෙ කවුද කියන එක. ඒක තමයි බුද්ධියේ ලකෂණය. නමුත් ප්රැඥාවන්තයා තමාගේ බුද්ධියෙන් ප්ර ශ්ණ කරනවා. ඔහු එම බාධකය ජය ගත්තොත්, සමහර විට ඒ වචන කිහිපයෙන් තමාගෙ මනස විසින් කාලය සරල රේඛාවක් වශයෙන් තිබෙන බව හෝ, අතීතයත් අනාගතයත් මනස විසින් ඇති කරන ලද මායාවක් වශයෙන් හෝ තේරුම් ගැනීමේ අවස්ථාව ලබනවා..දැන් මම මාතෘකාවට එන්නම්..ඉන්දියාව කියන්නේ ආධ්යා ත්මික පරාදිසයක්. ඉන්දියාවේ ඉපදුන ප්රමඥාවන්තයින් අතරේ පරාශර, වෙද ව්යා‍ස, වාල්මිකී කියන්නේ ආධ්යානත්මක ඉගැන්වීම් විශාල ප්රේමාණයක් මේ ලෝකයට දායාද කරපු ගුරුවරු. පුරාණ 18ක්, මහාභාරතය වගේම රාමායණයත් ඒ අතරින් ඉතාමත් වැදගත් කෘති..මේ අය මේ කාව්යරයන් තුලින් දිල තියෙන්නෙ විශේෂ ආධ්යාේත්මික ඉගැන්වීම්. හැබැයි ඒ අය පරිස්සම් වෙලා තියනවා, අර කියපු මුලික නිති මෙම ඉගැන්වීම් වලදි අනුගමණය කරන්න..සමහර විට ඔබල අහල ඇති Microcosm සහ Macroccosm කියන බටහිර ආධ්යා්ත්මික සංකල්පය..මනුෂ්යයයා කියන (හෝ වෙනයම්) ඒකකයක් , විශ්වය කියන ඒකකයෙම කුඩා ප්රෂතිමුර්තියක් කියන එකත්, ඒ කුඩා ඒකකය සහ විශාල ඒකකය අතර පවතින සබඳතාවයත් තමා මෙහි අධ්ය්යනය කෙරෙන්නේ. මේක ගැන බුදුන්ගෙ ඉගැන්වීම් වලත් තියනවා..රාමායනය කියන්නේ මෙන්න මේ ඉගැන්වීම් තිබෙන පොතට. නොයෙක් ආකාරයේ කර්ම වලට මුහුණ දෙමින්, ආත්මයක් ආත්මයක් පාසා මිනිසා මුහනු දෙන පාප කර්ම සහ ඒවායින් ජය ගෙන අවසාන වශයෙන් මේ ජීවිතයෙන් විමුක්තිය ලබන එක පිළිබඳව තමයි ඔය පොත ලියවිලා තියෙන්නේ..මේ ලෝකෙ ජයගන්නවා කියන්නෙ සටනක්. ආධ්යානත්මික සටනක්. මනසේ මතුවන අවිද්යා ව කියන යක්ෂයා ජය ගන්නවා කියන එක පහසු නැහැ. ඔහුට ඔලු දහයක් තියනවා. එක ඔලුවකට වේෂ ලක්ෂගණනක් තියනවා. එකක් කපන කොට තව එකක් එනවා..මෙන්න මේ සටන තමයි රාම රාවණ යුද්ධය. අමිහිරි සත්ය.යක්..වර්තමාන වර්ගපුර්ණිකාව, රාවන වංශිකයෝ, හෙලු යක්කු, රාවණ ගවේෂකයෝ කියන්නෙ කවුද ? වසර 30 යුද්ධයකින් මානසික ආතතියක් මත ගත කරන ගමන්ම, ආගමික සංස්කෘතික ගැටලු, දේශපාලන වශයෙන් රුවටීමට, වාගේ ගොඩක් අතවර වලට මුහුණ දිල, යුද්ධය අවසාන උනහම එකපාරටම මනසේ හිස්තැනක් ඇති වුන සමාජයකින් මතුවුන "බුද්ධිමත් " කොටසක්..ඔවුන් මේ තත්වයට පත් වෙන්නේ ආගමික සහ දේශපාලන වශයෙන් බලහත් කාරයෙන්. ඒකට නිදහසින් පස්සෙ වගේම බිහිවුන නොයෙක් "චින්තකයො " දායක උනා. මීවනපළානේ ජයරත්න කියන්නේ පුද්ගලිකව එක්කනෙක් නෙමෙයි. ඔහුගෙන් නිරුපනය කරන්නේ මුලු මහත් සාමුහික චින්තනය කෙතරම් අවිචාරවත්ද කියන එක..මේ යන ක්රරමය තුලින් තවත් අවුරුදු 25-50 ක් ගියාට පස්සෙ අපේ සමාජය කොතන තිබිය හැකි ද යන්න ඔබම සිතා බලන්න..විසඳුමක් තිබේද ? එය කුමක්ද ?.පසුවට කල් තබමි..රාවන සිද්ධම් !!!!.ReplyDelete.Replies.සත්සමුදුරAugust 26, 2012 at 8:47 AM.//වසර 30 යුද්ධයකින් මානසික ආතතියක් මත ගත කරන ගමන්ම, ආගමික සංස්කෘතික ගැටලු, දේශපාලන වශයෙන් රුවටීමට, වාගේ ගොඩක් අතවර වලට මුහුණ දිල, යුද්ධය අවසාන උනහම එකපාරටම මනසේ හිස්තැනක් ඇති වුන සමාජයකින් මතුවුන "බුද්ධිමත් " කොටසක්.// මෙන්න සියල්ල සමස්ථයක් ලෙස ගත් කල යථාර්තය....Delete.Replies.Reply.Reply.මහ සම්මත මනුAugust 27, 2012 at 10:33 AM.වර්ග පූර්ණිකාවේ මීජයා අපගේ කමෙන්ට් දමන්නේ නැත. මීජයාගේ අදහස් වලට හා ඒවා හෙලිකිරීම නිසා මීජයා ලැජ්ජාවී ඇත..රාවන ඉතිසාසය වනසන මීජයාට.ශ්‍රී රාවන සිද්ධම්......ReplyDelete.Replies.සත්සමුදුරAugust 27, 2012 at 11:32 AM.ඔබගේ කලින් කමෙන්ටුවට සහ මෙම කමෙන්ටුව වන දෙකටම එකවර පිළිතුරු දෙන්නෙමි. වර්ගපූර්ණිකාවේ ඇත්තේ ඔවුන්ට ගැලපෙනවායයි සිතන තේමාවන් සහ වාග් විලාශයකි. එහි ඇති ඉතිහාසයමය කරුණු නොව එය ලියා ඇති ආකාරය නම් විනෝදාත්මක බව නොසගවා අවංකවම කිව යුතුමයි. මෙහි එනම් සත් සමුදුරේ බ්ලොග්කරණය කෙරෙනුයේ යමක් තර්කානුකූලව, විද්‍යානුකූලව හා යථාර්තවාදීව හා මධ්‍යස්ථව, මොළය වෙහෙසවා විසදිය යුතු නිර්ණායක මත පිහිටායි. ඉතින් ඒ කාර්යයේ එදත් යෙදුනෙමි. අදත් යෙදුනෙමි. හෙටත් යෙදී සිටීමට බලාපොරොත්තුවෙන්නෙමි....Delete.Replies.Reply.Admin1September 23, 2013 at 9:07 PM.ඔය සයිට් එකෙන් රාවණට තියන තැනත් නැති කරලා ,ඒ චරිතෙ විහිලුවක් බවට පත් කරලා කියලයි මට නම් පේන්නෙ..Delete.Replies.Reply.Reply.UnknownAugust 28, 2012 at 12:38 PM.හෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි..කවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක් බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක..පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක් ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි. මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?.ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද? තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර, සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි. වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද? මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි? වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි..Reference: http://akila-helayek.blogspot.com/2011/07/blog-post_3187.html.ReplyDelete.Replies.කොල්ලNovember 19, 2012 at 12:00 PM.ඔබේ අදහස් 99% ක් ඇත්ත..නමුත් ඔබේ අදහස රාවනා රජු, දෙමල රජකෙනෙක් කියල..එය අමුලික බොරුවක්..රාවනා රජු, සිංහලේ පහල උන ඇති ශ්‍රේෂ්ට හෙළ රජ කෙනෙක්..රාවනා රජු කාලේ මේ රටේ දෙමල පුළුටක් ඉදල නෑ...වැඩි විස්තර දැනගන්න මේ පොත් 2 ත් කියවල බලන්න.. අපිට අපි දන්නේ නැති උනාට ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා..විජය එන්නත් අවුරුදු 2,500 කට කලින් ලංකාවේ ඉතිහාසය තමයි මේ පොතේ කියල තියෙන්නේ...Koggala Nilame- Book 1 (22mb).http://www.mediafire.com/?6wpswpdm1oph3yk.Koggala Nilame- Book 2 (14mb).http://www.mediafire.com/?ga1l37lqzbkkjcc.Delete.Replies.Reply.Reply.නීති ගොඩයාSeptember 5, 2012 at 9:22 AM.මොනවා උනත් මෙතන මොකක් හරි jimix එකක් තියෙනවා.... මොකද වාල්මිකී කියන හොරට ඔච්චර ලස්සනට කතා ලියන්න පුළුවන් වෙන්න බෑ... ඌ අඩුම ගැනේ ලංකාව ගැන සහ ලංකාවේ හිටපු රාවණ කියන දේවල් ගැන අහල හරි තියෙන නිසා එම චරිත ඇසුරින් මෙවැනි ප්‍රබන්දයක් ගොඩනැගුව වෙන්න බැරිද..... රාවණ ඔය කියන තරම් බුවෙක් නොවුනට යම් තරමක පොරක් වෙන්න ඇති නැත්තම් ඉන්දියාවේ ඉන්න වාල්මිකී වගේ හොරෙක් කොහොමද රාවණ ගැන දැන ගන්නේ ...... මොනවා උනත් අනික හනුම වගේ චරිත ඉන්නත් බැරි නෑ පරිනාමයේ වෙච්ච mistake එකකින් .. හැබයි ඔය කියන වැඩ දාන්නේ නම් නැතුව ඇති ...... හැබැයි මට පෞද්ගලිකව හිතෙනවා රාවණ නමින් හොර නායකයෙක් හරි ඉදල තියෙනවා ලංකාවේ ....ReplyDelete.Replies.කොල්ලNovember 19, 2012 at 11:46 AM.කතාව ඇත්ත..මේ පොත කියවල බලන්න...Koggala Nilame- Book 1 (22mb).http://www.mediafire.com/?6wpswpdm1oph3yk.Koggala Nilame- Book 2 (14mb).http://www.mediafire.com/?ga1l37lqzbkkjcc.Delete.Replies.Reply.AnonymousOctober 1, 2013 at 1:00 PM.This comment has been removed by a blog administrator..Delete.Replies.Reply.Reply.කොල්ලNovember 19, 2012 at 11:44 AM.මේ වගේ සංවේදී මාතෘකාවක් පටන් ගන්න කලින් , ඒ ගැන මීට වඩා අධ්‍යනය කළා නම් නරකද කතෘතුමෝ?.මේකේ කොමෙන්ටු දාල තියෙන කිසිම කෙනෙක් වත්, අඩුම තරමේ මේ ලිපිය ලියපු කෙනාවත්, කොග්ගල නිලමේ කියන පොත කියවල නෑ කියල මට තේරෙන්නේ.. එහෙම උනා නම් මේ ලිපිය , මීට වඩා වෙනස් වෙන්න තිබුන.. කරුණාකරලා හැමෝම මේ පොත කියවල බලන්න...Koggala Nilame- Book 1 (22mb).http://www.mediafire.com/?6wpswpdm1oph3yk.Koggala Nilame- Book 2 (14mb).http://www.mediafire.com/?ga1l37lqzbkkjcc.ReplyDelete.Replies.AnonymousSeptember 24, 2013 at 9:06 AM.obage kathawata math ekagai.koggala nilame appe hemadenama keyawanna ona pothak..Delete.Replies.Reply.AnonymousNovember 25, 2013 at 10:14 AM.aniwaryen brother.........Delete.Replies.Reply.YoungApril 22, 2019 at 11:23 PM.කනාව හරි දෙයක් කියන්න කලින් එ ගැන අධ්‍යනය කරලා කියන්න..Delete.Replies.Reply.Reply.DilanthaJanuary 28, 2013 at 10:13 PM.ශිව තාන්ඩවයෙහි රාවණ නාමය සිහිපත් කරයි... එම චරිතය හුදෙක් වාල්මිකී ගේ මනස්ගාතයක් නම්... ඉන්දියානු පුරාන වල මෙම නම පිටපත් වූයේ ඇයි ද යන්න විශාල ප්‍රශ්නයකි.....අවුරුදු 8000ක් තරම් වූ විකිරණශීලී මල සිරුරු දහස් ගණනක් වැළලී තිබූ ප්‍රදේශයක් ඉන්දියාවෙන් සොයා ගනිද්දී, රවනයන් ට අපහාස කල ය කොහෙද සිටියේ යන්නද ප්‍රශ්නයකි... http://rense.com/general3/8000.htm.ඉන්දියාවට කුඩු වන්නට ගැසූ රාවණයන් ව ඉන්දියානේ මහා ගත්කරුවෙක් කණපිට ගැහුවා වෙන්නටද පුළුවන.. කිමද ඉන්දියානු බමුණන් අතිශෝක්තියේ ඇති දක්ෂයෝ වෙති... උන් අපේ රටේ ඉතිහාසය සහ ත්‍රිපිටකය කෑවේ ද එලෙසිනි !.ReplyDelete.Replies.UnknownAugust 3, 2014 at 12:19 PM.spr.Delete.Replies.Reply.UnknownNovember 10, 2014 at 2:19 AM.super answer.Delete.Replies.Reply.Reply.AnonymousOctober 1, 2013 at 12:56 PM.Ginnank natiwa Dumak Naginne nae ne.. me article eka liyapu oba taram danna ayeku nati bawa sitha liya ati bawa mata sithe... fantasyak kiyala witharak behara karanna puluwan deyak newei.....Mahawanshayema sadahan wela tyanawa Ravana Rajjuruwan gana. Dutugamunu rajathuma wishala pramanaye Rawana Kodiyak hadala eka ta puda sathkara kala bawa Mahawanshayema sadahan bawa oba nodannawada. pudumayak da natha.. Ingirisi kramayata sithana pathana purawidyachayan sitina me rate, wijayagen pasu ratak gana sithana aya nisa.. me dewal eli nowena eka pudumayak newei. ramayanaye sadahan wanne Ravana Raju wikurthi kireemak.., sathya kisida sagaviya nohakiii.ReplyDelete.Replies.Reply.AnonymousNovember 24, 2013 at 8:52 PM.apith ape deyak hoyagana yamu neda sahodara waruni....api hama dema Vijayata baara dunnoth ape hama dema indiyawata yanawa neda....apitath deyak thibuna...habei eka suddangen passe apita nathi una..nathi kala....ada enna ewun ewata ul pandam denawa....vijayata kalin ape hamadema amathaka karola...anagatha paramparawa..api pawaa kisima deyak danne ne....namuth apitath apema rajek hitiya...para desekin aawa sthrii dushakyekta....sallaalayekta ape mula puruka denawada aiye...oyata puluwan unath mata be.....RAWANAA ape une a nisai...mithyaawak nowuna ape parapura.......ReplyDelete.Replies.Reply.AnonymousJuly 8, 2014 at 12:21 PM.First of all, Vijaya was a bandit and an outlaw who was banished from his country with his father's acknowledgement. If you accept you'r ancestors were thieves and bandits,I'm OK with that......Next, Buddhism confirms the present of kings in SL before Vijaya's arrival.(ex: Choolodara & mahodara).And, what about the tribal leaders and kings killed by Vijaya with the help of Kuweni..So if King Rawana is considered as another sought of Arthurian legend.....How can we justify the above.....Though a folklore or not,British people value their Arthurian blood....So why can't we....ReplyDelete.Replies.AnonymousFebruary 25, 2017 at 9:15 PM.Cause most of the population in Sri Lanka are idiots who see what they want to see and shut out all the rest. In the end there's no point in trying to change that. Despite what idealists say one voice doesn't make a difference when there are a thousand against it ( unless you are a dictator or the president. Even then there will be riots)..Delete.Replies.Reply.Reply.නව ලොව දැනුමSeptember 19, 2014 at 10:23 PM.ගොඩක් හොඳ ලිපියක්. දිගටම ලියන්න..ReplyDelete.Replies.Reply.UnknownDecember 8, 2014 at 7:12 AM.Thanikara boru. India we minissu boru ithihasayak hada ge e ithihase hitapu ayata wadum pidum hry krnawa. Ekata ape ewun aththa ithihaseth boru krna hadana. Lajja wenawa..ReplyDelete.Replies.Reply.UdarathOctober 14, 2015 at 1:55 PM.mama hitana widiyata Rama , Ravana etteatama hitiya.ReplyDelete.Replies.Reply.UnknownNovember 12, 2015 at 9:06 PM.Me katha aththa kiyala oppu karanna shakshi thibboth loku katha kiyana මහත්වරු meka piliganawda?rama raju aththtm hitiya kiyala mn wishwsa karanw.mokda mn e asdeken dakamu.mn ahapu dewal ekka..mehem lipiyak liyanawat oyat godak thanx..ReplyDelete.Replies.Reply.UnknownDecember 28, 2015 at 11:36 PM.Ohoma kalayak giyama ARROW ,FLASH wage porawal sirawatama usa hitiya kiyai.ReplyDelete.Replies.Reply.sagarastudioJanuary 21, 2016 at 5:04 PM.“ 1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “.“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.).“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“.ReplyDelete.Replies.Reply.sagarastudioJanuary 21, 2016 at 5:06 PM.https://ravanalankapura.wordpress.com/hela-vimana-technology/#Part2.find this.ReplyDelete.Replies.Reply.HapunchiFebruary 11, 2016 at 7:23 PM.mama hithana widihata gayan ayya hari. api pabagalaka tahma patalila inne..ReplyDelete.Replies.Reply.HapunchiFebruary 11, 2016 at 7:24 PM.mama hithana widihata gayan ayya hari. api pabagalaka tahma patalila inne..ReplyDelete.Replies.Reply.susithMarch 7, 2016 at 4:10 AM.Hari Ravan kathawa boruwak kiyamuko.lankawe wijayagen issara minisun nathi thanakda ?.ReplyDelete.Replies.Reply.imalka pathumApril 4, 2016 at 10:20 PM.lankawe rawanawa gannann gatte nati unata indiyawe utsawaya dawasata lankawe aya ahu unoth maranawa mama indiyawe innakota eliyata yanna dunne na a utsawaya dawasata.ReplyDelete.Replies.Reply.ASHApril 21, 2016 at 10:23 PM.රාවනා කතාව ඇත්තක් ඇති සමහරවිට එත් මට කියන්න තියෙන්නෙ වාල්මීකිගෙ රාමයනය නම් තනිකර බොරුවක් කියලා.ReplyDelete.Replies.Reply.UnknownMay 23, 2016 at 1:24 PM.Mona dhe kivvath meeka ape lanka ithihasaya obata boru tharka valin bidhinnata beha..Ravana sri lankave visu bava sthirai..2016/04/12 ho ita asanna dhinakadhi moratu kariya vallavaya karadha golla nil dhiya pokuna tharanaya kota ravana athi sthanaya asalata lagaa veemath samaga gam vasiyan kala virodhathavaya novannata edha ravana yali lankabhisheka vee hamaaray..( sinhala tipe/facebook/horapusa kitiyon malaya).ReplyDelete.Replies.Reply.UdarathJune 3, 2016 at 3:35 PM.ආර්ථික නිදහස 888.ReplyDelete.Replies.Reply.UdarathJune 12, 2016 at 4:30 PM.ウダラトは.いくいくところ.一日5千万.ReplyDelete.Replies.Reply.UnknownJuly 18, 2016 at 12:33 PM.රාවන රජු ගැන සදහන් සෙල්ලිපි නැතැයි පැවසිිම කරැණු නොදැන කරන ප්‍රකාශයකිි.“රාවන රජු ගේ දියණිය වු ‍ශොහිලිි ගේ ලෙන සංඝයාට“ යනුවෙන් අර්ථය ඇති සෙල්ලිපියක් පරණවිතාන මහතාගේ Ston Inscription of ceylon පොතේ අංක 515 යටතේ ඇත. මෙය ජයරත්න පතිරආරච්චි මහතා රචිත “සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසුක්‍රමයක්“ යන පොතෙහි ද ඇත. එහි තවත් එවැනි සෙල්ලිපි කිපයකම විස්තර ද ඇත. රාවන රාජාවලිය සහ රාජාවලිය යන පැරනි පොත්වලද රාවන රජු ගැන විස්තර ඇත.රාවන පුරාවෘතයට අයත්වන රත්නපුර,වේවැල්වත්ත,බලංගොඩ,කූරගල යන ප්‍ර දේශවල නොකියවූ ශිලාලිපි දහස්ගනනක් දැකියහැක. මෙම ප්‍ර දේශයේ ග්‍රාම නාම සැලැකිල්ලට ගැනීමේදී පුරාවෘතයට සම්බන්ද නම් දැකියහැක. රවුළාදොල,දෙතනගල,බඹරබොටුව,බොල්තු‍ඹේ සමන්දේවාලය ආදිය ඉන් කිහිපයකි. තවද මහායාන පොතකැයි ‍ථේරවාදීන් සලකන ලංකාවතාර සුත්‍ර‍ යෙහි එම සුත්‍ර‍ය බුදුරජාණන්වහන්සේ විසින් රාවන රජතුමාට දේශනා කල බව සදහන්ය..ReplyDelete.Replies.Reply.denuma pipasithayaAugust 22, 2016 at 2:23 PM.kauru hari wideshikayek apen ahuwoth rawana kiyana charithe aththakda boruwakda kiyala akata denna uththarayak api gawa thiyenawada?hithala balanna.. kattiya depeththata karunu kiya kiya innawa witharai.. aduma tharamin ugath buddimath aya karanna one me dewal aththakda boruwakda kiyala hoyala api wage samanya janathawata a gena pehedili kara dimai.. karunakara sthira pilithurak denna...ReplyDelete.Replies.Reply.UnknownSeptember 29, 2016 at 7:43 PM.Thanks Aiye.ReplyDelete.Replies.Reply.UnknownSeptember 29, 2016 at 7:44 PM.Thanks Aiye.ReplyDelete.Replies.Reply.kuma kaumariOctober 9, 2016 at 8:02 AM.man me blog adaviyata aluth kenek.mn me lipiya kiyewwa.man hithna vidiyata metha inna kisi kenk thaman visinm gaweshana parikshana pawathwala e dewl osse thamange matha prakasha karanawa wenna baha.boho vita wenawa aththe e pilibadawa paryeshana karapu ho ese nokara wenath mulashra magin laba gath karunu maddya osse ,potha path prakashanayata pathkaramin prasidda kala deyak api visin kiyawala ein hari kiyala hithana deya ape mathaya vidiyata ediripath karana eka.ethn kawurun ho dannawanm mata kiyanna puluwnda ape rate pura vidya departhumenthuwa ho wagiyauthu pudgalain ape rata pilibandawa kerena gaweshan paryesahana pilbandawa mahajanaya nirantharayen danuwath karana kramawath wadapiliwelak kreyathmaka wenawada?aduma tharame antharjalaya harahawath rajya mattamen eya siduwenawada?mokada vivida ayage matha ediriyata gena yanwata wada e pilibandawa aththatama pareekshana karapu aya saha eta adala baladareen jathika mattamen mahajanaya sakshshi sahithawa danuwath karanawanm eya aththatama ape rate anagatha parapura wenuwen karana loku pinak.danata ewani wada piliwelak kryathmaka wenawanam danna kawurun ho e pilibandawa sdahan karana lesa karunikawa illa sitinawa.ReplyDelete.Replies.Reply.UnknownFebruary 14, 2017 at 7:29 PM.Dinesh guruge. Vijaya rajathuma enna pera thibu ithihasaya nodakinna hethuwa obath indiawen oluwe paththak mudu karala elawapu e vijayage paramparawe kenek nisa wenna athi. indiawata pala..ReplyDelete.Replies.Reply.JCCONSTRUCTIONSFebruary 27, 2017 at 4:36 PM.me gema math hugak kiyanna taram danne na. eth ithihasayaa awamana karana eka weradi atta danne nethiwa..ReplyDelete.Replies.Reply.UnknownMarch 25, 2017 at 2:28 PM.tawa duratath ithihasaya gana paryeshana nokara me gana mokuth kiyanna baha...ReplyDelete.Replies.Reply.Udaya JayanthaMay 4, 2017 at 7:41 AM.This comment has been removed by the author..ReplyDelete.Replies.Reply.Udaya JayanthaMay 4, 2017 at 7:50 AM.මාගේ පැනය නම්. භාරතය ලංකාව ගැන එකල මෙවැනි ප්‍රභන්ධයක් ගොතන්නට ලංකාව වැනි රටක් එකල භාරතය විසින් තොරා ගත්තේ කිමද?.යම් ව්‍යාජ ප්‍රභන්ධයක් ගෙතීමටත් පිලිගත් ශක්ති සම්පන්න රටක් වියයුතු නේද?.වර්ථමානයේ ප්‍රභන්ධ ගැන කීවොත් කිසිදු රචකයෙක් වීරත්වය ගැන කථා ඉතියෝපියාව හෝ සෝමාලියාව හෝ පාදක කරගෙන නිර්මාණය කරනවාද? ඔවුන් බහුතරයක් නිර්මාණ කරන්නේ අමෙරිකාව පාදක කොට ගෙන නේද?.යමෙක් තර්ක ඉදිරිපත් කරන්නේ තමන් දන්නා දත්ත වලින් නේද? එම දත්ත හෙට වන විට වෙනස් වන බව දන්නවාද?.නුවර යුගයේ චිත්‍ර ශ්‍රී දළදා මාලිගයේ තිබුනි. මහා පණ්ඩිතයන් අතීතයේ ඒ ගැන සදහන් කල දෑ කොටි බෝම්බය පිපුරූ පසු වෙනස් වූවා නේද?.