text
stringlengths 201
3.03M
|
---|
ඇඩිෂම් වෙස් ගත් දඹදෙණියේ බංගලාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඇඩිෂම් වෙස් ගත් දඹදෙණියේ බංගලාව.By සංස්කාරක.May 11, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ නිශානි සවින්දිකා රාජපක්ෂ.රට තුළ සොඳුරු තැන් සොයා ගමනෙහි යෙදෙන ලාංකිකයෝ අඩුවක් නැත. විදේශිකයන්ගේ අඩුවක්ද නැත. කොරෝනා වසංගතය සහ අද පවතින අසීරු කාලය නොවේ නම්, අප්‍රේල්-මැයි මාසවල හෙවත් වසරේ වසන්ත සමයේදී මිනිස්සු බොහෝ දෙනෙක් ජීවිතයේ මිහිර සොයා විවිධ තැන්වලට යති..ඒ යන එනවුන්ගේ අවධානය දිනාගත් ප්‍රසිද්ධ තැනකි හපුතලේ ඇඩිෂම් බංගලාව. එහි විචිත්‍රත්වය ගැන අමුතුවෙන් ලියන්නට කියන්නට දෙයක් නැත. ගමනෙහි යෙදෙන බොහෝ දෙනා ඇඩිෂම් බංගලාවේ අද්භූත ගම්භිරත්වයත්, එහි රමණීය පරිසරයත්, ඉන් ඔබ්බේ පෙනෙන මානයේ ඇති කඳුපෙළෙන් ගැවසුණු විසල් ලෝකයත් රසවිඳ හුරු පුරුදුය..මේ කියන්නට යන්නේ තවත් ඇඩිෂම් බංගලාවක් ගැනය. නමින් ඇඩිෂම් නොවුණත්, මේ බංගලාව සහ ඒ බංගලාව අතර බැලූ බැල්මට සමහර සමානකම් පවතියි. විශේසත්වය නම්, මේ රමණීය බංගලාව ඇත්තේ වයඹ පළාතේ වීමය. බස්නාහිරට මායිම්ව වීමය. හරියටම කිව්වොත් දඹදෙණියේය..කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කරනා මාර්ගයේ (කොළඹ 5) කිලෝමීටර 90ක් පමණ කුරුණෑගල දෙසට පැමිණෙන්නෙකුට දඹදෙණිය නගරය හමු වේ. එතැන් සිට දඹදෙණිය- කුලියාපිටිය මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ ගමන් කරනා විටදී ආඬිගම ගොවිපල හමුවෙයි. මේ සුන්දර බංගලාව ඇත්තේ එහිය. මෙම මනරම් පරිසරය විවිධ දේශගුණික සහ භූවිෂමතා ලක්ෂණවලින් අනූන ය. පිරිවරාගෙන සිටින කඳු පන්ති සහ තැනිතලා භූමි ප්‍රදේශ නිසා මෙහි අලංකාරය දෙගුණ තෙගුණ වෙයි. දඹදෙණිය ප්‍රදේශයටම අනන්‍ය වූ භූගෝලීය පිහිටීම මෙම ස්ථානයට හිමිව තිබීම තවත් එක් විශේෂත්වයකි. එහි තැනිතලා භූමියක දකින්නට ඇත්තේ උසින් වැඩි කඳු පංතියකි..අක්කර 600ක් තරම් විශාල භූමි ප්‍රමාණයක් ආඬිගම ගොවිපල සතුය. දඹදෙණිය-කුලියාපිටිය මාර්ගයේ 4 වන කිලෝමීටරය දක්වා පැමිණෙන විටදී ගොවිපලේ ආරම්භය දැකගත හැකි වන්නේ මාර්ගය දෙපස ඇති වැටමාර ගස්වලින් සැකසූ වැටක් පාර දෙපස පෙනෙන නොපෙනෙන දුරක් දක්වා සිටුවා ඇති නිසාවෙනි. ආඬිගම බංගලාව දක්වා ඇති පාර දෙපස රෝස පැහැයෙන් යුක්ත වැටමාර මල් පාරට බරවී පිපී තිබෙන විට සුරංගනා ලෝකයක් බඳුය. තාර පාරට මල් වැටීම නිසා රෝස පැහැයෙන් පලසක් එලුවාට සමානය. වැටමාර මල් පිපී පවතින කාලයේ ගමන් කරන්නෙකුට නිතැතින්ම සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොතේ කියැවෙන සකුරා මල් ගැන මතක් නොවුණොත් පුදුමයක් වනු ඇත්තේය..ආඬිගම බංගලාව පිහිටුවා තිබෙන්නේ කඳු පන්තියක උසම කඳු මුදුනේය. අතිවිශාල පරිවාර භූමිය නිසා බංගලාව අවට ප්‍රදේශයේ පවතින්නේ නිරාමිස නිස්කලංකභාවයකි. ඒ නිස්කලංකත්වය මත නැගී සිටින බංගලාව ගාම්භීරය. එ.බංගලාවට ප්‍රවිෂ්ට වන මාර්ගය දෙපස විශාල රතු පැහැති මල් පිපෙනා මැයි ගස් පෙළකි. මල් පිපෙන කාලය වන විට මෙහි ඇති සුන්දරත්වය විස්තර කරන්නට වුවමනාවක් නැත. බංගලාවේ අලංකාරය සඳහා ශීත දේශගුණයකදී වැවෙන ශාකවලට මුල් තැනක් ලබා දී ඇති අතර ගෙමිදුල රෝස, ඩේලියා, උඩවැඩියා යනාදි මල්වලින් අලංකාර කර තිබේ..බංගලාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාර්ග දෙකකි. ඉන් එකක් තනි රේඛාවක් ලෙසින් ඉහළට ඉදි කර ඇති ගල් පඩි පෙළකි. එය කෙලින්ම දිව යන්නේ බංගලාවේ ඉදිරිපස මිදුල වෙතයි. අනෙක් මාර්ගය බංගලා කන්ද වටා කරකැවෙමින් බංගලාවේ මිදුලට යන අතර වාහනයක ගමන් කරන්නන්ගේ පහසුවට මේ මාර්ගය මෑතකදී පිළිසකර කර තිබේ..බංගලාවත් වත්තත් හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා පශු සම්පත් මණ්ඩලයටය. ඇඩිෂම් බංගලාව මෙන්ම ආඬිගම බංගලාවද සංචාරකයන්ට නැරඹිය හැකිය..ඇඩිෂම් බංගලාව මෙන්ම ආඬිගම බංගලාවත් ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද්දකි. බංගලාවේ ඇතුළාන්තය ඇඩිෂම් බංගලාවට බොහෝ සෙයින් සමානකම් පෙන්වයි. ඇඩිෂම් මෙන්ම මේ බංගලාවේද බිත්ති කළුගලින් නිමවා තිබේ. ගොඩනැගිල්ල වඩා ගාම්භීරත්වයෙන් ඈතට දිස්වෙන්නේ මේ කළුගල් බිත්ති නිසාය..බංගලාව මහල් දෙකකින් යුක්තය. ඇතුළත සාල කිහිපයකි. පහළ මහලේ සාලයේ ගිනි මැලයක් දැල්විය හැකි පරිදි සැකසූ උදුනකි. එය බංගලාවේ උණුසුම පවත්වාගැනීම සඳහාය. කාමර 3 කින් යුක්ත බංගලාවේ ඒ ඒ කාමරය එකිනෙකට වෙනස් වර්ණවලින් පිරියම් කර තිබේ. කොළ, නිල්, රෝස එම වර්ණයන් ය. ඒ බි්‍රතාන්‍ය පාලන සමයේ පරිපාලන කාර්යයේ පහසුව පිණිසයැයි කියනු ලැබේ..බංගලාවේ පවතින ගෘහ භාණ්ඩ සියල්ලක්ම පාහේ ඉංග්‍රීසි පාලන සමයේ භාවිත කළ ඒවා ය. පැරණි වටිනාමක් ඒ ඔස්සේ බංගලාවට හිමි වී තිබේ. බංගලාවේ පියස්ස සඳහා භාවිත කර ඇති උළු විශේෂය ද දැවයෙන් සකසන ලද ඒවාය. ඒවා එංගලන්තයේ නිෂ්පාදනය කරන ලද උළු විශේෂයකි. බංගලාව තුළින්ම ඉහළට එසවුණු කුලුනක් තිබේ. කුලුන මත සඳළු තලයකි. එහි නැගුණු විට අවට ඇති වටපිටාවම මනස්කාන්ත අයුරින් දිස්වෙයි. එක් පසකින් කොළඹ වරායයි. අනෙක් පසෙකින් කටුනායක ගුවන්තොටුපලයි. ඒවා පෙනෙන තරම් උස් වූ භූමියක බංගලාව පිහිටා තිබේ. වහලයේ ලීවලින් සැකසූ උළු, කළු පැහැයෙන් වර්ණවත් කර ඇත..ගොඩනැගිල්ලේ පින්තාරු කර ඇති තැඹිලි පැහැය එහි අලංකාරත්වය වැඩි කරයි. මෙය ඈත සිට බංගලාව දෙස බලන ඕනෑම කෙනෙකුගේ නෙත් වශී කරන දර්ශනයකි..බංගලාවේ පොළොව මත ලී අතුරා දිළිසෙන ආකාරයෙන් මැද තිබේ. ඇඩිෂම් බංගලාවේ ලෙසින්ම තැබෑරුමක් සඳහා වෙන් වූ අංගණයක් ද ලීයෙන් තැනූ බීර බැරලයක් ද පවතී..බංගලාවේ සිට දඹදෙණිය දෙසට මීටර් 500ක් පමණ දුරින් ආඬිගම ගොවිපලේ තවත් අලංකාර ස්ථානයක් පිහිටා තිබේ. මෙය ස්වභාව සෞන්දර්යෙන් අනූන වූවකි. පෙනෙන නොපෙනෙන තරම් දුරක් වන පොල් රුප්පාවකි. කිසිවෙකු නොසිතන පරිද්දෙන් ඒ මැද රබර් වනයකි. පොල් රුප්පාව මැදින් වැටුණු කුඩා පාරක් දිගේ ඉදිරියට යන විට රබර් ගස්වලින් පිරි භූමියක් හමුවෙයි. ඊට එපිටින් පිහිටි කඳු මුදුනේ අට්ටාල කිහිපයක් ඉදිකර ඇත. එම ස්ථානයට අවට ප්‍රදේශය අලංකාරව පෙනෙන අතර තදින් හමනා සුළං පහරක් පැමිණ කඳු මුදුනේ හැපෙන විට සංචාරකයන්ගේ ගත සිත අමුතු හැඟීමකින් ප්‍රබෝධවත් කරයි. සීතල පැතිරුණ කඳු මුදුන සැන්දෑ වන විට මීදුමෙන් වසා ගැනෙයි..උසින් පිහිටා තිබෙන භූමියත්, ගහකොළින් වට වූ පරිසරයත් නිසා ස්වභාවයෙන්ම මෙහි ඇත්තේ සීතල දේශගුණයකි. උදෑසන සහ සවස් කාලයේදී කඳු පන්තිය මිහිදුමෙන් වසාගැනෙන අතර ඇතැම් දවසකදී මහ සයුරේ හිරු ගිලී යන දර්ශනයද දැකගත හැකිය. එය විරලව හිමිවන අවස්ථාවකි. දහවල් කාලයේදී තරමක් තදින් හිරු එළිය පතිත උවත් දැඩිව පවතින සුළං තත්වය නිසා ශරීරයට අපහසුවක් ඇති නොවේ..ආඬිගම ගොවිපලේ බංගලාව තවමත් බොහෝ නෙත් නොගැටුණ තවත් එක් සොඳුරු බිමකි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleහෙන්ද්රික් සිඤ්fඤා්, හෙන්රි සහ නිශ්ශංක: නිශ්ශංක දිද්දෙණිය.Next articleබූවල්ලෙක්ට ඉඩදෙන්න, දිව අල්ලාගන්න!.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මරණ දඬුවම ලැබූ සිරකරුවෝ 1223ක් අභියාචනා ඉදිරිපත් කළ 700ක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මරණ දඬුවම ලැබූ සිරකරුවෝ 1223ක් අභියාචනා ඉදිරිපත් කළ 700ක්.By ලසන්ත රුහුණගේ.April 28, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රියාවලියක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටු වාර්තාව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට හා අධිකරණ අමාත්‍ය අලි සබ්රිට පිරිනැමුනේ මාර්තු 30 දාය. ඒ එම වාර්තාව ජනාධිපතවරයාට ඉදිරිපත් කිරීම සඳහාය..මෙම කමිටුවේ ප්‍රමුඛතම අරමුණ වන්නේ බන්ධනාගාර පරිපාලනය විධිමත් කිරීම හා නිදහස් වීමට දිනයක් නොමැති බන්ධනාගාර ගත සිරකරුවන් හා දීර්ඝ කාලයක් දඬුවම් ලබා සිටින සිරකරුවන් සම්බන්ධයෙන් පොදු ක්‍රමවේදයක් හඳුන්වා දීම මඟින් බන්ධනාගාර පරිපාලනය ශක්තිමත් කිරීම, සිරකරුවන්ගේ තදබදය අඩුකිරීම සඳහා පොදු සමාව දීමේ විධිමත් ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීම සඳහා වන නව යාන්ත්‍රණයක් සකස් කිරීමත්ය..ඒ අනුව මරණීය දණ්ඩන සිරකරුවන්, ජීවිතාන්ත සිරකරුවන් හා දීර්ඝ කාලීන සිරකරුවන්(වසර 20ට වැඩි) ගැන එම කමිටුවේ අවධානය යොමුවී ඇත..එම වාර්තාව සඳහන් කරන පරිදි එම කමිටුවේ සෘජු ඉලක්කය බවට පත්වී ඇත්තේ මරණ දඬුවම හිමිවී ඇති හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවී ඇති සිරකරුවන් සම්බන්ධයෙන්ය. එසේම එය අභියාචක සිරකරුවන් සම්බන්ධයෙන්ද වක්‍රාකාරව අදාළ වන බව වාර්තාවේ සඳහන්ය. ඊට අමතරව දීර්ඝකාලීන සිරදඬුවම් විඳින සාමාන්‍ය සිරකරුවන් මෙම විශේෂ සමාව සඳහා ඉලක්ක කර ඇත..මරණීය දඬුවම නියමවී සිටින සිරකරුවන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට පරිවර්තනය කරන ක්‍රමවේදයක්, ජීවිතාන්ත සිර දඬුවම නියම වී ඇති සිරකරුවන් නිශ්චිත සිර දඬුවමක් බවට පරිවර්තනය කරන ක්‍රමවේදයක් හා දීර්ඝ කාලීන සිරදඬුවම් සඳහා සමාව ලබාදීමේ ක්‍රමවේදයක් සඳහා යාන්ත්‍රණ සකස් කිරීමට ඒ අනුව එම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත..එසේ වුවද මෙම විශේෂ සමාව දීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා වූ සමාලෝචන කමිටුවලට ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොලබන සිරකරුවන් වර්ගීකරණයක්ද එම කමිටුව සිදුකර ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බරපතල තත්වයේ ලා සැලකිය හැකි ළමා අපයෝජන සහ රංචු ගැසී දූෂණ සිදු කළ සිරකරුවන්, වසර 20ට අඩු දඬුවම් නියම වී ඇති සිරකරුවන්, විසඳීමට නඩු ඇති හා අභියාචක සිරකරුවන්, බන්ධනාගාරය තුළ සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී ලක්වූ චෝදනාවන් සම්බන්ධයෙන් සුදුසුකම් ලැබීමේ කාලය දීර්ඝ කළ සිරකරුවන් එම පිරිස වෙති..එම වාර්තාවට අනුව 2021.01.01 දිනට මරණ දඬුවම හිමිවී ඇති අභියාචනා ඉදිරිපත් කර ඇති සිරකරුවන් සංඛ්‍යාව 700ක් වේ. ඉන් 24ක් කාන්තාවෝය. අභියාචනා ඉදිරිපත් කර ඇති දෙදෙනෙකු විදේශිකයන් වන අතර එක් අයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මරණ දඬුවම ලැබුවෙකි..එසේම මරණ දඬුවම හිමිවි ඇති අභියාචනා ඉදිරිපත් කර නැති සිරකරුවෝ ප්‍රමාණය 523කි. ඉන් 09 දෙනෙක් කාන්තාවෝය. දෙදෙනෙක් විදේශිකයෝය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මරණ දඬුවම ලැබූ එක් අයෙක්ද ඒ අතර සිටී. ඒ අනුව මරණ දඬුවම හිමිවී ඇති මුළු සංඛ්‍යාව 1223කි..එම දිනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා ඇති මුළු සංඛ්‍යාව 714කි. ඉන් 140 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ 06 දෙනෙක්ද ඒ අතර සිටිති. අභියාචනා නොකරන ලද ඉතිරි පිරිසෙන් 61ක් දෙනෙකු විදේශිකයින් වන අතර ඔවුන්ගෙන් 12 දෙනෙක් කාන්තාවෝය. මේ පිරිස අතරේද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ දෙදෙනෙක් සිටිති..එමෙන්ම දීර්ඝකාලීන සිරදඬුවම් ලබා ඇති සිරකරුවන් ප්‍රමාණය 4794ක් වන අතර ඉන් 477ක් අභියාචනා ඉදිරිපත් කර ඇත. එම පිරිසෙන් එක් අයකු විදේශිකයෙක් වන අතර ඒද කාන්තාවකි. 05 දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබූවෝය. අභියාචනා නොකරන ලද පිරිසෙන් 74ක් කාන්තාවන් වන අතර විදේශිය කාන්තාවෝ දෙදෙනෙක් ඒ අතර වෙති. විදේශ පිරිමින්ගේ සංඛ්‍යාව 04ක් වන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබූ පිරිස 29කි. එසේම තරුණ වරදකරුවෝ 27 දෙනෙක්ද ඒ අතර සිටිති.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදිය යටින් හුවමාරු වෙන එන්නත් විරෝධී ගින්දර.Next articleපළාත් සභා සාකච්ඡා කොටඋඩ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයනියෝජන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ලෙස | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය.නියෝජන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ලෙස.By ජයදේව උයන්ගොඩ.October 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.සර්වජන ඡන්ද බලයේ අනූවසර සිහිකරන ගමන්ම, ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමද පුරවැසියන් සතු දේශපාලන වගකීමකි..ශ්‍රී ලංකාවේ ජනතාවට සර්වජන ඡන්ද බලය ලැබී මෙම වසරට අවුරුදු අනූවක් සම්පූර්ණ වෙයි. සර්වජන ඡන්ද බලය ලැබුණු ලෝකයේ රටවල් අතරින් ලංකාව පැරණිම එකක් වීම වැදගත් කරුණකි. බි්‍රතාන්‍යයේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබී එහි ඡන්ද බලය සර්වජන වූයේ ලංකාවට වඩා අවුරුදු හතරකට පෙර 1927දීය. සර්වජන ඡන්ද බලය ‘දිනාගැනීම’ සම්බන්ධයෙන්, යුරෝපය, ඇමෙරිකාව මෙන්ම ලංකාවටද පොදු එක් අත්දැකීමක් තිබේ. එනම් ඡන්ද බලය සර්වජන කිරීමට ධනපති සහ ඉඩම් හිමි වංශාධිපති පාලක පන්තීන් මැලිවෙද්දී, ඒ සඳහා වූ උද්ඝෝෂණ ව්‍යාපාරවල පෙරමුණෙහිම සිටියේ වෘත්තීය සමිති, කම්කරු පන්ති පක්‍ෂ සහ සංවිධාන මෙන්ම ස්ත්‍රී ක්‍රියාකාරිනීන්ගේ සංවිධාන යන්නයි. ලංකාවේ නම් පීඩිත කුල ප්‍රජාවන්ගේ සමිතිද එම ව්‍යාපාරයේ සිටියහ..මැතිවරණ ක්‍රම සංශෝධනය.මේ අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වූ නිම නොවන සාකච්ඡාවක් ලංකාවේ අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවෙමින් තිබේ. 1978 ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳ මහජනයාද, දේශපාලන පක්‍ෂද අතර ඇතිවී තිබෙන බරපතළ විවේචන සහ අසන්තුෂ්ටිය එයට පසුබිම් වී ඇති කාරණයයි. එහෙත් ලංකාවේ දැනට තිබෙන ගැටලුවක් නම්, අලුත් මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද යන කරුණ ගැන එකඟතාවකට පැමිණීමට දේශපාලන පක්‍ෂවලට නොහැකි වීමයි. සමානුපාතික ක්‍රමයත්, පැරණි ඡන්ද කොට්ඨාස ක්‍රමයත් කළවම් කරන ‘මිශ්‍ර ඡන්ද ක්‍රමයක්’ සඳහා සාමාන්‍ය එකඟතාවක් තිබුණද, එම මිශ්‍ර කිරීම කෙසේ සිදුවිය යුතුද යන්න ගැන දේශපාලන පක්‍ෂ අතර මතභේද පවතී. මේ අතර, කුඩා සහ සුළු ජනතාව නියෝජනය කරන පක්‍ෂ සිතන්නේ ඔවුන්ගේ නියෝජනයට දැනට තිබෙන අවකාශය අහෝසි කරන ප්‍රතිසංස්කරණවලට ඉඩ නොතැබිය යුතු බවයි. සිංහල බහුතර ජනතාව මත පදනම් වන ප්‍රධාන පක්‍ෂවලට දේශපාලන නියෝජනයේ ඒකාධිකාර බලය ලැබනෙ පරිදි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත්, සුළු ජනතාව නියෝජනය කරන සහ ප්‍රමාණයෙන් කුඩා පක්‍ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරෙන ආකාරයේ සංශෝධන කිරීමටත් ඉඩ නොතැබීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී හරය ආරක්‍ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණෙන් තොර මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ හුදු තාක්‍ෂණික ව්‍යායාමයක් බවට ලඝුවී තිබෙන්නේ එබැවිනි..සර්වජන ඡන්ද බලයේ අනූවසර සිහිකරන ගමන්ම, ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමද පුරවැසියන් සතු දේශපාලන වගකීමකි. මේ ලිපියේ අරමුණ මෙම කරුණ පැහැදිලි කිරීමයි. පළමුවෙන්ම අපි 1931දී ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙනු ලැබීමේ දේශපාලන වැදගත්කම හඳුනා ගනිමු..නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූ ග්‍රහණය.ඓතිහාසික කරුණු අප ආපසු මතක් කර ගන්නේ නම්, බි්‍රතාන්‍ය යටත්විජිත පාලකයන් ලංකාවට සර්වජන ඡන්ද බලය ‘ප්‍රදානය’ කෙළේ දේශීය දේශපාලන ප්‍රභූ පන්තීන්ගේ බලවත් විරෝධය මධ්‍යයේය. සිංහල සහ දෙමළ ප්‍රභූහු, වෙනත් කරුණු මත එකිනෙකාට විරුද්ධව බෙදී සිටියද, මෙම කාරණයේදී එකට සිටියහ. ඔවුහු, ස්ත්‍රීන්ට සහ දෙමළ සහ අධ්‍යාපන සුදුසුකම් නැති සාමාන්‍ය ජනතාවට ඡන්ද බලය ලබාදීමට තදින්ම විරුද්ධ වූහ. මෙම ප්‍රභූ පන්තියට අවශ්‍ය වූයේ සීමිත මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා දේශපාලන නියෝජනය ප්‍රභූන්ට පමණක් සීමා කිරීමයි. එහෙත් තමන්ගේ විරෝධයද නොතකා සර්වජන ඡන්ද බලය මහජනතාවට ලැබුණු පසු මෙම ප්‍රභූ කොටස් කෙළේ නියෝජන ක්‍රමයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තම ග්‍රහණයට ගැනීමයි. අත්පත් කරගැනීමයි..ලංකාවේ නියෝජන ක්‍රමය තවමත් පවතින්නේ මෙම ප්‍රභූ ග්‍රහණයේය. එබැවින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව බැරෑරුම්ව සිතන ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ඉදිරියේ අද තිබෙන වගකීම වන්නේ ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සඳහා නියෝජන ක්‍රමය ප්‍රභූ ග්‍රහණයෙන් මුදවා ගැනීමේ විකල්ප යෝජනා ගැනත් සිතීමයි..1931දී ඡන්ද බලය සාමාන්‍ය පුරවැසියන්ට, පංති හෝ ස්ත්‍රී-පුරුෂ හෝ භේදයකින් තොරව ලැබීමෙන් සිදුවූ වැදගත් සහ කල්පවත්නා දේශපාලන ප්‍රතිඵලයක් ගැන මතක් කරගැනීම, නියෝජන ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට කැපවන පුරවැසියන් සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. එය නම්, තමන්ගේ පාලකයන් ප්‍රභූ පන්තියේ සාමාජිකයන් වුවත්, ඔවුන් පත් කිරීමේ සහ ඔවුනට බලය පැවරීමේ අධිකාර බලය තිබෙන්නේ තමන් සතුවය යන අවබෝධය ඉතා දුගී, දුප්පත්, බල රහිත, ගොවි කම්කරු කුලහීන ආදි පසුබිම් සහිත ඡන්දදායකයාට පවා අවබෝධ වීමයි. සර්වජන ඡන්ද බලය මත ගොඩනැගී ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන, සමාජීය වශයෙන් ඉතාම බලවත්, ප්‍රජාතාන්ත්‍රීය සහ ආකර්ෂණීය පැතිකඩ වන්නේ මෙම කාරණයයි..ගොවි, කම්කරු සහ දුගී ජනතාව අතිබහුතරයක් සහිත ජනගහනයක් සහ ඡන්දදායක ප්‍රජාවක් තිබෙන ලංකාවේ සමාජයේ, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට සමාජීය සුජාතභාවය ලැබී තිබෙන්නේ මෙම කරුණ නිසාය. 1930 ගණන්වල සිට ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යැයිද සමාජවාදීහු එය හඳුන්වති. අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක් සහ දුර්වල ධනේශ්වර පන්තියක්ද සහිත ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැස ගැනීමේ එක් ප්‍රධාන සාධකයක් වූයේ සර්වජන ඡන්දබලය සහ තරගකාරී බහුපක්‍ෂ ක්‍රමය අනුව හැඩගැස්වුණු මැතිවරණ ක්‍රමය තුළින්, පාලකයන්ට බලය පැවරීමටත්, පාලකයන් බලයෙන් ඉවත් කිරීමටත්, පාලිත සාමාන්‍ය ජනතාවට ලැබී තිබෙන මෙම අධිකාර බලය සහ ඒ පිළිබඳව එම ජනතාව සතු අවබෝධයයි. ‘සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ එක් ප්‍රධාන මිනුම් දණ්ඩක් වන ‘මැතිවරණවලදී සිදුවන ඉහළ ජනතා සහභාගිත්වය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළ අනුපාතය’ යන සාධකයට නිරන්තර නිදසුනක් වීමට ලංකාවට හැකිවීමේ රහසද එයයි..නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය.එසේ වුවත්, නිදහසින් පසු කාලය තුළ ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට භාජනය වී තිබෙන අතර, එම අර්බුදය වර්තමානයේදී උත්සන්න වී තිබේ. එම වර්තමාන අර්බුදයේ ප්‍රධාන ලක්‍ෂණයක් සහ ප්‍රකාශනයක් වී තිබෙන්නේ, මැතිවරණවලින් කවර සාධනීය දේශපාලන ප්‍රතිඵල ඇතිවන්නේද යන්න ගැන අප රටේ බොහෝ ඡන්දදායකයන් අතර ඇති බරපතළ අවිශ්වාසයයි. ‘මැතිවරණවල සාධනීය ප්‍රතිඵල’ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන න්‍යායෙන් ලැබෙන පිළිතුරු දෙකක් තිබෙන අතර, ඒ දෙකම පිළිබඳවද අප රටේ ඡන්දදායකයන් බොහෝ දෙනා අතර දැනට ඇතිවී තිබෙන බව පෙනෙන්නේ අවිශ්වාසයකි. පළමුවැනි පිළිතුර මැතිවරණයකදී, පාලකයන් සමග ඇතිකරගෙන තිබෙන ‘සමාජ ගිවිසුම’ අලුත්කර ගැනීමට අවස්ථාවක් මහජනතාවට ලැබෙන්නේය යන්නයි. දෙවැනි පිළිතුර, ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීම මගින් අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙන්නේය යන්නයි..මේ පිළිතුරු දෙකටම දැන් අප රටේ මහජන විශ්වාසයක් නැත. එයටද ප්‍රධාන හේතු තුනක් අප රටේ ගොඩ නැගී තිබෙන බව පෙනේ. පළමුවැන්න, මැතිවරණය යන්න දේශපාලන බලය සහ ධනය තමන් වෙත ඒකරාශී කරගැනීමේ ආත්මාර්ථකාමී ව්‍යාපෘතිය ඉටුකර ගැනීමේ අවස්ථාව පාදා ගැනීමේ අවකාශය ලෙස, දේශපාලන ප්‍රභූ පන්තිය අතර වර්ධනය වී තිබෙන භාවිතයයි. මෙම සංසිද්ධිය ‘නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රභූ පන්තිය විසින් අත්පත් කරගනු ලැබීම’ යනුවෙන් කෙටියෙන් හැඳින්විය හැකිය. දෙවැන්න නම්, පළමුවැන්න සමග සම්බන්ධ වී ඇති අත්‍යන්ත දූෂණයයි. සෑම මැතිවරණයක්ම, ඡන්දදායකයන් රැවටීමේ, දේශපාලන වශයෙන් මුලා කිරීමේ සහ ඔවුන්ගේ දේශපාලන අහිංසකත්වයෙන් සාපරාධී ලෙස අයුතු ප්‍රයෝජන ගැනීමේත් මාධ්‍යයක් බවට දේශපාලන පක්‍ෂද, දේශපාලන නායකයන්ද, මැතිවරණ ව්‍යාපාර මෙහෙයවන වෙළඳ ප්‍රචාරක සහ සමාජ මාධ්‍ය සමාගම්ද විසින් පත්කරගනු ලැබීම මෙම ‘මැතිවරණ දූෂණයේ’ම එක් පැත්තකි. බොරු පොරොන්දු දීමද එම මැතිවරණ දූෂණ ක්‍රියාවලියටම අයත් තවත් භාවිතයකි..තුන්වැනි හේතුව, සෑම මැතිවරණ ක්‍රියාවලියකදීම සිදු කර ඇති ආකාරයට, අප රටේ පුරවැසියන් අතර බෙදීම්, අවිශ්වාසය හා වෛරය ජනිත කරවන වර්ගවාදී ජාතිකවාදය පැතිරවීමයි. ලබන අවුරුද්දේ සිදුවිය හැකි පළාත් සභා මැතිවරණය සඳහා කරන පෙර සූදානමක් ලෙස වර්ගවාදී ජාතිකවාදය ඇවිස්සීමට දැනට සිටින පාලක පන්තියේ කොටස් දැන්ම පටන් සූදානම් වන බව පෙනේ. මැතිවරණ යනු ස්වාධීන, දේශපාලන වශයෙන් පරිණත මහජන මතයක් ප්‍රකාශ වීමේ මොහොතක් නොව, මහජන මතය විකෘති කිරීමට දේශපාලන අවස්ථාවාදීන්ට අවකාශ ලැබෙන සහ විකෘති කරන ලද මහජන මතයක් ප්‍රකාශයට පත්වන මොහොතක් වීම මෙහි ප්‍රතිඵලයයි. මෙය මහජන මතය පිළිබඳ සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී උපකල්පන නිෂේධ කරන වර්ධනයකි..නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා.ඉහත කී ආකාරවලින් ප්‍රකාශ වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට පිළියම් ලෙස පවත්නා මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතිකළ යුතුය යන තර්කයද අප රටේ ගොඩ නැගී තිබේ. සමානුපාතික නියෝජන ක්‍රමය සංශෝධනය කිරීමත්, සමානුපාතික ක්‍රමය සහ කොට්ඨාස ක්‍රමය සංයෝග කළ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමත් පිළිබඳ යෝජනා දැනට පාර්ලිf්න්තුවේත්, සමාජයේත් සාකච්ඡා වෙමින් තිබේ..මෙම කරුණ ගැන තරමක් ගැඹුරට විමසා බලන විට කෙනකුට පෙනෙන දෙයක් නම්, ගැටලුව තිබෙන්නේ ඡන්ද ක්‍රමයේ පමණක් නොව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේද මූලධාර්මික අඩුපාඩුවක් වශයෙන්ද බවයි. එහි අර්ථය ඡන්ද ක්‍රමයේ දුර්වලතාවලට පිළියම් යොදන ගමන්ම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලතාවලටද පිළියම් යෙදිය යුතුය යන්නයි. අප රටේ අත්දැකීමෙන් අවධාරණය වී තිබෙන්නේ, ඡන්ද ක්‍රමයේ දුර්වලතා පමණක් නොව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේද දුර්වලතා වීම, අපගේ මෙම සාකච්ඡාව පහසු කිරීමට හේතුවන බවද කිව යුතුව තිබේ..නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන සීමාවක් ලංකාවේ පුරවැසියන් අතර මේ දිනවල සිදුවන දේශපාලන සාකච්ඡාවේද ප්‍රධාන තේමාවක් වී තිබේ. එය නම්, දේශපාලන පක්‍ෂයක්ද, දේශපාලනඥයන්ද බලයට පත්කළාට පසු, ඔවුන් කෙතරම් දූෂණයේද, අයුතු ලෙස ධනය ඉපැයීමේද, බලය අයුතු ලෙස භාවිත කිරීමේද, මැතිවරණ පොරොන්දු කඩකිරීමේද, අසාර්ථක ආණ්ඩුකරණයේද යෙදුණද, ඡන්දදායකයන්ට අවුරුදු පහක් යන තුරු තමන් කළ වරද නිවැරදි කර ගැනීමට අවස්ථාවක් නොලැබේය යන්නයි. දූෂිත බලලෝභී දේශපාලනඥයෝ ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මෙම අඩුවෙන් උපරිම වාසි ලබාගනිති. මෙය වනාහි ලංකාවේ ඡන්ද ක්‍රමය ගැන ජනතාව අතර පවත්නා විවේචනයක් පමණක් නොවේ. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද අප රටේ පුරවැසියන් වෙතින් මතුවන බැරෑරුම් විවේචනයකි..ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේත්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේත් ප්‍රධාන ආරම්භක න්‍යායධරයා වූ 17වැනි සියවස අගදී ඒ ගැන ලියූ ඉංග්‍රීසි ජාතික ජෝන් ලොක් කියා සිටි පරිදි, පාලකයන් සහ ජනතාව අතර ඇත්තේ අන්‍යොන්‍ය විශ්වාසය මත ගොඩනැගුණු ගිවිසුමක් වැනි සම්බන්ධයකි. එම ගිවිසුම උල්ලංඝනය කරන පාලකයන් බලයෙන් ඉවත් කිරීමට සහ සාමකාමීව එය සිදුකිරීමට මහජනතාවට අවස්ථාවක් ලැබේ. මැතිවරණවලදී ඡන්දදායකයන් කරන්නේ සිටින පාලකයන්ට නැවත බලය දීම හෝ බොරු පොරොන්දු දී ඇති පාලකයන් ඔවුන් සතුව තිබි ආණ්ඩු බලයෙන් ඉවත් කිරීමයි. එහෙත් අවුරුදු පහක් වන තුරු නැවත අවස්ථාවක් මහජනතාවට නොලැබීම සම්භාව්‍ය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන දුර්වලතාවයි. මෙම විවේචනය තදින්ම ඉදිරිපත් කෙළේ දහ අටවැනි සියවසේ ප්‍රංශ සමූහාණ්ඩුවාදීන්ය. එහි ප්‍රධාන ප්‍රකාශකයා වූ රූසෝ උපහාසාත්මකව කියා සිටියේ, එංගලන්තයේ ඡන්දදායකයන් කරගන්නේ අවුරුදු පහකට වරක් තමන්ම රවටාගනිමින්, නැවත වරක් සිය කැමැත්තෙන්ම වහල්භාවයට පත්වීමේ සතුට ලබාගැනීම බවයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලංකාවේ ඡන්දදායකයන් අතර තිබෙන්නේද මෙවැනි ආකාරයේම උපහාසාත්මක විවේචනයකි. රූසෝගේ පොත් කියෙව්වේ නැති වුණත්, ඔවුන් සිතන්නේ අත්දැකීම් වෙතින් ලබාගත් දේශපාලන විචක්‍ෂණභාවය සහිතවය..ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු 1931 සර්වජන ඡන්ද බලය සමග ලංකාවේද ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන න්‍යායික සහ ආයතනික ධාරාවයි. ලංකාවේ ජනතාව වෙතින් ඒ පිළිබඳව එක් අතකින් ගොඩනැගී තිබෙන්නේ සමූහාණ්ඩුවාදී විවේචනයකි. ඊට අමතරව, අපගේ සාකච්ඡාවට අදාළ වන සමාජවාදී සහ ස්ත්‍රීවාදී විවේචනද තිබේ. ඒ ගැනද කෙටියෙන් හඳුනාගනිමු..සමාජවාදී සහ ස්ත්‍රීවාදී විවේචන.නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මාක්ස්වාදී-සමාජවාදී විවේචනයද සමූහාණ්ඩුවාදී විවේචනය වෙතින් ආභාසය ලැබුවකි. එම විවේචනයද ගොඩනැගුණේ යුරෝපයේ සර්වජන ඡන්ද බලය නොතිබුණ, දේපළ හිමි පිරිමින්ට පමණක් ඡන්ද බලය හිමිවූ, ඒ නිසාම නියෝජිතයන් තේරීමේ අයිතියත්, නියෝජිතයන් වීමේ අයිතියත්, දේපළ හිමි ධනපති සහ රදළ සමාජ ස්තරවලට සීමාවූ සමාජ පසුබිමකය. ධනේශ්වර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දේපළ හිමි පන්තිවල ආධිපත්‍යය, කම්කරු සහ දුගී ජනතාව මත පවත්වාගැනීමේ මාධ්‍යයක්ය යනු මාක්ස්වාදී-සමාජවාදී විවේචනයේ ප්‍රධාන තර්කයයි. ධනේශ්වර පන්ති පාලනයට මහජන සහාය සහ සුජාතභාවය ලබාගැනීමේ මාධ්‍යය ලෙස නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විවේචනයට ලක්කිරීම සර්වජන ඡන්ද බලයෙන් පසුව සමාජවාදීන් අතරින් මතුවූ ප්‍රතිචාරයකි. ධනවාදී ක්‍රමය තුළ ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ වශයෙන් නියෝජනීය හෝ ප්‍රජාතන්ත්‍රීය හෝ නොවන්නේය යන්න මාක්ස්වාදී-සමාජවාදී විවේචනයේ හරයයි..ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ස්ත්‍රීවාදී විවේචනයද මෙම මාක්ස්වාදී-සමාජවාදී විවේචනය වෙතින් ව්‍යුත්පන්න වූවකි. ලිබරල් නියෝජන ආණ්ඩු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට, එනම් සර්වජන ඡන්ද බලය සඳහා, සටන් කළ ප්‍රධානතම සමාජ බලවේගයක් වූයේ ස්ත්‍රීන්ය. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ තර්කය නම්, රටක ජනගහනයෙන් අඩක්ම වන ස්ත්‍රී පුරවැසියන්ට, ඡන්ද බලය හෝ මහජන නියෝජිතයන් වීමට හෝ අයිතියක්ද අවකාශයක්ද නැතිතාක් කල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනීය හෝ ප්‍රජාතාන්ත්‍රීය හෝ නොවන බවයි. ලංකාවේ ඇති තවත් සුවිශේෂ ගැටලුවක් ස්ත්‍රීවාදී ව්‍යාපාරයෙන් අවධාරණය කෙරේ. එය නම්, ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබුණද, මැතිවරණවලදී විශාල ස්ත්‍රී සහභාගිත්වයක් තිබුණද, පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය, පළාත් සභා, පළාත්පාලන ආයතන යන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ත්‍රී නියෝජනය ඉතා අවම මට්ටමක පැවතීමයි..විසඳුම් ගැන සිතීම.අපගේ සාකච්ඡාවේ ඊළඟ උප තේමාව විය යුත්තේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවැනි දුර්වලතාවලට විසඳුම් කවරේදැයි පරිකල්පනය කිරීමයි. ලංකාවේ අපට ඒ සඳහා ප්‍රවේශ විය හැකි ආකාර දෙකක් තිබෙන බව පෙනේ. පළමුවැන්න, ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පත් වී ඇති නිර්ප්‍රජාතන්ත්‍රවාදී විකෘතිවීම් හඳුනාගෙන, ඒවා දේශපාලන සහ සමාජ භාවිතවලින් ඉවත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය පුනර්ජීවනය කිරීමේ නව මහජන ව්‍යාපාරයක න්‍යාය පත්‍රය සමග බද්ධ කිරීමයි..දෙවැන්න, ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පවත්නා සමූහාණ්ඩුවාදී, සමාජවාදී සහ ස්ත්‍රීවාදී විවේචනවලින් මතුකරන පවත්නා නියෝජන ක්‍රමයේ අඩුපාඩුවලට ආමන්ත්‍රණය කරන නව ප්‍රතිසංස්කරණ යෝජනා නිර්මාණය කිරීමයි. ඒවායේ අරමුණ විය යුත්තේ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු සහ ශක්තිමත් කිරීමයි. ඒ සඳහා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ අංග එකතු කිරීමද, ඡන්දය දී පාලකයන් පත්කිරීමට අමතරව, සක්‍රිය දේශපාලන ජීවිතයක් පුරවැසියන්ට ලබාගැනීමට හැකිවීමේ සක්‍රිය පුරවැසිභාවය පිළිබඳ විකල්ප ඉදිරි දැක්මක් ගොඩනැගීමද ගැන අලුතෙන් සිතා බැලිය හැකිය..අපේ සාකච්ඡාවේ මෙම ඉතිරි කොටස ලබන සතියේදී සම්පූර්ණ කරමු. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article‘එයාර් ඉන්දියා’ විකුණා දමයි;.‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු.Next articleඅප්‍රිකානු කලාපයේ අසමත් රාජ්‍යවල.මූලික ලක්ෂණයන්ට ලංකාවත් සමානයි.දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය ආචාර්ය.සම්පත් රාජපක්ෂ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
හිට්ලර්ලා හා ආර්යාවන් නැති අනාගතයක් රටට අවශ්‍ය වී තිබේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හිට්ලර්ලා හා ආර්යාවන් නැති අනාගතයක් රටට අවශ්‍ය වී තිබේ.By සංස්කාරක.July 21, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.x ජනවාරිවරුන්ට අවශ්‍ය 2015 ජයග‍්‍රහණය ඉදිරියට ගෙනයන ප‍්‍රතිපත්තියකි..x දේශපාලන පක්‍ෂයකින් නොවන ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරියට පැමිණීමට හොඳටම ඉඩ තිබේ..x එවැනි අපේක්‍ෂකයකුට ලක්‍ෂ කිහිපයක ඡුන්ද එකතු කර ගැනීම අපහසු දෙයක් නොවේ..නා යක භික්‍ෂුවක, හිට්ලර් කෙනකුු රටට ඉල්ලා ගෙවී ගියේ මාස කිහිපයක් පමණකි. දැන්, ආර්යාවක ලෙස තමාම සිංහාසනාරූඪ කරගත් මහත්මියකද කරළියට පැමිණ ඇත. ‘ආ’ යන්න ‘භා’ යන්න කිරීමට ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයවන්නන් කොයිතරම් මහන්සි වුණත්, තමා අනාගත නායකයාගේ ආර්යාව යැයි, ජලනි පේ‍්‍රමදාස මහත්මිය කී වචනය නැවත ආපසු ඇද ගන්නට නොහැකි වන සේ ජනමනස තුළ කිඳා බැස තිබෙන බව පෙනේ. ඒ, තිගැස්මක්ද සහිතවය..එසේ වන්නේ ආර්යාවන්ට රටේ ඉතිහාසයක් තිබෙන නිසාය. එය හුදු පෞද්ගලික ඉතිහාසයක් නොවේ. දේශපාලන ඉතිහාසයකි. බලය හා අත්තනෝමතිකත්වය පිළිබඳ ඉතිහාසයකි..පළමු විධායක ජනාධිපති ජේආර් ජයවර්ධනගේ බිරිඳ එලීනා ජයවර්ධන ඒ කාලයේ රජයේ මාධ්‍ය හැඳින්වූයේ ‘ජයවර්ධන ආර්යාව’ යනුවෙනි. එහෙත්, කවුරුත් දන්නා පරිදි එලිනා ජයවර්ධන මහත්මිය, සිය ජීවිතයෙන්ම තමා මවාගත් ‘ආර්යාකම’ක් නැති සාමාන්‍ය ගැහැනියක බව ඔප්පු කර, නිහතමානිව ජනාධිපති නිල නිවෙසින් නික්ම ගියාය. ඊට පසු අපට හමුවන්නේ පේ‍්‍රමදාස ‘ආර්යාව’යි. සමාජ ස්තරායනය අනුව තමාට කිසිදා අත්පත් කරගැනීමට නොලැබෙන මහන්තත්තයක්, හුදෙක් දේශපාලන බලයේ ආනුභාවයෙන් ආලේප කරගත් හේමා පේ‍්‍රමදාස මහත්මිය, ඊනියා ආර්යාකමට සරිලන්නට ජීවිතය සාටෝපවත්ව ගෙවන්නට ගොස්, රටේම ඇති කළ කලබැගෑනිය මෙන්ම හාස්‍යයද සුළුපටු නැත. ඒ ඇගේ සැමියා ජනාධිපතිකම් කළ අවුරුදු හතරක් වැනි කෙටි කාලයක් තුළදීය. අශ්ව රේස්, ටෙනිස් ක‍්‍රීඩා හා ඡුායාරූප ශිල්පීන් ඝාතන වැනි අතීතයට එකතු වුණු සිදුවීම් ඒ ඉතිහාසයේ කිලිටි සලකුණුය. යම් හෙයකින් ආර් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ධුර කාල දෙකක් ගතකෙළේ නම්, පේ‍්‍රමදාස මහතා විසින් රටේ ඇතිකරන්නට ඉඩ තිබුණු භීෂණයට අමතරව, හේමා පේ‍්‍ර්මදාස ආර්යාව විසින්ද ඇතිකරන්නට තිබුණු බිය සහ අවුල නොසලකා හළ නොහැකිය..ඉන්පසු ආර්යාවක හමුවන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනයේදීය..මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ අවුරුදු නවයක කාලය තුළ, ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පිල් විදහා නටන්නට ගොස් සමාජය ඉදිරියේ ඇතිකර ගත් විනාශකාරී ප‍්‍රතිරූපයද නැවතත් මතක් කළ යුතු නැත. කාල්ටන් මොන්ටෙසෝරිවල සිට සිරිලිය ගිණුම් හරහා වසීම් තාජුදීන් ඝාතනය දක්වා පරාසයක, ඇගේ කෙරුවාව ගැන තොරතුරු තිබේ..ඒ දෙදෙනාට ස්තුතිවන්නට, අද ‘ආර්යාව’ යන්න පාවිච්චි කෙරෙන්නේ ගෞරවනීය අර්ථයකින් නොවේ. විකාර සහගත හා භයානක මුහුණුවරකිනි. එනිසා, දැන් නැවතත් ආර්යාවන් ගැන මතුවන කතාව, හුදු වචන පටලැවිල්ලකට එහා ගිය දේශපාලන අනතුරක් ලෙස දැනුවත් සමාජය පිළිගත යුතුය. 2015 ජනවාරිවරුන් කළ වෙනස, හිට්ලර්ලාට එරෙහිව මෙන්ම ආර්යාවන්ටද එරෙහිව කළ වෙනසක් නිසාය. රට යළිත් කුමන හේතුවක් නිසාවත් හිට්ලර්ලාට නතු නොවිය යුතුවාක් මෙන්ම ආර්යාවන්ද රටට අවශ්ය නැත..ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා බලවත් ලෙස සූදානම් වෙයි. මංගල සමරවීර ඇමතිවරයාගේ දේශපාලන ජීවිතයට අවුරුදු තිහක් සපිරීම නිමිත්තෙන් පසුගිය සතියේ මාතරදී පැවැති උත්සවය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා හැටියට දේශපාලන වශයෙන් බෞතීස්ම කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් බව පෙනීගියත්, කුමන හේතුවක් නිසා හෝ එය ඒ ආකාරයෙන්ම සිදු නොවීය. අන්තිමේදී වැඩපිළිවෙළ සජිත් පේ‍්‍රමදාස මහතාගේ කතාවකට පමණක් සීමා වූ බවක් පෙනිණ. අනාගත ජනාධිපතිවරයකුගේ කතා ශෛලියක් ආරූඪ කරගෙන ඔහු කළ කතාව, හැමදාම ඔහු කරන අරුත් සුන්, සමාන පද රාශියකින් යුක්ත කතාවම මිස අන් කිසිවක් නොවීය. ආර්ථිකය ගැනත්, තමාගේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැටියට ඔහු කී දේත් අලූත් සත්‍යයන් නොවේ. රටේ ආදායමෙන් වැඩි ප‍්‍රතිශතය සුළුතරයටක් භුක්ති විඳින බවත්, අඩු ප‍්‍රතිශතය බහුතරයක් භුක්ති විඳින බවත්, තමා සමාජවාදයටත් ලිබරල්වාදයටත් නැති ආර්ථික ක‍්‍රමයක් ඇතිකරන බවටත් ඔහු කී කතාවේ කිසිම අලූත් විග‍්‍රහයක් තිබුණේ නැත. සජිත් පේ‍්‍රමදාස මහතාට පෙර දෙමළ සන්ධානයේ නායක ආර් සම්පන්දන් කළ කතාව, දෙමළ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල හා කෝපය, පසුගිය දශක පහක පමණ කාලය තුළ සිදුවූවාක් මෙන්ම, නැවතත් ප‍්‍රකාශ කළ අවස්ථාවක් විය. එහෙත්, නැවත වරක් මිනිසුන් කම්පනය කරවන බලයක් ඒ කතාවට තිබිණ. සම්පන්දන් මහතාගේ කතාව අවසානයේ දහසකට වැඩි වූ සභාවේ සිටි සියලූම දෙනා අසුන්වලින් නැගිට ඔහුට ගෞරවය දැක්වූයේ ඒ කතාවෙන් ඇතිවුණු සහකම්පනය නිසාය..එහෙත් පුදුමයකට මෙන් සම්පන්දන් මහතාට පසුව කතාකළ සජිත් පේ‍්‍රමදාස මහතා වචනයකින්වත් සම්පන්දන් මහතාගේ කතාවට ප‍්‍රතිචාරයක් නොදැක්වීය. එක්කෝ සම්පන්දන් මහතාගේ කතාව අතරතුර ඔහු හැමදාමත් හැම තැනකමත් බැ?රුම් සාකච්ඡුාවක් යන අතරතුර කරන පරිදි, සිය ජංගම ¥රකථනයේ රාජකාරියේ යෙදී සිටියේය. නැතිනම්, සම්පන්දන් මහතාගේ කතාව ප‍්‍රතිචාර දැක්විය යුතු තරමේ වැදගත් දෙයක් නොවන බව සිතුවේය..කොහොම නමුත්, එදා එහි සිටි බොහෝ දෙනා වික්‍ෂිප්තව සිටියේ, මංගල සමරවීර වැනි ඉදිරි ගාමී දැක්මක් ඇති කෙනකු, මේ තරම් පසුගාමී, වැඩවසම් චින්තනයක් සහිත සජිත් පේ‍්‍රමදාස වැන්නකු කර තබාගෙන යන හේතුව කුමක්ද යන්න තේරුම් කරගත නොහැකිවය. තවමත් එය ප‍්‍රහේලිකාවකි..පසුගිය සතියේ ජනාධිපතිවරයාද සහභාගිවුණු මහජන රැුස්වීමකදී, මරණ දඬුවම යළිත් ක‍්‍රියාත්මක කිරීම අනුමත කරමින් සජිත් පේ‍්‍රමදාස මහතා කළ කතාව, ඔහුගේ පසුගාමී චින්තනය නැවතත් සංකේතවත් කෙළේය. එවැනිම සභාවකදී, සෑම පන්සලකටම කුඹුරු ඉඩමක් දෙන බවට ඔහු කළ ප‍්‍රකාශයද, භික්‍ෂූන් අතරම හාස්‍යයට ලක්වී ඇති ආකාරය දැනගන්නට තිබේ..මේ විහිළු කතාවලට අමතරව, සජිත් පේ‍්‍රමදාස මහතා බිහිසුණු අදහස් කිහිපයක්ද මෑත කාලයේ කිව්වේය. ජාතික ආරක්ෂාව සඳහා මානව අයිතිවාසිකම් දෙවැනි තැනට දැමිය යුතුය යන්න එයින් එක් කතාවකි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කොට පවත්වාගත යුතුය යන්න තවත් කතාවකි. මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අවශ්‍යය යන්න එහි අලූත්ම කතාවයි. (ගෝඨාභය රාජපක්‍ෂ සැකකරුවන්ට මරණ දඬුවම් දුන්නේ ‘ආයුධ පෙන්වීමට ගොස් බෝම්බයක් දමා ගැසීම හේතුවෙන් ආත්මාරක්‍ෂාව සඳහා වෙඩි තබන්නට සිදුවිය’ යන තිරනාටකය යටතේය.* මේ සියලූ කතා හිට්ලර්වරුන්ගේ කතාය. වෙඬරුවේ උපාලි නායක හිමියන් බලාපොරොත්තු වන නායකයා වු හිට්ලර් පන්නයේ ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේද මේ කතාමය. ඉතින්, සජිත් සිංහාසනාරූඪ කරමින්් තවත් ගෝඨාභය කෙනකුම රටේ අනාගතය සඳහා තෝරාගත යුතුද?.මේ සියලූ ආකාරයෙන් පසුගාමී සජිත් පේ‍්‍රමදාස කෙසේ හෝ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය යුතු බවට තදින්ම වැඩකරන එජාපයේ මැතිඇමතිවරු රාශියක් සිටිති. ජනාධිපතිවරණය දිනන්නට සජිත් අවශ්‍යමය යන්න ඔවුන්ගේ විශ්වාසයයි. සජිත් අපේක්‍ෂකයා වුණොත්,.ගෝඨාභය රාජපක්‍ෂ පැරදවීම සඳහා අනෙක් සියලූම දෙනාට ඔහු වටා අනිවාර්යයෙන්ම රොක් වන්නට සිදුවන්නේයැයි ද ඔවුන්ට වෙනත් විකල්පයක් නැතැයිද, සජිත් කර උඩ තියාගෙන යන්නන්ගේ උද්දච්ච තර්කය වී තිබේ. එහෙත්, ඔවුන් සලකා නොබලන වැදගත් කාරණයක් මතු කළ යුතුය..2015 ජයග‍්‍රහණය පසුපස සිටියේ එජාපය, දෙමළ සන්ධානය, ජවිපෙ හා අනෙකුත් දේශපාලන පක්‍ෂ පමණක් නොවේ. ඒ කිසිම පක්‍ෂයකට අයත් නොවන, ‘ජනවාරිවරු’ ලක්‍ෂ ගණනක්ද ඒ පිටුපස සිටියෝය. සජිත් පේ‍්‍රමදාස යනු එජාපයේ, නිදා සිටින හෝ රනිල් වික‍්‍රමසිංහට කැමති නැති හෝ පාක්‍ෂිකයන් පිරිස එකතුකරගත හැකි, නැගිටුවිය හැකි අපේක්‍ෂකයා වන්නට පුළුවන. එහෙත්, ‘ජනවාරිවරුන්’ එකතු කරගන්නට කිසිම සුදුසුකමක් සජිත් පේ‍්‍රමදාස සිය භාවිතාවෙන් දක්වා නැත. එවැනි සුදුසුකමක් ඔහුට තිබෙන බවක්, ඔහු කර උඩ කියාගෙන යන්නන් පෙන්වාදී ද නැත..විය හැක්කේ කුමක්ද?.ජනවාරිවරුන්ට වෙනත් විකල්ප සොයායෑමට සිදුවීමයි. මේ මොහොතේ ජනවාරිවරුන්ට අවශ්‍ය වන්නේ 2015 ජයග‍්‍රහණය, එහි අතහැරුණු හා වැරදුණු තැන් සකස්කර ඉදිරියට ගෙනයන ප‍්‍රතිපත්තියකි. ඒ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් ඉදිරියට දැමිය හැකි දේශපාලන පක්‍ෂයකින් නොවන වෙනත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරියට පැමිණීමට හොඳටම ඉඩ තිබේ. එවැනි අපේක්‍ෂකයකුට ලක්‍ෂ කිහිපයක ඡුන්ද එකතු කර ගැනීම අපහසු දෙයක් නොවේ. ඒ ඡුන්ද ප‍්‍රමාණය සජිත් පේ‍්‍රමදාස හා ගෝඨාභය රාජපක්‍ෂ වැන්නන්ගේ, සියයට පනස් එකක් ලබාගෙන පහසුවෙන් ජනාධිපති වීමේ සිහින බොඳ කර දැමීමට හොඳටම ප‍්‍රමාණවත් විය හැකි බව, ඔවුන් කර තියාගෙන යන්නන් හොඳින් තේරුම් ගත යුතුය.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදෙමළ ජාතික සංධානය කප්පම් ගත්තාද?.Next articleජනපතිකම පතන සජිත් පේ‍්‍රමදාසගේ නිවාස කෙරුවාව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක්!චෙස් ඇද්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක්!.චෙස් ඇද්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ.By සංස්කාරක.January 19, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ සංජීවනී රූපසිංහ.වෙල්ලූරු කෞතුකාගාරයෙන් ශ්‍රී ලාංකේය ස්වාධිපත්‍යයට මරු පහරක්.වෙල්ලූරුව ඉංග්‍රීසි ඌරුවට අනුව උච්ඡාරණය කරන විට වෙල්ලෝරයයි. එම නම අපට පුරුදුය. එහෙත් මම මේ ලිපි පෙළ තුළ සියලුම ඉන්දීය නම් ඉන්දීය ක්‍රමයට අනුව දෙමළ හෝ කන්නඩ හෝ හින්දි උච්චාරණය අනුව ලියන්නට වෙහෙසෙමි..වෙල්ලූරුව පිහිටා ඇත්තේ පාලර් නදියේ ගං ඉවුරේය. පාලර් නදිය ආරම්භ වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ නන්දි කඳු වැටියෙනි. මෙම සුන්දර කඳු වැටි ගැන මම වෙනත් දිනයක කියන්නට බලාපොරොත්තු වෙමි. පාලර් නදියේ උපන් ස්ථාවලින් ගලා එන රිදීවන් ජල දහරාද, එය මුහුදට වැටෙන තැන්වල ඇති සුන්දරත්වය ද විඳ ඇති මම පාලර් නදිය දිගේ තැන් තැන්වල නැවතී ගිමන් හළ සුන්දර අත්දැකීම් වෙනත් දිනයක කියන්නට තබා ගන්නම්. එය දකුණු ඉන්දියාව හරහා ගලා ගොස් ආන්ද්‍රා ප්‍රදේශය පසු කර චෙන්නායිහි දකුණු දෙසින් බෙංගාල බොක්ක මුහුදට වැටෙයි. පාලර් නදිය ඉහළ අහසට දිස්වන්නේ දකුණු ඉන්දියාව හරහා ලිහිල්ව බැඳි රිදීවන් පීත්ත පටියක් ලෙසිනි. නැතහොත් පීත්ත පටියක් දවටා ඇති ආකාරයෙනි..වෙල්ලූරුව චෙන්නායි සිට කිලෝමීටර් 140ක් පමණ බටහිර දෙසට වන්නට පිහිටා ඇති අතර කිලෝමීටර් 210ක් පමණ බැංගලූරුවලට නැගනහිරින් පිහිටා ඇත. එහි මිනිසුන් කතා කරන භාෂාව වූයේ දමිළ භාෂාවයි. එය ආන්ද්‍රා, චෙන්නායි, බැංගලූරු අතර මැද පිහිටන නගරයකි..විවිධ සිදුවීම් නිසා එය ඵෙතිහාසික නගරයකි. ඒ අතර වෙල්ලූර් බලකොටුව සුවිශේෂ මානව නිර්මාණයකි. විශාල දිය අගල්වලින් සමන්විත මහා ප්‍රාකාරවලින් යුක්ත එම බලකොටුව රාජ්‍යත්වයට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳ පැරණි රජවරුන්ගේ දැක්ම කියාපායි. එය සම්පූර්ණයන්ම ගලින් නිමවා ඇති සුවිසල් නිර්මාණයකි. මෙය කවදා ගොඩ නැංවුවක් ද යන්න පිළිබඳ නිශ්චිත සාධක නොමැති වුවත් එය එක්දහස් පන්සිය ගණන්වල ගොඩනැංවූවක්ය යන මතයක් තිබේ. කෙසේ වුවත් එය මිලිටරි ගෘහ නිර්මාණ ශිල්පයට ලෝකයේම ඇති ජීවමාන සාධකයකි..මෙය අයත් වන්නේ පැරණි චෝල දේශයටයි. අශෝක අධිරාජ්‍යයාට යටත් කර ගැනීමට නොහැකි වූ බලවත් රාජ්‍යයක් ලෙස එකල මෙය පැවතී ඇත. අශෝක සියලු ප්‍රාන්ත රාජ්‍යයන් යටත් කර ගනිමින් පැමිණි ගමනේ දී ඔහුට දකුණේ වූ බලවත් රාජ්‍ය වූ චෝල, පාණ්ඩ්‍ය ආදි රාජ්‍යයන් යටත් කර ගැනීමට නොහැකි විය. ඔහු යුද්ධයෙන් කළකිරුණේ එහිදී ය. දිග් විජය වෙනුවට ධර්ම විජය තෝරා ගත්තේ මෙයින් පසුවය..මෙම රාජ්‍යයන්හි පැවති අතීත ශ්‍රී විභූතිය මම ඔබට කියන්නම්. ඒවා ඇත්තටම මානව නිර්මාණ වන්නේ ද යන්න පවා පුදුම සහගත වූ නිර්මාණ මම ඔබට ගෙන එන්නම්. අපි ඇවිද යමු..වෙල්ලෝරය යැයි නම ඇසුණු සැණින් ඔබට සිහිපත්වන යමක් ඇතැයි මම සිතමි. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරකොට තැබූ නුවරයි. උඩරට අවසන් රජු මියගිය නුවරයි. ඔව්. සිංහලේ අවසන් රජු වන නායක්කාර් වංශික දමිළ රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසීන් විසින් සිරකොට තැබූ නිවසත් ඔහුගේ මරණයෙන් පසු භෂ්මාවශේෂ තැන්පත් කොට ඇති සොහොනත් තවමත් වෙල්ලූරුවේ ඇත..රජ මාලිගයෙන් පලා ගිය රජු ඇල්ලීමට ඇහැලේපොළ පනහක පමණ පිරිසක් සමඟ උඩුනුවර බලා ගිය බව ද මේජර් හුක්ගේ කණ්ඩායමක් ගනේතැන්නේ සිට හත්කොරළයේ වෑඋඩ දෙසට ගමන් කළ බව ද මහාචාර්ය අනුර මනතුංග සිය “ඇහැලේපොළ දෙවන රජ්ජුරුවෝ” කෘතියේ සඳහන් කරයි. බ්‍රවුන්රිග්ගේ ඉල්ලීම පරිදි ඇහැලේපොළ දුම්බරට ගියේ රජු එහි සිටින බවට වූ ආරංචියක් සමඟය. එහෙත් රජු එහි නොසිටියේ ය. එක්නැලිගොඩගේ පිරිසට 1815 පෙබරවාරි 18 දින මැදමහනුවර ගල්ලැහැවත්තේ උඩුපිටිය ආරච්චිලගේ නිවසේ සැඟවී සිටිය දී රජ සහ ඔහුගේ බිසවුන් දෙදෙනෙක් මුණගැසුණහ. ඔවුන් ඉංග්‍රීසි අත්අඩංගුවට පත් වන්නේ එහිදී ය. එක්නැලිගොඩලාගේ අමානුෂික වදබන්ධනයන්ට ගොදුරු වූ රජුගේත් බිසවුන්ගේත් ලේ වැකුණු ඇඳුම් අදටත් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඔවුහු බිසවුන්ගේ කණේ කඩුක්කම් කනත් සමඟ ඉරා ගත් බව කියැවේ. රජු ඌරෙකු මෙන් වැල් පටකින් බැඳ දක්කා ගෙන එනු ලැබීය. එදා එහි ගිය ඉංග්‍රීසි භට පිරිස් විසින් රජ ඇතුළු පිරිස ආරක්ෂා සහිතව කොළඹට ගෙන එන ලදහ. රජුගේ ප්‍රාණයට හානි නොකරන ලෙස ඇහැලේපොළ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටි බව කියැවේ. එහි කලක් නිවාස අඩස්සියේ වාසය කළ රජ පසුව වෙල්ලූරුවට ගෙනැවිත් එහි සිර කර තබන ලදි..රජු පිළිබඳ කිසියම් සාක්ෂි වෙල්ලූරු කෞතුකාගාරයේ ඇතැයි අනුමාන කළ මම එහි ගියෙමි..ඇතුල් වීමේ ටිකට්පතක් ස්වදේශිකයෙකුට රුපියල් පහක් වැනි ගණනක් වන අතර විදේශිකයෙකුට ඊට වැඩි ගණනකි. මම මුදල ද මගේ විදේශ ගමන් බලපත්‍රය ද කවුන්ටරය වෙත භාර දුනිමි..කවුන්ටරයේ නිලධාරියා කීවේ ඔබ ගෙවිය යුත්තේ රුපියල් පහක් පමණක් බවය. මා කීවේ මා විදේශිකයෙකු බවත් මගෙන් අදාළ මුදල අය කර ගන්නා ලෙසත්ය. ඔහු දිගටම තර්ක කළේ ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවත් විදේශිකයෙකු ලෙස ඔබ අප නොසලක බවත්ය..මා ඉඳුරා කීවේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන ස්වාධීන රාජ්‍යයක් බවය. දැන් ප්‍රශ්නය උග්‍රය. ඔහු කෙසේවත් එය පිළිගන්නට සූදානම් නැත. “නෑ නෑ මැඩම් ඔබ පිට කෙනෙක් නෙමෙයි. අපේ කෙනෙක්” ඔහු කියන්නේ අතිශය හෘදයංගමවය. එහෙත් අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවෙමු. ඔහු එය නොපිළිගත් විට ඔහුට පාඩුය. පාඩුව පසෙක තබා ඔහු කියන්නේ මා ඔවුන්ගේ නෑයෙකු බවයි..ස්වදේශිකයෙකුගේ ගණන ගෙවන්නේ නම් මට ලාභය. එහෙත් අපේ රටේ ස්වාධිපත්‍යය ඉන් නැතිවී යයි. මගේ ලාභය වෙනුවෙන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් යැයි පිළිගන්නට මා ද සූදානම් නැත. ඔහු කෞතුකාගාරයේ ඉහළ නිලයක් දරන නිලධාරියෙක් ගෙන්වීය..ඔහු කීවේ මා පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවෙන් නිසා කිසිම මුදලක් මගෙන් ලබා ගන්නට ඔවුන්ට නොහැකි බවයි. අප අතීතයේ සිටම නෑයන් බව ඔහු කියයි. ඒ සඳහා සාක්ෂි මෙම කෞතුකාගාරයේ කොයි තරම් ඇද්දැයි බලන්න යැයි ඔහු කියයි..එහෙත් විදේශිකයෙකු ලෙස ටිකට්පතක් මට අවශ්‍යම යැයි මම තර්ක කරමි..අවසානයේ කිසිම ටිකට් පතක් සඳහා ඔවුහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළහ..කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම තහනම් බව දන්වා තිබුණ ද සියලු දේහිම ඡායාරූප ගන්නට මා විමසන්නත් පෙරම අවසර ලැබිණි..ඔබේ අවසන් රජු සිටියේ මෙහි යැයි ද ඔහු පරිහරණය කරන ලද්දේ මේවා යැයි ද ඔවුහු මහත් සතුටෙන් මට පෙන්වූහ. ලංකාවෙන් කෙනෙක් එහි පැමිණියා යන්න ඔවුන්ට කළ ගෞරවයක් සේ සලකනු ලැබීය. ඉන්දියාවේ සිටින්නේ පුදුමාකාර මිනිසුන්ය..රජු භාවිත කළ භාණ්ඩ වෙල්ලූර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර එහි ඇති දුක්බරම මෙවලම වන්නේ ඔහු භාවිත කළ චෙස් පුවරුවයි. ඔහු චෙස් ඇද ඇත්තේ තනිවමය. එය ඔහු ජීවිතේ අත්විඳින ලද තනිකම පිළිබඳ කතාන්දරයක් පමණක් නම් එහිදී ඉතිරි වන්නේ දුක පමණකි. එහෙත් තනිවම චෙස් ඇදීම යනු එක්තරා දේශපාලන උත්ප්‍රාසයකි. ශ්‍රී වික්‍රම රාජසිංහ අනාගත දේශපාලනයේ සංකේතමය උත්ප්‍රාසය එසේ එදා සනිටුහන් කර ඇති බව පසක් වන්නේ අද ද දේශපාලනයේ දෙපාර්ශ්වයක් දෘශ්‍යමාන වුව ද ඇත්තේ එක පාර්ශ්වයක් පමණක් බව අප.දන්නා නිසා ය. දෙපැත්තේම චෙස් ඉත්තන් අදින්නේ එක් හස්තයක් විසිනි. මෙම සෙල්ලම ඇත්තක් යැයි සිතා බලා හිඳ මෝඩ ප්‍රීතියක් ගන්නෝ ජනතාවය..‘පද්මාවතී’ චිත්‍රපටයට පාදක වන ඵෙතිහාසික කතා පුවතට සම්බන්ධ රාජධානිය ද මෙම වෙල්ලූර් රාජධානියයි. එහි තවමත් ඇති විසල් බලකොටු ශ්‍රී ලාංකීය සිංහල කුමරියක වූ පද්මාවතිය වෙනුවෙන් සටන් වැදුණු දෙමළ රජුගේ රාජධානියේ ප්‍රෞඪත්වය කියාපායි. සුවිසල් දිය අගල් රාජ්‍යයේ ආරක්ෂක උපක්‍රමවල ස්වභාවය පෙන්වයි..එහෙත් ඒ සා විසල් යුද්ධයකට මඟ පාදන්නේ තමන්ගේ ප්‍රේමය නම් පද්මාවතියට කරන්නට තිබුණේ ඒ සා විසල් ජනතාවක් මරණයෙන් ගලවා මුසල්මානු රජ කුමරාට කැමතිව ඔහු හා යාම බව මට සිතෙයි. එය එවිට ඇගේ ජීවිතයේ පමණක් ඛේදවාචකය වී එයින් එය නිම වන්නේ ය. මා පද්මාවතී විණි නම් මා කරන්නේ එය බව මට සිතේ. ශරීරයෙන් ගැහැනියක අයිති කර ගැනීම කිසිදා ප්‍රේමයේ දිනීමක් නොවන බව ඇයට පසුව එම මුසල්මානු රජ කුමරාට කියා දෙන්නට තිබිණි..මා පද්මාවතී චිත්‍රපටය නැරඹුවේද චෙන්නායිහිදීය. මා එහි යන විට එය චෙන්නාහි තිරගත වීම පුදුම සහගත විය..ඇහැල්පොළ කුමාරිහාමි ද දරුවන් වනේ දමා කොටන්නට රජු නියෝග කළ විට එයට ඇය අකමැති වුව ද පසුව එයට කැමති වී ඇත්තේ අඩු කුලේ මිනිසෙකු සමඟ රමණය කරන්නට වූ දඬුවම කෙසේවත් කළ නොහැකි නිසාලු. එය ද පද්මාවතීගේ මාන්නයෙන් වෙනස් නොවන්නකි. ඇහැලේපොළ කුමාරිහාමි මා විණි නම් කිසිදා දරුවන් වනේ දමා කොටන්නට සූදානම් නොවී අඩු කුලේ මිනිසා අතින් දූෂණය වන්නට වුව ද කැමති වෙමි යි මම සිතමි. ලිංගික බලහත්කාරයේ ඇති ජාති කුල ආගම් භේද මොනවාද? බලහත්කාරය බලහත්කාරයම ය. හිංසාව හිංසාවමය..කතාබහ වෙනස් ඉසව්වකට ගෙන යන්නට මම දැන් උත්සාහ කරමි. වෙල්ලූරුවේම ඇති අසිරිමත් දෙවොලක් නරඹන්නට අපි යමු.■ (ලබන සතියට).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකලාකරුවෙකුට තමාම වෙන්න අවස්ථාව තිබිය යුතුයි.රංගන ශිල්පී/ගායක සූර්යා දයාරුවන්.Next articleඅත දිගහැර පහරදුන් රිදී තිරේ චණ්ඩියා.රොබින් ප්‍රනාන්දු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
කශ්‍යප නම් ඊඩිපස් කැරලිකරුවාගේ අකාලික කේතුමතිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කශ්‍යප නම් ඊඩිපස් කැරලිකරුවාගේ අකාලික කේතුමතිය.By සංස්කාරක.December 9, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කතාවේ හැටියට කශ්‍යප සීගිරිය නිමවන තැන සිට රාජ්‍ය බලය ලබා.ගන්නා තැන දක්වා ඔහු සිය මවගේ ආශාව සමග අනන්‍ය වන්නේ ෆ්‍රොයිඩ් එකී පුරාණ ඊඩිපස් අන්දරයෙන් ගම්‍ය කරගන්නා මනෝවිශ්ලේෂණවාදී අර්ථය.සිහි ගන්වමිනි..■ අනුසර වීරසිංහ.ඒ අහස් වියන දිගේ දෙවියන්ට සංදේශ කාව්‍ය රැගෙන ගිය සියොතුන්ට පවා මොහොතකට නතර වී වර්ණනා කරන්නට අමතකව ගිය, මහපොළෝ අම්මාගේ පපුතුරෙන් නැගුණු තුන්වන අරුමැසි පයෝධරය වන් සීගිරි ආලකමන්දාවේ සැඟවුණු වංශකතාවද? නැතිනම් ඊඩිපස් පන්නයේ පීතෘඝාතක කැරලිකරුවෙකු ලෙස අධිපති ඉතිහාසයේ වරනැඟෙන කාශ්‍යප නම් රසකාමියාගේ වැළලී ගිය ආත්මයේ කතන්දරයද? එසේත් නැතිනම් ඒ සීගිරි පර්වතයේ ශෘංගාර රස වෑහෙන භාවහාව ලීලාවන්ගෙන් යුත් නිරුවත් ගැහැනු සිතුවම් අඳින්නට කාලතරණයෙන් අතීතයේ සිට පැමිණි දේවමිත්ත නම් සිත්තරාගේ මනෝලෝකය විනිවිදීමක්ද? මෙවන් වූ අපූර්ව ගැටලු ගණනාවක සිය පාඨකයා පටලවමින්, කාශ්‍යප යුගයේ සීගිරිය හා බැඳුණු ඉතිහාස අන්දරය ඉන්ද්‍රජාලික ලෙස පරිකල්පනය කරන්නට මොහාන් රාජ් මඩවල සිය නවතම නවකතාව හරහා සමත් වී තිබේ. නමින්, එය ‘නිල් කට්රොල්’ය..විසි හතර පැයේ අතීතකාමය නම් වෙළඳ භාණ්ඩය සිල්ලරට අලෙවි වන ලංකාව වැනි දූපතක මොහාන් වැනි නවකතාකරුවෙකුට පවා දිගු කලක් තිස්සේ සිය සකලවිධ සාහිත්‍යමය කැටයම් දමන්නට සිදු වූයේ ඓතිහාසික ශානරය තුළ සිර ව සිටිමින්ය. එහෙත්, මෙම නවකතාව තුළදී ඔහු එකී ඓතිහාසික නවකතාවේ හැඩරටාවන්ට, පොදු සිංහල පාඨක සමාජයෙන් තරමක් දූරස්ථව පවතින විද්‍යා ප්‍රබන්ධමය ලක්ෂණ එක් කරමින්, අතීතය සහ අනාගතය යා කරන ‘පරිකල්පනමය පණු කුහරයක් (wormhole)’ නිර්මාණය කිරීමට යම් උත්සාහයක් දරා ඇති බැව් පැහැදිලිය. මන්ද යත්, කතාව ආරම්භයේදීම අපට දියුණු නාගරික වටපිටාවක වාසය කරන මිනිසුන්ගේ යටිසිතේ පැළපදියම් වූ ලිංගික ආශාවන් සන්තර්පණය කරන්නට මගබලා සිටින, මුදල් ගෙවා මිලදී ගත හැකි ඇන්ඩ්‍රොයිඩ ගැහැනුන්ගේ චරිත පවා හමුවේ. කෘත්‍රිම විඥානයක් හා ආලයෙන් බැඳීම ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සිට ස්පයික් ජෝන්ස්ගේ ‘Her’ නැතිනම් ‘Ex Machina’ වැනි චිත්‍රපටයක්, එසේත් නැතිනම් නූතනයේ ‘බ්ලැක් මිරර්’ (Black Mirror) හෝ ජොනතන් නෝලන්ගේ ‘වෙස්ට්වර්ල්ඩ්’ (Westworld) වැනි ටෙලිකතාමාලා හරහා පවා විවිධ ආකාරයෙන් විද්‍යා ප්‍රබන්ධ රසිකයාට සමීප වූ සාම්ප්‍රදායික අනුභූතියකි. මොහාන්ගේ කතාවේ හමුවන පිරිමියාට අයත් ඇන්ඩ්‍රොයිඩ ස්ත්‍රිය ඉන් මඳක් හෝ වෙනස් වන්නේ ඇයට සිය අයිතිකාරයාගේ සිතැඟි පරිදි, ඔහුට එදින රැයේ නිදි වැදීමට අවශ්‍ය ගැහැනියගේ රූපය බවට ක්ෂණයකින් පරිවර්තනය වෙමින් ඔහුගේ අවිඥානික ආශාව රඟ දැක්වීමේ හැකියාව පවතින බැවිනි. කතාවේ එන සිතුවම් ශිල්පී මහැදුරාටද අවැසි වන්නේ තමා පෙම් කළ කලාත්මක ස්ත්‍රී රූ වූ මොනාලිසා හා සීගිරි ලලනාවන් සිය ඇන්ඩ්‍රොයිඩ ස්ත්‍රිය හරහා වාස්තවික ලෝකයට කැන්දාගෙන විත් ස්පර්ශ කර බැලීමටය..අනෙක් අතට, රචකයා මීට සමාන්තර ඉතිහාස කතා වියමනක්ද සියුම් ලෙස වියන්නට පටන් ගනී. ආරම්භක සිදුවීමේදීම ලාංකීය ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කරන්නට තම්බපණ්ණියේ කපු කටිමින් ශිෂ්ටාචාරයේ සළුව වියන කුවේණිය පාඨකයාට මුණගැසේ. ඇගේ දරුවන් වූ ජීවහත්ත හා දිසාලාද ඉපදී ඇත. එහෙත්, ඔවුන්ගේ පියා වූ විජය රජු තවමත් ලංකාවට ගොඩබැස නැත. කුවේණිය සිටින්නේ ඔහු එනතුරු පෙරමං බලාගෙනය. පාඨකයා මෙහිදී පැටලෙන ගැටලු දෙකකි; විජය නම් පියරජු තවමත් සපැමිණ නැත්නම්, මේ ඔහුගේ දරුවන් ඉපදී සිටින්නේ කෙසේද? අනෙක් අතට, කුවේණියට කිසිදා මුණනොගැසුණු විජය නම් මිනිසෙකු වෙනුවෙන් ඇය බලා සිටින්නේ මන්ද? සැබැවින්ම මෙය කාල පරාසයන් අතර විසංවාදයකි. අවැසි නම් අපට එය ‘කාලතරණය’ (Time travel) නම් සංකල්පය හා බැඳුණු විද්‍යා ප්‍රබන්ධ තුළ මුණගැසෙන, කාලාවකාශයේ පවතින ‘බූට්ස්ට්‍රැප් විසංවාදයක්’ (Bootstrap paradox) නැතිනම් ‘කෝසල් ලූප් (Causal Loop)’ එකක් ලෙස අර්ථ දැක්විය හැකිය..එය සරලව විග්‍රහ කළහොත්, ඔබ යම් වර්තමාන ක්‍රියාවක් සිදු කරන්නේ යැයි සිතන්න. එහි ප්‍රතිඵලයක් ලෙස යම්කිසි අනාගත ක්‍රියාවක් හටගනී. එහෙත් අනෙක් අතට, ඔබ කළ වර්තමාන ක්‍රියාව හටගෙන ඇත්තේ එකී අනාගත ක්‍රියාවේ ප්‍රතිඵලයක් නිසා බැව් ඔබට දැනගන්නට ලැබේ. එවිට ඔබ මුලින් සිදු කළේ කුමන ක්‍රියාවද යන්න ගැන නිශ්චිත නිගමනයකට එළඹෙන්නට නොහැකිය. එය විසංවාදයකි. එය ක්‍රියාවක් පමණක් නොව, පුද්ගලයෙකු හෝ වස්තුවක් වුවද විය හැක. නිදසුනක් ලෙස, ‘ඩොක්ටර් හූ’ ( Doctor Who) කතාමාලාවේ තැනක සුප්‍රසිද්ධ සංගීතඥ බීතෝවන්ගේ සංගීත සිම්පනි රැගත් මිනිසෙක්, බීතෝවන් සැබැවින්ම ජීවත් වූ බැව් සැලකෙන අතීතයට කාලතරණය කරයි. ඒ කාලය වනවිට යොවුන් බීතෝවන් එම සිම්පනි නිපදවා තිබුණේ නැත. එහෙත්, මේ අනාගතයේ සිට එන මිනිසා තමන් අනාගතයේ සිට රැගෙන ආ බීතෝවන්ගේ සිම්පනි, බීතෝවන් විසින් නිපදවීමට පෙර බීතෝවන්ගේ නමින් නිපදවා විකුණයි. එවිට බීතෝවන් නම් සංගීතඥයෙකු සැබැවින්ම පැවතියේද යන්න විසංවාදයක් බවට පත් වේ. මොහාන්ගේ කතන්දරය තුළද, සීගිරි පර්වතය මත කුමාරිකාවන් හා දාසියන්ගේ සිතුවම් අඳින්නට කශ්‍යප යුගයට අනාගතයේ සිට පැමිණෙන සිත්තරෙකු ගැන සඳහන් වේ. එවිට හටගන්නා විසංවාදයද, මා පෙර සඳහන් කළ බීතෝවන්ගේ සිදුවීමේ විසංවාදයට බොහෝ සෙයින් සමානය..කෙසේ නමුත්, විජයගේ ශිෂ්ටාචාරයෙන් පසුකාලීනව යක්ෂාරෝපිත ස්ත්‍රියක ලෙස සලකා පිටුවහල් කළ පසු, ලංකාද්වීපයට ශාප කරමින් දිවියෙකුගේ වෙස් ගෙන රාජ පෙළපතේ ඇත්තන්ගේ සිහිනවලට ඇතුළු වූවායැයි ජනශ්‍රැතියේ එන කැරලිකාර කුවේණියගේ අවතාරය, මේ අන්දරයට අනුව කශ්‍යප රජ සමයේද විවිධ වේශයන්ගෙන් පෙනී සිටී. කශ්‍යප කුමරුගේ මව වූ උපුලී රාජ වාංශික කතක නොව, සාමාන්‍ය කම්මල්කරුවෙකුගේ දියණියක ලෙස කතාවේ නිරූපණය වේ. එහෙත්, කුවේණි අම්මාගේ ආරූඪයෙන් අනාවැකි කියන දිවැසිවරියකට අනුව, මෙම කෙල්ල ඒකාන්තයෙන්ම රජ වන්නට නියමිත වේ. කෙතරම් විශ්වාස කිරීමට අපහසු වුවත්, ඉන් ටික කලකට පසු ඒ අනාවැකිය ඉන්තේරුවෙන්ම සඵල කරමින් ඈව නෙත ගැටෙන ධාතුසේන රජු ඈට බිසෝ පදවියක් ලබාදෙන්නට තීරණය කරයි. මෙය කියවාගෙන යනවිට මගේ සිහියට නැගුණේ සද්ධර්මාලංකාරයේ ‘සාලිරාජ වස්තුවේ’ එන අශෝකමාලා නම් (ඇතැම් තැනෙක කුලහීන ස්ත්‍රියක ලෙසද තවත් තැනෙක කම්මල්කාරයෙකුගේ දියණියක ලෙසද නිරූපිත) කෙල්ල, ඉනාමලුව නම් ප්‍රදේශයේදී සාලිය කුමරුට ඉනාවක් දුන් බැව් කියවෙන ජන විශ්වාසයයි. මන්ද යත්, සීගිරියටද මේ ඉනාමලුව නම් පෙදෙස සමග යම් සම්බන්ධයක් ඇත. එසේම, ධාතුසේන රජ මාලිගයේ අනෙක් රන්වන් සමක් හිමි රාජ වංශික බිසෝවරුන් පවසන්නේ උපුලී නම් මෙම ස්ත්‍රිය ඉනාවක් වැනි මායා ප්‍රලය කර්මයකින් රජුව වශී කරගත් බවයි. එහෙත් එය මැගේ පහත් වංශය සහ විශේෂයෙන්ම නිල් මහනෙල් මලක් වන් වූ වර්ණය නිසා ඇය බිසෝ පදවියට නුසුදුසු යැයි ඔවුන් තුළ වූ අදහසෙහිම නිර්මිතයක් බැව් පැහැදිලිය. ඉතිහාසයේද, බුදුන්ගේ වම් අග්‍රශ්‍රාවක වූ මුගලන් හිමි සේම කුවණ්ණාද නිල්වන් පැහැතිය. කුවණ්ණාට එනම තැබෙන්නේම ‘දුර්වර්ණ වූ ස්ත්‍රිය’ යන අදහස දරමිනි. එනමුදු, සීගිරි ගලේ ඇඳි සිතුවම්වල මෙකී රන්වන් සේම නිල්වන් ස්ත්‍රීන්ගේද ශෘංගාර ලාලසා දනවන රූ සිතුවම් කොට ඇත. ඒ ආකාරයට බලන විට, කශ්‍යප නිරිඳුන්ගේ රාජ්‍ය උරුමය ලබාගැනීමේ අරගලයට එකල පැවති වර්ණභේදවාදයද තදින්ම බලපාන්නට ඇති බැව් පාඨකයාට පෙනී යයි..ඉනික්බිති කේතකී නම් වංශවත් බිසව සහ උපුලී අතර සිය පුතුන් වූ මුගලන් සහ කශ්‍යප අතර සිහසුනට වූ තරගය අපූරුවට රචකයා විස්තර කරයි. එය ඇරඹෙන්නේද පෙර කී දිවැසිවරිය උපුලීට සිය පුත්‍රයා රාජ්‍යත්වයේ වරම් හිමිකරගන්නා බැව් පවසන අනාවැකියෙනි. එතැන් සිට ඇය එය සිදු කිරීමට දිවා රෑ වෙහෙසෙන්නීය. මෙවන් අනාවැකි පවා මා පෙර සඳහන් කළ ආකාරයේ ‘කෝසල් ලූප්’ එකක් විය හැකිය. මන්ද යත්, එම අනාවැකිය සහ එය සඵල කරගැනීමට ඔවුන් ගන්නා වර්තමාන ප්‍රයත්නය එකිනෙකා මත පදනම් වන බැවිනි. එබැවින් මෙවන් අනාවැකි හැඳින්වෙන්නේ ‘ස්වයං-පූර්ණ අනාවැකි’ (Self-fulfilling prophecies) නමිනි. මෙවන් අනාවැකියක් ‘ඊඩිපස් රජ’ නාට්‍යයේ එන අනාවැකිකාරයා සිදු කරයි. ඔහුට අනුව, තීබසයේ පාලකයා වූ ලාවුස්ට උපදින ඊඩිපස් නම් පුත්‍රයා ඔහුව මරා දමා, ඔහුගේ බිරිඳ වූ ජකොස්ටා සමග විවාහ වෙයි. මෙය අසා බිය වන රජු එය වැළැක්වීමට කෙතරම් දේවල් කළත්, අවසානයේ ඔහුගේ ඒ ක්‍රියාවන් විසින්ම එම අනාවැකිය ඇත්තක් බවට පත් කරයි. ඊඩිපස් ගැන කතාව ඈඳුණු නිසාම මගේ මතකයට නැගුණු තවත් දෙයක් නම්, කශ්‍යප රජුද, අපගේ අධිපති ඉතිහාස කතිකාවත තුළ ඊඩිපස් කෙනෙකු බවට පත් කර ඇති බවයි. මන්ද යත්, මහාවංශ ඉතිහාස වියමනේ හැටියට කශ්‍යප වනාහි සිය පියා වූ ධාතුසේනව කලා වැවේ බැම්මේ පස් ගසා මරා දැමූ ආනන්තරීය පාපකර්මයකින් පෙළෙන්නෙකි. එහෙත්, මොහාන් එම අධිපති ඉතිහාස වියමනට අභියෝග කරමින් කශ්‍යප නම් කලාකාමියා හට ථෙරවාදී ඉතිහාස රචකයා ඉටු නොකළ සාධාරණය ඉටු කරන්නට යත්න දරයි. එය සිදු වන්නේ කෙසේදැයි දැනගැනීම මේ පුස්තකය කියවන පාඨක ඔබට භාරය..කොහොම නමුත්, මගේ මතය අනුව කතාවේ හැටියට කශ්‍යප සීගිරිය නිමවන තැන සිට රාජ්‍ය බලය ලබාගන්නා තැන දක්වා ඔහු සිය මවගේ ආශාව සමග අනන්‍ය වන්නේ ෆ්‍රොයිඩ් එකී පුරාණ ඊඩිපස් අන්දරයෙන් ගම්‍ය කරගන්නා මනෝවිශ්ලේෂණවාදී අර්ථය සිහි ගන්වමිනි. මන්ද කාශ්‍යපගේ චරිතය මෙහෙයවෙන්නේ සිය මවගේ ආශාව මගිනි. මෙය මොහාන් සංකේතීය ලෙස නිරූපණය කරන්නේ කතාවේ තැනෙක, කශ්‍යප කුඩා කල දිගින් දිගටම සිය මවගේ පියයුරෙන් මිදීමට මැලි වූ අතර, මුගලන් කුමරු ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කුඩා කලම සිය මවගේ පියයුර අතහැර එළකිරි තටාකයක නාමින් ඉන් කුස පුරවාගන්නටත් පුරුදු වූ බැව් කීම හරහාය. සැබැවින්ම, කශ්‍යපට උස් මහත් වී සංකේතීය පිළිවෙළට ඇතුළත් වනවිටත් තමා කුඩා කල අනන්‍ය වූ ඒ මවගේ සංකේතීය සිරුරෙන් මිදෙන්නට නොහැකි වන්නේ එබැවින් විය හැකිය..මෙලෙස නිමැවෙන සීගිරිය, පසුව ලාංකීය ථේරවාදී මහායානික භේදයේ සටන්බිම බවටද පත් වේ. මන්ද යත්, මිනිසුන්ට අනිත්‍ය මෙනෙහි කරනා අතරතුරම සිය පටු දේශපාලනික උවමනාවන් මුදුන්පත් කරගත් මහාවිහාරික භික්ෂූන්ට අවැසි වූයේ මුගලන් නම් ශාක්‍ය වංශික කුමරා බලයට ගෙන ඒමටයි. ඊට ප්‍රතිවිරුද්ධව, ලෞකික කලාවන් අනුදක්නා කශ්‍යප අභයගිරිය හා සබැඳි මහායාන සංස්කෘතිය සමග සමීපව සිටි බැව් පැහැදිලිය. විටෙක සීගිරිය තන්ත්‍රයානික භික්ෂූන්ගේ නවාතැනක් වූයේයැයිද විශ්වාස පවතින්නේ එබැවිනි. ඉතින්, මෙබඳු සංකීර්ණ ආගමික, බල දේශපාලනික ගැටුම් මැද තැනෙන සිහගිරිය නම් කේතුමතීමය සංස්කෘතික තටාකයේ කතාපුවත ඉන්ද්‍රජාලික යථාර්ථයක් හරහා පරිකල්පනය කරන අතරතුර, ‘Dark’ වැනි නූතන ටෙලිකතාමාලාවක් තරම් සංකීර්ණ නොවූවද, කාලතරණ විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ මුහු කරමින් නිල් කට්රොල් නවකතාව හරහා ලාංකීය කතාකලාවේ ඕලාරික ආකෘතිවලින් විතැන් වෙන්නට දැරූ උත්සාහය අගය කළ යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජීවිත අවදානම මැද.අනෙකා බේරාගත් මිනිස්සු.ෂින්ඩ්ලර්ගේ ලයිස්තුව.Next articleපුළුල් සන්ධානයකට ශ්‍රීලනිප සැරසේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
2022 රාජපක්ෂ සාපයේ නිමාවේ ඇරඹුම කිරීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.2022 රාජපක්ෂ සාපයේ නිමාවේ ඇරඹුම කිරීම.By තිසරණී ගුණසේකර.January 12, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තිසරණී ගුණසේකර.බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන් තවත් මූලික හේතුවක් වනුයේ ලංකා ඉතිහාසයේ නොවූ විරු ලෙස වසරකට ටි්‍රලියන් ගණනින් මුදල් අච්චු ගැසීමයි..වර්ෂ අවසාන ඇමරිකානු නිවාඩුවෙන් පසු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යළිත් ලංකාවට පැමිණියේ සිතූ – පැතූ සම්පත් දෙන සුරබිදෙනගේ විලාසයෙනි. 2022 පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දන්සැලක සිරි ගත්තේය. රාජ්‍ය සේවකයන්, සමෘද්ධිලාභීන්, හමුදා සාමාජිකයන් වැනි තීරණාත්මක සමාජ කොටස්වලට දීමනාත් පොදුවේ ජනතාවට විවිධ සහනත් එහි අන්තර්ගත විය..දේශපාලනඥයන් (අනුන්ගේ ධනයෙන්) දාන පාරමිතාව පුරනුයේ මැතිවරණයක් ආසන්න වන විටය. රාජපක්ෂවරුන් කඩිමුඩියේම වෙස්සන්තරට ඇඳීමෙන් පෙනී යනුයේ 2022 මැතිවරණ වසරක් බවද?.අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා කෙතෙක් පුරසාරම් දෙඩුවද මෙරට විදේශ විනිමය අර්බුදයට තවමත් සහනයක් ලැබී නොමැත. චීනයෙන් අපට ලැබුණේ ඩොලර් නොව යුආන්ය. ඒවායින් යම් කොටසක් චීනයෙන් කරන ආනයනයන් සඳහා යොදාගත හැකිය. නමුත් රට පෙළන, කන්ටේනර් නෞකා 1500ක් පමණ වරායේ හිර කෙරෙන, බඩු මිලත් භාණ්ඩ හිඟයත් එක්වර උග්‍ර කරන ඩොලර් අර්බුදයට ඉන් පිළියමක් නොලැබුණි..ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් ණය පහසුකම කෙලෙස හෝ ලබා ගැනීම රාජපක්ෂ පාලනයට අතිශයින්ම වැදගත් වනුයේ මෙම සංදර්භය තුළය. මේ වෙනුවෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු හා ආයෝජන පදනමින් ලබාදීමට සිදුවීම පිළිබඳව විශාල කතිකාවක් දේශපාලන සමාජයේ නිර්මාණය වී තිබේ. උතුරු-නැගෙනහිර දෙපළාත්වල හෝ පළාත් සභා මැතිවරණයන් පැවැත්වීම ඉන්දියාවේ තවත් ඉල්ලීමක් වූවා විය හැක. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉන්දියාව මෙයට පෙරත් කිහිප වතාවක්ම හොර රහසේ නොව ප්‍රසිද්ධියේම ලංකාවෙන් ඉල්ලා සිටියේය. චීනයේ බලයෙන් උද්දාම වී සිටි රාජපක්ෂවරුන් ඒ දිනවල ඉන්දියාව රුපියලකට දෙකකට වඩා මායිම් කළේ නැත..නමුත් අද තත්ත්වය වෙනස් ය. ඉන්දියාවෙන් උපකාර නොලදහොත් ජනවාරි අග වන විට ලංකාවේ විදේශ විනිමය සංචිතය පතුලටම කිඳාබසිනු ඇත. මේ තත්වය යටතේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළා විය හැක. 2022 මුල්ම ඇමති මණ්ඩල රැස්වීම වෙස්සන්තර නාඩගමක සිරි ගත්තේ පළාත් සභා මැතිවරණය අරමුණු කරගෙන යැයි අනුමාන කිරීම තාර්කිකය..සිංහල බහුතරයක් සහිත පළාත් කිහිපයක හෝ අනෙක් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම රාජපක්ෂ අරමුණ විය හැක. විපක්ෂය අවම හෝ එකඟතාවක් ඇති කරගත නොහැකි තරමට බෙදී ඇති තත්වයක් තුළ මෙම ඉලක්කයට ළඟාවීමේ යම් හැකියාවක් රාජපක්ෂවරුන්ට ඇත. සහන මල්ල ගෙනාවේ ඒ හැකියාව තවත් වර්ධනය කරගැනීමට විය යුතුය..රටේ සිව් කොණින්ම රාජපක්ෂ පාලනයට බරපතළ විරෝධයක් තිබේ. මෙම විරෝධය රාජපක්ෂ පවුල් පක්ෂය වූ පොදු ජන පෙරමුණ තුළටත් පාලක සන්ධානය තුළටත් කාන්දු වී ඇත..ප්‍රාදේශීය සභා මට්ටමින් පොදු ජන පෙරමුණ අයවැය ඡන්දවලින් පරාජය වීමේ ප්‍රවණතාව ඉදිරියටම ඇදෙමින් පවතී. ගතවූ සති දෙකක පමණ කාලය තුළ මෙවැනි අයවැය පරාජයන් ජාඇළ නගර සභාවේ (තුනෙන් දෙකකින්), රත්නපුර ප්‍රාදේශීය සභාවේ හා ළිඳුල නගර සභාවේ (දෙවනි වරටත්) අත්විඳීමට පොදු ජන පෙරමුණට සිදුවිය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමත් මෙම අභ්‍යන්තර අර්බුදයේ ප්‍රකාශනයකි..නමුත් මෙම විරෝධය විපක්ෂයේ ඡන්ද පදනම ඉහළ යාම දක්වා පරිවර්තනය වේද යන්න ප්‍රශ්නයකි. එවැනි පරිවර්තනයක් ඉබේම සිදුවීමට ඇති ඉඩකඩ අඩුය. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කලකිරීමෙන් හා කෝපයෙන් සිටින ඡන්දදායකයන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් විපක්ෂයට තිබිය යුතුය. එසේ නොමැති නම් රාජපක්ෂවරුන්ගෙන් හැලෙන ඡන්ද වෙනත් පක්ෂයකට නොගොස් ‘ඡන්දය භාවිත නොකළ’ ගොඩට එක්විය හැක..2022දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් එය කෙලෙස හෝ ජය ගැනීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණ වනු නියතය. ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග තුළින් 2022 වසරේ ජාතික හා ජනතා පලාඵල බොහෝ දුරට තීන්දු වනු ඇත..ශ්‍රී ලංකාධීශ්වර කතා වස්තුව.කුඩා දරුවන් සබන් පෙණ බෝලවලට දක්වන ආශාවත් රාජපක්ෂවරුන් විවිධ නම්බුනාමවලට ඇති ආශාවත් අතර වැඩි වෙනසක් නැත. පාලක පවුලේ වාසනාවට එවැනි නම්බුනාම නිර්මාණය කිරීමේ අපරිමිත හැකියාවක් සිංහල-බෞද්ධ සංඝ සමාජය සතුය. මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට එවැනි නම්බු නාම ප්‍රදානය කිරීමට විවිධ සංඝ සභාවන් ඒ දිනවල ක්‍රියා කළේ තරගයට මෙනි. ඔහු විටෙක ත්‍රිසිංහලාධිපති විය; තවත් වරෙක විශ්වය ජයගත් නායකයා විය; හිරු හා සඳු ද විය..දැන් ගෝඨාභය ජනපතිවරයාගේ වාරයයි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ඔහුට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ නාමය පිරිනැමිණි..වැදගත්ම කාරණය නම් නම්බුනාමය පිළිගනිමින් ඔහු කළ කතාවයි. “මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම මා හට පැවරී ඇති පරම වගකීම බව මා තරයේ විශ්වාස කරනවා” යයි ඔහු සිය කථාවේදී කියා සිටියේය..දේශපාලකයන්ට වැලේ වැල් නැතිව ගිය විට ඉතිරි වනුයේ රට, ජාතිය හා ආගමයි. ඇමරිකාවේ එවකට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් Black Lives Matter උද්ඝෝෂණ රැල්ලට ප්‍රතිචාර දැක්වූයේ ධවල මන්දිරය ආසන්නයේ ඇති පල්ලියකට ගොස් බයිබලය (වැරදි අතට) ඔසවා පෙන්වීමෙනි. මැතිවරණයක් ආසන්න වන විට ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ඉස්ලාම් – විරෝධය හා පකිස්තානු – විරෝධය ඉස්මතු කරයි. තුර්කියේ ආර්ථික කඩා වැටීම වේගවත් වන තරමටම එරට අගමැති අර්දොවාන්ගේ ඉස්ලාම්-ප්‍රේමයත් තීව්‍ර වේ..2022 මැතිවරණ වසරක් නම් එම අභියෝගයට මුහුණදීම සඳහා සිංහ කොඩියේ හා බෞද්ධ කොඩියේ පිහිට පැතීම රාජපක්ෂ උපාය විය හැකි බව ගෝඨාභය ජනපතිවරයාගේ කතාවෙන් ඉඟි කෙරේ..අන්‍ය වාර්ගිකයන්ට හා ආගමිකයන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී හිමිවරුන් දෙදෙනකුගේ අතපය කඩන බවට, උස්සා පොළොවේ ගසන බවට අසැබි වචනයෙන් ගර්ජනා කළ ගලගොඩ අත්තේ ඥානසාර බොදු බල සේනා නායකයාට රටේ නීතිය වෙනස් කිරීමේ වගකීම භාරදීම මෙරට සිංහල බෞද්ධ උරුමය රැකීමේ කොටසක් ද යන පැනය වෙනම කතාවකි. බැසිල් ඇමතිවරයා වෙස්සන්තරට අඳින විට ජනපතිවරයා දුටුගැමුණුට අඳින බව ඔහුගේ කතාවෙන් පෙනේ. ප්‍රතිනිර්මාණයේදී දශ මහා යෝධ චරිත හිමිවනුයේ ගලගොඩ අත්තේ ඥානසාර පන්නයේ භික්ෂූන්ටය. යළිත් මුස්ලිම්-විරෝධි (හෝ දෙමළ – විරෝධි) ගිනිදැල් අවුළුවා ඒ හරහා සිංහල සමාජයේ අවධානය සැබෑ ආර්ථික ප්‍රශ්නවලින් වෙනතකට යොමු කිරීම ‘රජ පවුලේ’ සැලැස්ම විය හැක..සහන මල්ලෙන් හා ජාති ආලයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාණවත් නොවන විට එම හිදැස පිරවෙනු ඇත්තේ මර්දනයෙනි..මිරිහානේ කිරිපිටි පෝලිමේ කතාව මෙයට උදාහරණයකි..වැදගත්ම ප්‍රශ්නය නම් කිරිපිටි පෝලිමේ සිටි ඇතැමුන් ජනපතිවරයාට හූ කීවාද නැද්ද යන කතාව නොවේ. එවැනි හූ සංග්‍රහයක් නොලැබුණා යැයි සිතමු. එසේ නම් ජනපතිවරයාගේ හා පොලිසියේ ක්‍රියාකාරීත්වය වඩාත් ප්‍රශ්නකාරීය..පොලිස් ප්‍රකාශකයා කියන්නේ කුමක්ද? ජනතාව කිරිපිටි පෝලිමේ සිටින්නේ මන්දැයි සොයා බලන ලෙස ජනපතිවරයා දුන් උපදේශයක් අනුව මිරිහාන පොලිසිය ජුබිලි කණුවේ කිරි වෙළඳ සැලට පැමිණි බවයි..ජනපතිවරයා ජනපතිකම් කරනුයේ මොන රටේද? දැනට මාස ගණනක සිට මෙරට කිරිපිටි හිඟයක් ඇති බව ඔහු නොදන්නවා නම් ඔහු ජනපතිකම් කරන්නේ ලංකාවේ විය නොහැක..පොලිසියේ ප්‍රකාශය සත්‍ය නම් එයින් පෙනීයනුයේ ජනපතිවරයා රටේ තත්වය හෝ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ලාංකිකයන් අතිබහුතරයක් මුහුණ දෙන යථාර්ථයට මුළුමනින්ම ආගන්තුක චරිතයක් බව නොවේද?.ජනතාව කිරිපිටි පෝලිම්වල ඉන්නේ විනෝදයට නොව දැඩි කිරිපිටි හිඟය නිසා බව ජනපතිවරයා නොදන්නේ නම් එයින් පැන නගින අතුරු ප්‍රශ්න ගණනාවකි..මෙරට ගෑස් හිඟයක් ඇති බවත්, ජනතාව රට පුරාම ගෑස් පෝලිම්වල සිටින බවත්, ගෑස් ලොරියක් නවත්වා ගෑස් සිලින්ඩර් කිහිපයක් පැහැර ගැනීමේ පුවතක් කොළඹ 7න් වාර්තා වූ බවත්, ඇතැම් ප්‍රදේශවල ගෑස් බෙදාහැරීම සඳහා පොලිස් ආරක්ෂාව අවශ්‍යව ඇති බවත් ඔහු දන්නේද?.සිමෙන්ති හිඟය පිළිබඳව, එළවළු හිඟය පිළිබඳව ඔහු දන්නවාද? සහල් මිල පිළිබඳව, දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබේද? කිරිපිටි හා ගෑස් පෝලිම්වල කල් ගතකිරීම සඳහා නිවාඩු ඉල්ලන තත්වයට රාජ්‍ය සේවකයන් වැටී ඇති බව ඔහු දන්නේද?.කිරිපිටි පෝලිමට හේතු සෙවීමට කිරිපිටි වෙළෙඳසැලට ගිය පොලිසිය කළ සොයා ගැනීම අතිවිශිෂ්ටය. පොලිස් නිවේදනයේ වචනවලින් කියනවා නම් පෝලිමට හේතුව ‘අලෙවි සැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදයත් එක් කවුළුවකින් පමණක් නිෂ්පාදන අලෙවි කිරීමත් බව නිරීක්ෂණය වී ඇත.” කිරිපිටි හිඟයට හේතුව මෙලෙස (රාජපක්ෂ ඥානයෙන්) වටහාගත් පොලිසිය ඊට විසඳුම්ද ලබාදී ඇත. ඒ නම් පැල්වත්ත කිරිපිටි සමාගමේ වෙළෙඳසැල් ප්‍රමාණය වැඩි කිරීමය..දැන් කිරිපිටි ප්‍රශ්නය නිවාරණය. තවදුරටත් කිරිපිටි පෝලිම්වල සිටින්නෝ දේශද්‍රෝහීහුය; ආණ්ඩුව පෙරළීමට තැත් දරන කුමන්ත්‍රණකරුවෝය. ඔවුන්ට සලකන ක්‍රමයත් පොලිසිය දනී..කිරිපිටි පෝලිමේ සිදුවීම පිළිබඳව මුහුණු පොතේ වූ සටහනක් බෙදා ගත් ආශා දිල්රුක්ෂි පෙරේරා නම් කාන්තාවක සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගේ නිවසට පැමිණ ඇත්තේ ඒ අනුවය. ජනපතිවරයාට අපහාස කිරීම ඇයට එල්ල වූ චෝදනාවයි..ජනපතිවරයාට අපහාස කරන අයට එරෙහිව තමන් ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඉන් අනතුරුවය. ජනපතිවරයා උපහාසයට ලක් කරන සටහන් සමාජ මාධ්‍යයේ ලියන හෝ ඒවා බෙදා ගන්නා ලාංකිකයන්ගෙන් සියයට එකක් හෝ අත්අඩංගුවට ගන්නවා නම් ඔවුන් රඳවා ගැනීමට මෙරට පොලිස් ස්ථාන හා සිරගෙවල්/කඳවුරු ප්‍රමාණවත් නොවනු ඇත..ජනපතිවරයාට ‘අපහාස’ කරන්නවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නීතිමය බලයක් පොලිසියට නොමැති බව පොලිස්පතිට එරෙහිව වාහලතන්ත්‍රී නම් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව උපුටා දක්වමින් තිෂ්‍ය වේරගොඩ නීතිඥවරයා සඳහන් කර ඇත..‘නිල මර්දනය’ සඳහා ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොමැති නම් ‘නොනිල මර්දනය’ දියත් කිරීමට රාජපක්ෂවරුන්ට හැක. උතුරු – නැගෙනහිර දැනටත් එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක වේ. මාධ්‍යවේදීන්ට හා ක්‍රියාකාරිකයන්ට පහරදීම එහි සුලබය. ගතවූ නොවැම්බර් 29 වැනි දින මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මුල්ලිවයික්කාල් නාම පුරුව කැමරාගත කරමින් සිටියදී හමුදා සාමාජිකයන් පිරිසක් ඔහුට පහර දුන් බව වාර්තා වේ. කටුකම්බි එතූ පොල්පිති දකුණේ භාවිතයට ගැනෙන දිනයක් නොඒයැයි කාට නම් කිව හැකිද?.ඉන්දීය බලපෑම නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රාජපක්ෂවරුන්ට සිදුවුවහොත් එය ජයගැනීමට නීතිය තුළ හා ඉන් පිටත සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පසුබට නොවනු ඇත..ප්‍රශ්නය නම් මෙම අභියෝගයට මුහුණදීමට විපක්ෂය සූදානම්ද යන්නය..විකල්පය යනු පුද්ගලයකු හෝ නායකයකු නොව වැඩපිළිවෙළකි.රාජපක්ෂවරුන් වන්දනාමාන කරන අගතිගාමී රාජපක්ෂවාදීන් හැරුණු විට අන් සියල්ලන්ම ආණ්ඩුව හොඳටම ෆේල් යන සත්‍යය පිළිගන්නවා නොඅනුමානය..මූලික වශයෙන්ම රාජපක්ෂවරුන්ගේ නිර්මාණයක් වූ සුවිශේෂී ලාංකීය අර්බුදයට විපක්ෂයේ විසඳුම කවරේද යන්න රට දැනගත යුතු කාලය පැමිණ ඇත..රාජපක්ෂවරුන් නිර්මාණය කළ ආර්ථික අගාධයෙන් රට බේරා ගැනීම පහසු නොවේ. ඒ වෙනුවෙන් ගන්නා පියවර ජනතාවට මිහිරි අත්දැකීම් නොවනු ඇත. මෙහිදී මතුවන මූලික ගැටලුවක් නම් රට ගොඩනැගීමේ ආර්ථික බර ජනතා කොටස් අතර බෙදී යන ආකාරයයි..උදාහරණයක් ලෙස වත්මන් අර්බුදයට මූලිකම හේතුවක් වූයේ ගෝඨාභය – මහින්ද – බැසිල් පාලනය 2019 අග ක්‍රියාත්මක කළ බදු කප්පාදුවයි. මේ තත්ත්වය ආපසු හැරවීමට නම් බදු පදනම යළි ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා වක්‍ර බදු (භාණ්ඩ හා සේවා මත පනවන විවිධ බදු) විශාල ලෙස වැඩි කළහොත් ආර්ථිකය ගොඩනැගීමේ වැඩි බර, දැනටත් අහේනියෙන් පීඩිතව සිටින අඩු හා මැදි ආදායම්ලාභී ජන කොටස් මත පතිත වනු ඇත. ඍජු බදු හා වක්‍ර බදු අතර යම් සමතුලිතතාවක් නිර්මාණය කිරීම සඳහා ඍජු බදු වැඩි කළහොත් ඉහළ ආදායම්ලාභීන් හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඊට එරෙහි වනු ඇත..මෙවැනි දුෂ්කර තීන්දු තීරණ හා තෝරාගැනීම් පිළිබඳ පැහැදිලි දැක්මක් විපක්ෂයට තිබිය යුතුය; ඒ දැක්ම පිළිබඳ ඡන්දදායකයන් දැනුවත් කිරීමට විපක්ෂය ක්‍රියා කළ යුතුය. විපක්ෂයට ඇත්තේ විවේචන, සටන් පාඨ හා සුන්දර පොරොන්දු පමණක් නම් රාජපක්ෂවරුන්ගෙන් ගිලිහී යන ඡන්දදායකයන් මැතිවරණ ක්‍රමයෙනුත් ආන්තික වීමේ හා රාජපක්ෂවරුන්ටත් වඩා අගතිගාමී කහ චීවර – හමුදා නිල ඇඳුම් වැනි අනර්ථකාරී සංයෝගයන්ට ආසක්ත වීමේ අවදානමක් ඇත..බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන් තවත් මූලික හේතුවක් වනුයේ ලංකා ඉතිහාසයේ නොවූ විරු ලෙස වසරකට ටි්‍රලියන් ගණනින් මුදල් අච්චු ගැසීමයි..වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයේ වියදම් කප්පාදුව අනිවාර්ය වනු ඇත. ප්‍රශ්නය නම් මෙම කප්පාදුව කෙරෙන්නේ කොතැනින්ද යන්නය. එක විකල්පයක් නම් කිසිදු තාර්කික හේතුවකින් තොරව ඉතා ඉහළ මට්ටමක පවතින ආරක්ෂක වියදම් කප්පාදු කිරීමයි. නමුත් මේ සඳහා අවශ්‍ය දේශපාලනික හා මානසික ශක්තිය විපක්ෂයට තිබේද යන්න ප්‍රශ්නයකි. ආරක්ෂක වියදම්වලට අත නොතබනවා නම් කප්පාදුවට ගොදුරු වනු ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශයි. එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ ජීවිතවලටත් අනිටු ලෙස බලපානු ඇත..මෙවැනි දුෂ්කර තෝරා ගැනීම් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේත්, සමාජයේත් පුළුල් කතිකාවක් ඇතිවිය යුතුය. ජනාධිපති අපේක්ෂකයන් තීරණය කිරීමට පෙර මේ නරාවළෙන් ගොඩ එන ක්‍රමය පිළිබඳව හා පශ්චාත් රාජපක්ෂ අනාගතයේ දිශානතිය හා ස්වරූපය පිළිබඳව යම් මට්ටමක පොදු එකඟතාවක් ඇති කළ යුතුය..සෝභිත හිමියන් විසින් නිර්මිත දැනට කරු ජයසූරිය හිටපු කතානායකවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත් ජවිපෙ/ජාතික ජන බලවේගයත් අනාගතය සඳහා වූ යෝජනා මාලාවල් දෙකක් ඉදිරිපත් කිරීම අතිශයින් කාලීන හා සාධනීය පියවරකි. මෙම යෝජනා සර්ව සම්පූර්ණ නැත; ඒවා සර්ව සම්පූර්ණ විය යුතුද නැත. ආර්ථිකය, ජනපති ක්‍රමය, සමාජීය ප්‍රශ්න, ජනවාර්ගික ගැටලුව වැනි මාතෘකා පිළිබඳ බුද්ධිමය හා ප්‍රායෝගික යන දෙපැත්තම ආවරණය වන සංවාදයන්ට මෙම යෝජනාවලි තුළින් දොරටු විවර කර ඇත..දේශපාලනයේ, සැබෑ ජීවිතයේ ගැලවුම්කාරයන් නොමැත; ප්‍රාතිහාර්ය පාන්නන්ද නොමැත. අප මෙතෙක් කළේ නායකයෙකු තෝරාගෙන අනාගතය සිතියම් කිරීමේ වගකීම ඔහුට හෝ ඇයට බාරදීමයි. නමුත් රාජපක්ෂවරුන්ට සැබෑ විකල්පයක් මේ ක්‍රමයෙන් නිර්මාණය කළ නොහැක. සජිත්ද? රනිල්ද? අනුර කුමාරද? වැනි ප්‍රශ්නයකින් පටන් ගන්නවා වෙනුවට මේ වත්මන් කඩා වැටීම නතර කිරීමට අලුතින් යමක් ගොඩනැගීමට කළයුත්තේ කුමක්ද යන තැනින් පටන්ගත යුත්තේ එබැවිනි. විකල්ප අනාගතයක පදනම නායකයකු නොව වැඩපිළිවෙළකි. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදේශපාලනය දන්නෙ නැතිව රටක් පාලනය කරන්න බැහැ.හිටපු රාජ්‍ය අමාත්‍ය නීතිඥ.සුසිල් ප්‍රේමජයන්ත.Next articleඅයිඑම්එෆ් මූල්‍ය රෙගුලාසි සපුරන්න ගියොත් ඒක රාජපක්‍ෂ පවුලේ ගැටලුවක් වේවි.මහාචාර්ය.අමින්ද මෙත්සිල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
කොවිඞ් මර්දනයට හොඳම බෙහෙත මොකද්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කොවිඞ් මර්දනයට හොඳම බෙහෙත මොකද්ද?.By කේ සංජීව.April 7, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.කොවිඞ් 19 වසංගතය චීනයේ වූහාන්වල සිට ලෝකය පුරා සුළි කුණාටුවක් සේ ව්‍යාප්ත වෙමින් යන මේ කාලයේ මෙම වෛරසය මර්දනය සඳහා ඖෂධයක් නිපදවීමට ලෝකය පුරාම විද්‍යාඥයන් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් උනන්දු වෙමින් සිටියි. ශ‍්‍රී ලංකාව තුළත් පසුගිය කාලයේ ජපාන විසින් නිෂ්පාදනය කරන ‘ඇවිගන්‘ සහ මැලේරියාව මර්දනය සඳහා කාලයක් භාවිත කළ ‘ක්ලෝරෝක්වීන්’ යන ඖෂධ පිළිබඳව සෑහෙන්න කතා කළේය. ආණ්ඩුව මෙන්ම විපක්ෂයද ජපානයෙන් වහාම ‘ඇවිගන්‘ නම් ඖෂධය ගෙන්විය යුතු බවය හඬ නැඟුවේය. තවත් මාධ්‍ය කීවේ ආණ්ඩුව වහාම ඇවිගන් ගෙන්වීම පිළිබඳව සිය අවධානය යොමුකර ඇති බවය..ක්ෂුද්‍ර ජීවී විද්‍යා විශේෂඥයෙකු සහ පර්යේෂකයකු වන හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා මාධ්‍යවේදිනී ලක්නා අමන්දි සමග ‘ඇවිගන්‘ නම් ඖෂධය පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රකාශ කරන්නේ වෛරසය මර්දනය සඳහා මෙම බෙහෙත සුදුසු බව රසායනාගාරය තුළ තවම ඔප්පුවී නැති බවය. එහිදී ඔහු ප‍්‍රශ්න කරන්නේ රසායනාගාරය තුළ සාර්ථක නොවූ ඔසුවක් සායනික පරීක්ෂාවට යොමුකරන්නේ කෙසේද? යන්නයි. මෙම ඖෂධය කොඩිඞ් 19 මර්දනය සඳහා ඉවහල් වූ බවට නැගෙන චීන මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් හොංකොංහි පර්යේෂණවල නිරත මෙම මහාචාර්යවරයා ප‍්‍රකාශ කරන්නේ එම සාර්ථකත්වය පිළිබඳව නිසි විද්‍යාත්මක වාර්තා ලෝකයම පිළිගත් විද්‍යා සඟරාවකවත් පළකොට නොමැති තත්ත්වයක් තුළ මෙම ප‍්‍රචාරයන් සැකසහිත බවය. මෙම ඔසුවේ භාවිත ඉතිහාසය ගැන එහිදී අදහස් දක්වන මහාචාර්යවරයා කියන්නේ ඉන්ෆ්ලූවෙන්සා සඳහා මුලින්ම ද, ඊළඟට ඉබෝලා සඳහා ද මෙම ඖෂධය යොදා ගත් බවය. නමුත් එහිදී සැලකිය යුතු ප‍්‍රතිඵලයක් නැති බවය. මැලේරියාව මර්දනය සඳහා කාලයක් භාවිත කළ ක්ලෝරෝක්වීන් ඔසුව ගැන ප‍්‍රකාශ කරමින් ඔහු පවසන්නේ, මෙම ඖෂධය පිළිබඳව කර ඇති රසායනාගාර පරීක්ෂණ රැසක් සාර්ථක බවය. එහිදී මෙම ඖෂධය කොවිඞ් මර්දනය සඳහා සාර්ථක ප‍්‍රතිඵල රසායනාගාරය තුළ පෙන්වා ඇති බවද ඔහු ප‍්‍රකාශ කරයි. මෙම බෙහෙත ප‍්‍රංශය තුළ සායනික පරීක්ෂාවකට ලක්කර ඇතැයි ද එයිනුත් සාර්ථක ප‍්‍රතිඵල ඇතැයිද ඔහු ප‍්‍රකාශ කරයි..මේ අතර දකුණුදිග ප‍්‍රංශයේ Aix-Marseille University මහාචාර්යවරයෙකු වන ක්ෂුද්‍රජීව විද්‍යාඥ Didier Raoult මාර්තු 17 වන දින නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන්නේ කෝවිඞ්-19 වෛරසයට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් සහ ඇසිත්‍රොමයිසින් යොදා ගනිමින් ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම විසින් කළ පරීක්ෂණ සාර්ථක වූ බවය. මෙහිදී ඔහු සහ කණ්ඩායම කොවිඞ් ආසාදිතයන් 122කට මෙම ඖෂධය ලබා දී ඇත. මෙනිසා කොවිඞ් ආසාදිතයන්ට මෙම ඖෂධය මුලින්ම ලබාදුන් පිරිස් අතර ඔහු ප‍්‍රමුඛයෙකි. ඔහුගේ මෙම පර්යේෂණ සඳහා පදනම සකසා ඇත්තේ වසර 70ක් තිස්සේ මැලේරියා විරෝධී ප‍්‍රතිකාරයක් වශයෙන් භාවිත කළ ක්ලෝරෝක්වීන් (Chloroquine) භාවිතකිරීමෙන් චීනයේ කොවිඞ් 19 ආසාදිත රෝගීන් සුව වීම වේගවත් වූ බවට චීනයෙන් වාර්තා පළවීමය. මෙම සායනික පර්යේෂණ නිසා ඔහු අද ප‍්‍රංශය තුළ තරුවක් වී ඇති බව paris match සුප‍්‍රකට සඟරාවේ කවරය ඔහුගේ ඡdයාරූපයකින් සැරසීම උපුටමින් ෆිනෑෂියල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි..මේ වනවිට කොවිඞ් 19 ආසාදනය වී අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් සහ ඇසිත්‍රොමයිසින් ලබා දීම ප‍්‍රංශ රජය විසින් අනුමත කර ඇති නමුත් මහාචාර්යවරයාගේ යෝජනාව අනුව කොවිඞ් 19 ආසාදිත සියලූම දෙනාට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් සහ ඇසිත්‍රොමයිසින් ලබාදීමට තවමත් ප‍්‍රංශ රජය නිර්දේශ කර නොමැත. සමහර විවේචකයන් ප‍්‍රකාශ කරන්නේ සීමිත රෝගීන් පිරිසක් අරබයා කළ සායනික පර්යේෂණයක් මත පදනම්ව මහාචාර්යවරයා ඇතුළු සමහර පර්යේෂකයන් මෙම ඖෂධය ජනප‍්‍රිය කරවමින් ඇති බවය. කෙසේවුණත් තවත් බොහෝ පර්යේෂකයන් ප‍්‍රකාශ කරන්නේ මෙම ඖෂධය ලබාදීම මගින් කොවිඞ් ආසාදිත මරණ ප‍්‍රමාණය අඩු කරගන්නට පුළුවන් වනු ඇති බවය..තත්ත්වය මෙය උනත් කොවිඞ් මර්දනය සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. දැනට කෙරෙන්නේ මෙවැනි ඖෂධ ගොන්නක් මෙම රෝගය මර්දනය සඳහා යොදාගන්නට පුලූවන් දැයි පරීක්ෂා කිරීමය. බොහෝ පර්යේෂකයන් ප‍්‍රකාශ කරන්නේ මෙම රෝගකාරක වෛරසය මර්දනයට බෙහෙතක් සොයාගැනීම සඳහා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ද එවැනිම කාලයක් එය සංවර්ධනය කර නිශ්පාදනය සඳහා ද වැයවෙනු ඇති බවය..Tags.anidda.Anidda Newspaper.covid 19.news.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකෝවිඳියකට පෙම් බැඳ.Next article‘ටෙස්ට් ටෙස්ට් ටෙස්ට්’ ලංකාව මඟහරින කොවිඞ්-19 නිර්දේශය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ඇමති මහින්දානන්දගේ ගෝලයාට කතාකර ගස් කපන්න දුන් ජනවසම ටෙන්ඩරය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඇමති මහින්දානන්දගේ ගෝලයාට කතාකර ගස් කපන්න දුන් ජනවසම ටෙන්ඩරය.By ලසන්ත රුහුණගේ.April 5, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.■ ලංසු ඇපකර නොදීමෙන් මුල් අවස්ථාවේම නුසුදුස්සෙකු වෙලා.■ අමාත්‍යාංශ නිලධාරියා තීරණයට විරුද්ධ වෙලා.ටෙන්ඩරය ලබාදීමේ ලිපිය අනුව හා ටෙන්ඩරය ලබාගත් පුද්ගලයාගේ ලිපිය අනුව සිදුවී ඇති දෙය පැහැදිලිය. එම ටෙන්ඩරය තුන්වන මිල ගණන් ඉදිරිපත් කරන ලද තැනැත්තාට ලබාදී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩල තීරණයකින් නොවන ජනවසම ප්‍රසම්පාදන අංශය නම්වූ එකකිනි..ජනවසම සාමාන්‍යාධිකාරි උත්තර නැත.මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ලියුම්කරු ජනවසම සාමාන්‍යාධිකාරි ප්‍රදීප් ලියනගෙදරගෙන් විමසූ විට මේ සම්බන්ධයෙන් බොහෝ දුරකථන ඇමතුම් ලැබෙන නිසා විමසීම් කරන්නේ කවුද යන්න නොදන්නා හෙයින් පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළේය..අමාත්‍යාංශය යමක් විමසුවහොත් ඒවාට පිළිතුරු ලබාදෙන බවත්, මාධ්‍යයට ඔහු හෝ සභාපතිවරයා මෙතෙක් පිළිතුරු ලබාදීමක් සිදුකර නැති බවත් කීය. එසේ නම් මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටිනවා දැයි කළ විමසීමේදී එවැන්නෙක් නැති බවද කීය. කතා කරන්නේ මෙම ටෙන්ඩරය තුළ ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමට බව වෙනත් දීර්ඝ කතා බහකින් පසු නැවත විමසීමේදී පොදු පිළිතුරක් ලබාදෙන බව පවසමින් ඔහු කීවේ ‘එක් පුද්ගලයෙක් ගෙවන්න සල්ලි නෑ. හතර පාරට ගෙවන්නම්’ යැයි කිවහොත් එය ලබාදිය හැකිද යන්නය. මේ සම්බන්ධ තොරතුරු නැත්නම් ඒ ගැන බලා පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලීමෙන් පසු එසේ පිළිතුරක් ලබාදෙන බව පැවසූවද පුවත්පත මුද්‍රණයට යනතෙක්ම ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත..මට කතාකරලායි ටෙන්ඩරේ දුන්නේ.නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර.මෙම ටෙන්ඩරය ලබාදී ඇති නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකරගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු ප්රකාශ කළේ ඔහු සමඟ සාකච්ඡා කර එම ටෙන්ඩරය ලබාදුන් බවත් ඔහු ඉදිරිපත් කළ මිලට වඩා වැඩියෙන් තවත් ලක්ෂ හතලිහක මුදලක් ඔහුට ගෙවන්නට සිදුවූ බවත්ය. සියලු ටෙන්ඩර්කරුවන් කැඳවා සාකච්ඡාවක් කළේදැයි ඔහුගෙන් කළ විමසීමේදී එවැන්නක් සිදුනොවූ බව ඔහු පිළිගත්තේය..(ඔහු සමඟ කළ සාකච්ඡාවද දුරකථනය ඔස්සේ සිදුවී ඇති බව පෙනේ)■.‘ඉයුකැලිප්ටස් ගස් විකිණීම සඳහා වන ටෙන්ඩරයේ තීරණය සම්බන්ධයෙන් හා ඇගැයීම් ක්‍රියාවලියේ පවතින අඩුලුහුඬුකම් මත ඉහත සමඟ එකඟ නොවෙමි.’.එසේ සටහනක් යොදා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) ඊඑම් සිසිර ඒකනායකය. ඒ ඉයුකැලිප්ටස් ගස් 778ක් විකිණීම සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් කළ ටෙන්ඩරය සම්බන්ධයෙන්ය. එම ටෙන්ඩර් මණ්ඩලයේ ඔහුට අමතරව ජනතා වතු සංවර්ධන මණඩලයේ සභාපති වින්ග් කමාන්ඩර් බීඩී අබේසූරිය හා එහි ගණකාධිකාරි කේජේටීබී රාජසූරිය කටයුතු කර ඇත..කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කළ සාමාජිකයා එසේ එකඟ වී නැත්තේ එම ටෙන්ඩරයේ තුන්වන වැඩිම ලංසුව ඉදිරිපත් කළ පුද්ගලයාට එකී ටෙන්ඩරය පිරිනැමීමට ගත් තීරණයටය. එසේ විරුද්ධ වන්නට හේතු කිහිපයක් බලපා ඇතැයි එකී ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන දෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනී යයි. ඉන් එකක් වන්නේ මෙසේ තුන්වෙනුවට වැඩිම ලංසුව ඉදිරිපත් කළ පුද්ගලයා ටෙන්ඩරය විවෘත කරන අවස්ථාවේදී ලංසු ඇපකරයක් ඉදිරිපත් කර නොතිබීමය. ඒ අනුව ලංසු ඇපකරයක් නොතිබූ පුද්ගලයකු යනු ටෙන්ඩරයක් විවෘත කිරීමෙන් පසු පළමු අවස්ථාවේම නුසුදුස්සෙකු වන ඇගයීමේ ක්‍රියාවලියට භාජනය නොවන්නෙකි. එසේම ඔහුගේ මිල පළමු හෝ දෙවන මිල නොවීමය..මෙම ටෙන්ඩරයේදී වැඩිම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එම්ඒඑන් ගයාන් මධුසංක යන අයය. ඔහු ඉදිරිපත් කර ඇති මිල වන්නේ රුපියල් 80,165,000කි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ මිලෙන් සියයට 10ක් වන රුපියල් 8,016,500ක ලංසු ඇපකරයක් හැටන් නැෂනල් බැංකුවේ චෙක්පතක් මගින් ලබාදී ඇත. දෙවන වැඩිම මිල ඉදිරිපත් කර ඇත්තේ යූජීකේඑච් කරුණාරත්න යන අයය. ඔහු ඉදිරිපත් කර ඇති මිල වන්නේ රුපියල් 72,775,000කි. එහෙත් ඔහු ටෙන්ඩරය විවෘත කරන අවස්ථාවේ ලංසු ඇපකරයක් තැන්පත් කර තිබී නැත. තුන්වනුවට වැඩිම මිල ඉදිරිපත් කර ඇත්තේ ජීබී අමල් ප්‍රියංකර යන ඉහත සඳහන් කළ විරෝධයට හේතු වූ පුද්ගලයාය. ඔහුගේ මිල වී ඇත්තේ රුපියල් 63,436,700කි. ඔහු ලංසු ඇපකරයක් ඉදිරිපත් කර නැත. සිව්වන වැඩිම මිල ඉදිරිපත් කර ඇත්තේ එල්ටීඒ ලියනගේ යන අයය. ඔහුගේ මිල 60,912,400කි. ඔහු ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමින් ලබාගන්නා ලද ටෙන්ඩර් මුදලින් සියයට 10ක් වන රුපියල් 6,091,240ක ලංසු ඇපකරයක් ඉදිරිපත් කර ඇත. පස්වන වැඩිම මිල ඉදිරිපත් කර ඇත්තේ යූජී සම්පත් කුමාර යන අයය. ඔහු ඉදිරිපත් කර ඇති මිල රුපියල් 59,212,400කි. ඔහුද ලංසු ඇපකරයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්පත් බැංකුව මගින් රුපියල් ලක්ෂ 5ක ඇපකරයකි..ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ එකී ටෙන්ඩර් මණ්ඩලය ටෙන්ඩර් සම්බන්ධයෙන් වූ රජයේ මාර්ගෝපදේශ අනුගමනය කළා නම් ටෙන්ඩර් ඇගැයීමේ ක්‍රියාවලියෙන් මෙම පුද්ගලයින් පස් දෙනාගෙන් මුලින්ම පුද්ගලයින් දෙදෙනෙකු අයින් කළ යුතුය. ඒ ලංසු ඇපකර ඉදිරිපත් නොකළ පුද්ගලයින් දෙදෙනාය. උත්ප්‍රාසය වන්නේ එසේබ මුලින්ම ඉවත්කළ යුතු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු වන තුන්වනුවට වැඩිම මිල ඉදිරිපත් කර ඇති පුද්ගලයාට මෙම ටෙන්ඩරය ටෙන්ඩර් කමිටු සාමාජිකයකුගේ විරුද්ධත්වය මධ්‍යයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිරිනමා තිබීමය..එම ටෙන්ඩරයේ ඇගැයීම් කමිටුව ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලයේම නිලධාරීන් තිදෙනෙකු කටයුතු කර ඇති අතර ඔවුන් කියා ඇත්තේ වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන ලද පුද්ගලයාට මෙම ටෙන්ඩරය පිරිනමන ලෙසය. ඒ ඔහු විසින් වැඩිම මිල ඉදිරිපත් කිරීම, ලංසු ඇපකරයක් ඉදිරිපත් කිරීම හා එසේ ඉදිරිපත් කරන ලද මිල තක්සේරු අගයට වඩා වැඩි අගයක් ගැනීමය..එහෙත් කුමක් හෝ නොදන්නා හේතුවකින් මෙම ටෙන්ඩරය ජීබී අමල් ප්‍රියංකර නම් නාවලපිටිය නගර සභාවේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයාට හිමිවී ඇත. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය ධුරය දරන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෙවත් ජනවසම පවතින අතර නාවලපිටියේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේය. සමගි ජන බලවේගයට බලය තිබූ එම නගර සභාවේ බලය වත්මන් නගරාධිපති අමල් ප්‍රිියංකරට ලැබෙන්නේ පසුගිය වසරේදීය..ඒ අනුව මෙම ටෙන්ඩරය, පළමු අවස්ථාවේම නුසුදුස්සකු වූ නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකරට ලැබීම අප පුදුමයට පත්කරන ලද කරුණක් විය යුතු නැත. මන්ද මේ දැන් අප ජීවත් වන්නේ වංචාවට දූෂණයට ඉඩක් නැති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ වන නිසාය. එකී සෞභාග්‍යයේ දැක්ම කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නිසාය..නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර 2021 නොවැම්බර් 16 දින සහිතව ජනවසම සභාපතිවරයාට ලියුමක් යොමු කරයි. ඒ මෙම ඉයුකැලිප්ටස් ගස් කපා ඉවත් කිරීමේ ටෙන්ඩරයට අදාලවය. ඔහු එහි සඳහන් කරන්නේ ‘ඉහත ගස් හෙලීමේ ටෙන්ඩරය සඳහා මා විසින් ඉදිරිපත් කර ඇති මුදල වන්නේ රු. 63,436,700 ක මුදල වේ. නමුත් ඔබතුමන් විසින් ඉල්ලා ඇති සංශෝධන සැලකිල්ලට ගෙන, හා ගරු උප සභාපතිතුමන් සමග කරන ලද දුරකථන සංවාද අනුව රු. 67,000,000ක මුදලක් මෙම ගස් සඳහා ගෙවීමට මා කැමැත්ත ප්‍රකාශ කරමි..තවද මේ සඳහා මුදල් ගෙවීම සඳහා මා වෙත ඔබ ආයතනයෙන් ලිපියක් නිකුත් කරන මෙන්ද, මෙම ගස් සඳහා වන සියලු ලිපි ලේඛන නියමිත ආකාරයෙන් නිවැරදිව ඇති බවටත්, මෙම ගස් බිම හෙලීම සඳහා නිසි පරිදි අවසරය ලබා දී ඇති බවටත් සඳහන් කර මා වෙත ලිපියක් ලබාදෙන මෙන්ද කාරුණික ඉල්ලා සිටිමි.’ යනුවෙන්ය..ඒ අනුව එම දිනයේම හැරෙන තැපෑලෙන් ජනවසම සභාපතිවරයා අමල් ප්‍රියංකරට ලිපියක් යවන අතර එහි සඳහන් වන්නේ, එම ගස් කැපීමේ ටෙන්ඩරය සඳහා වැඩිම මිල ගණන වශයෙන් රු. 80,165,000ක මුදලක් ඉදිරිපත් වූ බවත්, ටෙන්ඩරයේ වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන ලද පළමු හා දෙවන ගැණුම්කරුවන් එම මුදල් එකවර ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් තුන්වන වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන ලද අමල් ප්‍රියංකර මහතා වෙත එම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට ජනවසම ප්‍රසම්පාදන අංශය විසින් කැමැත්ත පළකර ඇති බවත්ය. ඉදිරිපත් වී ඇති වැඩිම මිල ගණන හා සැසැඳීමේදී ප්‍රියංකර මහතාගේ මිල ගණන රුපියල් 16,728,300ක අඩුවක් තිබෙන බැවින් ජනවසම උපසභාපතිවරයා දන්වා ඇති පරිදි රුපියල් 67,000,000ක මුදලක් ගෙවීමට ඔහු කැමැත්ත ප්‍රකාශ කර ඇති බැවින් ඔහුගේ පළමු ඉල්ලීමට වඩා එම මුදල රුපියල් 3,563,300කින් වැඩි බැවින් ඔහුට ටෙන්ඩරය පිරිනමන බවය. එමෙන්ම කැමැත්ත පළකරන ලද මුදලෙන් සියයයට 10ක් වන හාණිපූර්ණ මුදල වන රුපියල් 6,700,000ක මුදලත් සමඟ මුළු මුදල වන රුපියල් 73,700,000ක මුදල දින 03ක් ඇතුළත ජනවසම ගිණුමට බැරකර, ඉන්පසුව ගිවිසුම්ගතව මෙම ගස් අදියර දෙකක් යටතේ ඉවත්කර ගන්නා ලෙසය. එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ටෙන්ඩරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් සියලු අනුමැතීන් ලබාගෙන ඇති බවය..ටෙන්ඩරය ලබාදීමේ ලිපිය අනුව හා ටෙන්ඩරය ලබාගත් පුද්ගලයාගේ ලිපිය අනුව සිදුවී ඇති දෙය පැහැදිලිය. එම ටෙන්ඩරය තුන්වන මිල ගණන් ඉදිරිපත් කරන ලද තැනැත්තාට ලබාදී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩල තීරණයකින් නොවන ජනවසම ප්‍රසම්පාදන අංශය නම්වූ එකකිනි. ඒ ඒ ප්‍රසම්පාදන සඳහා පත්කරන ප්‍රසම්පාදන කමිටු තිබුණාට රාජ්‍ය ආයතනයක් තුළ ප්‍රසම්පාදන අංශයක් තිබෙන බව අප මේ දැන ගන්නේ ප්‍රථම වරටය. කෙසේ වෙතත් යම් ප්‍රසම්පාදනයක් සඳහා ටෙන්ඩර් මණ්ඩලයක් පත්කර එහි තීරණයක් තිබියදී වෙනත් තීරණයක් ප්‍රසම්පාදන අංශය නම් එකකින් ගැනීම නීත්‍යනුකූල වන්නේ නැත. වෙනත් අංශයකින් වෙනත් තීරණයක් ගැනීමට එම ටෙන්ඩරය අහෝසි කළ යුතුය. එම ටෙන්ඩරය සම්බන්ධයෙන්ම වෙනත් තීරණයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ටෙන්ඩර් මණ්ඩලය මගින්ම එය ගැනීමය. එයද හොර රහසේ නොව ඉල්ලුම්කරුවන් කැඳවා පොදුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය..මෙම ටෙන්ඩරයේදී වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන ලද පුද්ගලයා හා දෙවන වැඩිම මිල ගණන ඉදිරිපත් කරන පුද්ගලයා එකී ටෙන්ඩරය අත්හැරීම යන කරුණ කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත අත්හැරියා යැයි කීම පිළිගැනීමට ටිකක් අමාරු එකකි. මන්ද කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවක් නැති බව දැන දැනම ඔවුන් ටෙන්ඩරයට ඉදිරිපත් වී ඇති බැවින් හා ඒ සඳහා ඇපකරද තබා ඇති බැවින්ය. එවැනි හේතුවක් ඉදිරිපත් කර ටෙන්ඩරය ලබාගැනීමෙන් ඉවත් විය හැක්කේ වෙනත් බලපෑමක් හෝ එකඟතාවක් මත යන්න අනුමාන කළ හැකි දෙයය..වැඩිම මිල ගණන් ඉදිරිපත් කිරීම නිසා හා ලංසු ඇපකරය තබා තිබීම නිසා ටෙන්ඩරයට සුදුසුකම් ලැබූ පුද්ගලයා එය අත්හැරියේ නම් එම ටෙන්ඩරය අහෝසි නොකර තවදුරටත් පවත්වාගෙන යෑමේදී සිදුකළ යුත්තේ ඊළඟ සුදුසුකම් ලබා ඇති අය සම්බන්ධයෙන් සලකා බැලීමය. එහිදී දෙවන වැඩිම මිල ඉදිරිපත් කර ඇති පුද්ගලයා මෙන්ම ටෙන්ඩරය පිරිනමා ඇති තුන්වන වැඩිම මිල ඉදිරිපත් කරන ලද පුද්ගලයාද ඒ සඳහා සුදුසුකම් ලබන්නේ නැත. ඒ ඔවුන් දෙදෙනාම ටෙන්ඩරය විවෘත කරන අවස්ථාවේ මූලික සුදුසුකම වන ලංසු ඇපකරය තබා නොතිබීම නිසාය. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය යොමු විය යුත්තේ ලංසු ඇපකරය තැබූ අනිකුත් පුද්ගලයින් වෙතය. නොඑසේනම් එම ටෙන්ඩරය අතහැර අලුතින් ටෙන්ඩර් කැඳවීමය..කෙසේ වෙතත් ටෙන්ඩර් මණ්ඩලයකින් මෙම ටෙන්ඩරය පිරිනැමීම සිදුවී නැති බව ටෙන්ඩරය පිරිනැමීම සඳහා හුවමාරු වූ ලිපි මගින් පෙන්නුම් කරන නිසා තවත් බරපතළ ප්‍රශ්නයක්ද මෙහිදී පැනනඟී. ඒ ජනවසම සභාපතිවරයා අමල් ප්‍රියංකර මහතාට යවන ලිපියේ සඳහන් කරන ‘සියලු අනුමැතීන්’ ලබාගෙන ඇත්තේ කාගෙන්ද යන්නය. නීත්‍යනුකූල නොවුණත් එසේ ටෙන්ඩර් මණ්ඩලයෙන් පරිබාහිරව අනුමැතීන් ලබාගන්නවා නම් ඔහු ලබාගත යුත්තේ ඔහුට ඉහළින් සිටින විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගෙන් හෝ එම අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්ය. මහින්දානන්ද අලුත්ගමගේ එසේ අනුමැතිය දුන්නා නම් එයද බරපතළ ප්‍රශ්නයකි. මන්ද මෙම ටෙන්ඩරය හොර පාරේ ලැබූ පුද්ගලයා අලුත්ගමගේ ඇමතිවරයා යටතේ දේශපාලනය කරන නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වන නිසාය. එවැන්නක් සිදුවී ඇත්නම් ඒ මගින් කියන්නේ සිය ගෝලයාට නීත්‍යනුකූල නොවන ආකාරයකට ටෙන්ඩරයක් පිරිනමන්නට ඇමතිවරයෙකු සිය බලය අවභාවිතාවේ යොදවා ඇති බවක්ය. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article‘ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්‘: නීතිඥ.රමණි මුත්තෙට්ටුවේගම.Next articleරනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැතිකමය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
‘ආධ්‍යාත්මික ශක්තියෙන් සාෆිගේ පාපෝච්චාරණයක් ගන්නට හැදූ රතන හිමි හා හත්පොළේ ගාගන්නා දිවයින | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.‘ආධ්‍යාත්මික ශක්තියෙන් සාෆිගේ පාපෝච්චාරණයක් ගන්නට හැදූ රතන හිමි හා හත්පොළේ ගාගන්නා දිවයින.By රේඛා නිලුක්ෂි හේරත්.June 24, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.සාෆිගේ දියණියන් දෙදෙනා වෙතත් දිවයිනේ වෛරී ප‍්‍රහාරය එල්ලවෙයි.අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට රඳවා තිබෙන කුරුණෑගල දොස්තර මොහොමඞ් සාෆි හමුවීමට අතුරලියේ රතන හිමි දැරූ වෑයම අසාර්ථක වූ බව, පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ පළමු පිටුවේ ප‍්‍රවෘත්තියකින් අපි එළිදරව් කෙළෙමු..ආධ්‍යාත්මික බලය.පසුගිය සතියේ, රතන හිමියන් දොස්තර සාෆි හමුවන්නට උත්සාහ කළේ, සිංහල කාන්තාවන් වඳ බවට පත්කිරීමට සීසර් සැත්කම්වලදී කටයුතු කළ බවට ඔහු ලවා ‘පාපෝච්චාරණයක්’ ලබාගත හැකිදැ’යි බලන්නටය. තමාට යම් ආධ්‍යාත්මික බලයක් තිබෙන බවත්, එම ආධ්‍යාත්මික බලයෙන් දොස්තර සාෆි මෝහනයට පත්කර තමා කළ ‘වරද’ පිළිගන්නා තත්ත්වයට ඔහු පත්කළ හැකි බවත්, ඒ අනුව කරන ප‍්‍රකාශයක් හෙවත් පාපෝච්චාරණයක් සටහන් කරගෙන ඔහු වරදකරු කළ හැකි බවත්, අතුරලියේ රතන හිමියෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතුවේ (සීඅයිඞී* ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ¥රකථනයෙන් අමතා දෙසුවෝය..පොලිසිය භාරයේ සිටින සැකකරුවකුගෙන් පොලිසිය ලබාගන්නා ප‍්‍රකාශයක් පාපෝච්චාරණයක් හැටියට නොසැලකෙන බවත්, එය සැකකරුට එරෙහිව සාක්කියක් හැටියට උසාවිය භාර නොගන්නා බවත්, ජනාධිපතිගේ උපදේශකයකුද වන මේ භික්‍ෂුව දැන නොසිටින්නට හේතුවක් නැත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැුඳවුම් නියෝගයක් සහිතව රඳවා සිටින සැකකරුවකු, ඔහුගේ නීතිඥයාට හා පවුලේ සමීපතමයකුට හැරෙන්නට අන් කිසිවකුට මුණ ගැසෙන්නට නොදෙන බවද මේ භික්‍ෂුව නොදැන සිටින්නට විදියක් නැත..එසේනම්, ඔහු මේ ඉල්ලීම කරන්නේ කුමන බලයකින්ද? හේතු දෙකකි. එකක්, තමා නීතියට ඉහළින් සිටින්නකුයැයි මේ කාලයේ බොහෝ භික්‍ෂූන් මෙන්ම රතන හිමියන්ද සිතයි. නීතියෙන් කළ නොහැකි දෙයක් වුවද, තමාගේ චීවරයේ බලයෙන් කරවාගත හැකියැයි ඔහු සිතයි. ඒ බලහත්කාරය ඇතිවය ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට කතාකොට දොස්තර සාෆි මුණගැහෙන්නට අවස්ථාව බයක් සැකක් නැතිව ඉල්ලන්නේ. එහෙත්, ඔහුට ඒ අවස්ථාව ලැබුණේ නැත. සීඅයිඞීයේ නිලධාරීන් කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන පිරිසක් නිසාය..මඩවලෙන් ගොඩ එන්නට.රතන හිමියන් දොස්තර සාෆිගෙන් පාපෝච්චාරණයක් ගන්නට, තමාගේ ‘මහා ආධ්‍යාත්මික බලය’ යොදාගන්නට තැත් කෙළේ ඇයි? ඊට ඇති දෙවැනි හේතුව කුමක්දැයි කියතොත්, දොස්තර සාෆිට එරෙහිව කළ වෛරී මෙහෙයුම නිසා නිසා රතන හිමි, දිවයින පත්තරය, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු බොහෝදෙනකු, මේ වන විට බෙල්ල මැදින් හිරවී සිටින උගුලෙන් ගැලවෙන්නට වෙනත් ක‍්‍රමයක් නැති බව පෙනෙන නිසාය. ඇත්ත එළිවන්නට වන්නට, මේ අයගේ බොරු තවතවත් දියවෙයි. ඒ ඉරණමෙන් ගැලවෙන්නට නම්, දොස්තර සාෆි ලවා පාපෝච්චාරණයක්වත් කරගත යුතුයැයි රතන භික්‍ෂුව සිය සදහම් අසපුවේදී සමීපතමයන්ට කියා තිබේ. සීඅයිඞීයට කතාකර, දරන්නට හැදුවේ ඒ අවසාන උත්සාහයයි..පැමිණිලි ගණන් කරන දිවයින.ඒ අතර, කුරුණෑගලටත් තදාසන්න අනෙකුත් ගලේවෙල හා දඹුල්ල රෝහල්වලටත් දොස්තර සාෆිට එරෙහිව එන පැමිණිලි ගණන හැමදාම දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළකිරීමට විශේෂ වාර්තාකරුවන් යොදවා ඇත. ඔවුන්ට පවරා ඇති කාරිය පැමිණිලි ගණන් කිරීමය. දැන් පැමිණිලි 900ද ඉක්මවා ඇති බව වාර්තා කරන නමුත්, ඒ පැමිණිලි කුමන ස්වභාවයේ ඒවාදැයි වාර්තාකරන්නට දිවයින හිතාමතාම පැහැර හරියි. ඒ බොහෝමයක්, සීසර් සැත්කමෙන් පසු, කකුල රිදීම්, කොන්ද කැක්කුම්, ඇස් පෙනීම දුර්වලවීම් වැනි ‘ජාතිය වඳකිරීමට’ මෙලෝ සම්බන්ධයක් නැති විප‍්‍රකාරය. පැමිණිලි ගණන් කරන්නට දිවා ? දෙකේ මහත් කැපවීමෙන් කුරුණෑගල සේවයේ යොදවා ඇති මාධ්‍යකරුවන්ගෙන්, ඒ කාන්තාවන්ගෙන් විමසා පැමිණිලිවල ස්වභාවයද දැනගන්නට, මහජනතාවගේ දැනගැනීම සඳහා ඒ ගැන වාර්තා කරන්නට, දිවයිනට අපහසුවක් තිබෙන්නට හේතුවක් නැත. එසේ නොකරන්නේ මන්ද? සමහර කාන්තාවන්, පැමිණිල්ල සටහන් කරගත් පසුව අසන ඊළඟ ප‍්‍රශ්නය වන්නේ, ‘අපට වන්දි ලැබෙන්නේ කවදාද’ යන්න බව පොලිසියේ නිලධාරීහු කියති. මේ අසරණ කාන්තාවන්, මේ සා අවමානයකට හා දුෂ්කරතාවකට පත්කළේ දිවයිනේ ජඩමාධ්‍ය භාවිතාව පමණක් නොවේ, ඊළඟ ඡුන්දයේදී පොහොට්ටුවෙන් ඡුන්දය ඉල්ලන්නට බලාසිටින වෛi චන්න ජයසුමනගේ වන්දි බොරුව හා මහින්ද රාජපක්ෂ මහතා මොකක් හෝ වන්දියක් ලබාදීමට වූ පොරොන්දුවයි..එකිනෙකා පාවාදීම.දිවයින පත්තරේ හේමන්ත රන්දුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් දුන් කටඋත්තරයේ, තමාට දොස්තර සාෆිි ගැන තොරතුරු දුන්නේ කුරුණෑගල ඞීඅයිජී බව කියා තිබේ. තමන්ට තොරතුරු සපයන මූලාශ‍්‍ර ගැන එළිදරව් නොකිරීමට ජනමාධ්‍යවේදීන්ට අයිතියක් තිබෙන බවට ලංකාවේ අධිකරණ තීන්දු පවා තිබියදී, තොරතුරු මූලාශ‍්‍රයේ අවසරය මත මිස, එම මූලාශ‍්‍ර හෙළි නොකිරීමේ සදාචාරමය වගකීමක් තිබෙන බව ශ්රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේද දක්වා තිබියදී (දිවයිනද කර්තෘ සංසද සාමාජිකයෙකි.* හේමන්ත රන්දුනු සිය මූලාශ‍්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකිරීම මූලාශ‍්‍ර පාවාදීම ගැන සිත්ගන්නාසුලූ අවස්ථාවකි. දිවයින පුවත්පතේ කර්තෘ අනුර සොලමන්ස්ද, ‘ඒ කාන්තාවන් 4000ම තව්හිද් ජමාත් සංවිධානයේ දොස්තර වඳකළ බවට තමාට සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකියැ’යි, සීඅයිඞීයට ප‍්‍රකාශය දෙද්දී දැඩිව කීි බවක් දැනගන්නට නැත. ඔහු සීඅයිඞීයට කියා ඇත්තේ, රන්දුනු මහතා දීර්ඝ කාලයක් තිස්සේ පුවත්පතට වාර්තා සපයන බැවින්, ඒ ගැන විශ්වාස කොට මේ ප‍්‍රවෘත්තියද පළකළ බවත් ඊට වඩා දෙයක් ගැන නොදන්නා බවත්ය. කුරුණෑගල ඞීඅයිජී හෙටානිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් දෙන ප‍්‍රකාශය අනුව, හේමන්ත රන්දුනුගේද ‘ජනමාධ්‍ය වෘත්තිකභාවය’ තීන්දු වනු ඇත..කුරුණෑගල ඞීඅයිජී.කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ බිරිඳද කුරුණෑගල මහරෝහලේ වෛiවරියකි. දොස්තර සාෆිගේ බිරිඳ කියන විදියට, කුරුණෑගල නගරයේ තිබුණු ඉඩමක් තමන්ට විකුණන ලෙස කුරුණෑගල වෙළෙඳ සංගමය දොස්තර සාෆිට කියා තිබේ. තවත් හවුල්කරුවන් තිදෙනකුට හවුලේ අයිති ඒ ඉඩම විකුණන්නට දොස්තර සාෆි අකමැති විය. දොස්තරවරයා ‘පැහැදිලි කළ නොහැකි වත්කම් අයිතිකරගැනීම’ නම් චෝදනාව යටතේ කුරුණෑගල ඞීඅයිජී විසින් අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් පසුවය..මේ වරද ගැන විමර්ශන කරන්නේ අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි. එහෙත්, ඞීඅයිජී වැට පැන්නේය. ඒ අතර, දිවයිනද ඞීඅයිජී විසින් ලබාදුන් වඳ කිරීමේ ප‍්‍රවෘත්තිය පළකළ අතර, ඉන්පසු ඇරඹුණු භීම සමය තුළ පළමුව දොස්තර අත්අඩංගුවට ගෙන පසුව ඔහුට විරුද්ධව පැමිණිලි ඉල්ලන, නීති විරෝධී තත්ත්වයට පොලිසිය පත්වුණේය. දැන් දොස්තර සාෆි තමා එලෙස නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානම් වෙයි..සිංහල කාන්තාවන් 4000ක් වඳ කළ බවට ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් බොරු කී දිවයින සමාජ අවමානයෙන් ගැලවෙන්නට දැන් පැමිණිලි ගණන් කරමින් වාර්තා කරයි. එහෙත්, ඒ ඊනියා පැමිණිලිවල වසන්ත සමයද දැන් තුනීවී ගොස්ය. දැන් දිනකට පැමිණිල්ලක්වත් නොලැබෙන ගානය. එනයින් දිවයින කර්තෘගේ වඳසැත්කම් 4000ක ඉලක්කය නොපෙනෙන තරම් බොහෝ දුරය..එහෙත්, ඒ නොහැකි ඉලක්කය අල්ලාගැනීම සඳහා දිවයින ඇති තරම් විනාශකාරී බොරු තවමත් ගොතමින් සිටියි. ජුනි 16වැනි ඉරිදා දිවයිනේ මනෝජ් අබේදීර ලියූ ‘වඳ කරලා විතරක් නෙවෙයි දසවධත් දිලා’ නමැති ලිපියද එවැනි විනාශකාරී බොරු සහිත ලිපියකි. එහි ඇති කාරණා කිහිපයක් මෙසේය..පැමිණිලි කළ 1000කට ආසන්න මවුවරුන් අතරින් 200කට ආසන්න පිරිසක් ස්ථිර වඳභාවයට පත්ව ඇති බවට සැක පහළ වී තිබේ… එම 200 දෙනා ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු විවිධ සංකූලතාවන්ට සහ අතුරු ආබාධවලට ලක්ව සිටිති. (ඒ අනුව පැමිණිලිි 1000න් 800ක්ම බොරු ඒවා බව මනෝජ් අබේදීරම කියයි. ඒ 200ත් වඳභාවයට පත්වීම ගැන ’සැකයක්‘ පමණකි ඇත්තේ. එහෙත්, ඔවුන් විවිධ සංකුලතා හා අතුරු ආබාධවලට ලක්ව තිබේ. අබේදීර ‘ස්ථිර වඳභාවය’ හැටියට අර්ථ දක්වන්නේ ඒ සංකුලතාද?*.පැමිණිලි කළ මවුවරුන් අතරින් 400කට වැඩි පිරිසක් තවමත් සිටින්නේ තමන් වඳභාවයට පත්වූවේද යන්න සැකහැර ගැනීමේ පරීක්ෂණයකට සහභාගි වීම සඳහාය. ඔවුන් ෂාෆි කළ සිසේරියන් සැත්කම්වලින් පළමු දරුවා බිහිකර වසර 2-3ක් අතර කාලයක් ගතකළ අයය. (මුල් 200 ස්ථිරව වඳවූ බව කියන අබේදීර, තව 400ක් පොරොත්තු ලේඛනයේ තබයි. ඒ 400 අවුරුදු 2ක් 3ක් යනතුරු තමන්ට දරුවන් නැත්තේ ඇයිදැයි කිසිම විශේෂඥයකුට පෙන්වා අසා නැද්ද? සැක හැර දැනගැනීමට දිවයින බොරු ප‍්‍රවෘත්තිය පළවනතුරු සිටියේ ඇයි?*.රෝහල් බලධාරීන් පවසන්නේ ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ට වඩා පැමිණිලි නොකළ මවුවරුන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. (හෙළිවන කරුණුවලින් තමන්ගේ බොරුව කඩාවැටෙන බව දන්නා අබේදීර, දැන් ‘ඊටත් එහා ඇති සත්‍යයක්’ ගැන කියයි. 4000ක් වඳ බව සහතික කර කී දිවයිනට, ඒ ‘ඉතා ඉහළ අගයක් ගන්නා පැමිණිලි නොකළ කාන්තාවන්’ ගැන විස්තර සොයාගොස් පාඨකයාට දන්වන්නට බැරි ඇයි? 4000ක් ගැන ප‍්‍රවෘත්ති පළකළේ මේ පිරිස ගැන තොරතුරු නැතිවද? මේ විදියට නම්, මේ සිදුවීමේ ඇත්ත ගැන හොයන්නට මේ කපේදී බැරිය.*.සාෆි සිය විජ්ජාව සඳහා භාවිත කරන න්‍යාය ‘අසාමාන්‍ය වේගය සහ අසාමාන්‍ය කලබලය’ය. ඔහුගේ මෙම අසාමාන්‍ය වේගය හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලයද ඒ මොහොතේ සිටිනුයේ අවසිහියෙන් මෙනි. ඒ අතරවාරයේ සිංහල මවකගේ බඩ අස්සට අත දමා, පැලෝපීය නාලය විනාඩි කිහිපයක් මිරිකාගෙන සිටීම සාෆිට ඉතා පහසුය. (අසාමාන්‍ය කලබලයෙන් හා වේගයෙන් සැත්කම් කිරීම, සෙසු කාර්ය මණ්ඩලය අවසිහියෙන් සිටීම, බඩ අස්සට අත දමා නාලය අවහිර කිරීම යනාදිය ‘දිවයිනටම ආවේණික ජාතිවාදී ස්පෙෂල්’ හැර වෙන මොනවාද?*.පළමු දරු ප‍්‍රසූතිය සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුළු වූ මවක වෛද්‍යවරුන් යොමුකර තිබුණේ, සාමාන්‍ය දරු ප‍්‍රසූතිය සඳහාය. එදින මධ්‍යම රාත‍්‍රියේ ඇයව බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැුගෙන ගිය සාෆි, සිසේරියන් සැත්කමක් සඳහා ඇය භාජන කරනු ලැබුවේ තනිවමය. සාෆි වෛද්‍යවරයා තමාව බලෙන් තල්ලූ කරගෙන ගොස් තනිවම අනවශ්‍ය ආකාරයෙන් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කළ බවට ඇය චෝදනා කරයි. මවගේ, වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනීගියේ ඒ සඳහා අන් කිසිදු වෛද්‍යවරයෙකු හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අත්සන් තබා නොමැති බවය. සාෆි පමණක් එක් ස්ථානයක අත්සන් තබා තිබුණි. (‘බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැුගෙන ගිය’, ‘බලෙන් තල්ලූ කරගෙන ගොස්’, ‘තනිවම’ සැත්කමක් කිරීම වැනි සංකල්පනා ජාතිවාදයෙන් අන්ධවූ දිවයින පුවත්පත්කලාවේම ඇති විෂබීජ මිස අන් කිසිවක් නොවේ. තමන්ගේ පාඨකයන්ට දිවයින බෙදාදෙන්නේ මේ තරම් ළාමක කුණුකසළද? කාර්ය මණ්ඩලයේ අන් අය අත්සන් නොකළ පමණින්, ‘අන් කිසිවකු ඊට සහභාගි නොවුණු බව’ තීරණය කළ හැක්කේ අබේදීර වැනි ‘වෘත්තීය මාධ්‍යවේදීන්ට’ම පමණි.*.සාෆිගේ දරුවන්ටත් වෛරයේ ගින්න.මෙතෙක් කල් දොස්තර සාෆි පසුපස හමාගිය මේ ජඩමාධ්‍යවේදීන්්, තමන්ගේ බොරුව නිසා පත්වු සමාජ අවමානයෙන් ගැලවෙන්නට නොහැකිව, දැන් සාෆිගේ දියණියන් දෙදෙනා වෙතද තවත් අමූලික බොරු අලූතෙන් ගොතමින් පහර දෙන්නට පටන්ගෙන තිබේ. මනෝජ් අබේදීර මෙසේ කියයි..‘සාෆිට අයත්ව තිබූ රසකැවිලි ව්‍යාපාරයක් පිළිබඳව ද මේ වන විට හාහෝවක් මතුව තිබේ. කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් ආපන ශාලා සඳහා බූන්දි වැනි පැණි රස ආහාර සපයන ලද්දේ සාෆි බවට කටකතා පැතිර යමින් තිබේ. ඒ අතර සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙනගත් පාසලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදාදීමක් පිළිබඳවද එම පාසලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.’.ජාතිවාදීන්ට තමන්ගේ වුවමනාව සපුරාගැනීම සඳහා දරුවන් වුවද බිල්ලට ගත හැකි බවට මීට වඩා තවත් සාක්‍ෂි අවශ්‍යද? මේ කතාවෙන් බලාපොරොත්තු වන්නේ ඒ දැරියන් දෙදෙනාගේද පාසල් ගමන අත්හිටුවා, සාෆිගෙන් ගත නොහැකි වුණු වාඩුව ගැනීම මිස අන් කුමක්ද?.ශක්තික හිරේ දැම්මේත් මේ ඞීඅයිජී.මේ වන විට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින ශක්තික සත්කුමාරට, සාමාන්‍ය නීතිය යටතේ චෝදනා නැගිය හැකිව තිබියදීත්, අයිසීසීපීආර් යටතේ චෝදනා නගා ඇප නැතිව රිමාන්ඞ් බන්ධනාගාරගතව තබන්නට අදාළ උපදෙස් පොල්ගහවෙල පොලිසියට දී තිබුණේත්, මේ ඞීඅයිජී කිත්සිරි ජයලත් සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බව සටහන් කළ යුතුය..ඞීඅයිජීට එරෙහිව නීතිය.කුරුණෑගල දිසාව භාර ඞීඅයිජී සීඅයිඞීයට ගොස්, රන්දුනුට තමා එවැනි තොරතුරක් නොදුන්නේයැයි කීවේ නම්, රන්දුනුත්, දිවයිනත් හාන්සිය. දුන්නායැයි කීවොත්, 4000ක් වඳවූ බවට ‘සාධාරණ සැකයක් ඇතිකර ගැනීමට’ තමාට තිබුණු තොරතුරු ඔහු සීඅයිඞීයට හෙළිකළ යුතුය..මේ අන්තෝජටා බහිජටා තත්ත්වයේ සිටින ඞීඅයිජී නිසා, සීඅයිඞීය මුහුණ දුන් අපහසුතාව ඉතා විශාලය. පසු ගිය කාලයේ සිදුවූ විවිධාකාර ඝාතන හා අපරාධ සම්බන්ධව, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව සිය සීමිත විමර්ශන නිලධාරීන් සමග දිවා ? නැතිව විමර්ශන කටයුතුවල යෙදීසිටින සීඅයිඞීයට දොස්තර සාෆිගේ ‘මහා අපරාධය’ ගැන විමර්ශනය කිරීමට අතිරේක ශ‍්‍රමයක් දැන් දරන්නට සිදුවි තිබේ. පැමිණිලි සටහන් කරගැනීම සඳහා විස්සකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති අතර, ඔවුන්ට නවාතැන් ගැනීම සඳහා කුරුණෑගල ප‍්‍රදේශයේ නිවෙසක් කුලියට ගන්නට පවා සීඅයිඞීයට සිදුවිය. ඒ මහජනතාවගේ මුදල් වියදම් කරමිනි. ඔවුන් මෙහෙයවීම සඳහා යොදවා ඇත්තේ, පසුගිය කාලයේ සීඅයිඞී විමර්ශන මෙහෙයවූ දක්‍ෂතම නිලධාරීන් දෙදෙනකි. මේ විමර්ශන, ඊළඟට කළ යුතු වෛi පරීක්‍ෂණ මේ ආදි දේවල් සඳහා වැයවන්නේ කාගේවත් පෞද්ගලික බූදලයෙන් නොවේ. රටේ මහජනතාවගේ මුදල්ය. මේ සියල්ල සලකා බලා, බොරු තොරතුරු ලබාදීම හරහා කළ විනාශයට ඞීඅයිජී කිත්සිරි ජයලත්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නට සිදුවුණොත් එය පුදුමයක් නොවේ..දැනටමත් ඔහුට එරෙහිව නැගී ඇති චෝදනා කිහිපයකි. ජාතීන් අතර කලබල ඇතිකළ හැකි පුවතක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැනුවත් නොකොට මාධ්‍ය වෙත ලබා දීම, හිතාමතාම ජාතීන් අතර කලබල ඇති වීමට අනුබල දීම හා ඔහු විසින් නිර්මාණය කරන ලද පුවතට අදාළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒ පිළිබඳව ලැබී ඇති පැමිණිලි එකින් එක විභාග කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් යෙදවීමට සිදුවීම ඔහුට එල්ලවී ඇති චෝදනා වේ..‘ඞීඅයිජී මාරු කළොත් රටම ඉවර කරනවායැයි නාද කල අතුරලියේ රතන භික්‍ෂුව, ඞීඅයිජීට එරෙහි මේ චෝදනාවන් සම්බන්ධයෙන් කරන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.x.x අරුණ ජයවර්ධන.මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා විසකුරු බොරුව.මාධ්‍යවලින් එල්ල වූ එක් චෝදනාවක් වී තිබුණේ පාසල් දැරියන්ට වෛද්‍ය සාෆිගේ දියණියන් දෙදෙනා සනීපාරක්ෂක තුවා බෙදාදී ඇති බවය. පත්තරයක ලියන්නට තරම් සනීපාරක්ෂක තුවා බෙදා ඇති නම්, පාඨක හිසෙහි මැවෙන්නේ දැරියන් දෙදෙනෙකු මලූ දෙකක සනීපාරක්ෂක තුවා දමාගෙන පාසලේ පන්තියෙන් පන්තියට ගොස් මිතුරන් අතර සනීපාරක්ෂක තුවා බෙදන චිත‍්‍රයකි. ඒ කතාවට වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පිළිතුරු දුන්නේ මෙසේය..‘මගේ දුවලා දෙන්නා පාසලේ දරුවන්ට සනීපාරක්ෂක තුවා බෙදුවා කියලා පත්තරවල තියෙනවා. මගේ පොඩි දුව ඉන්නේ පහ වසර. එයා සනීපාරක්ෂක තුවා කියන වචනේ තේරුම දන්නෙත් නැහැ. මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. එයාගෙන් එක දවසක් පංතියේ හිටපු ළමයෙක් සනීපාරක්ෂක තුවායක් ඉල්ලගෙන තිබුණා. ඒ ළමයා පංතියේ හිටපු තව ළමයි දෙන්නෙක්ගෙන් ඉල්ලලා තමයි තුන්වෙනියාට මගේ දුවගෙන් ඉල්ලාගෙන තියෙන්නේ. එහෙම දෙයක් සිද්ධවෙලා තියෙන්නේ එකම එක දවසක් විතරයි.’.පාසලේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් තෑග්ගක් හෝ ආහාරයක්වත් බාර නොගන්නා ලෙස සිංහල මාපියන් දරුවන්ට උපදෙස් දෙන තැනට වෛරී විෂ වර්ධනය කිරීමේ පහත් වුවමනාවක් මේ මාධ්‍ය ආයතනවලට ඇත.x.රේඛා නිලූක්‍ෂි හේරත්.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන පරීක්ෂණයට පිටින් ගොස්, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර වෙනම පරීක්ෂණයක් කරමින් සිටියි. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ කමිටුවකින් ආරම්භ කළ පරීක්ෂණයද නවත්වා තිබුණේ එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණයට බාධාවක් වන නිසාය. එහෙත් මේ වෙද්දී පැමිණිලි ඉදිරිපත් කළ මවුවරුන් 15 බැගින් රෝහලට ගෙන්වමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා පරීක්ෂණ මෙහෙයවමින් සිටියි..දිවයින පුවත්පත ජුනී 19 වන දින වාර්තා කර ඇත්තේ වෛද්‍ය ෂාෆි සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ ක‍්‍රියාකරන ආකාරය ඉතාම සැකසහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙද නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පරීක්ෂණ සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇති බවය. ශල්‍යාගාරවල රාජකාරි කරන හෙද නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛද්‍යවරයාගේ මෙම සැක කටයුතු ක‍්‍රියාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් හෙද නිලධාරිනියන් 30 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබා දීමට නියමිත බවත් ඒ ප‍්‍රවෘත්තියේ සඳහන්ය..මේ විශේෂ පරීක්ෂණ පිළිබඳව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත් වීර බණ්ඩාර බණ්ඩාර මහතාට ¥රකථන ඇමතුමක් ලබාදුන් අපි කරුණු විමසුවෙමු. ඔහු පැවසූවේ ජූනි මස 27 වන දින තමන්ට සාක්ෂි ලබා දීමට උසාවිය ඉදිරියේ පෙනී සිටින්න යැයි අණ කර ඇති නිසා වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සාක්ෂි එකතු කර ගැනීමට මෙම පරීක්ෂණය ආරම්භකර ඇති බවය. එහෙත් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් අධිකරණය බලාපොරොත්තු වන්නේ මව්වරුන් පරීක්ෂා කොට ඒ තොරතුරු ලබාදීම නොවේ. මවුවරුන්ගේ සාක්ෂි පරීක්ෂා කිරීමේ කටයුත්ත අධිකරණය කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හරහාය..තමන්ගේ බලයට ඉහළින් ගොස් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා කරන මේ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂියැයි සඳහන් කරමින් දිවයින ලියා තිබුණේ වෛද්‍ය සාෆි මුස්ලිම් මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් කරද්දී හොඳින් කාලය ගෙන ඒ සැත්කම් කළ බවට හෙදියන් කී බවයි. ඒ කාලය මැන්නේ කෙසේද, ඒවා වාර්තා වී තිබෙනවාද නැද්ද යන්න අප දන්නේ නැත. මුස්ලිම් මවකට දරුවෙක් ඉපදුණු පසුව දරුවා ඉහළට ගෙන යාඥාවක් කළ බවත්, ඒ සාක්ෂිවලදි හෙළිවූ බව දිවයින ලියා තිබුණි. දරුවෙක් ඉපදුණු පසුව ඕනෑ ආගමක භක්තිකයෙකුට යාඥාවක් කරන්නට අයිතියක් ඇත. යාඥාවේ කතාව ගැන වෛද්‍ය සාෆිගේ බිරිඳ මෙසේ කීවාය..‘කවුරු හරි අම්මා කෙනෙක් ඉල්ලීමක් කලොත් විතරක් මගේ මහත්තයා යම් යම් අවස්ථාවලදී එහෙම කරලා තියෙනවා. ඒකට කියන්නේ ආසාන් කියලා (ඉස්ලාම් බැතිමතුන්ට දෙවියන් නමදිනන්නට පල්ලියෙන් කරන ආරාධනාව* දරුවෙක් ඉපදුනාම ඒ දරුවාගේ කණට කරලා අපි රහසක් කියනවා වගේ තමයි ඒ කාර්ය කරන්නේ. ළ`ග ඉන්න කෙනෙක්ටවත් ඇහෙන්නේ නැහැ ඒක’..පොලිස් ආරංචිමාර්ග අනුව සීඅයිඞීය මෙම සිදුවීම ගැන පරීක්ෂණ සාර්ථකව මෙහෙයමින් සිටියි. මේ වෙද්දී පැමිණිලි කර ඇති මව්වරුන් 1000 පමණ ක් අතරින් මව්වරුන් 601 කට ආසන්න පිරිසකගෙන්ද, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍යවරුන් 20 කගෙන්ද, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් 06 ගෙන්ද, කුරුණෑගල රෝහලේ හෙදියන් 69ගෙන්ද, රෝහල් කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 758 කගෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ප‍්‍රකාශ ලබා ගෙන ඇත. අධිකරණ වෛද්‍යවරුන්ගේ කමිටුවක් මගින් වෛද්‍ය සාෆි සියාබ්දීන් තමන්ව වඳ භාවයට පත් කර ඇතැයි පැමිණිලි කර ඇති මව්වරුන්ව විද්‍යාත්මකව පරීක්ෂා කර බැලිමට ඉදිරියේදී කටයුතු සුදානම් කර ඇත.x.රේඛා නිලූක්‍ෂි හේරත්.Tags.දිවයින.රතන හිමි.සාෆි.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබහුබූත ජනමත විචාරණයකට කෝටි 400ක් ගිලින්නට ඉඩදෙමුද?.Next articleවත ඊයම් කළ මහරැජිණ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
‘ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්‘: නීතිඥරමණි මුත්තෙට්ටුවේගම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.‘ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්‘: නීතිඥ.රමණි මුත්තෙට්ටුවේගම.By සංස්කාරක.April 5, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ කිත්සිරි විජේසිංහ.ත්‍රස්ත මර්දන පනතට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එකතු කළ සංශෝධනවලින් රැඳවුම් භාරයේ තබා ගෙන සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තව දුරටත් බරපතළ ලෙස උල්ලංඝනය කෙරෙන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස්වරියක් විසින් දැඩි දෝෂ දර්ශනයට ලක්කර තිබේ..ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය..‘නීති වෙනස් කළත්, සංශෝධනය කළත් ගන්න ඕනෑ ප්‍රධානතම තීන්දුවක් තමයි රැඳවුම් භාරයේ තියාගෙන ඉඳලා නිදහස් කරන පුද්ගලයන්ට කොහොමද යුක්තිය, සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කියන එක,” යි මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන රමණි මුත්තෙට්ටුවෙගම විශේෂ අදහස් දැක්වීමකට එක්වෙමින් පැවසුවාය..‘නිරපරාදේ අවුරුදු ගණන් හිරගෙවල්වල හිරකරන් ඉන්න මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන එක අමතක කරලා, ගෙන එන කිසිම නීතියකින් හෝ පනත් සංශෝධනයකින් පලක් නෑ.’.යුක්තිය උදුරා ගත් පනතක්.නීතිඥ රමණි මුත්තෙට්ටුවෙගම අවධාරණය කරන්නේ අවම වශයෙන් නඩු පැවරීමකින් හෝ තොරව වසර ගණන් රැඳවුම් භාරයේ තබා ගෙන සිට පසුව නිදහස් කරන සෑම පුද්ගලයකුටම යුක්තිය ඉටු විය යුතු නොවෙනස් නෛතික යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇති බව ය..‘අපි දන්නවාද ත්‍රස්ත මර්දන පනත යටතේ කී දෙනෙක් අත්අඩංගුවේ ඉන්නවාද කියලා? කී දෙනෙක් රැඳවුම් භාරයේ ඉන්නවද කියලා අපි දන්නවාද? නෑ. ඒ වගේම තමයි කී දෙනෙකුට නඩු පවරලා තියෙනවාද කියලාත් අපි කවුරුත් දන්නේ නෑ. සමහර අය අවුරුදු ගණන් රැඳවුම් භාරයේ ඉන්නවා අඩුම තරමින් චෝදනාවක් වත් ඉදිරිපත් කරන්නේ නැතුව. සමහර අයව උසාවියකට ඉදිරිපත් කරන්නෙත් බොහෝම කලාතුරකින්. ඒ මිනිස්සු ගැන හැමෝටම අමතකයි. එහෙම අවුරුදු ගණන් හිරකරන් තියාගෙන ඉඳලා අන්තිමට හිටපු ගමන් කියනවා ‘නඩු පවරන්නේ නෑ, චෝදනා නෑ’ කියලා. එහෙම කියලා නිදහස් කරනවා. දැන් මේ මහ ඉහළින් වර්ණනා කළ පනතේ ඒ මිනිස්සු වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේ කොහොමද කියලා සඳහන් කරලා තියෙනවාද? මම දන්න විදිහට කිසිම දෙයක් නෑ,” ඇය ප්‍රකාශ කළාය..නීතියෙන්ම හිංසාවට, පීඩාවට ලක් වන පුද්ගලයකුට යුක්තිය ඉටු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති පනතක ඇති වැදගත්කම කුමක් දැයි හිටපු කොමසාරිස්වරිය විමසා සිටියාය..එමෙන්ම දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන සිට අවසානයේ චෝදනා නොමැති බව කියමින් නිදහස් කරන පුද්ගලයන් පිළිබඳ අදහස් දක්වමින් ඇය ප්‍රශ්න කර සිටින්නේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ අහිමිවන කාලය පිළිබඳ කවුරුන් වගකියන්නේද යන්න ය..කවුද මේවාට වග කියන්නේ?.‘පහුගිය දවසක එක් පුද්ගලයෙක්ව අවුරුදු අටකට පස්සේ උසාවියෙන් නිදහස් කළා. ඒ අවුරුදු අටම ඒ මනුස්සයාව රඳවාගෙන ඉඳලා තියෙන්නේ කිසිම චෝදනාවක්වත් ඉදිරිපත් කරන්නේ නැතුව. අවුරුදු අටකට පස්සේ නීතිපති උසාවියට කියනවා ‘නඩු පවරන්න චෝදනා නෑ – නඩුවකට අවශ්‍ය සාක්ෂි නෑ’ කියලා. අවුරුදු අටක් කියන්නේ දවස් අටක් නෙමෙයි. දවස් අටක් වුණත් අනීතිකව හිරකළා තියෙන කෙනකුට සිදුවන අයුක්තිය කොයිතරම්ද?”යැයි ඇය අවධාරණයෙන් කීවාය..ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබ දීර්ඝ කාලයක් සිරභාරයේ පසු වූ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් අවසානයේ චෝදනාවලින් නිදොස් කොට මුදාහැරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඇති මෑතකාලීනම නිදසුන වන්නේ 2010 ඔක්තෝබර් 19 වැනිදා මෙසේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කන්දප්පු රාජසේකර් 12 වසරකට පසු ඉකුත් පෙබරවාරි 15 වැනිදා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබීමේ සිද්ධියයි..‘කවුද ඒ අයුක්තීන්ට වග කියන්නේ? කවුද වන්දි ගෙවන්නේ? පොලීසියද? නීතිපතිද? උසාවියද? එහෙමත් නැත්නම් නිර්දෝෂී මිනිස්සුන්ව මේ විදිහට හිරකරන්න නීති හදලා ඒ නීති පවත්වාගෙන යන රාජ්‍ය ක්‍රමයද? මේ වගේ අයුක්ති සහගත දේවල් නීති බවට පත් කරන රාජ්‍ය ක්‍රමය, නිලධාරීන් සහ දේශපාලනඥයෝ සෘජුවම මේවට වග කියන්න ඕනෑ බවයි මම කියන්නේ.’.නීතිඥ මුත්තෙට්ටුවේගම වැඩිදුරටත් පැවසුවේ යම් පුද්ගලයකුට වන්දි ගෙවන්නේ නම් එය සාමාන්‍ය මහජනතාවගේ බදු මුදලින් නොව, සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ගේ සිට රැඳවුමට අත්සන් කරන ආරක්ෂක ඇමැතිවරයා දක්වා වූ පුද්ගලයන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු ලෙස නීතියක් සම්මත කළ යුතුව ඇති බව ය..මිනිස් අයිතිවාසිකම්වලට දැඩි සේ සීමා පැනවෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දෙයකට සංශෝධන ගෙන ආ පමණින්ම එවැනි පනත් නිසා වින්දිතයන් බවට පත්වන පුද්ගලයන්ට යුක්තියක් ඉටු නොවන බව ය. එනිසාම රඳවා තබා ගන්නා කාල සීමාව සංශෝධනය කිරීමෙන් පමණක් කිසිදු පලක් අත් නොවන බවද ඇය පවසා සිටින්නීය..වැදගත් වන්නේ මිනිස් අයිතිවාසිකම්.‘ආණ්ඩුව නව පනත් කෙටුම්පත යුක්තිසහගත කරන්න කියූ දෙයක් තමයි රැඳවුම් කාලය මාස 18 සිට 12 දක්වා අඩු කළා කියන එක. මම අහන්නේ ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? ආණ්ඩුව කිව්වා, ‘ඔන්න අපි රැඳවුම් කාලය මාස හයකින් අඩු කළා, දැන් ත්‍රස්ත මර්දන පනත හරිම හොඳයි‘ කියලා. යම් පුද්ගලයෙක්ව හිරකරලා තියෙන කාලය මාස කිහිපයකින් අඩු කළ පළියට ඒ නීතියේ තියෙන මර්දනකාරී බව වෙනස් වෙනවාද? අනෙක මෙතන තියෙන ප්‍රශ්නය කාලය පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් යුක්තිය සහ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලික ප්‍රශ්නයක්ද? මේ වගේ මර්දන නීති, අණ පනත් යුක්ති සහගත කරන්න කවුරු මොනව කිවුවත් මම නම් කියන්නේ අවුරුද්දක් රැඳවුම් භාරයේ තියාගෙන ඉන්න එකත් දඬුවමක්.’.නීතිඥ මුත්තෙට්ටුවේගම පවසන ආකාරයට යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් හෝ රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ වෙනත් තත්වයක් යටතේ හෝ රඳවා සිටියද එම පුද්ගලයා එම මුළු කාල සීමාවම ගත කරන්නේ යම් ආකාරයක දඬුවමක් ගෙවන පරිද්දෙනි. නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් දඬුවම් නියම කර රැඳවුම් හෝ බන්ධනාගාර ගත කළද, නොඑසේ නම් නඩු විමසීමකින් තොරව ඒ ආකාරයෙන්ම රඳවා තැබුවද, ඒ කවර ආකාරයෙන් වුවත් අහිමිවන්නේ පුද්ගල නිදහස බැවින් එය දඩුවමක් ලෙස සැලකීමට සිදුවන බවට ඈ තර්ක කරන්නීය. නමුත් නිසි අධිකරණ ක්‍රියාදාමයකින් තොරව සිදුවන රඳවා තබා ගැනීමක් සේ සැලකිය හැකි එම තත්ත්වය අනීතික බවද ඇය පෙන්වා දෙන්නීය..‘රඳවා තබා ගන්නා අවුරුද්දක කාලය වුණත් රඳවා ගන්නේ නිසි චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් හෝ තොරව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත පමණක් නම් ඒක අයුක්ති සහගත අනීතික රඳවා තබා ගැනීමක්. සාමාන්‍යයෙන් අවුරුදු පහක සිර දඬුවමක් ලබා දෙනවා කියන්නේ ඒක ඉතාම බරපතළ ගණයේ වරදකට දෙන දඬුවමක් විදිහටයි සලකන්නේ. නමුත් කිසිම චෝදනාවකුත් නැතුව, නිසි නඩු පැවරීමකුත් නැතුව මේ ත්‍රස්ත මර්දන පනත යටතේ අහිංසක මිනිසුන්ව අවුරුදු ගණන් රැඳවුම් නියෝග ඇතිව හෝ නැතිව තියාගෙන ඉන්නවා. නීති විරෝධීව වැඩ කරන, මිනිස් අයිතිවාසිකම් සෙල්ලමට ගන්න පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතියෙන්ම දඬුවම් දෙන ක්‍රමයක් ඇති කරන්න ඕනෑ කියලා මම කියන්නේ ඒ නිසායි’.යම් පුද්ගලයකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමකදී එය අභියෝගයට ලක් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන නිලධාරීන්ට දඬුවම් පැමිණ වීමේ හා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවතුණද, ත්‍රස්ත මර්දන පනත වැනි සුවිශේෂි පනතක් යටතේ අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගන්නා පුද්ගලයන්ට යුක්තිය ඉටු කර ගැනීමේ සුවිශේෂි ක්‍රමවේදයක් ම අවශ්‍ය නොවන්නේ දැයි කරන ලද විමසීමට පිළිතුරු ලෙස නීතිඥ රමණි මුත්තෙට්ටුවෙගම කියා සිටියේ අනිවාර්යෙන්ම එය සාමාන්‍ය වන්දි ක්‍රමවේදයෙන් බැහැර එකක් විය යුතු බවට තමන්ද විශ්වාස කරන බව ය..ජාතීන්ට එරෙහිව යෙදවෙන පනතක්.ත්‍රස්ත මර්දන නීති යටතේ අත් අඩංගුවේ පසුව සාතිශය බහුතරයක් දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන්ට අයත් බව නීතිඥ මුත්තෙට්ටුවේගම පෙන්වා දෙන්නීය. දෙමළ දේශපාලන සිරකරුවන් 300කට වැඩි ප්‍රමාණයක් තවමත් අත් අඩංගුවේ පසුවන බව පසුගිය 15 වැනිදා ශ්‍රී ලංකාවේ දණ්ඩ මුක්තිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පැවති ජාත්‍යන්තර සාකච්ඡාවකට අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරියක වන අනන්දි සසීදරන් කියා සිටියාය. මීට අමතරව, විධිමත්ව ලේඛනගත නොකළ මුස්ලිම් දේශපාලන සිරකරුවෝ සිය ගණනක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති..‘මේ පනත යටතේ අත්අඩංගුවට අරන් හිරකරලා තියන් ඉන්න මිනිස්සුන්ගෙන් අතිබහුතරයක්, මම හිතන්නේ ඉතාම අහිංසක කිසිම බලයක් නැති මිනිස්සු. ඒ වගේම ඒ සියලු දෙනාම බොහෝදුරට දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්. ත්‍රස්ත මර්දන පනතට පිටස්තරව නීති විරෝධිව සිදුවෙන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් වගේ ඒවට සාමාන්‍ය නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. නමුත් මේ පනත යටතේ අත්අඩංගුවට අරන් රැඳවුම් භාරයට පත් කරන හෝ රිමාන්ඩ් භාරයට පත් කරන පුද්ගලයකුගේ හෝ නිදහස සහ ජීවිතය ඉතාම අවිනිශ්චිතයි. කොයි අවස්ථාවක නොකළ වරදකට දඬුවම් ලබයිද කියන බිය සහ සැකයත් එක්ක අවුරුදු ගණන් හිරේ ඉන්නවා. බහුතරයකට තමන්ගේ දරු පවුල් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නවත්, නීතිඥ සහයක් නිසි පරිදි ලබා ගන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ. බොහෝදෙනෙක්ව පාපෝච්චාරණ ගන්න ඉතා දරුණු වධහිංසාවලට ලක් කරනවා. ඒ මිනිස්සුන් අවසානයේ චෝදනා නැතිව එළියට ආවම ඔවුන්ට පුළුවන්ද තමන්ට වුණු අකටයුත්තට විරුද්ධව නීතියෙන් සටන් කරන්න? බැහැ!”.ජනාධිපතිකමට මුවාවෙලා කරන අපරාධයක්.ත්‍රස්ත මර්දන පනත යටතේ සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ රැඳවුම් පිළිබඳව සමාජය මෙයට වඩා ගැඹුරින් සිතා බැලිය යුතු බවත්, ආණ්ඩුවෙන් ආණ්ඩුවට සිදුකරන මේ අනීතික ක්‍රියාදාමය නතර කර දමන ලෙස බල කළ යුතු බවටත් රමණි මුත්තෙට්ටුවෙගම වැඩිදුරටත් අවධාරණය කර සිටියාය..‘අපේ රටේ ජනාධිපතිවරයාට තියෙන අසීමිත බලය යටතේ තමයි මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. ඒක හරියටම කිවුවොත් ජනාධිපති ධුරය කියන තනතුරට මුවාවෙලා, හැංගිලා තමයි මේ රැඳවුම් නියෝග කියන දේ අත්සන් කරන්නේ. මම ඒක එහෙම කියන්නේ අපි කාටවත් පුළුවන් කමක් තියෙනවාද ආරක්ෂක ඇමැතිවරයා විදිහට ඔහු අත්සන් කරන රැඳවුම් නියෝගය අභියෝගයට ලක් කරන්න. බැහැ! අනෙක් දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩු සමයේ අත්අඩංගුවට අරන් රැඳවුම් භාරයට පත් කරපු ඇතැමුන්ව චෝදනා නෑ කියලා නිදහස් කරන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු සමයේදීයි. ඔහුගේ ආණ්ඩුව යටතේ රැඳවුම් භාරයට පත් කළ ඇතැමුන්ව නිදහස් කළේ ඊළඟ ආණ්ඩු සමයේ. හැබැයි ඒ ආණ්ඩුවෙන් රැඳවුම් භාරයට පත් කළ සමහර පුද්ගලයන්ව චෝදනා නෑ කියලා නිදහස් වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ. ඔහුගේ ආණ්ඩුව යටතේත් විශාල වශයෙන් පුද්ගලයන්ව මේ වනවිට රැඳවුම් භාරයට පත් කරලායි තියෙන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගෛ් නිදහස? මේ විෂම චක්‍රයෙන් පේනවා නේද ත්‍රස්ත මර්දන පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම්වල සැබෑ ස්වරූපය?” ඇය විමසා සිටියාය. (jdslanka.org වෙබ් අඩවියෙනි.)■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිරෝධයට මහනුවර කඩ වැසේ.Next articleඇමති මහින්දානන්දගේ ගෝලයාට කතාකර ගස් කපන්න දුන් ජනවසම ටෙන්ඩරය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