එසේ වෙනස් වූ දෑ කොතෙකුත් ඇත. ඔබ ලංකාවේ තිබෙන පුරාණ ග්‍රන්ත වල කොටස් හුවා දක්වා තමන්ගේ මතය සනාථ කරන්නට දරණ වෙහෙස ගැන දුක්ඛ දායකය..ReplyDelete.Replies.Reply.K43KMay 20, 2017 at 11:54 PM.Liyana dewal natham nikan hitahalla. Ape ithihasaya kane nathuwa. Babiloniyanu ellena una haduweth rawana kiyala e mati puwaru wala thibila thiyanawa. Me lankawe ona tharam shakshi thiyanawa rawana gana . Anika rawana kiyane mithyawak kiyanawanam iselama palayalla sithaguhawa balanna eke kelawarata gihin polawata thatu karahalla. Bugatha raja daniyaka eka dorak ethana. Bol hada ahenawa Hm. Ona tharam sellipi thiyanawa puskola poth wala thiyanawa.ekak kiyanam lankawe ithihasaya dane natham paduwe idahalla boru ugath kam penna ithihasaya kanna epa.ReplyDelete.Replies.Reply.UnknownJuly 2, 2017 at 3:00 PM.rawana raja thuma hitiya kiyanna tharam likitha sadaka nethi unata pura vidyathmakawa karana lada parikshana walata anuwa ethuma lankawe hitiya bawata ona tharam sadaka hamu wela thiyenawa rawana rajuge maligawak thibu ek isthanayak sigiriya ada hemoma eka kashshapa rajuge nirmanayak kiuwata ehi mul aithikaru rawana rajathuma ehi ethi sinha pada yei hemoma kiyana ema pada sinhakayekuge newei yam pakshiyekuge eyata hethuwa sinhayage niyapothu otharam pennata ne thawada ritigala wedihiti kanda ohu redi siti predeshayan lesa ehi wasaya karana pudgalayan adath kiyan karanawaki thawada wariya pola e wagema rawana ella sinharajaya weni predeshayanda ohu yatathe thibu bawata ethi sadaka etha oba kauruth nodanna rawana rajathumage ek bahandagarayak pihita eththe kebithigollewa nam predeshayeya eya nidan horun visin vinasha kara etha rawana nm rajek lankawa palana karala thiyenawa samahara aya thaman nodenuwath kamata boru thrka genawata rawana rajuta puda sathkara karana pudgalayan thama apa rata thula jiwath wei ramath hitiyanam hanumath hitiyanam rawana raju lankawe palakawa washayen nositinnata berida ?.ReplyDelete.Replies.Reply.AnonymousJuly 27, 2017 at 9:46 AM.meka balanna - divers kenek ravana guhawa athulata gihilla.https://youtu.be/B2bPW7zcLtg.ReplyDelete.Replies.Reply.Inka WaisOctober 14, 2017 at 4:27 PM.In ancient time Pulasthi Rishi who was the brother of Vasistha Muni, father of Vishrava, and also grandfather of Great Emperor Ravana, who was expert in astrology fixed the purity time to conceive Little Ravana in his mother’s womb to have a most powerful emperor to the nation. The king no one can be defeated. Not only that this great Emperor became a most powerful emperor with the power of ruling another 07 planets as per the known history. Read more about King Ravana & Great History of Ceylon inkawais.wordpress.com.ReplyDelete.Replies.Reply.UnknownJanuary 29, 2018 at 9:00 AM.ma obe adahas piligannawa namut me site 1 tiyena ewat balalma tiranaya karanna. http://velocicosm.com/Jbf.ReplyDelete.Replies.Reply.AnonymousMay 16, 2018 at 9:44 PM.ආතල් දෙන්න එපා දිනේෂ්..චු දාලා නිදාගන්න.ReplyDelete.Replies.Reply.Gihan pasinduDecember 3, 2018 at 6:56 PM.Mehema ekakuth thiyenawa dinesh mahathmaya.me rate minissu Rawana rajathuma gena katha kalata kawruth sakshi hoyaganna balanne ne.ape pala weni rajathuma vidihata boho dena salakanne vijaya rajathumawane.eth ehema raja kenek hitiyayi kiyala mukuth sakshi hoyagena ne neda.eth merata yam yam pudgalayan pawasana vidihata rawana kiyala kiyana rajathumek idala thiyenawa.e wagema boho poth walath me gena vishala washayen ho kudawashayen sadahan wenawa.man kalin kiwwa wagema athem pudgalayan rawana rajathuma gena sakshi thibenawayi kiyana sthana pennala thiyenawa neda.e pilibad athem maadya weda satahan wala video darshana pawa antharjalye adanguyi. Methuma gena boho aya pawasana nisawen merata puravidya departhamenthuwa kisiyam adyanak kala yuthyui.ese kirima kisi seth apathe yanne ne.e kiyanne sakshi hamu nownoth mehema rajathumek hitiyayi kiyana ayage mathaya weradi wenawa wagema sakshi hamu unoth rawana rajathuma kiyanne manakkalpitha rajek mehema kenek hitye ne kiyana ayage mathaya wenas wena eka vitharai neda..ReplyDelete.Replies.Reply.නිර්නාමිකව (UNKNOWN)January 12, 2019 at 9:41 PM.මරු....ReplyDelete.Replies.Reply.AnonymousApril 26, 2019 at 12:46 AM.The great king Ravana back in real place and real time ravana is a sinhala buddhism why are you trust king ravana? because ravana is the past present future. Some idiot sinhala people look indian teledramas but they can't trust lankan greatest king ravana. Ravana is real now he is like a got he is the real gurd in lanka.Ravana come soon all idiot people can see that......Lankeshwar dashanan King Ravana.Come in soon and you can see the action.ReplyDelete.Replies.Reply.Sooriyabandara marketingOctober 10, 2019 at 7:17 PM.Hamoma waga kiyanawa rawana anda vishwasayak kiyala. Athakota hamoma piliganna maha wanshama thiyanawa sigiriya nawatha pirisidhu kara pilisakara kara kashshapa raju sigiriyata giya waga. A kiyanna sigiriya maliga sankeeranaya ohu sigiriyata yannatath kalin thibuna bawai. Athakota a idikerima aithi kaaraya kauda?.Athakota vijaya rajugan apa jaathiya patan gaththanam ohu maratata anakota kapu katimin siti kuwani kauda? Kauru nopili gaththath ma rata vijayagan ahaata giya loku ithihasayak thiyanawa. A dawal thaman ugath yai kiyàaganna pirisak visin wahaganai inna. Ma dawal aniwaran soyagatha yuthuya..ReplyDelete.Replies.Reply.UnknownJanuary 16, 2020 at 10:13 PM.මට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා.. රාමා සහ රාවණා අතර ඇති වූ යුද්ධය පිලිබඳ .. කරුණකර මා හට විස්තර හැකි පමනින් ලබාදෙන්න....ReplyDelete.Replies.Reply.Kapilawansa theroApril 11, 2020 at 9:26 AM.සිංහල පෙලපතේ දේවානම්පියතිස්ස රජුගෙ පටන් සියලු මහා රජවරුන් මකා දමා ගෑනු හොරකමේ ගොස් මැරුම් කාපු බව කියන මිථ්‍යා චරිතයක් ප්‍රචාරය කර සමාජය මුලා කරන Ngo කුමන්ත්‍රන කල්ලියේ රාවනා වෛරසය තුරන් කරමු...☝️��.https://m.facebook.com/story.php?story_fbid=1389657764565213&id=100005630080383.ReplyDelete.Replies.Reply.Kapilawansa theroApril 11, 2020 at 9:34 AM.සිංහල පෙලපතේ දේවානම්පියතිස්ස රජුගෙ පටන් සියලු මහා රජවරුන් මකා දමා ගෑනු හොරකමේ ගොස් මැරුම් කාපු බව කියන මිථ්‍යා චරිතයක් ප්‍රචාරය කර සමාජය මුලා කරන Ngo කුමන්ත්‍රන කල්ලියේ රාවනා වෛරසය තුරන් කරමු...☝️��."අලජ්ජිතායෙ ලජ්ජන්ති,.ලජ්ජිතායෙ න ලජ්ජරෙ,.මිච්ඡාදිට්ඨි සමාදානා,.සත්තා ගච්ඡන්ති දුග්ගතිං".(ධම්මපදය, නිරය වග්ග).ලැජ්ජා නොවිය යුත්තට ලැජ්ජා වන,.ලැජ්ජා විය යුත්තට ලැජ්ජා නොවන,.මිත්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වන,.සත්වයෝ යන්නෙ දුගතියටම,.බෞද්ධ ඉතිහාසය අනුව දඹදිව ක්ෂත්‍රිය වංශයට සම්බන්ධ විජයගෙන් සිංහල බෞද්ධයා පැවතෙන බව පැහැදිලිය. සිංහල බෞද්ධ ජාතියට එරෙහි පවුකාර මිසදුටුවන් මෙම සිංහල බෞද්ධ සම්භවය වරදවා ප්‍රචාරය කර දහම නූගත් සමාජය නොමග යවන බව පෙනී යයි..(1.) මෙය සිංහල බෞද්ධ අධ්‍යාත්මය අඩපන කරන විජාතික කුමන්ත්‍රණයකි. මෙහි අරමුණ වන්නේ නූගත් බෞද්ධයන් ලවාම සිංහල බෞද්ධ ඉතිහාසය හා ධර්මය උපක්‍රමයෙන් විකෘති කර සිංහල බෞද්ධ ජාතියේ හරය ඇතුලතින් විනාශ කර පුහු නිවටයන් බවට පත් කිරීමයි. වර්තමානයේ බුදුදහම හා බෞද්ධ ඉතිහාසය නූගත් පිරිස දැනටමත් එවැනි පුහු නිවටයන් බවට පත්වී සමාජය දූෂණය කරති..(2.) බොධිසත්වයන් වහන්සේ තම දේවිය හා ලදරු කුමාරයා අතහැර ගොස් පැවිදි විය. විජයගේ පියා සිංහබාහු සිංහයාට දාව ඉපදී සහෝදරිය සමග විවාහ විය. මිසදුටුවන්ගේ උපක්‍රමය මෙවැනි දේවල් වරදවා සමාජගත කර සිංහල බෞද්ධ සම්භවය විකෘති කිරීමයි. කලාතුරකින් මනුස්ස ලෝකයේ උපදින පවුකාර අන්ධබාලයන්ට මනුස්ස ලෝකය ගැන සාමාන්‍ය දැනුමක් නැති නිසා ඔවුන් මේවාට හසුවේ..(3.) මෙහිදී තිරිසනෙකුට දාව මිනිසෙක් ඉපදීම අවමානයක් හෝ අමුතු දෙයක් නොවේ. බෝධිසත්වයන් වහන්සේ අලම්බුස ජාතකයේ මහාතාපස වරයෙක්ව සිටියදී උන්වහන්සේ⁣ මූත්‍රා කල තැන තිබුන තණකොල කාපු මුවදෙන බෝධිසත්වයන්ට දාව පුතෙක් බිහි කලාය. පසුව ඔහු ඉසිසිංග තාපස ලෙස ධ්‍යාන ලාභී උතුමෙක් විය..(4.) සිංහයාගේ සම්බන්ධය ගරුත්වයක් මිසක අවමානයක් නොවේ. බුද්ධ දේසනාවේ සිංහයා බුදුන් වහන්සේට උපමා කරන අතර බුද්ධ දේසනාව සිංහ නාදයට උපමා කරයි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාත සීහ සූත්‍රය අනුව සිංහයා යනු බුදුන්වහන්සේට කියන අන්වර්ථ නාමයකි. බුදුන්වහන්සේ ලෝකයට ධර්ම දේසනා කරන්නේ සිංහයා දඩයමේ යන ආකාරයට බව එහි විස්තර කරන ලදි. අසමසම යයි කියන බුදුවරු පවා තමන්ව සමාන කරන සිංහයාගෙන් පැවතීම ගැන ලැජ්ජා වන්නේ ජර කැනහිලුන් වැන්නන් බව තේරුම්ගත යුතුය..(5.) මෙලොව සත්වයන් අතර අකුණු ගහන විට නොසැලෙන්නේ රහතන් වහන්සේලා, සිංහයා, අජානීය හස්තියා සහ අජානීය අශ්වයාය. ඒ අනුව සිංහයා හෙණ ගැහුවත් නොසැලෙන්නෙක් ලෙස රහතන් වහන්සේලාගේ ලක්ෂණයක් දරන සතෙකි..(6.) සිංහයාගේ ශාරීරික ලක්ෂණ පවා සියලු බුදුවරුන්ට හා චක්කවත්ති රජවරුන්ට ආවේනික මහා පුරුෂ ලක්ෂණයන්ය. "සීහපුබ්බද්ධකාය" හෙවත් උඩුකය සිංහයෙකුගේ මෙන් පිහිටීම මහා පුරුෂයන්ගේ පරාර්ථචර්යාව නිසා ලැබෙන උතුම් පුරුෂ ලක්ෂණයකි.."සීහහනු" මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ සසරේදී තමන්ගේ වචනය අර්ථවත්, වැදගත් හා කුසලමය ලෙස භාවිතා කිරීම නිසාය. බුදුවරයන් වහන්සේලා සයනය කරන්නේද සිංහයා සයනය කරන ඉරියව්වෙන්ය. බුද්ධ සාවකයන්ට සිංහ සෙය්‍යාවෙන් සයනය කරන ලෙස ධර්මය දේසනා කර ඇත............ReplyDelete.Replies.Reply.Kapilawansa theroApril 11, 2020 at 9:36 AM.(7.) බෝධිසත්වයන් වහන්සේ සුනඛයෙක් හා කපුටෙක් වෙලා උපන් ජාතක වල පවා මෙලොව පාලනය කල රජවරුන්ටත් ධර්ම දේසනා කර එම රාජ්‍ය වලින් පිදුම් ලබා ඇත. එ් නිසා බුදුවරුන් "මිගරාජා" යනුවෙන් හඳුන්වන සිංහයාගේ පරම්පරාව⁣ට ගරහන අන්ධබාලයන් බලුකපුටන් තරම්වත් නොවටින කැනහිලුන් වැන්නන් විය යුතුය. තවද වඳුරෙකුගෙන් මිනිසා පරිණාමය වුන බවට බටහිරයන් දරන මතය උගන්වන වර්තමානයේ සිංහයාගේ ජාතකයට ගැරහීම විහිලුවකි..(8.) සිංහබාහු සිංහසීවලී අතර විවාහයට අවමන් කිරීමත් මිසදුටු උපක්‍රමයකි. බුදුන් වහන්සේ උපන් සාක්‍ය වංශය පැවතෙන්නේද ඔක්කාක රජතුමාගේ දරුවන් අතර එවැනි සහෝදර විවාහ වලින්ය. ඔවුන් එසේ කලේ තමන්ගේ ජාතිය වෙනත් අයට කවලම් නොකිරීමටය. බුදුන් වහන්සේගේම ඤාති වන නන්ද කුමාරයා විවාහ වීමට සිටියේද සහෝදරිය වන ජනපද කල්‍යාණි සමගය..(9.) සිංහල බෞද්ධ ඉතිහාසයේ පැහැදිලි භෞතික හා ලිඛිත සාක්ෂි සහිත විස්තරය මහාවංසයයි. විජයාගමනයේ සම්භවයට ගරහන මිසදුටුවන්ට නිශ්චිත විකල්පයක් නැත. මිසදුටුවන් මහාවංසයෙන් උපුටාගත් ⁣විස්තර විකෘති කර එකිනෙකට පරස්පර විවිධ මිත්‍යා මත සමාජගත කරයි. බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනේදී හා විජයාගමනයේදී ලංකාවේ හිටපු බව කියන යක්කුන්ගෙන් සිංහලයා පැවතෙන බව ප්‍රචාරය එක මිත්‍යාවකි. විජයාගමනයට පෙර ලංකාවේ හිටපු යක්කුන් මිනිසු නොව අමනුසයන් බව මහාවංසයේ පැහැදිලිව සඳහන්ය..(10.) මෙහිදී මහාවංසය විකෘති කර මිනීකන යක්කුන්ට ජාතිය පාවා දීම සඳහා එම යක්කුන් මිනිස් ගෝත්‍ර බව කියන සමහර මිසදුටුවන් මනුස්ස/ අමනුස්ස වෙනස නොදන්නා අන්ධබාලයන්ය. විජයාගමනයට පෙර ලංකාවේ සිටි කුවේනිය ඇතුලු අමනුස්සයන් දෙමල ජාතිකයන් බවට තව පැත්තකින් ප්‍රචාරය කරන මෙම කුමන්ත්‍රණයෙන් දෙමල නිජබිම් සංකල්පය හරහා ත්‍රස්තවාදය පතුරවයි. පසුගිය 80/ 90 දශක වලදී ත්‍රස්තවාදීන් සහ විජාතිකයන් විසින් "මිනීකන්නන්ගේ දේශය" නමින් ලංකාවේදී චිත්‍රපටයක් නිර්මාණය කර සිංහල බෞද්ධයන්ව ජාත්‍යන්තර අපකීර්තියට පත් කරන වෑයමක්ද වාර්තා විය..(11.) මහාවංසයේ (1. මහියංගනාගමනය) විස්තර වන බුදුන්වහන්සේගේ මුල්ම ලංකාගමනයවත් නොපිලිගෙන ලංකාවේ බුදුසසුන පැහැදිලි කල නොහැකිය. මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවෙක් වන පංසල්හේනේ ධම්මාලංකාර (මීවනපලානේ) නැමති පල් හොරා තමන්ගේ නිගන්ට බුදුන් ලංකාවේම උපන් බවට අමූලික පච කියමින් බෞද්ධ ඉතිහාසයත් ධර්මයත් කනපිට හරවා එයට අහුවෙන මෝඩයන්ව මුලා කරයි. යක්කුන්ට ජාතිය පාවාදෙන මිසදුටුවන්ද එය පිලිගනී..(12.) බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනයෙන් විස්තර වෙන්නේ බුදුන්වහන්සේ විසින් මහියංගනයේ රැස්වෙලා හිටපු යකුන් පිරිස ගිරිදීපයට පලවා හැරිය බවයි. මෙහිදී සියලු යකුන් පලවා හැරිය බව කියා නැති නිසා මහියංගනයට රැස්වුන පිරිසට අමතරව තවත් අමනුස්සයන් ඉතුරු වන්නට ඇති බවත්, ධර්ම දේසනා කිරීමට එවක මෙහි මිනිසුන් නොසිටි බව පැහැදිලිය..(13.) බුද්ධ පරිනිර්වාණ දිනයේ විජය ලංකාවට පැමිණි බවත්, බුදුන්වහන්සේගේ දැනුම්දීම පරිදි සක්‍රයා විජය ඇතුලු පිරිස හමුවී ලංකාවේ මිනිසුන් නැති බව කියා යක්කුන්ගෙන් ආරක්ෂා වීමට නූලක් දුන් බවත් මහාවංසයේ සඳහන්ය. මෙහිදී විජය ඇතුලු පිරිසට හමුවන කුවේනිය මිනීකන අමනුස්ස යකින්නක් බවත් අතරමංවී ලංකාවට ආපු නාවිකයන්ව මෙහි සිටි යක්කුන්ට ගොදුරුව ඇති බවත් පැහැදිලිව සඳහන්ය. (මහාවංසය, 7.විජයාභිසේකය).(14.) මනුස්ස වෙස් මවාගත් අමනුස්ස කුවේනිය සමග මුලදී විවාහ වුන විජය ඇය අමනුස්ස යකින්නක් නිසා දඹදිව ක්ෂත්‍රිය කාන්තාවන් ගෙන්වාගෙන නැවත විවාහ විය. මෙසේ කුවේනිය අත්හරින තැන විජ⁣යගේ කතාවෙන් මුලදී සක්‍රයාගේ කතාවෙන්ද පැහැදිලිවම විජයාගමනය වෙන විට ලංකාවේ මිනිසුන් නොසිටි බව හා අමනුස්ස යක්කු හිටපු බව කියවේ. මෙහිදී විජයට දාව අමනුස්ස කුවෙනිය දරුවන් දෙදෙනෙක් ලැබීමද සාමාන්‍ය සිද්ධියකි. බුද්ධ කාලයේ අමනුස්සයෙකුට දාව උපන් සේවකයෙක් පජ්ජෝත රජතුමාට සේවය කර තිබේ. කාක(කාක්කා) නැමති එම සේවකයාට දිනකට යොදුන් 60 ගමන් කල හැක. (විනයපිටක, මහාවග්ග, 207. පජ්ජොතරාජවත්ථු).(15.) මෙසේ අමනුස්සයන් අරක්ගෙන පැවති ලංකාවේ විජයාගමනයෙන් පසුව සිංහල මනුස්ස වාසය ඇතිවිය. තවත් කාලයකට පසුව මහින්දාගමනයෙන් ලංකාවට බුදුදහම ලැබී සිංහල ⁣බෞද්ධයන්ගේ සම්භවය ඇතිවිය. මෙම ඉතිහාසය අනුව ලංකාවේ බුදුදහම හා සමාජ තත්වය දියුණුව පැවති අනුරාධපුර යුගය ආදී කාලයන් වල සිංහල බෞද්ධයන්ට මෙවැනි ගැටලු තිබුනේ නැත............ReplyDelete.Replies.Reply.Kapilawansa theroApril 11, 2020 at 9:38 AM.(16.) විජය දඹදිව සිටියදී දාමරික චරිතයක් බව කියා අවමන් කරන සමහර මිසදුටුවන් ස්ත්‍රියක් පැහැරගැනීම නිසා මැරුම් කාපු බව කියන රාවනා මිත්‍යාව ප්‍රචාරය කිරීම තනිකර විහිලුවකි. දේවානම්පියතිස්ස රජුගේ පටන් සිංහල බෞද්ධ රජ පෙලපතේ ඉතිහාසය මකාදමා සිංහලයාගේ අනන්‍යතාවය නැති කිරීම මෙහි අරමුණයි. මෙලොව පරලොව කිසිම වැදගැම්මක් නැති අගක් මුලක් නොදන්නා සුරංගනා කතාවක් වන රාවනා මිත්‍යා ප්‍රබන්ධය තනිකරම සම්පප්‍රලාපයකි. මිත්‍යාදෘෂ්ටික ආගම් වල මෙන් සුරංගනා කතා සමාජගත කර බුදුදහම අභාවයට යවන උපක්‍රමයකි. ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙන්නේ ධර්මයට මිත්‍යා කතා ආදේශ කිරීමෙන් බව බුදුන්වහන්සේ කලින්ම දේසනා කර ඇත. බුදුදහම නූගතුන්ට රාවණා කතාවල දඬුමොණරයත් අරුමයකි. ගෞතම බුදුසසුන පැවති කාලයේ හා කස්සප බුදුසසුන කාලයේද සැහැල්ලු දැවයෙන් ගුරුළන් වැනි ගුවන්යානා දහස් ගණන් සාදා ඒවායින් ගමන් කල අවස්ථා සඳහන්ය..(17.) බෝධිරාජ කුමාරයා විසින් දක්ෂ වඩු ශිල්පියෙක් ලවා කෝකනද නැමති ප්‍රාසාදය නිර්මාණය කලා. පසුව ඒ වඩු ශිල්පියා තවත් එවැනි ප්‍රසාදයන් හදනවාට අකමැති නිසා වඩු ශිල්පියාව ඝාතනය කිරීමට තීරනය කර වඩු ශිල්පියා පලායාම වැලැක්වීමට මුරකරුවන් දැම්මා. ඒ බව දැනගත් වඩු ශිල්පියා කෝකනද ප්‍රාසාදයේම උඩු මහල් කාමරයක සැහැල්ලු දැවයෙන් ගුරුලකුට සමාන ගුවන් යානයක් හැදුවා. පසුව ඔහුගේ පවුලේ අයත් එහි ගෙන්වාගෙන පවුල පිටින්ම ගුරුලු යානය පදවාගෙන හිමාල පෙදෙසට ගිහින් එහි නගරයක් තනා කට්ඨවාහන රාජු (දැවවාහනරජු) බවට පත්විය..(18.) අතීතයේ කස්සප සසුන කාලයේ දඹදිව දක්ෂ වඩු ශිල්පියෙකුට ගෝලයන් 16ක් සිටියා. එක ගෝලයෙකුට 1000 බැගින් අතවැසියො 16000ක් විය. මෙහි ප්‍රධාන වඩු ආචාර්යවරයා සැහැල්ලු දැවයෙන් කුරුල්ලෙකුට සමාන ගුවන් යානයක් හදා එහි නැගී පියාසර කර පෙන්නුවා. පසුව සියලු දෙනාම එවැනි දැව ගුවන් යානා හදාගෙන පවුල්වල අයත් සමග යානා 16017 කින් ආයුධ සන්නද්ධව හිමාලය දෙසට පියාසර කලා. ඔවුන් හිමාලයේ පිහිටි වෙනත් රටක රජ මාලිගාවට එකවර ගොඩබෑමෙන් පසුව ඒ රට අල්ලාගෙන හොඳින් පාලනය කලා. මේ බුදුසසුනේදී පරායන සූත්‍රදේසනාව ඇසූ බාවරී බ්‍රාහ්මණ ඇතුලු 16000කට අධික පිරිස ලෙස ඉපදී නිවන් අවබෝධ කලේ ඔවුන්ය..(සුත්තනිපාත, 5. පරායනවග්ග, අට්ඨකතා).(19.) මේ රටේ සිවිල් ජනයා දහස් ගණනක් නිකරුණේ ඝාතනය කරමින් ⁣ජනතා දේපල විනාශ කල ම්ලේච්ඡ ත්‍රස්තවාදී කල්ලිය වන ජේවීපී අලුගෝසුවන්ද මෙම සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රනයේ කොටස් කැරුවන්ය. බුදුදහම මාක්ස්වාදයට දෙවෙනි වන බව කියන පරගැති ජේවීපී වහලුන් සහ එවැනි ජාතිය පාවා දෙන පාදඩන්ව කුලියට ගෙන මෙම විජාතික කුමන්ත්‍රනය සිදුවේ. සිංහල බෞද්ධ ඉතිහාසය ලෝකයේ සාමාන්‍ය, අසාමාන්‍ය හා අද්භුත කරුණු වලින් යුක්තය. බුදුදහමේ හරය කොහොමත් ලෝකයේ පෙර නොඇසූ ධර්මයකි. බුදුදහම අහවල් සම්මතයට අනුකූල වියයුතු යයි ලෝකයාට කිව නොහැකි නමුත් බුදුදහම ලෝකයට යහපත පමණක් කරන එකම ධර්මය බව තේරුම්ගත යුතුය..(20.) සුදනන්ගේ පැහැදීම හා සංවේගය පිණිස ඉතිහාසය ගැන ලියන ලද මහාවංසයේ කිසිම අගතියක් සිදුවී නැත. මෙහිදී පාලි අටුවා කතා වල එකම සිද්ධිය තව තැනක තරමක් වෙනස්ව සඳහන් වන අවස්ථා ඇතත් මහාවංසයේ එවැනි දෝෂයන්ද නැති බව පෙනේ. බුදුදහම විෂය වන්නේ සද්ධාව නැමති බීජය හා සද්ධාව නැමති ධනය තිබෙන අයටය. සද්ධා බීජය හා ධනය නැති නම් ධර්මයෙන් දියුණුවක් හෝ පලක් නොවන අතර දිනපතාම කුසලයෙන් පිරිහීමට පත්වේ. ධර්මය තමන්ට දරාගත නොහැකි වන්නේ සහ අදහාගත නොහැකි වන්නේ සද්ධාවේ හා බුද්ධියේ ඌනතාවය නිසා බව තේරුම්ගත යුතුය.෴.http://sugathavinaya.blogspot.com/?m=1.ReplyDelete.Replies.wickramathilakaApril 13, 2020 at 9:05 PM.කපු කතාව???.Delete.Replies.Reply.Reply.wickramathilakaApril 13, 2020 at 9:03 PM.Etakota kuveni kapu ketuvaa kiyan eka boruda.ReplyDelete.Replies.Reply.Suzika ChameeraApril 28, 2020 at 8:31 AM.Harima apuru Diga herumak. Ma Uputa Ganimi Mema Lipiya 'Talk With Suzika' Youtube chanaya Wetha..ReplyDelete.Replies.Reply.UnknownMay 6, 2020 at 12:04 AM.Mokada une rawanata.ReplyDelete.Replies.Reply.UnknownMarch 30, 2022 at 3:45 PM.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download Now.>>>>> Download Full.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download LINK.>>>>> Download Now.සත් සමුදුර: රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana Was Real Or Myth? >>>>> Download Full.>>>>> Download LINK.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).▼ August (15).මෙම අධි බිනර පසලොස්වක පොහෝ දිනයේ ඔබට වටිනා දහම් කර....රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද?.රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or ....කතා ඇතුලේ තවත් කතාවක් ලිවීම - Writing thinsgs insi....කුරුමිණි අඩු ලොකු කර පෙන්වීම - Zooming Effect.බ්ලොග් පෝස්ට් එකක අකුරු අවශ්‍ය විට Blink වීමට සකසා....ලොකු ගල් දෙකක් වෙනුවෙන් රණ්ඩුවෙන ජපානය හා දකුණු කො....හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාද....19 වන සියවසේ විසූ චිත්‍රශිල්පීන් ඇමරිකානු ජන ජීවිත....ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනි....ඔබ බ්ලොග් එකේදී භාවිතා කරන අකුරු ලස්සන කර ගන්න කැම....මෙම දර්ශනීය පසුබිම් සේයාරූ ඉදිරියේදී ඔබට චිත්තරූප ....ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇද....ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර ද....ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්....► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: June 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Wednesday, June 27, 2012.ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - Amazing Places..මෙන්න ලස්සනම පින්තූර කිහිපයක් ලෝකයේ ලස්සන ස්ථාන කිහිපයක. පින්තූර බලන ගමන්ම ඒ ගැන කතා කරමු....පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය..ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි..ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි.ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි..නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද.සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.(මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි).මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි..මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය..මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ.නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති..සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති..උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි..මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ.චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි.කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි.බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි..ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි..ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි..රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි..දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි.බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර.ඉන්දියා සාගරයේ ලාමු දූපත.මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ..අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ..මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය..ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි..ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන.ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය.ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්).සැලකිය යුතුයි : මේ පින්තූර සහ එයට අදාල විස්තර මට ලැබුනේ විද්‍යුත් තැපෑලෙන්. ඉතින් මීට කලිනුත් කවුරුහරි බ්ලොග් එකක් මේ පින්තූර ඇසුරෙන් තනා තිබෙනවා නම් මෙය ‍කොපි කිරීමක් ලෙස ‍නොසලකන මෙන් ඉල්ලන අතර ඇසට ප්‍රිය පින්තූර එය ‍මෙතෙක් නොදුටු අය වෙනුවෙන් පළ කිරීමක් පමණක් බවද මෙමගින් සිදුකළෙමි....ලියුවේ සත්සමුදුර at 7:26 PM 32 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතාකරන රූප.Saturday, June 23, 2012.Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම.........ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිල‍යේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා. http://abonnow.hubpages.com/hub/bitsons සහ තවත් ඒ මෘදුකාංගයටම ආවේණික ගුණාංග මේ වෙබ් අඩවියේ තිබෙනවා- http://www.dritte.org/bitmate.html.ඒ ‍‍වගේම එය Download කර ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවියේම තිබුනත් මේ වෙබ් අඩවියට පිවිසීමෙන් වුවත් ලබා ගන්න පුළුවන් - http://bitmate.en.malavida.com/ ඔබත් මෙය අත්හදා බලා වෙනසක් තිබේදැයි බලන්න..දෙවනියට කියන්න යන මෘදුකාංගයත් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න හැකි එකක්. මේ මෘදුකාංගයේ නම තමයි Free Download Manager..වේගවත් වගේම සාර්ථක අවසානයක් ලබා දෙන මෙහි යම් හෙයකින් Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවත් ඒ වනවිට අප පරිගණකයට ලබාගෙන සිටින කොටසවත් නැරඹීමේ හැකියාව මෙයින් භාගත කර ගැනීමෙන් ලැබෙනවා. තවත් වාසියක් තමයි Torrent වුවත් මෙයින් භාගත කර ගැනීමට ඇති හැකියාව. ඒ වගේම Youtube සහ තවත් ප්‍රධාන පෙළේ Video නැරඹීමට දෙන වෙබ් අඩවිවල Video download කර ගැනීමේ අවස්ථාවත් මෙයින් ලබා දෙනවා..සාමාන්‍යයෙන් අද කාලයේ ජනප්‍රියම සහ හොදම Download Manager එකක් විදියට සලකන Internet Download Manager එකට වඩා මෙහි Download speed එක ටිකක් අඩු වූවත් එහි නැති වාසි කිහිපයක් මෙහි තිබෙනවා. ඒවා තමයි Internet Download Manager එක මුදල් ගෙවා Register කර ගැනීමට සිදුවීම, ඇතැම්විට අවසානය ඔන්න මෙන්න තබා තිබියදී ඇතැම් අඩවිවල ගොනු භාගත කරගැනීමේදී අත්හිටුවීම් සිදුවීම, මුලින් කී Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවහොත් එය ඒ දක්වා වත් නැරඹීමට නොහැකිවීම වගේ කාරණා වලදී Free Download Manager එක වාසි සහගතයි කියා කියන්න පුළුවන්. තව වාසි කිහිපයක්ම තිබෙනවා. කැමතිනම් ඔබත් ඒවා අත්විද බලන්න. මෙන්න Free Download Manager ලබා ගන්න පුළුවන් ස්ථානය - http://www.freedownloadmanager.org/download.htm.ලියුවේ සත්සමුදුර at 9:22 PM 11 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Tuesday, June 19, 2012.සිංහල බෞද්ධයිනි, ක‍තොලිකයිනි, මුස්ලිම් හා හින්දු භක්තිකයිනි මෙන්න සහෝදරත්වය ප්‍රායෝගිකව ‍පෙන්වීමට අවස්ථාවක්....පසුගිය ලිපිය දෙබරයට ගල් ගැසුව වගේ හතරවටින් චෝදනා, ප්‍රශංසා, නිද්දා, සහ මැදිහත් සිතින් ලබාදුන් අදහස් වලින් පිරුණ එකක් වුනා. මෙන්න ඒ ලිපියට වඩා හාත්පසින්ම වෙනස් සහ ඒ ලිපියේදී එකඟවූ සහ නොවූ මෙන්ම ඕනෑම ආගමක ජාතියක, ආගමක කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් පුන්‍ය කටයුත්තක්..මේ කටයුත්තේදී ඔබලා අතදෙන්නේ මේ රටේ අනාගතය ඉදිරි දිනයක භාර ගන්න ඉන්න කුඩා දරුවන් පිරිසකට. ඔබ මොන ආගමට අයත්වූවත් පොදුවේ අපි කාගේත් ආගම් වල උගන්වන සහෝදරත්වයේ අරුණළු පුබුදන්නට මේ දරුවන්ට පිහිටවීමත් හොද අවස්ථාවක් වේවි. මේ කුඩා දරුවන් මොන ආගමකට, ජාතිකට අයත් දැයි මා දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් දන්නවා ඒ තමයි දුෂ්කර පළාතක ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරන පවුල්වල අහිසංක දරුවන් පිරිසක් තමයි මේ. ඔවුන් තවම පෙර පාසල් යන දරුවන්. ඒත් ඔවුන් අකුරු කරන පෙර පාසල නම් කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට සහ ඔවුන්ට නිසි වාතාශ්‍රයක්වත් ලබා ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. මේ පෙරපාසල පවත්වාගෙන යන්නේ කුඩා කඩකාමරයක, පොත්පත් සහ අනෙකුත් දේවල් තබා ගන්න ඔවුනට ඩෙස් බංකු නොමැති නිසා උකුලේ සියල්ල තබාගෙන තමයි අකුරු ලියන්නත් වෙලා තියෙන්නේ..මේ පෙරපාසල හා අදාල දරුවන් සිටින පළාත ගැන කියනවා නම් එය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලහා පුපුරැස්ස කියන දුෂ්කර ගම්මානයේ. මේ පිළිබදව මා දැනුවත් කළේ හෙළ විජය තරුණ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින්. මා එම සංවිධානයේ සාමාජිකයෙකු හෝ වෙනයම් නිලයක් නොදරන්නෙකු වූවත් ‍එම සංවිධානයට උපකාරයක් ලෙස එහි බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට ආධාර කරන නිසා මටත් හිතුනා ඔබටත් මේ ගැන කියන්න. මොකද එම සංවිධානය මුල්වෙලා මේ කුඩා දරුවන්ගේ‍ හෙට දවස යම් ප්‍රමාණයකට හෝ සතුටු කරන්නට පෙර පාසල් ගොඩනැගිල්ලක් තනා දෙන්න පියවර ගනිමින් සිටිනවා. ඉතින් ඔබ දැන් කුමන ආගමකට අයිති වුනත්, ජාතියකට අයිති වුනත් ඒ සීමාමායිම් මොහොතකට හෝ අමතක කරන්න. බලන්න මේ දරුවන් දිහා. බලලා හදවතට එකඟව මේ පිළිබදව යම් හැගීමක් දැනේ නම් මම දෙන්නම් අදාල තොරතුරු සියල්ල දැන ගැනීමට එහි බ්ලොග් අඩවියේ ලිපිනය. එයට ගිහිල්ල මේ සියල්ල ගැන දැනුවත් වෙලා කැමති නම් යම් ආධාරයක් කරන්න..හෙළවිජය තරුණ සංවිධානය - http://helavijaya.blogspot.com/2012/06/blog-post_18.html.ස්තූතියි!.ලියුවේ සත්සමුදුර at 3:46 PM 9 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතුවර අදහස්.Sunday, June 17, 2012.මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands???.ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි..දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය..කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් ‍මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ ‍රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි..තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි..ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත..තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි..එසේම බොහෝ දෙනෙකුට මුස්ලිම් ජාතිකයන් වහකදුරුවීමට හේතුව ‍කුරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන කූඨ ලෙස අත්පත් කරගැනීමට උත්සහ දැරීමයි. ඒ ගැන නම් පැවසිය යුත්තේ යම් ජාතියකට හෝ ආගමකට අනාදිමත් කාලයක සිට උරුමව පවතින යම් සිද්ධස්ථානයක් කූඨ ලෙස තම ග්‍රහණයට නතුකර ගන්නට යන්නේ නම් අපක්‍ෂපාතී ලෙස නීතිමය ආකාරයට එම ගැටළුව විසදිය යුතු බවයි. මන්ද මෙවන් පටු උත්සහයන්ට ඉඩ දීමම මෙවැනි එකිනෙකා අතර දීර්ඝ කාලීන විරසකයන් හා සැකයෙන් බැලීමට හේතුවක් විය හැකි නිසයි..අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්‍ෂෙත්‍රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි..අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය..මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රා‍යලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය..අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි..ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි..අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය..ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්‍රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි..මුස්ලිම් අයගේ දේවල් ප්‍රති‍ක්‍ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත..මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි..අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි..කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ ‍හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය..මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය..ලියුවේ සත්සමුදුර at 8:56 PM 139 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතුවර අදහස්.Thursday, June 14, 2012.ඉපැරණි ලාංකික සමාජය පිළිබදව දැනගන්න....මේ සිංහලකම, දේශියත්වය ගැන වඩාත් කථාකරන කාල සමයකි. ගුවන් විදුලියෙන් ඇසෙන්නේත්, රූපවාහිණියෙන් පෙන්වන්නේත්, දේශපාලනය කරන උදවිය නිරතුරුවම කථා කරන්නේත් දේශියත්වය, අපේකම, සංස්කෘතිය යනාදී මෙරට දේවල් පිළිබදවයි. එහෙත් කියන්නන්, පෙන්වන්නන් විවිදාකාරදේ ගෙනහැර දැක්වූවත් ඒ ගැන නිවැරදිව නොදන්නේ නම් මේ කියන්නේ, පෙන්වන්නේ හරියාකාරවම අපේ දේ දැයි නොදැන ඔවුන් දෙන දේ ඒ සැටියෙන්ම පිළිගන්නට සිදුවේ..මෙවන් දේ පිළිබදව අපේ ඉතිහාසය පිළිබදව අත්පොත වන් මහාවංශයද ඇසුරු කරගනිමින් ලියූ පොතක් පිළිබදව අද ඔබව දැනුවත් කරන්නෙමි. මේ පොතේ නම ඉහත කී කාරණා සියල්ල එක්කොට හදුන්වාදිය හැකි එකක් වන අතර එය " මහාවංශය හා සිංහල ජනජීවිතය" නම් වේ..විජයසිරි වෙත්තමුනි මහතා විසින් ලියා ඇති මෙම පොතෙන් විජය රජුගේ කාලයේ පටන් ලංකාවේ සමාජ ජීවිතය, රාජ්‍ය පාලනය, ආගම, ජන ජීවිතය, වෛද්‍ය ශාස්ත්‍රය, කාන්තා සමාජය, අධ්‍යාපනය මෙන්ම අද ආන්දෝලනයකට තුඩු දී ඇති භික්‍ෂු දේශපාලනය එදා සකස් වී තිබූ අයුරුත් දැන ගැනීමට අවස්ථාව සලසා දී ඇත..මෙම පොතේ මිල රු.500/= කි. එහි ISBN අංකය : 955 - 95386 - 1 - 6..ලියුවේ සත්සමුදුර at 3:18 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පුස්තකාලය.Saturday, June 9, 2012.අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.මේ දවස් වල මට බ්ලොග් ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නේ. වැඩ කටයුතු වැඩිකම වගේම තව හේතු කිහිපයක් නිසා බ්ලොග් එකේ ලිපියක් ටික දවසකින් පළ නොවූවත් මෙන්න දැන් වෙනස්ම ආකාරයේ වැඩක් කරන්නයි යන්නේ. මේ ලිපියෙන් පෙන්වන්නේ අමුතුම ආකාරයේ ව්‍යාපාරික පත් එමෙත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනවා නම් Business cards කිහිපයක් හැබැයි වෙනදා පෙන්වන ආකාරයට නෙමේ වෙනස්ම ආකාරයකට. කාටහරි මේ දේවල් ගැන දැන ගැනීමේ උවමනාවෙන් විමසුවොත් ඒ දේවල් කර ගන්න හැටි ඉදිරි ලිපියකදී කියන්නම්. දැන් ඉතින් මේ රූප වල උඩට Mouse Pointer එක ගෙනිච්චම වෙනදේ බලන්න.ලියුවේ සත්සමුදුර at 8:11 PM 27 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතාකරන රූප, පරිගණක.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).▼ June (6).ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - ....Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද....සිංහල බෞද්ධයිනි, ක‍තොලිකයිනි, මුස්ලිම් හා හින්දු භ....මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්....ඉපැරණි ලාංකික සමාජය පිළිබදව දැනගන්න....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අ....► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Friday, January 13, 2012.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති අද මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඔව් අද තමයි සත් සමුදුරට හරියටම ලිපියක් ලියලා අවුරුද්දක් පිරෙන දිනය. ගිය අවුරුද්දේ, ඒකියන්නේ 2011 ජනවාරි 13 වැනිදා අහම්බෙන් වීඩියෝ සහ සංගීත ධාවක මෘදුකාංග ගැන ලියපු ලිපියකින් තමයි මේ ගමන ආරම්භකරේ. එදා නම් කොහොමවත් හිතුවේ නැහැ මෙතරම් දුරක් එන්නවත්, වෙනස් වෙනස් තේමාවන් ගැන ලිපි ලියන්නවත්..කොහොමවුනත් ටිකෙන් ටික ලිපි ලියවෙනකොට බහුලවම ඒ කාල‍යේ වගේම දැනුත් ලිපි ලියවෙන පරිගණක හා සම්බන්ධ ලිපි වලට වඩා වෙනස් මාතෘකා සහිතව මිසක් ඒ ක්‍ෂෙත්‍රයටම කොටුවුනොත් ‍මේ බ්ලොග් කෙරුවාවට වැඩි දුරක් යෑමට නොහැකිවන බව සිතටත් දැනුන නිසා ටිකක් අමාරුවුනත් විවිද මාතෘකා ගැන ලියූ ලිපි වලින් මේ කාර්යය ස්ථාවර තත්ත්වයකට පත්වූ බව රහසක් නොවේ..‍‍.වෙනදා වගේම අදත් කියන්නේ වසරක් ඇතුලත් ලඟාකරගත් සාර්ථකත්වයට විශාලම සහයක්වූයේ පාඨක මිතුරන් සියල්ලම බව මතක් කල යුතුයි. සැමදා සිටින මිතුරන් කිහිපදෙනෙකුම වගේම ලැබෙන සෑම අවස්ථාවෙම මේ බ්ලොග් අඩවිය කියවන්නට එන මිතුරන් හා තවත් මිතුරන් රැසක් මේ කරා යොමුකරනලද පාඨක මිතුරන් රැසකුත් සිටින බව ස්තූතිපූර්වකව මතක් කල යුතුයි..මෙහි පලවූ බ්ලොග් ලිපි පිළිබදව විවිදාකාරයේ අදහස් පලකරන මිතුරන් සිටියා. ඒ අතර සැමදා ප්‍රශංසා කරන මිතුරන් වගේම, ලිපිය අනුව හොදද? නරකද? යන්න සහ ලිපියේ නොලියවුන කරුණුද දැක්වූ තර්කානුකූලව විවේචනයේ යෙදුන අය හා තර්කයකින් තොරව නිර්නාමිකව විවේචනයේ යෙදුන අයද සිටියා. තවද කුණුහරුපයෙන් බැනවැදුන අයද නොසිටියාම නොවන අතර එවැනි අවස්ථාවන් අඩුවීම පිළිබදව ස්තූතියද පුදකල යුතුයි..මේ වසර තුල අතිදීර්ඝ ලිපිද සමගින් මේ කරන ලද කෙරුවාව සරල සහ සුමට කාර්යයක්ම වූයේ නැහැ. ඇතැම්විට දින ගණන් මහන්සිවෙලා ලියපු ලිපි ඉතාම අඩු පාඨක පිරිසක් කියවන අවස්ථාවල නම් මේ පිළිබදව මහන්සිවීමේ ප්‍රතිඵලයක් නොමැතිද? කියන හැගීම ආ බවත් පැවසිය යුතුමයි. ඒ එක්කම එතරම් මහන්සියකින් තොරව ලියන ලද ලිපි අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ විට විශ්මයට පත්වූ බවත් කිව යුතුමයි..වසරක් පිරෙන අද දිනය වන විට බලාපොරොත්තුවූවාටත් වඩා ඉදිරියට ගිය බව පැවසුවත් සපුරා ගන්නට සිටි එක් ඉලක්කයක් නම් සපුරා ගන්නට නොහැකිවූවා. ඒ තමයි බ්ලොග් ලිපි 250 කඩයිම පසුකරන්නට නොහැකිවීම. රාජකාරි හා පෞද්ගලිකව යෙදුන වැඩ රැසක් නිසා මේ ඉලක්කයට පිවිසෙන්නට නොහැකිවුවත් එය ඉදිරිකාලයේදී ඉටුකරගන්නට ලැබේයයි සිතනවා..සත් සමුදුර බ්ලොග්කරණයේ වගතුග මීට පෙරත් අපි විටින් විට කතා කර ඇති නිසා මේ මොහොතේ එතරම් දීර්ඝ වශයෙන් ඒ ගැන ලියන්නට නොයන අතර තවත් විවිද හා නවතාවයෙන් යුතු ලිපි සමග ඉදිරියේදිත් හමුවෙමු....ස්තූතියි!.ලියුවේ සත්සමුදුර at 11:31 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතුවර අදහස්.57 comments:.SabithJanuary 13, 2012 at 11:41 PM.සුභ පැතුම්...සැබැවින්ම මං අගය කරන හරවත් ‍අඩවියක්!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:08 PM.ස්තූතියි මිතුර, ඉදිරියේදීත් ඒ හරවත් බව සමග නවතම දේවල් ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි....Delete.Replies.Reply.Reply.AnonymousJanuary 14, 2012 at 12:27 AM.අපේ උණුසුම් සුභපැතුම්.... දිගටම ලියන්න.....ReplyDelete.Replies.Reply.සෙන්නාJanuary 14, 2012 at 12:35 AM.සුබ උපන්දිනයක් සත් සමුදුර !.මම මෙහෙම බ්ලොග් කියලා දෙයක් තියනවා කියලා දැනගත්තේ සත් සමුදුරෙන්. මම ඉස්සෙල්ලම බ්ලොග් එකක් කියෙව්වනම් ඒ සත් සමුදුර. ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාපු බ්ලොග් එකත් සත් සමුදුර.. එදා ඉඳලා අද වෙනකම් සත් සමුදුරෙන් උකහා ගත්තු දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒවට දිනේශ්ට කොහොම ස්තූති කරන්ඩද කියලා හිතා ගන්ඩ බෑ. දිනෙශ් බ්ලොග් එක කරන්ඩ, කරුනු හොයලා සාර ගර්භ ලිපි පලකරන්ඩ කෙතරම් මහන්සි වෙනවද කියලා මට හිතා ගත්තෑකි..ඒ හැම දේකටම නැවත වතාවක් දිනේශ්ට ස්තූතියි කියන ගමන්, මේ ගමන දිගටම යාමට යෝධ බල, යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරනවා !!.සත් සමුදුර දිනේවා !!!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:11 PM.ස්තූතියි මිතුර, ඔබට හැකි සෑම අවස්ථාවකම සත් සමුදුරට පැමිණෙනවා පමණක් නොවේ එයට අදහසුත් එක්කිරීම ගැන සැම දාම අගය කරමි. ඉදිරියේදිත් හැකි සෑම අවස්ථාවකම පැමිණෙන මෙන් මේ මොහොතේද ඉල්ලා සිටිනවා....Delete.Replies.Reply.Reply.පුංචි January 14, 2012 at 12:48 AM.සුභ පතනවා හදවතින්ම....ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:17 PM.ස්තූතියි මිතුරිය, සත් සමුදුර නැරඹීමට ඉදිරියේදිත් ඔබ පැමිනේ යයි අපේක්‍ෂා කරනවා....Delete.Replies.Reply.Reply.UnknownJanuary 14, 2012 at 1:11 AM.සුභ පැතුම් තව තවත් ඉදිරියට යන්න.....ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:23 PM.ස්තූතියි, ඉදිරියේදිත් හමුවෙමු....Delete.Replies.Reply.Reply.නදුන් උයනJanuary 14, 2012 at 2:45 AM.නිතරම ආවේ නැතත් ලිපි රැසක්ම කියවා තිබෙනවා.. වැදගත් ලිපි ලියන්නෙක් බව නම් ඉතා පැහැදිලියි.. සුභ පැතුම් පිලිගන්න.....ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:27 PM.ස්තූතියි! ඇත්තටම අපි කාටත් යෙදෙන වැඩකටයුතු සමග නිරතුරවම මේ වගේ කාර්යයක් යෙදෙනවා වගේම සහෝදර බ්ලොග් ලේඛකයන්ගේ ලිපි කියවන්නට ලැබෙන කාලයත් අඩුවෙන අවස්ථා තිබෙනවා....Delete.Replies.Reply.Reply.AnonymousJanuary 14, 2012 at 5:48 AM.සිංහල බ්ලොග් අවකාශයේ දැන් ‍රැල්ල යන්නෙ පුද්ගලික අත්දැකීම් සහ එකිනෙකා මඩ ගැසීම් ආදිය ලිවීමටයි. එහි වරදක් නෑ..නමුත් දිනේෂ් ඒ හැම අතරේ ඔබ උඩුගං බලා පිහිනන්නෙක්. සිංහලෙන් දැනුම සොයන්නන්ට සත් සමුදුර ඉතා වැදගත්!.ජයෙන් ජය!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:32 PM.ස්තූතියි! ඕනෑම ක්‍ෂෙත්‍රයක් විවිදාකාරවු‍වහොත් එහි විචිත්‍රත්වයක් තිබෙනවා. සෑම දෙයක්ම ශාස්ත්‍රීය වුවහොත් එය යම් දිනයක ඒකාකාරී වේවි. ජීවිතය තුලදී වුවත් එය අත්දකින්නට ලැබෙන දෙයක්. ඒ නිසා බ්ලොග්කරණයේදිත් මෙවැනි දේ අවශ්‍යයි. හැබැයි කාගෙවත් හිත නොරිදී දේවල් සිදුවීම හොදයි....Delete.Replies.Reply.Reply.