හමුදා පාලනයට යන රටේ පාලනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හමුදා පාලනයට යන රටේ පාලනය.By ලසන්ත රුහුණගේ.March 2, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.අගමැති මහින්ද රාජපක්ෂගේ පොරොන්දු බොරුවක් බවට පත් කරමින් නව රේගුු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය වැඩ බාරගත්තේය..විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයාව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන බව දැනුම්දුන් විටම ඊට විරෝධය එල්ල විය. එම එක් විරෝධතාවයක් රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය හා රේගු අධිකාරීවරුන්ගේ සංගමය එක්ව ඉදිරිපත් කර තිබුණි. අනෙක් විරෝධතාව පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර තිබුණි. එම විරෝධතා ලිපි යොමුකර තිබුණේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාටය..ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ පරිපලන නිලධාරීන්ගේ සංගමයට සාකච්ඡුාවක් ලබාදී තිබුණි. එහිදී අගමැතිවරයා පරිපාලන නිලධාරීන්ගේ සංගමයට කියා තිබුණේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සදහා වූ විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ පත්වීම අත්හිටවූ බවය. හමුදා නිලධාරියෙකු රේගුවට පත් නොකරන බවය. පරිපාලන නිලධාරීන්ගේ සංගමයද අගමැතිවරයාට පැහැදිළි කර තිබුණේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය පරිපාලන සේවයේ විශේෂ තනතුරක් බවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රකාශනයේ සදහන් සුදුස්සන් පත් කිරීමේ පොරොන්දුව මෙම පත්කිරීම මගින් බොරුවක් වන බවය..රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය වැඩ බාරගත්තද විරෝධය පළ කළ රේගු වෘත්තීය සමිති මෙන්ම පරිපාලන නිලධාරීන්ගේ සංගමයද මෙතෙක් ප‍්‍රසිද්ධියේ ඒ ගැන කිසිවක් කියා නැත..නමුදු මේ රේගු හා පරිපාලන සමිති පසුගිය යහපාලන සමයේදී රේගුවට විශ‍්‍රාමික රියර් අද්මිරාල් ශමල් ප‍්‍රනාන්දු පත් කිරීමට ගිය විට දැඩි විරෝධයක් පළ කරනු ලැබීය. ඉන් නොනැවතී වෘත්තීය ක‍්‍රියාමාර්ග මගින් රේගුව මෙන්ම පරිපාලනයද අඩපණ කරන බව පැවසූහ. ඒ නිසාම ඒ පත්වීම එදා සිදුවුණේ නැත. අද නම් මේ සමිති තවම නින්දේය..රටේ යුධමය වාතාවරණයකදී යුධ පිටියේ හෝ එම යුධ කටයුතු වලත්, රටේ අත්‍යාවශ්‍ය සේවා බිදවැටුණ විට ඒවා පවත්වාගෙන යෑමට සහාය දීම සදහාත් කැදවිය යුතු ත‍්‍රිවිධ හමුදා දැන් රටේ පරිපාලන කටයුතු සදහා හා සාමාන්‍ය සිවිල් පරිපාලන කටයුතු සදහාත් යොදා ගැනීම අලූත්ම රාජ්‍ය පරිපාලන ක‍්‍රමවේදය බවට පත්වී ඇත. ඊට අලූතින්ම එකතු වූයේ පොලිස් රථවාහන හැසිරවීමේ කටයුතු සදහා මිලිටරි පොලීසිය හෙවත් යුධ හමුදා පොලීසිය සහ නාවික හා ගුවන් හමුදා පොලීසිද කැදවීමය. පොලිස් ආඥා පනත අනුව රථවාහන හැසිරවීමේ කටයුතු හා ඊට අදාල වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ පොලීසියට පමණය. එය යුධ හමුදාාවේවත්, ගුවන් හමුදාවේවත්, නාවික හමුදාවේවත් පොලීසි වලට කළ හැක්කක් නොවේ. ත‍්‍රිවිධ හමුදාවලට අයත් එම පොලීසි තිබෙන්නේ එම හමුදාවන්ට අදාල විනය කටයුතු සිදුකිරීම සදහාය..ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ව දේශපාලන කටයුතු සදහා අප‍්‍රසිද්ධියේ මෙන්ම ප‍්‍රසිද්ධියේම යොදාගත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවීම් ගැන අවධානය යොමු කිරීමේදී මේ හමුදා පොලීසිවලට අවශ්‍ය නම් සිදුකිරීමට ඕනෑ තරම් විනය පිළිබද රාජකාරී කටයුතු තිබේ. එහෙත් එම කටයුතු එසමයේ ‘අණ’ මගින් මෙහෙයවූ ඒවා නිසා ඒ ගැන විනය පියවර තබා විනය පරීක්ෂණවත් ආරම්භ නොකරන බව සහතිකය..කෙසේ වෙතත් රථවාහන මෙහෙයවීම සදහා හන්දිවලට කැදවා ඇති මේ ත‍්‍රිවිධ හමුදා පොලිසි සාමාජිකයන්ට සිදුකළ හැකි එකම දෙය වන්නේ වාහනවලට අතින් සංඥා කිරීම් සිදුකිරීම පමණය. ඒද එම ස්ථානවල සිටින පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මතය. මන්ද එක් එක් අවස්ථාවේ එක් එක් ස්ථානවල රථවාහන හැසිරවිය යුත්තේ කෙසේද යන්න දන්නේ පොලිස් නිළධාරීන් පමණක් වන නිසාය. එමෙන්ම එම අවස්ථාවල රථවාහන හැසිරවීමේ රාජකාරියේ වෙනත් ස්ථානවල සිටින පොලිස් නිලධාරීන්ගේ පණිවිඩ ලැබෙන්නේද පොලිස් නිලධාරීන්ට නිසාය. ප‍්‍රභූ ගමනයක් සම්බන්ධයෙන් මංතීරු තදබද ඉවත් කිරීම් පිළිබද පණිවිඩ ලැබෙන්නේද පොලිස් නිලධාරීන්ට පමණක් නිසාය. මේ හමුදා පොලීසිවල සාමාජිකන්ට පොලිස් නිලධාරීන්ගේ සහායට හන්දිවලට දැමුවා යැයි කියා අප ගමන් ගන්නා මාර්ගවල රථවාහන ගමනාගමනයේ වෙනසක් නම් සිදුවී නැත. එසේ හමුදා සාමාජිකයන් දැමූ පසු වෙනදාට වඩා රථවාහන තදබදයක් තිබෙන වත් දිස්වීමට පටන්ගෙන ඇත..ස්වයංක‍්‍රීය මාර්ග සංඥා නැවතී අතින් සංඥා සිදුකරන තත්වයට ප‍්‍රධාන මංසන්ධි පත්වී ඇත. සමහරවිට එය ත‍්‍රිවිධ හමුදා පොලීසිය පොලීසියේ කටයුතුවලට යෙදවීමට විරෝධය පළකිරීමක් වශයෙන් පොලීසිය හිතාමතාම සිදුකරන එකක් බවට සැක සිතේ. කෙසේ වෙතත් වෙනත් මහජනයාට වුවමනා වන්නේ මහමගට බැසීමෙන් පසු ඉතා ඉක්මනින් සිය ගමනාන්තය දක්වා යෑමටය. පොලිස් හමුදා ගැටුම් ඔවුන්ට අවශ්‍ය නැත. අනෙකුත් රාජ්‍ය ආයතනයන් සම්බන්ධයෙන් ගත් කළද තත්වය එයමය. හමුදා පාලනයත් සාමාන්‍ය පරිපාලනයත් අතර ගැටුම් එම ආයතනවලින් සේවය ලබාගන්නට පැමිණෙන අයට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සිය කාර්යය ඉක්මනින් කරවා ගැනීමය. මේ ආකාරයට හිටපු හමුදා නිළධාරීන් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වශයෙන් සහ විදේශ සේවයේ තානාපති හෝ මහකොමසාරිස්වරුන් ලෙස පත් කරමින් යන ගමන රටකට නම් සුභදායක නැත. පළමුව සාමාන්‍ය රාජ්‍ය පරිපාලනයත්, මේ හමුදා ප‍්‍රධානීනුත් අතර ගැටුම් ඇතිවිය හැක..එම ගැටුමේ අනිවාර්ය ප‍්‍රතිඵලය විය හැක්කේ මේ දෙපාර්ශ්වයේ එක් පාර්ශ්වයක් ජය ගැනීමය. රාජ්‍ය ආයතන ප‍්‍රධානියා හමුදා සාමාජිකයෙකු නිසාත්, සාමාන්‍ය මහජන සිතුවිල්ල තුළ රාජ්‍ය ආයතන ගැන ඇත්තේ නොපහන් බවක් නිසාත්, හමුදාව යනු සියල්ලටම පිළිතුර ලෙස ඔවුන් මේ මොහොතේ දකින නිසාත් මේ ගැටුමේ ජයග‍්‍රහණයා වනු ඇත්තේ බොහෝ විට හමුදා ප‍්‍රධානියාය. ඊට ශක්තියක් වීමට හිටපු හමුදා නිලධාරියෙකු ජනාධිපතිවරයා ලෙස සිටින නිසාත්, ඔහුගේ අභිලාෂය ඔහුට හිතවත් හමුදා නිලධාරින්ගෙන් රාජ්‍ය ආයතන තනතුරු හා විදේශ ¥ත සේවා තනතුරු පුරවා රට කරවීම නිසාත් නිල නොවන හමුදා පාලනයකට නතුවූ රටක් අපට ඉතිරිවනු ඇති බවට කරුණු සිදුවන ආකාරයෙන් පෙනේ..අධිකරණය තිබෙන්නේ විධායකයේ කටයුතුවලට එරෙහි වීමට නොවන බවට ජාතික නිදහස් දින උත්සවයෙන් පසු කොළයක ලියා නොගත් කථාවකදී ජනාධිපතිවරයා කියන්නේ විධායකයේ නිවටකමක් නොවන බවට ජනාධිපතිවරයා අවධාරණය කර අතනතුරු හගවන්නේත් රට යා හැකි අත පිළිබද අපට ඇගිල්ලෙන් අනිමින්ය. වැඩිදුර යා නොදී මේ බව තේරුම් ගැනීම අපට කෙසේ වෙතත් රට ගැන බොහෝ විදග්ධ සුන්දර සිහිනවල නිමග්න වී සිටි අති බහුතර පිරිසකට නම් ගුණදායකය..හමුදා සාමාජිකයන්ගේ පත්වීම්.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න – ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය, සභාපති, විදුලි සංදේශ නියාමන කොමිසම.ජෙනරාල් දයා රත්නායක – සභාපති, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි – සභාපති, ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ – අධ්‍යක්ෂ ජෙනරාල්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය.වයිස් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම – මහකොමසාරිස්, පාකිස්ථානය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය – අධ්‍යකක්ෂ ජෙනරාල්, ශ‍්‍රී ලංකා රේගුව.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල – සභාපති, ලංකා ධීවර සංස්ථාව.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ඞී.එස්.එස්. දිසානායක – සභාපති, පාරිභෝගික පිළිබද අධිකාරිය අද්මිරාල් ජයනාත් කොළඹගේ - විදේශ කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම්.විශ‍්‍රාමික මේජර් නන්ද මල්ලවආරච්චි – අධ්‍යක්ෂ ජෙනරාල්, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා – සාමාජික, දිළි`දුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය.රියර් අද්මිරාල් ආනන්ද පීරිස් – අධ්‍යක්ෂ ජෙනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් – ජාතික බුද්ධි ප‍්‍රධානී ( මෙම තනතුරේද පසුගිය ආණ්ඩු සමයේ කටයුතු කළේ විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකි. *.බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ – ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය ( එස්.අයි.එස්. * ( මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරකි. *.Tags.anidda.Anidda Newspaper.gotabaya rajapaksha.kamal gunarathna.Mahinda rajapaksha.military police traffic control.හමුදා පාලනයට යන රටේ පාලනය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් නොවූ මාන්කුලම් රෝහලේ අස්ථි කොටස්.Next articleදෙමළෙන් තෝරාගෙන සිංහලෙන් උගන්වන ශ‍්‍රී ලංකා ජර්මන් දුම්රිය අභ්‍යාස මධ්‍යස්ථානය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
පුංචි පක්ෂවලට වැඩි අවස්ථාවක් ලැබුණොත් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුංචි පක්ෂවලට වැඩි අවස්ථාවක් ලැබුණොත්.By තරිඳු උඩුවරගෙදර.March 15, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.මීට පෙර තිබුණු පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ලංකාවේ ප‍්‍රධාන දේශපාලන බලවේග දෙකක් තිබුණි. පෙර තිබුණු පාර්ලිමේන්තුව අනුව පෙනෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය එම ප‍්‍රධාන දේශපාලන බලවේග දෙක ලෙස සැලකිය හැකිය..නිල වශයෙන් කීවොත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් එක් අයෙක්ට වඩා සිටින පක්ෂ සිටියේ හතරක් පමණි. එහෙත් ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ තමන්ගේම අනන්‍යතාවයක් ඇති දේශපාලන පක්ෂ 21ක් සිටියේය. අඩු වැඩි වශයෙන් ඒ හැම පක්ෂයකටම පාහේ තමන්ගේම දේශපාලන මතයක් තිබුණි. එහෙත් ඒ දේශපාලන පක්ෂ වෙන් වෙන්ව මැතිවරණ වලට තරග කරන සංස්කෘතියක් ලංකාවේ නැත. ප‍්‍රධාන දේශපාලන බලවේග දෙකක් පමණක් දකුණේ ඇත. උතුරේ එක් බලවේගයක් ඇත. තෙවැනි බලවේගයක් කියා ඇත්තේ එකක් පමණි. ඒ ප‍්‍රධාන බලවේගය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී තරග කරයි..ඒ සන්ධානවලින් තරග කළ කුඩා පක්ෂවලට පාර්ලිමේන්තුවේ තිබුණේ ඉතා කුඩා නියෝජනයකි. ඇතැම් පක්ෂ ලංකාවේ දේශපාලනයෙහි ඇති කරන බලපෑම විශාල වුණත් නියෝජනය කුඩා විය. ඇතැම් කුඩා පක්ෂවල මතය ජාතික මට්ටටමට ගෙන ගියේ එක් මන්ත‍්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු පමණක් සිටියදීය. ඇතැම් විට ඒ කුඩා පක්ෂ මන්ත‍්‍රීන්ගේ මතය බලවත් නිසා ප‍්‍රධාන පක්ෂද එම මතය අනුව කටයුතු කරන අවස්ථා තිබුණි..මෙලෙස තනි මන්ත‍්‍රීවරයෙක් හෝ දෙදෙනෙක් සිටින පක්ෂ බොහොමයක් එම පක්ෂ අයත් වන සන්ධානයේ ඉදිරි පෙළ කථිකයන්ව සිටී. බැලූ බැල්මට පාර්ලිමේන්තුවේ අඩු නියෝජනයක් එම පක්ෂවලට ලැබෙන්නේ එම පක්ෂ දුර්වල නිසා බව කිව හැකිය. එහෙත් ඇත්තෙන්ම එම පක්ෂවලට ශක්තිමත්ව නැගී සිටීමට අවස්ථාවක් නොලැබෙන්නේ ඔවුන් සන්ධානගත වෙන ප‍්‍රධාන පක්ෂ වලින් ඔවුන්ව නොතකා හැරීම නිසාය..ලියුම්කරු සමඟ දේශපාලන සාකච්ඡුා වලදී දෙමළ ප‍්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් නිතර කී පාඨයක් ඇත. ඒ එක්සත් ජාතික පක්ෂය සන්ධාන දේශපාලනය නොදන්නා බවය. ඔහු ඒ පාඨය නිතර කියන්නට හේතු වුණේ එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් තමන්ගේ පක්ෂ ලකුණ වන අලියා අත්හැර වෙනත් ලකුණකින් හෝ වෙනත් පක්ෂ නාමයකින් මැතිවරණ වලට ඉදිරිපත් නොවීම නිසාය. එජාපය සාමාන්‍යයෙන් වෙනත් පක්ෂ සමඟ සන්ධානගත වුවද ඡුන්දයට එන්නේ අලියා ලකුණෙන් හා එක්සත් ජාතික පක්ෂය යන නාමයෙන්ය..දැන් සජිත් පිළ නිර්මාණය කළ සමගි ජන බලවේගයද සන්ධානයක් නොවේ. එය දැන් ක‍්‍රියාත්මක වෙන්නේ දේශපාලන පක්ෂයක් ලෙසය. එජාප නාමයෙන් ගියවර ඉදිරිපත් වූ පක්ෂ ගණනාවක් මෙවර සමගි ජන බලවේගය නාමයෙන් ඉදිරිපත් වනු ඇත..එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂව ශ‍්‍රීලනිපය සන්ධාන දේශපාලනය දන්නා බව කෙනෙකු කිව හැකිය. එහෙත් සැබෑව එය නොවේ. එම කණ්ඩායම සන්ධාන නාම වලින් මැතිවරණවලට ඉදිරිපත් වෙන බව සැබෑවකි. එහෙත් ඔවුන්ද හැමවිටම කළේ එම සන්ධානයේ දැවැන්ත බලයක් තමන් සතු කරගැනීමය. මෙවර මැතිවරණයේදී ඔවුන් පොදු සන්ධාන නාමයකින් ඉදිරිපත් වීමද ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව දැන් පොදුජන පෙරමුණ යටතේ අනෙකුත් පක්ෂ තරග කරයි..මේ දෙපැත්තේම නාමයෝජනා සකස් කිරීම මෙන්ම ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයද සිදු වන්නේ ප‍්‍රධාන පක්ෂයේ වුවමනාවේ හැටියටය. බොහෝ විට කුඩා පක්ෂවලට නාමයෝජනා දෙන්නේ නැති තරම්ය. ප‍්‍රචාරයේදී තම පක්ෂයේ අයට නාමයෝජනා දෙන ලෙස එම පක්ෂ ප‍්‍රවර්ධනය කරයි. සුළු පක්ෂවලට කළ හැක්කේ ඒ යාන්ත‍්‍රණය තුළ තමන්ට හැකි ආකාරයෙන් පක්ෂයේ උපරිම බලය යෙදා ජනප‍්‍රිය චරිතයක් හෝ දෙකක් දිනවීම පමණි..මේ කුඩා පක්ෂවල එක් ජනප‍්‍රිය නායකයෙක්ට නාමයෝජනා ලබාදීම මිසක, එම පක්ෂවලට ශක්තිමත්ව වැඞීමට ප‍්‍රධාන පක්ෂ ඉඩ දෙන්නේ නැත. ඒ නිසාම කුඩා පක්ෂවල නායකයන්ද තම පක්ෂයේ පැවැත්ම ගැන කල්පනා කරනවා වෙනුවට තම පුද්ගලික පැවැත්ම ගැන කල්පනා කරයි. එවැනි පක්ෂ නායකයන් සමඟ කතාබහ කර ලබා ඇති අත්දැකීම් අනුව ලියුම්කරුගේ මතය වන්නේ එම පක්ෂ නාකයන් තම පක්ෂයේ වර්ධනය ගැන වැඩිපුර කල්පනා නොකරන්නේ ප‍්‍රධාන පක්ෂ වලින් ඉඩකඩ ලබා නොදීමේ ප‍්‍රශ්නය නිසාය. ප‍්‍රාදේශීය මට්ටමේ මැතිවරණ වල සිටම කුඩා පක්ෂ වලට සාධාරණ අවස්ථාවක් ලැබෙන්නේ නැත..මෙවැනි කුඩා පක්ෂවලට තනිව මැතිවරණයට තරඟ කොට තේරී පත්වීමේ හැකියාවක්ද නැත. ඒ අනුව ඔවුනට ලංකාවේ නොවැදගත් කුඩා පක්ෂයක් ලෙස පැවතීම හෝ පවතින තත්වය යටතේ ප‍්‍රධාන පක්ෂයක් සමග සන්ධානගත වී තරග කිරීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවේ. ප‍්‍රධාන පක්ෂයක් සමග සන්ධානගත වුවද, එම පක්ෂ වලට වර්ධනය වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත..ඇත්තෙන්ම ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආසන 225 මීට වඩා එකිනෙකට වෙනස් කණ්ඩායම් අතර බෙදී යා යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය ගුණදායකය. විවිධ අදහස් රැගත් කණ්ඩායම් පාර්ලිමේන්තුවේ සිටීම මෙන්ම ඔවුන්.ඒ අදහස් මත වාද විවාද කරගැනීම යහපත්ය..ද්වී පක්ෂ ක‍්‍රමයක් ඇති ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල පවා ප‍්‍රායෝගිකව විවිධ මතවාද රැුගත් කණ්ඩායම් සිටී. උදාහරණයක් ලෙස ඩිමොක්‍රොටික් පක්ෂයේ බර්නි සෑන්ඩර්ස් වැනි දැඩි වාමවාදීන්ද, දැඩි ලිබරල්වාදීන්ද සිටින්නේ විවිධ ‘වින්ග්’ හෙවත් අක්ෂ නියෝජනය කරමින්ය. ඒ ඒ මතවාද සහිත අක්ෂ වලට සාධාරණ නියෝජනයක් ලබාදීමට අපේක්ෂකයන්ව ඉදිරිපත් කරන විට ඒ ඒ පක්ෂ කටයුතු කරයි..මෙවර මැතිවරණයේදී පොදුජන පෙරමුණේ නාමයෝජනා සකස් කිරීම සඳහා පත්කළ කමිටුවට කුඩා පක්ෂ ගණනාවක.නායකයන් නැති බව පසුගිය සතියේ ප‍්‍රධාන පුවතෙන් අපි වාර්තා කළෙමු. මීට පෙර 2018 පළාත් පාලන මැතිවරණයේදීද පොදුජන පෙරමුණ තමන් සමග සන්ධානගත වී සිටි කුඩා පක්ෂ වලට සාධාරණ නියෝජනයක් ලබාදී තිබුණේ නැත. ඒ ගැන වාද විවාද ඇතිවී තිබුණි..මොනවා කීවද 2015 සිට 2019 දක්වා පොදුජන පෙරමුණ මැතිවරණ දිනන තැනට ගෙනාවේ දැන් පොහොට්ටු අයට විතරක් ඡුන්දය දෙන ලෙස හ`ඩනගන ප‍්‍රසන්න රණතුංගලා, චමල් රාජපක්ෂලා, රොෂාන් රණසිංහලා නොවන බව පැහැදිළි කාරණාවකි. (පොහොට්ටුවේ අයට පමණක් මනාප දෙන්නැයි කීම බැලූ බැල්මට ශ‍්‍රීලනිපයට එරෙහි සටන්පාඨයකි. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ සටන්පාඨයෙන් කුඩා පක්ෂවලටද ප‍්‍රහාරයක් එල්ල වෙයි. *.එදා සිට වේදිකාවල නිර්මාණශීලී කතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුා පවත්වමින් ආණ්ඩුව දරුණු ලෙස විවේචනය කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පෙරමුණේ සිටියේ විමල් වීරවංශලා, උදය ගම්මන්පිළලා, වාසුදේව නානායක්කාරලාය. මතවාදය කුමක් වුවද ඔවුන් වත්මන් ආණ්ඩුව බිහිකිරීම සඳහා දැක්වූ දායකත්වය පිළිගත යුතුය..අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පෙරමුණටද චම්පික රණවක, රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි නායකයන් ඉහළ දායකත්වයක් දැක්වීය. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් කුමන්ත‍්‍රණය මොහොතේ එම නායකයන්ගේ දායකත්වය විශේෂයෙන්ම දකින්නට තිබුණි..ප‍්‍රධාන පක්ෂවලින් පත්වෙන නියෝජිතයන් හා මෙවැනි සුළුතර පක්ෂවලින් පත්වෙන නියෝජිතයන් අතර සාපේක්ෂව වෙනසක් ඇත. ප‍්‍රධාන පක්ෂවල බොහෝවිට ඉන්නේ ව්‍යාපාරිකයන්, ධනවතුන්, පවුලෙන් පැවත එන අයය. ඊට වඩා ‘මතවාදී දේශපාලනික’ අනන්‍යතාවයක් කුඩා පක්ෂවල නියෝජිතයන්ට ඇත. එසේ නොවන අය ප‍්‍රධාන පක්ෂවල මෙන්ම කුඩා පක්ෂවලද සිටින බව පැහැදිළිය. අපගේ කතාව බහුතරය ගැනය..ජවිපෙ නියෝජිතයන් වැඩි ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව අපි කියන්නෙමු. එමෙන්ම ප‍්‍රධාන පක්ෂ සමඟ සන්ධානගත වී සිටින කුඩා පක්ෂවල නියෝජිතයන් වැඩි වීමද සාපේක්ෂව යහපත් තත්වයක් බව පෙනේ. මතවාදය කුමක් වුව ක‍්‍රියාකාරී දේශපාලන සංවාදයක් ගොඩනගන්නට ඒ විවිධත්වය වැඩි වීම යහපත්ය.x.Tags.AKD.anidda.Anidda Newspaper.anura kumara dissanayake.jvp.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleශී‍්‍රලනිපය වෙන්ව හා එජාපය එක්ව තරග කිරීම.Next articleජනාධිපති කොමිසම අධිකරණය ඉදිරියේ යටත් වූ හැටි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මානව අයිතිවාසිකම් අයිති දෙවියන්ටද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මානව අයිතිවාසිකම් අයිති දෙවියන්ටද?.By සංස්කාරක.October 7, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..පසුගිය සතියේ මේ පුවත්පතේ තීරු ලිපිය ලියන්නට මට නොහැකි විය. සාමාන්‍යයෙන් සතියකට වරක් නොකඩවා ම ලිපියක් ලියා යැවීම හොඳ විනයකින් වැඩ කරන අයෙකුට මිස එවැනි විනයක් නොමැති අප වැනි අයට එතරම් යා දෙන්නක් නොවේ. විදේශගතවීමක සිටි මට ‘තීරු ලිපිය කෝ’ යැයි අසා ජනරංජන කෙටි පණිවිඩයක් එවන තුරුම ඒ සතියේ තීරුව පිළිබඳව වගේ වගක් මතක්වූයේ නැත. ඒ පිළිබඳව පාඨකයෝ කමත්වා යැයි කියනවා හැර කියන්නට වෙනත් දෙයකුත් දැන් ඇත්තේ නැත..අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා ආයතනික කාර්යයක් නියෝජනය කිරීම සඳහාත් මානව අයිතිවාසිකම් විෂයට අදාළව විශේෂ දේශනයක් කිරීම සඳහාත් ලැබූ ආරාධනාවක් මත නෝර්වේ රටේ විශ්වවිද්‍යාලයකට යාමට පසුගිය සතියේ මට සිදුවිය. එහිදී මා ඉදිරිපත් කළ අදහස් දැක්වීම මූලික වශයෙන් සම්බන්ධ වූයේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්වීය නීති කියා දෙයක් තිබිය හැකිද යන ප‍්‍රශ්නය සාකච්ඡා කිරීමටය..එකම විශ්වීය ක‍්‍රමයක් පිළිබඳව අදහස මතුවෙන්නේ ‘ලෝකයේ ඇත්තේ එකම සත්‍යයක්ය’ යන බටහිර අදහසත් සමග බව මූලික වශයෙන් අප තේරුම් ගත යුතු කාරණයක්ය. ධනවාදයේ වර්ධනයන් සහ බටහිර විද්‍යාවේ දියුණුව වැනි දේවල් හරහා පෙන්නුම් කරන්නේ ඉතිහාසයේ ගමන් මග නිශ්චිත ඉමක් කරා සේන්දු වෙන බව යැයි කීවේ ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින්ය..‘එකම ලෝක ක‍්‍රමයක්’ පිළිබඳ අදහස පැමිණෙන්නේ යුදෙව් චින්තනය ඇතුළත් බයිබලයේ පළමු තෙස්තමේන්තුවේ දැක්වෙන දාර්ශනික මූලය මගින් යැයි පිළිගන්නා මතයක්ද මෙරට සංවාදය තුළ මීට කාලයකට පෙර සිටම මතුවී තිබෙන්නේ මේ කාරණය හේතු කරගෙනය” දැන් යුක්තිය(justice) පිළිබඳව හා අයිතීන් (rights) පිළිබඳව විශ්වීය වශයෙන් පිළිගත හැකි ක‍්‍රමයක් තිබේදැයි සාකච්ජා කිරීම දර්ශන ලෝකයේ තරමක් පැරණි ගැටලූවක් යැයි පැවසීමේ වැරැද්දක්ද නැත. ඉමානුවෙල් කාන්ට්ගේ සහ හේගල්ගේ දාර්ශනික පද්ධතිවල යටින් දූවන හුයක් ලෙසින් මේ ප‍්‍රශ්නය පවතින බව දර්ශන විෂය ගැන දැනීමක් ඇති අය පිළිගන්නා කාරණයක්ය. විශේෂයෙන් ම කාන්ට් යෝජනා කළ ආචාරධර්ම පිළිබඳ අදහස සමග මේ ‘ලෝක පරිමාණයෙන් පොදුවේ පිළිගත හැකි සදාචාර නියමයන් පවතී’ යන අභ්‍යුපගමනය (assumption)පහසුවෙන්ම අපට ලබා ගත හැකිය. ආචාර ධර්ම පැත්තෙන් මේ විශ්වීය සාධාරණීකරණය කාන්ට් ගෙනාවේ සදචාර විනිශ්චයන්ගේ පදනම මූලික වශයෙන් පවතින්නේ (පැවතිය යුත්තේ) ප‍්‍රතිඵලය දෙස බලා කි‍්‍රයාවේ හොඳ නරක විනිශ්චය කිරීමේ ක‍්‍රමවේදය (teleology) වෙනුවට ප‍්‍රතිඵලය කුමක් වුවත් එම ක‍්‍රියාව සිදුකිරීමම හොඳ දෙයක් වෙන අවස්ථාව මත පදනම් වී හොඳ නරක විනිශ්චය කිරීමේ ක‍්‍රමවේදයක් මත බවය. කාන්ට් කියූ මෙම ක‍්‍රමවේදයට දාර්ශනික භාෂාවෙන් කියන්නේ යුක්ත්‍යාත්මතාවාදය(deontology) කියාය. ඒ කියන්නේ යම් ක‍්‍රියාවක් නිවැරදි යැයි නිගමනය කිරීම එම ක‍්‍රියාවෙන් ජනිත විය හැකි ප‍්‍රතිඵලයේ හොඳ බව හෝ නරක බව මත තබා උපයෝගීතාමය ආකාරයෙන් කළ යුතු දෙයක් නොව කරන ක‍්‍රියාව පමණක් ගත්තත් හොඳ නම් එය හොඳ ක‍්‍රියාවක් ලෙසින් නිගමනය කිරීමේ වැරැද්දක් නැති බවය. මේ තර්කය මත ඉදිරියට ගියවිට විශ්වයටම පිළිගත හැකි හොඳ පිළිබඳව, යුක්තිය පිළිබඳව, අයිතීන් වැනි ක්ෂේත‍්‍ර පිළිබඳව ප‍්‍රඥප්තීන් හා නීති සෑදිය හැකි බවට පසුකාලීන දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් බොහෝවිට නියෝජනය කළේ කාන්ට් ඉදිරිපත් කළ සදචාරය පිළිබඳ මතය පදනම් කරගනිමින්ය..නූතන දේශපාලන චින්තනයේ අත් පොතක් යැයි සැලකිය හැකි ජෝන් රෝල්ස්(John Rawls) විසින් රචිතA Theory of Justice (1971) කෘතිය තනිකරම පදනම් වන්නේ කාන්ගේ සදචාර න්‍යාය මත වන අතර ඒ මගින් ඔහු තර්ක කරන්නේ කාන්ගේ තර්කය මත සිට විශ්වීය දේශපාලන යුක්තියක් ගොඩනැගිය හැකි බවයි. මේ තර්කයට ප‍්‍රතිචාරාත්මක ප‍්‍රවේශයක් අමාත්‍යා සෙන්(Amartya Sen) විසින් රචිතThe Idea of Justicen (2009) කෘතිය ලබා දී ඇති බවද මෙහිදී සටහන් කිරීම වැදගත්ය. (නූතන දේශපාලනයේ දාර්ශනික කලාප පිළිබඳව උනන්දූව දක්වන අය මෙම කෘති දෙකම එකට අධ්‍යයනය කිරීම ඉතාමත් යෝග්‍ය බවට යෝජනා කිරීමටද කැමැත්තෙමි)..දැන් අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේ අද පවතින විශ්වීය පිළිගැනීම්වල පදනම වන්නේද කාන්ට්ගේ මේ දාර්ශනික ආස්ථානයේ යැයි පිළිගැනීම නිවැරදි බව මගේ මතයය. හැමෝටම පිළිගත හැකි අයිතීන් පද්ධතියක් විශ්වමය වූ ආකෘතියක් ලෙසින් ස්ථාපිත කිරීමත් ඒ පද්ධතිය රැුකගැනීමේ පොලිස්කාරයෙකු ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුආයතන යෙදවීම වැනි පිළිගැනීම් පැමිණියේ මේ කාරණය දේශපාලනමය තත්වයක් කරා වර්ධනය වීමත් පදනම් කරනිමින්ය..ඉහතින් සඳහන් කළ මගේ දේශනය තුළ මා උත්සාහ කළේ මේ ‘අයිතීන් පිළිබඳ විශ්වීය න්‍යාය’(Universalistic Theory of Rights) ප‍්‍රශ්නයට ලක්කිරීමත් ඒ පිළිබඳ විකල්පීය පදනමක් ඉදිරිපත් කරන අයිතීන් පිළිබඳව සන්දර්භීය න්‍යායන් (Contextual Theory of Rights) පැත්තේ සිට තර්ක කිරීමටත්ය. මගේ අදහස් දැක්වීම විස්තරාත්මකව ඉදිරි තීරු ලිපියක ලියන්නට අදහස් කරන ගමන් කිවයුත්තේ සංස්කෘතිකමය වූ අයිතීන් සහ විශ්වීය මානව අයිතීන් අතර පවතින දාර්ශනික ගැටුම අපේ රටේ සංවාදය තුළත් බිමට ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් බවය..චරිත හේරත්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනිර්බාධීකරණය පෙරට, යහපාලනය පස්සට.Next articleක්‍ෂුද්‍ර මූල්‍ය ණය විධිමත් කළ යුතුයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජාඩි දැමීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජාඩි දැමීම.By සංස්කාරක.May 5, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මාර්තු මැද සිට කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගී ගුවන් යානා නැවැත්විණ. එවකට සිංගප්පූරුවේ සිටි මම තවමත් අර්ධ විප‍්‍රවාසී දිවියක් ගෙවමින් සිටිමි. මෙහි ලොක්-ඩවුනයට ආසන්න තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ අපේ‍්‍රල් 7 සිට බලපවත්වන පරිදි ය. ලූෂන් බුලත්සිංහලයන්ගේ විශිෂ්ට ප‍්‍රහසනයක් වූ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ‘කෑමට බීමට රුසියෝ – මේ සිංගප්පුරුවේ වැසියෝ‘ කියා ගීතයක කොටසක කියැවෙන්නේ සහමුලින් ම ඇත්තක් ය. කෑමට අමතර ව සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති දෙයකට සූටි කැටයමක් දෙකක් දමා එය තමන්ගේ ම නවෝත්පාදනයක් ලෙස ප‍්‍රති-සන්නාමනය හෙවත් රීබ‍්‍රෑන්ඞ් කිරීමට ද සිංගප්පූරු මා(ර්)කටියෝ රුසියෝ ය. ඒ අනුව, ලී ෂින් ලූන් අගමැති සිංගප්පූරු වැසියන් අමතා කළ රූපවාහිනී කතාවේ කීවේ රට කෝවිදියාව කළමනාකරණයට ‘සර්කිට් බ්‍රේකරයක්’ පනවන බව ය. සර්කිට් බ්‍රේකරයේ වාච්‍ය අර්ථය පරිපථ ඛණ්ඩනය යි. අගමැති ලී ෂින් විද්යුත් ඉංජිනේරුවෙකු නොව කේම්බි‍්‍රජ් සරසවියේ දීප්තිමත් ගණිතඥයෙකු ලෙස විශේෂ කුටියක සිට නොව සෙසු සිසුන් සමග සාමාන්‍ය ශාලාවක විභාගවලට සාර්ථක ව මුහුණ දුන් අයෙකි. කෙසේ හෝ, සර්කිට් බ්‍රේකර තත්ත්වය යටතේ කෑමට බීමට අවැසි බඩු මුට්ටු ටික ගැනීමට, බේත් හේත් ගැනීමට හා ව්‍යායාම කිරීමට ගමන් බිමන් යෑමේ නිදහස ඇත. මින් මා වඩාත් ම භාවිත කරන නිදහස ව්‍යායාමය යි. නිවෙස අසල ඇති අක්කර බර ගණනක උද්‍යානය නිල්ලෙන් වැසී ඇත්තේ කලක සිට රෝපණය කරන ලද දැන් මහා වෘක්ෂ වියනකිනි. පැය දෙකක් තුනක් ඇවිදින අතර විවිධ ගුවන් විදුලි නාලිකාවන්හි විකාශනය වන වාර්තා වැඩසටහන් ශ‍්‍රවණය ගත ද මනස ද පුබුදුවයි..ඒ එක් ගුවන් විදුලි වැඩසටහනක හංගේරියාවේ කෝවිඩියා තත්ත්වය ගැන විස්තරාත්මක ව සාකච්ඡා කෙරිණ. 2010 සිට හංගේරියාවේ නායකත්වය හොබවන්නේ දක්ෂිණාංශික වික්ටර් ඔර්බාන් ය. එතුමන්ගේ අධිකාරිවාදී හා ඒකාධිපතිවාදී සද්ගුණය හා නැමියාව නිසා හංගේරියානු ජනතාව එතුමන් ආදරේට අමතන්නේ ‘වික්ටේටර්’ කියා ය. ඒ වික්ටර් හා ඩික්ටේටර් (ඒකාධිපති) යන වදන් සන්ධි කිරීමෙනි. කලකට පෙර හංගේරියානු දේශපේ‍්‍රමී ජනතාව තම ආදරණීය වික්ටේටරයාණන්ට තුනෙන් දෙකක වරමක තසිමක තබා පූජා කළහ. ඒ වික්ටේටරයාණන්ට රටට අවැසි මහරු වෙනස කරනට තුනෙන් දෙකක් නොමැති ව නොහැකි බව එතුමාණන් කළ ලාලසාත්මක ආයාචනය දේශපේ‍්‍රමී හංගේරියානුවන් ඉර හඳ සේ විශ්වාස කළ බැවිනි. වික්ටේටරයාණන්ගේ දෑත් පමණක නොව සර්වාංගය ම තුනෙන් දෙකෙන් කිති කැවී, බුදාපෙශ්ට් අගනුවර පිහිටි ලකිගෙයිහි කුලූන මෙන් ප‍්‍රාණවත් ව නැගී සිටියේ ය. එම අනුප‍්‍රාණයෙන් තමන්ට රිසි සේ රට මෙහෙය වී ය. පැරැණි නීති පැන්නවීම හා නව නීති පැනවීම වික්ටරයාණන්ට ‘ටොයිස්‘ කර්තව්‍යයක් වූයේ තුනෙන් දෙකේ මැජික් යෂ්ටිය තමන් සතුව තිබූ බැවිනි. ඒකාධිකාරී හබන් කුකුළන්ට ආපදා හා වසංගත රජ මගුල් ය. ආපදාවේ හෝ වසංගතයේ මුවාවෙන් ඔවුහු ‘හදිසි‘ තත්ත්වයක් රට තුළ පනවති. හදිසි තත්ත්වය යටතේ සාමාන්‍ය නීතියෙන් බැහැර වී ෂෝට්-කට් හරහා තමනට රිසි හොර ගමන් යන්නට එකාධිකාරීන්ට නෛතික ආවරණය ලැබේ. මෙවන් නෛතික ව්‍යතිරේක බොහෝ විට අවභාවිත කරමින් ඩෙඟා නැටීමට යට කී කුකුළන්ට ඉඩ ලැබේ. වසංගතය ඒකාධිකාරීන්ට වසන්තයක් වන්නේ මෙලෙස ය. අපගේ කතා නායක වික්ටේටරයෝ ද කෝවිදි සමයේ අධිවේගී ඩෙඟ නර්තනයක යෙදී සිටිති. එතුමන් අසීමිත කාලයකට හදිසි අවස්ථා තත්ත්වයක් පනවා තමනට සියලූ බලතල සංකේන්ද්‍රණය කරගත්තේ තුනෙන් දෙකේ ආනුභාවයෙනි. මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආස්ථානයක් බව විවේචකයන් මතු කළ විට වික්ටේටරතුමා උද්ධච්චකම මුසු උපහාස ස්වරයෙන් පැවසුවේ ප‍්‍රජාතන්ත්රවාදය යම් කාලයකට අධිශීතකරණයක ගබඩා කර තැබීම නුවණැති බව ය..මේ ගෙවී යන කෝවිදි සමයේ සිරිලක් ‘වියත්‘හු සුරුවම් බාන්නෝ මෙවන් තාලයක් ය : ”දෙසීය විසිපහ කුමක ට ද ? එය නැතිවත් ඔය යසට රට කරගෙන යන්නේ අප විරුපති!”. ”පජාචන්චවාදේ කන්ඩ ද ඩා?” යන්න ද අපට නිතර දෙවේලේ ඇසෙන, බයිවාරුවකි. ‘වියත්‘හු ගොඩනගන නව බ්යායක් (බයි+න්යාය) ඇත. එනම්, කෝවිදියාවෙන් වැඩියෙන් ම බැට කා විපතට පත් වී (සරල බයි බසින්, කෙළ වී) තිබෙන්නේ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කරන එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාංඥය වැනි රටවල් බව ය. ඉන් යට කී බ්යාය සංකල්පගත කරන්නේ ඔය බටහිර හියුමන් රයිට් අරක මේක එක්ක රටවල් පාලනය කොරන්ට බැරි බව ය. ඒ නිසා ඔය බටහිර සංකල්ප ආණ්ඩුකරණයට අප නිකරුණේ ඔඩොක්කුවේ දමා ගත යුතු නැත. එසේ කළහොත් කෑවෝ කෑවෝ කියා මොර ගෑමට ය සිදුවෙන්නේ..බටහිර තාක්ෂණයෙන් නිපද වූ ඊනියා අධිශීතකරණ අපට අවැසි නැත. ආහාර නරක් නොවී කල් තබා ගන්නා අපේ ම අපේ ම ක‍්‍රම ඇත. නිදසුනක් ලෙස, අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතු යම් දිනයක අනුභව කරනු පිණිස අද දවසේ ජාඩි දැමිය හැක. මසුන් දිගු කලක තබා ගන්නට සියවස් ගණනාවක සිට අප දන්නා ශාස්ත‍්‍රයකි ජාඩි දැමීම. එය අධිශීතකරණ මෙන් මිල අධික නැත. යහමින් සෝදා, සුද්ද කරගත් මාළු තට්ටුවකට ලූණු හා ගොරකා තට්ටුවක්, පිළිවෙළින්, 3:1, අනුපාතයට තට්ටු කිහිපයක භාජනයක අතුරා එය වාතය නොඑන ලෙස මුද්‍රා තැබිය යුතු ය. සාර්ථක ජාඩියක රහස නිසි සේ වසා තැබිය හැකි භාජනය ය. ජාඩි-දානවා යන යෙදුම ගොඩ නැගී ඇත්තේ එම නිසා ය. දමිළ බසින් ‘ජාඩි‘ යනු බෝතලය ය හෝ භාජනය ය. සාම්ප‍්‍රදායික ක‍්‍රමයට ජාඩි දමන නිවෙස්හි පිඟන් ගඩොලෙන් සැදුණු තරමක ප‍්‍රමාණයේ භාජන දක්නට ඇත..දැන් ‘අපේ දෙයක්‘ ලෙස ලාංකීයකරණය වී ඇතත්, ජාඩි දැමීමේ ශාස්ත‍්‍රය මුලින් ම ලංකාවට ආවේ මැලේ හෙවත් ජා-මිනිස්සු ලෙස ජන වහරෙන් කියැවෙන, 17 හා 18 සියවසේ ලංකාවට සංක‍්‍රමණය වූ මැලේ ජාතිකයන්ගෙන් බව මතයක් ඇත. ධීවර කර්මාන්තයේ නියැළුණු මැලේවරුන් පදිංචි වූයේ කිරින්ද හා හම්බන්තොට වැනි ප‍්‍රදේශවල ය. ඇත්තෙන් ම හම්බන්තොට යන නම ද සෑදී ඇත්තේ මැලේ බසින් සම්පන් (ඔරුව) හා තොට සන්ධි වී, පසු ව වහරට පහසු ලෙස පරිණාමය වීමෙන් ය. ජාඇළ, ජාවත්ත, යාපනය (ජාවා+පට්ටනම්), චාවකච්චේරි (ජාවා+කච්චේරි) ද එවැනි නම් ය. මැලේ හෙවත් ජා සම්බන්ධයක් ඇති මෙම නගර අතරින් පසු කලෙක හම්බන්තොට වූ සම්පන්තොට වැදගති. එම භූගෝලීය ප‍්‍රදේශයෙන් ජාඩි දැමීම පමණක් නොව ‘ජාති දැමීම‘ ද විශේෂ ප‍්‍රාගුණ්‍යයක් ලෙස මෑත ඉතිහාසයේ සිට ප‍්‍රවර්ධනය වන හෙයිනි. ජාති දැමීම යනු වෙනකක නොව අපේ ආරේට රට ජාතිය ආණ්ඩුකරණය කිරීම යි. ‘ජාඩික්කු ඒත්ත මූඩි‘ යන දමිළ පිරුළ ‘ජාඩියට මූඩිය‘ ලෙස හෙළයට එකතු වී ඇත. එහි මෙටෆොරික අරුත කදිමට ගැළපෙන (බොහෝ විට එක ඇසක් වසා කියන) නමුදු පිරුළේ වාච්‍ය අර්ථය වනුයේ වාතය හා කෘමීන් එනු වළකනු වස් නිසි ලෙස වසා තැබිය හැකි ජාඩි භාජනයේ මූඩිය ය. ධූම කේතුවක බලපෑමෙන් හෝ අප ද හංගේරියානු වික්ටේටරයානු සුළඟකට හසු වුවහොත් කිසිවෙකු බියට පත් විය යුතු නැත. ඒ ජාති දමන්නන් පැවත එන්නේ ජාඩි දමන්නන්ගේ සම්භවයකින් නිසාවෙනි. ඒ අනුව යට කී පිරුළ ‘ජාතියට මූඩිය‘ ලෙස ද ප‍්‍රති-සන්නාමනය කළ හැක..උදන් ප‍්‍රනාන්දු.Tags.anidda news.corona.covid 19.ravaya.shinhala news.ජයදේව උයන්ගොඩ anidda anidda newspaper.ජයදේව උයන්ගොඩRavaya Newspaper.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරටට අවශ්‍ය වන්නේ Rule of Law මිස Rule of Men නොවේ.Next articleකොවිඞ්-19 භයානක බව එළියට බහින හැමෝම දන්නවාද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා : කෞශල්‍ය කුමාරසිංහ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා : කෞශල්‍ය කුමාරසිංහ.By තරිඳු උඩුවරගෙදර.January 20, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.කෞශල්‍ය කුමාරසිංහගේ දෙවැනි නවකතාව වන ‘නිම්නාගේ ඉතිහාසය’ වෙළඳපොළට නිකුත් වී තිබේ. මේ එම නවකතාව ලිවීමේ අත්දැකීම පිළිබඳව කළ සංවාදයකි..නවකතාවේ ප‍්‍රධාන චරිතය වන නිම්නා උපත ලද දිනය විශේෂයි නේද?.නිම්නා කියන ගෑනු ළමයා උපදින්නේ 1989 නොවැම්බර් 9 වැනිදා. ඒ දවස ගෝලීයවත්, ලංකාවේත් ඉතිහාසයේ ඝෝෂාව වැඩි දවසක්. බර්ලින් තාප්පය බිඳවැටුණු දිනය කියලා ඓතිහාසිකව හඳුන්වන්නේ එදා. නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය අතර දේශසීමා විවෘත කිරීමයි එදින සිද්ධවුණේ. ඒක තනි පුද්ගලයෙකුගේ උපත එතරම් තදින් නොදැනුණු දවසක්. න්‍යායිකව සලකමින් විසිවැනි සියවස අවසාන වන දිනය ලෙස ඒ දිනය හඳුන්වනවා. ලෝක දේශපාලනයෙහි නිදහස හා සමානත්මතාව අතර පසමිතුරුතාව අවසන් වෙලා නිදහස ජයගත් බව කීවේ බර්ලින් තාප්පය බිඳවැටීම යන සංකේතාත්මක සිදුවීමෙන් පසුව..ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා වැනි විද්වතුන් ඉන්පස්සේ ඉතිහාසය අවසන් වූ බව කීවා. බදියු වැනි කෙනෙක් විසිවෙනි සියවසේ අවසානය ලෙස සංකේතවත් කරන්නේත් 1989 වර්ෂය. මේ වගේ න්‍යායාත්මක කරුණු නවකතාවේ නැහැ. එහෙත් ඇය උපදින්නේ ඒ අවුරුද්දේ. නවකතාව ඇගේ වයස අවුරුදු විසිපහක් වන තුරු ගමන් කරනවා. එහෙත් ඒ අවුරුදු විසිපහ තුළ අවුරුදු සීයක විතර කතාවක් තියෙනවා. ඇගේ මවගේ, මිත්තණියගේ සහ මී මිත්තණියගේ චරිත තියෙනවා. පිරිමි චරිත පවා එහි ඉන්නවා. එහෙත් මේ නවකතාවෙහි ගැහැනු චරිතවලට තියෙන අවධානය වැඩි බව මටත් ඇහෙනවා..නවකතාවක් ලිවීම අත්දැකීමක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද?.නවකතාවක් ලියන වෙලාව මම ජීවිතය බොහොම තීව‍්‍ර ලෙස විඳින වෙලාවක්. බොහොම රසවත්ව කරන වැඩක්. පළවැනි නවකතාවෙන් අවුරුදු පහකට පසුවයි දෙවැනි නවකතාව එළිදක්වන්නේ. පොතක් කියවන පාඨකයන්, ඒ ගැන ලියැවෙන විචාර, ඇතිවෙන සංවාද නවකතා ලියද්දී අත්‍යවශ්‍ය බව මම දන්නවා. ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව ගැන තවමත් විවිධ ප‍්‍රතිචාර එනවා. එය දෙමළ, හින්දි හා උර්දු භාෂාවලට පරිවර්තනය වූ නිසා නවකතාව ගැන විවිධ භාෂාවලින් කරපු සංවාදවලට පවා මම ගියා..ඒ සංවාද තිබුණත් නැතත් ලිවීම කියන්නේ මගේ පැවැත්මේ කේන්ද්‍රීය දෙයක්. ලිවීම කියන්නේ කල්පනා කිරීම සඳහා තියෙන වෙනත් ක‍්‍රමයක්. ලියන කෙනෙකුට මා කියන දේ වැටහෙනවා. ලියද්දී ඇඟිලි තුඩු එක්ක බද්ධ වෙලා අකුරු ලෙස මතුවෙන ඇතැම් සිතිවිලි, නොලියන මොහොතක අපි කල්පනා කරද්දී එන්නේ නැහැ. ලියපු දෙයක් කියවන මොහොතක ඒ අදහස මම කලින් හිතපු එකක් නෙවෙයි නේද කියලා හිතනවා. ලිවීම තුළ වෙනම තර්කණයක් තියෙනවා. ඒ දැනුමට පිවිසීමේ හැකියාව ලැබෙන්නේ ලීවොත් විතරයි. ලීවීම තමන් නොදන්නා අඳුරු කලාපයකට ආලෝකයක් වැටීමක්..ඔබේ පළමු නවකතාව ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ ගැන සැලකිය යුතු තරමේ සංවාදයක් ගොඩනැගුණා. ඒ සංවාදයෙහි උණුසුම තිබියදීම දෙවැනි නවකතාව එළිදක්වන්නට උත්සාහ නොකළේ ඇයි?.ලෝකයේ ඕනෑම නවකතාකරුවෙක් පළවැනි නවකතාව ලියා ඉතා කෙටි කාලයකින් දෙවැනි නවකතාව ලියනවා. මුල් නිර්මාණය ගැන මතකය යන්න කලින් තවත් නිර්මාණයක් වෙනවා. එසේ ලිවීම වරදක් නෙවෙයි, සාමාන්‍ය පුරුද්දක්. අවුරුද්දකට වතාවක් පොතක් ලියන්න පුළුවන් නම් හොඳයි. ඒත් මට ඒක බැහැ..ඔබ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු වීමත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ඔබට ඇති අත්දැකීමත් නවකතාවට බලපෑවාද?.මගේ අධ්‍යාපනික වැඩකටයුතු සහ මා කළ සමීක්ෂණ ආදියෙන් ලද දැනුමත්, මගේ සමාජ ක‍්‍රියාකාරිත්වයත් නවකතාවට පෝෂණය සැපයුවා. එහෙත් මගේ දේශපාලනයේදී, සමීක්ෂණයකදී හෝ අධ්‍යාපන කටයුත්තකදී ලියන්නේ නැති දේවල් බොහොමයක් නවකතාවේ තියෙනවා. ප‍්‍රබන්ධයක් ලියද්දී මට අනෙක් කලාපවලදී නොලියන දේවල් ලියන්න පුළුවන්. දේශපාලන, සමාජ ක‍්‍රියාකාරිකයෙක් වෙද්දී මට සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ මා කියන දේවල් මෙන්ම නොකියන දේවල් තියෙනවා. නවකතාවට ඒ සීමා නැහැ..උදාහරණයක් කීවොත්...මම යම්කිසි දේශපාලන පක්ෂයකට යම් කාලයකදී පෙනීසිටින බව හිතමු. ඒ පක්ෂයට මේ නවකතාවේදී විවේචන පවතින්න ඉඩ තියෙනවා. මම එකඟ නොවෙන අදහස් මේ නවකතාවේ චරිතයකට තියෙන්න පුළුවන්. ජාතිවාදී ක‍්‍රියාකාරකම්වල යෙදෙන චරිතයක් සිටින බව හිතමු. මම ජාතිවාදයට විරුද්ධ වුණත් ඒ චරිතයෙහි බර රකින්නට මට සිද්ධවෙනවා. සමාජ ක‍්‍රියාකාරිකයෙක්ට සාමාන්‍ය සමාජයේදී ජාතිවාදී අදහස් තියෙන කෙනෙක්ව දැඩිව විවේචනය කරමින් කතාකරන්න පුළුවන්. එහෙත් නවකතාකරුවෙක්ට තමන්ගේ චරිතයකට එතරම් නපුරු වෙන්න බැහැ. අප බොහෝ නිර්මාණවලදී දකිනවා යම් නිර්මාණකරුවෙකුගේ අදහස් අනවශ්‍ය තැන්වලින් චරිතවලට බලපෑම් කරන බව. එහෙත් ඒ චරිතයටත් ජීවිතයක් තියෙනවා..ලංකාවේ නිර්මාණවලදී බොහෝ චරිත නිර්මාණකරුවාගේ පූර්ව නිගමන මත පාලනය කෙරෙන බව පෙනෙනවා. ඒ චරිත කතාකරන දේවල් පවා නිර්මාණකරුවන්ගේ අධිකාරයට අහුවෙනවා….එසේ කළොත්, ප‍්‍රචාරකවාදී ගතියක් එනවා නේද. අපට අදහස් තියෙන්න පුළුවන්..නවකතාකරුවා ආගමට පක්ෂ හෝ විරුද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ආගමට බර අයිති චරිතයකට ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඇත්තටම නවකතාවක් ලියද්දී අපි මොනතරම් සැලසුම් හැදුවත්, සමහරවිට එක් චරිතයක් ඇවිල්ලා ඒ සැලසුම් සියල්ල අවුල් කරලා දාන්න පුළුවන්. චරිතයට ජීවිතයක් තියෙන නිසා. සමහර වෙලාවට පොත ඉවරවෙද්දී අපි අකමැති අදහස් තියෙන චරිතයක් ඉතා ශක්තිමත්ව මතුවෙන්නත් පුළුවන්..මමංකාරය තදින් තියෙනවා නම්, හොඳ නවකතාවක් ලියන්න අමාරුයි. මට අනෙක් හැම චරිතයක් තුළටම දියවෙන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. දුබල මමංකාරයක් තිබීම වැදගත්. ඇතැම් නවකතාකරුවන්ගේ එදිනෙදා ජීවිතයේ මමංකාරය ඔවුන්ගේ නිර්මාණවල දකින්න පුළුවන්. එවැනි නවකතාකරුවන්ට නිර්මාණය අබිබවා මතුවෙන්න ඕනෑ. ඇත්තටම තවත් මනුෂ්‍යයෙක් හිතන විදිය නිරූපණය කිරීම අසීරු කටයුත්තක්. තවත් කෙනෙකු ලෝකය දකින විදියට ලෝකය දකින්න සිද්ධවෙනවා..ඔබේ නවකතාවෙහි සිදුවීම් පෙළ කලින් හදාගත්ත ආකෘතියකට අනුව පෙළගස්වනවාද?.මම ගොඩක් අපිළිවෙළ කෙනෙක්. මම කටු සටහන් තොගයක් හදාගෙන ලියන කෙනෙක් නෙවෙයි. ඡුායාමය අදහසක් මට තියෙනවා. කෙටි සටහනකුත් තියෙනවා තමයි. එහෙත් ඒක මූලිකම අදහසක් විතරයි. මම නවකතා දෙකම ලීවේ පරිගණකයෙන්..ඇත්තටම මේ නවකතාව මේ තරම් දිග ඉතිහාසයකට රැුගෙන යන්න මම සැලසුම් කළේ නැහැ. මගේ මුල් නවකතාව ලියද්දී පද්මි වැනි චරිතයකට දීර්ඝ ඉඩක් ලබාදෙන්න මම හිතුවේ නැහැ. ඇය පොඩි වැඩකට ආපු චරිතයක්. ඒත් ඇය දිගින් දිගටම කතාවේ රැුඳෙන්න ගත්තා. ඉන්පස්සේ ඒ චරිතය මා හදාගත් සැලසුම් සියල්ල අවුල් කළා..මේ නවකතාවේත් එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා. ඒ චරිතය පුංචි කටයුත්තකට ආවා. ඒත් පසුව එයා සම්පූර්ණයෙන්ම වැඬේ අතට ගත්තා. නැවත හැරිලා බලනකොට මේ නවකතාව ගැන මට තිබුණු මූලික අදහස තියෙනවා. ඒත් මම නොසිතූ බොහෝ දේවල් එකතු වෙලා තියෙනවා..එහෙත් සටහන් තබාගැනීමත් වැදගත්. මම පොඩි නෝට් බුක් එකක් පාරේ යනකොටත්, ?ට නිදාගන්නකොටත් ළඟ තියාගන්නවා. යම් දෙබස් කොටසක්, යම් සිදුවීමක් මට ක්ෂණිකව මතක් වෙනවා. ඒක අමතක වෙන්න කලින් එහි ලියාගන්නවා. ඒ සටහන් බැලූවොත් කිසි කෙනෙක්ට වැටහෙන්නේ නැහැ. දැක්කොත් මට පිස්සු කියලා හිතයි. එතරම් අපිළිවෙළයි. සම්පූර්ණ කතාවේ ආකෘතිය මම සටහන් තබාගන්නේ නැහැ..ඔබ ලියන්නේ පහළ මධ්‍යම පන්තික මිනිසුන්ගේ ඉතිහාසය. ප‍්‍රභූන්ගේ ඉතිහාසය ලියනවාට වඩා එය අසීරු කටයුත්තක් වුණාද?.මේක ඓතිහාසික නවකතාවක් බව මම කියන්නේ නැහැ. මගේ මූලික අවධානය වර්තමානය වටහාගැනීම. මේ වර්තමානය බිහිවන ක‍්‍රියාදාමය ගැන මම අවධානය යොමු කරනවා. කොළඹ නගරයේ මහා නිවාස අතරමැද්දේ තියෙන ඉතාම පුංචි පහළ මධ්‍යම පන්තික ගෙවල් දැකලා ඇති. නිම්නාගේ ගෙදර එවැන්නක්. මම නවකතාවට තෝරාගන්නේ කළුබෝවිල, කිරුළපන හා නුගේගොඩ ආශ‍්‍රිත කලාපය. මට විවෘත විශ්වවිද්‍යාලයේ සිට කළුබෝවිලට පයින් එන පුරුද්දක් තිබුණා. මහාචාර්ය ජයදේව උයන්ගොඩත් එහෙම එන කෙනෙක්. ඔහුත් මාත් එකට එන අවස්ථා තිබුණා. ඔහු සමග ගත කරන හැම මොහොතක්ම බුද්ධිමය මොහොතක් බවට පත්කිරීමේ හැකියාව ඔහුට තිබුණා..ලංකාවේ ඉන්නවා ඒ වගේ ඇත්තටම විද්වතුන් යැයි හඳුන්වන්න පුළුවන් සුළුතරයක්. මහාචාර්ය උයන්ගොඩ ඒ සුළුතරය අතර ඉන්න කෙනෙක්. ඔහුට බුද්ධිමය තර්කණයක් පත්තියම් වෙලා තියෙනවා. ඔහු ඉතාම සාමාන්‍ය දෙයක් කියනවා. එහෙත් එය පසුපස න්‍යායාත්මක දැනුමකුත් තියෙන බව පේනවා. අපි දෙන්නා අර පාරේ ඇවිදගෙන එනකොට ඒ පාරෙදී කතාකළ දේවල් මට මේ ප‍්‍රදේශය තෝරාගැනීමට හේතු වුණා..මම නවකතාව ලියන්න පටන්ගත්තාට පස්සේ ලේඛනාගාරයට ගිහින් පැරණි පුවත්පත් බැලූවා. පැරණි වෙළඳ දැන්වීම් ආදිය දැක්කා. ඊට අමතරව මම පශ්චාත් උපාධිය වෙනුවෙන් ආදරය සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී ආදරයේ ඉතිහාසය ගැනත් අධ්‍යයනය කළා. ලංකාවේ සාහිත්‍යයේදී ආදරයේ විකාශනය සිද්ධවුණ විදිය ගැන මා අධ්‍යයනය කළා..යටත් විජිතකරණය කරන්නේ චින්තනමය ආක‍්‍රමණයක්. අපි ලෝකය දකින විදිය යටත් විජිතකරණයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි අපේකමක් හොයන්න පටන්ගන්නේ ඒ ආක‍්‍රමණයෙන් පස්සේ. ජාතියක්, ආගමක්, එක ගැහැනියක් ආදිය ඒ පසුබිමෙහි හැදුණු රාමුවක්. මේ කතාවේ ඉන්න මිලිනෝනා කියන චරිතය ඒ රාමුවේ අග්ගිස්සේ ඉන්න කෙනෙක්. එහෙත් මෙහි ඉන්න අනෙක් චරිත සියල්ල ඒ රාමුව තුළ ඉන්නවා. මට යම් සිදුවීමක් ගැන කරුණු දැනගන්නට අවශ්‍යතාවක් ආවොත් කලින් පරම්පරාවේ අය සමග කතාබහ කළා. වැඩිපුරම මා එක්ක කතාකළ කෙනෙක් තමයි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය. ඇයත් එක්ක සාමාන්‍ය කතාබහක් පටන්ගන්නවා. ලක්ෂ්මන් විජේසේකර මහතාත් එවැනි කතාබහකට එක්වෙනවා..ඔබ ආචාර්ය උපාධිය සඳහා ඉන්දියාවේ දිල්ලි නගරයට ගියා. එහි ගතකළ වසර කිහිපය නවකතාව ලිවීමට බලපෑවාද?.ඔය කාලයෙන් සැලකිය යුතු කාලසීමාවක් මහාචාර්ය ජයදේව උයන්ගොඩත් ඉන්දියාවේ හිටියා. අප නිතර මුණගැහුණා. අපි දෙන්නා හැන්දෑවට මුණගැහිලා කෑම කන ගමන් කතාකරනවා. නැත්නම් අපි ටිකක් ඇවිදින්න යනවා. සසංක පෙරේරා, ප‍්‍රදීප් ජෙගනාදන් ඇතුළු ඉන්දියාවේ හිටපු ලාංකිකයන් එක්ක කළ ගනුදෙනුව පවා බලපෑවා. ඊට අමතරව මේ කලාපීය චින්තනය තියෙන පිරිස් හමුවුණා. එවැනි මුණගැසීම්, අත්දැකීම් බෙදාගැනීම් එක්ක මේ නවකතාවට පොදු බවක් තියෙනවා. මගේ අත්සනින් පොත පළවුණාට ඒ පසුපස තවත් අය ඉන්නවා..මට ගෙදරදී හෝ නවාතැනේදී ලියන්න බැහැ. ගෙදරදී ලියන්නට බැරි බව කීම ටිකක් බොළඳ අදහසක් ලෙස පෙනෙන්න පුළුවන්. මම ලියන්නේ කැෆේවලදී. හොඳ කැෆේ වෙන්න ඕනෑ නැහැ. මම සාමාන්‍ය බාර්වලදී පවා ලියනවා. දිල්ලියේ හිටියත්, මම බොහෝවිට දිල්ලියෙන් ටිකක් ඈතට ගිහින් ලීවා. රිෂිකේශ්, හිමාචල් වගේ පැත්තකට ගිහින් පොඩි හෝටලයක සති දෙකක් පමණ නැවතිලා එක දිගට වැඩකළා. දිල්ලියේ හිටියත් මම බොහෝවිට කැෆේ එකක එක දිගට වැඩ කරනවා. ඒවායේ ඉතාම අඩු මිලට තේ එකක් බොන ගමන් විවේකීව කාලය ගත කරන්න පුළුවන්. මම කතාබහට තේමා කරගන්න එදිනෙදා පරිසරයෙන් ඈත්වීම මට උදව්වක් වුණා. භෞතික යථාර්ථයෙන් ටිකක් ඈත්වෙලා, පරිකල්පනයට වැඩි ඉඩක් ලබාගැනීමට හැකි වුණා..ලංකාවෙන් ඈත්වුණාම ලිවීමේදී විනයකුත් ඇතිවෙනවා. ලංකාවේදී යාළුවන්ව මුණගැහෙන්න සිද්ධවෙනවා. විවිධ දේවලට මැදිහත් වෙන්න වෙනවා. මේ නවකතාව මම අවුරුදු තුනහමාරක් තිස්සේ ලීව විශාල නවකතාවක්. ලංකාවේ හිටියා නම් කතාවෙහි සියලූ දේ හිසේ දරාගන්න අමාරුයි. විදේශගත වීම සෑහෙන පහසුවක්. පොතෙන් සීයට දහයක් පමණයි ලංකාවේදී ලීවේ. මම මුලින්ම කීවා ලිවීම රසවත් අත්දැකීමක් බව. ඒ අත්දැකීම මට දැන් හුරුවෙලා තියෙන්නේ ඇවිදිමින් ලිවීමෙහි..Tags.anidda.Anidda Newspaper.කෞශල්‍ය කුමාරසිංහ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑක්සත් වාමාංශික පෙරමුණ බලවේගයෙන් ඉවත් වෙයි.Next articleඅපි තවදුරටත් රනිල් වික‍්‍රමසිංහගේ කාලසටහනට වැඩකරන්නේ නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
නරක කාලයට පේන මූසල හීන | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නරක කාලයට පේන මූසල හීන.By ගාමිණි වියන්ගොඩ.December 14, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.හමුදාමය පාලනයක් යුක්තිසහගත කෙරෙන පරිසරය ගොඩනැඟෙන්නේ, බොහෝ විට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ සහ ආර්ථිකයේ අසාර්ථකත්වය හේතුවෙනි. මේ අසාර්ථකත්වය සිදු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලනඥයන් සහ රට කරවන රාජ්‍ය නිලධාරීන් විසින්මයි..ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරළියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත. දැන් සිටම ගලගොඩඅත්තේ ඥානසාරට පිට්ටනිය සකස් කිරීමට භාර දී තිබීමෙන් පෙනෙන්නේ, ඒ මාර්ගය මිස වෙනත් මාර්ගයක් ගැන මේ ආණ්ඩුව නොසිතන බවයි. උතුරට යන මේ අබෞද්ධ භික්ෂුව, ඔවුන්ගේ (එනම් දෙමළ ජනතතාවගේ) මළවුන් සැමරීම සහ ඔවුන්ගේ අතුරුදහන්වූවන් සෙවීමට වඩා වැදගත් ප්‍රශ්න රටේ කොතෙකුත් ඇති බව පසුගිය දා කියා දී තිබුණි. වාර්තාගත දුෂ්චරිතය අතින්ද, දුර්ගන්ධ මතවාදය අතින්ද මෙතරම් අලජ්ජී තත්වයකට ඇදවැටී සිටින පුද්ගලයෙකුට රටේ නීතිය (එක රටක්-එක නීතියක්) පිළිබඳ සොයා බැලීමට භාර කිරීම මගින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගම්‍ය කර සිටින්නේ තමන් ඉදිරියේදී ගැනීමට නියමිත ගමන් මඟේ හැඩරුවදැයි විටෙක සිතේ..අනාගතයේ එවැනි ජාතිකවාදය අවුස්සන ක්‍රියාමාර්ගයකට මේ ආණ්ඩුව ගමන් කරනු ඇතැයි සැක සිතීමට තුඩුදෙන ප්‍රධානතම කාරණය වන්නේ, අද අප මුහුණදී සිටින කිසි ප්‍රශ්නයකට පිළිතුරක් සෙවීම දවසින් දවස මඟහරිනවාට අමතරව, නැති ප්‍රශ්න අටෝරාශියකුත් දිනපතාම පාහේ මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරගනු ලබමින් සිටින තත්වයයි. තව අවුරුදු දෙකකින් හෝ තුනකින් නැවත වතාවක් ජනතාව අතරට යාමට සහ ඔවුන්ගේ ඡන්දය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන නායකයෙකු, කිසි දවසක මේ තරමට ජනතාවගේ අප්‍රසාදය සහ යුක්තිසහගත කෝපය ඉදිරියේ නිර්වින්දය වී අහක බලාගෙන නොසිටිනු ඇත. එකක් පිට එකක් වශයෙන් මෙතරම් අර්බුද නිර්මාණය කර නොගනු ඇත. එයින් මා කියන්නට අදහස් කරන්නේ මෙයයි: එක්කෝ, නැවත වතාවක් බලයට පැමිණීමේ අදහස මේ වන විටමත් ඔහු අතහැර දමා තිබිය යුතුය. නැත්නම්, ජනතාව ඉදිරියට නොයන හෝ ගියත් එය මූනිච්චාවට පමණක් කිරීම ඔස්සේ බලය රැකගැනීමේ වෙනත් මාවතක් ගැන හිතාගෙන සිටිනවා විය යුතුය..ජනමත විචාරණයක්?.ගෝඨාභය රාජපක්ෂ යනු, (මෝඩයන් විසින් කෙතෙක් වෙස්ගැන්වීමට උත්සාහ කළත්), පවතින දේශපාලනික සම්ප්‍රදායයෙන් පිටස්තර කෙනෙක් නොවේ. ඔහුගේ දේශපාලනය යනු රාජපක්ෂවාදී පවුල් දේශපාලනයම මිස වෙන කිසිවක්ද නොවේ. ඒ නිසා, කැමැත්තෙන් බලය අතහැර ගෙදර යාමක් ගැන අපේ පැත්තෙන් උපකල්පනයකට එළැඹීම අතාත්වික ය. එසේ නම් ඉතිරි වන්නේ එක විකල්පයක් පමණි. එනම්, සම්ප්‍රදායට පිටස්තරව බලය ආරක්ෂා කරගැනීමේ වෙනත් විභවයන් ගැන ඇති රහස් අපේක්ෂාවක්වත් තිබෙනවාද යන්නයි..සම්ප්‍රදායික ඡන්දයකට නොගොස් ව්‍යාජ ජනමත විචාරණයක් මාර්ගයෙන් ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත් කාලය දිග් කර ගැනීමේ අභිලාෂය ඉන් වඩාත් ආසන්නතම වියහැකියාව වශයෙන් පවතී. මෙය, ව්‍යවස්ථානුකූලව උරගා බැලිය හැකි අත්හදාබැලීමකි. වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් හෝ, ඉදිරි මාසය හෝ දෙක ඇතුළත ගෙන එනවා යැයි කියන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ ක්‍රියාවලිය තුළින් හෝ මේ කියන කූඨ ජනමත විචාරණයේ අවශ්‍යතාව රිංගවා ගැනීමට බැරිකමක් නැත..එවැනි ජනමත විචාරණයක් ජයගැනීමේ ඉඩකඩ තිබේද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. අද පවතින තත්වය අනුව, එවැන්නකට අවශ්‍ය සියයට 50 ක් සහ එක ඡන්දයක් ලබාගැනීමත්, මොන තරම් රාජ්‍ය බලය තිබුණත්, පහසු කටයුත්තක් නොවන බව පෙනේ. ගිය මාසයේ ප්‍රකාශයට පත් ජනමත විමසුම් සමීක්ෂණයක වාර්තාවකට අනුව, 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය පාවිච්චි කළ පිරිසෙන් හරියටම තුනෙන් එකක්, අද ඡන්දයක් පැවැත්වෙතොත් ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නේ නැති බව ඉඳුරා ප්‍රකාශ කොට තිබේ. මේ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන පරිදි, අවුරුද්දක් ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගනු ඇතැයි 2019 ජනාධිපතිවරණයට ටිකකට කලින් විශ්වාසය තබා සිටි රාජපක්ෂවාදී ඡන්දදායක ප්‍රතිශතය සියයට 56 ක් විය. අද තත්වය ඊට වෙනස් ය. එදා රාජපක්ෂවාදීන් වශයෙන් සිටි ඡන්දදායකයන්ගෙන් සියයට 66 ක් අද සිතන්නේ, ඉදිරි වසරක කාලය තුළ ලංකාවේ ආර්ථිකය තව තවත් පිරිහීමට ලක්වන බවයි. මේ කතා කරන්නේ, (විරුද්ධ පක්ෂ ඇතුළු) සමස්ත ඡන්දදායකයා ගැන නොව, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එදා ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයා ගැන පමණි. ඒ හැරුණු කොට, සමස්ත රටවැසියා සම්බන්ධයෙන් ගත්තොත් තත්වය තවත් නරක ය. 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු අද වන විට භාණ්ඩ මිල සියයට 44 කින් ඉහළ ගොස් ඇති බව නිල වශයෙන් වාර්තාගතයි. 2019 නොවැම්බරයේ යම් භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීමට කෙනෙකු සතියකට වැය කළ මුදල රුපියල් 960 ක් වී නම්, මේ නොවැම්බරයේදී එම භාණ්ඩ ප්‍රමාණයම මිල දී ගැනීමට රුපියල් 1390 ක් වැය වන බව අද (12) පුවත්පතක් වාර්තා කොට තිබුණි. මෙය පවා, අවතක්සේරුවකි..කෙසේ වෙතත්, ඉහත කී සමීක්ෂණයෙන් තවත් වැදගත් කාරණයක් නිරීක්ෂණය කෙරේ. එනම් මේ කාලය තුළ රටම එපා වී විදේශගත වීමට දක්වන නැමියාව ය. අපේ මුළු ජනගහනයෙන් සියයට 27 ක්, අවස්ථාවක් ලැබෙතොත්, රට හැර දමා යාමට මේ වන විට කැමැත්තෙන් සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි. මීට දෙවසරකට කලින් “කන්න නැතත් ඉන්න රටක්” ගැන තිබූ සොඳුරු අපේක්ෂාව අපට මතකයි. මව්බිම අතහැර යාමේ ආශාවෙන් මැඩෙන මේ පිරිසේ ස්වභාවයත් ඉතා සිත්ගන්නාසුළුයි. පොදුවේ රාජපක්ෂවාදී ඡන්දදායකයන්ට වඩා තුන් ගුණයක්, විශේෂයෙන් ගෝඨාභයවාදී ඡන්දදායකයන් මෙසේ රට හැර යාමට සූදානමින් සිටින බව එම සමීක්ෂණය පෙන්වා දෙයි. එහි අර්ථය කුමක්ද? දෙයක් පුම්බන තරමට, වැඩිම සැරට පුපුරා යන බව ය. ගෝඨාභය රාජපක්ෂ යනු, දැරිය නොහැකි තරමට පුම්බන ලද බැලුමකි..භීත හීනය.ඕනෑම ඡන්දයක් හෝ ජනමත විචාරණයක් ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂට මුහුණදීමට ඇති එකී අභාග්‍ය සම්පන්න යථාර්ථය ගැන සිතන විට මගේ සිත වෙනත් කල්පනාවකට යොමු වෙයි. එනම්, මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට සහ චමල් රාජපක්ෂට නැති චරිත ස්වභාවයක් ගෝඨාභය රාජපක්ෂ තුළින් නිරීක්ෂණය කළ හැකි වීමයි. ඒ, ඔහු තුළ දක්නට ඇති හමුදාමය නැමියාව සහ ඌරුවයි. බලයට පත් වූ දා පටන් රාජ්‍ය පාලනයේ බොහෝ අංශ හමුදා නිලධාරීන්ගෙන් සන්නද්ධ කිරීමට ඔහු විශේෂ උනන්දුවක් දක්වා තිබේ. එම චින්තනය රඳා සිටින ප්‍රධාන පදනම මෙයයි: රටක් දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන්නේ නිදහස නොව, නොනිදහසයි. යකඩ විනයකට, නිදහස යටත් කළ යුතුය. එවැනි ක්‍රමයක් සඳහා හමුදාමය පරිසරයක් අවශ්‍ය කෙරේ. විනය පමණක් නොව, කාර්යක්ෂමතාව, අවංක භාවය, රට ජාතිය ගැන කැක්කුම ආදී සියලු යහගුණ ඇත්තේ සිවිල් පාලනයක් තුළ නොව, හමුදාමය අණසක රජයන වටපිටාවක ය. ඒ නිසා, බලහත්කාරී ජනමත විචාරණයක ජයග්‍රහණය පිළිබඳ අංශුමාත්‍ර හෝ අඩමානයක් ඇතොත්, ඊළඟ විකල්පය වශයෙන් මෙවැනි චරිතයක් එවැනි හමුදාමය මාර්ගයකට හැරීමට ඇති ඉඩකඩ වැඩි ය..මෙය, අපේ දීර්ඝ ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායයේ සම්මත තර්ක ඥානයෙන් සිතාගත නොහැකි තරමේ අතිශයෝක්තියක් සහ අභව්‍යයක් බව ඇත්ත. එහෙත්, මේ දක්වා ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ, සරල යථාර්ථය විකාර අතිශයෝක්තියට නොනැංවූ, සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි අභව්‍ය දේවල්, සැබවින් සිදුවන දේවල් බවට පත් නොවූ එකම සිද්ධියක්වත් සොයාගැනීමට තිබේද? පොහොර තහනම යනු, සිතාගත නොහැකි තරමේ බොළඳ අතිශයෝක්තියක් සහ අභව්‍යයක් නොවේද? ගෑස් පිපිරීම යනු, නොසිදු විය යුතුව තිබුණු සහ වළක්වාගත හැකිව තිබූ විනාශකාරී අකරතැබ්බක් නොවේද? නීතිය ප්‍රතිසංස්කරණය කිරීම ගලගොඩඅත්තේ ඥානසාරට භාරදීම තරම් අතිශයෝක්තියට නැංවූ තවත් සංසිද්ධියක් රටකට තිබිය හැකිද? මේ නිසා, ඉදිරි අනාගතයේදී, රාජ්‍ය පරිපාලනය පමණක් නොව, රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්තියද, පෙර නොවූ විරූ අභව්‍යයන් රාශියක මිශ්‍රණයක් වීමට ඇති ඉඩකඩ සුළුපටු නැති බව සිතා ගැනීම අපහසු නැත..හමුදාමය පාලනයක් යුක්තිසහගත කෙරෙන පරිසරය ගොඩනැඟෙන්නේ, බොහෝ විට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ සහ ආර්ථිකයේ අසාර්ථකත්වය හේතුවෙනි. මේ අසාර්ථකත්වය සිදු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලනඥයන් සහ රට කරවන රාජ්‍ය නිලධාරීන් විසින්මයි. දේශපාලනඥයන්ගේ අසාර්ථකත්වය මේ දිනවල නිතර කතා කෙරේ. ජනාධිපතිවරයා පමණක් නොව, පාර්ලිමේන්තුවේ 225 දෙනාමත් අසාර්ථක බව කීම මෝස්තරයක් වී ඇත්තේ එබැවිනි. ඒ අතරේ කතා නොකරන දෙය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අද පවතින විශ්වාසය හැකිතාක් පළුදු කිරීමට රට කරවන රාජ්‍ය නිලධාරීන් විසින් සපයනු ලබන නොමසුරු සම්මාදමයි. ගලගොඩඅත්තේ ඥානසාරට ජාතිකවාදී සහ වර්ගවාදී සමාජ වටපිටාව හැදීමට භාර දෙන අතරේ, ආර්ථික සංවර්ධනයේ ජාතිකවාදය පිළිබඳ මිථ්‍යාව කරට ගැනීමට ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා තෝරාගෙන තිබේ..පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල්.ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඒ අතරින් ප්‍රමුඛයි. පී. බී. ජයසුන්දර යනු, කිසි රාජ්‍ය නිලයක් දැරීමට නුසුදුසු පුද්ගලයෙකු වශයෙන් මෙරටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද කෙනෙකි. එක රැයකින් මුළු රටම කාබනික කළ හැකි බවට ජනාධිපතිවරයා හිසින් ගත් බොළඳ මිථ්‍යාව, උගතෙකු යැයි කියන මේ මිනිසාත් කරට ගත්තේය. අජිත් නිවාඩ් කබ්රාල් යනු, මීට කලින් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ, වරක් ග්‍රීක බැඳුම්කර අස්සේද, තවත් වරක් ඇමරිකාවේ ජාවාරම්කාරයෙකුට fදාළ පිදේනී දීමෙන්ද, තවත් වරක් තෙල් පිළිබඳ හෙජින් ගිවිසුම් මාර්ගයෙන්ද, මහජන ධනස්කන්ධය සමග සූදු කෙළිය පුද්ගලයෙකි..ඉමාඩ් සුබෙරි නමැති ඇමරිකානුවා, ජාවාරම්කාරයෙකු බවත්, බොහෝ රටවල නායකයන් රවටා ජනතා මුදල් වංචා කොට ඇති බවත් ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ ඔප්පු විය. එහිදී විශාල වන්දියක් ගෙවීමට ඔහුට නියම කෙරුණු අතර, 2021 පෙබරවාරියේ අවුරුදු fදාළහකට හිරේටද ගියේය. අජිත් නිවාඩ් කබ්රාල්, 2014 දී ලංකාවේ කීර්ති නාමය ඇමරිකාවේ ප්‍රවර්ධනය කිරීමට කියා මේ පුද්ගලයාට අපේ සල්ලිවලින් ඩොලර් මිලියන 6.5 ක් ගෙවා තිබුණි. එයින් එක ඩොලරයක්වත් ආපසු අපට ලැබුණේත් නැත. ලංකාවේ කීර්ති නාමය අඟලකින්වත් ඇමරිකාවේ ප්‍රවර්ධනය වුණේත් නැත..අජිත් නිවාඩ් කබ්රාල් මැදිහත් වූ ඉහත කී සිදුවීම් (ග්‍රීක බැඳුම්කර, හෙජින් ගිවිසුම සහ ඉමාඩ් සුබෙරි) සම්මත අර්ථයේ නීති විරෝධී ක්‍රියා නොවන බව ඇත්ත. (ඒ අරුතින් ගත් විට, මහබැංකු බැඳුම්කර වංචාවත් නීති විරෝධී ක්‍රියාවක් නොවේ). එහෙත්, ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ වැරදි විනිශ්චයන් මගින් රටට අත්වී ඇත්තේ විශාල පාඩුවකි. (හරියට, අර්ජුන මහේන්ද්‍රන්ගේ වැරදි විනිශ්චයන් නිසා, ඔහුගේ බෑනාට මහබැංකුව හරහා ඉල්ලමක් පෑදුණා සේ ය). අද වන විට, නිවාඩ් කබ්රාල්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය නිසා, දවසින් දවස රටේ මූල්‍ය පද්ධතියත්, ආර්ථිකයත් අගාධයට යමින් සිටී. නිල විදේශ විනිමය අනුපාතිකය විකෘති අගයක තබා ගැනීම සඳහා තැටමීම, විදේශ විනිමය සංචිතය දිනෙන් දින ක්ෂය වෙද්දී හෙට ඉර පායයි කියා බලාගෙන සිටීම, ඊනියා ජාතිකවාදී චින්තනයක් යැයි රටට පෙන්වමින් (එහෙත්, දූෂණයට සහ නාස්තියට ඉඩක් නොලැබෙන නිසා පමණක්ම) ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ වෙත යාම ප්‍රතික්ෂේප කරමින් සිටීම ආදී, වෙනත් තැනක කතා කළ යුතු තවත් කාරණා රාශියක් ඒ අතරේ තිබේ. ඒ සියල්ල, කල් පසු වී හෝ ආපසු හැරවීමට සිදුවන කාරණා ය. (හරියට, පොහොර තහනම මාස හයකට පසු දැන් ආපසු හරවා තිබීම සේ ය. එක ගැසට් නිවේදනයක් තවත් ගැසට් නිවේදනයකින් අවලංගු කරන්නා සේ ය). එහෙත්, ඒ වන විට රටේ ආර්ථිකයට සහ ජනතාවට සිදු වී ඇති හානිය පියවන්නේ කෙසේද?.මගේ කල්පිතය මෙයයි: මෙවැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, (ඇත්තෙන්ම රට කරවන නිලධාරීන්) ජනාධිපතිවරයාගේ ‘යා දෙක නොරත රත’ ව්‍යාපෘති තමන්ගේ කරට ගෙන ඇත්තේ ඒවායේ නිරර්ථක භාවය පිළිබඳ හොඳින් දැනුවත්වමයි. සමස්ත පද්ධතිය දැනට තිබෙන තැනිනුත් පහළට කඩා වැටෙන විට, අලුත් ‘ක්‍රමයකට’ රට පාලනය කිරීමේ මාවතකට එළැඹිය හැක්කේය. එය, ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයට දේශීය ඔසුවක් යන ලේබලය යටතේ වෙළෙඳපොළට පැමිණීමට බැරිකමක් නැත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleආයෝජන මණ්ඩලයේ ඉල්ලා අස්වීම්.දෙකක් කඩතොලු හදාගනීද?.Next articleමිනිසුන්ගේ දේපල කොල්ලකන ඉඩම් ජාවාරමක් රට පුරාම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ඔන්ලයින් එකම හා අනිවාර්ය ක්‍රමය කිරීම නිසා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අර්බුදයකසිසුන්ගේ ප්‍රශ්නවලට කොමිසම පිළිතුරු දෙන්නේත් නැහැ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඔන්ලයින් එකම හා අනිවාර්ය ක්‍රමය කිරීම නිසා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අර්බුදයක.සිසුන්ගේ ප්‍රශ්නවලට කොමිසම පිළිතුරු දෙන්නේත් නැහැ.By සංස්කාරක.December 7, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.ශිෂ්‍යයෙකු උසස් පෙළ විභාගයෙන් සමත් වී විශ්වවිද්‍යාලයට තේරී පත් වූ පසුව උසස් පෙළට පෙනී සිටි අවස්ථාවේ පටන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා කාලය වනතෙක් විශාල කාලයක් බලාසිටීමට සිදුවෙයි. එයට විවිධ හේතු බලපෑවද සිසුන් ලියාපදිංචි කරගන්නා ක්‍රමවේදයේ තිබූ ප්‍රමාදයද ඊට බලපෑවේ ය..ඒ අනුව මේ වන විට අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාලවලට ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර එම ලියාපදිංචි වීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු නිසා සිසුහු දැඩි අපහසුතාවකට පත් වී සිටිති..සාමාන්‍යයෙන් පෙර පැවති ක්‍රමවේදය අනුව තැපෑල හරහා මෙම ලියාපදිංචි වීම සිදු කෙරුණි. උසස් පෙළ ප්‍රතිඵල පැමිණි පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‍රය මිලදීගෙන එය සම්පූර්ණ කර තැපැල් මාර්ගයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවිය යුතුය. එලෙස අතිවිශාල අයදුම්පත්‍ර සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණෙන්නේ සියලුම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන සිසුන් මෙම අයදුම්පත්‍රය යොමු කරන බැවින් ය..ඉන්පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන කඩඉම් ලකුණු නිකුත් කර සිසුන් තේරීඇති විශ්වවිද්‍යාල ඔවුන්ට දැන්වීම මුල් කාලයේදී තැපැල් මාර්ගයෙන් සිදු කළද දැන් වසර ගණනාවක සිටම කඩඉම් ලකුණු නිකුත් කිරීම අන්තර්ජාලය හරහා සිදු කළ බැවින් එහි යම් කාර්යක්ෂමතාවක් දකින්නට ලැබුණි. එම පියවරෙන් පසුව තේරී පත් වූ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත්‍රය, මහපොළ ශිෂ්‍යාධාරය සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත්‍රය හා නවක වදයට සම්බන්ධ නොවන බවට ලබා දෙන දිවුරුම් ප්‍රකාශය සිසුන්ට තැපැල් මාර්ගයෙන් යොමු කරන අතර සිසුන් ඒවා සම්පූර්ණ කර නැවත තැපැල් මාර්ගයෙන් එම ලියකියවිලි මහපොළ භාරකාර අරමුදලට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවිය යුතු ය. යම්කිසි හෙයකින් පළමු පියවරෙන් ම යම් සිසුවෙකු විශ්වවිද්‍යාලයට තේරී පත් වූයේ නැති නම් ඔහුගේ අභියාචන ඉදිරිපත් කිරීමේ කටයුතුද සිදු කෙරෙන්නේ තැපැල් මාර්ගයෙනි. මෙය බැලූ බැල්මටම අතිශය සංකීර්ණ හා විශාල කාලයක් ගත වන ක්‍රියාවලියකි..එයට විසඳුමක් වශයෙන් 2015 විශ්වවිද්‍යාල අයදුම්පත්‍ර කැඳවීමේදී අයදුම්පත්‍ර අන්තර්ජාලය හරහා යොමු කරන ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන ලදි. එය අනිවාර්ය නොවූ අතර කැමති සිසුන්ට එමගින් අයදුම්පත්‍ර යොමු කිරීමට හැකි වූ අතර අනෙකුත් කටයුතු තැපැල් මාර්ගයෙන් සිදුකරන ලදි. පසුගිය වසරේ සිට අන්තර්ජාලය හරහා අයදුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වූ අතර අන්තර්ජාලය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමෙන් අනතුරුව බාගත කරගත යුතු ලියකියවිලි හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි තැපැල් මාර්ගයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යැවිය යුතුය..කඩඉම් ලකුණු නිකුත් වීමෙන් පසුව සිසුන්ට තේරී පත් වූ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කෙටි පණිවුඩයක් හරහා සිසුන්ට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව ලියාපදිංචි කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීම සිදු කළ යුතු ය. තේරීපත් වීම පිළිබඳ ලිපිය, මහපොළ අයදුම්පත්‍රය හා නවකවදයට සම්බන්ධ නොවන බවට ලබා දෙන දිවුරුම් ප්‍රකාශය බාගත කරගැනීමට අවශ්‍ය ලියාපදිංචි කටයුතුවලදී සිසුන් ඇතුළත් කළ යුතු කේතයන් ඇතුළත් ඊමේල් පණිවුඩය සිසුන්ට නොලැබීම නිසා ලියාපදිංචි කටයුතු කරගැනීමට නොහැකිව සිසුහු අපහසුතාවට පත් වී සිටිති. එම ඊමේල් පණිවුඩය ලැබුණු සිසුන්ට ද ජංගම දූරකථනයට කේතය නොලැබුණු අවස්ථා ද විශාල සංඛ්‍යාවකි. මෙම පද්ධතියේ පවතින යම් දෝෂයක් හේතුවෙන් එලෙස ඊමේල් පණිවුඩ නොලැබෙන බවට සිසුහු චෝදනා කරති..ඒ සම්බන්ධයෙන් සිසුහු කිහිපදෙනෙකුම අප සමග අදහස් පළ කළහ..‘මම ජීවත් වෙන්නේ මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ. අපට අන්තර්ජාල සිග්නල් නෑ. ඒ නිසා සිග්නල් තියෙන පැත්තක ඉන්න අපේ යාළුවෙක්ට කියලා තමයි අයදුම්පත්‍රය යොමු කළෙත්. දැන් මේ ලියාපදිංචියට අදාළ කේතය එන ඊමේල් පණිවුඩය ගන්න දවස් ගානක් තිස්සෙ උත්සාහ කළා. නමුත් ඒ ඊමේල් පණිවිඩය ආවෙ නෑ. සමහර දවස්වලට පාන්දරට, රෑ වෙලා එහෙමත් උත්සාහ කළා. අපි ජීවත් වෙන පැත්තට වන අලි කරදර තියෙනවා. ඒ නිසා පාන්දර හෝ රෑ හෝ සිග්නල් තියෙන තැනකට යන්න මට බෑ. සිග්නල් තියෙන පැත්තක ඉන්න කෙනෙක්ට කියලා තමයි පාන්දරට සහ රෑටත් ලියාපදිංචි වෙන්න උත්සාහ කළේ. දවස් තුනක් තිස්සේ උත්සාහ කළා. ඒත් ඊමේල් පණිවුඩය ආවේ නෑ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අංකවලට කතා කළත් ගොඩක් වෙලාවට කෙනෙක්ව සම්බන්ධ කරගන්න බෑ. කලින් අපට කියලා තිබුණේ නැණසල මධ්‍යස්ථානවලට යන්න කියලා පහසුකම් නැති නම්. නමුත් රෑට හරි පාන්දරට හරි ඒවා ඇරලා නෑනේ. ගොඩක් අය ලියාපදිංචි වෙන නිසා පද්ධතිය හිර වෙනවා කියලා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කියන්නේ. දවස් තුනක් උත්සාහ කරලා තමයි මම ලියාපදිංචි වුණේ.”.සමාජ මාධ්‍යවල විශ්වවිද්‍යාලවලට තේරී ඇති සිසුන් විසින් නිර්මාණය කර තිබෙන සමූහ තුළ ද මෙම ගැටලුව සම්බන්ධයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කර තිබේ..මෙම ලියාපදිංචි කටයුතු දෙසැම්බර් 10 වන දිනට පෙර සිදු කළ යුතු අතර මෙම දෝෂය නිසා හෝ එම දින දීර්ඝ කිරීමක් සිදු කර නොමැත. සිසුන් චෝදනා කරන්නේ ගැටලු ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අංක වලට ඇමතුවද බොහෝ අවස්ථාවල ඔවුන් සම්බන්ධ කරගැනීමට නොහැකි බවයි. සම්බන්ධ කරගැනීමට හැකි වුවද මෙම ගැටලුවට ඔවුන් තවමත් නිසි විසඳුමක් සම්බන්ධයෙන් නොකියන බවයි..ඒ නිසා අප ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති දූරකථන අංක හතරටම කිහිපවරක් ඇමතුවද එමගින් ඔවුන් සම්බන්ධ කරගැනීමට නොහැකි විය..යම් හෙයකින් සිසුවෙකුට අවසන් දිනයට පෙර ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට නොහැකිවුවහොත් ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබිය නොහැකි ය. මෙම තත්වය සිසුන්ගේ ගැටලුවක් නොවන නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ඊට අදාළ විසඳුමක් ලබා දිය යුතුව තිබුණද තවමත් ලබා දී නොමැත..අප සමග අදහස් දැක්වූ තවත් සිසුවෙකු පැවසුවේ ඇපල් ජංගම දූරකථනවලින් එම ලියාපදිංචි කටයුතු සිදු කිරීමේ දී එම දූරකතනවලට එන බ්‍රවුසරය වන සෆාරි බ්‍රවුසරයෙන් ද ලියාපදිංචි කටයුතු කිරීමට නොහැකි බවයි. ඔහුද මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුවත් කර ඇත. ඔවුන් ඔහුට දැනුම් දී තිබෙන්නේ මෙම පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ එස් එල් ටී ආයතනය හරහා බැවින් දෙසැම්බර් 06 වන දින නැවත විමසන ලෙසයි..විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්බන්ධ කරගෙන මෙම ගැටලුව ඉදිරිපත් කළ සිසුන් සියල්ලන්ටම පාහේ ලැබී තිබුණේ මෙවැනි පිළිතුරු ය. ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට දැනුම් දී තිබූ අතර එක් සිසුවෙකු පැවසුවේ එලෙස දෝෂයක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවට මහාචාර්යවරයා ප්‍රකාශ කළ බවයි..මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීමට අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ මෙවන් අදහසකි..‘මේ කරන්නේ විශ්වවිද්‍යාල ලියාපදිංචි කටයුතු වුණාට ඒ මෘදුකාංගයේ අයිතිකරුවන් වෙන්නේ එස් එල් ටී මොබිටෙල් සමාගම. එයාලගේ පූර්ණ වගකීම තමයි මේ බඳවා ගැනීමේ කටයුතු අපේ ගිවිසුම්වලට අනුව නිවැරදිව කිරීම. මේ දවස්වල තියෙන තදබදය නිසාත් වෙන්න පුළුවන් මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ වෙනකොටත් දරුවෝ දහ දාහකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒ අයට අපේ තොරතුරු මධ්‍යස්ථානයට කතා කරලා ඒ හරහා ගැටලුවලට උත්තර ලබා ගන්න පුළුවන්. එතනටත් දිනකට විශාල ඇමතුම් ප්‍රමාණයක් එනවා. ඒ නිසා මම හිතනවා දරුවන්ට ලියාපදිංචි වෙන්න බැරි වෙන එකක් නෑ කියලා නියමිත දිනයට පෙර. දැනට මොකුත් තීරණයක් අරගෙන නෑ ලියාපදිංචිය අවසන් කරන දින දීර්ඝ කරනවාද කියලා. දැනට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහට ලියාපදිංචි කටයුතු සිදුකෙරෙනවා.’.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළකළේ ය..‘කොරෝනා වසංගතය ඇවිල්ලා අවුරුදු දෙකක් වගේ වෙන මේ කාලයේ දී විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු, ලියපාදිංචි කටයුතු වගේ හැම දෙයක්ම මාර්ගගත ක්‍රමයට කරන්න පටන් ගත්තා. එහෙම වුණායින් පස්සෙ සිසුන්ට යම් යම් අපහසුතාවන්ට ලක් වෙන්නත් සිද්ධ වුණා. දැන් සිදුවෙන විශ්වවිද්‍යාල ලියාපදිංචියට අදාලව ගැටලුවලට මුහුණ දුන්න සිසුන් විශාල ප්‍රමාණයක් දූරකථනයෙන් අපට කතා කරලා ප්‍රශ්න ගැන කියලා තියෙනවා. අපි ඊට පස්සෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මේ ඇති වෙලා තිබෙන නිශ්චිත ප්‍රශ්න ගැන ඉදිරිපත් කළාම කොමිසමේ සභාපතිවරයා අපට කිව්වේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන හොයලා බලන්නම් කියලා. නමුත් තවමත් ගැටළු ඒ විදිහටම පවතිනවා. ඒ ගැටලු තිබියදීත් ලියාපදිංචියට අදාළ දින දීර්ඝ කිරීමක් සිදු කරලා නෑ. ඒ නිසා ඒ ප්‍රශ්න ටික තාම එහෙමම තියෙනවා. යම්කිසි ශිෂ්‍යයෙක්ට මේ ගැටලු නිසා ලියාපදිංචි කටයුතු කරගන්න නොහැකි වුණොත් ඔවුන්ගේ ඒ ප්‍රශ්නය විසඳෙනකන් ඊට අදාළ මැදිහත්වීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට අපි කරනවා. වසංගතයත් එක්ක ගොඩක් දේවල් මාර්ගගත ක්‍රමයට කරන්න පටන් අරන් තියෙනවා. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි ඒක අනිවාර්ය සහ එකම ක්‍රමය බවට පත් කිරීම. අතිරේක ක්‍රමයක් වශයෙන් අන්තර්ජාලය හරහා ලියාපදිංචිය සිදු කළාට ප්‍රශ්නයක් නෑ. නමුත් ලංකාවේ තියෙන පහසුකම් අනුව ඒ වගේ දෙයක් අනිවාර්යය සහ එකම ක්‍රමය කරන එක ප්‍රශ්නයක්.”■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?.Next articleආණ්ඩුව, සුජාතභාවයේ අර්බුදය සහ.නව විසංවාදී විභවතා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මල බැඳුණු රාජ්‍ය යාන්ත්‍රණයට ග්‍රීස් දැමීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මල බැඳුණු රාජ්‍ය යාන්ත්‍රණයට ග්‍රීස් දැමීම.By සංස්කාරක.July 12, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ආණ්ඩුව හා ආණ්ඩු යාන්ත්‍රණය ක්‍රියා කරවන පුද්ගලයන් කෙරේ ජනතාවගේ විශ්වාසය තදබල ලෙස සෝදාපාළුවට ලක්වීම, දූෂණය පවත්නා රටවල ආකෘතික ලක්ෂණයක් වේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දුර්වල වීම සහ ආණ්ඩුවේ තීරණ ගැනීමේ හැකියාවට බාධා පැමිණවීමද සිදුවේ..■ මහාචාර්ය සිරිමල් අබේරත්න.■ පරිවර්තනය: එස්. රණතුංග.සති කිහිපයකට පෙරාතුව පනස්පන්ලක්ෂයක පින්ලන්ත ජනතාව එක් ප්‍රවෘත්තියකින් සැලී ගියහ. එනම් පින්ලන්ත අගමැතිනි, සන්නා මාරින් (Sanna Marine) ට එරෙහිව නැගුණු දූෂණ චෝදනාවයි. ඇය රාජ්‍ය නායිකාව බවට පත්වූයේ අවුරුදු එකහමාරකට පෙරයි. 35 හැවිරිදි මාරින් මහත්මිය දැනට ලෝකයේ සිටින ළාබාලතම රාජ්‍ය නායිකාව බවට වාර්තාවක් තබා සිටින්නීය. රට තුළ පවතින මාධ්‍යවලින් එළිදරව්වී ඇත්තේ ඇය, මහජන මුදලින් ලබාදෙන උදේ ආහාරවේල සිය නිල නිවසේදී පරිභෝජනය කරමින් සිට ඇති බවයි. එම ආහාර වේලේ දිනක පිරිවැය යුරෝ 10ක් වී ඇත. පින්ලන්තය තුළදී එළිවූ මේ පුවතට ජාත්‍යන්තර මාධ්‍යවලින්ද විශාල ප්‍රචාරයක් ලැබී ඇත..ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වන අපද මෙබඳු ප්‍රශ්නයක් නඟනු ඇත. අහා! කෙතරම් විශාල පිරිවැයක්ද ? මෙම යුරෝ 10 ඇ.ඩො.වලට පරිවර්තනය කරන විට ඩොලර් 12ක් පමණ වනු ඇති අතර වෙනත් රටවලදී මෙම ආහාර වේලෙහි පිරිවැය දෙගුණ විය හැකිය. මෙන්න ඒ ලොකු ගනුදෙනුව ! පින්ලන්තයේ වාසය කරන ජනතාව තමන් වසන වටපිටාවේ.“දූෂණය” පිළිබඳව වැඩි යමක් නොදනිති. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී බදු ගෙවන්නන්ගේ මුදලින් එක සතයකුදු විනිවිදභාවයකින් හා වගවීමකින් තොරව පවතින බවක් මෙබඳු ජාතීන්ට සිතීමටවත් නොහැකිය. නිශ්චිතවම මෙම හේතුව නිසාම ආගමැතිනියට එරෙහිව එල්ලව ඇති “දූෂණ” චෝදනාව කම්පනය දනවන්නක් විය..සදාචාරාත්මක කරුණක්.මෙම කම්පනය දැනවූ දූෂණය පිළිබඳ ප්‍රවෘත්තියෙන් පසුව පින්ලන්තයේ පොලීසියත් බදු නිලධාරීනුත් පරීක්ෂණයක් ආරම්භ කළහ. අගමැතිනියද මෙය නිවැරදි කිරීමට යුහුසුළු වූවාය. “අගමැති වශයෙන් මෙම ප්‍රතිලාභය මා කිසිදිනක ඉල්ලුවේවත් තීරණය කිරීමට මැදිහත් වූයේ වත් නැත” මෙම කරුණ ප්‍රශ්න කිරීමට විවෘතව තැබුණු අතර මුළු මුදල එනම් යුරෝ 14,000ම ආපසු ගෙවීමටද ඇය ඉදිරිපත් වූවාය. එපමණක් නොව මේ මුදලට යම් බද්දක් එකතුවිය යුතු නම් එයද ආණ්ඩුවට ගෙවා දැමීමට ඇය සැරසුණාය..අගමැතිනිය සම්බන්ධ මෙම උදේ ආහාර වේල ගැන මතුවන දූෂණ චෝදනා නීතියට අදාළ ප්‍රශ්නයකට වඩා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි. 1950 දී පින්ලන්ත පාර්ලිමේන්තුව විසින් එළඹෙන ලද තීන්දුවක් සමඟ මෙම ප්‍රශ්නය බැඳී පවතී. 1930 සහ 1940 දශකයන් බටහිර ලෝකයට එතරම් යහපත් ඒවා නොවීය. “මහා ආර්ථික පරිහාණිය” අබිබවා ප්‍රකෘති තත්ත්වයට පත් වීමටත් ප්‍රථම එයට දෙවන ලෝක සංග්‍රාමයට මුහුණ දෙන්නට සිදු විය. ඊට අමතරව සෝවියට් රුසියාව සමඟ වෙනමම යුද්ධයකට පැටලීමට පින්ලන්තයට සිදුවිය. මෙම ඝට්ටනය නිමා වූයේ 1947 සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය. මෙකී සියලු බාධා මැද තවමත් කෘෂිකාර්මික ආර්ථිකයක් පවතින පින්ලන්තය නැවත ගොඩනැංවීම හා සංවර්ධනය කිරීම පිළිබඳ විශාල කාර්යභාරයකට කර ගසා තිබූ එකල අගමැතිවරයාට අතිශය වෙහෙසකර කටයුතුවල නියැලීමට සිදුවී තිබේ. ඔහුගේ කාර්යාලයීය කටයුතු ඇරඹුණේ හිමිදිරි පාන්දර වූ බැවින්, අගමැතිවරයාගේ උදෑසන ආහාරය රජයේ මුදලින් ලබා දීමට පින්ලන්ත පාර්ලිමේන්තුව තීරණය කළේය. මෙම සම්ප්‍රදාය වසර ගණනාවක් ම නොකඩවාම පැවති අතර, 2018 අගමැති තනතුරට තේරී පත්වූ මැරීන් මහත්මිය විසින් මෙම උදේ ආහාර වේල ලබා ගැනීම ඇය විශේෂයෙන් ඉල්ලා සිටි එකක් හෝ ඇය විසින් තීරණය කළ එකක් හෝ නොවීය. නමුත් වසර 70ක් පමණ පැරණි මෙම සම්ප්‍රදාය මේ වන විට යල් පැනගිය තත්ත්වයක් යටතේ සදාචාර විරෝධී ප්‍රශ්නයක් බවට පත්වී ඇත..හර පද්ධතියේ ඵලදායීතාව.නීතිමය ප්‍රශ්නයක් නම් එම ක්ෂේත්‍රය තුළම එනම් අධිකරණ ක්‍රියාමාර්ගයක වුවද විසඳා ගත හැකිය. නමුත් සාදාචාර පද්ධතියට අයත් කරුණකදී නම් එය වඩාත් සංකීර්ණ වන්නේ සමාජය සදාචාර පද්ධතිය තුළ ගැඹුරට කිඳා බැස ඇති බැවිනි. වඩාත් වැදගත් වන්නේ, එවන් සමාජ තුළ වෙසෙන ජනතාවට, එකී සදාචාර පද්ධතියේ යහපත් ප්‍රතිඵල භුක්ති විඳිය හැකි වීමය..ලෝකයේ ඉතා අඩුවෙන්ම දූෂිත (Least Corrupted) රටවල් 5 අතර ගැනෙනුයේ පින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩන්, නෝර්වේ සහ අයිස්ලන්තයයි. අගමැතිනියගේ සුබසාධන උදේ ආහාර වේල ලොකු ප්‍රශ්නයක් බවට අදාළ රට තුළත් ලෝකයේත් පත්වූයේ හරියටම මෙම සදාචාර පද්ධතිය පිළිබඳ කාරණා නිසාය. 1920 දූෂණ ප්‍රත්‍යක්ෂ දර්ශකයට(Corruption Perception Index 2020) අනුව, ලෝකයේ අඩුවෙන්ම දූෂිත රටවල් 10ට නෝඩික් රටවල් 4ක් ඇතුළත් වේ. ඒවා නම් ඩෙන්මාර්කය (1) පින්ලන්තය (3) ස්වීඩනය (3) සහ නෝර්වේ ය. මෙම වර්ගයට අයත් අනෙක් රටවල් වනුයේ නවසීලන්තය (1) සිංගප්පූරුව (3) ස්විට්සර්ලන්තය (3) නෙදර්ලන්තය (8) ජර්මනිය (9) සහ ලක්සෙම්බර්ග් (9) ය. දූෂණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දර්ශකය (Corruption Perception) සකස් කෙරෙනුයේ විෂය පිළිබඳ ප්‍රවීණ විශේෂඥයන් හා ව්‍යාපාරික ප්‍රජාව විසින් සාපේක්ෂව රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ ප්‍රත්‍යක්ෂ මට්ටමේ ලකුණු උපයෝගී කරගෙනය. රාජ්‍ය අංශයේ දූෂණය ලෙස ගැනෙනුයේ අල්ලස් හා කොමිෂන් ගැනීමම නොවේ. පෞද්ගලික ස්වාර්ථය වෙනුවෙන් පවරා දෙන ලද බලය (Entrusted Power) කුමන ආකාරයකින් හෝ අවභාවිත කිරීමයි..බොහෝ ජාතීහු දූෂිතය.ඇත්තෙන්ම දූෂණ ප්‍රත්‍යක්ෂණ දර්ශකයට අනුව ලෝකයේ බොහෝ රටවල් මතුපිටින් පෙනෙන ආකාරයට වඩා බෙහෙවින්ම දූෂිතය. රටවල් 80 න් තුනෙන් දෙකක්ම දූෂණය අතින් 50% කට අඩුවෙන් ලකුණු දමාගෙන ඇත. මෙයින් හැඟෙන්නේ එම රටවල් “අඩුවෙන් දූෂිතය” යන සතුටුදායක මට්ටමෙන් පහළට ගොස් ඇති බවය. සුළුතරයක් රටවල් දූෂණය අඩු කිරීම සඳහා යත්න දරන නමුදු බොහෝ රටවල් තවමත් දූෂණය අඩු කිරීමේ ප්‍රයත්නයන්ගෙන් අසාර්ථකව ඇති බව පළවෙන වාර්තාවලින් පෙනී යයි. එම වාර්තාවලට අනුව රටවලින් හරි අඩක් පමණ පසුගිය දස වසර පුරාම දූෂිත තත්ත්වයේම පසුවී ඇත. මෙයින් හැඟී යන්නේ එම රටවල දූෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙළවල් කිසිම ප්‍රගතියක් නොලැබ අසාර්ථක වී ඇති බවය..දූෂණය පිටු දැකීමට ආණ්ඩුව දක්වන පිළිවෙතේ අලස බව දැක්වෙන පැහැදිලිම විග්‍රහයක් නම් යම් ආණ්ඩුවක් දූෂණ පිටුදැකීමට කෙරෙන යම් සටනක් වේද එය පිටතට යා නොදී “ගෙදර තුළ සටනක් බවට පත් වීමය” ආණ්ඩුවේ ඉහළ තැන්වල දූෂිත විරෝධී සටන් අතහැර පහළ මට්ටමේ සටන්වලින් පමණක් දූෂණ මර්දනය කළ නොහැකිය..දූෂණ ප්‍රත්‍යක්ෂ දර්ශක වාර්තා අවධාරණය කරන්නේ ඉහළින්ම දූෂණය පවතින රටවල දූෂණය මර්දනය කිරීම සඳහා පවතින අධිකාරී ආයතන පද්ධතීන් වුවමනාවෙන් හෝ – නැතහොත් අකාර්යක්ෂමතාව නිසා හෝ අඩපණ වී ඇති බවයි. අවශ්‍ය අරමුදල්, යටිතල පහසුකම්, සම්පත් – අවශ්‍ය ඥානය, සාමාර්ථය සහ ස්වාධීනත්වය.නොමැතිකමින් මෙම ආයතන පද්ධතීන්හි කාර්යක්ෂමතාව හීන කොට ඇත..දූෂණ සහ සතුට (සංතෘප්තිය).“ලෝකයේ අඩුවෙන්ම දූෂිත රටවල් බොහෝ සතුටින් ජීවත් වන රටවල් බවට පත්ව තිබීම ගැඹුරු සත්‍යයක් මෙන්ම ස්වාභාවික රීතියක්ද වේ. ලෝකයේ සතුටින්ම සිටින රටවල් 10 ට, සියලුම නෝඩික් රටවල් අයත් වන බව ලෝක සන්තෘප්ත දර්ශකය (2020) (world happiness Index 2020) පෙන්වා දෙයි. පින්ලන්තය (1) අයිස්ලන්තය (2) ඩෙන්මාර්කය (3) ස්වීඩනය (6) සහ නෝර්වේ (8) යනු එම නෝඩික් රටවල්ය. සතුටින්ම වෙසෙන රටවල් 10ට ඇතුළත් වන සෙසු රටවල් වනුයේ (මේවා අඩුවෙන්ම දූෂිත රටවල් වලටද අයත් වේ) ස්විට්සර්ලන්තය (4) නෙදර්ලන්තය (5) ජර්මනිය (7) සහ නවසීලන්තයයි (9)..රටක සංතෘප්ත දර්ශකය රඳා පවත්නේ ප්‍රමාණාත්මකව එම රටේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ප්‍රමාණාත්මකව ඒක පුද්ගල ආදායම් පෙන්වන දර්ශකය සහ ගුණාත්මක දර්ශකයට ඇතුළත් ලැයිස්තුවයි. එම ගුණාත්මක ලැයිස්තුව නම්, සමාජ සානුබල, සෞඛ්‍යානුකූල ජීවිත අපේක්ෂාව, පරිත්‍යාගශීලීත්වය සහ දූෂණයෙන් තොරව සිටීමට ඇති හැකියාව යනාදියයි. සැබවින්ම දූෂණය නරක වන්නේ එහි ඇති පිළිකුල් සහගත බව සහ ලැජ්ජා නැති බව නිසාම නොවේ. බලය සහ වගකීම් පවරන ලද පිරිස් විසින් කරන දූෂණ හේතුවෙන් මුළු ජාතියම විඳවන නිසාය..ආණ්ඩුව හා ආණ්ඩු යාන්ත්‍රණය ක්‍රියා කරවන පුද්ගලයන් කෙරේ ජනතාවගේ විශ්වාසය තදබල ලෙස සෝදාපාළුවට ලක්වීම, දූෂණය පවත්නා රටවල ආකෘතික ලක්ෂණයක් වේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දුර්වල වීම සහ ආණ්ඩුවේ තීරණ ගැනීමේ හැකියාවට බාධා පැමිණවීමද සිදුවේ. දූෂණ එසේම තිබෙන්නට හැරීම නිසා ආර්ථිකය වර්ධනය දුර්වල වී අසමානතාවයන් හා දුගී බව උග්‍ර වන අතර සමාජ බෙදීමද වැඩිවේ. පාරිසරික අර්බුද ඇතිවීමටද මේ තත්ත්වය හේතු වේ..දූෂණය ප්‍රතිසංස්කරණ විරෝධීය.ආර්ථික ක්ෂේත්‍රයේ අධ්‍යයන වාර්තාවලින් හෙළිවන්නේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ රාජ්‍ය දූෂණ සමඟ එකට ගමන් නොකරන බවය. ආර්ථික හා රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ නොමැති රටවල දූෂණ ක්‍රියා අධික බව පෙනීයන කරුණකි. ප්‍රතිසංස්කරණ දූෂණ විරෝධී සටනට ආධාරකයකි..වුවමනාවට වඩා නීති රීති රජයන සහ නිලධාරීවාදී රතු පටි ඇති රටවලද ඉහළ මට්ටමේ දූෂණ පවතී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා දේශපාලනඥයන් හා නිලධාරීන් පසු පස යාමත් ඒ සඳහා දිගු කාලයක් ගත කිරීමත් අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත..සමහර ආර්ථික අංශයන්හි දූෂණ ගැන කියවෙන විට “මල බැඳුණු රාජ්‍ය යාන්ත්‍රණය ග්‍රීස් දමා ශුද්ධ කිරීම”.නොකළහොත් නිසි සේ ක්‍රියාත්මක නොවේ. ප්‍රශ්නය වන්නේ ග්‍රීස් යෙදවීම මගින් තද වී තිබිය යුතු කොටසුත් බුරුල් වී යාමේ අවදානමයි.■.(2021 ජුනි 27 වන දින Business Times පුවත්පතට සපයා තිබූ ලිපිය.).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගෑස් විදුලි බලාගාර සඳහා ඇමරිකාවෙනුත් ස්වෙච්ඡා යෝජනා.Next articleදක්‍ෂිණාංශික විකල්ප සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ඉන්දියාව දණගැස්වූ අපේ කෙල්ලෝ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඉන්දියාව දණගැස්වූ අපේ කෙල්ලෝ.By සංස්කාරක.June 23, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.1896 විලියම් ජේ. මෝගන් මහතා විසින් ඇමෙරිකාවේදී මෙලොවට බිහිකළ වොලිබෝල් ක‍්‍රීඩාව, වසර 20ක ඇවෑමෙන්, කොළඹ තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇමෙරිකානු ජාතිකයෙකුම වූ වොල්ටර් ජේ. කැමැක් මහතා විසින් මෙරට රෝපණය කරන ලදි..එදා 1916 වර්ෂයේ පුංචි පැළයක් ලෙස කොළඹ කොටුවෙන් ආරම්භ වූ වොලිබෝල් ක‍්‍රීඩාව අද ගම් නියම්ගම් පුරා පැතිරුණු දැවැන්ත වෘක්ෂයක් වී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිඩා ක්ෂේත‍්‍රය පුරා පැතිර සිටියි. එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට උරදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, නිලධාරීන් මෙන්ම පේ‍්‍රක්ෂකයන්ද ලක්ෂ ගණනකි..ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ නොමැකෙන මතක සටහන් එක් කළ වර්ෂයක් ලෙස 1970 වර්ෂය සඳහන් කළ හැක. ඒ ශ‍්‍රී ලංකාව පමණක් නොව ඉන්දියානු උපමහද්වීපයේද වොලිබෝල් දැවැන්තයන් වූ ඉන්දියානු කාන්තා වොලිබෝල් ක‍්‍රීඩිකාවන් දණගැස්වූ අපේ කෙල්ලන් නිසාය. 1970 මාර්තු මස 05 වන දින සිට 20 දක්වා ඉන්දියාව පුරා පැවැති තරග පහකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 4:1ක් ලෙස විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගැනීමට නන්දා ගණේගොඩගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ බිහිවූ දක්ෂතම කාන්තා වොලිබෝල් කණ්ඩායම ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ..ශ‍්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම පාසල් සිසුවියන් 7 දෙනෙකුගෙන් සමන්විත වූ අතර පාසල් වයස පසුකර සිටි ක‍්‍රීඩිකාවන් වූයේ, කොළොන්නාව සෙන්ට‍්‍රල් නියෝජනය කළ නන්දා ගණේගොඩ, විජිතා පෙරේරා, කොළඹ නගර සභාව නියෝජය කළ යසවතී අලහකෝන් සහ කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා පොලිසියේ ලතා ලියනගේය. මෙම කණ්ඩායම පාසල් ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත වුවද ජාතික කණ්ඩායමකට සුදුසු සියලූම පරිණතභාවයන්ගෙන් සමන්විත විය. මේ වන විට 1952 වර්ෂයේ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ හත්වන ස්ථානය දිනාසිටි ඉන්දිය කණ්ඩායම දිගින් දිගටම ආසියානු තරගාවලිය නියෝජනය කරමින් ආසියානු කලාපයේ ප‍්‍රබලම කණ්ඩායමක් ලෙස නම් දරා සිටියේය. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට ප‍්‍රථම ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් විචාරකයන්ගේ මතය වී තිබුණේ ඉන්දීය කණ්ඩායම පහසුවෙන් ජයග‍්‍රහණය කරන බවය..ශ‍්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් සහභාගි වූ ප‍්‍රථම විදේශ සංචාරය ලෙසද සඳහන් කළ හැකි මෙම සංචාරය සඳහා කණ්ඩායමට නන්දා ගණේගොඩ සහ විජිතා පෙරේරා (කොළොන්නාව සෙන්ට‍්‍රල්, යසවතී අලහකෝන් පසුව යසා රාමචන්ද්‍රන් (කොළඹ නගර සභාව, සොපයා ධර්මසේන (මිනුවන්ගොඩ මහා විද්‍යාලය, ඉන්ද්‍රාණි වෙත්තසිංහ සහ චන්ද්‍රා පෙරේරා (මහරගම විද්‍යාකර මහා විද්‍යාලය, චිත‍්‍රානි පෙරේරා (නුගේගොඩ අනුලා විද්‍යාලය, මාලනී පෙරේරා (පොතුපිටිය මහා විද්‍යාලය, ලතා ලියනගේ (ශ‍්‍රී ලංකා පොලිසිය, ඇලෝමා විජේසිංහ සහ ඉන්ද්‍රා ද සිල්වා (කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය යන ක‍්‍රීඩිකාවෝ ඇතුළත් වූහ. කණ්ඩායමේ නායකත්වය නන්දා ගණේගොඩ ඉසිලූ අතර උපනායිකාව ලෙස කටයුතු කළේ් ශ‍්‍රී ලංකා පොලිසියේ ලතා ලියනගේයි..ඞී.සී. අලහේන්ද්‍ර මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කළ කන්ඩායම මාස 03කට අධික කාලයක් ක‍්‍රමානුකූලව පුහුණු කරන ලද බවත්, එම ජයග‍්‍රහණයේ පසුපස තිබූ ප‍්‍රධාන සාධකය වූයේ කණ්ඩායම් හැඟීමකින් යුතුව හා විනයගරුක කණ්ඩායමක් ලෙස මෙම ක‍්‍රීඩිකාවන් වෙත ලබාදුන් මනා පුහුණුව බවත් කණ්ඩායමේ විනිසුරු ලෙස මෙම තරගාවලියට සහභාගි වූ දැනට ජීවතුන් අතර සිටින ප‍්‍රවීණතම වොල්බෝල් පරිපාලකයා වන විල්සන් පරණගම මහතා සඳහන් කරයි..මෙම තරගාවලියේ පළමුවන තරගය සමස්ත ඉන්දීය කණ්ඩායම සමඟ බටහිර බෙංගාල ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වට 3:2ක් ලෙස විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අතර ලකුණු තත්වය 15:13, 15:09, 09:15, 05:15, 15:11ක් විය. දෙවන තරගය ඩල්මියර් නගරයේදී පවත්වන ලද අතර ඉතා දීර්ඝ දුම්රිය ගමනකින් පසු හා අඩු විවේක තත්වයකින් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ මෙම තරගය තරග වට 3:0ක් ලෙස ඉන්දියානු කාන්තා වොලිබෝල් කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදි. ලකුණු තත්වය 15:11, 15:02, 15:08 ලෙස විය. තුන්වන තරගය කල්කටා අම්රාහිදී පවත්වන ලද අතර, මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් විසින් තරග වට 3:0ක් ලෙස විශිෂ්ට ජයක් හිමි කරගන්නා ලදි. ලකුණු තත්වය 15:10, 15:07, 15:04ක් වේ. බිලහි නගරයේ පවත්වන ලද හතරවන තරගය ඉතා උණුසුම් වූ අතර, එය වට 3:2 ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. ලකුණු තත්වය 12:15, 11:15, 15:11, 15:12, 15:09ක් වේ.තරගයේදී පළමු වට දෙකම පරාජය වී තුන්වන වටයේදී 06:02ක් ලෙස ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 15:11ක් ලෙස පරාජය කර ඉතිරි තරග වට දෙකම ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙහිදී කණ්ඩායම් නායිකා නන්දා ගණේගොඩගේ පන්දු ප‍්‍රහාර ක‍්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක්වී ඇත..නවදිල්ලියේදි පවත්වන ලද පස්වන අවසන් මහා තරගය තියුණු සටනකින් පසු තරග වට 3:2ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වූහ. සමස්ත ලකුණු තත්වය 08:15, 15:07, 06:15, 15:12, 16:14ක් වේ. මෙම තරගයේ අවසාන වටයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 2ක් ඉදිරියෙන් සිටි අවස්ථාවේ, වෛද්‍ය උපදෙස් මත ක‍්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි කණ්ඩායමේ දක්ෂතම ප‍්‍රහාරිකාව වූ ඉන්ද්‍රා සිල්වා වෛද්‍ය උපදෙස් නොතකමින් ක‍්‍රීඩා කර ශ‍්‍රී ලංකා කණ්ඩායම 16:14ක් ලෙස ජයග‍්‍රහණය කර කණ්ඩායම මෙහෙයවීම වර්තමාන ක‍්‍රීඩක/ක‍්‍රීඩිකාවන්ටද මහඟු ආදර්ශයක් වනු ඇත..එදා මෙදා තුර ශ‍්‍රී ලාංකේය වොලිබෝල් ක්ෂේත‍්‍රයේ කාන්තා කණ්ඩායමක් ඉන්දියා කාන්තා කණ්ඩායමක් පරාජය කිරිමට හැකි වූයේ එකම එක අවස්ථාවක පමණි. ඒ 1992 කොළඹ දී පැවැති සාර්ක් තරගාවලියේ අවසන් මහා තරගයෙන් රේණුකා අබේගුණවර්ධන යාපා විසින් මෙහෙයවන ලද කණ්ඩායම ඉන්දියානු කාන්තා වොලිබෝල් කණ්ඩායම තරග වට 3:2 ක් වශයෙන් පරාජය කිරිමෙනි. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලූ පහසුකම් බොහෝ දුරට සම්මේලන මඟින් සපයනු ලබයි. එහෙත් 1970 ඉන්දියාව පරාජය කළ ශ‍්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම ඉන්දියාව බලා යාමට ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීමට පවා අපහසු තත්වයක පසුවිය. ඔවුන් ඉන්දියාව බලා ගමන් කළේ කොළඹ සිට තලෙයිමන්නාරමට දුම්රියෙන් ගමන්කොට තලෙයිමන්නාරම සහ රාමේෂ්වරන් තුඩුව අතර පැවැති මගී නෞකා සේවය මඟින් ආදම්ගේ පාලම තරණය කර රාමේෂ්වරන් සිට දීර්ඝ පැය ගණනාවක් දුම්රිය ගමන්වල යෙදෙමින් පන්ජාබය, නාග්පූර්, දිල්ලිය වැනි නගර කරා ගමන් කරමිනි. ඒ එදාය එසේ දුෂ්කරතා මධ්‍යයේ ක‍්‍රියාකළ අපේ කෙල්ලෝ සමස්ත ඉන්දියාවම දණ ගස්වමින් මව්බිමට කීර්තිය ගෙන ආවෝය. එහෙත් වර්තමානයේ අපේ ක‍්‍රීඩිකාවන් එවැනි ජයග‍්‍රහණ ලබා නොගැනීමේ රහස කුමක්දැයි ක‍්‍රීඩා ළැඳි සැමට පැනයකි. x.x ප‍්‍රියන්ත ජයකොඩි.Tags.ප‍්‍රියන්ත ජයකොඩි.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදුෂ්ටයෝ අපරාජිතයි.Next articleගස් මාරු පෙති තෝරු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අඟහරු ලොවේ, සඳේ ජනාවාස හැදෙන අලූත්ම අභ්‍යවකාශ සටන | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අඟහරු ලොවේ, සඳේ ජනාවාස හැදෙන අලූත්ම අභ්‍යවකාශ සටන.By සංස්කාරක.November 24, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.නව අභ්‍යවකාශ තරගය මේ වෙද්දී ලොව පුරා කතාබහට ලක්වෙන මාතෘකාවක්. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනෑ ඇයි? අද හෝ හෙට ඔය කියන දේවල් සිදුවේවිද? එහෙත් දැන් අභ්‍යවකාශය සටන වේගයෙන් තියුණු වෙන්නට පටන්ගනිද්දී, අපට ඒ ගැන කතානොකර ඉන්න බැහැ..මේ වෙද්දී ඉංජිනේරුවන් අභ්‍යවකාශයේ ජනාවාසවලට සැලසුම් හදනවා. පෘථිවිය වටේ කක්ෂගත වූ නගර බිහිකිරීමට. ‘ඇමසන්’ හිමිකරු ජෙෆ් බේසෝස් වැනි අය සඳේ ජනාවාස තැනීම ගැන කතාකරනවා. ඊට දෙවැනි නොවී ‘ස්පේස් එක්ස්’ හිමිකරු ඊලෝන් මස්ක් අඟහරු ලොවේ පදිංචි වීම ගැන කතාකරනවා. රාජ්‍යයන්ද ඊට දෙවැනි නැහැ. ඉන්දියාවත් අඟහරුවලට යන හැටි සැලසුම් කරනවා. චීනයෙන් වෙනම සැලසුම් ඉදිරිපත් කරනවා. නාසා ආයතනය ටයිටන්හි ජීවය සොයන්නත්, සඳේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්නටත් සැලසුම් කරනවා. සියල්ල මැද තමන්ගේ දැනුමේ හැටියට ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවා අභ්‍යවකාශ හමුදාවක් හැදීම ගැන කතාකරනවා. ඉදිරියේදී වැඩි වැඩියෙන් නව අභ්‍යවකාශ තරගය ගැන ලියන්නට අපට හැකිවේවි..බිලිනපතියෙක් වන රිචඞ් බ‍්‍රැන්සන් මෑතකදී ‘වර්ජින් ගැලැක්ටික්’ නමින් ලොව පළමු වාණිජමය අභ්‍යවකාශ ගුවන් ගමන් සමාගම බිහිකළා. ‘අපේ සමාගම ලබන අවුරුද්දේ අභ්‍යවකාශයේ පාවේවි. මේ අවුරුද්දේ එය ස්ටොක් මාකට් එකේ පාවෙනවා.‘ ඔහු සමාගම බිහිකළ පසු කීවේ එහෙමයි. ඇත්තෙන්ම වර්ජින් ගැලැක්ටික් සමාගමේ කොටස්වලට ඉහළ වටිනාකමක් ලැබී තියෙනවා. ඔහු 2019 මුලදී පළවැනි වතාවට අභ්‍යවකාශ ගුවන් තොටුපලක් තැනුවා. මේ වෙද්දීත් මිලියන ගණන් ගෙවා අභ්‍යවකාශයේ චාරිකාවක් යෑමට ධනවතුන් ටිකට්පත් වෙන් කරගෙන හමාරයි..‘ඊලෝන් මස්ක්’ සහ ‘ස්පේස් එක්ස්’ ගැන අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන අය දැනටමත් අසා ඇති. ඔහු අඟහරු ලොවේ ඉදිකිරීම් පිළිබඳව දැනටමත් විස්තර සහිතව, විශ්වාස කළ හැකි සැලසුම් ප‍්‍රසිද්ධ කර හමාරයි. වසර තිහක් තුළ අඟහරු ලොව මිනිසුන් වසන නගරයක් ඉදිකිරීමට ඔහු සැලසුම් කර හමාරයි..ඉහතින් කී සියලූ සැලසුම් ඔය කියන තරම් වේගයෙන් සාර්ථක වේදැයි කෙනෙකුට විමසිය හැකියි. අපේ අභ්‍යවකාශ තාක්ෂණය පසුගිය වසර තිහ හතළිහක් තිස්සේ වර්ධනය වුණේ මන්දගාමීව. මිනිසා හඳට පා තැබුවේ හැත්තෑව දශකයට දොරටු ඇරෙද්දීයි. ඉන්පසුව විවිධ තැන්වලට රෝවර් යානා යැවීම හැර සමරන්නට තරම් ආකර්ෂණීය අභ්‍යවකාශ ජයග‍්‍රහණයක් සිදුවී නැති තරම්. ඉතින්, එක්වරම වෙනසක් වේවිද? ඕවා ඕනෑවට වඩා ලොකු සැලසුම් නොවේද?.අතිදැවැන්ත සැලසුම් සිතනවාට වඩා ඉක්මනින් යථාවක් විය හැකියි. මනුෂ්‍ය වර්ගයා අභ්‍යවකාශය කෙරෙහි දක්වන උනන්දුව මෑත කාලයේදී පෙර තිබුණාටත් වඩා වේගයෙන් වර්ධනය වෙලා..අභ්‍යවකාශ ක්ෂේත‍්‍රයෙහි පෙර නොසිතූ සිදුවීම් මාලාවක් එකදිගට සැබෑ වීම මීට පෙරත් ලෝක ඉතිහාසයේදී සිදුවී තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නවසිය පණස් ගණන්වලදී ඇමෙරිකාව හා සෝවියට් දේශය ප‍්‍රමුඛව ලොව පුරා සීතල යුද්ධයක් ඇතිවුණා. එය මහපොළොවේදී වඩ වඩාත් දැවැන්ත මිසයිල තැනීමේ ව්‍යාපෘති ලෙස ආරම්භ වුණා. එහෙත් ඒ ආයුධ තාක්ෂණයම අභ්‍යවකාශ ගමන්වලටත් පාවිච්චි කරන්නට හැකිවුණා. ඒ නිසාම මිසයිල තාක්ෂණය රොකට්වලට හැරුණා. සෝවියට් දේශය ඇමෙරිකාව අබිබවමින් මුල්ම යානය ලෙස ස්පුට්නික් අභ්‍යවකාශයට යැව්වා. ඉතා පුංචි චන්ද්‍රිකාවක් වන එමගින් ඇමෙරිකාවේ ඔත්තු බලන්නට හැකිවෙතැයි එදා ඇමෙරිකානුවන් බියවුණා. වසර හතරක් ඇතුළත පළවැනි මිනිසා අභ්‍යවකාශයට යවන්න සෝවියට් දේශය සමත්වුණා..අභ්‍යවකාශයට මිනිසෙක් සහ යානයක් යැවීම ඉතා කුඩා මෙහෙයුමක්. සඳට මිනිසුන් යැවීමට සාපේක්ෂව ගත්තොත්. හඳට මිනිසුන් යැවීමේ අසීරු කටයුත්ත මේ දශකය අවසන් වෙද්දී සාර්ථක කරගන්නා බව නවසිය හැටදෙක වෙද්දී ඇමෙරිකානු ජනාධිපති කීවා. එකල තිබුණු තාක්ෂණයේ හැටියට ඒ තරම් ඉක්මනින් එවැනි ජයග‍්‍රහණයක් ලැබිය හැකිදැයි තිබුණේ සැකයක්..එහෙත් හැටනවය වෙද්දී ‘මිනිසෙකුගේ පුංචි පියවරක්, ඒත් මනුෂ්‍ය වර්ගයාගේ දැවැන්ත පිම්මක්‘ යන වාක්‍ය ඛණ්ඩය සඳේ සිට මනුෂ්‍ය වර්ගයාට අහන්නට ලැබුණා..මෙය නිකන්ම සඳේ කොඩියක් ගැසීමක් නෙවෙයි. එක් අතකට මනුෂ්‍ය වර්ගයා වෙනස් කරන්නට එය හේතුවුණා. අනෙක් පැත්තෙන් පෘථිවිය මත තිබූ යුද්ධය ජයගන්නට ඇමෙරිකාවට හැකිවුණා. එහෙත් සීතල යුද්ධය අවසාන වී, සෝවියට් දේශය කඩා වැටීමත් සමඟ තත්වය වෙනස් වුණා..ඇත්ත, සඳ මත පා තැබීමෙන් ඇතිවූ උද්යෝගය දශක ගණනක් තිස්සේ සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුල පිරුවා. අදටත් විශ්වයේ අනන්තය කරා පාව යන වොයේජර් යානා දෙක පවා එහි ප‍්‍රතිඵලයක්. අභ්‍යවකාශ දුරේක්ෂ, අභ්‍යවකාශ මධ්‍යස්ථාන, සන්නිවේදන සැටලයිට් ආදි බොහෝ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වුණා. එහෙත් ඒ උද්යෝගය ක‍්‍රමයෙන් දුර්වල වෙද්දී ලොව පුරා ආණ්ඩු අභ්‍යවකාශ කටයුතු වෙනුවෙන් වාර්ෂික අයවැයෙන් වෙන්කළ මුදල් අඩු කළා..නාසා ආයතනය ලොව අභ්‍යවකාශ කටයුතුවල පෙරමුණේ සිටියේ ඇපලෝ මෙහෙයුම්වලට පාවිච්චි කළ අභ්‍යවකාශ ෂටල තාක්ෂණය පවා ඔවුන් සතුව තිබුණු නිසා. එහෙත් යමක් මඟහැරී තිබුණා..අභ්‍යවකාශ මෙහෙයුම්වලින් ලාභ ලැබීමට තිබෙන අවස්ථාව අඩුයි. සීතල යුද්ධයේදී මෙන් දේශපාලන වාසියක්වත් අභ්‍යවකාශ ගමනකින් ලැබුණේ නැහැ. තරගය අඩු වුණා. අභ්‍යවකාශය බලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස පාවිච්චි වුණේ නැහැ. ඇමෙරිකාව අභ්‍යවකාශ ෂටලයේ මෙහෙයුම් 2011දී නැවැත්වුවා. අභ්‍යවකාශ තාක්ෂණය වර්ධනය වීමේ වේගය අඩු වුණා..ඇමෙරිකාව අභ්‍යවකාශ කටයුතුවලට වෙන්කරන මුදල් අඩු වෙද්දී, නව අභ්‍යවකාශ බලවතුන් බිහිවෙන්නට පටන් අරගෙන. මෑත අවුරුදු පහේදී පමණ චීනය සහ ඉන්දියාව මිලියන ගණනින් අභ්‍යවකාශ කටයුතුවලට මුදල් වෙන් කරන්නට පටන්ගෙන. තවමත් තියුණු නැතත්, මේ රටවල් දෙක අතර අභ්‍යවකාශ සීතල යුද්ධයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙනවා. මේ රටවල් දෙකම තමන් ලෝක බලවතුන් බව පෙන්වන්නට සඳේ අලූත් කලාපවලට ගමන් කිරීම, ග‍්‍රහලෝකවලට රෝවර් යැවීම ආදි කටයුතු පටන් අරගෙන. ඔවුන්ගේ ක‍්‍රියා වේගවත් වෙද්දී ලොව අනෙක් රටවල්ද තමන්ගේ උනන්දුව වැඩි කරනු ඇති..කෙසේ වෙතත් මේ වෙද්දී අභ්‍යවකාශ තරගයේ පෙරමුණේ ඉන්නේ ඔය එක රටක්වත් නෙවෙයි. පෞද්ගලික සමාගම් සහ බිලියනපතියන්. අභ්‍යවකාශයෙන් ලාභ ලබන්නේ කෙලෙසදැයි මේ බිලියනපතියන් දස අතේ කල්පනා කරනවා. නව කලාපයක ආයෝජනයට බිය නැති ඊලෝන් මස්ක් වැන්නන් තමන්ගේ මුදල් නිර්ලෝභීව මේ කටයුතුවලට වියදම් කරනවා. එපමණක් නොවෙයි, ලාභ පවා ලබනවා..නාසා ආයතනය ෂටලයේ මෙහෙයුම් නැවැත්වූ බව අප කලින් කීවා. ඉන්පසුව ස්පේස් එක්ස් සමාගම ලොව පළමු නැවත පාවිච්චි කළ හැකි රොකට්ටුව වන ‘ෆැල්කන් රොකට්ටුව’ බිහි කළා. වෙනත් රොකට්ටු අභ්‍යවකාශයේ පුපුරවා හැරියත්, ෆැල්කන් රොකට්ටුව නැවත ගොඩබා පාවිච්චි කළ හැකියි. මේ වෙද්දී නාසා වැනි ආයතනවල චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කොන්ත‍්‍රාත්තු සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ කොන්ත‍්‍රාත්තු ස්පේස් එක්ස් සමාගමට දෙනවා..ලොව පුරා අභ්‍යවකාශය ගැන විවිධ ව්‍යාපාර අවස්ථා ගැන කතාකරන සමාගම් සිය ගණනක් බිහිව තිබෙනවා. අභ්‍යවකාශ ජනාවාස හෝ සංචාරක ව්‍යාපාරය විතරක්ම නොවෙයි. වෙනත් ව්‍යාපාර ගැනත් අවධානය යොමුවෙනවා. නාසා විශ්වාස කරන ආකාරයට අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයෙහි වටිනා ලෝහ වර්ග, ඛණිජ ආදිය රැුගත් ඇස්ටරොයිඩ අටලක්ෂයක් පමණ තියෙනවා. රත්තරන්, යකඩ සහ ප්ලැටිනම් ආදිය පවා ඒවායේ තියෙනවා. ඒවා අතරින් එක් උදාහරණයක් වන්නේ 16 සයිකී. එහි ඇමෙරිකානු ඩොලර් ක්වින්ත‍්‍රිලියන 700ක් පමණ වටිනා ඛණිජ ද්‍රව්‍ය ඇතැයි සැලකෙනවා. එනම්, බිලියනයේ ඒවා බිලියන හත්සීයක් පමණ..ඊට අමතරව මේ වෙද්දී සඳේ කැණීම් සිදුකොට ජලය, හීලියම් 3 ආදිය ලබාගැනීමට යථාර්ථවාදී ව්‍යාපෘති සැලසුම් තියෙනවා. ඒ දෙකම ඉන්ධන ලෙස පාවිච්චි කළ හැකියි. ඒ නිසා පෘථිවියෙන් පිටවෙන යානාවලට ඉන්ධන පිරවුම්හලක් ලෙස සඳ පාවිච්චි කළ හැකිවේවි..පෞද්ගලික සමාගම්වලට ලාභ ලැබිය හැකි මාධ්‍යයක් ලෙස අභ්‍යවකාශය දෙසට අවධානය යොමුවූ පසුව එම විද්‍යාවේ වේගය වර්ධනය වීම නැවැත්විය නොහැකියි. උදාහරණයකට ජංගම ¥රකථන වැනි තාක්ෂණයන් දෙස බලන්න. ඒවා මෙතරම් වේගයෙන් වර්ධනය වෙන්නේ දැවැන්ත සමාගම්වලට ලාභ ලැබීමට හැකි නිසායි..මේ වෙද්දී ඇමෙරිකාව හා ලක්සම්බර්ග් වැනි රටවල් විවිධ සමාගම්වලට එවැනි ව්‍යාපෘති සඳහා නිදහස ලබාදෙන නීතිරීති පනවා තිබෙනවා. ඒ අනුව අභ්‍යවකාශයේ ඕනෑ තැනකට ගිහින් වැඩ කරන්නට අවස්ථාව දෙනවා. ඒත් තවත් රටවල් ප‍්‍රශ්න කරන්නේ ඒ ගැන තනිවම තීන්දු ගන්නට ඇමෙරිකාවට බලයක් නැති බව. ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්ති ආදියෙන් ඒවා පිළිබඳ එකඟතා තැනේවි..පෞද්ගලික සමාගම් අභ්‍යවකාශයට යෑම පාලනය කරන්නට කිසිවෙක් නැහැ. මෙහි අඳුරු පැත්තක් තිබෙන බවත් මොහොතකට සිහිතබාගත යුතුයි. අභ්‍යවකාශයට යුද්ධ පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා. මොකද පෘථිවියෙන් පිට කිසිම දෙයක් වැටවල් ගසා අප බෙදාගෙන නැහැ. දැනට අභ්‍යවකාශයේ ආයුධ පාවිච්චි නොකිරීමට ලෝකයේ එකඟතාවක් තියෙනවා. එහෙත් ඒ එකඟතා අතරින් රිංගා ගොස් ආයුධ පවා අභ්‍යවකාශයට මැදිහත් විය හැකියි..තාක්ෂණය දියුණු වීම, එය වර්ධනය වීම ගැන අප සතුටු විය යුතුයි. විද්‍යාවේ සීමා තරණය කිරීම මනුෂ්‍ය වර්ගයාගේ යහපතට හේතු වෙනවා. අනෙක හෙටානිද්දා අභ්‍යවකාශ සම්පත්වලට යුද්ධ ඇතිවේයැයි සිතන්නත් අසීරුයි. මොකද දැවැන්ත සෞරග‍්‍රහ මණ්ඩලයේ එකිනෙකාට බෙදාගන්නට ඕනෑතරම් සම්පත් සහ ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ මොහොතේ අපට අභ්‍යවකාශ තරගය ගැන තුටු සිතින් උනන්දු විය හැකියි..අමිල රත්නායක.Tags.anidda.Anidda Newspaper.අඟහරු.අඟහරු ලොවේ.අනිද්දා.අනිද්දා පුවත්පත.විද්‍යාව.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව දීමේ තිත්ත කතාව.Next articleසිලාවතුරේ අමිහිරි කතාව ආණ්ඩුවට වෙනස් කළ හැකිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
හමුදාවෙ ගෞරවයජනාධිපතිතුමා විනාශ කරනවාසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීබුද්ධික පතිරණ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හමුදාවෙ ගෞරවය.ජනාධිපතිතුමා විනාශ කරනවා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී.බුද්ධික පතිරණ.By සංස්කාරක.December 21, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.උද්ගතවෙලා තියෙන ආර්ථික දේශපාලන අර්බුදය කොහොමද දකින්නෙ?.රටේ ඇතිවෙලා තියෙන දේශපාලන, ආර්ථික අර්බුද සියල්ලම කොරෝනා නැමති අමුඩෙන් වහන්න හදන ආණ්ඩුවේ හෙළුව බවට පත් කරගන්නයි ආණ්ඩුව හදන්නේ. මේ ඇතිවෙලා තියෙන අර්බුද ඇති වුණේ කිසිසේත්ම කොරෝනා වසංගතය නිසා නෙමෙයි. ආණ්ඩුව 20 වන සංශෝධනය ගෙනල්ලා ඇති කළ දේශපාලන අර්බුදය කොරෝනා නිසා ඇති වෙච්ච එකක් නෙමෙයි. රටේ සම්පත් විකිණීම නිසා ඇති කරලා තියෙන රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය කොරෝනා නිසා ඇති වුණ අර්බුදයක් නෙමෙයි. එල්.එන්.ජී ඒකාධිකාරය ඇමරිකානු තනි සමාගමකට දෙන්න කටයුතු කිරීම නිසා ඉදිරියේදී සිදු වෙන්න නියමිත අර්බුදය ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ නිසා ඇති කළ තත්වයක්. ඒ වගේම ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කොරෝනා වසංගතයත් සමග ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගැඹුරු සවිඥානිකත්වයකින් තොරව ක්‍රියාමාර්ගවලට පිවිසීම තුළ ආර්ථිකයට ඇතිවෙලා තියෙන වින්නැහිය ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ තත්වයක්. මේ ආණ්ඩුවේ කඩිමුඩි දඩිබිඩි තීරණ නිසා සමස්ත කෘෂිකර්මාන්තයට ඇති කළේ මකන්න බැරි අර්බුදයක්..රට මෙවැනි අර්බුදයකට ගිහින් තියෙන මොහොතක අවශ්‍ය පිල් බෙදාගෙන ගහමරා ගන්නවා වෙනුවට ඔක්කොම එක අරමුණක් ඇතිව මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට වැඩ කරන එක නේද?.විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදියට අපි ඒ වෙනුවෙන් ඉන්නවා. ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ආණ්ඩුව එහෙම තැනක නැ. විපක්ෂය විදියට අවස්ථා ගණනාවකදීම අපි ආණ්ඩුවට කිව්වා මේ කාරණාවෙදි පොදු එකඟතාවයකින් කටයුතු කරමු කියලා. නමුත් ආණ්ඩුවට එහෙම දෙයක් අවශ්‍ය නෑ. මේ නිසා අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් ඒකරාශි කරගෙන ජනතා අරගලය වෙනසක් නැතිව ඉදිරියටම අරගෙන යනවා..2022 අයවැය තුන්වන වර කියවීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද 157 ක් හිමි වුණා. ආණ්ඩුව දුර්වලයි කිව්වාට විපක්ෂය තමයි ඇත්තටම දුර්වල වෙලා තියෙන්නේ..ඒක පට්ටපල් බොරුවක්. ආණ්ඩුව කොයි විදියටද ඔය ඡන්ද 157 හදා ගත්තේ කියන කාරණය මුළු රටම දන්නවා. මේ ඡන්ද ප්‍රමාණය හදා ගත්තෙ කෘත්‍රිමව. මීට වැඩිය ශක්තිමත්ව ඡන්ද 12ක් ගත්ත ආණ්ඩුවක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා ගෙදර යැව්වෙ. එදා තිබුණෙ මීටත් වැඩිය දුර්වල විපක්ෂයක්. ආණ්ඩුව ශක්තිමත් කියලා පේන්නෙ මීට අවුරුදු දෙකකට කලින් ජනතාව රවට්ටලා ගත්ත ඡන්දවල ප්‍රතිඵලයක් විදියට. මේ මොහොතේ ආණ්ඩුවට ඒ සඳහා ජනතා අනුමැතියක් නෑ කියන කාරණය බලා ගන්න ඕන නම් ආණ්ඩුව මැතිවරණයකට යා යුතුයි. ආණ්ඩුව මැතිවරණවලට යන්නෙ නැත්තෙම ඒ සඳහා තිබෙන බය නිසාමයි..දවස් කිහිපයකට කලින් පාර්ලිමේන්තුවේ වාර අවසානය කිරීම සිදු කළා. මේක පිටිපස්සෙ තියෙන දේශපාලනික කාරණාව මොනවගේ එකක් ද?.පාර්ලිමේන්තු වාර අවසන් කිරීම පිටිපස්සෙ දේශපාලනික කාරණා ගණනාවක්ම තියෙනවා. එකක් තමයි ආණ්ඩුවට නොගැළපෙන අණ පනත් ටික අහෝසිකර ගැනීම. හරි නම් පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණෙ ජනවාරි 04 වෙනිදා. නමුත් පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරලා කල් තැබීම පිටිපස්සේ තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන අර්බුද, ඒ වගේම එල්.එන්.ජී බලාගාරය පිළිබඳ හෙළිදරව් වීම. මේ අර්බුද සියල්ල සම්බන්ධයෙන් කල් මැරීමේ ප්‍රතිපත්තියක් තමයි පෙනෙන්නට තියෙන්නේ..එල්.එන්.ජී ගිවිසුමේ ගැටලුව සම්බන්ධයෙන් තිබෙන අනතුරෙන් රට ගලවාගන්න සමගි ජන බලවේගය විදිහට සිදු කරන මැදිහත්වීම ප්‍රමාණවත් කියලා හිතනවාද?.ඉතාම පැහැදිලිව අපි මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා. ඒ වගේම ක්‍රියාමාර්ග ගන්නවා. එක මොහොතක විරෝධතා කරන්න පුළුවන් කාරණා ගණනාවක් තියෙනවා. ගොවියන් සමග සිදු කරන ගොවි උද්ඝෝෂණවලදී පවා මේ කාරණාව අපි මතු කරනවා. අපේ සෑම විරෝධතාවකදීම මේ ප්‍රශ්නය කතා කරනවා. මේ ප්‍රශ්නය ගැන විතරක් නෙමෙයි යෝජිත ත්‍රිපිටක පනත පිළිබඳව පවා අපි කතා කරනවා. ඒ වගේම තමයි මේ මොහොතේ අපි ගන්න සියලුම ක්‍රියාමාර්ග මාධ්‍යයේ කතා කරන්නේ නෑ. අපි සතියකට සැරයක් අපේ කළමනාකරණ කමිටුව සහ සියලුම කණ්ඩායම් රැස්වෙලා කරන්න පුළුවන් සියලුම ආකාරයේ මැදිහත්වීම් සම්බන්න්ධයෙන් ගන්න තියෙන සියලුම ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කරලා ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා..ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුවට හරිහමන් විසඳුමක් දෙන්න බැරි වෙලා තියෙනවා..ආණ්ඩුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අනිත් සියලුම කාරණාවලටත් උත්තර නැතිව අසමත් වෙලා තියෙනවා. පහු ගිය දවස් තුනේම විපක්ෂ නායකතුමා දිගින් දිගටම ඒ සඳහා පියවර ගන්න කියලා පෙන්නලා දුන්නත. කිසිම විසඳුමක් මේ වෙනකන් දීලා නෑ. ඒ වගේම අපිට බරපතළ සැකයක් තියෙනවා මේ ගෑස් සමාගම් දෙකම පල්ලෙහාට දාලා අලුත් ගෑස් සමාගමක් ගෙන ඒමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවාද කියන කාරණය. අනිත් කාරණය තමයි ඩොලර් හිඟය නිසා පුළුවන් තරම් ගෑස් පරිභෝජනය අවම කරන්න කටයුතු කරනවාද කියන සැකයත් මතු වෙනවා..ප්‍රතික්ෂේප වෙච්ච චීන පොහොර නැවට පොහොර වටිනාකමෙන් 70%ක මුදලක් ගෙවන්න ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා. නමුත් රසායනික පොහොර තහනම නිසා ගොවියන්ට සිදු වෙච්ච වගා හානියට වන්දි මුදලක් හෝ ලබා දෙන්න කටයුතු කරන්නෙ නැහැ..ආණ්ඩුව මේ වෙනකන් පෙනී හිටියෙ ගොවියාගෙ පැත්තෙ නෙවෙයි. කෘෂිකර්ම විශේෂඥයන් ගත්ත තීරණවලදීත් අපිට ඒක පෙනුණා. පැහැදිලිවම මේ වෙලාවෙ තේ වගාවට මකන්න බැරි පාඩුවක් වෙලා තියෙනවා. ලෝකයේ තේ කර්මාන්තයෙන් අපි හිටියෙ 4 වන තැන. නමුත් මේ වෙනකොට තුර්කිය සහ වියට්නාමයත් අපිව පහුකරගෙන ගිහිල්ලා අපි 6 වන තැනට වැටිලා තියෙනවා. ඒ වගේම තමයි එළවළු ගොවියා වී ගොවිතැනේ ඉන්න ගොවියා, කුරුඳු ගොවියා මේ සියලුම ගොවියන්ව නැත්තටම නැති කරලා තියෙනවා. මේ ආණ්ඩුව පොඩි මිනිහාගෙ කර මතින් බොරු කියලා බලයට ඇවිල්ලා කොම්පැනිකාරයෝ සහ ජාවරම්කාරයෝ රකින්න කටයුතු කරනවා..මේ වෙන කොට කෘෂිකර්මාන්තය නගා සිටවන්න කියලාත් හමුදාව මැදිහත් කරගෙන තියෙනවා. මේ තත්වය කොහොමද දකින්නෙ?.හමුදාපතිවරයා සම්බන්ධයෙනුත් හමුදාව සම්බන්ධයෙනුත් මට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාවන් වහගන්න හැම දේකටම හමුදාපතිවරයාව පාවිච්චි කිරීමෙන් කෙළවර වෙන්නෙ එතුමාගේ ගෞරවය විතරක් නෙමෙයි, සමස්ත හමුදාවෙම ගෞරවය තමයි ජනාධිපතිතුමා විනාශ කරමින් ඉන්නෙ..මේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයත් සමඟ තවත් අවුරුදු 3ක් මේ ආණ්ඩුවට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?.ආණ්ඩුවට අවුරුදු 3ක් නෙමෙයි මේ මොහොතෙ කළ යුත්තේ මොකද්ද කියන එකවත් හිතාගන්න බැරිව ඉන්නේ. රටේ අර්බුද කළමනාකරණය කිරීමේදී විපක්ෂයේ භූමිකාව අපි වගකීම් සහගතව ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි අපි කඩිකුලප්පුව හැදුණා වගේ ආණ්ඩු හදන තැනක නැහැ. ජාතික මැතිවරණයකින් ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජන සම්මතව අපි බලය ගන්න අවශ්‍ය සැලසුම් සකස්කරමින් කටයුතු කරමින් ඉන්නේ..නමුත් සමගි ජන බලවේගයට එකතුවුණ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් එකා දෙන්නා ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයට හේත්තුවෙන තත්වයක් තමයි පෙනෙන්නට නම් තිබෙන්නේ...පළාත් පාලන මන්ත්‍රීවරු සියලුදෙනාම පත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂය ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ කැඳවලා තියෙන්නේ. ඒ මන්ත්‍රීවරු විනය පරීක්ෂණ සඳහා මුහුණ දෙන්න ගියාම ඒ මිනිස්සුත් එක්ක ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක පෙන්නලා කියනවා මෙන්න සමගි ජන බලවේගයත් එක්ක හිටපු මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා. මේවා මාධ්‍ය සංදර්ශන විතරයි..රට මුහුණ දීලා තියෙන අර්බුදයට විසඳුමක් විදියට කෙටි කාලීනව ආණ්ඩුවට කරන්න තියෙන යෝජනාව මොකද්ද?.අපි කියන්නෙ වහාම මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න ඕනෑ කියන දේ. නමුත් ආණ්ඩුව ඒකට සූදානම් නැහැ. ආණ්ඩුව ඒ කාරණයට අකමැති වෙන්න ප්‍රධාන හේතුව තමයි ඊට පස්සෙ ආණ්ඩුවට ඕනෑ විදියට පිස්සු නටන්න බැරි වෙන එක..අවසාන වශයෙන් මේ දවස්වල ඔබගේ දිස්ත්‍රික්කය ඇතුළේ සිදු කරන දේශපාලන කටයුතු ගැන කතා කළොත්..මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයා විදිහට මාතර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්න මම නියෝජනය කරන අකුරැස්ස ආසනය ඇතුළු සියලුම ආසනවලට හැකියාව සහිත පුද්ගලයන් පත් කරලා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කරලා, ක්‍රියාවට නංවමින් සිටිනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකරගන්නම දෙයක් නැතිවුණොත්.අයිඑම්එෆ් යන්න වෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී.බී.වයි.ජී.රත්නසේකර.Next articleයෝජිත දත්ත ආරක්ෂණ පනතෙන් පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ නවෝත්පාදනයට ඇතිවන විපාක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මහින්ද 19 ගේන්න හදන්නේ රෙදිත් ඇඳගෙනද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහින්ද 19 ගේන්න හදන්නේ රෙදිත් ඇඳගෙනද?.By සංස්කාරක.April 26, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අරුණ ජයවර්ධන.අප්‍රේල් 19 වැනිදා, අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී 19 වැනි සංශෝධනය යළිත් බලාත්මක කිරීමක් ගැන කතා කළේය. මේ ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස්ය..‘ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයැයි මා විශ්වාස කරනවා. එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බවයි මගේ විශ්වාසය. ඒ ඔස්සේ යමින් අතිගරු ජනාධිපතිතුමාගේද ආශීර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහායත් ජනතා ආශීර්වාදයත් ලැබෙනු ඇතැයි මා අපේක්‍ෂා කරනවා.’.අගමැතිවරයාට මේ වගේ දෙයක් පාර්ලිමේන්තුවේ කියන්නට සිදුවීමම දෛවයේ මහා සරදමකි. අනෙක් අතට, රාජපක්‍ෂ පවුල මේ වන විට වැටී තිබෙන කනගාටුදායක අගාධය (රටේ මහජනතාවට නම් එය සතුටකි.) සංකේතවත් කරන්නකි..මහින්ද රාජපක්‍ෂට හදිසියේම 19ක් මතක් වී තිබෙන්නේ ඇයි? බිමටම සමතලා වෙන්න ඔන්න මෙන්න තිබෙන රාජපක්‍ෂ පවුලේ ආධිපත්‍යය, මුක්කුවක් ගහලා වත් හිරකර ගන්නට ඕනෑ නිසාය. එහෙත් රටේ වාසනාවට රාජපක්‍ෂ පවුල දැන් ඉන්නේ මුක්කු ගසා නැවැත්විය හැකි කඩාවැටීමක් අද්දර නොවේ. හතරමුනින් බිම පතිතවන අවස්ථාවේය..මහින්ද රාජපක්‍ෂ කියන ‘ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ඇති අත්‍යවශ්‍ය සහ කාලීන’ සංශෝධන සහිත 19ක් කියන්නේ මොකක්දැයි අප දන්නේ නැත. රටේ ආර්ථික දේශපාලන සහ සමාජීය ස්ථාවරත්වය සඳහා කඩිනමින් 19 ගෙනඒමෙන් සිදුවෙන්නේ මොන කෙංගෙඩියක්දැයි අප දන්නේද නැත. එහෙත්, මහින්ද රාජපක්‍ෂ 19ක් ගැන කතාකරන විට අතීතය දන්නා ඕනෑම කෙනකුට දෙකොනින් හිනා යන තත්වයක් උද්ගතවෙයි..19 සංශෝධනයේ කතාව පටන් ගන්නේ 17න්ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ, ඇය සමග පරිවාස ආණ්ඩුවක් හැදීමට ඉදිරියට දැමූ කොන්දේසිය 17 වැනි සංශෝධනය සම්මත කළ යුතු බවයි. 17 වැනි සංශෝධනය ජවිපෙ නිර්මාණයක් නොවේ. එහි කෙටුම්පත සැකසුවේ එවකට ලංකාවේ වෘත්තිකයන්ගේ සංවිධාන සම්මේලනයේ (ඕපීඒ) මැදිහත් විමෙන් පැවැත්වුණු යහපාලනය සඳහා වූ පුරවැසි ව්‍යාපාරය (citizen’s movement for good governance -CIMOGG) විසිනි. ජවිපෙ කළේ එම කෙටුම්පත පරිවාස ආණ්ඩුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව, 2001 ඔක්තෝබර් 3 වැනිදා 17 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ, එම මුල් කෙටුම්පතෙහි වෙනස් කරන ලද සහ සමහර විට විකෘති කරන ලද ලියවිල්ලකි..කොහොම වුණත්, 17 වැනි සංශෝධනය, එතෙක් පැවැති අත්තනෝමතික විධායක ජනාධිපති ධුරයේ බලතල සෑහෙන තරමට සීමා කළ එකකි. රටේ ඉහළ-ස්වාධීන තනතුරුවලට පුද්ගලයන් පත්කිරීම එතෙක් තිබුණු විදියට ජනාධිපතිට හිතුමතේ කරන්නට ඉඩ නොදී ආණු්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවා එහිද මැදිහත්වීමෙන් කළයුතු බවට නියම කෙරුණේ 17නි..ඒ සමගම වැදගත් ක්‍ෂෙත්‍ර ගණනාවක් නියාමනය කිරීමට ස්වාධීන කොමිෂන් සභා එමගින් ඇතිකෙරිණි. ඒ නිසා 17 යනු ලංකාවේ විධායක ජනාධිපතිගේ තටු කිසියම් දුරකට බැඳදැමූ ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයකි. එහෙත්, 2005දී ජනාධිපති පදවියට පත්වූ මහින්ද රාජපක්‍ෂට 17 මහා හිසරදයක් විය. ඔහුට වුවමනා විදියට, අධිකරණය, රාජ්‍ය සේවය නම්මවා ගන්නට 17 නිසා නොහැකිවූ බැවින් ඔහු සිටියේ අවස්ථාව ආ විගස 17 ආපස්සට හැරවීමේ චේතනාවෙනි. ඔහු නිතරම 17ට දොස් කීවේය. ‘මගේ ගමට මට වුවමනා විදියට පොලිස් ස්ථානාධිපති කෙනකු පත්කරගන්න බැරි නම් ජනාධිපතිකමෙන් ඇති වැඩේ මොකක්ද’ කියා ඔහු ප්‍රසිද්ධියේ ඇසුවේය. ඒ, පොලිස් නිලධාරීන් පත්කිරීම, ස්ථාන මාරු කිරීම ඇතුළු කාරණා සම්බන්ධ බලතල 17න් ජාතික පොලිස් කොමිසමට පවරා තිබුණු නිසාය..ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, මේ කොමිෂන් සභාවලට කෘත්‍රිම මරණයක් අත්කර දෙන්නට කටයුතු කළේය. සමහර කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්නොකළ අතර, කොමිෂන් සභා නොසලකා තමාට වුවමනා පරිදි නිලධාරීන් පත්කිරීම්, ඉවත්කිරීම් කළේය..2009 යුද්ධය දිනාගත් පසුව, ඒ හරහා ලැබුණු ජනප්‍රසාදය පාවිච්චි කර ඔහු 2010 ජනාධිපතිවරණයත්, මහමැතිවරණයත් ඉහළින් ජයගත්තේය. විපක්‍ෂයේ කිහිප දෙනකුද බාගැනීමෙන් පසු, 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සැකසුවේය. එයින් කෙරුණේ, 17වැනි සංශෝධනයෙන් ඇතිකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල පුස් ආයතන බවට පත්කර, 1978 තිබුණු තත්වයටම ජනාධිපති වන තමාගේ බලය වැඩිකර ගැනීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් ස්වාධීන සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව නම් ජනාධිපතිගේ නූල ඇදීම මත නටන රූකඩ සභාවක් පිහිටුවන ලදි. 1978 ව්‍යවස්ථාවේ තිබුණේ එක් පුද්ගලයකුට ජනාධිපති ලෙස පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවයි. බල ලෝභයෙන් පැසව පැසවා සිටි මහින්ද රාජපක්‍ෂ මේ වාර දෙකේ සීමාව 18න් ඉවත් කර දැම්මේය. එවිට එක් පුද්ගලයකුට මරණය දක්වා ජනාධිපති ධුරයට තරග කළ හැකි තත්වයක් ඇතිවුණේය. 1978 ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිගේ 1 වැනි ධුරකාලයෙන් අවුරුදු 4ක් ඉක්ම ගිය තැන ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයක් කැඳවීමට බලය තිබුණි. 18 සංශෝධනය අනුව, 1 වැනි ධුර කාලයට පමණක් තිබුණු එම බලය සෑම ධුර කාලයකටම බලපවත්වන සේ වෙනස් කළේය. එවිට, බලලෝභයකුට, අවුරුදු 6ක ධුර කාලයෙන් අවුරුදු 4ක් ඉක්ම ගිය තැන (ඒ කියන්නේ මහජනතාවට විවිධ වරදාන, සහන ලබාදී තමන්ට වාසිදායකම අවස්ථාවක) ජනාධිපතිවරණය පැවැත්විය හැකිය. මේ විදියට මුළු ජීවිත කාලය පුරාම ජනාධිපතිධුරයේ රැඳී සිටීමට හැකියාව ලැබේ. මේ ප්‍රතිපාදන මහින්ද රාජපක්‍ෂගේ බල ලෝභය සමග හොඳින්ම ගැළපුණේය. ඔහුට අවශ්‍ය අන්දමට 18 සැකසුණේය..තවත් වැදගත් කාරණයක් තිබේ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ, හදිසි පනතක් හැටියටය. හදිසි පනතක් හැටියට ඉදිරිපත් කරන විට එය ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යවා, පැය 24ක් තුළ, එහි ව්‍යවස්ථා අනුකූලභාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගත යුතුය. ඉන්පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. හදිසි පනතකදී, සාමාන්‍ය පනතකදී මෙන්, එයට අභියෝග කිරීමට මහජනතාවට දෙන 14ක කාලයක් නොලැබේ. ඒ නිසා හදිසි පනතක් ලෙස ගෙනෙන්නේ මහජන සංවාදයට ලක් නොවී හොරෙන්ම සම්මත කරගැනීමේ වුවමනාවෙනි. එහෙත්, ඒ ගැන දැනුවත්ව සිටි පාර්ශ්ව වහාම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනීසිට කෙටුම්පතේ අන්තර්ගතය ගැන හබ කළෝය. එහෙත් පෙත්සම්කරුවන් අතට ලැබී තිබුණේ නිවැරදි කෙටුම්පත වත් නොවේ. අවසානයේදී නියම කෙටුම්පත පෙත්සම්කරුවන්ට ලැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නීතිපතිවරයා වෙතිනි. මේ විදියට ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස හොර රහසේ ගෙනඒම රටකට කොයිතරම් හානිකර දෙයක්ද යන්න අලුතෙන් කිවයුතු නැත..2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණු පසුව, 2015 මැයි මස 15 වැනිදා, 19වැනි සංශෝධනය ගෙනවුත්, 20 අහෝසි කර 19හි තිබුණු මුල් අවස්ථාවට ව්‍යවස්ථාව ගෙනයන ලදි. නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා යථා පරිදි පිහිටුවන ලදි. ජනාධිපතිගේ ධුර කාලය පවා අවුරුදු 6 සිට 5 දක්වා අඩුකරන ලදි. වාර දෙකකට ධුර කාලය සීමා කරන ලදි..2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණු පසුව, නැවතත් 17ට සහ 19ට එරෙහි වෛරී ව්‍යාපාරය පටන්ගත්තේය. 19න් තමාගේ අතපය බැඳ දමා ඇති බව ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රසිද්ධියේ කිව්වේය. වැඩ කරන්න නම් 19 ඉවත්කර 20ක් ගෙනා යුතු බව කිව්වේය. ඒ අනුව, 2020 ඔක්තෝබර් 29 වැනිදා සම්මත කරගත් 20හි තිබුණේ, 18හි අන්තර්ගතයමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව නමැති රූකඩයක් යළි බිහිකරන ලදි. ජනාධිපතිගේ අත්තනෝමතිකභාවය නැවත පිහිටුවන ලදි..එදා සිට අද දක්වා ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ගෙනයන්නේ 20 යටතේය. 20 යනු තමන්ගේ පවුලේ බලය ශක්තිමත් කර ගැනීමට රාජපක්‍ෂවරුන් ඇටවූ ව්‍යවස්ථා මගඩියයි. කොච්චරද කියනවා නම්, 20න්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව සලසා දී බැසිල් රාජපක්ෂ නම් ද්විත්ව පුරවැසියාට පාර්ලිමේන්තුවේ ආසනයක්ද, ඉන්පසු මුදල් ඇමතිකමද පුදකළේය..එහෙත්, අවාසනාවන්ත ලෙස දැන් රාජපක්‍ෂ දේශපාලනය රටේ මිහිදන් වෙමින් පවතියි. පස්වලට යට නොවී සිටීමටවත්, 19 නැවත ගෙන ආ යුතුයැයි මහින්ද රාජපක්‍ෂගෙන්ම යෝජනාවක් එන්නේ එනිසාය. රාජපක්‍ෂ පවුල වනාහි තමන්ගේ බලය අඩුකර ගැනීමට කැමැති අය නොවෙති. තමන් වෙත බලය ගෙන පවුලේ ඊළඟ පරම්පරාවලටද ඒ බලය සුරක්‍ෂිත කරන පිරිසකි. එහෙව් පවුල් කාටලයකට, 20 අත්හරින්න සිදුවීම මහා දුක්ඛදායක බව අලුතෙන් කිවයුතු නැත. එහෙත්, දේවල් සිදුවෙන්නේ ඒ විදියටය..මහින්ද රාජපක්‍ෂ 19ක් ගැන කියන විට, අවදිමත් මහජනතාවට නම් දෙකොනින් හිනා යන්නේ ඒ නිසාය..ඇත්ත වශයෙන්ම 19ක් අවශ්‍ය නම්, රාජපක්‍ෂවරුන්ගේ කුස්සියේ ඉදෙන සූපයක් බවට එය පත්නොකර, රාජපක්‍ෂ පවුලේ දේශපාලනය අවසන් කරන, රාජපක්‍ෂවරුන් කාබාසිනියා කළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත තහවුරු කරන අන්දමේ කෙටුම්පතක් බවට එය පත්කරගත යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලංකාවේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය: එහි විශේෂතා සහ ගතිකත්ව.Next articleපිරමිඩ් විල්මා පුද්ගලික සමාගම බදු අඩුකළ කාලයේ සියයට 1222කින් සීනි ගෙන්වීම වැඩිකරලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මේ භීෂණය යළි කැඳවා ගනිමු ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මේ භීෂණය යළි කැඳවා ගනිමු ද?.By සංස්කාරක.November 10, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.නොවැම්බර් 18 වැනි දා අප ගත යුතු තීරණය ගැන ස්ථිරසාර අදහසක් ගන්නට, ඉහත දැක්වෙන ඡුායාරූප හයේ සිටින හයදෙනාත්, ඔවුන්ට අදාළ බිහිසුණු, එමෙන්ම දුෂ්ට පසුබිම් කතාන්දර හයත්, ඕනෑවටත් වැඩි ඉඩක් අපට සපයා දෙයි. එහි බැ?රුම්කම තවත් වැඩි වන්නේ, මෙවැනි බිහිසුණු හා දුෂ්ට කතාන්දර තිබෙන සිය දහස් ගණනක් අතුරින් මේ අය හුදෙක් හය දෙනකු පමණක් වීම නිසා ය..ඒ බිහිසුණු කතාන්දර සියල්ලේ ම එක් පොදු ගුණාකාරයක් වන්නේ, එක ම රාජ්‍ය පාලන කාලයක් තුළ ඒවා සිදු වීමත්, ඒ හැම කතාවක ම එක් පොදු පාත‍්‍රයකු, නැතිනම් කණ්ඩායමක් සිටීමත් ය. ඒ සියලූ කතාන්දර, මනුෂ්‍ය ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැරගෙන යෑම්, තර්ජනය කිරීම්, පහරදීම්, වධබන්ධනයට ලක් කිරීම් වැනි අපරාධවලට සම්බන්ධ ය. ඒ වාගේ ම හැම සිදුවීමකට ම පාහේ, ආරක්‍ෂක අංශවල නිලධාරීන්, සෙසු නිලයන් කිහිප දෙනකු, නැතිනම් පැරා මිලිටරි කණ්ඩායම් සම්බන්ධ බවට, 2015න් පසු කරන ලද අපරාධ විමර්ශනවලදී තොරතුරු සොයා ගෙන තිබේ..ඒ හැම කතාවක් ම සිදු වුණු කාලයේ, ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විය. ජනාධිපතිටත්, අගමැතිටත්, ඇමති මණ්ඩලයටත් පහතින් හුදෙක් අමාත්‍යාංශයක ලේකම්වරයකු හැටියට සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතා නොදැන, අනුමත නොකර, නොහඟවා, කිසිදු හමුදා සාමාජිකයකුට හෝ පැරා මිලිටරි කණ්ඩායම් සාමාජිකයකුට කිසි ම අපරාධයක් කරන්නට නොහැකි තත්ත්වයක් එදා තිබුණි. ආරක්‍ෂාව පිළිබඳ අසහාය බලධාරියා වූයේ ඔහු නිසා ය. එපමණක් නොවේ..සමහර අපරාධවලට ඔහු ඍජුව ම සම්බන්ධ ය. උදාහරණයටක් හැටියට, සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ෆ්‍රෙඞ්රිකා ජෑන්ස්, ‘ඔබේ බිරිඳට සුරතල් බලූ පැටවකු ගෙනෙන්නට ශ‍්‍රීලංකන් ගුවන් යානාවක්, එහි යන්නට නියමිත මගීන් බස්සවා, විශේෂයෙන් යැව්වා නේදැ’යි ගෝඨාභය රාජපක්‍ෂගෙන් විමසූ විට, ‘උඹ ගූ කන ඊරියක්’යැයි කියා ඔහු ඇයට බැන වැදුණේ ය. අදත් ඇය ඉන්නේ ස්වයං-පිටුවහල් ව ය. තමා වෙත ගෙන්වා, ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නවත්වන්නැ’යි පෝද්දල ජයන්ත ඇතුළු මාධ්‍ය සමාජ නායකයන්ට මුහුණට ම තර්ජනය කෙළේ ද ගෝඨාභය රාජපක්‍ෂ ය..රාජපක්‍ෂ පාලන කාලයේ සිදු වුණ ඒ සියලූ අපරාධවලට අදාළ අපරාධ විමර්ශන ලිපි ගොනු තිබුණේ ‘වසා දමන ලදි’ ලේබලය යටතේ ය..ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයෙන් අවුරුදු කිහිපයකට පසුව, උදේ පාතරාස-මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ දී, මේ ලියුම්කරු, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්‍ෂණවල තත්ත්වය කුමක්දැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් විමසූ විට, ‘සාක්කි කිසිවක් නැහැ. ඔබ ළඟ සාක්කි තිබෙනවා නම් දෙන්නැ’යි කියුවේ ය. එහෙත්, 2015න් පසු, ලසන්ත ඝාතනයට හමුදා සාමාජිකයන් පිටත් ව ආවේ මරදාන ටි‍්‍රපොලි හමුදා කඳවුරෙන් බව සොයා ගන්නට ලැබිණ. වසීම් තාජුදීන්ගේ ‘හදිසි අනතුරකින්’ සිදු වී යැයි පොලිස් පොත්වල සඳහන් ව තිබුණු මරණය ද ‘ඝාතනයක්’ බවට සොයා ගැනුණේ 2015න් පසුව ය..එදා ඒ අපරාධ කැරුණේ, ඒ අපරාධ ගැන යළි කිසි දාක විමර්ශන, නඩු පැවරීම් සිදු නොවන බව සහතික කර ගෙන ය. දණ්ඩ මුක්තිය ගැන සහතික ඇතිව ය..තමා ආරක්‍ෂක ලේකම් ව සිටි කාලයේ සිදු වුණු මේ අපරාධ ගැන එක්කෝ ගෝඨාභය රාජපක්‍ෂට දැනුමක් තිබිය යුතුය. එවැනි දේ හේතුවෙන්, තමාගේ සහෝදරයාගේ ආණ්ඩුවට අවමානයක් සිදු විය හැකිව තිබුණු නිසා, ඔහු මැදිහත් වී වහ වහා අපරාධවල වගඋත්තරුකරුවන් අල්ලා ගත යුතු ව තිබිණි. ඊට අදාළ සියලූම විමර්ශන ආයතන තිබුණේ ඔහුගේ අයියාත්, ඔහුත් අත ය. එහෙත් කිසි ම පරීක්‍ෂණයක් සිදු නොවී ය. එහි තේරුම කුමක් ද?.අද, ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, අලූත් මිනිසකු වී සිටින්නේ, ඉහත අපරාධ එකක් වත් තමාගේ ධුර කාලය තුළ නොවූවාක් සේ ය. ඒ මදිවාට ඔහු අතීතය අමතක කර අනාගතය දෙස පමණක් බලන්නට යැයි අපට ද ආරධනා කරයි..එහෙත්, මේ බිහිසුණු අතීතය, අප නැවත නැවතත් මතක් කළ යුත්තේථ යළි කිසි දාක එවැනි බිහිසුණු පාලනයක්, පාලකයන් අප කැන්දා නොගත යුතු නිසා ය. එවැනි පාලනයක මහ මොළකරුවකු වූ ගෝඨාභය රාජපක්ෂ, දැන් රටේ ප‍්‍රධානියා වන්නට මහජන අනුමැතිය ඉල්ලන විට, මේ අතීතය මතක තිබෙන අය, නැති අයට ද මතක් කර දිය යුතු ය. යළිත් රාජපක්‍ෂ භීෂණය මේ රටට කැන්දා නොගත යුතු නිසා ය.x.Tags.anidda.Anidda Newspaper.eknaligoda.Gothabaya Gothabaya Rajapaksha Lasantha wickramathunga.sivaram.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅද රාජපක්ෂලා 2015ට වඩා අනතුරුදායකයි.Next articleඅපට වැදගත් අපේ කුට්ටිය කඩා ගැනීම නොවේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මිල ගහන්නේ මුදලාලි නම්පාරිභෝගික අධිකාරි පඹයෙක් කුමට? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මිල ගහන්නේ මුදලාලි නම්.පාරිභෝගික අධිකාරි පඹයෙක් කුමට?.By ලසන්ත රුහුණගේ.October 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.ගෘහස්ථ පරිභෝජන ගෑස් සඳහා මාස්පතා අනුගමනය කළ හැකි මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ හිමිකරු ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මාධ්‍යයට කියා ඇත. ඔහු එසේ මාධ්‍යයට කියා ඇත්තේ ගෘහස්ථ ගෑස් සඳහා පැවති රජයේ පාලන මිල ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සමාගම ඉහළ දමන ලද ගෑස් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය..පරිභෝජන භාණ්ඩ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් විසින් රජයට මිල සූත්‍ර ඉදිරිපත් කිරීමට උත්සාහ කළ හෝ ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර ආසන්නම සිදුවීම වූවේ අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන ඒ ඒ සහල් වර්ගය වෙළඳපොලේ විකිණිය යුතු මිල ගණන් පිළිබඳව කරන ලද ප්‍රකාශයය. ඔහු එම ප්‍රකාශය කරනු ලැබුවේද රජය සහල් සඳහා නියම කර තිබූ උපරිම මිල ඉවත් කළ අවස්ථාවේදීය..මේ වනවිට ගෘහස්ථ ගෑස්, සහල්, සිමෙන්ති, තිරිඟු පිටි, කිරි පිටි හා සීනි සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම මිල රජය ඉවත්කර ඇති අතර එම ද්‍රව්‍ය සඳහා මිල නියම කිරීම් කර ඇත්තේ ආනයනකරුවන් හෝ නිෂ්පාදකයන් විසින්ය..මෙම භාණ්ඩ අතරින් ගෑස්, සිමෙන්ති, තිරිඟු පිටි, කිරි පිටි හා සීනි සම්බන්ධයෙන් මිල වැඩිවීමක් අවශ්‍ය බව එම ආනයනකරුවන් හා නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලීම් කර තිබූ අතර ඒ සඳහා දෙයාකාරයක හේතු දක්වා තිබුණි. එකක් ලෝක වෙළඳපොළේ එම භාණ්ඩවල මිල වැඩිවීමය. අනෙක ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑමය. මේ නිසා මෙම භාණ්ඩවල හිඟයක් වෙළඳපොළේ ඇති වූ අතර එය වඩාත් උග්‍ර වූයේ ආනයනය සඳහා ඩොලර් හිඟය ඇති වීමත් සමගය..මෙම භාණ්ඩ සඳහා රජයේ උපරිම මිල ඉවත් කිරීමේ තීරණයන්ට පෙර මාධ්‍ය වාර්තා පළවූයේ මෙම භාණ්ඩ මිල වැඩිකිරීම සඳහා ආණ්ඩුවේ භාණ්ඩ මිල තීරණය කිරීමේ කමිටුව රැස්වන බවය. එහෙත් ඒ වෙනුවට අවසානයේ සිදුවූයේ ආණ්ඩුව මිලක් නියම කර ප්‍රකාශයට පත්කිරීම වෙනුවට උපරිම මිල ඉවත්කිරීමය..මෙම මිල ඉවත් කිරීමත් සමග කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1098 දක්වා රුපියල් 93කින් වැඩිවූ අතර කිරි පිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 1195 දක්වා රුපියල් 250කින් වැඩිවිය. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480 දක්වා රුපියල් 100කින් වැඩිවිය. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් වැඩිවූ අතර එහි නියම කරන ලද මිල වූයේ රුපියල් 87කි. එහෙත් එම මිලට පසුගිය කාලයේ වෙළඳපොළේ තිරිඟු පිටි තිබුණේ නැත. මෙම මිල වැඩිකිරීමට පෙර කිරිපිටි සම්බන්ධයෙන් තත්වයද එයම විය. සිමෙන්ති නම් වැඩි මිලටත් සොයා ගැනීමට තිබුණේ නැත. දැන් කිරිපිටි සම්බන්ධයෙන් අලුත් තත්වයක්ද නිර්මාණය වී ඇත. ආනයනික කිරිපිටි පමණක් නොව දේශීය කිරිපිටිද ඒ අනුව නව මිල යටතේ විකිණීමට කටයුතු කරමින් ඇත..ගෑස් සම්බන්ධයෙන් ගත් කල රජයේ ලිට්රෝ ගෑස් සමාගම සිය කිලෝ 12.5 සිලින්ඩරයේ මිල රුපියල් 2750 දක්වා රුපියල් 1257කින් වැඩිකර පසුව රුපියල් 75කින් එම වැඩිකිරීම අඩුකර එම සිලින්ඩරයේ මිල රුපියල් 2675ක් ලෙස නියම කළේය. කිලෝ 5 සිලින්ඩරය රුපියල් 1101 දක්වා රුපියල් 503කින් වැඩිකර පසුව රුපියල් 30කින් අඩුකර එම සිලින්ඩරයේ මිල රුපියල් 1071ක් ලෙස නියම කළේය. එමෙන්ම කිලෝ 2.5 සිලින්ඩරය රුපියල් 520 දක්වා රුපියල් 231කින් වැඩිකර පසුව රුපියල් 14කින් අඩුකර එම සිලින්ඩරයේ මිල රුපියල් 506 ලෙස නියම කළේය..ලාෆ්ස් ගෑස් සමාගම කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 2840 දක්වා රුපියල් 984 කින් වැඩිකර ඇති එම සිලින්ඩරය සඳහා රුපියල් 363ක මිල වැඩිවීමක් පාරිභෝගික අධිකාරියෙන් එම සමාගම ලබා ගත්තේ සති කිහිපයකට පෙරය. එමෙන්ම එම සමාගමේ කිලෝ 5 සිලින්ඩරය රුපියල් 1136 දක්වා රුපියල් 393කින් වැඩිකර ඇති අතර එම සිලින්ඩරය සඳහාද එම අවස්ථාවේදීම පාරිභෝගික අධිකාරියෙන් රුපියල් 145ක මිල වැඩිවීමක් මීට පෙර ලැබුණි..ඉහත සඳහන් භාණ්ඩවලට වඩා සහල්වල තත්වය වෙනස්ය. ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමවත් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑමවත් එයට බලපාන්නේ නැත..ඒ සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන්ගේ පැහැදිලි කිරීම වූයේ ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල අනුව රජයේ උපරිම මිලට සහල් විකිණිය නොහැකි බවය. රජයේ මිල පාලනය අත්හැරීමත් සමග මෝල් හිමියන් රුපියල් 98ක මිල පාලනයට පැවති නාඩු කිලෝවක් රුපියල් 115ක් වශයෙන්ද, රුපියල් 103 මිල පාලනයකට පැවති සම්බා කිලෝවක් රුපියල් 140ක් වශයෙන්ද, රුපියල් 125ක මිල පාලනයකට පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 165ක් වශයෙන්ද නියම කර ඇත. ඒ සමගම නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටද, සම්බා වී කිලෝවක් රුපියල් 70කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 80කටද මිලදී ගන්නා බව ප්‍රකාශ කර ඇත..මෙම සියලු භාණ්ඩ වැඩිකිරීම් අතුරින් වැඩිම මිල වැඩිකිරීමක් පෙන්නුම් කරන්නේ ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන්ය. කිලෝ 12.5 සිලින්ඩරයක රජයේ ලිට්රෝ ගෑස් සමාගමේ මිල වැඩිවීම 84.19%කි. ලාෆ්ස් ගෑස් සමාගම රජය උපරිම මිල අත්හරින්නට පෙර ලබාදුන් මිල වැඩිවීමත් සමග කිලෝ 12.5 සිලින්ඩරයක් සඳහා රුපියල් 1347ක මිල වැඩිවීමක් ලබාගෙන තිබෙන අතර එහි මිල වැඩිවීමේ ප්‍රමාණය 90.22%කි..අප ප්‍රශ්නයට එළැඹිය යුත්තේ මිල වැඩි කිරීමේ මෙම ප්‍රතිශතයන් සමගය. ඊට හේතුව යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළඳපොළේ ඒකාධිකාරියක් ඇති යම් සමාගමකට හෝ සමාගම් කිහිපයකට රජය මැදිහත් නොවන්නේ නම් අසාධාරණ මිල තීරණය කිරීමක් කළ හැකි නිසාය. පාරිභෝගික අධිකාරිය නම්වූ මිල නියාමන රාජ්‍ය ආයතනයක් නීතියෙන් ස්ථාපිත කර ඇත්තේ අසාධාරණ ලෙස මිල නියම කිරීමේ මෙවැනි ඒකාධිකාරි තත්වයන් පාලනය කිරීම සඳහාය. මෙතෙක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළේ ජන ජීවිතයට එසේ අත්‍යවශ්‍ය වන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමය. අප මේ කතාකරන සෑම භාණ්ඩයකටම එසේ උපරිම මිලක් නියම කර තිබුණි. එහෙත් එම උපරිම මිල අත්හැරියේ ඇයිද යන්න දන්නේ පාරිභෝගික අධිකාරියේ ඉහළම ඇත්තන් හා ඔවුන්ට ඒ සඳහා උපදෙස් දුන් ආණ්ඩුවේ කෙරුම්කාර ඇත්තන් පමණය..යම් ආනයන භාණ්ඩයක් සම්බන්ධයෙන් උපරිම මිලක් නියම කිරීමේදී බොහෝ විට සලකා බලන්නේ එම භාණ්ඩයේ ලෝක වෙළඳපොල මිල, නැව් ගාස්තු හා රක්ෂණය, වරාය ගාස්තු, රජයේ බදු, දේශීය මෙහෙයුම් පිරිවැය හා ලාභය යන කරුණුය. එම කරුණුත් ආනයනකරු හෝ සමාගම ඉදිරිපත් කරන මේ ආකාරයට නියාමන ආයතනයක් පිළිගත යුතු නැත. සමහර විට ආනයනකරුවෙකු වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා මිලදී ගත් ඇත්ත මිලට වඩා වැඩි අගයක ඉන්වොයිස් ඉදිරිපත් කළ හැකිය. ඒ නිසාම නියාමන ආයතනයක් මේ සියලු කරුණු ගැන සුපරීක්ෂාකාරිව ආනයනකරු ඉදිරිපත් කරන සැපයුම්කාර සමාගම්වල ඇත්ත මිල ගණන් සොයා බලමින් කටයුතු කිරීම වැදගත්ය. එසේ නොවී රජයක් සිය වගකීමෙන් ඉවත්ව කටයුතු කරන අවස්ථාවකදී අපට බොහෝ විට දැකගත හැකි වන්නේ වත්මනේ මෙන් ගෑස් මිල වැඩිවීමේ ආකාරයේ අවස්ථා පමණය..ඒ එක් පැත්තකි. අනෙක් පැත්ත වන්නේ යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් වෙළඳපොළට සම්බන්ධ නම් ඒ මගින්ද පෞද්ගලික අංශයේ වෙළඳ ඒකාධිකාරිත්වයන්ට එරෙහිව කටයුතු කිරීමය..ගෑස් සම්බන්ධයෙන්ම ගතහොත් රජයේ ලිට්රෝ සමාගම කටයුතු කළ යුත්තේ යම් ලාභයක් ලැබුවත් අධික ලාභයක් නොලබා අනෙක් ආයතනයේ අසාධාරණ මිල නියම කිරීමකට එරෙහිව සිය මිල පවත්වාගෙන යෑමටය. එහෙත් වත්මනේ සිදුවුණේ කුමක්ද? ගෑස් සම්බන්ධයෙන් රජයේ මිල පාලනය ඉවත් කිරීමත් සමග 84.19%ක අධික මිල ඉහළ යෑමක් ලිට්රෝ නම් රාජ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කිරීමය. ලාෆ්ස් සමාගම ඔවුන්ගේ මිල ඉහළ යෑම ප්‍රකාශයට පත්කළේ ඉන්පසුය. ඒ සඳහා ලාෆ්ස් සමාගමට පැකිළෙන්නට හේතුවක් තිබුණේ නැත. මන්ද රජයේ සමාගම මිල වැඩිකිරීම තුළ ඔවුන්ගේ මිල වැඩි කිරීමද සාධාරණීකරණය වන නිසාය..මෙහිදී අප මතකයට නගාගත යුතු තවත් කරුණු දෙකක්ද තිබේ. ඒ රජයේ ලිට්රෝ සමාගම රජයේ පාලන මිලක් පැවති අවස්ථාවේදී ගෑස් මිල වැඩිවීමක් ඉල්ලා තිබූ බව හා රජයේ පාලන මිල කූට ලෙස අබිබවා යෑමට පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ඒ වනවිට පැවති පාලන මිලට වඩා වැඩි මිලක් ගෑස් සඳහා අය කිරීම සඳහා ප්‍රිමියම් හයිබි්‍රඩ් නැමැති ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කළ බවය..ඒ අනුව අසාධාරණ වෙළඳපොළ තත්වයන් පාලනයට රජයේ ගෑස් සමාගමේ කිසිදු උත්සාහයක් පසුගිය කාලය පුරා මෙන්ද වත්මනේද දක්නට නැති බව කිව යුතුය. ඒ මගින් තවදුරටත් අපට ප්‍රශ්නයක් මතු කරන්නේ යම් වෙළඳපොළ භාණ්ඩයක් සම්බන්ධයෙන් රාජ්‍ය සමාගමක් තිබීමේ ඵලය කුමක්ද යන්නය..මතු කරන ප්‍රශ්න එතැනින්ද නවතින්නේ නැත. වෙළඳපොළ තුළ සිදුවන විශේෂයෙන්ම අසාධාරණ මිල වැඩිකිරීම් හා වෙළඳ පිළිවෙත් නියාමනය සඳහා ඇති රාජ්‍ය ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරිය කුමකටද යන්නය. අප එසේ කියන්නේ එම ආයතනය පිහිටුවීම සඳහා නීතිගත කර ඇති පනතේ සඳහන් අරමුණු හා බලතල දෙස අවධානය යොමු කිරීමේදීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු අතර එම පනතේ සඳහන් වන්නේ,.‘අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ල දැක්වීමට සහතික වීම’.‘හැකි සෑම විටම, පාරිභෝගිකයන්ට තරගකාරි මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබාදීමට සහතික වීම’.‘අසාධාරණ වෙළඳ පිළිවෙත්, සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව සහනයක් ලබාදීම’ යන පාරිභෝගික ආරක්ෂණ වගන්තිය. එහෙත් ඒ කිසිවක් කිරීමට එම පනත යටතේ පිහිටුවා ඇති ආයතනයට මේ මොහොතේ හැකිවී නැත..ඒ අනුව දඩ ප්‍රමාණය මදි නිසා අසාධාරණ වෙළඳ පිළිවෙත් වැට බැඳීම අසීරු වී ඇති බව කියමින් හා එම දඩ මුදල් වැඩි කිරීමෙන් පසු සියල්ල හරියනවා යැයි කියමින් පසුගිය දිනෙක සංශෝධනයට ලක්කළ මෙම පනතත් ඒ යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් තිබීමෙන් ඵලක් නැති බව පැහැදිලිය. සියල්ල වෙළෙඳුන්ට හා වෙළඳපොලට රිසි සේ කර ගැනීමට ඉඩ හරිනවා නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අහෝසි කළ යුතු අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසුරුවා හැරිය යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅතීසාරයට.පැරසිටමෝල්.Next articleආණ්ඩුවට ඩොලර් හිඟ නිසා කාන්තාවන් පිටරට පැටවීමට ඇති නීති ලිහිල් කරයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ගෙට කඩාපැන සරම පිටින් කුදලාගෙන යාම හෙවත් සමාජ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේ අලුත්ම කලාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගෙට කඩාපැන සරම පිටින් කුදලාගෙන යාම හෙවත් සමාජ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේ අලුත්ම කලාව.By ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.July 5, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.නිරෝධායන පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට පැමිණි අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් අසේල සම්පත් හතර ගාතයෙන් කුදලාගෙන වායු සමීකරණය කළ වෑන් රථයක පටවාගෙන යන්නේ ඔහුට මුව ආවරණයක් ලබා ගැනීමටවත් ඉඩ නොතබා ගෙදරට ඇඳ සිටි සරම පිටිනි..පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගත්තේ ජුනි 25 වන දාය. 26 වනදා ඔහු කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ. ඔහු වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා, මංජුල පතිරාජ ඇතුළු නීතිඥවරුන් පිරිසක් ඉදිරිපත් වී තිබිණි..ජුනි 25 වන දා රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව ජාතිය ඇමතීමට නියමිතව තිබිණි. අසේල සම්පත් සිටියේ පන්නිපිටියේ තවමත් සාදා නිම නොකළ තම නිවසේ බිත්ති නැග්ගීම සඳහා පෙදරේරුවන්ට අත් උදව් දෙමිනි. අසේල සම්පත්ගේ බිරිඳ, දියණියෝ දෙදෙනා හා පිරිමි දරුවෝ දෙදෙනා ද නිවසේ රැඳී සිටියෝය..දෙදෙනෙකු යතුරු පැදියකින් ඔහුගේ නිවස පිහිටා ඇති කුඩා පාරේ පැමිණ ඔහුගේ නිවස ඉදිරිපිටින් හරවාගෙන ආපසු හැරී ගියද අසේල සම්පත් එය ඒ හැටි ගණන් ගත්තේ නැත. ජනාධිපතිවරයාගේ කතාව ඇරඹීමට මිනිත්තු 4ක් තිබිය දී යළිත් යතුරු පැදියක දෙදෙනෙක් පැමිණියෝය. තමන්ගේ හිතවතෙක් පැමිණියේදැයි සැක කළ අසේල සම්පත් මිදුලට බැස ඔවුන් දෙස බැලුවේය. ‘හා අසේල මහත්තයා කොහොමද’ කියා යතුරු පැදියේ පැමිණි එක් පුද්ගලයෙක් ඔහුගෙන් ඇසුවේය. කරුවල නිසා ඔවුන් නිශ්චිතව හඳුනාගත නොහැකි වූ බැවින් අසේල සම්පත් තවත් ඔවුන් සමීපයට ගියේය. එතැන් සිට ඔහුට සිදු වූයේ කුමක්දැයි ඔහු විස්තර කළේ මෙසේය..“එතකොට පාර පැත්තේ ඉඳලා විශාල පිරිසක් ඉක්මනින් අපේ පැත්තට එනවා දැක්කා. ඒ අතරින් කෙනෙක් ඇවිත් කාඩ් එකක් පෙන්නලා අපි සීඅයිඩී කියලා කීවා. ‘ඇයි මේ වෙලාවේ ආවේ, මොකක්ද මම කරපු වරද?’ කියලා මම ඔවුන්ගෙන් ඇහුවා. හැඳුනුම්පත ඇරෙන්න කිසි ලියවිල්ලක් ඔවුන් මට පෙන්නුවේ නෑ. ඒ වෙලාවේ මගේ ලොකු පුතා හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙලා හිටියේ. ‘මේ අය මාව ගෙනියන්න හදනවා ඉක්මනින් ලයිව් වීඩියෝ එකක් ගන්න’ කියලා මම ළමයින්ට කෑගහලා කිව්වා. ඒත් එක්කම මගේ අත් දෙක පිටිපස්සට කරලා, පහත් කරලා බෙල්ලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ කිහිප දෙනෙක් එක් වෙලා මාව උස්ස ගත්තා. සරම විතරයි මම ඇඳලා හිටියේ. ‘මෙන්න සීඅයිඩී එකෙන් මාව මරන්න ගෙනියනවෝ’ කියලා මම කෑගැහුවා. කෑගහනකොට කෙනෙක් මගේ කට හයියෙන් තද කරලා මට පහර දුන්නා. මගේ ගෙදර ඉඳලා කුඩා පාරට වැටෙන තැන සුදු පාට කේඩීඑච් වෑන් රථයක් පැත්තේ දොර ඇරලා නවත්තලා තිබුණා. ඒකේ පිටිපස්සේ සීට් එකට මාව වීසි කළා. මට හුස්ම ගන්න බැරි වෙන්න ආයෙත් කෙනෙක් මගේ මුහුණ අතින් තද කරගෙන හිටියා. ඒ වෙනකොට මගේ අතකට මාංචු දාලා තිබුණේ. මම හයියෙන් දඟලනකොට ‘යමංකෝ උඹට දෙන්න’ කියලා මාව අතෑරියා. දොර වහලා වෑන් එක වේගයෙන් පල්ලමට බැහැලා ගම ඇතුළ පැත්තට ගියා.”.එතැනින් පසු කතාව වෙනස් වෙන්නේ සුදු වෑන් රථයකින් 20 දෙනෙකු පැමිණ තම පියා පැහැහැරගෙන ගිය බවට පවසා, උදව් කරන්නැයි ඉල්ලමින් ඒ මොහොතේම අසේල සම්පත්ගේ දියණිය මුහුණු පොතට සජීවී වීඩියෝවක් මුදා හැරීමත් සමගය..සෙනසුරාදා දිනයක් වූ බැවින් ඒ මොහොතේම බොහෝ පිරිසක් ඒ වීඩියෝව නරඹා තිබුණු අතර අසේල සම්පත් අත්අඩංගුවට ගත් පුවත වේගයෙන් සමාජය පුරා පැතිර ගියේය. ඒ අතරවාරයේ වෑන් රථය තුළ සිදු වූ සිදුවීම අසේල සම්පත් විස්තර කළේ මෙසේය..