කතන්දර KathandaraJanuary 14, 2012 at 6:49 AM./* ඇතැම්විට දින ගණන් මහන්සිවෙලා ලියපු ලිපි ඉතාම අඩු පාඨක පිරිසක් කියවන අවස්ථාවල නම් මේ පිළිබදව මහන්සිවීමේ ප්‍රතිඵලයක් නොමැතිද? කියන හැගීම ආ බවත් පැවසිය යුතුමයි. ඒ එක්කම එතරම් මහන්සියකින් තොරව ලියන ලද ලිපි අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ විට විශ්මයට පත්වූ බවත් කිව යුතුමයි. */.යථාර්තය දැන ගැනීමත් ලොකු දෙයක් නේ!.මගේ සුභ පැතුම්. දිගු කාලයක් බ්ලොග් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය කාලය, ශ්‍රමය සහ ධෛර්ය ලැබේවා යි ඉත සිතින් පතමි..ReplyDelete.Replies.සත්සමුදුරJanuary 14, 2012 at 7:38 PM.ස්තූතියි! ඔව් අපි ලියන සෑම දෙයක්ම කියවන්න කියල බලකරන්න බැහැ. ඒ වගේම එක් පාඨකයෙක් කැමති දෙයක් තවත් අයෙක් අකමැතිවෙන්නටත් පුළුවන්. හැකිතරම් කාලයක් මේ කාර්යයේ නියැලෙන්නට නම අදහස තිබෙනවා. කාලය කියන දේ තමයි මූලිකවම ගැටළුව....Delete.Replies.Reply.Reply.මහේෂ්January 14, 2012 at 7:01 AM.සිංහල බ්ලොග් පරිශ්‍රය පරිපුර්ණ ..තොරතුරු සහ දැනුම මුසුවූ බිමක් කරන්නට ඔබ ගත් වෙහෙස මම ඉහළීන් අගය කරමි ..වෙසෙසින් පොත් ගණනාවක ..අන්තර්ජාල පිටු ගණනාවක රසයේ සාරය එක් කරමින් අපිට පුරුදු අපේ භාෂාවෙන් ම අපි ළඟටම ගෙනත් දුන් ඔබට බොහොම පින් ..සත්සමුදුරෙන් අපි බොහෝ දේ උගත්තා මෙන්ම විටෙක “සොඳුරු රස වින්දනයක්“ ද ලබා ගන්නට අපිට හැකි වුනා ...ඔබේ වෙහෙස ..ඔබේ කාළය ..මිළ කළ නොහැකි සේවයක් කළ බව ..මිළ කළ නොහැකි රසයක් ...දහස් ගණනක් බ්ලොග් රසිකයන් වෙත දුන් බව ඔබට දැනෙන විට ඔබට දැනෙන සතුට ..මගේම ලෙසින් මමද විඳ ගනිමි., ඒ මමද සත්සමුදුරේ නිත්‍ය පාඨකයෙක් නිසාවෙන් ....ඔබට ..ඔබට මේ කටයුතු කරන්නට ඉඩ හසර ලබා දෙන ඔබේ පවුලේ සැමට පින් පුදමි ..දිරි පතමි .. - මම මහේෂ් ......ReplyDelete.Replies.සත්සමුදුරJanuary 15, 2012 at 10:18 PM.ස්තූතියි! තරහ වෙන්න එපා ප්‍රමාදය ගැන. වැඩරාජකාරීවලට මැදිවෙලා නිසා දැන් තමයි පරිගණකය ඉදිරි‍යට එන්න ලැබුනේ. ඔබ දැන් රටින් බැහැරව සිටියත්, යෙදෙන වැඩකටයුතු මධ‍්‍යයේ පවා මෙවන් අවස්ථාවකට එක්වීම ගැන නැවත වරක් ස්තූතියි පුදකරන අතරේ ඉදිරියේදිත් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි....Delete.Replies.Reply.Reply.උදාරJanuary 14, 2012 at 7:20 AM.හැමදාම වටිනා දෙයක් අප වෙත ගෙන ඒමට වෙර දරන ඔබට සදා ජය....තව චිරාත් කාලයක් මේ කටයුත්ත කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 8:33 AM.ස්තූතියි! කාර්යබහුලබව වැඩි නිසා ප්‍රමාද වූවාට අමනාප නොවන්න. ඒ නිසා තමයි පහුගිය බ්ලොග් කිහිපයේම කමෙන්ටුවලට පිළිතුරු ලිවීම හා නව ලිපි ලිවීමත් ඇන හිට තිබෙන්නේ. නැවත හමුවෙමු....Delete.Replies.Reply.සත්සමුදුරJanuary 16, 2012 at 8:57 AM.ඔබ සහ මම කලක සිට බලාපොරොත්තුවෙන් සිටින ලිපිය නො‍බෝ ‍දිනකින් ලියන්නට සිතා සිටින බවද මේ මොහොතේ පැවසීමට කැමැත්තෙමි....Delete.Replies.Reply.Reply.Praසන්னJanuary 14, 2012 at 8:58 AM.සුබ පැතුම් !.තව වසර ගණනාවක් අපව දැනුවත් කරන්න හැකියාව ලැබේවා !.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 8:46 AM.ස්තූතියි! ඉදිරිකාලයේදිත් වෙනස් වෙනස් දේවල් සමග හමුවෙමු.....Delete.Replies.Reply.Reply.``` Outsider```January 14, 2012 at 9:20 AM.මරුනෙ අවුරුද්දක්ම ගතවුණා. තවත් නැවුම් අදහස් සහ ලිපි සමග දීර්ඝ කාලයක් සත් සමුදුර සමග ඔබ ගමන් කරයි කියා සිතමි..සුබ පැතුම්!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 8:48 AM.ස්තූතියි! මේ කාර්යයේ මුල සිටම මා සමග රැදී සිටි අයෙකු ලෙස ඔබට නැවත වරක් ස්තූතිවන්තවෙමි. ඉදිරියේදිත් මේ කාර්යයට සහය දෙන මෙන් ඉල්ලමි....Delete.Replies.Reply.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !January 14, 2012 at 9:31 AM.දාන්න පහක් .......සුභ පැතුම් සාර්ථක ගමනකට.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 8:56 AM.ස්තූතියි! මේ ගමනට ඔබගෙන් ලද ශක්තියත් මේ මොහොතේ අගය කරමි. ඉදිරියේදිත් මා සමග රැදී සිටිනු යයි අපේක්‍ෂා කරමි....Delete.Replies.Reply.Reply.Rohana RanasingheJanuary 14, 2012 at 9:32 AM.වැඩි වැඩියෙන් ලියවේවා!!.ඔබගේ බ්ලොග් අඩවිය මම කැමතිම අඩවි වලින් එකක්. තව දුරටත් ලියන්න..ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 8:58 AM.ස්තූතියි! වෙනස් වෙනස් තේමාවන් සහිතව ඉදිරියේදිත් හමුවීමේ බලාපොරොත්තුව ඇතැතිව දැනට නවතිමි....Delete.Replies.Reply.Reply.චතුරංග පෙරේරා [චතූගේ කථා]January 14, 2012 at 10:28 AM.කලිනුත් කියලා තියෙනවා වගේ, සත් සමුදුර කියන්නේ මම බලන බ්ලොග් වලින් හොඳම ගවේෂණාත්මක බ්ලොග් අඩවිය කියලා කට පුරෝලා කියන්න පුළුවන්... හැබැයි අර කවුද කිව්වත් වගේ සත් සමුදුරට ලැබිලා තියෙන තැන මදියි කියලා මට හිතෙනවා. ඒත් හිතන්න එපා දිනේෂ් සහෝ... අද වගේම මතුවටත් මේ සත් සමුදුර බොහෝ දෙනෙක්ගේ දැනුම් පිපාසයට තොරතුරු සපයන තෝතැන්නක් වේවි... ඔබට ජය !!! වැඩි වැඩියෙන් ලිපි ලියන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:53 AM.ස්තූතියි! ඔබගේ ප්‍රාර්ථනයටද අනුව ඉදිරියේදිත් විවිද විවිද දේ ගැන ලිවීමට අපේක්‍ෂා කරමි....Delete.Replies.Reply.Reply.AnonymousJanuary 14, 2012 at 11:03 AM.මගෙනුත් ඔබට සුභ පැතුම්.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:53 AM.ස්තුතියි නම නැති මිතුර....Delete.Replies.Reply.Reply.ItalyDilanJanuary 14, 2012 at 11:50 AM.තවත් දිගු කලක් සත්සමුදුර පවතීවා කියලා පතනවා.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:54 AM.හැකි සෑම වෙලාවකම සත් සමුදුරට එන ඔබට මාගේ ස්තූතියි මේ අවස්ථාවෙදිත් පිරිනැමේ....Delete.Replies.Reply.Reply.AnonymousJanuary 14, 2012 at 11:52 AM.මම මේ බ්ලොග් එක කියවන්න අරන් වසරක් විතර වෙනවා. ඒ කියන්නේ මමත් මේක මුල ඉඳලාම බලපු කෙනෙක්. නමුත් ඔබට ප්‍රතිචාර දක්වන පලමු අවස්තාව. ඔබේ සත් සමුදුර බ්ලොග් අඩවිය ඉතාම ඉහලයි. මම මගේ දියනියටත් මෙය කියවන්න කියලා උපදෙස් දීලා තියනවා. මගේ සිත්ගත් ලිපි අතර ටජ්මහල, ලOකාවේ දුම් රිය ඇන්ජින්, තුන්ගස්කාවේ පිපිරීම, යුරෝපය අපට ඉහලින් ගිය හැටි වගේ ලිපි ප්‍රදානයි. මම මගේ යහලුවන් ගොඩ දෙනකුට ඔබේ සත්සමුදුර හඳුවාදී තියනවා. එයාලාත් මම වගේම දැනුම අරගෙනෙ නිශ්ශබ්දව ඉන්න අයද දනේනෑ. කොහොම උනත් අපි වගේ අය තවත් ඉන්නවා. මම විශ්වාස කරන විදිහට හොඳම දානය තමයි දැනුම ලබාදීම. එනිසා මෙය ඉදිරියටත් කරගෙන යන්න (ප්‍රතිචාර ලැබුනත් නැතත් ) මානසික තෘප්තිය අනිත් හැම සතුටකටම වඩා ඉහලයි. ඔබට ජය!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:55 AM.ස්තූතියි මිතුර, ඉදිරියේදිත් විවිද ‍ක්‍ෂෙත්‍ර පිළිබදව ලිවීමට සිතා සිටින අතර දිගටම ඔබත් රැදී සිටින්න....Delete.Replies.Reply.Reply.RaviJanuary 14, 2012 at 2:15 PM.සුබ පැතුම් දිනේශ්, සත් සමුදුරෙන් ඔබ කරන මෙහෙය විස්තර කරන්න වචන නැහැ ඇත්තටම මට, ඒ තරමට වැදගත් සහ දැනුම ලබාදෙන කරුණු රාශියක් ඔබෙ ලිපිවල හැමදාම අන්තර්ගතයි. ඔබ මෙහෙම මූලාශ්‍ර සහිතව ලිපි සම්පාදනය කිරීමට වෙන මහන්සිය මට හිතාගත්තෑකි.ප්‍රතිචාර අඩුයි කියල හිතට තැවුලක් ඇති වෙන එක නම් සාධාරණයි. ඒත් කරුණාකරල ඒ ගැන හිතන්නෙ නැතුව මේ අගනා මෙහෙය තව දුරටත් කරගෙන යන්න කියලයි මගේ හෘදයාංගම ඉල්ලීම.....ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:58 AM.ස්තූතියි මිතුර, මධ්‍යස්ථව හා හරවත් ලෙස විවිද සංවාදයන්හිදී ඔබගෙන් ලද සහය මෙන්ම ඉඩඇති අවස්ථාවලදී සත් සමුදුරට පැමිණ ලබාදෙන දිරිය මේ මොහොතේදිත් අගය කරමි....Delete.Replies.Reply.Reply.හිස් අහසJanuary 14, 2012 at 5:44 PM.සුබ පැතුම් සත් සමුදුර !!.පලමු ලිපියේ ඉඳන්ම ආසාවෙන් කියාවපු ගොඩක් කරුනු කාරනා දැන ඉගන ගත්තු මේ බ්ලොග් අඩවියට . අපිත් සුබ පැතුවේ හදවතින්මයි.තව ලියන්ඩ දිනේශ් ...ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 9:58 AM.ස්තූතියි! ඉදිරි‍ කාලයේදිත් විවිද කරුණු ගැන ඔබට දැන ගැනීමට සත් සමුදර කැපවී සිටින බව මේ මොහොතේද පවසමි....Delete.Replies.Reply.Reply.ශ්‍රීJanuary 14, 2012 at 10:54 PM.සත් සමුදුරට සුභ පැතුම් එක්ක දිනේශ්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!!!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 10:00 AM.ස්තූතියි ගීතක මිතුර, ඔබගෙන් ලද සහයද අගය කරමි....Delete.Replies.Reply.Reply.නාකියාJanuary 14, 2012 at 11:01 PM.මාත් නොදන්න බොහෝ දේවල් මගේ දැනුමට එකතු කර ගත්තා ඔබ නිසා.ඒ පිළිබදව ඔබට බෙහෙවින්ම තුති දිනේශ්..හුගක් මිනිස්සුන්ට ප්‍රයොජනවත් බ්ලොග් එකක් තමයි මේ.ඒගැන ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් කියලා මම හිතනවා..ඒ වගේම දිගටම ඔයා ලියයි කියලා බලාපොරොත්තු වෙනවා..මගෙනුත් අවංක සුභ පැතුම්..!!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 10:01 AM.ස්තූතියි! මේ කාර්යයෙන් ‍යම් සේවයක් ඉ‍ටුවී ඇත්නම් එය මගේද සතුටට කරුණකි....Delete.Replies.Reply.Reply.රාවනාJanuary 15, 2012 at 1:48 PM.සුබ උපන්දිනයක් පතනව.මම කෑමතියි බර්මියුඩා ත්‍රිකෝනය ගෑන දෑනගන්න.පුලුවන්නම් ඒ ගෑන ලියන්නකො..ReplyDelete.Replies.AnonymousJanuary 15, 2012 at 7:02 PM.ඕක බ්ලොග් අවකාසෙ එපාවෙන්න කතාකරපු මාතෘකාවක්..පොඩි සෝදිසියක් දැම්මොත් ඔය ගැන ලියවුනු ගොඩක් ලිපි හොයාගන්න පුලුවන්........Delete.Replies.Reply.Buddhi January 15, 2012 at 9:18 PM.මේ ගැන මල් කැකුලු බ්ලොග් අඩවියේ දිර්ඝ ලිපියක් තියෙනවා. ලෝකයේ සැගවුනු අබිරහස් කියන ලේබල් එක යටතේ..Delete.Replies.Reply.සත්සමුදුරJanuary 16, 2012 at 8:35 AM.ස්තූතියි! මම හිතන්නේ මේ ගැන තව බොහෝ දෙනෙක් ලියා ඇති. කොහොමවුනත් මේ ගැන සොයා බලා අළුතින් යමක් ලියන්නට තිබුනොත් අනිවාර්යයයෙනම් ඒ ගැනත් ලියන්නම්....Delete.Replies.Reply.සත්සමුදුරJanuary 16, 2012 at 8:41 AM.මට දැන් හමුවුනා ඔබ බලාපොරොත්තුවෙන් සිටි විශය ගැන ලියූ හොද ලිපියක්ත මෙන්න මෙතන ඒක තිබෙනවා...http://epola.blogspot.com/2011/11/world-mysteries-2.html.Delete.Replies.Reply.Reply.Buddhi January 15, 2012 at 9:24 PM.එක මාතෘකාවක් ගැන විවිධ තැන්වල විසිරී තියෙන තොරතුරු එක තැනකින් ලේසියෙන් බලාගන්න ඉදිරිපත් කරන්න වෙන මහන්සිය දැනෙනවා. අලුත් තොරතුරු, ලෝකයේ නොවිසදුනු අබිරහස්, ඉතිහාසය ගැන දැනගන්න මම හරිම කැමතියි. හැබැයි ඒවා ගැන හොයන්න වෙලාව අඩුයි. එහෙම බලද්දි සත් සමුදුරත් එක්කලා මගේ බැඳිම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ..සුබ පැතුම් දිනේෂ්!.ReplyDelete.Replies.සත්සමුදුරJanuary 16, 2012 at 10:05 AM.ස්තූතියි බුද්ධි, සෑම අවස්ථාවකම සත් සමුදුර සමග බැදී සිටින ඔබ ගැන මේ මොහොතේද ස්තූතියි පිරිනමමි. ඉදිරිකාලයේදිත් ඔබ ප්‍රිය කරන ලිපි රැසක් මෙම බ්ලොග් අඩවියේ තිබෙනු ඔබට දැකගත හැකි බව විශ්වාසයෙන්ම පවසමි....Delete.Replies.Reply.Reply.NelsonJanuary 16, 2012 at 7:49 AM.Suba upan dinayak "Sath Samudura" ewagema Dineshtath deergau wewa kiyala parthana karanawa.Nodanna karunu godaak danaganna labenawa godaak pin.mama danne naha sinhalen type karanne kohomada kiyala puluwannam kauru hari kiyala denna.ReplyDelete.Replies.Reply.සත්සමුදුරJanuary 16, 2012 at 10:08 AM.ස්තූතියි මිතුර, සිංහලෙන් නොමැතිවූවත් ඔබට හැකි අයුරින් මේ අවස්ථාවට සහභාගීවීම ගැන මාගේ හදපිරි ස්තූතියි පිරිනමන අතර සිංහල යුනිකෝඩ් භාවිතා කර සිංහල ටයිප් කිරිමට ඉගන ගැනීමට හැකිය. කරුණාකර www.siyabas.lk/sinhala_how_to_install.html අඩවියට පිවිස ඔබගේ කාර්යයට සහයවනු ඇත්දැයි බලන්න. නැතිනම් කරුණාකර මාගේ විද්‍යුත් ලිපිනය හා සම්බන්ද වන්න....ReplyDelete.Replies.Reply.AnonymousJanuary 16, 2012 at 2:58 PM.සත් සමුදුරට හද පිරි සුභ පැතුම්... හැමදාම comment එකක් දාන්න බැරි උනත් හැම ලිපියක්ම කියවනවා. නවවසරෙදීත් අර්ථවත් ලිපි රැසක් ගෙන ඒමට ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා..ReplyDelete.Replies.Reply.සේනකJanuary 17, 2012 at 10:29 AM.ඔබට සුබ පැතුම් දීපාල්,.තව තවත් අනර්ඝ ලිපි වලින් ඔබේ "සත සමුදුර" දීප්තිමත් වෙවා!..ReplyDelete.Replies.Reply.PisakkaatuwaJanuary 17, 2012 at 11:01 AM.සත් සමුදුර පළමු උපන්දිනයට සුභපැතුම්! අන්තර්ජාලයට ටිකදවසකින් එන්න බැරිවුන නිසා අදයි මේ පොස්ට් එක දැක්කේ. සමුදුර පත්තරය සර්ච් කරන කොට අහම්බෙන් තමයි සත් සමුදුර දැක්කේ. සිංහල බ්ලොග් පිළිබඳව දැනගත්තෙත්, මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක වුනෙත් සත් සමුදුර. සත් සමුදුරේ පලවුන ඒවායින් 90% ක් පමණ ගොඩක් කාලය වැයකරලා ලියපු ලොකු වටිනාකමක් තියන වැදගත් ලිපි. කාලයත් එක්ක මහා සටනක් කරන මේ වගේ කලෙක බ්ලොග් ලිපි වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන එක ගැන දිනේෂ් ට ගොඩක් ස්තුතියි. ලිපි 250 ක් බැරිවුනාට කමක්නැ ඉඳල හිටලා හරි වෙනද වගේම වටිනා ලිපි ලියන්න. ඒකයි සත් සමුදුරේ වටිනාකම. දිනේෂ්ටත්, සත් සමුදුරටත් ජය!.ReplyDelete.Replies.Reply.yanmaneeeMarch 27, 2020 at 11:17 PM.bape hoodie.ferragamo sale.michael kors outlet.yeezy.kyrie irving shoes.off white x nike.yeezy boost 350 v2.lebron 17.longchamp outlet.yeezy shoes.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).▼ January (10).මාෆියාව පදනම් කරගත් සිනමාව ජනප්‍රිය වී ඇත්තේ ඇයි? - 2.මාෆියා හා පාතාල ලෝකය යනු එකක්ද? දෙකක්ද? - (Mafia a....පැනයන සිරකරුවන් දෙදෙනෙක්...රියදුරෙකු නොමැතිව අධි ව....සුපිරි නළුවන් රඟපෑ වැම්පයර් චිත්‍රපටි - Vampire Mo....ලන්ඩන් පුරවරයේ අසිරිය හා අවලස්සන.London පුරව‍රයේ එදා සහ අද දු‍ටු නොදුටු දසුන් - 1.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අමුතු උපකරණ හා වෙළඳ දැන්වීම් - Strange Products & Ads.මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්....ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැත....► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Tuesday, February 5, 2013.නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද රටවල ජීවත්වූවන්ට කෙසේ බලපෑමක් ඇති කරන්නේද යන්න හොදට දැනෙනු ඇතැයි සිතුනා. මේ චිත්‍රපටිය තමයි Django Unchaine..ගියවසරේ එනම් 2012 වසරේදී තිරගතවූ මෙම චිත්‍රපටිය පසුබිම් කරගෙන ඇත්තේ ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹීමට වසර දෙකකට පෙරාතුව එරට ව්‍යාපතව තිබූ ඇමරිකානු කළු වහල් වෙළදාමේ අමිහිරි මතකයයි. වහළුන්, වහලියන් තමන්ගේ චංචල දේපලක් ලෙස සැලකූ සුදු ජාතික හාම්පුතුන් ඔවුන්ව මරා දැමුවද නීතියෙන් ඔවුන්ට දඩුවම්‍ නොපැනවුන අතර සුළු වරදකට පවා කසපහර ලැබීමට හෝ තම හාම්පුතාගේ අභිමතයට ලක්වීම හැරෙන්නට වෙනයහ් ප්‍රතිරෝදයක් එල්ල කිරීමට කළු වහලුන්ට නොහැකිවූ බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ..ඔස්කාර් සම්මාන පහකට පවා නිර්දේශ වූ මෙම දිගු චිත්‍රපටියෙන් එකළ වහල් වෙළදාම, වහළුන් විදි වද වේදනා ආදිය පිළිබදව යම්තාක් දුරකට අපට දැක ගැනීමට හා සංවේදී ලෙස ඒ පිළිබදව කල්පනා කිරීමට අවස්ථාව ලබා දෙන බව පැවසිය යුතුයි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් ලෙස ඔස්කාර් සම්මානලාභී Jamie Foxx සහ තවත් ඔස්කාර් සම්මානලාභීයෙකු වන Christoph Waltz රඟපාන අතර අපට හුරු පුරුදු කිහිපවිටක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත වූ Leonardo DiCaprio සහ Samuel L. Jackson දුෂ්ඨයන්ගේ භූමිකාවට පණ පොවනවා..අධ්‍යක්‍ෂනයද ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්‍ෂකවරයෙකු වන Quentin Tarantino විසින් සිදුකර තිබෙන අතර ඔහු ඔස්කාර් සම්මානයට පාත්‍රවූ Pulp Fiction චිත්‍රපටියේද අධ්‍යක්‍ෂකවරයායි. එ‍සේම මේ චිත්‍රපටි ද්විත්වයේම කතාව ලිවීමේ ගරුත්වයද ඔහුට හිමිවනවා..මෙය බලන්නට වටින චිත්‍රපටියක් ඒ බව පවසන අතරේම මෙයට වඩා වෙනස් තේමාවක් ඇතත් මිනිසුන් තුලට පැටවෙන පීඩනh, යුද්ධයේ කටුක අමිහිරබව, ප්‍රියයන් ඇස්පනාපිට අහිමිවීම, වේදනාව අපට දැනෙනා අයුරින් නිපදවූ ‍දැන් වසර විසිහයක් පැරණි චිත්‍රපටියක් පිළිබදව සහ එහි අධ්‍යක්‍ෂකවරයා පිළිබදව කෙටියෙන් යමක් පවසා මෙම ලිපිය අවසන් කරන්නට සිතුවා. මෙම චිත්‍රපටිය තමයි 1987 දී තිරගතවූ Full Metal Jacket...වියට්නාම යුද සමය පසුබිම්කරගෙන තැනූ මෙම චිත්‍රපටියේදී ජයග්‍රාහකයා පරාජිතයා පිළිබදව කතාවක් නොව මිනිසුන් තමන් තුලම හිරවී සිටිනා ආකාරය පෙන්වන චිත්‍රපටියක් ලෙස දැක්විය හැකියි. ඔස්කාර් සම්මානයක් සදහාද නිර්දේශිත වූ මෙම සිනමා නිර්මාණය දැන් වියෝවී සිටින ප්‍රතිභාපූර්ණ දක්‍ෂ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්‍ෂකවරයෙකු වන Stanley Kubrik අතිනුයි..1951 සිට 1999 දක්වා ඔහු මිය යනතෙක් ඔහු අතින් බිහිවූ සිනමා නිර්මාණ ප්‍රමාණය නම් අතලොස්සක් වන අතර මුළු සිනමා නිර්මාණ (වාර්තාමය චිත්‍රපටියද සහිතව) 16 ක් වේ. එයින්ද පහලොස්වන සිනමා නිර්මණය මෙය වන අතර මෙයින් පසුව වසර 12 කට පසුව තැනූ Eyes wide shut ඔහුගේ අවසාන නිර්මාණයද වනවා..මා නරඹා ඇති ඔහුගේ අනෙකුත් චිත්‍රපටිවන 2001: a Space Odyssey හැරුන කොට.A Clockwork Orange,.The Shinning,.Eyes wide shut.යන චිත්‍රපටි සියල්ලම අමුතුම ආකාරයේ චිත්‍රපටි කිහිපයක් බව නම් කිව යුතුමයි. ඒවා සාමාන්‍යයෙන් අප දකිනා චිත්‍රපටිවලට වඩා මිනිස් සිත පිළිබදව ගැඹුරින් නිරාවරණය කරනා නිර්මාණ බවයි මගේ හැගීම..ලියුවේ සත්සමුදුර at 10:10 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: සිනමාව.7 comments:.CHINTHAKA TIKIRIBANDARAFebruary 5, 2013 at 12:48 PM.ඬි'ජැන්ගෝ මමත් මෑතකදී බලපු වෙනස් තාලේ චිත්‍රපටයක්. ඒ වගේම එහි පසුබිම් සංගීතය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. චිතරපටියේ සමස්ත ධාවනකාලය පුරාම කම්මැලිකම ක් නෙතිව බලන් ඉන්න පුළුවන් වුණත් ප්‍රබල කතාවසතුවක් නම් චිත්‍රපටයේ නැහැ. අවස්ථා සම්බන්ධතා දුර්වලයි..ReplyDelete.Replies.සත්සමුදුරFebruary 6, 2013 at 9:34 AM.මගේ මතය අනුව ලෝකයේ මේ දක්වා නිපවපු කිසිම චිත්‍රපටියක් සෑම අංශයකින්ම අංගසම්පූර්ණ නැහැ. ඒක සමහර විට අධ්‍යක්‍ෂක නොදැනුවත්ව හෝ සමහර විට කාලරාමුව ඔස්සේ චිත්‍රපටිය නිමාකරන්නට දැනුවත්ව හෝ සිදුවන දෙයක්. ඒ නිසා තමයි සමහර චිත්‍රපටි ආරම්භය මැද හොද වුනාට අවසානය ගන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් Western Cowboy චිත්‍රපටියක තේමාව හා කතාවට ගත්විට සමහරක මුල මැද අග නැහැ වගේ තිබෙනවා. කතාවත් මොකක් කියනවාද කියා තෝර ගන්න බැහැ. Eastwood ගේ ප්‍රධානම ගොපළු චිත්‍රපටි ත්‍රිත්වයේ වුනත් ඒ ගතිය තිබෙනවා. එහෙත් ගොපළු චිත්‍රපටිවලට වගේම ඔහු තුල තිබෙන පිරිමි පෞරුශය නිසා අපිට ඒ අඩුපාඩුව එතරම් දැනෙන්නේ නැහැ. ඒ අතින් ගත්තහම මේ චිත්‍රපටියේ ඔබ කියනා ඍන ලක්‍ෂන අඩුබවයි මගේ හැගීම. එකම දේ මේ චිත්‍රපටි හොද අවධානයෙන් බලන්න ඕන. එහෙම නැතිවුනොත් නම් ඔබ කියනා ආකාරයට අවස්ථා සම්බන්ධතාවය අඩුයි වගේම ප්‍රභල කතාවක් නැතිවුනා වගේ පෙනේවි....Delete.Replies.Reply.Reply.අමිලFebruary 5, 2013 at 3:11 PM.මේක මම කොහෙන් හරි කියවපු කතාවක්..“සුද්දා වරද්ද ගත්තේ ඔය කළු එවුන් වහල්ලු හැටියට උන්ගේ රටට ගෙනල්ල. මොකද සුද්දා වැඩට ගියාම සුද්දියො ඔය ගෙනාපු වහල්ලු එක්ක නිදියල තමයි ඔය ඇමරිකාවේ දැන් ඉන්න කළු ජාතික පරම්පරාව හැදිල ඉන්නේ.“.ReplyDelete.Replies.සත්සමුදුරFebruary 6, 2013 at 9:35 AM.මම නම් අහලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත සුදු ජාතික පිරිමින්ගේ කෙලිබඩු වුන කළු වහල්ල ලදුන්ට ලැබුන දරුවන් තමයි අප්‍රිකානු කළු ජාතීන්ට වඩා සෞම්‍ය ලක්‍ෂන සහිතව ඇමරිකාවේ සිටන්නේ....Delete.Replies.Reply.අමිලFebruary 6, 2013 at 3:12 PM.ඔව් එහෙමත් වෙන්න පුළුවන්. දැනුයි ජැන්ගෝ බලල ඉවර වුනේ. හොඳ චිත්තර පටියක්. ස්තූතියි දැනුවත් කළාට..Delete.Replies.Reply.Reply.කේ.යූ.ජී. උදාරFebruary 5, 2013 at 4:56 PM.කුබ්රික්ගේ සිනමාපට නැරඹීම ම දිනේෂ්ගේ රහ ඉහළ මට්ටමක තියෙන බවට දෙන හොඳ ඉඟියක්.බර්ග්මාන්,කිසලොව්ස්කි,හිච්කොක් ආදීන් ගැනත් පුළුවන් නම් සටහනක් තියමු..උඩින් ම කියල තියෙන 2012 ෆිල්ම් එක මාත් බලන්න හිතාගෙනයි ඉන්නේ. කොහොමවුණත් ෆිල්ම් එක හදපු මහත්තය කිව්වෙ නම් එයා ඔය ෆිල්ම් එකෙන් පස්සෙ සිනමාවෙන් සමුගන්න බවයි. එහෙම වුණොත් අපිට තවත් විශිෂ්ටයෙක් අහිමි වන බව නම් නිසැකයි..ReplyDelete.Replies.සත්සමුදුරFebruary 6, 2013 at 9:39 AM.සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් බලන්නේ ඇගට දැනෙනවා නම් විතරයි. ඉන්පසුව තමයි මම බොහෝවිට අධ්‍යත්‍ෂකවරයා සහ අනෙකුත් පාර්ශව ගැන සොයන්නේ (හැබැයි ඒ තියරිය ස්පිල්බර්ග් සහ කැමරන්ට සහ තවත් නමගිය නිර්මාණකරුවන්ට අදාල නැහැ. බොහෝවිට ඔවුන්ගේ චිත්‍රපටි බලන්නේ ඔවුන් නිසාමයි). ඉතින් බොහෝවිට මගේ රසයට ගැලපෙන්නෙත් ටිකක් නම්දරාපු අධ්‍යක්‍ෂකවරුන්ගේ චිත්‍රපටි තමයි.....Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).▼ 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).▼ February (7).ඇමරිකානු ඉංග්‍රීසි පාඩම - අංක.08.දුර්ලභ බෞද්ධ කරුණු රැසක් අන්තර්ගත පොත් දෙකක් සම්බන....විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහ....අමතක වූ දේශය - The Land That Time Forgot.350 වන බ්ලොග් ලිපිය සමගින් ලෝකයේ ඔබ මෙතෙක් නොදුටු ....ඇමරිකානු ඉංග්‍රීසි - පාඩම් අංක 7.නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි....► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: July 2012.සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Saturday, July 28, 2012.5s හෝ Feng-Shui වලින් තොරව අපේම කියා ඵලදායිතා සැලැස්මක් සාදා ගත නොහැකිද?.මේ ලිපිය ලියන්නට සිතුනේ පසුගිය දිනක නරඹන්නට ලැබුන National Geographic Mega factories වැඩසටහන් මාලාව යටතේ නිර්මාණය කරන ලද TATA Nano මෝටර් රථය නිෂ්පාදනය හා එම TATA ආයතනය පිළිබදව වැඩසටහන දුටු පසුයි..කුමක්ද මේ වැඩසට‍හනේදී දුටු විශේෂිත කරුණ?.නිශ්චිතවම කියනවා නම් එම වැඩසටහනේදී දැක්වුන නවක කාර්මිකයන් එම ආයතනය විසින් පුහුණු කිරීමේදී මෝටර් කාර්මික අධ්‍යාපනයට අමතරව භාවනා හා තවත් අධ්‍යාත්මික හරයන් වර්ධනය වන පුහුණුවක්ද ලබාදීමයි. තරගාකාරී වාණිජ සමාගමක් සහ ඉන්දියාවේ තෙවන විශාලතම සමාගම ලෙස පවා සැලකෙන මෙම සමාගම මෙවැනි පුහුණුවක්ද ලබාදීමට හේතුවක් ලෙස සලකනුයේ ඔහු හොද මිනිසෙකු නොවේ නම් ඔහුට හොද රථයක් තැනීමද කළ නොහැකි බවයි බවයි (He can't build a better car, without also becoming better Human being)..ඉන්දියානුවන්ගේ මෙම සංකල්පය සත්‍යයකි.යමෙකු හොද වෘත්තිකයෙකු හෝ අති දක්‍ෂයෙකු විය හැකි වුවත් ඔහු සතුව කරුණාව, අවංකකම, අනන්‍යන්ට ගරු කිරීම ආදී ‍යහපත් ගුණාංග නොවේ නම් එම පුද්ගලයාගේ පැවැත්ම දීර්ඝකාලීන නොවේ. ‍බො‍හෝවිට අපට හමුවන දක්‍ෂයන් හෝ නිපුණතාවය ඇති අය සතුව මනා ශිල්පීය දැනුම ඇතත් අනෙකුත් ගුණාංග වල හීනතාවයන් හේතුකොට ගෙන ඇතැම් විට එම ක්‍ෂෙත්‍රයේ හැකියාව ඇති වෙනත් කාර්මිකයකු සිටියහොත් ඔහුගේ සේවය ලබාගන්නවා මිස පෙරකී පුද්ගලයන් හැකි නම් දුරස්කිරීම බොහෝවිට දැකිය හැකි කරුණකි. ආයතනික මට්ටමෙන්ද මෙ‍වැනි දේවල් බොහෝවිට සිදුවන අතර සමහර විට තමන් දක්‍ෂයන් යයි ඔළුව උදුමවා ගෙන යහපත් ගති පැවතුම් ඈත්කොට සිටින පුද්ගලයන් වෙතින් අන්‍යයන්ට සිදුවන බාධාද බොහෝය..මෙවන් මනුශ්‍ය දුර්වලතාවයන් අඩුකර ගැනීමට ඉන්දියානුවන් භාවිතා කරන වෘත්තිය පුහුණුවේදී භාවනාව සහ අනෙකුත් හරපද්දතීන් වර්ධනය කර ගැනීම උදෙසා වූ පුහුණු සැසියන්ද මහගු පිටුවහලකි. එහෙත් ඉන්දියාවෙන් ලැබෙන බොහෝ දේ වැලදගන්නා මෙරට සමාජය මෙවන් වූ වැදගත් කමක් ඇති දේවල් අප රටේ ඇති පුහුණු පාඨමාලා සදහා යොදා ගන්නවාදැයි මා නම් නොදනී. ඇතැම් විට ආයතන කිහිපයක් හෝ මෙවන් ක්‍රමවේදයන් භාවිතා කරනු ඇතැයි අනුමාන කරන අතර ඒ තුලින් නිපුණතාවය ඇති වෘත්තිකයන් බිහිකිරීම මෙන්ම "මිනිස් ගතිගුන" ඇති මිනිසුන් බිහිකිරීම තුලින් ආර්ථික ඵලදායිතාව මෙන්ම අනාගතයේ යන්ත්‍ර වැනි මිනිසුන්ට වඩා මිනිස්කම හදුනන මිනිසුන් බිහිකිරීමද තම යුතුකමක් සේම සත්කාර්යයක් ඉටුකළ ලෙස ස්තූතිවන්ත විය හැකිය..5s කෝකටත් තෛලයද?.80 දශකයේදී ජපානයෙන් බිහිවූ එස් 5 නැතහොත් 5s සංකල්පය ලංකාවේදීද පසුගිය කාලවකවානුව පුරා කතා බහට ලක්වුනි. මෙම සංකල්පය ජපානයේ ක්‍රියාත්මක වූ පසු වඩාත් ජනප්‍රිය වූවත් පසුගිය සියවස් කිහිපයක සිටම ලෝකයේ බො‍හෝ රටවල මීට වඩා වෙනස් නම් වලින් යම් යම් වෙනස් කම් ඇතිව භාවිතයට ගත් බවද පැවසේ..කෙසේවෙතත් දෙවන ලෝක යුද්දයට පෙර හා යුද්දයේදී කුරිරුම අත්දැකීමකට පවා මුහුණ දුන් පසුත් දැවැන්ත ශක්තියකින් නැගී සිටි "ජපනා හපනා" ලෙස මිනිසුන් අතර පිළිගැනීමට ලක්වීමත් ජපානයේ මෙම සංකල්පය වඩාත් සුමට හා ජනප්‍රිය ලෙස යොදා ගැනුන නිසාත් ජපානය ආදර්ශයට ගැනීමට ගිය බොහෝ රටවල්ද මෙම එස් 5 ක්‍රමයට නැඹුරු වීමට එක් හේතුවක් වන්නට ඇත්තේ "ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙයි" යන න්‍යාඥයද අනුගමනය කර විය යුතුයි..වි‍ශේෂයෙන් ආසියාවේ පළමු කාර්මිකරණයට ලක්වූ රට ලෙස මෙන්ම අභිමානවත් සංස්කෘතික සමාජ වටපිටාවක් ඇති ජපානයේ විචිත්‍රවත් බව ඔවුන් අදහන ෂින්ටෝ දහමෙන් පවා ලැබුනි. එසේම ඉන්දියාවටත් වඩා බමුණුකරනයට ලක්වී ඇද්දැයි සිතෙන ගතානුගතික සිතුම් පැතුම් ඇති ලංකාවට වඩා ජපානයේ ඇති නිදහස මානසික වටපිටාව කාර්යශූරමෙන්ම කලාත්මක ගතිපැවතුම් ඇති ජපන් වැසියාට අමුතු බලහත්කාරකමකින් 5s කාවද්දන්ට හේතු නොවෙන්නටත් ඇති බව සත්‍යයකි..එහෙත් විවිද හේතුමත කළමනාකරණය දුර්වල වන ලාංකික ආයතන වලට සිය බිදවැටීම වලකා ගැනීමට 5s ක්‍රමය මත එල්ලුන පමනින් අපේක්‍ෂිත අරමුණ ඉටුකරගන්නට හැකිවුනිදැයි සැක සහිතය. පෞද්ගලික ආයතන තුලදී නම් සිය ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කාර්යක්‍ෂමතාව හා පිළිවෙලකට වැඩ කිරීම මෙන්ම කළමණාකාරීත්වයට සිය සේවයකයන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලකට නැඹුරු කළ හැකිවූවත් අමුතුවෙන් පැහැදිලි කිරීමක් අනවශ්‍ය රාජ්‍ය ආයතනවලටත් මෙම ක්‍රමය ඇබ්බැහිකරන්නට යාමෙන් සිදුවූ දෙයක් වුනිදැයි ගැටළුවකි. විශේෂයෙන් ආදර්ශ ලෙස ඇතැම් ආයතන මෙම ක්‍රමය අනුගමනය කරන බව අපට පවා ඇතැම් වැඩමුළුවලදී Slideshow ආධාරයෙන් පෙන්වා මෙම එස් 5 ක්‍රමයේ විශිෂ්ඨත්වය ඒ වෙනුවෙන් ගෙන්වන සම්පත් දායකයන් පෙන්වූවත් ඒවා ක්‍රියාත්මක වූ බවක් නම් දැක නැත. එසේම ප්‍රාදේශීය සභා වැනි රාජ්‍ය ආයතන වල ‍මෙම ක්‍රමය අනුගමනය කරන බව පවසා එම ගොඩනැගිල ආදියේ යායුතු පැත්ත ආදිය සලකුණු කර ඇති මුත්, මෙම ක්‍රමය ගැන දන්නා හා එහි වැදගත් කම ඇති අය මිස හැකි ඉක්මනින් රස්තියාදු නොවී නැවත සිය ගමට යන්නට පැමිණෙන ගැමියාට මෙම එස් 5 ක්‍රමයේ ඇති වැදගත් කමක් හෝ එය දැනගැනීමට අවශ්‍යතාවයක් තිබේදැයි ප්‍රශ්නාර්ථයකි..කෙසේවෙතත් මෙයින් මෙම ක්‍රමය ලංකාවට ඔබින්නේ නැති දෙයක් ලෙස හෝ ඵලක් නොමැති දෙයක් ලෙස අදහස් නොකරමි. මෙවන් ක්‍රමයක් ක්‍ෂනිකව අනුගමනය කරවිය නොහැකි දෙයක් ලෙස පෙනෙන අතර පාසල් කළ සිට කුඩා දරුවාගේ පටන් මෙවැනි ක්‍රම උගන්වීම වඩාත් කාලෝචිතය..අපිළිවෙල වලකා ගැනීම ‍Feng shui වලින් කර ගැනීමට හැකිවේද?.අපි කොච්චර අනුන්ට බන කිව්වත් මා ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙකුට අපිළිවෙල කියන දුර්වලතාවයෙන් මිදිය නොහැකිය. මේ කතාව ලියන්නටත් පෙර මා පවා මේ ගොඩට ඇතුළු කළේ පසුව එය කරන්නට ගොස් අමතකවුවහොත් අනිවාර්යයෙන්ම කවුරුන් හෝ කමෙන්ටුවලදී මා සුපිරයටම පිළිවෙල අනුගමනය කරන්නෙක්ද ඇසුවොත් කට උත්තර නැතිවෙන නිසාය. වෙනකාගැනත් කියනවාට වඩා මම ගැනම කියනවා නම් මම කොච්චර හොදට පාවිච්චි කරන පරිගණක මේසය හෝ ලියන මේසය පිළිවෙලට තබා ගත්තත් වැඩිම උනොත් දින දෙකකට වඩා ඒ පිළිවෙල මේසය මත දැකගත නොහැකිවේ..එවැනි දේ පෞද්ගලිකව අපහසුතාවයට ලක්කරන කාරණා වුවත් තවත් අය අන්‍යයන් පවා අපහසුතාවයට ලක්කරන අපිළිවෙල හා අශීලාචාර හැසිරීම් පෙන්වයි. එයට හොදම ආසන්නම උදාරහණයක් කියනවා නම් ඊයේ නුවරට ආසන්න හන්දියක මාර්ග තදබදයක් හොදින් පවතිද්දීත් රියදුරාගේ පැත්තේ අසුන්ගෙන සිටි අයෙක් පාර දෙසට එල්ල කළ බුලත් කෙල පහර ඒ අසලින් යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටි මාගේ සම්පූර්ණ වම්පස ප්‍රදේශයම මුහුනේ සිටි කකුල් දක්වාම නාවන්නට සමත්වුනි..දැන් දියුණු රටක් යයි වේදිකාගානේ බොහෝ දෙනා පවසන මෙවැනි දේ මෙහි තවමත් දැකිය හැකි සාමාන්‍ය දේවල්ය. බටහිර සුද්දන්ගේ අශීලාචාර වල්කම්, ඔවුන් වැරදි කරනවා නම් අපිත් කරාට මොකදැයි පවසමින් බෞද්ධ සංස්කෘතියේ වටිනාකම කියාදෙන, මේ අපේ රටේ උසස් දේවල් යයි විවිද දේ පවසතත් වලකා ගතහැකි එනම් තමන් මේ කරනා දෙයින් අනෙකා අපහසුවට ලක්වෙනවාදැයි බොහොම කුඩා සිතුවිල්ලකින් වලකා ගත හැකි දේවල් තමන්ටම නවත්වා ගත හැකිමුත් ඒ දේ ‍නොකරමින් චීනයෙන් රැගෙන ආ Feng shui කලාවෙන් තම දියුණුව පැතීම විහිළුවකි..චීනෙන් බිහිවූ තවත් සම්ප්‍රධායක් වන Feng shui වසර දහස් ගණනක සිට ක්‍රමිකව වර්ධනය වූ හා භාවිතා වූ ක්‍රමවේදයකි. එනිසා එය චිනයේ මිනිසුන්ට හොදින් හුරුපුරුදු සහ අනුගමනය කළ දෙයකි. එය හරියට අපේරටේ වසර දෙදහස් ගණනක සිට පැවැත එන බුදුදහමේ ධර්ම කරුණු ඕනෑම බෞද්ධයෙකු ආයාසයකින් තොරව අනුගමනය කිරීම හා සමානය. එබැවින් චීනයේ මිනිසුන්ට සාමාන්‍ය වූ හා පිළිවෙල හා කාර්යක්‍ෂමතාව හොදින් හුරුවී සිටින ඔවුනට මෙවන් කලාත්මක ශාස්ත්‍රයන් තවදුරටත් සිය කාර්යයන් පහසුකරගන්නා දේවල් මිස අපේ රටේ මෙන් මුදල් ගෙවා හෝ ආයාසයෙන් හුරුකරගත යුතු දේවල් නොවන්නට ඇත..පසුවදන : මෙම ලිපිය ලියන්නට යෙදුනේ කිසියම් ක්‍රමයක් බැහැර කරන්නට හෝ ඒවා එම රටවලට ගොස් හෝ මෙහි සිට හදාරා මෙරට මිනිසුන්ට පුරුදු පුහුණු කරන අය අපහසුතාවයට ලක්කිරීමට නොවේ. බො‍හෝදෙනාට තමන් විසින්ම හදාගත හැකි දේවල් බොහෝ තිබුනත් ඒවා හදා ගැනීමට උත්සාහයක් නොදරමින් පිටින් ගෙනෙනා ආගන්තුක ශිල්පයක් ඔස්සේ ඒවා හදාගන්නට යාමෙන් ඇතිවන ඵලයක් නොමැතිබව අත්දැකීමෙන්ම දන්නා හෙයිනි..ලියුවේ සත්සමුදුර at 8:28 AM 19 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතුවර අදහස්, සිනමාව.Sunday, July 15, 2012.ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets.මේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන වසරක් බව දැන් ඔබ හොදින් දන්නවා..මේ ඔලිම්පික් තරඟාවලි සමග යාවුන අපූරු තොරතුරු තිබෙනවා. සමහරක් ඒවා නම් අපි දන්නවා වුනත් තවත් සමහර දේවල් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් එහෙමත් නැත්නම් ඒවා ගැන දන්න පිරිස අල්පයි..එකක් තමයි දැන් පැවැත්වෙන නූතන ඔලිම්පික් සහ පුරාණයේ පැවතුන බව පැවසෙන ඔලිම්පික් තරඟ අතරේත් වෙනස් කම් තිබෙනවා වගේම නූතන ඔලිම්පික් තරඟ සහ පැරණි ඔලිම්පික් තරඟාවලි එකිනෙකට ඈදෙන සේ නොකඩවා පැවැත්වුන ඒවා නොවෙයි. සරළවම කියනවා නම් ක්‍රි.පූ. සියවස් වල පැවති ඔලිම්පික් තරඟාවලි විවිද හේතු නිසා අභාවයට ගිහිල්ල පසුව 1896 දී තමයි නූතන ඔලිම්පික් පුරාවෘතය ආරම්භවන්නේ..තවදෙයක් තමයි බොහෝදෙනා සිතන්නේ ග්‍රීසියේ මිනිසුන් ඔලිම්පික් පමණක් ප්‍රධාන ක්‍රීඩාව ලෙස පවත්වාගෙන ගිය බවට. ඒත් සත්‍ය නම් ඔලිම්පික් කියන්නේ ඔවුන්ට ප්‍රධාන ක්‍රීඩා හතරක් අතරින් එකක් පමණයි. හැබැයි ඔලිම්පික් ක්‍රීඩා එදා පවත්වා ඇත්තේ ඔවුන් අදහන ලද දෙවියන්ගේ ලොක්කා වුන සියුස් දෙවියන්ට ගෞරවයක් වශයෙන් නිසා ඔලිම්පික් වලට එදාත් හොද තැනක් තිබිල තියෙනවා. අද වගේම සිව්වසරකට වරක් පවත්වා ඇති මෙම ක්‍රීඩා උළෙල පවත්වා තිබෙන්නේ ග්‍රීසියේ Elis ප්‍රදේශයට ආසන්නයේ පිහිටා තිබෙන ඔලිම්පියා හිදි. මේ පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් අතරින් මුල්ම උළෙල පවත්වා ඇත්තේ ක්‍රි.පූ. අටවන සියවසේදී හරියටම කියනවා නම් ක්‍රි.පූ. 776 දී.(http://en.wikipedia.org/wiki/Elis, http://en.wikipedia.org/wiki/Olympic_Games).එදා ඔලිම්පික් තරඟ පැවැති ඔලිම්පිය ප්‍රදේශය සිත්‍තරෙකු දුටු හැටි.ඒ වගේම පෙර පැවසූ පරිදිම අනෙකුත් ප්‍රධාන ක්‍රීඩා උත්සව පිළිබදවත් යමක් කියනවා නම්, ඔවුන් ඇපලෝ දෙවියන්ට ගරු කිරීමක් වශයෙන් පවත්වා තිබෙනවා Pythian කියන ක්‍රීඩා උත්සවයක් ඩෙල්ෆි කියන ප්‍රදේශයට ආසන්නයේ. ඒවගේම වසර දෙකකට වරක් Nemean කියන ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නෙත් සියුස් දෙවියා වෙනුවෙන්. මෙම ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නේ Nemea කියන ප්‍රදේශයේ. ඒ වගේම සිව්වන ප්‍රධාන ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නේ Poseidon කියන දෙවියා වෙනුවෙන් වන අතර එය හදුන්වා ඇත්තේ Isthmian ලෙසින් සහ පැවති ප්‍රදේශය ලෙස Corinth කියන ප්‍රදේශය දැක්විය හැකියි..(http://en.wikipedia.org/wiki/Pythian_Games, http://en.wikipedia.org/wiki/Nemean_Games, http://en.wikipedia.org/wiki/Isthmian_Games).මුල් කාලයේ ඔලිම්පික් තරඟ සාමකාමී මුහුණ වරකින් පැවැත්වුනත් පසුකාලීනව ලේ පෙරා ගෙන ගහගන්න මරාගන්න තරඟාවලියක් බවට පත්වූ නිසා ඇතැම් පාලකයන් ඔලිම්පික් තරඟවලියන් ඒ වකවානුවේදී තහනම් කළ බවටත් තොරතුරු දැක්වෙන අතර විශේෂයෙන් රෝම අධිරාජ්‍යයට නතුවීමෙන් පසුව අශිෂ්ඨ උත්සවයක් ලෙස සලකා තහනම් කරනු ලැබූ අතර පැරණි ඔලිම්පික් ක්‍රීඩාවට අභාග්‍ය සම්පන්නම කාලය උදාවන්නේ රෝම අධිරාජ්‍යයෙකු වන Theodosius I බලයට පත්වූ පසුවයි. ඔහු ක්‍රි.ව.393 දී ඔලිම්පික් තවදුරටත් පැවැත්වීම මුළුමනින්ම තහනම් කරනු ලබන අතර නැවත 1896 දී නිලවශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පවත්වනු තුරු වසර 1503 ක පමණ කාලයක් ‍නොපැවැත්වී තිබෙනවා..පුරාණ ඔලිම්පික් ක්‍රීඩාවලදී සම්බන්ධ වෙලා තියෙන්නේ පිරිමි පාර්ශවය පමණයි. ඒ වගේම ඔවුන් නිර්වස්ත්‍රයෙන් ක්‍රීඩා කළ බවත් කියනවා. තේරෙන්නම කියනවා නම් හෙළුවෙන් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. දුවන්න, පනින්න, පොර බදන්න ඒ ඔක්කොම ඉතින් ඇගේ නූල් පටක්වත් නැතුව කරල තියෙන්නේ. ඒ කාලේ පිරිම අය ඇදුම් නැතුව තව විවිද උත්සව ප්‍රියසම්භාෂන පැවැත්වූ බව සදහන් වෙන අතර එම උත්සව හදුන්වා තිබෙන්නේ "sympsia" යන නමින්.. අද මේ ඇදුම් නැතුව උත්සව, තරඟ පැවැත්වීම නිකං අශීලාචාර වල් දෙයක් වගේ පෙනුනට ඒ කාලේ මේක සාමාන්‍ය ඇති. ඔබ දන්නවද gymnasium කියන වචන නිර්මාණ වී තිබෙන්නේ ග්‍රීක වදනක් වන "gymos" යන්නෙන්. මෙම gymos කියන වචනයේ අරුත තමයි naked එසේත් නැත්නම් තේරෙන්ම කියනවා නම් නිරුවත, නග්නභාවය කියන එකයි. ඒ කියන්නේ නිරුවත කියන එක ග්‍රීක සම්ප්‍රධායේදී තවත් එක් සාමාන්‍ය අංගයක් වෙන්න ඇති. ඒත් සමහර තරඟකරුවන් නම් තම "පිරිමිකම" කුඩා සම් කැබැල්ලකින් වසා ගෙන සෙල්ලම් කළ බවත් ඇතැම් පැරණි ‍තොරතුරු වලදී සටහන් වෙනවා. කො‍හොමවුනත් මේ නිරුවත් ඔලිම්පික් සෙල්ලම් ගැන පැවසීමේදී විවිද කතා කියවෙනවා මේ ආකාරායෙන් ඇදුම් අදින්නේ නැතුව ක්‍රීඩා කිරීම පිළිබදව. එයින් එක් කරුණක් නම් එදා මෙම් උත්සව පැවැත්වුනේ සියුස් දෙවියන් වෙනුවෙන් නිසා පාරිශුද්ධත්වය, ශක්තිය ආදිය නිරූපනය වෙන්න මේ ආකාරයට "මුල් ඇදුමෙන්ම" කෙළිසෙල්ලම් කළ බවත් කියනවා..http://www.thefreedictionary.com/Gymnos.ඇතැම් මූලාශ්‍ර මේ තරඟ කාන්තාවන්ට නැරඹීම තහනම් වු බවත් කියනවා. විශේෂයෙන්ම විවාහක කතුන්ට ඔලිම්පික් තරඟ සපුරා තහනම් වූ බවත් කියන අතර වැරදිලාවත් ඔලිම්පික් තරඝ පිටියට පැමිණිලා තිබුනොත් මරණය තෙක් කස පහර ලබා දුන් බවත් ඇතැම් තොරතුරු වල දැක්වෙනවා. ඒ එක්කම තවත් මූලාශ්‍රවල වැඩිහිටි විවාහක කතුන්ට මෙම තරඟ නැරඹීමට වරම් නොලැබුනත් තරුණ ගැටිස්සියන්ට ඒ අවස්ථාව තිබු බවත් කියනවා..ඒ මොනවාවුනත් කාන්තා පාර්ශවයට ක්‍රීඩා තරඟ මුළුමනින්ම අපත්‍ය දෙයක් ලෙස සකකා නැති බවත් පැවසිය යුතුයි. ඔවුන්ටම කියා වෙනමම ක්‍රීඩා තරඟාවලියක් පවත්වා තිබෙන අතර ඒ කාන්තා දෙවඟනක් වූ Hera වෙනුවෙන්. ඔවුන්ගේ තරඟ පිරිමි අයගේ තරඟ තරම්ම බොහොම තදින් පවත්වා නැහැ. ධාවන තරඟ ගතහොත් ඔවුන්ට ලැබුන ධාවන පථය පිරිමි අයගේ ධාවන පථයෙන් 1/6 ක පමණ දුර ප්‍රමාණයක් බව තමයි පැවසෙන්නනේ. ඒ එක්කම ඔවුන්ට ජයග්‍රහණයේදී ලැබුන ත්‍යාගය ඔලිව් අත්තකට පමණක් සීමා වෙලා නැහැ. ඔවුන්ට ඊට අමතරව හරක් මස් කුට්ටිද ලැබී ති‍බෙනවා..සමස්ථයක් වශයෙන් ගත්කළ ග්‍රීක කෙල්ලන් මේ වගේ කෙළි සෙල්ලම් වලට නැඹුරුවීමට ධෛර්යමත් කිරීමක් කර නැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතය ගෘහස්ථ රාජකාරීවලට බද්ධ කර තිබූ හා බද්ධව තිබූ නිසා ප්‍රසිද්ධ හා දේශපාලනික දේවල් වලට හවුල්වීමේ ප්‍රවණතාවයක් තිබුනේ නැහැ. විශේෂයෙන්ම එදා සමාජයේ කාන්තාවට ලැබී තිබුනේ දෙවන පංතියේ සැලකිලි නිසා මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම බොහොම අඩු තත්ත්වයක් වූ අතර විවාහක සහ වැන්දඹු කතුන් සම්බන්ධවුනේම නැතිතරම්..ඒත් ග්‍රීසියේම ප්‍රාන්තයක් වුන Sparta හි Spartans ගැටිස්සියොන්ට නම් මෙයට වඩා වෙනස් තත්ත්වයක් තමයි තිබුනේ. ස්පාර්ටන්වරුන් රණකාමීත්වය ඉහලින්ම තැකූ ජාතියක් විදියට කාන්තාවන් පවා පිරිමි සමග හරිහරියට පිරිමිවගේ යුද ශිල්පය, ක්‍රීඩා ආදියේ නිරත වීම අගය තර තිබෙනවා. ඒ වගේම ස්පාර්ටන් කෙල්ලන් මේ ක්‍රීඩා වලට සහභාගී වී ඇත්තේත් කිසිම වස්ත්‍රයක් නැතුව හෝ දුහුල් රෙදි පිළිවලින් සැරසිලා. ඒ වගේම කොල්ලන්ටත් මේ තරඟ නරඹන්නටත් ඉඩදීලා තියෙනවා. මොකද ඔවුන්ට විවාහවීමට සුදුසු කෙනෙක් සොයා ගන්නත් මේක අවස්ථාවක් කරගන්න ඉඩ දීමක් ලෙස. මේ විදියට ගත්තම අදත් ඔලිම්පික් හා වෙනත් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාවලදී බොහොම අඩු රෙදි ප්‍රමාණයක් භාවිත වුන ඇදුම්නේද අදින්නේ කියලා හිතෙනවා..නූතන ඔලිම්පික් ඉතිහාසය දෙසට යනවා නම් සාමාන්‍යයෙන් අප දකින්නේ ග්‍රීස්ම ඔලිම්පික් තරඟාවලිය. ඊට අමතරව 1924 දී ප්‍රංශයේ Chamonix නගරයේදී පැවැත්වීම ආරම්භ කරන ලද ශීත ඔලිම්පික් උළෙලත් වසර හතරකට වරක් පැවැත්වුනත් සමහර වෙලාවට පමණක් එකම වසරකදී මෙම ඔලිම්පික් තරඟාවලි පැවත ඇතත් සමහර විට ඒවා පැවැත්වෙන්නේ වෙනස් වෙනස් වසර වලදී උදාහරණයක් ලෙස පවසනවා නම් 2004 දී ග්‍රීස්ම ඔලිම්පික් උළෙල ඇත්න්ස් හි පැවැත්වුනත් ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුනේ 2006 වසරේදී..http://en.wikipedia.org/wiki/Winter_Olympic_Games.මෙම පළමු නූතන ඔලිම්පික් උළෙල 1896 දී ග්‍රීසියේ ඇතන්ස් හි පැනතිනයිකෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ප්‍රථම 1700 ගණන් වල ප්‍රංශයේදී කුඩා පරිමාණයේ ක්‍රීඩා උත්සව පවත්වා තිබෙනවා. මේවාට පැරණි ඔලිම්පික් ක්‍රීඩාවේ ඇතැම් තරඟ ඉසව්ද ඇතුලත්ව තිබූ බව පැවසෙනවා. මීට අමතරව 1800 ගණන් වන විට මහා බ්‍රිතාන්‍යයේද විවිද ක්‍රීඩා උත්සව ඔලිම්පික් ක්‍රීඩාවලියට ආසන්න වන සේ පවත්වා තිබෙනවා. හැබැයි බොහෝවිට මේවා අන්තර්ජාතික මට්ටමට වඩා ඒ ඒ රටවල ක්‍රීඩකයෝ හා යටත්විජිතවල ක්‍රීඩකයෝ පමණක් සම්බන්ධවෙන්නට ඇති..මෙසේ ක්‍රමිකව විකාශයනය වෙමින් පැවති ඔලිම්පික් ක්‍රීඩාවලට යම් නෑකම් කියූ ක්‍රීඩා උළෙල ලෝ සුපතල අන්තර්ජාතික මට්ටමේ තරඟ බිමක් බවට පත්වන්නට හේතුවන්නේ 1894 ජූනි 23 වන දින දී පිහිටුවන ලද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවයි (The International Olympic Committee (IOC)). මෙම කීර්තිමත් ආයතනය පිහිටුවන ලබන්නේ ප්‍රංශ ජාතික Pierre de Frédy, Baron de Coubertin විසින්. මෙම මහත්මයා ප්‍රංශයේ සිටි අධ්‍යාපනඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙක්. හැබැයි මෙම ආයතනයේ මුල්ම සභාපතිවරයා නම් ඔහු නෙමෙයි. මුල්ම සභාපති ලෙස 1894 දී පත්වූයේ ග්‍රීක ව්‍යාපාරිකයෙකු සහ ලේඛකයෙකු වූ Demetrios Vikelas, or Bikelas. ඒත් ඔහු මෙම තනතුරේ සි‍ටියේ වසර දෙකක කාලයක් පමණයි. ඉන් අනතුරුව මෙහි සභාපතිධූරයට පත්වන්නේ මුලින් කී මෙම අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිර්මාතෘ වූ Pierre de Frédy. ඔහු 1896 සිට 1925 දක්වා වූ වසර 29 ක කාලයක් සභාපතිධූරය දරමින් ඔලිම්පික් ක්‍රීඩාවේ උන්නතියට ඉමහත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා..http://en.wikipedia.org/wiki/International_Olympic_Committee.http://en.wikipedia.org/wiki/Demetrios_Vikelas.http://en.wikipedia.org/wiki/Pierre_de_Coubertin.