“මාව මරනවා නම් මරන්න. කොරෝනා නිසා රට වහලා තිබිලා ඇරිය ගමන් මම සීඅයිඩීයට පැමිණිල්ලක් භාර දෙන්නත් ගියා. ඒ වෙලාවේ මාව ගන්න තිබුණානේ? උඹලා රෑ ආවේ ඇයි උඹලා බකමූණොද? කියලා මම ඇහුවා. ඒ කියලා වැඩි දුරක් යන්න වුණේ නෑ. එක නිලධාරියෙකුට කෝල් එකක් ආවා. ‘හරි සර්, නෑ.. නෑ. අපි ගාව ඉන්නවා.’ කියලා නිලධාරියා කිව්වා. එතැනින් පස්සේ ඒ අයගේ සැර බාල වුණා. ඊට පස්සේ දිගටම කෝල් එන්න ගත්තා. ‘අරගොල්ලන්ට කියන්න විත්ඩ්‍රෝ වෙන්න කියලා. පොලීසියට මැසේජ් එකක් දෙන්න කියලා කියන්න.’ ඒ නිලධාරියා ළඟ හිටපු කෙනෙක්ට කිව්වා. මාව ගෙනියන්න ගියේ කොළඹ පැත්තට නෙමේ අනික් පැත්තට. ඒත් කෝල් එකෙන් පස්සේ මාව කෙලින්ම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනිච්චා.’.ඕනෑම වෙලාවක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට රහස් පොලීසියට බලයක් ඇති බව පැහැදිලිය. ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් ඇතුවත්, ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නැතිවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි බවත් සැබෑවකි. එසේ වුවත් රාත්‍රි කාලයේ, විශාල නිලධාරීන් පිරිසක් සුදු වෑන් රථයකින් ගොස් නිවස වටලා අත්අඩංගුවට ගන්නට තරම් වරදක් අප දන්නා තරමින් අසේල සම්පත් කර තිබුණේ නැත. අනෙක් අතට ඔහුට දිනයක් නියම කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දූරකථන ඇමතුමක් දී පැවසුවේ නම් එය මගහරින්නට තරම් හේතුවක් හෝ වරදකාරී හැඟීමක් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඔහුට තිබෙන්නේ දැයි අප දන්නේ නැත..26 වෙනිදා ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබුණේ නිරෝධායන පනත යටතේ බවය. ඒ ‘ජුනි 15 වන දා අසේල සම්පත් තම නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සමාජය නොමග යවනසුලු වරදක් සිදු කිරීම’ යන චෝදනාවටය..නිරෝධායන පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට පැමිණි අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් අසේල සම්පත් හතර ගාතයෙන් කුදලාගෙන වායු සමීකරණය කළ වෑන් රථයක පටවාගෙන යන්නේ ඔහුට මුව ආවරණයක් ලබා ගැනීමටවත් ඉඩ නොතබා ගෙදරට ඇඳ සිටි සරම පිටිනි. අසේල සම්පත් පවසන ආකාරයට ඔහුට මුව ආවරණයක් ලැබී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී තමන්ට මුව ආවරණයක් දෙන්නැයි ඉල්ලා සිටියාට පසුවය..“සීඅයිඩියේදී මට කන්න ගෙනාවා. මම එපා කීවා. මට මුව ආවරණයක් දෙන්න කිව්වාම ගෙනැල්ලා දුන්නා. මට ගෙදරත් එක්ක හෝ නීතිඥයෙක් එක්ක කතා කරන්න දුන්නේ නෑ. චීනයෙන් කෙමිකල් ගෙනැත් පල්ලේකැලේ පුරවන එන්නත විස වෙන්න පුළුවන් කියලා මම කියපු කතාවේ වීඩියෝව දාලා මාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේවා කියන්න වෛද්‍ය දැනුමක් තියෙනවාද කියලා මගෙන් ඇහුවා. සංවිධාන කීයක් තියෙනවාද කියලා ඇහුවා. සංවිධාන 7ක් තියෙනවා කියලා මම කිව්වා. කව්ද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා ඇහුවා.”.අසේල සම්පත් සිය නිවසේ පැවැත් වූ මාධ්‍ය හමුව රූගත කිරීමට ගිය විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක් මාධ්‍යවේදීන් දෙදෙනෙකුගෙන්ද ජුනි 25 වන දා උදේ වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කට උත්තර ලබාගෙන තිබේ..මහජනයා පීඩාවට පත්වන අවස්ථාවල අසේල සම්පත් විටින් විට මාධ්‍ය හමු පවත්වමින් නොබියව අදහස් දක්වන සමාජ ක්‍රියාකාරිකයෙකි. ඇතැම් විට ඔහු එසේ කරන්නේ ඔහුට අභිමත දේශපාලන අදහසක් වෙනුවෙන්ද විය හැකිය..මීට පෙර අප්‍රේල් මාසයේ 13 වන දා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික අධිකාරිය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශක් නිසාය. ඒ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ මග පෙන්වීම මත සතොස ආයතනයෙන් ලබා දුන් බඩුමල්ලේ අඩුපාඩු ඔහු නිර්දය ලෙස විවේචනය කරමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සමග ගැටුණේය. කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට දැඩි චෝදනා එල්ල කළේය. ඒවාට එම අමාත්‍යවරුන්ද ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා තිබිණි..කෙසේ නමුත් මේ තරම් ඔහුට හිරිහැර කරන්නට හේතු වී තිබෙන්නේ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට එම අමාත්‍යවරුන්ගෙන් එල්ලවන බලපෑම් නිසාදෝ යන සාධාරණ සැකයක් අප තුළ ඇති වන්නේ නම් එය සාධාරණය. සත්‍ය තත්වය එසේ නම් ලංකාවේ නීතිය ක්රියාත්මක කරන ආයතන ගැන අපට අමුතුවෙන් හිතන්නට සිදුවන කාලය වැඩි ඈතක නොවනු ඇත..අසේල සම්පත් අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පන්නිපිටියේ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන් හැසිරුණු ආකාරය ගැන ඔහුගේ බිරිඳ අපට විස්තර කළේ මෙසේය..“මම කුස්සියේ උයන ගමන් හිටියේ. අසේල ඉස්සරහ මේසන් බාස්ලාට උදව් කර කර හිටියේ. පොඩි දුවත් ලොකු දුවත් කාමරේ හිටියේ. ලොකු පුතා ඔන්ලයින් පන්තියක. හිටපු ගමන් දෙවෙනි පුතා කුස්සියට දුවලා ඇවිත් ‘අම්මේ තාත්තා පොලීසියෙන් අරන් යන්න හදනවා’ කිව්වා. මම ඉස්සරහට දුවගෙන ගියා. දුවලා දෙන්නත් දුවගෙන ආවා. ලොකු පුතාත් ආවා. එතකොට කිහිප දෙනෙක් අසේලගේ බෙල්ලෙන් අල්ලගෙන පහත් කරගෙන හිටියා..එතකොට ලොකු පුතා අතේ ෆෝන් එක තිබුණා. ‘පුතේ වීඩියෝ කරන්න’ කියලා අසේල කෑ ගහලා කිව්වා. ඒත් එක්කම එක නිලධාරියෙක් ඇවිත් පුතාගේ අතේ තිබුණු ෆෝන් එක උදුරගන්න හැදුවා. මමයි, දුවලා දෙන්නයි, පුතායි එයාගේ අතේ එල්ලිලා කෑගැහුවා. ඒ අතර තවත් නිලධාරියෙක් එතනට ආවා. පුතාට ගහපු පාරට පුතා ගිහින් බිත්තියේ හැප්පුණා. අපි ඔක්කොම වැටුණා. අර නිලධාරියා අනෙක් නිලධාරියාගේ සහාය ඇතිව පුතාගේ ෆෝන් එක අරන් ගියා. ගමේ මිනිස්සු ඔක්කොම පාර ගාවට ආවා. ‘මුන් මාව මරන්න ගෙනියනවා කාට හරි කතා කරලා කියන්න’ කියලා අපිට හිතවත් අසල්වැසියෙකුට අසේල කිව්වා. එයා සාක්කුවෙන් ෆෝන් එක අතට ගත්තාම එක නිලධාරියෙක් එයාට ගහන්න ගියා.”.සමාජ අසාධාරණයන් පිළිබඳව නොබියව අදහස් දක්වන පුද්ගලයෙකුගේ නිවසට 15 ක් 20 ක් පැමිණ එම පුද්ගලයා කුදලාගෙන යන විට එම පුද්ගලයාටත්, ඔහුගේ පවුලේ අයටත් භීතියක් හා සැක සංකා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ රටේ එවැනි කුදලාගෙන යාම් බොහෝමයක් කෙළවර වූයේ එක්කෝ රැගෙන ගිය පුද්ගලයා අතුරුදන්වීමෙනි. නැත්නම් ඝාතනය කිරීමෙනි. අසේල සම්පත්ගේ ක්‍රියාකලාපයන් ගැන අපට විවේචනයන් තිබුණත් ජූනි 25 වන දා ඔහුට එවන් දෙයක් සිදු නොවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අපට සතුටු විය හැකිය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපේ හෙට දවස කෙසේ විය හැකිද? (පළමු කොටස).Next articleරනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අතුරුදන් කාර්යාලයත් අතුරුදන් කරන්නයි යන්නේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අතුරුදන් කාර්යාලයත් අතුරුදන් කරන්නයි යන්නේ.By සංස්කාරක.November 2, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දකුණේ අම්මලා තමන්ට වෙච්ච අපරාදෙට සාධාරණය ඉල්ලගෙන ඉස්සරහට එන්න ඕනෑ. ඒ දකුණෙ අම්මලාගෙයි උතුරෙ අම්මලාගෙයි ඒකාබද්ධතාවයෙන් උතුර දකුණ නැගෙනහිර සම්බන්ධ වෙන සියලු අතුරුදන්වීම්වලට විරුද්ධවෙන ව්‍යාපාරයකට පමණයි යුක්තිය ඉටු කර ගැනීමට හැකි වන්නේ.’.■ ඇන්තනී වෙරංග පුෂ්පික.අවුරුදු තිහක් හතලිහක් තිස්සේ මේ රටේ උතුරේත් දකුණේත් සිදුවෙච්ච අතුරුදන්වීම් ගැන කතා කරද්දී මේ ගැන බරපතළ ලෙස සාකච්ඡාවක් ආවෙ හැත්තෑව අසූව දශකයේ දකුණේ සිදු වෙච්ච අතුරුදන්වීම් පිළිබඳව හා උතුරේ යුද සමයේ හා පශ්චාත් යුද සමයේ සිදු වූ අතුරුදන් වීම් පිළිබඳවයි. අදටත් තමන්ගෙ දරුවාට, සැමියාට මොකද්ද වුණේ කියලාවත් දන්නෙ නැති අම්මලා, බිරින්දෑවරු, ළමයි සහෝදර සහෝදරියෝ උතුරේත් දකුණේත් දහස් ගණනක් හූල්ලමින් ඉන්නවා. ඒ වගේම මොවුන් වෙනුවෙන් යුක්තිය ඉටු වෙනකන් බලාගෙන සිටිනවා. අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් හිටපු සහ ඉන්න සියලුම පාලකයන් ඉතිහාසය පුරාවටම සිදු කළේ යුක්තිය ඉටු කිරීම වෙනුවට මේ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරිය නිදොස් කොට නිදහස් කිරීමයි..අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් යුක්තිය ඉල්ලා කළ හඬනැගීම් නිසා ජත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් සිදු කිරීමට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 2015 පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට හා වන්දි පූර්ණය කිරීමට කාර්යාලයක් පිහිටුවන්න යහපාලන රජයට එකඟ වෙන්න සිද්දවෙන්නේ. ඒ අනුව තමයි 2015දී අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවන්නේ. ඒ වෙන තෙක් අතුරුදන්වූවන් ගැන, ඔවුන්ගෙ පවුල් පිළිබඳව සොයා බලන්න කිසිදු නීතියක් හෝ ආයතනයක් පිහිටුවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් අතුරුදන්වූවන් පිළිබඳව කාර්යාලය පිහිඳුවීම යහපාලන රජය සමයේ මොවුන් වෙනුවෙන් කරන්න පුළුවන් වෙච්ච ඉදිරි පියවරක්..මෙම කාර්යාලයට පමිණිලි 17000කට අධික සංඛ්‍යාවක් ලබාදීලා, ඉන් අතුරුදන්වූවන්ගේ පවුල් 153කට සමාජ ආර්ථික දීමනාවක් ලෙස රුපියල් 6000ක මුදලක් ලබාදීමට කටයුතු කරලා තියෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවායින් පසු මෙම ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ 2019 දෙසැම්බර් වෙනකන් විතරයි. මේ වෙනකොට කලින් ලබා දුන්න රුපියල් 6000 දීමනාව සම්පූර්ණයෙන් නතර කරලා. අතුරුදන්වූවන් පිළිබඳව හොයන කාර්යාලය පවා ප්‍රශ්න සහගත තත්වයකට පත්වෙලා ඉවරයි..වසර ගණනාවක් තිස්සේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ක අතුරුදන්වූවන් වෙනුවෙන් හඬ නගන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වෙන අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි්‍රටෝ ප්‍රනාන්දු මේ පිළිබදව දීර්ඝ වශයෙන් කතා කළා..අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිඳුවන තෙක් එහි ඉතිහාසය ගැන ඔහු සිහිපත් කළා..‘71 ඉඳලාම අපේ රට අතුරුදහන්වීම්වලින් ගහණ වෙලා තිබුණේ. 89දී දේශපාලන නායකයො හැටියට මහින්ද රාජපක්ෂලා වාසුදේවලා තමයි ඒකට සාධාරණත්වයක් කරන්න තියෙන ආණ්ඩුව අයින් කරලා සාධාරණය කරනවා කියලා, චන්ද්‍රිකා යටතේ කොමිසමක් පත් කරලා අන්තිමේට ලැබුණේ වන්දියකුයි මරණ සහතිකේකුයි විතරයි. නැවත සිදු නොවීම, යුක්තිය සත්‍යය කියන එක එදා එළියට ආවෙ නැහැ. ඊට පස්සෙ යුද්දෙ පටන් ගත්තාම යුද්දෙදි බරපතළ සංඛ්‍යාවක් අතුරුදහන් වෙනවා. අවසාන කාලෙදි යුද මුක්ත කලාපේ සිටිය අයගෙන් එළියට ආවෙ එක් ලක්ෂ හතලිස් හත් දහස් ගණනක් අඩුවෙන් කියලා මන්නරමේ රදගුරුතුමා උගත් පාඩම් කොමිසමට දීපු ලියවිල්ලේ තියෙනවා. දකුණෙ 89දි 6000ක් මරුණා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා. විශේෂයෙන්ම උතුරේ උද්දෙන් පස්සෙ දෙමළ අම්මලා තමන්ගෙ දරුවො ගැන බරපතළ විදියට මැදිහත්ව කළ උද්ඝෝෂණ නිසා, ජාත්‍යන්තරේ අවධානයට ගිහිල්ලා ජිනීවාවල දිගටම සාකච්ඡා වෙලා, 2015දී යහපාලන ආණ්ඩුවට සිද්දවුණා පොරොන්දුවක් දෙන්න සියලුම රටවල සහාය ඇතිව මේ වෙච්ච අපරාද පිළිබඳ, 71, 89 සහ යුද්දෙ කරපු දේවල් ගැන සොයන්න අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවනවා කියන්න. ඒ වගේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවනවා කියන්න යුක්තිය ඉටු කිරීම සඳහා. ඒකෙන් අතුරුදන් කාර්යාලය පිහිටෙව්වා. වන්දි කාර්යාලය පිහිටෙව්වා. නමුත් අධිකරණ පිහිටෙව්වෙ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඉතා පැහැදිලිව කිව්වා රණවිරුවන් බිල්ලට දෙන්නෙ නෑ කියලා’.පසුගිය යහපාලන සමයේ ලබාදුන් වන්දි දීමනාව ලබා නොදීම පිළිබඳවත් ඔහු අදහස් පළකළා..‘මේ ආණ්ඩුව ඉතාමත් භයානක ගමනක් යනවා. මොකද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති විදියට පත් කරලා තියෙන්නේ උපාලි අබේරත්න කියන දේශපාලන පළිගැනීම් කොමිසමේ හිටපු සභාපති. එයා දේශපාලන පළිගැනීම් කොමිසමේ තිබ්බ අතුරුදන්වීම්වලට සම්බන්ධ නඩු දෙකක විත්තිරුවන් සියලු දෙනාම නිදහස් කරලා, ඒ නඩුව මෙහෙයවපු ඒ වගේම පරීක්ෂණ කරපු ඔක්කොටම දඬුවම් කරන්න කියලා යෝජනා කරපු තැනැත්තෙක්. ඒ හින්දා අපිට සත පහක විශ්වාසයක් නෑ මොකක්වත් වෙයි කියලා..දෙවෙනි කාරණය තමයි වන්දි කාර්යාලය පිහිටෙව්වාට වන්දියක් තීන්දු කළේ නෑ. ඒ නිසා සංවිධානවල ඉල්ලීම මත ගිය ආණ්ඩුවට සිද්ද වුණා රුපියල් මිලියන 500ක් වෙන් කරන්න. වන්දිය තීරණය කරන තෙක් අවුරුදු දෙකක් ඒ අතුරුදහන් පවුල්වලට රුපියල් 6000 ගානේ මාසිකව ගෙවන්න. අවුරුදු දෙකක් තුළ යම් වන්දියක් ගෙවයි කියන විශ්වාසයෙන්. ඒ රුපියල් මිලියන 500න් රුපියල් මිලියන 11ක් පවුල් 153කට බෙදුවා, අතුරුදහන් සහතිකය තියෙන අයට. නමුත් ඉතුරු මිලියන 489න් සතපහක මුදලක් අලුත් ආණ්ඩුව ආවාට පස්සෙ ගෙව්වෙ නෑ. ගිය අවුරුද්දෙ ආණ්ඩුව පත් කරපු අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය මහ ලොකු වැඩක් නොකළත් කාරණා කිහිපයක් කළා. එකක් තමයි අතුරුදන් කාර්යාලය පළාත්බදව කාර්යාල තුනක් විවෘත කළා. අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය රාජ්‍ය උත්සවයක් වශයෙන් සැමරුවා. ඊට අමතරව රුපියල් 6000 යෝජනාව ගෙනාවා. නමුත් මේ ආණ්ඩුව යටතේ 6000 දීම අමතක කරලා තියෙනවා. ඒ ගැන වචනයක් කතා කරන්නෙ නෑ. දැන් අතුරුදන් කාර්යාලයත් අතුරුදන් කරන්න යනවා. ඒක ස්වාභාවික මරණයකට යන්න දීලා. ඒකට සරල උදාහරණයක් තමයි, ගිය ආණ්ඩුව කාලෙ හිටපු කොමසාරිස්වරු ඔවුන්ගේ සේවා කාලය අවසන් වෙන්න ඉස්සර ලැයිස්තු හැදුවා. ඒ අයට ලැබිච්ච හැම අතුරුදන්වීමක්ම වෙබ් එකේ දැම්මා දිස්ත්‍රික් හැටියටත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හැටියටත්. හමුදාවල 4000ට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වෙලා තියෙනවා. හැබැයි දැන් තියෙන අතුරුදන් කාර්යාලය හමුදාවල අතුරුදන් වුණ ඒවා තියලා සාමාන්‍ය මිනිස්සු අතුරුදන් වෙච්ච ඒවා හංගලා තියෙන්නෙ.’.බි්‍රටෝ ප්‍රනාන්දු මහතා පවසන්නේ අවුරුදු 30කට පසුව අතුරුදන් කාර්යාලය, වන්දි කාර්යාලය, අතුරුදන් කිරීම නීතියෙන් වරදක් බවට හදාගෙන තියෙන බවත්. නමුත් මේ එක දේකින්වත් අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඇඟට දැනෙන විදියේ සහනයක් ලබා දීමට සමත් වූයේ නැති බවත්. අතුරුදන්වූවන් සිහි කිරීම වෙනුවෙන් සිදු කරන 31 වෙනි සංවත්සරය සමරන මොහොතේ (ඔක්තෝබර් 27 දින) අතුරුදන්වූවන් පිළිබඳ සත්‍යය හෙළිකර ගැනීමටත් මෙන්ම යුක්තිය ඉටු කර ගැනීම සදහා යෝජනා 7ක් ඉදිරිපත් කරමින් ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කර සිටින බවයි ඔහු කියන්නේ..01) අතුරුදන්වූවන්ගේ පවුල්වලට සත්‍යය දැනගැනීමට සහ යුක්තිය ඉටුකර දීමට වහාම පියවර ගත යුතුය..02) අතුරුදන් කරවීම සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔවුන්ට විරුද්ධව නඩු පැවරිය යුතුය..03) පොරොන්දු වූ පරිදි රුපියල් 6000 අතුරු දීමනාව වහාම එම පවුල්වලට ලබා දිය යුතුය..04) අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කළ යුතුය..05) අතුරුදහන්වූවන් පිළිබඳ කරන කටයුතු අතුරුදහන්වූවන්ගේ සාමාජිකයන් හා සිවිල් සමාජ නියෝජිතයන් මගින් නිරීක්ෂණය කිරීමට අවස්ථාව සැලසිය යුතුය..06) බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ පැහැරගැනීම්වලට එරෙහිව රජය විසින් පියවර ගත යුතුය..07) බලහත්කාරී අතුරුදහන් වැළැක්වීම සඳහා වන පියවර ව්‍යවස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ යුතුය..මේ වන විට පෙනෙන්නට තියෙන දෙය තමයි අතුරුදන්වූවන් උදෙසා යුක්තිය ඉටුකිරීම සහ නීතිය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව ගත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම වැනි ඉදිරිගාමී දේවල් පවා ක්‍රියාත්මක නොවෙන තැනට කටයුතු සිදුවන ආකාරය. මේ නිසා යුක්තිය, සාධාරණත්වය සම්බන්ධව මේ මොහොතේ කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි්‍රටෝ ප්‍රනාන්දු පවසන්නේ දකුණේ අම්මලාගේ සහ උතුරේ අම්මලාගේ ඒකාබද්ධතාවෙන් පමණක් මෙය සිදු කළ හැකි බවයි..‘උදාහරණයක් හැටියට මේ සමාජය මහින්ද රාජපක්ෂ මහත්තයාලට පුළුවන් වුණා සිංහල බෞද්ධ හැටියට බෙදන්න, ආගම් හැටියට බෙදන්න. අතුරුදන්වීම් පිළිබඳ කතා කරන මිනිස්සු හැඳින්වුණේ රට පාවා දෙන අය හැටියට. ඩොලර්වලට යුරෝවලට රට විකුණන උන් හැටියට. නමුත් අද ඒ මතවාදය ටිකෙන් ටික දුර්වල වෙනවා. වෙනත් හේතූන් නිසා. ආණ්ඩුව කෙරෙහි තියෙන අප්‍රසාදය නිසාම සිංහල බෞද්ධ කියන එක පහුගිය කාලයේ වගේ දකුණේ ශක්තිමත් නෑ. ඒ නිසා පළවෙනි කාරණය තමයි දකුණ සංවිධානය කරන්න ඕනෑ. දකුණේ අම්මලා තමන්ට වෙච්ච අපරාදෙට සාධාරණය ඉල්ලගෙන ඉස්සරහට එන්න ඕනෑ. ඒ දකුණෙ අම්මලාගෙයි උතුරෙ අම්මලාගෙයි ඒකාබද්ධතාවයෙන් උතුර දකුණ නැගෙනහිර සම්බන්ධ වෙන සියලු අතුරුදන්වීම්වලට විරුද්ධවෙන ව්‍යාපාරයකට පමණයි යුක්තිය ඉටු කර ගැනීමට හැකි වන්නේ.’.අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරියකව සිටි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුද දැන් පවතින අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයෙහි ක්‍රියාකාරීත්වය සහ වත්මන් සභපතිවරයා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය ඉටුවීම පිළිබඳව බලාපොරොත්තු නැති වී ගොස් ඇති බවයි..‘ඔවුන් කොමසාරිස්වරුන් කෙසේ පත් කෙරුවත්, ඒ කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් දෙමවුපියන් සමග සාකච්ඡාවක් අපි දකින්නෙ නෑ. විශේෂයෙන්ම සභාපතිතුමා දේශපාලන පළිගැනීම් කොමිසමේ සිට ඉදිරිපත් කළ වාර්තාව අනුව අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් චෝදනා ලබලා ඒ සම්බන්ධව විය යුතු පරීක්ෂණ අහවර වීමටත් ප්‍රථම කොමිසම මගින් යම් තීන්දු ලබාදෙනවා. ඒ හරහා දෙමව්පියන්ට සාක්ෂිකරුවන්ට ඉතා විශාල අගතියක් වෙන බව තමයි ප්‍රකාශ කළ යුත්තේ. ’■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම.තවත් යෝජනා කිහිපයක්.Next articleමහාමාර්ග අමාත්‍යාංශයේ මූලික වියදම් ඇස්තමේන්තු හා.සංශෝධිත ඇස්තමේන්තු අතර.25% සිට 1750% දක්වා වෙනසක් විගණකාධිපති කියයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මාධ්‍ය දෛවවාදය සහ ‘නයිට් රයිඩර්’ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මාධ්‍ය දෛවවාදය සහ ‘නයිට් රයිඩර්’.By සංස්කාරක.July 3, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දෙරණ සිනමා උලෙළේ ‘හෙට දවසේ සිනමාව’ තරග අංශය නියෝජනය කරමින් තිරගත වුණු ‘නයිට් රයිඩර්’ චිත‍්‍රපටය තුළ කතා කළ යුතු කාරණා තියෙනවා සහ එ්ක අලූත් ප‍්‍රවිශ්ටයක් විධියට විශේෂත්වයක් දරණවා කියල මට හිතෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේක හොඳ අයිරනි එකක් තියෙන ෆිල්ම් එකක් කියලා සහසුද්දෙන් කියන්න පුළුවන්්..‘නයිට් රයිඩර්’ කසුන් පතිරණගේ කුළුඳුල් චිත‍්‍රපටය. චිත‍්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙන අලූත් කෙනෙක් එ් ගැන කල්පනා කරන්න නියමිත තරමක මහේක්ෂ තලයක හිටගෙන. සමහර විට එ් සිතුවිල්ල එනකොටම හයිබජට්, ටෙක්නොලොජි වගේ කාරණාත් එක්ක වැඩිදුර හිතන්න, එක්කෝ එ්වා වැඬේ නොකෙරෙන තැනට බැරියර් එකක් කරගන්න බොහෝ අය වග බලා ගන්නවා. එතකොට සිනමා හීනය තවත් දුර යනවා. අනික් පැත්තෙන් මේ බජට් කතාව සහ තාක්ෂණය කියන්නෙ ආකර්ශණීය සිනමාකාරයෙක් වෙන්න තියෙන ප‍්‍රධාන බාධාව නෙවෙයි කියල හිතෙන්නෙ, මේ දෙක යම් පමණකට සාක්ෂාත් කරගෙනත් බල්ලෙකුට කටේ තියන්න බැරි චිත‍්‍රපටි හැදෙන හැටි අපි ඕන තරං දැකල තියෙන හින්දා. නමුත් නිර්මාණශීලි සිතීම අංක එකට තියා ගත්තොත් අනික් කාරණා විසඳා ගන්න විකල්ප හදා ගන්න හැකි බව ඔප්පුකරන සාක්කි කාරයෙක් විධියට ‘නයිට් රයිඩර්ව’ නම් කරන්න පුළුවන් කියලා හිතුණෙ ෆිල්ම් එක අවසානෙ තිබ්බ සාකච්ඡුාවෙදි කසුන් මතු කරපු කාරණා එක්කයි. මේකෙදි ඔවුන් ප‍්‍රධාන වශයෙන් ඔවුන්ට හයියක් වෙලා තියෙන්නෙ මිතුරු කණ්ඩායමක් විධියට ෂෙයාර් කර ගැනීම. කේ කේ ශ‍්‍රීනාත් චතුරංග කසුන් එක්ක එකතු වෙලා ස්ක‍්‍රිප්ට්එක ලියනවා. යාළුවො එකතු වෙලා වැඩ කරනවා. මට හිතෙන විධියට මෙතනදි ගොඩක් පැක්ටි‍්‍රකල් වෙලා තියෙන්නෙ කි‍්‍රයේට් කරගෙන තියෙන විෂුවල් පැටර්න් එක නිසා කියල හිතෙනවා. තාක්ෂණික බොරු ගොඩක් ක්ෂේත‍්‍රය ඇතුළෙ පවත්වගෙන යද්දි කසුන්ලා එ්ක ජය අරගෙන තියෙන විධියෙන් අනාගතයෙ චිත‍්‍රපටි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලූත්ම අයට යම් අදහසක් ගන්න පුළුවන්..සිනමාමය වර්ගීකරණයක් ඇතුළෙ ගත්තොත් මේක ත‍්‍රිලර්/රෝඞ් මූවි වගේ ෂානරයක් ඇතුළෙ ස්ථාන ගත කරන්න පුළුවන් එකක්. පළවෙනි තත්පරේම ප්‍රෙක්ෂකයාව තිරය විසින් ඇදලා ගන්න ස්වරූපයක් චිත‍්‍රපටය තුළ තියෙනවා එන්ටටේර්නිං ගුණයක් සහ දේශපාලන මානයකුත් සහිතව. යටිපෙළක් හැටියට එන එ් මානය නැතුව වුණත් කෙනෙකුට එ්කෙන් රසවත් වෙන්න බැරිකමක් නෑ. ඇත්තටම එහෙම චිත‍්‍රපටියක් කරනවා කියන එක මම හිතන්නෙ නෑ ලේසි දෙයක් කියලා. එ් අතින් කසුන් තමන්ගෙ පළවෙනි නිර්මාණය තුළින්ම වැඩ පෙන්වල තියෙනවා..සම්පූර්ණ චිත‍්‍රපටයම ගලායන්නෙ එක් රාත‍්‍රියක් තුළයි. ළඟදී විවිවාහ වන්නට නියමිතව ඉන්න ටැක්සි රියදුරෙක් (කලණ ගුණසේකර* තමාගේ රථයට රාති‍්‍රයේ කඩා වදින තරුණියක් (යුරේනි නොෂිකා* එක්ක යන්න වෙන ලොමුදැහැගැන්වෙන ගමනක් තමයි චිත‍්‍රපටය ඇතුළෙ තියෙන්නෙ. එ් ගමන ඇතුළෙ රෝවර් ජීප් දෙකකින් කෙල්ලව හඹාඑන පිස්තෝල කරුවන් වෙඩි තියද්දි, පාර හරස් කරද්දි ත‍්‍රාසයට පත්වෙන ගමන්, සිනමා පේ‍්‍රක්ෂාවෙදි අනුන්ගෙ ජීවිතවල අනුරාගික මොහොතවල් දකින්න රිසි අපේ දර්ශාස්වාදන මානසිකත්වය, මුන් දෙන්නා අතරෙ කොයි මොහොතක හරි එහෙම දෙයක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා. යුරේනි අපේ ආශාවෙ වස්තුව වෙනවා. එ් එක්කම රියදුරා තරුණියගෙන් අහන්නෙත්, අපිට හිතෙන්නෙත් මේ පස්සෙන් පන්නන එවුන් මොක්කු ද? කියලයි. ඇය මාධ්‍යවේදිනයක් බවත්, රටේ පාලනයට සම්බන්ධ බලවත් පවුලක් නියෝජනය කරන ‘භේරුණ්ඩ කල්ලිය’ නම් සංවිධානයක රහස් සෙවීමට කළ උත්සාහයක් නිසා ඔවුන් ඇය ලූහුබැඳ එන බවත් පසුව දැනගන්න ලැබෙනවා. කොහොම වුණත් ඇය කියන කතාව තුළ අපට මුණගැහෙන්නෙ අපි ගෙවපු පහුගිය කාලය සහ එ් ඔස්සෙ පැණනැගුණ වර්තමානය. කොටින්ම යුද්ධය, අපි ජීවත්වෙන නගර, වර්තමානය සහ මුසල්මානුවන් කෙරෙහි වෛරී මානසිකත්වයක් වැපිරීම වගේ කාරණා පිටිපස්සෙ මේ කල්ලියට තියෙනවාය කියන දායකත්වයක් ගැන ඇය කියනවා. නමුත් අන්තිමට අපිට වැටහෙන්න ගන්නවා ඇය ඔහුගේ අවංක බව, නැත්නම් හෘද සාක්ෂිය වගේ නාස්ති නොවුනු යමක් තමන්ගේ නොවන එක්තරා වුවමනාවක් වෙනුවෙන් පාවිච්චි කළා කියලා. මම හිතන්නෙ මේක තමයි චිත‍්‍රපටය විසින් අපිව ගෙනියන කේන්ද්‍රය. එ්ක අපි මේ ගෙවමින් ඉන්න වර්තමානය හා වඩාත් ගැටගැහෙන තැන..එ්ක තරමක් දුරට මෙහෙම පැහැදිළි කරගන්න පුළුවන්. මේ වෙලාවෙ අපි ජීවත් වෙන්නෙ ‘මාධ්‍ය දෛවවාදයකට’ :ඵැාස් ත්‍්ඒකසිප* නතුව. සාමාන්‍යයෙන් අපි දෛවය කියන්නෙ අපිට නොපෙනෙන බලවේගයක් කියලා නිර්වචනය කරගත්තු දේකට. අපිව පාලනය කරනවා සහ ජීවිතවල දේවල් තීරණය කරනවා කියල හිතන පාරභෞතිකයකට. එ්ක දෙවියන් හෝ හෝ ලෝකධර්මය වැනි අපි විහිින්ම හදාගත්ත යමක් වෙන්න පුළුවන්. එ්ත් ‘මාධ්‍ය දෛවවාදය’ කියන්නෙ එහෙම එකක් නෙවෙයි. සම්පූර්ණ සැලසුම් සහගතව අපිව ගොදුරු කර ගන්නා දෙයකට. වීරයින් කවුද? ද්‍රෝහීන් කවුද? මේ දෙවර්ගයම මාධ්‍ය ලෝකයේ සර්ව බලධාරීන් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. ජාතිය වඳ කරන ෙදාස්තර සාෆිලා ද, ජාතිය බේරා ගන්නා ධර්මපාල පන්නයේ ඊනියා ජාතික වීරයින් ද ඔවුන් විසින් නිර්මාණය කරනවා. එතැනදී තර්ක බුද්ධිය හෝ විද්‍යාව වලංගු නැහැ. අපිට තියෙන්නෙ විශ්වාස කරන්න විතරයි. සුපිරිතරු බවට පත්වී ජීවිතය ගොඩදා ගැනීමේ වරය ඔවුන් අපවෙත ලබා දෙනවා. ඉතින් අපට තියෙන්නේ මේ හදලා දීලා තියෙන ලෝකය ඇතුලේ ඔවුන්ට ඕන විදියට හැසිරෙන්න. ඔවුන් කියන විධියට කන්න-බොන්න, අඳින්න-පළඳින්න, රමණය කරන්න. චිත‍්‍රපටයෙ තරුණ ටැක්සි රියදුරාටත් වෙන්නෙ එ්කම තමයි. තවත් විධියකට කියනව නම් මෙහෙමයි..උපාධිලෝගු දාගත්ත කෙල්ලො-කොල්ලොන්ගෙ රූප තියෙන ලස්සන සයින්බෝර්ඞ් එකක් ළඟ මහ? කොම්පැනි ටැක්සියක් තියාගෙන හයර්එකක් එනතුරු බලාගෙන ඉන්න කොල්ලෙක්.., උගේ කාර් එකට හදිස්සියේ කොහෙන්දෝ දුවගෙන ඇවිත් නැගලා, ඉක්මණට යමු කියන පොෂ් කෙල්ලෙක්. කෙල්ල ඌව ඇදලා විසි කරන්නනෙ ප‍්‍රබන්ධ ලෝකෙකට. ඇයට එරෙහිව එන මාරාන්තික අභියෝගයට එරෙහිව සටන් කරලා බේරාගෙන වීරයෙකු වීම හෝ ඊට පිටුපා නිවටයෙකු වීම තමයි කොල්ලට කරන්න තියෙන්නේ. අපිට තියෙන්නෙ නරඹන්න. මේ විධියට මාධ්‍ය නම් දෛවය විසින් අපව, නැතිනම් සමාජ සංස්ථාවේ පවුල කියන එ්කකය ගොදුරු කරගන්නවාය කියන එක තමයි ‘නයිට් රයිඩර්’ සිම්බොලික් තලයකින් අපට කියන්නේ..මේක ඡුැඑැර උැසරගෙ ඔයැ ඔරමප්බ ීයදඅ ඇසුරින් හදපු ‘නිනෝ ලයිව්’ වගේ චිත‍්‍රපටයකත් හොඳින් දකින්න තිබුණා තමයි. නමුත් ‘නයිට් රයිඩර්’ මේක පවුල පැත්තට ඩඩාත් බරව සංකේතකරණය කරන බවක් පෙනෙනවා. මාධ්‍ය විසින් නිර්මාණය කරපු ප‍්‍රබන්ධයක් ඇතුළේ යන ලාංකේය පවුලේ ගමනාන්තය ඇත්තටම මොකක් වෙන්න පුළුවන්ද? කියන හැඟවුම චිත‍්‍රපටය ඉවර වෙද්දි හොඳින් මතු වෙනවා. කෘතියෙ සමස්ත සාරයම හකුළා පෙන්වීමක් වගේ කියලා හිතෙන එ් අවසන් දර්ශනය මම මෙතන නොලියන්නේ තවම මෙය සිනමා ශාලා කරා මුදා නොහැරපු චිත‍්‍රපටයක් නිසා කුතුහලය ඉතිරි කරන්න..අජිත් කුමාරසිරිගෙන් ෆිල්ම්එකට ලැබිලා තියෙන දායකත්වයත් මතක් කරන්නම ඕනෙ එකක්. මේකේ වේගවත් ගලා යෑමට අජිත් හොඳ ගැම්මක් දීලා තියෙන නිසාම නෙවෙයි. සංගීත අධ්‍යක්ෂවරයාගේ වගකීම ඊට වඩා පුළුල් තැනකින් දනවමින් ඇතුළෙන් එන වැලපීමක් වගේ හැඟීමක් දෙයක් සියුම්ව දනවනවා..තව මම ගොඩක් කැමති තැනක් තමයි, මාධ්‍යවේදිනියගේ හැඳුනුම්පත, ඇය හඳුනාගත්තාට පසු කොල්ලා කුණු-මඩවලකට වීසි කරන එක. කුණු වතුර අස්සෙන් ‘මීඩියා’ කියලා පෙනෙද්දි මතු කරන උත්ප‍්‍රාසය අපේ සමාජයේ මේ මොහොත පෙනෙන හොඳ හරස් කැපුමක්..මේක ප‍්‍රදර්ශණය කළේ ජාතිවාදී මත වපුරන නරක නමක් දරණ නාලිකාවක් සංවිධානය කරන සම්මාන උලෙළක. විදර්ශණ කන්නන්ගරත් එ්ක චිත‍්‍රපටිය ඉවර වෙලා කෙරුණු සාකච්ඡුාවෙදි මතු කළා. කසුන් එ් ගැන කිව්වෙ මෙහෙමයි..”අපිට ඕන වුණේ ඌරගෙ මාළු – ඌරගෙම ඇෙඟ් තියලා කපන්න.”.සතුටුයි. කොන්දක් තියෙන අධ්‍යක්ෂවරයෙක් විදිහට කසුන් කරපු එ් ප‍්‍රකාශනය ගැන. x.විකුම් ජිතේන්ද්‍ර.Tags.නයිට් රයිඩර්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleෆේස්බුක් මුදල් ඒකකය ලිබ්රා.Next article‘අත්දැකීම් ප‍්‍රකාශ කළ හැකි හොඳම මාර්ගය සාහිත්‍යයි’ – ජෝකා අල්හාති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අපරාධ සැකකරුවකු සඟවාගෙන සිටි බවට චෝදනා ලත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපරාධ සැකකරුවකු සඟවාගෙන සිටි බවට චෝදනා ලත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා.By සංස්කාරක.June 24, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..අරුණ ජයවර්ධන.ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නට යන බව පසුගිය සතියේ ඉරිදා දිවයින සිය ප‍්‍රධාන සිරස්තලයෙන් කීවේය. යුද්ධය කළ හමුදා රණවිරුවන් මේ ආණ්ඩුව විසින් දඩයම් කරන්නේය යන ප‍්‍රවාදය සමාජය තුළ වැපිරීමේ අදහසින් දිවයින මෙවැනි ප‍්‍රවෘත්ති විශේෂ අවධාරණයකින් පළකරන නමුත්, එහි කතාව ඇත්තය..ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා එසේ අත්අඩංගුවට ගන්නට යන්නේ තරුණ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව අතුරුදන් කිරීමේ අපරාධයට හා මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට ප‍්‍රදාන සැකකරුවකු වශයෙන් සැලකෙන නේවි සම්පත් හෙවත් හිටපු ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, මුලින් කී අපරාධයට අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයන බව හොඳින්ම දැන දැන, ඔහු සඟවා තබාගෙන රටින් පිට කිරීමේ වරදටය..මෙලෙස පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබාගැනීම සහ පසුව අතුරුදන් කිරීම පිළිබඳ පරීක්‍ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඒ ගැන පවරා ඇති අංක බී732/09 දරන නඩුව සඳහා වරින්වර පරීක්‍ෂණයේ ප‍්‍රගතිය ගැන කරුණු වාර්තා කරයි. එම නඩුව අවසාන වශයෙන් කැඳවා ඇත්තේ 2018 ජුනි 14වැනි දිනය..ඉහත විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවන් 10දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඉන් සැකකරුවන් 8 දෙනකු අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇති අතර, 2018 ජනවාරි 16 දින සහ 2018 ජනවාරි 28 දින පිළිවෙළින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බලනැවි කේඒ ගාමිණී සහ නාවික හමුදා සුළු නිලධාරී එච්එන්ඒ තුෂාර මෙන්ඩිස් යන සැකකරුවෝ මේ දක්වා රක්‍ෂිත බන්ධනාගාරව සිටිති..විමර්ශනයේදී සිද්ධීන්වලට අදාළ නඩුවේ 2වන සැකකරු ලෙස නම් කර තිබුණු හිටපු ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යන අයගේ සම්බන්ධතාව සම්බන්ධයෙන් විශ්වසනීය සාක්‍ෂි විමර්ශනයේදී අනාවරණය වී තිබුණු පසුබිම මත, සිද්ධීන්වලට අදාළව නේවි සම්පත්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වුවමනා විය..ඒ අනුව 2017 මාර්තු 2වැනිදා මෙම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට නාවික හමුදාපති සහ දැන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න වෙත ලිපියක් යවා තිබේ. ලිපිය යවා ඇත්තේ මාර්තු 1 වැනි දිනය. එහෙත්, මාර්තු 2 වැනිදා නේවි සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොආවේය. එනිසා, නැවතත් නේවි සම්පත් සීඅයිඞීයට යොමුකරන ලෙස 2017 මාර්තු 28 දිනය සහිත ලියුමක් හිටපු නාවික හමුදාපති රවි විජේගුණරත්න වෙත සීයිඩිය විසින් යොමුකර ඇත..කරන ලද විමර්ශනවලදී, දුරකථන හුවමාරු සම්බන්ධතා හා අදාළ කුලූනුවල පිහිටීම මත හෙළිකරගත හැකිවුණු අන්දමට මේ කියන දවස්වල නේවි සම්පත්, නාවික හමුදා මූලස්ථානයේ නේවාසිකව සිට ඇති බවට සනාථ වී තිබේ..මේ කාලයේ එක් දිනක්, නේවි සම්පත් හා තවත් නාවික හමුදා නිලධාරියකු මූලස්ථානයේ විදුලි සෝපානයකින් පහළට එමින් සිටියදී ඔවුන්ට නාවික හමුදාපති රවි විජේගුණරත්න මුහුණට මුහුණ හමුවිය. නාවික හමුදාපතිවරයා නේවි සම්පත්ගෙන් කොහේ යනවාදැයි ඇසුවේය. නේවි සම්පත් කිව්වේ, බිරිඳ පැමිණ සිටින බැවින ඇය හමුවීමට යන බවයි. එවිට නාවික හමුදාපතිවරයා නේවි සම්පත්ට කියා ඇත්තේ, පොලිසියට අහුවෙන්නේ නැතිව පලයන් කියාය. නේවි සම්පත් සමග ඒ අවස්ථාවේ සිටි නාවික නිලධාරියා, පොලිසියට අහුවෙන්නේ නැතිව යන්න කිව්වේ ඇයිදැයි ඇසූ විට, නේවි සම්පත් කියා ඇත්තේ, සීඅයිඞීයෙන් තමාව හොයන බවයි..මේ අනුව පැහැදිලි වන්නේ, සීඅයිඞීයෙන් නේවි සම්පත් හොයන බව දැන දැනම ඔහු නාවික හමුදා මූලස්ථානයේ රැුකවරණය ලබා ඇති බවයි. එපමණක් නොවේ, හිටපු නාවික හමුදාපති රවි විජේගුණරත්නද සීඅයිඞීයෙන් ඔහු සොයන බව දැනගෙන සිටි බවයි. එහි තේරුම, හිටපු නාවික හමුදාපතිවරයා, පොලිසියෙන් සොයන කෙනකු බව දැන දැනත් නේවි සම්පත් ආරක්‍ෂා කළ බව නොවේද?.ඊට අමතරව, නේවි සම්පත්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප‍්‍රකාශයක පැහැදිලිවම සඳහන් කරන්නේ තමාගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා මුලස්ථානයේ අංක 6 දරන නිලධාරි කාමරයේ (වෝඞ් රූම්) සිටි බවයි. තමන්ට නාවික හමුදාපති රවි විජේගුණරත්න මුදල්වලින්ද උදව් කළ බව ඇය සිය ප‍්‍රකාශයේ සඳහන් කොට තිබේ. වරෙක නේවි සම්පත් නේවාසිකව සිටි කාමරයට ආ වෙනත් නිලධාරියකුට සල්ලි මිටියක් පෙන්වූ නේවි සම්පත්, ‘බලපං කමාන්ඩර් මට සලකන හැටි’යි කියමින් ඒ මිටියෙන් නෝට්ටු කිහිපයක් ගෙන සාක්කුවේ දාගත් බවද සීඅයිඞීය ඉදිරියේ ඇති ප‍්‍රකාශවලින් කියැවෙයි..තවදුරටත් හෙළිදරව් වන්නේ, මෙසේ නාවික හමුදා මූලස්ථානයේ ආරක්‍ෂාව සහිතව තබාගෙන සිටි නේවි සම්පත්, පසුව බෝට්ටුවකින් රටෙන් පිටකර ඇති බවයි..ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවි විජේගුණරත්න මෙලෙස අපරාධ සැකකරුවකු සඟවා තබාගැනීම ගැන පසුගිය මාසයේ පැවැති, පසුගිය රජය කාලයේ අපරාධ චෝදනා ගැන සොයාබලා පියවර ගැනීමට ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ඇමති කමිටු රැුස්වීමේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඍජුවම කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී රවි විජේගුණරත්න වෙත මේ චෝදනාව ඍජුවම එල්ල කරන ලදි. ඉන් කෝපයට පත්වු විජේගුණරත්න, සීඅයිඞී නිලධාරීන්ට බැන වැදුණු බවත්, තමා ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බැවින් ඒ ගැන ගෞරව කළ යුතු බවත් කියා ඇත. එහෙත්, තමාට එරෙහිව ඇති චෝදනා සාක්‍ෂි සහිත නම් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවද ඔහු කියා තිබේ..එහෙත්, විමර්ශනවලින් පැහැදිලි වන්නේ, අද්මිරාල් රවි විජේගුණරත්න හා නේවි සම්පත්ගේ අධීක්‍ෂණ නිලධාරියා, මේ සැකකරු සීඅයිඞීය වෙත යොමු නොකිරීමට හිතාමතාම කටයුතු කර ඇති බවයි..ඒ පසුබිම මත, 2017 ජූලි 13 වැනිදා විමර්ශන නිලධාරීන් විසින් සැකකරුට එරෙහිව පළමු දින වරෙන්තුවක් අධිකරණයෙන් ලබාගත් අතර, 2017 ඔක්තෝබර් 9වැනිදා විවෘත වරෙන්තුවක්ද ලබාගත්තේය. ඊට අමතරව ප‍්‍රසිද්ධ නිවේදනයක් නිතුත් කරමින් පොලිසිය නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වන ලෙස මහජනතාවගෙන්ද ඉල්ලා සිටියේය. මේ සියලූ තොරතුරු අද්මිරාල් රවි විජේගුණරත්න නොදැන සිටින්නට කිසිම හේතුවක් නැත..නේවි සම්පත්ට ඇත්තේ මේ චෝදනාව පමණක් නොවේ. යාපනය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්ට හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරි පොලිස් කොස්තාපල් 30636 ලක්‍ෂ්මන්ට 2006 නොවැම්බර් 10වැනි දින නාරාහේන්පිටදී වෙඩිතබා ඝාතනය කිරිමේ නඩුවේ ඔහු 2වැනි විත්තිකරුය. මේ ඝාතන සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ 8331/16 අංකය දරන නඩුව විභාග කෙරුණු අතර, එහි අවසාන තීන්දුවෙන් සියලූ විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරන ලදහ..එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවත්, නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳත්, එම තින්දුවට එරෙහිව අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණය වෙත යොමු කොට ඇත. මේ අභියාචනය, 2018 ජුනි 25වැනි දින විමසීමට නියම කර ඇත..අද්මිරාල්ගේ වරද.හෙළිකරගත් තොරතුරු අනුව, වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතා, විවෘත වරෙන්තු නිකුත්වී ඇති අපරාධ සැකකරුවකු වන නේවි සම්පත් හෙවත් ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නීත්‍යනුකූලව අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සහ/හෝ සැකකරුට රැුකවරණය දීම සඳහා කටයුතු කරන බවට ඉතාම හොඳින් පැහැදිලි වෙයි. ඒ අනුව, වර්තමාන ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවි විජේගුණරත්න ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරද දෙකක් සිදුකර ඇති බවට තොරතුරු තිබේ..එකක් නම්. 198 වගන්තියේ සඳහන් වන, කරනු ලැබු වරදක් පිළිබඳ සාක්‍ෂි අතුරුදහන් කරවීම හෝ වරදකරු ආවරණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයීමයි..දෙවැන්න, 209 වගන්තියේ සඳහන් වන පරිදි, වරදකරුයැයි විශ්වාස කිරීමට කරුණු ඇත්තාවූ තැනැත්තකු නීත්‍යනුකුල දඬුවමෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා ඔහුට නවාතැන් දීම හෝ, ඔහු සැඟවීම හෝ උපකාර කිරීමයි. රවි විජේගුණරත්නගේ මේ නීති විරෝධී ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් 2018 මැයි 31වැනි දින සීඅයිඞීය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබේ. විමර්ශන නිලධාරීන් විසින් විවෘත අධිකරණයේදී කරුණු දක්වාද තිබේ..පුද්ගලයන් 11 දෙනකු පැහැර ගැනීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් වී සිටින බහුතරයක් දෙනා නාවික හමුදා නිලධාරියෝ හා නැවියෝය. ඔවුන් අතරින් ප‍්‍රධානතම සැකරුවකු වන නේවි සම්පත්ට මෙලෙස රවි විජේගුණරත්න රැුකවරණය සැපයීම වනාහි එක් අතකින් අපරාධ වරදකි. අනෙක් අතින් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී යන තනතුරට කිසිසේත් නොගැළපෙන අපචාරයකි. අනෙක් අතට සැකකරුවන්ට නාවික හමුදාවේ ඉහළම නිලධාරියකු විසින් රැුකවරණය දෙන පසුබිමක, අපරාධ විමර්ශනය ඉදිරියට ගෙනයෑමේදී බලවත් බාධා ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ..ඉල්ලා අස්විය යුතුයි.මෙවැනි අපරාධ චෝදනාවක් ගොනුවී තිබෙන විට, නීතිය තිබෙන රටක නම්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවි විජේගුණරත්න කළ යුත්තේ වහාම ඉල්ලා අස්වී සිය වැදගත් තනතුරේ කීර්තිය ආරක්‍ෂා කර දීමයි. එසේ ඉල්ලා අස්වී, තනතුර පිරිසිදු කිරීමේ පියවරක් මේ පුද්ගලයා නොගන්නේ නම්, ඊළඟට විය යුත්තේ, එම තනතුරුවල ඉහල අධීක්‍ෂකයන් එම තනතුරේ ගෞරවය ආරක්‍ෂා කෙරෙන පියවරක් ගැනීමයි..ඉවත් කළ යුතුයි.ඒ සඳහා පළමු වගකීම ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛiරත්නටය. 2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත අනුව, ජනාධිපතිවරයා විසින් පත්කෙරෙන නමුත්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා කටයුතු කළ යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අධිකාරයට, විධානයට, පාලනයට සහ අධීක්‍ෂණයට යටත්වය. එහි තේරුම මාණ්ඩලික ප‍්‍රධානියාගේ ක‍්‍රියාකලාපය දෙස පැය විසිහතර පුරාම බලාගෙන ඉන්නේ ආරක්‍ෂක ලේකම්වරයා බවය. තවදුරටත් කියන්නේ නම්, මාණ්ඩලික ප‍්‍රධානියා යම් වරදක් කරන හෝ විෂමාචාරයක යෙදෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මූලික පියවර ගතයුත්තේ ආරක්‍ෂක ලේකම්වරයා බවය..එහෙත්, එවැනි විෂමාචාරයකදී ඔහු දුරයෙන් ඉවත්කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පනතේ 4වැනි වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් ඕනෑම අවස්ථාවකදී ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලූ සැලකිල්ලට ගෙන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඒ සඳහා හේතු දැක්වීමකින් තොරව ධුරයෙන් ඉවත්කරනු ලැබිය හැකිය..රටේ නීතිය සමාන ලෙස ක‍්‍රියාත්මක කිරීම ගැන පුරසාරම් දොඩවන ජනාධිපති මෛත්රීපාල සිරිසේන, මේ සම්බන්ධයෙන් වගකිව යුතු නොවේද? ඔහු කියන දේ කරන කෙනෙකු නම්, වහාම ක‍්‍රියාත්මක වන පරිදි රවි විජේගුණරත්න නමැති අපරාධ චෝදනා ලද නිලධාරියා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉවත් කළ යුතුය. නැතහොත්, ඉල්ලා අස්වන ලෙස ඔහුට දැනුම් දිය යුතුය. එහෙත් මේ වන තෙක් එවැන්නක් නොකිරීමෙන් පෙනෙන්නේ කුමක්ද? සේනාධිනායක හා ජනාධිපති සිරිසේනද මේ අපරාධ චුදිතයන්් ආරක්‍ෂා කරමින් සිටින බව නොවේද?.අත්අඩංගුවට ගැනීම.විජේගුණරත්න තනතුරෙන් ඉවත් නොවන්නේ නම් හෝ ඔහු ඉවත් නොකරන්නේ නම් හෝ කළ හැකි ඊළඟ දේ වන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමයි. එහෙත්, එය රටේ ප‍්‍රතිරූපයටත් නරක පියවරක් වනු ඇත. මේ වන විටත් යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අමල් කරුණාසේකර සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. ඔහු රවි විජේගුණරත්න ඇරුණු විට ඊළඟට සිටින හමුදා ප‍්‍රධානියාය. කීත් නොයර් පැහැරගෙන ගොස් ඝාතනය කරන්නට සුදානම් වීමට අදාළ සිද්ධිය පිළිබඳව අමල් කරුණාසේකර රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියි. ඊට අමතරව, උපාලි තෙන්නකෝන් පැහැරගෙන යන්නට තැත්කිරීමට අදාළවද අමල් කරුණාසේකරට චෝදනා නැගී ඇත..යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මොහොතක, ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියාත් අත්අඩංගුවට ගතහොත්, එය එක් අතකින් සන්නද්ධ හමුදාවල කීර්තියට විශාල හානියක් වන අතර, අනෙක් අතින් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වේය යන චෝදනාව කිසිවකු විසින් එල්ල කරනු ලැබිය හැකි තත්ත්වයකි. ඒ නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු තවමත් සැලකිලිමත් වෙති. එහෙත්, අද්මිරාල් රවි විජේගුණරත්න සිය කීර්තිමත් තනතුරට නොගැළපෙන වරදක් ගැන චෝදනා ලබා සිටියි..මේ නරක තත්ත්වය වළක්වාගන්නට කළ හැකි දේවල් කිහිපයක් ඇත. පළමුවැන්න, රවි විජේගුණරත්න සිය තනතුරෙන් ඉල්ලා අස්වීමයි. දෙවැන්න ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන්, ජනාධිපතිවරයා විසින් ඔහු ධුරයෙන් ඉවත්කිරීමයි. එවිට ඔහුට එරෙහිව චෝදනා ඉදිරියට ගෙනයන්නට පහසුවක් ලැබෙන අතර, නඩු පවරන අවස්ථාවකදී සිය නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට ඔහුට හැකිවනු ඇත..මේ පියවර දෙක සිදුනොවන තාක් සිදුවන්නේ, ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවීමෙන් මුළුමහත් ත‍්‍රිවිධ හමුදාවලම ප‍්‍රතිරූපයට විශාල හානියක් වීම වළක්වාගත නොහැකි වීමයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article..ඒත් නවතින්නේ නැහැ. සන්ධ්‍යාඑක්නැළිගොඩ.Next articleඅලූත්කඬේ කෆ්කා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
රාජ්‍ය ආයතනවලින් තුනෙන් එකක් තමන්ට බෙදාගත් රාජපක්ෂ පවුලේ ආණ්ඩුව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රාජ්‍ය ආයතනවලින් තුනෙන් එකක් තමන්ට බෙදාගත් රාජපක්ෂ පවුලේ ආණ්ඩුව.By සංස්කාරක.July 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.රටේ ආරක්ෂාව සම්බන්ධ ආයතන, භාණ්ඩාගාරය, මහා බැංකුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම් ආදි මෙකී නොකී සියලුම වැදගත් ආයතන ඇත්තේ රාජපක්ෂවරුන් යටතේ.කැබිනට් අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් වෙන්කිරීම රාජ්‍ය ආයතන හා කාර්යභාරයන් වෙන්කරන ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රය අවසන් වරට නිකුත් කරනු ලැබුවේ ජුලි 08 වැනිදාය. එම ගැසට් පත්‍රයෙන් සිදුකර තිබුණේ ඊට පෙර දින එනම් ජුලි 07 දින ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත්කිරීමට අදාළ විෂයන් වෙන්කිරීමේදී සිදුවූ වරදක් නිවැරදි කිරීමය. ඒ අලුතින් ඇති කරන ලද අගමැති මහින්ද රාජපක්ෂට පවරන ලද ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ තවත් රාජ්‍ය ආයතන 03ක් පැවරීමය. එම ගැසට් පත්‍රයෙන් බැසිල් රාජපක්ෂට පවරා තිබූ ආයතන 03ක් ඒ අනුව අඩුකිරීමය..ජනාධිපතිවරයා බලයට පත්වූ දා සිට අමාත්‍යවරුන්ට විෂයන් පැවරීමේ මෙම ගැසට් පත්‍රය 18 වතාවක් නිකුත් කර ඇති අතර එමගින් අපට පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ වියතුන් සකස් කරනවා යැයි කී, විද්‍යාත්මකව විෂයන් වෙන් කිරීමේ කැබිනට් මණ්ඩලය විහිළුවක් බවට පත්වී ඇති බවයි. නැතිනම් බලයට පත්වී අවුරුදු දෙකකටත් අඩු කාලයකින් ඒ සඳහා මෙතරම් ගැසට් ගැසීමේ අවශ්‍යතාවක් පැන නැඟිය නොහැකිය..මෙම ගැසට් පත්‍රවලින් ආසන්නම ගැසට් පත්‍ර ගැන සලකා බැලීමේදී වඩා වැදගත් වන්නේ බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමඟ ජුලි 07 දින නිකුත් කළ 17 වන ගැසට් පත්‍රයය..එහිදී බැසිල් රාජපක්ෂට අමතරව තවත් රාජපක්ෂවරයෙකුට ජනාධිපතිවරයා සලකා තිබුණි. ඔහු ශෂීන්ද්‍ර රාජපක්ෂය. වී, ධාන්‍ය …. ලෙස ඇරඹුණ ඔහුගේ රාජ්‍ය අමාත්‍යාංශයට එහිදී කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන යන අලුත් නාමකරණයක් එක්වී තිබුණි. ඒ නිකම්ම නොවේ ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය යන රාජ්‍ය ආයතන 04 ඔහුට එක්කරමින්ය. එම ආයතන ඊට පෙර අයත්ව තිබුණේ පොහොර නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී ද සිල්වාටය. මොහාන් පී ද සිල්වාට අයත් ආයතන 04ම දැන් ඔහුගෙන් ඉවත්කර ඇති නිසා ඔහු දැන් කිසිදු රාජ්‍ය ආයතනයක් නැති රාජ්‍ය ඇමතිවරයෙකු බවට පත්වී ඇත. මීට පෙර එවැන්නකුට සිටියේ ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පමණය. ඒ අනුව ජනාධිපතිවරයාගේ විද්‍යාත්මක අමාත්‍යංශවල කිසිදු රාජ්‍ය ආයතනයක් නැති රාජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව දැන් 02ක් දක්වා ඉහළ නැග ඇත..මේ ප්‍රවේශය අපට වැදගත් වන්නේ රාජපක්ෂවරුන්ගේ ඇමතිකම් හා ඔවුන්ට අයත් රාජ්‍ය ආයතන ගැන සාකච්ඡා කරන්නටය. කැබිනට් ඇමති මණ්ඩලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ සිටිති. ඊට අමතරව රාජ්‍ය ඇමතිවරයකු ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ සිටී. ඇමතිකමක් නැත්තේ කුළුඳුලේම මෙවර පාර්ලිමේන්තු ආ නිපුන රණවක නම් රාජපක්ෂවරුන්ගේ සහෝදරියගේ පුත්‍රයාටය. ඒත් ඔහු මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ප්‍රධානියාය..ආරක්ෂක ඇමති හා තාක්ෂණ ඇමති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. අගමැති මහින්ද රාජපක්ෂට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, බුද්ධ සාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 03ක් තිබේ. චමල් රාජපක්ෂට වාරිමාර්ග ඇමති ධුරයත් ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයත් තිබේ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිය. නාමල් රාජපක්ෂට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ධුරයත්, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයත් තිබේ. ශෂින්ද්‍ර රාජපක්ෂ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිය..ඒ අනුව රාජපක්ෂ පවුලේ අයියා මලෝ හා පුතුන්ට කැබිනට් අමාත්‍යාංශ 08ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් වශයෙන් මුළු අමාත්‍යාංශ 11ක් තිබේ. මීට අමතරව ජනාධිපති කාර්යාලය යටතේද ජාතික ප්‍රමුඛතා යනුවෙන් ජනාධිපතිවරයාගේ කාර්ය සාධක බලකායන්ට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා පෝර්ට් සිටි හෙවත් කොළඹ වරාය නගර කොමිෂන් සභාව ඇත. මේ අමාත්‍යාංශ 11 තුළ හා ජනාධිපති කාර්යාලය යටතේ මතුපිටින් බැලූ විට රාජ්‍ය ආයතන 134ක් තිබෙන බව පෙනේ. ඒත් ඇත්ත ආයතන ගණන ඊට වඩා වැඩිය. ඊට හේතුව රාජ්‍ය ආයතන කිහිපයක් එකක් ලෙස දක්වා තිබීමේ අවස්ථා මෙම ගැසට් පත්‍රවල දක්නට ලැබීමය. ඒ සඳහා හොඳම උදාහරණය ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍යාංශය යටතේය. සියලු රාජ්‍ය බැංකු, මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන එහි දක්වා ඇත්තේ එක් රාජ්‍ය ආයතනයක් ලෙසය. නමුත් ඒ යටතේ රාජ්‍ය බැංකු ගණනාවක්, එම බැංකුවලට අනුබද්ධ ආයතන ගණනාවක් තිබේ. එසේම රජයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගතහොත් එහි පාලනය යටතේ ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස්, ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය ආදිය තිබෙන බව හඳුනාගත හැකිය. ටෙලිකොම් සමාගම සම්බන්ධයෙන් තත්වය එයමය. ඒ අනුව ඇත්ත වශයෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යටතේ නිල වශයෙන් පාලනය වන රාජ්‍ය ආයතන සංඛ්‍යාව ආසන්න වශයෙන් 150ක් පමණ වන බව හඳුනාගත හැකිය..මෙම සටහනේ වෙන වෙනම දක්වා ඇති මේ රාජ්‍ය ආයතන නිකම්ම නිකම් රාජ්‍ය ආයතන නොවන බව පැහැදිලිය. ඒවා රටේ වැදගත්ම රාජ්‍ය ආයතනයන්ය. එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති මුළු රාජ්‍ය ආයතන සංඛ්‍යාව වන 369න් තුනෙන් එකකටත් වඩා වැඩිය. සංඛ්‍යාත්මකව මුළු රටෙන් තුනෙන් එකකටත් වඩා වැඩි රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් රාජපක්ෂවරු පාලනය කරනවා යැයි කිව හැකි වුවත් එසේ පාලනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රබලත්වය අනුව එය ඊට වැඩි එකක් ලෙසද හඳුනාගත හැකිය..ඒ අනුව 18 වතාවකදී අලුතින් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඇති කිරීමේදී හා විෂයන් වෙනස් කිරීමේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර බෙදාගත් රාජ්‍ය ආයතන සංඛ්‍යාවේ වෙනසක් වී නැති බව එම ගැසට් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි..රටේ ආරක්ෂාව සම්බන්ධ ආයතන, භාණ්ඩාගාරය, මහා බැංකුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම් ආදි මෙකී නොකී සියලුම වැදගත් ආයතන ඇත්තේ රාජපක්ෂවරුන් යටතේය. මෙතෙක් ඒ ඒ අමාත්‍යාංශය විෂයන්ට අයත්ව තිබූ අරමුදල් පවා දැන් ඇත්තේ ඒ ඒ අමාත්‍යාංශ යටතේ නොව රාජපක්ෂවරුන් යටතේය. එසේ වුවද සැබෑව වන්නේ මුළු රටේ සියලු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය නම් තීන්දු තීරණ ගැනීමේ බලය රාජපක්ෂවරුන්ට ඇති බවත් එය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හා නිලධාරීන් පත්කිරීම ආදියේදී පෙන්නුම් කර ඇති බවත්ය. ඒ අනුව මේ ආණ්ඩුව වූ කලි මෙතෙක් පැවති රාජපක්ෂ ආණ්ඩු මෙන්ම රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් මිස වෙනසක් නැත.■..කිසිම රාජ්‍ය ආයතනයක් නැති රාජ්‍ය ඇමති.ශෂීන්ද්‍ර රාජපක්‍ෂට දීම සඳහා මොහාන් පී ද සිල්වා යටතේ තිබුණු රාජ්‍ය ආයතන 04ම දැන් ඔහුගෙන් ඉවත්කර ඇති නිසා ඔහු දැන් කිසිදු රාජ්‍ය ආයතනයක් නැති රාජ්‍ය ඇමතිවරයෙකු බවට පත්වී ඇත...අගමැති මහින්ද රාජපක්ෂ.ආර්ථික ප්‍රතිපත්ති හා සැලස්ම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය:.ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගමය, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල.බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය:.බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපටි සංස්ථාව, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම, ජේ ආර් ජයවර්ධන පදනම.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය:.ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම...ඇමති නාමල් රාජපක්ෂ.තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය:.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, සී/ස තරුණ සේවා සමුපකාරය, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය, මිසිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය, ජාතික ක්‍රීඩා සභාව.ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය:.කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන...ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.ජනාධිපති කාර්යාලය:.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.ආරක්ෂක අමාත්‍යාංශය:.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍යභට බලකාය, මිලෝදා ආයතනය (ඇකඩමි ඔෆ් ෆයිනෑන්සියල් ස්ටඩීස්) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් ලෙස.තාක්ෂණ අමාත්‍යාංශය:.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව...ඇමති චමල් රාජපක්ෂ.වාරිමාර්ග අමාත්‍යාංශය:.වාරිමාර්ග දෙපාර්තමේන්තුව, උමා ඔය, මොරගහකන්ද, කළුගඟ, ගිං, නිල්වලා, මල්වතු ඔය ඇතුළු අනෙකුත් ප්‍රධාන වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව.රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය:.රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඩ්, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය, ආරක්ෂක සේවා පාසල, ජාතික ආරක්ෂක අරමුදල, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාතනය, රණවිරු සේවා අධිකාරිය, අපි වෙනුවෙන් අපි අරමුදල...ඇමති බැසිල් රාජපක්ෂ.මුදල් අමාත්‍යාංශය: (භාණ්ඩාගාර කටයුතු) මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව, නීති කටයුතු දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව.(රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව.(බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපල ප්‍රතිපත්ති නියාමන කටයුතු) ශ්‍රී ලංකා මහා බැංකුව, සියලු රාජ්‍ය බැංකු, මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්, ණය තොරතුරු කාර්යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිසම, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව,.(අරමුදල් කළමනාකරණය) ලෝහෝර් ආර්යා අරමුදල, වර්ජන කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, වකුගඩු අරමුදල, තේ ශක්ති අරමුදල, කප්රුක අරමුදල, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාරකාර අරමුදල, සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල, දේශීය ණය සහ සංවර්ධන අරමුදල, නිමැයුම්කරුවන්ගේ අරමුදල, තුරුසවිය අරමුදල.(ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන) විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවි භාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල...රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ.ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය (ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය) ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය.■....Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමතක්වෙන්නේ රතුපස්වල, රොෂේන් චානක හා ඇන්ටනිය.Next articleඅවශ්‍ය කරන්නේ විකල්පයක්ද, ආදේශනයක්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
නව ව්‍යවස්ථාවක් සැදීම:කෙසේද? කවුරුන් විසින්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නව ව්‍යවස්ථාවක් සැදීම:.කෙසේද? කවුරුන් විසින්ද?.By සංස්කාරක.January 18, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ජනාධිපති නීතිඥ.ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් සැදීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කර නැතැයි විවේචන එල්ලවී ඇත. මෙය සාවද්‍යය. නව ව්‍යවස්ථාවක අන්තර්ගතය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන අතර ක්‍රියාවලිය පිළිබඳවද කතිකාවක් අරඹා ඇත. ව්‍යවස්ථාවක් සැදීමේ ක්‍රියාවලිය ගැන සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පසුගිය මාසයේ කතිකාවක් සයිබර් අවකාශයේ පැවැත්වූ අතර එය මෙහෙයවන ලද්දේ මෙම ලියුම්කරු විසිනි. එහිදී සාකච්ඡාවට භාජනය වූ සමහර කරුණු මෙසේය: ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ වත්මන් ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදනවල හොඳ නරක; නව ව්‍යවස්ථාවක් සැදීමේ වත්මන් රජයේ ක්‍රියාවලිය; පුළුල් පිළිගැනීමක් මෙන්ම සුජාතභාවයක්ද ඇති ව්‍යවස්ථාවක් සැදීමේ හොඳම ක්‍රමය කුමක්ද?; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සැදීමේ විකල්පය; බහුතරවාදී ව්‍යවස්ථාවක් සැදීම වැළැක්වීම; මහජන සහභාගිත්වය; සහ විශේෂඥයන්, ප්‍රභූන් සහ සිවිල් සමාජයේ භූමිකාව..පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි නොකරගෙන ව්‍යවස්ථාවක් සැදීම ගැන ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනැගෙමින් පවතී. එවැනි ක්‍රියාවලියක් සඳහා තර්කයක් වන්නේ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාවක් සාදන විට ඔවුන් තමන්ගේ බැඳියාවන්ට ප්‍රමුඛත්වය දෙන බවය..දැන් චිලී රාජ්‍යයේ කෙරෙමින් පවතින ව්‍යවස්ථා ක්‍රියාවලිය හොඳ ආදර්ශයක් ලෙස පෙන්වාදී ඇත. 2019 ඔක්තෝබර් මස පැවති දැවැන්ත මහජන උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වූයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සියලු පක්ෂ එකඟ වීමය. චිලියානු ව්‍යවස්ථාව ඒ අනුව සංශෝධනය කරන ලදි. නව, එහෙත් එක් වරකට පමණක් සීමාවූ, ක්‍රියාවලියක් සඳහා ප්‍රතිපාදන 130 සිට 143 දක්වා වූ නව වගන්තිවලින් සැලසිණ. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විණ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මණ්ඩලය මන්ත්‍රීවරුන් සහ තෝරා පත් කෙරෙන සාමාජිකයන් සමාන සංඛ්‍යාවලින් සමන්විත විය යුතුද, එසේ නොමැති නම් තෝරා පත් කෙරෙන සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත යුතුද යන්නද විමසන ලදි. ඡන්දදායකයන් විශාල බහුතරයකගේ මතය වූයේ තෝරා පත් කෙරෙන සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බවය. ඒ අනුව තෝරා පත් කර ගන්නා ලද සම්පාදක මණ්ඩලයේ පිරිමින් සහ කාන්තාවන් සම සමව සිටින අතර සාමාජිකයන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 44.5කි. ළාබාලම සාමාජිකයාගේ වයස 21කි. 43%ක් නීතිඥවරු සහ නීති සිසුහුය; 20%ක් ගුරුවරුය. ආදිවාසී ජනයා නියෝජනය සහතික කරන ලදි. එහි සභාපතිනිය 39 හැවිරිදි දන්ත ශල්‍ය වෛද්‍යවරියකි. නව ව්‍යවස්ථාව 2/3ක බහුතරයකින් සම්මත විය යුතු අතර ඡන්දදායකයන් සහභාගීවීම අනිවාර්ය වන ජනමත විචාරණයකදී එය අනුමත කළ යුතුවේ..නව ව්‍යවස්ථාවක් සැදීම සඳහාම තෝරා පත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම හොඳම විකල්පය බව ලියුම්කරු පිළිගනී. එහෙත්, චිලී රාජ්‍යයේ කළාක් මෙන්, ඒ සඳහාද ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය. එවැනි සංශෝධනයකට මන්ත්‍රීවරුන් එකඟ කර ගැනීම පහසු නොවන නමුත් කළ නොහැකි දෙයක් නොවේ. 17 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත වූයේ පක්ෂ අතර පුළුල් එකඟත්වයකින් සහ ආසන්න ඒකමතිකත්වයෙන් බව අප අමතක නොකළ යුතුය..පවතින ව්‍යවස්ථාවක ඇති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ විධිවිධාන නොතකා ජනමත විචාරණයකින් හෝ මැතිවරණයකදී ලබාගන්නා ජනවරමකින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවිය හැකිද යන ප්‍රශ්නය මතුකර ඇත. සෝල්බරි ව්‍යවස්ථාවට සාපේක්ෂව ‘ව්‍යවස්ථා විරෝධී’ වූ 1970-72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 1970 මහා මැතිවරණයේදී ලබාගත් ජනවරම මත පිහිටුවීම ඒ හා සමාන්තර ක්‍රියාවලියක් ලෙස දක්වා ඇත..එවැනි ක්‍රියාවලියකට සුජාතභාවය ලැබෙන්නේ ඉතා අසාමාන්‍ය තත්වයන් යටතේ පමණි. දීර්ඝ කාලයක් පැවති ඒකාධිපති පාලනයකට පසු ‘පැරණි’ ව්‍යවස්ථාවට ආපසු යාම තේරුමක් නැති නිසා නව ව්‍යවස්ථාවක් සාදා ගැනීමට අලුත් ක්‍රමයක් යොදා ගැනීමට විශාල මහජන සහායක් තිබෙනු ඇත. නිදහස් සටනකින් බිහිවන නව රාජ්‍යයකටද මෙය අදාළය. බංගලාදේශය බිහිවූ පසු පැරණි නැගෙනහිර පකිස්ථානයේ සිටි ෆෙඩරල් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවන ලදි..සෝල්බරි ව්‍යවස්ථාවෙන් කැඩී ශ්‍රී ලංකාවේ භූමියේ ගොඩ නැගුණු ‘ස්වයංජාත’ නව ව්‍යවස්ථාවක් සඳහා 1960 ගණන් වන විට විශාල ජන මතයක් ගොඩ නැගෙමින් පැවතිණ. මහා බි්‍රතාන්‍යයෙන් දෙන ලද ව්‍යවස්ථා වෙනුවට තමන්ගේම ව්‍යවස්ථාවන් සාදා ගැනීමේ ප්‍රවනතාවක් මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩල රටවලද මතුවී තිබුණි. ඉන්දියාවේ තත්වය විශේෂ විය. නිදහසට පෙරම පිහිටුවන ලද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ක්‍රියාවලිය දිගටම පවත්වා ගෙන යාමට ඉන්දියානු නිදහස් පනතින් ප්‍රතිපාදන පනවා තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එරට ප්‍රථම ව්‍යවස්ථාදායකය ලෙසද ක්‍රියාකළේය. නව ඉන්දියානු ව්‍යවස්ථාව සම්මත වූයේ ඒකමතිකවය..එහෙත්, ලංකා නිදහස් රාජ්‍ය ආඥාවේ එවැනි ප්‍රතිපාදන නොවීය. සෝල්බරි ව්‍යවස්ථාවේ නීතිමය අධිකාරියේ මූලාශ්‍රය වූද, පාර්ලිමේන්තුවේ එක් අංගයක් වූද, බි්‍රතාන්‍ය රැජිණ ආදේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකිද යන ප්‍රශ්නය මතු කර තිබුණි. 29(2) වගන්තිය ‘ව්‍යවස්ථාව යටතේ වෙනස් කළ නොහැක’ යනුවෙන් අල්ලස් කොමසාරිස් එදිරිව රණසිංහ නඩුවේදී ප්‍රිවි කවුන්සිලයේ පියර්ස් ඡැ්රජැ සාමිවරයා කළ ප්‍රකාශය එම නඩුවට ඍජුවම අදාළ නොමැති ආගන්තුක වැකියක් වුවද, ඉන් සෝල්බරි ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන් වෙන්විය යුතුය යන මතයට රුකුලක් ලැබුණි..මැතිවරණයේදී තෝරා පත්කරන මන්ත්‍රීන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ද කටයුතු කිරීමට ජනවරමක් දෙන ලෙස 1970 මහා මැතිවරණයේදී සමගි පෙරමුණ ඉල්ලා සිටියේය. 84.9% තරම් විශාල ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළ එම මැතිවරණයේදී සමගි පෙරමුණ තෝරා පත්වූ මන්ත්‍රීධුර 151 න් 116ක් දිනා ගනිමින් 48.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවූ විට පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලු පක්ෂ සහභාගි වීමෙන් එම ක්‍රියාවලියට සුජාතභාවයක් ලැබිණ. එහෙත්, සම්මත කරන ලද ව්‍යවස්ථාවට එවැනි සුජාතභාවයක් නොලැබුණි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට තීරණය කළ පසු ෆෙඩරල් පක්ෂය සිය සහභාගිත්වය අත්හිටුවීය. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවට විරුද්ධ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ක්‍රියාවලියට සියලු පක්ෂ එකඟ වීම විශාල ජන සහායක් ඇති ව්‍යවස්ථාවක් සැදීමට උදාවූ මහඟු අවස්ථාවක් විය. එහෙත්, 2/3ක බහුතර ආසන සංඛ්‍යාවක් ලැබුණද මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%කට අඩු ප්‍රමාණයක් ලබාගත් සමගි පෙරමුණ තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව රට මත පැටවූ බව සම්පාදක මණ්ඩල වාර්තාවලින් පැහැදිලි වේ. නව ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායකයේ කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තදට බලපෑය. 1970-72 ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය..1970 ව්‍යවස්ථාදායකයේ කාලය දික් කිරීම, 1977 පාර්ලිමේන්තුවේ කාලය වසර හයකින් දික් කිරීමට ජනාධිපති ජයවර්ධනට පූර්වාදර්ශයක් ද විය. ඒ සඳහා ජනතාවගේ ‘කැමැත්ත’ කුප්‍රකට ජනමත විචාරණයේ දී ලැබුණි. එම ජනමත විචාරණය තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීම, බහුතරවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනමත විචාරණයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳ පාඩමක්ද වේ..පෙරකී සුවිශේෂ තත්වයන්වලදී හැර, පවතින ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියාවලිය මගහැර වෙනත් ආකාරයකින් ව්‍යවස්ථාවක් ඇති කිරීම ඉතා භයානක ප්‍රතිඵල ගෙන දිය හැක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජයග්‍රහණයෙන් පසු ජනමත විචාරණයක් පවත්වා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පිහිටුවූවේ නම් එයින් සෑදෙන ව්‍යවස්ථාවේ හැඩතල කෙසේ වන්නේද කියා සිතේ මවාගත හැක!.වත්මන් ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන වෙනස් කර ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමේ අදහසට ලියුම්කරු නැවත තම සහාය ප්‍රකාශ කර සිටී. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පැවැත්වූ පෙර කී කතිකාවේ සම්පත් දායකයෙකු වූ, ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් හරහා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අදහස වෙනුවෙන් පෙනී සිටින එකමුතුවේ මූලිකයෙකු වන ජාත්‍යන්තර අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු එවැනි ක්‍රියාවලියක් සඳහා වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිඊමේ අවශ්‍යතාව පැහැදිලි කළේය..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම ගැන දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන සමග සාකච්ඡා කළ යුතුය. එහෙත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ක්‍රියාවලියට සීමා නොකොට නව ව්‍යවස්ථාවක අන්තර්ගතයටද අවධානය යොමු කළ යුතුය. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබැසිල්ගේ පුරවැසිකම.ගැන නඩුව පෙබරවාරි.Next articleජනාධිපති අමාත්‍යාංශ විෂයන් වෙනස් කළේ.ඡන්ද කල් දාන්නයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න කැබිනට් තීන්දුවක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න කැබිනට් තීන්දුවක්.By ලසන්ත රුහුණගේ.March 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.■ ලංවිමට නැති තෙල් ඒ බලාගාරවලට.■ ගිවිසුම් කාලය අවුරුදු දෙකක්.‘ඊයේ කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ක්ෂණික තීන්දු කිහිපයක්ම ගනු ලැබුවා. දැනට අක්‍රිය වෙලා තියෙන ඇඹිලිපිටිය, මාතර, සපුගස්කන්ද බලාගාරවලට අවශ්‍ය, දැවි තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාරවලට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදෙන්නට තීන්දුවක් ගනු ලැබුවා.’.මාර්තු 08 දින පැවති කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඉහත සඳහන් අදහස් පළකරනු ලැබුවේ කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින්ය. ඔහු එම අදහස් පළකළේ රටේ වත්මන් විදුලි බල අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්ය..මාර්තු 07 දින පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් එම කැබිනට් මණ්ඩල මාධ්‍ය සාකච්ඡාවේදී නිකුත් කරන හා රජයේ නිල වෙබ් අඩවියේ පළකරනු ලබන නිවේදනයට අනුව නම් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියූ ආකාරයේ කැබිනට් මණ්ඩල තීන්දු තීරණයක් නැත..ලියුම්කරු අවස්ථා ගණනාවකදී ලියා ඇති පරිදිම කැබිනට් මණ්ඩල තීන්දු තීරණ වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන නිවේදනවල ඒ ඒ සතියේ ගනු ලබන බොහෝ කැබිනට් මණ්ඩල තීන්දු තීරණ සඳහන් වන්නේ නැත. කැබිනට් මණ්ඩල තීන්දු තීරණ වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ ආන්දෝලනයට තුඩු නොදෙන ජනතාවටද දැන ගැනීමෙන් පලක් නොවන තීන්දු තීරණය. එසේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන එම කැබිනට් මණ්ඩල තීන්දු තීරණ රාජ්‍ය මාධ්‍යයේ පවා නොවැදගත් තැනක පළවන්නේ ඒ නිසාය..අප විසින් බොහෝ විට හෙළිදරව් කර ඇති පසුගිය කාලය තුළ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණාත්මක හා ආන්දෝලනාත්මක තීන්දු තීරණ කැබිනට් මණ්ඩල තීන්දු තීරණවල මෙතෙක් සඳහන් වී නැත..ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරන ලද ඉහත සඳහන් අදහස් පළකිරීම අප සලකා බැලිය යුත්තකි. එකක් එහි ඇති කරුණු නිවැරදි නොවන නිසාය. අනෙක එම නිවැරදි නොවන කරුණු අතර කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකර සඟවා ඇති බවට නිගමනය කළ හැකි තොරතුරු අප සතුව ඇති බැවින්ය..මුලින්ම නිවැරදි නොවන කරුණුවලට ගියහොත් එය මෙසේය. ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ ප්‍රකාශයේ ඇති ආකාරයට ඇඹිලිපිටිය හෝ මාතර ප්‍රදේශයේ දැවි තෙල් නැතිවීම නිසා හෝ වෙනත් ඉන්ධන වර්ගයක් නැතිවීම නිසා හෝ මේ වනවිට අක්‍රිය වී ඇති ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි බලාගාර නැත. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අනුබද්ධ හෝ එයට යම් කොටස් අයිතියක් ඇති විදුලි බලාගාරද එම ප්‍රදේශවල නැත. සපුගස්කන්දේ නම් ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි බලාගාරයක්ය. එය ඇත්තකි. දැවි තෙල් නොමැති නිසා එම බලාගාරය පසුගිය දිනවල අක්‍රිය වී තිබූ බවද ඇත්තකි..ඒ අනුව දැන් ප්‍රශ්නය පැන නඟින්නේ ඇමතිවරයා කියන ඇඹිලිපිටිය හා මාතර ඇතැයි කියන දැවි තෙල් නොමැති නිසා අක්‍රිය වූ විදුලි බලාගාර දෙක කාහට අයත්ද යන්න හා ඒවාහි ඇත්ත තත්වය කුමක්ද යන්නය. ඇඹිලිපිටියේ හා මාතර ඇත්තේ කූප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ ඒස් සමාගමට අයත් බලාගාර දෙකකි. එම බලාගාර දැවිතෙල් නොමැති නිසා පසුගිය කාලයේ අක්‍රියව තිබුණේ නැත. එම බලාගාර ක්‍රියාත්මකව නොතිබුණේ හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ එම බලාගාර දෙකෙන් පසුගිය කාලයේ විදුලිය මිලදී නොගැනීම නිසාය..එම බලාගාරවලින් මෙසේ විදුලිය මිලදී ගැනීම් සිදු නොවුණේ ආණ්ඩුවේ යම් සද්භාවයක් නිසා නොවේ. එම බලාගාර දෙකද ඇතුළු පෞද්ගලික විදුලි බලාගාර කිහිපයකින් හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ ඉතා වැඩි මිලට වසර දෙකක් හෝ හෝ ඊට වඩා වැඩි දීර්ඝ කාලයකට විදුලිය මිලදී ගැනීම සඳහා ගත් උත්සහායන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමත්, මෑත ආසන්නතම අවස්ථාවක කැබිනට් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ විරෝධය නිසා නැවතුණ නිසාත්ය..හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ ඒස් බලාගාරවලට විදුලි බල මණ්ඩලය පසුගිය කාලයේ ගෙවා ඇති මිල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එවැනි බලාගාරයක් ඉදිකිරීමේ මෙන් කිහිප ගුණයක මිලක් ගෙවා ඇති බව මීට පෙර අවස්ථා ගණනාවකදී අප පෙන්වා දී ඇත..රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණය වන සෑම අවස්ථාවකවම ලංකා විදුලි බල මණ්ඩලයට ඇති එකම විසඳුම මේ පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට දීර්ඝ කාලයකට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීමය..ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ ඉහත සඳහන් කළ ප්‍රකාශය තුළ සඟවන දෙයක් ඇති බව අප සඳහන් කළේ මේ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලය ඉහත සඳහන් කළ ඒස් ඇඹිලිපිටිය හා මාතර යන බලාගාරවලින් හා අනෙකුත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති නිසාය..මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අමතමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය රොහාන්ත අබේසේකර මෙම ඉල්ලීම කර ඇත්තේ මාර්තු 03 දින සහිත ලිපියක් යොමු කරමින්ය..පවත්නා වත්මන් විදුලි අර්බුදය විස්තර කරමින් හා ලංකා විදුලි බල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැසුම ගැන විස්තර කරමින් එම ඉල්ලීම කර තිබේ. ඒ අනුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම 2021 ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදුන් ලංකා විදුලි බල මණ්ඩලයේ 2022-2041 දිගු කාලීන ජනන සැලැස්ම අනුව මෙගාවොට් 250 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට 2022 වර්ෂයේදී සම්බන්ධ විය යුතු බවයි. දැනට ලංකා විදුලි බල මණ්ඩලය සතුව මෙගාවොට් 50 ක ඩීසල් මගින් ධාවනය වන විදුලි ජනක යන්ත්‍රයක් තිබෙන බවත්, ඉතිරි මෙගාවොට් 200 ක ප්‍රමාණය කෙටි කාලීන විදුලිය මිලදී ගැනීම් ලෙස වසර දෙකක කාලයක් සඳහා පෞද්ගලික අංශයෙන් මිලදී ගත යුතු බවය..එසේ විදුලිය මිලදී ගැනීමට යෝජනා කරන්නේ, ඒස් පවර් ඇඹිලිපිටිය (මෙ.වො. 100), ඒස් පවර් ජෙනරේෂන් මාතර (මෙ.වො. 20) ඒෂියා පවර් (මෙ.වො. 50), වී පවර් හම්බන්තොට(මෙ.වො. 24), වී පවර් පල්ලේකැලේ (මෙ.වො. 24), වී පවර් ගාල්ල (මෙ.වො. 10) හා වී පවර් වාලච්චේනේ (මෙ.වො. 24) යන පෞද්ගලික බලාගාරවලිනි. මෙම පෞද්ගලික බලාගාර දැවිතෙල් හා ඩීසල් මගින් ධාවනය වන බව එම ඉල්ලීමේ සඳහන් කර තිබේ..මෙහිදී පැන නඟින එක් ප්‍රශ්නයක් වන්නේ ජල විදුලිය සීමා වීම නිසා හා තාප බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඇතිවී ඇති විදුලි අර්බුදය විසඳීම වෙනුවෙන් සිදුකරන හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා වසර දෙකක් වැනි දීර්ඝ කාලයකට ගිවිසුම්ගත වන්නේ ඇයිද යන්නය. අනෙක් ප්‍රශ්නය වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය සතු විදුලි බලාගාරවලට මෙන්ම එයට සම්බන්ධයක් ඇති යුගදනවි වැනි බලාගාරවලට ඉන්ධන නොමැති වීම නිසා අක්‍රිය වන්නට සිදුවී ඇති තත්වය තුළ මෙම පෞද්ගලික බලාගාරවලට ඉන්ධන ලැබෙන්නේ කෙසේද යන්නය. අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තිබෙනවා නම් ලංකා විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාරවලින් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම ලබාදිය හැකිය. ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ණයට ගන්නා ලංකා විදුලි බල මණ්ඩලය කෙසේ වෙතත් මුදල් දී ඉන්ධන ගන්නා යුගදනවි බලාගාරයටත් ඉන්ධන ලබාදීමේ හැකියාවක් නැති තත්වය තුළ ඉහත සඳහන් කළ පෞද්ගලගික බලාගාරවලට පමණක් ඉන්ධන ලැබීමේ යම් ආශ්චර්යමත් දෙයක් තිබිය නොහැකිය..මෙම පෞද්ගලික බලාගාර සමඟ මේ ආකාරයේ වසර ගණනක ගිවිසුම් අත්සන් කිරීමේදී ඉතිහාසය පුරාම සිදුවී ඇති දෙය වන්නේ එම ගිවිසුම්ගත කාලයටම එම බලාගාරවලින් විදුලිය මිලදී ගත්තත් නැතත් ධාරිතා ගාස්තු ගෙවීමට සිදුවීමය. ඒ අනුව ඉදිරියේදී අපට කොතරම් ජල විදුලිය තිබුණත්, තාප බලාගාර සඳහා ඉන්ධන තිබුණත් මෙම පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හෝ විදුලිය මිලදී නොගෙන ධාරිතා ගාස්තු ගෙවීමේ චක්‍රයට හසුවීමට අපට සිදුවනු ඇත..ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය මේ කැස කවන්නේ බොරදියේ මාලු බෑමේ එම අවස්ථාවටය. හිටපු බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මේ ආකාරයට හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ ඉහත සඳහන් කරන ලද ඒස් පවර් ඇඹිලිපිටිය හා මාතර සහ ඒෂියා පවර් යන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබුණත් එය කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූයේ එම විදුලි මිලදී ගැනීම් වසර පහක් වැනි දීර්ඝ කාලයකට යෝජනා කර තිබූ හෙයිනි. එම මෑතකාලීන යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී වාසුදේව නානායක්කාර ඇමතිවරයා විරුද්ධ වී තිබුණි. ඒ හදිසි විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊට පෙර පත්කරන ලද අනුකමිටුවේ සභාපතිත්වය දරමින් ඔවුන් කරන ලද නිර්දේශ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවේ අන්තර්ගත වී නොතිබීම නිසාය. (එම කමිටුවේ සෙසු සාමාජිකයින් වශයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ කටයුතු කර තිබුණි.).එම අනුකමිටු යෝජනාව වී තිබුණේ එම පෞද්ගලික විදුලි බලාගාරවලින් මාස හයක කාලයකට විදුලිය මිලදී ගත යුතු බව හා ඒස් බලාගාර ලංකා විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට සාකච්ඡා කළ යුතු බවයි..ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 02 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය රමේෂ් පතිරණ කීවේ හදිසි අවශ්‍යතා සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවූ බව හා එම බලාගාර සහ තවත් බලාගාරවලට ඇතුළත් වියහැකි පරිදි ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලබාදුන් බවයි..ඉහත සඳහන් කරන ලද විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට යැවූ පෞද්ගලික විදුලි බලාගාර සමඟ හදිසි විදුලිය මිලදී ගැනීම යටතේ ගිවිසුම්ගත වීම සඳහා අනුමැති ඉල්ලීම් ලිපිය අනුව පෙනෙන්නේ කැබිනට් මණ්ඩලය ඊට පෙර තීරණය කළ පරිදි ඒ සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නොමැති බවයි..එමෙන්ම අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ඉහත සඳහන් කරන ලද පැහැදිලි කිරීමෙන් පෙනෙන්නේද කැබිනට් තීරණයක් වශයෙන් සඳහන් නොකළද එම පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ කෙටි කාලයකට හෝ දිගු කාලයකට විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි. එසේ නොමැතිව ඇඹිලිපිටිය හා මාතර යන බලාගාරවලට දැවි තෙල් ලබාදීම සඳහා තීන්දුවක් ගන්නට කැබිනට් මණ්ඩලයට අවශ්‍යතාවක් පැන නඟින්නේ නැත..ඒ අනුව අපට එළඹිය හැකි නිගමනය වන්නේ ’විදුලි මාෆියාව’ යනුවෙන් හඳුන්වන පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ ජාවාරමට විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය යළි ආරම්භයක් ලබා දී ඇති බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාරවලට නැති ඉන්ධන එම පෞද්ගලික බලාගාරවලට නිල වශයෙන්ම දෙන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඒ නිසාය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleත්‍රස්තවාදය වැළැක්වීමේ පනත.අහෝසි කළ යුතුයි: සජිත් කියයි.Next articleබෙහෙත් පෝලිමකුත් අත ළඟද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය ගැන දැන් නොසොයන්නේ ඇයි? ආරක්ෂක ලේකම් වෙත විවෘත ලිපියක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය ගැන දැන් නොසොයන්නේ ඇයි? ආරක්ෂක ලේකම් වෙත විවෘත ලිපියක්.By සංස්කාරක.May 3, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ප්‍රියන්ත ජයකොඩි.විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති.ආරක්ෂක ලේකම්තුමනි,.මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ බරපතළම ම්ලෙච්ඡ මිනිස් ඝාතනය ලෙස 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු දින ප්‍රහාර මාලාව සැලකිය හැක. ශ්‍රී ලාංකීය මෙන්ම විදේශිකයන්ද ඇතුළු සාමකාමි පුරවැසියන් 229 දෙනෙකුට ජීවිත අහිමි කරමින්, තවත් සිය ගණනකට මාරාන්තික තුවාල සිදු කර මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට මෙම ප්‍රහාරය සමත් වූ බව අප සැමට නොරහසකි..ප්‍රහාරය සිදු මුල් අවස්ථාවේ සිටම ප්‍රහාරයට ලක්වූ වින්දිතයන්ට සහන සැලසීමට අතිඋතුම් කාදිනල් හිමිපාණන් එදා සිට පුරා වසර තුනක් ගතවීමෙන් පසුවත් මේ මොහොත වනතුරුත් සිය බැටළු රැළට නායකත්වය මෙන්ම ආරක්ෂාවද සලසන සැබෑ එඩේරකු ලෙස මිලේච්ඡ ඝාතන සිද්ධියට වගකිව යුත්තන් සහ එය පසුපස ඇතැයි සැක කරන දේශපාලන කුමන්ත්‍රණය හෙළි කර ගැනීමට අපිරිමිත සටනක යෙදී සිටී. මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරය වෙත ද තම හුදෙකලා සටන පුළුල් කිරීමට මේ වන විටත් එතුමා සමත්ව සිටින බව අප කාටත් නොරහසකි..මෙවැනි තත්ත්වයක් හමුවේ රටේ ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන සිවිල් නිලධාරියා ලෙස ඔබ පසුගිය දිනක පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් වෙත දන්වා සිටියේ තැන් තැන්වල කතා නොපවත්වා දන්නා දෙයක් වේ නම් මෙම සිද්ධීන් සම්බන්ධව පරීක්ෂණ කටයුතු පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඩීයට දන්වන ලෙස ය..එය එක්තරා ආකාරයක අභියෝගයක් ලෙස ද සැලකිය යුතු අතර මේ වනවිටත් කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත සාධාරණයක් ඉටු කිරීම සඳහා සීඅයිඩීය නොහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට මෙම පරීක්ෂණය රැගෙන ගොස් ඇත්තේ සිද්ධිය සිදුවී වසර තුනක් ගතවීමෙන් පසුවත් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී මෙරට නෛතික පද්ධතිය තුළ එතුමාට සාධාරණයක් බලාපොරොත්තු වීමට නොහැකි තත්වයක් යටතේ බව ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. තවද මෙම පරීක්ෂණ කටයුතු සිදුවන ආකාරය සහ ඒ තුළ ඇති හිදැස් මෙන්ම දේශපාලනමය අතපෙවීම් ගැනත් පසුගිය වසර තුන පුරාවටම කාදිනල් හිමිපාණන් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය තුළින් මහජනතාවට හෙළි කර ඇතත් එවන් කරුණුවලට අදාලව සාර්ථක පිළිතුරක් ලබා දීමට මෙරට බලධාරීන් මෙතෙක් අපොහොසත් සිටින බවත් කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම් ”බිහිරි අලින්ට වැයෙන වීණා” බවට පත්වී ඇති බවත් ඔබට මතක් කර දීමට සිදු වීම කනගාටුදායක තත්ත්වයක් බව සඳහන් කරමි. එබැවින් රටේ ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන සිවිල් නිලධාරි තනතුර වන ආරක්ෂක ලේකම් තනතුර හොබවන ඔබ විසින් කළ යුතුව ඇත්තේ මෙම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර මෙම සිද්ධීන්වලට වගකිවයුත්තන් සියල්ල රටට හෙළි කිරීම විනා කාදිනල්තුමාට අභියෝග කිරීම නොවේ..කතෝලිකයෙකු මෙන්ම වසර හතළිහක් මෙරට රාජ්‍ය සේවයට සම්බන්ධව සිටි රාජ්‍ය නිලධාරියකු ලෙසද මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඉතා වැදගත් ඉසව්වකට ඔබගේ අවධානය යොමු කිරීමට සුදුසු යයි මම අදහස් කරමි. මෙම විවෘත ලිපිය ඔබ වෙත යොමු කිරීමට ප්‍රධාන හේතුව වන්නේද එම වැදගත් කරුණු සම්බන්ධව ඔබගේ අවධානය යොමු කිරීමයි..ශ්‍රී ලංකා පොලිසියේ ජේ්‍යෂ්ඨ තනතුරක් දැරූ නිලධාරියෙකු වන මා දන්නා ආකාරයට පාස්කු ප්‍රහාරය සිදු කළ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන ”සහරාන් හෂීම්” අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා පොලිසිය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධානම පුද්ගලයා වූයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි මගේ සමකාලීනයකු වන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාය. එතුමා හැර වෙනත් පොලිස් නිලධාරියකු හෝ කණ්ඩායමක් සහරාන් හෂීම් පසුපස ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවක් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියකු ලෙස මා නොදන්නා බව සඳහන් කරමි..සහරාන් සම්බන්ධ සියලුම විමර්ශන කටයුතු නාලක සිල්වා සිදු කළා පමණක් නොව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය අධිකරණය වරෙන්තු පවා ලබා ගැනීමට ඔහු සමත්ව සිටියේය. මේ ආකාරයට නාලක සිල්වා කටයුතු කරමින් සිටියදී කුප්‍රකට නාමල් කුමාර නාටකය කරළියට පැමිණි අතර එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සීඅයිඩිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම සිදුවීම් මාලාව සිදුවූයේ එවකට ජනාධිපතිවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සිද්ධීන් මාලාවට සමගාමීවය. මෙම අත්අඩංගුවට ගැනීම නාලක සිල්වාගේ කටයුතු අකර්මණ්‍ය කිරීමටත් වඩා ඔහු නායකත්වය දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කිරීමට සමත් වූ බව කිව යුතුය. බලයේ සිටින ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද පොලිස් නිලධාරියකු නායකත්වය සැපයූ කොට්ඨාසයක නිලධාරීන් දෙස පොලිස් නිලධාරින් මෙන්ම සිවිල් පුරවැසියන් ද එම වකවානුවේ සලකනු ලැබුවේ දරුණු ගණයේ අපරාධකරුවන් කණ්ඩායමක් ලෙස බව සඳහන් කරන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදු සිදුවී මාස කීපයක් යනතුරුත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශනයක් සිදු නොකළ බව මා හොඳින්ම දන්නා කරුණක් ලෙස සඳහන් කරමි..මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන් සම්බන්ධ පහත සඳහන් කරුණු එකල මුද්‍රිත විද්‍යුත් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් සහිතව ප්‍රචාරය වූ බව ඔබට මතක ඇතැයි සිතමි..ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූ ඝාතනයන් සඳහා නාලක සිල්වා විසින් තෝරා ගත් පොලිස් කණ්ඩායමක් මඩකලපුව ප්‍රදේශයට පිටත් කර යැවීම..දිග දුර මෙහෙයුම් බලය සහිත ගිනි අවි ලබා ගැනීමට නාලක සිල්වා විසින් පොලිස්පතිවරයාගේ ඉල්ලුම් කිරීම..එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටි රනිල් වික්‍රමසිංහ සමඟ මෙම කුමන්ත්‍රණය සම්බන්ධව සාකච්ඡා කිරීම..විදේශගතව සිටින ඝාතන කුමන්ත්‍රණකරුවෙකු වන තුෂාර පීරිස් නමැත්තකු සම්බන්ධ සිදුවීම්.කුප්‍රකට පාතාල අපරාධකරුවකු වූ ”මදුෂ්” නැමැත්තා මෙම ඝාතන සිද්ධීන් සඳහා යොදවා ගැනීමට සැලසුම් කිරීම..මෙම සිද්ධීන් ඇතුළත් හඬ පට එකල නාමල් කුමාර විසිනි විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත වාදනය කර ශ්‍රවණය කිරීමට සැලැස්වූ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය ප්‍රබලභාවය ඒත්තු ගැන්වීමට එකල විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ද විශාල උත්සාහයක් දැරූ බව ද සඳහන් කිරීමට කැමැත්තෙමි..මෙම කුමන්ත්‍රණ සිද්ධීන් සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධ ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ අතර මේ හේතුවෙන් ඔහු යටතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම් ඇතුළු ඇතුළු ත්‍රස්ත කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් එහෙම පිටින්ම අඩාල වීම සිදුවිය. නාලක රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී සහරාන් තමන්ට රිසි සේ දිවයින තුළ ඔබ මොබ සංචාරය කරමින් ඔහුගේ දුෂ්ට අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියා කළ අතර මෙම නාටකයේ කූටප්‍රාප්තිය සටහන් කිරීම සිදුවූයේ 2019 අප්‍රියෙල් 21වන දින කටුවාපිටිය, කොච්චිකඩේ ඇතුළු කතෝලික දේවස්ථාන දෙකක් සහ මඩකලපුවේ සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානය, කොළඹ ෂන්ග්‍රි-ලා සහ කිංස්බරි හෝටල් ඇතුළු ස්ථාන 5කට ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපල විනාශය මගිනි..මෙම සිද්ධි මාලාව සිදුවීමෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව ප්‍රබල ලෙස බිඳවැටීමේ තත්වයක් උද්ගත වූ අතර ප්‍රහාරය සිදු වී මාස කීපයක් ගතවීමෙන් පසුව පැවති ජනාධිපතිවරණය තුළින් නාලක සිල්වා විසින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද සැලකුණු එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හැට නව ලක්ෂයකට අධික ජනතා කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ දසවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඉහතින් සදහන් කළ ඝාතන කුමන්ත්‍රණයේ තවත් ඉලක්කයක් බවට පත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පාලක පක්ෂය සමග සන්ධානගතව තරග කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම සිදුවිය..මෙම සියලු මැතිවරණ ජයග්‍රහණවල ප්‍රතිඵලයක් ලෙස ඝාතන කුමන්ත්‍රණයන්හි ඉලක්ක බවට පත්ව සිටි ප්‍රධාන ප්‍රභූන් දෙදෙනාම රටේ පාලන තන්ත්‍රය හොබවන ප්‍රධාන තනතුරුවලට පත්වූ අතර, රටේ ආරක්ෂාව භාරව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රධාන රාජ්‍ය නිලධාරි තනතුරට පත් වීමේ වරම ඔබ වෙත ද උදා විය..මෙම තත්වය යටතේ විධායක ජනාධිපතිවරයා විසින් තමා ඇතුළු ප්‍රභූන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉතා ඉක්මනින් සිදු කිරීමට උපදෙස් දී එවැනි ඉතා දරුණු ගණයේ සිද්ධීන් මාලාවකට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට ප්‍රමාදයකින් තොරව පත් කරනු ඇතැයි අපි සැම බලාපොරොත්තු සහගතව සිටිමු..1962 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඝාතනය කර බලය රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හමුදා නායකයන් විසින් සිදුකරන ලද අසාර්ථක හමුදා කුමන්ත්‍රණය මේ අවස්ථාවේදී අපට සිහි වූ අතර ඒ අවස්ථාවේදී පාලකයන් ක්‍රියා කළ ආකාරයට සියලු විමර්ශනයන් ඉතා ඉක්මනින් අවසන් කර කිසිවකුගේ නිලය බලය හෝ තත්ත්වය නොසලකා කුමන්ත්‍රණකරුවන් ජාතිය ඉදිරියේ නිරුවත් කර ඔවුන්ට හිමි නිසි දඬුවම් ලබාදීමේ සිද්ධිය අපගේ මතකයෙන් ඈත් කිරීමට තවම කාලය සමත්වී නැත. මහජනතාව බලාපොරොත්තුව සිටියද මෙම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සිදුවී වසර තුනහමාරකටත් වැඩි කාලයක් ගතවී ඇති අද වන විටත් එම විමර්ශන කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව පැහැදිලිය..පසුගිය දිනෙක ඔබ විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙම විමර්ශන කටයුතු සම්බන්ධව නීතිපති උපදෙස් විමසා ඇති බව සඳහන් කිරීම නිරීක්ෂණය වූ අතර ඕනෑම සිද්ධියක් යටගැසීමට සිදුකළ හැකි ප්‍රධාන ක්‍රියාමාර්ගය අතර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කිරීම හෝ කොමිසමක් පත් කර එම කොමිෂන් වාර්තාව කිසිදා එළි නොදැක්වීම තුළින් එය සාර්ථකව සිදුකළ හැකි බව මෙරට සාමාන්‍ය ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටින බව ඔබට මතක් කරදීමට කැමැත්තෙමි..එබැවින් රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින ප්‍රධානම සිවිල් නිලධාරියා ලෙස මෙම සිද්ධීන් මාලාව හා බැඳුණු පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි..නාමල් කුමාර විසින් හෙළි කරන ලද ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන්වල වර්තමාන විමර්ශන තත්ත්වය ඔබ විසින් අප්‍රමාදව රටට හෙළි කරන්නේ ද?.2.මෙම සාපරාධි ක්‍රියා දාමය සිදුවී වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හෝ එයට සම්බන්ධ යැයි සඳහන් කිසිදු සැකකරුවකුට වේ මේ වන තුරුත් අධිකරණය ඉදිරියේ නඩු පවරා නැත්තේ ඇයි?.නාමල් කුමාර විසින් හෙළිකරන ලද එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ සියලු කරුණු නිවැරදි බවට විමර්ශකයන් විසින් තහවුරු කර ඇද්ද? එසේ නම් මෙම සිද්ධියට සම්බන්ධව අනෙක් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරන්නේ ඇයි? අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට මෙතෙක් අධිකරණය ඉදිරියේ නඩු පැවරීම ප්‍රමාද වීමට හේතු වූ කරුණු මොනවාද ?.4.නාමල් කුමාර විසින් හෙළි කරන ලද කරුණු සත්‍යයෙන් බැහැර ඒවා බව විමර්ශකයන් අවබෝධ කරගෙන සිටී ද? එසේ නම් මේ වනතුරු ඔහුට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීම ට හේතු මොනවාද ?.ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනට මෙරට විධායක ජනාධිපතිවරයා වන අතර අනෙක් පුද්ගලයා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙයි. එබැවින් එම ජනාධිපතිවරයාගේ නායකත්වය දරන රජයක් යටතේ වසර තුනක් ගත වී හෝ මෙම විමර්ශනවල සත්‍යතාව හෙළිකරගෙන අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වූ හේතු කවරේද ?.මෙම ප්‍රශ්නවලට සහ මෙම කුමන්ත්‍රණය සිදුවීම සම්බන්ධව හෙළිවී ඇති වෙනත් කරුණු වේ නම් ඒවා මහජනතාව වෙත දැනුම්දීම රාජ්‍ය නිලධාරියකු ලෙස ඔබගේ යුතුකමකි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම නාමල් කුමාර නාටකයට සම්බන්ධ සියලුම කරුණු ඔබ ඉතා නුදුරේදීම මහජනතාව වෙත හෙළිකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නැතහොත් නාමල් කුමාර ජවනිකාව පාස්කු නාටකයේ සමාරම්භක ජවනිකාව ලෙස මේ වන විටත් මහජනතාව තුළ ඇතිව ඇති සැකය පහ නොවනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කරමි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජපක්ෂලාගේ ඊළඟ ඇම: සර්ව-පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් !.Next article2020දී මහජන පෙත්සම් පිළිබඳ විමර්ශන පාර්ලිමේන්තුව කර නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ධාවකයෙකුගේ ශෝකාන්තය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ධාවකයෙකුගේ ශෝකාන්තය.By තරිඳු උඩුවරගෙදර.August 5, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.ඔහුගේ නිවසේ ගෝනිවල සම්මාන, පදක්කම්, සහතික ගොඩගසා ඇත. ඔහුගේ ගරාජයට හෝ නිවසට පැමිණෙන අයට පෙනෙන සේ නිවසෙහි ඒවා ප‍්‍රදර්ශනය කරන්නටවත් ඔහුට වුවමනාවක් නැත. ඒවා දිරාපත්වෙමින් පවතින්නේය..‘‘ඒ කියන්නෙ දැන් රේස් පදින්න ආසා නැද්ද?’’ අපි අසන්නෙමු..‘‘ආසයි. ඒත් අපට සාධාරණ අවස්ථාවක් නැත්නම් නිකම් කාලය, මහන්සිය, සල්ලි වියදම් කරගෙන යන්නෙ මොකටද.’’ ඔහු කියයි..ඔහු ලංකාවේ කලෙක සිටි දක්ෂතම මෝටර් රථ ධාවකයෙකි. දැනුදු ඔහුට හැකියාව ඇතත් දැන් ඔහු ක‍්‍රීඩාවෙන් ඈත්ව සිටින්නේය. ඔහුගේ නම ඇනෙස්ලි පෙරේරාය. සැබෑ මෝටර් ධාවන තරග රසිකයන්ට ඇනෙස්ලි ජයගත් තරග ඉසව් කිහිපයක්ම මතකයට නැගෙනු ඇත. එහෙත් එක් කලෙක ඔහු එකවරම ධාවන තරග පිටියෙන් අතුරුදන් විය. වත්තල ඇති ඔහුගේ ගරාජයේදී අපට ඔහු මුණගැසුණි. ලංකාවේ මෝටර් රථ ධාවන තරග ලෙස අප හඳුන්වන්නේ රැුලි මෝටර් තරගය. ත‍්‍රිවිධ හමුදාව සතුව ඇති මෝටර් රථ ධාවන පථ කිහිපයක් ආශ‍්‍රිතව හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ජනප‍්‍රිය මෝටර් ධාවන තරගාවලි කිහිපයක් වෙයි. ලංකාවේ ක‍්‍රිකට් හැරුණුකොට සාපේක්ෂව ඉහළම පේ‍්‍රක්ෂක ඉල්ලූමක් ඇති ක‍්‍රීඩා කිහිපයක් අතර රග්බි, වොලිබෝල් සහ මෝටර් රථ ධාවන තරඟ වෙයි. මේ ක‍්‍රීඩාව අනුග‍්‍රහයක් සහ මුදල් විශාල වශයෙන් ගැවසෙන ක‍්‍රීඩවකි..ඇනෙස්ලි පෙරේරා මේ ක‍්‍රීඩාවට යොමුව ඇත්තේ අහම්බයකිනි. ‘‘මම මෝටර් තරගවලට ආවේ අහම්බයෙන්. අනූව දශකයේ අග විතර ටි‍්‍රප්් එකක් ගිහින් දියතලාවේ ගිය මොහොතකදී තමයි ෆොක්ස් හිල් ට‍්‍රැක් එක දැක්කේ. ඒ අවුරුද්දේ ට‍්‍රැක් එකට ගිය මම ට‍්‍රැක් එක බලාගෙන පුහුණු වට කිහිපයක් ගියා. මගේ මිතුරු හමුදා කර්නල්වරයෙක් හරහා තමයි මම ට‍්‍රැක් එකට ගියේ.’’.‘‘ඊට පස්සෙ අවුරුද්දේ මම ජීප් ටර්බෝ කියන අංශයෙන් රේස් එකකට ගියා. එතකොට මට රේස් ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. පළවැනි රේස් එකේදී අන්තිමයා නොවී බේරුණා.’’.ඒ පරාජය පුහුණුව ලබන්නට අවස්ථාවක් විය. ඒ පුහුණුව ඉන්පසුව එළැඹුණු 2001 වර්ෂයේ ෆොක්ස්හිල් තරගාවලියේදී ඇනෙස්ලි පෙරේරා සලකුණ තබන්නට උදව් විය..‘‘මම පුරුදු වුණා. එතැන ආයෙමත් ප‍්‍රැක්ටිස් වුණා. රේස් එක මම පැද්දේ ෆෝඞ් ලේසර් කාර් එකක්. එදා මම ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩුණා.’’ පාදයක් බරපතළ ආබාධයකට ලක්විය. රෝහලට ඇනෙස්ලි ගෙන ගොස් තිබුණි. එහෙත් ඒ අනතුර විසින් මෝටර් රථ ධාවන තරග ඔහුට එපා වී නොතිබුණි. ඔහුගේ ආශාව දෙගුණ වී තිබුණි. පසුදිනම නැවත ධාවන පිටියට යන්නට ඔහුට ඕනෑවිය..‘‘මට කකුලේ වේදනාව දැනුණේ නෑ. මට ඊළඟ රේස් එක පදින්න ඕනෑ වුණා. අන්තිමේදී මාව ජීප් එකට උස්සගෙන ගිහින් තිබ්බා. තරගයෙන් මම දෙවැනියා වුණා.’’ ඇනෙස්ලි එදා ෆොක්ස්හිල් ධාවන පථයේ අසීරුම වංගුවක වේගය වැඩිකරමින් තවත් ජීප් රියක් පසුකළ අන්දම මෝටර් රථ ධාවන ඉතිහාසයේ සුන්දරම අවස්ථාවක් ලෙස සැබෑ රසිකයන්ගේ මතකයන්හි රැඳී ඇතිවා නිසැකය..එලෙස ක‍්‍රීඩාවට පැමිණි ඔහු 2003 වර්ෂය පසුවෙද්දී ධාවන තරග අතර නිතරම මුල් ස්ථාන අතර සිටි තරගකරුවෙක් විය. ක‍්‍රමයෙන් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවෙන්නට විය. ඔහුට ක‍්‍රීඩාව එපා වෙන්නේද එලෙස ඉදිරියට පැමිණෙද්දීය. මෝටර් රථ ධාවකයන් හොඳින් දන්නා ‘‘ජනප‍්‍රිය ධාවකයන්ගේ’’ අවධානයට ඔහු ලක්විය. මේ ‘‘ජනප‍්‍රිය ධාවකයන්’’ මාධ්‍යවල මිතුරෝ වූහ. පරිපාලකයන්ගේ මිතුරෝ වූහ. ඔවුන් පසුකර යෑම ධාවකයන්ට අසීරු විය. ඇත්තෙන්ම විනෝදාංශය උදෙසා ධාවන තරගවලට පැමිණෙන ‘‘ඇනෙස්ලි’’ වැන්නන් තරගවල සහභාගිත්වයෙන් සෑහීමට පත්විය යුතු විය..ඇනෙස්ලි 2009 දී ෆොක්ස්හිල් ෆෝඞ් ලේසර් අංශයෙන් පළවැනි ස්ථානය ලබන්නේය. ඉන්පසු වර්ෂය වෙද්දී ඔහුට ධාවන තරගවලට සහභාගී වීම සඳහා මෝටර් රථ ක‍්‍රීඩා සංගමයේ (ස්ලාස්) ලියාපදිංචි වීම අසීරු වන්නේය. ඔහු පාවිච්චි කරන නම පිළිබඳ ගැටලූ පැමිණියේය..ඇනෙස්ලිට තමන්ට වුවමනා තරග ඉසව්වලට සහභාගී වීමද නොහැකි වී ඇත. තරගයක් පටන්ගන්නට පෙර වාද විවාද ගණනකට මුහුණදෙන්නට සිදුවිය. මෙය ඇනෙස්ලි, සුසන්ත ගුණවර්ධන ඇතුළු දක්ෂ ධාවකයන් කිහිපදෙනෙකුටම මුහුණදෙන්නට සිදුව ඇති අත්දැකීමක් විය..‘‘මම කැමති කැටගරිය වෙනුවට වෙනත් කැටගරිවලින් මට රේස් එක පදින්න දුන්නා. එයාලා කොහොමද මම පදින්න ඕනෑ රේස් එක තීරණය කරන්නේ. මම කැමති නම්, මට හැකිවෙන්න ඕනෑ ඕනෑම කැටගරියකින් රේස් පදින්න. ලයිසන් එක දෙන්නේත් සංගමය. ක‍්‍රීඩා කරන අය, ක‍්‍රීඩා කරන අයගේ තාත්තලා සංගමයේ ඉද්දී අපි පදින්න ඕනෑ කැටගරිය එයාලා තීරණය කරන්නේ කොහොමද.’’.ඇනෙස්ලි කියන්නේ මෝටර් රථ ක‍්‍රීඩා සංගමයේ යන්ත‍්‍රණයම සියලූ ක‍්‍රීඩකයන්ට සමාන සැලකිලි නොදක්වන බවයි. උදාහරණයක් ලෙස උපුල්වන් සේරසිංහ සංගමයේ උපභාණ්ඩාගාරික ලෙස කටයුතු කරද්දී ධාවකයෙකු ලෙස තරඟවලටත් සහභාගි විය. සේරසිංහ මහතාගේ පුත් කෙවින් සේරසිංහද තරගකරුවෙක් විය. එවැනි පසුබිමක සංගමය සියලූ ක‍්‍රීඩකයන්ට මධ්‍යස්ථ ලෙස සලකන්නේදැයි ක‍්‍රීඩකයන් තුළ කුකුසක් ඇතිවීම වැළැක්විය නොහැකි විය..‘‘මම රේස් ගිය කාලයේදී රුපියල් පන්දාහක් ගන්නවා රේස් එකකට. පස්සේ ඒක රුපියල් හත්දාහක් වෙලා. එතකොට රියැදුරෙක් රේස් එකකට සහභාගී වෙනවා නම් රුපියල් හත්දාහක් ගෙවන්න ඕනෑ.’ ඇනෙස්ලි තරගයකට එක් ක‍්‍රීඩකයෙකු ගෙවන මුදල ගැන කියන්නේ එසේය. මෝටර් රථයක් තරගයකට සහභාගී කරවන්නට අලූත්වැඩියා කටයුතු සහ ප‍්‍රවාහන කටයුතු ඇතුළු සියලූ වියදම් රුපියල් ලක්ෂ දෙකක් පමණ දරන්නට සිදුවන බව ඔහු කියයි. ඇනෙස්ලි තමන්ට ගරාජයෙන් ලැබෙන ආදායම කෝටි ගණනාවක් මෙතෙක් මෝටර් ධාවන තරග සඳහා යට කර ඇත. ඒ ආශාව නිසාය..‘‘ක‍්‍රීඩකයන්ට අසාධාරණ වෙනවා. ඒත් අසාධාරණ ගැන කියන්න තැනක් නෑ. ස්ලාස් එකට අපි පැමිණිල්ලක් කළොත් අපි පැමිණිල්ල කරන්නේ අපට අසාධාරණය කරපු කෙනාටමයි. උදාහරණයක් විදියට, අපි පදින රේස් එකකට සහභාගී වුණ වෙනත් කාර් එකක තාක්ෂණික දෝෂයක් තියෙනවා කියලා අපට හිතුණොත් අපට පුළුවන් පැමිණිලි කරන්න. පැමිණිලි කරලා චෙක් කරන්න කියලා ඉල්ලන්නට රුපියල් 50,000ක් ගෙවන්න ඕනෑ. හැබැයි අපි පැමිණිලි කළාම එතැනම කාර් එක ගලවන්නේ නැහැ. ස්ලාස් එකෙන් කාර් එක සීල් කරනවා. ඊට පස්සේ ජර්මන් ටෙක් වගේ තැනකට ගෙනියලා තමයි කාර් එක පරීක්ෂා කරන්නේ. ට‍්‍රැක් එකෙන් කාර් එක අරගෙන ජර්මන් ටෙක් එකට යන අතරේ මොකක් වෙනවාද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට එන්ජිම ගලවන පුද්ගලයාව තීරණය කරන්නෙත් ඒ අයමයි. ඉතින් එයාලා පදින කාර් සාධාරණ ඒවාද කියන විශ්වාසයත් අපට නැහැ. ’’.ක‍්‍රීඩාවේ බලවතුන් එසේ අසාධාරණ වෙද්දී රටේම බලවතුන් කෙලෙස රඟනු ඇතිද. පසුගිය පාලනයේදී බලය හිමිව තිබුණු පුද්ගලයන්ගේ පුතුන් මේ තරගවලට පැමිණීම නිසා ක‍්‍රීඩකයන්ට සිදුවුණේද අසාධාරණකම්ය. වක‍්‍රාකාර තර්ජන, නීතිවිරෝධී මෝටර් රථ සමඟ එවැනි බලවත් ක‍්‍රීඩකයෝ තරග දින්නෝය. ඒවා ගැන අද වුව කතාකරන්නට ඇනෙස්ලි වැන්නෝ අදිමදි කරන්නෝය. ඒ බිය නිසාය. ඒ අසාධාරණකම්ද ඇනෙස්ලි වැනි දක්ෂයන්ට ක‍්‍රීඩාව ගැන කළකිරීමට පසුබිම හැදුවේය. ඒ කළකිරීම ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාවෙන් අතුරුදන් කර දැමීය. ඇනෙස්ලිද ඒ අතර සිටින අතුරුදන්වූවෙකි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅදත් මෙතුමෝ දුකම වළදති.Next articleරාඩා නඩුවෙන් එළියට පනින රාජපක්ෂ කොටි පූට්ටුව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ආණ්ඩුව, සුජාතභාවයේ අර්බුදය සහනව විසංවාදී විභවතා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආණ්ඩුව, සුජාතභාවයේ අර්බුදය සහ.නව විසංවාදී විභවතා.By ජයදේව උයන්ගොඩ.December 7, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.රටවල් පාලනය කරන ආණ්ඩු සහ ඒවායේ පාලකයන් වරින්වර මුහුණ දෙන අර්බුද කිහිපයක්ම තිබේ. ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුද ඒවා අතරින් අප බොහෝ දෙනා සාමාන්‍යයෙන් දන්නා අර්බුදයි. ඊට අමතරව ආණ්ඩු මුහුණ දෙන, පුරවැසියන්ගේ මෙන්ම දේශපාලන නිරීක්ෂකයන්ගේද අවධානය ලැබුණද, එය කුමක්දැයි හඳුනා ගැනෙන්නේ නැති, හැඳින්වීමට සම්මත වචනයක් අපගේ එදිනෙදා දේශපාලන භාෂාවේ නැති, අර්බුදයක් ද තිබේ. ලංකාවේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින්නේ මෙවැනි අර්බුදයකටය. දේශපාලන විද්‍යා වචන කෝෂය යොදා ගනිමින් සකස් කළ සංකල්පයකින් එම අර්බුදය හැඳින්විය හැකිය. එය නම ‘සුජාතභාවයේ අර්බුදයයි.’ ඉංග්‍රීසි භාෂාවෙන් Legitimacy Crisisයනුවෙන් කියැවෙන්නේ එයයි..මීට පෙර එක් වතාවක් ‘අනිද්දා’ පත්‍රයේ පළ කළ ලිපියකින් වර්තමාන ලංකාණ්ඩුව මුහුණ දෙන සුජාතභාවයේ අර්බුදය ගැන කෙටි හැඳින්වීමක් කෙළෙමි. මෙම ලිපියේ අරමුණ එම මාතෘකාව ගැන තරමක් විස්තර සහිතව සාකච්ඡා කිරීමයි..“සුජාතභාවය”.ආණ්ඩුවක් සම්බන්ධයෙන් භාවිත කරන විට “සුජාතභාවය” නම් වචනයේ අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න එහි නෛතික අර්ථයයි. දෙවැන්න එහි ප්‍රතිමානීය අර්ථයයි. නීත්‍යනුකූල මාර්ගවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලයට පැමිණෙන ආණ්ඩුවලට නෛතික සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී. එම ප්‍රශ්නය පැන නගින්නේ නීතියෙන් නියමිත සීමාව ඉක්මවා බලයේ සිටින, නැතහොත් නෛතික නොවන මාර්ගවලින් බලයට පැමිණෙන ආණ්ඩුවලටය. ඒ අතර, නෛතික මාර්ගවලට අනුව බලයට පැමිණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන ආණ්ඩුවල නෛතික සුජාතභාවය පිළිබඳ ප්‍රශ්න මතු කළ හැකි වුවත්, එය සුජාතභාවය පිළිබඳ අර්බුදයක් නොවන්නටම පුළුවන..මේ අතර, සදාචාරාත්මක සුජාතභාවයේ අර්බුදයක් ආණ්ඩුවක් ඉදිරියේ මතුවන්නේ, ආණ්ඩු බලයේ සිටිමින් රට පාලනය කිරීමට ආණ්ඩුවකට, නැතිනම් එහි නායකත්වයට, ඇති සදාචාරාත්මක අයිතිය පාලිත ජනතාව මෙන්ම එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් ජනතාවද ප්‍රශ්න කරන විට සහ ප්‍රතික්ෂේප කරන විටය. තමන් බලයට පත් කළ ආණ්ඩුව, තමන්ට දුන් පොරොන්දු උල්ලංඝනය කරමින්, ප්‍රජා පීඩක, දූෂිත, අසාර්ථක, ජනතාවගේ ප්‍රශ්න ගැන අසංවේදී හිතුවක්කාර, බලයෙන් මත්වූ ආදි නිෂේධනාත්මක ලක්ෂණ සහිත පාලනතන්ත්‍රයක් ගෙන යන විට, තම ජනයා තුළ ඇතිවන කලකිරීම අපේක්ෂා භංගත්වය සහ කෝපය වෙතින් මෙලෙස සුජාතභාවය ප්‍රශ්න කිරීම ප්‍රකාශයට පත් වේ. පාලකයන් සම්බන්ධයෙන් පාලිතයන්ද, පාලකයන් බලයට පත් කිරීමට ඍජුවම දායක වූ ඡන්දදායකයන්ද අතර, පාලකයන් සම්බන්ධයෙන් ඇතිවන විශ්වාස භංගත්වය, විශ්වසනීයත්වයේ පරතරය උග්‍රවීමෙන් ඇතිවන දුරස්තරභාවයද මෙයින් ප්‍රකාශයට පත් වේ. තම පාලකයන් සමග තවදුරටත් දේශපාලන සහ මතවාදීමය වශයෙන් අනන්‍ය වීමට පාලිත ජනතාව වෙත අලුතෙන් නිර්මාණය වී ඇති අකැමැත්ත සහ ලැජ්ජාවද මෙයින් අනාවරණය වේ. නව මාක්ස්වාදී න්‍යායික කෝෂයේ ඇති, පාලක පන්ති පත්වන හෙජමනියේ, එනම් “නායක ආධිපත්‍යයේ’; අර්බුදය යන සංකල්පයෙන් විස්තර කරන්නේද මීට ආසන්න තත්ත්වයකි..ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන තන්ත්‍රය සුජාතභාවයේ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය. එතුමාගේ කිට්ටු භක්තිවන්තයන්ට ඒ බව නොපෙනෙනවා නම් අප ඒ ගැන පුදුම විය යුතුද නැත. එතුමාට විශාල වශයෙන් ඡන්දය දුන්, ගොවි ජනතාව සහ ගුරුවරුන් දියත් කළ විරෝධතා ව්‍යාපාර දෙක මෙන්ම ඔවුන් ඉදිරියට දැමූ සටන් පාඨ සහ ඉදිරිපත් කළ අදහස්වලින් පෙනුණේ තමන්ගේම සහායක ප්‍රජාවන් වෙතින්, රාජපක්ෂ මහතාගේ නායකත්වය කොතෙක් දුරට හුදෙකලා වී, ඔවුනට එපා වී, ඔවුන්ගේ අවඥාවේ සහ කෝපයේ ප්‍රස්තුතයක් වී තිබෙන්නේද යන්නයි. තමන් ‘පොහොට්ටුවට’ ඡන්දය දුන් බව කීමට අකමැති, ඒ ගැන ලැජ්ජා වන, ඡන්දදායකයන් එම ප්‍රතික්‍රියාව වෙතින් ප්‍රශ්න කරන්නේ, පාලකයන්ට පාලනය කිරීමට ඇති සදාචාරාත්මක අයිතියයි. එහි සුජාතභාවයයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ මහජනතාව අතර සම්බන්ධයේ තීරණාත්මක කැඩීමක් ඇතිව තිබෙන බව මෙයින් අදහස් වන්නේද? එය පැහැදිලි පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්නයකි. එවැන්නක් සඳහා මහජන මත සමීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කළ යුතුව තිබේ. දැනට කෙනෙකුට කළ හැක්කේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය සහ පුරවැසියන් සමග අක්‍රමිකව සිදු කරන සාකච්ඡාවලින් ලැබෙන ඉඟි පදනම් කරගෙන මහජනතාවගේ දේශපාලන විඥානයේ ඇති වී තිබෙන වෙනස්වීම් සහ ප්‍රවණතා පිළිබඳ අදහස් සහ මත ගොඩනගා ගැනීමයි. සංයුක්ත සාක්ෂි මත පදනම් නොවුවද, දේශපාලන විග්‍රහයට ඒවා ප්‍රයෝජනවත්ය. ඒවා අවිධිමත් සාක්ෂි මත ගොඩ නැගෙන නිරීක්ෂණයි. එබැවින් ඒවායේ ප්‍රායෝගික වැදගත්කමක් තිබේ..අවසානය ළඟද?.මෙම පසුබිම තුළ නිතැතින්ම මතුවන ප්‍රශ්නයක් නම්, සුජාතභාවයේ අර්බුදයකට භාජනය වී සිටින වර්තමාන ආණ්ඩුව, එහි ගමනේ අවසානයටද පැමිණ තිබෙන්නේද යන්නයි. සමහර දෙනා එසේ සිතන්නට ඉඩ තිබුණත්, එම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ තරමක් පරෙස්සමෙනි. සාමාන්‍යයෙන් සුජාතභාවයේ අර්බුදයක් ආණ්ඩුවක අවසානය සලකුණු කරන්නේ එක්කෝ මහ මැතිවරණයක් ආසන්නයේදීම තිබෙන විටය. නැතහොත් එම ආණ්ඩුවට විරුද්ධව විශාල මහජන නැගිටීම් මාලාවක්ම තුළින්, ඉල්ලා අස්වීමට ආණ්ඩුවට බලකෙරුණ විටය. මේ කොන්දේසි දෙකම නැති තත්ත්වයක් තුළ තම ආණ්ඩුව බිඳ වැටීමේ දේශපාලන අනතුරක් ගෝඨාභය රාජපක්ෂ මහතා අභිමුඛයේ නැත. එතුමාගේ ආණ්ඩුව ඉදිරියේ තිබෙන තවත් වාසිදායක තත්ත්වයක් නම්, දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා ඇති වාසිදායක දේශපාලන පරිසරයෙන් ප්‍රයෝජන ගැනීමට තරම් ශක්තිමත් විපක්ෂ බලවේගයක් නොතිබීමයි..වාසි ලබා ගැනීමට නම්.මෙවැනි පසුබිමකින් දේශපාලන වාසි ලබාගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි දෙකක් තිබෙන බව, ලංකාවේ අතීත අත්දැකීම් සිහිකරන කෙනෙකුට පෙනිය යුතුය. ඉන් පළමුවැන්න, පුළුල් විපක්ෂ සන්ධානයක් තිබීමයි. දෙවැන්න, මහජනතාවගේ දේශපාලන පරිකල්පනය පුබුදු කරමින්, ඔවුන් තුළ නව දේශපාලන අපේක්ෂා ජනිත කරවන, දේශපාලන ඉදිරි දැක්මක් නිර්මාණය වී තිබීමයි. මෙම පූර්ව-කොන්දේසි දෙකම නැති පසුබිමක් තුළ, ලංකාවේ දේශපාලනයේ ක්ෂණික වෙනසක් සිදුවිය හැකිය යන පුරෝකථනයට තවමත් ඉඩක් නැත..මේ අතර, දැනට සාක්ෂාත් වන ලකුණු නැතත්, ඉහත කී පූර්ව කොන්දේසි දෙකේ වැදගත්කම සහ අදාළතාව නැවත මතක් කර ගැනීම ප්‍රයෝජනවත්ය. 1956 සිට ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අත්දැකීම් සිහිකරන විට එම පළමු පූර්ව කොන්දේසියේ අදාළතාව පහසුවෙන්ම පෙනෙනු ඇත. 1956, 1970, 1977, 1994, 2015 සහ 2019 යන වසරවල සිදුවූ ආණ්ඩු වෙනස්වීම්, තනි විරුද්ධ පක්ෂයක මැදිහත්වීම නිසා සිදුවූ ඒවා නොවේ. එක් ප්‍රබල පක්ෂයක්ද, එය වටා විරුද්ධ පක්ෂ මෙන්ම සමාජ බලවේග බහුතරයක්ද, නිල මෙන්ම නොනිල වශයෙන් සන්ධානගත වීම ඒ සියලු අවස්ථාවල ආණ්ඩු පක්ෂවල පරාජයට තුඩු දුන් ප්‍රධාන පසුබිම් සාධකය විය. ප්‍රධාන අධිපති පක්ෂ දෙකක්ද, කුඩා පක්ෂ ගණනාවක්ද ඇති පක්ෂ ක්‍රමයක් පවත්නා ලංකාවේ මැතිවරණ අංක ගණිතයේ ඇති මෙම ලක්ෂණය ගැන දැනට වඩා හොඳින් අවබෝධයෙන් සිටින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බව පෙනේ. 2015දී ගොඩ නැගූ ආකාරයේ, සර්ව – විරුද්ධ පාක්ෂික, අන්තර්-වාර්ගික මෙන්ම පක්ෂ සහ සිවිල් සමාජ අතර පුළුල් සන්ධානයක් සඳහා අවශ්‍ය ඉඩකඩක් දැනට නැත. එවැන්නක් සඳහා සූදානම් විපක්ෂ දේශපාලන නායකත්වයක්ද දැනට නැත. සුජාතභාවයේ අර්බුදයට පාත්‍ර වී සිටින රාජපක්ෂ ආණ්ඩුවට දිගටම බලයේ රැඳී සිටීමට ඉඩ සලසන තීරණාත්මක පසුබිම සාධකය වන්නේද මෙම කරුණ බව පෙනේ..අභියෝග.පුරවැසි දේශපාලන පරිකල්පනය පුබුදු කිරීමට සමත් දේශපාලන ඉදිරි දැක්මක් පිළිබඳ කරුණ ගැන කළ හැක්කේද, ‘එවැන්නක් පෙනෙන්නට නැත’ යන නිරීක්ෂණයයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ මුහුණ දෙන වර්තමාන අභියෝග පහත සඳහන් පරිදි කෙටියෙන් දැක්විය හැකිය. ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමඟි ජන බලවේගයට, නිරවුල් දේශපාලන දැක්මක් නිර්මාණය කිරීමට සමත් නායකත්වයක් හෝ උපදේශක පිරිසක් හෝ නැත. රාජපක්ෂ පවුල සිංහල සමාජය මත පිහිටුවා ඇති දෘෂ්ටිවාදී ආධිපත්‍යයට අභියෝග කළ හැකි විකල්ප දේශපාලන දෘෂ්ටියක්, ප්‍රේමදාස නායකත්වය වෙතින් මතුවන ලකුණක්ද තවම නැත. මේ අතර, එජාපයට තම දේශපාලන අනාගතය පුනරුජ්ජීවනය කිරීම කිසිසේත්ම පහසු කරුණක් නොවේ. එහි නායකත්වය සම්බන්ධයෙන් සමාජයේ පුරවැසියන් අතරද, නාගරික ධනපති පන්තිය ඇතුළු සෑම පන්ති ස්තරයක් අතරම සිදුවී තිබෙන විශ්වාස භංගත්වය සහ සුජාතභාවයේ අර්බුදය පහසුවෙන් පිළිසකර කළ හැකි දෙයක් නොවේ. සුජාතභාවයේ අර්බුදයේ කල් පවත්නා ගොදුරක් වීම පිළිබඳව ලංකාවේ ඉතාම ප්‍රබල නිදසුන සපයන්නේ එජාපයයි. එහි නායකත්වයයි. ශ්‍රීලනිපයද එම ඉරණම අතීතයේදී අත්දැක එයින් ගොඩ පැමිණ ඇත..ලංකාවේ වැදගත් විපක්ෂ බලවේගයක් වන ජවිපෙ ඉදිරියේ තිබෙන්නේද විශාල දේශපාලන අභියෝගයකි. රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධ බෙහෙවින් ප්‍රබල විවේචනයක් මතු වන්නේ ජවිපෙනි. විකල්ප දේශපාලන දැක්මක් ගොඩනැගීමේ විභවතාව තිබෙන්නේද ජවිපෙටය. එහෙත් ස්වාධීන සහ තනි දේශපාලන ධාරාවක් ලෙසින් ප්‍රබල මැතිවරණ බලවේගයක් වීමට නොහැකිවීම ජවිපෙ මුහුණ දෙන ප්‍රධානතම බාධාවයි. ජවිපෙහි වර්තමාන දේශපාලන අධිෂ්ඨානය වී තිබෙන්නේ තනි දේශපාලන බලවේගයක් ලෙස මැතිවරණ දේශපාලනයෙහි රැඳී සිටීම බවද පෙනේ. රාජපක්ෂ ආණ්ඩුව වෙතින් ඈත් වී සිටින ජනතාවද, විපක්ෂවාදී සමාජ බලවේගද තමන්ගේ නායකත්වය පමණක් යටතේ සංවිධානය කිරීම ජවිපෙහි වර්තමාන මූලෝපායික තෝරා ගැනීම බවද පෙනේ..සන්ධානගත විපක්ෂ දේශපාලනය යනු තවදුරටත් ජවිපෙහි දේශපාලන තෝරා ගැනීමක් නොවේ..මෙම පසුබිම තුළ වර්තමාන ලංකාවෙහි විපක්ෂ දේශපාලන භූමි දර්ශනය සම්බන්ධයෙන් තිබෙන්නේ ව්‍යාකූල, නොපැහැදිලිතාවකි. ‘හේන් කොටා ගිනි තැබීම (’slash and burn politics ) යන සංකේත භාෂාවෙන් හැඳින්විය හැකි දේශපාලන අරගලයක ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දිගටම යෙදී සිටීම ඉදිරි කාලයේදීද බලාපොරොත්තු විය හැකි ප්‍රවණතාවකි. එකිනෙකාට අයත් කැලෑ කොටා, ගිනි තබා, දේශපාලන හේන් බිමේ තනි තනිව මුං වැපිරීමට එම පක්ෂ සූදානම් වෙයි..ප්‍රහේලිකාව.ඉහත සංකේතාත්මක ප්‍රකාශයෙන් අනාවරණය වන්නේ ලංකාවේ දේශපාලනය තුළ වර්තමානයේ තිබෙන බරපතළ ප්‍රහේලිකාවකි. එම ප්‍රහේලිකාව මෙසේ ඉදිරිපත් කළ හැකිය. ලංකාවේ දක්ෂිණාංශික සහ ජාතිවාදී දේශපාලන ආපසු ගමනක් පිළිබඳ න්‍යාය පත්‍රයක් සහිතව බලයට පැමිණි රෙජීමයක් නොසිතූ විරූ ඉක්මණකින් බැරෑරුම් අර්බුදයකට මුහුණ දෙමින් සිටී. රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය යළි පිහිටුවීමේ දේශපාලන පරිවර්තනයක් සඳහා සුදුසු අවකාශයක්ද නිර්මාණය වෙමින් පවතී. එහෙත් එම අවකාශය යන මොහොත සාධනීය ලෙස ප්‍රයෝජනයට ගත හැකි දේශපාලන විකල්පයක් දැනට අප රටේ නැත..මෙම ප්‍රහේලිකාව විසඳිය හැක්කේ කෙසේද? ඒ සඳහා ඉදිරිපත් කළ හැකි එක් යෝජනාවක් නම් “විකල්ප විපක්ෂ සන්ධානයක්” ගොඩනැගීමයි. එය වනාහි ‘හේන් කොටා ගිනි තබා තනියම මුං වැපිරීමේ’ නිෂේධනීය දේශපාලනයෙන් ඉවත්ව, හේන් කොටා වගා කිරීමේ සාධනීය පොදු දැක්මක් එහි නව ආකාරයක විපක්ෂවාදී දැක්මක් සහ චින්තනයක්ද, මහජන සාකච්ඡාවක්ද ගොඩනැගීමේ ප්‍රයත්නයක් විය යුතුය..විකල්ප සිතීමේ අවකාශය.මෙවැනි විකල්ප විපක්ෂ සිතීමක් හා මැදිහත්වීමක් සඳහා දේශපාලන අවකාශයක්ද දැන් අප රටේ විවෘත වී තිබෙන බව, අප රටේ පුරවැසියන්ගේ දේශපාලන මනෝභාවයේ ඇතිවන නව ප්‍රවණතා ගැන විමසිල්ලෙන් සිටින කෙනෙකුට පෙනෙනු ඇත. මෙම ප්‍රවණතා වනාහි රාජපක්ෂ ආණ්ඩුවේ සුජාතභාවයේ අර්බුදය මෙන්ම විපක්ෂ පක්ෂ සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටීමේ මහජන විවේචනදවලින් ප්‍රකාශ වන ඒවාය. ඒ පිළිබඳ කළ හැකි නිරීක්ෂණ කිහිපයක් පහත සඳහන් පරිදි දැක්විය හැකිය..■ පවත්නා දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වය පිළිබඳ මහජන විශ්වාසය, ආණ්ඩු පක්ෂයද, විපක්ෂයද යන භේදය නොතකා, පිළිසකර කිරීම දුෂ්කර වන ආකාරයට බිඳ වැටී ඇත..■ සුපුරුදු ආකාරයේ පොරොන්දු, උද්යෝග පාඨ සහ රැවටීම් පිළිබඳ පුරවැසියන් අතර ගොඩනැගී ඇත්තේ දැඩි සංශයවාදයකි. අවිශ්වාසයකි. එම සංශයවාදය ඇත්තේ ආණ්ඩුව සම්බන්ධව පමණක් නොවේ. එය විරුද්ධ පක්ෂවලටද එක සේ දිගු කෙරේ..■ දේශපාලන අවියක් ලෙස වර්ගවාදය/ ජාතිවාදය යොදා ගැනීම පිළිබඳව ප්‍රබල පුරවැසි විවේචනයක්ද ගොඩනැගෙමින් තිබේ. දේශපාලන/ මැතිවරණ වාසි සඳහා වාර්ගික වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා යොදා ගැනීමේ දේශපාලනය සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ දේශපාලන ප්‍රවණතාවක්ද ගොඩනැගෙමින් ඇත..■ දේශපාලන කලකිරීම සහ නව දේශපාලන දැක්මක් සඳහා උනන්දුව යන වෙනස් මනෝභාව දෙකම සමාන්තරව සමාජය තුළ ගොඩ නැගී තිබේ..මෙම ප්‍රවණතා සහ නිරීක්ෂණ ගැන සිතන විට යෝජනා කළ හැක්කේ එක්කෝ දැනට බලයේ නැති විපක්ෂ බලවේග දේශපාලන වශයෙන් තමන්ම අලුත් කරගත යුතු බවයි. නැතහොත් නව ආකාරයේ විපක්ෂ දේශපාලනයක් නිර්මාණය කළ යුතු බවයි. අද මතුවී ඇති ආකාරයේ දේශපාලන විවෘතවීම් සහ මොහොතවල් කලාතුරකින් ලැබෙන ඒවාය. සාධනීය ලෙස ප්‍රයෝජනයට නොගතහොත් එම මොහොතවල් අහෝසි වීමද වැළැක්විය නොහැකි වනු ඇත. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඔන්ලයින් එකම හා අනිවාර්ය ක්‍රමය කිරීම නිසා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අර්බුදයක.සිසුන්ගේ ප්‍රශ්නවලට කොමිසම පිළිතුරු දෙන්නේත් නැහැ.Next articleඊළඟට අවශ්‍ය වන්නේ.පොදු වැඩපිළිවෙළක් මිස ටිංකරිං බාස් කෙනෙක් නොවේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
21 වැනි වරටත්ජනාධිපති අමාත්‍යාංශ විෂයන් වෙනස් කරයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.21 වැනි වරටත්.ජනාධිපති අමාත්‍යාංශ විෂයන් වෙනස් කරයි.By ලසන්ත රුහුණගේ.December 14, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.■ මහා භාරකාර දෙපාර්තමේන්තුව.අලි සබ්රිගෙන් ගලවා මහින්දට.■ කාර්ය සාධක බලකා 4ක් අත්හැර දමයි.■ ආර්ථිකය ගොඩදැමීම බැසිල්ට.මෙම අලුතින් එක්කර ඇති සුවිශේෂ ප්‍රමුඛතා දෙස බැලූ විට පෙනෙන්නේ බැසිල් රාජපක්ෂ නම් තනි පුද්ගලයාට එවැනි පුළුල් පරාසයක් ගොඩදැමීම කෙසේ වෙතත් එවැනි පුළුල් පරාසයක කටයුතුවත් කළ හැකිද යන්නය. මන්ද මුදල් ඇමති ධුරය භාර ගැනීමෙන් පසු රට ගොඩදැමීමට අදාළ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ගයක් ඔහු ගෙන ඇති බවක් රටට නොපෙනෙන නිසාය..අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීම් සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය 2021 දෙසැම්බර් 02 වැනි දින සහිතව නිකුත් කළ අංක 2256/39 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා යළිත් වරක් සංශෝධනයට ලක්කර ඇත..මේ බලයට පත්වූ දින සිට වසර දෙකක කාලයකදී එම ගැසට් පත්‍රය ජනාධිපතිවරයා සංශෝධනයට ලක්කළ ජයග්‍රාහි 21 වන අවස්ථාවය. බලයට පත්වීමෙන් පසු 2019 දෙසැම්බර් 10 දින අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීම් සම්බන්ධයෙන්වූ පළමු ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කළ අතර එම ගැසට් පත්‍රයත් සමගින් අමාත්‍යාංශ විෂයන් වෙන්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති මුළු අති විශේෂ ගැසට් පත්‍ර සංඛ්‍යාව 22කි. ඒ 2019 දෙසැම්බර් මුල් ගැසට් පත්‍රය, 2020 වසරේ නිකුත් කළ ගැසට් පත්‍ර 9 හා 2021 මේ වනවිට නිකුත් කර ඇති ගැසට් පත්‍ර 12 සමගින්ය..රට ගොඩනැඟීම සඳහා තමන්ට ඇතැයි කියූ වැඩපිළිවෙළ අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේදී සිදුකරන ළදරු බව අපට මොනවට කියාපායි. ඒ සමඟ වියත්මගේ වියතුන් විසින් සකස්කළ විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන් කර රට සෞභාග්‍ය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ කුමන ආකාරයේ එකක්ද යන්න අපට පෙන්නුම් කරයි. ජේආර් ජයවර්ධනගේ සිට මෙතෙක් බලයේ සිටි කිසි විධායක ජනාධිපතිවරයකු මෙතරම් අවස්ථාවන් ගණනාවක් යොදා ගනිමින් අමාත්‍යාංශ විෂයන් වෙනස් කිරීමේ විහිළුසහගත තත්වයක් අපට පෙන්නුම් කර නැත..අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේ අවසන් සංශෝධනය තුළ ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශයට අයත් ආයතන සංශෝධනය කිරීම් සිදුකර ඇති අතර එම ගැසට් පත්‍රය තුළ මුදල් අමාත්‍යාංශ ශීර්ෂයක්ද ඇතත් ඊට අයත් ආයතනික වෙනස්කිරීම් කිසිවක් සිදුවී නැත. ඒ වෙනුවට එහි කාර්යභාරයට අදාළ සුවිශේෂ ප්‍රමුඛතා අලුතින් එක්කර ඇත..මෙහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය කර එකී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදීම පිණිස වන ජනාධිපති කාර්ය සාධක බලකාය, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ ස්වයං රැකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැලෙන කුඩා ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම සහ ඒවා ලබා ගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හා කොවිඩ් 19 ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ඇත. ප්‍රශ්නය වන්නේ එම කාර්ය සාධක බලකා වෙනත් කිසිඳු අමාත්‍යාංශයකටද යොමුකර නැති වීමය..එහි අනෙක් තේරුම වන්නේ එම කාර්ය සාධක බලකා හතර ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොකිරීමට හෙවත් අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව අපට පෙන්නුම් කරන්නේ හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයා අත්හැර දමා ඇති බවයි. ඒ සඳහා පත්කළ මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ජයන්ත පෙරේරා, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් හා මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා යන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පැවරූ රාජකාරිය අහෝසි කර දමා ඇති බවයි..ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම වෙනුවෙන් වූ කාර්ය සාධක බලකාය අත්හැර දැමීම මගින්ද ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත්තේ විශේෂයෙන් ඒ සඳහා පත්කළ නේචර් සීක්‍රට් අධිපති සමන්ත කුමාරසිරි, මාස් හෝල්ඩිංග්ස් හි ෂෙරාඩ් අමලීන්, ඊඩබ්ලිව් ක්‍රිසි හි සංජීව ගුණවර්ධන හා රයිගම් මාර්කටින්හි රවී ලියනගේ වැන්නවුන් අත්හැර දමා හෝ ඔවුන් ජනාධිපතිවරයාව අත්හැර දමා ඇති බවයි..ස්වයං රැකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන් සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය අත්හැරීම මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත්තේ අඩු ආදායම්ලාභීන් හා දේශීය දේවල් යන්නද ජනාධිපතිවරයාගේ විෂය පථයේ මේ මොහොතේ පවතින දේවල් නොවන බවයි..කෝවිඩ් 19 සඳහා වූ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය අත්හැර දැමීම මගින් කොවිඩ් 19ට එරෙහිව එන්නත්කරණයෙන් පමණක් රට ගොඩගැනීමේ සිහිනයෙන් ඉවත්වීම මෙන්ම ඒ සඳහා විශේෂයෙන් පත්කර තිබූ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වැන්නවුන් අත්හැර දමා ඇති බව ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත..ඒ මගින් අප තේරුම්ගත යුතු කාරණය වන්නේ කෝකටත් තෛලය ලෙස පිහිටුවන ලද කාර්ය සාධක බලකා එකී ප්‍රශ්නවලට විසඳුම් ගෙනදී නැති බව පසුව හෝ ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බවයි. එසේත් නැත්නම් එවැනි ප්‍රශ්න විසඳිය යුතු නැති බවට ජනාධිපතිවරයා තීරණයකට එළැඹී ඇති බවයි..ඊට අමතරව අමාත්‍යාංශ යටතේ ඇති ආයතන සංශෝධනය කිරීමේදී සිදුකර ඇති විශේෂම වෙනස්කම වන්නේ අලි සබ්රි ඇමතිවරයාගේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවති මහා භාරකාර දෙපාර්තමේන්තුව අගමැති මහින්ද රාජපක්ෂ යටතේ ඇති බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට එක්කර තිබීමය..කෙසේ හෝ බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍යාංශයට අලුතින් එකතුකර ඇති සුවිශේෂ ප්‍රමුඛතා දෙස බැලීමේදී පෙනෙන්නේ රට තුළ ඇති වී ඇති මේ සකලවිධ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඔහු තවදුරටත් බැසිල් රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි. ඔහු ගැන තවදුරටත් විශ්වාසය තබා ගැනීමට හේතුව වන්නට ඇත්තේ තමාව ගොඩදානවා නම් ගොඩදැමිය හැකි පවුලේ එකම මහ මොළකරු ඔහු යැයි සිතෙන නිසා විය යුතුය..ඒ සඳහා ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂට දී ඇති අලුත් සුවිශේෂ ප්‍රමුඛතා වන්නේ,.ඉතුරුම් හා ආයෝජන දිරි ගැන්වෙන පරිදි බැංකු මූල්‍ය ආයතන ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම,.බිඳවැටී ඇති මූල්‍ය ආයතන ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම,.කෘෂිකර්මය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක හා අපනයන අංශ වැඩි දියුණු කිරීම සඳහා ජාතික සංවර්ධන, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ වැඩසටහන් සම්බන්ධීකරණය හා පුළුල් කිරීම,.බැඳුම්කර හා කොටස් වෙළඳපළ ආකර්ෂණීය කරවීම,.භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළඳපළ ප්‍රතිසංස්කරණ හා නියාමන කටයුතු ශක්තිමත් කිරීම,.අන්තර්ජාතික ව්‍යාපාර ප්‍රමුඛයන් :ෂබඑැරබ්එසදබ්ක ඊමිසබැි ඨස්බඑි* ගේ ව්‍යාපාරික ආයතනවල ප්‍රධාන කාර්යාල කොළඹ සහ වරාය නගරය ආශ්‍රිතව ස්ථාපනය කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම,.විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පෞද්ගලික අංශයේද සහාය ඇතිව සෞභාග්‍යයේ දැක්ම නව ආර්ථික සැලැස්ම ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර ප්‍රචාරණ වැඩපිළිවෙළ දියත් කිරීම,.මහා පරිමාණ දේශීය ආයෝජකයින්ට අධිතාක්ෂණික නිෂ්පාදන :්‍යසටය ඔැජයබදකදටහ ඡරදාමජඑි* ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම,.දේශීය ව්‍යාපාරිකයින්ට තරගකාරීව නිසි ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රවලට විදේශ ආයෝජන ප්‍රවේශ නියාමනය හා දේශීය ව්‍යාපාරිකයින් ආරක්ෂා කොට ඔවුන්ව සවිබල ගැන්වීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම,.රාජ්‍ය ව්‍යාපාර ආර්ථික හා සමාජීය වශයෙන් ජාතික ආර්ථිකයේ කරනු ලබන දායකත්වය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඒවායේ මූල්‍ය ශක්තිය වැඩි කිරීම.ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත පැවරී තිබූ සියලුම කාර්යන් ඉටු කිරීම ආදියය..මෙම අලුතින් එක්කර ඇති සුවිශේෂ ප්‍රමුඛතා දෙස බැලූ විට පෙනෙන්නේ බැසිල් රාජපක්ෂ නම් තනි පුද්ගලයාට එවැනි පුළුල් පරාසයක් ගොඩදැමීම කෙසේ වෙතත් එවැනි පුළුල් පරාසයක කටයුතුවත් කළ හැකිද යන්නය. මන්ද මුදල් ඇමති ධුරය භාර ගැනීමෙන් පසු රට ගොඩදැමීමට අදාළ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ගයක් ඔහු ගෙන ඇති බවක් රටට නොපෙනෙන නිසාය. පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත රටේ ආර්ථික අර්බුදයේ ස්වභාවය මිස එයින් ගොඩඒමේ මාර්ගයක් ගැන ඔහු කියා නැත. රටේ ආර්ථික අර්බුදය විසඳීමට විසඳුමක් නැති බැසිල් රාජපක්ෂට විසඳුම් සෙවීමේ කාර්යයන් බාරදීමෙන් අවසාන වශයෙන් ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත්තේද ඔහුටද මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හා රටේ අනෙකුත් ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන්ද විසඳුම් නැති බවය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජාතික ආරක්ෂාවේ තහවුරුවට මහ මොළකරු සෙවිය යුතුය.Next articleආයෝජන මණ්ඩලයේ ඉල්ලා අස්වීම්.දෙකක් කඩතොලු හදාගනීද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සුභසාධන අරමුදලටත් තට්ටුකළ අද්මිරාල් ජාතකය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සුභසාධන අරමුදලටත් තට්ටුකළ අද්මිරාල් ජාතකය.By ලසන්ත රුහුණගේ.September 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ...ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඞීය මඟහැර මෙක්සිකෝව බලාගොස් තිබුණේ සැප්තැම්බර් 10 වැනිදාය..මීට පෙර සීඅයිඞීය එම පැහැර ගැනීමේ සිදුවීමට අදාළව අධිකරණයට වාර්තා කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අවසර ලබාදෙන ලෙසය. අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සීඅයිඞීය අද්මිරාල් විජේගුණරත්නට දන්වා තිබුණේ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ඔහු පදිංචි වී සිටින මහල් ගොඩනැඟිල්ල ඡායාරූපගත කිරීමට අවශ්‍ය බවය. එහිදී අද්මිරාල් විජේගුණරත්න දන්වා තිබුණේ නීති උපදෙස් ලබාගැනීමෙන් පසු ඒ පිළිබඳව දැනුම් දෙන්නම් කියාය. ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා අද්මිරාල් විජේගුණරත්නට සීඅයිඞීයට එන ලෙස දන්වා තිබුණේ එම සිදුවීමෙනුත් පසුය..පසුගිය කාලය පිළිබඳව ආපසු හැරී බැලීමෙදී නාවික හමුදාව තුළ වඩාත් අප‍්‍රසාදයට ලක්වූ නාවික හමුදාපතිවරයා වශයෙන් අද්මිරාල් විජේගුණරත්න හැඳින්වීම වඩාත් සුදුසුය. ඔහුගේ බිරිඳගේ හැසිරීම්, බිරිඳ, පුතා හා සුරතලා වූ බල්ලාට ලබාදුන් පහසුකම්, වත්මනේ නාවික හමුදාවෙන්ම නීතියට පටහැනිව ඔහු ලබාගන්නා පහසුකම් ඊට නිදසුන්ය..නාවික හමුදා සේවා වනිතා ඒකකය තුළ ඔහුගේ බිරිඳගේ කි‍්‍රයාකාරකම්ද නාවික හමුදාව සතු හෝටල් භාවිත කිරීමේදී හා වාහන භාවිත කිරීමේදී ඔහුගේ බිරිඳ, දරුවා හා සුරතලා වන බල්ලා වෙනුවෙන් සැපයූ පහසුකම්ද ඒ අතරින් කැපීපෙනෙන බව නාවික හමුදාවේ රියල් නාවිකයන්ගේ අදහසය. නාවික හමුදාපතිවරයා වශයෙන් නිල නිවසක් පවතිද්දී ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී මහල් ගොඩනැගිල්ලේ එක් මහලක්ම (8වැනි මහල) ඔහුගේ පරිහරණයට යොදා ගැනීම ඊට ඇති එක් හොඳ නිදසුනක්ය. නිල නිවසේ ඔහුගේ බිරිඳ සිටින විට ඔහු නාවික හමුදා මුලස්ථානයේ ගොඩනැඟිල්ලේ එක් මහලක් ඔහුගේ පදිංචියට ගැනීම කොතරම් දක්ෂකමක්ද?.ඒ පමණක්ද නොවේ. ඔහුගෙන් පසු නාවික හමුදාපති ධුරයට පත් වයිස් අද්මිරාල් ටී. සින්නයියාට නිල නිවස ලබානොදී සිටීමම කොතරම් දක්ෂකමක්ද? එය හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය ආවරණයට එහි ගිය ජනමාධ්‍යවේදියෙකුට ඔහු බජාර් චණ්ඩියෙකු මෙන් පැන පැන පහරදීමටත් වඩා දක්ෂකමක් නොවේද?.වර්තමානයේත් ඔහු නාවික හමුදා මූලස්ථානය භාවිත කරන්නේ ඔහුගේ අම්මා අප්පාගේ බුදලය මෙන්ය. එහි සීඞීස්එම් හෙවත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාගේ වාහන නැවැත්වීම සඳහා ස්ථාන වෙන්කරගෙන ඇත. කොළඹ වරාය චෛත්‍ය අසල ඔහුගේ ගමන් පිරිවරගේ වාහන නැවැත්වීම සඳහා ස්ථානයක් වෙන්කරගෙන තිබේ. ඔහු පාවිච්චි කරන වාහන ගණන 32කි. ඔහුගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින ආරක්‍ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 126කි. මේ කිසිවක් ඔහුගේ අදක්ෂකමක් ලෙස අප සැලකිය යුතු නැත..තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිද්ධියේ අධිකරණය මඟහැර සිටින සැකකරුට රැුකවරණ සපයාදී ඔහු එම අපරාධයට අනුබල දෙන්නේ ඒ දක්ෂකම නිසාය. ජනමාධ්‍යවේදියෙකුට ප‍්‍රසිද්ධියේ පහරදීම දක්වා වූ අපකීර්තිමත් හැසිරීමක් පෙන්නූ ඔහුට තවදුරටත් ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබාදෙන්නේ ද ඔහුගේ ඒ දක්ෂකම නිසාය..ඔහුගේ එම දක්ෂකම ගැන කියන තවත් සාධකද දැන් අපට හමුවී ඇත. ඉන් එකක් වන්නේ නාවික හමුදා සුබසාධක අරමුදලේ මුදල් ඊට කිසිදු සම්බන්ධයක් නැති කටයුතු වෙනුවෙන් ලබාගැනීමේ ඔහුගේ දක්ෂතාවය. මේ සුබසාධන අරමුදල වූ කලි නාවික හමුදා සාමාජීකයන්ගෙන් මාසිකව රුපියල් 75ක මුදලක් ලබාගෙන ගොඩනඟා ඇති අරමුදලකි. එය ඇත්තේ නාවික හමුදා සමාජිකයන්ගේ හා යුද්ධයේදී මියගිය, ආබාධිත වූ හා අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සුබසාධනය සැලසීම සඳහාය..එම සුබසාධක අරමුදලෙන් 2016 හා 2017 යන වර්ෂ දෙකේදී රුපියල් මිලියන 233.6ක මුදලක් විදේශීය පුහුණු පාඨමාලා සඳහා අත්තනෝමතික ලෙස අද්මිරාල් විජේගුණරත්නගේ නාවික හමුදාපති කාලය තුළ දී ලබාගෙන ඇත. මේ පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ උදහසට ලක්වූ අඩුම කාලයක් නාවික හමුදාපතිධුරය දැරූ ටී. සින්නයයියා විසින් ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. ඒ 2017.08.30 දින සහිතවය. එහි පිටපතක් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවා ඇත..එහි සඳහන් කර ඇත්තේ 2016 වර්ෂයේ පුහුණු කටයුතු වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 822ක ප‍්‍රතිපාදනය තුළ වියදම් දැරිය හැකි ලෙස විධිමත් පුහුණු සැලැස්මක් සකස්කර කි‍්‍රයාත්මක නොකර හා මහා භාණ්ඩාගාරයේ සිිහි කැඳවීම් අනුව පුහුණු සැලැස්ම සංශෝධනය නොකර අවිධිමත් ලෙස කටයුතු කිරීම තුළින් පැනනැඟුණු මූල්‍ය ඌනතාව සපුරා ගැනීම සඳහා නාවික හමුදා සුබසාධන අරමුදලෙන් රුපියල් මිලියන 130.4ක මුදලක් පුහුණු කටයුතු සඳහා ලබාගෙන ඇති බවය. ඒ 2016.10.07 දින සිට 2016.12.31 දින දක්වා වූ කාලය සඳහාය..එසේ තිබියදීත් දක්ෂතාවට පින්සිදුවන්නට එම සෙල්ලම 2017 වර්ෂයේදීත් කි‍්‍රයාත්මක කර ඇති අද්මිරාල් විජේගුණරත්න මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් උපදෙස් හා අවධාරණයන් තුට්ටුවකට මායිම් නොකරමින් එම වර්ෂයෙ,් එනම් 2017.08.08 දින සිට 2017.08.21 දින දක්වා වූ සති දෙකක කාලයේදී භාණ්ඩාගාරය ලබාදුන් රුපියල් මිලියන 700ක ප‍්‍රතිපාදනය ඉක්මවා යමින් නාවික හමුදා සුබසාධක අරමුදලෙන් රුපියල් මිලියන 103.2ක මුදලක් විදේශ පුහුණු පාඨමාලා සඳහා ලබාගෙන ඇත. ඒ ද භාණ්ඩාගාරය විසින් මුලින් ලබාදුන් රුපියල් මිලියන 600ක මුදල මදි බව පවසමින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේකව ලබාදුන් රුපියල් මිලියන 100ක මුදලද අවසන් කිරීමෙන් පසුය..එම වසරේ ඊළඟ මාස හතරක කාලයත්, ඉන්පසු මේ දක්වා කාලයත් ඔහු නාවික හමුදාපති ලෙස කටයුතු කිරීමට අපගේ පින්වත්, සිංහල බෞද්ධ, රණවිරු මිනීමරු හිතැති ජනාධිපතිවරයා ඉඩ ලබාදුන්නේ නම් නාවික හමුදා සුබසාධන අරමුදලට සිදුවන දේ හිතා ගැනීමටවත් බැරිය..විදේශීය පුහුණු පාඨමාලා ලෙස සඳහන් වූවද 2017 වර්ෂයේදී නාවික හමුදා සුබසාධන අරමුදලෙන් සති දෙකක කාලයකදී ලබාගෙන ඇති රුපියල් මිලියන 103.2 මුදලින් ගොස් ඇති විදේශ ගමන්වලින් ගමන් 12ක් යෙදී ඇත්තේ නිල විදේශ සංචාර වශයෙන්ය. ඒවා කිසිසේත්ම විදේශ පුහුණු පාඨමාලා නොවේ. එම සතිදෙකක කාලයේ සිදුවූ විදේශ සංචාර 32න් පුහුණු පාඨමාලා සංචාර ඇත්තේ 20ක් පමණය..ඒ අනුව ඉන්දියාවට නිල විදේශ සංචාර 3ක්ද, ඇමරිකාවට නිල විදේශ සංචාර 2ක්ද, සිංගප්පූරුවට නිල විදේශ සංචාර 2ක්ද, ඉන්දුනීසියාව, තායිලන්තය, රුසියාව, පිලිපීනය හා එක්සත් රාජධානියට එක් නිල විදේශ සංචාරය බැගින් ද ගොස් තිබේ..ඉහත කී නාවික හමුදා සුබසාධක අරමුදලට තට්ටුකිරීමේ මේ සියලූ තොරතුරු මුසාවාදා වේරමණී ශික්ෂාපදය කඩමින් සිටින ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන උන්නැහේට ලැබී ඇත. ඒ ආරක්ෂක ඇමති වූ ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයාට නිල වශයෙන් මේ තොරතුරු යොමු කර ඇති බැවින්ය. මුසාවාදා දෙස දෙස රට වටේ යෑමටත් වේලාව මදීවී ඇති අපගේ ජනාධිපතිවරයාට එම තොරතුරු අසන්නට හෝ කියවන්නට වේලාවක් ලැබී නැති හැඩය. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සීඅයිඞීය මඟහැර මෙක්සිකෝවට යෑමට හදාගන්නේ එහෙව් කාර්ය බහුල තත්ත්වයක අපේ ජනාධිපතිවරයා සිටින තත්ත්වයකය. ඉතිං ඒකට දක්ෂතාව නොකියා වෙන කුමක් කියන්නද?.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅවසන් යුද්ධයේදී 8000ක් මැරුණා මහින්ද.Next articleමහජන මුදල් වියදම් කර නීතියට පිටුපාන රවි විජේගුණරත්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ගෝල්ඩන් බෝල් සම්මානයගෙදර ගෙනාවෙත් නැහැජාතික පාපන්දු කණ්ඩායමේ නායකසුජාන් පෙරේරා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගෝල්ඩන් බෝල් සම්මානය.ගෙදර ගෙනාවෙත් නැහැ.ජාතික පාපන්දු කණ්ඩායමේ නායක.සුජාන් පෙරේරා.By සංස්කාරක.December 1, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම වසර 15කට පසුව තමයි ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට පැමිණෙන්නේ. මුලින්ම අපි නිමාව දුටු අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර තරගාවලිය ගැන කතා කරමු..මට මතක විදිහට 2006 තිබුණ සාෆ් ක්‍රීඩා උළෙලේ ෆයිනල් ආවාට පස්සේ අපිට ජාත්‍යන්තර තරගාවලියක අවසාන තරගයක ෆයිනල් එන්න බැරිවුණා. රටක් විදිහටත් ගොඩක් කාලයක් බලාගෙන හිටියා අපි නැවත ජාත්‍යන්තර තරගාවලියක අවසාන මහා තරගයක් ක්‍රීඩා කරන්නෙ කවදාද කියලා. මේ තරගාවලියේ අවසාන මහා තරගය දක්වා ආ ගමන් මඟ දිහා බැලුවොත් මම හිතන්නේ ෆුට්බෝල්වලින් අපිට ලොකු පිම්මක් පනින්න පුළුවන් වුණා කියලා..ගෝල්ඩන් බූට් සම්මානය වසීම් රාසික්ට හිමි වෙද්දී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට පිරිනමන ගෝල්ඩන් බෝල් සම්මානය ලැබුවේ ඔබ...ඒ ගැන සතුටුය, ලංකාවේ ක්‍රීඩකයෙක්ට මේ වගේ දක්ෂතාවයක් දක්වන්න පුළුවන් වීම ගැන. මේ වගේ තරගාවලියක ලංකාවේ ක්‍රීඩකයෙක්ට මේ වගේ දෙයක් මීට කලින් ලැබිලා නෑ. ගොඩක් තරගවල මූලික වටයෙන්ම ඉවත් වෙන්න සිද්ධවෙලා තියෙනවා. නමුත් මේක කණ්ඩායම් තරගයක්. අපි අවසාන තරගය සීෂෙල්ස් කණ්ඩායමට පරාද වෙන්න සිද්ධවුණා. ඒ නිසා මේකේ වටිනාකමක් මට දැනෙන්නේ නැහැ. අපි කප් එක දින්නා නම් තමයි මට මේ සම්මානයේ වටිනාකම දැනෙන්නේ. ෆයිනල් එක දිනන්න බැරි වෙච්ච නිසා මට හම්බවුණ ගෝල්ඩන් බෝල් අවෝර්ඩ් එක ගෙදර ගෙනිච්චෙවත් නැහැ..සුජාන් පෙරේරා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය දක්වා පැමිණි ගමන් මඟ ගැන කතාකළොත්...මම ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගත්තේ 3 වසරෙ ඉඳගෙන වගේ. මගේ අයියා තමයි මාව පිට්ටනියට එක්කගෙන ගියේ ෆුට්බෝල් ගහන්න. මුලින්ම සෙල්ලම් කළේ මගේ පාසලට, කළුතර සිරිකුරුස විද්‍යාලයට. ඩිලාන් සර් තමයි ඒ කාලෙ මට හිටිය පුහුණුකරු. ඔහු තමයි ෆුට්බෝල්වල මට යන්න ඕනෑ පාරවල් පෙන්නුවේ. මම පොඩිකාලෙ ඉඳන්ම ආසා කළ දේ තමයි ගෝල් කීප් කරන එක. පුරුදුවෙන්න ගිය මුල්ම දවසේත් කළේ ගෝල් කීපර්කම. ඊට පස්සෙ දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩාකළා. ජාතික තලයේ අවුරුදු 13න් පහළ තෝරාගැනීම්වලදි මට අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවැනි පාර කළ තෝරාගැනීම්වලින් තමයි මාව තෝරාගත්තේ. මම අවුරුදු 13 පහළ සහ අවුරුදු 17න් පහළ ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩා කළා. එතැනින් ලැබුණ දේවල් තමයි මේ වගේ ගමනක් එන්න හේතුවුණේ. ඊට පස්සේ මම කළුතර දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩාකළා. ක්ලබ් සෙල්ලම් කළා අවුරුදු 5ක් විතර, මාලදිවයිනෙත් අවුරුදු 6ක් විතර සෙල්ලම් කළා. 2010දී තමයි මම ජාතික කණ්ඩායමට ආවේ. මගේ පළවෙනි මැච් එක ගහන්නේ 2011දී. එතැනින් අවුරුදු 3කට විතර පස්සේ තමයි මම කණ්ඩායමේ නායකයා වුණේ..ඔබ ජාතික කණ්ඩායමේ ඉන්න අතරේ අවුරුදු 6ක් විතර මාලදිවයිනේ ක්‍රීඩා සමාජයක විශාල වැටුපක් ලබමින් ක්‍රීඩා කරමින් හිටියේ. මේ ඔක්කොම දාලා නැවත ජාතික කණ්ඩායමත් එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න බලපෑ විශේෂ හේතුවක්හෙම තියෙනවාද?.