මෙම පළමු ඔලිම්පික් උළෙල ගැන තවදුරටත් පවසන්නේ නම් මෙයඑ රටවල් 14 ක තරඟකරුවන් 241 ඉසව් 43 ක් වෙනුවෙන් සහභාගී වී තිබෙනවා. ග්‍රීක රජය තමයි මේ ඔලිම්පික් තරඟය වෙනුවෙන් මුදල් හදල් වියදම් කර තිබෙන්නේ. එතෙක් මෙවැනි අන්තර්ජාතික මට්ටමෙන් විවිදාකාර ජාතීන් සහභාගී වූ උත්සවයක් නොපැවැත්වුන නිසා මෙම පළමු උළෙල දුටු ග්‍රීක රාජ්‍යයේ නිළධාරීන් මෙන්ම සාමාන්‍ය ජනයාද ඉතා උද්යෝගිමත් හැගීමකින් මෙම ක්‍රීඩා උළෙල පිළිබදව අවධානය යොමු කළ නිසාම ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා සෑම අවස්ථාවකම ඔලිම්පික් ක්‍රීඩා පුරාණයේ මෙන් ග්‍රීසියේම පැවැත්වීමට ඒත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුම එම යෝජනාව අනුමත කර නැහැ.ඔවුන්ට අවශ්‍ය වුනේ මේ තරඟාවලි අන්තර්ජාතික මට්ටමෙන් විවිද රටවල පැවැත්වීමට මේ නිසා දෙවන ‍ඔලිම්පික් තරඟය පැවැත්වෙන්නේ ප්‍රං‍ශයේ, පැරිස් නුවර බවට ඔවුන් තීරණය කරනවා..1896 දී පළමු ඔලිම්පික් උළෙල පැවැත්වූවත් නූතන ඔලිම්පික් පුරාවෘතයේ පළමු අද්විතීය ස්ථානය ලෙස බොහෝ දෙනා සලකන්නේ මෙම ‍ප්‍රංශයේ පැවැත්වූ දෙවන ඔලිම්පික් උළෙලයි. ඒ නිසාම එය Games of the II Olympiad හැදින්වෙනවා පමණක් නොවේ නූතන ඔලිම්පික් ඉතිහාසයේ මතක සටහන් රැසක් එක්කළ ක්‍රීඩා උළෙලක් ලෙසත් හදුන්වාදෙන්නට පුළුවන්..මෙම ඔලිම්පික උළෙල වෙනුවෙන් සමාරම්භක උත්සවයක් මෙන්ම අවසන් කිරීමේ උත්සවයක්ද පවත්වා නැහැ. මේක කොතරම් දීර්ඝ තරඟාවලියක් වුනාද කියතොත් 1900 මැයි 14 වෙනිදා සිට එම වසරේ ඔක්තෝබර් 28 වනදා දක්වා එනම් මාස පහකුත් දින 14 ක් මෙම තරඟාවලිය පවත්වා තිබෙනවා. තරඟකරුවන් දහසක් පමණ ක්‍රීඩා ඉසව් 19 ක් වෙනුවෙන් මෙහිදී තරඟවැද තිබෙනවා..ඒ විතරක් නෙමෙයි ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම ක්‍රීඩිකාව තරඟවදින්නෙත් මෙම 1900 තරඟයේදී. ඇය ස්විස් ජාතික කාන්තාවක් වන Hélène de Pourtalès. ඇය සම්බන්ධවූයේ කණ්ඩායම් තරඟයක් වන බෝට්ටු පැදීමේ තරඟ වලටයි. ඇය, ඇයගේ සැමියා සහ සැමියාගේ සොහොයුරෙකු මෙම කණ්ඩායමට ඇතුලත්ව තිබෙන අතර ඔවුන් තරඟ දෙකකදි රන් සහ රිදී පදක්කම් හිමිකරගන්නට සමත්ව තිබෙනවා..http://en.wikipedia.org/wiki/H%C3%A9l%C3%A8ne_de_Pourtal%C3%A8s.තවත් දෙයක් තමයි මේ ක්‍රීඩා උළලේ ජයග්‍රාහකයන් බොහෝමයකට පදක්කම් නොලැබුන අතර ඒ වෙනුවෙන් කුසලාන මෙන්ම Albert Robert Ayat (France) කියන ක්‍රීඩකයාට ෆ්‍රෑන්ක් 3000 ක මුදලකුත් ලැබී ති‍බෙනවා..තවත් දෙයක් තමයි 1900 ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී තමයි ටිකක් අසාමාන්‍ය ක්‍රීඩා ඉසව් මෙන්ම මේ දක්වා ඔලිම්පික් ඉතිහාසයේ එක්වරක් පමණක් පැවැත්වූ ක්‍රීඩා ඉසව් පවත්වා ඇත්තේ. මෝටර් සයිකල් සහ මොටර් වාහන ධාවන තරඟ, රත්වූ වාතය පිරවූ බැලුන්වල නැගී ඉහල අහසට නැගීමේ තරඟ, බිම සවිකරන ලද කුඩා රාමුවක් අතරින් ලී හෝ ප්ලාස්ටික් බෝල වලට පහර දී යාමට සලස්වන Croquet නම් ක්‍රීඩාව(http://en.wikipedia.org/wiki/Croquet), Basque pelota නම් ක්‍රීඩාව (http://en.wikipedia.org/wiki/Basque_pelota) හා අමුතුම ආකාරයේ ක්‍රීඩාවක් ලෙස සැලකිය හැකි 200m swimming obstacle race and underwater swimming ක්‍රීඩාව දැක්විය හැකියි. (http://en.wikipedia.org/wiki/Swimming_at_the_1900_Summer_Olympics_%E2%80%93_Men%27s_200_metre_obstacle_event).මෙම අවසානයේ දැක්වුන ක්‍රීඩාව පිළිබදව කියනවා නම් එහිදී බාදකයන් ත්‍රිත්වයක් පසුකරමින් මීටර් 200 ක් පිහිනා යෑම තමයි සිදුකිරීමට තිබුනේ. එහිදී පළමු බාධකය ලෙස පිහිණා ගොස් කණුවක් මතට නැග නැවත බැස පිහිනා, පෙලට තබා ඇති බෝට්ටු වලට නැග නැවත බැස පිහිනා තවත් පෙලට තබා තිබූ බෝට්ටු පෙලක් යටින් පිහිනා ජය කණුව වෙත යාම තමයි සිදු කල යුතුව තිබුනේ..ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය ගැන කිවයුතු තව බොහෝ දේ තිබුනත් ඒවා පසු ලිපියකට කල් තබමින් තවත් එක් ක්‍රීඩාවක් ගැන සදහන් කරන්නම් 1900 ඔලිම්පික් උළෙලදී පැවැත්වූ හා ඉන්පසුව නොපැවැත්වූ. අමුතුවෙන් කිවයුතු ක්‍රීඩාවක් නොවෙයි මෙය. ‍අ‍පේ රටේ ජාතික ක්‍රීඩාව නොවූවත් ජාතික ක්‍රිඩාවටත් වඩා ඉහළින් පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව තමයි ‍එලෙස පවත්වා තිබෙන්නේ..ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරඟයක් ලෙස මුලින්ම පවත්වන්නට සිතා සිටියේ පළමු ඔලිම්පික් උළෙල වන ඇතන්ස් හිදී වූවත් ප්‍රමාණවත් තරඟකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම මත එහිදී අවලංගු කෙරුනත් දෙවන ඔලිම්පික් උළෙලදී තරඟවැදීමට රටවල් හතරක් ඉදිරිපත් වීම නිසා මෙවර ක්‍රිකට් තරඟ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදනවා. මෙම පැවසූ රටවල් හතර තමයි මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය. කො‍‍හොමවුනත් බෙල්ජියම සහ නෙදර්ලන්තය කියන රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් ඒ වකවානුවේ නොදක්වපු නිසා ඔවුන් තරඟාවලියෙන් ඉවත්වන අතර 1900 අගෝස්තු 19-20 දිනවල දෙදින තරඟයක් ලෙස පැවැත්වෙනවා. මෙහිදී ක්‍රීඩකයන් තෝරාගැනීම පිළිබදව යමක් පවසනවා නම් රටවල් දෙක වෙනුවෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩකයන් මේ සදහා සහභාගී නොවූ අතර එංගලන්තය වෙනුවෙන් Devon and Somerset Wanderers කියන ක්‍රීඩා සමාජය හා French Athletic Club Union කියන කණ්ඩායම ක්‍රීඩා කරනවා. හැබැයි හරියටම කියනවා නම් ප්‍රංශය වෙනුවෙනුත් ක්‍රීඩා කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඒ කියන්නේ ප්‍රංශයේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් තමයි තරඟ වැදුනේ. තවත් දෙයක් තමයි මේ තරඟය පළමු පෙළ ක්‍රීඩා තරඟයක් ලෙස ගණන් ගැනෙන්නෙත් නැහැ. ඒ එක්කම කණ්ඩායම් දෙකේම එකඟතාවය මත ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුත් ක්‍රීඩාකර තිබෙනවා. මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව බ්‍රිතාන්‍ය කණ්ඩායම විසින් සිදුකර පළමු ඉනිමට ලකුණු 117 ක් සහ ඉන් අනතුරුව පන්දුවට පහර දෙන ප්‍රංශ කණ්ඩායම ලකුණු 78 කුත් ලබා ගන්නට සමත්ව තිබෙනවා. දෙවන ඉනිමේදී බ්‍රිතාන්‍ය කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 145 ක් රැස් කර ප්‍රතිවාදී ප්‍රංශ කණ්ඩායමට ලකුණු 185 ක් ලබා දුන් අතර ඔවුන්ට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 26 ක් පමණයි. ඒ අනුව එතෙක් මෙතෙක් පැවති ඔලිම්පික් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 158 ක ජයක මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම සතුවෙන අතර දෙවන ඉනිමේදී ප්‍රංශ කණ්ඩායම ක්‍රීඩා කර ඇත්තේත් මිනිත්තු 5 ක කාලයක් පමණයි..මෙසේ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම ජයගත්තත් පළමු තැනට ලැබිය යුතු ‍රන් පදක්කම වෙනුවට රිදී සහ ප්‍රංශ කණ්ඩායමට රිදී වෙනුවට ලෝකඩ පදක්කම සහ දෙපිලටම ප්‍රංශයේ සංකේතය වන් අයිෆල් කුළුනේ කුඩා ආකෘතියක් ලබා දී තිබෙනවා. මෙසේ රන් වෙනුවට රිදී සහ රිදී වෙනුවට ලෝකඩ පදක්කම් ලබා දීම ව්‍යාකූලයි. කෙසේවෙතත් 1912 දී ඔලිම්පික් කමිටුව විසින් මේ වැරැද්ද නිවැරදි කරමින් මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමටය රන් සහ ප්‍රංශ කණ්ඩායමට රිදී පදක්කම ලබාදීමත් සිදුකරනවා..බ්‍රිතාන්‍යයට පළමු තැන ලබා දුන්නත් මහා බ්‍රිතාන්‍ය ජාතික මට්ටමේ කිසිදු පුවත්පතක මේ ගැන ප්‍රවෘත්ත පළ නොවන අතර ඩෙවෝන් ප්‍රදේශයේ පමණක් පලවන ප්‍රාදේශීය මට්ටමේ පුවත් පත් වල පමණක් ප්‍රවෘත්ති පළ වී තිබෙනවා. ඒ එක්කම මේ ඔලිම්පික් තරඟයට අමතරව ප්‍රංශ කණ්ඩායම සමග එක් දින තරඟ දෙකක් පවත්වා තිබෙන අතර ඒවායේද ජය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදරටම ලැබෙන අතර ප්‍රංශ ජාතිකයින් අතර ක්‍රිකට් ගැන හැගීමක් නම් ඇති කිරීමට මෙම තරඟ එකක් වත් සමත් වී නැහැ..1904 දී පැවැත්වූ තෙවන ඔලිම්පික් තරඟාවලිය වන ඇමරිකා‍වේ ශාන්ත ලුවිස් හිදී පැවැත්වෙන තරඟයේදීද ක්‍රිකට් තරඟ ඉසව්වද පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් ඇමරිකාවේ ඒවන විට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම කරණ කොටගෙන කෙටි දැනුම් දීමකින් මෙම තරඟ අවලංගු කරන අතර එයින් පසු ඔලිම්පික් තරඟාවලිය සදහා ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීම සිදුවී නැහැ. http://en.wikipedia.org/wiki/Cricket_at_the_1900_Summer_Olympics.ක්‍රිකට් වලට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක්ම එක්වරක් පමණක් පැවැත්වූ අවස්ථා දෙවන ‍ඔලිම්පික් උළෙලදී වාර්තාවනවා. ඉන් එකක් තමයි ජීවී පරෙවියන්ට වෙඩි තැබීම. නූතන ඔලිම්පික් ඉතිහාසයේ සත්ත්ව ඝාතන සහිත ක්‍රීඩාවක් ලෙස වාර්තාවන මෙම හිංසාකාරී ප්‍රයත්නය 1900 ඔලිම්පික් තරඟයෙන් පසුව පවත්වා නැහැ. ‍සමස්ථ තරඟ ඉසව්ව තුළ අහිංසක පරෙවියන් 300 දෙනෙකුගේ පමණ දිවි තොර කර තිබෙන අතර රන් පදක්කම්ලාභියා විසින් පමණක් පරෙවියන් 21 දෙනෙකුගේ පරෙවි ආත්මයන් අහවර කොට තිබෙනවා..මෙම ක්‍රීඩාවලට අමතරව තවත් ක්‍රීඩා කිහිපය විටක් පවත්වා ඉන්පසු නැවත පවත්වා නොමැති අතර මේ සබැඳියන් තුලින් ඒ ගැන වැඩි විස්තර ඔබට දැනගැනීමට හැකිවේවි..http://listverse.com/2008/09/24/10-odd-discontinued-olympic-sports/.http://www.infobarrel.com/12_Olympic_Sports_That_Have_Ceased_To_Exist.දැන් මෙම ලිපිය අවසන් කරනවා. නොබෝ දිනකින් ආරම්භවන ඔලිම්පික් තරඟයේදිත් අනාගතයේදී කතාකරන්නට පාදක වන දේවල් රැසක් බිහිවේවි. ඉඩක් ලැබුන විටක නැවත ලිපි වලින් ඔලිම්පික් ඉතිහාසයේ සැඟවුන දේවල් ‍සොයා බලමු..ලියුවේ සත්සමුදුර at 4:09 PM 17 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඉතිහාසය.Tuesday, July 10, 2012.අවශ්‍ය වූ විට පෙට්ටියක් තුලට අකුරු කොටු කිරීම.මේ ලිපියෙන් කියන්නට යන්නේ අපගේ බ්ලොග් ලිපි නිර්මාණයේදී ප්‍රයෝජනවත් වෙන කරුණක් පිළිබදවයි. ඔබට මතකද කලින් ලිපියේ සුළු වෙනසක් තිබුන බව. ඒ ගැන එතරම් මතකයක් හෝ දැනීමක් නැතිනම් මෙන්න ඒ ලිපිය නැවත පහසුවෙන්ම බැලීමට එහි සබැඳිය http://sathsamudura.blogspot.com/2012/07/blog-post_09.html..ඔබ දැක්කද වෙනදා දකින පසුබිමට වඩා වෙනස් පැහැයකින් අකුරු කොටු කර තිබෙන බව. මේ කොටුවකට අකුරු කොටු කිරීම CSS පිළිබදව දන්නා අයට නම් මහ දෙයක් නොවෙයි. ඒත් ඒ ගැන වැටහීමක් නැතිනම් මෙහි දැක්වෙන සරළ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබගේ ලිපියේ යම් කැපී පෙනෙන තැනක අකුරු මේ වගේ කොටුවක දැක්වීම ටිකක් වෙනස් අත්දැකීමක් වේවි..මේක ක්‍රම දෙකකට කරගන්නා ආකාරය කියන්නම්. මුල්ම ක්‍රමය තමයි Template Designer වල Add CSS වලදී CSS කේතය paste කර එම කේතයේ ක්‍රියාකාරීත්වය බ්ලොග් ලිපියේ අවශ්‍ය ස්ථානයේදී HTML editor mode එකේදී තවත් සුළු HTML කේතයක් තුලට අකුරු රැගෙන ඒමෙන් සිදුකිරීම. මේ සදහා CSS code Add CSS තුලට කේතය යෙදවීම සදහා ‍එම ස්ථානයට යන ආකාරය.බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....සහ.පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?.යන ලිපිවල තිබෙන නිසා එම මූලික පියවර මෙහිදීත් කියන්නට යන්නේ නැහැ. එම ස්ථානයට ඇලවිය යුතු කේතය සදහන් කරන්නම්. මෙම කේතය CSS class එකක් විදියට තියෙන නිසා ඕනෑම විටක නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැබැයි එක අවාසියක් තිබෙනවා ඒ තමයි ඒ සෑම අවස්ථාවකම ලැබෙන කොටුවේ තිබෙන්නේ එකම වර්ණය, රාමුවේ ඝනකම වගේ Properties ඒ ආකාරයෙන්මයි. ඔබට වෙනස් ආකාරයේ Box කිහිපයක් ලබා ගන්න නම් Box 1, Box 2 ලෙස සුළු සුළු වෙනස්කම් Properties වල සිදුකරන ලද කේත කොටස් කිහිපයක් අලවා ගන්නට සිදුවේවි මේ ක්‍රමයෙන් මෙම Box එක නිර්මාණය කරන විටදී නම්. මෙන්න කේතය ;..box{.padding:5px 5px 5px 5px;/*Border සිට අකුරු වලට ඇති දුර*/.background-color:#FFFFCC;/*පසුබිම් වර්ණය*/.border: 2px double #336600;/*Border ඝනකම එහි ස්වභාවය හා වර්ණය*/.width:520px; /*මෙම Box එකේ පළල*/.}.මින් පසුව තිබෙන්නේ යම් ලිපියකදී ඔබට මෙම පෙට්ටිය තුලට අකුරු කොටු කරන්න ඕන ස්ථානයේදී මෙන්න මේ පියවර අනුගමනය කිරීමයි..අදාල ලිපියේදී Compose mode සිට HTML mode වෙත ගොස් අදාල ඡේදය ඇති ස්ථානයේ මුලට යන්න..එතනදී මෙම කේතය පිටපත් කරන්න‍..මෙහිදී අවශ්‍ය ඡේදය සම්පූර්ණයෙන්ම paste කරන්න..‍.මෙහි රතු පැහැයෙන් දිස්වන වචන වෙනුවට ඔබට අවශ්‍ය ජේදය අලවන්න..දැන් Preview කළ විට ඔබගේ එම අවශ්‍ය ඡේදය හෝ කොටස ‍කොටුව තුල දිස්වනු ඇත..මේ ක්‍රමය නැතුව ඔබට අවශ්‍ය මොහොතේදී ඒ ඒ අවස්ථාවට සුදුසු ආකාරයේ වෙනස් කම් ඇති box එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා..මෙන්න ඒ ක්‍රමයත්, මෙහිදී මුල් පියවරයන් වූ Add CSS සදහා කේතයක් එකතු කිරීම සිදුකරන්නේ නැහැ. මුලින්ම අදාල ලිපියේදී Compose mode සිට HTML mode වෙත ගොස් අදාල ඡේදය ඇති ස්ථානයේ මුලට යන්න..දැන් මෙම කේතය එම ස්ථානයේ Paste කරන්න..The text.ඔබට අවශ්‍ය ආකාරයට රතු පැහැහෙන් දක්වා තිබෙන අගයන් වෙනස් කිරීම කළ හැකියි. ඒ වගේම The text ලෙස දම් පැහැයෙන් යුතු වචන වෙනුවට ඔබට කොටුව තුලට රැගෙන ඒමට අවශ්‍ය වචන යොදන්න..ලියුවේ සත්සමුදුර at 4:58 PM 9 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: බ්ලොග් ඉඟි.Monday, July 9, 2012.සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව.මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නේ මේ දක්වා දකින ලද සිංහල පරිගණක පාඩම් සහිත වෙබ් අඩවි පිළිබදව සුළු දැනුවත් කිරීමක් වගේම මෙවැනි වෙබ් අඩවි ගැන දන්නා අයගෙන් ඒ පිළිබදව ‍තොරතුරු දැන ගැනීමටයි..පසුගිය දිනක Techකතා ඔස්සේ email හරහා ලැබෙන පණිවිඩ වලින් තමයි මෙම වෙබ් අඩවි පිළිබදව දැනගත්තේ. ඇත්තෙන්ම සිංහල බසින් ලියන ලද සහ සිංහල බසින් නිරූපනය කරන වීඩියෝද සහිත මෙම පරිගණක පාඩම් ආධුනිකයන්ට ඉතාම ප්‍ර‍යෝජනවත් වේවි. එම වෙබ් අඩවි වලට පිවිසිය හැකි සබැඳියන් සටහන් කරනවා නම් මෙන්න මේවායි..http://kuppiya.com/.http://www.gurulk.com/.http://web.sinlix.com/.ඒ වගේම මෙම අඩවි වලින් ඉටුකරන කාර්යයත් ඉහළින් අගය කරනවා වගේම නො‍මිලේ ලබා දෙන සේවාවක් නිසා ඔවුන් කරන කාර්යය තවතවත් සාර්ථකවේවායිද ප්‍රාර්ථනය කරනවා..ඉතින් ඇත්තටම මෙම ස්ථානයේ නම් සටහන් කළේ වෙබ් අඩවි තුනක් පිළිබදව විතරයි. මීට අමතරව ඔබත් දන්නා වෙබ් අඩවි ඇති සිංහල බසින් වගේම ඉංග්‍රීසි බසින් වුවත් හොද පරිගණක අධ්‍යාපනයක් ලබා දෙන. කැමති නම් ඒවාත් සටහන් කරන්න..ලියුවේ සත්සමුදුර at 10:28 AM 11 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිගණක.Thursday, July 5, 2012.දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය.සත් සමුදුරේදී බොහෝ විට ඔබ දැක ගත්තේ විදේශීය රටවල ඇසට ප්‍රිය දසුන්. එහෙත් අද ලිපියෙන් ඔබට දැක ගැනීමට සලස්වන්නේ අපේ රටේ ඉදිකරන ලද අතිශයින්ම අලංකාර බෞද්ධ පූජනීය ස්ථානයක සේයාරූයි. මෙම පින්තූර අයත්වන්නේ පොල්ගහවෙල, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගියදා විවෘත කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගයටයි..අලංකාර බුද්ධ ප්‍රතිමා, අලංකාර හැඩයක් ඇති ‍ගොඩනැගිල්ලක් වගේම ඇසට ප්‍රිය උපදවන මල්කම් කැටයම් මෙන්ම විවිද දේවරූප සහ සත්ත්ව රූප වලින් යුත් කැටයම් වලිනුත් මෙම ගොඩනැගිල්ල ආකර්ශනීය බවක් ගෙන තිබෙනවා..අපේ රටේ පෙර රජදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් හා දායකත්වයෙන් ඉදිකරන ලද රජමහා විහාර ඇතත් වර්ථමානයේ විහාර පන්සල් ඉදිවන්නේ ඉතාම අඩුවෙන්. එවන් වකවානුවක කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මගපෙන්වීමෙන් මෙවැනි අතිඅලංකාර වගේම ශ්‍රද්ධාව හිතට ඇති කරන විහාර මන්දීරයක් තැනීම ප්‍රශංසනීයයි. මෙම පෙන්වන අලංකාර පින්තූර වලට අමතරව මහමෙව්නාව වෙබ් අඩවියේත් තව පින්තූර රැසක් තිබෙනවා. ලිපියේ අවසානයේ එම පින්තූර මෙන්ම මෙම විහාර මාලිගාව පිළිබද තොරතුරු වලට පිවිසිය හැකි මගත් සටහන් කරන්නම්....http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/.http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/ssrm_opnc/?nggpage=6.http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/gallery-c-p-06/.ලියුවේ සත්සමුදුර at 2:41 PM 48 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කතාකරන රූප.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).▼ 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).▼ July (5).5s හෝ Feng-Shui වලින් තොරව අපේම කියා ඵලදායිතා සැලැ....ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets.අවශ්‍ය වූ විට පෙට්ටියක් තුලට අකුරු කොටු කිරීම.සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව.දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ....► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).► 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).► May (23).► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.3 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැසිරවීම - SixthSense Technology by Pranav Mistry".සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Monday, May 16, 2011.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැසිරවීම - SixthSense Technology by Pranav Mistry".මෙම ලිපිය මීට පෙර සත් සමුදුරේ පල කරන ලද එහෙත් දැන් මෙය ටිකක් වෙනස් ආකාරයට ලියවුන ලිපියක් බව කිවයුතුයි. මෙය නැවත ලියන්න හේතුව තමයි පසුගිය 12 වනදා අපිට මෙම බ්ලොග් පහසුකම ලබා දෙන Blogger විසින් ඔවුන්ගේ නඩත්තු කටයුතු සිදුකරගෙන යන අතරතුරදී, අප විසින් අවසානයට ලියන ලද බ්ලොග් සටහන තාවකාලිකව ඉවත් කරන ලද බව පැවසුවත්, එම කාර්යය අවසානයේදී මෙම "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැසිරවීම" ලිපිය ස්ථිරවම ඉවත්කොට තිබීමයි. එය draft කොටසේ තිබුනත් එහි සම්පූර්ණ ලිපියම නොතිබූ අතර මුල් ඡේද තුනක් පමණක් තිබූ අතර එය නැවත ලබා ගැනීමට උපදෙස් පැතුවත් සතුටුදායක පිළිතුරක් නොලද හෙයින් නැවතත් එය ලිවීමට අදහස් කරන ලදි. එනිසා එය මුල් ලිපියේ කරුණු සහිතව කුඩා වෙනස්කම් කිහිපයක් සහිතව නැවත ලිව්වෙමි. එසේම ඔබ එයට ලබාදී තිබූ වටිනා අදහස් රැසද ඒ සමගම අහිමිවී ගොස් තිබීමද තවත් කනස්සල්ලට හේතුවක් විය. නැවතත් ඔබ මෙම ලිපිය බලා තවත් අදහස් ලබාදේයයි අපේක්‍ෂාකරමි..ඔබ කවදා හෝ Minority Report චිත්‍රපටිය බලා තිබේද? එහි Tom Cruise සිය දෑත් අවකාශයේ එහා මෙහා කරමින් පරිගණක හසුරුවනු ඔබ දුටුවේද? එසේම එය අප සිටින තාත්වික ලෝකයේදී යථාර්ථයක් ලෙස යම් දිනක දැක ගත හැකිවේයයි ඔබ සිතනවාච?.පිළිතුර සුභවාදීයි. එනම් මෙම තාක්‍ෂනය දැනටමත් නිපදවා ඇති බවයි. නැතහොත් එහි අපි දුටුවාටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් එය සාක්‍ෂාත් කර ගෙන ඇති බවයි. මෙම සිත්ගන්නා සුළු සොයාගැනීම වන SixthSense තාක්‍ෂනය සොයාගැනීමේ කාර්යයේ ප්‍රධාන නිර්මාතෘවරයා ‍අපගේ අසල්වැසි භාරත දේශයේ විශිෂ්ඨ තරුණ පරිගණක උපාධිදාරියකු වන හා Massachusetts Institute of Technology (MIT) ආයතනයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින 30 හැවිරිදි තරුණයකුවන Pranav Mistry වේ. මේ සදහා ඔහුට ඔහු සමග උසස් අධ්‍යාපනය ලබන මිතුරන් දෙදෙනෙකුගේ සහය හා MIT ආයතන‍යේ ඔහුගේ ආචාර්යතුමිය වන Pattie Maes විසින් උප‍දේශක සහය ලබා දී තිබේ..Pranav Mistry.මෙහිදී සත්‍යවශයෙන්ම අපගේ පංචේන්‍ද්‍රින්ගේ ඍජු දායකත්වයක් නොමැතිව, එසේත් නැතහොත් දෑත්වලින් දක්වන අංග චලන ග්‍රහණය කරගැනීමෙන් භෞතිකමය උපකරණ ස්පර්ශයෙන් තොරව මෙන්ම පරිගණක යන්ත්‍රයක් ඇසට පෙනෙන තෙක් මානයකවත් නොමැතිව පරිගණකයකින් හෝ ඒ ආශ්‍රීතව භාවිතා කරන උපකරණ වන Scanner, Digital Camera වැනි උපකරණයකින් කරගන්නා කාර්යයන් කරගත හැකිවීම විශ්මය ජනකබව ඕනෑම කෙනෙක් පිළිගන්නා බව නිසැකය..මෙහිදී අතිශයින්ම සංකීර්ණ මෙවලම් කිසිවක් යොදා නොගනී. යොදාගනු ලබන්නේ, පොකට් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් (a pocket projector), දර්පණයක් සහ කැමරාවක් (webcam) සහ කැමරාවට දෑතේ ඇඟිලි වලින් කරන චලනයන් කැමරාවෙන් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට ඇඟිලි තුඩු වල ඇලවීමට රතු, කහ, කොල හා නිල් ටේප් පටි කැබලි පමණි. මේවායින් මුලින් පැවසූ මෙවලම් තුන පෙන්ඩනයක් ‍සේ බෙල්ලේ එල්ලා ගැනීමට හැකිවන සේ එකලස් කොට ඇති අතර කැමරාව සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය සාක්කුවේ ඇති Web-enabled smart phone කට සම්බන්ධවේ. (එසේත් නැතහොත් අවශ්‍යනම් මෙම අන්තර්ජාල පහසුකම් ඇති දුරකථනය ‍වෙනුවට Laptop පරිගණකයකට උවත් සම්බන්ධකරග හැක.).