මට දැනුම්දුන්නා ලංකාවෙ ෆුට්බෝල් වෙනස් විදිහකට හදනවා කියලා. ඒ වෙද්දි ලංකාවෙ ෆුට්බෝල් සුපර් ලීග් එක පටන් ගන්න තමයි සැලසුම් කරලා තිබුණේ. මම සුපර් ලීග් එක පටන් ගන්නකොට කිව්වා ක්‍රීඩකයෙක් විදියට මට කරන්න පුළුවන් එකම දායකත්වය සුපර් ලීග් එකේ ඇවිත් සෙල්ලම් කරන එක. මම මාලදිවයිනේ සෙල්ලම් කරද්දි ලොකු වැටුපකට සෙල්ලම් කළා. ඒත් ඉතින් ක්‍රීඩකයෙක් විදියට ඒ මොහොතේ මට රටට දෙන්න පුළුවන් සේවය ලීග් එකේ සෙල්ලම් කරන එක. ඒ නිසා මම නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජයත් එක්ක කතාකරලා සම්බන්ධ වෙලා දිගටම ක්‍රීඩා කරගෙන යනවා. ඊට පස්සෙ මට ජාතික කණ්ඩායමේ නායකත්වය බාරගන්න කිව්වා. මම මුලින් ඒකට කැමති වුණේ නැහැ. මම කණ්ඩායමේ නායකත්වය බාරගන්නවා නම් ඒකට සුදුසු පරිසරයක් හැදිලා තියෙන්න ඕනෑ කියලා මම දැනුම් දුන්නා. ඊට පස්සෙ තමයි මම කණ්ඩායමේ නායකත්වය බාරගත්තෙ. මගේ පවුලේ කට්ටියත් බලන්න පුළුවන් ලංකාවේ ඉද්දි. ඒකත් මට ලොකු හේතුවක් වුණා දිගටම ලංකාවේ ඉන්න. ක්‍රීඩකයෙක් විදිහට රට වෙනුවෙන් දෙන්න තියෙන උපරිමය ඉදිරියටත් ලබාදෙනවා..මේ වෙනකොට ජාතික පාපන්දු කණ්ඩායමේ විශාල පිබිදීමක් අපට පෙනෙන්න තියෙනවා. මොනවාද ඇතිකළ වෙනස්කම්?.මීට කලින් ජාතික කණ්ඩායමේ සැලසුම් හොඳ මට්ටමක තිබුණේ නෑ. දැන් ඩිපාර්ට්මන්ට් ගොඩාක් තියෙනවා, මෙඩිකල් ඩිපාර්ට්මන්ට් එක, ඇනලිස්ට්ලාගෙ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා, වෙනම කැටපෝල් සිස්ටම් එකක් යනවා, ක්‍රීඩකයන්ටත් මේ වෙද්දී හොඳ වටිනාකමක් දීලා තියෙනවා, ක්‍රීඩකයොත් ඉස්සරට වඩා හිතන විදිහේ ඉඳන්ම වෙනස්, ඒගොල්ලන්ට දිනන්න ඕනෑමයි කියන හැඟීම තියෙනවා. මම හිතන්නේ මේ තරගාවලියේ පුරාම සහ ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටවලදී අපි ක්‍රීඩා කළ ආකාරයෙන් ඒ වෙනස අපි දැක්කා. මේ වෙනසත් එක්ක කණ්ඩායමක් විදියට අපි ගොඩාක් ඉස්සරහට ආවා..දැන් ඉන්න ජාතික කණ්ඩායමට අලුතෙන් එංගලන්තයේ සිට ක්‍රීඩකයො දෙන්නෙක් එකතු වුණා. ඒ වගේම ජර්මනියේ සෙල්ලම් කළ වසීම් රසීක් එකතු වුණා. මේ එකතුව මොන විදිහටද ජාතික කණ්ඩායමට බලපෑවේ?.ඉස්සරත් අපිට ගෝල් ගහන්න ක්‍රීඩකයෝ හිටියේ නෑ කියන්න බෑ. නමුත් විශ්වාසයකින් ක්‍රීඩා කළේ නෑ. නමුත් වසීම් රසීක්ගෙ එකතුවීමත් එක්ක කණ්ඩායමේ හැමෝටම විශ්වාසයක් හැදිලා තියෙනවා. හැමෝම බලනවා වසීම්ට බෝලේ දෙන්න. වසීම්ට බෝලේ හරියට ගියොත් ගෝල් එකක් ගහනවා කියන විශ්වාසය හැමෝටම තියෙනවා. ඒ වගේම අලුතෙන් කණ්ඩායමට එකතු වුණ ඩිලන්, හැමිල්ටන් වගේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර මට්ටමේ සෙල්ලම් කළ අය. එයාලාගේ අත්දැකීම් අනිත් ක්‍රීඩකයන් එක්ක බෙදාගන්න පුළුවන් වීම මම හිතන්නේ ගොඩාක් වටිනවා..මීට පෙර අපි දැක්කා අපේ ක්‍රීඩකයෝ ඉතාමත් ඉක්මනින් ආබාධවලට ලක්වෙනවා. එක දිගට විනාඩි 90ක් සෙල්ලම් කරගන්න බැරි තත්වයක් තිබුණේ. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා. ශාරීක යෝග්‍යතාව සහ මානසික ඒකාග්‍රතාව හරියට පවත්වා ගන්න මොනවගේ දේවල්ද කළේ?.ප්‍රධානම හේතුව තමයි දැන් මෙඩිකල් ඩිපාර්ට්මන්ට් එකක්ම තියෙනවා. ඉස්සර නම් හිටියේ එක භෞතික චිකිත්සකවරයෙක් විතරයි. ඩොක්ටර් කෙනෙක්වත් හැම මැච් එකකටම ගෙනියන්න හිටියේ නැහැ..දැන් මෙඩිකල් ඩිපාර්ට්මන්ට් එකක්ම තියෙන නිසා නිතරම ක්‍රීඩකයොත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉස්සර අපිට එක තරගයක කොච්චර දුවනවාද, කොහොමද සෙල්ලම් කරන්න ඕනෑ, කොයි වෙලාවටද අපි විවේක ගන්න ඕනෑ කියලා අදහසක් තිබුණේ නැහැ. නමුත් අපිට දැන් පැහැදිලි අදහසක් තියෙනවා මොකද්ද කරන්න ඕනෑ කියන එක ගැන. ඒ වෙනස තමයි දැන් කණ්ඩායමේ පෙනෙන්න තියෙන්නෙ..ජාතික කණ්ඩායමට අලුතෙන් එකතුවුණ ප්‍රධාන පුහුණුකරු අමීර් අලජිගෙන් මොනවගේ දායකත්වයක්ද කණ්ඩායමට ලැබුණේ?.අමීර් අලජි කණ්ඩායමට එකතුවුණාට පස්සෙ තමයි හොඳ සැලැස්මකට අනුව ජාතික කණ්ඩායම හරියට ව්‍යුහගත වුණේ. දැන් තියෙන ගොඩක් ඩිපාර්ට්මන් හැදුණේ ඔහු ආවාට පස්සේ..2022 ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයෙදි අපි ලෙබනනයත් එක්ක ක්‍රීඩා කළ තරගය ජයග්‍රහණය කරන්න බැරි වුණත් අපිට වඩා රෑන්කින්වලින් ඉදිරියෙන්ම ඉන්න ලෙබනනයත් සමඟ පැවති තරගය ගෝල 3/2ක් විදිහට අවසන් කරන්න පුළුවන් වීම අන්තර්ජාතික විස්තර විචාරකයො පවා ඇගයීමට ලක්කළා. ඒ තරගයෙන් පස්සේ තමයි ලංකාවෙ ඉන්න ප්‍රේක්ෂකයොත් පාපන්දු කණ්ඩායම ගැන උනන්දුවක් දැක්වූවේ...අපි කණ්ඩායමක් විදිහට අලුතෙන් ව්‍යුහගත වුණාට පස්සෙ ගහපු පළවෙනි මැච් එක. ලෙබනන් එක්ක ගහපු මැච් එක තමයි ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ගහපු පළවෙනිම මැච් එක. ඒ මැච් එකේ පළවෙනි විනාඩි 45 තරගයට හුරුවෙන්න වෙලාවක් ගියා. නමුත් දෙවන භාගයේ අපි හොඳට සෙල්ලම් කළා. අපි එදා තමයි ගෝල් ගහන්න පුළුවන් කණ්ඩායමක් කියලා ලෝකෙට පෙන්නුවේ. වසීම් රසීක් ඒ තරගයේත් ගෝල් දෙකක් ගැහුවා. ඒ වගේම එදායින් පස්සේ ක්‍රීඩකයන්ගෙත් ලොකු වෙනසක් දැක්කා. හැමෝම මේක කරන්න ඕනෑ කියන හැඟීමෙන් තමයි සෙල්ලම් කළේ..ලංකාවෙ පාපන්දු ක්‍රීඩාවට මීට පෙර තිබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ දැන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද්ද හිතෙන්නේ?.රටක් විදිහට අපි ෆුට්බෝල්වලින් ඉස්සරහට යනකොට, කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩාකරලා ඉදිරියට යනකොට ප්‍රේක්ෂකයොත් ක්‍රීඩාව එක්ක ඉන්නවා. ලංකාවෙ ප්‍රේක්ෂකයන්ට මේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන පණිවිඩය අපි දුන්නා. අපි දැන් සෙල්ලම් කරලා ඉවරවුණ තරගාවලියේ මාලදිවයිනත් එක්ක ගහපු පළවෙනි තරගයේ ලංකාවේ සෙල්ලම් කරනවා කියලා හිතුණේ නෑ. මොකද ඒ තරමටම හිටියෙ මාලදිවයිනේ ප්‍රේක්ෂකයො. නමුත් අපි අවසන් මහා තරගයට එනකොට ඒ තත්වය හාත්පසින්ම වෙනස් වුණා. ඒ තරගය තමයි මම ක්‍රීඩා කළ තරගවලින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගිවෙලා කණ්ඩායමට සහයෝගයක් දීපු තරගය. අපිට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ‘අපි ගොඩක් අභියෝගත් එක්ක තමයි මේ තාක් දුර ඇවිල්ලා තියෙන්නේ, අවසන් ජයග්‍රහණය දෙන්න බැරි වුණත් මීට වඩා හොඳ දේවල් අපි ඉදිරියට ලබා දෙනවා.’.ඔබ දීර්ඝ කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙලා ඉන්න කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂම මතකය මොකද්ද?.මම අවුරුදු 11ක් සෙල්ලම් කළා. ඒ කාලය පුරාවටම අපි පසුබෑම්වලට ලක්වුණා විතරයි. සතුටු වෙච්ච අවස්ථාවක් නැති තරම්. මේ අවසන් වුණ තරගාවලිය තමයි මගේ ජීවිතයේ වගේම ගොඩාක් ක්‍රීඩකයන්ගේ අමතක නොවන තරගාවලියක් විදිහට දකින්න පුළුවන් වෙන්නේ..ඔබටත් ඇති ප්‍රියතම ක්‍රීඩකයෙක්. මම කැමතියි ඒ ගැනත් දැනගන්න...ජාතික කණ්ඩායමට එන්න ආස කළ හේතුවක් තමයි, මම පොඩිකාලෙ දැක්කා ලංකාවෙ ජාතික කණ්ඩායම නියෝජනය කළ අයියා කෙනෙක් සෙල්ලම් කරනවා. එයාගෙ නම අසංක විරාජ්. එයා ගෝල් කීපර් කෙනෙක්. ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩකයෝ කොච්චර හිටියත් එයා තමයි දැනටත් පාපන්දු ක්‍රීඩාවෙ මම කැමතිම ක්‍රීඩකයා..අවසාන වශයෙන් ඉදිරියේදී තිබෙන තරග සහ පාපන්දු ක්‍රීඩාවෙන් රටට ජයග්‍රහණ ලබා දෙන්න මොනවගේ සැලසුමක්ද තියෙන්නේ කියන්න..අපිට තියෙන ඊළඟ අභියෝගය තමයි ආසියානු කුසලානයේ තරග ක්‍රීඩා කරන එක. ලංකාවට ප්‍රථම වතාවට තමයි ඒ තරගාවලියට සුදුසුකම් ලබාගන්නෙ. මීට පෙර එම තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගවලින්ම ලංකාවට ඉවත්වෙන්න සිද්ධ වුණා. මේ තරගාවලියේ කණ්ඩායම් 4ක් සෙල්ලම් කරනවා. ඒ හතරෙන් ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කරනවා. ඒ වෙනුවෙන් කණ්ඩායමක් විදිහට එම තරගාවලියම ඉලක්ක කරගෙන හොඳ සැලැස්මක් එක්ක පුහුණුවීම් කරනවා■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅද කඨින පිංකමද මහජන පීඩාවකි.Next articleසීමා මායිම් නැති ජීවිතයක නිදහස සහ තෘප්තිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ලංකාව දැන් ආණ්ඩුවක් නැති රටකි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකාව දැන් ආණ්ඩුවක් නැති රටකි.By සරත් විජේසූරිය.December 20, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.පාර්ලිමේන්තුව උන් හිටි ගමන් වසා දැමීමට ප්‍රධාන හේතුව කුමක් ද? මැතිඇමතිවරුන්ට ඇඳුම් ඇඳගෙන එහි යන්නට බැරි තත්වයක් තිබීම ද? නැතහොත් හෘදය සාක්ෂියක් ඇති මැතිඇමතිවරුන් ආණ්ඩුවට අභියෝගයක් කරාවියයි ඇති වුණ භීතියක් ද?.පාර්ලිමේන්තුවේ සභාවාර පැවතුණත් පාර්ලිමේන්තුවට පැමිණීම මැතිඇමතිවරුන් අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස නොසැලකීම කාලයක් තිස්සේ විද්‍යමාන තත්වයකි. පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම යනු ආණ්ඩු පක්ෂයේ බහුතරයකට සිරිතකට මළගෙදරකට ගොඩ වී යාම වැනි කටයුත්තකි. කිසිවෙකු වැදගත් කතාවක් කරන විට සත්තු වත්තක බෙහෙත් විෂ වූ සත්තු විලසින් වහසි බස් දොඩන පිරිසට නිදහසේ හැසිරෙන්නට කථානායකගේ අවසරයත් ඇත..රටට නීති හදනවායයි කියන තැන නීතියක් නැත. මොන අභාග්‍යයක් ද?.‘පාර්ලිමේන්තුව තිබුණත් එකයි නැතත් එකයි’ යන හැඟීමකි ජනතාව තුළ තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය තිබෙනවාට වඩා හොඳයි නැති එක යන හැඟීමය ජනතාව තුළ තිබෙන්නේ. ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය තිබුණත් එක ය, නැතත් එක ය. කාර්යසාධක බලකා සමඟය ඔහු වැඩ කරන්නේ. ‘රටට කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නැත‘ කියා එය අනුමත කරන්නට කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ යෝජනාවටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ. පාර්ලිමේන්තුව රටට අවශ්ය නැත කියා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් එයත් තුනෙන් දෙකකින් අනුමත වනු ඇත. ඒ තරමට ආණ්ඩුවේ මැති ඇමතිවරු පුස්සන් වී සිටිති..රටක විපත.තමන්ගේ අමාත්‍යාංශයට අදාළ පනතක් වත් නොකියවන අමාත්‍යවරුන්ගෙන් කරුණු දෙකක් වැටහෙයි. පළමුවෙනි එක නම් පනතක් කියවන්නට පුළුවන්කමක් නැතිකම ය. දෙවැන්න තමන්ගේ කාර්යය වන්නේ අනුමැතිය සඳහා කැමතිවීම නිසා කියවීමට උවමනාවක් නැතිකම ය..කැබිනට් මණ්ඩලයේ දී යම් ඇමතිවරයෙකු කැබිනට් යෝජනාවන්ට විරුද්ධ වුවහොත් ඔහු ඇමතිධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පැකිළෙන්නේ නැත. ඇමති පදවියෙන් රටට – ජනතාවට සේවයක් කළ නොහැකි වුවත් තමන්ට සහ තමන්ගේ පවුලට කරගත හැකි සේවාවන් අප්‍රමාණ බැවින් ඇමති පදවිය ගැලවෙන අන්දමේ වැඩ නොකිරීමට ඇමතිවරු පරිස්සම් වෙති..එකොළහේ කල්ලියට යනවා නම් යන්න කියා රහසින් නොව විවෘතව පැවසුණත් ළැගගෙන සිටින්නේ ඇයි? එළියට බැස්සොත් ශීතකරණයේ පරිස්සමට තබා ඇති නඩු එළියට එන්නට පුළුවන් බව ඔව්හු දනිති..විධායක ජනාධිපති පදවියට තිබුණ අසීමිත බලය අඩු කෙරුණ ද එදා සිටි ජනාධිපති කටයුතු කළේ කෙසේ ද? ඔහු ඔහුට අවශ්‍ය අන්දමට බලය භුක්ති වින්දේය. එහෙත් ඔහුට හිතුවක් කරන්නට පහසු නොවීය. රටක බහුතර ජනතාවත් – මහජන වරමකින් මැතිසභයට තේරී පත්වුණ පුද්ගලයනුත් ගෝඨාභයට ජේආර්ටවත් නොතිබුණ බලයක් අවිචාරාත්මකව උරුම කර දීම හේතුවෙන් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය නාමික තත්වයකට පත්ව ඇත. ඉක්මනින් හමුදා පාලනයක් ඇති කරගන්නට ඇත්නම් යන අදහස ගෝඨාභයගේ සිහිනය වන්නට හැකි ය. ඔහුට දැන් වෙන විසඳුමක් ද නැත..සෝඩා බෝතල් කැඩීම.පසුගිය දවස්වල දකින්නට ලැබුණේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයෙකු ඉඳහිට සද්දයක් දැමීම ය. ඒ සද්දත් තාල නැති බෙර සද්ද වැනි ය. අද ආණ්ඩු පක්ෂයේ සිටින කිසි ඇමතිවරයෙකුට හෘදය සාක්ෂියට එකඟව කතා කරන්නට නොහැකිය. හේතුව ඔවුන් මැති ඇමති පදවි දරමින් වැඩ කර තිබෙන්නේ හෘදය සාක්ෂියට පටහැනිව වීම ය..ඇතමෙකු සෝඩා බෝතලයක් කඩන තත්වයකවත් නැත්තේ එබැවිනි..මහින්ද රාජපක්ෂගේ දරුවන් බලය භුක්ති විඳින අන්දම අවිනීතයයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කිසියම් තැනකදී පවසා ඇත. මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විමසා තිබෙන්නේ, ‘බලය තිබෙන කාලයේ මිස නැති කාලයේ බලය භුක්ති නොවිඳ කොහොමද?’ කියා ය. බලය හිතේ හැටියට භුක්ති වින්දත් චාරයක් නැතිකම, බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන එක අපට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි කොහොමද ගම්වලට යන්නෙ? කියා ඇසුව විට මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පවසා තිබෙන්නේ අපූරු කතාවකි. ‘එන පාර නොමිනේෂන් ගන්න ඕනැ නම් කුමාරවරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා’ යන්නය..මෙවැනි කතා බස්වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ මැතිඇමතිවරුන් මැති සභය තුළ මොන කුණුහරුප කිව්වත් දැඩි පසුතැවිල්ලකින් පසුවෙන තත්වයක් ඇති බවය. එහෙත් කිසිකෙනෙකුට හිතට එකඟව කතා කරන්නට පුළුවන් කමක් නැත. වැඩිම පීඩනයකින් පසුවෙන පිරිස අතර සුළු පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන, අමාත්‍ය පදවි ලබා සිටින අය සිටින බවත් අසන්නට ලැබේ. මේ උදවිය ඉඳහිට තැනක රැස් වී ඇත්තටම සෝඩා බෝතල් කඩන බවත් හිතේ තැවුල් පදමට ගසා පිට කරන බවත් කුප්‍රකට රහසකි..වියත් මඟ.ඕනෑම භාණ්ඩයක් අලෙවි කර දෙන්නට සමත් ප්‍රචාරණ ක්‍රියාවලියක් තිබේ. ලංකාවේ මේ ප්‍රචාරණ ක්‍රියාවලිය මොන තරම් දියුණු ද යන්න රටට නායකයෙකු ද මැවුවේ ය. සහසුද්දෙන්ම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ රටේ නායකයා – පාලකයා වන්නට කිසිම කිසි සුදුසුකමක් නොතිබුණ කෙනෙකි. ඒ වග පියවි සිහියෙන් දෙන්නෙක් ප්‍රසිද්ධියේම කිව්වේය. එක් කෙනෙක් කුමාර වෙල්ගම ය. අනෙක් කෙනා වාසුදේව නානායක්කාරය. කුමාර වෙල්ගම සිය මතයේ නොවෙනස්ව සිටියේ ය. ඔහු සිය මතය පළ කළේ න්‍යායාත්මක අවබෝධයකින් නොව දේශපාලනය ගැන ව්‍යවහාර ඥානයෙනි. වාසුදේව පැවසුවේ න්‍යායාත්මක අවබෝධයකින් යයි මම අදටත් සිතමි. අභාග්‍යය නම් යට ඇඳුමවත් අදින්නේ නැතිව වාසුදේව ගෝඨාභයට කිරුළ පැළඳවීමට පෙරමුණේ ගමන් කරන්නෙකු වීම ය..වාසුවදේව හීලෑ වුණේ කොහොම ද?.දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණයක් ඔස්සේ ගෝඨාභය බැලුමක් ලෙසින් පිම්බුව පසුබිමක ඔහු නිලංකාර වී ද? මේ ගැන වාසු සිය අදහස පළ කර තිබෙන්නේ මෙලෙසිනි..”අපි හිතුවා චමල්ව කොහොම හරි පත් කර ගන්න. ඒත් චමල්ව රටට විකුණන්න බැරි බව අපට වැටහුණා. ඒකට එක හේතුවක් තමයි අපි චමල් හොඳයි කියලා හිතුවට විකුණන්න හොඳක් කියලා කිසි දෙයක් නොතිබීම. ඉතින් වෙළඳ භාණ්ඩය නිෂ්පාදනයත් අලෙවියත් දෙකම කරපු පුද්ගලයාට අපට අවධානය යොමු කරන්න සිද්ධ වුණා. මොකද නැත්නම් අපි පරදිනවා. ඒකයි ඇත්තම කතාව.”.ගෝඨාභය රාජපක්ෂ මාර්කට් කරන්නට නිර්මාණය කළ වෙළඳ දැන්වීම ‘වියත්මඟ’ වන්නේය. වියත් මග නිර්මාණය කරන්නට හේතුව අලෙවි කරන භාණ්ඩය නම් පුද්ගලයාට අහිමි චරිතයක් හිමි කිරීමට ය. ආණ්ඩු බලය ලබා ගැනීමට නම් ‘සිස්ටම් චේන්ජ්‘ එකක් ගැන කතා කිරීම වඩාත් ඵලදායක බවය වටහා ගෙන තිබෙන්නේ. ජාතික ආරක්ෂාව ගැන කටන්දරය පස්සේ කරළියට ගැනුණකි. විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් සහ අලුත් ඡන්ද පදනම ආකර්ෂණය වන්නේ ‘සිස්ටම් චේන්ජ්‘ එකක් වෙනුවෙනි. දේශපාලනඥයන් දිගින් දිගටම රට පාලනය කොට අසාර්ථකත්වය විදහා පෑම පෙන්වා දෙමින් – දේශපාලනඥයෙකු නොවන විද්වතෙකු රට වෙනස් තැනකට පත් කරන්නට අවශ්‍යය යන මතය බොහෝ දෙනාගේ සිත් ගත්තේය. ඉතින් ගෝඨාභය විද්වතෙකු ලෙසින් භෞතීස්ම කිරීම ෂැංග්‍රිලා හෝටලයේ දී ආකර්ෂණීය අන්දමින් සිදු කෙරුණි. යම් කෙනෙකුට සිහි කළ හැකි නම් එදා ගෝඨාභය රාජපක්ෂ ටෙලිප්රොම්ටරය ඔස්සේ කියවූ පිටපත සේම එදින අනෙක් කථිකයන් ඉදිරිපත් කළ කතා ද ‘සිස්ටම් චේන්ජ්‘ එකක් වෙනුවෙන් මනාවූ ප්‍රාසංගික අත්දැකීමක් ලෙස අවබෝධ වනු ඇත. ඉහළම වෘත්තිකයන් කිහිප දෙනෙකු සෙසු කථිකයන් බවට පත් කොට ප්‍රධාන කථිකයා ගෝඨාභය බවට පත්කොට ශාලාවෙන් තුනෙන් දෙකක් තරමට විවිධ තලවල වෘත්තිකයන් වාඩි කරවා ඉදිරිපත් කළ ප්‍රසංගයෙන් ගෝඨාභය වියතෙකු බවට භෞතීස්ම කෙරුණි. මේ ප්‍රචාරණ ක්‍රියාදාමයක ශක්තිය යයි සිතමි..ඉතින් කිසිවෙකුට හඳුනාගන්නට බැරි අන්දමට කාන්තාවක පිරිමියෙකු ලෙසින් වෙස් ගන්නා තවත් කාන්තාවකට විවාහ කර දී දරු උපතක් බලා සිටියාට දරු උපතක් සිදු වන්නේ නැත. කළ හැකි එකම දේ ඇත්තම කාන්තාව ගැබ්ගැන්වීමට ඇත්තම පිරිමියෙකු යොදා ගැනීම ය. ඊටත් අවසරයක් නැති විට කුමක් ද වෙන්නේ?.වියත්මග නම් බොරුවෙන් ප්‍රසූත කළ ව්‍යාජ වියතා කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටියි. ඉතා ඉක්මනින් සිදු වූයේ මොන තාලෙන් හෝ ආණ්ඩුකරණයක් පැවති රටෙහි ආණ්ඩුකරණයක් නැතිවීම ය..අලුත් ආණ්ඩුවක්.දැන් රටේ අති බහුතර ජනතාවක් ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවකි. අති බහුතර ජනතාවට අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුවෙන් ගැලවීමය. එහෙත් අලුත් ආණ්ඩුවක ඉදිරි ගමන කිසිසේත් පහසු එකක් වන්නේ නැත. එහෙත් යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් පැහැදිලි දැක්මක් ඇත්නම් ගමනක් යා හැකි ය..මේ රට ආණ්ඩුවක් නැති තැනට පත්වුණේ කෙසේ ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යම වේ..ඇත්ත වශයෙන්ම ලංකාව හිඟන රටක් බවට පත් කර තිබෙන්නේ හොරකම ය. – අසීමිත හොරකම ය. නීතියෙන් රැකවරණය ලැබිය හැකි අන්දමේ මහා පරිමාණ හොරකම ය..හොරකම නැති කරන්නට පුළුවන් කාට ද? හොරකමට තිත තබන්නේ කෙසේ ද?.රට පත්ව ඇති තත්වයෙන් බේරා ගන්නට නම් ‘චෞර රාජ්‍යයක‘ නිමාව දැකිය යුතුය. චෞරයන් පවුල් පිටින් විවෘත අවකාශයකය කටයුතු කරන්නේ. මේ චෞරයන් අල්ලන්නට මකුළු දැළකි දැනට රටට තිබෙන්නේ. මකුළු දැළකින් තබා මසුන් අල්ලන දැලකින්වත් චෞරයන් අල්ලන්ට පුළුවන් කමක් නැත. එබැවින් කිසිම දැළක් පරිහරණය කිරීමේ තේරුමක් නැත. නයාට පහර දෙන්නට අවශ්‍ය වන්නේ ඇඹුල් පොල්පිත්තකි යන්න ගැමියන්ගේ බසකි..දූෂණයෙන් ඔද්දල්ව විනාශ මුඛයට ඇද වැටී තිබුණ රටවල් කීපයක්ම දියුණු රටවල් බවට පත්වුණේ කොන්දේසි රහිතව දූෂිතයන් අල්ලා ගාල් කිරීමෙනි. දැල් එලා අල්ලා ගැනීම් ඔස්සේ නොවේ..අලුත් ආණ්ඩුවකට ඉදිරි ගමනක් යන්නට තිබෙන ප්‍රධාන බාධකය පරණ ආණ්ඩුවේ අන්ත දූෂිතයන් – තක්කඩින් විපක්ෂයට වී අවි අමෝරා නැඟී සිටීම ය. අපි හිතමු හෙට මේ ආණ්ඩුව නිමි කියා. අනිද්දා සිට ජන මාධ්‍ය ඔස්සේ කරළියට එන සාන්තුවරයෝ පිරිසක් සිටිති. පරමාදර්ශී දේශපාලන කප්පිත්තෝ පිරිසක් සිටිති. විමල් වීරවංශ – උදය ගම්මන්පිල – ජොන්ස්ටන් ප්‍රනාන්දු – බන්දුල ගුණවර්ධන -රෝහිත අබේගුණවර්ධන – මහින්දානන්ද අලුත්ගමගේ – කෙහෙළිය රඹුක්වැල්ල – ගාමිණි ලොකුගේ – පවිත්‍රා වන්නිආරච්චි – ඉදිරි පෙළ සටන්කරුවන් ලෙස පේවී කරළියට එති..කළ යුත්තේ කුමක් ද? නීතිය ද අනීතිය ද?.දියුණුව යන වචනය සමඟ කවුරුත් සිහි කරන රටක් ඇත. ඒ රට නම් සිංගප්පූරුවයි. සිංගප්පූරුව දියුණු රටක් බවට ඉබේම පත් වන්නේ නැත. එය දියුණු රටක් බවට ‘පත්කළ‘ රටකි. පත් කළ අන්දම තේරුම් ගන්නට ලියැවී තිබෙන දේ බොහෝ ය. සැබවින්ම සිංගප්පූරුව දියුණු කර තිබෙන්නේ දැඩි පාලනයකිනි. ඒ පාලනය ඒකාධිපති පාලනයක් ලෙස කෙනෙකු හඳුන්වන්නට පුළුවන. එහෙත් සිංගප්පූරුව දියුණු කළ පාලකයා දියුණු කළේ රට ය. ඔහු දියුණු වීම පිණිස නොවේය ඔහු දැඩි පාලනයක් ගෙන ගියේ. දැඩි පාලනයක් ගෙන යන්නට ‘දැඩිකම‘ පමණක් නොසෑහේ. ඊට අවශ්‍ය චරිතයක් ද තිබිය යුතු ය..අපි හොරුන්ගෙන් හොරකම නැති රටක් පතමු. මිනීමරුවන්ගෙන් අපරාධ නැති රටක් පතමු. අන්තිමට පශ්චාත්තාපයට පත්ව සුසුම් හෙළන ත්තවයකටය පත් වන්නේ..වහල දිරා පත්වී ඇති පැරණි ගොඩනැගිලිවල වහළ පිළිසර කළ හැකි ය. ගරා වැටුණ කෞතුක අගයකින් යුක්ත ගොඩනැඟිලි ද අති දක්ෂ ගෘහනිර්මාණ සැලසුම්කරුවෝ – ඉංජිනේරුවෝ – වාස්තු විද්යාඥයෝ කෞතුක අගය සුරැකෙන අන්දමට ප්‍රතිසංස්කරණය කරති. එහෙත් පුරාණ ගොඩනැඟිල්ලක් වුව එහි අත්තිවාරම දුබල නම් ප්‍රතිසංස්කරණයෙන් පලක් නැත. ප්‍රතිසංස්කරණය තාවකාලිකය..සමහර පැරණි නිවෙස් සහිත ඉඩම් මිලට ගන්නා උදවිය පැරණි නිවස බිමට සමතලා කරන අන්දම අපි දැක ඇත්තෙමු. සමහර විට කෙනෙකු බිමට සමතලා කරන්නේ ඉපදී හැදී වැඩුණ මහගෙදර වන්නට පිළිවන. එසේ සමතලා කොට අභිනවයෙන් කල් පවතින අලංකාර නිවසක් සාදාගෙන එහි සතුටින් ජීවත් වන අන්දම අපි දැක ඇත්තෙමු. කවර නම් වරදක් ද?.මකුළු දැල් වෙනුවට – මාළු දැල් වෙනුවට කොන්දේසි රහිතව යකඩ වළල්ලක් ලංකාවට අවශ්‍යව ඇත. ලංකාව අද පවතින්නේ ළාවට කරන – කවුරුත් සතුටු කරන සිල්ලර ප්‍රතිසංස්කරණවලින් ගොඩ නඟන්නට පුළුවන් තත්වයක නොවේ..අද ලංකාව දිරාපත් වුණ නිවසකි. එබැවින් දිරාපත් වුණ නිවස බිමට සමතලා කොට අලුත් නිවසක් ඉදි කළ යුතුමය..එක හොරු රැළක් වෙනුවට තව හොරු රැළක් කුමට ද? එක හොර පවුලක් වෙනුවට තව හොර පවුලක් කුමට ද?.දැන් ලංකාවේ සිටින්නේ සාමාන්‍ය අන්දමේ දේශපාලන දූෂිතයන් නොවන බව ඇත්තකි. දැන් ලංකාවේ සිටින දූෂිත දේශපාලන ත්‍රස්තවාදීන් ය. ත්‍රස්තවාදය නම් පරාජය කළ යුතුම ය. පරාජය උදෙසා වක්‍ර මංවල ගමන නිෂ්ඵලය..ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව රටට උගන්වා තිබෙන්නේ අප්‍රමාණ පාඩම් සම්භාරයකි..විනාශයට පෙර.අපි දැන් විනාශය අබිමුව සිටින්නෙමු. දැන් තොවිල් නටවා යකුන් පළවා හැරිය නොහැකි බව අපි වටහා ගනිමු..හැම විටම ජනතාව ඉදිරියේ තබන ලද ප්‍රතිඥාවන් ඉටු කරන්නට ජනතාව වරම් දුන්නේය. තව දුරටත් ඉටු නොකරන ප්‍රතිඥාවන් රැගෙන ද ජනතාව ඉදිරියට යන්නේ?.ජාතික ආරක්ෂාව සඳහා ශක්තිමත් බලයක් පාලකයාට අවශ්‍යය යන ප්‍රවාදය ගෝඨාභය ගෞරවනීය අන්දමින් සුනු විසුනු කර ඇත. ජාතික ආරක්ෂාවට මා හැර කෙනකු නැත යනුවෙන් උජාරු බස් කී විරුවාට ඩඩ්ලි සිරිසේනගෙන් ජනතාව බේරා ගන්නටවත් හයියක් නැති විය..රට විනාශ මුඛයට ඇදගෙන ගිය තක්කඩි රැළට හිතු හිතු අන්දමට හරි හම්බ කර ගන්නට නෛතික අවකාශය සකස් කිරීම – තක්කඩි සහ අපරාධකාරයන්ට සිවිල් බලයක් ලබා දීම – නීතියෙන් දඬුවම් ලද දූෂිත චීවරධාරීන් – මිනීමරුවන් – මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් රැක බලා ගැනීමට හා නිදහස් කිරීමට ද අසීමිත බලයක් පාලකයා තමන් සතු කර ගත්තේ?.අසීමිත බලය හිමි පාලකයෙකු ආදර්ශයෙන් පෙන්වා තිබෙන්නේ යහපත ගැන පාඩම් නොව අයහපත ගැන පාඩම්ය. අසීමිත බලයක් හිමි කර ගත් පාලකයෙක් අනීතිය රජ කරවන්නට සමත්ව සිටියි. සීනි ජාවාරමේ සිට ගෑස් ජවාරම දක්වා සියලු විනාශයන් අසීමිත බලයක් ඇති පාලකයෙකුගේ නිපුණතාවෝ හා කුසලතාවෝ වෙති..මෙය ලියන්නට වාඩි වුණ විට මට දූරකථනයෙන් ඇමතුවේ අනුරාධපුරයේ විදුහල්පතිවරයෙකි. මොහු දක්ෂ විදුහල්පතිවරයෙකි. දුෂ්කර ප්‍රදේශවල පාසල්වලින් දරුවන් විකසිත කරන්නට කැපවුණ විදුහල්පතිවරයෙකි. දරුවන් හදන්නට පහර දිය යුතුය යන මතය පිටු දකින්නට කැපවුණ විදුහල්පතිවරයෙකි. මිත්‍රශීලීව සාකච්ඡා මාර්ගයෙන් හැම ගැටලුවක්ම නිරාකරණය කරන්නට සමත් වුණ විදුහල්පතිවරයෙකි. ඔහු සහ මා අතර කතා බහ ගොවිතැන වෙතට ද යොමු විය. ගොවිතැනින් දේශපාලනය වෙතටද යොමු විය. මේ සාමකාමී විදුහල්පතිවරයා දූරකථන ඇමතුම අවසන් කරන්නට පෙර කී වචනවලින් මම සැළුණෙමි. මට බයක් ද ඇති විය..”මුං හැත්ත බුරුත්තට වෙලාව ආවොත් වටකරලා ගහලා මරයි මේ ගම්වල ඉන්න අහිංසක ගොවියො අර පකිස්ථාන්කාරයො අර මනුස්යාට ගහලා මැරුවා වගේ. රජ පවුලෙ කාටවත් තනියම නං පාරක බැහැල යන්න ඉඩක් ලැබෙන එක්ක නෑ. ඒ විතරක් නෙමේ මැති ඇමතියො ගම්වලට ආරක්ෂක පවුරු නැතිව ආවොත් බඩගින්න තමයි ඕකලව ඉවර කරන්නෙ”.දැන් ලංකාවේ බහුතර ජනතාවක් වටහාගෙන සිටින්නේ අද රට විනාශයට තල්ලු කර තිබෙන්නේ වත්මන් පාලකයා සහ ආණ්ඩුව බවයි. පාලකයාට සහ ආණ්ඩුවට මොනම විදිහකටවත් ගොඩ ඒමක් නැත. ඉතින් රටට ආණ්ඩුවක් අවශ්‍ය ය. ආණ්ඩුවක් පිහිටුවන්ට ජනතාව වරමක් දුන්නත් කවුරුන්ද ආණ්ඩු කරන්නේ?.සියලු දූෂිතයන් – අපරාධකාරයන් රටින් පැන යන්නට මත්තෙන් අල්ලා සිර බත් බුදින්නට කටයුතු නොකළහොත් ආණ්ඩු කිරීම නං බොරුම වේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article2024 අභියෝගය.පහසු එකක් නොවේ.Next articleමහජන ව්‍යවස්ථාවක් යනු කුමක්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
පාදෙනියගේ ලකුණු ක‍්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පාදෙනියගේ ලකුණු ක‍්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත.By සංස්කාරක.September 2, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..‘අප සිටින්නේ අතිශය සංකීර්ණ ක්ෂේත‍්‍රයක ය. එය සරලව ගැනීම, ලාමකයෙකුගේ සිරිතයි’.මම ඇවිස්සී සිටිමි. ද්‍රෝහියෙකු හඳුනාගෙන උගේ දිග පළල මැන ගැනීමේ මාර්ගයක් ළඟදීම අපට ලැබෙනු ඇත: ඒ ඥානය අපට දානය කරනු ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි. යම් ස්නායුවේද අධ්‍යාපන අංශයකත් ඔහු සුදුස්සෙකු නොවේද? මගේ ඉමහත් අපේක්ෂාව එයින් තවත් තර වෙයි. මේ යහපත් වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් සැබවින් තත්පර වෙතොත්, නොබෙල් තෑග්ගට වුවත් ඔහු සුදුස්සෙකු වනු නියති. කාට නම් එවැනි ඥානයක් අවශ්‍ය නොකරත් ද? ඉතිං, එවැන්නෙකුට නොබෙල් තෑග්ගක් ලැබීම ගැන කවුරු නම් උරණ වන්න ද?.‘‘අපි ලකුණු ක‍්‍රමයක් හදලා තියෙනවා’’ යි, වැඩ වර්ජන කිරීම මන රංජනයක් කර ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ලේක්හවුස් මාධ්‍යවේදියෙකුට කියා තිබේ. ‘‘රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක‍්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමය තුළ තියෙනවා. ඒ ද්‍රෝහීන්ගේ ලැයිස්තුව, ඔයගොල්ලෝ පළ කරන දේවල් එක්ක අන්තර්ජාලයේ පළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලෝ කරන්නේ කාගේ හරි කොන්ත‍්‍රාත්තුවක් කියන එක රටට පෙන්නුම් කරන්න.’’.දොස්තර පාදෙනිය මේ කියන්නේ රටකට ද්‍රෝහී වීමක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගත් විට, ද්‍රෝහියෙකු යනු රටකට ද්‍රෝහී වන්නෙකු පමණක්ම නොවේ. කණ්ඩායකමට ද්‍රෝහී වීමක්, තවත් පුද්ගලයෙකුට ද්‍රෝහී වීමක් සහ යම් ප‍්‍රතිපත්තියකට ද්‍රෝහී වීමක් වැනි විවිධ අවස්ථා ඒ සම්බන්ධයෙන් ගෙනහැර දැක්විය හැක. බෲටස්, තම අතිජාත මිත‍්‍රයා වූ ජුලියස් සීසර්ට ද්‍රෝහී වීම ලෝක ප‍්‍රකට ය. එය නෛතික අපරාධයක් වශයෙන් ගැනෙන විට හැඳින්වෙන්නේ රාජද්‍රෝහීත්වය යනුවෙනි..බාල ළමා කාලයේදී අප කා තුළත් එක්තරා ද්‍රෝහීත්වයක් පිළිබඳ නැමියාවක් ඇති බව, ඊඩිපස් සංකීර්ණය නැමැති සංකල්පය තුළ කියැවෙයි. යම් සන්දර්භයක් තුළ ඔබ සහ මා තුළ පමණක් නොව, දොස්තර පාදෙනිය තුළත් මේ නැමියාව තිබිය හැකිය. ඒ පෙළඹවීම ඇති කෙරෙන්නේ මුදල් හේතුකොටගෙන විය හැකිය. නැත්නම් මමංකාරය විය හැකිය. එසේත් නැතහොත්, යම් දෘෂ්ටිවාදයක් විය හැකිය. කොටින්ම, අපේ ජීවිත කාලය තිස්සේ මේ පිළිබඳ අභ්‍යන්තරික අරගලයක අපි නිරත වෙමු. ඉස්කෝලේ යන කාලයේ ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයෙකුගේ ප‍්‍රශංසාවක් ලබා ගැනීම සඳහා අප අපේ සගයෙකුව පාවා දිය හැකිය. දේශපාලනික කාර්යයක යෙදෙන වයසකදී මිනිස්සු තමන්ගේ පක්ෂ පාවා දෙති. ලංකාවේ දේශපාලන ඉතිහාසය එවැනි පාවා දීම්වලින් අනූනයි. බොහෝ විට මුදල් හෝ තානාන්තර ප‍්‍රදානයක් නිසා මමංකාරය කිතිකැවිය හැකිය. මේවා සහ තවත් බොහෝ සාධක නිසා පාවා දීම් සහ ද්‍රෝහීත්වයන් පිළිබඳ විවිධ අවස්ථා නිර්මාණය විය හැකිය. ඒ අනුව, රටකට ද්‍රෝහී වීම යනු, යම් මිනිස් සහජාසයක තවත් එක් දිගුවක් බව පෙනේ..යම් කෙනෙකු, යම් කණ්ඩායමක්, යම් රටක්, යම් දෘෂ්ටිවාදයක් හෝ ඉෂ්ටාර්ථයක් පාවා දෙතැයි සැලකෙන ක‍්‍රියාවක නිරත වන යමෙකු හැඳින්වෙන්නේ ද්‍රෝහියෙකු වශයෙනි. එසේ වීමට නම් එම පුද්ගලයා කලින් කී කෙනාට, කණ්ඩායමට, දෘෂ්ටිවාදයට හෝ ඉලක්කයට කලක් පක්ෂපාතීව සිටි අයෙකු විය යුතු යැයි සැලකේ. හමුදා නිලධාරියෙකු ස්වකීය බුද්ධි තොරතුරු හතුරෙකුට සැපයීම ඉඳුරා රාජද්‍රෝහීත්වයක් වන්නේය. සමාජවාදියෙකුව සිටි කෙනෙකු ලිබරල් ධනවාදී මතයකට පිවිසීම තවත් ද්‍රෝහීත්වයකි. එවැනි අවස්ථාවල අප ඒ පිළිබඳ විනිශ්චයන්ට පැමිණෙන්නේ, අදාළ කණ්ඩායමේ හෝ ඉලක්කයේ ඉෂ්ටාර්ථයන්ට අනුගතව ය. මේ හැම අවස්ථාවකම ‘ද්‍රෝහියෙකු’ කවුදැ යි නිශ්චය කෙරෙන්නේ, ඔහු කලින් අයත්ව සිටි කණ්ඩායමේ, රටේ හෝ ඉෂ්ටාර්ථයේ අර්ථකථනය මත පදනම් වෙමිනි..ඉහත දැක්වු නිදර්ශනවල අර්ථකථනයන් පිළිබඳ ප‍්‍රශ්න තිබේ. උදාහරණයක් වශයෙන් රටකට ද්‍රෝහී වීම හෝ දෘෂ්ටිවාදයකට ද්‍රෝහී වීම පිළිබඳ ප‍්‍රතිපක්ෂ අර්ථකථන පුරවැසියෙකුට හෝ පාක්ෂිකයෙකුට හෝ තිබිය හැකිය. යාවත්කාලීන නිදර්ශනයක් දක්වතොත්, ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති දේශද්‍රෝහී ප‍්‍රතිපත්ති වශයෙන් සැලකීමේ නැමියාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබේ. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට පක්ෂ විය හැක්කේ දේශද්‍රොහීන්ට පමණකැයි එම සංගමය සිතයි. එහෙත් අනිත් පැත්තට, මේ ගිවිසුම්වලට පක්ෂ අයවළුන් සිතන්නේ, දීර්ඝ කාලීනව එම ගිවිසුම් හරහා රටට යහපතක්ම වන බව ය. මේ කාරණය අරභයා ආර්ථික විද්‍යාඥයන්ටත් විවිධ මත තිබිය හැකිය. ප‍්‍රශ්නය වන්නේ, මේ කියන දේශද්‍රෝහීත්වයන් සැබවින්ම එසේ වන්නේද යන්නයි. කොහෙත්ම ඒවා එසේ නොවේ. ඇත්තෙන්ම ගතහොත්, දොස්තර පාදෙනිය අතොරක් නැතිව රෝගීන් බිල්ලට ගෙන වැඩ වර්ජන කිරීම් හරහා රටට ද්‍රෝහියෙකු වන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය..මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත් විට, යම් කෙනෙකු ද්‍රෝහියෙකු වශයෙන් හංවඩු ගැසීම මොන තරම් අසම්භාව්‍ය සහ අවිනිශ්චිත ක‍්‍රියාවක් විය හැකිද යන්න පැහැදිළි වෙයි..ඉහත සඳහන් කළ ආකාරයෙන් ද්‍රෝහීන්ව හඳුනා ගැනීම සඳහා කෙනෙකුට මනෝ චිකිත්සක ක‍්‍රමවේදයක් අවශ්‍ය නැත. අවශ්‍ය කරන්නේ, රටක අවශ්‍යතාවන් ඉදිරියේ යම් පුද්ගලයෙකුගේ චර්යාවක් මගින් ඇති කළ හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ යම් තක්සේරුවක් පමණි. එහෙත් දොස්තර මහතාට අවශ්‍ය කරන්නේ, එවැනි ද්‍රෝහියෙකුගේ මනෝකාය සහ මනස තුළ ඇති යම් සාධක ඇසුරින් එම තැනැත්තාව කල්තියා හඳුනා ගැනීමේ සූත‍්‍රයක් මනෝ චිකිත්සක වෛද්‍යවේදය තුළ ඇතැයි අපට ඒත්තු ගැන්වීමටයි. ඒ අනුව, කෙනෙකුගේ මනස තුළට කිඳා බැස, ද්‍රෝහීත්වයක අනාගත ඡුායාවක් හඳුනාගත හැකි බව ඔහු විශ්වාස කරයි. එවැනි ක‍්‍රමයක් අප කාටත් මහඟු ඵලදායී දෙයක් විය හැකිය. මන්ද යත්, න්‍යායාත්මකව ගත් විට ඔබටත් මටත් විශ්වාස කළ හැකි අය කවුද, එසේ විශ්වාස කළ නොහැක්කේ කවුද යන්න දැන ගත හැකි වන බැවිනි..තුර්කියේ එර්ඩොගන් වැන්නන්ට, කාම්බෝජයේ හන්සෙන් වැන්නන්ට සහ උතුරු කොරියාවේ ‘සදාදර නායක’ කිම් ජොන් වැන්නන්ට මෙය අගනා ප‍්‍රවෘත්තියක් විය හැකිය. අස්ගිරියේ අනුනායක හිමියන් අපේක්ෂා කරන ගෝඨාභය වැනි තද මිනිහෙකු ශ‍්‍රී ලංකාවටත් ලැබෙයි නම්, එවැනි තත්වයක් තුළ, නිවැරදි ද්‍රෝහියාව හඳුනාගෙන උගෙන් රටට අහිතක් වීමට කලින් ?කට ගොස් ඌව සුදු වෑන් රියකින් පැහැරගෙන යාමේ හැකියාව අපට ලැබෙනු ඇත. දශක කිහිපයක් ඈතට ගිය විට, අපෙන් අතුරුදහන් කරනු ලැබූ රිචඞ් ද සොයිසා ගැන තවමත් අපි ශෝක වෙමු. මන්ද යත්, ඔහු දේශද්‍රෝහියෙකු නොවූ බැවිනි. ඔහු කෙළේ, ස්වාධීන චින්තකයෙකු වශයෙන් මානව හිමිකම් පිළිබඳව පෙනී සිටිමින් ශිෂ්ට සම්පන්න පුරවැසියෙකු වීම පමණි. මහජන සුභ සිද්ධිය තකා, ඇමතිවරුන්ගේ දුෂ්චර්යාවන් හෙළිදරව් කළ ‘සන්ඬේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගත් එසේමයි. රිචඞ් සහ ලසන්ත, ඔබ සහ මා මෙන්, රටට ආදරය කළ සැබෑ පුරවැසියන් දෙන්නෙකි..‘‘දශක ගණනාවක් තිස්සේ කළ කොතෙක් පර්යේෂණ තිබුණත්, අපේ මොළේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අප සතු දැනුම තවමත් අල්ප’’ බව, කාර්නගී මෙලන් විශ්ව විද්‍යාලයේ ස්නායු-ඥානන විෂය පිළිබඳ මහාචාර්ය මාලෙන් බෙර්මාන් කියයි. අක්මාව සහ වකුගඩු ආදී අපේ වෙනත් අවයව පිළිබඳ හසල දැනුමක් විද්‍යාඥයන්ට ඇතත්, මොළය සහ සිතේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අප සතු දැනුම තවමත් ඉතා අල්ප ය..සාක්ෂි දෙන අවස්ථාවකදී බොරු කියන කෙනෙකු හඳුනා ගැනීමේ විෂයමූල සංඥා පිළිබඳව අප අසා තිබේ. ‘මුසා අනාවරකය’ නැමැති උපකරණයක් ඒ අනුව නිර්මාණය කොට ඇත. ඒ අනුව, කෙනෙකු බොරුවක් කියන විට හඳුනා ගැනීමේ සහතික ලක්ෂණ කිහිපයක් ප‍්‍රචලිතයි. ඒවා නම්:.1 කට වසා ගැනීම 2 එකම දෙයක් නැවත නැවතත් කීම සහ පමණට වඩා තොරතුරු ඉදිරිපත් කිරීම 3 පලා යාමේ මගක් සැකසීම 4 වචන සහ ශරීර භාෂාව අතර පෑහීමක් නොවීම 5 හුස්ම ගැනීමේ වේගය වෙනස් වීම 6 ඇස්වල ක‍්‍රියාකාරීත්වයේ සාමාන්‍ය ස්වභාවය වෙනස් වීම 7 ආක‍්‍රමණශීලී වීම 8 ඇඹරීම.මෙය පවා විවිධ ප‍්‍රශ්නවලට භාජනය වී ඇති අතර විවිධ ප‍්‍රායෝගික අභියෝගයන්ට ලක්ව තිබේ. එසේම මෙහිදී කෙරෙන්නේ ක‍්‍රියාව කරන අතරේ එය හඳුනා ගැනීම මිස ඊට කලින් එය හඳුනා ගැනීම නොවේ. එසේ නම්, ද්‍රෝහීන්ව කල්තියා හඳුනා ගැනීමේ පාදෙනියගේ ක‍්‍රමය සාර්ථක විය හැක්කේ කෙසේද? එය විෂයබද්ධ ක‍්‍රමවේදයක් විය හැක්කේ කෙසේද? එවැන්නක් තුළින් මතුවිය හැකි විවිධ ප‍්‍රශ්න රාශියක් කෙනෙකුට ගෙනහැර දැක්විය හැකිය..‘ගැටුම, රාජද්‍රෝහීත්වය සහ ත‍්‍රස්තවාදය: මනෝචිකිත්සක අවබෝධයක් සඳහා වන ප‍්‍රයත්නයක්’’ නැමැති නිබන්ධනයේදී, හුම්බෙර්තෝ නගේරා (එම්.ඞී) මෙසේ කියයි:.‘‘රාජද්‍රෝහීත්වය පිළිබඳ විෂය සම්බන්ධයෙන් මනෝ චිකිත්සක සාහිත්‍යය තුළ යොමු වී ඇති අවධානය ඉතා අල්ප ය. සමහර විට ඊට එක හේතුවක් විය හැක්කේ, අප සෑම කෙනෙකු තුළම, අපව බිය වද්දන සහ ලජ්ජාවට පත්කරන, ‘පුංචි ද්‍රෝහියෙකු’ සිටීම විය හැකිය.’’.මිනිසා වූ කලී, අත්‍යන්තයෙන්ම ස්වාර්ථකාමී ය. මුදල් හෝ තාන්නමාන්න නිසා ඔහු හොර රහසේම අනිත් පැත්තට පැනිය හැකිය. ඊට ඕනෑ තරම් උදාහරණ ලංකාවේ දේශපාලනයෙන් සොයා ගත හැකිය. මගේ ප‍්‍රශ්නය වන්නේ, දොස්තර පාදෙනියගේ ලකුණු ක‍්‍රමය මේ කියන මිනිස් සහජාසයන් සමග ඒකාබද්ධ නොවන්නේද යන්නයි. එසේ වන්නේ නම්, එවැනි ක‍්‍රමයක ඇති ඵලය කිම?.දෙවැනුව, යමෙකු ද්‍රෝහියෙකු වීමේ අනාගත ශක්‍යතාවයෙන් යුක්ත යැයි කී පමණින් එම තැනැත්තා ඇත්තෙන්ම එවැනි ක‍්‍රියාවක නියැලේදැ යි නිශ්චිතව කිව හැක්කේ කෙසේද? එවැනි ශක්‍යතාවක් ඇත්තෙකු වුවත් සැබවින්ම එම ක‍්‍රියාව නොකර සිටීමේ හැකියාවෙන් යුක්ත නම්, මෙවැනි සූත‍්‍රයකින් ඇති ප‍්‍රයෝජනය කුමක් ද? එසේම, කෙනෙකු ද්‍රෝහී ක‍්‍රියාවක් කිරීමට කොතෙක් දුරට සූදානම් දැයි අප දැනගන්නේ කෙසේද?.ද්‍රෝහිත්වයේ මනෝ විද්‍යාව පිළිබඳ මගේ කියැවීම තුළ හමු වූ ක‍්‍රමවේදී දුෂ්කරතා තව බොහොමයකි. දොස්තර පාදෙනියගේ සූත‍්‍රය මොන වගේ දෙයක්දැ යි, ඒ නිසා සාමාන්‍ය පාඨකයාට වැටහෙනු ඇත. අප සිටින්නේ ඉතා සංකීර්ණ ක්ෂේත‍්‍රයක ය. එම තත්වය සරළව ගැනීමට බැලීම ලාමක ක‍්‍රියාවකි..ෂ්‍යාමන් ජයසිංහ.(‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Identifying Traitors: I Cannot Wait Until Dr. Padeniya Presents His Point Scheme ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසංඝ පාතාලය සහ නීතියේ ආධිපත්‍යය.Next articleකසළ දුපත.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සිනමා ශාලාවන්ට ආදේශකයක් නෙවෙයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සිනමා ශාලාවන්ට ආදේශකයක් නෙවෙයි.By සංස්කාරක.May 12, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.නෙට්ෆ්ලික්ස් යනු එහි ගබඩා කර ඇති චිත්‍රපට ඇතුළු රූපවාහිනී කතා මාලා මාර්ගගත ආකාරයට මූල්‍යමය පදනම යටතේ ලබා ගත හැකි ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ඇමෙරිකානු ආයතනයකි. 1997 දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ස්කොට්ස් විලේහිදී නෙට්ෆ්ලික්ස් ආරම්භ කෙරුණේ රීඩ් හස්ටින්ස් සහ මාක් රැන්ඩොල්ෆ්ගේ මූලිකත්වයෙනි. එය 2021 ජනවාරියේදී ග්‍රාහකයන් මිලියන 208ක් ගොනු කරගෙන ඇත්තේ ඇමෙරිකානුවන් මිලියන 78ක්ද ඇතුළත්වය. නෙට්ෆ්ලික්ස් සහ ලාංකික සිනමාවේ අනාගතය.පිළිබඳ සිනමාවේදී වින්දන ආරියවංශ සමඟ කතා කළේ, හොලිවුඩ් සිනමාව පිළිබඳ ඔහු ලබා ඇති වසර ගණනාවක අත්දැකීම් සමඟ ලාංකීය සිනමාවේ ඇති අනුභූතීන්ද එකට කැටි කොට ගත හැකි හෙයිනි..■ පවිත්‍රා රූපසිංහ.නෙට්ෆ්ලික්ස් ලෝකයේ ඒකාධිකාරයක් තනා ඇති බව කියැවෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?.නෙට්ෆ්ලික්ස් අද වන විට පන්සිය ගුණයකින් දියුණු වුණු ව්‍යාපාරයක්. කොවිඩ් වසංගතය සමයේ නෙට්ෆ්ලික්ස් භාවිතය හේතුවෙන් ලෝකයේ ඉන්ටනෙට් ධාරිතාව කඩාවැටෙතැයි සමහරුන් සිතුවා. අධික ලාභ ලබන ආයතනයක් වශයෙන් නෙට්ෆ්ලික්ස් ගෝලීය ඒකාධිකාරයක් පවත්වා ගන්නවා. එම ආයතනය කළේ පොදුවේ මිනිසුන්ගේ රසඥතාව කුමක්දැයි තක්සේරු කිරීමයි. ඔවුන් තීන්දු ගන්නේ විශ්ලේෂකයන්ගේ දත්ත තොරතුරුවලට අනුවයි. ඒ අනුව වැරදීමේ සම්භාවිතාවක් නැහැ. සම්භාවිතාව තිබෙන්නේ සාර්ථක වීමට පමණයි. මුල් යුගයේදී නෙට්ෆ්ලික්ස් කළේ නිෂ්පාදනය කර ඇති නිර්මාණ ලබා ගැනීමයි. පසුකාලීනව ඔවුන් නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් නිර්මාණ කිරීම අරඹා තිබෙනවා. ලෝකයේ ඉහළ තලයේ සිනමාපට අධ්‍යක්ෂවරුන්ට, තිරපිටපත් රචකයන්ට, නළු නිළියන්ට අද නෙට්ෆ්ලික්ස් වෙත යන්නට සිදුව තිබෙනවා. කෑන්ස් සිනමා උත්සව නියෝජිතයන් වරක් පවසා තිබෙනවා, සිනමාශාලාවල නොපෙන්වා මුලින්ම නෙට්ෆ්ලික්ස්වල පෙන්වන නිර්මාණ තම උත්සව සඳහා භාර නොගන්නා බව. එහිදී නෙට්ෆ්ලික්ස් කීවේ කෑන්ස් නොමැතිව තමන්ට පවතින්නට හැකි බවයි. මේ වන විට කෑන්ස්, නෙට්ෆ්ලික්ස් හා සම්බන්ධ වී තිබෙනවා..නෙට්ෆ්ලික්ස් වෙත සිනමාලෝලීන්ගේ සහ සිනමාකරුවන්ගේ අධිආකර්ෂණය ඇතිවීමේ පදනම කුමක්ද?.නෙට්ෆ්ලික්ස් කියන්නේ සිනමා ශාලාවන්ට ආදේශකයක් හෝ විකල්පයක් නොවෙයි. කතාව රසවිඳින්නන්ට ඒ සඳහා සිනමා ශාලාවටම යා යුතු නැහැ. ඒ සඳහා ගතවන කාලය ධනය ඔවුන් නෙට්ෆ්ලික්ස් නිසා කළමනාකරණය කරනවා. කොවිඩ් 19 වසංගතය නෙට්ෆ්ලික්ස් වර්ධනයට ඍජුවම බලපෑවා..නෙට්ෆ්ලික්ස් වෙත නිර්මාණ යොමු කිරීමේදී නිර්මාණය තුළ ඇති තාක්ෂණික නොදියුණුකම් අවාසිසහගත ලෙස බලපානවාද?.සිනමාපටයේ කාලය, නළු නිළියන්ගේ හුදු ජනප්‍රියතාව, කතා තේමාව පමණක් නෙට්ෆ්ලික්ස් වැදගත් කොට සලකන්නේ නැහැ. ලෝකයේ නන් දෙසින් ලබා ගන්නා නිර්මාණවල ජනප්‍රියතාව, ඒවාගේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රොෆයිල් ඊට බලපානවා. තාක්ෂණ අඩුලුහුඬුකම් පිළිබඳ අභියෝග හමුවේ පවා ලෝකයේ නොදියුණු රටවලින් නෙට්ෆ්ලික්ස් නිර්මාණ තෝරා ගන්නවා..ඇමෙරිකාව වගේ රටක නිර්මාණයක් අවසන් කර ජනගත කිරීම පහසු නැහැ. ඉන්දියාවේ සිනමා පටයක් නිෂ්පාදනය අවසන් කර ප්‍රදර්ශනය කිරීම දක්වා යන ගමන ඉතාමත් අභියෝගාත්මකයි. මං හිතන්නේ ලංකාවේ එය ඉතාමත් දුෂ්කර කාර්යයක් නෙමෙයි. ලෝකයේ දියුණු රටවල නවකයෙක් සහ තරුණයෙක් වීම නිර්මාණකරණයට සුදුසුකමක් නෙමෙයි. ලංකාවේ සමහරුන් සිතනවා තමන්ගේ පුද්ගලික ආශාවට කරන නිර්මාණයක් ජනගත කිරීම තමන්ට ඇති අයිතියක් විය යුතුයි කියලා. ඊට වටිනාකමක් සහ වෙළඳපොළක් තිබිය යුතුයැයි ඔවුන් සිතනවා. ඒත් එහෙම සිතුවිලිවලට ලෝකයේ ඉඩ ලැබෙන්නේ නැහැ..තුන්වන ලෝකයේ රටවල නිර්මාණවලට නෙට්ෆ්ලික්ස් ප්‍රමාණාත්මක ඉඩ ප්‍රස්ථාවක් ලබාදී තිබෙනවාද?.නෙට්ෆ්ලික්ස් ලෝකයේ සෑම රටකටම ඉතාමත් හොඳ වේදිකාවක් තනා තිබෙනවා. ඔවුන් අපේක්ෂා කරන්නේ උපරිම ලාභය සහ අතිබහුතරයකගේ කැමැත්ත කුමක්ද යන්නයි. ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් ලෝකය පුරා සංක්‍රමණය වී සිටිනවා. මේ අනුව බිලියන ගණනක වෙළඳපළක් මොවුන්ට තිබෙනවා. එය නෙට්ෆ්ලික්ස් ඉතාමත් හොඳින් ඔවුන්ගේ ඔන්ලයින් පුස්තකාලය බවට පත් කරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි, දකුණු අප්‍රිකාව, ඉරානය, කැරිබියන් දූපත් වැනි රටවල කරන සිනමා නිර්මාණ නෙට්ෆ්ලික්ස් ලබාගෙන ඇති අවස්ථා එමටයි. තුන්වන ලෝකය කියා ඔවුනට වෙනසක් නැහැ..ඉතාම කනගාටුදායක තත්ත්වයන් තුළදී පවා වින්දනය ලබාදෙන, රසිකයන්ගේ ආත්මය ඔසවා තබන නිර්මාණ සිනමාවේදීන් කරනවා. මනුෂ්‍යයන්ගේ රසඥතාව තිබෙන්නේ එතැනයි. ලෝකයේ සම්භාව්‍ය සිනමාව 1915දී ‘බර්ත් ඔෆ් නේෂන්’ හරහා ආරම්භ වෙනවා. මනුෂ්‍යයන් සිනමාව හා බැඳී සිටින්නේ ඇයි? සිනමාව නැත්නම් කතා කීමේ කලාව මනුෂ්‍යයාගේ වින්දනයට අමතරව ආත්මීය වෙනසක් කිරීමට දායක වී තිබෙන නිසායි. ඉන්දියාවේ මහා ධනපතියෙක් වන අම්බානි මුම්බායිවල තම නිවසින් එළියට පැමිණි විට දකින්නට ලැබෙන්නේ දරිද්‍රතාවයි. ඒත් ඉන්දියාවේ සිනමාව ඛේදාන්ත පමණක් වන්නේ නැහැ..ලංකාවේ නිර්මාණකරුවන්ට නෙට්ෆ්ලික්ස් දක්වා නිර්මාණ ඉදිරිපත් කරන ඉලක්කයක් වෙත යාමට ඔබ දකින බාධා තිබෙනවාද?.අපමණක් තිබෙනවා. නෙට්ෆ්ලික්ස් ස්වනිර්මාණ කිරීමේදී ඒ ඒ රටවල සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ලේඛනයක් හදනවා. ඊට අනුව අධ්‍යක්ෂවරුන්ට තම ආයතනය වෙනුවෙන් නිර්මාණ කිරීමට ආරාධනා කරනවා. ඊට ලංකාවේ අධ්‍යක්ෂවරුන් ඇතුළත් නැති බවයි දැනගන්නට ඇත්තේ..ලෝකයේ මිනිස්සු කවුරුත් තරු බලන්න ආසයි. ඉන්දියාවේ මධුරි ඩික්සිත්, සල්මන් ඛාන්, ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි වැනි අයට ලෝකයේ සිනමාලෝලීන් අතිශය ආසා කරනවා. ඒ චරිත සමඟ බැඳෙනවා. ඒත් ලංකාවේ තිරයේ බැබළෙන තරු නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ සිනමා කෘතිවලට නෙට්ෆ්ලික්ස් දක්වා යාම අතිශය දුෂ්කරයි කියා මාගේ අත්දැකීම් අනුව මා සිතනවා. සිනමා පටයක විශ්වීය බව නෙවෙයි එහි ඇති සිනමාත්මකභාවය තමයි නෙට්ෆ්ලික්ස්වලට තෝරා ගැනීමේදී ඇති පදනම් සාධකය වන්නේ. බටහිර සමාජය නියෝජනය කරන සිනමා අධ්‍යක්ෂවරුන් වගේ වෙන්න හදන අධ්‍යක්ෂවරුන් හෝ කතා ඔවුන්ට අවැසි නැහැ. නෙට්ෆ්ලික්ස් දේශීය අනන්‍යතාව සුරැකි නිර්මාණවලට අවස්ථාව ලබාදී තිබෙනවා..නෙට්ෆ්ලික්ස් සඳහා සිනමා පටයක් ලබාදීමේදී කතා සාරය කුමක්දැයි යන්න බාධාවක් නොවෙයි කියා නැවත මා කියනවා..ලංකාවේ නිර්මාණකරුවන්ට නෙට්ෆ්ලික්ස් දක්වා ගමන් කිරීමට අනාගත බලාපොරොත්තු තැබිය හැකිද?.මම දන්නා පරිදි සිනමාවේදී අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් අරගෙන තිබෙනවා. ලංකාවේ සිනමාව පමණක් නොවෙයි, නවකතා, කෙටිකතා, චිත්‍ර හෝ කවි, ගීත පවා ජාත්‍යන්තරය අතික්‍රමණය කර තිබෙන්නේ අවම වශයෙනුයි. සමහර විට ජාත්‍යන්තරයට නොගිහින් තිබෙනවාය යන්න වුවත් කිව හැකි ක්ෂේත්‍ර තිබෙනවා. ඊට තුන්වන ලෝකයේ රටක් වීම හෝ දරිද්‍රතාව හේතුවක් නොවෙයි. මන්ද යත් ආර්ථික වශයෙන් ඉතාමත් පහළ මට්ටමේ සිටින රටවල නිර්මාණ පවා ජාත්‍යන්තරය තරණය කර තිබෙනවා. එසේනම් ලංකාවට එය මෙතරම් දුෂ්කර විය යුතු නැහැ. මීට බලපාන ප්‍රධාන කාරණයක් තිබෙනවා, ඒ නිර්මාණකරුවාගේ කුසලතාවයි. කුසලතාවෙන් අනූන නිර්මාණකරුවන්ගේ නිර්මාණය ජාත්‍යන්තරයේ ඇස ගැටෙනවා. එය වැළැක්විය නොහැකියි..රට තුළ සම්මාන උළෙලවලදී උසස් නිර්මාණ ඇගයෙනවා. ඒත් ඒවා රට අභ්‍යන්තරයේ පමණයි. ගෝලීය ප්‍රමිතිය ඒවා තුළ නැහැ. ලෝකය ඉදිරියේ අපට පැවැත්මක් නැහැ. ව්‍යාජය තුළින් රට ඇතුළේ බැබලුණත් ජාත්‍යන්තර වේදිකාව හමුවේ පරාජය වෙනවා. නෙට්ෆ්ලික්ස් කරා නිර්මාණ යොමු කිරීමට අව්‍යාජ බව අත්‍යවශ්‍යයි. නෙට්ෆ්ලික්ස් කියන්නේ වෙනම උප සංස්කෘතියක්.■..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපෘථිවි ග්‍රහලෝකයට සාදරයෙන් පිළිගන්නවා – ඩ්‍රැගන් කැප්සියුල් කියයි.Next articleවිශේෂඥයන් සමග කඹ ඇදීමේ මිනීමරු සෙල්ලම වහා නවත්වන්න කතෝලික සමාජයෙන් නිවේදනයක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
හේමසිරිට පූජිත්ට මිනිමැරුම් චෝදනා නීතිපති බලපෑමෙන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හේමසිරිට පූජිත්ට මිනිමැරුම් චෝදනා නීතිපති බලපෑමෙන්.By ලසන්ත රුහුණගේ.July 7, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතැයි සඳහන් කරමින් අනිවාර්ය නිවාඩු යවා ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට මිනීමැරුම් චෝදනා එල්ලකර ඇත්තේ නීතිපති දප්පුල ද ලිවේරා කර ඇති දැඩි බලපෑම නිසා බව වාර්තාවේ..පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරිමය වගකීම පැහැර හැරීම ගැන හිටපු පොලිස්පතිවරයාට හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට චෝදනා ගොනුකළ හැකිමුත්, එම ප‍්‍රහාරය සම්බන්ධයන් මිනීමැරුම් චෝදනා එල්ලකළ නොහැකි බව පොලීසිය නීතිපතිවරයාට දැනුම් දී ඇත..එහෙත් නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්නට තදින්ම දැනුම් දී ඇත්තේ හිටපු පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාද ඇතුළත්ව චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය..පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා මුලින්ම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයා උපයෝගි කරගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුව ලබාදුන් වාර්තාවය. එම වාර්තාව ජනාධිපතිවරයා නීතිපතිවරයාට යොමුකර තිබුණි..පසුව පොලිස් විමර්ශන වාර්තාව යොමුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. එහිදී වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ එම විමර්ශන අවසන්ව නොමැති බවයි. එතෙක් කර ඇති විමර්ශනවල තත්වය තමාට යොමුකරන ලෙස ඉන්පසු නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර ඒ අනුව එතෙක් කර තිබූ විමර්ශන සම්බන්ධ අර්ධ වාර්තාවක් නීතිපතිවරයාට යොමුකර ඇත..ඉන්පසු නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ පූජිත් ජයසුන්දර මහතා හා හේමසිරි ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාද ඇතුළු චෝදනා ගොනුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි..ඒ ආකාරයට මිනීමැරුම් චෝදනා ගොනු කළ නොහැකි බව පොලීසිය නීතිපතිවරයාට දැනුම් දී තිබේ..පසුව තම නියෝග ක‍්‍රියාත්මක නොකළායැයි සඳහන් කරමින් ඒ සඳහා පියවර නොගැනීමට හේතු දක්වන ලෙස නීතිපතිවරයා බැඩබලන පොලිස්පතිවරයාට තර්ජනාත්මක දැනුම්දීමක් සිදුකර ඇත. එම දැනුම්දීමෙන් පසු පොලිසිය විසින් පූජිත් ජයසුන්දර හා හේමසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීම සිදුවිය..යම් පුද්ගලයෙකුට මිනීමැරුම් චෝදනා එල්ලකළ හැක්කේ පොලීසිය කරන විමර්ශනයකින් පසුව බවත් මෙහිදී නීතිපතිවරයා එම නීතිමය කරුණ පසෙකලා, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවක වාර්තාව මත අත්තනෝමතිකව කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීති ක්ෂේත‍්‍රයේ කිහිපදෙනෙක්ම අනිද්දා වෙත ප‍්‍රකාශ කළෝය. එමෙන්ම සිවිල් පුද්ගලයන්ගේ පරීක්ෂණ වාර්තාවක් මත මිනීමැරුම් චෝදනා එල්ලකළ නොහැකි බවද ඔවුන්ගේ අදහසය. මේ නීතියට පටහැනි තත්වය මත ඉදිරියේදී ඕනෑම පරීක්ෂණ වාර්තාවක් මත පදනම්ව පුද්ගලයන්ට අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීමය..මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිර්නාමිකව සිටීමට කැමති ජනාධිපති නීතිඥවරයකු ප‍්‍රකාශ කෙළේ, ජනාධිපතිවරයාගේ කමිටුවට කිසිම නීතිමය බලයක් නැති බවත්, එම කමිටුව නීතිය මත පිහිටුවන ලද්දක් නොවන බවත්ය. ඒ නිසා, එවැනි කමිටුවක නිර්දේශ මත අත්අඩංගුවට ගැනීම නීති විරෝධී වන බවය. ඒ හේතුවෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය. අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන්නට ඒ දෙදෙනාට හොඳටම හැකියාව ඇති බවද ඔහු කීය..මේ සම්බන්ධයෙන් ජුලි 3 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී කොළඹ ප්රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා තිබුණේ කුමන විමර්ශනයක් පදනම් කරගෙන හිටපු පොලිස්පතිවරයාට හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මිනීමැරුම් චෝදනා එල්ල කළාද යන්නය..එහිදී පොලිස් විමර්ශනයක් ගැන නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප‍්‍රකාශ නොකළ අතර, ඔහු ප්රකාශ කළේ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාවක් පදනම් කරගනිමින් එම චෝදනා ගොනුකරන බවය..කමිටු වාර්තාවක් මත පදනම්ව මිනීමැරුම් චෝදනා ගොනු කළ නොහැකි බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න අධිකරණයට කරුණු දක්වා ඇත. එහිදී සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇති අතර ඒ ගැන සලකා බැලීම ජුලි මස 9 වැනිදා කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය තීරණය කර ඇත. එදින දක්වා හේමසිරි ප‍්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබූ අතර එම දින අධිකරණයට සැකකරුවන් යොමුකරන ලෙසද දන්වනු ලැබීය. එමෙන්ම ජුලි 5 දින වනවිට දෙපාර්ශ්වයේ ලිඛිත කරුණු දැක්වීම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය දැනුම්දී ඇත. රෝහල්ගතව සිටියදී හේමසිරි ප‍්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර රහස් පොලීසිය ජුලි මස 2වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට රහස් පොලීසිය හමුවේ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම්දීමෙන් පසු එම රෝහල්ගතවීම සිදුවිය.Tags.පූජිත් ජයසුන්දර.හේමසිරි ප‍්‍රනාන්දු.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමහජනතාවගේ බදු මුදලෙන් මහානායක හිමිවරුන්ට කෝටි ගණනක වාහන දුන් හැටි.Next articleරනිල් සටන අතහැරලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජාතික ආණ්ඩුවක් උවමනා කරන්නේකාට ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජාතික ආණ්ඩුවක් උවමනා කරන්නේ.කාට ද?.By සරත් විජේසූරිය.December 7, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.ලංකාවේ නම් දරාපු දේශපාලනඥයන් බොහෝ දෙනෙකුට බලය භුක්ති නොවිඳ ජීවත් වෙන්නට බැරි තත්වයකි විද්‍යමාන වන්නේ. දේශපාලන බලය භුක්ති විඳීමට පර්යාය කියමන හරි හම්බ කර ගැනීම ය. අප කුඩා කාලයේ ඇසුවේ දේශපාලනයට යන්නා හිඟමනට වැටෙනවා යන කියමනය. එහෙත් අද දේශපාලනය යනු සාර්ථක ව්‍යාපාරයකි. එබැවින් මොන විදිහේ සෙප්පඩ විජ්ජාවකින් හෝ රාජ්‍ය බලය භුක්ති විඳීමට පිඹුරු පත් සැකසීමට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් දිවා රෑ නොතකා මහන්සි වෙන බව මේ වන විට කුප්‍රකට රහසකි..ජාතික ආණ්ඩුවක් උවමනා කරන්නේ රට පත්ව තිබෙන උගුලෙන් රට බේරාගන්නට ද? නැත. ආර්ථිකය ශක්තිමත් කරන්නට ද? නැත. ජාතික සමගිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ද? නැත. එහෙනම් කුමට ද? ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් අවශ්‍ය නම් යෝජනාවේ සැබෑ මොළකරු තේරුම් ගත යුතු ය. සැබෑ ම මොළකරු බැසිල් රෝහණ රාජපක්ෂ මිස වෙන කෙනෙක් නොවේ. ඔහුට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය කුමට ද? නෞකාව මූදු බත් වන එක වළක්වා ගන්නටය..බැසිල් රෝහණ රාජපක්ෂ සෙල්ලිපි භාෂාවෙන් අයවැය කියෙව්වත් දේශපාලන වැඩ බිමේ සූදු කෙළින්නේ පැණි බේරෙන නිරවුල් භාෂාවෙනි. දේශපාලන වැඩ බිමේ නම් දරා සිටින කාගේත් යට ඇඳුම්වල මිම්මට ඒවා මසා සුදුසු විදිහට අන්දවන්නට ඔහු ගජ සමතෙකි. පොහොට්ටු ලේකම් ටයිකෝට් ඇඳගෙන සුළු පක්ෂවලට කෝචොක් කරන්නේ, යනවානං යන්නකො ඔහෙලා කියා රෙඩි මේඩ් වැකිවලින් පුන පුනා නිතරම කියන්නේ බැසිල් රෝහණ නමැති හාම්පුතාගේ උපදෙස් පරිදි මිස ඔහුගේ ලේකම් පිරුවටයේ හයියෙන් නොවන බව නොරහසකි. මේ වන විට සුළු පක්ෂ නායකයන්ව පමණක් නොව සිරිසේනවත්, බැසිල් රෝහණ රාජපක්ෂ බිත්තියටම හේත්තු කර අවසන්ය. ඉතින් ප්‍රාණයත් – බලයත් වෙනුවෙන් ජාතික ආණ්ඩුව අහෝ සැපයි නොකියා කොහොමද?.මඟුලට කලින් හනිමූන් යාම.ගෝඨාභය රාජපක්ෂට පීඩනය දරා ගත නොහැකිව උන් හිටි ගමන් රහසේම මව් රටට ගියහොත් මේ ආණ්ඩුවට පැවැත්මක් නැත. එයා ගියාට කමක් නෑ මහින්ද රාජපක්ෂ ඉන්නවා කියා කටමැත දෙඩුවත් ආණ්ඩුවට ඉදිරි පැවැත්මක් නැත. එහෙත් සරලව කියනවා නම් මේ ආණ්ඩුව ජන වරමට අදාළ කාලය පවතිනු ඇත. මුළු රටම පාරට බැස්සත් රාජපක්ෂලා කාලය ඉවර වෙනතුරු බලය අත හරින්නේ නැත. හරි හම්බ කිරීම තවත් වේගවත් කරමින් උපරිම ඵල නෙළාගනු ඇත. එළඹෙන හැම මැතිවරණයකින්ම තමන් පරදින බව හොඳටම දන්නේ ඔවුන් නිසා ඉදිරියට තිබෙන හැම දවසක්ම ඔවුන්ට වැදගත් ය..එළඹෙන මැතිවරණයේ දී රාජපක්ෂවරුන් මොන උත්සාහයක් ගත්තත් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්නට ජන වරමක් ලැබේ යයි සිතන්නට සාධක දැනට මහ පොළොවේ නැත. සමහර විට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ හොත් හෝ දිනේෂ් ගුණවර්ධන වැනි කෙනෙකු ඉදිරිපත් කළ හොත් රනිල්ගේ බඹරේ කැරකෙන්නට තිබෙන ඉඩ වැඩි ය..මේ හැම කාරණයක්ම බලය අතට ගන්නේ කොයි මොහාතකදැයි සිහින දකින දේශපාලනඥයන්ට තද සිත් වේදනා ඇති කර තිබෙනවා විය යුතු ය. සිරිසේන සහ ගෝඨාභය අතර විශ්වාසය බිඳී යාම හේතුවෙන් තමන්ට අත්විය හැකි ඉරණම ගැන සිරිසේන ද භීතියකින් පෙළෙනවා වන්නට පුළුවන. බැසිල් ශ්‍රීලනිපය නටවන්නේ ලොකු තුරුම්පුවක් අතේ තියාගෙනය. අනෙක් පැත්තෙන්, ජනාධිපතිවරණයේ දී රාජ්‍ය බලය පරිහරණය වැදගත්ය යන අවබෝධයෙන් මඬනා ලද රනිල් වික්‍රමසිංහත් ජාතික ආණ්ඩුවකට කැමති වන්නට පුළුවන. සමහර විට ඔහු සහ බැසිල් මේ වන විට එක මේසයක වාඩි වී ජාතික ආණ්ඩුව සැලසුම් කර අවසන් වෙන්නටත් පුළුවන..මොන මොන දේවල් තිරය පිටුපස සිද්ධ වුණත් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට බැරි බැවින් සිදුවිය හැකි අනතුරු අවම වශයෙන් ඇතිවන, බලය පරිහරණය කරන්නට ඉක්මන් අවස්ථාව ලෙස සලකා ‘එජාප – ශ්‍රීලනිප‘ කඳවුරු දෙකේම වියපත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එක කුඩයක් යට සිට ගන්නට ලෑස්ති වෙති. හේතුව ගතවෙන හැම දවසක්ම ඔවුන්ගේ වයසින් අඩු වෙන බැවිනි..මේ ආණ්ඩුවට පරාද වෙන්නට ඉඩ හැර ශක්තිමත් බලවේගයක් ලෙසින් එළඹෙන ජනාධිපතිවරණයේ දී බලය ලබා ගැනීමට තිබෙන අවකාශය ඉතා පැහැදිලි ය. ඒ වූ කලී මංගල උත්සවය කිසිම අඩුවකින් තොරව පවත්වා එක වහලක් යට ජීවිතයක් පටන් ගැනීමට තිබෙන හැකියාව හා සමානය. එහෙත් පොඩි කාලයක් ඉවසා නොසිට දෙපාර්ශ්වයට රහසින් ජෝඩුව හනිමූන් යන්නට ලෑස්ති වන්නේ ඇයි?.රහස කුමක් ද?.ජාතික ආණ්ඩුවක් හැකි ඉක්මනින් පිහිටුවා ගතහොත් වැඩේට අවතීර්ණව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනාට හොඳම අමාත්‍ය පදවි හිමි වෙයි. මහින්ද රාජපක්ෂ අගමැති පදවියෙන් ඉල්ලා අස්වී ප්‍රාණ මිත්‍ර රනිල්ට අගමැති පදවිය ලබා දෙනවා නම් ගොඩේ ගොඩ ය. ආර්යාව ඊට කිසි ලෙසකින් කැමති වේ යයි සිතිය නොහැකි මුත් සිදු විය නොහැකි දේ සිදු වෙන බව අපි දනිමු. ආර්යාවටත් ඥාති මිත්‍ර රනිලුන් කළ සේවාව අමතක කර දමන්නට අසීරුය. පවුල පිටින්ම හිරේ නොගියේ මේ සුමිතුරු – ඥාතියා නිසා බව කාටත් වඩා දන්නේ ඔවුන්ම යැ..ගත වෙන හැම දවසකම ආණ්ඩුව තව තවත් පහළටම රූටන බව දැන දැනත් ජාතික ආණ්ඩුවක් හදාගෙන ඇමතිකම් ලබාගෙන හරි හම්බ කර ගත හැකි වෙතත් ඉන් රටේ අනාගතය එහෙම පිටින්ම විනාශ වනු ඇත. ජාතික ආණ්ඩුවට පේවී සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට ඒ ගැන ප්‍රශ්නයක් නැත. ඊට අදාළ තව වැදගත් හේතුවක් තිබේ. ඒ කුමක් ද? මේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාගේම දේශපාලන අනාගතය හරි ඉක්මනින් අවසන් වෙන ලකුණු පහළව ඇත. ඇතමෙකුට ජනවරමක් ලබන්නටම අපහසුය. තවත් අය මැතිවරණයක් එක්ක ඔට්ටු වෙන්නට අපහසු තත්වයකය. ජ්‍යෙෂ්ඨයන් හුඟ දෙනෙකු බලය භුක්ති වින්දේ තනිවම නොවන බව කිව යුතු නැත. රජ පවුල සේම පවුල් පිටින් බලය භුක්ති විඳි උදවියගේ බඩගිනි මේ වන විට හොඳටම වැඩි තිබෙනවා විය යුතුය..ජාතික ආණ්ඩු කුමන්ත්‍රණය තුළ තිබෙන බරපතළම කාරණාව නම් එළඹෙන ජනාධිපතිවරණයට ශක්තිමත් බලවේගයක් ගොඩ නැගෙන එක වළක්වන්නට බැරි තත්වයක් තිබීම ය. ඒ බලවේගය තුළ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට තැනක් හෝ හඬක් නැත. ජනතාව ඉදිරියට යන්නට ශක්තියක් තිබෙන හැම දේශපාලනඥයෙකුම විනිවිද දකින සන්දර්භයක් තුළය ජනතාව ඒකරාශී වන්නේ. මිනී මරුවත් – හොරකම් කළත් ඒ සියල්ලට තිත තබා වෙනස්ම ගමනක් යනු ඇත, සිස්ටම් චේන්ජ් කරනු ඇත, චෞරයන් පවුලෙනුත් අතුගානු ඇත, යනාදි සිහින සියල්ලම බිඳ වැටීම රටට උගන්වා ඇති පාඩම බරපතළ ය. තව දුරටත් හොර පාරවල්වලින් ජන විඥානය දූෂණය කොට ජන වරමක් කොල්ලකෑමට තත්වයක් ඉදිරි වසර එක හමාර ගත වන විට නැත්තටම නැති වී යනු නියතය. නොසිතූ විරූ අන්දමට ජනතාව ශක්තිමත් බලවේගයකට ඒකාරාශී වන තත්වයක් තිබේ. ජන මනස හැඩගැහෙමින් පවතින්නේ ඉතිහාසයේ කවරදාටවත් වඩා වෙනස්ම රිද්මයකට ය..මර්දනය සහ ජාතික ආණ්ඩුව.ගෝඨාභය රාජපක්ෂට ඉදිරියේ දී කළ හැකි එකම කටයුත්ත – ඔහු අත තිබෙන එකම බර අවිය මර්දනය උපරිමයට පත් කිරීම ය. එහෙත් බැසිල්-මහින්ද යන දේශපාලනඥයන් දකින්නේ මර්දනය නොව විසඳුම, ජාතික ආණ්ඩුවකින් පැවැත්ම ආරක්ෂා කර ගැනීම බව ය..බැසිල් – ජයසුන්දර නුවණ මේ වන විට කළ දේ හා තව ඉදිරියට සිදු වන දේ නිසා රටේ ජන ජීවිතය එහෙම පිටින්ම අවුල් වී යන තරමට ජනතා විරෝධය මතු වනු ඇත. තව කොරෝනා වටයක් කැන්දා ගතහොත් විනා ජනතා විරෝධයන් මැඬලීමට පුළුවන්කමක් නැත. ජාතික ආණ්ඩුවක් අටවා ගත හොත් සියලු පව් බේරුවල් බොක්කට සේ ජාතික ආණ්ඩුවට හිලව් කොට පවතින්නට පුළුවන් බව බැසිල් කල්පනා කළා විය හැකිය. මර්දනය පහසුම විසඳුම නොවන බව අද වන විට ගෝඨාභය ද තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. ජාතික ආණ්ඩුවක් අටවා ගතහොත් ඉදිරි කාලය තමන්ට සැනසිල්ලේ ගත කර මව්බිම කරා පිටත්ව යා හැකි යයි ඔහුට වැටහහෙනු ඇත..බැසිල්ගේ ඉන්දියානු සංචාරයෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයන් ඉන්දියාවට යනු ඇත. නැතහොත් අගමැති මෝඩි ඔවුන් කැඳවනු ඇත. දේශ ප්‍රේම වස්තරය ගලවා දැමීමට මහින්ද නොසතුටු නිසා ජාතික ආණ්ඩුවට සිදු වන – සිදුවිය හැකි සියල්ලට කර ගැසීමට සිදු වනු ඇත. මෙහිදී වැදගත්ම ප්‍රශ්නය වන්නේ සට කපට ක්‍රියාවකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබේ ද? යන්නය. විසඳුමක් ලැබෙනු නැත. සිදු වන්නේ තවත් වටයකින් මුළාවීමක් විය හැකි ය. මර්දනය හරියන්නැති වැඩක් සේම බැසිල්ගේ උප්පරවැට්ටිය ද හරියනු නැත. මේ කාරණය වටහාගෙන දේශපාලනය කිරීමට සමත් විය යුත්තේ කවුරුන් ද?.දේශපාලන අනාගතයක්.මේ වන විට මැති සභය හොබවන මහින්ද රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ සිට පහළට සැලකිය යුතු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඉදිරි පාර්ලිමේන්තුවක චරිත වන්නේ නැත. රනිල් වික්‍රමසිංහට මන්ත්‍රී ආසනයකට තරම් ජන වරමක් නොලැබීම ඔස්සේ ඉගැන්වූ පාඩම ඉතා වැදගත්ය. ‘කෝ ජාතික නායකයන්‘ යන පැනය ඉක්මනින්ම නිරාකරණය වනු ඇත. අලුත් පරම්පරාවකින් රාජ්‍ය පාලනයට දක්ෂයන්ට මතු වෙන්නට තිබෙන අවස්ථාව පැහැදිලි ය. ජවිපෙද ඇතුළුව දේශපාලන වැඩ බිමේ සිටින කැපවුණ උදවිය වේ නම් ඔවුන්ට දේශපාලන අනාගතයක් උදා වෙන බවට හේතු කාරණා මතු වෙන්නට පටන් ගෙන තිබේ. බහුතර ජනතාව තව දුරටත් වහලුන් හෝ ගවයන් සේ ඔහේ යනු නැත. වහලුන් සේම ගවයන් ද අසරණව සිටින බව ද ඇත්තකි. මේ අවකාශය තුළ දේශපාලනය ගැන උනන්දු පුරවැසියන් අපේක්ෂා කරන්නේ තව දුරටත් කයිවාරුකාරයන් නොවේ. යථාර්ථවාදී විසඳුම් ඇත්තවුන්ය. එහිදී ‘චරිතයක්‘ නොව ‘චරිත‘ ගැන ජනතා විශ්වාසය ගොනු වෙන්නට තිබෙන හොඳ අවස්ථාවක් ඇත. ආර්ථික දැක්මක් – දේශපාලන පළපුරුද්දක්- ලෝකය සමඟ ගනු දෙනු කිරීමට පුළුවන් කමක් ඇති චරිත කිහිපයක් රටේ අනාගතය ගැන අවබෝධයකින් හා නිසි වැඩ පිළිවෙළකින් කටයුතු කළහොත් ඔවුන්ගේ දේශපාලන අනාගතය පමණක් නොව රටේ දේශපාලන අනාගතය ද පවතින තත්වයෙන් වෙනස් තත්වයක් කරා ගමන් කරන්නට අවස්ථාව උදා වේ. එය ඉබේ සිදු වන්නක් නම් නොවේ..තව දුරටත් බැණ වැදීම් – විවේචන හෝ මඬගැසීම් ඔස්සේ ජන වරමක් දිනා ගැනීම වෙනුවට ජනතාව ඒකරාශී කොට ජන වරමක් දිනා ගැනීමට හැකි වැඩ පිළිවෙළක් නිර්මාණය විය යුතු ය. මේ වන විට මේ සඳහා විවිධ පාර්ශ්වයන් සමාජයේ සීරුවට සක්‍රිය වී ඇත. ඒ බහුතරය කල්පනා කරන්නේ ජනතාවට ‘සිහිනයක්‘ පෙන්වීම නොවේ. ‘යථාර්ථය‘ අවබෝධ කර දීම ය. මේ අවබෝධය අත් කර දීම ඉලක්ක කර ගත යුත්තේ වැඩිහිටි – තරුණ දෙපාර්ශ්වයටම එකවර ය. තව දුරටත් තම තමන්ගේ ප්‍රතිරූපය වෙනුවෙන් කටයුතු නොකොට, රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අවශ්‍ය වැඩ පිළිවෙළ සම්පාදනය උදෙසා නිරවුල් මනසකින් ශීලාචාර දේශපාලනඥයන් කටයුතු කළ යුතු ය..එකම අරමුණක් කරා ගමනක්.සමහර විට ජාතික ආණ්ඩු කුමන්ත්‍රණය හරි යන්නට පුළුවන. හරි ගියත් ඊට කිසිම පැවැත්මක් තිබිය නොහැකි ය. සිදු වන්නේ දේශපාලන තක්කඩිකම්වල වැඩි වීමකි. චෞර පිරිස වැඩි වීමකි. රට දශමයකින් හෝ ඉදිරියට ගෙන යන්නට ජාතික ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. ජනතාවට මුහුණ දෙන්නට සිදු වෙන අසීරුතාවන් නරකම අන්දමින් උග්‍ර වනු ඇත..ජාතික ආණ්ඩුවකට රාජපක්ෂවරුන් කැමති වන්නේ, විශේෂයෙන් ජනාධිපති කැමති වන්නේ ඇයි? තුනෙන් දෙකක බලයක් ඇත, ‘ඕනෑම දෙයක් කරන්නට පුළුවන‘ යනුවෙන් වහසි බස් දොඩවන ජනාධිපතිට රාජ්‍ය පාලනය පුදුමාකාර වදයක් වී තිබෙන බව පැහැදිලි ය. ඉතින් බැසිල් වෙර දරන්නේ වේගයෙන් සිදු වෙන විනාශය වළකා ගැනීමට ය..නිරුවත්ව නන්නත්තාරවීමෙන් මිදෙන්නටය. සිහි මොළයක් තිබෙන දේශපාලනඥයන් අද ජාතික ආණ්ඩුවකට කැමති වන්නේ නැත. ජාතික ආණ්ඩුවකට මුක්කු ගහන්නට යම් කෙනෙකු කල්පනා කරනවා නම් ඔවුන්වත් ඒ නැවේම පටවා පිටත් කළ යුතුය. කිසියම් පිරිසක් නිශ්චිත අරමුණක් වෙනුවෙන් සැදී පැහැදී අකම්පිතව වැඩ කළ යුතු ය. එහෙත් තනි අලියන් ලෙස නම් අරමුණක් කරා ගමනක් තිබිය නොහැකි ය..දැන් රටට අත්ව තිබෙන ඉරණම පැහැදිලිය. විනාශය ඇවිළෙන ගින්නක් සේ ය..ගින්නෙන් දැවෙන්නේ විනාශය කළවුන් පමණක් නොවේ, සියල්ලන් ය. එබැවින් රාජ්‍ය බලය ලබා ගැනීමට වඩා අසීරු වන්නේ රාජ්‍ය පාලනයයි. රාජ්‍ය පාලනය බොරුවෙන් හා සාහසිකකම්වලින්ද ලබා ගන්නට සමත් වුණ අන්දම පැහැදිලිය. ලබා ගත් අන්දමට ඉදිරි ගමනක් නොතිබුණේ ඇයි? ගල් ගෙඩි පැළවෙනවා යයි කිව්වාට ගල් ගෙඩි පැළ වෙන්නේ නැත. ගෝඨාභය වෙනුවෙන් රචනා කෙරුණු සියලු සිහින වාර්තා බලය අතට ලැබුණ පසුව සුන් වී ගියේ යථාර්ථවාදී වැඩ පිළිවෙළක් නොතිබුණ නිසා ය. ඉතින් තව දුරටත් බොරු නොකියන – කළ යුතු දේ හා කළ හැකි අන්දම කියන බලවේගයකට ජනතාවගේ සහයෝගය ලබා ගැනීම සිහිනයක් වන්නේ නැත. අරමුණ හොඳින්ම පැහැදිලි විය යුතු ය..විවිධ මත විවිධ විභවතාවන්.‘කාටත් එකඟ විය හැකි ‘- ‘සියලු දෙනාගේම අදහස්වලින් සමන්විත‘ යනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට නොහැකි ය. මනුෂ්‍යයා සම්බන්ධ යථාර්ථය මතය හැම දෙයක්ම තීන්දු වන්නේ. නිර්මාංශික ආහාරයට කැමති අයට නිර්මාංශ අහාර බැහැ මස් මාළු බිත්තර කොහොම හරි කන්නයයි කියා සාමූහික ගමනක් පටන් ගත නොහැකි ය. මත්පැන් පානය කරන්නන්ට ඊට ඉඩ තිබිය යුතු ය. කසාද බඳින්නට මෙන්ම දික්කසාද වෙන්නටත් අවසර අවශ්‍ය වේ. බුද්ධාගම එකම ආගම විය යුතු ද නැත..රට ගොඩ ගැනීමට විවිධ මත දරන්නෝ අවශ්‍ය වෙති. විවිධ මත සමඟ විවිධ විභවතාවන් ද ඇත. අලුත් වැඩ පිළිවෙළක් යනු ‘කාටත් එකඟ විය හැකි‘ එකක් විය නොහැකිය. ‘සියලු දෙනාගේම අදහස්වලින් සමන්විත‘ එකක් ද විය නොහැකි ය. සියලු අදහස් උදහස් ඔස්සේ නිරාකරණය කර ගත යුතු ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවන්ය අවශ්‍ය වන්නේ. නිදසුනක් විදිහට ආර්ථිකය ගොඩ නැඟීම යන කාරණය සලකා බලමු. ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ගොවිතැන දියුණු කිරීමෙන් කළ යුතුය, කළ හැකිය යන්න හරියන එකක් නොවේ. පසු ගිය දශක කිහිපය තුළ ලංකාවේ ආර්ථික ව්‍යුහය සකස්ව ගොඩ නැඟුණ අන්දමට එහෙම පිටින්ම පටහැනි යෝජනා ඉදිරිපත් කළහොත් සිදු වන්නේ කාබනික වගාවක් ගැන කටමැත දොඩවා අනා ගැනීමකටත් එයා යන අනාගැනීමකි..විවිධ මත සහ විවිධ විභවතාවන් තුළ මිථ්‍යාව ඉස්මත්තට එන්නේ නම් ආර්ථිකය ගොඩ නඟන්නට නොහැකි ය. හැම මතයකම – හැම විභවතාවකම පදනම විද්‍යානුකූල විය යුතු ය. යථාර්ථවත් විය යුතුය. හැමදාම මැතිවරණයක් ළඟා වන විට පිරිසක් එකතු වී එක එක දේ යෝජනා කොට ‘දැක්මවල්‘ සකස් කිරීමකි කරන්නේ. ඒ හැම දැක්මක්ම පොදු ලක්ෂණය වන්නේ ඒවා මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කළ නොහැකි බව ය. හැම එකකම පදනම වූයේ ජන වරමක් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව මුසපත් කිරීමය. කිසිවක් යථාර්ථයක් බවට පත් කරන අන්දම – ක්‍රියා පිළිවෙත් නොවීය. අනෙක ‘දැක්මවල්‘ ලියන්නන් ජන වරම ලැබුණ පසුව පැත්තක ය. නායකයන් – දේශපාලකයන් – සහ ජයසුන්දරලාය බලය පරිහරණය කරනමින් තීන්දු තීරණ ගන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වන කියපු අමූලික බොරුවකි ජාතික සම්පත් රැක ගැනීම යන්න. විකුණපු ඒවාත් ගන්නවා යන්න. මේ කුණුහරුපවලින් ජනතාවට ආතල් දීමෙන් රටකට අත් කළ ඉරණම අද පැහැදිලි ය..යහ පාලනය තුළ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ යෝජනා යම් අන්දමකට යථාර්ථයක් වූයේ දේශපාලන නායකත්වය නිසා නොව සිවිල් බලවේගවල අනවරත අරගලය නිසා ය. ඉන් උගත යුතු වැදගත් පාඩමක් ඇත. එය නම් ජන වරමක් වෙනුවෙන් ඉදිරිපත් කරන දැක්ම හෝ වැඩ පිළිවෙළ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කර ගැනීමට ක්‍රමවේදයක් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවෙන් බාහිරව ප්‍රතිෂ්ඨාපනය විය යුතු ය. රහසේම ජයසුන්දරලා ගන්නා තීරණ අබිමුව ඔලුවෙන් හිට ගත්තාට රටට ගොඩ නැගෙන්නේ නැත. එකෙළොස් දෙනාගේ කල්ලිය සේ ඇතුළේ උදවිය ද මාධ්‍ය සංදර්ශන පවත්වා යට ඇඳුම් ගලවා ගැනීමක් සිදු නොවිය යුතුය..ඉතින් කෙටියෙන්ම කියනවා නම් කන්දෙන් පල්ලට රූටන ආණ්ඩුව රැක ගැනීමට ජාතික ආණ්ඩු ඕනෑ යයි යෝජනා කරන අයටත් – ඊට උඩ ගෙඩි දෙන අයටත් අසූචි සාගරයක කිමිදෙන්නට ඉඩ දෙනවා විනා එහි හැමෝම ගිලිය යුතු නැත, විවිධ මත – විවිධ විභවතාවන් යථාර්ථවත් දැක්මකින් පොදු අරමුණක් වෙනුවෙන් ශක්තිමත්ව ඒකරාශී විය යුතුය. ඒ වෙනුවෙන් කැපවෙන උදවියට රට ගොඩ නැඟීමට අවශ්‍ය ආණ්ඩුකරණයක නිමග්න විය හැකි ය. ඒ වෙනුවෙන් ජන වරමක් ද නියත වශයෙන්ම ලැබෙනු ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඊළඟට අවශ්‍ය වන්නේ.පොදු වැඩපිළිවෙළක් මිස ටිංකරිං බාස් කෙනෙක් නොවේ.Next articleඅත්අඩංගුවේ සිටින්නකුට ආරක්‍ෂාව දෙනු බැරි පොලිස්පති.රටට ආරක්‍ෂාව දෙන්නේ කොහොමද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අනගාරික ධර්මපාල නැවත කියවමු 1 | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අනගාරික ධර්මපාල නැවත කියවමු 1.By සංස්කාරක.June 9, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.‘මතක තියාගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කඵ සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කඵ සුද්දෝ. උන් සිංහල භාෂාවට සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපාය කියලා. දෙමළාත් මරක්කලයාත් හම්බයාත් කොච්චියාත් බෝරාකාරායාත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටම අයිතියි කියලා. එහෙම කියලා උන් ඉංගී‍්‍රසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරා දමන්න මේ කඵ සුද්දාට පුඵවන් බව මතක තියාගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලෝ කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධවේවි.’.ඉහතින් උපුටා දක්වා ඇත්තේ, එක්කෝ ‘සෝබන මාළිගාව’ යනුවෙන් නම් කළ කැරවෑන් රථයේ නැගගෙන තැන් තැන්වලට යමින්, නැත්නම් ‘සිංහල බෞද්ධයා’ පත‍්‍රය මුද්‍රණය කරමින්, විසිවන සියවසේ මුල් භාගයේදී ශ‍්‍රී ලංකාවේ දියත්වූ යටත්විජිත විරෝධි ජාතික සටනේ නියමුවා ලෙස සමහරු සලකන දොන් ඬේවිඞ් හේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල පැවැත්වූ කථාවල අඩංගු එක් කැපී පෙනෙන පාඨයකි..ශ‍්‍රී ලංකාවේ අද දවස ගැන මෙනෙහි කරනවිට ඉහත දැක්වූ පාඨය දෝංකාර දෙන විත්තිය පාඨක ඔබට මනාව පසක්වනු ඇත. අනගාරික ධර්මපාලගේ එදා කථාව අදත් ශ‍්‍රී ලංකාව තුළ එකදිගටම පවතින ජනවාර් ගික ගැටුම්වලට ආගමික ගැටුම්වලට ගාමක බලය සපයන බව අවබෝධ කරගැනීමට අලූත් ප‍්‍රඥාවක් දැනමුතුකමක් අවශ්‍ය නැත. දෙමළා මරක්කලයා හම්බයා කොච්චියා බෝරාකාරයා සමග අදත් සිංහලයා කඩු හරඹ කරගනිමින් එකිනෙකා මරා ගනිමින් සිටී..සමාජීය විද්‍යා ඥාණය යම් පමණකට උපයෝගී කරගෙන අනගාරික ධර්මපාල ඉදිරිපත් කළ මතවාදය හඳුනාගන්නට උත්සාහ ගතහොත් එය අයත්වන්්නේ Cultural Nationalism හෙවත් සංස්කෘතික ජාතිකවාදය නම් ප‍්‍රවර්ගයට බව පෙනී යෙයි. ඒ මතවාදය යටතේ දක්නට ලැබෙන්නේ කිසියම් ප‍්‍රජාවක් හිමිකම් කියන සංස්කෘතියක් නැවත නගා සිටුවිය යුතු යැයි කියමින් ඒ සඳහා දරණා උත්සාහයයි. එහිදී නගාසිටුවීමට හසුවන්නේ ජාතිය, භාෂාව, ආගම, ගතිසිරිත් යනාදියයි. ඒවා නගාසිටුවිය යුතු යැයි කියන අඩහැරයේ සැබෑ තේරුම නම් ඒවායේ තථ්‍යභාවය හෙවත් thenticity සොයායෑමය. මෙකියන තථ්‍යභාවය ජනවහරේ පවතින වඩා සරල පද දෙකක් ආශ‍්‍රයෙන් තේරුම්ගත හැකි යැයි සිතමි. ‘නියම’ සහ ‘පට්ට’ යන්න ඒ පද භාවිතා කරන විට ධර්මපාල සොයාගියේ නියම සිංහල, නියම බුද්ධාගම, පට්ට සිංහලකම, පට්ට් සිංහල ගතිය බව තේරුම්ගැනීමට අපහසු නැත..එලෙස නියම පට්ට දේවල් සොයා ගිය අනගාරික ධර්මපාලට සිදුවූයේ තමාට විෂයවන දේ හැර අනෙකුත් සියල්ල දරුණු ලෙස බැහැර කරන්නටය. දේවල් ඇතුඵකරගැනීම නොව පුඵවන්තරම් දේවල් බැහැර කරලීම ධර්මපාලගේ මාර්ගෝපදේශය විය. ධර්මපාල චින්තනය තුළ අඩංගු ප‍්‍රතිවිරෝධය, උභතෝකෝටිකය, න්‍යායවිරෝධය ඉස්මතුවූයේ එහි සංස්කෘතික ජාතිකවාදී ලක්‍ෂණ ආර්ථික ජාතිකවාදී ලක්‍ෂණ සමග ගණදෙනු කිරීමට ගිය වේලේය. ධර්මපාල චින්තනය තුළ සංස්කෘතික අඩංගුව සහ ආර්ථීක අඩංගුව විසඳාගත නොහෙන පරිද්දෙන් එකිනෙක ගැටුණි. මේ ගැටුම නිරාකරණය කරගත නොහැකිව සමනය කරගත නොහැකිව ධර්මපාල අන්ත අමාරුවක වැටුණි. අන්තිමේදී, තමන් ඉපදුණු රටට ඇතුඵවන්නටත් බැරුව විවාසිතයෙකු හැටියට ඔහු මළේද ඒ නිසාය..අන්තිමේදී, ධර්මපාල සිංහලයාටත් සිංහල පෝසතාටත් සිංහල හාමුදුරුවන්ටත් පස්පඩංගුවේ බණිමින් මහණ වී ඉන්දියාවේම ඉන්නට සිද්ධවූයේ කළකිරීම නිසා යැයි ධර්මපාලවාදියෝ අණබෙර ගසා පවසනමුත් සිද්ධිවාචක සත්‍යයන් විශ්ලේෂණය කරනවිට එසේ වී ඇත්තේ මේ ප‍්‍රතිවිරෝධතා, උභතෝකෝටික, න්‍යාය විරෝධතා ගැන හරිහමන් අවබෝධයක් ධර්මපාලට නොතිබූ නිසා එහි ප‍්‍රතිඵලයක් වශයෙන්ය..සංස්කෘතික ජාතිකවාදය යනු තනි කේවල ඒක පදාර්ථයක් නොව සංස්කෘතීන් ගණනාවක හවුලකි. ඒවා එකිනෙක අත්‍යන්තයෙන්ම බැඳී සිටී. ඒ සංස්කෘතීන් විටෙක එකිනෙක සමග ගැටෙනමුත් ඒ හා සමගම ඒවා අතර සංහිඳියාවක් ද පවතී. ඒ වූකලි ධනවාදයේ සහ ප‍්‍රාග්ධනයේ සමාජ හා දේශපාලන ප‍්‍රකාශනයේ මූලික ලක්‍ෂණයකි. ප‍්‍රාග්ධනීකරණයට ජාතියක් ජම්මයක් ආගමක් නැත. අනගාරික ධර්මපාලට ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් තිබූ යටත්විජිතවාදී සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික සැකැස්ම සහ ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය තුළ ගැප් වූ හරය හා රූපය තේරුම්ගන්නට බැරිවූ නිසා, ගොඩනැගෙමින් තිබූ නූතන ධනවාදි ශ‍්‍රී ලාංකීය සමාජයේ රූපය සහ හරය තේරුම්ය..x රංජිත් පෙරේරා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගමන් ගෙඩියක් වෙමුද?.Next articleකඳුළු මුතු ඇට කන්ද මත සිට….- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජන වරමක් ලබා දීරටක් විනාශ කරන සැටි බලා සිටීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජන වරමක් ලබා දී.රටක් විනාශ කරන සැටි බලා සිටීම.By සරත් විජේසූරිය.February 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.ලංකාව එක පවුලක භුක්තියට උරුම කර දෙන්නට තරම් රටක බහුතර ජනතාවක් මුග්ධ වූයේ කෙසේ ද? එක පවුලක් හිතේ හැටියට බෙදාගෙන කන විදිහ බලා සිටින්නට විරෝධයක් හෝ අකමැත්තක් නැතිකම, දීනකම ද? කරන්නට දෙයක් නැතිකම ද?.ජන වරමක් ලබන්නේ රටක සම්මත ව්‍යවස්ථාවට අනුව පවත්වන මැතිවරණවලිනි. ජන වරමක් ලබන පුද්ගලයා දිවුරුම් දෙන්නේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව ප්‍රසිද්ධියේ පවසමිනි. එය මහා ව්‍යාජයක් නොවේ ද? හරියට පන්සිල් ගන්නවා වගේම බොරු වැඩක් යයි සිතේ. මිනීමරුවන් – දූෂිතයන් සහ පාදඩයන් පන්සිල් ගන්නා අතර ඇතැම් අවස්ථාවල පන්සිල් දෙන්නේ මහානායක හිමිවරුන් ය. දෙපැත්තම දන්නා පැහැදිලිම සත්‍යය වන්නේ මේ වැඩේ මහා බොරුවක් බව ය..ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරන්නේ පාලකයා පමණක් නොවේ. මැති ඇමතිවරු ද දිවුරති. ඔවුන් දිවුරන්නේ එක රොත්තටය. දිවුරුවාද නැද්ද යන්න දන්නේ ඔවුන්ම ය. කුඩා කල නොමනා දෙයක් කළ දරුවෙකු දෙමාපියන්ට තමා නිදොස් බව සපථ කරන්නේ දිවුරමිනි. ‘සත්තයි‘ – ‘දෙයියම්පා‘ පමණක් නොව ‘අම්මපා‘ කියා ද දිවුරන්නේ නිදොස් නිසා නොව ආරක්ෂාවටය. එනිසා දිවුරුම්වල කිසි බලයක් නැත. දිවුරුවා කියා වෙන දෙයක් නිති නිසා දිවුරන්නට කිසිවෙකුත් බය නැත. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දුන් පාලකයා හෝ ආණ්ඩුව, ව්‍යවස්ථාවට පටහැනිව – ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් නීතියෙන් ගැලවීමක් තිබෙන්නට බැරිය. හරිම පුදුමය, නීතියෙන් ගැලවීමක් ද ඇත. මේ වන විට නීතියට අනුව ඔප්පු වී තිබෙන්නේ රාජපක්ෂවරුන් ද, ඔවුන් යටතේ ආණ්ඩුකරණයේ නිමග්නව සිටි සියල්ලන් ද, ඔවුන්ට සේවය කළ නිලධාරීන් ද නිර්දෝෂී පුද්ගලයන් බව ය. චෞරයන් සහ අපරාධකරුවන් නිදොස් වී නිදහස්ව රජයේ ඉහළම පදවි දරන්නේ ජන වරමක් සහිතව බැවින් ‘ජනතා පරමාධිපත්‍යය බලය’ යන්න ජන වරම ලබා දුන් පසුව ශුන්‍ය වී යන්නක් බවය පෙනෙන්නේ..රටේ නීතිය කාට ද?.විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු පසුගිය දිනක අපූරු පුවතක් පැවසීය. ඒ පොලීසියේ උසස් වීම් සම්බන්ධවය. ඔහු විස්තර කළේ සුදුසුකම් නැතිව – වැරදි විදිහට පොලිස් නිලධාරියෙකුට උසස්වීමක් ලැබුණොත්, සුදුසුකම් තිබෙන එහෙත් උසස්වීමක් නොලද නිලධාරියාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය. අධිකරණය ඒ පෙත්සම සලකා බලා ඔහුට අසාධාරණයක් වී තිබෙන බව පිළිගෙන ඔහුට උසස් වීමක් ලබා දෙන්නට නියෝගයක් නිකුත් කරන්නේලු. ඒ අනුව උසස්වීම ලැබෙන්නේලු. මේ පුවත පැවසූ උසස් පොලිස් නිලධාරියා පෙන්වා දුන්නේ එය එසේ වන විට සුදුසුකම් නැතිව – වැරදි විදිහට උසස්වීම් ලද පුද්ගලයාට කිසිම අනර්ථයක් නොවන බවත්, ඒ නිසා වැරදි විදිහට උසස්වීම් ලද පුද්ගලයන් පොලීසියේ ඉහළ පදවිවල අද සිටින බවත්ය. දැන් මේ වරද කර තිබෙන්නේ කවුරුන් ද?.අපේ ගමේ ඉස්සර හරක් හොරකමක් සිද්ධ විය. හරකා අයිතිකරු අහිංසක ගැමියෙකි. ඔහු පොලීසියට ගියේ නැත. ග්‍රාමසේවක තැන හමුවී සිද්ධිය සැල කළේය. ග්‍රාමසේවක හරකා සොරකම් කළ පුද්ගලයාව සහ හරකාව සොයා ගන්නට සමත් විය. හරකා අයිතිකරුට භාර දුන්නේය. හරක් හොරාව පොලීසියට රැගෙන ගියේය. මේ හරක් හොරා රිමාන්ඩ් භාරයට පත් විය. මට මතක විදිහට ඔහුට නීතියෙන් යම් දඬුවමක් විඳින්නට ද සිදු විය. මෙහිදී හරකා අයිතිකරුට හිමි විය. හොරාට දඬුවම් දෙකක් ලැබිණි. එක දඬුමක් නීතියෙන්ය, අනෙක් දඬුවම සමාජයෙන්ය. ඉතින් එදාය ඒ. අද හොරා අල්ලා ගැනීම පහසු නැත. ග්‍රාමසේවක කෙනෙක් රටේ නායකයා වුවත් සිද්ධ වුණේ සොරුන් සහ අපරාධකාරයන් හොඳින් ආරක්ෂා කිරීම රැක බලා ගැනීම හා තානාන්තර ලබා දීම ය. නීතියෙනුත් දඬුවම් නැත, සමාජයෙන් ද දඬුවම් නැත. එහෙම වෙන්නේ ජනවරමක මහිමය හෙවත් බලය නිසාය. ජනවරමක් ලත් පුද්ගලයා සිටින්නේ රටේ නීතියට ඉහළිනි. ඔහුට අදාළ නඩු පවරා තිබුණත් – අධි චෝදනා ලබා දී තිබුණත් ඒවා අසන්නට අධිකරණයට පුළුවන්කමක් නැත. ඔහු ලද ජන වරම නිසා ඔහු ආරක්ෂිතය. එපමණක් ද ජන වරමක් ලද පාලකයාට තමන්ට අභිමත පරිදි තමන් කැමති උදවියගේ නඩු සම්බන්ධව ද තීන්දු තීරණ ගත හැකිය. දඬුවම් ලබා සිරගතව සිටින පුද්ගලයෙකුට වුව නිදහස ලබා දී ඔහුට පදවියක් පිරිනමා රජයෙන් නඩත්තු කිරීමට ද පාලකයාට හැකිය. ඒ සඳහා ඔහුට ජන වරමක් ඇත..මෙබඳු පුවත් හෙවත් සත්‍යයන් අපට වටහා දෙන වැදගත් යමක් තිබේ. එය නම් අද වන විට රටේ ආණ්ඩුකරණය තුළ අදාළ වැදගත් පදවි දරන සැලකිය යුතු සංඛ්‍යාවක් යට කී හරක් හොරාටත් වඩා පහළ උදවිය බවය. හරක් හොරා නීතියෙන් ලද දඬුවමට වඩා පීඩා වින්දේ සමාජයෙන් ලද දඬුවම නිසාය. ඔහුගේ අඹුව සහ දරුවෝ ද සමාජයේ දඬුවමෙන් පීඩාවට ලක් වූහ. අද මට හිතෙන්නේ එහි යම් සැහැසි බවක් තිබුණත් පහළම තැන ද නීතිය ක්‍රියාත්මක වුණ රටක් අපට තිබුණ බවය. ඊට හේතුව ග්‍රාමසේවක ජනවරමකින් පත්වුණ කෙනෙකු නොවීම ය. එකල නීතිය ජන වරමක් ලද කෙනෙකුට කෙවිටක් ගෙන පාලනය කරන්නට නොහැකිවීමය..යුක්තිය වෙනුවෙන් අපි.අද රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්වයන් ඉස්සර වගේ නොවේ, හරිම දියුණුය. නීතිය යුක්තිය වෙනුවෙන් ස්ථාපිත ආයතන ඉස්සරට වඩා හොඳ තත්වයකැයි සිතමි. ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක්‘ අපට තිබේ. අධිකරණශාලාවන් ඉතා දියුණු තත්වයක ඇත. අලුත් කඩේ උසාවි සංකීර්ණය දකින විට – උපරිමාධිකරණ සංකීර්ණය දකින විට ඒසා විසාල ‘යුක්තිය පසිඳලන‘ මන්දිර දකින විට මට පුදුම ආඩම්බරයකි රට ගැන දැනෙන්නේ. මේ සුවිසල් මන්දිර හැදුවේ මහජන මුදල්වලින් නේද කියා හිතෙන විට දැනෙන සතුට ඉහවහා යයි. ඒවා එච්චර විසාල යුක්තිය පසිඳලීම ‘ලොකුවට කළ යුතු‘ වැඩක් නිසා බව ද වැටහේ. අලුත් කඩේ අධිකරණ භූමියේම තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවත් මට දෑසින් දකින්නට වාසනාව උදාවී ඇත. එහි සේවය කරන නීතිවේදීන් – නීතිවේදිනියන් අලංකාර රථවලින් මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට ගරුගාම්භීරව පැමිණෙන හැටි බලා සිටින්නට ආසා හිතෙනවා නොව ආඩම්බරයකි දැනෙන්නේ. හේතුව අනේ රටේ මහජනතාවට ඒ හැම දේකටම අවශ්‍ය තරම් ධනය වැය කරන්නට පුළුවන් වී තිබීම යුක්තිය පසිඳලීමට නිසා බව අවබෝධ වන හෙයිනි. අධිකරණ පරිශ්‍රයට ගිය විටක සතුටින් පිනා යන තවත් කරුණක් වන්නේ ටයිකෝට් හැඳ – කළු කබා හැඳ නීතිඥයන් – නීතිඥවරියන් යුක්තිය පසිඳලීමට හෙන බරට ලිපි ගොනු ඔසවාගෙන ගමන් කරන අන්දම දකින විට මසිතේ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. එපමණක් නොව අලුත් කඩේ අධිකරණ භූමි පරිශ්‍රය තුළ පවා උදෑසනක දකින්නට ලැබෙන නීතිඥ මහත්වරුන් – නෝනලා මහා පිරිසක් දකින විට රටේ මහජනතාවට යුක්තිය ඉටු කරන්නට කොපමණ පිරිසක් රට තුළ පිබිදී සිටින්නේ ද යන්න දැකීම අප්‍රමාණ සතුටකි. තවත් ස්ථාන කරා ලොව නිපදවන ලද ඉහළම තත්වයේ මහා රථවලින් සම්ප්‍රාප්ත වන ජ්‍යෙෂ්ඨ නීතිඥ භවතුන් විශාල සංඛ්‍යාවක් දකින විට ඒසා විශාල නීති විශාරදයින්ගේ දසුන දකින විට රටේ නීතිය යුක්තිය මහජනතාවගේ – රටේ අභිවෘද්ධිය උදෙසා මොන තරම් ඉහළින් සිදු වන්නේ ද යන සතුට අවසන් හුස්ම හෙළන මොහොතේ පවා සතුටින් සිහි කරන්නට තරම් දසුනකි. එපමණක් නොව විනිසුරුතුමන්ලා රටට – මහජනතාවට යුක්තිය ඉටු කිරීමට සැපත්වන අන්දම දකින විට ඒ උතුමන්ගේ සියලු අවශ්‍යතා සපුරාලන්නට රටේ මහජනතාවට පුළුවන් වීම මොන තරම් භාග්‍යයක් ද?.තවත් වෙලාවකට සිතෙන්නේ අල්ලස් කොමිසම ඇතැම් නඩු ඉල්ලා අස් කර ගන්නේ, නීතිපතිවරයා ඇතැම් නඩු ඉදිරියට ගෙන නොයන්නේ මහජන වරමක් ලද පාලකයාට යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අවශ්‍ය සහාය දැක්වීමට නේද කියා ය. ඒ අතින් රටේ මහජනතාව කොතරම් වාසනාවන්තදැයි කල්පනා කිරීම මහජනතාවගේ වගකීමක් හා යුතුකමක් යයි සිතේ..ලංකාව වටේටම මහා මුහුදක් තිබෙනවා සේ නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අවශ්‍ය ආයතන පද්ධතියක් ද, නියමුවන් ද අඩුවක් නැතිව සිටින රටක ජීවත්වීම වාසනාවකි. ඉතින් නිසි කලට වැසි නැත – පානීය ජලය නැත හරිම පිපාසයි කියමින් මහා සමුද්‍රයකකින් – මහා ජලස්කන්ධයකින් වටවී සිටින ජනතාවක් සුසුම් හෙළිය යුතු නැත. ඒ ජලස්කන්ධය දෙස බලා සිටීමෙන් පවා පිපාසය නැති කර ගත හැකි නොවේ ද?.ජන වරම යනු දුන් දෙයකි.‘දුන් දේ සුවඳයි’ කියා මහජනතාව ද දුන් වරම ගැන කල්පනා කළ යුතු යයි සිතමි. දුන්නු දෙයක් ඉල්ලන එකත් කැතය, ඒක අහිමි කරන එකත් කැත ය. යමක් දී පෙරළා ඉන් තමන්ට යම් යම් දේ අපේක්ෂා කිරීම අන්තිම කැතය. එකම දේ පාලකයා තමන්ට ලැබුණ ජන වරම ගැන භක්තියෙන් පසු වීම ය. එය නිතර සිහි කිරීමය. ඒ ජන වරම නිසා තමන්ට ලැබුණ බලය හිතේ හැටියට පරිහරණය කිරීමය. ජන වරමට අනුව කරන කිසි දේකට යම් හානියක් කිසිවෙකු අනුවණ ලෙසින් කරන්නේ නම් ඒ අවිනීත ක්‍රියාකලාපය අවසන් කිරීමට ද ජන වරම නිසා පාලකයාට හැකිවීම රටක භාග්‍යයක් යයි සිතමි..තවත් කරුණක් වන්නේ මහජනයා ඡන්දය ලබා දෙන්නේ සින්නක්කරවම වීම ය. ඒක හරියට තරුණියක තරුණයෙකුට කන්‍යාභාවය නැති කිරීමට සතුටින් ඉඩ ලබා දෙන්නා වැනි කටයුත්තකි. එසේ ඉඩ ලබා දී එය ආපහු ඉල්ලුවාට වැඩක් නැත. දුන්නා නම් දුන්නාමය. මා මගේ කන්‍යාභාවය පිදුවේ මට අසවල් අසවල් දේ ලබා දෙනු ඇතැයි සිතුවා නම් ඒ අනුවණ කම ය..ජන වරමක් ලද පාලකයෙකු යහතින් ජීවත්වීම ද රට වැසියන් වෙනුවෙන් අවශ්‍ය වේ. යහතින් ජීවත්වීමට දැනුමක් ද පාලකයාට තිබිය යුතුය. යහපාලනයක් ඇති කිරීමට ජන වරමක් ලද සිරිසේනතුමන් නොපමාව යහතින් ජීවත්වීමට ජන වරම භාවිතයට ගෙන කටයුතු කළා පමණක් නොව පදවිය නැති කලක ද යහතින් ජීවත්වීමට අවශ්‍ය අන්දමට කටයුතු කර ගන්නට ජන වරමට අනුව සියලු දේ සිදු කර ගැනීම කොතරම් දැනුවත්භාවයක් ද? එතුමන් අදටත් මහජන මුදලින් නඩත්තු වීම – ඉහළම යාන වාහන පරිහරණය කිරීමට සමත් වීම – උපරිම ආරක්ෂාව ලැබීම යනාදිය වෙනුවෙන් එතුමන්ට ජනවරමක් ලබා දුන් ජනතාව හැටියට සතුටු විය යුතුය, ආඩම්බර විය යුතුය. කිසිවෙකු ඒ ගැන දොසක් කියනවා නම් ඒ තමන් දුන් ජනවරමට අවමන් කිරීමකි. සංඝයාට දන් දෙන්නේ සිත් සේ වළඳන්නටය. බෞද්ධයන් එසේ සිත්සේ වැළඳීම දකිමින් සතුටු වෙනවා පමණක් නොව ශ්‍රද්ධාවෙන් ද ඉපිලී සිටින්නට පුරුදු වුණ අය බැවින් එතුමන් සම්බන්ධයෙන් ශ්‍රද්ධා සම්පන්න විය යුතුම වේ..අපේ සංස්කෘතියට අනුව තමන්ට ලැබුණ දෙයක් තනිවම භුක්ති විඳින එක නම් අශීලාචාරය, අවිනීතය, අසංස්කෘතිකය. අප වෙරළු ගෙඩිය ද සත්කඩකට බෙදාගෙන කාපු සංස්කෘතියක් උරුම ජාතියකි. තමන්ට ලැබුණ ජන වරම තනිවම භුක්ති නොවිඳීම නිසා ජන වරමකින් මැති සභයට තේරී පත්වුණ කාටත් තමන්ගේ දරුමල්ලන් දේශපාලනඥයන් ලෙසින් ගොඩ නැඟීමට පුළුවන් වීම කොතරම් අසිරිමත් ජාතික ලක්ෂණයක් ද? එපමණක් නොව ඥාති මිත්‍රාදීන්ට ද බලය භුක්ති විඳින්නට හැකි අන්දමින් කටයුතු කිරීම පවසන්නේ ජන වරම තනිවම භුක්ති නොවිඳීම වේ. මේ සම්බන්ධයෙන් ලෝකයටම පරමාදර්ශය සපයා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ උතුමා ය. ඇත්ත වශයෙන්ම එතුමන් සහෝදර ප්‍රේමය වචනයට සීමා කළේ නැත. සියලු සහෝදරයන් මැතිඇමතිවරුන් බවට පත් කිරීමෙන් නොනැවත, අනාගත නායකයා ද නිර්මාණය කිරීමට සහෝදරයන්ට සැලකූ අන්දම පරමාදර්ශීය. එසේ කළ හැකි වූයේ ජන වරමට හිස නමා තනිව ජන වරම භුක්ති නොවිඳි නිසා බව පැහැදිලිය. එතුමන් පරමාදර්ශී සැමියෙකි. පරමාදර්ශී පියෙකි- එපමණක් ද පරමාදර්ශී මාමණ්ඩියෙකි. අද එතුමන්ගේ බිරිඳ – දරුවන්- ලේලිලා – සහෝදර සහෝදරියන් – ඥාතීන් ජනතාවට ආඩම්බර විය හැකි අන්දමට යස ඉසුරින් පිරි ජීවිත ගොඩ නඟාගෙන සිටින්නේ ජන වරම තනිව භුක්ති නොවිඳි නිසා බව රටේ දිළිඳු පැල්පතක වසන කුඩා ළමයෙකුටවත් පහදා දිය යුතු නැත..අනික් වටිනාම දේ දුන් ජන වරම බෙදා හදාගෙන භුක්ති වින්ද පසුව ලංකාවේ අනාගතය – අනාගත දේශපාලන නායකත්වය අනාථ නොවීමය. ජාතියක් වශයෙන් පවුලකට ජන වරමක් ලබා දී ඔවුන්ගේ සියලු විස්කම් දස්කම් බලා සිටින්නට හැකිවීම වත්මන් ලක් වැසියන්ට පෙර රජ දවසින් පසුව උරුම වුණ වාසනාවක් යයි පැවසීම සාවද්‍ය ද?.අමුඩයෙන් මුහුණ වසා ගැනීම.අපි මැති සභය නියෝජනය කරන්නට ජන වරමක් දෙන විට දේශප්‍රේමීන්ට ඉහළින්ම දෙන්නට කැමති ජාතියක් වෙමු. ජන වරමක් වෙනුවෙන් දේශප්‍රේමයෙන් ඔද වැඩී තෙද බල පාන්නේ නම් ඔවුන් කවර වැරදි කර තිබුණත් – කවර වැරදි කළත් ජනතාවගේ ගෞරවය එකෙන්ම, ඉහළින්මය. අපි ගැමි නාට්‍ය රස විඳි ජාතියක් වෙමු. රෑ ජාමේ අසැබි කතා ජන රඟමඬල තුළින් ඇසෙන විට අපි කුල්මත්වීමු. අපේ ප්‍රීතිය ඉහවහා යන අන්දමට කාට හෝ අවමන් නින්දා කරන විට පොඩි ආතල් එකක් ගන්නට හැකිවීම ගැන හීන් සතුටක් නොව මහාසතුටුය අප සිත් සතන් ප්‍රමෝදයට පත් කරන්නේ..අනුන්ගේ වැරදි දැකීමට අප කැමති ජාතියක් පමණක් නොව, ඒ වැරදි හුවා දක්වමින් අපි පරමාදර්ශී බව හඬගා කියන්නටත් අපි සමතෝ වෙමු. – බොරු ඇසීමට, ජාතියක් වශයෙන් අපි හුරුවී සිටිමු. පද හදන්නට ද අපි කැමැත්තෙමු. ජන වරමක් නොමඳව ලබා දීමේ දී ඒ සුදුසුකම්වලට මුල්තැන දුන් අන්දම සනාථ කරන්නට විමලා – උදයා ඇතුළු පිරිසකට රටේ ජනතාව ලෙස ඉත සිතින් පේ වී ලබා දුන් ජන වරම ගැන ආඩම්බර නොවී කොහොම ද? අනෙක අපේ උතුම් ගුණයක් වන්නේ දැන උගත්කම් හෝ සහතික කිසිවක් නොසලකා ජන වරමක් දීමේදී කටින් බතල කොළ හිටුවන උදවියට – හිතේ හැටියට නින්දා අවමන් කරන උදවිය ද මැති සභයට යවා එහි ඔවුන් පතුරන දුර්ගන්ධය විඳින්නට ඉන් උද්දාම වන්නට තරම් විවෘත මනසකින් කටයුතු කිරීමය..අධෝවාත පිට කරන්නේ බොරළුගොඩ සිංහයෙකු වුව ඒ කේසර සිංහයෙකු ලෙස දැක තුටින් ලේ රත් කර ගන්නට කැමති ජාතියක් ලෙස ජන වරමක් ලබා දී අප ලබන ප්‍රීතිය කෙතරම් ද? සෙළුව දකින්නට කැමති ජාතියක් නිසාදෝ සෙළුවෙන් රඟන්නේ වාසුදේව වුව අපට ඒ සතුට දෙන්නාගෙන් ප්‍රීණනය වෙමු. අපි කඳුළටත් හරි කැමතිය. තිස්ස විතාරණ තම සුදුසුකම් කියමින් තැනක් නොදුන් බව කියමින් හඬන විට අප කරුණා රසයකි විඳින්නේ. ඔරවන – ගොරවන – දත්මිටි කන – නපුරන්ට වුව අප කැමැත්තේ තරහාකාරයන්ට බුරන්නට බල්ලා දන්නා යුතුකම ගැන අවබෝධයෙනි..සේරටම වඩා අප කැමැත්තේ තල් ගහ පෙන්වා පොල් ගහ යයි කියා එයම තහවුරු කරන අන්දමටය. එබැවින් මහින්ද චින්තනය යටතේ ඩොලරයට – පවුමට වඩා ඉහළින් රුපියල තැබූ බව මහ හඬින් පවසා එහෙව් රුපියල චප්ප චපර වී ඇති සැටි විවරණය කරන්නේ බන්දූවරයෙකු නොව ආර්ථික ඔස්තාද් වරයෙකු බැවින් එතුමන්ගේ විනෝද කතා වුව අසන එක සැපයකි. මාල කැඩුවත් ඔහු කඩන්නේ රත්තරන් මාල බැවින් ද, පොළොං විසෙන් අල්ලස වුව නසන්නට හැකි බැවින් ද, ඉහළින්ම ජන වරමක් නොදී කොහොම ද? අනෙක අප ආඩම්බර විය යුත්තේ හැඳ සිටින අමුඩය ගලවා කවර සභාවක වුව මුහුණ වසා ගන්නට තරම් නිර්භීත පට්ට පොරවල් නියමෙට තෝරා අපට ජන වරම දෙන්නට හැකි වී ඇති බැවින්ය..ජන වරමක් නැතත් කම් කිම්.වියත් මඟෙන් කරළියට ආ කෙනෙක් යටි ගිරියෙන් මොර දෙන විට අප බය නොවුණේ පෙර කල යටි ගිරියෙන් මොර දෙන විට වැඩිහිටියන් බැන්නේ කොල්ලන්ට බැවිනි. කොල්ලන්ට විනා කෙල්ලන්ට ලබ්බ බහින්නැති බවය අප වටහා ගත්තේ..රටක අමාත්‍ය මණ්ඩලයෙහි වැදගත් අමාත්‍ය පදවි අතර ඉඩම් – වරාය හා නාවුක – සෞඛ්‍යය – ප්‍රවාහන – විදුලි බල ශක්තිය ඇතුළු අමාත්‍ය පදවි ජේ.ආර්. සැලකුවේ දැනුම සහ කුසලතා ඇති මහජන නියෝජිතයන්ට පැවරීමටය. එසේ පැවරූ ඇමති ධුර ජාතියේ වාසනාවට චණ්ඩින්ට – සොරුන්ට – කෙබරයින්ට – මැරයන්ට උරුම වන්නේ මහජන වරම නියමාකාරව භාවිතයට ගෙන ඇති නිසා වීම රටක භාග්‍යය නොවන්නේ ද?.අධිකරණය තරම් උතුම් තැනක් රටකට තිබේ ද? එනිසාම අධිකරණ ඇමති පදවිය දරන්නා විනිවිද දකින්නට හැකි කෙනෙකු වීම හොඳයයි සිතුවේ ඉස්සරය. නඩු රැසකින් බේරා ගත් පුද්ගලයෙකු රටක නායකයා බවට පත් කරන්නට තරම් ශූර වූ කෙනෙකුට ජන වරමක් නැතත් ජන ජීවිතයට අදාළ – රටට අදාළ අණ පනත් සම්මත කරන්නට වාසනාව ලැබෙන්නේ කවර මහිමයකින් ද? එක අතකින් සේවාදායකයෙකු තම නීතිඥයාට කවර ක්‍රමයකින් හෝ ගාස්තු ගෙවා නිදහස් වීම යහපත් නොවේ ද?.ජන වරමක් ලැබුණ පසු එහි වැදගත්කම තිබෙන්නේ පදවියක දිවුරුම් දෙනතුරු පමණක්ය යන්න අපට ඉගෙන ගන්නට තිබෙන පාඩමකි. ඒ පාඩම උවමනාවෙන් අප උගත යුත්තේ යළිත් ජන වරමකින් පවුලක් රජ වී රටක් දැයක් විනාශයේ මුවදොර වෙත තල්ලු කළ අන්දම සිහි නුවණින් මතු දාක හෝ කල්පනාවට ගැනීමටය..ජන වරමක් ලබා දුන් පසු රටක පුරවැසියන් අවලංගු වන්නේ කෙසේ ද? ඒ ජන වරම රාජ්‍ය පාලනයට වරමක් නොව, පවතින්නට – හැදෙන්නට වරමක් බවට පත් කර ගන්නට කල්පනා කිරීම හා ඊට නෛතික අවකාශයන් නිර්මාණය කර ගන්නට පුළුවන් වී තිබෙන නිසාය..ලංකාවට අවශ්‍ය වන්නේ කවර අන්දමක ව්‍යවස්ථාවක් ද? සැබවින්ම ලංකාවේ අනාගතය තීරණය වන්නේ නීතියේ ආධිපත්‍යය බාලාංශයේ සිට තහවුරු කෙරෙන ව්‍යවස්ථාවකිනි. කිසි සේත්ම පාලකයෙකුට – පවුලකට – ධනයකට – බලයකට හැසිරවිය නොහැකි නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීමට තනි තනි සටනකින් නොහැකිය. ඒ වෙනුවෙන් අවංක – නිර්භීත සාමූහික සටනක් අවශ්‍යව තිබේ. එහි අවශ්‍යතාව දැන් දොරකඩට පැමිණ තිබේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදේශපාලනයෙන් විතැන් වූ ඇෆ්ඝන් ළමෝ.දැනටමත් ළමා ශ්‍රමිකයෝ මිලියනයක්.Next articleබොරු සංශෝධන කරලා.ජාත්‍යන්තරය රවටන්න බෑ.දමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ.එම්.ඒ. සුමන්තිරන්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි.By ගාමිණි වියන්ගොඩ.April 5, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා උත්සාහ කරති. ගිය සියවසේ දීර්ඝ කාලයක් තිස්සේත්, මේ සියවසේ අද දක්වාමත් එසේ ජාතිකවාදී සංකල්පය ආණ්ඩුකරණය සඳහා බෙහෙවින් පාවිච්චියට ගත් රටවල් ගණනාවක් තිබේ. ඇමරිකාව පවා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේ ඉතා විකාරසහගත ලෙස ‘ජාතිකවාදී’ වීමට බැලුවේය. එය අවසන් වුණේ, ඇමරිකානු ජනතාව විසින්ම ඔහුව පරාජයට පත්කරවීමෙනි..ජාතිකවාදියෙකු යනු, තමාගේ ජාතිය සමග අත්‍යන්තයෙන් අනන්‍ය වීමට බලන සහ වෙනත් ජාතීන්ගේ අවශ්‍යතා ගැන නොතකමින් තමන්ගේ ජාතියේ අවශ්‍යතාවන් මුදුන්පමුණුවා ගත හැකි යැයි විශ්වාස කරන කෙනෙකි. එම විශ්වාසයට තුඩුදෙන කොන්දේසි දෙකක් තිබේ. එකක් වන්නේ, තමන්ගේ ජාතිය (රට) කෙරෙහි වන ළැදියාවයි. ඒ ගැන කිසිවෙකු fදාස් නොකියනු ඇත. දෙවැන්න වන්නේ, වෙනත් ජාතීන් (රටවල්) ගැන නොතකමින් තමන්ගේ අර කියන ළැදියාව ඔස්සේ රට සංවර්ධනය කළ හැකි බවට සහ සමාජ ප්‍රගතියක් ඇති කරගත හැකි බවට දරන විශ්වාසයයි. ජාතිකවාදියාට පාර වැරදෙන්නේ, මේ කියන දෙවැනි කාරණයේදී ය..අපි එය තත්කාලීන සාදෘශ්‍යයකින් පැහැදිලි කරගනිමු: මම සහ මගේ දරුවෝ කෝවිඩ් එන්නත විදගෙන සිටිමු. ඒ නිසා මට දැන් බයක් නැත. එහෙත් මගේ අසල්වැසියන් එසේ එන්නත ලබාගෙන නැත. මම ඒ ගැන කිසි තැකීමක් නොකරමි. සමහරවිට, එසේ ඔවුන්ට එන්නත නොලැබීම මගේ රහස් සතුටටත් හේතුවක් විය හැකිය. මන්ද යත්, මට ඊර්ෂ්‍යා කරන, මට වෛර කරන එවුන්ද ඒ අතරේ සිටින නිසා කෝවිඩ් හැදී ඉන් එකෙකු හෝ මියගියොත් එය මට සතුටක්ද විය හැකි බැවිනි. (කෝවිඩ් වසංගතයේ මුල් අවධියේ අපේ එක් වාචාලයෙක් ඇමරිකාවට සහ බටහිරට ඇඟිල්ල දිග් කරමින් ඇත්තෙන්ම එසේ කීවේය: “අපිට කෙලවන්න ආපු උන්ට හොඳ වැඩේ!”). එහෙත්, කලක් යන විට මගේ අසල්වැසියන් සේම තවත් රටවැසියෝ දසලක්ෂ ගණනින් එන්නත නැතිකමින් මේ වසංගතයට ගොදුරු වෙති. දැන්, මගේ ළමයින්ට පාසල් යාමට බැරි ය. මන්ද යත්, පාසල් වසා ඇති බැවිනි. මට සහ ළමයින්ට කෑමට බීමට කිසිවක් නැත. මන්ද යත්, ගොවියන්, නිෂ්පාදකයන් සහ සේවාදායකයන් රෝගී වී ඇති නිසා කඩසාප්පු සියල්ල වසා ඇති බැවිනි. මගේ දරුවෙකුට සෙංගමාලය වැළඳී ඇත. මගේ බිරිඳට පිළිකාවකි. මට හදිසි හෘදයාබාධයක් ඇති විය. එහෙත්, අප කිසිවෙකුට ප්‍රතිකාර නැත. හේතුව, කෝවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති නිසාත්, වෛද්‍යවරුන් ආදි සෞඛ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් කෝවිඩ් රෝගයට ගොදුරු වී ඇති නිසාත් ය..ඉහතින් කී ‘මම’ මගේ පවුලට ආදරය කෙළෙමි. එහෙත් ඒ මෝඩ ආකාරයෙනි. එයට අප කියන්නේ අනාදරය කියා ය. නූතන ලෝකයේ ජාතිකවාදියා යනු එවැන්නෙකි. (තව අඩියක් ඉදිරියට ගිය විට මේ ජාතිකවාදියා තුළින් ඔබට ‘ජාතිවාදියෙකු’ හමු වෙයි. එහිදී සිදුවන්නේ, අප ඉහතින් කී තමාගේ ‘ජාතිය’ යන්න තමාගේ ‘රට’ යන අර්ථයෙන් ගන්නවා වෙනුවට, තමාගේ වර්ගය (සිංහල, දෙමළ, මුස්ලිම් ආදි) වශයෙන් ගෙන ආධානග්‍රාහීව කටයුතු කිරීමයි. එය තවත් භයානක ය..ස්වෛරීත්වය ජාතිකවාදියාගේ බලපත්‍රයක්ද?.නූතන ජාතිකවාදීන් පාවිච්චි කරන සම්භාව්‍ය අවියක් තිබේ. එය හැඳින්වෙන්නේ ස්වෛරීත්වය නමිනි. එයින් අදහස් කෙරෙන්නේ, වෙනත් රටවල්වලින් නිදහස්, වෙනත් රටවල්වලට අතපෙවිය නොහැකි පරමාධිපත්‍යයක් රටකට ඇති බවයි. ඒ අනුව, තමන්ගේ රට ඇතුළේ තමන්ට අවශ්‍ය පරිද්දෙන් කටයුතු කිරීමේ අයිතියක් හැම රටකටම ඇතැයි ඇඟවෙයි. ඒ අයිතිය ගැන වෙනත් රටක් කතා කළොත්, එය ‘අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක්’ වශයෙන් හැඳින්වෙයි..ජාතික රාජ්‍යයන් රාශියකින් සමන්විත ලෝකයක මෙය සංකල්පීය වශයෙන් ගරු කටයුතු පිළිගැනීමකි. මන්ද යත්, එසේ නොවුණහොත්, බලවත් රාජ්‍යයන් විසින් දුර්වල රාජ්‍යයන් කෙරෙහි අනිසි බලපෑම් ඇති කෙරෙනු ඇති බැවිනි. එම දුර්වල රාජ්‍යයන්හි නිදහස ඒ මගින් නැති කෙරෙනු ඇති බැවිනි. එහෙත් මේ කියන අභ්‍යන්තර නිදහස හෙවත් අභ්‍යන්තරික අයිතිය, ‘බලපත්‍රයක්’ විය හැක්කේ කුමන කරුණු අරභයාද, ඒ ‘බලපත්‍රයේ’ සීමාවන් කවරේද යන්න පිළිබඳවත් පිළිගත් සම්මතයන් නූතන ලෝකයා ඇති කරගෙන තිබේ. මූලික අයිතීන් සහ මානව හිමිකම්, ජාත්‍යන්තර මානව නීති, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ආදී කරුණු පිළිබඳ පොදු එකඟත්වයක් ලෝකයේ අද ඇති වී තිබෙන්නේ එබැවිනි. ඒ නිසා, ලංකාවේ ආණ්ඩුව යුද්ධ කෙළේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග වුවත්, ඒ ව්‍යාපාරයේ යම් ත්‍රස්තවාදියෙකු ආණ්ඩුවේ හමුදාවට යටත් වූ පසුව හෝ භාර වූ පසුව ඝාතනය කර තිබේ නම් එය යුද අපරාධයක් නොවෙතැයි කීමට හැකියාවක් අර ‘බලපත්‍රයෙන්’ නොපැවරෙයි. මේ සතියේ එක දවසක් ඇතුළත සියයකට වැඩි නිරායුධ සිවිල් වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කළ මියන්මාරයේ (බුරුමයේ) හමුදා ආණ්ඩුවට එරෙහිව වෙනත් රටවල් විරෝධය පෑම, මියන්මාරයේ ‘අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක්’ හෝ මියන්මාරයේ ‘ස්වෛරීත්වයට අතපෙවීමක්’ හෝ වන්නේ නැත..මෙයින් පෙනී යන්නේ, එක පැත්තකින්, නූතන ලෝකය තුළ ජාතිකවාදය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේ හැකියාවක් නැති බවත්, අනිත් පැත්තෙන්, ඒ ජාතිකවාදයේ නෛතික හව්හරණයක් වශයෙන් ස්වෛරීත්වය හෝ පරමාධිපත්‍යය වැනි සංකල්ප කෝකටත් තෛලයක් වශයෙන් පාවිච්චියට ගත නොහැකි බවත් ය..එහෙත් ජාතිකවාදයේ ජනකාන්ත ආකර්ෂණීයත්වක් තිබේ. කාලයක් බටහිර යටත්විජිත වශයෙන් පැවති ඉන්දියාව සහ ලංකාව වැනි රටවල එය විශේෂිතයි. ජාතිකවාදයේ නූතන අවධිය, යටත්විජිත නිදහස ලැබීමත් සමග ආරම්භ වීමෙන් එය මනාව පෙන්නුම් කෙරේ. ඉන්දියාව වැනි රටවල් ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ ආත්මය වුණේ ජාතිකවාදයයි. එය ස්වාභාවික ප්‍රපංචයකි. විදේශිකයෙකුගේ ග්‍රහණයට යටත්ව සිටින රටක්, ඒ ග්‍රහණයෙන් ගැලවීමට ගෙන යන ඕනෑම අරගලයක් අනිවාර්යයෙන් ජාතිකවාදී වන්නේය. එදා ගාන්ධිගේ අරගලය තුළ දේශපාලනික ජාතිකවාදය පමණක් නොව ආර්ථික සහ සංස්කෘතික ජාතිකවාදයත් තිබුණි. සුද්දාගේ භාණ්ඩ සහ සේවාවන් වර්ජනය කරමින්, දේශීය වශයෙන් සියල්ල නිපදවා ගැනීමට ගන්නා උත්සාහයන් ඉන්දියානු නිදහස් අරගලය තුළ දක්නට ලැබුණි. එම ජාතිකවාදය එදා එතරම් අවුලක් නොවුණි. හේතුව, ලෝකය ඒ වන විටත් පැවතියේ විසුරුණු කෑලි වශයෙනි. එනම් මුළු ලෝකයම තනි හුයකින් බැඳෙන එකම ගම්මානයක් බවට පත්වී නොතිබුණු බැවිනි..ලෝකය ගම්මානයක් බවට අද පත්ව ඇතත්, තවමත් ලංකාව වැනි රටක ජාතිකවාදයේ දේශීය ආකර්ෂණයක් තිබේ. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ, නොවිසඳුණු ජාතික ප්‍රශ්නයක් අප තවමත් දරාගෙන සිටීමයි. අද ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව, යුද්ධයෙන් වින්දිතභාවයට පත් ප්‍රජාවක් වෙනුවට, ලංකාවට හතුරු ප්‍රජාවක් වශයෙන් සිංහල කතිකාව තුළ නාමකරණය කිරීම පහසු වී ඇත්තේ එබැවිනි..ජාතිකවාදය සහ හමුදා චින්තනය.ලංකාවේ වර්තමාන ප්‍රශ්නය, මෙතැනින් තවත් එහාට ගමන් කරයි. එය සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයත් සමගයි. ජාතිකවාදයේ පාරම්පරික සහකරුවා වන හමුදා චින්තනය ඔහු තමා සමග කරලියට ගෙනාවේය. ජිනීවා නුවර සාකච්ඡාවට ගැනුණු යුද අපරාධ සහ වෙනත් වගවීම් පිළිබඳ කාරණාවල ප්‍රධාන නිමිත්තක් වන හමුදාව, ගෝඨාභය පාලනය තුළ, නිදහසෙන් පසු ලංකාවේ මින් පෙර නොවූ විරූ ආකාරයකින් රාජ්‍යකරණයට සම්බන්ධ කරගැනීම, අපේ ප්‍රශ්නය තවත් අවුල් කෙළේය..ආණ්ඩුව කටයුතු කෙළේ ජිනීවා නුවරදී ජයග්‍රහණයක් අත්කරගැනීමට නොලැබෙතොත්, එම පරාජය පවා ජාතිකවාදී තලයක ජයග්‍රහණයකට හරවා ගැනීමේ විශ්වාසයකිනි. බටහිර ලෝකයා ලංකාව ගිල ගැනීමට බලා සිටින බවත්, තමන් වැනි කෙනෙකු නායකත්වයේ සිටින තාක් කල්, තමන්ගේ රට යටපත් කරගැනීමට ඒ මහජාතීන්ට ඉඩ නොදෙන බවටත් පුරසාරම් කීමට දේශපාලනඥයෙකුට හැකියාව තිබේ. ජිනීවා සටන මුල සිටම, පරාජයකින් අවසන් වන බව ආණ්ඩුව දැනගෙන සිටියේය. කළ යුතුව තිබුණේ පරාජය අවම කරගැනීමයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිකවාදී චින්තනය එවැන්නකට ඉඩ නොදෙයි. ඔහු සහ ඔහුගේ උපදේශකයෝ ජාත්‍යන්තර ප්‍රජාව තරහ කරගත්හ. යහපාලන ආණ්ඩුව, මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් අතරමැද එකඟත්වයක් ඇති කරගැනීමට ගෙන තිබූ ප්‍රයත්නය, බලයට පත්වූ සැණින් ගෝඨාභය රාජපක්ෂ ආපස්සට හැරවීය. ඒ, එතෙක් ලංකා රාජ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඇති කරගෙන සිටි ජිනීවා (30/1) සම-යෝජනාවෙන් ඉවත් වීමෙනි..ඊළඟට, ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වගවීම ගැන ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට ඔහු පත්කෙළේ, එවැනිම මානව හිමිකම් වගවීමක චුදිතයෙකුව සිටි පුද්ගලයෙකි. ජිනීවා නුවරට ඔහු පත්කළ අපේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රප්‍රේම මීට දශක කිහිපයකට පෙර ලංකාවේ දකුණේ ප්‍රචණ්ඩ නැගිටීම මර්දනය කිරීමේ කාර්යයේදී නොනිල කාර්යභාරයක් ඉෂ්ට කළ කෙනෙකු වශයෙන් චෝදනාවට ලක්ව සිටින කෙනෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ ගැන ‘ගෝඨාගේ යුද්ධය’ නමින් ප්‍රශස්ති කෘතියක් රචනා කොට තිබේ. ඊට ප්‍රතිඋපකාරයක් ඔහුට කළ යුතුව තිබුණි නම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ වගවීම් පිළිබඳ සාකච්ඡා කෙරෙන ජිනීවා නුවර වෙනුවට වෙනත් නුවරක තානාපතිවරයෙකු වශයෙන් ඔහු පත්කළ හැකිව තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිකවාදී, අධිකාරීවාදී සහ මිලිටරි මානසිකත්වය ඊට ඉඩ නොදෙයි. ඒ මානසිකත්වය ඉල්ලා සිටින්නේ, ‘කැත්තට පොල්ල’ න්‍යායකි. ඒ අනුව, වර්තමාන ජිනීවා සාකච්ඡාව ආරම්භයේදී අපේ ආණ්ඩුවේ ඒ නියෝජිතයා සිය අදහස් දැක්වීම පටන්ගත්තේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, ධනපති රටවල කුලියට සේවය කරන පුද්ගලයෙක් ය යන සාහසික චෝදනාව නඟමිනි. එය ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් අප්‍රසාදයට හේතු විය..ජාතිකවාදය සමග ජාතිවාදය අත්වැල් බැඳගැනීම.දේශපාලනඥයන් කවදත් කපටි පිරිසක් බවට විශ්වාසයක් තිබේ. එසේ නම්, ජිනීවා සමුළුව සති කිහිපයකින් පැමිණීමට නියමිතව තිබියදී, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව, හුදෙක් සිංහල ජාතිවාදී සුළුතරයකගේ පටු උවමනාවකට, මුස්ලිම් මළසිරුරු ආදාහනය කිරීම අනිවාර්ය කෙළේ ඇයි? ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සිටි මුස්ලිම් රටවල් ඒ හේතුව නිසා ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන තත්වයකට තල්ලු කිරීම හෝ ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින තත්වයක් ඇති විය හැකි බව හෝ නොදැනුණේද? ගෝඨාභයවාදීන් ඊට දිය හැකි පිළිතුරක් තිබේ. එනම්, තමන් සම්මත අර්ථයේ දේශපාලනඥයන් නොවන නිසා, ‘වියත්‘ ආකාරයෙන් ඒ ප්‍රශ්නය දෙස බැලීම වැදගත් සේ සැලකූ බවයි. තවද, ජාත්‍යන්තර තලයේ තමන්ගේ අවශ්‍යතාවකට වඩා දේශීය වශයෙන් තමන්ගේ ජනතාවගේ ආරක්ෂාව මුල්තැන්හි ලා සැලකූ බවයි. එසේ නම්, පාකිස්තානු අගමැතිවරයාගේ ලංකා සංචාරයෙන් පසු ඒ ආස්ථානය වෙනස් කෙළේ ඇයි? එවැන්නකටත් ‘වියතුන්’ උත්තර බඳිනු ඇත. එනම්, ඒ වන විට අලුතින් සොයාගෙන තිබූ විද්‍යාත්මක කරුණු මත පදනම්ව භූමදානය සඳහා පසුව අවසරය දුන් බවයි. එසේ නම්, ඒ භූමදානය කිරීම්, මුලින් උතුරේ දූපතකටත්, දෙවැනුව නැගෙනහිර විශේෂ කලාපයකටත් සීමා කිරීමට නිර්දේශ කෙළේ ඇයි? ඒ ප්‍රදේශ දෙකම, සිංහලයන් වාසය නොකරන, සුළු ජාතීන් පමණක් වාසය කරන ප්‍රදේශ වන්නේය යන්න සැඟවිය හැකි රහසක් නොවේ..ඊළඟට, ජිනීවා ඡන්දයට සතියකට කලින්, මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් සහ බුර්කා ඇඳුම ලංකාවේ තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවකට තමන් අත්සන් කළ බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර කියා සිටියේය. මුස්ලිම් රටවල ඡන්දයක් ජිනීවා නුවරදී තමන් වෙනුවෙන් අපේක්ෂා කරන ආණ්ඩුවක් එවැනි යෝජනාවක් මේ අවස්ථාවේ ගෙනෙනු ඇත්ද? නැවතත්, ඔවුන් කලින් උත්තරයම දෙනු ඇත. එනම්, තමන්ට රටේ ආරක්ෂාව වැඩියෙන් වැදගත් බවයි. එසේ නම්, ජිනීවා ඡන්දයට දින දෙකකට කලින්, එවැනි යෝජනාවක් ගැන තමන් සිතා බලා නැතැයි නැවත වරක් ආණ්ඩුව විශේෂ ප්‍රකාශ නිකුත් කෙළේ ඇයි?.මේ සියල්ලෙන් පෙනී යන්නේ, නූතන ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ සම්මතයන් සමග මේ කියන ජාතිකවාදය අමු විකාරයක් විය හැකි බව ය. දැන් අවසානයේ ජිනීවා නුවරදී සිදුව ඇත්තේ කුමක්ද? මෙතෙක් කල් ලංකාවේ වෙසෙන යුද අපරාධ හෝ වෙනත් වැරදි සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි පුද්ගලයන්ට මෙතෙක් තිබූ ආරක්ෂාව පවා ඉවත් කරගැනීමයි. ජිනීවා යෝජනාව සම්මත වන දිනය වන තෙක්, එවැනි පුද්ගලයන් වෙනත් රටක නඩු විභාගයකට ලක්කළ හැකි තත්වයක සිටියේ නැත. අඩු වශයෙන්, එසේ කරන්නේ යැයි ජාත්‍යන්තර ප්‍රජාව කියා තිබුණේ නැත. දැන් මෙදා සැරේ ජිනීවා යෝජනා සම්මතයෙන් සිදුව ඇත්තේ ඉදිරියේදී එවැනි පුද්ගලයන් වෙනත් රටක අධිකරණයක් වෙත පැමිණවීමට ජාත්‍යන්තර අවසරයක් ලැබී තිබීමයි. වෙනත් විදිහකින් කිවහොත් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිකවාදී විදේශ ප්‍රතිපත්තිය තුළ, ලංකාවේ චුදිත පුරවැසියන් පිරිසකට මෙතෙක් නොතිබුණු ජාත්‍යන්තර අනාරක්ෂාවක් දැන් ඇති කොට තිබෙන බවයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබන්ධනාගාරගත කර, පහරදී දරුවාගේ උසස්පෙළ අවස්ථාව අහිමි කරලා.Next articleපෝට් සිටි ආර්ථික කොමිසම එක රටක්! නීති දෙකක්!.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
යහතින් ගොඩඑන්න දැනගෙනවතුරට බහින්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.යහතින් ගොඩඑන්න දැනගෙන.වතුරට බහින්න.By සංස්කාරක.February 16, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.පහුගිය කාලය පුරාවට ම අපට අසන්නට ලැබුණු මරණ අතුරින් විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ දියේ ගිලී සිදු වූ මරණ හැටියට. ගංගාවල, දිය ඇලිවල වගේම මුහුදෙත් බොහෝ දෙනෙක් මේ විදිහට හදිසි අනතුරුවලට ලක් වෙලා මිය යන්න සිදු වුණා. මේ දේවල්වලට බහුතරයක් අයගේ නොසැලකිල්ලත් හේතු වුණා වගේ ම එවැනි මොහොතක කටයුතු කළ යුතු ආකාරය ගැන තිබූ නොදැනුවත්කමත් හේතු වුණා. පසුගිය දවසක ගැරඬි ඇල්ලේ දී එක් අයෙකු ගිලෙනවිට බේරගන්න ගිය අනෙකුත් සිවුදෙනෙකුත් මිය ගියේ ඔවුන්වත් වතුරට ඇද වැටීමෙන්. ඒ නිසා මේ අනතුරු වළක්වාගන්න සහ එවැනි අනතුරක් සිදුවන අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාඨක ඔබ වෙත ගෙන එනවා. මේ සම්බන්ධයෙන් අප සමග දැනුම බෙදාගැනීමට එක් වූයේ විශ්‍රාමික නාවුක හමුදා කිමිදුම්කරුවෙකු වන චමින්ද අබේසේකර මහතායි..නෑමට ආරක්ෂිත ස්ථානයක් හඳුනාගන්නේ කොහොමද?.අපි වතුරකට බහින්න කලින් අනිවාර්යයෙන් ම එතන ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. වතුර එක තැන තියෙනවාද, ගලාගෙන යනවාද, ගලාගෙන යන බැස්ම වැඩි ද වගේම පතුලෙ මොනවාද තියෙන්නේ කියන කාරණා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. ගංගා ඇළ දොළවල නාන්න යන විට අපිව රැඳෙන්න පුළුවන් තැන් තියෙනවා. මොකක් හරි ගහක් වැටිලා පතුලේ රැඳිලා තියෙන්න පුළුවන් අපට උඩ ඉඳන් බැලුවාම නොපෙනුණාට. අපි ගිලිලා නානවිට ඒ අත්තක පැටලිලා අපට ගොඩ එන්න බැරි වෙන්න පුළුවන්. එහෙම පැටලුණාම කලබල වෙලා දැඟලුවාම අපිව ගිලෙනවා..මුහුදේ නාන්න යනවා නම් හොඳට ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් එතන ස්වභාවය දැනගෙන යන්න ඕනෑ. පිහිනන්න බැරි කෙනෙක් මුහුදේ නානවා නම් ගැඹුරින් අඩු තැනක වගේ ම ගහගෙන යන්නේ නැති වෙන්න පරයක් වගේ තියෙන තැනක නාන එක ආරක්ෂිතයි. මුහුදු වෙරළවල ගැඹුරින් අඩු පොඩි වළවල් තියෙනවා ගල්වලින් හැදුණු. ඒ වගේ තැනක නාන එකත් ආරක්ෂිතයි. පිහිනන්න පුළුවන් කෙනෙක් නම් ගැඹුර ගැන සැලකිලිමත් වෙනවාට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ ඒ ස්ථානයේ ස්වභාවය ගැන..ගංගා ඇළ දොළවල නම් නොගැඹුරු තැනක් නම් හිරු එළිය වැටුණාම පතුල පේනවා. බහින්න කලින් ඒ විදිහට නිරීක්ෂණය කරලා බහින්න ඕනෑ. හිරු එළිය නොවැටෙන තැනක් නම් යම් ආධාරකයක් අරගෙන දාලා බලන්න පුළුවන් කොච්චර ගැඹුරුයිද කියලා. එහෙමත් නැතිනම් නූලක ගලක් ගැටගහලා බලන්න පුළුවන් කොයි තරම් ගැඹුරුද කියලා. ඒ වගේ ඒ ආශ්‍රිතව ජීවත් වෙන අයගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ ආසන්නයේ ජීවත් වන අයට ඒ තැන් ගැන ගොඩක් වෙලාවට අවබෝධයක් තිබෙනවා..පීනන්න දන්නේ නැති කෙනෙක් ගිලෙන්න යනවා නම් කරන්න ඕනෑ මොකක්ද?.පීනන්න දන්නේ නැති කෙනෙක් නම් ඉක්මනටම තමන් ආසන්නයේ තියෙන මොකක් හරි දෙයක එල්ලෙන්න උත්සාහ කරන්න ඕනෑ. ගහක අත්තක්, ගලක්, දර කොටයක් හරි මොකක් හරි තියෙන දෙයක එල්ලෙන්න බලන්න ඕනෑ..ඒ වගේම කලබල නොවීමත් වැදගත්. කෙනෙක් කලබල වුණොත් ගිලිලා මිය යන්න ගැඹුර බලපාන්නේ නෑ. කුඩා දරුවන් එහෙම මිය ගිය අවස්ථා තියෙනවා. නාන තැන හිටගත්තාම දරුවාගේ උසට වඩා වතුර ප්‍රමාණය අඩු වුණත් එයා කලබල වෙලා නම් එතන කකුල ගහලා හිටගන්නේ නැතිව වැටිලා දඟලනවා. ඒ නිසා කලබල නොවීමත් වැදගත්..ගිලෙන්න යන කෙනෙක් බේරාගන්න යනවා නම් ඒක ආරක්ෂිතව කරන්නේ කොහොමද?.එහෙම කෙනෙක්ව බේරගන්න හොඳම ආරක්ෂිත ක්‍රමය තමයි ගොඩ ඉන්න පුද්ගලයා ආරක්ෂිත තැනක ඉන්න ගමන් ආධාරකයක් හරහා ගිලෙන්න යන පුද්ගලයාව බේරගන්න උත්සාහ කරන එක. ඒ වගේ ම එහෙම උත්සාහ කරමින් ම අනෙකුත් අවට ඉන්න අයව දැනුවත් කරන එක. පිහිනන්න දන්නේ නැති කෙනෙක් නම් ගොඩ ඉන්නෙත් එයත් වතුරට බැස්සාම අනතුරට පත් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා හොඳම දේ තමයි ගිලෙන්න යන කෙනාව ආධාරයක් හරහා ගොඩ ගන්න උත්සහ කරන එක. එහෙම නැතිනම් ගිලෙන කෙනාට අල්ලාගන්න පුළුවන් දෙයක් දාන්න පුළුවන් දර කොටයක් හරි වෙනත් මොකක් හරි දෙයක්. එහෙම ආධාරකයක් දාන්න බැරි තරම් දුරින් නම් ඉන්නේ අඩු ගානේ කඹයක් ගහක ගැටගහලා ඒ කඹය අල්ලගෙනවත් යන්න ඕනෑ. ඒකත් ඒ තරම් ආරක්ෂිත ක්‍රමවේදයක් නෙවෙයි..කෙනෙක්ව බේරගන්න යනවා නම් පිහිනන්න පුළුවන් කෙනෙක් වුණත් ගිලෙන්න යන කෙනාගෙන් ඈතට වෙලා බේරගන්න උත්සාහ කරන්න ඕනෑ. මොකද ළඟට ගිය ගමන් ගිලෙන්න යන කෙනා අපිව බදාගන්න උත්සාහ කරනවා. බේරගන්න යන කෙනා පීනන්න දැනගෙන හිටියත් එයාට පීනගන්න බැරිවෙලා දෙන්නාම ගිලෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එහෙම ගිලෙන්න යන කෙනෙක් බේරගන්න යන විට පිටිපස්සෙන් යන්නේ එයාගෙ. එතකොට එයාට අපිව බදාගන්න බෑ. ඊට පස්සෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා නිකටෙන් උඩ හරිය වතුරෙන් උඩට ගන්නවා. එහෙම අරගෙන එයා කලබල වෙලා ඉන්නවා නම් සන්සුන් කරන්න ඕනෑ, ඔයාව මම බේරගන්න හදන්නේ, මම කියන විදිහට වැඩ කරන්න කියලා. එයා කලබල වෙලා නම් ඉන්නේ බේරගන්න අමාරු වෙනවා. ඒක තමා කෙනෙක්ව පීනන්න පුළුවන් කෙනෙක් ගිහින් බේරගන්නවා නම් තියෙන ආරක්ෂිතම ක්‍රමය. කිසිම වෙලාවක ගිලෙන්න යන කෙනාගේ ඉස්සරහ පැත්තෙන් යන්න හොඳ නෑ කියන එක මතක තබාගන්න ඕනෑ. නමුත් ඒ ඒ අවස්ථාවන් අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්..මුහුදේදි දියවැලකට අහුවුණොත් අපි ඉස්සරහට හෝ පසුපසට පීනන්න උත්සාහ කරන එක වැරදියි. ඒකෙන් අපිව මහන්සි වෙනවා. කරන්න ඕනෑ දියවැලෙන් වමට හෝ දකුණට යන්න උත්සාහ කරන එක. ඉදිරියට හෝ පසුපසට යන්න ගියොත් අපට බේරෙන්න බෑ. දෙපැත්තට ගියොත් බේරෙන්න පුළුවන්. දියවැලක් කියලා හැඳින්වූවාට ඒ තියෙන්නේ වතුර බැස්මක්..එහෙම ගිළුණු පුද්ගලයෙක් ගොඩට ගෙනෙන විට රෝහලකට රැගෙන යන තෙක් කරන්න අවශ්‍ය ප්‍රථමාධාර මොනවාද?.අනිවාර්යයෙන් ම ගොඩට ගෙනා ගමන් ම කෘත්‍රිම ශ්වසනය කරන්න ඕනෑ. ඒ වගේම එහෙම කෙනෙක්ව ඉක්මනින්ම රෝහලකට ගෙන යන එකයි කරන්න සුදුසුම දේ. අපි කෙනෙක්ව බේරගන්න යනවා නම් ඒ මොහොතෙම හරි මොකක් හරි වාහනයකට හෝ ගිලන් රථයකට කතා කරලා ගෙන්වාගන්න ඕනෑ අර කෙනාව ගොඩට අරන් එන්න කලින්ම. එයාව අරගෙන ආ ගමන්ම රෝහලකට යවන්න ඕනෑ. විනාඩියක පරක්කුවකින් ජීවිතය නැතිවෙන්න පුළුවන්. එහෙම රෝහලට අරගෙන යන අතරමගත් කෘත්‍රිම ශ්වසනය ලබා දෙමින් යන්න ඕනෑ. කෘත්‍රිම ශ්වසනය කියන්නේ තාවකාලික දෙයක් විතරයි. ඒ නිසා ඉක්මනින් ම රෝහලකට ගෙන යන්න ඕනෑ ජීවිතය බේරගන්න..කෙනෙක්ව ගිලෙනවා නම්, ඉන්න අයටත් බේරාගැනීමට අපහසු නම් ඉක්මනින් ම දැනුම් දෙන්න ඕනෑ කොහෙටද?.මුහුදු වෙරළක වගේ නම් ගොඩක් වෙලාවට ජීවිතාරක්ෂකයන් ඉන්නවා. ඒ වගේ වෙලාවට ඔවුන් එනවා. එහෙම නැතිනම් මුහුදු වෙරළක හෝ වෙනත් තැනක නම් ආසන්නයේ ම තියෙන පොලිසියට දැනුම් දෙන්න ඕනෑ. ඒ ආසන්නයේ යම් හමුදා කඳවුරක් තිබෙනවා නම් ඒකට වුණත් දැනුම් දුන්නාට කමක් නෑ. මොකද ඒ තැන්වල අවශ්‍ය කිමිදුම්කරුවන්ව සේවයේ යොදවලා තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වාගන්න එක හොඳයි. ඔවුන්ට වෘත්තීය පළපුරුද්ද තිබෙන නිසා ජීවිතාරක්ෂක සේවය සම්බන්ධයෙන් එහෙම ගිලෙන්න යන පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමීයන්ව කන්නේ.කොහොමද? උයලාද?.Next articleතිත් ඥත් හාන් ජීවිත කතාව.දිදුලන දිවියක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජාති මාමකයන් ඉන්දියාවට නිරවුල්කර දීමට යනත්‍රිකුණාමල තෙල් ටැංකි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජාති මාමකයන් ඉන්දියාවට නිරවුල්කර දීමට යන.ත්‍රිකුණාමල තෙල් ටැංකි.By ලසන්ත රුහුණගේ.January 4, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.■ පහළ තෙල් ටැංකි අවුරුදු 50කට ඉන්දියාවට.■ ඉහළ තෙල් ටැංකි සඳහාත් ඉන්දීය හවුල් සමාගමක්.‘ඉන්දියානු ලංකා තෙල් සමාගම යටතේ දැනට පාලනය වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ පාලනය යටතේ කළමනාකරණය කිරීමට ඉදිරි පියවර ගනිමින් තිබේ. එකී ටැංකි කළමනාකරණය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් ස්ථාපිත කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමාගම සංස්ථාපනය කිරීමෙන් පසු ලබාගන්නා ලෙසත් අතිගරු ජනාධිපතිතුමා විසින් මට උපදෙස් දෙන ලදි.’.‘ඒ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය කළමනාකරණය කිරීම සඳහා ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් (trinco petrolium terminal limited) නමින් පාලිත සමාගමක් සංස්ථාපනය කිරීමටත් එකී සමාගම සංස්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ පසු අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් කරුණාකර කඩිනමින් කටයුතු කරන්න.’.2021 දෙසැම්බර් 20 දින සහිත ලිපියක් මගින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාටය. එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති අතර ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් (trinco petrolium terminal limited) සංස්ථාපනය කිරීම යන්න එම ලිපියේ උද්ධෘතය ලෙස සඳහන් කර ඇත..මෙම දැනුම් දීමට අදාළ අන්තර්ගතයේ කරුණු පිළිබඳ සාකච්ඡාව පසුවට තැබූ විට මුලින්ම අපේ අවධානයට යොමු වන්නේ මේ වනවිට ආණ්ඩු පාර්ශ්වයේ සාමාජිකයන්ගේ මෙන්ම ජනාධිපතිවරයාගේ උදහසට ලක්වෙමින් උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා විමල් වීරවංශ යන ඇමතිවරුන් යුග දනවි බලාගාරය සම්බන්ධයෙන් හා ඊට අදාළ ගෑස් සැපයීමේ හා යටිතල පහසුකම් සැපයීමේ ගිවිසුම සම්බන්ධයෙන් දක්වන විරෝධතාවය..එම විරෝධතාව තුළ මෙම ඇමතිවරුන්ගේ මූලික කරුණු දැක්වීම වන්නේ එකී ගිවිසුමට අදාළ කාරණා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් නොවුනු බවත්, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් නොවූ බවත් හා එවැනි යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බවත්ය..යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා යැයි කියනු ලබන යෝජනාවේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇමරිකානු නිව් ෆෝට්රස් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීමට භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර ලබාදෙන බව හා ගිවිසුමට එළෑඹීමෙන් පසු එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවත්ය..ඉහත සඳහන් ලිපියේ ඇති කරුණු අනුවද අමාත්‍ය උදය ගම්මන්පිල කරන්නට යන්නේ ඔවුන් විරුද්ධ වූ දෙයටම සමාන දෙයකි. ඒ හතර මායිම නොදන්නා සමාගමක් හැදීමට උපදෙස් ලබාදීමත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය පසුව ලබාගැනීමට යෝජනා කිරීමත්ය..එසේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් සමාගමක් ඇති කිරීම සඳහා උපදෙස් ලබාදීමේ එම ලිපියේ කරුණු අනුව පෙනෙන්නේ එම අදහස උදය ගම්මන්පිල ඇමතිවරයාගේ නොව ජනාධිපතිවරයාගේ බවයි. මෙහිදීද මතකයට නැඟෙන්නේ මීට මාස ගණනාවකට පෙර ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට ගිය ගමන සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති ගම්මන්පිල ඇමතිවරයාට චෝදනා එල්ල කරද්දී ඔහු මාධ්‍ය හමුවක් තබමින් ඒ සඳහා ලබාදුන් පිළිතුරුය. ඇමතිවරයා එහිදී කීවේ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හෙළිකොප්ටරයේ ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට නොගිය බවත්, ඉන්දීය විදේශ ලේකම්වරයා ඔහුව හමුවීමට ඕනෑ බවක් දැන්වූයේ නැති බවත් හා ඔහු ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවූයේ නැති බවත්ය..එසේ වුවද ඉන්දීය විදේශ ලේකම්වරයා එම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවූ අතර මේ නව සමාගම එහි ප්‍රතිඵලයක් විය හැකිය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ කරුණේදී එම තෙල් ටැංකි ශ්‍රී ලංකාවට යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා සමඟ තමා සාකච්ඡා කළ බවට උදය ගම්මන්පිළ ඇමතිවරයා මීට පෙර කී කතා ඒ අනුව මෙම සමාගම ස්ථාපිත වීමෙන් පසු තවදුරටත් බොරුවිය හැකිය. මන්ද උදය ගම්මන්පිල ඇමතිවරයාගේ එම ප්‍රකාශ එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තෙල් ටැංකි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව ප්‍රකාශ කිරීමය. ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ එම නිවේදනයෙන්ම මුල් අවස්ථාවේදී එම ජාතිමාමක කතාව බොරු විය..ත්‍රිකුණාමලයේ මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇත්තේ අපැහැදිලි තත්වයකි. මන්ද ඉහළ කොටස හා පහළ කොටස වශයෙන් බෙදී පවතින මෙම තෙල් ටැංකි සංකීර්ණයේ පහළ කොටසට අයත් තෙල් ටැංති 14ක ප්‍රමාණයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මේ වනවිට භාවිතයට ගනිමින් පවතී. ඉහළ කොටසේ තෙල් ටැංකි 85 ඉන්දියන් ඔයිල් සමාගම භාවිතයට නොගත්තත් එහි පාලනය පවතින්නේද ඔවුන් සතුවය. 2003 වර්ෂයේදී පහළ කොටසේ තෙල් ටැංකි ඉන්දීයන් ඔයිල් සමාගමට අවුරුදු 35ක බදු ගිවිසුමක් යටතේ ලබාදුන් බව කීවද ඒ සම්බන්ධයෙන් ඇත්තේද අපැහැදිලිතාවකි. මන්ද එම ගිවිසුම අවබෝධතා ගිවිසුමක් වශයෙන් ඊට එළැඹී එවක එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය තර්ක කිරීමත්, එම ගිවිසුම අනුව ස්ථිර ගිවිසුමකට මාස 6ක කාලයකින් යායුතු බවට එහි සඳහන්ව තිබීමත්ය. ස්ථීර ගිවිසුමකට ගොස් නැතත් පහළ කොටසට අයත් ඉන්ධන ගොඩබෑමේ ජැටිය ඇතුළු පහසුකම් භුක්ති විඳීම ඉන්දීය ඔයිල් සමාගම එතැන් සිට ආරම්භ කර මේ වනතෙක් භාවිතා කරමින් තිබේ. එහි තිබුණු තෙල් ටැංකි ඉවත්කර අලුතෙන් තෙල් ටැංකි ඉදිකිරීමද ඉන්දියානු ඔයිල් සිදුකර ඇත. ස්ථීර ගිවිසුමක් නැතත් 99ක් වන (ජපනුන් බෝම්බ දැමීම හේතුවෙන් ටැංකි දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.) ඉහළ හා පහළ සංකීර්ණවල මේ තෙල් ටැංකි වෙනුවෙන් ඉන්දියාව වසරකට ඇමරිකානු ඩොලර් ලක්ෂය බැගින් ගෙවමින් සිටී..මෙම අලුත් සමාගම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ උදය ගම්මන්පිල ඇමතිවරයා 2021 දෙසැම්බර් 20 දින සාකච්ඡා කරමින් ඒ සම්බන්ධ තොරතුරු දැනුම් දී ඇති අතර පහළ තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට සම්පූර්ණයෙන් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. ඒ අවුරුදු 50ක කාලයකටය. ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදෙන බවත්, ඉතිරි තෙල් ටැංකි 84 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් සමාගමක් යටතට පත්කරන බවත් එහිදී කියා ඇත. එසේ පිහිටුවන සමාගමේ සියයට 51ක කොටස් අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවන බවත්, ඉතිරි සියයට 49ක කොටස් අයිතිය ඉන්දියාවට හිමිවන බවත්, එම සමාගමේ සභාපතිවරයා පත්කිරීම ඛනිජ තෙල් සංස්ථාවෙන් සිදුකරන බවත් දැනුම් දී ඇත. එමෙන්ම එම කොටස් අයිතිය අවුරුදු 50ක කාලයක් සඳහා වන බවත් එය තවදුරටත් දීර්ඝ කළ හැකි බවත් ඇමතිවරයා එහිදී කියා ඇත..මේ අනුව දැන් සිදුකරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිලිය. මෙතෙක් අවිනිශ්චිතව තිබුණ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ඉන්දියානු අයිතිය නිරවුල් කිරීමය. වෙනත් විධියකින් කියනවා නම් ඉන්දියාවේ ඉල්ලීම ඉටුකර දීමය. එසේ කියන්නට හේතුව වන්නේ මෙම සමාගම් ගනුදෙනුවේදී ඉන්දියානු කොටස් අයිතිය වෙනුවෙන් කිසිඳු මුදලක් ශ්‍රී ලංකාවට නොලැබෙන බව ඒ සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී උදය ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කර තිබීමය. අනෙක් කාරණාව වන්නේ ගිවිසුමක්, මූලික ගිවිසුමක් හෝ අවබෝධතා ගිවිසුමක් වශයෙන් විවිධ අර්ථකතන ලබාදෙන ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් දැනට පවතින අවුරුදු 35ක් වූ ගිවිසුම තවදුරටත් දීර්ඝ වීමට මේ මගින් මඟ පෑදෙන නිසාය..තෙල් ටැංකි සම්බන්ධයෙන් දැනට පවතිනවා යැයි සඳහන් ගිවිසුම අනුව 2003 වර්ෂයේ සිට අවුරුදු 35ක් ගෙවෙන 2038 වර්ෂයේදී ඉන්දියානු ගිවිසුම අවසන් වන්නේය. ඒ සඳහා තව ඉතිරිව ඇත්තේ අවුරුදු 16ක් වැනි කාලයක්ය. වර්තමානයේ ඇතිකරගන්නට නියමිත ගිවිසුම ආරම්භ වන්නේ මේ මොහොතේ නම් තවත් අවුරුදු 50ක් හෙවත් 2072 වර්ෂය දක්වා ඒ සම්බන්ධයෙන් අපට බලා සිටීමට සිදුවේ. එහෙත් එය තවදුරටත් දීර්ඝ කිරීමට හැකි නිසා මේ සියවසේදීත් ජාති මාමකයින්ට එය නොලැබෙන බව අනුමාන කළ හැකිය..ඉන්දියාව එක් තෙල් ටැංකියක් සඳහා ඇමරිකානු ඩොලර් 1000 ගණනේ වාර්ෂිකව ගෙවන මුදලද තවදුරටත් ලැබේද යන්නද මේ අනුව අවිනිශ්චිත අතර සමහර විට ඔවුන් ගෙවනු ඇත්තේ පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ඇති තෙල් ටැංකි සංඛ්‍යාවට හෝ ඒ සම්බන්ධයෙන් අලුතෙන් ඇතිවීමට නියමිත බදු ගිවිසුමේ සඳහන් ප්‍රමාණයට පමණක් විය හැකිය..‘2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක තත්වයේ නොපවතින බැවින් විෂයභාර අමාත්‍යවරයාහට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව තරගකාරි ආයතන වෙත ඛනිජ තෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම හා බෙදාහැරීම් සඳහා බලපත්‍ර ලබාදීම සඳහා බලය පැවරීමට, පවතින ඛනිජ තෙල් සංස්ථා පනත සුදුසු පරිදි සංශෝධනය කළ යුතුවේ. ’.‘පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා දැවි තෙල් ආදී ඛනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය, පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය කිරීම, මිශ්‍ර කිරීම හා බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ සුදුසුකම් ලබන ඕනෑම පාර්ශ්වයක් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවසර ලබාදීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත බලතල ලබා දීමට’.මෙසේ සඳහන් කරන්නේ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවකය. ඛනිජ තෙල් සංස්ථා පනත ඒ අනුව තවම සංශෝධනය වී නැතත් එය ඉදිරියේදී එම අරමුණ වෙනුවෙන් ඒ ආකාරයටම සංශෝධනය විය හැකිය. ඒ අනුව ඉන්දියාවත් සමඟ ඇතිකර ගැනීමට නියමිත මෙම ගිවිසුම් අනුව මෙතෙක් ඉන්දියානු ඔයිල් සමාගමට ලංකාව තුළ නොතිබූ බොහෝ බලයන් ලැබෙනු ඇත යන්න අනුමාන කළ හැකිය. එමෙන්ම දැනට අවුරුදු 20ක කාලයකට හෙවත් 2024 වර්ෂයේදී අවසන් වීමට නියමිත ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදී ඇති ඉන්ධන සිල්ලරට විකිණීමේ තුනෙන් එකක කොටසද(තෙල් පිරවුම් හල් 103ක් ලබාදීම) තවදුරටත් දීර්ඝ විය හැකිය. ඒ අවුරුදු 20ක කාලයකින් නොව සමහරවිට අවුරුදු 50ක කාලයකින් විය හැකිය..මාතෘ භූමිය විකුණනවා යැයි අන් අයට චෝදනා කරන ජාති මාමකයන් මාතෘ භූමිය රකින්න කරන්නේ මෙවැනි දේවල් යන්න අප විස්මයට පත්කරන්නක් නොවේ. මන්ද ජාතියට, භූමියට හෝ ආගමට මුවා වන්නේ ඔවුන්ගේ යහපත සඳහා බව අපට ප්‍රත්‍යක්ෂ කර ඇති බැවින්ය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකහ වගා සංග්‍රාමයත් ෆේල්.රත්තරන් මෙන් වූ අල්ලාගත් කහ පරිභෝජනයට නොදී විනාශ කළේ ඇයි?.Next articleසුනාමි කුලුනු 77යි වැඩ නොකරන කුලුනු ගොඩයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
දරුවන්ට නොබියව එන්නත ලබාදෙන්න – එය ඔවුනුත්ල රටත් සුරකිනු ඇතළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දරුවන්ට නොබියව එන්නත ලබාදෙන්න – එය ඔවුනුත්ල රටත් සුරකිනු ඇත.ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ.By සංස්කාරක.September 28, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඉන්දු පෙරේරා.වසර එක හමාරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින දරුවන්ට නැවත පාසල් විවර කර දීමට සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම මේ දිනවල ආරම්භවී පවතී. මුලින්ම තෝරා ගත් රෝග සහිත දරුවන්ට ප්‍රමුඛත්වය දී, ඉන්පසු එම වයස් කාණ්ඩයේ සියලුම දරුවන්ට එන්නත් කෙරෙනු ඇත..එනමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් දරන මතය එතරම් සුබවාදී නොවේ. හේතුව,මෙම එන්නත්කරණයෙහි අතුරු ඵල ලෙසින් අනාගතයේදී විවිධ ගැටලු මතුවීමට ඉඩ ඇතැයි යන විශ්වාසයයි.එන්නත්කරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරපතල අසාත්මිකතාවයන්ට ලක් වීමට සිදුවිය හැකිය යන්න ඔවුන් දක්වන පළමු කරුණ වේ. එසේම වෙනත් යම් යම් දේවල් වලට අසාත්මිකතාවයන් දක්වන අය එන්නත් ලබා ගැනීම සුදුසු නැත යනුවෙන්ද ඔවුහු වැඩිදුරටත් මත පළ කරති..මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක්, යම් ඖෂධයක්, කෘමියකු වැනි සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා අසාත්මිකතාවයක් ඇති වූයේ නම් සහ එය සුළු අසාත්මිකතාවයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගැනීමට එය බාධාවක් වන්නේ නැත.සුළු අසාත්මිකතාවය යනු කුමක්ද යන්න මෙහිදී ඔබට ගැටලුවක් ගැටළුවක් වීමට පුලුවන. සුළු අසාත්මිකතා ගණයට අයත් වන්නේ පහත දැක්වෙන රෝග ලක්ෂණයි. සමේ පළු නැගීමක් හෝ කැසීමක්,ඇස් කැසීමක් හෝ රතු වීමක්,මුඛය කැසීමක්,බඩ රිදීමක් හෝ පාචන තත්වයක්,නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක්,සුළු වියළි කැස්සක්, උණක් හෝ ශරීරයේ ඉදිමීමක් ඇති වූයේ නම් එන්නත ලබා ගැනීමට එය බාධාවක් වන්නේ නැත. මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක්, ඖෂධයක්, කෘමි සතකු හෝ පරිසරයේ දුහුවිලි නිසා එලෙස ඇති වූ අසාත්මික රෝග ලක්ෂණ බරපතළ වූයේ නම් ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. මෙහි දී බරපතළ අසාත්මිකතාවයන් ලෙස සලකන්නේ රුධිර පීඩනය අඩු වී anaphylaxis රෝග තත්ත්වය ඇති වීම, හුස්ම ගැනීමේ අපහසුතාවය,මුළු ශරීරයම ඉදිමීම,උගුර මුඛය ඉදිමී ආහාර සහ හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම,සිහිමූර්ඡා වීම වැනි රෝග ලක්ෂණයි. එන්නත ලබා නොගැනීමට වෛද්‍ය උපදෙස් නොමැතිව තීරණය නොකළ යුතුය..කෝවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අධෛර්යමත් කරවන කරුණු සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම අන්තර්ජාලයේද බොහෝ විට දැක ගත හැකිය. එන්නත් නිසා ආඝාත තත්වයන්, ජාන විකෘති වීම්, හෘදයාබාධ, ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් හැදීමේ දී විවිධ ගැටලු ඇතිවීම වැනි බොහෝ සංකූලතාවයන් ඇති වන බවට ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මෙලෙස පවසන්නේ, එන්නත් විරෝධී කණ්ඩායම් ය. මේ බොහොමයක් කරුණු විද්‍යාත්මක නොවේ. බටහිර රටවල එන්නත් විරෝධී කණ්ඩායම් සිටිති. මේ කණ්ඩායම් කෝවිඩ් එන්නතට පමණක් නොව ඕනෑම එන්නතක ට විරුද්ධ ය. මෙවැනි මත අන්තර්ජාලය හරහා පතුරවා හරින්නේ එවැනි අයයි. මේ අතරතුරට කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව එන්නතට විරුද්ධව කරුණු ප්‍රකාශ කරන බටහිර වෛද්‍ය වරුන් කෙනෙක් දෙදෙනක් ලංකාවේ පහලවී තිබේ. මේවා පොදු වෛද්‍යවරුන් හෝ වෛද්‍ය සංගම් දක්වන අදහස් නොවේ.පදනමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන මෙවන් වෛද්‍යවරුන් සම්බන්ධව නිසි පරීක්ෂණයන් පවත්වා ඔවුන්ගේ ලියාපදිංචිය වහාම අහෝසි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීමයි. එවිට ඔවුන්ට බටහිර වෛද්‍යවරයෙක් ලෙස නොව,සාමාන්‍ය පුරවැසියෙක් ලෙස එන්නත පිළිබඳව තම අදහස් ප්‍රකාශ කිරීමට පුර්ණ නිදහස ලැබෙනු ඇත..ලෝකයේ දැනට පර්යේෂණ මගින් සනාථ වී ඇති ආකාරයට කෝවිඩ් එන්නත ලබාගත් අයට පසු කලෙක කෝවිඩ් වැළඳුණත් එම රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මිය යාම් අඩු වේ. එනිසා එන්නත ලබා ගැනීම කලයුත්තේ අපේම යහපත උදෙසාය.අනෙක් අතින් විට කෝවිඩ් සඳහා ස්ථිර ඖෂධයක් තවම සොයාගෙන නොමැති නිසාද එන්නත ලබා ගැනීම වැදගත් වේ. රෝගය පැතිරයාමේ අඩුවක්ද එන්නත්කරණයෙන් සිදුවේ. රෝග වලට ඖෂධ සොයා ගන්නට පෙර එන්නත් මගින්ම ලෝකයෙන් එම රෝගය තුරන් කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය වසූරිය යි. එමෙන්ම පෝලියෝ රෝගය ද දැන් දක්නට ලැබෙන්නේ නැති තරම්ය. එන්නත්කරණය යනු රෝග වැළැක්වීමට තිබෙන ලෝකයම පිළිගත් ක්‍රමයකි..අපේ රටේ වයස අවුරුදු 60 න් ඉහළ සියලුම ජනතාවටද, ඉන් පහල සංකුලතාවයන් ඇති ජනතාවටද එන්නත ලබා දීම තවම 100% ක් ම සම්පූර්ණ කර නැති බව සැබෑය. එසේම වයස 29 – 30 කාණ්ඩයට ද තවම එන්නත් ලබා දෙමින් පවතී. ඒ තත්ත්වය මත වයස අවුරුදු 12 – 19 කාණ්ඩයට එන්නත් ලබාදීම සුදුසුද යන්න පිළිබඳව සංවාදයක් ඇති වී තිබේ. කුමණ කාණ්ඩයකට කලින් ලබා දුන්නත්, පසුව ලබා දුන්නත්, එන්නතෙහි විශ්වසනීයත්වය පිළිබඳ ව සැකයක් හෝ ගැටළුවක් නැත..එන්නන් වර්ග අතර යම් යම් වෙනස්කම් තිබිය හැකිය. නමුත් ලැබෙන පළමු එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු පියවරයි. වඩා හොඳ එන්නතක් එනතුරු බලා හිඳ, අන් කිසිම එන්නතක් නොගැනීම නිසා, කෝවිඩ් රෝගය වැළඳී මිය ගිය අය පිළිබඳවත්, අපේ සමාජය තුළින් අසන්නට ලැබේ.එබැවින් අවස්ථාව ලැබුණු විගස, තමන්ට ලැබෙන්නේ කුමන කෝවිඩ් එන්නත වුවද එම එන්නත ලබා ගැනීමට ඔබ දරුවන් පොළඹවන්න. මෙම කරුණු දරුවන්ද දැනගත යුතුමය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleප්‍රජාතන්ත්‍රවාදය ‘ගැඹුරු කිරීම’ ගැන තව දුරටත්.Next articleහදිසි නීතිය, මර්දනය, මැතිවරණ කල්යාම ගැන පක්ෂ හා වෘත්තීය සමිති.යුරෝපා සංගමයට කියති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
රුපියලෙන් සියදිවි නසා ගැනීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රුපියලෙන් සියදිවි නසා ගැනීම.By සංස්කාරක.September 30, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..මොනවා කිව්වත්...රුපියල අවප‍්‍රමාණය වන වේගය හා ප‍්‍රමාණය ආණ්ඩුව තුළ ද කම්පනයක් ඇති කරන්නට සමත් වී තිබෙන බව පෙනෙයි. දැන් දැන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් විවිධාකාර පියවර ගන්නට යන බව ද කියැවෙයි..මුලින් ආණ්ඩුව සිටි ස්ථාවරය වුණේ, රුපියල අවප‍්‍රමාණය වීම ලෝක ප‍්‍රවණතාවක් බවත්, ලංකාව ද හසු වී තිබෙන්නේ ඒ දුස්ප‍්‍රවණතාවට බැවින් ‘මේක ලොකු දෙයක් නොවන’ බවත් ය. එහෙත් තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරෙමින් තිබේ. රුපියල අවප‍්‍රමාණය වන්නේ ලෝක ප‍්‍රවණතාවක අංගයක් හැටියට ද යන්න රටේ සාමාන්‍ය ජනතාවට වැඩක් නැත. ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යමින් පවතින බවත්, ඊට රුපියලේ අවප‍්‍රමාණය වීම ද බලවත් ලෙසින් දායක වී ඇතැ’යි පෙනෙන බවත් ය. මේ ප්රශ්නයට විසඳුම් නොදී ලෝක ප‍්‍රවණතා ගැන ක්‍ෂමාලාප දෙසමින් සිටීම පලක් නැති දෙයකි. රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ, ලෝකයේ මෙවැනි ආර්ථික කැළඹීමක් නැතිව වුණත්, රුපියල ඉතා කෙටි කාලයක් තුළ අවප‍්‍රමාණය වුණු බව, මේ මොහොතේ දී ජනතාවට පෙන්වා දිය යුතු වුණත්, වත්මන් ඉරණම වෙනස් කිරීමට එවැනි කතාවලට ඇත්තේ අඩු හැකියාවකි..ආණ්ඩුවේ පළමු අසමත්කම නම්, ඩොලරයේ අගය වර්ධනය හා ඊට සමානුපාතික ව රුපියල (අනෙක් රටවල මුදල් ඒකක ද ඇතුළු ව* අවප‍්‍රමාණය විය හැකි බවට පුරෝකථනය කරගන්නට නොහැකි වීම ය. විශේෂයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත්වුණු පටන් කර ගෙන ආ ආරක්‍ෂණවාදී ආර්ථික ක‍්‍රියා පිළිවෙත තුළ, ඔහුගේ තීරණ ජාත්‍යන්තර ආර්ථික චිත‍්‍රයට විශාල බලපෑමක් කරන බව පෙර දකින්නට අපේ රටේ දේශපාලකයන් සහ ආර්ථික විද්‍යාඥයන් අසමත් වූ බවක් පැහැදිලිව ම පෙනෙයි. සමහරවිට ඒ තත්ත්වය පෙර දැක තිබුණා වුණත්, ඊට අදාළ පියවර ගන්නට ඔවුන් අසමත් වූවා වන්නට ද හැකි ය..ඩොලරය ක‍්‍රම කමයෙන් ශක්තිමත් වන බව පෙනෙන විට, එය පාලනය කිරීමට ගත හැකි, සාමාන්‍ය මිනිසුන්ටත් තේරෙන උපක‍්‍රම කිහිපයක් තිබිණ. එකක්, රටේ විදේශ සංචිත වෙළෙඳපොළට මුදා හැර රාජපක්‍ෂ පාලන කාලයේ කළාක් මෙන්, කෘත‍්‍රිම ලෙස ඩොලරයේ අගය පාලනය කිරීමයි. එහෙත් මේ වසරේ ඩොලර් ටි‍්‍රලියන ගණනකින්, ණය වාරික හා පොලිය ගෙවන්නට තිබෙන නිසා, විදේශ සංචිත දිය කර ගන්නට ආණ්ඩුව කැමති වුණේ නැත..දෙවැන්න, රටේ අපනයනයන් වැඩි කර ගැනීම ය. විවිධාකාර අපනයන අංශ තිබෙන නමුත්, තේ, රබර් වැනි සාම්ප‍්‍රදායික අපනයන සම්බන්ධයෙන් තවමත් ලංකාව තබා ඇති බර දෙස බලන විට, අපනයන ආදායම වැඩිකර ගැනීම ද වහා ම කළ හැක්කක් නොවේ. පසුගිය කාලය පුරාමත්, කෙටි කාලීන ව හා දීර්ඝ කාලීන ව අපනයන ආදායම වැඩි කර ගැනීමට සැලකිය යුතු පියවරක් ගත් බව පෙනෙන්නේ නැත..තෙවනුව කළ හැක්කේ ආනයන වියදම් සීමා කිරීමයි. වර්තමාන ආණ්ඩුව පසුගිය අවුරුදු තුනක පමණ කාලය තුළ උපරිම වශයෙන් අසමත් වී තිබෙන්නේ මේ විෂයෙහි ය..නිදසුනක් ලෙස, ආණ්ඩුව පසුගිය කාලයේ දී කුඩා මෝටර් රථ ආනයනය සඳහා විශාල දිරි ගැන්වීමක් කළේ ය. එහි ප‍්‍රතිඵලය වුණේ, මුදල් ඇමතිවරයා ම කියන පරිදි ‘කුඩා මෝටර් රථ සුනාමියක’ට මුහුණ දෙන්නට රටට සිදුවීමයි. ඒ හරහා ලංකාවෙන් පිටතට ගිය මුදල් ප‍්‍රමාණය කෙතරම් විය හැකි ද? කුඩා මෝටර් රථ එසේ තිබේ වා, රටේ රාජ්‍ය නායකයා, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් සඳහා විශාල වටිනාකමකින් යුත් වාහන කෙතරම් නම් ආනයනය කළේ ද? රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන් බලපත‍්‍ර හරහා වාහන කෙතරම් ප‍්‍රමාණයක් රටට ඇතුළු වූයේ ද? ඒ සඳහා වියදම් වුණු මුදල කොපමණ ද? බස්නාහිර පළාත් සභා ශ‍්‍රවණාගාරය සඳහා ආසන පවා පිටරටවලින් ගෙන්වීමේ සිට නාස්තිකාර ලෙස කොයි තරම් මුදලක් ලංකාවෙන් පිටරටට ගෙන යන්නට ඇද්ද? ආණ්ඩුව මේ අර්බුදයට පත්වුණේ මේ සියල්ල දෙස අහක බලා ගෙන සිටී ය..අමාත්‍ය හර්ෂ ද සිල්වා, මේ සතියේ ධනවතුන්ගෙන් ඉල්ලා සිටියේ ඇලස්කාවට යන්නට නියමිත සංචාරයන් නොයන ලෙසත් සුඛෝපභෝගී වාහන ගෙන්වීම මාස දෙක තුනකට කල් දමන ලෙසත් ය. මේ කතාව ඔහු මීට වසරකට දෙකකට පෙර කියන්නට තිබුණේ ඔහුගේ ම අගමැතිවරයාට නොවේ ද?x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරතිඤ්ඤා කර්මාන්තය අනතුරේ දමන වෙඩිබෙහෙත් මාෆියාව.Next articleපාප්තුමනි, මේ කාදිනල්ට ප‍්‍රඥාව දුන මැනව. ...- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අවිනිශ්චිත වර්තමානයෙන් කවර අනාගතයකටද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අවිනිශ්චිත වර්තමානයෙන් කවර අනාගතයකටද?.By තිසරණී ගුණසේකර.May 11, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තිසරණී ගුණසේකර.ගෝඨාගෝ ගම හා ජනපති කාර්යාලය අතරැති සම්බන්ධතාව ලංකාවේ දේශපාලන වත්මන සංකේතවත් කරයි. තම එළිපත්තෙන් ගෝඨා ගෝ ගම ඉවත් කිරීමට ජනපති කාර්යාලය තවමත් අසමත්ය. ජනපති කාර්යාලයේ වැට කඩොලු තරණය කිරීමට ගෝඨා ගෝ ගම තවමත් අසමත්ය..නීතිය භාවිත කොට ගෝඨාගෝ ගම ඉවත් කිරීම සඳහා ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ පොලිසිය ඉල්ලූ අධිකරණ නියෝගය ඔවුන්ට නොලැබුණු බැවිනි. නීතියේ කඩතුරාව නොමැතිව ගෝඨා ගෝ ගම ඉවත් කිරීමට නම් නග්න රාජ්‍ය බලය භාවිත කළ යුතුය. එවැනි බලය යෙදවීමක් සඳහා සුදුසු දේශපාලන වටපිටාවක් තවමත් තමන්ට නැති බව ආණ්ඩුව දනී..ජනපති කාර්යාලයේ වැටකඩොලු බලහත්කාරයෙන් තරණය කිරීමට තැත් කළහොත් තමන්ට නීතියේ රැකවරණය අහිමි වන බව ගෝඨා ගෝ ගමද දනී. එවැනි ක්‍රියාවක් මර්දනය කැඳවා ගැනීමක් වනු ඇත. ආණ්ඩුව බලා සිටිනුයේ බලය යෙදවීමට කුඩා හෝ ඉඩක් ලැබෙන තුරුය. අඬන්න බලා සිටින මිනිසාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමෙන් වැළකීමට අවැසි බුද්ධිය හා සංයමය ගෝඨා ගෝ ගමට තවමත් තිබේ..ගෝඨා ගෝ ගමට ඉදිරියට යා නොහැක; ජනපති කාර්යාලයට බලහත්කාරයෙන් ගෝඨා ගෝ ගම ඉවත් කළ නොහැක. රාජපක්ෂ පාලනය හා ජනතා විරෝධය අතරැති සබඳතාවද මෙබඳුය. ජනතා විරෝධය යටපත් කිරීමට රාජපක්ෂ පාලනය අසමත්ය. රාජපක්ෂ පාලනය ඉවත් කිරීමට ජනතා විරෝධය අසමත්ය. මේ ද්විත්ව අසමත්කම තුළින් දැඩි දේශපාලන අවිනිශ්චිතභාවයක් නිර්මාණය කර ඇත..රාජපක්ෂ බල අභිරුචියත් ජනතා විරෝධයත් අතර වූ වත්මන් මුණගැසීම ගැටුම්කාරී හමුවීමකි. අවස්ථා දෙක තුනකදී හැරුණු විට ඒ ගැටුම තවමත් ප්‍රකාශයට පත්වනුයේ සාමකාමී ස්වරූපයකිනි..මේ අවිනිශ්චිත හා සාමකාමී දේශපාලන මොහොත කෙතරම් කල් පැවතිය හැකිද? එය නිමාවනු ඇත්තේ කවරාකාරයටද? මේවා අනුරාධපුරයේ ඥාන අක්කා නමැති පේන කියන්නට තබා ඇයට අධිගෘහිත යයි කියන කාලි දේවතාවියටවත් නිශ්චය පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න නොවේ..රාජපක්ෂවරු ලැජ්ජා – බය නොහඳුනති. එබැවින් ඔවුහු ස්ව කැමැත්තෙන් බලය අත් නොහරිති. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුවද එය රාජපක්ෂවරුන් බලය අත්හැරීමක් නොවනු ඇත. කවුරු අගමැති වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා (හෝ වෙන යම් රාජපක්ෂවරයකු) ජනපති ධුරය දරන තාක් බලය පවතිනුයේ රාජපක්ෂ පවුල අතය..අන්තර්වාර පාලනයක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හුදු ඇස්බැන්දුමක් විනා සැබෑ වෙනසක් නොවනුයේ මෙම තත්වය තුළය. ඇමතිවරුන් පත් කිරීම හා අස් කිරීම ඇතුළුව ආණ්ඩුව පාලනය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් ජනපතිවරයා සතුය. 19 වන සංශෝධනය තවමත් බලාත්මකව පැවතුණා නම් අන්තර් වාර හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සැබැවින්ම වෙනසක් වනු ඇත. එවැනි සංදර්භයක් තුළ විපක්ෂය ආණ්ඩුකරණයට ඍජුවම සම්බන්ධ වීම නිවැරදි තෝරා ගැනීමයි. නමුත් ජනපතිවරයා අත සකල බලය යළිත් වරක් සංකේන්ද්‍රණය කළ 20 වන සංශෝධනයෙන් පසු ගෝඨාභය ජනපතිවරයා යටතේ වූ අන්තර්වාර/සර්වපාක්ෂික පාලනයකට විපක්ෂය සම්බන්ධවීමෙන් වනුයේ රාජපක්ෂවරුන් ශක්තිමත් වීම පමණි..19 වන සංශෝධනය බලාත්මකව පැවති තත්ත්වයක් තුළ නම් අගමැති ධුරය රාජපක්ෂවරුන්ට අහිමි කිරීම සැබෑ බල මාරුවක් වේ. නමුත් 20 වන සංශෝධනය බලාත්මක වන වත්මනේ එය හුදෙක් මුහුණු මාරුවක් පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරය දරන තාක් බලය අයත් වනුයේ රාජපක්ෂ (සහෝදර හා පුත්‍ර) සමාගමටයි. මේ සතියේ බැසිල් රාජපක්ෂ මහතා යළිත් කරළියට පැමිණීමෙන් හෙළිවනුයේ මෙම යථාර්ථයයි..අප්‍රේල් මස මුල සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීම තුළින් බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාව (තාවකාලිකව) හෝ නිමා වූයේය යන මතයක් ගොඩ නැඟුණි. ඔහු රට හැර ඇමරිකාවට ගිය බව පවා පුවත්පත්වල ද වාර්තා වුණි. නමුත් ඔහුගේ ගමන් පථය වේදිකාවේ කේන්ද්‍රයේ සිට වේදිකාව පසුපසට පමණක්ම විය. පවුලේ ගැටුම් පිළිබඳ විවිධාකාර ආරංචි සමාජ මාධ්‍ය හා දේශපාලන ලෝකයන් කළඹන අතරතුර ඔහු තිරය පිටුපස සිටිමින් පවුල් බලය රැකගැනීමට උපක්‍රම යෙදූ බව දැන් පැහැදිලිය..අවසානයේ වීරවංශ-ගම්මන්පිල නඩයත්, ශ්‍රීලනිපයත් රාජපක්ෂ දෙපා මුලට ගෙන්වා ගැනීමට ඔහු සමත් විය. ව්‍යවස්ථාපිතව කිසිදු බලයක් නොමැති අගමැති ධුරය ඇමක් ලෙස භාවිත කරමින් සජබයෙන් කිහිප දෙනෙකු බිලි බා ගැනීමට පවා ඔහුට හැකිවී ඇතැයි මේ වන විට කතාබහක් පවතී..ගෝඨා ගෝ ගම තුළින් සංකේතවත් වන වත්මන් අරගලයේ අරමුණ ක්‍රමයේ වෙනසක් (system change) බව කියවේ. එසේ නම් එහි මූලික පූර්ව කොන්දේසියක් විය යුත්තේ අර රාජපක්ෂව තබා ගෙන මේ රාජපක්ෂව ගෙදර යැවීම නොව සමස්ත රාජපක්ෂ පවුලම ගෙදර යැවීමය. රාජපක්ෂවරුන් අතර විවිධ මත ගැටුම් තිබිය හැක. නමුත් තමන් බලය සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්නයේදී ඔවුන් ක්‍රියාත්මක වනුයේ දේශපාලන සමාගමක් හෝ දේශපාලන රාජවංශයක් (political dynasty) ලෙසය. මෙම යථාර්ථය නොසලකා හරින අන්තර්වාර/සර්වපාක්ෂික ආණ්ඩු යෝජනා අර්බුදයට අතරමැදි හෝ පැලැස්තර විසඳුමක් වත් නොව ජනතා විරෝධයෙන් රාජපක්ෂ පාලනය රකින ජනතා විරෝධය බලයෙන් යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන්ට ඉඩකඩක් නිර්මාණය කරන ඇස්බැන්දුමක් පමණි..ජනතා බලයට එරෙහි පාර්ලිමේන්තු බලය?.ජනතා විරෝධය පරයා නැගී සිටීමේ රාජපක්ෂ සැලැස්මේ මුල් පියවර පාර්ලිමේන්තුවේ වත්මන් අවිනිශ්චිත බලතුලනය තමන්ට වාසිදායක ලෙස වෙනස් කිරීමයි..රාජපක්ෂ පවුල් පාලනයේ ඒකාග්‍රතාවත් පාලනයේ ඉදිරිය වෙනුවෙන් රාජපක්ෂ සොයුරන් තුළ ඇති කැපවීමත් අවතක්සේරු කිරීම බලවත් දේශපාලන වරදක් බව බැසිල් රාජපක්ෂ මහතාගේ නවතම දේශපාලන මාළු බෑමේ ක්‍රියාන්විතයෙන් වත් පැහැදිලි විය යුතුය..රාජපක්ෂ පවුල සිංහල-බෞද්ධ අධිපතිවාදී දේශපාලනයේ වත්මන් නායකයාය. වීරවංශ-ගම්මන්පිල හවුල පමණක් නොව, චම්පික රණවක වැන්නවුනුත් පෘථුල අර්ථයෙන් අයත් වනුයේ මෙම දේශපාලන ප්‍රවාහයටය. මොනයම් හෝ ‘දේශප්‍රේමී’ සළුපිළි ලා ගැනීමකින් තොරව මේ කිසිවකුටවත් දේශපාලන පැවැත්මක් නොමැත. අන්තර්වාර/සර්ව පාක්ෂික යෝජනාව තුළින් රාජපක්ෂවරුන් උත්සාහ කරනුයේ මෙම ප්‍රවාහය යළිත් වරක් තමන් වටා ගොනු කිරීමටය. ඉන්පසු ගෝඨා ගෝ ගමින් නිර්මිත ජනතා විරෝධය දේශද්‍රෝහී-දේශප්‍රේමී අච්චුවට දැමීම රාජපක්ෂ අරමුණයි..ගතවූ සතියේ හදිසියේම කැඳවුණු සංඝ සම්මේලනය මෙම උත්සාහයේම එක් පියවරකි. එහි මූලිකත්වය ගත් හිමිවරුන් බොහොමයක්ම 2019-2020 සමයේ ගෝඨාභය-මහින්ද දිව ඔසුවේ මිථ්‍යාව ජනගත කිරීමට බුදු බණත් කසාවතත් අවභාවිත කළහ. අද රටත් අපත් පත්ව ඇති උවදුරට ඔවුන්ද වගකිව යුතුය. ඒ ඓතිහාසික වරදට හේතුව මෙනෙහි කිරීමත් ඒ පිළිබඳ ස්වයං විවේචනාත්මකව කතා කිරීමත් වෙනුවට ඔවුහු අපට තවත් දිව ඔසුවක් යෝජනා කරති. ඒ මහින්ද අගමැතිවරයා ඉවත් කොට ගෝඨාභය ජනපතිවරයා යටතේම සර්වපාක්ෂික ආණ්ඩුව නම් වූ ව්‍යාජ ප්‍රතිකර්මයයි..රාජපක්ෂ පාලනයෙන් ඉවත්වීමෙන් වීරවංශ -ගම්මන්පිල හවුල අපේක්ෂා කළේ දේශප්‍රේමී දේශපාලන ප්‍රවාහයේ නායකත්වය සියතට ගැනීමයි. රාජපක්ෂවරුන් ආර්ථික සහන පතා ඉන්දියාව දෙසට හැරීම භාවිත කරමින් ඉන්දීය අතපෙවීම් හා කොටි යළි නැඟිටීම යන සුපුරුදු සටන් පාඨ හරහා දෙමළ විරෝධය ඉස්මතු කිරීමට මේ දෙපළ උත්සාහ කළහ. ඒ උත්සාහය අසාර්ථක වූවා පමණක් නොව, විපක්ෂ අවකාශය තුළ ඔවුන් ආන්තික තත්ත්වයකටද වැටුණි..අන්තර්වාර/සර්වපාක්ෂික පාලනයක් යනු ඔවුන්ට යළිත් රාජපක්ෂ පිලට යාමට හැකිවන උපක්‍රමයයි. ඊට පාලම තැනෙනුයේ හුරු පුරුදු දේශප්‍රේමය තුළින්. තම මැයි දින කතාවේදී ගෝඨා ගෝ ගමේ බෞද්ධ-විරෝධී සටන් පාඨ ඇති බවත් එය අධිරාජ්‍යවාදී උපක්‍රමයක් බවත් වීරවංශ මහතා කීවේ මේ අරබයාය..පාර්ලිමේන්තු බලය යළිත් රාජපක්ෂ දිශාවට දෝලනය වුවද ජනතා මතය පැහැදිලිවම රාජපක්ෂ විරෝධීය. මෙය හුදෙක් පුද්ගලික නිගමනයක් නොවේ. ආයතන දෙකක් විසින් සිදු කළ ජනතා මත විමසුම්වලින් හෙළිවන යථාර්ථයකි..සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (Institute of Health Policy -IHP) හා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය (Centre for Policy Analysis – CPA) මෙම ආයතන දෙකයි. IHP ආයතනය රටේ දේශපාලන නායකත්වය පිළිබඳ කළ ජනතා මත සමීක්ෂණයට අනුව ගෝඨාභය ජනපතිවරයාටත් මහින්ද ඇමතිවරයාටත් ඇති ජනතා කැමැත්ත මහා පරිමාණයෙන් කඩා වැටී තිබේ. ජනතාවගෙන් අතිබහුතරයක් මොවුන් දෙදෙනාට අකමැතිය. CPA සමීක්ෂණයෙන්ද හෙළිවනුයේ මෙවැනිම තත්ත්වයකි. 87%ට වැඩි ප්‍රමාණයක මතය වනුයේ සමස්ත රාජපක්ෂ පවුලම ලංකා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවය..මේ මත විමසුම් දෙකෙන්ම පැහැදිලි වන තවත් කාරණයක් නම් වත්මන් දේශපාලන- බල අරගලය ආර්ථික අර්බුදයේ නිර්මාණයක් බවය. CPA සමීක්‍ෂණයට අනුව 62%ක් ආර්ථික අර්බුදය සඳහා වරද පටවනුයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මතය. රාජපක්‍ෂ ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නම් රාජපක්‍ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව ජනතාවගෙන් අති බහුතරයක් (87%කට වඩා) වටහාගෙන තිබේ..වත්මන් රාජපක්‍ෂ විරෝධය සක්‍රිය සුළුතරයකට සීමා නොවන බවත් එය රටේ අති බහුතරයක පොදු මතය බවත් මෙම විමර්ශනයන්ගෙන් පැහැදිලිය..පාර්ලිමේන්තු බල තුලනය යළිත් රාජපක්ෂ දිශාවට දෝලනය වුවහොත් ජන මතයත් පාර්ලිමේන්තු සංයුතියත් අතර ආගාධාත්මක මට්ටමේ විශාල හා බරපතළ එකක් වනු ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව රටේ යහපතටද ජනතාවගේ ආරක්‍ෂාවටද හොඳ තත්වයක් නොවේ. ජනතා නියෝජිතයන් බහුතරයක් ක්‍රියාත්මක වනුයේ ජනතා මතයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට නම් එයින් පක්‍ෂ පිළිබඳව පමණක් නොව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳවම කළකිරීමක් පිළිකුලක් ජනතාව තුළ නිර්මාණය විය හැක. මෙය සිවිල් හෝ හමුදාමය ඒකාධිකාරී විසඳුමක් පිළිබඳ සිහින මවන්නන්ට ආශීර්වාදයක් වනු ඇත..පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් ස්ථාපිත කිරීමට රාජපක්ෂවරුන්ට හැකි වුවහොත් ඔවුන් ඒ ජයග්‍රහණය ජනතා අරගලය අබිබැවීමට මඟක් ලෙස භාවිත කරනු ඇත. මෙය මූලික වශයෙන් දෙයාකාරයකට සිදුවිය හැක. එකක් නම් උද්ඝෝෂකයන් හති වැටෙන තෙක් බලා සිටීමය. දෙවැන්න නම් ක්‍රම ක්‍රමයෙන් මර්දන මාවතකට අවතීර්ණ වීමය. පාර්ලිමේන්තු බහුතරයක් තිබේ නම් හදිසි නීතිය යළි ගෙන ආ හැක. ඉන්පසු ඒ නීතිමය රාමුව අවභාවිත කරමින් ගෝඨා ගෝ ගම ප්‍රමුඛව ජනතා උද්ඝෝෂණයන්ට එරෙහිව පොලිස් බලය භාවිත කළ හැක..උතුරේ පමණක් නොව දකුණේ ජීවිත පිළිබඳව තමන්ට තැකීමක් නොමැති බව රඹුක්කන ඝාතනයෙන් රාජපක්ෂවරු යළිත් වරක් ඔප්පු කළහ. රාජපක්ෂ බලය රැක ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිත කළ හැකි තත්ත්වයක් නිර්මාණය වීමෙන් වළක්වා ගැනීම ජනතා විරෝධයේ පැවැත්මට හදිසි අවශ්‍යතාවකි..විපක්ෂය කුමක් කරයිද?.2020ට මැතිවරණයෙන් පසු සජබෙ මෙන්ම ජවිපෙද වඩාත්ම අවධානයක් යොමු කළේ 2024 ජනපතිවරණයට සූදානම් වීමටය. ජවිපෙ පක්ෂයක් ලෙස අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා ලක ලෑස්ති කළ අතර සජිත් ප්‍රේමදාස මහතා බොහෝ දුරට තමාවම ලක ලෑස්ති කර ගත්තේය..IHP හා CPA සමීක්ෂණ ප්‍රතිඵල හිටපු ජනපතිවරයාට හා වත්මන් ජනපතිවරයාට මෙන්ම මේ දෙදෙනාටද එතරම් සුබදායක නොවේ. මේ දෙදෙනා පිළිබඳව ඇත්තේද ඉතාමත් අඩු කැමැත්තකි. ඒ අඩු කැමැත්ත පසුගිය මාස කිහිපය තුළ තවදුරටත් පහත වැටී ඇත. සමාජ මාධ්‍ය විශ්වය හා සැබෑ ලෝකය අතරැති වෙනස මෙයින් තවත් පැහැදිලි වේ..CPA සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතුය යන යෝජනාවට 55.9%ක් එකඟය. පක්ෂ-පාට කුමක් හෝ වේවා වෘත්තීය දේශපාලකයන් සියල්ලන්ම පිළිබඳ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇති බව පැහැදිලිය. සමීක්ෂණයට සහභාගි වූ 96.2%ක්ම පවත්නා අර්බුදයට පළමු විසඳුම ලෙස දකිනුයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනයට ලක්විය යුතු බවත් නීති විරෝධීව උපයා ගත් ධනය රාජසන්තක කළ යුතු බවත්ය. 82.4%ක් කියනුයේ අර්බුදය සමථයකට පත්වන තුරු රටේ පාලනය විශේෂඥ මණ්ඩලයකට බාරදිය යුතු බවය..දේශපාලනඥයන් හා පක්ෂ සියල්ලම එපාවීම සාධනීය මෙන්ම හානිකර දිශාවකටද ගමන් කළ හැක. සාධනීය දිශාව නම දේශපාලන ගැලවුම්කාරයන් පිළිබඳ ඇති ජනතා විශ්වාසය අවමවීමය. ගැලවුම්කාර නායකයාට වාහකයක් ලෙස නිර්මාණය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 74%ක් පක්ෂ බව CPA සමීක්ෂණයෙන් හෙළිවේ..නමුත් වත්මන් අවිනිශ්චිත තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් හා ආර්ථික අර්බුදය තව තවත් දරුණු වුවහොත් දේශපාලකයන් පිළිබඳ ඇති කලකිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයම පිළිබඳ කලකිරීමක් දක්වා විතැන් විය හැක. මෙහි ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන විසඳුම් පිළිබඳව ඇති ජනතා ප්‍රසාදය වර්ධනය වීමයි. හමුදාව ඍජුවම දේශපාලනයට මැදිහත්වීමටද ජනතා ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් හා දූෂිත දේශපාලකයන්ට රජ කාලේ දඬුවම් පොරොන්දු වන හමුදා පාලකයකුටද මෙතුළින් දොර විවර විය හැක..ගෝඨා ගෝ ගම ප්‍රමුඛ අරගලකරුවෝ ජනතා විරෝධය ශක්තිමත්ව හා නිර්මාණාත්මකව පවත්වා ගනිති. නමුත් ජනතා විරෝධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔවුන්ට නොහැක. මන්ද ව්‍යවස්ථාවෙන් එවැනි ඍජු ජනතා මැදිහත්වීමකට (මැතිවරණයකින් මෙපිට) ඉඩක් නොමැති බැවිනි. මෙම ජනතා විරෝධයට ජයග්‍රහණය කරා ව්‍යවස්ථාමය මාවතක් සොයා ගැනීම විපක්ෂයේ වගකීමයි. තනි තනිවට වඩා විපක්ෂය මේ පොදු අරමුණ වටා ඒකරාශී වුවහොත් ඉන් ජනතාව තුළ ඇති පොදු කලකිරීමෙන් තරමක් දුරට හෝ ඔවුන්ට ගැලවිය හැක..විපක්ෂයෙන් මෙම වගකීම ඉටු නොවන තාක් ජනතා විරෝධය ප්‍රශ්නකාරී හා ඇතැම්විට ජනපීඩක දිශාවන්ට තල්ලුවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස සංකේත වැඩ වර්ජනයක් සාර්ථක සටන් අවියක් විය හැකි වුවද අඛණ්ඩ වැඩ වර්ජනයක්-විශේෂයෙන්ම ඊට සෞඛ්‍ය, ප්‍රවාහන හා අධ්‍යාපන සේවා අයත් වන්නේ නම් ජන පීඩක තත්ත්වයකට පත්විය හැක. මෙවැනි තත්ත්වයක් තුළින් බහුතර ජනතාවත් ක්‍රියාකාරී අරගලකරුවනුත් අතර ඇති සහයෝගාත්මක හා සහෝදරාත්මක බැඳීම් දෙදරා යාමට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් වාසි වනුයේ රාජපක්ෂවරුන්ට බව අමුතුවෙන් නොකිවමනාය..රාජපක්ෂ පාලනය හා ජනතා විරෝධය අතරැති ගැටුම රාජපක්ෂ පරාජයෙන් අවසන් කිරීමේ මග වැටී ඇත්තේ පාර්ලිමේන්තුව හා ඇතැම්විට අධිකරණය හරහාය. ඒ මග යා හැක්කේ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන්ට පමණි. ඒ කාර්යයට උරදිය යුත්තේ එකිනෙකා පරයා තමන් ඉස්මතු වන තරගයක් ලෙස නොව, එක්ව යන සාමූහික ගමනක් ලෙසය. ඒ වගකීම ඉටු කිරීමට තරම් බුද්ධිමය හා දේශපාලන හැකියාවක් විපක්ෂයට තිබේද යන්න ඥාන අක්කා නමැති පේනකියන්නියට තබා දැයට අධිගෘහීත යයි කියන කාලි දෙවඟනටද පිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයක් වනු ඇත. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජපක්ෂවරුන් ගෙදර යෑමෙන් තොර විසඳුමක් නැත.Next articleහෙන්ද්රික් සිඤ්fඤා්, හෙන්රි සහ නිශ්ශංක: නිශ්ශංක දිද්දෙණිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
හැම වෙලාවෙම හොඳ පිටපතක්, අධ්‍යක්ෂවරයෙක් මුණගැහුණා: රංගන ශිල්පී ප්‍රියන්තසිරිකුමාර | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හැම වෙලාවෙම හොඳ පිටපතක්, අධ්‍යක්ෂවරයෙක් මුණගැහුණා: රංගන ශිල්පී ප්‍රියන්ත.සිරිකුමාර.By සංස්කාරක.March 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ කාවින්ද්‍යා විජේසූරිය.ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ කලා ලෝකය තුළ දීර්ඝ කාලයක නියෝජනයක්. ඔබට අනුව නළුකම නැත්නම් රංගන ශිල්පියෙකු කියන්නේ කවුද?.නාට්‍යකරණය කියන්නේ ජන සංස්කෘතීන් තුළින් වර්ධනය වී පැමිණි කලාවක්. නූතන ලෝකයේ ඒ කලාව තුළ රංගන ශිල්පියා විවිධ පරාසයන් තුළ ජීවත්වෙනවා. මෑත කාලය වන විට විවිධ තාක්ෂණයන් එකතුවෙලා සන්නිවේදන ලෝකයක් ගොඩනැගිලා තියෙනවා. ඉතිං ඒ තුළ රංගන ශිල්පියාගේ කාර්යය විශාල පරාසයක් තුළ ගමන් කරනවා. පෞද්ගලිකව 80 දශකයේ කලාවට තිබුණු උනන්දුව මත එයට එක්වුණු පුද්ගලයෙක් ලෙස මම දකින්නේ, අපිට කලින් පරම්පරාව සාහිත්‍යය, පොතපත කියවීම තුළින් කලාව යම්කිසි විදියක සමාජයත් එක්ක සෘජුව බැඳී තිබුණු, වගකීමක් සහිත කාරණයක් ලෙස ක්‍රියාත්මක කෙරුණු බව. ඒ අනුව රංගන ශිල්පියා කියන චරිතය මම දකින්නේ, ඔහු මුලින්ම ඔහු කවුද යන වග හඳුනාගත යුතුයි. එය තමයි ඔහුගේ පදනම. ඉන් අනතුරුව ඔහුට පුළුවන් නම් ඔහු ඉපදුණ රට, එම රටේ ක්‍රියාකාරිත්වය, එම ක්‍රියාකාරිත්වය තුළ ඔහු කොතැනද ඉන්නේ සහ ඔහුට පැවරුණු කාර්යයන් අවබෝධ කරගන්න, එවිට ඔහුට හැකියාව ලැබෙනවා කලාව කියන පරමාර්ථය තුළ සමාජයේ පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කරන්න..අපිට කලින් හිටපු අපේ ගුරුවරුන් ගත්තොත් ඔවුන් කලාකරුවන් විදියට සෘජුවම සමාජය දැනුවත් කළා. රංගන ශිල්පියෙකුට සෘජු වගකීමක් පැවරෙනවා ඔහු කරන දේ පිළිබඳව සමාජයට වගකියන්න. වර්තමානය ගත්තොත් අද ලෝකයේ තාක්ෂණයත් මුසුවී විවිධ කලා මාධ්‍යයන් බිහිවෙලා තියෙනවා. ඒ තුළත් විවිධ පැතිකඩයන්ට අයත් රංගන ශිල්පීන් ගොඩනැගෙමින් පවතිනවා. මේ කිනම් ආකාරයකින් වුවත් රංගන ශිල්පියා ප්‍රධාන වශයෙන් සමාජයේ පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කළ යුතුයි..නාට්‍යයක් වේවා, ටෙලිනාට්‍යයක් වේවා, එහි පිටපත තුළින් පමණක් නළුවෙකුට චරිතයකට අවතීර්ණ වෙන්න පුළුවන්කමක් නෑ. පිටපතකින් ඔබට ලැබෙන චරිතයක් ශාරීරිකව නිරූපණය කරන්න ඔබ උදව්වට කැඳවාගන්නේ මොන වගේ මූලාශ්‍රද?.ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව විෂයක්, විද්‍යානුකූල පසුබිමක් සහ අතීතයක් පවතිනවා. කලා ක්ෂේත්‍රයත් වේදිකාව, ටෙලිතිරය, සිනමාව ආදි වශයෙන් අතීතයේ සිට ක්‍රමවත්ව වර්ධනය වීමක් දැකගන්න පුළුවන්. මම හිතන්නේ රංගන ශිල්පියෙක් අනිවාර්යයෙන්ම විෂය පිළිබඳ යම්කිසි දුරකට අධ්‍යයනයක් කළ යුතුයි. එතැනදී ඔහු මානසිකව හා ශාරීරිකව ඒ විෂයට අදාළව පුහුණුවක් ලබනවා. එහිදී ඔහු කළ යුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාද වශයෙන් පැහැදිලි වටහාගැනීමේ හැකියාවක් රංගන ශිල්පියෙකුට ලැබෙනවා..ඔබ රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි, සම්මානනීය වේෂ නිරූපණ ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් ලෙස ඔබට ඔබව නිර්මාණය කරගැනීමටත්, වේෂ නිරූපණ ශිල්පියෙක් ලෙස වෙනත් අයෙකුව නිර්මාණය කිරීමටත් පිටපතින් ලැබෙන්නේ මොන වගේ මඟ පෙන්වීමක්දැයි කියන්න පුළුවන්ද?.මෙහෙමයි, පිටපත් රචකයෙක් විසින් තමයි මුලින්ම චරිතයක් නිර්මාණය කරනු ලබන්නේ. එවැනි පිටපතක තියෙන චරිතය නවමු මානයකට ගෙනියන්න අප තුළ පවතින නිර්මාණශීලිත්වය වැදගත් වෙනවා. ඒ වගේම රංගනය හා වේෂ නිරූපණය කියන අංශ දෙකටම පොදු කාරණයක් තමයි තමන් අවට ලෝකය පිළිබඳව තියෙන දැනීම, රසවින්දනය හා පරිකල්පනය. ඒ අනුව තමයි පුද්ගලයෙක් තුළ නිර්මාණශීලිත්වයක් උපදින්නේ. ඒ වගේම සමාජයේ විවිධ චරිත අධ්‍යයනය කිරීමත් වැදගත්. වේෂ නිරූපණ ශිල්පියෙක් ලෙසත් ඔහුට අවශ්‍ය කරන චරිතය ගොඩනගන්න සමාජයේ යම් පරාසයක් තුළ සැරිසරන්න සිදුවෙනවා. මේ කිසිම දෙයක් ක්ෂණිකව කළ හැකි දේවල් නෙවෙයි..අත්දැකීම් බහුල වේෂ නිරූපණ ශිල්පියෙක් ලෙස, වේෂ නිරූපණ ශිල්පය පිළිබඳව ලෝක මට්ටමින් හා ලාංකේය මට්ටමින් පවතින තත්ත්වයන් ඔබ කොහොමද සසඳන්නේ?.මම රංගන ශිල්පියෙක් ලෙස තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ක්ෂේත්‍රය තුළ වෘත්තිකයෙක් ලෙස කටයුතු කරනකොට මගේ තිබුණ ආසාව මත තමයි මම වේෂ නිරූපණය සමඟ සම්බන්ධ වෙන්නේ. වේෂ නිරූපණය තුළත් එයට වෙන්වුණු තාක්ෂණයක් තියෙනවා. ඇත්තටම එය ලෝකය පුරාම නිරන්තරයෙන් අප්ඩේට් විය යුතු විෂයක්. ලංකාව වේෂ නිරූපණ තාක්ෂණය යම්කිසි සාධනීය මට්ටමේ දුරකට ගමන් කරලා තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි, වර්තමානය වන විට ලංකාව තුළත් ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දක්වන වේෂ නිරූපණ ශිල්පීන් ඉන්නවා..වේදිකා නාට්‍ය ශිල්පියෙක් ලෙස කතා කරනවා නම් වර්තමානයේ ලාංකේය වේදිකා නාට්‍යකරුවාට හිමිවන්නේ මොන වගේ තැනක්ද?.ඉතිහාසය ඉඳන්ම ගලාගෙන ආ විදියට තවමත් ඉදිරියට යාමක් තමයි දැකගන්න පුළුවන් වෙන්නේ. ලංකාවට නිදහස ලැබුණු අවධියේ සිට අද දක්වාම කලාව යම්කිසි පිළිගැනීමට ලක් වුණු විෂයක් කියලා මම හිතන්නේ නෑ. උදාහරණයකට කිව්වොත් 2021ට පවත්වන රාජ්‍ය නාට්‍ය උළෙල තුළ දිගු නාට්‍යය අංශයට නිෂ්පාදනය වුණු විශාල නාට්‍ය ප්‍රමාණයක් අතුරින් නාට්‍ය 10ක් තෝරාගෙන තියෙනවා. මේ සියලුම නාට්‍ය හැමදාම නාට්‍යයකරුවාගේ උවමනාව මතම ගොඩනැගුණු නිර්මාණ. එහිදී කාටවත් උදව්කිරීමක් සිදුවෙලා නැහැ..එහෙම බලද්දී මම හිතනවා වේදිකා නාට්‍ය කලාව කියන්නේ තාමත් නාට්‍යකරුවා තමන්ගේම කර මත තියාගෙන ගමන් කරන දෙයක් බව. වර්තමානය තුළත් උවමනාව, කැපවීම තියෙන තරුණ.නාට්‍යකරුවන් බිහිවෙන නිසාත්, තවමත් අපේ ප්‍රවීණ ශිල්පීන් ඒ තුළ ඉන්න නිසාත් සහ යම්කිසි පොඩි හරි ප්‍රේක්ෂාගාරයක් පවතින නිසාත් වේදිකා නාට්‍යය නොනැසී ඉදිරියට ගමන් කරන ආකාරය දැකගන්න පුළුවන්. ඒ වගේම සතුටට තියෙන කාරණය තමයි මෙච්චර රටේ ලොකු විනාශයකට ගිහිල්ලා තියෙද්දීත් නාට්‍යකරුවන් ඔවුන්ගේ නිර්මාණ, ප්‍රකාශනයන් නාට්‍ය කලාව හරහා කරමින් ඉන්න එක..කලාව කියන්නේම එක්තරා ආකාරයක වෘත්තියක්. ඒත් ඔබ හිතනවාද ලංකාවේදී කලාකරුවාට වෘත්තීයමය තත්ත්වයක් තියෙනවා කියලා..ඇත්තටම හරිම සංකීර්ණයි. අපේ රටේ හැටියට තමයි ඒ ගැන බලන්න වෙන්නේ. මේකට සම්බන්ධ විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තුළින් විවිධ නිර්මාණ දායකත්වයන් ලැබෙනවා. අපේ රටේ අද වන තෙක් වෘත්තිකයන් ලෙස කටයුතු කරන කලාකරුවන්ගේ වෘත්තිය කිසිදු ඇගයීමකට ලක් කරලා නැහැ. රටේ අනෙකුත් සේවාවන්ට තියෙන වරප්‍රසාදයක් සහනයක් ඔවුන්ට ලැබිලා නැහැ. අපි හිතනවා නාට්‍යකරුවන් කියන්නේ හැමදාමත් දුප්පත් කට්ටියක්, ඔවුන් දුක් විදින්න ඕනෑ කියලා. නමුත් වර්තමානය තුළ විෂයක් ලෙස එය වර්ධනය වීම මත නවකයන්ට ටෙලිනාට්‍යය හා සිනමාව තුළ ඔවුන්ට අයිති වෘත්තියක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කලාව ගත්තාම යහපත් පරමාර්ථ මූලික කරගනිමින්, සේවයක් සපයමින්, විනෝදාස්වාදයක් ලබාදීමත් දැකගන්න පුළුවන්..ටෙලිනාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම රූපවාහිනි නාලිකා මත තීරණය වෙන විෂයක්. එතැනදීත් නිර්මාණකරුවා මත තමයි එය තීරණය වෙන්නේ. ටෙලිනාට්‍යය වෙනුවෙන් මූල්‍යමය වශයෙන් නිෂ්පාදකවරුන් සොයාගැනීමක් කළයුතු වෙනවා. ටෙලිවිෂන් කලාව තුළත් අපිම අන්දගෙන, අපිම ලෑස්ති කරගෙන, අන්තිමට අපිම ඇදගෙන මේක පවත්වාගෙන යාමක් දැකගන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයට ගියොත් මේකේ හරිම දරුණු දුකක් තියෙන්නේ. ටෙලිවිෂනය හරහා අපි දකින කලාකරුවන් හැම කෙනෙක්ම තමන් පෞද්ගලිකව වියදම් කරගෙන, වෙහෙස වී විශාල කැපකිරීමක් කරනවා. රූපවාහිනී නාලිකා නිර්මාණ තුළින් තරමක් ඉහළ මූල්‍යමය වටිනාකමක් උපයනවා. නමුත් ඔවුන් ලබන ආදායමට සාපේක්ෂව, පෞද්ගලිකවම කැපකිරීම් කරන කලාකරුවාට නව නිර්මාණ කරන්න දිරිගැන්වෙන පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතිං මං හිතනවා තවත් ඉදිරියට හොඳ නිර්මාණ බිහිවෙන්න නම් කලාකරුවාට වෘත්තිකයෙක් ලෙස මීට වඩා පිළිගැනීමක් ලැබිය යුතුයි කියලා..රංගන ශිල්පියෙකුට වේදිකාව හා ටෙලිනාට්‍යය තුළ චරිතයකට අවතීර්ණ වීම සඳහා පෙර පුහුණුව වෙනුවෙන් ලැබෙන අවස්ථාව කොහොමද?.ලෝ බජට් කියන සංකල්පයත් එක්ක කටයුතු කරනකොට වර්තමානයේදී ටෙලිනාට්‍යය තුළ ඩයලොග් එකක් කියලා රිහසල් කරන්නවත් කාලයක් නොලැබෙන තරමට කාලය කළමනාකරණය කරන්න නිෂ්පාදන කණ්ඩායමට සිදුවෙලා තියෙනවා. ඒක යම්කිසි විදියකට නිර්මාණය ඇතුළට බලපෑමක් කරනවා. පෙර පුහුණුවට පවතින ඉඩප්‍රස්තාව නැතිවී යන්නේ ඔය කියන මූල්‍යමය ගැටලුවත් සමඟයි. ලෝකේ අනිත් රටවල් ගත්තත් කලාව තුළින් මුදල් උපයනවා, වෘත්තිකයන් නඩත්තු කරනවා. මම හිතන්නේ කලාව කියන්නේ ලාභ උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක් හැටියට, මේ වෙනුවෙන් ලංකාවේ ව්‍යාපාරික අංශය උනන්දු වෙනවා මදි..ඔබ දීර්ඝ කාලයක් පුරාවටම ආධුනික, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කරලා තියෙනවා. ඉතිං චරිතයක් පවත්වාගෙන යාම සඳහා අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන මැදිහත්වීම කොහොමද දකින්නෙ?.සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂවරයාගේ කාර්යයන් යටතේ තමයි අපේ නිර්මාණ කාර්යය පවතින්නේ. පෞද්ගලිකව කතා කරනවා නම් මම එක්තරා විදියකට හරිම වාසනාවන්තයි, මොකද මට හොඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළේ අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. මේ හැම වෙලාවෙම හොඳ පිටපතක්, අධ්‍යක්ෂවරයෙක් මට මුණගැසුණා. අපි යම්කිසි චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා නම් එහි මූලික කාරණය අපි වැඩ කරන අධ්‍යක්ෂවරයා තමයි..රංගන ශිල්පියෙකු, වේෂ නිරූපණ ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස භූමිකා තුනක සංකලනය ඔබේ කලා ගමනට කොයිතරම් වැදගත්ද?.අපි හැමවෙලේම අවංක වෙන තැන හොයාගත්තොත් අපි ගමන් කරන්නේ ඒ මාර්ගයේ. එවිට හැමෝටම නිරන්තරයෙන් තියෙනවා ඉගෙනගන්න දෙයක්, හොයන්න දෙයක්. මොකද දැනුම කියන දේ නිරන්තරයෙන් අපි ළඟට ගලාගෙන එනවා. වර්තමානය තුළ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි නිරන්තරයෙන් ගලාගෙන එන දැනුම, අත්දැකීම හරියට තෝරාගන්නේ කොහොමද කියන එක. පෞද්ගලිකවම මම වෘත්තීය අංශ තුනක නියෝජනයක් වුණත්, මම හිතන්නේ හුදෙක් පුද්ගලයෙක් හැටියට සමාජය තේරුම් අරගෙන වැඩකිරීම තමයි වැදගත් කියලා..ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ නිරන්තරයෙන් රූපවාහිනියෙන් දකින්න ලැබෙන චරියක් නෙමෙයි, නමුත් ඔබ කලාව නියෝජනය කරන්නේ දීර්ඝ කාලයක සිට. ඉතිං චරිත හෝ කලා නිර්මාණ තෝරාගැනීමේදී ඔබ විසින් අනුගමනය කරන නිර්ණායක මොනවාද?.චරිත කියන්නේ මේ සමාජයේ ජීවත්වෙන පුද්ගලයෙක්, සතෙක් හෝ පවතින තත්ත්වයක්. නමුත් චරිතයක් තෝරාගැනීම එතැන නෙමෙයි තියෙන්නේ. ඒ සඳහා අදාළ නිර්මාණය තුළින් දෙන්න උත්සාහ කරන පණිවිඩය පිළිබඳව පරිස්සම් වෙන්න බලනවා. සාමාන්‍යයෙන් අපි කරන්න ඕනෑ මොනවාද නොකරන්න ඕනෑ මොනවාද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. මූලික වශයෙන් රටේ ජනතාව යම්කිසි තත්ත්වයක පොසිටිව් තැනකට ගිනියන්න පුළුවන් නිර්මාණ සමඟ සම්බන්ධ වීම වැදගත්. ඒ වෙනුවෙන් තමන්ට නිසි පරිකල්පනයක් තිබිය යුතුයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමුළු රටම හරි මඟට නඩය, රාජපක්ෂලාට නොදෙවෙනි විෂකාරකයකි.Next articleඑදා ඊඩිපස් නිසා සිද්ධ වෙච්ච ව්‍යසනයයි, අද ව්‍යසනයයි එක සමානයි: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි: වේදිකා නාට්‍ය අධ්‍යක්ෂඅසංක සායක්කාර | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි: වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ.අසංක සායක්කාර.By සංස්කාරක.April 6, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.අලුතින් කරන්න යන කෙටි නාට්‍ය පොකුරෙන්ම කතාව පටන් ගනිමු..මේ කෙටි නාට්‍ය 4ක්. ‘ශ්‍රීමත් සුමන’ කියන මගේ පරණ කෙටි නාට්‍යයකුත් මේ අතර තියෙනවා. ඊට පස්සෙ එක එක වකවානුවල ඔළුවෙ වැඩ කළ, සමහරවිට ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරකළ නාට්‍ය මේ කෙටි කතා පොකුරෙ තියෙනවා. ‘නයන ලලන’ කියන්නෙ මගේ කෙටිකතා ඇසුරෙන් හදපු කෙටි නාට්‍යයක්. ඒක මුලින්ම කරන්නේ 2020 විතර. 2019දී මගේ කෙටිකතා පොතක් එළියට ආවා. ඒ අනුව මේ කෙටි නාට්‍ය කරන්නේ පර්යේෂණාත්මක වැඩක් හැටියට. ඒ වගේම ‘වික්ටර්’ කියන කෙටි නාට්‍යය සහ අලුත්ම නිෂ්පාදනයක් විදිහට ‘දුලා’ කියන කෙටි නාට්‍යයත් එකතු කරලා තමයි කෙටි නාට්‍ය පොකුරක් විදිහට පෙන්වන්න කටයුතු කරන්නේ. ලංකාවෙ දිගු නාට්‍යයක් පෙන්වන්න පුළුවන්. නමුත් තනි කෙටි නාට්‍යයක් පෙන්වන්න විදිහක් නැහැ. තනි කෙටි නාට්‍යයක් විදිහට දර්ශනවාර පෙන්වන්න බැහැ. විනාඩි 20ක 30ක නාට්‍යයක් බලන්න ටිකට් අරගෙන මිනිස්සු එන්නේ නැහැ. ඒක නිසා තමයි කෙටි නාට්‍ය එකතු කළ වැඩක් විදිහට යන්න බැලුවේ..අලුත් කෙටි නාට්‍යයට අමතරව අසංක සායක්කාරට 2009දී කළ ‘ශ්‍රීමත් සුමන’ විශේෂ වෙන්නේ ඇයිද කියලාත් කතාකරමු..‘ශ්‍රීමත් සුමන’ කිහිප පැත්තකින් විශේෂයි. මට විතරක් නෙමෙයි, සමිත සුධීෂ්වර සහ පූර්ණිමා විජේසිංහ කියන අපි තුන් දෙනාගෙම එකතුවක් තමයි සුමන කියන්නෙ. සුමන කෙටි නාට්‍යයේ රඟපාන්නෙ සමිත. ඒකෙ මියුසික් කරන්නෙ පූර්ණිමා විජේසූරිය. අපි තුන්දෙනාගෙම ගමන් මගේ එක්තරා විදිහකට ටර්නින් පොයින්ට් එකක් වෙන තැනක් වුණා ශ්‍රීමත් සුමන කෙටි නාට්‍යය. මේ නාට්‍යය 2009 ඉඳලාම අඛණ්ඩව කරගෙන ආ නාට්‍යයක්. මේ නාට්‍යයේ දර්ශනවාර 40 ක් විතර කරලා තියෙනවා. 2009දී මේ නාට්‍යය හරහා කතා කළ දේශපාලනික, සමාජ හා ආර්ථික කාරණා එදාටත් වැඩිය අදට ඉතාම හොඳට ගැළපෙනවා. ඒ නිසා ශ්‍රීමත් සුමන කියන්නේ මේ වෙලාවෙ කරන්නම වටිනා නාට්‍යයක් හැටියට අපිත් හිතනවා..මේ නාට්‍ය පොකුර නම් කරලා තියෙන්නේ ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා. ඒ වගේම මේ නාට්‍ය බලන්නත් පුළුවන් වැඩිහිටියන්ට පමණයි..මේ කෙටි නාට්‍ය 4න් ශ්‍රීමත් සුමන ඇරෙන්න අනෙක් නාට්‍ය තුනටම රැඟුම් පාලක මණ්ඩලයෙන් පෙන්වන්නට සහතිකය ලැබෙන්නේ වැඩිහිටියන්ට පමණයි කියන නිර්ණායකය උඩ. අපි බලාපොරොත්තු වුණෙත් ඒ විදිහෙ නිර්ණායකයක්ම තමයි. මොකද පොඩි අයත් එක්ක මේ ගනුදෙනුව කරන්න පුළුවන්කමක් නැහැ. වැඩිහිටියන් එක්ක තමයි අපිට මේ සංවාදය ගෙනියන්න ඕනෑ. නාට්‍ය හතරෙම තියෙන්නේ වැඩිහිටි තේමාවන්. ඒ නිසා තමයි අපි ඒ නමම දැම්මෙ..ඔබගෙ නාට්‍යවල දකින ලක්ෂණයක් තමයි ගැඹුරක් තියෙන සමාජ, දේශපාලන හා ලිංගිකත්වය පිළිබඳ කාරණා ඉතාමත් සරල විදිහට ප්‍රහසනාත්මකව ප්‍රේක්ෂාගාරයට ගෙනයෑම..අපි නාට්‍ය හරහා කතාකරන්නේත් ඒ ගැඹුරම තමයි. උදාහරණයක් විදිහට අපි ‘ඌරෝ අතර පෝර්ක්’ නාට්‍යයෙන් කතාකරන්නේ සංස්කෘතික මිනිසා ගැන. ඒක ලංකාවෙ දේශපාලනයේ ගැඹුරුම මාතෘකාවක්. ‘මම කෙලින් මිනිහෙක්’ නාට්‍යයේ කතාකළේ ලිංගිකත්වය සහ බලය පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේ කාරණා ගැඹුරුයි කියලා ශේක්ස්පියරියානු හෝ බ්‍රෙෂ්ට්ගේ තියරියකින් නෙමෙයි අපි කතාකරන්නේ. අපි මේක ගෙනෙන්නෙ නාට්‍ය ඇතුළෙ තියෙන බ්ලැක් කොමඩි එකෙන්. දාරියෝ ෆෝ ගේන්නෙත් බ්ලැක් කොමඩි එකෙන්. අපි හැමතිස්සෙම නාට්‍යය හරහා එළියට ගන්නේ මේකත් එක්ක තියෙන ස්වෝපහාසය සහ අඳුරු ප්‍රහසනය..ඔබ නාට්‍ය හරහා ගෙනඑන දේශපාලන, සමාජ හා ලිංගිකත්ව කාරණා නිසා එක්තරා කාලයක ජාතික හා සංස්කෘතික විරෝධියෙක් විදිහටත් අතැම් අය හඳුන්වන්න ගත්තා. ඒ වගේම ඔබගේ නාට්‍ය කිහිප විටකදීම වාරණයටත් ලක්වුණා..නාට්‍ය බලන කෙනෙක්ට ඔය කියන දේවල් එක එක තැන්වලට දාගන්න පුළුවන්. අපි ජාති විරෝධී ද නැද්ද කියන එක නාට්‍ය බලන අයටම තීරණය කරගන්න පුළුවන්. ජාතිය කියන එකේම තියෙනවා ප්‍රශ්නයක්. මම කියන්නේ ලංකාවෙ සංස්කෘතිය තියෙන්නේම අප්සෙට් තැනක. ඒ නිසා මම ඒ කියන දේවල් ගැන හිතන්න කලබල වෙන්නේ නැහැ. ‘මං කෙලින් මිනිහෙක්’ නාට්‍යය බලලා, ඒක වාම විරෝධී නාට්‍යයක් කියලා වමේ අය කලබල වුණා. තවත් පැත්තකින් කිව්වා මේක බෞද්ධ විරෝධී නාට්‍යයක් කියලා. නමුත් ඒ කියන දේවල් මට අදාළ වෙන්නේ නැහැ..මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ඔබගේ ඌරෝ අතර පෝර්ක් නාට්‍යයට හොඳම නළුවා, හොඳම සංගීතය, හොඳම වේදිකා පරිපාලනය සමග හොඳම ඇඳුම් නිර්මාණය සඳහා කුසලතා සම්මානයකුත් හිමිවුණා..මම මුලින්ම රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් කරන්නේ 2001 අවුරුද්දෙදි. 2001 අවුරුද්දෙ ඉඳන් අවස්ථා කිහිපයකදී ම රාජ්‍ය නාට්‍ය උළෙල මම නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම එළියෙ ඉඳන් බලාගෙන ඉඳලාත් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් ඉදිරිපත් කිරීම ඇතුළේ නාට්‍යකරුවෙක්ට දේවල් තුනක් තිබෙනවා. පළවෙනිම කාරණය තමයි නාට්‍ය උළෙලේ අවසාන වටයේ නාට්‍ය බලන්න එන ඕඩියන්ස් එක. ඉස්සර මීට වඩා ලොකු සහ සවිඥානික ඕඩියන්ස් එකක් හිටියා. එන්න එන්න ඕඩියන්ස් එක කුඩා වුණත් තවමත් දෙයක් ඉතුරුවෙලා තියෙනවා. මෙවර නාට්‍ය උළෙලෙත් මගේ නාට්‍යයට වගේම තවත් නාට්‍ය කිහිපයකටම පිරී ඉතිරිලා යන ඕඩියන්ස් එකක් හිටියා. දෙවන වැදගත් කාරණය තමයි, යම් නාට්‍යයකට සම්මානයක් ලැබුණොත් ඒක හොඳයි නාට්‍යය දුවාගන්න ප්‍රචාරණ වැඩක් විදිහට. තුන්වෙනි කාරණය තමයි, හදිස්සියේවත් සම්මානයත් එක්ක යම්කිසි මුදලක් ලැබුණොත් ඒක නාට්‍ය ශිල්පීන්ට හොඳයි. මොකද මේ නාට්‍ය කතන්දරය ඇතුළේ ශිල්පීන්ට මහා ලොකු ගෙවීමක් ලැබෙන්නේ නැහැ. ඒ කාරණා තුන ඇරෙන්න රාජ්‍ය නාට්‍ය උළෙලේ හෝ වෙනත් නාට්‍ය උළෙලක කිසිම උපයෝගිතාවක් පේන්නේ නැහැ. පිරී ඉතිරිලා යන ප්‍රේක්ෂාගාරයක් තිබීම ඕනෑම නාට්‍යකරුවෙක්ට පොඩි ආතල් එකක් තියෙන වැඩක්..ඌරෝ අතර පෝර්ක් නාට්‍ය ආරම්භයට පළමුවෙනි සීනුව නාද කිරීමට පෙර සිටම මෑත කාලයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් නිර්මාණය වුණ තේමා ගීත කිහිපයක් වාදනය වෙනවා. එම තේමා ගීත සහ නාට්‍ය අතර තිබෙන සම්බන්ධය මොකක්ද?.ඌරෝ අතර පෝර්ක් නාට්‍යයෙන් අපි කතා කරන්නේ සමකාලීන සංස්කෘතික මිනිසා ගැන. ඒ නිසා නාට්‍යය බද්ධ වෙන්නේ කාලීන දේවල් එක්ක. මේ නාට්‍යයේ අවසානයක් නැහැ. අපි නාට්‍යය එන්ඩ් කරද්දිත් කියන්නේ නාට්‍යය ආරම්භ වුණා කියලා. වේදිකාවෙ පෙන්වන නාට්‍යයේ නෙවෙයි, සැබෑ නාට්‍යය තියෙන්නේ මෙතැනින් එළියේ. නාට්‍යයේ ආරම්භය කියන්නේ බෙල් ගහලා පටන් ගන්න ආරම්භයක් නෙමෙයි. ඕඩියන්ස් එක ඇවිල්ලා වාඩිවෙන මොහොතේ සිට තිබෙන්නේ නාට්‍යය. ඒකට අපි ගේන්නේ ලංකාවෙ දේශපාලන ඉතිහාසයේ මැතිවරණ කැම්පේන්වලට ගත්ත සිංදු. මිනිස්සු අහුවුණෙත් ඒ කැම්පේන්වල සිංදුවලට. ලංකාවෙ අපිව ඌරො බවට පත් කරපු ඉතිහාසය කියන්නේ මේ කැම්පේන් හරහා ගොඩනැගිච්ච ඉතිහාසය..අපි දන්නවානේ රටේ මොනවාගේ තත්වයක්ද තියෙන්නේ කියලා. එහෙම එකේ රුපියල් 1000ක් 1500ක් දීල නාට්‍යයක් බලන්න පුළුවන් ප්‍රේක්ෂාගාරයක් ඉන්නවාද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා..දැන් රට තිබෙන්නේ අර්බුදයක තමයි. හැබැයි මීට කලින් වුණත් අර්බුදය අර්බුදයම තමයි. රුපියල් 1000ක් දීලා නාට්‍යයක් බලන්න එනවා කියන එක මිනිසුන්ගෙ අවශ්‍යතාවලින් සෑහෙන්න ඈත තියෙන දෙයක්. ඒක දැන් ඈත්වුණා නෙමෙයි. පෙට්‍රල් 180 ගණන්වලට තියෙද්දිත් ඔය මිනිසුන්ගෙ තත්වය ඔහොම්මම තමයි. ඒක එහෙමයි කියලා නාට්‍යකරුවෝ කවදා හරි පෙට්‍රල් අඩුවෙලා, උද්ධමනය අඩුවෙලා ඩොලර් ලංකාවට එනකන් නාට්‍ය හදාගෙන ගෙවල් ඇතුළට වෙලා ඉන්න ඕනෑ නැහැ. අපිට නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි. අපි මෙච්චරකල් නාට්‍ය කළේත් අර්බුද ඇතුළේ. අපි දන්නේ නැහැ ඉස්සරහට කොහොම නාට්‍ය කරන්න වෙයිද, තියෙන ටිකත් නැතිවෙලාම යයිද කියලා. නමුත් කොහොම කෙළවිලා ගියත් අපිට නාට්‍ය කරන එක නතර කරන්න බැහැ. තාමත් මොන ප්‍රශ්නෙ තිබුණත් සල්ලි දීලා නාට්‍ය බලන්න එන මිනිස්සු ටිකක් ඉන්නවා. මිනිසුන්ටත් ඒ රසවින්දනය ඕනෑ කරනවා. ඒ නිසා මේක ඔහොම තමයි යන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. එහෙම නම් අපි වැඩේ අකුලාගෙන ගෙවල්වලට වෙලා ඉන්න වෙනවා. මම සූදානම් නෑ අකුලාගෙන ගෙවල්වලට වෙලා ඉන්න. පුළුවන් තරමක් අල්ලාගෙන කරගෙන යනවා. හැබැයි මිනිස්සු එයිද නැද්ද කියන අවදානමක් තියෙනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleලංකාව ඉන්දියාව සමග ආබද්ධ වුණු පාලන ක්‍රමයක් අරගෙන යන්න ඕනෑ: මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල.Next articleරට බේරා ගන්නට පේ වුණ කලාකරුවනි..- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
නියෝග දුන් අය රටේවත් නොසිටීවි පරීක්‍ෂණවලට මුහුණ දෙන්න වෙන්නේ තනියමයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නියෝග දුන් අය රටේවත් නොසිටීවි පරීක්‍ෂණවලට මුහුණ දෙන්න වෙන්නේ තනියමයි.By සංස්කාරක.April 20, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘදය සාක්ෂිය.■ ප්‍රියන්ත ජයකොඩි.ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික).මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා. දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිඟකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව වඩාත් තීව්‍ර කිරීමට එක්කරන ලද ඉන්ධන බවට පත් වී තිබෙනවා. මෙම සිදුවීම් මාලාවට සමගාමීව මහජන විරෝධතා තැන්තැන්වල ආරම්භ වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණවලට නායකත්වය දීමට මුල් වී සිටියත් ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වෙමින් අද වන විට පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව බහුතරයක් වූ සිවිල් පුරවැසියන් පවතින රජයට එරෙහිව එළිපිටම විරෝධතාව ප්‍රදර්ශනය කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන අතර බහුතරයක් ජනතාව අද වන විට වීදි සටන් සටන්වලට අවතීර්ණ වී සිටිනවා..මෙම විරෝධතාවල කූටප්‍රාප්තිය ලෙස පසුගිය 31 වන දින නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේ ප්‍රදේශයේ මහජනතාව විසින් ආරම්භ කරන ලද සාමාන්‍ය විරෝධතාවක් ඉතා සුළු වේලාවක් ඇතුළත මහා ජන සමූහයක් බවට පත්ව ජුබිලිකණුව ප්‍රදේශය ආසන්නයේම පිහිටා තිබෙන වර්තමාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වට කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර මෙම සිද්ධීන් අවසන් වූයේ එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා පැමිණි හමුදා භටයන් ප්‍රවාහනය කරන ලද බස් රථයකට සහ පොලිස් ජිප් රථයක් ඇතුළු ත්‍රිරෝද රථ කීපයකට ගිනි තැබීමෙන් සහ සිවිල් පුරවැසියන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබීමෙනුයි..මෙම සිද්ධීන්වලට සම්බන්ධ බවට සැක කෙරුණු සිවිල් පුද්ගලයන් 58 දෙනෙකු මුල් අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 28 දෙනෙකු නීති විරෝධී ජන රාශියකට ඇතුළත්ව පොදු දේපල විනාශ කිරීමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම පිරිස අතරින් හය දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම් අනුව එම පුද්ගලයන් හය දෙනා උගත් මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඉතිරි සැකකරුවන් විසි දෙදෙනා ඇප මත මුදාහැරීමට උගත් මහේස්ත්‍රාත්තුමා තීරණය කරනු ලැබුවා. මහේස්ත්‍රාත්තුමා මෙම ඇප දීමේ තීරණය ගනු ලැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන් සියලුම දෙනා දින දාහතරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමිනුයි..මෙම සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥයින් 6 දෙනෙකු ඇතුළු නීතිඥයින් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අධිකරණය හමුවේ ස්වේච්ඡාවෙන්ම පෙනී සිටි අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිඥයන්ගේ අත්පොළසන් මැද අධිකරණ ශාලාවට පිවිසීමේ අවස්ථාව ලද එකම සැකකරුවන් කණ්ඩායම ලෙස මෙම පිරිස හඳුන්වා දීම නිවැරදි බවයි මගේ අදහස. අයුතු ජනරාශියකට ඇතුළත්ව පොදු දේපල විනාශ කිරීමේ චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන්ට ඇප ලබා දීම සාමාන්‍ය වශයෙන් සිදුවන්නක් නොවේ. එහෙත් විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් මා විසින් ගනු ලැබූ තීරණය ඉතා නිවැරදි බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ බහුතරයකගේ මතය..සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික තර්ක දෙකක් තිබුණා. ඉන් ප්‍රධානම තර්කය වුණේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද මුල් බී වාර්තාව නීතියට අනුව අසම්පූර්ණ එකක් බැවින් එම කරුණු පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ඔවුනට සිදු කෙරෙන බලවත් අසාධාරණයක් බව..1966 වර්ෂයේ නව නීති වාර්තාවක් ලෙස නෛතික පද්ධතියට එක් ව ඇති ”ජයසිංහට එරෙහිව රජය” නව නීති වාර්තාවේ මෙම තත්ත්වය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එනම් යම් සැකකරුවකු හෝ සැකකරුවන් අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට එම සිද්ධියට අදාළව සැකකරුවන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව පොලිස් විමර්ශනයට ලක් වූ සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් එම බී වාර්තාවට ඇතුළත් විය යුතු බව සහ එම කරුණු නීතිමය විශ්ලේෂණයකට භාජනය කර සැකකරුවන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගය අධිකරණය විසින් තීරණය කළ යුතු බවයි. මෙම බී වාර්තාව අපරාධයට සම්බන්ධව සැකකරුවන්ගේ දායකත්වය වෙන් වෙන් වශයෙන් පිළිබිඹු කරන කැඩපතක් විය යුතු අතර එසේ නොවන අසම්පූර්ණ අවස්ථාවල සැකකරුවන්ට ඇප ලබා දීම හෝ ඔවුන් නිදහස් කිරීමේ තීරණයට එළඹීමේ අයිතිය අධිකරණය සතු වන බවයි..මෙවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකු ගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න ‘මැක්සිමස් ඩැනීට එරෙහිව පොලිස් පරීක්ෂක සිරිනිමල් ද සිල්වා’ නඩුවේදී හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මැතිනිය විසින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එම නඩු තීන්දුවේ දක්වා ඇත්තේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වාර්තා ඒ ආකාරයෙන්ම සැලකිල්ලට ගෙන සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ තත්ත්වයට මහේස්ත්‍රාත්වරුන් පත් නොවිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා යනු හුදෙක් රබර් මුද්‍රාවක් නොවිය යුතු බවත්. එබැවින් මෙම සැකකරුවන් විසි දෙදෙනා සම්බන්ධව උගත් මහේස්ත්‍රාත්තුමා ක්‍රියා කර ඇති ආකාරය ඉතා නිවැරදි වන අතර විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද පිස්සු නටන විට අවම වශයෙන් රාජ්‍ය පාලනය ඉතිරි ප්‍රධාන ප්‍රධාන පාලකයා වන අධිකරණය මෙසේ විචාරශීලීව බුද්ධිමත්ව කටයුතු කිරීම මෙරට සිවිල් පුරවැසියන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි..මෙවැනි මහජන කැළඹීම් සිදුවන වකවානුවල පොලිස් නිලධාරීන් වෙත පැවරෙන වගකීමද අසීමිතයි. ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරීන් ලෙස අප රටේ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අමතක කළ යුතු නැහැ. ඒ වගේම පොලිස් නිලධාරීන් ලෙස අප ක්‍රියාත්මක කරන සියලු විධානයන් නෛතික විය යුතු බවක් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිස් හෝ හමුදා නිලධාරීන් කිසිවකු නීතියෙන් බැඳී නොසිටින බවත් දේශීය මෙන්ම ජාත්‍යන්තර නඩු තීන්දුවලින් මනාව ඔප්පු කර තිබෙනවා..දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම යුද්ධයට මුල් වූ ජර්මානු හමුදා නිලධාරීන්ට එරෙහිව ජර්මනියේ නියුරන්බර්ග් නුවර ආරම්භ වූ ඓතිහාසික අධිකරණ ක්‍රියාවලිය තුළ ලබා දෙන ලද නඩු තීන්දුව ඉතා සුවිශේෂ තීන්දුවක් ලෙස සැලකිය යුතුයි. මෙම අධිකරණ ක්‍රියාවලියේ දී යුද අපරාධයන්ට සම්බන්ධ බවට චෝදනා ලද බහුතරයක් ජර්මානු හමුදා නිලධාරින් සිය විත්තිවාචක ලෙස දන්වා සිටියේ තම රටේ නායකයා ලෙස කටයුතු කළ ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මානු පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගත් නීති අණපනත්වලට අනුව තමන් කටයුතු කළ බවයි. බොහෝ අවස්ථාවලදී තමන් සිදු කළ ක්‍රියාකාරකම් ඇඩොල්ෆ් හිට්ලර් හෝ ඔහුට සම්බන්ධ ඉහළ විධානයන් විසින් ලබාදෙන ලද ඒවා බැවින් හමුදා නීතියට අනුව එම නියෝග ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටි බවත්, එබැවින් තමන් විසින් සිදුකරන ලද බවට චෝදනා නැගෙන යුද අපරාධ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව සිදුකරන ලද ඒවා නොවන බැවින් තමන් නිදහස් කරන ලෙසත්ය. එම නියෝග පාලනය කිරීමේ හැකියාව තමන් සතුව නොතිබූ බවත් ඔවුන් අධිකරණය වෙත දන්වා සිටියා..එහෙත් මෙම විත්තිවාචකය නියුරන්බර්ග් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලද අතර එම විනිශ්චයකාරවරුන් සිය තීන්දුවේ සඳහන් කළේ නායකත්වය කුමන නියෝග නිකුත් කළ ද ඒවා නිවැරදි සහ නීතියට එකඟව ක්‍රියා කළ යුතු ඒවා බැවින් වැරදි සහ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නීතියෙන් බැඳී නොමැති බවයි..1971 කැරැල්ල සමයේදී කතරගම පුදබිමේ දී යුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පසුව පැවති මහාධිකරණ නඩු විභාගයේ දී ද මෙම තත්ත්වය වැඩිදුරටත් හෙළිදරව් වුණා. මෙම සිද්ධියේදී ප්‍රේමවතී මනම්පේරිට වෙඩි තබන ලද මගේ මතකය හැටියට ලාන්ස් කෝප්‍රල් තිලකරත්න විත්තිකරුවකු ලෙස සිය විත්තිවාචකය ලෙස දන්වා සිටියේ යුද හමුදාවේ ඉතා කනිෂ්ඨ නිලධාරියකු වූ තමා උසස් නිලධාරියා වූ ලෙප්ටිනන්ට් විජේසූරිය විසින් දෙනු ලැබූ නියෝගය ප්‍රකාරව ඔහු ප්‍රේමවතී මනම්පේරි තරුණියට වෙඩි තබා ඝාතනය කළ බවයි. එහෙත් නියුරන්බර්ග් නඩු තීන්දුව සිහිපත් කරමින් උගත් මහාධිකරණ විනිසුරුතුමා සිය තීන්දුවේ දක්වා සිටියේ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයේ නිලධාරියෙකු නීතියෙන් බැඳී නොසිටින බවයි..එබැවින් මහජන උද්ඝෝෂණ වීදි විරෝධතා මුළු රට පුරා ක්‍රියාත්මක වන මෙවැනි වකවානුවක පොලිස් හා හමුදා නිලධාරීන් ලෙස තමන් වෙත ලැබෙන නියෝගවල නීත්‍යනුකූලභාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඒවා ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ එම නියෝගවල අනීතිකභාවය පරීක්ෂාවට ලක්කෙරෙන වකවානුවල බොහෝ විට එම නියෝග ලබා දුන් පිරිස මේ රටේ වත් නොසිටින තත්වයක් උද්ගත විය හැකි බැවින් සහ එම පරීක්ෂණයන්ට තනිව මුහුණ දීමට ඒවා ක්‍රියාත්මක කළ පොලිස් සහ හමුදා නිලධාරීන්ට සිදුවන බැවිනුයි..මෙම තත්ත්වය 1971 කැරැල්ල අවසානයේදී මෙන්ම 1988- 89 භීෂණ සමය අවසානයේදී ද උතුරේ යුද කලාපය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් සම්බන්ධව ද සිදුවනවා සහ ඒවාට මුල් වූ පොලිස් සහ හමුදා නිලධාරීන් එම අවස්ථාවල මුහුණ දී සිටි අසරණභාවය වසර හතළිහකට ආසන්න සක්‍රීය සේවා කාලයක් හිමිව සිටි මා විසින් පැහැදිලිව දැක ඇති බැවින්. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගෝඨාභය එක්ක ජනාධිපති ක්‍රමයත් ‘ගෝ හෝම්’.Next articleපළාත් පාලන මැතිවරණ සංශෝධන යෝජනා අතිශය ප්‍රශ්නකාරීය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
බොරු ලේඛන හදලා නීති විරෝධී විදියට මහජන මුදල් වියදම් කරනවා -සුනිල් හඳුන්නෙත්ති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බොරු ලේඛන හදලා නීති විරෝධී විදියට මහජන මුදල් වියදම් කරනවා -සුනිල් හඳුන්නෙත්ති.By තරිඳු උඩුවරගෙදර.May 8, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.කෝප් කමිටුවේ හිටපු සභාපති.ආණ්ඩුව නීතිවිරෝධීව මහජන මුදල් වියදම් කිරීමට උත්සාහ කරන බවට මුල සිටම සාකච්ඡාවක් තිබුණා. ඔබ පෙන්වාදුන්නා ආණ්ඩුව තමන්ගේ වාර්තාවකටත් බොරු කරුණු ඇතුළත් කරලා තියෙන බව...පහුගිය ආණ්ඩුව 2019 නොවැම්බර් මාසයේදී 2020 වෙනුවෙන් අයවැයක් සම්මත කළේ නැහැ. ඒ ජනාධිපතිවරණය තිබුණු නිසා. ඒ වෙනුවට ඔක්තෝබර් 23 වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත කළා. ඒකෙන් අපේ‍්‍රල් මාසයේ 30 දක්වා පළවැනි කාර්තුවට මුදල් වියදම් කිරිම වෙනුවෙන් මුදල් ලැබෙනවා. මාර්තු මාසයේ 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. නැවත පාර්ලිමේන්තුව රැස්වුණේ නැහැ. එහෙම තිබියදී තමයි මා පෙන්වාදුන්න වාර්තාව එළිදැක්වුවේ. මෙය 2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ නිකුත් කළ යුතු වාර්තාවක්. මේ වාර්තාව නිකුත් කරන්න ඕනෑ නිල වශයෙන් ආණ්ඩුව සාමාන්‍යයෙන් මැතිවරණයකට පාර්ලිමේන්තුව විසුරුවලා හැරලා සති තුනක් ඇතුළත. පනත අනුව ඒ පනතෙන් රටේ මූල්‍ය තත්වය පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ. මාර්තු 23 වැනිදා මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඒ වාර්තාව පළ වුණා. ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියෙන් ඒ වාර්තාව බලන්න පුලූවන්..මේ වාර්තාවේ වැදගත් කාරණාවක් තියෙනවා, බොහෝ ආර්ථික කාරණා අතරේ. එහි 12 වැනි පිටුවේ තවත් අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් වෙනවා. ඒ වාර්තාවේ කියන්නේ මාර්තු සිට මැයි දක්වා කාලසීමාව වෙනුවෙන් එම අතුරු සම්මත ගිණුම සකස් කරපු බව. ඒකේ ඉතා පැහැදිළිව කියනවා ජනාධිපතිවරයා මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන බව. එහෙම තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150(3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා අතුරු සම්මත ගිණුමක් මාර්තු 06 වැනිදා පටන් බලපැවැත්වෙන පරිදි සම්මත කළා කියලා. අපි අහන්නේ මාර්තු 06 වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත කරන්නෙ කොහොමද කියලා. මාර්තු 06 වැනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන්නේ..මේ කියන බොරු අතුරු සම්මත ගිණුමෙහි වටිනාකම කොපමණද?.මේ වාර්තාව අනුව රුපියල් බිලියන 1229කට හෙවත් කෝටි 122,900කට මුදල් වෙන්කරලා තියෙනවා. ඒ වාර්තාවේම ඒ මුදල් පිළිබඳව වැඩිදුර විස්තර සඳහන් වෙනවා. අපි අහන්නෙ කොහොමද ඒක කළේ. අතුරු සම්මත ගිණුම කියන්නේම පාර්ලිමේන්තුවේ ඡන්දය විමසලා සම්මත කරගන්නා ගිණුමක්. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2020 අවුරුද්දට අදාලව සම්මත කරලා තියෙන්නේ එක අතුරු සම්මත ගිණුමයි. ඒක ගිය අවුරුද්දේ සම්මත කරපු එක. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවෙහි සඳහන් වෙලා තියෙන අතුරු සම්මත ගිණුම කවුද සම්මත කළේ. කවදාද සම්මත කළේ..ජනාධිපතිවරයා මීට පෙර කරපු කතාවකදීත් තමන් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත් බව කීවා. අතුරු සම්මත ගිණුම් සම්මත කිරීමේ බලයක් ජනාධිපතිට ලැබුණේ කවදාද කියලා අපි ඒ මොහොතේ ප‍්‍රශ්න කළා. ඒත් සමහරු හිතන්නේ ජනාධිපතිවරයාට එවැනි බලයක් තියෙනවා කියලයි….අතුරු සම්මත ගිණුමට ඉංග‍්‍රීසියෙන් කියන්නේ වෝට් ඔන් අකවුන්ට් කියලයි. සරලව කීවොත්, ඡන්දයකින් සම්මත කරගත් ගිණුම කියන එකයි අදහස. අතුරු සම්මත ගිණුම කියන යෙදුමෙනුත්, සම්මත කරගත් ගිණුමක් කියන අදහස තියෙනවා. ඒ කෙසේ වෙතත්, මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අයවැය හදන්න හෝ අතුරු සම්මත ගිණුම හදන්න විධායකයට බලය තිබුණාට, ඒවා ක‍්‍රියාත්මක කරන්න බලයක් විධායකයට නෑ..අතුරු සම්මත ගිණුමක් ඡන්ද විමසීමකින් තොරව, පාර්ලිමේන්තුවේ සමම්ත නොකර ක‍්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධීයි. නීතිවිරෝධීයි. ඒ නිසා අපි දැනගන්න ඕනෑ මේ මුදල් අමාත්‍යාංශ වාර්තාවෙහි සඳහන් කරලා තියෙන අතුරු සම්මත ගිණුමෙන් සල්ලි සම්මත කරලා තියෙන්නේ කොහොමද. මේක මුදල් අමාත්‍යවරයා අත්සන් තැබූ වාර්තාවක්. මේක නිල ලේඛනයක්..ජනාධිපතිවරයාට මුදල් වියදම් කරන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150(3) ව්‍යවස්ථාවෙන් බලය තියෙන බව ආණ්ඩුවේ ඇතැම් නායකයන් කියනවා නේද?.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150(3) ව්‍යවස්ථාවෙන් මෙහෙම වැඩකට බලයක් ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව තියෙන්නේ මෙහෙමයි. ‘යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත් නීතිය බවට පත්වීමට පෙර..’ ඒ කියන්නේ අයවැය සම්මත වෙලා නැත්නම් ‘ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් නිකුත් වන තෙක් රජයේ සේවාවක් සඳහා මුදලක් අවශ්‍ය වේයැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත්, නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි..ජනාධිපතිවරයාට ඒ බලය තියෙන්නේ මේ වගේ අතුරු සම්මත ගිණුමක් හදන්න නෙවෙයි. ඒකෙන් කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින ඉඳලා ඉදිරි අයවැය සම්මත කරගන්නාතුරු මාස තුනකට සල්ලි වියදම් කරන්න බලය ජනාධිපතිවරයාට තියෙනවා කියලා. ඒත් මේ කරලා තියෙන්නේ ඒ වගන්තිය පාවිච්චි කරලා මැතිවරණයට පාර්ලිමේන්තුව විසුරුවපු දවසෙන් දවස් කිහිපයකට පස්සේ අතුරු සම්මත ගිණුමක් හදාගෙන. ඕනෑ කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් දැනටත් මේ වාර්තාව බලන්න පුළුවන්. රටේ ජනතාව දන්නේ නැති, පාර්ලිමේන්තුව දන්නේත් නැති, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පස්සේ මුදල් වෙන් කරගැනීමක් ගැන තමයි මේ වාර්තාවේ තියෙන්නේ..ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් මේ වගේ හදිසි වෙලාවක මුදල් වියදම් කළාට කමක් නැහැ කියලා හිතන අයත් ඉන්නවා නේද?.ඒවා විහිළු තර්ක. භාණ්ඩාගාරය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපලක් නෙවෙයි. කාගෙවත් පෞද්ගලික සල්ලි නෙවෙයි. ඒකේ තියෙන්නේ මහජනතාවගේ මුදල්. ඒ මුදල් වියදම් කරන්නට රටක ව්‍යවස්ථාපිත ක‍්‍රමයක් තියෙනවා. එහෙනම් මේක හදිස්සි වෙලාවක් කියලා අපේ රටේ ඕනෑ කෙනෙක්ට ගිහින් භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලගෙන එන්න පුළුවන් වෙන්න එපැයි. සල්ලි වියදම් කරන්න ව්‍යවස්ථාපිත ක‍්‍රමයක් තියෙනවා. දැන් ආණ්ඩුව ඒකාධිපති ක‍්‍රමයට මුදල් වෙන් කරගැනීමේ බලයක් බලෙන් පවරාගෙන. ඊට පස්සේ ඒකට අදාලව ව්‍යාජ ලේඛන පවා සකස් කරමින් ඉන්නවා. සරලව කීවොත් බොරු ලේඛන හදලා නීතිවිරෝධී විදියට මහජන මුදල් වියදම් කරනවා..පාර්ලිමේන්තුවත් නැතිව, මුදල් වියදම් කිරීමේ විනිවිදභාවයකුත් නැතිව ඕනෑ විදියකට රට පාලනය කරන්නට ආණ්ඩුව උත්සාහ කරන බව පේනවා නේද?.රාජ්‍ය යනු මමය කියන අදහස තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබාදෙන්න කියලා පෞද්ගලික ඉල්ලීමක් නිල නිවේදනයක් වගේ ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය යාන්ත‍්‍රණයට නිකුත් කරලා තියෙනවා. දැන් රාජ්‍ය මූල්‍ය වගකීම් පනතක් තිබුණාට වගකියන්නේ නැති තත්වයක් තියෙන්නේ. අතුරු සම්මත ගිණුමක් කියන්නේ මොකක්ද කියලාවත් මායිමකට ගන්නේ නැතිව වැඩවසම් රදල පාලනයක් ගෙනයන්න තමයි උත්සාහ කරන්නේ. මේවා රජ කාලයේ කරපු වැඩ..ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත්, ලෝකයේ පිළිගත්ත මුදල් පිළිබඳ සම්ප‍්‍රදායත් සම්පූර්ණයෙන්ම අමතක කරලා මෙලෙස කටයුතු කිරීමෙන් ලෝකය ඉදිරියේ ශ‍්‍රී ලංකාව අපකීර්තියට ලක්වීමත්, ඇතැම්විට ආධාර ආදිය නොලැබී යෑමත් සිදුවිය හැකියි නේද?.මේ අය වැඩ කරන්නේ අවට අය කරන්නේ මොකක්ද, හිතන්නේ කොහොමද කියලා කල්පනා කරමින් නෙවෙයි. දැන් මේ වැඩවසම් පුරුදු රාජ්‍ය නිලධාරීන්ටත් බෝවෙලා. හැමෝම නීතිය නොතකා වැඩකරන තත්වයක් ඇවිත්. නීතිය මොකක්ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඇමතිවරු සල්ලි අච්චු ගහලා හරි ආර්ථිකය ගොඩගන්න කියලා යෝජනා කරන්නේ. මේ ඇමතිවරුන්වත් දන්නේ නැහැ ජාත්‍යන්තර සම්මුතීන් මොනවාද කියලා. උද්ධමනය ගැනත්, ජාත්‍යන්තර සම්මුතීන් ගැනත් සතපහකට මායිම් නොකර මුදල් අච්චු ගහන්න යෝජනා කරන්නේ ඒ නිසා. මේවා කියන්නේ විහිළුවට නෙවෙයි. මේ නොදැනුවත්කම. අඩු තරමේ මුදල් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අය තමයි ආණ්ඩුවේ ඉන්නේ. මුදල් කියන්නේ භාණ්ඩ නෙවෙයි. භාණ්ඩ මිලදී ගැනීම හා අලෙවි කිරීම සඳහා පාවිච්චි කරන මාධ්‍යයක්. ලෝකයේ භාණ්ඩ හිඟයක් තියෙනවානම් මුදල් අච්චු ගහපු පළියට භාණ්ඩ ලැබෙන්නේ නැහැ. මේ පුංචි යථාර්තයවත් තේරෙන්නේ නැති අය තමයි ඉන්නේ..ජවිපෙ අරලියගහ මන්දිරයේ රැස්වීමට ගියේත් නැහැ නේද?.ඔවුන් හිතන්නේ ඒ රජගෙදර කියලයි. එයාලා එන්න කිව්වාම අපි රජගෙදරට යන්න ඕනෑ කියලයි හිතන්නේ. මේ උත්සාහ කරන්නේ තමන්ගේ බල පරාක‍්‍රමය පෙන්වන්නයි. අපි මොකටද රජගෙදරට එන්න කිව්වාම යන්නේ. ඒකට කිසිම නිත්‍යානුකූල පදනමක් නෑ. ව්‍යවස්ථානුකූල පදනමක් නෑ. පාර්ලිමේන්තුව කියන ආයතනය තියෙන්නේ තීන්දු තීරණ ගැනීම සඳහා. පාර්ලිමේන්තුව රැස් කරන්න. සෙල්ලම් පාර්ලිමේන්තු ඕනෑ නැහැ..මෙලෙස නීතියට පිටින් මුදල් වියදම් කිරීමෙන් දීර්ඝකාලීන බලපෑමක් ඇතිවේවිද?.දීර්ඝකාලිනව විය හැක්කේ අරාජිකත්වය ඇතිවීම. ඒ වගේම ඒකාධිපතිත්වය දක්වා මඟ සැලසීම. එහෙම නැත්නම් මේ අනීතික, වැඩවසම් ක‍්‍රියා පිළිවෙත ජනතාව පරාජය කිරීම. අපි හිතන්නේ ඔවුන් අරාජිකත්වය හෝ ඒකාධිපතිත්වය දක්වා යනතුරු ජනතාව බලා ඉන්න ඕනෑ නැහැ. ජනතාව මේ අයව පරාජය කළ යුතුයි..මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු බව ව්‍යවස්ථාවෙහි සඳහන් වෙනවා. මේ ‘සම්පූර්ණ බලය’ කියන යෙදුම විශේෂයි නේද?.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාවෙන් ඉතාම පැහැදිළිව තනි සරල වාක්‍යයක් විදියට කියනවා මේ ගැන. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි. පාර්ලිමේන්තුව සතුයි කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන 225 දෙනා සතුයි කියන එක නෙවෙයි. ඒ බලය ජනතාව සතුයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය තමයි පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක කරන්නේ..කෙසේ වෙතත් ‘225ම එපා’ කියන ජනප‍්‍රිය මතය නිසා පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ නැති බව සමහරු කල්පනා කරනවා...දැන් තියෙන ප්රශ්නය තමයි ඒ අය කියන්නේ 225 එපා කියලාද, පාර්ලිමේන්තුව එපා කියලාද කියන එක. මිනිස්සු කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරුන් නුසුදුසු බවද. නැත්නම් පාර්ලිමේන්තුව කියන ආයතනයම එපා කියන එකද. මේ කතා දෙකට එකිනෙකට වෙනස් අදහස් දෙකක් තියෙනවා. පාර්ලිමේන්තුවම එපා කියලා කියනවානම් ජනතාව කියන්නේ තමන්ට බලය එපා කියලයි. මොකද පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක කරන්නේ ජනතාව සතු බලය. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයන්. පත්කරපු අයගේ වරදක් තියෙනවානම්, කරන්න ඕනෑ ඔවුන්ව පරාජය කිරීම. ජනතාව 225ම එපා කියලා කියන්නේ දැන් ඉන්න පාර්ලිමේන්තු සාමාජිකයන් ගැන නම්, ඔවුන්ට ඡන්දය නොදී ඉන්න පුළුවන්. ඒත් ඇත්තටම ජනතාව ඡන්දය දෙන්නේ කාටද. දැන් නාමයෝජනා දීලා තියෙන්නේ කාටද..කවුරුහරි දැන් ඉන්න මන්ත‍්‍රීවරුන්ව එපා කියලා කියනවානම් ඒක වෙනම කතාවක්. පාර්ලිමේන්තුවම එපා කියලා කියනවානම් ඔවුන් කියන්නේ තමන්ට කිසිම බලයක් එපා කියලයි. තමන්ගේ බලය අත්හරින බවයි ඔවුන් කියන්නේ. ඒක හරිම බරපතලයි..බොහෝ අය නොදන්නා කාරණයක් තමයි පාර්ලිමේන්තුවේ ජනතාවගේ මුදල් පිළිබඳව වැදගත් ක‍්‍රියාමාර්ග බොහොමයක් ගන්න බව. විශේෂයෙන්ම විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව පවා මහජන මුදල් පිළිබඳව ක‍්‍රියාමාර්ග ගොඩක් අරන් තියෙන බව. ඔබ සභාපතිත්වය දරන ලද කෝප් කමිටුවෙන් විධායකය කරලා තියෙන මුදල් අවභාවිතයන් බොහොමයක් ගැන කරුණු හෙළිකළා. මහජන මුදල් වංචා කිරීම ගැන ප‍්‍රශ්න කළා. එවැනි පසුබිමක පාර්ලිමේන්තුව මොනතරම් වැදගත් ආයතනයක්ද කියන කාරණය ඇතැමුන් දන්නේ නැහැ නේද?.සමහරුන් හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව කියන්නේ රැස්වීම් වලදී මන්ත‍්‍රීවරුන් කතාකරන දේවල් විතරක් කියලයි.රෑට රූපවාහිනියේ ප‍්‍රවෘත්තිවලින් පෙන්වන, කුණුහරුප සහ විහිළු කතා විතරක් කියලයි. ප‍්‍රවෘත්ති බලලා විතරක් පාර්ලිමේන්තුව තේරුම් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ බොහෝ දේවල් සිද්ධවෙනවා. කාරක සභා තියෙනවා. සමහරුන් රූපවාහිනියේ පෙන්වන දේවල් වලින් එහාට බලන්නේ නැහැ..Tags.සුනිල් හඳුන්නෙත්ති.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිනෝදය කපා හැරීමේ ‘විනෝදයේ’ ප‍්‍රතිලාභ – අශෝක හඳගම.Next articleකුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක මාරු කරයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
දෙවියන් වහන්සේ හදලා මහපොළවට එවන යාන් ගැන ඩබ්ලිව් ජයසිරි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දෙවියන් වහන්සේ හදලා මහපොළවට එවන යාන් ගැන ඩබ්ලිව් ජයසිරි.By සංස්කාරක.May 5, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.යාන්ස් හෙවත් යාං හෑලි, මළගෙයකදී, දානෙ ගෙදරකදී, චාරිකාවකදී, කෑමක් බීමක් වෙලාවකදී විතරක් නෙවෙයි නිකරුණේ කාලය ගතකරන ඕනෑම වෙලාවකදී අපිට සමීප දෙයක්. රෑ එළිවෙනකං වුණත් යාන් එක දිගට කියන්න දක්‍ෂයො ඉන්නවා. පරණ යාන්ස් කියනවා විතරක් නෙවෙයි අලුතෙන් හදන්න දක්‍ෂයොත් ඉන්නවා..රංගවේදී ඩබ්ලිව් ජයසිරි, කලා ලෝකයේ යාන්ස්වලට නම් දැරූවෙක්. සාමාන්‍යයෙන් ඔහු සිටින හැම තැනක්ම යාන්ස්වලින් පිරිලා යනවා. යාන්ස්වලට එක්තරා දුරකට සමීපවෙන කතා ඇතුළත් ‘ලට්ට ලොට්ට’ නමැති පොතකුත් ඔහු පසුගිය කාලේ එළිදැක්වූවා. මේ ජයසිරිත් එක්ක යාන්ස් හෙවත් යාං හෑලි ගැන කළ කතාබහකදී, ඔහු කියාගෙන කියාගෙන ගිය දේවල් පෙළගැස්වීමක්..■ අරුණ ජයවර්ධන.මමයි චින්තන ජයසේනයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා පත්තරයක් කළා ‘ශ්‍රී විකාර’ කියලා. කලාප හතරයි ගහන්න පුළුවන් වුණේ. ඒක නැවතුණා. ඉතින් ඒ පත්තරේ ගහන්න ඉස්සෙල්ලා මායි චින්තනයි ගිහිල්ලා හම්බවුණා සිරා, බීඒ සිරිවර්ධන, සිරා ඒ කාලේ අපේ බොහොම හොඳ මිත්‍රයෙක්. චින්තනයි මායි සිරායි බොහොම හොඳට අඩිපුඩි ගහනවා බොරැල්ලේ ඊඒපී බාර්රෙකේ. ඒ වෙනකොට සිරා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඳක් උඩ ඉන්නේ. අපි සිරා හම්බවෙලා කියනවා, ‘අපි මෙහෙම පත්තරයක් පටන්ගන්නවා. යාන් හෑලි විහිළු අරව මේවා තියෙන පත්තරයක්. ඒකේ පළමු කලාපයට කර්තෘ වාක්‍යයක් ඕනනේ. මේ කර්තෘ වාක්‍යය ලියන්න මොකක් හරි අදහසක් දෙන්න’ කියලා..එතකොට සිරා කිව්වා, ‘දැන් මේ විහිළු කියන ඒවා, යාං හෑලි කියන ඒවා කවුරුද හදන්නේ කියලා මිනිස්සු අහනවා. අපිව මැව්වේ දෙවියන් වහන්සේ වගේ මේ විහිළු හදන්නෙත් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ විහිළු හදලා මහපොළවට එවනවා. ඉතින් ඒවා කියවලා අහලා සන්තෝස වෙන මිනිස්සු බුද්ධිමත්තු. ඒවා කියවලා අහලා තරහ යන මිනිස්සු මෝඩයෝ.’.මම හිතන්නේ යාං හෑලි ගැන මුලින්ම කියන්න ඕන නිර්වචනය ඒක තමයි. යාං හෑලි හැදුවෙ කවුද, කොහෙන්ද මේක නිර්මාණය වුණේ කියලා කාටවත් හරියට හොයලා කියන්න බෑ. අපි හදාපු යාං හෑලිත් තියෙනවා. නමුත් මූලික වශයෙන් යාං හෑලි කවුද හැදුවෙ කියලා යාං හෑලි කියවන, කියන, අහන කවුරුත් දන්නේ නෑ..හැබැයි ඉතිං යාං හෑලිවල තියෙන විශේෂත්වය තමයි බුද්ධිමත් මනුස්සයෙන් යාං හෑලි කියවලා සන්තෝස වෙනවා. ඒක රසවිඳිනවා. මෝඩයෙක් යාං හෑලි කියවලා තරහ ගන්නවා. එහෙම නැත්තං මේකෙ රසය විඳින්න තේරෙන්නේ නෑ..තුන්පාරක් හිනාවෙන්න.සාමාන්‍යයෙන් කියනවා යාං හෑල්ලක් අහපු කෙනෙක් තුන් පාරක් හිනා වෙනවාලු. මුලින්ම මේක කියන වෙලාවේ, මේක අහන් ඉන්න කට්ටිය හිනා වෙනවානේ. කවුරුත් හිනාවෙන හින්දා එයාත් හිනාවෙනවා. දෙවැනි පාරට හිනාවෙන්නේ ගෙදර යන ගමං, මොකටද මං හිනාවුණේ කියලා තේරුණෙත් නෑනේ කියලා ඒකට හිනාවෙනවා. අන්තිමට ගෙදර ගිහිල්ලා කල්පනා කර කර ඉන්න කොට යාන් ඒක තේරෙනවා ඒ වෙලාවේ. තේරිලා තුන්වෙනි හිනාව හිනාවෙනවා. ඕක තමයි යාන්හෑලිවල උප්පත්ති කතාවෙ ඉඳලා මේක හැදිච්ච විදිය..මේක ඇත්තටම තේරුම් ගන්න පුළුවන් එක යාං හෑල්ලක් තියෙනවා, හැබැයි මේක පත්තරේකට ලියනකොට ටිකක් ශිෂ්ට සහ හොඳ භාෂාවෙන් ලියන්න පුළුවන්. මම මේක ලියලා තියෙනවා මගේ ‘ලට්ට ලොට්ට’ (යාන් හෑලි ඇතුළත් ජයසිරිගේ අලුත්ම පොත, පසුගියදා නිකුත් විය. නිර්මල ප්‍රකාශනයකි.) පොතේ..එක්තරා අවුරුද්දක තිස් එක් වෙනිදා රාත්‍රියේ, ටීවීටී ආයතනය නාවල තියෙන කාලේ, ඒ ගොඩනැගිල්ලේ තිබුණා විසාල බැල්කනි එකක්. ඒ බැල්කනි එකේ තමයි අපේ තිස්එක් වෙනිදා රාත්‍රි සාදය. පරාක්‍රම නිරිඇල්ල, රවීන්ද්‍ර ගුරුගේ, සිඩ්නි චන්ද්‍රසේකර ඇතුළු තවත් බොහෝ අය හිටියා. ඔහොම ඉන්න ගමන් මම යාන් එකක් කිව්වා. යාන් එක කිව්වාම ඔක්කොම හිනාවුණා, බඩ පැලෙන්නයි, බඩ අල්ලගෙනයි ඔක්කොම හිනාවුණා. එහෙම වෙලා අපි ඉතින් සාදය යන අතරේ හිටි ගමන් (මියගිය රංගන ශිල්පී) එච්ඒ පෙරේරා ආවා. එච්ඒ ආවෙ දොරෙන් නෙවෙයි. බැල්කනියෙ ඉඳලා බිමට වැටිලා තිබුණා බොහොම හයිය සරුසාර වැලක්. අන්න ඒ වැල දිගේ එල්ලිලා කෙලින්ම බැල්කනියට ආවා. එතකොට පරාක්‍රම මට කිව්වා මචං අන්න අර යාන් එක එච්ඒට ආයිත් කියාපන්කො කියලා. මං කිව්වා දැන් එක සැරයක් කිව්වනේ කියලා. හරි හරි කමක් නෑ මූට කියපං.. ඉතින් මම ඒ යාන් එක ආයෙත් කිව්වා. යාන් එක මොකක්ද...බොහොම ශක්තිවන්ත මනුස්සයෙක් කෑමබීම විටමින් සියල්ලම පොඩි බැක්පැක් එකක දාගෙන කාන්තාරයක් මැද්දෙ පයින් යනවා. එයාගෙ එක ආසාවක් තමයි මේ කාන්තාරෙ පයින් යන එක. දවසක් එකහමාරක් ඇවිදගෙන යනකොට මිනිහාගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වුණා. හස්තෝපක්‍රමයෙන් මේක නවත්තගන්න මිනිහාට හිතෙන්නේත් නෑ, මිනිහා වටපිට බැලුවා. ඔටුදෙනක් ඉන්නවා. කවුරුත් දකින්නෙත් නෑනේ. මිනිහා හිතුවා මේ ඔටුදෙනට රමණය කළාම මේ වැඩේ ඉවරයක් කරගත්තෑකි කියලා. හැබැයි ඔටුදෙන උසයිනේ. මිනිහා වැලි ගොඩක් ගහලා ඒක උඩට නැගලා වැඩේට සැරසෙනවාත් එක්කම ඔටුදෙන පොඩ්ඩක් ඉස්සරහට යනවා. මිනිහා ඒ වගේ වැලි ගොඩවල් දෙක තුනක්ම ගැහුවා, හැම වෙලාවෙම ඔටුදෙන ඉස්සරහට යනවා. ඒ අතරේ මිනිහාට එක පාරටම ඇහුණා කවුරුහරි ගෑනු ළමයෙක් කෑගහනවා අනේ මාව බේරගනියෝ කියලා. බලනකොට ඩෙසර්ට් බැන්ඩිට්ස්ලා කීපදෙනෙක් මේ කෙල්ලට අතවර කරන්න යන්නේ. මෙයා හයිය හත්තිය තියෙන මිනිහානේ. ඩෙසර්ට් බැන්ඩිට්ස්ලාට ගහලා එලවාගත්තා. පස්සේ අර ගෑනු ළමයා කිව්වා අනේ අයියේ උඹ මාව බේරගත්තා, උඹ ඉල්ලන ඕන දෙයක් මම උඹට දෙනවා කියලා. එතකොට මිනිහා කිව්වා, ‘නංගි මං මේ ඔටුදෙන එක්ක රමණය කරනකං පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඔටුදෙන පොඩ්ඩක් අල්ලං ඉන්න’ කියලා..කතාව කිව්වාට පස්සේ එච්ඒ පෙරේරා, ‘එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්නෙ කොහොමද, හරි වැඩක්නේ, ඔටුවන්ට එහෙම කරන්න යනවාද මිනිස්සු?’ අරෙහම මෙහෙම කියලා හෙණ කතන්දරයක් කියන්න පටන් ගත්තා, මම කියපු කතාව විස්වාස නොකර. මං කිව්වා එච්ඒ, මේක යාන් එකක් මචං. යාන් එකක ඒවා තේරුං කරන්න බෑනේ කියලා. අහං හිටපු අයට තවත් හිනායි මේ එච්ඒගේ රියැක්ෂන් එකට..යාන් තේරුම් ගැනීම.ඔය කතාවම මේ ඉතාමක් මෑතකදී මම කිව්වා ෂූටිං එකක් ඉවරවෙලා පොඩි අඩියක් ගහගහ ඉන්න වෙලාවේ. එතන හිටියා මේ අලුත් පරපුරේ නළුවෙක්. ඌ විතරක් හිනාවෙන්නේ නෑ. මං ඇහුවා ඇයි මචං උඹට හිනායන්නේ නැත්තේ, උඹට තේරුණේ නැද්ද කියලා. එතකොට මූ කියනවා, නෑ අයියෙ මම මේ කල්පනා කළේ මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්දැද්දි මූ අර ඔටු දෙනටම ඒ වැඩේ කළේ මොකද කියලා..ඉතින් තේරෙනවානේ, යාන් එකක් තේරුං ගන්නත් වටහාගන්නත් ඥානයක් තියෙන්න ඕන. හොඳ ඔළුවක් නැත්තං යාන් එකක් වටහා ගන්න බෑ. ඇත්තටම අපේ සමාජයේ ඉන්නවා ගොඩාක් අය, ටියුබ් ලයිට් වගේය කියලා අපි කියන්නේ. ඒ වගේ අයට යාන් එකක් තේරුං ගන්න ටිකක් වෙලා යනවා. සමහරු ඉන්නවා, සෑහෙන්න වෙලාවක් ගන්නවා, මර්කරි බල්බ් වගේ. හැබැයි ඉතිං ඒ විදියටඩ බැලුවාම යාන් එකක් තේරුම් ගන්න පුළුවන් වීම මිනිහෙකුගේ බුද්ධිමත්කම මනින්න පුළුවන් මිනුම් දණ්ඩක්..මම හදපු යාන් එකක් තියෙනවා. ඒක අපේ රටේ පොලිස් සේවය පිළිබඳ යාන් එකක්. හැබැයි ඒකෙන් ගොඩාක් දේවල් කියවෙනවා. නුවර පෙරහැර තියෙන කාලයට පෙරහැර තියෙන තැන ඉඳලා හැතැම්ම තුන හතරක් ඈතට නගරෙ වටේම පාර මුරකරන්න පොලිස්කාරයො දානවානේ. ඉතින් කටුකැලේ හරියෙ එස්අයි කෙනකුයි සාජන් කෙනකුයි දාලා ඉන්නවා. මිනිස්සු, වාහන හසුරුවන්න. ඉතින් පෙරහැර ඉවර වෙනකං මේගොල්ලන්ට ඩියුටියක් නෑනේ. ඒ වෙලාවෙ ළඟ ගේක මිනිහෙක් වාඩිවෙන්න පුටු දෙකක් දීලා අරක්කු බාගයක් වගේ පොඩි ඩි්‍රන්ක් එකකුත් දුන්නා. ඩි්‍රන්ක් එක දදා ඉන්න ගමන් එස්අයි ඇහුවා සාජන්ගෙන්, ‘සාජන් මහත්තයා මේ රටේ දැන් නායකයා කවුද’ කියලා. සාජන් කිව්වා ජනාධිපති කියලා. එස්අයි කිව්වා, ‘අනේ තමුසෙ දන්න කෙංගෙඩිය. ජනාධිපති මොන නායකයෙක්ද’ කියලා. ආ.. එහෙනං අගමැති වෙන්න ඇති. නෑ ඕයි අගමැතිම කියන්නෙ එයා රබර් සීල් එකක් වගේ කියලා. එහෙනං මල්වත්තේ හාමුදුරුවො?.. තමුසෙට පිස්සුද ඕයි. එහෙනං අස්ගිරියෙ ලොක්කා? අස්ගිරියෙ හාමුදුරුවන්ට පුළුවන්ද අයිසෙ ලංකාවෙ ලොක්කා වෙන්න. දැන් මේක හරි ප්‍රශ්නයක්. සාජන් කිව්වා, මං දන්නේ නෑ සර්, සර්ම කියන්නකො කවුද ලංකාවේ ලොක්කා කියලා. එතකොට එස්අයි සාජන්ට කිව්වා, ‘ලංකාවෙ ලොක්කා තමුසෙ’ කියලා. සාජන්ට අප්සෙට් වෙලා ‘මම කොහොමද ලොක්කා වෙන්නෙ. මම නිකං සාජන් කෙනෙක්නෙ’ කිව්වා. තමුසෙ ලොක්කා වෙන්නේ කොහොමද දන්නවද? දැන් තමුසෙ මට බයයි. මම අයිපීට බයයි. අයිපී එච්කිවුඅයිට බයයි. එච්කිවුඅයි ඒඑස්පීට බයයි. ඒඑස්පී එස්පීට බයයි. එස්පී එස්එස්පීට බයයි. එස්එස්පී ඩීඅයිජීට බයයි. ඩීඅයිජී අයිජීපීට බයයි. අයිජීපී නියෝජ්‍ය ඇමතිතුමාට බයයි. නියෝජ්‍ය ඇමතිතුමා ඇමතිතුමාට බයයි. ඇමතිතුමා අගමැතිතුමාට බයයි. අගමැතිතුමා ජනාධිපතිට බයයි. ජනාධිපති ජනතාවට බයයි. ජනතාව තමුසෙට බයයි. ඉතින් තමුසෙ තමයි ලොක්කා..ලිංගික කාරණා.යාන්ස්වල ලිංගික කාරණා මත හැදිච්ච ඒවා ගොඩාක් වැඩියි. හැබැයි ඒවා හරිම විටි. (witty) සහ ගැඹුරුයි. ඔන්න ආමිකාරයෙක් හිටියා. එයා ගෙදර එන්නේ මාස තුන හතරකට සැරයයිනේ. පොඩි දරුවයි වයිෆුයි තමයි ගෙදර ඉන්නේ. නිවාඩුවට ආපු දවස් දෙක ඉස්කෝලේත් නිවාඩු. මෙයා කිව්වා පුතා, බැල්කනි එකට වෙලා පොඩ්ඩක් බලන්න පාරෙ තොප්පි දාගෙන කී දෙනෙක් යනවාද කියලා. හරියට ගණං කළොත් එක්කෙනෙක්ට සතපනහ ගානේ මම දෙනවා කියලා. ඉතිං කොල්ලා බැල්කනියට ගිහිං එකායි දෙකායි කියනවා ඇහෙනවා. එහා ගෙදර පොඩි එකත් උන්ගෙ බැල්කනියට ඇවිල්ලා. මේ පොඩි එකා හයියෙං ගණං කරනවා ඇහිලා අර පොඩි එකා උන්ගෙ බැල්කනියෙ ඉඳලා අහනවා, උඹලයි තාත්තාත් ….ද කියලා. අපේ ගෙදරත් ඒකයි මට බැල්කනියට එන්න කිව්වේ කියලා. අන්න ඒ වගේ බොහොම සියුම් දේවල්..අහසින් ගිය ඉබ්බා අලුත් එක.හැබැයි, ලිංගික කාරණා ආශ්‍රිත නොවන යාන්සුත් සෑහෙන්න තියෙනවා..අර කොක්කු දෙන්නා ඉබ්බාව අහසින් අරං ගිය එක ඒ වගේ එකක්නේ. ඒක ඩිවෙලොප් කරලා හදලා තියෙනවා මරු යාන් ටිකක්. මුල් කතාව කවුරුත් දන්නවානේ. ඉබ්බා වතුර හිඳිච්ච විලේ ඉන්නකොට කොක්කු දෙන්නා අහසින් අරගෙන ගිය කතාව. ඒකෙදී බිම හිටපු කොල්ලො ඉබ්බෙක් අහසින් යනෝ කියලා කෑගැහුවාම ඉබ්බාට කට ඇරිලා බිමට වැටුණානේ. දැන් ඉබ්බා අහසියන් යාම-දෙක. අර විදියටම විල හිඳුණා. කොක්කු දෙන්නා වතුර තියෙන විලක් හොයන්න යනවා කියලා ඉබ්බාට කිව්වාම අනේ මචං මාව දාලා යන්න එපා, මාවත් එක්ක පලයං කියනවා. කොකෙක් කිව්වා, උඹට යන්න බෑනේ. අර කලිං ගිය ඉබ්බාට වෙච්ච වැඩේ උඹ දන්නවානේ. කට පරිස්සං කරගන්න බැරිව වැටිලා මැරුණානේ. ඉබ්බා කිව්වා, මෙදා සැරේ කොච්චර කෑගැහුවත් මම නං කට අරින්නේ නෑ කියලා. එහෙනං කට වහගෙනම හිටපං කියලා කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ලා කොක්කු දෙන්නා ඉබ්බා අහසින් අරගෙන ගියා. යනකොට ඔන්න කොල්ලො කෑගහනවා යට. කට ඇරුණොත් ඉවරයි කියලා හිතලා ඉබ්බා කෝට්ට විකාගෙනම කතානොකර හිටියා. එක කොකෙක් කිව්වා ‘කට අරින්න එපා මචං’ කියලා. අනිත් කොකා කිව්වා, ‘උඹ වැඩේ කෑවා’ කියලා. ඉතින් ඒ ඉබ්බාත් බිම වැටිලා මැරෙනවා..ඔන්න තුන්වෙනි කතාව. අර වගේම විලේ වතුර හිඳිලා. කොක්කු දෙන්න යන්නයි ලෑස්තිය. ඉබ්බා කියනවා අනේ මාව දාල යන්න එපා කියලා. කොකා කියනවා උඹ දන්නවානේ ඉතිහාසේ සිද්දවෙච්ච දේ. එක පාරක් උඹලෑ වර්ගෙ ඇයො කට වරද්දගෙන මළා. ඊළඟ සැරේ අපේ ඈයො කට ඇරලා ඉබ්බා මළා. ඉබ්බා කියනවා, මෙදා සැරේ උඹලා දෙන්න කතාකරන්නත් එපා, මාත් කතා කරන්නේම නෑ. ඊට පස්සේ කෝට්ට ගෙනත් අර විදියට යනවා. තුන් දෙනාම කතාකරන්නේ නෑ කියලා තදින්ම එකඟවෙලා උඩින් යනවා. පල්ලෙහා සෙල්ලං කරන කොල්ලො ටික කෑගහන්න හදනවා. එක කොල්ලෙක් කිව්වා, අනේ බං ඔය තුන්වෙනි පාරනෙ ට්‍රයි කරන්නෙ උඩින් යන්න, මුල් දෙපාරම බැරිවුණානේ, මෙදා සැරේ ඔන්න ඔහේ යන්න ඇරපං, අපි කෑගහන්නේ නැතිව ඉම්මු කියලා. කොල්ලො කෑගැහුවේ නැහැ. සෑහෙන්න ඈතට පියාඹගෙන ගියාට පස්සේ ඉබ්බා අහනවා, මොකද බං අද අරුන් කෑගැහුවෙ නැත්තේ කියලා. එදා සැරේත් ඉබ්බා ඉවරයි..ඔන්න හතරවෙනි සැරේ. අර විදියටම ඉබ්බා කියනවා අනේ මචං මාවත් අරගෙන පලයල්ලා කියලා. කොක්කු දෙන්නා කිව්වා, උඹ ඉතිහාසේ වෙච්ව දේවල් දන්නවානේ. පළවෙනි සැරේ උඹලෑ එකා කට වරද්ද ගත්තා. දෙවෙනි පාර අපේ වරිගෙ ඈයො කට වරද්ද ගත්තා. තුන්වෙනි පාර කොල්ලො කෑගහුවේ නෑ කියලා උඹලාගෙ එකා කට වරද්ද ගත්තා. ‘නෑ නෑ මෙදා පාර කවුරු සද්ද කළත් නොකළත් අපි තුන්දෙනා සද්ද නැතිව යමු’ කියලා ඉබ්බා කිව්වා. අපි තුන්දෙනාම පොරොන්දුවක් වෙමු කවුරුවත් කට අරින්නේ නෑ කියලා. ඔන්න ඉතිං ගියා. අද යන්නේ රෑ වෙලාවක. යට ග්‍රවුන්ඩ් එකේ නයිට් ක්‍රිකට් මැච් එකක් යනවා. පියාඹන්නත් තියෙන්න එපායැ කන්සෙන්ටේ්‍රෂන් එකක්. ඒක නැතිව පියාඹන්න බෑනේ. නයිට් ක්‍රිකට් දැකලා එක කොකෙකුගේ කන්සෙන්ටේ්‍රෂන් එක අප්සෙට් යනවා. කෝටුව පොඩ්ඩක් උගේ හොටෙං ගිලිහෙනවා. කොකා මොකද කරන්නේ, ටක්ගාලා ෆ්ලයිං කික් එකක් දාල ආයෙත් කෝටුව අල්ලගන්නවා. අල්ලගත්ත ගමං ඉබ්බා ‘තැන්කියු මචං’ කියනවා. ඒ කතාව නං ඔය ගෝඨාභය රාජපක්‍ෂට වුණත් හරි. ගෝඨාභය තමයි ඉබ්බා. උඩින් යන්නම බෑ. පාලනය කරන්නත් බෑ වගේනේ..සාමාන්‍ය යාන්ස් ගත්තාම ඒවාත් ජනකතා වගේනේ. ඉබ්බාගේ කතාවත් ජනකතාවක්නේ. ඩිවෙලොප් වෙලා යාන් එකක් බවට පත්වෙලා තියෙන්නේ..ගැළපෙන යාන්ස්.හැම වෘත්තියකටම ගැළපෙන්නත් යාන්ස් තියෙනවා. මේ එකක්. හැම මැතිවරණ කොට්ඨාසෙකටම දාලා ඉන්නවා පශු සම්පත් සංවර්ධන නිලධාරියෙක්. ජාඇළ වත්තල පැත්තෙ කුකුල් කොටු, තාරාවො ඌරො හරක් ඇතිකරනවානේ. මේ සංවර්ධන නිලධාරියා යනවා ඒ පැත්තේ තියෙන ඌරු කොටුවක් බලන්න. අයිතිකාරයාගෙන් අහනවා, හොඳයි, කීදෙනෙක් ඉන්නවාද ඌරො කියලා. අනේ සර් සීයක් විතර ඉන්නවා. එතකොට මේ සීයට කෑම දෙන්නේ කොහොමද? අනේ සෑර් නගරෙ වටේටම තියෙන හෝටල්වල කුණුවෙච්ච නරක් වෙච්ච කෑම ගෙනත් දෙනවා. නිලධාරියාට තරහ ගිහිං, තමුසේ මේ මසට ඇතිකරන ඌරන්ට කන්න දෙන්නේ නගරේ හෝටල්වලින් ඉවත් කරන කුණුද අහලා, රුපියල් පන්සීයක් දඩ ගහනවා. මාස හයකට විතර පස්සේ ආයෙත් නිලධාරියා එනවා. දැන් ඌරො කීදෙනෙක් විතර ඉන්නවාද අහනවා. එකසිය පනහක් විතර ඉන්නවා සර්. කොහොමද මුන්ට කෑම දෙන්නේ? සුපර් මාර්කට් ඇරපු ගමන් ඒකෙ තියෙන හොඳම එළවලු වර්ග ගෙනල්ලා දෙනවා කියලා අයිතිකාරයා කිව්වා. නිලධාරියාට තරහ ගිහිං, මිනිස්සුන්ට කන්න තියෙන හොඳ එළවළුද තමුසෙ මේ ඌරන්ට කන්න දෙන්නේ කියලා දාහක් දඩ ගහලා යනවා. මාස හයකට පස්සේ ආයිත් එනවා. දැන් කොහොමද කොටුවෙ ඌරො කීදෙනක් ඉන්නවාද? දැන්නං සර් දෙසීයක් විතර ඉන්නවා. මොනවද කන්න දෙන්නේ මුන්ට? මං සර් පාන්දරම රුපියල් සීය සීය දෙනවා, උඹලාට කැමති දෙයක් කාල වරෙල්ලා කියලා.!.ඇත්තටම මටත් අමතක වෙන ඕන තරම් යාන්ස් තියෙනවා. අඩියක් ගහන වෙලාවට, ගමනක් යද්දි, මිත්‍ර සමාගම්වලදිනේ මේවා කියවෙන්නේ. තවත් යාන් කියන කෙනෙක් හිටියොත් ඉතාම ලස්සනට යාන් උපදිනවා. ඒ වෙලාවට ඉතිං කවුරුත් කතාව තේරුම් ගන්නවා. තේරුම් නොගන්න අය හරි අඩුයි..රඟපාන කෙනක් ඉන්නවා නම්, එයාට යාන්ස් තේරෙන්නේ නැත්නං, එයාට රඟපාන්නත් බෑ කියලා තමයි මං නං හිතන්නේ. රඟපාන එකේ තියෙන සියුම්කම තේරුම් ගන්න නම් යාන් එකක තියෙන සියුම්කම තේරුම් ගන්නත් ඕන. යාන්ස් කියන කාන්තාවො නම් හරිම අඩුයි. ඒගොල්ලෝ අතරෙ කියනවා ඇති නමුත් පිරිමි අයත් එක්ක කියන්නේ නැති ගතියක් තියෙනවා. මේක පුරුෂ මූලික සමාජයක්නේ. හැබැයි නිළියෝ නම් ඔය පුරුෂ මූලික කියන කන්සෙප්ට් එක සත පහකට ගණන් ගන්නේ නැහැ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදරුවන් හැදීම සැමරිය යුතු දෙයක් දඬුවම් දිය යුතු දෙයක් නෙවෙයි: ලෝක ශූර මලළ ක්‍රීඩිකා.ඇලිසන් ෆීලික්ස්.Next articleපුටින්ගේ ගමන සහ ලෝක සාමය පිළිබඳ අවදානම: Putin’s Way සහ Putin’s Road to War වාර්තා චිත්‍රපට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම් සහ පසුබෑම් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම් සහ පසුබෑම්.By සංස්කාරක.June 18, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ජයදේව උයන්ගොඩ.ලංකාවේ පසුගිය දශක කිහිපයෙහි දේශපාලන ගමන්මග දෙස බලන විට අපට පෙනෙන ප‍්‍රවණතාවක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැ`ගී ම් සහ පසුබැසීම්ය. නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා අධිකාරවාදී බලවේග ප‍්‍රජාපීඩක පාලනතන්ත‍්‍ර පිහිටුවාගෙන රට පාලනය කරන විට, ඒවාට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි ඒකරාශි වී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට හැකිවීම එහි ඇති සාධනීය පැත්තයි. එහි නිශේධනීය පැත්ත වන්නේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට මේ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මුදුන්පත් කිරීමට නොහැකිවී, එම අසාර්ථකත්වයේ පසුබිම තුළ නිර්-ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග යළි කඳවුරු බැදගෙන ශක්තිමත් වීමයි..වර්තමානය, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයේ ඇති මෙම උභතෝකෝටිකය මැනැවින් නිරූපණය කරයි. වර්තමාන අවස්ථාව සලකුණු කරන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පසුබෑමත්, නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි සංවිධානය වීමත් යන කි‍්‍රයාවලීන් දෙකම එකට සිදුවන දේශපාලන සන්ධිස්ථානයකි. ලංකාවේ දේශපාලනය මෙම සන්ධිස්ථානය පසුකර කවර දිසාවකට ගමන් කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත. මෙම අපැහැදිලි තත්ත්වය තුළ, දේශපාලන බලවේගවල නැවත සන්ධානගත වීමේ හැකියාවක්ද තිබේ. 2019 වසරේ අගදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය මෙම කි‍්‍රයාවලිය ඉක්මන් කරවීමේත්, එය සංයුක්ත ප‍්‍රතිඵලයක් කරා ගමන් කරවීමේත් ගාමක සාධකය වනු ඇත..දැනට සිදුවෙමින් පවත්නා කි‍්‍රයාවලිය විග‍්‍රහ කළ හැක්කේ කෙසේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික පරිහානිය සහ නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල කඳවුරු බැඳ ගැනීම යන තේමා තුන ආශි‍්‍රතව එම විග‍්‍රහය කළ හැකි බව පෙනේ...ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම.වර්තමාන ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම සංයුක්ත ලෙස ගොනු වී තිබෙන්නේ, ‘‘යහපාලන’’ නමින් හැඳින්වුණු ආණ්ඩුවේ අර්බුදය සහ බිඳනොවැටී බිඳවැටීම යන කාරණයෙහිය, මෙම ආණ්ඩුවේ ඇති විශේෂතම ලක්ෂණයක් වූයේ, එය එක්තරා ඵෙතිහාසික වගකීමක් ඉටු කිරීම තම එකම න්‍යාය පත‍්‍රය බවට පත්කර, ඒ න්‍යාය පත‍්‍රයට මහජන අනුමැතියද ලබාගෙන බලයට පත්වීමයි. ඒ අනුව, 2015 වසරේ මුලදී බලයට පැමිණි සන්ධානය සමාන කළ හැක්කේ 1994දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයටය. එම දෙකෙහි ඇති මූලික වෙනස 1994දී එම සන්ධානයේ ප‍්‍රතිවාදියාව සිටි එජාපය 2015 සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කරුවා වීමයි..ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ආණ්ඩු වෙනසක් සඳහා වූ සන්ධානයක් වටා ඒකරාශිවූ විට ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යාය පත‍්‍රයේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ, අලූතෙන් බලයට පත්වන ප‍්‍රතිසංස්කරණවාදී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගමය සාර්ථකත්වය මතය. 2015න් පසු පසුගිය වසර තුනහමාර තුන අප දැක ඇත්තේ, මෙම විචල්‍යයන් දෙක එකට නොගැළපීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේත්, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේත් වගකීම සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය තරම් දේශපාලන අධිෂ්ඨානය සහ කැපකිරීම නොතිබුණු ආණ්ඩුවේ නායකයන් අතර දැන් වර්ධනය වී තිබෙන්නේ අසමගිය සහ පසමිතුරු ප‍්‍රතිවිරෝධතාවන්ය. ආණ්ඩුව අභ්‍යන්තර වශයෙන්ම දුර්වල වී, ඉදිරියට යා නොහැකිව, ආණ්ඩුකරණ අර්බුදයක් වෙත ඇදවැටී තිබේ..මෙය ආණ්ඩුව සමග සන්ධානගත වී සිටි සිවිල් සමාජයේ ප‍්‍රතිසංස්කරණවාදී බලවේගවලටද විසඳුමක් නැති අභියෝගයක් වී තිබේ. තවදුරටත් ප‍්‍රතිසංස්කරණවාදී නොවන දුර්වල, කුසීත සහ වගකීම් රහිත ආණ්ඩුවක් සමග අනන්‍යවී සිටීමේ මිල ගෙවන්නට එම බලවේගවලටද සිදුවී තිබේ. එම බලවේග අතර මේ දිනවල සිදුවන දේශපාලන සාකච්ඡුා දෙස බලන විට පෙනෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රතිසංස්කරණවාදී බලවේගද දේශපාලන වශයෙන් වික්‍ෂිප්තව සහ වියවුල්ව සිටින බවයි. අලූත් දේශපාලන ඉදිරි දැක්මක් සූත‍්‍රගත කිරීමට එම බලවේගවලට තවමත් අපහසුය. එයද ප‍්‍රජාත්ත‍්‍රවාදී බලවේගවල පසුබෑමේ ප‍්‍රධාන පැතිකඩක් වී තිබේ..ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල පරිහානිය.නොයෙකුත් ආකාරවලින් ප‍්‍රකාශයට පත්වන, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික පරිහානියේ තීව‍්‍රභාවය මේ දිනවල ප‍්‍රකාශයට පත්වන මූලික ආඛ්‍යානය වී තිබෙන්නේ, ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මන්තී‍්‍රවරුන් පිළිබඳ අසම්පූර්ණ වෘත්තාන්තයයි. එය අසම්පූර්ණ වෘත්තාන්තයක් වී තිබෙන්නේ, කාට, කොපමණ මුදල් ලැබුණාද යන තොරතුරුවලින් එළිදරව් වන පක්‍ෂ දේශපාලනය සහ දේශපාලන දුෂණය පිළිබඳ සම්පූර්ණ සාකච්ඡුාවක් සිදුනොවන හෙයිනි. දේශපාලන දුෂණයට, අලූත් ව්‍යාපාරික පන්තියේ සෘජු දායකත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කිරීමට අර්ජුන ඇලෝසියස් අප රටේ ජනමාධ්‍යයට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් දී ඇති මුත්, ජනමාධ්‍ය ඒ ගැන උනන්දු වන බවක් නොපෙනේ..ඇලෝසියස් සහ මන්තී‍්‍රවරුන් ගණනාවක් අතර සිදුවී ඇති බව පෙනෙන මෙම දුෂිත ගනුදෙනුව ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටලූවක් වේ. එය වනාහි අප රටේ ප‍්‍රජාන්ත‍්‍රවාදයේ ආයතනික පරිහාණියේ එක් පැතිකඩකි. එම ගැටලූව සංක්‍ෂිප්තයෙන් ප‍්‍රකාශ කරන්නේ නම් මෙසේය. සමාජය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතරේ ප‍්‍රධානතම පුරුක් දෙක වන දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් යන ආයතන දෙක අභ්‍යන්තරයෙන් දුර්වල වීමේත්, බිඳවැටීමේත්, දශක කිහිපයක් තිස්සේ පැවැති කි‍්‍රයාවලිය දැන් මේරූ සහ උච්ඡ අවස්ථාවකට පැමිණ තිබේ. බිඳවැටීමට හේතු බොහොමයක් ඇත. ඒ අතරින් දැනට එළිදරව් වී ඇති වැදගත් කාරණාවක් වන්නේ, දුෂණය සහ ව්‍යාපාරික කොටස් ඒ සඳහා කරන ඇති දායකත්වයයි..දුෂණය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති ඉතා බරපතළ සැගවුණු තර්ජනයක්ය යන්න දැන් අප හැමදෙනාටම පිළිගැනීමට බලකෙරේ. දුෂණය, දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පුරුක් දෙක ඇතුළට කාවැදුණ විට සිදුවන්නේ, ඒ දෙකෙහිම චර්යාධාර්මික අරටුව හාරා එළියට දැමීමයි. ඒ දෙකම අභ්‍යන්තර වශයෙන් හිස් බවට පත් කිරීමයි. එම ඉරණමට පත්වූ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන්, දේශපාලන කි‍්‍රයාවලිය තුළ තම බලය පැවැත්වීම වැළැක්වීමේ මගක් සොයාගැනීම, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග මේ දිනවල මුහුණ දෙන විශාලම අභියෝගයයි. ‘ආණ්ඩු වෙනස’ යන්න ඒ සඳහා අවශ්‍ය වන එහෙත් ප‍්‍රමාණවත් නොවන කොන්දේසියක් බව යහපාලන ආණ්ඩුවේ අත්දැකීමෙන් සනාථ වී තිබේ. මේ අතර දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලන ස්තරය නැති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන සිතීමටවත් නොහැකිය. දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලන ප‍්‍රභූන් නැති සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ආපස්සට යෑමද වලංගු වන විකල්පයක් නොවේ..මෙම උභතෝකෝටිකය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දර්ශනය සහ න්‍යායද අද මුහුණ දෙන අභියෝගයකි. එම අභියෝගය අපට මෙසේ සූත‍්‍රගත කළ හැකිය. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ දේශපාලනය සහ පුරවැසියා අතර ප‍්‍රධාන සම්බන්ධතා පුරුක් දෙක වන දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලනඥයන්ගෙන් සාපේක්‍ෂ වශයෙන් වෙන් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම භාවිතාවක් ගැන සිතිය හැකිද? එම පිරිහුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දෙකට ආදේශකයක් වීමට සිවිල් සමාජ ව්‍යාපාර සහ ස්වේච්ඡුා සමාජ කි‍්‍රයාකාරිකයන්ට හැකිවන්නේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතන යළි ගොඩ නැගීමේ න්‍යාය පත‍්‍රයක, දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් පිළිබඳ ගැටලූව මතු කළ යුත්තේ කෙලෙසද?.ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීන්ගේ සන්ධානය.වර්තමාන ලංකාවේ දේශපාලන බිම්දසුනේ, එනම් පොලිටිකල් ලෑන්ඞ්ස්කේප් එකේ, හිස් අවකාශ කිහිපයක්ම තිබේ. ඒවා අතරින් එකක් වන්නේ, දැනට පවත්නා දුර්වල, කුසීත සහ අකාර්යක්‍ෂම ආණ්ඩුව වෙනුවට ඇති විය යුතු සැබෑ විකල්පය කුමක්ද යන්න ගැන ඇති හිස්බවයි. මෙම හිස්තැන පිරවීමට බලවේග දෙකක් සූදානම් වන බව පෙනේ. ඒ දෙකම රාජපක්‍ෂ පවුලට සම්බන්ධ ඒවාය. පළමුවැන්න මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරියට දමමින්, බැසිල් රාජපක්‍ෂ ගෙන යන පොදුජන පෙරමුණු සන්ධානයයි. දෙවැන්න ‘වියත්මග’ පදනම් කොටගෙන ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනගාගෙන යන විකල්ප විරුද්ධ පක්‍ෂ සන්ධානයයි..මේ අතරින් ‘වියත්මග’ ඒ තරම් බැ?රූම් දේශපාලන විග‍්‍රයහකට තවමත් පාත‍්‍ර වී නැති දේශපාලන ප‍්‍රපංචයකි. ඒ සඳහා උත්සාහ ගැනීමේදී අපට පහත සඳහන් නිරීක්‍ෂණවලින් ආරම්භ කළ හැකිය..ගෝඨාභය රාජපක්‍ෂ තම දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්නේ දේශපාලන පක්‍ෂවලට පිටතින් සිදුවන දේශපාලන ව්‍යායාමක් ලෙසය..‘වියත්මග’ සංවිධානයේ ප‍්‍රධාන වශයෙන් කණ්ඩායම් හතරක් තිබෙන බව පෙනේ. එහි මැද, අරටුවේම සිටින්නේ විශ‍්‍රාමලත් හමුදා නිලධාරීන්ය. දෙවැනි තලයේ සිටින්නේ, කොළඹ සිටින ඉතාම ධනවත් සහ මෑතදී ධනවත් වූ ව්‍යාපාරික කොටස්ය. තුන්වැනි මට්ටමෙන් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සමග සම්බන්ධව සිටි වෘත්තීයමය නිලධරතන්ත‍්‍රයේ කොටස්ය. හතරවෙනිව සහ අවසානයේ සිටින්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්‍ෂණකරුවන් වැනි ස්තරවලට අයත් සාපේක්‍ෂ වශයෙන් තරුණ වෘත්තිකයන්ය..‘වියත්මග’ට අයත් කිසිදු කණ්ඩායමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන්නේත් නැත. තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් බව කියන්නේ්ත් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙස ඔවුන් බලන්නේ සාවඥවය. සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව ගැන ඔවුන් දකින්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවට නොගැළපෙන්නේය යන ප‍්‍රවාදයට ඇති හොඳම නිදසුන ලෙසය..‘වියත්මග’ පිළිබඳ දේශපාලන වශයෙන් සංශයවාදීව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. එය නම්, ලංකාවේ ප‍්‍රධාන වශයෙන් සිංහල සමාජයේ දැනට පවතින දේශපාලන අපේක්‍ෂාභංගත්වය වෙතින් පැනනගින අධිකාරවාදී සහ ඒකපුද්ගලවාදී අභිලාෂයන්ගේ සංවිධානාත්මක ප‍්‍රකාශය ‘වියත්මග’ය යන්නය. මෙම බලවේගවලට අවශ්‍ය ‘ශක්තිමත් නායකයා’ පිළිබඳ සිහිනයේ ප‍්‍රතිරූපය ගෝඨාභය රාජපක්‍ෂය. මේ අතින් බලන විට, ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ ‘වියත් මග,’ කලකට ඉහතදී චම්පික රණවක සහ ඔහුගේ හෙළ උරුමය ඉදිරියට දැමූ දේශපාලන අභිලාෂයේම අලූත් මුද්‍රණයකි..එහෙත් සාර්ථක වීමට, චම්පිකට වඩා ගෝඨාභයට අවකාශ තිබෙන බව පෙනේ. මෙය වනාහි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේ අද තිබෙන ප‍්‍රධාන අනතුරයි. ගෝඨාභය සාර්ථක වන්නේ නම්, එසේ වනු ඇත්තේ ලංකාවේ දේශපාලන බිම්දසුනෙහි, ඔහුගේ වැනි ඒකපුද්ගලවාදී- අධිකාරවාදී දේශපාලන මැදිහත් වීමට ඉඩ සලසන අවකාශය, සිරිසේන-වික‍්‍රමසිංහ මහතුන්ට ස්තුති වන්නට දැන් පුළුල් වී තිබෙන නිසාය..ගෝඨාභයගේ සහ වියත්මගේ දේශපාලන නැගීම කෙසේ සිදුවනු ඇත්දැයි තවමත් පැහැදිලි නැත. ඔහුගේ දේශපාලන නැගීමක් සිදුවන්නේ නම්, එය ලංකාවේ දේශපාලන බලවේග අතර බලතුලනය සෑහෙන දුරට වෙනස් කිරීමට තුඩුදෙනු ඇත. ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශී‍්‍රලනිපය, වියත්මග සමග සන්ධානගත වීමටද බොහෝ දුරට ඉඩකඩ තිබේ. දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව සහ පිටතින් පැමිණ ඇමරිකාවේ ඡුන්දය දිනූ ට‍්‍රම්ප්ගේ නිදසුන අනුගමනය කිරීමට තමන්ටද හැකිවනු ඇතැයි, ගෝඨාභය රාජපක්‍ෂද සිතනවා වන්නට පුළුවන. දේශපාලන පක්ෂ සහ නායකයන් ගැන කලකිරුණු විශාල ව්‍යාපාරිකයන්ට, ධනවත් වෘත්තිකයන්ට සහ මධ්‍යම පන්තිකයන්ට, ගෝඨාභයගේ විකල්පය ආකර්ෂණශිලී වන්නට පුළුවන. එහෙත් එම විකල්පය රටේ පුරවැසියන් බහුතරයකගේ සිත් ඇදගන්නා එකක් වන බවට සාධක තවමත් නොපෙනේ..අවසාන වශයෙන් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය පිළිබඳ මේ මොහොතේ පවතින ගැටලූවේ පහත සඳහන් පැතිකඩවලට ආමන්ත‍්‍රණය කරන අලූත් දේශපාලන ව්‍යායාමයක අවශ්‍යතාව තදින් මතුවී තිබේ..ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක සාර්ථකභාවය පිළිබඳ මහජන විශ්වාසය දැනට සෙළවී තිබේ..ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තන න්‍යාය පත‍්‍රයක් අවසානය කරා ඉදිරියට ගෙනයෑමට අධිෂ්ඨානය සහ කැපවීම ඇති දේශපාලන නායකත්වයක් අප රටේ සිටින බවට ලකුණු නැත..ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරිකයන් හැටියට දේශපාලන පක්ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් සතු කාර්යභාරය සහ හැකියාව අලූත් කළ යුතුව තිබේ..ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන බලවේග සන්ධානයක් සඳහා අලූත් චර්යාධාර්මික නායකත්වයක් සහ මධ්‍යස්ථානයක් දැනට නැත..මේ දිනවල සමහර වමේ සහ ප‍්‍රගතිශිලී කොටස් අතර ඇතිවන සාකච්ඡුාවලින් වාද කරන බව පෙනෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම වැළැක්වීමේ උපායමාර්ග කුමක් විය යුතුද? යන්නයි. රනිල් වික‍්‍රමසිංහ වටා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි ඒකරාශි කළ යුතු බව සමහරු තර්ක කරති. සමහරු එයට විරුද්ධ වෙති. මට පෙනෙන ලෙස, මෙය වනාහි නිරර්ථක වාදයකි. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයේ ගැටලූවට විසඳුම් සෙවීම පිළිබඳ සාකච්ඡුාව ඊට වඩා පුළුල් කළ යුතුය. පුළුල් කළ සාකච්ඡාවකින් වඩාත් නිර්මාණාත්මක විකල්ප මතුවීමේ ඉඩකඩ වැඩිය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගෝඨා අවොත්: පායයිද හිරු? උතුරයිද කිරි?.Next articleඅගමැතිගේ දේශපාලනය සහ රටේ අනාගතය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අමතක නොකළ යුතු රාමනායක පාඩම් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අමතක නොකළ යුතු රාමනායක පාඩම්.By ජයදේව උයන්ගොඩ.February 10, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.රන්ජන් රාමනායක ‘හඬපටි’ යයි ප‍්‍රසිද්ධියට පත්වී ඇති අනවසරයෙන් රෙකෝඞ් කරන ලද දූරකථන සාකච්ඡුා පිළිබඳ මහජන ක්‍ෂෙත‍්‍රයේ ඇතිවූ කලබැගෑනිය, අපේක්‍ෂිත පරිදිම සති තුනක කාලයකින් අවසන් විය. ඒ සමගම, මහජනතාවටත්, ආණ්ඩුවටත්, දේශපාලනඥයන්ටත්, ජනමාධ්‍යයටත් කොරෝනාවයිරසය තුළ අලූත්ම විවාදාත්මක තේමාවක් සොයාගත හැකිවිය. අමතක වුවත්, එම හඬපටි ආරාවුලෙන් මතුවු ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුාව අප අමතක කළ යුතු හෝ යටපත් කළ යුතු හෝ නැත..එයින් මතුවන සහ බැ?රුම්ව සාකච්ඡුා කළ යුතු කරුණක් වන්නේ ‘¥රකථන අධිසෝදිසිය’ සහ ‘¥රකථන සාකච්ඡුා අවභාවිතය’ යන කාරණා දෙකයි. පළමුවැන්න ජාතික ආරක්‍ෂක රාජ්‍යය යන තේමාව සමග බැඳෙන්නකි. දෙවැන්න, පුද්ගලයන්, ජනමාධ්‍යය, දේශපාලනඥයන් සහ ආණ්ඩු සමග සම්බන්ධ වන්නකි..දූරකථන සහ අධිසෝදිසිය.‘අධිසෝදිසිය’ යනු රාජ්‍යය තම පුරවැසියන්ද, රටට පැමිණෙන ආගන්තුකයන් පිළිබඳවද ‘ඔත්තු බැලීමේ’ භාවිතාවයි. පුරාතන කාලයේ සිටම රාජ්‍ය පාලකයන් මෙන්ම රාජ්‍යය කළමනාකරණය කරන නිලධාරීන්ද ගතකරන ජීවිතයේ ඇති ප‍්‍රධාන ගතිකත්වයක් නම් ‘අනාරක්‍ෂාව’ පිළිබඳ නිරන්තර භීතියයි. ආයතනයක් ලෙස රාජ්‍යයටද, එහි අයිතිකරුවන් මෙන්ම කළමනාකරුවන් ලෙස තමන්ටද, තම රාජ්‍යයේ වැසියන්ගෙන් මෙන්ම එයට පිටින් පැමිණෙන ආගන්තුකයන්ගෙන්ද, ආරක්‍ෂාව පිළිබඳ තර්ජනයක් ඕනෑම මොහොතක එල්ලවිය හැකිය යන භීතිය, පුරාණ ගෝත‍්‍රික රාජ්‍යයේ සිට වර්තමාන ජාතික ආරක්‍ෂණ රාජ්‍යය දක්වාද ඇති ඉතිහාසය පුරා පවත්නා සහ ඉතිහාසය ඉක්මවා යන අත්දැකීමකි. ඉතිහාසයේ බිහිවී ඇති සෑම රාජ්‍ය මාදිලියක්ම, විවිධ මට්ටම්වල අධිසෝදිසි රාජ්‍යයන් ලෙස හැඳින්වීමේ වරදක් නැත..මිෂෙල් ෆූකෝ නම් චින්තකයා පෙන්වා දී ඇති පරිදි නූතන රාජ්‍යයේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ එය සතු අධිසෝදිසි චර්යාවන් සහ භාවිතයන්ය. පුරවැසියන් හීලෑකර තබාගැනීම සඳහා නූතන රාජ්‍යය විවෘත සහ ආවෘත උපාය සහ තාක්‍ෂණ භාවිත කරන අතර, එහි විශේෂ ලක්‍ෂණයක් වන්නේ එම භාවිත සහ තාක්‍ෂණවල ඇති සූක්‍ෂ්මභාවයයි. නිදසුනක් ලෙස පුරවැසියන් තමන් ගැන රාජ්‍යයට තොරතුරු ලබාදෙන්නේ සිය කැමැත්තෙනි. ස්වේච්ඡුාවෙනි. එය රාජ්‍යයට කීකරු සහ අවනත වීමේ ක‍්‍රියාවක් හැටියට සලකන ගමන්ම පුරවැසියෝ තමන් ගැනම තමන්ම ඔත්තු සොයා රජයට සපයති. එය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවිය හැකි දෙයකි..ස්මාර්ට් ෆෝන් සහ ප‍්‍රචණ්ඩත්වය.නූතන විද්යුත් හුවමාරු ක‍්‍රමයේ ඇතිවී තිබෙන දැවැන්ත තාක්‍ෂණික දියුණුවත් සමග බිහිවී ඇති ස්මාර්ට් ෆෝන් වනාහි රාජ්‍යයනුත්, විශාල ව්‍යාපාරික සමාගමුත්, සියලූම මනුෂ්‍යයන් නිරන්තර අධිසෝදිසියට පාත‍්‍ර කිරීමේ, සාර්වභෞමික උපකරණය වී ඇත යන කරුණ ගැන අප මොහොතකටවත් සිතනවාද? රන්ජන් රාමනායක රෙකෝඞ් කෙළේ ඔහු පැවැත්වූ සාකච්ඡුාය..එහෙත් රාජ්‍යය සහ පුද්ගලික ඔත්තු සේවා ආයතන, පුරවැසියන්ගේ ¥රකථන සාකච්ඡුාවලට කොයිතරම් සොරෙන් කන්දෙනවා ඇත්ද? රෙකෝඞ් කරගන්නවා ඇත්ද? තමාගේ ටෙලිෆෝනයට ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් අවුරුදු කිහිපයක්ම හොරෙන් කන්දුන් බව ජර්මන් චාන්ස්ලර් ඇන්ජිලා මර්කල් මැතිනිය ඇමෙරිකානු ආණ්ඩුවට පැමිණිලි කෙළේ අවුරුද්දකට දෙකකට පෙරයි. සවුදි අරාබියේ බලසම්පන්න හුසේන් කුමාරයා, ලෝකයේ දැනට සිටින ඉහළම ධනවතා වන ඇමසෝන් සමාගමේ අයිතිකාරයාගේ ඇපල් ටෙලිෆෝනයට හොරෙන් ඇතුළු වී, එහි දත්ත සොරාගෙන ඒ තුළින් ජෙෆ් බේසෝස් කළ කතාබහට හොරෙන් කන්දුන් බවද, දැනට සතියකට පමණ පෙර වාර්තා විය. විවාහ වී සිටි ජෙෆ් බේසෝස්ට, රහස් පෙම්වතියක සිටි බව බි‍්‍රතාන්‍යයේ ලක්‍ෂ ගණන් විකිණෙන කැලෑ පත්තර විශාල අකුරෙන් වාර්තා කෙළේ සවුදි කුමාරයාගේ ඔත්තුකරුවන් මෙසේ හොරෙන් කන්දුන් සහ රෙකෝඞ් කරගන්නා ලද ටෙලිෆෝන් සාකච්ඡුා පදනම් කරගෙන යැයි පසුගිය දිනවල වාර්තා විය..අපට කිට්ටු ඉන්දියාවෙන් ළඟදී ලැබුණු වාර්තාවක නිදසුනද අපේ සාකච්ඡුාවට වැදගත්ය. පසුගිය දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ ඉන්දියාවේ වාර්තා වූ ප‍්‍රවෘත්තියක් මෙසේය. රාහුල් ගාන්ධි, පි‍්‍රයංකා ගාන්ධි ඇතුළු කොංග‍්‍රස් පක්‍ෂ නායකයන්ගේත්, මානව අයිතිවාසිකම් ක‍්‍රියාධරයන් ගණනාවකගේත්, විරුද්ධ පක්‍ෂවලට සම්බන්ධ ජාතික හා ප‍්‍රාදේශීය දේශපාලනඥයන් විශාල ප‍්‍රමාණයකත්, ¥රකථනවලට ආණ්ඩුවේ රහස් ඔත්තු සේවා හොරෙන් කන්දී තිබුණි. ඔවුන් කන්දී තිබුණේ සාමාන්‍ය මොබයිල් ¥රකථනවලට පමණක් නොවේ. වට්ස්අප් ඇමතුම් සහ පණිවුඩද රහස් ඔත්තු සේවාවල සවන්දීමට හා කියවීමට පාත‍්‍රකර තිබිණ. සිරිත් පරිදි ඉන්දියාවේ විෂයභාර ඇමතිවරයාත්, නිලධාරීනුත් දිවුරා කියා සිටියේ එවැනි දෙයක් සිදු නොවූ බවයි. එහෙත් ඉන්දියානු ගවේෂක පුවත්පත් වාර්තාවලින් කියැවුණේ, ඉන්දියානු ආණ්ඩුව විශාල මුදලක් ගෙවා ඊශ‍්‍රායෙල් සමාගමකින් ලබාගත් උපකරණ සහ මෘදුකාංග භාවිත කරමින්, වට්ස්අප් ¥රකථන සාකච්ඡුා සහ පණිවුඩ අධිසෝදිසියට ලක්කිරීම, අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින බවයි..තමන්ගේ ¥රකථනවලට රහස් ඔත්තු සේවාව හොරෙන් කන් දෙන බවට විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයෝ, සෑම ආණ්ඩුවක් යටතේම, මැසිවිලි කියති. තමන්ගේ ¥රකථන හොරෙන් ටැප් කරන බව අප රටේ විනිශ්චයකාරවරුන් පැමිණිලි කළ බව ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් කාලයේ පුවත්පත්වල වාර්තා කර තිබුණි. ආණ්ඩුව යහපාලනද නැද්ද යන්න නොතකා, බලයේ සිටින සෑම ආණ්ඩුවක්ම තම දේශපාලන එදිරිවාදීන්ගේද, වෙනත් වෘත්තික හා පුරවැසි කොටස්වලද ¥රකථනවලට හොරෙන් සවන් දීමට රාජ්‍ය ඔත්තු සේවා යොදාගනිති. එපමණක් නොව පුරවැසියන්ගේ ඊමේල් පවා ආණ්ඩුව හොරෙන් කියවීම ලෝකයේ හැම රටකම පාහේ ඇති භාවිතයකි. ඉස්සර මෙන් පොලිසිය දැන් අපේ ලියුම් හොරෙන් කඩා බලන්නේ නැත. පොලිසියේ සේවය කරන පරිගණක විද්‍යා උපාධිධාරීහු, පුරවැසියන්ගේ ඊමේල් කියවති. ¥රකථන සංවාද අධීක්‍ෂණය කරති..රහස් ඔත්තු සේවා පුරවැසියන්ගේ ඊමේල් හොරෙන් කියවීම ගැන අවුරුදු දෙකතුනක් පැරණි ඇමෙරිකානු විහිළු කතාවක් මෙසේය. එක් මහත්තයකුගේ ගෙදර දොර සීනුව නාද කළ විට, තවත් මහත්තයකු එළියේ සිටගෙන ‘ගුඞ් මෝනිං’ කියා ආචාර කෙළේය. දෙදෙනා අතර ඇති වූ දෙබස මෙසේය..‘සමාවෙන්න උදෙන්ම කරදර කළාට, පොඞ්ඩක් කතා කරන්න පුළුවන්ද? මගේ ගේ තියෙන්නේ ගෙවල් දෙකක් එහා.’.‘අපොයි ඔව්. කිසි ප‍්‍රශ්නයක් නෑ.’.‘මහත්තෙය පහුගිය දවස් තුන හතර අසනීපයෙන් වත්ද හිටියෙ?’.‘අපොයි නෑ. මම පොඞ්ඩක් ගෙදර වැඩ තිබුණ නිසා, එළියට බහින්නවත් ඉඩ තිබුණේ නෑනේ.’.‘අපෝ. එහෙනම් බොහොම හොඳයි. මහත්තෙය දවස් හතරකින්ම ඊමේල් ඇරියෙ නැති නිසා, මම හිතුවෙ ලෙඩ වෙලයි කියලා.’.මෙසේ කියාගෙන ආගන්තුකයා යන්නට ගියේය. මහත් කුතුහලයට පත්වූ අපේ මහතා, තමාගේ සුවදුක් විමසූ අසල්වැසියා කව්දැයි සොයාබැලීය. ඔහුට දැනගන්නට ලැබුණේ, තම අසල්වැසියා එෆ්බීඅයි යන ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරියකු බවය..පාඩම්.මෙම කතා කිහිපයෙන් අප ඉගෙනගත යුතු පාඩම් කිහිපයක්ම තිබේ. එහෙත් එයින් එකක් දෙකක් පමණක් හඳුනාගනිමු. ඉන් පළමුවැන්න නම්, තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය, ඉතිහාසයේ පෙර නොවූ විරූ දියුණුවක් ලබා ඇති වර්තමාන කාලයේ, මොබයිල් ¥රකථන, ඊමේල් සහ සුපර්මාකට් පාවිච්චි කරන, ලෝකයේ සෑම මනුෂ්‍යයකුම රාජ්‍යයේත්, පුද්ගලික සමාගම්වලත්, විද්‍යුත් තාක්‍ෂණය හොඳින් පරිචය කර ඇති පුද්ගලයන්ගේත් අධිසෝදිසි බැල්මට නිරන්තරයෙන් පාත‍්‍රවන බවයි. ස්මාට් දූරකථනයකින් කතාකරන සෑම මනුෂ්‍යයකුම සිටින්නේ තමාගේ පුද්ගලික ජීවිතය, පුද්ගලික රහස්, වෘත්තීය රහස් යනාදි සෑම දෙයක්ම පාහේ යම්කිසි අවස්ථාවක අවභාවිතයට ලක්කරනු ලැබීමේ අනතුර ඉදිරියේය. රන්ජන් රාමනායකලා තවත් කොපමණ ඇත්දැයි අපි නොදනිමු. රෙපයාර් එකට දෙන අපේ දූරකථනයේ මෙන්ම කොම්පියුටරයේද ඇති දත්ත, පින්තූර, ඊමේල් යනාදිය කොතරම් අවභාවිත කිරීමට ඉඩ ඇත්දැයි අප සාමාන්‍යයෙන් සිතන්නේ නැත. එහෙත් වර්තමාන, අධිතාක්‍ෂණ විප්ලව ඉදිරියේ නව සන්නිවේදන තාක්‍ෂණය භාවිත කරන සෑම මනුෂ්‍යයකුම සිටින්නේ තමා ප‍්‍රසිද්ධියේම නිරුවත් කරනු ලැබීමේ අන්තරාය අබිමුවය. විශේෂයෙන් තරුණ කාන්තාවෝ මෙම බ්ලැක්මේල් කරනු ලැබීමේ අනතුරට ගොදුරු වෙති. එය පේ‍්‍රම සම්බන්ධතා අතරට පැමිණ තිබෙන අලූත්ම ප‍්‍රචණ්ඩත්වයද වේ. ස්මාර්ට් ටෙලිෆෝනය අන්තර්-පුද්ගල ප‍්‍රචණ්ඩත්වයේ නවතම ආයුධය වන අතර, තරුණ ස්ත‍්‍රීහු එයින් පහර ලබන ප‍්‍රධාන ජනකොටස වෙති..රන්ජන් රාමනායකගේ සිද්ධියෙන් මතු වූ එහෙත් සාකච්ඡුා නොවූ වැදගත්ම තේමාවක් වන්නේ, නවීන තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ විප්ලවය විසින් මනුෂ්‍යයන් ඇද දමා සිටින මෙම දැවැන්ත අනතුරයි. මෙය අයිසීටී විප්ලවය ගැන උපාධි පාඨමාලා උගන්වන කිසිම රජයේ හෝ පුද්ගලික අධ්‍යයන ආයතනයක මතු නොකරන, තාක්‍ෂණය සහ මනුෂ්‍ය ශිෂ්ටාචාරය අතර දැනට වර්ධනය වී ඇති දැවැන්ත ප‍්‍රතිවිරෝධතාවලින් එකකි. තොරතුරු තාක්‍ෂණයේ විප්ලවය ගැන යුටෝපියානු සිහින මැවූ යුගය දැන් අවසන්වී ඇත. ඒ වෙනුවට මනුෂ්‍ය වර්ගයා සිටින්නේ තාක්‍ෂණ ඩිස්ටෝපියාවකය. එනම් නපුරු සිහින පිරුණු, ගැලවීමක් නැති අන්ධකාර ලෝකයකය..තාක්‍ෂණික ඩිස්ටෝපියාව.මෙම අධිතාක්‍ෂණික ඩිස්ටෝපියාවෙන් නිදහස් වීම, මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ අලූතෙන් මතුවී තිබෙන අභියෝගයකි. එම අභියෝගය වඩාත් දියුණු වී තිබෙන්නේ, තොරතුරු තාක්‍ෂණික වර්ධනයන් රාජ්‍යය සහ පුද්ගලික සමාගම් විසින්, පුද්ගල නිදහසට හානි පැමිණෙන පරිදි අවභාවිත කිරීමේ ප‍්‍රවණතාව නිසාය. පුද්ගල නිදහස යන්න පුද්ගලිකත්වයට ඇති අයිතිය (ඍසටයඑ එද ඡුරසඩ්ජහ* සමග සම්බන්ධ කරමින්, මානව අයිතිවාසිකම් පිළිබඳ කතිකාව තුළට, අප ඉහත මතු කළ ගැටලූව ගෙනඒම අවශ්‍ය වන්නේ එම නිසාය..අධිතාක්‍ෂණික ඩිස්ටෝපියාව හඳුනාගැනීමත්, එය සමග සටන් කිරීමත් අත්‍යන්තයෙන්ම දේශපාලන ක‍්‍රියාවක් බවත්, දේශපාලනය යන්නෙහි අර්ථය ගැන අලූතෙන් සිතා බැලීමට එය මනුෂ්‍යයන්ට බල කරන බවත්, අවසාන වශයෙන් කිව යුතුව තිබේ. රාජ්‍යයේ රහස් ඔත්තු සේවාවල සිට, ටෙලිෆෝන් කතාබහට හොරෙන් කන්දෙන සහ ඒවා හොරෙන් රෙකෝඞ් කරන පුද්ගලයන් සහ පේ්‍්‍රමවන්තයන් මෙන්ම, පාරිභෝගිකයන්ගේ දූරකථන අංක ඉල්ලා ගන්නා සුපර් මාර්කට් දක්වා, කිසිසේත්ම ප‍්‍රශ්න කිරීමකට භාජනය වන්නේ නැතිව සිදුකරන ක‍්‍රියාවල දේශපාලන අර්ථය අපට වැටහෙන්නේ එවැනි අලූත් සිතීමක් සමගය..Tags.anidda.Anidda Newspaper.ranjan.ranjan ramanayake.අනිද්දා.අනිද්දා පුවත්පත.ජයදේව උයන්ගොඩ.දූරකථන සංවද.රන්ජන්.රන්ජන් රාමනායක.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමහබැංකු අධිපතිගෙන් වෘත්තිය සමිති සාකච්ජාවක් ඉල්ලයි.Next articleබැඳුම්කර විජිතයෙහි කබ්රාල් නෑයෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ගවමස් තහනම නූතන ඉන්දියාව හාහින්දු ශ්‍රී ලංකාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගවමස් තහනම නූතන ඉන්දියාව හා.හින්දු ශ්‍රී ලංකාව.By සංස්කාරක.October 26, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර.ලෝක ප්‍රකට ස්ටැටිස්ටා (statista) වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩිපුරම ගවමස් නිෂ්පාදනය කරන රටවල් අතර ඉන්දියාව 2021 වන විට ඉන්නේ හතරවෙනි තැන. ඒ අය නිෂ්පාදනය කරන ගව මස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් මිලියන 4ක් ඉක්මවා යනවා (42,501,000 Metric Tons). මේ හින්දු ඉන්දියාව ඒ විදිහට නිෂ්පාදනය කරන ගවමස් මෙටි්‍රක් ටොන් මිලියන 4න් මෙටි්‍රක් ටොන් මිලියන 1.4ක් පමණ ඔවුන් වෙනත් රටවලට අපනයනය කරවා. ඒ අනුව ඒ මගින් ඉන්දියාවේ ආර්ථිකයට සැලකිය යුතු ආදායමක් ලබාගන්නවා. ඉන්දියාවේ ගවපාලනය හා එහි අතුරු ඵල මගින් ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ ගණනක්. ඉන් බහුතරය හින්දූන් ම තමයි..2015 වන විට මහා රාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුව, ගව ඝාතනය තහනම් කිරීමට වෑයමක් ගන්නවා. දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා ප්‍රාන්ත රජය විසින් ගනු ලැබූ මේ වෑයම සම්බන්ධයෙන් ඉන්දියාවේ දීර්ඝ සංවාදයක් පැවතුණා. එහිදී ඇතැම් විචාරකයන් හා ජනමාධ්‍යෙව්දීන් ප්‍රාන්ත බලධාරීන් නිරුත්තර කරමින් ප්‍රශ්න කළ මූලික කාරණයක් වූයේ ස්ත්‍රී දූෂණ, ලිංගික අඩත්තේට්ටම්, දුප්පත්කම ආදි ගිනිගනු ලබන ප්‍රශ්න රාශියක් දිනෙන් දින වර්ධනය වන ප්‍රාන්තයේ දේශපාලන ජනප්‍රියත්වය ලබාගැනීමට අදාළ කාරණා අමතක කර ගව කර්මාන්තයම යොදාගන්නේ මන්ද යන්නයි. ජනතාවගේ ආගමික හැඟීම් අවිචාරශීලීව අවදි කරමින් ප්‍රසාදය ලබන්නට යන බලධාරීන්ගෙන් ඔවුන් තවදුරටත් ඇහුවේ ගවමස් තහනම් කරන්නට යන ඔබ මත්ස්‍ය කර්මාන්තය තහනම් නොකරන්නේ මන්ද යන්නයි. මක් නිසාද යත් මත්ස්‍යයා වනාහි දෙවියන්ගේ සමීප සත්ත්වයෙක් නොව දෙවියන්මයි. ඒ මත්ස්‍යයා යනු විෂ්ණු දෙවියන්ගේ දශ අවතාරයන්ගෙන් එකක් වන නිසායි..එසේනම් මුස්ලිම් විශ්වාසයන්ට අනුව දැඩිව පිළිකෙව් කෙරෙන ඌරු මස්ද මුස්ලිම් මිනිසුන්ද වාසය කරන රටක තිබීම සාවද්‍ය වන බව ඒ අය පෙන්වා දෙනවා. ඒ අය, තව දුරටත් නූතන උදාහරණයක් ගනිමින් කීවේ, බහුතරයක් ඉන්දියානුවෝ අවිහිංසාවාදියකු වූ මහත්මා ගාන්ධිව පිළිගන්නා අතර ගාන්ධිතුමා මාංශ අනුභව නොකළ අතර එළු කිරි පානය ප්‍රිය කළ නිසා අවශ්‍ය නම් එළුවාද එවන් පූජනීය සත්ත්වයකු ලෙස සලකමින් එළුමස් ද තහනම් කළ හැකි බවයි..මෙසේ, වෙනස් ආගමික හා සංස්කෘතික කණ්ඩායම්වල විවිධ පිළිගැනීම් අනුව තව තව සතුන් ගවයාගේ තැනට ආදේශ කළ හැකි බව පෙන්වා දුන් එකී විචාරකයන් තවදුරටත් පැහැදිලි කළේ, ගවමස් තහනම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ගැනීමට බලාපොරොත්තු වන ජනප්‍රිය තීන්දුව කෙසේවත් ආගමික ප්‍රශ්නයක් නොව දහස් සංඛ්‍යාත ගොවියන් හා පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නයක් බවයි..මක් නිසාද යත් ගව මස් නිෂ්පාදනය හුදු මස් නිෂ්පාදනය හා සම්බන්ධව පමණක් රැඳී තියෙන්නක් නොවන නිසාත් එය කිරි නිෂ්පාදනය හා ඒ ආශ්‍රිතව කරන අතුරු නිෂ්පාදනයන් සමගද, තවත් ජනප්‍රිය හා විශාල මිනිසුන් සංඛ්‍යාවක් ජීවිතය ගැටගහගන්නා හම් ආශ්‍රිත නිෂ්පාදනයන්ටද ඍජුව බලපාන්නක් බව විචාරකයන් පෙන්වා දෙනවා..අපි දන්නා ඉතිහාසය අනුව ලංකාවේ, ගවයා පූජනීය සත්ත්වයෙක් වන්නේ ලෝකයේ හතරවෙනි ගව මස් නිෂ්පාදකයා වන ඉන්දියානුවන්ගේ සංස්කෘතික දේශපාලනික බලපෑම නිසා. විශේෂයෙන් පොළොන්නරු යුගය වන විට ඇති වූ කාලිංග-මාඝ ආක්‍රමණය ඇතුළු ආක්‍රමණ හරහා සිදුවූ හින්දු බලපෑම මෙහිලා කැපී පේනවා. ලංකාවේ පාරම්පරික බෞද්ධ සඳකඩ පහණෙහි සත්ත්ව පේළියහි වූ ගවයා එයින් ඉවත් වන්නේ ද ඒ අනුව කියන එක හැමෝම දන්න දෙයක්. එනම් පූජනීය හින්දු සත්ත්වයකු වූ ගවයා පෑගීම නුසුදුසුය යන හින්දු පිළිගැනීමේ බලපෑම අනුව. ලංකාවේ බෞද්ධ සංස්කෘතිය කියන්නේ විශේෂයෙන් හින්දු සංස්කෘතිය සමග සමවායව යමින් එකිනෙකට සංස්පර්ශ වෙමින් ගොඩනැගුණක්. ඒක නරක ලක්ෂණයක් නෙමෙයි බෞද්ධාගමේ විවෘතභාවය පෙන්නන එය ඉතා වැදගත් ලක්ෂණයක්..කෙසේ වෙතත් මූලික බෞද්ධ සංකල්ප අනුව ගවයා අන් සතුන්ට වඩා විශේෂ ප්‍රාණියෙකු ලෙස බුදුන් වහන්සේ සැලකූ වගක් හා අන් සතුන් ගවයාට වඩා තමන්ගේ ප්‍රාණය ගැන අඩු කැමැත්තක් ඇති සතෙක් ලෙස සලකා ඇති බවක් පේන්නේ නෑ. විශේෂයෙන් ධම්මපදයේ දණ්ඩ වග්ගයේ,.සබ්බේ තසන්ති දණ්ඩස්ස.සබ්බේ භායන්ති මච්චුනෝ.අත්තානං උපමං කත්වා -න හනෙය්‍ය න ඝාතයෙ.ලෙස දේශනා කළේ මිනිසාද ඇතුළු සියලු සත්ත්වයන් ගැන. ඒ අනුව කොයි සතෙක් වුණත් ඝාතනය වීම හොඳයැයි කියන්නට බෑ. මක් නිසාද යත් උන්ටද ජීවත් වීමේ අයිතිය ඇති බැවින්. එක සතෙක් මරණයට පත් කිරීම තවකෙක් මරණයට පත්කිරීමය වඩා වෙනස්යැයි සිතීම සාවද්‍ය වෙන්නේ ඒ නිසා..ලංකාව වාර්ෂිකව කිරිපිටි ආනයනය සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 40,000ක් ඉක්මවූ මුදලක් වැය කරන බව රජයේ නිල වෙබ් අඩවියක් වන news.lk සඳහන් කරනවා. දේශීය වශයෙන් කිරි නිෂ්පාදනයේදී මී ගවයන් හා එළ ගවයන් භාවිත කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ මීගව ගොවිපළ පමණක් 28,000ක් පමණ තියෙනවා කියලයි වෙබ් අඩවිය කියන්නේ. එළගව හා මීගවයන්ගෙන් 70%ක් පමණ වියලි කලාපයේත් 30%ක් තෙත් කලාපයේත් ව්‍යාප්තව පවතිනවා. රටේ වාර්ෂික කිරි නිෂ්පාදනයෙන් 25%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ මේ ගොවිපළ දායකත්වයෙන්. ඒ අනුව, ගව මස් තහනම කරන්නට කලින් එම තහනම මේ සම්බන්ධයෙන් බල පාන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු වෙනවා..පසුගියදා රජය විසින් ගනු ලැබූ තවත් ජනප්‍රිය තීන්දුවක් මේ කිරි නිෂ්පාදනය සඳහා බලපෑ ආකාරය අපි දැක්කා. ඒ තමයි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සෑදීමේ ව්‍යාපෘතිය. ඒ අනුව මේ ව්‍යාපෘතිය බාර ගත් ඇතැම් කල දුටු කල වල ඉහාගන්නා ව්‍යාපාරිකයන් කළේ ගවයන්ට ආහාරය සඳහා ඇති තණකොළ තොග වශයෙන් කපා පොහොර සෑදීමට යොදාගැනීම. ඒ අනුව කිරි නිෂ්පාදකයන් අනාථ වූ අයුරු ඔවුන් මාධ්‍ය හමුවේ කීවා..ඒ අනුව හින්දු ඉන්දියාවේ ගව ඝාතනයට විරුද්ධව ජනප්‍රිය තීන්දු ගත් ප්‍රාන්ත රජයෙන් ඒ රටේ පුරවැසියන්, විචාරකයන් හා මාධ්‍යවේදීන් අහපු සියලුම කාරණා අපටත් අමතක කරන්න බෑ..ගොවියන්ගේ, ගවමස් වෙළෙන්දන්ගේ, කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන්නන්ගේ, සම් ආශ්‍රිත නිෂ්පාදන කරන්නන්ගේ සියලු ප්‍රශ්න එතැනදී සලකා බලන්න ඕනෑ. එසේම මේ ආශ්‍රිතව රටේ ඉතිරිවන මුදල මෙන්ම, යට ඇඳුමේ සිට බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ කප්පාදු කළ තත්ත්වයක් තුළ, යෝජනා කරන හැටියට ගවමස් අපට පිටරටකින් (බොහෝ විට ළඟම ඇති හින්දු ඉන්දියාවෙන්) ආනයනය කරන්නට යන මුදල් ගැනත් හිතන්න වෙනවා..මේ තීන්දුව හරහා දේශීය කිරි නිෂ්පාදනයට හානි වනවා නම් කිරි පිටි සඳහා මේ වන විට වෙළඳපොළේ ඇති අධික මිල තවදුරටත් නිතරගයෙන් ඉහළ යෑමත්, කිරිපිටි පැකට්ටුව සුඛෝපභෝගී භාණ්ඩයක් වීමත් වළක්වන්නත් බෑ. ඒක පාරිභෝගිකයින් හැටියට විශාල ගැටලුවක්..ගවමස් පරිභෝජනය සඳහා හුරුව ඇති පාරිභෝගිකයන් ද තවත් අතකින් ගැටලුවට ලක්වෙනවා. බොහෝ විට තරු පන්නයේ හෝටල්වලට අවශ්‍ය මස් පිටරටින් ආනයනය විය හැකි වුවත් සාමාන්‍ය පාරිභෝගිකයාගේ අත නුදුරට පැමිණීමේ ඉඩ අඩු වෙන්න පුළුවන්. ඒ අනුව ඔහුට ලබා ගත හැකි වෙනත් ආදේශක මොනවාද? ඌරුමස්ද වෙනත් මස් වර්ගයක්ද? ඒවායේ ගව මස්වලන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ තියෙනවාද? සෞඛ්‍යමය ගැටලු වැඩිද?.එසේම අපේ සාම්ප්‍රදායික බෙර-දවුල්, ඇඳුම් ආයිත්තම් ඇතුළු ගව හම් භාවිත කරමින් සකසන උපකරණ හා බැඳුණු බෞද්ධ සංස්කෘතික කාරණා සඳහා මේවා බලපාන්නේ කොහොමද? එකී කර්මාන්තවලින් ජීවත්වන්නන් සඳහා ඇති විකල්ප මොනවාද?.ජනප්‍රිය දේශපාලනික තීන්දු ගන්න කලින් මේ සියල්ල සියුම්වත් විද්‍යාත්මකවත් සලකා බැලිය යුතු කාරණා වෙනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකවුරු හරි ජනාධිපතිතුමාව නොමග යවනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී.චන්දිම වීරක්කොඩි.Next articleදියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ඒ ආණ්ඩුවෙන් වුණ හොඳ දේවල් තියෙනවා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඒ ආණ්ඩුවෙන් වුණ හොඳ දේවල් තියෙනවා.By තරිඳු උඩුවරගෙදර.December 1, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක.නව අමාත්‍ය මණ්ඩලය පත් කරද්දී ශ‍්‍රීලනිපයට ඇමතිධුර දෙකක් පමණක් ලබාදීම ගැන අසතුටක් තියෙනවාද?.අපි ඒ පිළිබඳ කිසිම අසතුටක් නැහැ. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට සහ මේ ආණ්ඩුව සමඟ එක්වීමට තීන්දුව අපි ගත්තේ ප‍්‍රධාන වශයෙන්ම රටේ අනාගතය වෙනුවෙන්. එතැනින් එහාට පක්ෂවලට ලැබෙන කොටස ගැන කතාකරන්නට අපට බලාපොරොත්තුවක් නැහැ. අපි මේ අමාත්‍යධුර ලබාදීමේදී පක්ෂවලට මොනතරම් ලබාදුන්නාද කියලා සලකා බලන්නවත් සූදානම් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුවක් විදියට එක්ව වැඩකරන්න බලාපොරොත්තු වෙනවා..ශ‍්‍රීලනිපය මින් ඉදිරියේ මැතිවරණවලට ආණ්ඩුව සමඟ එක්ව ඉදිරිපත් වෙනවාද? නැතිනම් වෙනම ඉදිරිපත් වෙනවාද?.ඒ ගැන දැන්ම කල්පනා කරන්න අවශ්‍ය නැහැ. මොකද මැතිවරණයට තව කාලයක් තියෙනවා. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. ඒ මොහොතේ අපට සාකච්ඡුා කොට එකඟතාවකට එන්න පුළුවන්. මැතිවරණයකට අපි කැමති වුණත් අපි දන්නවා නීත්‍යනුකූලව ලබන මාර්තු මාසය වෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව. ගෝඨාභය රාජපක්ෂ නීත්‍යනුකූල නොවන කිසිම දෙයක් කරන්න සූදානම් නැහැ. ඒ වගේම නීති විරෝධී කිසිම දෙයක් කරන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා ව්‍යවස්ථානුකූලව තමයි කටයුතු කරන්නේ. ඉදිරියේදී තීන්දු කරන්න පුළුවන් මැතිවරණය ආවාම අපි මොන විදියටද ඉදිරිපත් වෙන්නේ කියලා. රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව ගැනයි අපි අද කතාකරන්නේ..පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය ගැන තක්සේරුව මොකක්ද?.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා මේ වනවිට ගත්ත තීන්දු තිරණ ගැන උදව් කරපු අපි වගේම ඡුන්දය නොදුන් අයත් සතුටු වෙනවා. ඒ බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. උදාහරණයක් විදියට බදු සහන ආදිය ගැන සතුටු නොවෙන්නේ කවුද. ඡුන්දයේදී විරුද්ධව කටයුතු කරපු අය පවා බදු සහන ගැන සතුටු වෙනවා. ඇමතිවරුන් පත්කිරීම ගැනත් ජනතාවට සතුටුයි. ඉන්පසු ආයතන ප‍්‍රධානීන් පත්කිරීම සදහා ජනාධිපතිතුමාගේ අදහස පවා වටිනවා. මේ වෙනකොට පත්තරවල දැන්වීම් පවා දාලා තියෙනවා ආයතනවල ප‍්‍රධාන තනතුරුවලට සම්බන්ධ වෙලා ඒ ආයතන නගා සිටුවන්න කැමති අය ඉන්නවා නම් ඒ අයට ඇප්ලිකේෂන් දාන්න කියලා. මේක මීට කලින් නොතිබුණු අලූත් ප‍්‍රවණතාවක්. අපි මැතිවරණවලදී අපේක්ෂකයන් දිනවනවා. ඒත් හැම ජයග‍්‍රහණයකින්ම පස්සේ ඉතිහාසයේ කරලා තියෙන්නේ කෙටිකාලීන බලාපොරොත්තු සමඟ කටයුතු කරන එක. හිතවතුන්ව පිනවන එක. ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය දවස් කිහිපය තුළ කරපු දේවල් එක්ක ඔහු ඊට වඩා වෙනස් වේවි කියලා උදව් කළ අයටත් නොකළ අයටත් විශ්වාසයක් ඇතිවෙලා..ශ‍්‍රීලනිපයේ පිරිසක් පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දුන්නා. ඒ ගැන පියවරක් ඉදිරියේදී ගන්නවාද?.මම හිතනවා ඒ අය පිළිබඳව කලබල වෙන්න ඕනෑ නැති බව. ශ‍්‍රීලනිපයේ ඉඳපු පිරිස් පක්ෂයෙන් එළියට ගිහිල්ලා ඕනෑ තරම් නැවත එකතුවෙලා තිබෙනවා. අපිත් එක වෙලාවක එහෙම කළා. පාර්ලිමේන්තුවේදීත් එවැනි පක්ෂ මාරුකිරීම් වෙලා තියෙනවා. පක්ෂයේ නිලධාරීන් මට්ටමෙනුත් එවැනි දේවල් වෙලා තියෙනවා. අපේ මතයත් එක්ක අත්වැල් බැඳගන්න ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. කොහොමත් ඒ අයට යන්න වෙන තැනක් නැහැනේ..ශ‍්‍රීලනිපයට මෙතැන් පටන් පක්ෂයක් විදියට අසීරු අවස්ථාවකට මුහුණදෙන්නට සිදුව ඇතැයි පෙනෙනවා. පක්ෂයක් විදියට තමන්ගේ අනන්‍යතාව පවත්වාගෙන යෑමත්, නැවත ප‍්‍රධාන පක්ෂය විදියට නැගී ඒමත් සඳහා අරගල කරන අතරේම පොදුජන පෙරමුණට සහාය පළ කරන්නත් සිද්ධවෙනවා. ඒ අභියෝගය සැලකිල්ලට ගන්නේ කෙලෙසද?.මම හිතන්නේ ඒක අපට අපහසුවක් නොවන බව. ශ‍්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ කියන පක්ෂ දෙකේම ඉන්න කණ්ඩායම් සහ ප‍්‍රතිපත්ති බොහෝවිට එකයි. එසේ වුණත් ශ‍්‍රීලනිපය කියන්නේ වෙනම පක්ෂයක්. පොදුජන පෙරමුණ කියන්නේ තවත් පක්ෂයක්. පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වාගෙන යන්න ඕනෑ බව පැහැදිලියි. එහෙත් අනන්‍යතාව පවත්වාගෙන යෑම පිණිස ප‍්‍රතිපත්තිමය ගැටුම් ඇති කරගන්න සිද්ධවෙන්නේ නැහැ. එය එක්සත් ජාතික පක්ෂය සමඟ එකට කටයුතු කිරීම තරම් අසීරු නැහැ. ඇත්ත කතාව බැලූවොත් අදටත් ශ‍්‍රීලනිපයේම කණ්ඩායමක් තමයි පොදුජන පෙරමුණ විදියට ඉන්නේ. ඒ නිසා අපේ අදහස් හා ප‍්‍රතිපත්තිවල ගැටුමක් නැතිව ආණ්ඩුව කරන්න පුළුවන්..ශ‍්‍රීලනිපය පොදුජන පෙරමුණ සමඟ එක්වීමෙන් මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වැදගත් බලපෑමක් වුණ බව හිතනවාද?.අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූ ජයග‍්‍රහණය ලබාදීලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට ඡුන්ද ලක්ෂ 17ක් ලැබුණා. මේ ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයට ඡුන්ද ලක්ෂ 17 ප‍්‍රයෝජනවත් වුණ බව පැහැදිලියි. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් බලාපොරොත්තු වුණා පහුගිය ආණ්ඩුවලින් යම්කිසි වරදවල් වෙලා තියෙනවා නම් ඒවායේ නිවැරදි කිරීමක්. අපේ පක්ෂ දෙක වෙනම ඉන්න කාලේ ශ‍්‍රීලනිපය විදියට ලබාගත් ජයග‍්‍රහණ බොහොමයක් තියෙනවා. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කතාකිරීමේ අයිතිය වගේ මුදලන් මනින්න බැරි දේවල් ජනතාව අතර තහවුරු කළා. ඒ ජයග‍්‍රහණ ටික ඉදිරියටත් ගෙනයන්න ඕනෑ බව අපි පිළිගන්නවා. මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒවා ශක්තිමත් කරන්න වැඩකරන බව පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඔහු පරිසරය සුරැුකීම ගැන උනන්දු වුණා. ආරක්ෂාව පිළිබඳ උනන්දු වුණා. නිදහස පිළිබඳවත් උනන්දු වෙලා තියෙන බව අපට පේනවා. මේ මැතිවරණය ජයග‍්‍රහණය කළාට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෝ කාටවත් කරදරයක් කිරීමේ සිදුවීම් නැතිම තරම්. දේශපාලන පළිගැනීම් නැහැ. අපි ඇතිකරපු වෙනස ඉදිරියට ගෙනයන්නට ඔහු වැඩකරන බව පැහැදිලියි..මීට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ ඒකාධිපති ප‍්‍රවණතා ගැන විරෝධය දක්වලා ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණ, ඉන්පසුවත් ඔවුන්ගේ අධිකාරිවාදී භාවිතාවන් ගැන විරෝධය පළකරපු ඔබ ඇතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දුන්නා. ඒ නිසා ඔහුගේ භාවිතාවන් ගැන බියක් තිබුණු ඇතැම් අය ඒ බිය තුරන් කරගන්නට ඇතැයි සිතනවාද?.මං හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි එකතුවීමෙන් දැවැන්ත ශක්තියක් ලැබුණා. කණ්ඩායමක් එකතුවීම තුළ ශක්තියක් ලැබෙන බව පැහැදිලියි. අපි එදා රජයෙන් අයින් වෙන්න හේතුවක් තිබුණා නම් ඒක නිවැරදි කරගන්න ඕනෑ කියන එක මත ශ‍්‍රීලනිපය ඔවුන්ට ශක්තියක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාවිතාවන් රටේ යහපත් පාලනයක් සඳහා වැදගත්. ඔහුට සමහර වෙලාවට මේ රටේ විනය හදන්න අලූතින් නීති දාන්න වුවමනාවක් නැහැ. සමහර වෙලාවට එතුමා කතාවකදී කියන දේ නීතියක් බව හිතාගෙන මිනිස්සු වැඩකරනවා. ඒක රට පැත්තෙන් ජයග‍්‍රහණයක්. උදාහරණයක් විදියට කුණු දාන එක ගැන ඔහු කතාකළාම ඒක නීතියක් ලෙස සලකමින් මිනිස්සු ක‍්‍රියාත්මක වෙනවා. ඔහු රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන කතාකළා. දැන් සියලූ රජයේ සේවකයන් වැඩ කරයි මින් ඉදිරියට කාර්යක්ෂමව වැඩකළ යුතුය කියන හැඟීමෙන්. ඒක හොඳ ප‍්‍රවණතාවක්..හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට එකතු වේවිද?.ඒක තවම එතුමා පැහැදිලිව කියලා නැහැ..මේ ආණ්ඩුවට ශ‍්‍රීලනිපය එකතු කරන විශේෂ දේවල් තියෙනවාද?.අපි හැමෝම ආණ්ඩුවක් විදියට බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු ටික ඉටුකිරීමට. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ එකම ආණ්ඩුවක් විදියට මිසක් ශ‍්‍රීලනිපය හෝ පොදුජන පෙරමුණ කියන භේදයෙන් නෙවෙයි. රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමයි අපේ වගකීම. වෙන වෙනම ජයග‍්‍රහණ බෙදාගැනීම නෙවෙයි. අපි මීට කලින් බෙදිලා හිටපු බව ඇත්ත. එහෙත් අපි මැතිවරණය වෙනුවෙන් එකතුවුණා. දැන් රට හදන කණ්ඩායම් සහ රට වෙනස්කරන කණ්ඩායම් විදියට ආණ්ඩුවක් විදියට එක වැඩ කරන්න තමයි ඉදිරියේදී කටයුතු කරන්නේ..එහි අදහස මීට පෙර එකිනෙකා ගැන තිබුණු විවේචන අවසන් බවද?.අපි දෙපැත්තේම විවේචන ගැන කතාකරලා මැදකට ඇවිල්ලා තමයි ඡුන්දයට කලින් එකතුවුණේ. අපි ගිවිසුම් පවා අත්සන් කළානේ. දැන් සහයෝගය ලබාදීලා, ජයග‍්‍රහණය කළාටත් පස්සේ විවේචන කරන්නේ නැහැ. ඇත්තටම අපේ පක්ෂ අතර කිසිම ගැටුමක් නැහැ. ඔබ ඇතුළු මාධ්‍යවේදීන් ඒ ගැන ප‍්‍රශ්න අහන නිසා උත්තර දෙනවා මිසක්, අපට ඕවා ගැන කතාකරන්නවත් වුවමනාවක් නැහැ. දැන් ජනතාව ඔය කතා අහන්න කැමති නැහැ. රට සංවර්ධනය කිරීම ගැන කතාකරන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ..මීට කලිනුත් රට හැදීමේ අරමුණෙන් ඔබ ඇතුළු කණ්ඩායමක් 2015 දී ජනවරමක් ඉල්ලූවා. එදා වැරදුණේ කොතැනද?.එතැන අපේ ප‍්‍රධාන අඩුපාඩුව තමයි මතභේදය. අපි මූලික වශයෙන් අපි දෙගොල්ලෝම මූලික එකඟතාවක් හදාගත්තා. එහෙත් ආණ්ඩු කිරීමේදී අලූතින් ඇතිවූ තත්වයන් ගැන අපට වෙනස් මතවාද තිබුණා. සියලූදෙනාම දන්නවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතට ඇතිවුණ මතභේදය එක්ක වෙනස්ම ගමන්මාර්ගවලට ගිය බව..එම ආණ්ඩුවෙන් කිසිම යහපතක් නොවූ බව හිතනවාද?.ඒ ආණ්ඩුවෙන් වුණ බොහෝ හොඳ දේවල් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ආදි දේවල් තහවුරු වුණා. කිසිම දේක හොඳ දෙයක් නරක විදියට අර්ථකථනය කරන්න ඕනෑ නැහැ. විරුද්ධවාදීන්ගේ වුණත් හොඳ දකින්න ඕනෑ. මම අනුරාධපුරයේ කරපු අවසාන රැුස්වීමේදී පවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලූවා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ වෙනත් අපේක්ෂකයන් හොඳ පොරොන්දුවක් දීලා තියෙනවා නම් අපි දිනලා ඒවාත් ඉටුකරමු කියලා. ඒ අර්ථයෙන් හිටපු ආණ්ඩුව කළ හොඳ දේවල් හොඳ විදියට දකින්න ඕනෑ. එහෙත් ඒ ආණ්ඩුවේ අඩුපාඩුත් ගොඩක් තිබුණා. ඒවා ගැන ජනතාවට කළකිරීමක් ලැබුණා. දැන් ජනතාවට අලූත් අපේක්ෂාවක් තියෙනවා. ඔවුන් අලූත් ජනවරමක් දීලා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනෑ කලින් ලැබුණු යහපත් වටිනාකම් රැුකගෙන අලූත් ජනවරම ඉහළින්ම ක‍්‍රියාත්මක කිරීම..Tags.anidda.Anidda Newspaper.disanayake.duminda.අනිද්දා.පුවත්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගුරුනගර් අපවිත‍්‍ර වෙරළ සහ යාපනයේ කුල ප‍්‍රශ්නය.Next articleහතුරුසිංහ බඳවාගැනීමේ ක‍්‍රිකට් වියවුල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
වසංගතයටඑරෙහි වූදිදුලන හදවත් එකතුවඅසිරි හදවත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වසංගතයට.එරෙහි වූ.දිදුලන හදවත් එකතුව.අසිරි හදවත.By සංස්කාරක.October 6, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.කොරෝනා වෛරසය ලොව පුරා පැතිරී යාම ආරම්භ වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ජනතාවගේ ජීවිත දුක්ඛිත වූ අඳුරු පටලයකින් වැසී ගොස් තිබුණි. රජයටද එම ජනතාව මුදාගැනීමට තරම් ප්‍රමාණවත් මැදිහත්වීමක් කළ නොහැකි බව සමාජයට පසක් වෙමින් තිබුණි..වසංගතයට එරෙහිව මිනිසුන්ම නැගී සිටිය යුතු බව අවබෝධ කරගත් පිරිසක් වසංගතයට එරෙහි මිනිස් පවුරක් ගොඩනගන්නේ ඒ අතරය. ඒ ”අසිරි හදවතයි”. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, කලාකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්, දේශපාලන ක්‍රියාකාරීන් වැනි විවිධ අය මෙහි සාමාජිකයෝ වෙති..කොරෝනා රෝගීන් ස්වේච්ඡාවෙන් රෝහල්වලට ගෙන යාම, විෂබීජහරණය, රෝහල් පිරිසිදු කිරීම, රෝහල්වල අඩුපාඩු සකස් කර දීම වැනි කාර්යයන් රැසක් ”අසිරි හදවත” හරහා සිදුකෙරෙමින් පවතියි..”අසිරි හදවත” පවත්වාගෙන යන ස්වේච්ඡා සේවයන් අතර රෝහල් කාර්ය මණ්ඩල ඉලක්ක කරගෙන සිදු කරනු ලබන සංගීත ප්‍රසංග කැපී පෙනුණි. පිළියන්දල, කළුබෝවිල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයකම මෙලෙස සංගීත ප්‍රසංග පවත්වනු ලැබුවේ විවිධ කලාකරුවන්ගේ ද සහභාගිත්වයෙනි..විදර්ශන කන්නන්ගර.දේශපාලන විචාරක.”අසිරි හදවත” සංවිධානය අපි නිර්මාණය කළේ ම, සමාජයක් විදිහට මේ පවතින වසංගත තත්වය ඇතුළේ එන්න එන්නම සීමා තුළට කොටුවීම වගේම වසංගතය හේතුවෙන් අසුබවාදී හැඟීම්වලින් සමාජය හැකිළෙමින් ඉන්න වෙලාවක, වසංගතයට එරෙහිව සමාජය තුළින්ම විකල්පයක් ගොඩනගන්නෙ කොහොමද කියන කාරණයත් එක්ක. මේ රෝගය වැළඳීම නිසා අපේක්ෂාභංගත්වයට, අධෛර්යයට පත්වෙලා ඉන්න රෝගීන්ට තමන්ගෙ ජීවිතය ගැන සුබවාදී හැඟීමක් දෙන්න, අපේක්ෂාභංගත්වයට පත් වෙලා හිටපු රෝහල් කාර්ය මණ්ඩලවලට සුබවාදී හැඟීමක් දෙන්න වගේම රෝහල් කාර්ය මණ්ඩල අතර තිබෙන යාන්ත්‍රික බෙදීම් පවා යම්තාක් දුරකට නැති කරන්න අපි රෝහල් තුළ ආරම්භ කළ සංගීත ප්‍රසංග පිටිවහලක් වුණා..මේ සංගීත සංදර්ශන පවත්වපු රෝහල්වල පීඩනයෙන් ඉඳපු පුද්ගලයන් ඔල්වරසන් දෙමින් විනෝදවුණු ආකාරය හරිම සුවිශේෂ අත්දැකීමක් වුණා. වසංගතයත් එක්ක යාන්ත්‍රික වෙලා හිටපු ඒ මිනිස්සු සාමාන්‍ය මනුෂ්‍යයන් බවට පත්වුණා කියලා හිතෙනවා..පුබුදු ජයගොඩ.දේශපාලන ක්‍රියාකාරී.මුල් අවස්ථාවේදී කලාකරුවො වුණත් රෝහල් තුළට ඇවිත් අවදානමක් අරගෙන මේ වගේ ප්‍රසංග පැවැත්වීමට යම් පැකිළීමක් දැක්වූවත් වැඩසටහන් කිහිපයක් කරද්දි, ඒ පීඩනයෙන් ඉන්න මිනිස්සු හිනා වෙලා ඉන්නවා දකිනකොට ඔවුන්ටත් හැඟීමක් ආවා මේක අපේ වගකීමක් කියලා..පිළියන්දල රෝහලේ ප්‍රසංගයේදි වෛද්‍යවරු, කාර්ය මණ්ඩලයේ අය සිංදු කිව්වා. කාර්ය මණ්ඩලවල අය නටලා විනෝද වුණා. ඉහළ මහලක තිබුණ කොවිඩ් වාට්ටුවේ හිටපු රෝගීන් ජනෙල්වලින් ඒ ප්‍රසංගය නැරඹුවා. පීඩනයෙන් ඉඳපු සියලු දෙනාටම සුබවාදී හැඟීමක් ලැබුණා වගේම රෝහල්වල තිබුණු ධුරාවලිවලින් ඔබ්බට ගිහින් අපි හැමෝම මිනිස්සු කියන හැඟීමත් ඔවුන් විඳගත්තා..කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් ආණ්ඩුව කරන වැඩේම අපිත් කරනවා කියලා. නමුත් මෙතනදී මැදිහත්වෙන්නේ සමාජය වෙනුවෙන් සමාජයක්. වසංගතයට එරෙහිව සමාජයක් වශයෙන් මුහුණ දෙන එක තමයි අපි කරන්නේ..ජෙහාන් අප්පුහාමි.රංගන ශිල්පී.මේ වෙලාවෙ අපි මිනිස්සු වෙනුවෙන් කලාවෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලන්න ඕනෑ. ඒ මිනිස්සුන්ට කලාව සම්ප්‍රේෂණය කරලා ඔවුන්ව පීඩනයෙන් මුදවගන්න ඕනෑ. ඒ විදිහට තමයි අපි සංගීත ප්‍රසංග හරහා රෝහල්වලට මැදිහත් වෙන්නේ..රෝහලක් ඇතුළට ගියාට පස්සෙ තමයි ඒ රෝහල ඇතුළෙ රෝගීන් බවට පත් වෙලා ඉන්න කුඩා දරුවො, වැඩිහිටියන් වගේම ඔවුන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩල කෙතරම් පීඩනයකින් ඉන්නවාද කියලා තේරෙන්නෙ..කලාකරුවො ඇවිත් තමන් එක්ක තමන්ගෙ දුක බෙදාගන්නවට මිනිස්සු කැමතියි. ඒ නිසා මේ ගෙවෙමින් තිබෙන සංස්කෘතිකමය මොහොත කලාකරුවො හැටියට වසංගතයට නිරාවරණය වුණු මිනිස්සු එක්ක බෙදාගන්න ඕනේ..මේ වෙලාවෙ අපි මේ අසිරි හදවත හරහා සිදුකරන සංගීත ප්‍රසංගය වගේම අනෙකුත් වැඩකටයුතු සඳහා එකතුවෙන්න කියලා මා මගේ කලා ක්ෂේත්‍රයේ සියලුම කලාකරුවන්ගෙන් ඉල්ලන්න කැමතියි..ජේ.ඩී. ඩයස්.අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය.මම සේවය කරන ගම්පහ රෝහලේ වසංගතය එක්ක සෘජුව මැදිහත් වෙන කාර්ය මණ්ඩලය එක දිගට රෝගීන් මිය යාම, රෝගීන් දුක් විඳින ආකාරය, රෝගීන් ඔවුන්ගෙන් ජීවිතය අයදින මොහොතවල් එක්ක එක දිගට වැඩ කරලා විශාල මානසික පීඩනයක ඉන්නේ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල.කිසිකෙනෙක් අවුරුදු එකහමාරකින් විතර ගෙදර ගිහින් නිදහසේ ඉඳලා නෑ. ගෙදර ගියත් අපි හරහා අපේ ආදරණීයයන්ට රෝගය වැළfඳයි කියලා බයකින් පීඩනයකින් ඉන්නෙ. ඒ අතරතුරේ දී තමයි අසිරි හදවත සංගීත ප්‍රසංගය ගම්පහ රෝහලේ පැවැත්වෙන්නේ. ඒ අවස්ථාවට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට දීර්ඝ කාලයකට පස්සේ මට මගේ පීඩනය ඉවත් වෙලා සුබදායක හැඟීම්වලින් මගේ හදවත පිරෙනවා වගේ හැඟීමක් දැනුණා. සියලුම කාර්ය මණ්ඩලවල අය එදා තමන්ට කාලෙකින් විඳින්න බැරිවුණු සතුට, විනෝදය අත්වින්දා..අපේ කාර්ය මණ්ඩලවල මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසාම මේ අවස්ථාව කාර්ය මණ්ඩලයේ සියලු තලවල සේවකයන් අගය කරනවා. ඔවුන් මට රෝහලේ හමුවුණාමත් ඔවුන් ඒ ලබපු සුන්දර අත්දැකීම ගැන කතා කරනවා. ඔවුන්ගේ පීඩනය අඩුවෙලා යම් සුබවාදී ආකල්පයක් ඔවුන් තුළ ඇතිවී තිබෙන බව ඔවුන්ම කියනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවචන මිනිසා.Next articleමානව හිතවාදී.දේශපාලනයක නිරතවීමට.නව වාමාංශික සමාජයට අපූරු පාඩමක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජනතාවගේදේශපාලන අවබෝධය සහ පරිවර්තනීය දේශපාලනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනතාවගේ.දේශපාලන අවබෝධය සහ පරිවර්තනීය දේශපාලනය.By ජයදේව උයන්ගොඩ.March 2, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.ජනතාවගේ දේශපාලන දැනුම සහ අවබෝධය තියුණු ලෙස විනිශ්චයට භාජන වන අවස්ථාවක් වන්නේ මහ මැතිවරණයයි. දේශපාලන පක්ෂ දෙන බොරු පොරොන්දුවලටත්, ජනමාධ්‍යය සිදු කරන බොරු ප්‍රචාර සහ ව්‍යාජ ප්‍රවෘත්තිවලටත් රැවටෙන මහ ජනතාව ඡන්දයේදී පසුකාලයේ තමන් පසුතැවෙන තීරණ ගැනීම මැතිවරණවලදී සාමාන්‍යයෙන් සිදු වේ..අප රටේ ජනතාවගේ, විශේෂයෙන් ඡන්දදායකයන් බහුතරයක් වන ග්‍රාමීය ජනතාවගේ, දේශපාලන අවබෝධය දියුණු කිරීමට කරන්නට දෙයක් නැද්ද? ග්‍රාමීය සමාජයේ දේශපාලන කටයුතුවල යෙදෙන දේශපාලන ක්‍රියාකරුවකු ළඟදී මගෙන් ඇසූ මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙවර ලිපිය යොදා ගනිමි..ජනතාවගේ දේශපාලන දැනුම සහ අවබෝධය තියුණු ලෙස විනිශ්චයට භාජන වන අවස්ථාවක් වන්නේ මහ මැතිවරණයයි. දේශපාලන පක්ෂ දෙන බොරු පොරොන්දුවලටත්, ජනමාධ්‍යය සිදු කරන බොරු ප්‍රචාර සහ ව්‍යාජ ප්‍රවෘත්තිවලටත් රැවටෙන මහ ජනතාව ඡන්දයේදී පසුකාලයේ තමන් පසුතැවෙන තීරණ ගැනීම මැතිවරණවලදී සාමාන්‍යයෙන් සිදු වේ. මේ දිනවල සමාජ මාධ්‍යවල පළවන කාටුන් සහ ff වලින් යෝජනා වන්නේ, 2019දී රාජපක්ෂ පවුල බලයට ගෙන ඒමට ඔවුන්ගේ පක්ෂයට ඡන්දය දුන් හැට නව ලක්ෂයක ඡන්දදායකයන් දේශපාලන අවබෝධයක් නැති ‘මෝඩ’ පිරිසක් බවයි. මෙවැනි ප්‍රකාශවලට, මහජනතාවගේ දේශපාලන අවබෝධය දියුණු කිරීම ගැන කැක්කුමක් තිබෙන දේශපාලන ක්‍රියාකාරකයන් දැක්විය යුත්තේ කවර ප්‍රතිචාරයන්ද යන කරුණද අපගේ මාතෘකාවට අදාළය..මෙම ප්‍රශ්නය ගැන තරමක් මැදහත්ව කල්පනා කරන විට අපට පෙනිය යුතු කරුණක් නම්, අප රටේ ජනතාවට දේශපාලන අවබෝධයක් නැතැයි කීම නිවැරදි අදහසක් නොවන බවයි. වැඩිහිටි සෑම කෙනෙකුටම පාහේ, යම්කිසි මට්ටමක දේශපාලන අවබෝධයක් තිබේ. දේශපාලන දැනුමක් නැති පුරවැසියන්ද සුළු ප්‍රතිශතයක් සිටිය හැකිය. ඒ අතර ජනතාව සතු දේශපාලන අවබෝධය, සුළු ප්‍රතිශතයක් සිටිය හැකියි. ඒ අතර ජනතාව සතු දේශපාලන අවබෝධය, පහළ ප්‍රාථමික තලයේ සිට ඉහළ දක්වා යන විවිධ මට්ටම්වලින් සමන්විත වන්නකි. එම අවබෝධ මට්ටම්වල බොහෝ විට නැති බවට අපට නිරීක්ෂණය කළ හැක්කේ විචාරාත්මක දේශපාලන අවබෝධයයි. එය වනාහී සමාජයක් තුළ ගොඩනැගිය යු අවබෝධ මට්ටමකි. ස්වයංක්‍රීයව ගොඩ නොනැගෙන්නකි. එය බොහෝ විට දේශපාලන පක්ෂ, දේශපාලන-සමාජ ව්‍යාපාර සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඇති කරන ලද්දකි. පාසල්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙතින් නොලබන්නකි. වර්තමාන කාලයේ ලංකාවේ සමාජයේද මහජනතාව අතර විචාරාත්මක දේශපාලන දැනුම, අවබෝධය සහ විඥානය ගොඩනැගීම යන්න අලුතෙන් සිතා බැලිය යුතුව තිබෙන කාර්යයකි. එය වෙනම ආකාරයේ අධ්‍යාපන කාර්යයක්ද වෙයි..දේශපාලන ව්‍යවහාර ඥානය.දේශපාලනය පිළිබඳව රටේ මහජනතාවට ගැඹුරු දැනුමක් නැතිවීම ගැන අප පුදුමයට හෝ කනගාටුවට පත්විය යුතු නැත යන්න මගේ අදහසයි. මන්දයත්, මහජනතාව අතර සාමාන්‍යයෙන් එවැන්නක් නැති නිසාය. එහෙත් මහජනතාව අතර වෙනස් දේශපාලන හැකියාවන් තිබේ. දේශපාලනය පිළිබඳ එදිනෙදා දැනුම, දේශපාලන සවිඥානයෙන් යුක්ත වීම, දේශපාලන අපේක්ෂා පැවතීම සහ දේශපාලන විනිශ්චයන් සිදුකිරීමේ හැකියාව යන කුසලතා හතර ඒ අතර ප්‍රධාන වේ..දේශපාලනය පිළිබඳ එදිනෙදා දැනුම යන්න දේශපාලන ව්‍යවහාර ඥානය යනුවෙන්ද හැඳින්වේ. අඩු පාසල් අධ්‍යාපනයක් සහිත ගොවීන්, කුලී වැඩ කරන ශ්‍රමිකයන්, ගෘහ සේවයේ යෙදෙන ස්ත්‍රීන් වැනි පුරවැසියන් සමග දේශපාලනය ගැන කතා කරන විට අපට බොහෝ විට පෙනෙන්නේ ඔවුන්ට දේශපාලන අවබෝධය පිළිබඳ ඉහත දැක්වූ කුසලතා අඩු වැඩියෙන් තිබෙන බවයි. ඔවුන්ටද අපට මෙන්ම දේශපාලන විඥානයක් තිබෙන බවයි..එහෙත් ජනතාව දේශපාලන පක්ෂවලත්, දේශපාලනඥයන්ගේත් බොරුවලට රැවටෙන විට, ඉහත කී කුසලතා නොතකා එය සිදුවන්නේ මන්ද? යන්න අප විසින් සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයයි. ඒ සමගම, ජනතාව එවැනි රැවටීම්වලට හසුවීම වැළැක්වීමට, එසේ රැවටීම බලා සිටින්නේ නැතිව, කරන්නට තිබෙන්නේ මන්ද යන්නද ඒ හා සමාන වැදගත් ප්‍රශ්නයකි. ලංකාවේ දේශපාලන සහ සමාජ ප්‍රගතිය නව අතකට යොමු කිරීම සඳහා නම්, ජනතාව අතර විචාරාත්මක දේශපාලන අවබෝධය ඉහළ මට්ටමකට නැංවීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ සඳහා දැනට ඇති බාධා සහ ජය ගැනීමට ඇති ක්‍රියාමාර්ග ගැන සිතා බැලීම වටින්නේ ඒ නිසාය..විචාරාත්මක අවබෝධය.මා මෙම ලිපිය ආරම්භයේදීම උපුටා දැක්වූ දේශපාලන ක්‍රියාකාරිකයාගේ ප්‍රශ්නයෙහි ගැබ්වී තිබුණු තවත් අදහසක් මතුකර ගැනීම, මෙතැනදී අපට ප්‍රයෝජනවත් වේ. එය නම් රටේ දැනට පවත්නා දරුණු අර්බුදය සහ ගැටලු ගැන විචාරාත්මක අවබෝධයක් අප රටේ පුරවැසියන් අතර සාමාන්‍යයෙන් නැත යන්නයි. එය වනාහී, අධිපති දේශපාලන පක්ෂ විසින් තම වාසිය සඳහා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා තත්ත්වයන්ද වේ. ජනතාවට බොරු කීම තුළින් වාසි ලබන දේශපාලන පක්ෂ සහ ජනමාධ්‍ය ආයතන විසින් රවටනු ලැබීමට පාත්‍රවීම ප්‍රතික්ෂේප කරන පුරවැසි ප්‍රජාවක් ගොඩනැගීම කෙසේ කළ හැකිද? යන අභියෝගය මෙතැනදී මතුවේ. දේශපාලන න්‍යායේ භාෂාවෙන් කියන්නේ නම්, විචාරාත්මක දේශපාලන චින්තන හැකියාවද, දේශපාලන වශයෙන් පරිණත තීන්දු ගැනීමට ඇති සූදානමද සහිත, දේශපාලන වශයෙන් අවධියෙන්ද ඉහළ සවිඥානකත්වයකින්ද යුක්තව රැවටීමට භාජනය නොවන්නාවූද “සමූහාණ්ඩුවාදී”, නැතහොත් “ඇරිස්ටෝටලියානු” පුරවැසි ප්‍රජාවක් අප රටේ ගොඩ නගන්නේ කෙසේද යන්න මෙම අභියෝගයේ ඇති හරයාත්මක අර්ථයයි. අප කවුරුත් දන්නා පරිදි, ඇරිස්ටෝටල් යනු සම්භාව්‍ය ග්‍රීසියේ සිටි දේහපාලන චින්තකයෙකි. ඔහු සමූහාණ්ඩුවාදයේ පළමු න්‍යායවේදියාය. සමූහාණ්ඩුවාදය යනු “පුරවැසි ප්‍රජාව” කේන්ද්‍ර කොටගත්, පුරවැසියන්ගේ සක්‍රීය දේශපාලන සහභාගිත්වය මත පදනම් වන ආණ්ඩුවක්ද, රාජ්‍යයක්ද, පුරවැසියන්ද සහිත දේශපාලන මාදිලියකි..“පුරවැසි යහගුණය” නම් ඇරිස්ටෝටලියානු සංකල්පයෙන් අදහස් වන්නේ, හුදෙක් මැතිවරණවලදී ඡන්දය දීම සිදු කරන පුරවැසිභාවයම නොවේ. තමන්ද සාමාජිකයෙකු වන දේශපාලන ප්‍රජාවගේ පොදු යහපත වෙනුවෙන්, ස්වාර්ථයෙන් තොරව කැපවී වැඩ කරන පුරවැසියන්ය. දේශපාලන ජීවිතයට සක්‍රීය ලෙස සහභාගි වීම, පාලකයන් මෙන්ම නිලධාරීන්ද ආණ්ඩුවේද කටයුතු පිළිබඳව අවදියෙන් සහ විමසිල්ලෙන් සිටිමු. අනෙකුත් පුරවැසියන් සමග දේශපාලන සාකච්ඡා පවත්වමින් දේශපාලන වශයෙන් අවදියෙන් සිටීම මෙම සමූහාණ්ඩුවාදී පුරවැසි යහගුණයේ ලක්ෂණයි. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික හා කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට විරුද්ධව පසුගිය කාලයේ විරෝධය පළ කළ ගොවි ජනතාව දැක්වූයේ එවැනි පුරවැසි යහගුණයකි. තම වැටුප් ප්‍රශ්නය සම්බන්ධව මාස ගණනක්ම අරගල කළ රාජ්‍ය අංශයේ ගුරුවරුන්ද දැක්වූයේ සම සක්‍රීය පුරවැසිභාවයේ යහගුණයයි. එයින් පෙනෙන්නේ අප රටේ පුරවැසියන් තුළ දේශපාලන වශයෙන් අවදියෙන් සිටීමේ පුරවැසි යහගුණය තිබෙන බව සහ එය තීරණාත්මක අවස්ථාවල ප්‍රකාශයට පත්වන ද බවයි..අප මේ ගැන මතක් කළ යුත්තේ, රටේ සමාජ-දේශපාලන පරිවර්තනය සඳහා කැපවී සිටින ක්‍රියාකාරිකයන් මෙම පසුබිම ගැනද සැලකිලිමත් වන්නේ නම්, ඒ මත නව දැක්මක් ගොඩනැගිය හැකි බව සඳහන් කිරීමටය. එහිදී අපට සිතිය යුතු කරුණක් නම්, දැනට තිබෙන දේශපාලන පක්ෂ බොහොමයකින්ම, පුරවැසියන්ගේ දේශපාලන අවබෝධය ගැඹුරු කිරීමේ කාර්යයක් සිදු නොවන්නේය යන්නයි..එම තත්ත්වයට දේශපාලන පක්ෂ පත්වීමට තුඩු දී ඇති ප්‍රධාන සාධකයක් වන්නේ අප රටේ ඇති පිරිහුණු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. මහජනතාවගේ මතුපිට දේශපාලන විඥානයට ආමන්ත්‍රණය කරමින්, ඔවුන් සතු ආගමික, ජනවාර්ගික හා ජාතිවාදී අගතීන් උලුප්පමින්, අනාරක්ෂාව, වෛරය සහ සැකය වැනි මනුෂ්‍යයන් තුළ ඇති පහළම මට්ටමේ සාමූහික හැඟීම් උත්සන්න කරවමින් “ඡන්දය දිනීම” නම් වූ අරමුණට, පුරවැසියන් බැටලු රංචු මෙන් ප්‍රචාරක රැස්වීම් වලටත්, ඡන්ද පොළටත් “දැක්කීම” දේශපාලන පක්ෂ බොහොමයක ප්‍රධාන කාර්යය වී තිබේ. පුරවැසියන්ගේ දේශපාලන අවබෝධය නොව දේශපාලන මූඪත්වය අවියක් කර ගැනීමට මෙම දේශපාලන නායකයන් දක්වන හැකියාව, අප රටේ දැන් සැලකෙන්නේ “දේශපාලන දක්ෂතාවයේ” සලකුණක් ලෙසය. බොහෝ දේශපාලන නායකයන් තරග කරනු බව පෙනෙන්නේ මෙම දේශපාලන දක්ෂතාව නිපුණ කර ගැනීමටය..නොරැවටෙන පුරවැසියන් සඳහා.මෙම තත්ත්වයට අභියෝග කිරීමත්, එයින් මිදී, සමූහාණ්ඩුවාදී ජීවගුණයෙන් යුත් පුරවැසි ප්‍රජාවත් අප රටේ නිර්මාණය කිරීමත් සඳහා, අඩු තරමින් දේශපාලන පක්ෂ කිහිපයක්වත් අධිෂ්ඨාන කර ගත්තේ නම්, ඒ මගින්, බලයට ඒම පමණක් අරමුණු කර ගන්නා දේශපාලන පක්ෂවලටත්, දේශපාලන නායකයන්ටත් නොරැවටෙන පුරවැසියන්ගෙන් සමන්විත දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසන්නට හැකිවනු ඇත. එසේ කිරීමට නම් එවැනි දේශපාලන පක්ෂවලට පහත සඳහන් ගති ලක්ෂණද සහිත නව චරිත ස්වභාවයක් ගොඩනැගීමටද සිදුවනු ඇත..ඉන් පළමුවැන්න නම් “ඊළඟ මැතිවරණයෙන් දිනා ආණ්ඩුවක් පිහිටුවමු” යන කෙටිකාලීන දේශපාලන ඉලක්කය සම්පූර්ණයෙන්ම සිතෙන් බැහැර කිරීමයි. ලංකාවේ දැනට තිබෙන තියුණු ආර්ථික, සමාජ හා දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම ඇති ප්‍රශ්න, ඊළඟ මැතිවරණයෙන් දිනා විසඳිය හැකි ඒවා නොවේ. ඒවා විසඳීමට ගත යුතුව තිබෙන්නේ පැලැස්තර විසඳුම් නොවේ. රැඩිකල් විසඳුම්ය. එවැනි විසඳුම්වලට සමාජය සූදානම් කළ යුතුව තිබේ. එසේ නොකර ඉදිරිපත් කරන ප්‍රතිපත්තියේ විසඳුම්වලට සමාජ විරෝධය එල්ලවීම වැළැක්විය නොහැකි වනු ඇත. එවිට සිදුවනු ඇත්තේ, එවැනි විසඳුම් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පාලනතන්ත්‍රයම අර්බුදයට යෑමයි. අප රටේ “නැවත ගොඩනැගීමේ” කාර්යයකට සමාජය සූදානම් කිරීම, ඊළඟ මැතිවරණය දිනීමේ කෙටි ඉලක්කය ඉක්මවා යන, පුරවැසි අධ්‍යාපන වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට දැමිය යුතු කර්තව්‍යයකි..එම කරුණටම සම්බන්ධ දෙවැන්න නම්, ලංකාවේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කරන මැදිහත්වීම්වලින්, පුරවැසියන්ගේ දේශපාලන විඥානයේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීමට නම්, අවුරුදු දහයක්වත් ඉදිරි කාලයේ ‘විපක්ෂයේ’ සිටීමට සූදානම් දේශපාලන පක්ෂ එකක් හෝ කිහිපයක් සූදානම්ව සිටීමයි. ආණ්ඩු බලය ලබා ගැනීමට පරිවර්තනීය ඉලක්ක සඳහා කැපවන දේශපාලන පක්ෂ උත්සාහ ගත යුත්තේ, ආණ්ඩු බලයට නොපැමිණ, විපක්ෂයේම සිටිමින්, සමාජයේ දේශපාලන සාකච්ඡා සහ සංවාද ගැඹුරු කරමින්, සමාජය තුළ සිදුවන අරගලවලට දේශපාලන නායකත්වයද සපයමින් සමාජය වෙතට බුද්ධිමය නායකත්වය සැපයීමයි. එය වනාහී කල්ගතවන ක්‍රියාවලියකි. එසේ වුවත්, පුරවැසියන් අතර සිදුවන දේශපාලන සාකච්ඡා සහ සංවාද හරයාත්මක පරිවර්තනයකට පාත්‍ර කිරීමට හැකියාව සහිත දේශපාලන ව්‍යාපාරවලට ඉටුකර ගත හැකි ඉලක්කයකි..මතවාදයක අවශ්‍යතාව.තුන්වැනිව, එවැනි කාර්යයක් සඳහා මගපෙන්වන පැහැදිලි දේශපාලන මතවාදයක්ද, එවැන්නකින් ආභාසය ලබා සකස් කෙරෙන නව පන්නයේ දේශපාලන අදහස් මාලාවක්ද ඉහත ආකාරයේ උත්සාහයක යෙදෙන දේශපාලන ව්‍යාපාරය සතුව තිබිය යුතු වේ. දැනට පුරවැසියන් වැඩි දෙනා සතුව තිබෙන “ව්‍යාජ දේශපාලන විඥාන” වලින්, ඔවුන් කඩා වෙන් කිරීමට නම්, ඔවුන්ගේ දේශපාලන හැඟීම් සහ අපේක්ෂා අලුත් කරවන සහ ඒවාට නව රාමුවක් සපයන නව දේශපාලන අදහස් මාලාවක්ද තිබිය යුතු වේ. “නව අදහස් වලින් සන්නද්ධ වීම” යනුවෙන් පැරණි බෝල්ෂෙවික්වාදී ව්‍යාපාරවල දේශපාලන ශබ්දකෝෂයේ ff සංකල්පයෙන් අදහස් වූයේ මෙම කාරණයයි. පරිවර්තනීය යළි ගොඩ නැගීමක් සඳහා පුරවැසියන් සූදානම් කිරීමට අවශ්‍ය මතවාදය, එවැනි පරිවර්තනීය ඉදිරි දර්ශන සහිත දේශපාලන මතවාද කිහිපයකම සංයෝගයක් වන්නේ නම් එහි ඇති සමාජීය ආකර්ෂණයද ශක්තිමත් වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, සමූහාණ්ඩුවාදය සහ ස්ත්‍රීවාදය යන ප්‍රගතිශීලී දෘෂ්ටිවාද ධාරා හතර ඒ සඳහා වඩාත්ම යෝග්‍ය මූලාශ්‍රයි. ලංකාවේ සුවිශේෂ ගැටලුවලට ආමන්ත්‍රණය කළ හැකි සහ පුරවැසියන්ව ග්‍රහණය කරගත හැකිවන පරිදි එම දෘෂ්ටිවාද මගපෙන්වීම ගොඩනැගිය යුතු ද වේ..මේ අතර, පරිවර්තනීය ඉලක්ක සඳහා සමාජය බුද්ධිමය වශයෙන් සූදානම් කිරීමේ කාර්යයද තනි දේශපාලන පක්ෂයකට තනිවම කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා පුළුල් සන්ධානයක් අවශ්‍යය-විකල්ප දැක්මක් සහිත දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන සහ සමාජ ව්‍යාපාර, වෘත්තීය හා ශිෂ්‍ය සමිති, ප්‍රගතිශීලී ආගමික කණ්ඩායම් සහ ප්‍රගතිශීලී ජනමාධ්‍ය වැනි බලවේග විසින් සාමූහිකවත්, වෙන වෙනමත් සිදුකරන දායකත්වයක් නොමැතිව එවැනි පරිවර්තනීය කාර්යයක් ඉදිරියට ගෙන යාම දුෂ්කරය. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅල්ලස් කොමිසමේ ගේම් ගැන කියාදෙන කනකසබේට එරෙහි නඩු.Next articleදූෂිතයන්ගේ පාරාදීසයේ රහස් කාන්දුවක්.ක්‍රෙඩිට් සුසී ස්විස් බැංකු හෙළිදරව්ව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