කැමරාව මගින් දෑතේ ඇඟිලවලින් සිදුකරන ලබන අංගචලනයන් (user's hand gestures) සහ ඉදිරියේ ඇති වස්තුන් පිළිබදව පරිගණකගත දෘෂ්‍ය උපක්‍රමයක් (computer-vision based techniques) ආධාරයෙන් ග්‍රහණය කර ගනු ලබන අතර smart phone ට ස්ථාපනය කර ඇති විශේෂ algorithms මගින් ඇඟිලි වල අලවා ඇති වර්ණවත් ටේප් පටිවල සංඥවෙන් ලබා දුන් පණිවිඩය නිවැරදිව හදුනාගැනීම මෙන්ම එයට ලබාදිය යුතු ප්‍රතිළුලය සැකසීමද සිදුකරයි. ඉන්පසු smart phone මගින්ම ලබා දෙන ප්‍රතිදානය (Output) ප්‍රක්ෂේපන යන්ත්‍රය මගින් ඉදිරියේ ඇති බිත්තියක් මතට හෝ වෙනයම් ඕනෑම වස්තුවක් වෙතට ප්‍රක්‍ෂේපනය කරනු ලැබේ. එසේම දැනට ඔහු ප්‍රක්‍ෂෙපන යන්ත්‍රය LED තාක්‍ෂනය යොදා තැනූවක් භාවිතාකරන අතර ඉදිරියේදී Laser තාක්‍ෂනය ඇති ප්‍රක්‍ෂෙපන යන්‍ත්‍රයක් යොදාගැනීම තුලින් ලබා දෙන ප්‍රතිදානයේ brightness තවදුරටත් වැඩි කර ගැනීමටද බලාපොරොත්තුවේ..මේ Pranav Mistry සමග ඉ‍ගනුම ලබන තවත් සහෝදර ශිෂ්‍යයෙකුවන අතර.ඔහුගේ මුහුණ කැමරාවෙන් සටහන් වූ වහාම ඔහු පිළිබද විස්තර ඔහු මතම සටහන් වූ ආකාරයයි..මෙම SixthSense හි ඇති තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙමගින් පරිගණකයක් හැසිරවීම වැනි කාර්යයක් පමණක් නොව එමගින් Digital කැමරාවක්, Scanner යන්ත්‍රයකින් සිදුකෙරෙන කාරයයක් එම උපකරණ රහිතව වුවත් සිදුකර ගැනීම හා පරිගණකමය නොවන කාරයයන් කිහිපයක් පවා සිදුකරගැනීමට තරම් මෙම තාක්‍ෂනය දියුණුකර තිබීමයි. ඒ පිළිබදව උදාහරණ කිහිපයක් ආශ්‍රිතවම සලකා බලමු..ඔබට විද්‍යුත් තැපැල් ලිපි පරික්‍ෂාකිරීමට අවශ්‍යනම් කල යුත්තේ ඔබට ඉදිරියේ අවකාශයේ ‘@” සලකුන සටහන් කිරීම පමණි..ඔබට යමක ඡායාරූප ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ පහත දැක්වෙන ලෙස දෑතේ ඇඟිලි තබා ගැනීමයි එවිට ඔබ බෙල්ලේ එල්ලා ගෙන තිබෙන කැමරාවෙන් එම ඡායාරූපය ලබා ගන්නා අතර ඔබට කැමති ස්ථානයකට ගොස් ඉදිරියේ ඇති වස්තුව මත එම ලබා ගත් ඡායාරූප පතිත කර ඒවා සංස්කරණය හෝ වෙනයම් කාර්යයකට යොදා ගත හැකිය..ඔබට පොතක් පිළිබද පරීක්‍ෂාකිරීමට අවශය නම් ඔබ කල යුත්තේ එහි නම මත ඇඟිල්ල තැබීම පමණි. එසැනින් එම පොතේ විස්තර හා Ratings යනාදිය Amazon වැනි මේ පිළිබදව ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් පරික්‍ෂාකර පොතේ මුල් පිටුව මතම සටහන් වනු ඇත. එපමණක් නොව පොතේ ඇතුලත ඇති ඡායාරූපයක් වැනි දෙයක වැඩිදුරටත් තොරතුරු ඔබ එම ඡායාරූපය මත ඇඟිල්ල තැබූ සැනින් ලබා ගැනීමට තරම් මෙම තාක්‍ෂනය දියුණුය..පෙර පැවසූ පරිදි පරිගණක නොවන කාරයයන් ලෙස ඔබට අත්ඔරලෝසුවක් නොමැති වුවත් වෙලාව බලා ගැනීමට හැකියාවද මෙමගින් ලබා දී ඇත. එනම් ඔබ කල යුත්තේ මැනික්කටුව මත රවුමක් සලකුනු කිරීම පමණි. එවිට අත් ඔ‍රලෝසුවක් එහි මැවේ..එසේම ජංගම දුරකතනයක් රැගෙන යායුතුද නැත. ඔබගේ අත්ල මතටම දුරකතනයේ අංක පුවරුව දෘෂ්‍ය ලෙස ලබාගෙන අදාල අංක මත ඇඟිල්ල තැබීම පමණකි කල යුත්තේ..ඔබට යම් හෙයකින් වෙලද සැලකින් ලබා ගන්නා දෙය පරිසර හිතකාමීද, එසේ නැතහොත් එය පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න පවා එම භාණ්ඩයේ නම මත හෝ වෙනයම් පිළිගත හැකි දත්තයක් මත ඇඟිල්ල තැබූ විට ලබා ගත හැකියාවද ඇත..එපමණක් නොව ඔබ බලමින් සිටින පුවත්පතේ පලවී ඇති ඡායාරූපය සලකුනු කල විට එම ඡායාරූපයට අදාල වීඩියෝ දර්ශනය Youtube වෙතින් ලබාගෙන පුවත්පත මතදීම බලාගැනීමටද හැකිවේ..මේවාට අමතරවද තව බොහෝ කාර්යයන් සිදුකරගැනීමට මෙම තාක්‍ෂනය දැනටමත් දියුණුකර ඇති බව සතුටින් කිවයුතු අතර තවමත් Prototype එකක් ලෙස පවතින මෙය නුදුරු අනාගතයේදී වාණිජමය ලෙස ලබා ගත හැකිවේයයි විශ්වාස කෙරේ..මෙම පද්දතිය තැනීමට බොහෝ මුදල් වැයවන්නට ඇතැයී ඕනෑම කෙනෙකුට සිතීම ස්වාභාවිකය. එහෙත් ජංගම දුරකථනය හැරෙන්නට අනික් උපකරණ සමූහයට වැයවී ඇත්තේ $350 ක් පමණක් බව මෙහි නිර්මාපකයා වන Pranav Mistry නොවලහා පවසන අතරම ඔහු මෙයින් සිත්සේ මුදල් ඉපයීමේ හැකියාව ඇතත්, සිය නිර්මාණය ලෝකයේ බහුතරයක් වෙතට නොමසුරුව ගෙනයාමේ අරමුණ හා තවතවත් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම පද්දතියේ විශේෂිතම කොටස වන මෘදුකාංගය, Open Source මෘදුකාංගයක් ලෙස තබා ගැනීමට පවසා තිබීමද අතිශයින් ප්‍රශංසනීය කාරණයකි..මෙම සොයාගැනීම පිළිබදව මෙම තරුණ විද්‍යාඥයා ලෝකයේ ආයතන ගණනාවකින්ම සම්මානයටද පාත්‍රවී ඇති අතර මේ පිළිබද තව දුරටත් විස්තර හා මෙය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව ඔහු විසින්ම පැහැදිලි කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පහත දැත්වෙන වෙබ් අඩවිවලට පිවිසීමෙන්ම ලබා ගත හැකිය..http://www.pranavmistry.com/projects/sixthsense/.http://my.technologyreview.com/tr35/profile.aspx?TRID=816.http://www.popsci.com/scitech/article/2009-05/heightened-reality.ලියුවේ සත්සමුදුර at 4:46 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: තාක්‍ෂනික, පරිගණක.17 comments:.AnonymousMay 12, 2011 at 9:56 AM.vertual reality........ReplyDelete.Replies.Reply.චතුරංග පෙරේරා [චතූගේ කථා]May 12, 2011 at 12:12 PM.ස්තුතියි සහෝ... මමත් මේ ගැන අන්තර්ජාලයෙන් දැක්කා. මාරයි නේ....ReplyDelete.Replies.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !May 12, 2011 at 12:18 PM.ඇඩා නැ මාර පොරක්.ReplyDelete.Replies.Reply.AnonymousMay 12, 2011 at 12:36 PM.ස්තූතියි අය්යේ.. මාත් ඒක කියවල දැනගෙන හිටියට වැඩි විස්තර දැන ගත්තෙ මේකෙන්... :).ReplyDelete.Replies.Reply.AnonymousMay 12, 2011 at 1:31 PM.good job.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 12, 2011 at 1:43 PM.@චතුරංග පෙරේරා | chathuranga Perera,buwa,හිම කුමාරි & Anonymous - ස්තූතියි!!!.ReplyDelete.Replies.Reply.රත්ගමයාMay 12, 2011 at 4:42 PM.ඒක නම් පාට්ටා....මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා ඒ...අපිටත් අනාගත අතන් එහෙම එව්ව මෙව්වා එහා මෙහා කරන්න පුලුවන් වේවි දේ අයියේ.. දැනුවත් කරාට තෑන්ක්ස්..ඕපන් සෝර්ස් කරපු එක තවත් පට්ටා..උන් වගේ මිනිස්සු තමා ලෝකෙට ඕන..නැතුව බිල් ග්‍රේට්ස්ලා වගේ උන් නෙමේ.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 12, 2011 at 6:21 PM.@රත්ගමයා - ඔව් හැකියාවක් ඇතොත් http://www.pranavmistry.com/projects/sixthsense/ සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන විඩියෝ අරගෙන බලන්න. ඒකේ තවත් විස්තර තියෙනවා. ලඟදීම නැතිවුනත් අනාගතයේදී මේ තාක්‍ෂනය සුලභ දෙයක් වේ යයි සිතනවා....ReplyDelete.Replies.Reply.hare :-)May 12, 2011 at 7:36 PM.කාලෙකට කලින් Pranav Mistry විසින් TED වැඩසටහනකදි මේ ගැන කරපු දේශනයක් දැක්කා. ඇත්තටම හීන සැබෑ කරන්න උත්සාහ දරන නිර්මාණකරුවෙක්. ඉතාම මෑත අනාගතේදි මේ නිර්මාණය වෙළඳපොලට එයි..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 12, 2011 at 7:46 PM.@hare :-)- ඔව් ගොඩක් කාලයක් යන්න කලින් මෙය අපට අත්විදින්න හැකිවේවි....ReplyDelete.Replies.Reply.BindiMay 12, 2011 at 8:55 PM.හරිම අපුරුයි දිනේෂ්. මේක නම් එක හුස්මට කියෙවුව. දු ඔය ගැන පාසලින්ද කොහෙද දැනගෙන යමක් මට කිව්වා. හරියට දැන ගත්තේ අද තමයි. good post.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 12, 2011 at 9:06 PM.@Bindi - ස්තූතියි! මේ ගැන තව කරුණු හොදින් දැක ගන්න පුළුවන් link එක රත්ගමයාට දෙන ලද පිළිතුරේ තිබෙනවා....ReplyDelete.Replies.Reply.AnonymousMay 12, 2011 at 10:05 PM.මෙන්න මිනිස්සු.ReplyDelete.Replies.Reply.උදාරMay 23, 2011 at 3:44 PM.මේ ගැන මාත් අහල තියෙනවා. කොහොම වුණත් ඔයා කියපු ෆිල්ම් එක නම් සිරසෙන් මාත් බැලුව. ඒක නම් මැක්සා මූවි එකක්..ReplyDelete.Replies.Reply.AnonymousAugust 24, 2011 at 4:52 PM.ලිපිය දැක්කාම මට මතක් වුණා 2007 ඔක්.7 වනදා ඉරිදා ලක්බිමට මා ලියූ ‘දියුණුවත් සමග සැගවී ගිය මිනිසාගේ හයවැනි ඉන්‍දි‍්‍රය’ කියන ලිපිය. ඒක මගේ වෙබ් අඩවියේ විවිධ කියන තීරුවට දාලා තියෙනවා..කමෙන්ට් එකක් දාන්න ඉ්සෙල්ලා ඒක බැලුවා. දැන් බලනකොට මගේ ලිපිය අහසට පොළව වගේ..ඔයාගේ ලිපිය අති විශිෂ්ඨයි. එයගේ බ්ලොග් එකේ තවම හැම ලිපියක්ම බලන්න බැරි වුණා. ඒ වුණත් කියවපු ඒවා දැකලා මෙය නම් නොඅසාම බැරිය. ඔයාගේ ලිපි මෙතරම් සර්ව සම්පූර්ණ වූයේ කෙසේද? ඒ කියන්නේ ලිපියට අවශ්‍ය පින්තූර, වීඩියෝ පට මෙතනින් ගන්න ඔ්න කියලා දැන ගත්තෙත් ඔයාගේ හයවැනි ඉන්‍දි‍්‍රයෙන්ද?.සාමාන්‍යයෙන් මට නොවරදින අනාවැකි කියන්න පුඵවන්. එකක් කියන්නද? කවදා හෝ දවසක සිංහලෙන් තම දැණුම සොයා අන්තර්ජාලය සැරිසරණ අය තවත් එවැනිම අයට කියාවි ඔය කාරණය දැනගන්න නම් යන්න දිනේශ්ගේ සත් සමුදුර බ්ලොග් එකට කියා..සදා ජය..තිලකා රන්දෙනි.www.thilakarandeni.lk.ReplyDelete.Replies.Reply.සත්සමුදුරAugust 30, 2011 at 10:01 AM.@තිලකා රන්දෙනි මහත්මිය - බොහොම ස්තුතියි! ඒ වගේම කියනවා අමනාප වෙන්න එපා පිළිතුරු දෙන්නට ප්‍රමාදවීම ගැන. ‍මොකද පසුගිය දින කිහිපයේම වැඩ කටයුතු අධික වීම නිසා බ්ලොග් එකට දෙන දායකත්වය අඩුවෙලා තිබුනේ. ඔබතුමියගේ ලිපියත් මම කියෙව්වා. ඇත්තටම අපිට භෞතිකව ස්පර්ශකල හැකි ඉන්‍ද්‍රින් පහට අමතරව අදෘෂ්‍යමාන ඉන්‍ද්‍රියක් තිබේද යන සැකය තිබෙනවා. සමහර දේවල් වලට අපි දක්වන ප්‍රතිචාර ඒ මත තීන්දුවෙන බවක්ද අපට බොහෝවිට හැගෙන කරුණක්. මෙම ලිපියනම් තාක්‍ෂනික කරුණක් අරඹයා ලියන ලද්දක් නිසා ඒ ලිපිය හා මෙය අතර වෙනස්කම් තියෙනවා තමයි. ලිපියේ සැකසීම ගැන කතා කලොත් ලිපියට අවශ්‍ය වෙතැයි සිතෙන සියළු කාරණා සොයාගන්නා තෙක් ලිපිය සංස්කරණය කිරීම මෙන්ම පින්තූර ඊට අවශ්‍ය පරිදි සෙවීමත් කරනවා. අනිත්කරුන තමයි මා හට පොතක් කියවන විට මෙන්ම ලියන විටද එම අන්තර්ගතයට අදාල චිත්තරූපය සිතේ මවා ගැනීමට ඇති හැකියාව. හොදම උදාහරණය නම් මම ලියන ලද Operation Entabbe ලිපියේදී සිතේ ඇදගන්නා ලද රූපයම තමයි ඊයේ නැරඹූ Raid on Entabbe චිත්‍රපටියේත් තිබුනේ, සුළු වෙනස්කම් කිහිපයක් හැරුන කොට. ඒවගේම ඔබතුමිය කියන අනාවැකිය යම්තාක් දුරකට දැනටමත් සත්‍ය වෙලා තිබෙන බවත් නිහතමානීව කිව යුතුයි. මන්ද දැනටමත් සත් සමුදු‍රේ ඇතැම් ලිපිවල කරුණු සිංහල විකිපිඩියාවට ඇතුළු කරන මෙන් එහා සම්බන්ධවී ඇති මිතුරන් පවසා තිබෙනවා. කොහොමවුනත් මගේ වැඩ රාජකාරී බහුල බව නිසා එය නම් තවම සාක්‍ෂාත්කරගන්න ලැබුනේ නැහැ....ReplyDelete.Replies.Reply.UdarathOctober 14, 2015 at 2:15 PM.JSME nihon kikai gakkai walath meweni weda tiyeida.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.5 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය
සත් සමුදුර: පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city of mysteries).සත් සමුදුර.නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!.නිවහන.බ්ලොග් ඉඟි.පසුගිය බ්ලොග් ලිපි.ඉතිහාසය.පරිගණක.විවිද.සිනමාව.කතුවර අදහස්.පුස්තකාලය.ඇස ගැටුන තැන්.තාක්‍ෂනික.පින්තූර වැඩ.Sports.යුද හරඹ.සිතියම් පොත.සත්ත්ව ලෝකය.කතාකරන රූප.නිතර යන තැන්.Google.GMail.Blogger.IMDB.විකිපිඩියා.Picassa.YouTube.තොරතුරු.Thursday, May 5, 2011.පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city of mysteries).ලෝකයේ පුදුම හත ලෙස හදුන්වන අසාමාන්‍ය නිර්මාණ අතරට යම් ඉදිකිරීමක් හෝ වෙනයම් දෙයක් පැමිනෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අභියෝගය ජයගත්ත ස්ථානයක් තමයි ජෝර්දානයේ පිහිටා තිබෙන පෙට්රා (Petra) කියන පාශානමය කදුකර පෙදෙසක නිර්මානය කරල තිබෙන බලකොටුවක් වැනි ගොඩනැගිලි සංකීර්ණය හා නගරයයි. 2007 දී නම් කෙරෙනු පුදුම හතේ ලැයිස්තුවට තමයි මෙම නිර්මාණය එකතු වුනේ.ඒත් ඊට කලින් 1985 දී යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම අතරට මෙම පෙට්රා සංකීර්ණය නම් කරනු ලැබුවේ..පෙට්රා කියන වචනය ග්‍රීක භාෂාවෙන් ආපු එකක් වගේම එහි තේරුම පාශානමය යන්නයි. මෙම ස්ථානය ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මකවත් ඉතා වැදගත් ස්ථානයක්. පිහිටලා තියෙන්නේ ජෝර්දානයේ Maan_Governorate කියන නගරයේ තමයි. පෞරානික ජනවර්ගයක් වන Nabataeans ජනයාගේ අගනුවර ලෙසත් එදා පෙට්රා සලකල තියෙන බවත් කිවයුතුයි. මෙය පාශාන කැටයම් කරල නිර්මාණය කරල තියෙනව වගේම තව මෙහි වැදගත් දෙයක් තමයි මෙහි ජල මාර්ග පද්දතියකුත් (water conduits system) එදා අතීතයේ ඉදිකරල තිබීම. ඉදිකරන ලද කාලය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 6 වන සියවස..පෙට්රා කියන්නේ ජෝර්දානයේ සලකුන කියල නම් කලත් වරදක් නැහැ වගේම එරට වැඩිම සංචාරක පිරිසක් යන ස්ථානය හැටියටත් සැලකෙන්නේ මෙයමයි. මෙය පිහිටි ස්ථානය ගතහොත් එය Hor කියන කදු බෑවුමේ Arabah කියන කදුවැටියේ නැගෙනහිර පැත්තේ පහලට වන්නට තමයි. ඒවගේම මල මුහුදේ සිට Gulf of Aqaba දෙසට යන විශාල නිම්නයත් මේහරහා තමයි වැටී තියෙන්නේ..මෙම ප්‍රදේශය ගත් විට එය Sandstone ලෙස හදුන්වන පාශාන කදුවලින් වටවෙලා තියෙන අතර මෙයට වැටී තිබෙන පිවිසුම් මාර්ග කිහිපයක් තිබුනත් ඒවා කිසිවක් එතරම් පහසු ඒවා නොවන බවද පැවසෙනවා. ප්‍රධාන පිවිසුම් මඟ අරාබි බසින් හැදින්වෙන්නේ Siq ලෙසයි. එය ඉංග්‍රීසි බසින් The Shaft ලෙස දක්වන්න පුළුවන්. මෙම Siq පිවිසුම් මගේ පැත්තක උස අඩි 650 ක් නැතහොත් 200 m පමණ වෙතැයි පවසනවා. එසේම මෙම පිවිසුමේ බොහෝ ස්ථාන වල පළල මීටර් තුනක් පමණක් වීමද වැදගත් කරුණක් වන අතර වර්තමානයේ පවා මේ ස්ථානය වෙතට වාහන වලින් යාම සිදුකල නොහැකි අතර පාගමනින්, අශ්වයන්, පෝනීන්, කොටළුවන් හෝ ඔටුවන් පිට නැගී හෝ එම සතුන් විසින් ඇද ගෙන යනු ලබන කරත්තවල නැගී මෙම ස්ථානයට යාමට සිදුවේ..The end of the Siq, with its dramatic view of Al Khazneh ("The Treasury").The narrow passage (Siq) that leads to Petra.The View of Siq from Al Khazneh.මෙහි තිබෙන තවත් දෙයක් තමයි 800 ක් පමණ වූ කැටයම් කල සොහොන් සමූහය (Rock-cut Tombs - මෙය ඇතැම් මූලාශ්‍ර වල 3000 ක් පමණ වෙතැයිද සදහන් වෙනවා). මෙයින් වඩාත් ප්‍රසිද්ධම සොහොන තමයි the Kazneh ලෙස එහෙමත් නැත්නම් "treasure" කියන අර්ථයෙන් හැදින්වෙන සොහොන. මෙහි පාරෝවරුන්ගේ රන් ඉහලින් පිහිටා ඇති බදුනක (the urn) තැන්පත කර ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේවෙතත් මෙහි සත්‍යතාවයක් නොමැතිබවයි ඉතිහාසඥයන්ගේ මතය‍‍. මෙම සෙහොනේ ඉදිරිපැත්ත ඉහල සිට පහළට ඉදිකර තිබීමද විශේෂත්වයක්. ඒ අනුව එම කාර්යය සිදුකරන්නට ඇතැයි සිතන්නේ මුලින් පලංචියක් සාදා එය මත සිටි පාශානය තුලට කට්ටා කැපීම සිදුකිරීමෙන්. මෙම විවර තවත් විශාල කර ගැනීමට ඔවුන් සිදුකර ඇත්තේ මුලින් තැනූ විවරයන්ට ලී කැබලි ඔබා එමගින් එතුල තෙත ගතියක් හා ප්‍රසාරණයක් ඇතිකොට පාශාන තවදුරටත් පිපිරවීමයි..(The Kazneh is the most famous. Its name Kazneh means "treasure" and comes from the Bedouin belief that the Pharaoh chasing the Israelites hid his treasure in the urn at the top of the Kazneh. Tomb facades were built from the top down. Scaffolding was built and then grooves were carved into the rock. Into these grooves were inserted pieces of wood, which when made wet, expanded and cracked the rock.).Monastery Top.එසේම මෙම ගොඩනැගිල්ල ලෝකයේ වැඩියෙන්ම ඡායාරූපගත කෙරුන ස්ථාන වලින් එකක් ලෙසද සැලකෙනවා..Urn Tomb.The Monastery ලෙස හැදින්වෙන සො‍හොන් ගෙය තමයි පෙට්රාවේ විශාලම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ. මෙය මීටර් 45 ක් පමණ උස හා මීටර් 50 ක් පමණ පළල ගොඩනැගිල්ලක් වන අතරම කලින් සදහන් කල the Kazneh ගොඩනැගිල්ල මෙන්ම දෙමහල් ගොඩනැගිල්ලක්. ඒවගේම මෙහි මුදුනේ විශාල.බදුනක් නැතහොත් urn එකක් දැක ගන්නට හැකියි. මෙහි ප්‍රධාන දොරටුවද මීටර් 9 ක් උසය..මීට අමතරව පෙට්රාවේ උත්සව ශාලා, නිවාස, පූජනීය ස්ථාන, නිකේතන, ව්‍යාපාරික ස්ථාන, මාලිගා ආදීය මෙන්ම ආගමික කටයුතු සදහා බිලි පූජා පැවැත්වූ ස්ථානවල නටඹුන් වී ඇති ගොඩනැගිලි රැසක් දැක ගන්නට හැකියාව තිබේ. ඒ වගේම මේ සෑම ගොඩනැගිල්ලක්ම පාශාන මත කැටයම් කැපීමෙන් නිර්මාණය වූ ඒවා‍ම නොවේ. ඒවා හුණු බදාමයෙන් සාදා පින්තාරු කර තිබෙන බවද දැක ගත හැකියි. ඒවගේම මෙහි වාසය කල ජනතාව සදහා ආහාර බෝග මෙහිම විශේෂ තාක්‍ෂනික ක්‍රම ඔස්සේ වගා කර තිබූ බවත් ඉතිහාසඥයන් පවසනවා. ඒ එක්කම කියන්න ඕන මේ ගොඩනැගිලි බොහෝමයක් කලාත්මක රූප මතුවන සේ විවිද කැටයම් වලින් අලංකාරය කිරීමටද ඒ ඉපැරණි ජනතාව අමතක කරල නැහැ..බිලිපූජා පවත්වන ලද ස්ථානයක්.මෙම බිලිපූජා පවත්වන්නට ඇත්තේ ඔවුන් විශ්වාස කල පරිදි කෝපයට පත් ඔවුන් අදහන දෙවියන්ගේ කෝපය සංසිදවීම සදහා බව පුරාවිද්‍යාඥමතය වන අතර ඒ සදහා සතුන් මෙන්ම මිනිසුන්ද යොදාගන්නට ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි..The Byzantine Church.The Theater.The Colonnaded Street.Triclinium.මේ පෙට්රාවේ මහවීදියයි. ක්‍රි.ව. 1 සියවස වන විට මෙහි මිනිසුන් 30,000 ක් පමණ වාසය කරන්නට ඇත. කෙසේ වෙතත් මෙහි ගල් ඇතිරූ මාර්ග පසුව මෙම ප්‍රදේශය පසුව තව බලප්‍රදේශයක් බවට පත් කරගත් රෝමන්වරුන් විසින් තැනූ බව පැවසේ..කොහොමවුනත් 1812 වෙනකම් බටහිර ලෝකය මෙම ස්ථානය ගැන දැන සිට නැහැ. ස්විස් ජාතික ගවේශකයෙකුවන Johann Ludwig Burckhardt එදා මේ ස්ථානය ලෝකයට විවර කරල දීල තිබෙන්නේ. එයත් සිදුවෙලා තියෙන්නේ අහඹුලෙස. ඒ තමයි ඔහු මැදපෙරදිග සංචාරය කරන අතරේ අරාබි ශෙයික්වරයා හමුවෙන්නට යන අතරමගදී මඟපෙන්වන්නාගෙන් ඔහුට අසන්නට ලැබිල තියෙනවා රහසේ සිටින දෙවියෙක් මෙම ගල් පර්වත අතර සිටින බව. ඒ එක්කම මේ ගවේශකයට සිතක් පහලවෙලා තියෙනවා ඒ ස්ථානය දැක ගන්න..El Deir - Petra by David Roberts - An illustration from The Holy Land:.Syria, Idumea, Arabia, Egypt and Nubia by David Roberts, originally published 1842-1849..ඒවගේම මෙම ස්ථානය පසු කලෙක හදුන්වල තියෙන විශේෂ ආකාරය තමයි "a rose-red city half as old as time" ලෙස. යුනෙස්කෝව මෙතන හදුන්වල තියෙන්නේ මිනිසාගේ තවත් විශිෂ්ඨතම සංස්කෘතිකමය උරුමයක් ("one of the most precious cultural properties of man's cultural heritage") ලෙසයි. වරෙක ලෝ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන BBC ආයතනය ලෝකයේ තිබෙන ස්ථාන 40 ක් නම් කරල තිබුනා යම් අයෙක් මිය යන්නට පෙර දැකිය යුතුම ලෙස (Petra was chosen by the BBC as one of "the 40 places you have to see before you die"). ඒ අතරටත් මෙම පෙට්රා අයත්වුනා..බෑලූ බැල්මට කටුක ශුෂ්ක වගේ පෙනෙන මෙම ස්ථානයට නිරන්තරයෙන්ම ජල ප්‍රවාහන පද්දතියක් (watered by a perennial stream)ස්ථාපනය කරල තිබීම මුලිනුත් සදහන් කලා ‍වගේම මේ ස්ථානය සාමාන්‍යයෙන් බලකොටුවකට වඩා වැඩි භූමිකාවක් එදා උසුලල තියෙන බවත් පැවසිය යුතුයි. ඒ තමයි මෙම ස්ථානය තමයි එදා දවසේ වෙලදාම සිදු කෙරුන තවලම් ව්‍යාපාරයේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙය වීම. ඒ නිසා මෙය ප්‍රධාන ව්‍යාපාර ගමන් මාර්ගය පාලනය කලා වගේම මේ හරහා තමයි බටහිර ගාසා දෙසට, ‍‍බොස්රා කියන ප්‍රදේශයට හා උතුරේ පිහිටි පැරණි වැදගත් නගරයක් වන දමස්කස් දෙසට හා තවත් අතීතයේ වැදගත් නගර රැසක් දෙසට ගමනාගමනය වැ‍ටී තිබෙන්නේ. ඒ අනුව මේ හරහා ගමන් ගත් ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කර ගැනීම වගේ කටයුතු මෙතනදී සිදුවෙලා තියෙන බවත් පැහැදිලියි..මෙම Siq ප්‍රවේශය ඔස්සේ සාදා ඇති කානු පද්දතිය පෙට්රා වෙත සැතපුම් ගණනාවක් සිට ජලය ගෙන ඒමට තනන ලද්දත් බවද පැවසේ. මෙමගින් Nabataeans වරුන් මෙම කාන්තාර බද නගරයට ජල සැපයුම පාලනය කල ආකාරය දැකගත හැකි අතරම ඔවුන් කෘත්‍රිමව ක්‍ෂේමභූමිද තනා තිබූ බව සදහන්වේ. එසේම මෙම පෙදෙසට සාමාන්‍යයෙන් වාර්ශිකව ලැබෙන්නේ 15 cm තරම් අඩු වර්හාපතනයක් උවත් මෙහි සිටි 30 Km පමණ දුර පිහිටි පෙදෙස් වලට වැසි වැටී හදිස්‍සියේම ඇතිවන ජල ගැලීම් ආදිය පරිපාලනය කර ගැනීමට මෙන්ම එම ජලය මෙම පෙට්රා ප්‍රදේශයට රැගෙන ඒමට තැනූ වේලි, ‍ජල ටැංකි හා ජල ප්‍රවාහණ පද්දති ආදියේ පුරාවිද්‍යාත්මක නටඹුන් තිබෙන බවද කිව යුතුයි. මෙසේ එක් රැස් කරගන්නා ජලය දීර්ඝ නියං කාල සමයන් හිදී නගරයට ඇවසි ජල සැපයුම ලබා දීමට උපයෝගී කරගෙන තිබේ. එසේම ඔවුන් මැටියෙන් තනන ලද ජලනල වර්ථමා‍න ඉංජිනේරුවන් පව විශ්මයට පත්කරන බවද කිවයුතුමය..