තණ්හාය ජායතී සෝකෝ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තණ්හාය ජායතී සෝකෝ.By සරත් විජේසූරිය.April 27, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.රටේ උද්ගතව තිබෙන සියලු ප්‍රශ්න රාජපක්ෂලාගේ බළ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවුණ ඒවා බව කිව යුතු නොවේ. රාජපක්ෂලා මහජන මුදල් කොල්ල කෑ බව – සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදු කළ බව නීති ගරුක පුරවැසියන් රටට පවසා සිටිය ද රටේ වැඩි පිරිසක් යථාර්ථවාදී අන්දමින් ඒ සත්‍යයන් පිළිගත්තේ නැත. පිළිගත්තේ නම් යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට නීතිය ක්රියාත්මක කරන්නට අසමත් වූ විට යළි රට භාර දෙන්නට ඔවුන්ව තෝරා ගන්නේ නැත. රාජපක්ෂලාට රට යළි භාර දුන්නේ යහ පාලනයට රිදවන්නට ද?.සිංහල බෞද්ධයෝ මහත් බැතියෙන් දළඳා වදින්නට යති. දළඳා වඳින්නට යන අරමුණෙන් නුවර යන්නට ගොඩ වුණ කෝච්චිය පීලී පැන්න නිසා දළදා වැඳිය යුතු නැතැයි මරිමෝඩයෙකු වත් සිතනු නැත. එහෙත් සිංහල බෞද්ධයෝ එසේ සිතුවෝ නොවෙත් ද? මට හිතෙන්නේ යහපාලනයට ද්‍රෝහීවීම දළදා වැඳිය යුතු නැත යන මුග්ධ තීරණය සදිසි බවය..නීතියේ ආධිපත්‍යය තහවුරු කර ගන්නට ගත් සාර්ථක වෑයම කණපිට හැරවූ ජනතාවට අද එහි විපාක විඳින්නට සිදුව ඇත. එය නිවැරදි කරගැනීමට රටේ තරුණයෝ අභීත ප්‍රයත්නයක නිමග්නව සිටිති. ඒ වෙනුවෙන් රටේ නීති ගරුක පුරවැසියන් ස්ව කැමැත්තෙන් පාරට බැස ඇත. මේ වූ කලී යහ පාලනයක් රටට අවශ්‍ය බව රටම කොන්දේසි රහිතව පිළිගෙන තිබෙන අවස්ථාවකි. මේ රටේ දේශපාලන සංස්කෘතිය සාධනීය තැනකට එසවීමට ලැබී තිබෙන අගනාම අවස්ථාව වන්නේය. රාජපක්ෂලා ලේ වගුරුවා එය කණපිට හරවන්නට කල්පනා කර තිබේ. රටේ ආර්ථිකය එහෙම පිටින්ම විනාශ කළ ඔව්හු මනුෂ්‍ය ඝාතන මතින් බලයේ තව දුරටත් රැඳී සිටින්නට කල්පනා කිරීමට මොනම අයුරකින්වත් ඉඩක් තිබිය යුතු නැත. සැබවින්ම රට බේරා ගැනීමට අවශ්‍ය මොහොත යථාරූපී අන්දමින් එළඹ ඇත. තරුණ මව්වරුන් කිරිදරුවන් උරයේ හොවා පාරට බසින්නේ ඒ අරමුණ පෙරටු කරගෙනය. මේ වූ කලී කෘත්‍රිම – ව්‍යාජ දේශප්‍රේමයක් නොවේ. මේ වූ කලී යථාර්ථවාදී අවධිවීමකි..ගෝඨා ගෝ හෝම්.‘ගෝඨා ගෝ හෝම්‘ යන්නේ මතුපිට අදහස ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න යන්න ය. ඔහු රටේ ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යය විනාශ කළ පාලකයා බැවින් ද, සියල්ල ඔහුගේ හස්තයෙන් මුග්ධව හසුරුවන වන බැවින් ද ඔහු තව දුරටත් රාජ්‍ය පාලනය සුදුස්සෙක් නොවේ. මේ වූ කලී නිසි ඉලක්කය ගැනීමය. එසේ වුව, එහි ගැඹුරුම අදහස ‘විධායක ජනාධිපති පදවිය’ තව දුරටත් අවශ්‍ය නැති බව යථාර්ථවාදීව වටහාගෙන එය අහෝසි කර දැමීමේ පරම පැතුම යයි සිතමි. නිසි නිලය අල්ලාගෙනය විරෝධය ගොඩ නැඟී තිබෙන්නේ..සෑම අංශයකින්ම ගෝඨාභයගේ අසාර්ථකභාවය සම්බන්ධ ඥානය පමණක් නොව තරුණ පරපුර වටහා ගන්නේ. එක පුද්ගලයෙකු අත අසීමිත බලයක් මිට මොළවාගෙන සිටීම රටක යහ පැවැත්මට කිසි ලෙසකින් හෝ සුදුසු නැති බව ඔව්හු වටහාගෙන සිටිති. එපමණක් නොව, ‘වෙන්ඩ ජනාධිපතිලාටත්‘ මේ තුළින් පණිවිඩයක් නිකුත් කර තිබේ..විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දීමේ ඉතිහාසය සැබවින්ම බලය මිට මොළවා ගැනීමේ උප්පරවැට්ටියක්ම විය. හැම කෙනාම කළේ මෙරිගෝ රවුමේ යාම ය. ඒ බල තෘෂ්ණාව ඉහට ගසන නිසාය. නීති ගරුක පුරවැසියන් කවර ප්‍රයත්නයක් දැරුවත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතාව නිසි ඉලක්කයක් ඔස්සේ පෙළ ගැස්සවීමට පුළුවන් කමක් නොලැබුණි. මේ අවස්ථාව වූකලී රටේ අතිබහුතර ජනතාව පෙළ ගැසී සිටින අවස්ථාවය. මා විශ්වාස කරන්නේ ‘ගෝඨා ගෝ හෝම්‘ අරගලය ගෝඨාභය ඉවත් වීමෙන් නිමාවක් කරා සේන්දු වන්නේ තාවකාලිකවය. නිමාව, නිමාවක්ම වන්නේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයක් සක්‍රිය අන්දමින් බලාත්මක වීමෙන් යයි සිතමි. එය එසේ විය යුතු අතර, සියලු සිවිල් සංවිධාන ඒ අරමුණ වෙනුවෙන් සවිඥානිකව ජනතාව අවධි කළ යුතු ද වන්නේය..මේ රටට අත්වුණ නපුර විධායක ජනාධිපති ක්‍රමය – ගෝඨාභය අසීමිත බලතෘෂ්ණාවකින් ගොඩ නඟාගෙන සිටින අසීමිත බලය බව තරුණ පරපුර අවබෝධ කර ගැනීම රට යළි ගොඩ නැගීමේ සමාරම්භය වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සාරවත් ලක්ෂණ මත ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයක් උදෙසා නියම පදනම ගොඩ නගන්නට ද එය නිසැකව ඉවහල් වනු ඇත..‘ගෝඨා ගෝ හෝම්‘ අරගලය විධායක ජනාධිපතික්‍රමය අහෝසි කර දැමීමෙන් කෙළවර කර ගන්නට කොන්දේසි රහිතව සියලු පුරවැසියන් කැපවිය යුතු වේ..චරිත තුනක්.‘ගෝඨා ගෝ හෝම්‘ අරගලය තුළ මූලිකව විරෝධය ගොඩ නැඟීම සිදු වන්නේ චරිත තුනක් මුල් කරගෙනය. ඒ චරිත තුන වන්නේ ගෝඨාභය – මහින්ද සහ බැසිල් ය. මේ වූ කලී ආණ්ඩුවට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් අදාළ මර්මස්ථාන හරියටම අල්ලා ගැනීම වේ. රාජ්‍ය පාලනය හා සම්බන්ධ සියලු තත්වයන් පමණක් නොව, පාර්ලිමේන්තුව අම්බලමක් බවට පත්වීම හා රටේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් එහෙම පිටින්ම වගකිව යුත්තේ මේ තිදෙනාය. මේ තිදෙනා ඉලක්ක කරගෙන නිර්මිත සටන් පාඨවල ‘හොරා‘ යන පදයත් ‘මෝඩයා‘ යන පදයත් කැපී පෙනෙන අතර ගෝඨාභය සම්බන්ධව එකී පද දෙකට අතිරේකව ‘පිස්සා‘ යන පදයත් පරිහරණය කෙරේ. ‘හොරා‘ සහ ‘මෝඩයා‘ යන වචන දෙක රාජපක්ෂ පවුල වෙනුවෙන්ම අදාළත්වයක් තිබෙන අන්දම අරගලභූමිය තුළ සැරි සරන කාට වුව විවිධ මට්ටම්වල විරෝධතා පළ කිරීම් ඔස්සේ විද්‍යමාන වේ. තරුණ අරගලය තුළින් උද්දීපනය වන්නේ රට විනාශයට පත් කළේ හොරකම හා මෝඩකම බව යයි හැඟුණි. හොරකම යනු අසාමාන්‍ය තෘෂ්ණාවය. මෝඩකම යනු ‘නොදියුණු‘ කම ය. පිරිහුණු සංඝ පිරිසක් නඩත්තු කරමින් ආගමික අන්තවාදය පැතිරවීම – ජාතිවාදය අවියක් කර ගැනීම නොදියුණුකම හෙවත් මෝඩකම ය. රාජපක්ෂලා මේ නොදියුණු සොබාවය යුද්ධය පළිහක් කරගෙන සමාජ ගත කිරීම ද ‘නොදියුණු කමේ‘ ම සොබාවයකි. එබැවින් තරුණයන් අපේක්ෂා කරන අන්දමේ දියුණු රටක් නිර්මාණය කර ගැනීමට නම් හොරකමට තිත තැබිය යුතුය. අනුවණකම් දුරලිය යුතුය. එබැවින් අරගල භූමිය තුළ ”විගණනය” යන වචනය ප්‍රබලව ඉස්මතු වෙන්නට පටන් ගෙන තිබෙන්නේ. රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ‘චෞර‘ චෝදනාව ලබන්නෝ වෙති. ඔවුන්ගේ අනුගාමිකයන් හා ඔවුන්ට ප්‍රශස්ති ගයන දේශපාලනඥයෝ ද චෞර චෝදනාව ලබන්නෝ වෙති..‘හොරකම‘ – ‘මෝඩකම‘ සහ ‘විගණනය‘ රාජපක්ෂලාට පමණක් ද අදාළ වන්නේ? ඔවුන්ගේ අනුගාමියකයන්ට හා සහචරයන්ට පමණක් ද අදාළ වන්නේ. නැත. කිසිසේත් අදාළ නැත. කරළියට අවතීර්ණව සිටින දේශපාලනඥයන්ටත්, කරළියට ගොඩ වෙන්නට බලා සිටින දේශපාලනඥයන්ටත් මේ වචන තුළින් නිකුත් වන සංඥාවන් අදාළ ය..ශ්‍රී ලංකාව සාවද්‍ය ආණ්ඩුකරණ හේතුවෙන් විනාශය කරා තල්ලු වී ගිය ද, එහි කූට ප්‍රාප්තිය හෙවත් රට බංකොලොත් කිරීම මහින්ද – බැසිල් සහ ගෝඨාභය සහ බැසිල් යන තිදෙනාගේ අසීමිත ධන තෘෂ්ණාව සහ බල තෘෂ්ණාව නිසා කල් ගතව හෝ රටම වටහා ගැනීම අලුත් රටක් ගොඩ නැඟීමට අවශ්‍ය ප්‍රඥාව උත්පාදනය කර ගැනීමට මහෝඝයක් සේ අඛණ්ඩව ගලා බැසීමේ ආරම්භය 2022 වසරේ දී ආරම්භ වී ඇති බව මම දකිමි..කැබිනට් එක සහ ජාතිය ඇමතීම.ගෝඨාභයට අදෘශ්‍යමාන ප්‍රහාරයක් හෙමින් හෙමින් එල්ල වන්නේ ආණ්ඩුව ඇතුළෙන්මය. ප්‍රහාරය එල්ල කරන්නට පෙරමුණ ගත්තවුන් සහ එකතුවුණ එවුන් පාරිජිකා වූවන් වුව ආණ්ඩුව ‘විනාශයක්‘ බව ඔවුන්ගෙන් ගම්‍ය විය. රාජපක්ෂ වන්දනාවේ පංචායුධය පවසා සිටියේ රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කරන බවය. එපමණක් නොව මේ විරුද්ධවූවන් ඉල්ලා සිටියේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී අලුත් අගමැති කෙනෙකු සහ කුඩා කැබිනට්ටුවකින් අන්තර්වාර පාලනයක් ඇති කරන ලෙසය. මේ වූ කලී ව්‍යවස්ථාවට අනුව කළ හැකි කාර්යයකි. අරගලය විසින් ඉල්ලා සිටිනු ලැබුවේ ගෝඨාභය අස්විය යුතුය යන්නය. සැබවින්ම ගෝඨාභය ඉල්ලා අස්වී නම් ව්‍යවස්ථාවට අනුව අන්තර්වාර පාලනයකට ව්‍යවස්ථාවෙන් ලැබෙන ප්‍රතිපාදන භාවිතයට ගෙන අන්තර්වාර පාලනයක් ඇති කළ හැකිය. එසේ වී නම් අගමැති සහ ආණ්ඩුව නිමි..විනාශය දුර දිග නොයන්නට කල්පනා කළේ ගෝඨාභය ඉල්ලා අස්විය යුතුව තිබුණි. එහෙත් ඔහු ඉල්ලා අස්නොවන තැනකට සේන්දු විය. ඉන් මෙහා යම් තීරණයක් ගැනීමට තිබුණි නම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අලුත් අගමැති කෙනෙකු සහ අලුත් කැබිනට්ටුවක් පත් කොට අන්තර් වාර පාලනයක් ඇති කොට ක්‍රමයෙන් යම් තත්වයක් කරා පිය නැඟීමය. එහෙත් මහින්ද රාජපක්ෂ අස් නොවීම ගල් පර්වතයක් සේ සිටීම – ගෝඨාභයට මහින්දව ඉවත් කිරීමට හයියක් නැතිකම යනාදි කාරණා මත කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමක් සිදු විය. එය අමු විකාරයක් විය. අවසන අතීසාරයට අමුඩය ගසන්නා සේ ගෝඨාභය අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කළේය. ඒ කැබිනට් මණ්ඩලය රටට විිදහා පෑවේ ගෝඨාභයගේ තරම ය. ඔහුගේ වපසරිය ය. දිග පළල ය. ඊටත් වඩා ඛේදය වන්නේ ජාතිය අමතමින් තමා රටට කෙළවා ඇති බව පිළිගැනීමය..ගෝඨාභය ජාතිය අමතමින් කළ කතාව ලියූ තැනැත්තා කවුරුන් වුව ඔහු නම් අර්බුදයක ගිලී සිටින නායකයෙකුට ජාතිය අමතන කතාව ලිවීමට නොව, නායකයාගේ අපිරිසිදු වස්ත්‍රය සෝදා පිරිසිදු කර දෙන්නටත් දැනුමක් නැත්තෙකු බව විශද විය. ඒ කතාවෙන් ගෝඨාභය අද හතර ගාතෙන් වැටී සිටින බවය පැහැදිලි වන්නේ. ගෝඨාභය ඒ කතාවට අනුව තව දුරටත් බලයේ රැඳී සිටීම අනුවණය. රට විනාශ කළේ මම බව පිළි ගත් පසුව තව දුරටත් පදවිය දැරීම ඔස්සේ සිදු වන්නේ කුමක් ද? සිදු වෙන්නට කිසිම යහපත් දෙයක් නැත. සිදුවන දේ නිරායුධ තරුණ විරෝධතාකරුවන් සාපරාධී අන්දමින් ඝාතනය කිරීමෙන් අද ලෝකයටම දකින්නට පුළුවන් වී ඇත. විවිධ අන්දමින් ගෝඨාභයම පෙන්වා සිටින්නේ තමන්ට තව දුරටත් රාජ්‍ය පාලනය කළ නොහැකි බවය. තමා අසාර්ථකත්වයේ උපරිමය ද පසු කර සිටින බවය. එබැවින් ඊළඟට සිදු වන්නේ අති භයානක දේවල්ය..මහින්දගේ අශීලාචාරකම.ධන තෘෂ්ණාව හා බල තෘෂ්ණාව නිසා මහින්ද සිය පවුලට ගැලවීමක් නැත යන භීතියෙන් සලිත බවකි පෙනී යන්නේ. අගමැති පදවිය දැරීම නොව පාර්ලිමේන්තු සභා ගර්භයේ පැයක් එක දිගට වාඩි වී සිටින්නට හෝ නොහැකි තත්වයකය ඔහු පසු වන්නේ. එහෙත් බලය වෙනුවෙන් පිදුරු ගසක හෝ එල්ලෙන්ටය තව දුරටත් මාන බලන්නේ. ඔහුගේ දේශපාලනික අත්දැකීම් යනු මොනවාද? ඔහු පරිණත දේශපාලනඥයෙක් ද? සැබවින්ම මහින්දගේ දේශපාලනය එහෙම පිටින්ම චෞර මනසකින් නිර්මිත එකක් බව පැහැදිලිය..මහින්දගේ අතීතය ගැන ඡායාරූපය සාක්ෂි කලක සිට සමාජ මාධය ඔස්සේ ප්‍රචාරය වේ. ඔහුත්, ඔහුගේ බිරිඳ හා දරුවනුත් කවර තැනක ද සිටියේ යන්න පැහැදිලිය. ඒ සමඟම අද ඔහු සහ ඔහුගේ පවුල අත්පත් කරගෙන තිබෙන දේවල් හඳුනා ගන්නටද ඡායාරූපමය සාක්ෂි අප්‍රමාණව ඇත..කෑදරකම ගැන නිර්මිත ජන කතාවක කියවෙන්නේ කුකුළු මස් බුදින්නට අසීමිත කෑදර කමක් තිබුණත් දරුණුම පෙරේතයෙකුටවත් කුකුළන් දහ දෙනෙක් හෝ බුදින්නට බැරි බවය. එසේම අපට වටහා ගත හැකි කාරණාව නම් මිනිහෙකුට ධනය රැස් කිරීමට හැකි වුවත් ඒ ධනයෙන් ඔහුට නොමැරී සිටින්නට පුළුවන්කමක් නැති බවය..මහින්ද අධ්‍යාපනයෙන් කිසි දීප්තියක් ලත් කෙනෙක් නොවේ. (ඔහුගේ පරම්පරාවටම එය අදාළ වෙන්නට පුළුවන) සැබවින්ම මහින්දට තිබෙන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිස්සු මුළා කිරීමේ කුසලතාව පමණි. දේශපාලනයේ ඉහළට ඔහු ගමන් කර තිබෙන්නේ නොමනා ක්‍රියාවන් ඔස්සේය. දේශපාලනයේ ඉහළට ගිය පසු ඔහු ගාණක් නැතිව බොරු කියන්නට හිරිකිතයක් නැති කෙනෙක් විය..මහින්ද මහජන ධනය කොල්ල කෑමට බලය කොල්ල කන්නට නම් සමතෙකි. අද රටම මහා අවුලකට තල්ලුව තිබෙන සාධක අතර ප්‍රධාන සාධකයක් වන්නේ ඉන්ධනවල අධික මිලය, ඉන්ධන නැතිකමය. බලය අහිමිව සිටි මහින්ද රුපියල් දෙකකින් යහපාලන සමයේ ඉන්ධන මිල වැඩිවුණ විට තම චෞර පිරිස සමඟ බැරි බැරි ගාතේ බයිසිකල්වලින් පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ සමයේ බඩු මිල අඩු කර තිබුණ සංදර්භයක ඔහු ජනතාවගෙන් අසා සිටියේ කන්ඩ නෑ නේද යන්නය. වෙනස සැප ද යන්නය..අද මහින්දට හැම විධිහකටම කළ පව් පළ දෙන්නට පටන් ගෙන ඇති බවය දක්නට ලැබෙන්නේ. මට අවංකවම හිතෙන්නේ අද වන විට මහින්ද අව සිහියෙන් මරු කියවන බවය. ඔහුට බිරිඳ සහ දරුවන් නිසා බලය අත්හරින්නට හයියක් ද නැත..මහින්ද සපථ කර සිටින්නේ කළ පව් අපාගත නොවී කාට වුව විඳවන්නට සිදු වෙන බවයයි මට සිතේ. ඔහුට සිහි කල්පනාව හොඳින් තිබේ නම් පුදුම විඳවීමක් විඳවනවා ද වෙන්නට පුළුවන..විනාශය තුළින් පිබිදීම.අකමැත්තෙන් වුව අපට පිළිගන්නට සිදුව තිබෙන්නේ ලංකාව විනාශ වී තිබෙන බවය. මේ විනාශය ඇත්ත වශයෙන්ම රාජපක්ෂලා දේශපාලන භූමියෙන් අතුගෑ වී යාමෙන්ම නතර වන්නේ නැත. දේශපාලනයට අවතීර්ණව සාපරාධී අන්දමට මුල්‍ය අපරාධ කළ පුද්ගලයන් ඇතුගෑවී යාමෙන්ද නතර වන්නේ නැත..හෙට අනිද්දා වන විට බහුතරයක් රට වැසියන්ට ජීවත් වීම බරපතළ ප්‍රශ්නයක් වන්නට පුළුවන. කිසිම ප්‍රශ්නයකට ගෝඨාභයට – ඔහුගේ ආණ්ඩුවට විසඳුම් නැත. ගහන හැම තුරුම්පුවක්ම වැරදෙන අන්දම ඇස් පනා පිට සනාථ වේ..මොන අන්දමකින් බලහත්කාරෙන් බලය අල්ලාගෙන ඉන්නට කල්පනා කළත් ගෝඨාභයට එය කළ නොහැකිය. ඉතා ඉක්මනට ගෝඨාභය – මහින්ද පරිච්ඡේදය අවසන් වෙන එක නම් නියතය..ඉන් පසු කළ යුත්තේ කුමක් ද?.විනාශය තුළින් යළි පිබිදෙන්නට නම් ඒ වෙනුවෙන් හැම පැත්තකින්ම සාධනීය ලක්ෂණ පෙන්වා සිටින අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. ව්‍යවස්ථා විශේෂඥයන් දිවා රෑ නොබලා අලුත් ව්‍යවස්ථාවල් ලියන්නට පටන් ගත යුතුය. කවුරුන් හෝ රාජ්‍ය පාලනයට වරමක් ලබාගෙන ඉන් අනතුරුව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්නට සිතනවා නම් එය ද තවත් අසාර්ථක ප්‍රයත්නයක් වනවාට සැකයක් නැත. ජේ. ආර්..ව්‍යවස්ථාවක් නිර්මාණය කරගෙන සිටියේ තමන්ට බලය ලැබෙන බවට පූර්ව නිගමනයක පිහිටා බලය ලැබුණ පසුව එය සම්මත කර ගැනීමටය. හරි හෝ වැරදි හෝ ඔහු ඔහුට අවශ්‍ය අන්දමට ව්‍යවස්ථාවක් කල් නොමරා සම්මත කර ගන්නට වග බලා ගත්තේය. ඉන් සාධනීය පාඩමක් ඉගෙන ගන්නට ඇත..අලුත් ව්‍යවස්ථාව තිළින් තරුණ අරගලයෙන් ඉල්ලා සිටින අලුත් රටක් ගොඩ නැඟීමට අවශ්‍ය ශිෂ්ට සම්ප්‍රදායන් නොඅඩුව පූරණය කළ යුතු ද වේ..මට අවංකවම හිතෙන්නේ ලංකාව විනාශය තුළින් යළි පිබිදෙන බවයි. එහි නායකත්වය ලබා ගන්නේ දියුණු රටක් ගැන සබුද්ධික උගත් තරුණ පරම්පරාවක් යයි ද මම සිතමි. එහි යම් යම් පෙර නිමිති අරගලය තුළින් නිරීක්ෂණය කරන්නටද හැකිවිය..ගෝඨා කළ එක් දෙයක් වේ.ලංකාව බලය වෙනුවෙන් මනුෂ්‍ය සමාජය බෙදා භේද බින්න කළ රටකි. මහින්ද ජාතිවාදයෙන් හා ආගමික අන්ත වාදයෙන් තමන්ගේ බල ව්‍යුහය හදා ගත්තේය..ගෝඨාභය රුවන්වැලිසෑයේ දිව්රුම් දී සිංහල බෞද්ධ නායකයෙකු බවට වහසි බස් දෙඩුවේය. ඔහුගේ බල කොල්ලයට පදනම් වූයේ ද ජාතිවාදයයි ආගමික අන්තවාදයයි..නීති ගරුක පුරවැසියන් ජාතිවාදයෙන් තොර – ආගමික අන්තවාදයෙන් තොර රටක් වෙනුවෙන් රටට අධ්‍යාපනයක් ලබා දෙන්නට ගත් උත්සාහයන් අප්‍රමාණය. එහෙත් ඒ අධ්‍යාපනයෙන් යම් දීප්තියක් ලත් සමාජ තීරු කිහිපයක් හැරුණ විට රාජපක්ෂලා රටම ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ ගිල්වා නඩත්තු කර ගන්නට වග බලා ගත්හ. ඒ වෙනුවෙන් පිරිහුණු භික්ෂු සමාජයක් නිර්මාණය කරගෙන නඩත්තු කළේය. ගිහි සමාජය තුළින් ද ඊට භූමිතෙල් සපයන සංවිධාන හා පුද්ගලයන් එකතු වුණ හැටි දකින්නට පුළුවන් විය..අරගල භූමිය තුළ ජාතිවාදය – ආගමික අන්තවාදය පිපිරී තිබුණ අන්දම ආස්වාදජනකය. මහින්ද ගෝඨාභය යුද්ධය පළිහක් කරගෙන රට භුක්තියට සවි කර ගන්නට නිති අවුළුවා නඩත්තු කළ ජාතිවාදයට තරුණ පරපුරේ විරෝධය මැනවින් විද්‍යමාන විය..ඇත්ත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ බලය වෙනුවෙන් බෙදා වෙන් කළ සමාජය එක භූමියක එක අරමුණක් කරා යන ගමනකට සූදානම් කිරීම දෛවයේ සරදමක් වැන්න..කළු වලා අතුරින් නැඟී තිබෙන රිදී රේඛාවේ දීප්තිය අවබෝධ කරගෙන ශීලාචාර රටක් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන විශේෂඥයන් ලංකාව දුප්පත් කළ – විනාශ කළ ජාතිවාදය – ආගමික අන්තවාදය නිමා කරන්නට කල්පනාකාරීව පියවර ගත යුතුව ඇත..රාජපක්ෂලා අවසන් වන්නේ බල තෘෂ්ණාව විෂයෙහි අගනා පාඩම් කීපයක් රටට උරුම කරමිනි..රාජපක්ෂලා අවසන් වන්නේ ධන තෘෂ්ණාව විෂයෙහි අගනා පාඩම් කීපයක් රටට උරුම කරමිනි..අගනාම දේ වන්නේ ‘තාරුණ්‍යයට හෙටක්‘ නම් මගඩියක් අටවාගෙන නාමල් රාජපක්ෂ රටේ ඊළඟ නායකයා වෙන්නට තබා ගත් බලාපොරොත්තුව සුන් කර ගන්නට සිදු වීමය. ඒ සුන් කිරීම ”තාරුණයේ නැඟිටීම” තුළින් සිදුවීම ම කවර නම් අරුමයක් ද!■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවරද පිළිගන්නවා නම් විපාක විඳිය යුතුයි ‘ගෝටා ගෝ හෝම්’තමයි.Next articleගෝඨා (ගෙදර) නොගියොත්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
එන්නත්කරණයේ පාදඩකරණය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එන්නත්කරණයේ පාදඩකරණය.By සංස්කාරක.May 28, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අරුණ ජයවර්ධන.කෝවිඩ් එන්නත්කරණය දේශපාලනීකරණය වී ඇතැ’යි හැම පැත්තෙන්ම චෝදනා නැගේ. එහෙත්, වැඩිදුර කරුණු සොයා බලන කෙනකුට පෙනෙනු ඇත්තේ එය දේශපාලනීකරණයෙන්ද ඔබ්බට ගොස්, පාදඩකරණයද වී ඇති බවයි..මැයි 27 වැනි බ්‍රහස්පතින්දා, මොරටුවේ එන්නත්කරන වැඩසටහනට මැදිහත්වූ මොරටුවේ නගරාධිපතිවරයා පෙන්වූයේ එකී පාදඩකරණයේ නිර්වස්ත්‍ර ඇත්තයි. ‘අපේ ටෝකන්වලට ගහන්නේ නැතිනම්, මෙතන ගහන්න දෙන්නේ නෑ. ඩොක්ටර් හැරිලා යන්න.’ යැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට නගරාධිපතිවරයා තර්ජනය කරන තරමට මේ පාදඩකරණය බලවත් වී තිබිණ. එහෙත්, කනගාටුදායක ලෙස පාන්දර හතරේ සිට පෝලිමට එකතුවී සිටි මිනිසුන්ගෙන් පස් හය දෙනකුට වඩා නගරාධිපතිවරයාගේ ක්‍රියාවට විරුද්ධ වන බවක්ද නොපෙනිණ. ඊටත් වඩා කනගාටුදායක ලෙස, මහජනතාවගේ අයිතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇති පොලිසියද නගරාධිපතිවරයාටම කීකරු වෙමින් කුඩා කෙඳිරියක් පමණක් නගනු පෙනිණ. අවසානයේ සිදුවූයේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ පිළිවෙළට උඩින් නගරාධිපතිගේ පිළිවෙළ බලවත් වී, නගරාධිපතිගේ ‘ටෝකන්’ ලබාගත් කණ්ඩායමටත්, උදේ හතරේ සිට පෝලිමේ සිටි කණ්ඩායමටත් පෝලිම් දෙකකින් සමෝසමේ එන්නත ලබාදීමය..පිළියන්දලදී අඩුවැඩි වශයෙන් සිදුවූයේද මෙයයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ උපදෙස් මත වසා දමන ලද පිළියන්දල පොදු වෙළඳසල ඇතුළත් ප්‍රදේශය, ඇමති ගාමිණී ලොකුගේගේ බලහත්කාරය මත විවෘත කිරීමෙන් පසුව, කැස්බෑවේ කොරෝනා ව්‍යාප්ති මධ්‍යස්ථානය බවට පත්වූයේ පිළියන්දල පොදු වෙළඳපොළයි. අවසානයේ මුළු වෙළඳපොළම වසා දැමීමට සෞඛ්‍ය අංශවලට සිදුවිය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කීවේ, වසා දමන්නට නියම කළ පොදු වෙළඳපොල හා නගර සීමාව, නැවත විවෘත කළේ තමාද නොදැනුවත්ව බවයි. මේ ගැන රූපවාහිනී සාකච්ඡාවකදී සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු කීවේ එවැන්නක් සිදුවී නම් වරදක් බවත්, වහාම පරීක්‍ෂණයක් කරන බවත්ය. ඔහු පරීක්‍ෂණයක් කළාද, එහි නිගමන මොනවාද යන්න තවමත් කිසිවෙක් දන්නේ නැත..මේවා හුදෙක් පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ චින්තනය නිසා ඇතිවන සිදුවීම් නොවේ. ඇත්ත වශයෙන්ම නම් මේ සිදුවීම් ජනාධිපතිවරයා ප්‍රමුඛ මුළු ආණ්ඩුවේම කොරෝනා මර්දන පිළිවෙතේ පිළිබිඹුය. කුරුණෑගලදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේද, මාතරදී මාතර නගරාධිපතිවරයාගේද, ගම්පහදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේද මැදිහත්වීමෙන් සිදුවන්නේද මේ වැඩපිළිවෙළමය. ඊට අමතරව, බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කලාකරුවන් වෙනුවෙන් එන්නත් වෙන්කර ගැනීමෙන්ද, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් එන්නත් වෙන්කර ගැනීමෙන්ද, දිලුම් අමුණුගම ඇමතිවරයා ලංගම සේවකයන්ට එන්නත් ලබාදීමෙන්ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වල ගෘහ සේවිකාවන් ඇතුළු සියලු දෙනාටම එන්නත් ලබාගැනීමෙන්ද, මේ අපිළිවෙළ හැම පැත්තටම දිගුවී තිබේ. ඊට අමතරව, සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකදීම, පැය හය හතක සිට මහජනතාව එකතුවී සිටින පෝලිම්වලට පිටතින් ගොස්, විවිධ වරප්‍රසාද හා දැනහැඳුනුම්කම්, බලවත්කම් මත විශාල පිරිසක් එන්නත් ලබාගනු දැකීම සාමාන්‍ය දර්ශනයක් වී තිබේ..ෆේස්බුක් වෙත සටහනක් ලියූ මාතර ප්‍රදේශයේ අප මිතුරකු දක්වා තිබුණේ, හිත්තැටිය නැගෙනහිර සහ සුදර්ශී පෙදෙස යන ප්‍රදේශවලට එන්නත් ලබාදීමට නියමිතව තිබූ මධ්‍යස්ථානයේ පෝලිමට උදේ 10.30ට එකතු වූ තමන්ට, සවස 3ට පමණ, එන්නත් අවසානයැයි දන්වනු ලැබූ බවයි. එහෙත්, එන්නත් ලබාගත් විට ලැබෙන තම නම ගම සහිත කාඩ්පතක් තමාට ලැබුණු බවත්, එනිසා තමා එන්නත් නොලබා වුණත් එන්නත් ලද නාමලේඛනයට ඇතුළත් වනු ඇත්දැයි බියක් තමාට ඇති බවත් ඔහු ලියා තිබේ. ඒ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුව තුළින් තමාටත් බිරිඳටත් ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගත හැකිවූ බව නීතිඥවරයෙක් අපට කීය..විහිළුව නම්, ‘එක රටක් එක නීතියක්’ හා ‘විනයගරුක රටක්’ හදන්නට ආ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේම මෙවැනි අකටයුතුකම් සිදුවීමය. 2019 නොවැම්බරයේ සිට එක දිගට හැම තීරණාත්මක සමාජ ආර්ථික හා දේශපාලනික කාරණයකදීම සමස්තයක් හැටියට අසමත්බව පෙන්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව, එන්නත්කරණ වැඩසටහනේදීද පෙන්වමින් සිටින්නේ ඒ අසමත්කමමය..එන්නත්කරණ වැඩසටහනේදී ආණ්ඩුව අසමත්වූ ආකාරය තේරුම් ගැනීමට පහත කරුණු සැකෙවින් සැලකීම සුදුසුය..1. වසංගතය පැතිරෙමින් තිබියදී හා ඊට මුහුණ දිය හැකි එකම ආකාරය රටේ සියයට හැත්තෑවක් පමණවත් ජනතාවට එන්නත් ලබාදීම යැයි සෞඛ්‍ය අංශ විසින් පුන පුනා කියද්දී, දුර දිග බලා එන්නත් ඇණවුම් කරනවා වෙනුවට, ආණ්ඩුව මුල් කාලයේ කලේ ධම්මික පැණිය, සුදර්ශන පැණිය වැනි මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ප්‍රෝඩාවලට රාජ්‍ය අනුග්‍රහය සපයමින් ඒවා ප්‍රවර්ධනය කිරීමය..2. එන්නත් මිලදී ගැනීමට ගිය සතියේ ඇමති මණ්ඩල අනුමැතිය ලබාගන්නා තෙක්ම, ආණ්ඩුව බලාපොරොත්තුව තැබුවේ විවිධ රටවලින් හා සංවිධානවලින් නොමිලේ ලැබෙන එන්නත් ගැන පමණකි. මේ සතිය වන තුරුම ජනතාවට එන්නත් කළේ, ඉන්දියාව, චීනය, රුසියාව හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලැබුණු එන්නත්ය..3. ඉන්දියාවෙන් ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්‍ෂ හය එන්නත් කළ පසුව, දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ඉන්දියාවේ විශේෂ තත්වය නිසා නොහැකි විය. ඒ නිසා අදත්, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස සිටින්නේ දෙවැනි මාත්‍රාව ගැන අවිනිශ්චිත අදහසකය. තමන්ට ලැබුණු එන්නත කොතරම් කාලයකට බලපවත්වන්නේද, ඊට පෙර දෙවැනි මාත්‍රාව ලැබෙයිද කියන අවිනිශ්චිතතාව විසින් ලක්‍ෂ ගණනක මහජනතාවක් බලවත් පීඩාවකට ලක්කරනු ලැබ තිබේ. එය භයානක අසහනකාරී තත්වයකි..3. නොමිලේ ලැබුණු එන්නත් පවා බෙදාහැරීමේදී ප්‍රමුඛතාව පිළිබඳ බරපතළ අක්‍රමිකතා හැම තැනින්ම වාර්තා විය. එන්නත් ලබාගත් සමාජයේ බලවත් අයකුගෙන් ඇසුවොත්, තමන් එන්නත ලබාගත් ‘හොර පාරක්’ ගැන කියන්නට ඒ හැම කෙනකුටම පාහේ කතාවක් තිබේ. ඊට අමතරව, ආරක්‍ෂක අංශවල, විශේෂයෙන්ම හමුදා අංශවල අයට මුලින්ම එන්නත ලැබෙද්දී, ඉහළ හමුදා නිලධාරීන්ගේ පවුල්වල අයටද නිතැතින්ම එය ලැබිණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ පවුල්වල අයටද එය ලැබිණ. එහෙත්, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රවලත්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් වැනි ක්‍ෂෙත්‍ර රාජකාරිවල යෙදෙන අයට අදටත් ඒවා නැත. වෙනකක් තියා, 80,000ක් පමණ වන පොලිසියේ නිලධාරීන්ගෙන් තවමත් එන්නත ලැබී ඇත්තේ 38,000කට පමණක් බව මාධ්‍ය වාර්තා කියයි. මිනිසුන් සමග සමීපව වැඩකරන පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ට, රජයේ සහ පෞද්ගලික අංශයේ සමහර විශේෂ තීරුවල සේවකයන්ට එන්නත ලැබෙන විදියක් තවමත් නැත..4. කිසිම ප්‍රමුඛතා අනුපිළිවෙළක් නැතිව, ප්‍රාදේශීය දේශපාලකයන්ට හිතෙන හිතෙන විදියට අනුව සකසන ලද පිළිවෙළට එන්නත ලබාදෙන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තබා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසන ලද ප්‍රමුඛතා පිළිවෙළවත් ඒ කිසි තැනක දකින්නට නොලැබිණ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා, ‘කුරුණෑගල ජනතාවට එන්නත ලබාදීමට මුල්වූ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ස්තුති කරමින්’ ෆේස්බුක් පෝස්ටු දැමීමෙන්, දැන් පවත්වාගෙන යන එන්නත්කරණ ක්‍රමය ගැන පැහැදිලි වෙයි..5. එන්නත ලබාගැනීමට නම්, දන්නා කියන කෙනෙකු හරහා යායුතුයැයි අදහසක් මහජනතාව තුළ ඇතිවන අන්දමට විවිධාකාර අකටයුතුකම් බහුලය. කිසිම ශක්තියක් නැති පහළ හා මධ්‍යම පන්තික ජනතාවට සිදුවූයේ අවම වශයෙන් පැය හය හතක් අනෝරා වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් පෝලිම්වල ගතකර එන්නත ලබාගැනීමටය. එවැනි කාලයක් ගතකර මධ්‍යස්ථානය අසළට පැමිණි විට, එන්නත් තොග අවසානයැයි යන පණිවුඩය ලැබ හැරී යාමට සිදුවූ පිරිසද ලක්‍ෂ ගණනකි. එන්නත ලැබීම පුරවැසි අයිතිවාසිකමක්ය යන අදහස එහිදී මුළුමනින්ම බිඳවැටුණු අතර, මානව ගරුත්වය බිංදුවටම වැටී තිබිණ..6. ඒ අතර, රුපියල් 5000කට එන්නත් විකිණීමේ ජාවාරමක් ගැන පරීක්‍ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයමය. තම ව්‍යාපාර හෝ කර්මාන්තශාලාවල සේවකයන්ට අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා රුපියල් 5000 බැගින් ගෙවා ලියාපදිංචි වන ලෙස දැන්වීම් පළකර ඇති වාණිජ මණ්ඩලයක් ගැනද ඒ අතර වාර්තා විය..7. දෙවැනි මාත්‍රාවට ලක්‍ෂ හයක හිඟයක් පවතින ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඇතුළු එන්නත් ලබාගැනීම සඳහා නිසි කලට ඇණවුම් කිරීම ගැන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් කියන කිසිවක් ගැන, නියම කරන දින වකවානු ගැන, කිසිම විශ්වාසයක් මේ වන විට ජනතාවට නැත. මේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් කියන එකිනෙකට පරස්පර කාරණාකාරණ මෙන්ම සංඛ්‍යාලේඛනද නිසා, ආණ්ඩුව එන්නත් ආනයනය ගැන අඳුරේ අතපත ගාන බව පමණක් නොව, මහජනතාවට අලි බොරුද කියන බව මැනැවින් පැහැදිලි වෙයි. ඒ හරහා ආණ්ඩුව තමන්ගේ විශ්වාසවන්තභාවය මුළුමනින්ම අහිමිකොට ගෙන තිබේ..8. එන්නත් ගෙන්වීමට විදේශ විනිමය හිඟයක් තිබෙන තත්වයක් යටතේ, හැකි හැම ආකාරයකින්ම රජයේ රෝහල්වලට ආධාර කරන ලෙස ඇමතිනියක ධනවතුන්ට බැගෑපත්වන අතරේ, මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී ජීප්රථ 227ක් ආනයනයට අගමැතිවරයා ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත්, පසුව එම ඇණවුම අවලංගු කළ බව ඔහු විසින්ම ප්‍රෝඩාකාරී ලෙස ප්‍රචාරය කිරීමත්, රූපවාහිනි සාකච්ඡා කිහිපයකදීම රජයේ මැති ඇමතිවරුන්, ‘දෙනවා නම් එම වාහන ගැනීමට’ තම කැමැත්ත ප්‍රකාශ කිරීමත් හරහා, ආණ්ඩුවේ ප්‍රමුඛතාව ඇත්තේ තමන් වසංගතයෙන් බේරාගැනීමට නොව තමන්ගේ පක්‍ෂ දේශපාලකයන්ට වරප්‍රසාද දීමට බව මහජනතාවට පැහැදිලිව පෙනීගොස් තිබේ..හැම කෙනකුම සිටින්නේ වසංගතයට බියෙනි. ඉන් ගැලවීමට, එන්නත ලබාගැනීමට හැම පුරවැසියකුටම අයිතියක් තිබේ. රටේ කිසි පිළිවෙළක් නැතිව එන්නත්කරණය ක්‍රියාත්මක වෙද්දී, ජීවිතාශාව නිසාම ඒ අපිළිවෙළ තුළ තමන්ටද අවස්ථාවක් තිබේදැයි මිනිසුන් කල්පනා කිරීම ස්වාභාවිකය. එය වැළැක්විය හැක්කේ නිශ්චිත වැඩපිළිවෙළකට අනුව එන්නත්කරණය ක්‍රියාත්මක කිරීමෙනි. ආණ්ඩුවෙන් මේ තාක් සිදුවී නැත්තේද එයමය. එපමණක් නොවේ. එන්නත්කරණය මුළුමනින්ම දේශපාලනීකරණයද, පාදඩකරණයද වන්නට ඉඩ හැර තිබේ. එන්නත සියලු මහජනතාවගේ අයිතියක් කරනවා වෙනුවට බලය හා ශක්තිය ඇත්තන්ගේ වරප්‍රසාදයක් බවට පත්වන්නට ඉඩදීමෙන් නැවත පෙන්වා ඇත්තේ රාජපක්‍ෂ ආණ්ඩුවේ අනවරත අසමත්කමමය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපෝට් සිටි පනත කළු සල්ලි සුදු කරන්න පසුබිම හදනවා – ට්‍රාන්ස්පේරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා.Next articleබංග්ලාදේශ ඉතිහාසයේ පළමු ඩොලර් ණය ලංකාවට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අන්ධ බිංදුව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අන්ධ බිංදුව.By සංස්කාරක.April 21, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මීට මසකට හමාරකට පෙර මා කාම්බෝජය ගැන ‘දැකල පුරුදු රටක්‘ නමින් කොලමක් ලීවා පාඨක ඔබට මතක ඇතැයි සිතමි. එම ලිපියට පාදක වූ කාම්බෝජ චාරිකාව සැලසුමට කලින් නිම කර, ට්‍රාන්සිට් හෙවත් අතරමැදි ගුවන්තොටුපොළ වූ සිංගප්පුරුවට මීට සති පහකට පමණ පෙර මා හට එන්නට සිදු විය. ඊට හේතුව වූයේ සිංගප්පූරු අධිකාරීන් විසින් ආසියානු රටවලින් පැමිණෙන මගීන්ට සීමාවක් පැනවීමට පැය කිහිපයකට පෙර අතරමැදි ගුවන්තොටුපොළට පැමිණීමේ අවශ්‍යතාව ය. සිංගප්පූරුවට පැමිණ දින තුනකට පසුව ය මගේ ලංකාවට පැමිණෙන ගුවන් ගමන යෙදී තිබුණේ. ඒ අතර කාලය තුළ ලාංකීය අධිකාරීන් විසින් ලංකාවට පිටතින් එන මගී ගුවන් යානා නතර කරන ලද්දෙන් මා දැන් මසකට අධික කාලයක් රැඳී සිටින්නේ සිංගප්පූරුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් රටවල් දෙකක කොවිදියානු තත්ත්වය සමග උරෙනුර ගැටෙමින් සිටිමි..සිංගප්පූරුවේ ගමනක බිමනක වාහනයක යාමේ දී, විශේෂයෙන් උදේ හයට හතට පමණ, මා නෙත ගැටෙන සුලබ දසුනක් වේ. බොහෝ විට ඒ දසුන මා තරමක ගැඹුරු හා දොම්නස් සහගත කල්පනාවක ගිල්ලවයි. ඒ දසුන මා ගමන් කරන පුද්ගලික වාහනය ඉදිරියෙන් ධාවනය වන ලොරි චැසියක පොදියට පහළොවක විස්සක පමණ පිරිසක් එක ම පාටක ජම්පර වැනි ඇඳුමක් හැඳ දෙදනට නිකට හොවාගෙන යන අයුරු ය. මගේ මතකය නිතැතින් වෙසක් සමයට වේගයෙන් ඇදී යන්නේ ඩිමෝ බට්ටෙකුගේ හෝ ලෑන්ඞ් මාස්ටරයක ට්‍රේලරයේ වාඩි වී රැය පුරා වීදි සරන පිරිස් ය. එහෙත් යට කී දෙදනට නිකට හොවාගෙන යන්නන්ගේ මුහුණේ වෙසක් බලන්නන්ගේ මෙන් සොම්නසක් දක්නට නැත. ඒ වෙනුවට ඇත්තේ පමණට නිදි නොලබා ඇති වෙහෙසකර පෙනුමකි. මේ සිංගප්පූරු ඉදිකිරීමේ වැඩබිම්වල සේවය කරන සංක්‍රමණික සේවකයන් ය. සිංගප්පූරුවේ ඉදිකිරීම් කර්මාන්තය ඉතා විශාල, කාර්යක්ෂම හා ලාභදායී එකකි. එහි කොඳුනාරටිය වන්නේ සිංගප්පූරු ඩොලර් පන් සීයක හෝ හත් සීයක වැටුපකට දීර්ඝ වැඩමුර කඹුරන, ලක්ෂ තුනක පමණ ඉන්දියානු හා බංගලිදේශ සංක්‍රමණික පිරිස ය..ගිනි කාෂ්ටකේ සතියකට එක දිගට දින හයක බරවැඩෙහි නිරතවන මොවුන් කරන රැකියාව කරනට එකුදු සිංගප්පුරු වැසියෙක් හෝ ඉදිරිපත් නොවේ. ඒ ඉදිකිරීමේ ශ්‍රමික රැකියාවේ ඇති දුෂ්කර බව හා සිංගප්පූරු වැසියන් ලබන ඩොලර තුන්දහස් දෙසීයක පමණ වන සාමාන්‍ය වැටුපට වඩා ශ්‍රමික වැටුපෙහි කිසිදු ආකර්ෂණයක් නොමැතිකම ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිකිරීමේ කර්මාන්තයේ ශ්‍රමික පිරිස සියට සියයක් ම සංක්‍රමණික සේවකයෝ වෙති. මුල් ම කාලයේ මොවුනට හරිහමන් නැවතුම්පොලකවත් දී නොමැත. වැඩබිම්වල ම තාවකාලික අට්ටාල හා මඩුවක ඔවුනට රැය පහන් කරන්නට සිදු ව ඇත. එහෙත් පසු කලෙක ඔවුනට නේවාසිකාගාර ලබා දී ඇත. මෙය පෙර තත්ත්වයට වඩා සාධනීය වුව ද පිරිස විශාල බැවින් සංක්‍රමණික සේවකයෝ ජීවත් වන්නෝ කුකුල් කූඩුවල මෙන් ය. කුඩා කාමරයක බංකු සයන විශාල ප්‍රමාණයක් අටවා ලැගුම්කරුවෝ දහයක්, සමහර විට විස්සක් පමණ පොදියට නිදති. සමහර අවස්ථාවල සිය දෙනෙකුට නාන හා වැසිකිළි ඇත්තේ පහක් පමණි..එවකට කොරෝනා නමින් හැඳින් වූ කෝවිඞ් වයිරසය මුල් ම අවධියේ සම්ප්‍රේෂණය වුයේ දකුණු කොරියාව, ජපානය හා සිංගප්පූරුවට ය. ව්‍යාපාර හා සංචාරක හේතු සඳහා යට කී රටවල් හා චීනය අතර දහස් ගණනින් මිනිස්සු දෙපැත්තට ම නිතර ම ගමන් කරති. මේ බව කල් තියා පුරෝකථනය කළ සිංගප්පූරු අධිකාරීහු දැඩි අවධානයකින් සමීප හා නිරන්තර හඳුනා ගැනීම් (detection) වලින් අනතුරුව කාර්යක්ෂම සම්බන්ධතා පොකුරු හඹායාම කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස අසාදිත සංඛයාව ඉතා පහළ මට්ටමක තබා ගන්නට සිංගප්පූරුව සමත් විය..පෙබරවාරි මස හාර්වඞ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසල (මෙය නියම හාර්වඞ් විශ්වවිද්‍යාලය යි; සිංගප්පූරුවේ අගමැති ගැති වියතෙකු ඔර්චර්ඞ් පාරේ බෝඞ් ලෑල්ලක එල්ලා පවත්වාගෙන යන ඩුප්ලිකේට් හාර්-වඩයක් නොවේ!) තමන් පැවත් වූ තුලනාත්මක අධ්‍යයනයක නිගමනයක් ලෙස සිංගප්පූරුව කෝවිඞ් 19 මැඬලීම හා කළමනාකරණය සම්බන්ධයෙන් මහත් ප්‍රශංසාවට ලක් කර ‘රන්‘ තත්ත්වයක ඔසවා තැබී ය. යම් සතුටුදායක ප්‍රමාණයකින් තත්ත්වය පාලනය කරගත හැකි වීමේ හේතුව නිසා සිංගප්පූරුව අන් රටවල ක්‍රියාත්මක කළ ‘ලොක්-ඩවුන්‘ පිළිවෙතකට නොගියේ ය. අප්‍රේල් තුන් වැනි දින සිංගප්පූරු අගමැති ලී ෂින් ලූන් කළ කතාවේ ද අධිමානයකින් නොවුණත් තම රජය විසින් ගන්නා ලද පියවර ගැන පැහැදීමකින් හා අදාළ ආයතනවලට ස්තුති පූර්වක ව සඳහන් කළේ ය (මෙම කතාවේ මා විසින් කරන පරිවර්තනයක් අනිද්දා ඊ-වර්ශනයේ පළ විය). ‘සර්කිට්-බ්‍රේකර්‘ ලෙස හැඳින් වූ එක්තරා ආකාරයක අර්ධ ලොක්-ඩවුන් තත්ත්වයක යට කී කතාව පවත්වන දිනයේ අප්‍රේල් හත සිට මසකට බලපාන ලෙස පැන වූයේ තව දුරටත් පරෙස්සම් වීමේ අදිටන නිසා විය හැක..එහෙත් ලී ෂින් ලූන් අගමැතිගේ කතාවෙන් සතියකට පමණ පසුව සිංගප්පූරුවේ කොවිදියානු තත්ත්වය උඩුයටිකුරු වූයේ සියලූ දෙනා විස්මයට හා භීතියට පත් කරමිනි. ජනවාරි සිට අප්‍රේල් මුල වන තුරු ආසාදිත සංඛයාව දහසකට අඩුවෙන් පවත්වා ගැනීමට සමත් වූ සිංගප්පූරුව අප්‍රේල් පළමු සතියේ අග සිට නව ආසාදිතයින් සංඛයාව තියුණු ලෙස වර්ධනය වී අප්‍රේල් 18 වන විට මුළු ආසාදිතයන් සංඛයාව 5,992 දක්වා ඉහළ නැගී ය. නව ආසාදිතයන්ගෙන් අතිබහුතරය පැමිණියේ යට කී සංක්‍රමණික ඉදිකිරීම් සේවක නේවාසිකාගාරවලිනි. දහස් ගණනින් පොදි වී මිරිකී බංකු සයන මත ලගිමින්, නාන කාමර හා වැසිකිළි පහක් වැනි කුඩා ප්‍රමාණයක් සියයක් වැනි පිරිසක් භාවිත කරන පරිසරයක වයිරසය එකෙකුගෙන් තවෙකෙකුට ආදියෙන් සම්ප්‍රේෂණය ළැව්ගින්නක් ලෙස පැතිරීම වැළැක්විය නොහැක. මෙය ලියන දින, එනම් අප්‍රේල් 18 වන දින නව ආසාදිතයන් 942 ක් හඳුනා ගත් අතර ඉන් 893ක් ම සංක්‍රමණික සේවකයන් ය. මෙතෙක් හඳුනාගත් නේවාසිකාගාරවල ලැගුම් ගත් සංක්‍රමණික සේවක ආසාදිත සංඛයාව 4,162 (සමුච්චිත) කි. මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිත සංඛයාව 5,992 (සමුච්චිත) කි..අන්ධ බිංදුව අක්ෂිවේදයේ එන තාක්ෂණ පදයකි. එහි අර්ථය වන්නේ මෙය ය. ඇසෙහි පිටිපස පිහිටි සංවේදී ස්නායු පටලය රෙටිනාව (දෘෂ්ටි විතානය) නම් වේ. මෙම ස්නායු පටලයේ ස්නායු තන්තු එක්ව හටගන්නා අක්ෂි ස්නායුවේ මුල අන්ධ බිංදුව නම් වේ. අන්ධ බින්දුව ආලෝකයට සංවේදී නොවේ. එබැවින් එතැනට පතිත වන ආලෝක කිරණවලින් දර්ශනයක් හෝ වස්තුවක් ඇසට නොපෙනෙයි. අන්ධ බිංදුවේ මුල් අරුත යට කී දේ වන නමුදු බොහෝ විට භාවිතයේ එය වහරන්නේ මෙටෆොරිකයක් ලෙස ය. එනම් සියල්ල ම මැනැවින් සර්ව සම්පූර්ණ වූව ද මග හැරෙන, ඇත හැරෙන දෙයක් ඕනෑ ම තත්ත්වයක දක්නට ලැබෙන බව ය. රනින් සම්මාන ලද අධි-කාර්යක්ෂම හා විචක්ෂණ සිංගප්පූරුවේ ද අන්ධ බිංදුවක් තිබිණ. ඒ අහස උසට විහිදෙන නානාප්‍රකාර කොන්ක්‍රිට් ප්‍රකාර තනනු වස් දහදිය හෙළන තුන් ලක්ෂයක් පමණ සංක්‍රමණික පිරිස ය. සිංගප්පූරු රෙටිනා මුලට මොවුහු අදිසි වූහ..සිරිලක වෙසෙන අපට නම් අන්ධ බිංදුව අදාළ නැත. ඒ අප කණාමුට්ටි ක්‍රිඩාවෙහි කෙළ පැමිණි ජාතියක් බැවිනි. දේසපාලනය පිට නැඟි අසරුවෙකුගේ ප්‍රවීණ විචාරය අනුව ගිය වසරේ ඩෙංගු මරණ සියයක මධ්‍යයේ වුව ද මැතිවරණයක් පැවැත්විණි නම් කොරෝනා මරණ හතක් මැද මේ වසරේ ද මැතිවරණයක් පැවැත්වීම කජ්ජක්යැ යි ලක්වැසි අප තේරුම් ගත යුතු ය..උදන් ප්‍රනාන්දු.ඡායාරූපය: Getty Images.Tags.Anidda Newspaper.covid 19.election.election commission.gotabaya rajapaksha.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.කොරෝනා.කොවිඩ්19.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩcorona.පුවත්.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.වසංගතය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමැතිවරණය ජුනි 20 අවශ්‍ය වුණොත් නැවත කල් දාන්න එකඟවෙලා.Next articleදැන් පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජාතික රූපවාහිනියේ බිඳවැටීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජාතික රූපවාහිනියේ බිඳවැටීම.By සංස්කාරක.November 3, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ එම්.ඩී මහින්දපාල.සිය මාසික වැටුප නියමිත දිනට නොලැබීම හේතුකොටගෙන සභාපතිතුමාගේ කාර්යාලය වටකොට උද්ඝෝෂණයක නියැලෙන ජාතික රූපවාහිනියේ සේවක සේවිකාවන් පිරිසක් පෙන්නුම් කෙරෙන විඩියෝ දර්ශන පෙළක් පසුගියදා සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වනු දැකගත හැකිවිය. මෙවැනිම තත්වයක් මෙයට පෙරද එම ආයතනය තුළ සිදුවුවද එහිදී දින කිහිපයකට පසුව එම තත්වය සමනය කර ගැනීමට හැකිවූ බැව් හෙළිවිය. එවර සේවක වැටුප් ගෙවීමට හැකිවූයේ ලංකා බැංකුවෙන් ලබාගත් ණය වාරිකයක් හරහා බැව්ද සැලවිය. මෙවරද එයට සමාන පියවරක් ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව නිසැකය. ඇතැම්විට බැංකු අයිරාවක් ලබාගත නොහැකි නම් එම මුදල මහා භාණ්ඩාගාරය විසින් හෝ නිකුත් කරනු ඇත..මෙවැනි අර්බුදයකට අද දවසේ මුහුණ දී ඇත්තේ ජාතික රූපවාහිනිය පමණක් නොවන බව බොහෝ දෙනා දන්නා සත්‍යයකි. වත්මනෙහි මෙරට ක්‍රියාත්මක වන බහුතරයක් රාජ්‍ය ආයතනවල තත්වය මෙයට නොදෙවෙනි වන බව පැහැදිලි කරුණකි. ඒ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන ලැයිස්තුවේ ඉහළින්ම සිටී..ජාතික රූපවාහිනිය හෙවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවන් ඉරණමකට ගොදුරු වී සිටින මුත් ‘ස්වාධීන රූපවාහිනී සේවය’ එවන් බරපතළ අර්බුදයකට ලක් නොවූයේ ඇයිද යන්න කෙනෙකුට ගැටලුවක් වීමට ද ඉඩ ඇත..ඇත්ත වශයෙන්ම වත්මන් තත්වයන් යටතේ ලාභ ලබන සාර්ථක රාජ්‍ය ආයතනයක් සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා දුෂ්කර අභ්‍යාසයක් වනු නොඅනුමානය. එවැනි පසුබිමක් යටතේ ජාතික රූපවාහිනියේ වත්මන් අර්බුදය කරළියට පැමිණීම අහම්බයක් විය නොහැක. වත්මන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් හමුවේ මුළුමනින්ම දේශපාලනීකරණය වූ,අතිශයින් අකාර්යක්ෂම, මෙවන් දූෂිත රාජ්‍ය ආයතන පිරිහීමකට ලක්වීම සාමාන්‍ය තත්වයකි..1982 දී මෙරට ප්‍රථම දීප ව්‍යාප්ත රූපවාහිනී විකාශයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කළ යුගයේ දී මෙරට ක්‍රියත්මක වූයේ තවත් එක් රූපවාහිනී නාලිකාවක් පමණි. එය ස්වාධීන රූපවාහිනී සේවය නමින් සීමිත ප්‍රදේශයකට පමණක් විකාශනයන් සිදුකළ රජයට අයත් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ ආයතනයකි. එය අද පවතින තත්වයට ගොඩ නැඟී ඇත්තේ ජාතික රූපවාහිනිය මෙන් විදෙස් ආධාර ලබා නොවීමද විශේෂත්වයකි. 1979 දී කිසියම් පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කළ එම නාලිකාවේ අයිතිය එය ආරම්භවී මාස කිහිපයක් ගතවීමට ද මත්තෙන් රජයට පවරාගනු ලැබීය. එයට හේතුව එම සමාගම මුහුණ දුන් කිසියම් පරිපාලනමය ගැටලුවකැයි පැවසේ. මේ අනුව ස්වාධීන රූපවාහිනී සේවයේ පරිපාලනය එකල ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තේවිස් ගුරුගේ මහතා යටතට පත්විය. එම ආයතනය මුල සිටම ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟුණු එයටම අනන්‍යවූ පරිපාලන ව්‍යුහයකින් යුතුවූවකි..එයට සාපේක්ෂව 1982 පෙබරවාරි මස 15 දින ආරම්භ කිරීමට යෙදුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මුළුමනින්ම ජපාන රජයේ පරිත්‍යාගයකි. එහි ආරම්භක සභාපතිවරයා වූයේ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වූ එම්.ජේ. පෙරේරා මහතායි. මා දන්නා තරමින් 1982 පෙබරවාරි 15 වෙනි දින ජාතික රූපවාහිනී ප්‍රථම විකාශය ආරම්භ කිරීම සඳහා ඒ මහතා වෙත ලබා දී තිබූයේ මාස 3කටත් වඩා අඩු කාලයකි. සංස්ථාවේ පරිපාලන ව්‍යුහය මෙන්ම ඉංජිනේරු හා වැඩසටහන් අංශවල කාර්යය පටිපාටිය සකස් කිරීම සඳහා එතුමා ආදර්ශයට ගත්තේ ලොව කවර නම් රටක රූපවාහිනී මොඩලයදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් සිය පරිපාලන අත්දැකීම්, විශේෂයෙන් මෙරට ගුවන් විදුලියේ ප්‍රථම ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ලැබූ අත්දැකීම් එහිදී කිසියම් බලපෑමක් කළා විය හැකියි..කෙසේ වෙතත් එකී මුල් යුගයේ ‘ජාතික රූපවාහිනිය‘ සතුවූ වාසි සහගත තත්වයක් වූයේ එකල මෙරට කිසිදු පෞද්ගලික නාලිකාවක් ක්‍රියාත්මක නොවීමයි. එසේම ග්‍රාහකයන් වෙතින් ලැබුණු වාර්ෂික බලපත්‍ර ගාස්තුව හරහා ලැබුණු ස්ථාවර ආදායම් මාර්ගයක්ද එය සතු විය. මෙම නවතම මාධ්‍ය රට තුළ ශීඝ්‍රයෙන් පැතිරීයාම හේතුකොටගෙන එම ආදායම දිනෙන් දින ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස එකල රූපවාහිනී සංස්ථාව ලැබූ ආදායම සේවක පඩිනඩි ඇතුළු අනෙකුත් වියහියදම් පියවා ගැනීමට හොඳටම ප්‍රමාණවත් වූවා පමණක් නොව විශාල මුදලක් සහිත බැංකු ස්ථාවර ගිණුමක් පවත්වාගෙන යාමටද හැකිවිය. ඒ අනුව නව බඳවා ගැනීම් මෙන්ම ආයතනය පුළුල් කිරීමේ හා විකාශයන් ව්‍යාප්ත කිරීමේ කටයුතුද ලහිලහියේ සිදුවිය. ජාතික රූපවාහිනියේ පැරණි සේවක සේවිකාවන් උත්කර්ෂයට නංවන අසිරිමත් අතීතය එයයි. රාජ්‍ය ආයතනයක් ලෙස එම ආරම්භක යුගයේදී පවා යම් යම් දේශපාලන ඇඟිලි ගැසීම් නොතිබුණාම නොවේ. ප්‍රථම සභාපති එම්.ජේ. පෙරේරා මහතාට වැඩි කලක් නොගොස් ඉල්ලා අස්වීමට සිදුවූයේද එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් එකල තත්වය අද තරමටම දරුණු වූවායැයි මට නොසිතේ..වරින්වර රජයයන් මාරුවිය. නව රජයයන් බලයට පත්විය. සභාපතිවරු පැමිණියාක් මෙන් ම පිටවීද ගියහ. උසුලා ගැනීමට නොහැකි තරමට සේවක සංඛ්‍යාව ද ඉහළ ගියේය. සේවකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉහළ ගියේය. ඒ අතර ජපන් රජය විසින් ලබාදුන් උපකරණවල ආයුකාලයද ඉක්ම යන්නට විය. ඒ අනුව නව උපකරණ මිලට ගැනීම හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැය කළ යුතු වූ මුදලද ඉහළ ගියේය. අවම ආයු කාලයක් ඇති, ඉක්මනින්ම යල් පැනගිය තත්වයකට පත්වන ඉලෙක්ට්‍රොනික උපාංග බහුලව භාවිතවන රූපවාහිනිය වැනි මාධ්‍යයක් තුළ මෙම තත්වය වඩාත් බරපතළ ගැටලු නිර්මාණය කළේය..ඒ අතර 1990 දශකයේ දී මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකා ක්‍රියාත්මක වීම ඇරඹිණ. ඒ හා සමඟම තවත් අභියෝගයකට මුහුණ දීමට රූපවාහිනී සංස්ථාවට සිදුවිය. එය නම් බලපත්‍ර ගාස්තු අයකිරීම රජය අහෝසි කිරීමයි. මෙම තීරණය ගැනීමට මුල්වූයේ එවැනි බලපත්‍ර ගාස්තුවක් හරහා ලැබෙන මුදල් තනිකරම රූපවාහිනී සංස්ථාව පමණක් භුක්ති විදීම අසාධාරණ වන බවට එල්ල වූ චෝදනාවයි. මන්ද යත් ජාතික රූපවාහිනිය පවා මුල සිටම වෙළඳ ප්‍රචාරක පට විකාශය කිරීමෙන් ආදායමක් ලැබීමයි. මින් අනතුරුව රූපවාහිනී සංස්ථාවටද සිදුවූයේ අනෙකුත් වාණිජ රූපවාහිනී නාලිකා ආකාරයෙන්ම සිය සේවාවන් පවත්වාගෙන යාමටයි. එහෙත් රජයේ සියලු රෙගුලාසිවලින් දෑත් බැඳ දමා ඇති, එමෙන්ම විවිධාකාරයේ දේශපාලන මැදිහත්වීම්වලින් පීඩනයට ලක්ව සිටින ආයතනයකට, තනි තනි පුද්ගලයන්ගේ පාලනයට යටත් පෞද්ගලික ව්‍යාපාරයන් සමඟ තරග කිරීම අතිශයින් දුෂ්කර අභ්‍යාසයක් බවට පත්විය. ඇතැම් විට රජයේ මැදිහත්වීම් සිදුවූයේ දේශපාලන හිතවතුන් සේවක මණ්ඩලයට බඳවා ගැනීමේ දී පමණක්ම නොවේ. තනිකරම රාජපාක්ෂික අන්තර්ගතයකින් යුත් ප්‍රවෘත්ති විකාශය කිරීම, කිසිදු ගෙවීමකින් තොරව රාජ්‍ය උත්සව රූගත කිරීම හා ඒවා නොමිලේම විකාශය කිරීම මෙන්ම යම් යම් මැතිවරණවලදී රජය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අයත් ප්‍රචාරක දැන්වීම් මුදල් නැතිව ප්‍රචාරය කිරීම වැනි නීති විරෝධී කටයුතු ද ඒ අතර විය. කලකට ඉහත මෙරට අංක එකේ නාලිකාව වූ ජාතික රූපවාහිනිය ස්වාභාවික මරණයක් කරා ගමන් කළේ එයාකාරයෙනි..මේ වන විට රජයට අයත් වෘත්තීය සමිතියකට බැඳීම සංස්ථාවේ උසස්වීමක් ලබා ගැනීමට හැකි පහසු ම ක්‍රමවේදය බවට පත්ව ඇත. මේ සියලු කරුණු කාරණා මෙරට බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල පිරීහීමට මුල්වී ඇතිය යන්න පැහැදිලි සත්‍යයකි..රූපවාහිනිය යනු දැවැන්ත ආයෝජනයක් අවැසි මාධ්‍ය ව්‍යාපාරයකි. එයට එක් හේතුවක් වන්නේ එහිදී යොදාගන්නා මෙවලම් ඉතා කෙටි කාලයකදී යල් පැනගිය තත්වයකට පත්වීමයි. රූපවාහිනිය ස්ථාපිත කිරීමට මුලදී ජපන් රජය ආධාර කිරීම හේතුවෙන් එය පමණට වැඩියෙන් ක්ෂණිකව පුළුල්වූවා යැයි කෙනෙකුට තර්ක කළ හැක. එයාකාරයෙන් විදෙස් ආධාර යටතේ ආරම්භ කළ බොහෝ රාජ්‍ය ආයතනවලට අත්වී ඇති ඉරණම මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ. එවැනි විදේශීය ආයතන පිටව ගිය පසු ඒවා නඩත්තු කිරීමට හා පවත්වාගෙන යාමට සැලසුමක් අපට නොතිබීම අවාසනාවකි. එම ආයතන සදාකාලිකව මෙරට රැඳී සිටිමින් අපට ආධාර ලබාදෙනු ඇතැයි සිතීම මුලාවකි..ලංකාව වැනි රටක සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රචාරක කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල ඉතා සීමාසහිත වූවකි. රටට ඔරොත්තු නොදෙන මට්ටමේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාවක් ඇති අප රටේ එවැනි සොච්චම් මුදලක් සඳහා සෑම නාලිකාවක්ම මාරාන්තික සටනක නියැලීම නිතර සිදුවේ. නීරස වැඩ සටහන් හා ඒක පාර්ශ්වීය ප්‍රවෘත්ති ඇතුළත් රාජ්‍ය නාලිකා මෙහිදී පෝලිමේ අන්තිමටම වැටෙනු නොවැළැක්විය හැක්කකි. මෙහිදී අත යටින් කෙරෙන ගනුදෙනු ද බහුලව සිදුවන බැවින් රාජ්‍ය ආයතනයක් බැඳී ඇති මූල්‍යමය රෙගුලාසි අනුව එයට අනුගත වීමද පහසු නොවේ. ඒ කෙසේ වෙතත් මෙරට රූපවාහිනී නාලිකා බොහොමයක් විශාල ලෙස ලාභ ලබන බවක් නම් නොපෙනේ. බොහෝ නාලිකා ගැටගසාගෙන යන්නේ එහි අයිතිකරුවන්ට අයත් වෙනත් ව්‍යාපාරවල පිහිටෙනි. මෑතකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය පුවත්පත් මගින් හෙළිකළේ බොහෝ නාලිකා විසින් විකාශය කරන ලද තමන්ගේ ටෙලි නාටක සඳහා මුදල් ගෙවීම එම ආයතන විසින් නිරතුරුවම කල් දමන බවයි. සමාජ මාධ්‍ය ජාල ව්‍යාප්තව ඇති අද දවසේ මෙය තවත් අර්බුදයක් කරා යොමුවනු නියතය..කෙසේ වෙතත් මෙරට පැරණිතම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් තත්වය ජාතික රූපවාහිනියේ මට්ටමට තවමත් නොවැටී තිබීමට හේතු කවරේදැයි විමසා බැලීම වටී. එයට හේතුව වන්නේ එහි සේවක සේවිකාවන් හා පරිපාලනයේ විස්මිත දක්ෂතාවක්ද? නොඑසේ නම් එහි ආරම්භක, නිසි බලධාරියා එහි ස්ථාපිත කළ පරිපාලන ව්‍යුහයද? නොඑසේ නම් එය තනිකරම දේශීය සම්පත් ඇසුරෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩනැඟුණු ආයතනයක් වීමද? ජාතික රූපවාහිනියට තරම් දේශපාලන බලපෑම් එයට එල්ල නොවීම එයට තවත් හේතුවක්ද? කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී එම ආයතනයටත් මෙවැනිම ඉරණමක් අත්නොවේයැයි අපට අනාවැකි පළ කළහැකිද?.ඇත්ත වශයෙන්ම ‘රූපවාහිනියේ’ වත්මන් අර්බුදයට විසඳුම කුමක්ද? එකී ආයතනය ‘ජාතික’ නාමයෙන් තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද? එය බි්‍රතාන්‍යයේ බීබීසී ආයතනය හෝ ජපානයේ එන්එච්කේ ආයතනය වැනි මහජන රූපවාහිනී සේවයක් (Public broadcasting service) ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් ඇතිද? එය එසේ නම් එහි ඒකායන අරමුණ විය යුත්තේ ග්‍රාහකයාට උසස්, රසඥතාවෙන් හා ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් වැඩ සටහන් හා සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නොවේද? මේ පිළිබඳව සලකා බැලීම බලධාරීන්ගේ වගකීමයි..එසේ නොකොට තවදුරටත් භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කරමින් එය පවත්වාගෙන යාම හෝ එය තවත් පෞද්ගලික නාලිකාවක් බවට පත්කිරීමෙන් ජනතාවට සිදුවන සේවයක් නම් නැත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයුරෝපානු පාර්ලිමේන්තුව තීරණයක් අරන් තියෙනවා.ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට නොදී ඉන්න.දමිල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී.එම්.ඒ.සුමතිරන්.Next articleජාතික තලයට.නායකයන් බිහි නොකරන දේශපාලනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
එස්ඩීඅයිජී රන්මල් පහරදී ලිංගික හිංසන කළාලුජනාධිපතිට ලිපියක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එස්ඩීඅයිජී රන්මල් පහරදී ලිංගික හිංසන කළාලු.ජනාධිපතිට ලිපියක්.By සංස්කාරක.November 8, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තම සේවාදායකයා ශාරීරික හා ලිංගික හිංසනයන්ට ලක් කර ඇති බවට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධ නීතිඥ සමාගමක් වන නීලකන්දන් හා නීලකන්දන් සමාගමෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ..ඔක්තෝබර් 25 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තරුණයෙකුට මහමගදී පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ නිසා ඔහු වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. මෙම සිදුවීමේ දී පහර කෑ තරුණයා වන මිශාර රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම ජනාධිපතිවරයාට මේ ලිපිය යොමු කර තිබේ..ඔක්තෝබර් 25 වන දින පස්වරු දෙකට පමණ තම සේවාදායකයා රත්නපුර සිට පානදුරට ගමන් කරමින් සිටිය දී නිල් පැහැති ජීප් රථයක් ඉස්සර කරමින් ගමන් කර ඇති බවටත් ඉන්පසු එම ජීප් රථයේ ගමන් කළ අය සේවාදායකයා ගමන් කළ වාහනය නවතා ඇති බවත් ඔවුහු මේ ලිපියේ සඳහන් කරති. ඉන්පසුව එම ජීප් රථයේ සිටි නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් තිදෙනෙකු මිශාර රණසිංහ මහතාගේ වාහනයේ රියදුරු අසුන අසළ ඇති දොරටුව විවෘත කර හේතු විමසීමකින් තොරව එක්වරම ඔහුට පහර දී තිබේ. පළමුව දොර විවෘත කළ නිලධාරියා පසුව හඳුනාගත් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වන අතර ඔහු අධික වේගයෙන් රිය පැදෙව්වේ යැයි චෝදනා කරමින් මිශාරට බැන වැදී තිබෙන අතර ඒ මොහොතේ ඔහුගෙන් ඇල්කොහොල් ගඳක් දැනුණු බැවින් ඔහු බීමත්ව සිට ඇති බවටද මේ ලිපියේ සඳහන් කර තිබේ..ඉන්පසුව මිශාර මහතා බලහත්කාරයෙන් කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු විසින් බලහත්කාරයෙන් වාහනයෙන් එළියට ගෙන තිබේ. පසුව අඳුරු සිරමැදිරියක් තුළට දමා ඇති අතර ඔහුගේ ජංගම දූරකථනය ද පොලිසිය භාරයට ගෙන ඇත..ලිපියේ සඳහන් කර ඇති අන්දමට ඉන්පසුව සිය සේවාදායකයා නිරුවත් කර දණගස්වා ඇති බව නීිතිඥ සමාගම සඳහන් කරයි. ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ද ඔහුගේ නිල ඇඳුමේ කමිසය ගලවා පැමිණ ඔහුට දිගටම බැන බැදී ඇති බව එම ලිපියේ සඳහන් ය. ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පතිවරයා මිශාර මහතාගේ හිසට,බෙල්ලට, බඩට හා ලිංගික අවයවවලට පහර දී ඇති අතර ඔහුගේ බූට් සපත්තුවෙන් ගෙල තද කර තිබෙන බවටද නීතිඥයෝ සඳහන් කරති. නිරුවත් කර සිටි තම සේවාදායකයාගේ ඡායාරූප රන්මල් කොඩිතුවක්කු විසින් තම දුරකථනයෙන් ලබාගෙන ඇති අතර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට ද තර්ජනය කර තිබේ. ඊට අමතරව ඔහුට ලිංගික හිංසන කරන බවට තර්ජනය කර තිබේ. මේ වන විටත් රන්මල් කොඩිතුවක්කුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බව තම සේවාදායකයා ප්‍රකාශ කළ බව නීතිඥ සමාගම මේ ලිපියේ සඳහන් කර ඇත..ඉන්පසු ඔහු සිරමැදිරියේ රඳවාගෙන සිට ඇති අතර ඔහුගේ ඥාතීන් හා මිතුරන් ඔහු හමුවීමට පොලිස් ස්ථානය ඉදිරිපටට පැමිණ තිබුණද ඊට අවස්ථාවක් ලබා දී නොමැත. පසුව මිශාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කිරිඇල්ල පොලිසියට පැමිණ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා දී තිබේ..එහිදී මේ වන විට තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් මානසික කඩා වැටීමකට ලක්ව සිටින බවත් ඔහුගේ හා පවුලේ අයගේ ජීවිත සම්බන්ධයෙන් තර්ජනයක් පවතින්නේ යැයි සැකයක් ඇති බැවින් බියෙන් ජීවත් වන බවත් ලිපියේ සඳහන් කර ඇත. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සාධාරණය ඉටු කරන ලෙස මිශාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ලිපියේ පිටපත් අගමැතිවරයාට, අධිකරණ අමාත්‍යවරයාට. පොලිසිය භාර ඇමති ඇතුළු පාර්ශ්ව හතකට යොමු කර ඇත..මේ වන විට මෙම සිදුවීමට සම්බන්ධ ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ස්ථාන මාරුවක් ලබා සිටින අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විමසීමක් කළෙමු. ඔහු ප්රකාශ කළේ මේ වන විට ඒ පිළිබඳව පරීක්ෂණයක් පවතින බවත් එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතින බවත්ය..නොවැම්බර් 03 වැනි දින මඩකලපුව මාධ්‍ය සමාජය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් දමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම්ද මේ ගැන අදහස් පළකළේ ය. ”පහුගිය දවසක මඩකලපුවේදී පොලිස් නිලධාරියෙක් තරුණයක් කිහිපදෙනෙක්ට පහරදෙන වීඩියෝ එකක් පැතිරුණා. පහුවදාම ඒ නිලධාරියාරේ වැඩ තහනම් කළා. දැන් ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු තරුණයෙක්ට පහරදීලා ලිංගික හිංසන කළා කියලා නීතිඥ සමාගමක් ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා. ඔහුට විරුද්ධව මොකුත් කරලා නෑ. ස්ථාන මාරුවක් දීලා විතරයි. ඇයි බැරි ඔහුගේත් වැඩ තහනම් කරන්න. එක රටක් එක නීතියක් කිව්වාට ලොක්කන්ට එකක් පොඩි අයට එකක් තියෙන්නේ‘ ඔහු කීවේය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවීරවංශට, ගම්මන්පිලට තවත් අවස්ථාවක්.Next articleඑක රටක් එක නීතියක් වුණාට.ඥානසාර හිමිගේ පන්සලට ඇළක් ගොඩකරලා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
දියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද?.By සංස්කාරක.October 26, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ එම්.ඩී. මහින්දපාල.පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවගේ ආශීර්වාදයෙන් මෙරට දේශපාලන බලය හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයද හිමිකරගත්තා පමණක් නොව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අසීමිත බලතල සහිත පාලකයෙකු බවටද පත්විය. ඒ අනුව ජනාධිපතිවරයාටත් ඔහු නායකත්වය දරන රජයටත් තවදුරටත් බලය පිළිබඳ මැසිවිලි නැඟීමට කිසිදු හේතුවක් තිබිය නොහැකි බව පැහැදිලි වේ. කෙසේ වුවත් සිය ධුර කාලයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සපුරා ඇති ඔහුගේ වත්මන් පාලනය මේ වන විට පොදු මහජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලන ප්‍රවාහයන්ගේද දැඩි විවේචනයට හසුවී ඇති ආකාරය පැහැදිලි ලෙසම පෙනේ. තැන තැන නිරතුරුවම විවිධාකාරයේ උද්ඝෝෂණ දැකිය හැකි අතර මෙයට පෙර එවැනි උද්ඝෝෂණවල නිතර දැකගත නොහැකිවූ ගොවි ජනතාව හා ගුරුවරුන් වැනි කොටස් ද ඒවායේ පෙරමුණ ගෙන සිටින බව දැකගැනීමට ලැබේ. සැම පැත්තකින්ම ඇසීමට ලැබෙන්නේ අඳෝනාවන්ය. රජයට එරෙහි දැඩි විවේචන එල්ල කරන කොටස් අතර පෙරමුණ ගෙන සිටින්නේ සමාජ මාධ්‍ය ජාල හා ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාරයන්ය. මෙතරම් බලසම්පන්න රජයක් සිය ධුර කාලයෙන් අඩක්වත් ගතවීමට ද මත්තෙන් මෙතරම් අප්‍රසාදයකට පත්වීම ඇදහිය නොහැකි තත්වයක් බැව් බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙකී ශීඝ්‍ර පිරිහීමට මුල්වූ ප්‍රබල හේතුවක් ලෙස ඉදිරිපත් වන්නේ රජය බලයට පත්වීමත් සමඟම ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයයි. එම තර්කයේ යම් සත්‍යතාවක් ඇතැයි හැඟෙන මුත් කොරෝනා වසංගතය සිදුකොට ඇත්තේ මෙරට නිදහස ලැබීමෙන් පසු බලයට පත් සෑම රජයක් යටතේම සිදුවූ රටේ පරිහානිය වඩාත් ඉක්මන් වීම යැයි අපට සිතේ..ඇත්ත වශයෙන්ම අප රටේ වත්මන් දේශපාලන පක්ෂ කිසිවකටත් රට ඉදිරියට ගෙනයාම සඳහා වූ ශක්තිමත්, තිරසාර වැඩ පිළිවෙළක් ඇතිදැයි යන්න පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති බවක් නොපෙනේ. එදිනෙදා හමුවන බොහෝ පිරිස් මීළඟ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පවා මැලිකමක් දක්වන බව ඔවුනගේ කථාබහ තුළින් පැහැදිලි වේ. මෙය අතිශයින් භයානක තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ පිළිගැනීමයි. මැතිවරණ ව්‍යාපාරයකදී සෑම පක්ෂයක් විසින්ම ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඡන්ද දායකයා රැවටීම පිණිස ගොතනු ලැබූ වාගාලාපයන් පමණක් බවට පත්වී ඇත. හඳෙන් වුවද හාල් ගෙනත් දීමට පොරොන්දුවීම, බඩු මිල අඩුකිරීම, ධාන්‍ය රාත්තල් අටක් දීම, රජයේ සේවක වැටුප් වැඩි කිරීම, සමෘද්ධි සහනාධාර වැඩි කිරීම, සහන මල්ලක් ලබාදීම වැනි නානාප්‍රකාර පොරොන්දුවලින් පුරවා ඇති එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරි මැතිවරණවලදීද අපට කොතෙකුත් දැකගැනීමට හැකිවනු නියතය. මේ වන විට දෙකට තුනට බෙදී ඇති ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිසිවක් කෙරෙහි විශ්වාසයක් නොමැති ඇතැම් පිරිස් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව වූ කිසියම් විශ්වාසයකින් කටයුතු කරන බවද පෙනේ. එකී පක්ෂයේ දැඩි විනයගරුක බව, අවංක බව හා සංවිධාන ශක්තිය දේශපාලන පක්ෂයක් වශයෙන් කවර නම් ශක්තියක් පිළිබිඹු කළද එකී පක්ෂය පසුගිය මැතිවරණයේදී අත්කරගත් ප්‍රතිඵලය සියල්ලන්ම මවිත කරවනසුලු විය. පසුගිය ජනාධිපතිවරණයේදී ගාලු මුවදොර පිටියේ පැවති එම පක්ෂය ඇතුළත් ජාතික ජන බලවේගයේ දැවැන්ත රැළියට පැමිණි මහා ජන ගඟ දුටු කවරෙකු වුවද එවැනි ප්‍රතිඵලයක් කිසිවිටෙකත් අපේක්ෂා නොකරනු ඇත. කෙතරම් විචාරශීලී, දැනුවත්භාවයකින් යුත්, ක්‍රියාකාරී, දූෂණයෙන් තොර හා කථිකත්වයෙන් අනූන කණ්ඩායමක් සිටියද ‘ජනතා විමුක්ති පෙරමුණ’ නම්වූ දේශපාලන ව්‍යාපාරයට මෙරට දේශපාලන බලය ලබා දීමට ඡන්දදායකයා මැලිවන්නේ ඇයි? මෑතකදී එම පක්ෂය හා සන්ධානගත වූ බුද්ධිමතුන් හා වෙනත් වෘත්තිකයන් ඇතුළත් කොට ගෙන ගොඩනැඟූ ‘ජාතික ජන බලවේගය’ නම් වූ දේශපාලන ව්‍යාපාරයටද මෙම තත්වය වෙනස් කිරීමට නොහැකි වූයේ ඇයිද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ සාකච්ඡාවකට මඟ පෑදීම මෙම ලිපියේ සැඟවුණු අරමුණ ද විය හැකියි..කෙසේ වෙතත් මේ කවර නම් දේශපාලන ප්‍රවාහයක් බලයට පැමිණියද රට ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයක්ය යන්න සක්සුදක් සේ පැහැදිලිය. ඒ අතර ප්‍රධාන වන්නේ වත්මනෙහි රට මුහුණ දී ඇති ආර්ථික ගැටලු ජයගැනීමයි. එකී අභියෝග හමුවේ රට ගොඩනඟන ආකාරය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇත්තේ කවර නම් දේශපාලන ප්‍රවාහයට ද යන්න විනිශ්චය කරගැනීමේ උභතෝකෝටිකයට මෙරට ඡන්දදායකයා මුහුණ දී සිටින බව මේ මොහොතේ පැහැදිලි ලෙසම පෙනේ..දූෂණ වංචා පිටුදැකීම හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ඇතිද? මන්ද යත් ආර්ථික අතින් කවර අන්දමේ ප්‍රගතියක් අත්කර ගත්තද චීනයේ වැනි පාලනයක් කිසිවකුත් අපේක්ෂා නොකිරීමයි..රට ගොඩනැඟීමේ ඒකායන විසඳුම ඇත්තේ හැකි පමණ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම හරහා බව නිතර නිතර කියැවෙන අදහසකි. එය එසේ නම් එවැනි තත්වයක් ඇතිකර ගැනීමට කළ යුතු වූ ප්‍රතිකර්ම මොනවාද? ජාතීන් අතර සමඟිය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, රටේ ස්ථාවර බව, ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇති කිරීම, නීතිය හා සාමය ආරක්ෂාවී ඇති තත්වයක් පැවැතීම වැනි ආයෝජන සඳහා උචිත පරිසරයක් ගොඩනැගීම එහිලා මූලික කොන්දේසි වනු ඇත. වසර 5න් පහට රාජ්‍ය ප්‍රතිපත්තීන්හි බරපතළ වෙනස්කම් සිදුවන අපගේ වැනි දුර්වල රාජ්‍යයන් තුළට එවැනි විදේශ ආයෝජන ගලාඒම බොහෝදුරට සීමාවීම නොවැළැක්විය හැකි කරුණක් නොවේද?.යම් යම් රජයයන් විදේශ ආයෝජන වශයෙන් හඳුන්වනු ලබන ව්‍යාපාර යෝජනා ක්‍රම ඇත්ත වශයෙන්ම රට සින්නක්කර විකුණා දැමීමේ උත්සාහයන් බවට කෙරෙන විවේචනවල ද අඩුවක් නැත. ඇතැම් යෝජනා රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට උචිත නොවන බවටද චෝදනා නැඟේ. නිදසුනක් ලෙස එක්තරා රජයයක් යටතේ කිසියම් විදේශ ආයෝජනයක් ලෙස ලොව දැවැන්ත කැසිනෝ ව්‍යාපාරිකයෙකුට අවස්ථාව ලබා දීමට එරෙහිව සංඝයාවහන්සේලා ඇතුළු සමාජයේ බොහෝ කොටසක් අවි අමෝරාගත් බැව් අපට මතකය. එයාකාරයෙන් විපක්ෂයේ උදවිය, සංඝයාවහන්සේලා, පරිසරවේදීන් ඇතුළු සකලවිධ දේශප්‍රේමී කොටස්වල ආශීර්වාදය හිමිකරගත හැකි අන්දමේ සාර්ථක විදෙස් ආයෝජන රට තුළට ගෙන්වාගැනීමේ ක්‍රමෝපායයන් දන්නා කියන වත්මන් දේශපාලන ප්‍රවාහය කුමක්ද?.බලයට පැමිණීමට පෙර උතුරා යන දේශප්‍රේමීත්වයක් හා අවංකත්වයක් ප්‍රකට කළ පමණින් කිසියම් දේශපාලන බලවේගයක් හෝ එහි නායකත්වය කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? මෙතෙක් කලක් මෙරට ඡන්දදායකයා අනුගමනය කළ අමනෝඥ ක්‍රියා පිළිවෙත එයම නොවේද? මේ අනුව වඩාත් සුදුසු වන්නේ තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තීන් හා රට ගොඩනඟන වැඩ පිළිවෙළ කල් වේලා ඇතිව ජනතාව වෙත ඉදිරිපත් කොට, අවශ්‍යන ම් එය ජනතාව අතර සාකච්ඡාවට බඳුන් කිරීමට අවස්ථාව සලසා දී අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එසේ නොකොට මැතිවරණයක් ආසන්නයට පැමිණෙන තෙක් හොරගල් අහුලමින් සිටීම තවදුරටත් අනුමත කළ හැකි නොවේ. එහිදී වන අලි උවදුරේ සිට අද දින රට වැසියා පෙළෙමින් සිටිනා සියලු ගැටලු හා ව්‍යාධීන් සඳහා තමන් සතු විසදුම් ජනතාව ඉදිරියේ පැහැදිලි කිරීමට වග බලා ගත යුතු වේ. එසේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක හා සංස්කෘතික ප්‍රතිපත්තීන් මෙන්ම ව්‍යවස්ථා හා ජනවාර්ගික ගැටලු වැනි එකී නොකී සියලු කරුණු පිළිබඳව ද නිරවුල් පැහැදිලි ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුතු වේ. අතීතයේදී විවිධ දේශපාලන පක්ෂ මැතිවරණය කට ළඟට පැමිණිවිට ඉදිරිපත් කළ කප්පරක් බොරු පොරොන්දු ඇතුළත් ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශන තවදුරටත් විශ්වාස කළ යුතු නොවේ. ඇත්ත වශයෙන්ම එවැනි අව්‍යාජ ප්‍රතිපත්තීන් ජනතාව වෙත කලින්ම ඉදිරිපත් කිරීමෙන් තමනට කිසිදා ඡන්දය දිනාගැනීමට නොහැකිවේ යැයි අප රටේ දේශපාලන පක්ෂ කල්පනා කරනවාද විය හැකියි..මේ වන විට රට මුහුණපා සිටින දැවැන්ත ආර්ථික බිඳවැටීම මෙහිලා සාකච්ඡාවට බඳුන්විය යුතු ප්‍රධානතම ගැටලුව බව නොරහසකි. කොරෝනා වසංගතය විසින් මෙම යථාර්ථය අපට ඉතාමත් ඉක්මනින්ම අවබෝධ කර දී ඇත. අධික පොළියට විදෙස් රටවලින් ණයට මුදල් ලබා ගැනීම එයට විසදුම නොවන බව පැහැදිලිය. සාමාන්‍ය පවුලකට වුවද තමනට ලැබෙන ආදායම අනුව ජීවත් වීමට හුරු පුරුදු නොවී ජේත්තුකාර ජීවිතයක් ගත කිරීමට පෙළඹීම කවර නම් ප්‍රතිඵලයක් අත්කර දෙනු ඇතිද යන්න කුඩා දරුවකුට වුවද පැහැදිලි සත්‍යයකි. විදෙස් රටවලට ණයවී මේ රට තවදුරටත් ඉදිරියට ගෙනයා හැකිද? වත්මන් දේශපාලනඥයන්ට එසේ කිරීමට සිදුව ඇත්තේ එක් පැත්තකින් ජනතාවට බොරු පොරොන්දු දීම නිසා මෙන්ම තම තමනට කොමිස් මුදල් බෙදා හදා ගැනීමේ අරමුණින් බැව් මේ වන විටත් හොඳින් සනාථ වී ඇත. මෙම ස්වභාවය අද දවසේ අතිශයින් දරුණු අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම අධික ලෙස මුදල් හදල් හරිහම්බ කරගැනීමේ අභිප්‍රාය අප රටේ බහුතරයක් දේශපාලනඥයින්ගේ අරමුණ වී ඇත්තේ ඇයි? එයට හේතු වී ඇත්තේ අපගේ මුතුන් මිත්තන්ගේ සිට පැවත ජානමය චෞර ගතිස්වභාවයක් හෝ සංස්කෘතිකමය අබ්බැහිකමක්ද? නොඑසේනම් අප රටේ ජනතාව වැඩි වැඩියෙන් පරිභෝජනවාදයට ගොදුරු වීම නිසාද? එම ස්වභාවය 77න් පසු කළ එළියට ආ විවෘත ආර්ථික ප්‍රතිපත්තීන්හි අතුරු ඵලයක්ද? නොඑසේ නම් අපගේ වත්මන් මැතිවරණ ක්‍රමය එයට හේතු වීද?.අනෙක් අතින් ඒ ඒ ඡන්ද කොට්ඨාසවලින් පත්වන නියෝජිතයන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ ඉදිරි මැතිවරණවල දී තමන්ට මෙන්ම තම පවුලේ උදවියටද තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමට හැකිවන ආකාරයෙන් මිල මුදල් හරි හම්බ කිරීම හා ඡන්දදායකයා දිනාගැනීම සඳහා හැකි පමණ ආයෝජනයන් කිරීමයි. ඒ අනුව වැඩියෙන් හරිහම්බ කළ හැකි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හා ඉන් අනතුරුව තමන් යටතේ පාලනය වන සෑම රාජ්‍ය ආයතනයකටම උසුලා ගැනීමට නොහැකි ආකාරයෙන් තම තමන්ගේ ආසනවල ඡන්දදායකයන්ට රැකියා අවස්ථා ලබා දීමටද ඔවුහු පෙළඹී සිටිති. වත්මනෙහි බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල පිරීහීමට මුල් වී ඇති එක් හේතුවක් වන්නේ මෙය නොවේද?.ඇත්තවශයෙන්ම දේශපාලන බහුශ්‍රැතයෙකු නොවන මා වැනි සාමාන්‍ය ඡන්දදායකයෙකු පවා දන්නා සරල සත්‍යයක් වන්නේ අද දින මැතිවරණ ව්‍යාපාර සඳහා අතිදැවැන්ත මුදල් සම්භාරයක් අවශ්‍ය වේය යන්නයි. රූපවාහිනී ප්‍රචාරක කටයුතු, වේදිකා ඉදිකිරීම්, පුවත්පත් දැන්වීම්, කටවුට්, පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය හා විශේෂයෙන්ම දුර බැහැර පෙදෙස්වල සිට බස්රථවලින් මහජන රැලිවලට පිරිස් රැගෙන ඒම හා ඔවුනට ආහාරපාන ලබාදීම වෙනුවෙන් වැය වන දැවැන්ත මුදල් සම්භාරය අදහාගැනීමට පවා නොහැකි තරම්ය. මා අසා ඇති අන්දමට එවැනි දැවැන්ත මුදල් සම්භාරයක් කිසිදු පක්ෂයකට සිය සාමාජික මුදල්වලින් පමණක් පියවා ගැනීමට නොහැක. විවිධාකාරයේ කූට ව්‍යාපාරිකයන් හා ධනවතුන් මෙන්ම විදේශීය ආයතන හා රහස් ඔත්තු සේවා ද ක්‍රියාත්මක වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. කලකට ඉහත අප රටේ කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ වෙළඳ ප්‍රචාරක ආයතනයක නියෝජිතයෙකු මා සමඟ කියා සිටියේ තමන් එම පක්ෂ කාර්යාලයට ගිය විටකදී එහි සිටි අයෙකු මුදල් නෝට්ටු පිරවූ ගෝනියකින් මුදල් මිටි කිහිපයක් තමාට ලබා දුන්නේ ගණන් කරන්නේ වත් නැතිව බවයි. මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් එලෙස තමනට ලැබෙන මුදල් හදල් කිසිවිටෙකත් විගණනය කරන බවක් අප අසා නැත. ඇතැම් ව්‍යාපාරිකයෝ දිනන අශ්වයාට ඔට්ටු අල්ලනවාක් මෙන් එක් නිශ්චිත පක්ෂයකට යහමින් වියපැහැදම් කරති. වැඩි දෙනෙක් කරට කර සටනක් ඇතැයි සිතෙන පක්ෂ කිහිපයකටම මුදල් විසිකරති. මැතිවරණයෙන් පසු ඔවුන් බලා කියා ගැනීම ඒ ඒ රජයයන්ගේ වගකීම බවට පත්වන්නේ ඒ අනුවයි. බැඳුම්කර වංචාව, පොල්තෙල් හා සීනි ගනුදෙනුව, දත්ත මගඩිය මෙන්ම ඇතැම් විට රට රටවලට වැඩි වාසි අත්වන ආකාරයට ටෙන්ඩර් රහිතව ව්‍යාපාර ප්‍රදානයන් කිරීම වැනි එකී නොකී දේ කරළියට එන්නේ මේ අනුවයි. මෑතකදී කථාබහට ලක්වූ ‘පැන්ඩෝරා ලේඛන’වල මූල බීජය ඇත්තේ ද මෙම විෂම චක්‍රය තුළ නොවේද? ශ්‍රී ලංකාව මේ වන විට කලාපීය භූ-දේශපාලනික ගැටුම්වල ගොදුරක් බවට පත්වීමට හේතුවද එය යැයි අපට සිතේ. 20වන ව්‍යවස්ථා සංශෝධනය වැනි අණපනත් කරළියට එන්නේද, පාර්ලිමේන්තුව හෝ අධිකරණය, විධායකයේ හස්තයට යට කිරීමට පලකයන් කැසකවන්නේ ද මේ සියල්ලෙහි අතුරු ඵලයක් ලෙස නොවේද?.මෙකී අධම, විෂම චක්‍රයට තිත තැබීමට හැක්කේ කවර නම් ජගතෙකුටද?.මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම ඔවුනගේන් කැඩී බිඳී ගිය අනෙකුත් කණ්ඩායම් අතරද මේ සඳහා කිසිදු විකල්පයක් මෙතෙක් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ. මෙරට විකල්ප ධාරාවේ දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තීන් පිළිබදද්‍ව අප විමසා බැලිය යුත්තේ මෙවන් සංදර්භයක් යටතේයි..මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් එම පෙරමුණේ ප්‍රතිපත්ති පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කළේය. එහිදී ඔහු කියාසිටියේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ඇති ඒකායන විසඳුම මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වන බවයි. එහෙත් තමන් අනුගමනය කිරීමට යන්නේ ලොව කවර නම් රටක දේශපාලනික මොඩලයක්ද යන්න ඔහු හෙළි නොකළේය. තවදුරටත් ඔහු සඳහන් කළේ තමන් සමාජවාදී ප්‍රතිපත්තීන් මත පදනම් වූ, සියලු ජනතාව අතර සම්පත් සමසේ බෙදීයන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවයි. එහිදී අපනයන ආර්ථිකයක් ගොඩ නැඟීම තමන්ගේ අරමුණ බවද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එහිදී පාලකයන්ට මෙන්ම ජනතාවටද කැපකිරීම් කිරීමට සිදුවනු ඇති බවටද ඔහු ඉඟි කළේය. දැනට ගෙවා ගැනීමට නොහැකි මට්ටමක ඇති විදේශ ණය වාරික ගෙවීම අරභයා ඒ ඒ රටවලින් සහනයක් ඉල්ලා සිටීමටත් ඩොලර් අර්බුදය විසඳීමට විදේශීය ශ්‍රමිකයන්ගෙන් කිසියම් ඉල්ලීමක් කොට තමන් දැනටමත් එවන මුදලට අමතරව වැඩිපුර ඩොලර් 500ක් හෝ එවන ලෙසට ආයාචනා කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය. තමනට එකවරක් හෝ බලය ලබා දී බලන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය..ඇත්තවශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නායකයා එයාකාරයෙන් හෝ යම් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම අගය කළ යුතුවේ. කෙසේ වෙතත් ඔහු කියනා මෙකී ආර්ථික මොඩලය 70 හා 76 වසර තුළදී යම්තාක් දුරකට අත්හදා බැලූ එකක් නොවේදැයි වැනි හැඟීමක් මා සිත තුළ ඇතිවිය. එහි අසාර්ථකත්වය 77 දරුණු බල පෙරළියට හේතුවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මෑතකදී මහාචාර්ය නලින් ද සිල්වා මහතා යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයකදී කියා සිටියේ 70 සිට 76 දක්වා වූ යුගය තුළ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු රජය ගෙන ගිය වැඩ පිළිවෙළ ඉදිරියට ගියේ නම් අද වන විට අප රට මෙම තත්වයට මුහුණ නොදෙනු ඇති බවයි. එම වැඩ පිළිවෙළ කඩාකප්පල් වූයේ අප රට තුළ ප්‍රසාරණය වෙමින් තිබු පසුගාමී මධ්‍යම පන්තික චින්තනය නිසා බවද නලින් ද සිල්වා මහතාගේ අදහසයි. එකී මධ්‍යම පන්තිය අද තව තවත් පුළුල් වී තිබීම මෙවැනි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ දී ගැටලුවක් වන බව ඒ මහතාගේ අදහසයි..ඇත්තවශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ එවැනි ආර්ථික මොඩලයක්ද? එවැන්නක් දැනට ක්‍රියාත්මක කරමින් ඉන්නා ලොව වෙනත් රටක් ඇත්තේ නම් එය කුමක්ද? මහාචාර්ය රොහාන් සමරජීව මෑතකදී ලියා තිබූ කිසියම් ලිපියක ජනතා විමුක්ති පෙරමුණේ මෙකී ආර්ථික මොඩලය නම් කොට තිබූයේ ‘කෝල්බර්ට් ගේ ආර්ථික න්‍යාය’ (Colberist economic policy) යනුවෙනි. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය හා එක්වී සිටින විද්වතුන් සකස්කළ එවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇතැයි කියැවෙන මුත් මා එය කියවා නැත. මෑතකදී කිසියම් රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණු නායකයා සිය පක්ෂයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කියා සිටියේ මෙරට ගොවි නිෂ්පාදන ක්‍රියාවලිය හා ඒවා ගබඩා කිරීම හා බෙදාහැරීමේ යාන්ත්‍රණය සැලසුම් සහගතව පාලනය කිරීමට උචිත සැලසුමක් තමන් සතුව ඇති බවයි. යම් යම් සංඛ්‍යාලේඛනණ කටපාඩමින් ඉදිරිපත්කරමින් ඔහු එම කථාව කළ ආකාරය විස්මය දනවනසුලු වේ. 1970දී පමණ එකළ ජනතා විමුක්ති පෙරමුණු නායකයා වූ රෝහණ විජේවීර මහතා සිරගෙදරින් නිදහස්ව පැමිණ විද්f්‍යා්දය විශ්වවි්‍යාලයේ ‘ලෙනින්’ ශාලාවේ දී පැය 3කට ආසන්න කාලයක් තිස්සේ කළ ව්‍යක්ත දේශනය මට සිහිවිය. එහිදී ශාලාව උතුරා යන තරමින් රැස්ව සිටි පිරිස එම කථාව අසා සිටියේ මීයට පිම්බාක් මෙනි..ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කරන්නේ 70 -76 යුගයේදී ජනතා කොමිටි හරහා වතු පාලනය කිරීමට එකලළ රජය ගත් උත්සාහය වැන්නක්ද? නොඑසේනම් වෙනත් ක්‍රමවේදයක්ද යන්න බුද්ධිමත් දේශපාලන විශ්ලේෂකයන් තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇතැයි හැඟේ. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකදී ඡන්දදායකයා ඉදිරියේ ඇත්තේ උභතෝකෝටික ගැටලුවක් බව නම් සක්සුදක් සේ පැහැදිලිය..මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් මෑතකදී මා කියැවූ එක්තරා ග්‍රන්ථයක ඇතුළත් වූ ඡේදයක් ඉදිරිපත් කිරීම සුදුසුයැයි මට සිතේ. එකී ග්‍රන්ථය රචනා කොට තිබූයේ එක්සත් රජධානියේ හිටපු රාජ්‍ය තන්ත්‍ර්‍රිකයෙකු වූ ශ්‍රීමත් කිම් ඩැරොක් විසිනි. පොතේ නමි ‘Collateral Damage-Britain, America and Europe in the Age of Trump’ ය. එම උපුටා ගැනීම මෙසේයි..‘අධිරාජ්‍යවාදී යුගයේ දී බි්‍රතාන්‍යය ඉන්දියාව පාලනය කරන සමයේ දී එකී පාලකයන් මුහුණ දුන් සුවිශේෂ ගැටලුවක් වූයේ දිල්ලි නුවර ජනතාව අතර පැතිරී ගිය කිසියම් සෞඛ්‍ය ප්‍රශ්නයකි. එකී ජනතාව පළාත පුරා බෝවී සිටි කිසියම් විෂඝෝර සර්ප විශේෂයක් හේතුකොටගෙන ඇති වූ බරපතළ ව්‍යසනයකට මුහුණ දී සිටියේය. මේ අනුව එය විසඳීම සඳහා රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. එහිදී එවැනි විෂඝෝර සර්පයන් මරා ගෙන එන්නන් වෙත කිසියම් පාරිතෝෂික මුදලක් ගෙවීමට රජය කටයුතු කළේය. එහිදී සර්ප මළකුණු ඉදිරිපත් කළ යුතුවූ නිලධරයන් ද නම් කරනු ලැබීය. මුලදී මෙම වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවක් පෙනිණ. ඒ අනුව නගරයේ වීදිවල සර්පයන් දැක ගැනීමට ලැබුණේ අඩුවෙනි. එහෙත් ව්‍යසනය කවදාවත් කෙළවරක් වූයේ නැත. දිනෙන් දින නිලධාරීන් ඉදිරියේ ගොඩගැසුණු සර්ප මළකුණු සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි විය. ඒ අනුව දිනෙන් දින ගෙවීමට සිදුවූ පාරිතෝෂික දීමනාවද අහස උසට නඟින්නට විය..සිදුව ඇත්තේ කුමක්දැයි පසුව හෙළිවිය.එනම්; එම නගරයේ පුද්ගලයන් වැඩි පුර පාරිතෝෂික දීමනා ලබා ගැනීමේ අරමුණින් පළාත පුරා යම් යම් ස්ථානවල සර්පයන් බෝකරන බව දැක ගැනීමට හැකිවීමයි. ඇත්තෙන්ම එයාකාරයෙන් ඇතිදැඩි කළ සර්පයන් මරා උන්ගේ මළකුණු ඉදිරිපත් කිරීම ඉබාගාතේ යනඑන සර්පයන් අල්ලා ගැනීමට වඩා පහසු බැව් ඔවුන් වටහා ගත්තාක් මෙනි. ඒ අනුව ඔවුනට වඩාත් ස්ථායි ආදායම් මාර්ගයක් හිමිකර ගැනීමට ද හැකියාව ලැබී තිබිණ. මෙම කූට ජාවාරම පිළිබඳව අවබෝධ කොටගත් රජය එකී පාරිතෝෂික දීමනා ලබා දීම වහා නතර කර දැමීමට තීරණය කළේය. ඉන් අනතුරුව මුහුණදීමට සිදුවූයේ අනපේක්ෂිත තත්වයකටයි. එනම්; තමන් සන්තකයේ උන් සර්පයන් උන්ගේ කූඩුවලින් ඉවතට මුදා හැරීමට යටකී ‘ව්‍යාපාරිකයන් ’ ක්‍රියා කිරීමයි. උන් එසේ තබාගෙන සිටීමෙන් තවදුරටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් අත්නොවීම එයට හේතුවයි. මේ අනුව කලින් සිටියාටත් වඩා විශාල සර්පයන් සංඛ්‍යාවක් නැවතත් එම පළාත පුරා ව්‍යාප්ත වීමක් සිදුවිය.’.පොතේ කර්තෘවරයා මෙම සිදුවීම ඇසුරෙන් අපට කියා සිටින්නේ කුමක්ද? එය නම්; ‘රාජ්‍ය පාලනය (government) යන්න ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගවමස් තහනම නූතන ඉන්දියාව හා.හින්දු ශ්‍රී ලංකාව.Next articleසම්පූර්ණයෙන්ම නැනෝ යූරියා මත රැඳිලා.අස්වැන්න ලබාගන්න බෑ.කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය.බුද්ධි මාරඹේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
කොවිඩ් මුවාවෙන් ආණ්ඩුව මර්දනයක් ක්‍රියාත්මක කරනවාසමගි ජන බලවේගය නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීජේ.සී. අලවතුවල | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කොවිඩ් මුවාවෙන් ආණ්ඩුව මර්දනයක් ක්‍රියාත්මක කරනවා.සමගි ජන බලවේගය නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ජේ.සී. අලවතුවල.By සංස්කාරක.November 24, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.පසුගිය 16 වැනිදා ඔබේ පක්ෂයෙන් සංවිධානය කළ විරෝධතාවට පොලිස් බාධාකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යනවාද?.පැහැදිලිවම අපි නීතිමය ක්‍රියාමාර්ගයකට යනවා. 2015 හදපු ආණ්ඩුව තුළ 2015ට පෙර තිබුණු කාලයට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කළා. නිදහස දුන්නා මිනිස්සුන්ට. මට හිතෙනවා ඒ ආණ්ඩුව නැති වෙන්නත් ඒක හේතුවක් වුණාදෝ කියලාත්. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව තිබුණ නිදහස ක්‍රමයෙන් නැතිකරගෙන යන්නේ. ආණ්ඩුව සමගි ජනබලවේගයට බයයි. ජනතාවගේ ප්‍රශ්න කියන්න ජනතාව විපක්ෂ නායකයා එක්ක පාරට බහිනවා කියනකොට මේ ආණ්ඩුව ඔය තරම් කලබල වෙන්න ඕනෑ නෑනේ. යුද්ධෙත් ඉවර වෙලා තියෙද්දි එදා හමුදාව පොලිසිය පාරට දාලා ලොකු යුද්ධයකට ලෑස්ති වෙනවා වගේ ආණ්ඩුව කටයුතු කළේ. මාවතගම මගේ නිවසේ සිට කුරුණෑගල නගරය වෙත එනතෙක් පොලිස් මාර්ගබාධක පහක් තිබුණා. අප බස් හැරෙව්වත් සමහර ජනතාව පාරෙ බස් එකේ නැගලා කොළඹට ආවා. ඒ තරම් පීඩනයකින් ජනතාව ඉන්නේ..රජය මේ කරපු දේ ලෝකෙ දැක්කාම මොකද වෙන්නේ? මනුස්සයෙක්ට කතා කරන්න රැස්වීමක් පවත්වන්න තියෙන නිදහසනේ මේ සීමා කරන්නේ. ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනෑ කාරණයක් මේක. පොලිසියෙන් මේ පෙළපාලිය නවත්වන්න කියලා උසාවි ගණනාවකින් ම ඉල්ලා තිබුණා. උසාවි ගණනාවකින්ම ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. පොලිස්පතිට, පොලිස් ඇමතිට, මේවා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරවපු ඉහළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරනවා. මේවා ආදර්ශ වෙන්න දෙන්න හොඳ නෑ. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක්..කොරෝනා වසංගත තත්වය හමුවේ මෙවැනි දැවැන්ත පෙළපාළියක් සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශ්ව ඔබේ පක්ෂයට චෝදනා ගෙන එනවා..එහෙම චෝදනා ඇවිල්ලා තියෙනවා විවිධ පාර්ශවවලින්. නමුත් වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනගන්න ඕනෑ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවිධ චක්‍රලේඛ ගහලා නවත්වන්න බෑ කියන එක. එයාත් කඩේ යන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව ඔවුන්ගේ පස්වන සම්මේලනය තිබ්බා. පාසල් විවෘත කරනවා. ගමනාගමනයත් වෙනදා වගේම කෙරෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට විතරක් අවස්ථාව නොදෙන්නේ ඇයි? මේ මතය හදන්නේ ආණ්ඩුවට පක්ෂව. ජනතාව උද්ඝෝෂණ කළා ම විතරද කොවිඩ් හැදෙන්නේ. පාසල්වල ඉන්නේ එන්නත්කරණයට පවා ලක් නොවුණු අය. අපි එක්ක ගියේ එන්නත් කරපු අය. අපි කියන්නේ නෑ සෞඛ්‍ය නිර්දේශ කඩ කරන්න කියලා. කාවවත් මාස්ක් නොදා ගෙනාවේ නෑ. දුරස්ථභාවය ගැන පොඩි පොඩි ප්‍රශ්න ඇති, නමුත් අපි ඊයේ සෙනග ගෙනාපු බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා සෙනග ගෙනාවේ නෑ. යන්න දුන්න සාමාන්‍ය බස් රථවල හිටගෙනත් සෙනග හිටියා. ඒවායින් කොරෝනා පැතිරෙන්නේ නැද්ද? කොවිඩ් තත්වය නම් හැමතැනම එහෙම අදාළ වෙන්න ඕනෑ. ජනතාවගේ නැගිටීමට විතරක් මේක අදාළ වෙන්න විදිහක් නෑ. කොවිඩ් මුවාවෙන් ආණ්ඩුව මර්දනයක් තමයි මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ..ලංකාවේ වර්තමාන දේශපාලන ආර්ථික තත්වය ඔබ විග්‍රහ කරගන්නේ කෙසේ ද?.ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් ලංකාව අර්බුදයට පත්වෙලා තියෙන්නේ. දැන් ඉන්න ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාගේ සිට සියලුම අය කියන්නේ කොවිඩ් තත්වය නිසා මේ ආර්ථික අර්බුදය ඇති වුණා කියලා. නමුත් ඒක අපි දකින්න නෑ ලෝකෙ අනිත් තැන්වල. උදාහරණයක් හැටියට අපට සමාන තත්වයක් තිබෙන නැගෙනහිර ආසියාවේ රටවල් තමයි ඉන්දියාව හා බංග්ලාදේශය. ඒ රටවල් තුළත් අඩු වැඩි වශයෙන් අපේ රටේ තත්වයට සමාන කොවිඩ් තත්වයන් තිබුණත් එම තත්වය තිබිය දී ම ඒ රටවල් අපේ රටට වඩා ආර්ථික පැත්තෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. බංග්ලාදේශයේ ඩොලර් සංචිත වැඩියෙන් තියෙනවා. දකුණු ආසියාවේ හැම අංශෙන්ම අපි ඉදිරියෙන් හිටියා. දැනුම, ජනතාවගේ ජීවන තත්වය වගේ දේවල් යම් මට්ටමක තිබුණා අනෙක් රටවලට සාපේක්ෂව. ආර්ථික වශයෙනුත් යම් ඉදිරියක් තිබුණා. නමුත් දැන් අපට ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් මිලියන 200ක ණයක් බංග්ලාදේශයෙනුත් ගන්න වෙලා තියෙනවා. දැන් ලංකාව මුහුණ දීලා තිබෙන ඩොලර් අර්බුදයට හේතු ගණනාවක් ම බලපාලා තියෙනවා. ප්‍රධානම හේතුවක් තමයි වර්තමාන රජයේ වැරදි ආර්ථික කළමනාකරණය. 2019 නොවැම්බර් 16 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වුණු ගමන් ම කරපු වැරදි ක්‍රියාවක් තමයි වැට් බදු සහනයක් ලබා දීම. එහෙම අහිමි වුණු මුදල සාමාන්‍යයක් හැටියට ගණනය කරලා තියෙනවා. ඒ අහිමි වුණු මුදල රුපියල් බිලියන 600කට ආසන්න මුදලක්. ආදායම් අඩු කරගත්තාට මේ ආණ්ඩුව අනෙක් පැත්තකින් ආදායම වැඩිකරගන්න විදිහක් හිතුවේ නෑ. දින 51 ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය මේ හැමදෙයකටම මුහුණ දීලාත් අපි 2019දී ආණ්ඩුව භාර දෙනකොට සංචිතවල තිබුණා ඩොලර් බිලියන 7.5ක්. අවුරුදු දෙකක් ගත වුණාට පස්සෙ දැන් තියෙන්නේ එයින් ඩොලර් බිලියන 2යි දශම ගණනක්. ඉදිරි වසරේදී අතිවිශාල ණය වාරිකයක් ගෙවන්නත් තියෙනවා. මේ ආණ්ඩුව මුල ඉඳන් ම කළේ ආණ්ඩුවේ ගජමිතුරන්ට වාසි හදලා දීපු එක. එහෙම බදු සහන ලබා දීම තුළ ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන ඉන්නේ. මූඩීස්, ෆිච් ආයතන ලංකාව පහළට දාලා තියෙනවා. මේ ආණ්ඩුව ආවාට පසෙ අපි ශ්‍රේණි දෙකකින් පහළට දාලා තියෙන්නේ. සීසී සෘණ ශ්‍රේණියේ ඒ කියන්නේ ණය ගෙවීමට නොහැකි මට්ටමේ ඉන්නේ. වරායට මේ වෙනකොට ඇවිල්ලා තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, විශේෂයෙන් ම ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කරගන්න විදිහක් නැති වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා එහෙම බහාලුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ විදිහට වරායේ ගොඩගැහිලා තිබෙනවා. මම දැක්කා බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා ඉදිරියේදී අපේ රට බංකොලොත් තැනකට යනවා කියලා. මේ තත්වය තමයි බංකොලොත් කියන්නේ..සපුගස්කන්ද පිරිපහදුව හදිසියේ වසා දැමීම දකින්නේ කොහොමද?.මම දැක්කා බලශක්ති ඇමතිවරයා මාධ්‍යට ඇවිල්ලා කියනවා බොරතෙල් ගෙන්නන්න බැරි නිසා පිරිපහදුව වහනවා කියලා. එයා ඒකට හේතුව විදිහට කියන්නේ බොරතෙල් ගෙන්වන්න සල්ලි නෑ කියලා. බොරතෙල් ගෙනවන්නට සල්ලි නැති වුණාට පිරිපහදු කරපු තෙල් පැට්‍රෝල්, ඩීසල් හැටියට ගෙන්නන්න සල්ලි තියෙනවා. බොරතෙල් ගෙනැල්ලා පිරිසිදු කරලා අපි ගන්න එකෙන් ලාභයි වගේම ක්ෂේත්‍ර ගණනාවකටම ඒ හරහා නිෂ්පාදන ගණනාවක් සිදු වෙනවා. රටක් හැටියට ලාභයක් ගන්න තියෙන එක වහලා කෙලින්ම සිංගප්පූරුවෙන් හෝ වෙනත් රටකින් පිරිපහදු තෙල් ගෙන්වනවා නම් එතන තියෙන්නේ කොමිස් බලාගෙන කරන දෙයක්. පිරිපහදුව වහනවා නම් අපට හදිසියේම තෙල් මිලදී ගන්න වෙනවා තෙල් හිඟයක් එන එක වළකාගන්න නම්. ඛනිජ තෙල් වෘත්තීය සමිති මතු කරන කාරණය තමයි මේකේදි අත යට ගනුදෙනු කරන්න ලේසි නිසා පිරිපහදුව වහලා දැම්මා කියන එක..මෙවර අයවැය ගැන ඔබේ අදහස?.විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් පහුගිය කාලේ ඩොලර් බිලියන 7ක හෝ ඊට වඩා වැඩි ආදායමක් ඇවිල්ලා තියෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයත් ඒ වගේ ක්ෂේත්‍රයක්. තේ, කුරුඳු අපනයනයෙන් ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් හම්බෙනවා. ආයෝජකයො ආවාම ඩොලර් හම්බෙනවා. 2018දී සංචාරක ව්‍යාපාරයෙන් අපි ඩොලර් බිලියන 4.5ක් උපයලා තියෙනවා. ඒක ඩොලර් බිලියන 7-10ක් දක්වා වැඩිකරගන්න තිබුණා. පාස්කු ප්‍රහාරය සංචාරක ව්‍යාපාරයට ගොඩක් බලපෑවත් මාස 3-6ක් යනවිටම නැවත සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්වයට ආවා. මුදල් ඇමති අයවැය ඉදිරිපත් කරද්දි අපි අහපු ප්‍රධාන ප්‍රශ්නය තමයි ඩොලර් හිඟයට මොකක්ද කරන්නේ කියන එක. අයවැය ඉදිරිපත් කරද්දි අනිවාර්යයෙන් ම තිබිය යුතුයි ඒවාට දෙන්න ඕනෑ විසඳුම්..ඡන්දෙට කලින් මේ ආණ්ඩුව රට විරුවො කියලා විදේශ රැකියාවල නිරත වෙලා ඉන්න අයව හැඳින්වුවේ. කොරෝනා ආවාට පස්සෙ ආණ්ඩුව මොකක්ද ඔවුන්ට කළේ. ඒ මිනිස්සුන්ට ලංකාවට එන්න එපා කිව්වා. ඊට පස්සෙ ලංකාවට එන අයව නිරෝධායනය කරන්න කියලා 150000-350000ත් අතර ගානක් ඔවුන්ගෙන් අයකරගෙන ගජ මිතුරන්ට ලාභ ගන්න හෝටල්වලට දැම්මා. දැන් ඒ මිනිස්සු වෙනුවෙන් මේ අයවැයේ මොනවද කරලා තියෙන්නේ?.රටරැකියාවලට යවන ඒජන්සිත් දැන් වැහිලා යමින් තියෙන්නේ කොරෝනා නිසා. ඔවුන්ගේ කර්මාන්තය දැන් බිඳවැටිලා තියෙන්නේ. ඒක නගාසිටුවන්නවත් මේ අයවැයෙන් වැඩපිළිවෙළක් නෑ..සංචාරක ව්‍යාපාරයේ සෘජුව 250000ක් ඉන්නවා. වක්‍රව එයින් යැපෙන අයත් 250000ක් විතර දළ වශයෙන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොනවද මේ අයවැයෙන් කරලා තියෙන්නේ. අසල්වැසි මාලදිවයින දුවන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. ඔවුන් හරියට ඒක කළමනාකරණය කරලා තියෙනවා. සංචාරක මඟපෙන්වන්නන් ලීසිං කරලා වාහන තියාගෙන හිටියේ. ලීසිං ගෙවාගන්න බැරිව ඔවුන්ගේ වාහන ලීසිං සමාගම් අරන් ගිහින්. මේ අයවැයෙනුත් ඔවුන් වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ඩොලර් හොයනවා කියලා කටින් කියලා හරියන්නේ නෑ. ඩොලර් එන මාර්ග නගාසිටුවන්නත් ඕනෑ..ජීඑස්පී ප්ලස් ශ්‍රී ලංකාවට නොලැබේවිද?.ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ගොඩ නැගිලා තියෙන්නේ ජීඑස්පී ප්ලස් බදු සහනයත් එක්ක. අපේ ඇඟලුම් වැඩි ප්‍රමාණයක් අපි යුරෝපයට යවන්නේ එමඟින්. මේ වෙනකොට බදු සහනය ශ්‍රී ලංකාවට ලැබෙනවාද නැද්ද කියන එක ගැන ලොකු දෙගිඩියාවක් තියෙනවා. දැන් යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා ලංකාවට ජීඑස්පී ප්ලස් දෙන්න ඕනෑ නෑ කියලා. ආණ්ඩුව මේ ගෙනියන මර්දනය ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ. ආණ්ඩුව එක රටක් එක නීතියක් කිව්වාට ආණ්ඩුවේ අයට එක නීතියක් අනිත් අයට තව නීතියක්..පහුගිය යහපාලන රජය කාලෙ වර්තමාන අග්‍රවිනිශ්චයකාරතුමා වන එවකට හිටපු නීතිපතිතුමා පවරපු නඩු මේ ආණ්ඩුව කාලෙ දැන් ඉන්න නීතිපතිතුමා ඉල්ලා අස් කරගන්නවා. අධි චෝදනාවක් කියන එක හදන්න ලේසි නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ කරලා හොයාගත්තු කරුණු ඇසුරින් තමයි මේ අධිචෝදනා ගොනු කරලා තිබුණේ. ආණ්ඩුව කියනවා මේව බොරු නඩු කියලා. එහෙම බොරු නඩු පවරන්න පුළුවන්ද? සාක්ෂි එක්ක තමයි මේ නඩු පවරලා තියෙන්නේ..අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම පවරපු නඩු 45ක් දැන් අයින් කරගෙන තියෙනවා. මේවා අවුරුදු 4ක් හෝ 3ක් විභාග වුණ නඩු. සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් හෝ විදුහල්පතිවරයෙක් රුපිය්ල් 10000ක විතර හරි අල්ලසක් අරන් අහුවුණොත් අල්ලස් කොමිසම ඔවුන්ගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් ඇපත් නැතිව හිරේ දානවා. මේ අයින් කරන් තියෙන්නේ මිලියන් බිලියන් ගණන්වල වංචා දූෂණ පිළිබඳ නඩු. මම ඇතුළු අපේ පක්ෂයේ මන්ත්‍රීවරු අල්ලස් කොමිසමෙන් එහෙම අයින් කරගත්තු නඩු ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් කළා. තවම ඒ තොරතුරු ලැබිලා නෑ. නැවත අපි ඒ ගැන ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපට දැනගන්න පුළුවන් වුණු විදිහට මේ නඩු මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ඉඳන් කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්ටත් හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටත් අදාලව පැවරුණු නඩු. අල්ලස් කොමිසම කියන්නේ තාක්ෂණික දෝෂයක් තියෙන නිසා නඩු ඉල්ලා අස් කරගත්තා කියලා. එහෙම දෙයක් නම් අනිවාර්යයෙන් ම ඒ දෝෂය හදලා නැවත නඩු පවරන්න ඕනෑනේ..මෙන්න මේ වගේ ක්‍රියාවන් නිසා තමයි අපට ජීඑස්පී ප්ලස් එක නවතින්න යන්නේ. 2015ට පෙරත් තිබුණේ නෑ. අපි ගොඩක් මහන්සි වෙලා ඒ කාලයේ මේ බදු සහනය ගත්තේ. ඒ වගේම මත්ස්‍යයන් යුරෝපයට අපනයනය කිරීමට තිබුණ බදු සහනයත් අපි මහන්සි වෙලා ගත්තේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජපක්ෂ කුසලතාව බැසිල්ද පෙන්නුම් කර ඇත.Next articleරටේ ප්‍රශ්නවලට අයවැයෙන් උත්තරයක් ලැබිලා නැහැ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී.ෂාන් විජයලාල් ද සිල්වා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
දේශපාලනය ගෞරවනීය වෘත්තියකි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දේශපාලනය ගෞරවනීය වෘත්තියකි.By සංස්කාරක.September 23, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..මිනිස් ජීවිතය යහපත් ආකාරයෙන් සකසා ගැනීම පිණිස අවශ්‍ය කෙරෙන තත්ත්වයන් හා පද්ධතීන් නිර්මාණය කිරීමේ කලාව දේශපාලනය වශයෙන් ඇරිස්ටෝටලියානු අර්ථයකින් වටහා ගත හැක. දේශපාලනය පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස අතිශය සදාචාරාත්මකවාදී එකකි. එයට බාහිරව අද දවසේ අප විසින් දේශපාලනය පිළිබඳව සිතනුයේ කිසියම් දෘෂ්ටිවාදීමය භාවිතාවකට අනුවය. ලිබරල්වාදය මඟින් හෝ සමාජවාදය අනුව යමින් හෝ ආණ්ඩුකරණය සහ දේශපාලනය සාපේක්‍ෂ වශයෙන් සඵලදායී මානව ජීවිතයක් ඇතිකර ගැනීම සඳහා භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ඇත්තේ තරගකාරී අදහසකි..එහෙත් ඇරිස්ටෝටල්ට අනුව දේශපාලනය යනු ‘යහපත් සමාජයක්’ (just society) නිර්මාණය කරගැනීම සඳහා ඉවහල් වන ව්‍යාපාරයකි. එතුළින් රාජ්‍යයක ජීවත්වන පුද්ගලයාට උපරිම වශයෙන් සධාර්මික (virtuous) පැවැත්මක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන වටපිටාව පිළියෙල කොට දිය යුතුය. එම නිසා දේශපාලකයා යනු ඊනියා ජනතා අවශ්‍යතා සපයන ජනප‍්‍රියවාදී චරිතයක් නොවිය යුතුය. එහෙත් වර්තමානයේදී දේශපාලනය නමැති වෘත්තිය තුළින් අප අපේක්‍ෂා කරන්නේ පක්‍ෂග‍්‍රාහී ලෙස සිදු කෙරෙන භාණ්ඩ බෙදාදීම්, රජයේ රැුකියා ලබාදීම් හෝ අධිවේගී මාර්ග සංවර්ධනය කිරීම පමණි. මෙය දේශපාලන වෘත්තිය පිළිබඳව පවතින සම්භාව්‍ය මතවාදය සමග කිසිසේත්ම නොපෑහෙන ජරාජීර්ණවූ හා විපරීත තත්වයකි..‘දේශපාලනයේ ආරක්ෂාව පිණිස’ (In Defense of Politics) නමැති කෘතිය සම්පාදනය කරන බර්නාඞ් ක‍්‍රික් දක්වන ආකාරයට දේශපාලන යථාර්ථය තුළ අපට හමුවන බල අරගල, තරගය හා අනෙකුත් ආධානග‍්‍රාහී භාවිතාවන් පවතිද්දීම, ‘දේ්ශපාලනය යනු ආණ්ඩුවේ පීඩාකාරී එළඹුම්වලට එරෙහිව නිදහස හා සමාජීය පර්යාය ආරක්ෂා කරගැනීම සඳහා සමාජය සතුව පවතින වඩාත්ම විශ්වාසවන්තම විකල්පය’ වෙයි. දේශපාලනය අත්‍යවශ්‍යයෙන්ම ‘අසම්පූර්ණ’, ‘අර්බුදකාරී’ හා ‘සංකීර්ණ’ මාධ්‍යයකි. සමහරවිට දේශපාලනය ‘දෘෂ්ටිවාදය, ජාතිකවාදය, නැත්නම් ජනප‍්‍රියවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ හඳුනාගැනීමට භාවිත කරන පදයක් බවට පත්වී තිබෙයි. වර්තමාන තත්වය තුළ දේශපාලනයේ නිරත දේශපාලන වෘත්තිකයා නැතිනම් දේශපාලකයා විසින් ‘පුරවැසිභාවය හා පොදු මනුෂ්‍යත්වය’ පිළිබඳව ලබාදෙන්නේ අවතක්සේරුවකි. එමනිසා සමස්ත සමාජයම පක්ෂ භේදය, දේශපාලන වෛරය, දූෂණය හා වංචා හා අනෙකුත් බහුවිධ දේශපාලන අගතීන්ගෙන් පිරී පවති..මේ අතර ජනතාව හා දේශපාලකයා අතර පවතින සබැඳිතාව නිරන්තරයෙන්ම ගනුදෙනුවක් බවට පෙරළෙමින් පවතී. සමහරක් මන්ත‍්‍රීන් එළිපිටම කියන්නේ ‘මට ඡන්දය නොදෙන උන්ට මම සලකන්නේ නෑ’ කියායි. මේ අනුව දේශපාලකයා විශ්වාස කිරීම හා දේශපාලනය විශ්වාසය කිරීම යන ද්වයම ශීඝ‍්‍රයෙන් ජනතාව වෙතින් ප‍්‍රතික්ෂේප වෙමින් පවතී. දේශපාලනය යනු අතිශය සමාජීය ක‍්‍රියාවක් වනවා වෙනුවට, අතිශය පෞද්ගලික හා ආත්මාර්ථය පිණිසම සිදුකරන නෂ්ටකාමී දේශපාලකයන්ගේ භාවිතාවක් බවට පත්වී තිබේ..වර්තමාන දූෂිත දේශපාලන ප‍්‍රභූන් එක්තරා පංතියක් වශයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය අර්ජුන පරාක‍්‍රම ඉතා නිවැරදිව විග‍්‍රහ කරයි. දේශපාලනය පංතියක් (politics as a class) ලෙස හඳුනාගැනීමේ දී එ් තුළ වන පොදු ලක්ෂණ සමහරෙකි. දේශපාලන පංතිය තම පංතිය හා එහි පැවැත්ම පිළිබඳව ප‍්‍රමුඛවම සිතයි. පක්‍ෂය කුමක් වුවත්, දේශපාලන පංතිය තුළ සියලූම දේශපාලකයන් බොහෝවිට සමානයන් වශයෙන් සැලකේ. එමනිසා මෙරට ප‍්‍රධාන පක්‍ෂ දෙකම අද වන විට දේශපාලන ප‍්‍රතිපත්ති පිළිබඳ කාරණයට වඩා සිය ප‍්‍රභූන්ගේ ආත්මාර්ථකාමී පැවැත්ම වෙනුවෙන් සමස්ත සමාජීය දේශපාලන අවකාශයම විනාශ කරමින් සිටින වගක් පෙනීයයි. එම නිසා ‘යහපාලනය’ හෝ ‘යමපාලනය’ ආදි කුමන නමකින් මෙරට පාලක රෙජිමයන් හැඳින්වුවත් ඔවුන්ගේ යථාර්ථ දේශපාලන භාවිතාව නිරන්තරයෙන්ම දූෂිත ධනපති දේශපාලන පැළැන්තියේ වත්මන් හා අනාගත බල ව්‍යාපෘතිවල පැවැත්ම සඳහා පමණක් යොමුවී තිබේ. එහෙයින් දේශපාලනය යනු යහසමාජයක් ගොඩනඟන උපකරණයක් වෙනුවට, සමාජ ආතතිය, අසහනය, දූෂණය, සූරාකෑම, අසාධාරණය වඩවන වංචාකාරී හා දූෂණකාරී භාවිතාවන්ට උදව් සපයන ප‍්‍රධානතම මෙවලම වී තිබෙයි..මැක්ස් වෙබර් දක්වන ආකාරයට දේශපාලනය වෘත්තියක් බවට පත්කර ගැනීම දෙයාකාරයකින් සිදුකළ හැක. එක්කෝ යමෙකු දේශපාලනය සඳහා ජීවත් විය යුතුය. නැතිනම් දේශපාලනය සිය ආදායම් මාර්ගය බවට පත්කරගෙන දේශපාලනය තුළින් ජීවත් විය යුතුය. අද දවසේ වැඩි වශයෙන්ම අපට හමුවන්නේ සිය පෞද්ගලිකත්වය වෙනුවෙන් දේශපාලනය භාවිතකරන, දේශපාලනයෙන් ජීවත්වන දේශපාලන පංතියයි. එම පංතිය වෙනුවට ‘දේශපාලනය දේශපාලනය පිණිසම’ භාවිත කරන හා දේශපාලන යහසමාජයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන පංතිය බලයට රැුගෙනායුතු නොවේද?.අතුලසිරි සමරකෝන්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article‘පුපුරන්නට ආසන්න කුණු කන්දක්’ වගේ වුණු ආණ්ඩුව.Next articleබස්නාහිර පළාතේ මුග්ධ අධ්‍යාපන බලධරයෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
බොරු සංශෝධන කරලාජාත්‍යන්තරය රවටන්න බෑදමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥඑම්.ඒ. සුමන්තිරන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බොරු සංශෝධන කරලා.ජාත්‍යන්තරය රවටන්න බෑ.දමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ.එම්.ඒ. සුමන්තිරන්.By සංස්කාරක.February 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙන ආ නව සංශෝධනය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද?.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව සංශෝධනයක් මේ ආණ්ඩුව දැන ගෙනැල්ලා තිබෙනවා. එහි යම් යම් වෙනස්කම් ප්‍රමාණයක් සිදු කරලා තිබුණා. කලින් මාස 18ක් දක්වා තිබුණු රඳවා තබාගැනීමේ නියෝගය මාස 12ක්ට අඩු කරන්න කටයුතු කර තිබෙනවා. නමුත් අපි දන්න කිසිම කෙනෙක් ව මාස 18 අවසන් වුණා කියලා නිදහස් කරලා නෑ. අවුරුදු ගණන් මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය ඉන්නවා. මේ මාස 18 කියන්නේ උසාවි නියෝග නැතිව රඳවාගෙන ඉන්න පුළුවන් කාලය. එතැන දී එවැනි සැකකරුවෙක් උසාවියට ඉදිරිපත් කළාමත් මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන් නඩුව අවසන් වන තෙක් සැකකරුව රිමාන්ඩ් කරන්න කියලා විතරයි. ඒ නිසා රඳවා තබා ගැනීමට අදාළ නිශ්චිත කාලයක් මේ පනත යටතේ අත්අඩංගුවට පත් වන අයට නෑ. ඒ නිසා නියෝග නැතිව රඳවා තබා ගැනීමේ කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු කරනවා කියන්නේ බොරු වැඩක්. පනතෙ වෙනසක් වෙලා තිබුණත් මහපොළොවේ ක්‍රියාත්මක වන විට කිසිදු වෙනසක් සිදු වෙලා නෑ..ඒ වගේ ම අභියාචනාධිකරණයෙන් ඇප ගන්න පුළුවන් කියලානේ කියන්නේ. නමුත් අභියාචනාධිකරණයෙන් ඇප නියම වුණාට පස්සේත් ඊට පහළින් ඉන්න මහාධිකරණයට පුළුවන් නැවත රිමාන්ඩ් කරන්න. කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? ඉහළ උසාවියකින් තීන්දුවක් දුන්නාට පස්සේ පහළ උසාවියකින් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කරනවා. ඒ වගේ දේවල් නීතියේ නෑ. මේ සංශෝධනය කියලා බොරු සංශෝධනයක් ගෙනැවිත් තියෙන්නේ. ප්‍රායෝගිකව කිසිම වෙනසක් මේ තුළින් සිදුවෙන්නේ නෑ..මේක ගේන්න හේතුව තමයි මේ ආණ්ඩුව කීප වතාවක් විවිධ පාර්ශ්වවලට පොරොන්දු දීලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. ඒක අහෝසි කරන්නේ නැතිව අපි සංශෝධනයක් ගේනවා කියලා තමයි දැන් මේ නාමමාත්‍රික සංශෝධනයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ දුන් පොරොන්දු ඉටු කරලා මේ පනත වහාම අහෝසි කරන්න කියලා. ඒ වෙනුවෙන් අපි මේ දිනවල දීප ව්‍යාප්ත පෙත්සමක් අත්සන් කරනවා. මේ පනත නිසා අපහසුතාවට පත්වුණේ දමිළ ජනතාව විතරක් නෙවෙයි. 80 දශකයේ දී සිංහල තරුණයන්ව මර්දනය කරන්නත් මේ පනත යොදාගත්තා. මෑත කාලීනව මුස්ලිම් ජනතාව මර්දනය කරන්නත් පාවිච්චි කළා. ඒ නිසා මේ පනත තමයි ඉතිහාසයේ වැඩියෙන් ම අවභාවිත වුණු පනත. අපි දමිළ ජනතාව විතරක් නෙවෙයි හැම ජනතාවක් ම එකතු වෙලා තමයි මේ පනත අහෝසි කරන්න කියලා කියන්නේ. මේක මාස 3කට ගෙන ආව තාවකාලික පනතක්. ඒ වගේ පනතක් තමයි අවුරුදු හතලිස් ගානක් තිස්සේ ජනතාව මර්දනය කරන්න යොදා ගත්තේ. ඒ නිසා මේ පනත අහෝසි කරන්න අදාළ මැදිහත්වීම උපරිමයෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා..ඔබ හිතන විදියට ඉදිරියේ දී ජිනීවා මානව හිමිකම් සැසිවාරවල දී ශ්‍රී ලංකාවට මොන වගේ තත්වයකට මුහුණ දෙන්න සිදු වේවිද?.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මහකොමසාරිස්තුමියගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ රජයට ලබා දෙනවා ඉදිරියේ දී. පෙබරවාරි 28 වනදාට එම වාර්තාව එළියට දානවා. ඒ වාර්තාව අනිවාර්යයෙන් ම එන්නේ රජයට එරෙහිව තමයි. ඒ නිසා බොරු සංශෝධන සංදර්ශන කරලා ජාත්‍යන්තර සමාජය රවට්ටන්න බෑ කියලා රජය දැන්වත් තේරුම් ගන්න ඕනෑ..උතුරේ ධීවරයන් මුහුණ දී තිබෙන ප්‍රශ්නයේ වර්තමාන තත්වය කොහොමද?.ඒ ප්‍රශ්නය කිසිම විසඳුමකින් තොරව තවමත් තියෙනවා..අපි කියන්නේ ඒ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් නීති සංශෝධන කරලා තියෙනවා 2017 දී තහනම් පන්න ක්‍රම ගැන. ඒක කරන්නේ ඉන්දියානු ධීවරයන් වෙන්න පුළුවන්. නැතිනම් ශ්‍රී ලංකාවේ ම ධීවරයන් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළේ එහෙම දෙයක් වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි කියන්නේ. මේ කරන වැඩේ අපේ පරිසරයට හානිකරයි. ඒවාට අදාළ පනත් තියෙනවා. සංශෝධන තිබෙනවා නමුත් ක්‍රියාත්මක කරන්නේ නෑ. ධීවර ඇමතිතුමාත් තැන් තැන්වල බොරු කතා කියමින් යනවා. ඊට පස්සේ ධීවර සංගම්වලට බැනලා තර්ජනය කරනවා. පසුගිය දවසකත් එහෙම ගිය ධීවරයන්ට බැනලා යන්න ගියා. ඒක මාධ්‍ය හරහාත් විකාශය වෙලා තිබුණා. එතුමා හරහා මේ ප්‍රශ්නයට කිසිම විසඳුමක් ගන්න බෑ. අපි කියන්නේ මේ ප්රශ්නයට විසඳුම් දෙන්න බැරි නම් ධීවර ඇමති ඉල්ලා අස් වෙලා යන්න ඕනෑ..පසුගිය දිනවල ඔබගේ මූලිකත්වයෙන් ආර්ථිකය සම්බන්ධව සාකච්ඡාව කැඳවලා තිබුණා නේද?.දැන් රට මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්නය කියලා කියන්නේ. ඒකට අදාළ වගකීම තිබිය යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළ. මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ඒ බව සඳහන් වෙනවා. එහෙම තිබියදීත් විපක්ෂ නායකතුමා මූල්‍ය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා, ඒ සඳහා තවමත් පිළිතුරු ලැබිලා නෑ ආණ්ඩු පක්ෂයෙන්. ඒ නිසා මේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ට මම ආරාධනා කළා. සියලු පක්ෂ නායකතුමන්ලාට, රජයේ මූල්‍ය කමිටුවල සභාපතිවරුන්ට ආරාධනා කළා. ඔවුන් හැමෝම වගේ සම්බන්ධ වුණා. එතන දී අපි එකඟතාවකට ආවා ගෙවන්න තිබෙන ණය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ කියලා. ඒ වගේ ම ණය දුන්න අය එක්ක වහාම සාකච්ඡා කරලා ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ..නිකන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා එම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට අදාළ මැදිහත්වීම අපි සිදු කළ යුතුයි. එහෙම කළොත් විදෙස් මුදල් සංචිත ටිකක් හරි ඉතිරිවේවි. ඒවා අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දුප්පත් සාමාන්‍ය ජනතාවට බල නොපාන පරිදි එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන්න ඕනෑ කියලාත් අපි එතැනදී එකඟතාවකට ආවා. සංවිධානයක් විදිහට නෙවෙයි මේ සාකච්ඡාව කැඳවූවේ. මම පෞද්ගලිකව තමයි ඒ අයට ආරාධනා කළේ..මේ වගේ අවස්ථාවක අපි එකතුවෙලා කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තු කමිටු සභාපතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මහචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ යන අයත් මගේ ආරාධනාව පිළිගෙන ආවා. අපි යෝජනා ඇතුළත් කරලා සකස් කළ ලියවිල්ලට මහාචාර්ය තිස්ස විතාරණ අත්සන් කළා. අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා ඔවුන් හරහා අපේ යෝජනා. ඒවාට අනුව කටයුතු කරන්න තමයි දැන් ආණ්ඩුවට තිබෙන්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජන වරමක් ලබා දී.රටක් විනාශ කරන සැටි බලා සිටීම.Next articleසල්ගාදු පිටියේ සිට.ජාතියට පාලමක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මේ ආණ්ඩුවට ඕනෑ කෙවිටක් අරගෙන දක්කාගෙන යන්න පුළුවන් අයයිරාජ්‍ය අමාත්‍යසුසිල් ප්‍රේමජයන්ත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මේ ආණ්ඩුවට ඕනෑ කෙවිටක් අරගෙන දක්කාගෙන යන්න පුළුවන් අයයි.රාජ්‍ය අමාත්‍ය.සුසිල් ප්‍රේමජයන්ත.By සංස්කාරක.January 5, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.රට විශාල අර්බුදයකට මුහුණදීලා තිබෙන මෙවැනි මොහොතක පාර්ලිමේන්තු වාරය අවසන් කරලා මැති ඇමතිවරු රට සවාරි යාම ගැන මොකද ඔබ හිතෙන්නෙ?.පාර්ලිමේන්තු වාර අවසන් කිරීමෙන් ඉතාමත් හොඳින් කරගෙන ආ කමිටු නැවත අලුතෙන් පටන් ගන්න වෙලා තියෙනවා. පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ අවශ්‍යතාව මොකද්ද කියලා අපිවත් දන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට ඒ සඳහා බලයක් තියෙනවා. පාර්ලිමේන්තුව නැවත ජනවාරි 11 පටන් ගන්න තිබුණ එක තමයි තවත් සතියකින් කල් ගියේ..නමුත් තියෙන ප්රශ්නය තමයි පාර්ලිමේන්තු වාරාවසාන කිරීම ගැසට් නිවේදනයක් මඟින් කළාම කලින් තිබුණ කමිටු සියල්ල අහෝසිවෙලා ගිහිල්ලා නැවත අලුතෙන් පටන් ගන්න සිදුවීම. මේ මොහොතේ ආහාර පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, විදේශ සංචිත පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ගෑස්, තෙල් මේ වගේ ප්‍රශ්න ගණනාවක වෙලිලා තියෙන වෙලාවක මම හිතන්නේ පාර්ලිමේන්තුව තමයි හොඳම තැන මේ ප්‍රශ්න ගැන කතා කරන්න. මම හිතන්නේ විදේශගත වුණ ගොඩක් මන්ත්‍රීවරුන්ට ඒ රටවල ඩොලර් තියෙනවා ඇති. ඒ හින්දා තමයි විදේශගත වෙන්න ඇත්තේ..රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවක මුදල් ඇමතිත් නිවාඩුවක් ගතකරන්න ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා..එතුමා ඩොලර් හොයාගෙන එන්න ගියාද දන්නේත් නැහැ. මොකද ඇමරිකාවෙනේ ඩොලර් තියෙන්නේ..ආණ්ඩුවේ වැරදි තීරණ නිසා කබලෙන් ළිපට වැටිලා ඉන්න ගොවියාට වහ කුප්පියක් බොන්න තමයි දැන් වෙලා තියෙන්නේ..අද ගොවියාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඉතාම ඛේදජනක තත්වයකට. මේ රටේ අපි දන්න ඉතිහාසය තුළ නියඟ ඇති වෙච්ච අවස්ථා තිබුණා, ජල ගැලීම් වෙච්ච අවස්ථා තිබුණා, නමුත් ඒ කිසිම අවස්ථාවක අද අපි මුහුණ දීලා තිබෙන අන්දමේ තත්වයකට පත් වුණේ නැහැ. එක පාර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තාට ක්‍රියාත්මක කිරීමේ දී අදියරයන්ගෙන් තමයි ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වෙනුවට එක රැයින් රසායනික පොහොරයි, කෘමිනාශකයි, වල් පැළ නාශකයි ගෙනඒම නවත්වලා, එක පාර කිව්වා කාබනික පොහොරවලට යන්න කියලා..කාබනික පොහොර කියල හුඟ දෙනා කළේ නගර සභාවල තිබුණ කුණු ටික අරන් ගිහිල්ලා ඒක කොම්පෝස්ට් කළා. ඒවා කාබනික පොහොර නෙවෙයි. ඒ වගේ අපි දැක්කා කාබනික පොහොර හදපු විදිහ. කාබනික පොහොර කියලා කළු පස් දුන්නා, ටයර් පුච්චලා කුඩු අරන් ගිහින් දුන්නා. මේ අර්බුදය එනකොට අන්තිමේට යූරියාත් නැහැ, කෘමි නාශකත් නැහැ, වල් පැළ නාශකත් නැහැ. ගොවියන්ට කිව්වා කාබනික වගාවට අවශ්‍ය පොහොර දෙනවා කියලා, හැබැයි අන්තිමේට වුණේ ගෙනාව පොහොර නැව හරවලා අරින්න සිද්ධ වුණා වන්දිත් ගෙවලා..අනිත් පැත්තෙන් නැනෝ යූරියා කියලා එකක් ගෙනාව ඉන්දියාවෙන්. ඒක අවශෝෂණය වෙන්නෙ පත්‍රවලට. මුලට නෙවෙයි. මම විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඉන්න කාලෙ නැනෝ තාක්ෂණ විද්‍යාගාරයේ මේ ගැන පරීක්ෂණ කළා. ඒ පොහොර පත්‍රිකාවලට නෙමෙයි මුලට ගහන්න පුළුවන්. ඒ පොහොරවලින් හදපු බෝගවල සාමාන්‍ය ඒවාට වඩා ඵලදාවත් ආවා. දැන් කොහොමහරි නැනෝ පොහොරත් නැහැ. චීන පොහොර නැවත් නැහැ. දියරයක් හදලා තියෙනවා, ඒක ගොවියො පාවිච්චි කරන්නේ නැහැ. ඒක පුපුරනවා කියලාත් කියනවා. අවසාන වශයෙන් වුණේ සාම්ප්‍රදායිකව වී ගොවිතැනේ සහ එළවළු ගොවිතැනේ හිටපු ගොවියා, රටට බරක් වෙන්නෙ නැතිව භාණ්ඩාගාරයට බරක් වෙන්නෙ නැතිව රටටම අවශ්‍ය එළවළු, පලතුරු සහ වී නිෂ්පාදනය කරපු ගොවියා, අසරණ වෙලා තියෙනවා..ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කවුරුහරි නිලධාරියෙක් අඩු පාඩුවක් පෙන්නලා දුන්නොත් ඒ දේ නිවැරදි කර ගන්නවා වෙනුවට, ආණ්ඩුව කරන්නේ ඒ නිලධාරීන්ගෙන් පෞද්ගලිකව පළිගන්න එක. ඒ සඳහා හොඳම උදාහරණය තමයි දවස් කිහිපයකට කලින් ඉවත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්..කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉවත් කළ ලේකම්තුමා මහාචාර්යවරයෙක්. එතුමා උපකුලපතිවරයෙක්. ඔහු ඒ තනතුරුත් දාලා තමයි මෙතෙන්ට ආවෙ එතුමාගෙ දැනුම සහ නිපුණතාව දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන්න. එතුමා වැඩ කරන්න ඕනෑ ඒ අනුව. දේශපාලනඥයා කියන විදිහට වැඩ කරන්න බැහැ විද්‍යාඥයාට. එතුමාව ඉවත් කරපු ආකාරයෙන් ඒ මට්ටමේ හිටිය සියලුම උගතුන් කළකිරීමකට පත් වුණා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි..මහ බැංකු අධිපතිවරයා විදිහට කලින් හිටියෙ ලංකාවෙ හිටිය හොඳම ආර්ථික විශේෂඥයා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්. එතුමා ඉවත් වෙද්දිත් කොයි තරම් කළකිරීමෙන්ද ඉවත් වුණේ කියන එක ඔහු ඉවත් වෙද්දි කළ ප්‍රකාශයෙන්ම දැක්කා. මේ ආණ්ඩුව බලයට එනකොට කොහොමද අපි කිව්වෙ? උගතුන්, වියතුන්, පළපුරුද්ද තියෙන පිරිස් එක්ක මේ රට තිබුණ තැනින් ගොඩට ගේන්න ඕනෑ කියන අදහසින් ආවෙ. අද ඒ සියලුම දෙනා අපේක්ෂා භංගත්වයට පත් වෙලා තියෙන්නේ..දැන් තෙල් මිල තීරණය කරන නිර්ණායකය වෙලා තියෙන්නේ රටේ ඩොලර් සංචිත ප්‍රමාණවත් ද නැද්ද කියන සාධකය..ඒක මහ බොළඳ වැඩක්නේ. මෙතන වෙලා තියෙන්නේ, තෙල් ආනයනය කිරීම හා ඒවා යොදා ගැනීම පිළිබඳව අත්දකීම් නැති පිරිසක් තමයි වැඩ කරන්නේ. තෙල් මිල අඩු වෙලා තිබුණ කාලයේ කළ යුතුව තිබුණ දේවල් එදා කළේ නහැ. කළේ නැත්තේ අත්දැකීම් සහ දැනුමක් නොමැතිකම නිසා. තව තර්කයක් ගොඩනගනවා, තෙල් මිල ඉහළ දාලා රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න කියලා. තෙල් මිල ඉහළ දැම්මාම වැඩි වෙන්නේ රුපියල්නේ. මිනිස්සු ඩොලර් දීලා තෙල් ගහන්නේ නැහැ. මේ හැම එකක්ම ප්‍රවීණතාවක් නැතිකම, පළපුරුද්දක් නැතිකම, දැනුමක් නැතිකම සහ පළවෙනි වතාවට මේ අය තමයි මේක කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා..තවමත් ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් නැහැ..ලිට්ට්‍රො ගෑස් සමාගමේ කොටස් 98%ක්ම තියෙන්නේ රක්ෂණ සංස්ථාවට. රක්ෂණ සංස්ථාවෙ කොටස් 98%ක තියෙන්නේ මහජන මුදල්. රක්ෂණ සංස්ථාවෙ අනුබද්ධ ආයතනයක් විදිහට ලිට්ට්‍රෝ එකට ගිහිල්ලා තියෙන්නෙත් මහජන මුදල්. එතකොට 50%ට වැඩිය තියෙන ඒවා විගණකාධිපති විගණනය කරන්න ඕනෑ. මහජන මුදල් තමයි එතන තියෙන්නෙ. හැබැයි ලිට්ට්‍රො සමාගමේ පාලනාධිකාරිය විගණකාධිපතිට විගණනය කරන්න දුන්නේ නැහැ ඒ වෙලාවෙ ලිට්ට්‍රො සමාගමේ අවසාන ගිණුම් වාර්තාව. විගණකාධිපති විගණනය කළා නම් ඔය ඔක්කොම එළියට එනවා. කිලෝග්‍රම් 12.5ට තිබුණ සිලින්ඩරය ලීටර් 18ට ගෙනාවා. ඒ වෙලාවෙ තමයි තියෙන ප්‍රතිශතයන් වෙනස් වුණා කියන්නේ ප්‍රොපේන් සහ බියුටේන්වල. ජනාධිපති පත් කළ කමිටු වාර්තාවෙම කියන්නෙ සංයුතිය වෙනස් කිරීම නිසා තමයි පීඩනය වැඩිවෙලා ගෑස් කාන්දු ඇති වෙනවා කියන එක. මේකෙන් රටේ මිනිස්සුන්ට මැරෙන්න සිද්ධ වුණා. හැබැයි ඒවාට වගකීම බාරගෙන මිනිසුන්ට වන්දි ගෙවලා සමාව ගන්න ඕනෑ පුද්ගලයො ඒවාට වෙන වෙන හේතු කියනවා. අද රටේ පවතින්නේ එක රටක් එක නීතියක් නම් මේකට වහාම සී.අයි.ඩී පරීක්ෂණයක් කරන්න ඕනෑ..ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්නිකමටවත් ඔබ කියන දේවල්වලට ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න උදවිය ඇහුම්කන් දීමක් කරන්නේ නැද්ද?.එහෙම කරන පාටක් නම් පේන්න නෑ. අඩුම තරමේ රාජ්‍ය ඇමතිවරු ටිකවත් මාස තුන හතරකින් හම්බවෙලා නැහැ. මේ ආණ්ඩුවට ඕනෑ උගත් බුද්ධිමත් පරිණතභාවය තියෙන පිරිස් නෙවෙයි. මේ ආණ්ඩුවට ඕනෑ කෙවිටක් අරගෙන දක්කාගෙන යන්න පුළුවන් පුද්ගලයෝ. ඒගොල්ලොත් එහෙම යනවා. අපට වෙලා තියෙන්නේ නරඹන්නො වෙලා බලාගෙන ඉන්න..නමුත් ඔබත් ඔය කියන ආණ්ඩුවේම රාජ්‍ය ඇමතිවරයෙක්. යම්කිසි දවසක මේ ආණ්ඩුව කරන දේවල්වල වගකීමෙන් කොටසක් එනවා. ඒ වගේම ජනතාවගෙනුත් ඒ චෝදනාව එනවා..අපිට මේ ප්‍රශ්න වෙන කියන්න තැනක් නැහැ. කණ්ඩායම් රැස්වීම්වලදී සාකච්ඡා වෙන්නෙ නැත්නම්, අපිව කැඳවලා සාකච්ඡා කරන්නේ නැත්නම් අපිට කියන්න තියෙන්නේ ජනතාව ඉදිරියට ඇවිල්ලා විතරයි. දැන් ඔය ඇමතිවරු තුන් දෙනෙක්ම දොට්ට බහැලා මහජන සභා තියන්නේ. එකෙන් පේන්නේ ඇමති මණ්ඩලයේ කියන දේවල්වලටවත් ඇහුම්කන් දෙන්නේ නෑ කියන එකනේ..පහු ගිය කාලය පුරාම ආණ්ඩුවට හිතවත් සහ ආණ්ඩුවේම ඉන්න මැති ඇමතිවරුන්ට තියෙන නඩු ඉවත් කර ගන්නවා සහ නිදොස් කොට නිදහස් වෙනවා..එක රටක් එක නීතියක් කරන්න හැදුවාට තියෙන නීතියවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපරාධකාරයන්ට සමාව දෙනවා, දීලා තනතුරුත් දෙනවා. ලෝකයේ වෙන කිසිම රටක් නැහැ අපරාධකරුවන්ට සමාව දීලා රජයේම තනතුරුත් දෙන. පහුගිය කාලය තුළ සමාජයේ අපරාධ ප්‍රමාණය ඉහළ ගිහින් තියෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සු නීතියට බය නැහැ. මොකද නීතිය කාටවත් එක සමාන නැහැ. මේ නිසා එක රටක් එක නීතියක් කියලා රට පුරා සංදර්ශන තියලා රටේ නීතිය හදන්න බැහැ..නව ව්‍යවස්ථාවක් ගැනත් විවිධ කතාබහ මතු වෙනවා. ව්‍යවස්ථාව සම්පදනය කිරීමේ වගකීම බාරදීලා තියෙන්නෙ ව්‍යවස්ථාදායකයෙන් බාහිර පාර්ශ්වයකට..මම ඒකට එකඟ නහැ. ව්‍යවස්ථාදායකය කියන්නේ නීති සම්පාදනය කරන තැන. නීති පනවන තැන කරන්න ඕනෑ වැඩේ වෙන කෙනෙකුට පවරලා හරියන්නෙ නැහැ. එයින් පිට යනවා නම් එකඟ වෙන්න බැහැ..දින කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදි මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. මේ වගේ දේවල්වලින් ජෝක් එකක් වෙන්නෙ ආණ්ඩුව නේද?.උපාධිධාරියෙක්ගේ සංවේදීතාවය සමාජයේ එක් පැතිකඩක ආකල්පය පෙන්නන තැනක්. මේවා දේශපාලනඥයෝ කියවාගන්න ඕනෑ. දේශපාලනඥයෝ නොවන අය රටේ නායකයො වුණාම මේ දේවල් කියවාගන්න බැහැ..රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩ එන්න මොකද්ද තියෙන කෙටිකාලීන විසඳුම?.එක්කෝ මේ ආණ්ඩුවේ නායකයෝ තීන්දු කරන්න ඕනෑ හරි පුද්ගලයෝ හරි තැන්වලට දාලා, ප්‍රතිපත්ති මාලාවකට අනුව වැඩ කරන්න. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව එක පැත්තක. ජනතාව තවත් පැත්තක.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleආර්ථික වැඩපිළිවෙළක් ඇත්තේ කාටද?.Next articleඑක රටක් එක නීතියක් කියන්නේ සිංහල බෞද්ධ රටක් කියන එක.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය.පාක්‍යසෝති සරවනමුත්තු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සජබ ඉල්ලීම් නොසලකා ජනාධිපති රනිල් අගමැති කළා: සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සජබ ඉල්ලීම් නොසලකා ජනාධිපති රනිල් අගමැති කළා: සමගි.ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.By සංස්කාරක.May 24, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.මේ මොහොතේ කුමන ආණ්ඩුවක් පත් වුණත් ගත යුතු පියවර විදිහට ඔබ දකින ක්‍රියාමාර්ග මොනවාද?.මොන පක්ෂයක ආණ්ඩුවක් ආවත් කරන්න තියෙන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. මේ මොහොතේ වහාම විසඳාගත යුතු ප්‍රශ්නයක් තමයි පෝලිම් ප්‍රශ්නය. ඒ සඳහා මුදල් සොයා ගැනීම මේ මොහොතේ ම කළ යුතු දෙයක්. ඒ මුදල් සොයාගැනීමට නම් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අවශ්‍යයි. අපට සිදු වෙනවා අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරලා මුදල් සොයා ගන්න. අනෙකුත් සියලුම පියවර ගන්න කලින් මේ තියෙන ඉන්ධන පෝලිම්, බෙහෙත් පෝලිම් සියල්ල නැති කරගන්න මේ පියවර අනුගමනය කරන්න සිදු වෙනවා..මේ පියවර ගන්න අතරතුරදීම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ඒ සාකච්ඡා කරන්න ණය තිරසාර විශ්ලේෂණයක් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන් සහ ලංකාවේ ආර්ථික විශේෂඥයන් යන දෙගොල්ලන්ටම එකතු වෙලා තමයි මේ ණය තිරසාර විශ්ලේෂණයක් සකස් කරන්න වෙන්නේ. ඒත් එක්කම අපේ ජාත්‍යන්තර නීති විශේෂඥයන් සහ ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන් කණ්ඩායමක් පත් කළ යුතුයි අපේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ වගේ ම ඒ කණ්ඩායම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන අපේ කණ්ඩායම අතර පැහැදිලි අවබෝධයක් පවත්වාගෙන යා යුතුයි. මේ කණ්ඩායම් දෙක ම සමාන්තරව වැඩ කරන්න ඕනෑ. ණය තිරසාර විශ්ලේෂණය අනුව අපට අවබෝධයක් ගන්න පුළුවන් අපට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 52ක ණය මුද්ලෙන් කොපමණ ප්‍රමාණයක් අපට ගෙවාගන්න පුළුවන් ද කියන කාරණය. යම් නිශ්චිත කාලයක් තුළ අපට කොපමණ ණය ප්‍රමාණයක් ගෙවන්න පුළුවන් ද කියන කාරණය සෘජුවම සම්බන්ධ වෙනවා රාජ්‍ය මූල්‍ය වැඩසටහන සමග. උදාහරණයක් වශයෙන් අපට මේ වන විට තිබෙන රාජ්‍ය ආදායම වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5%ක ප්‍රමාණය 10% දක්වා වැඩි කරගැනීමට පුළුවන් නම් අපට ඩොලර් බිලියන ‘එක්ස්’ නැමැති ප්‍රමාණයක් ගෙවන්න හැකියි කියලා ගණනය කරන්න පුළුවන්. අපි රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් දක්වා වැඩි කරගන්නවා නම් කලින් කියපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපට ගෙවා ගන්න පුළුවන්. එයින් පැහැදිලි වෙනවා අපට කොයිතරම් ණය ගෙවන්න පුළුවන්ද කියන කරුණ රඳා පවතින්නේ කොයි තරම් දුරට රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්ද කියන කොන්දේසිය මත. ඒ කරුණු දෙක එකකට එකක් සමාන්තරව ගමන් කරන්නේ..ණය හිමියන් කිසිසේත්ම සූදානම් නෑ ණය මුදලෙන් විශාල ප්‍රමාණයක් කපා හරින්න. අපට ණය කපාහැරගන්න කොයි තරම් ප්‍රමාණයක් පුළුවන්ද කියන එක තීරණය වෙන්නෙත් අපේ රාජ්‍ය ආදායම කොයි තරම් දුරට වැඩි කරගන්න පුළුවන්ද කියන කාරණාවත් එක්ක..ඒ නිසා ණය තිරසාර විශ්ලේෂණය, ණය හිමියන් සමග සාකච්ඡාව සහ රජයේ ආදායම වැඩි කරගත හැකි ප්‍රතිසංස්කරණ කියන සියල්ල එකම අවස්ථාවේදී සිදු කළ යුතුයි..ඊට අමතරව අපේ රටේ සාර්ව ආර්ථිකය ස්ථාවර කරගැනීමට අදාළ පියවර ගන්න ඕනෑ..රුපියලේ අගය ස්ථාවර කරගැනීම මුලින් ම කරගත යුතුයි. ඒ වගේ ම පොළී අනුපාතය සහ උද්ධමනය යම්කිසි ප්‍රමාණයකට අඩු කරගත යුතුයි.ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන ආ යුතුයි. අගමැතිතුමා ජාතිය අමතපු අවස්ථාවේදී පැවසුවා බැංකුවලින් ඩොලර් මිලියනයක්වත් සොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ අවශ්‍ය තරම් විදේශයන්ගෙන් බැංකුවලට ඩොලර් ලැබෙන්නේ නෑ. අපනයනකරුවන් තමගේ ඩොලර් ගේන්නේ නෑ. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඩොලර් එවන්නේ නෑ. එහෙම එවන කොටසිනුත් 25%ක් මහබැංකුව මැදිහත් වෙලා ඒ ඒ බැංකුවලින් ලබා ගන්නවා. විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ඩොලර් එවීම,.අපනයනකරුවන් ඩොලර් රැගෙන ඒම සහ උන්ඩියල් සහ හවාලා ක්‍රමයට ගනුදෙනු වෙන ඩොලර් බැංකු පද්ධතියට ආපහු ගෙන එන්නේ කොහොමද කියන දේවල් ගැන ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ විදිහට විදේශ විනිමය පැත්තෙන් සාර්ව ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් වෙනවා. අගමැතිවරයා කියනවා වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයට මුදල් නෑ කියලා. ඊට පස්සේ ඔහු කියනවා ඔහුගේ අකමැත්තෙන් වුණත් මුදල් අච්චු ගහන්න සිදු වෙනවා කියලා. භාණ්ඩාගාරයට මුදල් නැතිවෙන්න එක හේතුවක් වන්නේ බදු ආදායම අහිමි වීම. අනෙක් හේතුව වන්නේ භාණ්ඩාගාරයට ණය ලබා ගැනීමට නොහැකි වීම. වෙළඳපොළෙන් මහා භාණ්ඩාගාරය ණය ගන්නවා නම් 25%ක් පොළිය ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මුලින් ම ඒ දේවල්වලට විසඳුම් සොයා ගැනීම කළ යුතුයි..මේ වන විට වාර්ෂික ආහාර උද්ධමනය 50%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එසේ නම් අපි සොයා බැලිය යුතුයි බඩු මිල ස්ථාවර තැනක පවත්වාගන්නේ කොහොම ද කියලා. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි..මේ කරුණුවලට අමතරව ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න පටන් ගත යුතුයි. එහෙම කළ යුතු විශාල ක්ෂේත්‍ර ප්‍රමාණයක් තියෙනවා. බදු ආදායම වැඩි කරගත හැකි ආකාරය, කොපමණ රාජ්‍ය වියදම් ප්‍රමාණයක් කපා හැරිය හැකිද කියන කාරණය එතන දී සලකා බැලිය යුතු වෙනවා. වර්තමානයේ රජයේ වියදමෙන් 75%ක් වැයවෙන්නේ පොළිය ගෙවන්න. ඒ තරම් ප්‍රමාණයකින් පොළිය ගෙවලා අනෙකුත් වියදම් පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. එතැනදී අපට තීරණය කරන්න වෙනවා මොන බදුද වැඩි කරන්නේ, මොන වියදම් ද කපා හරින්නේ, කාටද සහනාධාර දෙන්නේ කියන කාරණා පිළිබඳව. කොයි තරම් දුරට රජයේ වියදම් කපාහරින්න පුළුවන් ද කියන කාරණාව මම මුලින් ම සඳහන් කරපු ණය කපාහැරීමේ කාරණයටත් අදාළයි..ස්ථිරසාරවම ඩොලර් ලබා ගත හැකි ක්‍රමය වන්නේ අපනයනය ඉහළ නැංවීමයි. එතැනදී අපි අවධානය යොමු කළ යුතුයි ආනයනය නවත්වලා අපනයනය කළ හැකිද කියන කාරණය සම්බන්ධව. ආනයනයන්වලට ගහන බදු වැඩි වෙනකොට අපනයන නිෂ්පාදනවල පිරිවැය වැඩිවෙනවා. අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී ඒවාට අධික බද්දක් ගෙවන්න තිබෙනවා නම් අපනයන නිෂ්පාදනයේ මිල වැඩි වෙනවා. නිෂ්පාදනයේ මිල වැඩි නිසා ඒ නිෂ්පාදනයට තිබෙන අපනයන තරගකාරීත්වය අඩු වෙනවා. ඒ නිසා මේ මොහොතේ සොයා බැලිය යුතුයි ආනයන බදු සංශෝධනය කරගත හැකිද යන කාරණය..විදේශ ආයෝජන සහ වෙළඳ ප්‍රතිපත්තිවල ලිහිල් කළ යුතු දේවල් සොයා බලලා අවශ්‍ය කටයුතු කිරීම හරහා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මම මේ විදිහට සරලව පැහැදිලි කළත් විශාල වැඩ කොටසක්. මේ මොහොතේ පත්වන ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුත්තේ මේ ක්‍රියාමාර්ග ටික තමයි. මේ තීරණ ක්‍රියාත්මක කරන්න ලේසි නෑ..ඔබ මුදල් කාරක සභාවේ සභාපති ධුරය භාරගැනීමට සූදානම් බවට පසුගිය දිනක ප්‍රකාශ කළා..පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මේ කිසිදු තීරණයක් ක්‍රියාත්මක කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියෙන් සම්පූර්ණ මුදල් බලය ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. බදු වෙනස් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සහ වියදම් කපාහැරීම ආදි සියලුම දේවල් සිදු කරන්න වෙන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ නිසා තමයි මම මුදල් කාරක සභාවේ සභාපතිධුරය භාරගන්න කැමති බව ප්‍රකාශ කළේ..සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නැතිනම් මුදල් කාරක සභාවේ සභාපතිධුරය භාරගෙන පාර්ලිමේන්තුව ඇතුළේ සර්වපාක්ෂික කණ්ඩායමක් හරහා ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් නිර්මාණය කරන්න නායකත්වයක් ලබා දීම තමයි මුදල් කාරක සභාවේ සභාපති ධුරය භාරගැනීමේ අරමුණ විදිහට තිබෙන්නේ. එයින් මම අදහස් කරන්නේ නෑ රනිල් වික්රමසිංහ මහතා කරන දේවල්වලට විරුද්ධව වැඩකරනවා කියලා. මම කලින් පැහැදිලි කළා මොන පක්ෂයක් බලයට ආවත් කරන්න ඕනෑ ක්‍රියාමාර්ග පිළිබඳව. අනුමැතිය ගන්න අවශ්‍ය පාර්ලිමේන්තුවෙන් නම්, කළ යුත්තේ කුමක් ද කියා අපි දන්නවා නම් පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් හරහා ඒවාට අවශ්‍ය අනුමැතිය පාර්ලිමේන්තුව තුළ ලබාගෙන තීරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මගේ උපරිම සහයෝගය ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ..රජය සර්වපාක්ෂික නෙවෙයි නම් මේ මොහොතේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. සර්වපාක්ෂික රජයක් නොමැතිව මේ තීරණවලට කිසිසේත්ම එන්න බෑ. අවම වශයෙන් අපට ආහාර සහ ඖෂධවලට අවශ්‍ය මුදල් ටිකවත් විදෙස් රටකින් ලබා ගන්න බෑ මේ තියෙන තත්වයත් එක්ක..සර්වපාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව මේ තරම් ප්‍රබල නම් සමගි ජන බලවේගය ඇයි සර්වපාක්ෂික ආණ්ඩුවකට නොයන්නේ?.සමගි ජන බලවේගය විදිහට අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමට අපේ ඇති කැමැත්ත මුලිම ප්‍රකාශ කළා. අපි ජනාධිපතිවරයාට කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හරහා මේ රජය පවත්වාගෙන යාම අපි භාරගන්නම් කියන කාරණාව. නමුත් අපිට මූලික කොන්දේසි කිහිපයක් තිබෙනවා. අපි දැන් මුහුණ දෙමින් ඉන්න අභියෝග ගණනාවක්ම ජනාධිපතිවරයා විසින් ඇතිකරපු ඒවා. ඒ නිසා මේ වෙනකොට රටේ බහුතරයක් ජනතාව කියන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙලා ගෙදර යන්න කියලා. ව්‍යවස්ථානුකූලව බැලුවත් ජනාධිපතිවරයාව ඉවත් කරන එක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තියෙනවා. ඒ සංශෝධනයේ අපි ඇතුළත් කර තිබෙනවා විධායක ජනාධිපතිධුරය අහෝසි වීම පිළිබඳව. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ අපේ ඒ කොන්දේසි ප්‍රමාණය ක්‍රියාත්මක කරන්න අදාළ දින වකවානුවක් නිශ්චිතව සාකච්ඡා කරලා කියන්න කියන කාරණය. ජනාධිපතිවරයා එහෙම කළා නම් සමගි ජන බලවේගය විදිහට සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්න වගකීම අපි භාරගන්නවා. නමුත් ජනාධිපතිවරයා ඊට අවස්ථාව දුන්නේ නෑ. දැන් ඇතැම් පාර්ශ්වයන් කියනවා අපි ජනාධිපතිවරයාට ලිපිය යවන්න ප්‍රමාද වුණා කියලා. නමුත් ඒ කතාවට අපට එකඟ වෙන්න බෑ. පසුගිය අප්‍රේල් 10 වැනිදා මමමයි ජනාධිපතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කළේ. ඒ අවස්ථාවට අපේ පක්ෂයේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා සහ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමාත් සම්බන්ධ වුණා. ජනාධිපති මන්දිරේදී පැය දෙකකටත් වඩා කාලයක් තිස්සේ අපි ජනාධිපතිතුමා සමග මේ දේවල් ගැන සාකච්ඡා කළා. අපි ජනාධිපතිවරයාට කිව්වේ එක්වරම ඉවත්වෙන්න කියලා නෙවෙයි. ඒ පිළිබඳව කාලවකවානුවක් සාකච්ඡා කරලා තීරණය කරගනිමු කියලා. අපි පැහැදිලි කරපු සියලු කරුණු පැත්තකට දාලා අප්‍රේල් 11 වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඔහු සූදානම් කියලා. ඒ වගේ ම ඔහු කිව්වා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් ඔහු බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඒ තත්වය ධනාත්මකව අරගෙන තමයි නැවත අප්‍රේල් 12 වැනිදා ලිපියක් හරහා යළිත් දැන්වූවේ. කලින් කරපු සාකච්ඡාව සහ මේ ලියුම පිළිබඳව කිසිම තැකීමක් නොකර ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාව පස්සා දොරෙන් අගමැති කළා. රටේ ජනතාවගේ ඉල්ලීම වන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරයාවත් ඉවත් කිරීමට අදාළ මහජන අරගලයේ කොන්දේසි කිසිවක් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවක් දැකගන්න නෑ. ඒ නිසා සමගි ජන බලවේගයට ඇහුම්කන් නොදී රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති විදිහට පත් කරගන්න හේතුව විදිහට අපට පෙනෙන්නේ කිසිම කොන්දේසියක් නොමැතිව අගමැති ධුරය භාරගන්න කැමති වීම නිසා බව පැහැදිලියි..අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක ජාතිය අමතලා වර්තමාන ආර්ථික තත්වය ගැන පැහැදිලි කළා. ඒ ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක් ද?.ඔහුගේ කතාවේදි ජර්මන් ජාතික නාට්‍යවේදියෙකු වන බර්ටොල්ඩ් බ්‍රෙෂ්ට්ගේ හුණුවටය නාට්‍යයේ එන කොටසක් ගැන කිව්වා. ගෲෂා වැල්පාලමෙන් එතෙර කරන්නේ එවකට මහජන අප්‍රසාදය හිමි වෙලා හිටපු සහ ඔහුට විරුද්ධව මහජන කැරලි පවා ඇති වෙලා තිබුණු පාලකයෙකුගේ දරුවා වන මයිකල්ව. දැන් අපට සැකයක් තිබෙනවා අගමැතිතුමා කියපු විදිහට ගෲෂා විදිහට වැල් පාලමෙන් ගගෙන් එගොඩ කරවන මයිකල් නාමල් රාජපක්ෂ ද කියලා..අගමැතිතුමා කතාවෙදි වර්තමානයේ තිබෙන ආර්ථික තත්වය පැහැදිලි කළා. නමුත් කළ යුත්තේ කුමක් ද කියන එක ගැන කිව්වේ නෑ. ඒ වගේ ම රටේ තිබෙන දේශපාලන අස්ථාවරභාවය ගැන කතා කළෙත් නෑ. ගාලුමුවරදොර අරගලයට සිදු කළ පහරදීම සහ ඒ පිළිබඳව යුක්තිය ඉටු කිරීම පිළිබඳව කිසි දෙයක් පැවසුවෙත් නෑ. අරගලකරුවන්ට පහරදෙන්න දේශපාලන නායකත්වය දුන්න අයව අත්අඩංගුවට ගැනීම පිළිබඳවවත් අවම වශයෙන් කතා කළේ නෑ. එතුමා ජාතිය අමතා කළ ප්‍රකාශය අසම්පූර්ණ විග්‍රහයක් හැටියටයි අපි දකින්නේ..අප්‍රේල් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක ධුරයට කෙනෙක් තෝරාගැනීමේ ඡන්ද විමසීම තිබුණා. අගමැතිවරයාමයි කාන්තාවක් මේ තනතුරට එන්න ඕනෑ කියන එක ප්‍රකාශ කළේ. ඔහුත් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට නියෝජ්‍ය කතානායක ධුරයට පත්වෙන්න සහයෝගය ලබා දුන්නා. නමුත් ඔහුට නොහැකි වුණා ඔහුගේ රජයේ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම ඒ සඳහා එකඟ කරගන්න. ඒ මන්ත්‍රී කණ්ඩායම වෙනත් මන්ත්‍රීවරයෙක්ව යෝජනා කරලා ඒ සඳහා ඡන්දය ලබා දුන්නා. අවසානයේදී රෝහිණී මන්ත්‍රීතුමියට ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රනිල් වික්රමසිංහ මහතා පමණයි. බැසිල් රාජපක්ෂ මහතා වෙන පැත්තකට මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවූවා කියලා අපට පැහැදිලිව පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් මේ ආණ්ඩුව සමග වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. මක්නිසාද කියනවා නම් ඔහුගේ පළමු වෑයමම අසාර්ථක වෙලා තිබෙනවා. රනිල් වික්රමසිංහ මහතා රාජපක්ෂවරුන්ගේ රූකඩයක් බවට පත්වෙලා කියන එක තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅලුත් රටක යුද සැමරුම්වලට තිත තැබිය යුතුය.Next articleගෝඨාට පළියට අපිත් නැසෙමුද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මහින්දගේ තවත් බොරු හෙළිවෙයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහින්දගේ තවත් බොරු හෙළිවෙයි.By සංස්කාරක.December 9, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මහින්ද රාජපක්ෂ නීතිවිරෝධීව රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් දෙසැම්බර් 02 දිනයේ ප්‍රකාශයක් සිදුකර තිබුණි. තමන් අධිකරණ කටයුතුවලට බාධා නොකරන බව කියමින් ප්‍රකාශය ආරම්භ කළත්, ඔහුගේ අදහස් දැක්වීම සූදානම් කර තිබුණේම ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යනුකූල බව පෙන්වීම සඳහාය. ව්‍යවස්ථාවේ කොටස් කිහිපයක් පමණක් උපුටා දක්වමින් ඔහුගේ අදහස් දැක්වීම සිදුකර තිබුණේ මහජන මතයට බලපෑම් කිරීම වෙනුවෙන්ය. කෙසේ වෙතත් ඔහුගේ අදහස් දැක්වීමෙහි තිබුණු ඇතැම් කොටස් පැහැදිලිවම සාවද්‍ය කාරණාය. පහතින් උපුටා දක්වා ඇත්තේ එම සාවද්‍ය කොටස් කිහිපයකි..‘ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ. ඒ වගේ රටවල පවා සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයන්ට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින්න පුළුවන් බව. 1975 දී ඕස්ටේ්‍රලියාවේ ආණ්ඩුකාරවරයා තම තනි අභිමතය අනුව අගමැතිව ධුරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැඳෙව්වා..1970දී ඉන්දියානු පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණු විපක්ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී. ගිරි පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. 1979 දී සංජීව් රෙඞ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇතිවුණ අරාජිකත්වය හේතුවෙන් තම තක්සේරුව අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. එහෙම වුණේ නාමමාත්‍රික රාජ්‍ය නායකයෝ ඉන්න රටවල.”.ඔහු ඒ ආකාරයෙන් ලෝක ඉතිහාසයේ සිදුව තිබෙන සිදුවීම් කිහිපයක් උපුටා දැක්වූවේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දී ඇත්තේ එම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වූ කරුණු සාවද්‍ය බවය..“වෙනත් රටවල අගමැතිවරයාගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියායැයි කියන අවස්ථා පිළිබඳව රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. මුලින්ම කියන්න ඕනෑ ඒ එක රටකවත් ව්‍යවස්ථා විධිවිධානයන් අපේ රටට බලපාන්නේ නැහැ. මොකද අපේ රටේ තියෙන්නේ සම්පූර්ණ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තු ක්‍රමයක් නෙවෙයි. අපේ රටේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ක්‍රමයේ දෙමුහුමක් තියෙන්නේ. 19 වැනි සංශෝධනයෙන් පස්සේ ඒ ක්‍රමය ටිකක් පාර්ලිමේන්තු ක්‍රමයට බරවීගෙන යන බව ඇත්ත. නමුත් මූලික වශයෙන් කීවොත් දෙමුහුන් ක්‍රමයක් තමයි තියෙන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසුරුවාහැරීම පිළිබඳව පැහැදිලි සහ ප්‍රකාශිත විධිවිධාන තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තමන්ගේ කැමැත්ත අනුව විසුරුවාහැරීමට කලින් තිබුණු අසීමිත ඉඩකඩ හොඳටම අඩුවෙලා තියෙනවා..රාජපක්ෂ මහතා කියනවා එංගලන්තයේ පාර්ලිමේන්තුව රජතුමාගේ අභිලාෂය අනුව විසුරුවාහරින්න පුළුවන් බව. 1784 සහ 1834 පාර්ලිමේන්තුව එකල හිටියේ රජු විසින් අගමැතිගේ උපදෙස් නැතිව විසිරවූ බව ඔහු කියා තිබුණා. අවසන් වරට එහෙම සිදුවීමක් වෙලා අවුරුදු 184ක් ගතවෙලා තියෙනවා. මේ අවුරුදු 184 තුළ කිසිම අවස්ථාවක රජු හෝ රැජිණ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැතිවරයාගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැහැ..තවත් වැදගත් කාරණයක් තියෙනවා. එතුමා සහ එතුමාගේ උපදේශකයන් දන්නේ නැතිව ඇති, මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා, එනම් 2011දී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනාවා. ‘ස්ථිර වාරයක් තිබෙන පාර්ලිමේන්තුව පිළිබඳ පනත’ කියලා. එය සම්මත වීමෙන් පසුව, දැන් බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ වසර පහක ධුර කාලයට කලින් අගමැතිවරයාගේ උපදෙස් පිට වුණත් විසුරුවා හරින්න බැහැ. ඒ අවුරුදු පහ තුළ තුනෙන් දෙකකින් ඉල්ලීමක් කළොත් පමණක් විසුරුවාහරින්න පුළුවන්. එහෙම නැතිව විසුරුවා හරින්න එක අවස්ථාවයි තියෙන්නේ. එනම්, විශ්වාසභංගයක් සම්මත කරගෙන දින 14ක් ඇතුළත වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇති බව පෙන්වන්නට බැරිවුණොත් පාර්ලිමේන්තුව විසුරුවාහරින්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසභංගයක් සම්මත වූ පළියටවත් විසුරුවාහරින්න බැහැ. ඉතාම පැහැදිලියි..අනෙක, බි්‍රතාන්‍යයේ ලිඛිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැහැ. සම්ප්‍රදාය අනුවයි කටයුතු කරන්නේ. එහෙත් එහේ පවා පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති බලය සීමා කරන පනතක් සම්මත වී තිබෙනවා..මහින්ද රාජපක්ෂ මහතා කීවා ඕස්ටේ්‍රලියාවේ 1975 අගමැතිවරයාගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව. ඕස්ටේ්‍රලියානු ව්‍යවස්ථාවේ 57 වැනි වගන්තියේ කියනවා යම්කිසි විසර්ජන පනතක් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වෙලා පිට පිට දෙවතාවක් සෙනෙට් මණ්ඩලයෙන් සම්මත නොවුණොත් අග්‍රාණ්ඩුකාරවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න පුළුවන් කියලා. එහෙත් එසේ කළ හැක්කේද සම්ප්‍රදාය අනුව අගමැතිවරයාගේ උපදෙස් මත පමණයි. 1975දී ජෝර්ජ් විට්ලම් කියන අගමැතිවරයා හිටියේ. දෙවතාවක් විසර්ජන පනත් දෙකක් සම්මත නොවුණත් විසුරුවාහරින්නට ඔහු උපදෙස් දුන්නේ නැහැ. මේ තත්ත්වය නිසා මුදල් පරිහරණය සම්බන්ධයෙනුත් විශාල අර්බුදයක් ඇතිවුණා. ඒ වෙලාවේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් උපදෙස් ඉල්ලුවා. අගවිනිසුරුවරයා කිව්වා මේ විශේෂ අවස්ථාවේදී විතරක් අගමැතිවරයාව මාරු කරන්න බලය ලැබෙන බව. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බලය දුන්නේ නැහැ. කොහොම වුණත් ඒ වෙලාවෙ විපක්ෂ නායක විදියට හිටපු මැල්කම් ෆ්‍රේසර්ට අගමැති ධුරය බාරගන්නැයි අග්‍රාණ්ඩුකාරවරයා ආරාධනා කළා. නමුත් කොන්දේසි දෙකක් මතයි ඒක කළේ. එකක් තමයි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය බහුතරය පාවිච්චි කරලා අර මුදල් පනත් දෙක සම්මත කරන්න ඕනෑ කියන එක. අනෙක තමයි පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට උපදෙස් දෙන්න ඕනෑ කියන එක. ඒ අනුව මැල්කම් ෆ්‍රේසර් අගමැතිවරයා විදියට පත්වෙලා, උපදෙස් දුන්නාට පසුවයි 1975 දී පාර්ලිමේන්තුව විසුරුවාහැරියේ..තවත් ප්‍රකාශයක් තමයි ඉන්දියානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු විසින් 1970 දී හා 1979 දී පාර්ලිමේන්තුව අගමැතිවරයාගේ උපදෙස් නැතිව විසුරුවා හැරපු බව. ඒකත් වැරදි ප්‍රකාශයක්..වී.වී. ගිරි කියන ජනාධිපතිවරයා විසින් 1970 දී ලෝක් සභාව විසුරුවා හැරියා. ඒක ඇත්ත. එහෙත් අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ උපදෙස් පිට. ඊට අමතරව කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. හේතුව වුණේ කොංග්‍රස් පක්ෂය දෙකඩ වී තිබීම. කොංග්‍රස් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බවට පත්වුණා. එසේ වුවත් වැදගත් කාරණය තමයි, ඉන්දිරා ගාන්ධි පාර්ලිමේන්තුවේදී පරාජය වී නොතිබීම. ඒ අනුව පාර්ලිමේන්තුවේදී පරාජය නොවූ අග්‍රාමාත්‍යවරියක් තමයි උපදෙස් ලබා දුන්නේ..1979 දී අග්‍රාමාත්‍ය ශරන් සිං විසින් උපදෙස් ලබාදුන්නා ජනාධිපති සංජේ රෙඞ්ඩිට පාර්ලිමේන්තුව විසුරුවන ලෙස. එතකොට පාර්ලිමේන්තුව කල් දාලා තිබුණේ. එසේ තිබියදී තමයි විසුරුවා හැරියේ..කොහොම වුණත් ඒවා වෙනත් රටවල සිද්ධවුණ දේවල්. මම කිව්වා වගේ අපේ තත්ත්වය වෙනස්. අපේ තියෙන්නේ දෙමුහුන් තත්ත්වයක්. මම කලින් කීවා වගේ විසුරුවා හැරීමේ බලතල ඉතාමත් පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ නිසා අනෙක් රටවල සිදුවීම් අපට අදාළ වෙන්නේ නැහැ. කොහොම වුණත් අනෙක් රටවල් ගැන රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරපු ප්‍රකාශ සාවද්‍යයි.”.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් මෙවැනි අදහස් දැක්වීම් සිදු කරන්නේ බලයේ තව මොහොතක් හෝ රැඳී සිටීමේ වුවමනාව නිසා බව පැහැදිලිය. කෙසේ වුව ලෝකයේ සම්ප්‍රදායන් පිළිබඳව විකෘති අදහස් දක්වමින්, මෙවැනි අවස්ථාවකට එවැනි අදහස් ගළපමින් ඔහු ගන්නා උත්සාහයන් බුද්ධිමත් පුරවැසියන් සිටින තාක් කල් අසාර්ථක උත්සාහයන් බවට පත්වන බව මේ වෙද්දී පැහැදිලිවම පසක් වෙමින් තිබෙන්නේය.■.■ අනුරංග ජයසිංහ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමේක මනස්ගාත කුමන්ත්‍රණයක්.Next articleඅධිකරණය වෙත ගෞරවයෙනි නසා ගැනීම මොනවා කිව්වත්...- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
පානම මිනිසුන්ට ඉඩම් ටිකවත් දෙන්න බැරිවුණ යහපාලනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පානම මිනිසුන්ට ඉඩම් ටිකවත් දෙන්න බැරිවුණ යහපාලනය.By සංස්කාරක.June 10, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කේ. සංජීව.මම නැවතත් පානම ගියෙමි. මේක ඉවරයක් නැති ගමනක් බව මට දැන් වැටහී ගොඩක් කල් ය. එහෙත් මම පානමට, පානම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරමි. එනිසා මොනරාගල පැත්තට හිස හැරුණු විටෙක බොහෝවිට ගමනේ කෙළෙවර පානම වන්නට ඉඩ තිබෙන බව කිව යුතුය..මුලින්ම පානම ගැන ආසාව හිත අස්සට පැන්නේ වැවක් පිළිසකර කරමින් සිටි යාළුවෙක් හමුවෙන්න කෝමාරියෙන් හැරී සෝමකුලමට ගොස් ආපසු එන ඇසිල්ලක පොතුවිල්වලින් මොනරාගලට හැරෙන්නේ නැතුව පානමටම කැබ් එකේ ගිය නිසාය. කොළට කොළේ කුඹුරුද, නිලට නිලේ නිල් මුහුදද, කඩොල් කැලෑ කැටිතිද, ශුෂ්ක බිම්ද, වල් වූ කුඹුරු සරන ගව සමුහයාද, සිංහල දෙමළ මිශ‍්‍ර මිනිස් කැලද මගේ පානම පේ‍්‍රමයට ඉන්ධන සම්පාදනය කළේය. ඉන්පසු මා නිතර නිතර පානම ගියේ රස්සාවටය. හැබැයි හිත යට පේ‍්‍රමය ඒ දුෂ්කර ගමනට නිබඳවම ශක්තිය දුන්නේය. රාජකාරියට (පත්තර වාර්තාකරණයට) මම මුලින්ම පානම යන්නේ 2013 තරම් ඈතකදීය. ඒ යුගය රාජපක්ෂ මාරයා හැමතැනම සැරිසැරූ යුගය විය. ඉතිං මම එකල පානම ගියේ රාජපක්ෂ මාර සේනාව පානම මිනිසුන් මුහුදට විසිකර ඉඩම් අත්පත් කරගැනීමේ කතාව ලියන්නය. යුද්ධය අවසන් කර ඒ රස්නයෙන් සුද්ධය දෙන අවධිය ගැන, එවැනි මහා සුද්ධයක් ගැන කරුණු ලියන්නය. කරුමය වන්නේ මම අද ද එහි යන්නේ ඒ සුද්ධය නිසා නිපන් ගැටලූ ගැනම ලියන්න වීමය. ඒ ගැටලූ රාජපක්ෂවරුන් නැති පාලනයකදී ද විසදී නැති බව කියන්නටය. 2013දී එහි යනවිට මාරයා අරගෙන යාවිදැයි යන බය තිබුණි. දැන් එහෙම බයක් නැත. එහෙත් මෙවර පානම යනවිට මියගියායැයි අප සිතමින් සිටි රාජපක්ෂ අවතාර නැවත හිස ඔසවා විකාරරූපි නර්තනයක නිරතවීම ජනාධිපති සිරිසේන කෙරෙහි කෝපයද අපම කෙරෙහි ලැජ්ජාවද උපදවන බව කිවයුතුය..පානම ජනාවාස වන්නේ 1818 කැරැුල්ල නිසාය. කැරැුල්ලෙන් පසුව සුද්දාගෙන් බේරෙන්න කැලේ පැනපු නුවරුන්ගෙන් වෙල්ලස්සේ මිනිස්සුන්ගෙන් පානම ජනාවාස වීම පානම අතීතයයි. ඉන්පසුව නැගෙනහිර විසු දෙමළුන් සමග ලෙයින් බද්ධවීම නිසා මේ මිනිස්සු තවත් ලස්සනය. ඔවුන්ගේ නම්ද ගම්ද කතා විලාසයද අමුතු පැහැයකින් වර්ණිතය. පානම යනු මුහුද අයිනේ වුවත් ලූණු රස නැති වතුර තිබෙන සශ‍්‍රික තැනි බිමක් ය. ගම වටකර එක පැත්තකින් වෙල් යායද නිල් මුහුදද තවත් පැත්තකින් මහා කැලයද තවත් පැත්තකින් කඩොල්වලින් සුසැදි පානම කළපුවද පානම ගම තවත් ලස්සන කරයි. මේ ලස්සන ගම යුද්ධය අවධියේද ස්වපාලනයකින්ම වගේ නඩත්තු විය. ගමේ එකුදු හමුදා කදවුරක් හෝ නොවීය. එහෙත් හතරවට මහා කැලයේ එල්ටීටීඊ සෙබළ සමූහයා නම් නම් ඕසේට කඳවුරු බිම් තනාගෙන විසුවෝය. එහෙත් යුද්ධය ඉවරවී පැමිණි සාමය මේ සුන්දර ගම වටා හතු පිපෙන්නා සේ කඳවුරුද මුර කපොලූද ඉදිකළේය. අවසන උසස් හමුදා නිලධාරීන්ට සැප ගන්නට කළපුවද, මේ දුප්පතුන්ගේ වගා බිම්ද, අත්පත් කරගෙන ඒ හමුදාවම හයිබි‍්‍රඞ් කඳවුරු හෝටල් සංකීර්ණ ගොඩනැගුවේය. එවැනි කතා පොකුරක් පානමට ඇත. අප මේ කතාකරන්නට යන කතාව එක කතාවක් පමණය..පානම ඉඩම් අරගලයේ අතීතය.ඒ මැදියම් රාත‍්‍රියේ මුහුද කෑගහන ඇසිල්ලක ඒ ඉතිහාසගත ප‍්‍රහාරය පානම පීනට් ෆාම් වගා බිමට ඇතුළුවූ කළු ඇඳ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කල්ලියක් විසින් සිදුකරනු ලැබිණි. දිනය 2010 ජූලි 17 වැනි දාය. ගම්මුන් කියන්නේ මේ කල්ලිය එස්ටීඑෆ් සෙබළුන් බවය. එකල ආරක්ෂක ලේකම් තනතුරේ වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂය. ඉතිං එකල තිබුණේ හමුදාවට පොලීසියට සින්නක්කර ලියා දී තිබුණු රටක් ය. කරුමය අපි කැසකවන්නේ ඉදිරියටත් එවැනි පාලනයක් ගෙන්නා ගැනීමට වීමය. ගෝටා මතකයට ආ විගස කතාව කැලේ ගියේය. ඒ ගෝටා -භය නිසා වන්නට පුළුවන්ය. මෙලෙස ෆිනට් ෆාම් ගම්මානයට කඩාවැදුණු කළු ඇඳ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කල්ලිය, ප‍්‍රහාරයක් එල්ල කර, ගෙවල් ගිනිතබා, නිවැසියන් කැලෑවට පන්නා දැමුවේය. එදිනට පසුව යහපාලනය පැමිණෙන තුරු නැවත ඒ මිනිසුන්ට තමන්ගේ ඒ ඉඩමට එන්නට ඉඩ නොලැබිණි..මේ මිනිස්සු 2010 ජූලි 18 වැනිදා සිට මේ අවනඩුව කියන්නට යායුතු හැමතැනටම ගියෝය. එහෙත් කිසිදු නීතියක් ක‍්‍රියාත්මක නොවුණි. ක‍්‍රියාත්මක වුණේ ගෝටාස් ලෝ විතරය. මෙලෙස නීතියේ සරණ සොයාගෙන ගිය මේ මිනිසුන්ට එකල සිදුවූයේ අත්අඩංගුවට පත්වන්නටය. නැතිනම් නඩුත් දමාගෙන ජීවිත තර්ජනත් අරං ගෙදර එන්නටය. අන්තිමට රාජපක්ෂවරුන්ගේ මරුවා සමග වාසය මොඩලයේ පාලනය තුළ හමුදාව යටතට පත්වූ පානම පාරම්පරික වගා ඉඩම් ප‍්‍රමාණය මෙලෙසින් දැක්විය හැකිය. රාගම්වෙල (පීනට් ෆාම් ඇතුළුව* අක්කර 264, ශාස්ත‍්‍රවෙල අක්කර 115, උල්පස්ස අක්කර 800ක්ය. මෙම ඉඩම් තුළ මේ අත්පත් කරගැනීමෙන් පසුව සිදුවූවේ කුමක් ද? ගිනිකොණ දිග නාවික විධානය නම් විශාල නාවික කඳවුරු බිමද එයටම මූට්ටු කළ පානම ලැගුන් හෝටලයද මුලින්ම ඉදිවූ අතර ඉන්පසුව යුද, ගුවන්, එස්ටීඑෆ් ඉදිකිරීම් සිදුවිණි. මේ පානම පාරම්පරික වගාබිම් ඒ මිනිස්සුන්ගෙන් අහිමි කිරීමේ මෙන්ම එම ඉඩම් නැවත ලබාගැනීමේ අරගලයේ ඉතිහාසයයි. පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන එම තරගයෙන් ජයග‍්‍රහණය කරවා ඔහු ජනපති පුටුවේ හිඳවීමට මෙම ගොවි අරගලයද සෑහෙන්න හේතුවක් වූවාට සැක නැත. එයට හේතුව විශාල ගොවි ජනතාවක්ද සිවිල් ක‍්‍රියාකාරිකයන් විශාල ප‍්‍රමාණයක්ද මේ ඉඩම් නිදහස් කරගැනීමේ අරගලය වටා එකතුවීම ය. මෙහිදී අරගලයේ කේන්ද්‍රය ලෙස ක‍්‍රියාත්මක වෙමින් පානම පත්තුව සුරැුකීමේ සංවිධානය සුවිශාල කාර්යභාරයක් සිදුකළ බවද කිව යුතුය..දැන් තත්ත්වය කුමක්ද?.මෛත‍්‍රී පාලනයක් පැමිණි විගස පානම සංචාරය කරන එජාපයේ නැගෙනහිර බලවතා වන දයා ගමගේ කියන්නේ ඉතාමත් ඉක්මණින් මේ ඉඩම් ජනතාව වෙත නැවත නිදහස් කිරීමට ඔහු වගබලාගන්නා බවය. ඔහුගේ මේ උජාරු ප‍්‍රකාශයද ඒ සංචාරයේ රූප සටහන්ද සමාජ මාධ්‍යයේ හොඳ පුවතක් ලෙස ඉහළ ජනප‍්‍රියතාවක්ද එකල අත්කරගත්තේය. යහපාලන දින 100 අස්සේ ටක්කෙටම මේ ගැටලූව විසඳෙයි කියා එකල අපි සිතුවෙමු. අන්තිමට කැබිනට්ටුවද තීරණය කළේ මේ ඉඩම් වහාම අදාළ ජනතාවට නිදහස් කළයුතු බවය. ඒ හමුදා ඉදිකිරීම් සහිත භූමින් හමුදාවටම තබා ඉතිරිය බෙදා දෙන පදනමින්ය. පානම අරගලයට එකතුවුවෝද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය අගය කරන මිනිස්සුද ඒ අතර වූහ. එහෙත් කාලය ගතවිය. කැබිනට් තීරණය කැබිනට්ටුවට දමා ඉබියතුරු ලා එය දයාගමගේගේ ව්‍යාපාරික ලෝකය තුළ අතුරුදන් කරැුත. එහෙත් දැන් පීනට් ෆාම් කොටසේ අක්කර 65කට ආසන්න බිමක නිදහසේ ඇවිදිය හැකිය. අහෝ යහපාලනයක් දුන් නිදහසක් කියා දැන් පානම ජනතාව මේ ඉඩම් කොටසේ තාවකාලික කුඩාරම් අටවාගෙන පොඩිපොඩි වගාවන් කරමින් සිටිති. ඔවුන් මේ බිමේ විහාරයක් හදන්නට වූ විට ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් වහාම මැදිහත්වී එය වළකා ඇත..දැන් තත්ත්වය ගැන පුංචිරාළ සෝමසිරි කියන්නේ මෙවැනි කතාවක් ය..‘කැබිනට් තීරණයත් ක‍්‍රියාත්මක කරන්නේ නැහැ කියලා දැනගත්ත ගමන් අපි මෙතැනට ඇවිත් බලෙන් පදිංචි වුණා. දැන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා මෙහෙම වාඩි ගහගෙන පදිංචි වෙලා. දැන් පවුල් 26ක් විතර තමයි මෙතැන ඉන්නේ. අපි අක්කරය ගානේ විතර කොටුකරගෙන දැන් කව්පි මුං මෑ වගේ බෝග මේ කන්නයට හිටවලා තියෙනවා. දැන් අපි කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරගන්න නඩුවක් දාලා තියෙන්නේ. මේ යන විදිහට මොන දෙයක්වත් ෂුවර් නැහැ. හැබැයි අපි මේක අතැරලා යන්නෙත් නැහැ. රජය අපෙන් බලෙන් ගත්ත ඉඩම් තව කොච්චර තියෙනවද, ඒ සේරම අපිට වගාවට නිදහස් කරනකම් අපි පානම සුරැුකීමේ සංවිධානය මේ අරගලය අතාරින්නෙ නැහැ.’.සෝමසිරිලා තවමත් ශක්තිමත්ය. එහෙත් ඔවුන්ද පසු ගිය පළාත් පාලන ඡුන්දයේදී ඇමති දයා ගමගේගේ ගැටයට හසුවී එජාප ලාහුගල ලිස්ටෙකට වැටෙනවිට අප සිතුවේ පානම අරගලය එතැනින් ඉවරයි කියා ය. මේ කතාබහෙන් පෙනෙන්නේ එය එසේ නොවන බවය. කොහොම වුණත් සෝමසිරිලා තවතවත් පරිණත මෙන්ම ශක්තිවන්තයන් විය යුතුය. ඒ මන්ද මේ භූමිය ඩැහැගත්ත කැණහිලූන්ම හෙට දවසේ මේ බිමේ පාලකයන් වියහැකි බැවින්ය..‘අපි ඇත්තටම හිතුවේ ඡුන්දය ඉල්ලලා මේ ප‍්‍රශ්නයට ඒකෙන් විසඳුමක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි මේ වෙනකොට එතනින් සම්පූර්ණයෙන්ම අයින්වෙලා තමයි ඉන්නේ. කොහොමත් දැන් ලාහුගල ප‍්‍රාදේශීය සභාව පිහිටුවලා තියෙන්නේ පොහොට්ටුව ඒ ආසන 7කින්. විපක්ෂයේ ඉන්න එජාපයට ආසන 5ක් සහ ශ‍්‍රීලනිපයට ආසන 5ක් ජේවීපී එකට එක ආසනයක් තියෙනවා. දැන් විපක්ෂය තමයි වැඩි. ඉතිං දැන් ලාහුගල ප‍්‍රාදේශීය සභාව අකර්මන්‍යයි.” මේ ලංකාවේ දේශපාලනයේ හැටිය. දයා ගමගේ මේ මිනිසුන්ගේ අරගලය කුඩුපට්ටම් කර දැමුවා මදිවාට ඔවුන්ට දේශපාලන සිහිනයක් ලබා දී අරගලය මේ බිමෙන් අතුගා දමන්නටද පිඹුරු පත් සකස් කළේ එසේය. මේ මිනිස්සුන්ගේ මොකක් හෝ වාසනාවකට අද පොහොට්ටුව ප‍්‍රාදේශීය සභාව පිහිටුවා ඇත. එය එසේ නොවුණා නම් සමහර විට මේ වනවිට පීනට් ෆාම් ඉඩම් කොටසේත් හෝටල සංකීර්ණයකට අත්තිවාරම වැටී තිබෙන්නට පුළුවන්කම තිබුණි..මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යයකට තිබෙන බිය.‘මෙහෙමයි, පොතුවිල් ඉඳලා ගත්තොත් පානමට යනකම් දැනට ඉතුරුවෙලා තිබෙන සංචාරක කර්මාන්තයට හොඳම වෙරළ අයිනේ බිම තමයි මේක. මම පුද්ගලිකව හිතනවා මේක මේ මිනිස්සුන්ට කොටස්කරලා දුන්නොත් අනිවාර්යෙන් මුස්ලිම් වෙළෙන්දෝ අතට යනවා කියලා. දැන් බලන්න ආරුගම්බේ මුහුදු වෙරළ ගත්තොත් සේරම මුස්ලිම් මිනිස්සු අල්ලලා ඉවරයි. සර්ෆින්වලට ලංකාවේ තියෙන හොඳම වෙරළ මේක. දැන් පානම බහුතරය සිංහල. හැබැයි මේක මේ මිනිස්සුන්ට දුන්නොත් මේ ටිකත් මුස්ලිම් මිනිහාට යනවා අනිවාර්යෙන්. ඇත්තටම දයා ගමගේ ඇමතිතුමා එහෙම වැරදියි. එයාලා තමයි මේ මිනිස්සු කුලප්පු කළේ. දැන් එයාලාටත් මේකේ රහ වැටිලා. දැන් ඉතිං අවුලක්. මේ ඉඩම් ගැන නඩු තීන්දුවක් තිබෙනවා. හැබැයි ඒකට වැඩිය කැබිනට් තීරණය ප‍්‍රබලයි. අපි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මේ කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරන්න යනකොට දයා ගමගේ මහත්තයා කියනවා මේ ප‍්‍රදේශය සංචාරක කර්මාන්තය මගින් දියුණු කරන්න සැලැස්මක් රජයට තිබෙනවා කියලා. ඔන්න ඕකයි තත්ත්වය.” මෙලෙස අදහස් දක්වන්නේ අම්පාර දිසාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ය. ඔහුගේ හඬට අනුව මේ ඉඩම් නැවත මේ මුල් පදිංචිකරුවන්ට නිදහස් කිරීම සිරවී ඇත්තේ කොතැනද යන්න සිතාගැනීම අමාරු නැත..දැන් මේ ඉඩම් සම්බන්ධයෙන් රජයට හෝ ආණ්ඩුවට තිබෙන්නේ වෙළෙඳාම පිළිබඳ ප‍්‍රශ්නයක් ය. මේ ඉඩම පිටරටකට හෝටලයක් ඉදිකරන්නට ලබාදී කොමිස් මුදලක් ලබාගැනීමේ ප‍්‍රශ්නයක් මේ අර්බුදයේ කෙළවර තිබෙන්නට පුළුවන්ය. රටේ අනාගතයට හෝ සංචාරක කර්මාන්තයට හෝ පොදුවේ සෙතක් වෙන යෝජනාවක් වේ නම් මේ ලියුම්කරුට එයට විරුද්ධ වීමේ හැකියාවක් නැත. එහෙත් මෙතැන පැහැදිලි ලෙසම දුවන්නේ පුද්ගලික වෙළෙඳ න්‍යාය පත‍්‍රයක්ය. ලොකු වෙළෙන්දෙක් කූට උපක‍්‍රමයක් මගින් තමන්ගේ දේශපාලන බලය අවභාවිතකර ඉතා වටිනා ඉඩමක් සන්තක කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් ය. රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයේම එක් අංගයක් ලෙස මේ ඉඩම ලබාගැනීමට රජය අදහස් කරන්නේ නම් දැන් ඔවුන්ට තිබෙන්නේ නීත්‍යනුකුලව මේ මිනිසුන්ගේ ඉඩම් අයිතිය පිළිගෙන ඔප්පු ලබාදී ඉන්පසුව ඔවුන්ගේ කැමැත්ත මත ඊළග පියවරවලට යෑමය. එහෙත් මෙතැන තිබෙන්නේ කූට අරමුණක් නිසා මේ කිසිදෙයක් සිද්ධවෙන්නේ නැත. බලහත්කාරයම පමණක් ක‍්‍රියාවේ යොදවමින් මේ ආණ්ඩුවද මේ නටන්නේ රාජපක්ෂ සෙල්ලමම බව එනිසා පැහැදිලිය. අවසානයේ කිවයුතු වන්නේ රාජපක්ෂ රෙජීමය යටතේ සිදුවූ බරපතළ වැරදි නිවැරදි කරම් යැයි හත්පොලේ දිව්රා ජනපති පුටුවට පැනගත් මෛත‍්‍රී මහත්තයා ද දැන් සිටින්නේ කොලය ඉරාගෙන හොදි ඇගේ හලාගෙන බවය. මෛත‍්‍රී මහත්තයාට උවමනාවක් හෝ අභිලාෂයක් හෝ තිබෙන්නේ නම් මේ ෆිනට් ෆාම් ඉඩම් මිනිස්සුන්ට ලබාදීම සඳහා තමන්ගේ කැබිනට්ටුව ගත් තීරණය පැය 24න් ක‍්‍රියාත්මක කළ හැකිය. එහෙත් එසේ නොවන්නේ අප පත්කරගත් ජනපතිට එදා ඔහුම වේදිකාවක් වේදිකාවක් ගානේ මොරදුන් සටන් පාඨ සහ පොරොන්දු පිළිබඳව කිසිදු දැනීමක් හෝ ඒවා ඉටුකිරීමේ හෝ අභිලාෂයක් නොමැති නිසාය..ධීවර සමිතියේ නිමාඩු නිකේතනයටත් සීල්.‘අපිට ඉඩම් දෙනවා තියා අපේ ධීවර සමිති දෙකෙන් පාලනය කරපු පානම කළපු මෝයේ තිබුණු නිවාඩු නිකේතන දෙකට මේ ළඟදී ප‍්‍රාදේශීය ලේකම් සහ ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ කියන කෙනෙක් ඇවිත් සීල් තියලා ගියා. පානම අබේසිංහපුර ධීවර සමිතියෙන් සහ පානම කළපු ධීවර කළමනාකරණ කමිටුවෙන් තමයි මේ නිවාඩු නිකේතන දෙක පාලනය කරේ. මේකෙන් එන මුදල්වලින් ධීවර සමිතියේ සාමාජිකයන්ගේ පවුල්වල සුභසාධනය තමයි කළේ. ’ මේ හඬද පුංචිරාළ සෝමසිරිගේය. ඔවුන් කියන්නේ පවුල් 500කට ආසන්න පානම සුළුපන්න ධීවරයන් මේ ක‍්‍රියාව සමග ආණ්ඩුව පිළිබඳව දැඩි අප‍්‍රසාදයකින් පසුවෙන බවය. මේ සීල් කිරීමේ ඇතුළත කතාව කියන්නේද ධීවරයන්ගේ බිස්නස් එක ධීවර අමාත්‍යාංශය සන්තක කරගන්නට යනවා කියන එකය. එයින් නැවතත් ඔප්පුවෙන්නේ මේ පානම වෙරළ තීරයට තිබෙන අසීමිත වාණිජ වටිනාකම් හමුවේ මේ මිනිසුන්ගේ දුක්ඛිත ජීවිත පවා නොසලකා කටයුතු කිරීමට යහපාලකයන්ද සූදානම් බවය. මේ නිසා අපට අවසන කියන්නට වෙන්නේ යහපාලකයන්ද වයන්නේ රාජපක්ෂ සිංදුවම බවය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅමෙරිකාවත් නොහොඳ කරගෙන රුසියානු පරිගණක අපරාධකරු පෙට්ටියක බහා රටින් පැන්නූ හැටි.Next articleජනපති විවේචනය කළාට ටීඑන්එල් වෙත මර්දනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
රෑට ගෙදර ඉන්න කැමතියි ඒත් ඉතිං වෙලාවක් නෑ – පාන්දර එකේ හිටං අනුන්ට මාළු කවන මිනිස්සු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රෑට ගෙදර ඉන්න කැමතියි ඒත් ඉතිං වෙලාවක් නෑ – පාන්දර එකේ හිටං අනුන්ට මාළු කවන මිනිස්සු.By සංස්කාරක.May 5, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ජීවත් වීම උදෙසා අපි විවිධ රැකියා කරමු. ඒ අතරින් බොහෝ දෙනෙකු කරන්නේ අටයි-පහේ රැකියාය. නැගෙනහිරින් ඉර පායනවාත් සමග රැකියාවට යන අය බටහිරින් ඉර බැස යන විට වෙහෙසකර දවස අවසානේ නිවෙස්වලට ළඟා වෙති. පසුදා ඉර උදාවන තුරු නිදා ගනිති. රාත්‍රියට අවදිව සිටින්නෝ නිශාචරයෝය. මිනිස් සිරුර පරිණාමය වී තිබෙන්නේම රාත්‍රී නින්දකින් පසු උදෑසන අවදි වීමටය. ඒ නිසා රාත්‍රියේ අවදියෙන් සිට දහවලේ කොතරම් නිදා ගත්තත් මිනිස් සිරුරට යා දෙන්නේ නැත. නින්ද නැතිකම ලෙඩ රෝගවලට හේතු වන බව වෛද්‍යවරුන් කියන්නේ ඒ නිසාය..සමහර විට ඇතැම් රස්සාවල සේවා මුර සැකසී තිබෙන්නේ අටයි-පහට නොවේ. සාමාන්‍ය ක්‍රමයට පරිබාහිරවය. එසේ වන නමුත් මිනිස්සු ඒ රස්සාවල් කරති..පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු වෙළෙන්දන් හා සේවකයන් කරන්නේත් අටයි පහේ රැකියාවක් නොවේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළ පටන් ගන්නේ අලුයම 1 ටය. පන්දර 1 වන විට මාළු කඩ අයත් මුදලාලිලාත්, කඩවල වැඩ කරන ගෝලයෝත් මාළු වෙළඳපොළට එන්නට පටන් ගනිති. ලංකාවේ සතර දිග්භාගයෙන්ම මාළු රැගෙන ලොරි පෑලියගොඩට එන්නට පටන් ගනිති. පාන්දර 4, 5, 6 වනවිට කොළඹ නගරය හා ආසන්න නගරවල මාළු ලෑලි අයිති කඩා පරිමාණ මුදලාලිලා, බයිසිකලේ හෝ යතුරු පැදියේ පෙට්ටියක් බැඳගෙන මාළු අලෙවි කරන මුදලාලිලා හා මාළු අපනයනය කරන මහා පරිමාණ මුදලාලිලා පෑලියගොඩ මාළු වෙළඳපොළට පැමිණෙන්නට පටන් ගනිති. සාමාන්‍ය පාරිභෝගිකයන් එන්නේ ඊටත් පස්සේය. ඉර උදා වී හෝරාවක්, දෙකක් ගත වන විට මාළු වෙළඳපොළේ වැඩ කටයුතුවලින් 90% ක් පමණ අහවරය..“එලාම් එක තියලා නිදාගෙන පාන්දර 1.00 ට නැගිටිනවා. දත් මැදලා මූණ හෝදලා මාර්කට් එකට යනකොට උදේ 1.30 විතර වෙනවා. මට කලින් අපේ බොස් එනවා. උදේම ලෑල්ලට වතුර ටිකක් දාලා හෝදලා, මාළු ටික කපනවා.” එසේ කියන්නේ අවුරුදු 34 ක් වයසැති, තිදරු පියෙකු වන, කොළඹ කොටහේනේ ඩික්සන්ය..‘කෙලවල්ලෝ මාළු විතරයි අපි විකුණන්නේ. දවසකට කිලෝ 500ක් විතර එනවා. කිලෝ 500 යි කියන්නේ ගොඩක් නෑ. මාළු කූරි 10 යි. අපෙන් මාළු ගන්නේ නුගේගොඩ, මහරගම, නාරාහේන්පිට වගේ ප්‍රදේශවල මුදලාලිලා. විකිණුණේ නැත්තං කොටහේන, මට්ටක්කුලිය, ඇළකන්ද, මීගොමුව පැත්තෙන් කට්ටිය ඇවිල්ලා කරෝල වේලන්න පරණ මාළු අරන් යනවා..ගෙදර එනකොට දවල් 10, 11 විතර වෙනවා. මාළු ටිකක් බිරිඳට දීලා, නාලා, කාලා හවස 4 විතර වෙනකම් නිදා ගන්නවා. නැගිටලා තොටළඟට ගිහිල්ලා බියර් එකක් ගෙනැල්ලා බීලා රැට කාලා පාන්දර 1 ට එලාම් එක තියලා ආයෙත් නිදා ගන්නවා.”.2010 සිට අවුරුදු 11 ක් තිස්සේ ඩික්සන්ගේ ජීවන චර්යාව මෙයාකාරය. නිවාඩුවක් ලැබුණේ නම් ලැබුණේ පෝය දවස හෝ සතියේ විශේෂ නිවාඩු දවසකය. ඩික්සන් කියන හැටියට එය ඒ හැටි කරදරයක්, මහන්සියක් නැති රැකියාවකි. පෑලියගොඩ මාළු වෙළඳපොළේ ගෝලයන්ට එසේ වුවත් කඩ අයිති මුදලාලිලාට ඒ තරම්වත් නිදහසක් ඇත්තේ නැත..“අවුරුදු 15 ක් තිස්සේ මම මේ රස්සාව කරනවා. දැන් නම් එලාම් ඕනෑ නෑ. පුරුද්දට වගේ පන්දර 1ට අවදි වෙනවා. මුදල් හම්බ කරන්න පුළුවන් වුණාට මේක අමාරු රස්සාවක්. හැමදාම පාන්දර 1ට අවදි වෙලා වැඩ කරලා බලන්න ඕනෑ මේකේ තියන අමාරුව.” ඒ මාළු කඩ හිමියෙකු වන ඇලෙක්ස්ගේ අදහස්ය..“අපෙන් මාළු ගන්න අයගෙන් අපට චෙක් තමයි හම්බ වෙන්නේ. දවල්ට ඒවා මාරු කරලා අපට මාළු එවන කෙනාට සල්ලි දාන්න ඕනෑ. බිල් ටික ලියලා ඒවා වට්ස්අප් කරලා යවන්න ඕනෑ. ඒවා සේරම කරලා ඉවර වෙනකොට හවස 3 පහු වෙනවා. ඊට පස්සේ තමයි අපි ඇඟ හෝදලා නිදා ගන්නේ..ගෙදර මෙකක් හරි විශේෂ වැඩක් වැටුණොත් ඒකට සහභාගි වෙන්නවත් අපට වෙලාවක් නෑ. හදිසිම වෙලාවක නම් අපිට මාළු එවන කට්ටියට කතා කරලා මාළු ගේන එක නවත්තන්න ඕනෑ. අපෙන් මාළු ගන්න එන අයට දැනුම් දෙන්න ඕනෑ. අපෙන් ගන්න ගාණට වෙන කඩේකින් මාළු ගන්න ඒ අයට ඉඩ කඩ හදලා දෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් අපිට මාළු සපයන අයත්, අපෙන් මාළු ගන්න අයත් අමාරුවේ වැටෙනවා..මගේ පවුලේ බිරිඳයි, මමයි, ගෑනු ළමයි තුන් දෙනයි ඉන්නේ. බිරඳ තමයි ළමයින්ගේ කටයුතු ඔක්කෝම බලන්නේ. බිරිඳගේ උදව්වට එයාගේ අම්මා ඉන්නවා. මම ගෙදර ඉන්න කැමතියි. ඒත් ඉන්න වෙලාවක් නෑ. අපේ ගෙදර කට්ටිය මේ රස්සාව කරනවාට ඒ තරම් කැමති නෑ. සාමාන්‍ය සමාජයේ අය අපට කියන්නේ මාළුකාරයා කියලා. ඉස්කෝලේ සමහර අය ළමයින්ට කියන්නේ මාළුකාරයාගේ දුව කියලා. ඒ නිසා ළමයි වුණත් මම මේ රස්සාව කරනවාට කැමති නෑ.”.පෑලියගොඩ මධ්‍යම මාළු වෙළඳපොළේ මාළු වෙළඳාම හොඳින් ඇඳ පැළඳගෙන, කාර්යාල කාමරයක් තුළ නිවී සැනසිල්ලේ කරන රස්සාවකට හාත්පසින්ම වෙනස්ය. එක පැත්තකින් මාළු මුදලාලිලාගේ කෑ ගෑමය. තවත් පැත්තකින් පාරිභෝගිකයන්ගේ හෙට්ටු කිරීමේ ඝෝසාවය. නිරන්තරයෙන් නැහයට දැනෙන්නේ පිලී ගඳය. බැලූ බැලූ අත කාණු දිගේ ගලා යන්නේ මාළුන්ගේ රුධිරයයි. පාන්දර හතරේ පමණ සිට කඩි ගුලක් මෙන් කලබලකාරීය. ඊයේ මුහුදේ සිටි මාළුවා අද මාළු කඩයේය. දහවල් වන විට කෑම පිඟානේය..“මෙතන මිනිස්සු උදේ පාන්දර නැගිටලා වෙළඳාම් කළේ නැත්තං, දවල් වෙන කොට කොළඹ හරි මේ අවට හරි කිසි කෙනෙක්ගේ පිඟානකට අලුත් මාළු කෑල්ලක් ලැබෙන්නේ නෑ. කන්න වෙන්නේ දවස් ගානක් පරණ වෙච්ච අයිස් මාළු. පාන්දර එකේ ඉඳලා මෙතෙන්ට එන මාළු කිලෝ ලක්ෂ ගාණකට ඉර පායනකොට වෙච්ච දෙයක් නැතුව යනවා.” යැයි කියන්නේ කඩ හිමියෙකුගේ සහායකයෙකු ලෙස සේවය කරන දිලිප් කුමාර්ය..“මෙතන හැමෝම, හැමෝටම උදව්වෙන විදිහට තමයි වැඩ කරන්නේ. අද හම්බ කළා අද කෑවා ඉවරයි. සල්ලි ගොඩ ගැහිල්ලක් අපේ නෑ. අද හිටියා හෙට මැරුණා. ඒක කාටත් පොදුයි. ගෑස් පහ සාන්ත ජොන් මාළු කඩේ තියනකොට මාළු කඩේ ඇරියේ උදේ 4ට. පෑලියගොඩට ගෙනාවට පස්සේ පාන්දර 1ට මාර්කට් එක අරින්න පටන් ගත්තා. හැබැයි එහේ වගේ නෙමෙයි මෙහාට ආවාට පස්සේ මාළු රස්සාවේ හැඩේ ටිකක් වෙනස් වෙලා. සාන්ත ජෝන් මාර්කට් එක තියෙනකොට බිස්නස් කරගන්න අමාරු කිහිප දෙනෙක් පාන්දරම එනවා. ඒ අයට හැමෝම පොඩි මාළු කූරියා ගානේ දෙනවා. ඒ එකතු වෙන ඒවා උදේම ඒ අය විකුණා ගන්නවා. ඒකෙන් ඒ අයගේ දරු පවුල් රැකුණා. දැන් දැන් ඒ සම්ප්‍රදායවල් නැති වේගන යනවා.” දිලිප් කුමාර් කියයි..“කොරෝනාවලට අහු වෙලා අපිට මාර ප්‍රශ්නයක් වුණේ. දවස් දෙකකට කියලා අපිව අරන් ගියා. අවසානේ දවස් 14 ක් නිරෝධායනයට දැම්මා. විකුණන්න තිබුණු ලක්ෂ ගණනක මාළු පීඑච්අයිලයි, පොලීසියයි ඇවිත් විසි කරලා තිබුණා. අපෙන් මාළු ගෙනියපු අයත් ඒක චාන්ස් එකක් කරගෙන ගෙනියපු මාළුවල සල්ලි අපට දුන්නේ නෑ. එක්කෙනෙකුට ලක්ෂ 15 ක් විතර සල්ලි එන්න තියනවා. ඒත් ඒ අයට අපි තාම මාළු දෙනවා.’.පෑලියගොඩ මාළු වෙළඳපොළ පැය කිහිපයක් තුළ විශාල වශයෙන් මුදල් සංසරණය වන තැනකි. ඒ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ විශ්වාසය මතය. යාපනයෙන්, මන්නාරමෙන්, හම්බන්තොටින් හෝ දිවයිනේ ඕනෑම ධීවර වරායකින් ලොරිවල පටවා එවන මාළු අලවියෙන් පසු අකුරට බිල් බේරන්නට පෑලියගොඩ මධ්‍යම මාළු වෙළඳපොළේ වෙළෙන්දෝ සැදී පැහැදී සිටිති. පන්දර කීයට අවදි වුව ද අකුරට ගණන් හදා මාළු සැපයුම්කරුවන්ට මුදල් බේරීම ඔවුන් අතපසු කරන්නේ නැත..“ඉස්සර චෙක් තිබුණේ නෑනේ. ඔක්කොම වුණේ කට වචනෙට, විශ්වාසෙට. මිනිස්සු අතේ තමයි මිල ගණන් මුදල් එහා මෙහා වුණේ. අද දවසේ ගනුදෙනු අදින් ඉවර කරනවා. ණයට දීලා මේ රස්සාව කරන්න බෑ. ණයට මාළු අරන්, ණයට දීලා පාඩු වෙලා, මේ රස්සාව අතෑරලා යන්න වුණ අය ඉන්නවා. අපෙන් මාළු ගන්න කෙනාගෙන් අපි හරියට සල්ලි ගන්න ඕනෑ. අපට මාළු දෙන කෙනාට අපි හරියට සල්ලි ගෙවන්න ඕනෑ. මාළු කිලෝ 200 ක් දුන්නාම එක පාරට ලක්ෂ 5 ක්. ඒ චෙක් එකක් රිටන් වුණොත් අපි වැටෙනවා.” සල්ලි මිටි එකින් එක සීරුවට ගණන් කරමින් එසේ කීවේ ඇලෙක්ස්ය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleආදරය හමු නොවුණා නම් මා චිත්‍රපට නොකරාවි – ඉන්දීය සිනමාවේදී ගෞතම් වාසුදේව් මෙනන්.Next articleජන සංහාර, සංක්‍රාන්ති ලිංගිකයෝ, ජනවර්ග.. විහිළුවක් කරගන්න බැරිද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
වරද පිළිගන්නවා නම් විපාක විඳිය යුතුයි ‘ගෝටා ගෝ හෝම්’තමයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වරද පිළිගන්නවා නම් විපාක විඳිය යුතුයි ‘ගෝටා ගෝ හෝම්’තමයි.By කේ ඩබ්ලිව් ජනරංජන.April 26, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.අඟහරුවාදා අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් පසු ඔවුන් අමතා ජනාධිපතිවරයා කළ කතාවේදී, ඔහු ඉතාම වැදගත් කාරණා දෙකක් ගැන අවධාරණය කෙළේය..‘අපෙන් අතපසුවීම් සිදුවුණා. ඒවා නිවැරදි කරගන්නට ඕනෑ. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා. අපි ඒවා නැවත ලබාදෙන්න ක්‍රියාකරලා තිබෙනවා.’.පළමුවෙන්ම අප මතක තබාගත යුත්තේ මේ කියන්නේ රටේ ජනාධිපතිවරයා බවයි. නිකම්ම ජනාධිපති නොව, ‘විධායක ජනාධිපති’ බවයි. තමා රටේ ‘විධායක ජනාධිපති’ බව ගෝඨාභය රාජපක්ෂ මහතා වචනවලින්ම කීවේ දහදොළොස් වතාවක් නොවේ. තමා විධායක ජනාධිපති හැටියට හඳුන්වාගන්නට ඔහු ඉතාම ප්‍රිය කළේය. වරක් ‘ගම සමග පිළිසඳර’කදී ජනාධිපතිවරයා දුන් නියමයක් ක්‍රියාත්මක කරන්නට චක්‍රලේඛයක් අවශ්‍ය යැයි නිලධාරියකු කී විට, ‘විධායක ජනාධිපති වන තමා යමක් කී විට චක්‍රලේඛ අවශ්‍ය නොවන බව’ (එනම් තමාගේ කටවචනයම නීතිය වන බව) ජනාධිපතිවරයා කී හැටි කාටත් අමතක නැති වන්නට පුළුවන..එවැනි ජනාධිපතිවරයෙක් තමා ධුරයට පත්වී අවුරුදු තුනකට ආසන්න වන විට තමා කළ වැරදි දෙකක් ගැන පිළිගනියි..අපරාධ නඩුවකදී විත්තිකාරයකුට ස්ථාවර දෙකක් ගත හැකිය. එකක් නම්, තමා චෝදනාවලට නිවැරදිකරුයැයි කියා නඩු විභාගයකට මුහුණ දීමයි. දෙවැන්න, චෝදනාවලින් කියැවෙන වරද පිළිගැනීමයි. සාමාන්‍යයෙන් අපරාධ නඩුවකදී වරද පිළිගත යුත්තේ නඩුවේ මුල් අවස්ථාවේදීමය. මුලින්ම වරද පිළිගත් විට නඩුව විභාග කිරීමට ගතවෙන අධිකරණයේ කාලය ඉතිරි වේ. සාක්‍ෂිකරුවන්ගේද, නිලධාරීන්ගේද කාලය, ශ්‍රමය, වියදම ඉතිරි වේ. ඒ කරුණුද සඳහන් කරමින් තමාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින්නට විත්තිකරුට හැකිය. එවිට, එසේ දක්වන ලද කරුණුද, අපරාධය නිසා සිදුවූ හානියද සැලකිල්ලට ගනිමින් සුදුසු දඬුවමක් නියම කිරීම විනිසුරුවරයා කරයි..ඒ විදියට බැලුවත්, ගෝඨාභය රාජපක්‍ෂ, තමා කළ වරද පිළිගන්නේ, වරද කර සැලකිය යුතු කාලයක් ගතවුණු පසුවය. තමාගේ ධුර කාලයෙන් භාගයක්ම ගතවන තැනදීය. මේ මොහොත දක්වාම ඔහු සිටියේ තමා නිවැරදිකරුය යන ස්ථාවරයේය. ඔහු මුලින් කීවේ ‘මම තමයි හොඳටම කළේ’ කියාය. මාසයකට පමණ පෙර ජාතිය අමතද්දී කීවේ, ‘මෙම අර්බුදය මා විසින් නිර්මානය කරන ලද්දක් නොවේ’ කියාය. රටට තවදුරටත් නායකත්වය දීමට තමා සූදානම් බවත් තමා ගැන විශ්වාසය තබන ලෙසත් ඔහු එදා කීවේය. අවසානයේ අද ඔහු කියන්නේ තමාට වැරදී ඇති බවය..ඔහුම පිළිගන්නා ඒ වැරදි දෙක නිසා ඇතිවුණු විපාක මොනවාද?.ක්‍ෂණිකව රට කාබනික කරන්නට යාම ඔහු ගත් තනි තීරණයකි. 2021 අප්‍රේල් 29 වෙනිදා ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී, රසායනික පොහොර ආනයනය වහාම අත්හිටුවන බව ප්‍රකාශ කළේය. එදා සිට අද දක්වා ඒ තනි තීරණය නිසා රට කොතරම් විනාශයක් ගිලුණිද? මිලියන කීයක ජනතාවක් අගාධයට හෙළුණිද? ඒ තීරණය සඳහා ඔහුට උපදෙස් දුන් ප්‍රමුඛයන් දෙදෙනා වන, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද කොහේ ගිහින්දැයි සොයාගන්නට නැතිය. ඒ දෙදෙනා හැරුණු විට, රාජපක්‍ෂ ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුත් නිලධාරීනුත් මේ විනාශය නොකරන ලෙස ඔහුට කියා ඇති බව, සංඛ්‍යාලේඛන සහ විද්‍යාත්මක දත්ත උපුටාදක්වමින් ඒ බව පැහැදිලි කර ඇති බව, රහසක් නොවේ. අඩු ගණනේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා තිබුණේ කාබනික කෘෂිකර්මාන්තයට රට හරවන්නේ අවුරුදු දහයක කාලයක් තුළදී බවයි..එහෙත්, අන් අය පෙන්වා දුන් කිසිවක් ජනාධිපතිවරයා පිළිගත්තේ නැත. තමාට වුවමනා වී තිබුණේ, ලෝකයේ අංක එකට සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය ඇතිකරන රට බවට ලංකාව පත්කරන්නට බව ඔහු කීවේය. ඒ අනුව, එක කන්නයකින් මුළු ලංකාවම කාබනික පොහොර කරන අමනෝඥ හා මුග්ධ තීරණය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, තමාගේ තනි මතයටය. තමාගේ තීරණය අනුව කටයුතු කරන්නට බැරි මැතිඇමතිවරුන්, නිලධාරීහු සිටිත් නම්, ඔවුන් ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යා යුතුයැයි ඔහු තර්ජනය කළේ සියලු මාධ්‍ය ඉදිරියේය. වරක්, කාබනික පොහොර නිෂ්පාදනය ගැන තමා ඇසූ ප්‍රශ්නයකට සෑහෙන පිළිතුරක් දෙන්නට අසමත් වුණු ඉහළ නිලධාරීන් දෙදෙනකු රැස්වීම පැවැත්වුණු ජනාධිපති කාර්යාලයෙන් එළියට යවා ඔවුන් නිග්‍රහයට පත්කර, ඒ බව සියලු මාධ්‍ය මගින් රටටම දැනගන්නට සලස්වන්නට තරම් ජනාධිපතිවරයා පීඩකයෙක් විය..කිසිවකුගේ තීරණයක් නිසා ඇතිවුණු විපාකය, නොගිනිය හැකි තරම් සුළු එකක් නම්, අපට එය නොසලකා හැරිය හැකිය. එහෙත්, කාබනික ව්‍යාපෘතිය හරහා ගෝඨාභය රාජපක්‍ෂ රටට කළ විපර්යාසය එසේ මෙසේ එකක් නොවේ. මහා විනාශයකි. කන්න දෙකක් තුළ රටේ සහල් නිෂ්පාදනය හරි අඩකින් අඩුවීමට ඒ තීරණය හේතු විය. කාබනික පොහොර ව්‍යාපෘතියෙන් තමන්ගේ වී ගොවිතැන විනාශ වන බව අත්දැකීමෙන් ලත් දැනුමෙන් රට පුරා ගොවියන් පෙන්වා දෙද්දීත්, රටේ සියලුම පාහේ විශ්වවිද්‍යාලවල කෘෂිකර්මය පිළිබඳ ප්‍රාමාණිකයන්, මේ විනාශය නොකරන ලෙස පුන පුනා කියද්දීත්, සංඛ්‍යාලේඛන සහ උදාහරණ සහිතව විය හැකි ඒ විනාශයේ තරම පෙන්වා දෙද්දීත්, ජනාධිපතිවරයා උද්දච්ඡ ලෙස තමාගේ ස්ථාවරයේම පිහිටා සිටියේය. විය හැකි හානිය පෙන්වාදුන් කෘෂි විද්‍යාඥයන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ හැඳින්වූයේ රසායනික පොහොර සමාගම්වලින් පඩි ලබන, ඒවායේ අධ්‍යක්‍ෂවරුන් හැටියටය. ප්‍රතිඵල මොනවාද? පසුගිය මහ කන්නයේ වී අස්වැන්න අඩකින් හෝ ඊටත් වැඩියෙන් අඩුවිය. අදත් යල් කන්නයට රසායනික පොහොර වී ගොවීන්ට ලැබෙන්නේ නැත..වී අස්වැන්න අඩුවිය. හාල්වල මිල භයානක ලෙස ඉහළ ගියේය. අස්වැන්න අඩුවීමෙන් ගොවීන්ට සිදුවූ හානියට වන්දි ගෙවන බවට ජනාධිපතිවරයා පොරොන්දු විය. තවමත් එවැනි වන්දියක් ගෙවා නැත. වන්දි ගෙවිය යුතු වන්නේද ජනාධිපතිගේ පෞද්ගලික බූදලයෙන් නොව, රටේ මහජනතාවගේම බදු මුදලෙනි. රසායනික පොහොර හා වල්-පලිබෝධ නාශක සඳහා කළුකඩයක් නිර්මාණය විය. ඉන්දියාවේ සිට හොර පාරෙන් ලංකාවට රසායනික පොහොර ගෙනඒමේ ජාවාරම් ක්‍රියාත්මක විය. ආණ්ඩුවට හොරෙන් කළුකඩවලට හය හත් ගුණයක් ගෙවා පොහොර ගැනීමට ගොවීන්ට සිදුවිය. මේ කරදරය ඉවසනු නොහැකි ගොවීහු වගාබිම් අතහැර දැම්මෝය. ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කරන ලද කාබනික පොහොර වනාහි කසළ, අපද්‍රව්‍ය පමණක් විය. ඒවා බිමට යෙදීම පමණක් නොව අතින් ඇල්ලීම පවා ගොවීහු ප්‍රතික්‍ෂෙප කළහ. ක්‍ෂණික කාබනික පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට චීනයෙන් ගෙන්වන ලද පොහොර නැවේ සාම්පල නියමිත පරීක්‍ෂණවලින් අසමත්වීම නිසා අතිවිශාල අර්බුදයක් නිර්මාණය විය. ආණ්ඩුව චීන පොහොර නැව පැත්තේ සිටගනිමින් ලංකාවේ නිරෝධායන නියාමන ආයතන හෑල්ලුවට ලක්කළේය. පසුව, ආණ්ඩුවම ගොස්, පොහොර නැවට ගෙවීම තහනම් කරන නියෝග උසාවියෙන් ලබාගත්තේය. නැවට ගෙවීම වළක්වාලීමේ උසාවි නියෝග නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට චීනය තීරණය කළේය. එය මුහුදේ රඳවාතැබීම නිසා පොහොර වටිනාකමට අමතරව ප්‍රමාද ගාස්තුද ගෙවන්නට සිදුවිය. චීනයේ තර්ජන හමුවේ බියවැදී, අවසානයේ පොහොර බාගන්නේවත් නැතිව ඩොලර් මිලියන 6.7ක් පොහොර නැවට ගාස්තුව හැටියට ගෙවන්නට ඇමති මණ්ඩලය තීරණය කළේය. ඒ ද ඇමතිවරුන්ගේවත් ජනාධිපතිගේවත් පෞද්ගලික බූදලයෙන් නොවේ. මහජනතාවගේ බදු මුදලෙනි..රටේ සාමාන්‍යයෙන් වගාකරන හෙක්ටෙයාර අටලක්‍ෂයෙන් සැලකිය යුතු කොටසක වී වගාව නොකෙරිණි. අස්වැන්න අඩුවීමෙන් රටේ ආහාර සුරක්‍ෂිතතාව බිඳවැටිණි. ජනතාවගේ ආහාරයට සහල් නොමැතිවීම නිසා, පිටරටින් සහල් ගෙන්වන්නට සිදුවිය. එසේ ගෙන්වන ලද්දේ රසායනික පොහොර නොයොදා හැදු සහල් නොවේ. ආණ්ඩුව කීවේ ඇතිවී තිබෙන හදිසි අවශ්‍යතාව නිසා රසායනික පොහොර යෙදූ සහල් පවා ගෙන්වන්නට සිදුවුණු බවය. ගොවීහු ආදායම් අහිමිවීමෙන් ඊළඟ යල් කන්නයට සුදානම්වීමේදීත් අපමණ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. තමාම වරෙක මාෆියාවක් සහ හඳුනා නොගත් වකුගඩු රෝග කාරකය ලෙස හඳුන්වා දුන් රසායනික පොහොර, ඒ ජනාධිපතිවරයාම නැවත ගෙන්වන්නට අවසර දුන්නේය..ගෝඨාභය රාජපක්‍ෂ කියන තමාගේ ‘වරදට’ පෙර යූරියා මිටිය රුපියල් 1500කි. දැන් මිලදී ගන්නට තිබෙන යූරියා මිටියක මිල රුපියල් 37,950කි. රුපියල් 80 ගණනකට තිබුණු නාඩු සහල් කිලෝවක දැන් මිල රුපියල් 200කටත් එහාය..ඉහත කීවේ ක්‍ෂණික කාබනික ව්‍යාපෘතියේදී වී ගොවිතැනට සිදුවූ හානියේ පැති කිහිපයකි. රසායනික පොහොර සහ වල්-පලිබෝධ නාශක තහනම නිසා පහර වැදුණේ වී ගොවිතැනට පමණක් නොවේ. තේ වගාව, එළවළු වගාව, බඩ ඉරිඟු වගාව, කුරුඳු වගාව, ගම්මිරිස් වගාව, පොල් වගාව, රබර් වගාව ආදි සියලුම වගාවල සිදුවුණේ මහා පසුබැස්මකි. අස්වැන්න අඩුවීමකි. මින් සමහර නිෂ්පාදන හරහා, උදාහරණයක් ලෙස තේ නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමයද මේ විකාර කාබනික සිහිනය නිසා අඩුවිය. රටේ ඩොලර් හිඟයටද ඒවා බලපෑවේය..මෙවැනි කල් පවතින විනාශයක්, හුදෙක් තම උද්ධච්චකම නිසා රටට, රටේ ආර්ථිකයට, ජනජීවිතයට කළ ජනාධිපතිවරයාට ඒ විනාශය වෙනුවෙන් විපාකයක් තිබිය යුතු නොවේද? හුදෙක් මා අතින් වරදක් වුණා යැයි වචනවලින් කියා අත සෝදාගන්නට ඔහුට හැකිද?.ඔහු පිළිගත් අනෙක් වරද නම්, නිසි කාලයේදී අයිඑම්එෆ් වෙත නොයාමයි. ඒ වරද නිසා ලංකාවේ ආර්ථිකය අද වන විට පත්වී ඇති තත්වය කාටවත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ලේඛකයාට හිතවත් ජ්‍යෙෂ්ඨ (පෞද්ගලික) බැංකුකරුවකු කීවේ, නිසි කාලයේදී අයිඑම්එෆ් අසහාය ලබාගත්තා නම්, මේ වන විට ඩොලරය රුපියල් 230ක ප්‍රමාණයේදී ස්ථාවර වන්නට හොඳටම ඉඩ තිබුණු බවයි. ඒ තීරණය නිසි වෙලාවේදී නොගත් නිසා, මේ ලියන මොහොත වන විට ඩොලරයේ වටිනාකම රුපියල් 340කි. අයිඑම්එෆ් නොයන්නටත්, රුපියල් 203ක මට්ටමේ ඩොලරය කෘත්‍රිමව තබාගන්නටත් තීරණ ගත්තේ කවුද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහා භාණ්ඩාගාරයේ ලේකම් සහ මහබැංකු අධිපතිවරයාය. ඒ තුන්දෙනාම පත්කෙරෙන්නේ කා විසින්ද? ජනාධිපති විසින් තමාගේ තනි කැමැත්තටය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් සිටි අජිත් නිවාඩ් කබ්රාල්, එයින් මුදවා මහබැංකු අධිපතිකමට පත්කළේ ජනාධිපතිය. ‘මීට කලින් අයිඑම්එෆ් යන්න තිබුණු බව මා හිතනවා’යැයි ජනාධිපතිවරයා දැන් කියන විට ලංකාවේ මිනිසුන්ට මතක් වෙන්නේ ‘මගේ අමුඩේ කවුරුහරි පහරලා ගිහින්නේ’ යැයි කියන පැරණි කියමනයි. මේ කියන්නේ රටේ විධායක ජනාධිපති නේදැයි සිතන විට, ඒ මතකය තවත් විකාරසහගත වෙයි..අයිඑම්එෆ් නොයාම වරදක් බව අද කියන ජනාධිපතිවරයා මීට පෙර කිව්වේ කුමක්ද? තමන්ගේ ධුර කාලය තුළ ලංකාව විදේශ ණය රුපියලක්වත් ලබානොගත් බවයි. ඒ කතාව බොරුවක් බව, එනම් ගෝඨාභයගේ කාලයේද ලංකාව ණය ලබාගෙන ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය සාක්‍ෂි සහිතව පෙන්වා දුන්නේය..ආචාර්ය හර්ෂ ද සිල්වා, ජනාධිපතිවරයාගේ ‘වරද පිළිගැනීමට’ පසු සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙසේය..‘ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලට ගොස් කෙටිකාලීනව වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට කටයුතු කළ යුතුයැයි මා දීර්ඝ කාලයක් පුරා අවධාරණය කළා..මා පමණක් නොව ස්වාධීන ආර්ථික විශේෂඥයින්ද බොහෝ කාලයක සිට මේ බව අවධාරණය කළා. කෙටිකාලීනව ගැටලුව විසඳාගෙන දිගුකාලීනව ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ප්‍රවේශ විය යුතුයැයි මා එහිදී පැවසුවා. අප කිව්ව අවස්ථාවේ මූල්‍ය අරමුදලට ගියා නම් මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවෙන්නෙ නෑ. එදා මූල්‍ය අරමුදලට ගියා නම් ජාත්‍යන්තර විශ්වාසය දිනාගනිමින් අපට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය වෙළෙඳපොළවලින් ලබාගන්න තිබුණා. නමුත්, ඔබගේ නායකත්වයට ඒ දේ නිසි වේලාවට කරන්න බැරිවුණා. ඒ නිසා දැන් අතපසුවීම් ගැන කතා කිරීම ප්‍රමාද වැඩියි. නිසි ලෙස ඒ පියවර ගන්න බැරිවීම නිසා අපි දැන් බින්දුවටම වැටිලා ඉවරයි.... මේ සියල්ලටම හේතුව ඔබගේ ආණ්ඩුවේ තිබෙන උද්ධච්ඡබවයි. ඒ තුළින් ඔබගේ ආණ්ඩුව රටට කළ හානිය තවත් අවුරුදු ගණනාවකින් නිවැරදි කළ නොහැකියි.’.ලංකාව සිය ඉතිහාසයේ මුල්ම වරට විදේශ ණය ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කිරීම හෙවත් රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුවුණේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලන කාලයේය..ඉහත කී ආනන්තර්ය පාපකර්මයන් තරම් වන වැරදි දෙක, තමා අතින් සිදුවුණු බව ජනාධිපතිවරයා පිළිගන්නවා නම්, එයින් රටට වූ සහ තවමත් වෙමින් පවතින විනාශයද ඔහු පිළිගත යුතුය. එම හානි පිළිබඳ සංඛ්‍යාලේඛනමය සාක්‍ෂි හෙටානිද්දා මහබැංකුව හා වෙනත් පර්යේෂණ ආයතන හරහා ප්‍රසිද්ධ වෙනු ඇත..ජනාධිපතිවරයාගේ තනි තීරණ නිසා මේ සා විශාල හානියක් රටට සිදුවුණු බව දකින, දැනෙන, පිළිගන්නා මිනිසුන් සිටින රටක, තවදුරටත් තමා ගැන විශ්වාසය තබන ලෙස ජනාධිපතිවරයා කියන්නේ නම් අප එය සැලකිය යුත්තේ භයානක විහිළුවක් ලෙසය. මෙවැනි විනාශයකින් පසුවත්, ඔහු ගැන විශ්වාසය තබන මෝඩයෝ පිරිසක් ලංකාවේ සිටිත්ද?.ඒ නිසා, තමා අතින් ඒ සා විනාශකාරී වැරදි දෙකක් සිදුවුණු බව ජනාධිපතිවරයා පිළිගන්නේ නම්, ඔහුගේ ඉල්ලා අස්වීම සාධාරණය කිරීම සඳහා ඒ තරම් ගැළපෙන වෙනත් කිසිම හේතුවක් නැත. තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව ජනාධිපතිවරයා අලුත් ඇමති මණ්ඩලය අමතමින් කීය. ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉඩ සැලසී තිබේ. ඒ වගන්තිය පාවිච්චි කර ඉල්ලා අස්වීම කළ වරදට ජනාධිපතිවරයා විපාක විඳීමේ හොඳම ක්‍රමයයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපිරමිඩ් විල්මා පුද්ගලික සමාගම බදු අඩුකළ කාලයේ සියයට 1222කින් සීනි ගෙන්වීම වැඩිකරලා.Next articleතණ්හාය ජායතී සෝකෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
IMF යකා සරණ යාම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.IMF යකා සරණ යාම.By සංස්කාරක.May 3, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අශෝක හඳගම.GoHomeGota 2022 උද්ඝෝෂණ රැල්ල නිල වශයෙන් පටන් ගත්තේ මාර්තු 31 රාත්‍රියේ කියලා ගත්තොත් මේ සටහන ලියන අද වෙනකොට දවස් 26ක් ගෙවිලා. ඒක දැන් හැඳින්වෙන්නේ ‘අරගලය’ කියලා. ඇතැමුන් ‘විප්ලවය’ කියලා කියන්නත් ටිකක් ඉක්මන් වෙලා. එහෙම නැත්නම් මෙය විප්ලවයකින් ම අවසන් වෙන බව ඒ අයට ෂුවර් වෙලා..කොහොම වුණත් පවතින තත්වය අරගලකරුවන්ටත් පාලකයින්ටත් කියන දෙපාර්ශ්වයටම හිතන තරම් සුව පහසු නැහැ. රඹුක්කන උද්ඝෝෂණයේ දී තරුණයෙකු මිය ගියා. එම උද්ඝෝෂණයේ ප්‍රධාන සටන්පාඨ ගොනු වෙලා තිබුණේ ‘තෙල් මිල අඩු කරනු’ කියන පාඨය වටා. බඩු මිල අඩුකරනු කියන සටන් පාඨයත් ඒ තුළම කියවෙනවා. මේ ඉල්ලීම ගෝටා ඇතුළු ආණ්ඩුවම ගෙදර ගියත් තව සෑහෙන කාලයකට සිදුවෙයි කියලා හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. හේතුව ප්‍රධාන වශයෙන් ම රුපියල්වලින්ම ගෙවන්න වෙන තෙල් මිල හැදෙන්නේ බෙදාහැරීම් වියදම්, රාජ්‍ය බදු සහ ලාභය කියන සාධකවලට අමතරව ඩොලර්වලින් ගණනය කෙරෙන ආනයන මිල රුපියල්වලට හැරවීමෙන් ලැබෙන අගය එකතු වෙලා. දවසින් දවස ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටෙන තත්වය නවත්වා ගන්න ආණ්ඩුවට (මහා බැංකුවට) ඩොලර් සංචිත නැහැ. රුපියලේ අගය තාත්වික නොවන කෘත්‍රිම ඉහල අගයක රඳවා තබා ගන්න ගිහින් ඛාදනය වෙලා..සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක පිහිට පතාගන යන තැනක් තමයි IMF එක කියලා අද ඕන පොඩි එකෙක් දන්නා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (International Monetary Fund). අර්බුදය මැද්දේ ජනාධිපතිගේ ඉල්ලීමට ඉල්ලා අස්වුණු මහබැංකු අධිපති සහ මහා භාණ්ඩාගාර ලේකම් වෙනුවට අලුතින් පත්වුණු දෙන්නත් අලුත් මුදල් ඇමැතිත් ඇතුළු කණ්ඩායමක් එහෙ ගියා. ඒ යන්න කලින් ඉස්සරහට ගෙවන්න තියෙන ණය ගෙවන්න වෙන්නේ නැහැ කියලා නිවේදනය කළා. ඒ කියන්නේ නිල වශයෙන් රට බංකොලොත් කියලා ලෝකයටම කිවුවා..IMF එක තියෙන්නේ මේ වගේ බංකොලොත් තත්වයකට රටක් වැටෙන්න කලින් ඉන් ගැලවෙන්න උදවු කරන්න. ලංකාව එහෙම තත්වයකට ළඟා වෙමින් තියෙන බව අවුරුදු දෙකකට කලින් විතර ඉඳලා දැනගන හිටියා. එහෙම දැනගත්තාම කරන්න ඕනේ තමන්ගේ විදේශ ණය කළඹ ප්‍රතිව්‍යුහගත කරන්න අදාළ ණය ගත් රටවල් එක්ක කතා කරන්න. එහෙම කතා කරන්න කලින් IMF එකට ගිහින් ඒගොල්ලන් එක්ක කතා කරලා සකසාගත් වැඩසටහනකට අනුව රට යනවා කියලා එකඟ වෙලා තිබුණා නම් වැඩේ පහසු වෙනවා. අපට ණය දුන්නු අය තුළ, අපි අර්බුදයකට මුහුණ දීලා වුණාට අපිට ගොඩයන සැලසුමක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති කරගන්න තිබුණා. එතකොට අපේ ණය දරා සිටීමේ හැකියාව (Debt Sustainability) පිළිබඳ කා තුළත් විශ්වාසයක් ඇති වෙනවා..අපේ ස’ට ආර්ථිකයක් හැසිරෙන හැටි ගැන මෙලෝ අදහසක් නැහැ. තමන්ගේ ඔලුවේ හීනෙන් වගේ පහළවෙන අදහස් හෝ ඔහුට ආර්ථික උපදෙස් දෙන අවියත් මගේ දොස්තර මහත්තුරුන් හෝ රස්තියාදුකාර හාමුදුරුවරුන් හෝ යෝජනා කරන දේවල් හිනා වෙවී ක්‍රියාත්මක කරනවා ඇරෙන්න දන්නා වෙන දෙයක් නැහැ. දැන් වැඩේ ඇනිලා..රටට ඩොලර් හොයලා දුන්න අපනයන වගාවන් වගේම ඩොලර් දීලා පිටරටින් ගෙන්වන්න ඕන නැති වගාවන් සේරමත් කාබාසිනියා වුණා කාබනික පොහොර උන්මාදයක් හින්දා. පිටරට ඉඳන් බැංකු ක්‍රමය හරහා මෙරට තමන්ගේ ඥාතීන්ට ඩොලර් එවපු පිටරටවල වැඩ කරපු අපේ ‘ඩයස් මී’ලා උන්ඩියල්, හවාලා ක්‍රමවලට පුරුදු වුණා. ඒ ඩොලර්වලට නියම වටිනාකම දෙන්නේ නැතුව බොරුවට උද්දච්චකමට රුපියල ඉහළ අගයක තියාගන්න ගිහින්. සංචිත හිඳුණා. අල්ලගන ඉන්න බැරිම තැන රුපියල අතඇරියා. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වැහුවා. දැන් බ්රේක් නැතුව රුපියල පහළට වැටෙනවා..ණය ගෙවන්න තියා ඩීසල් ටික, පෙට්‍රල් ටික, ගෑස් ටික ගෙන්නන්න වත් ඩොලර් නැහැ. වරායට ම ආපු තෙල් ගෑස් ටිකත් කාගෙන් හරි අතමාරුවක් ඉල්ලගෙන ගෙවන කල් නැව් වරායේ නවත්තාගෙන ඉන්නවා. වෙලාවට බඩු ටික බාගන්නේ නැතුව වැඩිපුර තියාගන්න වෙන හැම දවසකටම නැවට ගෙවන්න ඕන. අන්තිමට නැවෙන් බඩු බාගන්න කොට ගෙවන්න ඕන ගානට වඩා සෑහෙන ගානක් එකතු වෙලා..ඩීසල් නැතුව විදුලිය අඛණ්ඩව දීගන්න බැහැ. ප්‍රවාහනය ඇණහිටලා. ගෑස් ටික නැතුව ගෙවල්වල උයාගන්නත් බැහැ, කඩෙන් කන්නත් බැහැ, ඒවත් වහලා. ව්‍යාපාර ඇණහිටලා. ආර්ථිකයම හොම්බෙන් යන ගානට වැටිලා..රටවල් ආර්ථික වශයෙන් අර්බුදයට පත් වුණු අවස්ථාවල එම දුෂ්කර තත්වයන්ගෙන් ආර්ථිකය මුදා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය සැකසීම් කර නැවත ස්ථායිතාව සහ වර්ධනය ළඟා කරගන්නා තෙක් අවශ්‍ය මූල්‍යමය සහාය දීම IMFහි කාර්යභාරයක්. එවැනි අවස්ථාවල IMF සරණ පැතීමට එහි සාමාජික රටවලට එක්තරා විදියක අයිතියක් තියෙනවා. ඒ වූ පමණින් කොන්දේසි විරහිතව මූල්‍ය පහසුකම් ලබා දෙන්න IMF බැඳිලා නැහැ. තමන් ලබා දෙන ණය සහනවල ඵලදායිකම වගේම, නැවත අයකරගැනීම ගැනත් වගකීමක් IMF ආයතනයට තියෙනවා. ඒ නිසා ඒවා ලබා දෙන්නේ අර්බුදයට පත්වූ රටවලට එසේ වීමට හේතු වූ ප්‍රතිපත්තිමය වැරදි පිළිබඳ උපදෙස් ලබා දෙමින්. ඒ සඳහා කොන්දේසි පනවමින්..රටක් ආර්ථික වශයෙන් අර්බුදයට යාමට බාහිර මෙන්ම අභ්‍යන්තර සාධක හේතු වෙන්නට පුළුවන්. නියං, ගංවතුර, සුනාමි, භූමිකම්පා ආදි ස්වාභාවික අනතුරු, සැපයුම් හිඟකම් නිසා ඇතිවන ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මට්ටම් වැඩිවීම් වාගේ කම්පන නිසා රටක් අර්බුදයට යාම රටක අභ්‍යන්තර ප්‍රතිපත්තීන්වල අඩුපාඩුවක් නිසා ඇතිවන අර්බුද නෙවෙයි. ඒවා බාහිර සාධක (External Factors). කොවිඩ් 19 නිසා ඇතිවුණු වසංගත තත්වය එවැනි බාහිර කම්පනයකට උදාහරණයක්. විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල් මේ වගේ බාහිර කම්පනවලට ඔරොත්තු දෙන්නේ නැහැ..අර්බුදයකට හේතු වන අභ්‍යන්තර සාධකවලට උදාහරණයක් ලෙස රටක් ආර්ථික අසමබරතාවකට ඇද දමන නොගැළපෙන මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තීන් ගත හැකියි. විදේශ විනිමය අනුපාතය වෙළඳපොළ තත්වයනට නොගැළපෙන මට්ටමක තබා ගැනීමත් තව උදාහරණයක්. මේ නිසා රටක විදේශ විනිමය සංචිතය දවසින් දවස දියවී යන්නට පුළුවන්. උද්ධමනය දරාගත නොහැකි මට්ටමකට ඉහළ යන්න පුළුවන්..ලංකාවේ අර්බුදය නිර්මාණය වෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර සාධක දෙකම බලපෑවා. මේ අර්බුදය නිර්මාණය කළේ මම නෙවෙයි කියලා ස’ට කියන්න තිබුණා, අපි කොවිඩ් නිසා පමණක් අමාරුවේ වැටුණා නම්. එහෙම නෙවෙයි. අපේ අර්බුදය අප විසින් ම හදා ගත්ත එකක්. අපි කිවුවට රටේ ජනතාව නෙවෙයි. ආණ්ඩුව. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුව කියන්නේ තනිකරම ජනාධිපති. ඉතිං ස’ට කොහොමත් වගකීමෙන් ගැලවෙන්න බැහැ..අලුත් මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ඇතුළු පිරිසක් IMF වසන්ත රැස්වීම්වලට සහභාගි වෙන්න ගියා. එහෙම ගියේ, පරණ අධිපතිලා අපි IMF යන්නේ නැහැ කියා පම්පෝරි ගහ ගහ ඉඳල බැරිම තැන. ඒත් බලාපොරොත්තු වුණු IMF සහනය ලැබුණේ නැහැ. ඒ වෙනුවට IMF එක ඉල්ලුවා ණය දරාගැනීමේ හැකියාව (Debt Sustainability) පිළිබඳ සහතිකයක්. ඒක අපට විතරක් සුවිශේෂිතව දාපු එකක් නෙවෙයි. IMF ණය සහන ලබා ගැනීම සඳහා රටක් සපුරාලිය යුතු පූර්ව කොන්දේසියක්. ඒක සපුරන්නේ නැතුව අපට ණයක් දෙන්න IMF එකට ඕන වුණත්, බැහැ..අවශ්‍ය කරන ණය දරාගැනීමේ සහතිකය දෙන්න මේ මොහොතේ ලංකාවට බැහැ. හිටපු අධිපති කබ්රාල් මහත්තයා චණ්ඩිකමට වගේ අපි IMF යන්නේ නැහැ කියලා කිවුවේ ගියාට හම්බ වෙන්නේ නැති බව දන්නා හින්දා වෙන්න ඇති..මේ බව මුදල් ඇමති සබ්රි නොදන්නවා වුණාට ආචාර්ය නන්දලාල්, මහා භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන නොදන්නවා වෙන්න බැහැ. දෙන්නම IMF එකේ වැඩකරපු දෙන්නෙක්. ඒත් ඒ අය ගියේ මේ වසන්ත රැස්වීම තුළ කුමක් හෝ විවරයක් පාදගන්න වෙන්න ඇති. අඩු තරමින් අර්බුදයෙන් ගොඩයන්න IMF ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ලංකාව සූදානම් කියන සංඥාව (signal එක) ලංකාවට ණය දුන්නු රටවලට ලැබෙනවා. ඒ විශ්වාසය මේ අවස්ථාවේ අපට වැදගත්..ඒ මොනවා වුණත් රට මේ අර්බුදයට ඇද දැමූ අය පාලනයේ ඉන්නකල් එහෙම විශ්වාසයක් අපි කෙරේ ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ ගැටලුව පාර්ලිමේන්තුව තුළ විසඳා නොගතහොත් අපගේ නොදුරු අනාගතය අතිශය පීඩාකාරී එකක් වීම වළකන්නටත් බැහැ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅරාජකභාවය නැතිවන්නේ ගෝඨාභය-මහින්ද ඉල්ලා අස්වීමෙනි.Next articleපාලකයන්ට රටක් විනාශ කිරීමට යළි ඉඩ එපා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සරසවි ශිෂ්‍ය දේශපාලනය කොයිබටද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සරසවි ශිෂ්‍ය දේශපාලනය කොයිබටද?.By සංස්කාරක.September 30, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..සරසවි ශිෂ්‍යයා යනුද දේශපාලන සත්වයෙකි. එහෙයින් ‘දේශපාලනයෙන් තොර ශිෂ්‍ය ජීවිතයක්’ පිළිබඳව පවතින අදහස් යනු ශිෂ්‍ය භූමිකාව සම්බන්ධ පාර්ශ්වීය කියවීම්ය. මෙරට දේශපාලන පරිමණ්ඩලය තුළ ශිෂ්‍ය දේශපාලනය ඉටුකරන භූමිකාව මහජන මතයට හා රාජ්‍ය ප‍්‍රතිපත්තියට නිරන්තරව විශාල බලපෑමක් සිදුකරන බව නිසැකය. ඓතිහාසිකව මෙරට ශිෂ්‍ය දේශපාලනය ගමන්ගත් දිශාව අවබෝධ කර ගැනීමේ දී එය ප‍්‍රතිවිරෝධාත්මක වාමාංශික දේශපාලන රාමුවක් තුළ ක‍්‍රියාත්මකවන බව පොදු නිරීක්ෂණයකි..ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය මෙරට නූතන අධ්‍යාපන ආයතන බිහිවූ යටත්විජිත යුගය දක්වාම දිව යා හැක. එහෙත් 1953 වර්ෂයේ දී පේරාදෙණිය සරසවි සිසුන් හා පොලීසිය අතර ඇතිවු ගැටුම තුළින් පැහැදිලිවන ලෙස ශිෂ්‍ය දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ සක‍්‍රියභාවය හා වාමාංශික දේශපාලනයේ බලපෑම අතර කිට්ටු සම්බන්ධතාවක් පවතී. ශිෂ්‍යයා ‘දේශපාලනීකරණය’ වීමේ මට්ටම හා ශිෂ්‍ය දේශපාලනයේ තීව‍්‍රතාව අතර කිට්ටු සම්බන්ධයක් පවතින බව ඬේවිඞ් ජේ ෆින්ලේ ‘තාරුණ්‍යය සහ දේශපාලනය’ පිළිබඳව ඉදිරිපත්කරන න්‍යායික ආදර්ශයන්ගෙන් හඳුනාගත හැක..මෙරට ශිෂ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළකරන ගාමිණී සමරනායක පෙන්වාදෙන ආකාරයට ෆින්ලේගේ විශ්ලේෂණ ආකෘතියට අනුව ශිෂ්‍ය දේශපාලන සහභාගිත්වය යනු දේශපාලන පද්ධතීන් මඟින් අනුග‍්‍රහය නොලබන ප‍්‍රපංචයකි. එමනිසා වැඩිහිටියන්ගේ දේශපාලන ලෝකයෙන් ශිෂ්‍ය දේශපාලනය බැහැර කිරීමේ පොදු ප‍්‍රවණතාවක් පවතී. මේ තත්ත්වය තුළින් නිරන්තරයෙන් ම ශිෂ්‍ය දේශපාලනය, වැඩිහිටි නැතිනම් ප‍්‍රධාන ධාරාවේ දේශපාලන හා අධිකාරී පද්ධතීන් සමඟ පොරබදන තත්ත්වයක් වශයෙන් ගම්‍යමාන වෙයි..කෙසේමුත්, ශිෂ්‍ය දේශපාලන ක‍්‍රියාකාරීන් මෙරට ජාතික දේශපාලන භුමියට අවතීර්ණ වීමත් ඔවුන්ගේ දේශපාලනය විසින් අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා මෙහෙයුම් ව්‍යුහයට සිදුකරන බලපෑමත් පැහැදිලිව හඳුනාගත හැකි තත්වයන්ය. අනෙක් අතට ශිෂ්‍ය දේශපාලනය බැහැර කිරීමේ දේශපාලනය විසින් මුලිකවම වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ මූලෝපායක් එතුළින් සකසා ගන්නා බවද බැහැර නොකළ හැකි සත්‍යයකි. රාජ්‍ය දේශපාලන අවකාශය තුළ ශිෂ්‍ය දේශපාලනයට ලැබෙන අවවරප‍්‍රසාදීත්වය කිහිප ආකාරයකින් සලකා බැලිය හැක. ශිෂ්‍ය දේශපාලනය බැහැර කිරීම ප‍්‍රධාන වශයෙන්ම ධනවාදී අධිකාරිවාදී දේශපාලන පද්ධතීන් තුළ සුලබ තත්ත්වයකි. එසේම සමාජවාදීයැයි හඳුනාගන්නා අධිකාරිවාදී පද්ධතීන් තුළද අනුග‍්‍රහය ලබනුයේ පාලක පන්තියේ මතවාදයට සේවය කරන ශිෂ්‍ය ව්‍යාපාරය බව චීනය වැනි රාජ්‍යයන් දෙස බලන විට අවබෝධ වෙයි. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ හමුවන ප‍්‍රධාන ධාරාව වාමාංශික දේශපාලන පක්ෂවල අනුග‍්‍රහය ලබයි. මුල් කාලයේදී පැරණි වමෙන්ද වර්තමානයේදී නව වාමාංශික ප‍්‍රවණතාවන්ගෙන්ද මූලික මෙහෙයුම් කළමනාකරණය ලබන මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය, ක‍්‍රියාකාරීත්වය තුළ රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධව ප‍්‍රමුඛතම උද්ඝෝෂකයා වශයෙන් නාමකරණය වී ඇත. සුභසාධනයට පක්ෂ හා පෞද්ගලීකරණයට දැඩි ලෙස විරුද්ධ ක‍්‍රියාකාරීත්වයක් හා මතවාදයක් ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ අභියෝගය ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ගේ ඓතිහාසික කාර්යභාරය වශයෙන් හඳුනාගෙන තිබේ..‘නිදහස් අධ්‍යාපනය සුරැුකීම අප දෙවුර මත පැටවුණ වගකීමකි’ වශයෙන් වන සටන්පාඨ සරසවි තුළ නිරන්තරයෙන්ම ප‍්‍රදර්ශනය කිරීම හරහා ඔවුන් ලබාදෙන ඉඟිය නම් නිදහස් අධ්‍යාපනය නිරන්තරයෙන්ම ධනවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ඊට එරෙහිව නැගීසිටින කේන්ද්‍රීය නිර්ධන පන්තිය ඔවුන් බවත්ය. මේ සටන් පාඨයට ප‍්‍රතිපක්ෂ වන ඕනෑම බලවේගයක් සරසවිය තුළ මර්දනය කිරීම එම දේශපාලනයේම කොටසක් වීම යුක්ති සහගත කළ හැකි තත්ත්වයක් වශයෙන් ඔවුහු සලකති. ශිෂ්‍ය දේශපාලනය විසින් රාජ්‍යය දිගින් දිගටම අධ්‍යාපනයේ ප‍්‍රමුඛතම නිෂ්පාදකයා වශයෙන් සැලකීමත්, පෞද්ගලික අංශයට අධ්‍යාපනය, විශේෂයෙන්ම වෛද්‍ය, අකැප දෙයක්ය වශයෙන් දැකීම නිසාත් සහ නිදහස් වෙළෙඳපොළ ප‍්‍රවර්ධනය කරන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට තදින්ම පහරදීම නිසාත් ආණ්ඩුවේ මර්දනකාරීත්වයේ ගොදුරක් බවට එය පත්වීම ඓතිහාසිකවම සිදුවන අඛණ්ඩතාවකි..එහෙත්, ශිෂ්‍ය ව්‍යාපාරය සමාජය තුළ සිය දේශපාලනය සුජාත කරගැනීමේ සටනකද නිරතවන බව වර්තමානයේදී අපට දැකගත හැකි සත්‍යයකි. සමාජීය දේශපාලන ව්‍යාපෘතියක් බලහත්කාරීත්වය මත පමණක් ගොඩනැංවීම හා එය දිගින් දිගටම බලහත්කාරීත්වයෙන්ම පවත්වා ගැනීමට සිදුවීම එයට ප‍්‍රධානතම හේතුවයි. සරසවි උපසංස්කෘතිය යනු ශිෂ්‍ය ව්‍යාපාරයේ බාහිර සුජාතභාවයයි. එහි අභ්‍යන්තර සුජාතභාවය නැතිනම් අධ්‍යාත්මය පන්ති දේශපාලනයයි. එහෙත්, පන්ති දේශපාලනය පිළිබඳව ප‍්‍රබල කතිකාවක් සරසවිය තුළ නොමැත. සියලූ දේම ‘ගජේ ගැසීම, මල් පාත්ති හැදීම’ නැතිනම් ‘නවක වධය’ වැනි සරල හා නොමේරු සේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උපායන් තුළ ස්ථානගත වීම නිසා සරසවිය තුළ බුද්ධිමය වාමාංශය අතුරුදහන් වී තිබේ..අතුලසිරි සමරකෝන්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජපක්ෂ දේශපාලනයේ නව හැරවුම.Next articleපොලිස්පතිට මඩ ගැසීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අපිට ඇඟිලි තුඩ වටිනවා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපිට ඇඟිලි තුඩ වටිනවා.By සංස්කාරක.October 27, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ මුහම්මද් තාරික්.දෑස් නොපෙනීම ජීවිතය හැර යෑමට හෝ ජීවිතය ගැන කලකිරීමට කිසිසේත්ම හේතුවක් නොවේ. කළුවර ලෝකයක ජීවත් වන එවැනි මිනිසුන් ජීවිතයේ එළිය දකින්නේ හදවතිනි. දෑස අන්ධ වුවද ඔවුන් විවිධ අංශවලින් දක්ෂතා දක්වන පිරිසකි. විපුල සරත් ප්‍රනාන්දු දෘශ්‍යාබාධිතයෙකු වුවද අපූරු මිනිසෙකි. ඔහුගේ භාර්යාව යූ.ඩී. කමලා රණසිංහද දිරිය කාන්තාවකි. ඇගේද එක් ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනෙන අතර අනෙක් ඇසද පෙනෙන්නේ ඉතා දුර්වල මට්ටමෙන්ය. මෙම යුවළට ඇත්තේ කාටවත් අත නොපා ජීවත් වන්නට වෙර දරන අසීමිත උත්සාහය පමණි..සරත්ට අපූරුවට වේවැල් විවීමේ හැකියාව ඇත. වේවැල් පුටු අතරේ ඔහුගේ ඇඟිලිවලින් මැවෙන රටා දකින්නට ඔහුට වරම් නැති නමුත් ඒ වේවැල් රටා දකින්නට අපට හැකියාව හිමිවිය. සරත්-කමලා යුවළ තම ජීවිතය ගැටගහගන්නේ වේවැල් පුටු විවීමෙන් උපයා ගන්නා මුදල්වලිනි..මෙලොව එළිය දුටු දිනයේ ඔහුගේ එක් ඇසක් අන්ධ බවට වෛද්‍යවරු සරත්ගේ මවට කියා සිටියහ. එහෙත් සරත් දෙමව්පියන්ට මැණිකක් විය. සිය පුතණුවන්ගේ දෑස සුවපත් කිරීමට ඔවුහු උත්සාහ කළහ. ඒ වෑයම නිශ්ඵල විය..“මගේ උපන් ගම මොරටුව. මං මුලින්ම ඉගෙන ගත්තේ පුවක්අරඹේ මෙතෝදිස්ත විද්‍යාලයේ. මට වයස 12 වෙනකම් එක ඇහැක් පෙනුණා. 1975 මගේ අනිත් ඇහෙත් පෙනීම නැතිවුණා. මගේ ඇහේ පෙනීම නැවත ලබා ගන්න තාත්තා අක්ෂි රෝහලටත් ගෙනගියා. ඒත් බැරි වුණා. මං කතෝලික කෙනෙක්. අපේ ඉඳිබැද්ද දේවස්ථානයේ පියතුමාගේ මාර්ගයෙන් මං රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් වුණා. බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ විභාගය සමත්වුණා. ඉන්පස්සේ උසස් පෙළ හදාරන්න ගියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට. එහිදී ගුරුවරු මට ගොඩක් උදව් කළා. මං බ්‍රේල් ක්‍රමයට උසස් පෙළ විභාගයටත් පෙනී ඉඳලා ඒකෙනුත් සමත් වුණා.”.සරත් තම පාසල් අධ්‍යාපනයෙන් පසුව සමාජයට අවතීර්ණ වූයේය. ඔහුට සමාජයට බරක් වූ පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට නොහැකිය. එහෙයින් ඔහු මොරටුව ප්‍රදේශයේ ශිෂ්‍යත්ව හා ඉන් ඉහළ ශ්‍රේණියේ පාසල් දරු දැරියන්ට උපකාරක පංති පවත්වන්නට තීරණය කළේය. ශිෂ්‍යත්ව පංති සඳහා සරත් ප්‍රදේශයේ දක්ෂ ගුරුවරයෙක් විය..සහකාරිය ඔහුට හමුවූ ආකාරයද අපූරු කතාවකි. සරත් ඔහුගේ සහ ඇයගේ ජීවිතය වෙනස් කළ සිදුවීම ගැන විස්තර කළේ මෙසේය..“2002 අවුරුද්දේ දවසක් මගේ යාළුවෙක් කෑම එක ඔතාගෙන ආපු පත්තර පිටුවක මංගල දැන්වීමක් තිබිලා. එක ඇහැකින් බාගයක් විතරයි පේන්නේ. සුරා සූදුවෙන් තොර කෙනෙක් නම් දෑස් දෙකම පේන්නේ නැති කෙනෙක් වුණත් අක්කාට විවාහ කරලා දෙන්න කැමතියි කියලයි තිබුණේ. ඉතින් ඒක කියවලා මං වගේම කෙනෙක් ඉන්නවා. මේක ගැළපෙන යෝජනාවක් වේවි, ලියලා යවමු කිව්වා යාළුවා. ඒත් මං මුලදී කැමති වුණේ නැහැ. මංගල දැන්වීම දාලා තිබුණේ කෙල්ලගේ නංගි. එයා හිටියේ රට..යාළුවාගේ බලකිරීමටත් එක්ක දැම්මේ. මංගල යෝජනාවට පිළිතුරු ලිපි හතළිස් ගාණක් ගිහින් තිබුණා. ඒත් එයා අවසානයේ එක ලිපියක් තෝරාගෙන තිබුණා. ඒ මං යවපු ලිපිය. එහෙම තමයි කමලා මට හම්බුණේ. අපි 2002 දෙසැම්බර් 27 වැනිදා විවාහ වුණා.”.කමලාගේ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොලය. සරත් සහ කමලා යුවළට ජීවත් වීමට නිවසක් කමලාගේ නැගණියගේද උපකාරය මත ගොඩනඟන ලදි. නව යුවළ විවාහයෙන් පසු සිය ස්ථීර පදිංචිය ලෙස ජීවිතය ගතකළේ වාරියපොලය. එම ප්‍රදේශයේ දරු දැරියන්ට සරත් උපකාරක පංති පැවැත්වීය. එහෙත් ගොවිතැන ජීවනෝපාය කරගත් පවුල් බහුල වශයෙන් ජීවත් වූ හෙයින් පවත්නා ආර්ථික අපහසුකම් නිසා දරු දැරියෝ පාසල් අධ්‍යාපනයෙන් සෑහීමකට පත් වූහ. සරත්ගේ ඉගැන්වීමේ ඉඩ ඇහිරිණ..සරත් හඳුන්කූරු නිෂ්පාදනය කර තැනින් තැනට ගොස් විකිණීමේ වෙළඳාම ආරම්භ කළේය. මේ සියලු කටයුතු සඳහා සරත්ගේ අත්වාරුව වූයේ කමලාය. මෙසේ වාරියපොල ප්‍රදේශයේ මාස 8 ක් පමණ ගත කළ සරත් හා කමලා නැවත මොරටුවට පැමිණ කුලියට නිවසක් ගෙන පදිංචි වූහ. මේ වන විට තම ජීවිකාව පවත්වා ගැනීමට පුටු විවීමේ රක්ෂාව පිළිබඳ අදහසක් සරත්ට පහළ විය. මොරටුව යනු ලී බඩුවලට ප්‍රකට ප්‍රදේශයකි. සරත්ගේ මවටත් සහෝදරියටත් පුටු විවීමේ හැකියාව තිබුණි. පස් හැවිරිදි වියේ සිටම සහෝදරිය හා මව පුටු වියනු තමාට පෙනීම ඇති එකම ඇසෙන් බලා සිටියා සරත්ට මතකය..“අක්කා ගෙදරදී පුටු වියද්දී ඒ පුටුව පස්සට වෙලා මං බලන් ඉන්නවා. අම්මා තේ හදලා ගේන්නෙ හකුරු කෑල්ලක් එක්ක. අක්ක හකුරුවලට ආසයි. ඉතිං මං කියනවා අක්කාට පුටු වියන හැටි උගන්වනවා නම් හකුරු කෑල්ල දෙනවා කියලා. අක්කා ඉතිං හකුරු කන්න තියෙන ආසාවට මට පුටු වියන්න උගන්වනවා. එහෙම තමයි මං පුටු වියන්න ඉගෙන ගත්තේ.”.පුටු විවීම තම ජීවනෝපාය කර ගත් සරත් තම සහකාරිය සමඟ සමාජයට බරක් නොවී ආදරයෙන්, විශ්වාසයෙන් හා සමගියෙන් යුතුව ජීවත් වෙයි. පුටු විවීම උදෙසා ඒ වෙනුවෙන් වූ හැකියාවක්ද ඉවසීමක්ද සරත් සතු වේ. පුටු සුද්ද කර දෙනු ලබන්නේ කමලා විසිනි. කමලාටද පුටු විවීමේ හැකියාව ඇත. ඇය පුටු විවීමට ඉගෙනගත්තේ සරත්ගෙනි. සරත් මුලින්ම පුටුවේ සිදුරු ඇඟිලිවලින් ගණන් කර වේවැල්වලින් අවශ්‍ය රටාවට පුටුව වියයි..“මම පුටු විවීම පටන් ගත්තේ 2003 අවුරුද්දෙ ඉදලා. මුල් දවස්වල අපි දෙන්නා, පුටු වියනවා පුටු වියනවා, කියලා පාරවල් වල කෑගහමින් තමා වැඩ හොයාගත්තේ. 2003 ඉඳන් 2012 වෙනකම් අපි ඒ විදිහට වැඩ කළා. ඒ කාලේ ගොඩක් දුෂ්කරතා විඳින්න සිදුවුණා. සමහර දවස්වලට පුටු හම්බවෙනවා. තවත් සමහර දවස්වලට උදේ ඉඳන් හවස් වෙනකම් ඇවිද්දත් පුටු නොලැබුණු දවස් තිබුණා. අපේ ජීවිතේ දුෂ්කරයි තමයි. ඒත් අනුන්ට අතපාලා ජීවත්වෙනවාට වඩා තමන්ගේ ශ්‍රමය ශක්තිය යොදවලා ජීවත් වෙන එක තමයි ඉතා අර්ථවත්. පස්සේ මට ෆර්සාන් කියන හිතවතාව හමුවුණා. එයා මගේ නමින් මුහුණු පොතේ ගිණුමක් හඳුන්වලා දුන්නා, මගේ දූරකථන අංකය සඳහන් කරලා. ඒකෙන් පස්සේ වැඩක් තියෙනවා නම් මිනිස්සු මට කතා කරනවා. ඇවිදලා වැඩ හොයන දුෂ්කරතාව ඒ නිසා අඩු වුණා. ඒක මට පහසුවක් වුණා. දූරකතනයෙන් කතා කරලා කිව්වම අපි දෙන්නා රට පුරා ගිහින් පුටු වියනවා. ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ගියෙ නැහැ කොවිඩ් නිසා. අන්තිම වතාවට පොලොන්නරුව ගියා පස්සේ නුවරඑළියත් ගියා. කමලා තමයි මාව එක්ක යන්නේ. කමලාත් පුටු වියන වැඩේට මට උදව් වෙනවා. මට ඇස් නැහැ කියලා මම වැලපෙන මනුස්සයෙක් නෙවෙයි. මම දෙනෙතින් නෙවෙයි ලෝකය බලන්නෙ මනසින්. අපිට ස්පර්ශය ඒ කියන්නේ ඇඟිලි තුඩ ඉතා වටිනවා. ඇඟිලි තුඩින් අතගාලා පුටුව වියන්නත් මානසික ඒකාග්‍රතාවක් තියෙන්න ඕනෑ. අනික අවබෝධය තියෙනවා නම් ඕනෑකම තියෙනවා නම් අවශ්‍යතාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.”.කමලා සරත්ගේ අත්වාරුව වෙමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල නිවාසවලට ගොස් පුටු විවීම සිදු කරන්නීය. සරත්ට ඕනෑම ප්‍රදේශයකට බයකින් තොරව යාමට හැකිය. ඒ කමලාගේ විශ්වාසවන්ත මඟ පෙන්වීම සහ අත්වාරුව නිසාය..‘අපි කසාද බැඳලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. එයාගේ ඇස් දෙකත් ඉපදෙනකොටම පෙනීම නැති වෙලායි තිබුණේ. එයා කුරුණෑගල සඳගල අන්ධ විද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ ඇස් දෙක ඔපරේෂන් කරලා තියෙනවා. ඒත් එක ඇහැක් හදා ගන්න බැරි වුණත් අනිත් ඇහෙන් පෙනීම සීයට පනහකට වගේ ලැබිලා තියෙනවා. අපි දෙන්නාම එකපාර කේන්ති ගන්න එක දවසක්වත් නැහැ. එක්කෙනෙකුට කේන්ති ගියොත් අනිත් කෙනා හිනාවෙනවා. එහෙමයි අපි ජීවත් වෙන්නෙ. ගෙදර උයන පිහන වැඩ රෙදි හෝදන වැඩ කරන්නෙත් මෙයා තමයි. පුටු වියලා ලැබෙන මුදල් ගැනලා බාර ගන්නෙත් මෙයා තමයි. මට දුර කෙනෙක් වැඩ බාර දෙනවා නම් එයා කතා කරද්දිම මම රෙකෝඩ් කර ගන්නවා ගෙදරට යන පාර එහෙම. දූරකථන අංකයත් එයාටම කියන්න කියලා රෙකෝඩ් කර ගන්නවා.’.සරත් කිසිම දිනක ජීවිතය විඳවා නොමැති අතර ඔහු ජීවිතය විඳින සුන්දර මිනිසෙකි. පසුගිය කොවිඩ් සංචරණ සීමා දිනවලදී සරත් හා කමලා නිවෙසට වී කල් ගෙවුවද කාටවත් අතපාන්නට නොගියහ. මේ දිරිය යුවළගේ රැකියාවට අත්වැලක් සැපයිය හැකි නම් එය ඔවුන්ගේ ජීවිතයට විශාල ශක්තියක් වනු ඇත..“දෘශ්‍යාබාධිත අපි සමාජයට සේවය කරන්න කැමති. තරගකාරී සමාජය එක්ක හැප්පෙන්න කැමතියි. අපිට අනුකම්පාව එපා. අපිට ඕනෙ සහයෝගය විතරයි. සතුට තියෙන්නේ රුපියල් සත මත නෙවෙයි”■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපිරිමි බීම ගැන ගැහැනු කතා.Next articleවසන්ත පණිවුඩය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ලත්පඳුර සමන් දේවාලය සොයා ගියෙමි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලත්පඳුර සමන් දේවාලය සොයා ගියෙමි.By කේ සංජීව.September 29, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.ඇවිදීම ජීවිතයෙන් ගැලවිලා ගිහිං. ඒ වෙනුවට වේදනාව කලකිරීම ජීවිතේ කොහේ බැලූවත්. ඉතිං ආයි ඇවිදින්න ඕන කියලා හිතුණා. ළඟින්ම පටං ගත්තාම ලේසියි. ඇවිද්දින්නේ කොහේද කියලා හිත හිතා ඉන්නකොට ටිකක් මෑතකදි කියවපු ඉතිහාස පොතක් මතක් වුණා. පෝල් ඊ පීරිසුන් ලියපු අභය හේවාවසම් පරිවර්තනය කරපු ‘ලංකාව පෘතුගීසි යුගය’ ඒක තමයි පොත..එම පොතේ 238 පිටුවේ පාද සටහනක මෙහෙම තියෙනවා..‘පැලෑඳේ සිට සැතපුම් දෙකක් ගිය තැන ඇති ලත්පඳුර සමන් දේවාලයේ පෘතුගීසි අලියෙකුගෙන් ගත් බව පැවසෙන රෙද්දක් තවමත් (1909දී* දක්නට ලැබේ.’ මේ සටහන එන්නේ කෝට්ටේ රාජධානි යුගයේ සිටි අසහාය යුද වීරයා වන විදියේ බණ්ඩාර ගැන කරන විස්තරයකට අදාළව. සපරගමු මහ සමන්දේවාලය, බොල්තුබේ සමන් දේවාලය, මහියංගණය සමන් දේවාලය සහ දැරණියගල සමන් දේවාලය ගැන අසා ඇති මට මේ සමන් දේවාලය සොයාගෙන යන්නට හිතුණා. මොකද මම හිතාගෙන හිටියේ පැරණි සමන් දේවාල හතරයි ලංකාවටම තියෙන්නේ කියලා. ඊටත් එහාට වීදියේ බණ්ඩාරගේ ඉතිහාසය එක්ක බැඳුණ ජීවමාන සාක්ෂියක් තිබෙනවා කියන මේ තැන බලන්න යන්නම ඕන කියලා හිතුණා..වීදිය බණ්ඩාර ගැන මම කාලයක ඉඳලා සොයමින් තොරතුරු එකතුකරමින් ඉන්නවා. ඉතිං ඒකත් එක හේතුවක් මේ සොයාගෙන යෑමට. ඉතිං ඔන්න මම රෙඞී. දකුණු රටේ ඉඳලා අවිත්තාව ගඟ (බෙන්තර ගඟ* පැනලා යගිරල කැලේ පාරෙන් වළල්ලාවිට කෝරලයට ඇවිත් ලත්පඳුරට යන්න ඕන. දැන්නම් ගූගල් මැප් තියෙන නිසා ගමනාන්තය දෙන්න විතරයි තියෙන්නේ. ඒත් ලත්පඳුර සමන් දේවාලයක් නම් ගූගල්ට සොයාගන්නත් නෑ. මතුගම රත්නපුර පාරේ නිතරම සරන මට කවදාවත් ලත්පඳුරේ සමන් දේවාලයක් මුණ ගැහිලත් නෑ. ඒත් ඉතිං වැඬේ අතාරින්නත් බෑ. වසර 1909දි තිබුණ දේවාලයක් සමහර වෙලාවට දැන් විනාශවෙලා ගිහිං ඇති. අන්තිමට ඉතිං යගිරල කැලේ පැනලා වළල්ලාවිට හරහා යකුපිටිය පාරෙන් ලත්පඳුරට ගියා. ගියාට පස්සේ තමයි දන්නේ ලත්පඳුර කියන නම හැදිලා තියෙන්නෙත් මේ සමන් දේවාලය නිසා සහ වීදියේ බණ්ඩාර නිසා කියලා. ඔන්න අහන්නකෝ ඉතිං ඒ කතාව!!.ලත්පඳුර සමන් දේවාලය.කියන්න අමතක වුණානේ, ගූගල් මැප්ස්වල හොයලා නැති කල මම මතුගම යාළුවෙක්ට කතාකළා. ඉතිං මිනිහා කිව්වෙ ලත්පඳුරට සමන් දේවාලයක් නම් නෑ මචං, පත්තිනි දේවාලයක් නම් තියෙනවා කියලා. මට නිකමට හිතුනා සමන් දේවාලය දැන් පත්තිනි දේවාලය වෙලා ඇති කියලා. මොකද ලංකාවේ සමන්ට වැඩිය ඉන්දියාවේ පත්තිනි මෙහේ ජනප‍්‍රියයි නේ!!.ඒත් ලත්පඳුරට ආවාම තේරුණා, නෑ ලත්පඳුරේ බොහෝ දෙනෙක් අතරේ තවමත් මේ දේවාලය ප‍්‍රචලිතයි කියලා. තවමත් දේව කාර්යයන් මේ භූමියේ සරුවට කෙරෙන බවයි ආරංචි වුණේ. අන්තිමට ලත්පඳුර හන්දියෙන් හැරිලා මෝල්කාව පාරේ ගිහිං මඳ දුරකින් වමට හැරුණ පාරක යනකොට මෙන්න හොයපු සමන් දේවාලය..බැලූබැල්මට පැරණියි. ඒත් ඒ පැරණි ගොඩනැගිල්ලට ඉස්සරහින් අලූතින් හිටවලා තිබුණ අමානෝ සෙවිලි කරපු මඩුව ඉපැරණි දේවාලය යකාට පුදලා තිබුණා. කොන්ක‍්‍රීට් මකර තොරණ නොමසුරු ආධාරකරුවෙක් හොයනවා. ඒකේ බැඳිලා තියෙන පෙඳපාසී වලට අනුව නම් මේ සෙවිල්ලට සෑහෙන්න කාලයක්!!.‘මම දන්න විදිහට මේ හයවෙනි පරම්පරාව. මේ සමන් දේවාලය අද තියෙන තැන නෙවෙයි ඉස්සර තිබුණේ. ඉස්සර තිබුණේ පටබැඳිගොඩ කියන ඉසව්වෙ. සියන් කපු මහත්තයාගේ, ඒ කියන්නේ මගේ සීයගෙත් සීයගේ කාලේ තමයි මේ දේවාලේ මෙතනට ඇවිත් තිබෙන්නේ.’.මේ විදිහට අද මේ දේවාලය භාරව ඉන්න කපු මහත්තයා ගමඇතිගේ ජයරත්න නැත්තං හින්නි මහත්තයා මහත්තයා අපි එක්ක කතාවට වැටුණා. මේ දේවාලයේ ඉතිහාසය කොච්චර දුරකට දිගයිද? මම අහනවා..‘හරියටම කියන්න දන්නේ නෑ. ඒත් පරම්පරාවෙ එන කතාවල හැටියට කෝට්ටෙ කාලෙට යනවා. මේ දේවාලයට ඉඩම් දීලා කුඹුරු දීලා මේක නගා සිටුවලා තියෙන්නේ වීදියේ බණ්ඩාර රජ්ජුරුවෝ. ඒකට සාක්ෂිත් තවම අපි ළඟ තියෙනවා.’ කපු මහත්තයා වීදියේ බණ්ඩාරගේ ඉතිහාසයට සමන් දේවාලය ගැටගැසුවෙ එහෙමයි..මේ දේවාලය ඉස්සර තිබුණ පටබැඳිගොඩ කියන පැත්තෙන් තමයි කෝට්ටේට පාර තිබුණා කියන්නේ. දවසක් රජ්ජුරුවෝ පිරිවර සේනාව එක්ක ඇතා පිට ඇවිත් තියෙනවා. ඇතා මේ දේවාලය ළඟට ආවට පස්සේ එතනින් එහාට අඩියක් ගිහිං නෑ. රජ්ජුරුවෝ රාජ¥තයෝ යවලා අවට විපරම් කරනකොට තමයි, දේවාලය භාරව හිටපු අපේ මුත්තා රජ්ජුරුවෝ ළඟට ඇවිත් දේවාලය සහ දේව ආභරණ ගැන කියලා තියෙන්නේ. ඊට පස්සේ කපු මහත්තයා අවශ්‍ය යන්ත‍්‍ර මන්ත‍්‍ර කියලා වතුර ටිකක් ඉස්සට පස්සේ තමයි ඇතා නැගිටලා තියෙන්නේ. ඊට පස්සේ වීදිය බණ්ඩාර රජ්ජුරුවෝ ඇතාපිට දාලා ඉඳගෙන ආපු රත්න කම්ඹිලිය දේවාලයට පඬුරක් විදිහට දීලා තියෙනවා. ඒ එක්කම කපු කුඹුර කියන අක්කර අටක විතර කුඹුර දේවාලයට දීලා තියෙනවා. එදායින් පස්සේ තමයි පඬුරු ලත් තැන කියන අදහසින් ලත් පඬුර ලත් පඳුර වුණේ’..ගමක නමක් අස්සේ කොතරම් දුර ඉතිහාසයක් රැුඳිලා තියෙන්න පුලූවන්ද? ලත්පඳුර කියලා කියනකොට අපිට මේ ලත් පඬුර කියන අදහස එන්නේ නෑ. ඒත් කතාව ඒකයි. ඒවගේම පාලින්ද නුවර හතර අතේ බොහෝ ග‍්‍රාම නාම වීදිය බණ්ඩාරගේ ඉතිහාසය එක්ක බැඳිලා. ඇත්තටම කෝට්ටේ යුවරජු විදිහට ඉඳලා පෘතුගීසි අඬදබර නිසා, පෘතුගීසින්ගේ හිරෙන් මිඳිලා රයිගමට එන වීදිය බණ්ඩාර එතනින් පැලෑඳට එනවා. පෘතුගීසීන්ගෙන් පළිගන්න අදහසින් තමයි පැලෑඳට මේ වීරයා එන්නේ. පිළන්ද ග‍්‍රාම කියන පාලි නාමය පැලෑඳ වුණා කියලා අපේ පැලෑඳ රජමහා විහාරයේ දේවමුල්ලේ කල්‍යාණ වංශ හාමුදුරුවෝ කියනවා. පිළන්ද කියන්නේ පාලි බසින් පබළුවලට. ඒක එහෙමනම් කෝට්ටේ යුගයට කලින් යුගවල පබළු මාල හදපු ගම තමයි පැලෑඳ ගම වුණේ..‘මෙහේ පැරණි සමන් දේවාලයක් තිබුණා. ඒත් ඒ දේවාලයේ කපු මහත්තුරු ඒක අභාවයට අරගෙන ගියා’ වීදිය බණ්ඩාරගේ මාළිගාව තිබුණ තැන පන්සලේ අපේ නායක හාමුදුරුවෝ මේ දේවාලය ගැන එහෙම කියනවා. මට හිතෙන්නේ පටබැඳිගොඩ තිබුණ පැරණි දේවාලය ගැන තමයි මේ කියන්නේ..ග‍්‍රාම නාම.මේ පැත්තේ ග‍්‍රාම නාම ගැන කතා සරිත් සාගරයකට මරු බඩුවක් සෙට් වුණා. අජිත් ප‍්‍රියන්ත. මිනිහා ගමයි, ගමේ නමේ තේරුමයි ලස්සනට වීදිය බණ්ඩාරට ගැටගැහුවා. එහෙම කිව්වට, මේවා හිතලූ නෙවෙයි ආයුබොවන්! මේවා ජනප‍්‍රවාදයේ එන කතා. අවුරුදු පන්සීයක් මිනිස්සුන්ගෙ හිත් අස්සේ ජීවත්වුණ කතා. ඉතිං ඇහිඳිමු කතා. එන්න පාළින්ද නුවරට!.‘බුලත්සිංහලට වැඩි දුරක් නෑ. මෝල්කාවෙ ඉඳලා කිලෝමීටර් අටයි. වීදිය බණ්ඩාර පැලෑඳට ආවට පස්සේ කෝට්ටේ (පෘතුගීසි* එක්ක යුද්ධ කරන්නයි සීතවක මායදුන්නේ එක්ක යුද්ධ කරන්නයි සේනාව සංවිධානය කළා. එහෙම සේනව සංවිධානය කරනකොට බුලත්සිංහල ප‍්‍රදේශයටත් ගිහිං තියෙනවා. ගිහිං හේවායෝ කරගන්න යුද්දෙට මිනිස්සු හොයනකොට, ඒ පැත්තේ මිනිස්සු අපේ රජ්ජුරුවන්ට බෑ කියලා තමයි කියලා තියෙන්නේ. වීදිය බණ්ඩාර කියන්නේ කුකුල් කේන්තිකාරයා. මිනිහා අහලා තියෙනවා බොලත් සිංහල ද කියලා බොලත් සිංහලද? කියන එක තමයි බුලත්සිංහල වෙලා තියෙන්නේ. ඔන්න කතාව’. ඔහු සිනාසෙනවා. වීදිය බණ්ඩාර කුමාරයාගේ උප්පත්තියේ මූලය දෙමළ. තවත් ඉතිහාසඥයන් වීදිය බණ්ඩාරගේ පවුල් ගසේ මූලය විදිහට ගන්නේ දෙවනපෑතිස් රජ දවසේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රැුගෙන පැමිණි කණ්ඩායමේ සිරිය වර රාම තේවර කියන කුමාරයාට. කොහොම හරි වීදිය බණ්ඩාර කුමාරයාගේ පියා සහ මව වෙන්නේ පිලැස්සේ වීදිය බණ්ඩාර සහ තනිය වල්ලභ කුමාරයාගේ දියණිය. වීදිය බණ්ඩාරගේ උප්පැත්තිය මොකක් වුණත්, වීදිය බණ්ඩාර හැමවෙලාවෙම දළඳාව ඉනේ බැඳගෙන හිටියා කියලා තමයි රාජාවලිය කියන්නේ. ඒක එහෙම වෙලත් සිංහලයෝ සේනාවට එකතුවුණේ නෑ කියන්නේ කේන්තිය සාධාරණයි තමයි ඉතිං!!.‘මේ ළඟ ගෙඟන් එගොඩ තියෙනවා පරගොඩ කියලා ගමක්. පරයෝ නැතිනම් පෘතුගීසිකාරයෝ ගොඩක් හිටපු තැන පරගොඩ වුණා. එතන වීදිය බණ්ඩාරට විරුද්ධව සටන් කරන්න ආපු පෘතුගීසි සෙබල මුළුවක් ඉන්න ඇති. එතනම ගෙඟ් අනික් පැත්තේ තමයි වීදිය බණ්ඩාරගේ මුරකාව ඉඳලා තියෙන්නේ. මුරකාව මෝල්කාව වුණා කියලා තමයි කියන්නේ. ඊළඟට පැලෑඳට මතුගම පාරෙන් ප‍්‍රවේශයක් තියෙනවා. එතනට කියන්නේ මොරපිටිය කියලා. මුර පිටිය මොරපිටිය වුණා කියලා තමයි කියන්නේ. එතකොට පැලෑඳට කිට්ටුවෙන් විධානගොඩ ඉඳලා කන්දට පාරක් තියෙනවා ඒකට අද කියන්නේ බාන් පාර කියලා. බලන් පාර කියන එක තමයි බාන් පාර වුණේ. එතන කන්දේ ඉඳලා සතුරු සේනාව එනවද කියලා බලාගෙන ඉඳලා තියෙනවා. බදුරලියේ ඉඳලා අගලවත්තට යනකොට හම්බවෙනවා යකුපිටිය කියලා ගමක්. එතනත් ඉඳලා තියෙන්නේ වීදිය බණ්ඩාරගේ සේනාවක්. යක්කුවගේ මිනිස්සු හිටපු නිසා තමයි යකුපිටිය වුණේ.’.ඔය වගේ පිළන්ද ග‍්‍රාමය වටේට තියෙන ගම්වල නම් වීදිය බණ්ඩාරගේ ඉතිහාසය එක්ක මාත්තුවෙලා. ඒ මාත්තුවීම තමයි අද පරපුරෙන් පරපුරට මේ වීරයා ගැන මතකය අරගෙන යන්නේ. අපේ නායක හාමුදුරුවෝ කියන විදිහට වීදිය බණ්ඩාරගේ මාලිගාවෙ නටබුන් තියෙන ප‍්‍රදේශයට කියන්නේ විදාන ගොඩ කියලා. ඒ කියන්නේ විධානයන් දීපු තැන. ඊට යාබදව තමයි ලේකම්ගොඩ. ඊළඟට කපුවත්ත. මේ නම් විසංයෝජනය කළොත් වීදියේ බණ්ඩාරගේ ඉතිහාසය තමයි අපිට දකින්න හම්බවෙන්නේ. ඇත්තටම කවුද මේ වීදිය බණ්ඩාර? අපේ නායක හාමුදුරුවෝ නම් කියන්නේ ඔහු නොසිටින්න මීගමුව පුත්තලම කලාපය වගේම පානදුරේ ඉඳලා මාතරට වැලිගමට යනකම් කතෝලිකකරණය වෙන්න තිබුණා කියලා. ක‍්‍රිව 1553 විතර තමයි ඉතිහාසය කියන විදිහට වීදිය බණ්ඩාර පැලෑඳට එන්නේ. 1555 විතර වෙනකම් ඔහු පැලෑඳට විතරක් නෙවෙයි රයිගම ඉඳලා මුළු දකුණටම රජා වෙනවා. මේ කාලාවකාශයේ මිනිහගේ ප‍්‍රධානම වැඬේවෙන්නේ පෘතුගීසීන් පානදුරේ ඉඳලා දකුණට අටවා අටවා ගිය ජේසුයිට් නිකායික පල්ලි විනාශ කරන එක..මායාදුන්නේ පෘතුගීසි කෝට්ටේ එක්ක එකතුවෙලා වීදියේ පැලෑඳින්, නුවරින්, සත්කෝරලයෙන් යාපනයට පන්නනකම් ඔහු වීරයෙක් වගේ, සමහර වෙලාවට පාතාල නායකයෙක් වගේ සටන් කරනවා. ප‍්‍රාදේශිය රාජ්‍යයන් අටවා ගන්නවා. රජ වෙනවා. බදු අය කරනවා. යුද්ධ කරනවා. ඔහුත් එක්ක යුද්ධ කරන්න ලේසියෙන් බෑ. අවසානයේ අනපේක්ෂිත මොහොතක අනවබෝධය නිසා හටගන්න මහා සටනකින් මියැදෙනවා. ඒ යාපනයේ නල්ලූර්වලදී. මේ අතර කාලයේදී ඔහුගේ යුද ජීවිතය ලිංගික ජීවිතය ආගමික ජීවිතය ගැන කතාකරන්න බොහෝ දේ ඉතුරු කරනවා. ඒවා අපි වෙන වෙලාවක වෙන විදිහකට කතාකරමු..ලත්පඳුර සමන්දේවාලයේ තවමත් සමන් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පුද නමස්කාර සිද්ධ වෙනවා. පෙරහැර පැවැත්වෙනවා. මුරුතැන්බත් ඉෙක්‍ෂනවා. පත්තිනි වෙනුවෙන් දෙවොල් මඩු නටනවා. ඉතිං පැලෑඳ නුවර මිනිස්සුන්ගේ සංස්කෘතික ඉතිහාසයෙන් වීදිය බණ්ඩාර ගලවලා දාන්න අමාරුයි. මේ බිමේ මිනිස්සු අද වීදියේ බණ්ඩාර දේවත්වයෙන් අදහනවා. බොහෝ දෙනෙක් කියනවා සමහර කෙම්මුර දවස්වල මැදි රැුයට අශ්ව කුර ඝෝෂාවක පැටලිලා වීදියේ බණ්ඩාර මේ ගම් මැදින් සුළඟක් වගේ හමාගෙන යනවා කියලා. පැලෑඳ රජමහා විහාර භූමියේ තිබෙන ගල්කනු අතර බිම කැණීම් කළොත් මේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය අස්සේ තියෙන ඉතිහාසයට වෙනත් හැඩයක් දෙන්න පුළුවන් වෙයි. ඒත් ලංකාවේ පුරා විද්‍යාව කියන්නේ නටබුන් වුණ තැනක්. ඉතිං මෙවැනි ජනකතාවල ඇත්ත නැත්ත මොකද්ද කියලා විද්‍යාත්මක පර්යේෂණයට තිබෙන ඉඩ අවමයි. ආයිත් දවසක අපිට පුළුවනි වීදිය බණ්ඩාර පැලෑඳ නැතිනම් පාලින්ද නුවරට වගේම සත් කෝරළයේ මුණ්ඩකොණ්ඩපොළ නුවරට යන්න. ඊට පස්සේ නල්ලූර්වලට..Tags.ලත්පඳුර සමන් දේවාලය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසත්‍යය සාහිත්‍යයට වඩා අමු ය.Next articleදුරාතීතෙක හිත නවත්තන චිත්ත කම්පන සිත්තමක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
දේශපාලනයේ සංඝ භූමිකාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දේශපාලනයේ සංඝ භූමිකාව.By සංස්කාරක.September 2, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..මානව සමාජයේ විමුක්තිය සාධනයෙහිලා භාවිත කළහැකි විශිෂ්ට දැනුම් පද්ධතියක් බුදුදහම සතුවෙයි. සමාජීය-ඓතිහාසික ප‍්‍රවේශයකින් බුදුදහම අධ්‍යනය කළ විද්වතෙකු වු නලින් ස්වාරිස් අපගේ මෙම මතය සමඟ එකඟ වෙයි. ස්වාරිස්ට අනුව බුදුදහම නැත්නම් ‘බුදුන්ගේ මඟ’ යනු සාරාත්මකව පාරලෞකික හෝ ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව පමණක් වූවක් නොවෙයි. ගතානුගතික සමාජීය අදහස් හා සාරධර්මවලට එරෙහිව ගමන් කරන හා එ්වා අභියෝගයට ලක්කළ හැකි විප්ලවීය හරයක් බුදුදහම තුළ පවතී. පුද්ගල ප‍්‍රපඤ්චය වූ කලි ‘මානව ආශාවන්ගේ ප‍්‍රබන්ධයකි’ යන ප‍්‍රත්‍යක්ෂතාවෙන් යුක්තව බුදුන් විසින් ‘මෛත‍්‍රීය සහ පරහිතකාමීත්වයෙන්’ යුතු ප‍්‍රජාවක් ගොඩනැගි ණ. සංඝ යනු එම ප‍්‍රජාවේ කේන්ද්‍රීය පාත‍්‍රවර්ගයාය. පුද්ගලවාදය යනු මානව සංතුෂ්ටියට බාධා කරන මූලිකම මූලධර්මයයි. මානව සමාජය තුළ පුද්ගල බහුවිධතාව හටගන්නේම සෑම පුද්ගලයෙකුම සතුවන පෘථග්ජන ස්වභාවය කරණකොට ගෙනය. පුද්ගලයා දැඩි වශයෙන් සිය පෘථග්ජන ස්වභාවයේ ගැලීම තුළ සමස්ත සමාජය ම පුද්ගලවාදය පිළිබඳ සාමූහික මුලාවක නිමග්න වෙයි. එහෙත්, කේන්ද්‍රීය වශයෙන් බුදුදහම මෙම පුද්ගලවාදයට නැත්නම් පෘථග්ජන ස්වභාවයට එරෙහි දර්ශනයකි..ස්වාරිස් දක්වන ලෙසට පුද්ගල චරිත ස්වභාවය සතු ප‍්‍රබන්ධිතමය ස්වභාවය පිළිබඳ බුදුන් සතු අන්තර් ඥානය යනු මායාකාරී අත්දැකීමක් ආශ‍්‍රයෙන් ජනනය වූවක් නොවෙයි. පොදු මිනිසා තුළ වන පෘථග්ජනභාවය යනු සමාජීයව හා ඓතිහාසිකව ගොඩනැෙඟන සවිඥානකත්වයකි. සමස්තයක් වශයෙන් සමාජය තුළ පවතින පොදු සවිඥානකත්වය නැතිනම් සියලූ පුද්ගල සවිඥානකත්වයන්ගේ ඓක්‍යය යනු පුද්ගලයා යනු එකිනෙකාගෙන් වෙනස් ප‍්‍රපඤ්චයක් බවයි. ප‍්‍රධාන ධාරාවේ බුදුදහම මෙම පුද්ගල ස්වභාවය තුළ පවතින අසමානතාව හා එහි පාර-ඓතිහාසික මූලය හඳුනාගනී. එබැවින්ම බුදුදහම අනුදක්නා මාර්ගය තුළ පුද්ගලවාදය පිළිබඳව පවතිනුයේ අතිශය සදාචාරාත්මක කියවීමකි. එනම් පුද්ගලවාදය යනු විමුක්තියට බාධා කරන නැත්නම් මානව සංතුෂ්ටිය වළකන හා සමාජීය සංතුෂ්ටියට එරෙහිවන තත්වයක් යන්නයි. මානවයා ඓතිහාසිකව සිය පැවැත්ම නිර්මාණය කරන බැවින් සිය පැවැත්ම වෙනස් කිරීමේ ඓතිහාසික කාර්යභාරයද මානවයාම සතුවෙයි. බුදුදහම මේ අනුව කිසිවිටෙකත් පුද්ගලවාදය මූලික කරගත් සමාජීය න්‍යායක් සහ ඉතිහාසයක් සහිත මමංකාරීය සවිංඥානකත්වය හා ආශාවන් අනුමත නොකරයි..බුදුදහම පිළිබඳ ගැඹුරු දාර්ශනික කියවීමක් අද වනවිට අපට අවශ්‍ය වී තිබේ. ස්වාරිස් වැනි බුද්ධිමතුන්ගේ කෘති එ් සඳහා විශාල පිටිවහලක් සපයයි. ලාංකේය සමාජය ඓතිහාසිකව සංඝ සමාජය හා බැඳී ගමන් කොට ඇත. සිංහල-බෞද්ධ සමාජීය හා දේශපාලනික හෙජමොනිය වශයෙන් ඉතාමත් ඌනිතවාදී ලෙස අප විසින් වටහා ගැනෙන බුදුදහම හා මෙරට සමාජීය-දේශපාලන ව්‍යුහය අතර වන සබැඳියාව විධිමත්ව හා විශ්ලේෂණාත්මකව වටහා ගැනීම මෙරට සංඝ සංස්ථාවට සේම බුද්ධිමය පාර්ශ්වයන්ටද පොදුවේ එකසේ වැදගත් වෙයි. එක් අතකින් සංඝ සංස්ථාව යනු මෙරට වඩාත් ම දේශපාලනිකව සක‍්‍රිය කොට්ඨාසයකි. එම දේශපාලනය ගමන් කරන්නේ සමාජීය මමංකාරය පිළිබඳ සවිඥානකත්වය තුනීකිරීමට ද නැතිනම් එය තවදුරටත් වර්ධනය කිරීමට ද යන කාරණය සරල පිළිතුරු සහිත දෙයක් නොවෙයි. සමාජීය සවිඥානකත්වය පිළිබඳ බහුවිධ ප‍්‍රක්ෂේපණයන් නිරන්තරයෙන් තරඟකාරීවන සංදර්භයක් තුළ බෞද්ධ සංඝ සංස්ථාව නිරන්තරයෙන්ම බුදුන් විසින් අනුදත් මාර්ගය පිළිබඳ උභතෝකෝටිකයකින් පසුවෙයි. එබැවින් සමාජීය-බෞද්ධ ගොඩනැංවීම්වල සාරය අද වන විට අතිශය පශ්චාත්-බෞද්ධ නැතිනම් ලෞකික-පෘථග්ජන-පුද්ගල කේන්ද්‍රීය සාරසංග‍්‍රහවාදයක් බවට පෙරලී ඇත. බෞද්ධ දර්ශනය කිසිවිටෙකත් සබුද්ධික බටහිර දර්ශනය අනුව ගමන් කරන, ලෝකය විෂය හා වස්තුව වශයෙන් ඛණ්ඩනය කොට එ්කාන්තමය වශයෙන් දක්වන්නක් නොවෙයි. එබැවින්ම එය විවිධ පුද්ගල ස්වභාවයන් හා විවිධ හැඟවුම්කාරකයන් පිළිබඳව විශ්වාස කරයි. එහෙත්, සබුද්ධිකවාදය හා බුදුන් විසින් අනුදත් ක‍්‍රමවේදීමය භාවිතාව අතර විශාල පරතරයක් පවතී. කෙසේ වෙතත් වත්මන් බෞද්ධ සංඝ-සිංහල-දේශපාලනික හෙජමොනිය යනුම දාර්ශනික වශයෙන් හා හරයාත්මක වශයෙන් බුදුන් වදාළ වීප්ලවීය මඟට ප‍්‍රතිඅර්ථකථනයක් හා භාවිතාවක් නිර්මාණය කරගත් තත්වයකි. අද යුගයේ බෞද්ධ දර්ශනය හා එ් තුළ වන විමුක්තිකාමී විභවය විශ්වාස කරන ක‍්‍රියාකාරීන් මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ පවත්නා බෞද්ධ සංස්කෘතික කතිකාව තුළට ඇතුළු වී ඒ තුළ තමන්ගේ ආස්ථානය සලකුණු කිරීමට එරෙහිව එල්ලවන දැවැන්ත යුදකාමී, සංඝ හා බෞද්ධ-ගිහි-දේශපාලනික සමාජීය ප‍්‍රහාරයයි. එබැවින් බෞද්ධ හෝ බුද්ධ හෝ එය ආශ‍්‍රිත කිසිම සංඥා පද්ධතියක් සමඟ ගනුදෙනු කරන විචාරීය දර්ශනයකට, කලාවකට, දේශපාලනයකට හෝ ජීවන පැවැත්මකට අවසර නොලැබෙන අතිශය පෘථග්ජනමය සංදර්භයක් නිර්මාණය වී ඇත. මෙම තත්වය, ඓතිහාසිකව මෙරට බෞද්ධ-සිංහල සමාජය සමඟ දේශපාලන පංතිය දැක්වු සබඳතාවෙහි අතිශය තීරණාත්මක තත්වයකි. අද වන විට රාජ්‍යය හා සංඝ යනු දෙකක් නොව එකක් බවට යෝජනාවෙමින් පවතී. එබැවින්, ප‍්‍රධාන ධාරාවේ සියලූ දක්‍ෂිිණාංශික හා වාමාංශික පක්‍ෂ හා සංධානවල කේන්ද්‍රීය පිළිවෙත් තුළ අතිශය තීරණාත්මක වෙනස්කම් සලකුණු කිරීමට එම දේශපාලන පාත‍්‍රකරුවන් අසමත්වී තිබෙන අතර ඔවුහු පවතින හෙජමොනික නැඹුරුතාවට අනුකූලව කටයුතු කරති. සමස්තයක් වශයෙන්, සමාජීයව පවතින සවිඥානකත්වය ඉතා ඉහළ අන්දමකින් පෘථග්ජනමය ස්වභාවයක් ප‍්‍රදර්ශනය කරන හෙයින්, නිදහස විමුක්තිය පිළිබඳ අලූත් භාෂාවක් දේශපාලනයට එන්නත් කිරීම අතිශය අභියෝගාත්මක වී තිබේ. ගතානුගතික දේශපාලන පංතියේ හා සාම්ප‍්‍රදායික සංඝ සමාජයේ ඓතිහාසික හවුල විසින් නිෂ්පාදනය වී ඇති වත්මන් සමාජීය දේශපාලන බලහවුල අර්බුදයට ලක්වන අවස්ථාවන් පවතී නම් එ්වා එක්කෝ ජාත්‍යන්තර ආර්ථිකමය අර්බුදයක බලපෑමෙන් ඇතිවන තත්වයන් හෝ සමස්ත සමාජීය සවිඥානකත්වය පෘථග්ජන සවිඥානකත්වයට එරෙහිව කැරලි ගසන තත්වයක් තුළින් නිර්මාණය විය යුතුය..ලිබරල් හා ගතානුගතික මාක්ස්වාදී දෘෂ්ටීන් සියල්ලක්ම පවත්නා සමාජීය-පෘථග්ජන ස්වභාවයට සාර්ථක තර්ජනයක් එල්ලකිරීමට අසමත්ය. එ් අතර, බෞද්ධ සංකේත, සංස්ථා, ආයතන, ව්‍යුහයන් තුළ සිය ආධිපත්‍යය පතුරවන අතිශය ජාතිවාදී, කුලවාදී හා මානව විරෝධී පැවැත්මක් බලයේ සිටින පංතීන්ගෙන් නිබඳ අනුග‍්‍රහය ලබයි. මෙම තත්වයන් තුළ මෙරට සමාජ විමුක්ති අරගලයක් දියත් කිරීමට නම් බුදුදහම පිළිබඳ ප‍්‍රමුඛ විසංයෝජනීය දාර්ශනික කියවීම් මාලාවක් නිර්මාණය කොට එ්වා ඉතා ගැඹුරින් සමාජගත කිරීමේ වගකීම බුද්ධිමය කොටස් වෙත පැවරී තිබේ. එක් අතකින් අතීත බෞද්ධ භික්ෂුව අධිරාජ්‍ය විරෝධී සටන්වල ප‍්‍රමුඛත්වයේ සිටි යුගයක් පැවැති බෞද්ධ සමාජ සවිඥානයක් සහිත තත්වය තුළ, වත්මන් භික්ෂුව පාරිභෝජනවාදී, ලෞකිකවාදී, බලකාමී, වර්ගවාදී මානව විරෝධී පැවැත්මක් තුළට දිගින් දිගටම අතිශය තීරණාත්මක ලෙස කඳවුරු ගතවීම බුදුන්ගේ මඟ අනුදක්නා චින්තනයට මරු පහරක් වී තිබේ..අතුලසිරි සමරකෝන්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleතෙල් සංස්ථාවට මව්පිය පදනම.Next articleඅනුරගේ ෆයිල් ජනපති හංගලාද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අංකයක් නැති ඇමතුමක් නම් ඇමතුමේ අයිතිකරුවන් මෙන්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අංකයක් නැති ඇමතුමක් නම් ඇමතුමේ අයිතිකරුවන් මෙන්න.By ලසන්ත රුහුණගේ.September 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.ඔබගේ ජංගම දුරකථනයට ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය නොපෙන්වන ඇමතුම් ලැබෙන අවස්ථා ඇත. මේ අත්දැකීම ඇති බොහෝ පිරිසක් ඇතිවාට සැක නැත. ලියුම්කරුද එවැනි අත්දැකීම් ලැබූ අයෙකි. එවැනි ඇමතුම් ලැබෙන හැම අවස්ථාවකදීම ජංගම දුරකථන තිරයේ දිස්වන්නේ No Number හෝ Private Number යනුවෙන්ය.මේ No Number හෝ Private Numberඅයිතිකරුවන් කවුද? ජංගම දුරකථන තිරයේ ඇමතුම් අංකය දිස් නොවන ආකාරයේ මේ පහසුකම ඔවුන්ට ලබාදුන්නේ කවුද? ඒ සඳහා ජංගම දුරකථන කි‍්‍රයාකරු සමාගම්වලට නිර්දේශ ලබාදෙන්නේ කවුද? මේ ප‍්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගැනීම සඳහා ලියුම්කරු මුලින්ම ආමන්ත‍්‍රණය කළේ ජංගම දුරකථන කි‍්‍රයාකාරු සමාගම්ය. එහිදී ඔවුන්ගේ පිළිතුර වූයේ ඒ සඳහා නිර්දේශ ඔවුන්ට ලැබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් බවය..ඒ අනුව ලියුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙත ඉල්ලීමක් සිදුකරනු ලැබූ අතර එම ඉල්ලීම මෙයාකාරය. ‘‘ජංගම දුරකථන භාවිතයේදී ඇමතුම් ලබා ගන්නාට ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දැනගැනීමට නොහැකි ලෙස No Number හෝ Private Number යනුවෙන් තිරය මත දිස්වන ඇමතුම් ලැබේ. අංකය නොපෙන්වන මේ ආකාරයේ ජංගම දුරකථන සබඳතා ජංගම දුරකථන කි‍්‍රයාකරුවන් විසින් නිකුත් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත බව එම සමාගම් විසින් විස්තර කරනු ලබයි. ඒ ආකාරයට ඇමතුම් අංකය නොපෙන්වන ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ඔබ අමාත්‍යාංශය විසින් පසුගිය කාලය පුරා නිර්දේශ කර ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය, ඒ එක් එක් ජංගම දුරකථන සබඳතාව සඳහා එවැනි නිර්දේශ ඉදිරිපත් කිරීමට හේතුව හා ඒ සඳහා ඉල්ලීම් කරනු ලැබූයේ කවුරුන්ද යන වග එක් එක් වර්ෂයට අදාළව වෙන් වෙන්ව අවශ්‍ය ගත්තු අයකර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.’’අපගේ තොරතුරු ඉල්ලීම ලැබුණ බවට ලැබුණ පිළිතුර තුළ වූයේ ‘දුරකථන ඇමතුමක් ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දිස්වීමට (CLI පහසුකම) නොමැති දුරකථන සම්බන්ධතාවන් ලබාදීමට නිර්දේශ කර ඇති පුද්ගලයන්ගේ නාමලේඛනය, එම දුරකථන සම්බන්ධතාවන් ලබාදීමට නිර්දේශ කිරීමට හේතු සහ ඒ සඳහා ඉල්ලීම් කරන ලද අය කවුරුන්ද යන්න එක් එක් වර්ෂයට අදාළව’ ගනු ලබන පියවර පිළිබඳව දින 14ක් තුළ දන්වා එවන බවය. එය නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී බි‍්‍රගේඩියර් උපාලි වීරසිංහගේ අත්සන සහිතවය..ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී බි‍්‍රගේඩියර් උපාලි වීරසිංහගෙන් ලැබෙන එක් පිළිතුරක් වන්නේ ‘එම ලිපියෙන් අපේක්‍ෂිත CLIR පහසුකම ලබාදෙනු ලබන්නේ මෙයට ඇමතුම ‘‘අ’’ ලෙස ඉදිරිපත් කර ඇති තොරතුරු හොබවන අය වෙත පමණී.’ යන්නය..අනෙක් පිළිතුර වන්නේ ‘මීට අමතරව ආරක්ෂක ඇමතිතුමා, ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා, ආරක්ෂක ලේකම්තුමා විසින් විශේෂ නිර්දේශයන් ලබාදී ඇති අයවලූන් කිහිප දෙනෙකු වෙතද මෙම පහසුකම ලබාදී ඇත. එම නාමලේඛනය ලබාදීමට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.’ යන්නය. එම දෙවන කරුණට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇතද, ඊට බොහෝ කල් ගියද තවම පිළිතුරක් ලැබී නැත. දැන් ඒ සඳහා යෑමට ඉතිරිව ඇත්තේ තොරතුරු කොමිසම වෙත පමණය..දුරකථන ඇමතුමක් ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දිස්වීමක් නොමැති දුරකථන සබඳතාවන් ලබාදෙන එම අනුමත තනතුරු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙයාකාරය..ජනාධිපති, අගමැති, කථානායක, අගවිනිසුරු, කැබිනට් අමාත්‍යවරු, විපක්‍ෂ නායක, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු, කැබිනට් නොවන අමාත්‍යවරු, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය අමාත්‍යවරු, නීතිපති, පාර්ලිමේන්තු මංතී‍්‍රවරු, පළාත් සභා සභාපතිවරු සහ පළාත් සභා අමාත්‍යවරු, පළාත් සභා විපක්‍ෂ නායකවරු, ජනාධිපති ලේකම්, අග‍්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් මණ්ඩල ලේකම්, මහ බැංකු අධිපති, කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු, කැබිනට් නොවන අමාත්‍යංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති හා විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාය..ඔබේ ජංගම දුරකථනයට තිරය මත අංකය දිස්නොවන දුරකථන ඇමතුමක් ලැබුණහොත් එම අංකයේ හිමිකරු ඉහත සඳහන් තනතුරුලාභීන්ගෙන් කෙනෙකු විය හැකිය. නොඑසේනම් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. නැතහොත් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. එසේත් නැතහොත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. රට යන අත අනුව ඒ ගැන දැනුවත්ව සිටීම ඒ ආකාරයේ ඇමතුම් ඉදිරියට ලැබීමට නියමිත අයගේ පරෙස්සම සඳහා නම් හොඳය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමානව හිමිකම් සංඥාව මොනවා කිව්වත්...Next articleජනාධිපතිවරයා කජු කනවා වාගේ ප‍්‍රශ්න ‘විසඳීම’.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
විසඳීම කල් දැමිය නොහැකි අර්බුදයකට ලංකාව පැමිණ ඇත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විසඳීම කල් දැමිය නොහැකි අර්බුදයකට ලංකාව පැමිණ ඇත.By ජයදේව උයන්ගොඩ.April 24, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.ලංකාවේ මේ දිනවල ත‍්‍රිත්ව අර්බුදයක්, පාලනය කිරීමට නොහැකිව, තියුණු වෙමින් පවතින බව පෙනේ. පළමුවැන්න කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදයයි. දෙවැන්න, පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල රාමුව ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් හටගෙන ඇති ව්‍යවස්ථා අර්බුදයයි. තුන්වැන්න, මෙම අර්බුද දෙකට මුහුණදීම පිළිබඳව ආණ්ඩුවත්, විරුද්ධ පක්‍ෂ දේශපාලන පක්‍ෂත් අතර ප්‍රතිවිරෝධතා තියුණු වීම නිසා මුළු දේශපාලන ක්‍ෂෙත්‍රයේම හටගෙන තිබෙන අවිනිශ්චිතභාවයයි..සිව්වැනි අර්බුදයක්ද ළඟදීම ඇතිවීමට ඉඩ තිබේ. එය නම් ආර්ථික සහ සමාජ ජීවිතය සති පහකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම ඇණහිටීම නිසා ගොඩනැගෙමින් යන සමාජ අසහනයයි..මේ ප්‍රශ්න විසඳාගැනීම පහසුවෙන් කළ හැකියැයි ආණ්ඩුවත්, අදාළ අනෙකුත් පාර්ශ්වත් මෙතෙක් කල් සිතා සිටිය නමුත්, එය එසේ වන බවක් පෙනෙන්නටද නැත. කොරෝනා වෛරසයේ පැතිරීමේ ව්‍යාප්තිය, රජය සහ වෛද්‍යවරුන් අපේක්‍ෂා කළ ආකාරයට පාලනය කරගැනීමට අසමත්වීම නිසා, රටේ පවතින අවිනිශ්චිතතාවද දිනෙන් දින උග්‍ර වෙමින් පවතී..මැතිවරණය.මෙම බහු-පැතිකඩ අර්බුදයේ තියුණු බව සංකේතවත් කරන අලූත්ම සිදුවීම වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජුනි 20දා දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජුනි 02දාට පෙර පැවතිය යුතු පාර්ලිමේන්තු මැතිවරණය, එම අවසන් දිනයට දින 18කට පසු පැවැත්වීමට තීරණය කිරීමෙන්, මැතිවරණ කොමිෂන් සභාව අත්වැරදීමකින් හෝ කර තිබෙන්නේ, පවත්නා ප්‍රශ්නය විසඳනු වෙනුවට, එය අලූත් ප්‍රශ්නයක් බවට පත්කිරීමයි. එය නම්, ජුනි 02දාට පෙර පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වලංගුතාව ගැන ඇති බරපතළ නොපැහැදිලිකමයි..පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ගැටලූව දැන් තිබෙන්නේ බෙහෙවින් සංකීර්ණ හා අවුල් තත්වයකය. ආණ්ඩුව වෙනුවෙන් මේ ගැටලූව ගැන මහජනතාවට කරුණු පැහැදිලි කරන නීති විශේෂඥයන් යෝජනා කරන බව පෙනෙන්නේ, ජනාධිපතිතුමා එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ඉතා සරලව තේරුම් ගනිමින්, තම සිතැඟි පරිදි ක්‍රියා කළ යුතු බවයි. දැනට මතුවී තිබෙන සංකීර්ණ ව්‍යවස්ථාමය සහ නීතිමය ප්‍රශ්න හාස්‍යයට ලක්කරමින් සහ නොවැදගත් ඒවා බවට ඌනනය කරමින්, ඔවුන් ආණ්ඩුවටත්, මහජනතාවටත් දෙන උපදේශය බව පෙනෙන්නේ, 19වැනි සංශෝධනය කේන්ද්‍රකොටගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනාධිපතිතුමා ජනවරමක් ලබාගෙන දියත් කළ රට සෞභාග්‍යය කරා ගෙනයාමේ ව්‍යාපෘතියට ඇති බාධාවක් බවයි..ජනාධිපතිතුමාගේ ගමනට තවත් ආයතනයක් බාධාවක්ව පවතින බවද ඔවුහු පෙන්වා දෙති. එනම්, දැනට විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුවයි..තෙවැනි තර්කයක්.මේ වෙතින් තවත් තර්කයක් ගොඩනැගීමට ඉඩ තිබේ. එය නම්, නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වූ මහජන පරමාධිපත්‍යයේ තීන්දුවට ඉදිරියට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, දැනට ව්‍යාකුලව පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලියත් විසින් නිර්මාණය කරනු ලැබ ඇති බාධා ඉවත් කිරීම, ජනතා පරමාධිපත්‍යය සහතික කිරීමේ, ව්‍යවස්ථාවෙන් පිටත තිබෙන, එහෙත් දේශපාලන වශයෙන් අවශ්‍ය සහ සුජාත ක්‍රියාමාර්ගයක් වන්නේය යන්නයි..ලංකාවේ දේශපාලන අර්බුදය දැන් ගමන් කරන එක මාවතක් මෙම ගොඩනැගෙන තර්කය විසින් විවෘත කරනු ලැබීමට දැනට ඇති ඉඩකඩ බහුලය..මෙය වනාහි, වැළැක්විය යුතු විකල්පයකි. එහෙත් එය වැළැක්වීමට නම්, සියලූම දේශපාලන පක්‍ෂවලත්, මැතිවරණ කොමිෂන් සභාවේත්, සුදුසු පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේත් සාමූහික සහභාගිත්වය අවශ්‍ය වේ..දැනට මතුවී ඇති ප්‍රශ්න සමහරකට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇතුළත විසඳුම් සෙවිය හැකිය. තවත් සමහරක් විසඳීමට අවශ්‍ය විධිවිධාන ව්‍යවස්ථාවේ නැත. එහෙත් ව්‍යවස්ථාවෙන් ඉඩ තිබෙන විසඳුම් කරා යාමට මෙන්ම, ව්‍යවස්ථාවේ විධිවිධාන නැති, එහෙත් ව්‍යවස්ථාවේ රාමුව තුළ සෙවිය හැකි විසඳුම් කරා යාමටත්, ජනාධිපතිතුමා නායකත්වය දෙන විධායකයට සහ ආණ්ඩු පක්‍ෂයට තනිවම නොහැකිය. ඔවුන්ට දැන් තනියම සෙවිය හැක්කේ ව්‍යවස්ථාවෙන් පිට විසඳුම්ය. එහෙත් එවැනි විසඳුම් රටටත් ජනතාවටත් හිතකර ඒවා විය නොහැකිය..ව්‍යවස්ථාමය විසඳුම් සඳහා.එබැවින් මේ මොහොතේ හදිසිම අවශ්‍යතාව නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ඇතුළත්, රාමුව ඇතුළත්, විසඳුම් සෙවීම සඳහා ආණ්ඩු පක්‍ෂය හා විරුද්ධ පක්‍ෂ, විධායකය සහ විසිරූ පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්‍ෂ යන මූලික පාර්ශ්ව දෙක අතර ගැටලූ විසඳීමේ (problem solvng) සාකච්ඡා වහාම ආරම්භ කිරීමයි. එවැනි සාකච්ඡුා වටයකින් පසු තාවකාලික අවම පොදු ක්‍රියාමාර්ගයකට (common mnmum programme ), ප්‍රසිද්ධියේ ගිවිසුමකට එළඹීමයි. දැනට දෙපාර්ශ්වය අතර ඇති අවිශ්වාසය සහ සැකය දුරුකරගත හැක්කේ එවිටය..ලංකාවේ දැනට ගොඩනැගෙන බහුවිධ අර්බුදය සුළුපටු එකක් නොවේ. එය අනපේක්‍ෂිත දේශපාලන ප්‍රතිඵලවලට තුඩුදිය හැකි එකකි. එය විසඳීමට ඇති සබුද්ධික ක්‍රියාමාර්ගයක් වන්නේ ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය සමගත්, ජනාධිපතිතුමා සහ පක්‍ෂ නායකයන් සමගත් ක්‍රමානුකූලව, න්‍යාය පත්‍රයකට අනුව, ප්‍රතිඵලයක් ඇතිකර ගැනීම ඉලක්ක කරගත් ගැටලූ විසඳීමේ සහමන්ත්‍රණයක් වහාම ආරම්භ කිරීමයි. කිසිදු පාර්ශ්වයක් නොපරදින සහ මහජනතාවත්, ප්‍රජාතන්ත්‍රවාදයත් ජයගන්නා විසඳුමක් සෙවිය හැක්කේ එවිටය..ඡායාරූපය: ලක්රුවන් වන්නිආරච්චි/ Getty.Tags.covid 19.election.election commission.gotabaya rajapaksha.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.කොරෝනා.කොවිඩ්19.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩ.ජයදේව උයන්ගොඩcorona.පුවත්.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.රාවය.රාවය පුවත්පතAnidda Newspaper.වසංගතය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවැලිසර සිට නිවාඩු ගිය අයට නැවත එන්නැයි කෙටි පණිවුඩ.Next articleපුරප්පාඩු වූ පොලිස්පති තනතුර ගැන ව්‍යවස්ථා සභාවට දැනුම්දීමක් නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
කබලෙන් ළිපට වැටුණු කොස් කැළේරොටි හදන මිනිස්සු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කබලෙන් ළිපට වැටුණු කොස් කැළේ.රොටි හදන මිනිස්සු.By සංස්කාරක.December 20, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ චමලි තෙන්නකෝන්.‘අවුරුදු විසි හයක් තිස්සේ කරගෙන ආව කඩ කාමර විනාඩි කීපයක් තුළ දී කඩා විනාශ කර දැමුවා. අපි ඉල්ලුවේ පැය විසිහතරක්. අපේ බඩු මුට්ටු ඉවත් කරගන්න. ඒකටවත් ඉඩ දුන්නේ නෑ. අවුරුදු ගණනාවක් දුක් මහන්සිවෙලා හම්බකරපු දේවලින් ගත්ත ලක්ෂ ගණනක බඩු කඩ කාමර තුළ තිබියදී හිතක් පපුවක් නැතුව පෙරළා දැමුවා.’.මැල්සිරිපුර, කොස් කැලේ පවුල් ගණනාවකගේ ඛේදවාචකය පසුගිය දින ගණනාවක් තිස්සේ රැව් පිළිරැව් දුන්නේය..වෙළඳසල් හිමියන් 2008 වසරේ සිට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට බදු මුදල් ගෙවමින්, විදුලිබල මණ්ඩලයට විදුලි ගාස්තු ගෙවමින්, මෙම කඩ කාමර 30 පවත්වාගෙන ගොස් ඇත..විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් මෙම කඩකාමර පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඒ අතර වැන්දඹු කාන්තාවන් සිටින පවුල් අටක් සිටී..මෙම වෙළඳසල් පවත්වාගෙන යාමේදී කාලය සහ භූමිය ඉතාමත් උපරිමෙන් පවත්වාගෙන යන්නට ඔවුන් උත්සාහ කර තිබේ. එනම්, දහවල් කාලයේදී එක් පිරිසක් වෙළඳසල පවත්වා ගෙන ගොස් ඇති අතර, රාත්‍රී කාලයේ දී තවත් පිරිසක් වෙළඳසල මාරුවෙන් මාරුවට පවත්වා ගෙන ගොස් ඇත..ඒ අනුව පවුල් 60ක් මෙම කඩ කාමරවලින් ජීවත් වූ බව ඔවුහු කියති. ඊට අමතරව සෑම කඩේකම දහවල් කාලයේ දී එක් සේවකයෙකු සහ රාත්‍රී කාලයේ එක් සේවකයෙකු බැගින් සේවය කිරීම නිසා රැකියා අවස්ථා හැටක් නිර්මාණය වී ඇත. ඒ සමඟ ගෑස්, වතුර, ආහාර වර්ග, සපයන අය සමග පවුල් 250 තුන්සීයක් මේ කඩ කාමර හරහා ජීවත් වූ බව කියති..එසේ තිබියදී පසුගිය දෙසැම්බර් මස දෙවැනි දින පෙර දැනුම්දීමකින් තොරව මේ වෙළඳසල් කඩා ඉවත් කර දැමීම ඉතාමත් සාපරාධී ක්‍රියාවක් බව ඔවුන් කියාසිටී..මේ පිළිබඳව අදහස් දැක්වූ වයස අවුරුදු 42ක් වූ ධම්මිකා ප්‍රියදර්ශනී මෙලෙස කිය සිටියාය..‘මගේ මහත්තයා නෑ. එයා යුද හමුදාවේ ඉඳලා අතුරුදන් වුණේ 2007 අවුරුද්දේ. එයා වැඩ කළේ මාදුරු ඔය පුහුණු පාසලේ උපදේශකවරයෙක් විදියට. මහත්තයා අතුරුදන් වුණාට පස්සේ මට කිසිම ගෙවීමක් කළේ නෑ. මම වෙනත් විවාහයක් කර ගත්තෙත් නෑ. මට ජීවත් වෙන්න විදිහක් නැති නිසයි මේ කඩේ කරගෙන ගියේ. මේ මගේ අම්මා කරගෙන ගියා. දැන් එයා වයසයි. එයාවත් බලාගෙන දවල් කාලෙදි මම මේ කඩේ කරගෙන යනවා. එහෙම ඉද්දි තමයි එදා අපේ කඩේ මේ විදිහට ඇවිත් පෙරළා දැම්මේ. සාරිය ඇඳගත්ත කාන්තාවන් දෙන්නෙක් තමයි මේ කඩ කඩන්න එයාලට නියෝග ලැබිලා තියෙනවා කිව්වේ. අපි ඒ අය කවුද කියලා දන්නේ නෑ. අපේ අම්මා කෑ ගහලා කිව්වා අපේ ගෙදර පිරිමි නෑ කවුරු හරි ඇවිත් මේ බඩු ටික ගන්නකං ටිකක් අපිට කාලේ දෙන්න කියලා. ෆ්‍රිජ් එක එහෙම උත්සන්න අපිට බෑ. යකඩ බට අපිට ගලවන්න බෑ. ඒ හින්දා පොඩි කාලයක් දෙන්න කිව්වා. එහෙම තියෙද්දිත් ඒ අය ඒ පිළිබඳව කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැතුව කඩේ කඩලා දැම්මා. කඩේ ඇතුළේ අපි අලෙවි කරමින් හිටියේ පිටින් ගත්ත ආහාරපාන. ඒ ටිකවත් ඉවත් කරගන්න අපිට වෙලාවක් තිබුන්නෑ. දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. රුපියල් 50000ක් විතර පාඩුවක් අපිට සිද්ධ වුණා.’.තුරු සෙවණ වෙළෙඳ සංගමයේ සභාපති ඩීජී රණවීරද අප සමඟ කතාබහ කළේය..‘අපි වසර 26ක් මේ කඩ කරගෙන යනවා. මුල්ම කාලේ අපි පොලිතින් වටකරලා කඩ පවත්වාගෙන ගියා. එහෙම ඉන්නකොට 2003දී ජොනී මැතිතුමායි, බන්දුල ඇමතිතුමායි යූඇම්පි ආණ්ඩුවේ ඉන්න කාලේ අපිට මේ කඩ කාමර හදලා දුන්නා. මේ සියලුම කඩ මාර්ගයට අයිති භූමියෙ හදලා තියෙන කඩ කාමර. ඉතිං මේවායේ බදු මුදල අපි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට ගෙවා ගෙන පවත්වාගෙන ආවා. ඊට පස්සෙ කැලෑ දෙපාර්තමේන්තුවෙන් 2018 අපිට විරුද්ධව නඩු පැවරුවා. ඒත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති භූමියක නොවන නිසා අපිට මේ පවත්වාගෙන යාමේ හැකියාව තිබුණා. එහෙම නැති සමහර කඩ කාමර ඉවත් කරන්න තීන්දුව තිබුණා. අපේ එක වෙළඳ මහත්තයෙක් හිටියා ලයනල් පෙරේරා කියලා. එයාගෙ නඩුව තිබ්බේ දෙසැම්බර් තුන්වෙනිදාට. නමුත් උසාවියේ පිස්කල් කියලා දෙවෙනිදා ආපු අය කිව්වේ සියලුම කඩවලට නඩු තීන්දුව ලැබුණු බවයි. ඉතින් ලයනල් පෙරේරාගේ නඩුව අහන්නත් ඉස්සරවෙලා ඒකටත් තීන්දුව අරගෙන ඇවිත් තිබුණා. අපිට තේරෙන්නෙ නෑ පොඩි මිනිස්සුන්ට ඇයි මෙහෙම නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කොහොම වුණත් ඒ අයට පුංචි වෙලාවක් දෙන්න තිබුණා මේ අයගේ තහඩු කෑල්ලක් හරි ඉවත් කරගන්න. එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවට තිබුණා අපිට කොහේ හරි තැනක් වෙන් කරලා දෙන්න. එහෙම නොදී අද පවුල් ගානක් අසරණ වෙලා. අපි ළමයින්ට උගන්නන්නෙ කන්ඩ බොන්ඩ දෙන්නේ මේ රොටී පුච්චලා තමයි. ඒත් දැන් අපි ඉතාමත් එකමුතුව ඉන්නවා මේ භූමියෙන් ඉවත් වෙන්නේ නැතිව මේසයක් උඩ හරි තේ විකුණන්න.’.අනෝෂා දිල්රුක්ෂි මෙම ස්ථානයේ වෙළඳසැලක් පවත්වා ගෙන යන තවත් කාන්තාවකි..‘අවුරුදු විසි ගානක් මේ වෙළඳසැල්වල අපි ජීවත් වුණා. කොයි වෙලේ හරි යන්න කිව්වොත් යන්න වෙනවා. ඒ කතාව අපි පිළිගන්නවා. නමුත් කිසිම දැනුම්දීමකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරිය ඩෝසර් ගෙනල්ලා මේ කඩ කාමර කඩලා විනාශ කරලා දැම්මා. නමුත් කිව්වේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට මේ දේ සිදුවුණා කියලයි. අපේ කඩ කාමර තිබ්බේ මාර්ගයට අයත් භූමියේ. මාර්ගයට අයත් භූමියේ පවත්වාගෙන යන්න අපිට නීතියෙන් අවසර ලැබිලා තිබුණා. ඒ අනුව තමයි මේ වෙළඳසැල් අපි පවත්වාගෙන ගියේ. නමුත් ඔය කියන දවසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇවිත් එයාලගේ සීමාව අඩි 12ක් මාර්ගය දෙසට ඇවිත් ලකුණු කළා. මුලින් ලකුණු කරලා තිබුණු සලකුණ තියෙන්නේ කොන්ක්‍රීට් කණු දාලා. මේ කඩ කඩන්නෙ ඉස්සරවෙලා ලකුණු කළේ සුදු පාට හුණුවලින්. කාගේ වුවමනාවට මෙහෙම කළාද දන්නෙ නෑ..මේ භූමියෙත් ඇවිදින මං තීරු හදන බවට අපිට ආරංචි වුණා. මාර්ගයේ අනිත් පැත්ත දැනටමත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. වෙළඳසැල් තියෙන පැත්තෙත් මං තීරු හදනවා නං, අපිට කොහෙන් හරි තැනකින් කඩ කාමර දෙන්න තිබුණා. දැන් අපි ජීවත් වෙන්නේ කොහොමද? මෙතන වැඩිපුර ඉන්නේ කාන්තා මූලික පවුල්. වැන්දඹු කාන්තාවන් විතරක් පවුල් අටක් ඉන්නවා. මේ වෙළඳපළ කරන කිසිම කෙනෙක්ට සමෘද්ධිය වත්, වෙනත් කිසිම රජයෙන් දෙන ආධාර වත් ලබා ගන්නේ නෑ. පහුගිය කාලේ කොරෝනා නිසා මිනිස්සු අසරණ වෙලා හිටියා. ඒ වුණත් අපි රුපියල් 5000වත් අපිට ලැබුණේ නෑ. මේ වෙළඳසැල් ටිකත් වහලා දාලා තිබුණේ. යන්තම් කඩ ටික ඇරගත්තා විතරයි. හිතක් පපුවක් නැතුව කඩලා දැම්මා. මේවා සහගහන අපරාධ. මිනිසුන්ගේ කෑම බීම කඩ කාමර ඇතුළේ තියෙද්දිම කඩලා සුණුවිසුණු කරලා දැම්මා.’.බීඩී වීරසිංහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු වසර විස්සක් පුරාවට මේ ස්ථානයේ වෙළඳසල්වලට පැණිවළලු සපයන සැපයුම්කරුවෙකි..‘මගේ ජීවන මාර්ගය සකස් වෙලා තියෙන්නේ මේ පැණිවළලු අලෙවි කිරීමෙන්. මේ වෙළඳසල්වල ඒවාට හොඳ ඉල්ලුමක් තිබුණා. කිසිම ගැටලුවක් නැතුව අපි මේ අය සමඟ ගනුදෙනු කරගෙන ව්‍යාපාරය කරගෙන ගියා. ඔහොම ඉද්දි දෙවැනිදා හැන්දෑවේ අපිට ආරංචි වුණා කඩ ටික කඩලා විනාශ කරලා කියලා. එහෙම තියෙද්දි මම පැණිවළලු අරගෙන අද ආවා. මේක දැක්කාම හරියට හිතට කනගාටුයි. කීදෙනෙක් මෙතන ඉඳලා කාල බීලා යන්න ඇතිද? දැන් මේ කඩහිමියන් විතරක් නෙවෙයි අපිත් අසරණ තත්ත්වයට පත්වෙලා.’.පී.එම්.ඩී.ඒ.පී. ජයලාල් මහතා හබරණ ප්‍රදේශයේ සිට සතියකට වතාවක් කුරුණෑගල ප්‍රදේශයට පැමිණෙන යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරන වෘත්තිකයෙකි. ඔහු ඔහුගේ වැඩපල සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා කුරුණෑගලට එන අතරතුර වසර විස්සක් පුරාවටම ඒ වෙළෙඳසලකින් තේ බීමට පුරුදු වූ අයෙකි..‘මං උදේ කුරුණෑගල යද්දි කඩ කඩලා පෙරළලා දාලා තියෙනවා. කාරණාව දන්නේ නැති උනත් එන ගමන් නතර කරලා බලන්න ඕනෑ නිසයි මං නිතරම තේ බිව් කඩේ ළඟ නතර වුණේ. මේ සිද්ධිය දැකලා අපි ගොඩක් කම්පාවට පත්වුණා. ඇත්තටම අවුරුදු ගණනාවක් තිස්සේ අපි මේ කඩවලින් තේ බීලා යනවා. මේ මිනිස්සු එක්ක කතාබහ කරන නිසා ගොඩක් අසරණ අය කියලා අපි තේරුම් අරගෙන හිටියා. කුරුණෑගල නගරයේ කොච්චර ලොකු කඩ හෝටල් තිබුණත් මේ අයට උදව්වක් විදිහටයි අපි මේ අයගෙන් තේ එකක් බීලා ගියේ. අද මේ අය කබලෙන් ළිපට වැටිලා. නැගිටින්න මේ වගේ අයට උදව් කරන්න ඕනෑ. ඒ වගේ අය මේ විදියට විනාශ කරන එක හොඳ දෙයක් නෙවෙයි.’.හිරියාල ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මෙම ස්ථානය නිරීක්ෂණය කරමින් මෙලෙස අදහස් පළ කළේය..‘මේක යහපාලන රජයේ අතකොළුවක් වූ රාජ්‍ය සේවකයන්ගේ ඉතාම නින්දිත ක්‍රියාවක් විදිහටයි මං මේක දකින්නේ. මේ අහිංසක කඩ හිමියන් මේ ස්ථානයෙන් ඉවත් කරන්න ඉතාමත් සූක්ෂ්ම විදිහට මේ අය පිඹුරුපත් හැදුවා. ඒ නිසා මං මේ අයට කියා සිටිනවා අපේ රජයට බනින්න එපා. මේක යහපාලන රජයේ ගත් ක්‍රියාමාර්ගයක්. ඒක නිවැරදි කරන්න අපි උත්සාහ කරනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි ජොන්ස්ටන් ඇමතිතුමා මට උපදෙස් දුන්නා මේ කඩ ඉදිරියට ගෙන යාම සම්බන්ධව. මංතීරු හදනවා කියලා ගොඩක් අය අපේ රජයට බනිනවා. අපි ඇත්තටම බඩගමුව කැලේ වගේ මෙතන ඉතාමත් රමණීය සුන්දර පරිසරයක් හදන්න සැලසුම් කරලා තියෙනවා. පරිසරයට හානි නොකර මේ ප්‍රදේශයේ කැටගල් අල්ලලා ඉතාමත් අලංකාර කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒ වුණත් මේ කඩ හිමියන් ආරක්ෂා කරන්න ඔවුන්ට යම් පිළිවෙළක් අපි සකස් කරනවා.’.මේ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතා මෙලෙස අදහස් පළකළේය..‘මේක කාගෙවත් හෝ ආයතනයක උවමනාවකට වෙච්ච දෙයක් නෙවෙයි. වනාන්තරයට හානියක් නොවන පරිදි වනාන්තරය පවත්වාගෙන යාමට තමයි අප උත්සාහ කරන්නේ. ඒ අනුව ලැබුණු උසාවි නියෝගයකුයි අපි ක්‍රියාත්මක කළේ..මුල් අවස්ථාවේ ඉඳලාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තිරසාර විසඳුමකට ඒ මේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව මේ කඩ ඉවත් කරලා භූමිය අපි මැල්සිරිපුර අඩවි වන නිලධාරිවරයාට දැනට බාර දීලා තියෙනවා. නමුත් ඇවිදින මංතීරු හැදීමේ අරමුණක් අපි ළඟ නෑ. මොකද අපි ඒවා පිළිබඳව තීරණ ගන්න අය නෙවෙයි. එවැනි දෙයක් හෝ එවැනි සැලැස්මක් පිළිබඳව මෙතෙක් කිසිදු ආයතනයක් ඉල්ලීම් කරලාත් නැහැ.’.එහෙත් ජනතාව කියා සිටින්නේ දේශපාලකයන් සහ නිලධාරීන්ගේ කියා සිටින දේ එහෙම පිටින්ම පිළිගත නොහැකි බවයි. වන අඩවි නිලධාරීවරයා මංතීරු හදන්ඩ දෙන්නෑ කිව්වද මේ වන විටත් රුපියල් කෝටි 72 කට වැඩි මුදලකින්. (72299469.28) යුක්ත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දැන්වීම් පුවරු සවිකර තිබේ. අනිත් කාරණාව ලෙස කඩහිමියන් කියා සිටින්නේ ‘වන අඩවි කාර්යාලය මගින් උසාවි නියෝග අරගෙන වෙළඳසැල් කඩා දැමුවත් කඩ තිබෙන්නේ මාර්ගයට අදාළ කොටසේ බවත් කඩ ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත්‍ර පැමිණි බවත්’ය. මේ සියලු කාරණා පැටලිලි සහගත බැවින් දේශපාලකයන් හෝ නිලධාරීන් පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුහු කියා සිටිති.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑන්න,.විධායක ජනාධිපති ක්‍රමයේ.රඟ සොබාව නරඹන්න.Next articleනව ව්‍යවස්ථාවක් සැකසීමේදී.සිද්ධි අධ්‍යයනය මුල් විය යුතුය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අපි තවදුරටත් රනිල් වික‍්‍රමසිංහගේ කාලසටහනට වැඩකරන්නේ නෑ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපි තවදුරටත් රනිල් වික‍්‍රමසිංහගේ කාලසටහනට වැඩකරන්නේ නෑ.By කේ සංජීව.January 20, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.රංජිත් මද්දුම බණ්ඩාර.එක්සත් ජාතික පක්ෂය අර්බුදය මේ වෙනකොට මොන වගේ තත්ත්වයකද තියෙන්නේ?.දේශපාලන පක්ෂයකට නායකයෙක් තෝරනකොට ඒකට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ක‍්‍රමය තමයි ඡුන්දයකට ගිහිං අදාළ පුද්ගලයා තෝරාගැනීම. එක්සත් ජාතික පක්ෂය තුළත් ඉස්සර මේ සාම්ප‍්‍රදාය ක‍්‍රියාත්මක වුණා. අපි හැමෝම දන්න මෑතම උදාහරණය තමයි 1994දී විපක්ෂ නායකයා තෝරාගැනීම. ඒ වෙලාවේ ගාමිණි දිසානායක මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර තරගයක් තිබුණා. රහස් ඡුන්දයකින් තමයි තෝරාගත්තේ. ඉතිං අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තමයි ජනතාව නියෝජනය කරන්නේ, එහෙනම් ඔවුන්ට ඡුන්දයකින් මේ පක්ෂයට නායකයෙක් තෝරාගන්න අවස්ථාව දෙන්න ඕනෑ. ජේආර් ජයවර්ධන අපේ පක්ෂයේ හිටපු නායකයා අගමැති වෙලා ඊළඟට විධායක ජනාධිපති වෙලා ඉඳලා යනකොට ඔහු නායකයෙක් තේරුවා. ඒ වෙලාවේ දෙන්න හිටිය හොඳම මිනිහාට ඔහු නායකත්වය ලබාදුන්නා. මේ පක්ෂයේ බෙදීමක් ඇතිවුණේ නෑ. පක්ෂය ආරක්ෂා වුණා. රනිල් වික‍්‍රමසිංහ වර්තමාන නායකයාට එහෙම මේ පක්ෂය කඩන්නේ නැතුව, මේ පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහත්තයාට දෙන්න බැරි නම්, අපි කියන්නේ වහාම ඡුන්දයක් තියන්න. අපි ඒකට සූදානම්..ඔබ මොනවා කිව්වත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙන් එහි වර්තමාන නායකයාට දීලා තියෙන අසීමිත බලතල නිසා මේ ප‍්‍රතිසංස්කරණයන් කරගැනීම කතාකරනවා තරම් ලේසි නැහැ නේද?.පක්ෂ ව්‍යවස්ථාවෙන් මිනිස්සු ගාවට ගිහිං ඡුන්දය ඉල්ලන්න බැහැ. ඒකට ජනතාව කැමති නායකයෙක් පක්ෂයට නායකත්වය දෙන්න ඕනෑ. අද එජාප පාක්ෂිකයා කියන්නේ අලූත් නායකත්වයක් යටතේ පක්ෂයට නව මුහුණුවරක් දෙන්න, දීලා පක්ෂය අලූත් කරලා ඡුන්දයට එන්න කියලා. රනිල් වික‍්‍රමසිංහ මේ පක්ෂයේ නායකයා වෙලා දැන් අවුරුදු 30ක් වෙනවා. ඔහුගේ නායකත්වය යටතේ මේ පක්ෂයට ආණ්ඩු බලය ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ අවුරුදු හයක් විතර. ඒකත් තනි බලයක් නෙවෙයි. ජනාධිපතිවරණ 5ක් තියලා තියෙනවා මේ නායකයා යටතේ, එයින් 3කට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්නවත් එජාපයට බැරිවුණා. ඒකයි ඇත්ත කතාව..මේවා අපි තේරුම් ගන්න ඕනෑ. ව්‍යවස්ථාවට මුවා වෙලා බෝලේ පාස් කරලා දිගටම නායකත්වයේ හිටියා කියලා හරියන්නේ නෑ. තවදුරටත් කතා සාද තියලා මේ ප‍්‍රශ්නය වෙනුවෙන් කල් මරන්න සූදානම් නැහැ කියන එකත් අපි කියන්න ඕනෑ. අපි අත්දැකීමෙන්ම දන්නවා පසුගිය ජනාධිපතිවරණයේදී මොකද වුණේ කියලා. අපේක්ෂකත්වය දෙනකොට ඡුන්ද ව්‍යාපාරක් තියන්නවත් කාලයක් නෑ. ඒ නිසා මේ එන මැතිවරණයටත් ඒක කරන්න අපි ඉඩ තියන්නේ නෑ..ජනවාරි 16වෙනි බ‍්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයට ඔබලා නැවත එකතුවෙනවා පක්ෂයට අලූත් නායකයෙක් පත්කරගැනීම සඳහා. මේ රැුස්වීම තුළින්වත් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙයිද?.පසුගියවර තිබුණ සාකච්ඡුාවෙදිත් අපි පැහැදිලිව කිව්වා අපි මේ ප‍්‍රශ්නය අල්ලාගෙන කාලය කාදමන්න තවදුරටත් සූදානම් නැහැ කියලා. අනිවාර්යයෙන්ම විසඳුමක් ඕනෑ. එහෙම නැතිවුණොත් අපි තීරණයක් ගන්නවා. අපි සමග ඉන්න සුළු පක්ෂ සියල්ලම ඉල්ලන්නේත් සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ නායකත්වයෙන් යුතු අලූත් ගමනක්. අපි කවදාවත් මේ පක්ෂය කඩන්නේ නෑ. හැබැයි මේ පක්ෂයේ බහුතර පක්ෂ සාමාජිකයා නියෝජනය කරන පාර්ශ්වය විදිහට අපි අපේ මන්ත‍්‍රී කණ්ඩායම සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම සංවිධානය කරලා අනෙකුත් සුළු පක්ෂ සමග සන්ධානගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක එක්සත් ජාතික පෙරමුණම වෙන එකක් නැහැ. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවෙන අලූත් දේශපාලන සන්ධානයක් වේවි. අපි පක්ෂයට, වර්තමාන නායකයාට කියන්නේ මේ පක්ෂයට ඒ ඉරණම උදාකරන්නේ නැතුව සජිත් පේ‍්‍රමදාස මහත්තයාට පක්ෂයේ නායකත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දෙන්න කියලා..අපි දන්න විදිහට ඔබලාගේ පාර්ශ්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70ක් පමණ ඉන්නවා. ඒත් රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙනුත් කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම කියන දෙයක් තමයි සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පැමිණියොත් තම කණ්ඩායමේ එජාප දේශපාලනය ඉවරයි කියන දේ. මේ කණ්ඩායමේ ප‍්‍රශ්නයට විසඳුමක් ඔබලාගේ පාර්ශ්වයට තිබිය යුතුයි නේද?.අපිට මේ පක්ෂය බෙදාගෙන ගමනක් යන්න කිසිම උවමනාවක් නෑ. අපිට අවශ්‍ය එකතු කරගත්ත ගමනක්. ඒත් බහුතර මන්ත‍්‍රී කණ්ඩායම ජනතා අදහසට ගරුකරමින් අලූත් නායකයෙක් වෙත පක්ෂය භාර කරන්න යනකොට සුළු පිරිසක් ජනතාව, පාක්ෂිකයා පැත්තකට වීසිකරලා තමන් ගැන සිතීම තමයි මෙතැන තියෙන ලොකුම අවුල. සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට ආවා කියලා අපිට පළිගැනීම් දේශපාලනයක් කරලා මේ සුළු පිරිස පක්ෂයෙන් එළවාදැමීමේ උවමනාවක් නැහැ. අපිට ඕනෑ එකතුවෙලා මේ පක්ෂය ජයග‍්‍රහණය වෙත අරගෙන යන්න. අවුරුදු 30ක් එකම නායකයා. මේක වෙනස් කරන්න ඕනෑ. ඒකට පුද්ගලික ලාභ ප‍්‍රයෝජන බලලා වැඩක් නෑ..නැවතත් කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත්ත නායකත්ව මණ්ඩලයක් ගැන කතාවකුත් තිබෙනවා නේද?.මේවා විහිළු විදිහට තමයි අපිට පෙනෙන්නේ. රනිල් වික‍්‍රමසිංහ දිගටම නායකත්වයේ ඉන්නවා. ප‍්‍රශ්නය යට ගහන්න තවත් නායකයෙක් නායකත්ව මණ්ඩලයක් හරහා පත් කරනවා. මේ වගේ බෝල පාස් කිරීම් අපි මේ අවුරුදු 30ක ඉතිහාසයේ ඕනෑ තරම් දැකලා තිබෙනවා. මෙවර අපි මේ විහිළුවලට අහුවෙන්නේ නෑ. අපි කියන්නේ පක්ෂයේ නායකත්වය වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඊට සුදුසුම පුද්ගලයා වන වර්තමාන විපක්ෂ නායකවරයාට, සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදෙන්න කියන එකයි..මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා පසුගිය දවසක කියලා තිබුණා තමන්ගේ පක්ෂය ඇතුළු සුළු ජාතික පක්ෂ එජාප සන්ධානයෙන් එළියට වීසිකරලා, වර්තමාන එජාප නායකයන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අරං දෙන්න දේශපාලන ගේම් එකක් ගහනවා කියලා..අපි එළඹෙන ඡුන්දයට කුමන ආකාරයේ සන්ධානයක් යටතේ මොන විදිහකටද යන්නේ කියන එක ගැන අපිට තව ඉදිරියට සාකච්ඡුා කරන්න පුළුවන්. යම් යම් උපාය උපක‍්‍රම අපිට අනුගමනය කරන්න වෙයි. ඒක සාකච්ඡුාවලට විවෘතයි. එතැනදී සුළු ජාතික පක්ෂ එකතු කරගත්ත ගමනක් තමයි අපිට තිබිය යුත්තේ. නමුත් පක්ෂයේ මේ අර්බුදය ඉදිරියට ඇදගෙන යන්න හදන එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයට මේ ආණ්ඩුවට ඊළඟ ඡුන්දයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන දීමේ අවශ්‍යතාවක්ද මේ තියෙන්නේ කියන සැකය අපිට තිබෙනවා..පසුගිය ජනාධිපතිවරණයේදී මේ පුද්ගලයන් හැසිරුණ විදිහ එක්ක බලනකොට ඒ සැකය සාධාරණයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම අපේ පාක්ෂිකයන්ට කියන්න කැමතියි. අපි තවදුරටත් රනිල් වික‍්‍රමසිංහගේ කාල සටහනට වැඩකරන්නේ නෑ කියන එක. අපි පහුගිය සාකච්ඡුාවේදීත්, මම, සජිත් පේ‍්‍රමදාස අපි එළියට බැහැලා ආවා සාකච්ඡුා අසාර්ථකයි කියලා. ඒ නිසා නායකත්ව මණ්ඩල හදලා ඒ මණ්ඩලේ නායකත්වය කරු ජයසූරිය මහත්තයාට දීලා අගමැති අපේක්ෂකයා විදිහට සජිත් පේ‍්‍රමදාස පත්කරලා මේ කරන්න හදන නාඩගමට අපි නෑ..දැන් අපි වර්තමාන ආණ්ඩුව දිහාට හැරුණොත් මේ ආණ්ඩුවෙ ගෙවුණු මාස දෙකක කාලය ගැන ඔබගේ තක්සේරුව මොකද්ද?.මේ ආණ්ඩුව මේ මාස දෙකට කරපු දෙයක් නෑ. ¥ෂිත පුද්ගලයන් නැවත රජයේ ඉහළ තනතුරු සඳහා පත්කරලා තිබෙනවා, එච්චරයි. වර්තමාන ජනාධිපතිවරයා පරිණත නැති දේශපාලනය, ආර්ථිකය ගැන දැක්මක් නැති නායකයෙක් කියලා රටට ඔප්පුකරලා ඉවරයි. බඩු මිල අහස උසට නැඟලා. ආණ්ඩුවට අද කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්නවා. බන්දුල ගුණවර්ධන වගේ ඇමතිවරු ජනතාවට කියනවා පටි තදකරගන්න කියලා. නමුත් ඔවුන් ඡුන්දයේදී පටි බුරුල් කරන විදිහ තමයි කතා කළේ. මොකවත් කරගන්න බැරිවුණාම දැන් කියනවා මන්ත‍්‍රීවරු 86යි ඉන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ කියලා. අපි ඔවුන්ට කියන්න කැමතියි අපි දින 100 වැඩපිළිවෙළ යටතේ මේ රටේ විශාල වෙනසක් කළේ මන්ත‍්‍රීවරුන් 45කගෙන් කියන එක. අපිට එදා බහුතරය තිබුණේ නැහැ. නමුත් අපි මේ රට විශාල පරිවර්තනයකට අරං ගියා. ඒ නිසා හැකියාව තිබෙනවා නම් බහුතරය අවශ්‍ය නැහැ රටට වැඩක් කරන්න. මේ බහුතරය නැතිකම නෙවෙයි නොහැකියාව..පසුගිය ආණ්ඩුව කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩකළ පොලිස් නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් මේ වෙනකොට දේශපාලන පළිගැනීමේ ගොදුරු බවට පත්වෙලා. රාජ්‍ය අංශයේ අනෙකුත් ආයතනවල තත්ත්වයත් මීට වෙනස් නැහැ. බඩු මිල අහසට නැඟලා. මර්දනය, මේ දේවල්වලට විරුද්ධව එජාපය ප‍්‍රමුඛ විපක්ෂය හඬ නඟන්නේ නැහැ නේද?.නැහැ අපේ පාර්ශ්වය, අපට පුළුවන් ආකාරයට ඒ සටනට නායකත්වය ලබාදෙමින් ඉන්නවා. මේ පක්ෂයේ නායකත්ව අර්බුදය නොවිසඳී තිබීම තමයි මේ තත්ත්වයට හේතුව. සජිත් පේ‍්‍රමදාස මහතා මේ පක්ෂයේ නායකයා වුණා නම් අපිට පුළුවන් වෙයි මේ පක්ෂයේ මුළු යාන්ත‍්‍රණයම යොදවලා ආණ්ඩුවේ මේ ගමනට විරුද්ධ විශාල ජනබලයක් ගොඩනඟන්න. නමුත් සුළු පිරිසක් ඒකට ඉඩ නොදෙන බවක් තමයි පෙනෙන්නේ. අපි දන්නවා ඔවුන් බොහෝ දෙනෙක්ට වර්තමාන ආණ්ඩුවෙ ලොක්කෝ සමග තියෙන්නේ මොනවගේ ගනුදෙනුද කියලා. ඒ නිසා රටේ වර්තමාන තත්ත්වය සලකලා ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟා ගැනීමට නම් මේ පක්ෂයේ නායකත්වය වහාම වෙනස් වෙන්න ඕනෑ. ඒක යුගයේ අවශ්‍යතාවක්. අද හෙටම මේ ප‍්‍රශ්න විසඳිලා සජිත් පේ‍්‍රමදාස මහත්තයාට මේ පක්ෂය මෙහෙයවීමේ සම්පූර්ණ බලය ලබාදුන්නොත් අපිට ළඟ එන මැතිවරණය ජයග‍්‍රහණය කරන්න අමාරු නැහැ. මේ ආණ්ඩුව දැනටමත් රටට ජනතාවට එපාවෙලා..ආණ්ඩුවට විරුද්ධව ප‍්‍රබල ජනහඬක් නැෙඟන්න නියමිතව තිබෙනකොට තමයි රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ හඬපට එළියට එන්නේ. මේ සිද්ධිය නිසා බඩුමිල වගේ දේවල් ජනතාවට අමතක වුණා..තාවකාලිකව එහෙම දෙයක් තිබෙනවා. ඒත් ඒක දිගටම පවත්වාගෙන යන්න ලේසි නැහැ. රංජන් රාමනායකට විරුද්ධව මීට කලින් මේ පක්ෂ විනය පරීක්ෂණයක් තිබ්බා. ඒ කමිටුවට මමත් හිටියා. ඒ වෙලාවෙත් අපි කිව්වේ ඔහු පක්ෂයෙන් ඉවත්කරන්න ඕනෑ කියලා. නමුත් එදා ඒක සමහරුන්ගේ උවමනාවට සිද්ධවුණේ නෑ. ඒක එහෙම වුණා නම් මේ ප‍්‍රශ්න මොකුත් නැහැ. නමුත් අපි මේ දේ කියන්න ඕනෑ. එක් පුද්ගලයෙක් කළ දේකට මේ පක්ෂයම වගකිව යුතු නැහැ..ඔහු අධිකරණයට නීතිය ක්රියාත්මක කරන වෙනත් ආයතනවලට බලපෑම් කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණ කරලා නිසි ක‍්‍රියාමාර්ග ගතයුතුයි. මේ හඬපට සිදුවීමට සම්බන්ධ පිරිස්වලට විරුද්ධව, ඔවුන් අපගේ පක්ෂයේ නම්, විනය ක‍්‍රියාමාර්ග ගතයුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවට කසඩ හඬපට අහන්න දෙමින් ඔවුන් ගොනාට අන්දන්නේ නැතුව ආපු වැඬේ කරලා පෙන්නන්න කියලා. එම් සී සී අත්සන් කරනවද නැද්ද කියලා හරියට රටට කියන්න. ඉඩම් විකුණනවාද නැද්ද කියලා හරියට රටට කියන්න. ¥ෂිත පුද්ගලයෝ රජයේ ඉහළ තනතුරුවලට පත්කරලා තිබෙනවාද නැද්ද කියලා කියන්න. රාජපක්ෂ පවුලට සම්බන්ධ කීදෙනෙකුට මේ වෙනකොට රජයේ ඉහළ තනතුරු දීලා තියෙයිද නැද්ද කියලා කියන්න. ඒ නිසා හඬපට ඉස්සරහට දාලා වෙන වෙන ගේම් ගහන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි..ආණ්ඩුව ඉදිරි ඡුන්දයෙන් තුනෙන් දෙකක ජනවරමක් අරන් ඒකාධිපති ගමනක් යන්න සැලසුම් කරමින් ඉන්නවා. මේ උත්සාහය වළක්වන්න ඔබලා මොකද කරන්නේ..අපි ජනතාවට කියනවා කොමිෂන් සභා වගේ ජනතා ජයග‍්‍රහණ ආපසු හරවන්න ඉඩදෙන්න එපා කියලා. අපි එම ආයතන තවත් ශක්තිමත් කරන පාලනයකට තමයි මේ රට භාරදෙන්න ඕනෑ. ඒ නිසා මේ ඒකාධිපති ගමනට විරුද්ධව ජනතාව සංවිධානය කරන්න සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් අපිට වැඩපිළිවෙළක් තිබෙනවා..Tags.anidda.Anidda Newspaper.අනිද්දා.එක්සත් ජාතික පක්ෂය.රංජිත් මද්දුම බණ්ඩාර.සජිත් පේ‍්‍රමදාස.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleප‍්‍රසිද්ධ කළත්, නොකළත් පටිගත කිරීම සදාචාර විරෝධීයි.Next articleරාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙනජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන.ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.By කේ ඩබ්ලිව් ජනරංජන.September 2, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීති රෙගුලාසි පැනෙව්වා. මේ තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද?.අගෝස්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් කරලා කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව හදිසි රෙගුලාසි නිකුත් කරලා තිබෙනවාය කියලා, මහජන ආරක්‍ෂක ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ. ඒ වාගේම 5 වැනි වගන්තිය යටතේ හදිසි රෙගුලාසි ප්‍රකාශ කර තිබෙනවාය කියලා. එහි තිබෙනවා ‘ii වගන්තිය’ යටතේ නියෝග නිකුත් කරලා තියෙනවාය කියලා. ඊළඟට එම වගන්ති ක්‍රියාත්මක වන ආකාරයත් කියලා තියෙනවා. ඒත්, කොහේවත් මේකේ පැහැදිලි කරලා කියලා නැහැ, හදිසි නීතිය හෝ හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළාය කියලා..සාමාන්‍යයෙන් ආණ්ඩුවක් හදිසි නීතිය ප්‍රකාශ කරනකොට, ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරලා ඊට බලපෑ හේතුත් පැහැදිලිව රටට දක්වනවා. නමුත් මේ සැරේ එහෙම කිව්වේ නැහැ. ඒ නිසා මුළු රටම පාහේ හිතුවේ, මේ මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල හා බෙදාහැරීම සඳහා මහජන ආරක්‍ෂක ආඥා පනතේ යම් රෙගුලාසියක් පනවන්න ඇතිය කියලා..බැලූ බැල්මට මේ වගන්තිය සාමාන්‍ය අහිංසක පෙනුමක් තියෙන රෙගුලාසියක්. ඒ නිසා බොහෝ අය හිතන්න ඇති මේ වගේ වෙලාවක ඒකේ කිසි වරදක් නැහැ කියලා. විරුද්ධ පක්‍ෂයටත් පැය විසිහතරකට වැඩි කාලයක් ගියා ඇත්ත වශයෙන් තේරුම් ගන්න මොකක්ද මේ වුණේ කියලා. දේශීය සහ විදේශීය මාධ්‍යයන්වල කියලා තිබුණා ආහාර හදිසි අවස්ථාවක් හෙවත් ‘ෆුඩ් ඉමර්ජන්සි’ එකක් ප්‍රකාශ කළා කියලා. බැලූ බැල්මට පෙනෙන්නේ ආහාරවලට සීමාවූ යම් හදිසි ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා තමයි. නමුත් රටට තේරුණේ නැති දේ තමයි, මෙසේ කිරීමෙන් මුළු රටේම සම්පූර්ණ හදිසි තත්වයක් ප්‍රකාශ කරලා තියෙනවාය කියලා..මහජන ආරක්‍ෂක ආඥා පනතේ 2(1) උප වගන්තියේ තියෙනවා රටේ හදිසි තත්වයක් ඇතිවුණාම ජනාධිපතිවරයාට පුළුවන්ය කියලා, ‘මහජන ආරක්‍ෂාව හෝ මහජන සාමය ඇතිකරගැනීම සඳහා හෝ ජනජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවාවන් තහවුරු කරගැනීම සඳහා එම පනතේ ‘2 වැනි කොටස’ (PART II) යටතේ ප්‍රකාශනයක් නිකුත් කරන්න’..ඒ ප්‍රකාශනයේ විශාල නෛතික බලපෑමක් තියෙනවා. ඒ තමයි, එවැනි අවස්ථාවක හදිසි නීතිය මගින් රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන්නේ නැතිව හදිසි නීති මගින් පනතකින් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්නට ඔහුට හෝ ඇයට බලයක් ලැබෙනවා. ඒ නිසාම ආණ්ඩුවක් මේවා සාමාන්‍යයෙන් ආවාට ගියාට පාවිච්චි කරන්නේ නැති විධිවිධාන..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(3) යටතේ එවැනි හදිසි නීති රෙගුලාසි නිකුත් කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරෙන්නට වෙනත් ඕනෑම නීතියක ප්‍රතිපාදන අබිබවා යන්නට ඒවාට පුළුවන්. මහජන ආරක්‍ෂක ආඥා පනතේ සමහර වගන්ති, විශේෂයෙන් 3 වැනි කොටස යටතේ තියෙන වගන්ති ක්‍රියාත්මක කරන්න හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණ වශයෙන් 12 වැනි වගන්තිය යටතේ සන්නද්ධ හමුදා කැඳවන්න පුළුවන්. 16 වැනි වගන්තිය යටතේ ඇඳිරි නීතිය පනවන්න පුළුවන්. 17 වැනි වගන්තිය යටතේ යම්කිසි සේවයක් අත්‍යවශ්‍ය සේවයක් හැටියට ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. ඒවා කිරීමට මේ 3 වැනි කොටසට අවශ්‍ය නැහැ, හදිසි නීති අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට..දැනටත් මාසයකට වරක් ජනාධිපති සන්නද්ධ හමුදාව කැඳවලා ගැසට් එකක් ප්‍රකාශයට පත්කරනවා. ඒ මේ යටතේ වෙන්න ඇති….අන්න හරි. ඒක කරන්නේ මේ 3 වැනි කොටස යටතේ. එතකොට හදිසි නීතිය ප්‍රකාශනයක් අවශ්‍ය නැහැ..එහෙනම් මහජන ආරක්‍ෂක පනතේ 2 වැනි කොටස ක්‍රියාත්මක කළ විට ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිඵලය කුමක්ද?.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(2) වගන්තිය තුළ තියෙනවා මේකේ බලපෑම මොකක්ද කියලා. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරෙන්නට ඕනෑම නීතියක් අබිබවා යන්නට, ඕනෑම නීතියක් සංශෝධනය කරන්නට, යම් පනතක තියෙන යම් ප්‍රතිපාදනයක බලාත්මකභාවය අත්හිටුවන්නට පුළුවන් මේ හදිසි නීතිය මගින්..මොකක්ද මේකේ තියෙන භයානකකම?.එතකොට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් සම්මත කරන්න අවශ්‍ය නැහැ. පනතක් හැටියට සම්මත කරන්නෙ නැති වුණාම, බලාත්මක කිරීමට පෙර ඒ පනත් කෙටුම්පතේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් අභියෝග කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවක් සිදුවන්නේ නැහැ. පනත් කෙටුම්පතේ වගන්තිවල තියෙන යම් දෝෂ පෙන්වා දෙන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වගන්තිය ඊට වඩා හොඳට තිබිය යුත්තේ මෙසේයැයි පෙන්වා දෙන්නට අවස්ථාවකුත් නැහැ..හදිසි නීතිය යටතේ රෙගුලාසි නිකුත් කළාම ඒවා අවලංගු කරගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරිකමක් නැහැ, නමුත් ඒ යන්න වෙන්නේ සාමාන්‍ය මූලික අයිතිවාසිකම් නඩුවක් මගින්. අපි දන්නවා එවැන්නක අවසාන තීන්දුව එනකං දීර්ඝ කාලයක් යනවා. ඒ වෙනකොට අවශ්‍ය හානිය වෙලා ඉවරයි..මේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුමත කරගත යුතුයි පාර්ලිමේන්තුව තුළින්. වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙන නිසා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ..නමුත් ආණ්ඩුව මීට පෙර දිගටම කිව්වේ කොවිඩ් වසංගතයට මුහුණ දීමට හදිසි නීති පනවන්නේ නැති බව...2020දී කොවිඩ් ව්‍යසනය පැතිරුණාට පස්සේ ආණ්ඩුව කියා සිටියා අපි මහජන ආරක්‍ෂක ආඥා පනත පාවිච්චි කරන්නේ නැහැ, හදිසි නීතිය පාවිච්චි කරන්නේ නැතිව අපිට මේක කරන්න පුළුවන් කියලා. 2020 මාර්තු 3 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඊට පස්සේ හදිසි නීතිය දැම්මා නම්, එහෙම විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව ඒ හදිසි නීති ප්‍රකාශය අනුමත කිරීමේ කාර්යය සඳහා නිරායාසයෙන් කැඳවෙනවා. නැවත කැඳවුණු පාර්ලිමේන්තුව හදිසි නීතිය බලපවත්නා තාක් කල් දිගටම පවතිනවා. නමුත් ඒ පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයක් තිබුණේ නැති නිසා ආණ්ඩුව ඒක කළේ නැහැ..දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙද්දීත්, තමන්ට ඕනෑම නීතියක් සම්මත කරගන්න පුළුවන් වෙලා තියෙද්දීත්, හදිසියේම හදිසි නීතිය දාලා තියෙනවා..ඊළඟට ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ ප්‍රකාහයේ මහජන ආරක්‍ෂක ආඥා පනතේ 2 වැනි කොටස (පාර්ට් ටූ) කියනවා වෙනුවට රෝම ඉලක්කම් ‘ii වගන්තිය’ දාලා තියෙනවා. එවැනි වගන්තියක් ඒ ආඥා පනතේ නැහැ. ඒක හිතාමතා කෙරුවාද නීතිය දන්නේ නැතිව කළාද කියන්න අමාරුයි..පහුගිය කාලේ ආණ්ඩුවට පුළුවන්කම තිබුණා තමන්ට ඕනෑම නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරවාගන්න. විපක්‍ෂය ඉල්ලා සිටියා වසංගතය පිළිබඳ නීති ගෙනෙන්න, අපි සහයෝගය දෙන්නම් කියලගා. ටීඑන්ඒ මන්ත්‍රී සුමන්තිරන්, ‘හදිසි මහජන සෞඛ්‍ය පනත’ කියලා පනත් කෙටුම්පතක් ගෙනාවා, 2021 අප්‍රේල් 23 වැනිදා, පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් හැටියට. එහි තියෙනවා මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වගන්ති සියල්ල..ආණ්ඩුවට වුවමනා නම් හදිසි පනතක් ගෙනෙන්නත් පුළුවන්. 19 වැනි සංශෝධනයෙන් හදිසි පනත් ගෙනෙන්න තිබුණු විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කළා. 20 වැනි සංශෝධනයෙන් හදිසි පනත් ගෙනෙන්න තියෙන අවස්ථාව ආපහු ගෙනෙන්න හදනකොට ආණ්ඩුවේම හවුල්කාර කුඩා පක්‍ෂ ගණනාවක් ඒකට විරුද්ධ වුණා. අන්තිමේදී එකඟ වුණේ, කාරණා දෙකකට පමණක් සීමා වෙලා හදිසි පනත් ගෙනෙන්නට පුළුවන් කියලා. එනම් ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණය වෙනුවෙන් පමණක් කියලා. ඒ නිසා ආණ්ඩුවට දැන් වුණත් පුළුවන් හදිසි පනත් කෙටුම්පතක් ගෙනල්ලා දවසකින් දෙකකින් සම්මත කරගන්න. නමුත් ඒක කරන්නේ නැතිව, හදිසි නීතිය මගින් රට පාලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක ඉතාම පැහැදිලියි..වර්තමාන රජය තමන්ට එන විවේචන හා විරෝධතා පාලනය කරන්නට තිබෙන නැඹුරුතාව නිසා අපිට හිතන්න පුළුවන්, මේ ප්‍රකාශ කළ හදිසි නීතිය පාවිච්චි කරාවි කියලා, එවැනි විරෝධතා නීති විරෝධී කරන්න සහ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සියල්ල අඩපණ කරන්න..