ප්‍රවේශ බිත්තියේ තනා ඇති කානු.The museum in Petra has these two pieces of pipe on display so tourists can see the incredible advancement that the Nabataeans made in their water works. These clay pipes have tapered ends, something we modern people only figured out in the last two hundred years..ප්‍රවේශ බිත්තියේ (The Siq) වම් පසින් තනා ඇති මෙම කානු පද්දතිය මගින්.දුර සිටි රැගෙන එන ජලය නගර මධ්‍යයට රැගෙන යාම සිදුකර ඇත.(Along the left hand side of the siq, a covered water channel used to bring water from the spring in Wadi Musa into the center of Petra.).ජලය රැස් කිරිමට තැනූ ජල ටැංකියක් - Cistern.මුලින් මිසර පාලකයන් යටතේ තිබූ මෙම ආකර්ශනීය ස්මාරකය, ක්‍රි.ව. 106 දී රෝම පාලනයට නතුවන අතර එතැන් සිටද සියවසක් පමණ ගතවනතුරුත් සෞභාගමත් තත්වයෙන් පැවති අතර රෝම සමයේ මුහුදු මාර්ගයෙන් වැඩි වැඩියෙන් වෙලදාම සිදූවීමත් සමග ගොඩබිම වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් වූ මෙයට වූ අවධානය ගිලිහෙන්නට වීම නිසා ක්‍රමයෙන් පෙට්රාව අභාවයට යෑම ආරම්භවිය. මේ සියළු දේවල් තවදුරටත් වේගවත් කරමින් ක්‍රි.ව. 363 දී පමණ සිදුවී ඇති විශාල භූමිකම්පාවකින් මෙම නගරයේ අඩක්ම පාහේ විනාශ යී ඇකි ඇති අතර නැවත පෙට්රාවට යථා තත්වයට පැමිනෙන්නට හැකියාවද නොලැබී ඇත. එසේම 1812 දී සොයා ගන්නා තෙක් බාහිර මිනිස් ස්පර්ශයට මෙම ස්ථානය හසු නොවූවත් සොරුන්ට නම් මෙම ස්ථානය හොද ජීවනෝපායක් වුවෘ නිසැකයි. ඒ ඔවුන් මෙම ස්ථානයේ තිබූ පෞරානික දේවල් මෙන්ම මෙහි සඟවා ඇතැයි සැලකුන නිදන් ආදියද කරදරයක් නොමැතිවම ඒවනවිට සොරකම් කරගෙන තිබූ බැවිනි..එසේම මෙම ස්ථානයේ පැවැත්මට තර්ජනයවී ඇති හේතු කිහිපයක් තිබේ. ඒවානම්, ඉපැරණි ඉදිකිරීම් කඩා වැටීම, හදිස්සියේ ඇතිවන ජල ගැලීම් හා අක්‍රමවත් ජල පරිවහණය නිසා සිදුවන පාංශු ඛාදනය, ලවණ නිසා සිදුවන ඛාදනය, අවචාරවත් ලෙස පැරණි ඉදිකිරීම් නැවත ස්ථාපිත කිරීම, දැරිය නොහැකි ලෙස සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම කොතරම් ධනවත්වූවත් ආදායම බෙදීයාමේ විශමතාව හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන් මෙම ස්ථානයේ ඇති පැරණි හා ගෙනයා හැකි ‍ඓතිහාසික වටිනාකමකින් යුතු දේවල් විකිණීමට පෙලඹීමද මෙම වටිනා ස්ථානය පරිහාණියට හේතුවක්. කෙසේවෙතත් 1989 දී පිහිටුවන ලද Petra National Trust (PNT) සංවිධානය හා තවත් එරට හා අන්තර්ජාතික සංවිධාන රැසක් මෙම ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් සංරක්‍ෂනයට ඉදිරිපත්වී කටයුතු කිරීම අතිශයින් ප්‍රශංසනීය කාරණයක්..පෙට්රාවේ ස්මාරක හා වර්තමානයේ සංචාරකයන්ට වැදගත් වන ස්ථාන ඇතුලත් සිතියම පහත දැක්වේ..දැන් මෙම ලිපිය අවසන් කරන අතර මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් තව දුරටත් මෙම ස්ථානය ගැන විස්තර හා ඡායාරූප දැකගන්නට හැකියි..http://www.bibleplaces.com/petra.htm.http://www.grandview.com.jo/gallery/index2.html.http://nabataea.net/royal.html.http://en.wikipedia.org/wiki/Petra.http://en.wikipedia.org/wiki/Siq.http://www.atlastours.net/jordan/petra.html.http://www.amnh.org/exhibitions/petra/.ලියුවේ සත්සමුදුර at 10:57 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඇස ගැටුන තැන්, ඉතිහාසය.24 comments:.රොබින්May 5, 2011 at 11:08 AM.Nice post dude.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 11:14 AM.@රොබින් - Thanks man....ReplyDelete.Replies.Reply.BindiMay 5, 2011 at 12:27 PM.මට අපේ සිගිරිය සිහි වුණා. මේක ඊටත් වඩා පුදුම සහගතයි..ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 12:43 PM.@Bindi - මෙයත් ඒ වගේම පුදුම හිතෙන නිර්මාණයක් තමයි. පෙට්රාව ලෝකයේ පුදුම 7 ට ගැනීම ගැන හැම තැනකම තිබුනේ කුඩා විස්තරයක් පමණයි. ඇත්තටම මම පෙට්රාව කියල ලිපිය ලියන මුල් අවස්ථාවේ සිතා සිටියෙත් මෙහි ප්‍රසිද්ධම ගොඩනැගිල්ලට කියායි. එහෙත් ඒ ගැන කරුණු සෙවීමේදී තමයි දැනගත්තේ පෙට්රාව කියන්නේ ඉදිකිරීම් සංකිර්ණයකට බව. හැකියාවක් ඇතොත් ලිපියේ අවසානයේ දක්වා තිබෙන වෙබ් අඩවිවලටත් යන්න. තව බොහෝ විස්තර ඒ තැන් වල සටහන්ව තිබෙනවා පින්තූරත් සමගම....ReplyDelete.Replies.Reply.පන්සල් හංදියMay 5, 2011 at 2:28 PM.අපි නොදන්න දේවල් තව කොච්චර ඇතිද.......... ඒ වගේම එදා මිනිස්සු කොච්චර දියුණුද..........ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 2:35 PM.@කල්හාර දිසානායක - ඔව් මේ ස්ථානයේ අතීතයේ සත්‍ය තත්වය දැක බලාගැනීමට නොහැකිවෙලා තියෙන්නේ අවසානාවන්ත ලෙස සිදුවුන භූමිකම්පාව නිසා සිදුව ඇති විනාශය නිසයි....ReplyDelete.Replies.Reply.Buddhi May 5, 2011 at 2:51 PM.මේව කියෙව්වම උඔට ස්තුති කරන්න වචන නෑ. මාර දැනුමක් තියෙන්නෙ. ඒ වගේම මේ වගේ පෝස්ට් එකක් හදන්න යන මහන්සිය. කියලා වැඩක් නෑ.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 3:04 PM.@බුද්ධි - ස්තූතියි! මචං මේ දැන් තමයි උඹේ බ්ලොග් එක කියවල ආවේ. වචන වගේම උඹ ඇදපු පින්තූර ටිකත් මචං හිතට වැදෙනම ඒවා තමයි....ReplyDelete.Replies.Reply.උදාරMay 5, 2011 at 3:59 PM.වැඩේට හුගක් මහන්සිවෙලා කියල ලිපිය බලපු ගමන්ම තේරෙනවා. ඒකට නම් තෑන්ක්ස් දිනේශ්. ඒ වගේම පොඩි ප්‍රශ්නයකුත් අහන්න කැමතියි. ලිපියේ කියන විදිහට මේක මුලින්ම මිසර පාලකයන්ට අයිති වුණා නම් ඒ කියන්නෙ මේක හදල තියෙන්නෙත් පිරමීඩ හදපු කට්ටියම ද ?.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 4:12 PM.@උදාර - ස්තූතියි! මේක ගොඩනගපු හා මේ ආශ්‍රිත ක්‍රියාකරකම් සිදුවීම් සිදුවුන කාලසීමාවන් දෙස බැලීමේදී නම් පෙනෙන්නේ මේ ගොඩනැගිලි පිරමීඩ වලට පසුකාලීනව තමයි සාදා තියෙන්නේ. අනිත් එක මේ ස්ථානයේ සිරුරු තැන්පත් කිරීමක් ගැන පමණයි සදහන් වන්නේ. මමිකරණයක් ගැන සදහනක් ඇත්තෙත් නැහැ....ReplyDelete.Replies.Reply.hare :-)May 5, 2011 at 6:10 PM.මේ වගේ නිර්මාණ සිද්ධ වෙන්න සමහර විට ඒක මේ පලාතෙ ගොඩක් සශ්‍රීක කාලයක් වෙලා තියෙන්න ඇති. කලින් අහලම නොතිබුණ තැනක්. :D.ReplyDelete.Replies.Reply.ItalyDilanMay 5, 2011 at 6:31 PM.මම අද තමා පෙට්‍රාවේ විස්තර දැනගත්තේ,,.ReplyDelete.Replies.Reply.AnonymousMay 5, 2011 at 7:06 PM.හුගක් මහන්සි වෙලා ලියලා තියෙනවා..ඔන් මාත් එක හුස්මට කියෙව්වා. "සමුදුර" පුවත් වතෙන් පස්සේ මේ වගේ ලිපි කියවන්න ලැබුනේ මේ "සත් සමුදුර" බ්ලොගයෙන්. ඔබට ජය.http://www.freeedu.co.cc.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 8:40 PM.@hare :-) & ItalyDilan - ස්තූතියි! පෙට්රාවේ වැඩි විස්තර මේ වන තෙක් අපේ පුවත්පතකවත් මම දැක නැහැ. සමහරවිට පල වෙලා තිබුනත් මම නොදැක්කද දන්නෙත් නැහැ. කොහොමවුනත් මේවගේ ගොඩක් ස්ථාන ලෝකයේ තියෙනවා අපෙන් වසංවෙලා. ඉදිරියේදිත් එවැනි ස්ථාන ඔබ හමුවට ගේන්න බලාපොරොත්තුවෙනවා....ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 8:43 PM.@Anonymous - ස්තූතියි! ඔබ සමුදුර ගැන මතක් කල නිසා කියන්නම සිතුනා සමුදුර තමයි ගතවූ වසර 18 තුල මගේ දැනුම පෝශනයට විශාලම උපකාරයක් වුන පුවත්පත. එයට මම සැමදා ස්තූතිවන්තවෙනවා....ReplyDelete.Replies.Reply.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !May 5, 2011 at 9:03 PM.එල ලිපිය මෙ තොරතුරු මුල් වතාවට දැන ගත්තෙ අද.ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 5, 2011 at 9:15 PM.@buwa - ස්තූතියි! තව මේ වගේ ස්ථාන ගැන ඉදිරියේදිත් දැනගමු....ReplyDelete.Replies.Reply.``` Outsider```May 6, 2011 at 3:44 PM.අපූරුයි ලිපිය.. ගොඩක් වටිනව...ReplyDelete.Replies.Reply.සත්සමුදුරMay 6, 2011 at 4:23 PM.@``` Outsider``` - ස්තූතියි!.ReplyDelete.Replies.Reply.AnonymousJuly 7, 2011 at 10:15 AM.ඔබව ආදර්ශයට ගන්න මම හිතුවා...මගේම චායාරූප හා වීඩියෝ පටි එකතු කරන්න බලාගෙන හිටියොත් මම පටන් ගත්ත වැඩේ මට ඉවර කරන්න ලැබෙන්නේ නෑ...මගේ චාරිකා සටහන් පෙලත් මේ විදියටවත් සටහන් කරලා තියන්න ඕනේ...ReplyDelete.Replies.Reply.සත්සමුදුරJuly 7, 2011 at 11:31 AM.@asidisi - ඇත්තටම තමන්ගේම ඡායාරූප හා වෙනත් ඉදිරිපත් කල හැකි මාධ්‍යයන් තිබේ නම් වගේම මෙම ස්ථානයට ඔබම ගිහිල්ල තියෙනවා නම් ඒවා සජීවීව ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩියි. මොන ආකරයෙන් වුනත් ඔබ කරන්න සිතා සිටින දෙය ආරම්භකරන එක තමයි සුදුසු. එවිට ඔබට තව නව අදහස් සිතේ ජනිත වේවි....ReplyDelete.Replies.Reply.petra jordanNovember 29, 2011 at 5:34 PM.මම අද තමා පෙට්‍රාවේ විස්තර දැනගත්තේ,,.ReplyDelete.Replies.Reply.කෝරලේ මහත්තයා August 25, 2012 at 1:06 PM.දැනුමට යමක් එකතු කර ගත්තෙමි.ReplyDelete.Replies.Reply.හරීAugust 31, 2012 at 9:45 AM.අදයි කියෙව්වෙ ස්තුතියි!.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Random posts.පටුන.► 2021 (1).► December (1).► 2020 (1).► April (1).► 2018 (2).► September (2).► 2017 (4).► April (1).► March (1).► February (2).► 2016 (58).► December (1).► November (7).► October (24).► September (26).► 2015 (4).► August (2).► June (1).► March (1).► 2014 (11).► December (1).► October (1).► September (1).► August (1).► June (3).► March (1).► January (3).► 2013 (56).► December (2).► November (4).► October (5).► September (12).► August (8).► July (1).► June (2).► May (6).► March (1).► February (7).► January (8).► 2012 (120).► December (13).► November (8).► October (14).► September (22).► August (15).► July (5).► June (6).► May (4).► April (6).► March (10).► February (7).► January (10).▼ 2011 (215).► December (8).► November (9).► October (12).► September (32).► August (14).► July (6).► June (17).▼ May (23).අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CS....මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල,....අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට....ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty E....අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙ....ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබග....යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටු....ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ල....ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල ....වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples.බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා.නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැස....බ්ලොග් එකට slide show presentation එකක් එකතු කර ගන....ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana.වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War....දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Veh....රේඩාරය සොයා ගත්පසු - After Radar Invented....Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූර....නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China ....පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city ....නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත ....මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post.ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර....► April (26).► March (30).► February (18).► January (20).මේ දවස් වල වැඩියෙන්ම කියවන ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?.බ්ලොග්කරණයේ වසරක මතක සටහන්.අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට.පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්.බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ....බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්....ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!).අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).වෙනස් වෙනස් පැරණි ලිපි.මෙන්න ඔබ කැමතිම ලිපි 10.හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි....ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්....අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න).මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් ....රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?.මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා....නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?.දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද....ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English.ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ....බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි.....පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමය....අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.....අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සි....ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර....කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව හැබැය....ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන....කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍ර....ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.....මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්....කියවන්න වටින දේවල්.It's About Time.Earth's Creatures Cherish Leaves Dancing on a Windy Day.4 hours ago.Wings of Time.විස්කෝතු.1 week ago.කැනඩාවට එන්නට මඟ.SLtoCanada කැනඩාවට එන්නට මඟ [Introductory Video හඳුන්වාදීමේ වීඩියෝව].3 weeks ago.සොඳුරු සුව අසපුව.Welcome to "SLtoCanada කැනඩාවට එන්නට මඟ" සමූහය වෙත (හඳුන්වා දී‍මේ වීඩියෝව).3 weeks ago.නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....1 month ago.අරුණි ශපීරෝ‍ වෙතින් » හෘද සාක්ෂිය කොයිබට ද?.ඉතින් ඊ ළඟට දොයි මයි ද?.2 months ago.කුරුන්ද.බයිසිකල් මතක...3 months ago.ශාකුන්තලගේ සටහන් පොත.උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව].9 months ago.ලෝකයේ කොනක .....10 months ago.මායා.....බොහොම කාලෙකට පස්සේ...,.1 year ago.අනීවාරතේ.හව් කැන් අයි හෙල්ප් යූ?.1 year ago.පින්තාරු වූ යන්තර.මකුළු දැල.2 years ago.නාමල් යාය.ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics).2 years ago.සත් සමුදුර | Just another WordPress.com site.වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි….2 years ago.සුදු මහත්තයාගේ blog අවකාශය.easy ways to download torrent files directly.2 years ago.සයිබර් යාය Cyber yaya.තාත්තගෙයි පුතාගෙයි කතා - 05.2 years ago.Miyuruworld.බුල්ටො ගෙදර....2 years ago.බීට්ල් ලියන අකුරු.124. සැගවුණ සිතුම්.3 years ago.දුකා...දවස් තුන !.3 years ago.෴මම හිතන හැටි෴.තවමත්.3 years ago.BLOG ගඩොල්.ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්..4 years ago.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....4 years ago.පුංචි හිතට දැනෙ‍න දේ.The Diary of Alonso Jimenez: Entry 3.4 years ago.හිරු නැති හෝරාව.Ya.. I got to remind me what I’ve been doing for past 8 years....4 years ago.ජීවත් වෙනකොට | while living.මා හූනා.4 years ago.හිස් අහස.රතු ගූ.4 years ago.මානස විල | නන්දනීය ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රමය.Sleep Apnea and Pregnancy.4 years ago.- චතූගේ කථා -.අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!.4 years ago.ඉතාලියේ සිට ලියමි.....2017 වසර අවසානය සහ ඩෙංගු.4 years ago.!!! [ -HacKrisH- ] !!!.Internet Download Manager මැරෙනකම් බාන්න....5 years ago.ඩුබායි වට්ටක්කා.මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක.5 years ago.අනුනට උපකාර කිරීමට කැපවූ ඇත්තන්ගේ සුහද අවකාශය.....For This Couple, It’s Death Till They Part.5 years ago.සිහි සටහන් » 4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි..50. වසර පනහක හෙවත් දසක පහක මතක.5 years ago...:: සිප්සල ::.....:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::...5 years ago.අසමි දකිමි සොයමි.කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි.5 years ago.Sahurada Totupala :: සහෘද තොටුපළ.kuveni කුවේණි.6 years ago.Networkදිසා.CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol (STP) - ii.6 years ago.මෝල්ඩර් ෆයිල්ස්.Windows 10 Education Download Free.6 years ago.හෙළවිජය තරුණ සංවිධානය.සඳගිරියට යන පාර.7 years ago.ලංකාප්‍රියගේ සිතිවිලි.බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක ).7 years ago.ඇත්ත කතා...!!!.Sedia Kontak BBM Murah.7 years ago...කලු සුදු...වෙනස.7 years ago.ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?.7 years ago.Softwares and utilities (මෘදුකාංග එකතුව).හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ.7 years ago.ගලායන ජීවිතය.- 2015 -.7 years ago.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !.රාජසේකර වලව්ව සහ හරමානිස් !.8 years ago.වීදුරු ගෙවල්.............ආදරය යනු කුණුහරුපයක් වූ රටක.......8 years ago.අඹ ගහ යට.ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!.8 years ago.Economical House Builder.ආවා ආවා.... ආයෙත් ආවා......!.8 years ago.සිහින දකින්නියකගේ අඩවිය.සමනල සංධ්වනිය බලන්න !!!.8 years ago.මහපොළොව.ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය.9 years ago.අළුත් මල්ලි.[12] ඩොන්ගලේ කරදරේ....9 years ago.- සිත නිවන තැන - Sitha Niwana Thana -.පිල්ලේ , මර්වින් ඇමතිතුමා එකම වේදිකාවක.9 years ago.මගේ කතාව: ඇරඹුම.වහාම විදුලි මිල ඉහල දමව්.9 years ago.පිටස්තරයාගේ ලෝකය.කැත කූඹී....9 years ago.ŘĄШ ĜÂMĘŹ.House of the Dead 2.9 years ago.වර්ගපූර්ණිකාව.T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි.9 years ago.නෙළුම් විල.කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''.10 years ago.මගේ මරණය.Write to express, not to impress.10 years ago.වල් පල්.2012 නව වසර....!!!.10 years ago.Diary of a Journalist.Avasan Visanduma - Final Solution.11 years ago.Robin ඉන් da හුඩ්.සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්......11 years ago.Tech Net.---- රත්ගමයා -----.~රසිකගේ විල්බැරෝව~.හැම දෙයක්ම අපිම හදා ගමු.ගිටාර් පන්තිය.සංහිඳ පාමුළ............මකුළු දැලේ මගේ මුල්ල.........Coding සිංහලෙන්.බුද්ධ රශ්මි.Show 5 Show All.බලන ලද පිටු ගණන.Followers.අළුත් ලිපි ගැන email වලින් දැන ගන්න.Enter your email address:.Delivered by FeedBurner.වීඩියෝ සහිත ලිපි.මාතෘකා.ඉතිහාසය (93).කතාකරන රූප (84).පරිගණක (73).විවිද (60).සිනමාව (52).කතුවර අදහස් (38).වීඩියෝ (36).පුස්තකාලය (28).බ්ලොග් ඉඟි (25).යුද හරඹ (25).ඇස ගැටුන තැන් (23).නිපැයුම් (22).තාක්‍ෂනික (20).රථ වාහන (11).ඉංග්‍රීසි (6).පින්තූර වැඩ (6).ක්‍රීඩා (4).මතිමතාන්තර (4).සත්ත්ව ලෝකය (4).සිතියම් පොත (4).ඔබගේ සහ මාගේ නවතම අදහස්.Get this Recent Comments Widget.About Me.සත්සමුදුර.View my complete profile.විකසිත.www.hypersmash.com.Simple theme. Powered by Blogger..ෆේස්බුක් සින්ඩිය