ආණ්ඩුවේ ජනප්‍රියතාව අද දවසින් දවස හීනවෙනවා බලවත් ලෙස. ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් පවා අද ආණ්ඩුව ආරක්‍ෂා නොකරන තත්වයක් තියෙනවා. මෙවැනි කෙටිකාලයක් තුළ මේ ආකාරයට ජනප්‍රියතාවෙන් හීනවුණු ආණ්ඩුවක් ඉතිහාසයේ නැති තරම්..1953 මේ මහජන ආරක්‍ෂක ආඥා පනත ගෙනා දවසේ පටන් ඇත්ත අවශ්‍යතාවක් තිබුණා වුණත්, හැම ආණ්ඩුවක්ම අවශ්‍ය ප්‍රමාණයට වඩා හදිසි නීතිය තියාගෙන හිටියා පමණක් නෙවෙයි, එය අනවශ්‍ය කාරණාවලට පාවිච්චි කරලා තියෙනවා. ජේආර්ගෙ ආණ්ඩුව කාලේ ලුණු හැදීම ගැන පවා හදිසි රෙගුලාසි ප්‍රකාශ කළා..තමන්ට විරුද්ධ අදහස් නොඉවසීමේ මේ ආණ්ඩුවේ තිබෙන නැඹුරුතාව අනුව අපිට හිතාගන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනකය කිරීමට එය ඉිදිරියේදී පාවිච්චි කරාවිය කියලා..ඒ කියන්නේ ජනාධිපති තමන්ට විරුද්ධ ක්‍රියාකාරකම් මර්දනය කරන්න අවශ්‍ය ආයුධය දැන් අතට අරගෙන තියෙනවා කියන එකද?.ඔව්. වසංගතය පාවිච්චි කරලා ඒ ආයුධය තමන්ගේ අතට අරගෙන තියෙනවා. අවුරුදු එකහමාරක් තිස්සේ හදිසි නීතිය අපිට අවශ්‍ය නෑ කිය කිය ඉඳලා, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැනවිය හැකි වෙනත් ඕනෑ තරම් නීති සහිත සාමාන්‍ය පනත් තියෙද්දී, ඕනෑ නම් දවසකින් දෙකකින් නීති හදන්න පුළුවන් තරම් පාර්ලිමේන්තු බලයකුත් තියෙද්දී, හදිසි නීතිය ගෙනාවේ ඒ නිසායි. හදිසි පනත් ගෙනඒමට බලයත් 20 වැනි සංශෝධනයෙන් තියෙද්දී තමයි මේක ගෙනාවේ..නීති පැනවීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් තියෙද්දී පවා ඒක පාවිච්චි කරන්නේ නැතිව, පාර්ලිමේන්තුවේ බලයත් ජනාධිපති අතට ගැනීමක් නෙවෙයිද මේ?.අන්න හරි, පාර්ලිමේන්තුවේ ඒ බලය පාවිච්චි කරන්නෙ නැතිව ගාලු මුවදොර තමන්ගේ කාර්යාලයේ සිට ජනාධිපති දැන් නීති හදනවා. පැහැදිලිවම මෙයින් පාර්ලිමේන්තුව අවප්‍රමාණ කරලා තියෙනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleෂෙහාන් මාලක 8 වන දිනටත් සීඅයිඩී ප්‍රශ්න කිරීවලට.Next articleඅත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස හමුදා නිලධාරියකු පත්කළේ වෙනත් අරමුණකටද?.හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මහින්ද චීනයට රට උගස් කළේ මෙහෙමයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ සම්පූර්ණ හෙළිදරව්ව මරියා අබි-අබීබ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහින්ද චීනයට රට උගස් කළේ මෙහෙමයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ සම්පූර්ණ හෙළිදරව්ව මරියා අබි-අබීබ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත.By සංස්කාරක.July 1, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, ලංකාව නිතර ණය ලබා ගන්නා ඉන්දියාව වැනි රටවල් බැහැ කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, රාජපක්ෂ යටතේ ලංකාවේ ණය කන්දරාව එක දිගට ගොඩ ගැසෙමින් තිබුණත්, චීනය ‘හා’ කීවේය..චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් වන ‘චයිනා හාබර් එන්ජිනියරිං සමාගම’ සමග කෙරුණු සාකච්ඡුා සහ වසර ගණනාවක ඉදිකිරීම්වලින්ද පසුව, කල්තියා පෙරදැක තිබූ පරිදිම, ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය බෙහෙවින් අසාර්ථක විය. ලෝකයේ දැනට තිබෙන ඉතාම කාර්ය බහුල සහ දස දහස් ගණන් නැව් යන එන සාගර මාර්ගයක පිහිටි මේ වරායට 2012 දී ආවේ නැව් 34 ක් පමණි..ඊළඟට මේ වරාය චීනයේ අයිතියට පැවරුණේය..රාජපක්ෂ මහතා 2015 දී ගෙදර යැවුණි. ශ‍්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුව, ඔහු අරගෙන තිබූ ණය ගෙවීමට දඟලයි. ගොඩ ඒමට බැරි දැඩි පීඩාවට යටත්ව, මාස ගණන් චීනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 99 අවුරුදු බද්දක් යටතේ එම වරායත්, ඒ අවට අක්කර 15,000කුත් චීනයට පැවරීමට අලූත් ආණ්ඩුවට සිදු විය..චීනය අත්කර ගත් මේ අලූත් දේපළ සමග, ඔවුන්ගේ ප‍්‍රතිවාදියා වන ඉන්දියාවේ වෙරළෙන් සැතපුම් දෙතුන් සීයක් ආසන්නයේ තම බලය පිහිටුවා ගැනීමට චීනයට හැකියාව ලැබුණු අතර, ඉතා වැදගත් වාණිජ සහ හමුදාමය සාගර තීරුවක් මත උපාය මාර්ගිකව පය ගසා ගැනීමටත් චීනයට අවස්ථාව ලැබුණි. මේ සිද්ධිය, චීනයේ ණය සහ වෙනත් ආධාර මාර්ගයෙන් සහ ඒවා නැවත අය කර ගැනීම මාර්ගයෙන් ලෝකය පුරා සිය බලය පතුරුවාලීමේ චීන සැලැස්මේ ස්වභාවය පෙන්නුම් කරන අගනා නිදර්ශනයකි..චීන ජනාධිපති ක්සී ජින්පින්ගේ පි‍්‍රයතම ලෝක ව්‍යාපෘතියක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වශයෙනි. (ආසියා-ශාන්තිකර කලාපය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපය පමණක් නොව, අප‍්‍රිකාව පවා ඈඳා ගැනෙන යෝධ යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම මෙහි අරමුණ විය. එය මුළුමණින් කෙරෙන්නේ චීන ණය ආයෝජන යොදා ගැනෙන ජගත් ව්‍යාපෘතියක් වශයෙනි-පරිවර්තක). ඊට එරෙහිව එල්ල වෙමින් තිබූ දැඩි විවේචන, මේ ණය වළල්ල හරහා තවත් තීව‍්‍ර වුණේය. ලෝකය පුරා තිබෙන දුර්වල රටවල් මේ ණය උගුලට ඈඳා ගැනීමේ ගතිකත්වය එකී ආයෝජක සහ ණය ව්‍යාපෘති අස්සේ සැඟව ඇති බව ඒ මගින් ලෝකයාට අනාවරණය විය. එයම, අමාරුවෙන් ගොඩනැගෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහ පරිමාණ දුෂණයට සහ ඒකාධිපති චර්යාවන්ට උඩගෙඩි දෙන බවත් පෙනී ගියේය..ශ‍්‍රී ලාංකීය, ඉන්දීය, චීන සහ බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණන් තිස්සේ පැවති සාකච්ඡා අනුසාරයෙන් සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් සහ වෙනත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව, චීනය සහ ඒ යටතේ වන සමාගම්, මුදල් නැති පුංචි රටවල් තුළ තම අණසක පතුරුවාලීම සඳහා වන වාතාවරණය ගොඩනගා ගන්නේ කෙසේද යන අඳුරු චිත‍්‍රය මේ මගින් පැහැදිලිව විද්‍යමාන විය..වරාය ගොඩනැගීමේ චීන ආධාරවලින් විශාල කොටසක්, 2015 පැවති මැතිවරණවලදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාර සහ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් කෙලින්ම යෙදවී ඇත. ඒ සෑම අවස්ථාවකදීම චීන කොන්දේසිවලට ඒ මහතා එකඟතාව පළ කොට ඇත. මෙසේ ගෙවීම් කරන ලද බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි සහ ඒ සඳහා නිකුත් කරන ලද චෙක්පත් ආදිය පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක තොරතුරු ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දැක ගැනීමට ලැබුණි..ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ හුදෙක් වාණිජ අවශ්‍යතා පමණකැ යි චීන බලධාරීන් සහ වෙනත් විශ්ලේෂකයන් මොන තරම් කියා සිටියත්, මේ වරායේ පිහිටීම අනුව, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් චීනයට ඇති අවශ්‍යතාව සහ උපාය මාර්ගි ක අවශ්‍යතා පිළිබඳව, මුල පටන්ම සාකච්ඡුා පැවැත්වුණු බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහු පෙන්වා දෙති..වරාය සඳහා සැපයෙන ණය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ඇති කර ගැනීමත්, ආපසු ණය ගෙවා දැමීමේ කාලය ගැන යළි සලකා බැලීමත්, තවත් මූල්‍යාධාර අවශ්‍ය වීමත් සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡුා ගෙන යාම මුල පටන්ම දුෂ්කර කාර්යයක් විය. මෑතකදී මේ ණය කෙසේ හෝ ඉවරයක් කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන් උත්සාහ කරන විට, ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කර දෙනවා වෙනුවට චීනය බැලූවේ වරායේ අයිතියේ පංගුකාරීත්වය තමන්ට ලබා ගැනීමට ය..වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ සාකච්ඡුා මාර්ගයෙන්, දළ වශයෙන් ඩොලර් බිලියන 1 ක ප‍්‍රමාණයක් කපා හැරීමට ලංකා ආණ්ඩුව සමත්ව තිබේ. එහෙත්, කලින් තිබුණාටත් වඩා, චීනය කෙරෙහි වන ලංකාවේ ණයගැතිභාවය මේ වන විට උග‍්‍ර වී ඇත. මන්ද යත්, මේ වරාය ව්‍යාපෘතියට අමතරව වෙනත් ලබාගෙන ඇති චීන ණය ගෙවීමට ඇති නිසාත්, ඒවායේ පොලී අනුපාතික, වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ණය අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා නිසාත් ය..මේ ලිපිය සකස් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ අප විසින් කරන ලද නොයෙක් ඉල්ලීම්වලට රාජපක්ෂ මහතා ප‍්‍රතිචාර දැක්වූයේ නැත. ‘චයිනා හාබර් සමාගමේ’ නිලධාරීන් ප‍්‍රතිචාර දැක්වූයේ ද නැත..කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ගණන්හිලව් ඔස්සේ ඇඳෙන චිත‍්‍රය ඉතා බරපතළ ය: මේ වසරේ ආණ්ඩුවට ලැබීමට නියමිත ආදායම ඩොලර් බිලියන 14.8 කි. එහෙත් ලෝකය පුරා විවිධ තැන්වලින් ලබාගෙන ඇති ණය වාරික පියවීම සඳහා ඒ වසර තුළ ලංකාවේ රජයට අවශ්‍ය කරන මුදල ඩොලර් බිලියන 12.3 කි..‘රටක් යටත් කර ගත හැක්කේ, එක්කෝ කඩුවෙනි. නැත්නම් ණය දීමෙනි’ යැයි ජෝන් ඇඩම්ස් කියා ඇති බව, බොහෝ විට ඉන්දියානු ආණ්ඩුවට ආර්ථික උපදෙස් සපයන විශ්ලේෂකයෙකු ද, නව දිල්ලියේ පිහිටි ‘ප‍්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ’ බුද්ධි සාමාජිකයෙකු ද වන බ‍්‍රහ්මා චෙලනෙයි කියයි. ශ‍්‍රී ලංකාවේ ඇරියුමකින් තොරව, මේ වරාය හමුදාමය අරමුණු සඳහා පාවිච්චි කිරීමට නොහැකි බව චීන-ශී‍්‍ර ලංකා ගිවිසුමේ සඳහන් වුව ද, ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ශ‍්‍රී ලංකාව හිර වෙන තරමට, හම්බන්තොට වරාය වැනි සම්පතක් චීනය විසින් තමන්ගේ හමුදාමය අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ගැන ඉන්දියානු බලධාරීහු බිය වෙති. ‘හම්බන්තොට වරාය සඳහා ආයෝජනයක් කිරීමට චීනයට තිබිය හැකි යැයි සිතිය හැකි එකම හේතුව වන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකි: ඔවුන් තමන්ගේ ‘මහජන විමුක්ති හමුදාව’ එහි ගෙන ඒමට ඇති අවකාශය එහි ඇති බව’, වරක් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ ද, හම්බන්තොට වරාය ගොඩනගන අවස්ථාවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයා වූ ද, ශිවසංකර් මෙනන් කියයි..බඩ බැඳගත් සගයෙක්.ශ‍්‍රී ලංකාව සහ චීනයට, දීර්ඝ කාලීන මිත‍්‍ර සබඳතාවක් ඇත. චීන විප්ලවයෙන් පසු බලයට පත් විප්ලවකාරී ආණ්ඩුව, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප‍්‍රථම රටක් වුණේ ලංකාවයි. ඊටත් වඩා, ශ‍්‍රී ලංකාවේ පැවති මෑත කාලීන යුද්ධයේදී චීනය ලංකාවට නැතිවම බැරි රටක් බවට පත්විය..2005 දී බලයට පත් රාජපක්ෂ මහතා, යුද්ධයේ අවසාන කාලය වන විට මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ලෝකයෙන් කොන් වන්නට විය. එම තත්වය තුළ ශ‍්‍රී ලංකාව, තමන්ට අවශ්‍ය කරන ආර්ථික ආධාර, හමුදා ආම්පන්න සඳහා පමණක් නොව, තමන්ගේ රටට එල්ල විය හැකි එක්සත් ජාතීන්ගේ සම්බාධක අවදානම ඉදිරියේ උදව් පතා ද තව තවත් චීනය පැත්තට හැරුණි..2009 දී යුද්ධය අවසන් විය. එහෙත් යුද්ධයෙන් ඇතිව තිබූ මහා ව්‍යාකුලත්වය සහ අවුල තුළ, රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුල සිය බලය තහවුරු කර ගත්තේය. රාජපක්ෂ කාලයේ රටේ අමාත්‍යාංශවලින් සෑහෙන ප‍්‍රමාණයකුත්, ආණ්ඩුවේ මුළු වියදමින් සියයට 80 ක් පමණ ප‍්‍රමාණයකුත් හසුරුවන ලද්දේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන් තුන් දෙනා විසිනි. චීනය වැනි රටවල් කෙලින්ම ගනුදෙනු කෙළේ ඔවුන් සමග ය..ඉතිං, ජනාධිපතිවරයා වැඩි හාහෝවක් නැති තමන්ගේ ගම් ප‍්‍රදේශය වන හම්බන්තොට පැත්තේ අලූත් වරාය සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ කල්පනාවක් ඇති කර ගත් විට, එය වැළැක්විය හැකි බාධක අල්ප විය. බි‍්‍රතාන්‍යයේ භූමි ප‍්‍රදේශයෙන් කාලක් වන, මිලියන 22 ක ජනතාවක් වෙසෙන ශ‍්‍රී ලංකාව වැනි රටක කොළඹ වරාය සමෘද්ධිමත්ව පවතිද්දී සහ එම වරායම තවත් වැඩි දියුණු කර ගැනීමේ විභවයන් පවතිද්දී, දෙවැනි වරායකුත් ඇති කර ගැනීමේ ඥානාන්විතභාවය මුල පටන්ම නිලධාරීහු ප‍්‍රශ්න කළහ. ඊටත් අමතරව, ආණ්ඩුව විසින්ම ගෙන්වා ගන්නා ලද විශේෂඥ සාධ්‍යතා වාර්තාවලින් පෙන්වා දී තිබුණේත්, හම්බන්තොට ගොඩනැගෙන වරායක ආර්ථික වාසියක් තිබිය නොහැකි බවයි..‘ඔවුන් මුලින් ආවේ අපි ළඟට. අපේ සමාගම් කිව්වා බැහැ කියලා’ යි ඉන්දියාවේ ශිවසංකර් මෙනන් කියයි. ‘එදා ඒක ආර්ථික වශයෙන් නිෂ්ඵල දෙයක්. අදත් ඒක නිෂ්ඵල දෙයක්.’ එහෙත් රාජපක්ෂ මහතාට කෙසේ හෝ එය අවශ්‍ය විය. එපමණක් නොව, ප‍්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කරමින් එදා ඔහු කියා සිටියේ, සියල්ලන් එපා කියද්දී තමන් ඒ වැඬේට අත ගැසූ බවයි. දැන් ඊට උර දීමට චීනය සිටින බවටත් ඔහු කයිවාරු ගැසුවේය..මේ ව්‍යාපෘතියට සම්බන්ධ බලධාරියෙකු කියන පරිදි, ‘ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය’ ඉතා සුපරීක්ෂාකාරීව, ආර්ථික වශයෙන් බුද්ධිමත් සැලසුමක් සකස් කිරීමට 2007 දී පටන්ගෙන තිබේ. ඒ සැලසුමට අනුව, 2010 වන විට වරාය ආශ‍්‍රිතව සීමිත ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමටත්, විශාල පරිමාණයෙන් වරාය ව්‍යාපෘතිය තවත් ව්‍යාප්ත කිරීමට කලින්, ලාබ ගලා එන බවට සහතිකයක් ඇති කර ගැනීමටත් අදහස් කෙරී ඇත..හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘එක්සිම්’ බැංකුවෙන් ඩොලර් මිලියන 307 ක ණයක් ලබා ගන්නා ලදි. එහෙත් ඒ ණය ප‍්‍රමාණය ලබා දීම සඳහා චීනයේ ‘චයිනා හාබර් සමාගමට’ හම්බන්තොට වරාය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව භාර දිය යුතු බව චීනය කියා ඇති බව, ඒ දිනවල ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් වුණු කේබල් පණිවිඩයක් හරහා, විකිලීක්ස් අනාවරණය කරගෙන තිබේ..එය, ලෝකය පුරාම ඇති තමන්ගේ ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් කරන පොදු කොන්දේසියකි. විවෘත ටෙන්ඩර් කැඳවීමකට ඒ කිසි රටකට චීනය ඉඩ දෙන්නේ නැත. මේ කලාපයේ නිලධාරීන් පෙන්වා දෙන පරිදි, චීනය ඩොලර් බිලියන ගණන් ණය සපයයි. එහෙත් ඒ, අදාළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් සහ දහස් ගණන් චීන සේවකයන් යොදා ගන්නා බවට වන සහතිකයක් මත ය..චීන ණයවලට ඈඳෙන තවත් කොන්දේසි තිබේ. ඒවා අතර, මුල පටන්ම, හම්බන්තොට වරාය සම්බන්ධයෙන්, චීනයේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ඇස යොමු වී තිබුණු බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙකු සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයෙකුව සිටි නිහාල් රොඩි‍්‍රගෝ කියන පරිදි, බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අවශ්‍යතාව, මේ සාකච්ඡුාවල මුල් වටයේදීම චීනය පෙන්වා දී ඇත. ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු කියන පරිදි, ‘ඔය පැත්තට කවුද එන්නේ, කවුද යන්නේ කියන එක ගැන අපිට දැනගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ’ යන්න චීනය ලංකාවට මුල පටන්ම පෙන්වා දී ඇති කාරණයකි..ඊට පසු කාලයේ චීන නිලධාරීන් සහ ‘චයිනා හාබර් සමාගම’ ජනාධිපති රාජපක්ෂ සමග ඇති සම්බන්ධතා තවත් තර කර ගත්තේය. ඒ කාලය මුළුල්ලේම ඔවුන්ගේ කොන්දේසිවලට රාජපක්ෂ මහතා ඉතා සුවචව නතු වුණේය..2015 මැතිවරණය ආසන්න වෙද්දී, සියලූ තානාපති සම්ප‍්‍රදායන් උල්ලංඝනය කරමින් ලංකාවේ සිටි චීන තානාපතිවරයා එදා විපක්ෂයට එරෙහිව රාජපක්ෂට ඡුන්දය දෙන්නැයි කියා ඉල්ලා සිටින තරමට, කොළඹ ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේ සේවය කළ ආවතේවකාරයන්ගෙන් පවා ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටින තරමට දුර දිග ගොස් තිබුණි. චීන ආණ්ඩුව සමග රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇති කරගෙන තිබූ ගිවිසුම් ආණ්ඩු වෙනසක් යටතේ තමන් වෙනස් කරන බවට එදා විපක්ෂය ගෙන ගිය ප‍්‍රචාරය ඔහු තුළ බියක් ඇති කරන්ට ඇත. ඒ අනුව, ජනවාරියේ ජනාධිපතිවරණය ළඟා වෙද්දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡුන්ද මෙහෙයුම කරා විශාල වශයෙන් චීන මුදල් ඇදී එන්නට විය..ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවක අඩංගු, මේ පුවත්පතට දැක ගැනීමට ලැබුණු එක්තරා වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. ‘චයිනා හාබර් සමාගමේ’ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබා ගත් තොරතුරු ආදිය ඒ වාර්තාවේ සඳහන් වෙයි..ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබේ. එයින් ඩොලර් 678,000 ක් ඡුන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප‍්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් විය. රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත..මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහා ය. එම ගිණුමේ නම, ‘‘එච්.පී.ඞී.පී. දෙවැනි අදියර’’ යන්නයි. එච්.පී.ඞී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි..චීන ජාලය.ලෝකය පුරා දඩිබිඩියේ ව්‍යාප්ත කරගෙන යන චීනයේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වැඩ සටහනට අවුරුදු පහකට ආසන්න කාලයක් ගතව තිබියදී, කොපමණ ගනුදෙනු ප‍්‍රමාණයක් තමන් විසින් කර තිබේද, රටේ මූල්‍යමය තත්වය කවරේද යන දේවල් පිළිබඳ ගණනයක් කිරීමට චීන නිලධාරීහු දැන් කටයුතු කරමින් සිටිති. ඒ ගැන තවම නිවැරදි චිත‍්‍රයක් ලැබී නැතැයි, චීනයේ එක් ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයෙක් කීය. මේ කිසිවෙකු, චීනයේ ප‍්‍රතිපත්ති ගැන, ප‍්‍රසිද්ධියේ කතා කරන්නේ නැත..වෙනත් රටවල ව්‍යාපෘති සඳහා චීනය සපයන ණය සමග ඈඳී ඇති අල්ලස චීනයටම යම් බරක් වීමට ඉඩ ඇති බවට ඇතැම් චීන නිලධාරීහු දැන් කණස්සල්ල පළ කරති. විශේෂයෙන්, ඒ හේතුවෙන් චීනයට ලැබිය හැකි ලාභ තීරුව අඩු වන බව ඔවුන්ගේ මතයයි. චීන ජනාධිපතිවරයා ද මේ වසරේ කරන ලද එක් දේශනයකදී ඒ කාරණය ගැන සඳහන් කොට තිබේ. ‘ඒ එක්කම අපි අපේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ ගොඩනැගීමේ වැඩපිළිවෙල තුළ, දුෂණ-විරෝධී ක‍්‍රමවේදයක් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගන්න ඕනෑ.’ යැයි ඔහු එහිදී කියා තිබේ..බංග්ලා දේශය උදාහරණයට ගත්තොත්, ‘චයිනා හාබර් සමාගම’ අනාගත කොන්ත‍්‍රාත් සඳහා ජනවාරියේ සිට තම රටේ තහනම් කෙරෙන බව එරට නිලධාරීහු කියති. හේතුව, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුට මෙම සමාගම අල්ලස් දීමට තැත් කිරීමයි. තේ පෙට්ටියක ඩොලර් 100,000 ක මුදලක් දමා එක් නිලධාරියෙකුට දීමට ගොස් මේ සමාගම හසු වී තිබේ. එසේම, ‘චයිනා හාබර් සමාගමේ’ මව් සමාගම වන ‘චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට‍්‍රක්ෂන් සමාගමට’, 2009 සිට අවුරුදු හතක කාලයක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබීම තහනම් කොට තිබේ. හේතුව, එම සමාගම පිලිපීනයේ කරන ලද දුෂණ ක‍්‍රියා හෙළිදරව් වීමක් නිසා ය..ශ‍්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමේ නිරස අත්දැකීමෙන් පසු එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ නැමැති චීනයේ ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතිය, හුදෙක් මහද්වීප තුනක සංවර්ධනය ඉලක්ක කොට ඇති කරගෙන යන්නක් නොවන බවයි..කොහේටවත් නැති වරායක්.ශ‍්‍රී ලංකාවේ ගිනිකොන වෙරළබඩ හම්බන්තොට යනු ජනශූන්‍ය, තවමත් කැලෑබද ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයේ චීන ණයවලින් ගොඩනැගුවේ මේ කියන වරාය පමණක් නොවේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ද එහි ගොඩනැගුණි. එම ක‍්‍රීඩාංගණයේ ආසන සංඛ්‍යාව, ඒ නගරයේ ජනගහනයටත් වැඩි ය. එසේම එහි විශාල ගුවන් තොටුපොළක් ද ගොඩනැගුණි. එම ගුවන් තොටුපොළට පැමිණි ඩුබායි ගුවන් සමාගමේ අවසාන ගුවන් සේවයත් මේ මාසයේ සිට නතර කෙරුණි. එසේම මේ මාර්ගයේ ඉදි කෙරුණු දැවැන්ත මහා මාර්ගවල දැන් අලි ගැවසෙති. ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට ඒ මාර්ගය පාවිච්චි කරති..රාජපක්ෂ මහතාගේ උපදේශකයන් සැලසුම් කොට තිබුණේ, හම්බන්තොට වරාය තවත් පුළුල් කිරීමට කලින්, ඒ සඳහා තවත් ණය ගැනීමට කලින්, ලාභ ලැබෙන ව්‍යාපෘතියක් බවට එය පත් කිරීමට ය. එහෙත් 2009 දී ජනාධිපතිවරායට ඉවසිල්ලක් නැති විය. ඊළඟ වසරට ඔහුගේ 65 වැනි උපන් දිනය යෙදී තිබුණි. එය සැමරීම සඳහා විශාල මගුලක් ඔහුට අවශ්‍ය කෙළේය. වරාය විවෘත කිරීම ඔහු යොදාගත්තේ ඒ වෙනුවෙනි. ඒ සමගම, වරාය අධිකාරියේ සැලසුමට එහා යමින් තවත් අවුරුදු දහයක කාලයක් සඳහා එය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් ද ඔහු පටන් ගත්තේය..නියමිත කාලයට වැඩ අවසන් කිරීම සඳහා චීන කම්කරුවෝ දවල් ? දෙකේ වැඩ කළහ. එහෙත් පොළොව හාරන විට, විශාල ගලක් මතු වුණි. එයින් ප‍්‍රවේශය ඇහිරුණි. තෙල් නෞකා වැනි විශාල නැව්වලට ඒ නිසා වරායට ඇතුළු විය නොහැකි විය. මේ වරාය ව්‍යාපෘතියේ ව්‍යාපාරික අංශය රැුඳී තිබුණේම එවැනි නෞකාවලින් උපයා ගැනීමට අපේක්ෂා කළ ආදායම් මත ය..ජනාධිපතිවරයා සමග කෝන්තර ඇති කර ගැනීමට නොකැමැති වූ වරාය අධිකාරියේ නිලධාරීහු දිගටම වැඬේ කරගෙන ගියහ. ඒ අනුව, 2010 නොවැම්බර් 18 වැනි දා, එනම් රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා මහා මංගල්‍යයකින් වරාය විවෘත කෙරුණි. එහෙත් මහා ගලේ බාධාව හේතු කොටගෙන කිසි ව්‍යාපාරයක් නැතිව සිටීමට වරායට සිදු විය..ඊට වසරකට පසු ‘චයිනා හාබර් සමාගම’ මේ ගල කැඩුවේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් විය. එය ඉතා අධිකතර මිලකි. තානාපති නිලධාරීහු සහ රජයේ නිලධාරීහු ඒ ගැන පුදුමයට පත්වූහ. මේ සමාගම බොරු ගණන් හිලව් දමන්නේ ද, එසේත් නැත්නම් රාජපක්ෂ මහතාටත් එයින් කුට්ටියක් ලැබෙන්නේ ද යන්න ගැන ඇතැම්හු සැක කළහ..2012 වන විට, තමන් වෙත නැව් අද්දා ගැනීමට වරාය බැලූවේය. එහෙත් නැව් වැඩි කැමැත්තක් දැක්වූයේ ළඟ පිහිටි කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. මේ අතර වරාය තවත් ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒ සඳහා වන ඉදිකිරීම් සඳහා තවත් වියදම් දැරීමට සිදු විය. එවිට ආණ්ඩුව කෙළේ, ලංකාවට වාහන ප‍්‍රවාහනය කෙරෙන නැව්, කොළඹ වෙනුවට හම්බන්තොට ගොඩබෑමට නියෝග කිරීමයි. එසේ තිබියදීත් 2012 දී එම වරායට ආවේ නැව් 34 ක් පමණි. එය කොළඹ වරාය සමග සැසඳුවොත්, ඒ වසරේ එම වරායට පැමිණ ඇති නැව් ප‍්‍රමාණය 3667 කි..අපි ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ ජාතික සැලසුම් භාර ඇමතිවරියට කතා කරලා මං ඇහැව්වා, හම්බන්තොට වරාය හදන්න තිබිච්ච සාධාරණ හේතුව මොකක්ද කියලා,’ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කීය. ‘අපිට කිව්වා කරන්න කියලා. ඉතිං අපි කළා’ යන්න ඇගේ උත්තරය වීලූ..වරාය තවත් විශාල කිරීමට තදින් වුවමනා කළ රාජපක්ෂ මහතා නැවත 2012 දී චීන ආණ්ඩුවෙන් තවත් ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටියේය. එවරත් චීනය ‘හා’ කීවේය. එහෙත් මෙවර කොන්දේසි වඩාත් බරපතළ විය. මුලින් ගත් ඩොලර් මිලියන 307 ක ණය ප‍්‍රමාණය ලැබුණේ, විචල්‍ය පොලී අනුපාතිකයක් මත ය. ඒ අනුව, 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු ඇතිව තිබූ තත්වය තුළ, සාමාන්‍යයෙන් එය සියයට 1-2 අතර ප‍්‍රමාණයක් විය. (සංසන්දනයක් වශයෙන් ගත්තොත් මේ කාලයේ ජපානය යටිතල ව්‍යාපෘති සඳහා දෙන මේ ආකාරයේ ණයවල පොලී අනුපාතිකය වුණේ, සියයට 0.5 කටත් අඩු ප‍්‍රමාණයකි)..එහෙත් දැන් අලූතෙන් ණයක් ද අවශ්‍ය කරන තිබෙන බැවින්, කලින් ගත් ණය සඳහා වන පොලිය සියයට 6.3 ක නිත්‍ය අනුපාතිකයකට ඉහළ දැමීමට සිදුවන බව චීනය කීවේය. නැවතත් රාජපක්ෂ මහතා ‘හා’ කීවේය..ගොඩගැහෙමින් පැවති ණය ප‍්‍රමාණය සහ වැඩි වෙමින් පැවති ව්‍යාපෘති වියදම් ගැන එදා විපක්ෂය විශාල වශයෙන් උද්ඝෝෂණ කෙළේය. චීනය පිළිබඳ බරපතළ සැකසංකා මතු කෙළේය. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය විය. ජනාධිපති සිරිසේන මහතා යටතේ අලූතෙන් බලයට පත්වූ ආණ්ඩුවට, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු ගැන සොයා බැලීමේ ජනවරමක් හිමි විය. ඒ සමගම, මහා ණය කන්දරාවක් ද ඒ ආණ්ඩුවට හිමි විය. රාජපක්ෂ මහතා යටතේ රටේ ණය ප‍්‍රමාණය තුන් ගුණයකින් හෙවත්, ඩොලර් බිලියන 44.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. 2015 වසරේදී පමණක් අලූත් ආණ්ඩුවට ගෙවීමට තිබූ ණය වාරික ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.68 කි..පවරා දීම.අලූත බලයට පත් ආණ්ඩුව, ඉන්දියාව, ජපානය සහ යුරෝපය දෙසට ශ‍්‍රී ලංකාවේ දිසානතිය යොමු කරවන්ට කැමැත්තක් දැක්වීය. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ චීනය දැරූ ස්ථානය, මූල්‍යමය වශයෙන් හෝ ආර්ථික වශයෙන් සැපිරීමට වෙන කිසි රටක් කැමති නැති බව ශ‍්‍රී ලංකාව වටහා ගත්තේය..‘අපිට ලැබුණේ, ඕනෑකමින්ම හොම්බ බිම ඇනපු ආර්ථිකයක්. රටට ලැබෙන ආදායම මදි, ණය නෙවෙයි, ණයවල පොලිය ගෙවන්නත්.’ අලූත් ආණ්ඩුවේ පළමු මුදල් ඇමති රවි කරුණානායක මහතා කීය. ‘අපිට තව ණය ගන්න වුණා. අලූත් ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ, තියන ණය නිකංම ඉවරයක් කරන්න. ඒක රිලේ එකක් වගේ. රටේ ආර්ථික විනය කියන එක ඇති කරන කල් ණය ගන්න වෙනවා.’ ඔහු කීය..ශ‍්‍රී ලංකාව ගිය වසර වන විට ඩොලර් බිලියන 3 ක් චීනයට ණය බව ශ්රී ලංකා මහ බැංකුව කියයි. එහෙත් ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙකු වන නිශාන් ද මෙල් කියන්නේ, ආණ්ඩුවේ ගිණුම් තුළ සටහන්ව නැති, වෙනම ව්‍යාපෘති වශයෙන් ලබා ගත් තවත් ණය ප‍්‍රමාණයක් පවතින බවයි. ඔහුගේ ගණන් බැලීම්වලට අනුව, ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් චීනයට ණය වී සිටින අතර, එම ප‍්‍රමාණය වසරක් පාසා වැඩි වෙයි. මේ වසරේ මැයි මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක් ‘චීන සංවර්ධන බැංකුවෙන්’ ලංකාව ණයට ගත්තේය. ඒ, කලින් ණය ගෙවා දැමීම සඳහා ය..2016 දී අලූත් ආණ්ඩුවේ නිලධාරීහු චීන නියෝජිතයන් සමග සාකච්ඡුා ආරම්භ කළහ. ඒ, යම් අතරමැදි විසඳුමකට පැමිණීම සඳහා ය. එනම් ශ‍්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ ඇති වරාය පිළිබඳව ඇති බරෙන් නිදහස් වීමටත්, ගෙවීමට ඇති ණය පැහැර හැරීමට විය හැකි අවදානම වළක්වා ගැනීමටත් ය. එහෙත් එසේ කිරීමට නම්, වරායේ අයිතියෙන් ප‍්‍රධාන කොටසක් චීන සමාගමකට පැවරිය යුතු බව චීනය කියා සිටියේය. එසේ නොමැතිව, ලබා ගත් ණය කටුගා දැමීමට චීනය කෙසේවත් එකඟ නොවන බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහු කියති..චීනය මෙහිදී ශ‍්‍රී ලංකාවට තේරීමක් දුන්නේය. එනම්, වරායේ අයිතිය පවරන්ට කැමති වන්නේ, චීනයේ මොන සමාගමකට ද යන්නයි. ‘චයිනා හාබර් සමාගම’ ද, නැත්නම් ‘චයිනා මර්චන්ට් පෝර්ට්ස්’ සමාගම ද යන්න තීරණය කිරීමට පමණක් ශ‍්‍රී ලංකාවට අවස්ථාව ලැබුණු බව, ඒ පිළිබඳ අවසාන ගිවිසුමේ සඳහන් වෙයි. එහි පිටපතක් අප සතුව ඇත. එහෙත් මෙය කිසි විටෙක ප‍්‍රසිද්ධියට පත්කොට නැත. කෙසේ වෙතත් ‘චයිනා මර්චන්ට්ස්’ සමාගමට කොන්ත‍්‍රාත්තුව ලැබුණේය. අනතුරුව ඔවුහු තවත් දේවල් ඉල්ලා සිටියෝය. වරාය අවට කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා අක්කර 15,000 ක් ඒ අතර වෙයි. වරායේ අයිතිය වෙනුවෙන් තමන් ශ‍්‍රී ලංකාවට ගෙවන ඩොලර් බිලියන 1.1 ක මුදලට සරිලන වටිනාකමක් වරායේ නැති බවට තර්ක කළ චීන නිලධාරීන්, එකී වටිනාකම ඇති කර ගැනීම සඳහා අමතර කාර්මික කලාපයක් අවශ්‍ය කරන බව පෙන්වා දී තිබේ..ආණ්ඩුවේ ඇතැම් අය මේ ගිවිසුමට තරයේ විරෝධය පෑහ. එහෙත්, සාකච්ඡුාවලට සහභාගි වූ නිලධාරීන් කියන පරිදි, පාඩුව පිරිමසා ගැනීමේ වෙනත් මාර්ගයක් නොවුණි. අලූත් ගිවිසුම 2017 ජුලි මාසයේ අත්සන් තැබුණි. ඒ වසරේ දෙසැම්බර් මාසයේ සිට එය ක‍්‍රියාවට නැංවුණි. අදාළ ගිවිසුමේ වෙනත් කරුණුවලට අමතරව, වරායේ ක‍්‍රියාකාරීත්වය සහ ආදායම් සම්බන්ධයෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදි. ඒ අනුව, වටිනාකමින් සියයට 85 ක් ‘චයිනා මර්චන්ට්ස් පෝට්’ සමාගමට හිමි වන අතර, ඉතිරි සියයට 15 ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට හිමි වෙයි..එහෙත් වරායවල් අත්පත් කර ගැනීම පිළිබඳ විශේෂඥ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ශ‍්‍රී ලංකාව සතු මේ කුඩා අයිතියෙන් කිසි වැඩක් නැති බවයි. මන්ද යත්, සේවකයන් සහ වරායේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ බලය පැවරෙන්නේ ‘චයිනා මර්චන්ට් පෝට්ස්’ සමාගමට වන බැවිනි. එසේම, වරාය පිහිටි බිමේ ස්වෛරීත්වයද ශ‍්‍රී ලංකාවට හිමි නොවේ..ගිවිසුම ගැන මුලින් සාකච්ඡුා පැවැත්වෙන අවස්ථාවේ, වරාය සහ ඒ අවට ප‍්‍රදේශය චීනයේ හමුදා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ හැකි ද යන කාරණය නිශ්චිත නොවුණි. එහෙත් එය නිශ්චිතවම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් ලංකාවේ ආණ්ඩුවට දන්වා තිබේ. ඒ අනුව, අවසාන ගිවිසුම තුළ, ලංකාවේ ආණ්ඩුවේ පූර්ව-අවසරයකින් තොරව කිසි විදේශ රටක හමුදාමය අවශ්‍යතාවක් සඳහා ඒ බිම යොදා ගැනීම තහනම් කොට තිබේ. චීනයට අයත් නාවුක සබ්මැරීන් යාත‍්‍රා ඒ වන විටමත් ලංකාවට පැමිණ තිබුණු නිසා එවැනි වගන්තියක් ඇතුළු කිරීම කොහොමත් අත්‍යවශ්‍ය විය..උපාය මාර්ගික වැදගත්කමක් ඇති කරුණු.කොළඹ වරාය ගැනත් චීනයට කැක්කුමක් තිබුණි. ‘චයිනා හාබර් සමාගම’ ඒ වන විට අලූත් පර්යන්තයක් එතැන ඉදි කරමින් සිටියේය. එකල එය හැඳින්වුණේ ‘කොළඹ වරාය නගරය’ වශයෙනි. ඒ ගනුදෙනුවෙනුත් චීනයට අක්කර 50 ක් ලැබී තිබුණි. ඒ අනුව, එම ඉඩම් කෑල්ලේ ස්වෛරීත්වයත් ලංකාව අහිමි කරගෙන තිබුණි..මෙහි බරපතළකම අගේට ප‍්‍රදර්ශනය කෙරුණේ, රාජපක්ෂ මහතාගේ පාලන කාලය අවසානයේ 2014 දී ය. ජපාන අගමැති ෂින්සෝ අබේ ලංකාවේ සංචාරයක් සඳහා එන දවසේම චීන සබ්මැරීන් යානා කොළඹ වරායේ නැංගුරම් ලා සිටියේය. කලාපය පුරාම එය දුටුවේ, චීනයේ තර්ජනාංගුලියේ සංඥාවක් වශයෙනි..අලූත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, නැවත වරක් කොළඹ වරාය චීන සබ්මැරීන් යානා සඳහා පාවිච්චි නොකරන බවට සහතිකයක් ඇති කර ගැනීමට බැලූවේය. වැඩියත්ම, එවැනි නෞකා මගින් බුද්ධිමය තොරතුරු එක්රැුස් කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාවට නැති නිසා ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට විශාල හයියක් තිබුණේ නැත..දැන් හම්බන්තොට වරායත් චීනයට පවරා ඇති තත්වය තුළ එකී ප‍්‍රශ්නය අලූතෙන් පැනනැගී තිබේ. මන්ද යත්, දකුණු චීන මුහුදු තීරයේ එවැනි හමුදා ක‍්‍රියාකාරකම් නොකරන බවට චීනය ප‍්‍රතිඥා දී තිබියදීත්, එම ප‍්‍රදේශයේ චීනය හමුදා ක‍්‍රියාකාරකම්වල නියැලෙන බැවිනි. එහෙත්, හමුදා ක‍්‍රියාකාරීත්වයන් පැහැදිලිවම ගිවිසුම තුළ තහනම් කොට ඇති බව ශ්රී ලංකා බලධාරීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තවමත් චීනයට බරපතළ සේ ණයගැතිව සිටින තත්වයක් තුළ, එවැනි අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නම්මවා ගැනීමේ ඉඩක් චීනයට ඇති බව තවත් අය පෙන්වා දෙති..ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන පරිදි, ‘ආණ්ඩු වෙනස් වීමට පුළුවන.’.දැන්, ශ‍්‍රී ලංකාවේ චීන මිත‍්‍රයා වන රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම සඳහා උත්සාහයක් ගනිමින් සිටීම ගැන ඔහු සහ වෙනත් අය සිටින්නේ බලවත් සැලකිල්ලෙනි. හිටපු ජනාධිපතිවරයාගේ අලූත් පක්ෂය පසුගිය පෙබරවාරියේ පැවති පළාත් පාලන ඡුන්දයෙන් විශාල ජයක් අත්කර ගත්තේය. ඊළඟ වසරේ ජනාධිපතිවරණය ඒමට නියමිතයි. 2020 දී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබේ..කෙනෙකුට දැරිය හැකි ජනාධිපති වාර ගණන පිළිබඳ සීමාව නිසා රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමේ ඉඩක් නැති තත්වය තුළ, ඔහුගේ බාල සොහොයුරු, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් පන්දම අතට ගනිමින් සිටින බවක් පෙනේ..‘ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ. එයා කියනවා නං, සහෝදරයන්ගෙන් කෙනෙක් කියලා, ඒ සහෝදරයාට ලොකු ඉඩක් ලැබෙනවා.’ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ, මහ බැංකු අධිපතිවරයා වූ ද, තවමත් එම පවුලට උපදෙස් සපයන්නෙකු වූ ද අජිත් නිවාඞ් කබ්රාල් කියයි. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු රටේ නායකයා නොවුණාට, රටේ ප‍්‍රධාන බල පදනම වෙන්නේ ඔහු.’.(2018 ජුනි 25 වැනි දා ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූHow China Got Sri Lanka to Cough Up A Port? නැමැති ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිජේවීර හොයාගන්න බිරිඳ උසාවි යයි.Next articleමහින්දගේ පොලිසිය පාරේ යමින් යහපාලන පොලිසියත් මිනී මරයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
රාජ්‍යයේ තනතුරු හමුදාවෙන් පුරවා මේ කොහි යන්නේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රාජ්‍යයේ තනතුරු හමුදාවෙන් පුරවා මේ කොහි යන්නේ.By ලසන්ත රුහුණගේ.December 29, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු කරන ලද ප‍්‍රථම පත්වීම් කිහිපයෙන් එකක් වූයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත්කිරීමය..මෙය ඊට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ලූතිනන් කර්නල්වරයෙකු වශයෙන් පමණක් අත්දැකීම් තිබූ (ඇමෙරිකාවේදී ඔහු කළේ මොනවාදැයි නිශ්චිත නැත.* ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත්කිරීම හා සමානකමක් දරයි..මීට දශක කිහිපයකට පෙර රටේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකු ලෙස පත්කිරීමේ පිළිගත් හා සාමාන්‍ය සම්ප‍්‍රදාය වූයේ පරිපාලන සේවයේ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ සඳහා පත්කිරීමය. ඉන් බාහිරව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම විටින් විට සිදුවූවත් එතෙක් පත්කරන ලද පුද්ගලයෝ පෞද්ගලික අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත අය වූහ. හුදු හමුදා නිලධාරීහු නම් නොවූහ..එමෙන්ම වෙනත් රජයේ ආයතනවලට හා රජයේ පරිපාලනයට අදාළ තනතුරුවලට හමුදා සාමාජිකයන් පත්කිරීම සිදුනොවූ තරම්ය. එම අත්දැකීම අපට අමුවෙන්ම අත්දකින්නට මුලින්ම ලැබුණේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය..එම ආණ්ඩු සමයේදී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම පත්කරනු ලැබීය. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පත්කරනු ලැබීය. ඔහු ආණ්ඩුකාරධුරයට ප‍්‍රථම යාපනය යුද හමුදා ආඥාපති වශයෙන්ද කටයුතු කළේය. එමෙන්ම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී.ටී.ආර්. සිල්වා පත්කරනු ලැබීය..තවද සක‍්‍රිය හමුදා සේවයේ සිටින හමුදා සාමාජිකයන් ජාත්‍යන්තර සංවිධානවල ශ‍්‍රී ලංකා නියෝජිතයන් ලෙස මෙන්ම තානාපති කාර්යාලවල මිලිටරි ඇටෑච්ලා ලෙස පත්කිරීමද සිදුවූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. එහිදී විශේෂම පත්කිරීම වූයේ වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයේ දෙවන නිත්‍ය නියෝජිතයා ලෙස පත්කිරීමය..වත්මන් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සමයද එම පෙර අත්දැකීමෙන් වෙනස් නොවන බව දැනටමත් පෙන්වා ඇත. ඒ පෙර සඳහන් කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත්කිරීම නිසාම නොව ඒ ආකාරයේ තවත් පත්කිරීම්ද නිසාය..හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් ජයනාත් කොළඹගේ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කර තිබේ. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් දයා රත්නායක ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එම අමාත්‍යාංශ ලේකම් ධුරයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වශයෙන්ද පත්කර තිබේ..තවද ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් පත්කර තිබේ. යහපාලන ආණ්ඩුවේ එම තනතුරේ කටයුතු කළේ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ය. වඩාත් බරපතළම පත්කිරීම වූයේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානියා ලෙස සක‍්‍රිය හමුදා නිලධාරියෙකු වන බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ පත්කිරීමය. රාජ්‍ය බුද්ධි සේවාව යනු පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත රජයේ බුද්ධි සේවයය. එහි ප‍්‍රධානියා ලෙස ඉතිහාසයේ කවරදාකවත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිට කිසිවෙකු පත්කර නැත. නීතිය අනුව නම් එසේ පත්කිරීමේ හැකියාවක්ද නැත. මන්ද පොලීසිය යනු දෙපාර්තමේන්තුවක් වන බැවිනි..රාජ්‍ය ආයතනවලට ප‍්‍රධානීන් පත්කිරීමද තවම අවසන් නැත. දැනටමත් ප‍්‍රධානීන් පත්කර ඇත්තේ රාජ්‍ය ආයතන කිහිපයකට පමණි. ඉදිරියේදී තවත් රාජ්‍ය ආයතනවලටත්, රජයේ තනතුරුවලටත් විශ‍්‍රාමික හා සක‍්‍රිය හමුදා නිලධාරීන් පත්කළ හැකිය. විදේශ සේවය සඳහා තවම අලූත් පත්කිරීම් කර නැත. දැනට විදේශ සේවයේ සිටින බොහෝ අය ආපසු කැඳවා ඇත. ඒ අනුව විදේශ සේවයේ තනතුරුවලටද මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මෙන් සක‍්‍රිය හා විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පත්කරනු ඇතැයි අනුමාන කළ හැකිය..රාජ්‍ය ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත්කළේය. අප මීට පෙර පෙන්වාදී ඇති පරිදි එම කමිටුවේද නාලක ගොඩහේවා වැනි රාජ්‍ය මුදල් අවභාවිතය ගැන අධිකරණයේ නඩු තිබෙන නුසුදුස්සෝ සිටිති..එම කමිටුවේ සාමාජික සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇත. එම කමිටුවේ තවත් සාමාජිකයෙකු වන වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස පත්කර ඇත. කමිටු සාමාජිකයන් දෙදෙනාගේ එම පත්වීම් දෙක එම කමිටුව නිර්දේශ කළාදැයි දන්නේ නැත..කෙසේ වෙතත් එම කමිටු සාමාජිකයන් දෙදෙනාට තවදුරටත් එම කමිටුවේ කටයුතු කළ හැකිද යන ප‍්‍රශ්නයද පැනනගී. එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් පත්කිරීමේ එම කමිටුව නීති මගින් විෂයභාර අමාත්‍යවරුන්ට පැවරී තිබූ බලතල නීති විරෝධී ආකාරයට ජනාධිපතිවරයා අත්පත් කරගැනීමක් බවද අප අමතක නොකළ යුතුය..19 වැනි සංශෝධනය අහෝසි කරනවායැයි හා 13 වැනි සංශෝධනයේ ඇති බලතල පවා ක‍්‍රියාත්මක කිරීමට නොදෙනවායැයි ජනාධිපතිවරයා දැනටමත් කියා ඇත. ඒ අනුව පෙනෙන්නේ නීතිය අබිබවා ඔහුට ඕනෑ ආකාරයට රට පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ දරන බවය. එම උත්සාහය සාක්ෂාත් කරගැනීම සඳහා රාජ්‍යයේ වැදගත් තනතුරුවලට විශ‍්‍රාමික හා සක‍්‍රිය හමුදා සාමාජිකයන් පත් නොකරාවියැයි සිතිය නොහැකිය..එම සිතීමට අප බලකරන්නේ කරුණු දෙකක්ය. එකක් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔහු රාජ්‍ය බලය නොමැතිව රජයේ තනතුරු හමුදා සාමාජිකයන්ගෙන් පිරවීමේ උදාහරණයය. දෙවැන්න ඔහුගේ රාජ්‍ය බලය යටතේ මේ වන විටත් කර ඇති හමුදා පත්කිරීම්ය..Tags.anidda.Anidda Newspaper.kamal gunarathna.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපක්ෂයේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබිලා.Next articleඅලූත් ආණ්ඩුවේ තීරණයක් පළමු වරට නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කෙරෙයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් අප ණය උගුලක හිරකරයිද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් අප ණය උගුලක හිරකරයිද?.By තරිඳු උඩුවරගෙදර.April 28, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.පවතින තත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ රජයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ණය ලබා නොගෙන බැරි බව පැහැදිලිය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡුාවකින්ද පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව මේ මොහොතේ ණය ලබාගැනීමටත්, දැනට ගෙවීමට ඇති ණය වාරික කල් දැමීමටත් බලාපොරොත්තු වන බවය..මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වාදී තිබුණු පරිදි කොවිඞ්-19 වසංගතය නිසා ක්ෂේත‍්‍ර ගණනාවක්ම කඩාවැටී ඇති පසුබිමක ශ‍්‍රී ලංකාවට දැන් ණය ලබා නොගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇතැයි පෙනෙන්නට නැත..ඇත්තෙන්ම කොවිඞ්-19 වසංගතයට පෙර සිටම ශ‍්‍රී ලංකාවට විශාල ණය ලබාගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ බව ප‍්‍රසිද්ධියේම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇතුළු ආණ්ඩුවේ නායකයන් කියා තිබුණි. එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම ණය ලබාගැනීමක්ද කර තිබුණි..ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට කොවිඞ්-19 වසංගත තත්වය නිසා ගෙවීමට නියමිත ණය වාරික කල් දමාගැනීමටත්, තවත් ණය ලබාගැනීමටත් හැකියාවක් ඇත. ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා කියා ඇති කරුණුවලින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව කිසිදු තිරිංගයක් නැතිව තව තවත් ණය ලබාගැනීමේ අධිවේගී මාර්ගයේම ගමන් කිරීමට සූදානම් බවය. ණය ගෙවීම සඳහා වසර දෙකතුනක සහන ලබාගෙන තව තවත් ණය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළොත් ඒ සියල්ලෙහි ප‍්‍රතිඵල වසර දෙකතුනකින් ගෙවන්නට සිදුවීමේ ඉඩක් ඇත..පාර්ලිමේන්තුව නැතිව.කෙසේ වෙතත් තව තවත් ණය ලබාගැනීමේ ප‍්‍රතිපත්තිමය තීන්දුවට වඩා මේ මොහොතේ ඇති විශාලම ගැටලූව වන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව විදේශ ණය ලබාගන්නේ කෙසේද යන්නයි. එය ව්‍යවස්ථාවට පටහැණි ක‍්‍රියාවකි. වාර්ෂිකව රටක් ලබාගන්නා ණය ප‍්‍රමාණය සඳහා ණය ගැනීමේ සීමාවක් අයවැයකින් සම්මත කරගනු ලබයි. ඒ ණය ගැනීමේ සීමාවට යටත්ව ණය ගැනීම් කළ හැකිය. දැන් අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැතිව පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව ණය ලබාගන්නේ කෙසේදැයි විමසිය යුතුය. ඒ ගැන විස්තර ඉදිරියේදී පැහැදිලි කරන්නෙමු..අයිඑම්එෆ් ණය.අපේ‍්‍රල් 28 වැනිදා ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව, එම පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ණය ගැනීමේ අවශ්‍යතාව ගැන කියා ඇත..‘මාර්තු 15 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ්-19 ගෝලීය අධි-වසංගත තත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඞ්රොස් ඇඩනොම්ගෙන් ඉල්ලීමක් කළා සංවර්ධනය වූ රටවලින් දිළිඳු රටවල් වෙත ණය සහන ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න කියා..අපි නිල වශයෙන් බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය සංවර්ධන සහකරුවන්ගෙන් මේ අත්‍යවශ්‍ය මොහොතේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා..අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා දැනට ලබාදී තිබෙන ව්‍යාප්ත කළ අරමුදල් පහසුකම් (අයිඑෆ්එෆ් පහසුකම) ක්ෂණික මූල්‍ය පහසුකමක් (ආර්සීඑෆ්) පහසුකමක් දක්වා දීර්ඝ කරන්න කියා.’.ඊඑෆ්එෆ් හා ආර්සීඑෆ් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන මූල්‍ය පහසුකම් වර්ග දෙකකි..ශ‍්‍රී ලංකාවට පසුගිය ආණ්ඩුව සමයේ ලබාදුන් ඊඑෆ්එෆ් සහනයෙන් සිදු කරන්නේ ණය ගෙවීමට අසීරු, ආර්ථික වර්ධනය දුර්වල, ආර්ථික සැකැස්මේ අඩුපාඩු ඇති රටවලට නැවත ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමය. මෙම මූල්‍ය පහසුකම ලබාදෙන්නේ නැවත ආර්ථිකය ගොඩගැනීම සඳහාය. එම නිසා මෙම මූල්‍ය පහසුකම් සමඟ රටේ ආර්ථිකය දුර්වල වීමට හේතු වූ ආකෘතිමය අඩුපාඩු නැවත සකසාගැනීමට අදාළ විවිධ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවයි. එම කොන්දේසි රටට අහිතකර ඒවා නොවන අතර මූල්‍ය විනයක් පවත්වාගැනීමට අදාළ කොන්දේසිය..ආර්සීඑෆ් පහසුකමක් යනු හදිසි ආපදාවක්, විශාල ආර්ථික කඩාවැටීමක් සිදුවූ අවස්ථාවක අඩු කොන්දේසි සමඟ ලබාදෙන ණය පහසුකමකි..ශ‍්‍රී ලංකාවට පසුගිය වසරේදී ලැබීමට නියමිතව තිබුණු ඊඑෆ්එෆ් සහන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් දී තිබුණු ආකාරයට මූල්‍ය විනය පවත්වාගැනීමට අසමත් වූ නිසා අහිමි විය..‘මීට පෙර ඊඑෆ්එෆ් පහසුකම ලැබූ අවස්ථාවට වඩා වෙනස්, ශ‍්‍රී ලංකාව දැන් ඉන්නේ වෙනම ප‍්‍රතිපත්තියක් සහිත රජයක් යටතේ. ඒ වගේම කොවිඞ්-19 වසංගතය නිසා ආපදාවට මුහුණදුන් පසුබිමක. එම නිසා ඊඑෆ්එෆ් පහසුකමක් යටතේ පනවන කොන්දේසි සපුරාලීමට අසීරු තත්වයක් යටතේ.’ පී.බී. ජයසුන්දර මහතා එසේ කියා තිබුණි..‘අපට සෞඛ්‍ය සේවාව සහ සමාජ ආරක්ෂණය පවත්වාගෙන යෑම සඳහා හදිසි අවස්ථා අරමුදල් අවශ්‍යයි. ඒ තමයි තර්කය. ආර්සීඑෆ් යටතේ ඩොලර් මිලියන 800ක පහසුකමක් ලබාගත හැකියි. අප විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ඉල්ලීම ඉටු කරනු ඇති බව.’ ඔහු වැඩිදුරටත් එසේ කියා ඇත..තවත් ණය.මේ ආකාරයටම රජය ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන අරමුදලෙන්ද හැකි තරම් ආධාර සපයන ලෙස ඉල්ලීම් කර ඇත. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාව දැනටමත් ණය ආධාර ලබා ඇත..ණය ගෙවීම.මේ අතර ශ‍්‍රී ලංකාවට ඇති ප‍්‍රධාන අභියෝගයක් වන්නේ මීට පෙර ලබාගෙන ඇති ණය නැවත ගෙවා දැමීමය..2020 වසරේදී ගෙවීමට ඇති ණය වාරිකවල වටිනාකම ඩොලර් බිලියන 4.4ක් පමණ වේ. ඒ අතර ඩොලර් බිලියන 2ක් පමණ වටිනා ද්විපාර්ශ්වීය හා ඩොලර් බිලියන 1ක් වටිනා බහුපාර්ශ්වීය වාරික ඇත. ජාත්‍යන්්තර ණය සුරැුකුම්පත් වාරිකයක් ඔක්තෝබර් මාසයේදී ගෙවීමට ඇත..ෆිච් රේටින් ආයතනයට අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 3.2ක් පමණ වේ. 2021 සිට 2023 දක්වා ඩොලර් බිලියන 13.8ක් ගෙවීමට ඇත. මේවායින් සැලකිය යුතු කොටසක් ගෙවීමට සහන කාලයක් ලබාගතහොත්, එය රජයට සහනයක් වනු ඇත..එහෙත් ගැටලූව වන්නේ ඒ සහනය පාවිච්චි කරමින්, ජනතාවට සහන දී ආර්ථිකය නංවන්නට කටයුතු කරනු ඇතිද කියාය. නැත්නම් සංදර්ශන පවත්වමින්, රාජ්‍ය සේවය පුළුල් කරමින් ඒ සහනය අපතේ හැර 2023 වෙද්දි නැවත සුපුරුදු ණය උගුලේම හිරවෙනු ඇතිද කියාය. එතැනිනුත් එහාට ගොස්, 2023 දී තවත් අලූත් ණය බරක්ද එකතුවනු ඇතිද කියාය..‘වසරේ මුල සිටම අපි මොන අමාරුව තිබුණත් ණය ගෙවීම කරගෙන යනවා. කොවිඞ්-19 වසංගතය පැමිණීමෙන් පසුවත් අපි ණය ගෙවීම කරනවා.’ ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත දැනට ඇති ණය ගැන පී.බී. ජයසුන්දර කියා ඇත..‘කුමන තත්වයක් යටතේවත් ණය ගෙවීම් පැහැරහැර ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාත්‍යන්තර අපකීර්තිය ඇතිවෙන අන්දමට අප කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. අපට ආජන්ටිනාවක් විය නොහැකියි.’ ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා තිබුණි..මේ අතර ශ‍්‍රී ලංකාවේ රජය ණය ලබාගෙන ඇති ජපානය, චීනය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් ඉදිරි වසර දෙක සඳහා ණය වාරික කල් දමන ලෙස ඉල්ලීම් කර ඇති බවත් එම පාර්ශ්වයන්ගෙන්ද මූල්‍යමය සහයෝගය හෝ ණය වාරික කල්දැමීම ඇතුළු සහයෝගයන් බලාපොරොත්තු වන බවත් පී.බී. ජයසුන්දර කියා ඇත..ඒකාබද්ධ අරමුදල.මේ සියල්ල මැද අප නැවත ව්‍යවස්ථාමය පසුබිම ගැන කතාකළ යුතුය. මේ සියල්ල සිද්ධවෙන්නේ පාර්ලිමේන්තුවක් නැතිවය..ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ‘ඒකාබද්ධ අරමුදලෙන්’ මුදල් වියදම් කළ හැකි බව ආණ්ඩු හිතවාදී ‘ව්‍යවස්ථා විශේෂඥයෝ’ කියති..ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි පරිච්ෙඡ්දයෙන් ව්‍යවස්ථාවෙන් රාජ්‍ය මූල්‍ය ගැන විස්තර කර ඇත. ඒ පරිච්ෙඡ්දයේ මුලින්ම සඳහන් වන්නේ 148 වැනි ව්‍යවස්ථාවයි. එය මෙසේය..‘රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන්නේය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හෝ කිසිම බද්දක්, වරිපනමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නොමැත්තේය.’.මෙහි ‘සම්පූර්ණ බලය’ යන යෙදුම වැදගත්ය. විධායකයට රාජකාරි කිරීම සඳහා නීතිමය පසුබිම සැකසීමත්, මූල්‍යමය පහසුකම සැපයීමත් යන දෙකම සිදු කරන්නේ පාර්ලිමේන්තුවය. ඒ අනුව වාර්ෂිකව අය කළ යුතු බදු මුදල්, වෙනත් ආදායම් සහ ණය ගැනීමේ සීමාව පාර්ලිමේන්තුවෙන් නියම කරනු ලබයි..149 ව්‍යවස්ථාවෙන් ඒකාබද්ධ අරමුදල ගැන විස්තර කර ඇත. ‘නියමිත කාර්යය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූ ද, ජනරජය සතු වූ ද, සියලූම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලක් වන්නේය. සියලූම අය බදු, තීරු බදු, වරිපනම් හා ගාස්තු යන මාර්ගවලින් ලැබෙන ආදායම්ද, නියමිත කාර්ය සඳහා වෙන්කරනු නොලැබූ ජනරජය සතු සෙසු සියලූම ආදායම් සහ ලැබීම්ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේය.’.150 (3) ව්‍යවස්ථාව මෙසේය. ‘යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’.ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කළ හැකි එකම දෙය ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීම පමණය..දැන් රජයට ආනයනවලින් ලැබෙන තීරු බදු විශාල වශයෙන් අහිමිය. සරල උදාහරණ කිහිපයක් කිව හැකිය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලැබුණු දැවැන්ත ආදායම කප්පාදු වී ඇති බව වාර්තා පළ විය. ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වූ ලාභයද අහිමි වන්නේ වාහන අඩු වීමෙන් ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති නිසාය. වාහන නොමැති නිසා පොලීසියට වාර්ෂිකව ලැබෙන දඩ මුදල් පවා දැන් ලැබෙන්නේ නැත. මත්පැන් අලෙවි කිරීමෙන් ලැබෙන බදු ආදායමත් නැත..මේ සියල්ල මැද වියදම් අධික ලෙස ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය පහසුකම්වල සිට සහනාධාර පහසුකම් සැපයීම දක්වා වියදම් අධිකය. මෙවැනි පසුබිමක ‘ඒකාබද්ධ අරමුදලෙන්’ පමණක් වියදම් කරමින් ඉන්නට බැරි බව පැහැදිලිය. දැන් ඇත්තේ එදිනෙදා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ ප‍්‍රශ්නයක් නොවේ. සම්පූර්ණයෙන්ම කඩාවැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අදාළ ආර්ථිකමය ක‍්‍රියාදාමයකි. 150(3)න් ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීමට ඇති බලය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ..දැනටමත් විපක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙන බව කියා ඇත. ඒ නිසා ආණ්ඩුවට කරන දෙයක් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථාවට අනුව කළ හැකිය. නැතිනම් ව්‍යවස්ථා විරෝධීව සියල්ල සිදු කළ හැකිය. ලොකුම බිය ඇත්තේ පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් ලංකාව ණය උගුලක සිර කරනු ඇතිද කියාය..Tags.Ravaya Newspaper.Ravaya Newspaper Ravaya Anidda e Paper Mahithripala sirisena කේ. සංජීවelection.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.කේ. ඩබ්ලිව්. ජනරංජනelection commission.කොරෝනා.කොවිඩ්19.කොළඔ වරායේ තැන් දෙකක් වහයි.ගුවන් ටිකට්පතක්.ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඞ්.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩcorona.පුවත්.පොලිස්පති.මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.රාවය.රාවය පුවත්පත.ලාංකික සිසුන්ගේcovid 19.වසංගතය.ව්‍යවස්ථා සභාවට.රාවය.රාවය පුවත්පත.Anidda Newspaper.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොවිඞ්-19 මැද මානව හිමිකම් කඩන රටවල් අතරට ශ‍්‍රී ලංකාවත් එකතු කරලා.Next articleඔබ නිදාගෙන සිටින්න – රාජ්‍යය ඔබ වෙනුවෙන් සිහින දකිනු ඇත.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අගමැතිගේ සෞඛ්‍යයරටට වැදගති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අගමැතිගේ සෞඛ්‍යය.රටට වැදගති.By සංස්කාරක.February 1, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කොළඹ නවලෝක රෝහලට පසුගිය දා ඇතුළත් ව සිටි බව දැන් කවුරුත් දන්නා රහසකි. එහෙත් ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, මාධ්‍යවලට කියා සිටියේ, පියා නවලෝක රෝහලට ඇතුළත් ව නොසිටි බවත්, රෝගියකු බැලීම සඳහා පමණක් එහි ගිය බවත්, මවගේ උපන්දිනය වෙනුවෙන් සියල්ලන් තම නිවසේ එක්ව සිටි බවත් ය..ඊට අමතරව ඔහු තවත් දේ ද කීවේ ය. ‘වෛද්‍යවරුන් පවා රෝගියකුට රෝගයක ඇත්ත තත්වය නොකියන බවත්, කිසිවකුගේ රෝග තත්වයක් එළිදරව් කිරීම සදාචාරයට පටහැනි බවත්’ ආදි ලෙස ය..ඇමතිවරයා මේ කෙටි ප්‍රකාශයෙන් බොහෝ දේ වරදවා කියයි..එකක්, අගමැතිවරයා නවලෝක රෝහලට ගියේ ලෙඩෙකු බැලීමට පමණක් බව ය. ‘මාධ්‍ය ලෙඩා මාරු කරගෙන’ යැයි ද ඔහු කීය. එසේ වුවත්, ජනවාරි 26 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පත මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ කරමින් කියා සිටියේ අගමැතිවරයාගේ කොඳු ඇට පෙළේ ශල්‍යකර්මයක් නවලෝක රෝහලේ දී කර ඇති බව ය. පැයක පමණ කාලයක දී ලැම්නෙක්ටොමි නම් වූ සුළු ශල්‍ය කර්මය ඔහුට කරන ලද්දේ විදේශතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය හිලාලි නූර්දීන් බව ද එහි සඳහන් වෙයි. මහාචාර්යවරයා ලංකාවට මෙවර පැමිණි විට අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් කිහිප දෙනකු ද ඔහුගෙන් ප්‍රතිකාර ලද බව ප්‍රවෘත්තිය කියයි. මේ ප්‍රවෘත්තිය රාජපක්‍ෂ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් සාවද්‍ය යැයි කියා නැති නිසා, එයින් නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් යැයි ඔප්පු වේ..වෛද්‍යවරුන් රෝගීන්ට ඇත්ත තත්වය නොකියන බව ද ඇමතිවරයාට අනුව නියමයකි. එහෙත්, සියල්ලන් දන්නා කාරණය නම්, වෛද්‍යවරුන් විශේෂ අවස්ථාවල දී හැර රෝගියාට තම රෝගයේ ඇත්ත තත්වය හෙළිදරව් කළ යුතු බව ය. එය රෝගියාගේ අයිතිවාසිකමකි. නාමල් රාජපක්‍ෂ වරදා කියූ දෙවැනි කරුණ එයයි..තුන්වැනි කරුණක් ද තිබේ. මාධ්‍ය මගින් පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්වය එළිදරව් කිරීම සාදාචාරාත්මක වරදක් බව ය. ඇත්තකි. සාමාන්‍ය පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්වය ජනමාධ්‍ය මගින් එළිදරව් කිරීම සදාචාරාත්මක වරදකි. එහෙත් මහජන යහපත සඳහා යම් කිසිවකුගේ සෞඛ්‍ය තත්වය එළිදරව් කළ යුතු අවස්ථාවක දී එසේ එළිදරව් කිරීමට වෘත්තීය ආචාර ධර්මවලින් ම ජනමාධ්‍යවලට අවසර දී තිබේ..උදාහරණයක් හැටියට, යම් මහජන ධුරයක් හොබවන, ඒ කියන්නේ රාජ්‍ය නායකයන්, රජයේ නිලතල හොබවන්නන් ඇතුළු මහජනතාවගේ ජීවිත සමග එදිනෙදා ගැට ගැසී ඇති පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වය ගැන තොරතුරු එළිදරව් කිරීමට අවසරය ජනමාධ්‍යවලට ඇති අතර, එය මහජන යහපත වෙනුවෙන් මෙන් ම මහජනතාවගේ අයිතියට ගරු කිරීමක් ද වෙයි..තමන්ගේ ඡන්දයෙන් පත් කර ගන්නා පුද්ගලයන් මෙන් ම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකිව යුතු තනතුරු හොබවන පුද්ගලයන් ද ඒ මහජන තනතුරු හෙබවීමට තරම් සෞඛ්‍යවත් අය ද යන්න ගැන දැන ගැනීමට මහජනතාවට අයිතියක් තිබේ. එනයින් අගමැති ධුරය තව දුරටත් දැරීමට මහින්ද රාජපක්ෂ මහතා සුදුසු සෞඛ්‍ය තත්වයක සිටී දැයි දැනගැනීමට ලංකාවේ ඔහුට ඡන්දය දුන් සහ නොදුන් සියලු දෙනාට ම අයිතියක් තිබේ. ඇයි ද යත්, ඔහු මේ රටේ දෙවැනි පුරවැසියා නිසා ය. අගමැතිකම මහජන ධුරයක් නිසා ය..නාමල් රාජපක්‍ෂ මහතා සඟවන්නට උත්සාහ කළත්, ලෝකයේ හැම දියුණු රටක ම පාහේ මහජන ධුර දරන්නවුන්ගේ සෞඛ්‍ය තත්වය ඒ ඒ රජය විසින් ම ජනතාවට එළිදරව් කිරීම ප්‍රතිපත්තියක් හැටියට ම අනුගමනය කෙරේ. එසේ නොවන අවස්ථාවලදී ඒ කරුණු හඹා ගොස් හෙළිදරව් කිරීමට ද ජනමාධ්‍ය උත්සාහ කරයි. අමෙරිකාවේ ජනාධිපතිවරයා වසරකට වරක් නිල වශයෙන් ම එරට රජය විසින් පවත්වනු ලබන වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් විය යුතු ය. එහිදී ලැබෙන තොරතුරු මහජනතාවට විවෘත ය. මෑත දිනයක කම්ලා හැරිස්ට මුල් වරට අමෙරිකාවේ ජනාධිපතිකමට පත් කාන්තාව වීමට, පැය එකහමාරකට ඉඩ ඇබුණේ ජනාධිපතිවරයාගේ ඒ වෛද්‍ය පරීක්‍ෂණය නිසා ය. අපේ ඇමතිවරුන් සිතන්නේ නූතන ලෝකය ගැන කිසිවක් නොදන්නා මෝඩයන් පිරිසක් ලංකාවේ සිටින බව ද?.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඊවාගේ ඉල්ලා අස්කරගැනීම සහ.අගමැතිගේ ගිණුමේ වංචාව.Next articleලංකාවේ ජාතික ගැටලුවෙහි.දේශපාලනය:.ඊයේල අද සහ හෙට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
උපාධියට සරිලන රැුකියාවක් හොඳටෝම ඇතිෟ උපුල් කුමාරප්පෙරුමට පිළිතුරක් චන්දන සූරියආරච්චි කැදවුම්කරු/ උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.උපාධියට සරිලන රැුකියාවක් හොඳටෝම ඇතිෟ උපුල් කුමාරප්පෙරුමට පිළිතුරක් චන්දන සූරියආරච්චි කැදවුම්කරු/ උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.By සංස්කාරක.June 17, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.2018.06.03 දින ‘අනිද්දා’ පුවත්පතේ ඉහත හිසින් පළවූ ලිපිය හොඳින් කියෙව්වෙමි. ඊට හේතු 2ක් විය. එකක් 90 දශකයේ සිට මේ දක්වා අපේ රටේ රැුකියා විරහිත උපාධිධාරීන්ගේ රැුකියා අයිතිය වෙනුවෙන් සටන් කරන අරගල කරන ව්‍යාපාරයක මූලිකයෙකු වීම නිසාය. අනෙක මෙම ලිපිය ලියූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මේ මොහොතේ සමාජ ප‍්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පුද්ගලයකු ලෙස රූපාන්තරණය වී සමාජයේ සාතිශය සංවේදී ප‍්‍රශ්න දෙස ධනේශ්ව්ර ආණ්ඩුවල අර්බුදයන් ගොඩයන දිශාවට පවතින ක‍්‍රමයේ සුරක්‍ෂිතයෙකු ලෙස මත දක්වා තිබීම නිසා ඇති වූ අප‍්‍රසන්නභාවය නිසාය..උපුල් කුමාරප්පෙරුම මහතාට අනුව රැුකියා විරහිත උපාධිධාරීන් අසාධාරණ සැලකීම් ඉල්ලන ලෙස පෙනුණද අප කිසිවෙකුට උපාධිධාරීන් ඉල්ලන අසාධාරණ සැලකීම් මොනවාදැයි නොවැටහෙයි. අසාධාරණ සැලකීම් කියනකොට ආණ්ඩුව උපාධිධාරීන්ට සැලකීම් කරනවා. නමුත් කරන සැලකිලි ප‍්‍රමාණයට වඩා අසාධාරණ ලෙස සැලකීම් ඉල්ලනවා වගේ හරියට ෂයිලොක් මස් රාත්තලම ඉල්ලනවා. ඒක අසාධාරණයි වගේ යන්න දැනවීමට ඔහු උත්සාහ කරයි. ඔහුට එසේ පෙනීම, දැනීම විමතියට හේතුවක් නොවන්නේ ඔහු නිවැරදි සමාජය විග‍්‍රහයක් කරගෙන නොතිබීම නිසාවෙන් නිසා අපි කලබල නොවෙමු. ඔහුගේ එම මතවාදයට හෝ අදාල ලිපියේ අඩංගු කරුණුවලට අප උපාධිධාරී සමාජය එක`ග නොවන්නේ රැුකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුව සාධාරණ සැලකීම් කිසිවක් නොකරන නිසාවෙනි..උපාධිධාරීන් මේ මොහොතේ රැුකියා ඉල්ලමින් අරගල කිරීම මතවාදීමය වශයෙන් වැරදි බවට සමාජගත කිරීමට උත්සාහ දරන සටහන්කරු ඔහුගේ ලිපියෙන්ම පළමුවෙන්ම පිළිගන්නා සත්‍යයක් ඇත. ඔහුගේ සටහනේම උපුටාගැනීම කළහොත් මෙසේය. ‘‘සරසවි අධ්‍යාපනයේ උපාධි පාඨමාලා දෙස බැලූවිට උපාධිධාරියකු වීමෙන් පසු රජයේ් රැුකියාවක සුරක්‍ෂිතභාවය ඇත්තේ උපාධි පාඨමාලා කීපයකට පමණි. අඩුතරමින් ඉංජිනේරු උපාධියට හෝ මෙම සුරක්‍ෂිතබව ලැබී නොමැත. එම නිසා උපාධිධාරීන් විදෙස්ගත වන බවද…’’ ලිපියේ සමස්තය දෙස අවධානය යොමුනොකළත් ඔහු විසින් මතුකිරීමට උත්සාහ දරන තර්කය ඔහු විසින්ම ආරම්භයේදීම නිශේධනය කරගෙන ඇති බව අපට හැෙ`ග්. එවැනි වටිනාකමක් හෝ පිළි ගැනීමක් නොපැවතියත් උපාධියක් අරගෙනත් ලංකාව තුළ රැුකියා සුරක්‍ෂිතභාවයක් නොමැති කමින් උපාධිධාරීන් විදෙස්ගතවීමේ අර්බුදයක් ඇතිවී ඇත්තේ මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදක ආයතනයකට අපේ රටේ නිදහස් අධ්‍යාපනය යටතේ උසස් අධ්‍යාපනයේ අවසන් ප‍්‍රතිඵලය මත උපාධියක් හිමිකරගෙන සමාජගතවන උපාධිධාරීන් පිළිබඳ පැහැදිලි තිරසාර වැඩපිළිවෙළක් නොමැතිවීම හැමදාමත් උපාධිධාරීන්ට රැුකියා ඉල්ලමින් සටන් කිරීමට සිදුවීම සාමාන්‍ය තත්වයකි..උපාධිය මූලික සුදුසුකමක් වන බොහෝ රැුකියා නිර්මාණය වී ඇත්තේ සේවාවන් ලෙස බව ලිපියේ පෙන්වා දේ. එය සත්‍යයකි. රැුකියා විරහිත උපාධිධාරීන් බදවාගැනීම සදහා අදාල සේවය වන්නේ ‘‘සංවර්ධන නිලධාරී සේවයයි.’’ මෙම සේවය සදහා බදවාගනු ලබන්නේ රැුකියා විරහිත උපාධිධාරීන් පමණකි. එයත් විවෘත අංශයෙන් පමණකි. අපගේ අරගලය වන්නේ ඒ ස`දහා අඛණ්ඩව වාර්ෂිකව බ`දවාගැනීම් සිදුකිරීම කළයුතුය යන්නය..ලිපියේ උතුරේ සහ දකුණේ තරුණ නැගිටීම් පිළිබදවත් එහි අවසන් ප‍්‍රතිඵලවලින් එකක් වන 1991 සිට තරග විභාග ක‍්‍රමය යටතේ රාජ්‍ය සේවයට බ`දවා ගැනීම් සිදුවූ බවත් සදහන් කර ඇත. එවැනි තීරණයක් ගැනීමට පැවැති එජාප ආණ්ඩුවට සිදුවූයේ 88-89 අරගලයේදී 60000කට ආසන්න මිනිස් ජීවිත බිලිගෙන සමාජය තුළ ඇතිවූ ආණ්ඩු විරෝධී දේශපාලනය යටපත්කර ගැනීමටය. එවැනි ඛේදවාචකයක් ඇතිවීමේ පදනම පිළිබදව ලියුම්කරුට අදහසක් ඇත. ආර්ථික, සමාජීය, දේශපාලන වශයෙන් වෙනස්කොට සැලකීම නිසා ඇති වූ පීඩනය සමාජ අරගලයට පදනම් වූ බවද පවසන ඔහුට වසර ගණනාවක් උපාධියක් ලබාගෙන ජීවත්වීම සදහා උපාධියට සුදුසු රැුකියා අවස්ථාවක් අහිමිව වසර ගණන් පීඩා විදින උපාධිධාරීන්ගේ පීඩාව නොදැනීම කනගාටුදායකය..ආණ්ඩුව කිසි විටෙකත් සුදුසුයැයි සිතා රැුකියා ලබාදී නැත. 1999-2012 දක්වා බදවා ගැනීම් ගත් කල මේ සෑම අවස්ථාවක්ම උදාවී ඇත්තේ වසර 05කට වඩා වැඩි කාලයක් ඉකුත් වූ පසුවය. ඒ සෑම අවස්ථාවක්ම නිර්මාණය වූයේද උපාධිධාරීන් ගෙන ගිය දැවැන්ත අරගල නිසා බව රට පුරා ජනතාව දන්නා කරුණකි..උපාධිධාරීන් ප‍්‍රධාන සටන්පාඨ දෙකක් ඔස්සේ මේ වන විට අරගල කරන බව ලිපියේ දක්වා ඇත. එකක් වන්නේ රාජ්‍ය සේවයේ රැුකියාවක් ලබා ගැනීමයි. අපගේ පැහැදිලි අරගලය හා සටන් පාඨය වන්නේ එයමයි. එම ඉල්ලීම දිනාගැනීම ජාතික වගකීමකි. උසස් අධ්‍යාපනයේ ඉහලම ප‍්‍රතිඵලය දක්වා ළ`ගාවන අපේ රටේ තරුණ දියුණු මානව සම්පත රටේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් යොදාගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් පත්වූ කිසිදු ආණ්ඩුවකට නොතිබුණි. එවැනි වැඩපිළිවෙළ සැකසීම ආණ්ඩුවලට අවශ්‍යද නැත. ඒවා වියදම් යන වැඩ විය හැකිය. ආණ්ඩුවට අවශ්‍ය සීපා හෝ සිංගප්පූරු වැනි ගිවිසුම් හරහා රටට අවශ්‍ය ශ‍්‍රම බලකාය ආනයනය කර ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මානව සම්පත ලබාදීමයි. රට තුළ ගෙවුණු දශක 7 තුළ පැහැදිලි අඛණ්ඩ ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් සකස් වී ක‍්‍රියාවට නැංවූයේ නම් වසරකට විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් ප‍්‍රමාණවත් නොවීමට ඉඩ තිබුණි. එවැනි වැඩපිළිවෙළක් නොමැති නිසාම ආණ්ඩුවට උපාධිධාරීන් ගැටලූවක්ම විය..රටේ ජාතික ධනයෙන් ඉගෙනගෙන 2600000 පමණ උසස් පෙළ හදාරන සිසුන්ගෙන් වසරකට 20000ක් පමණ විශ්වවිද්‍යාල වරම් ලබන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු උපාධිධාරීන් හා ජාතික විශ්වවිද්‍යාලවලින් බාහිර උපාධි ලබන සියලූ උපාධිධාරීන් රටේ ජනතාවගේ සේවාවන් කාර්යක්ෂම කිරීමට මෙන්ම රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට මෙම බුද්ධිමය මානව බලකාය රාජ්‍ය අංශයේ ස්ථිර රැුකියා ස`දහා යොමුකිරීම ඉතා නිවැරදි හා සාධාරණ කටයුත්තකි..වයස අවුරුදු 45 දක්වා උපාධිධාරීන් බ`දවා ගැනීමේ සීමාව දීර්ඝකරන ලෙස කරන ඉල්ලීම අසාධාරණ බව පැවසේ. 1999 සිට 2012 දක්වා උපාධිධාරී බ`දවාගැනීම් රට තුළ සිදුවී ඇත්තේ අවම වසර 5කට වැඩි කාල පරසයක් තුළය. ඒ අනුව එක් බදවාගැනීමක් අවසන් කර ඊළ`ග වසර බ`දවාගැනීම අතර අවුරුදු 05ක 06ක කාලයක් ගතවන විට ඇතැම් උපාධිධාරීන්ගේ වයස අවුරුදු 35 ඉක්මවීම වැලැක්විය නොහැක. ආණ්ඩුව විධිමත් ආකාරයක වාර්ෂික බදවාගැනීම් සිදුකළේ නම් කොටසකට එවැනි අසාධාරණයක් සිදු නොවේ. එමෙන්ම 35ට වැඩි උපාධිධාරීන්ද ඉතිරි නොවේ. බදවාගැනීම අවුරුදු 45 දක්වා දීර්ඝ කිරීමක් ඉල්ලා සිටිනුයේ පොදුවේ රාජ්‍ය සේවයට බ`දවාගැනීමේ අවම විශ‍්‍රාම වැටුප් හිමිකම සදහා වසර 10ක සේවා කාලය සලකා බැලෙන නිසාය. අදාල ලිපියේ එය සටහන්කර ඇත්තේ විශ‍්‍රාම වැටුප් හිමිකම ස`දහා සලකා බලන කාලය වසර 20ක් කියාය. එය අසත්‍යයකි. ඔහු ආණ්ඩුවට හුරු ආකාරයෙන් පවතින නීතිය නැමීමක් සිදුකරමින් දැනට පවතින වසර 10, 20 ලෙස දක්වා අදාල ඉල්ලීම අසාධාරණ එකක් බව කීමට උත්සහ දරා ඇත. දැනට රජය හදුනාගත් රැුකියා විරහිත උපාධිධාරීන් 57000ක් වේ. ඒ අතර අවුරුදු 35 ඉක්මවූ අවුරුදු 40ට අඩු හදුනාගත් උපාධිධාරීන් ප‍්‍රමාණය 2000කටත් අඩුය..බදවාගත් උපාධිධාරීන් දැනට මුහුණ දෙන අමිහිරි අත්දැකීම්ද ලිපියේ සටහන්කර ඇත. බදවා ගැනීමටත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය. බදවාගත් සංවර්ධන නිලධාරීන් විධිමත් කළමනාකරණයක් හරහා ඵලදායී සේවාවක් වෙනුවෙන් සුදුසු රාජකාරී පවරමින් සේවයේ යෙදවීම සදහාද ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය. එවැනි වැඩපිළිවෙළක් නොතිබීමේ විපාකයට වගකිව යුත්තේ රටේ උගත් බුද්ධිමත් මානව ප‍්‍රජාව නොවන බව පෙන්වා දියයුතුය..දශක කීපයක් ඉදිරියට හිතමින් රටට සුදුසු ඵලදායී ඉලක්කයක් වෙනුවෙන් නවීකරණය වියයුතු අධ්‍යාපන වැඩපිළිවෙළක අවශ්‍යතාව උපාධීධාරීන් ලෙස බැහැර නොකරමු. නමුත් දැනට තිබෙන අධ්‍යාපනය තුළ ලබාගන්නා උපාධිය අඩුපාඩු ඇත්නම් ඒ ස`දහා වගකිව යුත්තේ උපාධිධාරීන් බව හගවමින් කැකිල්ලේ රජුගේ නඩු විභාගයක් ඔහු විසින්ම පවත්වයි. එය අපගේ කාර්යයක් නොවේ..ඔහු කියන විදිහට උපාධිධාරීන්ට රැුකියා දුනහොත් වැටුප් ගෙවීමට මුදල් සොයාගැනීමට බදුබර වැඩිකිරීමට සිදුවන බවත්, එය ජනතාවට බරක් ලෙස පෙන්වා රැුකියා විරහිත උපාධිධාරී අරගලය ජනතාවට බදුබර පටවන ජනතා විරෝධී අරගලයක් බව ඇගවීමට උත්සහ දරා ඇත. ඔහු කිසි විටෙකත් මෙම ලිපියේ දශක 7ක්ම ගෙවා ඇති මහලූ ධනවාදී ආර්ථිකය රට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රැගෙන යා යුතු වුවත් යැපුම් ආර්ථියක් මත හිරකර තිබීම ගැන සාකච්ඡුා නොකරයි. පාලකයන් හා ඔවුන්ගේ දුදරුවන් ගෝලබාලයන් මාරුවෙන් මාරුවට කොල්ලකෑ ජනතා දේපොළ මහ බැංකු කොල්ලකෑම් ආදි රටේ ජනතාවට අහිමිකර ඇති ජාතික ධනය ගැන කථා නොකරයි. එම කොල්ලකෑ ධනය අත්පත් කරගෙන රටේ ආර්ථිකය ගොඩනැගිය යුතුය යන්න ඔහු කතා නොකරයි. එසේ වුවහොත් උපාධිධාරීට රැුකියා ලබාදීම ආණ්ඩුවට කිසිදු බරක් නොවන බව පෙන්වා දීමට උත්සාහ නොකරයි. වර්තමාන ආණ්ඩුව 57000ක් වන උපාධිධාරීන්ගෙන් 20000කට පමණක් රැුකියා දෙන බවට පොරොන්දු වී ඇත. පසුව එයත් 5000 දක්වා අඩුකර ඇත. ඒ තුළින් මතුවිය හැකි පීඩාව හා ආණ්ඩුවට එල්ලවිය හැකි බලපෑම සමනය කරගැනීම වළක්වා ගැනීම ඔහුගේ අරමුණ බව දැනේ..රාජ්‍ය අංශයේ සෑම කෙනෙකුගේම අවසන් ඉලක්කය සුරක්ෂිත විශ‍්‍රාම වැටුපකට හිමිකම් කීමය. එය සත්‍යයකි. එය ඔහු භුක්ති වි`දිනුයේ දීර්ඝ කාලයක් රාජ්‍ය සේවය වෙනුවෙන් ඔහු කරනු ලබන සේවාව වෙනුවෙනි. ජීවත්වීම සදහා ශ‍්‍රමය වගුරන පැය 08 කම්කරුවෙකුට රාජ්‍ය සේවයේ සේවකයෙකුට වෙනත් ආදායම් මාර්ග වෙත ප‍්‍රවේශ විය නොහැක. ඒ නිසා විශ‍්‍රාම වැටුපක් සහිත රැුකියාවක් බලපොරොත්තු වීම වැඩි සැලකිලි බලාපොරොත්තුවීමක් සේ කිසිසේත් නොහැෙග්..අප කිසිවිටෙකත් ආණ්ඩුවකින් අසාධාරණ සැලකීම් නොඉල්ලමු. හේතුව වන්නේ අසාධාරණ කෙසේ වෙතත් සාධාරණ ඉල්ලීමක් වත් ආණ්ඩුවකින් ලෙහෙසියෙන් ලබාගත නොහැකි නිසාය. කුමාරප්පෙරුම මහතා දන්නා අසාධාරණ සැලකීම් මොනවාද යන්න දැනගැනීමට උපාධිධාරීන් ලෙස අපි කැමැත්තෙන් සිටිමු. උපාධිධාරීන් ලෙස අපට ඇත්තේ එකම අහිංසක හා සාධාරණ බලාපොරොත්තුවක් පමණි. ඒ අන් කිසිවක් නොව ඉගෙනගත් උපාධියෙන්, ලබාගත් දැනුමෙන්, තරුණ ජවයෙන් රටටත්, රටේ සමස්ත ජනතාවට යහපතක් කළ හැකි ශක්තිමත් ආර්ථියක් ගොඩනැගිය හැකි සේවාවක් කර කරන කාර්යභාරය අනුව වැටුපක් ලබාගෙන සාමාන්‍ය සරල ජීවිතයක් ගොඩනගාගැනීම පමණි. ඉන් එහාට ගිය ඉලක්ක රාජ්‍ය සේවකයන් ලෙස තබාගෙන පලක් නැත. රට පාලනය කරන කුමන හෝ ආණ්ඩුවකින් සාධාරණ සැලකීම් ටික හෝ අවම වශයෙන් ලැබෙන්නේ නම් ප‍්‍රමාණවත්ය. අසාධාරණ සැලකීම් කෙසේ වෙතත් අවම සාධාරණ සැලකීම් වන උපාධියට සරිලන රැකියා අවස්ථාවක් ලැබෙන්නේ නම් එය හොදටම ප‍්‍රමාණවත්ය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනතාවට හොරෙන් හෙමින් සීරුවේ තොරතුරු පනත දුර්වල කරන්න උත්සාහ ගන්නවා නීතිඥ එස්.ජී. පුංචිහේවා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික.Next articleනවලිබරල්වාදයට එරෙහිව ‘සභ්‍යත්ව රාජ්‍යය’? බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ ‘සංවර්ධනය’ නාමයෙන් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනසීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ආසුවෙන් පුරන පිනුමපෙළෙන් එකෙන් බඩ පිනුමට | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආසුවෙන් පුරන පිනුම.පෙළෙන් එකෙන් බඩ පිනුමට.By සංස්කාරක.January 5, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.පොඩි කාලයේ ඉඳන්ම පිනුම් ගහන්න අපි හැමෝම කැමතියි. ගොඩක් දෙනෙක් පිනුම් ගහලත් ඇති. පිනුම් ගහන්න ගිහිල්ලා පස්ස බිම ඇනගෙනත් ඇති. පිනුම් ගහන්න බැරි නම් පිනුම් ගහන දිහා බලන් ඉන්න එකත් හිතට සතුටක්. පිනුමට අපේ ජන සමාජය ඇතුළේ අදටත් විශේෂ තැනක් තියෙනවා. ඒ වගේම තමයි පිනුම් ගහන්න පුළුවන් අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ නිසාම පිනුම්කරුවන්ටත් සමාජය ඇතුළේ වටිනාකමක් තියෙනවා..පිනුම කියන එක පොඩි කාලේ සෙල්ලමට බඩ පිනුමක් ගහනවා වගේ සරල දෙයක් නම් නෙවෙයි. බඩ පිනුමක් ගහන්න කියලා පොඩි එවුන්ට විහිළු කළාට බඩ පිනුමෙ තියෙන බැරෑරුම්කමත් ඉදිරියට කියවගෙන යද්දි දැනගන්න පුළුවන් වේවි. පිනුම ගොඩක් වෙලාවට අපිට දැකගන්න පුළුවන් වෙන්නේ පෙරහැර ඇතුළේ, ගම්මඩු, දෙවොල්මඩු, ශාන්තිකර්ම ඇතුළේ. ඊට අමතරව දේශපාලන වේදිකාවලත් එක එක පැත්තට පිනුම් ගහනවා. හැබැයි මේ කතා කරන්නේ නම් දේශපාලන පිනුම් ගැන නෙමෙයි. අපි හැමෝම බලන්න ආස කරන නර්තනය ඇතුළේ තියෙන පිනුම් ගැන..පිනුම උඩරට, පහතරට සහ සබරගමුව කියන නර්තන සම්ප්‍රදායන් තුනෙහිම දැක ගන්න පුළුවන්. ඊට අමතරව නිර්මාණාත්මක නර්තනයන් ඇතුළේ සහ විවිධ වූ රංගනයන් ඇතුළේ එක එක ජාතියෙ පිනුම් තියෙනවා. කොහොම වුණත් පිනුම කියන්නෙ නර්තනයට අයිති දෙයක් නෙමෙයි. ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය සහ අවධානය තබා ගන්න පසුකාලීනව එකතු කළ අංගයක් හැටියට තමයි සලකන්නේ. පිනුම ගැන කතා කරන්න පාරම්පරික නර්තන ශිල්පී සමිත් මහත්මයා අපිට මුණගැසුණා..‘පිනුම කියන්නෙ පිම්ම කියන අදහස. ඇඟේ තියෙන සම්පූර්ණ ශක්තිය තමයි පිනුමෙ තියෙන්නේ. පිනුම අංගම් කලාවට අයිති දෙයක් මිස නර්තනයට අයිති දෙයක් නෙවෙයි. අංගම් කලාවෙ අනිවාර්ය අංගයක් තමයි පිනුම. බොහොම ජවසම්පන්නව කරන පිනුම් එක්ක තමයි අංගම් කලාව පැවතුණේ. අපේ රටට විදේශීය ආක්‍රමණ එද්දී ඔවුන්ට තිබුණ ලොකුම තර්ජනයක් තමයි අංගම් සටන්කරුවන්. මේ නිසා පසුකාලීනව අංගම් සටන් කලාව තහනම් කරලා, අංගම් ශිල්පීන් හොය හොයා ඝාතනය කළා. මේ නිසා අංගම් කලාව හොර රහසේ පුරුදු වුණේ නර්තනය කරන මුවාවෙන්. මේ නිසා අංගම් ශිල්පීන් නර්තනය පුරුදු වුණා වගේම නර්තන ශිල්පීනුත් අංගම් කලාව පුරුදු වුණා. පසුකාලීනව අංගම් කලාවෙ තිබුණ විචිත්‍රවත් ජව සම්පන්න පිනුම්, කරණම් නර්තනයට එකතු කර ගත්තා..ගම්මඩු, දෙවොල්මඩු, ශාන්තිකර්ම පවත්වන්නෙ රාත්‍රියට. රෑ දහය එකොළහ වෙද්දි බලන්න එන මිනිසුන්ට ඈනුමක් දෙකක් යනවා. පාන්දර එක දෙක වෙද්දි ගෙදර යන්න තමයි බලන්නේ. මෙන්න මේ වෙලාවට පිනුම්, කරණම් එක්ක කරන ජව සම්පන්න විචිත්‍රවත් අංගයන් ඉදිරිපත් කරලා, මිනිස්සු තුළ ප්‍රබෝධයක් ඇති කරනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ ඒ නිසා..සාම්ප්‍රදායික නර්තනය ඇතුළට පිනුම එකතු කරගන්න පුරෝගාමී වෙච්ච පිරිසකුත් ඉන්නවා. පානදුරේ මලකටු ගුරුන්නාන්සේ, වැල්ලෙ සීයා, වැල්ලෙ පොඩී වගේ අය තමයි පරණම පිනුම් ශූරයෝ. මේ අය ඉඳලා තියෙන්නෙ අපේ ගුරුන්නාන්සේගෙත් ගුරුන්නාන්සේගෙ තරුණ කාලයේ. මාදුළුවාවේ බර්ටි ගුරුතුමා, කොට්ටාවේ මෝනිස් ගුරුතුමා වගේ අය තමයි පසුකාලීනව පිනුම නර්තනය ඇතුළට ගෙන එන්න පුරෝගාමී වුණ පිනුම්කරුවන්.’.පහන් මධුසංක පාරම්පරික නර්තන ශිල්පී සමිත ගුරුතුමාගෙන් නර්තනය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. පහන් නර්තනයට වගේම පිනුම්වලටත් අතිදක්ෂයෙක්. සමිත් ගුරුතුමාගෙන් නැටුම් ඉගෙනගන්න එන අයට වගේම පිනුම් ගැන උනන්දුවක් තියෙන පිනුම් ඉගෙන ගන්න එන අයටත් පිනුම් පුරුදු කරන්නෙ පහන්..‘මම පිනුම් ගහන්න පුරුදු වෙන්න පටන් ගත්තෙ දෙක වසරෙදි වගේ. මට වැඩිය අපේ තාත්තාට තමයි මට පිනුම් ගහන්න පුරුදු කරන්න ඕනෑකම තිබුණේ. තාත්තා තමයි ඉනෙන් නවලා පිනුම් ගහන්න කියලා දුන්නෙ. පිනුම් ගහන්න පුරුදු වුණාට පස්සෙ පහතරට නැටුම්වලටත් යොමු වුණා. අපේ තියෙනවා කලඑළි මංගල්‍යයක්. ඒකට පිනුම් පුරුදු වෙන්න, පිනුම් ගැන දන්න නුවන් කියලා අයියා කෙනෙක් ගෙන්නලා වෙනමම පුරුදු වුණා. පිනුම් ගහන්න කලින් ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඊට පස්සෙ මම තනියම පිනුම් පුරුදු වුණා. සමහර දවස්වලට බීච් එකට ගිහිල්ලත් පුරුදු වුණා. බීච් එකේදි ගොඩක් උඩ පනින්න අමාරුයි. තමන්ට පිනුම් ගහන්න පුළුවන් කියලා දැනෙනකන් බීච් එකේ පුරුදු වුණා. බීච් එකේ පිනුම් ගහන්න පුරුදු වෙලා ගොඩ ඇවිත් පිනුම් ගහන එක ගොඩක්ම ලේසි වුණා.’.පිනුම් පුරුදු වෙන්න එන අලුත් කෙනෙක් ආ හැටියෙම පිනුම් ගස්සවන්නෙ නැහැ. නැටුම්වල තියෙන දණ්ඩි කඳ වගේ පිනුම් පුරුදු වෙන අයටත් පිනුම් කඳක් තියෙනවා. දෙපැත්තෙන් කරු දෙකක් බැඳලා පුරුදු වෙන්න එන කෙනාගෙ උස අනුව කෙසෙල් කඳක් බඳිනවා. කාලයක් පිනුම් කඳේ පල්ලෙහාට ඉන හරියෙන් පොළොවෙ අත් දෙක ගෑවෙන්න නැවිලා නැවිලා ඇඟ ඒකට හුරු වුණාට පස්සෙ ඒකෙන් අයින් කරන්නෙ..පිනුම් ගහන්න පුරුදු වෙන්නම වෙනම තැනක් තියෙනවා ඒකට කියන්නෙ පිනුම් වල කියලා. පිනුම් වලක් අඩි 15ක් 20ක් දිගයි. අඩි 8ක් විතර පළලයි. පොළොවෙ යටට අඩි දෙකහමාරක් විතර හාරලා ඒ වලට කොහුබත් හරි, පිදුරු හරි, ලී කුඩු වගේ දේකින් පුරවලා තමයි පිනුම් වල හදන්නෙ. සුමානයක් දෙකක් විතර පිනුම් වලේ පුරුදු කරලා තමයි ගොඩට ගන්නෙ. කලින් කිව්වා වගේම පිනුම් ගහනවා කියන එක සරල කාරණයක් නෙමෙයි. කාලයක් තිස්සේ පුහුණු වෙන්න ඕනෑ, ශරීරයේ තියෙන නම්‍යශීලීබව සහ ශරීරයේ හැඩය වගේම තාක්ෂණික ශිල්පීය ක්‍රම නියමාකාරයෙන්ම කළ යුතු දෙයක්. මේ ගැනත් පහන් අපත් සමග කතාබහ කළා..‘පිනුම් ගහන කෙනෙක්ගෙ අත්දෙක ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෑ. මොකද මුළු ශරීරයෙම බර එන්නෙ අත් දෙකට. ඒ වගේම තමයි පිනුම් ගහන්න කලින් අත් දෙකෙන් හිටගෙන ශරීරයේ සමබරතාවය තියා ගන්න ඕනෑ. පිනුම් ගහනවා කියන එක කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරුවත් කිව්වාට කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. විශේෂයෙන්ම ශරීරයේ සමබරතාවය වගේම හිත එක තැනක තියාගන්න ඕනෑ. හොඳ මානසිකත්වයක් තියෙන්නත් ඕනෑ. පිනුම ගහදිදි, පොළොවට කකුල තියනකොට පොළොවෙ ස්පර්ශ වෙන්න ඕනෑ ඇඟිලිවලින්. විලුඹ පොළොවෙ වැදෙන එක ස්නායුවලට හොඳ නැහැ. ඒ වගේම තමයි පිනුම ගහද්දි හරියටම ටයිමින් තියෙන්න ඕනෑ. ටයිමින් මිස් වුණොත් අනතුරක් වෙන්නත් පුළුවන්. වේගය, දුවගෙන යන දුර ප්‍රමාණය, පරතරය වගේ දේවල් හොඳට පුරුදු වෙන්න ඕනෑ. පොඩි කාලෙ ඉඳන්ම පිනුම් පුරුදු වෙනවා නම් තමයි වැඩියෙන්ම හොඳ. පිනුම්වලට නම්‍යශීලීබව කියන දේ තියෙන්නම ඕනෑ දෙයක් නිසා. සාමාන්‍යයෙන් අවුරුදු 18,20 පැන්නාට පස්සේ පිනුම්වලට ගැළපෙන ශරීරයේ තියෙන්න ඕනෑ නම්‍යශීලීබව හදා ගන්න ගොඩක් අමාරුයි..ඒ වගේම තමයි කාටවත් හැමදාම පිනුම් ගහන්න බෑ. උපරිම අවුරුදු 12ක් 13ක් තමයි පිනුම් ගහන්න පුළුවන් ජවයක් තියෙන්නේ. එතැනින් එහාට ගහන්නෙ පුරුද්දට වගේ ගහන පිනුම් තමයි.’.අපි පොඩි කාලෙ ඉඳන්ම සෙල්ලමට එක එක විදියෙ පිනුම් ගහනවා තමයි. හැබැයි ඒ පිනුම් වගේ නෙමෙයි මේ කියන පිනුම්. හරිම තැනින් ශිල්පය අල්ලගත්තෙ නැත්නම්. අවසානය ඒ තරම් සුන්දර නොවෙන්නත් පුළුවන්. පහන් කියන්නෙ විවිධාකාරයේ පිනුම් ගහන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ට ගහන්න බැරි පිනුම් වර්ග ගහන්න පුළුවන් කෙනෙක්. ඔහු අපත් සමග විවිධ වර්ගයේ පිනුම් ගැන දීර්ඝ වශයෙන් විස්තර කළා..‘අපි පොඩි කාලෙ ඉඳන් ගොඩක් දෙනෙක් ගහන පිනුමක් තමයි අත් දෙක බිමට තියලා ගහන කරත්ත රෝද පිනුම. පිනුම් ගහන්න ඉගෙන ගන්න එන අලුත් කෙනෙක් මුලින්ම පුරුදු වෙන්නත් ඕනෑ කරත්ත රෝද පිනුම ගහන්න. හැබැයි පොඩි කාලෙ සෙල්ලමට පිනුම් ගැහුවා වගේ නෙමෙයි. තනි කෙලින් ඉරක කරත්ත රෝද පිනුම ගහන්න ඕනෑ ඉර දිගේ. ඒකෙදි දණහිස් කෙලින් වෙන්න ඕනෑ, අත් දෙක නමන්නත් බැහැ, ශරීරයේ රේඛා හැඩතල කෙලින් තියාගෙන පිනුම ගහන්න පුළුවන් වෙන්න ඕනෑ. කරත්ත රෝද පිනුම ඉරක් දිගේ රේඛා හැඩතල එක්ක ගහන්න පුළුවන් කියන්නෙ ශරීරයේ සමබරතාවය තියෙනවා. ඊට පස්සෙ තමයි ඊළඟ පියවරට යන්නේ. පිනුමක් පටන් ගනිද්දි සාමාන්‍යයෙන් කරත්ත රෝද පිනුමෙන් තමයි පටන් ගන්නෙ..කරත්ත රෝද පිනුමෙන් පස්සෙ ඊළඟ පිනුමට ප්‍රවේශයක් ගන්න ඕන. ඊළඟ පිනුමට ගන්න ප්‍රවේශයට කියන්නේ ‘ආසුව’ කියලා. ආසුව ගහන්නෙ කරත්ත රෝද පිනුම වගේම පිනුමකින් අවසානයේ කකුල් දෙක එක තැනකට ගන්න එකෙන්. පිනුමක් පුරන්නෙ ආසුවෙන්. එක පාරටම පිනුමක් ගහනවාට වැඩිය ආසුවකින් පිනුමක් පටන් ගන්න කොට ලොකු ගැම්මක් ගන්න පුළුවන් ඊළඟ පිනුමට. ඊට පස්සෙ තමයි ටිකක් අමාරු පිනුම්වලට යන්නේ. තමන්ගෙ පිටුපසට පොළොවට අත් දෙකම තියලා ගහන පිනුමට කියන්න ‘පෙළෙන් එක’ ගහනවා කියලා. දෙකක් ගහනවා නම් ‘පෙළෙන් දෙක.’ එක දිගට ඒ වගේ පිනුම් කිහිපයක්ම ගහනවා නම් ඒකට කියන්නෙ ‘පෙළෙන් වැල ගහනවා’ කියලා..පෙළෙන් එක, පෙළෙන් දෙක, පෙළෙන් වැල ගහන්න පුළුවන් වුණාට පස්සෙ පුරුදු වෙන්නෙ ඊටත් වඩා අමාරු පිනුම් වර්ගයක්. ඒකට කියන්නෙ ‘හිට්ට ගහනවා’ කියලා. හිට්ට ගහන එක පුරුදුවෙන එකත් හිට්ට ගහන එකත් ලේසි නැහැ. හිට්ට ගහන්නෙ පිටිපස්සට. හිට්ට ගහද්දි පොළොවට අත්දෙක ස්පර්ශ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නෙ උඩදි ශරීරයෙන්ම වටයක් කැරකිලා නැවත් කකුල් දෙකින්ම හිට ගන්නවා. හිට්ට ගහන එකත් පෙළෙන් වැල ගහනවා වගේම එක දිගට කිහිපයක්ම ගහන්නත් පුළුවන්. හැබැයි එහෙම ගහන අය ගොඩක් අඩුයි..පිටිපස්සට වගේම ඉදිරියට ගහන පිනුමුත් තියෙනවා. පිටිපස්සට පෙළෙන් ගහනවා වගේ ඉස්සරහට අත් දෙකම පොළොවට තියලා ඉස්සරහට ගහන පිනුමට කියන්නෙ ‘බඩිය’ කියලා. බඩියත් පෙළෙන් ගහනවා වගේම එක දිගට කිහිපයක්ම ගහන්නත් පුළුවන්. ඒ වගේම තමයි පිටිපස්සට පිනුමක් ගහද්දි පිනුම පුරන්න ගහන ආසුව වගේම පිනුමක් ඉදිරියට පිනුමක් ගහද්දිත් ගහනවා. ඒකට කියන්නෙ ‘බඩ පිනුම් ආසුව’ කියලා. බඩ පිනුම් ආසුව ගැහුවාට පස්සෙ ඉස්සරහට ගහන තවත් පිනුමක් තමයි ‘බඩ පිනුම’ කියන්නෙ. බඩ පිනුම කියන්නෙ පිටිපස්සට හිට්ට ගැහුවා වගේ ඉස්සරහට පොළොවෙ අත් ස්පර්ශ කරන්නෙ නැතිව උඩදි වටයක් කැරකිලා ඉස්සරහට ගහන පිනුමට. ඒ පිනුමත් පුරුදු වුණාට පස්සෙ තවත් පිනුමක් තියෙනවා, ඒකට කියන්නෙ ‘පත්තිරිප්පු බාගෙ ගහනවා’ කියලා. පත්තිරිප්පු බාගෙදි හිට්ට ගහන ගමන්ම උඩදි අනිත් පැත්තට හැරිලා තමයි බිමට කකුල් දෙක තියන්නෙ..ඒකෙනුත් පස්සෙ තව පිනුමක් තියෙනවා, හිට්ට ගහන විදිහටම පිනුම ගහන ගමන් උඩදි වට එකහමාරක් කැරකිලා තමයි නැවත කකුල් දෙක තියන්නෙ. මේකට කියන්නෙ ‘පොටෙයි බාගෙ’ කියලා. පොටයි බාගෙ ගහන්න පුළුවන් අය ගොඩක්ම අඩුයි. ඒ තරම්ම අමාරු පිනුමක් තමයි පොටෙයි බාගෙ කියන්නෙ. ඒ වගේම තමයි හිට්ට ගහලා හිට්ටට බඩිය අල්ලන අයත් ඉන්නවා. ඒකට කියන්නෙ ‘ඉරට්ටිය අල්ලනවා’ කියලා. හිට්ට ගහද්දි උඩදි කැරකෙන්නෙ ගුලිවෙලා වගේ, ගුලිවෙන්නෙ නැතිව අතපය විසුරුවලා ගහන පිනුම තමයි ‘උකුස්සා ගහනවා’ කියන එක. දෙන්නෙක් එක්ක එකතුවෙලා මාරුවෙන් මාරුවට ගහන ‘ජෝඩු පිනුම්’ කියලා පිනුම් වර්ගයකුත් තියෙනවා. මේ වගේ පිනුම් තමයි වැඩිපුරම ගහන්නෙ. මීට අමතරව තවත් පිනුම් වර්ග තියෙන්න පුළුවන්.’.පිනුම කියන්නෙම ආශාව, ඇම්ම, කුතුහලය, පුහුණුව, ත්‍රාසය, භීතිය මේ සියලුම දේකම එකතුවක්. සමාජයේ මිනිස්සු 100 කින් දෙන්නෙක්ටවත් පිනුම කියන එක කරන්න බැහැ. ඒ නිසාම පිනුම් ගහන්න පුළුවන් නම් ඔහුට වටිනාකමක් තිබෙනවා. විශේෂයෙන්ම නර්තනය ඇතුළේ. අනිත් කාරණාව තමයි පිනුම් ගහන්න පුළුවන් නීරෝගිමත්, දැඩි හිතක් වගේම තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙන අයට විතරයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඒ කාලෙ සුන්දරයි! සරලයි!.ගායිකා.මරියසෙල්ගුණතිලක.Next articleයුද්ධයකින් පසු සාමය සහ සහජීවනය ගොඩනැගීමට වාර්තා චිත්‍රපට.රුවන්ඩා වාර්ගික සංහාරය ඇසුරෙන්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
අර්බුදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අර්බුදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා.By ජයදේව උයන්ගොඩ.April 28, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.අප රටේ ඇති ත්‍රිත්ව අර්බුදය-මහජන සෞඛ්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුද- දිනෙන් දින අලූත් වන බව පෙනේ. වැලිසර සහ සීදුව නාවික සහ විශේෂ කාර්ය බලකායේ කඳවුරුවල භටයන් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වීම, කොරෝනා වසංගතයේ ගැටලූව තවත් තීව්‍ර කිරීමට තුඩු දේ..මිලිටරි විසඳුමක් නැත.මෙම සිද්ධියෙන් ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් ලබාදෙන බැරෑරුම් පණිවුඩයක්ද තිබේ. එය නම් කොරෝනා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට මිලිටරි විසඳුමක් නැත යන්නයි. ජනාධිපතිතුමා, කොරෝනා විරෝධී සටන දියත් කෙළේ, එය එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ‘සාර්ථක’ යුද මෙහෙයුමට සමාන කරමිනි. එතුමාගේ ප්‍රකාශ රූපවාහිනී නාලිකාවලින් දුටු මැදහත්ව සිතන්නන්ට පෙනුණු දෙය, අවාසනාවකට දැන් තහවුරු වෙමින් පවතී. එය නම්, මිලිටරි ප්‍රවේශය නිසා සිදුවන්නේ ප්‍රශ්නය විසඳීම නොව නොවිසඳී උග්‍රවීම බවය..කොරෝනා මහජන සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ එතුමාගේ මිලිටරි සහ වෛද්‍ය උපදේශකයන් තීරණය කර මෙතෙක් කල් ක්‍රියාත්මක කරන ලද මූලෝපාය, විචාරාත්මක සමීක්‍ෂාවකට ලක්කිරීමට දැන් සුදුසු අවස්ථාව පැමිණ තිබෙන බවද කිව යුතුව තිබේ. ආණ්ඩුවේ මූලෝපායේ පළමුවැනි අදියර මේ වන විට අවසන් වී ඇත. ජනාධිපතිතුමා ඒ බව පිළිගැනීම, එවැනි රිවීව් එකක් කිරීමේ පළමුවැනි පියවර විය යුතුය. දෙවැනි අදියරක් සැලසුම් කළ යුත්තේ, කොරෝනා ප්‍රශ්නය විසඳීමට ‘මිලිටරි ප්‍රවේශයක් නැත’ යන යථාර්ථය පිළිගනිමිනි..කොරෝනා ප්‍රශ්නය විසඳීමේදී, හමුදාවලට සහ පොලිසියට කාර්යයක් නැත යන්න, ‘මිලිටරි ප්‍රවේශයක් නැත’ යන පිළිගැනීම වෙතින් අදහස් නොවේ. එයින් අදහස් වන්නේ මිලිටරි/යුදවාදී චින්තනයට, ගණන් බැලීම්වලට සහ මනෝරාමුවට (එනම් mindset එකට), ආධිපත්‍යය දැරීමට තවදුරටත් අවකාශ නොදිය යුතුය යන්නයි. මෙම යුදවාදී චින්තනය සහ මනෝරාමුව, කොරෝනා අර්බුදය විසඳීමටද අවිවේචනාත්මකව යොදාගැනීම ප්‍රකාශ වූයේ පහත සඳහන් ආකාරවලටය..• මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ, සිවිල් ජනතාවගේ චර්යාව පාලනය කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට, සිවිල් පරිපාලන නායකත්වයක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නවා වෙනුවට, සිවිල් පරිපාලන ව්‍යුහයද හමුදා නායකත්වය යටතේ තැබීම..• ත්‍රස්තවාද විරෝධී ගොඩබිම් යුද්ධයකත්, කොරෝනා වෛරස විරෝධී සෞඛ්‍ය ප්‍රතිෂ්ඨාපන මෙහෙයුමකත් අතර ඇති මූලධාර්මික වෙනස්කම් නොසලකා හැරීම..කොරෝනා රෝගීන් සොයා ගොස් පැනගිය රෝගීන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන පැමිණි සෙබළුන්ට තිබුණු එකම ආරක්‍ෂක ආවරණය, මුඛ ආවරණය පමණක් වීම සිතාගැනීමටවත් බැරි කරුණකි. එම භටයන්ට නිවාඩු ලබාදී ගම් බලා යාමට අවසර දීම, කොරෝනා වෛරසයේ ගතිකත්වයන් හා චර්යාව ගැන කිසිදු තැකීමක් නැතිව සිදුවී ඇති දේය..කොරෝනා වෛරසය සමග සටනේදී හමුදා නිලඇඳුමට සහ ස්වයංක‍්‍රීය තුවක්කුවට කළ හැකි කාර්යයන්වල ඇති සීමිත බව දැන්වත් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ..• මිලිටරිවාදී මනෝරාමුව යටතේ නිර්මාණය කරන ලද කොරෝනා වසංගතය පරාජය කිරීමේ ජනාධිපතිතුමාගේ මූලෝපායේ තවත් ප්‍රකාශනයක් වූයේ, තමන්ට මෙම සටනද ‘ඒකපාක්‍ෂිකව’, තමන්ගේ පමණක් දේශපාලන කාලසටහනට අනුරූපව, සහ තමන්ට පමණක් ජයග්‍රහණ කීර්තියේ හිමිකම ලැබන පරිදි, අවසන් කළ හැකිය යන විශ්වාසයයි. එල්ටීටීඊය පරාජය කළ යුද්ධයේත්, කොරෝනා වෛරසය පරාජය කිරීමේ සිවිල් මෙහෙයුමේත් ඇති අතිමූලික වෙනස්කම දැන්වත් හෝ පිළිගැනීමට ජනාධිපතිතුමා විවෘතව සූදානම් විය යුතුය..නව ප්‍රවේශයක්.නව මූලෝපායක පළමුවැනි අංගය විය යුත්තේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ මෙහෙයුම මිලිටරිහරණයට පාත්‍ර කිරීමයි. එනම්, de-militarize කිරීමයි. එහි අර්ථය, එම කාර්යවලින් හමුදාව සහ පොලිසිය ඉවත් කිරීම නොවේ. ඔවුන්ගේ සහභාගිත්වය, සිවිල් පරිපාලන නිලධාරීන්ගේත්, වෛද්‍ය විශේෂඥයන්ගේත් නායකත්වය යටතේ ඇති පරිපාලන ව්‍යුහයක් තුළට ගෙනඒමයි. එයට ආසන්න නිදසුනක් වන්නේ, මැතිවරණ කාලයක් තුළදී පොලිසිය සහ හමුදාව මැතිවරණ කොමිෂන් සභාවේ මෙහෙයුම යටතේ ක්‍රියාකිරීමයි..දෙවැනි අංගය විය යුත්තේ, ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් විවෘතභාවයේ මාවතට පිවිසීමයි. එහි තේරුම නම්, එතුමාගෙන් දැනට ප්‍රදර්ශනය වන විරුද්ධ දේශපාලන පක්‍ෂ සම්බන්ධ සැකය සහ පසමිතුරුභාවය, කොරෝනා වෛරසයේ ගැටලූව පාලනය කෙරෙන තුරු, අත්හිටුවීමයි. මැතිවරණ කාලයේදී දේශපාලන පක්‍ෂ අතර ඇතිවන පසමිතුරුතාව, දැනට රටේ පවත්නා මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය යටතේ කිසිසේත්ම නොගැළපේ. පාර්ලිමේන්තුව විසුරුවා, අක්‍රියාකාරීව තිබෙන පසුබිමක, රාජ්‍ය ව්‍යුහයේ ක්‍රියාකාරීව පවතින එකම ශාඛාව වන විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිතුමාට, විවෘතභාවයේ දේශපාලනයේ මාවත තෝරාගැනීම නරක දෙයක් නොවේ. හොඳ දෙයකි. එය හදිසි අවස්ථාවක තිබිය යුතු දේශපාලන නායකත්වයක චර්යාධාර්මික ලක්‍ෂණයක්ද වෙයි..මැතිවරණ අර්බුදය.පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම සහ පාර්ලිමේන්තු මතිවරණය ව්‍යවස්ථාවේ දක්වා ඇති කාලසීමාව ඇතුළත පැවැත්වීමට නොහැකිවීමේ පසුබිම තුළ ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ දේශපාලන අර්බුදයද සුළුපටු නොවේ. පහත සඳහන් කරුණු නිසා මෙම තත්වයේ උග්‍රභාවය තියුණු වෙමින් පවතී..• මැතිවරණ කොමිෂන් සභාව නියම කළ අලූත් දිනය වන ජුනි 20දා මැතිවරණය පැවැත්වීමට හැකිවේද යන්න ගැන කොමිෂන් සභාවම සැක පහළ කර තිබීම..• කොරෝනා ආසාදනය පැතිරීමේ නව ප්‍රවණතාව අනුව පෙනෙන්නේ, දැනට තිබෙන අවිනිශ්චිතතාව මැයි මාසය අවසන් වන තුරුද දිගටම පැවතිය හැකි බවයි..• දැනට කවුරුත් දන්නා පරිදි, ජුනි 02දාට පෙර නව මැතිවරණයකින් පත්වන නව පාර්ලිමේන්තුව රැස්වන්නේ නැතිනම් ඇතිවන බරපතළ අවිනිශ්චිතතාවයි. මේ පසුබිම තුළ මතුවී ඇති එක් ප්‍රබල තර්කයක් වන්නේ, ජුනි 02දා වන විට නව පාර්ලිමේන්තුවක් පත් නොවුවහොත්, මාර්තු 02 වැනිදා ජනාධිපතිතුමා සිදුකළ පාර්ලිමේන්තුව විසිරවීම ඉබේම අහෝසි වන බවයි. ඒ අනුව, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බවයි..මෙවැනි තත්වයක් පිළිගැනීමට ජනාධිපතිතුමාත්, එතුමාගේ පොහොට්ටු පක්‍ෂයත්, වියත්මග, GMOA සහ මහානායක හිමිවරුන් වැනි එතුමාගේ පක්‍ෂපාත කණ්ඩායමුත් සූදානම්ද? ඔවුන් ඒ සඳහා සුදානම් නැත්නම්, සහ මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් තැබෙන්නේ නම්, ලංකාවේ ආණ්ඩුකරණය පිළිබඳ බරපතළ සහ පෙර නොවූ විරූ නව තත්ත්වයක් මතුවනු ඇත. එනම් ජනාධිපතිතුමා, නායකත්වය දෙන ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ විධායකය විසින් ලංකාව ආණ්ඩුකරණය කිරීමේ, දින නියමයක් නැති තත්වයක් බිහිවීමයි. කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට නොහැකි පසුබිමක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවී තිබීම නිසා මෙම තත්වය තවදුරටත් සංකීර්ණ කරනු ඇත..සැම දිනන විසඳුම්?.මේ තුළින් මතුවනු ඇත්තේ සුළුපටු දේශපාලන අර්බුදයක් නොවේ. එවැන්නක ප්‍රතිඵල සිතීමට තරම්වත් බැරි තරමට නරකය. එවැනි ගමන්මගකට රට අවතීර්ණ වීම වැළැක්වීම, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ එතුමාගේ පක්‍ෂය, විරුද්ධ පක්‍ෂයේ සියලූ පක්‍ෂ මෙන්ම රටේ මහජන මතය හැඩගැස්වීමට බලපෑම් කරන සෑම කෙනකුගේම වගකීමකි. ඔවුන් සියලූ දෙනාම දැන් සෙවිය යුත්තේ, කව්රුවත් පරදින්නේ නැති, ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දිනන විසඳුමකි. ඒ සඳහා අඩුම වියදම් සහගත පියවර ගැනීමේ වරප්‍රසාදය තිබෙන්නේ ජනාධිපතිතුමාටය. එතුමාට පහත සඳහන් විකල්ප දෙකෙන් එකක් තෝරාගත හැකිය..• පළමුවැන්න, මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවා හළ නියෝගය ආපසු කැඳවීමයි. එම නියෝගය ආපසු කැඳවීමට ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විධිවිධානයක් නැති බව ඇත්තය. එහෙත් ජනාධිපතිතුමාට තමන් දුන් නියෝගයක් ආපසු කැඳවීමේ, අවලංගු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය තිබේ. අර්ථ නිරූපණ පනත යටතේ ඕනෑම රජයේ නිලධාරියකුට මෙම බලය තිබෙන බව ග‍්‍රාමසේවක නිලධාරීහු පවා දනිති..• දෙවැනි ක්‍රියාමාර්ගය වන්නේ, ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ, හදිසි තත්වයක් ප්‍රකාශ කර, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි රැස්වීමට අවස්ථාව සැලසීමයි. දැනට හදිසි තත්ත්වයක් රටේ ප්‍රකාශ කර නැතත්, ඇත්ත වශයෙන්ම තිබෙන්නේ හදිසි තත්වයකි. ජනාධිපතිතුමා මෙතෙක් හදිසි තත්වයක් ප්‍රකාශ නොකර සිටින්නේ, හදිසි තත්වයක් ප්‍රකාශ කර දින දහයක් ඇතුළතදී විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව කැඳවීමේ නියෝගයක් ලෙසද, එය සැලකෙන බව ව්‍යවස්ථාවේ 155(4)(ස) වගන්තියේ ප්‍රකාශ වන නිසාය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව, එම හදිසි අවස්ථාව අවසන් කරන තුරු හෝ තව දිනයක් නියම කර පාර්ලිමේන්තුව රැස්වන තුරු, බලාත්මක වන බවද ව්‍යවස්ථාව කියයි..පැහැදිලිවම ජනාධිපතිතුමා තවමත් මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කර නැත්තේ මේ කරුණු දෙක නිසාය..මේ පසුබිම තුළ තිබෙන අභියෝගය නම්, ඉහත දක්වා ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට ජනාධිපතිතුමා යොමුකරවන්නේ කෙසේද යන්නයි. එයට ඇත්තේ දේශපාලන ක්‍රියාමාර්ගයක් පමණි..එම විකල්ප දෙකෙන් එකක් හෝ තෝරාගැනීම විරුද්ධ පක්‍ෂවල ජයග්‍රහණය සලකුණු කරනු ඇත යන්න ජනාධිපතිතුමාගේ කඳවුරේ අය දැනට දරන මතය බව පෙනේ. විරුද්ධ පක්‍ෂවලට අඟලක් හෝ වැඩිවනු දැකීමට ඔවුහු අකමැතිය. මේ අතර, පාර්ලිමේන්තුව නැවත කැඳවුවහොත්, විරුද්ධ පක්‍ෂ එය ආණ්ඩුව පරාජය කිරීමට හෝ ආණ්ඩුවට හිරිහැර කිරීමට හෝ අවභාවිත කරනු ඇත යන සැකයද ඔවුන් පළකර තිබේ..මේ පසුබිම තුළ, ජනාධිපතිතුමාටත්, ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂවලටත් දැන් අවස්ථාව උදා වී තිබෙන්නේ, මෙම ගොඩනැගෙන අර්බුදය පිළිබඳව සබුද්ධිකව (Rationally ) සිතා බලා, හැම දෙනාගේම ස්වයං-යහපතටද (enlightened self-interest ) එකට සේවය කරන, සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමය. එවැනි සබුද්ධික සිතීමකදී පහත සඳහන් කරුණු ගැනද සලකා බැලිය හැකිය..• පාර්ලිමේන්තුව කැඳවීමෙන් ආණ්ඩු පක්‍ෂයට සහ විපක්‍ෂයට යන පාර්ශ්ව දෙකටම ‘ජය’ ලබාගත හැකිය. තවත් දිගු කාලයක් පවතින බවට නියත කොරෝනා වසංගතය පාලනය කිරීමට, දැනට පැරණි නීති වෙනුවට නව සහ නූතන සමාජයට ගැළපෙන නීති පනවා ගැනීමට ඉන් අවකාශය ලැබේ. දැනට නීතිමය තත්වය පැහැදිලි නැති ඇඳිරි නීතියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන, එය නෛතික වශයෙන් සුජාත කළ හැකිය. ඒ සමගම ඉතා වැදගත් තවත් ‘දිනුමක්’ ආණ්ඩුවට ලබාගත හැකිය..එය නම්, අපි‍්‍රයෙල් 30 දායින් පසුව රජයේ වියදමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව ලබාගත හැකිවීමයි. අප‍්‍රියෙල් 30 දායින් පසු ආණ්ඩුව වියදමට මුදල් සොයාගන්නට යන්නේ නෛතික තත්ත්වය පැහැදිලි නැති ක්‍රියාමාර්ගයක් වන මුදල් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට දෙන නියෝගයක් පදනම් කරගෙනයි..• විරුද්ධ පක්‍ෂවලට ලබාගත හැකි ‘දිනුම’ වන්නේ ජාතික අර්බුදයක් වන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අවසන් කිරීමේ ක්‍රියාවලියට, ඍජු පාර්ශ්වකරුවකු ලෙස සහභාගිවීමේ අවකාශය ලබාගැනීමයි..• මහජනතාවට ‘දිනුම’ ලැබෙන්නේ, දැනට තිබෙන දේශපාලන හා ව්‍යවස්ථා අර්බුදය ගැටලූ රහිතව කළමනාකරණය කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවීමට දේශපාලන නායකත්වය සමත් වූ විටය..‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පමණක් ක්‍රියාකරන්නයැ’යි තමා හමුවීමට පැමිණි ජනාධිපතිතුමාට, මල්වතු-අස්ගිරි නායක හිමිවරුන් අනුශාසනා කළ බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවලින් අපි දුටුවෙමු. එසේ කියා තිබුණේ පාර්ලිමේන්තුව යළි නොකැඳවන්න යන පණිවුඩය සමග බවද පෙනිණ. එහෙත්, ඉහත විකල්ප දෙකෙන් කවරක් තෝරාගත්තත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, එහි හරයාත්මක රාමුවටත් අනුකූල ඒවා බව කිව යුතුව තිබේ..Tags.Ravaya Newspaper Ravaya Anidda e Paper Mahithripala sirisena කේ. සංජීවelection.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.කේ. ඩබ්ලිව්. ජනරංජනelection commission.කොරෝනා.කොවිඩ්19.කොළඔ වරායේ තැන් දෙකක් වහයි.ගුවන් ටිකට්පතක්.ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඞ්.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩcorona.ජයදේව උයන්ගොඩRavaya Newspaper.පුවත්.පොලිස්පති.මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.රාවය.රාවය පුවත්පත.ලසන්ත රුහුණගේ Jayadeva Uyangoda ජයදේව උයන්ගොඩ.ලාංකික සිසුන්ගේcovid 19.වසංගතය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපාර්ලිමේන්තුව කැඳවන්න, ආණ්ඩුවට අපි සහාය දෙනවා – පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ කියයි.Next articleකුරුණෑගල දිස්ත‍්‍රික්කයේ 326ක් ස්වයං නිරෝධායනයට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සීඅයිඩීය හෙළි කළ ඩයනාගේ කූඨ ලේඛන සෙල්ලම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සීඅයිඩීය හෙළි කළ ඩයනාගේ කූඨ ලේඛන සෙල්ලම.By තරිඳු උඩුවරගෙදර.May 10, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.සීඅයිඩීයටත් පිස්සු – පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ.මට කිසිම පිළිතුරක් දෙන්න නැහැ. ඔය චෝදනා එල්ල කරන අයට පිස්සු. සීඅයිඩීයටත් පිස්සු..ඩයනා බි්‍රටිෂ් යනුවෙන් ඇගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අපි මීට පෙර හෙළිදරව් කළෙමු. එහිදී අප පුවත්පතෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් කළ විමසීම්වලදී ඇය කියා තිබුණේ අධිකරණයට අදාල කරුණු ඉදිරිපත් කරන බවය. දැන් අධිකරණය ඉදිරියට ප්‍රශ්නය පැමිණ ඇත..සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු වසන් කරමින් කටයුතු කිරීම තුළ ආගමන හා විගමන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය කඩ කර ඇති බව කොළඹ ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය දැනුම් දී තිබුණි. එම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල ලක්මාල් හේරත් 2020 නොවැම්බර් 02 දා කළ පැමිණිල්ලක් පිළිබඳ විභාග කිරීමෙන් පසුය..ඇය ශ්‍රී ලංකාවේ නීතිවිරෝධීව රැඳී සිටින බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බව එහි ඇති කරුණු අනුව පෙනී යයි. එහි සඳහන් කරුණු අනුව ඇගේ මන්ත්‍රීධුරය අහෝසි වීම පමණක් නොව, කූඨ ලේඛන සැකසීමට අදාලව දඬුවම් ලැබීමටත් ඇයට සිදු වනු ඇත. ඇය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 11 වැනි පරිච්ඡේදයේ 115 වගන්තියට අයත් වරදක් කර ඇති බව එම වාර්තාවේ කරුණු සඳහන් වේ..බී 48037/1/21 අංකය සහිතව අප්‍රේල් 27 වැනිදා ඉදිරිපත් කළ එම බී වාර්තාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් විමර්ශන ඒකකය එම කරුණු ඉදිරිපත් කර තිබුණි. ඇගේ උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ එම වාර්තාවේ කරුණු සඳහන් කර ඇත..සීඅයිඩීය මෙම විමර්ශනයේදී ඇය සතු විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත..එහිදී මුලින් හෙළිදරව් වී ඇත්තේ ඇය එන්5091386 අංකය දරණ 2014 ජනවාරි 24 දිනැති ගුවන් ගමන් බලපත්‍රයක් පරිහරණය කර ඇති බවය. එය ලබාගෙන ඇත්තේ 2004 දෙසැම්බර් 22 නිකුත් කළ 658534399වී අංකය දරන ජාතික හැඳුනුම්පත සහ අංක 6553 අංකය සහිත උප්පැන්න සහතිකය ඉදිරිපත් කරමිනි..ඇය 2018 අගෝස්තු 07 දිනැති ඕඑල් 5654794 අංකය දරණ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ද පරිහරණය කර තිබේ. එය පෙර සඳහන් ජාතික හැඳුනුම්පත සහ අංක 4683 දරණ වෙනත් තවත් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් ලබාගෙන තිබේ. එම රාජකාරී හැඳුනුම්පත සඳහා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන තනතුරේ සිටි රමණි ගුණවර්ධනගේ ඉල්ලීමක් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ආර්.එම්.එස්. සමරතුංගගේ ලිපියක් ඉදිරිපත් කර ඇතැයි විමර්ශනයේදී සඳහන් කර ඇත..ආර්.එම්.එස්. සමරතුංග මහතා ප්‍රකාශයක් දෙමින් කියා ඇත්තේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය සේවය කළ බවත්, එම තනතුරේ සේවය කළ බවට තමන් සාමාන්‍ය රාජකාරී පරිපාටිය යටතේ ලිපියක් ඉදිරිපත් කළ බවත්ය..රමණි ගුණවර්ධන මහත්මිය කියා ඇත්තේ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර තිබූ බැවින් තමන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කළ බවත්ය..ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චම්පික දිනුෂාන් රාමවික්‍රමගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගත් බව වාර්තාවේ සඳහන්ය. ඔහුගේ ප්‍රකාශ අනුව ඇය සතුව අංක 09942515 සහ අංක 521398876 සහිත බි්‍රතාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර තිබී ඇත. ඒවා තිබියදී ඒ බව වසන් කොට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පෙනී සිටිමින් ගුවන් බලපත්‍ර ලබාගෙන තිබේ. 1948 අංක 18 දරණ පුරවැසි පනත අනුව විදේශීය රටක පුරවැසිභාවය ලබා ගන්නා ශ්‍රී ලාංකිකයෙකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ..එම බී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලක කුසුමාවේල් අතුකෝරාළ මහත්මියගේ ප්‍රකාශයක් අනුව අංක 521398876 සහිත බි්‍රතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඩයනා ගමගේ මහත්මිය කිහිප වතාවක් ශ්‍රී ලංකාවේ වීසා ලබාගෙන ඇති බවය. ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන් වන බවය..එලෙස බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක ලෙස ලංකාවට පැමිණීමට වීසා ලබා ගත් ඇය, ඒ අතරතුරේම 2004 දී ලාංකික ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇත. ඒ පිළිබඳ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉෂංකා වීරකෝන්ගේ ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. ඇය කියා ඇත්තේ 2004 දෙසැම්බර් 22 වැනිදා ඇය ජාතික හැඳුනුම්පත ලබා ගෙන ඇති බවය. ඒ සඳහා පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලිපිනයක් ඉදිරිපත් කර ඇත. ඇය වැඩිදුරටත් කියා ඇත්තේ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් කෙනෙකු එය ලබාගත් දින සිට මාස 06ක් ඇතුළත පුද්ගලයන් ලියාපදිංචි වීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවය..මීට අමතරව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජීවනි කරුණාරත්නගෙන් ලබා ගත් ප්‍රකාශයක් අනුව ඩයනා ගමගේ මහත්මියගේ අංක 6553 අංකය සහිත උප්පැන්න සහතිකයේ සඳහන් කරුණු වැරදි බවත් හෙළි වී තිබේ. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය කියා ඇත්තේ මෙම උප්පැන්න සහතිකයේ දකුණු කොළඹ ලෙස සඳහන්ව ඇති නමුත් එවැනි කොට්ඨාශයක් කොළඹ දිස්ත්‍රික්කයේ නොමැති බවය. ඒ අනුව එය ව්‍යාජ උප්පැන්න සහතිකයක් බව ඇය පෙන්වා දී තිබේ. ඇය පිළිබඳ අධිකරණ කටයුතු තවම අවසන්ව නැත. කරුණු අනුව දැනට පෙනී යන්නේ ඇය කූඨ ලේඛන සකසමින් තමන්ගේ පුරවැසිභාවය වසන් කර ඇති බවය. මේ පිළිබඳ පිළිතුරු හැකියාව ඉදිරියේදී ඩයනා ගමගේ මහත්මියට ලැබෙනු ඇත..කෙසේ වෙතත් ඩයනා ගමගේ යනු ‘දේශ හිතෛෂී අරමුණු’ ඇතිව සමගි ජන බලවේගයට තම පවුලේ දේශපාලන පක්ෂය පුද දී, 20 වන සංශෝධනයට අත එසවූ කෙනෙක් බව සිහි තබාගත යුතුය.■...Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleධම්මික පෙරේරාගේ මිලියන 100ක කරුණාවෙන් දේවි බාලිකාව උඩහමුල්ලට.Next articleසැලසුම් කිරීමට අසමත් වීම යනු අසමත් වීමට සැලසුම් කිරීමකි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
රටවැසියන්ගෙන්පළිගන්නා ආණ්ඩුවක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රටවැසියන්ගෙන්.පළිගන්නා ආණ්ඩුවක්.By සංස්කාරක.December 29, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මේ තරම් විශාල අවුල් තොගයකට, පැයකින් පැයකට අලුත් වන අවුල් තොගයකට, යටත් වන්නට, ශ්‍රී ලංකාවේ ජනතාව කර තිබුණු මහා පාපය නම් කුමක් ද? ඒ ජනතාව ගලවා ගන්නෙමැ’යි කියමින් ආ නායකයකු සහ ඔහුගේ පිරිවර විසින් ඒ අවුල් වියවුල් ඇති කරනු ලබමින් සිටීම තේරුම් ගත යුත්තේ කුමන ආකාරයෙන් ද?.පසුගිය සතියේ මුල පාන්පිටිවලින් නිපදවන ආහාරවල මිල පාලනයෙන් ඉවත් වන්නට බේකරි හිමියන් තීරණය කළ බව නිවේදනය කෙරිණ. ඒ නිසා පාන් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහළ යන්නට නියමිතව තිබිණ. ඊට සමගාමී ව පාන්පිටි ආශ්‍රිත අනෙක් සෑම ආහාර නිෂ්පාදනයක ම මිල ද කිසිම පාලනයකින් තොරව ඉහළ යන්නට නියමිතව තිබිණ..පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නංවන ලදි. ඊට සමගාමී ව ත්‍රීවීල් ගාස්තු, බස් ගාස්තු, දුම්රිය ගාස්තු, පාසල් දරුවන්ගේ වෑන් ගාස්තු, ආහාර ද්‍රව්‍යවල ප්‍රවාහන ගාස්තු, පුවත්පත් ආදි සියලු ම අත්‍යවශ්‍ය හා නොවන බඩුභාණ්ඩවල මිල හා ප්‍රවාහන ගාස්තු හෙටානිද්දා ඉහළ යාමට නියමිත ය..ඒ, අහස උසට නැගුණු එළවළු මිල පැත්තක තිබිය දී ය. දැන් කිසිවෙක් තමන්ගේ ආහාර වේලට එළවළු එකතු කර නොගනිති. අඩු ගණනේ කාර්යාලයට ගෙන ගොස්, අනෙක් හිතමිතුරන් සමග හවුලේ බෙදාගෙන කන බත් මුලට පවා එළවළුවක් එකතු කරන්නට ඔවුන්ට පුළුවන්කමක් නැත. තරු පන්තියේ හොටල්වල පවා, අමුත්තන්ට පිළිගන්වන උදේ-දවල්-රාත්‍රි කෑමවේලවලට එළවළු එකතු කෙරෙන්නේ නැත. කෑමවේලකට නියම කර ඇති මිලට, මිලෙන් වැඩි එළවළු එකතු කළ නොහැකි ය. එළවළු එකතු කළහොත් කෑමවේලේ මිල වැඩි කරන්නට සිදු වෙයි. එසේ කළහොත්, මේ එන තරම් වත් අමුත්තන් පිරිසක් හොටල්වලට නොඑනු ඇත..ගෑස් අර්බුදයටත් වඩා ඉවසාගත නොහැක්කේ, රටේ මහා කලබැගෑනියක් ඇතිවී, මධ්‍යම පන්තික කාන්තාවන්ට කුස්සියට යන්නට නොහැකි තරමින් මරණ බයක් ජනිත කරන්නට හේතු වුණු ගෑස් පිපිරීම් ගැන ඇත්ත කියන්නට වත්, වරද පිළිගන්නට වත්, සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවන්නට වත්, කිසිම වගකිවයුත්තකු රටේ නොවීමයි. ඒ මදිවාට, ඒ ඒ ඇමතිවරු, සමාගම් සභාපතිවරු මහජනතාවට රිසි සේ බොරු කියමින් සිටිති. කිසි ම කෙනෙකු වගකීම භාර ගන්නේ නැත..මතභේදයට තුඩු දී ඇති, මේ වන විට පාරිභෝගිකයන් අත ඇති ගෑස් සිලින්ඩර නැවත ලබා ගෙන ඒවාට අලුත් ගෑස් සිලින්ඩර නිකුත් කරන්නට, අභියාචනාධිකරණය කළ නියමයට අනුව ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගත්තේ ය. ඒ ගැන පුවත්පත්වල හා වෙනත් මාධ්‍යවල ලක්‍ෂ ගණනින් වියදම් කොට දැන්වීම් ද පළ කරන ලදි. එහෙත්, පාරිභෝගිකයා පාවිච්චි කළ හෝ නොකළ ගෑස් සිලින්ඩරය මාරු කර ගැනීම සඳහා අලෙවි නියෝජිතයා වෙත ගිය විට ලැබෙන ප්‍රතිචාරය නම් දුක්ඛිත (නොව, ලේ කෝප කරවනසුලු) එකකි..මීට පෙර ද යම් අවුල් සහිත, උදාහරණයකින් කියනවා නම්, ගෑස් කාන්දුවක් සහිත ගෑස් සිලින්ඩරයක් සතුව ඇති පාරිභෝගිකයන්ට, ළඟම අලෙවි නියෝජිතයා වෙත ගොස් මාරු කර ගන්නට හැකි විය. සිලින්ඩරයේ බර කිරා, පාවිච්චි කර ඇති ගෑස් ප්‍රමාණය ලකුණු කර ගෙන, සිලින්ඩරය බාර ගැනීමත්, ඊට රිසිට් පතක් නිකුත් කිරීමත් කළ යුතු අතර, ගෑස් සිලින්ඩරය ‘කොම්පැනියට’ යවා ඒ වෙනුවට කොම්පැනියෙන් අලෙවි නියෝජිතයාට වෙනත් සිලින්ඩරයක් ලැබුණු විට පමණක් පාරිභෝගිකයාට එය ලැබේ..එහෙත්, ගතවූයේ සිය ගණනින් ගෑස් ළිප් පුපුරන තත්වයක් ඇති කාලයකි. ලජ්ජාවට කාරණය නම්, මේ කාලය තුළත් ලිට්‍රෝ සමාගම පරණ පුරුදු ලාලිත්‍යයෙන් ම කටයුතු කිරීමයි. පාරිභෝගික අයිතීන්වලට ගරු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පෙත්සමේ නියෝගයක් දෙන්නට පෙර කටයුතු කළ ආකාරයෙන් ම ඉන් පසුව ද කටයුතු කිරීමයි. ලිට්‍රෝ සමාගමේ පුවත්පත් දැන්වීමේ පවා තිබුණේ, පාරිභෝගිකයා ගෑස් සිලින්ඩරය භාර දුන් විට, තොග තිබේ නම් මාරු කර දෙන ලෙසත්, තොග නැති නම් කොම්පැනියට යවා තොග නැවත ලැබෙන දවසක පාරිභෝගිකයාට අලුත් සිලින්ඩරයක් භාර දෙන ලෙසත් ය..මෙහි ප්‍රතිඵලය කුමක් ද? ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මුදල් දී ගෙදරට ගත් ‘වරදට’ නැවත ගමන් වියදම් අතින් ගෙවාගෙන ගොස් එය අලෙවි නියෝජිතයාට බාර දී කවදා හරි දවසක අලුත් සිලින්ඩරයක් තමාට කොම්පැනියෙන් එවන තුරු නොඋයා- නොකා-නොබී බලා සිටීමට පාරිභෝගිකයාට සිදු වීමයි. එක ගෙදරක එක ගෑස් සිලින්ඩරයක් තිබෙන විට, ඊට මෙහා කුමක් කරන්න ද?.විහිළුව නම්, කාලයකට පෙර වෙළෙන්දන්ගේ කන පලන්නට පාරට බැස්ස පාරිභෝගික අධිකාරියේ ලොක්කන්ට හා සොක්කන්ට ද, මේ තත්වය උපේක්‍ෂාවෙන් ඉවසා ගෙන සිටීමට සිදුවීමයි. ඔවුන්ට කරන්නට දෙයකුත් නැත. කළ හැකි දෙයකුත් නැත. එහෙත් සභාපතිකමේ ඉන්නේ රට ගලවාගත් රණවිරුවෙකි..ඒ අතර ගොවියාට මහ කන්නය සඳහා පොහොර බිඳක් වත් නැත. අවදානම අරගෙන වගා කළ ගොවියාට සිදුවන්නේ කහ ගැහී පරඬැල් වන ගොයම, බෝග දිහා බලා හූල්ලන්නට ය. ඒ හීල්ලීම පසුපස එන සාගතය ඉදිරියට ය. සියල්ලට ම වඩා වැදගත් දේ, මේ කිසිවක් ගැන කිසිවෙකු වගකීමක් නොගැනීම ය. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඩොලර් ලක්‍ෂ 67 ගෙවන්නේ.කාගේ බූදලයෙන් ද?.Next articleමෝදි හමුවෙන්න යන්න සම්බන්ධන්, හකීම් හමුවක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
සුනෙත් සර්ගේ ඇසෙන කතාව සහ පහළ වෙල්ලස්සේ නෑසෙන කතාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සුනෙත් සර්ගේ ඇසෙන කතාව සහ පහළ වෙල්ලස්සේ නෑසෙන කතාව.By කේ සංජීව.August 12, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.සමාජ මාධ්‍යයට පසුගිය දා තවත් රස කැවිල්ලක් ලැබුණි. ඒ සුනෙත් සර්ගේ වීඩියෝවයි. බොහෝ දෙනෙකු රසවිඳිමින් එම වීඩියෝව තවත් අය සමග බෙදාගත්තේ රස කෑමක් ලැබුණු විට හැසිරෙන අයුරින්ය. දැන් ඒ කතාව ඉවරය. තාවකාලික වින්දනය ඉවරවී තිබේ. දැන් මේ පසුවදන නිවීසැනසී කියවිය හැකිය. සුනෙත් සර්ගේ වීඩියෝවේ සිය ජීවිත රංගනයේ මොහොතක් තත්පර වූ ඒ ශිෂ්‍යාවද, ඒ ශිෂ්‍යාව සුනෙත් සර්ට පිදු රත්නායක සර්ද දැන් සිටින්නේ සිරගතවය. සර්ලා භෞතිකව සිරගතව සිටින විට ශිෂ්‍යාව තම ජීවිතය මෙතනින් කොතැනට ගෙනයන්නේදැයි සිතමින් සිටින්නී මානසික සිරගෙයකය. ඉතිං මෙතැනින් පසු ලියැවෙන්නේ සුනෙත් සර්ලාගේ කතාව නොව අර මනස් සිරකුටියෙහි සිරගතව සිටින ශිෂ්‍යාව ගැනය. පහළ වෙල්ලස්සේ ඇගේ සහෝදරියන් ගැනය. ඈ මේ තානායමට යැවූ ඒ වෙල්ලස්ස ගැනය..1815දී රට සුද්දාට දෙන්නට කලින් වෙල්ලස්ස යනු වෙල් ලක්ෂයක්ය. 1818 කැරැුල්ල නිසා සුද්දන් මේ බිම සුණු කළ බව කියන්නේ ඉතිහාසයයි. පුදුමාතලන් වැනි කලාපයන් යුද්ධයෙන් පසු කෙසේ පැවතුණිදැයි දන්නා අපට මේ වෙල්ලස්සය ගැන සිතාගැනීමට අමාරු නැත. 1818දී සිදුවූ ඒ ජනසංහාරයද බවබෝග සංහාරයද නිසා වූ තුවාල අදත්, වසර 200ක් ගතවීත්, සුව නැත. ඒ තුවාල මතින් සුනෙත් සර්ගේ වීඩියෝවේ වෙන්දේසි වූ ඒ යොවුන් ජීවිතය පිළිබඳව සොයා බැලිය යුතුය. මේ කතාවට තැනිබිම වූ මොනරාගලද එහි රතුවන් දුඹුරු දුහුවිල්ලද මට නුහුරු නැත. බොහෝ ගම් පිළිබඳ වීඩියෝකරණය වූ මතකයක් මා සතුය. ජගත්, ධම්මික වැනි සුන්දර මිතුරන්ද මේ මතකය අලූත් කරනවා මිස මතකය කුරුටු ගාන්නේ නැතිය. ඉතිං දැන් අපි කතාවට යමු..‘‘මෙහෙමයි මිත‍්‍රයා, කුඹුක්කනත් නක්කලත් අතර කන්දක් තියෙනවා. ඒකට අපි කියන්නේ ථෙරපුත්තාභය පවුව කියලා. මේ කන්ද තරණය කරලා කැලේ අනික් පැත්තට ගිහිං හේන් කරන එක මෙහෙ මිනිස්සු ඉස්සර ඉඳලා කරන දෙයක්. හරිම දුෂ්කර ගමනක්. ඒත් මිනිස්සු සංසාරේ වගේ මේ ගමනට හුරුවෙලා. ඉස්සර මේ ගමන ගිහිං හේන් ගොවිතැන් කළ පවුලක් හිටියා. එක දවසක් උදේ රැයින් හේනට ගියේ තාත්තායි නව යොවුන් කෙල්ලයි. වැඩ වැඩිකමට කරුවල ඉක්මනින් ආවා. දෙන්නාටම ? එන්න බෑ. අලි පාරට එන වෙලාව. දෙන්නාම එදා ? හේනේ මුත්තා ගහේ ගහලා තිබුණ පැල්කොටේ තමයි හිටියේ. පහුවදා කෙල්ල ගෙදර ආවා. ඇවිත් අම්මාට කිව්වා තාත්තා එයාව අතපත ගෑවා කියලා. අම්මා පොලිසි ගියා. තාත්තා හිරේ ගියා. දුව මිනිහෙක් එක්ක ගියා. අම්මා තව මිනිහෙක් හොයාගත්තා. ඒ හේන් කතාව ඉවර වුණේ ඔහොම.” සුනෙත් සර්ගේ කතාව ඇසූ මට මගේ මිත‍්‍රයා කියුවේ ඔවැනි කතාවක්ය. වෙල්ලස්සට ඔවැනි කතා ලස්ස ගණනින් ඇත. හේන් කෙරුවාව යනු දුක් කන්දක්ය. දැන් බඩඉරි`ගු කරලේ මිල ඉහළ නිසා මේ තත්ත්වය ටිකක් හෝ වෙනස් වුණත් ඒ පැරණි පුරුදු තවම එහෙමය..‘‘ව්‍යභිචාරය කියන දේ අනික් පළාත්වලට සාපේක්ෂව මොනරාගල වැඩියි. ඒකට හේතුව දුප්පත්කම සහ නොදියුණුකම. සමහර කාලවලට තියෙන දරාගන්න අමාරු රස්නයත් මේකට හේතුවක්ද කියන්න මම දන්නේ නැහැ. මොනරාගල හැමදෙයකින්ම පස්සෙන් ඉන්නේ. දරුවන් මල් වගේ හදන්න ඕනි, ලෝකේ හොඳම දේ දරුවන්ට වගේ දේවල් මෙහේ දෙමාපියෝ අහලාවත් නැතුව ඇති. කොහොමත් ඒවා නාගරික සංකල්පනේ. ඉතිං මල් වගේ ගැහැනු දරුවෝ තාත්තා මාමා බාප්පා අතින් නැත්තං සහෝදරයෙක් අතින් අතවරයට ලක්වෙනවා. සමහර තැන්වල එහෙම වෙලා ගැබ්ගැනීම් පවා වාර්තා වෙනවා. එහෙම වුණ තැනකට මම මීට ටික කාලෙකට කලින් ගියා. ඒ තාත්තා, දුව සහ අම්මා දෙන්නාත් එක්කම ඉන්නවා. ඒක ගමේ හරි ප‍්‍රසිද්ධයි. මම මනුස්සයාගෙන් ඕක දවසක් ඇහුවා. මිනිහා එතකොට මට කිව්වේ තැඹිලි ගහ හදලා ගෙඩි පිට එවුන්ට බොන්න දෙන්න පිස්සුද කියලා. මම හිතන්නේ ඒ තාත්තාට ඒ කතාව මට කියන්න ශක්තිය දෙන්නෙම මේ පළාත්වල තිබෙන සංස්කෘතිය. මේ වගේ ලිංගික කටයුතු මෙහෙට අරුමයන් නෙවෙයි. හරිම නිදහස් තැනකින් තමයි මිනිස්සු ලිංගික ජීවිතය දිහා බැලූවේ.”.මේ කාලයක සිට පහළ වෙල්ලස්සේ දරිද්‍රතාව නැතිකරන්නට සටන්කරන රාජ්‍ය නොවන සංවිධානයක මිත‍්‍රයෙක්ය. ලිංගි ක කුහකකම් වගේම ලිංගික ඉරිසියාවන්ද ලිංගික චර්යාවන් මුල්කරගත් සැකයන් සහ අවිස්වාසයන්ද මෙහි හරිම අඩුය. ඒ වික්ටෝරියානු සිතුවිලි විසින් මේ සමාජය තවම එතරම් දුෂණය කර නැති බැවින්ය. එනිසාම ගැහැනුන් වුවත් පිරිමින් වුවත් වරදේ බැඳෙනවා වැනි කතා මෙහේට එතරම් අදාළ නැත. ඒ බොහෝ වැරදි මේ ඉසව්වට වැරදි නොවන නිසාය..එහෙත් මේ නිදහස් ලිංගික ජීවිතය මත්තට සුළිසුළඟක් ලෙසින් ඔරොත්තු නොදෙන ලෙස පැමිණෙන නවීනත්වය එම නිදහස් ලිංගික ජීවිතය විපරීතයක් බවට පෙරළා ප‍්‍රශ්න කෝටියක් නිර්මාණය කර ඇත. අතීතයේ මේ ලිංගි ක නිදහසත් සමග ලිංගික අධ්‍යාපනයද යම් පමණකට (අඩුම වශයෙන් ගැබ්ගැනීම් වළක්වා ගැනීම සඳහා හෝ) පරපුරෙන් පරපුරට උරුම වීදැයි අපට සැක සිතෙන්නේ ඒ සරල සමාජයන් මේවා නිසලව දරාගත් බව පෙනෙන විටය. එදා පැල් රකින්නට හේනට ගොස් සිටින මිනිසෙකුගේ හුදකලා ගැහැනිය බැහැදකින්නට ඇගේ රාත‍්‍රි ස්වාමියා නිවසට පැමිණෙන්නට ඇත. එහෙත් අද ඔහු එන්නේ රංචු පිටින්ය. මේ වෙනස වෙල්ලස්සට නොව ඕනෑම මෙවැනි සමාජයකට දරාගන්නට අමාරුය. අනෙක් පසෙකින් දරා ගනු නොහැකි ආර්ථික අමාරුකම් සහ ඒ නිසාම නිපන් සිතේ කෙඩෙත්තුව දුරුකරන්නට ව්‍යභිචාරය හේතුවක් වන්නට ඇත. කෙලෙසක වුවත් තතු, මේවා ලිහා දැමීම සමාජවිද්‍යාවට භාරය. සුව කෙරුම සමාජ සංවිධානවලට භාරය..‘‘මෙහෙමයි මහත්තයා, මෙහේ ටියුෂන්වලට ළමයි ආවාම විශේෂයෙන් මේ සර්ලා ඒ ළමයි ගැන හොඳට තොරතුරු හොයනවා. ආර්ථික අමාරුකම් ගොඩාක් තියෙනවා නම් ෆ‍්‍රීකාර්ඞ් දෙනවා. ගොඩක් වේලාවට ගැහැනු ළමයින්ට චාන්ස් එක වැඩියි. ඉතිං අවසානයේ ළමයි සර්ගේ තුරුලට යනවා. විශේෂයෙන් අම්මලා මේක දන්නවා. ඒත් ළමයින්ට උගන්නන්න සල්ලි නැති නිසා දකින්නේ නැතුව වගේ ඉන්නවා. සමහර ළමයින්ගේ අම්මලාත් සර් එක්ක යනවා. ගොඩක් ළමයින්ට උදේට කන්නවත් සල්ලි නැහැ.”.මේ මගේ මොනරාගල ටියුෂන් රස්සාව කරන මිත‍්‍රයෙකුගේ කතාවය. ප‍්‍රදේශයට උරුම ලිංගික නිදහසත් උරුම ආර්ථික අමාරුකමුත් මේ සර්ලා ප‍්‍රයෝජනයට ගන්නේ එලෙසින්ය. අනෙක් පැත්තෙන් මෙවැනි ලිංග ික අතවරයක් වැනි සිද්ධියක් පොලිසිය ඉදිරියට පැමිණි විට එම වින්දිත කාන්තාවද ඒ පවුලේ තවත් ඇහැට කනට පෙනෙන කාන්තාවෝ සිටිත් නම් ඔවුන්ට ද පොලිසියේ මහත්වරුන්ගේ ඕනෑඑපාකම් ඉටුකරන්න වෙනවා සිකුරුය. අනික් පැත්තෙන් මේ සමාජය දැන් තිබෙන්නේ පැරණි සමාජයටද නවීන සමාජයටද යන දෙකටම නැති තැනකය. එය එක පැත්තකින් විපරීත තත්ත්වයක්ය. මේ තත්ත්වය තුළ ලිංගි ක අතවර වැනි කරුණු සම්බන්ධයෙන් යම් කාන්තාවක කතාබහට ලක්වූ විට පිරිමි සමාජයෙන් මෙන්ම ගැහැනු සමාජයෙන්ද අට ගැලවීමක් නැත. පිරිමි සමාජය බලන්නේ තම සතුට වෙනුවෙන් ඇයට මිලක් ගෙවන්නටය. ගැහැනු සමාජය බලා සිටින්නේ වරදකාරිය වරදටම මුදාහරින්නටය..‘‘වැල්ලවායේ දුෂ්කර ගමක තරුණ ගැහැනු ළමයෙක් දැන් ටික කාලෙකට කලින් අතුරුදන් වුණා. ගෙදර මිනිස්සු සෑහෙන්න හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. පස්සේ ටික කාලෙකින් ගෙදර ආවා. දවසක් මට මේ ළමයා හමුවුණා. මම ඇහැවුවා මොකද ඔයාට වුණේ කියලා. ඒ ළමයා මට කිව්වා කොළඹ ගිහිං ගාර්මන්ට් එකක ජොබ් එකක් හොයාගත්තා කියලා. මම දන්නවා මේ ළමයාට ලියන්න කියන්න මොකවත් බැහැ. මම දිගට කතා කරනකොට විස්තරේ කිව්වා. ළඟ ගෙදරක අක්කා කෙනෙක් තමයි මේ ළමයාට කොළඹ ලිංගික ශ‍්‍රමිකයෙක් විදියට රස්සාව හොයලා දෙන්නේ. පස්සේ අර රස්සාව අරන් දුන්න ගෑනු එක්කෙනා ගැන හොයනකොට ඒ මනුස්සයා සෑහෙන්න පිරිසක් මේ රැුකියාවට කොළඹ එක්කරගෙන ගිහිං තියෙනවා. මේක එක පැත්තකින් මිනිස් ජාවාරමක්නේ, මම කිව්වා මම ඒ ගෑනු කෙනා පොලිසියට අල්ලලා දෙනවා කියලා. එතකොට දන්නවාද අර ගැහැනු ළමයා කිව්වේ, මගේ තාත්තාගෙන් තමයි මගේ ජිවිතේ විනාශ වුණේ, පොලිසි ගියොත් ඒ සේරම මට කියන්න වෙනවා කියලා. එතකොට මම කල්පනා කළා, මම මේක පොලිසියට කියලා මේ ගැහැනු ළමයාගේ ජීවිතය නැවත විනාශ කරනවාද නැත්තං අහක බලා ගන්නවාද කියලා. මම අහක බලාගත්තා.”.මේ මගේ එන්ජී ඕ මිත‍්‍රයාට මොනරාගල දරිද්‍රතාව නැතිකරන්නට ගොස් ලැබුණු තවත් කතාවක්ය. කොළඹ රාත‍්‍රිය වර්ණවත් කරන්නෝ මෙවැනි ගැහැනුය. ඕනෑම කාන්තාවක සිය කැමැත්තෙන් ලිංගික ශ‍්‍රමය විකුණා ජීවත් වන්නේ නම් එය ගැටලූවක් නැති කතාවක් ය. එහෙත් තාත්තාගේ ආසාවේ වස්තුව වී ඒ නිසාම ජීවිතය මහමගට වැටෙන්නේ නම් එතැන ලොකු අවුලක් ඇත..එදා සමාජය මේ බර දරාගත්තේ නිදහස තුළින්ය. සහ යම් පමණකට ගෞරවය ලබාදීමෙන්ය. හැඟීම් මෙන්ම ලිංගි ක ජීවිතයද ඕනෑම තැනක සක‍්‍රිය බව ඔවුන් දැනසිටියා පමණක් නොව එය දරාගන්නට සමාජමය පුද්ගල මනසද නිර්මාණය කළේය. ඒ විශාල වශයෙන් සමාජීය ජීවිතයකට මේ මනුස්සයා හුරුකිරීම තුළින්ය. අද හුදකලාවද පුද්ගලයන් දුපත් තුළ සිරව කටයුතු කිරීමද මේ නිදහස් සමාජයන්ට දරාගන්නට බැරිවී ඇත..ඒ අර්ථයෙන් බලනවිට මේ වීඩියෝව මුදාහැරියා යැයි කියන සුනෙත් සර්ගේ යහළුවන්ද එම වීඩියෝව මුහුණු පොතේ බෙදාහැරී අන් ප‍්‍රජාවද මෙය රසවත් ආහාරයක් සේ සකසා සමාජයට දුන් මාධ්‍යවේදීන්ද මේ ගැහැනු දරුවාට දිවිකදුරු ගෙඩි කන්නට දී තිබේ. එහෙත් ඒවා නොකෑම සඳහා ඇය ශක්තිමත් කිරීම අප හැමගේ වගකීම නොවේද?.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනපති වැය ඉහළ යයි.Next articleවර්ජනයේ සීමාව පැමිණ තිබේද? මොනවා කිව්වත්...- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
මධ්‍යම පන්තික අර්බුදයේ සර්ප රූපකය ඝරසරප | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මධ්‍යම පන්තික අර්බුදයේ සර්ප රූපකය ඝරසරප.By සංස්කාරක.September 23, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ආචීර්ණකල්පික විශ්වාසයන් සහ සංස්කෘතික ඇදහිලි තම චිත‍්‍රපටි සදහා පාදක කරගැනීම නිසා කෙනෙකුට ජයන්ත චන්ද්‍රසිරි යනු නූතනවාදී සිනමා ප‍්‍රකාශනයෙන් බැහැරවූවෙකු ලෙස පෙනී යා හැකියි. එහෙත් අප විශ්වාස කරන්නේ ඔහු මිනිසුන් අතරේ පවතින එම ගතානුගතික සංකල්පයන් සහ සංස්කෘතික චර්යාවන් රැුගෙනැවිත් සිනමාව තුළ ආයෝජනය කරන්නේ තම ප‍්‍රකාශනය වඩාත් පොහොසත් කරගැනීමට බවයි. ඔහුගේ ‘ගරිල්ලා මාර්කටින්’ චිත‍්‍රපටය තුළ ‘නෑනා මස්සිනා’ ජන විශ්වාසය භාවිත කෙරෙන්නේ අතිධාවනකාරී සහ තරගකාරී අලෙවිකරණ සමාජයක් ඔස්සේ දිව යන මානව සම්බන්ධතාවල සෞන්දර්ය මුහුණ දෙන අර්බුදයන් නිරූපණය කිරීමටයි. ඒ අනුව ජයන්ත චන්ද්‍රසිරි, ජන විශ්වාස පහුරක් කරගෙන තම ඉලක්කය වෙත යන සිනමා යාත‍්‍රිකයෙක්. චිත‍්‍රපටය පුරාවට හුදෙක් සංස්කෘතික හැසිරීම් සහ මතිභ‍්‍රමයන්ගේ පහුර කරපින්නාගෙන නොයෑම සිනමාකරුවෙකු ලෙස ඔහුගේ විශේෂත්වයයි..නූතන මධ්‍යම පන්තික කුටුම්බයේ අර්බුදය සාකච්ඡාවට ගෙන එන්නට සමත් විභවයක් ඝරසරප චිත‍්‍රපටයේ ඇති බව අපගේ යෝජනාවයි. චිත‍්‍රපටයේ වර්තමාන කතාවේ වැඩිහිටි සදරැස්ගේ බිරිදගේ මානසික ව්‍යාධිය මතුවන්නේ ඈ ඔහු සැකකරන අවස්ථාවලයි. විනෝද චාරිකාව අතරතුරේදී සදරැස්, මිතුරු බිරිදක කෙරෙහි වැඩි නැඹුරුවක් දැක් වූ බවට තමා තුළ සැකයක් ඇතිවූ බව සදරැස්ගේ බිරිද, ෆ්න්කි ඔහු සමග පවසනවා. ඈට කළුකුමාර බැල්ම වැටී අස්වාභාවික ලෙස ඌ චිත‍්‍රයට නැගීමේ මානසික ව්‍යාකූලත්වය උපදින්නේ ඒ සැකයේ භූමියේයි. ඒ අනුව කළුකුමාරයා යනු චිත‍්‍රපටය තුළ ආදර ප‍්‍රතිවිරෝධය සහ අන්‍යෝන්‍ය දුරවබෝධය හා බැදුණු චිත්ත ස්වභාවයන් නිරූපණය කරන චරිතයක්. චින්තක ජයකොඩිගේ සංගීතය කළුකුමාරයාගේ මිනිස් චරිතයකට අදාළ මනෝභාවයන් තීව‍්‍ර කරමින්, කම්පන සමුදායක් නිර්මාණය කරමින් සිනමාකරුවාගේ නාට්‍යරූපී භාෂණයට ගැඹුරක් දෙනවා..නූතන මධ්‍යම පන්තිය සුන්දර ඇවතුම් පැවතුම් මාදිලියක සමාජ නියෝජනයක් වන අතරේම බරපතළ ප‍්‍රතිවිරෝධතා රැසක ප‍්‍රකාශනයක් ද වෙනවා. ඝරසරප චිත‍්‍රපටයේ සදරැස්ගේ පවුල මධ්‍යම පන්තිකයාගේ සුසාධිත දිවි පැවැත්ම සම්බන්ධ ආදර්ශයක් ලෙස වුවත් පෙනී යා හැකියි. අතිශයින්ම නූතනවාදී ගෘහනිර්මාණ ශිල්පෝක‍්‍රමයන් යොදා තැනූ නිවස, එහි ඇති පුස්තකාල, උසස් රැකියා, ජනපි‍්‍රය පාසල්වල ඉගෙනගන්නා දූ පුතුන්, යාන වාහන, සේවිකාවන් යනාදිය විසින් සංතෘප්ත වූ මධ්‍යම පන්තික පැවැත්මකට සාක්ෂි ඉදිරිපත් කරනු ලබනවා. ‘මොනවයින් අඩුවක් ද?’ මොවුන් දෙස එල්ලවන පොදු පේ‍්‍රක්ෂක ආකල්පය විය හැකියි. එහෙත් එය එසේ නොවී ඒ මධ්‍යම පන්තික විචිත‍්‍රත්වය බිෙදන්නේ බිරිදගේ මානසික ව්‍යාධිය හේතුවෙන්. මෙම මධ්‍යම පන්තිකයාට අදාළ ගැටලූවේ හේතුකාරකයන් උපදින්නේ ඒ ජීවිත පැවැත්ම තුළින්ම වීම මෙහි ඇති සමාජ උත්ප‍්‍රාසයයි. ඒ උත්ප‍්‍රාසය උදාහරණයකින් මෙසේ පැහැදිලි කරගනිමු..සමාජය තුළ තම පැවැත්ම නඩත්තු කිරීම වෙනුවෙන් මධ්‍යම පන්තික පවුල අනවරත අරගලයක නිරත වෙනවා. රැුකියාව, ගේදොර ආදිය හා බැ`දුණු ගේහසිත දිවිය මෙන්ම සමාජශීලී ජීවිතය ගැන ද ඔවුන්ට සිතන්නට වෙන්නේ සමාජයෙන් තමන් කොන්වේයැයි බියෙන්. එහිදී ගැහැනියට, පිරිමියාට මේ දෙදෙනාටම එක හා සමානව පිටත ලෝකයට නිරාවරණය වීමට සිදු වෙනවා. ආර්ථික උන්නතිය වෙනුවෙන් දෙදෙනාටම එක හා සමානව රැුකියාවන් කරමින්, උසස්වීම්වලට යමින් තරගයක නිරත වන්නට සිදු වෙනවා. ජීවන ඒකාකාරීත්වය බි`දින්නට විනෝද චාරිකා, මිතුරු හමුවීම්, කෑමට බීමට නිවසින් පිටතට යෑම් වැනි කි‍්‍රයාකාරකම්වලින් පිරුණු සමාජ ජීවීතය ද දෙදෙනාටම අත්හළ නොහැකියි. මේ වටපිටාව තුළ දෙදෙනාම අඩුවැඩි වශයෙන් පිටතට නිරාවරණය වෙනවා. මධ්‍යම පන්තිකයාගේ කුටුම්බ බැදීම් තුළ එකිනෙකා කෙරෙහි අසීමිත ලෙස බල පැවැත්වෙන තදින් අල්ලාගැනීමේ ‘අයිතිවාසිකම් චෛතසිකය’ එළියට එන්නේත් මේ නිරාවරණය තුළයි. ඒ අයිතිවාසිකම් චෛතසිකය එළියට එන්නේ ඔවුන් ඉහත සදහන් කළ ජීවන තල දෙක තුළදීම නිරූපණය කරන නිදහස් චින්තනය, නූතනත්වය, ලිබරල්වාදය, පුද්ගල නිදහස ආදි සියලූ රංගනයන් පරාජයට පත්කරමින්. වීනෝද චාරිකාවේදී තම සැමියා මිතුරෙකුගේ බිරි`දට වඩාත් ළංවූවා යැයි සැක කෙරෙන ප‍්‍රාථමික මධ්‍යම පන්තික අවුල එළියට ගෙනෙන්නට ඇති හො`දම වාහකයා වන්නේ ප‍්‍රාථමික ජන විශ්වාසයක් වන කළුකුමාරයායි..මේ අවුල ලිහන්න ආදර ආයෝජනයක් වුවමනා කරන බව දැකීම මානසික ව්‍යාධිය නිවාරණය කිරීමට යන ගමනේදී සිනමාකරු ඇවිත් නවතින තැනයි. ලැකෑනියානු මනෝ විශ්ලේෂණය තුළ මෙසේ ලියැවී තිබෙනවා..‘‘clear that I went into medicine because I suspected that relations between man and woman played a decisive role in the symptoms of human beings […]. The ultimate truth is that things do not work between man and woman’’.’’.කායික ප‍්‍රකාශනයන් ලෙසින් මතුපිටට ආවත් මධ්‍යම පන්තික ගැහැනිය සහ මිනිසා පෙලෙන රෝග තත්ත්වයන් සුවපත් වන්නේ ශරීරගත වන ඖෂධවලින් නොව, ඔවුන්ගේ සම්බන්ධතාවල නහරවලට දෙන ආදරයේ එන්නත්වලින්. යොවුන් සදරැස්ගේ සහ විද්‍යාගේ ආදරය පරමාදර්ශී රූපකයක් ලෙස මුහුකුරා වැඞී ඇත්තේ එය අයිතිවාසිකම් චෛතසිකය අබිබවා යන බැවින්..තම බිරිදගේ මානසික ව්‍යාධියට ප‍්‍රතිකාර කරන මනෝ වෛද්‍යවරිය වන වැඩිහිටි විද්‍යා හමු වී ආපසු පිටතට ඇවිත් තම රථය වෙත යන සදරැස්ගේ ගමනින් චිත‍්‍රපටය අවසන් වෙනවා. ඔහුගේ් ගමනේ පිය සටහන් මත ඇති චිත‍්‍රපටයේ අර්ථය සංක්ෂිප්ත කරන තීරණාත්මක අවබෝධය කුමක් ද? ඒ අවබෝධය සංකල්පරූපී ලෙස චිත‍්‍රපටයට කිසිදු සම්බන්ධයක් නැති කවියක ලිය වී තිබෙනවා. කවීවි වන්නේ ආරියවංශ රණවීරගේ ‘තවමත් මල්’ කාව්‍ය සංග‍්‍රහයේ 45 වන පිටුවේ එන ‘එගොඩ මෙගොඩ’ යි..‘මෙගොඩ සිට පෙනෙයි එගොඩහ යන්තමින.එගොඩ මෙගොඩ වෙන් කළ ගගකි ය පොරණ.පිහිනා ගෙගහි දිය මං දිය ගති හැදින.පෙරලා මෙගොඩටම එමි උල්ගල් ඇනෙන’.වැඩිහිටි සදරැස්-විද්‍යා ආදරය පවතින්නේත් අයිතිවාසිකම් චෛතසික මානයෙන් ඔබ්බෙහි. ඒ ආදරයේ ගතිසොබා වි`දීම කවියේ කියවෙන්නාක් මෙන් ‘ගෙගහි දිය මං දිය ගති’ හැදිනීමක්. ඒ ආදර ආස්වාදයෙන් පසුව ඔහුට යළිත් පියනගන්නට වෙන්නේ අයිතිවාසිකම් චෛතසිකය බලවත් ‘උල්ගල් ඇනෙන’ කුටුම්බයටයි. ඔවුන් දෙදෙනාගේ අභියෝගය වන්නේ නිරයිතික චෛතසික ආදරයක් කුටුම්භය තුළත් රෝපණය කරගැනීමයි..අමිල යහලවෙල.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසපරපුර නැටුමේ සැගවුණ නැට්ටුවෝ.Next articleමිනිස්සු මට හොඳම කියන්න ගත්ත දවසට මං ලියන එක නවත්වනවා: මොහාන් රාජ් මඩවල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
වියත්තු අසමත්මැරයෝ කැඳවෙත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වියත්තු අසමත්.මැරයෝ කැඳවෙත.By සංස්කාරක.March 7, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමෝසමේ හත්පොළේ ම ගාගත්තා පමණක් නොවේ, අදත් දිනපතා එසේ කර ගනිමින් සිටිති..ජාතික ජන බලවේගයේ ගම්පහ සම්මේලනයට ජනාධිපතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේ ද සමීපතමයකු වන කුප්‍රකට ව්‍යාපාරිකයකුගේ ආරක්‍ෂක මැරයන් කිහිප දෙනකු බිත්තර ප්‍රහාරයක් එල්ල කරන්නට ගොස් හසු වීමෙන් දින දෙක තුනකට පසු, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා තාත්තාගේ අමාත්‍යාංශයට අයත් වාහනයකින් රාගම වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට පැන සිසුන්ට ප්‍රහාරයක් එල්ල කරන්නට ගොස් අතට ම අහුවුණේ ය..මේ අපකීර්තිමත් අපරාධ දෙක ද එක වැලට එකතු වන්නේ මේ වන විටත් අසමත්කමෙන් පැත්ත වැටී සිටින ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් කාර්ය දර්ශනයට ය. හෙවත් රිපෝට් කාඩ් එකට ය..ආණ්ඩුවේ වියත් මග මේ වන විට හොඳට ම අසමත් ය. ජනාධිපතිවරයා, ඉතාම කෙටි කාලයකින් තමාගේ අසමත්කම ඔප්පු කළ ලංකාවේ පළමුවැනි ජනාධිපතිවරයා බවට පත් වී තිබේ. 2019දී නොවැම්බරයේ දී තමන් අතින් සිදු වුණේ බලවත් වරදක් බවට, ඔහුට ඡන්දය දුන් ජනතාවගෙන් හරි අඩක් වත් මේ වන විට විශ්වාස කරන බව පෙනේ. ඔවුන්ගේ ඒ විශ්වාසය තවත් තහවුරු කරමින්, මෙතෙක් කාලයක් ඒ බව විශ්වාස කරන්නට මැලි වූ පිරිස් ද ඒ ගොඩට ඇද දමමින්, ගම්පහදී සහ රාගම දී, දැන් ආණ්ඩුවේ මැර මුහුණ ද එළියට පැමිණ තිබේ. වියතුන් වෙනුවට මැරයන්ෟ.පක්‍ෂයක රැස්වීමකට හෝ දේශපාලකයකුට හෝ බිත්තර ප්‍රහාරයක් එල්ල වීම මහා ලොකු සිද්ධියක් නොවේ. එහෙත්, ජාතික ජන බලවේගයට බිත්තර ප්‍රහාරය එල්ල කළ ව්‍යාපාරිකයාත්, ඔහුගේ අතීත කැරැට්ටුවත්, ඔහුගේ අනාගත ක්‍රියාකාරිත්වය කුමක් විය හැකි දැයි යන්නත් එකට තියා කල්පනා කරන විට, රාජපක්‍ෂ පාලනයේ අනාගත මුහුණුවර ගැන සමහර දේ සිතන්නට අපට හැකියාව තිබේ..මේ කුප්‍රකට, අපකීර්තිමත් ව්‍යාපාරිකයා පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ආණ්ඩුවේ ඉහළ ම නිලධාරීන්ගේ දායකත්වයෙන් හමුදාවල ආයුධ කුලියට යොදාගෙන නීති විරෝධී ජාවාරමක යෙදුණු අයෙකි. යහපාලන ආණ්ඩු කාලයේ ඔහුට විරුද්ධව පරීක්‍ෂණ ඇරඹෙන විට, ඔහුගේ ජාවාරම් සඳහා සහාය දුන් රාජපක්‍ෂ ආණ්ඩුවේ පළමු පෙළේ නිලධාරිනියක් රටින් පැන ගියා ය. අදත් ඇය ලංකාවේ නැත. කොහොම වුණත්, ඔහුට එරෙහිව පැවරූ නඩු අවසන් වුණේ ඔහු නිදහස් කිරීමෙනි. දැන් ඔහු මේ ආණ්ඩුවේ ඉහළ ම අයගේ සුරතලා ද, අනුග්‍රාහකයා ද කියන භූමිකාවලට ජීවය දෙමින් සිටියි. ඒ මදිවාට, දැන් ආණ්ඩුව වෙනුවෙන් කුලී හමුදාව මෙහෙයවන්නා බවට ද ඔහු පත් වී සිටින බව ගම්පහ සිදුවීමෙන් පෙනේ..උත්ප්‍රාසය නම්, රංජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලා මේ කුප්‍රකට ව්‍යාපාරිකයා හරහා ජනාධිපතිවරයාට ලියුමක් යවන්නට පසුගිය දා පැවැත්වූ රැස්වීමක ජාතික ජන බලවේගයේ මුල් පෙළේ හිතවාදී නිළියක ද සිටීම ය..ගම්පහ සිදුවීමෙන් තේරුම් ගත යුතු වැදගත් ම කාරණය නම්, මේ කුප්‍රකට ව්‍යාපාරිකයාගේ ආයුධ පුහුණුව ලත් කුලී මැර හමුදාව අනාගතයේ දී ආණ්ඩුව වෙනුවෙන් සේවයට කැඳවීමට වුව ඉඩක් ඇති බව ය. දිගින් දිගට ම අසමත් වෙමින් යන ආණ්ඩුවට, තවදුරටත් ඒ අපකීර්තිය දරා ගන්නට බැරි වන විට, පණ පොවනු ඇත්තේ මෙවැනි කුලී හමුදාවන්ට ය. ඒ සඳහා ධනයෙන්, මිනිස් සම්පතෙන් හා ආයුධවලින් උදව් කළ හැකි ජාවාරම්කාරයෙක් ආණ්ඩුවේ අසලින් ම සිටියි..අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති බව පුවත්පත මුද්‍රණයට යන මොහොතේ දැන ගන්නට ලැබිණ. මීට පෙර කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ගුවන්තොටුපොළෙන් රට තුළට ගෙනැවිත්, උසාවියෙන් ඇප ගන්නට ද උදව් වී යැයි කියන චෝදනාව නිසා ඔහු ඇමතිකමෙන් ඉවත් කරන බව ජනාධිපති කීහ යි මාධ්‍ය වාර්තා කළේ ය. එහෙත් එවැන්නක් ජනාධිපතිවරයා නොකීවේ ය. දැන් එළැඹී ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාට ම ඉල්ලා අස්වන්නට සිදු වුණ අවස්ථාවයි..එහෙත්, මේ යන විදියට හරි නම් ඉල්ලා අස් විය යුත්තේ මෙවැනි සුළු පන්නයේ රාජ්‍ය ඇමතිවරු නොවෙති. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකන්‍යාරාමයේ සමරිසි ප්‍රේම විප්ලවය:.බෙනෙඩෙටා.Next articleපාස්කු දින ප්‍රහාරය.ජාත්‍යන්තරයට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |
ජාතික දේශපාලනයට ඈත සජිත් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.7 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජාතික දේශපාලනයට ඈත සජිත්.By සංස්කාරක.January 6, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ කණ්ඩායම වෙනම පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන බව ඔහුගේ පිළේ සමහරුන් කියන්නට පටන්ගෙන ඇත..ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදුනහොත් වෙනම තරග කරන බවට මේ ආකාරයේම වූ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පසුගිය ජනාධිපතිවරණයට පෙර සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ගෙනගිය අතර අපේක්ෂකත්වය ලබාගනිමින් එය ජයග‍්‍රහණය කිරීමට ඔවුන් සමත් විය..විපක්ෂ නායකත්ව සටනද සජිත් පාර්ශ්වය ජයග‍්‍රහණය කර ඇත. එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ නම විපක්ෂ නායකත්වය සඳහා එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් නම්කර කථානායක කරු ජයසූරියට යැවුවද ඊට විරුද්ධව සජිත් පිළ එජාප මන්ත‍්‍රී අත්සන් සහිත ලේඛනයක් කථානායකවරයාට යොමු කරමින් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායක කරන ලෙස ඉල්ලා සිටියේය..එම සටනින්ද සජිත් පාර්ශ්වයට ජයග‍්‍රහණය දී රනිල් වික‍්‍රමසිංහ පසුබැස්සේය..ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා තමා යැයි සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කර ඇත. ඊටද රනිල් වික‍්‍රමසිංහගෙන් කොළ එළියක් ලැබී ඇතැයි රනිල් පාර්ශ්වයේ අයම කියති..විපක්ෂ නායකකමට සජිත් පේ‍්‍රමදාස හෝ ඔහු වෙනුවෙන් කටයුතු කරන අය අරගල කරද්දී සජිත් පේ‍්‍රමදාස කලඑළියේ දක්නට ලැබුණේ නැත. ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු සිටියේ කිසිවකුට මුහුණ නොදී සැඟවීය. එම සැඟවී සිටි සමයේ ඔහු හමුවීමට ගිය සමහරුන්ට ඔහු ප‍්‍රකාශ කළා යැයි කියවුණේ විපක්ෂ නායකකමවත්, පක්ෂ නායකකමවත්, අගමැති අපේක්ෂකත්වයවත් ඔහුට වුවමනා නැති බවය. නිදහසේ පාඩුවේ ඔහුට ඉන්නට ඉඩදෙන ලෙසය. එය ඇත්තක් යැයි සිතිය හැක්කේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ට්විටර් පණිවිඩයක් තබමින් සජිත් පේ‍්‍රමදාස කළ සඳහන නිසාය. ඔහු එයින් කීවේ ඔහුගේ ඉදිරි කාලය රටේ දිවියන්ගේ සුභසාධනය වෙනුවෙන් වැය කරන බවය..මේ කරුණු කාරණා අනුව පෙනෙන්නේ ජනාධිපති අපේක්ෂකත්වයද, විපක්ෂ නායකකමද, අගමැති අපේක්ෂකත්වයද, පක්ෂ නායකත්වයද වඩාත් වුවමනා වී තිබුණේ හා තිබෙන්නේ සජිත් පේ‍්‍රමදාස වටේ සිටි අයට බවය. අලූත් පක්ෂ කථාවද බොහෝ විට සජිත් පේ‍්‍රමදාසගේ නොව වටේ සිටින අයගේ වුවමනාවක් විය හැකිය..පක්ෂය හැර නොයමි යැයි සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රකාශයක් කියැවෙන්නේ මේ අතරවාරයේය. එය සැබෑ විය හැකිය. සජිත් පේ‍්‍රමදාස එජාපය හැර නොයනු ඇත. එජාපයෙන් පිට ඔහුට දේශපාලන අනාගතයක් නැති බව සජිත් පේ‍්‍රමදාස හොඳින්ම දන්නවා විය හැක..මීට පෙරත් නායකත්ව අරගල කිහිපයක්ම රනිල් වික‍්‍රමසිංහට විරුද්ධව සජිත් පේ‍්‍රමදාස වටා සිටියාහු ක‍්‍රියාත්මක කළෝය. ඒවාහි අවසන් ප‍්‍රතිඵලය වූයේ එම අරගලවල නියමුවන් කිහිපදෙනෙකුට එජාපය හැරදා යන්නට සිදුවීමයි. තවත් සමහරුන්ට එජාපය තුළ කොන්වී සිටීමට සිදුවීමයි..ඒ සෑම අවස්ථාවකදීම සජිත් පේ‍්‍රමදාස පක්ෂය හැරදා එළියට ගියේ නැත. අඩුම තරමින් පක්ෂය තුළ රැුඳුණු ඔහු වෙනුවෙන් පෙනී සිටි අය වෙන්වෙන්වත් පෙනී නොසිටියේය. සජිත් පේ‍්‍රමදාස ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇත්තේ නායකත්වයේ අසමත්කමය. පුළුල් දැක්මක් ඔහුට නැති බවය. වෙනත් අයගේ වුවමනාවන් අනුව ඔහු කටයුතු කරන බවය..සජිත් පේ‍්‍රමදාසට එක් සමානකමක් ඇති අයෙක් එදා ශ‍්‍රීලනිපයේ සිටියේය. ඒ මහින්ද රාජපක්ෂය. ඔහුත් ශ‍්‍රීලනිපයේ සිරිමා බණ්ඩාරනායක විරෝධී පිල නියෝජනය කළේය. සටන් පැරදී අනෙක් අය ශ‍්‍රීලනිපයෙන් එළියට යන විට ඔහු ශ‍්‍රීලනිපයේ රැුඳී සිටියේය. මහින්ද රාජපක්ෂගේ උපක‍්‍රමය වූයේ ඔහුට අභියෝගයක් විය හැකි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හා ජනප‍්‍රිය පුද්ගලයන් පක්ෂයේ පිටමං කිරීමය. ප‍්‍රතිවාදියෙකු නැති තරගයකින් පක්ෂයේ නායකත්වය ලබාගැනීමය. විපක්ෂ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය හා ජනාධිපති අපේක්ෂකත්වය ආදි ලෙස පියවරෙන් පියවර ඔහු එය කළේය..එහිදී අමතක නොකළ යුතු කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ හුදු හම්බන්තොටට සීමා වූ බිම් මට්ටමේ ගම් මට්ටමේ නායකයෙකු නොවී ජාතික දේශපාලනයට පිවිසි බවය. ජාතික ප‍්‍රශ්න පිළිබඳ කතාකළ බවය. එදා දකුණේ තරුණ තරුණියන් අතුරුදහන් කිරීමේ භීෂණයේ මානව හිමිකම් කොඩිය අතට ගත් බවය. ඔහුට ඒ සඳහා වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න වැන්නන්ගේ අතිවිශාල තල්ලූවක් ලැබුණ බව ඇත්තය..මේ ජාතික දේශපාලනයට අවශ්‍ය තල්ලූව ලබාදීමට මංගල සමරවීර වැනි දේශපාලන සගයෝ සජිත් පේ‍්‍රමදාසට සිටිති. එහෙත් ජාතික දේශපාලනයේ න්‍යාය පත‍්‍රයවත්, ජාතික දේශපාලනයේ මාතෘකාවලටවත් සජිත් පේ‍්‍රමදාස තවමත් අතගසන බවක් පෙනෙන්නට නැත..ඊට දැක්විය හැකි හොඳම උදාහරණය පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයාට ඇප ලබාදුන් දිනයේ ඔහු අලූත්කඬේ අධිකරණය අසල සිට මාධ්‍යයට ලබාදුන් ප‍්‍රකාශයන්ය..එහිදී සජිත් පේ‍්‍රමදාස පාඨලී චම්පික රණවකව අත්අඩංගුවට ගැනීම, අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලිය හා ඔහුට එල්ලවී ඇති චෝදනා හෙළා දැක්කේ නැත. මෙවැනි අනීතික කටයුතුවලට එරෙහිව ඔහු පෙනී සිටින බවවත් ඒ සම්බන්ධයෙන් නව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බවවත් කීවේ නැත. කීවේ සුපුරුදු ගම් මට්ටමේ බිම් මට්ටමේ කුඩා වේදිකා කතාවක්ය..ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සැසැª කළ කරනු ඇතැයි සිතිය හැකි එකක් වන්නේ කුමන තත්වයක් යටතේවත් එජාපය හැරදා නොයන අයෙකු බවට පත්විය හැකි බවය. ( මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ පරාජයෙන් පසු පොහොට්ටු පක්ෂය හැදීම මෙම කරුණට සම්බන්ධ නැත. *.පුරවැසියා.Tags.anidda.premadasa.sajith.ජාතික දේශපාලනය.සජිත්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවර්තමනා ආණ්ඩුව පුස් වෙඩිල්ලක්.Next articleසිනමාව මියැදෙන කලාවක්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO |