text
stringlengths
201
3.03M
සමාජසත්කාර පිංකම් Archives - පුණ්‍යභුමි.CloseClose.නාමාවලිය.ප්‍රධාන නාමාවලිය – බෞද්ධ සිද්ධස්ථාන.නාමාවලි වර්ගීකරණය.පළාත්/දිස්ත්‍රික්ක අනුව වර්ගීකරණය.මධ්‍යම පළාත.මහනුවර දිස්ත්‍රික්කය.මාතලේ දිස්ත්‍රික්කය.නුවරඑළිය දිස්ත්‍රික්කය.නැගෙනහිර පළාත.අම්පාර දිස්ත්‍රික්කය.මඩකලපුව දිස්ත්‍රික්කය.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.උතුරු මැද පළාත.අනුරාධපුර දිස්ත්‍රික්කය.පොළොන්නරුව දිස්ත්‍රික්කය.උතුරු පළාත.යාපනය දිස්ත්‍රික්කය.කිලිනොච්චිය දිස්ත්‍රික්කය.මන්නාරම දිස්ත්‍රික්කය.මුලතිවු දිස්ත්‍රික්කය.වවුනියාව දිස්ත්‍රික්කය.වයඹ පළාත.කුරුණෑගල දිස්ත්‍රික්කය.පුත්තලම දිස්ත්‍රික්කය.සබරගමුව පළාත.කෑගල්ල දිස්ත්‍රික්කය.රත්නපුර දිස්ත්‍රික්කය.දකුණු පළාත.ගාල්ල දිස්ත්‍රික්කය.හම්බන්තොට දිස්ත්‍රික්කය.මාතර දිස්ත්‍රික්කය.ඌව පළාත.බදුල්ල දිස්ත්‍රික්කය.මොණරාගල දිස්ත්‍රික්කය.බස්නාහිර පළාත.කොළඹ දිස්ත්‍රික්කය.ගම්පහ දිස්ත්‍රික්කය.කළුතර දිස්ත්‍රික්කය.දිස්ත්‍රික්කය අනුව වර්ගීකරණය (සිතියම්ගත).ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය.ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය.නාමාවලියේ තොරතුරු යාවත්කාලින කිරීම.ආධාර කරන්න.අපව සම්බන්ධ කරගන්න.Select Page.ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි…..by Danesh Edirisooriya | May 3, 2017 | සමාජසත්කාර පිංකම්, සාමාන්‍ය පුවත්.හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා. උන්වහන්සේ පිළිබඳ තොරතුරු පල කල දින ඉතා සුලු වේලාවක් ඇතුලත අවශ්‍ය මුදල් පොරොන්දු වී ඉන් අනතුරුවත් විටින් විට ඇමතුම් ඔස්සේ පවා ස්වාමීන්වහන්සේ පිළිබඳ විමසමින් උපස්ථාන කිරීමට ඉදිරිපත් වෙමින් දානය පිළියෙල කරමින් සැදැහැ සිතින් එක් වූ කරුණාබර දයාබර හදවත් බොහෝමයක් බලාපොරොත්තු සහගතව සිටියේ උන්වහන්සේ නැවත යහපත් සුවයෙන් සිටිනු දැකීමටයි. ඔබ සැම අද දිනයේ මේ අත් විදින්නේ ඔබේ දායකත්වයෙන් ඔබේ සහයෝගයෙන් ජිවිතය පිළිබඳ බලාපොරොත්තු මිලිනව සිටි ස්වාමින්වහන්සේ නමකට නැවතත් ජීවිතය ලබාදුන් කුසලයේ අප්‍රමාණ වූ සතුටයි..බරපතල ලෙස රෝගාතුරව සිටි උන්වහන්සේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ පිළිබඳ නිරතුරුව සොයා බලමින් අසළින් රැදි උපස්ථාන කල පූජ්‍ය අකුරුමුල්ලේ රතන ස්වාමීන්වහන්සේටත් සැත්කම වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කළ මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන් සැමටත්… සැත්කම සදහා අවශ්‍ය වූ සිවුරු සෝදා පවිත්‍ර කොට දුන් මිතුරියටත්… සැත්කමට පෙරාතුව උන්වහන්සේ වෙනුවෙන් බෝධි පූජා පවත්වා සැත්කම සාර්ථක වීමට ආශිර්වාද එක් කළ සියලු දෙනාටත්… රෝහලේ ආහාර වැළදීමට පිරියක් නැතැයි කී විට ඉතිරි දින කිහිපය පුරාවටම උන්වහන්සේට දානය පිළියෙල කොට සැදැහැ සිත් පෙරදරිව පූජා කරා වූ සියලුම මිතුරු මිතුරියන්ටත්… දානය පිළියෙල කිරීමට හා රැගෙන ඒමට වෙහෙස මහන්සි වූ උපකාර කල සියලුම දෙනාටත්… උපස්ථායක ස්වාමීන්වහන්සේ වෙනුවෙන් විවේකයක් ලබා දීම උදෙසා නිදිවරමින් උප්ස්ථානය කළ මිතුරාටත්… නිරතුරුවම ඇමතුම හා චැට් පණිවිඩ ඔස්සේ ස්වාමීන්වහන්සේගේ සෞඛ්‍යය තත්වය විමසා බැලූ සැමටත්…. ස්වාමීන්වහන්සේ බැහැදැකීමට රෝහල වෙත පැමිණි සියලු දෙනාටත…. ස්වාමීන්වහන්සේගේ සැත්කමින් පසු අවශ්‍ය වන ඖෂධ මිලදී ගැනීමට දායකත්වය ලබාදුන් මිතුරු මිතුරියන්ටත්….ස්වාමීන්වහන්සේ හට අවශ්‍ය පිරිකර ද්‍රව්‍ය පූජා කළ මිතුරියටත්…. විශේෂයෙන්ම මේ කටයුත්ත මෙසේ සිදු කිරීමට අවශ්‍ය වූ මුදල වෙනුවෙන් කෙටි කාලයක් තුලදී දායකත්වය ලබා දුන් මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන් සියලු දෙනාටමත්, ඒ මුදල් ලැබෙන තුරු සැත්කම සඳහා රෝහලට මුදල් ගෙවීමට මුදල් ලබාදුන් සහ හදිසියක් වුවහොත් ලබාදීමට පොරොන්දු වූ සියලුම මිතුරු මිතුරියන්ටත් මේ සිදු කළා වූ කුසලයේ අප්‍රමාණ වූ පින් බල මහිමයෙන් ඔබ සියලු දෙනාගේම යහපත් වූ ප්‍රාර්ථනාවන් සහ අරමුණු සියල්ල සිතන පතන අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා… යන එන මග අතුරු ආන්තරාවකින් තොර වේවා… නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උරුම වේවා… ජිවිතය සතුටින් සැනසුමින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා….අප සැම විසින් එකට එක් වී සිදු කළා වූ මේ කුසලය ඔබ අප සැමට සසර කෙළවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා…..පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01.by Danesh Edirisooriya | Sep 28, 2017 | සමාජසත්කාර පිංකම්, සාමාන්‍ය පුවත්.මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුනවන්න විතරයි. ඉතින් තුෂානි අක්කත් තමාගේ ආදරණීය මහප්පා වෙනුවෙන් විශේෂ දානයක් දීලා පිං දෙන්න තීරණය කලා. අක්කා ඒ වෙනුවෙන් කලේ ඉතාමත් උතුම් පිනක්..ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ. පැන් පහසුවටවත්, වැසිකිළි යන්නවත් එළියට යාමට හැකියාවක් නැහැ. ඉතිං අපි පූජා කල මේ රොද පුටුව නිසා මෑණියන්ව බලාගන්නා නැන්දාට දැන් මෑණියන්ව පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන්. මෑණියෝ දුන් පිං අප්‍රමාණයි. පහත වීඩියෝව බලන්න…..පුණ්‍යානුමෝදනා වීඩියෝව : https://m.facebook.com/story.php?story_fbid=1428488277188511&id=100000820578834.තමන්ගේ කෙනෙක් ජීවත්ව සිටියදී පවා නොසලකන කාලයක ඔයා මිය පරලොව ගිය මහප්පා වෙනුවෙන් පිං දෙන්න මෙලෙස පරිත්‍යාගයක් සිදු කලේ ඔයාගේ හිතේ මහප්පා වෙනුවෙන් පවතින අසීමිත ආදරය නිසා බව කිව යුතු නෑ. ඔබ සිදු කලේ දිවා රෑ පිං වැඩෙන පිංකමක්. මේ ලැබුනු පින් ඔයාගේ මිය පරලොව ගිය මහප්පාට අනුමෝදන් වේවා. ඔහුට සැපවත් ජීවිතයක් අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයක් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා..ඉතින් අක්කේ මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පවුල් දිවියද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. ඔබගේ දෙමාපියන් ඇතුලු සියලු හිත මිත්‍රාදීන් සැමටත් මේ පින් අනුමෝදන් වේවා...සෙහෙනෙහෙබර වදන් පෙළගැස්ම – Manoj Prasanna & Nimasha Sewwandi.Location : ඔක්කම්පිටිය.වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න….Project Hope | ජීවිතයට නව බලාපොරොත්තුවක්….“Keeping the Disabled Happy”.Our goal is to provide a free wheelchair to every child, teen and adult island-wide who needs one, but has no means to acquire one..විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන අන් අයගේ අවධානයට යොමු නොවන/නොවූ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු, කිහිළි කරු, වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබාදී ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක්, සතුටක්, සැනසුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් අප බලාපොරොත්තු වේ..උදා : Wheel Chairs, Reclining Wheel Chain, Special Function Wheel Chair, Electric Wheel chairs, Commode Chairs, Rollaters, Walking Aids, Four Arm Walkers, Walkers, Air mattresses, Bed headrest, Cervical collars, Surgical corsets, Philadelphia collars, Arm slings, Crutch pads, Hernia belts, Foot Drop Splints, Crutch Pads, Immobilizer, Knee braces etc..We only need photographs to publish..An Idea By Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II.Project of SamajaSathkara.lk.සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01.by Danesh Edirisooriya | Apr 7, 2018 | සමාජසත්කාර පිංකම්, සාමාන්‍ය පුවත්.ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ….අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා..මේ පිංකමට ප‍්‍රධාන මූල්‍යමය දායකත්වය දැක්වූයේ Kumosha Abeyweera අක්කා සහ ඇගේ සොහොයුරිය Gayashi මිතුරියයි. ඇගේ ආදරණීය පුතනුවන් දෙදෙනා වන Senusha Abeyweera සහ Sadev Abeyweera ගේ පසුගිය ජූලි මාසයේ පැවති උපන්දින වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ..ත්‍රිපිටකය තැන්පත් කිරීමට කබඩ් එක පරිත්‍යාග කිරීමට ෆේස්බුක් මිතුරු මිතුරියන් රාශියක් එකතු වුණා..වැඩම්මවීම සඳහා මුතුකුඩය Nimasha Sewwandi ඇය විසින්ම නිර්මාණය කර පූජා කරනු ලැබුවා..මෙම ත්‍රිපිටක පොත් වහන්සේලා 2017 නොවැම්බර් මස 26 වෙනි දින පන්සලට පූජා කල අතර එදින පැවති අයහපත් කාළගුණය නිසා පෙරහැරකින් වැඩම කරවීම අප විසින් කල් දැමුවා. එදින සංකේතාත්මකව පූජා කිරීම සිදු කර අද පූජා කිරීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලදි..පන්සලේ ස්වාමීන්වහන්සේ Seewali Podi Hamuduruwo මේ පිංකමේ වටිනාකම ගැන අපට පහදා දුන්නා. සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා..මේ පිංකමේ කුසලානුභාවය සකල ලෝවැසි සියළු සත්වයින් හට අනුමෝදන් වී අවසානයේ අමාමහ නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවාසනා වේවායැයි සතුටු සිතින් යුතුව ප‍්‍රාර්ථනා කරන්නෙමු..සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017”.ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා.by Danesh Edirisooriya | Aug 21, 2018 | සමාජසත්කාර පිංකම්.අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ..එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය..“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං.බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං.ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච.කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”.මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය..1.කඨින සිවුරක් පූජා කිරීම.2.අටපිරිකර පූජාකිරීම.3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම.4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම..5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම..6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම.7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම.8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම..යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ..මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ..අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය..ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි..මේ අනුරාධපුර, පේමඩුව, උලුක්කුලම ප්‍රදේශයේ අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට වසර 4කින් පමණ වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. අපි ඒ සඳහා මුල්ගල තැබීම සිදුකලා. සති කිහිපයක් තුළ අප වැඩ අවසන් කර මෙම වැසිකිළිය සඟ සතුකර පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා..මේ පිංකමට දායකත්වය දැක්වූයේ Ruchiranga Premathilake අයියා, ඔහුගේ ආදරණීය බිරිඳ වන Jayani Madhi Prasadika අක්කගේ අද දිනට එනම් අගෝස්තු 21 වන දිනට යෙදිලා තියෙන උපන්දිනය වෙනුවෙනුයි..පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. පැමිණ සිටි පිරිසට ඔබ දෙපළ පිළිබඳව සහ ඔබේ උපන්දිනය වෙනුවෙන් මෙම පිංකම සිදුකරන බවත් එය මහත්පල මහානිසංස ගෙනදෙන පිංකමක් බවත් දේශනා කර සිටියා..අක්කේ මේ මහාර්ඝ වූ පිංකමට ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා සම්පූර්ණ දායකත්වයක් දැක්වූවා. ඔබ සැබැවින්ම වාසනාවන්තයි මෙවන් පින්වන්ත කුසලයට ලැදි ස්වාමියෙක් ලබන්නට. ඔහු මේ ලබා දුන් උපන්දින ත්‍යාගයට ඔබත් කැමති ඇති කියලා අපි හිතනවා අක්කා. ඡායාරූප අප්ලෝඩ් කිරීමට ප්‍රමාදවීම පිළිබඳව සමාව අයදිනවා. සමහර විට ඔබ අයියා සමග අමනාපයෙන් ඉන්නත් ඇති උපන්දිනයට ත්‍යාගයක් නොදීම සම්බන්ධව. නමුත් මමත් අයියාත් සතියක පමණ සිටයි මේ පිංකමට සූදානම් වුයේ. ඔහුට අවශ්‍ය වුනේ ඔබට මෙළොවටත්, පරළොවටත් වටිනා වූ ආනිසංස ගෙන දෙන ත්‍යාගයක් ලබාදීමටයි. ඔබව පුදුමයට පත් කිරීමටයි..මේ සිදු කළා වූ කුසලය ඔබ දෙපළටම ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… පුංචි කැදැල්ලේ සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන වාසනාවන්ත දිවියකට මෙය ආශිර්වාදයක්ම වේවා… දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… ගුණ දහමින් හෙබි වාසනාවන්ත දරුවන් දැයට දායාද කිරීමට ඔබ දෙපළටම හැකි වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා…..අයියේ, මේ භවයේ මෙන්ම නිවන් දක්නා තුරා ඈ ඔබේම සෙනෙහෙබර බිරිඳ ලෙසත් ඔබ ඇගේම දයාබර ස්වාමිපුරුෂයා ලෙසත් හමු වී මෙසේ එකට එක්ව කුසල් රැස් කොට පාරමී පුරා අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීම පිණිස මේ කුසලට ඔබ දෙපළටම හේතු වේවා…..සුභ උපන්දිනයක් අක්කා….මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිත්, Shakuna Perera අයියාත් ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබ දෙපළටද බොහොමත්ම පිං...Birthday for a Cause | Celebrating birthday with Samajasathkara.lk.An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III.Project of SamajaSathkara.lk.අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04).by Danesh Edirisooriya | Mar 27, 2019 | සමාජසත්කාර පිංකම්.අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ..එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය..“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං.බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං.ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච.කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”.මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය..1.කඨින සිවුරක් පූජා කිරීම.2.අටපිරිකර පූජාකිරීම.3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම.4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම..5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම..6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම.7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම.8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම..යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ..මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ..අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය..ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි..මේ පුත්තලම, මදුරන්කුලිය, වේලාසිය දකුණ පන්සල. අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට කාලෙකින් වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු සති කිහිපයකට උඩදී ආරම්භ කලා..මේ පිංකමට දායකත්වය දැක්වූයේ Kaveenda Gayan සහ Gayan TK යන ෆේස්බුක් මිතුරන් දෙදෙනා..මදුරන්කුලිය නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් ගම ඇතුලට වෙන්න අති දුෂ්කර මාර්ගයක ගිය පසුයි මේ පන්සල මුණගැහෙන්නේ. බුදු මැදුරක්වත්, ඝන්ඨාර කුළුණක්වත්, අටවිසි බෝධි ප්‍රාකාරයක්වත්, හරි හමන් වැසිකිළියක්වත් මේ පන්සලට නැහැ. කොළඹ එක් ධානපතියෙක් විසින් චෛත්‍යයක් සාදවා පූජා කර ඇති අතර ස්වාමීන්වහන්සේ දැනට සිටින්නේ කුඩා ආවාස ගෙයකය..කිලෝමීටර් 300කට ආසන්න දුරක් ගෙවාගෙන තමයි අපි මේ පන්සල සොයාගෙන ආවේ. දැඩි හිරු රෂ්මිය නිසා දහවල් කාලයේ පන්සල් භූමියේ සිටීම ඉතාමත් අපහසුයි. මෙය ගොඩනගන්න කටයුතු කරන බාසුන්නැහැලා ගිණි කාෂ්ටක අව්වේ තමයි වැඩකටයුතු සිදුකලේ..සමාජසත්කාර කණ්ඩායම දින කිහිපයක් නතර වී මේ සඳහා දායකත්වය දැක්වූ අතර වැඩ අවසන් වන තෙක් සිව් වරක් නිරීක්ෂණ චාරිකා පැමිණියා..සති කිහිපයක මහන්සියක ප්‍රථිපලයක් ලෙස අපගේ අනෙක් නිර්මාණ/ගොඩනැගීම් ලෙසටම අලංකාර එමෙන්ම චාම් ලෙස වැසිකිළිය ගොඩනැගීමට අපට හැකිවුණා..මේ පිංකම සම්බන්ධයෙන් පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. කාවින්ද අයියාටත්, ගයාන් අයියාටත් මේ සිදුකලා වූ කුසලයෙන් අප්‍රමාණ පිං ලැබෙන බව ප්‍රකාශ කර සිටියා. ඒ වගේම පන්සලේ ආරම්භ කල වැඩක් ප්‍රථම වරට හරියාකාරව ඉක්මනින් අවසන් වූ බව උන්වහන්සේ සතුටින් දන්වා සිටියා..මේ සිදු කළා වූ කුසලය මිතුරන් වූ ඔබ දෙපළට ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… ඔබලා විවාහ වී සිටීනම් ඔබලා දෙදෙනාගේම පුංචි කැදැලිවල සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබලාගේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා… දරුවන් සිටීනම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා…. ඔබ දෙපළ නමින් මියගිය සියලුම නෑදැයින්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා. කෙළවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධයටම මේ කුසලය හේතුවාසනා වේවා..මේ පිංකම ආරම්භ කල දිනයේ සිට ශ්‍රම දායකත්වය දැක්වූ සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිටත්, ලහිරු මල්ලිටත්, මහේෂ් අයියාටත්, සම්බන්ධිකරණ කටයුතු සිදුකල සඳුන් අයියාටත් බොහොමත්ම පිං..Project Code : 2019-FEB-0067.Donors : Kaveenda Gayan / Gayan TK.ප.ලි : අප මීට පෙර වෙනත් අඩුපහසුකම් සහිත පන්සලක වැසිකිළියක් ගොඩනැගීමට ආරම්භ කලත් එම විහාරස්ථානය සම්බන්ධ කරගැනීමේ අපහසුව නිසා එය නවතා දමන ලදි..An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III.Project of SamajaSathkara.lk.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12.by Danesh Edirisooriya | Nov 12, 2016 | සමාජසත්කාර පිංකම්.අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ ආරණ්‍යයට වියළි ආහාර පාර්සලයක් පූජා කලා. උන්වහන්සේ බෙහෙවින් පිං දුන්නා..මේ ගමනට මා සමඟ නිමාෂා නංගි, එයාගේ මල්ලී සහ අම්මා සම්බන්ධ වුණා. ඔයාලා හැමෝටමත් පිං..මේ උතුම් වූ පිංකමට සම්බන්ධ වූ මිහිරි අක්කාටත්, මහින්ද අයියාටත්, දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා… නිර්වාණ සම්පත්තිටම මේ කුසලය හේතු වාසනා වේවා..මතු සම්බන්ධයි….වැඩි දුරටත්….මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න..අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු..මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු..Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර.Status : Personally Visited & Verified.Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him..The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them..During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile..Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king..A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781)..Primary Source : Budusarana.Reported by Damayanthi Amarakoon.An idea by Danesh Maduranga Edirisooriya.Project of Samajasathkara.lk.Page 1 of 10123»Last ».සොයන්න.Search for:.නවතම පුවත්.බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now).අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය.ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම.සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016.Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02).Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education.ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water.සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා….සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය.පුවත් ප්‍රභේද.Uncategorized (7).අඩුපහසුකම් සහිත විහාරස්ථාන (6).ජාතක කතා (4).දහම් කරුණු (9).පුවත් (8).පුවත් – කෑගල්ල (3).පුවත් – ගාල්ල (4).පුවත් – පුත්තලම (1).පුවත් – බදුල්ල (1).සමාජසත්කාර පිංකම් (56).සාමාන්‍ය පුවත් (6).පෙර පළවූ පුවත්.September 2019 (9).August 2019 (27).March 2019 (2).January 2019 (1).November 2018 (2).August 2018 (1).April 2018 (1).December 2017 (1).November 2017 (2).October 2017 (3).September 2017 (8).August 2017 (2).June 2017 (1).May 2017 (3).April 2017 (9).February 2017 (1).November 2016 (8).August 2016 (4).June 2016 (1).May 2016 (1).April 2016 (3).November 2015 (1).August 2015 (1).May 2015 (1).© Copyright 2019 SamajaSathkara.lk. Designed by SamajaSathkara.lk TechLabs - All Rights Reserved Registered Foundation - Reg No. GA3032
- පුණ්‍යභුමි.CloseClose.නාමාවලිය.ප්‍රධාන නාමාවලිය – බෞද්ධ සිද්ධස්ථාන.නාමාවලි වර්ගීකරණය.පළාත්/දිස්ත්‍රික්ක අනුව වර්ගීකරණය.මධ්‍යම පළාත.මහනුවර දිස්ත්‍රික්කය.මාතලේ දිස්ත්‍රික්කය.නුවරඑළිය දිස්ත්‍රික්කය.නැගෙනහිර පළාත.අම්පාර දිස්ත්‍රික්කය.මඩකලපුව දිස්ත්‍රික්කය.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.උතුරු මැද පළාත.අනුරාධපුර දිස්ත්‍රික්කය.පොළොන්නරුව දිස්ත්‍රික්කය.උතුරු පළාත.යාපනය දිස්ත්‍රික්කය.කිලිනොච්චිය දිස්ත්‍රික්කය.මන්නාරම දිස්ත්‍රික්කය.මුලතිවු දිස්ත්‍රික්කය.වවුනියාව දිස්ත්‍රික්කය.වයඹ පළාත.කුරුණෑගල දිස්ත්‍රික්කය.පුත්තලම දිස්ත්‍රික්කය.සබරගමුව පළාත.කෑගල්ල දිස්ත්‍රික්කය.රත්නපුර දිස්ත්‍රික්කය.දකුණු පළාත.ගාල්ල දිස්ත්‍රික්කය.හම්බන්තොට දිස්ත්‍රික්කය.මාතර දිස්ත්‍රික්කය.ඌව පළාත.බදුල්ල දිස්ත්‍රික්කය.මොණරාගල දිස්ත්‍රික්කය.බස්නාහිර පළාත.කොළඹ දිස්ත්‍රික්කය.ගම්පහ දිස්ත්‍රික්කය.කළුතර දිස්ත්‍රික්කය.දිස්ත්‍රික්කය අනුව වර්ගීකරණය (සිතියම්ගත).ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය.ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය.නාමාවලියේ තොරතුරු යාවත්කාලින කිරීම.ආධාර කරන්න.අපව සම්බන්ධ කරගන්න.Select Page.“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය.කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !.ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ..අපේ විහාරස්ථානයට ආධාර කරන්න.අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න).පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න).බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා.Sep 16, 2019 | පුවත් - ගාල්ල.ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්....read more.ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම.Sep 16, 2019 | පුවත් - ගාල්ල.ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය....read more.දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා.Sep 16, 2019 | පුවත් - පුත්තලම.පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි....read more.Page 1 of 3123».අපේ විහාරස්ථානයට ආධාර කරන්න.සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්.ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න..අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04).Mar 27, 2019 | සමාජසත්කාර පිංකම්.අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස....read more.වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations).Jan 10, 2019 | සමාජසත්කාර පිංකම්.මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා....read more.ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02).Nov 15, 2018 | Uncategorized, සමාජසත්කාර පිංකම්.සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල....read more.ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01).Nov 15, 2018 | සමාජසත්කාර පිංකම්.අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම්....read more.ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා.Aug 21, 2018 | සමාජසත්කාර පිංකම්.අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස....read more.සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01.Apr 7, 2018 | සමාජසත්කාර පිංකම්, සාමාන්‍ය පුවත්.ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්....read more.විවාහ සංවත්සරය සහ සැමියාගේ උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ ආදර්ශමත් බිරිඳක් – සිවුරු පූජා කිරීම (Part 02).Dec 5, 2017 | සමාජසත්කාර පිංකම්.ෆේස්බුක් හරහා හමු වූ Chamila අක්කා විසින් ඇගේ ආදරණීය සැමියා වන Randil අයියාගේ උපන්දිනය සහ ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරුවා. සොඳුරු සැමරුම් දෙකම වෙනුවෙන් පිංකම් කිහිපයක්....read more.සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 01.Nov 26, 2017 | සමාජසත්කාර පිංකම්.ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්....read more.සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02.Nov 26, 2017 | සමාජසත්කාර පිංකම්.ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්....read more.Page 1 of 7123»Last ».අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත).තහවුරු කරන ලද විහාරස්ථාන.පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප සමාජසත්කාර.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ..පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න..ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න.Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න.Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න..Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisunandaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න.Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන, සාමාන්‍ය පුවත්.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න.Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන, සාමාන්‍ය පුවත්.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න.Aug 26, 2019 | අඩුපහසුකම් සහිත විහාරස්ථාන, සාමාන්‍ය පුවත්.මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ....read more.මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න….Follow.Follow.Follow.© Copyright 2019 SamajaSathkara.lk. Designed by SamajaSathkara.lk TechLabs - All Rights Reserved Registered Foundation - Reg No. GA3032
මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා - පුණ්‍යභුමි.CloseClose.නාමාවලිය.ප්‍රධාන නාමාවලිය – බෞද්ධ සිද්ධස්ථාන.නාමාවලි වර්ගීකරණය.පළාත්/දිස්ත්‍රික්ක අනුව වර්ගීකරණය.මධ්‍යම පළාත.මහනුවර දිස්ත්‍රික්කය.මාතලේ දිස්ත්‍රික්කය.නුවරඑළිය දිස්ත්‍රික්කය.නැගෙනහිර පළාත.අම්පාර දිස්ත්‍රික්කය.මඩකලපුව දිස්ත්‍රික්කය.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.උතුරු මැද පළාත.අනුරාධපුර දිස්ත්‍රික්කය.පොළොන්නරුව දිස්ත්‍රික්කය.උතුරු පළාත.යාපනය දිස්ත්‍රික්කය.කිලිනොච්චිය දිස්ත්‍රික්කය.මන්නාරම දිස්ත්‍රික්කය.මුලතිවු දිස්ත්‍රික්කය.වවුනියාව දිස්ත්‍රික්කය.වයඹ පළාත.කුරුණෑගල දිස්ත්‍රික්කය.පුත්තලම දිස්ත්‍රික්කය.සබරගමුව පළාත.කෑගල්ල දිස්ත්‍රික්කය.රත්නපුර දිස්ත්‍රික්කය.දකුණු පළාත.ගාල්ල දිස්ත්‍රික්කය.හම්බන්තොට දිස්ත්‍රික්කය.මාතර දිස්ත්‍රික්කය.ඌව පළාත.බදුල්ල දිස්ත්‍රික්කය.මොණරාගල දිස්ත්‍රික්කය.බස්නාහිර පළාත.කොළඹ දිස්ත්‍රික්කය.ගම්පහ දිස්ත්‍රික්කය.කළුතර දිස්ත්‍රික්කය.දිස්ත්‍රික්කය අනුව වර්ගීකරණය (සිතියම්ගත).ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය.ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය.නාමාවලියේ තොරතුරු යාවත්කාලින කිරීම.ආධාර කරන්න.අපව සම්බන්ධ කරගන්න.Select Page.මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා.by Danesh Edirisooriya | Nov 13, 2016 | Uncategorized | 0 comments.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | පොතුහැර, අල්ගම.සාරා නැන්දා මගෙන් ඉල්ලා සිටියා මේ මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජා කරන්න කියලා. ඉතිං පෙරේදා (නොවැම්බර් 11) නිමාෂා නංගියි ,මමයි කඩවත ආපිකෝ එකෙන් පළතුරු මිළදී ගත්තා. ඊයේ පාන්දරම අපි කොළඹින් පිටත් වුණා. යන අතරමග අපි පළතුරු කූඩය ලස්සනට සැරසුවා. අපි කීවට නිමාෂා නංගි..ආරණ්‍යයට ගොඩක් දුර පයින් යන්න ඕන. අපි ප්‍රවේශමෙන් පළතුරු කූඩය උඩට අරන් ගියා. පළතුරු ගොඩක් තිබ්බ නිසා කූඩය බරයි. එහි මිදි (කොළ/රතු), ඇපල් (කොළ/රතු), දොඩම්, දෙළුම්, කෙසෙල්, අඹ ආදිය ඇතුලත් වුණා. ඊට අමතරව පළතුරු යුෂ බෝතලයක්ද පරිත්‍යාග කරන්න කියලා නැන්දා මගෙන් ඉල්ලා සිටියා..මේ හැම දෙයක්ම පූජා කරලා මම මෙහෙණින් වහන්සේලාට නැන්දාගේ ඡායාරූපයක් පෙන්නුවා. ඔබ මේ කරගත්තේ උතුම් පිංකමක් කියලා කීවා. නැන්දේ ඔබ කරගත්තාවූ මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා..මේ උතුම් වූ පිංකම දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා….අපි තවත් ගොඩක් පිංකම් කලා, ඡායාරූප සහ විස්තර බලාපොරොත්තු වන්න….මතු සම්බන්ධයි….වැඩි දුරටත්….මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. න් මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න..අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු..මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු..Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර.Status : Personally Visited & Verified.Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him..The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them..During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile..Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king..A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781)..Primary Source : Budusarana.Reported by Damayanthi Amarakoon.An idea by Danesh Maduranga Edirisooriya.Project of Samajasathkara.lk.Submit a Comment Cancel reply.Your email address will not be published. Required fields are marked *.Comment *.Name *.Email *.Website.Save my name, email, and website in this browser for the next time I comment..For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use..I agree to these terms..සොයන්න.Search for:.නවතම පුවත්.බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now).අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය.ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම.සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016.Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02).Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education.ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water.සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා….සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය.පුවත් ප්‍රභේද.Uncategorized (7).අඩුපහසුකම් සහිත විහාරස්ථාන (6).ජාතක කතා (4).දහම් කරුණු (9).පුවත් (8).පුවත් – කෑගල්ල (3).පුවත් – ගාල්ල (4).පුවත් – පුත්තලම (1).පුවත් – බදුල්ල (1).සමාජසත්කාර පිංකම් (56).සාමාන්‍ය පුවත් (6).පෙර පළවූ පුවත්.September 2019 (9).August 2019 (27).March 2019 (2).January 2019 (1).November 2018 (2).August 2018 (1).April 2018 (1).December 2017 (1).November 2017 (2).October 2017 (3).September 2017 (8).August 2017 (2).June 2017 (1).May 2017 (3).April 2017 (9).February 2017 (1).November 2016 (8).August 2016 (4).June 2016 (1).May 2016 (1).April 2016 (3).November 2015 (1).August 2015 (1).May 2015 (1).© Copyright 2019 SamajaSathkara.lk. Designed by SamajaSathkara.lk TechLabs - All Rights Reserved Registered Foundation - Reg No. GA3032
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now) - පුණ්‍යභුමි.CloseClose.නාමාවලිය.ප්‍රධාන නාමාවලිය – බෞද්ධ සිද්ධස්ථාන.නාමාවලි වර්ගීකරණය.පළාත්/දිස්ත්‍රික්ක අනුව වර්ගීකරණය.මධ්‍යම පළාත.මහනුවර දිස්ත්‍රික්කය.මාතලේ දිස්ත්‍රික්කය.නුවරඑළිය දිස්ත්‍රික්කය.නැගෙනහිර පළාත.අම්පාර දිස්ත්‍රික්කය.මඩකලපුව දිස්ත්‍රික්කය.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.උතුරු මැද පළාත.අනුරාධපුර දිස්ත්‍රික්කය.පොළොන්නරුව දිස්ත්‍රික්කය.උතුරු පළාත.යාපනය දිස්ත්‍රික්කය.කිලිනොච්චිය දිස්ත්‍රික්කය.මන්නාරම දිස්ත්‍රික්කය.මුලතිවු දිස්ත්‍රික්කය.වවුනියාව දිස්ත්‍රික්කය.වයඹ පළාත.කුරුණෑගල දිස්ත්‍රික්කය.පුත්තලම දිස්ත්‍රික්කය.සබරගමුව පළාත.කෑගල්ල දිස්ත්‍රික්කය.රත්නපුර දිස්ත්‍රික්කය.දකුණු පළාත.ගාල්ල දිස්ත්‍රික්කය.හම්බන්තොට දිස්ත්‍රික්කය.මාතර දිස්ත්‍රික්කය.ඌව පළාත.බදුල්ල දිස්ත්‍රික්කය.මොණරාගල දිස්ත්‍රික්කය.බස්නාහිර පළාත.කොළඹ දිස්ත්‍රික්කය.ගම්පහ දිස්ත්‍රික්කය.කළුතර දිස්ත්‍රික්කය.දිස්ත්‍රික්කය අනුව වර්ගීකරණය (සිතියම්ගත).ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය.ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය.නාමාවලියේ තොරතුරු යාවත්කාලින කිරීම.ආධාර කරන්න.අපව සම්බන්ධ කරගන්න.Select Page.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now).by Danesh Edirisooriya | Aug 25, 2016 | සමාජසත්කාර පිංකම් | 0 comments.මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න..අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු..මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු. අද දහවල් මම සජීවීව ෆේස්බුක් ඔස්සේ වීඩියෝ පෙන්වූවේ මේ පන්සලේ තමයි..අපි තව ටික දවසකින් මේ පන්සලට ශීතකරණයක් අරන් එනවා පූජා කරන්න. නමුත් ලේසි වෙන එකක් නැහැ එය කන්ද මුදුනට ගේන එක. බෑ කියලා දෙයක් නෑනේ. මං උත්සාහ කරනවා..ඒත් එක්කම 2016-2017 වසර සඳහා දානය භාරගන්නත් ඔබට අවස්ථාව සලසා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපිට දානේ ගිහින් දෙන්න හැමෝටම යන්න අවස්ථාවක් නැහැ. එම නිසා මම හිතුවා මාසෙකට දානේ වේල් ප්‍රමාණයට යන වියදම් දැනට අවුරුද්දක් දක්වා විහාරයේ දායක සභාවේ ගිණුමට බැර කරන්න අවස්ථාව හදන්න. එවිට ඕනෑම රටක සිට ඔබට මේ මහඟු පිංකමට දායක වෙන්න පුලුවන්..දිනක් සඳහා වියදම : රු.215.සතියක් සඳහා යන වියදම : රු.1,500.මාසයක් සඳහා වියදම : රු.6,000.සති – 48 (මාස 12/දින 365).උපරිම එක් අයෙක් මාසයක් භාරගන්න පුලුවන්. කමෙන්ට් කර පහත ගිණුමට මුදල් බැරකරන්න කාරුණික වන්න. හැකිනම් පන්සලට ගොස් දානය ලබාදෙන්න ඔබට පුලුවන්..ගිණුම් හිමියාගේ නම : M/S Ekamuthu Viharastha.ගිණුම් අංකය : 4307642.බැංකුව සහ ශාඛාව : BOC පොතුහැර.ලොකු මෙහෙණින් වහන්සේගේ අංකය : 0783163243.Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර.Status : Personally Visited & Verified.Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him..The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them..During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile..Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king..A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781)..Primary Source : Budusarana.Reported by Damayanthi Amarakoon.An idea by Danesh Maduranga Edirisooriya.Project of Samajasathkara.lk.Submit a Comment Cancel reply.Your email address will not be published. Required fields are marked *.Comment *.Name *.Email *.Website.Save my name, email, and website in this browser for the next time I comment..For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use..I agree to these terms..සොයන්න.Search for:.නවතම පුවත්.බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා.මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now).අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය.ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම.සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016.Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02).Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education.ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water.සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා….සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය.පුවත් ප්‍රභේද.Uncategorized (7).අඩුපහසුකම් සහිත විහාරස්ථාන (6).ජාතක කතා (4).දහම් කරුණු (9).පුවත් (8).පුවත් – කෑගල්ල (3).පුවත් – ගාල්ල (4).පුවත් – පුත්තලම (1).පුවත් – බදුල්ල (1).සමාජසත්කාර පිංකම් (56).සාමාන්‍ය පුවත් (6).පෙර පළවූ පුවත්.September 2019 (9).August 2019 (27).March 2019 (2).January 2019 (1).November 2018 (2).August 2018 (1).April 2018 (1).December 2017 (1).November 2017 (2).October 2017 (3).September 2017 (8).August 2017 (2).June 2017 (1).May 2017 (3).April 2017 (9).February 2017 (1).November 2016 (8).August 2016 (4).June 2016 (1).May 2016 (1).April 2016 (3).November 2015 (1).August 2015 (1).May 2015 (1).© Copyright 2019 SamajaSathkara.lk. Designed by SamajaSathkara.lk TechLabs - All Rights Reserved Registered Foundation - Reg No. GA3032
ව්‍යවස්ථා අර්ථකථනය සහ රටේ දේශපාලන ඉරණම – ජයදේව උයන්ගොඩ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ව්‍යවස්ථා අර්ථකථනය සහ රටේ දේශපාලන ඉරණම – ජයදේව උයන්ගොඩ.By ජයදේව උයන්ගොඩ.May 25, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Sri Lanka's new President Gotabaya Rajapaksa (C) arrives with Parliament Speaker Karu Jayasuriya (L) at the national parliament for his first policy address after his landslide electoral victory in November, in Colombo on January 3, 2020. - Rajapaksa has vowed to maintain Sri Lankas neutral foreign policy and said he will not allow any country to take over economically significant geographic regions of the Indian Ocean island. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම නිසා මතුවී තිබෙන නෛතික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු සහ මතභේද විසඳීමේ කාර්යය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තිබේ. මේ සඳහා පුරවැසි පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම අපේක්‍ෂා කිරීම නරක දෙයක් නොවේ. හොඳ දෙයකි. එය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයකි. නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු පුරවැසියන් සඳහා විසඳාදීමේ අවසාන වගකීම තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීමට ආරාධනා කිරීම පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පවරා දී ඇති අයිතියකි..මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැන නිතර මතක් කර ගැනීම මේ දිනවල අවශ්‍ය වී තිබේ. එයට හේතුව නම්, ආණ්ඩුවේ ඇතැම් තීරණවල නෛතිකත්වය ගැන සැක පහළ කිරීම සහ ප්‍රශ්න කිරීම ‘වැරදි’ ක්‍රියාවකි යන අදහස ආණ්ඩුව වෙනුවෙන් ප්‍රචාරය කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින නිසාය. එය මීට පෙර අවස්ථාවලදීද සිදුවූවකි. එය ඇත්තටම ආරම්භ වූයේ ජේ.ආර්. ජයවර්දන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය. ආණ්ඩුවලට සම්බන්ධ අය, දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ද, සාමාන්‍යයෙන් සිතන්නේ ආණ්ඩුව කරන සෑම ක්‍රියාවක්ම නිවැරදි සහ නීත්‍යනුකූල බවයි. එය සැක කිරීමට සහ ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට අයිතියක් නැතැයිද, ඔවුහු බොහෝ විට සිතති. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ‘මූලික අයිතිවාසිකම්’ පරිච්ඡෙදයක් තිබෙන්නේද මේ තත්වය නිසාය..පුරවැසි අයිතිය.ආණ්ඩුවක් කරන දේවල් ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කෙරෙන්නේ මක් නිසාද?.මෙම ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන න්‍යායෙහිය. ඒ අනුව පිළිතුරු දෙකක් තිබේ. පළමුවැන්න, මහජන පරමාධිපත්‍යය යන සංකල්පයෙනි. එම සංකල්පය කියන පරිදි, ආණ්ඩුවක් හෝ ආණ්ඩු බලය ක්‍රියාත්මක කරන පුද්ගලයන් සතු ‘ආණ්ඩු බලය’ ඔවුන්ට මහජනතාවගෙන් ලැබුණක් මිස, ඔවුන්ට දෙමව්පියන්ගේ පරම්පරාවෙන් හෝ පවුලේ උරුමයෙන් හෝ දෙවියන් වහන්සේ වෙතින් ලැබුණක් නොවේ. එම ආණ්ඩු කිරීමේ බලය පාලකයන්ට, එනම් දේශපාලනඥයන්ට මෙන්ම නිලධාරීන්ටද, ලැබී ඇත්තේ, මහජනයා ඔවුන්ට එය තාවකාලිකව සහ කොන්දේසි සහිතව භාර දී ඇති නිසාය. මහජනතාව විසින් ‘අභිනියෝජනය කරනු ලැබූ’, එනම් කොන්දේසි සහිතව භාරදෙනු ලැබූ බලය (Delegated Power) භාවිත කළ යුත්තේ, එම මහජනතාවගේම යහපත පිණිස, ප්‍රජා පීඩක සහ හිතුවක්කාරී නොවන පරිදිය..එසේ බලය අයුතු ලෙස සහ හිතුවක්කාරී ලෙස ආණ්ඩුවක් භාවිත කරන්නේ යැයි පුරවැසියන්ට දැනෙන විට, ඒ ගැන විමසිලිමත් වීමට, ප්‍රශ්න කිරීමට සහ එයට එරෙහි වීමට පුරවැසියන්ට මූලික අයිතියක් තිබේ. එය අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ද සහතික කොට තිබෙන අයිතියකි..පුරවැසි අවදිය.ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ එන දෙවැනි පිළිතුර නම්, බලයේ සිටින ආණ්ඩුවක් සමාජයේ පොදු යහපත වෙනුවෙන් වැඩ කරන අතරම, ආණ්ඩු බලය අයුතු ලෙස සහ ප්‍රජාපීඩක ලෙස භාවිත කිරීමට හැකියාවද තිබෙන බැවින්, ආණ්ඩුවල එවැනි චර්යාවන් වැළැක්විය හැකි වන්නේ පුරවැසියන් අවදියෙන් සිටිය විට පමණිය යන්නයි. එය තම ඡන්දයේ බලයෙන්, ආණ්ඩු බලයට පත්කරන පුරවැසියන්ගේ වගකීමක්ද වෙයි. පුරවැසියන් එම කාර්යය නොකළහොත්, එය කරන්නට වෙනත් අයද නැත. පිටරට පුරවැසියන් ඒ සඳහා එන්නේ නැත..ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමවල තිබෙන එක් හොඳක් නම්, ආණ්ඩු තමන් සතු බලය භාවිත කරන ආකාරය පිළිබඳව විමසිල්ලෙන් සිටීම, අවශ්‍ය අවස්ථාවලදී විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම, සහ අභියෝග කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කරන ලද අයිතියක් පුරවැසියන්ට ලබාදීමයි. නීතියේ ආධිපත්‍යය සහ මහජන පරමාධිපත්‍යය යන මූලධර්මවලින් මග පෙන්වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික ලක්ෂණයක් වන්නේද එයයි. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් පරිච්ඡෙදයෙන් විස්තරාත්මකව සහතික කොට තිබෙන්නේ මෙම පුරවැසි අයිතිවාසිකම්ය..මෙම පසුබිම අප මතක් කරගත යුත්තේ මේ දිනවල ලංකාවේ පවතින දේශපාලන සාකච්ඡාව තුළදී, ආණ්ඩුවේ කටයුතු ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ අභියෝග කිරීම, ආණ්ඩු විරෝධී, නීති විරෝධී, ‘දේශද්‍රෝහී’ ක්‍රියා ලෙස හැඳින්වීමට ආණ්ඩුවේ සමහර ප්‍රචාරකයන්ද, ප්‍රකාශකයන්ද අතර ප්‍රවණතාවක් මතුවී තිබෙන නිසාය. විශේෂ සමහර පොලිස් ප්‍රකාශකයෝද, මාධ්‍යවේදීහුද මෙම ස්ථාවරය පෙන්නුම් කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලුව නිරාකරණය කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමට ආරාධනය කිරීමම ආණ්ඩු විරෝධී ක්‍රියාවක් ලෙස සලකන තරමට මහජන මතයක් ගොඩනැගීමේ ප්‍රවණතාවක්ද දැනට තිබේ. මෙයින් පෙන්නුම් කරන එක කරුණක් වන්නේ, ලංකාවේ වර්තමාන දේශපාලන සාකච්ඡාව තුළ අධිකාරවාදී දේශපාලන ව්‍යාපෘතියේද නැගීමයි..මෙම සාකච්ඡාව තුළම මතුවී තිබෙන තවත් ප්‍රවණතාවක් නම්, දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අර්ථකථනය කරමින්, අධිකාරවාදී දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමයි. එම කරුණ ගැන ඊළඟට විමසා බලමු..ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම.බලයේ සිටින අයගේ දේශපාලන න්‍යාය පත්‍රවලට ගැළපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතුවක්කාර ලෙස අර්ථකථනය කිරීමත්, ඒ අනුව ක්‍රියාකිරීමත්, අප රටේ 2018 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ ප්‍රවණතාවකි. එසේ ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවූයේ, ‘ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරයේම උල්ලංඝනය කර ඇතැ’යි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීමයි. එය සිදුවූයේ දේශපාලන වශයෙන් අවදියෙන් සිටි පුරවැසියන්ට, ජනාධිපතිවරයාගේ එක් ක්‍රියාවක් වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ව්‍යවස්ථා විරෝධී එකක් බව, පෙනුණ හෙයිනි..එහෙත් තමන්ගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව, ව්‍යවස්ථානුකූල එකකැයි, සිරිසේන ජනාධිපතිවරයා සිතුවේ ඇයි? ඒ ක්‍රියාව නිවැරදියැ’යි නීති විශාරදයන්යැ’යි කියන පිරිසකගෙන් ඔහුට උපදෙස් ලැබුණ නිසාය..මෙතැනදී ලංකාවේ වර්තමාන දේශපාලන සාකච්ඡාවටද අදාළ වන කරුණක් මතුවේ. එය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ ප්‍රවේශ පිළිබඳ කරුණයි. 2018 ඔක්තෝබර්-දෙසැම්බර් කාලයේද, මේ දිනවලද පැහැදිලි වන කරුණක් නම්, ලංකාවේ වර්තමාන විවාදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන ප්‍රධාන ප්‍රවේශ දෙකක් මතුවී තිබෙන බවයි. ඒවා නම්,.* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු ලෙස සහ ප්‍රායෝගික අරමුණු උදෙසා අර්ථ නිරූපණය කිරීම..* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි සමස්ත ප්‍රතිමානීය රාමුව (Normative framework එක) පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බලා අර්ථකථනය කිරීම..පටු අර්ථකථනය: 2018 ඔක්තෝබර් මාසයේ සිටත්, දැනුත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු අර්ථකථනයට භාජනය කෙරෙන්නේ, බලයේ සිටින ජනාධිපතිවරුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව වීම අහම්බ දෙයක් නොවේ. එය දේශපාලන රීතියක් මෙන් සිදුවන්නකි. බලයේ සිටින අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස සාමාන්‍යයෙන් බලන්නේ එය ‘විධායකයේ න්‍යාය පත්‍රයට’ සේවය කළ යුතුමය යන අවබෝධයෙනි. විධායකයේ අභිලාෂවලට පමණක් අනුව ව්‍යවස්ථාවේ වගන්ති විධායකයේ ප්‍රධානීන්ට තේරුම් කර දෙන නීති උපදේශකයෝද සිටිති. තමන්ගේ එම උපදෙස් පුරවැසියන්ගේ විචාරයට සහ අභියෝගයට ලක් නොවිය යුතුයැයිද, එම නීති විශාරදයෝ සාමාන්‍යයෙන් සිතති. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරුම් කරන්නේ, එය ‘රාජ්‍ය බලයේ උපකරණයක් පමණි’ යන උපකල්පනය මත පිහිටාය..මෙම ‘පටු අර්ථකථන’ ප්‍රවේශයේ සමහර ගතිලක්‍ෂණ කිහිපයක්ම, 2018දීත් මේ දිනවලත් අප රටේ සිදුවන විවාදයෙන් ප්‍රකාශයට පත්වේ. එයින් කිහිපයක් මෙසේය..* ව්‍යවස්ථාවේ වගන්ති, හැකි තාක් දුරට හුදෙකලාව ගෙන, ඒවා සමස්තය සමග සම්බන්ධ නොකොට අර්ථකථනය කිරීම..* ව්‍යවස්ථාවේ සමහර වගන්ති සම්පූර්ණයෙන් නොගෙන, ඒවායේ තමන්ට කැමති කොටස්වලට පමණක් අවධාරණය කරමින් අර්ථකථනය කිරීම..* ව්‍යවස්ථාවේ සමස්ත ප්‍රතිමානීය සහ මූලධාර්මික රාමුව පසෙකට දමා, තනි තනි වගන්ති එම රාමුවෙන් හුදෙකලා කොට අර්ථ නිරූපණය කිරීම..මෙම තුන්වැනි කරුණ තරමක් පැහැදිලි කරගත යුත්තකි. දැනට ව්‍යවස්ථා අර්ථකථනය පිළිබඳ දෙවැනි අර්ථකථනය හඳුනා ගැනීම ඒ සඳහා අපට ආධාරකාරී වේ..මූලධාර්මික ප්‍රවේශය.දෙවැනි ප්‍රවේශය හැඳින්විය හැකි සංකල්පයක් නම් ‘මූලධාර්මික අර්ථකථනය’ (Principled Interpretation) යනුවෙනි. එය ව්‍යවස්ථාවේ වගන්ති පිළිබඳ පුළුල් අර්ථකථනයක් ද වේ. මෙහිදී සිදුවන්නේ, ව්‍යවස්ථාවේ වගන්ති මෙන්ම සමහර විට වචනද තේරුම් ගැනීමේදී, එම ව්‍යවස්ථාවේ වගන්තිද කොටස් බවට පත්වී ඇති සමස්තයත්, එම සමස්තයට මග පෙන්වන මූලධර්මත් ආශ්‍රය කරගැනීමයි. ‘ප්‍රතිමාන’ (Norms) යනු එවැනි මූලධර්මයි. නිදසුනක් ලෙස පුරවැසි නිදහස, සමානත්වය, අයිතිවාසිකම්, වෙනස්කම් නොකිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය යනු ලංකාවේ 19 වැනි සංශෝධනයට අනුව යළි සකස් වී ඇති සමස්ත ව්‍යවස්ථාවේ ඇති මූලික ප්‍රතිමානීය මූලධර්මයි. ඊට අමතරව, ව්‍යවස්ථාවේ සමස්ත රාමුව සකස් වී ඇති තවත් මූලධර්ම කිහිපයක්ද තිබේ. ඒවා නම්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, සීමිත සමූහාණ්ඩුවාදය, මහජන පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සාපේක්‍ෂ බල බෙදීම, ස්වාධීන අධිකරණය යන මේවාය..වර්තමාන විවාදය තුළදී, විශේෂයෙන් මතුවී තිබෙන ගැටලුවක් වන්නේ ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුව අතර ඇති අන්තර්-ආයතනික බල සම්බන්ධතාවයි. ව්‍යවස්ථාවේ වගන්ති ‘පටු ලෙස’ අර්ථකථනය කිරීම අපට වැඩියෙන්ම නිරීක්‍ෂණය කළ හැකි වන්නේ මෙම කාරණයේදීය. ‘පටු අර්ථකථනයේදී’ නොසලකා හැරෙන ප්‍රධානම කාරණය නම්, 19 වැනි සංශෝධනය යටතේ ඇති ජනාධිපති ධුරය, 1978 මුල් ව්‍යවස්ථාව යටතේත්, 18 වැනි සංශෝධනය යටතේත් තිබි ජනාධිපතිධුරයට වඩා බලතල අඩු එකක්ය යන්නයි. ජනාධිපති -පාර්ලිමේන්තු සම්බන්ධයේදී වඩාත්ම බලවත් ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයත්, අගමැතිවරයාත් අතර පවත්නා ආයතනික සම්බන්ධය පවා, දැන් තිබෙන්නේ, අගමැතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් වැඩි බලයක් ලැබෙන පරිදිය. 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිධුරය, නාමමාත්‍ර තත්වයට පත්කර නැතිවාක් මෙන්ම, එහි බලය විශාල ලෙස අඩු කිරීමකටද ලක්කර ඇත..පාර්ලිමේන්තු කේන්ද්‍රීයත්වය.19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිදුවී ඇති තවත් වැදගත් වෙනසක් නම්, ජනාධිපතිධුරය තවදුරටත් රාජ්‍ය ව්‍යුහයේ කේන්ද්‍රීය ධුරය ලෙස පිළිනොගැනීමයි. පාර්ලිමේන්තුව ජනාධිපති ධුරයට වඩා බලවත් එකකි. තම සියලු කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතුවා පමණක් නොව, පාර්ලිමේන්තු අභිමතය ඉක්මවා යාමට ජනාධිපතිවරයාට බලයක්ද නැත. 19 වැනි සංශෝධනය යටතේ දැනට ලංකාවේ තිබෙන ව්‍යවස්ථාව යටතේ, ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වුවද, එම ධුරයට තිබෙන බලතල සීමිතය. දැනට තිබෙන්නේ අර්ධ-සමූහාණ්ඩුවාදී ජනාධිපතිධුරයකැයි කිව යුත්තේ එබැවිනි. මෙය, 19 වැනි සංශෝධනයේ ගැටලු ඇතිකරන තත්වයක්ද නිර්මාණය කර තිබෙන්නකි. මෙම ගැටලුව විසඳීමට ප්‍රවේශ දෙකක්, මතුවී තිබෙන බව පෙනේ. පළමුවැන්න, ජනාධිපති ධුරය නාමමාත්‍ර ජනාධිපතිධුරයක් බවට පත්කරමින්, ජනාධිපතිවරයා ඉන්දියාවේ මෙන්, මහජන ඡන්දයෙන් නොව, සීමිත ඡන්ද විද්‍යාලයකින් තෝරා ගන්නා ධුරයක් බවට පත්කිරීමයි. දෙවැන්න, පාර්ලිමේන්තුවේ බලය අඩුකර, ජනාධිපතිධුරය නැවත වරක් 18 වැනි සංශෝධනයේ රාමුව කරා ගෙනයාමයි. වර්තමාන ජනාධිපතිවරයා සහ ඔහු බලයට පත්කළ දේශපාලන බලවේග තෝරාගෙන තිබෙන්නේ දෙවැනි විකල්පය බව පෙනේ..දැනට සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පටු අර්ථකථනයට භාජනය කිරීම, මෙම දෙවැනි විකල්පය සොයාමේ ව්‍යාපෘතියේම කොටසකි..මෙම පසුබිම තුළ ලංකාවේ දැනට ඉදිරියට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය කඳවුරු දෙකකට බෙදී ඇති අතර ඒ කඳවුරු දෙක හැඳින්විය හැකි ලේබල දෙකක් වන්නේ ‘පාර්ලිමේන්තුවාදීන්’ සහ ‘ජනාධිපතිවාදීන්’ ලෙසය. Parliamentarism සහ Presidentialism යනුවෙන් එම කඳවුරු දෙක ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්විය හැකිය. මෙතැන එක්තරා ඓතිහාසික සරදමක්ද තිබේ. 1978 දී ජනාධිපතිවාදී ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දුන් එජාපය අද පාර්ලිමේන්තුවාදීන් බවටත්, 1978 සිට 2015 දක්වා ජනාධිපතිවාදයට එරෙහි දැඩි පාර්ලිමේන්තුවාදීන් වූ ශ්‍රීලනිපය, ලසසපය හා ලකොපය යන පක්‍ෂ දැන් දැඩි ජනාධිපතිවාදීන් බවටත් පරිවර්තනය වීමයි..සන්ධිස්ථානයක මේ අතර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ඉරණම පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයකට අපි සියලු දෙනාම පැමිණ සිටින්නෙමු. මේ සතියේ හෝ ලබන සතියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන තීන්දු, මෙම ඉරණම තීරණය කිරීමේ තීරණාත්මක සාධකය වනු ඇත. ‘අප රටේ පුරවැසි නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන බලකොටුව ශ්‍රේෂ්ඨාධිකරණය වන්නේය’ යන පුරවැසියන් සතු විශ්වාසයට, ඉතිහාසයේ අන් කවරදාකවත් නොතිබුණු වැදගත්කමක් මෙම සති දෙක තුළදී ලැබී තිබෙන්නේ ඒ නිසාය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තිබෙන වගකීම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථකථනය කිරීම සහ බැඳී තිබෙන්නේ යම් තාක් දුරටද, ඒ තාක් දුරට අප රටේ දේශපාලන ඉරණමද තීන්දු කෙරෙනු ඇත..Tags.ජයදේව උයන්ගොඩ.දේශපාලන.ව්‍යවස්ථා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleස’යුර් ලෝඩේ – උදන් ප්‍රනාන්දු.Next articleඇතුළේ මීටරයක් තියා, සෙන්ටිමීටරයක්වත් ඈතින් ඉන්න අමාරුයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
භයානක අනාගතය පෙන්වන | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.භයානක අනාගතය පෙන්වන.By තරිඳු උඩුවරගෙදර.August 18, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.ලේලා.ඉන්දියාවට නිදහස ලබා වසර සියයක් පිරෙන 2047 වර්ෂය. අනාගතය. සතුටින් පිරි ආරක්ෂිත නිවෙසක අභ්‍යන්තරයේ පිහිටි නාන තටාකයක දර්ශනයක් මුලින්ම දකින්න ලැබෙනවා..ශාලිනී හා රිස්වාන් නම් යුවළ සිය දියණියට පිහිනීම පුරුදු කරනවා. ශාලිනී යන නම හින්දු නමක්. රිස්වාන් මුස්ලිම් නමක්. ධනවත් යුවළක්, සිය සුඛෝපභෝගී දිවිය ගතකරමින් ඉන්නවා. දියුණු ස්මාර්ට්ෆෝන් එකකින් ශාලිනී රිස්වාන්ගේ බාල සොහොයුරා සමඟ කතාකරමින් ඉන්නවා. අනාගත ඉන්දියාව ඉතා සුන්දර ලෙස මැවෙනවා. ආරක්ෂිත හැඟීමක්..එහෙත් ඒ ආරක්ෂාව මොහොතින් බිඳවැටෙනවා. එතැනට එක්වරම පිරිසක් කඩාවදිනවා. ‘මම වතුරවලට ගෙවලා තියෙන්නේ.’ ශාලිනී කෑගසනවා. ‘මිනිස්සු බොන්න වතුර උගුරක් නැතිව දුක්විඳිනවා’ එතැනට කඩාවදින එක් මැරයෙක් කියනවා. ශාලිනී වාහනයකට දමාගෙන ඒ මැරයන් යන අන්දම පෙන්වනවා. එතැන් සිට අප නරඹන්නේ රාජ්‍යයේ අවසරය ලත් මැරයන් පිරිසකගේ පැහැරගැනීමට ලක්වෙන ශාලිනී සිය දියණිය වන ‘ලේලා’ සොයායන ගමනයි..අප ටිකෙන් ටික ශාලිනීට ජීවත්වෙන්නට සිදුව තිබෙන ලෝකය දකින්නට ලැබෙනවා. මුලින්ම දැනගන්නේ ඒ යුගය වෙද්දී ඉන්දියාව නම් රට නැතිව ගොස්, ‘ආර්යවර්තා’ නම් රටක් බිහිව ඇති බව. ආර්යවර්තා යනු සංස්කෘත සාහිත්‍යයෙහි එන නමක්. ශුද්ධ ආර්ය ජාතියක් ජීවත්වන රාජ්‍යයක් වෙනුවෙන් ඒ නම යොදනවා..අප කතාකරන්නේ ‘ලේලා’ නම් වෙබ් ටෙලිනාටකය ගැනයි. 2019 ජුනි මාසයේ සිට ලේලා නෙට්ෆ්ලික්ස් අඩවියෙන් නැරඹිය හැකියි. ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන ප‍්‍රායාග් අක්බාර් ලියූ ලේලා නවකථාව ඇසුරෙන් උර්මි ජවේකාර් රචනා කළ තිරපිටපත, කොටස් හයකින් යුත් ‘ලේලා’ ටෙලිනාටකයට ජීවය දුන්නා. එහි සමනිෂ්පාදිකාවක ලෙස දීපා මෙහ්තා කටයුතු ක්‍ළා. කතා මාලාවේ පළවැනි කොටස් දෙක අධ්‍යක්ෂණය කළේ දීපා මෙහ්තා. අනෙක් කොටස් ශන්කර් රමාන් හා පවන් කුමාර් අධ්‍යක්ෂණය කළා..රංගන ශිල්පිනී හමා කුරේෂි මෙහි ශාලිනීගේ චරිතය රඟපානවා. දකුණු ඉන්දීය නළු සිද්ධාර්ත් ශාලිනීට මුණගැසෙන උපප‍්‍රධාන චරිතය වන භානු නම් නිලධාරියාගේ චරිතය රඟපානවා..ලේලා නවකතාව ලියූ ප‍්‍රායාග් අක්බාර් කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය ආදි ඉන්දියානු සමාජයේ තුවාල ගැනත් ඒවායින් පීඩාවට පත්වෙන ජනතාව ගැනත් දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා කළ මාධ්‍යවේදියෙක්. ක‍්‍රම ක‍්‍රමයෙන් පරාජය කළ යුතු තුවාල තව තවත් පාරමින් භාරතීය ජනතා පක්ෂයේ හින්දු ස්වෝත්තමවාදී (අනෙකුත් ජාතීන්ට වඩා හින්දු ජාතිය උතුම් යැයි සැලකීමේ* දේශපාලනය උපරිමයට යද්දී ප‍්‍රායාග් ‘ලේලා’ නවකථාව ලීවා. දේශපාලන විද්‍යාවේදී පිළිගත් මූලික සංකල්පයක් වන රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතුය යන අදහස වෙනුවට හින්දු ආගම මුල් කරගත් රාජ්‍යයක් නිර්මාණය කරන්නට උත්සාහ කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස අනාගතයේදී ඇතිවිය හැකි තත්වය ගැන කියන්නට මේ නවකතාවෙන් උත්සාහ කර තිබුණා. මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් ජනවර්ග පහත් ලෙස සැලකීමෙහි ප‍්‍රතිඵල ගැන එහිදී අවධානයට ලක් කළා..ස්වෝත්තමවාදයෙන් මත්ව, අද පවතින සැබෑ ප‍්‍රශ්න අමතක කිරීමෙහි ප‍්‍රතිඵල ගැන ඒ නවකතාවේදී කතාකරනවා. ගෝලීය උෂ්ණත්වය, ජල අර්බුදය, කාබන් විමෝචනය, දේශගුණික විපර්යාසය වැනි අද පවතින සමාජ ප‍්‍රශ්නවලට විසඳුම් නොසොයා ජාතීන් ලෙස බෙදී ගහමරා ගැනීමෙන් කුමක් විය හැකිද? එවැනි තත්වයක ක‍්‍රම ක‍්‍රමයෙන් පරිසරය විනාශ වෙමින්, ජල හිඟයකට හා දේශගුණික අර්බුදයකට ලෝකය මුහුණදේවි. ජනවර්ග අතර ගැටුම් වැඩිවෙද්දී, ස්වාභාවික සම්පත් අවම වුණොත් වඩා බලවත් ජාතීන් අනෙක් ජාතීන් යටපත් කරගනිමින් අවම ස්වාභාවික සම්පත් පාවිච්චි කරන්නට පටන්ගනීවි. පහත් ලෙස කොන්කරන ලද ජාතීන්ට ජලය පානය කිරීමේ අයිතිය අහිමිවේවි..(ලංකාව වැනි රටවල නම් ජල හිඟය ආදි පරිසර ප‍්‍රශ්නවලට වගකිව යුත්තේ සුළුතර ජාතීන් බවට චෝදනා කරන්නටත් පටන්ගනීවි. දැනටමත් ලංකාවේ දේශගුණික විපර්යාසවලට වගකිව යුත්තේ ‘විල්පත්තු කැපූ මුස්ලිම් ජාතිය’ යැයි මහා බොරුවක් සමාජගත වී හමාරයි. ඉන්දියාවේත් මෙවැනි තත්වයක් ඇතිවේවි. *.මහ වැස්සෙන් කළුපැහැ තාර වැටෙන ලෝකයක, වතුර උගුරකට මහා මිලක් ගෙවන යුගයක තමන් ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය යැයි කියමින් ස්වෝත්තමවාදයෙන් ජීවත්වෙන මිනිසුන් පිරිසක් ගැන ලේලා නවකතාවෙන් කතාකරනවා. ‘ලේලා’ ටෙලිනාටකයෙන්ද කර ඇත්තේ ඒ නවකතාව රූපයට නැඟීමයි. ‘ආර්ය ජාතිය’ යැයි කියන පුරවැසියන් ජීවත්වන දැවැන්ත නගරයක් ගෝලීය උෂ්ණත්වයෙන් මිදෙනු පිණිස දැවැන්ත ආවරණයකින් වසා වායුසමීකරණය කරන්නට දැවැන්ත ව්‍යාපෘතියක් ලේලාහි පෙන්වන ආර්යවර්තා රාජ්‍යයේ නායකයා හදනවා. ඒ ව්‍යාපෘතිය නිසා නගරයෙන් පිට සිටින ‘ආර්ය නොවන’ ලෙස හඳුන්වා කොන්කරන ලද මිනිසුන් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් තියෙනවා. තමන්ගේ දියණිය සොයායන ශාලිනී අහම්බෙන් මේ දැවැන්ත ව්‍යාපෘතිය හා එය නැවැත්වීමට උත්සාහ කරන කැරලිකරුවන් කණ්ඩායමකට මැදිවෙනවා..අප කලින් කී, පැහැරගැනීමට ලක්වූ මොහොතේ ශාලිනී රැුගෙන යන්නේ ආර්යවර්තා රාජ්‍යයට අනුව ඇය ‘අපිරිසිදු’ නිසා ‘පිරිසිදු’ කිරීමට මධ්‍යස්ථානයකටයි. වෙනත් ජනවර්ග සමඟ විවාහ වෙන හින්දු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට යැයි කියමින් එම මධ්‍යස්ථාන නිර්මාණය කර තිබෙනවා..ඒ මධ්‍යස්ථානයෙහි ශාලිනී ගතකරන කාලය ඇතුළත් පළවැනි කොටස් දෙක අධ්‍යක්ෂණය කර ඇත්තේ දීපා මෙහ්තා. කතාමාලාවෙහි තියුණුම කොටස් දෙක වන්නේ ඒ මුල් කොටස් දෙක. ශතවර්ෂ ගණන් පැරණි ආගම් හා සංස්කෘතීන් හිස මත තබාගත් රාජ්‍යයක් බිහිකළොත්, ඒවායින් වඩාත්ම පීඩනයට පත්වෙන්නේ කාන්තාවන් බව පෙන්වන්නට ඒ කොටස් දෙක උපරිමයෙන්ම සමත් වෙනවා..ශාලිනී පසුව දැනගන්නේ ‘මිශ‍්‍ර ලේ’ ඇති දැරියක ලෙස ලේබල් කොට සිය දියණිය පැහැරගෙන ගොස් ඇති බවයි. ශාලිනී ඉන්පසුව සිය දියණිය සොයායන අන්දම කතාවෙහි එනවා..කතා කීමේ කලාව අතින් ලේලා තැන් කිහිපයකදීම යම් දුර්වලතාවක් පෙන්වනවා. සිදුවීමක් දෙකක් සත්‍ය ලෙස පේ‍්‍රක්ෂකයාට ඒත්තු යන්නේ නැහැ..එහෙත් ඒ දුර්වලතාව ‘ලේලා’හි විශිෂ්ටත්වය දුර්වල කරන්නට තරම් බලවත් දුර්වලතාවක් නොවෙයි. අනෙක එය විශිෂ්ට වන්නේ ලේලාහි කතා ශරීරය හෙවත් ප්ලොට් එක නිසා නොවෙයි. ලේලා මගින් කියන්නට යන කතාව හෙවත් ස්ටෝරි එක නිසායි. ඉන්දියාවේ අනාගතය ගැන කියන දේශපාලන යටිපෙළ නිසායි..කතාවක කතා ශරීරය හෙවත් ප්ලොට් එක කරන්නේ චරිත, සිදුවීම්, ගැටුම් උපයෝගී කරගෙන යම් කතාවක් පිළිවෙළට කීමයි. කතාව හෙවත් ස්ටෝරි එක යනු ඒ නිර්මාණයෙන් කියන්නට උත්සාහ කරන යටිපෙළයි. අප යම් නිර්මාණයක් නරඹන අතරතුරේදී නිර්මාණයට අප අල්ලා තබාගන්නට හොඳ ප්ලොට් එකක් සමත් වෙනවා. ඒ නිර්මාණය නරඹා අවසන් වුණාට පසුව සැබෑ ලෝකයේදී අපේ ජීවිතයට බලපෑම් කරන්නට හොඳ ස්ටෝරි එකක් සමත් වෙනවා. හොඳ ස්ටෝරි එකක්, නිර්මාණය රසවින්දාට පසුවත් ඔලූවට වධදෙනවා. අප නැවත නැවතත් ඒ ස්ටෝරි එක ගැන කතාකරනවා..ලේලා කතාමාලාවෙහි ප්ලොට් එකෙහි යම් දුර්වලතා තියෙන බව ඇත්ත. එහෙත් එහි ස්ටෝරි එක නිසා අප ලේලා බලා අවසන් වූ පසුවද අපේ සිත් තුළ ලේලා ටෙලිනාටකයෙන් මැවූ සංත‍්‍රාසය ඉතිරි වෙනවා. ලේලා පෙන්වන්නේ වත්මන් ඉන්දීය සමාජයේ අනාගතයයි. එහෙත් ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී දේශපාලනය මෙන්ම ලංකාවේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනයද එක සේ වැඩුණු භයානක යක්ෂයන් මෙන් සැලකිය හැකියි. ඒ යක්ෂයන් අපේ රටවල් කෙතරම් අගාධයකට ඇදගෙන යා හැකිදැයි ‘ලේලා’ පෙන්වනවා..ජාතියෙහි පිරිසිදුබව රැුකගැනීමේ වුවමනාව නිසා රාජ්‍යයෙන් බැහැර කිරීමට ලක්වෙන මිනිසුන් අමානුෂික පීඩාවන්ට මුහුණදෙනවා. දැවැන්ත මුඩුක්කුවල ඔවුන් දුක්බර ජීවිත ගෙවනවා. ධනවතුන් වීම නිසා පිරිසිදු ආර්ය ජාතිය ලෙස පිළිනොගැනෙන ඇතැම් අයටත් ආර්යවර්තා රාජ්‍යයෙහි ජීවත්වෙන්නට අයිතිය ලැබෙනවා. එහෙත් දිනෙන් දින පනවන අලූත් නීති නිසා ඔවුන්ට හැමවිටම ජීවත්වෙන්නට වන්නේ කුමන මොහොතේදී හෝ ආර්යවර්තා රාජ්‍යයෙහි යකඩ සපත්තුවට පෑගීමේ අවදානම සමඟයි..ඇතැම් අය යම් චිත‍්‍රපටියක් හෝ මාලා නාටකයක් නරඹන්නට පෙර අයි.එම්.ඞී.බී. දර්ශකයෙහි ඇති ලකුණු කෙතරම්දැයි බලන නිසා එක් කාරණයක් කිව යුතුයි. ( අයි.එම්.ඞී.බී. යනු සිනමා හා රූපවාහිනී නිර්මාණවලට පේ‍්‍රක්ෂකයන්ගේ ඇගයීම් ලබාදිය හැකි වෙබ් අඩවියක්.* ලේලා නිර්මාණයට ‘අයි.එම්.ඞී.බී.’ දර්ශකයෙහි අඩු ලකුණු ප‍්‍රමාණයක් ඇති බව දැකගත හැකියි. එහෙත් සාමාන්‍ය ඉන්දීය පේ‍්‍රක්ෂක ප‍්‍රජාව මේ නිර්මාණයට අඩු ලකුණු ලබාදී ඇත්තේ ‘හින්දුපෝබියාවෙන්’ යුත් ජාතිද්‍රෝහීන් පිරිසක් කළ නිර්මාණයක් බව චෝදනා කරමිනුයි. ඉන්දීය පේ‍්‍රක්ෂකයන් ‘ලේලා’ නිර්මාණයට අඩු ලකුණු ප‍්‍රමාණයක් දුන්නේ නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිධූරයට පත් කොට මාස කිහිපයක් ගතවූ කාලසීමාවක් ඇතුළත බව සිහිතබාගත යුතුයි. ‘ලේලා’ පෙන්වන කටුක දේශපාලන යථාර්ථයෙන් බියට පත්වූ පේ‍්‍රක්ෂකයන් එයට අඩු ලකුණු දීම පුදුමයක් නොවෙයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපෘථිවියේ ලොකු අයියා බෘහස්පති.Next articleසම්මාන ගැන කතාකරන්න මම කැමති නෑ..- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නියම මායා යථාර්ථවාදය අහුවුණේ ධර්මසේන හිමියන්ගෙන්. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නියම මායා යථාර්ථවාදය අහුවුණේ ධර්මසේන හිමියන්ගෙන්..By තරිඳු උඩුවරගෙදර.September 29, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.ලේඛක මොහාන් රාජ් මඩවල.ලංකාවේ විනෝදාස්වාදය හා ගැඹුරු කලා රසය කියන දෙකම සමබරව ලැබෙන නිර්මාණ අඩු බව හැෙඟනවා. විශිෂ්ට නවකතා ආදිය බිහිවුණත්, පොදුජනයා විනෝදාස්වාදයට පත්කළ හැකි නිර්මාණ අඩුයි. එවැනි පසුබිමක ඔබ විනෝදාස්වාදයට වටිනාකමක් දෙන ලේඛකයෙකු බව පෙනෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?.ඔබ ඒ වගේ කල්පනා කිරීම ගැන මම සතුටු වෙනවා. මම මගේ නිර්මාණවලට වැඩිපුරම ආභාසය ගන්නා කෙනෙක් තමයි එච්.ඞී. පේ‍්‍රමරත්න. ඔහුව මැද මාවතේ සිනමාකරුවා විදියට හැඳින්වුවා. ඔහුගේ නිර්මාණවල විනෝදාස්වාදය වගේම ගැඹුරකුත් තිබුණා. ඔහු තමන්ගේ නිර්මාණ ඒ කලාප දෙක අතරේ තියන්නයි උත්සාහ කළේ. කෙසේවෙතත් විනෝදාස්වාදය හා ගැඹුර යන දෙපැත්තම කල්පනා කළ ලංකාවේ අංක එකේ කලාංගය තමයි සිංහල ගීත සාහිත්‍යය. මාස්ටර් අමරදේව උත්සාහ කළේ විනෝදාස්වාදය හා සාහිත්‍යමය වටිනාකමක් එකවර මුසු කරන්නයි. චිත‍්‍රපටි කර්මාන්තයේ එච්.ඞී. පේ‍්‍රමරත්නගෙන් පසු බිහිවූ කිහිපදෙනෙක් මැද මාවතේ නිර්මාණ කරන්න උත්සාහ කළ බව පෙනුණා. උදයකාන්ත එක උදාහරණයක්. ඊට පස්සේ ඔහු සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුණා. ඒත් මෙතැන ලොකු හිඩැසක් තියෙනවා. විනෝදාස්වාදය හා බුද්ධිමය සංවාදය හරිහැටි මිශ‍්‍ර කරගෙන මිනිස්සු අතරට යන්නේ කොහොමද කියන එක කවුරුත් අධ්‍යයනය කරලා නැහැ. බොලිවුඩයේ ඔබ විස්තර කළ විදියේ කලාත්මක හා ජනප‍්‍රිය නිර්මාණ බොහොමයක් තියෙනවා. ඒ වගේ අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් දැන් බිහිවෙලා. කෞෂික් ගංගුලි කියන්නේ ඒ පාරේ ගිය අධ්‍යක්ෂවරයෙක්..මනිරත්නම් තවත් කෙනෙක්. නූතන කාලයේ එහෙම නිර්මාණ කළ කෙනෙක් තමයි අනුරාග් කාශ්‍යප්. ඔහු මෑත කාලයේ කළ ‘මන්මරසියාන්’ හරිම සරල කතාවක් තියෙන චිත‍්‍රපටියක්. ඕනෑ නම් ඒක කෙනෙකුට සරල පේ‍්‍රම කතාවක් විදියට බලන්න විඳින්න පුළුවන්. ඒත් ඊට වඩා ගැඹුරින් කලාකෘතියක් දකින්න කැමති කෙනෙකුට ඒ චිත‍්‍රපටියේ තියෙන ගැඹුරුම කතාව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හොලිවුඩයේ ක‍්‍රිස්ටෝපර් නෝලන් වගේ අධ්‍යක්ෂවරු ඔය කටයුත්ත අපූරුවට කරනවා. ඒත් ඒ වගේ නිර්මාණකරුවන්ට තියෙන ලොකුම අභියෝගය තමයි ඒ අය කරන දේ හරිහැටි අල්ලාගත් විචාරකයන් නැතිවීම. දැන් දැන් කාශ්‍යප්ලාගේ නිර්මාණ තේරුම්ගත් විචාරකයන් ඉන්නවා. ඒත් මනිරත්නම්ලාට ඒ කාලයේදී ලොකු අභියෝගයකට මුහුණදෙන්න සිද්ධවුණා. මනිරත්නම් එදා කළ සමහර නිර්මාණ ගැඹුරින් කියවන්නේ අද. හරි විචාරයකට ලක් නොවෙන තැන මනිරත්නම් සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදය විතරක්ම පදනම් කරගත්ත චිත‍්‍රපටි කළා..ඔබේ නවකතා පොදුජනයා අතර ජනප‍්‍රිය වෙන්නට අංක එකේ හේතුව විදියට දකින්නේ මොකක්ද?.ජන සාහිත්‍යය මගේ දැක්මට බලපෑවා. ඒක තමයි හේතුව. මගේ නිර්මාණවල දෘෂ්ටිවාදී පදනම ඒකයි. ඕනෑම රටක ජන සාහිත්‍යය කියන්නේ බුද්ධිමය සංවාද හා විනෝදාස්වාදය කියන දෙකේ මිශ‍්‍රණයක්. ජන සාහිත්‍යය අධ්‍යයනය කරනකොට ඒ කාලේ මිනිස්සුන්ට තේරුණේ නැති ගැඹුරක් අද අල්ලාගන්න පුළුවන්. මම පෞද්ගලිකව ජන සාහිත්‍යයට ආදරෙයි. ඒවා මිනිස්සුන්ගෙ ජානවල දියවෙලා තියෙනවා. මගේ නවකතාවල ජන සාහිත්‍යය මිශ‍්‍රවෙලා තියෙනවා..ලංකාවේ විචාරකයන් කලාත්මක ලෙස ජනතාවට විනෝදාස්වාදය සපයන නිර්මාණ විචාරයට ලක්කිරීම අමතක කරනවා වගේ නේද?.මට ප්ලොට් එකක් කියන්නේ හරිම වටින දෙයක්. හරිම අමාරු දෙයක්. සමහරුන්ට ප්ලොට් එකක් කියලා හිතෙන දෙයක් මට අහුවෙන්නේ නැහැ. මිනිස්සුන්ට ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා බලනවා. මිනිස්සුන්ට දේශපාලනිකව ඒකෙන් තියෙන වැදගත්කම දිහා බලන්න ඕනෑ. අනිවාර්යයෙන්ම නිර්මාණයක දේශපාලනික ගැඹුරක් තියෙන්න ඕනෑ. මිනිස්සුන්ගේ මානුෂික සම්බන්ධතා වගේම සංස්කෘතික ජීවිතයත් කතාවට අල්ලාගන්න ඕනෑ. ඒ හැම පැත්තම සම්පූර්ණ වුණොත් තමයි මට නිර්මාණයක් සෙට් වෙන්නේ. සමහරු මුල් කාලේ මගෙන් ඇහුවා ඔයා නවගත්තේගමව විකුණනවාද කියලා. මම නවගත්තේගමව හොඳට අධ්‍යයනය කළ කෙනෙක්. ඔහුගෙන් ගැලවෙන්න ඕනෑ කොතැනින්ද කියලා කල්පනා කළ කෙනෙක් මම. මට තවත් කෙනෙක් වෙන්න ඕනෑ නැහැ. ඒත් ඛේදවාචකය, අපේ රට ඇතුළේ මේ නිර්මාණ හරියට විචාරය කිරීම ගැන හිතලාවත් නැති උදවිය ඉන්නේ. දැන් සම්මාන උළෙලවල මිනුම් දඬු මොනතරම් යල් පැනපු ඒවාද?.ඒ වුණත් සමහරු ඔබේ නවකතා ගැන කතාකරද්දී සයිමන් නවගත්තේගම, ගේබි‍්‍රයෙල් ගාෂියා මාකේස් කොපි කරන්න උත්සාහ කරන කෙනෙක් විදියටත් අර්ථකථනය කරනවා නේද?.සයිමන්ගේ කෘතිවල හරය තමයි ජනවිඥානය. ඔහු අමුද්‍රව්‍ය බවට පත්කරගන්නේ ජනවිඥානය අල්ලාගත් නිසායි. මම සයිමන්ගේ ගත්ත එකම දේ සහ ඔහුගේ ළඟ තිබුණු වැදගත්ම දේ ඒක. මම ලිවීමේ රටාව හදාගන්නකොට මාකේස් වගේ ලේඛකයන්ගෙන් යම් බලපෑමක් තිබුණු බව පිළිගන්න ඕනෑ. සමහරු මට චෝදනාවක් විදියට කියනවා ඔයා මාකේස් වගේ ලියනවානේ කියලා. ඒත් මම මාකේස් කළ දේවල් මෙහේ කළේ නැහැ. ඔහු ලතින් ඇමෙරිකානු ජනවිඥානය ඇතුළේ වැඩකළ කෙනෙක්. ඒත් මට මාකේස්ටත් වඩා උඩින්ම තියන්න පුළුවන් ආභාසය ලැබුණේ කවුරුවත් අනුමාන නොකරන කෙනෙකුගෙන්. මට නියම මායා යථාර්ථවාදය අහුවුණේ සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්ගෙන්. කාට හරි පුළුවන් නම් භාෂා බාධකය ටිකක් කළමනාකරණය කරගෙන සද්ධර්මරත්නාවලියේ අන්තර්ගතය ගැන කල්පනා කළොත් ඒක වැටහේවි. ඒවා ආගමික ආදර්ශය දෙන්න ලියපුවා බව ඇත්ත. ඒත් මායාව සහ සැබෑව මිශ‍්‍ර කරන අපූරුව ගැන කතාකරලා ඉවරයක් කරන්න බැහැ..සද්ධර්මරත්නාවලියේ එක කතාවක් ඉතා කෙටියෙන් මෙහෙමයි. එක්තරා දිව්‍ය පුත‍්‍රයෙකුට බිරින්දෑවරුන් පන්සීයක් ඉන්නවා. ඒ බිරින්දෑවරුන් උයනක මල් නෙළමින් ඉන්න අතරේ එක් දිව්‍යාංගනාවක් මැරෙනවා. ඉන්පස්සේ දඹදිව කුලගෙයක උපදිනවා. කොහොම හරි එයාට දිව්‍යඥානයෙන් දැනගන්න පුළුවන් වෙනවා අහවල් දිව්‍යපුත‍්‍රයාගේ බිරිඳ වෙලා හිටපු බව. දැන් එයාගේ ඉලක්කය තමයි කොහොම හරි පින් කරලා නැවත අර දිව්‍ය ලෝකෙටම ගිහින් දිව්‍යපුත‍්‍රයාගේ බිරිඳ වෙන එක. ඔය බුද්ධ කාලයේනේ. බුදුහාමුදුරුවන්ට මල් පූජා කරමින් එයා ජීවත්වෙනවා. කසාද බැඳලා ළමයි හදලා අවුරුදු 25කදී විතර මැරෙනවා. අවුරුදු විසිපහකට පස්සේ ඇය නැවත දිව්‍යලෝකට යද්දී දෙව්ලොවේ පැය කිහිපයක් විතරයි ගතවෙලා තියෙන්නේ. මල් නෙලමින් ඉන්න අනෙක් දිව්‍යාංගනාවන් අහනවා පැය ගාණකට ඔයා කොහේද ගියේ කියලා. මොන තරම් මායා යථාර්ථවාදයක් ඒකේ තියෙනවාද? පෘථිවියේ සහ දිව්‍යලෝකයේ කාලය ගමන් කරන වේගය ගැන අපූරු සංකල්පයක් එතැන තියෙනවා..උඩින් බලලා ඒවා බණකතා කියලා හිනාවෙන්න පුළුවන්. ඒත් කාලය හා අවකාශය කියන්නේ අද ගැඹුරින් කතාකරන මාතෘකාවක්නේ. විශ්වයේ හැම තැනකදීම කාලය ගතවෙන්නේ එකම වේගයෙන් නෙවෙයි කියන එක විද්‍යාත්මක ඇත්තක් විදියට තහවුරු වෙලා තියෙනවා. වර්තමානයේදී ‘ඉන්ටස්ටෙලර්’ වගේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටිවල තියෙනවා කාලය හා අවකාශය ගැන විද්‍යා ප‍්‍රබන්ධ. තවත් ග‍්‍රහලොවක පැයක්, පෘථිවියේ අවුරුදු විස්සක් විතර කියලා එවැනි නිර්මාණවල කතාවෙනවා. අපේ රටේ මාර පොහොසත් ජන සාහිත්‍යයක් තියෙනවා. ඒවා අපි ප‍්‍රාථමික වැඩ විදියට අත්හැරලා තියෙනවා..ඒවා අධ්‍යයනය කළා නම් මිනිස්සු අතරට යන වැඩක් කරන්න පුළුවන්..මේ දිනවල ඔබ කරමින් ඉන්නේ මොනවාද?.මම දැන් කිසිම වැඩක් කරන්නේ නැහැ. මට මේ වෙද්දී මහා ලොකු සැලසුමකුත් නැහැ. මගේ නවකතා දෙකක් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා. ලංකාවේ කිසිම සිංහල ලේඛකයෙකුගේ නිර්මාණවල ඉංග‍්‍රීසි පරිවර්තනයක් ලෝක මට්ටමට ගිහිල්ලා නැහැ. සිංහල ලේඛකයන්ගේ ඉංග‍්‍රීසි පරිවර්තන තිබුණත්, ඒවා ලංකාවෙන් පිටට හරිහැටි ගිහිල්ලා නැහැ. මගේ පොත්වල පරිවර්තන අන්තර්ජාතික මට්ටමට යාවිද කියලා මම දන්නේ නැහැ. එහෙත් මම මට පුළුවන් උත්සාහයක් ගන්නවා. පරිවර්තකයා කැනඩාවේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා පොත එළිදක්වන්නේ කැනඩාවේදී. දැනට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ ඒ පොත් දෙක තියෙනවා..ඔබේ ලිවීමේ පුරුදු ගැන ටිකක් කතාකරන්න කැමතිද?.මම ලියන්නට කියලා දවසේ නිශ්චිත වෙලාවක් වෙන් කරගෙන නැහැ. වසරේ නිශ්චිත කාලයක් වෙන් කරගෙන නැහැ. ගිය අවුරුද්දේ ‘කලම්බො’ නවකතාව එළියට දාපු මම අද වෙන තුරු අලූත් නවකතාවක වැඩ පටන් අරගෙන නැහැ. ඔළුවේ ස්ථීර අදහසකුත් නැහැ. මම බොහොම ඉඳහිට ලියන කෙනෙක්. මම හිතන්නේ කලාකරුවෙක් වුණාම මානසික විවේකය අතිශය වැදගත්. කවුරු හරි එක දිගට නිර්මාණ කරනවා නම් එයා හිස් වෙනවා. මාවත් එහෙමයි. ඒ නිසා වැඩක් ඉවරකළාම මම අලූත් ෆිල්ම් බලන්න ඕනෑ. අලූත් දේවල් හොයන්න ඕනෑ. ඇවිදින්න ඕනෑ. එතකොට අලූත් දෙයක් ලියන්නට අදහස් එනවා. මම දිනපතා ලියන්නේ නැහැ. ඔළුවේ හොඳම ආකෘතිය ආවාට පස්සේ තමයි මම වැඬේ පටන්ගන්නේ. අනෙක් වෙලාවට කරන්නේ මාව පුරවාගන්න එකයි. නවකතාවක් ලිවීම කියන්නේ සිද්ධි ලියන එක නෙවෙයි. නවකතාවක් කියන්නේම මවාගැනීමක්. මවාගැනීමක් නැත්නම් ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. මම එක පාරක් ලීවාම ආයෙ සිය වතාවක් කපලා කුරුටුගාන කෙනෙක් නෙවෙයි. මගේ අතින් එකපාර ලියැවෙන දෙයක් ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. කල්පනා කරලා සංස්කරණය කළොත් ඔරිජිනල් එක නැතිවෙනවා..ලියන්නේ නැති වෙලාවට සංචාරයට කැමතියි. සංචාරයට තමයි මට ලැබෙන ආදායම බොහෝවිට පාවිච්චි කරන්නේ. ලංකාවේ නොගිය තැනක් නෑ. ලෝකේ ගොඩක් රටවලට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මම ගොඩක් කියවන කෙනෙක්. අත්දැකීම් ලබාගන්න පෙරේතයි. චිත‍්‍රපටි බලනවා..ඔබේ කලින් නවකතා සියල්ලම ස්ථානගත වුණේ අතීත යුගවල. අතීත කාලසීමාවලින් පිට පැනලා වර්තමානයේ හෝ අනාගතයේ ස්ථානගත වුණ නවකතාවක් ලියන්න අදහසක් නැද්ද?.මම විවේකය ගන්නේ ඒ වෙනුවෙන් තමයි. මගේ නිර්මාණ පහේදීම කතාකරන්නේ වර්තමාන ප‍්‍රශ්න ගැන. අවුරුදු සීයකට කලින් මම ජීවත්වෙලා නැහැ. ඔබ ජීවත්වෙලාත් නැහැ. ඒත් අපි අපේ ෆැන්ටසි ලෝකය ඇතුළේ ඉතිහාසය නිර්මාණය කරගන්නවා. මම නවකතාවලින් කරන්නේත් වර්තමානයට අදාළ මාතෘකාවක් කතාකරන්නට අලූත් ලෝකයක් නිර්මාණය කිරීමයි. මගේ කලින් නවකතා පහේදීම මම ඒ ලෝකය නිර්මාණය කළේ ඓතිහාසික යුගවල. ඒත් වර්තමාන ලෝකයෙන් මිදිලා කතාවක් කියන්න ඕනෑ වෙන හැම වෙලාවකම ඉතිහාසයට යන්නම ඕනෑ නැහැ. ඕනෑ නම් අනාගතයට යන්න පුළුවන්. වෙනස් විදියට හිතුවොත් වෙනස් ප‍්‍රතිඵලයක් ලබන්න පුළුවන්..Tags.ලේඛක මොහාන් රාජ් මඩවල.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleශ‍්‍රීලනිපය දියවෙලා ඉවරයි.Next articleවිජයකාන්තන් අතුරුදහන් නාවික හමුදා කප්පම් නඩුවේ සාක්‍ෂිකරුවන්ගේ ඉරණම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මානව හිතවාදීදේශපාලනයක නිරතවීමටනව වාමාංශික සමාජයට අපූරු පාඩමක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මානව හිතවාදී.දේශපාලනයක නිරතවීමට.නව වාමාංශික සමාජයට අපූරු පාඩමක්.By සංස්කාරක.October 6, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ලාල් විජේනායක: ජීවිතය හා දේශපාලනය.ස්වර්ණ ප්‍රකාශනයකි..දූ.අ. 033 2287837.කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙකු බිහි නොවන බව ලාල්ගේ අරුත් සරු ජීවිත කතාව අපට කියයි..■ චන්ද්‍රරත්න බණ්ඩාර.‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය මට වැදගත් වන කාරණා කීපයක් තිබේ. එහෙයින් ම එය මට නම් පොදු කියවීම්වලින් ඔබ්බෙහි පවතින වැදගත් කෘතියකි..ලාල් මගේ ජීවිතයේ ප්‍රාථමික දේශපාලන ගුරුවරයෙකි. පුදුමය වන්නේ ඔහුම මගේ ජීවිතයේ ද්විතීයක හා තෘතීයක දේශපාලන ගුරුවරයෙකු ද වීමයි..ඔහු මගේ පාසලේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ) ආදි ශිෂ්‍යයෙකි. මා උපන් වර්ෂයේ ලාල් අපේ පාසලේ උසස් පෙළ පන්තියට ඇතුළත් වී ඇත. ලාල්ගේ පරම්පරාව නියෝජනය කරන්නේ ධර්මරාජය වැනි වරප්‍රසාදලාභී පාසල් පමණක් නොව, මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය පවා අද විශ්වවිද්‍යාලවලට වඩා උසස් ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායයක් හා දැනුම මුදාහැරීමක් තිබූ යුගයක ආනුභාවයන් ය. එමෙන්ම පාසල් ගුරුවරු අද විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ට වඩා ශාස්ත්‍රවන්තභාවයක් තිබූ යුගයකි..ලාල් ධර්මරාජයේ අධ්‍යාපනය ලබන්නේ එස්. විජේතිලක විදුහල්පතිවරයා වූ යුගයේ ය. මා අධ්‍යාපනය ලබන්නේ ඒ. පී. ගුණරත්න විදුහල්පතිවරයාව සිටි යුගයේ ය. මෙය පැහැදිලිව ම යුග දෙකකි. විජේතිලක අවධිය පූර්ව ආසන්න යුගයේ විදුහල්පතිවරයා ව සිටියේ මෙත්තානන්ද නම් විදුහල්පතිවරයාය. සිංහල බෞද්ධ පුනර්ජීවනය ව්‍යාපාරයේ නායකයකු වූ ඔහුගේ පෞරුෂනීය මුද්‍රාව පාසලේ ඒ වන විටත් තිබෙන්නට ඇත. එහෙත් විජේතිලක විදුහල්පතිවරයා ගැන විස්තර කරන ලාල් ඔහුගේ පුද්ගල හා දැනුම පෞරුෂය තමන්ට ජීවිත මාවතක් සකස් කර දුන් ආකාරය පැහැදිලි කරයි. සාමාන්‍ය පරිශ්‍ර චාරිකාවේ දී චිත්‍ර ගුරුවරයා පැමිණ නැති චිත්‍ර පන්තියට යන විජේතිලක විදුහල්පතිවරයා කළුලෑල්ලේ ඉරක් අඳිමින් අසන්නේ එහා පැත්තේ ගඟෙන් එගොඩ ජීවත්වන චිත්‍ර ශිල්පියා ගැන දන්නවාද කියාය. ඒ චිත්‍ර ශිල්පියා මේ මම ඇඳි ඉර ඇන්දා නම් එය ලක්ෂ ගානක් වටිනා ඉරක් වනු ඇති බව ඔහු පවසා ජෝර්ජ් කීට් ගැන විස්තර කරයි. ඒ අහඹු පන්තියේ දී ජෝර්ජ් කීට් ගැන අසන ලාල්, පසු කාලීනව ඔහුගේ භාරකරුවා ද පහසුකම් සපයන්නා ද, චිත්‍ර මිලදී ගන්නා ද පමණක් නොව කීට් ඇඳි අවසන් චිත්‍රයේ හිමිකරුවා ද වන්නේ ය. ආනුභාව සම්පන්න ගුරුවරු ශිෂ්‍යයන්ගේ ජීවිතයට ජීවය සපයන්නේ එයාකාරයටය..ඔහුගේ රසායන විද්‍යා ගුරුවරයා වන්නේ පසු කලෙක අසීමාන්තික සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වූ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන් ය. එහෙත් ඔහු පවා පාසල තනිකර තම දේශපාලනය බෙදාහරින තැනක් බවට පත් කර නොගෙන දරුවන්ට විද්‍යාව, විද්‍යාවේ අරුතින් ම ඉගැන් වූ ආකාරය ලාල් මෙම කෘතියේ සඳහන් කරයි. දළදා මාලිගාවේ කොතින් රැස් විහිදීම පිළිබඳ මිථ්‍යාව විද්‍යාත්මක අත්හදා බැලීමක් මගින් විජේතුංගයන් විසින් නිෂ්ප්‍රභ කරන අයුරු එයට කදිම උදාහරණයකි..‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය දේශපාලනඥයෙකු අරබයා ලියැවුණු චරිතාපදාන අතර තවත් එකක් පමණක් නොව ලාංකීය දේශපාලකයන් අරබයා ලියවුණු හොඳම කෘති තුනෙන් එකක් ය යන්න මගේ හැඟීමයි. පළමුවැන්න කේ.එම්.ඩී. සිල්වා සහ හාවඩ් රිගින්ස් විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයයි. දෙවැන්න එස්. තොන්ඩමන් මහතාගේ ඔැ් ්බා ඡදකසඑසජි නම් වූ චරිතාපදානයයි. අනික මෙම ප්‍රස්තුත කෘතියයි. අනෙකුත් බොහෝ දේශපාලනඥයන් අරබයා ලියවී ඇති කෘති වනාහි කර්තෘකයා කෙරෙහි ලියන්නාට ඇති භක්තිය ප්‍රකාශ කරන කෘති ලෙස හැඳින්වීම නිවැරදි ය. මළල්ගොඩ බන්දුතිලක, ඇන්.ඇම් හා කොල්වින් අරබයා ලියූ කෘති පවා ඒ ගණයේ ලා සැලකිය හැකි ය..චරිතාපදානයක් වනාහි අතීතයේ අප නොදුටු අහුමුළු වෙත ආලෝක ධාරාවන් විහිදුවන, එමෙන් ම අදාළ දේශපාලන චරිතයේ සමස්තය පිළිබඳ මනා චිත්‍රයක් ඇඳ ගැනීමට සහායකයක් විය යුතු එකකි. මෙම කෘති තුන ම වාගේ එම කටයුත්තේ දී ධනාත්මක මෙහෙවරක් ඉටු කරයි..නිර්මාණාත්මක ලේඛකයකු ද වැඩිමනක් වශයෙන් සවිඥානකව වත්මන් දේශපාලනයේ නියැලෙන්නෙකු ද ලෙස මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ලාල්ගෙන් ප්‍රශ්න කරන්නා ද, නැවත ස්වකීය විමංසනයෙන් පසුව සටහන් කරන්නා ද වීම මෙම කෘතියේ සාරගර්භ බවට හේතු වී යැයි මට සිතේ. මහාචාර්ය අමරකීර්තිගේ සගයන් ලෙස විජේනායකයන්ගේ දේශපාලන ඉතිහාසය මැනවින් දන්නා දයානන්ද කුලසේකර හා ආනන්ද ස්ටීවන් විසින් පාර්ශ්ව කිහිපයකින් කර්තෘකයා විමසීම සිදුවී ඇති බවක් පෙනේ. එය කෘතියේ සාර්ථකත්වයට අනඟි මෙහෙයක් සපයා ඇත. ප්‍රවීණ ඡායාරූප ශිල්පි හේමන්ත අරුණසිරි හා කෘතිය සැලසුම් කළ පුෂ්පානන්ද ඒකනායක ප්‍රසන්න කියවීමක් සඳහා සිය නිර්මාණ කුසලතාවන් වැය කර ඇත..මෙම කෘතිය මා වටහා ගත් ආකාරයට පාර්ශ්ව පහක් වෙත ආලෝකධාරා විහිදුවයි..පශ්චාත් යටත් විජිත ආරම්භක කාලයේ හා 1956ට පෙර යුගයේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක හා සාරධාර්මික ස්වරූපය..මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය බිහිකළ සමාරම්භකයන්ගේ චේෂ්ටාවන් නිරූපණය වූ උසස් අධ්‍යාපන ක්‍රමය හා ඒවා ගුණාත්මක මිනිසුන් බිහි කළ ආකාරය..එකල විප්ලවවාදී දේශපාලන ක්‍රමයක වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ඇතුළු වී තිබීම හා එලෙස ඇතුළුවීමට අදාළව රටේ අනෙකුත් දේශපාලනික ප්‍රභවයන්ගේ ස්වරූපය..සාරාර්ථයන් බහුල විශ්වීය අරුතකින් පණ ගැහුණු ලංකාවේ කලා සංස්කෘතික සමාජය..ආදර්ශ නගරයක් (මහනුවර) ඇසුරෙන් ලංකාවේ ප්‍රාදේශීය දේශපාලන හා සමාජ සංස්කෘතික ස්වරූපයන් හඳුනා ගැනීමට හැකි වීම..මේ පංචවිධ කාරණා මේ කෘතිය ඇසුරින් පෙළ ගැස්වීමට හැකි යයි මට සිතේ. හෘදයංගමව සිතන්නෙකුගේ, ඒ අනුව හැසිරෙන්නෙකුගේ, උදාහරණයකට සුදුසු, නායක මට්ටමේ සිවිල් පුරවැසියෙකු ලෙස විජේනායකයන් දශක ගණනාවක් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වනු මම දුටිමි. එකිනෙකට පටහැනි, සමහර විට තමා දරන මතයට සතුරු සමාජ ස්තරයන් ගණනාවක් සමඟ වුව ද මනා සංහිඳියාවකින් යුතුව පයුරුපාසනයන් පවත්වන අයුරු මේ ගෙවී ගිය අතීතය තුළ ඔහුගෙන් මා දුටු විශේෂතාවකි. මෙම කෘතියේ තැනක ප්‍රශ්නකරුවන් විසින් ඇසෙන ඔබ කැමතිම දේශපාලනඥයා කවුද යන ප්‍රශ්නයට ලාල් විජේනායක දෙන පිළිතුරෙන් ඔහුගේ මෙම සුවිශේෂත්වය මැනවින් හඳුනාගත හැකිය. ඔහුගේ පිළිතුර ඇන්.ඇම්. යනුයි..ලංකා සමසමාජ පක්ෂය අතිදැවැන්ත දේශපාලන හා දැනුම පෞරුෂයන් හතරක් එක වර නායකත්වය දැරූ පක්ෂයකි. ආචාර්ය සරත් අමුණුගම නිවැරදිව, එවන් පෞරුෂයන් හතරක් එකම පක්ෂයක එකවර නායකත්වය මණ්ඩලයක සාමූහික ව සිටි අවස්ථාවක් ලෝක දේශපාලනයේ පවා නොමැති බව සඳහන් කරයි. එම දේශපාලන පෞරුෂයන් හතර නම්, ඇන්. ඇම්., කොල්වින්, බර්නාඩ් සහ ලෙස්ලි ය. එමෙන්ම ඔවුන් සමග සිටි දෙවන පෙළ නායකත්වය ද දැනුමෙන් කැපවීමෙන් සමාජයේ සම්භාවනාවට පත් වීම යන කාරණාවලින් ඉහළ අගයක් සටහන් කළේය. හෙක්ටර් අබේවර්ධන, ඔස්මන්ඩ් ජයරත්න, කරාලසිංහම්, බැටී වීරකෝන්, සිඩ්නි වනසිංහ ආදි මධ්‍යම කාරක සභිකයන් හා දේශපාලන මාණ්ඩලිකයන් ඒ සඳහා මනා උදාහරණයන්ය. ලාල් එවැනි වර්ණ පූර්ණ මහා පෞරුෂයන් සමග නායකයෙකු ලෙස සිය දේශපාලන ක්‍රියාකාරිත්වය පණගැන්වීය. ඔවුන් අතර තිබූ විභේදනයන් ද, නිපුණතා ද සැලකිල්ලට ගනිමින් ඇන්.ඇම්. පක්ෂය මෙහෙය වූ ආකාරය විජේනායකයන්ගේ දේශපාලන ආත්මය සකස් කළ බව, අප දන්නා සේම මෙම කෘතියෙන් ද මනාව ඒ බව පෙන්නුම් කරයි..විජේනායකයන්ගේ විශ්වවිද්‍යාලයීය ජීවිතයේ ද, දේශපාලන ජීවිතයේ ද, එම පද්ධතීන් මෙහෙයවන කාරකයක් ලෙස කුලය ක්‍රියාත්මක වූ ආකාරය මෙම කෘතියේ අපූරුවට දක්වා තිබේ. විශ්වවිද්‍යාල ජීවිතයේ දී, සර් නිකුලස් ආටිගලගේ හා මහාචාර්ය එම්. බී. ආරියපාලගේ හැසිරීම් මේ සඳහා එක් උදාහරණයකි..මෙම කෘතියේ මැනවින් කතාබහට ලක් නොවුණත් අනෙකුත් තදානුබද්ධ කාරණාවල බලපෑම ද තිබුණේ වී නමුත් ඇන්.ඇම්.ගේ අනුහස් සහිත නායකත්වය අහිමි වීමත් සමග ලංකා සමසමාජ පක්ෂයේ පරිහානිය ආරම්භ වේ. වෙනස් පෞරුෂයන් හා වෙනස් අනන්‍යතා තිබුණු නායක මණ්ඩලයක් හැසිරවීමට ඇන්.ඇම්.ට තිබූ පෞරුෂය ඉනික්බිති නායකයන්ට නොතිබුණි. ඒ සඳහා පසු නායකයන්ගේ ‘කුල’ ප්‍රේමිත්වයන් ද බලපෑවා විය හැකිය..උත්තම ගණයේ ජාත්‍යන්තරවාදියෙකු වූ ද, න්‍යායවාදියෙකු වූ ද අද නිතර වරනැගෙන පටු දේශප්‍රේමය නොව, සැබෑ ගණයේ දේශප්‍රේමයෙකු වූ ලෙස්ලි ගුණවර්ධන පක්ෂය නොම්මර එකට තබා (තම පෞද්ගලික ජීවිතයටත් වඩා) පක්ෂයේ මාර්ග සිතියම සකස් කළ අයුරු මෙම කෘතිය තුළ සාකච්ඡා කිරීම මගහැරුණු එක් අඩුපාඩුවක් ලෙස මම දකිමි. එමෙන්ම තම දේශපාලන කඳවුරෙන් බැහැර ඩඩ්ලි සේනානායකගේ ප්‍රජාතාන්ත්‍රික ගුණාංග, ටී.බී. ඉලංගරත්නයන්ගේ අවංක හා අදූෂිත දේශපාලනය, චන්ද්‍රකාගේ විපිළිසර දේශපාලන චරිත ස්වභාවයන් ආදිය ගැනද ප්‍රමාණවත් විස්තර මෙහි අඩංගුය..ලාල් අකුරු කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. ඔහු එහි ගෙවූ ජීවිතය පිළිබඳ විස්තර කිරීම, එදවස ඔසවා තැබූ විසල් අධ්‍යාපනික හා සමාජ පරමාර්ථ ඒ විද්‍යාලයට පමණක් නොව ලංකාවේ පොදුවේ අධ්‍යාපනික රටාවේ හැඩරුව මැනවින් හඳුනා ගැනීමට සමත් විශ්ලේෂණයකි. විජේනායකයන්ට සමාසන්න කාලයේ උපන් (1940) සයිමන් නවගත්තේගමගේ පාසල අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි. ලාල් පාසලට, පාසල අනුබද්ධ වටපිටාවට සවිඥානක වන්නේ යම් සේ ද, සයිමන් ද රජරටට, වන්නියට සවිඥානකව තම පාසල සිය සාරාර්ථවත් වැඩිහිටි ජීවිතයට ආලෝකයක් කරගනී. ඒ එදා අධ්‍යාපනයේ ගමන් මගේ ස්වරූපයයි. අද තමන්ගේ පාසල අතිශ්‍රේෂ්ඨය, අනෙක්වා කවරක් ද, ලෙස පාසල් රටේ පවත්නා වර්ගවාදයට තවත් වර්ගවාදයක් බෝ කරමින් පෝර දමනවා වෙනුවට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී වපසරියේම නිරූපණයක් වූ ආකාරය විජේනායකයන් සිය පාසල අරබයා කරන විග්‍රහයෙන් පෙනේ..ලාල්ගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන සලකා බැලීමේ දී සුවිශේෂ පරිසරයක සුවිශේෂ චරිතයක්ව ක්‍රියා කළ ආකාරයට හොඳම උදාහරණයක් වේ. සර් නිකුලස් ආටිගල යනු ඉතා අභීිෂ්ඨ, එමෙන්ම දරදඬු හා පරමාර්ථගවේෂි පුද්ගලයකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය අපට කියාපායි. ස්වකීය හා ආයතන ගෞරවය යන දෙකම ගැන තරමට වැඩියෙන් සිතූ ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අවධිය වනාහි පසුගිය දශක පහ පමණ ලංකාව බැබළවූ අලංකාරම මිනිසුන් බිහි කළ අවධිය ලෙස ගත හැකිය. රටේ නායකයාට දෙකට නැවෙනවා වෙනුවට, ඔහු හෝ ඇය වැළඳගෙන සුබ පැතීමට සමත් පෞරුෂයක් තිබුණු දැවැන්තයෙකි සර් නිකුලස් ආටිගල. ඒ යුගයේ ආයතන නායකත්වය දැරුවේ පොදුවේ ඔවුන් වැනි උදවිය ය. පසුකාලීනව තමන්ගේ ඇමතිවරයා සිරස ‘සටන’ වැඩසටහනට සහභාගි වන විට එහි ප්‍රේක්ෂකයකු ලෙස සහභාගි වී ඇමතිවරයා වෙනුවෙන් ප්‍රශ්න අසන තැනට වැටුණේ ද ඒ විශ්වවිද්‍යාලයේ ම මෑතකාලීන උපකුලපතිවරයෙකි. විශ්වවිද්‍යාල යනු රටක් තුළ තවත් රටකි. (බුද්ධියේ රාජ්‍යයයි) ඒවාට ලබා දී ඇති ස්වාධීනත්වය වනාහි ඒ රටේ නීති සම්පාදනයට ලබාදී ඇති අයිතියයි. එවැනි රටක් පාලනයට අයිවෝ ජෙනිංන්ස්ලා, නිකුලස් ආටිගලලා බිහිනොවන කල ලාල් විජේනායකට, ආචාර්ය සරත් අමුණුගමට හෝ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසට අභිමානයෙන් කියන්නට පුළුවන් වූ ‘අපි මිනිස්සු කළේ පේරාදෙණියයි’ යන්න මැත කාලීන විද්‍යාර්ථීන්ට තවදුරටත් කියන්නට නොහැකිය..ලාල්ගේ ජීවිත ආවර්ජනය වෙතින් අපට අපගේ දේශපාලන ගමන් මග පිළිබඳව විමර්ශනයට අපුරු මංපෙතක් විවර වෙයි. විසිවන සියවසේ දෙවන කාර්තුවේ ආරම්භ වූ ලංකාවේ වාමාංශික ප්‍රභවයක් සහිත දේශපාලනය, මාක්ස්වාදී පදනමක් සහිතව නව අදියරකින් ඇරඹෙන්නේ ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමත් සමග ය. සැබවින් ම එම පක්ෂය න්‍යායිකව සන්නද්ධ විප්ලවය සම්බන්ධව ධනාත්මක ආකල්ප දැරුවත්, ගෙවී ගිය කාලය මුළුල්ලේම ඔවුන්ගේ සටන් උපක්‍රම හා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම හා ඒ හා බැඳුණු සමාජ සුබසාධන ක්‍රියාමාර්ග ශක්තිමත් වීමයි. නිදහස් අධ්‍යාපන යෝජනාව කවරෙකුගේ වුවත් එය බලගැන්වීමටත් රැකගැනීමටත් සමාජයේ ප්‍රතිගාමී බලවේගවලින් පැමිණි අභියෝගයන්ට මුහුණ දුන්නේ මෙරට වාමාංශික ව්‍යාපාරයයි. විශේෂයෙන් ප්‍රධාන පැරණි වාමාංශික පක්ෂ දෙකේ පළමු හා දෙවැනි පෙළ නායකයන් අසමසම ජාත්‍යන්තර ගණයේ උගතුන් වීම නිසා මෙම කටයුත්ත ප්‍රමුඛ කාර්යයක් ලෙස වටහා ගැනීමට ඔවුහු සමත් වූහ. එමෙන්ම නැගී එමින් පැවැති ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස වැඩවසම් පැලැන්තියට අයත් නොවූ නිර්ප්‍රභූ ධනපති පන්ති සම්භවයක් සහිත තරුණයන් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයට පිටත්ව ගියෝය. එකල බි්‍රතාන්‍යයේ සිදු වූ සමාජ ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණත්, රුසියානු විප්ලවයේ ගතිකයන්ගේ ස්වරූපයත් සමීපව හැදෑරීමට මෙම පුරෝගාමී තරුණ කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒවායෙන් පන්නරය ලබා ලංකාවට පැමිණ ආරම්භ කළ ව්‍යාපාරයට කම්කරු පංතියට අමතරව වඩාත් ම ආකර්ෂණය වූයේ උගත් තරුණ පිරිස්ය. එහෙයින්ම එම ව්‍යාපාරය දේවල් දුටුවේ පොතේ හැටියටමත් වඩා තර්කණයේ හා විමර්ශනයේ ද ආලෝකය ලබමිනි. යටත් විජිත බි්‍රතාන්‍ය පාලනයේ ඉදිරිගාමී දායාදයන් රැක ගැනීමටත් (උදාහරණ -නීතිමය ආධිපත්‍යය උදෙසා කළ සටන්, වැඩවසම් ක්‍රමයට එරෙහි සුවිශාල පියවර) අත්තනෝමතිකත්වයට එරෙහි නව ප්‍රගතිශීලී පියවර ගැනීමටත් සහාය දැක්වීමයි. ලාල් වැනි බුද්ධිමතුන් ලංකා සම සමාජ පක්ෂයට ආකර්ෂණය වන්නේ මෙවැනි පසුබිමක් යටතේ ය. ඔහුගේ ආධානග්‍රාහී නොවන ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්තිවලට බලපාන්නේ ද එම පසුබිම ය. විශේෂයෙන් දෘඪ වාමාංශික පක්ෂයක් වෙනුවට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්මිතයක් සහිත පක්ෂයක් බවට ල.ස.ස.ප. සකස්වීමට බලපෑ ප්‍රධාන චරිතය ඇන්.ඇම්.ය. ලාල්ගේ වඩාත් ආකර්ෂණයට ලක් වූ ආනුභාවයක් පෑ නායකයා වන්නේ ද ඇන්.ඇම්.ය..‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා වාමාංශික ව්‍යාපාරයේත් නිදහස් අධ්‍යාපනයේත් මැදිහත්වීම මනාව නිරූපණය වේ. ප්‍රධාන වශයෙන් 1957 දී පමණ ඇරඹී 1983 උත්සන්න වූ වාර්ගික භේදතාවන් නිසා තීව්‍ර වූ දේශපාලන අර්බුදය, ලංකාවේ සමාජ හා සංස්කෘතික අර්බුදය නිර්මාණයටද දායක විය. ඒ සමඟම අද පරිහානිගත ව ඔත්පල ව තිබෙන අධ්‍යාපනික හා දේශපාලනික ආයතනික පද්ධතිය, එසේ වූයේ කෙසේ ද යන්න වටහා ගැනීම සඳහා අගනා විවරණයක් මේ කෘතිය විසින් සපයයි..එමෙන්ම කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙක් බිහි නොවන බව ලාල්ගේ අරුත් සරු ජීවිත කතාව අපට කියයි. ලාල්ගේ අතීත මතකයන් සහ අත්දැකීම් සමග අද්‍යතන විශ්වවිද්‍යාල, පාසල් හා දේශපාලන සංස්ථා ක්‍රියාත්මක වන ආකාරය සංසන්දනය කිරීම අද දවසේ වටිනා කාර්යයකි..එමෙන් ම තමන්ගේ ජීවිතය තෘප්තිමත් හා අර්ථ සම්පන්නබවින් පුරවාලමින් මානව හිතවාදී දේශපාලනයක නිරත වීම උදෙසා නව වාමාංශික සමාජයට අපූරු පාඩමක් මේ කෘතිය කියා දෙයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවසංගතයට.එරෙහි වූ.දිදුලන හදවත් එකතුව.අසිරි හදවත.Next articleමේ ගඟ.මං හොඳට දන්නවා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දැන් ඉන්නේ යටත්වැසි පාරිභෝගිකයන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දැන් ඉන්නේ යටත්වැසි පාරිභෝගිකයන්.By තරිඳු උඩුවරගෙදර.February 16, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.ලංකාවේ සාමාන්‍ය තරුණයන් බොහෝවිට අනෙක් ජනවර්ග ප‍්‍රතික්ෂේප කරන, ගෝත‍්‍රික අදහස් දරන අය බව අපට පේනවා. අන්තර්ජාලයෙන් ලෝකයට විවෘත වෙන්නට හැකියාව ඇති යුගයක තරුණයන් මෙසේ වීම ගැන ඔබට හැෙඟන්නේ මොකක්ද?.ඔබ තරුණයන් කියලා අදහස් කළ පිරිසෙහි සාමූහික හැසිරීම තරුණ විඥාන අවකාශය කියලා හඳුන්වමු. මේ තරුණ පරම්පරාවේ සාමූහික විඥානයේ සිතියම දෙස බලනකොට, යම් යම් දේවල් ටිකක් පේනවා. යම් තැන්වල දැඩි වර්ණයක් පේනවා. පටු අනන්‍යතාවක් මුල් කරගත්ත කලහකාරී මනසක් පේනවා. ඔවුන් හැමතිස්සේම අනෙකා එක්ක රණ්ඩු වෙනසුලූයි. තමන්ව මුල් කරගෙන ස්වයංකේන්ද්‍රීයව හිතනවා. ජාති, ආගම් වගේ නොයෙකුත් ආකාරයේ සීමා හදාගෙන අනෙක් අය එක්ක ඝට්ටනයකට යනවා. එහෙත් මේ විඥාන අවකාශයේ විකල්පත් තියෙනවා. ඒ නිසා විවිධාකාර ආතතියක් එම අවකාශයේ තියෙනවා. එකම පාටක් හෝ එකම ලක්ෂණයක් නෙවෙයි තියෙන්නේ. මේක තේරුම් ගන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද කියන කාරණාව දිහා අපි බලන්න ඕනෑ..දැනට ලෝක මට්ටමේ තියෙන සමාජ දේශපාලනික පසුබිම මේ තත්වයට බලපාන්න ඇතිද?.සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් ලෝකයට විවෘත වුණ නමුත් අපි කලින් කී සීමාවල සිරවුණ තරුණයෙක් දැන් ඉන්නවා. ඒ තමයි අපේ කර්තෘකයා. එයාට ඕනෑ නම් ලෝකයට විවෘත වෙන්න පුළුවන්. දැනුම ලබන්න පුළුවන්. තමන්ගේ සීමාවෙන් පිට එය සමග ලේසියෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ප‍්‍රගතිශීලී අදහස්වලින් සන්නද්ධ වෙන්න පුළුවන්. ඒත් ඔහු සමාජ මාධ්‍යවලදී වුණත් තෝරාගැනීම් කරනවා. එයාලා තමන්ගේම කණ්ඩායමක් හොයාගන්නවා. තමන්ට ඕනෑ විදියේ කරුණු හොයාගන්නවා. තමන් අභියෝගයට ලක් කරන විඥාන ධාරාවන්ට ඔවුන් විවෘත වෙන්නේ නැහැ. මේ කර්තෘකයා නිර්මාණය වෙන්නට හේතුවන අපේ රටට ආවේණික පසුබිමක් තියෙනවා. ඒක අපේ රටෙන් එළියට බාර කරන්න ඕනෑ දෙයක් නෙවෙයි. ඒක අපේ ප‍්‍රශ්නයක්..ඒ ප‍්‍රශ්නය මොකක්ද?.රටක පොදු විඥානය සකස් කරන සංස්කෘතික බල අඩවි හතරක් තියෙනවා. මම මෙතැන සංස්කෘතික බලය කියලා කියන්නේ සරලව සංස්කෘතිය කියන අදහසෙන් නෙවෙයි. මා එය හඳුන්වන්නේ ගැඹුරු මානව විද්‍යාත්මක අර්ථයකින්. මම සංස්කෘතික බලය කියලා හඳුන්වන්නේ අපේ මනස සංස්කරණයට තියෙන හැකියාව. අපේ විඥානය සකස් කිරීමට තිබෙන හැකියාව. මම බලන්නේ ඒ හැකියාව වැඩිපුරම තියෙන, ඒ බලය පාවිච්චි කරන අඩවි මොනවාද කියලා. ඒ බලය තියෙන්නේ කා අතේද කියලා. අඩවි හතරක් තියෙනවා. අධ්‍යාපනය, කලාව, මාධ්‍ය, ආගම කියන හතර..ලංකාවේ අධ්‍යාපනයෙන් ගොඩනගන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයාට කලාව බලපානවා. කෙනෙකුට කලාව වැදගත් නැති බව පෙනෙන්න පුළුවන්. ඊට අමතරව නූතන ලෝකයෙහි මාධ්‍යවලටත් ඒ බලය තියෙනවා. ඊටත් අමතරව පන්සල් හා පල්ලි ආදි ආගමික ආයතනවල ලෝකය තියෙනවා. මේ භූමි හතරේ සිද්ධවෙන ක‍්‍රියාවලියෙන් තමයි ලංකාවේ විඥානය ප‍්‍රධාන වශයෙන් හැදෙන්නේ. ඔය හතර අවුල් නම් රටක් අවුල්..ඒ අඩවි හතර ගැන තවත් විස්තර කළොත්...ලංකාවේ අධ්‍යාපනයෙන් සකස් කරන්නේ කාවද, එහි අරමුණ මොකක්ද, ගුරුවරු හදන්නේ කෙබඳු ළමයෙක්ද කියන මාතෘකා ගැන අපි කතාකරන්න ඕනෑ. කලාව ගැන අවධානය යොමුකරද්දී උඩින් පේන්න පුළුවන් ලංකාව කලාවට ආදරේ රටක් කියලා. ඒත් හරියට පරීක්ෂා කරලා බැලූවොත් කලාව එක්ක අපේ සම්බන්ධය නරකයි. කලාවට සලකන්නේ නැහැ. පාසලේදී ගුරුවරු කලාව උගන්වන්නේ අනෙක් වැඩ ඉවරවුණාම විවේකයේදී කරන දෙයක් විදියට. ඒ අනුව කලාව එතරම් ප‍්‍රමුඛ නැති බවත්, ඊට වඩා උදර පෝෂණය ප‍්‍රමුඛ බවත් ඉඟි කෙරෙනවා..ඒක මම මුලින් කී අධ්‍යාපනය කියන අඩවියටත් අදාලයි. වැඩවසම් කාලයේ ඉඳන්ම කලාව ලෙස සැලකුවේ ප‍්‍රභූන්ගේ වැඩක්. ඒ කාලයේ කලාව යැයි කීවේ ඇස කන පිනවීම. සරල විනෝදය කියන සීමාවේ කලාව තිබුණා. එහෙත් දියුණු ලෙස කලාව ගැන කල්පනා කරන සමාජයක් කලාවට ඉහළින් සලකන්න ඕනෑ. දැන් කලාවට සලකන්නේ කාලා බීලා ඉවරවෙලා නෙත් කන් පිනවීමක් විදියට. මිනිස්සුන්ව අලූත්වැඩියා කිරීම, අභියෝග කිරීම එතැනට අදාළ නැහැ..මිනිස්සු කලාවට කෙතරම් වෙලාව, සල්ලි වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. ප‍්‍රබුද්ධයි කියන රටවල වගේ කලා පර්යේෂණ, නිෂ්පාදන කරන කලාව හා සංස්කෘතිය වෙනුවෙන් වෙන්වුණ මහජන අරමුදල් නෑ. කලාව තියෙන්නේ වාණිජ අරමුණු වෙනුවෙන්. කලාව කියලා විශාල වශයෙන් මිනිස්සු පරිභෝජනය කරන්නේ ටෙලිවිෂනයෙන් බලා ඉන්න දේවල් තමයි. කලාව බලගතුයි. ටෙලිවිෂනයේ පෙන්වන දේවල්වලින් තමයි කලාවේ බලගතුකම වැඩ කරන්නේ. ඒ ටෙලිනාට්‍ය ආදිය මෙහෙයවන්නේ බලගතු ප‍්‍රාග්ධනයකින්. ඊට විකල්ප ධාරාවන් පැන නගින්නේ නැහැ. ඊට පසුබිමක් නැහැ. අමාරුවෙන් කිහිපදෙනෙක් විකල්ප වැඩ කරනවා. ඒවා නොනැසී පැවතීමත් පුදුම දෙයක්. කොළඹ තියෙන්නේ එකම එක ප්ලේහවුස් එකයි. කොළඹින් පිට එහෙම ආයතන නැහැ..මා කීව අනෙක් ආයතනය තමයි මාධ්‍ය. එහි තිබෙන ගැටලූ මා විශේෂයෙන් විස්තර කරන්නේ නැහැ. ඒ ගැන ඕනෑතරම් කතාකර තිබෙනවා. වාණිජ ප‍්‍රාග්ධනයෙන් උස්සාගෙන යන මාධ්‍ය මිසක් මහජන කේන්ද්‍රීය මාධ්‍ය නැහැ. ඒ කරුණුවලින් පල්ලි, පන්සල් ඇතුළේ වෙන දේවල්වල වෙනසක් නැහැ. පෙර කී ගැටලූම අඩු වැඩි වශයෙන් ආගමික ආයතනවල තියෙනවා. වැඩවසම්වාදී ආගමික කතිකාවක් තියෙන්නේ. ආගමික ලෝකයත් නවීකරණය වෙලා, මූලාශ‍්‍ර හොයාගෙන යෑමේ ක‍්‍රියාදාමයක් නෑ. ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමයක් නෑ. මඟහැරුණු බුදුන් නැවත හොයාගන්න ඕනෑ වගේ අදහසක් නෑ. නුවර යුගයේ නිලමේලාගේ ආගම තමයි තවම තියෙන්නේ..ඒ ක්ෂේත‍්‍ර හතර අතිශය නරක තත්වයක තියෙනවා. ඒ අඩවි හතරේ බලපෑමෙන් නිර්මාණය වෙන්නේ පරිභෝජනවාදී ලිබරල් ආර්ථිකයකට සම්බන්ධ වෙන පුරවැසියෙක්. ද්‍රව්‍යමය දේවල් පමණක් ඔළුවේ තියෙන, ඒවා ගැන හීන දකින, ගෙවල් හා වාහන මොන ජාතියෙන් හෝ ගන්න ඕනෑ බව හිතන සත්වයෙක් නිර්මාණය වෙනවා. යටත්වැසි ඔළුවකුත් ඒ විදියටම නිර්මාණය වෙනවා. ඔළුව නවීකරණය වෙලා පුරවැසියෙක් හැදෙන්නේ නැහැ. ඒ අනුව දැන් යටත්වැසි පාරිභෝගිකයන් නිර්මාණය වෙන්නේ..දැන් තරුණ පරම්පරාව හැදෙන්නේ ඒ පසුබිමේ නේද?.දැන් හැදිලා තියෙනවා එම සත්වයන්ගෙන් සමන්විත දේශපාලන ලෝකයක්. අවුරුදු තිහ හතළිහක් ඇතුළේ දේශපාලනය කළු කර්මාන්තයක් වෙලා. පක්ෂ කියන්නේ සමාගම් වගේ ජාතියක්. ඒත් ඒවා යහපත් විදියට ව්‍යාපාර කරන සමාගම් නෙවෙයි. කළු ව්‍යාපාර. මිනිස්සු ඡුන්දය දුන්නත් මිනිස්සුන්ගේ ජීවිත නියෝජනය කරන කිසිදයෙක් සිද්ධවෙන්නේ නැහැ. නියෝජිතයන් කියන්නේ මහජනතාව නියෝජනය කරන අය නෙවෙයි. ඔන්න ඔය ලෝකයේ තමයි වත්මන් තරුණ පරම්පරාව ඉන්නේ. ඔවුන්ගේ ඔළුව ප‍්‍රතිනිෂ්පාදනය වීම සඳහා අභියෝගයක් එන්නේ නැහැ. අර අඩවි හතරේ සෙල්ලම දිගින් දිගටම යනවා. ඒ සෙල්ලමට උඩින් තියෙන වහල තමයි ජඩ දේශපාලනය හා ලිබරල් ආර්ථිකය. ඒක තුළ අර සත්වයා බිහිවෙනවා..ඔබ භයානක චිත‍්‍රයක් ඇන්දා. එයින් ගොඩඒමක් නැද්ද?.බැලූ බැල්වමට ගොඩඒමක් නැති බව පෙනේවි. මම පෙන්නුවේ කළු වළාවක් තමයි. ඒත් ඒ වළාවේ රිදී රේඛා තියෙනවා. මම එහෙම කියන්නට හේතු දෙකක් තියෙනවා. අපි නරක විදියට ඇඳපු චිත‍්‍රය ඇතුළේම දුර්වල නමුත් විකල්ප චින්තන මාර්ගයක් තියෙනවා. වර්ගවාදය වෙනුවට මනුෂ්‍යත්වයට මුල් තැන දෙන චින්තනයක් සුළු පිරිසක් අතර තියෙනවා. ලංකාවේ නූතන ඉතිහාසය පුරාවට එවැනි දුර්වල විකල්පයක් පෙනෙන්න තිබුණා. ඒක කුමාරතුංග මුණිදාසගේ ඉඳලාම දකින්න පුළුවන්. ඔහුගේ ලියවිලි පරිශීලනය කරනකොට වැටහෙනවා ඒවා කුලභේදයට විරුද්ධ බව. ඔහු සංස්කෘතික හා භාෂාමය ජාතිකවාදියෙක් වුණාට වර්ගවාදියෙක් නෙවෙයි..ලංකාවේ වගේ නෙවෙයි, ඉන්දියාවේ බෙංගාල පුනරුද ව්‍යාපාරයෙන් ගොඩනැඟුණු වර්ගවාදී නොවන ජාතිකවාදයක් තිබුණා. කුලභේදයට එරෙහි, සමානාත්මතාව අගයන ව්‍යාපාරයක් එහි තිබුණා. රවීන්ද්‍රනාත් තාගෝර් වැනි අය එයට නායකත්වය දුන්නා. නේරු, ගාන්ධි, අම්බෙඞ්කාර් වැනි අය දේශපාලන පසුබිම හැදුණා. ඒත් වෙනසකට තියෙන්නේ ඉන්දියාවේ එම අදහස් තිබුණේ ප‍්‍රධාන ධාරාවේයි. තාගෝර්ගේ සිට අරුන්දතී රෝයි දක්වා ප‍්‍රධාන ධාරාව නියෝජනය කළා..ලංකාවේ තිබෙන ගැටලූව තමයි මා කියන රිදී රේඛාව කළු වළාවක සැඟවී තිබීම. විකල්ප චින්තනය තියෙන්නේ යටපත් වෙලා. කුමාරතුංග මුණිදාසගේ අදහස් පවා මහජන ව්‍යාපාරයක් දක්වා ගියේ නැහැ. අනගාරික ධර්මපාලගේ ව්‍යාපාරය තමයි මහජන ව්‍යාපාරයක් වුණේ. එහෙත් මා පෙන්වූ විකල්පය ඇතුළේ සාමය, මිත‍්‍රත්වය, මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගත් අදහස් ධාරාවන් තියෙනවා. ඒ ධාරාවේ තරුණයන්ට අවකාශයක් තියෙනවා. එදාට වඩා ඒ ධාරාව ප‍්‍රබල වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය නිසා. මොකද ලෝකයේ තරුණ ව්‍යාපාරවල පවා ඉතා යහපත් දේවල් දකින්න ලැබෙනවා..එහෙත් ලෝක මට්ටමෙනුත් වර්ගවාදී අදහස් ඉහළට මතුව ඇති බව කියනවා නේද?.ලෝක මට්ටමෙනුත් අඳුරු තත්වය යටතේ නැවුම් ව්‍යාපාර පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. උදාහරණ ඕනෑ තරම්. තරුණම පරම්පරාව අලූත් මානව හිතවාදයක් සොයායනවා. නූතනවාදයේත් සීමා රාමු කඩාගෙන ඔවුන් යනවා. පෘථිවියේ ඉරණම ගැන කල්පනා කරන තරුණ පරම්පරාවක් අද ඉන්නවා. ඔවුන් පරිසරය ගැන උනන්දු වෙනවා. ඒ සඳහා ක‍්‍රියාත්මක වන දේශපාලන ව්‍යුහයන් හැදීමේ අවශ්‍යතාව ගැන ඔවුන් කතාකරනවා. ඔවුන්ගේ චර්යාවන් මාරු වෙමින් පවතිනවා. බලගතු නැගීසිටීමක් සිද්ධවෙනවා. යුරෝපයේ, ස්කැන්ඩිනේවියානු රටවල, ජපානයේ, කොරියාවේ තරුණ පරම්පරාව අද බිමට බැහැලා. තමන්, අනෙක් මිනිසුන් හා පරිසරය එක්ක වඩා මානුෂිකව ජීවත්වීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වනවා. සාමයෙන්, මනුෂ්‍යත්වයෙන්, බෙදාහදාගෙන ජීවත්වෙන්න ඕනෑ බව ඔවුන් හිතනවා. එහි ප‍්‍රතිඵලයක් විදියට පෘථිවි විඥානයක් දැන් හැදෙනවා. අපි පෘථිවියේ දරුවන්, එකිනෙකා ඉන්න ඕනෑ බවට විඥානයක් පහළ වෙමින් තියෙනවා. ඒ අදහස් තාක්ෂණය එක්ක සන්නිවේදනය වෙමින් පවතිනවා. එහි ප‍්‍රතිඵලයක් විදියට ආකර්ෂණීය, සරල සැහැල්ලූ මිත‍්‍රශිලී ජීවිත ගොඩනැගෙනවා. වටේ තියෙන කටු කඩලා දාලා, මනුෂ්‍යයන් නිරාවරණය වෙමින් ඉන්නවා. මෙය ආධ්‍යාත්මික සම්ප‍්‍රදායක් බවත් කියන්න පුළුවන්. ඒ නිසා මෙය ඉතාම විශේෂ අවස්ථාවක්..ඒ කියන්නේ ලෝකය වෙනස් වෙනවාද?.මීට අවුරුදු දහයකට 15කට කලින් නොතිබුණු අවස්ථාවක් අද තියෙනවා. ගෝලීය දැනුම ක්ෂණිකව අල්ලාගන්න පුළුවන් තාක්ෂණයක් අද අපට තියෙනවා. මෙය අලූත් තත්වයක්. මා කියන තත්වය ප‍්‍රඥා ගෝලයක් ලෙස නම් කරන්න පුළුවන්. පෘථිවිය පරිණාමය වෙමින් යන ගමනේ නූතනම අදියර තමයි පෘථිවිය ප‍්‍රඥා ගෝලයක් වීම. ලෝකයේ එක් කෙළවරක පිරිසක් පාදගන්න දෙයක් වහාම ලෝකය පුරා යනවා. ඒ අනුව ලෝකය පිම්මක් පනිමින් ඉන්න බව පේනවා..ඒ තත්වය තවම ලංකාවේ පේන්නේ නැහැ. එහෙත් ඒ තත්වය මා කලින් කී රිදී රේඛාව මහා අලෝකයකට හරවාගැනීම සඳහා පහසුවක් වේවි. ඒ නිසා වෙනසක් සඳහා අලූත් සන්නිවේදන තාක්ෂණය ප‍්‍රබල අත්වැලක් විය හැකියි. බැහැරින් එන දේවල් ඉක්මනින් සංසරණය වෙනවා. යහපත් පරමාදර්ශ සමාජ මාධ්‍යවලින් ක්ෂණයෙන් හුවමාරු වෙනවා. බෙදාහදාගැනීමක් සිද්ධවෙනවා. පරිසරය ගැන, සත්තු ගැන ආදි වශයෙන්. අපි කොහොම හිතුවත් රටක් හැටියට වැහිලා ගිහින් නැහැ. එහෙත් ලෝකය එක්ක තියෙන සම්බන්ධතා පුළුල් වීම කාටවත් නවත්වන්න බෑ. ලෝකය එක්ක ගනුදෙනු කරන්න වෙනවා. අපි තනි ¥පතක් නෙවෙයි. භෞමික වශයෙන් ¥පතක් වුණාට, සංකල්පීයව අපේ රට ¥පතක් නෙවෙයි. ඒ යථාර්ථය කවදාටත් වඩා අපේ ඉස්සරහට එනවා. තවදුරටත් දේවල් තීරණය වෙන්නේ අපේ රටේ නෙවෙයි. විඥාන භූමියේ ප‍්‍රශ්න විසඳෙන්නේත් ඒ අලූත් තත්වය මත..Tags.anidda.Anidda Newspaper.ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයහපාලන ආණ්ඩු කාලේ කොරෝනා වසංගතය පැමිණියා නම්!.Next articleකෙනෙක් ලස්සන කරලා සතුටු වෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඇපල් ෆාම්, වැඩවසම් ක්‍රමයක  නූතන මුද්‍රාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඇපල් ෆාම්, වැඩවසම් ක්‍රමයක  නූතන මුද්‍රාව.By සංස්කාරක.August 13, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.තදැති පලා වන අර්තාපල් යාය අතරින් පතර මතුව ආ ඇපල් ගසෙක ළපැටි ගෙඩියකි. දළ බෑවුමක අගිසියේ තවමත් ඉතිරිව ඇති පල දරන පෙයාර්ස් ගසක් සොයා ගිය හර්ෂණ ඉන් නෙළා ගත් පැසුණු ගෙඩි කිහිපයක් ම‘අත තැබීය. ඒ රාගල පෙයාස් වර්ගයයි. දැන් රහංගල පෙයාර්ස් නම් තවත් වර්ගයක්ද තිබේ. හමන සුළඟ සුවඳ ය. පසෙකින් ස්වභාවික වනයයි. එදෙසින් බිම්මල් සුවඳැති සුළඟ හමද්දී කඳුයාය ඉදිරියේ මනුස්ස නිර්මිත යුකැලිප්ටස් වනයෙන් හමන්නේ බාම් සුවඳකි. අර්තාපල් බිම් අතර ලීක්ස් කොරටුවලින් සැර ලූනු සුවඳ වහනය වෙද්දි පෙයාර්ස් ගස් අතරින් මින්ට්මය පුසුඹක් හමා එන්නේ වගා බිමේ සාරය උරා බොමින් පුළුල් පතැතිව වැඩුණු මිංචි පඳුරුවලින් ය. හර්ෂණගේ ස්කූටි තුරඟා කඳු නගිමින්, පල්ලම් බසිමින් අප මෙහි ගෙන ආවේය. රාගල ටවුම පෙනෙන දුරින් හැරී හයිෆොරස්ට් පාරේ විත් මහකුඩුගල කන්ද පාමුලින් දුර්ග මඟක තේ යාය මැදින්  මේ වැඩවසම් රාජධානියට ප්‍රවේශ විය හැකිය. මිතමය රාවණ පුරාවෘත්තය හා මහකුඩුගල කන්ද සබැඳේ. ඇතැම් විත්ති කතාකරුවෙකුට අනුව රාවණ දීර්ඝ නිද්‍රාවේ වෙසෙනුයේ මේ ඉසව්වේ කොයිබ හෝ ය. මෙ ගම්වල රාවණ දෙවියෙකු සේ සළකා පුදන්නෝද වෙති..තේ නිල්ල හා මහ වනය අතරමැද යුකැලිප්ටස් වනයට මායිම්ව අක්කර සිය ගණනක බිම පටු තලාවන්ගෙන්ද දළ බෑවුම හෙල්මැළියෙන්ද සමන්විතය. අගමැතිනි සිරිමා සමයේ එහි වූ රාජ්‍ය ව්‍යාපෘතියේ අරමුණ ඇපල් වගාවයි. ඒ ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය අනුව වූ අතර රත් හා හරිත පෑ ඇපල් ද පෙයාර්ස්ද වවා තිබූ බව අතරින් පතර නෂ්ඨ වූ ගස් සාක්ෂි දරයි. බොහෝ කලකට පසුව අත්හැර දමන ලද බිමෙහි ඇපල් ගස් කපා දමනු ලැබූවද පොළව යට සැඟව ගිය මුලකින් මතුව එන ඇපල් ගසක් අද ද නිර්ලෝභීව පල බෙදයි. “ඇපල් ෆාම්” යනුවෙන් අටවා ගත් නමක් මිස හැඳුනුම් කේතයක් නැති ගමක පවුල් එකසිය පණහකට වැඩි අනවසර පදිංචිකරුවෝ පිරිසක් අල හා වෙනත් උඩරට බෝග වවති. මේ ගැමියන්ට මතක දේශපාලන පෙකණිවැල ටී.බී හේරත්ගේ ය. මැතිණි ඇපල් වැවූ බිම ආණ්ඩු මාරුවෙන් පසු රට ඇපල් ගෙන්වද්දී අයසට යත්ම අලුත් ආණ්ඩුවල ආධාරකරුවන්ගේ ආක්‍රමණයට ගොදුරු විය. ආක්‍රමණිකයෝ ඇපල් ගලවා දැමූහ. අලුත් බෝගය වුයේ අර්තාපල් වන අතර විටෙක මාරුවට ලීක්ස් හා කැරට් වගා කරන්නට බිම ඉඩ දුන්නේය. බෙහෙවින් සිසිල් දේශගුණයද, සුදුසු සාර පසද තිබියදී ඇපල් වගාව අතහැර දමා අල වවන්නටඇති පදම් හේතු ඔවුන් වෙත ඇත..“මේකයි මහත්තයා. ඇපල් වැවෙන්නේ අවුරුද්දට සැරයයි. අල එහෙම නෙවෙයි අපි කන්න දෙක තුනක් කරනවා. ඒකෙන් අතට ගාණක් එනවා.” බෑවුමේ එල්ලන ලද නිවසේ ඇතුළු ගැබක ගල් ස්ප්‍රීතු උගුරෙන් පහළට හලා ගන්නා රාජා අයියා සංවාදයට මුල පුරන්නේ ඩ්‍රයි ජින්මය උණුහුමක් අපට ඉතිරි කරමිනි...අතහැරීමේ පලය අතහැරීම ය.රාජා අයියා ඇතුළු බොහෝ දෙනෙකු අඩුම තරමේ අවුරුදු විස්සකට එහා මෙහි විත් ඇපල් ගස් උදුරා දමා අල වැවීම ආරම්භ කළෝ ය. මුලින් තාවකාලිකව අටවා ගත් පියස්සක දවසැරි ඔවුහු පසුව කඳු බෑවුම්වල එල්ලූ ගෙවල අඹුදරුවන්ද සමඟ පැමිණ පදිංචි වූහ. ඒ හැත්තෑ හතේ බල පෙරළියෙන් කලකට පසු හැමූ දේශපාලන කුණාටුවේ පොරොන්දු සමගිනි. ඉඩම් අහිමිව සිටි ගොවීන්ට සිය දේශපාලන බලධාරීන්ගේ අනුහසින් ඉඩම් කැබැල්ලක් ලබා ගන්නට පුලුවන් වුවද ප්‍රතිපත්ති විරහිත අන්ධ දේශපාලනය විදේශ විනිමය ඉතිරියකට මඟ පාදන්නට ඉඩ තිබූ ඇපල් වගාව සංවර්ධනය කිරීමේ අදහසින් මිදී ඒ වනවිට මහා පරිමාණයෙන් ආරම්භව තිබූ අර්තාපල් වගාවට ගොවියෝ යොමු කළහ. මහපොළවට පෙම් බඳින්නේ නම් කිසිසේත් හෙළි නොකළ යුතු දළ බෑවුම් පවා අල වගාවෙන් වැසෙන්නේ ඉන්පසුය. එහෙත් මේ අහිංසක ගොවියන් අත දොසක් නැත. අද ද ඔවුන් ඇපල් ෆාම් ඉඩම්වල ඇඩ්‍රස් නැති මිනිස්සු ය. අර්තාපල් වගාවට යොදන අධිකතර රසායනිකවලින් හෙම්බත්ව දිරා ගිය සැවොම කෘශ ව ගිය කැරට්අල වැනි මිනිස්සු ය..ජින් ටොනික් මුසුවට බදින ලද ළපටි අමුමිරිස් පීරිසියක් සම්පාදනය වී තිබුණේ ය. කුස්සියේ හොදි බත් උයන රාජා අයියාගේ පියඹ නිසැකවම අර්තාපල් ඉවීමට නියමිතය. අර්තාපල් වගාවේ මායිම්වල එල්ලී සිටි රැළිති කාපිරි ගෝවා කොළ පාට නොනසා මැල්ලුමට හදන්නට යැයි කියා තිබුණේ හර්ෂණ ය. ඒවා උණු බත හා බෙහෙවින් රසය..“මහත්තයා, අපිට ජීවිතයට පාර කියන්ඩ කවුරුවත් හිටියේ නෑ. අදත් එහෙමයි. මේ ඉඩම්වලට කරදහියක් හැදිලා නෑ තවම. අපි ඇපල් ගැලෙවුවෙ ඒකෙන් ලාභ ගන්න විධියක් දැන හිටියෙ නැති නිසා. මේ හැම තැනම වැඩිපුර වැවිලා තියෙන්නෙ අසාධාරණය. අලවලට වන්දි දුන්නත්, පොහොර දුන්නත් බෙදෙන්නෙ රුවිතෙට” රාජා අයියා සියුම් කෝපාවේගයකිනි. ඇපල් ෆාම් හී පදිංචිව සිටින පවුල්වල ඉඩම් කුඩාය. ඔවුන් ඒවායේ වපසරිය පවසන්නේ අල හොණ්ඩර ගණනිනි. රාජා අයියාට අල හොණ්ඩර දොළහක්වත් වැවෙන ඉඩමක් ඇත. අප දන්නා අන්දමට නම් එය අක්කර භාගයකි. එහි පොළවේ පස කාගෙන අල එරෙන තරමට ජීවිතයේ කිරි නොඑරුණ ඔහුට බොහෝ දේ අතහැරී ඇත...අල වැඩවසම.ලංකාවේ වැඩවසම් ක්‍රමය කුල ධූරාවලිය හා ඈඳෙන නමුත් ඇපල් ෆාම් වැඩවසම් සවිය උපදින්නේ අල වැවිල්ල නිසා ය. මෙහි විශාල ඉඩම් කැබලි හිමි කවරෙකු හෝ ගම්කාරයෝ නොවෙති. ඔවුන් ජීවත් වන්නේ නුවර නැතිනම් කොළඹය. එවැනියන්ට දේශපාලන සම්බන්ධකම් ඇත. ඔවුන්ගේ ගොවිපොළවල සිංහල හා දෙමළ කම්කරුවෝ කටුක සීතලේ දවසේ පඩියට වැඩ කරන නමුත් ඒ කිසිවෙකු තමන් හුදෙක් කුලී ශ්‍රමිකයන් බව කල්පනා කිරීමේ විඥාණික ශක්තියෙන් තොර ය. රාජා අයියා බොහෝ සෙයින් වර්ණනා කරන නිදහස් ගොවියාගේ ණය හිමියා ඔවුන් යදමින් බැඳ විලංගු ලා ඇති බවද බොහෝ දෙනෙකුට නොවැටහේ. “මුදලාලි අපි කීය ඉල්ලුවත් ණයට දෙනවා” යැයි ගොවීන් උද්දාමයෙන් පවසන්නේ එහෙයිනි..අර්තාපල් වගාවට ගොවියා සතුව ඇත්තේ සරු පස, වනන්තරෙන් නොමිලේ ලැබෙන දියවර, උචිත සිසිල් දේශගුණය හා ශ්‍රමය පමණි. බීජ අල, පොහොර හා රසායනික සඳහා වන ප්‍රාග්ධනය හිමිකරුවා මුදලාලි ය. ගොවීන්ට ප්‍රාග්ධන සම්පාදනය සඳහා මුදලාලි හා ගිවිසුම් ගත වන්නට සිදු වේ. කොන්දේසිය අස්වැන්න නෙළන්නට ඉඩම මුදලාලිට භාර දීමය. ගැලවෙන අල හොණ්ඩර ගණනට මුදල තීරණය කරන්නේ මුදලාලිය. ඔහු ඉන් ප්‍රාග්ධන යෙදවුම් අඩු කර ගනී. බැලූ බැල්මට ගොවියාට පාඩුවක් නැතත් මෙහි ව්‍යාපාරික තරඟයක් නැත. පිට වෙළෙන්දන් ගමට පැමිණීම තහනම් ය. අන්තිමේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පමණක් සෑහෙන මුදලක් ගොවියාට ඉතිරි වේ. කන්නයෙන් කන්නය අවුරුද්දෙන් අවුරුද්ද මේ යාන්ත්‍රණය තුළ සිරකරුවෙක් වන ගොවියා ලැබෙන දෙයින් තෘප්තිමත් වන්නට පුරුදුව සිටී..ඇපල් ෆාම් ගොවියන්ගේ ප්‍රාග්ධන හිමිකරුවෝ සහ විසල් බිම් කැබලි හිමිකරුවෝ බෙහෙවින් පොහොසත් ය. සෙසු ගොවීන්ටද නිවෙසක් ඇතැම්විට ත්‍රීවීලරයක් ඇති නිසා තමන්ගේ ශ්‍රමයේ සැබෑ වටිනාකම කුමක්දැයි සෙවීමේ වුවමනාවක් ඔවුන් වෙත නැත...හුදෙකලාව අඳුරුය.ඇපල් ෆාම් ජීවිතවලට හුදෙකලාව පුරුදු ය. එහි එකම පෙට්ටි කඩයක් හෝ නැත. බීඩියක් ගන්නටත් හැතැක්ම දෙකක්වත් දුර මහ පාර අද්දරට යා යුතුය. “වැඩිම වුණොත් මෙහේ ඉන්න පුලුවන් එක දවසයි. ආපහු යන්න හිතෙන තරමට පාලුවක් දැනෙයි” හර්ෂණ මා හා පැවසුවේ ස්කූටිය මහ පාරෙන් හරවන වේලේ ය. පාලුව තීවර වන්නේ හීතලෙන් යැයි මට සිතුණද කරදාසියක්, පෑනක්, මීවිතක්  අතැති කවියෙකුට ඈත පෙනෙන මහකුඩුගලද, මෑත වෛවර්ණ වනයද කවියකි. නිහඬ සිටියහොත් දිය කඳුරුවල ගී හඬට සවන් දෙන්නටද පුලුවන. ගම්මු විශ්වාස කරන අන්දමට මේ රාවණ අඩවියයි. අප ඒ විශ්වාසය ප්‍රශ්න නොකළේ ඒවාද විචිත්‍ර බැවිනි. බොහෝ ගම්මුන්ට බිම සී සාද්දී රාවණ නිරිඳු සීතාවගේ බොජුනට සැපයූ බත් ගුලි හමුව ඇත. රාජා අයියාගේ නිවසේ බුදු පහන ළඟ තැබූ එවැනි පාෂාණමය ගුලියක් වන්දනාවට පාත්‍ර වේ. මම එය ඉල්ලාගෙන පරීක්ෂා කළෙමි. එහි තුනී පිටස්තරය කලු පැහැතිය. පසෙකින් බිඳ තිබූ බැවින් මධ්‍යය සුදු පාට ඉටිමය ස්වභාවයක් ගන්නා බව පෙනේ. ගලක් තරම් දෘඩ එය එතරම් බර බවක් නොදැනේ. මෙවැනි සීතා ගුලි හමු වූ හරස්බැද්දේ ඇත්තෝ ඒවා උරච්චි කොට දිය කරන ලද ජලය බීම උදරාබාධයන්ට ඔසුවක් ලෙස සළකති. සීතා ගුලිය පාෂාණිභූත වූ දිලීර පලයක්ද නැතිනම් අති පුරාණයේ පොළව සිපගත් උල්කාවක කැබලි මෙතරම් පුළුල් බිමක තැනින් තැන හමුවන්නේද යන්න සොයාබැලීම විදුහුරුවන්ගේ යුතුකමකි. නුවරඑළිය දිසාවේ රාගල අවට බොහෝ තැන්වල ඒවා හමු වෙන බැවිනි. රාවණ රජු හුදෙකලාව නිදන බව ඔවුන්ගේ ජනප්‍රවාදවල වේ. හුදෙකලා වෙමින් විසිරුණු සීතා ගුලි වන්දනා කරමින් ඔවුන් අභ්‍යාස තරන්නේද හුදෙකලා ජීවිතයකි. ඇපල් ෆාම් අල වැඩවසමේ හුදෙකලාව හර්ෂණ කී අන්දමටම හිතට බරකි.■.dav.■ ලසන්ත ද සිල්වා.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleශ්‍රීලනිපයේ  14ක් දිනයි.Next article‘ඇලෙක්සැන්ඩි්‍රයා ද ග්‍රේට්’ ජාතියක බලාපොරොත්තුව වූ අවුරුදු තිහේ තරුණිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සමනලු‍න්ට පාර කියමු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සමනලු‍න්ට පාර කියමු.By සංස්කාරක.December 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ලොව විවිධත්වයෙන් සැදුම් ලද්දේ වෙයි. එය ජාති, ආගම්, භාෂා, ජනවර්ග, කළු සුදු වශයෙන් විවිධ වන්නා සේම ලිංගි කත්වයෙන් ද වෙනස් වෙයි. ඉහත සඳහන් සියලු‍ වෙනස්කම් ගෞරවයෙන් පිළිගැනීම සඳහා අනාදිමත් කාලයක පටන් ලෝකයේ විවිධ දැනුම් පද්ධති ඔස්සේ නිපදවනු ලැබූ දැනුම මිනිසාට මඟ කියූ අතර ලිංගි ක ආශයන් පිළිබඳ ඇති වෙනස කෙරෙහි එවැනි ගෞරවනීය පිළිගැනීමකට මිනිස් මනස මෙහෙයවීමට අදාළ දැනුම නිර්මාණය වීමේ දී සමස්ත ලෝකයම සැලකිය යුතු පසුගාමී බවක් ප්‍රකට කරයි. සමලිංග ිකයන් කෙරෙහි විරෝධාකල්ප සහිත විරුද්ධ ලිංගික බහුතරයකගේ ආධිපත්‍යයක් ලෝකය තුළ නිර්මාණය වන්නේ එබැවිනි. එහෙත් ශතවර්ෂ ගණනකට හෝ පසුව ලිංගික විවධත්වය කරෙහි මානුෂීය ආකල්ප වගා කිරීමට ලොව ප්‍රධාන පෙළේ බටහිර රටවල් සමත් විය. එහි ජයග්‍රාහී පියවර වන්නේ සමලිංගි ක විවාහය නීතිගත වීමය. ඉන්දියාව දැඩි සංස්කෘතික අන්තවාදී ආකල්ප සහිත රටක් වුව ද සමලිංගික විවාහය සහ මවුපිය පදවිය දැරීම කෙරෙහි සමලිංගි කයන්ට ඇති අයිතිය පිළිගෙන දකුණු ආසියාකරයම විශ්මයට පත් කළේය. ආකල්ප සහ මතවාදීමය වශයෙන් ලොවක් ඉදිරිය බලා සිටිද්දී ලංකාව තවමත් පසුපස බලමින් සමනල් ගමනේය. සමලිංග  සමනලු‍න්ට ඌණනය කරන ජනාධිපති කෙනෙකු පෙරටු කොට ගෙන සිටින අපට ප්‍රගතශීලී චින්තනයක් ගැන සිතීම ම වුව ප්‍රමාණවත් ය..සමාන ලිංගිකයන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් සහිත පුද්ගලයන් සමලිංගිකයන් ලෙස හඳුන්වනු ලැබේ. ජානාමය හේතු, හෝමන සහ හැදී වැඩුණු පරිසරය, කුඩා කළ මුහුණ පෑ සිදුවීම් ආදී නොයෙක් හේතු සමලිංග ිකයන් නිර්මාණය වීම පිණිස හේතු සාධක වේ. කෙසේ නමුත් වර්තමානයේ සමලිංගිකත්වය යනු අසාමාන්‍ය මානසික ස්වභාවයක් ලෙස නොසලකන අතර විවිධ ලිංගික ආශා සහිත පිරිස් මිනිසුන් අතර මෙන්ම සතුන් අතර ද ඇති බවත් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසත් සැලකේ. මේ නිසා අතීතයේ මෙන් සමලිංගිකයන් මානසික රෝහලකට පිටුවහල් කිරීම හෝ ඝාතනය කිරීම වැනි අමානුෂික වධබන්ධන පමුණුවනු නොලැබේ. විසි එක්වන සියවස වන තෙක් තම අයිතීන් දිනා ගැනීම සඳහා බටහිර වෙසෙන සමලිංගිකයන් විශාල සටනක් කළ අතර සමලිංගි ක සාහිත්‍යයක් (Gay Literature) බිහි වීම ඒ සඳහා ප්‍රබල පිටිවහලක් විය..බටහිර රටවල සමලිංගික සාහිත්‍යය යන්න නූතන සාහිත්‍යයේ තවත් එක් ශානරයක් ලෙස පිළිගෙන අවසානය. අතීත ග්‍රීසියේ පටන් කළ විවිධ නිර්මාණ තුළ සමලිංගි කයන් පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රචලිත කරුණක් වුවත් කතෝලික ධර්මයේ බලපෑමත් සමඟ 18 වන සියවසේ මැද භාගය වන විට යුරෝපයේ සමලිංගිකයන් පිළිබඳ සාහිත්‍ය නිර්මාණ බිහි කිරීම වාරණයට ලක්වන අතර සමලිංගික සාහිත්‍යය අතු ඉති ලා වැඩිම ආරම්භ වනුයේ විසිවන සියවසෙහි වන බැවින් එය නූතන සාහිත්‍යයේ එක් ශානරයක් ලෙස සැළකීම නිවැරදිය..ලෝකයේ දියුණු රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ සමාජය තුළ කතාබහට ලක්වන තේමාවක් වන්නේ එරටවල සමලිංගිකයන් උදෙසා සාහිත්‍යයක් බිහිවීමත් සමගය. සමලිංගික සහ සමලිංගික නොවන නිර්මාණකරුවන් ස්වකීය අත්දැකීම් හෝ සමාජ නිරීක්ෂණය ඇසුරෙන් උකහාගත් අත්දැකීම් අනුසාරයෙන් සමලිංගිකයන් පිළිබඳ නිර්මාණ බිහි කළ අතර මේ ඔස්සේ සමලිංගිකත්වය සහ සමලිංගි ක ගැටලු‍ පිළිබඳ කතිකාවක් වෙත සමාඡය නම්‍යශීලී කර ගැනීමට ඔවුන්ට හැකි විය. සමරිසි කාමය හෙවත් සමලිංගි කත්වය අසාමාන්‍ය මානසික ස්වභාවයක් නොව එය සාමාන්‍ය තත්ත්වයක් බව සමාජගත කිරීමට හැකිවීම ම ඔවුන් ලද ජග්‍රහණයක් ලෙස සැළකිය හැකිය. එහෙත් අප රටේ සමලිංගිකයන් පිළිබඳ තවමත් ඇත්තේ සැඟවුණු මන්ත්‍රණ වේ. සාහිත්‍ය කලාව තුළ මෙය වැඩිවශයෙන් කතාබහට ලක්වන තෙක් තම අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සමරිසි ජනතාවක් බිහි කිරීම උගහටය. අප රට තුළ සමරිසි කාමය පිළිබඳ නිර්භයව කීමට ලීමට ඇත්තේ ලැජ්ජාවකි, බියකි. බහුතරයක් වන විරුද්ධ ලිංගිකයන්ගේ නින්දාවට සහ ප්‍රතික්ෂේප වීමට ඇති බිය හේතුවෙන් සමලිංගිකයන් ඇත්තේ සැඟවීය. මේ තත්වය වෙනස් කළ හැක්කේ ද ඔවුන්ටම ය..සමලිංගිකත්වය සහ නිර්මාණකරණය අතර ඇත්තේ කවරාකාර සම්බන්ධතාවක් ද යන්න විමසා බැලීම වටී. සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව සමලිංගිකත්වය සහ නිර්මාණාවේශය අතර සබඳතාව ගොඩනගන්නේ ප්‍රාථමික නාසිස්ම අවස්ථාවේ දී මනෝලිංගික වර්ධනය අඩාල කිරීම හේතුවෙන් පසුව උත්කර්ෂණය සඳහා වන දැඩි පෙළඹවීම හේතුවෙනි. සමාඡ විද්‍යාඥයෙකු වන කොලින්. ජේ විලියම්ස්ට අනුව සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය අතර ඇති සබඳතාව වන්නේ සමලිංගිකයන් ස්වාභාවිකවම කලාත්මක සහ නිර්මාණශීලී නොවීම හේතුවෙන් සමලිංගික නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ කලාව තුළ හමුවන බවය. ඒ කොලින්ස්ට අනුව සමලිංගිකයන් තුළ ආර්ථික සහ සමාඡිය සංසිද්ධීන් කෙරෙහි වන අල්ප අවධානය නිසාය. නමුත් සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ ප්‍රගතශීලී මත දැරූවන් හමු වෙති. ඇල්බර්ට් රෝතන්බර්ග් පවසන පරිදි සමලිංගිකයන් සෙසු සමාජයට ආන්තික වීම හේතුවෙන් එම ව්‍යාකූලත්වය ඉවසීමට, සමලිංගිකත්වය පිළිබඳ වන අනෙකුත් මතවලට අභියෝග කිරීමට සහ ඔවුන් සඳහා වන නියෝග, නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට නිර්මාණකරණය අගනා අවස්ථාවක් බැවින් සමලිංගිකයන් සාහිත්‍යය සහ කලාවට යොමු වේ. බාහිර සමාජයෙන් සමත් වනු පිණිස ඇති හොඳම අවස්ථාව සාහිත්‍ය සහ කලාව බැවින් සමලිංගිකයන් නිර්මාණකරණයට යොමු වන බව ඇමරිකානු සමාඡ විද්‍යාඥයෙකු වන ලෞඞ් හම්ප්‍රීස්ගේ අදහසයි. සමලිංගි කයන් උපසංස්කෘතික ඒකකයක් තුළ දිවි ගෙවීමේ දී මහා සස්ංකෘතිය තුළ තමන්ට අත්විඳීමට වූ අධික වේදනාවන්ගෙන් උත්තේජනය ලබමින් නිර්මාණකරණයෙහි යෙදීමට ඔවුන්ට හැකි බැවින් කලාත්මක ජයග්‍රහණ අත්කරගැනීම කෙරෙහි ප්‍රබල ශක්‍යතාවක් ඔවුන්ට වන බව ද හම්ප්‍රීස් පිළිගනියි. මේ අනුව සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය, නිර්මාණකරණය අතර යහපත් සබඳතාවක් පවතින බැවින් සාහිත්‍ය කලාව ඔස්සේ තම අභිමානය ගොඩනගා ගැනීමට ද, තම අයිතීන් දිනාගනු පිණිස ද, මහා සංස්කෘතිය තුළ තම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ද සමරිසි ප්‍රජාව උත්සුක වන්නේ නම් මැනවි..සමලිංගික සාහිත්‍ය ඔස්සේ සමරිසි ජනතාව පිළිබඳ කලාවට නැගීමට ඇති දෑ බොහෝය. මන්ද විරුද්ධ ලිංගි ක ආශාවන් සහිත බහුතරයක් අතර සමාන ලිංග ික ආශා සහිත සුළුතරයක් ලෙස දිවි ගෙවීමට වීමේ දී මුහුණ පෑමට වන කම්කටොලු‍ අධික බැවිනි. සමරිසිබව ලාංකික සමාඡය තුළ අනුමත නොකිරීම හේතුවෙන් බාලවයස්කාර සමලිංගි කයන් ලෙස හඳුනා ගැනීම පාසලින් නෙරපීමට හේතු වීම එවැනි එක් අවස්ථාවකි. තම පවුලෙන් පිටමන් කිරීම හෝ පවුල තුළ අල්ප අවධානයට ලක්වීම, ස්ථිර රැකියා ලබාගැනීමට ඇති දුෂ්කරතාව, තම ආගමෙන් ප්‍රතික්ෂේප කිරීම, දෙමාපිය බලපෑම මත විරුද්ධ ලිංගි කයන් හා විවාහ වීමට සිදු වීම සහ පසුව දික්කසාද වීමට යොමු වීම, සමාජය තුළ නොසලකා හැරීමට ලක් වීම හේතුවෙන් පිළිග ැනීම සහ ආරක්ෂාව උදෙසා රට හැර යාමට සිදුවීම සහ අවසානයේ සියදිවි හානි කර ගැනීමට යොමු වීම සමලිංගිකයන් මුහුණ පාන ගැටලු‍වලින් අතලොස්සකි. ලංකාව තුළ නම් රටේ ඡනාධිපති ප්‍රමුඛ පාලන තන්ත්‍රයේ බහුතරයක් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් ද ප්‍රතික්ෂේප වීමට සිදුවීම ද තවත් දරුණු ඛේදවාචකයකි. මේ සියල්ලට ම වැඩියෙන් ලංකාව වැනි රටක සමලිංග ිකත්වය යනු අසාමාන්‍ය මානසික ස්වභාවයක් බවට වන එළැඹුම ම ගැටලු‍වකි..බටහිර රටවල සමලිංගික සාහිත්‍ය ඇසුරෙන් සමලිංගි ක විචාර කලාවක් ද බිහි වී අවසාන ය. සමලිංගි ක විචාර කලාව සාහිත්‍ය කලාව තුළ නිරූපණය වන සමලිංග ිකත්වය පිළිගන්නා සේම සමලිංගික සාහිත්‍යය ද පිළිගනියි. එසේම සමලිංගික සාහිත්‍ය විචාරය, සමලිංගිකතාවය ලිංගික සංසිද්ධියක් වශයෙන් ද, සමලිංග ිකතාවයන් සාහිත්‍යමය සංසිද්ධියක් වශයෙන් ද ප්‍රභේද කරයි. ඒ ඔවුන් විරුද්ධ ලිංගිකතාව අනුමත කරන සාහිත්‍ය නිර්මාණ මෙන්ම විචාරකයන් සහ ඔවුන්ගේ විචාරයන් සමග ගනුදෙනු කළ හැකි වඩාත් ප්‍රමිතිගත ආකාරය එය වන බව අවබෝධ කොට ගෙන ඇති බැවිනි. සමලිංග ික විචාරය ඔස්සේ නූතන සාහිත්‍ය නොව වැඩි වශයෙන් විචාරයට ලක් වී ඇත්තේ සම්භාව්‍ය සාහිත්‍යයි. ඒ සාහිත්‍ය දේශපාලන සහ ආගමික තහංචිවලින් විනිර්මුක්ත කාලය තුළ සමලිංග ිකයන් පිළිබඳ කළ උසස් නිර්මාණ හමුවන බැවිනි. ලංකාව තුළ ද සමලිංගික සාහිත්‍යක් ගොඩ නැගී, එයින් සමලිංගික විචාර කලාවක් බිහිවන්නේ නම් ‘අතීත ලිංගික නිදහස සහ එම නිදහස පිටුපස පැවති ලිබරල් චින්තනය කවරාකාර ද’ වැනි කතිකාවන් සිංහල බෞද්ධ සමාජය තුළ සාරවත් කතිකාවන් ඇති කරනු ඇත. සමලිංගි ක සාහිත්‍ය විචාර කලාව මතු කරන වැදගත්ම තර්කය වන්නේ සමලිංගික සාහිත්‍ය සහ විචාර කලාව යනු සුළුතරයක් වන සමලිංගි කයන්ගේ ජයක්ග්‍රහණයක් පමණක් නොව බහුතර සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමට යෙදුණු ඕනෑම සුළුතරයක ජයක්ග්‍රහණයක් බවය. ඒ අනුව මෙරට සමලිංගි ක සාහිත්‍ය ඇසුරෙන් සමරිසි ජනයා තම අභිමානය ගොනගා ගනිමින් ද, තම අයිතීන් දිනා ගනිමින් ද බහුතරයේ පිළිගැනීමට ලක්වීම මෙරට වෙසෙන අනේකාකාර වූ වාර්ගික, ආගමික, භාෂාමය හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් වන ඕනෑම සුළුතර කණ්ඩායමක් බහුතරයේ පිළිගැනීමට ලක්වීමය. එය සමරිසි ජනයා විසින් ද අනෙකුත් සුළුතරයන් විසින් ද එමතු නොව සුළුතරයේ අභිවෘද්ධිය පතන බහුතරය තුළ වෙසෙන ඕනෑම ප්‍රගතශීලී සාහිත්‍යධරයෙකු, කලාකරුවෙකු විසින් සිතා බලනු වටින අදහසකි..සමලිංගික සාහිත්‍ය විචාරය පිළිබඳ ලියා දැක්වූයේ ලෝකය තුළ සමලිංගි ක සාහිත්‍ය ඇසුරෙන් ගොඩනැගුණු න්‍යායාත්මක දැනුමේ පෘථුල බව දැක්වීමටය. තම මානුෂික හැඟීම් සහ ආශාවන් සමනල හැඟීමකට ඌණනය නොකරන ශිෂ්ටසම්පන්න මානුෂීය සමාඡයක් උදෙසා සාහිත්‍ය සහ කලාව මාධ්‍යක් කරගත යුතු යුගයක ලාංකේය සමරිසි ජනයා මෙන්ම ප්‍රගතශීලී සාහිත්‍යකරුවන් ද පසුවන බව අවබෝධ කරගැනීම අගනේය.■.■ හිරුණි කුරුප්පුආරච්චි.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපේ සැබෑ ස්වරූපය තියෙන්නේ ඉතිහාසය තුළයි.Next articleහෙට දවස: ආදරයේ අනාගතය ද? ආත්මාරක්ෂාවේ අනාගතය ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආණ්ඩුවේ ඉදිරි ගමන, වෙනස් වූ බලතුලනය සහ අනාගතය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආණ්ඩුවේ ඉදිරි ගමන, වෙනස් වූ බලතුලනය සහ අනාගතය.By ජයදේව උයන්ගොඩ.April 29, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ...එජාප-ශී‍්‍රලනිප සභාග ආණ්ඩුවේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් ගනු ලැබෙමින් තිබෙනවායැයි කියැවෙන නොයෙකුත් දේ පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක්ම පසුගිය දිනවල පළවිය. ඒවා මාධ්‍යවේදීන්ගේ නිර්මාණද, නැතහොත් ඇත්තටම සිදුවන දේ පිළිබඳ ඇත්ත වාර්තාද යන්න ගැන තීරණය කිරීමද පහසු නැත. මෙම නොයෙකුත් වාර්තා මැද ඇත්ත වශයෙන් සිදුවෙනවා ඇත්තේ මොනවාදැයි අනුමාන කිරීම අපට කළ හැක්කේ, දේශපාලන කි‍්‍රයාවලියට බලපාන අභ්‍යන්තර ගතිකත්ව දෙසද බලමින් කරන තක්සේරුවකිනි..එවැනි තක්සේරු කිරීමකදී, අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුව ඇතුළත පවතින බලතුලනය පිළිබඳව වාස්තවික ඇස්තමේන්තුවක් කරන්නේ නම්, කෙනෙකුට පහත සඳහන් නිරීක්‍ෂණ කළ හැකිය..* පසුගිය මාස හයක පමණ කාලය තුළ මෝරමින් සහ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්වෙමින්  තිබුණ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය අපේ‍්‍රල්් හතරවෙනිදායින් පසුව තාවකාලික සහ අලූත් තුල්‍යතාවකට පත්වී තිබේ..* එම තාවකාලික තුල්‍යතාවේ ප‍්‍රධාන ලක්ෂණය නම්, එජාපය සහ ශී‍්‍රලනිපය අතරත්,  අගමැතිවරයා සහ ජනාධිපතිවරයාත් අතර බලතුලනය අගමැතිවරයාට සහ එජාපයට වාසිවන සහ ශී‍්‍රලනිපයට සහ ජනාධිපතිවරණයට අවාසිවන පරිදි යළි සකස්වීමයි..* මෙම වෙනස් වූ  බලතුල්‍යතාව තුළ පවා එජාපයට සහ අගමැතිවරයාට ලැබී ඇත්තේ  සම්පූර්ණ ජයග‍්‍රහණයක් නොවේ. ජනාධිපතිවරයා සහ ශී‍්‍රලනිපය පත්වී තිබෙන්නේ සම්පූර්ණ පරාජයකටද නොවේ. දෙපාර්ශ්වයටම දැන් බලකෙරී තිබෙන තත්ත්වයට නම් තම තමන්ගේ සාපේක්‍ෂ ශක්තීන් සහ දුර්වලතා ගැන යථාර්ථවාදී ඇස්තමේන්තුවක් කරමින්, ඉදිරි   අවුරුදු දෙකටත්, ඉන්පසු අවුරුදු පහටත් සුදුසු මූලෝපායික වැඩ පිළිවෙළක් සකස්කර ගැනීමයි..ඉහත කියා තිබෙන තුන්වැනි කරණය ගැන උනන්දුවක් දක්වන පිරිස් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙහි සිටින්නේ නම්, ඔවුන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණු කිහිපයක් මතුකිරීම මේ රචනයේ  ප‍්‍රධාන අරමුණයි..ශක්තීන් සහ දුබලතා: අගමැති.ජනාධිපති සහ අගමැති යන දෙදෙනා නියෝජනය කරන බල මධ්‍යස්ථාන දෙකක් ආණ්ඩුවේ තිබෙනවාය යන්න පැහැදිලි යථාර්ථයකි. අපි‍්‍රයෙල් 04දායින් පසුව විද්‍යමාන වන එම බල මධ්‍යස්ථාන දෙකෙහි ඇති සාපේක්‍ෂ ශක්තීන් සහ දුබලතා හඳුනාගැනීමට දැන් අපි උත්සාහ ගනිමු..අගමැතිවරයාගේ සහ එජාප පාර්ශ්වයේ ඇති ප‍්‍රධානතම ශක්තිය නම්, කැඞීයෑමට හා අභ්‍යන්තර වශයෙන් දුර්වල වීමට ඉඩ තිබුණු එජාපය, එයට එරෙහිව ශී‍්‍රලනිපයෙන් සහ ඒකාබද්ධ විපක්‍ෂයෙන් එල්ලවූ ජීවිත තර්ජනය ඉදිරියේ, පක්‍ෂයක් ලෙස කැඞී බිඳී නොගොස් එකට සිටීමයි. එය එජාපයේ විවිධ කණ්ඩායම් එකතුවීමක්ද යන්න තවම පැහැදිලි නැත. ඒ හා සම්බන්ධ දෙවැනි කරුණ නම්, එජාපයේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන අනාගතය තර්ජනයට පත්වූ මොහොතක, ඔවුන්ගේ ආධාරයට ද්‍රවිඩ හා මුස්ලිම් සුළු ජන පක්‍ෂ ඉදිරියට පැමිණීමයි. මෙය ජනාධිපතිවරයාටවත්, ඔහුගේ ශී‍්‍රලනිපයටවත්, මහින්ද රාජපක්‍ෂටවත් ඔහුගේ පොදුජන පෙරමුණටත් නැති ශක්තියකි..මේ අතර එජාපය සහ අගමැතිවරයාට ආණ්ඩුව ඇතුළේ පවතින බල සම්බන්ධතාවේදී ඔවුන්ගේ ප‍්‍රධාන දුබලතාවකුත් තිබේ. එය නම් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර වැඩිම මන්තී‍්‍ර ආසන සංඛ්‍යාවක් එජාපයට තිබුණත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තිබෙන ආයතනික බල සම්බන්ධතාවේදී අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉහළින් නොසිටීමයි. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ තත්ත්වය ශක්තිමත් වී ඇති නමුදු, තමන්ගේම න්‍යාය පත‍්‍රයක් මුළු සභාග ආණ්ඩුවේම න්‍යාය පත‍්‍රයක් බවට පත්කිරීමේ බලයක් හෝ ශක්තියක් අගමැති වික‍්‍රමසිංහට නෛතික සහ ආයතනික වශයෙන් නැත. ඔහුට ඇත්තේ අමනාප කර ගත් ජනාධිපතිවරයෙකු විසින් නොයෙකුත් සෘජු සහ වක‍්‍ර මාර්ගවලින් බාධා සහ අවහිරතාවලට පාත‍්‍ර කරනු ලැබීමෙන් බල රහිත කිරීමට ඉඩ තිබෙන අගමැතිවරයෙකු සතු බලයකි..ශක්තීන් සහ දුබලතා : ජනාධිපති.ජනාධිපතිවරයාගේ පැත්තෙන් බලන විට, අපි‍්‍රයෙල් 04දායින්  පසුව සිදුව ඇත්තේ සභාග ආණ්ඩුව ඇතුළත ඔහුගේ පාර්ලිමේන්තුවේ බලය විශාල ලෙස දුර්වල වීමකි. ශ‍්‍රීලනිප මන්තී‍්‍ර කණ්ඩායම දෙකඩ වීම නැවැත්වීමට ඔහුට නොහැකි විය. ඔහුගේ නායකත්වය ශී‍්‍රලනිප පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඇත්තේ හුදෙක් නාමිකවය යන්න නැවත වරක් තහවුරු විය. මේ අතර විශ්වාසභංග යෝජනාව පක්‍ෂව ඡුන්දය දුන් ඇමතිවරුන් කණ්ඩායම, ඒකාබද්ධ විපක්‍ෂයට පළමුවත්, පොදු ජන පෙරමුණට දෙවනුවත් පළායාම වැළැක්වීමට පියවර ගැනීමට ජනාධිපති සිරිසේන මහතාට නොහැකිය. මේ අතර එම ඇමතිවරුන් පිරිස මේ දිනවල ඉන්න බව පෙනෙන්නේ, සිරිසේන මහතා සම`ග දේශපාලන වශයෙන් සිටින බව අ`ගවමින්, ඔහු තවදුරටත් දුර්වල කිරීමේ ව්‍යායාමයකය. පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය ඇතුළත්, රටේත් ජනාධිපති සිරිසේන මහතාගේ දේශපාලන ශක්තිය තීරණාත්මක ලෙස දුර්වල වී තිබේ..එසේ වෙතත් එතුමාට, ආණ්ඩුවේ දුන් කෙනෙකුට නැති ශක්තියක් තිබේ. එය ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ශක්තියකි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා සතු බලතල පෙරට තිබුණාට වඩා අඩුවූවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යුහය තුළ ජනාධිපතිවරයාට තවමත් ඇත්තේ වැදගත් බලතල පරාසයකි. ඒවා අගමැතිගේ කැමැත්ත හෝ සහභාගිත්වය  හෝ නැතිව කි‍්‍රයාත්මක කළ හැකි ඒවාය..උදාහරණයක් හැටියට, දැනට කාගේත් කතාබහට ලක්වී ඇති පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීම ගත හැකිය. එය ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බලයකි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය තිබුණු 1972 ව්‍යවස්ථාව යටතේත්, ඊට පෙර තිබුණු සෝල්බරි ව්‍යවස්ථාව යටතේත්, ජනාධිපතිවරයා හෝ අග‍්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීම සිදු කළේ, ව්‍යවස්ථාවේ එසේ කළ යුතුයැයි සඳහන් නොවූවත්, අගමැතිවරයාගේ උපදෙස් මතය. එය ව්‍යවස්ථාවේ ලිඛිතව නොතිබුණු, එහෙත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව පිළිගෙන තිබුණ මූලධර්මයකි. පසුගියදා ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාරය කල්දැම්මේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත හෝ ඔහු සම`ග සාකච්ඡුා කිරීමෙන් පසුවද හෝ යන්න පැහැදිලි නැති දෙයකි. ජනමාධ්‍යයෙන් ඒ ගැන  කිසිදු තොරතුරක් නොලැබේ. ජනාධිපතිතුමා, අගමැතිවරයාට නොකියාම, ස්වකැමැත්තට අනුව  එම කාර්යය කළා නම් අය පුදුම විය යුතුද නැත. මන්ද යත් ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් කි‍්‍රයාත්මක කළ හැකි බලතල සංවරණය කිරීමේ සැබෑ බලයක් අගමැතිවරයාට නැති නිසාය. එම හැකියාව ලබාග ැනීමට අගමැතිවරයාට හැකිවනු ඇත්තේ, ජනාධිපතිවරයා සම`ග අලූතෙන් ඇතිකරගන්නා දේශපාලන අවබෝධතා ගිවිසුමකින් සහ අලූතෙන් ගොඩනැගෙන අන්‍යොන්‍ය විශ්වාස රාමුවකින් පමණි..පාඩම්.මෙම පසුබිම ගැන සවිඥානකව සිටිමින්, මෙම ආණ්ඩුව ඉගෙනගත යුතු දේශපාලන  පාඩම කුමක්ද? ඒ සඳහා ගත යුතු ප‍්‍රධාන පියවර කිහිපයක් තිබේ..පළමුවැන්න, ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායකවූ සිවිල් සමාජ බලවේග අතර අලූත් අවබෝධතා ගිවිසුමක් ඇත්සන් කිරීමයි..දෙවැන්න, ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත ඇත්තටම කි‍්‍රයාත්මක කළ හැකි යථාර්ථවාදී වැඩ පිළිවෙළක් කෙටුම්පත් කරගැනීමයි..තුන්වැන්න, එම වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහ කැපවීමත්, දේශපාලන නිර්භීතභාවයත් ඇතිකර ගැනීමයි. මෙම ආණ්ඩුවට පසුගිය අවුරුදු තුනේ නොතිබුණේද මේ ගුණාංග තුනයි..අද මේ ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ තමන්ම රු-සබඩැබඑ කරගැනීමයි. එනම් අලූතෙන් නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා වැඩි කාලයක්ද නැත. ඇත්තේ සති කිහිපයකි..ඇයි?.මේ තරම් පසුබෑම්, අඩුපාඩු සහ අසාර්ථකභාවයක් පෙන්නුම් කර ඇති සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව Re-invent කරගෙන හෝ ඉදිරි කාලයේද සිටිය යුතුයැයි මා යෝජනා කරන්නේ මක් නිසාද? මෙය වනාහි මා මටම පිළිතුරු දිය යුතු ප‍්‍රශ්නයක්ද වේ..ලංකාව දේශපාලන වශයෙන් ඉක්මණින් නැවත වරක් ළ`ගාවී සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටය. එය කුළුගැන්නෙු ඇත්තේ 2019 වසරේ අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහ ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීය. ඒ මැතිවරණ දෙකෙන්ම තීරණය වන ප‍්‍රධාන  කරුණක් වන්නේ, ලංකාවේ දේශපාලන අනාගතය යොමුවනු ඇත්තේ නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධිකාරවාදී දිසාවකටද නැද්ද යන්නයි..ඒකාබද්ධ විපක්‍ෂය හා එකතුවන පොදු ජන පෙරමුණ, ආණ්ඩු බලය සඳහා තරග වදින ප‍්‍රධාන පරදු පාර්ශ්වයක් ලෙස ඉදිරියට එන්නේය යන්න පැහැදිලි කරුණකි. පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරන්නේ නම් එයට දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වනු ඇත්තේ සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුවේ අසාර්ථකත්වයයි..පොදු ජන පෙරමුණ බලයට එනවාට මා අකමැති ඇයි? ප‍්‍රධාන හේතු තුනක් නිසා, රාජපක්‍ෂ පවුලේ නායකත්වයෙන් බලයට එන ආණ්ඩුවක් ලංකාවේ දේශපාලන අනාගතයට හානිකර වනු ඇත. පළමුවැන්න, එය ලංකාවේ දැනට ඇති ප‍්‍රධානම නිර්-ලිබරල්, නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා අධිකාරවාදී දේශපාලන බලවේගය නිසාය. දෙවැන්න, එය ලංකාවේ දැනට ඇති ප‍්‍රධානතම සිංහල-බෞද්ධ බහුතරවාදී දේශපාලන බලවේගය නිසාය. තුන්වැන්න, එය 2015දී ලද පරාජයෙන් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පාඩමක් ඉගෙන නොගත්, කිසිදු ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිසංස්කරණවාදී විභවතාවක් නැති නායකත්වයකින්ද, න්‍යායාචාර්යවරුන්ගෙන්ද සමන්විත දේශපාලන බලවේගයක් වන නිසාය. මෙම ලක්ෂණ තුන සිය ගතිලක්‍ෂණය කරගත් දේශපාලන බලවේගයක් බලයට පත්වූ පසු, ලංකාව පසුගිය කාලයේ ලබාගෙන තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ ආපසු හැරවීම අප සමාජය මුහුණ දෙන අමිහිරි යථාර්ථයක් වනු ඇත..එම බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නැවැත්වීමට ශක්තිය තිබෙන්නේ 2014 අගදී ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද පුළුල් දේශපාලන-සිවිල් සමාජ සහ අන්තර්වාර්ගික සන්ධානය යළි ගොඩ නැගුවහොත් පමණි. එම සන්ධානය දැන් දුර්වල වී ඇත. එහි ප‍්‍රධාන බලවේගයක් වූ ජවිපෙ එය අතහැර ගොස් ඇත. එම සන්ධානයේ නායකයන් අතර අසමගිය, බල තරගය සහ අන්‍යොන්‍ය සැකය වර්ධනය වී ඇත. එහෙත් එය තවමත් කඩා වැටී නැත. පසුගිය සති දෙක තුන තුළ පෙනුණේ, දුර්වල වුවත් එය නොවැටී පවතින බවයි. එය පිළිසකර කර යළි ශක්තිමත් කළ යුතුව තිබේ. එම සන්ධානය Re-invent කළ යුතුව තිබේ. එය ලංකාවේ ප‍්‍රජාන්ත‍්‍රවාදී අනාගතය සඳහා වාර්තමානයේ ඇති ඉතාම තීරණාත්මක කොන්දේසියයි....Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසිල්ලර දර්ශක දෙකකින් කතාව පටන් ගනිමු..Next articleජනාධිපතිවරයා 2015 ජනවරමට ද්‍රෝහිවීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
බස් ගාස්තු ඉහළ ගියත් මගීන්ට සේවාවක් නැති පොදු ප‍්‍රවාහනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බස් ගාස්තු ඉහළ ගියත් මගීන්ට සේවාවක් නැති පොදු ප‍්‍රවාහනය.By සංස්කාරක.May 27, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..හංසි මානවඩු.බස් සංගම් විසින් මේ වන විට තෙල් මිල වැඩිවෙද්දී බස් ගාස්තු වැඩිකිරීම සඳහා ආණ්ඩුවට තියෙන වගකීම සිහිකරලා දෙන්න පටන් අරගෙන තියෙනවා. වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡුා කිරීමේ ප‍්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප‍්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාව දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිලි අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා. බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නේ ඔය සියල්ලම අනුව..තෙල් මිල වැඩි වෙද්දී බස් ගාස්තු වැඩිවෙන්න ඕනෑ බව බස් සංගම් නිවැරදිවම ආණ්ඩුවට මතක් කරනවා. ඒක ඇත්ත. එහෙත් තෙල්මිල අඩු වුණොත් බස් ගාස්තු අඩුවෙන්නේ නැහැ. ඒ වෙද්දී වෙනත් අමතර උපකරණවල මිල වැඩිවීම වගේ හේතුවක් එක්ක බස් ගාස්තුවත් ඒ මට්ටමෙන්ම පවතිනවා. ඒ සියලූ‍ කාරණා පසෙක තිබියදී අප සොයාබැලිය යුතු කාරණයක් තියෙනවා. පෞද්ගලික බස් සේවාවේ ගුණාත්මකභාවය මොනවගේද කියන එක. එහි වෙනසක් සිදුවෙලාද..2015 දී ලංකාවේ තිබුණු පෞද්ගලික බස් ප‍්‍රමාණය 19,000ක් පමණ වෙනවා. ඒ බස් සම්බන්ධයෙන් ආ පැමිණිලි ප‍්‍රමාණය 3,400ක්. මේ ප‍්‍රමාණය එදිනෙදා බස් සේවයේදී සිදුවෙන නොකටයුතුකම්වලින් සීයට එකක්වත් නියෝ්ජනය නොකරන බව බස් පාරිභෝගිකයන්ගේ එදිනෙදා අත්දැකීම. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් නිහඬවම විඳදරා ගැනීම තමයි පාරිභෝගිකයන්ගේ සිරිත..ලංකාවේ එස්.එල්.ටී.බී. බස්වලට කිසිසේත්ම ප‍්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැහැ. ඉතින්, ප‍්‍රවාහන අවශ්‍යතාව තියෙන්නේ පෞද්ගලික බස් සේවයේ අධිකාරිය යටතේ්. ඒ නිසාම රජයට පෞද්ගලික බස් සංගම්වල යෝජනාවලට ඇහුම්කන් දෙන්න සිද්ධවෙනවා. ඒ වගේ්ම මඟීනුත් බස් රථයේ නීතිවලට අනුගත වෙන්නට හුරුවෙලා. බස් රථයක් මහපාරේ දුවන්නේ පොදු ජනතාවට අයිති ගමන් කාලය පාවිච්චි කරමින්, කොන්දේසි බොහොමයකට එකඟ වෙමින් බව මඟීන්ට සහ රජයටත් අමතක වෙලා. සමහර විට මේ පාර්ශ්වයන් දෙකම ඒ බව නොදන්නවා වෙන්න ඇති..බස් රථයේ රියැදුරාට හෝ කොන්දොස්තරවරයාට බස් රිය තමන්ගේ පෞද්ගලික දේපලක් ලෙස සැලකීමේ අයිතියක් නැහැ. බස් පර්මිට් එකක් හෙවත් ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාගෙන බස් රථයක් මහාමාර්ගයට යොදවද්දී මඟීන්ට ලැබෙන අයිතීන් රැුසක් තියෙනවා. බස් හිමියා බලපත‍්‍රය ලබාගනිද්දී කොන්දේසි විදියට ඒ අයිතීන්ට එකඟ වෙනවා. මේ සටහන ලියැවෙන්නේ ලියුම්කාරිය සහ ලියුම්කාරියගේ සමීපතමයන් මුහුණදුන් සැබෑ සිදුවීම් එකතුවක් සමඟ. මේ සිදුවීම් එදිනෙදා දහස් ගණනකට මුහුණදෙන්නට සිදුවෙන අත්දැකීම්..ටිකට් පත.‘‘රාත‍්‍රී එකොළහට කොට්ටාවේ සිට කොටුවට බස් රියක් ගමන් කරනවා. ඒ බස් රියට නැෙ`ගන මගීන්ගෙන් රුපියල් 50 බැගින් අය කරන්නේ සාමාන්‍ය බස් ගාස්තු ඉක්මවා යමින්. මගීන් දෙදෙනෙක් ඉල්ලා සිටිනවා තමන්ගෙන් අය කරපු මුදලට ටිකට්පතක්. කොන්දොස්තරවරයා කරන්නේ රියැදුරු ලවා බස් රිය නවත්වා ටිකට්පත් ඉල්ලූ මගීන්ව බැස්සීම.’’.එහෙත් ඉහතින් කිව්ව කොන්දේසි අනුව මගීන්ට ලැබෙන පළමුවැනිම අයිතියක් තමයි බස් මගියෙකුට බස් රියක ගමන ආරම්භයේදී ටිකට් පතක් ලබාගැනීමට තියෙන අයිතිය. බස් රියක් බස් නැවතුමෙන් පිටවෙන්නට පෙරම ටිකට්පත ඉල්ලන්න පුළුවන්..‘‘138 බස්රියකට කොට්ටාවෙන් නඟින මගියෙක් විජේරාම හන්දියට ටිකට් ගන්නවා. ඔහුට දෙනවා ලෑල්ලක අමුණා තිබුණු මුද්‍රිත ටිකට්පත් අතරින් එකක්. ටිකට්පතේ මිල පමණක් එහි සඳහන් වෙනවා.’’.බස් රියට නැෙ`ගන තැන, බැස යන තැන, ගමන්ගත් දිනය සහ බස් රථයේ අංකය බස් රියෙහි සටහන්ව තිබිය යුතුයි. එසේ නැති වුවහොත් එසේ සඳහන් වූ ටිකට්පතක් ඉල්ලා සිටීමට අයිතිය බස් මගියෙකුට තියෙනවා..මගින් නැවතීම.රාත‍්‍රි අටට පමණ කොට්ටාවෙන් 336 බස්රියකට මඟින් පිරිසක් නඟිනවා. බස්රියේ ගමනාන්තය මාලබේ. බදුල්ලේ සිට පැමිණි මගියෙක් මාලබේ තියෙන නිවසට යන්නට බෑග් එල්ලාගෙන මේ බස්රියට ගොඩවෙනවා. මගියා මාලබේට ටිකට්පතකුත් ගන්නවා. බස්රියෙහි සිටින්නේ පස්දෙනෙක් පමණයි..එහෙත් මේ බස්රිය විද්‍යාල හන්දියට පමණක් ගමන් ගන්නා බව කොන්දොස්තරවරයා කියනවා. මේ මගියාගේ ටිකට්පතෙන් විද්‍යාල හන්දියට අදාළ මුදල තබාගෙන ඉතිරි මුදල් කොන්දොස්තරවරයා දෙනවා. මගියා සම්පූර්ණ ගමනාන්තයට යා යුතු බව තර්ක කරද්දී කොන්දොස්තරවරයා කියන්නේ තෙල් වියදමවත් ගමනෙන් ‘කවර් කරගන්නට’ නොහැකි බව. අන්තිමේ වාදය ඇවිස්සී මගියාට කොන්දොස්තරවරයා පහරදෙනවා..ඉහත සිදුවීම ටික කලෙකට පෙර සිදුවූ සැබෑ සිද්ධියක්. බොහෝ බස් මෙලෙස මගදී ගමන නවත්වනවා. තමන් බලාපොරොත්තු වන මගී ප‍්‍රමාණය නැති නිසා. රුක්මල්ගම, මත්තෙගොඩ, බොරැුල්ල – කොට්ටාව, පැලවත්ත – කොටුව, කඩවත – කොල්ලූ‍පිටිය වැනි බස් රථ මෙලෙස මගදී නැවැත්වීම ගැන අත්දැකීම් ලියුම්කාරියට පෞද්ගලිකවම තියෙනවා..එහෙත් බස් රිය කැඞී යෑමකදී මිස එහෙම බස්රිය මගදී නැවැත්වීමේ අයිතියක් කිසිසේත්ම රියැදුරුට නැහැ. ටිකට් පත ගෙවීමට අදාල දුර ආරක්ෂිතව ගමන් කිරීමට මගියෙකුට අයිතියක් තියෙනවා. ‘‘බස්රිය කැඞීයෑම නිසා මඟදී බස් රිය නවත්වන්නේ නම් මගියා එතෙක් පැමිණි දුර වෙනුවෙන් නොව, සම්පූර්ණ ගමන සඳහා ලබාගත් ටිකට්පතට අදාල මුදල ගෙවිය යුතුය.’’ කියන කොන්දේසියට බස් හිමියා එකඟ විය යුතුයි..රේස්.මොනරාගල කොළඹ බස් රියකට අප පුවත්පතේ මාධ්‍යවේදියෙක් ගොඩවුණේ රත්නපුරය දක්වා ගමන් ගන්නට. මේ බස්රිය අධික වේගයෙන් පාර පුරාවට ගමන් ගත්තේ බස් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින්. මේ ගැන කිහිප විටක් අප මාධ්‍යවේදියා විරුද්ධ වුණත් බස් රියැදුරා එය ගණන් නොගෙන සුපුරුදු අවදානම් වේගයෙන් ගමන් ගත්තා. අන්තිමේදී මාධ්‍යවේදියා කළේ රත්නපුර පොලීසියට දුරකථන ඇමතුමක් දී මේ බව පැවසීම. පොලීසියෙන් බස් රිය නවත්වා මේ ගැන ප‍්‍රශ්න කළත් මගීන් නිහඬව සිටියා පමණයි. අන්තිමේ අප මාධ්‍යවේදියා රත්නපුරයෙන් බැහැගත්තා. බස්රිය සුපුරුදු අවදානමෙන්ම කොළඹ බලා පිටත් වුණා..මගීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන රියැදුරාට දැඩි වගකීමක් තියෙනවා. මගී අයිතීන්වල ඊළඟ වගන්තිය මඟීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන.. ‘‘ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇතිවෙන ආකාරයට බස් රිය රැුගෙන යෑමට බස් රියැදුරුට අයිතියක් නොමැති අතර එවැනි පැදවීමකට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට ඇත. රියැදුරා ජංගම දුරකථන පාවිච්චි කළහොත් එයට විරුද්ධ වීමේ අයිතිය ඇත. අධික වේගයට, මාර්ග නීති උල්ලංඝනය කිරීමට විරුද්ධ වීමේ අයිතිය ඇත.’’.ගෞරවය.මෑත දිනයක කොට්ටාවෙන් 138 බස්රියකට මඟී කාන්තාවක් ගොඩවුණේ කිරුළපනට යෑමට. ටිකට් කිරුළපනට ගත්තත් හදිසියේ ඇයට ඊළඟ නැවතුමෙන් බහින්නට සිදුවුණා. ඒ නැවතුමට බස් ගාස්තුව රුපියල් පහකින් පමණ වැඩිවෙනවා. එහෙත් කොන්දොස්තරවරයා කිරුළපන සිට ඊළඟ නැවතුම සඳහා අලූ‍ත් ගාස්තුවක් ලෙස රුපියල් දහයක් ඉල්ලා සිටියා. එයට එකඟ නොවී බස් රියෙන් බැසගත් ඇයට කොන්දොස්තරවරයා බැණවැදුණේ ලිංගික අපහාසය මුසු වූ අසභ්‍ය වචන රැුසක් සමඟ..මගියෙක් කොන්දොස්තරවරයාගෙන් ප‍්‍රශ්න ඇසීම නිසා පහරකෑ බවත් ඉහළ සටහන් වුණා. එපමණක් නෙවෙයි බස්වල සේවය කරන්නන් මඟීන්ට ඉදිරියට හා පසුපසට යන්නට අණ දීම, අණ පිළිනොපදින මඟීන්ට බැණවැදීම, බස්රිය මැදින් මඟීන්ව තල්ලූ‍කරමින් ගමන් කිරීම, විශේෂයෙන් කාන්තාවන්ව අපහසුතාවට පත්වන අන්දමින් සෙනඟ පිරුණු බස්රථවල ගමන් කිරීම සුපුරුදු සිදුවීම්. එහෙත් එලෙස හැසිරීමේ කිසිදු අයිතියක් ඔවුන්ට නැහැ..මගියා ආචාර සම්පන්න, විනයානුකූල, ගෞරවනීය, මිත‍්‍රශිලී සැලකීමක් ලැබීමට අයිතිය ඇත්තෙක් බව කොන්දේසිවල පැහැදිලිවම සඳහන්. කොන්දොස්තරවරයෙක් මඟීන්ට රළු ලෙස සැලකීම බරපතළ වැරැුද්දක්..තවත් අයිතීන්.සුඛෝපභෝගී බස්රියක් නම් බස්රිය ඒ.සී. පහසුකම් ඇති බස් රියක් විය යුතුයි. එවැනි බස් රියක සීට්වල ගමන් ගත හැකි මගීන් ප‍්‍රමාණයට වඩා ගමන් නොකළ යුතුයි. බස් රියක දුම්බීමට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට තියෙනවා. වයස අවුරුදු 12කට අඩු දරුවෙක් අසුනක හිඳගත්තත්, නැතත් එවැනි දරුවෙකුගෙන් අර්ධ ටිකට්පතකට අදාළ මුදල ලබාගත යුතුමයි. අර්ධ ටිකට්පතක් ගත් පසුව දරුවාට අසුන අහිමිකිරීමට අයිතියක් නැහැ..ඔබ ගමන් ගන්නා බස්රියට රේඩියෝවක් වැනි හඬ නිකුත් වෙන යන්ත‍්‍රයක් පාවිච්චි කිරීමේ අයිතිය තිබුණත් එවැන්නක හඬ ඩෙසිබල් 80ට අඩු විය යුතුයි. එය ඉක්මවා ගියහොත් එයට විරුද්ධ වීමේ අයිතිය මගී ඔබට තියෙනවා. කර්ණ කඨෝර, පීඩාකාරී සංගීත හඬ මගීන් එදිනෙදා මුහුණදෙන බරපතළ ගැටලූ‍වක්..ටික කලෙකට ඉහත අවිස්සාවේල්ලේ සිට නුගේගොඩට යන්නට මගියෙක් දුර ගමන් බස් රියකට ගොඩවෙනවා. එය අර්ධ සුඛෝපභෝගී බස් රියක්. ඒ වෙද්දීත් බස් රියෙහි සෙනඟ පිරී තියෙනවා. හිරවී, තෙරපෙමින් මගියාගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතකට අදාල මිල ඉල්ලා සිිටිනවා..‘‘මම සෙමි ලක්ෂරි සේවයක් ලබන බව ඔයාට පේනවද? මම තෙරපිලා ගමන් කරන්න සෙමි ලක්ෂරි ටිකට් එකක් ගන්නෙ නැහැ.’’ මගියා තර්ක කරනවා. එහෙත් කොන්දොස්තරවරයා බස්රිය නවත්වා කියන්නේ ඒ මගියා ටිකට්පත ගැනීම හෝ බස්රියෙන් බැසයෑම යන දෙකෙන් එකක් තෝරා නොගත්තොත් බස්රිය ගමන් නොකරන බව..දුර ගමන් සේවා බස්රථ විසින් අතරමැද නගරවල ගමන් ගන්නා මගීන්ව නංවාගෙන, ඔවුන්ගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මිල අයකොට ඔවුන්ව හිටගෙන ගමන්කරවීම එදිනෙදා දකින්නට ලැබෙන තත්ත්වයක්. එහෙත් අර්ධ සුඛෝපභෝගී බස් පර්මිට් එකක කොන්දේසි අනුව අර්ධ සුඛෝපභෝගී බස් රියකට සීට් ගණනට වඩා මගීන් රැුගෙන යා නොහැකියි. ඔබෙන් ලබාගන්නේ අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මුදල නම් ඔබට අනිවාර්යයෙන්ම අසුනක් ලැබිය යුතුයි..පැමිණිලි.බොහෝවිට මෙවැනි සිදුවීම්වලදී මගියකු වාදයට පැටලූ‍ණත්, බස්රියේ අනෙක් මගීන්ගේ සහයෝගය නොලැබීම වැනි හේතු නිසා පහසුවෙන්ම කොන්දොස්තරවරයා වාදය ජයගන්නවා. නැත්නම් කොන්දොස්තරවරයා පහරදීම වැනි බලය පාවිච්චි කිරීමක් කරනවා. තවත් බොහෝ අවස්ථාවල මෙවැනි ‘කරදරකාර මගීන්’ බැස යන තෙක් බස්රිය නවත්වාගෙන සිටිනවා. මේ හේතු නිසා බස් මගීන් නිහඬව ඉන්නවා..එහෙත් එවැනි අවස්ථාවල බස් රියේ අංකය සමග කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය මගීන්ට තියෙනවා. පොලීසියට වුව පැමිණිලි කළ හැකියි. මේ යුගයේ තාක්ෂණය දියුණු නිසා වීඩියෝ, සමාජ මාධ්‍ය මෙවැනි අයිතීන් පිළිබඳ සටන්වලට ගුණාත්මකව පාවිච්චි කළ හැකියි. ජනතාව අතරින් එවැනි සිදුවීම්වලට එරෙහිවීමේ ව්‍යාපාරයක් පැනනැඟු‍ණොත් මේ තත්වයන් වෙනස් කිරීම අපහසු නැහැ. වැදගත්ම කාරණය තමන්ගේ අයිතීන් පිළිබඳව මඟීන් දැනුවත් වීමයි..මේ සියල්ල මෙසේ තිබියදී බස් සේවාව ගුණාත්මක තත්වයට පත් කිරීමේ මූලිකම වගකීම තියෙන්නේ රජයට. මේවා පාලනය කිරීමේ හැකියාව ඇත්තේ රජයටමයි. එහෙත් එය කිසිසේත්ම තමන්ගේ වගකීමක් යැයි රජය සලකන්නේ නැහැ..බස් සේවාව ගැන සොයාබලද්දී කතාබහට ලක් කළ යුතු වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බස් ගාස්තු විෂමතාවන්. ඒ කිසිවක් බස් හිමියන්ගේ සංගම්වල හෝ රජයේ අවධානයට ලක්වෙන්නේ නැහැ. තවමත් බස් මගීන් සංවිධානය වී නැහැ. ඉතින් ඒවා ගැන අප විසින්ම සංවාදයක් ඇති කළ යුතුයි.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනිරායුද මළසිරුරු අසළ ටී56 ගිනිඅවි දමති.Next articleරණවිරුවා සහ ත්‍රස්තවාදියා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රේඩියෝත්, රූපවාහිනීත් දාන්න ඉන්න චතුරිකා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රේඩියෝත්, රූපවාහිනීත් දාන්න ඉන්න චතුරිකා.By සංස්කාරක.May 6, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක....ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ දියණිය ඇයට අයත් තිිදස් අරණ හෝටලයේ බලපත‍්‍ර ලබාගෙන මත්පැන් වෙළෙඳාමේ යෙදෙන බවට අප පසුගි ය සතියේ කරන ලද හෙළිදරව්ව හේතුවෙන් සමහර පිරිස් බොහෝ කලබලයට පත්වී ඇති බව අන්තර්ජාලය පරික්සීමේදී පෙනීයයි. මෙසේ කලබලයට පත්වී ඇති සමහර වෙබ් අඩවිවල අයිතිකරුවන් තබා කර්තෘ මණ්ඩල සමාජීකයන් පවා කවුදැයි ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ අය පවා දන්නේ නැත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේම නිර්වචනයට අනුව නම් ඒවා මඩ ප‍්‍රචාරය කරන වෙබ් අඩවිය. ආචාරධාර්මික වෙබ් අඩවි නම් ඒවා හිමිකාරිත්වය හා කර්තෘ මාණ්ඩලිකයන් සමග ප‍්‍රසිද්ධියේ පෙනීසිටිය යුතුය..සමාජ වෙබ් අඩවිවල සරන සමහරුන්ට අනුව නම් අපගේ එම හෙළිදරව්ව ස්තී‍්‍ර විරෝධීය. එසේ කියන බොහෝ අය ගැන අපට එළඹිය හැකි නිගමනය වන්නේ ඔවුන් අපගේ සම්පූර්ණ වාර්තාවම කියවා නැති බවය. අප එය වාර්තා කර ඇත්තේ ස්තී‍්‍ර විරෝධයක් මත පිහිටා නොව රටේ අනෙකුත් ස්තී‍්‍රන්ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අකැපයි කියන අයිතියක් ඔහුගේ දියණියට කැපවූයේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීම සඳහාය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුතෙකු නොව දියණියක මෙලෙස හැසිරීම අපේ අඩුපාඩුවක් නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දරුවන් පිළිබඳවද අපි මෙලෙසම වාර්තා කළෙමු. එහෙත් ඔහුට දියණියන් නොසිටි නිසා මේ චෝදනාව එල්ල නොවීය. සමහරවිට අපගේ එම හෙළිදරව් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගෙන් හෝ ඔහුගේ දියණියගෙන් නොවන, ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති කවුරුත් නොදන්නා පුවත්පත් පාඨකයෙකුගෙන්, ‘මේ නම් ගවේෂණාත්මක මාධ්‍යවේදයක් නොවේයැ’යි අපට ලිපි ලැබිය හැකිය. ගවේෂණාත්මක මාධ්‍යවේදයේ ම`ගහැරිය නොහැකි විෂය පථයක් වන්නේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාව අතර පරස්පරය පෙන්වාදීමය. විශේෂයෙන් ප‍්‍රභූන්ගේ හෙවත් රට කරවන දේශපාලනඥයන්ගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාව අතර පරස්පරය පෙන්වාදීමය. අප කළේ එයය..ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා වශයෙන් මේ රටේ හැටදෙලක්ෂයක ජනතාව ජනපති පුටුවේ ඔසවා තබනු ලැබුවේ එහි රස බලමින් චිරාත් කාලයක් වැජඹෙන්නට නොවේ. ශී‍්‍ර ලංකාව ජනතාවට ගෞරවයෙන් ජීවත්විය හැකි යහපත් රටක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු කොට නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටය. එහෙත් එම නිශ්චිත කාල රාමුව තුළ තබා ඔහුගේ පළමු ධුර කාලයෙන් පසුවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති පුටුවෙන් බැස යෑමට කැමැත්තක් නැති බව ඔහු විසින් පසුගිය කාලය පුරාම පෙන්වා තිබේ. ඔහු හැරදා විත් නැවත බාරගත් ශී‍්‍රලනිපයේ 2020 ජනාධිපති  අපේක්‍ෂකයා ඔහු බව එම පක්ෂයේ ඔහුගේ අතිජාත ගෝලබාලයන් ප‍්‍රසිද්ධියේ කරන ප‍්‍රකාශ ඔහුට නෑසෙන සේය. ඒ නිසාම ඔහු, ‘මා ආවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට මිස එහි තවදුරටත් ඇලීගැලී ඉන්නට නොවන බව’ කියන්නේ නැත. විෂන් 2025 යනු, ඇලීගැලීමේ ඔහුගේ  ඒ ආශාව අපට නොකියා කියන ඔහුගේ සමාජ ආර්ථික වැඩපිළිවෙළය. 2020න් අවසන් වන ඔහුගේ වත්මන් ධුරකාලයද අබිබවමින් 2025 දක්වා එය දිගුවන්නේ එම අනාගත බලාපොරොත්තුව ඇතිවය..‘පරාක‍්‍රමබාහු රජ සමයේද ශී‍්‍ර ලංකාව ඉන්දියානු සාගරයේ ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. 2025 දැක්ම තුළින් නැවතත් එවන් සමෘද්ධිමත් යුගයක් වෙත ළ`ගාවීමට අපි බලාපොරොත්තු වන්නෙමු.’ යන්න එහි විශාලනය කොට අවධාරණය කර ඇත..ඒ අනාගත බලාපොරොත්තුවේ දැක්ම දැන් අපට ඔහුගේ කැපීපෙනෙන දියණියගේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් හරහා පිළිබිඹු වනවාද යන්න විමසා බැලිය හැකිය. පසුගිය සතියේ අප ඔබට හෙළිදරව් කළ චතුරිකා සිරිසේනගේ ‘තිදස් අරණ’ හෝටලයට අදාළ ව්‍යාපාරික ලියාපදිංචිය අනුව මේ අනාගත බලාපොරොත්තුව අපට පැහැදිලි වේ. එය හෝටලයක් වුවද සාමාන්‍යයෙන් හෝටලයකින් සැපයෙන සෘජු හා බාහිර සේවාවන්ට වඩා එහි අරමුණ පුළුල්ය. විශාලය..සමාගම් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති එම අරමුණු අතර, හෝටල් හා ඒ ආශ‍්‍රිත බාහිර කි‍්‍රයාකාරකම්වලට අමතර, ගුවන්විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, ජලය හා අනෙකුත්  බීම නිෂ්පාදනය, ජංගම ටැක්සි සේවා පවත්වාගෙන යෑම, භාණ්ඩ ගබඩා කිරීමේ ගුදම්  පවත්වාගෙන යෑම, බේකරි හා රසකැවිලි කර්මාන්තය, කී‍්‍රඩාගාර පවත්වාගෙන යෑම, පෙට‍්‍රල් පොම්ප අලූත්වැඩියාව හා සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, පුහුණු මධ්‍යස්ථාන හා කී‍්‍රඩා සමාජ  පවත්වාගෙන යෑම, සායන හා සාත්තු නිවාස පවත්වාගෙන යෑම, ශීත ගබඩා හා සිනමා ශාලා පවත්වාගෙන යෑම ආදිය හෝටල් කර්මාන්තයට සම්බන්ධයක් නැති දේ වශයෙන් බැලූබැල්මට හඳුනාගත හැකිය..හෝටල් කර්මාන්තයට අවශ්‍ය ස්පා පවත්වාගෙන යෑමද එහි අරමුණක් වන අතර අප පසුගිය සතියේ හෙළිදරව් කළ සේම වයින්, බියර් හා ස්පී‍්‍රතු වෙළෙඳාමද එහි අරමුණක්ය. මේ අරමුණු ඇයට පහළ වී ඇත්තේ සිය පියා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු 2017 වර්ෂයේදීය. ඒ එම හෝටලයට ඉහත අරමුණු සහිතව සමාගම් ලියාපදිංචිය ලබාගන්නේ 2017.06.07 දින බැවින්ය..මේ අනුව අපට කියාපාන්නේ කුමක්ද? චතුරිකා සිරිසේන සිය පියාගේ අනුහස යටතේ බොහෝ දුරක් යන්නට සිතාගෙන සිටිනවා යන්නය. රාජපක්‍ෂ පුතුන් මෙන් ඇයද ගුවන් විදුලි හෝ රූපවාහිනී බලපත‍්‍රයක සෘජු හෝ වක‍්‍ර හිමිකාරියක විය හැකිය. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මෙන් ආනයන අපනයන ගුදම් පවත්වාගෙන යන ව්‍යාපාරයක සෘජු හෝ වක‍්‍ර හිමිකාරියක විය හැකිය. රාජපක්‍ෂ පුතුන් මෙන් කී‍්‍රඩා සමාජවල හිමිකාරියක විය හැකිය. රාජපක්‍ෂ පුතුන් පවා අත නොගැසූ පෞද්ගලික රෝහලක හිමිකාරියක විය හැකිය. ආනයන, අපනයන වෙළෙඳාමට හෝ රට පුරා විසිරෙන සුපිරි වෙළෙඳපොළවල බඩු ගබඩා කරන ශීත ගබඩාවල අයිතිකාරියක විය හැකිය. වාහන අලූත්වැඩියාව හා සේවා ස්ථාන ජාලයක හිමිකාරියක මෙන්ම රට පුරාම ඇති ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය පෙට‍්‍රල් පොම්ප ආනයනය කරන නියෝජිතවරිය වීමටද හැකිය. පොළොන්නරුවේ ඇති වකුගඩු රෝගයට පිළියම් වශයෙන් පෙරන ලද ජලය භාවිතාව වෙනුවට ඇය විසින් නිෂ්පාදනය කරනු ලබන ජලබෝතල් සැපයෙන කි‍්‍රයාවලියක් ඉදිරියේදී ඇතිවිය හැකිය. එපමණක්ද නොව  ජංගම දුරකථනයෙන් වෙන් කරවාගෙන අපට යෑම්ඊම් කිරීමට මිල අඩු ටැක්සි සේවාවක්ද ලැබිය හැකිය..ඉතිං ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කෙසේ වෙතත් ඔහුගේ දියණිය චතුරිකා නම් සුළුපටු නැතැයි මෙම කියවන ඔබට සිතිය හැකිය. රාජපක්‍ෂ පුතුන්ගේ සීඑස්එන් නාලිකාවද ඇගේ දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ ගනුදෙනුකරුවෙක්ය. සරලව කිවහොත් 2015න් පසු රාජපක්‍ෂ පුතුන්ද ඔවුන්ගේ නාලිකාවේ ප‍්‍රචාරක කටයුතු බාරදී ඇත්තේ චතුරිකාගේ දැන්වීම් සමාගමටය. රාජපක්‍ෂ පුතුනුන් තමා යටතට ගැනීමට තරම්ම ඇය දක්‍ෂය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පුටුවේ සිටියහොත් රාජපක්‍ෂ පුතුන් මොකුන්ද කියන තරමට අපට චතුරිකා සිරිසේනගේ ව්‍යාපාරික දස්කම් විස්කම් බලාගත හැකිවනු ඇත. තමන්ගේ පවුලේ කිසිවෙකු දේශපාලනයට නොපැමිණෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා ඇතත් චතුරිකා සිරිසේන දියණිය අනාගතයේ දේශපාලනයට පැමිණීමේ ඉඩක් ඇති බවද පෙනෙයි..ලසන්ත රුහුණගේ..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article.Next articleනඩුගොනු 164කට යුක්තිය අහිමි කළ ඇපැල් විනිසුරු නවාස්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආගමික සහ දේශපාලනික උද්යෝග කියන්නෙ විනාශකාරි බලවේග- ඉයන් මැකියවන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආගමික සහ දේශපාලනික උද්යෝග කියන්නෙ විනාශකාරි බලවේග- ඉයන් මැකියවන්.By සංස්කාරක.July 15, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.සුභාෂිණි චතුරිකා..මානව ඉතිහාසයේ දිගහැරිම සිදුවන්නේ වැඩිමනත් ලෙස මානව වර්ගයාගේ සංතුෂ්ටිය මතින් නොව අසීමාන්තික විඳවිම් තුළිනි.  ඒ නිසාම ඈත අතීතයේ පටන්ම මිනිසා සිය විඳවිම් අවම කරගැනීමේ, අත් නොහළ උත්සහායක නිරතව සිටියි. එහෙත් අවසානාවකට මෙන්, එසේ මිනිසාගේ විඳවීම් වලට විසඳුම් ලෙස මිනිසාම සොයා ගත් මංමාවත් බොහෝමයක්ම පාහේ මානව වර්ගයාව බිහිසුණු මිල්ච්ඡත්වයට ඇද දමනු ලැබූ අතරම ඒවා මිනිසාගේ විඳවීම් තව තවත් තීවර කලා මිසක ඉන් අස්වැසිල්ලක් ලැබීමට ඔහුට හෝ ඇයට ඉඩක් ලැබුනේ නැති තරම්ය. විවිධ  ආගම්, අදැහීම් ශාස්තෘවරුන් මිහිමත බිහිවුයේ මිනිසාගේ විඳවිම් වලින් මිනිසා ගලවා ගැනීම සඳහාය, භෞතිකවාදය  සැබැඳී මාක්ස්වාදය වැනි ඥානදහරාවන් ද මිහිමත බිහිවුයේ මිනිසාට එතෙක් මෙතෙක් සියළු විඳවීම් ඇතිකිරීමට මුල් වූ ධනවාදය නම් වියගහෙන් මිනිසා ගලවා ගැනීම සඳහාය. එහෙත් මේ ලබ්ධීන් හෝ මතවාදයන් අසීමාන්තිකව විශ්වාස කරමින් ඒවා මත එල්බ ගැනීම නිසා හෝ  ඒවා ප්‍රතික්ෂේප කළ නිසාම මිහිමත බොහෝ සෙයින් ලේවැගිරුණි, විශ්වාස කළ නොහැකි තරමේ මිලේච්ඡත්වයන් ගෙන් මිනිසාට පීඩා විඳීමට සිදුවිණි. මෙම මතවාදයන්, ලබ්ධීන් පදනම් කරගනිමින් අනෙකාව පීඩාවට පත් කිරිම, මේ  දැනුදු මේ මොහොත වන විටත් ලෝකෙයේ කොහේ  දී හෝ සිදුවෙයි..1992 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරු ඉයන් මැකියවන් ලියා පළ කළ  Black dogs නම් නවකතාව තුළින් සංවාදයට මතුකළේ ද එසේ මිනිසාගේ විඳවිම් අවම කිරීමට  මිනිසාම මිහිමත ඇතිකළ ඥාන දහරාවන්, ලබ්ධීන් එවන් මාහැඟි අස්වැසිල්ලක් මිනිසා වෙත ගෙන ආවේද, නැතිනම් සාදකාලික විඳවීම් වල ගිලි සිටින මානව වර්ගයා ඉන් මිදෙන්නේ කෙසේද යන කාරණයයි. භෞතිකවාදයවත් ගුඪවාදයවත් මිනිසාගේ විඳවීම් වලට  විසඳුමක් ලබා දී නොමැති අතර මිනිසා එකිනෙකාට දක්වන ආදරය මඟින් මිහිමත ඇති ප්‍රචණ්ඩත්වය සහ මිලේච්ඡත්වය දුරුකොට මිනිසාගේ දුංක්ක දෝමන්ස්සයන් අවම කරගත හැකි බව එම නවකතාව අවසානයෙදී මැකියවන් පාඨකයාට යන්තමින් ඉඟිකරයි. ලාංකීය සමාජයේ වර්තමාන දේශපාලන කතිකාව තුළ ද අන්තවාදී ආගමික ජාතිවාද අදහස්    වරින් වර පිනුම් ගසනු පෙනෙයි. වරෙක ඒ සියල්ල මැඬලීමට හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටිනු පෙනෙයි. මේ සියල්ල  තමන්ගේ වර්ගයේ නොවෙන අනෙකා මත ඇති කරන වෛරයේ ප්‍රථිපලයන්ය.  අනෙකාට ගෙන දෙන පීඩනය තමන්ටත් සිදු වුවහොත් එය කෙසේවීවිදැයි යන සරල පරිකල්පනය කිරීමට ධෛර්යය නැත්තන් බහුලව සිටින තාක් කල් මිනිාසගේ ‍මෙම විඳවීම් විශ්ව සත්‍යයක් පමණක් වනු ඇත..පහත දැක්වෙන්නේ, 2001 සැප්තැම්බර් 11 අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුකළ දැවැන්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහිදි  ආගමේ නාමයනේ ප්‍රචණ්ඩත්වයට නැඹුරුවන මිනිසාගේ ම‍නෝභාවය පිළිබඳ 2002 වසරෙදී Frontline  වෙබ් අඩවිය ඉයන් මැකියවන් සමඟ කරන ලද සංවාදයක සංක්ෂිප්ත පරිවර්තනයකි..ඔබ වරෙක කියා තිබුනා  සැප්තැම්බර් එකොළහ සිදුවීම “ අපගේ ජිවිතයේ අවසාන මොහොත පරිකල්පනය කිරිමට,  එනම්  කුමන ආකාරයෙන් එම මොහොත ගත වෙයිද, අප ඒ් මොහොතේ කාට නම් දුරකතනයෙන් අමතයිද යන්න සිතා බැලීමට අපට බල කරනු ලැබුවා” කියලා. එය ඔබට ඒ ආකාරයෙන්, එනම් ඔබගේම මරණයේ අත්දැකීම හා ඔබට සම්මුඛ වීමට තරම් එම සිදුවී ඔබ තුළ බලපෑමක් ඇති කලාද?.නිතැතින්ම. සමහරවිට වඩාත්ම බියජනක දේ තමයි අපට එම  ගුවන් යානාවල සිටි ජනතාව මුහුණ දෙමින් සිටි තත්වය පරිකල්පනය කිරීමට සිදුවීම. පරිකල්පන ශක්තියට පමණයි එය කළ හැක්කේ. මොනම ආකාරයක වාර්තාකරණයකටවත් චිත්‍රපටයකටවත් එය කිරීමේ සමත්කම් නැහැ. අනිත් අයගේ සිතුවිලි පරිකල්පනය කිරීම මම හිතන්නේ, අපගේ සදාචාරාත්මක අවබෝධය පත්ලේ ඇති සහවේදනයට අදාළ  මුලික මිනිස් ක්‍රියාකාරකමක්..සැප්තැම්බර් 11 සිදුවීම මිනිස් කෲරත්වය කියා පාන දැවැන්තම සිදුවීම ලෙස සැලකීම පිළිබඳව අපට නැවත සිතන්න සිදු වෙනවා. මොකද මිනිස් කෘෘරත්වය මොනවට කියාපාන සිදුවීම ‍බො‍හෝ ගණනක්, මිට වඩා මහා පරිමාණයෙන් සිදුවූ බව අප අමතක නොකළ යුතුයි..මම දැන් අදේවවාදියෙක්. මම ඇත්තෙන්ම විශ්වාස කරන්නේ නැහැ අපගේ සදාචාරාත්මක අවබෝධය එන්නේ දෙවිකෙනෙක් තුළින් කියලා. එය මානවීයයි, සාර්වත්‍රිකයි.  එම අවබෝධය අපට අනෙක් අයගේ මනස තුළට රිංගා  ඔහු හෝ ඇය සේ සිතීමේ හැකියාව ලබා දෙනවා. මම වරෙක කිව්වා වගේ, මේ ‘ශුද්ධවු මෝඩයන්ට’ සැබවින්ම නැත්තේත්, පැහැදිලිම ඔවුන් විසින් පිටුපාන්නෙත්, ඔවුන් විසින් කෲරත්වය මුදාහරින ජනතාවගේ මනස තුළට රිංගා බැලීමේ හැකියාවයි. ඔවුන්ගේ අපරාධ මැද්දෑවේ, පරිකල්පනය.. සැබවින්ම සදාචාරාත්මක පරිකල්පනය අකර්මන්‍ය වී තිබෙනවා..ඔබ වෙනත් කෙනෙකුගේ තත්වයට පත් වුනානම් කෙසේ වේවිද යන්න ඔබට පරිකල්පනය කළ හැකි නම් ඔබට බැහැ කාටවත්ම කෲර වෙන්න. නැතිනම් ඔබට සිදු වෙන්නෙ කිසියම් විකාර ආගමික විශ්වාසයක් හෝ බලසම්පන්න මතවාදයක් ඉස්සරහට ගෙනැවිත් ඒ මානවීය ගුණාංගය මකා දමන්න..පාපාය පිළිබඳ ඔබ ගොඬනඟා ඇති සංකල්පය කුමක්ද? එය මනෝවිද්‍යාවෙන්  සහ සමාජවිද්‍යාවෙන් පැහැදලි කළ හැකියි කියා ඔබ හිතනවද? නැතිනම් එය එම දැනුම් සම්භාරයන්ට ඔබ්බෙන් පිහිටන වඩාත් සුවිශාල අභිරහස් යමක්ද?.මම පාපය ගැන කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ, මම දෙවියන් විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසාම  කිසියම් අද්භූත  හෝ‍ ඉතිහාසයෙන් ඔබ්බෙහි පැන නැඟුණු කිසියම් ශක්තියක් විසින්  මිනිස් ජීවිතය තුළ අන්ධකාරය හෝ දුෂ්ඨ මූලධර්මයන්  හසුරුවනවා කියා මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ සමහරවිට මානවයායි ඉතාමත් බියකරු සහ අමානුෂික ලෙස හැසිරෙන්නෙ. සමහරවිට  ඔවුන්ගේ එම කෘෘර හැසිරීම අපගේ පැහැදිලිකිරීමේ  සමත්කම්වලින් ඔබ්බට යන නිසා තමයි අපට සිදුවෙන්නෙ දිව්‍යමය තැවරීමක් තිබෙන පාපය කියන අදහස සමඟ ගනුදෙනු කරන්න. නමුත් මම හිතන්නෙ අප එය සැබෑම අර්ථයෙන් එනම් දේශපාලනික හෝ මනෝවිද්‍යාත්මක දෘෂ්ඨිකෝණයකින් තේරුම් ගැනීමට උත්සාහ කිරීම වඩා යෝග්‍යයි කියලා..මේ වචනය තුළ එක්තරා ආකාරයක  ආකර්ෂණීය බවකුත් තිබෙනවා. එය තිව්රකාරකයක්. එය අපට කියාපාන්න ඉඩ දෙනවා අපි එවැනි හැසීරීම් කෙතරම් පිළිකුලින් පිටු දකිනවද කියන එක. ඒවගේම සත්ව විශේෂයක් ලෙස ස්වභාවයෙන්ම අපට පුළුවන් අනුපමේය ලෙස  ආදරය, කරුණාව, නිර්මාණාත්මක කුසලතාව සහ අන්‍යොන්‍ය සහයෝගය ප්‍රකට කරන ක්‍රියාකාරකම් වල යෙදෙන්න..නමුත් අනෙක් පැත්තෙන් අතීශය විනාශකාරි ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් අපිට පුළුවන්. මම හිතන්නෙ එය මිනිසාගේ සහජ ගතියක්.  මම හිතන්නෙ කලාවේ සුවිශේෂි කාර්යභාරයක් වන්නේ මිනිසාගේ එම ගුණාංගය පිළිබඳ සොයා ‍යාමයි..මම පෞද්ගලිකව හිතනවා සියලු සාහිත්‍ය ශානර අතුරින් නවකතාවට පුළුවන් මිනිසාගේ එම සහජ ගුණාංගය විමසුමට ලක් කොට, විශේෂයෙන් පැහැදිලිව පෙනෙන එකිනෙට පරස්පර පැතිකඩ ද්විත්වය සහ  මිනිස් ස්වභායන්ගේ තවත් මානයන් මතු කොට ගනිමින් ඒවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම. නමුත් අප සැහැල්ලුවෙන් අත වනමින් … “ ආ.. ඒක දුෂ්ඨකම” කියලා විතරක් කියන සැහැල්ලුව පිළිබඳ මට එතරම් විශ්වාසයක් නැහැ..ඔබ දන්නවද? ඒ අපියි.  උදාහරණයක් විදියට අප‍ගේ නූතන ඉතිහාසයේ ඉතාමත්  අතීශය තුච්ඡ කාලවකවානුවක් වුණු නාසි යුදෙව් ඝාතනය පිළිබඳ අප නැවත සිතා බලන්නේ නම්, කුමන අන්දමේ දේවල් කිරීමට අප සතුව හැකියාවක් තියෙනවාද, විශේෂයෙන්ම මහා පරිමාණයෙන් ඝාතන සිදුකිරීමට තාක්ෂණික ශක්තිය ඇති විට අප කුමක් කිරීමට සමත්වෙතියිද යන්න අපට තේරුම්ගැනීමට හැකිවනු ඇති. මම දන්නේ නැහැ අවංකම මේ ලෝකේ මිනිසුන් වි‍‍‍ෙඳෙව්වෙ දේවල් ගැන සෑහෙන්න තරම් විශ්වාස නොකිරීම නිසාද නැත්නම් දේවල් ගැන ඕනෑවට වඩා විශ්වාස කිරීම නිසාද කියලා..මම එන්න එන්න වයසට යද්දී මට දැනෙන්න වුනා, ඇත්තටම අපට අවශ්‍ය ලෝකයේ දේවල් ගැන වඩ වඩාත් සැක කිරිමයි. වැඩිවශයෙන්, සංශයවාදය(සැකසහිත) සහ අඩුවශයෙන්, මිනිස් මොළය පිස්සුවට්ටන නිසැක බව. මට හැ‍ෙඟෙනවා  ආගමික උද්යෝගය, දේශපාලන  උද්යෝගය කියන්නේ ඉතාමත් විනාශකාරි බලවේග. මම  කැමතියි දේශපාලන නායකයින් අතරේ සංශයවාදය දකින්න.  එයම මට දකින්න ඕනෑ දෙවියන් වෙනුවෙන් අසීමිත ලෙස ආදර භක්තියක් විශ්වාසයක් ප්‍රකට කරන මිනිසුන්  අතරේත්.මේ ලෝකේ අසීමිත ගණනක් දෙවිවිරු ව‍‍ගේම බොහෝ ගණනක් ආගම් තියෙනවා. ඒ කියන්නෙ, ඒ එකිනෙක ආගම් අදහන්නන් අතර මේ අදහස ඉතාමත් නිසැකයි. නිශ්චිතයි. “ මගේ දෙවියෝ තමයි ඇත්ත. අනෙක් හැම ආගමක් සහ දෙවියෙක් කියන්නේ අවශේෂ ලබ්ධීන්ගෙන් යුත් මනෝවිකාර”  එවැනි ආකාරයේ තහවුරු කිරීම් සැබවින්ම බියජනකයි..ඔබ කොහොමද මේ බින් ලාඩන් වැනි, ගොඬනැඟිල්ල තුළ සිටින මිනිසුන්ගේ මරණය නරඹමින් සිනාසෙන ත්‍රස්තවාදියෙකුගේ හැසිරීම පැහැදිලි කරන්නෙ? එහි කෘෘරත්වයේ සීමාව කුමක්ද? එය පාපය  පිළිබඳ සංවාදයට එසේත් නැතිනම් කෲරත්වය පිළිබඳ සංවාදයට කිසියම් දෙයක් අලුතින් එක් කරනවාද?.බිල් ලාඩන්, මෙහෙයුමේ සාර්ථකත්වය හේතුවෙන් ඔහු නඟන මෝඩ සිනහව දැක්වෙන වීඩියෝ දර්ශන මම නැරඹුවා. ඇත්තටම එය මුළු සිරුරම සලිත කරවන දසුනක්. මම හිතන්නෙ ඔහු බලයෙන් මත් වෙලා.  මම අවංකවම හිතන්නෙ නැහැ එතැන  කිසියම් අලුත් දෙයක් තිබුණා කියලා. කිසිවෙකුත් පෙර අත් නොවිඳි  ආකාරයෙන් ඒ ගොඬනැඟිලි ක‍ඩාගෙන බිම පතිත වෙද්දී.. ඇත්තටම එය ඔහුත් හිතුවාට වඩා විනාශකාරි සිදුවීමක් වන්නට ඇති.. ඔහු තුළ තිබු ප්‍රීතිය, ඔහු ඒ සියල්ලෙන් සතුටට පත්වු   ආකාරය මට පෙනුනෙ ඒ මොහොතේ  ඓතිහාසික ගමන් මඟ වෙනස් කළ හැකි ආකාරයේ තරම් සුවිශාල බලයක් අත්පත් කරගත් පුද්ගලයෙකුට දැනෙන ජයග්‍රාහි සතුටක් ඔහු වින්දාය කියන එක..නමුත් එය මම හිතන්නෙ අපගේ අඳුරුතම කලාපයේ  ඇති චිරස්ථායි ගුණයක්  කියලයි. කිසියම් සිදුවීමක් මතුපිටට එන කුණු තට්ටුවක් වගේ හැම කාලෙකම එවැනි නායකයින් බිහිවෙලා තියෙනවා.  එය සැබවින්ම ඉතාම දුංඛකදායක දෙයක්. අපි දන්නවා මිනිස්  ස්වභාවය කෙතරම් දේවල් කිරීමට සමත් ද කියන එක.. එත් අපි,  ආදරය තුළ ගැබ්ව ඇති අසිරිමත්  ගලවා ගැනිමේ  ශක්තිය පිලිබඳ අප සතු දැක්ම අප අත් නොහළ යුතුයි. අප කොයියම්හෝ ආකාරයකින් මේ දෙයාකාරයම කිසියම් සමතුලිතතාවක පවත්වා ගත යුතු බවයි මගේ හැඟීම..ඔබ‍ගේ අදේවවාදය අනුක්‍රමයෙන් ඇතිවුණු යමක්ද, නැතිනම් වේගවත් වෙනසක් ලෙස සිදුවුනාද? ඔබ එදා සිට  අදේවවාදියෙක්ද? නැතිනම් හදිසියේ සිදුවුවක්ද? එය පහසුවෙන් ජයගතහැකි වූ යමක්ද?.මගේ අදේවවාදය සහතික වශයෙන්ම පහසුවෙන් ජයගතහැකි වූ යමක් වුයේ නැහැ.  මම   හැම ආකාරයකම විශ්වාසයන් අතපත ගාලා පොතක් ලිව්වා  Black Dogs  කියලා. එහි කතාව කියන්නා, මම වගේම විශ්වාසයත් අවිශ්වාසයත් අතර අක්ෂය දිගේ ලිස්සා යන්නෙක්.  නමුත් ඒ පිළිබඳ මගේ අත්දැකිම් ගොන්න මට යෝජනා කරන්නෙ අවාසනාවන්ත බව බෙදී යන්නෙ සම්පූර්ණයෙන්ම අහඹු ලෙස. කුඩා ළමුන් පිළිකාවලින් මිය යනවා, නරක මිනිසුන් බොහෝ කාලයක් ජීවත් වෙනවා, හොඳ මිනිසුන්  මහ මඟ හදිසි අනතුරුවලින් මිය යනවා….වෙනත් වචනවලින් කියතොත් දෙවියෙක් සිටිනවා නම් ඔහු ඉතාමත් උදාසීන දෙවි කෙනෙක් වෙන්න ඕනෑ. මට අනුව යාච්ඥා කිරීම මුළුමනින්ම බොළඳ කාර්යයක්. එය ආයාචනා කරන්නේ මැදිහත් වීමට හැකි යැයි සිතන නමුත්, කිසි ලෙසකින්  කිසිවකට මැදිහත් වී  නොමැති පැවැත්මකට. නැතිනම් ඔහු මැදිහත් වී සිදු කර ඇත්තේ අනර්ථයක් පමණයි.  සැප්තැම්බර් එකොළහ සිදුවීම අපට දෙවියන්ගේ අද්භූත හැසිරීම නැවත මතක් කර දෙනවා..ඔබගේ සැකයන් සැකයට භාජනය වුණු කිසියම් මොහොතක් තිබුණද?.ඩාර්වින්ගේ ප්‍රියතම දියණිය මියගිය විටදී මෙන්, මෙම සිදුවීම මගේ සැකයන් ස්ථිර කළා…‍එම අහස් යාත්‍රා ගොඩනැඟිලි වල ගැටෙද්දී, දහස් ගණනක් අහිංසක මිනිසුන්  මියයද්දී, සිය දහස් ගණනක් මිනිසුන් වැළපෙද්දී මට දැනුනා මගේ අවිශ්වාසය තවත් තහවුරු වුවා කියන එක. කිනම් ආකාරයේ දෙවියෙකුට ද පුළුවන් එවැනි දෙයක් සිදු විමට ඉ‍ඩ තබන්න..අදේවවාදියෙකු සහ  නවකතාකරුවෙකු වන ජිම් ක්රේස් වරෙක කියා තිබුණා සැප්තැම්බර් එකොළහ සිදුවීම නිසා ඔහුව අන්දමන්ද  වුණා කියලා. එම ප්‍රකාශය කිසියම් හැඟීමක් ඔබ තුළ ඇති කරනවාද? ඔහුගේ අදහසට අනුව මෙම සිදුවීම අදේවාදීන්ට ඉතාමත් දුෂ්කර අවස්ථාවක්..නැහැ. මොකද ඉවසුම් නොදෙන කෲරත්වයන් ප්‍රකට කරන තවත් බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් ඉතිහාසයේ ඕනෑ තරම් තිබෙනවා.. මෙය එවැනි  සිදුවීමක පළමු අවස්ථාව නොවෙයි..සැප්තැම්බර් එකොළහ තමයි වඩාත්ම කෲරතම මිනිස් ක්‍රියාව ලෙස සිතන අයට ඒ පිළිබඳ නැවත සිතා බලන්න සිදු වෙනවා. ඒ මීට වඩා මහා පරිමාණ අමානුෂික ක්‍රියාවන් මිනිසා සිදුකර තිබෙන නිසා. ඒ නිසා එවැනි ආකාරයේ මතයකින් මෙම ගොරතර සිදුවීම අරඹයා මානව ස්වභාවය හඳුනාගැනිමට අප දරන පරිශ්‍රමය අහෝසි  කිරීමට දරන ප්‍රයත්නය අපට කිසිසේත්ම පිළි ගන්න බැහැ..විසිවැනි ශතවර්ෂයේ තනිකරම ඇස් පනාපිට අප අත්දැක්කෙ විශ්වාස කළ නොහැකි තරම් දුෂ්ඨභාවය. උදාහරණයක් ලෙස ඉතා පරික්ෂාකාරි, විධිමත්, නිලධාරිවාදි, තාක්ෂණික යාන්ත්‍රණයක්  ලෙස යුදෙව් මිනිස් සංහාරයෙදී ඉතා කෘෘර ලෙස මිනිස් ඝාතන සිදුවුණා. අප එය එක් ආකාරයකට දුටුවා. අප එය නැවතත් දකිනවා මේ මිනිසුන් ගෙන්, මේ ‍නොවෙනස් විශ්වාසයන් හා ඇලි ගැලී සිටින ජරපත් උන්මත්තකයින් ගෙන් අප එය නැවතත් දකිනවා..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබෞද්ධ මූලධර්මවාදය.Next articleවිකාරයේ මියයෑම සහ විචාරයේ හුස්ම ගැනීම මම කෙළින් මිනිහෙක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මගේ ඉලක්කය සාෆ් කුසලානයලංකාවට ගෙනඒමයිජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකජූඩ් සුමන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මගේ ඉලක්කය සාෆ් කුසලානය.ලංකාවට ගෙනඒමයි.ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩක.ජූඩ් සුමන්.By සංස්කාරක.October 28, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්..■ අමන්දිකා කුරේ.ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්නේ බොහෝ දේවල් කැපකරලා. ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික දේවල්, විවේක කාලය වගේම අධ්‍යාපනයත් සමහර වෙලාවට මගහැරෙනවා. නමුත් ක්‍රීඩකයන් අතලොස්සක් තමන්ගේ ක්‍රීඩා කටයුතු සමග අනෙකුත් කටයුතුත්, විශේෂයෙන් ම අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා. හොකී, බැඩ්මින්ටන්, ටෙනිස් වැනි ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් බොහෝ විට සමබරතාවකින් සිය කටයුතු කරගෙන යන නමුත් ක්‍රිකට්, පාපන්දු, රග්බි වැනි ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයන්ට අධ්‍යාපන කටයුතු අගහැරීමට ඇති ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ම ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට බොහෝ දේවල් කැප කරලා ඒ තැනට එන්න සිදු වන නිසාම අධ්‍යාපන කටයුතු පවා ඇතැම් විට මග හැරෙන්න පුළුවන්. කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයන් සිය ක්‍රීඩාව සමගම උසස් අධ්‍යාපන කටයුතුත් කරගත්තා. නමුත් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ නම් එවැනි ක්‍රීඩකයන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. මේ වන විට පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ජූඩ් සුමන් එවැනි ක්‍රීඩකයෙක්..ජූඩ් සුමන් ජාතික කණ්ඩායමට එක්වන්නේ 2018 වසරේදී. ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා උපාධියක් හදාරන තෙවන වසරේ සිසුවෙක්. තමන් ක්‍රීඩාවට යොමු වුණු පසුබිම ගැන ජූඩ් ”අනිද්දා” සමග මෙසේ අත්දැකීම් බෙදාගත්තා..”මම වසය අවුරුදු 10 දි තමයි පාපන්දු සෙල්ලම් කරන්න පටන් ගත්තේ. මගේ අයියලා දෙන්නෙක්ම පාපන්දු සෙල්ලම් කළා. එයාලා සෙල්ලම් කරනවා දැකලා ආස හිතිලා මමත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මම ගියේ යාපනයේ ඉලවලෛවල තියෙන ශාන්ත හෙන්රි විද්‍යාලයට. අපේ ඉස්කෝලෙ පාපන්දුවලට ගොඩක් ප්‍රසිද්ධයි.”.සහෝදර සහෝදරියන් රැසක් ඉන්න පවුලක ඉපදුණු සුමන්ගේ පවුලේ කිහිප දෙනෙක්ම ක්‍රීඩාවල නිරත වෙනවා. ඔහුගේ එක් සහෝදරියක් නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඇය දැනට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඊට අමතරව සුමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වන සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කර තිබෙනවා..”මගේ අයියා ඥානරූබන් විනෝත් මට කලින් ජාතික කණ්ඩායම නියෝජනය කළා. ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලයේ ඔහුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් උසස් අධ්‍යාපනයට හදාරන ගමන් තමයි ඔහු ක්‍රීඩා කළේ”.සුමන් උසස් පෙළ සඳහා පෙනී සිටින්නේ 2018 වසරේදි. ඔහුව ජාතික කණ්ඩායමට තේරෙන්නෙත් ඒ වසරේ. ”මම උසස් පෙළට සූදානම් වුණේ ඉතාම අඩු කාලයකින්. මාස තුනක් වගේ පාඩම් කළේ. මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී හිටියා. මගේ වැඩ සමබරව කරගෙන යන්න මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වෙනකොටත් මගේ සහෝදර සහෝදරියන් විවිධ ක්‍රීඩාවල නිරත වෙලා හිටපු නිසා පවුලේ අයට යම් අවබෝධයක් තිබුණා”.එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්. ඔවුන් දෙදෙනාට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකුත් මේ වන විට පාපන්දු ජාතික සංචිතය නියෝජනය කරනවා. මේ වන විට සුමන්ගේ සහෝදරයා ජාතික කණ්ඩායමෙන් ඉවත්ව ගොසින්..සුමන් 2015 සිට ක්‍රීඩා සමාජ හරහා පාපන්දු ක්‍රීඩාවේ නියැළී තිබෙනවා. ඊට අමතරව ඔහු පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ රැසක් ලබා ගෙන තිබෙනවා. අවුරුදු 30කට පස්සේ තමන්ගේ පාසල වෙත ජාතික මට්ටමේ ජයග්‍රහණයක් සිය කණ්ඩාමේ නායකයා වශයෙන් ක්‍රීඩා කරමින් ගෙනඒමට සුමන් සමත් වෙනවා. ඒ පාපන්දු පාසල් ශූරතාවේදී අනුශූරයන් බවට පත් වෙමින්. නැවතත් වසර 40කට පසු ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි 2018 වසරේ ශූරයන් වීමට උතුරු පළාත් පාපන්දු කණ්ඩායමට හැකි වුණා. සුමන් හා ඔහුගේ සහෝදරයා ඥානරූබන් ඒ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා..ජූඩ් සුමන් පළමුවෙන්ම ක්‍රීඩා කර තිබෙන්නේ Solid FC ත්‍ක්‍ ක්‍රීඩා සමාජයටයි. 2015 සිට 2018 දක්වා එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන ඔහු 2018 දී Renown SC ක්‍රීඩා සමාජය සමගින් එක් වෙනවා. පාපන්දු සංගමය විසින් 2019 දී පැවැත් වූ පාපන්දු ශූරතාවලියේ Renown SC ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙන්නේ ද ජූඩ් සුමන් විසින්..”මගේ පළමු ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේ 2018 දී බංග්ලාදේශයට එරෙහිව. එතකොට මගේ වයස අවුරුදු 19යි. පළමු වරට ජාත්‍යන්තර පිටියේ ගෝලයක් රැස් කරගත්තේ 2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ නේපාලයට එරෙහිව”.”මට පාපන්දු ජීවිතයේ අමතක නොවනම සිදුවීම තමයි 2019 බංග බන්ධු රන් කුසලානය වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවති තරගයේ දී මටත් මගේ සහෝදරයාටත් එකට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට ලැබීම. මට පාසල් කාලයේ ගොඩක්ම ක්‍රීඩාව ගැන කියලා දුන්නේ මගේ අයියලා දෙන්නා. අයියා සමග ක්‍රීඩා කරන්නට ලැබීම ලොකු සතුටක්”.”මම කුඩා කාලයේ ක්‍රීඩාවල නියැලෙන කොට අපේ පවුලට පොඩි පොඩි ආර්ථික අපහසුතා තිබුණා. නමුත් ඒ දේවල් ක්‍රීඩාවට බාධාවක් කර නොගෙන මම ඇතුළු මගේ පවුලේ ක්‍රීඩාවල නිරත වෙන අය ක්‍රීඩාව කරගෙන ගියා. පස්සෙ කාලෙක අයියලා මට පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන්න ගොඩක් උදවු කළ. මට උදවු කළ අයගෙන් මට අමතක නොවන චරිතයක් තමයි මාස්ටර් සුමිත් කියන්නේ. මම අවුරුදු 15න් පහළ සංචිතයේ සිටි කාලයෙ වගේම 19න් පහළ සංචිතයේ සිටි කාලයේ, මම ජාතික කණ්ඩායමට ඇතුළත් වන තුරුම පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළා. ඔහු මට ගොඩක් උදවු කළා ක්‍රීඩා හැකියාවන් දියුණු කරගන්න. දැන් ඉන්න කණ්ඩායමෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.”.පසුගිය දිනවල මාලදිවයිනේ පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය සඳහා ද ජූඩ් සුමන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. එහිදී හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මේ දිනවල ඔහු ප්‍රතිකාර ලබාගෙන යාපනයේ නිවසට වී විවේකීව සිටිනවා..ජූඩ් සුමන් යාපනයේ ඉඳන් ජාතික කණ්ඩයමට එකතු වුණු දක්ෂ ක්‍රීඩකයෙක්. තවමත් වයස තවමත් වයස අවුරුදු 23ක් වන ඔහුට තවත් ඉදිරියට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. තමන්ගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්නයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ තිබෙන අනාගත බලාපොරොත්තුව ගැන සුමන් අවසාන වශයෙන් මේ විදිහට කිව්වා..”මගේ අනාගත ඉලක්කය වසර ගණනාවකින් ලංකාවට ගේන්න බැරිවුණු දකුණු ආසියානු පාපන්දු ශූරතාව ලංකාවට දිනලා දෙන එක”■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleගින්නට ගොදුරු නොවුණ.නූතන සිංහල සාහිත්‍යයේ වියපත් තාරුණ්‍යය.Next articleබාබෙල් කුලුනේ දෙවියන් මරා දැමූ.තිලකසේන.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආගමික සමාජය හා නිරාගමික බුකිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආගමික සමාජය හා නිරාගමික බුකිය.By සංස්කාරක.May 13, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..ටැබූ සබ්ජෙක්ට්ස්.අද සටහනට ප‍්‍රස්තුතය ‘මීම්’‍ එකක්. මෙය වත්පොතේ තැන් තැන්හි බෙදා හදාගෙන තිබුණා. අපේ රටේ වත්පොත්තු වත්පොත්තියෝ යහපත් මිනිස්සු හා ගැහැනු. ඔවුන් තමන් ඇසැ ගැටුණු යමක් තනිව නොවිඳ සෙස්සන් හා බෙද හදා ගන්නවා. එසේ බෙදා ගැනුණු මේ ‘මීම්’‍ එක කවර රජ දවසට අයත්ද ලේඛකයාට නිනව්වක් නැහැ. සමහරවිට සරල මෙත්පල් නිරිඳුන්ට පෙර කලැ සත්වැනි මිහිඳු රජ දවස වෙච්චි කතාවක් යළි අළු ගසා දමා නැඟිටි අවස්ථාවක් වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි ඒක බෙදා ගත් හැම තැනෙකම වගේ බොහෝම උනුසුම් කෙස් වළු පටලවා ගැනීම් ඇති වෙලා තිබුණා දකින්ට ලැබුණා..ඒකෙ තිබුණෙ මෙහෙම සටහනක්..‘‍ඔය නිරාගමිකයොද මොක්කුද කියන එවුන් ඉන්නෙ බුකියෙ විතරයි’.‘මොකද ඔය රැුඩිකල් බුද්ධ පූජා විරෝධී ටෝක් සමාජෙදි දෙන්න ආවොත් වඩාගෙනනෙ ගහන්නෙ’‍.ඔය ‘නිරාගමිකයා’‍ කියන යෙදුම වත්පොත් බ්ලොග් රචකයකු වන රිටිගල ජයසේනගේ. මීට පර්යාය ඉංගිරිසි වදන ‘‍නොන්-රිලිජස්’‍ විය යුතුයි. මන්ද යත් ඉංගිරිසියෙන් ‘ඒතිස්ට්’‍ කියලා කියන්නේ ආගමක් නො අදහන පුද්ගලයා නෙවෙයි, දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැත්තා. බටහිර සමාජයේ නම් ඔය දෙකම එකයි. හැබැයි ආසියානු සමාජයේ ථෙරවාද බෞද්ධයන්ද ‘ඒතිස්ට්’‍ කුලකයට වැටෙන්ට හැකිය මතයක් තියෙනවා. නිරාගමිකයා යනු කවර හෝ ආගමක් පිළිබඳව විශ්වාසයක් නැත්තා. ඒ පොදු නිර්වචනය තුළ අටෝරාසියක් නිරාගමික ප‍්‍රභේද දකින්ට පුළුවන්. කොහොම හරි අපේ රිට්ටා ආගමිකයන් හා නිරාගමිකයන් වෙන් කරලා ඉරක් ඇන්දා අවුරුදු හත අටකට කලින්. අද දක්වා අප භාවිත කරන්නේ ඒ බෙදුමයි..මෙහිදී අප කාරණා කිහිපයක් සිහි තබා ගත යුතුයි. එකක් රිට්ටා මේ ඉර අඳින්නේ සමස්ත දක්ෂිණ ලාංකීය සමාජය දරුණු ලෙස ඒකධ‍්‍රැවීය (යුනිපෝලරයිස්* වුණු අවස්ථාවකයි. පරසි මිහිඳු රජපසතුමා උත්තර දේශය භීතියෙන් මුසපත් කළ පිරබාහරන් නම් පරාස්සයාගේ කෙස් වැටියෙන් ගෙන ගෙළ සිඳුවා ලංකාද්වීපය එක්සත් එක්සේසත් කොටැ ‘මා හැර අන් කිසි නිරිඳෙක් වෙතිද මේ ලක් පොළෝ තලයේ!’‍ යි මේඝ ගර්ජනා කළ මේ සමය අපේ රටේ බුද්ධ ශාසනය ස්වර්ණමාලී මහා චෛත්‍යයේ කොත් වහන්සේ සේ දිදුළ යුගයෙක්. බොදුනුවකු සේ පෙනී සිටීම මේ යුගයේ කෙනකුට මහා ආඩම්බරයක් වුණා. කොටින්ම උපතින් කතෝලිකයකු වූ පනාපුත‍්‍ර කුහුඹුපැණියා වැන්නන්ටත් ‘අනේ දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ මේ පුත‍්‍රයා බොදුනුවකු නොකළේ මන්ද?’‍ කියා හිතෙන්ට ඉඩ තුබුණු කාලයක් ඒක. මේ නිසා රිට්ටාගේ ‘නිරාගමික කල්ටියට’‍ (ඔව්, අකුරු වැරැුදුණේ නැහැ. කල්ලිය නොවේ, කල්ටිය – අර ඉංගිරිසියෙන් කල්ට් කියලා කියන්නේ* අතක ඇඟිලි ගණනට වැඩි සාමාජිකයන් පිරිසක් සිටියේ නැහැ. මේ ලේඛකයා ඒ හතර පස් දෙනාගෙන් එකෙක්. හැබැයි ඔහු නම් නිරාගමිකයකු වූයේ රිට්ටා උසස් පෙළ ටියුෂන් පන්තියේ අල්ලපු පේළියේ යුවතියන්ට ඇස් ගහන සමයෙහිමැයි, ඔය වදනම භාවිත නොකළාට. ඒක වෙනම කතාවක්..කාලය වෙනස් වුණා. මිහිඳු රජපසතුමන්ගේ වැල්ලේද කරැුකැවුණු බඹරයේ වේගය අඩාල වෙමින් තුබුණා. ඒ අතර ඥානයක් සාරයක් නැති පුඟු‍ලෙක් මැදහත් බොදුනුවන්ට තමන් බොදුනුය කියාගැන්මේ මහත් වූ ආඩම්බරයත් බින්දා. මේ පුඟු‍ලා කළ කී දෑ බොදුනුවන්ට රෙදි ඇඳගෙන දරා සිටිය හැකි දේ නම් නෙවෙයි. ලේඛකයා හිතන හැටියට මේ කාලයේ සැබෑ බොදුනුවන් රාසියක් බුද්ධාගමින් ඈත් කිරීමේ (අ*ගෞරවය මේ ඥානයක් සාරයක් නැති පුඟු‍ලාට හිමි විය යුතුයි. මේ නිසා නිරාගමික රිට්ටා නිදා සිටියදීම ඔහුගේ නිරාගමික කල්ටිය පිම්බෙන්න පටන් ගත්තා. ඒක අප ගණිතයේ කියන්නාක් වගේ ඝාතීයව (එක්ස්පොනෙන්ෂලි* ප‍්‍රසාරණය වුණා. හරියට පස්වග මහණුන්ගෙන් ඇරැුඹුණු බුද්ධ ශාසනය ප‍්‍රසාරණය වුණා වගේම පිම්බුණා. පහ දහය වුණා. දහය පනහ වුණා. පනහ සීය වුණා. සීය දහස වුණා. පඳුරකට පා පහරක් දුන්නත් එකකු විසිවෙන තරමට නිරාගමික ශාසනය වැඩුණා. ලේඛකයා මේ සියල්ල අපේ රිට්ටාගේ එකවුන්ට් එකට බැර කරනවා නෙවෙයි. මේවා වෙද්දී රිට්ටා වැඩි කාලයක් හිටියේ ශිශිර තාරකා නින්දේ. ඔහු අවදි වුණේ ඔය ඉඳලා හිටලා ඇවිත් මොකක් හරි වඳුරු කුණුහරුපයක් කොටා යන්න විතරයි. නිරාගමික ශාසනය මේ තරම් ප‍්‍රසාරණය කිරීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුතු අර ඥානයක් සාරයක් නොතිබුණු පුඟු‍ලාටයි..එක අතෙකින් මේ විපරිණාමය අන්තර්ජාතිකව සිදුවෙමින් පවතින යම් ප‍්‍රවණතාවක දේශීය සංරචකය සේ දකින්ට පිළිවනි. ගෝලීය වශයෙන් නිරාගමිකයන්ගේ ප‍්‍රතිශතය වැඩෙමින් පවතිනවා පසුගිය දශක කිහිපය තුළ. බුරුතු පිටින් මිනිසුන් ගැහැනුන් ආගමින් ඉවත් වෙනවා. එක ආගමික කණ්ඩායමක් සේ සලකතොත් නිරාගමිකයන් අද අන්තර්ජාතික වශයෙන් දෙවැනි වන්නේ ක‍්‍රිස්තියානින්ට හා ඉස්ලාමිකයන්ට පමණයි. නිරාගමික ජනගහන ප‍්‍රතිශතයට සාපේක්ෂව බෞද්ධයන් කියන්නේත් ඉතාම සුළු පිරිසක්. ථෙරවාද බෞද්ධයන් කියන්නේ ඊටත් අඩු පිරිසක්..තව එකක්! අපේ රටේ ඔහොම නිරාගමික කල්ටියක් හැදුණේ බුකියේම (වත්පොතේ* විතරයි. සැබෑ ලෝකයේ එවැන්නක් හැදුණේ නෑ. ඒ නිසා ඔය ‘ඔය නිරාගමිකයොද මොක්කුද කියන එවුන් ඉන්නෙ බුකියෙ විතරයි’‍ කියන කියමන කිරි ගහට ඇන්නා වගේ හරියට හරි..මෙසේ වූයේ මන්ද කියන එක අපට ලෙහෙසියෙන් වටහා ගත හැකියි. මිහිඳු රජපසතුමන් සිය සුප‍්‍රකට ජනෙල් පඩි කතාව පැවැත්වීමෙන් අනතුරුව රිටයර් වී බොහෝ කල් ගත වී ඇතත් තවමත් අපේ සමාජයේ තලෙබාන් ලක්ෂණ දුරුව නැහැ. 2012 ජන හා නිවාස සංගණනයෙහිදී පවා පුද්ගලයකුගේ ආගම ගැන අසද්දී ‘කිසිම ආගමකට අයත් නොවේ’‍ කියන විකල්පය දී තුබුණේ නැහැ. කවර හෝ ආගමකට අයත් නොවන පුද්ගලයකු සේ පෙනී සිටින්ට විවිධාකාරයේ සාමාජීය බාධාවන් තුබුණා. එසේම නිරාගමිකයන්ට තමන්ගේ අදහස් පළ කරන්ට මාධ්‍යයක් තුබුණේද නැහැ..ඇත්තටම අදහස් ප‍්‍ර‍කාශනයේ නිදහස අතින් සමාජය 1960-70 ගණන්වල සිට දශක ගණනාවක් ආපස්සට ඇවිත් තුබුණා. මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ‘බව තරණය’‍ ලියා පළ කරන්නේ 1973 දියි. ඒ පැසුණු වැඩිහිටියකු ලෙස. ‘බව තරණය’‍ වික‍්‍රමසිංහයන්ගේ නිර්මාණකරණයේ කූඨප‍්‍රාප්තිය සේ සඳහන් කළ හැකියි. එතෙක් අන් කිසිවකු නොකළ අපූරු දෙයක් ඔහු කරනවා. ඒ සිද්ධාර්ථ ගෞතමයන්ගේ පිළිගත් චරිත කතාවෙන් ඔබ්බට ගොස් ඊට නව අර්ථ කථනයක් දීමෙන්. මේ නවකථාව පළ වූ සමයේ ඒ ගැන දරුණු විවාද ඇතිවුණා. බොහෝ වියත් හිමිවරු වික‍්‍රමසිංහ විවේචනය කළා. හැබැයි මේ කිසිවක් පෞද්ගලික මට්ටමට වැටුණේ නැහැ. අනෙක් අතට බැරි වෙලාවත් මාර්ටින් වික‍්‍රමසිංහ 1973 දී බව තරණය නොලියා වෙනත් වික‍්‍රමසිංහ කෙනෙක් ඊට වසර 40 කට පසුව 2013 දී ඒකම කළා නම්, අර දෙවැනි වික‍්‍රමසිංහගේ නිවෙසත් ගිනිබත් වෙන්ට ඉඩ ඇති තරමට සමාජය වෙනස් වී තලෙබාන්කරණය වී තුබුණා. ඉතින් ඒ සමාජයේ නිරාගමිකයන් පහළ නොවීම තේරුම් ගත හැකි කාරණාවක්. පුදුමයක් හෙම නෙවෙයි..වත්පොතෙහි හෙවත් බුකියෙහි මීට සාපේක්ෂව තරමක හෝ ආරක්ෂිත පරිසරයකුයි තුබුණේ. අතථ්‍ය මාධ්‍යයක කෙනකුට කෙළින්ම පහර දෙන්ට බැහැ. එසේම අතථ්‍ය මාධ්‍යයේ වෙස් මුහුණක් පැළැඳ ඒමේ හැකියාවක් තියෙනවා. වත්පොත්තු හා වත්පොත්තියෝ මේ හැකියාවන් මනාව භාවිත කළා. සමාජයේ නැතිව බුකියේ නිරාගමිකයන් පැටව් ගැසුවේ මේ නිසයි..දැන් බුකියේ ආගමිකයන් හා නිරාගමිකයන් අතර වසර කිහිපයක පටන් ගැඹුරු සාකච්ඡුා පැවැත්වෙනවා. විශේෂයෙන්ම ‘තුලාව’‍ නම් ලක්ෂකයට අධික සාමාජිකත්වයක් ඇති සමූහය තුළ පැවැත්වෙන සංවාද කැපී පෙනෙනවා. මේවා සියල්ලටම සංවාද කියන්ට බැහැ. දෙපාර්ශ්වයෙන්ම වැඩිපුර කෙරෙන්නේ මඩ ගසා ගැනීම්; පහර ගසා ගැනීම් හා අනෙකාගේ ජාතකය ප‍්‍රශ්න කිරීම්. හැබැයි ඒ අතරම යම්කිසි ගැඹුරක් ඇති සංවාදද දැකිය හැකියි..ආගමිකයන් නිරාගමිකයන්ගෙන් අසන ප‍්‍රශ්න බොහෝ විට සාම්ප‍්‍රදායිකයි; සරලයි; බොළඳයි. නිදසුනක් හැටියට යහපත් සමාජයක් තැනෙන්ට ආගම් ඕනෑ නේද?; ආගමක් නැතුව කෙනකුට ජීවත් වෙන්න පුළුවන්ද?; නිරාගමිකයන් නම් නිරාගමිකයන් විදියට කට පියාගෙන ඉන්නේ නැතුව ආගම්වලට ‘ගරහන්න’‍ එන්නේ ඇයි?; ඔහොම ආගමික වතාවත් ‘අපහාසයට පත් කරන එක’‍ හරිද?; ඔයගොල්ල ඇත්තටම සේවය කරන්නේ කිතුනු පල්ලියට නේද?; ඔයගොල්ලන්ට රාජ්‍ය නොවන ආයතනවලින් ඩොලර් ලැබෙනවා නේද?: නිරාගමිකත්වය තියෙන්නේ ප්ලේන් එක ගැස්සෙන තුරු විතරයි නේද? වගේ ප‍්‍රශ්න. මේවා සියල්ලටම පහසුවෙන් පිළිතුරු දෙන්න පිළිවනි. හැබැයි මේ ප‍්‍රශ්න කවුරුන් හෝ නඟන්නේ ඒ පිළිතුරු අපේක්ෂාවෙන් නොවන බව පැහැදිලිව පෙනෙනවා..නිරාගමිකයන්ගේ ප‍්‍රශ්න සංකීර්ණයි. ආගමිකයන් රිදවනසුලූයි. පහුගිය දවසක වත්පොත කැළඹූ එක ප‍්‍රශ්නයක් වුණේ දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් දෙවැනි තැන ගන්නා රටේම (ගඩොල්, මැටි හෝ සිමෙන්ති* චෛත්‍යවලට ටොන් ගණනින් පලතුරු පූජා කිරීම් සාධාරණද, සදාචාරාත්මකද, චෛත්‍යයන්ට බුදුන්ගේ කාලේ වත් නොකෙරුණු ආකාරයට ලක්ෂ ගණන් සිවුරු පෙරවීම සම්පත් විනාශයක් පමණක් නේද වැනි කාරණා. මේවායින් කුපිත වුණු ආගමිකයන් විවිධාකාරයෙන් නිරාගමික කල්ටියට පහර ගසන්න පටන් ගන්නවා. ඔවුන්ට නොතේරෙන කාරණය තමයි මේ පහර ගැසීම්වලිනුත් නිරාගමිකයන්ට තව කිලෝමීටරයක් දෙකක් වත් යන්න පෙට්රල් ඞීසල් දීමක් නේද කරන්නේ කියා..දැන් ඔය උඩ තියෙන ‘මීම්’‍ එක තමයි නිරාගමිකයන්ට එරෙහිව ආගමිකයන්ගේ අවසාන තුරුම්පුව. මේක පැහැදිලිවම තර්ජනයක්. නුඹලාට නිදහස් අදහස් දරන්න පුළුවන් බුකියේ පමණයි. එළියට ආවොත් අපි නුඹලා විනාශ කරනවා. දැන් මෙහෙම කියන්නේ අවිහිංසාව සහජීවනය පෙරදැරි කොට ගත් දහමක් අනුගමනය කරන බහුතර ජනතාවක් වෙසෙන රටක නේද වැනි ප‍්‍රශ්න නඟන්න එපා. මහාචාර්ය නලින්දනාථ දේවාදිත්‍ය සිරිමතුන්ට අනුව මේ රටේ තියෙන්නේ බුද්ධාගම නෙවෙයි සිංහල බුද්ධාගම. ඒකට ඔය අහිංසාව, කරුණාව, මෛත‍්‍රිය වගේ සංකල්ප ඇලජික්. අනෙක් අතට ජයන්ත මහරජ ගැමුණු චන්ද්‍රසිරි අපට කිව්වේ අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල් දමා ගැන්මට තරම් පරාර්ථකාමී මිනිසුන් ගැහැනුන් කොටසක්ය මේ රටේ වසන්නේ කියලා. ඒ නිසා ඔය කවුරු කවුරුත් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් සපයා ගන්නවා නම් හොඳයි. මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ බුද්ධිමතුන්ටත් කාණුවල වැටී ගුටි කන්න සිද්ද වෙච්චි රටක් මේක. අමතක කරන්න එපා.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඇමති ජයවික‍්‍රමගේ මිලියන 350ක නාඩගම, සයිටීස් සමුළුව.Next articleඅල්ලස සහ ජාල ප‍්‍රශ්නය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ලංකාවේ චීන කොලනියක් කිරීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකාවේ චීන කොලනියක් කිරීම.By සංස්කාරක.July 15, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.පි‍්‍රයදර්ශනි ආරියරත්න.පසුගිය ශතකයේ අග භාගයේ භාවනාව, ව්‍යායාම හා ආධ්‍යාත්මික දියුණුව එකට සංකලනය කරන ලද ෆලූ‍ං ගොං නොහොත් ෆලූ‍ං ඩාෆා නමැති සම්ප‍්‍රදායයක් චීනයේ ජනප‍්‍රිය වන්නට විය. එය බෞද්ධ දර්ශනයේ සාරයන්ද කැටිකර ගත් අහිංසාවාදී ව්‍යාපාරයක් වූ අතර ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විය. එහි පදනම වූයේ සත්‍යවාදී බව, දයානුකම්පාව හා ඉවසා දරාසිටීමයි. එය තරමක් දුරට යෝග ව්‍යායාම හා සමානත්වයක් ගන්නා අතර තම තමාගේ ආධ්‍යාත්මික දියුණුව හා ශරීර සුවතාවද සලසා ගත හැකි මාර්ගයකි. 1999 වසරේදී ෆලූ‍ං ඩාෆා චීනයේ තහනම් කරන ලද අතර ඉන් පසුව එය අනුගමනය කරනු ලැබූවෝ දහස් ගණනක් සිරගත කරන ලදහ. සමහර අවස්ථාවල අවයව ලබාගැනීම වැනි ක‍්‍රෑර වදබන්ධනවලට ලක් කර මරා දමා ඇත. (ලොව පුරා මේ වන විට ලක්ෂ ගණනක පිරිසක් ෆලූ‍ං ඩාෆා අනුගමනය කරති.).චීනයේ පවතින හා පැවතිය හැකි එකම ව්‍යාපාරය චීන මාදිලියේ කොමියුනිස්ට්වාදය පමණි. ඒ එහි අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරමය..ලෝක බෞද්ධ නායකයෙකු වන දලයි ලාමා යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ හා සංඝ‍යා වන්සේලාගේ ඉල්ලීම මත සංචාරය සඳහා ලංකාවට වැඩමවන්නට උත්සාහ කෙරිණි. ජනාධිපතිතුමාටද සිය ජයග‍්‍රහණයෙන් පසුව එතුමා ලංකාවට වැඩම කරවීමට අවශ්‍යතාවක් තිබුණු බව පෙනේ. චීනය එයට විරුද්ධ විය. ඒ අප වැනි රටවල රාජ්‍යතාන්ත‍්‍රික නිදහසට චණ්ඩි පාට් දමන ආකාරයයි. එහෙත් එම කාලයේම පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට ඔවුන් විරුද්ධ නොවූ අතර එතුමා ලංකාවට වැඩියේය..චීනයේ ප‍්‍රධාන වෙළෙඳ සහකරුවන් වන බටහිර රටවලට වත් ඉන්දියාව වැනි බලවත් රටවල්වලට වත් චීනය එවැනි තහනම් පනවන්නේ නැත. දැසිදස්සන් බැලයන් වහලූන් ලෙස අප රටද හවුලට තරහ විය යුතුය. එයින් කියවෙන්නේ ඔවුන් කොතරම් දුරට රටවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ආගමික නිදහසට පවා ඇඟිලි ගසනවාද යන්නයි..චීන ජනතා පක්ෂය යයිද කියනු ලබන චීන ආරයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ චීනයේ උත්තරීතර හා පූජනීය නායකයෝය. ඔවුන් තම පැවැත්මට හා තම මතවාදයට අල්පමාත‍්‍රව හෝ වෙනස් යමක් තම රට තුළ සමාජගත වන්නට ඉඩ නොදෙති. එයින් නොනැවතී එම බලපෑම අප වැනි රටවලටද කරති..මැද පෙරදිග සිට තම වෙළෙඳ ප‍්‍රවාහනය පහසු හා ලාභදායී කර ගනු වස් තම වරාය ජාලයේ වූ අඩුව සපුරා ගන්නට හා ඉන්දියානු සාගර කලාපයේ තම ආධිපත්‍යය තහවුරු කරගන්නට, කොටින්ම කියතොත් රාජපක්ෂලා හරහා චීන කොලනියක් ඉන්දියානු සාගරයේ ඇතිකර ගන්නට චීනයට හැකි විය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල, වරාය නගරය වැනි මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති යනාදිය සඳහා ඔරොත්තු නොදෙන ලෙස ලෙස අධික පොලියට ණය දෙනු ලැබිනි. අභ්‍යන්තර යුද්ධය හා එල්ටීටීඊය ඔවුන්ගේ බල ව්‍යාපෘතියට බාධාවක් හෙයින් යුද මර්දනයට ද ආධාර කරනු ලැබිණි. ඓතිහාසිකව යථාර්ථවාදීව හා භූ-දේශපාලනික කාරණා අනුව බලන විට අපගේ හොඳම මිතුරා විය යුත්තේ ලෝකයේ විශාලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවය. එහෙත් තම පවුලේ උපරිම සුභසිද්ධිය පමණක්ම අරමුණු කරගත් රාජපක්ෂලා විසින් චීනයට ම වුවමනා අයුරින් ශ‍්‍රී ලංකාව හා එහි විදේශ සම්බන්ධතා කළමනාකරණය කරනු ලැබිණි. ඉන්දියාවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයට අප හා එකඟ වන්නට නොහැකි විය. එම තත්වය යටතේ 2015 ආණ්ඩු පෙරළිය සඳහා පොදු බලවේගවලට ඉන්දියාවේ ඇතුළු ජාත්‍යන්තර සහයෝගය ලැබිණි..එනිසා කෙසේ හෝ රාජපක්ෂලා බලයේ තබාගන්නට චීනයට අවශ්‍ය විය. ඔවුන්ගේ ඡුන්ද ව්‍යාපාරයට ද නිර්ලෝභීව චීනය ආයෝජනය කරන්නේ මෙනිසාය..බල පෙරළියෙන් පසුව වුවද තත්වය එතරම් වෙනස් නොවූ බවට හොඳම සාධකය දලයි ලාමාගේ ලංකා සංචාරය වැළැක්වීමයි. එහෙත් රාජපක්ෂලා තරම්ම මෙම රජය චීනයට ගැති නොවන අතර චීනය සමඟද ගනුදෙනු කරමින් ඉන්දියාව හා ප‍්‍රජාන්ත‍්‍රවාදී ලෝකය සමඟ ඉදිරියට යන්නට උත්සාහ කරමින් සිටී..මෙම තත්වය යටතේ රාජපක්ෂලාට නැවත බලයට ඒම අපහසු බව පෙනෙන නිසා ඔවුන් චීන උපකාරද ලබමින් උප්පරවැට්ටි දේශපාලනයේ නිරතව සිටිති. රාජපක්ෂ කල්ලිය හා ගැත්තන් වෙනුවෙන් ප‍්‍රචාරණ ව්‍යාපාර, සුඛෝපභෝගී චීන සංචාර, චීනයට අයිති ව්‍යාපාරික ස්ථානවල නොමිලයේ හෝ අඩු මිලට ඉඩප‍්‍රස්ථා ලැබෙනුයේ මේ නිසාය. ඉදිරි මැතිවරණවලදීද ඔවුන් විශාල වශයෙන් මුදල් හා ආධාර චීනයෙන් ඉල්ලනු ඇත. එසේ කරනුයේ ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ චීන කොලනිය බවට පත් කරන්නටමය. 75% ක් බෞද්ධයන් සිටින ශ‍්‍රී ලංකාවට දලයි ලාමා වැඩම කරවන්නට නොදුන් තම රටේ ෆලූ‍ං ඩාෆා අනුගාමිකයන් මර්දනය කරන තනි පක්ෂයක ආධිපත්‍යය පවතින චීන කොලනියක් කරන්නට රාජපක්ෂලා සමඟ සැදී පැහැදී සිටින බහුතරය බෞද්ධයන් හා බෞද්ධ භික්ෂූන් වීම කනගාටුදායකය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවගමනය සහ ප‍්‍රතිදේශපාලනය.Next articleඅලූත් දේශපාලන තත්ත්වයක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තමන් කවුද කියලා හොයාගෙන ඉන්න: නීතිඥ සමාජ ක්‍රියාකාරක – රධිකා ගුණරත්න සමග LGBTIQ+ ගැන කතාබහක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තමන් කවුද කියලා හොයාගෙන ඉන්න: නීතිඥ සමාජ ක්‍රියාකාරක – රධිකා ගුණරත්න සමග LGBTIQ+ ගැන කතාබහක්.By කේ ඩබ්ලිව් ජනරංජන.June 16, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.එල්ජීබීටී කියන එකෙන් විවිධත්වය ගැන හොඳ නිර්වචනයක් ගන්න පුළුවන්. මිනිස්සු එකම විදියක, එකම ආකෘතියක ඉන්න ඕනෑ කියලා සමාජ සම්මතයක් තියෙනවා. උදාහරණයක් විදියට මේ ලෝකයේ ඉන්නේ ගැහැනු සහ පිරිමි විතරයි කියලා එක සම්මතයක් තියෙනවා. නමුත්, ගැහැනුත් පිරිමිත් නොවන අන්තර්ලිංගික මිනිස්සු කොට්ඨාසයක් ලෝකයේ ඉන්නවා. ලංකාවේත් හතළිස් දාහක් විතර ඉන්නවා. ඉතින්, ගැහැනුයි පිරිමියි විතරයි කිව්වාම මේ සුළුතර පිරිස ඒ සාකච්ඡාවෙන් බැහැර කෙරෙනවා..ස්ටිග්මා එකකින් බැලීම.සමාජ සම්මතය බලයත් එක්ක හැදෙන කාරණයක්. විශේෂයෙන් පුරුෂාධිපත්‍යයත් එක්ක. සමාජ සම්මත, ආගම නීතිය ආදිය හැදෙන්නේ ඒ විදියට. සුළුතරයක් වෙන හැම තිස්සේම, උදාහරණයක් හැටියට වාර්ගික හෝ ආගමික සුළුතරයක් වෙන හැම තිස්සේම, ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් මර්දනය වෙනවා. ඒගොල්ලො වෙනම කොට්ඨාසයක්, අමුතු මිනිස්සු ටිකක් කියන අදහසින් බහුතරය ඒ දෙස දකිනවා. ඔවුන් පිළිබඳ අපකීර්තිමත් හැඟීමකින්, සමහර විට පිළිකුලකින්, බයකින් තමයි බහුතරය ඔවුන් දිහා බලන්නේ. ඔය එකතුවට අපි කියනවා, ස්ටිග්මා එකක් කියලා. ලංකාවේ ලිංගික සහ සමාජභාවී සුළුතරයටත් ඔය පොදු ප්‍රශ්නයම තමයි තියෙන්නේ. ඒ කියන්නේ බල සම්බන්ධය ඇතුළේ අගතියට පත්වීමක්..මේ ප්‍රජාවට ඒ අයගේ අයිතිවාසිකම් දිනාගන්න උදව් කරන්න, එහෙම නැත්නම් ඒ ප්‍රජාව මහා සම්මත සාකච්ඡාවලට එකතු කරගන්න මෙවලමක් විදියට තමයි ඔය අකුරු ටික පාවිච්චි වෙන්නේ. LGBTIQප්ලස් කිව්ව ගමන් ගොඩාක් අය ඕක ගැන දන්නේ නැහැ. එනිසා මේක බටහිරින් ගෙනා ඉංග්‍රීසි අකුරු ගොඩක්ය කියන අපහාසාත්මක හැඟීමෙන් බලනවා. නිදහස් ලිංගික සංස්කෘතියක් ලංකාවේ නැතිවීම ඇතුළෙ තමයි ඔය ප්‍රශ්නෙ එන්නේ..එදා නිදහස් ලිංගික සංස්කෘතිය.රොබට් නොක්ස් හිරකාරයෙක් විදියට උඩරට රාජධානියේ ඉන්න කොට මිනිස්සුන්ගේ හැසිරීම් ලේඛනගත කළා. ‘එදා හෙළදිව’ කියන ඒ විස්තරවල වගේම පරණ කැටයම්වල, නාලන්දා ගෙඩිගෙය වගේ ප්‍රතිමාවල, ලංකාවේ මිනිසුන්ගේ නිදහස් ලිංගික සංස්කෘතිය ගැන කියැවෙනවා. හොඳම උදාහරණය තමයි කන්ද උඩරට තිබිච්ච එක ගෙයි කෑම. බි්‍රතාන්‍ය ජාතිකයො ඒක තහනම් කරනවා ලංකාවේ. කලින් තිබුණු නිදහස් ලිංගික සංස්කෘතිය යටතේ මේ මිනිස්සු වෙන් වෙන් වශයෙන් හඳුනාන්න යොදාගත්ත නම් ආදිය ගැන පර්යේෂණ කෙරිලා තියෙනවා. නමුත් පොදු සමාජයේ ඒගොල්ලන්ට තිබුණු පිළිගැනීම මොකක්ද කියන එක ගැන හොයාගන්න මූලාශ්‍ර අපට නැහැ. එහෙම මිනිස්සු නොහිටියාය කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එහෙම මිනිස්සු එදත් හිටියා. අදත් ඉන්නවා. ඉස්සරහටත් ඉඳීවි..එල්ජීබීටීඅයිකිව්ප්ලස්.ඒක, කායිකව මානසිකව සහ ආධ්‍යාත්මිකව තමන් කාටද ආකර්ෂණය වෙන්නේ කියන පොදු මිනුම් දණ්ඩ යටතේ එනම්, ලිංගික දිශානතිය, නැඹුරුතාව මොකක්ද, එහෙම නැත්නම් තමන්ගේ ලිංගිකත්වය මොකක්ද කියන කාරණා මත පදනම් වෙලා තේරුම් ගන්න පුළුවන්..එල් කියන කැටගරි එකෙන් කියන්නේ, කායිකව මානසිකව සහ ආධ්‍යාත්මිකව ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට ආකර්ෂණය වෙනවා නම්, එයාට ආදරය කරන්න පුළුවන් තවත් කාන්තාවකට නම් අන්න එවැනි අය ගැනයි..පුරුෂයෙක් කායිකව, මානසිකව සහ ආධ්‍යාත්මිකව තවත් පුරුෂයකුට ආකර්ෂණය වෙනවා නම්, ඒක ටී කැටගරියෙන් හඳුන්වනවා..බී කියන්නේ බයි-සෙක්ෂුවල්. මේකට වැරදි වචනයක් පාවිච්චි වෙනවා ද්වි-ලිංගික කියලා. ද්වි-ලිංගික කියන්නේ එකම ශරීරයේ ගැහැනු පිරිමි අවයව දෙකම තියෙනවා කියන අදහස. නමුත්, කාන්තාවකට හෝ පුරුෂයකුට පුළුවන් නම්, කාන්තාවක් සහ පුරුෂයෙක් කියන දෙන්නාටම කායිකව මානසිකව ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන්න, ආදරය කරන්න, එහෙම අය තමයි බයි-සෙක්ෂුවල් කියන්නේ..ටී කියන එක හරි පුළුල්. ට්‍රාන්ස්-ජෙන්ඩර්ස්ලා. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ. ඔවුන් උපතේදී ලබන ලිංගික අවයවය මත නෙවෙයි ස්ත්‍රීපුරුෂභාවය තීරණය කරන්නේ. ඔවුන්ට දැනෙනවා තමන් වැරදි ශරීරයක හිරවෙලා ඉන්නවා කියලා. ඔවුන්ගේ මනස සහ ජීව විද්‍යාත්මක ශරීරය එකිනෙකට ගැළපෙන්නේ නැහැ. පරස්පර විදියට වැඩ කරනවා. කාන්තාවකට හිතෙන්න පුළුවන් තමන් පුරුෂයෙක්ය කියලා. පිරිමියකුට හිතෙන්න පුළුවන් නෑ, තමන් කාන්තාවක්ය කියලා..අයි කියන්නේ ඉන්ටර්-සෙක්ස් හෙවත් අන්තර් ලිංගික පුද්ගලයන්. උපතේදී ඒ අයට ස්ත්‍රී සහ පුරුෂ දෙවර්ගයේම ලිංගික අවයව තියෙනවා. මේක රෝගයක් නෙවෙයි, වෛද්‍යමය තත්වයක්. අන්තර් ලිංගික පුද්ගලයෝ එහෙම ඉපදුණේ ඒ අයගේ කැමැත්තකින් නෙවෙයි. මේක බාහිරව පෙනෙන්නත් පුළුවන්, නොපෙනෙන්නත් පුළුවන්. තමන්ගේ ශරීරයේ තියෙන විරුද්ධ ලිංගික අවයව නැතිනම් ප්‍රජනන පද්ධතියේ කොටස් සමහර විට පෙනෙන්නේ ස්කෑන් පරීක්‍ෂණයක් කළොත් පමණයි..කිව් කියන්නේ ‘ක්වෙෂ්චනින්ග්’ කියන අදහස. ඒ කියන්නේ තමන්ගේ ලිංගිකත්වය සහ සමාජභාවය ප්‍රශ්නකාරී මිනිස්සු..ප්ලස් හෙවත් එකතු කිරීමේ ලකුණ දමන්නේ කලින් කියපු කාණ්ඩවලට අයිති නොවන පිරිසකුත් ඉන්න නිසා. උදාහරණටයක් හැටියට පෑන්-සෙක්ෂුවල් කියලා කොට්ඨාසයක් ඉන්නවා, ඒගොල්ලන්ට ඉහත කියූ ඕනෑම කැටගරියක අයට ආකර්ෂණය වෙන්න පුළුවන් ලොකු විවිධත්වයක් තියෙනවා..මානසික රෝගයක් නෙවෙයි.මේ එල්ජීබීටී වීම, නැතිනම් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී වීම, මානසිත රෝගයක් කියන අදහස 1970 දශකයේදී ලෝකයෙන් අයින් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විශේෂඥ මනෝවෛද්‍යවරුන්ට නිර්දේශ ලබාදෙන අමෙරිකාවේ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය කියන ආයතන දෙක මේක මානසික ලෙඩක්ය කියන එකෙන් අයින් කරනවා. ඉස්සෙල්ලා හිතුවේ මේක මානසික ලෙඩක් කියලා. හැබැයි, ලංකාව තවමත් ඉන්නේ අර 70 දශකයේම තමයි. මේක මානසික ලෙඩක්, මේ අයට තියෙන්නේ සෙක්ස් පිස්සුවක් කියලා තමයි ලංකාවේ සමහරු හිතන්නේ තාමත්..ඕනෑම ප්‍රජාවක මිනිස්සු බහුතරයක් විසම-රිසියි. ඒ කියන්නේ විසම ලිංගිකයි. ඍජු හෙවත් ‘ස්ටේ්‍රට්’ ගැහැනු සහ පිරිමි ඉන්නේ. ඒ ප්‍රජාවෙන් සුළු පිරිසක් තමයි ලිංගික සුළුතරයට අයිති වෙන්නේ. ලිංගික සහ සමාජභාවය හෙවත් සෙක්ස් සහ ජෙන්ඩර් පැත්තෙන් තමන්ගේ අනන්‍යතාව මොකක්ද කියලා අපේ බහුතරයකට කිසිම හැදෑරීමක් නැහැ. ලිංගික අනන්‍යතාවේ කොටසක් තමයි තමන්ගේ ලිංගික ආශාව මොකක්ද කියන එක, කැමති හැසිරීම මොකක්ද කියන එක හඳුනාගැනීම. ඒ ගැන ගෙදර සාකච්ඡාවකුත් නැහැ. එළියෙ සාකච්ඡාවත් හරි අඩුයි..ඒකාකෘතික මිනිස්සු.මිනිස්සු එකම විදියකට ඉන්නවා කියන්නේ ස්ටීරියෝ ටයිප් හෙවත් ඒකාකෘතික වීම. හරියට කොම්පියුටර් ලැන්ග්වේජ් එක වගේ. බින්දුවයි එකයි විතරයි තියෙන්නේ. ඒ අනුව ඒකාකෘතිය කියන්නේ කාන්තාවන් පුරුෂයන්ට ආකර්ෂණය විය යුතුයි සහ පුරුෂයන් කාන්තාවන්ට ආකර්ෂණය විය යුතුයි කියන එක. මේ ස්ටීරියෝ ටයිප් අපි දැක්ක තැන බිඳින්න ඕනෑ. මොකද ඒ මගින් ඕනෑම තැනක ලොකු අගතීන් නිර්මාණය වෙලා තියෙනවා. යම් කිසි පාලකයෙක් දන්නේ බලයට පත්වුණාම දන්නේ හොරකම් කරන්නයි, මර්දනය කරන්නයි විතරක් නම්, එයාගෙ ස්ටීරියෝ ටයිප් එක තමයි ඒක. වෙන විදියකට වැඩ කරන්න එයා දන්නේ නැහැ. වෙන විදියකට වැඩ කරන අය එයා පිළිගන්නේත් නැහැ..එල්ජීබීටීඅයිකිව්ප්ලස් කියන දේ තේරෙන්නේ නැහැ ගොඩක් දෙනකුට. සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂයන් අතර තියෙන අගතීන් නිර්මාණය වෙන්නේ, තමන් පවතින්නේ කොහොමද කියන එක දන්නේ නැති අය අතර. උදාහරණයක් හැටියට, ගැහැනියකට ගැහැනිය වීම නිසා නිර්මාණය වෙන ප්‍රශ්නය මොකක්ද, එහෙම ප්‍රශ්නයක් තියෙනවාද කියලා දන්නේ නැහැ. හරියට අර, දෙමළාට දෙමළ වීම නිසාම තියෙන ප්‍රශ්නය කුමක්ද කියලා අහන එක වගේම තමයි. එහෙම දේ තියෙනවා කියලා තේරෙන්නේ නැතිනම් මේකත් තේරෙන්නේ නැහැ..බහුතරයේ මතය වෙනස් කිරීම.ලංකාවේ එල්ජීබීටී ක්‍රියාකාරිත්වය දශක ගණනාවක් පරණයි. ඒ කාලය තුළ හෙමින් සීරුවේ කරගෙන ආ දේවල් ටිකක් තියෙනවා. ඒ වටා රොක්වෙච්ච මිනිස්සු ටිකක් ඉන්නවා. නමුත් බහුතරයේ මතය වෙනස් කරන්න ඒක ප්‍රමාණවත් වෙලා නැහැ..මගේ පෞද්ගලික අත්දැකීමක් කිව්වොත්, අවුරුදු පහකට පෙර ඊක්වල් ග්‍රවුන්ඩ් කියන ආයතනයෙන් මම සහ මගේ මිත්‍ර තුෂාර මනෝජ් ගිහිල්ලා, මහනුවර පොලිස් නිලධාරීන්ට ටේ්‍රනිං එකක් කළා එල්ජීබීටී අයිතිවාසිකම් ගැන. මොකද පොලිසිය තමයි දණ්ඩ නීති සංග්‍රහය එක්ක වැඩ කරන්නේ, මිනිසුන්ව අත්අඩංගුවට ගන්නේ, නඩු පවරන්නේ කියන සියලු දේවල් කරන්නේ. එදා අපිට එතැනදී ඉතාම සාර්ථක ප්‍රතිචාර ලැබුණා. නමුත් ඔබ දකින්න ඇති ළඟදි, ඒ කියන්නේ ඊට අවුරුදු පහකට පස්සේ, අමා දිසානායක කියන උපදේශිකාව පොලිස් ටේ්‍රනිං එකට ගිහිල්ලා ඒ සියල්ලම විනාස කරනවා. අතිශය හොමෝෆෝබික් (සමරිසි විරෝධී) දේවල් කියලා ඒ දැනුම විනාස කරලා දානවා. අපි ගොඩක් අමාරුවෙන් මිනිසුන්ට අවබෝධ කරපු දෙයක් කෙටි කාලයකින් වෙනස් කරන්න පුළුවන්..මේකෙදි ගොඩාක් අන්-ලර්නිං කියන එක කරන්න ඕනෑ. මිනිස්සු දැනුම ලබාගන්නවා වගේම තමන් තුළ සංස්කෘතිකගත වෙච්ච මනුස්සයා හැටියට තියෙන, මෙච්චර කල් හිතාගෙන හිටපු සමාජ සම්මතයන්, මනුෂ්‍ය සම්බන්ධතා දිහා, ආදරය දිහා, ලිංගිකත්වය දිහා බලපු හැටි, ගොඩාක් වෙනස් කරගන්න ඕනෑ. ඒ ඉගෙනුම අතාරින්න ඕනෑ. ඒක ඕනෑම කෙනකුට අමාරු දෙයක්. මේවා කවුරුහරි පිටරටින් ගෙනල්ලා දාන දේවල් කියලා කවුරුහරි හිතන්නේ ඒ නිසා. සමාජ ක්‍රියාකාරිත්වයේ ඉන්න අපට හැමදාම තියෙන ප්‍රශ්නය බහුතරයේ අදහස වෙනස් කරන එකයි. ඒ නිසා ඒකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි..ඉංග්‍රීසීන්ම වෙනස් කළා.අධිකරණ අමාත්‍යාංශයට අපි වරින් වර යෝජනා කරලා තියෙනවා අවශ්‍ය නීති වෙනස්කම් ගැන. දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරන්න කියලා. ඒ නීති ඉංග්‍රීසින් එක්දහස් අටසිය ගණන්වල ගෙනාපු ඒවා. නමුත්, ඒ අය අවුරුදු විස්සක් යනකොට තමන්ගේ රටේ නීති වෙනස් කරගත්තා. 1967 වෙද්දී, ඒ කියන්නේ සුද්දා තව අවුරුදු දහනවයක් ලංකාවේ හිටියා නම්, සමරිසිභාවය එහෙම අපරාධ වරදක් නොවෙන්න ඉඩ තිබුණා. ඒ නීති පනවපු අයම ඒවායේ යල්පැනපු ස්වභාවය තේරුම් අරගෙන, කොච්චර මානව හිමිකම් මේවායින් කඩවෙනවාද කියලා තේරුම් අරගෙන, ඒ කෑලි අයින්කරගෙන තියෙනවා. නමුත් අපි තාමත් අපේ නීතිවල ඒවා තියාගෙන ඉන්නවා..අධිකරණය ඉදිරියට ගිහිල්ලා මේවා අභියෝග කරන්න වුණත් අපි පසුබාන තත්වයක් තියෙන්නේ. අපි දන්නේ‘ නැහැ අපේ විනිශ්චය ආයතන කොයිතරම් ප්‍රගතිගාමී විදියට මේ වගේ මාතෘකාවක් ගනීද කියලත්. ඒ නිසා මිනිස්සුන්ගේ මතය වෙනස්කරන එක, අගතියට පත්වෙච්ච අයට උදව් කරන එක, ඒ ප්‍රජාව සවිබල ගන්වන එක වගේ කාර්යයන්වල තමයි අපිට වැඩිපුර නිරත වෙන්න සිද්දවෙලා තියෙන්නේ..මුලින්ම පවුලෙන් වෙනස් සැලකීම්.ලිංගික සුළුතරය මුලින්ම අසාධාරණයට ලක්වෙන්නේ, ඔවුන්ගේ අතියිතිවාසිකම් කැඩෙන්නේ ඔවුන්ගේ පවුල ඇතුළේ. දරුවෙක් තමන්ගේ ලිංගිකත්වය, ලිංගික දිසානතිය ගැන නිසඟයෙන්ම හිතන්න පටන්ගන්නේ ද්විතීයක ලිංගික ලක්‍ෂණ මතුවෙන යොවුන් උදාවත් එක්ක. ඒ වෙනස්කම් දෙමාපියන්ට, විශේෂයෙන්ම අම්මාට එහෙම දැනෙනවා. එතකොට පවුල ඇතුළේ සාකච්ඡාවක් යනවා, ‘මේක කාටවත් කියන්නේ නැහැ. මේ දරුවාව වෙනස් කරන්න ඕන. මේ ළමයාට මොකක් හරි මානසික ප්‍රශ්නයක්.’ එහෙම හිතලා එක්කෝ පරිවර්තන චිකිත්සාවට එහෙම නැත්නම් කන්වර්ෂන් තෙරපිවලට යොමුකරනවා. එහෙම ගිහිං වෛද්‍යවරුන් සහ කවුන්සලර්ස්ලා විසින් විනාශ කරපු ජීවිත ඕනෑ තරම් තියෙනවා. ඒ විතරක් නොවයි අපි දන්න පෞද්ගලික සිද්ධි තියෙනවා, පවුලේ පිරිමි දරුවන් තමන්ගේ නංගිලාව, වැඩිහිටියන් විසින් දරුවන්ව, සමහර විට තාත්තලා විසින් දුවලාව දූෂණය කළ අවස්ථා. ඒ කියන්නේ මේක වෙනස් කරගන්න කියලා. තමන්ගේම ලෙයින් මසින් ඉපදිච්ච දරුවා ගැන එච්චර ක්‍රෝධයක් වෛරයක් ඇතිකරගන්නවා. ඒ නිසා ‘පිළිගැනීම‘ ඇතිකරන එක පවුල තුළින්මයි පටන් ගන්න ඕනෑ..අධ්‍යාපනයෙන් පිටමං.මේ සුළුතර ප්‍රජාවන් අතර ඉගෙන ගත්ත මිනිස්සු හරි ටිකයි ඉන්නේ. ළමා කාලයේදී තරුණ කාලයේදී මේ සුළුතරයෙන් අතිබහුතරයකගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. හේතුව ඒ විවිධත්වය අවශෝෂණය කරගන්න පුළුවන් අධ්‍යපන ක්‍රමයක් නැහැ. පන්තියේ යාළුවන්ගේ ඉඳන් ටීචර් හරහා ප්‍රින්සිපල් දක්වා කරන වෙනස්කම්, කොන්කිරීම් නිසා සෑහෙන කට්ටියක් මගදී අධ්‍යාපනය අතහැර යනවා. ඒ නිසා ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් නැහැ. එතකොට ඔවුන්ට කරන්න වෙන්නේ ඔඩ් ජොබ්ස්, සමහර විට ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීම තමයි..නීතිමය ආවරණයක්.ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී (ටී කැටගරිය) තැනැත්තන්ට තියෙනවා පිළිගත්ත නීතිමය රාමුවක්. 2015දී ජාතික මානව හිමිකම් කොමිසම මුල්වෙලා ඒක හදන්නේ. ඒ අනුව සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන්ට පුළුවන්, තමන්ගේ අනන්‍යතාවට ගැළපෙන විදියට ලිංගිකත්වය වෙනස් කරගන්න. විශේෂඥ මනෝ වෛද්‍ය සායනයක ලියාපදිංචි වුණාම සායනයට කැඳවලා තක්සේරුවක් කරනවා මනෝ වෛද්‍යවරයා විසින්. ඊට පස්සේ අවශ්‍ය හොමෝන ප්‍රතිකාර සහ සැත්කම් හරහා ‘තමන්ට තමන්’ වෙන්න පුළුවන්. මේ වාගේ දේවල් සමාජයට දරා ගන්න අමාරුයි..නමුත්, තමන් තමන්ට වුවමනා කෙනා වුණාට පස්සේ ජීවත්වීම සඳහා එයා මොනවාද කරන්නෙ? එයා ඉගෙනගෙන නැත්නම්, එයාව පිළිගන්නේ නැත්නම් මොනවාද කරන්නේ? සීවීඑක ඉන්ටර්වීව් එකකදි දුන්නාම ‘හරි අපි පස්සේ කියන්නම්’ කියනවා. ට්‍රාන්ස්-ජෙන්ඩර්ස්ලා සම්බන්ධයෙන් වොෂ් රූම් ප්‍රශ්නය පවා බරපතළව තියෙනවා. මොන වැසිකිළියටද ඔවුන් යන්නේ? පිරිමි? ගැහැනු? ඔවුන්ට වෙනම පහසුකම් තියෙනවාද? සංක්‍රාන්ති ලිංගික සමාජභාවය තියෙන අය ගොඩාක් ලිංගික ශ්‍රමිකයන් විදියට වැඩකරනවා, වෙන කරන්නම දෙයක් නැති නිසා. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා කියලා. ඔවුන් ඉතාම බරපතළ ලිංගික අපයෝජනවලට දිනපතා වාර කිහිපයක් බැගින් පවා ලක්වෙනවා. එක පාරටම කාන්තා ලක්‍ෂණවත් පිරිමි ලක්‍ෂණවත් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේකප් දාන්න වෙනවා, සාරියක් අඳින්න වෙනවා, පුදුමාකාර දුකක් විඳලා සම්පූර්ණයෙන්ම ඇඟ වෙනස් කරගෙන පාරට යන කෙනෙක්ට ඒවාටත් වියදම් යනවා. තමන්ගේ අම්මාට නංගිට මල්ලිට තාත්තාට කන්න බොන්න, බේත් ගන්න දෙන්නෙත් මේ අයම වෙන්න පුළුවන්..කැත කුතූහලයක්.ඒ අයව ලිංගික සංකේත විදියට පාවිච්චි වෙමින් තියෙනවා. මිනිසුන්ට තියෙනවා කුතුහලයක් මේ අය ගැන. නමුත් ඒක කැත කුතූහලයක්. සමාජ මාධ්‍යවල වුණත්. මේ එල්ජීබීටී මිනිසුන්ට කතාකරන්නේ ඒගොල්ලන්ගේ රීච් එක වැඩිකරගන්න. හොඳටම දන්නවා ඒවා මිනිස්සු බදාගෙන බලනවා කියලා. මේ කැත කුතූහලය එන්නෙ කොතනින්ද කියලා දැනගෙන ඒක ආමන්ත්‍රණය කළේ නැත්නම් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ..ගැහැනු පිරිමි වෙන වෙනම කාණ්ඩ දෙකක් හැටියට තමයි පොඩි කාලේ ඉඳන්ම ලංකාවෙ හදාවඩා ගන්නේ. ඒගොල්ලෝ ලෝක දෙකක ඉන්නේ. ඇත්ත කතාව, කාන්තාවකට පිරිමියෙක් තේරුම් ගන්න අමාරුයි, පිරිමියෙකුට කාන්තාවක් තේරුම් ගන්න අමාරුයි. එහෙම මිනිස්සු කොහොමද ලිංගික සුළුතරයක් ගැන තේරුම් ගන්නේ. මිනිස්සු අනිකුත් අයව විවේචනය කරන්න හරි, වපරැහින් බලන්න හරි කලින් තමන්ව හොයාගන්න ඕන..පුහුණුකාරියක් විදියටත් නීතිඥවරියක් විදියටත් මගේ අත්දැකීම තමයි, විසම-ලිංගික අය පවා සියයට අනූවක් විතරම තමන් කවුද කියලා කවදාවත් හිතලා බලලා නැති අය..ලංකාවේ ඕනෑ තරම් කාන්තාවො ඉන්නවා, කවදාවත් ලිංගික සුරතාන්තයට පත් නොවී, දරුවොත් හදලා, වයසටත් ගිහිං, මැරිලා යන. ඒක මොකක්ද කියලා දන්නේවත් නැහැ. තමන් කවුද කියලා හොයාගෙන ඉන්න එක එල්ජීබීටී ප්‍රජාවට විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙක් යම් මොහොතක කළ යුතු දෙයක්..ප්‍රජාව සවිබල ගැන්වීම.ඒ ප්‍රජා සාමාජිකයන් සවිබල ගන්වන්නේ කොහොමද කියන එක ලොකු මාතෘකාවක්. ප්‍රශ්නය එන්නේ හෝමෝෆෝබික්, බයිෆෝබික්, ට්‍රාන්ස්ෆෝබික් බහුතරයත් එක්ක. මේක යුද්දයක් නෙවෙයිනෙ. සංහිඳියාවෙන් යන්න ඕන ගමනක්. අනිත් අතට අපි මේ ප්‍රජාවට කියලා දෙන්න ඕනෑ, පාරක් තියෙනවා කියලා. ඒකට දැන්වත්භාවය ඇතිකිරීම අවශ්‍යයි. ඒක පහුගිය කාලේ දියුණු වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය වගකීමට හසුවෙලා කියලා තාමත් පෙනෙන්නේ නැහැ. සීරෝ ඩිස්ක්‍රිමිනේෂන් (වෙනස්කොට සැලකීමක් නැති) දිනයේදී ජනාධිපති ට්වීට් එකක් දානවා අපි කිසිම වෙනස්කොට සැලකීමකට ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ), 399 වගේ වගන්ති සංශෝධනය කරන්න කිසිම උත්සාහයක් ආණ්ඩුවෙන් නැහැ. ඉතිහාසය බැලුවාම ඒවා එල්ජීබීටී ප්‍රජාවට විරුද්ධව ගෙනා ඒවාත් නෙවෙයි. නමුත් තියාගෙන ඉන්නවා, ඔවුන්ට විරුද්ධව පාවිච්චි කරනවා. මේ මොහොතේත් මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණවල ඕනෑ තරම් නඩු තියෙනවා..දළ නීතිමය ආවරණයක්.එග්ජීබීටීඅයිකිව් කැටගරිවලින් ටී කැගටරියට, එහෙමත් නැතිනම් සංක්‍රාන්තික සමාජභාවි කොටසට විතරයි සීමිත දළ නීතිමය ආවරණයක් තියෙන්නේ. ඒ අයිතිවාසිකම් එන්නේ 2015 නිකුත්කළ චක්‍රලේඛයකින්. මානව හිමිකම් කොමිසම, සෞඛ්‍ය අමාත්‍යාංශය, එකතුව හදපු එකක්. ඒ අනුව ඒ අයට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන, ඒ අනුව තමන්ගේ නම වෙනස් කරගෙන, විවාහ වීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම උප්පැන්න සහතිකේ වෙනස් කරවා. ඊට පස්සෙ එයාගෙ අලුත් නම දාලා අයිඩී කාඩ් එක හදනවා. නමුත් උප්පැන්න සහතිකයේ ‘සංශෝධනයක්’ විදියට තමයි ඒ කොටස එන්නේ. කලින් ලිංගය මොකක්ද, නම මොකක්ද කියලා ඒකෙ සඳහන් වෙනවා. ඒක යම්කිසි විදියකට වෙනස් කොට සැලකීමක්. චක්‍රලේඛය බැලුවාම පේනවා, සංක්‍රාන්ති සමාජභාවය රෝගයක් කියලා තමයි ඒකේ තියෙන්නේ. මේක කායික හෝ මානසික ලෙඩක් නෙවෙයි කියලා ලෝකයේ දියුණු කතිකාවක් තියෙද්දී ලංකාව ඉන්නේ ඒ වගේ තැනක. නමුත් ඒ තරම්වත් නීතිමය රාමුවක් තියෙන එක ජයග්‍රහණයක්. පාකිස්තානය ඉන්දියාව වගේ රටවල සංක්‍රාන්ති සමාජභාවී අයිතිවාසිකම් එන්නේ පනතකින්. ලංකාවේත් පනතක් ගේන්න ඕනෑ කියලා කතාබහක් තියෙනවා. මොකද චක්‍රලේඛවල ඉරණම අපි දන්න නිසා..රජයේ කාර්යාලවලදී සැලකීම.බහුතරය ඉතාම අවමන්සහගත විදියට තමයි සලකන්නේ. නිලධාරීන්ට ඒ දැනුම පුහුණුව දෙන්න හැකියාව සිවිල් සමාජ සංවිධානවලටත් නැහැ. ආණ්ඩුව කරන්නේත් නැහැ..උදාහරණයක් කියන්නම්. සංක්‍රාන්ති සමාජභාවි කෙනෙක් අනන්‍යතාව වෙනස් කරගත්තාට පස්සේ තමන්ගේ පවුලෙන් ඈත්වෙනවා. පිට පළාතකට යනවා. අලුතෙන් ජීවිතය පටන්ගන්න ලිපි ලේඛන වෙනස්කරගන්න ඕනෑ වුණාම එයාට සිද්ද වෙනවා, තමන්ගේ අම්මලා තාත්තලා හිටපු මුල් වසමේ ග්‍රාම නිලධාරි හමුවෙන්න. සමහර සිද්ධි තියෙනවා, පවුලේ අය දන්නේ නැහැ එයා කොහේද ඉන්නේ කියලා, නමුත් හොඳින් ඉන්න බව දන්නවා. නමුත් ග්‍රාම නිලධාරී ගාවට ගියාම එයා අම්මලා තාත්තලාට කෝල් කරලා ගෙන්වලා පහර දීපු අවස්ථා, ඉතාම නරක විදියට සලකපු අවස්ථා, බලෙන් ආපහු ගෙදරට ගෙනගිය අවස්ථා, ගිහිල්ලා වධ දුන් අවස්ථා බොහොමයක් තියෙනවා. සමහර රජයේ නිලධාරීනුත් අර කැත කුතුහලයෙන් අහන පොදු ප්‍රශ්න ටික අහනවා. ඉතින් ඔවුන් මේ විෂය දන්නේ නැහැ. අවබෝධය නැහැ. මනුස්සකමෙත් අඩුවක් තියෙනවා..තමන්ගේ අනන්‍යතාවට, තමන්ගේ දිශානතියට බය මිනිස්සු පිරිච්ච රටක් මේක. තමන්ගේ අනන්‍යතාව දිශානතීන් ගැන මුලින්ම හිතන්න පුළුවන් නම්, ඒ දැනුම හරි අඩුම ගානේ එනවා. ඕනෑම සුළුතරයක් වගේම එල්ජීබීටීඅයිකිව්ප්ලස් ප්‍රජාවත් පරමාදර්ශී විදියට හැසිරේවි කියලා අපේක්‍ෂා කරන්න එපා. යම් වරදක් ස්ටේ්‍රට් මනුස්සයෙක් කළාම පුංචි නිවුස් එකක් වෙනාකොට එල්ජීබීටී ප්‍රජාවේ කවුරුහරි කළොත් වෙනම පන්ච් එකකින් ලොකු නිව්ස් එකක් බවට පත්වෙනවා. අපි කියන විදියට සුළුතරය සිටිය යුතුයි කියන පොදු මානසිකත්වයත් මෙතන තියෙනවා. ඒ ආකල්පමය වෙනස අපි ඇතිකරගන්න ඕන. විවිධත්වයට ගරුකරන්නේ නැතිනම් සංහිඳියාවක් එන්නේ නෑ රටේ..එල්ජීබීටී බලාපොරෙත්තු.ඔවුන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් සහ පිළිගැනීම. නිදහසේ ජීවත්වෙන්නට ඉඩ දීම. කිසිම කෙනෙක් තව කෙනකුට සමාන නැහැ. සුළුතරය බහුතරයට සමාන නැහැ. එතකොට හැමෝටම සමානව සැලකීම තුළ තමයි මේ අගතීන් නිර්මාණය වෙන්නේ. සමානාත්මතාවට වඩා ලංකාවට අවශ්‍ය වෙන්නේ සාධාරණත්වය. ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන් දෙන්න ඕනෑ. සමාජභාවයන් හඳුනාගන්න ඕනෑ. ආත්ම අවබෝධය ඇතිකරන්න ඕනෑ. එහෙම වුණාම මිනිසුන්ට අනෙකා ගැන අවබෝධයක් එනවා. අනික් විෂයන්වලදී ඉතාම ප්‍රගතිගාමි විදියට හිතන මිනිසුන්ට වුණත් සමාජභාවී විෂයට ආවාම සහකම්පනයක් නැහැ. අන්ලර්න්ඩ් කරන ක්‍රියාවලිය ඔවුන් දන්නේ නැහැ. මහගමසේකර කියනවානේ, පසළොස්වක දිනයක බැලුවාම එක එක වර්ණවලින් රාත්‍රිය දීප්තිමත් වෙලා තිබුණාය කියලා. විවිධත්වයේ සුන්දරත්වය ඒ විදියට විඳින්න අද අපේ මිනිස්සු දන්නේ නැහැ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleප්‍රේමයේ දෙවන මුහුණුවර.Next articleඉසබෙල් අයියන්දේ කියවමු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මහජන විරෝධයෙන් රත්වූ කල අගමැතිගේ බංකොළොත් තර්ක | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහජන විරෝධයෙන් රත්වූ කල අගමැතිගේ බංකොළොත් තර්ක.By තරිඳු උඩුවරගෙදර.October 12, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබුණේ 20 වැනි සංශෝධනයෙන් විගණනය දුර්වල කරනවායැයි විපක්ෂය ව්‍යාජ තර්ක ගොඩනගන බවත්, ව්‍යවස්ථාව නොදන්නාකම නිසා ජනතාව ඒවාට රැවටෙන බවත්ය..ඉන්පසු, එම නිවේදනයෙහි විගණනය ගැන ‘විපක්ෂයේ’ තර්ක කිහිපයක් ‘අසත්‍ය’ බව පෙන්වීම පිණිස කරුණු සඳහන් කර තිබුණි..ඒ කරුණු කියවා බැලූ බොහෝ අය විමසා තිබුණේ අගමැතිවරයා ‘කුමන සිහියෙන්’ මෙම නිවේදනය නිකුත් කළාද කියාය. වරුවක් යද්දී, එම නිවේදනයේ තිබුණු කරුණු බොරු බව බොහෝ අය පෙන්වා තිබුණි. අන්තිමේ ජන මනසට ගියේ අගමැතිවරයාගේ නිවේදනයේ තිබුණු කරුණු නොව, ඔහු බොරු නිවේදන දමා ජනතාව රවටන්නට උත්සාහ කළ බවය..විස්ස ගැන ජනතා විරෝධයෙන් රත් වූ කළ, මෙවැනි බංකොළොත් තර්ක ඇතුළත් නිවේදන නිකුත් කිරීම පුදුමයක් නොවේ...ජනාධිපති කාර්යාල.20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත්, විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බවට සාවද්‍ය ප්‍රචාරයක් විපක්ෂය ගෙන යන බව ඔහුගේ ලියුමේ තිබුණු එක් කාරණයකි..දැන් පවතින ව්‍යවස්ථාවේ 154 වැනි ව්‍යවස්ථාවේ 1වැනි වගන්තිය පටන්ගන්නේ ‘විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු, ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය….’ ආදී වශයෙනි. එලෙස සඳහන් කරන්නේ විගණනය කළ යුතු ආයතන ගැනය..එහෙත් දැනට ගැසට් කර ඇති 20 වැනි සංශෝධන කෙටුම්පතෙන් එම වගන්තිය සංශෝධනය කරනු ලබයි. 20හි ඇති වගන්තියේ පෙර කී ආයතන දෙක නැත. මේවා අකුරු දන්නා ඕනෑ කෙනෙකුට බලාගත හැකි දේවල් ය. ‘විපක්ෂය’ යැයි මහින්ද රාජපක්ෂ ලේබල් කරන, රටේ ජනතාව හඬ නැගුවේ ඒ ගැනය..අධිකරණයේ 20 වැනි සංශෝධනය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අවස්ථාවේ ඉදිරිපත් කරන ලද, කාරක සභා අවස්ථාවේදී වෙනස් කරනවායැයි වචනයෙන් කී සංශෝධන යෝජනා අතර ජනාධිපති හා අගමැති ලේකම් කාර්යාල නැවත 154 වැනි ව්‍යවස්ථාවේ 1 වැනි වගන්තියට ඇතුළත් කිරීමට යෝජනා කර තිබුණි. එහෙත්, එය ලියුමකින් දුන් පොරොන්දුවක් පමණි. එය වෙනස් නොකර සිටීමට පවා හැකිය...සමාගම්.අනෙක් කරුණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම් විගණනය කිරීමට ඇති අවස්ථාව ඉවත් කිරීම පිළිබඳ චෝදනාව බොරුවක් බවය. මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන්නට මහින්ද රාජපක්ෂ මහතා තර්කයකට ධෛර්යය උපදවාගත්තේ කොහෙන්දැයි සිතාගන්නත් අසීරුය..අගමැති මහින්ද රාජපක්ෂ පෙන්වන්නේ එවැනි සමාගම් විගණනයට බාධාවක් නැති බවය. එහෙත්, 2015 වනතුරු එවැනි සමාගම් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විගණනය කළේ නැත. ඕනෑ කෙනෙකුට විගණන වාර්තා බලාගත හැකිය. විගණනය නොකරන නිසා පාර්ලිමේන්තුවට වගකීවේත් නැත..එකල රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ සමාගම් සූදුවකි. සමාගම් පනත යටතේ ගණනාවක් ආණ්ඩුවෙන් පිහිටවූ අතර, එම සමාගම් යටතේ තවත් උප සමාගම් පිහිටුවීය. ඒවා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමේ හැකියාවත් නොතිබුණි. එහෙත් ඒවා වෙනුවෙන් වාර්ෂික අයවැයෙන් මහජන මුදල් වෙන් කර තිබුණි..19 වැනි සංශෝධනයෙන් එවැනි සමාගම් විගණනය කිරීමට අවශ්‍ය බලතල ව්‍යවස්ථානුකූලව විගණකාධිපති දෙපාර්තමේන්තුවට පවරා තිබුණි. 20 කෙටුම්පතෙන් එය ඉවත් කරනු ලබයි...කොමිසම අහෝසිය.විගණන කොමිසම අහෝසි කිරීමෙන් 20 වැනි සංශෝධනය දුර්වල වන බවට සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, අගමැතිවරයාගේ ලියුමේ තවදුරටත් සඳහන්ය. ප්‍රධානතම දුර්මතය වන්නේ, 19 වැනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත්. 20 වැනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත් බව අගමැතිවරයා සඳහන් කර තිබේ..19 වැනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති නොකළ බවත්, එම සංශෝධනයෙන් සිදුකර ඇත්තේ, විගණන සේවා කොමිසමක් පිහිටුවීම පමණක් බවත් ලිපියේ සඳහන්ය..‘මෙම විගණන කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදු නොවන අතර එමගින් සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය පාලනය වැනි කටයුතුයි. රජයේ සේවකයන් සම්බන්ධයෙන් එවැනි කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසම මගිනි. විගණන සේවා කොමිසමක්, 19 වැනි සංශෝධනයෙන් ඇති කිරීමෙන් සිදුවී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම මගින් කෙරෙන කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා, තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණකි.’.මෙතැන විගණන කොමිසම යන වචනය සඳහන් කිරීම අල්ලාගෙන, එයට එරෙහි වීම විකාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පසුගිය අවුරුදු හතරක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් පමණක් දැරුවත්, ‘ජනාධිපතිතුමා’ යන වචනයෙන් ආධාරකරුවන් ඔහු ඇමතීය. විගණන කොමිසම යැයි කියන්නේ එදිනෙදා පාවිච්චියට පමණි..විගණන සේවා කොමිසමෙන් විගණනය කරන බව ‘විපක්ෂය’ යැයි අගමැතිවරයා පවසන අය අතරින් කුමන වගකිව යුතු පුද්ගලයා කීවාදැයි අපි නොදන්නෙමු. ව්‍යවස්ථාව ගැන දන්නා අය විගණන සේවා කොමිසම විගණනය කරන බව කියා නැත. එහෙත්, විගණන සේවා කොමිසමෙන් කෙරෙන කාර්යභාරය හෑල්ලු කිරීමට අගමැතිවරයා ගෙන ඇති උත්සාහය පිළිකුල් සහගත එකකි..ලෝකයේ ඕනෑ තැනක නවීන ප්‍රජාත්නත්‍රවාදී සංකල්ප පිළිගන්නා කෙනෙකු විගණනයේ ස්වාධීනත්වය වෙනුවෙන්, විගණන සේවය ස්වාධීනව සහ වෙනම සේවයක් ලෙස පැවතීමේ වැදගත්කම පිළිගනී. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සිදු කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ පත්වීම්, උසස් කිරීම්, මාරුකිරීම් ආදියයි..එහෙත් විගණන සේවා කොමිසමට එයටම ආවේණික බලතල රැසක් පැවරේ. අනෙක 154 (3) ව්‍යවස්ථාව අනුව විගණන සේවා කොමිසමට පත් කරනු ලබන්නේ නියෝජ්‍ය විගණකාධිපති හෝ නියෝජ්‍ය විගණකාධිපතිවරයාගේ ශ්‍රේණියට ඉහළින් වූ ධුරයක් උසුලන ලද විගණකාධිපති දෙපාර්මේන්තුවේ විශ්‍රාම ලත් නිලධරයන් දෙදෙනෙකු, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙකු සහ ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාම ලත් 1 වන පන්තියේ නිලධරයෙකුය. එම නිලධාරීන්ගේ සංයුතිය විගණන සේවයේ පත්වීම්, උසස්වීම් හා මාරුකිරීම් ස්වාධීනව හා විධිමත්ව සිදු කිරීම වෙනුවෙන්ම සකස් කරන ලද සංයුතියකි. රාජ්‍ය සේවා කොමිසම හා විගණන සේවා කොමිසම එක හා සමාන නොවන්නේ ඒ නිසාය..අනෙක් අතට ජාතික විගණන සේවයක් ස්ථාපිත කිරීමෙන් පසු, එම ජාතික විගණන සේවයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කරනු ලබන්නේ විගණන සේවා කොමිසමෙනි. ඒ අනුව විගණන සේවයේ මූල්‍යමය ස්වාධීනත්වයක් ඇති කිරීමටත් විගණන සේවා කොමිසම උදව් වේ..ඒ අතින් විගණන සේවා කොමිසම විගණන නිලධාරීන්ගේ කොන්ද ලෙස හැඳින්විය හැකිය..රාජ්‍ය සේවා කොමිසමෙන් සියල්ල කළ හැකි යැයි අගමැතිවරයා ඉදිරිපත් කරන බොළඳ තර්ක ඉදිරියට ගෙන ගොස්, අධිකරණ සේවා කොමිසමකුත් ඕනෑ නැතැයි හෙට කියන්නට ඉඩ ඇත. පොලිස් කොමිසමකුත් ඕනෑ නැතැයි කියන්නට ඉඩ ඇත. මැතිවරණ කොමිසමක් වෙනුවට ඒ කටයුත්තත්, මානව හිමිකම් කොමිසමක් වෙනුවට ඒ කටයුත්තත් රාජ්‍ය සේවා කොමිසමටම කරන්න දෙන්නැයි ඔහු කියන්නට ඉඩ ඇත. දියුණු විගණනයක් තිබීම, එය වෙනම ස්වාධීන සේවයක් ලෙස පැවතීම ඕනෑ රටක දියුණුවේ ලක්ෂණයකි..‘එකෙක් තාරාවෙක්, අනෙකා පාත්තයෙක්. එකවගේ පෙනුණාට දෙකක්.’ යැයි මහින්ද රාජපක්ෂ මහතාට තේරෙන භාෂාවෙන් කවුරුන් හෝ තේරුම් කර දිය යුතුය...සුදුසුකම් නැති අය.‘20 වැනි සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකු වුවද විගණකාධිපති ධූරයට පත් කළ හැකි බවට විපක්ෂය තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී.’.ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් බංකොලොත් තර්කයකි. නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත්කළ යුත්තේ, නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැති බව ඔහු එහි පැහැදිලි කර ඇත..එහෙත්, මහින්ද රාජපක්ෂ මහතාගේ එම තර්කයෙන් එක මූලික ප්‍රශ්නය පැහැදිලි වන්නේ නැත. දැන් ව්‍යවස්ථාවේ විගණකාධිපතිවරයාට තියෙන සුදුසුකම් ඉවත් කරන්නට හේතුව සඳහන් කර නැත. ‘විගණකාධිපතිවරයෙක් වන්නේය. විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණකවරයෙකු විය යුතු අතර, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව පත් කරනු ලබන්නේ ය.’ යනුවෙන් දැන් ව්‍යවස්ථාවේ ඇත..ඉතින්, ඒ කොටස අයින් කරන්නට සාධාරණ හේතුවක් අගමැතිවරයාගේ නිවේදනයේ නැත. දැනටත් තිබෙන සුදුසුකම් ටික ඉවත් කරද්දී, සුදුසුකම් නැති අය එම තනතුරට පත් කිරීමේ වුවමනාවක් කාට හෝ තිබෙන බව ඕනෑ කෙනෙකුට හැඟෙන දෙයකි...මගහරින දේ.අනෙක අගමැතිවරයා මගහරින ‘විපක්ෂයේ’ තර්කයක් ඇත. ඒ විගණකාධිපතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය ගැන කතාවය. විගණකාධිපතිට ලොකු ශක්තියක් ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් විගණකාධිපතිවරයා ඉවත් කළ හැකි ක්‍රම නිශ්චය කර ඇති ආකාරය නිසාය. ඒ අනුව මිය ගියොත්, ඉල්ලා අස් වුණොත්, වයස අවුරුදු 60 සම්පූර්ණ කළොත්, ශාරීරික හෝ මානසික දුබලතාවක් නිසා ජනාධිපතිවරයා ඉවත් කළොත් හෝ පාර්ලිමේන්තුව සම්මත කරන ලද යෝජනාවක් අනුව ජනාධිපතිවරයා ඉවත් කරනු ලැබුවහොත්ය..ඒ අනුව මානසික හෝ ශාරීරික රෝගයක් නැති නම්, ජනාධිපතිවරයාට හිතුමතේ විගණකාධිපති ඉවත් කිරීමට නොහැක. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ. එහෙත් 20 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බව ඉවත් කරයි. විගණකාධිපති දුර්වල කිරීමෙන් විගණනය දුර්වල වෙන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත...වැරදීමක්.අගමැතිවරයාගේ ඉහත නිවේදනය වැරදීමකින් නිකුත් කරන ලද එකක්දැයි අපි නොදන්නෙමු. එහෙත්, නිවේදනයේ අන්තිමට තිබුණු දේවල් නම් වැරදීමකින් සටහන් කළ ඒවා බව පෙනේ..‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගනිත් බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්ෂයේ පිරිස් ජනතාව මුලා කිරීමේ අරමුණෙන් කිසිදු පැකිලිමකින් තොරව බොරු ප්‍රචාරය කරමින් සිටින බව’ නිවේදනයෙහි අවසානයේ සඳහන් කර තිබුණි..පෙනෙන ආකාරයට මෙම නිවේදනය නිකුත් කරන්නට හේතු වූ අගමැතිවරයාගේම අරමුණ වැරදීමකින් නිවේදනයට ඇතුළත් වුණා විය යුතුය. ජනතාව මුලා කරන්නට කිසිදු පැකිලීමකින් තොරව බොරු ප්‍රචාරය කරන්නේ අගමැතිවරයාගේ නිවේදනයෙන්මය.■..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමග හිටියොත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී.Next article`අලුත් කොවිඞ්-19 රැල්ල ගැන.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ආණ්ඩුවේ වංචාව වහන්න බන්දුල ප‍්‍රසිද්ධියේ බොරු කී හැටි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ආණ්ඩුවේ වංචාව වහන්න බන්දුල ප‍්‍රසිද්ධියේ බොරු කී හැටි.By තරිඳු උඩුවරගෙදර.May 10, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද සීමාව ඉක්මවා ණය ගැනීම මේ වන විට ආණ්ඩුවේ නායකයන් සිදුකර ඇති බරපතල වංචා වලින් එකකි. මෙලෙස පාර්ලිමේන්තුවෙන් අනුමත සීමාව ඉක්මවමින් රටේ ජනතාව ණයකාරයන් බවට පත්කිරීම බරපතළ වංචාවකි. තමන්ට ඕනෑ හැටියට පුරවැසියන්ව ණයකාරයන් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හෝ මුදල් අමාත්‍යාංශයට ලැබෙන්නේ නැත..මෙලෙස වංචා සහගත ලෙස සීමාව ඉක්මවා ණය ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ හැකිය..කෙසේ වෙතත් පසුගිය සතියේ මේ වංචාව ගැන හෙළිදරව් වූ පසු ඒ බව වසාගන්නට සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පනතක් ගැන කියා ඇත. ඒ 1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනතය. ඒ පනත අනුව අතුරු සම්මත ගිණුමෙහි ඇති සීමාව ඉක්මවා ණය ගත හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියන්නට උත්සාහ කළේය. එහෙත් ඒ පනත දැන් පවතින තත්වයට අදාල වන්නේ නැත. ඔහු තමන්ට වාසිදායක ලෙස පනතෙන් කොටසක් පමණක් උපුටා දැක්වීමය..කොටින්ම ඔහු සිදුකර ඇත්තේ බොරුවකි. ඒ පනත සොයාගෙන කියවා බලන්නේ නැතිව ඔහු කියන ඕනෑ දෙයක් පිළිගන්නට රටේ හැම පුරවැසියෙක්ම සූදානම් යැයි ඔහු කල්පනා කළා විය හැකිය. කෙසේ වෙතත් අපි ඒ පනත කියවීමු. ඔහු කියා ඇත්තේ බොරුවක් බව තේරුම් ගත්තෙමු..මේ පනත ගැන කතාකරන්නට පෙර ආණ්ඩුව ණය ගැනීමේ සීමාව ඉක්මවා ඇති ආකාරය පැහැදිළි කරගත යුතුය..ණය ගැනීමේ සීමාවක් පාර්ලිමේන්තුවෙන් පනවන්නේ හේතුවක් ඇතිවය. පාර්ලිමේන්තුව මහජනතාවගේ මුදල් පිළිබඳ සම්පූර්ණ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති ආයතනයයි. ඉතින්, මහජනතාව ණයකාරයන් කිරීම පිළිබඳවද සීමා පැනවීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවටය..වාර්ෂිකව විසර්ජන පනතක් හෙවත් අයවැයක් විධායකය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනියි. එනම්, මුදල් වියදම් කිරීම සඳහා අනුමැතිය ලබාගනියි. අයවැයෙහි ආදායම් හා වියදම් ගැන සඳහන් වෙයි. එහෙත් ඇතැම්විට ආදායමට වඩා වියදම වැඩි විය හැකිය. (ලංකාවේ නම් සෑම වර්ෂයකදීම ආදායමට වඩා වියදම වැඩිය.).මෙය අයවැය පරතරය ලෙස හඳුන්වයි. මේ අයවැය පරතරය පියවාගන්නට, එනම් අමතර වියදම් දැරීමට ණය ලබාගැනීමට සිදුවෙයි. කෙසේ වෙතත් මෙම ණය ලබාගැනීම සඳහා උපරිම සීමාවක් පාර්ලිමේන්තුව පනවයි. එය සාමාන්‍යයෙන් කරන්නේ විසර්ජන පනතෙන්ය..කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවක විසර්ජන පනතක් සම්මත නොකර, ඊට පෙර වර්ෂයේ විසර්ජන පනතෙහි ඇති ගිණුම මාස කිහිපයකට දීර්ඝ කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම සිදුකළ හැකිය. ඒ සඳහා මුදල් පිළිබඳ පනත් වලින් මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ද බලය ඇත..වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කිසිදු අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තේ නැත. කෙසේ වෙතත් 2019 ඔක්තෝබර් මාසයේදී සම්මත කරගත් අතුරු සම්මත ගිණුමෙන් අපේ‍්‍රල් මාසය දක්වා මුදල් වියදම් කිරීමේ බලය තිබුණි.\.මතක තබාගන්න, ඒ අතුරු සම්මත ගිණුම ලංකාවේ නීතිය අනුව වලංගු එකකි. එහි ඇති සීමාව උල්ලංඝනය කිරීමේ බලයක් ආණ්ඩුවට නැත. එම සීමාව උල්ලංඝනය කිරීමට බලයක් ලැබෙනවානම්, එවැනි සීමාවක් පැනවීමෙහි තේරුමක් නැත..2019 ඔක්තෝබර් අතුරු සම්මත ගිණුමෙන් දේශීය හා විදේශී්‍ය ණය ගැනීමේ සීමාවක් දක්වා තිබුණි. ඒ රුපියල් බිලියන 721කි..2020 ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාව රුපියල් බිලියන 841ක් දක්වා ණය ලබාගෙන ඇත. එනම් අතුරු සම්මත ගිණුමෙන් පනවා තිබූ සීමාව උල්ලංඝනය කර ඇත. මේ බව වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවක දැක්වෙයි. එමෙන්ම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරද භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යැවූ ලිපියකින් මේ බව පෙන්වාදෙයි..රුපියල් බිලියන 42.5ක් වටිනා සංවර්ධන බැඳුම්කර, චීනයෙන් ලබාගත් රුපියල් බිලියන 96.5ක ණය මුදල හා රුපියල් බිලියන 702.3ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මෙලෙස ලබාගෙන ඇති ණය වේ..ඒ අනුව ආණ්ඩුව සීමාව ඉක්මවා ඇත. නීතිවිරෝධී ලෙස ක‍්‍රියාකර ඇත..මේ නීතිවිරෝධී ක‍්‍රියාව සාධාරණීකරණය කරන්නට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කී කතාව මෙසේය..‘වෙනත් පනතක් තියෙනවා. ඒක කියවලා බලනවානම් හොඳයි. 1982 අංක 40 දරණ ණය විශේෂ විධිවිධාන පනත. මේ පනතේ විසර්ජන පනතක් නොමැති විට, දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඉතා පැහැදිළිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා. පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂයේ ණය ගත්ත සීමාවක් තියෙනවානම් එයින් කාර්තුවක ප‍්‍රමාණය, හතරෙන් එකක් අනුමත ණය ලෙස සලකා ණය ලබාගැනීම සඳහා නිත්‍යානුකූල ඉඩකඩක් තියෙන බව පැහැදිළිව සඳහන් කරලා තියෙනවා.’.අප පෙර කී 1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනත යනු වගන්ති දෙකකින් යුත් ඉතා කෙටි පනතකි. මුල් වගන්තියෙහි පනතෙහි නම සඳහන් වෙයි. පනතෙහි කරුණු එක් වගන්තියකින් විස්තර කර ඇත..කෙසේ වෙතත් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන උපුටා දක්වා තිබුණේ ඒ වගන්තියෙන් මේ මොහොතේ ආණ්ඩුවේ ක‍්‍රියාව සාධාරණීකරණය කරන්නට අවශ්‍ය කොටස පමණි. කොටින්ම කීවොත් ජනතාව රවටන්නට අවශ්‍ය වන කොටස පමණි. වගන්තියේ ආරම්භක කොටස කියවන කෙනෙකුට වත්මන් තත්වයට මෙම පනත අදාල නොවන බව වටහාගත හැකිය. (මෙම ලිපිය අවසානයේ සම්පූර්ණ වගන්තිය ඇත.).‘ආණ්ඩුව සඳහා සහ වෙනුවෙන් ණය ලබා ගැනීමට බලය දෙන වෙනත් යම් නීතියකට හානියක් නොමැතිව..’ යනුවෙන් එම වගන්තිය ආරම්භ වෙයි. එතැනින්ම කතාව පැහැදිළිය. මේ පනත අදාල වන්නේ වෙනත් නීතියකින් ණය ලබාගැනීමට සීමාවක් පනවා නොමැති අවස්ථාවකය..එහෙත් දැන් වෙනත් නීති අනුව ණය ගැනීමේ සීමාවක් පනවා ඇත. ඒ අතුරු සම්මත ගිණුමෙන්ය. ඒ කියන්නේ වත්මන් තත්වයට පෙර කී පනත අදාල නොවේ. 1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනත මේ මොහොතට කිසිසේත්ම අදාල නැත..ආණ්ඩුව මහදවාලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් නීතිරීති උල්ලංඝනය කරමින් සිටී. මේ සියල්ල කරන්නේ පාර්ලිමේන්තුව රැුස්කොට නීතියට අනුව ක‍්‍රියාකිරීමේ හැකියාව තිබියදීය. විපක්ෂය ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බව කියා තිබියදීය. එසේ තිබියදී ආණ්ඩුව උද්දච්ච ලෙස කටයුතු කරමින් සිටී. ඒ අතරේ දැවැන්ත බොරු කියමින් සිටී..රටම ආපදාවකට මුහුණදෙමින් සිටින වෙලාවක ආණ්ඩුවේ මේ හැසිරීම නින්දිත බව අමුතුවෙන් කිව යුතු නැත..ණය (විශේෂ විධිවිධාන) පනතෙහි ඇති සම්පූර්ණ වගන්තිය මෙසේය..‘ආණ්ඩුව සඳහා සහ වෙනුවෙන් ණය ලබාගැනීමට බලය දෙන වෙනත් යම් නීතියකට හානියක් නොමැතිව, පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනතක් සම්මත කරගනු නොලැබූ ආණ්ඩුවේ යම් මුදල් වර්ෂයක පළමු දිනයෙන් ආරම්භව ඒ මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අවසාන වන (මේ පනතෙහි අදාල කාල පරිච්ෙඡ්දය යනුවෙන් සඳහන් කරනු ලබන) යම් කාල පරිච්ෙඡ්දයක් සඳහා යම් නීතියක් මගින් හෝ ඒ යටතේ විධිවිධාන සලස්වනු ලැබ ඇති නැතහොත් අන්‍යාකාරයකින් නිත්‍යානුකූලව බලය දී ඇත් ආණ්ඩුවේ යම් වියදමක්, ශ‍්‍රී ලංකාව තුළ වුවද ඉන් බාහිරව වුවද ආණ්ඩුව සඳහා හො ්වෙනුවෙන් ලබා ගැනීමට මෙයින් බලය දෙනු ලබන ණය වලින් දරනු ලැබිය හැකිය. එසේ වුවද අදාළ කාල පරිච්ෙඡ්දය තුළ වූ කවර හෝ මාස තුනක කාල පරිච්ෙඡ්දයක් සඳහා ලබා ගන්නා ණය වලින් ලැබෙන මුළු මුදල, ආණ්ඩුවේ ඉහතින් වූ මුදල් වර්ෂය සඳහා ලබා ගැනීමට ඒ මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනතින් බලය දී ඇති මුළු ණය ප‍්‍රමාණයෙන් හතරෙන් එක් පංගුවක් නොඉක්මවිය යුතුය.’.1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනත.Tags.බන්දුල.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleහිටපු රාජ්‍ය ඇමතිවරුන් වාහන අවභාවිත කරන බවට හඳුන්නෙත්තිගෙන් පැමිණිල්ලක්.Next articleරෑ අට වනතුරුත් ගැසට් නිවේදනය අවසන් කරලා නෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රනිල් කියන්නේ බොරු එජාප නායකයන් රහස් ඡුන්දයෙන් තෝරාගත හැකියි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රනිල් කියන්නේ බොරු එජාප නායකයන් රහස් ඡුන්දයෙන් තෝරාගත හැකියි.By සංස්කාරක.May 20, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.තරිඳු උඩුවරගෙදර.අපේ රටේ ප‍්‍රධාන පක්ෂ තුන බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ තුනේම සිටින දේශපාලන නායකයන් තුන්දෙනාම ජනතා අප‍්‍රසාදය ලැබෙද්දී, වියපත් වෙමින් එම තනතුරුවල බලහත්කාරයෙන් රැුඳීසිටින නායකයන් බවට පත්වී ඇත. පක්ෂ දෙකක නිල නායකයන් දැනටමත් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවට පත්ව දුන් පොරොන්දු නිසියාකාරව ඉටු නොකර වසර තුනක් ගතවී ඇත. අනෙක් පක්ෂයේ නොනිල නායකයා හිටපු ජනාධිපතිවරයාය. ඔහුට දැනටමත් ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්විය නොහැකිය. ඔහු දෙවරක් ජනාධිපති ධුරයට පත්ව තමන්ට කළ හැකි සීමාව පෙන්වීය. ඔහු ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇත..මේ නායකයන් ඉවත් කිරීමට පක්ෂයේ දෙවැනි පෙළ නායකයන්ටවත් හැකියාවක් නැත. ඒ ඒ නායකයන් තමන්ගේ බල ආශාවන් සම්පූර්ණ කරගන්නා තුරුම පක්ෂ නායකත්වය තමන්ගේ ඇපයට තබාගෙන සිටින්නේය. ඒ නිසාම පක්ෂ නායකයන් වයස අවුරුදු 70 ඉක්මවද්දී දෙවැනි පෙළ නායකයන්ද ඒ තරම්ම වියපත් පුද්ගලයන් බවට පත්ව ඇත. දැන් සිටින නායකයන් තුන්දෙනාටම රට පාලනය කිරීමට අඩු වැඩි වශයෙන් අවස්ථාව ලැබුණි. තමන් අවංක දේශපාලන වුවමනාවකින් රට පාලනය නොකරන යටිකූට්ටු දේශපාලනඥයන් බව නායකයන් තුන්දෙනාම දැනටමත් පෙන්වා ඇත. ඉතින් දැන් නායකයන් වෙනස් කිරීමට කාලය බව පැහැදිලිය. එහෙත් එවැන්නක් කරන්නට තරම් මේ පක්ෂ තුනෙන් එකුදු දේශපාලන පක්ෂයකවත් අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් නැත..එජාප නායකත්වය.එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සංවාදය තවම පහව ගොස් නැත. රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස පත්කරගැනීම පිළිබඳව පමණක් නොව, රවී කරුණානායක මහතා උපනායකයා ලෙස තෝරාග ැනීම පිළිබඳවද පක්ෂය අභ්‍යන්තරයේ ඇත්තේ දැඩි විරෝධයකි. එය පක්ෂයේ පහළ මට්ටමෙන් පමණක් නොව ඉහළ තලයේද දැඩිව සාකච්ඡුා වෙන කාරණයකි. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ නායකයා විසින් කළ යුතු පත්කිරීමක් වන පක්ෂ මහලේකම්වරයා පත් කිරීම සම්බන්ධයෙන්ද පක්ෂය තුළ ඇත්තේ විරෝධයකි..මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කළ අදහස් දැක්වීම් මෙන්ම අප‍්‍රසිද්ධියේ කළ අදහස් දැක්වීම්ද බොහෝය. පසුගිය මැයි 09 වැනිදා පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ඡුාවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වී ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කොට ඡුන්දයෙන් නායකයා පත් කිරීම සඳහා ක‍්‍රමයක් ඇතිකරන බවයි. එවැනි පොරොන්දුවක් දී ඇතත් එය සිදු කරන දවසක් ගැන ඔහු කියා නැත. ඒ සමඟම පක්ෂයේ ඉහළ මට්ටමේ කතාබහට ලක්වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කොට සිදු කරනවායැයි කියන මේ වෙනස්කම් නුදුරේදී සිදු නොවනු ඇති බවයි..මේ එකඟතාවෙහි හරය නම් දැන් පවතින ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා ඡුන්දයෙන් පත්කරගැනීමට ක‍්‍රමයක් නොමැති බවයි. එය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකත්වය විසින් ගෙනයන ව්‍යාජ ප‍්‍රචාරයකි. ඇතැම්විට පක්ෂයේ නායකත්වයට ප‍්‍රධාන විකල්පය ලෙස ඉදිරිපත් වන සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයද දැන් පවතින ව්‍යවස්ථාව අනුව නායකයා ඡුන්දයෙන් පත්කරවාගැනීමට ක‍්‍රමයක් ඇති බව නොදන්නවා විය යුතුය. නැත්නම් පක්ෂය අභ්‍යන්තරයේ සිටින විමතික මන්ත‍්‍රී කණ්ඩායම දැනටත් සැක පහළකර ඇති පරිදි සජිත් පේ‍්‍රමදාස මහතා යම් රහස් එකඟතාවක් මත මේ කාරණය මතු නොකර සිටිනවා විය යුතුය. එහෙත් පසුගිය සතියේ ලියුම්කරු මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් හරහා ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කොමිසම සතුව ඇති ව්‍යවස්ථා පිටපත අනුව නම් රනිල් වික‍්‍රමසිංහ මහතා ඡුන්දයකට යා යුතුමය..එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙහි පක්ෂයේ නිලධාරීන් පිළිබඳ දැක්වෙන 8 වැනි පරිච්ෙඡ්දයෙහි පළවැනි වගන්තියෙහි ඇත්තේ ‘පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක, උපනායක, ජාතික සංවිධායක සහ සභාපති යන තනතුරු පත්කර ගැනීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර එකඟත්වයෙන් එම තනතුරු පත් කරගත යුතු’ බවයි..ඒ වගන්තිය සමඟම ඇති දෙවැනි වගන්තියෙහි ඇත්තේ ‘පොදු එකඟතාවක් නොමැත්තේයැයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන අවස්ථාවක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් සහ තත්කාලයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් තීරණය කළහොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් රහස් ඡුන්දයෙන් තෝරා පත්කරගැනීම කළ යුතුය.’ යනුවෙනි..‘අපේ පක්ෂය තුළ විවිධ මතවාද තියෙනවා. ඒ මතවාදවලට අනුව සමහරු කියනවා අලූ‍ත් නායකයෙක් අවශ්‍යයි කියලා. තවත් සමහරු කියනවා ඉන්න නායකයා ඕනෑ කියලා. විවිධාකාර අදහස් පක්ෂය තුළ තියෙනවා.’ මෑත කාලයේ කතාබහට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කරුණු පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ නායකයා වූ රුවන් විජේවර්ධන මහතා කියන්නේ එසේය..ඒ වචනවලින්ම කියැවෙන පැහැදිලි අදහස මෙය ‘පොදු එකඟතාවක් නොමැති’ අවස්ථාවක් බවයි. එනම් පක්ෂ ව්‍යවස්ථාව අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා රහස් ඡුන්දයක් සඳහා එකඟතාව දැක්විය යුතු බවයි. රටක නායකත්වය බලහත්කාරයෙන් තබාගැනීම පිණිස ව්‍යවස්ථාව පිළි නොගනිමින් කටයුතු කිරීම තරම්ම පක්ෂයක නායකත්වය බලහත්කාරයෙන් තබාගැනීම පිණිස පක්ෂයක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමද වැරැද්දකි..රහස් ඡුන්දයකින් තනතුරු පත් කරගැනීම පිණිස ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකළ යුතු බවට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම්වලදී යෝජනා සම්මත වී තිබුණි. එහෙත් මේ වෙද්දීත් එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා ඇතුළු තනතුරු තෝරාගැනීම සඳහා පොදු එකඟතාවක් නැති අවස්ථාවක රහස් ඡුන්දයක් අවශ්‍ය බවට ප‍්‍රතිපාදන ඇත..එජාප නායකත්වයට රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත පත්වීම මෙන්ම උපනායකත්වයට.රවී කරුණානායක මහතා පත්වීම පිළිබඳවද පක්ෂයේ පොදු එකඟතාවක් නැති බව රහසක් නොවේ. එවැනි පසුබිමක රනිල් වික‍්‍රමසිංහ මහතාට රහස් ඡුන්දයක් නොපවත්වා සිටීමේ කිසිදු අයිතියක් නැත..ජනාධිපතිවරණයට.එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ මහතා විය යුතු බවට මේ වෙද්දී මංගල සමරවීර අමාත්‍යවරයා, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඇතුළු එජාප අභ්‍යන්තරයේ බොහෝ දෙනෙකු අදහස් පළකර ඇත..පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන්ද පක්ෂයේ ව්‍යවස්ථාවෙහි ප‍්‍රතිපාදන ඇත. ඒ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා මණ්ඩලයක් පත්කොට ඒ හරහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත මත ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාග ැනීමයි..රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්ද එජාප පාක්ෂිකයන් අතරින් කොටසක් විරෝධය දක්වති. ඒ නිසාම පක්ෂයේ යාන්ත‍්‍රණයට ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ අයිතියද තිබිය යුතුය. අඩුම තරමේ ව්‍යවස්ථාවේ ඇති ප‍්‍රතිපාදන අනුව හෝ සාධාරණ ලෙස කටයුතු කළ යුතුය..එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු යන්ත‍්‍රණවල ඇතිවූ විරෝධය සහ එයට නායකත්වයෙන් දැක්වූ යන්ත‍්‍රණය විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරමය..එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද තත්වය මෙසේමය. පොදුජන පෙරමුණේ තත්වයද එබඳුය. පක්ෂ නායකත්වය පත්වෙන්නේ සහ ක‍්‍රියාත්මක වෙන්නේ කිසිසේත්ම ව්‍යවස්ථාවේ ඇති ප‍්‍රතිපාදන අනුව නොවේ. අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීම පිණිස නොවේ..අපි ශ‍්‍රී ලංකාවට වෙස්මිනිස්ටර් ක‍්‍රමයක පාර්ලිමේන්තුවක් යෝජනා කරන්නෙමු. එය එක් පුද්ගලයෙකු වෙත නොව, පාර්ලිමේන්තුවටම බලය හිමිවන ක‍්‍රමයකි. එම වෙනස සිදු නොවී විධායක ජනාධිපති ක‍්‍රමය පවතින පසුබිමක වුව එය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීමට නම් පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු විය යුතුමය. ලෝකයේ ඉහළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටක නම් පක්ෂයක අපේක්ෂකයා තීරණය කිරීමටද පක්ෂයේ සාමාජිකයන් අතර ඡුන්ද පවත්වනු ලබයි. ඒ අනුව පාක්ෂිකයන් අතරින් ජනප‍්‍රියම පුද්ගලයා අපේක්ෂකයා බවට පත්වෙයි. ලංකාවේ පාක්ෂිකයන් අතර ඡුන්දයක් නැතත් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ පක්ෂයක මධ්‍යම කාරක සභාව හෝ දේශපාලන මණ්ඩලය හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය නම්වලින් හැඳින්වෙන බලයලත් මණ්ඩලයේ බහුතර කැමැත්තෙන්වත් අපේක්ෂකයෙකු තෝරාගැනීමේ වගකීමක් පක්ෂයකට ඇත..‘‘අපේ පක්ෂයේ වැඩ අපි බලාගන්නම්’’යැයි එජාප අභ්‍යන්තර ප‍්‍රශ්න ගැන කතාකරද්දී පක්ෂයේ ඉහළ නායකයන් පිළිතුරු දී ඇති අවස්ථා බොහෝය. එහෙත් රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට එසේ උද්දච්චවීමේ අයිතියක් කිසිසේත්ම නැත..ඒ පිළිබඳව කතාබහ කිරීමේ අයිතිය පාක්ෂිකයන් වුවද නොවුවද සාමාන්‍ය ජනතාව සතුය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳ අවධානය යොමු කිරීමේ අයිතියක් සාමාන්‍ය ජනතාවටද ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය බලහත්කාරයෙන් තබාගෙන සිටින බවටද සාමාන්‍ය ජනතාව අතර අදහසක් ඇත. ඉතින් මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතා තීන්දුවක් ගත යුතුව ඇත..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකාශ්‍යකාභල ජාතික චින්තනයේ පාට්ඨපාල මුසාව -1.Next articleඑමිල් රංජන්ගෙන් කොණ්ඩ අමිලට මරණ තර්ජන.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ෆොන්සේකාට, ශවේන්ද්‍රට වූ දේ යළි නොවීමට නම්.. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ෆොන්සේකාට, ශවේන්ද්‍රට වූ දේ යළි නොවීමට නම්...By සංස්කාරක.March 2, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතමයන්ට අමෙරිකාවට ඇතුළු වීමට විසා නොදෙන්නේ යැයි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කීවේ පෙබරවාරි 14 වැනිදා ය. ඉනික්බිති අමෙරිකාවට විරුද්ධ ව ලංකාවේ මහා මාධ්‍ය යුද්ධයක් ඇවිළිණ. පුළුපුළුවන් හැමෝ ම පුළුපුළුවන් විදියට අමෙරිකාවට එරෙහි ව විරෝධය පෑහ..ඒ විරෝධතාවල යටි පෙළ කියවන විට පෙනුණේ, ශවේන්ද්‍ර සිල්වා මහතා කෙසේ හෝ අමෙරිකාවට යවා ගැනීමට ඒ විරෝධතා දැක්වූවන්ට වුවමනා බවයි. එහෙත් ඔවුහු අමෙරිකා විරෝධියෝ ය. අමෙරිකාවේ ඒ තීරණය ලංකාවේ ‘අභ්‍යන්තර කටයුතුවලට’ ඇඟිලි ගැසීමක් හැටියට ප‍්‍රධාන සිරස්තලය සකස් කළ සිංහල පුවත්පත් ද දකින්නට ලැබිණ..තමන්ගේ රටට පිවිසීමට කිසිවකුට වීසා පහසුකම් දෙන්නේ ද යන්න ගැන තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ ඒ ඒ රටට ය. එය අමෙරිකාවට මෙන් ම ලංකාව වැනි පුංචි රටකට ද ඇති අනුල්ලංඝනීය අයිතියකි. අමෙරිකාවට විරුද්ධව කෑකොස්සන් ගෑ බොහෝ දෙනකු ඒ අයිතිය ගැනවත් දැන සිටියා ද යන්න ප‍්‍රශ්නයකි..දැන් ඒ කලබැගෑනිය අවසන් නිසා, සන්සුන් ව වුණේ කුමක් දැයි සිතා බලන්නට හැකි ය. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කීවේ, තිස් අවුරුදු යුද්ධය අවසාන කාලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් ගැන ශවේන්ද්‍ර සිල්වා මහතාට විරුද්ධව ‘විශ්වාසවන්ත තොරතුරු’ තිබෙන බවයි..ඒ සම්බන්ධයෙන් පසු ගිය සතියේ නිවේදනයක් නිකුත් කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා කියා තිබුණේ, චෝදනා එල්ල වුණත්, පරීක්‍ෂණයකින් පසු වැරදිකරු කරන තෙක් චුදිතයාට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයේ ආරක්‍ෂාව ලැබෙන බව ය. ලංකාව සම්බන්ධයෙන් ඒ ඇත්ත ය. (සමහර නීති ක‍්‍රමවල නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය වෙනුවට දෝෂීභාවයේ පූර්ව නිගමනයක් ඇති බව ද වැඩි දුර දැන ගැනීම පිණිස දක්වමු.*.මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනයේ ඒ කොටස ඉතාම වැදගත් ය. චෝදනා ඇත්තකු ඒ චෝදනාවලට වැරදිකරු ද නිවැරදිකරු ද යන්න තීරණය වන්නේ ඒ ගැන පවත්වන පරීක්‍ෂණයකින් පසු ව ය. ප‍්‍රශ්නය වන්නේ, එවැනි පරීක්‍ෂණයක් කරන්නට ලංකාව කිසිසේත් ඉදිරියට නොපැමිණීමයි..ඒ නිසා පාර්ශ්ව දෙකක එකිනෙකට වෙනස් තොරඑතුරු තිබේ. අපරාධ ගැන විශ්වාසදායක තොරතුරු තමන්ට තිබෙන බව අමෙරිකාව කියන විට, ලංකාව කියන්නේ ඒවා වැරදි තොරතුරු බවයි. ඒ සම්බන්ධයෙන් ලංකාව විශ්වාස කරන්නේ පරණගම කොමිසම ඇතුළු පසුගිය කාලයේ වරින් වර පත් කරන ලද පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තා ගැනත්, එක්සත් රාජධානියේ සාමි මන්ත‍්‍රී මණ්ඩලයට නේස්බි සාමිවරයා ඉදිරිපත් කළ වාර්තාවත්, ජාත්‍යන්තර රතුකුරුස සමාජය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ජාත්‍යන්තර නියෝජිතායතනවල වාර්තාත් මෙන් ම, එළිදරව් වී ඇති රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පණිවිඩවල අන්තර්ගතයන් ගැනත් බව, පසුගිය දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතූ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කීවේ ය..ඊට අභිමුඛ ව, එක්සත් ජාතීන්ගේ හිටපු මහා ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද දරුස්මාන්-යස්මින් සූකා කමිටුවේ වාර්තාව ඇතුළු අනෙකුත් වාර්තා ගැන අමෙරිකාව සහ වෙනත් රටවල් විශ්වාසය තබා ඇති බව පෙනේ..දැන් ඇත්ත කියන්නේ කවුද? අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් ද? ලංකාව ද?.මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට තිබෙන එක ම ක‍්‍රමය ඒ ගැන විශ්වාසවන්ත, අපක්‍ෂපාතී සාධාරණ පරීක්‍ෂණයක් තැබීමයි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රශ්නයේ එක් පාර්ශ්වයක් නිසා, ආණ්ඩුව විසින් කෙරෙන පරීක්‍ෂණයක් විශ්වාසවන්ත, සාධාරණ එකක් විය නොහැකි බව පැහැදිලි ය. අනෙක් අතට, එවැනි පරීක්‍ෂණයක් ප‍්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වන චෝදනා එල්ල කරන ජාත්‍යන්තර ප‍්‍රජාවටත්, වින්දිතයන් වන දෙමළ ජනතාව ප‍්‍රමුඛ අනෙක් රටවැසියන්ටත් පිළිගත හැකි අන්දමේ පරීක්‍ෂණයක් විය යුතු ය..මේ වෑයම පහසු එකක් නොවන බව ඉහත කාරණාවලින් පැහැදිලි වෙයි. හුදෙක් අප කරන පරීක්‍ෂණයක ප‍්‍රතිඵල පිළිගන්න යැයි අනෙක් පාර්ශ්වයන්ට කියන්නට ලංකාවට නොහැකි ය. ඒ නිසා, සියලූ පාර්ශ්ව එකඟ වන පරීක්‍ෂණයක් සඳහා මාර්ගයක් තෝරා ගන්නට ලංකාවට සිදු වෙයි. එවැනි පරීක්‍ෂණයක් කර, තමන්ගේ හමුදා නිලධාරීන් ඇතුළු අය චෝදනාවලින් මුදවා ගන්නා තුරු, සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා වැන්නවුන්ට මුහුණ දෙන්නට සිදු වූ අමිහිරි අත්දැකීම තවත් අයටත් විඳින්නට වනවා ඇත.x.Tags.anidda.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරටම එකතු වී තෙත්බිම් වනසන හැටි.Next articleරට බැරැක්කයක් කරා ගෙනයන දින සීයේ අසුබ පෙරනිමිති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දකුණු ලක වෙරළ තීරයේ සෞන්දර්යාත්මක බාවා ලකුණ, බෙන්තොට බීච් හෝටලය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දකුණු ලක වෙරළ තීරයේ සෞන්දර්යාත්මක බාවා ලකුණ, බෙන්තොට බීච් හෝටලය.By සංස්කාරක.January 19, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.බෙන්තොට බීච් හෝටලය.(1969 වසරේදී සාදා නිමකළ බෙන්තොට බීච් හෝටලය, වසර ගණනාවකට පසු යළි නවීකරණය කිරීමට පියවර ගන්නා ලදි. එහෙත් එහි ප‍්‍රධාන ගොඩනැගිල්ල වන ඉතා අලංකාර විශාල මධ්‍ය ගොඩනැගිල්ලෙහි අබලන්බව නිසා එය කඩා ඉවත්කළ යුතු බවට ව්‍යුහ විද්‍යා උපදෙස්වලින් කියැවිණි. එහෙත් එම ඉතා වැදගත් සංධිස්ථානමය ගොඩනැගිල්ලට ඇති වැදගත්කම නිසා ජෝන් කීල්ස් ආයතනය, වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත සහ ජෙෆ්රි බාවා පදනම විසින් එම ගොඩනැගිල්ල ගලවා, දුර්වල කොටස් සහ ව්‍යුහමය කොටස් ඉවත්කර, සෑම ගල් පුවරුවක්ම, සෑම දොරක්, ජනේලයක්ම සහ ලී කණු වැනි විවිධ අමුද්‍රව්‍යයක්ම ඒ තිබූ තැන්වලම පිහිටන ලෙස නැවත ගොඩනැගීමේ අතිසංකීර්ණ ක‍්‍රියාවලියට එකඟවිය..නැවත ඒ තිබූ අයුරින්ම නිර්මාණය කළ එම ගොඩනැගිල්ල මේ මස අග දිනකදී භාවිතයට එක්කිරීමට කටයුතු සැකසෙනු ඇත.*.කොළඹ සිට ගාල්ල බලා ගමන්කරන අතර බෙන්තොට පාළම පසුකරන විට ඔබේ දකුණු පසින්, ගඟටත් මුහුදටත් මැදිව පොල් තුරු මුදුන් අතරින් ඉහළට එසවී ගම්භීර බව මුසු නිහතමානී බවකින් නිසොල්මනේ සිටින අලංකාර ගොඩනැගිල්ල ඔබට මතකද? වාස්තු විද්‍යාව තුළදී පමණක් නොව, අනෙක් කලා සහ තාක්ෂණ විෂයන්හිදීත් වැදගත්වන, පරිමාණය සහ සම්පිණ්ඩනය වැනි සංකල්පවලට අනුව මිනිස් ඇසට ඉතා ප‍්‍රියමනාප ලෙස නිර්මාණය වී ඇති එම පඬු පැහැති ගොඩනැගිල්ල ප‍්‍රකට බෙන්තොට බීච් හෝටලයයි..පසුගිය ශතවර්ෂය තුළ ලාංකික වාස්තු විද්‍යා ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්ථාන බොහොමයක් නිර්මාණය කළ ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරන ලද අතිසුවිශේෂ ගොඩනැගිල්ලක් ලෙස බෙන්තොට බීච් හෝටලය හඳුන්වා දිය යුතුය. විවෘත ආර්ථිකය, අන්තර්ජාල නැඹුරුව, ජාත්‍යන්තර ආභාසය වැනි සාධකවලට පෙර ලංකාවට ආවේණික වාස්තු විද්‍යාත්මක සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමට ඉතා වැඩි දායකත්වයක් දැක්වූ ජෙෆ්රි බාවා එම ප‍්‍රවාහයේ උපරිමය සනිටුහන් කරන කදිම අවස්ථාවකි බෙන්තොට බීච් හෝටලය. දේශපාලනික අර්ථවලින් සහ විවිධ නූතනවාදී ඊනියා මතවාදවලින් ජෙෆ්රි බාවාගේ වාස්තු විද්‍යාත්මක මැදිහත්වීම ඉරිසියාව ඈඳුණු අවිචාරවත් විචාරයට ලක්වීමේ ප‍්‍රවණතාවක් මෑතක සිට හිස ඔසවනු පෙනෙන්නට තිබේ. ජෙෆ්රි බාවාට රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමත්, පාර්ලිමේන්තු සංකීර්ණය වැනි ඔහුගේ නිර්මාණ තුළ පොදු ජන විරෝධී සංකල්ප ඇතුළත් වූ බවත්, ඔහුගේ නිර්මාණ පිළිබඳ දෙස් විදෙස් පොත් සහ සඟරා (ඉංග‍්‍රීසි*වල අසීමාන්තිකව ප‍්‍රකාශයට පත්වීමත් ඒ විචාර අවිචාරයට හේතු වුවා විය හැක..මේ කාරණා කෙසේ වෙතත්, ඔහු විසින් කරන ලද නිර්මාණ තුළ ඔහු විසින් ඔප් නංවා ඇති සෞන්දර්ය පිළිබඳව ඒ කිසිම විචාරකයකු පහරදී නැත. ඔහු හඳුන්වා දුන් නූතන නමුත් පාරම්පරික ලක්ෂණ සහිත ලාංකික යැයි කිව හැකි අනන්‍යතාවකින් යුතු වාස්තු විද්‍යා භාෂාව සහ විලාසය හරි හැටි අධ්‍යයනය නොකර, වර්තමානය තුළ භාවිත වන සහ නවීනත්වය තුළ සැඟව ගිය ඔහුගේ නිර්මාණ ලක්ෂණ නිවැරදිව හඳුනා නොගෙන බැහැර කිරීම කිසිසේත්ම කළ හැකි දෙයක් නොවේ. ලෝකය සමග වෙනස් වෙමින්, ඔප් නැගෙමින් අනෙක් සෑම ක්ෂේත‍්‍රයක් මෙන්ම වාස්තු විද්‍යාවද වර්ධනය විය යුතුය. එය ක‍්‍රමිකව සිදුවන ක‍්‍රියාවලියක් මිස බලෙන් එබ්බවීම නොකළ යුත්තකි..දැන් අපි බෙන්තොට බීච් හෝටලය තුළ ඇවිද ගොස් ජෙෆ්රි බාවා අතිවිශිෂ්ට වාස්තු විද්‍යාඥයකු වන්නේ ඇයිද යන්න විමසා බලමු..බෙන්තොට පාලම පසුකරනවාත් සමගම මුහුද දෙසට හැරී දුම්රිය මාර්ගය පසුකර ඔබ ඇතුළු වන්නේ බෙන්තොට බීච් හෝටලයේ ප‍්‍රධාන පිවිසුම වෙතයි. කළුගලින් නිමවා ඇති පැරණි ලන්දේසි කොටුවක් තුළට ඇතුල් වෙන්නාක් මෙන් ඔබ තරමක් අඳුරු අවකාශයක් පසුකර එහි ප‍්‍රධාන පියගැට පෙළ වෙතට ගමන් කරනු ඇත. කවාකාර (ආර්ච්* විවරයකින් ඉහළට දිවෙන එම පියගැට පෙළ සහ පිවිසුම් මහලේ බතික් සිවිලිම බාවා මහතාගේ නිර්මාණ අතරින් වඩාත්ම ඡුායාරූපවලට හසුවුණු තැනක් විය යුතුය. කහ, තැඹිලි, රතු සහ නිල් වැනි ඉතා දීප්තිමත් වර්ණවලින් යුතුව ප‍්‍රකට ඊනා ද සිල්වා මහත්මිය විසින් නිර්මාණය කළ එම සිවිලිම ඔබ එතෙක් රැුඳී සිටි අඳුරු හුදකලා බවින් ඔබ මුදවාගෙන එයින් එපිට ඇති රසවත් අත්දැකීමක් ගැන ඉඟි කරන්නාක් මෙනි..මෙම ප‍්‍රධාන ගොඩනැගිල්ලේ සැලැස්ම පැරණි ලන්දේසි බලකොටුවකට සමාන වන අතර ජෙෆ්රි බාවා හිතාමතාම වෙරළබඩ ලන්දේසි බලකොටුවලින් ආභාසය ලැබූ බව පැහැදිලිව දක්නට ලැබෙයි. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අතින් ඉතාම අලංකාර පරිමාණයන් සහ අවකාශවලින් යුතු ලංකාවේ ලන්දේසි ගොඩනැගිලිවල බලපෑම ජෙෆ්රි බාවාගේ සෑම නිර්මාණයකම පාහේ දක්නට ලැබෙන්නකි..පියගැට පෙළ කෙළවරදී ඔබ පිවිසෙන්නේ, හෝටලයේ ප‍්‍රධාන පිළිගැනීමේ ශාලාව වෙතයි. මෙතෙක් ඔබ තුළ තිබූ කුතුහලය සහ අලස බවට තිත තබමින් එම අවකාශය ඉතා විශාල මැද මිදුලකට විවෘත වෙයි. මැද මිදුල තුළ ඇති පොකුණ මත එළෙන පරණ විසල් අරලිය තුරු ඡුායාවන් ඉතා පරිස්සමින් නිමකරන ලද සිතුවමක් මෙන් අප සිත් සන්සුන් කරයි. ඊට එපිටින් ඇති විසල් ආලින්දයේ වීදුරු ජනෙල් අතරින් හෝටල් පරිශ‍්‍රයට ඈඳුණු ඉන්දියන් සාගරය දිස්වේ..මෙම මැද මිදුල හෝටලයේ ප‍්‍රධානතම අංගයකි. මැද මිදුල වටකරමින් ඉහළට එසවී ඇති ගොඩනැගිල්ල තුළ ඇවිද යාමට පුළුල් කොරිඩෝවක් මැද මිදුල වටා සෑම මහලකම සැලසුම් කර ඇත. එම කොරිඩෝව දිගේ ගමන් කර කාමර තුළට ඇතුළු විය හැකි අතර කොරිඩෝවේ විවිධ තැන්වල සිට මැදමිදුලත්, ගොඩනැගිල්ලේ අලංකාරයත් විවිධ කෝණවලින් දර්ශනය වන ආකාරයට සැලසුම් කර තිබීම බාවා මහතා අවකාශ නිර්මාණයට කොතරම් දක්ෂයෙකු ද යන්නට හොඳ උදාහරණයකි. බැලූබැල්මට මෙම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පැරණි ලාංකික වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට සමාන බව පෙනුණත්, ජෙෆ්රි බාවා සියුම් සහ නිර්මාණාත්මක ලෙස ඒවා අතික‍්‍රමණය කර නූතන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඒ තුළට ගොනුකර ඇත..පහත මහලේ සිට මහලෙන් මහල ඉහළට යන විට, ක‍්‍රමිකව ඒ ඒ මහල එළියට පන්නා ඇත්තේ, ව්‍යුහ ඉංජිනේරු දීපාල් වික‍්‍රමසිංහ මහතාගේ රාජකාරිය එසේ මෙසේ නොවන රාජකාරියක් කරමිනි. එමෙන්ම එය ඉතා සෞන්දර්යාත්මක ගොඩනැගිල්ලක් බවට පත්කිරීමට එම සාධකය හේතු වී ඇත. කොරිඩෝව කෙළවර ලී කණු සහ ලී අත්වැට ඉතාම සරල ආකාරයට නිර්මාණය කර ඇති අතර ඒවායින් මැවෙන සැඳෑ සෙවණැලි සෞන්දර්යාත්මක රූරටාවන් කොරිඩෝ බිම මත මැවෙන ආකාරය බලන්න ලස්සනය..මෙම ගොඩනැගිල්ලේ පොදු ස්ථාන සියල්ලම පාහේ පොළොව මට්ටමෙන් ඉහළ තළයක පිහිටුවීම මගින් ඒ ඒ තැන්වල සිට මුහුද, බෙන්තොට ගඟ සහ හිරු බැසයාමේ සෞන්දර්ය කදිමට අත්විඳීමට සලස්වා ඇත..ඕනෑම වෙරළබඩ හෝටලයක ජනප‍්‍රිය ලක්ෂණයක් වන්නේ හොටල් කාමර මුහුදේ දර්ශනය උපරිමයෙන් විඳගැනීමට විශාල වීදුරු දොරවල් හරහා විවෘත වීමයි. මෙහි ඇති ඉතාම අනුරාගී ලක්ෂණය වන්නේ කාමරවල විවෘතබව තරමක් සීමා කර, සාමාන්‍ය ප‍්‍රමාණයේ ජනෙල් හරහා මුහුද සහ මෝය වෙනස් සෞන්දර්යාත්මක ඇසකින් දකින්නට සලස්වා ඇති කමයි. කාමරවල සඳලූතල මත නිමවා ඇති ස්ථිතික සිමෙන්ති බංකුවක සැහැල්ලූවෙන් වාඩි වී ජින් සහ ටොනික් පානයක් අතැතිව ඉර බැසයන සෞන්දර්ය විඳීම කාහට වුවත් ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනු ඇත..ප‍්‍රධාන ගොඩනැගිලි දෙපසට විහිදෙන පටු දෙමහල් ගොඩනැගිලි නිමවා ඇත්තේ ද හෝටල් කාමර සඳහාය. ඒ සෑම කාමරයක සිටම මුහුදේ හෝ ගඟ සහ මෝය කට අලංකාර දර්ශනයක් දැකගත හැකිවන ආකාරයෙන් නිමවා ඇත. (එම මුල් ගොඩනැගිලිවල අබලන්බව නිසා කඩා ඉවත්කර නැවත වෙනස්කම් සහිතව ගොඩනගා ඇති අතර, නුදුරේදීම ඒවා භාවිතය සඳහා විවෘත වනු ඇත*..1960 දශකයේ අගභාගයේදී නිර්මාණය කෙරුණු බෙන්තොට බීච් හෝටලය අදාළව තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, ආනයනික භාණ්ඩ සඳහා යොදා තිබුණු සම්බාධක නිසා ජෙෆ්රි බාවා මහතාට දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින්, සංචාරක හෝටලයකට අවැසි පෙනුම සහ නිමාව නිර්මාණය කිරීමට සිදුවීමයි. එම බාධක නිර්මාණාත්මක අභියෝගයක් ලෙස බාරගත් බාවා මහතා හැකි තරම් දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් එම ගොඩනැගිල්ල නිර්මාණය කළේය. එමෙන්ම ඔහුගේ නිර්මාණශීලී මිතුරු කැළට හෝටලයේ අලංකෘත අංග නිමකිරීමට බාරදුන්නේය..ඊනා ද සිල්වා මහත්මියගේ විචිත‍්‍රවත් බතික් සිවිලිමත්, බාබරා සන්සෝනි මහත්මියගේ ආවේණික වර්ණ සහිත දේශීය අමුරෙදි සිවිලිමත්, ඉතා දක්ෂ ස්ථාපන, මූර්ති සහ චිත‍්‍ර ශිල්පී ලකී සේනානායක මහතා නිර්මාණය කළ සෝපාන දොර සහ වෙනත් ස්ථාපන මූර්තිත්, වාස්තු විද්‍යාඥ ඉස්මත් රහීම්ගේ දේශීය හුරුවක් ගත් සිතුවම් එකතුවත් සමගින් බෙන්තොට බීච් හෝටලය සෞන්දර්යයෙන් පිරිපුන් තැනක් වන්නේ එලෙසිනි..සුමුදු අතුකෝරල.Tags.anidda.Anidda Newspaper.අනිද්දා.අනිද්දා පුවත්පත.ගෘහ නිර්මාණ ශිල්පය.ජෙෆ්රි බාවා.බාවා ලකුණ.බෙන්තොට බීච් හෝටලය.සුමුදු අතුකෝරල.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදයාසිරිට ජම්පර් අඳින්න වුණොත්...Next articleපන්ති කාමරයකට සිසුන් 40 කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් විරුද්ධයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සමෘද්ධි බැංකුවලින් මුදල් ඇද නැවත මුදල් දැමීමේ සෙල්ලම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සමෘද්ධි බැංකුවලින් මුදල් ඇද නැවත මුදල් දැමීමේ සෙල්ලම.By තරිඳු උඩුවරගෙදර.June 3, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.මාසිකව රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සඳහා පාවිච්චි කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමෘද්ධි ප්‍රජාමූල බැංකුවලින් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුභසාධන අරමුදල්වලින් බව සති දෙකකට පෙර අනිද්දා පුවත්පත හෙළිදරව් කළේය. ඒ පිළිබඳව විවිධ දේශපාලන සංවාද ආදියෙහි දේශපාලනඥයන් කරුණු මතුකර තිබුණි. අනිද්දා පුවත වෙබ් අඩවි ගණනාවකින් උපුටාගෙන තිබුණි. අප කතාකරන මොහොත දක්වා ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර නැත..එම ගනුදෙනු සිදුවූ ආකාරය පිළිබඳව තොරතුරු අප සතුව ඇති නිසා එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක්ද නැත. සහනාධාර මුදල් ගෙවීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පිහිටි සමෘද්ධි බැංකුවල හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල්වලින් මුදල් ලබාගෙන තිබුණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපගේ ආරංචි මාර්ග සඳහන් කළ ආකාරයට මෙම රුපියල් 5000 දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 26,000ක් හෙවත් කෝටි 2600ක පමණ මුදලක් සමෘද්ධි අරමුදල් භාවිත කර තිබුණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් ලංකා බැංකුවේ ඇති අංක 7041562 දරන ගිණුම මගින් එම මුදල් ගෙවීම් කර තිබුණු රටේ විවිධ ප්‍රදේශවල සමෘද්ධි බැංකු ගිණුම්වල ඇති මුදල් එම ගිණුමට බැර කර තිබුණි..ලංකා බැංකුවේ අංක 76488889 දරන ස්ථාවර තැන්පත් ගිණුමෙන්ද මුදල් ලබාගෙන තිබෙන අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් ලංකා බැංකුවේ ඇති අංක 3417925 දරන ගිණුමෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් ඇති පෙර කී ගිණුමට මුදල් බැර කර තිබෙන බව අපේ මුල් හෙළිදරව් වේ සඳහන් විය. ඒ අනුව අප්‍රේල් 03 වැනිදා රුපියල් මිලියන 2,940ක්, අප්‍රේල් 09 වැනිදා රුපියල් මිලියන 55ක්, රු. මිලියන 936ක්, රු. මිලියන 1,435ක් වශයෙන් කොටස් තුනක්, අප්‍රේල් 15 රුපියල් මිලියන 1,435ක්, අප්‍රේල් 17 වැනිදා රුපියල් මිලියන 9,721ක් ආදි වශයෙන් මුදල් යොමු කර ඇතැයි අපි සඳහන් කළෙමු..මෙලෙස සමෘද්ධිලාභීන්ගේ යහපත වෙනුවෙන් ඇති මුදල්වලින් ගෙවා ඇති 5000 සහනාධාරය උපරිම ඵලදායී ලෙස, සහනාධාර ලැබිය යුතු අයටම ලැබුණා නම් ගැටලුවක් නැත. එහෙත් ඒ වෙනුවට එය දේශපාලන සෙල්ලමක්ව ඇති බව දැන් රටම පිළිගත් කාරණාවකි..සමෘද්ධි බැංකු ගිණුම්.පසුගිය සතියේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍ය වෙත කියා තිබුණේ මැයි මාසයේදී රුපියල් 5000 සහනාධාරය ලබාගැනීමට කැමති පුද්ගලයන් සමෘද්ධි බැංකුවක ගිණුමක් විවෘත කළ යුතු බවත්, එම ගිණුමට මුදල් බැර කරන බවත්ය. ඒ අනුව සාමාජිකයන් නොවන අය ආරම්භ කරන අන්දමේ ඉතිරිකිරීමේ ගිණුමක් ඔවුන් ආරම්භ කළ යුතුය. සමෘද්ධිලාභීන් හෝ සමෘද්ධි බැංකුවල ගනුදෙනුකරුවන් නොවන අයත්, රුපියල් සීයක් බැංකුවට බැර කොට එවැනි ගිණුමක් විවෘත කළ යුතුය..මෙලෙස බැංකු ගිණුම් ඇති කොට, එයට මුදල් බැර කිරීමට හේතුව ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ අප්‍රේල් මාසයේ මුදල් ලබාදීමේදී එකම පුද්ගලයා තොරතුරු විකෘති කිරීමේ සිදුවීම් තිබීම නිසා බැංකුවලින් මුදල් දෙන බවය..ගමේ සිටින නිලධාරීන් කිහිපදෙනෙකු හා ප්‍රාදේශීය මහජන නියෝජතයා සිටින කමිටුවකින් නම් පරීක්ෂා කළ පසුවත්, එකම පුද්ගලයා දෙවතාවක් මුදල් ගෙන තිබේ නම් වරද කාගේද? ගමේ සිටින නිලධාරීන්ට පුද්ගලයන් හඳුනාගැනීමේ අසීරුවක් තිබෙනවායැයි ආණ්ඩුවට ඇති උපකල්පනය ප්‍රාදේශීය මහජන නියෝජිතයන්වත් කමිටුවට එකතු කරන්නට හේතුවක් විය. එයින් පසුවත් එකම කෙනාට දෙවතාවක් මුදල් ගෙවූ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි. එහි වරද ඇත්තේ කොතැනදැයි අමුතුවෙන් කිව යුතු නැත. ගමේ ඉන්න මිනිසුන් දන්නේ නැතිද? එකම කෙනා දෙවතාවක් මුදල් ගත් බව කියන්න බැරිද?.ඊටත් වඩා වැදගත් කාරණාව වන්නේ මුදල් ලබාගැනීමේදී එවැනි අක්‍රමිකතා සිදුවෙනවා නම් සමෘද්ධි බැංකුවලින් මුදල් ලබාදීම කිසිදු විසඳුමක් නොවන බවය. සමෘද්ධි බැංකු කියන්නේද අක්‍රමිකතා ගුහාය. (ඒ ගැන මේ සටහනේ ඉදිරියේදී වැඩිදුර විස්තර කරන්නෙමු.) සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පවසන ආකාරයට දැනටමත් ඔවුන්ට වාචිකව උපදෙස් ලැබී ඇත්තේ බැංකු ගිණුමක් පටන්ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කොට, එම ගිණුමේ තැන්පත් කිරීමට රුපියල් සීයක මුදලක් ලබාදුන් අයට රුපියල් පන්දාහේ සහනාධාරය ලබාදෙන ලෙසය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට දෙවතාවක් මුදල් ලබාගැනීමේ සිද්ධි කලින් වාර්තා වුණා නම්, අයදුම්පතේ වැරදි තොරතුරු දමා දෙවතාවක් මුදල් ගැනීමේ සිදුවීම් නැවත වාර්තා විය හැකිය..වාර්තා වන ආකාරයට සමෘද්ධි ප්‍රතිලාභ ගිණුම් තිබෙන සමෘද්ධි සහනලාභීන් හා අනෙකුත් සහනාධාරවලට හිමිකම් කී අය සඳහා දැනටමත් රුපියල් පන්දාහේ දීමනාව ලබාදෙමින් සිටී. ඒ පිළිබඳව මාධ්‍ය වලින් විවිධ ප්‍රදේශවලට අදාළව කරුණු වාර්තා වී ඇත..එහෙත් සමෘද්ධිලාභී පොරොත්තු ලේඛනයේ සිටින පවුල්, ජීවනෝපාය අහිමි වූ පවුල්, අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල්, වැඩිහිටි දීමනාලාභීන්, ආබාධිත දීමනාලාභීන්, වකුගඩු දීමනාලාභීන්, සියවස් සපිරි අය ඇතුළු පුද්ගලයන්ට දීමනා ලබාගත හැක්කේ රුපියල් සීයක් ගෙවා ගිණුම් අරඹන්නට අයදුම්පත් බාරදීමෙන් පසුවය. ඒ අනුව මුදල් ඔවුන්ගේ අතට ලබාදෙනවා වෙනුවට, ඔවුන්ගේ ගිණුමට නිකුත් කළ බව ප්‍රකාශ කරන්නට ඉඩ ඇත..ප්‍රායෝගිකව මෙය ගමන් කරන්නේ කොතැනටදැයි අපට අනුමාන කළ හැකිය. ඒ බව පැහැදිලි කිරීමට වෙනත් කතාවක් කිව යුතුය..කැබිනට් පත්‍රිකාවක්.මැයි 14 වැනිදා කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කීවේ මැයි මාසයේදී රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා රුපියල් කෝටි 2572ක මුදලක් වෙන් කරගැනීම සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබුණු බවය. ඒ අනුව මැයි මාසයේදී දීමනාව ගෙවන්නට සූදානම්ව ඉන්නේ සමෘද්ධි බැංකුවල ඇති මුදල්වලින් නොවේ. කැබිනට් අනුමැතිය මත ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කළ මුදල්වලින් එම සහනාධාරය ගෙවීමට නියමිත බව පෙනේ..ඒ මුදල් බැංකුවලට.අපට පෙනෙන ආකාරයට සමෘද්ධි බැංකු ගිණුම් ආරම්භ කරන්නැයි කියා, එම බැංකු ගිණුම්වලට මුදල් නිකුත් කරන බව ඇත්තේ සමෘද්ධි බැංකුවලට මුදල් එකතු කිරීමේ උත්සාහයක් ලෙසය. අප්‍රේල් මාසයේදී මුදල් ගෙවන්නට බැංකුවලින් දැවැන්ත මුදලක් ඉවත් කරගත් පසුව, බැංකුවලට නැවත යම් මුදල් ප්‍රමාණයක් එකතු කිරීමට මැයි මාසයේ ආධාර බැංකුවලට නිකුත් කිරීමෙන් උත්සාහ කරනවා විය හැකිය..සමෘද්ධි ගිණුම්වලට ඒ මුදල් බැර කළ පසුව, බැංකු ගිණුමෙන් මුදල් නොගන්නා අය සැලකිය යුතු ප්‍රමාණයක් සිටිය හැකි නිසා යම් මුදලක් ඉතිරි වනු ඇත. දැනටත් මැයි මාසය අවසන්ය. අලුත් ගිණුම් විවෘත කිරීමටත්, ඒවාට අදාළ ගිණුම් පොත් ඇතුළු ලිපිගොනු සැකසීමටත් කල් ගත වන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවා පෙන්වාදී තිබේ. ඒ අනුව මෙම වසංගතයෙන් ආපදාවට ලක්වූවන්ගේ ආර්ථික අසීරුතා අඩු වීමෙන් පසුව බැංකුවට මුදල් වැටුණත් එය හදිසියේ ඉවත් කර නොගනු ඇත. ඒ අනුව මීට පෙර බැංකුවලින් ඉවත් කරගත් මුදල් යම් තරමකට ආවරණය කරගත හැකිවනු ඇත..සමෘද්ධි බැංකුවේ අරමුණු.සමෘද්ධි ප්‍රජාමූල බැංකු ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල්වලින් රුපියල් 5000 සහනාධාරය ගෙවා තිබීම ගැටලුවක් නොවන බව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් දිවයින පුරා ඇති 1000කට මඳක් වැඩි සමෘද්ධි ප්‍රජාමූල බැංකු පිහිටුවා ඇත්තේ අරමුණු රැසක් සමඟය. සමෘද්ධි සහනාධාර ලබන පුද්ගලයන්ගේ සකසුරුවම්කම, ඉතිරිකිරීම් හා ඔවුන් ආයෝජනය සඳහා පෙළඹවීම එක් අරමුණකි. විවිධ කටයුතු සඳහා ණය ලබාදීම, රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම ආදි සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ කටයුතු රැසක් සමෘද්ධි ප්‍රජාමූල බැංකුවලින් කළ යුතුය..සමෘද්ධි සහනය ලබාදීමට අරමුණක් තිබෙනවා නම් ඒ අරමුණ විය යුත්තේ තාවකාලික සහනයක් දීම පමණි. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සැබෑ අරමුණ විය යුතු, දිළිඳු පුද්ගලයන් දිළිඳුකමින් ඉහළ නංවා, ඔවුන් ආර්ථික වශයෙන් ඉහළ නැංවීමේ වගකීම ඇත්තේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවලටය. සරලව කීවොත් සමෘද්ධි බැංකුවල මුදල් ඇත්තේ මිනිසුන්ගේ දුප්පත්කම තුරන් කිරීමටය..එහෙත් 2018 වර්ෂයේ විශේෂ විගණකාධිපති වාර්තාවක විශේෂයෙන්ම සඳහන් වන පරිදි, දුප්පත්කම තුරන් කරමින්, සමෘද්ධිලාභීන්ට සහනාධාර නොලබා ස්වයංපෝෂිත තත්වයට පත් කරන්නටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිපත්ති සකසා නැත. ඒ සඳහා වැඩපිළිවෙළක් නැත. එය සමෘද්ධි බැංකුවල කාර්යභාරය වුණත්, එය ඉටු කරන්නේ නැත. සරලව කීවොත්, මාසෙන් මාසෙට සහනාධාර බෙදනවා මිස සමෘද්ධි දෙපාර්තමේන්තුව තමන්ගේ ඇත්තම රාජකාරිය කරන්නේ නැත..හොර ගුහා.සමෘද්ධි ප්‍රජාමූල බැංකු විගණනයට ලක් කිරීමේ හැකියාව විගණකාධිපති දෙපාර්තමේන්තුවට නැත. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇති තොරතුරු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය 2018 වාර්තාවෙන් පෙන්වන්නේ 2002 සිට 2018 දක්වා සමෘද්ධි බැංකුවල නිලධාරීන් කර ඇති මූල්‍ය අපරාධ ස්වරූපයේ ගනුදෙනු 107ක් සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති බවය. ඒ කියන්නේ, සමෘද්ධි බැංකුවල වංචා දූෂණ ගැන පියවර ගැනීමේ සංස්කෘතියක් නැත..එලෙස පියවර නොගත් සිදුවීම් අතර සමෘද්ධිලාභීන්ට බලපෑම් කොට කොඩි අලෙවි කිරීම් ආදියෙන් මුදල් එකතු කිරීම්, අරමුදල් අවභාවිත කිරීම්, ප්‍රතිලාභීන්ට ණය දෙන බවට ව්‍යාජ ලේඛන සකස් කොට මුදල් වංචා කිරීම් ආදි මුදල් අක්‍රමිකතා සහ අපරාධ ඇත..සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල මුදල් විවිධ දේශපාලන කටයුතු සඳහා එම ගිණුම්වල මුදල් යොදාගැනීම සඳහා මීට පෙරද චෝදනා එල්ල වී තිබුණි. 2018 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවකින් පෙන්වාදී ඇත්තේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල ගිණුම් හිමියන්ගේ ලැබීම්, ගෙවීම්, පොලී ලැබීම් සටහන් නොකර ශේෂය පමණක් සටහන් කිරීම, එය මාස කිහිපයකට වතාවක් සිදුකිරීම, බැංකු පොත්වල අක්‍රමවත් ආකාරයට ගිණුම් ශේෂය සටහන් කිරීම ඇතුළු ගැටලු තිබී ඇති බවයි..මේ අක්‍රමිකවත් බව ගැන ප්‍රශ්න කිරීමට තරම් දැනුමක් හෝ අවබෝධයක් සමෘද්ධිලාභීන්ට නැත. ඒ අනුව සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල විනිවිදභාවය ඉතා දුර්වලය. එම විගණකාධිපති වාර්තාවේම බැංකු පොත් නිකුත් නොකිරීම ඇතුළු හේතු නිසා තමන්ගේම බැංකු ගිණුමේ ඇති මුදල් ලබාගැනීමට සමෘද්ධි ප්‍රතිලාභීන්ට නොහැකි වූ බව වාර්තා කර තිබුණි. ඔවුන් කළ නියැදි පරීක්ෂාවලදී ගිණුම් විශාල සංඛ්‍යාවක එවැනි වැරදි තිබී ඇත..විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත්තේ ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති පද්ධතිය තුළ 2014ට පෙර ‘අනාවරණය කරගත්’ මූල්‍ය වංචාවල වටිනාකම පමණක් රුපියල් මිලියන 12කි. ඒ අනුව අනාවරණය නොවූ වංචා කොපමණ විය හැකිද?.ඊට අමතරව සමෘද්ධි සංවර්ධන භාර අරමුදලේ මුදල්ද එම අරමුදලේ අරමුණුවලට පිටින් යෙදවීමේ සිදුවීම් වාර්තා වී ඇත. යහපාලන ආණ්ඩුව පැවති 2017 වර්ෂයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 107ක් වටිනා එවැනි ගනුදෙනු නිරීක්ෂණය කර තිබුණි..විගණකාධිපති වාර්තාවේ නිගමනවල ඇත්තේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් කාර්යක්ෂමව කටයුතු නොකිරීමත්, සමෘද්ධිලාභීන් වෙනුවෙන් ගොඩනඟා ඇති අරමුදල් ප්‍රතිලාභීන්ව නගාසිටුවීමට පිටින් වෙනත් අරමුණුවලට යොදවා ඇති බවත්ය. සරලව අපට පෙනෙන්නේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු හොරගුහා බවට පත්ව තිබුණත්, ඒවා ගැන නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය..සමෘද්ධි බැංකුවලින් මුදල් ඇදීමත්, නැවත සමෘද්ධි බැංකු හරහා මුදල් ගෙවීමත් කරන්නේ එවැනි පසුබිමකය. පරණ සිදුවීම් ගැන සලකා බලන විට මේවා ගැනත් පරීක්ෂණ සිදු නොවනු ඇති බව පැහැදිලිය..අප්‍රේල් මාසේ 5000 ගෙවන්න කෝටි 4815ක් වැය වුණාද?.අප අප්‍රේල් 17 අනිද්දා පුවත්පතේ මුල් පුවතින් හෙළිදරව් කළ පරිදි රුපියල් පන්දහසේ සහනාධාර ලබාදීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල ඇති සමෘද්ධි ප්‍රජාමූල බැංකු, ස්ථාවර තැන්පතු ආදියෙන් මුදල් ලබාගෙන ඇත්තේ සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ තනතුරු නාමයෙන් ඇති සෙත්සිරිපාය ලංකා බැංකු ශාඛාවේ ගිණුමකටය. ගිණුම් අංකය 7041562 වේ. කෙසේ වෙතත් එම මුල් පුවතෙහි බැංකු ගිණුමේ මුදල් ගනුදෙනු සිදුවී ඇති ආකාරය විස්තරාත්මකව සඳහන් කර තිබුණේ නැත..ගනුදෙනු සංඛ්‍යාව විශාල නිසා විස්තරාත්මකව කරුණු සඳහන් කළ නොහැකි වුණත්, උදාහරණ ලෙස ගනුදෙනු කිහිපයක් සඳහන් කිරීම වටී. අප්‍රේල් මාසය ආරම්භ වන විට එම ගිණුමේ තිබී ඇති ආරම්භක ශේෂය රුපියල් 3000ක් පමණි. අප්‍රේල් මාසය අවසානයේදී ගිණුමේ රුපියල් මිලියන 16.71ක් තිබී ඇත..එහෙත් ඒ අතර මැද්දේ කෝටි ගණන් මුදල් එහේ මෙහේ ගමන් කර ඇත. ඒ මාසය ඇතුළත රුපියල් මිලියන 48,174ක් හෙවත් රුපියල් කෝටි 4817ක් ගිණුමට ලැබී ඇත. මාසය ඇතුළත රුපියල් මිලියන 48,157ක් හෙවත් කෝටි 4815ක් ඉවත් කරගෙන ඇත..මුදල් ලැබී ඇත්තේ එක් තැනකින් නොවේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල සමෘද්ධි බැංකු සිය ගණනකින්ය. ඒ මුදල් ඉවත් කර ඇත්තේද එක් තැනකට නොවේ. ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කවල ඇති විවිධ ගිණුම්වලට කොටස් වශයෙන් මුදල් යවා ඇත. ඒ මුදල් යවා ඇත්තේ ආධාර බෙදන්නට බව පැහැදිළිය..රුපියල් 3000ක් තිබුණු ගිණුමකට ලංකාවේ හතරවටෙන් අප්‍රේල් මාසය ඇතුළත මුදල් ලැබීමත්, ඒ මුදල් සියල්ලම පාහේ ඉවත් කරගැනීමත් නිසා කෙනෙකුට ඒ ගැන සැකයක් ඇතොත් තහවුරු කරගත හැකිය. ඊටත් අමතරව මුදල් එවා ඇත්තේ 5000 සහනාධාරය වෙනුවෙන් නොවේදැයි ඇති සැකය තහවුරු කරගත හැකි වන්නේ ඇතැම් අවස්ථාවල සමෘද්ධි බැංකු කළමණාකරුවන් මුදල් එවීමේදී සටහනක් ලෙස ‘කොවිඞ්-19 5000’ යනුවෙන් හෝ ‘කොවිඞ්-19 ආධාර’ යනුවෙන් ඉංග්‍රීසි බසින් යොදා තිබීම නිසාය..මෙලෙස සිදුව ඇති ගනුදෙනු සංඛ්‍යාව සිය ගණනක් වුණත්, ඉන් ගනුදෙනු කිහිපයක් උදාහරණ ලෙස දැක්විය හැකිය..මාසයේ මුල් දින කිහිපයෙහි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇත. උදාහරණයක් ලෙස අප්‍රේල් 08 වැනිදා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ගිණුමකින් රුපියල් මිලියන 2,940ක් ගිණුමට තැන්පත් කර ඇත. එදිනම අනුරාධපුරට රුපියයල් මිලියන 1,579ක් යවා ඇත. අප්‍රේල් 09 වැනිදාත් අනුරාධපුරට මිලියන 583ක් යවා ඇත. අප්‍රේල් 20 වැනිදා අනුරාධපුරට මිලියන 4,414ක් යවා ඇත..අප්‍රේල් 20 වැනිදා ගම්පහට මිලියන 202ක් යවා ඇත. අප්‍රේල් 24 වැනිදා කෑගල්ලට මිලියන 340ක් යවා ඇත. මෙලෙස රටේ දිස්ත්‍රික්ක ගණනාවකට මුදල් යවා ඇත. අප්‍රේල් 30 වැනිදා රුපියල් මිලියන 217ක් ලබාගත් අවස්ථාවේ සටහනක් ලෙස ‘Covid-19 5000’ යනුවෙන් යොදා ඇත..ඊට අමතරව සමෘද්ධිලාභීන් වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් තිබූ ස්ථාවර තැන්පතු වසා දමා ඒවායේ මුදල්ද ලබාගෙන තිබේ. අප්‍රේල් 24 වැනිදා 85184577 අංකය දරණ ස්ථාවර තැන්පතුව වසා රුපියල් මිලියන 1,627ක් ලබාගෙන තිබේ. එදිනම අංක 8192315 දරණ ස්ථාවර තැන්පතුව වසා රුපියල් මිලියන 650ක් ලබාගෙන ඇත..රටේ විවිධ ප්‍රදේශවල සමෘද්ධි බැංකු වලින් මුදල් එවා ඇත්තේ ඇතැම්විට ලක්ෂයක් හෝ දෙකක්ය. තවත් විටෙක ලක්ෂයකට පවා අඩුය. බැංකු අතොළොස්සක් මිලියනයට වැඩි මුදල් එවා ඇත. ලංකාවේ සමෘද්ධි බැංකු තමන්ට ඇති හැටියට, මේ දේශපාලන මුදල් බෙදීමට දායක වී ඇති සේය..කටියාව සමෘද්ධි බැංකුවෙන් අප්‍රේල් 24 වැනිදා මිලියන 1.6ක් තැන්පත් කර ඇත. බුලත්කොහුපිටියේ සමෘද්ධි බැංකුවේ මැනේජර්වරයා අප්‍රේල් 24 වැනිදා රුපියල් ලක්ෂ 6ක් තැන්පත් කරද්දී ‘කොවිඩ් 19 5000’ යනුවෙන් සටහනක් යොදා තිබේ. දෙහිඅත්තකණ්ඩියේ සමෘද්ධි බැංකුවෙන් රුපියල් මිලියන 1.1කි..අප මුලින් කී පරිදි මාසය පුරා වරින් වර රුපියල් කෝටි 4815ක් ඉවත් කර ඇත. කෙසේ වෙතත් එම සම්පූර්ණ මුදල රුපියල් 5000 සහනාධාරය ලබාදීමට පමණක් වැයවුණාදැයි නොදනිමු. මුලින් පවුල් ලක්ෂ 78ක් සඳහා ආධාර ලබාදුන් බව කියා තිබුණි. රටේම සිටින මුළු පවුල් සංඛ්‍යාවට වඩා ඒ සංඛ්‍යාව වැඩිය. එහෙත් පුද්ගලයන් ලක්ෂ 78කට මුදල් දුන්නායැයි සිතමු. රුපියල් 5000 ගාණේ එතරම් පිරිසකට මුදල් බෙදන්නට කෝටි 3900ක් වැය වේ. ඒ අනුව තවත් කෝටි 1000කට ආසන්න මුදලක් මෙම ගිණුම හරහා කොහේ ගියාදැයි තවදුරටත් විමසිය යුතුව තිබේ..Tags.සමෘද්ධි බැංකුවලින් මුදල් ඇද නැවත මුදල් දැමීමේ සෙල්ලම.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපෙර-පාසල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ- ප්‍රියන්ත ෆොන්සේකා.Next articleඅපි දේශද්‍රෝහී නම් නීතියෙන් දඬුවම් කරන්න – නීතිඥ අචලා සෙනෙවිරත්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තෝර් නිසා නැගෙන කොවිඩ් ප්‍රශ්න මිනිසාගෙන් සතුන්ටත් කොවිඩ් යනවාද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තෝර් නිසා නැගෙන කොවිඩ් ප්‍රශ්න මිනිසාගෙන් සතුන්ටත් කොවිඩ් යනවාද?.By සංස්කාරක.June 28, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි සිංහයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් එම සත්වයාට වෛරසය වැළඳී ඇත්තේ සත්ත්වෝද්‍යානයේ ආසාදිත සේවකයෙකුගෙන් බවත් තහවුරු වී තිබේ..■ පවිත්‍රා රූපසිංහ.දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වාසය කරන වයස අවුරුදු 11ක් පමණ වන ‘තෝර්’ නම් සිංහයා ශ්වසන අපහසුතා සහ ආහාර නොගැනීමේ තත්වයක් පෙන්නුම් කිරීමෙන් අනතුරුව කළ පීසීආර් පරීක්ෂණයට පසුව එම සිංහයා කොවිඩ් වෛරසයෙන් පෙළෙන බව ජූනි 18 වනදා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබුණි. පසුව ආන්දෝලනයට තුඩු දුන් කරුණ වන්නේ, තෝර්ට කොවිඩ් වෛරසය ආසාදනය වූවේ කෙසේද යන්නයි. ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණ ප්‍රතිඵල අනුව සත්වෝද්‍යානයේ සේවය කළ කොවිඩ් ආසාදිත සේවකයෙකුගෙන් මෙම සිංහයා කොවිඩ් වෛරසය ආසාදිතයකු බවට පත්වූ බව සනාථ වීයැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ. සතරසිංහ තහවුරු කරයි..ආචාර්ය සතරසිංහ මෙසේ කියයි. ‘කොවිඩ් වසංගතය ලෝකය පුරා වාර්තා වීමත් සමඟ ලෝකයේ සමහර රටවල ජීවත්වන සත්වයන්ට කොවිඩ් වෛරසය ආසාදනය වුණු බවට යම් යම් සිද්ධීන් වාර්තා වී තිබුණු බවයි..විශේෂයෙන්ම බිලාල කුලයේ සිංහයන් සහ කොටියන් යන සතුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. මෙය මුලින්ම විද්‍යාත්මකව වාර්තා වූවේ 2020 අප්‍රේල් මාසයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිංහයින් තුන්දෙනකුට සහ ව්‍යාඝ්‍රයන් හතර දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමඟයි. පසුව ස්පාඤ්ඤයේ, ඉන්දියාවේ සහ හොංකොං වැනි රටවලත් සතුන්ට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට වාර්තා වුණා. දැනට සතුන්ට කොවිඩ් වැළඳීම ගැන විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් කර ඇත්තේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේයි..සත්ත්වෝද්‍යානයේ සේවකයන්ට වැළඳී තිබුණු කොවිඩ් 19 වෛරසය සහ එහි විසූ සත්වයන්ට වැළඳී තිබුණු කොවිඩ් 19 වෛරසය සන්සන්දනය කර තිබෙනවා. ඒ අනුව සත්වෝද්‍යාන සේවකයන්ගෙන් එම සතුන්ට වෛරසය බෝ වී ඇති බව විද්‍යාත්මකව ඔවුන් හඳුනාගෙන තිබුණා. නමුත් මේ දක්වා සතුන් අතර වෛරසය බෝ වන බවට හෝ සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය බෝවන සම්භාවිතාව පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි හෙළිවී නැහැ.’.චීනයේ වූහාන් නගරයේ වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට කොවිඩ් වෛරසය ආසාදනය වුණු බවට කොවිඩ් ව්‍යාප්තියේ මුල් කාලයේ පැතිර තිබුණු ප්‍රවෘත්තිය පිළිබඳ විමසීමේදී ආචාර්ය සතරසිංහ පැවසුවේ එවැනි රාවයක් ලෝකය පුරා පැතිර ගියද එය කිසිදු අවස්ථාවක විද්‍යාත්මකව සනාථ වී නැති බවයි..මේ අතර වානර පන්තියේ සතුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් එය මාරාන්තිය විය හැකි බවත් එම කාණ්ඩයේ සතුන් සිටින්නේ අධි අවදානමක බවත් විද්‍යාත්මක වශයෙන් ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති බවද ආචාර්යවරයා පවසයි. මේ අනුව සලකා බලද්දීත් සිංහයින් සහ කොටියන් වැනි බිලාල කාණ්ඩයේ සතුන් සිටින්නේ මධ්‍යම අවදානමක බව සනාථ වෙයි. මේ අනුව දැනට වැඩි වශයෙන් ලෝකයේ කොවිඩ් අවදානමට ලක්ව ඇති බිලාල කුලයේ සතුන් සහ පෙරස් කුලයේ සතුන් වන මුගටියන් වැනි සතුන් ගැන වැඩි අවධානයක් යොමුව ඇති බවද ආචාර්යවරයා පසවයි. ඒ අනුව සෑම වර්ගයකම සත්වයෙකුට කොවිඩ් 19 ආසාදනය වීමේ සම්භාවිතාව නැති බව අවධාරණය කරන ආචාර්යවරයා, අධි අවදානම සහිත සත්ව විශේෂ කිහිපයක් පමණක් මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දී ඇති බව කියයි..ඉදිරියේදී කොවිඩ් ආසාදිත පුද්ගලයන් සහ නිරෝධායන මධ්‍යස්ථාන ඇසුරේ සිටින සතුන්ට ඇති අවදානම ගැන අවධානය යොමු කර ඇති බවත් ආචාර්ය සතරසිංහ පවසයි. ‘ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය සතුන්ගේ පීසීආර් පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී නැහැ. එහෙත් ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉහළ උපරිම මට්ටමක කොවිඩ් ව්‍යාප්තියක් තිබෙනවා. එනිසා පරිසරයේ වුවත් වෛරසය තිබිය හැකියි. කොවිඩ් වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් ලංකාව මෙසේ උපරිම අවස්ථාවකට පැමිණ තිබීම හේතුවෙන් අද තත්ත්වය තුළ කොවිඩ් ආසානය වීමේ අධි අවදානමක් ඇති සතුන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එම අවදානමෙන් ඔවුන් ඉවත් කර තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි.’.ආචාර්ය සතරසිංහ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් සම්බන්ධව පැතිර යමින් තිබෙන පුවත් පිළිබඳ මෙවන් විද්‍යාත්මක අදහසක් ප්‍රකාශ කර සිටියේය..‘ලංකාවේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වන්නේ තෝර් සිංහයාට පමණයි. ඒ තත්ත්වය තුළ ඉදිරියේදී අනෙකුත් සත්වයන්ටත් කොවිඩ් වැළදීමේ අවදානමක් ඇති බව පෙනෙනවා. විශේෂයෙන්ම බිලාල කුලයේ සතුන් සමඟ කොවිඩ් ආසාදිත පුද්ගලයන් සමීපව ඇසුරු කරනවා. කොවිඩ් ආසාදිත පුද්ගලයන්ට එම කුලයේ සතුන් ආශ්‍රය කිරීමෙන් වැළකී සිටි යුතු බව දැන් අප අවධාරණය කර සිටිනවා. තෝර් සිංහයාට කොවිඩ් ආසාදනය වුණු බවට තහවුරු වීමට පෙර සතුන් කීපදෙනෙකු මරණයට පත්වුණු බවක් වාර්තා වී තිබෙනවා. සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු සිංහයා කොවිඩ් ආසාදිත බව හඳුනාගන්නට පෙර මරණයට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා. එහෙත් ඔවුන්ගේ පීසීආර් සාම්පල පරීක්ෂාවට ලක්ව නැහැ. එහෙයින් කලින් මරණයට පත්වුණායි වාර්තා වන සතුන් පිළිබඳව විද්‍යාත්මකව යමක් ප්‍රකාශ කළ නොහැකියි.’.‘මිනිසුන්ගේ පීසීආර් පරීක්ෂණ කරන පරීක්ෂා කට්ටල භාවිත කරමින් සතුන්ගේ කොවිඩ් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ නොහැකියි. එයද පීසීආර් පරීක්ෂණයක් වුවත් ඒ සඳහා පශු වෛද්‍යවරුන්ට විශේෂ උපකරණ කට්ටලයක් සහ ක්‍රමවේදයක් තිබෙනවා..විදෙස් රටවල සිට සුරතල් සතුන් ලංකාවට ගෙනෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ කටුනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක වන සත්ව නිරෝධායන අංශය, එලෙස මෙරටට ගෙනෙන සතුන්ගේ සාම්පල පරීක්ෂණයට බඳුන් කරනවා. ඒවා පරීක්ෂා කර සත්වයන් ආසාදිත නොවන බවට තහවුරු වීමෙන් අනතුරුව පමණක් රට තුළට නිදහස් කෙරුණා. ඊට අමතරව එම දෙපාර්තමේන්තුවෙන්ම කැළෑවේ ජීවත් වුවත් මිනිසුන් සමඟ ගැටෙන සතුන් වන රිලව්, මුගටි යන සතුන් ගැන අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කෙරෙනවා’ ආචාර්ය සතරසිංහ අවධාරණය කරයි.■..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅධ්‍යාපන අරමුදල් පිළිබඳ මිථ්‍යා.Next articleබූදල් 110ක්, භාර 1112ක්, විදේශ වන්දි 239ක්, විහාර වන්දි 491ක් හා අන්තිම කැමති පත්‍ර 386ක් මහා භාරකාර යටතේ තිබේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සිහින බල්ලා සොයාගැනීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සිහින බල්ලා සොයාගැනීම.By රේඛා නිලුක්ෂි හේරත්.March 8, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.ඇතැම් අය බල්ලන් පාවිච්චි කරන්නේ තමන්ගේ බලය පෙන්වන්නට. ඒ වෙනුවෙන් මිල අධිකම වංශයකට උරුමකම් කියන බල්ලකු මිලට ගන්නට ඔවුන් පෙළඹෙනවා. තවත් අය බල්ලන් ඇති කරන්නේ සැබෑ ආදරයෙන්. තමන්ගේ ආදරය දිනාගන්නට සමත් බල්ලන් වංශය ඔවුන් සොයා යනවා..බලූ වංශයක් කියන්නේ සම්පූර්ණයෙන්ම කෘත‍්‍රිම නිෂ්පාදනයක්. විවිධ ලක්ෂණ ඇති බල්ලන් වෙන් කරමින්, ඔවුන් මිශ‍්‍ර කරමින්, පරම්පරාවෙන් පරම්පරාවට ඒ බල්ලන්ගේ ඞී.එන්.ඒ. රැුගෙන යමින් බලූ වංශ නිර්මාණය කර ඇත්තේ මිනිසුන්මයි. වෘකයාගේ සිට නූතනම බලූ වංශ දක්වා පරිණාමනය සිදුව ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙස. ඇතැම් බලූ වංශ බැලූ බැල්මටම විකෘතියි. සොබාදහම එවැනි බලූ වංශයක් කොහොමත් නිෂ්පාදනය කරන්නේ නැහැ..කෙසේ වෙතත් තමන් කැමති වංශයට අයත් බල්ලෙකු ගෙදර ඇති කරන්නට සිහින දකින බොහෝ අය ඉන්නවා. ඇතැම් තරුණ යුවළක් තමන් කැමති බලූ වංශය ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙනවාදැයි සිතමින් තැවෙනවා විය හැකියි. බල්ලා ඇතිදැඩි කිරීමට අවශ්‍ය දැනුම ලබාගන්නේ කෙලෙසදැයි සිතමින් තැවෙනවා විය හැකියි..‘අපට ඕනෑ ‘හස්කි’ බල්ලෙක්. ඒත් කොළඹ හස්කි බල්ලන් හදන්න බැහැ. උන්ට සීතල පරිසරයක් ඕනෑ.’ ලියුම්කාරියගේ මිතුරන් වන තරුණ යුවළක් එසේ කියමින් තැවෙනවා..ලෝකය පුරාවට බල්ලන් ඇති කිරීමේ පුරුදු කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඇතැම් බල්ලන් වර්ග වේගයෙන් වර්ධනය වෙනවා. තවත් වර්ග වේගයෙන් අඩු වෙනවා. ලංකාවේ බල්ලන් ඇති කිරීමේ පුරුදු වෙනස් ආකාරය නිල දත්ත මත කියන්නට බැහැ..එක් කාරණයක් අපට පොදු දැනුම මත කියන්නට පුළුවන්. වසර ගණනාවකට පෙර බල්ලන් සැලකුවේ නිවෙස්වල සිටින තිරිසන් සතුන් වර්ගයක් ලෙස. කූඩුවක් තනා, දම්වැලකින් බැඳ බල්ලන් හැදුවා. බල්ලාට ‘සතෙක්’ ලෙස සැලකුවා. එහෙත් දැන් බල්ලන් පවුලේ සාමාජිකයන් ලෙස සලකනවා. මනුෂ්‍යයන්ට වඩා පහත් කොට කතාකරන වචන පාවිච්චි කරන්නේත් නැහැ. ‘දරුවෙක්’ ලෙස සුරතල් බල්ලෙකුට පිළිගැනීම ලැබෙනවා. නිවසින් පිට කූඩුවක වෙනුවට බල්ලෙක් ජීවත් වෙන්නේ නිවස තුළ..විවිධ වංශවලට අයත් බල්ලන්ට ලංකාවේ බලූ පේ‍්‍රමීන් වෙනස් වූ හැටි කතාකරන්න වටිනවා. අප ඒ සඳහා උත්සාහයක් ගත්තා..අප මූලික වශයෙන් මේ සටහනට පාදක කරගත්තේ වසර ගණනාවක් තිස්සේ බල්ලන් ඇතුළු සුරතල් සතුන්ට ප‍්‍රතිකාර කරන පශු වෛද්‍ය සෙනරත් කරුණානායක දැක්වූ අදහස්. වෛද්‍ය කරුණානායකට වසර ගණනාවක් තිස්සේ බල්ලන් ඇති කිරීමේ පුරුදු ගැන අත්දැකීම් තිබෙනවා. ඊට අමතරව බල්ලන් අලෙවි කරන ආයතනවල බල්ලන් අලෙවි කිරීම පිළිබඳ දැන්වීම්, බල්ලන් ක්‍රොස් කිරීම හෙවත් මුහුන් කිරීම සඳහා පළකරන දැන්වීම්, බල්ලන් අලෙවි කරන අයගේ අත්දැකීම් අප මෙයට පාදක කරගත්තා..පළමුවෙන්ම අවබෝධ කරගන්නට ඕනෑ වසර ගණනාවකට පෙර බල්ලන් ඇති කිරීමට වඩා අද බල්ලන් ඇති කිරීමේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව. අනෙක් අතට ඉන්දියාව වැනි රටවල්වල ප‍්‍රාදේශීය බල්ලන්ගේ වංශ ඇතත්, ලංකාවේ එවැනි ප‍්‍රාදේශීය බලූ වංශ නැති බව. ඒ වෙනුවට ලංකාවේ ඉන්නේ විදේශ රටවල නිර්මාණය කරන ලද බලූ වංශ..වසර ගණනාවකට පෙර ගෙවල්වල බොහෝ සිට ඇත්තේ පොමනේරියන් හා ජර්මන් ෂෙපර්ඞ් යන වර්ගවලට අයත් බල්ලන්. ඉහළ ධනවතුන් ජර්මන් ෂෙපර්ඞ් හෙවත් ඇල්සේෂන් බල්ලන් ඇති කළා. බොහෝ අය දැන සිටි හොඳම බල්ලන් වර්ගය ඇල්සේෂන් බල්ලා. එහෙත් කාලය ගෙවී යන විට බලූ රසිකයන් වෙනත් බල්ලන් වර්ගවලට වැඩි කැමැත්තක් දැක්වුවා..ජර්මන් ෂෙපර්ඞ්ලා අතිශය බුද්ධිමත් බලූ වර්ගයක්. ඒ නිසාම පුහුණු කිරීම පහසුයි. වේගවත්, ශක්තිමත් බලූ වර්ගයක් නිසා ඔවුන් ලෙහෙසියෙන් පුහුණු කොට ආරක්ෂක අංශ ආදියෙහි කටයුතු සඳහා යොදාගන්න පුළුවන්. අදටත් මේ බුද්ධිමත් බලූ වර්ගයට ආදරය කරන රසිකයන් ඕනෑ තරම්. රුපියල් 25,000කට වැඩි මිලකට ජර්මන් ෂෙපර්ඞ් බල්ලෙකු මිලදී ගත හැකියි..තමන් ළඟ සිටින බල්ලා නිතර දකින්නට නොලැබෙන බලූ වංශයක් නම්, හිමිකරුවන් එයට කැමතියි. ඒ නිසා ජනප‍්‍රිය බල්ලන් වර්ගය වෙනුවට වෙනත් වර්ගයක් නැගී ඒම දකින්නට පුළුවන් තත්වයක්. ඒ ඒ බලූ වංශයට ආවේණික ලක්ෂණත් වෙනස් වෙනවා. එහෙත් අලූත් බලූ වර්ගයට අදාළ දැනුම ලබාගැනීම අද අමාරු නැහැ. අන්තර්ජාලයෙන් ඕනෑ දෙයක් දැනගත හැකියි. වෛද්‍ය කරුණානායක කියන්නේ ඇතැම් බලූ හිමිකරුවන් තමන්ට පවා බල්ලන් ගැන අලූත් කරුණු උගන්වන බව..බල්ලන් වර්ගයක් මොන තරම් මිනිසුන්ට කීකරුද, ඒ බලූ වර්ගයේ සෞඛ්‍ය තත්වය කෙලෙසද, කෙබඳු දේශගුණයකට ඔරොත්තු දෙනවාද, සාමාන්‍යයෙන් කෙතරම් කාලයක් ජීවත් වෙනවාද, දරුවන් සමග ගනුදෙනුව කෙබඳුද වැනි කාරණා රැුසක් ගැන සොයාබැලීම වැදගත්. නව ලෝකයේ සැලකිල්ලට ගත යුතු තවත් කාරණාවක් වන්නේ කුඩා ඉඩක ජීවත්වෙන්නට බල්ලාට හැකිද යන්න..ජර්මන් ෂෙපර්ඞ් බල්ලන් වැඩි වන විට තවත් පිරිසක් රොට්වයලර් බල්ලන් වෙත යොමු වුණා. එහෙත් ඇතැම් අය අදටත් ජර්මන් ෂෙපර්ඞ් බල්ලන්ගේ ඉහළ ගතිගුණවලට කැමැත්තක් දක්වනවා. රොට්වයලර් බල්ලන්ගේ ආයු අපේක්ෂාව වසර 9ක් පමණ. ඔවුන් ශක්තිමත් බලූ වර්ගයක්. එමෙන්ම ස්වාමියාට කීකරුයි. අනවශ්‍ය ලෙස හිංසාකාරී නැහැ. අද රොට්වයලර් බල්ලෙක් රුපියල් 50,000ක පමණ මිලකට සොයාගත හැකියි..වසර ගණනාවක් තිස්සේ පැවති රොට්වයලර් බල්ලන්ගේ වර්ධනය ටිකෙන් ටික අඩු වන විට මෑත කාලීන බලූ රසිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ පිට්බුල් බල්ලන්ට බව වෛද්‍ය කරුණානායක පෙන්වනවා. අන්තර්ජාලයේ පවා පිට්බුල් බල්ලන් අලෙවි කිරීම හා මිශ‍්‍ර කිරීම සඳහා වැඩි වැඩියෙන් දැන්වීම් පළකරන බව දකින්න පුළුවන්..පිට්බුල් බල්ලා ඇමෙරිකානු නිෂ්පාදනයක්. එංගලන්තයේ බිහිකළ බුල්ඩෝග් වර්ගයට යම්කිසි සමානකමක් දක්වනවා. එහෙත් පිට්බුල් බල්ලා ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෘත‍්‍රිම පෙනුමක් ඇති බලූ වර්ගයක්. විශාල හිසක් තිබෙනවා..‘ළඟදි පිට් බුල් බල්ලන්ගේ ප‍්‍රදර්ශනයක් තිබුණා. එතැනට පිට්බුල් බල්ලන් 150ක් විතර ගෙනල්ලා තිබුණා.’ වෛද්‍ය කරුණානායක පැහැදිලි කළා..පිට්බුල් බල්ලාගේ හිස විශාලයි. බාහු අතිශය ශක්තිමත්. මේ බල්ලන් මිනිසුන්ට මරණීය තුවාල කිරීම සඳහා පුරුදු කළ හැකියි. දෙවැනි තට්ටුවක ජනේලයක් දක්වා උඩ පැනීමට හුරු කළ හැකියි. තුවක්කුවක් හඳුනාගෙන, ක්ෂණයෙන් තුවක්කුව ඇති අත සම්පූර්ණයෙන්ම ගැලවෙන තරම් සැපීමට පුරුදු කළ හැකියි. ඒ සියලූ පුහුණුව ලැබූ පසුව ස්වාමියාගේ අත දරුවා ළඟ වුව පිට්බුල් බල්ලෙකු විශ්වාසයෙන් තැබිය හැකියි. ඇමෙරිකාවේ ඉහළම ධනවතුන් තමන්ගේ දැවැන්ත වතුවල ආරක්ෂාවට පුහුණු කළ පිට්බුල් බල්ලන් පාවිච්චි කරනවා. ලංකාවේදී පිට්බුල් බල්ලෙක් රුපියල් ලක්ෂයකට පමණ මිලට ගත හැකියි..එහෙත් තවමත් පිට්බුල් බල්ලන් ලංකාවට විදෙස් රටවලින් ගෙන්වන අය ඉන්නවා. ලක්ෂ ගණනාවක් ඒ සඳහා වියදම් කරන අය ඉන්නවා..ලංකාවේ බලූ වංශ ගැන කතා කරන විට බල්ලන් ආනයනය ගැනත් අමතක කළ නොහැකියි. දැන් ඔබ කැමති ඕනෑම බලූ වර්ගයක් ආනයනය කළ හැකියි. ඒ සඳහා මිල ගෙවන්නට සූදානම් නම් අවැසි වන්නේ එපමණයි..අනෙක් අතට අප කලින් සඳහන් කළ පිට්බුල් බල්ලන්ට ආවේණික භයානක ගතිලක්ෂණ නොමැති, පිට්බුල් බල්ලන් පවා සොයාගත හැකියි..ඉහත කී හැම යුගයකම එක සේ ජනප‍්‍රියව සිටි අනෙක් බලූ වර්ගය වන්නේ ලැබ්රෝඩර්. අතිශය ක‍්‍රීඩාශීලී සහ බුද්ධිමත් බලූ වර්ගයක් ලෙස ලැබ්රෝඩර්ලා ප‍්‍රකටයි. ඔවුන් දවස පුරාම ක‍්‍රීඩා කරන්නට හැකි තරම් ජව සම්පන්න බල්ලන් වංශයක් වන නිසා බොහෝ අය ලැබ්රෝඩර් බල්ලන් සොයනවා..මීට පෙර ලංකාවේ ජනප‍්‍රියව සිටි, එහෙත් දැන් අඩු වී ඇති බල්ලන් වර්ග ලෙස ඩැල්මේෂන් හා ගේ‍්‍රට් ඬේන් බල්ලන් සැලකිය හැකියි. මේ බල්ලන් වර්ග දෙකම අතිශය දැවැන්තයි. ඩැල්මේෂන් බල්ලන් සුදු පැහැතියි. සිරුරේ කළු තිත් තියෙනවා. ලංකාවේ ඩැල්මේෂන් බල්ලන්ට මුත‍්‍රා පද්ධතියේ අසනීපයක් පවා තිබුණු බවත් ඔවුන්ගේ අඩු වීමට හේතු අතර කියනවා. වෙනත් බල්ලන් සමග ඔවුන් මිශ‍්‍ර වී ගොසින්..කොකේසියන් ෂෙපර්ඞ් බල්ලන් අඩුව ගොස් අද සොයාගන්නට නැති බලූ වර්ගයක්. සෙන් බර්නාඞ් තවත් එවැනි බලූ වර්ගයක්..ජනප‍්‍රිය වංශයකට අයත් බල්ලෙකු සොයාගැනීමේදී වාසි ගණනාවක් තිබෙනවා. සාපේක්ෂව අඩු මිලකට සොයාගත හැකි වීම, සොයාගැනීම පහසු වීම, මිශ‍්‍ර කිරීමේ පහසුව ආදි වාසි තියෙනවා. දුර්ලභ බලූ වංශයක් සොයාගැනීම මඳක් අසීරුයි. වැඩි මිලක් ගෙවන්නට සිදුවේවි. එහෙත් ඕනෑ බාධකයක් ජයගෙන තමන් කැමති බලූ වර්ගය ඇති කරන්න පුළුවන්..උදාහරණයක් ලෙස කාර්ය බහුලත්වය තමන් කැමති බල්ලා ඇති කරන්නට බාධාවක් වේදැයි ඇතැමුන් කල්පනා කරනවා. එහෙත් වෛද්‍ය කරුණානායක කියන්නේ කාර්යබහුල අයට වුව නිසි වෙලාවට නිසි පියවර ගනිමින් බල්ලෙකු ඇති කළ හැකි බව..වසර ගණනාවකට පෙර බල්ලන් ඇති කිරීම බලය පෙන්වන සාධකයක්ව තිබුණා. එහෙත් අද සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් පවා බල්ලෙක් මිලදී ගන්නට රුපියල් ලක්ෂයක් වුව වියදම් කරන්නට සූදානම් බව ඔහු අත්දැකීමෙන් කියනවා. එමෙන්ම කාර්යබහුල අය පවා බල්ලන් ඇති කරනවා..අනෙක් බිය වන්නේ තමන් කැමති බල්ලන් වර්ගය කොළඹ දේශගුණයට ගැළපේද යන්න. අප මුලින්ම කී උදාහරණය වන්නේ හස්කි බල්ලන් කොළඹ ඇතිදැඩි කළ හැකිද යන්නයි. හස්කි වැනි දිගැති ලොම්වලට හිමිකම් කියන බලූ වංශ කොළඹ ඝර්ම කලාපීය පරිසරයට නොගැළපෙන බව විශ්වාස කරනවා..‘හස්කියෙක්ව හොයාගන්න පුළුවන් නම් කොළඹ වුණත් ඇති කරන්න පුළුවන්. ලොම් දිග වෙනත් බලූ වර්ගයක් වුණත් එහෙමයි. තවම කොළඹ හස්කි රැුල්ලක් නැති නිසා හොයාගන්න ටිකක් අමාරුයි. ඒක තමයි එකම අභියෝගය. සීතල දේශගුණයට කැමති බල්ලෙකු හදන්න ක‍්‍රම ගොඩක් තියෙනවා. රස්නය වැඩි කාලයට දවල්ට ‘කූල් වතුර’ දෙන්න පුළුවන්. නිතර නාවන්න පුළුවන්. ඕනෑ නම් ඒසී දාන්න පුළුවන්. ඒසී නැතත් නිතර ෆෑන් දාන්න පුළුවන්. ගෙදර සිසිල් පරිසරයක් ඇති කරන්න පුළුවන්. රස්නය වැඩි කාලයට ලොම් අඩු කරන්න පුළුවන්.’.ඇත්තෙන්ම තමන් කැමති බලූ වංශය තමන් කැමති ප‍්‍රදේශයේ ඇතිදැඩි කරන්නේ කෙසේදැයි දැනගැනීමට උපදෙස් ඕනෑ තරම් අන්තර්ජාලයේ තියෙනවා..‘දැන් අපිට තියෙන්නේ ලෙඩක් හැදුණොත් බෙහෙත් ටික දීලා, පොඩි උපදෙස් ටිකක් දෙන්න විතරයි.’ වෛද්‍ය කරුණානායක කියනවා..මේ බොහෝ බලූ වර්ග කෘත‍්‍රිමයි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ගැන හිමිකරුවෙක් සැලකිලිමත් විය යුතුයි. දැන් ඕනෑ තරම් සුරතල් සතුන්ට සෞඛ්‍ය පහසුකම් සපයන ආයතන තිබෙනවා..එහෙත් ලංකාවේ හදන්නට බැරි බලූ වංශයක් නැහැ. වෛද්‍ය කරුණානායක කියන්නේ මුල් කාලයේ ජර්මන් ෂෙපර්ඞ් බල්ලන් පවා ලංකාවේ ඇතිදැඩි කරන්නට අසීරු වූ බව. ජර්මන් ෂෙපර්ඞ් බල්ලන්ටත් දිගැති ලොම් තිබෙනවා. එහෙත් පරම්පරාවක් දෙකක් ගත වනවිට ඒ බල්ලන් දේශගුණයට හුරු වෙනවා. මේ වන විට හස්කි, පිට්බුල් වැනි බලූ වර්ග ලංකාවට වැඩි වැඩියෙන් පැමිණෙද්දී ඒ බල්ලන් ලංකාවේ තත්වයට හුරු වේවි..ඒ නිසා තමන් සිහින දකින ඕනෑම වංශයකට අයත් බල්ලෙකු ඇතිදැඩි කිරීම අසීරු නැහැ. ඕනෑ සිහිනයක් දකින්න පුළුවන්.x.Tags.anidda.Anidda e Paper.Anidda Newspaper.dogs.පිට්බුල් බල්ලා.රොට්වයලර්.හස්කි.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅඟහරු යවන බව කියා මිනිසුන් රැවටූ මාස් වන්.Next articleරස්සා අහිමි කර අලූත් රස්සා දෙන ආණ්ඩුව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කුරාම් ෂෙයික්, භාරත ලක්‍ෂ්මන් හා මහින්දගේ ඇම්නීසියාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කුරාම් ෂෙයික්, භාරත ලක්‍ෂ්මන් හා මහින්දගේ ඇම්නීසියාව.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ඇම්නීසියාව යනු මොළයට සිදුවුණු හානියක් නිසා හෝ, රෝගයක් නිසා හෝ මනෝවිද්‍යාත්මක ක්‍ෂතියක් නිසා ඇතිවන මතකය නැතිවී යෑමේ තත්ත්වයකි. සිදුවු හානිය මත මතකය සම්පූර්ණයෙන්ම හෝ අඩ වශයෙන් හෝ නැතිවී යා හැකිය..ඇම්නීසියාව ගැන හොයන්නට සිදුවුණේ, පසු ගිය දිනවල මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්‍ෂ යන මහත්වරු රත්මලානේ, ඝාතනය වුණු රංජන් ද සිල්වා නාගරික මන්ත‍්‍රීවරයාගේ ගෙදර සිට දුන් ‘වොයිස් කට්’ ඇසූ දුටු විටය. මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී කිව්වේ, ඝාතනය වුණේ ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩකයකුගේ තාත්තා බැවින්, මේ ඝාතනය ගැන ලෝකය පුරා ආරංචි පැතිරී ලංකාව අපකීර්තියට පත්වනු ඇති බවය. ගම්මන්පිල මහතා කිව්වේ, මහජන සේවකයකු පවා ඝාතනය කරන තරමට අමේ ආණ්ඩුව යටතේ පාතාලය ශක්තිමත්වී ඇති බවය. මේ ඇම්නීසියාමය කතා ගැන කතාකරන්නට පෙර, ඝාතනය හා වින්දිතයා ගැන කතා කරමු..පසුගිය සතිඅන්ත සිංහල පුවත්පත් කියවූවකුට, ඝාතනය වී ඇති රංජන් ද සිල්වා මහතා ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇත. ඔහු පාතාලයත් සමඟ ඍජු සම්බන්ධකම් පැවැත්වූවෙකි. රත්මලාන, ගොනාකෝවිල, දෙහිවල ප‍්‍රදේශවල රජකරන පාතාල කණ්ඩායම්වලින් එකක් සමග සමීපව කටයුතු කිරීම නිසා හා සමහර විට, එක් පැත්තක සාමාජිකයන් ඝාතනය කිරීමට සැක පුද්ගලයන්ට ආරක්‍ෂාව දීම නිසා, රංජන් ද සිල්වා මහතා පාතාලයේ ඔහුට විරුද්ධ පාර්ශ්වයක වෛරයට බඳුන්වී සිටියේය. රංජන් ද සිල්වා සම්බන්ධවූ පාතාල ක‍්‍රියාකාරකම් වසර ගණනක් පුරා දිගින් දිගටම සිදුවී තිබුණි. ඔහු ඉතා හොඳ සල්ලිකාරයෙක්ද වීයැයි කියනු ලැබේ. ඒ සියල්ලටමත් වඩා, පාතාලය සමග මේ තරම් සම්බන්ධකම් පැවැත්වූවායැයි කියන රංජන් ද සිල්වා මහතා, පසුගිය පළාත් පාලන ඡුන්දයේදී පොදු ජන පෙරමුණේ සභිකයකු වශයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තේරී පත්වුණ බවද අමතක නොකළ යුතුය..මහින්ද රාජපක්‍ෂට, වීරවංශට හා ගම්මන්පිලට අමතක වී ඇති වැදගත්ම කාරණයක් නම්, රත්මලාන ප‍්‍රදේශයේ පාතාලය සමග ඍජු සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයකු තමන්ගේ පොදුජන පෙරමුණේ පළාත් පාලන සභිකයකු වීමය. එතකොට පාතාලය පෝෂණය කර ඇත්තේ කවුද?.ඝාතනය වුණේ ලෝක ප‍්‍රකට ක‍්‍රිකට් කීඩකයකුගේ පියා නිසා, ඝාතනය ප‍්‍රචාරය වී රට අපකීර්තියට ලක්වේයැයි මහින්ද රාජපක්‍ෂ මහතා මහත් බැරැරුම් ලෙස කීවේය. එසේ කියන විට ඔහුට අමතක වී ඇති අනෙක් වැදගත්ම කාරණයක් නම්, 2011 නත්තල් දා තමාගේ ගම් ප‍්‍රදේශයේදීම එංගලන්ත ජාතික කුරාම් ෂෙයික් ඝාතනය වූ අන්දමයි. ඒ එක්කම කුරාම් ෂෙයික්ගේ රුසියානු ජාතික පෙම්වතියද දුෂණය කළ අන්දමයි. ඒ සියල්ලටම වගකිව යුතු මහින්ද රාජපක්‍ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු මැරයෝ අදත් ඒ අපරාධයට හිරගෙදර හිරබත් කති. කුරාම් ෂෙයික් ඝාතනය කැරුණේ, වෙනත් දෙපිරිසක් අතර ඇතිවුණු ආරවුලක් සංසිඳවන්නට ගොසින්, තංගල්ල හෝටලයකදී, චන්ද්‍රපුෂ්ප ඇතුළු මැරයන්ගේ ප‍්‍රහාරයට ලක්වීමෙනි. සිද්ධියෙන් පසු ඔහුගේ පෙම්වතිය ඇඳුම් රහිතව බිම වැටී සිටින අන්දම දක්නට ලැබුණි. ඒ චන්ද්‍රපුෂ්ප ඇතුළු මැරයන් විසින් දුෂණය කරනු ලැබීම නිසාය. මහින්ද රාජපක්‍ෂගේ පක්‍ෂයේ ප‍්‍රාදේශීය සභාපති මැරයෝ, විදේශිකයකු අමුඅමුවේ ඝාතනය කළා පමණක් නොව, ඔහුගේ පෙම්වතියද දුෂණය කළහ..කුරාම් ෂෙයික් ඝාතනය, ලංකාව පිළිබඳ අපකීර්තිය ලෝකය පුරා ගෙනගියේය. නිරායුද සංචාරකයන් ඝාතනය කරන රටක් හැටියට පමණක් නොවේ. ඔවුන්ගේ ගැහැනුන් දුෂණය කරන රටක්ද හැටියටය. නඩු විභාගය අවසන් වන තුරු එංගලන්තයේ මෙන්ම අනෙකුත් යුරෝපීය රටවලද මාධ්‍ය හරහා කුරාම් ෂෙයික් ඝාතනය ගැන නිතිපතා විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණු අතර, නඩු විභාගය වාර්තා කිරීම සඳහා විදෙස් මාධ්‍යවේදීහු නොකඩවා පැමිණියහ. එක්සත් රාජධානියේ විදේශ සේවා නියෝජිතයකු හැමදාම නඩුව නිරීක්‍ෂණයට ආවේය..දැන් මහින්ද රාජපක්‍ෂ මහතාට අමතකවී ඇත්තේ තමා රජවූ කාලයේ සිදුවුණු ඒ අතිශය අමානුෂික, ම්ලේච්ඡු අපරාධයේ කතාවයි. එය ඇම්නීසියාවේ ලක්‍ෂණයක්ද?.මහින්ද රාජපක්‍ෂ මහතාට අමතක වුණු තවත් සිද්ධියක් නම්, භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයයි. ජනාධිපති හැටියට තමාගේම කම්කරු සබඳතා උපදේශක හැටියට සිටි පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ තුන්දෙනකු 2011 ඔක්තෝබර් 8 වැනිදා, (කුරාම් ෂෙයික් ඝාතනය වුණේ ඊට මාස දෙකකට පසුය.) මුල්ලේරියාවේදී ඝාතනය වුණේ තමන් ඇතුළු රාජපක්‍ෂ පවුලේ සුරතලකු හැටියට සැලකුණු දුමින්ද සිල්වා අතින් ම වීම, රාජපක්‍ෂ මහතාට දැන් ඇති ‘අමතක වීමේ’ රෝගයේ ලක්‍ෂණයකි. පළාත් පාලන මැතිවරණයක් පැවැති දා, මහ දවාලේ පාර මැද දුමින්ද සිල්වා ඇතුළු පිරිසගේ වෙඩිපහරට ලක්ව පේ‍්‍රමචන්ද්‍ර මහතා මියගියේය. රංචු ගැසී ඝාතනයට එක්වුණු දුමින්ද සිල්වාගේ කණ්ඩායම තුළ, පාතාල සාමාජිකයන් සිටි බව මහාධිකරණ නඩු විභාගයේදී ඔප්පු විය. අනෙක් අතට, පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කළායැයි සැකකෙරුණු දුමින්ද සිල්වාට ලැබුණු රජ සැලකිලි කෙසේ අමතක කරමුද? ජයවර්ධනපුර රෝහලට සියලූ ආරක්‍ෂාව සහිතව ඇතුළු කර, සැත්කමකට භාජනය කොට දින දෙකතුනක් තුළ සිංගප්පූරුවට යන්නට සියලූ අවස්ථා හා පහසුකම් සලසා දුන්නේ කවුදැයි මහින්ද රාජපක්‍ෂ මහතා ආපස්සට හැරී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඇසිය යුතුය. ඔහුගේ, බාල සහෝදරයා, එනම් ගෝඨාභය රාජපක්‍ෂ දුමින්ද සිල්වා තුවාල ලබා රෝහලේ සිටින විට ඔහු බලන්නට ප‍්‍රසිද්ධියේම රෝහලට ගියේය. දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීවරයාද විය. ඒ කාලයේ මේ පාතාලයන් රැුකගෙන, සහෝදරකම් පවත්වමින් ඔවුන් දැඩි කළේ පෝෂණය කළේ රාජපක්‍ෂවරුන් හැර වෙන කවුරුහරිද?.මහින්ද රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර අපකීර්තිය ගැන වොයිස් කට් දෙද්දී, කුරාම් ෂෙයික් ගැන හෝ භාරත ලක්‍ෂ්මන් ගැන අසන්නට ස්වාධීන මාධ්‍යවේදියකු ඒ තැන්වල සිටියේ නැත්තේ ඔවුන්ද සාමූහික ඇම්නීසියාවකින් පෙළන නිසාය..රාජපක්‍ෂ කී තවත් කාරණයක් නම්, පසුගිය කාලයේ රට හැර ගොස් සිටි පාතාල නායකයන් නැවත ලංකාවට පැමිණ ප‍්‍රසිද්ධියේ මිනීමරන බවය. මේ කතාව තුළ තවත් සැඟවුණු කතාවක් තිබේ. ඇත්ත, ඒ කාලයේ පාතාලයෝ කොහොම කොහොම හරි බෝට්ුවෙන් ඉන්දියාවට ගොස් ආරක්‍ෂක ස්ථාන කරා පලාගියහ. ඊට හේතුවක් තිබේ. එනම්, රාජපක්‍ෂවරුන් පාතාලය මර්දනය කළ ආකාරයයි. රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාන්‍ය රීතිය වී තිබුණේ හැකි තරම් පාතාලයන් ඝාතනය කිරීමය. පසු ගියදා පිලිපීනයේ ජනාධිපති ඩුටර්ටේ අනුගමනය කළේද රාජපක්‍ෂ පාතාල මර්දනයේ වැඩිදියුණු කරන ලද ප‍්‍රවර්ගයකි. වැදගත් වන්නේ, රාජපක්‍ෂවරුන් පාතාලය මර්දනය කළ අන්දමයි. ඒ උපක‍්‍රමය අනුව, අත්අඩංගුවට ගන්නා සෑම බරපතළ අපරාධකරුවෙක්ම, පාතාල සාමාජිකයෙක්ම, නඩු නොඅසා, උසාවියට ඉදිරිපත් නොකර, තමන්ගේ, ඒ කියන්නේ ආණ්ඩුවේ හිතුමනාපේ ඝාතනය කරන ලද්දාහ..මේ පාතාලයන් ඝාතනය කළේ, එක්කෝ පොලිස් ජීප් රථය තුළ මාංචු දමා සිටියදී, ඒ මාංචුවලින් පොලිස් නිලධාරියකුගේ ගෙල සිර කිරීමට ගියායැයි බොරුවක් හදමිනි. නැතිනම් ජීප් රියෙන් පැන පලායන්නට තැත්කළ බවට බොරුවක් ගොතමිනි. නැතිනම්, ‘ආයුධ පෙන්වන්නට ගොස්, සඟවා තිබුණු ආයුධයක් ගෙන පොලිසියට වෙඩි තබන්නට ගිය විටදී’ය. නැතිනම් ‘බෝම්බයකින් පොලිසියට දමා ගසන්නට හැ¥ විට’ය. මේ හැම ඝාතනයක්ම, පොලිසිය විසින් ‘ආත්මාරක්‍ෂාවේ අයිතිය’ පාවිච්චි කිරීමට ගොස් සිදුවුණු යුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයක් බව හැම මහේස්ත‍්‍රාත්වරයෙක්ම නිගමනය කළෝය. ඒ හැම අධිකරණ නිලධාරියෙක්ම පොලිසියේත්, ආණ්ඩුවේත් පාතාල ඝාතන චේතනාව දැනගෙන සිට ඊට ගැළපෙන තීන්දු ප‍්‍රකාශයට පත්කළෝය. එහෙත්, මේවා පැහැදිලිවම පොලිස් මිනීමැරුම් විය. පාතාලය මර්දනය කිරීමේ එවකට ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුව ක‍්‍රියාවට නංවන ලද නීති විරෝධී මනුෂ්‍ය ඝාතන විය. රට අපකීර්තියට පත්වීම ගැන තොලේ කටේ නොගෑවී අද කතාකරන මහින්ද රාජපක්‍ෂ මහතාට, මෙවැනි නීතිවිරෝධී ඝාතන ගැන එදා එක්සත් ජාතීන්ගේ සාකච්ඡුා මණ්ඩපවල, සමුළුවල කතාකළ අන්දමත්, ඒවායේ ප‍්‍රතිඵල හැටියට ලංකාව ම්ලේච්ඡයන්ගේ දේශයක් හැටියට හා අත්අඩංගුවේ සිටින තමන්ගේ පුරවැසියන්ට ආරක්‍ෂාව දෙන්නට බැරි රටක් හැටියට ලෝකය පුරා අවමානයට පත්වූ අන්දමත් අමතකවී ඇතිවා විය යුතුය..මේ තිරිසන් ඝාතන වැල නැවතුණේ 2015 ජනවාරි 8 වෙනසට පසුය. එදා සිට අද දක්වා, එවැනි පොලිස් මිනීමැරුම් සිදුනොවීමෙන් පැහැදිලිව පෙනෙන්නේ, ආණ්ඩු මාරුව තුළ පොලිසියේ ක‍්‍රියාකාරිත්වයද වෙනස්වුණු බවයි. එකම පොලිසියක්, ආණ්ඩු දෙකක් තුළදී කටයුතු කරන්නේ දෙවිදියකටය. පොලිසියද ආණ්ඩුවට ඕනෑ දේ ඉටුකර දීමට හොඳින් දනියි. නඩු නැතිවම පාතාලයන් දුටු දුටු තැන ඝාතනය වනු දුටු ජනසමාජයද, හොඳවැඬේ කියමින් මේ නීතිවිරෝධී ඝාතන ඉවසූහ..මහින්ද රාජපක්‍ෂටත්, විමල් වීරවංශටත්, උදය ගම්මන්පිලටත්, නාමල් රාජපක්‍ෂටත් අමතකවී ඇත්තේ, තමන් විසින්ම පෝෂණය කර ගොඩනංවන ලද ඒ භයානක අතීතයයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleයහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (6).Next articleවාර්ෂික ගංවතුර, සිරිසේන, ජයන්ති හා දරුවෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි.By රේඛා නිලුක්ෂි හේරත්.May 16, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි..මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට විශාල පිරිසක් එක්ව සිටියදී, තමන් කලින් ‘වීරයෙකුව සිටි’ බව සිහි කරන්නට ඔහුට සිදුවී ඇත..වෛද්‍ය සාෆිට එරෙහිව එල්ලවූ, අදටත් ඔප්පු වී නැති ව්‍යාජ චෝදනා තහවුරු කරමින් රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර කටයුතු කරද්දී ඔහුට එරෙහිව එදා පරීක්ෂණයක් ක‍්‍රියාත්මක විය. එහෙත් එදා ඒ පරීක්ෂණයට එරෙහිව ලංකාවේ මාධ්‍ය ආයතන හා එදා විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් පෙනී සිටියේය..පසුව ඒ වීරත්වය ආයෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වීමටද ඔහු සූදානම් වූ බව ප‍්‍රසිද්ධ රහසකි. එහෙත් අද සරත් වීරබණ්ඩාර එළවන්නට ගන්නා උත්සාහයේදී ඒ ‘වීරයා’ වෙනුවෙන් කිසිවෙක් පෙනී ඉන්නේ නැත..සරත් වීරබණ්ඩාර වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ අතිබහුතරයකගේ සහභාගිත්වයෙන් පැවති විරෝධය මැයි 13 වැනිදාත් විසඳුමකින් තොරව අවසන් වී තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට ලබාදුන් මාරුවීම පිළිනොගෙන දිගටම රෝහල් අධ්‍යක්ෂ ධුරයේ රැුඳී සිටීමට ඔහු උත්සාහ කරමින් සිටී. රෝහල් කාර්ය ම`ඩුල්ල එයට එරෙහිය..කොවිඞ්-19 රෝගය මර්දනය කිරීම සඳහා කුරුණෑගල රෝහල ගත යුතුව තිබුණු ක‍්‍රියාමාර්ග නොගත් බවත්, අවශ්‍ය උපකරණ සපයාගැනීමට කටයුතු නොකළ බවත්, කොවිඞ්-19 රෝගීන් සඳහා වාට්ටු සකස් කිරීමේදී නොසැලකිලිමත් ආකාරයට කටයුතු කළ බවත්, රෝහල් කාර්ය මණ්ඩලයට රෝගය පැතිරීමේ අවදානමක් ඇතිවන ආකාරයට කටයුතු කළ බවත්, කොවිඞ්-19 පිළිබඳව විශේෂඥයන්ගේ උපදෙස් අනුව කටයුතු නොකළ බවත් වෛද්‍යවරයාට ඇති චෝදනාය..සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ හිටපු ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව ඔහුට මාරුවීම ලබාදුන් ලිපිය මැයි 07 වන දින යවා තිබුණි. ඔහු එය පිළිනොගන්නා බව ප‍්‍රකාශ කළේය. මැයි 12 වන දින නැවත ඔහුට මාරුවීමේ ලිපියක් යවා තිබුණි. ඒ ලිපියද පිළිනොගෙන ඔහු සේවයට වාර්තා කර ඇත..අන්තිමේ රාජකාරී කිරීමට නොහැකි වන අයුරින් රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් මැයි 13 වැනිදා ඔහුගේ කාර්යාලයට අගුළු දමා තිබුණි..මේ කතාවේ අපූරු පැත්තක් වන්නේ වෛද්‍ය සරත් වීරබණ්ඩාරට එරෙහිව සටන් කරන රෝහල් කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් මීට පෙර වෛද්‍ය සාෆි සියාබ්දීන්ට බොරු චෝදනා එල්ල කරද්දී ඔහු සමඟ එකට සිටි බවය. සාෆිගේ හැසිරීම සැකසහිත බව චෝදනා කරමින් සාක්ෂි දුන් බවය. මව්වරුන් වඳ කිරීමට වෛද්‍ය සාෆි ක‍්‍රියා කර තිබුණේ නැති බව වෙනත් සාක්ෂිවලින් පෙනීගියද, රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානාත්මකව සාෆිට එරෙහි විය..එක්තරා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු මෙලෙස සාෆිට බොරු චෝදනා කිරීම ගැන අතිශය සංවේදීව හැඩුම්බරව කතාකළ බව සීඅයිඞීයේ බී වාර්තාවකද තිබුණි..දැන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර එළවීමේ සටනෙහි සිටින ඇතැම් ප‍්‍රමුඛපෙළේ පුද්ගලයන් මාධ්‍යවේදීන් සමඟ පෞද්ගලිකව කියා තිබුණේ සාෆිගේ සටන ‘ඇදගෙන ගියේ’ වෛද්‍ය වීරබණ්ඩාර නොව තමන් බවය..2019 ජුනි 27 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර කියා තිබුණේ එස්එච්ජී පරීක්ෂණයට මුහුණ දුන් පසුව කාන්තාවන්ට අසාත්මිකතා සහ පිළිකා ආදි රෝග ඇතිවිය හැකි බවය. එහෙත් ඒ කතාව කිසිදු පදනමක් නොතිබුණු කතාවකි. අන්තිමේ එස්එච්ජී පරීක්ෂණ සිදුනොකර දීර්ඝ කාලයක් කල්දැමීම සිදුවී තිබුණි. ඒ කතාවෙන් මව්වරුන් බියගන්වා තිබුණි. මේ සියල්ල කරද්දී රෝහල් කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුට එරෙහි වුණේ නැත. ඇතැම්විට ඔහුව දිරිමත් කළා විය හැකිය..ඇත්තටම වීරබණ්ඩාර මහතා කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවාට වඩා කළේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් තහවුරු නොවූ කරුණු කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. ඊට අමතරව තමන්ගේ බලතල අවභාවිත කරමින් ඔහු කුරුණෑගල රෝහල තුළ දේශපාලන කටයුතු කළේය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසුව කුරුණෑගල රෝහලේ කිරිබත් කා සතුට සැමරීමක්ද ඔහු කර තිබුණි. කාර්ය මණ්ඩලයට එයටද දායක විය..පසුව පාර්ලිමේන්තු මැතිවරණයට තමන්ට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබා දෙන්න යැයි ඉල්ලමින් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගියේය. රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඒ මොහොතේද විරෝධයක් එල්ලවුණේ නැත..රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කරමින්, දැන් වෛද්‍ය වීරබණ්ඩාරට එරෙහිව සටන් කරන පුද්ගලයන් සමඟ වෛද්‍ය වීරබණ්ඩාරගේ මත ගැටුම් ඇතිව තිබුණේ ඉන් පසුවය. වෛද්‍ය වීරබණ්ඩාර ඉවත් කිරීම එම මත ගැටුම්වල ප‍්‍රතිඵලයකි. පෙනෙන ආකාරයට වෛද්‍ය වීරබණ්ඩාරට වඩා වැඩි දේශපාලන බලයක් ඔහුට එරෙහි කණ්ඩායමට ඇත..වෛද්‍ය සරත් වීරබණ්ඩාර මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටුම් මත තනතුරුවලින් මාරුවීම් ලබා ඇති කෙනෙකි. ඔහු ඇසුරු කර ඇති අය කියන ආකාරයට ඔහු සාමූහිකව කටයුතු කිරීමේදී දුර්වලතාවක් ඇති කෙනෙකි. ඒ අනුව කොවිඞ්-19 මර්දන ක‍්‍රියාවලියේදී ඔහු අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ගැටුම් ඇතිවී තිබේ. වසංගත තත්වය ගැන අසංවේදීව ඔහු ක‍්‍රියා කර තිබේ. ඒ නිසා ඔහුව ඉවත් කිරීමේ ඉල්ලීම සාධාරණ හේතු මත ඉදිරිපත් වූ එකකි..කෙසේ වෙතත් ඔහුගේ මීට පෙර ක‍්‍රියාකාරකම් ගැන නිහඩව සිට, එක්වරම ඔහුට එරෙහි රෝහල් කාර්ය මණ්ඩලය තුළින් සටනක් මතුවීම පසුපස දේශපාලනයක් ඇති බව අප තේරුම් ගත යුතුය..Tags.Anidda Newspaper.Anidda.Ravaya newspaper.divahina.kurunagala hospital.ravaya.safi.sarath weerabandara.theleader.lk.අනිද්දා.අනිද්දා පුවත්පත.කුරුණැගල ශික්ෂණ රෝහල.කුරුණෑගල.දිවයින.පුවත්පත.රාවය.රාවය පුවත්පත.වඳ නාටකය.වඳ සැත්කම්.වෛද්‍ය සාෆි.සරත්වීරබණ්ඩාර.සාෆි.සාෆි සියාබ්දීන්.සාෆිගේ සාපය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleතවත් බලහත්කාර පඩි කැපීමක් ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්.Next articleඅර්බුදය තේරුම් ගැනීමට ඇති අවසාන අවස්ථාව මෙයයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මහජන ආරක්‍ෂක ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහජන ආරක්‍ෂක ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි.By කේ ඩබ්ලිව් ජනරංජන.December 21, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.මාධ්‍යවලට සැකකරුවන්ගේ ඡායාරූප මුදාහැරීමට පෙර, ළමා අපයෝජනයක් හෝ, ස්ත්‍රී දූෂණයක් හෝ කළ බවටත්, අදාළ සැකකරු අපරාධකරුවකු බවටත් නිගමනය කරන්නේ කවුද? පොලිස් ස්ථානාධිපතිද? පොලිස්පතිද? පොලිසිය බාර ඇමති සරත් වීරසේකරද?.හජන ආරක්‍ෂක අමාත්‍යාංශය අලුතෙන් බාරගත් සරත් වීරසේකර ඇමතිවරයා, පටන්ගත් ගමන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී හා සදාචාර විරෝධී නියෝගයක් තමා යටතේ තිබෙන පොලිසියට දුන්නේය. තමන්ගේ ඇමතිවරයා දෙන ඕනෑම නීති විරෝධී නියෝගයක් පිළිපදින්නට ඔහු යටතේ පවතින ආයතන හෝ නිලධාරීන් බැඳී නැති නමුත්, පොලිසිය එකහෙළාම ඇමතිවරයාගේ නීති විරෝධී නියමය පිළිපදින්නට පටන් ගත්තේය. ඒ විතරක් නොවේ. සමහර මාධ්‍යද ඒ අනුව යමින් ඇමතිවරයාගේ වැරදි නියෝගය අනුව වැඩ කරන්නට පටන් ගත්තේය..ඔහුගේ නියෝගය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහාමාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් ආදි වැරදි සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගන්නා ‘සැකකරුවන්ගේ’ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමටය. ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ, ඒ මගින් ඉහත කී අපරාධ කරන ‘අපරාධකරුවන්’ ‘නේම් ඇන්ඞ් ෂේම්’ කිරීමය. හෙවත්, ‘නම් කර ලජ්ජාවට පත්කිරීම’ය..අපරාධකරුවන් නේම් ඇන්ඞ් ෂේම් කිරීම එකකි. එහෙත්, ඇමතිවරයාගේ නියෝගය දී ඇත්තේ, අපරාදකරුවන් නේම් ඇන්ඞ් ෂේම් කිරීමට නොවේ. පොලිස් අත්අඩංගුවට පත්වන ‘සැකකාරයන්’ නේම් ඇන්ඞ් ෂේම් කිරීමටය. අපරාදකරුවකු හා සැකකරුවකු අතර වෙනස, ඇමති සරත් වීරසේකර නොදන්නවා නම්, අඩු ගණනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ නීතිඥතුමාවත් ඒ ගැන ඔහුට පැහැදිලි කළ යුතුව තිබිණි..ඇමතිවරයාගේ නියෝගය වැරදිය. භයානකය. කාරණා කිහිපයක් නිසාය..පොලිස් අත්අඩංගුවේ  සිටින සැකකරුවකු යනු අපරාධකරුවෙක් නොවේ..කිසියම් පුද්ගලයකු අපරාධකරුවකුද යන්න තීරණය කරන්නේ නිසි බලය ඇති අධිකරණයක් මිස පොලිසියවත් ඇමතිවරයාවත් නොවේ. ඒ නිසා සැකකරුවකු අපරාධකරුවකු හැටියට ගෙන ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, සම්පූර්ණයෙන්ම වැරදිය..අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ, පුද්ගලයකු නිසි බලය ඇති අධිකරණයක් විසින් සාධාරණ නඩු විභාගයකින් පසු වැරදිකරු කරන තෙක් නිර්දා්ෂී පුද්ගලයකු හැටියට සැලකිය යුතු බවය. ඒ නිසා අධිකරණය ඉදිරියේ චෝදනා ලබන පුද්ගලයකු පවා, එම අධිකරණයේ තීන්දුව එන තෙක් සැලකෙන්නේ නිර්දෝෂී පුද්ගලයකු හැටියටය. ඒ අනුව, පොලිස් අත්අඩංගුවේ ඉන්නා පුද්ගලයාද, නිර්දෝෂී අයකු ලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පිළිගන්නා බව පැහැදිලිය. එවැනි පුද්ගලයකු, අපරාධකරුවකු හැටියට නම් කර ලජ්ජාවට පත්කිරීමට ඇමතිවරයාට බලයක් ඇතිවන්නේ කෙසේද?.පොලිසිය සැකකරුවන් හැටියට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඇත්ත වශයෙන්ම එම වරදවලට වරදකරුවන් වන්නේද යන්න ගැන අතීත සිදුවීම් බොහොමයක් ආශ්‍රිතව අපි හොඳින්ම දනිමු. විවිධාකාර වරදවලට අහිංසකයන් අත්අඩංගුවට ගැනීම, ඒ අහිංසකයන් ‘නියම වැරදිකරුවන්’ බවට පොලිසිය විසින්ම ප්‍රසිද්ධ කිරීම, ‘සැකකරු වරද ගැන පාපෝච්චාරණයක් කර වරදකරු බව පිළිගැනීම’ ආදි විවිධාකාර පොලිස් කඩයිම් පසුකර ගියත්, අවසානයේ සැකකරු අහිංසකයකු බවට නිසැකව ඔප්පු වූ අවස්ථා අපේ පොලිස් ඉතිහාසයේ අතිශය සුලබය. ඒවා ගැන උදාහරණ දක්වන්නට යෑම, ගහ දන්නා මහජනතාවට කොළ කඩාපෑමක් වනවා ඇත..සරත් වීරසේකර ඇමතිවරයා ලැයිස්තුගත කර ඇති අපරාධවලින් එකක් වන, ළමා අපයෝජන සම්බන්ධයෙන් වුවද ලංකාවේ පොලිසියේ කැරැට්ටුව ගැන කුප්‍රකට උදාහරණ දිය හැකිය. වැඩි ඈතකට නොගොස් මෑත නිදසුනක් පමණක් හැටියට, කොටදෙනියාවේ සේයා සදෙව්මි නම් ළදැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය දැක්විය හැකිය. අපයෝජනය කිරීමන් පසු මරාදමනු ලැබූ ඒ දැරිය සම්බන්ධ සිදුවීම මතක ඇති කාටත්, අපේ පොලිසියේ ‘නිවැරදි අත්අඩංගුවට ගැනීම්’ ගැන තිබෙන්නේ අවමන්සහගත මතකයකි..පුද්ගලයකු අත්අඩංගුවට ගත යුත්තේ කිසියම් වරදක් ගැන සාධාරණ සැකයක් තිබේ නම් පමණක් බව නීතියේ නියමයයි. එහෙත් පොලිසිය පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ඒ නිර්ණායකය මතම නොවේ. කිසිවකුගේ හිතවත්කමට, බලපෑමට, කිසිවකුගේ තර්ජනයකට, කිසිවකුගේ ආදරයට පොලිස් ඉතිහාසයේ කර ඇති අත්අඩංගුවට ගැනීම් ලැයිස්තු හැදීම අපහසු නැත. එසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගෙන් බලහත්කාර පාපෝච්චාරණ ලියාගැනීම හා කටඋත්තර ලියාගැනීමද පොලිසිය නොදන්නා දෙයක් නොවේ. ඒවායින්, වරදක් කළායැයි කිසිම සාධාරණ සැකයක් නැති පුද්ගලයන් පොලිසියක් තුළදී අපරාධකරුවකු බවට පත්කිරීමට පොලිසියට ඇත්තේ මායාකාරී බලයකි..අනෙක් අතට, මෙලෙස නේමින් ඇන්ඞ් ෂේමින්වලට මාධ්‍යවලට සැකකරුවන්ගේ ඡායාරූප මුදාහැරීමට පෙර, ළමා අපයෝජනයක් හෝ, ස්ත්‍රී දූෂණයක් හෝ කළ බවටත්, අදාළ සැකකරු අපරාධකරුවකු බවටත් නිගමනය කරන්නේ කවුද? පොලිස් ස්ථානාධිපතිද? පොලිස්පතිද? පොලිසිය බාර ඇමති සරත් වීරසේකරද? ඒ සඳහා අවශ්‍ය සාක්‍ෂි පොලිසිය ඉදිරියේ තිබේද? ඒ ගැන තීරණය කිරීමට විශේෂඥභාවයක් පොලිසියට තිබේද? පොලිසිය ඒ ගැන සාක්‍ෂි කැඳවා අධිකරණයක් හැටියට එම සාක්‍ෂි කිරා මැන බලන්නේද? වෛද්‍යවරුන්ගේ විශේෂඥ සාක්‍ෂි සලකා බැලීමට දැනුම පොලිසියට තිබේද?.පොලිසියට එවැනි බලයක් හා හැකියාවක් තිබේ නම්, නඩු විසඳීමට සමහජන මුදලින් අධිකරණ පවත්වාගෙන යන්නේ ඇයි? නඩු ඇසීම, තීන්දු දීම හා දඬුවම් දීම පොලිසියටත්, එය භාර ඇමතිටත් බාරදීම ප්‍රමාණවත් නොවේද?.එවැනි තත්වයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ‘නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය’ අප තබාගත යුත්තේ ඇයි? බිලියන ගණනින් මහජන මුදල් වියදම් කරමින් විනිසුරුවරුන් පුහුණු කොට, නඩු අසන්නේ ඇයි?.ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ වැනි වැරදි ගැන වැරදි ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවේ සිටියදී, ඒ සැකකරුගේ ගැන ‘නේමිං ඇන්ඞ් ෂේමින්’ සංකල්පයට අනුව ප්‍රසිද්ධ කළ විට, ඔහු සමාජය ඉදිරියේ සැලකෙන්නේ ස්ත්‍රී දූෂකයකු හෝ ළමා අපයෝජකයකු හැටියටය. අපකීර්තිමත් පුද්ගලයකු හැටියටය. මේ තත්වය ගැන තුලනාත්මක අවබෝධයක් ඇමතිවරයාට තිබේද? යම් හෙයකින්, එසේ ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත්කරන ලද සැකකරුවකු, නඩු විභාගයේදී නිදොස් කොට නිදහස් වුවහොත්, පොලිසිය ඔහුට මුලින් කළ අපකීර්තිය ආපස්සට හරවන්නට ක්‍රමයක් තිබේද? ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, දරුවන්ට ඇතිවන අවමානය ආපස්සට හැරවීමේ ක්‍රමයක් පොලිසියට තිබේද?.මේ හා මීටත් වඩා කරුණුවලට අනුව, ඇමතිවරයා දුන් නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පුද්ගල අයිතිවාසිකම් හා සදාචාරයට විරුද්ධ එකකි. ඒ වැරදි නියෝගය පළමුව ක්‍රියාත්මක කිරීමෙන් නිට්ටඹුව පොලිසිය පසුගිය දිනෙක පහරදීමකට සැකකාර තිදෙනකුගේ ඡායාරූප මාධ්‍යවලට මුදාහැරියේය. සමහර මාධ්‍යද ගෙඩිපිටින් ඒ පළකළේය. පොලිසියත්, මාධ්‍යයත්, ඇමතිවරයාගේ වැරදි තීරණයට හා නියෝගයට දායක වී තිබේ..රටේ ජනමාධ්‍යවලටද මේ සම්බන්ධයෙන් වගකීමක් තිබේ. අපරාධ යනු මහජන සුබසිද්ධිය සම්බන්ධයෙන් සලකන කල වැදගත් කාරණයක් වන නමුත්, ඒ කාරණය මත, සැකකරුවන්ගේ ඡායාරූප  ප්‍රසිද්ධ කිරීමට ජනමාධ්‍යවලට නීතිමය මෙන්ම සදාචාරාත්මකද බලයක් අයිතියක් නැත. පුවත්පත් සඳහා පිළිගෙන ඇති ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය යටතේත් ඒ සඳහා සීමා පුවත්පත්වලට පැනවී තිබේ..අවසානයේ අපි ‘අත්තානං අපමං කත්වා’ හෙවත් ‘තමා උපමා කොට සිතීම’ යන මිනුම් දණ්ඩෙන් මේ දෙස බලමු. මහජන ආරක්‍ෂක ඇමතිවරයාගේ සහෝදරයකු, පුතකු, ඤාතියකු, සමීපතමයකු, වරදක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන පොලිසියේ සිටියදී, ඔහුගේ ඡායාරූප මෙසේ මාධ්‍යවලට නිකුත් කළ හොත්, එය පිළිගන්නට ඇමතිවරයා සූදානම්ද? ඒ සඳහා පොලිසියට ඉඩ ලැබෙනු ඇද්ද?.අවසානයේ සිදුවනු ඇත්තේ, බලය ඇති අය, මේ නියෝගවලින්ද පැනගොස් කිසිවක් කරකියා ගතනොහැකි, අහිංසකයන් පොලිසියේ මේ නේමිං ඇන්ඞ් ෂේමිං විකාරයේ ගොදුරු බවට පත්වීමය..රටේ පුවත්පත් කර්තෘවරුන්ගෙන්ද අසන්නට අපට ප්‍රශ්න කිහිපයක් තිබේ. මේ ඇමති නියෝගය ඔබ දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, සාමාන්‍ය නීතිය අනුවත්, පුවත්පත් වෘත්තීය ආචාර ධර්ම අනුවත්, සමාජයක යහපැවැත්මට අදාළ ප්‍රමිතීන් අනුවත්, නිවැරදි එකක් හැටියට ඔබ සිතන්නේද? ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කළ මේ නියෝගය ඒ විදියටම පිළිගෙන තමන්ගේ ජනමාධ්‍ය හරහා ක්‍රියාත්මක කරන්නට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සූදානම් වනවාද? නැතිනම් ඊට විරුද්ධ වනවාද? ඇමතිවරයාගේ නියමය තමන්ගේ පුවත්පත, නාලිකාව ක්‍රියාත්මක නොකරන බව ප්‍රසිද්ධියේ කියනවාද? තමන්ගේ සමීපතමයකු මේ ඉරණමට ගොදුරු වුවහොත්, තමන්ගේ මාධ්‍යයේ ඒ ගැන පළකරන්නට සූදානම්ද? අනෙක් අතින්, මෙවැනි අපවාදයකට ලක්වන අහිංසකයන් සිවිල් අපහාස නීතිය යටතේ නඩු දමන්නට පටන් ගත් විට, ඒ එන නඩු කන්දරාවට මුහුණ දෙන්නට ජනමාධ්‍ය ආයතන සූදානම්ද?.ඇමතිවරයාගේ මේ විනාශකාරී නියෝගය නිසා හානියට ලක්වන ‘සැකකරුවන්ට’ අප යෝජනා කරන්නේ, ඊට එරෙහිව නීතිමය ප්‍රතිකර්ම සොයන ලෙසය. ඇමතිවරයාට, පොලිස්පතිට, පොලිසියේ ස්ථානාධිපතිවරයාට පමණක් නොව, ඒ වැරදි පළකිරීම කළ පුවත්පත් හා අනෙක් ජනමාධ්‍යවලටත් විරුද්ධව උසාවි යන ලෙසය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොවිඞ්වලට වඩා වකුගඩු රෝගය අපට වසංගතයක් – පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සමඟි ජන බලවේගය.Next articleඅම්මලා අහන්නේ මගේ පුතා ජීවත්වෙනවාද මියගිහින්ද කියලා විතරයි – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
එක රටක් එක පවුලක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එක රටක් එක පවුලක්.By සංස්කාරක.August 23, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..අපොස උසස් පෙළ පන්තියේ දේශපාලන විiාව විෂයට උගන්වන දේශපාලන න්‍යායක් තිබේ. එය හැඳින්වෙන්නේ ‘බලතල බෙදීමේ න්‍යාය’ වශයෙනි. ඒ ගැන ප්‍රකටතම අදහස ප්‍රකාශ කර ඇත්තේ චාල්ස් මොන්ටෙස්කියු නම් 1700 ගණන්වල ප්‍රංශයේ සිටි දේශපාලන දාර්ශනිකයා විසිනි. ඒ 1784දී ඔහු ලියු ‘නීතියේ සාරය (ස්පිරිට් ඔෆ් ලෝ) නමැති පොතේදීය..ආණ්ඩුවක ප්‍රධාන බලතල ශාඛා තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන තුන එකිනෙකින් වෙන්ව, ක්‍රියාත්මක කළ යුතු බව ඔහු ලිව්වේය. එම බලතල තුන ‘එක් පුද්ගලයකු අතට හෝ පුද්ගල මණ්ඩලයක් අතට හෝ කේන්ද්‍රගත වීම නිසා සියල්ල අවසන් වන්නේයැ’යි ඔහු අවධාරණය කෙළේය. ඒ වාගේම, ආයතන තුන අතර, එකක් අනෙකට බලපෑම් කරන්නාවූත්, එහෙත් එකකට අනෙකක් අබිබවා යෑමට නොහැකි වන්නාවූත්, එනම් සංවරණ හා තුලන සහිත පාලනයක් තිබිය යුතුයැ’යි ඔහු තවදුරටත් පැහැදිලි කෙළේය..ලංකාවේ පාඨශාලාවල අපොස උසස් පෙළ දී ඉගැන්වෙන නිසා උසස් පෙළ සිසුහු වුවද මේ න්‍යායේ වැදගත්කම ගැන යමක් උගනිති. දනිති..එහෙත්, පුදුමය නම්, ඔවුන්ට එම පාඩම උගන්වන ගුරුවරුන්ද ඇතුළුව, බලතල බෙදීමේ න්‍යාය ගැන පාඩමක් හැටියටම හොඳින් දන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, නීති විද්‍යාල සිසුන්, නීතිඥවරුන් ඇතුළු අතිවිශාල පිරිසක්, ඒ න්‍යාය කඩා බිඳ දමන රාජ්‍ය පාලනයක් ලංකාවේ පිහිටුවීම සඳහා, පසුගිය මහ මැතිවරණයේදී අඩු ගණනේ තමන්ගේ ඡන්දය හෝ පාවිච්චි කර තිබීමයි..අගෝස්තු 5 වැනිදා ඒ සියල්ලන්ම එක්සිත්ව ඡන්දය දීමේ හේතුවෙන් අද වන විට ලංකාවේ පැහැදිලි පවුල් පාලනයක් ස්ථාපිතව තිබේ. එක පවුලක් විසින් රටේ වැදගත් අංශවල බලතල තමන් වෙත කේන්ද්‍ර කරගෙන තිබේ..විධායකයේ ප්‍රධානියා මෙන්ම ව්‍යවස්ථාදායකයේද නායකයා එකම සහෝදරයෝය. අයියා චමල් රාජපක්‍ෂ, අභ්‍යන්තර ආරක්‍ෂක රාජ්‍ය ඇමති වන අතරම කැබිනට් ඇමතිධුරයක් ද දරන්නේය. මල්ලී බැසිල් රාජපක්‍ෂ රාජ්‍ය යන්ත්‍රණය තුළ මහජන තනතුරක් නොහොබවන නමුත්, ඔහුගේ පාලනයට රටේ සියලුම සංවර්ධන කටයුතු යටත් කොට තිබේ. සියලුම අමාත්‍යාංශවලට අදාළ සංවර්ධන කටයුතු මෙහෙයවන්නා ඔහුය. ඊට අමතරව, ඔහු ප්‍රධානත්වය දරන විශේෂ කාර්යසාධක බලකායට රටේ සියලුම අමාත්‍යාංශ යටත්ය..ඊළඟ පරම්පරාවේ නාමල් රාජපක්‍ෂ, කැබිනට් ඇමතිවරයකු වන විට, ශෂින්ද්‍ර රාජපක්‍ෂ රාජ්‍ය ඇමතිවරයෙකි. රාජපක්‍ෂ සහෝදරියකගේ අලුත පාර්ලිමේන්තුවට පත්වූ පුත්‍රයා, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාය. මේ සියලු දෙනාම පාහේ මහජනයා විසින් සිය උපරිම මනාපයෙන් තෝරාපත් කරගන්නා ලද අය බව කිසිවකු කිව හැකිය. එහි ඇත්තක් තිබේ. එහෙත්, එසේ තෝරාපත්කර ගත් පමණින්, ඒ තේරීමට තුඩුදුන් අවලස්සන පවුල් සාධක අමතක කළ නොහැකිය..හොඳම උදාහරණය, මාතර දිස්ත්‍රික්කයේ රාජපක්‍ෂ පවුලේ අලුත්ම සාමාජිකයා, අංක එක තැනට මනාප ලබාගැනීම සඳහා ගෙනගිය ක්‍රියාන්විතයයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම දිස්ත්‍රික්කයේ පිරිසිදු දේශපාලකයකු හැටියට මෙතෙක් මුල් තැන දිනාගෙන සිටි ඩලස් අලහප්පෙරුමට පසුබාන්නට සිදුවිය. සූර තරුණ දේශපාලකයකු හැටියට පෙනෙන කාංචන විජේසේකරටද අත්වුණේ එම ඉරණමමය. එනම්, රාජපක්‍ෂ පවුලේ නවකයකුට, ලක්‍ෂයකට වැඩි මනාප ලැබෙද්දී විශාල පරතරයකින් තමන් පසුබා සිටින්නටය. එය අහම්බයක් නොවන බව, ඩලස් කාංචන ඇතුළු ඒ පැත්තේ සාමාන්‍ය දේශපාලනඥයෝ දනිති..ඇමතිවරුන්ට විෂයයන් හා ආයතන පැවරීමේදී වැඩිම ආධිපත්‍යයක් හිමි කරගෙන ඇත්තේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්ය. වාසුදේව නානායක්කාර වැනි දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තිබෙන දේශපාලකයකුට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැනි එක් ආයතනයක් පමණක් පැවරෙද්දී (ඔහු හරියට එම මණ්ඩලයේ සභාපති වගේය.) ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මුළු රාජ්‍ය ආයතන ලැයිස්තුවෙන් සියයට හතළිහක් පවරා ගැනීම විස්තර කළ හැක්කේ කෙසේද? රට හදන්නට ඔවුන්ට තිබෙන කැක්කුම නිසා ඒ තරම් වගකීම් බාරගෙන ඇති බවද? නැතිනම්, රටේ සමස්ත පාලනය තමන්ගේ අතේ තිබිය යුතුයැයි රාජපක්‍ෂ පවුලේ අය විශ්වාස කරන නිසාද?.බලතල එකිනෙකට වෙනස්ව, එකිනෙකට වෙනස් ආයතන හරහා, එකිනෙකට වෙනස් පුද්ගලයන් අතින් ක්‍රියාත්මක විය යුතුයැයි මොන්ටෙස්කියු කියන්නේ, ඒවා එකට එකතුවුණු විට ඒකාධිකාරී පාලනයක් බිහිවන බැවිනි. එහි සිටින්නේ එක් පුද්ගලයකුද, පුද්ගල මණ්ඩලයක්ද යන්න වැදගත් නොවේ. ප්‍රතිඵලය එකමය. ඒ පිරිස එකම පවුලක් වූ විට තත්වය කෙතරම් නරකදැයි අලුතෙන් කිව යුතුද?.පුදුමය නම්, මේ ආණ්ඩුව ගෙනඑන්නට ‘වියත් මගේ’ ගමන් ගත්, ‘එළිය’ දුටු ඊනියා විද්වතුන් පිරිස අඩු ගණනේ මොන්ටෙස්කියු කියූ දේ ප්‍රාථමික මට්ටමෙන්වත් අලුත් නායක දෙපළට පෙන්වා දීමට මැදිහත් නොවීමයි. ඒ කිසිම උගතෙකු, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ තරම් රාජ්‍ය පාලන ආයතන ප්‍රමාණයක් අතේ තබාගැනීම ගැන වචනයකින්වත් විවේචනයක් එල්ල කර නැත..එක් පුද්ගලයකුට මේ තරම් විශාල ආයතන සමූහයක් පෞද්ගලිකව අධීක්‍ෂණය කළ හැකිද? කළ යුතුද? ඔවුහු විශ්වකර්ම දෙවියන්ගේ පුත්‍රයෝද? අනෙක් අතට ඒ ඇමති මණ්ඩලයේම දක්‍ෂ හා පළපුරුදු දේශපාලකයන් එක් ආයතනයක් පමණක් පාලනය කරන ලජ්ජා සහගත තත්වයකට දමා සිටියදී, ඔවුන්ගේ ලජ්ජාව සමනය කිරීම සඳහාවත්, ඔවුන්ගෙන් කිසියම්ම හෝ පලදායකත්වයක් ලබාගැනීම සඳහාවත්, ඔවුන්ට තමන් අත තිබෙන ආයතනවලින් යම් කොටසක් පැවරිය යුතුව නොතිබේද?.පාලක දෙබෑයන් හා ඔවුන්ගේ පවුලට, මේ සියලු (අනාගතයේ සේවා වනිතා සංවිධානවල තනතුරුද ලබාගෙන ඒ පවුලේ බලකාමී භාර්යාවන්ද ඉදිරියට පැමිණීමට නියමිතය.) ආයතන පැවරෙද්දී, ඒක හොඳ නෑ කියන්නට විද්වතුන් හා පළපුරුදු දේශපාලකයන්ගේ කටවල් නොඇරෙන්නේ ඇයි? පාලක පවුල තරහ කරගැනීම නිසා තමන්ට පහළ වෙන්නට නියමිත නිධාන හා වරදාන පහළ නොවේයැයි ඇති බය නිසාද? පවුලට එරෙහිව යාම වනාහි දේශද්‍රෝහි ලේබලය අලවාගන්නා වැඩක් බව දන්නා නිසාද? නැතිනම්, තමන් වහල්භාවය ඉත සිතින් පිළිගෙන වැළඳගෙන, ඒ අනුව ජීවත් වීමට තරයේ අධිෂ්ඨාන කරගෙන ඇති නිසාද?.අප දන්නා මෑත කාලයෙහි ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක, මේ සා පවුල් සාමාජිකයන් පිරිසක් ප්‍රධාන පාලන ආයතනවල සාමාජිකත්වය ලබා නැත. ජනතාව තෝරාගත් පමණින් ඒ තීරණය හරි නොවේ. බරබ්බස් මුදවා යේසුස් කුරුසියට යැව්වේ බහුතරයේ තීරණයෙනි..අවාසනාව නම්, 2005 සිට 2014 දක්වා මේ තරම්ම නොවූවත් එක පවුලක පාලනය නිසා හොඳින්ම හෙම්බත්ව සිටි බහුතර ජනතාවක්, ඊට අවුරුදු පහකට පසු ඊටත් වඩා අවලස්සන පවුල් පාලනයකට කැමතිවී තමන්ගේම ඡන්දයෙන් ඔවුන් පත්කර ගැනීමයි. ■.■ අරුණ ජයවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම.Next article2020 කැබිනෙට්ටුවේ හොඳ නරක ■ ආචාර්ය සුජාතා ගමගේ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අවියේ යක්ෂ ප‍්‍රමෝදය සහ කවියේ මිනිස් සංවේගය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අවියේ යක්ෂ ප‍්‍රමෝදය සහ කවියේ මිනිස් සංවේගය.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මැන්චෙස්ටර් රෙජිමේන්තුවේ හමුදා නිලධාරියෙකු වූ හෙතෙම යුද්ධයේ වියරුවත්, එහි නියැලෙන්නන්ගේ හිත් පිත් නැති දැගලිල්ලත් පසක් කර ගත්තේ ලේ හැලූණු මඩ වගුරු, හුස්ම සොරා ගන්නා විෂ වායු නල සහ උණ්ඩවලින් ඉරී ගිය මස් වැදලි අතර ගැවසීමෙන්මය. කවටකමක් කර සිගරැට්ටුවක් දල්වා ගන්නා මිතුරෙකු ඊළඟ මිනිත්තුවේදී, වේදනාවෙන් කෑ ගසමින් මරණයේ අඳුරු වගුරෙහි ගිලීයනයුරු දැකීමෙන්මය. විල්ෆ‍්‍රඞ් ඔවෙල් නම් වූ ඔහු ජීවත් වූයේ අවුරුදු විසි පහක් පමණි. ඔහුගේ කවි සියල්ලම පාහේ මියයන්නට පෙර වසරක පමණ කාලය තුළ ලියූ ඒවාය. තුවක්කුවත්, පන්හිඳත් එක්ව ගත් ඔවෙන් අඩු වයසින් මිය ගියේ කෙසේදැයි අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි. පන්හිඳකට වෙඩි තබන එක තුවක්කවකට ඉතා පහසු කටයුත්තකි..එක් දහස් නවසිය දහ අටේ, එකොළොස්වන මාසයේ, එකොළොස්වන දා, එකොළොස් වන පැයේදී පළමු ලෝක යුද්ධයේ මිත‍්‍ර හමුදා සංධානය සහ ජර්මානු පාර්ශ්වය අතර සටන් නිමා සම්මුතිය අත්සන් කෙරිණි. එය ලෝකයටම සැනසුම් දවසක් වුවද, විල්ෆ‍්‍රඞ් ඔවෙන්ගේ මවට සැනසුම අහිමි කළ දවස විය. සිය පුතු ඊට සතියකට පෙර සටන් බිමෙදී මිය ගිය පුවත සටහන් වූ ලිපිය ඇයට ලැබුණේ ද එදිනම බැවිනි. කවි අසූ ගණනකින් යුද්ධයට පහර දුන් ඔවෙන්, පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය මිලියන නවයක් සෙබළුන් සහ මිලියන හතක් සිවිල් වැසියන් හා එක් නොවන්නට, ඉංගී‍්‍රසි සාහිත්‍යයට තවත් කොතරම් හද පාරවන යුද විරෝධී කවි එකතු වන්නට තිබුණිද?.Anthem for Doomed Youth නම් කවියේ ඔවෙන් මෙසේ ලියයි..මියෙන්නන්ට මේ වසු පැටවුන් ලෙස කවර සුබ පැතුම් සීනු සද්දක්ද? තුවක්කුවල රුදු බිරුසම් පමණය; රයිෆලවල තද වෙව්ලූම් පමණය ගයන්නෙ උන් වෙනුවෙන් කෙටි ඔරසම.යුද පිටියේ පළ කළ ධෛර්යය උදෙසා ‘යුද කුරුසිය’ නම් පදක්කම ඔහුට පිරිනැමුණි. එහෙත් ඔවෙන්ගේ හද පිරී තිබුණේ යුද විරුවෙකු සතු ප‍්‍රමෝදයෙන් නොව කවියෙකු සතු සංවේගයෙනි. වරෙක ඔහු ෂෙල් වෙඩි වළක වැටී දිවි ගළවා ගත්තේ යම්තමිනි. තවත් වරෙක ප‍්‍රහාරයකට හසුව සැ`ගවුම් බිලියක, මියගිය සගයන්ගේ සිරුරු දින ගණනක් සිහිසුන්ව සිටියේය. සීග්ප‍්‍රයිඞ් සැසූන් ඔහුගේ යුද සගයා සේම කවි සගයා ද වූයේය. ඔවෙන්ගේ මරණයෙන් පසු ඔහුගේ විශිෂ්ට කවි එකතුව ලෝකයට දායාද කිරීමට මුල් වූයේ ඔහුය. ඔවෙන් සහ සැසූන් සතුව යුද්ධයේදී තිබූ නිර්භීතකම කවි ලිවීමේදී ද තිබුණි. බල කාමය තුළ සැගව යන මානව ගුණාංග ගැනත්, යුද්ධයෙන් උත්කර්ෂයට නංවන අන්ත මිථ්‍යාවන් ගැනත් ඔවුහු නොබියව ලියූහ. හොරස් නම් රෝම කවියා ලියූ ‘රට වෙනුවෙන් දිවි පිදීම මිහිරිය. උතුම්ය’(Dulce et decorum est Pro patria mori) යන පාඨය අභියෝගයට ලක් කළ ඔවෙන් ඒ පැරණි බොරුව හුවා දක්වා, යුද්ධය සොඳුරු දෙයකියි දරුවන්ට නොපවසන ලෙසDulce et decorum est නමැති සූප‍්‍රකට කවියේදී ඉල්ලන්නේ, හද කීරි ගස්වන යුද්ධයේ සත්‍යය මනාව පහදමිනි..කළු අහසක වුවත් තරු අහුරක් සැගවී තිබෙනු ඇත. ඔවෙන් මෙන්ම සැසූන් ද අයත් වන්නේ පළමු ලෝක යුද්ධය තුළ හිඳිමින්ම කවි ලියූ මානවවාදී තරු අහුරටය. රූපට් බ්රූක්, රොබට් ගේ‍්‍රව්ස්, අයිවර් ගර්නි, ඬේවිඞ් ජෝන්ස් සහ එඞ්මන්ඞ් බ්ලන්ඩන් ඒ කැටියේ කවීන් අතර වූහ. යුද්ධය, දේශපාලනය, සමාජ ප‍්‍රතිශෝධනය වැනි අංශ කවියෙන් ස්පර්ශ කළ යුතු නැති බවට කියැවෙන මතවාද කෙතරම් පදනම් විරහිතද යන්න ඔවුන්ගේ කවි කියවන විට පසක් වේ. ‘යුද්ධය යනු සංවිධානාත්මක මිනීමැරුමක් මිස අන් කිසිවක් නොවේ.’ යැයි පැවසුවේ පළමු ලෝක යුද්ධයෙන් දිවි ගළවා ගත් අන්තිම සෙබළා වූ හැරී පැච්ය. විලියම් ෆෝක්නර්ගේA Fable නවකතාවේ සිට, හෙමින්ග්වේගේA Farewell to Arms ස්ටීවන් කේ‍්‍රන්ගේ The Red Badge of Courage මෙන්ම බර්ට‍්‍රන්ට් රසල්ගේ Why Men Fight?”, Which way to Peace? යනාදි කෘති හරහාද, ස්ටැන්ලි කුබ්රික්ගේ ත්‍මකක Full Metal Jacket සහ ඔලිවර් ස්ටෝන්ගේ  Platoonයනාදි සිනමා පට ඇතුළු සුවහසක් විශිෂ්ට කලා නිර්මාණ තුළින්ද ලෝකයට කියා පා ඇත්තේ, යුද්ධයේ නිස්සාර වූත්, භයංකාර වූත් යථාර්ථයයි. පිකාසෝගේ වැදගත්ම දේශපාලන චිත‍්‍රය සේ සැලකෙන ගුඅර්නිකා (Guarnika) තුළින් පළවනුයේ ද නාසි යුද්ධයේ විනාශය හා වේදනාවයි..නිම් නැති තේමාවක් තෙරක් සොයන්නට නොගොස් ඉතින් අවසන් කළ යුතුය. විල්ෆ‍්‍රඞ් ඔවෙන්ගේ ආත්ම භාෂණයම අගිස්සට ගැළපෙතියි හැෙග්..‘‘කවිය ගැන හැගීමක් මට නැත. මගේ තේමාව යුද්ධයයි. යුද්ධයේ ඛේදවාචකයි. ඉදින්, කවියක් වේ නම් එය ඇත්තේ ඒ ඛේදවාචකය තුළයි.’’.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමහසෝන් නායකයා වැලිකඩට යන විට ගෝඨාභය බේරුවලට.Next articleකෘෂිකර්මයේ ඉඩමක් බලවතෙක් අල්ලයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ.By සංස්කාරක.May 20, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..රේඛා නිලූ‍ක්ෂි හේරත්.පුංචි රෝමය හෙවත් මීගමුවට අපි ගියේ මහා රෝමයේ ෆ්ලෝරන්ස් නගරයේ ඇති මයිකල් ආන්ජිලෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබා මූර්ති කලාව ඉගෙනගෙන පුංචි රෝමයට ආපහු ඇවිත් ලංකාවේ සිසුන්ට දෘශ්‍ය කලාව උගන්වන කලාකරුවෙකු මුණගැසෙන්නට. ඔහු කලාකරුවෙක් පමණක් නොවෙයි. කතෝලික පියනමක්. සමන්ත පෙරේරා පියනම. පියනම ගැන ආරංචිය ලැබූ අප එහි ගියේ සල්ලාපයක යෙදෙන්නට. විමසන්නට. මූර්ති කලාව ගැන විමසන්න පමණක් නොවෙයි. ඔහු අතින් වැඩි වශයෙන් නිමවෙන සුරුවම්, ශාන්තුවර ප‍්‍රතිමා ඇතුළු විවිධාකාරයේ ආගමික නිර්මාණ ගැන විමසන්නට..‘දේව ප‍්‍රතිමා හදන්න කලාකරුවො ඇයි? ශිල්පීන් හිටියාම ඇති. එකම අච්චුව. එකම රූපය. එතැන මොන කලාවක්ද?’ මීගමුවට යන තෙක් මඟ දිගට දුටු බුදුපිළිමත් මීගමුව ආශ‍්‍රිතව කොතෙකුත් ඇති ජේසු පිළිමත් දකින අතරෙහි අපේ ඔළුවට වදදුන් ප‍්‍රශ්නය මේක..පල්ලිය පසුපස ඇති කාදිනල් කුරේ මධ්‍යස්ථානයට අපි ඇතුළුවුණා. සමන්ත පෙරේරා පියනම බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ප‍්‍රතිමා තැනෙන වැඩපොළට අපව එක්කාගෙන ගියා..වැඩපොළේදී.පියනම වැඩපළෙහි පිළිම අතර ඇවිදිනවා. පිළිමයක් ළඟ තවත් පිළිමයක් මෙන් හිටගන්නවා. ඒ අතරෙහි අපි වටපිටාවේ පිළිම අතර ඇවිදිනවා. මෙතැන ජේසු පිළිම හෙවත් සුරුවම් නැහැ. ශාන්තුවරුන්ගේ පිළිම තියෙනවා. මරියතුමියගේ පිළිමයක් තියෙනවා. ඒ කිසිවක් වැඩ නිමා නොකළ ඒවා නොවෙයි. වර්ණ නොගැන්වූ ඒවා. ඉතින්, විශේෂ වෙහෙසක් යොදා නිර්මාණය කරන මේ ප‍්‍රතිමා සහ මඟදිගට දුටු සාමාන්‍ය ශිල්පීන් විසින් තැනූ ප‍්‍රතිමා අතර වෙනසක් වැටහුණේ නැහැ. ඕවා මේවා කල්පනා කරන අතරේ පිළිමයක්ව සිටි පියනම පිළිම අතරින් මිදී කතාබහ පටන්ගන්නවා..පියනම කී විදියට මේ වෙද්දී මූර්ති, චිත‍්‍ර සහ ග‍්‍රැෆික් කලාවන් උගන්වන අධ්‍යාපන මධ්‍යස්ථානයක් මෙතැන එහිමියන් විසින් මෙහෙයවනවා. ඔහුට අමතරව මූර්ති සහ චිත‍්‍ර කලා පිළිබඳ අධ්‍යාපනය ලත් කණ්ඩායමක් ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. මේ කලාවලට අදාල ඩිප්ලෝමා පාඨමාලාවක් දැනට ක‍්‍රියාත්මක වෙද්දී, නුදුරේදීම උපාධි ලබාදෙන චිත‍්‍ර හා මූර්ති කලා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සමන්ත පෙරේරා පියනම ඉන්නවා. ලංකාවේදී චන්ද්‍රගුප්ත තේනුවර සහ සරත් චන්ද්‍රජීව යන ගුරුවරුන් යටතේ චිත‍්‍ර හා මූර්ති කලා ඉගෙනගත් සමන්ත පෙරේරා පියනම, උසස් අධ්‍යාපනය සඳහා ඉතාලියේ ෆ්ලෝරන්ස් වෙත ගොස් ඇත්තේද මේ ඉගැන්වීමේ කටයුතු ගැන ඇති බලාපොරොත්තුව නිසායි. මේ ඉගැන්වීම් මැද අධ්‍යාපන මධ්‍යස්ථානයේ සිසුන් සහ මූර්ති කලාව ගැන නිපුණත්වයක් ඇති වෘත්තිකයන් පිරිසක්ද එකතු කරගෙන මූර්ති නිර්මාණය කරන වැඩපොළක්ද පියනම විසින් පවත්වාගෙන යනවා. එතැනට වැඩි වශයෙන් ඉල්ලූ‍ම් පැමිණෙන්නේ ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කතෝලික පල්ලිවලින්මයි. විවිධාකාර ආගමික ප‍්‍රතිමා නිර්මාණය කරවාගැනීමටයි. එහෙත් තවත් ප‍්‍රතිමා නිර්මාණය කිරීම වෙනුවට කලාත්මක නිර්මාණ කිරීම සමන්ත පෙරේරා පියනමගේ අරමුණයි..‘වැඩි වශයෙන් ආගමික නිර්මාණ කෙරුණත් මම ඉගෙනගත්තේ ආගමික නිර්මාණ කිරීම ගැන පමණක් නෙවෙයි. මම උගන්වන්නේත් ආගමික නිර්මාණ ගැන නෙවෙයි. ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ කලාව විදියට හඳුන්වන ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය කේන්ද්‍ර කරගත් දෘශ්‍ය කලා දැනුම ලබන්නට මට හැකියාව ලැබුණා. කලා ඉතිහාසය වගේම නවීන උපක‍්‍රම ඇතුළු විවිධ දේවල් මම ඉගෙනගත්තා. මම උගන්වන්නේත් මේ දේවල්.’.වැඩපොළ ආගමික නිර්මාණවලින් පිරී තිබුණත් සමන්ත පෙරේරා පියනම එසේ විස්තර කරනවා..‘එහෙත් තවම වැඩි ඉල්ලූ‍මක් එන්නේ පල්ලිවලින්.’ තවම සමාජගත වී නැති මේ වැඩපොළට කතෝලික පල්ලිවලින් පමණක් ඉල්ලූ‍ම පැමිණීම අවබෝධ කරගත හැකියි..පිළිමයක් හැදෙන හැටි.‘අපි මෙතැනදී මැටිවලින් මූර්තිය මොඩල් කරනවා. එතැනදී තමයි පිළිමය නිර්මාණය වෙන්නේ. මොඩල් එක නිර්මාණය කරන්නේ කොටස් කිහිපයකට ගන්න පුළුවන් විදියට. ඉන්පස්සේ ඒකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් අච්චුවට දානවා. ඉන්පස්සේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කොටස් ගලවද්දී අපට පිළිමයේ අච්චුව ලැබෙනවා. ඒ අච්චුවට මාබල් කුඩු එකකින් නිර්මාණය කරගත්ත බදාමයක් දානවා. ඒක සවිවෙද්දී තමයි පිළිමය එන්නේ. ඕනෑ නම් මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අච්චුවෙන් පුළුවන් පිළිම කිහිපයක්ම නිර්මාණය කරන්න. මාබල්වලම සියුම් මාබල් එකක් පිළිමය වටේ අපි ආලේප කරනවා. පිළිමය එහෙම නිර්මාණය වුණාම ඒක වර්ණ ගන්වනවා. අපි විශේෂ අවස්ථාවකදී හැර එකම අච්චුවකින් පිළිම දෙකක් නිර්මාණය කරන්නේ නෑ. මොකද අපි පිළිම කර්මාන්තයේ යෙදෙන අයට වඩා මූර්ති කලාවෙහි යෙදෙන අය.’ ප‍්‍රතිමාවක් නිර්මාණය වෙන ආකාරය ගැන පියනම එසේ විස්තර කළා..‘ආගමික ශාස්තෲවරයෙකුගේ පිළිම වගේ වන්දනාවට පාත‍්‍ර වෙන ආගමික නිර්මාණයක් කරද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෑ හැකි තරම් මිනිස්සුන්ගේ විශ්වාසයන්ට ගරු කරමින් ඒ නිර්මාණ කරන්න. අපි කලාකරුවන් ලෙස වැඩිපුර යථාර්ථවාදී වෙන්න ගියොත් අර ආගමික නිර්මාණය කරන්න බැහැ. උදාහරණයක් විදියට ගත්තොත් ජේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගහද්දී එහිමියන් නිර්වස්ත‍්‍රව හිටපු බව පැහැදිලිව තියෙනවා. හැබැයි පල්ලියේ වන්දනාවට පාත‍්‍ර වෙන ජේසු පිළිමය නිර්වස්ත‍්‍රව නිර්මාණය කරන්න බෑ. ඒ නිසා සාම්ප‍්‍රදායික නිර්මාණකරුවන් රෙදිකඩක් සමඟ ජේසු පිළිමය නිර්මාණය කළා.’.මොහොතකට කතාව නැවැත්වූ පියනම විරාමයක් තබා නැවතත් කතාව ඉදිරියටම ගෙන යනවා..‘තවත් හොඳ උදාහරණයක් තියෙනවා. අපි දේව මෑණියන් නිර්මාණය කරන්නේ ඉතාම සුමුදු පෙනුමක් තියෙන, තරුණ කාන්තාවක් විදියට. සියුමැලියි. ඒත් ඇත්තටම මේ කාලයෙ ජෙරුසෙලමේ හිටපු කාන්තාවන් මේ වගේ නැහැ. රළුයි. තව අඳුරු ඡුවි වර්ණයක් තියෙන්නේ. ඇය ජේසුස් වහන්සේට උපත දෙන්නේ ගව මඩුවක. ජේසුස් වහන්සේට ඇණ ගහලා මරණයට පත්කරලා දේව මාතාවගේ අතේ තියනකොට ජේසුස් වහන්සේත් මැදිවියට ඇවිත්. දේව මාතාව ඒ වෙනකොට වියපත් වෙන්නට ඇති. ඒ නිසා සැබෑ දේව මාතාවගේ පෙනුම මීට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. ඒත් සාම්ප‍්‍රදායික පිළිම නෙලන්නා දේව මාතාවගේ කරුණාව, මාතෘ ගුණය, සියුම් බව නිරූපණය කරන්නට දේව මාතාව තරුණ, සියුමැලි කාන්තාවක් ලෙස නිර්මාණය කරනවා.‘.බුදු පිළිමයක්.මේ පියනම මේ වන විට අඩි 30ක පමණ බුදු පිළිමයක් පුංචි කඳු මුදුනක නිර්මාණය කරන්නට සූදානමින් සිටිනවා. ඒ සඳහා මූලික සැලසුම්ද මේ වෙද්දී කෙරෙනවා. එහෙත් මේ ගැන දීර්ඝ ලෙස කතාකරන්නට පියනම ටිකක් මැලි වුණා. ලංකාවේ මෙවන් කටයුතු ගැන පුදුමාකාර බියක් දක්වන පිරිස් ඉන්නවා. මෙවැනි කටයුතු නවත්වන්නට පාරට බහින්නට ඉඩ ඇති පුද්ගලයන් ඉන්නවා. මූර්ති සම්බන්ධයෙන් ලොව ඉහළම දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ආවත් කතෝලික හිමිනමක් නම් පිළිමය නෙලීමට ඉඩ නොදිය යුතුයැයි ඇතැමෙක් කියන්නට වුව ඉඩ නැතිවා නෙවෙයි. ඒ නිසාම මේ මාතෘකාව ගැන පියනමගේ සලිත වීම සාධාරණයි. එහෙම වුණත් මේ කටයුත්තට ඉහළම සුදුස්සා මේ පියනම බව තේරුම් අරගෙන, පිළිමය නෙළීමේ කටයුත්ත පියනමට බාරදෙන්නේ පන්සලක හිමිනමක් විසින්මයි..‘කොහොමත් මම ඉතාම කැමැත්තෙන් හිටියා බුදුන් වහන්සේගේ ප‍්‍රතිමාවක් නිර්මාණය කරන්නට. වැඬේ පටන්ගන්නට කලින් මම ලංකාවේ බුදුපිළිම නෙලීම සම්බන්ධයෙන් ඉහළම දැනුමක් තියෙන හිමිනමක්ව මුණග ැහෙන්නත් ගියා. ඒ හිමියන් කිව්වා ෆාදර් බයවෙන්න එපා, වැඬේ පටන්ගන්න, අපි සහයෝගය දෙන්නම් කියලා.’.පියනම බුදුපිළිමය ගැන කෙටි විස්තරයක් කළේ ඒ විදියට. බුද්ධ ප‍්‍රතිමාවක ධාතු තැන්පත් කිරීම, වැඩ ආරම්භ කරද්දී පිරිත් දෙසුම් පැවැත්වීම වැනි සාම්ප‍්‍රදායික වත්පිළිවෙත් සියල්ලම ගැන අවබෝධයෙන් මේ කටයුත්තට අත ගසන්න සමන්ත පෙරේරා පියනම උත්සාහ කරනවා..‘හැම ශාස්තෲවරයෙක්ම ආදරය, කරුණාව, දයාව නියෝජනය කරනවා. බුදුන් වහන්සේගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණයන් තමයි නිරූපණය වෙන්නේ. ඒ වගේම බුදුපිළිමයක් සාමාන්‍ය මිනිස් රූපයක් වගේ නිර්මාණය කෙරෙන්නේ නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිරූපණය වෙනවා. ඒ හැම ලක්ෂණයකටම අර්ථයක් තියෙනවා. ඒ සියල්ල තුළින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට එහා ගිය පෞරුෂයක් තියෙන රූපයක් නිර්මාණය වෙනවා.’ ඔහු මේ වෙද්දීත් බුද්ධ රූපය ගැන දීර්ඝ අධ්‍යයනයක යෙදී අවසන්..ජේසු පිළිමය.දිගට ඇදුණු කතාබහකින් පස්සේ අපි වැඩපොළෙන් නික්ම යන්නට සූදානම් වුණා. එහෙත් අපට තිබුණු මුල් ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබී තිබුණේ නැහැ. පිළිමයක් නිර්මාණය කරන්නට කලාකරුවෙක් ඇයි. ඒ ප‍්‍රශ්නය කෙළින්ම විමසුවේ නැතත් පියනම අපට වක‍්‍රාකාරව පිළිතුරු දුන්නා තමයි. ප‍්‍රතිමාවක නේත‍්‍රවලට තියෙන කලාත්මක වටිනාකම ගැනත්, මිනිස් සිරුරක් වඩා යථාර්ථවාදී විදියට නිර්මාණය කරන ආකාරය ගැනත් සමන්ත පෙරේරා හිමිනම විස්තර කළා..‘සාම්ප‍්‍රදායික ප‍්‍රතිමාකරුවන් පිළිම නිර්මාණය කරන්නේ අතේ හුරුවට. එකම අච්චුවකින් පිළිම ගොඩක් කරනවා. හැබැයි ඒ පිළිමයක උස, බර ඇහුවොත් නිර්මාණකරුවන් දන්නේ නෑ. පිළිමයක් කරද්දී ලොකු සැලසුම් ඇතිව කරන්නේ නැහැ. හැබැයි අපි දැවැන්ත ප‍්‍රතිමාවක් නිර්මාණය කළත් ඒක මුලින්ම අතෙන් පුංචියට ක්ලේ එකකින් කලාකෘතියක් ලෙස කරනවා. ඉන් පස්සේ ඒකේ හැම අංගයක්ම මිමි ඇතිව මැනගන්නවා. ඒකේ පරිගණක සැලසුම් කරනවා. ඉන්පස්සේ අපට පුළුවන් හරියටම, ඒ නිර්මාණයම විශාල ප‍්‍රමාණයෙන් කරන්න. අපි දන්නවා ඒ නිර්මාණයේ බර මොන තරම්ද, උස මොන තරම්ද වගේ හැම ලක්ෂණයක් ගැනම.’.මේ දේවල් මේ විදියට විස්තර කළත් අපේ ප‍්‍රශ්නයට හිත පිරෙන අන්දමේ පිළිතුරක් ලැබුණේ නැහැ. මේ තාක්ෂණික කාරණා පවා ශිල්පියෙකුට ඉගෙනගෙන පිළිම තැනිය හැකියි..අපි වෙන්ව යන්නට මොහොතකට පෙර එක්වරම යමක් මතක් වූ සේ අප ශාලාවකට එක්කාගෙන ගිය හිමිනම අපූරු යමක් පෙන්වූවා. පියනම කී විදියට, ජේසු හිමියන් කුරුසියෙන් බිමට ගැනීමෙන් පසුව වසා තිබූ රෙදිකඩ පිළිබඳව පුරාවිද්‍යා පරීක්ෂණවලින් මේ වෙද්දී ජේසු හිමිගේ උස, සිරුරේ ප‍්‍රමාණය, මාංශ පේශි, සිරුරේ තුවාල ඇතිවූ තැන් ආදි ලක්ෂණ පිළිබඳව කරුණු සොයාගෙන තියෙනවා. ඒ කරුණු සැලකිල්ලට ගෙන ජීවමාන ලක්ෂණ ඇතිව නිර්මාණය කළ ජේසු සුරුවමක්..ජීවමාන ලෙසම වර්ණවත් කළ ඇස්දෙක වේදනාව මුසු ආදරයක් සමඟ අප දෙස බලා සිටින අන්දම පෙනෙනවා. ලෝක ඉතිහාසයේ එක් යුගයක කුමන හෝ සේවාවක් කිරීම හේතුවෙන් මනුෂ්‍යයන්ගේ ආදරය ලද මිනිසෙකු ඒ පිළිමයෙන් අපට පෙනුණා. මොහොතකට කතෝලික බැතිමතෙකුගේ මානසිකත්වයට අපි ගියා. තමන්ගේ උත්තරීතර දෙවියන් දුටු බැතිමතෙකුගේ මුළු සිරුරම භක්තියෙන් පිරී යන අන්දම ඒ මොහොතේ අවබෝධ වෙනවා. සියුම් විදුලියක් සිරුර පුරා දිව යනවා..භක්තියේ අහුමුළු විස්තර කරන්නට වචන සොයාගන්නට අසීරුයි. බැතිමතෙකුට බැතිමත් වචන තිබුණත්, භක්තියට ගරහන්නෙකුට තර්ක බුද්ධියේ වචන තිබුණත් භක්තියට ගරහන්නේත් නැතිව, බැතිමත් වෙන්නේත් නැතිව එය විස්තර කරන්නට වචන නැහැ. අපි මොහොතකට කිවියර විමලරත්න කුමාරගමයන්ගෙන් වචන කිහිපයක් ඉල්ලාගත්තා..‘සාමයෙන් පිරි ශාන්තමය භක්තියකට ගරහන්නට හිත දුන්නේ නැහැ. දෙවියෙක් නැතත් මේ පිළිමයට යම් බලයක් තිබෙන බව මොහොතකට දැනෙනවා. ඒ වගේම ශාන්ත බව, දයාව, කරුණාව නිරූපණය කෙරුණු මෙවැනි කලාකෘතියකින් සහනය ඉල්ලා භක්තියෙන් බැඳෙන කෙනෙකුට නුවණ දෙන්නට කෙනෙකු උත්සාහ කරනවා නම් එවැන්නෙක් ගැන මොහොතකට අනුකම්පාවක් ඇතිවෙනවා.‘.පියනම කී කතාව ඇත්ත. පිළිමයකට ජීවයක් තියෙනවා. එකම රූපය තිබුණත්, ශිල්පියෙකු අච්චුවකට තැනූ පිළිමයක් සහ කලාකරුවෙක් කලාත්මකව තැනූ පිළිමයක් අතර මහා වෙනසක් තියෙනවා. බෞද්ධයන්ටද මෙවැනි කලාකරුවන් අතින් නිර්මාණය කරන බුද්ධ ප‍්‍රතිමා අවශ්‍යයි. අපට හැෙඟනවා. ඒ සියල්ලම මැද ජවහර්ලාල් නේරු තමා සිටි සෑම තැනකටම මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නිරූපණය කළ සමාධි බුදු පිළිමයේ කුඩා ප‍්‍රමාණයේ අනුරුවක් අරගෙන ගිය බවත් සිහිවෙනවා..‘පන්සල් පල්ලි කලාගාර බවට පත්විය යුතුයි.‘ මේ අස්සේ හැඟීමක් පහළ වෙනවා..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑමිල් රංජන්ගෙන් කොණ්ඩ අමිලට මරණ තර්ජන.Next articleමගේ චරිතය මට වඩා හොඳට කරන්න පුළුවන් කාටද? අශෝක හඳගම සමග කතාබහක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
බ්‍රිතාන්‍ය බලවතෙක් නීතිය කැඩුවා, පුරවැසියන් ඉවසුවේ නැහැ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බ්‍රිතාන්‍ය බලවතෙක් නීතිය කැඩුවා, පුරවැසියන් ඉවසුවේ නැහැ.By සංස්කාරක.June 3, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කොවිඩ්-19 වසංගත සමය පාලකයන් පුරවැසියන් ඉදිරියේ ආදර්ශවත් වීම අත්‍යාවශ්‍ය වන කාලයක්. නිරෝධායනය සඳහා පුරවැසියන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය ලබාගන්නට නම් නිරෝධායන නීති රාජ්‍ය නායකයකයන් හෝ සමීපතමයන් අනුගමනය කළ යුතුයි. ජනාධිපතිවරයෙක් මුඛ ආවරණ පළඳින්නේ නැතිව ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වුවහොත්, ඔහුට හැකිනම් අපට බැරි මොකදැයි පුරවැසියන් විමසනවා. අගමැතිවරයෙක් සමාජ දූරස්ථකරණ රීති අනුගමනය නොකරන විශාල පිරිසක් එකතු වූ තැනක, තවත් කෙනෙක්ව වැළඳගත්තොත්, අපට එය කරන්න බැරි ඇයිදැයි පුරවැසියන් විමසනවා..එවැනි පසුබිමක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රධානම උපදේශකයා වන, බ්‍රිතාන්‍යයේ ඇතැම් ඇමතිවරුන්ට පවා දේශපාලන බලයත් හිමි පුද්ගලයෙකු වන ඩොමිනික් කමිංස් හා බිරිඳ මාර්තු මාසයේදී නිරෝධායන නීති කඩමින්, මාර්තු මාසයේදී කිලෝමීටර් 400 ක දුරක් රට හරහා ගමන් කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනාට කොවිඞ්-19 රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව, ඔවුන්ගේ මාපියන් වෙත සිය දරුවාව බාරදීම සඳහා. එයින් සුව ඔවුන් නැවතත් කිහිප වතාවක් ලොක්ඩවුන් තත්වය නොතකා ගමන් බිමන් ගොස් තිබෙනවා. කොවිඩ්-19 රෝගය 37,000ක පිරිසක් මරණයට පත්කර ඇති මොහොතක මෙය රටේ අනෙක් පුරවැසියන්ට බලපාන නීතිය බලවතුන් කඩ කිරීමක් බවට විශාල සංවාදයක් ඇතිව තිබෙනවා..මේ වන විට කමිංස් තනතුරෙන් ඉවත් විය යුතු බවට විපක්ෂයෙන් දැඩි විරෝධයක් නැගී තිබෙනවා. එමෙන්ම එම සිදුවීම නිසා ඔවුන්ට හැකිනම් අපට බැරි ඇයිදැයි විමසමින් පුරවැසියන් නිරෝධායන නීති කඩකිරීමේ ප්‍රවණතාවයක්ද හටගෙන තිබෙනවා..සාමාන්‍යයෙන් අතිශය නිහඬ, තිරය පසුපස චරිතයක් වන ඩොමිනික් කමිංස්, තමාගේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම සඳහා දීර්ඝ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා. තමන්ගේ අතේ කිසිදු වරදක් නැති බව ඔහු තර්ක කර තිබුණා..එසේ තිබියදීත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කමිංස්ට එරෙහි පියවරක් ගන්නේ නැහැ. මේ සිදුවීම විශාල ප්‍රශ්නයක් නොවන බවට ඔහු තර්ක කරනවා. ඒ අතරේම ජනතාව ලොක්ඩවුන් නීතිරීති රැකීම සඳහා අවනත කරවාගැනීමේ වුවමනාවකුත් ඔහුගේ ආණ්ඩුවට තිබෙනවා..කමිංස්ට එරෙහිව පියවර නොගැනීමට දැඩි හේතුවක් තියෙනවා. හේතුව ඕනෑනම් වචන පහකට කෙටි කළ හැකියි. ඒ ‘වෝට් ලීව්, ටේක් බැක් කන්ට්‍රෝල්’ යන වචන පහ. ‘පිටවෙන්න ඡන්දය දෙන්න, පාලනය ආපහු ගන්න.’ යනුවෙන් එය සරලව සිංහලයට හැරවිය හැකියි..බ්‍රෙක්සිට් හිතවාදීන් ආඩම්බරයෙන් කියන පරිදි 2015 අගෝස්තුවේදී බ්‍රෙක්සිට් හිතවාදී මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටියදී, එක්වරම ‘වෝට් ලීව්, ටේක් කන්ට්‍රෝල්’ යන වචන හතර ඩොමිනික් ඉදිරිපත් කළ බව කියනවා. පසුව එය අප පෙර කී වචන පහ බවට හැරුණේ රටක ඉතිහාසය වෙනස් කරමින්..මේ වචන පහ මුල් කරගත් ඩොමිනික් කමිංස් සැලසුම් කළ ප්‍රචාරක ව්‍යාපෘතිය නොවෙන්නට බ්‍රෙක්සිට් හෙවත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව 2016 ජනමතවිචාරණයේදී ගෙනගිය බොරිස් ජොන්සන්ලාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ..බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුත්තේ ඇයිද යන්න අතිශය සංකීර්ණ මාතෘකාවක් වුණා. එහෙත් බ්‍රිතාන්‍යය ඉවත්විය යුත්තේ ඇයිද යන කාරණාව අතිසරල කරමින්, එම දේශපාලන ගැටළුවේ සංකීර්ණත්වය සම්පූර්ණයෙන්ම යටපත් කරමින්, වචන පහක් මුල් කරගත් ප්‍රචාරක ව්‍යාපෘතියක් ඇරඹුණා. තර්කානුකූල හේතු සිය ගණනක් තිබියදී, බ්‍රෙක්සිට් ජනමත විචාරණය උඩුයටිකුරු කරන්නට ඩොමිනික් කමිංස්ගේ ප්‍රචාරක සැලසුම් හේතු වුණා..එතැනිනුත් පසු, බොරිස් ජොන්සන් ඉහළින්ම මහ මැතිවරණයේ ජයග්‍රහණය දක්වා ගෙනගිය ‘ගෙට් බ්‍රෙක්සිට් ඩන්’ ව්‍යාපෘතියත් ඩොමිනික් කමිංස්ගේ සැලසුමක්. 2019 බ්‍රිතාන්‍ය මහමැතිවරණයේදීත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යන සංකීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෑල්ලු කොට, ‘ගෙට් බ්‍රෙක්සිට් ඩන්’ යන කෙටි තේමා පාඨය වටා බොරිස් ජොන්සන්ගේ ප්‍රචාරක ව්‍යාපෘතිය ගොඩනැඟුවා..ඇත්තටම ඩොමිනික් කමිංස් කියන්නේ බොරිස් ජොන්සන් වැනි දේශපාලන නායකයෙකුගේ සිහින වල සිටිය හැකි වර්ගයේ සගයෙක්. මිනිසුන්ගේ තර්ක බුද්ධිය නිදිකොට, හැඟීම් අවදි කරවන අන්දමේ ප්‍රචාරක ව්‍යාපෘති කිරීමේ සමතෙක්..එහෙත් මෙම සිදුවීමට අදාල වැදගත්ම කාරණාව වන්නේ ඩොමිනික් කමිංස් නීතිය කැඩීමත්, එය බොරිස් ජොන්සන් ආරක්ෂා කිරීමත් නොවෙයි. එරට මාධ්‍ය ආයතන, පුරවැසියන්, විපක්ෂයේ දේශපාලඥයන් එම තත්වය ඉවසාගෙන නිහඬව නොසිටීම තමයි වැදගත්ම කාරණාව. පුරවැසියන් නිහඬ වහලුන් නොවී ප්‍රශ්න කරනවා. මාධ්‍ය වන්දිභට්ටයන් නොවී චෝදනා කරනවා. විපක්ෂය ඕලාරික නොවී, මේ ප්‍රශ්නය ගැන ප්‍රසිද්ධියේ කතාකරනවා. කොටින්ම කීවොත්, මෙවැනි සිදුවීම් එරට සමාජය ඉවසන්නේ නැහැ..අනුරංග ජයසිංහ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපි දේශද්‍රෝහී නම් නීතියෙන් දඬුවම් කරන්න – නීතිඥ අචලා සෙනෙවිරත්න.Next articleකන්න නැතිවුණොත් රජය වග කියන්න ඕනෑ..- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කබලෙන් ලිපට වැටුනු ඩන්සිනන් වත්තේ මිනිස්සු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කබලෙන් ලිපට වැටුනු ඩන්සිනන් වත්තේ මිනිස්සු.By රේඛා නිලුක්ෂි හේරත්.September 16, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.නුවරඑළිය පසුකොට ටික දුරක් යද්දී ඩන්සිනන් වතුයායට සහ පූඬළුඔයට හැරෙන මාර්ගය හමුවෙයි. වතුයායට හැරෙද්දී අප සොයාගි ය නව ව්‍යාපෘතිය පිළිබඳ දැන්වීමක් හමුවිය..අගෝස්තු 12 වැනිදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ඉන්දීය මහකොමසාරිස්වරයා, අමාත්‍ය පී. දිගම්බරම් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඩන්සිනන් වතුයායේ නිවාස ව්‍යාපෘතියක එක් අදියරක් ජනතා අයිතියට පත්කිරීම සිදුකර තිබුණි..වතුකරයේ ජනතාවට නිවාස.පූඬළුඔය මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන් කළ පසුව නව නිවාස හමුවෙයි. ඉහත කී ආකාරයෙන් උත්සව පවත්වා නිවාස ජනතා අයිතියට පත් කළත් තවමත් පරණ නිවාස අත්හැර අලූ‍ත් නිවාසවල ජනතාව පදිංචියට ඇවිත් නැත. හිස් නිවාස අතර ඇවිද ගිය අපට වී. පොන්නම්බලම් මහතා හමුවිය. ඔහු විශ‍්‍රාමික වතු කම්කරුවෙකි..‘‘ගෙවල් දීලා ඉවරයි. නමුත් තවම කරන්ට් එකයි වතුරයි නැහැ. මේවා ඕපන් කරන්න අගමැතිතුමා තමයි ආවේ. මෙතන ගෙවල් 158ක් තියෙනවා. අපේ පරණ ගෙවල් නාය යන්න ඉඩ තියෙනවා කියලා තමයි අපිට මේ ගෙවල් හැදුවේ. පරණ ගෙවල්වලට වඩා මේ ගෙවල් හොඳයි. ඒත් අපි කොහොමද මෙහේ පදිංචියට එන්නේ වතුර කරන්ට් නැතිව.’’ පොන්නම්බලම් මහතා කතාබහ ආරම්භ කළේය..ජලය හා විදුලිය ඉක්මනින් සම්පූර්ණ කළ හැකි පහසුකම් යැයි සිතිය හැකිය. තවමත් ජලය සහ විදුලිය ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර නැතත් නුදුරේදීම එවැන්නක් ආරම්භ කරනු ඇතැයි සිතිය හැකිය. එහෙත් නුවරඑළියට ධාරානිපාත වර්ෂා වැටෙන දෙසැම්බරයට පෙර එය සිදුකළ යුතුය. නව නිවාස ලැබුණු අය මේ වෙද්දී ජීවත්වෙන පැරණි නිවාස ඇත්තේ දැඩි නායයෑමේ අවදානමකය. ඒ නායයෑම එළැඹෙන වැහි කාලයේදී වුව සිදුවිය හැකිය. නිවාස ඉදිකිරීමෙනුත් පසුව එවැනි අනතුරක් වුවහොත් එය මහා ඛේදවාචකයක් වනු ඇත. නව නිවාසවලට ජලය හා විදුලිය ලබාදීම සඳහා මුදල් වෙන්කර ඇතැයි දැන්වීම්වල සඳහන් වන නිසා ඒ මුදල් වැයකොට මෙම ව්‍යාපෘති ඉක්මනින් අවසන් කිරීම වැදගත්ය..කෙසේ වෙතත් පැරණි නිවාස අත්හරින්නට සිදුවීමත්, නව නිවාසවල තත්ත්වයත් පිළිබඳව අපට අසන්නට ලැබුණු කතාව ඛේදජනක කතාවක් විය. මෙම නව නිවාස පද්ධතිය විවෘත කළද එහි වැඩකටයුතු තවමත් සම්පූර්ණයෙන් අවසන් කර නැත. ජලය හා විදුලියට අමතරව ඇතැම් නිවාසවල වැසිකිළි පවා තවම ඉදිකර නැත. නිවාසවලට වැඩකටයුතු කරද්දී සහ නිවාස විවෘත කරද්දී වත්තේ බංගලාවෙන් විදුලිය ගෙන තිබේ. විවෘත කිරීමේදී සංදර්ශනයක් ලෙස නිවසක විදුලිය දල්වා තිබුණේ එලෙස වත්තෙන් ගත් විදුලියෙන්ය..නිවාස අතර පාරවල් ජලයෙන් හේදී ගොස්ය. නිවාස අතර පාරවල් කොන්ක‍්‍රීට් හෝ තාර හෝ ගල් දමා නැති නිසා විශාල කාණු බවට ඒ පාරවල් පත්ව ඇත. නිවාස පද්ධතිය කෙළවරේ ඇති නිවාස දෙකක් නායයෑමේ අවදානමකට ලක්ව තිබේ. වැලි කොට්ට ගොඩගසා බිම් මට්ටම ඔසවා ඇති නිසා ඒ නිවාස නායයෑමේ අවදානමට ලක්ව ඇත..ඇතැම් තැන්වල නිවාස එකට පහළින් එකක් පිහිටා ඇත. අපට පසුව කතාකරන්නට ලැබුණු නිවාස හිමියන්ගේ අදහස්ද සමඟ දකින්නට ලැබුණේ නිවාස පිහිටා ඇති ආකාරය නිසා නව ගැටලූ‍ මතුවන බවය. ඇතැම් තැන්වල ඉහළින් ඇති නිවසට වහළින් වැටෙන ජලය පහළින් ඇති නිවස පසුපස ඇති වේල්ල තෙත් කරයි. ඒ හේතුවෙන් පහළින් පිහිටි නිවාස පසුපස වේල්ල කඩාවැටුණු තැන් කිහිපයකි..නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට ඩන්සිනන් වතුයායට අයිති ඉඩම් ලබාදී තිබුණි. නව නිවාස පද්ධතියට පැරණි නිවාස පද්ධතිය අත්හැර සියලූ‍දෙනා පැමිණිය යුතුය. පැරණි නිවාස නායයෑමේ අවදානමකට ලක්ව ඇති නිසාත්, ඒ ඉඩම්වල නැවත තේ වගාකරන්නට සූදානම් වන නිසාත් ඒ ඉඩම් අත්හැරීම අනිවාර්ය කාරණයක් වී ඇත. එහෙත් ඒ නිවාස අත්හැරීම අප සිතූ තරම් සතුටුදායක අත්දැකීමක් නොවීය. සුද්දා හැදු නිවාස දැන් ඇත්තේ සුද්දා හැදු විදියටම නොවේ. වසර දෙසීයක් තිස්සේ ඒ නිවාස නවීකරණය වී ඇත..‘‘ගෙවල් හොඳයි. අලූ‍ත්. අපේ පරණ ගෙවල්වල බිත්ති පවා දිරාපත්වෙලා. එහෙත් මේ අලූ‍ත් ගෙදර ඉඩ මදි. මට ළමයි 9 ක් ඉන්නවා. දෙන්නෙක් බැඳලා, ඒ දෙන්නා වෙනම ඉන්නේ. අනෙක් ළමයි 7 දෙනා මා එක්ක ඉන්නේ. අපේ පවුලට මේ ගෙදර ඉඩ මදි. මේ ගෙදර කාමර දෙකක්, සාලයක්, කුස්සියක් තියෙනවා.’’ පොන්නම්බලම් මහතා තවත් ගැටලූ‍වක් පෙන්වීය. අලූ‍තෙන් නිවාස ලැබුණු තවත් අය පෙන්වාදුන් ආකාරයට නව නිවාස ලබාදීමේදී පරණ නිවසකට එක් අලූ‍ත් නිවසක් ලෙස ගණන් හදා තිබුණි. එක නිවසක එක් පවුලකට වඩා ජීවත්වන අවස්ථා බොහෝ විය. එවැනි පවුල් කිහිපයකට පමණක් නිවාස දෙක බැගින් ලබාදී තිබුණි. එහෙත් පොන්නම්බලම් මහතා වැනි බොහෝ පවුල් පෙර නිවසෙහි ඉඩකඩ ප‍්‍රශ්න විසඳාගෙන තිබුණි. ‘‘අපි පරණ ගෙවල් අවුරුදු ගාණක් තිස්සේ අපේ සල්ලිවලින් ටික ටික හදාගත්තා. ෆන්ටෙකේ (අර්ථසාධක අරමුදලේ) සල්ලිත් යටකරලා අපි ගෙවල් හැදුවෙ. ඒ ගෙවල්වල පවුලෙ අයට ඉන්න ඉඩ ඇති. පරණ ගෙදර ළමයි 9ම හිටියා.’’ පොන්නම්බලම් මහතා කියයි..වතුකරයේ නිවාස ප‍්‍රශ්නය වඩා සංකීර්ණ එකක් බවට පත්ව ඇත. ඇතැම් නිවාස හිමියන් තමන්ගේ නිවාස අලූ‍ත්වැඩියා කරගෙන තිබේ. එක් කාමරයක් පමණක් තිබුණු ලැයිම් නිවාසවලට ඉඩකඩ පුළුල් කරගැනීමටත්, නව කාමර නිර්මාණය කරගැනීමටත් ඔවුන් වෙහෙස වී ඇත. ඒ නිසා වතුකරයේ ඉඩම් ප‍්‍රශ්නයට කුමන හෝ අන්දමේ නිවාස තනාදීම විසඳුමක් නොවේ. ඔවුන්ගේ පැරණි නිවාස අතර අපට විශාල නිවාස කිහිපයක්ම දකින්නට ලැබුණි..‘‘මේ ගෙදර (පැරණි නිවස) හැදුවෙ අවුරුදු දහයක් විතර පිටරට රස්සා කරලා. තට්ටු දෙකට හැදුවා. දැන් මම මේ ගෙදර අත්හැරලා පුංචි ගෙදරකට යන්න ඕනෑ. ඒක මට පාඩුවක්. අලූ‍ත් ගෙවල්වල සිවිලමක් නැහැ. කුස්සිය අපි හදාගන්න ඕනෑ. කාමර දෙකට වැඩියෙන් ලොකු කරනවා නම් ඒක කරන්නත් සල්ලි ඕනෑ. මම ජීවිත කාලය පුරාවට සල්ලි හම්බ කළා. ඒවාට මොකද වුණේ? ඔව්. ඒවා මේ ගෙදරට යට කළා. දැන් මේ ගෙදර අත්හැරලා ආයෙමත් පුංචි ගෙදරකට යන්නලූ‍. මට තවත් අවුරුදු දහයක් රට ගිහින් ගෙදර හදන්න හයියක් නැහැ.’’ එක් කාන්තාවක වේදනාවෙන් කීවේ එසේය..ඇගේ වත්මන් නිවස දරුවන් සියලූ දෙනාටම ප‍්‍රමාණවත්ය. නව නිවස කුඩාය. ආපදා හේතුවෙන් පැරණි නිවසේ ඉන්නට බැරිය. ඉඩම් අයිති වතු සමාගමට නිසා අයිතිවාසිකම් කියන්නටත් බැරිය. කියන තැනට යා යුතුය. වෙන තැන්වල මෙන් ආපදාවකට නිවාසය අත්හරිද්දී වන්දියක් ලැබෙන්නේ නැත. ආපදා වෙනුවෙන් ලබාදෙන රක්ෂණ මුදල ලැබෙන්නේත් නැත. වත්තේ එක් ඉඩමකින් තවත් ඉඩමකට මාරු කර ඇත. නව ඉඩමේ පුංචි නිවාස විශාල කරගැනීම අලූ‍තෙන් ආරම්භ කළ යුතුය. පොදුවේ ගත් කල, වතුකරයේ නිවාස ප‍්‍රශ්නය ලෙස හඳුන්වන්නේ කුඩා නිවාසවල ජීවත්වෙන්නට සිදුවීම නොවේ. වතු සමාගම්වලට අයිති ඉඩම්වල ජීවත්වෙන්නට සිදුවීමයි. වසර දෙසීයක් පමණ තමන්ගේ පවුලේ උදවිය ජීවත්වූ නිවාස ඉඩම්වල අයිතියක් නොවීමයි. වතුකරයේ ඉඩම් ප‍්‍රශ්නය විසඳීම යනු ඉඩම් අයිතිය තහවුරු කිරීමයි. වතු සමාගමටම අයිති ඉඩම්වල තවත් නිවාස ඉදිකිරීම වතු කම්කරුවන්ගේ ප‍්‍රශ්නයට විසඳුමක් නොවේ..ආරුමුගම් වසන්ති ඩන්සිනන් වත්තේදී අපට හමුවූ තවත් කාන්තාවකි. ඇයට කියන්න තිබුණු කතාව මෙබඳුය..‘‘අපේ ගෙදර පොඩි ළමයි 5ක් ඉන්නවා. කරන්ට් එකයි වතුරයි නැතිව එයාලා එක්ක මෙහේ ඇවිත් ඉන්න බැහැ. ළමයි ඉස්කෝලෙ යන්න, පාඩම් කරන්න ඕනෑ. ඒ නිසා අපි තවම පරණ ගෙදර තමයි ඉන්නේ. අපිට උත්සව වෙලාවේ ඔප්පු කියලා ලියකියවිලි වගයක් දුන්නා නමුත් ඒවා අපිට සින්නක්කර අයිතිවෙන ඉඩම් ඔප්පු නෙවෙයි. අනෙක් කාරණය තමයි අපේ ගෙවල්වල පවුල් කීයක් හිටියත් මේ කාමර දෙකේ ගෙදර තමයි අපි ඉන්න ඕනෑ. අපේ පරණ ගෙදර පවුල් දෙකක් හිටපු නිසා මම ගෙවල් දෙකක් ඉල්ලූ‍වා. ඒත් එකම ගෙදරයි ලැබුණෙ.’’ වසන්ති මහත්මියට කියන්නට ඇති පෞද්ගලික කතාවක්ද මේ පොදු කතාවට එක් කළේ එය ඔවුන්ගේ පරිසරය තවත් පැහැදිලිව පෙන්වාදෙන නිසාය..‘‘මගේ මහත්තයා, අපේ එකම පුතා පොඩි කාලෙම නැති වුණා. මම දුක් විඳලා පුතාව ලොකු මහත් කරලා බන්දලා දුන්නා. මගේ ලේලිත් ඉගෙන ගත්ත කෙනෙක්. එයාලාට ළමයි දෙන්නෙක්. පුතා ගමෙන් පිට රස්සාවකට ගිහින් එතන ගැහැනු ළමයෙක් එක්ක යාළු වෙලා හොරෙන් එයාව කසාද බැඳලා එහේ නැවතුණා. ලේලි මා එක්ක තනිවුණා. දෙවැනි ලේලිට දැන් ළමයි 3 ක් ඉන්නවා. පුතයි ලේලියි ගමෙන් පිට හිටියාට දෙවැනි කසාදේ ළමයි ඉන්නේත් දැන් මෙහේ මා එක්ක. මේ ගෙදර හම්බවුණේ මගේ පළවෙනි ලේලිට. එයා දැන් මට යන්න කියනවා. එයා කියන්නේ මේ ගෙදර එයාට හම්බවුණ නිසා එයාගේ ළමයි දෙන්නා එක්ක මේ ගෙදර තනියම ඉන්න ඕනෑ, මට පුතා ගාවට යන්න කියලා. එහෙත් දෙවැනි ලේලි මම එනවාට කැමති නැහැ. පළවැනි ලේලි මට බැන බැන හරි සලකනවා. මම වත්තේ ලොකු මහත්තයා ගාවට ගිහින් අඬලා කිව්වා මට පරණ ගෙදර දෙන්න කියලා. ඒත් අපි මේ ගෙවල්වලට ආවාම ඒ ගෙවල් කඩන්න හදන්නේ. මට එතැන ඉන්න බෑ. වත්තෙ මහත්තුරුන්ට තේරෙන්නේ නැහැ අපට තියෙන ප‍්‍රශ්න.’’.ටී. ප‍්‍රසාද් වත්තේ තරුණයෙකි. ඔහු මෑතකදී විවාහවූවෙකි. ජලය හා විදුලිය නැති වුණත් බිරිඳගේ මවගේ නමට ලැබුණු නව නිවසෙහි පදිංචියට ඔහු තම බිරිද සමඟ පැමිණ ඇත. අප එහි යද්දී ඔවුන් නව නිවසට ගෙවැදීමේ උත්සවයට සූදානම් වෙමින් සිටියේය..‘‘අපි ලාම්පු එළියෙන් ඉන්නවා. වතුර නැති නිසා වතුර ගන්නත් කැලෑව පැත්තට යන්න ඕනෑ. අපි ත‍්‍රිවිල් එකක තමයි ගිහින් වතුර ගේන්නේ. ටිකක් කරදරයි. එදා උත්සවයට ඇමතිවරු එනකොට විතරක් මේක භාරව හිටපු අය වතුර ‍ගෙනත් ටැංකියකට පිරෙව්වා. දැන් ඒ වතුර ඉවරයි. අපි මේ ගෙදර අලූ‍ත්වැඩියාවට ලක්ෂ දෙකක් විතර වියදම් කලා. සිවිලිමටයි, ටයිල්වලටයි.’’ ප‍්‍රසාද් ජීවත්වෙන්නේ තම නැන්දම්මාගේ නිවසෙහිය. නැන්දම්මා තම පවුල සමඟ මේ නිවසට පැමිණෙද්දී ඔවුන්ට තවත් ප‍්‍රශ්න රැුසකට මුහුණදෙන්නට සිදුවනු ඇත..මේ ප‍්‍රදේශයේ පොදුවේ ජීවත්වන ජනතාව මුහුණදෙන තවත් ප‍්‍රශ්න බොහෝය. ව්‍යාපෘතියෙන් මාර්ග පද්ධතියට මුදල් වෙන් කර ඇතත් මේ ගමට එන මාර්ගය සම්පූර්ණයෙන්ම අබලන්ය. අගමැතිවරයා ඇතුළු පිරිස ගමට එද්දී නම් ඒ වෙනුවෙන්ම වියදමක් දරා පාරේ වලවල් වසා පිළිසකර කර තිබුණි. එහෙත් මාසයක් යන්නට පෙර ඒවා සේදී ගොස් නැවත වළවල් මතුවී ඇත. අගමැතිවරයාට එක දිනක් එන්නට බැරිවුණු පාරේ මේ ජනතාව හැමදා යති එති. පාසලට පයින් කිලෝමීටර් දෙකක් යා යුතුය. පූඬළුඔය බස් රිය එන්නේ ඉඳහිටය..ඩන්සිනන් වතුයායේ ඇති අනෙක් නිවාස පද්ධති වෙනුවටද නව නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඇත. ඒ නිවාසවල වෙසෙන්නන්ද දැන් සිටින්නේ අවිනිශ්චිත හැඟීමකින්ය. නිවාස තනන්නට පෙර අවශ්‍ය නිවාස ප‍්‍රමාණය කොපමණද? එක් නිවසකට වඩා අවැසි වෙන පවුල් සිටිනවාද? පැරණි නිවාසවල ඉඩකඩ ප‍්‍රමාණය කොපමණද? වැනි ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගත්තේදැයි අපි විමසුවෙමු. නව නිවාස ලද අයගෙන් ලැබුණු පිළිතුර නැත යන්නය. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක් කරන්නට පෙර ඒ ව්‍යාපෘතියෙහි යම් ප‍්‍රතිලාභයක් ලබන පුරවැසියන්ගේ අදහස් විමසන්නේ නැත. අවශ්‍යතා විමසන්නේ නැත. පිටින් එන ඉංජිනේරුවෝ, විද්වත්තු දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් ඔවුන්ගේ අදහස් මත ව්‍යාපෘති සිදුකරති. ප‍්‍රායෝගික තත්ත්වයන් මගහැරෙයි. පූඬළුඔය ඩන්සිනන් වත්තේදී අපට දකින්නට ලැබුණේද එයයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමහජන මුදල් වියදම් කර නීතියට පිටුපාන රවි විජේගුණරත්න.Next articleනොසන්ඩාල වැඩ වර්ජන අධෛර්යවත් කිරීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඛාලිඞ් හොසෙයිනි විප‍්‍රවාසියාගේ හෘද ගුණය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඛාලිඞ් හොසෙයිනි විප‍්‍රවාසියාගේ හෘද ගුණය.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.චතුපමා අබේවික‍්‍රම.අතීත සේද මාවතේ මානව සංක‍්‍රමණ සන්ධිස්ථානයක් වූ ඇෆ්ගනිස්තානය වර්තමානයේ අවම පාරිසරික සම්පත් හිමි, දරිද්‍රතාවෙන් බැට කන, ගැටුම් බහුල, ආගමික පීඩන සුලබ ඉස්ලාමික ජනරජයකි. දකුණු මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වට වූ කඳුකර රාජ්‍යයක් වන එය, දකුණින් සහ නැගෙනහිරින් පකිස්තානයටත් බටහිරින් ඉරානයටත් උතුරින් උස්බෙකිස්තානයටත් ඊසාන දිගින් චීනයටත් මායිම් ව ඇත. යුරෝපීය දේශපාලන විචාරකයන්ට අනුව ඇෆ්ගනිස්තානය යනු ත‍්‍රස්තවාදීන්ගේ ක්ෂේමභූමිය ය. නො එසේ නම් ස්ත‍්‍රීන්ගේ අපාය ය. ඉතිහාසයේ සිට ම විවිධ ආක‍්‍රමණිකයන්ගේ ග‍්‍රහණයට ගොදුරු වූ භූමියක් වන එය 1979 දී සිදු වූ සෝවියට් ආක‍්‍රමණයෙන් අනතුරුව සහමුලින්ම විනාශකාරී මඟක ගමන් ගත්තේ ය. පසුව එහි තලිබාන් සටන් හිස එසවූ අතර 2001 දී ඇමරිකාව ද ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ ය. කාලාන්තරයක් තිස්සේ ඇවිළී ගිය යුදගැටුම් ඇෆ්ගනිස්තානුවන්ට ඉතිරි කළේ කැඞී බිඳී ගිය ජීවිත ය. සදාකාලික යුදබිමක් යන පටු නිර්වචනයෙන් ඇෆ්ගනිස්තානය හඳුන්වන ලෝකයා වෙත, එකී සරල විනිශ්චයෙන් එහා යමක් අද්දකිනු පිණිස ගැඹුරු දෘෂ්ටිකෝණයක් පවරා දෙන සාහිත්‍යකරුවෙකු බිහි වන්නේ මේ අතරතුර දී ය. මෙතෙක් ඇෆ්ගනිස්තානය කෙරෙහි බල පැවැත්වුණු ලෝක දෘෂ්ටිය වෙනස් මුහුණුවරක් වෙත විතැන් කිරීමට සමත් වන ඔහු ඛාලිඞ් හොසෙයිනි ය. The Kite Runner, A Thousand Splendid Suns සහAnd The Mountains Echoed යනු හොසෙයිනි ඇෆ්ගනිස්තාන ජන ජීවිතය කේන්ද්‍ර කර ගනිමින් මෙතෙක් ලියූ නවකතා ත‍්‍රිත්වයයි..1965 වසරේ මාර්තු 4 වැනිදා උපන් හොසෙයිනි සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ය. ඔහුගේ මව ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උසස් බාලිකා විද්‍යාලයේ ෆාර්සි භාෂා සහ ඉතිහාස ගුරුවරියක වූ අතර පියා ඇෆ්ගන් විදේශ කොන්සල් කාර්යාලයේ සේවය කළේ ය. හොසෙයිනිගේ පියා වරින් වර විවිධ රටවල තානාපති කාර්යාලවලට ලද පත්වීම් හේතුවෙන් මේ පවුලේ සියල්ලෝ 1970 දී පමණ ටෙහෙරානයට ද, 1973 දී නැවත කාබුල් වෙත ද, යළි 1976 දී පැරීසියට ද සිය පදිංචිය මාරු කළහ. ඔවුන් පැරීසියේ සිට පෙරළා කාබුල් වෙත පැමිණීමට සූදානම් ව සිටිය දී ඇෆ්ගනිස්තානය සෝවියට් ආක‍්‍රමණයට යටත් ව තිබිණ. එහෙයින් හොසෙයිනිගේ පියා සිය රට අතහැර ඇමරිකාවේ දේශපාලන රැුකවරණ පැතීමට තීරණය කළේ ය. මේ අනුව යුද්ධයේ ආරම්භක අවධියේ ම විප‍්‍රවාසී වන හොසෙයිනි 1984 දී පාසල් අධ්‍යාපනය හමාර කර 1988 දී ජීව විද්‍යා ශාස්ත‍්‍රවේදී උපාධිය ලබා ගනියි. 1993 දී වෛද්‍ය උපාධිය ලබන හෙතෙම 1996 පටන් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන්නට පටන්ගනියි. 2003 දී ඔහු ලියූ The Kite Runnerකෘතිය අනපේක්ෂිත පාඨක අවධානයක් හිමි කර ගැනීමෙන් අනතුරුව හේ වෛද්‍ය වෘත්තියට සමු දී පූර්ණකාලීන ලේඛකයෙකු බවට පත් වේ. The Kite Runner කෘතිය 2007 වසරේ දී සිනමාවට ද නැඟු‍ණු අතර එය එම වසරේ හොඳ ම විදෙස් චිත‍්‍රපටය සඳහා වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට ද නිර්දේශ විය. ලොව පුරා පාඨක ප‍්‍රජාව අතර ශීඝ‍්‍රයෙන් අලෙවි වූ හොසෙයිනිගේ නවකතා මේ වන විට රටවල් රාශියක භාෂා විශාල ප‍්‍රමාණයකට පරිවර්තනය වී ඇත. දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක් ව රටරටවල සරණාගතයන් සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරන ඔහු සිය බිරිඳ සහ දෙදරුවන් සමග උතුරු කැලිෆෝනියාවේ වාසය කරයි. මේ වසරේ අගෝස්තු මාසයේ දීSea Prayer නමින් හොසෙයිනිගේ කෙටි කෘතියක් එළිදැකීමට නියමිත ය..ස්වභාෂාවෙන් ලියන ලේඛකයෙකුට වඩා ලෝකය වෙත විවෘත වීමේ ඉඩකඩ පාදා ගැනීමට හොසෙයිනිට හැකි වන්නේ ඇෆ්ගන් ඇමරිකානු පුරවැසියෙකු වෙමින් ඉංග‍්‍රීසියෙන් ලේඛනයේ යෙදීමෙනි. ඒ අනුව ඇෆ්ගන් ජාතිකයෙකු ඉංග‍්‍රීසියෙන් ලියූ ප‍්‍රථම නවකතාව බවට පත් වන්නේ ඔහුගේ The Kite Runner ය. සිය සේවකයා ද හොඳ ම මිතුරා ද විශ්වාසවන්තයා ද වන කුලහීන හසන්ට ද්‍රෝහී වන අමීර් ස්වකීය ජීවිත කාලය පුරා එකී වන්දිය ගෙවීමට කරන සටන සහ ඔවුන් දෙදෙනාගේ කතාවට යුද්ධය පසුබිම් වන ආකාරය හොසෙයිනි අතින් එහි දී ප‍්‍රබන්ධයට නැෙඟ්. 2007 දී ඔහු එළිදක්වනA Thousand Splendid Suns නවකතාව, ලෝකයෙන් වසන් වූ ඇෆ්ගන් ස්ත‍්‍රියගේ සංස්කෘතික මුහුණුවර සහ යුදකාමී අවකාශයක ඇගේ ඉරණම, මාරියම් සහ ලයිලාගේ කතාන්දර එකිනෙකට අභිමුඛ කරවමින් සංවාදයට විවර කරයි. එළිදැක්වී සතියක් තුළ පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අලෙවි වූ මෙම කෘතිය දැනට සිනමා පටයකට නැගෙමින් පවතින බව කියැවේ. 2013 දී ප‍්‍රකාශයට පත් වනAnd The Mountains Echoed ඔහුගේ තෙවැනි නවකතාවයි. පූර්ව කෘති දෙකට ම වඩා වෙනස් මඟක් ගන්නා මෙය නවකතා කලාවේ නැවුම් දිගුවක් වශයෙන් විචාරක පාඨක පිරිස් විසින් හඳුනා ගැනේ. වෘත්තාකාර කතාන්දරයක් වෙනුවට මෙහි දැක්වෙන්නේ එක් රේඛීය කතාවකට සම්බන්ධ විවිධ චරිතවල ඇතුළාන්තය විදහා දක්වන කතා කිහිපයක එකතුවකි. කුඩා කල ම දෙපසකට වෙන් කෙරෙන පාරි සහ අබ්දුල්ලා අතර වන සහෝදර පේ‍්‍රමයේ පරිමාණයත්, හැම කතාවකට ම සර්ව සම්පූර්ණ අවසානයක් නො ලැබීමේ ලෝක සත්‍යයත් හොසෙයිනි ඉවසිල්ලේ දිග හරියි. මෙම නවකතාව, යමක් මතුපිටින් දුටු මතින් පටු විනිශ්චයන්ට එළඹෙන්නන් අල්ලා පොළොවේ ගසමින්, හැම කෙනෙකුට ම තමන්ගේ ම කතාවක් ඇති බව මතක් කර දීමකි. ප‍්‍රතිගාමී ලක්ෂණ සහිත නො දියුණු රටක පුරවැසියන්ගේ ඇතුළාන්තය නිරාවරණය කරමින් රචනා කරන කෘතියක, දියුණු සහ ප‍්‍රගතිශීලී දෘෂ්ටිකෝණයක් ගැබ් වීමෙන් හෙළි වන්නේ ලේඛකයා පරාරෝපිතයෙකු බව ය..රචකයාගේ භාෂා භාවිතය, උක්ත නවකතා ත‍්‍රිත්වය කෙරෙහි මිලියන ගණනක් පාඨකයන් ආසක්ත වීමට මුඛ්‍ය හේතුවකි. චරිතවල සියුම් චිත්ත ස්වභාවයන් සහ විචල්‍යයන් වචනයට නැඟීමෙහි ලා හොසෙයිනි භාවිත කරන්නේ අතිශය ප‍්‍රවේශම් සහගත මෙන් ම ඉවසිලිවන්ත භාෂාවකි. භාවගෝචර වදන් පෙළගස්වමින් සූක්ෂ්ම ව බුද්ධිය අවදි කිරීම නූතනවාදී ලේඛකයන් පවා බොහෝ විට අසමත් වන තැනකි. එහෙත් මේ ලේඛකයා සංකීර්ණ මිනිස් හැඟීම් සහකම්පනයෙන් යුතු ව බුද්ධිගෝචර ලෙස කියවා දීමට සමත් ය. ලේඛකයා විසින් හිතාමතා චරිතවලට අනන්‍යතා, හැඳුනුම්පත් හෝ විනිශ්චයන් නිකුත් නො කිරීම, හොසෙයිනිගේ රචනා විලාසය තුළ අද්දැකිය හැකි දියුණුතම ලක්ෂණයකි..හොසෙයිනිගේ කෘති හරහා සවිඥානික ව හෝ අවිඥානික ව ප‍්‍රතිනිර්මාණය වන්නේ යුද්ධයේ ආරම්භක සමයේ දී ම සිය රට හැර ගොස් ආරක්‍ෂිත භූමියක රැුකවරණය ලබා ගෙන, තම රටත් එහි වැසියනුත් යුද්ධයේ නො වැලැක්විය හැකි ගොදුරු බවට පත් වනු ඉවසීමෙන් බලා සිටින්නට සිදු වූවෙකුගේ හෘදය සාක්ෂියයි. මගේ රට ඔබ දැන් මේ දකිනා ඇෆ්ගනිස්තානය නොවේ ය යන අභ්‍යන්තර කෑගැසීම ලෝකය වෙත මුදාහැරීමට හොසෙයිනි තෝරා ගන්නා මාර්ගය නවකතාව ය. මේ තාක් පළ කරන්නට යෙදුණු නවකතා ත‍්‍රිත්වය ඔස්සේ ම දිළිඳුකම, යුද්ධය, ආගම, සංස්කෘතිය, දේශපාලනය ආදි අනේක විධ පීඩා හේතු කොටගෙන යටපත් වන මනුෂ්‍යත්වය පිළිබඳ සාකච්ඡුා කරන්නට උත්සුක වන ඔහු නන්විධ හේතු නිසා තවදුරටත් ඇෆ්ගනිස්තානයේ වාසය නො කරන, එහෙත් ඇෆ්ගනිස්තානු මූලයන් සහිත මිනිසුන්ගේ සංකීර්ණ මනසේ හරස්කඩක් ද ලෝකය හමුවේ විවර කරයි. හොසෙයිනිගේ ප‍්‍රබන්ධවල හෘද ගුණය වඩවන්නේ ඔහුගේ විප‍්‍රවාසීත්වයයි..ලංකාවේ සිවිල් යුද්ධය නිම වී දස වසරකට ආසන්න වී ඇතත් යුද්ධය හේතුවෙන් උත්කර්ෂයට නැඟු‍ණු යුදකාමී මානසිකත්වය විසින් අපට අහිමි කරන ලද මනුෂ්‍යත්වයේ පරිමාණය අදත් අත්විඳිය හැකි ය. පශ්චාත් සිවිල් යුද සමයේ දී ලාංකේය සාහිත්‍යකරුවා යුද්ධය මත තබා මනුෂ්‍යත්වය කියවා ගන්නා ආකාරය ලෝක පාඨකයාට මතු නො ව, යටත් පිරිසෙයින් ලාංකික පාඨකයාට වත් සාහිත්‍යයෙන් සමීප කරන්නට සමත් වී ද? ඒ වෙනුවට අපි පශ්චාත් යුද සමයේ ද යුද්ධය තලූ‍ මරමින් රස විඳිමින් තවදුරටත් රණමඟ ඔස්සේ නන්දිකඩාල් වෙත වාර්තාගත අලෙවියක් අත්කර දෙමින් සිටිමු. මේ අප හොසෙයිනිගේ කෘති කියැවිය යුතු ම කාලයයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅපි සොයන්නේ ජීවිතයේ නැතිවුණු අනුපිළිවෙළයි මයිකල් ඔන්ඩාච්චි.Next article‘මට ආදරෙයි නම් මම කැමති දේ කරන්න දෙන්න..’ ලංකා බණ්ඩාරනායක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඝෝෂාකාරීත්වය අතර මැද නිහඬක හඬ නගන හෑගොඩ – ලියනගේ අමරකීර්ති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඝෝෂාකාරීත්වය අතර මැද නිහඬක හඬ නගන හෑගොඩ – ලියනගේ අමරකීර්ති.By සංස්කාරක.June 4, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.නිහඬතාව යනු භෞතික නිහඬතාව හෙවත් ශබ්දයෙන් තොර වීමම නොවේ. බහුවිධ ශබ්ද අතර නිර්-ශබ්දය වෙනුවෙන් අප දියුණු කරගන්නා සංවේදිතාවකි. හෑගොඩ කවියාගේ කවියෙහි සෑම විශිෂ්ට අවස්ථාවකම ඔහු අපට ආරාධනා කරන්නේ මේ නෙක නෙක මනුෂ්‍ය ඝෝෂාකාරිත්වය අතරම ආත්මීය නිහඬතාවක අසිරිය වෙතය..ලාල් හෑගොඩගේ අලුත් කවිපොත් සිඟිත්ත පළවෙන බවට හාහූව ගියේ ඒ කවියා නැවතත් රෝගී වී සිටිතියි යන ආරංචියත් සමගය. බොහෝ දෙනෙකු ඒ පොත ගැන ලහිලහි අගය කිරීම් ලිව්වේද තම තම මිහිරි ඇගයුම් ඒ කවියාගේ අවසන් දවස්වලදී දිනපතා ඇසෙන්නට සලස්වන්නට මෙනි. ඒ පොත කියවූ මම කිසිවක් නොලිව්වෙමි. හෑගොඩ ගැන මගේ ඇගයුම ඔහුට සුබගමන් පතා ආයුබෝවන් කීමක් වනු දකින්නට මා කැමති නොවූ බැවිනි. එහෙත් අනිද්දා මෙය ලියන්නැයි කී විට මම මෙය ‘අනිද්දා’ එවන බව කීවෙමි..සෑහෙන තරම් දිගු ජීවිත කාලයක් ගෙවූ සෑම කවියෙක්ම තමන් ලියන බස පෝෂණය කරයි. කවියක් යම් බසකින් දවටා ඉදිරිපත් කරන ලද රසකැවිල්ලක් නොවේ. බස යනු දවටනය නොවේ. කැමති කෙනෙකුට අන් බසක් නමැති වෙනත් දවටනයක් සමග ඉදිරිපත් කළ හැකි කැවිල්ලක් සේ කවිය සැලකිය නොහැකිය. නොයෙක් සමාගම් කිරිපිටි ලංකාවට ආනයනය කර තම තම වෙළඳ නම සහිත දවටනවල බහා වෙළඳපොළට ඉදිරිපත් කරයි. එහෙත් කවිය එවැන්නක් නොවේ. කවිය එය ලියවෙන බස හා අවියෝජනීය ලෙස බැඳී එය පෝෂණය කරයි..ඒ ඒ කවියා එම පෝෂණය කිරීම කරන ආකාරය විවිධය. ලංකාවේ මෑත කාලයේ ලියූ ප්‍රධාන කවියන් වන පරාක්‍රම කොඩිතුවක්කු, එරික් ඉලයප්ආරච්චි, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි ප්‍රධාන කවීහු සිංහලයෙහි විවිධ කලාප තියුණු කළහ. ඒ කවීන් සිංහලයෙන් නොලිව්වේ නම් සිංහලය කොතරම් දුප්පත් විය හැකිවීද යන්න අද අපට පෙනෙන්නේ නැත. එහෙත් දවසක එය අපට පෙනෙනු ඇත. “ඔබේ රතුමල් එක්ක දිග ගවුම හැඳ එන්න.” “ සඳවතියේ කල් ඇවිදින් නැවුම් පොළොව පූදින්නට” වැනි ගුණදාස අමරසේකරගේ යෙදුම්, “පාලු ළිඳේ දිය සෙවෙල ගොඩයි, ජීවිතයේ එය එකම සැපයි” “මරනය නොසැලී හිමාලයක් මෙන්, ඔබ ලඟ සිටී, තුරුලට වී ඔබ වැලඳ ගනී” වැනි සිරි ගුනසිංහගේ යෙදුම් නූතන සිංහලය පෝෂණය කර තිබේ. ඒවා නිසා පෝෂණය වූයේ පද්‍ය සිංහලය පමණක් නොවේ. ඒ යෙදුම් අපේ මතකයේ භූමි දර්ශනය තුළ සංස්කෘතික සංඥා කණු දේ පවතියි. අපේ සංවේදිතාවේ එතෙක් අලුත් කලාප විවර කරයි..ලාල් හෑගොඩ අද සිටින ප්‍රවීණ කවීන් අතරින් අඩුවෙන්ම ලියූ කවියා වෙයි. ඊට එක් හේතුවක් ඔහු කවිය වෙත පමා වී ආවෙකු වීමය. දැන් මේ අලුත් පොත ලියා හදිසියේ පිට වී යන්නට තැත් කළද ලාල් අප සමග සිටියා හොඳටම මදිය. එහෙත් ඔහුද තමන්ගේ පළමු පොතෙන්ම පාහේ පද්‍ය සිංහලයෙහි ප්‍රකාශන මුවහත තියුණු කළේය. “මා මිනිසෙක් ඔබ ගඟක් නිසා” යන්න අපට මතක සිටියේ පොතක නමක් ලෙස නොව අපට කියන්නට අවශ්‍යව තිබූ දෙයක් කියන්නට අපට උදව් කරන කියුමක් ලෙසිනි; එක්තරා සංස්කෘතිකාණුවක් ලෙසිනි..ඕනෑම විශිෂ්ට කවියෙකුගේ කවිය ඔහු ලියන බසෙහි ප්‍රකාශන ශක්තිය හා බැඳීගෙන වැඩෙන බව ඉහත කියවිණි. එහෙත් ඒ බස සිරගෙයක් කරනොගෙන දැලද ඔසවාගෙන ඉහළ නගින වටු කුරුල්ලන් සේ කවියාද තමන් ලියන බස ඔසවා ගුවනට නගියි. ඒ බස ප්‍රසාරණය කරයි. මංජුල වෙඩිවර්ධන වැනි තරුණ කවියෙකුගේ ප්‍රධාන ශක්තියක් වන්නේ එයයි. ඉලයප්ආරච්චි එය එක විදියකට කරයි. රණවීර තව විදියකට කරයි. රත්න ශ්‍රී තවත් විදියකට කරයි. “සඳසරා කුමාරිය ඇවිත් කන්දට” යැයි එක කවියෙක්ද, “අප දෙදෙන සනාතන ගලින් කළ ඉසුරුමුණි පෙම්වතුන් නොවන බව කාට වුව කිව හැකිද” යැයි තව කවියෙක්ද, “විඳින්නේ මෙලෙස අවසරද නොමගෙන, බිඳක්වත් නොසිතාම විඳිනී ගැන” යැයි තව කවියෙක්ද, “හෘදයාණනි, වයන්න ඔබ වෙණ” යැයි තවත් කවියෙක්ද කියති. එවිට ඔවුන් කරන්නේ තනි තනි කවි ලිවීම පමණක් නොව, මනුෂ්‍ය පැවැත්මේ එක එක පැහැය දකින ඇස් අප වෙනුවෙන් විවෘත කිරීමකි. ඒ කවිපද අපේ විඥානයෙහි රැඳී අපගේ ප්‍රසාරිත විඥානයෙහිම කොටසක් බවට පත් වේ. ප්‍රබන්ධ කථා වැනි දේ ලියන අය අතිනුත් එය සිදුවුවත් රසික විඥානයෙහි අර තරම් තියුණුව බැඳී ගැනීමේ වාසනාව නැත..ලාල් හෑගොඩ කවිය වෙත පැමිණියේම අලුත් විඥාන ප්‍රදේශයක් එළිපෙහෙළි කරමිනි. පළමු පොතේදීම ඔහු මෙවැන්නක් කීවේය:.“හිරුගෙ තඹ රැස් ගලන සඳ ගඟ ගලන දෙසටම.උඩු වියන් යට මඩ අඳුර තුළ ගලන මිණි කඳ.මෙලෙස පැවසිය නොහැක අසිරි කවි බසින් මිස.සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත”.ලාල් එසේ කී විට ඔහු නොකියන දෙයක්ද තිබේ. ඒ වූකලි කොතරම් “අසිරි කවි බසක්” වුවත්, මා ඉහත කී විඥාන ප්‍රදේශය එළි කිරීමට ඒ බස, ඒ ලෙසම ප්‍රමාණවත් නැත. ලාල් නිහතමානී වැඩිය. ඔහු සිය පළමු පොතෙන්ම පැමිණි “අසිරි කවි බසක්” අලුතින් නිමවා අපේ කවි බසද, කාව්‍ය සංවේදීතාවට අසිරිමත් කළේය..ඔහුගේ පළමු කවිපොතෙන් පසු පොතක නමින්ම ඒ අලුත් අසිරි කවි බස ඉඟි කළ පොත කෝමළනි වේ. කෝමළ යන කෝෂාර්ථය සමග “නි” ප්‍රත්‍යයක් ලෙසත්, නාම පදයක් ලෙසත් ගත හැකිය. එවිට අවශ්‍ය නම් කෝමළ තැනැත්තී යනුවෙන්ද, කෝමළ නි- ස්වරය සේද ගත හැකිය. කවිය අපට අන් කිසිවක් කියන්නට පෙරම සිංහලයෙහි සුඛනම්‍යතාව ගැන යමක් කියයි. රණවීර ඉහත එක තැනක “විඳිනී” යැයි කී අයුර අපට සිහිවේ..වේගය සහිත ලෝකයක නැවතීම, ඝෝෂාව සහිත ලෝකයක නිහඬතාව යනු හෑගොඩගේ කවිය තුළ කවදත් තිබුණු ලක්ෂණයකි. එහෙත් මෙම අලුත් කවි එකතුවේ “නිහඬතාවේ හඬ” නම් කවියක් එයි. එය ඝෝෂාව වෙනුවට නිහඬතාව තෝරා ගැනීමට කරන ආරාධනයක් නොවේ. එනම් එය “ඒක නැත්නම් මේක වූ” ජීවිතයක් ඉල්ලා සිටින්නක් නොවේ. ඝෝෂාව සහිත ලෝකයක ඝෝෂාව අතර මැදම නිහඬතාව ඉල්ලන කවියකි. ඒක වෙනුවට මේක යනු විශාල මනුෂ්‍ය ප්‍රශ්නයකි. මේ ලිපියේම නම් කියවෙන ඇතැම් කවීහු පවා “ඒක නෙමේ මේක, ඒක වෙනුවට මේක” යනුවෙන් ඝෝෂා කරති. ඔවුන්ගේ කවි බස දිවෙන මනුෂ්‍ය ජීවන ප්‍රදේශ වෙත මනුෂ්‍යයන් සේ ඔවුන්ම සංචාරය නොකරන බව ඉන් පෙනේ. එය විය හැක්කකි. ඒ කාව්‍ය නිසා වන ප්‍රසාරණයෙහි හැටිය. කවිය යනු මුද්‍රිත වචන නොවේ. ඒ වචන හා රසිකයා මුණගැසීමෙන් ඇති වන අසිරිමත් සංසිද්ධියයි. ඒ සංසිද්ධිය පුද්ගලයන් හැටියට ඝෝෂාකාරී කවීන්ගේ කවි නිසා පවා සිදුවන්නට පුළුවන. හෑගොඩ එය දනියි..“සාප කරන්නෙනි ඝෝෂාවට.ගොස නොමැති ලොව.කොහිද නිහඬතා.නිහඬතාවේ රසිකයනි.දනීද ඔබ මහත් නිහඬතාව.නිහඬතා කුසෙහි.වැඩෙනා නිහඬතාව…”.යනාදි වශයෙන් අපට කවියා ආරාධනා කරන්නේ ඝෝෂාවෙන් සදහටම තොර වූ ලොවක් වෙත නොවේ. නිහඬතාව යනු භෞතික නිහඬතාව හෙවත් ශබ්දයෙන් තොර වීමම නොවේ. බහුවිධ ශබ්ද අතර නිර්-ශබ්දය වෙනුවෙන් අප දියුණු කරගන්නා සංවේදිතාවකි. හෑගොඩ කවියාගේ කවියෙහි සෑම විශිෂ්ට අවස්ථාවකම ඔහු අපට ආරාධනා කරන්නේ මේ නෙක නෙක මනුෂ්‍ය ඝෝෂාකාරිත්වය අතරම ආත්මීය නිහඬතාවක අසිරිය වෙතය. එවන් නැවතීමක් සාධනය නොකරන, එවන් නැවතීමකට ආරාධනා නොකරන කවිය කවියක් නොවේ. ඕනෑම හොඳ කවියක් කවියක් වන්නේ ඒ කාර්යය කරන නිසාය. අපි සියලු ඝෝෂා අතරම නිර්-ඝෝෂාවක මොහොතකට කවිය සමග නතර වෙමු. හෑගොඩ අපට ඒ මොහොත අපමණ වාරයක් උදා කර දී ඇත..Tags.lal hegoda.ලියනගේ අමරකීර්ති.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හා හිජාස්ට යුක්තිය ඉටුවීම කිතුනුවෙකුගේ ඇසින්.Next articleරජයට බැරිද මාස දෙකක් කම්කරුවන් බලාගන්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා.By සංස්කාරක.August 30, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ නිත්‍යා සෙව්වන්දි.කලාව සමාජයේ නිරාවරණය නොවූ පැතිකඩ ප්‍රතිනිර්මාණය කර පෙන්වන මාධ්‍යයකි. එම රසවින්දනය තුළ ටෙලිනාට්‍ය කලාවට රසික හදවත් තුළ අප්‍රමාණ ඉඩක් විවර වී ඇත. එම නිසාවෙන් කලා ශිල්පීහු තරු ලෙස හඳුන්වනු ලබති. එවැනි තරුවක් අකාලයේ මිලින වීමක් ජූලි 31 වැනිදා සැලවිය. ඇය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්නයි. නුවරඑළියේදී ‘හිරු’ රූපවාහිනී නාලිකාවේ ‘දිවිතුරා’ මාලා ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අවසන් කොට නැවත එන අතරමගදී ඇය ගමන් කළ රිය මාර්ගයෙන් පිටතට පැන පෙරළී ප්‍රපාතයකට වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවාය. එලෙස රටට අහිමි වන්නේ කලා ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා ආදරයෙන් සැලකූ සම්පතකි. අනතුරට හේතුව විසි හැවිරිදි රියැදුරුට නින්ද යාමයි. ඇය ගමන ආරම්භ කරන්නේ රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිටයි..හයසින්ත් විජේරත්නගේ මරණය, හුදෙක් දුක්වීමෙන් හා සැමරුම් කිරීමෙන් පමණක් අමතක කළ නොහැකි ඇත්තක් අපට පෙන්වයි. එනම්, වර්තමාන ලංකාවේ විශාල ලාභ සහිත විනෝද කර්මාන්තයක් වන ටෙලිනාට්‍ය කර්මාන්තයේ ඇතුළත තිබෙන දුර්වර්ණ ස්වරූපයයි. ශ්‍රමය සූරාකෑමේ කතාවයි. එක් ප්‍රකට ටෙලිනාට්‍ය ශිල්පියකු මේ නිර්මාණ ශිල්පීන් හැඳින්වූයේ සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච බලවේගයේ ‘කම්කරු’ කොටස හැටියටයි..හයසින්ත් විජේරත්නගේ මරණයෙන් ඉස්මතු කෙරෙන මේ දුර්වර්ණ ස්වබාවය ගැන අපි ශිල්පීන් කිහිප දෙනකු සමග කතාකළෙමු..තුන් වතාවක් ජීවිතේ බේරගත්තා.අනුර බණ්ඩාර රාජගුරු: ‘වර්තමානයේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වාණිජමය මෙවලමක් විදිහට තමයි භාවිත වෙන්නේ. එහිදී නළුනිළියන්ට ලැබෙන්නේ අවර ගණයේ ස්ථානයක්. ඔවුන්ව රූගතකිරීම් සඳහා දුරබැහැර පළාත්වලට යන්න බොහෝ විට රෑ 12න් පස්සේ තමයි වෑන් එකට නංවාගන්නේ. මහ පාන්දර දර්ශන තලයට එක්කගෙන ගිහින් හාල්මැස්සෝ සමඟ බත් ටිකක් දීලා රූගත කිරීම් අරඹනවා. ඉන් පසුව දහවල් දර්ශන 10-15ක් විතර සහ රාත්‍රී දර්ශනත් 3ක් හෝ 4ක් රැගෙන රාත්‍රී 12ට පමණ තමයි ඔවුන්ව නිදහස් කරන්නේ. නැවත පහුවදා අගනුවරට ගෙනෙනවා..ඒ වෑන් රථයේම රියැදුරාට භාරදෙනවා ඊළඟ රූගතකිරීම් සඳහා නළුනිළියන් රැගෙන යන්න. මේ රියැදුරු මහත්වරුන්ට කිසිම විවේකයක් නෑ. ඔවුන් රාත්‍රියේම කොළඹට පැමිණ නැවත ඒ රාත්‍රියේම ඊළඟ නළුනිළියන් අරගෙන රූගතකිරීම් ස්ථාන වෙතට යනවා. එහෙම නොගියොත් උදෑසන රූගත කිරීම්වලට අතිවිශාල ප්‍රශ්නයක්. රියැදුරන් ඊට පස්සේත් කිසිම විවේකයක් නැතුව දවල් වෙලාවෙත් නොයෙකුත් රාජකාරි සඳහා වාහන පදවනවා. නැවත රාත්‍රියේ කොළඹට එනවා..තුන් වතාවක්ම මම මගේ ජීවිතය බේරගෙන තියෙනවා මෙවැනි අවිවේකී රියැදුරන් සමඟ දුරබැහැර රූගත කිරීම්වලට යන්න ගිහින්. වාහනය පදවන අතරතුර ඔවුන්ට නින්ද යන බව දැකලා මම ඒ වාහන පදවාගෙන ගිහිල්ලා තියෙනවා. බොහෝ නළුනිළියන් මේ ගැන කතා නොකළාට ඔවුන්ටත් මෙය අතිශය සුලබ අත්දැකීමක්. මේ රියැදුරන් එක දිගට පැය 48,72 ආදි වශයෙන් වැඩකරනවා. එහි ඛේදනීය ප්‍රතිඵලයක් තමයි හයිසින්ත් මැතිනියට අත්වුණේ. දැන් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නොව සඟ, වෙද, ගුරු, ටෙලි කම්කරු තත්වයට පත්වෙලා තියෙනවා. වාහන දෙකයි නැත්නම් තුනයි යොදවලා තියෙන්නේ. ඔවුන් අතිශය කාර්යබහුලයි. අපිව අරගෙන නින්දත් නොනින්ද අතරෙයි එහාට මෙහාට රිය පදවන්නේ.’.මේ වෙලාවෙ සල්ලිවලට වඩා අපේ ජීවිත වටිනවා.හිමාලි සයුරංගි: ‘විවාහ උත්සව, සංගීත සංදර්ශන මේ හැම දෙයක්ම සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව කරන්න බැරි නිසා ඒ සියල්ල අත්හිටුවලා තියෙන්නේ. නමුත් මේ නාට්‍ය කලාව විතරක් කරගෙන යනවා. අපිට ජීවත්වෙන්න තියෙන එකම මාර්ගය රංගනයේ යෙදීම. ඒත් මේ වෙලාවෙ සල්ලිවලට වඩා කලාකරුවො විදිහට අපේ ජීවිත වටිනවා. ඒක නිසා මම මුළු කලාකරුවන් වෙනුවෙන්ම ඉල්ලනවා ලොකු කාලෙකට නෙමෙයි ටික කාලෙකට තත්වය සමනය වෙනකන් අපිට මේක නවත්තලා දෙන්න කියලා. පිටපත් ලියපු ටෙලිනාට්‍යවල බාගෙට රඟපාලා ඉතුරු එකට වෙන නළුවෙක් නිළියක් ආදේශ කරන එක නිර්මාණයටත් කරන හානිදායක දෙයක්. ඒක නිර්මාණය කප්පාදු කිරීමක්. එහෙම කරන තත්වයට අපිව පත් නොකර සමස්ත ටෙලිනාට්‍ය කලාවටම පොඩි වාරණයක් දාන්න කෙටිකාලීනව. අපිට ස්පොන්ජ් මගින් මේක්-අප් කරනකොට, පව්ඩර් කරනකොට මේ හැම දෙයකින්ම රෝගය බෝවෙන්න පුළුවන්. හැමෝම දන්නවා ලංකාවේ බොහොම අඩු පහසුකම් යටතේ කරන වෘත්තියක් කියලා මේක. එක මේකප් ආර්ටිස්ට් කෙනායි ඔක්කොටම ඉන්නේ. එයාලාගෙ අතේ තැවරෙන දේවල් අපේ මුහුණෙ ගෑවෙනවා. අද අපිට රූගත කිරීම් තිබුණා හොස්පිටල් එකක. දුම්රිය ස්ථානවල, වෙළඳසැල්වල රූගත කිරීම් තියෙනවා. මේ වගේ තැනින් තැනට අපිට සංචාරය කරන්න වෙනවා. අපිට මාස්ක් ගලවලා තමයි කරන්න වෙන්නේ. මීටරේ දුර තියාගෙන අපිට මේ රැකියාව කරන බෑ. අපිට අල්ලන්න වෙනවා, අතගාන්න වෙනවා, බදාගන්න වෙනවා. බදාගෙන අඬන්න තියෙනවා. අනිත් රැකියාවන් මාස්ක් දාගෙන කළාට අපේ රැකියාව එහෙම කරන්න බෑ. ඉතින් එක්කෙනෙක් රෝගී වුණාම මුළු කණ්ඩායටම රෝගය බෝවෙලා ඉවරයි. දැනටත් නාට්‍ය කණ්ඩායම්වල කොටසකට ආසාදනය වෙලා තියෙනවා.’.පහසුකම් ඉල්ලපු කෙනා ඊළඟ දවසේ ක්ෂේත්‍රයේ නෑ.රංගන ශිල්පීන් සිය කර්මාන්තය තුළ විඳින කටුක අත්දැකීම් වසන්ත විට්ටච්චි ඇතුළු ටෙලිනාට්‍ය රංගන ශිල්පීහු මෙලෙස අප සමග සිය අත්දැකීම් බෙදාගත්හ..‘රංගන ශිල්පීන් විදිහට අපිට වැඩ ඕනෑ. ඒත් වැඩ කෙරෙන පිළිවෙළෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. කොච්චර කිව්වත් සතපහකට වැඩක් වෙලා නෑ. චැනල්වලින් අන්ත හිඟන ගාණකට තමයි ටෙලිනාට්‍ය මිලදී ගන්නේ. එයාලා ලක්ෂ ගණන් කෝටි ගණන් හොයනවා. එහෙම නැතුව සාධාරණ ගාණක් එපිසෝඩ් එකකට දෙනවා නම් මහ රෑ තිස්සේ ගෙවල්වලින් යන්න ඕනෑ වෙන්නෙ නෑ. වෑන් එක එන වෙලාවට තමන්ගේ පාඩුවේ යන්න විවේකී මනසක් සහ තෘප්තිමක් මුදලක් හම්බවෙනවා නම්. තේ හදන කෙනාගෙ ඉඳලා හැමෝම රේස් එකක තමයි ඉන්නේ. ආණ්ඩුව මැදිහත්වෙලා එපිසෝඩ් එකක් මිලදී ගන්නා අවම මුදල ලක්ෂ 5යි වගේ ගාණක්වත් නියම කරන්න ඕනෑ. ගණන් හදලා බලන්න පුළුවන්නෙ ඕනෑම කුණු ටෙලිනාට්‍යයක වුණත් යන වෙළඳ දැන්වීම් ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ලක්ෂ 5කට 6කට ටෙලිනාට්‍යයක් ගන්න බැරිකමක් නෑ. එහෙම නීතියක්වත් තියෙනවා නම් කාටවත් කියන්න බෑ ටෙලිනාට්‍ය ලෝ බජට් කියලා. පහසුකම් අඩුකරනවා කියලා කියන්න බෑ. මොකද එතකොට අපි දන්නවා ටෙලිනාට්‍යයක් ගන්නේ අවමව මේ ගාණ කියලා..උදේ පාන්දර 4ට 5ට ගන්නවා සමහර නළුනිළියන්ව. ඒ අරගෙන රෑ 2,3 වෙනකං ෂූටින්. අතිකාල දීමනාවක් නෑ. පහසුකමක් නෑ. සමහර තැන්වල නිළියන්ට වැසිකිළි පහසුකමක්වත් නෑ. එහෙම පහසුකම් නැති තැනකට අරගෙන යන එකට දැන් වැරැද්දක් කියන්න බැරිවෙලා තියෙනවා. ඒ පරිසරය හදලා ඉවරයි. පහසුකම ඉල්ලපු කෙනා ඊළඟ දවසේ ක්ෂේත්‍රයේ නෑ කියන බය තියෙනවා. පළවෙනිම දේ වශයෙන් චැනල් එකෙන් නාට්‍ය මිලදී ගන්න මුදලට ක්‍රමවේදයක් හැදුවා නම් රංගන ශිල්පියා ඇතුළු අනෙකුත් තාක්ෂණික ශිල්පීන්ට බොහෝම විවේකීව මේ වැඩේ කරන්න පුළුවන්.’.ටෙලිකම්කරුවා උදේ 5 ඉඳලා රෑ 12 වෙනකං වැඩ.නිර්නාමිකව සිටිනු කැමතිව තවත් රංගන ශිල්පියෙක් ටෙලිනාට්‍ය කලා ක්ෂේත්‍රය තුළ තමාගේ මෙන්ම සිය ශිල්පී ප්‍රජාවගේ අත්දැකීම් මෙලෙස පැවසුවේය. “අපේ කලා මාධ්‍යයන් සියල්ල අස්ථාවරයි. මේක පමණයි වෘත්තීයමය වශයෙන් කරන්නේ. රියැලිටි ෂෝවලට විශාල වියදමක් දරන අය ටෙලිනාට්‍යයක් ගන්නේ ඉතාම අවම මුදලකට. මේ අවම මුදල ඇතුළෙ තමයි සියලු ශිල්පීය ගාස්තු තියෙන්නේ. අපට කොවිඩ් හදාගෙන මැරෙනවාද එහෙම නැත්තම් ගෙවල්වලට වෙලා නොකා නොබී මැරෙනවාද කියන ප්‍රශ්නෙ තියෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුව ආදිය මේවාට මැදිහත් වෙලා යම් ක්‍රියාපිළිවෙළක් හදන්න ඕනෑ. මේ දවස්වල ටෙලිඩ්‍රාමා එකකට එළියට යනකොට පොලීසියෙන් හම්බුණොත් ඒ නිලධාරීන් කියන්නේ ,‘ඔයාලට නම් මේවා විනෝද මෙපමණ මේ රටේ අමාරුවක් තියෙනකොට ඔයාලට ඒවා වැඩක් නෑ, ඔයාලා රඟපානවයි විනෝද වෙනවා’යි කියලා. අපේ පාලක පැලන්තියේ බහුතරයක් හිතන්නේ අපි මේක විනෝදෙට කරන්නේ කියලා. වෘත්තියක් විදිහට හිතන්නේ නෑ. ඒක නිසායි එයාලා ඒ වෘත්තිය හදන්න අවශ්‍ය කරන පදනම ගේන්නෙ නැත්තේ. ජාතික මට්ටමේ ප්‍රතිපත්ති මාලාවක් හදන්න අපි ගොඩාක් උත්සාහ කළා. පහුගිය කාලය තුළම ටෙලිනාට්‍යයට සුභවාදී තත්වයක් තිබුණේ නෑ. දැන් කොච්චර පිටරටින් ගෙනල්ලා හඬ කවලා පෙන්නනවාද නාට්‍ය රජයේ මාධ්‍යවල පවා. අපේ චැනල් දේශීය කලාකරුවා රැකගත යුතුයි කියලා සිද්ධාන්තයේ නෑ. හැම වෙලේම එයාලා බැලුවේ වෙළඳ ආර්ථිකය තුළ මොකක්ද මාකට් කරන්න පුළුවන් කියලා. පිටරටවලින් ටෙලිනාට්‍ය ගෙනල්ලා පෙන්නද්දි මෙහෙ තියෙන ලන්සුව අඩුවෙනවා. ලංකාවෙ ලොකු බොරුවක් කරනවා රේටින්ග් කියලා. ඒ බොරුවත් එක්ක මාධ්‍ය ආයතන කියනවා රේටින්ග් නැති නිසා අපි මේ නාට්‍ය නවත්තනවා කියලා. චැනල් එක තමයි තීන්දු කරන්නේ මේ නාට්‍ය පෙන්නනවාද නැද්ද කියලා.’.මේ ඔවුන්ගේ ඉල්ලීමයි: ‘මේ රටට කලාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. විදේශීය ටෙලිනාට්‍ය සතියට පෙන්වන ප්‍රමාණය පිළිබඳ තීරණයක් තිබිය යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් ආවොත් අපේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න හෝ පුළුවන් වෙනවා. නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් ආවාම චැනල් එකෙන් කෙලින්ම කියන්නේ එයාව ගන්න එපා කියලා. දැන් අපි ටෙලිකම්කරුවෝ තමයි. මේසන් බාස් කෙනෙක් වුණත් උදේ 8ට විතර ඇවිල්ලා හවසට 5ට වැඩ ඉවර කරලා යනවා..ටෙලිකම්කරුවන්ගෙන් උදේ 5 ඉඳලා රෑ 12 විතර වෙනකන් වැඩ ගන්නවා. තව පුළුවන් නම් පැය දෙක තුනක් වැඩ ගන්න ඒකත් ගන්නවා. සමහර වෙලාවට දවසකට කොටස් 10කට විතර වැඩ අරගන්නවා. රුපියල් 1000ක් වත් එන්නේ නෑ කොටසකට. ඉස්සර වගේ ගිවිසුම් නෑ. ගිවිසුම්ගතව ගියාම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට හෝ යන්න පුළුවන්. මානසික ආතතිය නිසා වේදිකාවේ රංගනයට දායක වුණ ප්‍රධාන චරිත නොවුණු හතර දෙනෙක් පහුගිය කාලෙ සියදිවි හානි කරගත්තා මේ තියෙන තත්වය මත. ඒවාට අපි හේතු හොයන්නේ නෑ. තමන්ගෙ වෘත්තියට තෘප්තිමත්ව ආදරය කරමින් ක්ෂේත්‍රයේ නියැලෙන්න හැකියාවක් නෑ.’■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅනුරාගයේ මුල්පොත:.අපේම මූණුවර අසල්වැසියාගේ කැඩපතින්.Next articleඒ අමාරුකම් මගේ මුහුණට ටික ටික එකතු කරන්න පටන්ගත්තා: දිලීප ජීවන්ත.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
බිට්කොයින් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.බිට්කොයින්.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.අනුරංග ජයසිංහ.තාක්ෂණය ගඩොල් බාගයක් වූ දුරකථනය බොත්තමක් නැති පුංචි උපාංගයක සිට අත් ඔරලෝසුවකට ගෙන එන්නට සමත් වුණා. බොත්තම් නැති දුරකතනවලට මුලින් සිනහ වූ නොකියා වැනි සමාගම් විනාශ කරන්නට සමත් වුණා. ‘අලූ‍ත් තත්වයන් එක්ක මුහුවෙන්න. නැත්නම් ඔබ ඉතිහාසයේ වැළලී යාවි.’ තාක්ෂණය අපට එලෙස කියනවා..තාක්ෂණය ගැන මීට සමාන කතන්දර මීට නිතර කියන්න හුරුවී සිටින, එහෙත් තාක්ෂණයට සම්බන්ධයක් නැති පිරිසක් දැන් ලංකාව ඇතුළුව මුළු ලෝකයේම සිටිනවා. අප මේ නිශ්චිතව කතාකරන්න යන්නේ බිට්කොයින්කාරයන් ගැන..වසර ගණනකට පෙර මල්ටිලෙවල් මාකටින් (නෙට්වර්ක් මාකටින්, එම්.එල්.එම්., ජාලගත අලෙවිකරණ * ක‍්‍රමය ලංකාවේ ප‍්‍රචලිත වුණා. එහෙත් වේගයෙන් මල්ටිලෙවල් මාකටින් ජනප‍්‍රියත්වය කඩාවැටුණා. මේ වෙද්දීත් මල්ටිලෙවල් මාකටින් බිම් මට්ටමේ තිබුණත් අන්තර්ජාලය තුළ නිතර සැරිසැරූ, මල්ටිලෙවල් මාකටින් යනු අනාගතය යැයි කයිවාරු ගැසූ උදවිය මේ වෙද්දී මල්ටිලෙවල් මාකටින් අත්හැර බිට්කොයින් සෙල්ලම සමඟ එකතුවෙලා..පැය ගණනාවක් තිස්සේ තෝරාගත් සමාජ මාධ්‍ය ගිණුම්, පෞද්ගලික බ්ලොග් අඩවි, පෞද්ගලික යූටියුබ් චැනල තිහකට වැඩි ප‍්‍රමාණයක් අධ්‍යයනය කළ අපට දකින්න ලැබුණේ මීට කලින් ‘මල්ටිලෙවල් මාකටින්’කාරයන්ව සිටි බහුතරයක් දැන් ‘බිට්කොයින්කාරයන්’ බවට පත්ව ඇති බව..‘අනාගතේ මේක තමයි. දැන්ම සෙට් වුණොත් ලාබයි. පරක්කු වෙලා අනෙක් අය දියුණු වුණ හැටි දැකලා අඬන්න ලෑස්තිවෙන්න එපා.’ ලංකාවේ බිට්කොයින්කාරයන්ද කියන්නේ එයයි. ඒ හරහා මේ ක්ෂේත‍්‍රය ගැන විස්තර නොදන්නා අය බොහෝ දෙනෙක් තවත් අයගේ කීම අසා බිට්කොයින් ඇතුළු‍ අන්තර්ජාල මුදල් ඒකක ( ක‍්‍රිප්ටොකරන්සි ) මිලදී ගන්නට පටන් අරගෙන..බිට්කොයින්.බිට්කොයින් මුල්ම ක‍්‍රිප්ටොකරන්සි වර්ගය ලෙස සැලකෙනවා. 2009 පමණ කාලයේ ආරම්භ වුණ බිට්කොයින් ක‍්‍රමයෙන් පුද්ගලයන් විසින් ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වැයකොට මිලදී ගන්නට පටන්ගනිද්දී එහි අගය වේගයෙන් ඉහළ ගියා. 2017 වසර බිට්කොයින්වල අගය වැඩිපුරම ඉහළ ගිය කාලය. එහි අගය ඩොලර්1000 සිට 9000 දක්වා අගෝස්තු පමණ කාලය වෙද්දී ඉහළ ගියා. නොවැම්බර් සහ දෙසැම්බර් වෙද්දී 20000 බවට එහි අගය ඉහළ ගියා. ඉතින්, මුල්ම කාලයේදී බිට්කොයින් මිලදී ගෙන තමන් ළඟ තබාගත් කෙනෙකුට ඒවා ඉහළ මිලකට තවත් අයට අලෙවි කොට විශාල ලාභයක් ලැබිය හැකියි. ඒ ලාභය ලැබෙන්නේ ඇත්තෙන්ම බිට්කොයින් මිලදී ගැනීම නිසාම පමණයි. කිසිම නිෂ්පාදනයක් කිරීම නිසා නෙවෙයි. එසේ නිකන්ම ලාභ ලැබූ අය දෙස බලා සිට එවැනි ලාබ ලැබීමේ අපේක්ෂාවෙන් තවත් අය මේවා මිලට ගන්නවා. මිලට ඉහලම තත්වයේ තියෙද්දීත් තව මිලදී ගන්නේ තව තවත් මිල ඉහළ යනු ඇතැයි සිතමින්..එහෙත් බිට්කොයින්වල අගය පසුගිය ජනවාරියේදී පහළ වැටුණා. ඩොලර් 20000 තිබුණු අගය 10000 පමණ දක්වා මුලින් ඇද වැටුණා. එය ක‍්‍රමයෙන් පහලට වැටෙන තත්වයක් පෙන්නුවා. ඒ කාලයේදී අප ඉහත කී ලංකාවේ බිට්කොයින් කාරයන්ගේ ගිණුම්වලින් වහා බිට්කොයින් අලෙවි කරන්නට පටන් අරගෙන තිබුණු බව අපි දැක්කා..‘මේ කාලය බිට්කොයින් ගන්න හොඳම කාලය, අගය ආයෙමත් වැඩිවේවි.’ ඔවුන් එහෙම කිව්වා. ඒ නිසාම මිල ඉහළම වුණත් බිට්කොයින් මිලදී ගැනීම අඩු වුණේ නැහැ..ක‍්‍රිප්ටොකරන්සි.රුපියල් කියන්නේ මුදල් වර්ගයක්. ඩොලර්, යුරෝ වැනි තවත් මුදල් වර්ග ලෝකයේ තියෙනවා. බිට්කොයින් කියන්නේ ක‍්‍රිප්ටොකරන්සි වර්ගයක්. ක‍්‍රිප්ටොකරන්සි කියන්නේ විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරමින් අන්තර්ජාලය හරහා හුවමාරු වෙන, අතට ඇල්ලිය නොහැකි මුදල් වර්ගයක්. මේ මාතෘකාව සම්පූර්ණයෙන් පැහැදිළි කරන්නට යෑම ඉතා සංකීර්ණයි. ඒ නිසා අප කතාබහ කරන්නෙ මේ මාතෘකාව ගැන නෙවෙයි. එය රැුල්ලක් ලෙස පාවිච්චි වෙන ආකාරය ගැනයි..ක‍්‍රිප්ටෝ කරන්සි එච්.බී. ඕ. නාලිකාවේ දේශපාලනය සහ හාස්‍යය මුසු වැඩසටහනක් කරන ජෝන් ඔලිිවර් විසින් විග‍්‍රහ කළේ ‘ඔබ තාක්ෂණය ගැන නොදන්නා සියලූ දේ ඔබ මූල්‍ය ගැන නොදන්නා සියලූ‍ දේ සමඟ මුසු කිරීමක්’ ලෙස..ක‍්‍රිප්ටොකරන්සි පවතින්නේ පරිගණක කේතයක් ලෙස පමණයි. බැංකුවක් නැහැ. ආණ්ඩුවක් නැහැ. ක‍්‍රිප්ටොග‍්‍රැෆි නම් තාක්ෂණය පාවිච්චි කරමින් එය නිර්මාණය වෙලා තියෙනවා. බ්ලොක්චේන් නම් තාක්ෂණය ඒවා පවත්වාගෙන යන්නට උදව් කරනවා..ක‍්‍රිප්ටොකරන්සි වලින් මුදල් හොයන්නෙ කොහොමද? අපි විමසද්දී ලැබෙන පිළිතුර එය හුවමාරු කිරීමෙන් මුදල් ඉපැයිය හැකි බවයි. මේකට වටිනාකමක් ලැබෙන්නෙ කොහොමද?.බිට්කොයින් කාරයන්ගෙන් විමසුවොත් ලැබෙන පිළිතුරු බොහෝයි. කිසිවෙක්ට නොතේරෙන පැටලිලි සහගත පිළිතුරු ලැබේවි..‘ක‍්‍රිප්ටොකරන්සි කියන්නෙ ස්ටොක්මාකට් එකක්. ඒක තමයි සරලම නිර්වචනය. ඒ කියන්නෙ අපි මිලදී ගන්නවා. අඩු මිලට. ඊට පස්සෙ මේකෙ මිලට වැඩිවෙන වෙලාව වෙනකන් බලාගෙන ඉන්නවා. වැඩිවුණාම අපි මිල අඩුවෙන්න කලින් විකුණනවා. ආයෙ මිල බහිනවා. බැස්සාම අපි ආයෙමත් අරගන්නවා. ඒ වගේ එකක්.’ බී.කේ. බ්‍රෝ නම් යූටියුබ් චැනල් එක ක‍්‍රිප්ටොකරන්සි ගැන එහෙම කියනවා..මේ වගේ සරල සහ නොගැළපෙන අර්ථකථන ක‍්‍රිප්ටොකරන්සි වෙත ලබාදෙන, විවිධ ක‍්‍රිප්ටොකරන්සි වර්ග මිලදී ගැනීමට යොමු කරවන ෆෙස්බුක් පිටු, යූටියුබ් චැනල් මේ වෙද්දී බිහිවෙමින් පවතිනවා. තවම ඒවා ආරම්භක අවධියේ පැවතුණත් වේගයෙන් ෆෙස්බුක් පරිශීලකයන් ඒ වෙතට යොමුවෙනවා. ඔවුන් ක‍්‍රිප්ටොකරන්සි ගැන අවබෝධ කර නොගෙනම මෙවැනි පිටුවලින් යොමුකරන තැන්වලට ගොස්, ඒවායේ උපදෙස් පිළිගෙන ක‍්‍රිප්ටොකරන්සි මිලට ගන්නවා. තවත් අය ක‍්‍රිප්ටොකරන්සි හරහා ආයෝජනය කරනවා..ඩොලර් තුන හතරක් ආයෝජනය කරලා තිබුණා නම් මේ වෙද්දී මිලියන ගාණක් ඔයාලා ලාභ ලැබිලා..ඇතැම් නිෂ්පාදනවලට වටිනාකමක් ලැබෙන්නේ එය පරිභෝජනයේ වැදගත්කම නිසා. අන්තර්ජාලයේදී ගත්තොත් ෆෙස්බුක් ආයතනයට වටිනාකමක් ලැබෙන්නේ එහි පරිභෝජනය වැදගත් නිසා. මයික්‍රොසොෆ්ට් ඔෆිස් පාවිච්චි කරමින් තමයි මේ සටහන ලියැවෙන්නේ. ඒවා පරිභෝජනයට ලක්වෙනවා. ඒත් ක‍්‍රිප්ටොකරන්සි කියන්නේ එලෙස පරිභෝජනය කළ හැකි යමක් නෙවෙයි. එය නිකන්ම ඒකකයක් පමණයි. එහෙත් එයට වටිනාකමක් ලැබෙන්නේ ඇයි? බිට්කොයින්කාරයන්ගේ උත්තරය තමයි අනෙක් ඕනෑම මුදලකට අගයක් ලැබෙන විදියට යන්න..ඇත්ත. බිට්කොයින්වල වටිනාකම පිළිගන්නා අය සිටිනතෙක් එයට වටිනාකමක් තියෙනවා..බිට්කොයින් මේ වෙද්දීත් පාවිච්චි වෙන්නේ මුදල් ඒකකයකට වඩා යම් වටිනාකමක් ඇති භාණ්ඩයක් විදියට. වාලම්පුරියක් උදාහරණයකට ගන්න. සාමාන්‍ය සිප්පි කටුවක ඇති කැල්සියම් කාබනේට්ම ඇති වාලම්පුරියක් කෝටි ගණනකට අලෙවි වෙන්නේ එයට ලබාදෙන වටිනාකම නිසායි. ඒ වටිනාකමට බිට්කොයින් හුවමාරු කරගෙන අපි මූල්‍යමය ලාභයක් ලබාගන්නවා..එය ඩොලර්, රුපියල් වැනි මුදල් ඒකකයක් බව අප නොකීවේ ඇයි? එය මුදල් ඒකකයක් ලෙස භාරගන්නා තැන් බොහොමයක් දැනට තිබුණත් එය මුදල් ඒකකයක් ලෙස භාර නොගන්නා තැන් බොහෝයි. උදාහරණයක් ලෙස බිට්කොයින් පිළිබඳ ජනවාරි 18-19 දිනවල මයාමිහිදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදීම ටිකට්පත් මිලදී ගැනීමට බිට් කොයින් බාරගැනුණේ නැහැ. ඩොලර් 2500ක ටිකට්පත ඩොලර් වලින්ම ගෙවන්නට සිදුව තිබුණා. බිට්කොයින් පිළිනොගනීවියැයි සිතන අවසාන තැන පවා බිට්කොයින් ප‍්‍රතික්ෂේප කළේ ඒ විදියට..බ්ලොක්චේන්.අපි ලෝකයේ කොහේ හෝ සිට තවත් තැනකට මුදල් යවන්නේ බැංකුවක් පාවිච්චි කරමින්. අපි සල්ලි යැවීම ප‍්‍රමාණවත් නැහැ. සල්ලි ගිය බව නිල වශයෙන් ලේඛනගත විය යුතුයි. එකම එක පුද්ගලයෙක් සතුව ඒ ලේඛනය තිබුණොත් ඒ පුද්ගලයාගේ පරිගණකය හැක් කරලා බිට්කොයින් වැනි ක‍්‍රිප්ටොකරන්සි ඒකකයක් සම්පූර්ණයෙන්ම කඩාවැට්ටිය හැකියි. ඒවාට මුදල් යොදවපු සියලූ‍ම දෙනා විනාශ විය හැකියි..ආරක්ෂාව ගැන මේ ප‍්‍රශ්නයට පිළිතුරු විදියට තමයි බ්ලොක්චේන් නම් තාක්ෂණය පැමිණෙන්නේ. ඒ අනුව මේවා ලේඛනගත වෙන්නේ එක තැනක නොවෙයි. ලොව පුරා පරිගණක මිලියන ගණනක. බ්ලොක්චේන් හැක් කරන්නට නම් ලොව පුරා පරිගණක මිලියන ගණනම හැක් කරන්නට සිද්ධවෙනවා..බොරු කරන්සි.ක‍්‍රිප්ටොකරන්සියක් නිර්මාණය කිරීම ඕපන් සෝස් තාක්ෂණයක් බවට පත්වී හමාරයි. ඒ නිසා ඕනෑම අයෙකුට ක‍්‍රිප්ටොකරන්සියක් නිර්මාණය කළ හැකියි. මේ වනවිට වෙමින් පවතින්නේත් එයයි. බිට්කොයින්වලට අමතරව විවිධාකාරයේ ක‍්‍රිප්ටොකරන්සි වර්ග දහස් ගණනක් මේ වෙද්දීත් නිර්මාණය වී තියෙනවා..විවිධාකාර ආයතන විසින්, විවිධාකාර අරමුණු ඉදිරිපත් කරමින් ක‍්‍රිප්ටොකරන්සි ඉදිරිපත් කරනවා. ඒ හරහා ක‍්‍රිප්ටොකරන්සි පාවිච්චි කරමින් විවිධ ආයතනවල ආයෝජනය කරන්නට පවා පහසුකම් තියෙනවා. ඒ කියන්නේ ක‍්‍රිප්ටොකරන්සි අඩු මිලට අරගෙන, වැඩි මිලට අලෙවි කිරීමට එහා ගොස් විවිධාකාර අයෝජනයන් කිරීමට අවස්ථාව තියෙනවා. ඒ අතර අඩු ලාභයක් ලැබෙන දැනට ප‍්‍රසිද්ධ ආයතන රැුසක් තියෙනවා. එහෙත් එවැනි ආයතනවල ආයෝජනය කිරීමෙන් විශාල ලාභයක් ලැබෙන්නෙ නැහැ. වැඩි ලාභ ලැබෙන්නෙ අවදානම වැඩි ආයතනවලින්. ප‍්‍රමිතිය ගැන සහතිකයක් නැති, අලූ‍ත් නම් රැුගත් ආයතනවලින්..මිලියන 35ක් තප්පර තිහක් ඇතුළත උපයාගන්නට පවා ඇතැම් එවැනි අවදානම් සහගත සමාගම් සමත්වෙලා තියෙනවා. බොහෝවිට මෙලෙස ක‍්‍රිප්ටොකරන්සි වර්ග මිලදී ගන්නා අය ඒවායේ අග මුල ගැන සොයා බලන්නෙ නැහැ. ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ. විශාල රැුල්ලක් ඇතිවෙද්දී ඒ පසුපස ගොස් ඒ කරන්සි වර්ගය මිලදි ගන්නවා. අන්තිමේදී එලෙස මිලදී ගත් කරන්සිවල ලාභය හොයන්නේද අර ආයතනය හරහා කරන යම් නිෂ්පාදනයක් විකුණලා ඒකෙන් ලැබෙන ලාභය අයෝජනය කළ අය අතර බෙදාදීමෙන් නෙවෙයි. මුල්ම කාලයේ අඩු මිලට ඒ කරන්සි මිලට ගෙන, හැමෝම ගන්නා නිසා අගය වැඩිවෙන අයුරු බලාගෙන ඉඳලා අගය වැඩි වෙලාවක කරන්සිය තව කෙනෙකුට විකුණා දැමීමෙන්..‘බ්ලොක් වන්’ නම් ක‍්‍රිප්ටොකරන්සිය ‘ඉයොස්’ නම් මෘදුකාංග සමාගමක් සඳහා ආධාර ලෙස ආරම්භ කළ ක‍්‍රිප්ටොකරන්සි වර්ගය ඩොලර් බිලියන 1.5ක ආයෝජනයක් මේ වෙද්දී ලබාගෙන තියෙනවා. ඇත්තෙන්ම ෆෙස්බුක් සමාගමට ඩොලර් බිලියනයක ආයෝජන ලබාගන්නට වසර හතක් ගතවී තියෙනවා. උබර් සමාගමට වසර පහක් ගතවී තියෙනවා. එහෙත් ඉයොස් සමාගම මාස නවයක් තුළ ඒ ආයෝජන පසු කරනවා. ඒ ඔවුන් නිර්මාණය කරන මෘදුකාංග ගැන කිසිම පැහැදිලි චිත‍්‍රයක් නැතිවම. ඒ ගැන විස්තර කරන්නන් කියන්නේ එය අපේ ජීවිතවලට සම්බන්ධ සියලූ‍ම දේ වෙනස් කරන්නට සමත් මෘදුකාංගයක් බව පමණයි. සියලූ‍ම දේ වෙනස් කරන්නට? අප උදේට දත් මදින ආකාරය හෝ ලාංකිකයන් දවසකට ගිලින බත් ප‍්‍රමාණය වෙනස් කරන්නට ඉයොස් සමත් වෙන්නේ කොහොමදැයි තවම වැටහෙන්නේ නැහැ. එහෙත් ඔවුන් මිලදී ගන්නවා..බිට් කනෙක්ට් නම් කරන්සි වර්ගය ගැන නන්දෙඩවූ බොහෝ දෙනෙක් කලෙක නවක බිට්කොයින්කාරයන් වෙත එම කරන්සිය අලෙවි කළා. දැන් බිට් කනෙක්ට්වල අගය බිංදුවයි. එය පැහැදිළිවම පිරමීඞ් ආකෘතියෙන් කෘත‍්‍රිමව මිල ඉහළ දමා පසුව පිරමීඩයේ පහළ අයට කරන්සිය විකුණා ඉහළ අය ලාභ ලැබීම පිළිබඳ උදාහරණයක්..මෙවැනි කණ්ඩායම් පවා දැන් බිහිවී ඉන්නවා. සමාජ මාධ්‍යවල ගෘප්ස් වශයෙන් හෝ වෙනත් සම්බන්ධතා හරහා එකතුවෙන මේ කණ්ඩායම් විසින් කරන්නේ යම් අලූ‍ත් ක‍්‍රිප්ටොකරන්සියක් එකතු වී මිලට ගැනීම. එලෙස මිලට ගන්නා කරන්සියෙහි අගය මුලින්ම අඩුවෙන් තියෙනවා. කණ්ඩායමේ සියලූ‍දෙනා මිලට ගත් පසුව එය පොදු අවකාශයට මුදාහරිනවා. ඉහළ අගයක් සමඟ. අගය ඉහළ යද්දී කණ්ඩායමේ සිටින අය කතා වී එකවර ඒවා අලෙවි කරනවා. ඒ හරහා ඔවුන් ලාභ ලබනවා..‘අහවල් ක‍්‍රිප්ටොකරන්සිය දිහා බලන්න. දැන් ඒකේ අගය මෙච්චරයි. අවුරුද්දකට කලින් මෙච්චරයි. අවුරුද්දකට කලින් මේක ඔයා ගත්තා නම් දැන් ඔයාට මේ තරම් ලාභයි. මේ අලූ‍ත් ක‍්‍රිප්ටොකරන්සියත් දැන් ලාබයක් නැතිවුණාට තව අවුරුද්දකින් මෙහෙම ගාණ ඉහල යනවා.’ මෙසේ කියමින් ක‍්‍රිප්ටොකරන්සිවලට යොමු කරවා ගැනෙනවා. එහෙත් එය සූදුවක් පමණයි. ඇතැම්විට සැබැවින්ම ඔය කී ලෙස අගය ඉහළ යාවි. එහෙම වුණොත් අය විශාල ජයග‍්‍රහණයක්. අගය ඉහළ නොගියොත් එය පාඩුවක්..ඇතැම්විට ක‍්‍රිප්ටොකරන්සි ලෝකයේ මුදල් භාවිතයේ අනාගතය බවට පත්වේවි. නැතිනම් එසේ නොවේවි. ලෝකයම වෙනස් කරන තාක්ෂණයක්යැයි කියාගනිමින් පැමිණ, එවැනි වෙනසක් නොකළ තාක්ෂණික උපාංග බොහෝයි. මේ වෙද්දී ක්ෂණික ලාභ ඉපැයීමේ හීන දකින්නන්ව ඉලක්ක කරමින් ක‍්‍රිප්ටොකරන්සි ක‍්‍රමය අවභාවිත කරන තැන් බොහෝයි. ඒ නිසා මුදල් ඒකක ලෙස මිසක, ධන නිධාන සොයන උපක‍්‍රම ලෙස ක‍්‍රිප්ටොකරන්සි පාවිච්චි නොකර සිටීමේ වැදගත්කම සිහිතබාගත යුතුයි..ක‍්‍රිප්ටොකරන්සි ක‍්‍රමය නරක නැහැ. එහෙත් දැන් හොඳ කරන්සි වර්ග සහ ජාවාරම් හඳුනාගත නොහැකි තරම් මේ ක්ෂේත‍්‍රය අවදානම් සහගත වෙලා. යනවානම් දැනගෙන කතරගම යන්න..(තොරතුරු පෙළගැස්ම එච්.බී. ඕ. නාලිකාවේ ජෝන් ඔලිවර්ගේ ලාස්ට් වීක් ටුනයිට් වැඩසටහන ඇසුරෙනි.).Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඌරුබොකු ඔය හෙටත් ගලායනු ඇත.Next articleනව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පශ්චාත් නූතනවාදයේ ලාංකීය භාවිතය – සත්‍යපාල ගල්කැටිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පශ්චාත් නූතනවාදයේ ලාංකීය භාවිතය – සත්‍යපාල ගල්කැටිය.By සංස්කාරක.June 3, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය ‘සිතිවිලි සිතිජය’ නම් ග්‍රන්ථයෙහි කොලොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් ගැන කරන පහත සටහන කෙරේ අපි අවධානය යොමුකරමු..‘ගාර්සියා මාර්කේස් සැලකෙන්නේ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සමග අඛණ්ඩ මිත්‍රත්වයක් පවත්වාගත් ලේඛකයකු ලෙසය. ඔහු සමාජවාදී ලෝකයක් පිළිබඳව මියෙන තුරුම විශ්වාස කෙළේය. එය දේශපාලනික වශයෙන් කොතරම් දැනුවත් විශ්වාසයක්ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු අමෙරිකානු අධිරාජ්‍යවාදය සහ ධනවාදය ලතින් අමෙරිකානු කලාපයට කළ විනාශය ගැන නිතරම ලිව්වේය. ‘හුදෙකලාවේ වසර සියයක්’ නවකතාවෙහි පවා එය දැකිය හැකිය. ඔහුගේ සමාජවාදය පිළිබඳ විශ්වාසය සමග ඔහුගේ සාහිත්‍ය කලාව සම්බන්ධ කරගන්නට ඔහු නිතර තැත්දැරුවේය. ඒ නිසා වරක් ඔහු මෙසේ කීවේය. ‘හුඟක් දෙනෙක් විශ්වාස කරනවා මම ෆැන්ටසිමය ලේඛකයෙක් කියලා. ඇත්තටම මම යථාර්ථවාදී කෙනෙක්.’ මම ලියන්නේ සැබෑ සමාජවාදී යථාර්ථවාදය කියලා මම විශ්වාස කරන දේ විස්තර කරන්නට තැත් කෙළේ ගාර්සියා මාකේස් සැබෑ සමාජවාදී යථාර්ථවාදය යැයි හඳුන්වන දෙයයි. එය වූ කලි ‘කෆ්කා, ෆෝල්ක්නර්, ජොයිස්, වර්ජිනියා වුල්ෆ් සේම ඩිකන්ස්, ටෝල්ස්ටෝයිද අඩංගු කරගත් සමාජවාදී යථාර්ථයකි.’ (225 පිටුව).මෙය හුදෙක් ගාර්සියා මාර්කේස්ට පමණක් වලංගු වූ ප්‍රකාශයකැයි අපට නිගමනය කළ නොහැක. ලතින් අමෙරිකානු කලාපයට අයත් පාවුලෝ කොයියෝ, ඉසබෙල් අයියන්දේ වැනි සමස්ත ලේඛකයන් අරභයාම සාධාරණ වූ ප්‍රකාශයකි. ඇතැම් විට පශ්චාත් නූතනවාදී ලේඛන ව්‍යාපාරය ආශ්‍රිතව ගොඩනැගී ඇති සමහර මිථ්‍යා මත පුපුරුවා හැරීම සඳහා අවශ්‍ය වන හොඳ එළැඹුමක් මේ ප්‍රකාශනය තුළ ගැබ්ව ඇතැයි මට සිතේ..එමෙන්ම මෙම උපුටා දැක්වීම දෙපැත්ත කැපෙන කඩුවක් බඳුය. එය පහත සඳහන් කණ්ඩායම් දෙක විසින්ම ව්‍යංග්‍යව ප්‍රතික්‍ෂේප කරනු ලබයි..1. පශ්චාත් නූතනවාදය ආධානග්‍රාහීව වැළඳගනිමින් සාම්ප්‍රදායික යථාර්ථවාදී ලේඛකයන් ප්‍රතික්‍ෂේප කිරීම..2. සාම්ප්‍රදායික යථාර්ථවාදය ආධානග්‍රාහීව වැළඳග නිමින් පශ්චාත් නූතනවදාය ප්‍රතික්‍ෂේප කිරීම..රංජිත් ධර්මකීර්තිගේ ‘ස්ටැනිස්ලව්ස්කි හා ඔහුගේ රූපණ විධික්‍රමය’ නම් පොත මෑතකදී යළි පරිහරණය කරද්දී තෙවැනි නව සංස්කරණයට ඇතුළත් කර තිබුණු ලිපියක පශ්චාත් නූතනවාදී සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව තබන ලද සටහන් කිහිපය අපගේ අවධානයට ලක්කරමු..‘අධිරාජ්‍යවාදීහු ධනවාදයේ පැවැත්ම සඳහා රටක සංස්කෘතිය සුණුවිසුණු කොට ලේඛකයන් හා නාට්‍යකරුවන් අනුදුටු යථාර්ථවාදී රීතිය බැහැර කළ යුතු බව අවබෝධ කොටගත්හ. මේ නිසා ඔවුහු යථාර්ථවාදයට පරිබාහිර වූ නව අභිනවවාදී චින්තනයන් ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල ප්‍රචලිත කිරීම සඳහා එන්ජීඕ සංවිධානවල ආධාර පැතූහ. ලතින් අමෙරිකාවේ පැවති පීඩනය තුළ සිරවුණු ලේඛකයන්ට යථාර්ථවාදය තුළින් නව සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කළහොත් ඔවුන්ට සිදුවනුයේ දංගෙඩිවට යාමටය..එනිසා ගාර්සියා මාර්කේස් වැනි ලේඛකයෝ යථාර්ථවාදී නොවන විජ්ජාකාරී යථාර්ථවාදී රීතියකින් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹුණහ. අමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය මෙවැනි අභිනවවාදී සාහිත්‍යධාරා වහා වැළඳ ගන්නා දුප්පත් රටවල තරුණ උගතුන්ගේ හා ලේඛකයන්ගේ මනස් විකෘති කරමින් එම රටවල මෙම පශ්චාත් නූතන රැල්ල ප්‍රචාරය කිරීමට පියවර ගත්තේය. එම කෘතිවලට ඉහළම සම්මාන පිරිනැමීමෙන් හා මාක්ස්වාදය බැහැර කරන ධනේශ්වර ක්‍රමය ඔසවා වියදම් කරමින් දුප්පත් රටවල උගතුන් මුදලට ගැනීමෙන්ද, එන්ජීඕ ආයතන බිහි කරමින්ද තම ධනේශ්වර දේශපාලන දෘෂ්ටිවාදය තහවුරු කර ගැනීමට ඔවුහු මහන්සි ගත්හ. ලංකාවට වෙළෙඳපොළ ආර්ථිකයක් සමග ලැබෙන දායාදය පශ්චාත් නූතනවාදයයි..මේ පිළිබඳ පශ්චාත් නූතනවාදය නමින් 1996දී ග්‍රන්ථයක් පළකරන ටෙරී ඊගල්ටන් මාක්ස්වාදී දේශපාලන ආස්ථානයක පිහිටා පශ්චාත් නුතනවාදී මායාවේ පැටලී සිටින ලේඛකයන්ට හා රසිකයන්ට එම රීතියේ ඇති ලඝුබව තර්කානුකූලව පෙන්වාදෙයි…...එහෙත් එම දේශපාලන අපේක්‍ෂාවෙන් මුදුන්පත් කරගැනීමට පශ්චාත් නූතනවාදී විලාසිතාව ප්‍රචාරය කළ අමෙරිකාව, චීනය වැනි රටවලට පවා ඩෙරිඩා හා කොකාකෝලා අපනයනය කළ බව ඔහු පවසයි.’ (169, 170 පිටු).රංජිත් ධර්මකීර්ති යනු වගකීමෙන් තොරව නිසරු වාගාලාපයන් දොඩවන්නෙක් නොවේ. ඔහු නාට්‍යකරුවෙකි, නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. ශාස්ත්‍රීය ලේඛකයෙකි. පසුගිය අනිද්දා කලාපයක ආචාර්ය සිරිල් ගුණපාල ධර්මකීර්තිගේ කලා භාවිතය පිළිබඳව ඉතා නිවැරදි විග්‍රහයක් කර තිබුණි. මෙවන් පසුබිමක සිටින ඔහු නියෝජනය කරනුයේ ඉහතින් සඳහන් කළ දෙවැනි කාණ්ඩයද?.රංජිත් ධර්මකීර්ති වැනි ලේඛකයකු මෙවැනි ආස්ථානයක පිහිටා පශ්චාත් නූතනවාදය පිළිබඳව සිය මතිමතාන්තර ප්‍රකාශ කිරීමට පෙළඹුණේ ඇයිද යන්න සොයාබැලිය යුතු කරුණකි..මගේ මතය, පසුගිය දශක දෙක තුන තුළ පශ්චාත් නූතනවාදයේ ලාංකීය භාවිතයේ වූ සංකීර්ණතාවන් මේ සඳහා බලපා ඇති බවයි..ඒ පශ්චාත් නූතනවාදී ගුරුකුලයේ ප්‍රමුඛයන් ලෙස පෙනී සිටි ඇතැම් කණ්ඩායම් විසින් මේ න්‍යාය ඉතා සාවද්‍ය ලෙස අර්ථකථනය කරමින් භාවිතයේ යෙදීමය..ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රපීඨයේ ඇදුරන් සිංහල පමණක් උගත් 56 දරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විය. එය ඉතා මෑතක් දක්වාම විශද වුණු දෙයකි. මොවුන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ ඌනතාව නිසා නව ලෝක සාහිත්‍ය සංකල්පයන් සමග තම විෂය නිර්දේශ නවීකරණය කරනු වෙනුවට ගතානුගතික විෂය ක්‍ෂේත්‍රය තුළම ඔවුහු රැඳී සිටියහ. එනිසා පශ්චාත් නූතනවාදය පිළිබඳ මූලික හඳුනාගැනීම් ලාංකීය පාඨක පිරිස අතරට ආවේ විශ්වවිද්‍යාල හරහා නොව, යම් මට්ටමක් දක්වා ඉංග්‍රීසි උගත් තරුණ කණ්ඩායම් මගිනි. ඉංග්‍රීසි නොදත් විශ්වවිද්‍යාල ඇදුරෝ ඔවුන් විසින් ගෙන ආ ඇතැම් සාවද්‍ය මතවාදවලට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ නොහැකිව බියෙන් පලාගියහ. මේ තරුණයන් ජප කළ පශ්චාත් නූතනවාදී මන්තරය ඒ අයුරින්ම මේ විශ්විද්‍යාල ඇදුරෝද ජප කරමින් ඔවුන් වීරයන් කළහ..(එහෙත් වර්තමානය වන විට මේ තත්ත්වයන් වෙනස් වෙමින් පවතියි. ලෝක සාහිත්‍යය නිර්මාණශීලීව ගවේෂණය කරන ද්විභාෂික උගතුන් ස්වල්ප දෙනකු හෝ ශාස්ත්‍රපීඨවල සිටීම සතුට දනවන කරුණකි.).අවසානයේ සිදුවූයේ කුමක්ද? සමස්ත ලාංකීය සාහිත්‍ය ප්‍රවාහයම මේ නව සාහිත්‍ය චින්තනයේ ග්‍රහණයට හසු වීමය. එය යථාර්ථවාදී සාහිත්‍ය ව්‍යාපාරය මහා ගංවතුරකට හසුකොට දැමුවාක් මෙනි. ඛේදවාචකය මෙය නොවේ. සෑම මුද්‍රිත මාධ්‍යයකම පාහේ කලා පිටුවෙහි ආධිපත්‍යය මේ මෝස්තරවාදීන්ගේ ආධිපත්‍යයට හසුවීමය. ඔවුන’තර සාම්ප්‍රදායික නිර්මාණයේ නියැලෙමින් අතිවිශිෂ්ට කලා නිර්මාණ කරන්නවුන්ට අවකාශයක් නොවීය. ඔවුන්ගේ නිර්මාණ ගොමරිතිවලින් වැසීගිය මාණික්‍ය බවට පත්විය..බොහෝ විට මේ මෝස්තරවාදී අනුකාරකයන්ට පශ්චාත් නූතනවාදී විශ්ව සාහිත්‍යධරයන්ගේ දේශපාලනමය හරය හඳුනාගත නොහැකි විය. ලියනගේ අමරකීර්ති මෙන්ම රංජිත් ධර්මකීර්තිද ලතින් අමෙරිකානු රටවල වූ පීඩාකාරී පාලකයන්ගේ අධිකාරත්වයෙන් මිදීම සඳහා මේ ලේඛකයන් සිය පෑන අවියක් කරගනිමින් පුළුල් දේශපාලන සන්ධාර භාරයක් සහිත නිර්මාණ ඉදිරිපත් කළ බව පිළිගෙන ඇත..එහෙත් පශ්චාත් නූතනවාදය නිවැරදිව වටහා නොගත් නව පරපුර, එම සාහිත්‍ය ව්‍යාපාරය නියෝජනය කිරීම යනුවෙන් අදහස් කළේ, භාෂාව විකෘති කිරීම සහ සීමාවකින් තොරව කුණුහරුප ලිවීමය. ධර්මකීර්ති වැනි ලේඛකයන් මේ සාහිතය ව්‍යාපාරය පිළිකුල් සහගතව ප්‍රතික්‍ෂේප කිරීම සඳහා එක ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ මෙය විය යුතුය..පශ්චාත් නූතනවාදී සාහිත්‍ය ව්‍යාපාරය යනු ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ එක් අතු ගංගාවක් පමණි. විශ්ව සාහිත්‍යය එවැනි අතු ගංගාවලින් ප්‍රයෝජන ගත යුතුය. එහෙත් ඒ අන් සියලු සාහිත්‍ය ව්‍යාපාරයන් තලා පොඩි කරමින්, ගංවතුරකට හසු කරමින් නොවේ..මේ පසුබිම තුළ වුවද මේ ප්‍රවණතාවේ සුබවාදී ලක්‍ෂණයන්ද අපේ සනිටුහනට හසුවිය යුතුය. ඒ ගාමිණී වියන්ගොඩ, චූලානන්ද සමරනායක වැන්නවුන් අතින් සිංහලයට ඉතා සාර්ථකව පරිවර්තනය වී ඇති පශ්චාත් නූතන සම්ප්‍රදායට අයත් විශ්ව සාහිත්‍ය කෘතීන් නිසා සිංහල පාඨකයාට ඉන් මහඟු ඵල නෙලාගත හැකි වීමයි..තවද සාම්ප්‍රදායිකව යථාර්ථවාදී සාහිත්‍ය කලාවේ නියැළෙන නිර්මාණකරුවන්ටද යම් පණිවිඩයක් දිය යුතුව ඇත. ඒ තමන් විසින් අනුගත සාහිත්‍ය සම්ප්‍රදායේ නියැළෙමින් සිටින අතරතුර සාහිත්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නාවූ නව සාහිත්‍ය සම්ප්‍රදායන් සීමාන්තිකව නිෂේධනය නොකොට ඒවා ඉවසීමේ සම්ප්‍රදායක්ද ඔවුන් විසින් ප්‍රගුණ කළ යුතුව ඇති බවයි..Tags.සත්‍යපාල ගල්කැටිය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනීතිපති භූමිකාව කා වෙනුවෙන්ද?.Next articleපෙර-පාසල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ- ප්‍රියන්ත ෆොන්සේකා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ප‍්‍රබල කඳවුර තෝරාගැනීමට සිදුවී තිබෙනවා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ප‍්‍රබල කඳවුර තෝරාගැනීමට සිදුවී තිබෙනවා.By තරිඳු උඩුවරගෙදර.October 29, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.පුරවැසි හඬ සම කැඳවුම්කරු කථිකාචාර්ය චින්තක රණසිංහ.මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය හා ජාතික ජන බලවේගය යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ප‍්‍රධාන කණ්ඩායම් දෙකෙන් ජාතික ජන බලවේගය වඩා ප‍්‍රගතිශීලී බව බැලූ බැල්මට පෙනෙනකොට ඔබේ කණ්ඩායම එයට සහයෝගය නොදක්වන්නේ ඇයි?.ජවිපෙ ප‍්‍රමුඛ ජන බලවේගය පැහැදිළිවම ප‍්‍රගතිශීලී, වැදගත්, ශිෂ්ඨ බලවේගයක් බව මම පිළිගන්නවා. එනමුත් අප එය විභාග කර බැලිය යුත්තේ අපට මතුපිට පෙනෙන සත්‍යයට වඩා වෙනස් ආකාරයකටයි. ජවිපෙ ආරම්භයේදී පුළුල් ජන පදනමක් ගොඩනැඟීමට යම් උත්සාහයක් ගත්ත පක්ෂයක්. ඒ ජන පදනම තුළ තරුණ ශිෂ්‍ය ප‍්‍රජාව වැඩි වුණත්, ගොවිකම්කරු සහ සුළු මධ්‍යම පාන්තික පිරිස්ද මේ පක්ෂය ගොඩනැඟීමට දායක වුණා. නිදසුනක් විදියට 71 කැරැුල්ල වැනි අවස්ථාවල විජේවීර ඈත ගම් පළාත්වල හේන් ගොවියන් සමඟ වැඩ කළා. ගාමිණී බාස් වගේ අය ඔහුගේ සමීපතමයන් වුණා. එහෙත් පසුව ජවිපෙත් හුදෙක් න්‍යායික තලයේ වැඩකරන තරුණ ශිෂ්‍යයින්ගේ හා බුද්ධිමතුන්ගේ ව්‍යාපාරයක් වුණා. එම නිසා අසූඅට අනූව අවස්ථාවේදී එය මර්ධනය කිරීමට එවකට තිබුණු ආණ්ඩුවට පහසු වුණා..අනූහතරෙන් පසු ජවිපෙ ගොඩනඟන විට පැරණි පරපුර ඒ අඩුපාඩුව යම් දුරකට වටහාගෙන හිටියා. එම නිසා ඔවුන් ගම සමඟ ඓන්ද්‍රීය ගණුදෙනුවක් ගොඩනඟාගැනීමට උත්සාහ ගත්තා. ශ‍්‍රීලනිපය සමඟත් උපායමාර්ගිකව සන්ධාන දේශපාලනයකට එළැඹුණා. එය දරදඬු ලෙස මාක්ස්වාදී න්‍යාය පිළිබඳ විශ්වාස කරන පිරිස අසතුටු වූ කාරණයක්. එහෙත් ඔවුන් ආණ්ඩුවට ඇතුල්වී අමාත්‍යාංශවල බලය රැුගෙන ප‍්‍රායෝගික රාජ්‍ය පාලනයට දායක වීම ඔවුන්ගේ පරිණත සාමාජිකයන් සහ ඇතැම් ප‍්‍රායෝගික දේශපාලන කටයුතුවල නිරතවන දියුණු පිරිස් තුළ ඇතිකළේ දේශපාලන සතුටක්. එහෙත් ඔවුන්ට එම සතුට නිවැරදිව ඉදිරියට ගෙනයෑමට නොහැකි වුණා. එයට හේතුව වූයේ පක්ෂයේ දේශපාලන කටයුතු සහ රාජ්‍ය පරිපාලනය අතර සමතුලිතභාවයක් පවත්වාගෙන යෑමට ඔවුන් දැක්වූ අසමත්කම නිසා..මේ සිදුවීම් වනවිට ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ චින්තනමය පෙරැුළියක් ඇතිවෙමින් පැවතුණා. මූලික වශයෙන් මේ කියන්නේ එක්ස් කණ්ඩායම හා එහි දේශපාලනය ගැන. මෙය අද අප සිතනවාට වඩා බරපතල දේශපාලනයක්. මෙය ඉතා සියුම් ලෙස තරුණ හා බුද්ධිමය කොටස් අතර පැතිරුණා. එම පැතිරීමෙන් ජවිපෙටත් ගැලවීමක් නැතිවුණා. තවත් දෙයක් තමයි මෙම දේශපාලන ධාරා අතර ඇතිවිය යුතුව තිබූ මතවාදී හා ප‍්‍රායෝගික සන්ධානය සිදුකිරීමට ජවිපෙ හා එක්ස් කණ්ඩායම යන දෙකම අසමත් වීම. ඒ දෙකටම තිබුණේ දේශපාලන උද්දච්චකමක් පමණයි. මෙහි වන්දිය වන්නේ පෙරටුගාමී සහ ජවිපෙ අතර ඇතිවෙන භේදය. එය බැලූ බැල්මට වෙනත් න්‍යායික භේදයක් ලෙස පෙනී ගියත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එක්ස් කණ්ඩායම ගෙන ආ දැනුම සහ භාවිතය යම් ආකාරයක වාමාංශික මතවාදයක් තුළ පුපුරා යෑමයි. මෙම පුපුරායෑම ලංකාවේ විශ්වවිද්‍යාල සහ සෙසු බුද්ධිමය ආයතන තුළද දිගින් දිගටම සිදුවුණා. මින්පසුව අප දකින නව ජවිපෙ හෙවත් මෑතකාලීන ජවිපෙ බිහිවෙනවා..වත්මන් ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔබේ අදහස මොකක්ද?.ජවිපෙ තුළ අසූ ගණන්වල පැරණි වාමාංශික සාමාජිකයන් විශාල බලයක් ගොඩනඟාගෙන සිටිනවා. පෙරටුගාමී ඛණ්ඩනයෙන් නව පරපුරේ බොහෝ අය ඉවත් වූ නිසා. එසේ බලය ලබාගෙන ඉන්නේ දැඩි ලෙස සාම්ප‍්‍රදායික යූඇන්පී විරෝධී පැරණි වාම අගතීන්ගෙන් ඔළුව පුරවාගත් පිරිසක්. ඒ අයගේ තිබෙන ප‍්‍රධානම දුර්වලතාවය වන්නේ රට සහ ජනතාව වෙනුවෙන් පොදු තීන්දුවක් ගැනීම වෙනුවට වැරදි බව දැන දැනත් පක්ෂය සහ නායකත්වය ආරක්ෂා කිරීමයි. එය මේ මොහොතේ කැපී පෙනෙනවා. මේ මොහොත අපි අර්ථ ගන්වන්නට අවශ්‍ය වන්නේ භයානක ඒකාධිපති පාලනයක් අසීරුවෙන් අවසන් කර එය ශක්තිමත් පාලනයක් විසින් පුරවාලීමට අසමත්ව වසර හතරක් ගෙවී ගිය අවාසනාවන්ත මොහොතක් ලෙසයි. එම අවාසනාවන්ත මොහොත තුළ පැරණි ඒකාධිපති රූපය වඩාත් භයානක වේෂයකින් නැවත පැමිණෙමින් ඉන්නවා. එම පැමිණීම තම දේශපාලනයට වාසියක් ලෙස ජවිපෙ අර්ථකතනය කරගෙන තිබෙන බව පේනවා. ‘.නමුත් ඔවුන් කරන්නේ මෙම ඒකාධිපතිවාදී පාලනය දැඩි වුවත් තමන්ට වාසිදායක තත්වයක් ඒයැයි බලාපොරොත්තුවෙන්. නමුත් එය එසේ නැහැ. ඒ නිසා අපට සාපේක්ෂ වශයෙන් අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගය දිනවිය හැකි, වඩා ප‍්‍රබල කඳවුර තෝරාගැනීමට සිදුවී තිබෙනවා. එම නිසා මම විශ්වාස කරන්නේ ජවිපෙ සහ ජාතික ජන බලවේගයට සහාය නොදී වඩා ප‍්‍රබල බලයක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂකයා දිනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිමක් නිර්මාණය කරගත් පසු නැවත අරගල භූමිය තුළ වැඩකටයුතු කළ හැකි බවයි..එහෙත් 2015 දී බිහිකරපු ආණ්ඩුව කළ කී දේවල්වල හැටියට නැවතත් එවැනි කණ්ඩායමකට සහාය දීමෙන් පලක් තියෙනවාදැයි ජාතික ජන බලවේගය සමඟ සිටින පිරිස් විමසනවා නේද?.මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2015 දී බිහිවූ ආණ්ඩුව පැරණි තනි පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. ඒක ලංකාව තුළ අලූ‍ත් අත්හදා බැලීමක්. ඒක සාර්ථකව කිරීමට අපේ දේශපාලඥයන්ට හා පුරවැසියන්ට පුහුණුවක් තිබුණේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ඒ මදිවාට අප තෝරාගත් නායකයා විශාල පෞරුෂමය දුබලතාවයන් සහිත පසුබානසුළු කෙනෙක්. එයින් මා එය කීවේ ඔහුට අපහාසයක් කිරීමට නෙවෙයි. ජනාධිපතිවරයා තමන් ගත් තීන්දුවේ පිහිටා සිටින්නට බැරිව ඡුන්ද ලක්ෂ 62 ක් පසෙකට විසිකරලා ප‍්‍රතිවාදියාව අගමැති කළා. ඒ තරම් අමනෝඥ තත්වයක් ඇතිවුණේ. ඒක ලෝක ඉතිහාසයේ කරපු භයානකම පාවාදීමක් විය හැකියි. අනෙක් පැත්තෙන් එජාපය ආණ්ඩුව ගත්තාට පස්සේ සාම්ප‍්‍රදායික යූඇන්පී ආණ්ඩුවක් ගෙනගියා පමණයි. මිනිස්සු බලය දුන්නේ ඇයිදැයි වටහාගන්න කිසිදු උත්සාහයක් එජාපයටත් තිබුණේ නැහැ. 2015 ගාමක බලවේගය වූ සිවිල් සමාජයත් තමන්ගේ මධ්‍යම පාන්තික නිද්‍රාවට වැටුණා. ප‍්‍රමාණවත් දේශපාලනයක් ඔවුන් කළේ නැහැ..ඒ කාලසීමාවේ ජවිපෙ නැගිටීමක් වුණා නේද?.ජවිපෙ පසුගිය අවුරුදු හතර තුළ ඉතාම නරක විදියට තමන්ගේ ග‍්‍රාමීය ඡුන්ද පදනම විනාශ කරගත්තා. ඉන්පසුව නාගරික කලාකරුවන්, බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සුරතල් ගණුදෙනුවක් හදාගත්තා. ඒ දෙගොල්ලම හිතනවා අපි දෙගොල්ල එකතුවෙලා ඉන්න එක මාරයි කියලා. මධ්‍යම පාන්තික කලාකරුවන් හිතනවා අපට වමේ කෑල්ලක් ගෑවිලා කියලා. අනුර කුමාර දිසානායක හිතනවා මට සබුද්ධික ඕඩියන්ස් එකක් ලැබුණා කියලා. සිවිල් අය හෝ ගාලා ප‍්‍රතිපත්ති ලියලා දෙනවා. අනුර කුමාර දිසානායක දවස ගාණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වනවා. මේක විහිළුවක්. ජේවීපීය එහෙම කරද්දී ගම ඇතුලේ වැඩ කරලා තියෙන්නේ පොහොට්ටුව හා සජිත් විතරයි. යූඇන්පීයත් පසුගිය කාලයක් තිස්සේ ගම අත්හැරියා. ජවිපෙ හා එජාපයට ගම හා කතාබහ කරන භාෂාව නැතිවෙලා තියෙනවා..ගමේ අය බලාපොරොත්තුවන දේශපාලන ලෙංගතුකමක් තියෙනවා. ඒක පොහොට්ටුවේ තියෙනවා. ජවිපෙටත් ඒ භාෂාවෙන් කතාකිරිමේ ශක්‍යතාවය තියෙනවා. ඒත් ඔවුන් ඒ හැකියාව විනාශ කරගෙන මධ්‍යම පාන්තිකයන්ගේ බහට රැුවටෙනවා..මේ ලණුව ජවිපෙ, සිවිල් සමාජය, යූඇන්පීය කෑමෙන් ලොකු විනාශයක් සිද්ධවෙනවා. අපේ සමාජය වැඩවසම් සමාජයක්. ඔවුන්ට ඕනෑ නායකයා නිතර පෙනී සිටිමින් ආධ්‍යාත්මිකව නායකයාව අතපත ගාන්නයි. එහෙම නැතිව ඈතින් ඉඳලා පුරවැසියාට පූර්ණ නිදහස දෙන බටහිර පන්නයේ නායකයන්ට අපේ සමාජය කැමති නැහැ. එහෙම තැනකට අපේ සමාජයට එකපාර යන්න බෑ. ජවිපෙන්, යූඇන්පීයෙන් ඒක නොලැබෙද්දී ඒක ලැබෙන්නේ පොහොට්ටු පීතෘවරයාගෙන්. පොහොට්ටුව තර්කානුකූලයි. පොහොට්ටුවේ ව්‍යෘපෘතිය සමඟ ගැටෙන කෙනා සජිත්..මේ මොහොතේ ජාතික ජන බලවේගය සමඟ හිටගැනීම වඩා ආරක්ෂාකාරී තීන්දුව. ඔවුන් ආණ්ඩුවක් පිහිටුවීමේ ඉඩකඩ අඩු නිසාම, අනාගතයේදී ඒ කණ්ඩායමේ සිටින අයව ප‍්‍රශ්න කරන්නට තියෙන අවස්ථාවක් අඩුයි…..තමන් කොතැනින් හරි ආවරණයක් ලබාගෙන බැබළීම මධ්‍යම පන්තියේ ස්වරූපය. රටේ කිසිදු ව්‍යුහයක් කැපවීමෙන් වෙනස් නොකරන නමුත් එහෙම වෙනස් කරන බව පෙන්වන්නයි ඔවුන්ට ඕනෑ. ඔය විද්වත්තු තමයි විශ්වවිද්‍යාල ඇතුළු ආයතනවල වැඩවසම් ක‍්‍රියාකාරකම් කරන්නේ. ආයතන ඇතුලේ වැරදි කරන අය අතරේ ඔය අයත් ඉන්නවා. ඒත් ඒ ගොල්ලන්ට වාම බැබලීමක් අවශ්‍යයි. මේ වර්ගයේ අය දැන් ජේවීපීය එක්ක එකතුවුණාට මීට කලින් වෙනත් කණ්ඩායම් සමඟත් හිටියා. සමසමාජයේ කම්කරු පදනම නැතිවුණාට පස්සේ ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් මේ වර්ගයේ අය රිංගුවා. ඒ කාලයේ ආචාර්ය, මහාචාර්යවරු, සිනමාවේදීන්ගේ ගොදුරක් බවට සමසමාජ පක්ෂය පත්වුණා. ඔවුන්ට මිනිස්සු එක්ක සම්බන්ධයක් නෑ. ඒත් සමසමාජයෙන් වාම රැුඩිකල් භාවයක් ගත්තා. දැන් ජේවීපීයටත් එවැනි අය එකතුවෙලා. මේක පොදුජනයාගෙන් වියුක්ත තත්වයක්. දැන් කලාකරුවන් පවා හිතනවා අපි විවිධ තැන්වලට යන එකේ, පොඩි රැුඩිකල් වැඩකටත් ඔලූ‍ව දැක්කාම අපට හොඳයි කියලා. ඔවුන්ට ලොකු සතුටක් අනුර කුමාර එක්ක එකට වැඩ කරමින් අයියා මල්ලී කියමින් කතාකිරීම. අනුරටත් ඕක ලොකු සතුටක්. ඕක අහිංසක සතුටක් විතරයි. ඒත් ඕකයි ජන පදනමයි අතර සම්බන්ධයක් නෑ..මොනවා කීවත් සජිත් වගේ කෙනෙක් එක්ක හිටගන්නේ කෙලෙසදැයි කෙනෙකු සාධාරණ ලෙස ප‍්‍රශ්න කරනවා...සජිත් පේ‍්‍රමදාස කියන චරිතය එක අපරාධයකටවත් අධිකරණයට ගෙන්වලා නැහැ. සන්නද්ධ කැරළි මෙහෙයවලා නෑ, හමුදාව මෙහෙවලා නෑ. මම සජිත්ගේ අනාගතය ගැන රක්ෂණයක් දෙන්නේ නැහැ. එහෙත් දැනට එවැන්නක් නැති බව පැහැදිළිව කියන්න පුළුවන්. ඒ අනුව සජිත් කියන්නේ කිසිසේත්ම සහාය දිය නොහැකි වර්ගයේ කෙනෙක් නෙවෙයි. සමහර නායකයන්ට කිසිසේත්ම සහාය දෙන්න බෑ. උදාහරණයක් ලෙස එස්.බී. දිසානායකව පෙන්වන්න පුළුවන්. සජිත් ඒ වර්ගයේ කෙනෙක් නෙවෙයි. සජිත් සුබසාධනයේ යෙදුණු පළියට ඔහුව අයින් කරන්න බෑ. එහෙම වුණොත් අපට සමාජයේ කී දෙනෙක් එක්ක ඓන්ද්‍රීයව ගණුදෙනු නොකර ඉන්න සිද්ධවෙනවාද. මේවා පටු කියැවීම්..ලංකාවේ වම හදපු ඔවැනි පටු කියැවීම් ගණනාවක් තියෙනවා. එකක් තමයි බුද්ධිමතෙන් වාමාංශිකයෙක් වෙන්න ඕනෑ බව. එහෙත් කේ.එන්. ඕ. ධර්මදාස, ජෙරල්ඞ් පීරිස් වගේ අය යූඇන්පීය එක්ක සම්භාව්‍ය අර්ථයෙන් ගණුදෙනු කරපු ඉතිහාසයක් තියෙනවා. ඒවා අපට තේරුණේත් පස්සේ. ඒ දේශපාලනය ඔවුන් පොත්වලට, පන්තිවලට, ශාස්ත‍්‍රීය සංවාදවලට ගෙනිච්චේ නැහැ. ඔවුන් විශ්වාස කළා ලංකාව ලිබරල්වාදී, ජාතිකවාදයක් මත ඉදිරියට යා යුතු බව. ඔවුන් ඒ වෙනුවෙන් පෙනී හිටියා. මම ඔවුන්ගේ මතය පිළිගන්නා බව කියන්නේ නැහැ. ඒත් ඒ භාවිතාව ගැන තේරුම් ගැනීම වැදගත්. යූඇන්පීය හා සම්බන්ධ වීම ඔය කියන තරම් අවර ගණයේ දෙයක් නෙවෙයි. මේ වෙලාවේ පොහොට්ටුව පරාජය කළ හැකි ප‍්‍රබලම නියෝජිතයා සජිත්. දැන් ලංකාවේ ව්‍යවසනයක් වළක්වන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ප‍්‍රබලම අපේක්ෂකයා ඔහු. වැඩිම විභවයක් තියෙන අපේක්ෂකයා ඔහු..එහෙත් සජිත්ගේ ආණ්ඩුවක් අනාගතයේ කරන දේවල් ගැන උත්තර දීමේ හැකියාවක් තියෙන බව හිතනවාද?.අපි මෙතැන ආණ්ඩුවක් ගේන්නේ නැහැ. අපි ගේන්නේ ප‍්‍රධාන නායකයා වන ජනාධිපතිව. ජාතික ජන බලවේගය හතුරෙක් හෝ නරක දෙයක් නෙවෙයි. විශාල විභවයක් සමඟ මධ්‍යම පන්තිය පළල් වීමත් හොඳ දෙයක්. ඒත් මේ මොහොතේ අත්‍යාවශ්‍ය දේශපාලනික කාරණය තමයි ගෝඨාභයට විරුද්ධ කඳවුරේ ඉන්න සියළු නායකයන් එක්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ක්ෂණිකව පළල් වැඩපිළිවෙලක් හදාගැනීම. එයට තවමත් කාලය තියෙනවා. ඒ පළල් වැඩපිළිවෙල දිනවීම තමයි ඊළඟ අදියර වෙන්නේ. ඒකේ මූලික පියවර ආඥාපතිත්වය පැරදවීම. මූලික කොන්දේසිය සම්පූර්ණ වුණාට පස්සේ අපේ දේශපාලනය නැවත ප‍්‍රතිසංවිධානය කරගන්න පුළුවන්. අපට කෙනෙක් දිනුවාම කරන හැමදේමට වගකියන්න බැහැ. අපි උදව් කළා පමණයි. ඒත් වගකියන්න පුළුවන් යාන්ත‍්‍රණයක් හදාගන්න ඕනෑ. ජනතා නියෝජිතයන් නැවත කැඳවීම, නඩු පැවරීම්, උද්ඝෝෂණ වගේ ක‍්‍රමවේද පාවිච්චි කරන්න පුලූ‍වන්. කෙසේවෙතත් ඒ ඉල්ලීම්වලට යම් තරමින්වත් ඉඩ තියෙන්නේ සජිත් ආවොත් විතරයි. ඒක අපට පේනවා. දැන් පොඩි ළමයි වගේ හැසිරෙන්න ඕනෑ නැහැ. මගේ ටීක් බෝල දෙක ගත්තා කියමින් අඬන පොඩි ළමයින් වගේ යූඇන්පීය කරපු දේවල් ගැන කියමින් අඬලා වැඩක් නැහැ. කතා නවත්වලා පළල් පෙරමුණකට ඇවිත් ශක්තිමත් අපේක්ෂකයා දිනවීමේ අවශ්‍යතාවයයි දැන් තියෙන්නේ..Tags.anidda.Anidda Newspaper.presidential election 2020 candidates.පුරවැසි හඬ සම කැඳවුම්කරු කථිකාචාර්ය චින්තක රණසිංහ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකූඩුවෙන් එළියේ දේශපාලන සිතීමක් සහ භාවිතාවක් සඳහා.Next articleබටහිර තුවක්කු පත්තු කරන, සුබ්බුරාජ්ගේ කලාව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පොහොර හිඟයට මුල පොහොරමද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පොහොර හිඟයට මුල පොහොරමද?.By රේඛා නිලුක්ෂි හේරත්.January 26, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.A farmer casts urea fertilizer in a rice plantation on the expropriated and now redistributed farm of El Charcote in the central state of Cojedes October 14, 2010. El Charcote became a symbol of Chavez's socialist revolution when he sent soldiers to seize it in a 2005 push to break up major ranches and repopulate rural areas largely abandoned since Venezuela's oil industry took off in the 1920s. The government recently bought the last 500,000 acres (200,000 hectares) of land on the farm, a vast cattle ranch that until 2005 belonged to one of Britain's wealthiest families, the Vesteys, and 130,000 cattle, part of a new drive by Chavez to increase state control of food in South America's top oil producer. Picture taken October 14, 2010. REUTERS/Carlos Garcia Rawlins (VENEZUELA - Tags: POLITICS ENVIRONMENT AGRICULTURE IMAGES OF THE DAY).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.වසරකට ශ‍්‍රී ලංකාවට රජයෙන් රසායනික පොහොර මෙට‍්‍රික් ටොන් ලක්ෂ දෙකකට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන බව පැවසෙයි. මෙට‍්‍රික් ටොන් එකක මිල ඩොලර් 300 ඉක්මවයි. ඩොලර් 300 බැගින් මෙට‍්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කළොත්, ඩොලරය රුපියල් 170 ගාණේ ගණනය කරද්දී රුපියල් බිලියන 10.2 ඉක්මවූ මුදලක් ඒ වෙනුවෙන් වැයවෙන බව තේරුම්ගත හැකිය. දැනට යහපාලන ආණ්ඩුව සමයේ ගෙන්වූ රසායනික පොහොර වෙනුවෙන් රුපියල් බිලියන 23ක් පමණ ගෙවන්නට ඇති බවත්, ඉන් බිලියන 6ක් දැනට ගෙවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එහෙත් පැහැරහැර ඇති ගෙවීම් නිසා පොහොර ගෙන්වීමට නොහැකි වූ බව වත්මන් ආණ්ඩුව කියන්නේය..එහෙත් පොහොර ප‍්‍රශ්නය ඇත්තේ දැන් පොහොර ගෙන්වන්නට හැකිවුණාද, නොහැකි වුණාද යන කාරණය මත නොව නොමිලයේ රසායනික පොහොර ලබාදීමේ තීන්දුව නිසා රජයට දරන්නට සිදුව ඇති බර නිසා බව පැහැදිළි කාරණාවකි. දැන් කල්පනා කළ යුත්තේ රසායනික පොහොර අවශ්‍යද නැද්ද, ඒවා ගොවීන්ට සපයන්නේ කෙලෙසද, ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් ලංකාවට උපරිම ලාභ ලැබෙනවාද, නැතිනම් එය බරක්ද යන කාරණා ගැනය. ගොවීන් සමග ගණුදෙනු කරන ඇතැම් සිවිල් ක‍්‍රියාකාරිකයන් පෙන්වන්නේ ලංකාවේ රසායනික පොහොර වෙනුවට, කාබනික පොහොර යොදමින් වගා කිරීම කළ හැකි බවය. ගොවීන් ගැන අපට වඩා ඔවුන් දන්නා නිසා ඔවුන්ගේ යෝජනාවටද අපට විවෘත විය හැකිය. එහෙත් මේ මාතෘකාව ගැන විවෘත සාකච්ඡුාවක් වෙනුවට ප‍්‍රධාන දේශපාලන බලවේග දෙකෙන්ම අසන්නට ලැබෙන්නේ රසායනික පොහොර නොමිලයේ දෙන බවට ජනප‍්‍රිය පොරොන්දුවයි. ඒ ජනප‍්‍රිය පොරොන්දුව දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මුල් මාස දෙකේදීම පොහොර දෙන්නට බැරිව අසරණ තත්වයට පත්විය..එදිනෙදා පාවිච්චි කිරීම සඳහා ආනයනය කරන ප‍්‍රධාන රසායනික පොහොර වර්ග තුනකි. යූරියා (ග‍්‍රැනියුලා*, මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම් ඕපී * සහ ට‍්‍රිපල් සුපර් පොස්පේට් ( ටීඑස්පී * එම ප‍්‍රධාන පොහොර වර්ග තුන වේ. ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම වෙනුවෙන් පොහොර ලංකාවට ගෙන්වන්නේ ආණ්ඩුවෙන්ය. ඒවා බෙදාහැරීමේ කටයුත්තද ආණ්ඩුව පාලනය කරයි. පොහොර ලේකම් කාර්යාලය නමින් ඒ සඳහා ආයතනයක්ද ඇත. ප‍්‍රධාන ආයතන කිහිපයකින් එම පොහොර බෙදාදීම සිදුකරයි..යහපාලන ආණ්ඩුව සමයේ සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ 2019 අවුරුද්දේ ජූලි මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා මෙට‍්‍රික් ටොන් 30,000ක් මෙට‍්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 318.25 ක මිලට ඇග‍්‍රිකොමෝඩිටිස් ඇන්ඞ් ෆයිනෑන්ස් වෙතින් ගෙන්වා ඇත. එම් ඕපී මෙට‍්‍රික් ටොන් 3,000ක් මෙට‍්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 342.2 බැගින් සීමාසහිත ඇග‍්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඞ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම වෙතින් ගෙන්වා ඇත. ටීඑස්පී මෙට‍්‍රික් ටොන් 15,500ක් මෙට‍්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 324 බැගින් සීමාසහිත ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙතින් මිලදී ගෙන ඇත. ඒ සඳහා වියදම එකතු කර බලද්දී රුපියල් බිලියන 2.6කට වැඩි මුදලක් ඒ වෙනුවෙන් වියදම් වී ඇත. ගොවීන්ට පොහොර නොමිලයේ ලබාදීම සඳහා රජය ඉතා ඉහළ මුදලක් වාර්ෂිකව වෙන් කරයි. ඒවාට මුදල් ගෙවීම අර්බුදයක්ව ඇති බව මෙම පොහොර හිඟයෙන් පැහැදිළි වෙයි..ගොවි සංවිධාන.පොහොර හිඟයට මුහුණදෙන්නේ ගොවීන්ය. ගොවි නියෝජිතයන් කිහිපදෙනෙකු පොහොර හිඟය ගැන අදහස් දක්වා ඇත. හිඟය ගැන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න විස්තර කළේ මෙසේය..‘තවමත් පොහොර ප‍්‍රශ්ණය විසදිලා නැහැ. යූරියා පොහොර නැති වීම තමයි මේ පොහොර හිගයට බලපාලා තියෙන්නේ. අපි පසුගිය සතියේ දඹුල්ල ප‍්‍රදේශයේ පොහොර පිලිබඳව විමසීමක් කරන්න ගිය වෙලාවේ දැක්කා දඹුල්ලේ පොහොර ගබඩාවට රජයෙන් පොහොර කිලෝ 200 ක් විතරක් එවලා තියෙනවා. සාමාන්‍යයෙන් දඹුල්ලේ පොහොර ගබඩාවට පොහොර කිලෝ 2000ක් එවන්න ඕනෑ. 200 ක් පමණක් එවපු නිසා ඒ නිලධාරීන් පෝලීමේ හිටිය ගොවීන්ගේ හැදුනුම්පත්වලට පොහොර නිකුත් කරලා තිබුනා. ඒ නිසා පැයක්වත් යන්න කලින් පොහොර ඉවර වෙලා. එතන ආරවුලක් ඇති වෙලා තිබුණා..පොහොර හිගයක් ඇති වෙලා තිබෙන බව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා පවා පිළිගන්නවා. පොහොර හිඟයට පසුගිය රජයත් වගකියන්න ඕනෑ බවත් ඇත්ත. ඔවුන් අදාල සමාගම්වලට නිසියාකාරව මුදල් ලබා දී තිබුණා නම් මේ වගේ ප‍්‍රතිඵලයක් ගොවීන්ට අත්වෙන්නේ නැහැ..ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප‍්‍රධානඅපේක්ෂයන් දෙදෙනාම ගොවීන්ට පොරොන්දු වුනේ පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. ඒ විශ්වාසය මත බහුතරයක් ගොවීන් තමන්ට රජයෙන් ලැබෙන පොහොර සහන ඉල්ලලා අයදුම්පත් පොහොර ලේකම් කාර්යාලයට යොමු කළේ නැහැ. ඒ ගොවීන් හැමෝම හිතුවේ නොමිලේ පොහොර ලැබේවී කියලා..අපේක්ෂයන් පොහොර නොමිලේ දෙනවා කියපු නිසා පෞද්ගලික පොහොර සමාගම් ගොවි ජන සේවා කාර්යාල බය වුණා. ඒ පොහොර මිලදී ගත්තොත් විකුණගන්න බැරිවෙයි කියලා. ඒ නිසා ඔවුන් පොහොර මිලදී ගත්තේ නැහැ.2018 වර්ෂයේ පැවැති දින 52 ආණ්ඩුව සමයේදී පොහොර රුපියල් 500 කින් අඩු කළා. ඒ වෙලාවේ පොහොර ගෙන්වන පෞද්ගලික සමාගම් ඒ පොහොර හැංගුවා. ගොඩක් සමාගම් මේ අඩු කිරීමත් එක්ක පොහොර එළියට දැම්මේ නැහැ..ඒ විදියට හංගපු පොහොර නැවත ඔවුන් මිශ‍්‍ර පොහොර ලෙස වෙළඳපොළට දානවා. යුරීයා, එම්. ඕ.පී සහ ටී.එස්.පී පොහොර වර්ග වලට වෙළඳපොලේ පාලන මිලක් තිබෙනවා.මේ පාලන මිලට වැඩියෙන් පොහොර විකුණන්න බැහැ. මිල වැඩි වුනොත් පාරිභෝගික අධිකාරියෙන් නඩු දානවා. වෙළපොළේ මිශ‍්‍ර පොහොර කියලා පොහොර වර්ග තියෙනවා. මිශ‍්‍ර පොහොර කියලා වර්ගයක් නැති වුණත් සමාගම් කරන්නේ එක එක අනුපාතයන්ට යූරීයා, එම්. ඕ.පී සහ ටී.එස්.පී පොහොර වර්ග මිශ‍්‍ර කරලා. මිරිස් පොහොර, කෙසෙල් පොහොර කියලා නම් ගහලා විකිණීම. නමුත් මිශ‍්‍ර පොහොර වලට පාලන මිලක් නැහැ. ඒ නිසා තමන්ට වුවමනා ගාණකට කඩහිමියා මිශ‍්‍ර පොහොර විකුණනවා. මේ මිශ‍්‍ර පොහොරවලට පාලන මිලක් දාන්න ඕනෑ.‘.රාජාංගණය ගොවි ව්‍යාපාරයේ ටෙරන්ස් ගාමිණී මහතා මෙසේ පැවසීය. ‘අපට වී ගොවිතැනට අවශ්‍ය පොහොර සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ. එහෙත් වෙළඳපොලේ මිලදී ගන්නට තියෙන කිලෝ 50 පොහොර මිටි හිඟයි. ඒ පොහොර ඉඳහිට වෙළඳපොලට එනවා. ආපු සැණින් ඉවර වෙනවා. රාජාංගණය ගොවිජන ව්‍යාපාරයේ ගොවීණ්ට පොහොර දුන්නා. ඒත් අපට දුන්නේ අක්කරයකට කිලෝ 28ක් වගේ සුළු ප‍්‍රමාණයක්. ඒ නිසා මුදලට පොහොර ගන්න වෙනවා. එතකොට තමයි හිඟයක් මතුවෙන්නෙ.‘.ඒ අනුව ගොවීන්ගේ පාවිච්චියට පොහොර නැති බව පැහැදිළි කාරණාවකි. ගොවීන් අසරණ වී ඇත. එහෙත් අප මුලින්ම සඳහන් කළ පරිදි පොහොර හිඟයට මුල පොහොරම විය හැකිය. රජයෙන් පොහොර ගෙන්වීම හා ඒවා නොමිලයේ බෙදාදීම මුල් කරගත් ක‍්‍රමවේදයම අවුල් සහගත බව පෙනී යයි. ලංකාවේ ආහාර නිෂ්පාදනයම කිසිදු පිළිවෙලක් නැති ක‍්‍රියාවලියකි. කල්පනා කළ යුත්තේ එය පිළිවෙලක් කරගැනීම ගැනය. මෙවැනි අතුරු ප‍්‍රශ්න ඇතිවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය..වෙනත් විකල්ප.මේ අතර කවුඩුල්ලේ ව්‍යාපාරයෙහි කටයුතු කරන කවුඩුල්ලේ ජයතිස්ස මහතා පෙන්වාදෙන්නේ පොහොර අර්බුදයට විසඳීම පොහොර ගෙන්වීම නොවන බවය. පොහොර අනවශ්‍ය බව ගොවීන්ට පෙන්වාදීම බවය..‘ගෝඨාභය මහත්මයා තමන්ගේ ඡුන්ද පොරොන්දුවක් විදියට අනුරාධපුරයේදී මහා හයියෙන් කෑගහලා ගොවීන්ට පොරොන්දු වුණා පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. දැන් ඔවුන් බෝලේ පාස් කරනවා කලින් ආන්ඩුව තමයි මේ සියල්ලටම වග කියන්න ඕන කියලා. නමුත් කවුරුවත් කල්පනා කරලා බලන්නේ මේ වගේ කාරණාවලදී ගොවියා කොතරම් අසරණ වෙනවා ද කියලා..ගොවීන්ට තියෙන ලොකුම ප‍්‍රශ්නය පොහොර ලබා තැනීම නෙවෙයි. අපට පුළුවන් රසායනික පොහොර පාවිච්චි කරන්නේ නැතිව ගොවිතැන් කරන්න. ඒක ක‍්‍රියාවට රජය ගොවීන් උනන්දු කරන්න ඕනෑ. රසායනික පොහොර සහන මිලට ලබා දෙනවා වෙනුවට රජය කරන්න ඕන කාබනික පොහොරවලට මිනිස්සු උනන්දු කරන්න ජාතික ප‍්‍රතිපත්තියක් හදන එක. රසායනික පොහොර දිගින් දිගටම පාචිච්චි කිරීම නිසා පස මේ වෙනකොට නිසරු වෙලා. අස්වැන්න නැති වුණාම ගොවීන් කලින් දාපු ප‍්‍රමාණයට වඩා රසායනික පොහොර යොදනවා. පොහොර භාවිතය පිලිබඳව ගොවීන්ව දැනුවත් කරන්න ඕන. අපිට පුලූවන් කාබනික පොහොර වලින් හොඳ වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගන්න.‘.ගොවීන් මෙසේ කියද්දී ඒ ගැන සලකා බැලීමද වටින්නේය. ඒ සියලූ කාරණා පදනම් කරගනිමින් ආණ්ඩුව නැවත කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය ගැන කල්පනා කළ යුතුය. එසේ නැතිනම් වරින් වර මෙවැනි ප‍්‍රශ්න ඇතිවීම වැළැක්විය නොහැකිය..කලින් ආණ්ඩුව මුදල් ගෙවලා නෑ.සී/ස ලංකා පොහොර සමාගමේ වෙළඳ අංශයේ නිලධාරියෙක්.මේ වෙනකොට මහ කන්නය වගා කරලා ඉවරයි. ඒ නිසා දැන් මහ කන්නයට පොහොර ලබා දීම පිළිබදව ගැටලූවක් ඇති වෙලා නැහැ. යූරියා, එම්. ඕ.පී සහ ටී.එස්.පී වැනි පොහොර වර්ග තුනක් පිටරටින් ආනයනය කරනවා. සිංගප්පුරුව, පකිස්ථානය වැනි රටවල් වලින් තමයි මේ පොහොර අනයනය කරන්නේ. අවුරුද්දකට දළ වශයෙන් මෙට‍්‍රික් ටොන් ලක්ෂ දෙකක් වගේ ප‍්‍රමාණයක් ගෙන්වනවා. මේ වෙනකොට යම් පොහොර හිඟයක් ඇති වෙලා තියෙන්න ප‍්‍රධාන හේතුව විදියට කියන්න පුළුවන් කලින් ආන්ඩුව පොහොර ගෙනවන සමාගම් වලට මුදල් නොගෙවා තිබීම..හිඟයක් නෑ.සී/ස කොළඔ කොමර්ෂල් පොහොර සමාගමේ ප‍්‍රධාන කළමණාකරු ජයරත්න වීරරත්න.අපි වී ගොවීන්ට පමණයි පොහොර ලබා දීම් කටයුතු කරන්නේ. වී ගොවිතැනට අවශ්‍ය සහනාධාර පොහොර ගොවීන්ට ලබා දීම් රජයේ පොහොර සමාගම් දෙක අතරේ බෙදී යනවා. ලංකාවේ වී ගොවීතැනේ සීයයට 60 ක් සඳහා පොහොර ප‍්‍රමාණයක් ගොවීන් අතරේ බෙදා දීම සී/ස ලංකා පොහොර සමාගමට පැවරෙනවා. වී ගොවිතැන කරනා ගොවීන්ට අවශ්‍ය දේශිය දළ අවශ්‍යතාවෙයෙන් සීයයට 40 ක පොහොර සහනාධාර ලබා දීමේ කටයුතු සී/ස කොළඔ කොමර්ෂල් පොහොර සමාගමට පැවැරෙනවා. ඒ වගේම වෙනත් බෝග වගාවන් සදහා අවශ්‍ය දේශිය දළ පොහොර අවශ්‍යතාවයෙන් සීයයට 4 ක අවශ්‍යතාවයන් ගොවින්ට ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. අපට අනුව දැනට නම් පොහොර හිඟයක් නැහැ..අපට එන ඉල්ලූම සපුරනවා.සී/ස පොස්පේට් සමාගමේ සාමාන්‍යාධිකාරී එච්.ආර්.යු.ඞී. බණ්ඩාර.වර්තමානයේදී එප්පාවල රොක් පොස්පේට් මෙට්රික්ටොන් 60,000 ක් පමණ නිපදවනු ලබනවා.අපගේ පොහොර තේ,පොල්,රබර්, පළතුරු බෝග සහ අපනයන බෝග සදා භාවිතා කරනු ලබනවා. සීයට 60 ක් තේ වගාව සදහා යොදා ගනු ලබනවා. තවත් සීයයට 30 ක් රබර් සහ පොල් වලට භාවිතා කරනවා. ඉතිරි සීයයට 10 ක පොහොර ප‍්‍රමාණය භාවිතා කරන්නේ අපනායන මුදල් බෝග සහ පළතුරු වලට. අපට එන ඉල්ලීම සපුරන්න අපට පුලූවන්..ගොවීන් වැඩිපුර පොහොර පාවිච්චි කරලා.කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක.පසුගිය කාලයේ වර්ෂාව තිබුණා. අධික වර්ෂාවෙන් වගා සේදීලා ගියාට පස්සේ නැවත වපුරනකොට වැඩියෙන් පොහොර යෙදීමක් සිදු කරනවා. අනෙක් කාරණය පොහොර ලේකම් කාර්යාලය කියන්නේ සෑහෙන්න ¥ෂණ වංචා ඇති ආයතනයක් කියලා මට වාර්තා වෙලා තියෙනවා. අපි මේ පොහොර අවශ්‍යතාවය හදුනගන්නේ ගම් මට්ටමේ නිලධාරීන්ගේ ලේඛණ මගින්. ඒ නිලධාරීන් ලබා දෙන්නා වු දත්ත සහ සංඛ්‍යා ලේඛනවලින් තමයි ඒ ඒ ප‍්‍රදේශයේ වගාකරන භූමී ප‍්‍රමාණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය නිගමනයට එන්නේ. මේ දත්ත නිවැරදිද කියලා හොයලා බලන්න අපිට ක‍්‍රමයක් නැහැ. ඒ නිසා මුලින්ම කළ යුත්තේ විද්‍යාත්මකව සංඛ්‍යා ලේඛණ එකතු කිරීමේ වැඩ පිළිවෙලක් හැදීම. දැන් මේ කරන්නේ පරණ දත්ත බලලා නැවත නැවත කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීම විතරයි. ඒ වගේම රසායනික පොහොර පාවිච්චියෙන් ගොවීන්ව ඈත් කරලා, කාබනික පොහොර පාවිච්චි කිරීමට යොමුකිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නත් ඕනෑ..Tags.anidda.Anidda Newspaper.පොහොර.පොහොර හිඟය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමම තාම නෙළුම් පොකුණේ රඟපාලා නැහැ.Next article19 නැතිනම් වියතුන් පාර්ලිමේන්තු යන්නේ කොස් කොටන්නද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අපි හැමෝටම එකතුවිය හැකි පොදු සතුරෙක් ඉන්නවා – ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අපි හැමෝටම එකතුවිය හැකි පොදු සතුරෙක් ඉන්නවා – ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ.By සංස්කාරක.July 19, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඉසුරු මාපා.ලංකා ගුරු සංගමය මේ දිනවල වෙනදාටත් වඩා භූමියේදී ජනතාව මුණගැහෙනවා. මෙය විශේෂ තත්වයක්ද?.ජුලි 12 වැනිදා, අදත් අපි විරෝධතාවක හිටියේ. ඒ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විදියට. එහිදී ප්‍රධාන සටන්පාඨ දෙකක් යටතේ විරෝධතාව කළා. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන සහ මිලිටරීකරණය කරන කොතලාවල පනත හකුලාගන්න, අනීතිකව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව නිරෝධායන දඬුවමට යටත්කර තිබෙන සියලු දෙනාම වහාම ආපසු කැඳවන්න..එක පැත්තකින් මේ ආණ්ඩුව ගොවියන්ට, සාමාන්‍ය ජනතාවට, වෘත්තීය සමිති නායකයන්ට, ශිෂ්‍යයන්ට, මර්දනය මුදා හැර තිබෙනවා. ගොවියන්ගේ පොහොර ප්‍රශ්නයට ඔවුන්ට විසඳුම් නෑ. ඒ නිසා ගොවියන් මර්දනය කරමින් බියවද්දන්නට උත්සහ කරනවා. රටේ සාමාන්‍ය ජනතාව විවිධ ඉල්ලීම් කරනවා. අධ්‍යාපන ප්‍රශ්න, බඩුමිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණ මේ සියල්ලක්ම. ඔවුන්වත් අත්අඩංගුවට ගනිමින්, බියවද්දමින් කටයුතු කරනවා. ඒ වගේම වෘත්තීය සමිති විසින් විවිධ කරුණු පදනම් කරගෙන උද්ඝෝෂණ කරමින් සිටිනවා..කොතලාවල පනතට එරෙහිව පසුගිය 8 වනදා කරපු උද්ඝෝෂණයේදීත් වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිස් එකක් අත්අඩංගුවට ගනිමින්, බියවද්දමින් කටයුතු කරනවා. මේ සියලු දෙනා සැම උසාවියකින්ම ඇප මත මුදා හැරියා. නමුත් ඉන් පසුව ආණ්ඩුව තමන්ගේ පොලීසිය යොදවලා නීති විරෝධී ලෙස ඔවුන්ව බලහත්කාරයෙන් අල්ලා ගන්නවා..පසුගිය ජුලි 13 දින චක්‍රලේඛයක හැඩයෙන් පොලිස්පති නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පසුගිය කාලය පුරාම මුකවාඩම් නැති අය ඔසවාගෙන ගිහින් බස්රථවලට දාගත්තා. පොදුවේ මේ හැමෝම එක බස් රථයකට දාගන්න කොට කෝවිඩ් ආසාදිතයෙකු සිටියහොත් ඒ අනිත් අයටත් කෝවිඩ් බෝවෙන්න පුළුවන්. ඒ වගේම පොලිස් නිලධාරීන්ටත් අනතුරක් තියෙනවා. ඒ නිසා ඔය වැඩේ කරන්න එපා යනුවෙන් එහි සඳහන්වෙනවා. නමුත් පොලිස්පතිවරයාගේ නියෝගවලටත් පිටින් යමින් තමා පොලිසිය මේ වැඩේ කරන්නේ. අපි දෙයක් අහනවා, පොලිස්පතිවරයාගේ නියෝග කැඩූ නිලධාරීන්ට මොකක්ද ගන්න පියවර? එහෙම උස්සන් ගිහින් උසාවියෙන් නිදහස්වෙලා එනකොට නැවත බලහත්කාරයෙන් රැගෙන යනවා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන රෙගුලාසිවලටත් පටහැණියි. මෙම උද්ඝෝෂකයන් මීටරයේ පරතරය, මුඛ ආවරණ පැළඳගෙනයි විරෝධතාව කළේ. පොලීසිය ඒ අවස්ථාවේ පොරකමින් හැසිරී තමා නිරෝධායන නීති කඩන්නේ. මේක නිරෝධායන හිරකුඩුවක දැමීමක් විදියටයි අපි දකින්නේ. එම නිසා මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි, නීති විරෝධීයි..කොතලාවල පනත සම්බන්ධයෙන් අදහස මම නැවත දැනගන්න කැමතියි...කොතලාවල පනත හරහා අපේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය සහමුලින්ම වළදානවා. පහුගිය කාලයේ මේ ආණ්ඩුවම, මේ ආණ්ඩුවේ දැන් ඇමතිකම් දරන ප්‍රබලයෝම සයිටම් සටනට එකතුවුණා. සයිටම් එක කියන්නේ එක පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. වෛද්‍ය විද්‍යාලයක්. නමුත් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා එකක් නොවෙයි එවැනි විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල පාලනය වෙනවා වාගේ, මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වෙනවා. එහි පැහැදිලිවම තිබෙනවා උපාධි ආයතන රට පුරා පිහිටුවන්නට හා පාසල්ද ආරම්භ කරන්නට පුළුවන් බව. මේ සියල්ල පාලනය වන්නේ හමුදාව බහුතරයක් ඉන්න මණ්ඩලයකින්. පාලක මණ්ඩලයේ නවයෙන් හතක් හමුදාව. මෙහි හමුදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ..ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අහිමි වෙනවා. මේ සටනේ එක පියවරක් අපි ජයග්‍රහණය කර තියෙනවා.ඒ ආණ්ඩුව ජුලි 8 පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කිරීමටයි හිටියේ. නමුත් අගෝස්තු දක්වා මෙය කල් ගියා. මේ ආපු විරෝධයත් එක්ක මෙය ආපස්සට ගන්න සිදුවුණා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. එයින් මෙය සම්මත කළත් අපි මේ ගැන අදහසක් තියෙන අයගෙන් ඉල්ලීමක් කරනවා මෙයට අත ඉස්සීමෙන් වළකින ලෙසට. එහෙම අත උස්සන අයට විරුද්ධව අපි ජනතාව පෙළගස්වනවා. ඔවුන්ට ගම්වලට එන්නට බැරිවෙන විදියටම. මෙය පාර්ලිමේන්තුවේදී බැරි වුණත් මහ පාරේදී පරාද කරන්න අපි සූදානම්..ජූලි 12 සිට ඔන්ලයින් නෑ. මේ ක්‍රියාමාර්ගය තෝරාගන්නේ ඇයි ?.ජූලි 12 ඉඳන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරු ඉවත් වුණා. එය ඉතාමත් සාර්ථක ක්‍රියාමාර්ගයක්. රටේ 100% වගේ ක්‍රියාත්මක වෙනවා. එක ගුරුවරයෙක් දෙන්නෙක් කළත් බලපෑමක් නෑ අපේ ක්‍රියාමාර්ගයට. මේ හරහා අපි ආණ්ඩුවට බලපෑම් කරනවා කරුණු කිහිපයක්ම. අත්අඩංගුවට ගෙන තිබෙන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වහා නිදහස් කරන්න, ගුරු විදුහල්පති වැටුප් විසමතා විසඳන්න, ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට පහසුකම් ලබාදෙන්න, ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය නවත්වන්න. එය ගුරුවරුනට හා ශිෂ්‍යයන්ට කරන බලපෑමක් විදියටයි පෙනෙන්නේ. තවත් කරුණක් තමා සිග්නල්, ඩේටා, උපකරණ මේ හැම දෙයක් එක්කම ගුරුවරු ළමයි පීඩා විඳිනවා.මේ සියල්ලක්ම නිසා අපි ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වුණා..ලංකාව තුළ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඔන්ලයින් අධ්‍යාපනයේ අපි දකිනවා. ඒ පිළිබද ජාත්‍යන්තරයේ අත්දැකීම මොන වගේද?.පසුගිය කාලයේ යුරෝපා රටවල මේ පිළිබඳව සමීක්ෂණයක් කළා. ළමයින්ගෙන් 49%කට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ගුරුවරුන්ගෙන් 34%කට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම්නෑ. මේ දියුණුයි සම්මත යුරෝපා රටවල තත්වය. ලෝකයේ බොහෝ රටවල ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. ලෝකයේ මේ කෝවිඩ් තත්වය හමුවේ 13%ක් අධ්‍යාපනයෙන් පිටමං වෙලා ඉන්නවා. කෝවිඩ් එන්නත් ලෝකයේ බොහෝ දියුණු රාජ්‍යයන් තමන්ගේ ජනගහනයට වඩා විශාල ප්‍රමාණයෙන් එකතු කරගෙන ඉන්නවා. මැදි ආදායම් ලබන රටවල් සහ පහළ අදායම් ලබන රටවල් අවශ්‍ය තරම්වත් එන්නත් නැතිව ඉන්නවා. ඒත් එක්ක ඇති නැති පරතරය විශාල වශයෙන් ඉහළ යනවා..මේ කාලය පුරාවටම අපි දකින කාරණයක් තමයි විවිධ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරීන්, බහුජන ව්‍යපාර එකම වේදිකාවක සටන්කරනවා. මේ තත්වය දිගුකාලීනවද? කෙටිකාලීනවද?.මේකේ පැති දෙකක් තියෙනවා. එකක් මර්දනය. මර්දනයට එරෙහිව අපිට මොන වෙනස්කම් තිබුණත් එකඟවෙන්න පුළුවන්. ඒ මත අපි ජුලි 11 දින මේ රටේ වෘත්තීය, බහුජන සංවිධාන රාශියක් එකතු වුණා විවිධ දේශපාලන කඳවුරුවල ඉන්න, විවිධ මතිමතාන්තර දරන උදවිය. ඒ නිසාම අපි ජනාධිපති රාජපක්ෂට ස්තුතිවන්ත වෙනවා මේ විවිධ මතිමතාන්තරවල ඉන්න අය එක වේදිකාවකට එන්නට මර්දනකාරී ආණ්ඩුවෙන් ලැබුණු පිටිවහලට. ඒ මර්දනය නිසාම වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල එකමුතුවෙන් ආණ්ඩුවේ මර්දනයට එරෙහි එකමුතුවක් අපි සංවිධානය කරගෙන තියෙනවා. ඒ හරහා අපි ක්‍රියාමාර්ග සැලසුම්කර තිබෙනවා..අනෙක අධ්‍යාපන පෞද්ගලීකරණය කියන කාරණයේදී අපි දන්නවා ප්‍රධානයැයි කියන කඳවුරේ පක්ෂ ඔවුන් විපක්ෂයේදී පමණක් මේවාට විරුද්ධ වන බව. මොකද රනිල්, මෛත්‍රි, සජිත් ආණ්ඩුවෙන් තමා කොතලාවල පනත 2018 දී ගේන්නෙත්. අධ්‍යාපන පෞද්ගලීකරණයේදී, රටේ සම්පත් විකිණීමේදී උනුත් එකයි, මුනුත් එකයි. එම නිසා අපි අධ්‍යාපන පෞද්ගලීකරණය කියන කාරණයේදී කා සමඟද යා යුත්තේ ඉදිරියේදී තීරණය කරනවා. අනෙක් කාරණය තමා මෙහිදී මර්දනයට එරෙහි කණ්ඩායමක් එකතු වී සිටිනවා. ඒ වුණත් නැවත එකතු නොවීමක් සිදුවෙන්නේ නෑ. මේ ගොඩනගන එකමුතුව සදාකාලික ලෙස විශ්වාස කළ යුතුත් නෑ. අපි හැමෝටම එකතුවිය හැකි පොදු සතුරෙක් ඉන්නවා. ඊට එරෙහිව අපි සංවිධානය වී සටන් කරනවා..මෙහි අවසාන විසඳුම කොතැනද?.අවසානය විය යුත්තේ මෙවැනි මර්දනකාරී ආණ්ඩු වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ආණ්ඩුවක් ගොඩනගන එක. ඒ වගේම අධ්‍යාපන පෞද්ගලීකරණය කරන, රාජ්‍ය සම්පත් විකුණන ,රාජ්‍ය දේපළ විකුණන ආණ්ඩුවක් වෙනුවට එසේ නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම. විශේෂයෙන්ම නව ලිබරල් ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන ආණ්ඩුවක් වෙනුවට ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් බිහි කිරීම අවසාන අරමුණයි. අපේ යෝජනාව ජනතාවාදී පාලනයක් ගොඩනැගීම. රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයට සමානව සැලකීම. පෞද්ගලික අංශයට සමානව සැලකීම නම් රාජ්‍ය සම්පත් විකිණීමකින් තොරව පෞද්ගලික ආයෝජන කැඳවමින් කරන ආකාරයයි. එවැනි පාලනයක් ගොඩනගමින් ජනතාවාදී පාලනයක් ගොඩනැගීම අපේ අරමුණ වෙනවා. ඒ වෙනුවෙන් අපේ වෘත්තීය සමිතිය නිරන්තරයෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර – නිලන්ත දිසානායක සාමාන්‍යාධිකාරී, හරිතාගාර කළමනාකරණ ටොමිටා ටෙක්නොලොජීස් ලිමිටඩ් (ජපානය).Next articleනිරෝධන නිකේතන.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සිල්ලර දර්ශක දෙකකින් කතාව පටන් ගනිමු. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සිල්ලර දර්ශක දෙකකින් කතාව පටන් ගනිමු..By ගාමිණි වියන්ගොඩ.April 29, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ....කම්කරු දිනය මැයි 7 වැනි දාට කල් දමා ඇත. කම්කරු දිනය මැයි 1 වැනි දා හෝ 7 වැනි දා සැමරීම බරපතළ අවුලක් නොවේ. එය මැයි මාසයේ නොව, වෙනත් මාසයක සැමරුවත්, අධික අවුරුද්දක් එන්නා සේ අවුරුදු හතරකට වරක් සැමරුවත්, ප‍්‍රශ්නයක් නැත. ඒ තරමට, පූජනීය සංකේතවල අරුත් අද වන විට සුණුවිසුණු වී ඇති බැවිනි. උදාහරණයක් වශයෙන්, කිසි දවසක හීනෙන්වත් පිණ්ඩපාතේ වැඩ නැති උඩුවේ ධම්මාලෝක හිමියන්, අලි හොරකමකට හිරේට (රක්ෂිත බන්ධනාගාරයට) යද්දී ලොකු පාත්තරයක් කරේ එල්ලාගෙන ගියා සේ ය. නිදහස් ජීවිතය තුළ පිණ්ඩපාතේ වඩින්නට නොහැකි වූ ‘පාපය’, හිරගේ ඇතුළේදීවත් සමා කරවා ගන්නට විය හැකිය. සංකේතය (මැයි 1) සහ ඒ පසුපස ඇති ‘ශ‍්‍රමයේ සුජාත අයිතියට’ අදාළ සහසම්බන්ධය, කැඞී ගොස් ඇත්තේ ද එයාකාරයෙනි. ඒ නිසා හුදෙක් මැයි දිනයේ වෙනස මට අවුලක් නොවේ. එහෙත් මේ තීරණයට පාදක වන හේතුව බරපතළ අවුලකි. ඒ කුමක්ද? වෙසක් ‘දවස’, වෙසක් ‘සතියක්’ බවට පරිවර්තනය වීම තුළ කියැවෙන ලංකාවේ වර්තමාන පෙළගැසීමයි..දැන්, ඒ වෙසක් සංකේතය දෙසට හැරෙමු. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුලම සංගෘහිත වන්නේ (සතියක නොව) තනි දිනයකයි. එහෙත්, ශ‍්‍රී ලංකාව පිරිසුදු බෞද්ධ රටක් සේ පිළිගැනෙන නිසාම, සංකේතය (වෙසක් පෝය* දින හතකට ප‍්‍රසාරණය වීම තාත්වික නැතැයි කෙනෙකුට කිව නොහැක. අනිත් පැත්තෙන්, ඒ ප‍්‍රසාරණය සඳහා, දැනටත් එළිපත්තේ සිටින කම්කරුවා/නිර්ධනයාව, පස්සට පයින් ගසා, මිදුලට වීසි කිරීමත් අතාත්වික නැත. එක සංකේතයක් පිම්බෙන්නේ, තවත් සංකේතයක් ගොදුරට ගනිමිනි..මෙය, ජාති(ක)වාදියෙකු යැයි කියන මෛත‍්‍රීපාල සිරිසේනටවත්, නව-ලිබරල්වාදියෙකු යැයි කියන රනිල් වික‍්‍රමසිංහටවත් පටලැවිල්ලක් නොවේ. එහෙත්, මාක්ස්වාදී පක්ෂයක් සේ සැලකෙන ජනතා විමුක්ති පෙරමුණට එය, දෙපැත්තෙන්ම පාවිච්චියට ගත හැකි ‘ස්වාභාවික’ දෙයක් වන්නේ කෙසේද? ඔවුන්ගේ මැයි දින දෙකක් තිබේ. පෙම්වතුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ආදි වශයෙන් වන සැමරුම් දින, වසරකට අඩු වශයෙන් දින කිහිපයක් දක්වාවත් වැඩි කර ගත හැක්කේ නම් මම කැමැත්තෙමි. ආදරය යනු, දිනපතා සැමරුවත් අතිරික්තයක් නොවන දෙයක් බැවිනි. ‘ශ‍්‍රමයේ සුජාත අයිතිය’ පිළිබඳ දිනයත් එසේමැයි. එබැවින්, ජනතා විමුක්ති පෙරමුණ, එක දිනයක් වෙනුවට දින දෙකක් ඒ සඳහා යොදාගෙන තිබීම අගේ කළ යුතුය. ඒ, මැයි 1 වැනි දා සහ මැයි 7 වැනි දා ය. එහෙත් දින දෙකක් එසේ යොදා ගැනීම පසුපස ඇති හේතුව කුමක්ද? පටලැවිල්ල ඇත්තේ එතැනයි..කම්කරුවන්ගේ ඝෝෂාවෙන් වෙසක් පූජනීයත්වය කිළිටි විය හැකි නිසා මැයි දිනය සතියකින් පස්සට දමන්නැයි මහනායක හිමිවරන් ඉල්ලා සිටි බව කියැවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකත්පස්ව ඊට අනුමැතිය පෑහ. වෙසක් පෝය වැටෙන්නේ අපේ‍්‍රල් 29 වැනි දාට ය. කම්කරු දිනය එන්නේ එයින් දවස් දෙකක් ගිය තැන ය..කම්කරු ඝෝෂාව නිසා, ඊට දින දෙකකට කලින් එන වෙසක් පෝයේ පූජනීයත්වය කිළිටි විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇති බව පැහැදිලි ය. මැයි 1 වැනි දා කම්කරු දිනය ඔවුන් යාපනේ පවත්වන්නේත්, මහනායක හිමිවරුන් නියම කර ඇති දකුණේ කම්කරු දිනය මැයි 7 වැනි දා කොළඹදී පවත්වන්නේත් එබැවිනි. මේ දින දෙක ආපස්සට හරවමින්, මැයි 1 වැනි දා කොළඹදීත්, මැයි 7 වැනි දා යාපනේදීත් කම්කරු දිනය පැවැත්වීමේ හැකියාවක් හෝ හයියක් මේ මාක්ස්වාදී පක්ෂයට නොතිබුණේ ඇයි? දකුණේ සිංහල-බෞද්ධ සංකේතීය මනෝභාවය, කම්කරුවාගේ සුජාත ශ‍්‍රම අයිතියට වඩා, මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂයකට වුව, දේශපාලනික වශයෙන් වැදගත් වන බැවිනි. ඒ නිසා, දෙමළාගේ භූමිය මැයි 1 වැනි දා ‘කුලියට’ ඉල්ලා ගැනීමට, සිංහල-බෞද්ධ මාක්ස්වාදයට සිදුව තිබේ. හරියට, ගෙදර වහල අලූත්වැඩියා කරන දවසට වෙනත් ගෙදරක තාවකාලික පදිංචියට යන්නා සේ ය..දෙවැනි සිල්ලර දර්ශකය සැපයෙන්නේ දේශපාලනඥයන් හතර පස් දෙනෙකුගෙනි. 2015 දීත් ජනාධිපතිවරණය දිනන්නේ මෛත‍්‍රීපාල සිරිසේන බව දුමින්ද දිසානායක කියා තිබුණි. මායාවෙන් යථාර්ථය වෙනස් වන්නේ, ඒ දෙක අතර ඇති භෞතික දුරක් නිසා නොව, ලෝක දෙකක හෙවත් සත්තාවන් දෙකක පදනම් ගල් අතරේ නොපැහීමක් පවතින බැවිනි. යහපත් මිනිසුන්ට පවා විටෙක ඒ සරල වෙනස නොතේරේ. මේ අතර, තමන්ට බලය දුන්නොත් දිනන හැටි මෛත‍්‍රීපාල සිරිසේනට කියා දිය හැකි බව ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක කියා තිබුණි. මේ දෙන්නා, මහින්ද රාජපක්ෂගේ බලය යටතේත්, මෛත‍්‍රීපාල සිරිසේනගේ බලය යටතේත් තමන්ගේ ආසනවලින්ම ලැබ ඇති පරාජයන් ගැන ඔවුන්ට මතක් කර දීමට කෙනෙකු වෙහෙස විය යුතු නැත. ලැජ්ජාව නැතිකම අසාධ්‍ය රෝගයක් වූ විට කළ හැකි ප‍්‍රතිකාර තවම සොයාගෙන නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ දෙගොල්ලන්ට සරිලන්නට එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායකත් අභියෝගාත්මක ප‍්‍රකාශයක් කර තිබේ. එනම්, තමාට නැවත ඇමතිකම දුන්නොත් දින සීයෙන් රට ගොඩගන්නා බව ය. එවැනි දින සීයේ කෑලි දහයකටත් වැඩි ප‍්‍රමාණයක් තිස්සේ ඇමතිකම දැරූ දේශපාලනඥයෙකු එසේ කියන විට අප සිනාසිය යුතුද නැත්නම් හැඬිය යුතුද යන්න ප‍්‍රශ්නයකි..මේ සිල්ලර දර්ශක දෙක මගින් අප ඉන්නා නිවසේ වටපිටාව කොතෙක් හැඩි වී ඇත්ද යන්න පෙන්නුම් කරයි. යහපාලන ව්‍යාපෘතිය දියත් කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක බව හිතේ තබා ගැනීම ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් ය. යහපාලනයේ අසාර්ථකත්වය පිළිබඳ කතාවේ ප‍්‍රධාන නළුවන් දෙන්නාගේ භූමිකාව ගැන කතා කිරීමට මා බලාපොරොත්තු වන්නේ එකී පසුබිමත් හිතේ තියාගෙනයි. එහිදී, ප‍්‍රධාන ඉසව් තුනක් ඔස්සේ සාකච්ඡුාව කරගෙන යාමට මා කැමති ය..ඒවා නම්, එක පැත්තක ඇති අවතක්සේරුවත්. තව පැත්තක ඇති නියාළුවත්. තවත් පැත්තක ඇති උවමනාවේ ස්වභාවයත් ය..මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ. අවතක්සේරුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? රාජපක්ෂ පාලන තන්ත‍්‍රය යනු, හුදෙක් ආණ්ඩුවක් සහ ආණ්ඩු මාදිලියක් (සුදු වෑන්) වශයෙන් පමණක් නොව, ඊට වඩා අතිශය වැදගත්කමක් ගන්නා, සමාජ සංස්ථිතියක් සහ ආයතනික ඇබ්බැහියක් වශයෙන් වටහා නොගැනීම, අවතක්සේරුවයි. උදාහරණයක් වශයෙන්, රාජපක්ෂ කාලයේ සිටි සොරුන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට තවමත් අප තටමන ආකාරය දැක්විය හැකිය. තනි වචනයකින් කිවහොත්, රාජපක්ෂ යනු සංස්කෘතියකි. ඒ සංස්කෘතිය, හුදෙක් රාජපක්ෂ සහෝදරයන් විසින් පමණක් ඇති කළ දෙයක් යැයි සිතිය යුතු නැත. පුද්ගල සාධක මත ඉතිහාසය නොයෙක් වර වෙනස් වී ඇතත්, ඒ පුද්ගලයන් පසුපස හැම විටකම පාහේ, සංකීර්ණ සමාජ සාධක ක‍්‍රියාත්මක වී තිබේ. මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගතහොත්, බණ්ඩාරනායක විසින් පටන්ගෙන, ප‍්‍රභාකරන් විසින් අවසන් කර දුන් එක් ඓතිහාසික යුගයක හයිය/වාසිය ඔහුට නොමඳව තිබුණි..මෙය, දකුණේ අප අරුත් ගන්වා ඇත්තේ, ප‍්‍රභාකරන් විසින් නොව, මහින්ද රාජපක්ෂ විසින් අවසානයකට පත්කරන ලද නරක කලදසාවක් වශයෙනි. ඒ කියන්නේ, යුද්ධයේ අවසානය ගැන ය. එය භෞතික කාරණයකි. එහි කර්තෘත්වය හිමි විය යුත්තේ, ප‍්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂට තමයි. ඒ, එක්තරා නිශ්චිත මොහොතකදී යුද්ධයට අවශ්‍ය කළ දේශපාලනික නායකත්වය සැපයූ බැවිනි. එහෙත් අප මේ කතා කරන්නේ, ඒ භෞතික කාරණය ගැන නොව, යුද්ධ කාලය පුරා දකුණේ චින්තනය තුළ ඇති කරන ලද මනෝභාවය පිළිබඳව ය. 1956 ‘විප්ලවයෙන්’ බණ්ඩාරනායකට සාක්ෂාත් කර ගත නොහැකි වූ එක දෙයක් තිබුණි. ඒ, සිවුර පෘථග්ජන සාධකයක් වශයෙන් දේශපාලන කරලියට ගෙනඒමේ ප‍්‍රයත්නයයි. ඔහුගේ පංච මහා බලවේගයේ (සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු* පළමු ස්ථානය ඊට දී තිබුණත්, එම සිවුර විසින්ම ඔහු ඝාතනය කරන ලද නිසා, ‘සිවුරු ව්‍යාපෘතිය’ එදා අසාර්ථක විය. ඔහුගේ ඝාතනයෙන් පසු ඔහුගේ ඒ ව්‍යාපෘතිය වෙනත් රාමුවකින් කරට ගත්තේ, උතුරේ ප‍්‍රභාකරන් ය. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, සිවුරට තවත් සාධකයක් එකතු කොට රට මත පැටවීමට 2009 ප‍්‍රභාකරන්ගේ මරණය සමත් විය. ඒ වනාහි, සිවුර සහ රණවිරුවා ය..රජ කාලයේ සංඝයා වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බව කියැවේ. එහෙත් ඒ කාලයේ පවා රාජ්‍ය පාලනය තුළ සිවුර අද තරම් ප‍්‍රබල වී ඇත්දැයි සැක සහිත ය. අනිත් අතට, දුටුගැමුණු කාලයේ පවා සිටියේ යැයි මහනාම හිමියන්වත් ලියා නැති රණවිරුවෙකු අද අපට ලැබී ඇත. (එදා සිටියේ දස මහා යෝධයන් පමණි). මේ සියල්ල, යුද්ධයක උරුමයයි. ඉහත කී ‘සංස්කෘතිය’ ව්‍යුත්පන්න වන්නේ එකී සංකීර්ණ උරුමයෙනි. අලියෙකු සොරකම් කරන සුකුමාර භික්ෂුවක් සහ අධිකරණයට අපහාස කළ අසංවර භික්ෂුවක් ලංකාවේ රෝම-ලන්දේසි නීති පද්ධතිය තුළ, දණ්ඩමුක්තියට (නිදැල්ලේ හැසිරීමට) අයිතිය පාන්නේ එබැවිනි. රටේ සම්පත් කොල්ලකෑමට සහාය දුන් බවට සහ රටේ ආරක්ෂාව පරදුවට තැබූ බවට චෝදනා ලබන හිටපු හමුදාපතිවරුන් ‘උසාවියට දක්කාගෙන යාම’ රටේ ජනාධිපතිවරයාගේ උදහසට ලක්වන්නේ එබැවිනි..ප‍්‍රභාකරන් මැරෙන මොහොතේ, උතුරට එක සාපයකුත්, දකුණට සාප දෙකකුත් කරන්නට ඇතැයි මට සිතේ. උඹලාට තිබුණු දෙය නැවත ලබා ගැනීමට පවා හොඳ පරිප්පුවක් කෑමට සිදු වේවා යැයි ඔහු උතුරට කියන්ට ඇති. පූජනීය විය යුතු සිවුර සහ උදාර විය යුතු රණවිරුවා, ජයග‍්‍රහණයේ උත්කර්ෂය තුළ දූෂ්‍ය වීමෙන්, ඇස්පනාපිට විඳවන්ට වේවා යි ඔහු දකුණට කියන්ට ඇති. (ඉතිරිය ඉදිරියට)..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous article.Next articleආණ්ඩුවේ ඉදිරි ගමන, වෙනස් වූ බලතුලනය සහ අනාගතය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ලොක්ඩවුන් සහ අධිසෝදිසි ශිෂ්ටාචාරයක් ? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලොක්ඩවුන් සහ අධිසෝදිසි ශිෂ්ටාචාරයක් ?.By ජයදේව උයන්ගොඩ.April 2, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Workers carrying their belongings queue to board buses to go back to their homes in province during a government-imposed nationwide lockdown as a preventive measure against the COVID-19 coronavirus, at an industrial zone on the outskirts of Colombo on March 28, 2020. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ..කෝවිඞ් 19 වසංගතය ඉදිරි සති දෙක තුළ යුරෝපයේ, ඇමෙරිකාවේ මෙන්ම ඉන්දියාවේද වේගයෙන් පැතිරෙන බවට අනතුරු ඇඟවීම් දැනට ලෝකය ඉදිරියේ තිබේ. තවමත් එයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට නොහැකිවී තිබෙන තත්ත්වයක් තුළ දැනට රෝගය පැතිරීම වැළැක්වීමේ ප‍්‍රධාන යාන්ත‍්‍රණය වී තිබෙන්නේ පුද්ගල සම්බන්ධතා සීමා කිරීම, ලොක්ඩවුන් පවත්වා ගැනීම සහ ඒවා ශක්තිමත් කිරීමට ඇඳිරි නීතියද පවත්වා ගැනීමයි. රෝගයට ප‍්‍රතිකාර සඳහාත්, පැතිරීම වැළැක්වීම සඳහාත් ඖෂධ සහ එන්නත් සොයාගෙන, ඒවා පරිභෝජනයට සුදුසු බව ලෝකයේ වෛද්‍ය අධිකාරීන් විසින් තීරණය කිරීමට තවත් සති සහ මාස ගණනාවක් ගත විය හැකිය..ලොක්ඩවුන් සහ ඇඳිරි නීතිය මනුෂ්‍යයන්ගේ දෛනික ජීවිතය නිර්ණය කරන සාධක ලෙස අවිනිශ්චිත කාලයක් තිස්සේ පවතිද්දී, මරණ භයද මනුෂ්‍යයන්ගේ සිත්වල ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන සිතුවිල්ලකි. එම මරණ භය වනාහි, තමන් හමුවන තවත් ඕනෑම මනුෂ්‍යයකු වෙතින් ඕනෑම මොහොතක තමන්ට පැමිණෙන මරණයේ අනතුරක් පිළිබඳ අවිනිශ්චිත හැඟීමකි. මනුෂ්‍ය සම්බන්ධතා මේ තරම් තියුණු ලෙස බිඳවැටීමක් යුද්ධ කාලවලවත් සිදු නොවන්නකි. මේ අතර, ජාතික මෙන්ම ලෝක ආර්ථිකයට, කර්මාන්තය, ගොවිතැන, වෙළඳාම අධ්‍යාපනය යනාදි සෑම ක්‍ෂෙත‍්‍රයකම දැනටමත් ආරම්භ වී ඇති බිඳවැටීම් තවත් තියුණු වන්නට හොඳටම ඉඩ තිබේ..සෑම පැත්තකින්ම අපට පෙනෙන්නේ කොරෝනා වසංගතය විසින් ලෝකය පුරා නිර්මාණය කර තිබෙන්නේ මහජන සෞඛ්‍ය අර්බුදයක් (Public Health Crisis) පමණක් නොවන බවයි. මහජන සෞඛ්‍ය අර්බුදයක් සමග තවත් පෙර නොවූ විරූ අර්බුද ගණනාවක්ම පැන නැගී පැටලී තිබෙයි. එහෙත් අප රටේ මෙන්ම ඇමෙරිකාවේත්, යුරෝපයේත්, සෑම රටකමත් ප‍්‍රධාන අවධානය යොමුවී තිබෙන්නේ අර්බුදයේ මහජන සෞඛ්‍ය, වෛi සහ ජාතික ආරක්‍ෂක යන පැති තුනටය. එහෙත් එය විසින් දැනටම නිර්මාණය කර තිබෙන ආර්ථික, සමාජ, පවුල්, අන්තර්පුද්ගල සහ ජීවන ක‍්‍රම අර්බුද ගැනද අවධානය යොමුකර, ප‍්‍රතිපත්තිමය පියවර ගැනීමද හදිසි කාර්යයක් ව තිබේ. එහෙත් අර්බුදය දෙස ඒ ආකාරයෙන් දැකීමට දැනට කොරෝනා අර්බුදය පාලනය කිරීමේ වගකීම භාරගෙන තිබෙන දේශපාලන සහ වෛi වෘත්තික නායකයන්ට තවමත් නොහැකි වීම, දැනට පවත්නා අර්බුදයේම ප‍්‍රතිඵලයකි..ආපසු යා නොහැකිය.මේ අතර, දැනටමත් පෙනෙන පරිදි, අප කාටවත්, ජනවාරි මාසයට පෙර තිබුණු ලෝකය වෙත ආපසු යාමට නොහැකිය. එය ප‍්‍රකාශ වන ප‍්‍රධාන ක‍්‍රියාවලීන් තුනක් දැනටමත් ආරම්භ වී තිබෙන බව පෙනේ. පළමුවැන්න අප දැන සිටි ‘සමාජය’ යන්න සෙමින් සෙමින් කැඩී බිඳී යාමයි. දෙවැන්න ‘මහජනතාව’ යන ප‍්‍රපංචයද කැඞී බිඳී යාමයි. තුන්වැන්න රාජ්‍යය සහ පුරවැසියා අතර සම්බන්ධය අලූත් ස්වරූප ගැනීමයි..සමාජය.“සමාජය” යන සංකල්පයම බිඳවැටීම හරයේම තිබෙන්නේ මනුෂ්‍යයන් මනුෂ්‍යයන් සැකකිරීම, මනුෂ්‍යයන් අන් මනුෂ්‍යයන්ගෙන් වෙන්වී හුදෙකලාභාවයට පත්වීම, මනුෂ්‍යයන්ට මුහුණට මුහුණ ලා පවත්වන සන්නිවේදන සහ අන්තර් සම්බන්ධතා පැවැත්විය නොහැකි වීම යන මේවා විසින්, සමාජ සාමූහිකත්වය පිළිබඳ මූලධර්මයට පැවතීමේ තත්ත්වයන් ප‍්‍රතිනිර්මාණය කිරීමට, ‘සමාජය’ යනුවෙන් අප මෙතෙක් දැනසිටි ප‍්‍රපංචයට දැන් නොහැකි වීමයි. ඇඳිරි නීතිය සහ ලොක්ඩවුන් තත්ත්වයක් තුළ, අල්ලපු ගෙදරින් ලැබෙන කෑම පිඟානක් පවා අප දැන් ලබාගන්නේ බියෙනි. සැකයෙනි. මුඛ ආවරණයක් නොපැළඳ සිටින මනුෂ්‍යයකු දකින විට අපේ පළමු ප‍්‍රතිචාරය, පියවර කිහිපයක්, මීටරයක් ආපසු ගැනීමයි. මනුෂ්‍යයන් සමාජයක් බවට පත්වන්නේ අන්‍යාන්‍ය විශ්වාසය, සහයෝගය, උදව්ව, ගෞරවය සහ ශාරීරික කිට්ටුකම මෙන්ම අන්‍යාන්‍ය රඳාපැවතීමේ වැදගත්කමද මතය. දැන් අපි ඒ සියල්ල ගැන සැකකරමු. සමාජය ඉතා දරුණු ලෙස තනි පුද්ගලයන්ගෙන් සමන්විත කුඩා අණු බවට පත්වීමේ ක‍්‍රියාවලියක ආරම්භක අවධියේ දැන් අපි සියලූ දෙනාම සිටිමු..මහජනත්වය.‘මහජනයා’’ (Public) යන සංකල්පයද බිඳ වැටෙන්නට පටන්ගෙන තිබෙන්නේ සමාජය ක්‍ෂුද්‍ර අණුවලට කැඩීයාමේ (atomization of society) ක‍්‍රියාවලියේ ආරම්භයත් සමගය. මනුෂ්‍යයන්, මහජනයා බවට පත්වී තිබෙන්නේ, ඔවුන් සතු පොදු බව පිළිබඳ හැඟීමෙනි. පොදුවේ වැඩ කිරීම, එකට එකතුවීම, මහජන පරිමණ්ඩලයේදී මුණගැසීම, මුහුණට මුහුණ ලා කතා කිරීම, සන්නිවේදනය කිරීම, පොළට රැස්වීම් ශාලාවට, ඡන්ද පොළට, පෙළපාලියට යාම ඒ සඳහා අවශ්‍යය. දුම්රියේ යන ගමන්, තේ කඩයේ, කෝපි කඩයේ, කාර්යාලයේ කැන්ටිමේ එකට හිඳගෙන, දේශපාලනය ගැන, රටතොට ගැන කතා කිරීම, මනුෂ්‍යයන් මහජනතාව වීමට අවශ්‍යය. ඒ අවකාශ සියල්ල දැන් අහෝසි වෙමින් යයි. ලොක්ඩවුන්වලින් සහ ඇඳිරි නීතියෙන්ද කොරෝනා වෛරසයේ පැතිරීම කවදා නවතීද? මනුෂ්‍යයන්ට මහජනතාව (Public)ලෙස නිදහසේ පැරණි ක‍්‍රමයට මහජන ජීවිතයක් (Public Life)යළි ඇරඹීමට කවදා හැකිවේදකො.මේ අතර, නව-ලිබරල් ප‍්‍රතිසංස්කරණ යටතේ දුර්වල වීයැයි විචාරකයන් කියා සිටි රාජ්‍යයට, දැන් අලූත් ජීවිතයක් ලැබෙමින් තිබේ. පුරවැසියන් මේ තරම් පරිපූර්ණ ලෙස පාලනය කිරීමට රාජ්‍යයට ලෝක මට්ටමෙන් ලැබුණු අන් අවස්ථා මීට පෙර තිබිණිද යන ප‍්‍රශ්නය ඇසීමට තරම්, පුරවැසි ජීවිතයට මැදිහත්වීමට අවකාශ පුළුල් කිරීමට, ඇසට නොපෙනෙන කොරෝනා වෛරසයට හැකි වී තිබේ. පසුගිය මාර්තු මාසය තුළ ලෝකය පුරාම, රාජ්‍යය සම්බන්ධයෙන් පැතිරුණු එක් ප‍්‍රවණතාවක් තිබේ. එය නම්, අධිසෝදිසි රාජ්‍යයේ (Surveillance State) අසාමාන්‍ය ව්‍යාප්තිය සහ එයට ලැබුණු සාධාරණීකරණයයි. ලොක්ඩවුන්, contact tracing යනාදි අලූත් භාවිතයන්ද, ලෙඩුන්ගේ පමණක් නොව නිරෝධායනයට යවන ඕනෑම කෙනකු කතා කරන්නේ කවුරුන් සමගද, යන්නේ කොහේද, හමුවන්නේ කවුද, නෑදෑයන් මිතුරන් කවුද, යනාදි සියලූ තොරතුරු වෛi වෘත්තිකයන් සහ රාජ්‍ය ඔත්තුසේවා එකතුවී සිදුකරන වසංගතය පැතිරීම වැළැක්වීමේ ක‍්‍රියාමාර්ගවල සුජාත අංග ය. චීනය පුරෝගාමි වී ඇති පුරවැසි අධිසෝදිසිය සඳහා නිපදවන ලද නව විද්‍යුත් තාක්‍ෂණයද, රාජ්‍ය-පුරවැසි සම්බන්ධතාව යළි ව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියට, ලෝක මට්ටමෙන් එකතුවනු ඇත. කොරොනා වෛරසයට එරෙහි ‘සටන’ පිළිබඳ සාකච්ඡාවලදී ජාතික ආරක්‍ෂාවේ සහ යුද්ධයේ භාෂාව යොදා ගැනෙන්නේ නිකම්ම නොවේ. ජාතික ආරක්‍ෂණ රාජ්‍යයේ නවතම අධිසෝදිසි බලකාය බවට වෛදවරුන් පත්කිරීම තවමත් කිසිවකුගේ හෝ විචාරාත්මක සැලකිල්ලට යොමුවී නැති, අලූත්ම වර්ධනයකි..ජනවාරි මාසයට පෙර පැවති ලෝකයට යාම දුෂ්කරය. ඒ නැතිවූ ලෝකය ගැන අතීතාශාවෙන් මතක් කිරීමට අපට සිදුවන, ලොක්ඩවුන් වීම සාමාන්‍ය ජීවිතය බවට පත්වන අනාගතයක් ඉදිරියේ මනුෂ්‍ය වර්ගයා සිටින තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්වීමට නම්, එම ශිෂ්ටාචාරමය අනතුර ගැන ලෝක මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ විය යුතුව තිබේ. ඩිස්ටෝපියානු අනාගතයකට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීම මගහැරිය නොහැකි අලූත්ම ‘දේශපාලන’ කාර්යයක්ද වෙයි..Tags.anidda.jayadeva uyangoda.අනිද්දා.අනිද්දා පුවත්පත.කොවිඩ් 19.ජයදේව උයන්ගොඩ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොවිඩ්-19 වසංගතය මැද මතුවන මුස්ලිම් විරෝධී වසංගතය.Next articleදෙරණ වාද පිටියේදී චතුර සමඟ කතාකළේ මහින්දානන්ද.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ධම්මික පෙරේරා විසඳුමක්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ධම්මික පෙරේරා විසඳුමක්ද?.By සංස්කාරක.June 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ පුරවැසියා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ වෙනුවට කූප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා එම පක්ෂය නම් කිරීම දේශපාලනය ගැන කතා කරන පිරිස් අතර උනන්දුවක් ඇතිකර ඇත. මෙම උනන්දුව ඇති කිරීමට එක් හේතුවක් ලෙස පෙනෙන්නේ දැනට රට වැටී ඇති මහා ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ඔහුගේ ව්‍යාපාර ඥානය ඉවහල් වෙනු ඇති යන බලාපොරොත්තුවය. එවැනි බලාපොරොත්තුවක් සාමාන්‍ය ජනතාව තුළ ඇති කිරීමට හේතු වී ඇත්තේද වෙනකක් නොව මාධ්‍ය මගින් පසුගිය කාලයේ ඔහුට ලබාදුන් ඉමහත් අවස්ථාවන් බව පුරවැසියාගේ අදහසය. පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ ඔහුගේ අපේක්ෂාවට මාධ්‍ය විශාල ඉඩකඩක් ලබාදුන් අතර එම අවස්ථාවන් ඔහුට හිමිවූයේ හෝ ඔහු හිමිකර ගත්තේ කෙසේද යන්න මෙහිදී අවධාරණය යොමු නොකෙරේ..එම ජනාධිපතිවරණ සමයේ ආර්ථිකය පිළිබඳ ඔහු කළ අදහස් දැක්වීම් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඔහු කරන අදහස් දැක්වීම්ද අසන විට හැඟෙන්නේ, සාමාන්‍ය ආර්ථික අවබෝධයක් ඇති අයකුටවත් දැනිය හැකි ආකාරයට රටක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔහුට යමක් කිවනොහැකි බවයි. එසේ වුවද එම අදහස් දැක්වීම් ආර්ථිකය සම්බන්ධයෙන් සාමාන්‍ය අවබෝධයක් නැති පිරිස්වලට අල්ලලා යන එකක් වන්නට බැරි නැත. ඊට හේතුව වන්නේද වෙනෙකක් නොව ඔහු මේ වනවිට රටේ බොහෝ ව්‍යාපාර හිමි ප්‍රධානම ව්‍යාපාරිකයා ලෙස මාධ්‍ය මගින් භෞතිස්ම කර තිබීමය. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට සිතෙනු ඇත්තේ රටේ ප්‍රධානම ව්‍යාපාරිකයා වීමට ඔහුට හැකිනම්, රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔහුට යමක් කළ හැකි බවය. එම සිතිවිල්ලේ වරදක් නැත. එහෙත් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හා අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස ඔහු අසාර්ථක වූ බව අපි දනිමු..මේ වනවිට වාර්තා වී ඇත්තේ ඔහු ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ මෙන්ම ඔහු සඳහා අලුතින් නිර්මාණය කළ ඇමති ධුරයේද දිව්රුම් දෙනු ඇති බවය..මෙම කොලමේම මීට පෙර ලියා ඇති පරිදි එක් එක් පුද්ගලයාගේ දක්ෂතා ඇත්තේ ඒ ඒ දෙයටය. උදාහරණයකට රාජපක්ෂවරුන් ගතහොත් ඔවුන්ට අයථාක්‍රම මගින් මුදල් ඉපැයීමට, ඒ සඳහා නීති රීති කඩකිරීමට හැර වෙනත් දක්ෂතා නැත. තමන්, තම පවුලේ සාමාජිකයින්, තමන් වටේ සිටින වුන් හැර මුළු රටක් සමාජයක් සුඛිත මුදිත කිරීමට ඔවුන් අසමත් වන්නේ ඒ නිසාය. රාජපක්ෂවරුන් සුඛිත මුදිත වීමේ අවසන් ප්‍රතිඵලය ලෙස අද රට මේ තත්වයට වැටී ඇත්තේ ඒ නිසාය. මහජනයාගෙන් ලැබී ඇති ජනවරමේ ඉතිරි කාලය ගෙදර පලයන් කියද්දීත් කෙසේ හෝ අල්ලාගෙන සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ වැන්නෙකු ඔවුන් තෝරා ගන්නේ ඒ නිසාය. රට ගොඩනැගීමේ දක්ෂතාවක් ඔවුන්ට තිබුණේ නම් රනිල් වික්‍රමසිංහ කෙනෙකු අවශ්‍ය වන්නේ නැත..ව්‍යාපාරික ධම්මික පෙරේරා සම්බන්ධයෙන්ද කිව හැක්කේ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් කියූ දෙයමය. ඔහුට ඔහුගේ එම ව්‍යාපාර එම තත්වයට ගෙන ඒමට යම් දක්ෂතාවක් තිබුණා විය හැකිය. එහෙත් එය රටක් ගොඩ දැමීම සඳහා උපකාරී වේද යන්න ප්‍රශ්නකාරීය. මන්ද ඔහුගේ ව්‍යාපාරත්, ඔහු ව්‍යාපාර ලෝකයේ මේ දක්වා නැග ආ ආකාරයත් ගුප්ත ස්වරූපයක් පෙන්නුම් කරන නිසාය. පැවති ආණ්ඩුවල බලවත්ම පුද්ගලයින් සමග කටයුතු කිරීම, ඒ මගින් රාජ්‍ය ගනුදෙනුවලට සම්බන්ධවීම, විනිවිද නොවන ආකාරයට විශාල මුදලක් හම්බ කිරීම, ඒ මගින් තව තවත් ව්‍යාපාර අත්කර ගැනීම ඔහුගේ ව්‍යාපාරික ශේෂ පත්‍රය ලෙස අපට හඳුනාගත හැකිය..මුල් කාලයේ මෙන්ම දැන්ද ඔහුට එල්ලවන චෝදනාවක් වන්නේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ දේශපාලනඥයින් අයථා ලෙස ඉපැයූ මුදල් ඔහු මගින් ආයෝජනය කළ බවයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවට සම්බන්ධ ව්‍යාපාරික නිමල් පෙරේරා යනුද මීට පෙර ධම්මික පෙරේරා සමග ඔහුගේ ව්‍යාපාරවල කටයුතු කළ ඔහුගේ දකුණු අත යැයි කී පුද්ගලයාය..අප අතීතයේ අසා ඇති පරිදි සතෙන් සතය එකතු කර විශාල මුදලක් ඉතිරි කිරීමටවත්, කිසිදු සුදුසුකමක් හා ආර්ථික හැකියාවක් නොමැතිව ගමෙන් නගරයට විත් ව්‍යාපාර ලෝකයේ හිනි පෙත්තට ගිය ව්‍යාපාරිකයින් වීමටවත් බැරිය. ඒ සඳහා උදාහරණ ඇත්තේ කිහිපයක් පමණය. එම උදාහරණවල ගමන් මග පියවරෙන් පියවර පැහැදිලිය. එහෙත් ධම්මික පෙරේරා ගතහොත් ඔහුගේ ගමන් මග අපැහැදිලිය. පුද්ගලයකුට පහළම ස්ථානයේ නොසිට යම් මට්ටමකින් ව්‍යාපාරයකට අවතීර්ණ වීමට එක්කෝ ඔහුට පරම්පරාවෙන් ලැබුණ යම් ධනයක් තිබිය යුතුය. නැත්නම් වෘත්තීය සුදුසුකමක් මගින් ඉතා ඉහළ වැටුපක් ලබාගෙන ඒ මගින් කරන ආයෝජන හරහා ඉහළට ආ අතීතයක් තිබිය යුතුය. එහෙත් ධම්මික පෙරේරා සම්බන්ධයෙන් යම් වෘත්තීය සුදුසුකමකින් ධනය ඉපැයූ බවක් වත්, පරම්පරාවෙන් ලැබුණු ධනයක් මගින් ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වූ බවක්වත් දැන ගන්නට ලැබෙන්නේ නැත..ඉහත පැහැදිලි කිරීම මගින් පුරවැසියා කියන්නට උත්සාහ කරන්නේ ඔහුගේ දක්ෂතාවද සටකපට ව්‍යාපාරික ගනුදෙනුවලට අදාළ එකක් බවය. ඒ සඳහා ඇති මෑතම එක් උදාහරණයක් වන්නේ කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම හා ඒවා රජයට ලබාදීමේ ඒකාධිකාරය ඔහුගේ සමාගමට පමණක් වන සේ රාජපක්ෂවරුන් සමග සිදුකරගත් ගනුදෙනුවය. ඒ අනුව පුරවැසියාගේ ප්‍රශ්න කිරීම වන්නේ, එවැන්නෙකුට ලෝකය සමග නීත්‍යනුකූල ආකාරයෙන් කටයුතු කර මේ රට ගොඩ දැමීමේ හැකියාව තිබෙනවාද යන්නය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිනාශයේ සක්විතිලා සැපෙනි.Next articleඅර්බුදය, මර්දනය හා දෙවන රැල්ල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
එජාපය සහ දේශපාලන නිද්‍රාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එජාපය සහ දේශපාලන නිද්‍රාව.By ජයදේව උයන්ගොඩ.January 13, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ජයදේව උයන්ගොඩ.දේශපාලන පිබිදීම සහ දේශපාලන නිද්‍රාව යනු එකම ක්‍රියාවලියක අවස්ථා දෙකක්ද යන ප්‍රශ්නය මේ දිනවල මගේ සිතේ මතුවේ. එයට පසුබිම වන්නේ ඔක්තෝබර් 26 දායින් පසු අප රටේ පිබිදුණු මහජන සහ දේශපාලන පක්‍ෂ කණ්ඩායම්වල දේශපාලන ක්‍රියාකාරිත්වය, දෙසැම්බර් අග සතියේ සිට පසුබැස, විවේක ගනිමින් නැතහොත් නිද්‍රාවට පත්වී තිබෙන බව පෙනීමයි..ඔක්තෝබර් 26 දා ඇතිවූ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්” ලෙස විසම්මුතික මාධ්‍යයෙන් හඳුන්වාදී තිබෙන සිද්ධියට එල්ල වූ ප්‍රතිචාරය, මීට පෙර නොවූ විරූ ආකාරයේ හදිසි දේශපාලන පිබිදීමක් මෙන්ම ක්‍රියකාරිත්වයක්ද පෙන්නුම් කරන්නකි. එහි විශේෂත්වය නම් එම ක්‍රියාකාරිත්වය, නිරායාසයෙන්, ස්වයංසිද්ධව සහ වහා ඇතිවුණ දේශපාලන සංසිද්ධියක් වීමයි. මහජනයාගේ හදිසි දේශපාලන පිබිදීමේ හා ක්‍රියාකාරිත්වයේ අවස්ථා ගැන, ලෙනින් සහ ට්‍රොට්ස්කි වැනි මාක්ස්වාදී න්‍යාධරයන් බොහෝ උනන්දුවෙන් කථාකර තිබෙන්නේ, ඒ මඟින් සමාජයේ දේශපාලන ගතිකත්වය ගැනද ප්‍රබල ලෙස ඉඟි ලැබෙන නිසාය. 2015 ජනවාරි 8 දා සලකුණු කළ දේශපාලන පරිවර්තනය ගැන ප්‍රබල ඇස්තමේන්තුවක් කිරීමටද ඒ මඟින් අවකාශ ලැබේ. එම පරිවර්තනයේ දේශපාලන නියෝජිතයන් ලෙස ඉදිරියෙන්ම සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම, එම පරිවර්තනයේ අර්ථයට සහ පොරොන්දුවට දැන් පිටුපා සිටියත්, එය විසින් ඇති කරන ලද වෙනස, තවමත් අප රටේ දේශපාලනයේ සාධකයක්ව පවතින බව එයින් කියැවේ..ප්‍රතිමානීය සාධක.එම සතිහතේ කාලය තුළ දෛනිකව ජීවගුණය අඩු නොවී ඉදිරියට ගිය විරෝධතාවේ දේශපාලනය තුළ ගැබ්වී තිබුණු ප්‍රධාන ප්‍රතිමානීය සාධක දෙකක් තිබිණ. ඒවා නම් නිදහස සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි. “නිදහස” යනු බොහෝ සංකීර්ණ දේශපාලන සංකල්පයක් මෙන්ම මනුෂ්‍ය හැඟීමක්ද වෙයි. දේශපාලන න්‍යාය තුළ එහි අර්ථය පිළිබඳ ප්‍රධාන සම්ප්‍රදාය තුනක් තිබේ. පළමුවැන්න සහ පැරණිම අර්ථය, “යටපත් කරගනු ලැබීමෙන් තොර වීමේ සහ තොරව ජීවත් වීම” යන අදහස දෙන සමූහාණ්ඩුවාදී සංකල්පයයි. දෙවැන්න, බාහිර බාධාවලින් තොර වීමේ සහ තොරව ජීවත් වීමේ පුද්ගල නිදහස යන ලිබරල් අර්ථ සම්ප්‍රදායයි, තුන්වැන්න, සමානාත්මතාවෙන් යුතුව සහ සූරාකෑමට පාත්‍රවීමෙන් තොරව ජීවත්වීමේ අයිතිය යන සමාජවාදී අදහසයි..පසුගිය මාස දෙක තුළ ලංකාවේ විරෝධතාවේ දේශපාලනය තුළ මේ අර්ථ තුනම පිබිදෙනු අපි දුටුවෙමු. පළමුවැනි සහ දෙවැනි අර්ථ අප දුටුවේ දේශපාලන නිදහස සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වූ මොහොතක ඒවාට එරෙහිව මතුවූ ස්වයංසිද්ධ ප්‍රතිචාරයෙහිය. තෙවැන්න අප දුටුවේ, මාධ්‍ය ප්‍රචාරය සහ අප බොහෝ දෙනාගේ අවධානය අඩුවෙන් ලැබුණු, ජීවත් වීමට ප්‍රමාණවත් වැටුප් ඉල්ලමින් වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් දියත් වූ අරගලයයි. මේ සියල්ල වනාහි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගල තුළ කලාතුරකින් සිදුවූ සහසිද්ධියකි. Coincidence එකකි..සීතල කාලයක්.දුරුත්තේ සීතල කාලය දේශපාලන වශයෙන්ද සීතල කාලයක් වී තිබෙන බව පෙනේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු ආණ්ඩු බලය ලබාගත් එජා පෙරමුණ දැන් තරමක් විවේක ගනිමින් සිටින බවද අපට නිරීක්ෂණය කළ හැකිය. මෙය වනාහි එජාපයේ දේශපාලන නිද්‍රාශීලිත්වය ප්‍රබල ලෙස ප්‍රකාශ කරන මෑත කාලයේ සිදුවූ දෙවන අවස්ථාවයි. ඉන් පළමුවැන්න, අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමෙන් ලැබුණු ජයග්‍රහණයෙන් පසු එජාපය වැටුණු දේශපාලන නින්දයි. බොහෝ දෙනා සිතුවේ, සිදුවන්නට ගිය මහා පරාජයෙන් අනූනවයෙන් බේරුණ එජා පෙරමුණ සහ අගමැති රනිල් වික්‍රමසිංහ, එයින් දේශපාලන පාඩම් ඉගෙන ගෙන, ආණ්ඩුව තුළත්, පක්‍ෂය තුළත් රැඩිකල් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවධියකට පා තබනු ඇත යන්නයි. එවැන්නක් සිදුනොවීය. අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවේ නායකයන් ක්‍රියා කළේ සිදුවෙන දේ ඔහේ සිදුවන ආකාරයට, කිසිදු නව නිර්මාණාත්මක දේශපාලන පියවරක් නොගැනීමයි..එජාප ආණ්ඩුවේ මේ දේශපාලන නිද්‍රාව ඔක්තෝබර් 26දා වන විටත් කොතරම් තදබලව තිබිණිද යත්, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ආණ්ඩුවද වෙනස් කිරීමේ ජනාධිපතිතුමාගේ සැලැස්ම, එජා පෙරමුණු ආණ්ඩුවේ සියලු දෙනාම මවිතයට සහ තිගැස්සීමට පත් කළේය. එහෙත් ඊට පෙර සති දෙකේ සිදුවීම් දෙස බලා සිටි පුරවැසියන්ට නම් පෙනුණේ, දින කිහිපයක් ඇතුළත මහා දේශපාලන වෙනසක් කිරීමට ජනාධිපතිතුමා පියවර ගන්නා බවට නිශ්චිත ලකුණු පහළ වෙමින් තිබුණු බවයි. ඒ කිසිවක් දැකීමටවත්, සිදුවෙන්නට යන ව්‍යාකූලත්වය වැළැක්වීමට පියවර ගැනීමටවත්, අගමැති රනිල් හෝ ඔහුගේ ටීම් එකට නොහැකි විය. ජනාධිපතිතුමා ආණ්ඩුව තම අතට ගැනීමේ සැලැස්ම එජාපයේද සෑහෙන පිරිසක් දැන සිටින්නට ඇත. ඔවුන්ගේ සමහරුන්ට අගමැතිකම, ඇමති ධුර සහ විශාල මුදල් ප්‍රදානය කිරීමේ සාකච්ඡා පැවතුණාය යන්න විවිධ මාධ්‍ය වාර්තාවල පළවිය. රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්ත ඇමතිවරුන් මේ දිගහැරෙන කුමන්ත්‍රණය ගැන දැන නොසිටියා යැයි කිව නොහැකිය. තමන්ට 113ක බහුතරයක් ලැබෙන බව ජනාධිපති සහ මහින්ද රාජපක්‍ෂ යන දෙදෙනාම සති දෙකක් පමණ යන තුරු පුදුම විශ්වාසයකින් සිටියේ නිකම්ම නොවේ. දැන් අපට පෙනෙන ලෙස, ඔක්තෝබර් 26දා සිදුවූයේ රහස් කුමන්ත්‍රණයක්ම නොවේ. එජාපයේ නායකත්වයේ කිහිප දෙනෙකුද දැන සිටි, සමහර විට හවුල්කරුවන්ද වූ දේශපාලන කුමන්ත්‍රණයකි. ඒ සමගම අපට පෙනෙන්නේ එක්කෝ අගමැති වික්‍රමසිංහ සහ ඔහුගේ ටීම් එක ඒ ගැන විස්මයජනක ලෙස නොදැන සිටි බවයි, නැතහොත් දැනගත්තේ, දේශපාලන නිද්‍රාවේ සිටි එජාප නායකයන් ‘ඔහේ’ සිටි බවයි..විරෝධය.මේ අතර වැදගත් දෙය නම් එජාපයේ දේශපාලන කුම්භකර්ණ නිද්‍රාවෙන් ඇහැ ඇරවීමට, මෛත්‍රී- මහින්ද යන දෙදෙනාත්, ඔවුන්ගේ හවුල්කරුවන් වන එස්.බී. දිසානායක ඇතුළු කණ්ඩායම සමත් වීමත්ය. ඇහැ ඇරුණ එජාපය, සිරිසේන, මහින්ද සන්ධානයට විරෝධය දැක්වීමේ ප්‍රතිචාරය ඉතා සාර්ථකව සංවිධානය කළේය. මේ අතර, සිවිල් සමාජ, ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම්ද, මධ්‍යස්ථ පුරවැසියන්ද නිද්‍රාවෙන් පිබිදී විශාල විරෝධතා සටනක් දියත් කළහ. 2015 ජනවාරි මාසය වන විට පිබිදී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය පුනරුජ්ජීවනය කිරීම ගැන ජනාධිපති සිරිසේන මහතාට වක්‍ර ස්තුතියක්වත් මෙරට පුරවැසියන් පුද කළ යුතුව තිබේ..දැන් අප දකින්නේ අවදිවීමේ සහ නින්දට යෑමේ දේශපාලන චක්‍රය කැරකීගොස්, දැන් නැවතත් නින්දට යෑම ආරම්භ වී තිබෙන බවයි. මෙය ඒ තරම් සුබ ලකුණක් නොවේ. ‘කුමන්ත්‍රණ’ යන වචනයෙන් හැඳින්විය හැකි දේශපාලන මැදිහත්වීම් ඉදිරි කාලයේදීද මතුවීමට හොඳටම ඉඩ තිබේ. දැනට නිද්‍රාවට වැටී සිටින එජාප නායකත්වය, නැවත වරක් තිගැස්සී නපුරු සිහිනයක් ඇත්ත වෙනු දකින්නට පමණක් ඇහැ අරින්නට හොඳටම ඉඩ තිබේ. මේ බව කෙනෙකුට කල් තියා කිවහැක්කේ, වර්තමාන ලංකාවේ දේශපාලනයේ ඇති එක්තරා සුවිශේෂ ප්‍රවණතාවක් නිසාය. එය නම් දේශපාලන බල අරගලය කොතරම් තියුණුව පවතින්නේද යත්, එම ප්‍රතිරෝධතා විසඳාගැනීමේ විකල්පය බව පෙනෙන්නේ “කුමන්ත්‍රණය” යන වචනයෙන් හැඳින්විය හැකි, විස්මය සහ තිගැස්සීම් ඇතිකරන ක්‍රියාමාර්ගවලින් පමණක් වීමයි..මේ අතර පසුගිය සති දෙක, තුනක කාලය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන චර්යාව බලන විට ඒ ගැන ඉතා දැඩි විවේචනයක් කළ යුතුව තිබේ. ඔක්තෝබර් 27 සිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පුනරුජ්ජීවනය කිරීම ගැන එජා පෙරමුණට සම්බන්ධ නැති ස්වාධීන කණ්ඩායම්, ක්‍රියාකාරකයන් සහ නිර්පාක්ෂික තරුණ පුරවැසියන් ඉටු කළ වීරෝදාර වැඩ කොටස ගැන නිසි සහ ප්‍රමාණවත් ලෙස කෘතගුණ ප්‍රකාශකිරීමක්, තවමත් එතුමාගෙන් සිදුවී නැත. එතුමා සිතන බව පෙනෙන්නේ පුරවැසියන් එසේ කරන කැපකිරීම්, කොළඹ පාලක පවුලක ප්‍රධානියකු හැටියට ඔහු සතු ජන්ම අයිතියක් බවත්, එය පුරවැසියන් ඔහු වෙත ඉටුකළ යුතු සේවා වගකීමක් පමණක් ද වන බවයි. මෙම අතිශයින්ම ප්‍රභූවාදී මානසිකත්වයෙන් නොමිදෙන තාක් කල් ඉදිරි කාලයේදීද එජාපයට සිදුවනු ඇත්තේ නිරන්තර දේශපාලන නිද්‍රාවල යෙදීමයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleෆෙඩරල් බිල්ලා යළිත්...Next articleශ්‍රීලනිපය ජාතිවාදයෙන් ගැලවෙන්න ඕනෑ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පීඩකයාගෙ පැත්තෙත්ඛේදවාචකයක් තියෙනවා‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂජගත් මනුවර්ණ කොඩිතුවක්කු | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පීඩකයාගෙ පැත්තෙත්.ඛේදවාචකයක් තියෙනවා.‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ.ජගත් මනුවර්ණ කොඩිතුවක්කු.By සංස්කාරක.December 29, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මැදිහත්වීම් කළ තරුණයන් අතුරුදන් කරවීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඇති කළ කම්පනයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපිට යම් දෙයක් කරගන්න බැරි වීම ගැන වරදකාරී හැඟීමක් තිබෙනවා. ඒ හැඟීම තමයි මට හිතෙන්නෙ මේ වස්තුවිෂය කතා කරන්න වෙච්ච පෙළඹවීම..■ ඇන්තනී වෙරංග පුෂ්පික.ජගත් මනුවර්ණ කොඩිතුවක්කු වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය තුළ නිර්මාණ ගණනාවකටම තම රංගනයෙන් දායක වෙමින් ජන හදවත් දිනූ කුසලතාපූර්ණ රංගන ශිල්පියෙකි. එමෙන්ම සක්‍රීය දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ”රහස් කියන කඳු” චිත්‍රපටයයි..රහස් කියන කන්ද නගින්න ආව මාර්ගය පහසු එකක් නොවෙන්න ඇති. චිත්‍රපටිය හැදුණ විදිය පොඩ්ඩක් කතා කරමුද ?.ඒ කාලෙ මම කෙටි චිත්‍රපටි හද හද හිටියා දිගු චිත්‍රපටියක් කරන්න ආසාවෙන්. අපට ඉතින් ලේසියකට නිෂ්පාදකවරු හම්බවෙන්නෙ නැහැ. මම පිටපතක් ලියාගෙන හිටියා සෑහෙන්න කාලයක්. ඊට පස්සෙ මම ඒකට හැදුවා ”ඩාර්ක් ෆෝල්” කියලා ප්‍රොමෝටේ්‍රලර් එකක්. ටේ්‍රලර් එක හදලා ඒකට ට්‍රයි කර කර හිටියා කාලයක් තිස්සේ නිෂ්පාදකවරයෙක් හම්බවෙනකන්, ඒත් නිෂ්පාදකවරයෙක් හම්බවුණේ නැහැ. ඊට පස්සෙ මට තේරුණා අලුතෙන් චිත්‍රපටියක් කරන්න හදන කෙනෙක්ට ලොකු බජට් එකක් හොයා ගන්න එක ලේසි නැහැ කියලා. මම කරලා තිබුණ කෙටි චිත්‍රපටි වගයක් තිබුණා. ඒවායේ තිබුණ තේමාව පැහැර ගැනීම් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම් වගේ දේවල්. අපි ඒක ෂූට් කළේ ලෝ බජට් එහෙකින්. හැබැයි ඒකට හොඳ ප්‍රතිචාර හම්බවුණා..ඊට පස්සෙ තමයි මම ඒ වැඩේම දිගු චිත්‍රපටියක් විදිහට කරන්න ඕනෑ කියන අදහසකට ආවෙ. ඒ විදිහට 2011 විතර තමයි මේ චිත්‍රපටිය කරන්න ඕනෑ කියන අදහස එන්නේ. මුලින්ම මම කරන්න හිටියේ ඒ ෂෝට් ෆිල්ම්ස් ටික වෙන වෙනම ෂූට් කරලා අන්තිමේට ඒ ටික එකතු කරන්න. ඒකේ රඟපෑවේ ”අපි දොළහක්” නාට්‍යයේ හිටිය ගාමිණී අයියා. ඒ වැඩේ යන අතරතුර ගාමිණී අයියා නැති වුණා. ඒකෙන් පස්සෙ මම ඒ වැඩේ අකුලලා පැත්තකට දාල තිබුණේ. ඒකෙනුත් පස්සෙ මේ චිත්‍රපටියට ප්‍රොපෝසල් හදාගෙන නිෂ්පාදකවරයෙක් හොය හොය හිටිය කාලෙ චන්න දේශප්‍රියයි, රසිත ජිනසේනයි, සුනිල් ටී ප්‍රනාන්දුයි හම්බවෙලා මට රූගත කිරීමට බජට් එකක් දුන්නා. හැබැයි පෝස්ට් ප්‍රඩක්ෂන් එකට සල්ලි තිබුණෙ නෑ. පෝස්ට් ප්‍රඩක්ෂන් එකට කෙනෙක් හොය හොය ඉද්දි උදුල් ප්‍රේමරත්න මගේ මිතුරෙක්, ඔහු හරහා මට නිර්මාණ බණ්ඩාර හම්බවුණා. ඔහු මට ඉතුරු වැඩ ටිකට සල්ලි දුන්නාට පස්සෙ තමයි චිත්‍රපටියෙ වැඩ ටික ඉවර කර ගත්තෙ..ඔබ විසින්ම තමයි මේ චිත්‍රපටියට මුලින්ම ස්ක්‍රිප්ට් එක ලියන්නේ. හැබැයි නාමල් ජයසිංහත් පසුව සම්බන්ධවෙලා තියෙනවා ඒකට...ෂෝට් ෆිල්ම්ස්වල තිබුණ පිටපත තව ටිකක් ඩිවලොප් කරලා නැවත මම මුල ඉඳන් ලිව්වා. හැබැයි මට තේරුණා මම මේ විෂයට ඇතුළුවෙන විදියෙන් විතරක් ප්‍රමාණවත් නැති වෙයි කියලා. සමහර දේවල් මඟහැරෙයි කියලා බයක් තිබුණා. නාමල් ජයසිංහ මගේ හොඳ මිතුරෙකුත් නිසා ඔහුට මේ පිටපත පෙන්නලා පස්සේ අපි දෙන්නාම එකතුවෙලා තමයි පිටපත ලිව්වේ. ඒ එකතුව ෆිල්ම් එකට ගොඩක් හොඳ විදිහට බලපෑවා..සිනමා නිර්මාණයක් මඟින් මෙවැනි කම්පනයක් මුදා හරින්න පෙළඹවීමක් ඇති වුණේ කොහොමද?.ලංකාවේ යම් යම් විමුක්තිකාමී දේශපාලනයේ නියැළුණු තරුණයන් කළ කැපකිරීම් සහ ඔවුන් සම්බන්ධයෙන් වූ මතකය අපිට මඟ හැරිය නොහැකියි. ඔවුන්ට තිබුණෙ මනුෂ්‍යත්වය අගයන වඩා යහපත් සමාජයක් උදෙසා වූ එක් අරමුණක්. ඒ අරගලවල හොඳ නරක ගැන වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඇති වුණු උතුරේ සහ දකුණේ කැරලිවලට හේතු තිබුණා. රටේ තිබෙන ඒ දේශපාලන පීඩනය දරා ගන්න බැරි වුණාට පස්සෙ තමයි ඒක පුපුරලා යන්නෙ. එහෙම තැන්වලදි මැදිහත්වීම් කළ තරුණයන් අතුරුදන් කරවීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඇති කළ කම්පනයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපිට යම් දෙයක් කරගන්න බැරි වීම ගැන වරදකාරී හැඟීමක් තිබෙනවා. ඒ හැඟීම තමයි මට හිතෙන්නෙ මේ වස්තුවිෂය කතා කරන්න වෙච්ච පෙළඹවීම..ඇඹිලිපිටියෙ සූරියකන්දෙන් හමු වුණ සමූහ මිනීවලවල් ගැන තිබෙන කතාව සහ මේ නිර්මාණය අතර යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්..ඒ මතු කළ කාරණය හරියටම හරි. හැබැයි ඒ සිදුවීමත් එක්ක සෘජුවම සම්බන්ධයක් නැහැ, එවැනි වූ ඛේදනීය සිදුවීම් කොතෙක් වුණාද කියලා කවුරුවත් දන්නෙ නැහැ. 71 වෙච්ච දේවල් වෙන්න පුළුවන්, 88/89 කාලයේ ඇති වුණ සිදුවීම් වෙන්න පුළුවන්, 2009 යුද්ධෙදි වෙන්න පුළුවන්, යුද්ධෙන් පස්සෙ කළ සමහර පැහැර ගැනීම් වෙන්න පුළුවන්. මේ සියලුම ආකාරයේ ඝාතන, අතුරුදන් කරවීම් පැහැරගැනීම්වල බලපෑම තියෙනවා. මේකේ පීඩාවට පත්වන්නන් සහ පීඩකයනුත් ඉන්නවා. මම මේකෙ ඇතුළෙ කිසිම විදියකින් කාගෙවත් පැත්තක් අරගෙන නෑ. චිත්‍රපටියේ ප්‍රධාන චරිත බවට පත්වෙලා තියෙන්නෙ පීඩකයන්. මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි පීඩාවට පත් වන්නා වගේම පීඩකයාගෙ පැත්තෙනුත් ඛේදවාචකයක් තියෙනවා..මේ චිත්‍රපටියට ‘රහස් කියන කඳු’ වගේ නමක් එන්නෙ කොහොම ද?.‘රහස් කියන කඳු’ නම හැදෙන්න මගේ ෆිල්ම් එකෙත් ප්‍රඩක්ෂන් ඩිසයිනර් විදිහට වැඩ කරපු ප්‍රදීප් චන්ද්‍රසිරි කාලයක් තිස්සෙ අඳිමින් හිටිය mountains කියන සීරීස් එකත් බලපාලා තිබෙනවා. ඒ සීරීස් එකේම චිත්‍ර කිහිපයක් තියෙනවා, whispering mountains කියලා. ඒවා චිත්‍රයට නඟන්නේ 88/89 වෙච්ච බලපෑමුත් එක්ක. මගේ තේමාව සහ ඔහු ගොඩනගන කතාවත් ගොඩක් දුරට සමානයි. ඒ වගේම මට ඕනෑ වුණා මේ මාධ්‍ය දෙක එකතු කරන්න. ඒක නිසා එම සීරීස් එකේම දිගුවක් විදියට තව චිත්‍ර දෙකක් මම ප්‍රදීප්ට කියලා අන්දවාගෙන චිත්‍රපටියට පාවිච්චි කළා. ඒ දෙකම එකතු කරලා තමයි ”රහස් කියන කඳු” කියන නම එන්නෙ ”කඳු” කියන අදහස එන්න චිත්‍රවලින් ආව බලපෑමක් වගේම සූරියකන්ද සිදුවීමත් මට බලපාලා තියෙනවා..නළුවෙක් විදිහට ඔබට ඕනෑ තරම් චිත්‍රපටිවල අත්දැකීම් තිබුණත් මෙය තමයි ඔබ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය පළමු අවස්ථාව..මට කලින් තිබුණෙ කෙටි චිත්‍රපට කරල තිබුණ අත්දැකීම් ටිකක් විතරයි. හැබැයි ඒක දිගු චිත්‍රපටයකට එනකොට හාත්පසින්ම වෙනස්. වැඩ කරන ප්‍රමාණය, මිනිස්සු පිරිස, බජට් එක මේ හැම දෙයක්ම ඉතා විශාලයි. ඒ වගේම මේ වැඩේ අභියෝගාත්මකයි. පළමු වතාවට ෆිල්ම් එකක් කරන්න යන කෙනෙක්ට දුෂ්කරතා ගොඩකට මුහුණදෙන්නට සිද්ධ වෙනවා. ඒ කාලයේ වෙච්ච දේවල් දැන් කතා කරද්දි රසවත් වුණාට ෂූටින් කරන කාලසීමාව කියන්නෙ හරිම දුෂ්කර කාර්යයක්..චිත්‍රපටියෙ ඇතුළෙ බොහෝ සංකේත, ව්‍යංග්‍යයෙන් භාවිතා කරලා තියෙනවා කියලත් දැන ගන්න ලැබුණා. ඒ කලාත්මක භාවිතය ගැනත් දැන ගන්න කැමතියි..ද්‍රව්‍යමය සංකේත ගොඩක් මම මේකෙදි යොදා ගත්තා. මේ චිත්‍රපටිය සංකේත ගොඩක එකතුවක් තමයි. අපි ඇත්ත ජීවිතයේ දකින විදිහේ සිදුවීම් ඇතුළේ තියෙන මිථ්‍යාවන් ඒ වගේම මාධ්‍ය මඟින් සිදුවීම් පෙන්නන විදිහ ඇත්ත නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ සිදුවීම් සිද්ධිවාචිකවවත් පෙන්නන්නෙ නෑ. ඒකට වෙනම අර්ථ සපයමින් තමයි අපිට පෙන්නන්නේ. මෑතකදී සිදු වුණ ටිංකරින් ලසන්ත ඝාතනය වගේ සිදුවීම් මාංචු දාගෙන අරගෙන ගිහිල්ලා අපරාධකරුවන් අධිකරණ ක්‍රියාවලියට පිටින් ගිහිල්ලා ඝාතනය කිරීම් වගේ දේවල්වලට මාධ්‍ය මඟින් හදනවා ප්‍රබන්ධයක්. මමත් මේකම තමයි චිත්‍රපටියට ගත්තේ. ඒවා ඇතුළෙ තියෙන සංකේත පද්ධතියක් විදිහට තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. ෆිල්ම් එකේදි මම ඇත්ත කියන්න උත්සාහ කරන්නෙ නෑ. එළියෙ සමාජය, මාධ්‍ය විසින් සහ රාජ්‍ය තන්ත්‍රය විසින් හදන මිථ්‍යාව ඒ විදිහටම සංකේතයක් විදිහට ෆිල්ම් එක ඇතුළේ තියෙනවා..මෙහි ආඛ්‍යාන රීතිය ගැන කතාකළොත්...මේකේ ආඛ්‍යානය ගොඩනැගෙන්නෙම මගේ කලින් ප්‍රැක්ටිස් එකත් එක්ක. මම මේක හිතාමතා ගොඩ නගන්න හදපු එකක් නෙමෙයි. කෙටි චිත්‍රපටි එකතු කරලා කරන්න හදපු උත්සාහයත් එක්ක නිතැතින්ම හැදිච්ච ආඛ්‍යානයක් මේ ෆිල්ම් එකට ඇවිල්ලා තියෙනවා. අවසානයේ ලියපු පිටපත නෙමෙයි ෂූට් වුණේ, ෂූට් කරපු පිටපත නෙමෙයි එඩිට් වුණේ. අවුරුදු හතරහමාරක විතර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට ගොඩනැඟුණු ආඛ්‍යානයක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ..චිත්‍රපටියේ රඟපාන නළු නිළියන්ගෙ දායකත්වය...නළු නිළියන්ගේ දායකත්වය අගය කරන්නම ඕනෑ. මේකේ වැඩ කරේ ඔක්කොම වගේ මගේ මිතුරන්. ඔවුන්ගෙ ශිල්පීය වටිනාකම මම ගෙවලා නෑ මේ ෆිල්ම් එකේ. ඔවුන්ට මම ණයයි. ඔවුන් මේ චිත්‍රපටියට දීපු කැපකිරීම් නොතිබෙන්නට මට මේ ෆිල්ම් එක කර ගන්න බෑ..ලංකාව වගේ රටක සිනමාව තුළින් ආත්මීය ප්‍රකාශනයක් කරන එක ලේසි වැඩක් නෙමෙයි..පළවෙනි කාරණය තමයි රජය විසින්ම පනවන රෙගුලාසි ටික. ඒකෙ ඇතුළෙ ඉඳන් තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒ සීමාවන් අතික්‍රමණය කරනව කියන එක ලේසි නෑ. ඒ වගේම නවක සිනමාකරුවෙක් විදිහට එන්න පුළුවන් ප්‍රශ්න වැඩියි. රාජ්‍යය විසින් වාරණයට ලක් කරන්න පුළුවන්. තමන්ගෙ සිනමාව ප්‍රශ්න කරන්න සිනමාකරුවන්ව සී.අයි.ඩී එකට අරගෙන ගිහින් තියෙනවා. සමහර වෙලාවට මටම හිතිච්ච එකක් තමයි මේක මිනිස්සු බලයි ද නැද්ද කියන එක. සමහර වෙලාවට මටම හිතෙනවා මේකෙ පෙන්නන ප්‍රචණ්ඩත්වයේ සහ භාෂාව සැර වැඩියි ද කියලා. හැබැයි මම නැවත කල්පනා කළේ එහෙම නොකළා නම් කවදාද අපි ඇත්ත කියන්නෙ මිනිස්සුන්ට, ඒ මොහොත කවදාද එන්නෙ කියන එක. ඒක නිසා මේ මොහොතෙ ෆිල්ම් එක කරනවා කියන තැන ඉඳන් මම ෆිල්ම් එක කළා. මේ කතාව කීමේ දැඩි කැමැත්ත සහ ඒකට සුදුසුම විදිය මම පාවිච්චි කරලා තියෙනවා..මේ චිත්‍රපටය විතරක් නෙමෙයි, ඔබ රංගනයෙන් දායක වුණ අනෙකුත් නිර්මාණ දිහා බැලුවත් යම්කිසි දේශපාලන නියෝජනයක් පෙනෙන්නට තිබෙනවා..මම තෝරා බේරා ගැනීම් කරනවා ගොඩක් වෙලාවට. ගෙනයන පණිවිඩය ජාතිවාදී නම්, ලිංගිකත්වය, වාර්ගිකත්වය, ආගමිකත්වය අනුව කුමන හෝ ජන කණ්ඩායමක් ගර්හාවට ලක්වෙනවා නම්, මම ඒ වගේ නිර්මාණවලට දායක වෙන්නේ නෑ. සමාජගත කරන්න හදන දේශපාලන මතය කොයි තරම් මානව හිතවාදී ද නැද්ද කියන එකත් මට බලපානවා නිර්මාණයක් තෝරගනිද්දි. ඒ වගේ කිරා මැන බැලීම් ටිකක් එක්ක මගේ විදිහට ගැළපෙන විදිහට තමයි මම ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ..අවසාන වශයෙන් සිනමාවෙන් සහ කලාවෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා, ඔබ කියන යහපත් සමාජයක් උදෙසා වූ දේශපාලන මැදිහත්වීම ප්‍රායෝගික තලයේ ඉඳන් කතා කරමු...විශාල දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යයි මේ රටට. සිවිල් ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම තමයි විශේෂයෙන්ම වෙන්න ඕනෑ එක. අපි දේශපාලන පක්ෂ කෙරෙහි විතරක්ම විශ්වාසය තියාගෙන හිටියොත් ඒක වෙන්නෙ නෑ. මම යෝජනා කරන්නෙ මේ වෙලාවෙ විශාල දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. ඒකට සිවිල් ක්‍රියාකාරීන් විතරක් නෙමෙයි සියලුම කණ්ඩායම් එකතුවෙන්න ඕනෑ. එහෙම නැත්නම් රට අගාධයටම වැටෙන එක නවත්වන්න බැහැ. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅනෙකා තේරුම් ගැනීමට.නර්තනය.Next articleඅරුණෝදයේ විලාපය.හෙවත් හඳුනා නොගත්.කසළ සෝදන්නියකගේ පැමිණිල්ල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
19න් පටන් ගනිමු ■ තිසරණි ගුණසේකර | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.19න් පටන් ගනිමු ■ තිසරණි ගුණසේකර.By සංස්කාරක.September 2, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.රාජපක්‍ෂ-විරෝධී කඳවුර අබියස ඇති ප්‍රධානතම අභියෝගය රාජපක්‍ෂවරුන්ගේ බල පරාක්‍රමය නොවේ. අප අතර ඇති අසමගියත් අප තුළ වර්ධනය වෙමින් පවතින දැඩි අපේක්‍ෂා භංගත්වයත්ය..මහා මැතිවරණයෙන් තමන් ලද අනපේක්‍ෂිත කඩා වැටීම නිසා එජාපයේවත් සමගි ජන බලවේගයේවත් ඇස් පෑදී නොමැත. මැතිවරණ පරාජයෙන් පසු ගතවූ තෙසතියක කාලය තුළ මෙම පක්‍ෂ දෙක අතරත් එජාපය තුළත් කුලල් කා ගැනීම් තවත් වර්ධනය වී තිබේ..විපක්‍ෂයේ ප්‍රධාන ධාරාව තුළ ඇති අර්බුදයත් රාජපක්‍ෂ කඳවුර ලැබූ ඓතිහාසික මැතිවරණ ජයත් නිසා රාජපක්‍ෂ විරෝධී පිරිස් බලවත් මානසික පසුබෑමකට ලක්ව ඇත. ‘කළ යුත්තේ කුමක්ද?’ යන ප්‍රශ්නයට වඩා බොහෝ දෙනෙකු නගනුයේ ‘කරලා වැඩක් තියෙනවාද?’ යන ප්‍රශ්නයයි..රාජපක්‍ෂවරුන් ලද ජය හා එයින් ඉස්මතු වන දේශපාලන ප්‍රවණතාවන් පිළිබඳ අප යළිත් වරක් සලකා බැලිය යුත්තේ එබැවිනි..2019 ජනපතිවරණය හා 2020 මහා මැතිවරණය අතර වූ කාලය තුළ රාජපක්‍ෂ කඳවුරේ ඡන්ද පදනම එකුදු ඡන්දයකින් හෝ වැඩිවී නොමැත. සිදුව ඇත්තේ පොදු ජන පෙරමුණ ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 70,500කින් පහත වැටීමයි..විපක්‍ෂය (හා විශේෂයෙන්ම එජාපය) ලක්වූ සෝදාපාලුව හා සසඳන විට මෙය ඉතා සුළු අගයක් බව සැබෑය. එහෙත් මෙයින් පිළිබිඹු වන දේශපාලන ප්‍රවණතාව, මෙම සංඛ්‍යාත්මක අගයට වඩා බෙහෙවින් වැදගත්ය..එනම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයාගේ හා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ මාස 9කට ආසන්න පාලන කාලය තුළ රාජපක්‍ෂ ඡන්ද පදනම අඩුවූවා මිසක වැඩි නොවූ බවයි..ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමෙන් සලකා බලන විට මෙය තවත් පැහැදිලි වේ..2019 හා සසඳන විට 2020දී දිස්ත්‍රික්ක 11ක පෙදු ජන පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රමාණය පහත වැටී තිබේ. එනම්,.කොළඹ-53,110, ගම්පහ-47,974, ගාල්ල-35,709, කළුතර-34,221, මාතර -22,264, පුත්තලම- 10,194, අම්පාර- 9,046, මඩකළපුව- 5,044, කුරුණෑගල- 2,313, රත්නපුර- 1,376, මොනරාගල- 639..2019 හා සසඳන විට 2020දී පොදු ජන පෙරමුණ ලැබු ඡන්ද ප්‍රමාණ්‍ය දිස්ත්‍රික්ක 11ක වැඩිවී ඇත. මේ අතර ප්‍රධානතම වනුයේ, නුවරඑළිය- 55,261, පොලොන්නරුව- 33,507, බදුල්ල-33,327..මෙම සංඛ්‍යා දත්තවලින් පිළිබිඹු වන කාරණා දෙකක් තිබේ. එකක් නම්, පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම අඩුවූ දිස්ත්‍රික්ක 11න් 9ක්ම සිංහල බහුතරයක් සහිත දිස්ත්‍රික්ක වීමය..අනෙක නම්, පොදු ජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය වැඩිපුරම ඉහළ ගිය දිස්ත්‍රික්කවල ඒ වැඩිවීමට හේතුව පොහොට්ටුව ලේබලය යටතේ තරග කළ කුඩා පක්‍ෂ වීමය..නුවරඑළිය හා බදුල්ල ඡන්ද ප්‍රමාණය ඉහළ යාමට මූලික හේතුව ලංකා කම්කරු කොන්ග්‍රසය හා ඒ තුළ ජීවාන් තොන්ඩමාන් සාධකය බව නිගමනය කළ හැක. පොලොන්නරුවේ ඡන්ද ප්‍රමාණය වැඩිවීමට හේතුව ශ්‍රීලනිපය හා මෛත්‍රීපාල සිරිසේන සාධකයයි..සමස්තයක් ලෙස සලකා බලන විට පැහැදිලි වනුයේ, එජාපය නොබෙදුණා නම් හා පොදුවේ විපක්‍ෂය ‘වෙන්ව ගමන් කොට එක්ව පහරදීමේ’ උපායකට අනුගත වූවා නම් මෙවර පාර්ලිමේන්තුවේ රාජපක්‍ෂ බලය සරල බහුතරයකයටට සීමා කිරීමේ සැබෑ හැකියාවක් තිබූ බවය..මෙම තත්වයට මුලින්ම වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් ප්‍රමුඛ එජාපයේ හා සමගි ජන බලවේගයේ නායකයෝය. ඡන්දයක කඩඉමේදී දෙකට බෙදීම ස්වයං විනාශකාරී බව වටහාගන්නට තරම් බුද්ධියක් ඔවුන් කිසිවකුට නොවීය..තම නායකයන්ගේ ළාමක ක්‍රියා නිසා විපක්‍ෂ ඡන්දදායකයන් දුර්මුඛ වීම සාධාරණය. එජාපයට හෝ සමගි ජන බලවේගයට ඡන්දය නොදීමද සාධාරණය. වරද නම් ඉතාමත් තීරණාත්මක මැතිවරණයකදී තමන්ගේ ඡන්දය භාවිත නොකිරීම හෝ වුවමනාවෙන්ම කටු ගා දැමීමය. නාසය වසාගෙන වත් අලියාට හෝ දූරකථනයට කතිරය ගැසීමට නොහැකියැයි සිතුණා නම් මාලිමාවට හෝ තෝරාගත් ස්වාධීන කණ්ඩායමකට කතිරය ගැසීමේ හැකියාවක් මේ විපාක්‍ෂිකයන්ට විය. ඔවුන් එසේ කළා නම් රාජපක්‍ෂවරුන් තුනෙන් -දෙකේ බලයක් අත්පත් කර ගැනීම වළක්වා ගැනීමට ඉඩ තිබුණි..රාජපක්‍ෂවරුන්ගේ ඓතිහාසික ජයග්‍රහණයට දොරටු විවර කළ විපක්‍ෂ නායකයන්ගේ අසමගියත් විපක්‍ෂ සාමාජිකයන්ගේ කලකිරීමත් අද තවත් වර්ධනය වී තිබේ. මෙම ප්‍රශ්න දෙක සමනය කර නොගතහොත් එළැඹෙන දේශපාලනමය හා මැතිවරණ සටන්වලින් පරාජයෙන් පරාජයම අපට උරුම වනු ඇත...පොදු උවදුරක්: පොදු අරමුණක්.ගෝඨාභය-මහින්ද පාලනයේ කෙටිකාලීන ඉදිරිමග පැහැදිලිය. 20වන සංශෝධනයක් තුළින් 19වන සංශෝධනය අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණය ජයගැනීම, හා නව ව්‍යවස්ථාවක් සම්මත කරවා ගැනීම ආණ්ඩුවේ කෙටිකාලීන ඉලක්කයන්ය..20වන ව්‍යවස්ථා සංශෝධනය කවර ස්වරූපයක් ගනිදැයි තවමත් අපැහැදිලිය. මේ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශ්වයෙන්ම එකිනෙකට වෙනස් මත ප්‍රකාශ වීම නිසා තත්වය තවත් ව්‍යාකුලව ඇත..මැති-ඇමතිවරුන් කවර දේ කීවත්, 20වන සංශෝධනය තුළින් ස්වාධීන කොමිසම් අහෝසි කිරීම හෝ බල රහිත කිරීම සිදුවන බව අනුමාන කළ හැක. ස්වාධීන කොමිසම් තුළින් පාලකයන්ට රාජ්‍ය බලය අවභාවිත වීමට යම් සීමාවන් පැනවේ. රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය සකල බලය තමන් අත ඒකරාශි කරගැනීමය. මෙය මෙවර ඇති තනතුරු, බලතල හා ආයතන බෙදුණු ආකාරයෙන් මැනැවින් පැහැදිලි වේ..දැඩි ලෙස දේශපාලනීකරණය වූ රාජ්‍ය තන්ත්‍රය යම් තරමකට හෝ නිර්දේශපාලනීකරණය කිරීමේ අරමුණෙන් ස්වාධීන කොමිසම් සභා ක්‍රමයක් මුලින්ම මෙරටට හඳුන්වා දුන්නේ 2001දී 17වන ව්‍යවස්ථා සංශෝධනය තුළිනි. මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගත්තේ මන්ත්‍රීධුර 16ක් දිනා තෙවන බලවේගයක් ලෙස 2001 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ට වූ ජනතා විමුක්ති පෙරමුණයි..නිදහස් ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය මුළුමනින්ම පක්‍ෂග්‍රාහී එකකි. 1972 ව්‍යවස්ථාව හා 1978 ව්‍යවස්ථාව සම්පාදනය ඒකපාක්‍ෂික ක්‍රියාවලියක් වූ අතර විපක්‍ෂයේ දායකත්වයක් ඊට නොවීය. පාර්ලිමේන්තුවේ ලොකු කුඩා පක්‍ෂ සියල්ලේම සහභාගිත්වයෙන් සකස් කොට ඒ පක්‍ෂ සියල්ලන්ගේම ඒකමතිකයෙන් අනුමත වූ මුල්ම ව්‍යවස්ථා සංශෝධනය 17වන සංශෝධනයයි..සංශෝධනය සම්මත වුවද එය ක්‍රියාත්මක වූයේ නැත. ව්‍යවස්ථා සභාව හෝ ස්වාධීන කොමිෂම් සභා බලාත්මක කිරීමට 2002-2004 කාලය තුළ ආණ්ඩු බලය හෙබවූ එජාපයට හෝ ඉන්පසු යළිත් බලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍යතාවක් නොවීය. විවිධ හේතු දක්වමින් ප්‍රධාන පක්‍ෂ දෙකම 17වන සංශෝධනය බලාත්මක කිරීම මග හැරියේය..2010 මහා මැතිවරණයෙන් මෙවර මහා මැතිවරණයටද වඩා විශිෂ්ට ජයක් ලැබූ මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ මුල්ම ප්‍රමුඛතාව වූයේ තමන්ට යළිත් වරක් ජනපතිධුරයට තරග කිරීමට ඉඩ ලබාගැනීම සඳහා 1978 මුල් ව්‍යවස්ථාවේම අඩංගු වූ ජනපති ධුර කාල සීමාව අහෝසි කර දැමීමයි. මුලින්ම මේ යෝජනාව ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වූ විට ඊට විපක්‍ෂයෙන්ද ඊටත් වඩා සමාජයෙන්ද බරපතළ විරෝධතාවක් මතුවිය. ආණ්ඩුව යෝජනාව පසෙක තැබීය. අනතුර පහව ගියායැයි සිතූ විපක්‍ෂය සුපුරුදු නින්දට වැටිණි..විපක්‍ෂය නිදි කිරන අතරතුර ආණ්ඩුව කාටත් හොරා 18වන සංශෝධනය කෙටුම්පත් කළේය. ජනපතිධුර කාල සීමාව ඉවත් කිරීම හැරුණු විට ඊට ඇතුළත් වූ අනෙක් ප්‍රධාන අංග දෙක වූයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වයට ඍජුවම මැදිහත්වීමට ඉඩ ලබාදීමත් ස්වාධීන කොමිසම් සභා ජනපතිවරයාගේ පාලනයට නතු කිරීමත්ය..විපක්‍ෂයත්, රටත් අපේක්‍ෂා නොකළ මොහොතක රාජපක්‍ෂ පාලනය 18වන සංශෝධනය එළිදැක්වූයේය. අධිකරණයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකේ ඡන්දයෙන් සංශෝධනය සම්මත කර ගැනීමට ගතවූයේ සතියක පමණ කාලයකි. විපක්‍ෂය හැරෙන විට සියල්ල හමාරය..18වන සංශෝධනයේ ප්‍රධානතම අනර්ථයක් වූයේ මැතිවරණ කොමසාරිස්වරයා සතුව තිබූ සීමිත ස්වාධීනත්වය පවා අහෝසි වී යාමය. 2011 මැතිවරණ ව්‍යාපාරය තුළ රාජ්‍ය දේපළ අවභාවිතය මහා පරිමාණයෙන් සිදුවීම පිළිබඳව පැමිණිලි කළ විපක්‍ෂයට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ, මෙම තත්වය පාලනය කිරීමට නිසි බලධාරියකු පත්කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට පෙර තිබූ බලය 18වන සංශෝධනයෙන් අහිමිවූ නිසා රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳව තමන්ට කළ හැක්කක් නොමැති බවය (ඬේලිමිරර් 5.10.2011)..18වන සංශෝධනය අහෝසි කොට ජනාධිපතිධුර කාල සීමාව හා ස්වාධීන කොමිසම් යළි ස්ථාපිත කරන 19වන සංශෝධනයක් ගෙනඒමට 2015 ජනපතිවරණය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක්‍ෂය පොරොන්දු විය. 17වන සංශෝධනය මෙන්ම 19 වන සංශෝධනයද සකස් වූයේ ඒකපාක්‍ෂික ක්‍රියාවලියක් ලෙස නොව පක්‍ෂ-විපක්‍ෂ සියල්ලන්ගේම සහභාගිත්වයෙනි. අවසානයේ එය සම්මත වූයේද එවක පාර්ලිමේන්තුවේ අති බහුතරයක අනුමැතියෙනි..19වන සංශෝධනය කටු ගා දැමීම ගෝඨාභය-මහින්ද පාලනයේ මුල්ම ප්‍රමුඛතාව බවට පත්වීම සලකා බැලිය යුත්තේ මේ සංදර්භය තුළය. බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ දොර විවර කිරීම හැරුණු විට මෙම හදිසියට හේතු වනුයේ ලංකා රාජ්‍යය රාජපක්‍ෂ පවුලේ මෙවලමක් හා අවියක් බවට පත් කර ගැනීමේ අරමුණට ස්වාධීන කොමිසම් සභා බාධාවක් වන බැවිනි. උදාහරණයක් ලෙස ඉදිරි මැතිවරණවලදී හා නව ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය වන ජනමත විමසුමකදී තම පිල දිනවීම සඳහා රාජ්‍ය බලය හා සම්පත් අවභාවිතයටත් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමටත් ස්වාධීන මැතිවරණ කොමිසම නිසා අපහසුය..එපමණක් නොවේ. ව්‍යාජ හා නීති විරෝධී දෝෂාභියෝගයකින් එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පලවා හැරීමෙන් පසු ඒ තනතුරට මොහාන් පීරිස් මහතා පත්කිරීමට රාජපක්‍ෂ පවුලට එදා හැකිවූයේ තමන්ට කැමති පුද්ගලයකු ඉහළ අධිකරණයට යැවීමට ජනපතිවරයාට හැකිවූ නිසාය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනපතිවරයා බැහැදැකීමට ඔහුගේ පෞද්ගලික නිවහනට ගිය එකම අගවිනිසුරුවරයා වීමේ කුප්‍රසිද්ධිය දිනාගත්තේ පීරිස් මහතාය. අධිකරණය හෑල්ලු කරන, ජනතාව අවදානමට පත්කරන අධිකරණ පත්වීම් සිදුකිරීමට ජනපතිවරයාට ඇති ඉඩකඩ 19වන සංශේාධනය නිසා යම් තාක් දුරකට හෝ ඇහිරී ඇත..රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය මුළු රටම, සමස්ත රාජ්‍ය තන්ත්‍රයම සුප්‍රිම් උසාවියේ සිට ගමේ පොලිස් ස්ථානය දක්වාවූ රාජ්‍ය සේවයේ සෑම අඟලක්ම, තමන්ගේ පාලනයට නතු කර ගැනීමය. ඔවුන් 19න් වැඩ අල්ලනුයේ එබැවිනි..රාජපක්‍ෂ විරෝධී කඳවුරද තම ඉදිරි ගමන පටන්ගත යුත්තේ 19වන සංශෝධනය හැකිතාක් රැකගැනීමට උපරිම දේශපාලනික, නීතිමය හා ප්‍රචාරාත්මක උත්සාහයක් ගැනීමෙනි. 19 කටු ගා දමා ඒ වෙනුවට 20 ආදේශ කිරීමට ගෝඨාභය-මහින්ද පාලනයට තුනෙන් -දෙකේ බලයක් පාර්ලිමේන්තුව තුළ තිබේ. එනමුත් ඒ තත්වය තුළ පවා විපක්‍ෂයට කළ හැකි දෑ බොහෝය. 19 වැදගත්කම ජනතාවට යළි මතක් කොට දීමේ සිට 20 ප්‍රජාතන්ත්‍ර විරෝධී අඩංගුවක් වෙතොත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම දක්වා වූ බොහෝ ක්‍රියාමාර්ගක ඒ අතර වේ..19වන සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග සුරැකීම යනු දැනට කුලල් කාගන්නා විපක්‍ෂය එක් රොක් කළ හැකි අරමුණකි. ඒ සඳහා රනිල්ට හා සජිත්ටත් අනුරට, සම්පන්දන්ට හා හකීම්ටත්, කරූට මංගලට සුනිල්ට හා චන්ද්‍රිකාටත් එක් විය හැක..අවසානයේ ආණ්ඩුව ජයගනු ඇත. නමුත් මේ ජය ප්‍රමාද කිරීමට, එය යම් තරමකට සීමා කිරීමට, 19 අහෝසි කිරීම සඳහා රාජපක්‍ෂවරුන් තදියම් වීමේ සැබෑ හේතුව රටට හෙළිදරව් කිරීමට විපක්‍ෂයට ඉඩක් ඇත. විපක්‍ෂ නායකකම නමට සීමා නොවී සැබැවින්ම ඉටුකිරීමට තමන්ට හැකි බවට රටට පෙන්වීමට මෙතුළින් සජිත් ප්‍රේමදාස මහතාට ඉඩක් ලැබේ. දුර්මුඛ වී දුර්වල වූ එජාපයට නව ජීවයක් හා ජවයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම නායකත්වයට පොරබදන අනෙකුත් එජාප ප්‍රධානීන්ට මෙය අවස්ථාවකි. ජාතික මට්ටමේ අරගලයකට නායකත්වය දීමට තමන්ට හැකි බව රටට ඔප්පු කිරීමට මෙයින් ජවිපෙට ඉඩකඩක් ලැබේ..ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකේ බලයක් තිබුණාට රටේ ඇත්තේ සාමාන්‍ය බහුතරයකි. මෙයින්ද 10%කකට තරමක් අඩු-වැඩි ප්‍රමාණයක් ශ්‍රීලනිප ඡන්දය. රාජපක්‍ෂවරුන්ට රටේ ඇති සාමාන්‍ය බහුතරය ක්‍රම ක්‍රමයෙන් මොට කිරීම කළ හැකි, කළ යුතු කර්තව්‍යයකි. ඒ ගමන පටන්ගත යුත්තේ 19නි...රන් සංචිතය සුදුවෑන්කරණය වීම හා මූල්‍ය අර්බුදය.ලංකාවේ රන් සංචිතය 2019 දෙසැම්බර් 31 වෙනිදා වන විට ඩොලර් මිලියන 954.88ක් විය. නමුත් 2020 මැයි 29දා වන විට ලංකාවේ රන් සංචිතය ඩොලර් මිලියන 372.7ක් දක්වා පහත වැටී ඇති බව මහා බැංකු වාර්තා උපුටා දක්වමින් ඔයැ ඵදරබසබට පුවත්පත 2020 ජුලි 12 වැනිදා වාර්තා කළේය..මාස 5කටත් අඩු කාලයක් තුළ මෙරට රන් සංචිතය ඩොලර් මිලියන 502කින් අඩුවූයේ කෙසේද? ආණ්ඩුව කාටත් හොරා එදා වේල පිරිමහ ගැනීමට මෙරට රන් සංචිතයෙන් අඩක් පමණ විකුණුවාද?.රන් සංචිතය සුදුවෑන්කරණය වීමේ පුවත ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුදයේ තවත් එක් ප්‍රකාශනයක් පමණි..වත්මන් මූල්‍ය අර්බුදය ආරම්භ වූයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති ධුරයට පත්වූ වහාම ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය තුළිනි. කිසිදු ආර්ථිකමය දැක්මකින් තොරව ක්‍රියාත්මක කළ මෙම බදු කප්පාදුව නිසා රාජ්‍ය ආදායමේ විශාල හිඩැසක් නිර්මාණය විය. ඒ හිඩැස පිරිමසා ගත්තේ ණය ගැනීමෙන් හා විකිණීමෙනි..රටේ රන් සංචිතය හැකිතාක් විකිණීමෙන් පසු ඉතිරි වනුයේ කුමක්ද? ඉඩම්ය..මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 18 වන සංශෝධනයෙන් පසු ගෙන ආ වැදගත්ම පනත වූයේ නගර සහ ගම් සැලසුම් (සංශෝධන) පනතයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් ලෙස වාර්තා වූ මෙම පනතේ ඉලක්කය වූයේ ඕනෑම ඉඩමකට (රජයේ හෝ පෞද්ගලික) ලේබලයක් ගසා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් එය අත්පත් කර ගැනීමේ බලය රජයට ලබාදීමය. ඕනෑම ඉඩමක් සංරක්‍ෂණ හෝ ආරක්‍ෂණ හෝ ගෘහ නිර්මාණය හෝ ඓතිහාසික හෝ ආගමික වැදගත්කමක් ඇති බිමක් ලෙස නම්කොට එය අත්පත් කරගැනීමට පනත තුළින් රජයට ඉඩ ලබාදුන් අතර රජයේ තීන්දුවට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට පුරවැසියන්ට ඇති මූලික අයිතියද ඉන් අහෝසි කෙරිණ..පනත සම්මත කරවා ගැනීමට එදා ආණ්ඩුවට නොහැකි වූයේ 13වන සංශෝධනයට පින් සිදුවන්නටය. 13වන සංශෝධනයට අනුව ඉඩම් විමධ්‍යගත විෂයකි. ඒ විමධ්‍යගත විෂයන්ට සම්බන්ධ නීති රීති අණ පනත් සම්මත කරගැනීමට සියලුම පළාත් සභාවල අනුමැතිය ලැබිය යුතුය..පනත ගෙන ආ 2012 වසර වන විට උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වෙමින් තිබුණේ නැත. අනෙක් සියලුම පළාත් සභාවල බලය හිමිවූයේ ආණ්ඩු පක්‍ෂයටය. නව පනත සම්මත කර ගැනීමට නම් පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ විට චමල් රාජපක්‍ෂ කතානායකවරයා පනත අනුමත කරන්නැයි සියලු පළාත් සභාවලට දන්වා සිටියේය..බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මහා ඇමතිධුරය දැරූ උතුරුමැද පළාත් සභාව පනත අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා සිටියේය. නැගෙනහිර පළාත් සභාව පනත ප්‍රතික්‍ෂෙප කළේය. අවසානයේ පනත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුවට සිදුවිය..පනත ක්‍රියාත්මක කිරීමේ එක් ප්‍රධාන අරමුණක් හෙළිදරව් කරන පුවතක් 2012 මාර්තු 2දා සිලෝන් ටුඬේ පුවත්පතේ පළවිය. පනත සම්මත වූ පසු අලුත්කඬේ සමස්ත උසාවි සංකීර්ණයම වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් ඒ ඉඩම් සංවර්ධනය කොට වාණිජමය කටයුතු සඳහා යෙදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. හෙවත් ඒ ඉඩම කාට හෝ විකිණීමට හෝ 99 වසරකට බදු දීමට ආණ්ඩුව අපේක්‍ෂා කරන බවය..එදාට වඩා අද මූල්‍ය අර්බුදය බරපතළය. දැනටමත් වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව අනුමාන කළ හැක. දැනට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ‘අවශේෂ වනාන්තර’ ලෙස හැඳින්වෙන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ මහා මැතිවරණයට පෙරය. සංවර්ධන කටයුතු සඳහා මෙම තීරණය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රධානීන් කියා තිබුණි..මෙවැනි විනාශකාරී තීන්දු නතර කර ගැනීමට ඇති එකම ඉඩකඩ අධිකරණයයි. නමුත් 19වන සංශෝධනය අහෝසි වුවහොත් අධිකරණය විධායකයේ ග්‍රහණයට ලක්වනු ඇත. තමන්ගේ හිතුමනාපයට උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමටත් තම අණසකට අවනත නොවන විනිසුරුවරුන්ට එරෙහිව ව්‍යාජ දෝෂාභියෝග ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවට ඉන් හැකිවනු ඇත..මහා ඉඩම් මංකොල්ලයක් අරමුණු කරගත් නගර හා ගම් සැලසුම් පනතට කොන්දේසි විරහිත අනුමැතියක් නොදුන් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට අත්වූ ඉරණම අප අමතක නොකළ යුතුය. එය සමස්ත අධිකරණයටම පාඩමක් ඉගැන්වීමකි..එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ සියලු මාධ්‍යවේදීන්ට පාඩමක් ලෙසටය. අද ශානි අබේසේකර අත්අඩංගුවට පත්ව ඇත්තේ සියලු පොලිස් නිලධාරීන්ට පාඩමක් ලෙසටය. හිජාස් හිස්බුල්ලා සිරගත කොට ඇත්තේ සියලු නීතිඥයන්ට අනතුරු හැඟවීමක් ලෙසටය..මේ භීෂණයට යම් තරමකින් හෝ සීමාවක් පැනවී ඇත්තේ 19වන සංශෝධනය නිසාය. එයද අහිමි වූ විට නිර්මාණය වනුයේ ‘නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ’ තත්වයකි. එවිට අපට කළ හැකි වනුයේ පොල් ගැසීම පමණි..ගෝඨාභය-මහින්ද පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණේ විපක්‍ෂයේ වැරැද්දෙනි. මෙම වරද නිවැරදි කර දීම සඳහා වූ දිගු ගමන 19න් පටන් ගැනීමට විපක්‍ෂය සූදානම්ද? ■.Tags.තිසරණි ගුණසේකර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමිනිසුන් අවුල් කිරීම අමාත්‍යාංශ බෙදීමේ අරමුණ විය හැකියි.Next articleඅලුත් ව්‍යවස්ථාවෙන් ලක්‍ෂ 63කගේ අදහස්ද පිළිබිඹු විය යුතුය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.2 COMMENTS.Raj September 4, 2020 At 7:19 am.මෙය ඉතාම වැදගත් ලිපියක්.ඒත් මේ ඇත්ත පිලිඅරන් අවශ්‍ය මොහොතේ ක්‍රියා කරන්න තරම් අපේ ප්‍රධාන විපක්ෂයට නුවන පහල වේදැයි සැකයි..සජිත් ට ඇත්තේ රට ගැන ප්‍රශ්නයක් නොව තමන්ගේ ආත්මාර්ථකාමී අරමුන කරා යාම පමනි.Reply.Raj September 4, 2020 At 7:19 am.මෙය ඉතාම වැදගත් ලිපියක්.ඒත් මේ ඇත්ත පිලිඅරන් අවශ්‍ය මොහොතේ ක්‍රියා කරන්න තරම් අපේ ප්‍රධාන විපක්ෂයට නුවන පහල වේදැයි සැකයි..සජිත් ට ඇත්තේ රට ගැන ප්‍රශ්නයක් නොව තමන්ගේ ආත්මාර්ථකාමී අරමුන කරා යාම පමනි.Reply.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
පීඩිත කළු‍ මිනිසාගේ ආත්මය හෙවත් ජුලයිගේ මිනිස්සු! | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පීඩිත කළු‍ මිනිසාගේ ආත්මය හෙවත් ජුලයිගේ මිනිස්සු!.By සංස්කාරක.November 24, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අනුසර වීරසිංහ.ඒ, 1981න් පසු අනාගතයේ දිනෙක එතෙක් දකුණු අප්‍රිකානු රාජ්‍යයේ පැවති සුදු මිනිසුන්ගේ අධිකාරිවාදී පාලන තන්ත්‍රයට එරෙහි ව, පීඩිත කළු ජනතාව ආයුධ අතට ගත් සිවිල් යුද කාල සමය විය. එතෙක් වර්ණභේදවාදය(Apartheid) මත පදනම් වෙමින් සමාජ-ආර්ථික සේම දේශපාලනික ආන්තීකරණයන්ට හා අසාධාරණයන්ට ලක් වූ කළු මිනිසාගේ ආත්මය ස්වකීය අයිතිවාසිකම් ඉල්ලා සිටිමින් විප්ලවීය ලෙස විළාප දෙන්නට විය. එය කෙමෙන් දකුණු අප්‍රිකාවේ පැරණි ලෝකය තුළ පැවති සුදු අධිරාජ්‍යවාදී හෙජමොනියට එරෙහිව නැගුණු විසල් විප්ලවයක් බවට පත් වෙමින් එතෙක් ධනවාදයේ රූපකයක් බඳු වූ ජොහැනස්බර්ග් නගරයේ බැංකු, කඩසාප්පු, ගුවන්තොටුපොළ ඇතුළු සමාජ-ආර්ථික මර්මස්ථාන රැසකට අනවරත ලෙස ප්‍රහාර එල්ල කරන්නට විය..මෙකී අරාජිකවාදී යුද සමය තුළ ජොහැනස්බර්ග් නගරයේ දිවි ගෙවූ එක් ඉහළ මධ්‍යම පන්තික සුදු පවුලක් වූහ. නමින් ඔවුහු ‘ස්මේල්ස්’ (Smales) යුවල නම් වෙති. එම පවුලේ වාසය කරන්නේ දකුණු අප්‍රිකාවේ විසූ ලිබරල්වාදී ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ බැම්ෆර්ඩ් ස්මේල්ස්, ඔහුගේ බිරිඳ වූ මොරීන් හෙදෙරින්ටන් සහ ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනා ය. ඔවුන් විසූ ජොහැනස්බර්ග් නිවසේ දිගු කලක පටන් කුලියට සේවය කරමින් සිටි ‘ජුලයි‘ නම් වූ තවත් හිතවත් කළු සේවකයෙක්ද වෙයි. ඉතින්, මෙකී සුදු මිනිසුන්ගේ පෞද්ගලික බූදලයන් හා ජීවත පවා විනාශ කරමින් පැතිරුණු වියරු කළු විප්ලවයත් සමග, මෙකී ස්මේල්ස් පවුලට සිය ගම රට හැර දමා ආරක්ෂිතව දිවි ගෙවිය හැකි ස්ථානයක් සොයා වහ වහා පළා යන්නට සිදු වෙයි. ඊට සිය කළු සේවකයා වූ ජුලයිගේ පිහිට පතන ස්මේල්ස් පවුලේ ඇත්තෝ දිනක් රාත්‍රියක හොර රහසේම සිය කහ පැහැති ‘බැකී’ මෝටර් රථයේ නැගී, කළු විප්ලවවාදීන්ගේ දෑස්වලින් වසන් වෙමින් ඔවුන්ගේ සේවකයාගේ නෑදෑ පරපුර විසූ පාරම්පරික ගම්මානයේ පදිංචියට යාමට තීරණය කරති. ඉතාම උත්ප්‍රාසජනක ලෙස ස්වකීය මරණ වරෙන්තුව අත තබාගෙන කළු‍ ගරිල්ලා විප්ලවකරුවන්ගෙන් ගැලවී යන මෙකී සුදු මිනිසුන්ගේ ‘මෙසායා’ (Messiah) හෙවත් ගැලවුම්කරුවා බවට පත් වන්නේ ඔවුන්ගේම සේවකයා වූ මේ ‘ජුලයි‘ නම් කළු මිනිසාය..මෙකී දකුණු අප්‍රිකානු කළු-සුදු සිවිල් යුද්ධය යනු මුළුමනින්ම ප්‍රබන්ධයකි. සැබැවින්ම ඉතිහාසයේ මුල් සොයා යන ඔබට එකී කාලසමය තුළ කිසිදාක එලෙස දිගු කලක් පැවති වියරු කළු විප්ලවයක සලකුණු සොයා ගන්නට නොහැකි වනු ඇත. එහෙත්, දකුණු අප්‍රිකාවේ විසූ තවත් විශිෂ්ට ලේඛිකාවක වූ නේඩින් ගෝර්ඩිමර් (Nadine Gordimer) සිය ‘ජුලයිගේ මිනිස්සු’ (July’s People) නවකතාව තුළ, එතෙක් පැවති නිර්ධනපන්තික කළු ආත්මය තළා පෙළා දැමූ සුදු ඒකාධිකාරියේ අවසානය සනිටුහන් විය හැකි දරුණු අන්තය ගැන කී දේශපාලන අනාවැකියක් සේ මෙම විප්ලවීය යුද්ධය ගැන ප්‍රබන්ධය අපට සැලකිය හැකිය..සැබැවින්ම, ඉතිහාසය යනු ම මියගොස් ඇති ආඛ්‍යානයකි. ඉතින්, අපට හැක්කේ එකී මියගිය ආඛ්‍යානය ගැන අපගේ දේශපාලනික අර්ථකථන දෙමින් එය කාලීන අවශ්‍යතාවන් අනුව ප්‍රතිනිර්මාණය කිරීම පමණෙකි. මෙම නවකතාව තුළ ගෝඩිමර් එම කර්තව්‍යය, දෙවෙනි ලෝක යුද සමය ගැන විකල්ප ඉතිහාස කතන්දරයක් නිර්මාණය කරමින් හිට්ලර් නම් ඒකාධිපතියා, ජර්මනියේ සිනමාශාලාවක් තුළ යුදෙව්වන් විසින් ඇති කළ ගින්නකින් මියැදෙනු පෙන්වන ක්වින්ටන් ටැරැන්ටිනෝගේ ‍The Inglorious Bastards සිනමාපටය සේම සාර්ථක ආකාරයකින් සිදු කරයි. ඉතින්, ලාංකීය පාඨකාගාරයට යම් තරමක් දුරස්ථව පැවැතුණද, දකුණු අප්‍රිකානු සාහිත්‍යය යනු ජේ. එම්. කොඑට්සි, නේඩින් ගෝර්ඩිමර් සේම 2021 බුකර් සම්මානයට පාත්‍ර වූ ඩේමන් ගැල්ගට් වැනි අපූර්ව ලේඛකයන් බිහි කළ වැඩබිමකි..ගෝර්ඩිමර්ගේ න්‍මකහJuly’s People‍ නවකතාව ආරම්භයේදීම ඉතාලි පශ්චාත් මාක්ස්වාදී දාර්ශනිකයෙකු වූ අන්තෝනියෝ ග්‍රම්ස්චිගේ කියමනක් උපුටා දක්වමින් පැරණි ලෝකය මියැදෙමින් ඇති බවද, අලු‍ත් ලෝකය උපදින්නට මග බලා සිටින බවද, ඒ අතර අරාජිකවාදී කාලසමය අවතාර සහ දේශපාලනික රෝගී තත්ත්වයන්ගෙන් පිරී පවතින බවද කියන අදහස අපට ගෙන එයි. මෙම අන්දරයට අනුව, ලේඛිකාව සඳහන් කරන පැරණි ලෝකය වන්නේ සුදු මිනිසුන්ගේ පාලනය පැතිරුණු සංස්කෘතික හෙජමොනියයි. ග්‍රාම්ස්චි පෙන්වා දෙන්නාක් මෙන්ම රාජ්‍යය සහ ධනපති පාලන පන්තිය එක්ව, පවත්නා ධනේශ්වරය තුළ ස්වකීය පාලනය පවත්වාගෙන යාම සඳහා සංස්කෘතික ආයතන භාවිත කරයි. පවතින ක්‍රමය සාමාන්‍ය ලෙස බාරගන්නා මෙන් ජනතාවට පවසන අධිපති දෘෂ්ටිවාදය ගොඩනගන්නෝ ඔවුහු ය. උදාහරණයක් ලෙස, සුදු මිනිසුන්ට දියුණු නාගරික ශිෂ්ටාචාරයේ වාසය කිරීමේ අයිතිවාසිකම් නිතැතින්ම හිමිවන අතරතුර, ඔවුන්ගේම රටේ විසූ කළු මිනිසුන්ට ‘සාමූහික ප්‍රදේශ නීතිය‘ (Group Areas Act) යටතේ එවැනි නාගරික පෙදෙස්හි වාසය කිරීම තහනම් කරමින්, ඔවුන් නොදියුණු පාරම්පරික ගම්මානවල සිර කර තැබීම වැනි ජාතිවාදී කටයුතු සාමාන්‍යකරණය කිරීම හරහා මෙම වර්ණභේදවාදී පාලන තන්ත්‍රය සිය බලය පවත්වාගනියි..ජුලයි සිය සුදු ස්වාමීන් වූ ස්මේල්ස් පවුලේ ඇත්තන් කැන්දාගෙන යන්නේද එවැනි පාරම්පරික නොදියුණු ගම්මානයකටය. කතන්දරයේ ආරම්භයේ සිට ලේඛිකාව මෙම පවුලේ මව වූ මොරීන්ගේ සිතිවිලි විශ්වයට ඇතුළු වෙමින්, ඇය රාත්‍රියේ සැඟවෙමින් ආ ගමන සහ විනාශයට යමින් පවතින සිය අතීත සුඛෝපභෝගී නාගරික දිවියේ මතක ශේෂයන් ආවර්ජනා කරන අන්දම අපට පෙන්වයි. නාගරික දිවිය තුළ පතල් හිමිකාරයෙකුගේ දියණියක වුවද, මොරීන් මෙන්ම ඇගේ සැමියා වූ බැම්ෆර්ඩ්ද, සිය කළු සේවකයන් දෙස බලන්නේ යම් සානුකම්පිත දෘෂ්ටියකින් වන අතර ඔවුන්ටද මේ රට තුළ සමාන අයිතිවාසිකම් හිමි විය යුතු යැයි යන ලිබරල් අදහසේ ඔවුන් පසුවන බැව් කතාව කියවාගෙන යන විට අපට තේරුම් යයි. එනමුත්, මෙම යුද සමය තුළ ගොඩනැගුණු අලු‍ත් ලෝකයේ එකී පැරණි පන්ති ස්තරීකරණයන් සියල්ල අහෝසි වී ගොස් ඇත්තාක් වැන්න. මන්ද යත්, ඔවුන්ගේ මුදල් මත කලින් යැපුණු කළු සේවකයා දැන් ඔවුන්ගේ භාරකරුවා වී ඇත. ඔවුන්ට කළු‍ අප්‍රිකානු ජන ජීවිතයට හා එහි මිනිසුන්ගේ භාෂාවට හුරු වීමට උපකාර කරන්නේ ජුලයි නම් මෙම කළු සේවකයාය..දිනක් ජුලයි, ස්වකීය සුදු හාම්පුතුන්ට නොදන්වා ඔවුන්ගේ බැකී මෝටර් රථය ගෙන නගරයට ගමන් කරයි. මෙම අවස්ථාවේදී එක් මොහොතකට පාඨකයා තුළ යම් කුතුහලයක් ඇතිවන්නේ මොහු නගරයට යන්නේ සිය විප්ලවකරුවන්ට හාම්පුතුන් සිටින තැන ගැන ඔත්තුවක් දීමටද නැතිනම් වෙනත් කටයුත්තක් සඳහාද යන්නයි. කෙසේ නමුත්, සුදු හාම්පුතුන් සහ ඔවුන් අතර මුල් මත ගැටුම නිර්මාණය වන්නේ එයත් සමගය. එක් අතෙකින්, සිය කළු සේවකයා තම අවසරයකින් පවා තොරව තමන්ගේ මෝටර් රථයේ යතුරු කැරැල්ල ගෙන හිතුමතේ නගරයට යාම ගැන මොටීන් තුළ දැඩි අප්‍රසාදයක් හට ගනී. අනෙක් අතට, ඒ ගැන ඇය ජුලයිට අනවරත ලෙස චෝදනා කිරීම නිසා එතෙක් එම කළු‍ ගෝත්‍රයේ මූලිකයා හෙවත් ඇල්ෆා පිරිමියා (Alpha male) ලෙස සිටි ජුලයිගේ කීර්තියට හානියක් සිදු වූ බැව් ඔහු සිතයි. ඒ අනුව, කිසිවෙකුත් නොසිතූ පරිදි,.කඩාවැටුණු පැරණි නාගරික ලෝකය සමග ඔවුන් සම්බන්ධ කරන එකම මාර්ගය වූ බැකී රථයේ යතුරු කැරැල්ල, මෙම කළු‍-සුදු මිනිසුන් අතර බල අරගලයේ සංකේතයක් ලෙස ගෝඩිමර් දක්වයි. එපමණක් නොව, එතෙක් ජුලයිගේ බිරිද කිසිදාක එතරම් සමීපව සුදු ගැහැනියක දැක නොතිබූ අතර ඇය සුදු අධිරාජ්‍යවාදීන් කතා කළ ඉංගිරිසි බස ගැන හාන්කවිසියක අවබෝධයක් නොවූ ස්ත්‍රියක ලෙස නිරූපිතය. එහෙත්, මෙම විප්ලවයත් සමග, ඔවුන්ගේ ගම්මානයට එන මොරීන් නම් මේ සුදු ස්ත්‍රියට සමීප වීමත් සමග, තව දුරටත් සුදු මිනිසුන් යනු දේවතාවන් වැනි රූපකායන් ඇති අය යැයි තමන් මවාගෙන සිටි ෆැන්ටසිය බිඳී යන අතර ඔවුන්ද තමා වැනිම අසම්පූර්ණකම්වලින් පිරුණු මිනිසුන් බැව් ඇය තේරුම් ගනී. මෙම ක්ෂුද්‍ර විප්ලවීය ලෝකයේ වෙනස තදින්ම දැනෙන්නේ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටයි. මන්ද යත්, එතෙක් සුඛෝපභෝගී නාගරික දිවිය තුළ පිරිසිදුවට ජීවත් වූ ස්මේල්ස් දරුවන් කෙමෙන් ජුලයිගේ ගෝත්‍රයේ කළු‍ දරුවන් සමග හරි හරියට එකට මුහු වෙමින්, දුවිලි නාමින් සෙල්ලම් කරන අයුරුද, එළිමහනේ කෑමට මරාදැමූ කුකුළු අඬු අමුවෙන් කටේ දමාගන්නා හැටිද අපි දකිමු. මේ අන්දමින්, වර්ණභේදවාදයේ ජාතිවාදී පැහැයන් අතික්‍රමණය කරමින්, ඊළඟ පරපුර තුළ මනුෂ්‍යත්වයේ පැහැයන් උපදින අයුරුද ගැන අනාගතවාදී සිහිනයක් ගෝඩිමර් සමකාලීන දකුණු අප්‍රිකාවට ලබා දෙයි..එනමුත්, පරණ ලෝකයේ වැඩිහිටියන් අතර ගැටුම් දිගටම පවත්නා අතර, මීළඟට ස්මේල්ස් යුවල ගම්මානයට සිය ආරක්ෂාව සඳහා රැගෙන ආ තුවක්කුවද අතුරුදහන් වෙයි. තුවක්කුව යනු පරණ ලෝකයේ සුදු අධිරාජ්‍යවාදීන් ලයිසන් දී නඩත්තු කළ හිංසනයේ සංකේතයකි. 1976 සොවෙටෝහි දකුණු අප්‍රිකානු කළු‍ දරුවන්ට පහර දුන්නේද, ෂර්ප්විල් වැනි ප්‍රදේශවල සුදු පොලිස්කාරයන් හා කල්ලන් අතර ගැටුම්වලට භාවිත වූයේද තුවක්කුවයි. එහෙත්, සිය ආත්මාරක්ෂාව සඳහා වූ අවසාන තුරුම්පුවත් අහිමි වූ විට මෙම සුදු මිනිසුන් තුළ හට ගන්නා දරුණු මානසික ආතතිය කතාව පුරාම අපූරුවට රචකයා නිරූපණය කරයි. එමතු නොව, ඒ තුවක්කු සොරකම සඳහා ඔවුන් නැවතත් සිය කළු‍ සේවකයා සැක කරන අතර ඔවුන්ගේ බහින් බස් වීම් අතරතුර, එතෙක් කැඩුණු බිඳුණු ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගනිමින් සිය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ බසට සමීප වීමට වෙර දැරූ ජුලයි, මෙවර සම්පූර්ණයෙන්ම සිය අප්‍රිකානු මව්බසින් ඔවුන්ට බැන වදියි. ඒ හරහා කළු‍ මිනිසාගේ ආත්මය සිය භාෂණය තුළ පවා අලු‍ත් ලෝකයේ පූර්ණ නිදහස සොයා ගනියි. එහෙත්, එවිට කලින් තමන්ට මෙන්ම සමාන අයිතිවාසිකම් කල්ලන්ටද තිබිය යුතු යැයි සිතූ මොරීන්ගේ ලිබරල් සළුපිළි ගැලවී, ඇය සිය කළු‍ සේවකයාට නිර්දය ලෙස බැනවැදීම හරහා ඇගේ ජාතිවාදී නිරුවත රචකයා අපට හුවා දක්වයි. මේ අන්දමින් සමකාලීන දකුණු අප්‍රිකාව තුළ කළු-සුදු ජනවාර්ගික අනන්‍යතාවන් අතර වූ එකිනෙකාගේ අදහස් සහ සිතිවිලි තේරුම්ගැනීමේ ආත්මීය නොහැකියාව හරහා නිර්මාණය වූ දරුණු දේශපාලනික මතගැටුම මෙකී ක්ෂුද්‍ර ගම්මානයේ සිදුවීම හරහා ”‍ජුලයිගේ මිනිස්සු”‍ කෘතිය නිරූපණය කරයි..කතාව අවසානයේ හිස් අහස් කුසේ දිව යන හෙලිකොප්‍ටරයක් දකින මොරීන්, ඒ ගැලවුම් හමුදාවක එකක්ද නැතිනම් විප්ලවකාරයන්ගේ එකක්දවත් දැයි හරිහැටි නොදැන සිය ධනය හා බලය අහිමි වූ දිවිය හැරදමා බලාපොරොත්තු සුන් වූ මනසින් යුතුව, එය හඹා යනු දක්වමින් ගෝඩිමර් සිය අනාගතවාදී දේශපාලනික අන්දරය නිම කරයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොරෝනා කාලේ.දරුවන්ට මොකද වුණේ?.Next articleඅධ්‍යක්ෂගේ හැඩේට.හැඩගැහෙන්න වෙනවා.රංගන ශිල්පිනී.මනෝජා ප්‍රනාන්දු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රන් අකුරෙන් නොලියවුණාට සමහර දේවල් පවතිනවා – මාලින්ද සෙනෙවිරත්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රන් අකුරෙන් නොලියවුණාට සමහර දේවල් පවතිනවා – මාලින්ද සෙනෙවිරත්න.By කේ ඩබ්ලිව් ජනරංජන.July 14, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.මීට ඉස්සෙල්ලා සයිමන් නවගත්තේගමගේ සංසාරාරණයේ දඩයක්කාරයා පොත පරිවර්තනය කරලා මාලින්ද සම්මානයට පාත්‍රවෙනවා. මේ පාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං පරිවර්තනය කරලා ඔබ ඉයන් ගුණතිලක සම්මානය හිමි කරගන්නවා. මේ පොත් දෙකම භාෂා විචිත්‍රත්වයෙන් අනූන, අරුත් දැනවීම සඳහා භාෂාව පොහොසත්ව වගේම විස්මිතව පාවිච්චි කරන පොත් දෙකක්..මේ පොත් පරිවර්තනය කරන කොට ඒ දෙකේ යම් ආකාරයක සමානකම් ඔබ දැක්කාද, එහෙම නැත්නම් දැක්ක විශේෂතා මොනවාද?.සයිමන් නවගත්තේගමගෙ පොත පරිවර්තනය කිරීම මට අභ්‍යාසයක් වුණා, මේ පරිවර්තන කලාව ඉගෙනගන්න. සයිමන්ගෙ පොත හරිම අමාරු ටෙක්ස්ට් එකක්. ඔබ කිව්වා හරි, මේ පොත් දෙකම ඉතාම විචිත්‍රවත් භාෂා ශෛලීන් පාවිච්චි කළ පොත්. විශේෂත්වය, මස්ඉඹුල ජීවතුන් අතර ඉන්නවානේ. නමුත් සයිමන් අහල පහල හිටියේ නැහැ මම ඒක පරිවර්තනය කරනකොට. මුලින් කළ එක සයිමන් නැතිකරගත්තා. නැවත පරිවර්තනය කළේ සයිමන් මැරුණාට පස්සේ 2010දී..රුවන් බන්දුජීවගේ ‘මීළඟ මීවිත’ (කවි පොත) මම මේ දවස්වල පරිවර්තනය කරගෙන යනවා. අමාරු තැනක් දැක්කොත් නවත්තනවා. වෙන වැඩකට යොමු වෙනවා. ඊට පස්සේ මාස පහක් හයක් අවුරුද්දක් දෙකක් වුණත් යනවා නැවතත් ඒ වැඩේට එන්න..මස්ඉඹුලගෙ පොත සන්ඩේ ඔබ්සර්වර් එකේ කොටස් වශයනේ පළවුණු නිසා, මට හැම සතියෙම සිද්දවුණා කොටසක් බැගින් පරිවර්තනය කරන්න. නවත්තන්න බෑ. එහෙම වුණොත් පාඨකයාට අසාධාරණයක් වෙනවා. ඒ හින්දා අමාරු තැනක් දැක්කොත් මම මස්ඉඹුලගෙන් ඒ කරුණ ගැන අහගත්තා. සමහර විට ඒක වචනයක් විතරක් වෙන්න පුළුවන්. සමහර විට පොඩි ටෙක්නිකල් කාරණයක් වෙන්න පුළුවන්..හැබැයි පොදුවේ ගත්තාම ඒ ටෙක්ස්ට් එක හරි පොහොසත්. ඒ කියන්නේ ඒක කාව්‍යමයයි. මේවා කාව්‍යමය නවකතා. සයිමන්ගෙ පොත වගේම තමයි..කවි පරිවර්තනය කරන එකට වඩා ගද්‍ය පරිවර්තනය පහසුයිනේ. මම කවිවලට ආස හින්දා, කවි ගැන කියවලා තියෙන හින්දා, ඉංග්‍රීසි බාසාවෙන් කවි ලියලා තියෙන හින්දා මට ඒක අපහසු වුණේත් නැහැ. අභියෝගයක් තමයි, නමුත් ඒක ජයග්‍රහණය කරගන්න තරම් හැකියාවක් ඒ වෙන කොට මගේ ප්‍රගුණ වෙලා තිබුණා කියලායි මම හිතන්නේ. ඒ නිසා මුල් කෘතියට ලොකු අසාධාරණකම් කරන්නේ නැතිව, වැඩේ කරගන්න හැකියාව තිබුණා..සම්මාන ප්‍රදානය කරන වෙලාවේ ඔබ දුන් විඩියෝගත කළ සම්මුඛ සාකච්ඡාවක තිබුණා, සෙංකොට්ටං පොත කියවලා අවසානයේ ඇසෙන් කඳුළු එන තරමේ කම්පනයක් ඔබට දැනුණා කියලා. ඒ කම්පනය පරිවර්තනය සඳහා ඔබව පොළඹවන්න ඇති කියලා හිතමුකො. මට අතිරේකව දැනගන්න ඕනෑ, සයිමන්ගේ පොත පරිවර්තනය කරනකොට ඊට පෙළඹවීම ලැබුණේ කොහොමද?.මම ඒ කාලේ කෝනල් විශ්වවිද්‍යාලේ ජර්මන් ස්ටඩීස් ඩිපාර්ට්මන්ට් එකේ කෝස් එකක් කළා, ජෙෆ් රේඩ් කියන ප්‍රොෆෙසර් තමයි ඉගැන්නුවේ. අපිට තිබුණේ ජර්නල් එකක් මේන්ටේන් කරන්න. මේ සතියේ කියවපු පොත් ලිපි ආදිය, කතාකළ සාකච්ඡා කළ දේවල් පදනම් කරගෙන යම් අදහසක් ලියන්න ඕනෑ, පිටුවක් වෙන්න පුළුවන්, පිටු පහක් වෙන්න පුළුවන්. ඒ දවස්වල මං සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කියවමින් හිටියේ. පොතේ එක කොටසක් මට හිතුණා ඒ සාකච්ඡාවට, පන්තියට අදාළයි කියලා. ඒ හින්දා මම ඒක පරිවර්තනය කළා. ඊට පස්සේ මම පරිච්ඡේද දෙකක්ද කොහේදෝ පරිවර්තනය කරලා යැවුවා ලියනගේ අමරකීර්තිට. ඒ කාලේ එයා ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලේ පීඑච්ඩී එක කරමින් හිටියේ. අමරකීර්ති මේක කියවලා කිව්වා, මේක හොඳයි, මේක දිගටම කරන්න කියලා. ඉතින් දිගටම පරිවර්තනය කරගෙන ගියා..සයිමන්ගේ පොතේත් කම්පනයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෘතියක් කියවනකොට කම්පනයක් දැනෙනවා තමයි. හැබැයි එතැනදී මට ලැබුණේ මාර්ගඵල ලබනවා වාගේ හැඟීමක්..මගේ ජීවිතේ හැරිලා බලනකොට වැදගත් වෙලා තියෙන්නේ කාරණා දෙකයි. එකක් මම දකින විදියට සමාජ සාධාරණය. අනෙක ආදරය. දැන් නම් මං හිතන්නේ සමාජ සාධාරණය කියන්නේත් ආදරයේ උප කුලකයක්ය කියලා..මේ කතාවේ තියෙනවානේ ලොකු පීඩනයක්. මස්ඉඹුල කොහොමද ඒක දිගෑරලා තියෙන්නේ, ඒකේ තියෙන සියලුම පැති ආමන්ත්‍රණය කරලා තියෙන්නේ කොහොමද, ඒ ඔක්කොමත් එක්ක තමයි අර වේදනාව උත්පාදනය වෙන්නේ. ඒ කෘතිය ගැන මට විවේචනයක් නැතුවා නෙවෙයි. නමුත් ඒක මට දැනුණා. ඉතින් ඒක තමයි මුල් හේතුව මේක පරිවර්තනය කරන්න ඕනෑය කියලා හිතෙන්න..ඊට අමතරව දිලිනි ඊරියගොල්ල මට කිව්වා, මේක පරිවර්තනය කරන්න කියලා එයාට කවුරු හරි කිව්වාලු. ඉතින් එයා වඩා කැමතියි මම මේක පරිවර්තනය කරනවා නම් කියලා දිලිනි මට කිව්වා..හැබැයි ඕක සිද්දවුණේ සන්ඩේ ඔබ්සර්වර් එකේ අනුරාධා කෝදාගොඩ නිසා. එයා මට අවස්ථාව දුන්නා කොටස් වශයෙන් මේක පත්තරේට සතිපතා පරිවර්තනය කරන්න. පත්තරේක ඩෙඩ් ලයින්ස් තියෙනවානෙ. නැත්තං ඕක වෙන්නේ නෑ..ඇත්ත වශයෙන්ම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයාත් එහෙම තමයි වුණේ. ඔබ්සර්වර් එකේ කොටස් වශයෙන් පළකරන්න ගිවිසුමක් ගහගත්ත හින්දා ඒක කරන්න වුණා. නැත්තං වෙන්නේ නැහැ. මේක මගේ රස්සාව නෙවෙයි, ආර්ථික බලාපොරොත්තුවක් නෑ, ආසාවට කරන දේවල්නේ. එනිසා වරින් වර ඊට වඩා දේවල් හරස් වෙනවා. ඒ නිසා අනුරාධායි දිලිනියි වැදගත් වෙනවා මේ පරිවර්තනයේදී..සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් කියවන අයට අර කම්පනය විශාල ලෙස දැනෙනවා, භාෂාව ගැන වගේම ඒ සමාජ ආර්ථික ජීවිතය එක්කත් සමීපකම් තියෙන නිසා. නමුත් ඉංග්‍රීසි පොතක් බවට පත්වෙන කොට ඒක කියවන්නේ වෙනත් කුලකයක්. සමහර විට මේ ජීවන පසුබිම ගැන අත්දැකීමක් නැති අය වෙන්න පුළුවන්. ඒක අභියෝගයක් හැටියට මාලින්දට පෙනුණාද?.සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා වගේම සෙංකොට්ටං මම ප්‍රධාන වශයෙන්ම දකින්නේ කතන්දරයක් හැටියට. විශ්ව සාහිත්‍යය තුළ වගේම විශ්වයේ ඕනෑම සංස්කෘතියක් තුළ මිනිස්සු කතන්දර කියනවා. කතන්දරවලට ආසයි. ඒකේ පාරිසරික සමාජ ආර්ථික සංස්කෘතිකමය සුවිශේෂතා තිබුණාට, ඒ හැම එකක්ම පවතින්නෙත් පෙළගැහෙන්නේත් විකාශනය වෙන්නේත් මනුස්ස සම්බන්ධකම් හරහානේ. ඒවාවල විශ්වීයබවකුත් තියෙනවා. ඒ නිසා ඒවා නුහුරු නැහැ..කොහොමද අපිට සෝවියට් සාහිත්‍යය නුහුරු නොවෙන්නේ? ඒක දැදිගම වී රොද්‍රිගුගේ දක්‍ෂකම විතරක් නෙවෙයි. එයාගෙ හැකියාව මම අවතක්සේරු කරනවා නෙවෙයි. ඒක ඉතාමත් වැදගත්. ඒවායේ තියෙන්නේ ස්ටෙප්ස් තණබිමනේ. අපි ඇහින් දැකපු ස්ටෙප්ස් තණබිමක් නෑනේ. නමුත් ඒ කතාවල එන චරිත, ඒගොල්ලන්ගේ සංස්කෘතිය අපිට නුහුරු වුණාට, ඒ චරිත එකිනෙක අතර කරන ගනුදෙනු අපිට නුහුරු නැහැ..භාෂාවකින් තව භාෂාවකට දාන කොට යම් ප්‍රමාණයක් ගිලිහිලා යනවා. එහෙම කියලා ඒක නොකර ඉන්නත් බෑනේ. එහෙනම් අපිට ටෝල්ස්ටෝයිලා දොස්තොයෙව්ස්කිලා නෙරූඩලා හම්බවෙන්නේ නෑනේ..ඒ හැම එකකින්ම අපි පෝෂණය වෙනවා, පෝසත් වෙනවා. ඒ පෝෂණය නොලැබුණා කියලා අපි මැරෙන්නේ නැහැ තමයි, නමුත් ඒක හොඳ දෙයක්නේ..මගේ හිතේ කොනක තිබුණා හැම තිස්සේම මේක කියවන අය සිංහල දන්නේ නැතිනම් මොකක්ද කරන්නේ කියලා. සමහර වචන තියෙනවා ඒවා සිංහලෙන්ම දානවා ඇරෙන්න වෙන විදියක් ඇත්තේම නැහැ. තනි වචනයක් නැති හින්දා සමහර විට වචන තුන හතරකින් දාන්න වෙනවා. සමහර විට වචන තුන හතරකිනුත් බෑ. එතකොට තමයි අපි ග්ලෝසරිස් පාවිච්චි කරන්නේ. ඒ විදියට පොතේ කෙළවරට දාන්න පුළුවන් මේ වචනේ තේරුම මේකයි කියලා..මේ පරිවර්තන කෘති ටික කියවලා තක්සේරු කළ විනිශ්චය මණ්ඩලයේ කට්ටිය ලංකාවේ සංස්කෘතිය දන්න නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ, නමුත් ප්‍රධාන වශයෙන්ම මම බැලුවේ මේ කතන්දරේ ඉංග්‍රීසි දන්න කෙනකුට තේරෙන විදියට ලියන්න. භාෂාව කිව්වාම වචන විතරක් නෙවෙයි, මේ චරිත ඒ භාෂාව පාවිච්චි කරන විදියෙ විශේෂ රිද්මයක් පවත්වාගන්නත් මස්ඉඹුල සමත්වෙලා තියෙනවා. මේ මිනිසුන්ගේ ඉරණම මොකක්ද කියන එක ඒ දෙබස්වල පවා ගැබ්වෙලා තියෙනවා කියලයි මම හිතන්නේ. භාෂා දෙකේම හසළ පළපුරුද්දක් තියෙන කෙනෙක් හැටියට මාලින්ද කොහොමද ඒක හරවගත්තෙ?.මට ඒකට මොකක් හරි තියරි එකක් හරි, සමීකරණයක් හරි තිබුණේ නැහැ. නමුත් යම් වාක්‍යයක් හරි දෙබසක් හරි මම තේරුම් ගත්ත විදියක් තියෙනවා. සමහර වචනවලින් ගොඩාක් දේවල් කියන්න පුළුවන්නේ. ඒක පළුදු නොවෙන විදියට පරිවර්තනය කරන්න මම පරෙස්සම් වෙන්න ඕනෑ. පත්තරේට ඩෙඩ් ලයින්ස්වලට ලිව්වා වුණාට, මම ඔහේ ඉඳගෙන ලිව්වා නෙවෙයි, මට ඕනෑ වුණේ නැහැ, පරිවර්තන ක්‍රියාවලිය තුළ මස්ඉඹුලට සහ සෙංකොට්ටංවලට අසාධාරණයක් කරන්න..හොඳ උදාහරණයක් තමයි පොතේ ටයිටල් එක. ටයිටල් එක සෙංකොට්ටං. පොත දකිනකං සෙංකොට්ටං කියන වචනය ගොඩක් දෙනෙක් නොදන්න එකක් වෙන්න පුළුවන්. කොහොමද සෙංකොට්ටං කියන එක ඉංග්‍රීසි භාෂාව කියවන කෙනෙක් තේරුම් ගන්නේ. එයාට තේරෙන්නෙම නැති එකක් වෙන්න පුළුවන්නේ. මම ඕකට දැම්ම වචනෙ තමයි, දි ඉන්ඩෙලිබල් කියලා. The Indelible ඉන්ඩෙලිබල් කියන්නේ මැකිය නොහැකි, නැතිනම් මැකෙන්නෙ නැති කියන එක. සෙංකොට්ටං එකේ සංකේතාත්මකව තියෙන්නේ මැකෙන්නේ නැති දෙයක් කියන එකනේ. ඒ වචනයේ තියෙනනවා ඉතිහාසකරණයේ ප්‍රශ්නය. සමහරක් දෙවල් ලියැවෙනවා. සමහරක් දේවල් ලියැවෙන්නේ නැහැ. සමහර දේවල් ශ්‍රේෂ්ඨයි. සමහර දේවල් ෆුට් නෝට් එකකවත් නැහැ. ඒ කෙසේ වෙතත් ජනප්‍රවාද සාහිත්‍යය තුළ මිනිසුන්ගේ චර්යාවන්වල සංස්කෘතික භාවිතය තුළ ඒවා කොහේ හරි ලියැවිලා තියෙනවා. ඒවා මකන්න බැහැ. ඒවා ඉස්මතු වෙන්නේත් නැති, රන් අකුරෙන් ලියවුණේත් නැති වෙන්න පුළුවන්, ඒ වුණාට ඒවා පවතිනවා. සබල්ටර්න් ටෙක්ස්ට්ස් Subaltern texts කියන්නේ ඒවාටනේ. යට ගිය, යට කරන දේවල්. සමහර විට යටගියේ නැතිනම්, ඒවා නැති වෙන්නත් පුළුවන්. මොකද, එක්කො නැති කරනවා. නැතිනම් සල්ලි දීලා ගන්නවා..ඒ ටයිටල් එකේ ඉඳන්ම මේකේ ප්‍රශ්න තියෙනවා. ඒවා පරිවර්තකයෙක් ලිහාගත යුතුයි. මම ඒ නිසා කතාවට සහ කතාවෙ තියෙන සමාජ දේශපාලන සංස්කෘතික පසුබිමට අසාධාරණයක් නොවෙන විදියට පරිවර්තනය කරන්න තමයි උත්සාහ කළේ..විශේෂයෙන්ම මස්ඉඹුලට මේකේ සියලුම ගෞරවය යන්න ඕනෑ, මම මේක අවසාන වශයෙන් එයාට කරන උපහාරයක් විදියට තමයි දක්වන්නේ. එයා කරන කියන දේවල් මට ලොකුවට දැනෙනවා සහ මම ඒවාට ලොකු වටිනාකමක් දෙනවා. එයාගේ ලේඛනකරණය වගේම එයාගේ ව්‍යාපාරික කටයුත්ත. එතැන එයා සාහිත්‍යයට කරන සේවයට උපහාරයක් හැටියට මේක දක්වන්න කැමතියි. මට ලොකුම දේ එතන තියෙන්නේ. ■.ග්‍රේෂන් සම්මානය මාලින්දට.2019-2020 වසර සඳහා වූ ග්‍රේෂන් සම්මාන ප්‍රදානය ජුලි 2දා ඔන්ලයින් ආකාරයට සිදුවුණි. එහිදි හොඳම පරිවර්තනප කෘතිය වෙනුවෙන් වූ එච් ඒ අයි (ඉයන්) ගුණතිලක සම්මානය ලැබුණේ මාලින්ද සෙනෙවිරත්නටය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සම්මාන දිනූ නවකතාව ‘සෙංකොට්ටං,’ The Indelible නමින් කළ ඉංග්‍රීසි පරිවර්තනය සඳහා මාලින්දට සම්මානය හිමිවිය..හොඳම පරිවර්තන කෘතිය බවට පත්වීම සඳහා සිංහලයෙන් ඉංග්‍රීසියට පරිවර්තිත කෘති 9ක්ද, දෙමළෙන් ඉංග්‍රීසියට පරිවර්තිත කෘතියක්ද ඉදිරිපත් කර තිබිණ. ඉන් 5ක් නවකතාය. එකක් චරිතාපදානයකි. තුනක් කවි එකතුන්ය. එකක් කෙටිකතා එකතුවකි..ලාංකික ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා ග්‍රේෂන් සම්මාන පිරිනමන ‘ග්‍රේෂන් භාරය’ 1992 දී ආරම්භ කරන ලද්දේ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් ලාංකික සම්භවයක් ඇති නවකතාකරුවකු, කවියෙකු වන මයිකල් ඔන්ඩච්චි විසිනි. ඔහු ලියූ The English Patient නවකතාව සඳහා බුකර් සම්මාන ලබා ඊට හිමි වූ ත්‍යාග මුදලින් කොටසක් අරමුදලක් ලෙස යොදවා එය පිහිටුවන ලදි. ඉංග්‍රීසි බසින් නිර්මාණාත්මක සාහිත්‍යයේ නියැලෙන ලාංකිකයන්ගේ කුසලතා හඳුනාගෙන ප්‍රවර්ධනය කරන මෙම සම්මාන ප්‍රදානය 1993 සිට සිදුවේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවිවෘත විශ්වවිද්‍යාල අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයක් තියෙනවා – ආචාර්ය දිලීප විතාරණ.Next articleඔබේ උද්‍යානය සොයාගත යුත්තේ ඔබය – මැන්ඩෙලාගේ ගමන්මග.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කාශ්‍යකාභල ජාතික චින්තනයේ පාට්ඨපාල මුසාව -1 | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කාශ්‍යකාභල ජාතික චින්තනයේ පාට්ඨපාල මුසාව -1.By සංස්කාරක.May 20, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..ටැබූ සබ්ජෙක්ට්ස්.ඔය ‘ජාතික චින්තනය’‍ කියන යෙදුම හා හාපුරා කියලා අපේ කෝඩුකාර ඇස ගැටෙන්නෙ අසූ ගණන් අග හරියෙදි විජේවීර සහෝදරයාගෙ දෙවැනි විප්ලවය මැද්දෑවෙ. මේ සමයෙ අර තුණ්ඩුවෙන් ඇඳිරි නීතිය පනවපු කීර්ති විජේබාහු ලොක්කගෙ පුංචි ආණ්ඩුව කොයිතරම් බලවත් වෙලා තිබුණද කිව්වොත් (නැතිනම් පේ‍්‍රමදාස ලොක්කගෙ ලොකු ආණ්ඩුව කොයි තරම් දුර්වල වෙලා තිබුණද කිව්වොත්* එක මොහොතක් එනවා විදග්ධයන් පවා ආණ්ඩු පෙරැුළීමක් සැක කරන..කිරි අප්පට බල්ලො පැනපි! 1971 දි වගේ නෙවෙයි 1989 දි අලූතින් බලයට පැමිණෙන්ට ඉඩ ඇති විප්ලවීය ආණ්ඩුවට න්‍යායාත්මක රාමුවක් (තියරිටිකල් ෆේ‍්‍රම්වර්ක් එකක්) ඒ වන තුරුත් නිර්මාණය වෙලා තුබුණේ නැහැ. ඒකට එක ප‍්‍රධාන හේතුවක් අනාගත විප්ලවයේ නායකයන් සියලූම දෙනා සැඟව සිටීම වෙන්නත් පුළුවන්. ඔන්න මේ අඩුව පුරවන්ට අපේ ගුණදාස අමරසේකර සූරීන් මහාර්ඝ සම්පන්න ග‍්‍රන්ථ රත්නයක් කරනවා ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලූ’ නමින්. ඒකෙදි ඔහු අපේ රටේ උගත් ගැමි සිංහල තරුණයන්ට නියත විවරණයක් ලබා දෙනවා ඔබ තමයි මේ රටේ අනාගතය භාර ගත යුතු පරපුර කියලා. අන්න ඔය පොත නිසා තමයි වැඩි දෙනෙක් ‘ජාතික චින්තනය’‍ කියලා මොකක් හෝ මඟු‍ලක් තියෙනවා කියා දැන ගන්නෙ..(විජේවීර සහෝදරයා විප්ලවය ජයගෙන අමරසේකර උන්නැහේ ලංකාවෙ ගෝර්කි හෝ ලූ‍නාචාර්ස්කි නොවුණු එක අතුරු කතාවක්. ඒ වගේම මේ පොතේ දෙවැනි මුද්‍රණයක් වත් නිකුත් නොවුණේ මන්ද අහන්න එපා. අපි මෙව්වා උඩින් පැන යමු.).දැන් කවුරු හරි සිරිමතකු සිරිමතියක කියන්න පුළුවන්, එහෙම නෙවෙයි මහත්තයෝ ඉන් පෙර පවා ඔය යෙදුම භාවිත වුණු තැන් තුබුණා කියලා. අපොයි, ලේඛකයා ඒකට නැතය කියන්නෙ නැහැ. ඔය යෙදුම භාවිතා වුණු තැන් වගේම ඔය යෙදුම භාවිත නොවුණත් ඒ අර්ථයෙන් යම් යම් දේවල් සාකච්ඡුාවට බඳුන් වුණු තැන් අපමණ තිබුණා. ජී. අයි. ඞී. ධර්මසේකර, ආචාර්ය සුසන්ත ගුණතිලක, තෙන්නකෝන් මුදියන්සේ, සූරිය ගුණසේකර ආදින් මේ ලයින් එකේ සමාජීය හා දේශපාලනික කාරණා තැන තැන සාකච්ඡුා කරලා තිබුණා. හැබැයි අමරසේකරගේ පොත ඔය ඊනියා ජාතික චින්තනයේ හැරීම් ලක්ෂ්‍යයක්. ඇත්තටම ඒකට පොතටත් වැඩියෙන් ඉවහල් වුණේ පොත ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘දි අයිලන්ඞ්‘ පුවත්පතට ‘අයි සී ලයිට් ඉන් ද මිඞ්නයිට් ඩාක්නස්’ මැයින් ලියූ විචාරය. සරච්චන්ද්‍ර ඇදුරුතුමා මේක ඉංගිරිසියෙන්ම ලියුවෙ හේතුවක් ඇතුව. ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මේ ‘ජාතික චින්තන’‍ සංකල්පයට සමාජයේ දැඩි අවධානයක් යොමු කර ගන්න ඉංගිරිසියෙන් ලිවීම ඉවහල් වුණා. සිංහලෙන් ලිව්වා නම් අපේ සිරිපාලලා සෝමාවතීලා ඒ පත්තර පිටුවෙන් බත් ඔතයි. ඉංගිරිසියෙන් ලිවීම නිසාම ඒක ඒ යුගයෙ විද්ධයන්ගෙ අවධානයට බඳුන් වුණා..(සරච්චන්ද්‍රයන්ගෙ මේ ලිපිය අභියෝගයට ලක් කොරලා ලියලා මහැදුරු සුචරිත ගම්ලතුන්ටත් ලොකු ඇබැද්දියක් වුණා. උන්නැහේ තමන් සාමාජිකත්වය දැරූ තෙසක් රිය පක්ෂයෙන් පහ කෙරුණා. පසුව ගම්ලතුන් ‘ගුරු ගුණ සමර‘ නමින් පොතක් හෙම ලියලා සරච්චන්ද්‍රයන් එක්ක කරුණු කාරණා සමථයකට පත් කර ගත්තා. මේ අතුරු කතාද ප‍්‍රස්තුතයට අදාළ නැහැ. උඩින් පැන යමු.).අමරසේකර උන්නැහැ නම් තරයේ කියා සිටියා මේ ‘‍ජාතික චින්තනය’‍ කියන යෙදුම ඉංගිරිසියට පරිවර්තනය කරන්ට එපාය; එහෙම කළෝතින් ඒකෙ අර්ථය මියෙනවාය කියලා. හැබැයි ඉංගිරිසි පාඨකයාටත් මේ ඉලව්ව මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න අජිත් සමරනායක වැනි පුවත්පත් කලාවේදීන් ‘නැෂනල් තෝට්’‍, ‘නැෂනල් අයිඩියොලොජි’‍ වගේ යෙදුම් භාවිත කළා..දැන් එතකොට මොකද්ද මේ ‘ජාතික චින්තනය’‍? අමරසේකර විග‍්‍රහය අනුව යම් කිසි ජාතියක්, ජන කණ්ඩායමක් ලෝකයේ වෙනත් ජාතීන්ගෙන් ස්වායත්තව බොහෝ කාලයක් තිස්සේ යම් නිශ්චිත බිම් කඩෙක ජීවත් වෙන කොට ඒ ජාතියට අනන්‍ය ආවේණික චින්තනයක් බිහි වෙනවාලූ‍. ඒ ජාතියේ හැමදෙනාම හිතන්නේ පතන්නේ ඒ රාමුව තුළයිලූ‍. අමරසේකරට අනුව ‘ජාතික චින්තනය’‍ කියන්නේ ඒකටලූ‍..ලංකාවෙ සිංහල ජනගහනයත් අමරසේකර උන්නැහේ කෙළින් ඉරක් ගහලා බෙදුවා දෙකකට. එකක් තමයි ‘ජාතික පන්තිය’‍. ඒ කොටස තමයිලූ‍ අර පොදු ජාතික චින්තනයට අනුගත වුණේ. ඉතිරිය (සුළු පිරිසක්* ‘‍විජාතික පන්තිය’‍. ඔවුන් ඉටු කරමින් සිටියේ ‘විජාතිකයන්ගේ’‍ විශේෂයෙන්ම ‘බටහිරයන්ගේ’‍ අවශ්‍යතාලූ‍. අර විමල් වීරවංශ කියන පොලිතීසියාට අනුව පසු කාලයක ඩොලර් තණ්හාවෙන් අන්තර්ජාතික කුමන්ත‍්‍රණවල නියැළුණේද මේ පිරිසමයි. අනෙක් අතට ජාතික පන්තියේ ‘දේශපේ‍්‍රමීන්’ හැම විටම ක‍්‍රියා කළේ ‘ස්වදේශික අභිප‍්‍රාය මුදුන් පමුණුවන්න’ යි. උදාහරණයක් හැටියට රට සහලින් ස්වයංපෝෂිත කිරීම, වැවයි දාගැබයි පදනම් කොට ගත් ජාතික ආර්ථිකයක් ගොඩ නැඟීම, දෙස රැුස බස රැුකීම, සංස්කෘතික වටිනාකම් අගය කිරීම, කේක් වෙනුවට කැවුම්ද, මාළුපාන් වෙනුවට හැලපද, ටොයිලට් පේපර් වෙනුවට වතුරද ආදේශ කිරීම වගේ කාරණා. වික්තර ඓවන නම් ප‍්‍රකට දේශපාලන විචාරකයාත් වරෙක ලියා තුබුණා මිහිඳු රජපසතුමා තමයි කිරිබත් හැන්දෙන් හෝ ගෑරුප්පුවෙන් නොකා ලූ‍ණු මිරිස් සමඟ නියමාකාරයෙන් අතින් අනාගෙන කන්න හැකියාව තුබුණු මෑත යුගයේ පළමු රාජ්‍ය පාලකයා කියලා. ලේඛකයා මේ කතාවත් ලිව්වෙ මේ ‘දේශපේ‍්‍රමී’‍ කොටස අනෙකුන්ගෙන් වෙන් කරන ලක්ෂණ දක්වන්ට..දැන් එතකොට අමරසේකරයන්ගේ පැහැදිලි කිරීම් අනුව කෙනකුට නිරායාසයෙන්ම මතුවන ප‍්‍රශ්නයක් තමයි දීර්ඝ පෞරාණික ඉතිහාසයක් ඇති ජාතියක් තුළ එවැනි පොදු අනන්‍ය චින්තනයක් පරිණාමය වෙනවා කියන ප‍්‍රවාදය පිළි ගත්තා වුණත්, ලංකාවේ සිංහල හා බෞද්ධ ජාතිය එවැනි අනන්‍ය චින්තනයක් ඇති වෙන්ට තරම් කාලයක් එකට නොබෙදී බාහිර බලපෑම් නැතිව සිටියාද කියන එක. (අමරසේකර උන්නැහේ ලංකාවේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සුළුතර ජනගහනයන් ගැන අකුරක් හෝ නොලී නිසා ලේඛකයාද ඔවුන්ගේ පැවැත්ම මොහොතකට අමතක කරනවා.).පිළිගත් ඉතිහාසයට අනුව, අපේ රටේ සිංහල ජාතිය අවසාන වතාවට දීර්ඝ කාලයක් (සියවස් කිහිපයක් කියමු.* තනි පාලකයකු යටතේ ඒකීය රාජ්‍යයක එකට නොබෙදී සිටිය යුගය පොළොන්නරු සමයයි. මේ යුගය දහතුන් වැනි සියවසේදී කාලිංග මාඝ ආක‍්‍රමණයත් සමඟ අවසාන වෙනවා. ඉන් පසුව ආරම්භ වන්නේ ‘‍පරිහානි යුගය’‍ නමින් ඉතිහාසඥයන් හඳුන්වන ප‍්‍රාන්ත පාලකයන් එකිනෙකා ගහ මරා ගත් වකවානුවක්. මේ කාලය තුළ විවිධාකාරයේ පාලකයන් රාශියක් දඹදෙණිය, ගම්පොළ, රයිගම, කුරුණෑගල, කෝට්ටේ, නල්ලූ‍ර් (යාපනය), මහනුවර ආදි වශයෙන් කේන්ද්‍රගතව රටේ කොටස් පාලනයෙහි යෙදෙනවා. 1505 දී හෝ ආසන්න කාලයක පුරුතුගීසීන් ලංකාවට ගොඩ බසිනවා. ඉන්පසු සියවස් කිහිපය තුළ යුරෝපීය පාලනයට නතු වූ මුහුදුබඩ පළාත් හා රට මැද ‘සිංහලේ’‍ ලෙස නැවත රට දෙකට බෙදෙනවා. උඩරට-පහත රට සිංහල භේදය ඇරැුඹෙන්නේ මේ නිසයි. පුරුතුගී සීන් විසින්ම අධ්‍යාපනය ලබාදුන් කොනප්පු බණ්ඩාර නම් කුමාරයෙක් විමලධර්මසූරිය නමින් මහනුවර යුගය ආරම්භ කරනවා. පසු කලෙක මේ රාජධානිය නායක්කර් වංශික පාලකයන් වෙතින් පාලනයව දෙමළ රජකුගෙන් අවසාන වෙනවා. ඉංගිරිසි යුගයේ මැද භාගයේදී රට නැවත ඒකීය රාජ්‍යයක් වන්නේ 1831 කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණවලින් පසුවයි. දහ තුන්වන සියවසේ සිට දහ නව වැනි සියවස දක්වා වසර 500 ක පමණ මේ කැළැඹිලි සහිත කාල පරිච්ෙඡ්දය සලකා බැලීමේදී ඉතාම පැහැදිලියි මේ රටට, එක ජාතියකට පමණක් අනන්‍ය වූ චින්තනයක් මේ කාලය තුළ පැවතෙන්ට මොනම ආකාරයකින් වත් හැකියාවක් නැති බව, පොළොන්නරු යුගයේදී එවැන්නක් තුබුණා වුණත්!.එතකොට කොහෙන්ද මේ ‘ජාතික චින්තනය’ කියන අටපට්ටම ප‍්‍රාදුර්භූත වුණේ? ලේඛකයා හිතන්නෙ මේකටත් නිශ්චිත පිළිතුරක් තියෙනවා. 1830 දශකයේ කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණ නිසා දිවයිනේ හා හා පුරා කියා (ලේඛකයාගේ අදහස අනුව) ඒකීය රාජ්‍යයක් බිහි වුණායින් පසුව හා 1848 දී කුඩා කැරැුලි කිහිපයක් සාර්ථකව මැඬ පැවැත්වූවායින් පසුව මේ රටේ බිහි වෙන්නෙ සාපෙක්ෂව ආර්ථික වශයෙන් සමෘද්ධිමත් සාමකාමී යුගයක්. වසර දහස් ගණනෙක ලංකා ඉතිහාසයේ යුද්ධයෙන් තොර දීර්ඝම පරිච්ෙඡ්දය සේ ගිණිය හැකි මේ කාලය අඩ සියවසෙකටත් වඩා දිගයි. මේ සාමකාමී කාලය තුළ රටේ මිනිසුන්ට ගැහැනුන්ට වෙනත් ගැඹුරු දේ ගැන හිතන්ට අවකාශ ලැබෙනවා. ඒ කාලයේ තමයි ප‍්‍රධාන කොටම ධර්මපාල හේවාවිතාරණගේ (අනගාරික ධර්මපාල) නායකත්වයෙන්, පහතරට බෞද්ධ භික්ෂූන් කිහිපපළකගේ අනුශාසකත්වයෙන් හා හෙන්රි ස්ටීල් ඕල්කොට් නම් අපේ රටේ පළමු එන්.ජී. ඕ.කරුවාගේ මූල්‍යමය දායකත්වයෙන් ඔය ‘බෞද්ධ සිංහල අනන්‍යතාවක්’‍ ගොඩ නැඟීගෙන එන්නේ. මෙතැන බෞද්ධ සිංහල කියා ලිව්වේ ඕනෑකමින්මයි. පසුව මෙය සිංහල බෞද්ධ, සිංහල-බෞද්ධ හා මෑතකදී සිංහලබෞද්ධ (තනි වචනයක්) බවට පරිවර්තනය වෙනවා. ඔන්න ඔතැන තමයි ඔය අමරසේකර කියූ ඊනියා ජාතික චින්තනයේ සමාරම්භය. ඉතාම සරලව කිව්වොත් ඔය ජාතික චින්තනය කියන එක වික්ටෝරියානු සංකල්පයක්..වසර එකසිය පනහකට පමණ පසුව අදත් අපට මේ ඊනියා ජාතික චින්තනය සිංහල බෞද්ධ අයිසිං තට්ටුවක් තවරපු වික්ටෝරියානු කේක් ගෙඩියක් බව තේරුම් ගන්ට ලොකු අමාරුවක් නැහැ. ඔය ඊනියා ජාතික චින්තනයේ පාදම වික්ටෝරියානු හර පද්ධතිය මිසෙක පෞරාණික සිංහල හෝ බෞද්ධ හර පද්ධතිය නෙවෙයි. නිදසුනක් හැටියට පුරාතන ලංකාවේ තුබුණු සාමාජීය හා ලිංගි ක නිදහස මේ ජාතික චින්තනයෙන් අනුමත වෙන්නේ නැහැ. ඒ වෙනුවට වික්ටෝරියානු යුගයේ ලිංගික තහංචි සිංහල බෞද්ධයන් තමන්ගේ උරුමය සේ වැරදියට හඳුනාගෙන තියෙනවා. මේ එක උදාහරණයක් පමණයි. එහි හැම සංරචකයක්ම අවසාන වන්නේ වික්ටෝරියානු චින්තනයෙන්. දහනව වන සියවසෙන් එපිට යන ‘ජාතික චින්තනයක්’ අපට නැහැ..මෙන්න මේක තමයි කසිකබල් ජාතික චින්තනයේ පට්ටපල් බොරුව. මාතෘකාව ටිකක් සංස්කෘත ඌරුවට ලිව්වේ පොඩි බරක් දෙන්න විතරයි. වැඩිය ඒ ගැන හිතන්න එපා. ඉදිරියේදී අපි විස්තර ඇතුව ඊනියා ජාතික චින්තනයට වික්ටෝරියානු හර පද්ධතිය පදනම් වූ හැටි බලමු..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleවියත්තු සහ වහල්ලූ.Next articleරනිල් කියන්නේ බොරු එජාප නායකයන් රහස් ඡුන්දයෙන් තෝරාගත හැකියි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ලංකා බැංකුවේ සභාපති පෙර සිටි සමාගමට අක්‍රිය ණය තිබියදී ණය දීලා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ලංකා බැංකුවේ සභාපති පෙර සිටි සමාගමට අක්‍රිය ණය තිබියදී ණය දීලා.By ලසන්ත රුහුණගේ.June 22, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.■ අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් මිලියන 363යි.■ අක්‍රිය ණය තිබූ ඊවිස් කලම්බුටත් ණය දීලා.ලංකා බැංකුවේ සභාපති කංචන රත්වත්තේ එම තනතුරට නුසුදුසු හෙයින් ඔහුව එම තනතුරෙන් ඉවත් කර සුදුසු පුද්ගලයකු පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහගෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ 2022 අපේ්්‍රල් 28 දින සහිත ලිපියක් යොමු කරමින්ය. මේ වූ කලී රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන ලෙස ඒවායේ වෘත්තීය සමිති කරමින් යන ඉල්ලීම්වලම තවත් එකකි..ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය සතියේ කැඳවූ සිය වැඩ වර්ජනයේදී එක් ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කළේ එම මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කරන ලෙසය. එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස නොවෙතත් කෝප් කමිටුවේදී කියන ලද ඉන්දියාවේ අදානි සමාගමට මන්නාරමේ හා පුනරීන්වල සුළං හා සූර්ය බල විදුලිබල ව්‍යාපෘතිය ලබාදීමට ජනාධිපතිවරයා බලපෑම් කළ බවට කළ කතාවක් හේතුවෙන් මේ වනවිට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවී ඇත. එමෙන්ම වරාය අධිකාරියේ වෘත්තීය සමිතිද එහි සභාපතිවරයාව තනතුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ලංකා බැංකුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් වූ මෙම ඉල්ලීම වැදගත් වන්නේ විශේෂ හේතු ගණනාවක් නිසාය..මහ බැංකු අධිපතිවරයාට යොමුකර ඇති එම ලිපියේ ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරන්නේ ලංකා බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයකු ලෙස මීට පෙර සේවය කරන ලද සමාගම රුපියල් 105,532,824.87ක බදු ගෙවීම පැහැර හැරීම ගැන දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔහුට සිතාසි නිකුත් කර ඇති බවයි. එම සිතාසියෙන් ඔහුට දැනුම් දී ඇත්තේ 2022 අප්‍රේල් 25 දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසය. ඒ 40326/බී/20 දරණ නඩුව සම්බන්ධයෙන්ය. ඒ අනුව බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවට පත්කරන ලද ධම්මික පෙරේරා හා ලංකා බැංකුවේ සභාපතිවරයා අතර එම කරුණේදී වෙනසක් නැත. (බැලීස් කැසිනෝ ශාලාව තමාගේ නොව තම මල්ලීගේ යැයි ඔහු දැන් කීවද එහි සැබෑ හිමිකරු ධම්මික පෙරේරා බව රටම දනී).බදු නොගෙවා සිටීම සම්බන්ධයෙන් වගකීම දරන පුද්ගලයකු ලංකා බැංකුව වැනි මූල්‍ය කළමනාකරණය කරන ප්‍රධාන රාජ්‍ය බැංකුවේ සභාපතිවරයා විය හැකිද? එවැනි තත්වයක් අපට තේරුම්ගැනීමට සිදුවී ඇත්තේ රට කරවන පාලකයින්ගේ ස්වරූපයෙන් මිස වෙනත් ආකාරයකින් නොවේ..නමුත් මෙම බදු නොගෙවීමේ සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ එසේ බදු නොගෙවා ඇති ආයතනය කුමක්ද යන්න මතය. එසේ බදු නොගෙවා ඇති ආයතනය වන්නේ East West Information System Tecnology Limited ය. එම ආයතනය වැදගත් වන්නේ මේ වනවිට ආන්දෝලනයකට ලක්වී ඇති ඖෂධ ඇණවුම් කිරීමේ දත්ත පද්ධතිය රජයට ලබාදුන්නේ යැයි කියන සමාගමත් සමග එහි ඇති සම්බන්ධතාව නිසාය. ැඅසි යනුවෙන් ව්‍යාපාර කරන සමාගම් සියල්ලම එකම ජාලයකට අයත් ඒවාය. එම නම සැදී ඇත්තේ ඉහත සඳහන් කරන ලද ඊස්ට් වෙස්ට් ඉන්ෆෝමේෂන් සිස්ටම් ටෙක්නොලොජි ලිමිටඩ් යන නමේ මුල් අකුරු එකතුවීමෙන්ය. එම සමාගම්වලට අදාල වෙබ් අඩවි පරික්ෂා කළ විට මෙම සමාගම් සියල්ල එකම ජාලයක් බවත්, එම ව්‍යාපාර පවත්වාගෙන යන්නේ එක ස්ථානයක සිට බවත් හඳුනාගත හැක. ඖෂධ දත්ත සම්බන්ධ මෘදුකාංගය රජයට සපයනු ලැබූEWIS Colombo Limited සමාගම පවත්වාගෙන යන ස්ථානයත්, ලිපිනයත්, දුරකතන අංකත්, ලංකා බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ සමාගම පවත්වාගෙන යන ස්ථානය, ලිපිනය හා දුරකතන අංකත් වෙනසක් නැත.EWIS Peripherals Pvt Ltd EWIS Solutions Pvt Ltd සමාගම්ද ඒ යටතේ ඇති ආයතනයන්ය. එම නිසාම ආණ්ඩුව කරන පවුලේ උදවියට මෙම සමාගම් සමග සමීප සබඳතා තිබෙන බවට පැතිර යන ආරංචිවලද යම් සත්‍යතාවක් තිබෙන බව බැහැර කළ නොහැක්කකි..මහ බැංකු අධිපතිවරයාට යොමුකළ ලිපියේ ඇති අනෙක් චෝදනාව වන්නේ ලංකා බැංකුවේ සභාපතිවරයා ඊස්ට් වෙස්ට් ඉන්ෆෝමේෂන් සිස්ටම් ටෙක්නොලොජි සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන සමයේ ලංකා බැංකුවෙන් ලබාගත් ණය මේ වනවිට අක්‍රිය තත්වයේ පවතින බවයි. ණය මුදල සහ ඒ සඳහා වූ පොලිය ලෙස දළ වශයෙන් රුපියල් මිලියන 363ක් ගෙවීමට ඇති බව අපගේ ලංකා බැංකු මූලාශ තහවුරු කරයි. එම ණය ලබාගෙන ඇත්තේ 2017 වර්ෂයේ වන අතර ණය ගෙවීම 2018 වර්ෂයේදී අවසන් වීමට නියමිතව තිබී ඇත. එසේ ණය 18ක් එම සමාගම ලබාගෙන ඇති අතර එම ණයවල මුළු එකතුව රුපියල් 205,054,470.40ක් වන අතර ඒ සඳහා පොළිය ලෙස රුපියල් 158,319,876.80ක් එකතු වී ඇත. මෙම අක්‍රිය ණය සියල්ල ලබාගෙන ඇත්තේ 2017 වර්ෂයේ වන අතර එම වර්ෂයේ පෙබරවාරි මාසයේ 21 දින ඊට අයත් මුල්ම ණය ලබාගෙන ඇති අතර ඒ ණය අංක 80450741 යටතේ රුපියල් 13,442,000කි. පෙබරවාරි මාසයේම 22 දින ණය අංක 80456027 යටතේ රුපියල් 11,474,580ක් ලබාගෙන ඇත. ඉන්පසු මැයි 02 දින ණය අංක 80815319 යටතේ රුපියල් 12,380,850ක්ද, එම මාසයේම 24 දින ණය අංක 80891520 යටතේ රුපියල් 9,501,300ක්ද ලබාගෙන ඇත. ජුනි මාසයේ 30 වන දින ණය අංක 81030167 යටතේ රුපියල් 8,587,622ක් ලබාගෙන ඇති අතර ජුලි මාසයේ 11වන දින ණය අංක 81070543 යටතේ රුපියල් 17,194,840ක් ලබාගෙන ඇත..ඉන්පසු ණය 11ක්ම ලබාගෙන ඇත්තේ එම වර්ෂයේ නොවැම්බර් මාසයේදී වන අතර ඒ ණය අංක 81857726 යටතේ රුපියල් 5,089,300ක්, ණය අංක 81857879 යටතේ රුපියල් 5,089,300ක්, ණය අංක 81858039 යටතේ රුපියල් 5,089,300ක්, ණය අංක 818581114 යටතේ රුපියල් 5,079,900ක්, ණය අංක 81858288 යටතේ රුපියල් 5,011,600ක්, ණය අංක 81858367 යටතේ රුපියල් 5,011,600ක්, ණය අංක 81858399 යටතේ 5,079,900ක්, ණය අංක 81858433 යටතේ රුපියල් 5,123,800ක්, ණය අංක 81858453 යටතේ රුපියල් 5,055,400ක්, ණය අංක 81858496 යටතේ රුපියල් 5,079,900ක් හා ණය අංක 81859521 යටතේ රුපියල් 28,763,278ක් වශයෙනි. ඊට අමතරව එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ 19 දින ණය අංක 81937751 යටතේ රුපියල් 53,000,000ක් ලබාගන ඇත..කංචන රත්වත්තේ ලංකා බැංකුවට පැමිණ ඇත්තේ 2020 ජනවාරි මාසයේදීය. එතෙක් ඔහු 2019 වර්ෂයේ දෙසැම්බර් දක්වාEast West Information System Tecnology Limited ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ ලංකා බැංකුවේ සභාපති ධුරයට පැමිණීම සඳහාම ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය. එය ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔහුගේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වීම වැනිය.(පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යාපාර කිරීමට හෝ ඒවාහී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට බැරි කමක් නැත. එහෙත් එම සමාගම් රජය සමග යම් ගනුදෙනුවකට සම්බන්ධ වුවහොත් එය මන්ත්‍රී ධුරය අහිමි වීමට හේතුවේ. පාර්ලිමෙන්තුවට පැමිණීමේදී අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වන්නේ ඒ නිසාය.).කංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවට පැමිණීමෙන් පසු කර ඇත්තේ කුමක්ද? ඔහු අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ එම සමාගමට අක්‍රිය ණය තිබියදී තව ණය ලබාදීමය. ඔහු පැමිණීමෙන් පසු ලබාදුන් ණය එම සමාගම නිසි පරිදි ගෙවා ඇතත්, ඔහුගේ පැමිණීමට පෙර ලබාගත් ණයනම් ගෙවා නැත. ඒ අනුව ඔහු ණය ලබාදී ඇත්තේ ඔහුට සබඳකමක් තිබූ ඊට පෙර ණය නොගෙවූ සමාගමකටය. සාමාන්‍ය ගනුදෙනුකරුවකුට, පුංචි ව්‍යාපාරිකයකුට බැංකුවක් මේ ආකාරයට සලකනු ඇත්ද? පැහැදිලිවම නැත. බැංකුව සතු ණය නොගෙවීමේ තොරතුරු අනුවත් ඔහු අසාදු ලේඛනගත අයෙකු වන්නේය. ඉන් එහාට යමින් ක්‍රිබ් හෙවත් ණය තොරතුරු කාර්යාංශයේද අසාදු ලේඛනගත අයෙකු වන්නේය. ඒ අනුව වෙනත් බැංකුවකින්ද ණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත..මෙසේ ණය ලබා ගැනීම් සහ ණය නොගෙවීමේ කතාව එපමණකින් අවසන් වන්නේ නැත. ඉහතින් සඳහන් කළ ඊවිස් සමාගම් ජාලයට අයත් ලංකා බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමාගම සමග සබැඳියාවක් ඇතිEWIS Colombo Limitedආයතනයටද ණය ලබාදී ඇත.(පසුගිය සතිවල වෛද්‍ය සැපයුම් අංශයේ මෘදුකාංගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ මෙම සමාගමටය) සභාපතිවරයාගේ ආගමනයෙන් පසු එම සමාගමට ලබාදුන් ණය නිසියාකාරව ගෙවා ඇතත් ප්‍රශ්නය ඇත්තේ පෙර සඳහන් කළ සමාගමට මෙන්ම එම සමාගමට ණය දුන්නේ කේසේද යන්නය. ඒ සඳහා හේතුවද ඊවිස් කොළම්ඹු ලිමිටඩ් සමාගමද මීට පෙර ලංකා බැංකුවෙන් ලබාගත් ණය නොගෙවූ සමාගමක් වීමය. අපගේ ලංකා බැංකු මූලාශ තහවුරු කරන ආකාරයට එම අක්‍රිය ණය සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් 139,258,046කි..බැංකුවක මූල්‍ය විනය හැදීමට පත්කරන ලද සභාපතිවරයකු ඔහු සමග සමීප සබඳකම් තිබූ සමාගම් සමග එසේ කටයුතු කර ඇත්නම් එකී බැංකුවේ නොවිය හැක්කේ මොනවාදැයි සිතාගත නොහැකිය. ලංකා බැංකු සේවක සංගමය නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට මෙම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ ඒ නිසා විය යුතුය. එම සංගමය පෙන්වා දෙන්නේ 1988 අංක 30 දරණ සංශෝධිත බැංකු පනත අනුව බැංකුවේ තැන්පත්කරුවන්ද,.ගනුදෙනුකරුවන්ද, සේවකයින්ද හා අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාව මත සභාපතිවරයාව වහාම ඉවත් කරන්නට මහ බැංකු අධිපතිවරයාට නීතිමය වගකීමක් ඇති බවයි. මහ බැංකුවේ අධිපතිවරයාට එවැනි බලයක් එකී පනත අනුව තිබුණද ලංකාවේ කටයුතු සිදුවන ආකාරය අනුව ලංකා බැංකුවේ සභාපතිවරයා ඉවත් කරන්නට ඔහු කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. සභාපතිවරයාව ඉවත් කරන ලෙස නියෝගයක් ලැබෙනවා නම් ලැබිය යුත්තේ මෙම පත්කිරීම නිර්දේශ කරන හා ලබාදීම සිදුකරන ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා වැනි අයගෙන්ය. රටේ කටයුතු සිදුවන ආකාරය අනුව මහ බැංකු අධිපතිවරයාට ඔහුගේ ස්වාධීනත්වය පෙන්නීම සඳහා අඩුම තරමේ කළ හැක්කේ මෙම ගනුදෙනු ගැන සොයා බලන ලෙස බැංකු අධීක්ෂකයා ලෙස නියෝගයක් හෝ දීමය. ඉන් එහාට ඔහුට යාහැකි නම් හොඳය. එසේ මහ බැංකු අධිපතිවරයා ලංකා බැංකු සභාපතිවරයාගේ පත්කිරීම නිර්දේශ කරන හෝ ලබාදෙන ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා අභිබවා යනු ඇතිද?■.ණය දුන්නද කියලා මම දන්නේ නෑ.ලංකා බැංකුව සභාපති කංචන රත්වත්තේ.මම කැමති නෑ ඔය සම්බන්ධයෙන් පිළිතුරු සපයන්න. එහෙත් ඇහැව්ව නිසා කියන්නම්. ඔය උසාවියේ ප්‍රශ්නය දැන් ඉවරයි. ඒකට එකගතාවයක් ඇතිවෙලා තියෙන්නේ. කොහොමත් අපේ නමට සිතාසි නිකුත් කළාට අපි නෙමේනේ උසාවියේ පෙනී සිටින්නේ. සමාගම ඒ වෙනුවෙන් නීතිඥයකු යොමු කරනවා..මම හිටපු සමාගමට ණය ලබාදෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ. මොකද මම ඔය ණය දෙන කමිටුවල වාඩි වෙන්නේ නෑ. මම හිතන්නේ අලුතින් ණය දීලා වෙන්න බෑ. අක්‍රිය ණය රී සෙඩුල් කරලා වෙන්න ඇති. කොහොමත් බැංකුව කස්ටර්ම කෙනෙක්ව අත්හරින්නේ නැහැනේ..කියන විදියට අලුත් ණය නම් දීලා තියෙන්නේ මහ බැංකුවට ඒ ගැන කියලත් තියෙනවානම් පරීක්ෂණයක් කරයිනේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.Next articleපෝලිම් අහිංසකයි කැරලි තමයි භයානක.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දුෂිතයන්ගෙන් අධිකරණය බේරාගැනීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දුෂිතයන්ගෙන් අධිකරණය බේරාගැනීම.By සංස්කාරක.June 24, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..උපුල් කුමරප්පෙරුම.මේ රට කළමනාකරණය, පාලනය සහ නියාමනය සඳහා අනේකවිධ නීති සම්පාදනය වී ඇත. ලන්දේසි සමයේදී ස්ථාපිත කළ ලංකාවේ අධිකරණ ක‍්‍රමය තුළ කි‍්‍රයාත්මක වූ රෝම ලන්දේසි නීතිය ඉන්පසුව රට පාලනය කරනු ලැබූ ඉංග‍්‍රීසින් විසින් හඳුන්වාදෙනු ලැබූ ඉංග‍්‍රීසි නීතිි සම්ප‍්‍රදායයන්ද ඇතුළුව අද වන විට මෙරටෙහි රෝම ලන්දේසි සහ ඉංග‍්‍රීසි නීති සම්මිශ‍්‍රණයව සෑදුණ නීතිි සම්ප‍්‍රදායයක් පවතින අතර එයට අමතරව සාම්ප‍්‍රදායිකව පැවතෙන ඇතැම් පුද්ගල නීති සහ රටේ පවතින සිරිත් පසුකාලීනව නීති බවට පත්ව නීති ක‍්‍රමය තුළ දක්නට ඇත..ලන්දේසි යුගයේ මුහුදුබඩ පාලනය කළ ලන්දේසීහු මුහුදුබඩ පාලනය සඳහා රෝම ලන්දේසි නීති ක‍්‍රමය හඳුන්වා දුන්නෝය. එහිදී පරමාර්ථය වූයේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් මෙරට වෙළෙඳ කටයුතු ආරම්භ කිරිමත් සමග එම වෙළෙඳ සමාගමේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ පාලන ප‍්‍රදේශයන්හි නීතියේ පාලනයේ අවශ්‍යතාව, පොලීසියක පැවැත්මේ අවශ්‍යතාව හා අධිකරණ පැවැත්මක අවශ්‍යතාවයි. ඒ අනුව රාද්වැන් ජුස්තිතිි (මහාධිකරණ) නම් අධිකරණයක් පිහිටුවූ අතර එය මරණ දඬුවම පැනවිය හැකි බලය තිබුණු අධිකරණයක් විය..ලන්දේසින් ලංකාව වටා ඇති මුහුදුබඩ ප‍්‍රදේශ දිස්ත‍්‍රික්ක පහකට බෙදා වෙන්කළ අතර එම ප‍්‍රදේශ කොළඹ, යාපනය සහ ගාල්ල වශයෙන් අධිකරණ දිස්ත‍්‍රික්ක තුනකට බෙදනු ලැබීය. ලන්දේසි අධිකරණවල අධිකරණ කටයුතු කළේ අණපනත්, පූර්ව නඩුතීන්දු, නීති විශාරද මත, සිරිත් සහ ආගම ඇසුරෙනි. 1796දී බි‍්‍රතාන්‍යය ලන්දේසින් පලවා හැර 1802දී බි‍්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට රට පත්කරගන්නා ලදි. ඔවුන් මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගත් පසු 1799 සැප්තැම්බර් 23 වන දින දරන ප‍්‍රඥප්තිය මගින්, ලන්දේසි නීතිය යටතේ තිබී අත්පත් කරගත් ප‍්‍රදේශවල තවදුරටත් ලන්දේසි නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවට ප‍්‍රකාශයට පත්කළ නමුත් ලන්දේසි අපරාධ නීතිය කි‍්‍රයාවේ යෙදවීම නතර කරන ලදි. අද පවතින්නේ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ අධිකරණ සම්ප‍්‍රදායයි. 1815දී පූර්ණ යටත් විජිතයක් බවට ලංකාව පත්වීමෙන් පසු වඩා ක‍්‍රමවත් අධිකරණ ක‍්‍රමයක් සහ සම්ප‍්‍රදායයක් ඉංග‍්‍රීසින් විසින් මෙරට තුළ ස්ථාපනය කරන ලද අතර මුල් අධිකරණ, අභියාචනා අධිකරණ සිවිල් අපරාධ වැනි විවිධ ක්ෂෙත‍්‍රයන්හි වඩා ක‍්‍රමවත් ලෙස බෙදුණු නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි. අද රටෙහි අධිකරණ සියල්ල කාර්ය පටිපාටික හෝ හරයාත්මක නීති වශයෙන් අදාළ කරගන්නේ පාර්ලිමේන්තුව හෝ ඒ හා සමාන ආයතනයක් විසින් නීතියක් වශයෙන් සම්මත කරගනු ලැබූ නීති පමණකි..මෙරටෙහි විවිධ දේශපාලන කැළඹීම්වලට සමගාමීව කරනු ලබන අධිකරණ කෘත්‍යයන්හිදී ගෙනෙන එක් බරපතළ චෝදනාවක් නම් අධිකරණ ක‍්‍රියාත්මක කරන්නේ දේශපාලන අවශ්‍යතාවක් මුදුන්පත් කරගැනීම සඳහාය යන්නයි. මෙම චෝදනාව අද වන විට නැගී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ නඩු තීන්දුව කි‍්‍රයාත්මක කිරිමෙහිලාය. ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයේ ඇඳසිටිය යුතු ඇඳුම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතභාවයක් ඔහුට හිතවත් කණ්ඩායම් විසින් ඇතිකරනු ලැබිණ. ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළදී චීවරය ගලවා සිරකරු ඇඳුමට මාරුවීම බෞද්ධ නීති අනුව සිදුකළ නොහැක්කක් සහ එසේ කරන්නේ නම් එය මහා නාහිමිවරුන්ගේ අවසරය මත සිදුකළ යුතු බවට මතයක් හදන ලදි..බන්ධනාගාර අධිකාරිය ප‍්‍රකාශ කළේ, සිරකරුවන් සම්බන්ධව කි‍්‍රයාත්මක කරන්නේ බන්ධනාගාර ආඥා පනත හෝ ඒ මත සැකසූ රෙගුලාසි විනා වෙනත් නීතියක් නොවන බවයි. ඥානසාර හිමි වෙනුවෙන් හඬනැගූ පිරිස් ප‍්‍රකාශ කරන ආකාරයට නීතියක් රටෙහි නීති පද්ධතිය තුළ නොපවතින බවත් අධිකරණ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර සිටියාය. මේ වන විට විවිධ ආගම්වලට අයත් පූජ්‍ය-පූජකවරුන් දහ අටදෙනෙකු දඬුවම් ලබන බවත් ඔවුන් සියලූ දෙනාම බන්ධනාගාරයේ නියමිත ඇඳුමවන ජම්පරය ඇඳ සිටින බවත් ප‍්‍රසිද්ධ විය..රටක් පාලනය වන පොදු නීති ක‍්‍රමය අබිබවමින් කටයුතු කිරීමට කිසිවෙකුට හැකියාව නොමැත. එසේ යටත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුවිශේෂ විධිවිධානයන් නීතියෙන් ගෙනහැර දක්වා තිබිය යුතුය. ඥානසාර හිමිට හිතවත් කණ්ඩායම් සමාජගත කරන්නට උත්සාහ කළ ප‍්‍රධානතම තර්කය වූයේ රටකට නීතියේ පාලනය අනවශ්‍ය බවයි. මොවුන් එක්නැලිගොඩ කොටි ඔත්තුකරුවෙකු බවට පත්කරන්නේ කොටි ඔත්තුකරුවෙකුට නීතිය අබිබවමින් කි‍්‍රයාත්මක කිරීමට අයිතියක් රටේ මහජාතියට ඇති බවට මතයක් ගොඩනැගීමටය. එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධව චෝදනා ලබා ඇති හමුදා නිලධාරීන් සාධාරණීකරණයේ සැලැස්මක් මේ ක‍්‍රියාදාමය තුළ පවතී. එක්නැලිගොඩ මහත්මියද ඇගේ ස්වාමියා සම්බන්ධ චෝදනාවන්ට වගකිව යුතු වන බවත් ඒ අනුව ඇයත් නීතියේ රැකවරණයට හිමිකම් නොලබන බවට මතයක් සමාජගත කිරීම ඊළග සැලසුමයි..මෙය කොතරම් භයානක තර්කයක් වුවද එය පිළිගන්නා කොටසක් සිටින අතර එයින් සැලකිය යුතු කොටසක් සංඝ සමාජයේ වෙති. අද වන විට පාලකයන්ගේ නොහැකියාව සහ දේශපාලන අවස්ථාවාදය මත මෙවැනි ගෝත‍්‍රිකවාදී අදහස් පුළුල් ලෙස සමාජගත කිරීමේ හැකියාව මේ පිරිස්වලට ලැබී ඇති අතර ප‍්‍රධාන ජනමාධ්‍යත් දේශපාලන අවස්ථාවාදය සහ වෙනත් මතවාදයන් තුළ එල්බ මේ භයංකර මත සමාජයට මුදාහැරීම කනගාටුවට කාරණයයි. රට පාලනය වන්නේ පොදු නීති සම්ප‍්‍රදායකිනි. මෙම නීති සම්ප‍්‍රදාය කාලාන්තරයක් පුරා වර්ධනය වෙමින්, අවශ්‍යතා අනුව පෝෂණය වෙමින් ගොඩනැගී ඇත. ලන්දේසි යුගයේ සිට අද තෙක් කාල පරාසය තුළ එය ශ‍්‍රී ලාංකිකත්වයක් ලබා ඇත. එය පොදුවේ සියලූ දෙනාටම බලපාන ලෙස සකස් වී ඇති අතර කාට හෝ අසාධාරණයක් වන ලෙස සකස් වී ඇතැයි කිව නොහැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන ආකාරයට නීතිය ඉදිරියේ සැවොම සමානයන් වන අතර කෙනෙකුට විශේෂ කොට සැලකීමට නොහැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියා වෙත සුරක්ෂා කොට ඇති අයිතිවාසිකම්වල රැුකවරණය පුරවැසියාට ලැබෙන්නට නම් රටේ පාලනය නිර්භය විය යුතුයි. එය නීතියට ගෞරවයක් සහ බියක් ඇති පාලනයක් විය යුතුය. පාලකයන් බිය විය යුත්තේ රටෙහි නීතියට පමණක් වන අතර ආරක්ෂා කළ යුත්තේ රටේ නීතියයි. අද අධිකරණයක දඬුවම් ලැබු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පෙර සදහන් කළ ආකාරයෙන් ජනමතයක් ගොඩනැගෙන්නේ සහ එවැනි වැරදි මතයක් සමාජගත වන්නේ පාලකයන් නීතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර සඳහන් කළ ආකාරයට කටයුතු නොකළ නිසාය..රාජපක්ෂ පාලන සමයේදී 17වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන අධිකරණ බිහිකිරීමෙහි ලා ඇතිකළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ජනාධිපතිවරයාට රිසි සේ විනිසුරුවරුන් පත්කර ගත හැකි තත්ත්වයක් ඇතිවිය. ජනවාරි මස 8න් පසුව පත් වුණු ආණ්ඩුව නැවත වතාවක් 17වෙනි සංශෝධනයෙහි කි‍්‍රයාකාරීත්වය 19 වන සංශෝධනය හරහා යළි ඇති කළේය. එසේ කිරීමේ පරමාර්ථය වුණේ එම රජය බලයට පත් කිරීමට කැප වූ ජනතාව ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වුණු බැවිනි. අද අධිකරණයේ සියලූ පත්වීම් කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හරහාය. එසේම පසුගිය රජය සමයේ විවිධ අපරාධ සහ දුෂණයන්ට වගකිව යුතු බවට චෝදනා නැගුණු විශාල සංඛ්‍යාවක් ද සිටිති. ඥානසාර හිතවාදී කණ්ඩායම්වල ඉලක්කය වී ඇත්තේ මේ සියලූදෙනාම එකවර ගලවා ගැනීමය. යහපාලන අධිකරණ නමින් අධිකරණවලට චෝදනා නගන්නේ එහි ස්වාධීනත්වය සහ නිසි කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් රටෙහි ජනතාව තුළ ගොබෙල්ස් ක‍්‍රමයට දුර්මතයක් රෝපණය කිරීමටයි. තමන්ට යුක්තිය ඉෂ්ට කරවා ගැනීම සඳහා මහාධිකරණයේ පිහිට පතන කාන්තාවකට සහ දරුවන් දෙදෙනෙකුට, අධිකරණයේ පිහිට ඉල්ලා සිටීමට හෝ ලැබීමට අයිතියක් නොමැති බවට පසුගිය කාලය පුරා මතයක් ගොඩනගන්නේත් එක්නැලිගොඩ සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ කි‍්‍රයාකාරීත්වය දිගින් දිගට තර්ජනයන්ට ලක්වන්නේත් චෝදනා ලබා ඇති අපරාධකරුවන් රැසක් එකවර බේරා ගැනීමේ අදහසිනි..නීතිය ක‍්‍රියාත්මක කිරීමට මෙම කණ්ඩායම මේ ආකාරයෙන් බලපැම් කරන්නේ නම් එය නැවැත්වීම සඳහා සියල්ලෝ එකතු විය යුතු වෙති. නොවන්නේ නම් අනාගතයේදී දේශපාලකයෙකුට, පුද්ගලික බස් රියදුරෙකුට, වෛද්‍යවරයෙකුට, නීතිඥයෙකුට, ගුරුවරයෙකුට හෝ වෙනත් යම් සිවිල් බලයක් ඇති පුද්ගලයෙකුට එරෙහිවත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට අපහසු වනු ඇත. හිරගෙට නියම වුණු නීතිඥයාද ටයිකෝට් දමාගෙන බන්ධනාගාර ජීවිතය ගතකිරීමට අවසර ඉල්ලනවා ඇත. ‘සාගරයක් මැද’ චිත‍්‍රපටයේ සිරගත වූ වෛද්‍ය මොලදණ්ඩ වැන්නවුන් අනාගතයේ ජම්පරය නොඅඳිනු ඇත. ඒ සඳහා අද සිදුවන්නා සේ අරගලද කළ හැකිය. ලිපිය ආරම්භයේ ලංකාවේ නූතන අධිකරණ ක‍්‍රමයෙහි ආරම්භය සහ විකාශය ගැන සඳහන් කරනු ලැබුවේ එය ක‍්‍රමික විකාශනයක් මත, වඩා ස්ථාවරව ගොඩනැගුණු අධිකරණ ක‍්‍රමයක් බව පෙන්වීමටය. නීතිය කි‍්‍රයාත්මක කිරීමේ මූලික හරයන් පුද්ගල අවශ්‍යතා මත වෙනස් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ දිය නොහැක. ගමේ අප්පුහාමිට කි‍්‍රයාත්මක වන නීතියම අනෙක් අයටද ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක විය යුතුයි. තමන්ට හැකි ප‍්‍රමාණවලින්, බලයෙන්, තර්ජනයෙන්, ගර්ජනයෙන් නීතිය නැවීමට හෝ අවශ්‍ය ආකාරයට දිගහැරීමට හෝ කාටවත් හැකියාවක් නොමැති අතර එසේ කරන්නට උත්සාහ කළහොත් එයට විරුද්ධ වීම නීතියේ පාලනයක් ඇති සමාජයක ජීවත් වන්නට කැමති සියලූ දෙනාගේත් වගකීම වන්නේය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමේ රට ගොඩනගන්න බැරි දුෂණයයි ජාතිවාදයයි නිසා මහාචාර්ය නවරත්න බණ්ඩාර.Next articleසහෝදර නිලධාරීන්ද මරා, සමයංද මරාදැමූ කළුතර බන්ධනාගාර ඝාතන කුමන්ත‍්‍රණය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නෙළුම්මලේ පෙති කඩලා.. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නෙළුම්මලේ පෙති කඩලා...By සංස්කාරක.August 19, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..වර්තමාන ආණ්ඩුවේ වරදින් පසුගිය කාලයේ අතාත්වික ජවයක් අත්කරගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය එන්න එන්නම දුර්වල වෙමින් දියාරු වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ..එක පැත්තකින් එයට පොදු සමාජයේ මහජන අනුමැතියක් තවමත් හිමිවී නැත. ඒ අනුමැතිය ලබාගන්නට තරම් වන, කිසිම දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් ඔවුන් පෙන්වාද නැත. මනුවර්ණ එයින් අදහස් කරන්නේ, තමන්ගේ පාලන කාලයේ සිදුවුණු අත්‍යන්ත දුෂණ හා වෙනත් අපරාධ ගැන කිසිම පාපෝච්චාරණයක්, ස්වයං විවේචනයක්, වරද පිළිගැනීමක් කරන්නට තවමත් ඔවුන්ට නොහැකි වීම ගැන පමණක් නොවේ. හෙටානිද්දා තමන් ගන්නවායැ’යි කියන ආණ්ඩු බලය කෙලෙස පාවිච්චි කරන්නේදැ’යි යන්න ගැන මහජනයාට සිතාගන්නට හැකිවන පරිදි, කිසිම වැඩපිළිවෙළක්වත් ඉදිරියට දමන්නට ඔවුන්ට තවමත් නොහැකිවී තිබීමයි. වාසුදේව නානායක්කාර වැනි පරණ පන්නයේ දේශපාලනඥයන් පෙරමුණ ඇතුළතදීත් පිටතදීත් මේ ප‍්‍රශ්නය විවෘතව කතාකරනවා පමණක් දක්නට ලැබේ. එවැනි දේවලට යහපත් ප‍්‍රතිචාරයක් දක්වනවා වෙනුවට ඒකාබද්ධ විපක්‍ෂය කරන්නේ, තමන්ගේ පරණ අනීතික, විනාශකාරී අතීතය ඉතා හොඳයැ’යි පාරම්බාමින් ඒ බිහිසුණු අඳුරෙහිම ගිලී සිටින්නට වෑයම් කිරීමයි. මහින්ද රාජපක්‍ෂ තමන්ගේ ආණ්ඩුවෙන් සිදුවුණු සියලූ වැරදි දැන දැන දිගටම ක‍්‍රියාත්මක කළා පමණක් නොව, ඒවා කරන්නවුන්ට නීතියේ රැුකවරණයද නොමඳව සැපයුවේය. කීත් නොයර් පැහැරගෙන යෑම වැනි අවස්ථාවලදී, ඔහු ඒ සිදුවීම් ගැන පෞද්ගලිකවම දැන සිටි බවට දැන් තොරතුරු හෙළිවී තිබේ. සමස්තයක් ලෙස ගත්කල ඒ ආණ්ඩුව ලොකු-පොඩි හොරුන්ගේ රාජධානියකි. එහෙත්, අදත් ඔවුන්ට ඒ කිසිවක් ගැන කම්පාවක්, පසුතැවිල්ලක්, වරද පිළිගැනීමක් තිබෙන බවක් පෙනෙන්ට නැත. ඒ හොරකම් ගැන කෙරෙන සොයාබැලීම් පවා පළිගැනීම් හැටියට දමා ගසනවා හැරෙන්නට ඒවාට සාධනීය පිළිතුරක් දෙන්නටවත් ඔවුන්ට නොහැකිය..අනෙක් කරුණ, තමන්ගේ අතින් සිදුවුණු සියලූ වැරදි අනාගතයේ තමන්ගේම ආණ්ඩුවක් ආ විට නිවැරදි කරගන්නේ කෙසේද, එවැනි වැරදි යළිත් සිදු නොවන්නට යොදාගන්නා උපාය මාර්ග මොනවාද යන්නට කිසිම වැඩපිළිවළක්, සාකච්ඡුාවක් ඒ පෙරමුණ තුළ නැතිවීමයි. පෙරමුණේ ඉන්නා සියලූ බුද්ධිමතුන්ද රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රවේණි දාසයන් වැනිව, ඊළඟ ආණ්ඩුවේ තමන්ට ලැබෙන්නේ කුමන තනතුරක්දැයි ගණන් හදමින් ඉන්නවා හැර තම දේශපාලන කණ්ඩායම තුළ මේ සංවාදය ඉදිරියට ගෙනඑනවා පෙනෙන්නට නැත. එයද අරුමයක් නොවන්නේ, මේ බුද්ධිමය දාසයන් ඒ ආණ්ඩුවේ විවිධ තනතුරු දැරූ කාලයේ කළ කී දේ ගැන ෆයිල් මහින්ද රාජපක්‍ෂ ළඟ තිබෙන නිසා, රාජපක්‍ෂවරුන් සිතන දේට වඩා වෙනත් දෙයක් යෝජනා කරන්නටවත් කොන්දක්, පිළිගැනීමක් ඔවුන්ට නැති නිසා විය හැකිය..මේ තත්ත්වය නිසා, රාජපක්‍ෂ කඳවුරට තාමත් ඉන්නේ පරණ අනුගාමිකයන්මය. පරණ ඡුන්දදායකයන්මය. බස්වලින් ගෙන්වමින් ඔවුන් තැන තැන ප‍්‍රදර්ශනය කළාට, 2015 පරාජය වනවිට ඔවුන් වටා සිටි මහජනතාවගෙන් වුවද සැලකිය යුතු කොටසක් අද ඔවුන් සමග නැති බව පිළිගන්නට සිදුවෙයි. ඒ නිසා, හුදු මාධ්‍ය සංදර්ශන හැර ඔය කියන තරම් බිම් මට්ටමේ අනුමැතියක් මේ පරණ හොරුන් පිරිසට සමාජය තුළ නැත..අනෙක් අතට, ජනාධිපතිවරණ අපේක්‍ෂක ප‍්‍රශ්නය තුළ ඒකාබද්ධයේ තවත් ගැටුමක් වර්ධනය වුණේය. ගෝඨාභය සියල්ලන්ටම පෙර ඡුන්ද තරගයට අවතීර්ණ වීමත්, ඉතිරි රාජපක්‍ෂවරුන්ගෙන් ඊට අනුමැතියක්, තල්ලූවක් නොලැබීමත් නිසා, අද ගෝඨාභයට සිදුවී තිබෙන්නේ, තනිවම සටනක් ගෙනයන්නටය. ඒ සඳහා ඔහු ළංකරගෙන සිටින විශ‍්‍රාමලත් හමුදාකාරයන් විසින් ගෝඨාභයගේ අපේක්‍ෂක ව්‍යාපෘතියට කරන්නේ සුළුපටු හානියක්, විනාශයක් නොවේ. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධය තුළම විශාල නොරිස්සුමක් විවේචනයක් පැනනැගී ඇති අතර, කුමාර වෙල්ගම වැනි ශක්තිමත් ජන පදනමක් ඇත දේශපාලකයන් පවා ඒ අවුලට මැදිහත්වන තරමට තත්ත්වය දුරදිග ගියේය. වාර්තා වන පරිදි, බැසිල් රාජපක්‍ෂ විසින් මේ පරණ හමුදාකාරයන්ට නෙළුම් මාවතේ පක්‍ෂ කාර්යාලයට ගොඩවැදීමද තහනම් කරනු ලැබ තිබේ. සමහර විට තමන්ගේ සහෝදරයා වුණත්, පුනරුත්ථාපනය නොවුණු හමුදා මනසකින් යුක්තවූවකු දේශපාලනයේ ඉඩ අල්ලාගත් විට විය හැකි විනාශය බැසිල් වැන්නන්ගේ දේශපාලන ඉවට දැනෙන නිසා විය හැකිය..අද ඒකාබද්ධය තුළ තිබෙන්නේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුද යන්න තෝරාගැනීමටත් වඩා, එකිනෙකා අතර සිදුවන කුලල්කාගැනීම් පිළිබඳ ප‍්‍රශ්නයකි. මහින්දානන්ද අලූත්ගමගේ හා කුමාර වෙල්ගම අතර එක පැත්තකින් ප‍්‍රශ්නයක් පැනනැගුණු අතර අනෙක් පැත්තෙන් පවිත‍්‍රා වන්නිආරච්චි හා රංජිත් සොයිසා අතරද බල අරගලයක් පැනනැගී තිබේ. මෙතෙක් ආණ්ඩුවේ සිටි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15 දෙනකු ඒකාබද්ධයට එකතු වීමත් සමග තත්ත්වය තවත් දරුණු විය හැකි බව පැහැදිලිය. ඔවුන් පිළිගැනීමට අකමැති පිරිසක් ඒකාබද්ධය තුළ ප‍්‍රකාශිතවම සිටිති. අනාගතයේ එකට වැඩකිරීමේදී මේ බෙදීම් තවදුරටත් පැහැදිලි වනවා ඇත..ඒකාබද්ධයට හිතවත් මහජනතාවගේ සටන් ශක්තිය නොනැසී පවත්වාගන්නට පසුගිය කාලයේ විවිධ ව්‍යාපෘති දියත් කරන ලදි. ඒ යටතේ කොළඹ දක්වා පාගමන්, කොළඹ පැවැත්වු විවිධාකාර උද්ඝෝෂණද අඩුවක් නොවීය. ඒ හැම අවස්ථාවකදීම අනුගාමිකයන්ට පෙන්වන ලද්දේ, ඊළඟ පෝයට පෙර ආණ්ඩු බලය ලබාගන්නවා වැනි අදහසකි. වහාම මහින්ද රාජපක්‍ෂ අගමැති කරනවා වැනි අදහසකි. පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය දිනන්නට පාවිච්චි කළේ, එය ජයගෙන මහින්ද රාජපක්‍ෂ අගමැති කරන ආණ්ඩුවක් පිහිටුවනවා යන්නයි. එහෙත් එයද සිදුනොවීය. පළාත් පාලන ඡුන්දයෙන් බලාපොරොත්තු වුණු දේශපාලන පෙරළියද ඇතිවුණේ නැත. 15 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධයට එකතුවීම එවැනි දේශපාලන පෙරළියක් නොවේ. ඔවුන් සැමදා සිටියේ මහින්ද රාජපක්‍ෂ සමගය. තනතුරු හා වෙනත් වරදානවලට ලෝබකමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග තාවකාලිකව එකතුව සිටියද, ඔවුන්ට වුවමනාවී තිබුණේ හැකි ඉක්මනින් රාජපක්‍ෂ තුරුලට යෑමයි. එය සිදුවීම කිසිම දේශපාලන පෙරළියක් නොවේ..මේ වන විට ඒකාබද්ධය ලැබූ ආසන්නතම පරාජය වන්නේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකකම අහිමිවීමයි. විපක්‍ෂ නායකකම ලබාගැනීම සඳහා හොඳින් හෝ නරකින් උත්සාහ ගැනිණ. ලියුම් ඉදිරිපත් කිරීමේ සිට, සබාගැබේ මැදට පැමිණ කතානායකවරයාට කුණුහරුපෙන් බැනීම දක්වා ඒ වෑයම ක‍්‍රියාත්මක විය. එහෙත්, අවසානයේ ලැබුණේ ඔවුන් බලාපොරොත්තු නොවූ පිළිතුරයි..එහෙත් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුකුල, නිවැරදි, පැහැදිලි මෙන්ම පරණ තතු මැනැවින් සොයාබලා ගත් එකකි. කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදහස් විමසුවේ, ස්වාධීන වීමට උත්සාහ කරන කණ්ඩායමේ දේශපාලන තත්ත්වය කුමක්ද යන්න දැනගැනීමටය. පාර්ලිමේන්තුවට තේරී පත්වන පක්‍ෂය තුළ හිඳිමින්ම, ඒ පක්‍ෂය ආණ්ඩුවේ සිටියදී වෙනත් කණ්ඩායමක් හැටියට කටයුතු කරන පිරිසකට විපක්‍ෂ නායකකම දීම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ නොසිදුවන්නකි. මීට පෙර එවැනි දේ සිදුවි තිබේ නම් ඒවා වැරදි වන අතර, වැරදි දෙකක් එකතුවීමෙන් හරි ලකුණක් නොලැබෙන බව නැවතත් සිහිපත් කිරීම වටියි. ඒ නිසා දැන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක කිරීමේ අවස්ථාවද ඒකාබද්ධයෙන් ගිලිහී ගොස් තිබේ. එය අගමැති බලාපොරොත්තුවේ සිට ශීඝ‍්‍ර පසුබැසීමකි..දැන් ඔවුන්ගේ කල්පනාව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමයි. එය එක්තරා ආකාරයකට මරාගෙන මැරෙන මෙහෙයුමකි. ස්වාධීනව කටයුතු කරනවා නම්, ඒ බව එක් එක් මන්ත‍්‍රීවරයා තම පක්‍ෂයට නිල වශයෙන් දැනුම් දිය යුතුයැයි ශ‍්‍රීලනිපයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කියයි. එහි තේරුම පැහැදිලිය. යම් හෙයකින්, තමන් ස්වාධීනව කටයුතු කරනවා කීවොත්, ඒ මන්ත‍්‍රීවරයා ධුරයෙන් ඉවත් කිරීමට බලයක් පක්‍ෂයට ලැබේ. ඔවුන් සියල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී පත්වීම් ලබා ඇත්තේ එම පක්‍ෂයෙන් නිසාය. පක්‍ෂ තීන්දුවෙන් පිට ස්වාධීන වීමට කිසිවකුට අවකාශයක් නැත. එවැන්නක් වුණොත් එහි ප‍්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ මන්ත‍්‍රීධුර අහිමිවීමයි. එය ඒකාබද්ධයට විශාල පහරක් විම වැළැක්විය නොහැක්කකි. පුළුවන් නම් ස්වාධීන වෙලා පෙන්වන්නයැයි ශ‍්‍රීලනිප මහලේකම්වරයා අභියෝග කරද්දී, ස්වාධීන වීමේ හොඳ නරක ගැන සොයාබැලීමට කමිටුවක් පත්කරන්නට ඒකාබද්ධයට සිදුවී ඇත්තේ එහෙයිනි. කටවල්වල සද්ද, ප‍්‍රායෝගික තලයේදී වැදගත් නොවන බව අලූතෙන් කිවයුතු නැත..ඒ නිසා, අකලට මතුවුණා වුණත්, නෙළුම් පොහොට්ටුවේ පෙති එක එක ලිහෙන ස්වභාවයක් දැන් දිස්වෙයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleප‍්‍රජාතන්තී‍්‍රය අරගලයේ පුනරුජ්ජීවනය.Next articleපුද්ගල ජාවාරමට ඉඩ හදන ආගමන විගමනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මිලියන ගණන් දන් දෙන තිලංගගේ (ශී‍්‍ර ලංකා) කි‍්‍රකට් මහනායක හිමිටත් මිලියන 25ක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මිලියන ගණන් දන් දෙන තිලංගගේ (ශී‍්‍ර ලංකා) කි‍්‍රකට් මහනායක හිමිටත් මිලියන 25ක්.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ලසන්ත රුහුණගේ.කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි හැටකට වැඩි ජාතික කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් අමතමින් පසු ගියදා විගණකාධිපති ගාමිණී විජේසිංහ ප‍්‍රකාශ කර තිබුණේ ඒ ඒ කී‍්‍රඩාවල පරිහානියට එම කී‍්‍රඩා සංගම්වල නිලධාරීන්ද ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු බවය..ශී‍්‍ර ලංකාවේ බොහෝ කී‍්‍රඩා සම්බන්ධයෙන් ගත් කල එය ඇත්තකි. බොහෝ කී‍්‍රඩාවල පරිපාලනයට එරෙහිව වසර පුරා නැගෙන චෝදනා අප‍්‍රමාණය. එහෙත් එම චෝදනා පරීක්‍ෂා කරන විධිමත් යාන්ත‍්‍රණයක් කී‍්‍රඩාවේ බලධාරියා වන කී‍්‍රඩා අමාත්‍යාංශය පාර්ශ්වයෙන් නොමැතිවීමද කනගාටුදායක තත්ත්වයකි..කී‍්‍රඩාවේ පරිපාලනයට අදාළව චෝදනා ප‍්‍රතිචෝදනා මේ දිනවල නැගෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන්ය. ඒ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු හෙයින්ය. දැන් එය කල් දමා තිබේ..ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් සභාවේ තිලංග සුමතිපාල ඇතුළු පරිපාලකයන්ට එරෙහිව එහි මුදල් අවභාවිත කළ බවට වූ බලවත් සිද්ධියක් යම් මට්ටමකින් කථාබහට ලක්වී ඇතත් එයට තිලංග සුමතිපාල පාර්ශ්වයට විරුද්ධ පාර්ශ්වය තබා රටේ සම්මත ජනමාධ්‍යවත් සාකච්ඡුාවට ලක්කරන්නේ නැත. ඊට හේතුව ඊට බුද්ධසාසනයත් පටලැවී ඇති නිසාය..සිද්ධිය සැකෙවින් මෙසේය..ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල 2017 අපේ‍්‍රල් 22 දින පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුවට දැනුම්දීමක් සිදුකරයි. ඒ මහනුවර විහාරය හෙවත් මල්වත්තේ මහා විහාරය කටුගස්තොට මහවැලි ග`ග අසබඩ ඇති පර්චස් 300ක ඉඩමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සරසවිය ඉදිකිරීම සඳහා කල්බදු ක‍්‍රමයට ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි. එහිදී තිලංග සුමතිපාල කියන්නේ එම ඉඩමේ පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි බවයි. ඒ සම`ගම ඔහු දැනුම් දෙන්නේ එම ඉඩම වසර 90ක කාලයකට කල්බදු ගැනීම සම්බන්ධයෙන් මල්වත්තේ මහා විහාරය සමග 2017 අපේ‍්‍රල් 20 දින අවබෝධතා ගිවිසුමකට එළැඹි බවයි..එම ගනුදෙනුව පිළිබඳව විස්තර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉඩම ලබාගැනීමේ කල්බදු ගිවිසුමට අදාළ අයදුම් පත‍්‍රය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. ඉඩමේ ප‍්‍රමාණය අක්කර 1යි රූඞ් 2යි පර්චස් 16.5 ක් හෙවත් පර්චස් 256.5ක් බවය. ඉඩමේ අයිතිය ගංගාරමය රජමහා විහාරය සතුවන බවය. ඉඩම ලබාගන්නේ කල්බදු ක‍්‍රමයට බවය. කල්බදු කාලසීමාව වසර 30 ඒවා තුනක් බවය..ඒ අනුව පළමු වසර 5 තුළ කල්බදු වටිනාකම වසරකට රුපියල් 250,000 බැගින් රුපියල් 1,250,000කි. ඊළග වසර පහ සඳහා කල්බදු වටිනාකම දෙගුණ වෙමින් වසකරට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ යයි. තුන්වන වසර පහේ කාලයේදී එම කල්බදු වටිනාකම වසරකට රුපියල් 750,000 දක්වා ඉහළ යයි. හතරවන අවුරුදු පහේ කාලසීමාවේදී එය වසරකට රුපියල් දශ ලක්ෂය දක්වා ඉහළ යයි. පස්වන වසර පහේ කාලසීමාවේදී එය වසරකට රුපියල් 1,250,000 දක්වා තවදුරටත් ඉහළ යයි. වසර තිහක කාලයකට අදාළ හයවන වසර පහේ කාලසීමාවේදී එය වසරකට රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ යයි. පළමු වසර තිහේ කාලසීමාවේදී පමණක් කල් බදු වශයෙන් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 26 දක්වා (රුපියල් 26250000) ඒ අකාරයට ඉහළ යයි. මෙම කල්බදු මුදල් ගෙවන්නේ වාර්ෂිකව බවද එම විධායක කමිටු රැුස්වීමේ සටහන්වල දැක්වේ..එම විධායක කමිටු රැුස්වීම් වාර්තාවේ දක්වා නොමැති කාරණය වන්නේ ඉහත ආකාරයට වසර පහකට වරක් කල්බදු මුදල රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලකින් වැඩිකිරීමේදී ඊළඟට සැදෙන ගණනයන් කොතෙක්ද යන්නය. එම ගණනයන් දෙවන වසර තිහක කාලය සඳහා රුපියල් මිලියන 71ක් (රු. 71250000) හා තුන්වන වසර තිහක කාලය සඳහා රුපියල් මිලියන 116ක් (116250000) වශයෙන් ගණනය කළ හැකිය. ඒ අනුව වසර අනූවක කාලය සඳහා එම මුදලට කල්බදු වශයෙන් ගෙවීමට නියමිත මුදල රුපියල් මිලියන 213ක් (රු.213750000)වේ. නමුදු මුල් අවුරුදු තිහෙන් පසු වසරකට ගණනය කරනු ලබන කල්බදු මුදල මුල් අවුරුදු තිහේ වැඩිවූ ආකාරයට වඩා වැඩි අනුපාත මුදලකින් වැඩි වුවහොත් අප ගණනය කරන ලද මුදල මීට වඩා ඉහළ යා හැකිය..එම දින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල විධායක කමිටුවට ඉදිරිපත් කළ වඩා වැදගත්ම කරුණ සඳහන් වන්නේ ඉන්පසුවය. ඒ ඉඩම් ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයට රුපියල් මිලියන 25ක මුදලක්ද ගංගාරාම රජමහා විහාරයට රුපියල් මිලියන 25ක මුදලක්ද පරිත්‍යාග වශයෙන් ලබාදිය යුතු බවය. ඒ අනුව එම පරිත්‍යාගී ආධාරය වන රුපියල් මිලියන 50ක මුදලද ඉඩම් ව්‍යාපෘතියට අමතරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාව එම දින අනුමත කර තිබේ..එම අනුමැතිය කි‍්‍රයාත්මක කිරීම පරක්කුවේදෝ යන සැකය නිසාම කලබලයට පත්වී ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන්ට 2017 මැයි මාසයේදීම අත්අකුරෙන් ලියා රුපියල් මිලියන 25ක චෙක්පතක් තිළිණ කර තිබේ..නුවර කටුගස්තොට වට්ටාරම්තැන්න පාරේ ශාන්ත අන්තෝනි විද්‍යාලයීය කී‍්‍රඩාංගණය අසල ඇති ගංගාරාම රජමහා විහාරයට අයත් ඉහත ඉඩමේ පර්චසයක වටිනාකම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල දක්වා ඇති ආකාරයට රුපියල් දසලක්ෂයක් දැයි අපි නොදනිමු. එහෙත් අවසානයේ මෙම ඉඩම් ගනුදෙනුව වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වියදම් කරන්නට යන මුදල, ආධාර මුදල්ද සමග රුපියල් මිලියන 263කි. ඒ වූ කලි අදාළ ඉඩම තිලංග සුමතිපාල ප‍්‍රකාශ කර ඇති වටිනාකමට මිලදී ගත්තද මිලදී ගත හැකි මුදලකි. එහෙත් මෙහිදී සිදුවන්නේ මිලදී ගැනීමක් නොව කල්බදු ගැනීමකි. එම ඉඩම කල්බදු කාලසීමාවට භාවිත කිරීමේ හැකියාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබීම පමණය. ඉඩමේ අයිතිය ඇත්තේ ගංගාරාම රජමහා විහාරයටය..ඒ සා විශාල ඉඩමක් මිලදී ගැනීමේදී පර්චස් වටිනාකම පර්චස් ගණනට විකුණනවාට වඩා අඩුවීම සාමාන්‍ය දෙයකි. කොහොමත් ඉඩමක වටිනාකම තක්සේරු කිරීමද එම තක්සේරුව අනුව කල්බදු වටිනාකම තීරණය කිරීමද සිදුවිය යුත්තේ රජයේ හෝ පෞද්ගලික අංශයේ තක්සේරුකරුවන් අතින්ය. මෙහිදී ඒ කිසිවක් වී නැති බව පෙනේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යනු පෞද්ගලික ආයතනයක් නොවන නිසා අනිවාර්යයෙන්ම එවැනි ගනුදෙනුවක් පිළිබඳව රජයේ තක්සේරුකරු ම`ගින් තක්සේරුවක් ලබා ගැනීම සිදු කළ යුත්තක්මය. රටේ අනෙකුත් ජාතික කී‍්‍රඩා සංගම් රජයේ විගණනයට ලක්වෙද්දී රජයේ විගණනයට ලක් නොවී පාට් දමමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයේ තක්සේරුකරු ළ`ගට යාදැයි සිතීම උගහටය..මෙම ඉඩමේ බදු ගිවිසුම් අයදුම් පත‍්‍රය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යැවීම සම්බන්ධයෙන් සඳහන් වීම තුළින් පෙනෙන්නේ මෙම ඉඩම විහාර දේවාලගම් පනත යටතට වැටෙන දේපලක් බවය. එවැනි දේපලක් බදු දීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවසරය පමණක් නොසෑහේ. ඊට නීතිපතිවරයාගේ අවසරය ලැබිය යුතු බව එම විෂය පිළිබඳ ප‍්‍රමාණිකයන්ගේ අදහසය..කෙසේ වෙතත් මෙම ඉඩම් ගනුදෙනුව හැර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සරසවිය ඉදිකිරීම සඳහා යන වියදම ගැන එම විධායක කමිටු වාර්තාවේ සටහන්වල සඳහන් වන්නේ නැත. එවැනි අවශ්‍යතාවක් කොහොමත් තිලංග සුමතිපාල වැන්නකුට ප‍්‍රමුඛ වන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ සිය ජීවිත කාලයම ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි වැජඹීම සඳහා කී‍්‍රඩා සමාජවලට නිලධාරීන්ට අනෙකුත් අයට සලකනවා වාගේම බුද්ධ සාසනයටත් සැලකීමටය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනිය වශයෙන් ඔහුගේ මව වන මිලිනා සුමතිපාලද, සභාපතිවරයා වශයෙන් ඔහුගේ සහෝදරයා වන ජගත් සුමතිපාලද දැරූ හා දරමින් සිටින නම්බුනාමවල සම්බන්ධයද ඔහුට මේ සඳහා බොහෝ විට හේතුකාරක වන්නට ඇත..එම අවශ්‍යතාව වඩාත් හොඳට ප‍්‍රකට වන්නේ අදාළ ඉඩම් ගනුදෙනුව පිළිබඳව මල්වත්ත මහානායක හිමියන් සමග අවබෝධතා ගිවිසුමක් 2017 අපේ‍්‍රල් 20 දින අත්සන් කර ඒ පිළිබඳව 2017 අපේ‍්‍රල් 22 දින පැවති විධායක සභාව දැනුවත් කර අනුමැතිය ගැනීමේ, සිය දේශපාලන හාම්පුතුන්ගේ ඒකාධිපති ස්වරූපය ප‍්‍රදර්ශනය කර ඇති නිසාය..මෙම ඉඩම් ගනුදෙනුවේ ඇති රහසිගතභාවය හා සටකපටකම හොඳින්ම තවදුරටත් ප‍්‍රදර්ශනය වන්නේ කි‍්‍රකට් සරසවියක් පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රසිද්ධියේ කිසිවක් රටට කියා නැති නිසාය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www. srilankacricket.lk වෙබ් අඩවියේද මේ රටේ කි‍්‍රකට් ලෝලීන් දැනගත යුතු එම සුවිශේෂ ව්‍යාපෘතිය ගැන කිසිවක් සඳහන් වන්නේ ද නැත. ඒ මෙම ගනුදෙනුවේ සැංගිය යුතු තැන් රාශියක් ඇති නිසාද?.‘මට ශත පහක්වත් දීලා නැහැ’.නැහිණිවල පියදස්සී හිමි.ප‍්‍රධානී, ගංගාරාම රජමහා විහාරය.මෙම ඉඩම් ගනුදෙනුවේදී රුපියල් මිලියන 25ක පරිත්‍යාගයක් ලැබීමට නියමිතව සිටි ගංගාරාම රජමහා විහාරයේ නායක හිමියන් වන නැහිණිවල පියදස්සී හිමිගෙන් එම මුදල් ඒ හිමියන්ට ලැබුණේ දැයි කළ විමසීමේදී ප‍්‍රකාශ කළේ ‘මට ශත පහක්වත් දීලා නැහැ’’ යනුවෙන්ය. කල්බදුවලට අදාළ වාර්ෂික මුදල ලැබෙනවාදැයි කළ විමසීමේදී පිළිතුර වූයේ ‘‘ඒක ගෙව්වෙත් නැහැ’’ යන්නය. මෙම ඉඩම් ගනුදෙනුවට අදාළ ඔප්පු ලිව්ව බවත් මහනායක හිමියන්ගේ කීම අනුව එම ඔප්පුව ලබාදුන් බවත්ය. වැඩිදුරටත් එම හිමියන් ප‍්‍රකාශ කළේ උන්වහන්සේ විදේශගතව සිටින බැවින් රටට ආ පසු අමතන ලෙසය..මහනායක හිමි.සම්බන්ධ නොවේ..මල්වත්ත මහා විහාරයේ මහා නායක හිමියන් දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කිරීමේදී එම විහාරයේ පිළිතරු වූයේ ඒ හිමියන්ගේ ලේකම් ධුරයේ කටයුතු කරන සුමංගල හිමියන් සම්බන්ධ කර ගන්නා ලෙසය. සුමංගල හිමියන්ට කථා කිරීමේදී උන්වහන්සේ කීවේ ඒ ගැන කිසිවක් නොදන්නා බවය. රුපියල් මිලියන 25ක මුදලක් මහනායක හිමියන්ට ලැබුණාද යන්න ඒ හිිමියන්ගෙන් විමසා පසුව දැනුම්දිය හැකි බවය..තිලංගද බැරිවේ.තිලංග සුමතිපාල මහතාගෙන්ද මේ පිළිබඳව විමසීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ඔහුද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමෛත‍්‍රී කියන්නේ බොරු.Next articleයහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (6).- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දෙමළෙන් ලියූ වරදට හිරේ ගිය කවියා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දෙමළෙන් ලියූ වරදට හිරේ ගිය කවියා.By තරිඳු උඩුවරගෙදර.January 4, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.දෙමළ භාෂාවෙන් ලියන මුස්ලිම් ජාතික කවියෙකු වන මොහොමඞ් ජසීම් මොහොමඞ් අහ්නම් මැයි මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවේ සිටී. ඒ ඔහු අන්තවාදී කවි ලියූ බව චෝදනා කරමිනි. එහෙත්, දෙමළ බස වැටහෙන අයෙකුට ඒ කවි අන්තවාදී නොවන බව පෙනේ..‘මෙම ග්‍රන්ථයේ අන්තවාදී අදහස් සහිත වූ බවට සොයා ගත්තා.’ 2020 ජුනි 17 වැනිදා නවරසම් නමැති ග්‍රන්ථයක් පිළිබඳ අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් සුරංග එසේ කියා තිබුණි. එයින් පසු, ‘අන්තවාදී ග්‍රන්ථයක්’ ලියා දරුවන්ට ඉගැන්වූ ගුරුවරයෙකු ගැන හිරු ටීවී, දෙරණ ටීවී ඇතුළු මාධ්‍ය ගණනක් ලියා කියා තිබුණි..පොත්පත් ලියා දරුවන්ටත් අන්තවාදය ඉගැන්වීම ගැන භයානක චිත්‍රයක් ඒ වාර්තාවලින් මැවුණි. දෙමළ භාෂාව නොදන්නා, මේ පොත නොකියවූ අය අර මාධ්‍යවලින් මැවූ භයානක චිත්‍රය පමණක් සිතට ගන්නවා නිසැකය..දිනය 2018 මැයි 15 වැනිදාය. තරුණ කවියෙකු තමන්ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබුණි. ඒ පොත් එළිදැක්වීමේ උත්සවය පටන්ගත්තේ ‘ශ්‍රී ලංකා මාතා- අප ශ්‍රී ලංකා’ ආදි වශයෙන් අපේ රටේ ජාතික ගීය ගායනා කරමින්ය. ඒ ‘නවරසම්’ නම් දෙමළ භාෂාවෙන් ලියූ කාව්‍ය ග්‍රන්ථයයි. එම පොත රහසේ ලියූවක් නොවේ. ප්‍රසිද්ධියේ එළිදක්වා අලෙවි කළ පිටු 125ක පොතකි. පොතේ ලියාපදිංචි අංකය අයිඑස්බීඑන් 978-955-7432-00-7 ය. අත්අඩංගුවේ ඉන්නේ ඒ පොත ලියූ කවියාය..අන්තවාදයක් නෑ.මේ වන විට අධිකරණ කටයුතු වෙනුවෙන් පිළිගත් පරිවර්තකයන් ලවා එම ග්‍රන්ථය දෙවරක් සිංහලට පරිවර්තනය කර ඇත. ඊට අමතරව අපද අප සතු සාමාන්‍ය දෙමළ භාෂා දැනුමෙන් පොත කියවා බැලුවෙමු. දෙමළ භාෂාව හොඳට දන්නා උදවිය ලවා කවිවල තේරුම විමසුවෙමු..‘ම්හු…’ පොලිස් සැරයන් සුරංග අධිකරණයට කී අන්තවාදී පොත ඒ පරිවර්තනවලවත්, අප කියවද්දී තේරුම්ගත් හැටියටත් පෙනෙන්නට නැත. ඒ වෙනුවට අන්තවාදයට එරෙහි අදහස් ඒ පොතේ ඇත..මෙම පොත පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය එම්.ඒ. නුහ්මාන් ලියූ සටහනක මෙසේ සඳහන්ය..‘කවි 45කින් සමන්විත මෙම කෙටි පොත මම කියවූවෙමි. අන්තවාදය පිළිබඳ කිසිවක් මම ඒ පොතේ නොදුටුවෙමි. ඒ වෙනුවට කවි කිහිපයක්ම අන්තවාදයට, හිංසනයට මෙන්ම යුද්ධයට එරෙහි ඒවා බව දුටුවෙමි. මෙම කවියා සැලකිලිමත් වී තිබුණේ ආගමික සදාචාරය, මනුෂ්‍යත්වය, ආදරය සහ සාමකාමී දිවියකි. එවැනි අදහස් අන්තවාදය ලෙස හැඳින්වීම පුදුම සහගතය. මෙම පොතේ ඇතැම් කවිවල (හිංසනයට එරෙහි කවි වල) රූපමය වශයෙන් ආයුධ රැගත් පුද්ගලයන්ගේ ඡායාරූප තිබීම නිසා දෙමළ භාෂාව නොදත් නිලධාරීන් මෙය අන්තවාදය පතුරුවන පොතක් යැයි සිතන්නට ඇත.’.පසුබිම් කතාව.මෙය නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමේ කුප්‍රකට සිදුවීමට සම්බන්ධය. අප මෙහි හිජාස් හිස්බුල්ලා සිදුවීම විස්තර කරන්නේ නැත. සරලව සහ කෙටියෙන් දැන් කිව හැකි එක් දෙයක් වන්නේ හිජාස් සම්බන්ධතා පැවැත්වූ නීති විරෝධී යැයි කියන කටාර් චැරිටි නම් සංවිධානය අදටත් යහතින් ශ්‍රී ලංකාවේ තිබෙන බවත්, මේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන බවත්ය. ඊට අමතරව ඔහු තැනූ, ඔහු ඇතුළු පිරිසක් දරුවන්ට ‘අන්තවාදය ඉගැන්වූ’ බව කියන මද්රසාවට සම්බන්ධ බොහෝ දෙනෙක් තවම නිදැල්ලේ සිටිති. මද්රසාවටත් කිසිදු ප්‍රශ්නයක් නැත. ඒ මද්රසාවේ අන්තවාදය ඉගැන්වූ බව තවම තහවුරු කර නැත. තහවුරු කරන්නට තබා තවම හරිහැටි චෝදනාවක්වත් නැත..කෙසේ වෙතත් හිජාස්ට එරෙහි පරීක්ෂණවලදී පුත්තලම කල්පිටියේ අල්මනාර් පෙදෙසේ 04 වන හරස් වීදියෙහි තිබී නවරසම් නම් ග්‍රන්ථයක් අත්අඩංගුවට ගත් බව කියා ඇත. ඉන්පසු පෙර කී මද්රසාවේ ඉගැන්වූ මොහොමඞ් ජසීම් මොහොමඞ් අහ්නම් නම් ගුරුවරයා මෙම කවි පොත ලීවායැයි සොයාගත් බව සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා ඇත. සිලාවතුරේ පදිංචි අහ්නබ් මැයි 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන සිටී..කියවා බලන්න.ඒ කවි සැඟවුණු කවි නොවේ. නවරසම් ග්‍රන්ථය සැඟවුණු එකක් නොවේ. මේ කවියාගේ කවි සමාජයෙන් සැඟවුණු ඒවා නොවේ. අනෙක තාක්ෂණය දියුණු කාලයේ ඒ කවිවල මූලික අදහස් තේරුම් ගන්නත් අසීරු නැත..මේ කවියාගේ බ්ලොග් අඩවියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පසු දින, එනම් 2019 අප්‍රේල් 22 වැනිදා දෙමළ භාෂාවෙන් ලියූ කවියක් ඇත. ඒ කවියෙහි තිබෙන්නේ එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දැඩි දෝෂාරෝපණ මුඛයෙන් කතා කෙරෙන කවියකි. දෙමළ භාෂාව නොදන්නා අයෙකුට වුව ප්බබ්ර්පමායමගඉකදටිචදඑගජදපරැ බ්ලොග් අඩවියට ගොස්, ‘ගූගල් ට්‍රාන්ස්ලේෂන්’ යෙදවුම පාවිච්චි කරමින් එහි කවි කියවිය හැකිය..පෙර කී අප්‍රේල් 22 කවියෙහි සරල සිංහල තේරුම මෙසේය. ‘සියදිවි නසාගෙන, අන් අයගේත් දිවි නැතිකරන ඔබට දෙවියන්ගේ නාමය කුමකටද? ඔබත් වැනසී, අන් අයත් වනසන ඔබට ඉස්ලාමීය නමක් කුමටද? ඔබත් නැති වී අන් අයත් වනසන ඔබට, නබිතුමාගේ නම මොකටද? අල් කුරානය මොකටද? එක් දිවියක් නසන විට, මුළු මානව සමාජයම නැසෙන බව අල් කුරානයෙන් ඉගෙනගත්තේ නැතිද? නුඹ කළ විනාශයෙන් ලංකා මාතාව කඳුළු සලනකොට නුඹ ස්වර්ගයට යන්න හිතනවාද? අපේ සමාජයේ නමින් නුඹ කළ පව්කාර ක්‍රියාවට මුස්ලිම් අයත් පීඩා විඳිනවා. නුඹ කළ අපරාධයට එරෙහිව මම සාක්ෂ්‍ය දෙනවා. නැති වූ හැම දිවියකටම මගේ කම්පනය, වේදනාව සහ ශෝකය ප්‍රකාශ කරනවා.’.මේ අදහස් අන්තවාදයක් ලෙස අර්ථකතනය කරන්නේ කෙලෙසද?.ළමා මනස.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් සුරංග ජුනි 17 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කර තිබුණු ප්‍රකාශයෙන් කොටසක් මෙසේය..‘ඒවා රචනා කළ මෙන්ම ඒවා ඉගැන්වීම් කළ ගුරුවරයා වන මොහොමඞ් ජසීම් මොහොමඞ් අහමඞ් නමැත්තා අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිනවා. මොහු රචනා කළ ප්‍රශ්න ගත ග්‍රන්ථය වන්නේ “නවරසම්” නමැති ග්‍රන්ථයයි. එම ග්‍රන්ථය පිළිබඳව විමර්ශනයක් කළා. එහිදී සැකකටයුතු තොරතුරු රාශියක් අනාවරණය වුණා. මෙම ග්‍රන්ථයේ අන්තවාදී අදහස් සහිත වූ බවට සොයා ගත්තා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු වෙනවා. මේ පොත් ඉගෙන ගත් ළමයින්ගේ මනසට කුමන ආකාරයේ බලපෑමක් සිදුවෙලා ද කියලා සොයා බලන්න වෙනවා..මෙම ග්‍රන්ථය සහ එහි සිංහල මෙන්ම ඉංග්‍රීසි පරිවර්තනය සහිත පොත් තුනක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ග්‍රන්ථ හැදෑරීමෙන් දරුවන්ගේ මනසට සිදුවූයේ කුමක්ද? දරුවන් සිය දිවි නසාගැනීමට පෙළඹීම් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් ද ළමා හා යෞවන මානසික වෛද්‍ය විශ්ලේෂකවරයකු ලවා මෙම වාර්තාව සකසා ගත යුතු වෙනවා.’.ඒ අනුව මේ පිළිබඳ විශ්ලේෂණයක් ලබාගෙන තිබේ. ඒ අනුව මෙම කවිවලින් ළමා මනසට හානි වීමේ ‘ඉඩක් ඇතැයි’ වාර්තා කර තිබේ. දැන් මෙම කවිවලින් අන්තවාදය පැතිරවීමේ චෝදනාව වෙනස් වී, ළමා මනසට නුසුදුසු අදහස් ඇති කවි පොතක් ලෙස අර්ථකථනය කර තිබේ..ළමා මනසට හානි වන අදහස් යන්න වරදවා වටහාගත යුතු නොවේ. අප පෙර විස්තර කර කවිය වුව ළමා මනසට හානිකර බව අර්ථකථනය කළ හැක. බෞද්ධ පන්සලකට ගිය කල එහි යක්ෂ රූප, විවිධාකාර මිනීමැරුම්වලට අදාළ රූප දැකගත හැකිය. පන්සල්වල දඟගෙවල්වල ඇත්තේ දකින්නට අසීරු විදියේ හිංසනයන්ය. බෞද්ධ සාහිත්‍යයේ පවා මරණය ගැන, අංගුලිමාල ගැන, මිනීමැරුම් ගැන කතා කරයි. ඒ, අපරාධවලට එරෙහි අදහසකින් මිස, ඒ අපරාධ ප්‍රවර්ධනය කරන අදහසෙන් නොවේ..අත්අඩංගුවට ගත් මොහොතේ කුමක් සිතුවාදැයි අප දන්නේ නැත. එහෙත් මේ මොහොත වන විට එම කවියා ‘ත්‍රස්තවාදියෙකු’ ලෙස ලේබල් කරන උදවිය ඔහුගේ කවි අන්තවාදී නොවන, ඇත්තටම අන්තවාදයට එරෙහි කවි බව නොදන්නවා නොවේ. ‘නවරසම්’ පොත කියවන්නේත් නැතිව එය අන්තවාදය පතුරුවන පොතක්යැයි මාධ්‍ය වාර්තා පළකරන ඔය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෙකු කී කතාවක් පරිවර්තනය කොට සාමාන්‍ය ජනතාවගේ බිය ඇවිස්සෙන අයුරින් පළ කරන්නට දෙපාරක් සිතන්නේ නැත..මේ කවියා සිංහලෙන් කවි ලීවා නම් මෙලෙස අත්අඩංගුවේ තබාගැනීමට හැකි වන්නේ නැත. ඒ, භාෂාව නිසා ඔහු ලීවේ මොනවාද, ඒවා අන්තවාදීද යන්න සමාජයටම දැකගත හැකි නිසාය. මේ අදහස්ම සිංහලෙන් ලීවා නම් කිසි ප්‍රශ්නයක් නැත..අන්තවාදයට එරෙහි අදහස් නොව, අන්තවාදී අදහස් වුව සිංහලයන් ලීවාට කිසි ප්‍රශ්නයක් නැත. ආගම වෙනුවෙන් මිනී මරන්නට, ‘සතුරන්’ යැයි සිතන අය නසන්නට, ඒ සතුරන් නසන අය දෙව්ලොව සැප ලබන බව කියන්නට, මරන්නේ ‘පරයන්’ නම් ඒ මිනීමැරුම්වලට පව් නැති බව කියන්නට සිංහල භාෂාවෙන් ප්‍රශ්නයක් නැත. බෞද්ධාගමේ නාමයෙන්, සිංහල ජාතියේ නාමයෙන් කරන ඕනෑ අපරාධයක් වීරත්වය නගන හැටි ලීවාට එය අන්තවාදය යැයි සලකන්නේ නැත..මීට පෙර කිවියර රත්න ශ්‍රී කියා ඇති පරිදි ඇස්. මහින්ද හිමි ලියා ඇති කවිවල ඇත්තේද සහරාන්ගේම අදහස්ය. එහෙත් ලියන්නේ දෙමළෙන් නම්, අන්තවාදයට විරුද්ධව ලීවත් එය ඕනෑ විදියකට අර්ථකථනය කළ හැක. නවරසම් ලියූ කවියාට මුහුණදෙන්නට සිදුව ඇත්තේ ඒ කටුක සත්‍යයටය.■..නවරසම් පොතේ කවි.දිවා භෝජනය.මහ මුහුදේ මාලු‍යි.පදමට කළ රසමුයි.……………………...කැකුළු හාල් බතුයි..හැඩට නටන.හංස රැඟු‍ම් දමන පාත්තයයි.ජලය කරා යන තාරා පැංචයි.පස අවුස්සා.කුණු ඇහිඳ කන කිකිළියි..බිම් සකසා.පෝර දමා පොළොව සරුකර හැදූ ගෙවත්තත්..දෙළුම්,.පේර, ගැමි කෙසෙල් ආදී.හැම නිවාඩුවකම නිසැකවම කා රස බලමි..දෙවියනි හැමදාකම නුඹෙන්ම මම යදිමි..ආපදා.මහපොළොවේ මහමුහුදේ දිය ගැලු‍ම..ගම්වැදී ජීවයන්,.මළබත් කිරීමෙන්.දෙවියෝ රකිත්වා..මාරක සුළං හමා, සෙවණ දෙන නිවස මතට,.ගස් වැනසෙද්දී.ආපදා යනු කිමක්දැයි,.වටහාගනිමු..ගස්කඳන් මත නැග මුහුදු යද්දී.චණ්ඩ මාරුතයකට ගස්කඳ හසුවී.ගස් කඳ පෙරළීමට මතුව.ආපදා ගැන දනිමු – යහකම් කරමු..වැසි ජල ගැලීම් වැඩි වී.ගං වතුර නිවසට.වැදීමට පෙර.අපි රක්ෂක.සරණ ලබමු..ගිනිකූරු ……… දල්වද්දී.වනය ගිනිගෙන දැවී යයි.ගමරට වියළී හිඳී යයි.ආපදාවලින් මිදෙමු...Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසේවා දළඹුවා බඩඉරිඟු ගොවිතැනට තිත තබයිද?.Next articleකොහේ හිටියත් මිනිස් හැඟීම් සමානයි – රංගන ශිල්පිනී ප්‍රියංකා සමරවීර.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනතාව ගැන මගේ විශ්වාසය: ආචාර්ය රොහාන් පෙතියාගොඩ එක්ක කතාබහක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනතාව ගැන මගේ විශ්වාසය: ආචාර්ය රොහාන් පෙතියාගොඩ එක්ක කතාබහක්.By කේ ඩබ්ලිව් ජනරංජන.June 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.මට කියන්න පුළුවන්ද, ඔබ පරිසරකාමියෙක්ද? පරිසරවේදියෙක්ද?.මම පරිසරවේදියෙක්ද කියන ප්‍රශ්නය තියෙනවා. බොහොම පරිසරවේදීන් පරිසරය සහ සංවර්ධනය අතර තියෙන සම්බන්ධය වැරදි විදියට තේරුම් ගන්නවා. සංවර්ධනය නොවුණු සමාජයක පරිසරය ආරක්‍ෂා කරගන්න පුළුවන්කමක් නැහැ. මිනිස්සු දුප්පත් නම් ඔවුන්ගෙන් පරිසරය ආරක්‍ෂා වෙන්නේ නැහැ. තමන්ට ජීවිකාව සොයාගැනීම සඳහා ඔවුන් පරිසරය ආක්‍රමණය කරනවා. ඒකට පිළිතුර දැඩි නීති නොවෙයි. ආර්ථික දියුණුව ඇතිකිරීමයි. ඒ වගේම, මිනිස්සු යහපත් ජීවන තත්වයක් අත්කරගෙන ඉන්නවා නම් තමයි ඔවුන්ට පරිසරය රැකගන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන හිතන්න පුළුවන් වෙන්නේ. සංවර්ධන ව්‍යාපෘතිවලින් පරිසරයට යම් බලපෑමක් වෙනවා තමයි. නමුත්, සංවර්ධනය නැතිනම් මිනිසුන් දියුණු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට, 1950 ගණන්වල ලංකාවේ නිවෙස්වලට විදුලිය සැපයීම තිබුණේ කොයිතරම් අඩුවෙන්ද? අද අපි සීයට සීයක් නිවෙස්වලට විදුලිය සපයනවා. ඒ සඳහා ජලාශ හදන්න සිද්ධවුණා. ඒවාට පරිසරවේදීන්ගෙන් කොපමණ විරෝධතා ආවාද? ඉහළ කොත්මලේ කුඩා ජලාශයක් හදන්න හදනකොට ඒකට ආ විරෝධතා නිසා අවුරුදු හතරක් ඒ ව්‍යාපෘතිය කල් ගියා. නමුත් ඒක අවසන් වෙනකොට ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගත්ත ප්‍රදේශවල වාසය කළ වතු කම්කරු ජනතාව නැවත පදිංචි කරලා, ඔවුන්ට නවීන නිවාස, ජලය, විදුලිය, වැසිකිළි ආදි සියලුම හොඳ පහසුකම් ලබාදුන්නා. ඔවුන්ගේ ජීවන තත්වය උසස් වුණා. අනිත් පැත්තෙන් ජලාශය නිසා ජලවිදුලිය ලැබෙනවා. මෙන්න මේ තුලනය තේරුම් නොගත්තොත් අපි නිකම්ම නිකම් පරිසරවේදීන් වෙනවා..පරිසරවේදීන් විසඳුමේ කොටසක් වෙන අතරම ඔවුන් ගැටලුවේත් කොටසක් වෙන බව අපට පෙනෙනවා. බොහොම පරිසරවේදීන් නවීන කෘෂිකර්මාන්තයට සහ ජල විදුලිය වැනි පිරිසිදු බලශක්ති විකල්ප සංවර්ධනයට එරෙහිව උද්ඝෝෂණ කරනවා. නමුත් ප්‍රායෝගික විකල්ප යෝජනා කරන්නේ නැහැ. හැම අලුත් ව්‍යාපෘතියකටම විශාල ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. එකෙන් ව්‍යාපෘති අවලංගු කිරීම හෝ ප්‍රමාද වීම වෙනවා. එක පැත්තකින් අපේ වත්මන් ආර්ථික අර්බුදය ඇතුළේත් අපි දකින්නේ ඒ ප්‍රතිරෝධයේ ප්‍රතිඵල. මිලියන 22ක ජනගහනයේ යහපැවැත්මට ආහාර සහ බලශක්තිය අවශ්‍යයි. සියලු සංවර්ධනයන්ට එරෙහිවෙලා වැඩක් නැහැ. මගේ අදහස් පාරිසරික ව්‍යාපාරයේ සගයන්ට අවුලක් වෙන බව මට තේරෙනවා. නමුත් කවුරු හරි යථාර්ථය ගැන කතාකරන්න ඕන..හොඳයි, ඔබ පරිසරකාමියෙක් නම්, පරිසරය පිළිබඳ බැඳීම ඔබට, ලංකාවේ මිනිසුන්ට එන්නේ කොහොමද?.ඒක නම් අපේ ජීවිතයෙන්ම අපට ලැබෙන දෙයක්. අපි ජිවිතවලින්ම පරිසරයට ආදරය කරන මිනිස්සු. ඉස්සර මිනිස්සු කැලේට ගිහින් එදිනෙදා පාවිච්චියට දර කඩාගෙන ආවාට ගස්වලට හානි කරන්නේ නැහැ. ලොකු ගස් කපන්නේ නැහැ. ඔවුන් දන්නවා පරිසරය සහ තමන් අතර තිබෙන තුලනය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා..මම හිතන්නේ බුදුදහමෙන් ඊට විශාල රුකුලක් ලැබිලා තියෙනවා. බුදුදහම පරිසරය ගැන සැලකිල්ලක් දක්වන දහමක්. උදාහරණයක් කියන්නං, මං එක දවසක් ගමක දොළ පාරක පර්යේෂණයක් සඳහා මාළු අල්ලමින් හිටියා. එතැනට ආව ගමේ අම්මා කෙනෙක් මට කිව්වා, මහත්තයා අද පෝය දවසෙත් මාළු අල්ලනවාය කියලා. ඒගොල්ලො මාළු අල්ලනවාට විරුද්ධ නැහැ. නමුත් පෝයදාට ඒක කළේ නැහැ. මම ඒක වහාම නැවැත්තුවා..අද අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ අවුරුදු 0-12 අතර දරුවන්ට. ඒ පරම්පරාවට. අද ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයන් පෙළෙනවා. ලෝකයේ දියුණු රටවල සාමාන්‍ය බුද්ධි මට්ටම සියයට වැඩි ගණනක් වෙනකොට ලංකාවේ 87යි. ඒකේ තේරුම මන්දපෝෂණය විසින් මන්ද බුද්ධිකතාව ඇතිකරනවා. මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයානොගත්තොත්, මේ පරම්පරාව රට බාරගන්නකොට අපි ලොකු අමාරුවක වැටෙනවා..දරුවන්ගේ මන්දපෝෂණය නැති කරන්න නම් ඔවුන්ට ප්‍රෝටීන් බහුල ආහාර දිය යුතුයි. ඒත් අද බිත්තරයක් රුපියල් පනහට ළංවෙලා. මුහුදු මාළු කිලෝවක මිල රුපියල් දාහකට වැඩියි. අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට මේ තත්වය යටතේ කොහොමද ප්‍රෝටීන් ලැබෙන්නේ? තත්වය මෙහෙම තියෙද්දී, රටේ මිරිදිය ජලාශවල හෙක්ටෙයාර් ප්‍රමාණයෙන් අපි සීයට හතකට විතරයි මිරිදිය මත්ස්‍යයන් බෝකරලා තියෙන්නේ. මිරිදිය ජලාශවල ජීවත්වන මිරිදිය මසුන් ඉතාම හොඳ ප්‍රෝටීන සැපයුම්කාරයෙක්. දුප්පත් මිනිසුන්ට මුහුදු මාළු කනවාට වඩා මිරිදිය මාළු කන එක ලාබයි. මිරිදිය මාළු කිලෝ එකක් තාමත් රුපියල් දෙතුන් සීයකට ගන්න පුළුවන්. ඉතින්, අඩු ගණනේ මිරිදිය ජලාශවල මාළු ප්‍රමාණය සියයට හතලිහකටවත් නංවන්නට අවශ්‍යයි, මේ ළමයින්ට අවශ්‍ය ප්‍රෝටීන් නිසියාකාරව ලබාදෙන්න. අවුරුදු දොළහට අඩු දරුවන් නිර්මාංශ කරලා හරියන්නේ නැහැ..අද වෙනකොට එළකිරි සහ පිටිකිරි පාවිච්චි කිරීම නිසා අලුත් පරම්පරාවේ තරුණ ළමයින්ගේ වැඩීම වැඩිවෙලා. තරුණ පිරිමි දරුවෙක් එයාගේ සීයාට වඩා සෙන්ටිමීටර් තුනක් පමණ උසයි. තරුණ ගැහැනු ළමයෙක් තමන්ගේ ආච්චිට වඩා සෙන්ටිමිටර් 8ක් පමණ උසයි. මම ඉස්කෝලයක් ඇරෙන වෙලාවට හිටියොත්, ඉස්කෝලෙන් එළියට එන ළමයි මට වඩා උසයි. ඒ වර්ධනය ඇතිවෙන්නේ ඒ පරම්පරාව කිරි සහ ප්‍රෝටීන් නිසි පරිදි ලබාගත්ත නිසා. ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් 0-12 වයස් කාණ්ඩයේ දරුවන්ට ඒ අවස්ථාව මගහැරෙමින් තියෙනවා..ගව සම්පත ගත්තොත්, අද ඒ සම්බන්ධයෙන් පවතින්නේ මිථ්‍යා ආකල්ප. සාමාන්‍ය තත්වයන් යටතේ ගවයන්ගෙන් ඇතිවන පැටවුන්ගෙන් සියයට පනහට පනහ පිරිමි සහ ගැහැනු. ලංකාවේ මේ පිරිමි සීයට පනහෙන් කිසිම වැඩක් නැහැ. කෘත්‍රිම සිංචනය මගින් ගැහැනු පැටවුන් සීයට 90ක් දක්වා වැඩිකරගෙන තියෙනවා. නමුත් සීයට 10ක් පිරිමි සත්තු. ඔවුන්ට කන්න සහ පෝෂණය දීලා බලා ගන්න වෙනවා. ඉතිරි ගැහැනු සතුන්ගෙනුත්, සාමාන්‍යයෙන් අවුරුදු තිහක ජීවිත කාලයෙන් අවුරුදු දහඅටයි කිරි ගන්න පුළුවුන්. ඉතිරි අවුරුදු දොළහ, කිසිම ප්‍රයෝජනයක් නැතිව මැරෙනකම් රැක බලාගන්න සිදුවෙනවා. මම දැකලා තියෙනවා, විශාල සත්ව ගොවිපොලවල, කිරි අරගෙන අවසන් වෙච්ච එළදෙනුන්, කැලෑවට මුදාහරිනවා ජීවත් වෙන්න. ඉතින් ඔවුන් හැම තිස්සේම ඉන්නේ බයෙන්. කොයි වෙලාවේ හෝ කොටියකු වැනි සතකුගේ ගොදුරක් වේවිය කියලා. ඔවුන් මැරෙන්නේ ඒ විදියටම තමයි, කාට හරි ගොදුරු වෙලා ඉතාම විශාල වේදනාවක් විඳලා. නමුත් අද, මේ සතුන් මස් සඳහා යොදාගන්නේ කොහොමද කියන එක සලකා බලන්න අවශ්‍යයි. මස් සඳහා මැරීමේදී, වේදනාව ඉතාමත් සුළු වෙන විදියේ දියුණු ක්‍රම අද ලෝකයේ භාවිත වෙනවා. නමුත් ලංකාවේ ආගමික සමාජය එවැනි දෙයකට කොපමණ ඉඩ දෙනවාද කියලා සැකයි..අද අපි බරපතළ ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. කෙටි කාලයකින් කාබනික කෘෂිකර්මය ඇතිකරන්න පසුගිය කාලයේ ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ග ඔබ විවේචනය කළා. කරුණු සහිතව. අද අපි ඒ අදූරදර්ශී ප්‍රතිපත්තියේ විපාක විඳින්න සැරසෙමින් ඉන්නේ...කාබනික කෘෂිකර්මය ලෝකෙ තියෙනවා. ඒත් සීයට දෙකක් තුනක් විතර, නීෂ් මාකට් එකක් හෙවත්, ඒකටම විශේෂවූ පාරිභෝගිකයන් පිරිසක් අතර. ඒ නිෂ්පාදනවල මිල ඉතා වැඩියි. රටක සාමාන්‍ය ජනතාවට කාබනික වගාවෙන් ආහාර සැපයීම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඉස්සෙල්ලා ලෝකයේ අංක එක වෙන්න හැදුව දකුණු ආසියානු කලාපයේ සමහර රටවල් පවා මේක අත්හදා බලන්න ගිහින් අතෑරලා දැම්මා..අපිට අවශ්‍ය හාල් ප්‍රමාණය අපි ලංකාවේ ඉපැදුවේ සීයට තිහයි. සීයට එකසිය තිහක් දක්වා ගෙනාවා, 2015 වෙනකොට. මහින්ද මහත්තයාගේ ධුර කාලය ඉවර වෙනකොට 2015දී, අපි සීයට තිහක් ගබඩා කළා, අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා. ඉතින් කොච්චර ලස්සනද? ඉතාමත්ම හොඳ තැනක අපි හිටියේ. 2015-16 යහපාලන ආණ්ඩුව කාලේ, 2015 අවසානයේ ඒගොල්ලන් මහමැතිවරණය දිනලා පොහොර සහනාධාරය නැති කරන්න බැලුවා. පොහොර නොමිලේ දුන්නේ නැහැ. ආනයනකරුවන්ට කිව්වා ඒගොල්ලන් කැමති නම් ගේන්න කියලා. පොහොර හිඟයක් ඇතිවුණා. අස්වැන්න ලබාගන්න කාලෙම වර්ෂාපතනයත් ගොඩාක් අඩුවුණා. ඉඩෝරයකුත් ආවා. ඒකෙන් අපේ සහල් අස්වැන්න සීයට හතලිහකට පහළ ගියා. ඒ විදියට මෑත කාලයේම අපිට උදාහරණයක් තිබුණා, ඒ කියන්නේ 2016 මහ කන්නයේ, පොහොර නැතිකළාම මොකද වෙන්නේ කියලා. අපි දැනගෙන හිටියා පොහොර නැතිවුනාම මොකද වෙන්නේ කියලා. ඉතින්, ආයෙත් එවැනි තීරණයක් ගත්තේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ..පොහොර භාවිතයේත් ප්‍රශ්න තිබුණා...පොහොර භාවිතය අඩුකරන්න ඕනය කියන එකේ තර්කයක් නැහැ, අඩු කළ යුතුයි. නිකං පොහොර දෙන එකේ තේරුමක් නැහැ. සහනාධාර දෙන එකටත් මම විරුද්ධයි. සහනාධාර දෙන්නේ අපේ බදුවලින්මනෙ. අපි බලන්න ඕනෑ ඒක භාවිතා කරන්නේ මොකටද කියලා. සමෘද්ධිලාභීන් වැනි අය අපි සහනාධාර දිලා බලාගත යුතුයි. නමුත් ගොවියා කියන්නේ බිස්නස් මෑන් කෙනෙක්. එයා වගාවෙන් ලාබයක් ගන්න බලන්නේ. පොහොරවල වියදම ඒ මිලට එකතු වෙන්න ඕනෑ..රජය තවම කියන්නේ නැහැ මහ අස්වැන්න සහල් කොච්චර ලැබුණාද කියලා. හැබැයි කියපු හැටියට සීයට 55ක් අඩුවෙනවා. සීයට 55ක් කියන්නේ හාල් ටොන් මිලියන 1.3ක්. අපි දැනටමත් ටොන් මිලියනයකට වඩා ආනයනය කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ ගොවීන් ලක්‍ෂයකට ආදායම අහිමිවෙලා. ගොවීන් ලක්‍ෂයක් කියන්නේ පවුල් ලක්‍ෂයක්. ඒ විදේශ විනිමය පාවිච්චි කරලා ඒ ආදායම කාටද දෙන්නේ? මියෙන්මාරයට, බංගලි දේශයට, ඉන්දියාවට. ඒ රටවල ගොවීන්ට තමයි වාසිය ලැබෙන්නේ. අපි ඒගොල්ලන්ගේ සහල් ආනයනය කරන නිසා. අපේ නිපැයුම් අඩු කිරීමෙන් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේක ගොඩ ගන්න හරිම අමාරුයි. ගොඩක් ගොවීන් වගාව අතහැරලා දාලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ව වගාවට ගෙන්වාගන්න හරිම අමාරුයි..අපි ඉන්න මේ මොහොත ගැන මොකක්ද ඔබේ විග්‍රහය?.වර්තමාන දේශපාලනය ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ දේශපාලන නායකයන් එක්කකෙනෙක් ගැනවත් මට කියන්න පුළුවන්කමක් නෑ මට විශ්වාසයක් තියෙනවා කියලා. අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා කියනවා. දේශපාලන වශයෙනුත් බංකොලොත් වෙලා. මේ මොහොතේ රටට අවශ සුදුසුකම් තියෙනවාය කියලා පෙනෙන එක දේශපාලන නායකයෙක්වත් නැහැ. සමහරක් අය ඉන්නවා දක්‍ෂ අය. හර්ෂ ද සිල්වා අනිවාර්යයෙන්ම දක්‍ෂයි මුදල් ඇමතිවරයා හැටියට වැඩකරන්න..මේ මොහොතේ රට වැටිලා ඉන්න මේ තත්වෙන් ගොඩ එන්න ජනතාවට කතාකරන්න ඕනෑ. අමෙරිකාවේ 1930 ගණන්වල මහා ආර්ථික අවපාතය තියෙනකොට ඒගොල්ලන් ගොඩආවේ කා එක්කද? ෆ්‍රෑන්ක්ලින් ඩී රුසවෙල්ට්. එයා හැම සතියකම රේඩියෝ එකෙන් ජනතාව ඇමතුවා. ඇමතුවා විතරක් නෙවෙයි සන්නිවේදනය කළා. ඒ කියන්නේ ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වා, අපි එක තැනක ඉන්නේ, අපි කොහොමද ගොඩ එන්නේ. මං මොකක්ද කරන්නේ, රජය මොකක්ද කරන්නේ, ජනතාව මොකක්ද කරන්න ඕන කියලා ලස්සන භාෂාවෙන් කිව්වා. දැන් අපිට ඒ වර්ගයේ කථිකයෝ අඩුයි. පාර්ලිමේන්තුව දිහා බලනකොට අනුර කුමාර දිසානායකට තියෙනවා ඒ ලක්‍ෂණය අනිවාර්යයෙන්. පාඨලී චම්පිකට තියෙනවා. ඉතාමත් දක්‍ෂ ලස්සනට, කෑගහන්නේ නැතිව ජනතාවත් එක්ක කතාබහ කරගන්න පුළුවන් ඒ දෙන්නාට පමණයි. දෙසිය විසිපහෙන් තවත් කෙනෙක් මම දැකලා නැහැ. හැබැයි ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක්වත් මේක බාරගත්තත් සාර්ථකව කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. පාඨලීට පක්‍ෂයක් නෑ. අනුර කුමාරගෙ ප්‍රතිපත්තිය ඇත්ත වශයෙන්ම මොකක්ද කියලා දන්නේ නෑ. ඒගොල්ලො විරුද්ධ මොකටද කියලා අපි දන්නවා. ඒගොල්ලො අපේක්‍ෂා කරන්නෙ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලො කියනවා හොරකම් කරපු සල්ලි ආයෙමත් ගේනවා කියලා. ඒවා කෙරෙන්නේ නැති වැඩ බව අපි කවුරුත් දන්නවා. ප්‍රායෝගික වැඩ නෙවෙයි. දූෂණය නැතිකරනවා කියනවා. ඒවා හොඳයි. හරි. නමුත් අපි කොහොමද රට ගොඩ ගන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය..ඒකයි, දේශපාලන අනාගතයක් ඇත්ත වශයෙන්ම මට පෙනෙන්නේ නැහැ. අලුත් එක්කෙනෙක් බිහිවෙයි කියලා මම නම් ප්‍රාර්ථනා කරන්නේ. එහෙම කෙනෙක් නම් මම තාමත් දැකලා නැහැ..දැන් රටේ සාමාන්‍ය මිනිස්සු මීට ඉස්සෙල්ලා නොදැකපු විදියේ විරෝධයක් තමන්ගේ ක්‍රියාකාරිත්වයෙන්ම පෙන්නලා තියෙනවා. ඒක කොහොමද ඔබ දකින්නේ?.ඒක හරි ලස්සනයි. විශේෂම ලක්‍ෂණය තමයි ඒක සාමකාමීව කරනවා. 2011 අරාබි වසන්තයෙදි දෙපැත්තෙන්ම ගොඩාක් භීෂණය තිබුණා. ලංකාවේදි පොලිසියයි හමුදාවයි වුණත් ඉතාම හොඳට හැසිරුණා. ජනතාවත් ඉතාම හොඳට හැසිරුණා. මං හිතුවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ළමයි බැස්සාම ගහගනීවි කියලා. මං දැක්කා අර පේරාදෙණිය විරෝධතාවේදී පොලිස් නිලධාරියෙක් කඳුළු ගෑස් වැදිලා අඬනවා, සරසවි ශිෂ්‍යයෙක් ගිහින් වතුර දෙනවා. කොච්ර ලස්සනද? අපේ මිනිස්සු ගැන මට තිබුණ විශ්වාසය ගොඩාක් ඉහළ ගියා එදා උද්ඝෝෂණයෙන් පස්සෙ..හැබැයි, දැන් ඒගොල්ලන්ගේ අරමුණ මොකක්ද? ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා බලකරන්න විදියක් නැහැ. අපේ ව්‍යවස්ථාව අනුව එයාට තව ඉන්න අවුරුදු දෙකක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව එයාව අයින් කරන්න අපිට විකල්පයක් නැහැ. ඒකත් අපි පිළිගන්න ඕනෑ. නමුත් මං පෞද්ගලිකව ඒක පිළිගන්නේ නැහැ. මං දිගටම කියනවා යන්න ඕනෑ කියලා. මම රජයත් එක්ක වැඩ කරන්නේ නැහැ. මට දෙතුන්පාරක් ඇවිත් කියලා තියෙනවා සේවය කරන්න කියලා. මං යන්නේ නැහැ..මේ තරුණ හෝ මහජන නැගිටීම් දේශපාලනික නැහැ කියලා විවේචනයක් තියෙනවා. ඒක නිසා මේක අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි කියලා..දෙකක්. එක, අසාර්ථක වීම. දෙක, අපි නොහිතපු තැනකට යන එක. අරගලයෙන් අපි වැඩ කොටසක් කරගත්තානේ. මහින්ද මහත්තයා ඇතුළු පවුලම අයින් වුණා ගෝඨාභය ඇරුණාම. කවුද මේකෙන් ප්‍රයෝජනය ගත්තේ? රනිල්නෙ. ඒකටද අරගලය කළේ. රනිල්ව අගමැතිවරයා කරන්නද මේ ළමයි ලක්‍ෂ ගණන් පාර බැහැලා උද්ඝෝෂණය කළේ. අපි හිතුවේ නැහැ එතෙන්ට යයි කියලා. නමුත් එතැනට තමයි ගියේ. අපි මතක තියාගන්න ඕනෑ, සංවිධානය හරියට සංවිධානය කරන්නේ නැතිව අරගලයක් ගෙනියන එකේ දුර්වලකම ඒක තමයි කියලා. 2011 අරාබි වසන්තයේදී කිව්වේ ඒකාධිපති හොස්නි මුබාරක්ව යවන්න ඕන කියලා. ඒක කෙරුණා. හැබැයි ඒගොල්ලන් අපේක්‍ෂා නොකළේ දැන් ඉන්න ඒකාධිපතියා පත්වෙයි කියලා. දේශපාලන රාමුව ඇතුළත උද්ඝෝෂණය කරන එක මම හිතනවා වැදගත් කියලා. අරගලයේ පණිවිඩ කීපයක්ම තිබුණානෙ. ගෝටා ගෝ. 225ම යන්න ඕන.. ඒකටත් මම එකඟ නැහැ, ඒකට විරුද්ධවත් මම කතාකළා. ඒක වැරදියි. ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඔය පාර්ලිමේන්තුවේ 225 අපි පත්කරපු මිනිස්සු. ඉතින් ඇඟිල්ල අපි දිහාට හරවනවා මිසක් ඒගොල්ලන්ගේ දිහාවට හරවලා වැඩක් නැහැ. ඒකට වගකීම අපි ගන්න ඕනෑ..ඒ වගේම වසර 74ක සාපය කතාවට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි කොච්චර දුර ආවාද මේ වසර 74දි. 2019 වෙන කොට අපි දකුණු ආසියාවේ මුල් රට. ඒක සාපයක් නෙවෙයිනේ. අපි නිදහස් අධ්‍යාපනය ලබාදෙනවා. නිදහස් සෞඛ්‍යය ලබාදෙනවා. සහල්වලින් ස්වයංපෝෂිත වුණා. හැම ගේකටම විදුලිය සපයනවා. ඒක සාපයක් නෙවෙයි ජයග්‍රහණයක්. ඔය දේශපාලන ප්‍රශ්න හැම රටේම තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෑ. ඒක ටිකක් මන්දගාමි ක්‍රියාවලියක්..ලංකාවේ අනාගතය ගැන දකින්නෙ කොහොමද?.අවුරුදු විස්සක්. 2019ට පෙර තිබිච්ච තත්වයට පත්වෙන්න තව අවුරුදු විස්සක් යනවා. මේ ඉදිරි අවුරුද්ද ගැන කතාකරන්න. අපි ණය ගෙවන්නේ නැහැ. පොලියවත් ගෙවන්නේ නැහැ. ඒවා එකතුවෙනවා. ඒ අතරෙ තව ණය ගන්නවා. කවදාහරි ඕක ගෙවන්න වෙනවානෙ. සමහර විට සීයට හතළිහක් විතර ඒකෙන් අයින් කරගන්න පුළුවන් වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි චීනය. චීනය අපිට විශාල වශයෙන් ණය දීලා තියෙනවා. අපිට විතරක් නෙවෙයි අප්‍රිකාවේ දුර්වල රටවල් සියල්ලටම. චීනය අපට ණය සහනයක් දුන්නා නම්, ඒ රටවලුත් ඉල්ලනවා අපටත් එහෙම දෙන්නය කියලා. ලියලා තියාගන්න පුළුවන්, ඒ නිසා චීනයෙන් කවදාවත් අපට ණය සහනයක් ලැබෙන්නේ නැහැ..ගෑස් තෙල් ප්‍රශ්නය ඇදෙනවා තව අවුරුද්දක්වත්. ඒකට සැලැස්මක් හදන්න ඕනෑ. සිම්බාබ්වේ ආජන්ටිනාව වැනි කලින් මේ ප්‍රශ්නයට මුහුණ දුන්න රටවල් ගැන බලනකොට, අපිට පේනවා ආයෙත් ගොඩඑන්න ඉතාම අපහසුයි කියලා. අවම වශයෙන් පරම්පරාවක් ගතවෙනවා..ඒකයි මම කියන්නේ 0 සිට 12 දක්වා දරුවො තමයි අපේ අනාගත ටිම් එක. ඒ ටීම් එක රැකගන්න දැන්. ■.රොහාන්පෙතියාගොඩ.එංගලන්තයේ ලන්ඩන් ලීනියන් සංගමය (The Linnean Society of London) 2022 සත්ත්ව විද්‍යාව සඳහා වූ ලීනියන් පදක්කම පසුගියදා ආචාර්ය රොහාන් පෙතියාගොඩට පිරිනැමුවා..රොහාන් පෙතියාගොඩ පේරාදෙණියේ උපත ලැබුවෙක්. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එංගලන්තයට ගිය ඔහු ලන්ඩන් කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා තිබෙනවා. සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී උපාධිය ලැබුවා..වෘත්තීය ජීවිතය ඔහු ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවකු ලෙසයි. පසුව ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා වුණා. තේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්..නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු, සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තියෙනවා. ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ඔහු පළ කර ඇති කෘති සංඛ්‍යාව 40කට වැඩියි..රොහාන් පෙතියාගොඩ ලොවට හඳුන්වාදුන් ජීවින් විශේෂ අතර බන්දුල පෙතියා (Pethia bandula) සුවිශේෂ මත්ස්‍යයෙක්. හේතුව ඒ මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වීමයි..අංකුර පර්යේෂකයන් සහ විද්‍යාඥයන්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) පිහිටුවීමට ක්‍රියා කළා..ආචාර්ය පෙතියාගොඩ පරිසරකාමියකු වුවත්, සංවර්ධනය හා පරිසරය ආරක්‍ෂා කරගැනීම ගැන තුලනාත්මක අදහස් දරන්නෙක්. එමෙන්ම, ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන සන්දර්භය ගැන ගැඹුරු හා විධිමත් දැක්මක් ඇති අයෙක්..මෙහි දැක්වෙන්නේ ඔහු සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් නිර්දය ලෙස සංස්කරණය කරගත් උපුටාගැනීම් කිහිපයක්. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅර්බුදය, මර්දනය හා දෙවන රැල්ල.Next articleඔබේ පරම්පරාව Xද? Yද? Z?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අත තැබූ-නොතැබූ කියුබාවට අන්තිමේ වුණේ මොකක්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අත තැබූ-නොතැබූ කියුබාවට අන්තිමේ වුණේ මොකක්ද?.By සංස්කාරක.June 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.කියුබාව, වසර 45ක් තනි කැමරාකරුවකුගේ ඇසින්.Cuba and the Cameraman (2017).වර්ෂ 2000 වන විට තත්වය තරමක් සතුටුදායක වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය නිසාය. හවානා නුවර සංචාරක හෝටල් නවීකරණය වෙමින් තිබේ. කලා වෙළඳ පොළ සංචාරකයින්ගෙන් පිරී ඇත. චේ ගුවේරාගේ සුප්‍රසිද්ධ අලේඛ්‍ය ඡායාරූප විවිධ ආකාරයෙන් ඩොලර්වලට අලෙවි වෙයි..■ අතුල දිසානායක.සමාජවාදය අදහන තුන්වන ලෝකයේ රටවල වාමාංශිකයන්ගේ පරමාදර්ශී රාජ්‍යයක් වූයේ කියුබාවයි. ෆිදෙල් කස්ත්‍රෝ සහ චේ ගුවේරා විසින් ආයුධ සන්නද්ධ අරගලයකින් සමාජවාදී කියුබාව පිහිටුවනු ලැබුවේ 1959 දීය. සීතල යුද සමයේ තෙවන ලෝක යුද්ධයක් ඇතිවිය හැකිව තිබූ එක් මර්මස්ථානයක් වූයේ ද කියුබාවයි. කියුබානු රජය පෙරලා දැමීමට 1961 දී ඇමරිකාව ගත් අසාර්ථක ප්‍රයත්නයත් සමග 1962 දී රුසියාව කියුබාවේ න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කිරීමට ගත් උත්සාහය නිසා ලෝකයම විනාශය කරා ගෙන යා හැකි යුද්ධයක් මහ බලවතුන් දෙදෙනා අතර ඇතිවීමට ඉඩ තිබුණි. අවසානයේ කියුබානු මිසයිල අර්බුදය සාමකාමීව විසඳෙන්නේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ සෝවියට් නායක නිකිතා කෘෂේව්ගේ දුර දක්නා තීරණය නිසාය..සමාජවාදී කියුබාව දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර කඳවුරේ බලවතා වූ ඇමරිකාවේ දොරකඩ නොසැලී සිටීම එකල ලංකාවේ සමාජවාදීන් ප්‍රහර්ෂයෙන් පිනා යන කරුණක් විය. ඔවුන් පසුගිය දශකය මැද දක්වා මහත් ආඩම්බරයෙන් කියුබාව ගැන කියූ ජනප්‍රිය කතාවක් ඇත. “බලන්න සහෝදරයා ඇමරිකාවේ මිනිස්සු ඇමරිකානු ජනාධිපතිවරු දහයකට වැඩිය දැක්කා. ඒත් ඔවුන් දැක්කේ එක පිදෙල් කස්ත්‍රෝ කෙනයි.” එකල කිසිදු ප්‍රතිතර්කයක් නොනගා එය අසා සිටියත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ලංකාවේ එක් රාජ්‍ය නායකයකුගේ වසර පහක වත් ධුරකාලයක් අපට ඉවසාගත නොහැකි නම්, තනි පක්ෂයක් ඇති කියුබාවේ මිනිසුන් එක් පාලකයකු දශක පහකට ආසන්න කාලයක් කෙසේ ඉවසා සිටින්නට ඇත් ද? යන සාධාරණ ප්‍රතිතර්කය දැන් නගන්නට සිතෙන්නේ නිරායාසයෙනි..ඇමරිකානුවන්ගේ එදිරිවාදිකම්වලට කියුබාව ලක්වන වාරයක් පාසා ලංකාවේ වාමාංශිකයන්, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට “කියුබාවට අත නොතබනු” යනුවෙන් සටන් පාඨ කීවේ කියුබාව පිළිබඳ වූ සමාජවාදී අනුරාගයෙනි. එහෙත් දැන් පෙර කී ලෙස “කියුබාවට අත නොතබනු” යනුවෙන් සටන් පාඨ කියන්නට ලෝකයේ කවර තැනක වත් ඉදිරිපත් වන සමාජවාදීහු නැත. දැන් කියුබාවට අත තියන්නට ඇමරිකාවට අවශ්‍ය නැති නිසාය. “අත නොතබනු” යයි කියූ කියුබාවට සත්‍ය වශයෙන්ම අවසානයේ කුමක් සිදුවීද?.ඇමරිකානු වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු සහ ජනමාධ්‍යවේදියකු වන ජෝන් ඇල්පර්ට් (Jon Alpert) දශක පහක් තිස්සේ (1972-2016) ඇමරිකාවේ සිට කියුබාවට යමින් එමින් රූගත කොට නිමවූ පැයකුත් විනාඩි 53 ක් පුරා දිවෙන Cuba and the Cameraman (2017) අපූරු වාර්තා චිත්‍රපටයකි. ඔහු කියුබාවට සිදුවූ දේ පිළිබඳ චිත්‍රයක් තාර්කික ප්‍රවේශයකින් අප ඉදිරියේ ඇඳ පෙන්වයි. වාර්තා චිත්‍රපටය සහභාගිත්ව (Participatory) ශානරයට ඇතුළත් වේ. එය දේශපාලනික මෙන්ම මානව විද්‍යාත්මක වටිනාකමක් ඇති සුවිශේෂ වාර්තා චිත්‍රපටයකි. කියුබාවේ ඈත ගමක වෙසෙන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියක ද, නාගරිකව වෙසෙන පවුල් කිහිපයක් ද කේන්ද්‍ර කරගනිමින් කියුබාවේ අවශේෂ සමාජ, ආර්ථික හා දේශපාලනමය තත්වයන් තුළින් කියුබාවේ සමාජවාදී පසුබිම දශක පහකට ආසන්න කාලයක් පැවැති අන්දම රූපණය කරන්නට ජෝන් ඇල්පර්ට් මෙම වාර්තා චිත්‍රපටයෙන් උත්සාහ දරයි..ජෝන් ඇතුළු පිරිස නිව්යෝර්ක් නගරයේ ජනයා මුහුණ දෙන විවිධ කාලීන සමාජ සහ ආර්ථික ප්‍රශ්නය වීඩියෝ කැමරාව ආධාරයෙන් ගවේෂණය කරමින් සිටිති. ඒ පටිගත කිරීමේ පහසුකම් සහිත ජංගම වීඩියෝ කැමරාව හඳුන්වා දුන් මුල් කාලයයි. මේ අතර නිව්යෝර්ක් නගරයේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්නවලට සමානව කියුබාවේ වැසියන් මුහුණ දෙන ප්‍රශ්නවලට පිළියම් යෙදීමට කියුබානු විප්ලවීය ආණ්ඩුවේ ෆිදෙල් කස්ත්‍රෝ සමාජ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යන බව ජෝන් ඇල්පර්ට්ට දැනගන්නට ලැබෙයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, සෑම කෙනෙකුටම නිවාස ආදිය මේ වැඩසටහන යටතේ කියුබානු වැසියන්ට ලැබෙයි. මේ අතර කියුබානු නායකයා හවානා නුවර දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් අමතමින් මෙසේ කියයි. “අපි සටන් කරනවා. අපේ කම්කරුවන් ඇමරිකාවේ ධනපතියන්ට යටත් නැත. ඇමරිකානු එක්සත් ජනපදයේ දොරකඩ සමාජවාදී විප්ලවයක් සිදු කිරීම ඔවුන් ඉවසන්නේ නැහැ.”.අනතුරුව දර්ශනය වන්නේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනෙඩි මියාමිහිදී ඇමරිකානු ජනතාව අමතන අන්දමයි. එහිදි ඔහු මෙසේ කියයි. “කියුබානුවන් ආර්ථිකමය වශයෙන් සූරාකෑම නිම කරන බවට කියුබානු ජනතාවට පොරොන්දු ලබා දී ඇත. ඔවුන්ට පොලිස් රාජ්‍යයක් ලැබී ඇත. මට සහතික කරලා කියන්න පුළුවන් දවසක කියුබාව නැවත නිදහස ලබන බව.”.1972 දී කියුබාව අතහැර ලක්ෂ ගණනාවක් ඇමරිකාවට පලාආහ. ජොන් ඇල්පර්ට් සිතන්නේ සත්‍ය තත්වය දැක ගැනීමට තමන්ම කියුබාවට යා යුතු බවයි. ඔහු සිය කැමරා ආම්පන්න රැගෙන කියුබාව බලා යාත්‍රා කරයි..එතැන් සිට දශක පහක පමණ කාලයක් වරින් වර කියුබාවට යමින් ජෝන් සිය කැමරාවෙන් කියුබානු ජනජීවිතය රූගත කරයි. මුලින්ම රූගත කරන්නේ හවානා නගරයට දුරින් වූ ගමක ගොවියන් වූ 64 හැවිරිදි Cristobal සහ ඔහුගේ සොයුරන් වූAngel, Gregorio සහ සහෝදරිය වූ Lilo ය. මේ ගොවියෝ ස්වයංපෝෂිතය. එහෙත් ගොවිතැන කෙරෙන්නේ අතිප්‍රාථමික ස්වරූපයෙනි. ඉඩම් රජය සතු වන අතර ඔවුන්ගේ ශ්‍රමයට ගෙවීමක් නොලැබේ. ඔවුන් සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි. එය විප්ලවය වෙනුවෙන් තමන් කළ යුතු උදව්වක් ලෙස ඔවුහු හඳුන්වති. සරල ජීවිතයක් ගත කරන මේ ගැමියෝ වැඩ අහවර වූ පසු ප්‍රිය සම්භාෂණ සංවිධාන කොට, අඩියක් පුඩියක් ගසා ගීතයක් ගයා සිය ගැමි ජීවිතය ගෙවා දමයි..මේ වන විට කියුබාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමට දැවැන්ත ලෙස ගොඩනැගිලි ඉදිවෙයි. රජය සෑම වැසියෙකු සඳහාම නොමිලේ නිවසක් ලබාදීමට, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින අයුරු ජෝන් දකියි. ෆිදෙල් මේ සියලු කාර්යයන් කරන්නේ සෝවියට් දේශය ලබා දෙන ආධාර මත පදනම් වෙමිනි. උක් වගාව සරුවට කෙරෙන අතර 1975 වන විටත් කියුබානු සමාජවාදය හොඳින් ක්‍රියාත්මක වන බව පෙනේ. නගරයේ ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස තිබෙන බව පෙනේ..1979දී ෆිදෙල් කස්ත්‍රෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණෙයි. කියුබාවෙන් ඇමරිකාවට පලා ආ මිනිස්සු කියුබානු නායකයාට විරෝධතා දක්වති. ගුවන් යානය තුළ දී ජෝන් ෆිදෙල්ගෙන් අසන්නේ මිනිසුන් ඔබව මරා දැමීමට අවශ්‍ය බව කියනවා ඒ ගැන බියක් නැතිද? යනුවෙනි. එහි දී ෆිදෙල් සිනහවෙමින් කියන්නේ “කිසිවෙකු ඔහුගේ වෙලාව එනතුරු මැරෙන්නෙ නෑ” යනුවෙනි. මිනිසුන් නිරන්තරයෙන් පවසන්නේ ෆිදෙල් වෙඩි නොවදින ඇඳුමක් ඇඳ සිටින බව යයි ජෝන් කියයි. සිය සුරුට්ටුව පසෙකට කළ ෆිදෙල් සිය හමුදා ඇඳුම නිරාවරණය කොට කිසිදු ආරක්ෂිත ඇඳුමක් නැති බව පෙන්වයි. තමන්ට ඇත්තේ සදාචාරය නමැති ආරක්ෂිත කබාය බවත් එය ශක්තිමත් බවත් තමන් නිව්යෝර්ක් නුවරට ගොඩබසින්නේ එලෙස බවත් ෆිදෙල් කියයි..එක්සත් ජාතීන් අමතමින් ෆිදෙල් කියා සිටින්නේ පොහොසත් රටවල් සහ දුප්පත් රටවල් අතර සබඳතාවන් සාමකාමි ලෙස සහ බුද්ධිමත් ලෙස ගොඩ නැගෙන්නේ නැතිනම් අනාගතය විනාශයක් වනු ඇති බවය..විප්ලවය සමග සිටින්නට බැරි නම් රට හැර යන්නට කාලය පැමිණ ඇති බව ෆිදෙල් ජනතාවට කියා සිටී. කියුබාව හැර යන්නන් රැගෙන යාමට ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකානු බෝට්ටුවලට ඉඩ දුන්නේය. සමාජවාදය හැර යන්නන්ට ෆිදෙල් එසේ ඉඩ දුන්නේ සූක්ෂ්ම උපායක් නිසා බව පසු කාලයකදී අනාවරණය විය. කියුබාව හැර යන්නන් ගොඩේ ෆිදෙල් කියුබානු ඔත්තුකරුවන්ට ද ඇමරිකාවට යන්නට ඉඩ සැලසූ බව කියවේ. 2019 වසරේ තිරගත වූ Wasp Network චිත්‍රටය එලෙස පලාගිය ඔත්තුකරුවකුගේ සත්‍ය කතාවක් ඇතුළත් වෘත්තාන්ත චිත්‍රපටයකි.මෙලෙස කියුබාව හැර යන්නවුන් අතර කියුබානු සිරගෙවල්වල සිටි සාමාන්‍ය සිරකරුවෝ ද, දේශපාලන සිරකරුවෝ ද, මානසික රෝහල්වල සිටි රෝගීහු ද වූහ..ජෝන් නැවතත් කියුබාවේ ගැමි මිතුරන් හමු වීමට යයි. ඔහු දැන් 80 වියේ පසුවෙයි. ඔවුන්ගේ ජීවිතවල කිසිදු වෙනසක් වී නැත. ඔවුන් සතුටින් සිටින බව පෙනේ. එහි රහස නිතරම වැඩ කිරීම යයි ඔවුහු කියති. නවීකරණය වී නැති, ගරා වැටෙමින් පවතින නගරයේ ගෙවල් අතරින් ජෝන් යන්නේ අවුරුදු 16 කට පෙර රූගත කළ දැරියක සොයා ගෙනය. ඇය දැන් අඩු වයසින් විවාහ වී ඇත..මේ 1989 වර්ෂයයි. කියුබාවට සැතැපුම් 3000 ක දුරින් යුරෝපයේ බටහිර ධනේශ්වර ජර්මනියත්, නැගෙනහිර සමාජවාදී ජර්මනියත් වෙන් කළ බර්ලින් තාප්පය බිඳ වැටෙයි. ඒ සමගම සමාජවාදී සෝවියට් දේශයත් බිඳ වැටෙන අතර සෝවියට් දේශයෙන් කියුබාවට ඒ වන විට ලැබෙමින් තිබූ සහනාධාර ද නැවතෙයි. ජනතාව අමතමින් ෆිදෙල් කස්ත්‍රෝ කියන්නේ තමන් දුෂ්කර කාලයකට පිවිස ඇති බවත් එහෙත් කියුබානු විප්ලවය සහ කියුබානු සමාජවාදය ආරක්ෂා කිරීම සුවිශේෂ කාර්යයක් බවත්ය..ක්‍රමයෙන් කියුබාවේ ඉදිකිරීම් අංශයේ තාක්ෂණික උපකරණ කැඩී බිඳී යයි. ඉදිකිරීම්වලට අවශ්‍ය ද්‍රව්‍ය පුරවාගත් සෝවියට් නැව් සෝවියට් දේශය බිඳ වැටුණු පසු නැවත පැමිණ නැත. අතිප්‍රාථමික තත්වයෙන් පවත්වාගෙන යන බස් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත. වෙළඳසැල්වල රාක්ක හිස්වී ඇත. කියුබාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික නිෂ්පාදනය වූ සීනි ඇති තරම් අලෙවියට තිබුණත් ඒවා නිකුත් කරන්නේ සලාක ක්‍රමයකටය. ආහාර සඳහා දිගු පෝලිම්ය. සතියකට එක් පවුලකට ලැබෙන්නේ මාළු රාත්තලකි. එක් දිනකට පුද්ගලයකුට ලැබෙන්නේ පාන් ගෙඩියකි. ඇතැම් තරුණයින් කොකේන් මත්ද්‍රව්‍ය විකිණීමට පෙළඹී ඇත. ගරා වැටුණු, අපිරිසිදු නිවාස සංකීර්ණවලින් නගර පිරී ඇත. ඒ වන විට සෑම දිනකම පැය හතරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ..1993 වර්ෂය උදාවී ඇත. ජෝන් කැමරාව රැගෙන ෆිදෙල් හමුවට ගොස් කියුබාවේ ආහාර හිඟය ගැන ෆිදෙල්ගෙන් විමසයි. “අපගේ මූලික ප්‍රශ්නය යුරෝපයේ ප්‍රශ්න නොවේ. ඇමරිකාවේ ප්‍රශ්න නොවේ. අපගේ ප්‍රශ්නය සම්බාධකයි. සෝවියට් දේශයේ බිඳවැටීම කනගාටුදායකයි. ඒ තත්වය අප වැනි රටවලට මහත් ඛේදවාචකයක්”..ජෝන් නැවත කියුබාවේ ගම්බද ජීවත් වන ගැමි මිතුරන් තිදෙනා (සහෝදරයන් තිදෙනා) හමුවීමට යයි. ඔවුන් දැන් වයස අසූ ගණන්වලය. මස් පිණිස ඔවුන්ගේ එක් ගවයකු කොල්ල කා ඇත. දැන් ඔවුන්ට සිටින්නේ එක් ගවයෙකි. මේ නිසා වැඩියෙන් කායික ශ්‍රමය වගුරන්නට ඔවුන්ට සිදුවී ඇත. ඒ මදිවාට අශ්වයන් ද ඔවුන්ට අහිමි වී ඇත. ඔවුන් වගා කරන අස්වනු සොරා ගන්නා අය ද වෙති. සොරුන් නිවාසවලට පැන බඩු භාණ්ඩ ද සොරා ගන්නා බව මේ ගොවියෝ කියති. සුබසාධන කටයුතු අඩපණ වී ඇත. යොවුන් වියේ පාසල් සිසුන් පවසන්නේ තත්වය නරක බවත් වැඩියෙන් ආහාර අවශ්‍ය බවත්ය. පාසල් සිසුන්ට ආහාර ලෙස දෙන්නේ අර්තාපල් සහ බිත්තර පමණි. මස් සොයා ගන්නට නැත. රෝහල්වල අවශ්‍ය තරම් බෙහෙත් ඇත්තේ නැත. ශල්‍යාගාරවල ඇත්තේ ඉතා පැරණි උපකරණය. ශල්‍ය කටයුතු සඳහා භාවිත කරන අත්වැසුම් ඉරෙන තුරු නැවත නැවත සෝදා භාවිතයට ගැනීමට සිදුව ඇත..1995 වර්ෂය උදාවෙයි. කියුබාවේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වී දැන් වසර පහක් ගතවී ඇත. ඔහු ගැමි පළාතේ මිතුරු ගොවියන් හමුවට යයි. ක්‍රිස්ටොබාල්, ග්‍රෙගරියෝ සහ ඇන්ජෙල් වයෝවෘද්ධ වයසේ වුවත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙති. ඔවුන්ට ඉතිරි ව සිටි සතුන් ගවයින්, අශ්වයින්, ඌරන් ආදි සියලු දෙනාම මස් පිණිස සොරකම් කර ඇත..වර්ෂ 2000 වන විට තත්වය තරමක් සතුටුදායක වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය නිසාය. හවානා නුවර සංචාරක හෝටල් නවීකරණය වෙමින් තිබේ. කලා වෙළඳ පොළ සංචාරකයින්ගෙන් පිරී ඇත. චේ ගුවේරාගේ සුප්‍රසිද්ධ අලේඛ්‍ය ඡායාරූප විවිධ ආකාරයෙන් ඩොලර්වලට අලෙවි වෙයි. කියුබාවේ ඉංජිනේරුවෝ, ජනමාධ්‍යවේදියෝ කලා වෙළඳපොලේ විවිධ කලා නිර්මාණ අලෙවි කරති..එක් තරුණයකු දුර්වල අපැහැදිලි රූප ඇති රූපවාහිනිය දෙස බලමින් කියන්නේ තමන් ෆිදෙල්ගේ උත්සවයක් නරඹන බවය. එහෙත් ඔහු කියන්නේ සියල්ල බොරු බවයි. තමන් කොමියුනිස්ට් නොවන අතර තමන් යථාර්ථවාදියකු යයි ඔහු කියයි..ජෝන් ගොවිපලේ මිතුරන් තිදෙනා හමුවීමට යයි. දැන් එක් අයෙකුගේ වයස අවුරුදු 92 කි. ඔහු තවමත් හොඳින් ගොවිපලේ වැඩ කටයුතු කරයි. ගොගෙරියෝගේ වයස අවුරුදු 88 කි. ක්‍රිස්ටොබාල්ට උගුරේ පිළිකාවක් ඇති වී ශල්‍යකර්මයක් සිදු කොට ඇත. දැන් ඔහුට කතා කිරීමට නොහැකිය. නැවත කතා කරන්නට නම් විද්‍යුත් උපකරණයක් අවශ්‍යය. එහෙත් එවැන්නක් කියුබාවේ නැත. නොමිලේ සෞඛ්‍ය සේවය ඇතත් රෝහල්වල ඇත්තේ යල් පැන ගිය පැරණි උපකරණය. ඇතැම් ඒවා 50-60 දශකයේ භාවිත වූ උපකරණය. ක්‍රිස්ටොබාල් ශල්‍යකර්ම සිදුකරන වෛද්‍යවරයාගේ වැටුප මසකට ඩොලර් 25 කි. එය ඒ වන විට එරට ටැක්සි රියැදුරකු සොයන මුදලටත් වඩා අඩුය..මාස දෙකකට පසු නැවත ජෝන් ඇමරිකාවේ සිට පැමිණෙන විට ක්‍රිස්ටොබාල්ට කතා කිරීමට පහසුවන විද්‍යුත් උපකරණයක් ගෙන එයි. ක්‍රිස්ටොබාල් සිය ඥාතින් අතරට ගොස් සතුටින් කතා කරයි. ඔහුගේ සහෝදරයන් දෙදෙනාද, සහෝදරිය ද සතුටට පත්වෙති. එය වාර්තා වැඩසටහනේ එක්තරා සංකේතාත්මක උත්ප්‍රාසයකි. සමාජවාදී කියුබානුවන්ගේ වියැකී ගිය හඬ නගන්නට ධනවාදී ඇමරිකානු තාක්ෂණයෟ.2006 වසර එළඹී ඇත. වාර්ෂිකව සමරන ෆිදෙල්ගේ උපන් දින උත්සවය දැවන්ත හමුදා සංදර්ශනයකි. කියුබානු මෙන්ම ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීහු ද එය වාර්තා කිරීමට සැදීපැහැදී සිටිති. නමුත් 80 වියේ පසුවන ෆිදෙල් රොගාතුර වී ඇති බැවින් ඔහු වෙනුවට උත්සවයට පැමිණෙන්නේ ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝය. සමාජවාදී රටවල පාලකයින්ට තිබුණු “පෞරුෂත්ව උන්මාදය” (Cult of Personality) යම් ප්‍රමාණයකට ෆිදෙල්ට ද තිබුණේය..ජෝන් ගැමි ගම්මානයේ ගොවි මිතුරන් සොයාගෙන යයි. ඒ යන විට සහෝදරයන් තිදෙනාම මිය ගොසිනි. ඉතිරිව සිටින්නේ වයෝවෘදිධ නැගනිය ලිලෝ පමණි..2016 වසර එළඹෙයි. දැන් කියුබාවේ හවානා නුවර වීදි සංචාරකයින්ගෙන් පිරී ඇත. නව ගොඩනැගිලි ඉදි කෙරී ඇත. මුදල් ලබාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ද කියුබාවට පැමිණ ඇත. තරුණ ජනයා ස්මාර්ට් දූරකථන භාවිතා කරති. එහෙත් ජෝන්ගේ මිතුරන් ජීවත්වන නාගරික නිවාස සංකීර්ණය නම් පසුගිය වසර 20 තුළ කිසි ආකාරයකින් දියුණු වී නැත. නාගරිකව වෙසෙන එක් මිතුරෙකු යන්තම් ආර්ථිකය දියුණු කර ගෙන ඇත. ඊට හේතුව කියුබානු රජය සමාජවාදී ආර්ථික මොඩලය ප්‍රතිසංස්කරණය කරමින් පුද්ගලික දේපළ ක්‍රමයට යම් ප්‍රමාණයකට ඉඩ දීම නිසා පුද්ගලික ව්‍යාපාර කිරීමට හැකි වී තිබිමය. ජෝන්ගේ මිතුරාගේ අභිප්‍රාය රාජ්‍ය අංශයේ මෙන් විශාල වෙළඳ සැලක් ආරම්භ කිරීමය..ෆිදෙල් ගේ 90 වන උපන් දිනය යෙදී ඇති දිනයේ තව එක් වරක් හෝ ෆිදෙල් දැක බලා ගැනීමට ජෝන්ට අවශ්‍ය ය. ඔහුට ෆිදෙල් හමු වීමට අවස්ථාව උදාවේ. ඒ වන විට ෆිදෙල් සිටින්නේ රෝද පුටුවකය. ජෝන් ෆිදෙල්ට හිස් වැසුමක් පරිත්‍යාග කරන අතර ෆිදෙල් ජෝන්ගේ කමිසයේ සිය අත්සන යොදයි. ඔහු ෆිදෙල්ට සමු දෙයි. 2016 නොවැම්බර් 25 ෆිදෙල්ගේ සොයුරු රාවුල් කස්ත්‍රෝ ෆිදෙල් අභාවප්‍රාප්ත වූ බව නිල වශයෙන් නිවේදනය කරයි..ආධාරකරුවන් ෆිදෙල්ගේ ඇමරිකානු විරෝධී ස්ථාවරය ප්‍රශංසාවට ලක් කළත්, මානව හිමිකම් ක්‍රියාකාරීහු ෆිදෙල්ගේ ඒකාධිපතිත්වය විවේචනය කරති. පැරණි පරම්පරාව ද, තරුණ පරම්පරාව ද ෆිදෙල්ගේ භස්මාවශේෂ රැගෙන යන රථ පෙරහැරට එක්වී කඳුළු සලති. හඬා වැටෙති. එක් පියෙකු කොකා කෝලා කැප් තොප්පියක් පැළඳ හඬමින් සිටින සිය පුත්‍රයාට කියන්නේ “ෆිදෙල්ගේ කාලය ඉවරයි. ඔබ වැනි දරුවන්ගේ යුතුකම වන්නේ කියුබාව වෙනුවෙන් සටන දිගටම ගෙන යාම” බවයි..කියුබාව දැන් සමාජවාදයට ප්‍රතිසංස්කරණ එක් කරමින් ධනවාදය දෙසට ඉතා සෙමින් වුවද පරිවර්තනය වෙමින් සිටී. දේශපාලනික පසමිතුරුභාවයන් අමතක කොට, ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 2016 කියුබාවට ගොඩබැස්සේය. කියුබානු විප්ලවයෙන් පසු කියුබාවට පැමිණ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා ඔබාමාය. සෝවියට් ආධාර සහ සුබ සාධනය පමණක් ප්‍රමුඛත්වය දුන් කියුබාව විද්‍යාත්මක, තාක්ෂණික නිෂ්පාදන කෙරෙහි එතරම් අවධානය කළ බවක් නොපෙනේ. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කියුබාවද බිඳ වැටෙන්නට එක් හේතුවක් වූයේ එයයි..වාර්තා චිත්‍රපටය යනු සමාජයක තථ්‍ය ස්වරූපය විදහා දක්වන්නකි. යුරෝපයට, ඇමරිකාවට සංක්‍රමණය වන්නට සිහින දකිනවා විනා, සංක්‍රමණය වනවා විනා කියුබාවට මොහොතකට හෝ යන්නට ලංකාවේ සමාජවාදී අනුරාගයෙන් පෙළෙන වාමාංශිකයින් සිතන්නේ වත් නැත. එහෙත් කියුබාවට අවසානයේ කුමක් සිදුවී ද යන්න ගැන මූලික අදහසක් ලබා ගැනීමට මේ සුවිශේෂ වාර්තා චිත්‍රපටය ඉවහල් වනු ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඔබේ පරම්පරාව Xද? Yද? Z?.Next articleධම්මික, ඩොලර් හදන්නේ කොහොම ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මං මැරෙන්න කලින් මධුෂ්ක හොයලා දෙන්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මං මැරෙන්න කලින් මධුෂ්ක හොයලා දෙන්න.By රේඛා නිලුක්ෂි හේරත්.September 1, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.ඒ සිදුවීම ගැන විමර්ශන කිසිම ප්‍රගතියක් ලබලා නැහැ. අඩුම තරමේ මධුෂ්කව පැහැරගෙන යනකොට එයා ළඟ හිටපු දෙන්නාගෙන් කටඋත්තරයක් ගැනීමවත් කරලා නැහැ. මට තියෙන ලොකුම කණගාටුව ඒකයි. අඩුම තරමේ ඔහුව අතුරුදන් කරවීමට අදාලව යුක්තියවත් ඉටු නොවීමයි..මයුරි ඉනෝකා ජයසිංහ දෙදරු මවකි. පසුගිය වසර කිහිපයක් තිස්සේ සැප්තැම්බර් 02 වැනිදා ඇය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හිඳ නිහඬ විරෝධතාවයක් පැවැත්වුවාය. ඒ ඇගේ සැමියා වන මධුෂ්ක ද සිල්වා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්ය. 2019 සැප්තැම්බර් 02 වැනිදාට මධුෂ්කව අතුරුදන් කොට වසර 06ක් සම්පූර්ණ වෙයි. එහෙත් මේ වසරේදී ඇය විරෝධතාවයක් දැක්වීමට බලාපොරොත්තු නොවන බව පවසන්නීය..ඒ මධුෂ්ක පිළිබඳව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ගැන සෑහීමට පත්වෙන නිසා නොවේ. ලංකාවේ අසංවේදී නායකයන් හා අසංවේදී සමාජය ඇගේ වේදනාවට ඇහුම්කන් නොදෙන නිසාය. ඇගේ විරෝධතා වාර්ෂික කැලැන්ඩරයේ තවත් එක් සිදුවීමකින් එහාට බලපෑමක් ඇති නොකරන බව ඇයට හැඟෙන නිසාය..සැමියාට යුක්තිය ඉටු කරගැනීමට ගිය ගමනේදී ඇයට මුහුණදෙන්නට සිදුවී ඇති අත්දැකීම් ගැහැණියක කෙසේ දරාගන්නදැයි අනුමාන කළ නොහැකි තරම් වේදනාකාරී ඒවාය. ඔහුගේ සැමියාව අතුරුදන් කළ බවට සැකකරන පොලිස් නිලධාරීන් කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොවී නිදැල්ලේ සිටිනු දකින්නට ඇයට සිදුවිය. ඇය සැමියාගේ අතුරුදන්වීම ගැන හඬනඟද්දී 2014 වර්ෂයේ ඇයවද පැහැරගැනීමට ලක්විය. ඇයව පැහැරගත් අය සැමියාගේ අතුරුදන්වීම ගැන හඬනැඟීම නවත්වන ලෙස කියමින් ඇයට තර්ජනය කර තිබුණි. ඉන්පසුව ඒ ගැන පැමිණිලි කරන්නට ඇය පොලීසියට ගියාය. පොලීසියේදී ඇගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන්දීම වෙනුවට කාන්තාවන්ට කළ හැකි පහත්ම අපහාසවලින් ඇයට බැණවැදී තිබුණි. එකල තිබුණේ අතුරුදන් කරවීම එදිනෙදා සංස්කෘතිකාංගයක් වූ සමාජයකි. තමන්ගේ සීමාව ඉක්මවමින් රාජකාරී කළ බව දැන් කයිවාරු ගසන එකල සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරුන් ඇගේත් ඇගේ සැමියාගේත් ආරක්ෂාව තහවුරු කර තිබුණේ ඒ විදියටය. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ලා තහවුරු කරන්නට අසමත් වූ පුරවැසි ආරක්ෂාව තහවුරු කරන බව කියමින් බලයට ආ නායකයන්ද ඇගේ සැමියා අතුරුදන් කරවීම ගැන යුක්තිය ඉටු කළේ නැත. කිසිදු අතුරුදන් කරවීමක් ගැන යුක්තිය ඉටු කළේ නැත..මේ ඇයට දැන් කියන්නට ඇති කතාවය..‘මධුෂ්කව දැන් පැහැරගෙන ගිහින් අවුරුදු 06 ක් වෙනවා. සමහර අය හිතනවා දැන් මම ඒ සිදුවීම අමතක කරලා හරි සතුටින් ඉන්නේ කියලා. කාටවත් තේරෙන්නේ නැහැ තමන්ගේ පවුලේ කෙනෙක්ව පැහැරගෙන ගිහින් එයා ගැන කිසිම තොරතුරක් නැත්නම් තියෙන වේදනාව..ඒ සිදුවීම ගැන විමර්ශන කිසිම ප්‍රගතියක් ලබලා නැහැ. අඩුම තරමේ මධුෂ්කව පැහැරගෙන යනකොට එයා ළඟ හිටපු දෙන්නාගෙන් කටඋත්තරයක් ගැනීමවත් කරලා නැහැ. මට තියෙන ලොකුම කණගාටුව ඒකයි. අඩුම තරමේ ඔහුව අතුරුදන් කරවීමට අදාලව යුක්තියවත් ඉටු නොවීමයි. නැවතත් ඔහුව අතුරුදන් කරවීමට අදාල නඩුව කැඳවන්නේ ඔක්තෝබර් 01 වැනිදා. මම නඩුවට යන්න බලාපොරොත්තු වෙනවා..මට දරුවෝ දෙන්නත් එක්ක ජිවත් වෙන්නත් අරගලයක් කරන්න වෙලා තියෙනවා.ඒ අරගලය එක්ක මම බොහෝම අමාරුවෙන් මධුෂ්කව හොයාගැනීමේ අරගලයත් කරනවා. මධුෂ්කව හොයාගන්න එක තමයි මගේ ජිවිතේ පළවෙනිම රාජකාරිය. ඒක මගේ ජීවිතේ කොටසක්. ඒත් දරුවන්ව බලාගැනීමත් මම කරන්න ඕනෑ..ළමයින්ගේ වැඩයි, මගේ රැකියාවයි එක්ක සමහර වෙලාවට මට නඩුවට යන්න වෙලාවක් හම්බවෙන්නේ නැහැ. මානව හිමිකම් ගැන ස්වෙච්ඡාවෙන් පෙනීසිටින සිවිල් සංවිධාන නියෝජිතයන් ඉන්නවා. මධුෂ්කගේ නඩුව අහන දවස්වල අධිකරණයට යන ඒ වගේ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් තමයි මම නඩුවේදී සිද්ධවෙච්ච දේවල් දැනගන්නේ. මේ නඩුව වෙනුවෙන් සල්ලි වියදම් කරලා මගේම නීතිඥයෝ හොයාගෙන මට ඕනෑ වේගයෙන් නඩුව ඇදගෙන යන්න මට හැකියාවක් නැහැ..මධුෂ්කව පැහැරගෙන ගිය වාහනේ නම්බර් එක පවා තියෙනවා. ඒ පැහැර ගෙන යන වෙලාවේ ඒක දැකපු අය ඉන්නවා. ඒවගේ තොරතුරු තියෙද්දිත් පරීක්ෂණ අංශ කිසිම පියවරක් අරගෙන නැහැ. සාක්ෂි තියෙද්දිත් මේක විමර්ශණය වෙන්නේ නැතිව වැළලෙනවා..අපේ පවුලේ හැමෝම පුදුම විදියට වේදනාව විදිනවා. ළමයි පොඩි කාලේ වගේ නෙවෙයි. දැන් එයාලා ලොකුයි. මගෙන් හැම වෙලාවෙම අහනවා කෝ තාත්තා කියලා. සමහර මිනිස්සු එයාලාට කියලා තියෙනවා ඔයාලාගේ තාත්තා මැරිලා එයා අහසේ ඉන්නේ කියලා. දැන් එයාලා කියන්නේ අපේ තාත්තා අහසේ ඉන්නේ කියලා. මට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේම කණගාටුයි. අද කාලේ පුංචි ගිනිකූරක් වගේ දෙයක් නැති වුනත් කොහොම හරි ඒක හොයා ගන්න පුලුවන්. නමුත් මධුෂ්කගේ සිද්ධියට සාක්ෂි තිබිලාත් ඇයි තවම මධුස්කව හොයාගෙන නැත්තේ කියන එක මට ලොකු ප්‍රශ්ණයක්..රාජපක්ෂ ආණ්ඩුවෙනුයි, යහපාලන ආණ්ඩුවෙනුයි මධුෂ්කගේ පැහැරගෙන යෑමට කිසිම පිළිතුරක් මට ලබා දුන්නේ නැහැ. ආණ්ඩු දෙකෙන්ම කලේ මධුෂ්කගේ පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම යටගහපු එක විතරයි. ඇයි මේ ආණ්ඩුවල වගකිවයුත්තෝ මධුෂ්කගේ පැහැරගෙන යෑම ගැන කතා කරන්නේ නැත්තේ, ඇයි එයාලා මේ අතුරුදහන් වීමට සම්බන්ධ අය නීතීය ඉදිරියට ගේන්නේ නැත්තේ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක..කලින් සැප්තැම්බර් 02 දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ගිහින් මගේ ළමයි දෙන්නත් එක්ක නිහඩ විරෝධතාවයක් කළා. ඒකටවත් මට තවම උත්තරයක් ලැබිලා නැහැ.අන්තිමට මාව විහිළුවක් වුණා. නැවත ඒ වගේ විරෝධතා කරන්න මට බැහැ. බොහෝවිට මාධ්‍යවලිනුයි සමාජයෙනුයි මාව දකින්නේ වැරදිකාර ගැහැනියක් විදියටයි. මේ සමාජයේ සුළු ප්‍රමාණයක් විතරයි මාව අගය කරන්නේ. මගේ අරගලයට සහයෝගය දෙන්නේ. බොහෝ අය මාව එයාලාගේ කණ්නාඩිවලින් තේරුම් ගන්නවා..මගේ දරුවන්ට ඉස්කෝලයක් ලැබුණෙත් නැහැ. බොහෝම අමාරුවෙන් ළමයි දෙන්නාව මේ අවුරුද්දේ ඉස්කෝලේ දාගත්තේ. මම දරුවන්ගේ වැඩ නිසා නිවාඩු ගන්න නිසා මම රැකියාව කරන ආයතනයෙන් මට ලොකු වැටුපක් හම්බවෙන්නෙත් නැහැ. ළමයි දෙන්නාගේ වැඩ කරන්න මම අමතර රැකියාවලුත් කරනවා..හැමදාම අනුන්ගේ උදව්වෙන් ජීවත්වෙන්න බැහැ. මුලදි මට ගොඩක් අය උදව් කලා. නමුත් දැන් කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. අඩුම තරමේ මගේ දරුවෝ දෙන්නාව ඉස්කෝලේ දාගන්න කලින් පොත් ලැයිස්තුව ගන්න බැරිව මම සෑහෙන්න අසරණ වුණා.මම ඉස්කෝලේ ගුරුවරියන්ට මගේ අපහසුතාවය කිව්වාම එයාලා මට උදව් කළා. මගේ දරුවන් කැමති දේවල් අරන් දෙන්න මට වත්කමක් නැහැ. ඒත් ඒ දෙන්නාවත් අගය කරන්න ඕනෑ. එයාලා ගොඩක් ශක්තිමත්, හැම දෙයක්ම ඉක්මනින් තේරුම් ගන්නවා..කලින් කළා වගේ විරෝධතා දක්වන්න මම නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක දැන් විහිළුවක් වෙලා ඇත්තටම එයාලා ළඟට යන එක යුක්තිය ඉල්ලගෙන..තමන්ගේ මහත්තයාව පැහැරගෙන ගිහින් අතුරුදහන් කරනවා වගේ දෙයක් තවත් ගැහැනියෙකුට අත්විදින්න වෙනවා බලන්න මම නම් කැමති නැහැ. මට මගේ මහත්තයාව කොහොම හරි හොයා ගන්න ඕන..මම කාගෙන්වත් කන්න, අඳින්න ඉල්ලන්නේ නැහැ. මට මගේ මහත්තයාව හොයලා දෙන්න. මම මාධ්‍යවලිනුත් ඉල්ලන්නේ මනුස්සයෙක්ව පැහැරගෙන යෑම, අතුරුදහන් දරුණු අපරාධයක් බව සමාජයට තේරුම් කරලා දෙන්න කියලා. අතුරුදන් කිරීමට විරුද්ධව පෙනී ඉන්න කියලා..සමහරවිට මේවා විහිළුවක් වගේ. මාව රත්තරන් භාණ්ඩයක් වගේ වුණ කාලයක් තිබුණා. මගේ ශක්තිය අගය කරලා මගේ ගැන පත්තරවල ලස්සන කතා ලියලා තිබුණා. මගේ ළඟ ඒ පත්තර තියෙනවා. ඒත් මගේ ප්‍රශ්නයේ කිසිම වෙනසක් නෑ. මා ගැන ලියපු දේවල් ෆයිල් එකක පුස් කනවා. මා ගැන ලියපු අයටත්, කතාකරපු අයටත්, කියවපු අයටත් මම කියන්න ඕනෑ, තවමත් මම යුක්තිය නැතිව හිටපු විදියටම ඉන්න බව. එයාලා මට මගේ මහත්තයාව දුන්නේ නැහැ. දේශපාලඥයන්ගේ කන් අගුල් වැටිලා වගේ එයාලා ඉන්නවා. ඇත්තටම එයාලාට කිසිම උවමනාවක් නැහැ මේවා ගැන කතා කරන්න..සමහරු මට චෝදනා කරනවා එන්ජීඕවලින් උදව් අරගෙන සතුටින් ඉන්නවා ඇති කියලා. ඇත්තටම එන්ජීඕ වලින් මට යම්තාක් දුරකට උදව් කළා. මගේ දරුවන්ට කිරිපිටි ටික පවා අරන් දුන්නා. ඒත් දැන් ඒ හැමදේම මම තනියෙන්ම කරගන්න ඕනෑ. මට කවදාවත් එන්ජීඕ වලින් සල්ලි කුට්ටි ගණන් ලැබිලා නැහැ. සමහරවිට එන්ජීඕ වලින් හම්බකරගන්න අය ඇති. ඒ ගැන මම දන්නෙ නැහැ. ඒත් කෙටි කාලයක් තිස්සේ එදිනෙදා වියදම් හැරුණාම ලැබුණු දෙයක් නැහැ. අඩු තරමේ මට ගෙයක්වත් නැහැ. මිනිස්සු තමයි හිතන්නේ මට එන්ජීඕ ආධාර ලැබෙනවා කියලා. එන්ජීඕ වලින් සල්ලි කඩා ගන්න මම පාරේ ගිහින් වාඩි වෙනවා කියලා. මට ඕනෑ මගේ මහත්තයාව. වෙන මොනාවත් නෙවෙයි..දැන් එන්ජීඕවලටත් දැන් මගේ ප්‍රශ්ණය සාමාන්‍ය පරණ ප්‍රශ්නයක් වෙලා, ඒක යටපත් වෙලා ගිහින්. අලුත් උණුසුම් ප්‍රශ්නයක් හම්බවුණාම එයාලා ඒක පස්සේ යනවා. ඒත් එදා වගේම අදත් මට මගේ ප්‍රශ්නය තමයි ලොකුම ප්‍රශ්නය. අදටත් මම ඒක මත්තේ නැහෙනවා..දැන් මගේ ස්නායු දුර්වල වෙලා. මම බෙහෙත් ගන්නවා. මගේ රුධිර පීඩනය හොදටම වැඩි වෙලා තියෙන්නේ. ඩොක්ටර්ස්ලා මට කියනවා පුළුවන් තරම් විවේකයෙන් ඉන්න බලන්න කියලා. මම කොහොමද විවේකයෙන් ඉන්නේ. මේ ප්‍රශ්ණවලට විසදුමක් නැතිව. කොයි වෙලාවක මට මොනවා හරි වුනොත් කිසිම කෙනෙක් නැහැ මගේ දරුවන්ව බලාගන්න. එහෙම වුණොත් මාවත් මධුෂ්කවත් සමාජයට අමතකත් වේවි. ඒ නිසයි මම ඉල්ලන්නේ. මං මැරෙන්න කලින් මධුෂ්කව හොයලා දෙන්න. ඔහුට මොනවාද වුණේ කියලා කියන්න.’ ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරාජපක්ෂලාගේ මැතිවරණ වංචාව ගැන කොමිසම බෝලය පාස් කළාද?.Next articleඅපරාධ චුදිතයන්ට සේවා දිගු දෙන අපරාධවලට එරෙහි ජනාධිපති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හිට්ලර්, මුසලෝනී ආවේත් ඡන්දය ඉල්ලලා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හිට්ලර්, මුසලෝනී ආවේත් ඡන්දය ඉල්ලලා.By තරිඳු උඩුවරගෙදර.October 30, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.රජික කොඩිතුවක්කු – ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ.ඔබ ඇතුළු පිරිසක් පිහිටුවාගත්ත ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන පක්ෂයේ අරමුණ මොකක්ද?.ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට මේ වෙලාවේ අතරමං වෙලා ඉන්න රටපුරා අපේක්ෂකයන්, ආසන සංවිධායකවරුන්, නාගරික මන්ත‍්‍රීවරුන් ගොනුවෙන ස්ථානයක් විදියටයි අපි මේක නිර්මාණය කළේ. මීට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා එදා කොළඹ මහජන පුස්තකාලයේදී මමත්, කඩුවෙල සංවිධායක බුද්ධදාස මහතාත් ඇතුළු පිරිසක් එකතුවෙලා ශ‍්‍රීලනිපය සුරැුකීමේ ජාතික සංවිධානය බිහිකළා. ජනාධිපතිවරයාගේ ළඟින් ඉල්ලා අස්වෙලා අපි ඒක බිහිකරන්නට හේතුවක් තිබුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ විරෝධය රටේ වර්ධනය කරන්නට මැදිහත් වූ කෙනෙක්. ඉන්පසුව රාජපක්ෂ විරෝධය මත ඔහුට ජනවරමක් ලැබුණා..එහෙත් ඔහු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබාදීමෙන් ජනවරම පාවාදුන් බව අපි විශ්වාස කළා. ඒ නිසයි අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය බිහිකළේ. අවුරුදු එකහමාරක් තිස්සේ අපි ශ‍්‍රීලනිපය සුරැුකීමේ ජාතික සංවිධානය විදියට ආවා. දැන් අපි ශ‍්‍රීලනිපයේ කොටසක් රාජපක්ෂවරුන්ට එරෙහිව පෙළගස්වමින් මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්වෙලා ඉන්නවා..මේ වෙද්දී ශ‍්‍රීලනිපයේ ඉදිරිපෙළ නායකයන් පවා අපේ සංවිධානයට අභූත චෝදනා නගන්නට පටන් අරගෙන. ඒකෙන් පේන්නේ ශ‍්‍රීලනිපය සුරැුකීමේ සංවිධානය කෙතරම් බලවත් සංවිධානයක්ද කියන කාරණය. අපි දේශපාලනිකව අපේ ආසන සංවිධායකවරුන්ට, අපේ මන්ත‍්‍රීවරුන්ට අපේ කලාප නායකයන්ගේ අනාගත දේශපාලනයට යන්න පුළුවන් සීමාව අපි හඳුනාගත්තා. අපි තීන්දු කළා නැවත ශ‍්‍රීලනිපයේ නායකත්වය හරි මඟකට එනතුරු අපට යා හැකි උපරිම සීමාව ඇතුළේ කටයුතු කරන්න. නැවත ඕනෑම අවස්ථාවක ශ‍්‍රීලනිප ප‍්‍රධාන ප‍්‍රවාහයට යළි එක්වීමට ඉඩ ප‍්‍රස්තාව තියාගෙන ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ව වෙනත් තැනකට යන්නට නොදී ගොනු කරගැනීමට තැනක් හදාගන්න ඕනෑ. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට අපි කිහිපදෙනෙක් සැලසුම් කරලා ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ බිහිකළේ. එය ලියාපදිංචි නොවන පක්ෂයක් විදියට ආරම්භ කළේ ශ‍්‍රීලනිපය සමඟ තිබෙන සම්බන්ධය නිසායි..කුමාර වෙල්ගම මැතිතුමාට ඇප බැඳීම කළේ මම. එහිදීත් මම ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විදියටයි එය කළේ. අපි එදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් 2015 දී පෙනී සිටීමට ගත් තීන්දුව වගේම එතුමාගෙන් ඉවත් වෙන්නත් හේතු තිබුණා. එතුමාගේ නව දර්ශනයෙන් ශ‍්‍රීලනිපයත් ඒ දැක්ම නිසාම රටත් අගාධයට යනු ඇතැයි අපට හැඟු‍ණා. ඒ වගේම මේ අවස්ථාවේත් අපේ සංවිධායකවරුන්ව ශක්තිමත් කළ යුතු බව අපි තේරුම් ගත්තා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කියලා කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ ජාතික සංවිධානය යටතේ ක‍්‍රියාත්මක වන ඒ ජාතික සංවිධානයට සම්බන්ධව ක‍්‍රියාත්මක වන කොටසක් පමණයි..ශ‍්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් ඔබේ කණ්ඩායම හා එක්වීමට සූදානම් බව පසුගිය සතියේ වාර්තා වුණා. ඒක සිද්ධවෙන්නේ නැද්ද?.විශාල පිරිසක් දැනට සාකච්ඡුා කරමින් ඉන්නවා. දැනට ආසන සංවිධායකවරුන් අසූපහකට වැඩි පිරිසක් අපිත් එක්ක සාකච්ඡුා කරලා තියෙනවා. ඒත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ට ජාතික මට්ටමේ නායකත්වයක් ලැබේවි කියලයි. ඔවුන් ගම් මට්ටමෙන් එළියට ඇවිත් ජාතික තලයේ දේශපාලන කටයුතුවලට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නායකත්වය ලැබුණාට පස්සේයි. දැනට ඔවුන් බිම් මට්ටමෙන් කටයුතු කරමින් ඉන්නවා. තමන්ගේ හිතවත් ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ව ඔවුන් සංවිධානය කරමින් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂට ඡුන්දය දීමෙන් වැළකී ඉන්න කියලා උපදෙස් ගමේ පාක්ෂිකයන්ට දෙනවා..ඔබට ජාතික මට්ටමෙන් හඳුනාගත් නායකයන් නැද්ද?.අපි මේ වෙලාවේ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ කුමාර වෙල්ගම හා චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය ගැන. චන්ද්‍රිකා මැතිණිය තමයි අපට විශ්වාස කළ හැකි දැවැන්තම ජාතික නායිකාව. ඇය පමණයි මේ අවස්ථාවේ අපේ මතවාදයේ ඉන්න බව පේන්නේ. ඔවුන් යම් සාධනීය ක‍්‍රියාමාර්ගයක් ගත්තොත් අපි එතැනට එකතුවෙනවා. ඒත් ඔවුන් ක‍්‍රියාමාර්ගයක් ගන්නාතුරු අපට නිකන් ඉන්න බැහැ. අපට වගකීමක් තියෙනවා සමාජය දැනුවත් කරන්නට සහ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව පෙළගස්වන්නට. මොකක්ද මේ පක්ෂයට වෙන විනාශය, එයින් පසුව රටට විය හැකි හානිය මොකක්ද කියන එක අප පැහැදිළි කළ යුතුයි..ඒ ගැන මතවාදීමය වශයෙන් ජනතාව පෙළගැස්විය යුතුයි. ඒ නිසා තමයි අපි ඒ ජාතික නායකයන් ක‍්‍රියාකාරී වනතුරු නොසිට අපි එකතුවෙලා දැන් කටයුතු කරමින් ඉන්නේ. අපි කලින් කී සංවිධායකවරුන්ගේ දේශපාලනය ආරක්ෂා කිරීමටම තමයි අපි ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හැදුවේ. ඒ අනුව අප හා එක්වන අයට ආසන සංවිධායක පත්වීම් ආදිය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සංවිධායකවරුන්ට යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන බලවේගයක කොටසක් ලෙස ඉදිරියේ කටයුතු කිරිමට අවස්ථාව ලබාදීමට අපි උත්සාහ කරනවා..පෙනෙන විදියට කුමාර වෙල්ගම වැනි නායකයන් ඔබේ කණ්ඩායමෙන් ඈත්වෙලාද?.ඔවුන්ගේ අඩුව අපේ පාක්ෂිකයන්ට විශාල විදියට දැනෙනවා. ඒත් ඔවුන් නැති බව කියමින් අපට බලාගෙන ඉන්න බැහැ. අපේ නායකයන් ඇතුළු හැමෝම ජීවිතයට ආදරය කරනවා. විරුද්ධ අදහස් මර්ධනය කරන පිරිසක් තමයි පොදුජන පෙරමුණේ ඉන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙක් ක‍්‍රියාකාරීත්වයට එන්න කලින් නැවත කල්පනා කරනවා. ඒත් අපි ඒවාට ඉඩ දෙන්නෑ. මේවා ගැන අපි මිනිස්සුන්ට කියාදෙන්න ඕනෑ. ගෙÛන් පීනාගෙන ඇවිත් කුමාර වෙල්ගම මහතාගේ නිවෙසේ කාමරයට පැනපු කෙනෙක් කාමරය අවුල් කරලා ගිහින්. කිසිවක් හොරාගෙන නැහැ. ඒ කරන්නේ වක‍්‍ර තර්ජන..තරුණ පරම්පරාවට හා බුද්ධිමත් මිනිස්සුන්ට අපි ඒක කියන්න ඕනෑ. අවුරුදු දහයක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඔප්පු කරපු දේවල් නැවතත් තීව‍්‍ර වෙලා ඊළඟ කාර්තුවේ ලබන්නට ඕනෑනම් අපට ශ‍්‍රීලනිපය එක්ක ගිහින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න පුළුවන්. එහෙත් අපි ඔහුව විශ්වාස කරන්නේ නැහැ. මට ඔබවත්, ඔබට මාවත් විවේචනය කරන්න අයිතිය තියෙන්න ඕනෑ. ඒ අයිතිය රැුකගන්නට අප කටයුතු කරන්න ඕනෑ. ලංකාවේ හමුදා රාජ්‍යයක් ඇති කරන්න අපි කැමති නැහැ. හිට්ලර් හා මුසලෝනී බලයට ආවේත් ඡුන්දය ඉල්ලලායි. ඒත් ඔවුන්ව යවන්න වුණේ මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිත නැති කරගෙනයි. ඒ තත්වය ලංකාවේ ඇති කරන්න අපි කැමති නැහැ. ඒකට විරුද්ධවයි අපි කටයුතු කරන්නේ..චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ කතාබහ කළාද?.අපට පණිවුඩ ලැබිලා තියෙනවා එතුමිය නොවරදවාම ලංකාවට පැමිණෙන බව කියලා. ඒ වගේම එතුමිය තමන්ගේ මතවාදය ගැන යම් ඉඟි අපේ පාක්ෂිකයන්ට පළකරලා තියෙනවා. පොදු මිනිසා ජයග‍්‍රහණය කරන්නට කැපවෙමු කියන තැන ඉඳන් අපි කටයුතු කරනවා. මම විශ්වාස කරනවා එතුමියටත්, වෙල්ගම මහතාටත් විශාල කාර්යභාරයක් තියෙන බව. මේක ඓතිහාසික මොහොතක්. මේ කඩයිම නැවත එන්නේ නැහැ. ලංකාව දෙනෙක් එකක් තෝරාගන්න මොහොත මේක..නැවත ශ‍්‍රීලනිපය හා එක්වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ අත්සන් කළ ගිවිසුම් අහෝසි කරලා, ස්වාධීනව කටයුතු කරන්න පටන්ගන්නා තුරු අපි බලාසිටිනවා. අපට එකඟ විය හැකි සැබෑ ශ‍්‍රීලනිප මතවාද ඇතුලේ කටයුතු කරන්න පටන්ගත්තොත් අපි එතැනට යනවා. ඒත් අපට එහෙම තත්වයක් ඇතිවෙන බවක් පෙනෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ශ‍්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ඇති කරගත් එකඟතා අනුව අපේ පක්ෂයට සීයට 31ක නියෝජනයක් පමණයි තියෙන්නේ. එයින් ශ‍්‍රීලනිපය පිළිගන්නවා ඉදිරි හැම මැතිවරණයකදීම ශ‍්‍රීලනිපයට සීයට 31ක කෝටා එකක් ලැබෙන බව. ඒ සීයට 31ක සීමාව සඳහා පදනම වන්නේ මීට කලින් මැතිවරණයේදී ලබාගත් ලක්ෂ 15ක ඡුන්ද ප‍්‍රමාණය. එහෙත් ඒ ලක්ෂ 15 මත ලැබෙන කෝටාව පිළිගනිමින් ගිවිසුම්ගත වීම තුළින්ම ශ‍්‍රීලනිපය පිළිගන්නවා තම පක්ෂයට ලක්ෂ 15කට එහා යන්න බැරි බව. ඒ අනුව අපට ඉදිරියේදී නාමයෝජනා බාරදෙනකොට අවස්ථාව ලැබෙන්නේත් දැනට මන්ත‍්‍රීධූර ආදිය හිමි කිහිපදෙනාට විතරයි. ඒ අයවත් පරාජය කිරීමේ අවදානමක් තියෙනවා. ඒ අනුව ශ‍්‍රීලනිපය නැවත ප‍්‍රධාන පක්ෂය ලෙස වර්ධනය නොවන බව ප‍්‍රසිද්ධියේ ශ‍්‍රීලනිපය පිළිගන්නවා..එය දැන් තමන්ට තිබෙන ශක්තිය නිහතමානීව පිළිගැනීමක් නොවෙයිද?.එක් කලෙක ආසන අටකට කඩාවැටුණු ශ‍්‍රීලනිපය නැවත මහා වෘක්ෂයක් සේ නැගිට්ටවන්නට සිරිමාවෝ මැතිණියට ධෛර්යයක් තිබුණා. ඒත් ලක්ෂ 15ක් තිබියදීත් වත්මන් ශ‍්‍රීලනිප නායකයන්ට නැගී සිටින්නට ධෛර්යක් නැද්ද. එහෙම දැක්මක් මේ නායකයන්ට නැද්ද. පරාජය භාර අරගෙන හමාරද. අපට පෙනෙන්නේ නැහැ ශ‍්‍රීලනිපය වෙනුවෙන් මේ නායකයන් පෙනී සිටින බවක්. ඔවුන් පෙනී ඉන්නේ තමන්ගේ තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන්. ඒත් අපේ ගමේ වැඩකරපු, මහන්සි වුණ මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා. ඒ අය ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ශ‍්‍රීලනිපය කවදාවත් මරන්න බැරි බව. ශ‍්‍රීලනිපයට නැවත නැගිටින්න පුළුවන්. ඒත් පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් ගිවිසුම්වල නැවත නැගී සිටීමට ඉඩකඩ තියාගත්තේ නැහැ..දැන් පොදුජන පෙරමුණ සමඟ ඉන්න ශ‍්‍රීලනිපයේ ජාතික මට්ටමේ වෙනත් මන්ත‍්‍රීවරු ඔබේ කණ්ඩායමත් එක්ක එක්වීමේ ඉඩක් තියෙනවාද?.පොදුජන පෙරමුණ එක්ක ගිය සියළුම මන්ත‍්‍රීවරුන්ට අන්තිමේදී අහන්න වුණේ හූ හඬ. ඒ නිසයි වෙනම වේදිකාවල කැම්පේන් කරන්න ඔවුන්ට සිද්ධවෙලා තියෙන්නේ. අපට අඩුකුළේ සැලකීම් ලබන්න ඕනෑ නැහැනේ. දැන් අපේ පක්ෂයට විඳින්න සිද්ධවෙලා තියෙන නිග‍්‍රහයන්ගේ හැටියට ඡුන්දයෙන් පස්සේ අපට සොරි ඩොට් කොම් තමයි. මම විශ්වාස කරන එක තමයි මේ වෙලාවේ ළඟ ළඟ තරගයේදී අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය හා ඒ සඳහා වූ පක්ෂ ක‍්‍රමය ආරක්ෂා කරන්න ඕනෑ. විශේෂයෙන්ම ශ‍්‍රීලනිපය ආරක්ෂා කරන්න ඕනෑ. මේ වෙලාවේ ප‍්‍රධාන පක්ෂ දෙකම සීයට 50 ආසන්නයේ ඉන්නවා. වැඩිපුර වැටෙන එක ඡුන්දය තමයි ඔබේත් මගේත් ඡුන්දය. ඒ තනි ඡුන්දයෙන්, දෙකෙන් තමයි ජයග‍්‍රහණය තීන්දු වෙන්නේ..අනෙක මේ මොහොතේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදයට මම කැමති නැහැ, එහෙත් සජිත්ටත් කැමති නැහැ කියලා වෙන විකල්ප කෙනෙකුට ඡුන්දය දෙනවානම් සිද්ධවෙන්නේ ඍජුවම සජිත් පේ‍්‍රමදාස මහතාව පරාජය කිරීම සඳහා ගෝඨාභයට ඡුන්දය දීමයි. ඒකාධිපතිත්වය පරාජය කරන්නටත්, ශ‍්‍රීලනිපය බේරාගන්නටත් ඔබේ එක ඡුන්දය සජිත් පේ‍්‍රමදාසට දෙන්න ඕනෑ. රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා සලාක ක‍්‍රමයට හැම තැනටම මනාප දීලා වක‍්‍රව ගෝඨාභය රාජපක්ෂව නැවත විධායක පුටුවේ ඉන්දවනවා වෙනුවට නිවැරදිව ඡුන්දය පාවිච්චි කරන්න. මේ ඡුන්දය ඔබේ දරුවාගේ අනාගතය තීන්දු කරන ඡන්දය..ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමේ ඉඩක් තියෙනවාද?.අපි කිසිම විදියකට එජාපය එක්ක එකතුවෙන්නේ නැහැ. එජාපයේ සාමාජිකත්වය ගන්නවත් අපට ඕනෑ නැහැ. එහෙත් අපට සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ අවබෝධයක් තියෙනවා. ඒක නොවැම්බර් 17 දක්වා බලපැවැත්වෙන සමාජ ගිවිසුමක්. ඔහුගේ ජයග‍්‍රහණය ස්ථීර කිරීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ පොදුජන පෙරමුණේ පවුල්වාදය විනාශ කිරීමටයි. ඉන්පස්සේ අපට ශ‍්‍රීලනිපය යළි නැගිට්ටවන්න පුළුවන්. ගෝඨාභය පරදවන්නට ඉන්න එකම විකල්පය සජිත් පේ‍්‍රමදාස මහතා. ඒ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සජිත් පේ‍්‍රමදාස මහතාව දිනවන්න සිද්ධවෙනවා. සතුරාගේ සතුරා මිතුරා බවට පත්වීමක් පමණයි සිද්ධවෙන්නේ. එහෙත් සමස්ථයක් විදියට අපි ශ‍්‍රීලනිපය අත්හරින්නේ නැහැ..Tags.anidda.Anidda Newspaper.presidential election 2020 candidates.රජික කොඩිතුවක්කු - ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඇල්පිටියෙන් ඇවිස්සෙන රණවිරු උණ.Next articleවීඩියෝවට බය පොහොට්ටුව.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මාධ්‍ය සමබර නෑ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මාධ්‍ය සමබර නෑ.By සංස්කාරක.August 9, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියක් නැති වුණාම අපට සාධාරණ ඡන්දයක් අපේක්ෂා කරන්න බෑ. රූපවාහිනියේ නිතර, නිතර දකින අපේක්ෂකයා තමයි අපේක්ෂකයා කියලා මිනිස්සුන්ට හිතෙන්නේ..නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වුණා කියා ඔබ හිතනවාද?.සාපේක්ෂ අර්ථයෙන් ඔව් කියලා කියන්න පුළුවන්. සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ ක්‍රම ඇහිරී ගිය නිසා මුදල් තිබෙන අපේක්ෂකයන් වැඩි වාසියක් ගත්තා. රාජ්‍ය දේපළ අවභාවිතය. බඩු බෙදීම වාගේ කාරණා දකින්න තිබුණා. පෞද්ගලික මාධ්‍යත්, රාජ්‍ය මාධ්‍යත් හැසිරුණු ආකාරයේ ඒ බව පෙනුණා. ඒ අය තෝරාගත් අපේක්ෂකයාට හා පක්ෂයට තමයි වැඩි ඉඩක් වෙන් කරලා තිබුණේ. මාධ්‍ය සමබර වුණේ නෑ. අපේ රටේ අවුරුදු පහක් තුළ මැතිවරණ හතරක් තියෙනවා. එහෙම  හැම අවුරුද්දෙම මොකක් හරි මැතිවරණයක් තියෙනවා. මාධ්‍යවල මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම නරක තත්ත්වයක් හැටියට අපි දකිනවා. මෙහෙම ගියොත් නිවැරදි ජනමතය මතුකරගන්න අපට බැරි වෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාට මාධ්‍ය ප්‍රචාරණය සමබර කරන්න ප්‍රමාණවත් ප්‍රතිපාදන නෑ. මේක බරපතල අඩුවක්...රාජ්‍ය දේපළ අවභාවිතය වගේ ප්‍රවණතා දකින්න තිබුණාද?.අපේක්ෂකයෝ 7452ක් තරග කළ මැතිවරණයක් මේක. ඒ අර්ථයෙන් පුළුල් චිත්‍රය දෙස බැලුවාම පහුගිය මැතිවරණවලට සාපේක්ෂව රාජ්‍ය දේපල අවභාවිතය වගේ කාරණාවල යම් අඩු වීමක් දකින්න තියෙනවා. එය අපි දකින්නේ දේශපාලන සංස්කෘතියේ ක්‍රමික වෙනසක් හැටියට...මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දකින්න තියෙනවාද?.දේශපාලන නියෝජිතයින් වටේ හිටපු සාම්ප්‍රදායික කාඩර්වරුන්ට වැඩක් නැති වෙලා තියෙනවා. ගම් මට්ටමෙන් කරපු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවම වීම ඊට හේතු වුණා. ඒ නිසා ගැටුම් අවම වුණා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාම්ප්‍රදායික ක්‍රමවලින් අයින් වෙලා විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය වගේ ක්ෂේත්‍රයන්වලට දෝලනය වෙලා තියෙනවා. මේ කාරණයත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වෙන්න බලපෑවා...එහෙත් සමාජ මාධ්‍යවල ප්‍රචාරක කටයුතු සිදුවෙන ආකාරයත්, සමාජ මාධ්‍ය අවකාශයේ වෛරී ප්‍රකාශ සිදුකිරීමත් බරපතල ගැටළුවක් හැටියට පවතිනවා නේද?.මෙම කාරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය, මැතිවරණ කොමිසම, හෑෂ් ටැග් නම් ආයතනය හා ෆේස්බුක් ආයතනය අතර නොනිල එකඟතාවක් තිබුණා. හෑෂ් ටැග් ආයතනය සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරමින් අපට වාර්තා එව්වා. අපි ඒ වාර්තා අපේ නීතිඥයන් පරීක්ෂා කරලා දෛනිකව මැතිවරණ කොමිසමට පැමිණිලි විදියට වාර්තා කළා. මැතිවරණ කොමිසම වහාම එය ෆේස්බුක් ආයතනයට වාර්තා කළා. ඒක තමයි ක්‍රමවේදය වුණේ. නිහඬ කාලසීමාව තුළ අපි වාර්තා කළ ඒවායින් 60%ක් පමණ ඉවත් කරන්න කටයුතු කරලා තිබුණා. මුල් කාලේ පැමිණිලි 3000ක් පමණ තිබුණා. නිහඬ කාලසීමාව තුළ නීති උල්ලංඝනලය කිරීමේ සිදුවීම් පිළිබඳ පැමිණිලි 4300ක් පමණ තිබුණා. ඒ කාලසීමාවේ අංක ප්‍රදර්ශනය කරමින් ප්‍රචාරක කටයුතු සිදුකළ අවස්ථා තිබුණා. ඡන්දය දවසේත් එවැනි ප්‍රචාර 510ක් තිබුණා. සමහර පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාමාර්ග අරන් තිබුණා...ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොමැති වූ ඡන්දදායකයිනුත් හිටියා?.නිරෝධායන මධ්‍යස්ථානවල අයට ඡන්දය ප්‍රකාශ කරන්න බැරි වුණා. ඒක ඒ අයගේ වරදක් නොවෙයි. ඇතිවුණු සමාජයීය තත්ත්වය නිසා සිදුවුණු දෙයක්. මැතිවරණ කොමිසම සෑහෙන උත්සාහයක් දැරුවා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව හදලා දෙන්නට. එය ඔවුන්ට සාධාරණ ඇගයීමක් ලෙස ප්‍රකාශ කළ යුතුයි. එහෙත් නීතිමය තත්තවයන් සලකලා අවසාන මොහොතේ ඔවුන් ඒ උත්සාහය අතහැරියා. එහෙත් ඡන්දය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වුණේ ඒ අයට පමණක් නොවෙයි. ඡන්ද අයිතිය පාවිච්චි කිරීමේ අවස්ථාව නොලැබෙන තවත් ගොඩක් අය ලංකාවේ ඉන්නවා. මැතිවරණ නිරීක්ෂකයන්, රිමාන්ඞ් බන්ධනාගාරගත පිරිස්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන ඇතැම් නිලධාරීන්, රෝහල්ගතව සිටින රෝගීන්, පෞද්ගලික ආරක්ෂක සේවාවල නිරත වෙන අය හෙවත් සෙකියුරිටි මහතුන්, පෞද්ගලික ප්‍රවාහන සේවා පවත්වාගෙන යන පිරිස්, ධීවරයන් හා ඡන්දය පවතින දවසේ විවාහ මංගල්‍ය යොදාගෙන තිබුණු අයට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාවක් නෑ. ඔය උදාහරණවලට අමතරව ඡන්දය අහිමි තවත් ගොඩක් අය ඉන්නවා. ඔවුන් තමන් ඡන්දය පාවිච්චි කරන ප්‍රදේශයේ ඡන්දය දවසේ නොමැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න ඡන්දපොළට යන්න නොහැකි වෙන්න පුළුවන්...එවැනි අයට ඡන්දය පාවිච්චි කිරීමට විකල්ප ක්‍රම තියෙනවාද?.මේ සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රම හැදෙන්න ඕනේ. හදිසියේ පැමිණෙන ස්වභාවික විපතක් වගේ අවස්ථාවක ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසමට ඉඩකඩ තියෙන්න ඕනෑ. මියන්මාරයේ ඡන්ද පොළට එන්න බැරි වැඩිහිටියන්ගේ ඡන්දය ගෙදරට ගිහින් ගන්නවා. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සිරකරුවන්ටත්, බන්ධනාගාර සිරකරුවන්ටත් ජංගම ඡන්ද තියෙනවා. ඒ වගේ ක්‍රම අපේ රටටත් හඳුන්වලා දෙන්න අවශ්‍යයි. තායිලන්තයේ ගොවියෙකුට ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දය දාන්න බැරිනම් එයාට පුළුවන් ලියාපදිංචි වෙලා ඡන්දයට කලින් දිනයකදී ඡන්දය ප්‍රකාශ කරන්න. මේ වගේ අමතර ඡන්ද මධ්‍යස්ථාන හැමතැනම දාන්න ඕනෑ නැහැ. නියමිත දිනට කලින් ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. එවැනි ඡන්ද මධ්‍යස්ථාන තියෙන්නේ දිස්ත්‍රික්කයකට මධ්‍යස්ථාන දෙකක් තුනක් වෙන්න පුළුවන්. සමහරවිට අමතර දින දෙකක් කරන්න පුළුවන්. එක දිනයක් නියම කළත් ඇති. ලෝකයේ ඡන්ද අයිතිය තහවුරු කරන්නට එවැනි ක්‍රම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. තැපැල් ඡන්ද කියන්නේ ලංකාවේ දැනට පාවිච්චි වෙන එවැනි ක්‍රමවේදයක්. එහෙත්, ඡන්දය අහිමිවෙන්නේ රාජ්‍ය සේවකයන්ට පමණක් නෙවෙයි...විදේශ ශ්‍රමිකයන්ටත් ඡන්ද අයිතිය නැහැ නේද?.ඔව්, රටට විදේශ විනිමය ගෙනෙන විශාල පිරිසකට ඡන්දය පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. ඒ පිරිසට ඡන්දය භාවිත කරන්න හැකි වන විදිහේ වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනෑ. මේ කරුණු සලකා බලා මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන ඒම නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ වගකීමක් වෙනවා...ඡන්දය සඳහා අපේක්ෂකයන් විශාල ලෙස  මුදල් වියදම් කොට තිබුණා නේද? ප්‍රචණ්ඩක්‍රියා සහ බලය අවභාවිත කිරීම් අඩු වුණත්, මුදල් වියදම් කිරීම නිසා මැතිවරණයෙහි සමබිම නිර්මාණය වෙනවාද?.අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියක් නැති වුණාම අපට සාධාරණ ඡන්දයක් අපේක්ෂා කරන්න බෑ. රූපවාහිනියේ නිතර, නිතර දකින අපේක්ෂකයා තමයි අපේක්ෂකයා කියලා මිනිස්සුන්ට හිතෙන්නේ. ලංකාවේ කුඩා පක්ෂවල අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් වෙනවා. දැන් තියෙන ක්‍රමයේ හැටියට මුදල් තිබෙන අයට විතරයි ඉස්සරහට එන්න හැකිවෙන්නේ. යහපත් මිනිස්සු ඉබේම විසි වෙලා යනවා. ආර්ථික හයිය නැත්නම් ඡන්දය ඉල්ලන්න පෙළඹෙන්නේ නෑ. ඒකෙම ඊලඟ ප්‍රශ්නය තමයි යම් අපේක්ෂකයෙක් විශාල මුදලක් වියදම් කළොත් සිදු වෙන ඊළඟ ප්‍රතිඵලය...වියදම් කළ මුදල හොයන්න සිදුවීමද?.ඔව්, අපේක්ෂකයෙක් ඡන්දෙට කෝටි පහක් වියදම් කළා නම් ඡන්දේ දිනුවට පස්සේ එයා ප්‍රමුඛතාවය දෙන්නේ ඒ කෝටි පහ නැවත උපයා ගැනීමටයි. ඊට පස්සේ ඊළග ඡන්දෙට තව කෝටි පහක් හොයාගන්න උත්සාහ කරනවා. ඒ කෝටි දහයට අමරව තව ලාභයකුත් හොයන්න ඕනෑ ඊළඟ ඡන්දෙ කරන්න නම්. එතකොට එයාට එයාගේ මහජන නියෝජිත කාර්යභාරය කරන්න බැරිවෙනවා. ඒ මුදල එයාට යාළුවෙක් දුන්නා නම් ඡන්දෙ දිනුවාම ඒ යාළුවාට ඒ වගේ කිහිප ගුණයක් උපයා ගැනීමට ඉඩ දෙන්න වෙනවා. වියදම් සීමා කරන්නේ තැතිව ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මූලික හරය ආරකෂා කරන්න අපට බෑ. ඒ නිසා ඒකට අදාල නීති සංශෝධන වීම අවශ්‍යයි...පෙර මැතිවරණවලිනුත් මේ මැතිවරණයෙනුත් මැතිවරණ ක්‍රමයේ හඳුනාගත් අනෙකුත් දුර්වලතා පිළිබඳ ඔබේ අදහස?.ලංකාවේ පසුගිය මැතිවරණ පහක් හයක් දෙස ආපසු හැරී බැලුවොත් දේශීය හා විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා විවිධ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. එහෙත් එවැනි නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා අප අදහස් කරන්නේ කළ යුතු සංශෝධනවල ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා එය පාර්ලීමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ බව. උදාහරණයක් කීවොත් පාරලීමේන්තුවේ පක්ෂ මාරු කිරීම ගැන අලුත් වෙනස්කම් ඕනෑ...මොනවගේ වෙනස්කම්ද?.පහුගිය කාලේ එක් වතාවක එකම මන්ත්‍රීවරයා හය වතාවක් පක්ෂ මාරු කළා. එහාට පනිනවා මෙහාට පනිනවා. ඒ පනින්නේ මහජන සුභ සිදුධිය ගැන හිතලා නෙවෙයිනේ, තමුන්ගේ සුභ සිද්ධිය සලකලානේ. අන්තිමේ සමහර නියෝජිතයන් ඉන්නේ කුමන පක්ෂයේද කියා හිතාගන්න බැරි තත්වයක් ආවා. ආණ්ඩුවෙන් විපක්ෂයට පනින අවස්ථා හරි අඩුයි. ගියත් යන්නේ බලය හුවමාරු වෙනවා කියලා දැනෙන මොහොතේදී, නැත්නම් හැම වෙලාවේම සිද්ධවෙන්නේ විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පැනීම. පැනලා එක්කෝ සල්ලි ගන්නවා. නැත්නම් කැබිනට් ඇමතිකමක් ගන්නවා. අපේ මැතිවරණ ක්‍රමය අනුව මිනිස්සු ඡන්දේ දෙන්නේ පක්ෂයකට. මන්ත්‍රීවරුන්ට අයිතියක් නෑ ඡන්ද දායකයාගෙන් අහන්නේ නැතුව පක්ෂ මාරු කරන්න. ඒ හිල් වහන්න ඕනෑ. මන්ත්‍රීවරයා හෘදය සාක්ෂියට අනුව තීන්දු ගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ඔවුන් තීන්දු ගන්නේ තමන්ගේ වාසියට.■.■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණයක්.Next articleචීනයේ උයිගර් වාර්ගික සංහාරය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
යානි ගැන මගේ ඇල්මසිසිර විජේතුංග කියයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.යානි ගැන මගේ ඇල්ම.සිසිර විජේතුංග කියයි.By සංස්කාරක.October 7, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.සිසිර විජේතුංග සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකි. ග්‍රැෆික් නිර්මාණකරුවෙකි. කලා නිර්මාණ රසවතෙකි. මෙහි පළවන්නේ ලංකාවේදී සිසිර ගත් ඡායාරූපයි..මං යානි ගැන මුලින්ම ඇහුවේ 1997-98 වගේ කාලෙක. 99දි විතර මට හම්බවුණා යානිගෙ කොන්සට් එකක එල්ඩී එකක් විඩියෝ ෂොප් එකකින්. ඒ කාලේ ඩීවීඩී තිබුණේ නැහැ. එල්ඩී කියලා ලොකු තැටි වර්ගයක් තිබුණේ. ඒක තමයි එයා මුලින්ම නිකුත් කළ කොන්සට් එක. ඒක කළේ ග්‍රීසියේ ඇක්‍රොපොලිස් එළිමහන් තියටර් එකේ. ඒ 1993දී..අපට විශේෂයෙන් දැනෙන සංගීතයක් යානිගෙ මියුසික්වලින් දැනුණා. පොඩ්ඩක්වත් කම්මැලිකමක් නැතිව අහන් ඉන්න පුළුවන්කමක් ඒකේ තිබුණා. ඔහු කරන මියුසික් ලෝකයේ හැඳින්වෙන්නේ නිව් ඒජ් මියුසික් කියලා. ඒක ශාස්ත්‍රීය සංගීතයට වැටෙන්නේ නැහැ. ගොඩාක් දෙනකුට විඳින්න පුළුවන් සරල සංගීතයක්..යානි ග්‍රීක ජාතිකයෙක්. ඇමෙරිකාවට ගිහිල්ලා මිනසෝටා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව ඉගෙනගෙන තියෙනවා. මනෝවිද්‍යාව උපාධිය ලබාගත්තත්, සංගීතයෙන් තමයි සතුට ලැබෙන්නේ කියලා හිතලා යානි සංගීතයේ දිගටම යෙදුණා. 1978 විතර ඇමෙරිකාවේ බෑන්ඩ් එකකට එකතු වුණා. ඒ බෑන්ඩ් එකේ චාලි ඇඩම්ස් කියලා ඩ්‍රමර් කෙනෙක් හිටියා. ඒ සම්බන්ධය කොයිතරම්ද කියනවා නම්, අද වෙනකම් යානිගෙ සංගීත ප්‍රසංගවලදී ඩ්‍රම්ස් වාදකයා ඔහුයි. අපි වැඩිය දන්නේ නැතිවුණත්, චිත්‍රපටි 7කට විතර මියුසික් ට්‍රැක්ස් යානි කරලා තියෙනවා..1997දී ටජ්මහල්වල, ඊට පස්සේ චීනයේ ෆොබිඩ්න් සිටි එකේ (ඒ ප්‍රසංගයේ නම ටි්‍රබියුට්) වගේ ලෝක පුරාවිද්‍යා උරුම ස්ථාන එයා ප්‍රසංග සඳහා තෝරාගත්තේ. ඒක යානිගෙ මම දකින විශේෂයක්. ඒ අවස්ථාව ඔහුට ලැබුණේ ඔහුගේ ජනප්‍රියත්වය වගේම විශේෂත්වය නිසා..තව විශේෂයක් තමයි කොන්සට් එකකදී යානි වාදනය කරන විදිය. එයා හැම තිස්සෙම පියානෝ එක එක පැත්තක තියාගෙන කීබෝඩ්ස් 6ක් හෝ 8ක් තියාගන්නවා අනික් පැත්තේ එක තැන. ඒවා මැද්දේ ඉඳගෙන අත් දෙකෙන්ම දෙපැත්තෙ කීබෝඩ් ප්ලේ කරනවා. ඒ අතරෙ පුදුම ජවයක් වේදිකාවේ මුදාහරිමින් තමයි ඔහු වාදනය කරන්නේ. ඒක හරිම පිරුණු ප්‍රබෝධවත් හැසිරීමක්. කොන්සට් එකක යානි දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඉතාම ආකර්ෂණීය දෙයක්. සමහර විට ඇහැට කඳුළු එන තරමේ ප්‍රබෝධවත් හැසිරීමක්..වාදකයන් ඒකල වාදන කර වෙලාවට යානි හැම තිස්සෙම ප්‍රේක්‍ෂාගාරයට පිටිපස්ස හරවලා වාදකයන් දිහා තමයි බලන්නේ. වාදකයන් කියනවා, යානිගේ අයි කන්ටැක්ට් එක ආවාම ගැම්මක් එනවාලු හොඳට වාදනය කරන්න. යානිත් කියනවා, මම ඒ වෙලාවට ප්‍රේක්‍ෂාගාරයට පසුපස හරවාගෙන හිටියාට, වාදකයාගේ මුහුණ දිහා බලමින් ඉන්නකොට මමත් ඒකෙන් සංගීතය විඳිනවා කියලා..යානිගේ බෑන්ඩ් එකේ ඇමරිකානු වාදන ශිල්පීන් ඉන්නවා. වෙනිසියුලාවේ අය ඉන්නවා. ජර්මනියෙන්, කියුබාවෙන් ඉන්නවා. තායිවානයේ, රුසියාවේ, ආර්මේනියාවේ, එංගලන්තයේ වාද්‍ය ශිල්පීන් ඉන්නවා. 2006-07 ලංකාවේ එක්කනෙකුත් හිටියා. හුසෙන් ජෙෆ්රි කියලා බේස් ප්ලේයර් කෙනෙක්. එක එක සංස්කෘතීන් නියෝජනය කරන වාදන ශිල්පීන් ඉන්නකොට තමන්ගේ මියුසික්වලට විශාල පරාසයක දේවල් එකතුවෙනවා කියලා යානි සඳහන් කරනවා..චීනයේ ෆොබිඩ්න් සිටි කොන්සට් එකේදී එයා ‘නයිටිංගේල්’ කියලා මියුසික් එකක් කළා. එයා කියන විදියට නයිටිංගේල් කියන්නේ ඉතාලි කුරුල්ලෙක්. එයාව අනුකරණය කරමින් තමයි ඒ සංගීතය හදලා තියෙන්නේ. ඒකේදි වෙනිසියුලා වාදකයා ෆ්ලූට් එක ගහනවා. කළු ජාතික වාදකයෙක් වයලින් ගහනවා. චයිනීස් ෆ්ලූට් එකක් වාදනය කරනවා. යානි ඒක හඳුන්වන්නේ ‘වන් වර්ල්ඩ්’ කියලා. සංගීතයේදී ලෝකයේ හැම දෙයක්ම එකට එකතු වෙනවා කියන එකයි ඒ..2008දී විතර එයා අලුතෙන් කල්පනා කළා තමන්ගේ මියුසික්වලට සින්දු හදන්න. ඒ කියන්නේ එයාගෙ ජනප්‍රිය මියුසික් තනුවලට ගායනා ඉදිරිපත් කරන්න. ක්ලැසිකල් සිඟර්ස්ලා දෙන්නෙකුයි, පොප් සිඟර්ස්ලා දෙන්නකුයි අරගෙන යානි මෙක්සිකෝවල කොන්සට් එකක් කළා ‘යානි වොයිසස්‘ කියලා. ඒකේ තියෙන්නේ තනිකරම ගායනා. යානිගේ බෑන්ඩ් එක ප්ලේ කරනවා. 2010දී විතර අලුත් ඇල්බම් එකකුත් රිලීස් කළා. Truth of Touch කියලා. ඒකෙන් පස්සේ එයා ලෝක සවාරියක් පටන් ගත්තා. ඒ රවුම ගහගෙන එනකොට 2011 සැප්තැම්බර්වල සිංගප්පූරුවෙ කොන්සට් එකක් තිබුණා. කොච්චර යානි පිස්සුවක් මට තියෙනවාද කියනවා නම්, ටිකට් නිකුත් කරන්න පටන්ගන්න දවසේ රෑ දොළහට මම ඒකට ටිකට් බුක්කළා. සිංගප්පූරුවේදී ප්‍රසංගය බැලුවා. මම ජීවිතේට හිතුවේ නැහැ යානි ලංකාවට ඒවිය කියලා..සිංගප්පූරුවෙන් පස්සේ යානි සවාරිය අවසන් කළේ පුවර්ටෝ රිකෝවලින්. ඒකෙ ‘එල් මොරෝ’ කියන ලෝක උරුම ස්ථානයේ තමයි ඒ කොන්සට් එක තිබුණේ. ඊට පස්සේ අලුත් ලෝක සවාරියක් සැලසුම් කරනකොට තමයි ඉන්දියාවට ඇවිත් එතැනින් ලංකාවට ආවේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තිබුණ ලංකාවේ ප්‍රසංගය සම්පූර්ණයෙන්ම ආසන පිරුණත්, ඒකේ සංවිධායකයන්ට ලොකු ලාභයක් නැතිව ඇති. යානිලාගේ වියදම ලංකාවේ සල්ලිවලින් ආවරණය කරගන්න බෑ. ලංකාවේ ෂිපින් කොම්පැනියක් ඒක කළේ. මම හිතන්නේ තමන්ගේ කීර්තිය සඳහායි ඔවුන් ඒක කළේ කියලා. ඒ කොන්සට් එකේ ඔෆිෂියල් ෆොටෝ ගත්තේ මගේ මිත්‍ර සාගර ලක්මාල්. ඉතින් සාගරගේ උදව්වෙන්, ෆොටෝ ගන්නත්, යානිගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙන්නත් මට දුර්ලභ අවස්ථාවක් ලැබුණා..යානි ඊළඟට ඊජිප්තුවේ පිරමිඩ් ඉස්සරහ කොන්සට් එකක් කළා. ඒකේ නම ‘ඩී්‍රම් කොන්සට්’..ඇක්‍රොපොලිස්, ටජ්මහල්, ෆොබිඩ්න් සිටි වගේ ඒවායේදීත් ප්‍රධාන වයලින් වාදන ශිල්පිනියක් හිටියා, කළු ජාතික කාන්තාවක්. තව ෆ්ලූට් වාදකයෙක් හිටියා පේරු රටේ කෙනෙක් මට මතක හැටියට. ඒ දෙන්නා තමයි මුලින් දිගටම ප්‍රධාන අය හැටියට දිගටම වාදනය කළේ. 2006න් විතර පස්සේ සෑම් යෙර් කියන ආර්මේනියන් වයලීන වාදකයාට තමයි සෝලෝ පාට්ස් (ඒකල වාදන) අවස්ථා ගොඩක් දෙන්නේ. තව ජපාන වයලීන වාදකයෙක් ඉන්නවා සයාකා කියලා. සෑම් යෙර්ට සහ සයාකාට, කොන්සට්වල ඩුවල් පාට් වාදන ලැබෙනවා. සෑම් යෙර් තාමත් ඉන්නවා බෑන්ඩ් එකේ. මේරි සිම්ප්සන් කියලා ඇමරිකානු කාන්තාවකුත් දිගටම හිටියා. යානි තමන්ගේ අම්මා වෙනුවෙන් හදපු ‘යානි ෆෙලිට්සා’ කියන ගීතයේ ඒකල වයලීන වාදන කොටස ඉදිරිපත් කරන්නේ මේරි..ඒ වගේම ප්‍රසිද්ධ චෙලෝ වාදකයෙක් ඉන්නවා එයා රුසියානුවෙක්. සාශා කියලා. එයාටත් ඒකල වාදන අවස්ථා ලැබෙනවා. මෑතක සාරා කියලා එංගලන්ත වාදන ශිල්පිනියකට පළමුවැනි වරට ඒකල වාදන අවස්ථාවක් ලැබුණා. චාලි ඇඩම්ස්, යානිගේ ඩ්‍රම්ස් වාදකයාගේ විනාඩි 10ක 12ක ඒකල ඩ්‍රම්ස් වාදනයක් තියෙනවා. ඊට අමතරව බේස් ගිටාරිස්ට්ගේ සහ මේරි සිම්ප්සන්ගේ ඩුවල් පාට් එකක් තියෙනවා..මෑතක හිට සාමාන්‍යයෙන් කොන්සට්වල ගායිකාවන් දෙන්නෙක් පාවිච්චි කරනවා. එයින් එක්කෙනෙක් සුප්‍රානෝ සිඟර් කෙනෙක්. නයිටිංගේල් කියන යානිගේ මියුසික් එක එයා වොයිස් එකෙන් ඉදිරිපත් කරනවා. ඒක පුදුම ලස්සන එකක්. එවැනි සුප්‍රානෝ කෙනෙකුට ඇරෙන්න එවැනි දෙයක් කියන්න බැහැ මම හිතන්නේ. මේ ඔක්කෝම වාදකයන් පදනම් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ..යානි කීබෝර්ඩ් 7ක් 8ක් තියාගෙන වාදනය කලාට තව කීිබෝර්ඩ් වාදන ශිල්පියෙක් ඉන්නවා සමගාමීව වාදනය කරන. මින්ග් ෆ්‍රීමන් කියන තායිවාන ජාතිකයෙක් වන එයා තමයි ප්‍රධාන සංගීත ඛණ්ඩ ගොඩක් වාදනය කරන්නේ. එයාගේ ඒකල වාදනත් තියෙනවා. ■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleතට්ටු වඩේ වෙනුවට කේක් හදන.යාපනේ.Next articleඅයවැයෙන් 30%ක් රාජපක්ෂවරුන්ට.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
එකපාරම එළවන්න එපා – දෙවොල් මඩු වත්තේ අනවසර පදිංචිකරුවෝ ඉල්ලති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.එකපාරම එළවන්න එපා – දෙවොල් මඩු වත්තේ අනවසර පදිංචිකරුවෝ ඉල්ලති.By රේඛා නිලුක්ෂි හේරත්.August 31, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.රේඛා නිලුක්ෂි හේරත්.කොලොන්නාව සේදවත්ත ප්‍රදේශයේ දෙවොල් මඩු වත්ත නම් ප්‍රදේශයෙහි දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින ජනතාවට එම නිවාසවලින් ඉවත් වෙන ලෙස දන්වමින් දුම්රිය දෙපාර්තමේන්තුව ලිපි එවා ඇත. ජුලි 30 වන දින සහිතව එම ලිපි එම ප්‍රදේශයේ ජීවත් වන අයට තැපෑලෙන් ලැබී ඇත්තේ මහමැතිවරණයෙන් දින කිහිපයක පසුය. ලිපියේ සඳහන් වී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙම පිරිස් බලෙන් අත්පත් කරගෙන පදිංචි වී සිටින බැවින් දින 14 ක් තුළ එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය. එලෙස දින 14 ක් තුළ ඉවත් නොවන්නේ නම් අනවසර පදිංචිකරුවන්ට විරුද්ධව අධිකරණ  ක්‍රියාමාර්ගයකට යෑමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවත් ලිපියේ සඳහන්ය..එම ලිපිවල සඳහන් ආකාරයට නීතිමය වශයෙන් ඔවුන් නිවෙස්වලින් ඉවත් කිරීමේ තීන්දුව නීත්‍යානුකූල එකකි. කෙසේ වෙතත් දින 14ක් ඇතුළත ඉවත්වන ලෙස දැනුම්දීමෙන් තමන් අපහසුතාවට පත්ව සිටින බවත්, තමන් වසර ගණනක් තිස්සේ ඉඩම්වල පදිංචිව සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති. මෙහි සඳහන් වන්නේ එහි ප්‍රදේශවාසීන්ගේ අදහස්ය..දෙවොල් මඩු වත්තේ පදිංචිකරුවෙකු වන හර්ෂ නලින්ද තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තේ මෙසේය. ‘අපි පදිංචි වෙලා ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම්වල බව අපි දන්නවා. අපි මේ ඉඩම්වල අවුරුදු 40ක විතර කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නවා. මගේ අම්මලා, තාත්තලා, ඥාතීන් පවා මේ ඉඩම්වල පරම්පරා ගාණක් තිස්සේ පදිංචි වෙලා හිටියා. අපේ රැකියාවන් තියෙන්නෙත් මේ ආශ්‍රිතව. දින 14 ක් ඇතුළත  අපේ නිවෙස්වලින් අයින් වෙන්න කියලා අපිට ලිපි ආවා. අගෝස්තු 28 වැනිදා දින 14 ඉවරයි. දැන් මොනවා වේවිද දන්නේ නැහැ. අපට යන්න තැනක් නැහැ..අපි දන්නවා මේවා අනවසර ඉදිකිරීම් කියලා. ආණ්ඩුවට ඉඩම් සඳහා තියෙන අයිතිය ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. එහෙත් අපි පරම්පරා ගාණනාවක් තිස්සේ මේ ඉඩම්වල පදිංචි වෙලා ඉන්නවා. කිසිම ආණ්ඩුවකින් අපිට ඒ ගැන කිසිවක් කියලා නැහැ. ඒත් මේ විදියට එකවරම මේ තැන්වලින් යන්න කිව්වාම අපිට ඒක කරන්න අමාරුයි. එකපාරම අතහැරලා දැම්මොත් ජීවත්වීමේ ගැටලුවක් මතුවෙනවා. මේ කොවිඞ්-19 වසංගතය නිසා අපි අමාරුවෙන් ඉන්න කාලයක්. අසීරුවෙන් ඔළුව උස්සමින් හිටියේ. අපට විසඳුමක් දෙන්න කියලයි ඉල්ලන්නේ..අපි දැනට මේ ප්‍රශ්නය ගැන විපක්ෂය නියෝජනය කරන මරික්කාර් මන්ත්‍රිතුමා එක්ක කතා කළා. ඔහු මාධ්‍ය ගෙන්වලා මේ ප්‍රශ්නය ගැන කතා කළා. සරත් වීරසේකර රාජ්‍ය ඇමතිතුමා එක්කත් අපි මේ ගැන කතා කළා. ඔහු කිව්වේ ඉවත් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒත් තවමත් ඔහු ඒ ගැන කිසිම සාකච්ඡාවක් අපිත් එක්ක කළේ නැහැ.’.දේශපාලන නායකයන් පසුපස යෑම හැර ඔවුන්ට විකල්පයක් නැත. අයිතිය පිළිබඳ අධිකරණයට යෑමේ හැකියාවක්ද නැති බව ඔවුහු පවසති. එහෙත් මීට පෙර අධිකරණයට ගිය අවස්ථාවක් පිළිබඳ ආර්.එස්. සුරේඛා නිල්මිණි අදහස් දැක්වුයේ මෙසේය. ‘අපි දෙවොල් මඩුව වත්තේ පදිංචි වෙලා ඉන්නේ 1993 අවුරුද්දේ ඉදලා. අපේ පවුලේ තුන්දෙනෙක් ඉන්නවා. මගේ පුතා මේ කිට්ටුවම පාපැදි අලෙවිකරන ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. මගේ දුව පාසලක ගුරුවරියක් විදියට සේවය කරනවා. අපි මේ ඉඩම් පරිහරණය කරමින් නගර සභාවට වරිපනම් පවා ගෙවනවා. අපට විදුලිය ලබා දී තිබෙනවා. ඒ විදියට අපේ පදිංචිය පිළිඅරගෙන තියෙනවා..2002 අවුරුද්දේ දී විදුලි දුම්රිය මාර්ගය හදනවා කියලා ගෙවල් 108 ක් අදියර දෙකකින් කැඩුවා. පළමු අදියරේදී ගෙවල් කැඩුවාට පස්සේ, අවතැන් වූ අය ඒ වෙලාවේ කොළඹ මහාධිකරණයේ ඒ ගැන නඩුවක් දැම්මා. ඒ නඩුවේදී  තීන්දුව විදියට ලැබුණේ පාලමේ වැඩ අවසන් කරන්න අවුරුදු 2 ක් වැයවෙන නිසා ඒ කාලසීමාව සඳහා අපිට ගෙවල් කුලියට අරගෙන යන්න මුදල් ලබා දිය යුතුයි කියලා. අපි පදිංචි වෙලා හිටපු ගෙවල්වල තත්වය අනුව ගෙවල් කුලියට ගන්න අපිට මුදල් ලැබුණා. දෙවැනි අදියරේ ගෙවල් කැඩූ අයට කිසිම මුදලක් ලැබුණේ නැහැ..නඩුවෙන් පසු අපට කීවේ පාලම හදලා ඉවර වුණාම අපි මුලින් පදිංචි වෙලා හිටපු තැන්වල ඉඩ තිබුණොත් අපිට නැවත ඒ තැන් දෙනවා, නැත්නම් කැලණිය පැත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම්වලින් අපිට පදිංචි වෙන්න තැන් දෙනවා කියලා. ඒ අනුව පාලම හදලා ඉවරවුණාට පස්සේ අපේ ගෙවල්වල ඉඩම් තිබුණු නිසා අපි නැවත මෙතැන පදිංචියට ආවා.’.මෙම ඉඩම් ලබාගැනීමේ අරමුණ දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් ව්‍යාපෘතියක් සිදුකිරීම නම් ඉඩම් ලබාගැනීම සාධාරණ එකක් බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිවාස යනු මූලික අයිතියක් බව තහවුරු කර නැත. ලොව රටවල් කිහිපයක පමණක් නිවාස යනු මූලික අයිතියකි. ලංකාවේ මූලික අයිතියක් නොවුණත් රටේ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවක් ලෙසත්, එම අවශ්‍යතාව ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් පොදු පිළිගැනීමක් ඇත. දැන් නිවාස විෂය භාර අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව ඉඩම් අයිතිය පැත්තෙන් ඔවුන් ඉවත් කිරීම සාධාරණ වුණත්, පුරවැසියෙකුගේ නිවාසය පිළිබඳ ආණ්ඩුව සතු වගකීම අනුව ඉවත් කිරීමේදී විසඳුමක් ඉල්ලා සිටීමත් සාධාරණ එකකි..සචිත් අනුරාධ මෙසේ කිය. ‘මම කුඩා කාලයේ ඉදලා ඉන්නේ දෙවොල් මඩුව වත්තේ. 2008  අවුරුද්දේ මම කඩයක් පටන් ගත්තා. ඒ කඬේට විදුලිය ගත්තේත් මගේ නමට. නගර සභාවෙන් ව්‍යාපාරයක් සිදු කරගෙන යන්න අනුමැතියත් අපි අරගෙන තියෙනවා. 2002 අවුරුද්දේ පටන් ගත්ත පාලමේ වැඩ ඉවර වුණාට පස්සේ ඉඩ තිබුණු තැන්වලින් අපි ආපහු ගෙවල් හදාගත්තා. අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. මෙතන සංවර්ධන කටයුත්තක් කරන්න යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, අපි මෙතැනින් ඉවත්වෙන්න කැමතියි. මිනිස්සුන් පාරට ඇදලා දාලා සංවර්ධන කටයුතු කරන්න බැහැ. අපිට විසඳුමක් ලබා දිය යුතුයි.’.දුම්රිය දෙපාර්තමේන්තුවටම තමන් සතු ඉඩම් යම් සාධාරණ කුලී මුදලක් ලබාගෙන නිවාස අහිමිවෙන මෙම පුද්ගලයන්ට කුලී පදනමට ලබාදීමේ හැකියාවක් ඇත..සුජීවා නිල්මිණි අදහස් දැක්වුයේ මෙසේය. ‘මගේ වයස අවුරුදු 48 ක් වෙනවා. මම ඉපදුණේ මේ ගමේ. අපේ ගෙදර කාන්තාවන් හතරදෙනෙක්  ඉන්නවා. මම රැකියාවක් විදියට ගෙදර පොඩි සිල්ලර කඩයක් දාගෙන ඉන්නවා. ඒ කඩෙන් ලැබෙන ආදායමෙන් තමයි අපි සේරම ජීවත් වුණේ.  මෙච්චර කාලයකට  අපිට කිසිම කෙනෙක් යන්න කියලා නැහැ. මේ විදියට එකපාරටම යන්න කිව්වාම අපි යන්නේ කොහේද? අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි පවුල් පිටින් යන්නේ කොහාටද කියන එක. මේ වත්තේ තමයි අවුරුද්දකට සැරයක් සාම්ප්‍රදායික දෙවොල් මඩු පුජාව කරන්නේ. දැන් ඒ දෙවොල් ශාන්තිකර්ම උත්සවය කරන්න පටන් අරගෙන අවුරුදු 150 ක් විතර වෙනවා. ඒ කියන්නේ මේ වත්තේ මිනිස්සු  ඒ තරම් කාලයක් මේ ඉඩම්වල පදිංචි වෙලා ඉදලා තියෙනවා. අපිට අපේ පදිංචිය ඔප්පු කරන්න තියෙන්නේ ලයිටි බිල් වතුර බිල් විතරයි. අපේ ගොඩක් ලියකියවිලි ගංවතුරට ගහගෙන ගිහිල්ලා. අපිට අයිති නැති  තැනක අපි ඉන්න නිසා අපි රජයට බලපෑම් කරන්න යන්නේ නැහැ. ඒත් රජයට පුළුවන්කමක් තියෙනවා අපේ ගැන මානුෂිකව බලන්නට. අපේ නමින් මේ ගෙවල්වලට වතුර, විදුලිය දීලා තියෙන්නේ ආණ්ඩුවම තමයි. අපව මෙතනින් මේ විදියට එළියට දැම්මොත්, ගඟට පැනීම හෝ කෝච්චියට පැනීම හැර විකල්පයක් අපි දන්නේ නැහැ.’ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අවභාවිත කිරීමේ සිදුවීම් ගණනාවක් ලංකාවෙහි ඇත. එම සිදුවීම් පිළිබඳ විධිමත්ව කටයුතු කරමින්, දුම්රිය දෙපාර්තමේන්තුව තම ඉඩම් අයිතිය තහවුරු කරගැනීමත් එම ඉඩම්වලින් ලැබිය යුතු ආදායම් ලබාගැනීමත් යහපත් ව්‍යාපෘතිකි..කෙසේවෙතත් මෙම ජනතාව පදිංචිව සිටින ඉඩම්වලටත් වඩා වටිනා ඉඩම් බොහොමයක් නීති විරෝධීව පරිහරණය කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙහි වාර්ෂික වාර්තා කිහිපයකින් හා විශේෂ විගණන වාර්තාවකින්ද පෙන්වා දී ඇත. ‘කොළඹ කොටුව ප්‍රදේශය තුළ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා ගොඩනැගිලි උපයෝජනය පිළිබඳ කාර්යසාධන විගණනය’ නමින් යුත් විගණන වාර්තාවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව ඇති අතිශය වටිනා ගොඩනැගිලි හා ඉඩම් ගණනාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමකුත් නැතිව වෙනත් පුද්ගලයන් පරිහරණය කරමින් සිටින බව හෙළිදරව් කර ඇත..ඒ අනුව එවැනි ඉඩම්වලින් ආරම්භ කොට, දුම්රිය දෙපාර්තමේන්තුව තමන් සතු ඉඩම් අයිතිය තහවුරු කරගැනීම යහපත් නමුත්, එක්වරම පුද්ගලයන් නිවෙස්වලින් එළියට දැමීම නුසුදුසු බව අපගේ අදහසය.■.Tags.කොලොන්නාව.දෙවොල් මඩු වත්ත.සේදවත්ත.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල කුමක්ද? (1).Next articleපාතාලයට සම්බන්ධ බවට මාධ්‍යවේදීන්ට චෝදනා ගොඩක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විස්ස ගැන ආගමික නායකයෝ කියති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විස්ස ගැන ආගමික නායකයෝ කියති.By තරිඳු උඩුවරගෙදර.October 11, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර..අත්තනෝමතික බලහත්කාරයක්.අධිකරණ සංඝනායක අත්තංගනේ රතනපාල නාහිමි.ආණ්ඩුවේ කොටස් තුනක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. 20 වැනි සංශෝධනයෙන් අපට පෙනෙන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි දෙකම ශූන්‍ය කරලා විධායකයේ බලය වැඩි කිරීමක්. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීමේ භයානක අනතුරක් තියෙනවා කියලයි රටේ හැමතැනම විද්වතුන් සාකච්ඡා කරන්නේ. ස්වාමීන් වහන්සේලා බොහෝදෙනෙක් දකින්නේත් විස්සෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය දුර්වල කරන බව. අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් විස්ස සංශෝධනයක් මොකටද. සංඝයාගේ මතයත් අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ බව. ඒ ව්‍යවස්ථාව සකස් කිරීමට උනන්දු නොවී හදිසියේ මේ කරන දේ අත්තනෝමතික බලහත්කාරයක් හැටියට තමයි පෙනෙන්නේ. විස්ස සංශෝධනය ඉස්සරහට දැමීමෙන් නව ව්‍යවස්ථාව හැදීම නොකෙරෙන්නත් පුළුවන්...19න් වැඩ කරන්න බාධා නෑ.ආචාර්ය අකුරැටියේ නන්ද හිමි.අතිවිශාල ජනවරමක් ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට. ඒක කරනවා මිසක්, පැලැස්තර දැමීමෙන් ප්‍රයෝජනයක් නැති බව මා විශ්වාස කරනවා. අනෙක 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට වැඩ කරන්න බාධා තිබෙන බව මා පිළිගන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝකයටම ආදර්ශයක් වෙන්න ලස්සනට කොවිඞ් මර්දනය කළා. ජනාධිපතිට ඇමතිකම් නොතිබුණත් සියලු අමාත්‍යවරුන් විධායක ජනාධිපති ධුරයේ අනුභාව හේතු කොටගෙන වැඩ කරන්න සලස්වනවා. විසි වන සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණනයෙන් ඉවත් කිරීම ගැනත් මා එකඟ නෑ. රටේ එකඟත්වයක් ජනාධිපතිවරයාට තිබුණත්, පුද්ගලයන් බලාගෙන ව්‍යවස්ථාව වෙනස් කරනවාට අපි එකඟ නෑ. වෙනත් කෙනෙකුට මේ අසීමිත බලය දුන්නොත් මොනවා වේවිද. ජනපතිට මොළේ අමාරුවක් හැදුණොත් මොනවා වේවිද. පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනයක්. ජනාධිපති ඒකට වගකියන්නේත් නැත්නම්, ලෝකය ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු වෙන යුගයක මේක හදිසියෙන් කළ යුතු කටයුත්තක් හැටියට මා දකින්නේ නැහැ...මහජනතාවගේ ගෙල සිඳිනවා.උතුරුමැද දිසා සංඝනායක මහමාංකඩවල පියරතන හිමි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරු ජයසූරිය මහතාගේ නිවසේදී වතාවක් මහා සංඝයා කැඳෙව්වා. එවැනි මොහොතක හැම හිමිනමක්ම පිරිත් නූල් බඳින්න තමයි දැඟලුවේ. ඒත් මං ඇහුවා ඔබතුමාත් බලයට ඇවිත් ව්‍යවස්ථාව අහෝසි නොකර ඉඳීවිද කියලා. ඔහු දිවුරා පොරොන්දු වුණා අහෝසි කරන බව. ඔහු දිවුරුම කඩ කළත්, 19 වැනි සංශෝධනය සම්මත කරමින් බලතල කිහිපයක් අඩු කළා. දැන් මේ ඇත්තා බලයට පත්වුණා. මිනිසුන් තුනෙන් දෙකේ බලයක් දීලා තියෙනවා. එයාලා බලය පාවිච්චි කරන්නේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කරන්න නෙවෙයි. දැන් මහජන බලය පාවිච්චි කරලා ඔවුන්ගේම ගෙල සිඳිනවා. ඒ ගැන අතිශයින් කනගාටු වෙනවා...නිදහස වළ දැමෙන යෝජනා තියෙනවා.සරත් ඉද්දමල්ගොඩ පියනම.ධර්මයේ ඇසින් බලන කල ජනතාව සතු සියලු බලතල එක් පුද්ගලයෙක් තුළ කේන්ද්‍ර ගතකර ගැනීම කොතෙක් දුරට ධර්මානුකූලද? කොහෙත්ම නැහැ. ඉහළ ආගමික නායකත්වය 20 වෙනි සංශෝධනය ගැන තවමත් නිහඬව සිටීම ගැටලුවක්. පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අවකාශයන් පුළුල් වන ආකාරයට 19වන ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි. එහෙත් ප්‍රජාතාන්ත්‍රික නිදහස වළ දැමෙන යෝජනාවන් 20 වෙනි සංශෝධනයට එකතුකිරීමට යෝජනා කරලා තියෙනවා. ඒවා කිහිපයක් මෙහෙමයි. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහෝසි කිරීම, ජනාධිපති හා අගමැති කාර්යාල කටයුතු විගණනයෙන් බැහැර කිරීම, මහජන මුදල් කළමනාකරණයේ විනිවිද භාවය ඌන කිරීම, පාර්ලිමේන්තුවේ හා ස්වාධීන කොමිෂන් සභාවල බලතල දුර්වල කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනයට ලක්කිරීම, කැබිනට් මණ්ඩලය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා සන්නද්ධ අංශය යන සියලුම අංශ යටපත් කරමින් සියලු බලතල එක් පුද්ගලයකු මත සංකේන්ද්‍රණය කිරීම, ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර දැරීමට අවසර ලබා දීම එවැනි යෝජනා ලෙස සලකන්න සිදුවෙනවා...පවුලක් නිසා භයානකයි.එස්. සත්‍යවේල් පියනම.මෙය ප්‍රජාතන්ත්‍රවාදී යුගයේදී නැවත වහල්කමට තල්ලු කරන්නා වූ සංශෝධනයක් විදියට මා දකිනවා. මේ වහල්කම තුළ දේශපාලනික වහල්කම, ආර්ථික වහල්කම සහ සියලු අයිතීන් උදුරාගැනීමේ වහල්කමට තල්ලු වෙනවා. 20 වැනි සංශෝධනය අඳුරු යුගයක ආරම්භයක්. හැත්තෑඅටේ ව්‍යවස්ථාවට වඩා මේක බලවත් වෙන්නේ අද පවුල් පාලනයක් තියෙන නිසා. ඒ නිසා මේ බලය පාවිච්චි කරමින් රජ පවුලක බලයක් පවත්වාගෙන යන්නට ඉඩ තියෙනවා. අපි මෙය හෙළාදකිනවා. හැට නව ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්න ඇති. ඒත් රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව ඉන්නවා. අපි මේ කතා කරන්නේ ඒ සම්පූර්ණ ජනතාව වෙනුවෙන්...විනාශය මිස යහපතක් නෑ.මවුලවි මුනීර් මුලෆ්ෆර්.19 වැනි සංශෝධනය ගෙනාවේ ඒකාධිපති ජනාධිපතිවරයෙකුගේ බලය වැඩි කිරීම කෙතරම් අනතුරුදායකද කියන කාරණය මත. අනූහතරේ ඉඳලා පත් වූ සෑම ජනාධිපතිවරයෙක්ම ඡන්ද පොරොන්දුවක් ලෙස කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. ඒත් මේ මොහොතේ හදිසියේ ඒක තිබුණාටත් වඩා ශක්තිමත් කිරීමෙන් මේ තනතුරේ විපාකය පේනවා. තනි පුද්ගලයෙක් වටා බලය ගොඩනැගීම විනාශය මිසක් රටකට යහපතක් ගෙනදුන්නේ නැති බව සාමාන්‍ය මනුස්සයෙක් වුණත් දන්නවා.■.Tags.විස්ස ගැන ආගමික නායකයෝ කියති.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅහිකුණ්ඨිකයෙක් වගේ හිටියා – මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි.Next articleවිස්සට එරෙහි අය බැසිල් සමග ගැටෙති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ගුරුනගර් අපවිත‍්‍ර වෙරළ සහ යාපනයේ කුල ප‍්‍රශ්නය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගුරුනගර් අපවිත‍්‍ර වෙරළ සහ යාපනයේ කුල ප‍්‍රශ්නය.By කේ සංජීව.December 1, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ සංජීව.පසුගිය දිනෙක මම කට්ට කාෂ්ඨක අව්වක නැහැවෙමින් යාපනයේ ලන්දේසි කොටුපවුර දෙස සිට වෙරළ අස පාරේ ගුරුනගර් නම් පැරණි ධීවර ගම්මානය දෙසට ඇවිද ගියෙමි. ඉන්පසු එතැනින් ගුරුනගර් ධීවරයන්ගේ බෝට්ටු මුහුදට දමන ගුරුනගර් ජැටියට ද ගියෙමි. යාපනය කවදත් මට ප‍්‍රියය. එය වචනයෙන් විස්තර කරන්නට බැරි හැඟීමක් මසිතට රැුගෙන එයි. එහෙත් මේ ගමන එතරම් තදින් සිතට දැනුණ ගමනක් නොවේ! මුහුදු වෙරළට සමාන්තරව මා ඇවිද ගිය මඟ පොලිතින් ප්ලාස්ටික් මාරයා ගිලගෙන හමාරය. මේ තත්ත්වයම මම කල්පිටියේ බත්තලංගුණ්ඩුව ¥පත් ජැටිය ආසන්න මුහුදු වෙරළේදීද අත්විඳ ඇත්තෙමි. අහෝ කෙතරම් විනාශයක් දැයි සිතෙයි..ගුරුනගර් ඉතිහාසය.ගුරුනගර් යන වදන කුරු-නගර් යන වදනින් නිපන් බව දැනගන්නට ඇත. කුරු යනු දකුණේ කුරුකුලසූරිය යන්නෙන් බිඳී ආවකි. කරෙයියාවරුන් නැතිනම් කවුරවයන් භාවිත කරන වාසගමකි කුරුකුලම්. කරෙයි යනු මුහුදු වෙරළයි. මුහුදු වෙරළ අසලම දිවි ගෙවන ප‍්‍රජාව කරාව වංශිකයෝ ය. ඒ අනුව ගුරුනගර් බහුතරය කරාව වංශිකයෝ නැතිනම් කරෙයියාවරුන් විය යුතුය. එය නිවැරදිය..ගුරුනගර් බහුතරය යාපනය කුල ධුරාවලියේ වාටියේම සිටින කරෙයියාවරුන් ය. ඔවුන්ට ඉහළ කුල විඳින බොහෝ දේ ළඟා කර ගනු බැරිය. පසුගිය යුද්ධ කාලයේ රබර් බෝලයක් සේ මෙම කුල සාධකය යාපනය ජනසමාජය පතුලට ගොස් සිටියද දැන් එය නැවත සමාජය මතුපිටට පැමිණ ඇත. දෙවියන් ඇදහීමට කෝවිල් යෑමේ සිට එදිනෙදා ජීවිතයේ බොහෝ දේවල් මේ කුල සාධකය මතම බැඳී ඇත. එනිසාම අද මේ මිනිසුන් විඳින දුක අපමණය. ඔවුහු මුහුදට විසිකර දමන ප්ලාස්ටික් පොලිතීන් මෙන්ම ඔහේ පාවි පාවී සිටිති. දැන් අපට කුරු වචනය වගේම නගර් යන වචනයේ තේරුමද සොයා ගත හැකිය. නගර් යනු නගරය යන්නයි. යාපනය රාජධානිය නල්ලූර් වෙත යන්නට ප‍්‍රථම එය මෙහි පැවති බව සමහර ඉතිහාසකරුවන්ගේ අදහසයි..යාපනයේ මුල්ම පදිංචිකරුවන් මුලින්ම පදිංචි වූ ස්ථානය ගුරුනගර් සහ කොලොම්බතුරෙයි අවට ප‍්‍රදේශවල පිහිටා ඇත..කොලොම්බතුරායිහි පිහිටි කොලොම්බතුරෙයි වාණිජ වරාය සහ මීට පෙර ගුරුනගර් ප‍්‍රදේශයේ පිහිටි වරාය එහි සාක්ෂි ය. ආර්යචක‍්‍රවර්ති රාජවංශයේ නාවික හමුදාව මෙහෙයවනු ලැබුවේ ගුරුනගර් වැසියන් විසින් බව ඉතිහාසය කියයි. ගුරුනගර්හි පට්ටිනතුරෙයි විදේශීය යාත‍්‍රා සඳහාද වරායක් තිබී ඇත. යාපනය රාජධානියේ බටහිර කොටස ගුරුනගර් කරෙයාර්වරුන්ට ලබා දෙන ලද බව ඉතිහාසය කියයි. කොලොම්බතුරෙයිහි කුඩා බලකොටුවක් ද ගුරුනගර් අසල පන්නයිතුරෙයි බලකොටුවක් ද තිබී ඇත. 1560 දී පෘතුගීසි හමුදා නැව් 77 ක් ගුරුනගර් වෙත පැමිණ නල්ලූර් බලා පිටත් වීමට පෙර එහි පාලනය කළ දෙමළ හමුදාව පරාජය කළ බව දැනගන්නට ඇත!. ගුරුනගර්හි යාපනය ආසන දෙව්මැදුර පැරණි කුඩා දේවස්ථානයක් මත ඉදිකර ඇති බව දැනගන්නට ලැබේ. 1920 දශකයේ මුල් භාගයේ සිට ගුරුනගර් ඉඩම් ගොඩකිරීමේ යෝජනා ක‍්‍රමය නූතන බීච් පාරේ සිට ගොඩකිරීමේ මාර්ගය දක්වා ආරම්භ වී ඇත..මේ ඉතිහාසයට අනුව මීගමුව, අම්බලන්ගොඩ ආදි දකුණේ වෙරළ ආශ‍්‍රිතව ජීවත්වන කරාව ජනතාවට සමරූපී ජනතාවක් ලෙස මෙම ජනතාව හඳුනාගත හැකිය. ඔවුන් අතීතයේදී යුද්ධ කාලයට යුද්ධ කරන්නට ඇත. යුද්ධ නැති කාලයට මුහුදු රස්සාව කරන්නට ඇත. පසුගිය කාලයේ පැවති සිවිල් යුධ තත්ත්වයේදී ද ගුරුනගර් වාසීන්ට එයින් පැනයන්නට බැරිවිය. යුද්ධය ඔවුන් කබලෙන් ළිපට දැමීය..ගුරුනගර් ප්ලාස්ටික් වැස්ම.ගුරුනගර් ධීවර ප‍්‍රජාවට තමන් පහත් කුලයේ වීම නිසා සහ ධීවරයන් වීම නිසා ප‍්‍රශ්න කෝටියක් ය. ඊට අමතරව ඔවුන් දැන් අලූත් ප‍්‍රශ්නයක් සදාගෙන ඇත. සමහර විටෙක මෙය උසස් කුල ප‍්‍රභූන් සෑදුවා වන්නටත් බැරි නැත..එම ප‍්‍රශ්නය වනාහි අන් යමක් නොව ඔවුන්ට ජීවිතය සරි කරගන්නට මාළු ලබාදෙන මුහුද ඔවුන් විසින්ම ප්ලාස්ටික් පොලිතීන් කඳු මතින් ¥ෂණය කිරීමය. ගුරුනගර් නොව යාපනය නගරයෙන් පවා කාණු පද්ධතියට බැහැර කරන මේ අපද්‍රව්‍ය අවසානයට ගසාගෙන එන්නේ මේ මුහුදටය. දැන් මේ ප‍්‍රශ්නය කොතරම් උග‍්‍රදැයි කියන්නේ නම්, ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වෙරළ තීරය සේලයකින් වෙළාගෙන අවසන් ය. ගුරුනගර් වෙරළට යන ඕනෑම කෙනෙකුට එහෙට මෙහෙට හෙළවෙමින් පාවෙන සමහර විටෙක වෙරළට ගොඩගසා පැතිරී තිබෙන මේ කුණු කන්ද දකින්නට පුළුවන් ය..මාගේ නිරීක්ෂණයට අනුව මෙම ධීවර ප‍්‍රජාව තුළ ප්ලාස්ටික් පරිභෝජනය ඉතා ඉහළ ය. ගුරුනගර්හි පමණක් නොව වෙනත් ස්ථානවල ද එවැනිම තත්ත්වයක් පවතී. ප්ලාස්ටික් පොලිතීන් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ ක‍්‍රියාවලියකින් තොරව බැහැර කිරීම භයානක ය. එහෙත් ප‍්‍රතිචක‍්‍රීකරණය යන වදන පවා මේ මිනිසුන් අසා ඇත්දැයි සැකසහිතය. කසළ එකතු කිරීම හෝ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම සඳහා ගුරුනගර්වලට මෙන්ම මා දන්නා තරමින් යාපනයට ද නිසි ක‍්‍රමවේදයක් නැත. ඔවුන් කරන එකම දෙය සියලූ කුණු හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට විසි කිරීමය. මේ තත්ත්වය පිළිබඳව යාපනය ප‍්‍රදේශයේ පාලකයෝ මෙන්ම මධ්‍යම ආණ්ඩුවද සැලකිලිමත් විය යුතුය. කසල කළමනාකරණයට නිසි වැඩපිළිවෙළක් යොදා වෙරළ සහ මේ මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නට ඔවුන් කටයුතු කළ යුතුය. අනෙක් පැත්තෙන් මේ ගුරුනගර් ප‍්‍රජාව පමණක් නොව මුළු රටම ආවරණය වන පරිදි වෙරළ ආශ‍්‍රිතව ජීවත්වෙන ප‍්‍රජාව සුන්දර, ප්ලාස්ටික් පොලිතීන්වලින් තොර, වෙරළ කලාපයක් පවත්වාගැනීම පිළිබඳව දැනුවත් කළ යුතුය..මෙය ලෝක ප‍්‍රශ්නයක්.ලෝකයේ උණුසුම එන්න එන්නම ඉහළ යනවා සේ සහ එය ලෝකයේම ජීවිතයට දැඩිව බලපාන්නා සේ මේ පොලිතීන් මාරයාගේ කතාවද ලෝකයට බලපෑම් එල්ල කරමින් තිබෙයි. සමහර සාගර කලාපවල දැන් කොළඹ භූමිය තරම් විශාල ප්ලාස්ටික් පොලිතීන් අපද්‍රව්‍යවලින් සුසැදි ¥පත් ය. මෙය මත්ස්‍ය කර්මාන්තයටද කෙළින්ම බලපෑම් එල්ල කරයි. අනෙක් පසෙකින් දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙය වැඩි බලපෑමක් ඇති කරයි. සාගර විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ සාගරයේ ජීවී විශේෂ 700ක් සිටින බවය. සාගරයේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් මගින් අවම වශයෙන් මෙම ජීවී විශේෂ 600ක් වත් තර්ජනයට ලක්ව ඇත. ශ‍්‍රී ලංකාව වාර්ෂිකව ඉන්දියානු සාගරයට ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් මිලියන 1.5ක ප‍්‍රමාණයක් බැහැර කරන බව දැනගන්නට ලැබේ. මෙය ලෝක පරිමාණව ගත්විට කොපමණ ද? සිතා බලන්න..දැන් අප ගුරුනගර් ධීවරයන්ට අදාළ මේ ප්ලාස්ටික් ප‍්‍රශ්නය වෙත නැවත ගියහොත් මේ කුණු කසළ වෙරළින් සහ මුහුදින් අයින්කරන්නට යාපනයේ බලධාරීන් ඉක්මන් පියවර නොගන්නේ ඇයි යන්න විමසිය යුතුය. එයට මට පෙනෙන එකම හේතුව, මෙම ප‍්‍රජාව අඩුකුල පීඩිතයන් වීමය. යාපනයේ දේශපාලන බලය ඇත්තේ කුලවතුන්ට ය. වංශවතුන්ටය. ඔවුන්ට අනුව මෙම කුල පීඩිතයන් සැමදාම කුණු ගොඬේම සිටිය යුතුය. එතැනින් අඩියක් උඩට තබා සුන්දර පෙදෙසක සුන්දර ආර්ථික තත්ත්වයක් මතින් සුන්දර ජීවිතයකට යෑම ඔවුන්ට තහනම් ය. ඒ ඔවුන් කුලයෙන් පහත් නිසා ය. එනිසා වහාම මධ්‍යම ආණ්ඩුවද පළාත් ආණ්ඩුවද යාපනයේ මෙම කැළිකසල ගැටලූවට ද ගුරුනගර් මේ වෙරළ ප්ලාස්ටික්කරණය වීමේ ගැටලූවටද පිළිතුරු සෙවිය යුතුය..Tags.anidda.Anidda Newspaper.gurunagar beach.news.sinhala news.කුල ප‍්‍රශ්නය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleශානි කවුද ?.Next articleහෙට කොච්චර කළුවර ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මේක තමයි මගේ ජීවිතේ – වාද්‍ය ශිල්පී මහේන්ද්‍ර පැස්කුවල් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මේක තමයි මගේ ජීවිතේ – වාද්‍ය ශිල්පී මහේන්ද්‍ර පැස්කුවල්.By සංස්කාරක.December 9, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අරුණ ජයවර්ධන.ඔබ කොහොමද කාර්ය බහුලත්වයත් එක්ක මේ තරම් ටෙක්නිකලි අප්ඬේට් වෙන්නේ?.මුල් කාලෙදි මම කැසට් පටවල තියෙන ඒවා අහලා ඒ වගේ ප්ලේ කරන්නේ කොහාමද කියලා හිතුවා.  එක එක ආකාරවල සංගීත ශෛලීන් මට කලින් හිටපු ප්‍රවීණ ශිල්පීන්ගෙන් ඉගෙන ගත්තා. ප්‍රවීණ වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාර සහ ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පියෙක්, සැක්සපෝන් වාදන ශිල්පියෙක් වන මගේ තාත්තා, පද්මසිරි පැස්කුවල් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ස්ටෑන්ඩර්ඞ් ඉන්ස්ට්‍රැමන්ට්ස් මම පුංචි කාලෙ ඉඳලා අහලා තිබුණා. මගේ කැමැත්ත වුණේ ඒ වාගේ සෙල්ලම් කරන්න. ඒ වාගේ හඬක් කොහොමද ගිටාර් එකෙන් මම වාදනය කරගන්නේ කියලා මම හිතුවා. ඒ ස්ටයිල් එක මෙහෙම වෙන්න ඇතියි කියලා හිතාගෙන ගහනවා ඇරෙන්න මේක තමයි හරි ටෙක්නීක් එක කියන්න මම ඇත්තටම දන්නේ නැහැ...කුඩා කාලෙ ඉඳලා සංගීතයට සම්බන්ධ වෙන හැටි කියමු..මට අවුරුදු 9දී වගේ හදිසි අනතුරක් සිද්දවෙලා මාස තුනක් විතර ප්ලාස්ටර් එක දාගෙන ඉන්න වුණා. හොස්පිට්ල් එකේ ඉන්න ඒ කාලය තුළ තාත්තා මට පුංචි ගිටාර් එකක් ගෙනත් දුන්නා. තාත්තා කියලා දුන්න කෝඞ් තුන තාමත් මතකයි. තාත්තාගෙන් ‘සඳ තාරකා හඬාවි’ ගීතය ඉගෙන ගත්තා. පාසලේදී සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. කලා භූමියේදී ලක්‍ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි, රෝහණ වීරසංහ මගේ ගුරුවරු..1986දී නන්දා මාලනී ‘සත්‍යයේ ගීතය’ අවසන් කරලා ‘පවන’ කියලා ප්‍රසංගයක් කරනවා. ඒකෙ සමූහ ගායනයට කට්ටියක් හොයනවා. අපේ බාප්පා (කීර්ති පැස්කුවල්) මට පණිවිඩය දුන්නා, ගිහිල්ලා ඔයාට පුළුවන්ද බලන්න කියලා. සමූහ ගායනයට තමයි ගියේ. සරත් දසනායක, ඔස්ටින් මුණසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න, සේන වීරසේකරගෙ සින්දුවල පොඩි ගිටාර් පාට්ස් ටිකක් තිබුණා. මේ ටික ගහන්න කවුරු හරි ඉන්නවාද කියලා හෙව්වා. මට සේන අයියා කිව්වා ‘මහි පොඞ්ඩක් අරන් බලන්නකො’ කියලා. මාව ගොඩක් උනන්දු කළේ මර්වින් පෙරේරා. මම ගිටාර් එක ගොඩාක් ප්ලේ කරන්න දන්නේ නෑ. වයර් දෙක තුනයි දන්නේ. ඒකෙන් ගහලා බැලුවා. පස්සෙ කෝරස් කරන්න ඕනෑ නෑ, එහෙනං ඔයා ගිටාර්ම ගහන්න කියලා බාරදුන්නා. එහෙම තමයි මුලින්ම මගේ සංගීත ජීවිතේ අත්දැකීම තියෙන්නේ...මහා දැවැන්තයන් සමග වැඩකරන්න වාසනාව ඔබට තිබුණා බොහොම ළාබාල වාද්‍ය ශිල්පියෙක් හැටියට. දැන් ඉන්න නවීනයන් සමගත් ඔබ රෙකෝඩින්ස්වලට සහභාගි වෙනවා. ඒ අත්දැකීම් ගැන කියන්නකො...රෝහණ වීරසිංහ මහත්මයාගෙ රෙකෝඩිං එකකට මම මුලින්ම යනවා. ඒ කාලෙ නිර්මාණ කරන අතරේම අලුත් අලුත් දේවල් කරන්න ඕනෑය කියන අදහසට ඔවුන් වැඩ කරනවා. උදාහරණයක් ගත්තොත් ‘සප්ත කන්‍යා’ චිත්‍රපටියේ ‘සුවඳ දැනී’ ගීතය වෙනම විදියකින් කරන්න ඕනෑය කිව්වාම, රෝහණ සර්ගෙ ඔළුවෙත් ඒක වැඩ කරනවා. ප්ලේයර්ස්ලා ටිකත් ඒකට එකතු වෙනවා. වෙන වෙන ශබ්ද විදි, සංගීත රටා හොයනවා. සංගීත අධ්‍යක්‍ෂවරයෙක්ගෙ හිතේ පහළවෙන නිර්මාණයට මොනවද අලුතෙන් මම ඇතුළු කරන්නේ කියා හිතන කොට, පුංචි කාලේ ඉඳලා ඇහුණු සංගීත රටා එහෙම විශේෂයෙන්ම බලපෑවා. අද තාක්‍ෂණය එක්ක වැඩකරන බොහෝ අය ඉන්නවා. ඒ අය, ‘මේ මෙහෙම කෝඞ් එකක් තියෙනවා’ කියලා ගහලා පෙන්නනවා. මං ඒ වෙලාවෙම ඒ අයගෙන් ඒක ඉගෙනගන්නවා. මගේ අත්දැකීමෙන් ලබාගත්ත දැනුමයි, ඒ අයගේ දැනුමයි එකතු කරමින් තමයි මම හැමදාම  මේ කටයුතුවල යෙදිලා ඉන්නේ...ඔබ සුපර් ෆෝචූන්ස් කණ්ඩායමේ, සිහ ශක්ති කණ්ඩායමේ ලීඞ් ගිටාර් වාදන ශිල්පියෙක් හැටියට හිටියේ. ඊට පස්සේ ක්ලැසිකල් ගිටාර් කියන පැත්තට යොමුවෙනවා. ලීඞ් ගිටාර් එකේ, ගඞ් ගිටාර් එකේ ස්වීට්නස්, ඒ ක්‍රියෙටිවිටි එක අපේ සුභාවිත ගීතයත් එක්ක අරගෙන යන්න ශිල්පීන්ගේ අඩුවක් තියෙනවානේ. ඔබ ඇයි ඒ බැට්න් එක අතෑරලා තියෙන්නේ?.ක්ලැසිකල් ගිටාර් එක බොහෝ විට වාදනය කළේ නෙවිල් ප්‍රනාන්දු වගේ කැලිප්සෝ කණ්ඩායම්වල අය. බොහොම කලාතුරකින්, ඇත්තටම නැති තරම්, ගඞ් ගිටාර් එකේ තියෙන සවුන්ඞ් එක අපේ සාමාන්‍ය ගීතවලට යොමු කර ගත්තේ. ඕනෑම රෙකෝඩිං එකකට මම මේ ගඞ් ගිටාර් එක තමයි අරගෙන යන්නේ. පොද්ගලිකව මම මේ හඬට කැමතියි. නිර්මාණවලට මේක අරගෙන කාලයක් ගියාම මිනිසුන්ට මේක ඕනෑවෙනවා. ඉතින් ඒකටම සමහර විට මාව එකතු කරගන්නවා. මම එක අතකින් සතුටු වෙනවා, ක්ලැසිකල් ගිටාර් එකේ හඬ සාමාන්‍ය ගීත නිර්මාණවලට එකතු වීම ගැන. සංගීතය ගැන කිසියම් අවබෝධයක් තියෙන අයට තේරෙනවා, ‘ආ මේ මහේන්ද්‍ර තමයි සෙල්ලම් කරලා තියෙන්නේ’ කියලා. මටම හිතුණා මේකේ හඬ ලස්සනයි, මේක එකතු වීමෙන් අලංකාරයක් එනවා, මේක තමයි මගේ ජීවිතේ කියලා. මේක අතට ගත්තු ගමන් මම කිසි දේකට බය නෑ..මහින්ද බණ්ඩාර වැනි ශිල්පියෙක් අත්දැකීම් ඉතාම බහුල කෙනෙක්. එයාට ආවේණික වෙච්ච ඒ හඬ, එයා මේ ක්‍ෂෙත්‍රයේ හොඳ තැනක තියලා තියෙනවා. අපි දෙන්නා අවබෝධෙන් යන්නෙ. ක්ලැසිකල් පාට් එකක් අවශ්‍ය වෙලාවට ඔහු කියනවා, ‘මහි, ඔයා ප්ලේ කරන්න’ කියලා. නමුත් මම තාම ඒ බැට්න් එක ගන්න කල් වැඩියි. මම තාම ඉගෙන ගන්නවා...මහින්ද බණ්ඩාර කියන්නේ ලෙජන්ඞ් කෙනෙක්. එතැනට සමාන කිරීමක් නෙවෙයි, ඒ පාරෙ යන ගිටාර් වාදන ශිල්පීන් අඩු බවයි මම අදහස් කළේ..ටෙක්නික් එක ඕනෑ සුළු ප්‍රමාණයක්. ඉතුරු ටික තියෙන්නෙ තමන්ගේ හදවතේ. ගහන නෝට් එකෙන් ෆීලිං එකක් තමා දෙන්න ඕනෑ. ‘මට ස්පීඞ් ගහන්න පුළුවන්, මම ගොඩාක් තාක්‍ෂණය භාවිතා කරනවා’ කියන කිසි දෙයක් වැඩක් නැහැ. නෝට් එකක් ගහන මූඞ් එක තමයි රසිකයාගේ හදවත ගන්නේ. ඒකෙ අඩුව නවක ශිල්පීන්ගේ බොහෝවිට තියෙනවා. තාක්‍ෂණය වැඩිපුර ගත්තාම සාමාන්‍යයෙන් හදවතේ තියෙන සිතුවිල්ල පහළට යනවා...ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරුන් පවා, සවුන්ඞ් ඉංජිනියර්ස්ලා පවා, ඔබ ට්‍රැක් එකක් ප්ලේ කරලා ගියාට පස්සෙ, මම දැකලා තියෙනවා, අනික් ට්‍රැක්ස් ටික ඔක්කොම මියුට් කරලා, ‘මේ මහියා ගහපු එක පොඞ්ඩක් අහලා බලමු’ කියලා, ඔයාගේ ට්‍රැක් එක විතරක් තියලා සින්දුව අහලා බලනවා, වචනත් නෑ, මොකුත් නෑ. නිකං මහී ගහපු රිදම් ට්‍රැක් එක. ඒක ගලන ගඟක් වගේ ලස්සනයි. එකිනෙකට වෙනස්. ඔබ ඒ සින්දුව ගහන රිදම් පැටර්න් එක ආයෙ මම හිතන්නේ නැහැ ඔබටවත් ගහන්න පුළුවන් කියලා. එහෙම යුනික් පැටර්න් එකක් සින්දුවකට ගහන්නේ ඇයි? ලයිව් ප්‍රසංගයක වෙන කාට හරි ඒක ගහන්න බැහැ. ඇයි එහෙම කරන්නෙ?.ජීවිතේ වාදනයෙන් ලබපු අත්දැකීමයි, මේකට අලුත් දෙයක් එකතු කරන්න ඕනෑය කියන සිතුවිල්ලයි හරහා කෝඞ් සවුන්ඞ් එකට අලුත් අලුත් දේවල් එකතු කරන්න පුළුවන් වීම එක හේතුවක්. ඒක මට වුණත් ආයෙ ගහන්න බැරිවෙන්නේ, ඒ වෙලාවෙ සිතුවිල්ල වෙනස්. ඒ වෙලාවට ඒ ලෝකේ. තව කෙනකුට ඒක ගහන්න අවශ්‍ය නම්, කළ යුතු එකම දේ පුහුණුවීම තමයි...ක්ලැසිකල් ගිටාර් එකක් ගත්තොත් ඒ පාට්ස් ගණන ඒ සින්දුවට අවශ්‍ය නම්, ඒ බාර්ස් ගානට ඒ මියුසික් ඩිරෙක්ටර් මොකුත් ක්‍රියේට් කරන්නේ නැහැ. ඒකට ඉඩ තියලා ඔබට දෙනවා. සාර්ථකම ප්‍රතිඵලය ගන්න පුළුවන්, එහෙම හිස්තැනක් තියලා බාර්ස් ගාන ඔබට දුන්නොත්ය කියලා, මියුසික් ඩිරෙක්ටර්ස්ලා හිතනවා..මම ඉස්සෙල්ලාම හිතන්නේ මුළු නිර්මාණය ඇතුළෙම ඇහෙන සවුන්ඞ් එක මොකක්ද කියලා. මට හිතෙන දෙයක් මේකට එක්කහු කරලා හරියන්නෙත් නැහැ. ඒකට අර ඇසූ පිරූ තැන් ටික ඕනෑමයි. මං හැම තිස්සෙම කැමතියි නිදහස් වාදන ශිල්පියෙක් වෙන්න. එක අතකින් හොඳ නැති දෙයක්. තව අතකින් හොඳයි. සංගීත අධ්‍යක්‍ෂවරයා මට නිදහස දීලා තියෙනකොට මං මගේ ලෝකයට ඇතුළු වෙනවා. අන්න මං අර කොටස එක්කහු කරනවා. ඒක මම හරිම කැමැත්තෙන් කරනවා. ඒක කළාම බොහෝ අය දන්නවා, ‘මහි අයියා තමයි ප්ලේ කරලා තියෙන්නේ’ කියන මගේ අනන්‍යතාව. සහ ඒ හඬ. මේ ගිටාර් එකම තමයි ගහලා තියෙන්නේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleමැනිං ගියාට පෑලියගොඩ නොගිය ශාන්ත ජෝන්.Next articleලුම්බිණියෙ බාලෙ බාලෙගෙ ලුම්බිණිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ඔබේ පරම්පරාව Xද? Yද? Z? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ඔබේ පරම්පරාව Xද? Yද? Z?.By සංස්කාරක.June 23, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.සමාජය හා සංස්කෘතිය ගැන කතා කරන විට ඒ තුළ ජීවත් වන මනුෂ්‍යයා අත්නොහැරිය හැකි වැදගත්කමක් දරන කොට්ඨාසයක්. මිනිසුන් ශිෂ්ටාචාරගත වීම සමග විවිධ පාලනතන්ත්‍ර හරහා රාජ්‍ය බිහිවීම ආරම්භ වුණා. ඉතිහාසයේ විවිධ අවධි රැසක් මේ වන විට මිනිසුන් විවිධ බාධකවලට මුහුණ දෙමින් අවසන් කර තිබෙනවා. සාගත, වසංගත, මූල්‍ය අර්බුද ලෝක යුද්ධ වැනි විශාල සංධිස්ථාන රැසක් මිනිසුන් මේ වන විට පසු කර අවසන්. ඒ ඒ කාලවකවානුවලදී මුහුණ දෙන්න සිදු වුණු අත්දැකීම් එක්ක ඒ ඒ කාලවල උපත ලබා ජීවත් වුණ අයගේ සිතුම් පැතුම්, ගතිගුණ සහ හැසිරීම් රටාවල ඇතැම් විට සමාන ලක්ෂණ තිබිය හැකියි..මේ වගේ ලක්ෂණ අනුව ඒ කාලවල ජීවත් වන අයව පරම්පරාවලට වෙන් කරනවා. මේ විදිහට පරම්පරාවලට වෙන් කරන්නේ කිසිම ආයතනයක් විසින් හෝ වෙනත් කිසිම නිශ්චිත සිද්ධාන්තයක් යටතේ නෙවෙයි. ඒ නිසා එක් එක් පරම්පරාව හඳුන්වන්නේ කුමන නමකින්ද සහ එය ආරම්භ වන්නේ කවදාද සහ අවසන් වන්නේ කවදාද යන්න කිසිදු නිල කොමිසමක් හෝ කණ්ඩායමක් තීරණය කරන්නේ නෑ. ඒ වෙනුවට විවිධ මාධ්‍ය ව්‍යවහාර සහ සමාජයේ ගොඩනැගෙන මත හරහා එක් එක් පරම්පරාවලට නම්, ඒවා ආරම්භ වන වර්ෂ සහ අවසන් වන වර්ෂ ගැන මතයක් ඉදිරිපත් වෙනවා. එය ජනප්‍රියවාදී මතයක්. පරම්පරා බොහෝ විට නිශ්චිත සිදුවීම් මගින් හැඩගස්වා ඇති නිසා, ඒවායේ ලේබල් සහ පරාසයන් සමහර විට එක් රටකින් තවත් රටකට වෙනස් වෙනවා. එයට හේතුව සමහර රටක් මුහුණ දුන් තීරණාත්මක සිදුවීමකට තවත් රටක් මුහුණ නොදී තිබෙන්නට ඉඩ ඇති නිසායි..මේ විදිහට නම් කළ පරම්පරා අතරින් විශේෂයෙන් ම ලෝකය පුරා සාකච්ඡාවට ලක්වෙලා තිබෙන පරම්පරා තුනක් තිබෙනවා. ඒ එක්ස් පරම්පරාව, වයි පරම්පරාව සහ ඉසෙඩ් පරම්පරාවයි. ඒ පරම්පරා තුනම වර්තමානයේ ජීවත්වන පරම්පරා තුනක්. ඔවුන්ගේ වෙනස්කම් හා සමාජීය හැසිරීම වෙන් කර දකින්න පුළුවන් නිසා ඔවුන්ව මේ විදිහට පරම්පරා තුනකට වෙන් කරලා තිබෙනවා. නිශ්චිත බෙදුම් රේඛා නැති නිසා ඒ අනුමාන කරන ලද බෙදුම් රේඛාව ආසන්නයේ උපත ලැබූ පුද්ගලයන් ඔවුන්ගේ සිතුම් පැතුම් සහ හැසිරීම අනුව ඒ ඒ පරම්පරාවලට අයිති වෙනවා..1944 ලෝක යුද්ධවලින් පසුව ඉපදුණු පරම්පරා ‘බේබි බූමර්ස්’ ලෙස හඳුන්වනවා. ඔවුන් 1960 දශකය දක්වාම ජීවත් වුණු කණ්ඩායමක්. නමුත් ඔවුන්ගේ හැසිරීම් බොහෝ දුරට වෙනස් වුණේ රටින් රටට ලෝක යුද්ධය ගැන මුහුණ දෙන්න වූ අත්දැකීම් වෙනස් වූ නිසා. හිපි සංස්කෘතියට අනුව ජීවත් වූ අය කණ්ඩායමකුත් අයත් වන්නේ මේ පරම්පාරවට. කොහොම වුණත් ලෝකය පුරාම කතා වුණ සහ පර්යේෂණ කෙරුණු පරම්පරා තුනේ ආරම්භය සිදු වන්නේ ඉන්පසුවයි..ඒ එක්ස් පරම්පරාවයි. එක්ස් පරම්පරාව ඉතාම නිහඬ පරම්පරාවක් ලෙස සැලකෙන බේබි බූමර් පරම්පරාවේ දරුවන් වුණා. ඔවුන් බේබි බූමර් කණ්ඩාමයමෙන් පසුව සහ නව සහස්‍රයේ ආරම්භයට පෙර උපත ලැබූවන්. 1960 දශකයේ මැද භාගයේ සිට 1980 දශකයේ මුල භාගය දක්වා උපත ලැබූවන් එක්ස් පරම්පරාව ලෙස හඳුන්වනවා. මෙම කණ්ඩායමේ ස්වභාවය නිසාම ඔවුන්ට පරම්පරා ලේබලයක් ඇලවීම ජනප්‍රිය මතයට පහසු වුණේ නෑ..ඒ වන විට ලොව පුරා පැතිර යමින් තිබූ දේශපාලන හා සමාජ වෙනස්කම් මේ පරම්පරාව තුළ පැහැදිලි වෙනස්කම් ඇති කරන්න සමත් වුණා. දෙමවුපියන් දෙදෙනාම රැකියාවලට යොමුවීම සහ කාන්තාවන් වැඩි වශයෙන් සේවා ස්ථානවලට ඇදී ඒම මේ පරම්පරාව කුඩා කාලයේ දක්නා ලැබුණු විශේෂ ලක්ෂණයක්. කුඩා දරුවන් වශයෙන්, දවසේ වැඩි කාලයක් සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සුළු හෝ අධීක්ෂණයක් ලැබුණේ නෑ. පෙරදිග රටවලටත් වඩා මෙම ලක්ෂණය දැකගන්න හැකි වුණේ බටහිර සහ යුරෝපීය රටවල. ඔවුන්ගේ හැසිරීමට බොහෝ දුරට බලපෑවේ දෙමව්පියන්ට වඩා ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගේ හැසිරීම්. මේ කාලයේ කුඩා දරුවන්ව සිටි ඔවුන්ගේ දෙමව්පියන්ගේ දික්කසාද වීමේ අනුපාතය ඉහළ මට්ටමක පැවතුණා. ඒ නිසාම ඇත්ත වශයෙන් ම මේ දරුවන් කෙරෙහි දෙමවුපිය අධීක්ෂණය පැවතුණේ ඉතාම අඩු මට්ටමකින්..එක්ස් පරම්පරාව හිපොප් සංගීතයේ සහ විකල්ප රොක් සංගීතයේ බලපෑම ලැබූ කණ්ඩායමක්. ඒ නිසාම එක්ස් පරම්පරාව ස්වාධීනත්වයේ සහ අවිධිමත්භාවයේ වටිනාකම අගය කරන අතර, තාක්ෂණික වශයෙන් ද බුද්ධිමත්, ඔවුන්ගේ දෙමාපියන්ට වඩා උගත් සහ වඩාත් නම්‍යශීලී පරම්පරාවක්. ඔවුන් නිතරම ස්වාධීනත්වය සහ නිදහස අගය කළා. ඒ වගේම තාක්ෂණයේ දියුණුව සහ ඒ පිළිබඳව තිබූ කුතුහලයත් සමග තාක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටත් සමත් වුණා. උසස් පාසල්වල හිපොප් සංස්කෘතිය පැතිර ගියේත් මේ පරම්පරාව හරහායි. ඔවුන් ඉගෙනීමටත් විශාල උනන්දුවක් දැක් වූ කණ්ඩායමක් වූ නිසාම උගත් වැඩි පිරිසක් ඔවුන්ගේ පරම්පරාව නියෝජනය කරනවා. මෙම පරම්පරාව තුළ ජීවත්වූවන් බහුතරයක් වෙළඳාම් සහ ව්‍යවසායකත්වයට උනන්දු අය. ඔවුන් උපදින්නේ උපත් පාලනය හඳුන්වා දුන්, ගබ්සාව නීතිගත කළ, විනෝදාත්මක මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත වූ යුගයකයි. එය කාන්තා අයිතිවාසිකම් නැගී එන යුගයක් ද වුණා..එක්ස් පරම්පරාව තනිව වැඩ කිරීමට පුරුදු වූ පරම්පරාවක්. දෙමව්පියන් දෙදෙනාම රැකියාවලට යාම ආදි හේතු නිසා ඔවුන්ට කුඩා කල සිටම හැදී වැඩෙන්නට වුණේ තනිවමයි. ඒ නිසා ඔවුන් තනිව තම තමන්ගේ වැඩ කරගැනීමට පුරුදු වූ පරම්පරවක් විදිහට සැලකිය හැකියි. කුඩා කල සිටම තනිව වැඩ කිරීමට පුහුණු වී සිටින නිසා ඔවුන් කාර්යක්ෂම පරම්පරාවක් ලෙසත් හඳුන්වනවා. එමෙන් ම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. නාගරීකරණයත් සමග මිතුරුකණ්ඩායම් වැඩි වශයෙන් ආශ්‍රය කළා. අඩු අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමට හැකි නිසා ව්‍යාපෘති කළමණාකරණයේ දී ආයතනවලින් ඔවුන්ව වැඩි වශයෙන් තෝරාගනු ලබනවා. ඔවුන් සමග ව්‍යාපෘතිවල වැඩ කරන අයට ඔවුන් සිටීම ඉතාම පහසුවක්. එක්ස් පරම්පරාව වෙනස්වන සංස්කෘතික සහ සේවා ස්ථාන තත්වයන්ට අනුවර්තනය පහසුවෙන්ම කරන කණ්ඩායමක්. ඔවුන් තම පරිසරයේ වෙනස්කම්වලට හොඳින් අනුගත වන අතර විවිධත්වය අගය කරනවා. දක්ෂ ලෙස වැඩ කරන අතරතුරම තම පවුලත් සමතුලිතව පවත්වාගෙන යාමට උනන්දු වනවා. වැඩ කරන අතරතුරදීම රැකියා ස්ථානයේන් නිවාඩු ලබාගෙන ලොව පුරා සංචාරය කිරීමත් ඔවුන්ගේ දකින්නට හැකි විශේෂ ප්‍රවණතාවක්. මෙම කණ්ඩායම තාක්ෂණය වෙනස් වන ආකාරයත් සමග ජීවත් වූ කණ්ඩායමක්. ජංගම දූරකථන හා ස්මාට් ජංගම දූරකථන පාවිච්චි කළ පළමු කණ්ඩාම විදිහට බටහිර සැලක්නෙන්නේ මේ පරම්පරාවයි..එක්ස් කණ්ඩායමෙන් පසුව එන්නේ වයි කණ්ඩායමයි. 1981 සිට 1996 දක්වා උපත ලැබූවන් සමාන්‍යයෙන් වයි කණ්ඩායම ලෙස හැඳින්වූවත් ඔවුන්ගේ හැසිරීම් සහ සිතුම්පැතුම් මත 2000න් පසුව උපත ලැබූ ඇතැමුන් ද වයි කණ්ඩායමට ඇතුළත් වෙනවා. මේ කණ්ඩායම බොහෝ විට එක්ස් පරම්පරාවේ අයගේ දරුවෝ. කෙසේ වෙතත් මේ කණ්ඩායම සලකන්නේ තමන්ගේ දෙමවුපිය පරම්පරාවට සාපේක්ෂව අඩු ආර්ථික ස්ථාවරත්වයක් හිමි කරගන්නා කණ්ඩායමක් ලෙසයි. ඔවුන් උසස් අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දැක් වූ අයයි. එක්ස් පරම්පරාවේ අය වගකීම් සහගත දෙමවුපියන් ලෙස හැසිරීම නිසා මේ කණ්ඩායම වැඩි වශයෙන් දෙමවුපියන්ගේ අධීක්ෂණය මත හැදී වැඩුණු කණ්ඩායමක් වුණා. නමුත් දෙමවුපියන් තුළ තිබූ නිදහස් චින්තනවාදී අදහස් නිසා දරුවනුත් නිදහසේ සිතන්නට පුරුදු වූ කණ්ඩායමක් වුණා. දෙමවුපියන්ගේ ව්‍යාපාර භාරගැනීම හෝ රැකියාවකට යාමට ඔවුන් උනන්දු වුණා. මෙම පරම්පරාව තාක්ෂණය සමග කුඩා කාලයේ සිටම හැදී වැඩුණු කණ්ඩායමක් නිසා ජංගම තාක්ෂණ උපකරණවලට වැඩි වශයෙන් ඇබ්බැහි වූ කණ්ඩායමක්. සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ආරම්භක සමයේ ඔවුන් සිටියා. ඔවුන් සැම ප්‍රශ්නයක්ම සමාජ මාධ්‍ය හරහා විසඳාගැනීමට උත්සාහ කරන බවක් තිබෙනවා. ඔවුන්ට පෙර පරම්පරාව තමන්ගේ ප්‍රශ්න අනෙකාට දැනගැනීමට නොහැකි වන පරිදි සඟවාගෙන සිටීමට උනන්දු වුණා. නමුත් මේ පරම්පරාව ඊට සාපේක්ෂව සිය ප්‍රශ්න සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ කතා කිරීමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා. එය ඇතැම් විට හොඳ ප්‍රතිඵල ලබා දුන්නත් බොහෝ විට නරක ප්‍රතිඵල උදා කර දී තිබෙනවා. තාක්ෂණය පිළිබඳ ඇති දැනුම සහ ඒ ආශ්‍රිතව ගොඩ නැගී ඇති සිතුම් පැතුම් නිසාම සාම්ප්‍රදායික අලෙවිකරණ උපායමාර්ග සහ රැකියාවලට බඳවා ගැනීමේ ප්‍රමිතීන් ඔවුන්ට එතරම් ප්‍රායෝගික නෑ. නමුත් පෙරදිග රටවල තවමත් එම ගතානුගතික බඳවා ගැනීමේ ක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අලෙවිකරණය නම් බොහෝදුරට වෙනස් වී තිබෙනවා. රැකියා ස්ථානවලදී වයි පරම්පරාව මහජන සම්බන්ධතා ගොඩනගාගැනීමට දක්ෂතාවක් දක්වනවා. ඒ වගේම මිතුරන්ට සහ තමා අවට ආයට වැඩි වශයෙන් ඇහුම්කන් දෙන කණ්ඩායමක්. පරිගණකය ආශ්‍රිත දැනුම වැඩි හෙයින් ඔවුන් බොහෝ විට බහුකාර්යයන් සඳහා දක්ෂතාව දක්වනවා..තමන්ගේ දෙමවුපිය පරම්පරාවට වඩා අඩුවෙන් දරුවන් බිහි කිරීමට ඔවුන් පෙළැඹී තිබෙනවා. සිය ප්‍රායෝගික ජීවතය තුළදීම අධික ජනගහනය අත්විඳි නිසා එය සිදුවිය හැකියි..වයි කණ්ඩායම තුළ දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔවුන් රාජ්‍ය ආයතන සහ රාජ්‍යය කෙරෙහි පවත්වන අවිශ්වාසයයි. දේශපාලනිකව ස්වාධීන කණ්ඩායමක් ලෙස ඔවුන්ව හඳුනාගත හැකියි. ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව තරමක් පුද්ගල වන්දනාමය දේශපාලනයේ සහ දෙමව්පියන්ගේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති අයයි. නමුත් වයි කණ්ඩායම ඔවුන්ගෙන් කැපී පෙනෙන වෙනසක් ළඟාකරගෙන තියෙනවා. ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දෙන මූලික කණ්ඩායමක් ලෙස ඔවුන්ව හඳුනාගත හැකියි. එමෙන් ම විරෝධතා හරහා පත් කරගත් නව ආණ්ඩු බහුතරයකට සහය දක්වා ඇත්තේ ද මේ කණ්ඩායමයි. සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාව පිළිබඳව ඔවුන් වඩා සැලකිලිමත්..ඉසෙඩ් පරම්පරාව ආරම්භ වන්නේ වයි පරම්පාරාවේ උපන් වර්ෂවල අවසානය වන 1990 දශකයේ අග භාගයේ දී සිට 2010 දක්වා කාලවකවානුව තුළයි. ඔවුන් හුදෙක්ම ජංගම තාක්ෂණික උපාංග සමග හැදීවැඩුණු කණ්ඩායමක්. ඔවුන් උපතේ සිටම ඒවා සමග හැදීවැඩුණා. ඒ නිසාම ඔවුන් ”ඩිජිටල් ස්වදේශිකයන්” ලෙස නම් කර තිබෙනවා. ඩිජිටල් අවකාශයට ඇබ්බැහි වීම නිසා මෙම පරම්පරාව තුළ සෘණාත්මක ලක්ෂණ දැකිය හැකියි. සිය පෙර පරම්පරාවලට සාපේක්ෂව සමාජශීලී ගතියෙන් සහ සාමාන්‍ය හැසිරීම් රටා ආශ්‍රයෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ සෘණාත්මක ලක්ෂණයි. මේ වන විට ලෝකයේ 30%ක පමණ ජනගහනය මේ පරම්පරාවයි. ඔවුන් අන්ත දෙකකට වෙන් වී තිබෙනවා. එක් අන්තයක් තාක්ෂණය හරහා ලෝකයේ යහපත වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක්. අනෙක් කණ්ඩායම තාක්ෂණයට ඇබ්බැහි වී ඒ තුළම සිරවී සිටින කණ්ඩායමක්. ඔවුන්ගෙන් සමාජ යහපත පිළිබඳ උනන්දු කණ්ඩායම ඕනෑම මතයකට ඇහුන්කන් දීමේ සහ ගරු කිරීමේ විවෘත මනසකින් යුතු අයයි. ඔවුන් ස්ත්‍රී අයිතිවාසිකම් සහ එල්ජීබීටී අයිතිවාසිකම් වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වනවා. මෙම කණ්ඩායම බොහෝ විට සිය දොළොස්වන උපන්දිනයේ සිට පමණ ස්මාට් ජංගම දූරකථන තනි පාවිච්චිය සඳහා ලබා ගත් කණ්ඩායමක් බවට සමීක්ෂණවලින් හෙළි වන කරුණක්. ඔවුන්ගේ පැරණි පරම්පරා රූපවාහිනිය නැරඹීමට උනන්දු වුවද ඉසෙඩ් පරම්පරාව එම ඒ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් දූරකථනවල වැඩි කාලයක් ගත කරනවා. මීට පෙර පරම්පරාවලට සාපේක්ෂව ජනවාර්ගිකව වැඩි වශයෙන් මුසු වූ පරම්පරාවක් වන්නේ ද මෙම ඉසෙඩ් පරම්පරවයි. මෙම කණ්ඩායම වැඩි වශයෙන් නින්දට ඇබ්බැහි වීම සහ මානසික ව්‍යාකුලතාවෙන් පෙළීම වැඩි වශයෙන් නිරීක්ෂණය වන බව පර්යේෂකයන්ගේ මතයයි. එය බොහෝ දුරට තක්ෂණික උපාංගවලට ඇති ඇබ්බැහිය මත රඳා පවතින බව ඔවුන් පෙන්වා දෙනවා..තමන් අයිති පරම්පරාව කුමක් ද කියා මෙය කියවන ඔබටත් මෙයින් අදහසක් ලබා ගන්න පුළුවන්. නමුත් බටහිර තවයට වඩා පෙරදිග තත්වය සාපේක්ෂව වෙනස් වුවත් මූලික ලක්ෂණ මෙම පරම්පරා වල දැකිය හැකියි. විශේෂයෙ ම වයි පරපරාවේ ඇති සටන්කාමී ලක්ෂණ මේ වන විට අප ප්‍රායෝගිකව අත් විඳිමින් සිටිනවා. මේ පිළිබඳව විවිධ සමීක්ෂණ පවතින නිසා විවිධ මත තිබිය හැකියි. ඒවා තුළ ඇති පොදු ලක්ෂණ තමයි මේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනතාව ගැන මගේ විශ්වාසය: ආචාර්ය රොහාන් පෙතියාගොඩ එක්ක කතාබහක්.Next articleඅත තැබූ-නොතැබූ කියුබාවට අන්තිමේ වුණේ මොකක්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විරුසමරු, ධර්ම යුද්ධ අතරේ බුදුදහම? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විරුසමරු, ධර්ම යුද්ධ අතරේ බුදුදහම?.By කැත්ලීන් ජයවර්ධන.June 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කැත්ලීන් ජයවර්ධන.ඔහු (දුට්ඨගාමිණී) සමාජයෙහි හේවිසි වාදනය කිරීමට සැලැස්වී ය. එමෙන්ම එළාර රජුගේ මළසිරුර ළඟ මිනිසුන් කැඳවූ දුටුගැමුණු රජු ඔහු වෙනුවෙන් අවමංගල වාරිත්‍රවල යෙදුණි. ඔහු මියගිය ස්ථානයේ ඔහුගේ සිරුර විශේෂ පීඨිකාවක් මත තබා ආදාහනය කළේ ය. එමෙන්ම එම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදිකොට එය වන්දනාමානන කළ යුතු ස්ථානයක් ලෙස නම් කළේ ය..අතීත සැමරුම් කරළියට රැගෙන ආ යුතු ආකාරය, ඒ සැබෑ මානුෂීය මුහුණුවර පිළිබඳ නවමු පූර්වාදර්ශයක් අප දුටුවේ, ඇසුවේ පසුගිය මැයි 18 වන දා ය. අමුතුම මාදිලියේ විරුසමරු උලෙළක් වූ එය පැවැත්වුණේ ‘ගෝඨාගෝගම’ දී ය. 13 වන රණවිරු සමරු දිනයේදී යුදවිරුවන් ස්මරණය කළ යුතු දයාවේ මානය එළිදක්වමින් එහිදී අපූරු අදහසක් ඉදිරිපත් කළේ කතෝලික පියතුමකු වන ජීවන්ත පීරිස් ය. එය සාරාංශගත කළ හැකිවන්නේ මෙසේ ය..මනුෂ්‍යයන් වන අප ස්මරණය කළ යුතු වන්නේ, පහන් දැල්විය යුතු වන්නේ ජීවිතය අහිමි වූ සියලු මනුෂ්‍යයන් සඳහා ය..මේ ප්‍රකාශයේ නැවුම් බව සිත්සතන් සසල කරවනසුලු වූවේ ය. එය ක්ෂණිකවම අප රැගෙන ගියේ බුදුදහමේ එන කරණීය මෙත්ත සූත්‍ර දේශනාව වෙත ය. කරණීය මෙත්ත සූත්‍රය යැයි කියන්නේ බුදුදහමේ කොස්මොපොලිටන (සාර්වභෞමික, විශ්වීය) ධර්මයට ය. මේ සූත්‍රයට අනුව අප කිසිවකුට, සමාජයට හෝ ලෝකයට හෝ මුඵමහත් විශ්වයට හෝ කිසිදු අහිතක් සිතිය නොහැකි ය; හානියක් කළ නොහැකි ය. විශ්වීය මෛත්‍රීකරුණාව ජාති, කුල, ආගම් වැනි විෂමතා කිසිවකින් ඛණ්ඩනය වන්නේ ද නැත. ඉතා අඩුතරමින් මානව වර්ගයා (මානව වාදය) අසල එය නැංගුරම් ලන්නේ ද නැත. මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ කුලේසු අනනුගිද්ධෝ යන යෙදුම පිළිබඳව ය. ඉන් අර්ථ ගැන්වෙන්නේ කුලයේ නොබැඳීම ය. කිසිදු භේදයක්, පංගුපේරුවක් නැත්තකු බවට පත්වීම ය. එය මිනිසුන් විසින් පසුකාලීනව නිර්මාණය කර ගනු ලැබූ සියලු භේදභින්නතා නිෂේධනය කරයි. සියලු වාර්ගිකයන් අබිබවමින් සියලු වර්ගයේ තිරිසන් සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, උපන්-නූපන්, පෙනෙන-නොපෙනන සත්ත්වයන් ඇතුඵ සකලවිධ සංඝටක දක්වාම එය ප්‍රසාරණය වෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ පළමු ගාථාවේ එන සක්කෝ උජූච සූජූච, සුවචෝ චස්ස මුදු අනතිමාණී යන කොටස නිවැරදිව හා නිරවුල්ව වටහාගැනීමෙන් වුව ඒ විශ්වීය චින්තනය රෝපණය කළ හැකි තෝතැන්නක් නිර්මාණය වෙයි..බෞද්ධයෝ බොහෝ දෙනෙක් දිනපතා, සතිපතා හෝ මාසයකට වරක් (පුර පසළොස්වක් පොහෝ දිනයකදී හෝ) කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරති. එහෙත් ප්‍රශ්නය වන්නේ එය නාදනංවා ඇත්තේ හුදු සජ්ඣායනයක් වශයෙන් පමණක් ම වීම ය; සුළඟේ විසිරී ගිය ද එය මිනිස් හදවත් ස්පර්ශ නොකිරීම ය. මිනිස්සු පන්සල් ගියහ; බෝධිපූජා කළහ. බැලූබැල්මට නම් බුදුසසුණේ දියුණුවක් ද දක්නට තිබුණේ ය. දේශපාලකයෝ නිරතුරුවම පාහේ ආගමික නායකයන් බැහැදුටුවහ. සුවිසල් චෛත්‍ය ගොඩනැගූහ; රණවිරු සෑය වැනි නම් ද ඒවාට යෙදිණ. තරගකාරී ලෙස උසින් වැඩි බුදුපිළිම ද ඉදිවෙමින් පැවතුණේ ය..එහෙත් බුදුදහම හා බුද්ධාගම අතරේ පරතරයක් ද නිර්මාණය වෙමින් පැවතුණේ ය. රට ආගාධයක ගිළීයමින් තිබිණ. විනිමය සංචිත සිඳී ගියේ ය. පාලකයෝ චෞරයන් බවට රූපාන්තරණය වෙමින් සිටියහ. ලොව සුපතළ ‘ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය’ චෞර රාජ්‍යයක් බවට පත්වීමේ විළිබිය ඇතැම් මිනිසුන්ගේ සිතට දැනුණේ ය. කෙසේ වුව ද මේ පරාභවය සිදු වූයේ දේශපාලන ලෝකයේ පමණකි යි කිවහැකි ද නැත. ජනසමාජයේ අතිමහත් බහුතරය ගැලී සිටියේ ද දැඩි ආත්මාර්ථකාමී පරිභෝජන රටාවකට ය. ඒ සඳහා යහමින් ඕනෑ වූයේ මුදල් ය. ටයිකෝට් චෞරයින් බුරුතුපිටින් මතුවන්නට වූයේ ඒ අනුව ය. සොරුන්, වංචනිකයන් යැයි කිව යුතු වූයේ පොකට් ගසන්නන්ට, මාල කඩන්නන්ට පමණක් නොවේ. සියල්ලන්ම රැඳී සිටියේ ආගාධයේ මුවදොර නොව නරාවළේ ගැට්ටෙහි ය..එහෙත්…?.නරාවළට, නිරයට කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියා තිබියදී, අනූනමයයි දශම නමයේදී, නොසිතූවිරූ තත්ත්වයක් උද්ගතවෙමින් තිබිණ. ‘ග්‍රහ මාරුවක්’ වැනි වූ එය බලගන්වා තිබුණේ නවග්‍රහයින් හෝ පිටසක්වළ ජීවීන් හෝ නොව මේ රටේ තරුණ තරුණියෝ ය. උකටලීව සිටි බොහෝ කොටස් හදිසියේම පණ ලැබූ අයුරක් දිස්විණ. නීතිඥ ප්‍රජාව ද ඉදිරියට පැමිණ සිටියේ ‘කුමට මෙරට අධිකරණය, නීතිය හා විනිසුරන්’ යන ප්‍රශ්නය ඉදිරියේ බොහෝ දෙනෙක් අසරණව සිටි මොහොතක ය. නීතිය වළපල්ලට ඇදැවැටී ඇති බව මිනිසුන්ගේ පොදු විශ්වාසය වූවේ ය..කෙටි කාලසීමාවක් තුළ බලගැන්වුණ අරගලයේ ගමනාන්තය ගැන තිතට නූලට සහතික විය හැකි නොවෙතත් 74 වසරක් සපුරන මේ රටේ නිදහසින් පසු දේශපාලනයේ, ඒ දේශපාලන ව්‍යුහයේ පාදම පුපුරුවා හැරීමට අරගලකරුවන් සමත්ව ඇති බව නම් පැහැදිලි ය. මතුයම් දිනෙක මුඵ ගොඩනැගිල්ලම බිඳවැටෙන්නට නියමිත ය. අවිනිශ්චිත වන්නේ දිනය පමණි..මේ හැරවුම අර්ථවත් කරගැනීමට නම් ආගමික හා සංස්කෘතික වෙනසක් ද බලගැන්විය යුතුව තිබේ. එහිදී අවකාශයක් විවර විය යුතු වන්නේ සැබෑ බුදුදහම හඳුනා ගැනීමට හා සැබෑ බුදුදහම සමාජගත කිරීමට ය. ඉන් අදහස් වන්නේ බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතු බව නොවේ; බුද්ධ ශාසන අමාත්‍යාංශයක අවශ්‍යතාව ද නොවේ; බෞද්ධ නාලිකා වැඩි වැඩියෙන් බිහිවිය යුතු බවක් ද ඉන් අදහස් නොවේ. බුදුන්ගේ දහම් පණිවිඩය නිකැළැල් ලෙස හදවත් තුළට කාන්දු කිරීම සඳහා කිසිදු ලේබලයක් අවශ්‍ය වන්නේ නැත..යුද්ධයට පෙර හා පසු ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාවට බොහෝවිට අසන්නට ලැබුණු ධර්මදේශනාවලින් යුද්ධය හා රණවිරු සංකල්පය උත්කර්ෂයට නැගුණු අයුරු අපට සිහිකළ හැකි ය. එහිදී ඉස්මතු කෙරුණේ බෞද්ධ ස්ථාවරයට වැඩියෙන් හින්දු ස්ථාවරය වන බව අපගේ අදහස ය. ධර්ම යුද්ධය යැයි කියන්නේ හින්දු සංකල්පයකට මිස බෞද්ධ සංකල්පයකට නොවේ..බුදුදහම, යුද්ධය සමාජ යථාර්ථයක් ලෙස පිළිගන්නා බව සැබෑ ය. එහෙත් හින්දු ආගම, හින්දු සංස්කෘතිය යුද්ධය හඳුනා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට ය. මේ බව සනාථ කරන්නේ හින්දු දහමට හා සංස්කෘතියට අයත් මූලික ග්‍රන්ථ දෙකකි. මේ ග්‍රන්ථ දෙක වන්නේ භගවද් ගීතාව හා මනුස්මෘතියයි..හින්දු සංස්කෘතියේ මූලික පිළිගැනීමක් වන්නේ වර්ණ ධර්මයයි. වර්ණ ධර්මය කියන්නේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර වශයෙන් කොටස් හතරයකට බෙදී වෙන් කළ සමාජ සංස්ථාවටයි. බුදුදහම වර්ණ ධර්මය පිළි නොගනියි. හින්දු සංස්කෘතියේ එන ස්වධර්ම න්‍යාය යටතේ ක්ෂත්‍රියයාට (රජුට) පැවරෙන වගකීම් හා යුතුකම්වලට අනුව පැහැර හැරිය නොහැකි කාර්යභාරයක් බවට පත්වන්නේ යුද්ධයයි. වර්ණ ධර්මය යනු දේව නියමයකි. ඒ හා සම්බන්ධ ස්වධර්ම යනු ද දේව නියමයකි. ඒ අනුව යුද වදින එමෙන් ම යුද්ධයේදී පසු නොබසින රජු ස්වර්ගයෙහි උපත ලබයි. යුද්ධයේදී පසුබට වන්නා පාපියෙකි. යුද්ධයේදී මිය යන ක්ෂත්‍රියයා පුණ්‍යවන්තයෙකි. භගවද් ගීතාව බැතිමතුන් පොළඹවන්නේ සතුරන් ඝාතනය හා යුද්ධය සදාචාර ප්‍රතිෂ්ඨාපනයට ඉවහල් වන්නක් ලෙස හඳුනාගැනීමට ය. යුද භූමියේදී පසුබට වන අර්ජුන අමතා ක්‍රිෂ්ණ කියන්නේ ක්ෂත්‍රියයකු වශයෙන් යුද්ධයෙහි නියැළීමට වඩා යහපත්වූ වෙනත් කාර්යයක් නොවන හෙයින් මන්දෝත්සාහී නොවිය යුතු බව ය. ඒ අනුව යුද්ධය යනු ස්වර්ගයට දොරටුවකි. ක්ෂත්‍රියකුව උපත ලැබූවකු යුද සේවයට අන්තර්ග්‍රහණය කෙරෙන බැවින් මොනම හේතුවක් නිසා හෝ යුද්ධයෙන් වැළකී සිටීමට ඔහුට අයිතියක් නැත. වන්දනාමානයට පවා සුදුස්සන්ට, ඥාතීන්ට මරණය අත්පත්කරදීම, ඔවුන් ඝාතනය කිරීම කෙසේ නම් කළ හැකි දැයි අර්ජුන ශෝකයෙන් පීඩිතව අසා සිටි මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ ඥාතීන් ඝාතනය කිරීමට ද වඩා බරපතළ පාපකර්මය වන්නේ ස්වධර්මය ඉක්මවීම වන බව ය..බුදුදහම මීට සපුරා වෙනස් ය. කොතරම් දුරට මෙය බුදුදහමට අනුරූප දැයි සිතා බැලීම බෙහෙවින් වැදගත් වන්නේ අනුවයි. බුදුදහමට අනුව යුද්ධ හටගන්නේ දෙවියන්ගේ හෝ බාහිර බලපෑමක හෝ මෙහෙයවීමෙන් නොවේ. යුද්ධයේ කර්තෘ වන්නේ මිනිසා ය. යුද්ධයේදී පරසතුරන් හෝ පාපිෂ්ඨයන් ඝාතනය කිරීමෙන් පාපයක් සිදු නොවන්නේ යැයි බුදුදහම කිසිසේත්ම නොකියයි..යුද්ධ හටගන්නේ දෙපාර්ශ්වයක් අතරේ ය. දිනූ පාර්ශ්වය නියෝජනය කරන්නෝ රණවිරුවෝ ය. පරදින්නෝ පරසතුරෝ ය. මේ දෙපාර්ශ්වයම මනුෂ්‍යයන් ලෙස (සත්ත්වයන් ලෙස) හඳුනා ගන්නේ බුදුදහම ය. කාලයක් අපට අසන්නට ලැබුණ ධර්ම දේශනා හා අදාළ දහම් පණිවිඩය බොහෝවිට බෙදාහැරුණේ දුටුගැමුණු රජු රට එක්සේසත් කිරීම හා අදාළව ය. මහාවංස පාඨ ද එහිදී ඇතැම් විට යොදා ගැනුණේ ය. එහෙත් මහාවංසය ලියූ මහානාම හිමියන් සඳහන් කළ එක් වැදගත් ඡේදයක් ඒ ධර්ම දේශනා ඔස්සේ රාව නැංවුණේ දැයි මතක් කර ගැනීම අසීරු ය. ඉන් විශද වූයේ එළාර රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු රජු කෙසේ නම් ක්‍රියා කළේ ද යන්නයි..ඔහු (දුට්ඨගාමිණී) සමාජයෙහි හේවිසි වාදනය කිරීමට සැලැස්වී ය. එමෙන්ම එළාර රජුගේ මළසිරුර ළඟ මිනිසුන් කැඳවූ දුටුගැමුණු රජු ඔහු වෙනුවෙන් අවමංගල වාරිත්‍රවල යෙදුණි. ඔහු මියගිය ස්ථානයේ ඔහුගේ සිරුර විශේෂ පීඨිකාවක් මත තබා ආදාහනය කළේ ය. එමෙන්ම එම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදිකොට එය වන්දනාමානන කළ යුතු ස්ථානයක් ලෙස නම් කළේ ය..මේ මහාවංශ පාඨය අවධාරණය කෙරුණේ නම් සතුරාගේ මරණය ප්‍රස්තුතව කිරිබත් කන්නට දකුණේ මිනිසුන් යොමු නොවන බව නිසැක ය..අපේ යුද්ධය අපට ධර්ම යුද්ධයක් වන්නා සේ ම අනෙක් පාර්ශ්වයට ද එය එසේම වන බව තේරුම් ගැනීමට අපහසු වීම බොහෝ ගැටලු නිර්මාණය කළ බව පැහැදිලි ය. උතුරේ යුද්ධය අවසන් වූයේ සාධනීය දේශපාලන විසඳුමකින් තොරව ය. කලක් උතුරේ මිනිසුන්ට සිය ඥාතිමිත්‍රාදීන්ගේ අභාවයන් සිහිකිරීමේ තහනමක් ද බලගැන්වී තිබිණ..උතුරේ මිනිසුන් දැල්වූ පහන්සිඵ නිවා දැමූ යුගය අවසන් වෙමින් ඇති බවට පූර්ව සංඥා නිකුත් කළේ පසුගිය මැයි 18 වන දා ය. එදා ‘ගෝඨාගෝගම’ දී ද රණවිරු සමරු උලෙළක් පැවැත්වුණේ ය. එහිදී සිහිකෙරුණේ යුද්ධයෙන් මියගිය සියල්ලන්ම ය. ආබාධිත රණවිරුවෝ ද විවිධ ජාතිකයෝ ද විවිධ ආගමිකයෝ ද එය නියෝජනය කළහ. අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි යුද සැමරුම් ස්මාරකය අසල විශාල ජනකායක් පහන් දැල්වූ බවක් ද ඒ සමඟම දැනගන්නට ලැබුණේ ය. මේ සියල්ල අප දුටුවේ සැබෑ බෞද්ධ පරිසරයක් නිර්මාණය වීමේ පෙරමග ලකුණු ලෙස ය..ශාස්තෘ දහම්, සංවිධිත ආගම් බවට පත්වීමේදී කිසියම් පරිහානියකට පත්වීම ස්වාභාවික ය. කලකට පෙර එය බරපතළ ලෙස සිදුවූයේ කතෝලික පල්ලිය ආශ්‍රිතව ය. එහෙත් පසුකලෙක දී ඒ තත්ත්වයට එරෙහි අරගලයක් පැනනැගුණේ ද ඒ පල්ලිය තුළින්ම ය. පාප්වහන්සේ පවා එහිදී ඉතා සාධනීය ස්වයං විවේචනයක යෙදුණහ. නව ප්‍රතිසංස්කරණයන් සඳහා මුලපිරුණේ ඉන්පසුව ය. බෞද්ධාගමික ආයතනය තුළ ද මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බව ඇතැම් යතිවරු අවධාරණය කරති..බුදුදහමේ කොස්මොපොලිටන සංකල්පය වන මෛත්‍රීකරුණාවට යළිත් වරක් අලුත් ඉඩහසරක් පාදාදීම නූතන ධර්මදේශනාවන්හි මූලික හරය විය යුතු බව අපගේ පෞද්ගලික විශ්වාසයයි. මිනිසා යනු හුදෙකලා ජීවියකු නොවන බවත් මහා පරිමාණ පරිසරයේ කුඩා ඒකකයක් පමණක් වන ඔහුට අන්‍යයන් හා සහජීවනයකින් තොරව පැවැත්ම තහවුරු කරගත නොහැකි බවත් මේ වන විට මු`ඵ ලෝකයටම පිළිගැනීමට සිදුවී තිබේ..දශකයක් දෙකක් තුළ මේ රටේ අනුපිළිවෙලින් සිදුවූ යම් යම් සිදුවීම් දෙස විමර්ශනාත්මක අවලෝකනයක යෙදෙන්නකුට පෙනී යන මූලික කරුණක් වන්නේ ලෝකයේ අනවරත වෙනස බලගැන්වෙන ආකාරයයි. අෂ්ටලෝක ධර්ම චක්‍රය යැයි කියන්නේ ද ඊටමයි. මෙදා ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල වරුගණන් රැඳී සිටිද්දී අපට හැඟෙන දැනෙන වෙහෙස, පීඩනය එදා උතුරට බලපෑ තෙල් හා භාණ්ඩ හිඟය හමුවේ උතුරේ වැසියනට කෙසේ නම් බලපාන්නට ඇද්දැයි සිතා බලන්නට අවකාශයක් විවර වන්නේ ඒ අනුවයි. මෙදා (මැයි 9 දා) ප්‍රහාරකයන් විසින් සුපිරි මැදුරු ගිනිලනු ලැබූ අයුරු රූපතිරයෙන් දකිමින් ඒවා සැහැසිකම් ලෙස හඳුනාගත් අප, එදා උතුරේ නිවෙස්, ගොඩනැගිලි ෂෙල්වෙඩිවලින්, මෝටාර්වලින් බිමට සමතලා වී ඇති අයුරු පියවි ඇසින් දැකබලා ගන්නට, නරඹන්නට විනෝද ගමන් සංවිධානය කළ අයුරු ගැන ද නැවත වරක් සිතාබැලීම සඳහා මේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකියි..බුදුදහමේ වැදගත්ම පණිවුඩය වන්නේ තමා උපමා කොට අනෙකා දෙස බැලීමයි. අනෙකාගේ විපතේදී ඉවත බලා ගැනීම, මගහැර සිටීම යැයි කියන්නේ ඒ විපත තමන් වෙතට ද කැඳවාගැනීමයි..මේ පරපුරේදී අප හට.සිදු වේ තැවිලි ගන්නට.දුදනන් විසින් කළ දුෂ්ටකම් ගැන නොව.සුදනන් පෑ.භයංකර අශෝභන නිහැඬියාව ගැන.ආචාර්ය මාටින් ලූතර් කිං වරක් එසේ කියා ඇත්තේ ද මේ විශ්වීය ධර්මතාව පිළිබඳවයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරනිල් මැරෙන්න යන කෙනෙකුටයි ඔක්සිජන් දීලා තිබෙන්නේ: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.Next articleප්‍රේමයේ දෙවන මුහුණුවර.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අයීසීසීපීආර් පනත අපයෝජනය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අයීසීසීපීආර් පනත අපයෝජනය.By සංස්කාරක.June 25, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මේ දවස්වල අයිසීසීපීආර් යන අකුරුවලින් හැඳින්වෙන පනත ගැන නොදන්නා කිසිවෙක් නැත. ඒ එම පනතේ ආවේණික යහපත හෝ එය යොදා ගන්නා සදාචාරවත් හා සාධාරණ ආකාරය නිසා හෝ නම් නොවේ.  ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැරුණු විට, මේ තරම් එකිනෙකා විසින් අපයෝජනයට ලක් කරන වෙනත් නීතියක් මෑත කාලයේ දකින්නට නොමැති නිසා ය.  උත්ප‍්‍රාසය නම්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි මුහුණුවරින් ම මර්දනීය එකක් වෙද්දී, අයිසීසීපීආර් පනත මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ගෙන එන ලද්දක් වීම ය..1948 සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය බැඳීම් සහගත ආකාරයේ එකක් නොවී, හුදු ප‍්‍රකාශනයක් පමණක් වීම නිසා, එම ප‍්‍රකාශනයේ එන අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සාමාජික රටවල් බැඳ තබනු සඳහා එම සංවිධානය, විශ්ව ප‍්‍රකාශනයේ තිබෙන අයිතිවාසිකම් වර්ග දෙකකට බෙදා, 1966දී ගිවිසුම් දෙකක් ඇති කෙළේ ය. එකක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමයි. අනෙක, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමයි. මේ ගිවිසුම් දෙක අත්සන් කළා වුව ද, ඒ ඒ සාමාජික රට එම ගිවිසුම්වලට අදාළ නීති තම රට තුළ පනවන තුරු, සාමාන්‍යයෙන් ඒ ගිවිසුම්වල අන්තර්ගතය ඒ ඒ රට තුළ නීතිමය වශයෙන් බල පවත්වන්නේ නැත. ලංකාව, ඒ නිසා, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත නීතිගත කෙළේ ය..ඒ පනතෙන් බලාපොරොත්තු වුණේ, ජාතීන් අතර විරසකය ඇතිකරන වෛරී ප‍්‍රකාශ, වරදක් බවට පත් කිරීම ය. ඒවාට දඬුවම් දීම ය. එහෙත්, මෑත කාලය පුරා සිදු වන්නේ, පනත එහි අරමුණට වඩා සම්පූර්ණයෙන් ම පරස්පර අරමුණක් සඳහා අපයෝජනය කරන බව ය..වෛරී ප‍්‍රකාශ කෙළේ යැයි ‘පොලිසිය සිතන’ පුද්ගලයන්ට එරෙහි ව පොලිසිය විසින් අයිසීසීපීආර් පනත යටතේ චෝදනා ගොනු කරනු ලැබීම දැන් දිගින් දිගටම සිදු වේ. දවස් අසූ ගණනකට පෙර තරුණ කෙටිකතාකරුවකු මේ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන මේ වන තුරු රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබේ. මේ වන විට පුවත්පත්වලට බාහිර ලිපි සපයන්නකුට ද නවකතා පොතක් ලියූ නීතිඥවරයකුට ද එරෙහිව මේ නීතිය යටතේ පොලිසිය ක‍්‍රියාත්මක වෙමින් පවතියි..මේ සෑම සිදුවීමක ම පොදු ලක්‍ෂණය නම්, කිසියම් ආගමික පූජ්‍ය-පූජක කණ්ඩායම් පැමිණිලිකරු වශයෙන් ක‍්‍රියා කිරීමයි. ඔවුන්ගේ බලපෑම නිසා පොලිසිය කරන්නේ, වෙනත් සාමාන්‍ය නීති යටතේ චෝදනා ඉදිරිපත් කළ හැකි වුණත්, එය නොකර අයිසීසීපීආර් පනත යටතේ ම චෝදනා ගොනු කිරීමයි..ශක්තික සත්කුමාරට එරෙහි ව සාමාන්‍ය නීතිය යටතේ පමණක් චෝදනා ගොනු කළ හැකිව තිබියදී, ඊට සූදානමක් ද තිබියදී, පොල්ගහවෙල ප‍්‍රදේශයේ භික්‍ෂූන් පිරිසක් කළ බලපෑමට යටත් ව, ‘මහජනන කැළඹිල්ලක්’ ඇතිවේයැ’යි කියමින්, අසිසීසීපීආර් පනත යටතේ චෝදනා ගොනු කළේ පොලිසියයි. එහිදී, සාමාන්‍ය නීතිය යටතේ හෝ අයිසීසීපීආර් පනත යටතේ හෝ චෝදනා ගොනු කිරීමේ බලය ඇත්තේ පොලිසියට ය. පොලිසිය කළේ, භික්‍ෂූන්ගේ බලපෑම මත, වඩා දැඩි නීතියෙන් චෝදනා ගොනු කිරීමයි..අයිසීසීපීආර් පනත යටතේ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගත නොහැකි අතර, මහාධිකරණයෙන් ලබා ගත යුතු ය. ඊට ගත වන සාමාන්‍ය කාලය නිසා, අඩු ම වශයෙන් මාස දෙකකට ආසන්න කාලයක් ඇප නැති ව සැකකරු රිමාන්ඞ් බන්ධනාගාරගත කර තැබීමට පොලිසියට අසාධාරණ බලයක් ඒ මගින් ලැබේ..අඩු ගණනේ, තමන්ට පැමිණිල්ලක් ලැබුණු විට ඒ ගැන තොරතුරු අධිකරණයට වාර්තා කර, ඉන්පසු තව දුරටත් කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගන්නා ක‍්‍රමයක් පවතී නම් තත්ත්වය මේ තරම් නරක් වන්නේ නැත. ඒ වෙනුවට පොලිසිය මුලින් ම කරන්නේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ය. අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඞ් බන්ධනා ගාරගත කිරීම ය. නීතිපතිගේ උපදෙස් පතන්නේ ඉන් පසු ව ය. යම් හෙයකින් නීතිපතිවරයා, අදාළ අවස්ථාවේ අයිසීසීපීආර් පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි නිගමනය කළත්, ඒ වන විටත් සැලකිය යුතු කාලයක් අදාළ පුද්ගලයා රිමාන්ඞ් භාරයේ ගත කර හමාර ය. ඒ වරද ආපසු හරවන්නේ කවුද?.පසුගිය දිනවල අයිසීසීපීආර් පනත යටතේ සැලසුම් සහගත ව පැමිණිලි කරනු ලබන්නේ, තමන්ට එරෙහි කිසිවකු මර්දනය කිරීමට, ඇප නැති ව කාලයක් බන්ධනාගාරයේ තැබීමට, වුවමනාවක් තිබෙන ආගමික අන්තවාදීන් විසිනි. එවැනි පැමිණිල්ලක් ලැබුණු විට, එය අයිසීසීපීආර් පනත යටතට නොවැටේ යැයි කියන්නට පොලිසියට නොහැකි වන්නේ, පොලිසිය ද බොහෝ විට පැමිණිලි පාර්ශ්වයට හිතවත් නිසා ය. අඩු ගණනේ, අයිසීසීපීආර් යටතට නොවැටෙන බව මහේස්ත‍්‍රාත්වරයා තේරුම් ගෙන, ඒ අවස්ථාවේදීවත් මුදා හැරීමක් සිදු වන්නේ නම් එය ද යහපත් තත්ත්වයකි. එහෙත්, පෙර නඩු තීන්දුවලින් ද කියා ඇති පරිදි, අපේ බොහෝ මහේස්ත‍්‍රාත්වරු, පොලිසිය ඉල්ලන ඉල්ලන නියෝග නොවළහා නිකුත් කරන, ‘පොලිසියේ රබර් මුද්‍රා’ වැනි පිරිසකි..මේ සියල්ලන්ගේ ම හැසිරීම අවසන් වන්නේ, අයිසීසීපීආර් පනත තවත් මර්දනීය නීතියක් බවට පත් වී අපයෝජනයට ලක් වීමෙනි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකළ යුත්තේ කුමක්ද?.Next articleමරණයෙන් නැගිටින්න අත දෙන්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
කෘත‍්‍රිම ගර්භාෂ වසර පහකින් වෙළඳපොලට ඒවිද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.කෘත‍්‍රිම ගර්භාෂ වසර පහකින් වෙළඳපොලට ඒවිද?.By සංස්කාරක.November 10, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.දරුවෙකු බිහිකරද්දී මවකට විඳින්නට වෙන වේදනා ගැන සලකද්දී, දරුවන් බිහිකිරීමේ කටයුත්ත මවකගේ ගර්භාෂයෙන් පිට කෘත‍්‍රිම ගර්භාෂයකට මාරුවීම අනාගතයේදී අනිවාර්යයෙන්ම සිදුවනු ඇති. එහෙත් තවමත් ගැහැනියකගේ සැබෑ ගර්භාෂයට සමාන කළ හැකි කෘත‍්‍රිම ගර්භාෂයක් භාවිතයේ නැහැ. ඒවා ගැන සංකල්ප පමණයි තියෙන්නේ. එවැනි පසුබිමක තව වසර පහක් වැනි කෙටි කාලයක් තුළ කෘත‍්‍රිම ගර්භාෂ සායනික පාවිච්චියට පැමිණෙන්නට ඉඩ තියෙනවා..සායනික පාවිච්චිය සඳහා කෘත‍්‍රිම ගර්භාෂ තාක්ෂණය සූදානම් කිරීමට යුරෝ මිලියන 2.9ක ආයෝජනයක් කර ඇතැයි පසුගිය මාසයේදී වාර්තා වුණා. ඒ නෙදර්ලන්තයෙහි එයින්දෝවන් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි පර්යේෂකයන් පිරිසක් ආරම්භ කළ ව්‍යාපෘතියක්. තව වසර පහක් තුළ කෘත‍්‍රිම ගර්භාෂ එදිනෙදා පාවිච්චියට ගත හැකි වේයැයි ඔවුන් අනුමාන පළ කරනවා..කෘත‍්‍රිම ගර්භාෂවල අවශ්‍යතාව එන්නට ප‍්‍රධානම හේතුවක් වන්නේ කෘත‍්‍රිම ගර්භාෂය තුළම සම්පූර්ණයෙන් දරුවන් බිහිකරන්නට ඕනෑ නිසා නොවෙයි. ඊටත් වඩා මෙවැනි කෘත‍්‍රිම ගර්භාෂවල අවශ්‍යතාව මතුව ඇත්තේ නිසි කලට පෙර උපදින දරුවන් වෙනුවෙනුයි. විශේෂයෙන්ම සති 26කට පෙර උපදින දරුවන් වෙනුවෙනුයි..දැන් පවතින තාක්ෂණය අනුව එලෙස හදිසියේ උපදින දරුවන් දැනට කෘත‍්‍රිම තත්වයන් යටතේ ශ්වසනයට අවස්ථාව ලබාදෙමින් නළ ඇතුළේ වර්ධනය වෙන්නට ඉඩ සලසනවා. කෘත‍්‍රිමව ශ්වසනය සපයනවා. එහෙත් එම ක‍්‍රමවේදයේ අඩුපාඩු රැුසක් ඇති බව කාලයක් තිස්සේ වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමට ලක්වූවක්..විශේෂයෙන්ම සති 26කට පෙර දරුවෙක්, තවමත් ඉන්නේ කළල අවස්ථාව හා සම්පූර්ණ දරුවෙකුගේ අවස්ථාව අතරයි. එවැනි දරුවන්ගේ පෙණහලූ ආදි අභ්‍යන්තර අවයව සම්පූර්ණයෙන් වර්ධනය වී නැහැ. ඒ අවයව වර්ධනය වීම සඳහා දරුවා ගර්භාෂයේ සිටිය යුතුයි. දරුවා ගර්භාෂයෙන් පිටට ගත් කල, ඒ අවයව වර්ධනය වීම අසම්පූර්ණයි. පෙණහලූ වර්ධනය වී නැති නිසා බාහිරව පෙණහලූවලට ශ්වසනය ලබාදුන්නත් එමගින් දරුවා ආරක්ෂා වන්නේ නැහැ. තවත් අවයවයක් වන්නේ එවැනි දරුවන්ගේ ඇස්වල තත්වය. ඇස් සම්පූර්ණයෙන් වැඞීමටත් දරුවා ගර්භාෂයක සිටිය යුතුයි..අනෙක් අතට කෙටි කාලයක් තුළ උපදින දරුවෙකුගේ මාපියන්ගේ මානසිකත්වය ඉතාමත්ම දුර්වල වෙනවා. නියමිත කාලයකට පෙර දරුවෙකු ඉපදීමට මොකක් හෝ වරදක් හේතුවිය යුතුයි. ඒ නිසා එවැනි දරුවෙක් ක‍්‍රමයෙන් වැඩෙද්දී පවා සාමාන්‍ය ලෙස දරුවන්ට වැඩෙන්නට ඉඩ දෙන්නේ නැහැ. හේතුවක් ඇතිවත් නැතිවත්, දරුවන්ට විශේෂ ආරක්ෂාවක් අවැසි බව හැම තිස්සේම මාපියන්ගේ හිත් තුළ තියෙනවා..ගර්භාෂයෙන් පිට පරිසරය දරුවන්ගේ වැඞීමට ඉතාම යහපත් තත්වයක් නොවෙයි. ඒ අනුව ස්වාභාවික ගර්භාෂයක තත්වයන් කෘත‍්‍රිමව ලබාදෙන, අප ඉහත හැඳින්වූ කෘත‍්‍රිම ගර්භාෂ තාක්ෂණය වෛද්‍ය විද්‍යාවට පැමිණීම දැවැන්ත දියුණුවක් ලෙස සැලකියි. ගර්භාෂයක මෙන් දියර තරලයක් තුළ දරුවා තැබීමටත්, ශ්වසනය හා ආහාර ලබාදීමටත්, ඒ අනුව දරුවෙකු ගර්භාෂයක තුළ ලැබිය යුතු පෝෂණය ලබමින් වැඞීමට සැලැස්වීමත් එමගින් සිදුවෙනවා..සාමාන්‍ය දරු උපතක් සිදුවන්නේ සති 38ක් පමණ ගතවීමෙන් පසුව. සති 26කට පමණ අඩු කාලසීමාවක් තුළ උපදින දරුවන්ගේ වැඞීම සම්පූර්ණ කිරීමට කෘත‍්‍රිම ගර්භාෂ අතිශයින්ම වැදගත් වෙනවා. ලොව පුරා මිලියන ගණනක් දරුවන් එලෙස උපදිනවා..2017දී පිලිඩෙල්ෆියා ළමා රෝහලේ පර්යේෂකයන් පිරිසක් කෘත‍්‍රිම ගර්භාෂ ක‍්‍රමයක් පර්යේෂණ මට්ටමෙන් ඉදිරිපත් කර තිබුණා. එය බයෝබෑග් යන නමින් හැඳින්වුවා. විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයක් තුළ බැටළු පැටවුන් වැඩෙන්නට ඉඩ හැරියා. එම පැටවුන් නියමිත කාලයට කලින් ගර්භාෂයෙන් පිටතට ගෙන තිබුණා. බයෝ බෑග් තුළ සති කිහිපයක් තිස්සේ සාර්ථකව එම බැටළු පැටවුන් වැඩුණා. නියමිත සති කිහිපයෙහි එම ගර්භාෂයෙහි වැඩුණු බැටළු පැටවුන්, ඒවායින් එළියට ගත් පසුවද ඉතා සාමාන්‍ය ලෙස ජීවත්වුණා..එහෙත් ඒ පරීක්ෂණවලින් ලැබූ සාර්ථකත්වය සායනික වශයෙන් පාවිච්චි කිරීමට තරම් ප‍්‍රමාණවත් නැහැ. මෙම පරීක්ෂණවලදී බැටළු පැටවුන් ගර්භාෂයෙන් එළියට ගන්නේ සිසේරියන් සැත්කම්වලින්. එහෙත් සැබෑ ලෝකයේදී නිසි කාලයට පෙර දරුවන් උපදින්නේ කුමන හෝ ගැටලූවක් තිබෙන නිසායි. මවගේ ගර්භාෂයේ ගැටලූවක් හෝ, දරුවාගේ සෞඛ්‍ය තත්වයෙහි ගැටලූවක් විය හැකියි. ඒ නිසා බැටළු පැටවුන් බයෝබෑගයට දැමීම මෙන්, මිනිස් දරුවන් එකවර කෘත‍්‍රිම ගර්භාෂයට ඇතුළු කළ නොහැකියි. දරුවා කලින් ඉපදීමට හේතුව ගැන සොයාබැලිය යුතුයි. ඒ තත්වයටත් ප‍්‍රතිකාර කළ යුතුයි..නෙදර්ලන්තයෙහි මේ වනවිට කරමින් පවතින්නේ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයකට එහා ගිය මිනිස් දරුවන්ට ගැලළපෙන අන්දමේ සම්පූර්ණ ගර්භාෂයක් නිර්මාණය කිරීමේ කටයුත්තයි. ඇත්තටම ඔවුන් නිර්මාණය කරන්නේ බෑගයකට එහා ගිය යන්ත‍්‍රයක්. එහිදී මවගේ හදගැස්ම ආදි ගර්භාෂයකදී දරුවා ලබන අත්දැකීම් සියල්ලම පාහේ කෘත‍්‍රිම ගර්භාෂයේදීත් ලබාදෙන්නට උත්සාහ කරන බව කියනවා. සැබෑ දරුවන්ගේ අනුරූ, සංවේදක උපකරණ සමඟ පර්යේෂණ සඳහා පාවිච්චි කරන බව ඔවුන් කියනවා..කෙසේ වෙතත් කෘත‍්‍රිම ගර්භාෂ නීතිමය හා සදාචාරමය ප‍්‍රශ්න ගණනාවකට දැනටමත් දොරටු හැර හමාරයි. මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙහි කටයුතු කරන නීතිඥවරියක වන එළිසබෙත් ක්ලෝයි රොමේනස් ඒ ගැන දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් තාක්ෂණික උපකරණ සමාජයට පැමිණෙද්දී නීතිය හා සදාචාරය ගැනත් කතාකිරීම වැදගත්..මුලින්ම මේ තාක්ෂණයට දරුවන් පාවිච්චි කිරීම දරුවන් රැුගෙන කරන පර්යේෂණයක්ද වෙනවා. අඩුපාඩු සහිතව හෝ දැනට ක‍්‍රියාත්මක වෙන තාක්ෂණයක් තිබියදී, බැටළුවන් මත පරීක්ෂණ කොට සාර්ථක බව ඔප්පු වූ නව තාක්ෂණයක් පාවිච්චියට ගන්නේ කෙලෙසද?.නීතිය අනුව කළලයකට හා දරුවෙක් එකිනෙකට වෙනස් නීතිමය විග‍්‍රහයන්ට අයත් වෙනවා. ඒ අනුව කෘත‍්‍රිම ගර්භාෂයක් අයත් වන්නේ කුමන නීතිමය තත්වයන්ටද යන්න සැලකිල්ලට ගත යුතුයි. එමෙන්ම කෘත‍්‍රිම ගර්භාෂයක් අක‍්‍රිය කරන්නට පුළුවන්ද, අක‍්‍රිය කළ හැක්කේ කාටද, කුමන තත්වයන් යටතේද යන්න තවත් නීතිමය පැනයක් බවට පත්වෙනවා..නිසි කලට පෙර උපදින දරුවන් සම්බන්ධයෙන් දැනට පර්යේෂණ සිදුවුණත් ඉදිරියේදී කෘත‍්‍රිම ගර්භාෂ තාක්ෂණය සම්පූර්ණයෙන්ම මුල සිට දරුවන් බිහි කරන්නට පාවිච්චි කරනු ඇති. එසේ වුවහොත් ඒ ආශ‍්‍රිතව නීතිය, සදාචාරය පිළිබඳ සංකල්ප අලූතින් ගොඩනඟන්නට සිදුවෙනවා..ඕනෑම නව තාක්ෂණයක් බිහිවෙද්දී, අලූතින් නීතිය මෙන්ම සදාචාරය ගැනත් අර්ථකථන සපයන්නට සිදුවීම සාමාන්‍ය තත්වයක්. නව තාක්ෂණය අප ඉදිරියට පැමිණියාට පසුව ඒ ගැන කතාකරනවාට වඩා ඊට පෙර කතාකිරීම වැදගත් නිසා, කෘත‍්‍රිම ගර්භාෂ ගැන උනන්දු වන කෙනෙකුට ඒ පැත්ත ගැනත් අවධානය යොමු කළ හැකියි. කෙසේ වෙතත් දරුවන් දැරීමේ වේදනාවෙන් මව්වරුන් නිදහස් කිරීම මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයෙහි වැදගත්ම පියවරක් වේවි..අමිල රත්නායක.Tags.anidda.artificial womb.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකුල්මත් වීම තුළ වල්මත් වීම.Next articleසුපිරි බුද්ධියට අප සූදානම්ද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හඳට යන, ටොයිලට් නැති ඉන්දියාව පෙන්වන සීරියස් මෙන් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.29.6 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හඳට යන, ටොයිලට් නැති ඉන්දියාව පෙන්වන සීරියස් මෙන්.By තරිඳු උඩුවරගෙදර.October 14, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.‘ඉන්දියාව හඳට, අඟහරු ලෝකෙට යන්න ලෑස්ති වෙනවා. ඒත්, තවම ඉන්දියාවේ මිනිස්සු ටොයිලට් යන්නෙ නෑ.’ මෙය ඉන්දියාව පිළිබඳ ජනප්‍රිය කියමනක්. ලෝකයේ ධනවත්ම රටක් වන ඉන්දියාව ඉහළම මට්ටමෙන් විද්‍යාත්මක, තාක්ෂණික, යුදමය සහ ආර්ථික දියුණුවක් ලැබුවත්, ගෝත්‍රික සමාජීය ලක්ෂණවලින් තවම මිදෙන්නට නොහැකියි. පහුගිය කාලසීමාවේ කුලයෙන් පහත් ඉන්දීය තරුණියන් අමානුෂික ලෙස හිංසාවට ලක් කොට, ඝාතනය කළ සිදුවීම් බොහොමයක් වාර්තා වුණේ එම සමාජයෙහි නොදියුණුකම කියාපාමින්..ඉන්දියාවේ එම සංකීර්ණ තත්වය එකවර සිනමාවට අල්ලාගන්නට හැකි වූ අවස්ථාවක් ලෙස ‘සීරියස් මෙන්’ නම් හින්දි චිත්‍රපටිය හැඳින්විය හැකියි..නවාසුදීන් සිද්දිකි, ඉන්ද්‍රා තිවාරි, නසර් වැනි රංගන ශිල්පීන් රංගනයෙන් එක් වූ ‘සීරියස් මෙන්’ චිත්‍රපටිය පසුගිය කාලයේ නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියට එක් කර තිබුණා. එය ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ අතරේම විචාරක ගෞරවයටත් පාත්‍ර වුණා. මේ චිත්‍රපටිය මාධ්‍යවේදියෙකු වන මනු ජෝසෆ් ලියූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ එකක්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබුණේ දශක කිහිපයක අත්දැකීම් සහිත අධ්‍යක්ෂවරයෙකු වන සුදිර් මිෂ්රා..අයියන් මනි නම් දාලිත් කුලයේ මැදිවියේ පුද්ගලයා, යම් කාලයක් තිස්සේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්. ඔහු අරවින්ද් ආචාර්යා නම් වූ බ්‍රාහ්මණ කුලයට අයත්වන විද්‍යාඥයෙකුගේ පෞද්ගලික සහකාර ලෙස සේවය කරනවා. අරවින්ද් ආචාර්යා ඒ වෙද්දී පෘථිවිය වෙත අභ්‍යවකාශයෙන් පැමිණෙන උල්කා කොටස්වල ක්ෂුද්‍ර ජීවීන් සිටීදැයි සොයනවා. ඒ කියන්නේ පිටසක්වල ජීවයක් සොයනවා..අරවින්ද් ආචාර්යා නිතර කේන්තියෙන් සිටින ආඩම්බරකාර පුද්ගලයෙක්. ඔහු නිතර අයියන් මනි නම් කුලයෙන් පහත්, පෞද්ගලික සහකාරට බැණවදිනවා. අයියන් මනි, කුලය නිසා අවස්ථා අහිමි වූ නමුත් බුද්ධිමත් පුද්ගලයෙක්. කුලය නිසා තමන් විඳින පීඩනය ගැන සවිඥානික කෙනෙක්. පීඩනයෙන් මිදෙන්න ඕනෑ බව හිතන කෙනෙක්. ඔහු කියන ආකාරයට හතරවැනි පරම්පරාවේ කෙනෙක්. දරුවන්ට උගන්වා, ඒ අධ්‍යාපනයෙන් සමාජයේ ඉහළට යෑම ඔහුගේ එකම අරමුණ..ඒ අතරේ, අයියන් මනිගේ පුතා නූතන අබ්දුල් කලාම්, නූතන අයින්ස්ටයින් ආදි නම්වලින් ජනමාධ්‍යවලින් හඳුන්වන තරම් ජනප්‍රිය දරුවෙක් බවට පත්වෙනවා. පුතාගේ ජනප්‍රියත්වය කතාව ඉදිරියට ගෙනයනවා..සංකීර්ණ දේශපාලන තේමාවක් සමග මුල, මැද, අග මුසු වූ බලන්නට රසවත් කතාවක් එකට එකතු කිරීම නූතන ඉන්දීය සිනමාවේ සාර්ථක චිත්‍රපටි නිර්මාණය කිරීමේ ආකෘතිය බවට හැරී තිබෙනවා. ඉන්දීය සිනමාව කලාත්මක චිත්‍රපටි බිහි කරනවාට වඩා, ලාභ ලබන කර්මාන්තයක් ලෙස පවතින්නට උත්සාහ කරන එකක්. ඒ නිසා මුදල් ගෙවා චිත්‍රපටිය නරඹන උදවියට රසවත් යමක් දෙන්නම ඕනෑ..අනෙක් පැත්තෙන් ඉන්දීය ප්‍රේක්ෂකයා දැන් බුද්ධිමත්. හුදු කතාවක් නැරඹීමෙන් පමණක් ඔවුන් සෑහීමට පත් වෙන්නේ නැහැ. සමහර කතාන්දර නැවත නැවතත් නරඹා එපා වෙලා. ඒ නිසාම සමාජ දේශපාලන ප්‍රශ්න චිත්‍රපටියේ තේමාවට එකතු කරගැනීම අලුත් පුරුද්දක්. අලුත් සිනමා ආකෘති සෙවීමත් දකින්න ලැබෙනවා. පෙර නොසිටි සිනමා වීරයන් මතු වෙනවා. දැනට සිටින සිනමා වීරයන් මාවත වෙනස් කරගන්නවා..යම් සමාජ ප්‍රශ්නයක් දෙසට ආලෝක ධාරාවක් එල්ල කිරීම ඉන්දීය සිනමාවේ නූතනම ‘සාර්ථකත්වයේ ලක්ෂණය’ වී තිබෙනවා..දේශපාලන තේමාවක් රැගත් චිත්‍රපටියක් වන සීරියස් මෙන්, නවාසුදින් සිද්දිකිගේ රංගන හැකියාව පිළිබඳ අපූරු සමරුවක්. චිත්‍රපටියෙහි වැඩි කාලයක් ලැබෙන්නේ නවාසුදීන් සිද්දිකිට. දාලිත් කුලයේ පීඩිතයාගේ චරිතය, පොත්පත් කියවා දැනුමක් ඇති පුද්ගලයෙකුගේ චරිතය ඔහු අපූරුවට නිරූපණය කරනවා..මෑතක නිර්මාණය වූ අපේ කලාපයේ චිත්‍රපටි බොහොමයක තිබුණු බරපතළ අඩුවක් වන්නේ චරිතවලට නිදහසේ වැඩෙන්නට ඉඩ ලබා නොදීම. ආකර්ෂණීය චරිත බිහි කරන්නට උත්සාහ නොකිරීම. එහෙත්, ආකර්ෂණීය චරිතයක් කියන්නේ සිනමාවේ වැදගත්ම අංගයක්. ඇතැම් චරිතවල ගති ලක්ෂණ, දෙබස් කියන ආකාරය කිසිදා අමතක වෙන්නේ නැහැ..අයියන් මනි චරිතය ආකර්ෂණීයයි. ඔහු දාලිත් කුලයේ පීඩිතයෙක් වුණත් ඉංග්‍රීසි භාෂාව මෙන්ම විද්‍යාව ගැනත් හඳුනන කෙනෙක්. ඒ අතරේ ඔහු ධනවත්, මධ්‍යම පන්තිකයන්ගේ ජීවිතවල හිස්තැන් ගැන හොඳින් දන්නවා. අධ්‍යාපන ආයතන, ජනමාධ්‍ය මෙන්ම ගුරුවරුන්ගේ පවා කණෙන් රිංගන ආකාරය ඔහු දන්නවා. ඒ මධ්‍යම පන්තිකයන් බය වෙන්නේ කොතැනකටදැයි දන්නවා. මේ ලක්ෂණ නිසා එම චරිතය ආකර්ෂණීය එකක් බවට පත්වෙනවා. ඔහුගේ ඊළඟ පියවර කුමක්දැයි කුතුහලය ඇවිස්සෙනවා. ඔහු කියන දේවල් කෙරෙහි උනන්දුව ඇති වෙනවා. කතාව ගලා යන්නේ ඒ උනන්දුව එක්ක.■..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපොහොර නැති නිසා  ගහක් උඩට නැඟලා.Next articleශරීර අපහාස නැති ලෝකයක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
දීපානි සිල්වා: වීදියේ කැරලිකාරිය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.දීපානි සිල්වා: වීදියේ කැරලිකාරිය.By තරිඳු උඩුවරගෙදර.May 26, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.දීපානි සිල්වා නම් වූ ඇයට ඇත්තේ වරු ගණනක් කතාකරමින් සිටින්නට තරම් අත්දැකීම්වලින් පිරුණු ජීවිතයකි. අපූරු අත්දැකීම් ගොන්නකි. දීපානි අවිවාහකය. එහෙත් ඇය හුදෙකලාව ජීවත්වෙන කාන්තාවක් නොවේ. ඇය අදටත් නළුනිළියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ක‍්‍රියාකාරිනියකි. ඒ අතරේ දේශපාලන වේදිකාවට නැග විවෘතව අදහස් දක්වන්නියකි..වටිනාම කාරණය වන්නේ රඟපෑමට අත්පොත් තැබූ තරුණ වියේ සිට අද දක්වාම ඇය වීදිනාට්‍යවල රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කිරීමය. මේ දිනවල ඇය ඉන්නේ විවේකයෙනි. ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය අද පවතින තත්වය නිසාම, රඟපෑමෙන් ඈත්වය..යුක්තිය ගැන තේරුම් ගන්න.දේශපාලන පොත්පත් කියවන්න ඕනෑ නෑ.දීපානි සිල්වාත්, ලංකාවේ වීදිනාට්‍ය කලාවත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි බැඳීමකි. ඇය අදටත් වීදිනාට්‍ය කණ්ඩායමක සාමාජිකාවකි. ඉඳහිට හෝ වීදි නාට්‍යයක රඟපෑමට ඈ අදත් ප‍්‍රිය කරන්නීය. ඒ නිසා වත්මනෙහි වුව දීපානි සිල්වා වීදියේදී දැකිය හැකිය..ගාමිණී හත්තොටුවේගමගේ මැදිහත්වීමෙන් එච්.ඒ. පෙරේරා, පරාක‍්‍රම නිරිඇල්ල ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ උරුමය මේ වෙද්දී කණ්ඩායම් දෙකක් රැුගෙන යයි. මේ කණ්ඩායම් දෙක අතර ගැටුමක් නැත. දෙපාර්ශ්වයේම අරමුණ හත්තොටුවේගම උරුමය ඉදිරියට ගෙන යෑමයි. වෙනසකට ඇත්තේ ඒ දෙපාර්ශ්වයම ‘විවෘත වීදිනාට්‍ය කණ්ඩායම’ නමින් ක‍්‍රියාත්මක වීමයි. එක් පාර්ශ්වයක බර කරට ගෙන මෙහෙයවන්නී දීපානිය..රංගනයට යොමුවූ දින සිටම ඇගේ ගමන වැටී තිබුණේ වීදිනාට්‍ය කලාව ඔස්සේය. ඇය මේ කලාපයට යොමුවී තිබුණේ අහම්බයෙනි. ඇය කළුතර දිස්ත‍්‍රික්කයේය. ඇගේ පියා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ගුරු වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයෙකි. දීපානි ඉගෙනුම ලබා තිබුණේ බෞද්ධ කාන්තා විද්‍යාලයේය. යව්වනියක ලෙස කාලය වැය කරන්නට ක‍්‍රමයක් නැතිකමට ලයනල් වෙන්ඞ්ට්හි තිබුණු ‘රංග ශිල්ප ශාලිකාවේ’ පාඨමාලාවට සම්බන්ධ වී තිබුණි..‘1972දී රංග ශිල්ප ශාලිකාව පටන් අරගෙන තිබුණා. රංග ශිල්ප ශාලිකාව කියන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ ඇතුළු කණ්ඩායමක් එකතුවෙලා රංගනය හදාරන්නට හදපු ආයතනයක්. මම එතැනට සම්බන්ධ වුණේ 1975දී. ඇත්තටම මම කරන්න දෙයක් නැතිව යාළුවෝ එක්ක රවුම් ගහමින් හිටියේ. මාත් එක්ක ආ පස්දෙනෙක් අයදුම්පත් දාලා තිබුණු අය. එයාලා අයදුම්පත් බාරදීලා ඇතුළට ගියා. මම එළියේ හිටියා. ධම්ම ජාගොඩ මහත්තයා ඇහුවා ඔයා යන්නේ නැද්ද කියලා. මම අයදුම්පත් බාර නොදුන්න බව කීවාම ඔහු අයදුම්පතක් පුරවලා දෙන්න කියලා කිව්වා. අන්තිමේදී මමත් ඒ පාඨමාලාවට ගියා.’.රංග ශිල්ප ශාලිකාවට යොමුවූ ඇයට ගාමිණී හත්තොටුවේගම ගුරුවරයා මුණගැසුණි. ගාමිණී හත්තොටුවේගම හා දීපානි සිල්වා අතර ඇත්තේ අපූරු පියෙකු හා දියණියකගේ සම්බන්ධයකි. ඔහු මුල් කාලයේදී ඇය ඉහළින් අගය නොකළ බව ඇයම කියන්නීය. ඇයද වීදිනාට්‍ය කණ්ඩායමට එකතුවුණේ හත්තොටුවේගම ගැන හෝ වීදිනාට්‍ය ගැන අවබෝධයක්, ගෞරවයක්, දැක්මක් ඇතිව නොවේ..‘මම රෙදි පොට්ටනිය අරන් බස් එකේ නැඟලා ඔහේ ගියා. වීදිනාට්‍ය නිසාම විශේෂ ඇල්මක් එදා තිබුණේ නැහැ. 1975 පොසොන් එකේදී මුල් වතාවට අපි දඹුල්ලෙන් බැහැලා කඬේකින් තේ එකක් බිව්වා. ඉන්පස්සේ බෙරයක් ගහගෙන අපි නාට්‍යයක් පෙන්වන්න යන බව කෙනෙක් කෑගහලා කිව්වා. අපි නාට්‍යය පෙන්වන තැනට ඇවිදගෙන ගියා. මිනිස්සු පෙරහැරක් වගේ අපේ පිටිපස්සෙන් ගියා. ඉන් පස්සේ අපි ලොකු රවුමක් හදලා දඹුලූ ගල පාමුල නාට්‍යය පෙන්වන්න පටන්ගත්තා. බැලූවාම මහා සෙනඟක් රවුමක් හැදිලා ඉන්නවා. ‘මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද’ කියන නාට්‍යය පෙන්වන්න ලෑස්තිවුණේ. ඒ චරිතය මට ලැබුණේ කලින් රඟපාන්න හිටපු නිළිය එදා නොආ හින්දා. මාත් එක්ක රඟපෑ ලින්ටන් සේමගේට චරිතය ලැබුණේත් ඒ විදියට. එදා අපට වීදිනාට්‍ය කියන්නේ මොනවාද කියලා හත්තොටුවේගම සර් ඉගැන්නුවේ නැහැ. අපිම ඒ වැඬේ කරමින් ඉගෙනගත්තා. මුල්ම නාට්‍ය දර්ශන ටික අවසන් වෙලා එච්.ඒ. සහ පරාක‍්‍රම කොහොමද අලූත් ගෝලයා කියලා සර්ගෙන් ඇහුවා. එතකොට ඔහු උත්තර දුන්නේ, ‘ලකුණු තිස්පහක්වත් දෙන්න බැහැ’ කියලා. එයාගෙන් ඇගයීමක් ලබන්න හරිම අමාරුයි.’.ඇය දීර්ඝ කාලයක් තිස්සේ වීදිනාට්‍ය කණ්ඩායමේ සිටියා, විවිධ අය විවිධ හේතු මත කණ්ඩායමෙන් ඉවත් වෙද්දීය. දීපානිද ටික කාලයක් හත්තොට්ටුවේගම ගුරුවරයා සමඟ මතවාදී ගැටුමක් නිසා කණ්ඩායමෙන් ඉවත්වී සිටියාය. ඒ ගුරුවරයාගේ අවසාන සමයේදීය. එහෙත් හත්තොටුවේගම නාට්‍ය කණ්ඩායමේ මුල සිටම අඛණ්ඩව රැුඳී සිටි ශක්තිමත් කාන්තාව ඇයයි. ඇගේ කතාවේ වටිනාම පරිච්ෙඡ්දය එයයි..xxxxxxx.දීපානිගේ ජීවිතයම සම්මතයට එරෙහි අරගලයකි. වීදි නාට්‍ය සමඟ තරුණ කෙල්ලක ලෙස රස්තියාදු ගැසීමත් අරගලයකි. රස්තියාදුව කොල්ලන්ට ආඩම්බරයක් වෙද්දී, කෙල්ලන්ගේ චරිතයට හානියක් වූ යුගයක දීපානි ඒ රස්තියාදුව ගැසුවාය. දීපානි සිල්වා වීදිනාට්‍ය කණ්ඩායමේ දීර්ඝතම කාලයක් රැුඳී සිටි කාන්තාව වන්නීය. කාන්තාවකට එසේ කිරීම කැරැුල්ලක් බව අමුතුවෙන් ලිවිය යුතු නැත. ඇයට එය අභියෝගයක් වූ අවස්ථාද ඇත..ගලේවෙලදී වතාවක් වීදිනාට්‍ය කණ්ඩායම පොලීසියේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්විය. එහිදී පොලිසිය මුලින්ම අසා තිබුණේ ගෑනු ළමයෙකුට වීදිනාට්‍ය කණ්ඩායමක් සමඟ රට වටේ ඇවිදින්නට ලැජ්ජාවක් නැතිද? කියාය. රඟපාන්නට ඕනෑ නම් වේදිකා නාට්‍යයක රඟපාන්න තිබුණා නේදැයි ඔවුන් තවදුරටත් අසා තිබුණි. දීපානිට මෙවැනි කතාන්දරවලට ඇහුම්කන් දෙන්නට ලැබී ඇති වාර ගණන බොහෝය. එහෙත් කණ්ඩායම තුළදී තමා කාන්තාවක නිසා පීඩාවට පත් නොවූ බව ඇය කියන්නීය. එයට ඇගේ දේශපාලන සවිඥානකත්වයත් හේතුවන්නට ඇත..‘ඒ අසූව දශකයේ. ඒ කාලයේ කාන්තා සංවිධාන බිහිවුණා. මම ඒ සංවිධාන එක්ක වැඩ කළා. මම කාන්තාවක් විදියට ශක්තිමත් වෙන්නට ප‍්‍රධාන හේතුව තමයි සුනිලා අබේසේකර මහත්මිය. මම ඇය එක්කත් වැඩ කළා. මට මතකයි එක පාරක් කාන්තා දිනයක අපි වීදිනාට්‍යයක් සංවිධානය කළා. එහෙම වෙලාවක ගෆූර් කියන පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් අපට ගහන්න ආවා. අපි කඩයක් ඇතුළේ හැංගුණා. එළියේ විවියන් ගුණවර්ධනට ගෆූර් පයින් ගැහුව හැටි මට මතකයි. කොහොම වුණත් ඒ වගේ සිදුවීම් නිසාත්, වීදිනාට්‍ය එක්ක මහපාරේ ඇවිද්ද නිසාත් මට කාන්තාවක් විදියට ලොකු හයියක් ලැබුණා. ඒ නිසා කාන්තාවක් හැටියට පීඩාවට පත් නොවී ජීවත්වීමේ ශක්තිය මට ලැබුණා. ඒ ස්ත‍්‍රීවාදී ව්‍යාපාරය ගැන අද කවුරු මොනවා කිව්වත්, මට ශක්තිය ලැබුණේ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයෙන්.‘.xxxxxxx.ඇය අවිවාහකව මෙතෙක් ගෙවන ජීවිතයත් කැරැුල්ලකි. අවිවාහක පිරිමින් නිතර දකින්නට ලැබුණත් අවිවාහක කාන්තාවන් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. විවාහ නොවීම, කාන්තාවකට අනාරක්ෂිත බව කෙනෙකුට කිව හැකිය. එහෙත් දීපානි අදත් ආරක්ෂිතව මෙන්ම සතුටින් අවිවාහක ජීවිතයක වැඩිමල් සමයේ පියවර නඟන්නීය. පසුගිය වසර විසිපහක පමණ කාලයක් ඇය ජීවත්වෙන්නේ ඇගේ සමීප යෙහෙළියකගේ නිවසේය. යෙහෙළියගේ දරුදැරියන් දීපානිගේද දරුවන් බඳුය. ඒ නිසා ඇය මවකි. එක් විදියකට ඇය මේ සමාජයටම මවකි. මුස්ලිම් ජාතික තරුණයන්ටද ‘අපේ දරුවන්’ යැයි ඇය නිර්භයව කියන්නී ඒ නිසාය..‘පවුල් ජීවිතයක් ගත කරන්න කසාද බඳින්නම ඕනෑ නැහැ. මවක් වෙන්න නම් ළමයි හදන්නම ඕනෑ නැහැ. සමාජය එක්ක අවංකව හා විවෘතව ඉන්න ඕනෑ. එහෙම වුණොත් හුදෙකලා වෙන්නේ නැහැ. මම මේ මොහොතේදීත් හුදෙකලාව නෙවෙයි ඉන්නේ. මම තනිකඩ නැහැ. තනිකඩ වචනය මම පිළිගන්නේ නැහැ. ඒක මට ගැළපෙන්නේ නැහැ. මට සහෝදර සහෝදරියන් ඉන්නවා. දරුදැරියන් ඉන්නවා. මාපියන් ඉන්නවා. මම මිනිස්සුන්ව ආශ‍්‍රය කරන්න දන්නවා. මම තනිවෙලා නැහැ. අවුරුදු විසිපහක් තවත් කෙනෙක්ව ගෙදර තියාගන්නේ කවුද? එහෙම මාව තියාගත්ත යෙහෙළියක් මට ඉන්නවා.’.අවිවාහක වීම ඇය ගත් නිර්භීත තීන්දුවකි. එහෙත්, ඇය පවසන අන්දමට එය මහා දාර්ශනික අදහස් සමඟ ගත් තීන්දුවක් නොවේ. ඇගේ නිදහස්කාමී අදහස් නිසා ආ තීන්දුවකි..‘පොඩි කාලේ අපි සෙල්ලම් ගෙවල් හදනවා. ඒ සෙල්ලම් ගෙවල්වල අපි ගෙදර අම්මාගේ චරිතය රඟපානවා. තරුණ කාලයේ පෙම් පළහිලව්වලදී විවිධ හීන මවනවා. ඒ සමාජයේ ඒ ආකෘති තිබුණු හින්දා. ඒත් මම මේ කලා ලෝකයට අඩිය තැබුවාම ඒ ඔක්කෝම වෙනස් වුණා. වෙනස් විදියට හිතන්න පුරුදු වුණා. මම ක්ෂේත‍්‍රයට අඩිය තැබුවේම වීදිනාට්‍යවලින්. මම ආශ‍්‍රය කළ ගාමිණී හත්තොටුවේගම, එච්.ඒ. පෙරේරා, විජිත ගුණරත්න වගේ මිනිස්සු හරි විවෘතයි. සුනිලා අබේසේකර වැනි අය හරිම විවෘතයි. ඉතින්, මට ලොකු දැනුමක් හා අවබෝධයක් ලැබුණා. ඒ අවබෝධය මගේ තීරණවලට හේතු වුණා. මගෙන් තනිකඩද කියලා අහන්නේ විවාහ වෙලා ලැයිසන් ක‍්‍රමයට මම අයත් නොවුණ හින්දා. කාගෙවත් අයිතිවාසිකමකට මම යටත් නොවුණ හින්දා. ඒත් දරුවන්ගේ උණුසුම, සහෝදරයන්ගේ උණුසුම, මවගේ උණුසුම විඳින්නට ඒ ලැයිසන් ක‍්‍රමයේ කොටසක් වෙන්නම ඕනෑ නැහැ.’.xxxxxxx.දීපානි, 2014දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ‘පුරවැසි බලයේ’ වේදිකාවට ගොඩවුණාය. පුරවැසි බලය රැුස්වීම්ක මුලින්ම වේදිකාවේ කතාකිරීමට අවස්ථාවක් ඉල්ලූවේ තමා ම බව ඇය නිහතමානීව කියන්නීය. එතැන් පටන් ඇය දේශපාලන වේදිකා ගණනාවකම කතාකර ඇත. ඒ අදහස් දැක්වීම්ද ජනප‍්‍රිය සමාජ මතය පුනරුච්චාරණය කිරීමක් වෙනුවට, ඇය අවබෝධ කරගත් යුක්තිය වෙනුවෙන් කැරලි ගැසීමක් විය..‘වීදි නාට්‍යවලින් කරන්න පුළුවන් දේශපාලනයට යම් සීමාවක් තියෙනවා. සමහර දේවල් වීදි නාට්‍යවලින්ම කියන්න බැහැ. 2014 වෙද්දී ඇතිවෙමින් තිබුණු තත්ත්වය මට දැනුණා. මොනවා හරි කරන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ නිසායි පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ඍජුව අදහස් දැක්වුවේ. මම ඒ වෙනතුරුම දේශපාලන වේදිකාවල කතාකරලා තිබුණේ නැහැ. ඒත් පුරවැසි බලයේ මම මුලින්ම කළ කතාවෙන් පස්සේ මට තවත් වේදිකා ගණනාවක කතාකරන්න අවස්ථාව ලැබුණා. ඒ මම කියූ දේවල් සමාජයට වැදගත් නිසා වෙන්න ඇති. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවටත් මම ගොඩවුණා. ඒ ජවිපෙ සාමාජිකයෙක් නිසා නෙවෙයි. දේශපාලන අදහස් හුවමාරු කරන්නට ඒක හොඳ වේදිකාවක් විදියට සැලකූ හින්දා..මම දේශපාලනය ගැන තියරි ඉගෙනගෙන නැහැ. අත්දැකීම්වලින්, ආශ‍්‍රය කරපු අයගෙන් ලබපු අත්දැකීම්වලින් තමයි මගේ දේශපාලන අදහස් ඉගෙනගත්තේ. අනෙක් පැත්තෙන් මගේ තාත්තා ගුරු වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙක්. ඔහුගෙන් ලබපු පන්නරයකුත් තියෙනවා. ඒවා එක්ක මට දේශපාලනය ගැන අවබෝධයක් ලැබුණා. පොතපතින් ලබපු දේශපාලන දැනුමක් මට නැහැ. ඒත් මට සමාජ සාධාරණත්වය ගැන අදහසක් තියෙනවා. යුක්තිය ගැන තේරුම් ගන්න දේශපාලන පොත්පත් කියවන්න ඕනෑ නෑ.’.xxxxxxx.දීපානි සිල්වා වැනි නළුනිළියෝ රැුසක් අද ටෙලිනාට්‍ය රැුල්ලෙන් ඈත්ව සිටින්නෝය. මුලින්ම එය ඔවුන්ගේ තෝරාගැනීමකි. කල් යද්දී ඔවුන්ට ආරාධනා ලැබෙන්නේ නැත. මේ වෙද්දී දීපානි සිල්වාට නිතර ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැත. එයට හේතු ගණනාවකි. ඇය සොච්චම් ගෙවීමකට රඟපාන්නේ නැත. ඍජු දේශපාලන අදහස් නිසා ඇය ආන්දෝලනාත්මක කාන්තාවකි. මේ වෙද්දී රූපවාහිනී නාලිකාවලින් මෙහෙයවන මාෆියාවක් බවට ටෙලිනාට්‍ය කලාව පත්ව ඇති බව ඇය කියන්නීය. එයට එරෙහිව ඇය කතාකරන්නීය. නළුනිළියන්ට සොච්චම් වැටුප් ගෙවීමට එරෙහිව ඇය හඬනඟන්නීය. ඒ වෙනුවෙන් තවත් කලාකරුවන් සමඟ ‘ටෙලි නිර්මාණවේදීන්ගේ ජාතික සංසදය’ නම් සංවිධානය නිර්මාණය කරගැනීමට ඇයද වෙහෙස වූවාය..බොහෝ අය මෙවැනි සංවිධානවලට සම්බන්ධ වීමට දක්වන්නේ මහත් බියකි. ඒ නිසාම මේ සංවිධානයේ ක‍්‍රියාකාරීව කටයුතු කරන්නේ සුළු පිරිසකි. ඒ අනුව ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමටත්, විදෙස් ටෙලිනාට්‍ය විකාශය කිරීම පිළිබඳ පනතක් යෝජනා කිරීමටත් ඔවුන් මැදිහත්වී තිබුණි. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ යෝජනාවලිය උනන්දුවෙන් ක‍්‍රියාත්මක කර තිබුණේ නැත. එහෙත් ඔවුහු නොනවත්වා සටනේය..මේ වෙද්දී රූපවාහිනී නාලිකා වෙනුවෙන්ම ලියැවුණු නළුනිළියෝ සිටිති. ඒ නළුනිළියෝ ඒ ඒ නාලිකාවල අවුරුදු උත්සව, නත්තල් උත්සව, රියැලිටි වැඩසටහන්, රූපවාහිනී සංවාද වැඩසටහන් ආදියට එක්වෙති. ඒවායින් මුදල් ලබති. ඒ රැුල්ලට එරෙහිව දීපානි කැරලි ගැසුවාය. රටේ පවතින දේශපාලනය ගැන විවෘතව අදහස් දක්වන, ස්වාධීන මතයක් තිබෙන කලාකරුවන්ට ඒ මාෆියාව ඇතුළේ දොරටු ඇරෙන්නේ ඉඳහිටය. එහෙත් ඇය සතුටින්ය. කැරලි ගැසීම ඇයට අලූත් අත්දැකීමක් නොවන නිසාය.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වූ දෘෂ්ටියක් පවතින්නේද?.Next articleබි‍්‍රතාන්‍යයේත් ස්වෝත්තමවාදය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විස්සෙන් ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්කෙරෙනවා – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විස්සෙන් ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්කෙරෙනවා – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.By සංස්කාරක.September 20, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.20 වැනි සංශෝධනය ගැන එක වාක්‍යයකින් පැහැදිලි කරනවා නම් කිව හැක්කේ, 2010 සිට 2015 දක්වා වූ කාලය වැනි ඉතාමත්ම අඳුරු කාලයට අපි ආපසු යන බවයි....විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් සෑහෙන කතාබහක් ඇවිළෙනවා. ඒ අතරේ මූලික අයිතිවාසිකම් ගැන විශේෂඥ දැනුමක් ඇත්තකු හැටියට මම කැමතියි, ඔබෙන් දැනගන්න 20, ලංකාවේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වලට බලපාන්නේ කොහොමද කියලා..20න් පැහැදිලිවම මූලික අයිතිවාසිකම්වල බලය හීන කරනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. අපේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 17 වැනි වගන්තිය අනුව, විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණාම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්. ඒ 17 වැනි වගන්තිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේම කොටසක්. ඒ කියන්නේ, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණාම, ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තිබෙන අයිතියත් මූලික අයිතිවාසිකමක්. ඒකට එකම එක ව්‍යතිරේකයක් දාලා තිබුණා ජේආර් ජයවර්ධන, ‘ජනාධිපතිට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න බැහැ’ කියලා. ඒ හරහා අසීමිත මුක්තියක් ජනාධිපතිට ලැබුණා. මේක අපේ ව්‍යවස්ථාවෙ තිබුණ ලොකු පරස්පරයක්..19න් ඒක ඉවත්කළා. ඒ අනුව, ජනාධිපතිගේ නිල ක්‍රියාවකින් කෙරෙන මූලික අයිතිවාසිකමක් කඩවීමක් අභියෝගයට ලක්කරන්න පුළුවන්. ඒ, නීතිපතිට නඩු දමලා. එක උදාහරණයක් තමයි සිරිසේන ජනාධිපතිවරයා 2018දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව යමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු වෙලාවේ, මූලික අයිතිවාසිකම් නඩු දාලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පියවර වෙනස්කර ගත්තේ..දැන් 20න්, ආයෙමත් ඒ මුක්තිය ජනාධිපතිවරයාට ගෙනෙනවා. එය 17 වැනි වගන්තියට පටහැණියි. මෙයින් පැහැදිලිවම දැනට පවතින මූලික අයිතිවාසිකම් කෙරෙහි සීමාවක් පැනවෙනවා. පරමාධිපත්‍යයේ එක් කොටසක් වන මූලික අයිතිවාසිකම්වලට එය අනනුකූලයි. එවැන්නක් සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් අවශ්‍යයි...නමුත්, 19 වැනි සංශෝධනය ගෙනාවේ ජනමත විචාරණයකින් නොවෙයි නේද? ඉතින් එය ඉවත් කරන්නත් ජනමත විචාරණයක් ඕනෑ නැති විය හැකියි නේද?.ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ජනතාවගේ පරමාධිපත්‍යය ශක්තිමත් කරන පනත් කෙටුම්පතකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. අපි හිතමු, අපේ ව්‍යවස්ථාවට දැනට එහි නැති, ‘ජීවත් වීමට තියෙන අයිතිය’ ඇතුළු කරන්න හදනවා කියලා. ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ...නමුත් ඒක අයින් කරන්න?.එතකොට පැහැදිලිවම මූලික අයිතිවාසිකම්වලට අගතියක් වෙනවා. පරමාධිපත්‍යය හීන වෙනවා. ජනමත විචාරණ අවශ්‍ය වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ශක්තිමත් කරන්න නෙවෙයි. හීන කිරීමටයි..අනිත් එක 19ට ඉස්සෙල්ලා තිබුණු ව්‍යවස්ථාව අද නැහැ. ජේආර්ගේ මුල් ව්‍යවස්ථාවත් අද නැහැ. අද තියෙන්නේ එක ව්‍යවස්ථාවයි. ඒ කියන්නේ සියලුම සංශෝධනවලින් සංශෝධිත එක තනි ව්‍යවස්ථාවයි. එයට සාපේක්‍ෂවයි, 20 සංශෝධනය සන්සන්දනය කළ යුත්තේ. මෙයට සාපේක්‍ෂව පරමාධිපත්‍යය හීන වෙනවාද නැද්ද කියන එකයි, ඊට අගතියක් වෙනවාද නැද්ද කියලායි සලකා බැලිය යුත්තේ. එහෙම වෙනවා නම් ජනමත විචාරණයක් අවශයයි...20 සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා පමණක්ද?.ඒ විතරක් නෙවෙයි. 20හි තියෙන එක දෙයක් තමයි, පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පාලනය යටතට ගෙන ඒම. 19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව හෙවත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ආයතනය ශක්තිමත් කළා. දැන් එය ආපස්සට දුර්වල කරනවා නම්, එයින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් සිදුවෙනවා. 20න් පස්සේ පාර්ලිමේන්තුව ඕනෑ වෙලාවක විසුරුවා හරින්න ජනාධිපතිට පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිගෙ කඩුව පාර්ලිමේන්තුව උඩ තියෙනවා. කොයි වෙලාවේ පහළට වැටෙයිද දන්නේ නැහැ. එතකොට, ‘අපි මේ විදියට වැඩ කළොත් ජනාධිපති විසුරුවා හරියිද, ජනාධිපතිට විරුද්ධව යන්නත් අපට බෑ, ජනාධිපති අකමැති දේවල් අපට කරන්නත් බෑ, කොයිවෙලාවෙද අපට ආසනේ නැතිවෙන්න පුළුවන්’ කියන බයෙන් සහ සැකයෙන් තමයි පාර්ලිමේන්තුව ජීවත්වෙන්නේ. ඒ අනුව පැහැදිලිවම ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය සහ බලතල සීමා කරනවා 20න්. ඒකත් පරමාධිපත්‍යය හීන කිරීමක්. ඒ අනුවත්, 20 සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍යයි...පාර්ලිමේන්තුවට වන හානිය එපමණක්ද?.වරක් ආර් ප්‍රේමදාස මහත්තයා කියූ  විදියට, අගමැති පියන් කෙනකු බවට පත්කිරීම මේකෙන් සිද්දවෙනවා. (හැබැයි එයා ඒක කිව්වේ අගමැති කාලේ විතරයි. ජනාධිපති කාලේ එහෙම කිව්වේ නැහැ. එයා ජනාධිපති වුණාම විජේතුංගව තියාගත්තේ තමන්ගේ පියන් කෙනකු වගේ. ඩීබී විජේතුංග සහ දිමු ජයරත්න තමයි පියනකමට හොඳම උදාහරණ දෙක.)  කිසිම සීමාවක් නැතුව, අගමැතිවරයාව ඕනෑම වෙලාවක ඉවත් කරන්න ජනාධිපතිට බලය ලැබෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් අගමැතිවරයාට තිබියදී වුණත්, ජනාධිපතිට ඔහු ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි බහුතරයක් පාර්ලිමේන්තුවේ තිබියදී, එය විසුරුවා හරින්න පුළුවන්. ඒක තමයි 2004දී චන්ද්‍රිකා කළේ. පස්සෙ කාලෙක චන්ද්‍රිකාගෙන් ඇහුවාම ඔබ අතින් කෙරුණු ලොකුම දේශපාලන වරද මොකක්ද කියලා, ඇය කීවා, එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තමයි කළ වරද කියලා..20න්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙන වර්තමාන අගමැතිවරයාව වුණත් ඉවත් කරන්න පුළුවන්..20 යටතේ අගමැති පියන් වෙනවා. ඇමතිවරුන් පත්කිරීමේදී අගමැතිට භූමිකාවක් නැහැ. කැමති නම් විතරක් අගමැතිගෙන් අහන්න පුළුවන් ජනාධිපතිට. නැත්නම් නිකං ඉන්න පුළුවන්. fමි විදියට ගියොත් ජනාධිපතිට විරුද්ධ පක්‍ෂෙන් කෙනෙක් වුණත් පත්කරලා ආණ්ඩු පක්‍ෂයෙ ඉන්දවන්නත් පුළුවන්. ඇමතිවරුන්ගේ විෂයන් තීරණය කරන්නේ ජනාධිපති. ඕනෑම වෙලාවක ඇමතිකමෙන් නියෝජ්‍ය ඇමතිකමෙන් ඉවත් කරන්නත්, විෂයන් මාරු කරන්නත් ජනාධිපතිට පුළුවන්. සමහරු කියනවා ජනාධිපතිට තිබිය යුතුයි කියලා ආරක්‍ෂක ඇමති ධුරය. 20න් ආරක්‍ෂක ඇමති ධුරය විතරක් නෙවෙයි, ඕනෑම ඇමති ධුරයක් දරන්න ජනාධිපතිට පුළුවන්. ඇමතිවරුන්ට භාර නොදෙන ලද සියලුම විෂයන් සහ කාර්යයන් ඉතුරු වෙන්නෙත් ජනාධිපති ළඟ. ඒ අනුව, ජනාධිපතිට පුළුවන්, පියන් අගමැති කෙනකුයි, සියලු බලතල තිබෙන තමනුයි ඉන්න ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යන්නත්..මේකට අදාළ තව වැදගත් වගන්තියක් තිබෙනවා, කැබිනට් මණ්ඩලය පිළිබඳව. අපේ ව්‍යවස්ථාවේ 42 වගන්තිය  කියනවා රටේ ආණ්ඩුවේ විධානය හා පාලනය කෙරෙන්නේ කැබිනට් මණ්ඩලය තුළින් කියලා. කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකත්වය එන්නේ මන්ත්‍රීවරුන් අතරින්. අගමැතිවරයා, පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනූ පුද්ගලයා. ඒ අනුව, විධායක බලය සඳහා පාර්ලිමේන්තුවේ අනිවාර්ය සම්බන්ධයක් තිබෙනවා. හුඟක් අය කියනවා ජනාධිපතිට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා..13 වැනි සංශෝධනයේදී වනසුන්දර විනිශ්චයකාරතුමාත්, 19දී විනිසුරු සිරිපවන් ඇතුළු විනිශ්චය මණ්ඩලයත්, අවධාරණය කළ දෙයක් තමයි ලංකාවේ කැබිනට් මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තියෙන විශේෂ තත්වය. ඒක නොදැන, ජනාධිපතිට තනියම ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා දැන් හිතනවා...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් 20න් අහෝසි වීමට නියමිතයි..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මම දකින්නේ රටේ ඉහළ, ඉතා වැදගත්, ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වන තනතුරුවලට සහ කොමිෂන් සභා සාමාජිකයන් තීරණය කිරීමේදී ජාතික එකඟත්වයක් ඇතිකර ගන්නා, ඇතිකර ගැනීමට ඉඩ සලසන ආයතනයක් හැටියට. එය පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක්. සාමාජිකයන් දහදෙනාගෙන් හත්දෙනකුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඉතුරු තුන්දෙනා පත්කරන්නෙත් විපක්‍ෂ නායක සහ අගමැතිගේ එකඟත්වයෙන්. ඒ අනුව එය ජනාධිපති ධුරයේ බලතල පාර්ලිමේන්තුව හරහා සීමා කරන ආයතනයක්. ජනාධිපතිට ජාතික එකඟත්වයක් නැතිව හිතුමතේ පත්කිරීම් කරන්න බැහැ. ව්‍යවස්ථා සභාව තුළින් පාර්ලිමේන්තුවත් එකඟ වෙන්න ඕනෑ. එහි සාමාජිකයන් අතරින් පස් දෙනෙක් පත්කරන්නේ අගමැති හා විපක්‍ෂ නායක එකඟත්වයෙන්. ඒ පස්දෙනා පත්කරන කොට ලංකාවේ බහුවිධ වාර්ගිකත්වය නියෝජනය වන පරිදි සහ වෘත්තීය සහ සමාජමය වශයෙන් කීර්තියට පත් අය පත්කළ යුතුයි. ඒ නිසා එය හොඳ ආයතනයක් වගේම ජාතික එකඟත්වයක් ඇතිකරගත හැකි ආයතනයක්..නරක  පත්වීම් කරන්න හදන කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැදිහත් වුණු ආකාරය අප මතක් කළ යුතුයි. 2018 දී එක්තරා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත්කරන්න ජනාධිපති සිරිසේන යෝජනා කළ වෙලාවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මිනිත්තු ගණනක් ඇතුළත ඒකමතිකව ඒ නම ප්‍රතික්‍ෂෙප කළා. ජනාධිපති ඔහුගේ නම යෝජනා කරලා යැව්වා කියලා දැනගත්තාම මේ රටේ නීති ප්‍රජාව පුදුම වුණා, ඒ නම යැව්ව එකට. ඒ අනුව, සුදුසු නැතියැයි පෙනෙන අයව විනිසුරුකම්වලට පත්වීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් අද තිබෙනවා. 20න් ඒ සියල්ලම අවසන් වෙනවා...20න් යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක්...ඕකම තිබුණා, 2010දි සම්මත කළ 18වැනි සංශෝධනයෙන් පස්සේ 2014 වෙනතුරු. විපක්‍ෂ නායක සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරයා ඒ රැස්වීම්වලට ගියේවත් නැහැ වැඩක් නැති නිසා. ඒ සභාව නිරීක්‍ෂණ ලබාදීමට විතරයි සීමා වෙලා තියෙන්නේ...ඇයි කොමිෂන් සභා ස්වාධීන වෙන්න ඕනෑ?.රාජ්‍ය සේවා කොමිසමට ස්වාධීනත්වය ලැබෙන කොට රාජ්‍ය සේවකයන්ට ස්වාධීනත්වය ලැබෙනවා. රංජිත් අබේසූරිය මහත්තයා පොලිස් කොමිසමේ සභාපති වෙලා හිටිය කාලෙ පොලිස් නිලධාරීන් කිව්වා දැන් අපිට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ගෞරවනීය තත්වයක් තියෙනවා කියලා...තොරතුරු ලබාගැනීමේ අයිතියට නම් අත තියලා නැහැ...තොරතුරු ලබාගැනීමේ කොමිසමත් පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. අද ඒක කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත. ව්‍යවස්ථා සභාව නැතිවුණාම ජනාධිපතිවරයාට කෙලින්ම පත්කරන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක වීමේදී, කොමිසමේ ඉන්න අයගේ ස්වාධීනත්වය දැඩි ලෙස බලපානවා. අභියාචනයකදී කොමිසම ගැන තමයි මිනිස්සු විශ්වාසය තියාගෙන ඉන්නේ. මානව හිමිකම් කොමිසම ගැන වුණත් මිනිස්සු විශ්වාස කරන්නේ එය ස්වාධීන නම් පමණයි..විනිශ්චයකාරවරුන් පත්කිරීමත් සම්පූර්ණයෙන්ම ජනාධිපතිට වුවමනා විදියටයි සිද්දවෙන්න යන්නේ. ඒ ගැන අපිට නරක අත්දැකීම් තියෙන්නේ, විශේෂයෙන්ම ජේ ආර් ජයවර්ධන යුගයේදී. ඉතින් මේ විදියට වෙනකොට ඒවා පිළිබඳ ස්වාධීනත්වයට හානි වෙනවා විතරක් නෙවෙයි මහජනතාවගේ විශ්වාසය පළුදු වෙනවා. එය අවසාන වශයෙන් බලපාන්නේ රටේ ප්‍රජතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට. එයින් හානිවෙන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට..වැඩි අවධානයට යොමු නොවුණ දෙයක් තමයි, 2015ට කලින් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට සිදුවුණා අවුරුදු 58 පිරුණාම, එතැන සිට අවුරුදු පතා සේවා දිගු ඉල්ලන්න 60 වෙනකං. එයින්ම ඔවුන්ගේ ස්වාධීනත්වයට හානි සිදුවෙනවා. කේසී කමලසබේසන් කියන්නේ ලංකාවේ හිටපු හොඳම සහ නීති ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වුණ නීතිපතිවරයෙක්. එයාට මාස තුනක සේවා දිගුවක් විතරයි දුන්නේ. ඇයි ඒ? ඊළඟට නීතිපති වෙන්න හිටපු කෙනාට කලින් අවස්ථාවක් දෙන්න ඕනෑ නිසා, එයාට ජනාධිපතිගේ විශේෂ කැමැත්තක් තිබුණ නිසා. බලාපොරොත්තු සුන්වූ මිනිහෙක් හැටියට කමලසබේසන් මහත්තයා විශ්‍රාම ගිහින් මාස ගණනක් ඇතුළත මියගියා. ඒක වෙනස් කරන්න 19න් පියවරක් ගත්තා. ඒ අනුව නීතිපතිගේ සහ පොලිස්පතිගේ විශ්‍රාම වයස අවුරුදු 60 හැටියට නිශ්චිතව එහි දක්වා තිබෙනවා.  එතකොට සේවා දිගු ඉල්ලාගෙන පිටිපස්සෙන් යන්න ඕනෑ නැහැ. 20න් ඒකත් ඉවත් කෙරෙනවා. එහෙම වුණාම නීතිපති සේවා දිගු සඳහා ජනාධිපති පස්සෙන් යන්න ඕනෑ. ඒක ඔවුන්ගේ ස්වාධීනත්වයට බලපාන්නේ කොහොමද කියන්න ඕනෑ නෑ අලුතෙන්...හදිසි පනත් කෙටුම්පත් ක්‍රමයත් යළි එනවා...ඕනෑම නීති කෙටුම්පත්කාරයෙක් කියයි, හදිසිය කියලා පනත් ජාතියක් නැහැ කියලා. සති ගණනක් මාස ගණනක් ගිහිල්ලා තමයි ඔය පනත් ගෙනෙන්නේ. කෙටුම්පත් කරන්නම සති ගණනක් යනවා. නමුත් ආණ්ඩු හැමෙකක්ම කළේ, හදිසි පනත් කෙටුම්පත් පිළිබඳ විධිවිධානය පාවිච්චි කරලා, පනත් කෙටුම්පතක් ගැන සංවාද කරන්න, විරුද්ධ වෙන්න ජනතාවට තියෙන අයිතිය හා අවස්ථාව පැහැර ගැනීමයි..අපේ අධිකරණයට බලයක් නැහැ, පනතක් සම්මත වුණාට පස්සේ ඒක ගැන විවාද කරන්න. කළ හැක්කේ පනත සම්මත වෙන්නට පෙර අවස්ථාවේ විතරයි. හදිසි පනත් කෙටුම්පත් පිළිබඳ විධිවිධානය නැවත ගෙනඒමෙන් ඒ සීමා සහිත අයිතියත් නැතිවෙනවා. 19ට කලින් සාමාන්‍ය පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කරන්න සුමානයකට කලින් ගැසට් කරන්න ඕනෑ. ඒ කාලය මදි බව අපි දැක්කා. පනත් කෙටුම්පත් හදිසියට හොයන්න ජනතාවට විතරක් නෙවෙයි මන්ත්‍රීවරුන්ටවත් බැරිවුණ අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි, 20න් ඒක සුමාන දෙකක් දක්වා දික් කළේ. 20වැනි සංශෝධනය ගැන වුණත් සුමාන දෙකක් ඉන්න ඕනෑ. තරමක් දුරට හරි ජනතාව අතර කතාබහ වෙන්න ඒ කාලය දෙන්නේ. මම හිතන විදියට ඒ කාලය වුණත් මදි. සම්මත වුණාට පස්සෙත් අභියෝග කරන්න අවකාශය තියෙන්න ඕනෑ. මොකද පනතක තියෙන ක්‍රියාකාරිත්වය හරියටම දැනෙන්නේ පනත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාමයි..හදිසි පනත් කෙටුම්පතක් කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යවලා පැය 24ක් ඇතුළත හෝ උපරිම පැය 72ක් තුළ, ජනාධිපතිවරයා තීරණය බලාපොරොත්තු වෙනවා. මිනිස්සු දන්නෙත් නැහැ පනත මොකක්ද කියලා. විනිශ්චයකාරවරුන්ටත් පැය කිහිපයයි හම්බවෙන්නේ කියවලා තීරණයක් ගන්න. ගොඩක් ලොකු, සිය ගණනක් වගන්ති තියෙන පනතක් වුණොත්, ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා තීරණය කළ යුතු පනතක් වුණොත්,  තත්වය මොනවා වෙයිද?.මේ ගැන ඉතාම නරක උදාහරණයක් තියෙනවා. 18වැනි සංශෝධනය ගෙනාවේ හදිසි පනතක් හැටියට. පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් අපි කිසිවෙක් ළඟ එහි නියම පිටපතක් තිබුණේ නැහැ. මම උසාවියේ කරුණු ඉදිරිපත් කරනකොට, මම කියෙව්වේ ඒ ආණ්ඩුවෙ ඇමති කෙනකු මට දුන්න කැබිනට් එකට ගිය කෙටුම්පත් පිටපත. එතැන හිටපු නීතිපති මොහාන් පීරිස් කිව්වා, මොන කෙහෙල්මලකින්ද ඔය කියවන්නේ. ඔය කියන දේවල් මේ පනත් කෙටුම්පතේ ඇත්තෙත් නැහැ කියලා. බලනකොට කැබිනට් මණ්ඩලයේදීත් පොඩි සංශෝධන සිදුවෙලා තියෙනවා. මගේ ළඟ තිබුණේ ඇමතිවරයාට මුලින් ලැබුණු පිටපත. මම කිව්වා, මම මේ ඇමතිවරයෙක්ගෙන් ඉල්ලා ගත්තේ කියලා. ඒ වෙලාවෙ මං දිහා බොහොම සාවi ලෙස ප්‍රතිචාර දැක්වූවා මොහාන් පීරිස්. එවිට අපි ඔක්කොම නීතිඥවරු කිව්වා, අපි කවුරුත් නියම කෙටුම්පත දැකලා නැහැ, එහෙනම් දැන්වත් පිටපතක් දෙන්න කියලා. විනිසුරු මඬුල්ලේ සිටි ශිරානි බණ්ඩාරනායක මහත්මිය කිව්වා වහාම නියම පිටපත නීතිඥවරුන්ට ලබාදෙන්න කියලා. ඒ විදියට උසාවියේදී තමයි අපි දැනගත්තේ නියම කෙටුම්පත මොකක්ද කියලා. ඔය තත්වෙට තමයි මේ යන්න හදන්නේ. මේකත් අවසාන වශයෙන් ජනතාවටමයි බලපාන්නේ...ඔබ කොහොමද 20වැනි සංශෝධනය සමස්තයක් හැටියට දකින්නේ?.20 වැනි සංශෝධනය ගැන එක වාක්‍යයකින් පැහැදිලි කරනවා නම් කිව හැක්කේ, 2010 සිට 2015 දක්වා වූ කාලය වැනි ඉතාමත්ම අඳුරු කාලයට අපි ආපසු යන බවයි. 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනා යහපත් වෙනස්කම්වලින් දෙක තුනක් ඇරෙන්න අනෙක් සියලුම වෙනස්කම් මෙයින් ආපස්සට හැරවෙනවා.  18 වැනි සංශෝධනය යටතේ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ලෝකයේ තිබෙන ශක්තිමත්ම සහ නරකම විධායක ජනාධිපති ක්‍රමයන්ගෙන් එකක් බවට පත්වුණා. ලෝකයේ වෙනත් රටවල විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් සංවරන සහ තුලන ක්‍රියාත්මක වෙනවා. ඒවා සියල්ලම 18න් ඉවත් කෙරුණා. ඒ තත්වයට තමයි දැන් ආපහු යන්නේ.■.■ අරුණ ජයවර්ධන.Tags.ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකොහොමටවත් තුනෙන් දෙක නෑ.Next articleවිස්ස නිසා ගෝඨාභය ඉවරවේවිද? ■ දේශපාලන වාර්තාකරු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රාජපක්ෂවරුන් ගෙදර යෑමෙන් තොර විසඳුමක් නැත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රාජපක්ෂවරුන් ගෙදර යෑමෙන් තොර විසඳුමක් නැත.By සංස්කාරක.May 11, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ පුරවැසියා.රටේ භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි සොච්චම් අගයකට වැටී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. මේ වූ කලී රටක් වශයෙන් ගත්කළ ඉතාම ශෝචනීය තත්වයකි. රට තවදුරටත් ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ භයානක අනතුරු ඇඟවීමකි. ඩොලර් මිලියන 50ක් වැනි දෙයකින් කළ හැක්කේ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුනොවන යම් ගෑස් ආනයනයක් වැනි සුළු දෙයක් කර ගැනීම පමණය. වත්මන් තත්වය අනුව එම මුදලින් සතියකට සරිලන ඉන්ධන තොගයක්වත් ගෙන්වාගත නොහැකිය. ඉන්දීය ණය ආධාර යටතේ ලබාදෙන ඉන්ධන හා බෙහෙත් අවසන් වූ පසු හා චීනය ඇතුළු තවත් රටවල් ලබාදෙනවා යැයි කියන සහනාධාර අවසන් වූ පසු රටට අත්විය හැකි ඉරණම සිතා ගැනීමට පවා අපහසුය. ඒ අනුව අප ඉදිරියේ ඇත්තේ දරුණු ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී ජනතාව එම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කෙසේ හැසිරේදැයි අනුමාන කළ නොහැකි තත්වයකි..ආර්ථික වශයෙන් රටේ තත්වය එසේ වුවද දේශපාලනික වශයෙන් රටේ තත්වයේ වෙනසක් වන අයුරක් මෙතෙක් දක්නට නැත. ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනිකුත් පක්ෂ ජනාධිපතිවරයා සමඟ අන්තර්වාර පාලනයක් සඳහා සාකච්ඡා කළ බව කීවද එහි ප්‍රතිඵලයක් මෙතෙක් නැත. විපක්ෂයේ සිටින පක්ෂවලටද ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කිරීමේ සාකච්ඡාවක් ලබාදී නැත. එමෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගයේ යම් කණ්ඩායමක් අතර සභාග හෝ අන්තර්වාර පාලනයක් ගැන සාකච්ඡා කළා යැයි කීවද එහිත් ප්‍රතිඵලයක් නැත. තවද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී අන්තර්වාර පාලනයකට ඉඩ දෙනවා යැයි කීවද එය සිදුවන පාටක්ද පෙනෙන්නට නැත. අගමැතිවරයා ප්‍රසිද්ධියේම කියන්නේ ජනාධිපතිවරයා ඔහුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නැති බව හා එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් නොදෙනු ඇති බවයි. එමෙන්ම ඔහු තවත් විටෙක කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ඔහුව ඉවත්කර පෙන්වන ලෙසයි. වත්මන් ආණ්ඩුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මැයි 04 දින පාර්ලිමේන්තුවේදී කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි. මහානායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට තමා එකඟ බව ජනාධිපතිවරයා කියා ඇත. එහෙත් මේ කිසිවක් මහ පොළවේ යථාර්තයක් වන පාටක් පෙනෙන්නට නැත. දිනෙන් දින පෙනෙන්නට ඇත්තේ විසඳුමක් නොලැබෙන ආකාරයය. ඉන් සිදුවන්නේ මුදල් අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ රටේ ආර්ථිකයේ භයානක තත්වය තවදුරටත් වර්ධනය වීමය..විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟවත් ඔහු සමඟ ආණ්ඩුකරණයේ නියැලුණු කා සමඟවත් ආණ්ඩු කිරීමට සූදානම් නැති බවය. එම තර්කය දේශපාලනික වශයෙන් අප බාරගත යුත්තකි. ඊට හේතුව රටේ වත්මන් සමාජ ආර්ථික හා දේශපාලන කඩා වැටීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු රාජපක්ෂවරුනුත්, ඔහුන් සමඟ එකපතේ කමින් ආණ්ඩුකරණයේ නියැලුණු දැන් ස්වාධීන යැයි කියා ගන්නා පිරිසත් එකසේ වගඋත්තරකරුවන් වන බැවින්ය. එවැනි තත්වයක් තුළ වගඋත්තරකරුවන් සමඟ තවත් ඉදිරි ගමනක් තිබිය නොහැකිය. අප පිළිගත යුතු යථාර්තය එයය. ඒ නිසාම මහනායක හිමිවරුන් අදේශපාලනිකව මොනවා කීවත් තවදුරටත් මෙම ප්‍රශ්නවල මේ මොහොතේ ප්‍රධාන වගඋත්තරකරුවා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ යායුතු හෝ යාහැකි ඉදිරි ගමනක් කිසිවකුට තිබිය නොහැකිය..මහමඟට බැස විරෝධතා පවත්වමින් ජනතාව ඉල්ලා සිටින පරිදිම මෙම සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා ආරම්භයක් ගැනීමටවත් හැකි වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ පාලනයම ඉල්ලා අස්වී ගෙදර යාමෙන් පමණය. ඉන් එහා විසඳුමක් පෙනෙන්නට නැත. ඔවුන් තවදුරටත් බලයේ සිටීම යනු මෙම ප්‍රශ්න විසඳෙනවා වෙනුවට තවදුරටත් උග්‍ර කිරීමකි..රාජපක්ෂවරුන් බලයේ සිටින්නේ නම් නිල මාර්ග ඔස්සේ රටට මුදල් නොඑවන බවට මේ වනවිටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පවසා ඇත. එමෙන්ම රටේ සිටින අපනයනමුඛ ව්‍යාපාරිකයින්ද දිරියෙන් එම කටයුතු සිදුකර රටට විදේශ මුදල් ගෙන ඒවි යැයි කිව නොහැකිය. ඔවුන් බොහෝ විට විදේශගතව එම මුදල් රැස්කරනු ඇත. ජාත්‍යාන්තර ප්‍රජාව ගත්කළද වත්මන් පාලනය ගැන ඔවුන්ගේ පැහැදීමක් ඇති බව පෙනෙන්නට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ආණ්ඩුවට කියා ඇත්තේ යම් ණය මුදලක් හෝ ලබාදීමට රටේ ණය ගෙවීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසය. මේ ඇත්තේ වැඩපිළිවෙළක් නැති එදා වේළ ටුවර්ස් ආණ්ඩුවකි. ඉතිං එවැනි ආණ්ඩුවකට තවදුරටත් ඉදිරියට යා නොහැකිය. අප තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ එයය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅලුත් සිස්ටම් එකක් ඩිසයින් කිරීම.Next articleඅවිනිශ්චිත වර්තමානයෙන් කවර අනාගතයකටද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට.. – අශෝක හඳගම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට.. – අශෝක හඳගම.By සංස්කාරක.April 27, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.”අශෝක හඳගමගේ ෆෙස්බුක් සටහන: ධනේශ්වර ප‍්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්” මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන විසින් පක්ෂයේ වෙබ් අඩවියට (WSWS.com) ලියූ අවලාදාත්මක ස්වරයේ විචාරයට ප්‍රතිචාරයක් දක්වන්නට වෘත්තය කොලම යොදාගන්නට අදහසක් නොතිබුණත්, මිතුරන් කිහිප දෙනෙකුම ඉල්ලා සිටියේ ප්‍රතිචාර දක්වන ලෙසයි. එබැවිනි මේ සටනන..මේ සටහන ලියන මගේ අරමුණ, ඔහුගේ ලිපියේ ඔහු තැනින් තැන උපුටා දක්වන මගේ අදහස්වලට පදනම් වන මගේ අවබෝධය පැහැදිලි කිරීම මිස, පානිගේ දාර්ශනික තර්ක එකිනෙකට ප්‍රතිචාර දැක්වීම නෙවෙයි. වෘත්තය 47 කොලම තුළින් ගෙනහැර දැක්වූ මගේ ලිපියේත් ඊට සමාන්තරව මගේ එෆ්බී ගිණුමේ දැක්වූ අදහස්වලත් මූලික තර්කය වූයේ, රාඡ්‍ය භාණ්ඩාගාරයේ අතිරික්තයක් වෙනුවට දැනටමත් ඔරොත්තු නොදෙන හිඟයක් පවතින ලංකාව වගේ රටක ආර්ථිකයට, කෙළවරක් නැති ඇඳිරි නීතිය විසඳුමක් නොවන බවයි. ඒ වෙනුවට එය කොරෝනාවලට වඩා විශාල අර්බුදයකට රට ඇදගන යන බවයි..”ලංකාව කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයටවත් පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් එහෙම වෙනකල් ආර්ථික යන්ත්‍රය වහගෙන ඉන්නවා කියන්නේ ආයේ ගොඩ එන්න බැරි තරම් අගාධයකට තල්ලූ වෙනවා කියන එකයි.”.හඳගම කියා සිටින්නේ ”කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක්” නැති වුණත්, ආර්ථික යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා, තම දිවි පරදුවට තබා කම්කරුවන් වැඩට යායුතු බවයි” පානි කියයි..පළවෙනි කොටස මා කිවූ බව සැබෑවක් වුවත් දෙවැනි කෑල්ල මා කියුවේ යැයි ඔහු ගොතන මුසාවයි. මා කියුවේ සමාජ දුරස්ථකරණ සීමාවන් පවත්වා ගනිමින් ආර්ථිකය සක්‍රිය කළ යුතු බවයි. කම්කරුවන් දිවි පරදුවට තැබිය යුතු කතාව මා කිවු දෙයක් නොවේ. එමෙන්ම, මේ කොරෝනා ආක්‍රමණය මෙතරම් බරපතළ ලෙස පාලකයනට දැනෙන්නේ, එය පන්ති බේදයක් නැතිව කවුරුත් එක පොකුරට ගෙන පහර දෙන නිසායි..එක් එක් රටවල් කොරෝනාවලට මුහුණ දෙන්නේ තම තමන්ගේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ පවත්නා තත්වයන්ට අනුකූලවයි. අන්ත ධනවාදී රටක් වන ඊශ්‍රායලය, අසල්වැසි තම ජන්ම සතුරු රාඡ්‍යය වන පලස්තීනයට කොරෝනා මර්දනය සඳහා  උදවු කරන්නේ, පලස්තීනයට ඇති ආදරය නිසා නොවෙයි. පලස්තීනය කොරෝනාවලට ගොදුරු වුවහොත්, තමන්ටද ගැලවීමක් නැති නිසයි. යුරෝපා හවුලේ රටවල් කොරෝනාවලට මුහුණ දෙන්නේ ඒ ඒ රටවලට අනන්‍ය ආකාරයකටයි..ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද එසේමයි. වියට්නාමය කොරෝනා සටනේ ජයග්‍රාහී ස්ථානයක සිටිනවා සේ පෙනෙන්නේ එය සමාජවාදී රටක් නිසා යැයි කියන සටහන් ද මුහුණු පොතේ දකින්නට පුළුවන්. වියට්නාමය ඇත්තට සමාජවාදී වූයේ ඈත අතීතයෙ හෝ චි මින්ග්ගේ කාලයේය. අක්කර ගණනක භූමි ප්‍රදේශයක් වසාගන සිටින කොරියන් සැම්සුන් නිෂ්පාදන කලාපය වියට්නාමයට එන්නේ ලාබ එමෙන්ම පුහුණු ශ්‍රමය නිසායි. නයිකි, රීබෝක් වැනි සන්නාම, ලෝක වෙළඳපොළට නිෂ්පාදන කරන්නේ වියට්නාමයේ සිටයි. (වියට්නාමයේ ස්ථාපිත කර ඇති මෙවැනි මහා පරිමාණ කර්මාන්ත ගණනාවක් තියෙනවා. ඒවායින් එකක්, ලංකාවට කැඳවා ගන්නට හැකි වූයේ නම්, අපේ ආර්ථිකය මීට වඩා වෙනස් වන්නට තිබුණා). වියට්නාමයට තිබෙන විදෙස් ආයෝජන ආකර්ෂණය චීනයට පවා හිස කැක්කුමක්. එහෙත් වියට්නාමය තවම එක මරණයක්වත්  වාර්තා කරනොගෙන කොරෝනා යුද පෙරමුණේ සටන් වදිනවා. එංගලන්ත සහ ඇමෙරිකානු සටන් උපක්‍රමයන් ඊට වෙනස්. ඇමෙරිකාවේ යුද උපක්‍රමය මරාගන මැරෙන එකක් සේ කෙනෙකුට දකින්න පුළුවන්..දියුණු රටවල් කිහිපයක් හැරුණු කොට අනෙක් සෑම රටකටම මේ කොරෝනා යුද්ධයේ දී කළ හැක්කේ, මරණ සංඛ්‍යාව අඩු කරගනිමින්, ව්‍යාප්තිය පාලනය කරගනිමින්, හැකි තරම් කාලයක් සටනේ රැඳී සිටීම විතරයි. කවදා හරි යුද්ධය නවතින්නේ කොරෝනා සඳහා වැක්සීනයක් සොයාගන ලෝක ව්‍යාප්තව එය බෙදා ගැනීමෙන් හෝ, කොරෝනා තුළම ඇති මාරාන්තික ලක්ෂණ හීන වී එය හුදු හෙම්බිරිස්සාවක් තරමට දුර්වල වූ දවසකයි. එතකල් ලෝක පරිමාණ කොරෝනා යුද්ධයේ දී අප වැනි රටකට කළ හැකි, වෙන වීරෝදාර භූමිකාවක් නැහැ..වැක්සීනයක් සොයා ගැනීමේ තරගයේ අසූ ගණනක් තරගකරුවන් අතරින් කෙනෙකු දිනුම් කණුව වෙතට ළඟා වන විට අඩු තරමින් එළඹෙන ගිම්හාන කාලය වත් අවසන් වනු ඇතැයි ගණන් බලා තියෙනවා. ඒ කියන්නේ තව අවුරුදු එකහමාරකට මෙහා ගැලවීමක් නැහැ. ඒක තමයි පවතින යථාර්ථය..අපටත් අප වැනි පහළ මැදි ආදායම් සහ අඩු ආදායම් රටවලටත් කරන්නට තියෙන්නේ එතකල් හුස්ම අල්ලාගන සිටින එකයි. අපේ ජන ජීවිතයේ හුස්ම එක අතකින් කොරෝනා විසින් හිරකරනු ලබන අතර අනෙක් අතින් අඩපණ වන ආර්ථික ක්‍රියාකාරකම් නිසා ඉබේ හිරවෙයි. ආරක්ෂාකාරී ලෙස ආර්ථිකයේ සෑම අංශයක් ම හැකි තරම් ක්‍රියාත්මක කිරීමෙන්, රට ආර්ථික අගාධයකට ඇද වැටීම වළක්වා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. කොරෝනා යුද්ධයේ දී සෞඛ්‍ය පෙරමුණත් ආර්ථික පෙරමුණත් දෙකම ගැන අවධානයෙන් නොසිටියහොත් දුර්වල පෙරමුණ යටකරගන සතුරා කඩා වදින එක වළක්වන්නට බැහැ..පානි තම චෝදනා පත්‍රයේ මෙසේද සඳහන් කරයි..”කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයටවත් පුළුවන්කමක් නෑ” යනුවෙන් හඳගම පවසන විට ඔහු වසන් කරන්නේ, මහා පරිමාණයෙන් පරීක්ෂණ කෙරෙන්නේ නම් වසංගතය ඉක්මනින්ම පාලනය කොට එවන් සහතිකයක් දියහැකි බවට වෛද්‍යවරුන් සහ විශේෂඥයන් යළියළිත් ඉදිරිපත් කරන විද්‍යාත්මක සත්‍යයයි. ”.කොරෝනා සම්බන්ධව දැනට ප්‍රචලිත වී ඇති දැනුමෙන් අංශුමාත්‍රයක් උකහා ගත්තෙකුට මේ සත්‍යය බැහැර කරන්නට පුළුවන්කමක් නැහැ. අනිද්දා පුවත්පතට මා ලියන වෘත්තය කොලමේ ඒ බව පානිට කලින් කියා ඇති මට ඒ සත්‍යය වසන් කරන්නට තිබෙන්නේ කවර වුවමනාවක් ද? එවැනි වුවමනාවක් තිබුණත් එහෙම කරන්නට දැන් කාටවත් පුළුවන්කමක් නැහැ. එය දැන් එතරමටම සාමාන්‍ය දැනුමක්. සෞඛ්‍ය අංශයට කළ හැක්කේ මහා පරිමාණයෙන් පරීක්ෂණ සිදුකොට හඳුනා ගන්නා ආසාදිතයින් හුදකලා කොට ඔවුන්ව රැක බලා ගැනීම පමණයි. ඒ සඳහා පරීක්ෂණ කිරීමේ ධාරිතාව වැඩි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක්. එසේ කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ චෝදනාව මට එල්ල කිරීමෙන් පලක් නැහැ..මාසයක් තිස්සේ ඇඳිරි නීතිය දමා වසාගන ඉඳීමෙන් කොරෝනා පැතිරීම ඉබේ නවතී යැයි ආණ්ඩුව සිතුවා වන්නට පුළුවන්. ඒත් මා එසේ සිතුවේ නැහැ. ඇඳිරි නීතිය මැදත්, ආසාදිතයන් දිනෙන් දින වැඩි වීමෙන් ම අප ඉදිරියේ ඇති අභියෝගයේ තරම වැටහෙනවා. සිංහල අවුරුදු උත්සව සමය ඉක්මවාත් විවෘත කිරීමේ වැඩ පිළිවෙළක් නොමැතිව දිගින් දිගටම ඇඳිරි නීතිය පවත්වාගන යාමෙන් අභිමුඛ වන අතුරු අනතුරු ගැන මම විටින් විට අදහස් පළකළේ ඒ නිසයි..පානි මෙසේ ද කියයි..”….නමුත් මෙම වසංගතයෙන් පෙන්වා දෙන්නේ, ලොව පුරා සිටින විද්‍යාඥයින්ගේ පර්යේෂණ හා තාක්ෂණය බෙදාහදා ගැනීමකින් සහ ග්‍රහලෝකයේ පවත්නා මූල්‍ය සම්පත් දැවැන්ත පරිමාණයෙන් යෙදවීමකින් තොරව, මෙවන් ව්‍යසනයක් ජයගත නොහැකි බවයි. ”.දැනටමත් එය සිදු වෙමිනුයි පවතින්නේ. ඒත් ඒ සමස්ත ලෝකයේම මූල්‍ය සම්පත් තනි අරමුදලකට බැර වී, ඒ මගින් සැපයෙන මූල්‍ය ප්‍රතිපාදන හරහා නෙවෙයි. ඒවා සිහින. ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් සැපයෙන දායක අරමුදල් කපා හරින්නැයි, ට්‍රම්ප් දැනටමත් තම පරිපාලන අංශවලට නියෝග දී තිබෙයි. තනි තනි දියුණු රටවල රාඡ්‍යයන්, තම තමන්ගේ ප්‍රජාවන් ආරක්ෂා කරගැනීමට වැක්සීනයක් සොයාගැනීමේ පර්යේෂණවල නිරත වෙමින් සිටියි. එය තරගයක්. ඊට පස්සේ ඒ වැක්සීනය ලෝකය පුරා ව්‍යාප්ත කෙරෙනු ඇත්තේ මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන සමාගම් හරහායි. ඒ බෙදාහැරීම්වලින් සියයට සුලූ ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දුප්පත් රටවලට ආධාර වශයෙන් බෙදෙනු ඇති අතර, බහුතරයක් වෙනත් ක්ෂේත්‍රයකින් වියදම අයකර ගැනෙන පරිදි ද්විපාර්ශවික ගිවිසුම් හරහාත්, ඍජු වෙළඳාමෙනුත් ලෝකය පුරා බෙදා හැරෙනු ඇති. (චීනයේ ම පහළ වූ කොරෝනාවට මුහුණ දීමට චීනය ලංකාවට දැනටමත් දී ඇත්තේ ණයක් මිස ආධාරයක් නෙවෙයි!.). මේ යාන්ත්‍රණය, ධනේශ්වර ක්‍රමයේ යාන්ත්‍රණය මිස සමාජවාදී හෝ කොමියුනිස්ට් යාන්ත්‍රණය නෙවෙයි..දැනට පවතින ප්‍රායෝගික ලෝක යථාර්ථය එයයි. මා අදහස් දැක්වූයේ මේ ප්‍රායෝගික යථාර්ථය තුළ පිහිටා මිස මනඃකල්පිතයක පිහිටා නෙවෙයි. ලෝකය කොරෝනා පසු කර යනු ඇත්තේ මීට සියවසකට පෙර ස්පාඤ්ඤ උණ පසුකර ගියා මෙන්ම ය. කොරෝනාවලින් පසු ලෝකය මීට වඩා මානුෂික දෙසට වෙනස් වනු ඇතැයි සිහින දැකීමට හදිසියක් මට තවම නැහැ. ඒ වෙනුවට කොරෝනා සටන දිග්ගැසෙන තරමට, ලෝකයේ රටවල්, විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ රටවල් ජාතික රාඡ්‍ය ඒකාධිපතිත්වයන් වෙත තල්ලූ වීමේ අවදානමක් බලාපොරොත්තු වීම මට අනුව තාර්කිකයි. ජාතික රාඡ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම ආයුධවලට කළ හැක්කක් නොවන බව කොරෝනාවලින් පසක් කර දෙන බොහෝ සත්‍යයයන්ගෙන් එකක් වුවත්, ධනේශ්වරයේ අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් ඒවායෙහි වුවමනාව පවතිනු ඇති..”නමුත්, මෙය සාක්ෂාත් කිරීමට නම් මහා පරිමාණ බැංකු සහ මූල්‍ය සමාගම් මෙන්ම සුවිසල් කම්හල් සහ සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනසතු කළ යුතුය. සෑම රටකම කම්කරු පන්තිය රාඡ්‍ය බලය අත්පත්කර ගනිමින්, ලාභය මත පදනම් වූ නිෂ්පාදන-ආර්ථික ක්‍රමය ද, එය මුල්බැස ඇති ජාතික රාඡ්‍ය පද්ධතියද අහෝසි කොට, මානව අවශ්‍යතාවන් සපිරෙන පරිදි ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගත යුතුය. මෙය වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.” යන පානිගේ අවසාන වාක්‍යය තවදුරටත් වඩාත් යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට හොඳ සටන් පාඨයක් ලෙස පවත්වා ගැනීමෙහි වරදක් නැත..ඡායාරූපය : ලක්රුවන් වන්නිආරච්චි/ Getty Images.Tags.ravaya.Ravaya Newspaper.Ravaya Newspaper Ravaya Anidda e Paper Mahithripala sirisena කේ. සංජීවelection.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.අශෝක හඳගමgotabaya rajapaksha.කේ. ඩබ්ලිව්. ජනරංජනelection commission.කොරෝනා.කොවිඩ්19.ගුවන් ටිකට්පතක්.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩcorona.පුවත්.පොලිස්පති.මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.රාවය.රාවය පුවත්පත.ලාංකික සිසුන්ගේcovid 19.වසංගතය.ව්‍යවස්ථා සභාවට.රාවය.රාවය පුවත්පත.Anidda Newspaper.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපාර්ලිමේන්තුව කැඳවන්නට සූදානම් නැති ජනාධිපති සහ අනුගාමික සංඝයා.Next articleවසංගතය අස්සෙන් දත් විලිස්සන ව්‍යසන ධනවාදය – රමිඳු පෙරේරා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
අනුරගේ ෆයිල් ජනපති හංගලාද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.අනුරගේ ෆයිල් ජනපති හංගලාද?.By සංස්කාරක.September 2, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක...‘ජනාධිපතිතුමා මාව බේරාගත්තා. අපිට ඕනෑනම් මේවා ඇතුළේ විසඳන්නත් පුළුවන්. එළියේ විසඳන්නත් පුළුවන්.’.ඌව පළාත් සභාවේ ඇමතිවරයෙකු සහ මහියංගණයේ සහල් මෝල් හිමි ප‍්‍රසිද්ධ ධන කුවේරයෙකු වන අනුර විදානගම විසින් මේ කතාව කීවේ මහියංගණය නගරයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැුස්විමකදීය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදීය. අඩු වැඩි වශයෙන් මේ කතාවම ඔහු ප‍්‍රාදේශීය සභා භූමියේදීද ජනතාව ඉදිරියේදී වතාවක් කියා ඇත..ඔහුගේම වචනවලට අනුව මෙවර අනුර විදානගමගේ බේරාගෙන ඇත්තේ වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනය. අනුර විදානගමගේ බේරාගෙන ඇත්තේ කුමන චෝදනාවකින්දැයි සොයා බැලිය යුතුය. මේ සටහන අනුර විදානගමගේට ඇති චෝදනාව විමසා බැලීමකි..දේශපාලන බලය මත ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් පැවැත්වූ විමර්ශන 34ක් අතරින් වාර්තා 5ක පරීක්ෂණ අවසන් කොට පසුග ිය ජනවාරි මාසයේ නීතිපතිවරයා වෙත යොමුකර තිබිණි. එසේ යොමුකර තිබුණේ ඉදිරියේදී සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනීම හෝ වෙනත් පියවරක් ගැනීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහාය..මෙම විමර්ශන වාර්තා අතරින් දෙවනියට සඳහන් වන්නේ මහියංගණ නගරයේ රජයේ ඉඩම්වල හා පොළ භූමියේ වෙළඳ සංගමය නැමති සංවිධානයක් විසින් දියත් කළ නගරය හා ඒ ආශ‍්‍රිතව පැවති කඩකාමර 177ක් ඉදිකොට බදු දීමේ ව්‍යාපාතියක් පිළිබඳ කතාවකි. එම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධ චෝදනාවක් ඒ පරීක්ෂණ වාර්තාවෙහි තිබුණි. අනුර විදානගමගේ මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නෙකි. විදානගමගේට බේරෙන්නට තිබුණු උවදුර වන්නේ මේ චෝදනාවයි. ජනාධිපති බේරාගත් බව කීවේ මේ චෝදනාවෙනි. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ජනවාරි මාසයේදි නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබුණු පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් තවම උපදෙස් ලැබී නැත..මේ කඩකාමර ඉදිකර ඒවා බදු දී තිබුණේ මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ තැපැල් කාර්යාලයට හෝ මහියංගණය ප‍්‍රාදේශීය සභාවට හෝ වෙනත් කිසිදු රජයේ ආයතනයකට නෛතික බැඳීමකින් සම්බන්ධ නොවූ මහියංගණය වෙළඳ සංගමය නම් වූ සංවිධානයක් විසින්ය. එහෙත් කඩකාමර නිර්මාණය කර තිබුණේ රජයට අයිති ඉඩම්වලය. කඩකාමර තැනූ ඉඩම් අයිතිවන්නේ මහියංගණය තැපැල් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප‍්‍රාදේශීය සභාව යන ආයතනවලටය..මහියංගණ නගරයේ සිට පදියතලාව මාර්ගයේ කඩ කාමර 16ක්, බදුල්ල මාර්ගයේ කඩ 40ක්, මහියංගනය පොදු ක‍්‍රිඩාංගණයට යාබද ඉඩමේ කඩ 40ක්, බස්නැවතුම්පළේ කඩ 40ක්, කාගිල්ස් ෆුඞ්සිටියට යාබදව කඩ 31ක් වශයෙන් ඉඩම් බදු දී තිබුණි..ඇතැම් පුද්ගලයන්ට කඩ ලබාදී ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරවය. කඩ ලබාදීමේ පොරොන්දුව මත කඩ ඉදිකිරීමට පෙර වෙළඳුන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ හතහමාරේ සිට ලක්ෂ 18- 20 දක්වා මුදල් ලබාගෙන ඇත. තවත් ව්‍යාපාරිකයන් පිරිසකගෙන් ලක්ෂ 12ක 15ක ද්‍රව්‍යමය ආධාර ලබාගන ඇත. කඩ ඉදිකරන්නේ ඒ ප‍්‍රතිපාදන මතය..මේ තොරතුරු වෙළඳ සංගමයේ ඇති ලේඛනවල සදහන්ය. එහෙත් එසේ ලබාගෙන තිබුණු ද්‍රව්‍ය මොනවාද යන්න වෙළඳ සංගමයේ ලේඛනවල සටහන්ව නැත..මෙම කඩකාමර ඉදිකිරීමට වෙළඳ සංගමය මගින් මහියංගණයේ ව්‍යාපාරිකයන්ගෙන් පමණක් එකතුකර ඇති මුදල රුපියල් මිලියන 436කි. එහෙත් මේ වෙද්දී මුදල් දැමූ ගිණුම්වල ඇත්තේ රුපියල් 4000කට ආසන්න මුදලක් පමණි. ඉතිරි මිලියන ගණනක මුදල්වලට සිදුවූ දෙය දන්නේ වෙළඳ සංගමය නැමති නමකින් මුදල් ලබාගත් පුද්ගලයන්ය..මේ වෙළඳ සංගමය මෙහෙවීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ අනුර විදානගමගේ ඇතුළු පිරිසක්ය. අනුර විදානගමගේ වෙළඳ සංගමයට සම්බන්ධ වෙන්නේ වෙළඳ සංගමයේ ඇති ලිපිලේඛන හරහා නොවේ. මේ ව්‍යාපෘතියෙන් අගතියට පත් වූ අය ජනාධිපති විමර්ශන කොමිසම වෙත සාක්ෂි ලබාදෙමින් කියා ඇත්තේ මෙම ව්‍යාපෘතිය අනුර විදානගමගේ විසින් මෙහෙයවූ බවයි. ඒ අනුව ජනාධිපති විමර්ශන කොමිසම විසින් අනුර විදානගමගේ සාක්ෂි සඳහා ගෙන්වා ඇත..අප සමඟ නිර්නාමිකව අදහස් දැක්වූ කඩහිමියෙක් මෙසේ පැවසීය..‘අපට කඩ තිබුණා. ඒ කඩ කාමර කඩලා අලූ‍ත් කඩකාමර හදන බව කිව්වා. වෙළඳ සංගමයෙන් මේ වැඬේ කරන්නේ, කඩකාමර ඕනෑ අය කඩ හදන්න ගිණුමකට සල්ලි දාන්න කියලා උපදෙස් ලැබුණා. ඇත්තටම මහියංගණ වෙළඳ සංගමය කියලා නමක් තිබුණාට එහෙම සංගමයක් නෑ. අපිට වෙළඳ සංගමයෙන් කඩ හදනවා කියලා ගිණුමකට සල්ලි දාන්න කිවුවා. අනුර විදාගමගේ ඇමතිතුමාගේ නියෝජිතයන් විදියට එයාලා පෙනීහිටපු නිසා තමයි අපි සල්ලි දැම්මේ. අපෙන් කඩ කාමරයකට ලක්ෂ හතහමාරක් ගත්තා. කඩ කාමර ලැබුණත් ඒවා සම්බන්ධයෙන් කිසිම නීතිමය ලියැවිල්ලක් අපට දීලා නැහැ. මේ කඩ කාටද අයිති කියලා අපිවත් දන්නේ නෑ. බදු ගිවිසුමක් නෑ. එනිසා ප‍්‍රාදේශීය සභාවෙන් බදු ගන්නේ නෑ. ප‍්‍රාදේශීය ලේකම්තුමා මේ ගැන කිසිම දෙයක් කියන්නේත් නෑ.’.කඩකාමර හිමියන්ද අනවසර ඉඩම්වල නිර්මාණය කළ කඩකාමර වෙනුවෙන් හිතුමතේ මුදල් යට කර ඇත. අනුර විදානගමගේ සතු දේශපාලන බලය මත ලක්ෂ හතහමාරකට තමන්ගේ නොවන ඉඩමක තිබුණු කඩකාමරයක් ලබාගැනීමේ වංචාසහගත බලාපොරොත්තුව ඔවුන්ටත් තිබෙන්නට ඇත. මේ වංචාවේ අනෙක් කොටස්කරුවන් වන්නේ ඔවුන්ය..මහියංගණය ප‍්‍රාදේශීය සභාව මේ කඩවලින් බහුතරයක් බදු අය නොකර අත්හැර දමා ඇත. ප‍්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරියෙකුගෙන් ඒ ගැන විමසූ කල ලැබුණු පිළිතුර වූයේ දැනට මෙම කඩ 50කින් පමණක් බදු අය කර ගන්නා බවයි. සෙසු කඩ 127න් බදු අය නොකිරීමට හේතුව පැහැදිලි කිරීමට ඔහු අපොහොසත්ය. පසුගිය වසර ගණනක කාලය තුළ බදු අය නොකිරීමෙන් සභාවට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් ඔහුට පිළිතුරක් නැත. ඒ සියල්ලට ඔහුගේ පිළිතුර වන්නේ ඉදිරි කාලයේදී මෙම කඩවලින් ප‍්‍රාදේශීය සභාව බදු අයකර ගැනීමට පියවර ගනු ඇති බව පමණකි..මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් සුනිල් දිසානායක අප වෙත අදහස් පළකළේ මෙසේය..‘විස්වාස කරන්න, කිසිම නීතිමය කාරණයකට ප‍්‍රතිපත්තියකට යටත්ව නෙමේ මේ ඉදිකිරීම් කරලා තියෙන්නේ. අඩුම වශයෙන් සැලැස්මක්වත් පාස් කරලා නෑ. මේ කඩවලින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති වෙන්නේ කඩ 24ක් පමණයි. හදපු කඩවලට අමතරව ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය පිටුපස ඉදිකිරීමට ලක්ෂ 50ක් වියදම් කරලා තියෙනවා. කවුරු මොනවට හැදුවද කියලා. හදපු අයවත් දන්නේ නෑ. අදටත් ඒ ගොඩනැගිලි වහලා දාලා.’.ප‍්‍රදේශයේ ඉහළ නිලධාරීන් පෙන්වාදෙන ආකාරයට 2011 වසරේ සිටම මහියංගණ නගරයේ කඩ ඉවත් කිරීමත් නැවත ඉදිකිරීමත් ඒ සදහා රජයේ ආයතනවල ඉඩම් පවරාගැනීමත් කිසිදු නීතිමය ක‍්‍රමවේදයකට හෝ පිළිගත් ප‍්‍රතිපත්තියකට අනුව කර නැත. එමෙන්ම ටෙන්ඩර් කැදවීමකින් තොරව කොන්ත‍්‍රාත් ලබාගත් කොන්ත‍්‍රාත්කරුවන් සොයාගැනීමටවත් නොහැකිය..මෙලෙස ඉදිකළ කඩ කාමර 177ට අමතරව මහියංගණ නගරයේ අදාල වෙළඳ සංගමය විසින් ඉදිකිරීම් ආරම්භ කළ කඩ කාමර 64කින් යුත් සුපිරි වෙළෙඳ සංකීර්ණයක වැඩ කටයුතුද 2015 ජනවාරි ආණ්ඩු පෙරළියෙන් පසුව අත්හිටුවා තිබිණි. එහි කොන්ත‍්‍රාත්කරු වශයෙන් කටයුතු කර ඇත්තේ බීඑස්පී බෝවතුර නම් අයෙකි. පහත පළවන ඔහු අපට කළ ප‍්‍රකාශයෙන් හෙළිවන්නේ මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් කොතරම් අවිධිමත් හා පිළිගත් නීතියට පටහැනිව කටයුතු කර තිබේද යන්නය..‘මමත් දෙවරක් මේ කඩ හැදීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්න ගියා. ඒ අය මගෙන් ඇහුවේ මෙම ඉදිකිරීම් කළේ ඔබද කියායි. මම කිවුවා සුපිරි වෙළඳ සංකීර්ණයේ කොන්ත‍්‍රාත්තුව ගත්තේ මම බව. මේ කොන්ත‍්‍රාත්තුව ලැබු‍ණ විදිහත් ප‍්‍රශ්න කළා. අනුර විදානගමගේ ඇමතිතුමාව කුඩා කාලයේ පටන් මම අඳුනනවා, දවසක් මට එතුමා රැුස්වීමකට එන්න කිවුවා. මම එතනට ගියා. එතන පළාත් සභාවේ සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඇවිත් හිටියා. ඇමතිතුමා එයාලට මාව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මේ කොන්ත‍්‍රාත්තුව මට ලැබුණා. මම කොන්ත‍්‍රාත්තුව කළා මිසක් වෙන දෙවල් හොයන්න ගියේ නෑ. මටත් යම් මුදලක් අයවෙන්න තිබෙනවා. මට ඉදිකිරීම්වලට සල්ලි ගෙවුවේ වෙළඳ සංගමය. වෙළඳ සංගමය කිවුවාට ඇමතිතුමාගේ ගෝලයෙක් හිටියා විජිත කියලා එයා තමයි සල්ලි දුන්නේ.’.මෙම කොන්ත‍්‍රාත්කරු අඩක් පමණක් නිම කළ සුපිරි වෙළෙඳ සංකිර්ණය නැවත මහියංගණ ප‍්‍රාදේශීය සභාවට පවරාගැනීමට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බලයට පත්වූ මහියංගණ ප‍්‍රාදේශීය සභාව විසින් 2018/6/3 දින යෝජනාවක් සම්මත කර ඇත. එහෙත් ඌව පළාත් සභාව ජනාධිපති ලේකම් කාර්යලයෙන් ලැබුණු ලිපියක් උපයෝගී කර ගනිමින් නැවතත් එම ඉදිකිරීම් කටයුතු මහියංගණ වෙළද සංගමයටම පවරා ඇත. ඒ 2018/7/4 දින කැදවු රැස්වීමකදීය..මේ ආකාරයෙන් 2015 ජනවාරි 8 දින නවතා දැමුණු දුෂිත දේශපාලනයේ ඇතැම් කොටස් නැවත ආරම්භ කිරීමට අනුර විදානගමගේලාට හැකිවී නම් මෙවැනි වංචා හා සොරකම් විමර්ශනය සඳහා යෙදවූ මුදල් හා අවංකව ඒ වෙනුවෙන් කාලය කැපකළ රාජ්‍ය නිලධාරීන්ගේ ශ‍්‍රමයට වග කියන්නේ කවුදැයි අපි නොදන්නෙමු..ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය..‘කවුද ඔයාලට ඕක මගෙන් අහන්න කිවුවේ. ඇයි මාධ්‍යවලින් දන්නේ නැද්ද අපිව නිදහස් කළානේ. ජනාධිපති කොමිසමේ පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් තමයි මේ නඩුව ඇහුවේ. මම ගියේ සාක්ෂි දෙන්න විතරයි. එතැනදි කව්ද මගේ නමත් කියලා තිබුණු නිසයි මම ගියේ. ඉතාම විනිවිදභාවයක් සහිතව මේ ඉදිකිරීම් කරලා තියෙනවා. ඒවා කළේ වෙළෙඳ සංගමය. මගේ කිසිම සම්බන්ධයක් නෑ. මගේ හිතවත්තු කියලා කවුරුවත් නෑ. මගේ ඡුන්දදායකයන් සේරම අපේ හිතවත්තු තමයි. මෙතන කිසිම වංචාවක් නෑ. ජනාධිපතිතුමා මාව බේරාගත්තා කියලා කවුද කිවුවේ. එතුමාලා අවේ හොරු අල්ලන්නනේ. ඉතිං අල්ලයි. අපි නම් වරදක් කරලා නෑ. ඒකනේ මේ අපි නිද‍හසේ ඉන්නේ. මම දන්න තරමට දැන් ඔය සුපර් මාකට් එකත් හදන්න වෙළෙඳ සංගමයට භාර දීලා තියෙන්නේ. ඒ ගැන ඌව පලාත් සභාවේ ප‍්‍රධාන ලේකම්තුමාගෙන් අහන්න.’.අනුර විදානගමගේ මහතා කියන්නට උත්සාහ කරන්නේ ජනාධිපති විමර්ශන කොමිසම කළ පරීක්ෂණය නඩු කටයුත්තක් බවයි. එහි හිටපු අධිකරණ විනිසුරුවරුන් සිටින නිසා එය අධිකරණ කටයුත්තක් ලෙස ඔහු අර්ථකථනය කරයි. ඔහු අධිකරණයෙන් නිදහස් වූ බවත් කියන්නට උත්සාහ කරයි. ඔහු මහියංගණයේදීද කියන්නේ මෙවැනි ව්‍යාජ කතාන්දරමය..තවමත් අධිකරණය ඉදිරියේදී වරදකරුවකු නොවූ අනුර විදානගමගේට තමන් චෝදනාවෙන් නිර්දෝෂී බව නැවත නැවතත් කියන්නට අයිතියක් ඇත. එහෙත් ඒ බව ඔප්පු කරන්නට නම් මේ චෝදනාව අධිකරණය ඉදිරියට ආ යුතුය. අධිකරණයට නොපැමිණි මේ චෝදනාව නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී තිබීමම සැකයක් ඇති කරවන්නකි. මහින්ද රාජපක්ෂ මහතා එකල කී කුප‍්‍රකට ‘මගේ ළඟ ෆයිල් තියෙනවා’ කතාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද ගැළපෙන බව වැටහෙන්නේ මෙවැනි සිදුවීම් නිසාය..ධම්මික ප‍්‍රියදර්ශන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleදේශපාලනයේ සංඝ භූමිකාව.Next articleයහපාලන යුගයක විකල්පය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තාවකාලික පාලමකට පීත්ත පටි කපා ෂෝ දමන හමුදාපති | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තාවකාලික පාලමකට පීත්ත පටි කපා ෂෝ දමන හමුදාපති.By සංස්කාරක.March 22, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.ඕනෑම දෙයක් පිළිවෙළකට කරනවා.යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක.‘පාලම ඉදිකිරීමේ පූර්ණ ශ්‍රම දායකත්වය යුද හමුදාවෙන් අපි ලබා දුන්නා. පාලම ඉදි කරන්න අරගත්තේ පාවිච්චියට නුසුදුසු ලයිට් කණු. ඒවා ලැබිලා තිබෙන්නේ දිසාපති හා සංඝ සභාවේ මැදිහත්වීමෙන්. යුද හමුදාවෙන් ලබා දුන්නේ ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දායකත්වය පමණයි. පාලම විවෘත කිරීමේදී යොදා ගත්ත සංස්කෘතික කණඩායම යුද හමුදාවේම සංස්කෘතික කණ්ඩායමක්. ගහලා තිබුණ ටෙන්ට් ටිකත් යුද හමුදාවටම අයිති සම්පත්. ඒ ඇරෙන්න එළියෙන් අරගෙන මුදල් වියදම් වන දේවල් එතැනට අරගෙන තිබුණෙ නැහැ. යුද හමුදාවෙ සම්ප්‍රදායක් තමයි අපි ඕනෑම දෙයක් කරද්දි පිළිවෙළකට කරනවා. ඒ වගේ දෙයක් තමයි එතැන වෙලා තියෙන්නෙ. ඒ ඇරෙන්න අමතර ප්‍රචාරයක් කරලා කරපු දෙයක් එතන නැහැ. සම්ප්‍රදායානුකූලව තමයි සියලුදේම කළේ. මේ තාවකාලික පාලම යුද හමුදාවෙන් තමයි හැදුවේ, ඒ සඳහා යුද හමුදා භට පිරිස්වල දායකත්වයක් තියෙනවා. ඒ නිසා තමයි ආයතන ප්‍රධානියා විදිහට යුද හමුදාපති එතනට සහභාගි වුණේ.’■.මම නං පීත්ත පටි කැපුවේ නැහැ.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.මේ පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ තමන් හමුදාව සම්බන්ධයෙන් විවේචන කිරීමට අකමැති බවත් තමන් හමුදාපතිව සිටිය දී නම් පීත්ත පටි කපන වැඩ නොකළ බවත් තමාට පැවරී ඇති රාජකාරිය පමණක් ඉටු කළ බවත්ය.■.■ ඇන්තනී වෙරංග පුෂ්පික.පරවි දූපත හෙවත් රන් දූපත දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කයේ මාතර බස් නැවතුම්පොල හා වෙරළට යාබදව මුහුදට වන්නට පිහිටා ඇති දූපතකි. පරවි දූපත ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය ලෙස ආගමික වශයෙන් පමණක් නොව දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා සංචාරක ස්ථානයක් ලෙස ද ප්‍රචලිතය. දූපත පිහිටා තිබෙන්නේ වෙරළේ සිට මීටර 200ක් පමණ ඈතින් වූවත් මුහුදු රළ පහර නිසා දූපතට පයින් ගමන් කළ නොහැක. මේ නිසා ගොඩබිමේ සිට පරවි දූපතට යකඩින් තැනූ වැල් පාලමක් ඇත. මෙය අවස්ථා කිහිපයක දීම අබලන් වී විනාශ වූවත් තාවකාලිකව හෝ පරවි දූපතට පාලම් ඉදිකෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ සහ අමාත්‍ය චමල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් පසුගිය වර්ෂයේ දී ද එම පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළත් මාර්තු පස් වන දින එම පාලම මුහුදටම පහත් වූයේ පරවි දූපතට යන එන බැතිමතුන් හා දෙස් විදෙස් සංචාරකයන් පාලමෙන් ගමන් ගන්නා අතරතුරදීමය. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් වූයේ නැත. සිදු වූ එකම හානිය වූයේ පරවි දූපතට ගමන් කිරීමට තිබූ මාර්ගය ඇණ හිටීම පමණි..රටේ කුමන හෝ ව්‍යසනයක දී හෝ ආපදා අවස්ථාවක දී ඉදිරියට විත් ජනතාවට පිහිට වන්නට පැමිණෙන්නේ ත්‍රිවිධ හමුදාවය. මෑත කාලයේ නම් හමුදාවන්ට විෂය නොවන සෞඛ්‍ය කෘෂිකර්මයේ පවා ගැටලු විසඳීමට සහ නගාසිටුවීමට හමුදාව පෙරට ආවේය. එපරිද්දෙන්ම කඩා වැටුණ පරවි දූපතත් ගොඩබිමත් යා කරන පාලම වෙනුවට තාවකාලිකව පාලමක් හැදීමේ වගකීම හමුදාව සිය කර මතට ගත්තේය. යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ තාක්ෂණික දැනුම ද වෘත්තීය නිපුණත්වය සමග සිය ශ්‍රමයෙන් වැඩ අරඹා සතියක් ගත වීමටත් පෙර පරවි දූපතට පාලමක් ඉදි කළහ. තාවකාලික පාලමක් හෝ දින කිහිපයක් තුළ වැඩ අරඹා ඉදිකිරීම පිළිබඳව යුද්ධ හමුදාවට ස්තූති වන්ත විය යුතුය. එමෙන්ම ඔවුන්ගේ නිපුණත්වය හා කැපවීම පිළිබඳව සතුටු විය යුතුය. නමුත් මෙහි කතා කළ යුතුම සහ මග නොහැරිය යුතු කාරණා කිහිපයක් ද ඇත..පරවි දූපත හා ගොඩබිම යා කරන පාලම කඩා වැටීමෙන් අනතුරුව හමුදාව මැදිහත් වී ඉදිකරනු ලැබූවේ තාවකාලික පාලමකි. වෙලාවේ හැටියට සතියක් ගත වීමටත් පෙර තාවකාලික හෝ පාලමක් මුහුද මැදින් ඉදි කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඇත්තකි. පෙර කී ලෙසම එහි සම්පූර්ණ ගෞරවය පාලම ඉදිකළ සියලුම හමුදා භටයන්ට හිමි විය යුතුය..තාවකාලික පාලමෙහි වැඩ නිමවා මාර්තු 12 දින එම තාවකාලික පාලම විවෘත කරනු ලැබුවේ රටේ ජාතික උත්සවයක් පරිද්දෙනි. මහා පරිමාණ ටෙන්ට් පාලම දෙපස ඉදිකොට තාවකාලික පාලම විවෘත කිරීම සුව පහසුව ඇතිව ආරාධිත අමුත්තන්ට සහ ජනී ජනයාට නැරඹීමට ද කටයුතු කොට තිබුණි. තාවකාලික පාලම විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය. තාවකාලික පාලම විවෘත කිරීම සංකේතවත් කරමින් පීත්ත පටියක් ද කපන්නට කටයුතු යොදා තිබුණි. ජනරාල් ශ්වේන්ද්‍ර සිල්වා තාවකාලික පාලම විවෘත කිරීමේ පීත්ත පටිය කපන්නට පැමිණියේ ධජ පතාක ලෙල දෙවමින් මඟුල් බෙර වාදකයන් ද පෙරටු කර ගනිමින් රතු පලස් මතිනි..එහි ප්‍රධාන වශයෙන් කතා කළ යුතු කාරණා දෙකක් ඇත. පළමු කරණාව වන්නේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාර්තු 12 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබූවේ තාවකාලිකව ඉදිකළ පාලමකි. යමෙක් තාවකාලිකව ඉදිකළ පාලම ඉදිකිරීමට වූ මහන්සියට වඩා මහන්සියක් එම තාවකාලික පාලම විවෘත කිරීමේ උත්සවයට මහන්සි වී ඇති බව නොසිතෙන්නේ නැත. තාවකාලික පාලමක් විවෘත කිරීමට උත්සවාකාරයෙන් පීත්ත පටි කැපීම හාස්‍යයකි. හාස්‍යයට ලක් වන්නේද අන් කවුරුවත් නොව ශ්‍රී ලංකා යුද හමුදාවම වන්නේය. ගොඩනැගිලි, පාලම්, බෝක්කු හෝ කවර හෝ දෙයක් විවෘත කිරීම සඳහා වියදම් වන්නේ ජනතාවගේ මුදල්ය. එය තාවකාලික නොව ස්ථිරව ජනතා අයිතියකට පත් කරන ඕනෑම දෙයකට වුවද උත්සව පැවැත්වීම මොන යම් හෝ කෙනෙක් අතින් සිදු වීම අනුමත කළ නොහැක. එය කාලාන්තරයක් පුරා ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වූවකි. එවන් තත්වයක් තුළ යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තාවකාලිකව ඉදි කළ පාලමක පීත්ත පටි කපා විවෘත කිරීම කෙසේ අනුමත කළ හැකිද? අනෙක් අතට රටේ ජනතාව සිටින්නේ පාං ගෙඩියක් මිල දී ගන්නේ කෙසේ දැයි කල්පනා කරමිනි. එවැනි තැනකට වැටී ඇති ජනතාව ජාතික උත්සවයක් පරිද්දෙන් තාවකාලික පාලමක් විවෘත කිරීම දැක කුමක් නම් නොසිතයිද? මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමට පෙර රටත් ජනතාවත් ඇද වැටී ඇති තත්වය ගැන හෝ කල්පනා කිරීමට තිබුණි..ගොඩබිමේ සිට පරෙවි දූපතට තාවකාලික පාලමක් ඉදිකොට එය උත්සවාකාරයෙන් විවෘත කිරීම පිළිබඳව කතා කළ යුතු දෙවැනි කාරණය වන්නේ පීත්ත පටි කපා තාවකාලික පාලම විවෘත කරනු ලැබූවේ අන් කවුරුවත් නොව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වීමය. බැලූ බැල්මටම එහි තිබෙන්නේ දේශපාලනමය හැඩයකි. එය අතිශය බරපතළය. හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරන්නේ යම්කිසි කණ්ඩායමක් හෝ දේශපාලන පක්ෂයක් නොව සමස්ත යුද හමුදාවමය. ඒ වගේම ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පීත්ත පටි කැපූ පළමු අවස්ථාවද මෙය නොවන්නේය. පසුගිය මාසයේ මාතලේ නගරය ආසන්නව උද්‍යානයක ඇවිදින මංතීරුව විවෘත කිරීමේ දී ද පීත්ත පටි කැපූ ප්‍රධාන ආරාධිත අමුත්තා මොහුය. ජනතා දේපළ අයිතියට පත් කිරීමේ දී හමුදාපති හෝ හමුදා නිලයන් විසින් පීත්ත පටි කැපීමේ සම්ප්‍රදායක් මීට පෙරත් පැවතුණා දැයි සෙවිය යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅලුත් බෝතල්වල දැමූ පරණ වයින් හෙවත් ජනාධිපතිගේ ආර්ථික සභාව හා ආර්ථික උපදේශක කමිටුව.Next articleගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..සුමුදු අතුකෝරල.‘හැම උදෑසනකම ඇයගේ කන පිටුපස නැවුම් පිච්ච මලක් රඳවාගෙන මිනෙට් ඇවිදගෙන ආවා. එයාගේ අලූත් සිල්ක් සාරියේ පොට එයාගේ උරහිස ළඟින් ලිස්සලා වැටුණා. ඊට පස්සේ අපි එහා පැත්තේ තිබුණ එක පැත්තකින් නුවර නිම්නයටත් අනිත් පැත්තෙන් කැලේ වැවිලා තිබුණ කන්දටත් මුහුණලා තිබුණ කන්තෝරු කාමරයට ඇවිද්දා. ඊට පහළින් වාහනවල නළා හඬත්, පන්සල්වල ගණ්ටාර හඬත් යන්තමට ඇහුණේ, තෙත පොළොවේ සහ වියළෙන කොළවල සුවඳත් එක්ක. ඊටත් වඩා, පිරිසිදු පිච්චමල් සහ සුදු අරලිය මල් සුවඳ ජනේලෙන් ගලාගෙන ආවා..අපි දෙන්නා නියමිතව තිබුණ වැඩ කරගෙන ගියා. මම, ල කබුසියර් විසින් ඉතාම අලංකාර විදියට මිනෙට්ට එවලා තිබුණ පෙම් හසුන් කියෙව්වා. කාර්යාලයේ ප‍්‍රධාන දොරට මම ගොඩක් කැමති වුණා. ඒක BRIDGE ON THE RIVER KWAI චිත‍්‍රපටියේ ජපන් හමුදා නිලධාරියාගේ දොර. ඒක මිනෙට්ට දීලා තිබුණේ. ඒ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ඬේවිඞ් ලීන්.’.මේ උල්රික් ප්ලෙස්නර් තමන්ගේ IN SITU කියන ස්වයංචරිතාපදානයේ මිනෙට් ද සිල්වා ගැන ලියලා තියෙන පරිච්ෙඡ්දයේ එක කොටසකි..මිනෙට් ද සිල්වා ලංකාව තුළ එතරම් කතාබහට ලක්වුණු කාන්තාවක් නොවේ. ලාංකීය වාස්තු විදයාවේ අවසන් ශතවර්ෂය ජෙෆ්රි බාවාගේ දැවැන්ත සෙවණැල්ලෙන් වැසී ගොස් ඇති අතර, ඒ මෑත ඉතිහාසය තුළ මිනෙට් ද සිල්වා, වැලන්ටයින් ගුණසේකර වැනි තවත් දක්ෂ වාස්තු විදයාඥයන්ගේ නම් යටි වියන තුළ සැගව ගොස් ඇත. මිනෙට් ද සිල්වා යනු මුළු දකුණු ආසියාවෙන්ම වෘත්තීය වාස්තු විදයාඥවරියක ලෙස සුදුසුකම් ලැබූ පළමු කාන්තාවයි..1918 වර්ෂයේ මහනුවරදී උපත ලද මිනෙට් එවකට කාන්තාවන්ට සුදුසු වෘත්තියක් ලෙස නොසලකන ලද වාස්තු විදයාව තම වෘත්තිය ලෙස හදාරන්නට උනන්දු වූයේ ඇය තුළ කුඩා කල සිට තිබුණ නිර්මාණශීලී හැකියාවත්, කලා, සංස්කෘතික සහ සමාජ යන විෂයන් ගැන තිබුණු දැඩි ආසාවත් නිසාවෙනි. ඉන්දියාවේදී සහ එංගලන්තයේදී තම අධ්‍යාපනය නිමාකරන මිනෙට්, ලෝ ප‍්‍රකට වාස්තු විදයාඥ ල කබුසියර් :(Le Corbuiser) සමග කලක් වෘත්තීයමය සේවය කළ අතර 1950 වර්ෂය ආසන්නයේ යළි දිවයිනට පැමිණ තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. එවකට මුළුමනින්ම පාහේ ඉංගී‍්‍රසීන් විසින් නතුකරගනු ලැබ තිබුණු ලාංකීය වාස්තු විiා ක්ෂේත‍්‍රයට මුලින්ම සම්ප‍්‍රප්ත වන ලාංකික චරිතය මිනෙට්ය..කබුසියර් සමග තිබුණු කුළුපග ඇසුර සහ යුරෝපීය නූතන වාස්තු විදයා සංස්කෘතියත් සමග ලද අත්දැකීම් මුසුකරමින් ඇය ලාංකික වාස්තු විiා ක්ෂේත‍්‍රයට නූතන ලක්ෂණ අනුගත කරමින් තමන්ටම අනන්‍යවූ වාස්තු විදයාභාෂාවක් ගොඩනඟා ගත්තාය. මහනුවර ප‍්‍රදේශයේ හැදී වැඞී ලද සමාජ සංස්කෘතික හුරුවත්, විවිධ කලා ක්ෂේත‍්‍ර කෙරෙහි තිබුණු උනන්දුවත් නිසා ඇගේ නිර්මාණවලට ශී‍්‍ර ලාංකික පාරම්පරික කලා හුරුව මුසුවීම අරුමයක් නොවේ. අලංකාර සිල්ක් සාරිවලින් සැරසී, සාම්ප‍්‍රදායික ආයිත්තම් පැළඳ, විචිත‍්‍ර කුඩයක් ඔසවාගෙන සිටින සහ ගොඩනැගිලි වැඩබිමක ඉණි මගක නගින මිනෙට්ගේ ඡුායාරූප කිහිපය ඇයගේ විලාසිතාවත්, ඇගේ වාස්තු විදයා භාෂාවත් ගැන ඉගි සපයයි..කාන්තාවන්කට උචිත නැතැයි සලකන ලද වෘත්තියක් තෝරාගත් මිනෙට්ට මුල් කාලයේදී විවිධ විවේචනයන්ට සහ ගැරහුම්වලට ලක්වන්නට වූ බව කියැවෙයි. ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත‍්‍රය තුළ අද පවා කාන්තා වාස්තු විදයාඥවරියන් අපහසුතාවට ලක්වන අවස්ථා ඇති තත්ත්වයක, පුරුෂ මූලික වැඩබිම් වෘත්තියක් තුළ එවකට තිබූ තත්ත්වය ගැන සැලකීමේ දී එම අභියෝගවලට මුහුණදීම සඳහා ඇයට කෙතරම් පෞරුෂයක් තිබෙන්නට ඇතිදැයි සිතා ගත හැක..ඇය තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, තමාගේ පියාගේ මිතුරකු වූ කරුණාරත්න නම් වූ නීතිඥවරයකුට මහනුවර ප‍්‍රදේශයේ නිවසක් නිර්මාණය කරමිනි. පළමු වෘත්තීය පැවරුම ම අභියෝගයක් ලෙස භාරගන්නා ඇය බෑවුම් සහිත බිම් කඩක එම නිවස නිර්මාණය කරන්නේ පාරම්පරික සහ යුරෝපීය නවීන වාස්තු විදයා ලක්ෂණ මුසුකරමිනි..එවකට පැවති බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණවලින් ආභාසය ලද වලව් නිවාස විලාසිතාව අබිබවා නවීන වාස්තු විදයාත්මක ලක්ෂණ සහ පෙර නොවූ විරූ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූ එම නිවස එකල මහනුවර ප‍්‍රභූ පැළැන්තිය වෙතින් විවේචනයට ලක්විය. කොන්කී‍්‍රට් භාවිතය, ඇස්බැස්ටස් වහළ සහ විශාල වීදුරු සහිත දොර ජනෙල් වැනි ලක්ෂණවලින් හෙබි එම නිවස එවකට පැවති ලාංකික ගොඩනැගිලි ක‍්‍රමවේදය තුළින් ආභාසය ලද්දක් නොවීය. ඉතා හොඳ ස්වභාවික ආලෝකයක්, වාතාශ‍්‍රයක් නිවස තුළට ගලාඒමට සලස්වන විශාල වීදුරු සහ ලූවර් ජනෙල්ද, එකල නිවෙසේ පාදම සඳහා පමණක් යොදාගත් කළුගල්වලින් බිත්ති නිමකිරීමද ඒ නිවසේ විශේෂ ලක්ෂණයක් විය. කළුගල් සහ ගඩොල් බිත්ති කපරාරු නොකර ඒ ආකාරයෙන්ම විවෘතව තබා නිවසක් සැදීම යනු ඒ කාලවකවානුවෙහි සංකේතීය ප‍්‍රකාශනයක් බවට තම නිර්මාණය ඔස්සේ ප‍්‍රකාශ කරන්නට ඇය උත්සාහ කළාය..මේ ආකාරයේ නවීන ලක්ෂණ තම නිර්මාණයට එකතු කළත්, දේශීය සමාජ සංස්කෘතික ජීවන විලාසය ඇය සම්පූර්ණයෙන්ම බැහැර නොකළාය. වාර්ෂික දානමාන සහ ආගන්තුක සත්කාර සඳහා විශාල සාලයක් සහ කෑම කාමරයක් නිර්මාණය කළ ඇය ඒවායේ ප‍්‍රායෝගිකත්වය සඳහා විශාල ජනෙල් සහ එකිනෙක ස්ථාන අතර සම්බන්ධතාවට මුල් තැනක් දුන්නාය..සිය නිර්මාණ දායකත්වය තවත් පියවරක් ඉදිරියට ගෙනගිය මිනෙට් මෙම නිවසෙහි අභ්‍යන්තර අලංකාරය උදෙසා පාරම්පරික කලා අංග යොදාගත් අතර, මෙරට ප‍්‍රථම වරට නිවසක අභ්‍යන්තරය සැරසීම සඳහා චිත‍්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් යොදාගත්තීය. ජෝර්ජ් කීට් විසින් සිතුවම් කරන ලද ‘හංස ජාතකය’ නම් වූ සිතුවම ඒ සඳහා භාවිත කළාය. අද වන විට නිවෙස් අලංකරණය සඳහා චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර යොදාගැනීම ඉතා ජනපි‍්‍රය අංගයක් ලෙස සැලකුණත් එම සම්ප‍්‍රදායේ මුල් පියවර මිනෙට් විසින් තබන ලද්දක් විය යුතුය..පළමු නිර්මාණයේ විශේෂිත ලක්ෂණ නිසාම ඇගේ නිර්මාණශීලිී බව පිළිබඳ විශ්වාස කළ කොළඹ සහ මහනුවර ආශ‍්‍රිත නවීනත්වයට බර ප‍්‍රභූ පවුල් කිහිපයක්ම ඇය ලවා තම නිවෙස් නිර්මාණය කර ගැනීමට උත්සුක වූහ. එවකට මුල් බැසගත් වාස්තු විiාත්මක ප‍්‍රවාහයට ගතු නොවී මිනෙට් ලකුණක් තම භාවිත ශෛලිය තුළ ගොනුකිරීමට ඇය ගත් උත්සාහය මෙයට හේතු පාදක වුණා විය යුතුය. එමෙන්ම කොළඹ ආශ‍්‍රිතව පැනනැගුණු නූතන කලාව සහ සංස්කෘතික පිබිදීම තුළ ඇයට නිසි පිළිගැනීමක් ලැබුණාද විය යුතුය. කොළඹ ඇල්ෆ‍්‍රඞ් හවුස් උiාන පෙදෙසේ පීරිස් නිවස, වැල්ලවත්තේ ප‍්‍රනාන්දු නිවස, සුලෙයිමන් මාවතෙහි පෙරේරා නිවස, වෝඞ් පෙදෙසේ අමරසිංහ නිවස, මහනුවර දස්වානි නිවස සහ නඬේසන් නිවස යන ගොඩනැගිලි 50 සහ 60 දශකවලදී මිනෙට් අතින් නිර්මාණය වූ ගොඩනැගිලි විය..හුදෙක් පුද්ගලික නිවාස නිර්මාණකරණයෙන් තොරව පොදු සහ ප‍්‍රජා ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා ද මිනෙට්ට අවස්ථාව හිමිවිය. ඒ අතරින් කොළඹ ග්‍රෙගරි පාරේ නිර්මාණය කෙරුණු සේනානායක තට්ටු නිවාස සංකීර්ණය ඇගේ මුල් කාලීන නිර්මාණයක් ලෙස සැලකෙයි. යුරෝපීය නවීන වාස්තු විදයා අංගයක් ලෙස සැලකුණු පහත මහල සම්පූර්ණයෙන්ම විවෘතව නිර්මාණය කෙරුණේ වාහන ගාල් කිරීම, නිදහස් සංසරණය සහ උදයානයක් වශයෙනි. කොන්කී‍්‍රට් කණුවලින් ඉහළට එසැවෙන එම ගොඩනැගිල්ල තුළ ඉහළ මාලයන් නිවාසවලට වෙන්වෙයි. කණුවල ඒකාකාරී පිහිටීම තුළ ඇති රේඛීය රටාව ඉහළ මාලයන් කරාද රැගෙන යන මිනෙට්, සමානුපාතිකව බෙදෙන කණු සහ ජනෙල් මගින් එවැනි ගොඩනැගිල්ලකට ලැබිය හැකි සංකීර්ණ පෙනුම මග හැර සරල රේඛීය ගතියක් අනුගත කරයි. 1957 වසරේදී ඉදිකිරීම් අවසන් කළ මෙම ගොඩනැගිල්ල පසුකාලීනව ක‍්‍රමයෙන් ව්‍යාප්ත වූ තට්ටු නිවාස සංස්කෘතියෙහි මුල් පුරුකක් විය..මිනෙට් අතින් නිර්මාණය වුණු පොදු ගොඩනැගිලි අතර ඇය හැදී වැඩුණු මහනුවර නගරයේ නිර්මාණය වුණු නුවර කලායතනය(Kandy Art Centre)ඉතා සුවිශේෂ බවක් උසුලයි. ඇය අධ්‍යාපනය ලද යුරෝපීය නවීන වාස්තු විදයා ලක්ෂණයන් ලාංකික පාරම්පරික නිර්මාණ ලක්ෂණයන් මුසුකරමින් නිර්මාණය වුණු මෙම ගොඩනැගිල්ල ඇය අතින් නිර්මාණය වූයේ, ලාංකික වාස්තු විiා ක්ෂේත‍්‍රය තුළ හොඳ අත්දැකීම් ලබාගැනීමෙන් පසු, 1982 වසරේදීය. නුවර වැව අසබඩ දළදා මාලිගාව සහ මල්වතු විහාරය ආසන්නයේ ස්වාභාවික තුරු ගොමුවකින් හෙබි බිම් කඩක ඉදිවුණු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදී ද මිනෙට් ඉඩමෙහි ස්වාභාවික පිහිටීම මනාව උපයෝගීකර ගෙන තිබේ. කොන්කී‍්‍රට්, යකඩ සහ වීදුරු වැනි නවීන අමුද්‍රව්‍ය භාවිතයන් සමග, දැව සහ මැටි ගඩොල් වැනි පාරම්පරික අමුද්‍රව්‍ය යොදාගෙන තිබීම මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වේ. සාමාන්‍යයෙන් යකඩ භාවිතයෙන් විශාල අවකාශයක් සඳහා නිමවන වහලය දරා සිටීමට මෙහිදී මිනෙට් දැවමය ආධාරක (Trvsses) යොදාගෙන තිබීම එම ගොඩනැගිල්ලෙහි සුවිශේෂ බව තවත් ඔප්නංවයි. එමෙන්ම පැරණි ලාංකික ලී සහ ශිලා කැටයම් කණු කොන්කී‍්‍රට්වලින් ප‍්‍රතිනිර්මාණය කර ලාංකික වාස්තු විදයාවට තවත් අලංකාර අංගයක් ඉදිරිපත් කිරීමටද ඇය සමත් වූවාය. ඇය අතින් නිර්මාණය වූ ගොඩනැගිලි සියල්ලම පාහේ අධ්‍යයනය කිරීමේදී අවබෝධකරගත පොදු සත්‍යතාවක් ඇත. යුරෝපීය නව්‍ය වාස්තු විiා අධ්‍යාපනයක් ලබා ල කබුසියර් වැනි පසු නූතනවාදීන් සමග ඉතා කුළුපගව ඇසුරුකර, ඔවුන්ගේ නිර්මාණ ආභාසය ලැබුවත් මිනෙට් එම පසු නූතනවාදී ලක්ෂණ තම නිර්මාණ තුළට රැුගෙන ආවේ ඉතා ප‍්‍රවේසමෙනි..ල කොබුසියර් විසින් නිර්මාණය කෙරුණු රොන්චැම්ප් දෙව් මැදුර වැනි ගොඩනැගිලිවල ගොනුවුණු ප‍්‍රකාශනවාදී, පසුනව්‍ය ලක්ෂණ ලාංකික ගොඩනැගිලිවලට එක්කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ මිනෙට්, ඒ වෙනුවට බෞද්ධ සහ හින්දු පැරණි ගොඩනැගිලිවලින් ආභාසය ලබා ඝර්මකලාපීය කාලීන වාස්තු විදයා ශෛලියක් ගොඩනගා ගත්තාය. එය ඇය තමන්ගේ වාස්තු විiා භාෂාව තුළින් ලාංකික ජන ජීවිතය සහ සංස්කෘතියට හිස නමා ගරු කිරීමක් වැනිය. මිනෙට් විසින් මුල් පියවර තබන ලද ලාංකීය යැයි කිව හැකි ඝර්ම කලාපීය, දේශගුණික සහ සමාජීය ලක්ෂණවලට මුසුවුණු වාස්තු විදයා සංස්කෘතියක් ඊට දශකයට හෝ දෙකකට පසුව ජෙෆ්රී බාවා ප‍්‍රමුඛ ලාංකික වාස්තු විදයාඥයන් විසින් අතිඅපූර්ව තලයකට ගෙනයන ලදි. ඒ ප‍්‍රගමනයට ආභාසය සැපයූ මුල් කාලීන වීරවරියක ලෙස මිනෙට් ද සිල්වා ඉතිහාසගත විය යුතුය..‘ශී‍්‍ර ලංකාවට නිදහස ලැබීමෙන් පසු, එතෙක් ලංකාව සහ ආසියාව පුරා වැපිරී තිබුණු ආසියාතික, දේශගුණික තත්ත්වයන් සම්ප‍්‍රදායන් සහ ජන ජීවිතයට අනුකූල නොවූ ගොඩනැගිලි නිර්මාණ කාර්යයට එරෙහිව නැගීසිටි පළමුවැනි වාස්තු විදයා වෘත්තිකයා මිනෙට් ද සිල්වායි. ඇයගේ එම නොසැලෙන උත්සාහය නිසාවෙන් ඊට පසු දශක පහ තුළ ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ඉදිකෙරුණු ගොඩනැගිලි බි‍්‍රතාන්‍ය ගැති ආභාසයෙන් මිදී ලාංකික ජනසමාජයට, දේශගුණික ලක්ෂණ සහ සංස්කෘතියට උචිත ලෙස නිර්මාණය වීමට පෙළඹිණි.’.මේ උල්රික් ප්ලෙස්නර් තම චරිතපදානයෙහි මිනෙට් ගැන තබා තිබෙන තවත් මතක සටහනකි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබිට්කොයින්.Next articleඅපි සොයන්නේ ජීවිතයේ නැතිවුණු අනුපිළිවෙළයි මයිකල් ඔන්ඩාච්චි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
‘ශක්තිමත් ආණ්ඩු’ උපන්‍යාසය පරීක්‍ෂා කරමු ■ ජයදේව උයන්ගොඩ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.‘ශක්තිමත් ආණ්ඩු’ උපන්‍යාසය පරීක්‍ෂා කරමු ■ ජයදේව උයන්ගොඩ.By සංස්කාරක.September 1, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන පෙරමුණු සන්ධානයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ‘ශක්තිමත් ආණ්ඩුවක්’ පිහිටුවීම තමන්ගේ එක් අරමුණක් බවයි. එම අරමුණ ඉටු කර ගැනීම සඳහා තමන්ට තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබාදෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේය. පෙරමුණට එම බහුතරය ලැබුණද, ශක්තිමත් ආණ්ඩුව පිළිබඳ අරමුණ ගැන තවමත් ආණ්ඩුව තෘප්තිමත් වී නැත..තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමේ මාධ්‍යයක් සහ ඒ අරමුණට ළඟාවීමේ මාර්ගයක් පමණි. තුනෙන්-දෙකේ බහුතරය ලබාගෙන තිබෙන්නේ 19වැනි සංශෝධනය අහෝසි කර සමහර විට අලුත් ව්‍යවස්ථාවක්ද ගෙනැවිත්, ඒ මගින් ‘ශක්තිමත් ආණ්ඩුවක්’ ගොඩ නැගීමට බව පෙනේ..පොදුජන පෙරමුණේ ශක්තිමත් ආණ්ඩු ව්‍යාපෘතිය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකක බහුතරය තිබීම පමණක් ප්‍රමාණවත් නැති බවත්, ජනාධිපතිතුමාගේ බලය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් ඇතිකිරීම එහි ඇත්ත අපේක්‍ෂාව බවත් දැන් පැහැදිලිය..මෙහි ඇති විශාල දේශපාලන සරදමක් තිබේ. පොදුජන පෙරමුණේ නායකයන් පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකක බහුතරයක් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තු ක්‍රමය හෝ ශක්තිමත් කිරීමට නොවේ. විධායකය ශක්තිමත් කර පාර්ලිමේන්තුවේ බලය අඩු කර, පාර්ලිමේන්තු ක්‍රමයද දුර්වල කිරීමටය. පාර්ලිමේන්තුව තුළින්ම පාර්ලිමේන්තු ක්‍රමයම දුර්වල කිරීමටය..මෙය ජේ.ආර්. ජයවර්දන මහතා 1978දීත් මහින්ද රාජපක්‍ෂ මහතා 2010දීත් කළ දේ නැවත කිරීමට යෑමකි...පාර්ලිමේන්තු ක්‍රමය.දුර්වල නොකළ යුතුය.ලෝකයේ අනෙකුත් රටවලත්, ලංකාවේත් අතීත අත්දැකීම් පිළිබඳ පර්යාවලෝකයෙන් බලන විට පළමුවෙන්ම කිව යුතු දෙයක් නම් ලංකාවේ දැනට තිබෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය දුර්වල නොකළ යුතු බවයි. ඒ වෙනුවට ඇත්තටම කළ යුත්තේ දැනට තිබෙන ක්‍රමයේ අඩුපාඩුකම්වලට පිළියම් යොදමින් පාර්ලිමේන්තු ක්‍රමය තවත් ශක්තිමත් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට යාමයි..ලංකාවේ ආණ්ඩුව පාර්ලිමේන්තු ක්‍රමය දුර්වල නොකළ යුත්තේ ඇයි? ජනාධිපති-කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් වෙත යා නොයුත්තේ ඇයි?.මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දැනට බෙලාරුස් රටේ සිදුවෙමින් පවත්නා දේශපාලන අර්බුදය වෙතින් පහසුවෙන්ම සොයා ගත හැකිය...බෙලාරුස් පාඩම්.බෙලාරුස් රටේ පවතින්නේ ජනාධිපති පාලන ක්‍රමයකි. එහි ජනාධිපතිවරයා, තමා අතට විධායක බලය කේන්ද්‍රකොටගත් අප රටේ 18වැනි සංශෝධනය යටතේ සිටියාක් වැනි, අධික බලයක් මෙන්ම බලය අතහැර යාමට අකැමැති, එක බලධාරී නායකයෙකි. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් එම ජනාධිපතිවරයා ඇත්තටම පැරදුණු බවත්, දැනට හිරේ දමා සිටින විරුද්ධ පක්‍ෂ නායකයාගේ බිරිඳ ඇත්ත ජයග්‍රාහකයා බවත්, බොහෝ බෙලාරුස් වැසියෝ විශ්වාස කරති. ජීවිතාරක්‍ෂාව පතා එම විරුද්ධ පක්‍ෂ නායිකාව දැන් රට හැර ගොස් තිබේ. එහෙත් විරුද්ධ පක්‍ෂ ජනයා දිනපතා, ජනාධිපතිවරයාට අස්වන ලෙස බල කරමින් පෙළපාලි යති. උද්ඝෝෂණ කරති..අද හෙටම, බෙලාරුස්හි විශාල මහජන ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ තිබේ. බලයේ දිගටම සිටීමට අධිෂ්ඨානයෙන් සිටින බෙලාරුස් ජනාධිපති ලුකශෙන්කෝ බොහෝ විට රුසියානු ජනාධිපති පුටින්ගේ ආධාරයෙන් බලයේ දිගටම රැඳී සිටීමට අදහස් කරනු ඇත. මෙම ලේ වැගිරීම මධ්‍යයේ එක්කෝ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කෙරෙනු ඇත. නැත්නම්, විශාල ජනඝාතනයක් සිදුකර විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයන් මෙන්ම පුරවැසියන්ද දහස් ගණනක් සිරගෙයි දමා, ජනාධිපතිවරයා ටෙලිවිෂන් කැමරා ඉදිරියේ සහ පුටින්ගේ සුබපැතුම් මැද ‘ජයග්‍රහණය’ ප්‍රකාශකරනු ඇත. එය එසේ වුවහොත්, බෙලාරුස්හි දේශපාලන අනාගතය නම් අස්ථාවර, ව්‍යාකුල සහ දිගටම ලේ වැගිරීම් පිරුණු එකක් වීමට බොහෝ විට ඉඩ තිබේ. එය එසේ වන්නේ ඇයි?..‘ශක්තිමත් ආණ්ඩුවල’ ගැටලුව.ඉහත ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ ‘ශක්තිමත් ආණ්ඩුවල ගැටලුව’ තුළය..ලෝකයේ තිබෙන අත්දැකීම්වලට අනුව ‘ශක්තිමත් ආණ්ඩු සින්ඩ්‍රෝමයේ’ පොදු ලක්‍ෂණ කිහිපයක්ම තිබේ. එයින් ප්‍රධාන ඒවා මෙසේය..■ එවැනි ආණ්ඩු බලයට පත්වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ නිෂේධනයක් ලෙසය..■ එවැනි ආණ්ඩු සාමාන්‍යයෙන් බලයට පත්වන්නේ මැතිවරණ තුළින්, මහජන සහයෝගයක්ද ඇතිවය. එය ‘ශක්තිමත් ආණ්ඩුවේ’ සුජාතභාවය සඳහා අවශ්‍යය..■ මැතිවරණ මාධ්‍යයෙන්  බලයට නොඑන ‘ශක්තිමත් ආණ්ඩු’ බලයට පත්වෙන්නේ, යුදහමුදා බලවේගවල සහයෝගයෙනි. මුලදී මහජන සහාය නොමැති වීමේ අඩුව ඌන පූරණය කිරීමට, සන්නද්ධ හමුදාවල බලහත්කාරී බලයේ සහාය අවශ්‍ය වීම එයට හේතුවයි..■ ‘ශක්තිමත් ආණ්ඩු’ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබන්නේ නැත. නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම්, විවෘත සහ නිදහස් දේශපාලන තරගය, මැතිවරණ පරාජයකින් පසු විරුද්ධවාදීන්ට බලය භාර දී ගෙදර යෑමේ භාවිතය යන මේවා ගැනද විශ්වාසය තබන්නේ නැත..■‘ශක්තිමත් ආණ්ඩු’ දේශපාලන බලයට සීමාවක් තිබෙන බව පිළිනොගනියි. එය ආණ්ඩුක්‍රමය තුළ සංවරණ සහ තුලන සහ බලතල බෙදීම ගැන විශ්වාස කරන්නේද නැත..■‘ශක්තිමත් ආණ්ඩු’ තනි පුද්ගලයකු වටා රාජ්‍ය බලය කේන්ද්‍රගත වීමට අවකාශ සලසමින් , ‘ඒක-නායක පාලන තන්ත්‍ර’ (ධභෑ-ඵ්බ ඍඹඛෑ ) සඳහා මාවත විවෘත කරයි..■ විරුද්ධ පක්‍ෂවලටත්, තම දේශපාලන විරුද්ධවාදීන්ටත්, තමන්ට මෙන්ම දේශපාලනය කිරීමේ අයිතියක් තිබෙන බවට පිළිගැනීමට මැලිවීම සහ නොහැකි වීම..■ විරුද්ධ පක්‍ෂවලට, වෘත්තීය සමිතිවලට, ශිෂ්‍ය ව්‍යාපාරවලට දේශපාලනය කිරීමේ අවකාශය සංකෝචනය කිරීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම..■ විවෘත නිදහස් සහ සාධාරණ මැතිවරණ නොපැවැත්වීම සහ සෑම මැතිවරණයකින්ම තමන් පමණක් ජයගැනීමට ඇති ආශාව සහ දේශපාලන දොළදුක..■ සමාජ අසහනය සහ දුක්ගැනවිලි මත ඇතිවන විරෝධතාවලට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ මර්දනය යෙදවීම..■ නායක වන්දනය.මේවා සතුව, ‘ශක්තිමත්’ ආණ්ඩුවල දුර්වලතාවේ මූලාශ්‍ර බවට පත්වීමේ දයලෙක්තිකයද තිබේ. 1970-1975, 1977-1993 සහ 2009-2014 යන ලංකාවේ ‘ශක්තිමත් ආණ්ඩු’ අත්හදාබැලීම් තුනෙහිම කාලවල අඩු වැඩි වශයෙන් තිබුණු ලක්‍ෂණ වූයේද මේවාය. එක් එක් ආණ්ඩුවක එම ලක්‍ෂණ කාලානුක්‍රමිකව ඉහළ ගිය බවද කෙනකුට නිරීක්‍ෂණය කළ හැකිය. අප ඉහත දී කතා කළ බෙලාරුස් අර්බුදයෙන් ප්‍රකාශ වන්නේද, ඉහත ගතිලක්‍ෂණවලින් යුත් ආණ්ඩුවක්  අනිවාර්යයෙන් පත්වන අර්බුදයේ තියුණු බවේ පරිමාවයි. ලංකාවේ මෙම ආණ්ඩු තුනම සාමකාමී මැතිවරණ තුළින් බලයෙන් ඉවත් කිරීමට විරුද්ධ පක්‍ෂවලටත්, ඡන්දදායකයන්ටත් හැකිවිය. කොතරම් පසුබෑම් තිබුණත්, දිගටම බලයේ සිටීම ආණ්ඩු බලයේ ඒ කාලවලදී සිටි පාලකයන්ගේ අපේක්‍ෂාව වුවත්, බලයට ගිජු පාලකයෝ මහජන තීන්දුවට හිස නැමූහ. එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මෙතෙක් කල් පැවත තිබෙන එක් ශක්තියකි. බලයට ගිජු දේශපාලනඥයන්ට වඩා අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ සහ සම්ප්‍රදාය බලවත් බව ඒ හැම අවස්ථාවේම පෙනිණ...සාමකාමී විකල්ප.බෙලාරුස් රටේ දැනට පිපිරී යමින් තිබෙන අර්බුදයෙන් පෙනෙන්නේ ‘ශක්තිමත් ආණ්ඩුව-ශක්තිමත් පාලකයා’ යන දේශපාලන මාදිලිය අවසානයකට පත්වෙමින් ඇති බවයි. ‘ශක්තිමත් පාලක’ ජනාධිපති ලුකශෙන්කෝ, මහජන විරෝධයට සවන් දී මෙම අර්බුදය සාමකාමීව, දේශපාලන වශයෙන් විසඳීමට සූදානම් බව නොපෙන්වයි. ඔහු ඉදිරියේ තිබෙන සාමකාමී විකල්ප වන්නේ, එක්කෝ විරුද්ධ පක්‍ෂ සමග සාකච්ඡා කර එළැඹෙන ගිවිසුමක් මත ඉල්ලා අස්වීමයි. නැතහොත්, අලුතින් ජනාධිපතිවරණයක් කැඳවා, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා, එහි ප්‍රතිඵල පිළිගෙන පැරදුණොත් ගෙදර යෑමයි. දිනුවොත් ඒකාධිපති ක්‍රමය අතහැර, ප්‍රජාතන්ත්‍රවාදය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමයි..එහෙත් සාමකාමී, දේශපාලන මාර්ගවලින් අර්බුදය විසඳීමට ජනාධිපති ලුකශෙන්කා සූදානම් නැති බව පෙනේ. එය ‘ශක්තිමත් පාලකයන්’ සතු පොදු දුර්වලතාවක් සහ රෝගයකි. පසුගිය කාලයේ කෙන්යාවේත්, සිම්බාබ්වේ රටේත් මීට සමාන්තර ක්‍රියාවලියක් බෙහෙවින් විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැටි ලෝකයාට දැකගත හැකි විය. බෙලාරුස් ජනාධිපති ලුකශෙන්කෝ දැන් කරන්නට යන්නේ ඒකාධිපති පාලකයන්ගේ අත්පොත්වල තිබෙන තවත් පිටුවක් පෙරලා, එහි තිබෙන සුපුරුදු, එහෙත් තවත් විනාශකාරී, උපායක් යොදාගැනීමයි. එනම් විරුද්ධ පෙළපාලිකරුවන් හා තමන්ට දිනපතා විරෝධය පාන දහස් සංඛ්‍යාත සිවිල් පුරවැසියන්ට එරෙහිව යුද හමුදාව යෙදවීමයි. මේ දිනවල ඔහු කරන්නේ හමුදා නිල ඇඳුමක්ද ඇඳගෙන හමුදා කඳවුරුවල සංචාරය කිරීමයි. රටේ පුරවැසියන්ගේ සහාය නැතිවන විට බෙලරුස් ජනාධිපතිවරයාද කරන්නට යන්නේ, තමන්ට පෙර අන් බොහෝ දෙනකුද කර ඇත්තාක් මෙන්, යුද හමුදාවේ සහාය මත තම දේශපාලන වැවැත්ම ආරක්‍ෂා කරගැනීමට තැත් කිරීමයි..තවමත් සාමකාමීව දිගහැරෙන බෙලාරුස් දේශපාලන අර්බුදය ළඟදීම දරුණු ලේ වැගිරීමක් බවට පත්වීමේ හැකියාව දිනෙන් දින තියුණු වන බව, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලින් පෙනේ. සාමකාමී, නිරායුද පුරවැසියන්ට විරුද්ධව, සන්නද්ධ හමුදා මර්දනය මුදාහැරීම ශක්තිමත්, ඒකාධිපති පාලකයන්ගේ සැබෑ දුර්වලත්වය ප්‍රදර්ශනය වන මොහොතයි...ලංකාවට ඇති අදාළත්වය.බෙලාරුස්හි මෙම තියුණු වන අර්බුදය ලංකාවට ඍජුවම අදාළ වේ. එයට හේතුව, ලංකාවේ පාලක පක්‍ෂයත්, ‘ශක්තිමත් නායකයකු’ සහිත ‘ශක්තිමත් ආණ්ඩුවක්’ පිහිටුවීමට නෛතික ප්‍රතිපාදන සපයන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින හෙයිනි..දැනට සිදුවෙන කතාබහට අනුව පෙනෙන්නේ, ලංකාවේ නව ‘ශක්තිමත්’ ආණ්ඩුවේ පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ තිබිය හැකි බවයි..■ තනි පුද්ගලයකු, එනම් ජනාධිපතිවරයා වෙත, රාජ්‍ය බලය අසීමිත ලෙස කේන්ද්‍රගත වීම..■ පාර්ලිමේන්තුව විධායකයට වඩා දුර්වල වීම..■ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමෙන් නිදහස් කිරීම..■  දැනට බලයේ සිටින ආණ්ඩුවටම සාපේක්‍ෂ වශයෙන් දිගු කාලයක්, අවම වශයෙන් අවුරුදු දහයක්, බලයේ සිටිය හැකි විධිවිධාන ගෙනඒම..■ ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව අතර දැනට තිබෙන ‘වගකීමේ’ සම්බන්ධතාව ලිහිල් කර, කැබිනට් මණ්ඩලය මත ජනාධිපතිවරයා සතු පාලනය ශක්තිමත් කිරීම..■ පාර්ලිමේන්තුවට පිටස්තර පුද්ගලයන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමේ අවකාශය ජනාධිපතිවරයාට ලබාදීම..■ බලයේ සිටින ආණ්ඩුව මැතිවරණ මාධ්‍යයෙන් බයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කිරීම..■ ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ යුද හමුදාව විවේචනය කිරීම සීමා කෙරෙන පරිදි, මූලික අයිතිවාසිකම් සීමා කිරීම හෝ නව නීති පැනවීම..මේවා වනාහි ලංකාවේ 1978 මුල් ව්‍යවස්ථාවෙන්ද, 18 වැනි සංශෝධනයෙන්ද, සිංගප්පූරුව, පකිස්තානය, මැලේසියාව, චීනය, රුසියාව, බෙලාරුස් වැනි රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින්ද ණයට ගත හැකි අදහස්වලින් පෝෂණය කරගත හැකි අපේක්‍ෂාවන්ය. ලංකාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදකයන් මේ දිනවල ‘ශක්තිමත් ආණ්ඩුවල ව්‍යවස්ථා’ අත්පොත් කියවමින් සිටිනවාට කිසිදු සැකයක් නැත. ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ තමන් ඉගෙනගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය නොවේ. බෙයිජිං සහ මොස්කව් මෙන්ම මිනිස්ක් විශ්වවිද්‍යාලවල උගන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. කියවනු ඇත්තේ ලොක්, ඩයිසි හෝ මොන්ටෙස්කියුගේ පොත් නොව, කෙල්සන්ගේ සහ කාල් ස්මීට්ගේ පොත්යෟ.‘ශක්තිමත් ආණ්ඩු’ සහ ‘ශක්තිමත් නායකයන්’ සතු ලොකුම දුර්වලතා කිහිපයක්ද තිබෙන බව තුලනාත්මක අත්දැකීම්වලින් පෙනේ. ඒවා සමහරක් මෙසේය..■  තමන්ගේම ශක්තිය, හැකියාව සහ අපරාජිතත්වය ගැන නායකයන් සතු අසීමිත, ඒ නිසාම අන්ධ, විශ්වාසය..■ රාජ්‍ය බලය පුද්ගලිකව තමන් වටා කේන්ද්‍ර කර ගැනීම සඳහා ඇති අසීමිත ආශාව..■ විවේචන සහ වෙනස් මත ඉවසීමේ හා ඒවාට ඉඩ දීමේ නොහැකියාව..■ විවේචකයා, වෙනස් මත දරන්නා සහ දේශපාලන එදිරිවාදියා ‘සතුරෙකු’ ලෙස සලකමින් දේශපාලන ලෝකය ‘මම/අපි’ සහ ‘සතුරා/සතුරන්’ යන කළු-සුදු කඳවුරු දෙකකට බෙදන ලෝක දෘෂ්ටියක් වැළඳගැනීම..■ ජාතියේ ඉරණම තමන්ගේ ඉරණම සමග අනන්‍ය කර ගැනීම.■ නායක වන්දනය ප්‍රවර්ධනය කිරීම සහ ‘භක්තිවන්තයන්’ මත පමණක් විශ්වාසය තැබීම..■  දේශපාලන බලය අතහැර සාමකාමීව ගෙදර යෑමට ඇති සියලු අවකාශ නැති කර ගැනීම..ජේ.ආර්. ජයවර්දන සහ ආර් ප්‍රේමදාස යන ජනාධිපතිවරු මෙම සියලු දුර්වලතා වැළඳගෙන සිටියහ. මහින්ද රාජපක්‍ෂ මහතාද 2009න් පසුව එම මාවතට පිවිසියේය. 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීම එතුමාගේ දෛවෝපගත වාසනාවක් නිසා සිදුවූවක් බව පෙනේ. එසේ නොවූවා නම්, එතුමාට සිදුවන්නට බොහෝ විට ඉඩ තිබුණේ අවුරුදු 15ක් එක දිගට ජනාධිපතිවරයාව සිටීමේ අතිශයින්ම නිෂේධනීය ප්‍රතිවිපාකවලට මුහුණ දීමටයි..ලංකාවේ වර්තමාන පරම්පරාවේ දේශපාලනඥයන්, පාර්ලිමේන්තු ක්‍රමයේ ඇති ඉතාම වැදගත් පාඩමක් ඉගෙන නැතිව සිටිති.  එය නම්, ‘ආණ්ඩු බලයේ සිටිය යුත්තේ අවුරුදු 5කට වරක් පමණි’ යන්නයි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ව්‍යුහාත්මක වශයෙන් සකස් වී තිබෙන්නේ, පාලකයන් මහජනයාට එපා වීමේ කාලය, අවුරුදු පහක ඉහළ සීමාවකට භාජනය කරවමිනි. එය සාමකාමීව, ලේ වැගිරීම්වලින් තොරව, සමාජයට සහ පුරවැසියන්ට වේදනාව ගෙනදෙන්නේ නැතිව, පාලකයන් මාරු කිරීමේ අවස්ථාව ජනතාවට ලබා දෙන ලෝකයේ දැනට තිබෙන එකම ආණ්ඩුක්‍රම මාදිලියයි. මහජන වෛරයට පාත්‍ර නොවී, මහජනයාට එපාවීම යන විපාකය පමණක් සහිතව පාඩුවේ ගෙදර යාමට අසාර්ථක පාලකයන්ටද ඉඩ ලබාදෙන එකම ආණ්ඩුක්‍රම මාදිලියයි. සාර්ථක පාලකයන්ටද අසාර්ථක පාලකයන්ටද මහජනතාවටද සතුටුවීමට අවස්ථාව ලබා දෙන එකම ආණ්ඩුක්‍රමයද එයයි. මෙය 2020දී වෙනස් නොකරනු ඇත යන්න අප රටේ පුරවැසි අපේක්‍ෂාව විය යුතුය.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඑක රටක් තරාතිරම අනුව වෙනස් නීතියක්.Next articleවිකල්ප අවකාශය ‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම ■ මහාචාර්ය සසංක පෙරේරා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
උසස් පෙළට බාධා කරන්න සූදානම් වූබැසිල්ගේ වැඩ ලක්ෂය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.උසස් පෙළට බාධා කරන්න සූදානම් වූ.බැසිල්ගේ වැඩ ලක්ෂය.By ලසන්ත රුහුණගේ.February 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.අසාර්ථක රැලියට.වේදිකාව වරාය අධිකාරියෙන්.වැට සෑදීම හා.විදුලි ආලෝක යුද හමුදාවෙන්.නියමිත දින වකවානු අනුව පසුගිය වසරේ අගෝස්තු මස පවත්වන්නට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය මෙම මස 07 වැනිදා ආරම්භ වූයේ තවදුරටත් එම විභාගය කල් නොදැමීමේ බලාපොරොත්තුව ඇතිවය. මෙසේ එම විභාගය දිනෙන් දින කල් ගියේ රට තුළ පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වන්නට නොහැකි වීම නිසාය. කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනීම දිනෙන් දින වැඩිවීමේ තත්වය තුළ එම විභාගය මේ මොහොතේ හෝ පවත්වන්නට හැකිවීම ළමයින්ගේ පැත්තෙන් යම් අස්වැසිල්ලකි. එම විභාගය කල් දැමීම සඳහා අදාළ හා අදාළ නැති හැම එකටම උසාවි යන නාගානන්ද කොඩිතුවක්කු ගත් උත්සාහය වෙනම කතා කළ යුතු පිස්සුවකි..එම පිස්සුවට නොදෙවෙනි තවත් පිස්සුවක් උසස් පෙළ විභාගය ආරම්භ කර තුන්වන දිනය වූ පෙබරවාරි 09 වැනිදා ක්‍රියාත්මක කරනු ලැබුයේ ආණ්ඩුව කරවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ඒ ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳර සමඟ පූට්ටු කරන ලද බැසිල් රාජපක්ෂගේ වැඩ ලක්ෂයක් නම් වූ ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණය හෙවත් සල්ගාදු ක්‍රීඩාංගණයේදී විභාග කාල වේලාව තුළ ආරම්භ කරමින්ය..මෙම සමාරම්භක උත්සවය නිසා එම සල්ගාදු ක්‍රීඩාංගණය අවට ඇති විභාග මධ්‍යස්ථාන 7කට අයත් විභාග ශාලා 34කට බලපෑම් එල්ලවිය හැකි බව ඊට පෙරදින මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා ශ්‍රේණිධාරි විදුහල්පති සංගමයේ ලේකම් එස්පී සේරසිංහ රට දැනුවත් කිරීම මගින් උසස් පෙළ සිසුන්ට සිදුවීමට ගිය බාධාව යම් පමණකින් අඩුවුවද එය සම්පූර්ණයෙන්ම මඟ හැරී තිබුණේ නැත. ඔවුන් ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාද දැනුවත් කර තිබුණි..වැඩ ලක්ෂයේ සමාරම්භක උත්සවයේ රැස්වීම නිල වශයෙන් පස්වරු 2ට ආරම්භ වී ඇතත් ඊට අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර එදින පස්වරු 1 සිට ක්‍රියාත්මක වී ඇත. නමුත් එදින උසස් පෙළ විභාගය අවසන් වී ඇත්තේ පස්වරු 3.15ටය. තාක්ෂණ විෂයන් සහ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රවලට එදින විභාග ශාලාවල ළමයින් මුහුණ දී ඇත..විභාගයක් නැතත් පාසලක්, රෝහලක්, දේවස්ථානයක් ආදි තැන්වලදී මහමඟ ගමන් කරන වාහනවලට මාර්ග සංඥා මගින් දැනුම් දෙන්නේ නළා නොහඬවන ලෙසය. එක්වරක් හෝ දෙවරක් හඬවන නළාවකින් පවා එම ස්ථානවල කටයුතුවලට බාධාවක් ඇතිවේ යන්න ඒ මගින් කියවේ. විශේෂයෙන්ම වසර 13ක කාලයක් කැප කිරීම් කිරීමෙන් පසු එළැඹෙන පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක විභාගය වන උසස් පෙළ විභාග අවස්ථාවකදී ශබ්දවාහිනී මගින් එක දිගට ඇසෙන දේශපාලනඥයින්ගේ නිසරු කෑමොරදීම් විභාගයකට කොතරම් බාධා ඇති කරනු ඇත්ද යන්න අමුතුවෙන් තේරුම් කරදිය යුතු නැත..කල් ගොස් අමාරුවෙන් ආරම්භ කළ උසස් පෙළ විභාග අවස්ථාවේ අනුරාධපුරයේ විභාග මධ්‍යස්ථාන රාශියක් වටකරගත් ස්ථානයකට ගොස් මේ ආකාරයේ රැස්වීමක් පැවැත්වීමෙන් පාලක රාජපක්ෂ ආණ්ඩුව පෙන්නුම් කළේ එක්කෝ ඔවුන්ට එවැනි දේ දැනෙන්නේ නැති බවය. නැත්නම් දැනි දැනිත් ඔවුන්ට ඕනෑ දේ කරන බවය. එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපතිවරයාද අගමැතිවරයාද සහභාගිවීමෙන් පෙන්නුම් කළේ එයය..කෙසේ වෙතත් නිවන්තකචේතිය විද්‍යාලය, මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, සහිරා විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය හා කේබී රත්නායක විද්‍යාලය යන ස්ථානවල පිහිටි විභාග මධ්‍යස්ථානවල විභාගයට මුහුණ දුන් 4000කට ආසන්න සිසුන්ට සිතූ තරම් හානියක් කිරීමට හැකිවී නැත. ඒ එම රැස්වීම සඳහා පැමිණි බස්රථ ගාල් කරන ලද ක්‍රීඩාංගණයේ සිට පෙළපාලියෙන් ගමන් කිරීමේ ඔවුන්ගේ සැලසුම් සෙනඟ මදිවීම නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසාය. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ කැඳවා තිබුණද ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගිවූ එම රැස්වීමට පැමිණ ඇත්තේ 5000කටත් අඩු පිරිසක්ය. වෙනදා සල්ගාදු පිටියේ රැස්වීමක් පැවැත්වීමේදී ඒ අසලින් වාහනයකින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උදාවුවද මෙම රැස්වීමේදී ඒ අසලින් වාහනවලින් ගමන් කිරීමේ හැකියාව හොඳින්ම තිබී ඇත. මේ ප්‍රායෝගික තත්වයන් අපට කියාපාන්නේ රාජපක්ෂවරුන්ගේ මෙම සෙල්ලම්වලට ලැබෙමින් පවතින මහජන ප්‍රතිචාරය පිළිබඳ කාරණාවමය..එහෙත් විභාග වේලාවෙන් පසු උසස් පෙළ සිසුන් යළි අපහසුතාවට පත්වී ඇත. ඒ කිලෝ මීටර් 10-12 දුර ගෙවා අනුරාධපුරයේ එම විභාග මධ්‍යස්ථානවලට ආ සිසුන්ට නැවත නිවෙස් වෙත යෑමට නොහැකි තත්වයන් උදාවී තිබීමය. ඒ සිසු සැරිය සඳහා යොදවා තිබූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස්රථද විශාල සංඛ්‍යාවක් එම රැස්වීම වෙනුවෙන් යොදවා ගෙන තිබීම නිසාය. මේ තත්වය දැන සමහර දෙමාපියන් ත්‍රීවීල් ආදි පෞද්ගලික ප්‍රවාහන ක්‍රම සිය දරුවන් රැගෙන යෑමට සූදානම් කර තිබී ඇතත් සමහරුන්ට එසේ කිරීමේ හැකියාවක් තිබී නැත. ඒ නිසාම සිය නිවෙස්වලට යෑමට සවස 5-6ත් අතර කාලයේ පවා අනුරාධපුර නගරයේ සිටින උසස් පෙළ දරුවන් දැකගත හැකිවී ඇත..අසාර්ථක වූ මෙම දේශපාලන සංදර්ශනය සඳහා වේදිකාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ලබාගෙන තිබෙන අතර ක්‍රීඩාංගණය වටකර වැටවල් සෑදීම හා විදුලි ආලෝක කටයුතු යුද හමුදාව මගින් සිදුකර ඇත. දේශපාලන ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් ලෙස මෙම කටයුතු හැඳින්විය හැකි වුවද ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඒ සඳහා සහභාගිවීම හා එම සැණකෙළිය රාජ්‍ය කටයුත්තක් ලෙස නිල වශයෙන් හැඳින්වීම නිසා රාජපක්ෂවරුන්ට එයින් බේරීමට හැකිය..කෙසේ වෙතත් උසස් පෙළ විභාගය අවස්ථාවේ සිදුකළ මෙම දේශපාලන ව්‍යාපෘති සමාරම්භක සැණකෙළිය අපට නැවත නැවතත් හේත්තු ගන්වන්නේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ චාරයක් නැතිකම මිස අනෙකක් නොවේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනාවික හමුදාවට කිව්වාට වැඩක් නෑ.අපේ මත්ස්‍ය සම්පත ඉන්දියාවට දෙන්න එපා උතුරේ ධීවරයෝ හඬනගති.Next articleව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරමු.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම.By ගාමිණි වියන්ගොඩ.April 7, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡුාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට කෙටිකතාවක් නොවේ. විටෙක අපේ ප‍්‍රබුද්ධ යැයි සැලකෙන කෙටිකතාකරුවන් අතින් පවා ලියැවෙන සාමාන්‍ය කෙටිකතාවකි. කෙසේ වෙතත්, සමලිංගිකත්වය සමබරව සහ සංකේතීයව නිරූපණය කිරීමට ඔහු සමත්ව තිබේ. එයින් පෙනී යන්නේ, යම් ආකාරයක විනයක් කතුවරයාට ඇති බවයි. එක තැනක, සිද්ධාර්ථ සහ යසෝධරාගේ ලිංගික සබඳතාවයේ ස්වභාවය සහ රාහුල ගැන මහායානයේ කියැවෙන අර්ථකථනයක් ද, අතුරු කතාංශයක් වශයෙන් ඇතුළත් කර තිබේ..මේ කෙටිකතාවේ ප‍්‍රධාන චරිතය, භික්ෂුවක් වශයෙන් ‘සදහම් සේනාවට’ සම්බන්ධව සිට පසුව උපැවිදි වූ පුද්ගලයෙකි. කතාව ගෙතෙන්නේ උපැවිදි වූ දා පටන් ය. මේ කතාවේ තැනක ඥානසාර හාමුදුරුවන් ගැන කියැවෙයි. ‘‘තමුසෙලා පිටරට සල්ලි අරං, හිටපු කොටි නායකයන්ගේ පවුලවල උදවියට ගෙවල් හදනවා කියන්නේ ඇත්තද?’’ යනුවෙන් ඥානසාර භික්ෂුව ප‍්‍රශ්න කරයි..‘බුදුන්ගේ රස්තියාදුව’ ගැනත් කියැවෙයි. ‘රාජ්‍ය නොවන සංවිධානයක’ වැඩ කරන ලොයිඞ් අයියා කෙනෙකුත් සිටී. මේ සියලූ සිදුවීම්, එනම්, ‘සදහම් සේනාව’, ඥානසාර හිමි, ‘බුදුන්ගේ රස්තියාදුව’ සහ ‘රාජ්‍ය නොවන සංවිධාන’ යනාදිය අපේ වත්මන් සංවාද අවකාශයේ ආන්දෝලානාත්මක ප‍්‍රපංචයන් ය. මේ කාරණය මා මුලින්ම මෙසේ සඳහන් කරන්නේ, දැන් මේ කතුවරයාට එරෙහිව නැගී සිටින පිරිස කුලප්පුවට පත්කෙළේ, ආගමකට අපහාස කෙරෙන කිසි නිශ්චිත සිදුවීමක් නිසා නොව, අර කී සමස්තය විසින් ගම්‍යාර්ථ කරන සමාජ ආකල්පය පිළිබඳව පැන නැගුණු ජනප‍්‍රිය ක්‍රෝධයෙන් ඇවිස්සී ගිය නිසා බව කීමට ය..මේ තරුණ පුද්ගලයා භික්ෂුවක් වශයෙන් සිටියදී නායක හිමියන්ගේ ලිංගික ආශාවන්ට යටව සිටි සැටියක් ව්‍යංගයෙන් ජනිත කෙරේ. ඊළඟට, උපැවිදි වූ පසු අර කියන ලොයිඞ් අයියාගෙනුත් ඒ දේම සිද්ධ වෙන බව, ව්‍යංගයෙන් කියයි. තවත් විදිහකින් කිවහොත්, පැවිදි ජීවිතයේදීවත්, ගිහි ජීවිතයේදීවත් මේ තරුණයාට නිදහසක් ලැබී නැති බව ය. ඒ මානය, මීට වඩා සාර්ථක කෙටිකතාවක් ලිවීම සඳහා පාවිච්චියට ගත හැකිව තිබූ අපූරු ‘අමුද්‍රව්‍යයක්’ බව මගේ විශ්වාසයයි..දැන් මේ ලේඛකයා ලබන 9 වැනි දා දක්වා පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. ඒ, ‘බුදු දහම රැුක ගැනීමේ යොවුන් පෙරමුණ’ නැමැති භික්ෂූන් වහන්සේලා පිරිසක් පොල්ගහවෙල පොලීසියට කරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාරව ය. පැමිණිල්ල වන්නේ, ‘බුදු දහමට නිග‍්‍රහ වන අයුරින් විවිධ නිර්මාණ පළකරමින් සිටීම’ ය..ඒ පැමිණිල්ල තුළ ශක්තික සත්කුමාරගේ කෘති ‘නිර්මාණ’ වශයෙන් පිළිගෙන තිබීම අගේ කටයුතු ය. ඒ වෙන දෙයක් නිසා නොව, අපේ විචාර කාරිය ඉන් පහසු කැරැුවෙන බැවිනි. එනම්, අප මේ කතා කරන්නේ, එක ආගමකට හෝ ජාතියකට හෝ විශේෂිත කණ්ඩායමකට හෝ විරුද්ධව ක්‍රෝධය වපුරන, ලේ කකියවන වාගාලාපයක් සම්බන්ධයෙන් නොවන බව ය. අප මේ කතා කරන්නේ, කෘතියක් සහ කතුවරයෙකු ගැන බව ය. නිර්මාණයක් ගැන බව ය..නිර්මාණකරුවෙකුගේ නිදහසක් ගැන බව ය. එබැවින් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යන්න වඩාත් නිශ්චිත සන්දර්භයක, එනම් කලාකරුවෙකුගේ ප‍්‍රකාශන වපසරිය තුළ තබා අපට සාකච්ඡුා කළ හැකිය..අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස දියුණු රටවලත් විටෙක සීමා කෙරේ. එක් අවස්ථාවක් වන්නේ යුද්ධ තත්වයක් ය. අනිත් අවස්ථාව වන්නේ, වාර්ගික සහ ආගමික කෝපය වැපිරීමේදී ය. ඒ හැරුණු කොට, පුද්ගල අපහාසය හෝ ආගමික සහ වාර්ගික අපහාසය පිළිබඳ සාමාන්‍ය නීති සෑම රටකම තිබේ. එබැවින්, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම දෙයක් කීමට කෙනෙකුට ඇති අයිතියක් වශයෙන් ගැනීමට ඉඩක් නැති බව කවුරුත් දනිති. එහෙත් අනිත් අතට, එම ප‍්‍රකාශයම, එනම් නිදහස යනු ‘ ඕනෑම දෙයක් කීමට ඇති අයිතියක් නොවේය’ යන්න, ඉතා භයානක අන්දමින් කලාකරුවාගේ නිර්මාණාත්මක ප‍්‍රකාශන අයිතිය සහ චින්තන අයිතිය උදුරා ගැනීමටත් බලධාරියෙකුට පහසුවෙන් පාවිච්චි කළ හැකි බව කොයි කවුරුත් දත යුතුය..මේ දෙක වෙන් කොට හඳුනාගත හැකි අවස්ථා දෙකක් දැක්වීමට මම කැමැත්තෙමි. 1939-1945 දෙවැනි ලෝක යුද්ධ සමයේ ජර්මනියේ, පෝලන්තයේ සහ තවත් තැන් කිහිපයක තනා තිබූ ගෑස් කාමරවල දමා හැට ලක්ෂයක් යුදෙව් ජනතාව සංහාරයට පත්කළ සිද්ධියක් තිබේ. මෙය, මුද්‍රිත සහ විද්‍යුත් ප‍්‍රකාශන හරහාත්, අතීත දත්තමය කාරණයක් වශයෙනුත්, තවමත් සජීවීව පවතින දස දහස් ගණන් අනේක ජීවමාන සාක්ෂි වශයෙනුත් මුළු ලෝකයා ඉදිරියේම පෙනෙන්ට ඇති සහ පිරිසිඳ දත හැකි සත්‍යයක් වශයෙන් පවතින සිද්ධියකි. ජාතියක් ඉලක්ක කරගෙන මිනිස් ඉතිහාසයේ කරන ලද ලොකුම විනාශය වශයෙන් සැලකෙන්නේ මෙම සිද්ධියයි. එම සිද්ධිය ප‍්‍රබන්ධයක් හෝ බොරුවක් යැයි අද ප‍්‍රසිද්ධියේ කියා සිටීම යුරෝපා රටවල සිර දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ, දියුණු රටවල ප‍්‍රකාශනයේ නිදහස සීමා කොට ඇති එක අවස්ථාවකි. ඒ අනුව, රටවල් කිහිපයක දක්ෂිණාංශික ජාතිවාදි දේශපාලඥයන් කිහිප දෙනෙක් පසුගිය කාලයේ ඒ රටවල හිරේට නියම වූහ..අනිත් අතට, ‘දෙවියන් මැරිලා’ යැයි ප‍්‍රසිද්ධියේ කීම මොනම වරදක් වශයෙන්වත් අද දියුණු ලෝකයේ සැලකෙන්නේ නැත. ඒ වනාහී, 15 වැනි සහ 16 වැනි සියවස්වල එම ප‍්‍රකාශය හෝ ඊට අඩු ප‍්‍රමාණයේ ප‍්‍රකාශයක් වුව ‘ආගමික අපහාසයක්’ වශයෙන් ගෙන දහස් ගණන් මිනිසුන් සහ ගැහැනුන්, ගිනිමැලයේ ලා පිළිස්සූ ජාතියක වර්තමාන දියුණුවයි. හෙවත්, ඉස්සර නොතිබුණු සහනශීල අවදියකට පල්ලිය සහ කිතුණු දහම අද ප‍්‍රවිෂ්ටව ඇති බවයි..ඊළඟට, පසුගිය දශකයක පමණ කාලයක් තිස්සේ බටහිර පල්ලිය නැමති සංස්ථාව තුළ සිදුවන ලිංගික අපයෝජනය පිළිබඳ චෝදනා ඉදිරියේ බිෂොප්වරුන් පමණක් නොව කාදිනල්වරුන්ද හිරේට ගිය අවස්ථා අපට අසන්ට ලැබුණි. යම් පූජකවරයෙකු සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් එල්ල වු වහාම එම සිද්ධිය අධිකරණය ඉදිරියට යාමට කලින් බොහෝ විට එම පුද්ගලයාව අද වාරණය කරන්නේ පල්ලියෙන්ම ය. ඔවුන් එසේ කරන්නේ, පල්ලිය නැමැති ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන් නූතන යුගයේ එවැනි දැඩි පියවර ගැනීම අත්‍යාවශ්‍ය වන නිසා බවට සැකයක් නැත. එහෙත්, අපේ පන්සල සම්බන්ධයෙන් තත්වය එසේ නොවේ. පන්සල එවැනි විවේචන නොඉවසයි. විචාරයට සහ විවේචනයට තමන්ගේ ධර්මය විවෘත බව කී එකම ශාස්තෘවරයා බුදුන් වහන්සේ ය. එබැවින්, ඓතිහාසිකව ගතහොත්, සහනශීලය (ඉවසීම* තිබිය යුත්තේ, පල්ලියට වඩා පන්සල තුළ ය. එසේ තිබියදී ඒ බුදුන් වහන්සේගේ ශ‍්‍රාවකයන් යැයි කියාගන්නා වර්තමානයේ සමහර භික්ෂූන් හැසිරෙන්නේ එම දේශනයට පිටුපාමිනි..ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා කරන මේ භික්ෂුන් එම කුලකයට අයත් පිරිසකි. බොහෝ විට එය, යම් ආධානග‍්‍රාහී දෘෂ්ටිවාදයක් මත සිදුවූ බවක් පෙනෙන්ට තිබේ. ඔවුන් බුදුන් වහන්සේගේ ‘කාලාම සූත‍්‍රය’ නොදන්නේ නම් හෝ චිංචිමානවිකාව බුදුන්ට කළ අපහාස ඉදිරියේ උන්වහන්සේ හැසිරුණු සහනශීල (ඉවසන සුළු* වෘතය නොදන්නේ නම්, අඩු වශයෙන්, ‘මම ඔබ කියන දෙය පිළිනොගනිමි. එහෙත් එය කීමට ඔබට ඇති අයිතිය දිවි හිමියෙන් රකිමි’ යැයි, නූතන යුරෝපා ප‍්‍රබුද්ධ ව්‍යාපාරයේ විශිෂ්ඨයෙකු වූ වොල්තෙයාර් කියා ඇති අදහසේ මනෝඥ බවවත් දැන ගත යුතුව තිබුණි..ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා ගොනු කිරීමට බලධාරීන් ‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ මේ අවස්ථාවේ ප‍්‍රයෝජනයට ගෙන ඇත. ලංකාව එම ප‍්‍රඥප්තියේ පාර්ශ්වකරුවෙකු වන බැවින් එසේ කිරීමේ හැකියාව බලධාරීන්ට තිබේ. එහෙත් මේ ලේඛකයාට දඬුවම් කිරීම බලධාරීන්ගේ උවමනාව නම්, මේ විශ්ව ප‍්‍රඥප්තියට නොගොස්, එය අපේ දණ්ඩනීති සංග‍්‍රහයේ 291 (ආ* යටතේ කළ හැකිව තිබුණි. ඒ වගන්තිය මෙසේ ය:.‘‘.. ආගමික හැඟීම් කෙලසීම සඳහා, ඒකාන්ත සහ ද්වේෂ සහගත අදහසින්, භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණවලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුත්තේය.’’.එහෙත් පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ බලය ඉක්මවා යමින්, මෙය ඉහත කී ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ පැවරීමට තීරණය කොට තිබේ. මෙය, සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුගේ අමනෝඥ ක‍්‍රියාවක් නම්, ඊට පරිපාලනමය විසඳුම් සෙවිය හැකිය. එහෙත්, අපේ විශ්වාසය වන්නේ එම තීරණය ඉහළම දේශපාලන බලාධිකාරයකින් පැමිණි එකක් බවයි. ඒ බලාධිකාරය, යම් වාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදයකින් සජ්ජිත ය..එම ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව පවරන නඩුවකදී ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් පමණි. එහෙත් චූදිතයා ඉදිරිපත් කොට ඇත්තේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ය. මහේස්ත‍්‍රාත් අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැත. මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඊළඟ නඩු වාරය ලබන 9 වැනි දාට නියම කොට ඇත. ඒ දවස වන විට මහාධිකරණය සති දෙකක පමණ නිවාඩුවකට ගොසිනි. එහි අදහස වන්නේ, තව මාසයක්වත් ඇප ලබා ගැනීම සඳහා බලා සිටීමට ලේඛකයාට සිදුවන බව ය..කරුණු එසේ වෙතත්, මේ කියන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ අරමුණ වන්නේ පුද්ගලයාගේ සිවිල් සහ දේශපාලනික අයිතීන් ආරක්ෂා කර දීම මිස දේශපාලනික හෝ ආගමික බලධාරීන්ට ඒ අයිතීන් පැහැර ගැනීම සඳහා අවසර පත‍්‍රයක් වීම නොවේ. එම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 19 වැනි වගන්තියේ මෙසේ කියැවෙයි:.‘‘බාධාවකින් තොරව තමන්ගේ අදහස් දැරීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය.’’.එහි තවදුරටත් මෙසේ කියැවෙයි: ‘‘සෑම පුද්ගලයෙකුටම ප‍්‍රකාශනයේ නිදහසට අයිතිය තිබේ. ඊට ඇතුළත් වන්නේ, තොරතුරු සහ සෑම ආකාරයකම අදහස්, කලා කෘතියක් හරහා හෝ තමා කැමති වෙනත් ඕනෑම මාධ්‍යයක් හරහා සොයා බැලීමට, ලබා ගැනීමට සහ බෙදාහැරීමට ඇති අයිතියයි.’’.දැන් අපේ සිත් තුළ මතුවන ප‍්‍රශ්නය වන්නේ, ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සඳහන් කරුණු එසේ නම්, මේ ප‍්‍රඥප්තිය යටතේ සක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනුණේ කෙසේද යන්නයි. එය එසේ වන බව පොලීසිය කියනවා ඇත්තේ, එම ප‍්‍රඥප්තියේ 20 වැනි වගන්තියේ මෙසේ සඳහන් වන නිසා විය හැකිය: ‘‘අසාධාරණයකට, එදිරියකට හෝ ප‍්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම තහනම් කෙරේ.’’.දැන් අප සොයා බැලිය යුත්තේ, අසාධාරණයකට හෝ එදිරියකට හෝ ප‍්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් මේ කෙටිකතාව තුළින් සිදුව ඇත්ද යන්නයි. රාහුලගේ පියා සිද්ධාර්ථ නොවේ යැයි කීම, උසිගැන්වීමකට හේතුවක් වශයෙන් කෙනෙකුට ගත හැකිද? එසේ නම් ‘දෙවියන් මැරිලා’ යැයි කීම ඊට වඩා උසිගැන්වීමක් විය නොහැකිද? කෙසේ වෙතත්, එය එසේ යැයි අපි මොහොතකට සිතමු. එහෙත් මේ වරද සිදුවීමට නම්, එවැනි උසිගැන්වීමක් විය හැකි, ‘ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමක්’ ද ඒ සමග එකට සිදුවිය යුතුව තිබේ. මේ නීතිය අදාළ වන්නේ එවැනි තැනකදී පමණි. මන්ද යත්, මෙතැනදී මූලිකව තහනම් කෙරෙන්නේ, ‘ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම’ වන බැවිනි. ඉහත කී වගන්තියේ බලාත්මක වාක්‍යාංශය එයයි. ඉතිං, සක්තික සත්කුමාරගේ කෙටිකතාවේ ‘ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම’ සිදුවන්නේ කුමන වචනයකින්, කුමන වාක්‍යයකින් හෝ කුමන ෙඡ්දයකින් ද?.කලාව පිළිබඳ සාමාන්‍යයෙනුත්, කලාව තුළ පරිකල්පනයට හිමි තැන ගැන විශේෂයෙනුත් දැන සිටීමක්, පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන් අපට බලාපොරොත්තු විය හැකි නොවේ. (කලා රසික, කලාකාමී පොලිස් නිලධාරීන් මෙරටේ සිටින බව මෙයින් බැහැර නොකෙරේ*. එහෙත් ‘ආගමික’ යන වචනය තිබූ පමණින්, ‘උසිගැන්වීම’ යන වචනය තිබූ පමණින්, මේ කියන වගන්තිය සක්තික සත්කුමාරගේ කෙටිකතාවට වලංගු නොවන බව නම් මේ පොලිස් නිලධාරියා වටහා ගත යුතුව තිබුණි. එහෙත් ඉහතින් කී බලාධිකාරිය ඔහුට ඊට ඉඩක් නොදෙන්නට ඇති..කෙසේ වෙතත් මේ කෙටිකතාව, ඉහත සඳහන් අර්ථයෙහි ප‍්‍රතිපාර්ශ්වය, එනම් ආගමික වෛරය නොව, ආගමික ආදරය පෙරදැැරිව ලියූවක් බවට, අවශ්‍ය නම්, මීට වඩා පහසුවෙන් කෙනෙකුට තර්ක කළ හැකිව තිබේ. බ‍්‍රහ්මචර්යාව භික්ෂූන් අරභයා අනිවාර්යයකි. මේ කෙටිකතාව තුළ, නායක ස්වාමීන් වහන්සේ මේ කියන තරුණ භික්ෂුව ලිංගික වශයෙන් භාවිත කිරීමේ බ‍්‍රහ්මචර්යා උල්ලංඝණය පිළිබඳ සමාජ මතයක් ඇති කිරීමම, ඒ දුශ්චරිතයෙන් පන්සල පිරිසුදු කර ගත හැකිව තිබෙන එක මාර්ගයකි. එය සාසනය කෙරෙහි තිබෙන ආදරය මිස අනාදරයක් වන්නේ කෙසේද?.කෙසේ වෙතත්, සාසන සංශෝධනය පිළිබඳ කාරණය මෙහිදී අපට වැදගත් නැත. අපට වැදගත් වන්නේ, ලේඛකයෙකුට, කලාකරුවෙකුට, මාධ්‍යවේදියෙකුට, චින්තකයෙකුට මෙන්ම වෙනත් ඕනෑම පුද්ගලයෙකුට, නිදහසේ සිතීමට, කීමට, ලිවීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට ඇති අයිතිය, නූතන මිනිස් ශිෂ්ඨාචාරය තුළ නොසැලෙන අයිතියක් වශයෙන් තිබිය යුතු බවයි. එසේ හෙයින් ශක්තික සත්කුමාරගේ අයිතිය සහ නිදහස වෙනුවෙන් අප කවුරුත් පෙළගැසිය යුතුව තිබේ.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතද? ප‍්‍රතිත‍්‍රස්ත පනතද?.Next articleපාසලකට තමන්ගේ නම දැමූ බාලාංශ මහඇමති.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ්.By සංස්කාරක.November 4, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..කොළොම්බියානු ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු ද වන හෙක්ටර් ඇබඩ් 70 දශකයේදී ලතින් ඇමරිකානු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී සාහිත්‍යය ප්‍රබෝධයට පසු නැගී ආ සාහිත්‍යධරයෙකු වේ. Angosta හා මෑතකදී ලියැවුණු El Olvido que Seremos (t. Oblivion: A Memoir) නවකතා ඔහු විසින් රචිත විශිෂ්ඨ කෘතීන් අතරට අයත්ය..හෙක්ටර්ගේ පියා වෛද්‍යවරයෙකු හා ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ අතර සිවිල් යුද සමයේදී දක්ෂිණාංශික පැරා මිලිටරි කණ්ඩායම් විසින් හෙක්ටර්ගේ පවුලේ උදවිය විනාශකර දැමුණි. Oblivion: A Memoir කෘතියේ හෙක්ටර් සිය ජීවිතය පුරා අත්විඳි සිදුවීම් වල මතකය ගොනුකර ඇත..කොළොම්බියාවේ වාමාංශික කැරලිකරුවන් අවසන් කරන ලද සටනේදී පුද්ගලයින් 260,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්කරමින් මිලියන 7 කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි කළ අන්දම ගැන මෙහි සඳහන් කර ඇත..ඔහුගේ නවතම කෘතිය වන The Farm තුළ ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටරි කණ්ඩායම්, යුද හමුදා සෙබළුන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරට මැදිව ජීවන අරගලයට මුහුණදුන් කොළොම්බියානු පවුලක් ගැන සටහන් වී ඇත. ලා ඔක්ලුටාවේ අවසන් උරුමකරුවන් වන පිලාර්, ඊවා හා අන්තෝනියෝ ඒන්ජල් ප්‍රචණ්ඩත්වයෙන් හා  වෛරයෙන් ඇවිලී ගොස් තිබූ සිය අතීත ජීවිතය ගැන සිහිපත් කරන අන්දම චිත්‍රණය කර ඇත...ඔබේ නවතම කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ කුඩා කල හැදී වැඩුණු කොළොම්බියාවද ?.ඔව්, මං හැදී වැඩුණු කොළොම්බියාව ගැන මෙහි සනිටුහන් වී තිබෙනවා. උස් කඳු මුදුන් වලින් ගහණ වී තිබෙන මේ රට ලෝකයේ සුවිශේෂී කලාපයන්ගෙන් එකක්. මේ කලාපයේ නිමා නොවෙන උණුසුම් කාලයන් වගේම සීත කාලයන් ද නැහැ. මේ පරිසරය පුරා ඒකාකාරී බවක් දිස්වුණත් අතිශය ආකර්ශණීය වගේම හරිත පැහැයක් වසර පුරාවටම දැකගන්න හැකිවෙනවා. ඒ සුන්දරත්වයත් සමගින්ම ප්‍රචණ්ඩත්වය මෙන්ම භූමියේ අයිතිය සම්බන්ධයෙන් ද දැවැන්ත අරගලයක් දියත් වෙනවා..මේ කලාපය පීඩනයට හා තර්ජනයට ලක්වෙන පාරාදීසයක් වගෙයි. භූමියේ හිමිකරුවන්ගෙන් එල්ල වන පීඩනයට ගොවීන්ට මුහුණදෙන්න වෙනවා. ඒවගේම භූමිය අයිති මිනිස්සුන්ට ගරිල්ලා සටන්කරුවන්ගේ පීඩනයට හසුවෙන්න සිදුවෙනවා. ගරිල්ලා කණ්ඩායම් වලට පැරාමිලිටරි පිරිස් වල තර්ජනයන්ට මුුහුණදෙන්න සිදුවී තිබෙනවා. පැරා මිලිටරි කණ්ඩායම් වලට මත්ද්‍රව්‍ය අලෙවිකරන අයගේ තර්ජනයන් වලට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඉන්න සමහර දෙනා ගරිල්ලා සටන්කරුවන් වී සිටි අයයි. මේ හැමදේම අවබෝධ කරගැනීම අතිශය අසීරු තත්ත්වයක් වෙනවා වගේම ප්‍රචණ්ඩත්වය පැමිණියේ කොහෙන්ද යන්න පවා කිසිම කෙනෙකු දන්නේ නැහැ. ඉතිං, රාජ්‍යය යන්න අතිශය දුරස්ථ, දූෂිත හා නොපැමිණි දෙයක් බවට පත්වී තිබෙනවා....මේ නවකතාවට පදනම් වී තිබෙන පවුලේ කතාව ඒ සමයේදී දිවිගෙවූ පවුල් වල කතාවන්ට සමාන වුණු ඒවාද ?.කොළොම්බියානුවන්ගෙන් 1 % ක පමණ ප්‍රමාණයක් අතිශය පෝසතුන් විදියට දිවිගෙවද්දී පුරවැසියන්ගෙන් අඩක්ම දුප්පත්කමින් හෝ දුප්පත්කමේ අඩියට පත්වී දිවිගෙවනවා. මේ කෘතියේ නිරූපණය කර තිබෙන ඒන්ජල් පවුල වගේ මා නියෝජනය කරන්නෙත් 49 % ක් වූ අනෙක් ප්‍රමාණය වන අතර මේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයයි..මේක මධ්‍යම පංතියේ දිවිපෙවත පදනම් කරගත් නවකතාවක්  වගේම බොහොමයක් පාඨකයින් ද මධ්‍යම පාංතිකයින් ද වෙනවා. දැවැන්ත පෝසතුන් බවට පත්වී තිබෙන පිරිස් වගේම අතිශය දුප්පතුන් විදියට දිවිගෙවන අය හිතන්නේ එක් දෙයක් ගැන විතරයි, ඒ වැඩි වැඩියෙන් ධනය උපයා ගැනීම හෝ පවතින මිල මුදල් සුරක්ෂිත කරගැනීමයි...ඔබ රචනා කළ The Farm නවකතාව ලියැවී තිබෙන්නේ පැතිකඩ කීපයකින් යුතුවයි. මේකට හේතු වුණේ මොකක්ද ?.එක් තැනැත්තෙකු මුහුණදුන් අත්දැකීම් නැත්නම් එකම යථාර්තය විවිධාකාරයෙන් විස්තර කරන බහුත්වවාදී නවකතාවන්ට මං දැඩිව ඇළුම් කරනවා. සහෝදරයින් තිදෙනෙකුගේ හඬවල් ඉදිරිපත් කරමින් එකම කතාව එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉදිරිපත් වී තිබෙනවා..සාදයක් ගැන එකිනෙකා කතාකරන්නේ එය ඔවුන් දුටුව ආකාරය අනුව බවට වූ කියමනක් ස්පාඤ්ඤ ජනසමාජයේ පවතිනවා. සමහරු නටනවා, සමහරු නටන්නේ නැහැ, සමහරු ගොඩක් කතාකරනවා, තවත් සමහරු ගොඩක් මත්පැන් බොනවා, අනික් අය නිකං ඔහේ බලාගෙන ඉන්නවා පමණයි..ඉතිං, සාදයකදී කන බොන, සතුටුවෙන නැත්නම් සාදය නිසා අසතුටට පත්වෙන විවිධාකාර මිනිස්සු වගේ නවකතාවකදීත් මේ හැමදෙනාටම ඉඩක් ලබාදෙන්න අවශ්‍ය වෙනවා...කොළොම්බියානු ගැටුමත් සමග ඔබේ පියා අහිමි වීමත් සමග ඒ වාතාවරණය හමුවේ ඊට මුහුණදීම ඔබට අතිශය අසීරු වුණාද ?.මේ නවකතාවේ නිරූපණය කර තිබෙන අන්දමේ මෙන් වූ ගොවිපොළක් මටත් තිබුණා. මගේ සොහොයුරියට හා මට එය උරුම වුණේ මගේ පියාගෙනුයි. ඔහු ඝාතනය වුණාට පස්සේ ඒ ගොවිපොළ අප්‍රාණික පූජා වස්තුවක් බවට පත්වුණා..ගෙදර ජීවයෙන් පිරීගියේ හරියට ඔහුත් එතැන කොටසක් වී හිටියා වගෙයි, තාත්තගේ මතකය එක්ක බැඳුණු වෙනස්ම විදියේ සම්බන්ධයක් සහෝදර සහෝදරියන් එකිනෙකා තුළ රැඳී පැවතියේ කොහොමද කියන දේ මට අවබෝධ කරගන්න හරිම අසීරු වුණා..මේ හැමෝටම හිටියේ එකම තාත්තා කෙනෙක්, හැමෝම දැනගෙන හිටියේ එකම ගෙදරක් වුණත් හැමෝම ඒ ගැන දැක්කේ එකම විදියට නෙමෙයි. රටක් විදියට ගත්තත් නැගුණේ එකම එක ප්‍රශ්නයක්  විතරයි, ඔයාගේ තාත්තව මැරුවේ කවුද ?, ඔයාගේ සහෝදරයව මැරුවේ කවුද ?. ඔහුව ඝාතනය කළේ ගරිල්ලා කණ්ඩායම් නම් ඒ ගැන හිතන්නේ එක විදියකට, ඔහුව මරාදැමුවේ පැරා මිලිටරි කණ්ඩායම් නම් ඔබ හිතන්නේ තවත් විදියකටයි. ඉතිං මේ හැමදෙනාම හිතන විදියට හිතන්න නවකතාකරුවෙකුට සිද්ධ වෙනවා වගේම මේ සිද්ධි වල ගොදුර බවට පත්වූවන්ගේ මනස තුළ සිරගත වෙන්නත්, මේ සිදුවීම් වල ගොදුරක් බවට පත්නොවී ජීවත්වෙන්න වාසනාව ලැබූවන්ගේ හිතට දැනෙන දේවල් ගොනුකරන්නත් සිද්ධ වෙනවා..වසර ගණනාවක් පුරා රට අභ්‍යන්තරයේ ගැටුම් පැවතුණු රටක් මේ හැම බාධාවකටම මුහුණදෙමින් යළි නැගී හිටින්නේ කොහොමද ?.ගැටුම් අවසානයේදී දැඩි අවිශ්වාසයක් හා අනෙකා ගැන දැඩි අමනාපයක් ඉතිරි වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, ගරිල්ලා කණ්ඩායම් හෝ පැරා මිලිටරි කණ්ඩායම් නිසා මේ හැම වේදනාවක්ම අපිට අත්විඳින්න සිද්ධ වුණු බව අවසානයේදී දැනෙන්න ගන්නවා. නුරුස්නා ස්වභාවයෙන් ඉන්න රටක් හැමවිටම දැඩි ගැටුම් අද්දර ඉන්නවා. මේ ගැටුම් මතකයේ රැඳී තිබිය යුතු බව ඒ ගැන කතාබහ කරන බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙන නමුත්, මගේ අදහස වෙන්නේ ඒ අඳුරු මතකය අමතක කර දැමීමේ හැකියාව අප සතු විය යුතු බවයි. ඩේවිඩ් රිෆ් කිව්වා වගේ ‘හැමවිටම හැමදේම මතක් කරන්න එපා‘ යන්නයි. බද්ධ වෛරයෙන් ජීවත්වෙන්න එපා, ඉදිරියට ගමන් කරන්න, හැමවිටම අතීතය හෝ අනාගතය දෙස බලන්න එපා, මේ මොහොතේ වඩාත් හොඳ දේ කුමක් දැයි හඳුනාගෙන ඒ තුළ ජීවත්වීමට උත්සහ ගන්න..කොළොම්බියාවේ ඉතිහාසගත මතකය යළි කැඳවීමේ කාර්යයේදී සාහිත්‍යයට සිදුකරන්න හැකිවෙන කාර්යභාරය මොකක්ද ?.නවකතා යනු කතා ඝන බවට හැරවීමේ යන්ත්‍ර වන බව මගේ විශ්වාසයයි. ඉතිහාසය එහි  බිම්කඩවල් හා අනුරේඛාවන් ශේෂ කරන නිසා රටක ඉතිහාසගත කරුණු ගොවිපොළක් හරහා චිත්‍රණය කරන්නට හැකිවෙනවා. යුද්ධය නිමාවට පත්වුණත් එහි අළු තවමත් සැගවී තිබෙනවා. ගාර්ෂියා මාකේස් සිය නවකතා හරහා චිත්‍රණය කළ සමූලඝාතයන් මගින් ඉතිහාසය පුරා සිදුවූ සමූලඝාතනයන් ගෙනහැර පෑවා. එවෙලියෝ රොසෙරෝගේ කෘතීන් තුළ නිශ්චිත නමක් නැතිව සඳහන් කර තිබෙන සන්නද්ධ කණ්ඩායම් ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටිරි කණ්ඩායම් හෝ සාමාන්‍ය සෙබළුන් විය හැකියි. ජුආන් ග්‍රාබ්‍රියෙල් වස්කෝස්ගේ කෘතීන් වල සඳහන් කර තිබෙන ජර්මානු සම්භවයකින් පැවත එන යුදෙව්වන් දෙවන ලෝක යුද්ධයේදී නාසි පාලන සමයේදී මෙන් සැලකුම් ලබාතිබෙනවා. ලිංගික එක්වීම අනෙක් හැම ඉච්ඡාභංගත්වයකටම ආදේශකයක් බව සන්තියෝගේ ගැම්බෝආගේ කෘතීන් වල ගැබ්වී තිබෙනවා.  මගේ  Oblivion කෘතියේදී යහපත් මිනිසෙකුගේ ඝාතනය මගින් සංකේතවත් කර තිබෙන්නේ ගොදුරු බවට පත්වූ අහිංසකයින් ඝාතනයට ලක්වීමයි. නවකතා මගින් අපට, අප ගැනම අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා වගේම එකිනෙකා ගැන අවබෝධ කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා...කුඩා දුවා, දරුවන්ට කියැවීමට සුදුසු යැයි ඔබ නිර්දේශ කරන කෘතිය මොකක්ද ?.ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ Pippi Longstocking හෝ Robinson Crusoe කෘතියයි. Pippi Longstocking  කෘතිය කියවන පුංචි දැරිවියන්ට විශේෂයෙන්ම තමන් අතිශය ශක්තිසම්පන්න, දිරියවන්ත හා ස්වාධීන පිරිසක් බව වටහාගන්නට හැකිවෙනවා. කිසිවෙකුගේ උදව් උපකාර ලබානොගෙන තමන්ට තනිවම වුවත් ලෝකයක් ගොඩනැගිය හැකි බව Robinson Crusoe කෘතිය කියවන පුංචි දරු දැරියන්ට වැටහෙනවා. අහම්බයකින් වුණත් නැව් අනතුරකට මුහුණදුන්නු කෙනෙකුට නොමැරී ජීවත්වීමේ හැකියාව තිබෙනවා..ඔබ අවසන් වරට කියවූ විශිෂ්ඨතම කෘතිය මොකක්ද ? එය විශිෂ්ඨ කෘතියක් බව දැනෙන්න හේතුවුණේ මොනවගේ කරුණුද ?.යුවල් නෝආ හරාරිගේ Sapiens: A Brief History of Humankind කෘතියයි. ප්‍රබන්ධ මගින්  විවිධ සමාජ තලයන් වගේම මිනිස්සුන්ගේ විවිධාකාර අවධීන් එකට ගෙනහැර දක්වනවා යන පිළිගැනීම මට නැවුම්ව දැනුණා. ඔහු බොහොම බුද්ධිමත්, ශක්තිසම්පන්න හා අතිදක්ෂ ලේඛකයෙක්..මේ වෙද්දි ඔබේ පොත් මේසයේ පසෙකින් තබා තිබෙන පොත් මොනවද ?..මගේ බිරිඳත් එක්ක එකතු වෙලා මෙඩලින්හි අන්ගොස්ටා වල පුංචි ප්‍රකාශන සමාගමක් මීට අවුරුදු දෙකකට කලින් ආරම්භ කළා. අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන කොළොම්බියානු ලේඛකයින්ගේ කෙටිකතා, නවකතා හා ප්‍රබන්ධ නොවන රචනා වගේම සම්භාව්‍ය ගණයේ නව පරිවර්තන ප්‍රකාශයට පත්කරන්න අවස්ථාව ලැබුණා. මේ අනුව වෝල්ටෙයාර්ගේ Candide කෘතිය වගේම ජෝසෆ් කොන්රඩ්ගේ Heart of Darkness ද පරිවර්තනය කළා. මේ සම්භාව්‍ය ගණයේ පරිවර්තන ද්විත්වය මගේ මේසයේ පසෙකින් තිබෙනවා. යුද්ධයේ අසාරත්වය, දුෂ්ඨකමේ අඳුරු බව වගේම ප්‍රචණ්ඩත්වය අපව කර්කශ ජීවිතයකට මෙන්ම  වෙනත් ඕනෑම තැනකට ඇද දමන්නට හැකි බව මේ කෘතීන් මගින් කියාදෙනවා..වින්ධ්‍යා ගම්ලත්...............Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසියඹලා ගහකට සෙවණ දුන් මිනිසෙක්.Next articleඅපි කරන නිර්මාණ පුංචි ළමයින්ට දෙන බෙහෙත් වගේ සරත් කොතලාවල.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජීවිත කාලයක් යනු නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජීවිත කාලයක් යනු නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද?.By ගාමිණි වියන්ගොඩ.May 31, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත් කලින් සිටි පරම්පරාවට ඒ ගැන නිර්ලෝභීව කෘතවේදී වීමට මට හැකිය. මා උපදින්නට කලින් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටට ලැබී තිබුණි. මගෙන් ඒ සඳහා කිසි වියදමක් හෝ වෙහෙසක් වැය වී තිබුණේ නැත. ඒ ගැනත් අපේ මුතුන්මිත්තන්ට ගෞරවය පිරිනැමිය හැකිය. කෝල්බෘක්-කැමරන් ප්‍රතිසංස්කරණවල සිට ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට එන විට අපේ රටට සර්වජන ඡන්ද බලය ලැබුණි. ඉතිං, මා ඉපදුණේ, වයස සපිරුණු දවසක ඡන්දය පාවිච්චි කළ හැකි සර්ව-ජන ඡන්දදායකයෙකු ලෙසිනි..මා උපදින්නට කලින්, එතෙක් තිබුණු දෙයක් නැති කරගෙන සිටියේ උඩරට දෙමළ ජනතාව පමණි. 1949 දී, එතෙක් ඔවුන්ට තිබුණු ඡන්ද බලය ඩී. එස්. සේනානායක විසින් උදුරාගෙන තිබුණි. සිංහලයෙකු නිසා ඒ සිද්ධිය මට කෙලින්ම බලපෑවේ නැතත්, යම් තරමකට හෝ එය පිළිසකර කරගැනීමට එම ජනතාවටත් මේ රටේ ප්‍රගතිශීලි ජනතාවටත් තවත් දශක ගණනාවක් ගත විය..එසේ වෙතත්, ලංකා ඉතිහාසය ආපස්සට තල්ලු කරන එම සිද්ධිය, මේ රටේ සියලු සුළු ජාතිකයන් සම්බන්ධයේ අනිටු පෙරනිමිත්තක් මෙන් විය. ඒ සමගම එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන අවුරන පෙරනිමිත්තක්ද විය. ඡන්ද බලය අහිමි කිරීමකින් නොව, ඊට වඩා ආත්මීය වශයෙන් පැවති ජාතික සහ සංස්කෘතික උරුමයන් දෙමළ ජනතාවගෙන් උදුරාගැනීමේ ව්‍යායාමය ඉන්පසු ඇරැඹිණ. එම ජනතාව තවමත් අරගල කරන්නේ, ඉතිහාසය පුරා ඔවුන්ට තිබුණු, එහෙත් පසුව නැති වුණු ඒ අයිතීන් ලබාගැනීමටයි..තීරණාත්මක 70 දශකය.ඔවුන්ගේ ඒ මහා කතාව අස්සේ, දකුණේ වෙසෙන සිංහල අපටත් 70 දශකයේ සිට ආරම්භ වුණේ, තිබෙන දේවල් නැති වන කලදසාවකි. ඒ දශකය පටන්ගත්තේ කැරැල්ලකිනි. එතෙක් තිබුණු සරල රාජ්‍ය යන්ත්‍රය වෙනුවට එතැන් පටන් දත් විලිස්සන රුදුරු රාජ්‍ය යන්ත්‍රයක සම්ප්‍රාප්තිය ඇරැඹුණි. රාජ්‍යය යනු, මර්දනය සඳහා පහසුවෙන් පාවිච්චියට ගත හැකි සුහුරු මෙවලමක් විය යුතුය යන අදහස සමාජගත වීම ඇරැඹුණි. උතුරේ කැරලිකාරී නැඟිටීම එය කූටප්‍රාප්තියට ගෙනාවේය..ආපස්සට හැරී බලන විට, අපේ ජීවිත කාලය මේ දක්වා ගෙවී ඇත්තේ තිබුණු දෙයක් යළි ලබාගැනීමේ අරගලම සඳහා නොවේද යන ප්‍රශ්නය ඒ අනුව නිතැතින් මතුවෙයි. අලුත් දේවල් සොයාගත යුතුව ඇති නූතන යුගයක, නැති වූ පරණ දේවල්ම සොයා ගැනීමට කාලය යෙදවීමට සිදුවීම මොන තරම් අභාග්‍යයක්ද යන්න සිතට නැඟෙයි. ඒ දීර්ඝ ඉතිහාසය ගැන දුක්බර කතාවට නොයමින්, මේ කල්පනාව මගේ සිතට ආවේ මෑත භාගයේ ඇති වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිසා මේ ලිපිය යොමුවන්නේ ඒ ගැනයි..තනි පුද්ගලයෙකු ඒකාධිපතියෙකු නොකරන ජනරජවාදී ආණ්ඩුක්‍රමයක් 1978 දක්වා අපට තිබුණි. එහෙත්, ඒ ක්‍රමය වෙනුවට තනි පුද්ගලයෙකු රජ කරවන ක්‍රමයක් ගැන කැමැත්තක් හිටිහැටියේ අපට ඇති විය. එය දීර්ඝ කාලයක් තිස්සේ ජේ. ආර්. ජයවර්ධන තුළ තිබුණු ආශාවකි. අප කෙළේ, ඔහුගේ ආශාව අපේ ආශාවක් බවට පෙරලා ගැනීමකි. දැන් ඔබ ගණන හදන්න: අවුරුදු 44 ක් තිස්සේ එම ක්‍රමය නැති කරගැනීම සඳහා මේ වන විට අප වැය කොට ඇති මුළු කාලය යනු අපේ ජීවිත කාලයෙන් සිදු කරගත් නාස්තියක් නොවන්නේද? තියෙන දේවල් නැති කරගැනීම අප පටන්ගත්තේ එතැනිනි. එදා සිට ව්‍යවස්ථා සංශෝධන 20 ක් මේ වන විට අප ලියා තිබේ. එයින්, දෙකක් හැරුණුකොට අනිත් සියල්ලම පාහේ, අර කියන ඒකාධිපතියා නඩත්තු කිරීම සඳහා ඇති කරගත් සංශෝධනයි. ඒ වර්ගයට නොවැටෙන්නේ සහ ඒ ඒකාධිපතියා දමනය කිරීම සඳහා අප පනවාගෙන ඇත්තේ 17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන දෙක පමණි..දැන් ඒ දෙක උදාහරණයට ගන්න: 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එසේ පිළිසකර කරගත් සියල්ල 2005 රාජපක්ෂ පවුල බලයට පත්වීමෙන් පසු ආපස්සට හැරවුණි. ඒ මොන පාරේ යමින්ද? ජේ. ආර්. ජයවර්ධන ගිය පාරේම යමිනි. 17 වැනි සංශෝධනය බල රහිත කොට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔවුන් ගෙනාවේ ඒ අනුවයි. නැවතත් තනි මිනිසා රජෙකු වීම ඇරැඹුණි. ඉන්පසු, 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව නැවතත්, අර කී නැති වූ දෙය ලබාගැනීම සඳහා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. එහි ආයු කාලය අවුරුදු 4 කට සීමා වුණි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ වහාම එය අහෝසි කොට, ඔහු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. ඒ, අර රජතුමා නැවත සිංහාසනාරූඪ කරවීමට ය..පාස්කු බෝම්බය පරමානුවකි.පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය අපේ වර්තමාන හැරවුම් ලක්ෂ්‍යය විය. ජාතිය බේරාගනිමින්, ‘කන්න නැතත් ඉන්න රටක්’ ලබාදෙන අලුත් ගැලවුම්කරුවෙකු සිංහල ජනතාවට අවශ්‍ය විය. එතෙක් කල් දේශපාලනඥයන්ට කළ නොහැකි වූ හාස්කම්, ‘නිර්-දේශපාලනික’ යැයි කියන, කිසි දවසක පාර්ලිමේන්තුවක තියා ගම් සභාවකවත් අත්දැකීම් නැති පුද්ගලයෙකු ලවා කරවා ගැනීමට ජනතාවට අවශ්‍ය වුණි. 69 ලක්ෂයක් ඒ මායා බන්ධනයට හසු වූහ. එතෙක් පැවති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කොට, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂලා ගෙනාවේ ඒ මායාබන්ධනයේ අනුහසිනි. එය, ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවටත් උඩින් ගොස් ඒකා-අධිපති කරවන සංශෝධනයකි. එපමණක් නොව, ඇමරිකානුවෙකුට පවා ලංකාවේ රජ විය හැකි ප්‍රතිපාදන එහි අඩංගු විය. ඒ අනුව, කපුටා නමින් අද පරසිඳු ඇමරිකානුවා මේ රටේ මහබැංකුවත්, මහභාණ්ඩාගාරයත් භාර ඇමතියා බවටත් පත්විය..ඊට කලින් 19 වැනි සංශෝධයටත්, ඊටත් කලින් 17 වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්දය පාවිච්චි කළ අයත්, මේ කියන 20 වැනි සංශෝධනයටත් පක්ෂව අත් එසවූහ. ජාතිහිතෛෂීයව, දේශප්‍රේමීත්වයෙන් යුතුව සිංහලකම වෙනුවෙන් මරාගෙන මැරෙන එවුන්ද ඒ අතරේ වූහ. අද උන් සියල්ලෝම තමන්ම ගෙනා ඒ 20 වැනි සංශෝධනය අහෝසි කරමින්, වරක් තමන් විසින්ම අවලංගු කරන ලද 19 වැනි සංශෝධනය නැවත ගෙන ආ යුතු යැයි කියති. මුන්ගේ වැරදි හරිගස්සාගෙන කලින් සිටිය පරණ තැනකට ආපසු එන්නට රටේ ජනතාව තමන්ගේ ජීවිත කාලයෙන් කොපමණ කාලයක් සහ ශ්‍රමයක් නාස්ති කරගත යුතුද?.අර 69 ලක්ෂයෙන් අතිබහුතරය අද ‘ගෝඨා ගෝ හෝම්’ කියති. ඉන් බොහෝ දෙනා එය කීමට තවම ගෝල්ෆේස් පිටිය තෝරාගෙන නැත. ඒ වෙනුවට ඔවුන් විවිධාකාරයේ පෝලිම් තෝරාගෙන තිබේ. ඒ පෝලිම්වල සිටින අතරේ, රටටම ඇසෙන සේ ඔවුහු තමන්ටම එසේ කියාගනිති. වැඩ සඳහා බැඳගත් යක්ෂයාගෙන් ගැලවීම රටේ ලොකුම ප්‍රශ්නය බවට අද පත්ව ඇත. ඉතිං, ඉබ්බන් කැස්බෑවන් තරම් දීර්ඝ කාලයක් ජීවත් නොවන අප, ලැබුණු කෙටි ජීවිත කාලයත් මෙසේ නාස්ති කරගන්නා මනුෂ්‍යයන් විය යුතුද?.රනිල් වික්‍රමසිංහ:අවලංගු කාසියකට වලංගුභාවයක් ලැබීම.යහපාලන ආණ්ඩුව නිසා වැඩියෙන්ම අසාර්ථකත්වයට පත් දේශපාලනඥයා වශයෙන් සනිටුහන් වුණේ රනිල් වික්‍රමසිංහයි. මේ රටේ ඡන්දදායකයන් වැඩියෙන්ම දඬුවම් කෙළේ ඔහුටයි. ඒ කෙතෙක්ද යත්, ඔහුද ඇතුළු ඔහුගේ පක්ෂයේ එක පුද්ගලයෙකුවත් පාර්ලිමේන්තුවට වැද්ද නොගන්නා තරමට ඔවුන් එකතු වී සාමූහිකව, ඔහුවත් ඔහුගේ පක්ෂයත් පරාජයට පත්කළෝය. අවුරුදු දෙකක් ගත විය. ඒ අන්ත අසාර්ථක යැයි තීන්දු කළ පුද්ගලයා රටේ අගමැති තනතුරට පත්කරගත යුතු යැයි පොහොට්ටුකාරයන් අද තීන්දු කොට තිබේ. එදා මහබැංකුව සොරාකෑවේ යැයි කී ඔහුට, දැන් මහබැංකුවත්, මහභාණ්ඩාගාරයත් යන දෙකම පාලනය කිරීමේ මුදල් අමාත්‍යාංශයත් භාර දී තිබේ. මෙය, මහබැංකුව නැවත සොරාකයිදැයි යන්න අත්හදාබලන අලුත් පර්යේෂණයක්ද, නැතහොත් එදා සොරාකෑවේ යැයි කී කතාව බොරුවක් යැයි තමනුත් පිළිගැනීමක්ද? ඒ දෙකෙන් කොයි එක වෙතත්, ඒ සඳහා අවුරුදු දෙකක් මෙසේ නාස්ති කරගත්තේ සහ විනාශ කරගත්තේ ඇයි?.දැන් අපි සිල්ලර කාරණාවලට යමු: අලුතෙන් පත් වූ බලශක්ති ඇමතිවරයා තමන්ගේ ප්‍රථම කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් යම් කාරණයක් ගැන සමාව ඉල්ලා සිටියේය. එනම්, යහපාලන ආණ්ඩුව කාලයේ මංගල සමරවීර අමාත්‍යවරයා පෙට්‍රල් මිල සම්බන්ධයෙන් හඳුන්වා දුන් ‘මිල සූත්‍රය’ ගැන එදා අපහාස මුඛයෙන් තමන් කතා කර තිබීම ගැන ය. මිල සූත්‍රයක් යනු රොකට් සයන්ස් නොවේ. පෙට්‍රල් මිල ලෝක වෙළෙඳපොළේ මිල දර්ශකයට අනුකූලව යම් කාල සීමාවක් ඇතුළත දේශීය වෙළෙඳපොලේදී යාවත්කාලීන කළ යුතු බව එහි අදහසයි. එහි ආර්ථික තාර්කිකත්වය අවබෝධ කරගැනීමට වසර හතරකටත් වැඩි කාලයක් කා දමන පුද්ගලයෙකු රටේ ආර්ථිකයේ මර්මස්ථානයක් බඳු බලශක්ති අංශය මෙහෙයවීමට තරම් සුදුස්සෙකු වන්නේ කෙසේද? 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා දැන් වැඩි කර ඇති මුදල රුපියල් 82 කි. මේ ඇමතිවරයා ඊයේ කියා ඇති පරිදි, එම වැඩි කිරීමෙන් පසුව පවා, එකී පෙට්‍රල් ලීටරයකින් තවත් රුපියලක් ආණ්ඩුවට පාඩුයිලු. ඉතිං, රුපියල් 82 කින් ඊයේ වැඩි කළ ලීටරය ඇයි දෙයියනේ රුපියල් 83 කින් වැඩි නොකළේ! හෝඩියේ පංතියේ ළමයෙකුට පවා තේරෙන තර්කණයක් පවා මොවුන්ට මෙලෙසින් මගහැරෙයි නම්, මීට වඩා සංකීර්ණ කාරණා සම්බන්ධයෙන් ඔවුන් කෙසේ වැඩ කරනු ඇත්දැයි අපට සිතාගත හැකිය..ඥානක්කා, වෘත්තීය වේශයෙන් සහ මහණ වේශයෙන්.මිනිස්සු තමන්ගේ පාඩුවේ ගොවිතැන් කරගෙන සිටි කාලයක් තිබුණි. කිසි විද්‍යාවක් හදාරා නැති ගෝඨාභය රාජපක්ෂ, එක් ළමා fදාස්තර කෙනෙක් සහ මහණ කෙනෙක් සියලු විද්‍යාවන්හි පරතෙරට ගොස් සිටිතැයි විශ්වාස කෙළේය. ඥානක්කා කෙරෙහි ඔහු තැබූ විශ්වාසයට එය නොදෙවෙනි ය. ඉතිං, ඔවුන්ගේ බසට කන් දී, අර ගොවියන්ගේ ගොවිතැන් සියල්ල ගෝඨාභය රාජපක්ෂ කාබාසිනියා කෙළේය. එය වරදක් බව වටහාගැනීමට කන්න දෙකක්ම බලා සිටීමට ඔහුට සිදු විය. තව කන්න කිහිපයක්වත් ඉදිරියට එහි ආනිශංස රටට පල දෙනු ඇත. දැන්, ගොවියන් ඉල්ලන්නේ අලුත් දෙයක් නොව, එතෙක් තිබුණු රසායනික පොහොර ටිකයි. ගොවිතැන් කරගෙන යාමට අවශ්‍ය කරන ඉන්ධන ටිකයි..පෝලිම්වල සිටින දස දහස් ගණන් ජනතාව ඉල්ලන්නේ එතෙක් කල් තමන්ට ලැබුණු ගෑස් ටික, පෙට්‍රල් ටික සහ භූමිතෙල් ටික මිස අන් කවරක්ද? මේ කිසිවක් අලුත් දේවල් නොව, එතෙක් තිබුණු සහ මෑතකදී නැති වුණු දේවල් ය. පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක් දක්වා ඉහළ ගියත් ඒ මිලට පවා ඒවා ලබාගැනීමට මිනිස්සු පොරකති. ඒත්, ඒවා සැපයිය නොහැකිව පාලකයෝ දත්මිටි කති..රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්න (ඩොලර් හිඟය) පැනනඟින විට ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ සහාය පැතීම සාමාන්‍ය ක්‍රමයයි. එහෙත්, කිසි ආර්ථික විද්‍යාවක් නොදත් ගෝඨාභය රාජපක්ෂට, අජිත් නිවාඩ් කබ්රාල් යනු අර්ථශාස්ත්‍රයේ කෙලපැමිණි කෞටිල්‍ය කෙනෙක් විය. අපේ ඩොලර් ටික බිංදුවට හිඳෙන තෙක් මේ පුද්ගලයා, “කිසිවකට බිය නොවන්න, අපේම ඔසුවක් මම සොයා දෙමි” කියමින් ආණ්ඩුව ඇන්දුවේය. අද රට පුරා පැනනැඟී ඇති මහජන උද්ඝෝෂණ ජාතක කළ පියා ඔහු ය. (බාප්පා හෝ මහප්පා විය හැකි, පී. බී. ජයසුන්දර නමැති තවත් කෙනෙක්ද සිටී)..ආණ්ඩුවක් ගෙන යාමට ශක්තිමත් බදු පද්ධතියක් තිබිය යුතුය. තවත් විදිහකින් කිවහොත්, ආණ්ඩුවේ වියදම දැරිය හැකි වන තරමේ ආදායමක් ආණ්ඩුවකට තිබිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ සැණින් කළ පළමු කාර්යය වුණේ, එතෙක් තිබුණු බදු පද්ධතියෙන් විශාල කොටසක් අත්හැර දැමීමයි. එය, වෙස්සන්තර ජාතකයට සමාන ය. එයින්, මේ රටේ ධනපතියෝ ගොඩ ගියහ. ඒ අනුව, වසරකට රුපියල් බිලියන 500 කට අධික ආදායමක් ආණ්ඩුව අහිමි කරගත්තේය. එසේ අහිමි කරගත් ආදායම පියවාගැනීමට රුපියල් ටි්‍රලියන 3 කට අධික මුදලක් අලුතෙන් අච්චු ගැසුවේය. ප්‍රතිඵලය, අද ඔබ අත්දකින අහස උසට ගිය මිල ගණන්වලින් කියැවෙන අධි-උද්ධමනයයි. ගෝඨාභය රාජපක්ෂ ඒ සරල ආර්ථික විද්‍යා පාඩම අවබෝධ කරගෙන ඇත්තේ දැන් ය. ඒ නිසා, පරණ තිබුණු බදු පද්ධතිය යළි ඇති කරගැනීමට සිදුවන බව අලුත් අගමැතිවරයා හරහා ඔහු අපට සන්නිවේදනය කරවයි. යළිත් ඔහු මේ කරන්නට යන්නේ කුමක්ද? එතෙක් තිබුණු දෙයක්, වරක් නැති කොට, යළිත් ඇති කරගැනීමට බැලීමකි..එය පහසු දෙයක් නොවන බව පෙන්වීමට, සංකේතීය මානව සංසිද්ධියක් ගෙනහැර දැක්වීම යෝග්‍ය වෙතැයි සිතේ. උතුරේ සිය ගණන් අම්මාවරු තවමත් තමන්ගේ නැති වූ දරුවන් සොයති. සන්ධ්‍යා නමින් දන්නා දකුණේ ගැහැනියක් හිස මුඩු කරගෙන, තමන්ගේ නැති වූ සැමියා සොයයි. උතුරත් දකුණත් යන දෙකම, අලුත් දේවල් සොයනවා නොව, තිබී අහිමි වූ දේවල් වෙනුවෙන් තමන්ගේ ඉතිරි ජීවිත කාලයත් වැය කරනවා වැන්න. තවත් විදිහකින් කිව්වොත්, අප කවුරුත්, නැති වූ ශිෂ්ටත්වයක් යළි සොයමින් සිටින ජාතියක් බවට පත්ව ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleධීවර කර්මාන්තය බිමට සමතලා වෙලා යාත්‍රා 75%ක් මුහුදු යන්නේ නැහැ.Next articleදෙන්නෙක් එකතුවෙලායි කෑම එකක් අරගෙන කන්නේ ඉහළ යන ඉන්ධන මිල හමුවේ.පහළ වැටෙන ජීවිත.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
විශ්වවිද්‍යාලයේ අවසානය (ද)? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.විශ්වවිද්‍යාලයේ අවසානය (ද)?.By සංස්කාරක.August 19, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.නව ලිබරල් ආර්ථිකය ශීඝ‍්‍ර වශයෙන් සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලිය වටලමින් පවතින මොහොතක තවදුරටත් විශ්වවිද්‍යාලයට එහි සාම්ප‍්‍රදායික සුසමාදර්ශය (paradigm) තුළ පැවතිය හැකිද? මෙය විවාදසම්පන්න සේම ගැඹුරු පර්යේෂණයන්ටද තුඩුදිය හැකි ප‍්‍රස්තුතයක් හා ගැටලූවකි. කිසියම් ලෙසකින් විශ්වවිද්‍යාලයේ සාම්ප‍්‍රදායික භූමිකාව අවසානයකට පැමිණෙමින් තිබේය යන සාධාරණ උපකල්පනය මත පමණක් පදනම් වෙමින් මේ සාකච්ඡුාව ඉදිරියට ගෙනයමු..විශ්වවිද්‍යාලය යනු කුමක්ද? 1802 තරම් ඈත වකවානුවකදී විශ්වවිද්‍යාලය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කළ ජෝන් හෙන්රි නිව්මෑන් මෙසේ දක්වා තිබේ. ‘විශ්වවිද්‍යාල යනු විශ්වීය දැනුම උගන්වන ස්ථානයකි. මෙයින් හැඟවෙන්නේ එහි පරමාර්ථය වන්නේ වන්නේ දැනුම අභිවර්ධනය කිරීමට වඩා දැනුම බෙදාහැරීම හා විස්තාරණය කිරීම පිළිබඳවය. එහි පරමාර්ථය විද්‍යාත්මක හෝ දාර්ශනික සොයාගැනීම් වූයේ නම් විශ්වවිද්‍යාලයක සිසුන් සිටිය යුතුයයැයි මම විශ්වාස නොකරමි.’ නිව්මෑන් අදහස් දැක්වූ කාලයේ සිට අද දක්වාම ‘පර්යේෂණ විශ්වවිද්‍යාලය’ (research university) සහ ‘ඉගැන්වීම් විද්‍යාලය’(teaching college)යන ද්වයම ක‍්‍රියාත්මක වී තිබේ..අමරිකානු විශ්වවිද්‍යාලයේ වර්තමාන තත්වය පිළිබඳ අදහස් පළකරන ජෝන් එන් හෝකින්ස් දක්වන ආකාරයට හාරදහසක් පමණ වන එරට උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන අතුරින් පර්යේෂණාභිමුඛ ආයතන ඇත්තේ 261ක් පමණි. මෙම විශ්වවිද්‍යාල ඉතා ඉහළ ගුණත්වයක් රඳවාගැනීමට උත්සාහ කරන අතර එ්වා සතු විය හැකි පොදු හා අත්‍යවශ්‍ය ලක්ෂණ ගණනාවකි. එ්වා නම්, පර්යේෂණ සඳහා කැපවුණු ඉහළ ගුණත්වයක් සහිත විද්වත් මණ්ඩලය, ඉහළ ගුණත්වයක් සහිත ශිෂ්‍ය පිරිස, සහයෝගශීලී බුද්ධිමය වතාවරණය, පර්යේෂණවලට උපකාරීවන ඉහළ ගුණත්වයකින් යුතු ආධාරක, අරමුදල් ප‍්‍රතිපාදනය සහ දැක්මක් සහිත උපකාරශිලී නායකත්වයි. මෙම කරුණු හය සාම්ප‍්‍රදායික අරුතින් පර්යේෂණ විශ්වවිද්‍යාලයක පැවැත්මට අවශ්‍ය වන බව ඔහුගේ මතයයි. එය එක් අතකින් ප‍්‍රභූතලයේ පර්යේෂණ විශ්වවිද්‍යාලයක ආකෘතිය වශයෙන් ගිනිය හැක. උසස් අධ්‍යාපනය අද වන විට ප‍්‍රභූමය දැනුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක සිට විශාල පිරිස්වලට අධ්‍යාපනය සපයන මධ්‍යස්ථාන බවට පරිවර්තනය වෙමින් තිබේ. එහිදී විශ්වවිද්‍යාලයේ සමාජීය භූමිකාව, විශේෂයෙන්ම එහි පර්යේෂණ කාර්යභාරය සහ දැනුම විස්තාරණය කිරීමේ භූමිකාව ශීඝ‍්‍ර‍්‍ර වෙනසකට භාජනයවී තිබේ. සම්භාව්‍ය අර්ථයෙන් පර්යේෂණ විශ්වවිද්‍යාලය පැවති සමය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැමිණි ඉතා සීමිත කාලයයි. එම කාලය ‘විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව ප‍්‍රීතිමත් අරාජික සමයක්’ බඳුය. එහිදී ඉගැන්වීම හා පර්යේෂණ කාර්යයෙහි නිරතවීම සම්බන්ධයෙන් බුද්ධිමය මණ්ඩලයට අසීමිත නිදහසක් හා ස්වායත්තතාවයක් පැවතී ඇත. එහෙත් ඇමරිකාව තුළ මෙම තත්වය 1970 දශකයේදී ශීඝ‍්‍ර වෙනසකට භාජනය වෙයි. එහිදී දැනුම් ප‍්‍රජාව වෙනුවට ව්‍යාවසායී ප‍්‍රජාවක් බිහිවීම ඇරඹුණි. උසස් අධ්‍යාපන ආයතන රාජ්‍ය හිමිකාරීත්වයෙන් පෞද්ගලික හිමිකාරීත්වයටත්, ශාස්ත‍්‍රීය අධ්‍යාපනයෙන් ව්‍යාවසායකත්ව අධ්‍යාපනයටත්, අධ්‍යාපන පීඨයෙන් වෙළෙඳපළ ඉලක්්ක කරගත් පර්යේෂණ කිරීමටත් විතැන්වීම සිදුවන්නේ මේ කාල වකවානුවේදීය. එසේම විශ්වවිද්‍යාල හා කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය අතර පවතින සබඳතාව 1980 දශකය වන විට ඉහළ අඩියකට පත්වුණි. විද්‍යාව, තාක්ෂණවේදය, ඉංජිනේරු සහ ගණිතය ආදි ක්‍ෂෙත‍්‍රයන් පෞද්ගලික ව්‍යාවසායන් සමඟ සම්බන්ධ වෙමින් තමන්ගේ පර්යේෂණවල දිශානතිය එම කර්මාන්ත සංවර්ධනයේ දිශානතිය බවට පත්කර ගනී. විශ්වවිද්‍යාලවල පැවති ශාස්ත‍්‍රීය හා පර්යේෂණ භූමිකාව මුළුමනින්ම ව්‍යාපාරික හා සමාගම් ක්‍ෂෙත‍්‍රයේ අණසකට යටත් වුණු අතර සියලූ පර්යේෂණාගාර රාජ්‍ය හිමිකාරීත්වයෙන් පෞද්ගලික හිමිකාරීත්වයට විතැන්විය. අවසානයේදී, 1980 දශකය තුළ ඇමරිකානු ව්‍යවසායක විශ්වවිද්‍යාලය තවදුරටත් වාණිජකරණයට ගොදුරු විය. එම නිසා ශාස්ත‍්‍රීය පර්යේෂණයන්ගේ ප‍්‍රතිමානයන් වාණිජ්‍ය ව්‍යුහයේ බලපෑමට ලක්විය. එසේම විශ්වවිද්‍යාලයක පැවතිය යුතු ‘විවෘතභාවය’ හා ‘සමාජීය සංවේදීතාව’ ආදි සාරධර්ම විශ්වවිද්‍යාලය තුළින් අතුරුදහන් විය..විශ්වවිද්‍යාලය යනු අද දවසේ සමාගම් හා ව්‍යාපාරික ආයෝජනයන්ගේ බලපෑම්වලට ලක්ව සිය අනන්‍යතාව අහිමිකරගත් ආයතනයක් බව බටහිර රාජ්‍යයන්වල සිදුකෙරෙන පර්යේෂණවලින් පෙනීයයි. දැනුම/ඉගෙනුම/සමාජය/ආර්ථිකය යන ක්‍ෂේත‍්‍රයන් අතර විශ්වවිද්‍යාල භූමිකාව ශීඝ‍්‍රයෙන් දෝලනය වෙමින් පවතී. විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රීය පරිපාලනයට වෙළෙඳපළ සිදුකරන බලපෑම විෂය ක්‍ෂේත‍්‍රයන්ගේ ස්වාධීනත්වය(disciplinary autonomy) සඳහාද බලපෑම් කරයි. ව්‍යවසායක විශ්වවිද්‍යාලය, කර්මාන්ත ක්‍ෂේත‍්‍රය හා රාජ්‍යය යන තුන් හවුල මඟින් සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාලයේ සාරය එයට අහිමිකොට තිබේ. එය නව ලිබරල් ආර්ථික රටාවේ ගෝලීය බලපෑම් ක්‍ෂේත‍්‍රය මඟින් සිදුකරන ලද පරිවර්තනයකි. මූලිකවම ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප‍්‍රමුඛ පර්යේෂණ විශ්වවිද්‍යාල දක්නට නොලැබෙන මුත් ‘ඉගැන්වීම් විද්‍යාල’ යන අදහස එම පද්ධතියේ ආරම්භයේ සිටම පැවත තිබේ. නව ලිබරල් ආර්ථික බලපෑම නිසා අද ලංකාවේ විශ්වවිද්‍යාලද සිය සාම්ප‍්‍රදායික සීමාවන් පිළිබඳ යළි සිතා බලන තත්වයකට තල්ලූවී තිබේ. විශ්වවිද්‍යාලවල පවතින සාම්ප‍්‍රදායික විෂයමාලාව හා වෙළඳපළ අතර පවතින සබඳතාව ප‍්‍රශ්න කෙරෙමින් පවති. එසේම, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන අරමුදල ආදි ගෝලීය මූල්‍ය ආයතන තුළින් ප‍්‍රතිපාදන ලබන තත්වය තුළ විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීමේ හා ඉගෙනුම් ක‍්‍රියාවලිය වෙළෙඳපළාභිමුඛව පරිවර්තනය කිරීමට එයට බලකෙරී තිබේ. සාම්ප‍්‍රදායික විෂය අනන්‍යතාව ගිලීහි ඇති අතර ප‍්‍රායෝගික තාක්ෂණයන් උගන්වන කාර්මික විද්‍යාල ආකෘතියකට විශ්වවිද්‍යාල නැඹුරු කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙනෙයි. එසේම, ‘රැුකියාවක නිරත කරවිය හැකි’ උපාධිධරයෙකු බිහිකිරීම අද දවසේ ප‍්‍රධානතම ඉලක්කයක් වශයෙන් විශ්වවිද්‍යාලය මතට පැටවී ඇත. මෘදු කුසලතා, පරිගණක දැනුම, ඉංග‍්‍රීසි භාෂා හැකියාව ආදියට විෂයමාලාව තුළ වැඩි ඉඩක් වෙන්කිරීමට සිදුවී තිබේ..මෙලෙස බටහිර විශ්වවිද්‍යාලය නව ලිබරල්වාදයේ සහ සමාගම් හා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ බලපෑම තුළ සිය සාරය අහිමිකර ගනිද්දී ගෝලීය පරිධියේ ඉගැන්වීම් ආයතන වශයෙන් ක‍්‍රියාත්මක වන අපගේ විශ්වවිද්‍යාල පද්ධතියද එහි අනන්‍යතාව රැකගැනීම හා පැවැත්ම තහවුරු කරගැනීම සඳහා වන අර්බුදයකට මුහුණදෙමින් සිටි. වෙළෙඳපොළ, අධ්‍යාපනය සඳහා පවතින අධික ඉල්ලූම හා රාජ්‍ය ප‍්‍රතිපාදන සම්පාදනයේ කප්පාදුව හමුවේ සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල(සරසවි)වල පැවැත්ම අස්ථාවර වෙමින් පවති. එමනිසා පැරණි සුසමාදර්ශයේ විශ්වවිද්‍යාලය හෙට දවසේදී තවදුරටත් දක්නට නොලැබිය හැකිවනු ඇත. එම අර්ථයෙන් විශ්වවිද්‍යාලයේ අවසානය මෙය විය හැකිය..අතුලසිරි සමරකෝන්.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජීවිතය සහ සිතුවිලි පින්සලෙන් අඳින්නේ කෙසේද ?.Next articleපේරාදෙණියේ පහරදීම සහ ‘‘පසුගාමී’’ දේශපාලනය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සුනාමි කුලුනු 77යි වැඩ නොකරන කුලුනු ගොඩයි | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සුනාමි කුලුනු 77යි වැඩ නොකරන කුලුනු ගොඩයි.By සංස්කාරක.January 4, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ ඇන්තනී වෙරංග පුෂ්පික.ලෝකයේ රටවල් එකොළහකට බලපෑම් කරමින් ජීවිත 2,81,998ක් අහිමි කළ සුනාමි ව්‍යසනය ඇති වී පසුගිය දෙසැම්බර් 26 වන දිනට වසර 17 කි. සුනාමියෙන් ලංකාවේ ද 39000කගේ පමණ ජීවිත රටට අහිමි විය. සුනාමිය මෙරට වෙරළ කලාපයෙන් 3/4 කට බලපෑ අතර එය දැඩිව බලපෑවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයටයි. සුනාමිය නිසා පුද්ගලයන් 4100ක් ද අතුරුදන් වී ඇත. දිස්ත්‍රික් 11 ක නිවාස 63472 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදු විය..සුනාමිය නිසා ආර්ථික සංවර්ධන වේගය 0.5 කින් අඩු විය. මෙය මූල්‍යමය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 900 -930 අතර ප්‍රමාණයක් බවට තක්සේරු කර ඇත. සුනාමි ව්‍යසනය නිසා ධීවරයන්ට වූ හානිය ද අතිමහත්ය. සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්ෂයකට අධික ප්‍රමාණයකට අහිතකර අන්දමේ බලපෑම් ඇති විය..විශේෂයෙන්ම ලංකාවේ වෙරළ පරිසරයට සුනාමියෙන් දැඩි බලපෑමක් ඇති විය. කොරල්, කඩොලාන, වැලිවැටි, කඩොලාන, කලපු හා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි හානියක් ඇති විය. ලවණ වගුරුබිම් හා දකුණු පළාතේ බොහෝ වෙරළබඩ ජලාශ හා කලපු සුනාමි රළ පහරින් ගෙන ආ අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ විය..සුනාමි තත්වයක් වළක්වාගත නොහැක නමුත් සුනාමි තත්වයකින් ඇතිවිය හැකි පුද්ගල හා දේපළ හානි අවම කර ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා පෙර සූදානමක් තිබිය යුතුය. සුනාමි අවදානමක් ඇති ලෝකයේ වෙනත් රටවල් තාක්ෂණය යොදා ගනිමින් රටේ ජනතාවටත් දේපලවලටත් ඇති විය හැකි හානිදායක තත්වයන් වළක්වා ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළ සකස් කොට ඇත..2004 දෙසැම්බර් 26 ලංකාවේ නැගෙනහිර වෙරළින් සුනාමි රළ පහර රටට ඇතුළු වනවිට දැන සිටියේ විහාරමහා දේවියගේ ඓතිහාසික කතා පුවත පමණි. ‘සුනාමි’ කියන වචනය දැනගත්තේද දින කිහිපයකට පසුය. එවැනි වූ ව්‍යසනයක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය. ඒ නිසාම රටට අහිමි වූ ජීවිත හා දේපළ හානිය හරියාකාරව තවමත් ගණනය කර නොමැත. නමුත් අද වන සුනාමි තත්වය පිළිබඳව හා එවැනි මොහොතක කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලිය. නැවත සුනාමිය ඇති නොවේ යැයි කිසිවෙකුට කිව නොහැකිය. මේ නිසා ඕනෑම එවැනි තත්වයකට සූදානමෙන් සිටිය යුතුය..ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති අතර ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය වටා අප්‍රිකානු භූ තැටියට ඉහළින් හිමාලයානු භූ තැටිය ද දකුණින් ඇන්ටාටික් භූ තැටිය ද පිහිටා ඇත. මෙම භූ තැටි මායිම් සැලකූ විට ලංකාව තුළ අඩු භූ චලන හට ගැනීමේ ප්‍රවණතාවක් සහිත සීමාවක පිහිටා ඇතත් භූ විද්‍යාඥයින් පවසන පරිදි ශ්‍රී ලංකාවට දකුණුදිග මුහුදු සීමාවේ ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය කොටස් දෙකකට වෙන් වෙමින් පවතී. එය එතරම් ලංකාවට හිතකර තත්වයක් නොවේ..පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහාචාර්ය සී. බී දිසානායක පවසන්නේ ලංකාවට දකුණු ගිනිකොන දෙසින් කිලෝ මීටර් 300-400 අතර ප්‍රදේශයේ අලුතින් ඇති වී තිබෙන භූ පැල්ලම් නිසා එම ප්‍රදේශවල භූමිකම්පා බහුලව ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබෙන බවයි. ඒ පැල්ම මේ වන විට ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් පවතින අතර භූ ගර්භය අස්ථායි වී ඇත. භූ තැටිය වෙන්වන භූ පැල්ලම ලංකාවට කිලෝමීටර් 300ක් දුරින් තිබෙන නිසා එම ප්‍රදේශවල සිදුවන භූමිකම්පා හේතුවෙන් ලංකාවට ද සුනාමි ඇති වීමේ ඉඩකඩක් ඇති බවට සොයාගෙන ඇත..ශ්‍රී ලංකාව තුළ සිදුවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාව දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කාර්යයකි. මේ සඳහා චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය, ගුවන්විදුලි සන්නිවේදන ක්‍රමවේද, අන්තර්ජාල පහසුකම්, කෙටි පණිවිඩ සේවාවන්, දුරකතන පහසුකම් ආදි විවිධ ක්‍රමවේද ඔස්සේ පූර්ව අනතුරු ඇඟවීම් පණිවිඩ ආපදා ප්‍රතිචාර දක්වන්නන් හරහා මහජනතාවට සන්නිවේදනය කළ යුතුය. සුනාමි තත්වයක් නැවත ඇති වුවහොත් ලංකාව වැනි රටකට ඇති කළ හැකි බලපෑම අති මහත්ය..එවැනි සුනාමි තත්වයක් ඇති වුවහොත් ජනතාවට පූර්ව දැනුවත් කිරීම සඳහා ඇති එක් ක්‍රමවේදයක් වනුයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පද්ධතියයි. මුහුදුබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික් 14 ක් තුළ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු 77 ක් ස්ථාපිත කොට ඇත. එම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ස්ථාපිත සැටලයිට් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන පරිදි වූවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරියෙකු අපත් සමග පැවසුවේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධික මූල්‍යමය පිරිවැයක් දරන්නට සිදුවෙන බැවින් රට තුළ ස්ථාපිත කුලුනු 77 ම සැටලයිට් තාක්ෂණයෙන් ක්‍රියාත්මක නොවන බවයි..මේ නිසා එම කුලුනු පද්ධතිය ගුවන්විදුලි තරංග ඔස්සේ ක්‍රියාත්මක කරන බවයි. ගුවන්විදුලි තරංගවලින් ක්‍රියාත්මක වන විට සැටලයිට් තාක්‍ෂණයෙන් මෙන් වේගවත් ලෙස පණිවිඩ හුවමාරු නොවන බව එම කුලුනු භාරව සිටින නිලධාරීහු කියති..එමෙන්ම කුලුනු 77 න් බොහොමයක් මේ වන විට අක්‍රිය වී ඇති බව අප කළ සොයා බැලීමක දී අනාවරණය විය..ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු 8 ක් ඇති අතර ඉන් ක්‍රියාකාරී මට්ටමේ තිබෙන්නේ කුලුනු තුනක් පමණි. කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන කුලුනු 6න් තුනක්ම ක්‍රියාත්මක වන්නේ නැත. මන්නාරම දිස්ත්‍රික්කයේ තිබෙන්නේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු තුනකි. එම කුලුනු තුනෙන් මේ වන විට එක් කුලුනක් හෝ ක්‍රියාකාරී මට්ටමේ නැත. මුලතිව් දිස්ත්‍රික්කයේ ද තිබෙන කුලුනු පහම ක්‍රියාකාරී නැත..කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තිබෙන එකම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ද අක්‍රීය වී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන කුලුනු පහෙන් එක් කුලුනක ක්‍රියාකාරීත්වයක් නැත. එමෙන්ම ඇතැම් දිස්ත්‍රික් සඳහා තිබෙන කුලුනු ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි..ලංකාව කිසි දිනක ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව නැවත නැවත පෙන්වමින් සිටියි. සුනාමියේන් නැඟුණු අඳෝනාවන් අද බොහෝ දෙනෙකුගේ දෙසවනෙන් මැකී ගොස් ඇත. වසර 17 කට පෙර සිදු වූ ඒ අමිහිරි මතකය අද වන විට වසරේ එක් දිනක පවත්වන සමරු දිනයක් වී ඇත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජාති මාමකයන් ඉන්දියාවට නිරවුල්කර දීමට යන.ත්‍රිකුණාමල තෙල් ටැංකි.Next articleඅතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද?.එහෙම වුණොත් වැඩේ හරිද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
තුරඟ සන්නිය සහ වර්තමාන ලංකාව | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.තුරඟ සන්නිය සහ වර්තමාන ලංකාව.By සංස්කාරක.November 25, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක...ප්‍රවීණ නාට්‍යකරු සුගතපාල ද සිල්වා විසින් 1975 දී පරිවර්තනය කර, නිෂ්පාදනය කළ ‘තුරඟ සන්නිය’ නාට්‍යය වර්තමාන ලංකාව අත්විඳින තත්ත්වය පිළිබඳ කැඩපතක් අල්ලන බව අපගේ අදහසයි. තුරඟ සන්නිය හංගේරියානු නාට්‍ය රචක ජුලියස් හේ නාට්‍යකරුවාගේ “ද හෝස්” නාට්‍යයේ පරිවර්තනයකි. (Julius Hay’s The horse) තුරඟ සන්නිය නාට්‍යයට පාදක වන්නේ යමෙකු තනතුරකට පත් කිරීමෙන් ඇති වූ සිද්ධියකි. එම සිද්ධිය රෝම අධිරාජ්‍යයාගේ කාල වකවානුව තුළ ඇතිවුණ සිද්ධියකි..ජනසම්මත ආණ්ඩුවක් වූ රෝම රජය සීසර් පරම්පරාව ඔස්සේ ඒකාධිපති රජයකට ගමන් කරන අතර කලිගුලා නම් පාලකයා එය ඒකමතික පාලනයකට රැගෙන යයි. ඔහු එක අවස්ථාවක ඔහුගේ සිත ගත් අශ්වයකු කොන්සාල් තනතුරට පත්කරයි. මෙම සිද්ධිය පසුබිම් කරගෙන ජුලියස් හේ, ද හෝස් නාට්‍යය රචනා කරයි. නාට්‍යයට අනුව කලිගුලා අධිරාජ්‍යයා අශ්ව තරඟයකදී තමාට සෞභාග්‍යය ළඟා කළ ඉන්චිටේටස් අශ්වයා පුරෝහිත තනතුරට පත්කර ගනී. අශ්වයා පුරෝහිත වීමෙන් පසුව රෝමය උඩුයටිකුරු වෙයි. අශ්වයකු පුරෝහිත කරන කලිගුලා තමාට ඇති ශක්තිය වටහාගන්නේ මෙසේය..කලිගුලා: (තනියම පිවිස) මම චක්‍රවර්ති වෙමි. මම දෙවියා වෙමි. මම මට නමස්කාර කරමි. මම, මා පාමුල දූවිල්ලේ පෙරළෙමි. මොනවා? මම දූවිල්ලේ? මම චක්‍රවර්ති? දෙවියා? එහෙත් මා නොකරත් නම් එසේ කිරීමට කවර සුදුස්සෙක් වෙත් ද? මනුෂ්‍ය කාලකන්නීන්ගේ භක්තිය විසින් මා විස්තාරණය කළ යුතු ද? දෙවියන්ගේ භක්තියට මම සුදුසු වෙමි. එහෙත් නිශ්චිත එකම දෙවියා මම වෙමි. එසේය. තමාට නමස්කාර කරගැනීමට එකම සුදුස්සාත් මම වෙමි. අනිත් අතට මට නමස්කාර කිරීමට එකම සුදුස්සාත් මම පමණක් වෙමි. (25 පිටුව, තුරඟ සන්නිය).මෙසේ තමා ගැන කියා ගන්නා කලිගුලා වරෙක තමා දෙවියකුයැයි සිතමින් දෙවියන්ගේ පිළිමවල හිස් ගසාදමා තම හිස් ඒ කඳන් මත සවිකරන්නැයි අණකරයි. කලිගුලා අශ්වයා පුරෝහිත බවට පත්කළ පසු පුරෝහිත අශ්වයා නගරවැසියන්ගේ එකම සිහිනය බවට පත්වෙයි. අශ්ව භාණ්ඩවලින් වෙළෙඳපොළ පිරෙයි..සුරාසල් හිමියා: මෙන්න, නෝනාවරුනි මහත්වරුනි අලු‍ත්ම රෝමන් මෝස්තර. නවීන මාදිලියේ නාස් පටි හා කටකලියා සුරුවම්. ලාභයි- ලාභයි ඕනෑම පසුම්බියකට ඔරොත්තු දෙනවා. රිදී නම් රිදී- රත්තරං ඕන නම් රත්තරං. ඉල්ලන්න ඉල්ලන්න. නාස්පටි ලාභයි. කටකලියා ලාභයි. ඉන්චිටේටස් නාස් පටි හා සුරුවම්. (54 පිටුව, තුරඟ සන්නිය).නාට්‍යයේ කූටප්‍රාප්තිය වන්නේ කලිගුලා විසින් පුරෝහිත ඉන්චිටේටස් අශ්වයාට මිනිස් බිරිඳක සෙවීමට ගන්නා උත්සාහයයි. රෝමපුරයේ සියලු‍ දෙමාපියෝ තම දියණියන් ඉන්චිටේටස්ට විවාහ කරදීමට තරඟ වදිති. පෝනි ටේල්, හේෂාරවය, අශ්ව ගමන විවාහය අපේක්ෂිත තරුණියන්ගේ ජීවන විලාසිතා බවට පත්වෙයි. අවසානයේ දැඩි තරගයකින් පසු බැංකුපතියකුගේ දියණියක වන අමියානා ඉන්චිටේටස්ගේ බිරිඳ බවට පත්වෙයි. ඉන්පසු අශ්වයාගේ හිමිකාරිත්වය දරන සිලේනස් (රෝම නගරයට ආගන්තුක ගම්බද තරුණයා) අමියානා සමඟ සම්බන්ධ වන්නේ දේවත්වයට නැගූ පුරෝහිත අශ්වයාට රාත්‍රියේ මිනිසෙකු වීමේ ඇති හැකියාව පිළිබඳව පවසමිනි..අවසානයේදී කලිගුලාට පුරෝහිත අශ්වයාගේ බිරිඳට හිත යන අතර එම අවශ්‍යතාව වෙනුවෙන් කලිගුලා අශ්වයෙකුට අඳී. සිලේනස්ගේ උපක්‍රමයට අනුව එම අවස්ථාවේ කලිගුලා හොඳටම පහර කන අතර එම අවස්ථාවේ කුමන්ත්‍රණයකින් පුරෝහිත අශ්වයා මියයයි. කලිගුලා පහරකෑමත් සමඟ දිවයන අතරතුර ප්‍රේක්ෂාගාරයට මෙසේ පවසයි..කලිගුලා: (ප්‍රේක්ෂකයනට) මාව බේරගන්න, මාව බේරගන්න. මාව හංගන්න. මොකක්ද මං කරලා තියෙන වරද? මං අහන්නේ අධිරාජයෙක් වගේ නෙවෙයිද මං හැසිරෙන්නේ? මං වෙනස්ද? අධිරාජයෙක් නොකළ යුතු දෙයක් මං කළාද? (තවමත් ඈත ලු‍හුබඳිනවුනට) උඹලයි වගකියන්න ඕන. කාටත් ලැබෙන්නෙ ඒගොල්ලන්ට ගැලපෙන අධිරාජයෙක්. (ප්‍රේක්ෂකයන්ට) ඔහේ හිතනව ද ඔහේ වඩා හොඳ අධිරාජයෙක් වෙයි කියලා? නැත්නම් අධිරාජිනියක් වෙයි කියලා? (ලු‍හුබඳිනවුනට) ඒත් හිටපල්ලා, හිටපල්ලා. මං ආයෙත් සිංහාසනාරූඪ වනතෙක් හිටපල්ලා..(102 පිටුව, තුරඟ සන්නිය).ඒකාධිපතිවාදය, පුද්ගලාභිවන්දනය මත ගොඩනැගුණු විපරීත සමාජයක් පිළිබඳ උපහාසාත්මක ප්‍රකාශනයක් වන එය වර්තමානයේ අප අත්දකින යථාර්ථයට සමීප තත්ත්වයකි. ලංකේය ඉතිහාසය නිරීක්ෂණය කරන විට රටවැසියන් ලෙස කලිගුලන් සහ තුරඟ සන්නි නිර්මාණය කළ අවස්ථා පිළිබඳ බොහෝ සාධක අපට සොයාගත හැක. අප මේ අත්විඳින්නේ එක් තුරඟ සන්නියක කූටප්‍රාප්තියයි. පුද්ගලයකු ශිෂ්ට මිනිසෙකු කරන නූතනත්වය පිළිබඳ සංකල්ප පවා මගහැරෙමින්‍ වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් පිළිබඳ තවමත් සිහින දකින ලාංකිකයාට අනාගතයේ තවදුරටත් තුරඟ සන්නි නැරඹිය හැක..සියලු‍ විනෝද අවකාශ දියවී ගිය පසු රටක් ලෙස තමාටම සිනාසීමේ විපරීත, සංත්‍රාසික මොහොතකට අපි දැන් ළඟාවී සිටිමු. මේ ගෙවීයන්නේ අප විසින් නිර්මාණය කළ තුරඟ සන්නි දෙස බලා ඉන් වියුක්තව, තම හැකි පමණින් විනෝද වන අවස්ථාවකි. ලෝක ජනතාව මේ තුරඟ සන්නිය රසවිඳින්නේ ඔබෙන් වියුක්තව නොව ඔබද ඊට එකතු කරගනිමිනි. අවසාන වශයෙන් මිනිස් සමාජයක් ලෙස අප තවදුරටත් තුරඟ සන්නි නිර්මාණය කළ යුතුද?.‘මේ ක්‍රමයේ සැබෑ ශක්තිය රැඳීඇත්තේ අධිපතිවාදී පන්තියේ ප්‍රචණ්ඩත්වය තුළ නොවේ, රාජ්‍ය තන්ත්‍රයේ අන්තනෝමතික බලශක්තිය තුළද නොවේ. පාලකයන්ගේ ලෝක දෘෂ්ටිය පිළිගෙන ඊට අනුගතවන පුරවැසියා තුළය.’ : අන්තෝනියෝ ග්‍රාම්ස්චි.■.සුදත් අබේසිරිවර්ධන.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleශිශිරයේ පවා අදිසි ගිම්හානයක් මා තුළ තිබෙනවා.Next articleවිඥානය අතින් අන්තිම අඩියේ ඉන්නේ දේශපාලනඥයා: ඕෂෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
සංගීතය උපදින ආකාරය වචනයෙන් විස්තර කරන්න බැහැ උදාර සමරවීර | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.සංගීතය උපදින ආකාරය වචනයෙන් විස්තර කරන්න බැහැ උදාර සමරවීර.By සංස්කාරක.June 17, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..තරිඳු උඩුවරගෙදර.සංගීතය පොඩි කාලේ ඉඳන්ම ඇගේ තිබුණාද?.මම මුලින්ම කැමති වුණේ ශබ්ද පරිපාලන විෂයට. ඒ කාලයේ ලංකාවේ ඒවා ගැන ඉගෙනගන්න ඩිප්ලෝමා පාඨමාලාවක්වත් තිබුණේ නෑ. ලංකාවෙ මේ ගැන උගන්වන්න හිටපු දෙතුන්දෙනාගෙන් කෙනෙක් වන දිලූ‍ප් ගබඩාමුදලිගේ මහත්තයා යටතේ මම ශබ්ද පරිපාලනය ඉගෙනගත්තා. ඒ පාසල් කාලයේදීමයි. එහෙත් පාසලේ සංගීතය වෙනුවට ගණිත අංශයෙනුයි ඉගෙනගත්තේ. මොරටු විශ්වවිද්‍යාලයෙන් මම ලැබුවේ රසායන ඉංජිනේරු උපාධියක්. ඔය අතරේ මම තේරුම්ගත්තා සංගීතය කරන්න තාක්ෂණය පමණක් මදි, සංගීතයේ මූලික දේවල් ඉගෙනගන්න ඕනෑ කියලා. එදා ඉඳන් සංගීතයේ කලාත්මක පැත්ත ගැන මම අද වෙනතුරු ඉගෙනගන්නවා. මැරෙනකන්ම ඉගෙනගනීවි..වෘත්තියක් විදියට සංගීතයට යොමුවුණේ කොහොමද?.මුලින්ම ජාතික රූපවාහිනියේ අවුරුදු තේමා ගීතය කළා. ඉන්පස්සෙ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව දෙපළ එක්ක ‘ඉවසයිද මන්දා’ ගීතය කළා. සුරේන්ද්‍ර පෙරේරා වෙනුවෙන් ‘තාමත් මුණගැහුණෙ නැතත්’ ගීතය කළා. ඉන්පස්සෙ මගේ ළඟට ගීත කරන්නැයි ඉල්ලාගෙන බොහෝ අය ආවා. ඒ වන විට මම වෙළඳ දැන්වීම් සංගීතයටත් යොමු වුණා. ඒ අතරේ මම ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ රැුකියාවකුත් කරනවා. එහෙත් මම තේරුම් ගත්තා මට සංගීතය වෘත්තියක් විදියට කරන්න පුළුවන් කියලා. මම ඉංජිනේරු වෘත්තියෙන් ඉවත්වුණා. සංගීතයටම යොමුවුණා..ආදරණීය කතාවක් චිත‍්‍රපටිය ඔබේ ගමන වෙනස් කළේ කොහොමද?.චිත‍්‍රපටිය එක විදියක පරීක්ෂණයක් වුණා. මං මුලින්ම කළේ චිත‍්‍රාල් සෝමපාල මහත්තයා ගායනා කරපු ගීයක්. ඔහු සාමාන්‍යයෙන් අනුන්ගේ සංගීතයට ගීත ගයන්නේ නෑ. මුලින්ම කිව්වෙ තනුව අහලා බලමු කියලා විතරයි. එතැනින් පස්සේ ඒ චිත‍්‍රපටියටම කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා වගේ අය ගායනයෙන් එකතුවුණා. ඒ චිත‍්‍රපටියේ ගීත ප‍්‍රසිද්ධ වීමත් එක්ක මට ලැබෙන වැඩ වෙනසක් වුණා. මගෙන් එතෙක් ඉල්ලූ‍වේ මමම කළ වාණිජමය ගීතවල සෙවණැලි. ඒත් මම චිත‍්‍රපටියට කළ ගීත සියල්ලේම ජනප‍්‍රිය ලක්ෂණ තිබුණත් මගේ නිර්මාණාත්මක නිදහස එක්ක හිත පිරෙන්න කරපු කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ. පස්සෙ හැමෝම මගෙන් ඒ වගේ සිංදු ඉල්ලන්න ගත්තා..සංගීතය නැතිව ගණිත අංශයෙන් ඉගෙනගන්න වැයකළ කාලය අපතේ යෑමක් කියලා හිතනවාද?.මම කිසිසේත්ම පසුතැවෙන්නේ නෑ. එක පැත්තකින් බය නැතිව මම මියුසික් ඉගෙනගත්තෙත් මම වෙනත් ක්ෂේත‍්‍රයක අධ්‍යාපනයෙන් හොඳ ගමනක් ගිය නිසා. සංගීතයෙන් ජීවිතයක් දිනන්න ලංකාවෙ අය හිතනවා අඩුයි. අනෙක මම ගණිත අංශයෙන් ඉගෙනගත්තේ කැමැත්තෙන්. වෙළෙඳ දැන්වීම් වැඩ මට ලබාගනිද්දී උපාධිය ආභරණයක් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මම ඉගෙනගත්ත දේවල් අපතේ යන්නේ නෑ. එදිනෙදා ජීවිතයේදී පවා ඒ කාරණා පාවිච්චි වෙනවා..ඔබේ හිතට සුන්දර තනු ආ විදිය විස්තර කරන්න පුළුවන්ද?.මම හිතන්නේ මිනිස් සිත තමයි හැමදේටම මුල. රෙහ්මාන්ගෙනුත් කෙනෙක් අහනවා ඔයාට කොහෙන්ද මේ තනු එන්නේ කියලා. ඔහු උත්තර දෙන්නේ මට එන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. මම හිතන්නේ විශ්ව ශක්තියෙන් මගේ හිතට තනු එනවා කියලා. මම කියන්නේ විශ්ව ශක්තිය නම් අපට බාහිර වූ බලවේගයකින් අපව පාලනය කරනවා කියලා නෙවෙයි. සංගීතය උපදින විදිය වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ වගේ විස්තර කළ නොහැකි දේවල් අපි දෙවියන්, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය වගේ වචනවලින් හඳුන්වනවා..ඔබ නිර්මාණකරුවෙක් විදියට සංස්කෘතිය ගැන කල්පනා කරන්නේ කොහොමද?.සංස්කෘතිය කිව්වාම පාසලේ උගන්වපු දේවල් ටිකක් මතක් කරගන්න අපි පුරුදුවෙලා තියෙනවා. ඒ නිසා සංස්කෘතිය රාමුවක් විදියටයි අපේ ඔළු‍වල තියෙන්නේ. අපේ සමාජය බුදුදහම නිවැරදිව තේරුම් ගත්තා නම් සංස්කෘතිය හරිහැටි තේරුම්ගන්න තිබුණා. සංස්කෘතියේ සමහර යහපත් ලක්ෂණ ආරක්ෂා වෙන්න ඕනෑ බව ඇත්ත. ඒත් ඒක ආරක්ෂා කරගෙන අලූ‍ත් නිර්මාණ කිරීමේ වැරැුද්දක් නෑ. උදාහරණයක් විදියට නිරුවත ගනිමු. අපි පිළිගන්න ඕනෑ ලංකාවෙ නිරුවත නොගැළපෙන විදියට විකුණන්න සමහරු උත්සාහ කරනවා තමයි. හැබැයි මිනිස් රූපය කලාව ඇතුළේ සෞන්දර්යාත්මක විදියට පාවිච්චි කරන්න පුළු‍වන්. කලාත්මක වැඩක් වෙනුවෙන් නිරුවත පාවිච්චි වීම සංස්කෘතිය විනාශ කිරිමක් නෙවෙයි. බුදුදහමේ කියා නැහැ නවීකරණය වෙන්න එපා කියලා. මම වැඩ කරන්නේ ඒ විශ්වාසය එක්ක..තරගකාරී ලෝකයක ජීවත්වෙද්දී ඔබ වැඩියෙන්ම විශ්වාස කරන ජීවන දහම මොකක්ද?.මට හැම වෙලාවෙම මතක් වෙනවා මම මැරෙනවා කියන එක. හැම වෙලාවෙම මගේ හිතේ කොණක මරණය ගැන හැඟීමක් තියෙනවා. ඉතින් ජීවිතය ගැන ටිකක් සැහැල්ලූ‍වෙන් ගතකරන්න ඒක අවස්ථාවක්. ඒක බෞද්ධ දර්ශනයේත් මූලික සංකල්පයක්නේ. මම ගීතයක් කළත් මේ ගීයෙන් කීයක් හොයනවාද, හිට් වේවිද කියලා කල්පනා නොකර ගීතයට උපරිමය කිරීම ගැන මට කල්පනා කරන්න අවස්ථාව ලැබෙනවා..බෞද්ධ සංකල්ප ගැන ඔබ කතාකළා. අපේ සමාජය බෞද්ධ සංකල්ප අනුව ජීවත්වෙන බව හිතනවාද?.බුදුදහමෙ තියෙන මූලිකම දේ ඇලීම් ගැලීම්වලින් වැළකීම. ඒත් අපේ අය බොහෝවිට ඇලීම් ගැලීම් වර්ධනය කරන්නයි බුදුදහම පාවිච්චි කරන්නේ. බෝ ගහක් ළඟට යන්නෙත් ප‍්‍රාර්ථනාවක් කරන්න. බෞද්ධ දර්ශනය කියන්නේ නිදහස් සිතීමට, අලූ‍ත් දේ සොයායෑමට අප යොමු කිරිමක්. පුංචි කාලයේ ඉඳන් මේ සීමාවෙන් එහාට යන්න එපා කියලා අපව කොටු කරන්න බුදුදහම පාවිච්චි කරනවා. මම මගේ විශ්වාසයන් ඇති කරගන්නේ සැබෑ බෞද්ධ සංකල්ප සමඟ.x.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඉතිහාසය කතාකරන්න මම හරි බයයි ප‍්‍රසන්න ජයකොඩි.Next articleජනපතිවරණයට එක්වද? වෙන්වද? පොහොට්ටුවයි අතයි මත ගැටුමක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මම ආණ්ඩුවේ පිටියට ගිහින් පිනුම් ගහන්න ලෑස්ති නෑ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මම ආණ්ඩුවේ පිටියට ගිහින් පිනුම් ගහන්න ලෑස්ති නෑ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද.By සංස්කාරක.June 3, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක..තරිඳු උඩුවරගෙදර.වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමානාත්මතාව ඇතුළු නවීන ලිබරල්වාදී දේශපාලන සංකල්ප විශ්වාස කළ පිරිසක් බලාපොරොත්තු වුණ වෙනසක් තියෙනවා. එහෙත් ජාතික රූපවාහිනිය වගේ තැන් හරහා ඒ වෙනස සිද්ධවුණේ නැහැ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?.ජාතික රූපවාහිනිය පමණක් නෙවෙයි, මේ ආණ්ඩුවම බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සඵල කළේ නැති බව හැමෝටම පිළිගන්න සිද්ධවෙනවා. තොරතුරු පනත වගේ හොඳ දේවල් බොහොමයක් තිබුණු බව ඇත්ත. ඒත් අපි මීට වඩා බලාපොරොත්තු වුණා. ඇත්තටම මිනිස්සුන්ට මේ වගේ තත්වයකින් ප‍්‍රයෝජන ගන්න පුරුදු නෑ. යම් නිදහසක් ඇතිවුණාම ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න මිනිස්සුන්ට බැරිවුණා. ඒක මම දකින්නේ සම්පූර්ණ සිස්ටම් එකේ අඩුපාඩුවක් විදියට. ආණ්ඩු පෙරළියත් එක්ක ජාතික රූපවාහිනියේත් දේශපාලන කණ්ඩායම්වල වෙනසක් මිස ලොකු රැුඩිකල් පරිවර්තනයක් වුණේ නෑ..මට මේ පත්වීම ලබාදුන්න මංගල සමරවීර ඇමතිවරයා විවෘත මනසක් ඇති පුද්ගලයෙක්. ඒ නිසා මට හිරවෙන්නට සිදුවෙන්නේ නෑ. මට ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට අනුගත වෙන්න සිද්ධවුණත්, මම එයාලාගේ පිටියට ගිහින් පිනුම් ගහන්න ලෑස්ති නෑ. මම මේ වැඬේ කරන්නේ මාස දහඅටක් විතරයි. මේක එක විදියක උගුලක්. මේක ඉවරවුණාම උගුලක හිරවුණා වගේ මම ආණ්ඩුව හෝ පක්ෂ දේශපාලනය ඇතුළේ හිරවෙන්න බෑ. එළියට ගිහින් මගේ සුපුරුදු වැඬේ කරන්න ඕනෑ. ඒ නිසා කෙටි කාලයක් ඇතුළත ජාතික රූපවාහිනියේ සහෝදරයන් සමඟ මොකක් හෝ හොඳ දෙයක් කරලා එළියට බහින්න බලාපොරොත්තු වෙනවා..ඔබේ පත්වීම සමඟ කතාබහට ලක්වුණ දෙයක් තමයි මේ රූපවාහිනී ක්ෂේත‍්‍රය මොන තරම් පිරිමින්ගේ ආධිපත්‍යයට යටවුණ ක්ෂේත‍්‍රයක්ද, කාන්තාවන්ට එහි වැඩකටයුතු කිරීම මොන තරම් අසීරුද කියන එක. ඒ සංවාදය ගැන ඔබේ අදහස මොකක්ද?.මගේ පත්වීම සමඟම සැලසිනේ ආයතනයට සහ ස්වාධීන රූපවාහිනී සංස්ථාවටත් ප‍්‍රධානීන් විදියට කාන්තාවන් පත් කරන්නට ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කළා. මේක සුවිශේෂ තත්වයක්. මොකද මා බොහෝ දෙනෙක් පිළිගන්නා පරිදි, ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය කියන එක අනියම් විදියට රාජකාරී මට්ටමේදීත් බලපෑම් කරනවා. කාන්තාවන් ඉහළ තනතුරුවල සිටියත්, එහෙම අයට වැඩ කිරීම අභියෝගයක් වෙනවා. ඒ පැත්තෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ගත්ත තීන්දුවේම තියෙනවා තීරණාත්මක සහ එඩිතර ස්වභාවයක්. පත්වීම සමඟ අපි තුන්දෙනාම සමඟ මංගල සමරවීර ඇමතිවරයා කීව කතාවක් තියෙනවා. ඔහු පෙන්වපු ආකාරයට, පිරිමින් යම්කිසි විදියක වගකීම් සහිත සහ අභියෝගාත්මක තනතුරුවලට පත්වුණාම, එතැන බලය ස්ථාපනය වෙලා තියෙද්දී බොහෝවිට ඒ තනතුරේ වගකීම කාන්තාවන් තරම්ම ඇඟට ගන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මුදල් පරිපාලනයේදීත් ප‍්‍රතිශතයක් විදියට, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා. මොකද පිරිමින් මේ තනතුරු සමඟම එළියේ දේශපාලනය කරනවා වැඩියි. මම ඔහුගේ කතාව දකින්නේ මේ ආයතනවල මට කලින් හිටපු පුද්ගලයන් සම්බන්ධ කාරණයක් විදියට නෙවෙයි. කාගේවත් කැරැුට්ටු සහතිකයක් නෙවෙයි, පොදු දේශපාලනික කාරණයක්. ඇමතිවරයා මීට කලිනුත් තමන් යටතේ තිබුණු ආයතනයකට කාන්තාවක් පත්කරලා ආයතනය සාර්ථකත්වයට ගෙනියන්න සමත්වෙලා තියෙනවා. මම හිතන විදියට ඇමතිවරයා කීව මේ කාරණය සර්වකාලීන, පොදු තත්වයක් නෙවෙයි. සාපේක්ෂ තත්ත්වයක්..කලා ලෝකයේ නමක් ගොඩනඟාගත්ත කෙනෙක් විදියට මෙතැනට පත්වීමෙන් පසුව තමන්ගේ බලාපොරොත්තු සහ රජයේ අපේක්ෂා ඉටු කරමින් කටයුතු කිරීම දකින්නේ මොන වගේද?.ඒක විශාල අභියෝගයක්. මේක රාජ්‍ය මාධ්‍යයක්. ජාතික රූපවාහිනිය ඉතිහාසය තුළ හැමදාම පක්ෂ දේශපාලනයේ හදවත වගේ පවතින ආයතනයක්. අපට කවදාවත් මේ පක්ෂ දේශපාලන ධුරාවලියෙන් බැහැර වෙන්න බෑ. එතකොට ඔවුන් බලාපොරොත්තු වන න්‍යාය පත‍්‍ර තියෙන බව බැහැර කරන්න බෑ. හැබැයි මංගල සමරවීර ඇමතිවරයා කාන්තාවන් අතරිනුත් ඉනෝකා සත්‍යාංගනීව මෙතැනට පත් කරගන්නට හේතුවක් තියෙනවා. ඔහුම කියා තියෙනවා, ඉනෝකා වගේ කෙනෙක්ව පිටින් මෙතැනට ගෙනෙන්නේ ජාතික රූපවාහිනිය ඉදිරියට ගෙනෙන්න අවශ්‍ය නිසා කියලා. ජාතික රූපවාහිනිය නරඹන්නන් සංඛ්‍යාව අතින් ලංකාවේ හත්වැනි තැනට ඉන්නේ. මේ තත්වය වෙනස් කිරීමේ බලාපොරොත්තුව ඔවුන්ට තියෙනවා. හැබැයි රේටින් ඉහළ දැමීමට වඩා වෙනස් වැඩක් මගෙන් බලාපොරොත්තු වෙනවා. මිනිස්සුන්ව තෘප්තියට පත් කරන්න පුළුවන්, ඒ වගේම නිර්මාණශීලී වැඩසටහන් හරහා මේක කරන්න අවශ්‍ය බව මම හිතනවා. ජාතික රූපවාහිනියේ යම්කිසි ඇල්මැරුණු ස්වභාවයක් තියෙනවා නම්, ඒක වෙනස් කරලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක බද්ධ වෙච්ච නිර්මාණ තෝතැන්නක් බවට ජාතික රූපවාහිනිය පත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා..ජාතික රූපවාහිනියේ ඉහළ හැකියාවලින් යුතු නිෂ්පාදකවරුන් සහ නිෂ්පාදකවරියන් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන්ට නිදහසේ ඉස්මතු වෙන්නට ඉඩකඩ ලැබිලා නැති බව තමයි මේ දින කිහිපයට මට පෙනෙන්නට තියෙන්නෙ. ඔවුන්ට උද්යෝගයෙන් වැඩකටයුතු කරන්නට අවස්ථාව ලබාදීමයි වැදගත්..ඔබ කරන්නට බලාපොරොත්තු වන වෙනස්කම් මොනවාද?.අපි තරගකාරී පරිසරයක ඉන්නේ. ඒ නිසා මගේ අදහස් සම්පූර්ණයෙන්ම කියන්නට මගේ කැමැත්තක් නැහැ. පොදුවේ කතාකරන්නම්. එක් පැත්තකින් ජාතික රූපවාහිනියේ ටෙලිනාට්‍ය අංශයේ වෙනසක් කළ යුතුයි. මෑත කාලය වෙද්දී ස්වාධීන රූපවාහිනිය ටෙලිනාට්‍ය විකාශය හරහා ප‍්‍රගතිශීලී ලක්ෂණ සමඟ ඉදිරියට ආවා. ජාතික රූපවාහිනිය ඒ තත්වයට ඇවිත් නැහැ. රූපවාහිනී කලාව ඇතුළේ ටෙලිනාට්‍ය කියන්නේ ඉතාම වැදගත් අංගයක්..ඊට අමතරව ප‍්‍රාසංගික කලාව නිරූපණය කරන වැඩසටහන්, ළමා වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන්, වාර්තා වැඩසටහන් අතින් ගත්තාම අනෙක් නාලිකාවලට වඩා පසුපසින් ඉන්නවා. ජාතික රූපවාහිනිය ඉදිරියෙන් ඉන්නේ ක‍්‍රීඩා අංශයෙන්. ඒකටත් ප‍්‍රධාන හේතුවක් තමයි ක‍්‍රිකට් තරග විකාශය කරන්නට අනෙක් නාලිකාවලට සාපේක්ෂව ජාතික රූපවාහිනියට ලැබෙන අවස්ථාව..මම කියන්නේ නැහැ ජාතික රූපවාහිනිය කිසිවක් නොකරන හිස් පෙට්ටියක් කියලා. ඉතා සාධනීය වැඩසටහන් තිබුණා. නම් වශයෙන්ම කීවොත් යථාරූප, සිහිනයකි ?, අරුම පුදුම රෝද හතර වගේ හොඳ වැඩසටහන් රැුසක් තියෙනවා. සත්‍ය තත්වය කීවොත් ඒවා පොදු සමාජයේ ජනප‍්‍රියත්වය අතින් ඉදිරියෙන්ම තියෙන වැඩසටහන් නෙවෙයි. හැබැයි ඒවා හොඳ වැඩසටහන්. මම උත්සාහ කරන්නේ ජනප‍්‍රියත්වයෙනුත් මීට වඩා ඉහළ ගුණාත්මක වැඩසටහන් ගෙන එන්නට. හැබැයි ජනප‍්‍රියත්වය පිණිස අනෙකුත් නාලිකාවල කරන මට්ටම අපි කොපි කරන්න යන්නේ නැහැ. රේටින් වැඩි කරගන්න ඔවුන් කරන අරගලය තුළ ඔවුන්ව හඹා යන්න අපි කොහෙත්ම උත්සාහ කරන්නෙ නෑ. මම ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නෙත් නෑ. ජනප‍්‍රියත්වය නැතිව ටීවී කරනවා කියන එකත් මුලාවක්. අපි අනිවාර්යයෙන්ම ජනප‍්‍රිය විය යුතුයි. හැබැයි අපි අනෙක් හැමෝම යන පාරේ නොයා යුතුයි..ජාතික රූපවාහිනිය ගැන කතාකරද්දී හැමෝගේම අවධානය යොමුවෙන්නේ ජාතික රූපවාහිනිය ගැන විතරයි. නේත‍්‍රා ටීවී නාලිකාව ආයතනයට අයිති දෙමළ නාලිකාව. නේත‍්‍රා ටීවී අනෙකුත් දෙමළ රූපවාහිනී නාලිකාවලට සාපේක්ෂව ඉතාම පසුගාමීයි. මේ නාලිකාවේ වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?.ඒක හරි. මමත් අභ්‍යන්තරයෙන් තොරතුරු හොයා බලද්දී නේත‍්‍රා ටීවී ඉතා දුර්වල තත්වයක තියෙන බව අවබෝධ කරගත්තා. එහි වෙනසක් කිරීම අප කළයුතු දෙයක්ම නෙවෙයි. දෙමළ වැඩසටහන් සිංහල අයට හදන්න බෑ. ඒ රසය, හදගැස්ම එක්ක ගැටගැහෙන්නෙ නැතිව අපට ඒක කරන්න බෑ. ඒ නිසා අපි දෙමළ නිෂ්පාදකවරුන්ව සම්මුඛ පරීක්ෂණ හරහා කැඳවන්න සැලසුම් කරනවා. ඒ හරහා හොඳ නිර්මාණශීලී අයව ගෙන්වාගෙන සාර්ථකත්වය ලැබිය යුතුයි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleරත්නපුරේට උරුම ගංවතුර සහ වළක්වාගන්නට බැරි කරුමය.Next articleඅසාධාරණ සැලකීම් ඉල්ලන රැකියා විරහිත උපාධිධාරියෝ.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
නව ලිබරල් කුමාර පුරවරයකට දේශපාලන නායකත්වය ගෝඨාගෙන් ගන්න. | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.නව ලිබරල් කුමාර පුරවරයකට දේශපාලන නායකත්වය ගෝඨාගෙන් ගන්න..By සංස්කාරක.June 10, 2018.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.මහින්ද රත්නායක.පසුගිය දා ‘වියත්මග’ නම් වූ සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැංග‍්‍රිලා හෝටලයේ දී 2020 දශකයේ තම සමාජ ආර්ථික දැක්ම අළලා ගෝඨාභය රාජපක්ෂ විසින් දේශනයක් කෙරුණි. බටහිර යුරෝපයේ පිහිටි ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය නැගෙනහිර ආසියාවට මාරුවීම තුළ ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට නම් ශ‍්‍රී ලංකාව තෝරාගත යුතු ආර්ථික මූලෝපාය හා ව්‍යුහීය වෙනස්කම් මොනවාද යන්න ගෝඨා මෙහිදී පැහැදිලි කළේ ය. බටහිර ලෝකයෙන් පල්ලම් බසින නව ලිබරල් ආර්ථික මූලෝපායට කිසිදු වෙනසක් නැති ගෝඨාගේ 2020 වැඩපිළිවෙළ තුළ ඇති එකම වෙනස චීන ප‍්‍රාග්ධනය ප‍්‍රමුඛව නව ලිබරල්වාදය ඉදිරියට ගෙනයෑම පමණි. ගම්භීර ඉරියව්වෙන් කෙරුණු එම දේශනය සඳහා රාජපක්ෂ රෙජීමය චීනයට සින්නකර ඔප්පුවකින් ලියා දුන් භූමි භාගයේ ඉදිකළ ෂැංග‍්‍රිලා හෝටලට තෝරා ගැනීමෙන් හෙළිවන ගෝඨාගේ සමාජ ආර්ථික දැක්මේ හැඩරුව පැහැදිලි කිරීම පසුවට තබමින් ඔහු මේ දේශනය කරන සමාජ ආර්ථික සන්දර්භය දෙස ප‍්‍රථමයෙන් බලමු..නව ලිබරල්වාදය හා ඉතිහාසය.ඓතිහාසික සාධක එක හා සමාන නැතත්, ජේ.ආර්. ජයවර්ධන 1977දී නව ලිබරල්වාදය නොහොත් විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුන්නේ රට ආර්ථික අතින් පල්ලම් බසින යුගයක ය. ගෝඨාගේ ෂැංග‍්‍රිලා දේශනය පැවැත්වෙන්නේ ජනවාරි 08න් ආරම්භ වූ ප‍්‍රජාන්ත‍්‍රවාදී රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අතරමග නැවතී රටේ ආර්ථිකයද එක තැන පල්වෙන මොහොතක ය. 1977දී පාර්ලිමේන්තුවේ 5/6 බලයක් එජාපයට හිමිවීමට තරම් එවකට පැවති රජයේ ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ පැවති අප‍්‍රසාදය හේතු විය. සාම්ප‍්‍රදායික එජාපය හා ශ‍්‍රීලනිපය දෙවැනි හා තෙවැනි තැනට පත්කර මෑතක පිහිටු වූ පොහොට්ටු පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියට පැමිණිමට තරම් සන්ධාන ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වර්ධනය වන අප‍්‍රසාදය හේතු වී තිබේ. මේ අනුව 70 ගණන්වල මෙන් රටේ ආර්ථික අහේනියක් නැතත්, ආර්ථික පීඩනය වැඩිවන මොහොතක නව ලිබරල් සමාජ ආර්ථික දැක්ම ගෝඨා අලූත් ඉරියව්වකින් ඉදිරිපත් කළ බව සැලකිල්ලට ගතයුතු කාරණයකි. මේ අනුව රනිල් ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවේ හා ගෝඨාගේ සමාජ ආර්ථික ඉදිරි දැක්මේ මූලික වෙනසක් නැත. මේ දෙක අතර ඇති එකම වෙනස, පල්ලම් බසින බටහිර නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන්් රනිල් පෙනීසිටින විට බලසම්පන්න ලෙස චීනය දියත්කර ඇති නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙළ ගෝඨා ඉදිරියට දැමීම පමණි..ජනවාරි 08 වෙනසට ජවන බලය සැපයූවේ ආර්ථිකමය සාධකවලට වඩා දේශපාලන සාධක ය. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා විශේෂයෙන්ම බහුවාර්ගික සමාජයක අනිකුත් ජාතීන් අර්ථවත් ලෙස රාජ්‍ය පාලනයට ඇතුළත් කර ගැනීම වැනි කරුණු එයට අයත් විය. වෙනසට දායක වූ සමාජ බලවේගයන් අතර ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන එකඟතාවක් නොතිබුණු බව සත්‍යයකි. ඒ අතරම අතුරලියේ රතන හිමිගේ ග්ලයිෆොසෙට් විරෝධය හා වසවිස නැති දේශපාලන ව්‍යාපෘති හා ජනතා සහන වැනි ආංශික කරුණු හැරෙන්නට විකල්පයක් ලෙස සංයුක්ත ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් ඒ ගැන කිසිවෙකු එදා බැ?රුම්ව කථා කළේ ද නැත. මෙයින් කියාපාන්නේ වෙන යමක් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ හා සන්ධාන ආණ්ඩුව දක්වා 1977 දී ජේ.ආර්. ජයවර්ධන මෙරටට හඳුන්වාදුන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික වැඩපිළිවෙළින් තීරණාත්මකව කැඞී යෑමක් සිදුවී නැති බව මිස වෙන යමක් නොවේ. මෙයින් පෙනීයන්නේ දේශීයත්වය ගැන කොතරම් මොර දුන්නත් දෙන ලද ලෝක සන්දර්භය තුළ විකල්ප සමාජ ආර්ථික වැඩපිළිවෙළක් ගැන අදහසක් නැති බව ය..ෂැංග‍්‍රිලා දෙසුමේ හරය.සමාජ ආර්ථික වෙනස්වීම් අවබෝධ කරගැනීමට ප‍්‍රාග්ධනයේ චලනය මූලික අවිය කර ගත් මාක්ස්වාදීහු දශක දෙකකටත් පෙර ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය නැගෙනහිර ආසියාවට විතැන්වන බව පුරෝකථනය කළහ. ෆ්‍රෙඞ්රික් එංගල්ස් මීට සියක් වසරකට පමණ පෙර මේ පුරෝකථනය කළේ කුමන සාධක මත ද යන්න පැහැදිලි නැත. එහෙයින් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ආසියාවට විතැන් වී ඇති බව ගෝඨා කියන විට එය අලූත් කථාවක් වන්නේ නැත. එහෙත් ආසියාවේ ඇතිවෙමින් පවතින මේ වෙනස තුළ හැමදාම සංවර්ධනය වෙමින් පවතිනවා වෙනුවට සංවර්ධිත රටක් වන්නට අනුගමනය කළ යුතු- ආර්ථික මූලෝපාය හා ආර්ථිකයේ කළ යුතු ව්‍යුහීය වෙනස්කම් සැලකිල්ලට ගතයුතු ය. දීර්ඝව සාකච්ඡුා කිරීමට ඉඩක් නැති මෙහි ගෝඨාලාගේ කථාව හා කෙරුවාව අතර පවතින පරස්පරය ලූහුඬින් හෝ සාකච්ඡුා කිරීම ඉතා වැදගත් ය. තම දේශනයේදී ගෝඨා විදේශ ආයෝජනවල අවශ්‍යතාව පමණක් නොව එම ආයෝජකයන්ට පහසුකම් සැලසිය යුතු බව අවධාරණය කළේය. එපමණක් නොව ආයෝජකයන්ට බාධා කරන රෙගුලාසි ඉවත් කළ යුතු බව කීමට අමතක කළේද නැත. රාජපක්ෂ සමාගමේ පාලන කාලය තුළ ගෝඨා ක‍්‍රියාකළ ආකාරය කෙසේ වෙතත් නීතියේ ආධිපත්‍යය මෙන්ම ආයෝජකයන්ට නීතියේ රැුකවරණය සහතික කළ යුතු බවද පෙන්වා දුන්නේය. ප‍්‍රශ්නය ඇත්තේ ගෝඨා නියෝජනය කරන ඊනියා දේශපේ‍්‍රමී බලවේගය තමන්ට පාලන බලය නැති මේ මොහොතේ ගෝඨාගේ මේ යෝජනාවලට පක්ෂයද යන්න ය. විවිධ ආයතන හරහා පවතින සංකීර්ණ පරිපාලන ජාලයක් වෙනුවට එකම ආයතනයක් පිහිටුවා ආයෝජකයන්ට පහසුකම් සැලසීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන විට එය කඩාකප්පල් කළේ ද ඔය දේශපේ‍්‍රමී බලවේගයම බව මතක් කළ යුතු ය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කර, විදේශ ආයෝජන ගෙන්වාගත යුතු බව ගෝඨා කියනවිට වෙදකම වෙළඳ භාණ්ඩයක් වීම ආරක්ෂාකර අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොකළයුතු බව කියන දොස්තරලා එයට විරුද්ධව කටක් ඇරියේ නැත. රාජ්‍යය තම මුදල් ආයෝජනය කර ව්‍යපාර ආරම්භ කරන්නේ නම්, ඒවා ලාභ ලබන ආයතන විය යුතු බව ඔහු කීවේ ය. ගෝඨා නොකීවත් මහජනතාවගේ බදු මුදල්වලින් පාඩු ලබන රජයේ ව්‍යාපාර පවත්වාගෙන යෑම මහජනතාවට බරකි. එහෙයින් පාඩු ලබන්නට නම් රජයේ ව්‍යාපාර ආරම්භ කිරීම යහපත් වන්නේ නැත. එහෙත්් ප‍්‍රශ්නය වන්නේ පාඩු ලබන රජයට අයත් ඇතැම් ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට ගෙනඒම සඳහා යම් වෙනස්කම් කරන විට පමණක් නොව ලාභ ලබන තත්ත්වයට පත්කරගත නොහැකි තරමට කඩාවැටී ඇති ව්‍යාපාර විකුණා දැමීමට ද එරෙහි වන්නේ ගෝඨා පිටුපස ඇති එම ඊනියා දේශපේ‍්‍රමී බලවේගයම වීමය..කෘෂිකර්මය අපගේ සාම්ප‍්‍රදායික ආර්ථිකය වන හෙයින් එය අත්හැරීමට නොහැකි බව ගෝඨා අඟවන විට එයින් කියැවෙන්නේ ලංකාව චීනයේ සේවා මධ්‍යස්ථානයක් වෙන්නේ නම් කෘෂිකර්මය අත්හැරීමෙන් අපට පාඩුවක් නොවන බව ය. කෙසේ නමුත් ඔහු කෘෂිකර්මය නවීකරණය කළ යුතු බව කීමට අමතක කරන්නේ නැත. භූමියෙන් විශාල ප‍්‍රමාණයක් සහ සමස්ත ශ‍්‍රම බලකායෙන් 30%ක් යෙදැවෙන කෘෂිකර්මය දළ ජාතික ආදායමට අද ලබාදෙන දායකත්වය 10%කි. මෙම සොච්චම ලබාගන්නට මෙතරම් භූමි ප‍්‍රමාණයක් යට කිරීම අපරාධයක් මෙන්ම එම 10% සඳහා මෙතරම් ශ‍්‍රම බලකායක් යෙදවීමද අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෘෂිකර්මය නවීකරණය යනු ග්ලයිෆොසෙට් ෆෝබියාවෙන් පෙළෙන අතුරලියේ රතන හිමි වැනි ඊනියා කෘෂි විද්‍යාඥයන්ට රටේ කෘෂිකර්මය භාරදීම නොවේ. ප‍්‍රථමයෙන්ම කළ යුතු වන්නේ පැරකුම් යුගයක් බිහිකිරීමට ඉතාමත් අඩු පලදාවක් ඇති කුඹුරු ඉඩම්වල පවා මෙතෙක් කලක් කළ වී වගාව නතර කර ඒවා පලදායි භවභෝග සඳහා ආයෝජනය කිරීම ය. කෘෂිකර්මයේ නියුතු අතිරික්ත ශ‍්‍රමය එයින් ඉවතට ගෙන එය උරාගැනීමට වැඩි ආදායම් ලබන රැුකියා නිර්මාණය වන ක්ෂේත‍්‍රයට ආයෝජන යොමු කිරීම ඊළඟ පියවර වේ. කෘෂිකර්මයේ විප්ලවීය වෙනසක් වන මේ පරිවර්තනයට විරුද්ධව දේශපේ‍්‍රමයේ නාමයෙන් ග‍්‍රාමීය ජනතාව උසිගන්වන්නේ ගෝඨා ද ඇතුළත් එම ජනතාවගෙන් බහුතරය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නොවේද? ජනවාරි 08 විවර කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ජනතාව නොමග යැවීමට යොදාගන්නා බවද ජනතාව තේරුම්ගත යුතු ය..ආර්ථික හා දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය.මාක්ස් පෙන්වා දුන් පරිදි ප‍්‍රාග්ධනයේ චලනය නියාමනය වන්නේ එහිම ඇතිවන ප‍්‍රතිවිරෝධයන් මගින් මිස කාගේවත් කැමැත්තකට අනුව නොවේ. ප‍්‍රාග්ධනයේ ඇති මේ බලමහිමය මෙල්ල කළ හැකි දෙවියෙක් නැත. ධනපති භාණ්ඩවල ලාභ මිල මහා කාල තුවක්කුවලට සමාන බවත්, එය පාචිච්චිකර සියලූ චීන ප‍්‍රාකාර කඩාබිඳ දමන බවත්, ම්ලේච්ඡුයන් තුළ විදේශිකයන් කෙරෙහි ඇතිවන මුරණ්ඩු ද්වේෂ සහගත වෛරය මෙල්ල කරන බවත්, වඳවී යෑමේ භීතිය ඉදිරියේ, ඉන් මිදෙනු පිණිස ධනවාදී නිෂ්පාදන ක‍්‍රමය පිළිගන්නා ලෙස, එය සියලූ ජාතීන්ට බලකර සිටින බවත් මාක්ස් 100 වසරකටත් පෙර කියා සිටියේ එය නියාමයට අනුව ය. අද අපට අවශ්‍ය වන්නේ ආසියාව කේන්ද්‍රය කරගෙන ඇතිවන මේ ප‍්‍රාග්ධන ගලනයේ වාසිය ප‍්‍ර‍්‍රයෝජනයට ගෙන ගෝඨා ඇතුළු රාජපක්ෂ රෙජීමය ගොඩනගන්නට මහන්සි ගන්නා නවලිබරල් කුමාර පුරවරයක් ගොඩ නගන්නට නොව සෙමින් නමුත් සමස්ත ජනතාවටම එහි ප‍්‍රතිලාභ ගලා යන්නට ක‍්‍රමයක් සකස්කර ගැනීමටය. ඒ සඳහා පොදු ජනතාවට නැතිවම බැරි අවිය වන්නේ අධිකාරිවාදයකින් වසා ඇති ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොව අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේ. ඒ සඳහා ඇති එකම යාන්ත‍්‍රණය වන්නේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සමාන්තරව හැකි තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම තුළ නපුරට එරෙහි බලවේග හා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම පමණි. ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සමාජ කැළඹීම්වලට හේතුවන හෙයින් විවෘත ආර්ථිකයේ දේශපාලන ගතිකය නෛසර්ගිකවම අධිකාරිවාදීය. ලෝක පරිමාණ සංසිද්ධියක් වූ නව ලිබරල්වාදය සම්භාව්‍ය ආර්ථික විද්‍යාවට කිසිදු න්‍යයික සම්මාදමක් නොකළ නමුත් කළ එකම සම්මාදම වන්නේ අධිකාරිවාදී දේශපාලනයක් එක්කිරීම යැයි කිව හැක. පහළ සහ පහළ මැද මට්ටමේ ජනතාව නගරවලින් පලවා හැර ජාවාරම්කරුවන්ට හා ධන කුවේරයන්ට කුමාර පුරවර තැනීම සංවර්ධනය ලෙස සිතන්නවුනට මේ අධිකාරි බලය අවශ්‍ය ය. විධායක ජනාධිපති පදවිය ඉවත් කිරීමට මේ ඊනියා දේශපේ‍්‍රමීන් විරුද්ධ වන්නේ රට ජාතිය හෝ ආගම ආරක්ෂා කිරීමට (එසේ ආරක්ෂා වන්නේ නැත* නොව අන්න අර කුමාර පුරවරය ගොඩනැගීමට එම අධිකාරි බලය අවශ්‍ය නිසාය. අධිකාරිවාදී විධායක ජනාධිපති ක‍්‍රමයට 1994 සිට එක දිගට පැවති විරෝධයට පමණක් නොව ජනවාරි 08 ජයග‍්‍රහණයේ ද ප‍්‍රධාන කොන්දේසිය වූ බව කවුරුත් දනිති. විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට මේ ඊනියා දේශපේ‍්‍රමීන් එරෙහිවීම හා ගෝඨා ජනාධිපති කරවීමට දරන උත්සාහය පිටුපස ඇත්තේ නව ලිබරල්වාදී කුමාර පුරවරය ගොඩ නැගීමේ සිහිනය හැර වෙන යමක් නොවන බව ගෝඨාගේ දේශනයෙන් මොනවට පැහැදිලිය. 20 වෙනි සංශෝධනය අද වැදගත් වන්නේ එම දේශපාලන අධිකාරි බලය අවසන් කිරීමට ඉතුරු වී තිබෙන අවසාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවිය වන බැවිනි..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleජනපති විවේචනය කළාට ටීඑන්එල් වෙත මර්දනය.Next articleආසිරි මිනිසුන් අන්දන හැටි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
හඳුනාගැනීම ගැන ඇතිවූ දුබලතාව නිසා රංගජීවට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී තිබෙනවාවැලිකඩ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.හඳුනාගැනීම ගැන ඇතිවූ දුබලතාව නිසා රංගජීවට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී තිබෙනවා.වැලිකඩ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල.By කේ ඩබ්ලිව් ජනරංජන.February 2, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.කේ ඩබ්ලිව් ජනරංජන.පසුගිය සතියෙන්.වැලිකඩ බන්ධනාගාරය තුළදී 2012 වසරේ නොවැම්බර් 9-10 දෙදින තුළ රැඳවියන් අට දෙනකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා 33ක් 1වැනි විත්තිකාර නියොමාල් රංගජීව සහ 2වැනි විත්තිකාර එමිල් රංජන්ට එරෙහිව නගා තිබිණි..එම නඩුව විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලද අතර, එහි සභාපති වුණේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලංතුගය. ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න විනිසුරුවරු අනෙක් සාමාජිකයෝ වූහ..නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිශ්චයාසනය, 1 වැනි විත්තිකාර නියොමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර, 2 වැනි විත්තිකාර එමිල් රංජන් 33 වැනි චෝදනාවට වරදකරු කරන ලදුව මරණීය දණ්ඩනය නියම කරන ලදි..1 වැනි විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව නිදොස් කොට නිදහස් කිරීම, එම නඩුව ගැන උනන්දුවෙන් සිටි බොහෝ දෙනකුගේ සිත තුළ විමතියක් දල්වන්නට හේතු විය. කෙසේ වෙතත් නඩු තීන්දුව කියවන විට, එම තීරණයට එළැඹෙන්නට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙළඹුණේ ඇයිදැයි යන්න පැහැදිලි කරගත හැකිය..පහත දැක්වෙන්නේ, ඒ කාරණය තේරුම් ගැනීමට උදව් විය හැකි, නඩු තීන්දුවේ විවිධ ස්ථානවලින් උපුටාගත් කොටස්වල එකතුවකි..‘පැමිණිල්ල විසින් සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම කැඳවූ සාක්‍ෂිකරු වන්නේ පැසා 2, බන්ධනාගාර නියාමක පල්ලේකුඹුර වලව්වේ කුඩා බණ්ඩාර යන සාක්‍ෂිකරු වේ. මොහු 2012 වසර වන විට පළමු පෙළ ජේලර්වරයකු වශයෙන් වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර ඇත..….මේ අවස්ථාවේ සිවිල් පුද්ගලයන් දෙදෙනෙක් බන්ධනාගාරයේ තාප්පය අසලින් මාර්ගය දිගේ පැමිණ බන්ධනාගාරය තුළට ගමන් කරනු සාක්‍ෂිකරු දැක ඇත. එම අය සාක්‍ෂිකරු මීට පෙර දැක තිබුණු අය නොවන අතර සිවිල් ඇඳගත් අය මෙසේ බන්ධනාගාරය තුළට ප්‍රවිෂ්ට වන්නේ කුමකටදැයි ඇතිවූ කුතුහලය මත ඔවුන් පසුපස සාක්‍ෂිකරු ගමන් කර ඇත. එසේ යන විට පුද්ගලයන් දෙදෙනෙක් නොව තිදෙනෙක් දැක ඇත. මුලින් ගිය අය නිල්පාට කොට කලිසමක් සහ කහපාට ටීෂර්ට් එකක් ඇඳ සිට ඇත. ඔහු අත ටෝච් එකක් තිබී ඇත. එම තිදෙනා මුළුතැන් ගෙය පසුකර ගමන් කරන විට සාක්‍ෂිකරු එතැන සිටි බන්ධනාගාර නිල ඇඳුමෙන් සිටි දෙදෙනකුගෙන් එම අය කවුද යන්න විමසීමේදී ‘මෙයා තමයි නාකොටික් එකේ රංගජීව’ යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත. මෙම සාක්‍ෂිකරු මෙම අය මීට පෙර දැක නැති අතර, එතැන සිටි එක් අයෙක් කළු පාට පුද්ගලයකු වන අතර ඔහු අධිකරණයේ සිටින 1 විත්තිකරු (නියොමාල් රංගජීව) බවට හඳුනාගෙන ඇත. එනම් ඒ අවස්ථාවේ නිල්පාට කොට කලිසමක් සහ කහපාට ටීෂර්ට් එකක් ඇඳගෙන ටෝච් එකක් අතැතිව සිටි අය සාක්‍ෂිකරු විසින් 1 වන විත්තිකරු බවට හඳුනාගෙන සාක්‍ෂි දී ඇත. එම පිරිස චැපල් වාට්ටුව දෙසට ගමන් කර එතන දණගස්සවා සිටි සිරකරුවන් දෙසට ටෝච් එල්ල කර එම අය අතරින් මාලන්, කපිල සහ මංජු ශ්‍රී යන තිදෙනාව එතැනින් හමුදා නිලධාරීන් 4 දෙනකු හෝ 5 දෙනකු සමග චැපල් ගොඩනැගිල්ලේ ඇතුළට රැගෙන ගොස් ඇත. මේ වන විට උදේ 4.30 පමණ වී ඇත. ඉන්පසු මෙම සාක්‍ෂිකරු එම් වාට්ටුව ළඟ පෙර කී රැඳවියන් තිදෙනාගේ මළසිරුරු දැක ඇත..පැසා 4 ඉන්දික පෙරේරා, මොහු මිනිමැරුමක් සම්බන්ධයෙන් වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ ඔහුගේ සහෝදරයා වන කපිල නමැත්තාද සමග චැපල් අංශයේ සී3 වාට්ටුවේ රඳවා සිට ඇත.... ඉන්පසුව වාට්ටුව තුළ සිටි අය පිටතට ගෙන ඒ ආසන්නයේ පිහිටි කෑම ශාලාව ඉදිරිපිට සියලු දෙනා දණගැස්සවූ බවත් මේ වන විට වේලාව අලුයම 2 පමණ වූ බවත් ගොඩනැගිල්ල තුළ විදුලි ආලෝකය තිබූ බවත් සාක්‍ෂිකරු සඳහන් කර ඇත. ඒ අවස්ථාවේ 1 වන විත්තිකරු (නියොමාල් රංගජීව) කැමරාවක් වැනි දෙයක් රැගෙන විත් එහි ආලෝකය මෙම සාක්‍ෂිකරුගේ මුහණට එල්ල කර ඇත. මේ ආකාරයටම ඔහුගේ සහෝදරයාගේ මුහුණටද එය එල්ල කර ඇත. මෙසේ සිදුකිරීමෙන් පසු 1 වන විත්තිකරු එළියට ගොස් නැවත පැමිණ ඔහුගේ සහෝදරයාව එළියට ගෙන ඇත. මුලින්ම එළියට ගන්නා විට සහෝදරයා, ‘රංගජීව මහත්තයා අපිට එළියේ ඉන්න දෙන්නෙත් නැහැ. ඇතුළේ ඉන්න දෙන්නෙත් නැහැ’ යනුවෙන් ප්‍රකාශ කළ බවත් රංගජීව සමග තවත් දෙදෙනෙක් එම ස්ථානයේ සිටි බවත් සාක්‍ෂිකරු නිරීක්‍ෂණය කර ඇත.... තම සහෝදරයාගෙන් ආයුධ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් ආයුධ නොමැති බව සහෝදරයා ප්‍රකාශ කළ අවස්ථාවේ ඔහුට පිහියකින් බඩට සහ පපු ප්‍රදේශවලට රංගජීව විසින් ඇන්න බවත් සාක්‍ෂිකරු ප්‍රකාශ කරයි. පසුව සිවිල් ඇඳුමෙන් සිටි අයකු තම සහෝදරයාව කණෙන් අල්ලා එස්පී මහත්තයාගේ කන්තෝරුවට රැගෙන යනු මෙම සාක්‍ෂිකරු දැක ඇත. සහෝදරයා රැගෙන යන විට රංගජීව යන 1 වන විත්තිකරුද ඒ සමග ගිය බවත් එසේ රැගෙන යන අවස්ථාවේ මේ සාක්‍ෂිකරු කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි බවත් ඔහුගේ සාක්‍ෂියෙන් සඳහන් වේ… මේ අවස්ථාවේ තම සහෝදරයා පමණක් රැගෙන යනු දුටු බවද, 1 වන විත්තිකරු මීට පෙර දැක ඇති නමුත් රංගජීව වශයෙන් හඳුනාගත්තේ තම සහෝදරයා රංගජීව යනුවෙන් නම ප්‍රකාශ කිරීම නිසා බව සාක්‍ෂිකරු පිළිගෙන ඇත. ඊට අමතරව 1 වන විත්තිකරුගේ මුහුණද තමා නිරීක්‍ෂණය කළ බව සාක්‍ෂිකරු ප්‍රකාශ කරයි. 1 වන විත්තිකරු ඒ අවස්ථාවේ හැඳ සිටියේ කළු පාට දිග කලිසමක් සහ කළු පාට බැනියමක් බව මෙම සාක්‍ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත..නැවත පිරිස පෙරවරු 4ට පමණ වාට්ටුව තුළට දැමු බවත් තම සහෝදරයා රැගෙන ගිය පසු වෙඩි ශබ්ද දෙකක්ද මෙම සාක්‍ෂිකරුට ඇසී ඇත. සහෝදරයා රැගෙන ගිය දෙසින් එම ශබ්දය ඇසෙන විට ඔහුව රැගෙන ගොස් පැය කාලයක් පමණ ගතව තිබී ඇත. අලුයම 5ට පමණ තම සහෝදරයා මරා දමා ඇති බවට මෙම සාක්‍ෂිකරුට දැනගැනීමට ලැබී ඇත.... තවද මෙම නඩුවෙදී 1 වන විත්තිකරු ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් මෙම සාක්‍ෂිකරුවන් අතර යම් නොගැළපීමක් ඇති බව නිරීක්‍ෂණය විය. ඉන්දික නමැති සාක්‍ෂිකරුට අනුව 1 වන විත්තිකරු කළු කොට කලිසමක් ඇඳ සිට ඇත. කුඩා බණ්ඩා සහ ලියනාරච්චිගේ සාක්‍ෂියට අනුව දිග කලිසමක් ඇඳ සිට ඇත. මෙතැන පැහැදිලිව බැලූ බැල්මට ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් පරස්පරයක් මතුවී ඇත. මෙම කරුණ සලකා බැලීමේදී මීට පෙර විශ්ලේෂණය කළ ආකාරයටම මෙම සිද්ධි නිරීක්‍ෂණය කිරීම අහඹු එක සිද්ධියක් නොව දීර්ඝ කාල පරාසයක් තුළ සිදුවීම් මාලාවක් බව සැලකිල්ලට ගත යුතු වේ. මෙදින 1 වන විත්තිකරු ලෙස සාක්‍ෂිකරුවන් සඳහන් කළ පුද්ගලයා සහ තවත් දෙදෙනකු සිවිල් ඇඳුමෙන් සිට ඇති බවට පොදුවේ සාක්‍ෂි සලකා බැලීමේදී හෙළිදරව් වේ. එවන් අවස්ථාවකදී දීර්ඝ කාලයකට පසු සාක්‍ෂි දීම හේතුවෙන් එක් එක් පුද්ගලයාගේ මතක ශක්තිය, ධාරණ ශක්තියේ ඇති වෙනස්කම් සලකා බැලීමේදී මෙම පරස්පරභාවය හිතාමතා අසත්‍යයක් ප්‍රකාශ කිරීමේ හේතුවෙන් නොව මතකයේ දුර්වලතාවක් සහ මෙම සිද්ධියට අදාළ පරිවේශයන් හේතුවෙන් සිදුවූවක් බවට ප්‍රබල ලෙස ගම්‍ය වන කරුණක් වේ. ඒ අනුව මෙම පරස්පරතාව සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සලකා බැලීමේදී හරයට කිඳා බසින කරුණක් නොවන බව ඉහත හේතු මත තීරණය කරනු ලැබේ..දුරකථන කුලුනු වාර්තා.0722122379 දරන අංකයෙන් යුත් දුරකථන සමබන්ධතාව එටිසලාට් සමාගම විසින් මෙම නඩුවේ 1 වන චුදිත වෙත ලබාදෙන ලද දුරකථන සම්බන්ධතාවක් බවත්, ඉහත කී දුරකථන සම්බබ්ධතාව 1 චුදිත විසින් 2012 නොවැම්බර් 9 සහ 10 වන දිනවල භාවිත කළ බවත් පිළිගැනීම් ලෙස සලකුණු කර ඇත..හච් ආයතනයේ ජාල සැකසුම් පිළිබඳ ජේ්‍යෂ්ඨ කළමනාකරු ලෙස සේවය කරන සසංග චාමර ගමගේ නමැති සාක්‍ෂිකරු සාක්‍ෂි දෙමින් පවසා ඇත්තේ පැ.69 දූරකථන විස්තර වාර්තාව 0722122379 දරන අංකයට අදාළ 2012 නොවැම්බර් 01 දින සිට 2012 දෙසැම්බර් 01 දින දක්වා වූ වාර්තාවක් බවත්ය..සාක්‍ෂිකරු 2012 නොවැම්බර් 10 දිනට අදාළව දුරකථන ඇමතුම් කිහිපයක් පිළිබඳව විස්තරාත්මකව සාක්‍ෂි දී ඇත. ඒ අතරින් නොවැම්බර් 9 දින පැය 22.26ට, 22.30ට, 22.31ට, 22.33ට, 22.34ට, 22.55ට, 23.21ට, 23.23ට, 2012 නොවැම්බර් 10 දින පැය 00.06ට, 00.43ට, පැය 1.10ට සහ පැය 2.15ට 1 වන චුදිතගේ ඉහත කී දුරකථන සම්බන්ධතාව සමග සම්බන්ධවී ඇති දුරකථන ඇමතුම් මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ සංඥා පහන් කණුව අසල පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබුණු කුලුන හරහා සම්බන්ධවී ඇති බව මෙම සාක්‍ෂිකරු ප්‍රකාශ කර ඇත..සාක්‍ෂිකරු ප්‍රකාශ කර ඇත්තේ ඉහත කී කුලුන මගින් බේස්ලයින් පාරේ දෙමටගොඩ දිශාවේ සිට බන්ධනාගාරය ඉදිරිපසින් බොරැල්ල හන්දියේ මැද ප්‍රදේශය දක්වාවූ කලාපය ආවරණය වන බවයි. මෙම සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය විමසීමේදී අධිකරණයට එළඹිය හැකි අනුමිතිය වන්නේ 2021 නොවැම්බර් 9 දින පැය 22.26 සහ 2012 නොවැම්බර් 10 දින පැය 2.15 අතර කාලය තුළ 1 වන චුදිත ඉහත කී කලාපය තුළ සිටි බව පමණි. ඔහු එම කාලය තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළම සිටි බවක් මෙම සාක්‍ෂිකරුගේ සාක්‍ෂියෙන් නිශ්චිතව අනාවරණය නොවේ. අනෙක් අතට ඉහත කාලය තුළ තමා නාලන්ද විදුහල අසළ ස්ථානයක සිටි බවට 1 වන චුදිත ගෙන ඇති ස්ථාවරය බැහැර කිරීමේ හැකියාවක්ද මෙම අධිකරණයට නැත..මෙම සාක්‍ෂිකරුගේ සාක්‍ෂියෙන් අනාවරණය වන තවත් කරුණක් ඇත. එනම් 2012 නොවැම්බර් 10 දින පැය 3.25ට ඩීන්ස් පාරේ පිහිටි කුලුනක් හරහා 1 චුදිතගේ දූරකථනය ඇමතුමකට සම්බන්ධ වී ඇති බවයි. ඒ සම්බන්යෙන් සාක්‍ෂිකරු පවසා ඇත්තේ එම ඇමතුම වැලිකඩ බන්ධනාගාරය අසල සිටින තැනැත්තෙක් සන්තකයේ තබාගෙන සිටින දුරකථනයකින් නිකුත්වීමේ සම්භාවිතාව බෙහෙවින් අඩු බවයි. එසේ නම් 2012 නොවැම්බර් 10 දින පැය 3.25 වන විට චුදිත වැලිකඩ බන්ධනාගාරය අසල නොවන වෙනත් ස්ථානයක සිට ඇති බවද පෙනේ..ඉහත කරුණු සමස්තයක් ලෙස සැලකීමේදී පෙනීයන්නේ අදාළ කාලය තුළ 1 චුදිත වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළම සිටි බවක් මෙම සාක්‍ෂිකරුගේ සාක්‍ෂියෙන් නිශ්චිතව තහවුරු නොවන බවයි.... පළමුව ඉහත අපරාධයන් සිදුකිරීමේදී 1 වන විත්තිකරු ඊට සහභාගි වූවේද යන්න සම්බන්ධයෙන් සහ ඔහුගේ හඳුනාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්‍ෂි සලකා බැලිය යුතු වේ. එනම් පැමිණිල්ල විසින් එම අවස්ථාවේ 1 වන විත්තිකරුම ඊට සහභාගිවී ඇති බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය..පැසා 2 කුඩා බණ්ඩාගේ සාක්‍ෂියට අනුව 1 වන විත්තිකරු ඔහු මෙම සිද්ධියට පෙර දැක තිබුණු අයෙකු නොවේ. මේ නඩුවේදී පැසා 2ගේ සාක්‍ෂිය 1 වන විත්තිකරු හඳාුනාගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉතිරිව ඇත්තේ සිද්ධියට වසර 9කට පමණ පසුව විත්තිකූඩුවේ සිට කරනු ලබන හඳුනාගැනීමකි. තමා මීට පෙර කිසි අවස්ථාවක දැක නැති අයකු කාලයක් ගතවීමෙන් පසුව විත්තිකූඩුවේ සිට හඳුනාගැනීම මත විශ්වාසය තබන්නේ නම් එය සුපරීක්‍ෂාකාරීව සලකා බැලිය යුතුය. මෙම අධිකරණයේ සාක්‍ෂි දෙමින් 1 වන විත්තිකරුගේ රූප ස්වභාවය කිසියම් හෝ ප්‍රසිද්ධ චරිතයකට සමාන අංග ලක්‍ෂණ පවතින බවක් සාක්‍ෂිකරු ප්‍රකාශ කරන ලදි.... මෙම පසුබිම යටතේ යම් ආකාරයකට දුර්වල ආලෝක තත්වයක් යටතේ ඉතා කෛටි වේලාවක් තුළ කරන ලද නිරීක්‍ෂණයන් මත වසර 9කට පසුව අධිකරණයේ විත්තිකූඩුවේදී විත්තිකරුවකු හඳුනා ගැනීම මත විශ්වාසය තබා කටයුතු කිරීම ප්‍රවේශම්සහගත නොවන සහ අනාරක්‍ෂිත බව පිළිගත් නීති සිද්ධාන්තයයි. ඒ අනුව පැසා 1 විසින් සද්භාවයෙන් වුවද මෙම අධිකරණයේ ඔහු දුටු පුද්ගලයා 1 වන විත්තිකරු බවට හඳුන්වා පෙන්වා සිටියේ වුවද, ඉහත හේතු මත මෙවන් අපරාධ නඩුවකදී 2012 නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ පැසා 1 විසින් දුටු පුද්ගලයා මෙම 1වන විත්තිකරුම බවට එකී සාක්‍ෂිය මත තීරණය කිරීම අනාරක්‍ෂිත බව අපගේ තීරණය වේ..පැසා 4 ඉන්දික පෙරේරා විසින් පොන්න කපිල යන අය රැගෙන ගියේ 1 වන විත්තිකරු බවට අධිකරණයේ හඳුනාගෙන ඇත. සාක්‍ෂිකරු මෙම සිද්ධියට පෙර 1 විත්තිකරුව ඔහු දැක ඇති සහ හඳුනන අයකු වශයෙන් ස්ථිර සාක්‍ෂියක් ඉදිරිපත් වී නැත. .. එවැනි පසුබිමකදී ඉන් පෙර දැක නැති අයකු වසර 9කට පසුව විත්තිකූඩුවේ සිට හඳුනාගැනීම මත විහ්වාසය තබා කටයුතු කිරීම අනාරක්‍ෂිත කරුණක් වේ..1 වන විත්තිකරුගේ දුරකථන කුලුනු වාර්තා ඉදිරිපත්ව ඇත. එම සාක්‍ෂිවලින් උපරිම වශයෙන් පැමිණිල්ලේ වැසියට සලකා බැලුවා වුවද තහවුරු වන්නේ මෙම විත්තිකරුගේ ජංගම දූරකථනය 2012 නොවැම්බර් 9 වනදා රාත්‍රී 10.26 සිට පසුදින එනම් 2012 නොවැම්බර් 10 දින අලුයම 2015 අතර වැලිකඩ බන්ධනාගාරය අවට තිබී ඇති බවය. 1 වැනි විත්තිකරු සන්තකයේ එම දූරකථනය තිබුණ බවද පිළිගෙන ඇත. මෙම සාක්‍ෂියෙන් උපරිම වශයෙන් තහවුරු වන්නේ සහ ඔප්පුකළ හැකි වන්නේ 1 වන විත්තිකරු එදින මෙම වැලිකඩ ආසන්නයේ සිට බව පමණකි. අප ඉන් ඔබ්බට ගොස් 1 වැනි විත්තිකරු එදින වැලිකඩ බන්ධනාගාරය තුළ සිටි බවට මෙම දූරකථන විස්තර සාක්‍ෂිය අනුව සලකා බැලුවේ වුවද, එමගින් 1 වන විත්තිකරු මෙම චෝදනාවන්හි නම් සඳහන් පෙර කී මරණකරුවන් 7 දෙනාගේ පැහැරගෙන යාමට සම්බන්ධ වූ බවට එනයින්ම අනුමිතියකට එළඹීමට නොහැක. එනම් මෙම මරණ සිදුවූ සිද්ධිය හා සිද්ධි මාලාව ඉතා සංකීර්ණ සිද්ධි මාලාවක් වේ. විශාල පිරිසක් ඊට සම්බන්ධ වී ඇත. එවැනි පසුබිමකදී 1 වැනි විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශයේ සිටි බවට ඔප්පු වූ පමණින් ඔහු මෙම බන්ධනාගාරය තුළ සිදුවූ මරණවලට සම්බන්ධ වූ බවට ඒකායන ලෙස අනුමිතියකට එළඹීමට නොහැක. ඒ අනුව අමතර සාක්‍ෂියක් වන දූරකථන විස්තර සමග ඉහත සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සලකා බැලුවේ වුවද ඒකායන ලෙස එමගින් මෙම 1 වන විත්තිකරු මෙම අපරාධයන් සිදුකළ පුද්ගලයා ලෙසට ප්‍රබල අනුමිතියකට එළඹීමට නීත්‍යනුකුල හැකියාවක් නැත..ඒ අනුව මෙම අධිචෝදනා පත්‍රයේ චෝදනාවන්හි සඳහන් ක්‍රියාවන් සිදුකළ පුද්ගලයා මෙම අධිකරණයේ සිටිනා 1 වන විත්තිකරුම බවට ඒකායන ලෙස තීරණය කිරීම සඳහා හෝ එවන් අනුමිතියකට එළඹීමට ප්‍රමාණවත් සක්‍ෂි ඉදිරිපත් නොවීම මත 1 වන විත්තිකරුට එරෙහිව කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රබල නඩුවක් ගොඩනැගීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව අපගේ තීරණය වේ..… ඒ අනුව අපගේ ඒකමතික තීරණය වන්නේ මෙම නඩුවේ 1 වන චුදිත හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ දුබලතාව හේතුකොට ගෙන 1 වන විත්තිකරුට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි..සමාප්තයි.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleකන්නන්ගර මීමුණුපුරා කියාදෙන පාසල් කතන්දරය.Next articleතොම්සන් නදී නිම්නය වැනි විනයගරුක හෙටක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
මහජනතාව දුක් විඳීම පාලකයන් සැප විඳීම | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.2 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.මහජනතාව දුක් විඳීම පාලකයන් සැප විඳීම.By සරත් විජේසූරිය.March 2, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සරත් විජේසූරිය.සාධාරණ අන්දමින් යමක් හරි හම්බ කර නැති කරන්නැති පිරිසක් මහජන මුදල්වලින් සියලු සැප සම්පත් විඳින්නේ අඹු – දරු නෑ දෑ හිතවතුන් සමඟිනි. මේ උදවියට සාධාරණ අන්දමින් යමක් හරි හම්බ කර අඹු දරුවන් පෝෂණය කරන මහජනතාව අනේක විධ හිරිහැරවලට මුහුණ දීම ‘දේශපාලන බඩගෝස්තරය‘ පිණිස ම පරිහරණයට කිසිදු හිරිකිතයක් නැත. මැති ඇමතිවරුන්ට අද දවසේ රටේ ජනතාව විඳින හිරිහැර ගැන වේදනාවක් නොව අවම වශයෙන් ලැජ්ජාවක් හෝ නැත. මේ කාරණය සනාථ කරන්නේ මැති සභය තුළ අවිනීතව – අශීලාචාරව දොඩවන පව්කාර කතාවලිනි. සැබවින්ම මැති සභය නියෝජනය කරන්නේ මහජන නියෝජිතයන් ද?.මැති ඇමතිවරුන් සේම මහජනතාව විඳින දුක් හිරිහැර ගැන වේදනාවක් නොව අවම වශයෙන් ලැජ්ජාවක් හෝ නැති තවත් කොටසක් චීවරධාරීන් ය. ගුණ යහපත් භික්ෂූන් වහන්සේලාට නිසි බුහුමන් දක්වමින් මේ පවසා සිටින්නේ පිරිහුණ ‘චීවරධාරීන්‘ ගැන ය. ඒ උදවිය අතර මහනායක පදවි කියා පට්ටම් ඇති පිරිසක් ද සිටීම හරිම අපූරු ය. ගෝඨාභය රාජපක්ෂ රජ කරවන්නට පෙරමුණ ගත් භික්ෂූන් සතර දිග්භාගයෙන් අගනුවරට පයින් ඇවිදගෙන විත් මේ ආණ්ඩුව සහ පාලකයා අසංවේදීව මහජනතාව දුකට – විපතට පත් කර ඇති අන්දම ගැන විරෝධය පළ කළ යුතු ය. එසේ නොකරන්නේ ඇයි? බහුතරයක් භික්ෂූන්ටත් මැති ඇමතිවරුන්ට සේම හැම දේම ‘පිනට‘ ලැබෙන බැවිනි. අද භික්ෂූන්ට දායකයන් ගෙනෙන දානය වළඳන්නට අපහසුතාවක් හෝ නැද්ද? ඇති හැකි අය පමණක්ම නොවේ දානය පිළියෙල කරගෙන එන්නේ. අහිංසක පුරවැසියන් ඒ අතර අපමණ ය. මහජනතාව විරෝධය පළ කරන විට මර්දනයෙන් බිය පත් කිරීමටය පාලකයන් අරඅඳින්නේ. එහෙත් භික්ෂූන් නිකාය භේද – කුල භේද – පක්ෂ භේද පසෙකලා විරෝධය පාන්නට පාරට බැස්සොත් මහජනතාව මර්දනය කළ අන්දමට මර්දනය කරන්නට අපහසුය. එහෙත් සම්මජාතියේ එහෙම දෙයක් වෙන්නේ නැත. හේතුව ඉහළ සිට පහළට පාලකයන්ගෙන් වරදාන වරප්‍රසාද ලබා ඇති බැවිනි. එබැවින් මහජනතාව විපතට පත්ව සිටින මේ අවස්ථාවේ මහජන නියෝජිතයන් ද පිහිටට නැත. බලසම්පන්න පාලකයෙකු වෙනුවෙන් බුද්ධාගම දඩමීමා කර ගත් භික්ෂූන් ද නැත..මුඛයෙන් සහ අධෝමුඛයෙන්.ආණ්ඩුවේ ඇමැත්තන් කිහිප දෙනෙකු හා මැත්තන් කිහිප දෙනෙකු කතා කරන්නේ මුඛයෙන් නොව අධෝමුඛයෙනි. ඇතමෙකුගේ මේ දෙකම එකක් බව ද පෙනේ. පල්වල ඉහගෙන කන්නට මාන බලන මේ තක්කඩි රැළට අධෝමුඛයෙන් කතා කරමින් හෙටත් දිළිඳු නූගත් ජනතාව මුසපත් කොට ඡන්දය කොල්ල කා ගන්නට පුළුවන. ඉන් පැහැදිලි වන්නේ අද මහජනතාව විඳින හිරිහැරවලට වගකිව යුතු පුද්ගලයන් කාලයක් තිස්සේ මහජනතාවම ස්වකීය ඡන්දයෙන් නඩත්තු කර තිබෙන බව ය. රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් හෝ මේ තක්කඩින්ට ඉදිරියේ දී හෝ නාම යෝජනා ලබා නොදී සිටින්නේ නැත. ඊට අදාළ හේතු දෙකකි. එකක් ඡන්ද සෙල්ලමට වියදම් කරන්නට පුළුවන් තක්කඩින්ට බැවිනි. කළු සල්ලි තියෙන්නේ ඔවුන් ළඟය. අනෙක ඇත්ත නැත්ත කරන්නට මුඛයෙන් නොහැකිය, එය කළ හැක්කේ අධෝමුඛයෙනි..මේ විපතින් ගැලවෙන්නේ කෙසේ ද?.මේ සඳහා එකම විසඳුම සෙවිය යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුළිනි. එහෙත් ඒ වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුත්තේ තක්කඩි පිරිවරා සිටින මැති සභය තුළින් නොවේ. එය නිර්මාණය කළ යුත්තේ ප්‍රබල මහජන ව්‍යාපාරයක් තුළින් ය. එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය හා එය ‘දිනවීම‘ ද එකී මහජන ව්‍යාපාරය පෙරමුණ ගත යුතු ය..අද රට පත්ව ඇති තත්වය ගැන කම්පාවෙන් රටට සැබෑ ආදරයක් තිබෙන විවිධ වෘත්තිකයින් – ව්‍යවසායකයින් රැසක් මහජන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවීමට සූදානම් බවක් සැබවින්ම පෙනෙන්නට තිබේ. රටේ අභිවෘද්ධියම පතා – පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟුවහොත්, එය කෙසේ හෝ යථාර්ථයක් බවට පත් කර ගතහොත් අනාගතයේ දවසක මැති සභය නියෝජනය කරන බහුතරය ‘මුඛයෙන් කතා කරන‘ පිරිසක් වනු ඇත. ඇමතිකමක් නැතිව ඉන්නටම බැරි – දීර්ඝ කාලයක් ඇමතිකම් දරා සිටින ජරාජීර්ණ සත්තු හිරගෙවල්වල ගාල් කිරීම කෙසේ වෙතත් දේශපාලන වැඩබිමෙන් දුරින් දුරු කරන්නට ඉන් සාධනීය පියවර තැබිය හැකි ය..සේරම පව් බේරුගල් බොක්කට.එස්.බී. දිසානායක වසර දෙකක් තිස්සේ දත කන්නේ මොකක් හරි ඇමතිකමක් හිමි කර ගනන්ට බව නොවැටහෙන්නේ නොදරුවන්ට පමණි. ඒ වෙනුවෙන් ඔහු හිරිකිතයක් නැතිව ගෝඨාභය මුරුංගාඅත්තේ තබන්නට වෙර දරයි. එකක් ගෝඨාභය ගුණ ගායනාවයි. අනෙක යහපාලනයට සියලු වැරදි පැටවීමයි. ඒ වෙනුවෙන් ඔහු ටියුෂන් ලබා තිබෙන්නේ ජොන්ස්ටන්ගෙන් හා රෝහිතගෙන් බව පෙනේ. මොකක්දෝ හේතුවක් නිසා ගෝඨාභය එස්.බී.ට කැබිනට් ඇමිතිකමක් තබා රාජ්‍ය ඇමතිකමක්වත් නොදෙන තැනක සිටියි. අනුකම්පාවෙන් කියා ‘සනීපාරක්ෂක කටයුතු පිළිබඳ‘ අමාත්‍ය පදවියක් හෝ නිර්මාණය කරන්නේ ද නැත. ඇත්ත වශයෙන්ම එස්.බී. ට සිදුව තිබෙන්නේ විජේදාසට සිද්ධ වූ දේ ම ය. දේශපාලන බඩගෝස්තරවාදය පිණිස කතා කිරීම පෙර දවස හුළඟේ පාවී ගියත් අද ‘ජාතක පොත‘ සේ අවශ්‍ය වේලාවක් පෙරළා බලන්නට පුළුවන. මේ ලියන මොහොතේ ද මම සමාජ මාධ්‍ය හරහා එස්.බී. සහ විජේදාස ‘අවස්ථාවාදය‘ පිණිස කළ කතා කිහිපයක් නැරඹීමි. ඒ කතා අසන විට මොළේ කළඳක් තිබෙන නායකයෙකුට ඇමතිකමක් දෙන්නට නම් පුළුවන්කමක් නැත. තතු කෙසේ වුව මේ වන විට විජේදාස හති වැටී පැත්ත වැටී සිටියි. එස්.බී. තවමත් ධාවන පථයෙන් ඉවත්ව නැත. ඊයේ ප්‍රවෘත්තිවලින් නැරඹුවේ මැති සභයේ එස්.බී. ඇමතිකමක් පතා කළ නන් දෙඩවිල්ලකි. ඔහුගේ කතාවෙන් කියැවුණේ රට මේ අර්බුදයට පත්ව තිබෙන්නේ යහපාලන ආණ්ඩුව නිසා බව ය. රනිල් වික්‍රමසිංහ නිසා බව ය. මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාට 2015 න් පසුව රටේ ආර්ථිකය ‘දියුණු කිරීමට‘ අවස්ථාව අහිමි වූ නිසා බව ය. මේ ජොන්ස්ටන්ගේ හා රෝහිතගේ පන්තිවල උගන්වන දෑ නොවේ ද? තරුණ කල සිට වාම පසුබිමකින් දේශපාලනයට පිවිස, දශක ගණනාවක් තිස්සේ මැති සභය නියෝජනය කළ, ප්‍රධාන අමාත්‍යධුර ගණනාවක් දැරූ මිනිහෙකු විදිහට නොව එස්.බී. කතා කරන්නේ ඇමතිකමක් නැතිව විශාදයට පත්ව මරු විකල්ලෙන් යයි සිතේ..එස්.බී. සහ මංගල යනු දේශපාලන වැඩ බිම තුළ එකට ක්‍රීඩා කළ දෙන්නෙකි. චන්ද්‍රිකා බලයට ගෙන ඒමට පිඹුරුපත් සැකසීමේ දී මේ දෙන්නා වැඩ කළේ ගජ මිතුරන්ව ය. පුදුම හිතෙන්නේ මංගල සිය දේශපාලන භූමිකාව ඉහළට ඔසවා ගත් අන්දම හා එස්.බී. සිය දේශපාලන භූමිකාව පහළට තල්ලු කරගෙන සිටින අන්දම ගැන ය. මංගල ලෝකය සමඟ සහ සම්බන්ධතා සමඟින් බුද්ධිමත් දේශපාලනඥයෙක් විය. දේශපාලනයේ සෑම අංශයකින්ම දක්ෂයෙක් – වැඩකාරයෙක් විය. එස්.බී. දේශපාලන වැඩබිම තුළ අපතයෙකුගේ ඉරණමට තල්ලු වී සිටියි..ඉතින් අද වන විට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් යයි කියන, එස්.බී. ජාතියේ උදවිය ගණනාවක් මැති සභයේ සිටිති. ඔවුන් දේශපාලන වැඩ බිමෙන් දුරින් දුරු කළ යුතු නොවේ ද? එය කළ යුත්තේ හොර පාරවල්වලින් කුමන්ත්‍රණ කොට නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ මෙබඳු චරිතවලට නාම යෝජනා ලබා ගන්නට බැරි අන්දමට නෛතික ප්‍රතිපාදන සම්පාදනයෙනි. එවැනි ප්‍රතිපාදන සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවේ දැන් පවතින ආණ්ඩුවකින් අපේක්ෂා කළ නොහැකි ය. එය ඉන් පිටස්තර – සැබවින්ම ‘අලුත්ම‘ මැති සභයක් නිර්මාණය කළ හැකි ප්‍රබල සමාජ ව්‍යාපාරයකින් පමණි කළ හැක්කේ.සිරිසේන රනිල් බල අරගලයකින් වැනසුණ ද යහ පාලන ආණ්ඩුව සිදු කළ දේශපාලන ප්‍රතිසංස්කරණ මාවත ඉදිරියට ගෙන යන්නට පුළුවන් වී නම් අද ලංකාව මේ තරම් විනාශයකට පත් වන්නේ නැත..සැප විඳීම දැක සතුටු වීම.ලංකාවේ දේශපාලන චරිත සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණයක් පෙන්වා දුන්නේ මංගල සමරවීර ය. ඔහු විස්තර කළේ ලංකාවේ ජනතාවගේ බුද්ධි දරිද්‍රතාව තමා හඳුනා ගත්තේ මැති ඇමතිවරුන් සහපිරිවර සමඟ – රථ පෙරහැරකින් පැමිණීම අපේක්ෂා කිරීම හා ඒ ගැන ආඩම්බර වීම ඔස්සේ බව ය. ඉන් මිදුණ කෙනෙකුට මහජන වරමක් ලබා ගන්නට ඉතා අපහසු බව ඔහු නිදසුන් මගින් පෙන්වා දුන්නේය. ලංකාවේ දිළිඳුකම සම්බන්ධ එක යථාර්ථයක් නම් කිසිම අවකාශයක කිසිම බලයක් පරිහරණය කළ නොහැකි ජනතාවක්, දේශපාලනඥයෙකු බලසම්පන්න වීමට දක්වන කැමැත්තයි. මේ සැබවින්ම මුග්ධ කැමැත්තකි. මහින්ද රාජපක්ෂගේ දරුවන් තිදෙනා සිය අඹුවන් සමඟ – සුනඛයන් සමඟ මහජන මුදලින් සුර සැප විඳින අන්දම දකිමින්, අගය කරමින් පසුවෙන යථාර්ථයක් දකින්නට තිබේ. අභාග්‍යය වන්නේ මේ මුග්ධ කැමැත්ත තුළ නූගත් වියපත් – ගැමියන් නොව, යම් කිසි අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන් ද සිටීම ය..”නෙළා ගන්න බෑ, අපේ අත දිග නෑ, අනේ තවත් තව මල් පිපියන්” කියා තුටින් ගයන්නට පේවුණ ජනතාවක් – තරුණ පිරිසක් රට තුළ වැඩී වර්ධනය වී සිටින්නේ කිසිවක් සම්බන්ධයෙන් විචාර බුද්ධියක් නැතිකම නිසා ම ද?.බලය භුක්ති විඳීමට මැති ඇමතිවරුන්ට වරමක් ලැබී නැත. ඔව්හු එවැනි වරමක් නිර්මාණය කරගෙන සිටිති. ඒ වරම නිර්මාණය වී තිබෙන්නේ ඉහළ සිට පහළට ය. පවුල් පිටින් බලය උරුම කර ගැනීමට පොර බදන්නේ බලයේ රස විවිධ ස්වරූපවලින් භුක්ති විඳ ඇති නිසාය. මේ රටේ නීතියට පටහැනි තත්වයක් වුව ජනතාවට සිදු වන්නේ බලා සිටීමටය. මේ අවාසනාවන්ත තත්වයෙන් මිදෙන්නට නම් මහජන නියෝජිතයෙකු ලෙස පත්වීමට අවශ්‍ය සුදුසුකම හා ජන වරමක් ලබා ගත් පසු එය පෞද්ගලික බූදලයක් බවට පෙරළා ගන්නට නොහැකි අන්දමට නිසි විනිවිදභාවයකින් යුක්ත නෛතික ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් තහවුරු කළ යුතු වේ. මෙහි පදනම විය යුත්තේ අසීමිතව මහජන මුදලින් නඩත්තු වීමට තිබෙන අවකාශය අහිමි කිරීම ය..කිසිම කිසි සුදුසුකමක් නැතිව පවුලේ සාමාජිකයන් වැටුප් ලබන තනතුරු හිමි කිරීමට මහජන නියෝජිතයෙකු පවා අද පියවර ගන්නා ක්‍රම සහ විධි ඇත. දුෂ්කර පළාතකින් මැති සභයට තේරී පත්වුණ පුද්ගලයෙකු නියෝජ්‍ය ඇමතිකමක් නොලැබීම නිසා ආණ්ඩුවට එරෙහි ආස්ථානයක් ගත්තේය. එවක ජනාධිපතිවරයා ඔහු කැඳවා ඔහු දිනා ගත් අන්දම අසන්නට ලැබිණි. ඔහුගේ බිරිඳගේ සහෝදරයා කිසියම් රටක තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පත් කර හැරියේ ය. මේ පුද්ගලයා රැකියාවක් ලෙස කළේ වී මෝල් හිමියෙකු වෙනුවෙන් වී ලබා ගැනීමට ‘මැර බලය‘ පරිහරණය කිරීම ය. ඔහුව තානාපති කාර්යාලයක රැකියාවකට පිටත් කර හැරීම එක ගලකින් කුරුල්ලන් දෙන්නෙකු බිම දැමීම වෙන්නටත් පුළුවන. ඊටත් වඩා අපූරු කාරණාව අර මන්ත්‍රීවරයාගේ පවුලට සම්බන්ධ කිසියම් අධ්‍යාපනයක් ලත් එකම තැනැත්තා මොහු වීම ය. අධ්‍යාපන සුදුසුකම උසස් පෙළ දක්වා ඉගෙනීම ය. එක වරක් හෝ උසස් පෙළ විභාගයට පෙනී සිට නැත. මේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා යටතේ තිබුණ අමාත්‍යාංශයක අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු බවට පත්කොට ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් හා ඉන්ධන ද ලබා දී ඇත. ඉන් ටික කලකට පසුව මේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පළාත්පාලන මැතිවරණයට නාම යෝජනා ලබයි. අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය පෙළ විෂයන් දෙකක් සමත්ව සිටීම ය. නාම යෝනා ලබන අවස්ථාව වන විට සිය පියාගේ බල ප්‍රදේශයේ සැරි සැරීමෙන් දේශපාලන චරිතයකට පේ වෙන්නට පසුබිම පියා සාදා දී ඇත..එක්තරා රටක තානාපතිවරයා මට පැවසුවේ සිය දෙවෙනියා ලෙස පත්ව සිටින පුද්ගලයා සිය විවාහ මංගල උත්සවයට පැමිණි ජනාධිපතිගෙන් තිළිණයක් ලෙස මේ පත්වීම ලබා ඇති බවය. ඔහුගේ පියා දේශපාලන වැඩ බිම තුළ චණ්ඩිකම් කළ කෙනෙකු නිසා පියාට සැලකීමක් ලෙස මේ තනතුර ලබා දී ඇත. මේ පුද්ගලයා යම් කලක මේ රටේම රියැදුරු සේවය කර තිබීම සුදුසුකම ය..මේ අප්‍රමාණ නිදසුන් අතරින් දෙකකි. ඉතින් ලංකාව මොන විදිහක රටක් ද?.කාලයක් තිස්සේ මහජන වරම අවභාවිතයෙන් දේශපාලන බලය වෙනුවෙන් රිසි රිසි අය නඩත්තු කිරීමට රටේ නීතියක් තිබේ ද? මේ යථාර්ථය දකින දකින උදවිය අතුරින් සැප විඳීම දැක සැප විඳීමට සතුටුව තමන්ට සමීපතම දේශපාලනඥයාට ‘වන්දනා‘ කිරීම එක්තරා අවාසනාවන්ත තත්වයකි. මෙයින් පෙනී යන්නේ රටක නීතියක් කියා එක්ක තිබුණත්, මහජන නියෝජිතයන් ලෙස පත්වන පුද්ගලයන්ට රටේ නායකයා සමඟ හිත හොඳ නම් නීතියට ඔහේ තිබෙන්නට හැර කැමැත්තක් කළ හැකි බව ය, කර ගත හැකි බව ය. ලංකාවේ දේශපාලන යාන්ත්‍රණයේ සංකීර්ණම ප්‍රශ්නය තිබෙන්නේ මහජන නියෝජිතයන් ලෙස පත්වීමට දොරටුව ඇර ගන්නට පුළුවන්කම හා බැදී තිබෙන කිසි ‘චාරයක් හෝ පදනමක්‘ හෝ නැති පක්ෂවල හා ඒ පක්ෂවල නායකයන්ගේ ආකල්පයන් වේ. මහජන නියෝජිතයෙකු ලෙස පත්වන පුද්ගලයා නීති සම්පාදනයට සුදුසු කෙනෙකු නොවනවා පමණක් නොව, නීති ගරුක කෙනෙකු ද නොවන බැවින් මේ කාලයක් තිස්සේ ඔඩුදුවා තිබෙන තුවාලය සනීප කරන්නට නොහැකි ය. කකුළම කපා ඉවත් කළ යුතුව ඇත. අලුත් ව්‍යවස්ථාවක් තුළ කල්පනාවට ගත යුතු බැරූරුම් කරුණක් මෙහි නොතිබේ ද?.දන් දීමෙන් දුක නැති කළ හැකි ද?.දුප්පත්කම හා අසරණකම සමඟ ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැට ගැසී ඇත. දේශපාලනඥයෙකුට ජන වරමක් වෙනුවෙන් ආසනයක – දිස්ත්‍රික්කයක වැඩ කරන්නට පිරිසක් අවශ්‍ය බැවින් දුප්පත් හා අසරණ පුද්ගලයන් ඒකරාශි කර ගන්නට හැකි වී තිබේ. මේ පුද්ගලයන්ගේ ඛේදය නම් දේශපාලනඥයෙකුට සමීපව ‘පිනට‘ හැමදේම ලබා ගැනීමට කල්පනා කිරීම ය. මේ නිසා වැඩ කළ හැකි ජනතාවක් ආධාර ලබන රටක් බවට ලංකාව පත්ව තිබේ. අනෙක් කාරණාව නම් යම් කෙනෙකුගේ දරුවෙකුට ලබා තිබෙන අධ්‍යාපනයේ තරමට රැකියාවක් ලබා ගන්නට දේශපාලනඥයෙකුට බැළමෙහෙවර කර තිබීම අදාළ වීම ය. රාජ්‍ය ආයතනවල – රෝහල්වල කාලයක් තිස්සේ රැකියා ලබා තිබෙන උදවිය මන්ත්‍රීවරයාගේ උදව්වෙනි රැකියාවක් ලබා තිබෙන්නේ. එසේ රැකියා ලබා තිබෙන අයගෙන් සැලකිය යුතු පිරිසක් අදාළ ස්ථානයෙන් වැටුප ලබා ගත්ත ද වැඩ කරන්නේ මන්ත්‍රීවරයාගේ – නැත්නම් ඇමතිවරයාගේ නිවසේය, නැත්නම් ව්‍යාපාරයක ය..ලංකාවේ අනාගතය වෙනුවෙන් ‘දන්දීම‘ – ‘පිනට දීම‘ නතර කළ යුතු නොවේ ද?.රටේ ප්‍රශ්න – ජනතාවගේ ප්‍රශ්න එක එක පුද්ගලයන් තම තමන්ට හැකි අන්දමින් ‘පරිත්‍යාග කිරීම‘ පවා සිදු කරන්නේ දේශපාලන වරම වෙනුවෙන් ආයෝජන ලෙසිනි. මේවා කොතරම් අවලස්සණ ද?.රෝහලකට අවශ්‍ය උපකරණ අවශ්‍යතාව අනුව සපයන්නට බැරි ආණ්ඩුවක් මැති ඇමතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන ආනයනය කරන්නට සමත්ය..වසංගත සමය ආරම්භයේ රාජ්‍ය ඇමතිවරියක් ජනතාවගේ ආධාර ඉල්ලා සිටියේ ප්‍රසිද්ධියේ ය. ඇය එවැනි ඉල්ලීමක් කරන විට ආණ්ඩුවේ අයිතිකාර ජාවාරම් කාරයෙක් වසංගතය තුළින් හරි හම්බ කර ගන්නට පියවර තබන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය උපරිමයෙන් ලබමිනි..අද වන විට පෙනී යන්නේ රටේ හෝ ජනතාවගේ හැම ව්‍යසනයක්ම දඩමීමා කරගෙන කළු සල්ලි ඉපයීමට – මහජන මුදල් කොල්ලකෑමට හැකි තත්වයකට රට පත්ව තිබෙන බවයි..දේශපාලනඥයන්ගෙන් – මැති ඇමතිවරුන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වලින්, දේශපාලන බලය අවභාවිත කොට ව්‍යාපාර කිරීම, ජාවාරම් කිරීම නිර්භීත ප්‍රතිපත්තියක පිහිටා නවතා දමන්නට හැකි වුවහොත් ඉන් රටේ ආර්ථික සංවර්ධනයට පමණක් නොව, රටට – ජනතාවට අවශ්‍ය දේ සාධාරණ මිලකට, ‘හොඳම දේ‘ මිලට ගන්නට පුළුවන් ආර්ථික ව්‍යුහයක් ගොඩ නැඟෙනු ඇත. ශීලාචාර – නීති ගරුක ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවී රටේ ආර්ථිකය ගොඩ නැඟීමට කැප වෙනු ඇත. අද ලංකාව තිබෙන්නේ කිසිම ව්‍යවසායකයෙකුට කවර ව්‍යාපාරයක් හෝ ආරම්භ කොට පවත්වාගෙන යන්නට පළාත්පාලන ආයතනයේ නියෝජිතයන්ගේ සිට අල්ලස් දෙන්නට සිදුව ඇති තත්වයකය. මෙවැනි පසුබිමක වැදගත් ව්‍යාපාරික ප්‍රජාවක් හෝ ව්‍යාපාරික සංස්කෘතියක් නිර්මාණය වන්නේ නැත..මට මෙහිදී සිහි වන්නේ රජයෙන් පත්වීම් පෙර දවස ලැබුණ සැටි ය..මගේ සහෝදරියන් දෙන්නෙකුට දෙවතාවකදී ගුරු පත්වීම් ලැබිණි. මේ දෙන්නාටම පත්වීම් ලැබුණේ තැපෑලෙනි. පත්වීම් ලබන්නට එදවස අරලිය ගහ මන්දිරයට හෝ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියට යන්නට කාටවත් සිදු නොවුණි. අද තත්වය ගැන තුත නොදන්නේ කවුරුන් ද?.මගේ ව්‍යාපාරික මිත්‍රයෙකු පැවසුවේ තමන් ව්‍යාපාර ආරම්භ කළ අවධියේ අදාළ සේවාව විධිමත්ව ලබා ගන්නට පුළුවන් වුණ බවත්, එය විධිමත්ව ඉටු කළ පසු ඊට අදාළ ගෙවීමට අදාළ චෙක්පත තමන්ගේ කාර්යාලයේ සේකයෙකු අදාළ ආයතනයට ගොස් රැගෙන ආ බවත්ය. චෙක්පත ලබා ගන්නට හෝ අල්ලසක් දෙන්නට එදවස සිදු නොවුණ බව ඔහු විස්තර කළේ කිසියම් ගෞරවයකිනි..අද තත්වය කොහොමදැයි මම ඇසුවෙමි..අද තත්වය අදාළ සේවය කළ පසුව, ව්‍යාපාරය පවත්වාගෙන යන්නට අවැසි බැවින් ලැබෙන්නට තිබෙන ගෙවීම් ගොඩ ගැසුණු පසුව දහ අතේ දුව පැන – පුද පූජා කොට භාර හාර ඔප්පු කොට ලැබෙන්නට තිබෙන මුදලෙන් සොච්චමක් ලබා ගන්නා ‘දියුණු‘ තත්වයක් පවතින බව ය..ඉතින් ලංකාව දියුණු වෙන්නේ කෙසේ ද?.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් විසඳිය යුතු වැදගත් ප්‍රශ්න තිබෙන බව සැබෑවකි. එහෙත් ඒ තරමටම ශීලාචාර දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟීමට අවශ්‍ය නෛතික අවකාශයන් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය. අනෙක් වැදගත්ම කාරණාව නම් ‘ව්‍යාජ සමාජවාදී ධජයක්‘ ඔසවාගෙන් රටේ ආර්ථිකය ගොඩ නැංවිය නොහැකි බව නිසි අයුරින් වටහා ගෙන රාජ්‍ය අංශයෙන් මිදුණ – නිසි අධීක්ෂණයකින් සමන්විත ‘පෞද්ගලික ව්‍යවසායකයන්‘ට අවශ්‍ය පහුසකම් සහිත විධිමත් හා විනිවදභාවයකින් යුක්ත ආර්ථික ව්‍යුහයක් වෙනුවෙන් නෛතික පදනම දැමීම ය. වියත්මඟ ඔස්සේ නිර්මාණය වුණ කළු සල්ලි ජාවාරම්කාර ව්‍යාපාර සංස්කෘතියට තිත තැබීම අවශ්‍යයෙන් සිදු විය යුතුය. ලංකාව බංකොලොත් කර තිබෙන්නේ ඔවුන් වග රටට අනාවරණය කිරීම ඔස්සේ වැදගත් මහජන වරමක් ලබා ගන්නට ප්‍රබල මහජන ව්‍යාපාරයකට හැකි විය යුතුය. එය නොහැකි නම් දශක ගණනාවක් තිස්සේ අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ සියල්ලන්ම අසාර්ථක බව පිළිගත යුතුව ඇත. වැල යන අතට මැස්සත් ගසාගන්නට ඉඩ දී දේශපාලනයට නීති ගරුක පුරවැසියන් ද ‘තිත‘ තබා ගත යුතු වේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසහරාන් සහ ඔහුගේ ආණ්ඩු හිතමිතුරන් ගැන.ශානිගේ හෙළිදරව්ව.Next articleවිකල්ප විප්ලවවාදී ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ.කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.මනෝ ගනේෂන්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
වීරවංසත් ගෝ හෝම් දැන් ජාතියට මග කියාදෙන්නේ වීරවංසද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වීරවංසත් ගෝ හෝම් දැන් ජාතියට මග කියාදෙන්නේ වීරවංසද?.By සංස්කාරක.May 11, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.විමල් වීරවංස මහතා මේ වෙලාවේ හදන්නේ ජාතියට මග පෙන්වන්නා බවට පත්වෙන්නටය. රටේ ආණ්ඩුවත්, ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්‍ෂත්, විරුද්ධ පක්‍ෂත්, අරගලකරුවනුත්, මහජනතාවත් කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන දැන් කියාදෙන්නට හදන්නේ වීරවංසය. චරිත සහතික දෙන්නට හදන්නේ වීරවංසය. ඔහුගේ මැයි රැස්වීමේ තේමාව අධිරාජ්‍යවාදයට එරෙහිවීමය..ඒ රැස්වීමේදී ඔහු හැමෝටම උපදෙස් දෙන්නට උත්සාහ ගත්තේය. ගෝල්ෆේස් අරගලය ගැන ඔහුගේ අදහස මේකය..‘ඕන ජොකියකුට පුළුවන් ගෝල්ෆේස් ගියොත් වීරයෙක් වෙන්න. ඕන රස්තියාදුකාරයෙක්ට එතැනට ගියොත් වීරයෙක් වෙන්න පුළුවන්. හැබැයි අර්බුදය ඇතුළෙ අරගලකාරයෙක් වෙන එක නෙවෙයි අභියෝගය.’.ගෝල්ෆේස් පැත්තේ එක දවසක්වත් ගිය කෙනකු වීරවංසගේ මේ කුහක කතාව පිළිගන්නවාද? ඕනෑ ජොකියකුට, රස්තියාදුකාරයකුට එහිදී වීරයකු විය හැකි බව දැක තිබෙනවාද? නැත. එහෙත්, ඕනෑම රස්තියාදුකාරයකුට, ජොකියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත්, ඇමතිවරයකුත් වන්නට නම් පුළුවන. වීරවංස ඊට හොඳම උදාහරණය නොවුණත් උදාහරණයකි..පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ දෙනකුත් වීරවංසගේ පක්‍ෂයේ අයත් තව උදාහරණය..මෙහෙම කියන වීරවංසට කියන්නට තිබෙන්නේ, පුළුවන්නම් ගෝල්ෆේස් පැත්තට විනාඩියකට යන්නට කියාය. එහි ඉන්නා ‘ජොකියන්, රස්තියාදුකාරයන්’ ඔහුට වීරයකු හැටියට සලකන හැටි එවිට අපට බලන්නට පුළුවන..අරගලය ගැන අර්ථ නිරූපණ දෙන්නට හදන මේ වීරවංසගේ පැටිකිරිය නොදන්නේ රටේ කවුරුද? ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය පැමිණ අවුරුදු තිස්ගාණක් දේශපාලනය කළත්, ඇමතිකම් කොතරම් දැරුවත්, ලංකාවේ සිටින සීරියස් දේශපාලකයකු හැටියට වැරදීමකින්වත් කිසිවකු ඔහු පිළිගන්නවාද? මුඛරි කටෙන්, හැමදාම මේ රටේ මිනිසුන් අතර ජාතිවාදී ආගම්වාදී භේද ඇවිළුවා වූ, දිවිහිමියෙන් රාජපක්‍ෂ වලව්වේ කීකරු වහලකු බවට පත්වී සිටියා වූ (අදද එහි වෙනසක් නැත), මේ අපකීර්තිමත් දේශපාලකයා, අනුන්ගේ දේශපාලනය ගැන, අරගල ගැන අර්ථකථන දෙන විට තමන්ගේම අතීත කෙරුවාව ගැන ඉතා පරෙස්සම් විය යුතුය. ඔහුගේ දේශපාලන අතීතයත් පෞද්ගලික අතීතයත් ඒ තරම්ම පිළිකුල්ය. පහත්ය. වංචාකාරීය. ව්‍යසනකාරීය..වීරවංසට ගුවන්ගමන් බලපත්‍ර දෙකක් තිබුණේද? ඒවා ලබාගැනීම සඳහා තම උපන් දිනය ඔහු ව්‍යාජ ලෙස යොදා තිබුණිද? ඔහුගේ බිරිඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට අධිකරණය ඉදිරියේ නඩු තිබිණිද? ජීවිත කාලය තුළ වීරවංස සහ බිරිඳ නම් කීයකින් පෙනීසිට තිබේද? මාවරමණ්ඩියේ පර්චස් 4 කුඩා ඉඩමක නියෝජිත තැපැල් හලක් පවත්වාගෙන ගිය විමල් වීරවංස, දැන් පිට්ටුගල, මාලබේ ඉදිකර තිබෙන මහල් නිවස ඉදිකළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමතිවරයකු හැටියට උපයාගත් මුදලින්ද? ඔහුගේ පුත්‍රයා කොළඹ ආනන්දයට ඇතුළු වුණේත් චීනයේ උසස් අධ්‍යාපනය සඳහා ගියේත් සාමාන්‍ය ක්‍රමවලින්ද? ඒවාට පිටතින්ද? 2015න් අවසන්වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් ඇමති හැටියට සිටිද්දී, ඔහුගේ නිල නිවසේ විදුලි බිල මාසයකට රුපියල් 1,18,176.80කට වැඩිවීද, නැද්ද? එම අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන විසින් මත්තේගොඩ සහ කහතුඩුවේ ඉදිකරන ලද රජයේ නිවාස, ඔහුගේ, බිරිඳගේ පවුලේ ඥාතීන්, දේශපාලන හිතවතුන් කීදෙනකුට නියමිත මිලට අඩුවෙන් ලබාදී තිබුණිද? අමාත්‍යාංශයේ වාහන කීයක් මාගල්කන්දේ සුදත්ත වැනි පාරාජිකාවූ භික්‍ෂූන්ගේ සහ පක්‍ෂයේ සාමාජිකයන්ගේ ගමන් බිමන් සඳහා මහජන මුදලින් ඉන්ධන වියදම් කර ලබා දී නොතිබිණිද? කුරුණෑගල දොස්තර මොහොමඩ් සාෆි ගැන වඳ සැත්කම් පිළිබඳ අමූලික බොරුවක් නිර්මාණය කොට ‘ගර්භාෂ යුද්ධයක් ’ ගැන, වඳ කොත්තු ගැන, වඳ බ්‍රෙසියර් හා පෙති ගැන කියා රටේ බහුතර සිංහල ජනතාව ජාතිවාදයෙන් ඇවිළුවේ මේ කියන වීරවංස හැර වෙන කවුරුද?.ඉහත සඳහන් වෙන්නේ ඔහුගේ කිලිටි වැඩවලින් කිහිපයක් පමණි. ඇත්ත වැඩ ප්‍රමාණය ඒ මෙන් සිය ගුණයකි. රට ගැන, ජාතිය ගැන අනුනට බණ දේශනා කරන්න පෙර වීරවංස, එකී ගර්හිත අතීතය ගැන ආපස්සට හැරී බැලිය යුතුය..‘ඒ විදියට කාඩ් සෙල්ලම් කරන්න ගියොත් ඒ අර්බුදය ඇතුළේ සියලුම දෙනා පරාජිතයන් වී රාජ්‍යයත් අපට අහිමි වීමේ අවදානම තිබෙනවා.’.වීරවංස මැයි රැස්වීමේදී කිව්වේය. රාජ්‍යය, ලංකාවේ පුරවැසියන්ට අහිමිවීම ඉදිරියට සිදුවන්නට තිබෙන දෙයක් නොවේ. මේ වන විටත් ලංකාවේ වැසියන්ට තම රාජ්‍යය අහිමි වී තිබේ. අද ලංකාව තිබෙන්නේ බංකොලොත් රටක් හැටියටය. ලෝකයේ කිසිම රටකින් ලංකාවට ණයක් දෙන්නේ නැත. ණය ශ්‍රේණිගතකිරීම්වල පහළම මට්ටමේය. බෙහෙත් ටික මිලදී ගන්නට පවා මුදල් නැත. බෙහෙත් හිඟය නිසා රෝහල්වල සැත්කම් පවා නොකෙරේ. ඉන්දුනීසියාව වැනි රටවලින් ආධාර හැටියට බෙහෙත් ගන්නට සිදුවී තිබේ. බංග්ලා දේශයෙන් ස්වොප් ණය ගන්නට සිදුවී තිබේ. ඒවා ගෙවීම කල් දමාගන්නට ඔවුන්ට නැවත කනිපින්දම් කියන්නට සිදුවී තිබේ. ලංකාව බලවතුන්ගේ කෙළිබිමකි. ඉන්දියාව, චීනය සහ අමෙරිකාව හිතු හිතු හැටියට ලංකාවේ ක්‍රීඩා කරති. රටේ එක කෑල්ලක් ඉන්දියාවට දෙන විට තව කෑල්ලක් චීනයටය. තවත් කෑල්ලක් අමෙරිකාවටය. ඔය කියන ‘රාජ්‍යයක්’ රැකී තිබුණා නම්, බලවතුන්ගේ මෙවැනි කෙළිබිමක් බවට ලංකාව පත්වෙනවාද? පසුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ මේ තරම් විනාසයකට රට ඇදදැමූ ආණ්ඩුවේ සම-කප්පිත්තෙකු වුණේ වීරවංසය. ඒ විනාසයට මග කැපූ 2005-2015 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේද වීරවංසගේ චරිතය ඒ වගේමය. ඒ නිසා, අද වන විට ලංකා රාජ්‍යය, නාමිකව පමණක් පවතින දෙයක් වන තත්වයට පත්කිරීමට වීරවංසද හරි හරියට දායක වී තිබේ. ඉදිරියේදී අහිමි වන රාජ්‍යයක් ගැන ඔහු කියන විට හිනායන්නේ ඒ නිසාය..ගෝඨා ගෝ හෝම් කියන ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුවටද ගෙදර යන්නට කියති. දැන් බොරුවට ඊනියා ස්වාධීන චරිතයක් රඟපෑවාට, රාජපක්‍ෂ ආණ්ඩුත් රාජපක්‍ෂ පෙළපතත් ගෙදර යන විට වීරවංසද ගෙදර යායුතුය. බල්ලන් සමග මැක්කන්ද යා යුතුමය. රාජපක්‍ෂලා යවා වීරවංසලා තබාගැනීමෙන් රට මීට වඩා අඩියක්වත් ඉදිරියට යන්නේ නැත. රාජපක්‍ෂලා මේ රටේ පාරාජිකා වී ඇත්තේ කොයි තරම්ද විමල් වීරවංසලා ඊටත් වඩා කිහිප ගුණයකින් පාරාජිකාවී තිබේ. රාජපක්‍ෂ රජපෙළපත මේ රටේ මුල් අද්දවන්නට දරදිය ඇද්දාවූ එක් දේශපාලන වහලෙකු හැටියට වීරවංස කිහිප වාරයකින් ඊට වගකිව යුතුය..මැයි රැලියේදී රටේ දේශපාලනය කරන විදිය සජබට සහ ජවිපෙට උගන්වන්නට ආවේ මේ විමල් වීරවංසය. ‘මේ අර්බුදය දිහා ප්‍රයෝජ්‍යවාදී ඇහෙන් බැලුවොත් හරියන්නේ නැහැ. මේ අර්බුදය දිහා සම්‍යක් දෘෂ්ටි ඇහෙන් බැලිය යුතුයි. එතකොට අර්බුදයෙන් වැඩකරන ජනතාව බේරගන්න පුළුවන්. සමහර විට සජිත් ප්‍රේමදාසට මේක දොකොන පත්තු වෙච්ච විලක්කුවක්. මේක අතට ගන්නා එක මේ වෙලාවේ දරුණු වැඩක්. ඉල්ලන් කන වැඩක්. ඒ නිසා මෙහෙම ගිහිල්ලා හොම්බ බිම ඇනගන්න දෙන්න ඕනෑ. සජිත් ප්‍රේමදාස මේ දිහා බලන්නේ අර්බුදය විසින් තමාට පාර කපා දේවි කියන පටු කල්පනාවට අනුව..ජනතා විමුක්ති පෙරමුණ වුණත් බලනවා ඇති මේ අර්බුදයට කරගහන්න නරකයි. අර්බුදය මගින් මග පාදා දෙනවා බලසම්පන්න තත්වයක් ඇතිකරගන්න.’.ඇත්ත වශයෙන්ම සජබත්, ජවිපෙත් මේ දෙකොන පත්තවෙන විලක්කුවට අත නොගැසීම දේශපාලනික වශයෙන් නිවැරදි තීන්දුවකි. 2020 ජනවරම ලැබුණේ පොහොට්ටුවටය. සජබට සහ ජවිපෙට ජනතාව කිව්වේ ඔවුන් ආණ්ඩු කරන්නට සුදුසු නැති බවය. මෙපමණ කල් රාජපක්‍ෂ ආණ්ඩුව කළේ තනියම වැඩේ කරන්නට ගොස් අනාගැනීමය. දැන් සියල්ල අනාගත් පසු සර්වපාක්‍ෂික ආණ්ඩු පිහිටුවන්නට විපක්‍ෂයට කතාකරනු ලැබේ..විමල් වීරවංසලා ආණ්ඩුවෙන් එළියට බැස්සේ නැත. ගෝඨාභය රාජපක්‍ෂ ඔහුත් ගම්මන්පිලත් ඇමති මණ්ඩලයෙන් පලවා නොහරින්නට අදත් ඔවුහු ඇමතිවරුය. ඔවුන් කවදාවත් මහින්ද රාජපක්‍ෂට විරුද්ධ වුණේ නැත. කවදත් සිටියේ කවදත් මහින්ද රාජපක්‍ෂට හිතවත්වය. යටහත්වය. ගෝඨාභය ඇමතිකම්වලින් පැන්නූ පසු, ජනාධිපතිවරයාගේ උද්දච්චකම් ගැන මාධ්‍යවලට කියන්නට පටන් ගත්තෝය. ඔවුන්ට ඒ අවස්ථාවේදී වුවමනා වුණේ මහින්ද තනතුරේ තියාගෙන බැසිල් රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ එළවා දැමීමටය. ඒ දවස්වල විමල් වීරවංස මාධ්‍යයට කීවේ කුමක්ද? ‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිගේ ආණ්ඩුවක නම් ආයෙත් තනතුරු ගන්නේ නැති බව’ය. ඒ කියන්නේ ගෝඨාභය යටතේ නැවතත් තනතුරු නොදරන බවය..දැන් ඔවුන්ගේ තැටිය මාරු කර තිබේ. දැන් ඔවුන් කියන්නේ, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිකමේ තියාගෙන අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කිරීමක් ගැනය. ගෝඨාභය ආරක්‍ෂා කරගෙන වැඩකිරීමක් ගැනය..රටේ අනාගතය සඳහා මග පෙන්වන්නේ මේ පන්නයේ වීරවංසලා නම් මේ අර්බුදයෙන් අඟලක්වත් ගොඩට එන්නට අපට නොහැකිවීම පුදුමයක් නොවේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපුරවැසි අරගලය සහ ඉදිරිය.Next articleඅලුත් සිස්ටම් එකක් ඩිසයින් කිරීම.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
වෛද්‍ය සංගමයේ කුහක වත | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වෛද්‍ය සංගමයේ කුහක වත.By තරිඳු උඩුවරගෙදර.July 1, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට තිබෙන චෝදනා පිළිබඳ සත්‍ය අසත්‍යතාව ඔප්පු කළ හැක්කේ ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවකින් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය චන්දික එපිටකඩුව ජුනි 25 වැනිදා මාධ්‍ය සාකච්ඡුාවකදී කියා තිබුණි..වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට ඇති චෝදනා පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතැයිද එම කමිටු වාර්තාවේ නිගමන අතර ඉහත යෝජනාව ඇතුළත්ව ඇතැයිද එහිදී ප‍්‍රකාශ කර තිබුණි. වෛද්‍ය චන්දික එපිටකඩුවද එම පංච පුද්ගල කමිටුවේ සාමාජිකයෙකි. ඒ මාධ්‍ය සාකච්ඡුාවේදීම අදහස් දැක්වූ ඉහත පංච පුද්ගල කමිටුවේම සාමාජිකයෙකු වන අධිකරණ මනෝ වෛද්‍ය තාරක ප‍්‍රනාන්දු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය අනුමත කළ නොහැකි බවද කියා තිබුණි..ඒ කාල සීමාවේම අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍ය ඉදිරියේ කියා තිබීම අහම්බයක්ද එසේ නොවේද යන්න දන්නේ ඒ ඒ පුද්ගලයන්මය. කෙසේ වෙතත් දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නේ රතන හිමි, විමල් වීරවංශ වැනි අයගේ මතයේමය. ජනාධිපති කොමිසමක අවශ්‍යතාවත්, සීඅයිඞී පරීක්ෂණ පිළිගත නොහැකි බවත් ඒ දෙපාර්ශ්වයම කියති..මෙහි සීඅයිඞීය සිදුකරන පරීක්ෂණය යනු කුමක්දැයි තේරුම් ගත යුතුය. සීඅයිඞීය සිදුකරන පරීක්ෂණය හුදු සීඅයිඞී පරීක්ෂණයක් නොවේ. එය කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කරන පරීක්ෂණයකි. එසේනම් වෛද්‍ය නිලධාරීන්, රතන හිමි ආදින් ප‍්‍රතික්ෂේප කරන්නට උත්සාහ කරන්නේ අධිකරණය ඉදිරියේ යන පරීක්ෂණයකි..මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරන්නට වෛද්‍ය නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනාව ක‍්‍රියාත්මක කළායැයි සිතමු. එසේ වුවහොත් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ප‍්‍රශ්න කිරීම්, සාක්ෂි විමසීම් ආදිය කරමින් ජනාධිපති කොමිසමක කටයුතු ඇදී යාමය. ඉන්පසුව එයින් වාර්තාවක් ඉදිරිපත් කිරීමය. එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත යා යුත්තේ අධිකරණය ඉදිරියටමය. බැඳුම්කර ගනුදෙනුව ගැන චෝදනා උදාහරණයකට ගනිමු. ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කිරීම වෙනුවට සීඅයිඞීය හෝ වෙනත් පොලීසියට අයත් ආයතනයක් අධිකරණය ඉදිරියේ පරීක්ෂණයක් මෙහෙයවූවායැයි සිතමු. බැඳුම්කර කොමිසම ඉදිරියට ආ සාක්ෂිකරුවන් හා සාක්ෂි සියල්ල අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් වුණායැයි සිතමු. එසේනම් මේ වෙද්දීත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදෙමින් නීතිය ක‍්‍රියාත්මක කරන්නට හැකියාව තිබුණි..වෛද්‍ය සාෆිට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනට කරන්නට ඇති පරීක්ෂණය වෛද්‍ය නිලධාරීන් පෙන්වන තරම් අසීරු, සංකීර්ණ එකක් නොවේ. දැනටමත් වෛද්‍ය සාෆිගෙන් ප‍්‍රතිකාර ගත් මව්වරුන් ඉදිරියට පැමිණ ඇත. කරන්නට ඇත්තේ ඔවුන් පරීක්ෂා කිරීම පමණි. ඒ සඳහා අධිකරණයෙන් කටයුතු සූදානම් කර ඇත. ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හා ජාතිවාදී බලවේග සමගාමීව ගෙනඑන මේ යෝජනාව ක‍්‍රියාත්මක කරන්නට ගියොත් සිද්ධවෙන්නේ දැනටමත් සිදුවෙන පරීක්ෂණ අවුල් වී යෑමය..ජාතිවාදී බලවේග මේ පරීක්ෂණ අවුල් කිරීමට උත්සාහ කිරීම අපට තේරුම් ගත හැකිය. අභව්‍ය චෝදනා තොගයක් එල්ලකොට කයිවාරු ගැසූ ඔවුන්ට දැන් සැබෑව හෙළිවෙද්දී කරගන්නට දෙයක් නැතිවී තිබෙන බව අපි දනිමු. එහෙත් වෛද්‍ය නිලධාරීන්ට සිදුවී ඇත්තේ කුමක්ද?.වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව එල්ලවූ චෝදනාව සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ට මහත් අපකීර්තියක් එල්ලකරමින් එල්ලවූ චෝදනාවකි. මීට පෙර මවුවරුන් සම්බන්ධයෙන්ම වෛද්‍ය වෘත්තිකයෙකුට එල්ලවූ චෝදනාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැසිරුණු ආකාරය මතක් කිරීම වටී. ඒ ගලහ රෝහලේදී දෙමළ ජාතික මවගේ දරුවෙකුට ප‍්‍රතිකාර කිරීමට රෝහලට ගිය අවස්ථාවේදී එම දරුවා මියයෑම පිළිබඳ සිදුවීමයි. එහිදී දරුවාගේ මව චෝදනා කළේ ගලහ රෝහලේ සිටි වෛද්‍ය නිලධාරීන් දරුවාට ක්ෂණික ප‍්‍රතිකාර ලබා නොදී නොසැලකිල්ලෙන් කටයුතු කළ බවයි. ඒ නිසා තම දරුවා මියගිය බව මවගේ චෝදනාව විය. ඒ හේතුවෙන් මහජන කැළඹීමක්ද ඇතිවිය. ඒ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව මවට එරෙහිව වෛද්‍ය වෘත්තිකයා වෙනුවෙන් පෙනී සිටියේය..එහෙත් වෛද්‍ය සාෆි ෂියාබ්දීන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනී සිටින්නේ නැත. ප‍්‍රසව හා නාරිවේද විශේෂඥයන් අතර ප‍්‍රවීණතමයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රසව හා නාරිවේද අධ්‍යනාංශයේ ප‍්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායකද කියා තිබුණේ මේ චෝදනාව පිළිගත නොහැකි අන්දමේ එකක් බවයි. අප දන්නා බොහෝ වෛද්‍යවරුන් කියන්නේද ඒ කතාවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අසාමාන්‍ය නිහඬතාව වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ගේ සිදුවීමට අදාළව පමණක් නොව සමස්තයක් ලෙස වඳපෙති, වඳබෙහෙත්, වඳ ඇඳුම් පිළිබඳ මිථ්‍යා විශ්වාස සමාජගත වීමට උත්පේ‍්‍රරකයක් වී තිබෙන බව එම වෛද්‍යවරුන්ගේ අදහසය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියට පැමිණ, වෛද්‍ය විද්‍යාත්මකව මෙවැනි ප‍්‍රචාරයන් ගැන සැබෑ වෛද්‍ය විද්‍යාත්මක තත්වය පැහැදිලි කර දුන්නා නම්, ව්‍යාජ තොරතුරු සමාජගත නොවනු ඇති බවද එම වෛද්‍යවරුන්ගේ අදහසය..Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබැටික්ලෝ කැම්පස්ට එබී බලමු කෝටි 369ක මුදල් ලැබිලා.Next articleශ‍්‍රීලපොපෙ ශ‍්‍රීලනිප සන්ධානයට ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනාධිපතිවරණයේදී කළ යුත්තේ කුමක්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනාධිපතිවරණයේදී කළ යුත්තේ කුමක්ද?.By තරිඳු උඩුවරගෙදර.November 10, 2019.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.දෙවැනි මනාපය තීරණාත්මකයි.කථිකාචාර්ය සුමිත් චාමින්ද.දැන් උදාවෙලා තියෙන දේශපාලන වාතාවරණය 2015 තිබුණු තත්වයට වඩා ඉතාම වෙනස් තත්වයක්. එදා සහ අද තිබෙන බල හවුල ගැන විශ්ලේෂණයක් ඇසුරින් ඒ දෙස බලන්න පුළුවන්. ඒ වගේම කලාපීය හා ගෝලීය දේශපාලන තත්වයත් සැලකිල්ලට අරගෙන විශ්ලේෂණය කරන්න පුළුවන්..2015දී මහින්ද රාජපක්ෂගේ ව්‍යාපෘතිය බිඳ වැටෙමින් තිබුණේ. එහෙත් ඒ ව්‍යාපෘතියේ විදියට සිංහල ජාතිකවාදී කණ්ඩායම් හිටියා වගේම යම් විදියකින් පැරණි සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු වාමාංශික කණ්ඩායම් සහ පැරණි ශ‍්‍රීලනිප සාමාජිකයනුත් හිටියා. ඊට අමතරව විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලාගේ සිංහල ජාතිකවාදී කණ්ඩායමක් හිටියා. මේ බල හවුල තුළ අදට සාපේක්ෂව අධිකාරීවාදී ලක්ෂණ තිබුණා. එහෙත් එය තුලනය කරන ඇතැම් අභ්‍යන්තර බලවේගත් තිබුණා..එහෙත් අද තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපෘතිය ඊට වඩා අධිකාරීවාදී ලක්ෂණ සහිත බල හවුලක් කියලා අපි හිතන්නේ. මොකද ඒක තුළ වියත් මග, එළිය වගේ සංවිධාන නියෝජනය කරන නව ධනේශ්වර පන්ති ස්තරයක් ඉන්නවා. වියත් මග සම්මේලනයේදී ඒ බව පේනවා. හැරී ජයවර්ධන, සුමල් පෙරේරා වගේ මූල්‍ය ධනපතීන් එතැන හිටියා. මේ ධනේශ්වර කණ්ඩායම්වලට තියෙන පොදු ලක්ෂණයක් වන්නේ පහුගිය කාලයේ ආර්ථිකය එක තැන පල්වීමේ තත්වයත් එක්ක ඔවුන්ට තමන්ගේ ලාභ ඉපැයීමේ අරමුණු සඳහා ඉතාම ශක්තිමත් පාලකයෙක් ඉල්ලා සිටීමේ ප‍්‍රවණතාවය. ඊට අමතරව යම් යම් වෘත්තීයමය කණ්ඩායම් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යවසායන් සම්බන්ධ සීඊ ඕලා හෙවත් කළමනාකරුවන්ගේ පන්තියක් එතැන ඉන්නවා. ඊට අමතරව ඉතාම අන්තවාදී සිංහල බෞද්ධ කණ්ඩායම් ඒකත් එක්ක එකතුවෙලා ඉන්නවා. මේ පිරිසට යම්කිසි ජන පදනමක් සපයන්නේ බැසිල් රාජපක්ෂ නිර්මාණය කරපු අනුග‍්‍රාහක දේශපාලනය මත පදනම් වූ පක්ෂ ව්‍යුහය..ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම කාලෙක හමුදා නිලධර ශ්‍රේණීන් පාලන පන්ති බල හවුලට ඇතුළුවෙලා නැහැ. හැමදාම හමුදා නිලධර ශ්‍රේණීන් හිටියේ දේශපාලන සමාජයට පිටින්. එහෙත් අද විශ‍්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු අය දේශපාලන සමාජයේ සක‍්‍රිය භූමිකාවක් බාරගැනීමේ අවදානමක් තියෙනවා..මේ බල හවුල තුළ මහින්ද රාජපක්ෂ වටේ හිටපු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් හිටියත් ඔවුන් සෑහෙන්න ආන්තික වෙමින් පවතිනවා. පැත්තකට තල්ලූ වෙනවා. අපි බලන්න ඕනෑ මේ ව්‍යාපෘතියට බලය ලැබුණොත් හැදෙන ආණ්ඩුව මොකක්ද කියන එකටත් වඩා හැදෙන පාලන තන්ත‍්‍රය හෙවත් රෙජීමය මොකක්ද කියලා. ඒක බොහෝවිට ඉතාම අධිකාරීවාදී ස්වරූපයක් ගන්න නව ධනේශ්වර කණ්ඩායම්වල පාලන තන්ත‍්‍රයක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඒක සිංහල බෞද්ධ අතිබහුතරය මත පදනම් වූ ව්‍යාපෘතියක් වීමේ අවදානමක් තියෙනවා..අපි ඔය තත්වය සංසන්දනය කරන්නේ ඉන්දීය නරේන්ද්‍ර මෝඩිගේ පහුගිය මහමැතිවරණ ජයග‍්‍රහණය සමඟයි. එම මැතිවරණය ක‍්‍රියාත්මක වුණේ හින්දුත්වවාදී ව්‍යාපාරය මත. හින්දු බහුතරය මත පදනම් වෙලා විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. ජයග‍්‍රහණයෙන් පස්සේ කළ දේවල් අපට දැනටමත් පෙනෙනවා. කාශ්මීරයේ ස්වාධීන ප‍්‍රාන්ත තත්වය නැතිකළා. ඇසෑමයේ සහ ඉන්දියාව පුරාම මුස්ලිම් සරණාගත ප‍්‍රශ්නයක් ඇතිවෙලා. ලක්ෂ ගණනක මුස්ලිම් ජනයා ඉතාම බියෙන් හා සැකයෙන් ජීවත්වෙනවා. ලංකාවේත් ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපෘතිය ජයග‍්‍රහණය කළොත් සුළු ජනවර්ග, විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ජනවර්ගවල නියෝජනයක් නැතිව තමයි ඔවුන් ජයග‍්‍රහණය කරන්නේ. ඒක සිද්ධවෙන්නේ බහුතර ජනවර්ගය මත පදනම් වෙලා. ඒක ඉතාම හිංසනකාරී, බහුතරවාදී දිශාවකට ගමන් කරන්න ඉඩ තියෙනවා..වත්මන් තත්වය ගෝලීය දේශපාලනය සමගත් සැලකිල්ලට ගත යුතුයි. ජාත්‍යන්තර වශයෙන් 2016දී ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ලිබරල් ජාත්‍යන්තර පර්යායේ යම්කිසි බිඳවැටීමක් සිදුවෙනවා. එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ලිබරල්වාදය මත පදනම් වුණු ජාත්‍යන්තර සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් තිබුණා. එහිදී මානව හිමිකම් වැනි මාතෘකා සාකච්ඡුාවට ගැනුණා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත්වීමත් එක්ක ඒක බිඳවැටුණා. මහා බි‍්‍රතාන්‍යයේ අගමැතිධුරයට පත්වූ බොරිස් ජොන්සනුත් නියෝජනය කරන්නේ ට‍්‍රම්ප් නියෝජනය කරන අන්ත දක්ෂිණාංශික ගතානුගතිකවාදී දේශපාලනය. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි නියෝජනය කරන්නේත් එවැනි දේශපාලනයක්. ලෝකය පුරා මෙවැනි අදහස් හා නායකයන් බලයට එනවා. මේ වාතාවරණය තුළ ලංකාවේ ලිබරල් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට පත්වුණොත් එයට පිළිතුරු වීම ලෙහෙසි පහසු වැඩක් නොවේවි..ඉස්සර ලැබුණා වගේ ජාත්‍යන්තර සහයෝගයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. සරල භාෂාවෙන් මෙහෙම කියමු. ඉස්සර නම් මෙහේ ලිබරල් නිදහස නැතිවෙනකොට එම්බසිවලට දුවන්න පුළුවන්. සමහරු එම්බසිවලට දුවලා, ලංකාවේ ඉන්න බැරි බව කියලා පිටරට පදිංචියටත් ගියා. ඉස්සරහට ඒ කිසිවක් කරන්න තියෙන ඉඩ අඩුයි. මොකද බටහිර ලෝකයේ අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර හිස ඔසවලා තියෙනවා..මෑතකාලීන ප‍්‍රබලම උදාහරණයක් ගනිමු. සවුදි අරාබිය තමන්ගේ රටේ පුරවැසියෙක් වන ජමාල් කෂෝගිව ඝාතනය කළාට පස්සේත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා එයට එරෙහිව පෙනී හිටියේ නැහැ. එවැනි පසුබිමක ඉස්සර වගේ ලොකුවට ජාත්‍යන්තර සහයෝගයත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසයි 2015ට වඩා දැන් තත්වය වෙනස් බව කියන්නේ. මොකද එළියේ පරිසරයත් එච්චර හොඳ නෑ..ඒ එක්කම අනෙක් පැත්තෙන් අප සැලකිල්ලට ගන්න කාරණාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ගැනත් සුභවාදී අපේක්ෂාවක් තබාගන්නත් බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පැත්තෙන් ඇත්තටම විශ්වාසයක් තියාගන්න පුළුවන් ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික ව්‍යාපාර ගැනයි. ඒකත් සැලකිල්ලට ගත්තාම ජනාධිපතිවරණය ඉදිරියේ දැන් තියෙන අභියෝගය තමයි වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කරන අතරේම පොදුජන පෙරමුණේ අධිකාරිවාදී ප‍්‍රවණතාවත් නතර කිරීම. ඒක ද්විත්ව අභියෝගයක්. අපේ දේශපාලන ගණන් බැලීම අනුව අපි හිතනවා ප‍්‍රධාන තරගකරුවන් දෙන්නා අතරේ සමීප තරගයක් තියෙන බව. තුන්වැනි අපේක්ෂකයාත් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගන්නා තත්වයක් තියෙනවා. ඒ නිසා දෙවැනි මනාපය තීරණාත්මක වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ වාමාංශික ප‍්‍රගතිශීලී බලවේග ශක්තිමත් කරමින් ඡුන්දය ලබාදෙන අය ඒ අතරේම අධිකාරීවාදය වැළැක්වීමේ වුවමනාව ගැනත් බරපතළ අවධානය යොමු කළ යුතුයි කියන එක..හංසයා දිනවන්න.මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.මේක ඉතාම තීරණාත්මක මොහොතක්. අපට දැන් කල්පනා කරන්න වෙලා තියෙන්නේ ජීවිතයද මරණයද කියලයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයද ඒකාධිපතිවාදයද කියලයි. නිදහසද පීඩනයද කියලයි. අපට ඕනෑ හැමවිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නිදහස් අවකාශය රැුකගන්නයි. ඕනෑම අදහසක් ප‍්‍රකාශ කිරීමට හා එසේ ප‍්‍රකාශ කිරීම නිසා තර්ජනයට ලක් නොවී සිටීමට ඕනෑ. ඒ සඳහා තනි පවුලකට ජයග‍්‍රහණය නොදී හැමෝගේම ජයග‍්‍රහණයක් ලබාගන්න ඕනෑ.කුසේ ප‍්‍රශ්න ගැන කතා තියෙනවා. එහෙත් කුසේ ප‍්‍රශ්න අපට විසඳාගන්න පුළුවන්. අපි කුස තියාගන්නට නම් ජීවිත්වීමේ අයිතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකගන්න ඕනෑ. රට ඉදිරියට ගෙනයන්නත්, ලබා ගත් ජයග‍්‍රහණ ඉදිරියට ගෙනයන්නත් මීට පෙර කරන්නට බැරිවූ යම් දේවල් ඉදිරියට ගෙනයන්නත් ඕනෑ. ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේ හංසයා ඉදිරියේ කතිරය සලකුණු කරලා හංසයා දිනවන්න ඕනෑ. එතකොට තමයි අපට අවශ්‍ය දේවල් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් වෙන්නේ..එහෙත් එතැනින් අපේ වැඬේ අවසන් වන්නේ නැහැ. අපට නිදහස ඕනෑ. දැන් නිදහස අනවශ්‍ය විදියට භාවිත වෙන බවත් පේනවා. අපි නිදහස වහල්භාවයෙන් තොරව පාවිච්චි කරන අවකාශයකට යා යුතුයි. එය එක දවසකින් කරන්න බැහැ. අපි අවුරුදු හතරහමාරක් තිස්සේ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතිරි කාලයේදීත් ඒ වෙනුවෙන් වැඩ කරන්නයි ඕනෑ. පුරවැසියාගේ ප‍්‍රබලත්වය, තීරණයක් ගැනීමේ හැකියාව, ජීවිතය කුමක්ද, රැුකියාව කුමක්ද ආදිය ගැන නිදහසේ තීන්දු ගැනීමට තියෙන හැකියාව රැුකගැනීම වැදගත්. දේශපාලන වන්දනාව අවසන් කිරීමත්, පුරවැසියා වෙනුවෙන් වගකියන සමාජයක් හැදීමත් වැදගත්..සියලූ කාරණා වෙනුවෙන් අපට ඉදිරියේදීත් අරගලයක් තියෙනවා. අපට තියෙන්නේ නොනිමි අරගලයක්. අපි ව්‍යවස්ථාව හා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරගන්න ඕනෑ. පහුගිය කාලයේදී 19 වැනි සංශෝධනය ඇතුළුව අපි දිනාගත් දේවල් තියෙනවා. එහෙත් ඒවායේ තියෙන අඩුපාඩු මතක් කරන්න ඕනෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕනෑ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕනෑ..කරන්නට දේවල් බොහෝම තියෙනවා. ඒ අතරින් අපි නිතර කතා නොකරන දෙයක් මතක් කළ යුතුයි. ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ සංස්කෘතිමය වෙනස්කම් කිරීම සඳහා පෙළගැසීමේ අවශ්‍යතාවයි. හුදෙක්ම දොළපිදේනි දෙන හෝ තාවකාලික විනෝදය ලබන සංස්කෘතික අවකාශයක් වෙනුවට සමාජයේ ආධ්‍යාත්මික කොටසේ අංගයක් බවට පත්වෙච්ච සංස්කෘතික අවකාශයක් ඕනෑ. නිදහසේ කලාකරුවන්ට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ. යටිතල පහසුකම් කලාව සඳහා ලබාගන්න ඕනෑ. මුළු රට පුරා තියෙන කලාවේ දුප්පත්කම පළවාහැරීම සඳහා අරගලයක් ඕනෑ. සංස්කෘතික කතිකාවට වැඩෙන්න ඉඩකඩක් තියෙන්න ඕනෑ. ආනන්දයෙන් ප‍්‍රඥාවට ගමන්කරන අවකාශයක් හදන්න නිර්මාණකරුවන්ට ඉඩ විවර කරන්න ඕනෑ..මනෝරාජික තත්වයන්ට යන්න ඕනෑ නැහැ : දේශීය වෛද්‍ය පාලිත ගීගනගේ – පුරවැසි හඬ සංවිධානය.ජනාධිපතිවරණයේදී අපට පුරවැසියන් විදියට නම් දකින්න පුළුවන් වෙන්නේ ප‍්‍රධාන ධාරාවන් දෙකයි. එනම් කඳවුරු දෙකයි. ඉතිහාසයේ ඉඳන් හැමදාම මේ තත්වය තිබුණා. මේ කඳවුරු දෙකෙන් කාවහරි තෝරන්නයි ජනතාව පුරුදුවෙලා ඉන්නේ. ඒ නිසා මේක විකල්ප ධාරාවක් තෝරන මැතිවරණයක් නෙවෙයි..අපි 2015දී සටන් කරලා යම් මට්ටමකට දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස කියන එක දැනටමත් භුක්ති විඳිමින් ඉන්නවා. ඒක අපි සටන් කරලා දිනාගත් දෙයක්. එහෙත් අපි සීයට සීයක් දිනාගත්තේ නැති දේවල් තියෙනවා. ඒ ගැන කණස්සල්ලක් තියෙන බව පෙනෙනවා..අපි ජනතාවගෙන් ඉල්ලන්නේ 2015 දී දිනාගත් නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරන්න ඕනෑ බව. මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් දෙදෙනා ප‍්‍රධාන කඳවුරු දෙකේ අපේක්ෂකයන් විදියට ඉන්නවා. අපට දකින්න තියෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජනය කරන කඳවුර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් මට්ටමකට හෝ රකීවි කියලයි. ඒක අපි කියන්නේ පුද්ගලයා මත පදනම්වෙලා නෙවෙයි. පෙනෙන්නට තියෙන සාධක මත පදනම් වෙලා..අපි මහමැතිවරණයේදී විකල්ප තෝරමු. එහෙත් ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර දිනවීම වෙනුවෙන් කැපවෙමු. දැන් විකල්පය ජයගන්න ඉඩක් තියෙනවා කියලා මනෝරාජික තත්වයන්ට යන්න ඕනෑ නැහැ. මහපොළොවේ තියෙන තත්වය තේරුම් ගන්න ඕනෑ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඔහු වටේට කඳවුරු බැඳගෙන ඉන්න පුද්ගලයන් හා සංවිධාන ආදි සියලූ පාර්ශ්වයන් නිසායි. පහුගිය කාලය පුරාවට ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයන්, ඔවුන් කළ ප‍්‍රකාශ ආදි සියලූ කාරණා ගැන සැලකිලිමත් වෙලයි. අපි ගෝඨාභය රාජපක්ෂව පරාජය කළ යුතුයි. නිදහස නැතිවුණොත් අපට කිසිදෙයක් කරන්න බැරිවෙනවා..තෙවැනි විකල්පයක් නෑ : කථිකාචාර්ය අමින්ද මෙත්සිල.ජනාධිපතිවරණයේදී විශාල පිරිසක් ඉල්ලූවාට දිනන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් කෙනෙක් විතරයි. අපට ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස කියන දෙන්නා ගැනම විශාල විවේචන තියෙනවා. එහෙත් මේ වෙලාවේ අපට දිනවන්න පුළුවන් තෙවැනි විකල්පයක් නෑ. ඒ නිසා මගේ යෝජනාව තමයි අවම නරක තෝරන්න කියන එක. දැන් හැඟීම්වලට වහල් වෙලා අනෙක් අපේක්ෂකයන්ට ඡුන්දය දීලා වැඩක් නැහැ. අනුර කුමාර ඇතුළු අනෙක් අපේක්ෂකයන් අතර හොඳ අය ඉන්නවා. එහෙත් ඔවුන්ට දිනන්න බැහැ. ඒ අය ගැන අපට තියෙන කැමැත්ත මත පාර්ලිමේන්තු ඡුන්දයේදී තීන්දුවක් ගන්න පුළුවන්. එහෙත් දැනට ඔවුන්ට දෙන ඡුන්දය අපරාධයක්..රටට ඕනෑ පාලකයා කවුද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පාලකයෙක්ද, නැත්නම් මිලිටරි නීතිය ක‍්‍රියාත්මක කරන පාලකයෙක්ද කියලා හිතලා හොඳ කෙනාට ඡුන්දය දෙන්න. සමහරු මිලිටරි පාලනයට කැමති ඇති. ඒකට කැමති අය ගෝඨාභය මහත්තයාට ඡුන්දය දෙන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැමති අය සජිත් පේ‍්‍රමදාස මහත්තයාට ඡුන්දය දෙන්න. කොහොම වුණත් අපි එක් කාරණයක් තේරුම් ගන්න ඕනෑ. මොන වැරැුද්ද තිබුණත්, මොන චෝදනාව තිබුණත් මම අහවල් පවුලට හෝ අහවල් පක්ෂයටම ඡුන්දය දෙනවා කියලා හිතන්නේ නැතිව ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදියට නායකයන්ව පත් කරගන්න දවසට තමයි මේ රට හැදෙන්නේ..ඒකාධිපතිවාදය පරදවන්න : සිවිල් ක‍්‍රියාකාරික රාජා උස්වැටකෙයියාව.දැන් කළ යුත්තේ එකම දෙයයි. යම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආඥාදායක තත්වයක් රට තුළ තියෙනවා නම් ඒකට විරුද්ධව කිසිම භේදයක් නැතිව එකට එකතු වෙන්න තමයි තියෙන්නේ. ජාත්‍යන්තරව බැලූවත් රුසියාවේ පොල්පොට්ලා, ඉඩි අමීන්ලා, ඉතාලියේ මුසලෝනි, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් කටයුතු කරපු ආකාරය සිහිතබාගත යුතුයි. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂය හදාගෙන පාර්ලිමේන්තුවට ගියා. එදා ඔහුව පරද්දන්න බැරිවුණා. ඒ හිට්ලර්ට එරෙහිව සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග අතර එකඟතාවක් නැති නිසා. එදා කොමියුනිස්ට් පක්ෂය හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය අතර හිට්ලර්ගේ අවදානම ගැන අවබෝධයක් ඇතිව එකඟතාවක් හදාගෙන එදා හිට්ලර්ගේ ෆැසිස්ට් ඒකාධිපතිත්වය පරාද කළා නම් ජීවිත ලක්ෂ ගණනක් රැුකගන්න තිබුණා..හිට්ලර්ගේ තත්වය සහ දැන් ලංකාවේ තත්වය අතර සමානතා තියෙනවා. හිට්ලරුත් නගර සැලසුම් කරපු කෙනෙක්. ෆෝක්ස්වැගන් කාර් එක හැදුවේත් එයා. බල්ලන්ට ඔහු ආදරෙයි. පොඩි ළමයින්ට ආදරෙයි. හිට්ලර් බලයට පත්වෙන්න කලිනුත්, හිට්ලර් ආවාම ඔය කියන තරම් දේවල් නොවේවි කියලා කියපු අය හිටියා..අපේ රටට එහෙම වෙන්න දෙන්න හොඳනැහැ. ආදරය තියෙන සියලූදෙනා එකතුවෙලා මේ ඒකාධිපතිවාදය පරදවන්න ඕනෑ. වර්ගවාදය හා ජාතිවාදය පාවිච්චි කරමින් තමයි මේ අය දේශපාලනය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක රටේ ආරක්ෂාවටත් බරපතළ ප‍්‍රශ්නයක්. රටේ ආරක්ෂාවට ප‍්‍රධාන කොන්දේසිය තමයි ජාතීන් අතර සමගිය. එල්ටීටීඊය ආයුධ ගත්තේ ජාතීන් අතර සමගිය නැතිවුණ හින්දා. ඒ නිසා ජාතික ආරක්ෂාව අවශ්‍ය නම් පටු ජාතිවාදයෙන් මිදිලා සියලූම ජාතීන් එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ..Tags.anidda.Anidda Newspaper.අනිද්දා පුවත්පත.ජනාධිපතිවරණයේදී කළ යුත්තේ කුමක්ද?.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසජින් රාජපක්ෂ ගැටුමෙන් එළියට පනින රාජපක්ෂ පවුලේ ගති.Next articleසජිත්ද? ගෝටාද?.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ජනාධිපති ඇඳිරි නීතිය පනවන්න දන්නේ නැද්ද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ජනාධිපති ඇඳිරි නීතිය පනවන්න දන්නේ නැද්ද?.By තරිඳු උඩුවරගෙදර.April 22, 2020.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Ephantus Mbatia, owner of the only bookshop at the church, attends the live internet streaming and broadcasting of the Good Friday service without worshippers, following the government measure to suspend church services to curb the spread of the COVID-19 coronavirus, at the All Saints' Cathedral in Nairobi, Kenya, on April 10, 2020. (Photo by Yasuyoshi CHIBA / AFP) (Photo by YASUYOSHI CHIBA/AFP via Getty Images).Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.තරිඳු උඩුවරගෙදර.-ඇඳිරි නීතිය පිළිපදින්න, එහෙත් නීතියට අනුව ඇඳිරි නීතිය පනවා නැහැ.පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පසුගිය සතියේ අත්අඩංගුවට ගත් අතර ඒ මොහොතේ මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ ඇඳිරි නීතිය කඩකිරීම හා පොලීසියේ රාජකාරිවලට බාධා කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවය. එහෙත් මේ වන විට රන්ජන් රාමනායකට ඇප ලැබී තිබේ. ඇප ලබාගත් අවස්ථාවේ රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙන්වාදී තිබුණේ ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන නිසා, රන්ජන් රාමනායක වරදක් කර නැති බවය. මේ කතාවට සමාජ මාධ්‍යවලින් ප්‍රචාරයක් ලැබී තිබේ..ඇඳිරි නීතිය කඩකළ 34,956 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අප්‍රේල් 22 වැනිදා වනවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කර ඇත. වාහන 8,948ක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට වහා ඇප ලැබීම සිදුවෙයි..ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන බව මෙවැනි පසුබිමක සංවාදයක් මතුවෙන අතර, රජය පැනවූ ඇඳිරි නීතිය පිළිනොගෙන කොවිඞ්-19 වසංගතය පැතිරෙන ආකාරයෙන් මහජනතාව හැසිරීමේ ඉඩකඩක් මෙවැනි පසුබිමක නිර්මාණය වෙයි. ඒ නිසා නීතීයට අනුව ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාව ඇත..එහෙත් ඇඳිරි නීතිය කඩකළේයැයි මීට පෙර අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට ඇප ලබාදී තිබෙන්නේ ඇඳිරි නීතිය කඩකිරීම නීතිමය වරදක් නොවන බව අධිකරණය ඉදිරියේ පෙන්වාදීමෙන් පසුවය. ඒ පිළිබඳව අප කළ විමසීමකදී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පැවසුවේ වසංගතය පැතිරීමට ඉඩ නොදී මේ මොහොතේ රැඳී සිටිය යුතු වුණත් මේ මොහොතේ පනවා ඇති ‘ඇඳිරි නීතිය’ කඩකිරීම නීතිමය වරදක් නොවන බවය..ඔහු පෙන්වාදෙන්නේ නීත්‍යානුකූලව ඇඳිරි නීතිය පැනවීමට නීතිමය ප්‍රතිපාදන ජනාධිපතිවරයාට තිබෙන නමුත්, ජනාධිපතිවරයා එසේ නොකිරීම දැන් පවතින ගැටලූව බවයි. ඇඳිරි නීතිය කඩකළායැයි දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන්ට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම සිදුකරන බව ඔහු පැවසීය..මෙවැනි පසුබිමක ඇඳිරි නීතිය පනවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා හරිහැටි නොදන්නේදැයි ගැටලූවක් ඇතිවෙයි..රන්ජන් රාමනායකට ඇප ලබාගැනීම පිළිබඳව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මෙසේ පැවසීය..‘රන්ජන් රාමනායක මහතාට අද ඇප දුන්නා. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගැනීමට හේතු ඉදිරිපත් කිරීමේදී පොලීසිය කතාව පටන්ගත්තේ ඇඳිරි නීතිය කඩකළා කියලයි. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කරපු නීතිමය වරද විදියට සඳහන් කරලා තිබුණේ පොලීසියේ රාජකාරීවලට බාධා කිරීම කියන එක..එහෙත් මොකක්ද බාධා කිරීම කියලා අහනකොට දුන්නේ ඇඳිරි නීති බලපත්‍රයක් නැති වාහනයක් සම්බන්ධයෙන් මැදිහත් වුණා කියලා. ඒත් නීත්‍යානුකූලව ඇඳිරි නීතියක් නැතිනම්, ඇඳිරි නීති බලපත්‍රයක් ගැන කතාකරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කළා. නීත්‍යානුකූලව ඇඳිරි නීතිය නැති වෙලාවක ඇඳිරි නීති බලපත්‍රයක් ගැන විමසලා, රාජකාරියට බාධා කළ බව තර්ක කරන්න බැහැ..නීතිමය ඇඳිරි නීතියක් මේ රටේ නෑ. අපි හැම කෙනාම ඒක පිළිපදිනවා. අපි ඒක පිළිපදින්නේ රටේ තියෙන වසංගත තත්වය නිසා. මා පැහැදිලිව කියනවා අපි මේ මොහොතේ වසංගතය පැතිරෙන්නේ නැති ආකාරයට කටයුතු කරන්න ඕනෑ..ලොකුම ප්‍රශ්නය තමයි ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාවක් තිබීම. එහෙත් ඔහු එය නොකර සිටීම. ඔහු ඇඳිරි නීතිය පනවා නැත්තේ කුමන හේතුවක් නිසාද කියා මා දන්නේ නැහැ..මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශ කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඊට අමතරව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් නොකර වුණත්, ඇඳිරි නීතිය පනවන්න ජනාධිපතිවරයාට පුළුවන්. එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න ඕනෑ. එහෙත් එහෙම නොකර මාධ්‍යවලින් ඇඳිරි නීතිය යැයි කියමින් ඉන්නවා. ඒක වැරදියි. එහෙත් මා නැවත සිහිපත් කරනවා, දැන් තියෙන වසංගත තත්වය නිසා හැමෝම නිවෙස්වල රැඳී ඉන්න ඕනෑ බව..කෙසේවෙතත් රජය කරමින් ඉන්නේ ලොකු වරදක්. පුද්ගලයන් වගකීම් විරහිත ලෙස ඇඳිරි නීතිය කඩකිරීමේ අවදානමක් මේ නිසා මතු වෙනවා.’.නීතිමය ප්‍රතිපාදන නැති පසුබිමක නම් දැන් කරගෙන යන ක්‍රියාවලිය තේරුම් ගත හැකිය. එහෙත් ඇඳිරි නීතිය ගැසට් කරන්නට පුළුවන්කම තිබියදී ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නොදන්නාකම නිසාද යන්න දැන් ඇති ගැටලූවය..ඡායාරූපය: Getty Images.Tags.Anidda Newspaper.covid 19.election.election commission.gotabaya rajapaksha.අනිද්දා.අනිද්දා පුවත්පත.අනිල් ජාසිංහ.කොරෝනා.කොවිඩ්19.ගෝඨාභය රාජපක්ෂ.ඡන්ද තීන්දුව ජනපති අතේ නැත.ජනපති.ජන්දය.ජයදේව උයන්ගොඩcorona.පුවත්.මහින්ද දේශප්‍රිය.මහින්ද රාජපක්ෂ.මැතිවරණ කොමිෂන් සභාව.මැතිවරණ කොමිසම.මැතිවරණය.මැතිවරණයanidda.වසංගතය.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleනීතියේ ආධිපත්‍යය රැකගෙන වසංගතය මැද මැතිවරණ පැවැත්වීම.Next articleවසංගතයෙන් දේශපාලන වාසි එපා.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
චීන පොහොර අර්බුදය:ආනයන බලපත්‍ර නොමැතිවණයවර ලිපි විවෘත කළේ කෙසේද? | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.චීන පොහොර අර්බුදය:.ආනයන බලපත්‍ර නොමැතිව.ණයවර ලිපි විවෘත කළේ කෙසේද?.By ලසන්ත රුහුණගේ.November 9, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ලසන්ත රුහුණගේ.රසායනාගාර පරීක්ෂණ මගින් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ චීනයේ කින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර රැගත් නැව සිය නම වෙනස් කරමින් තවදුරටත් රටේ දකණට වන්නට ශ්‍රී ලංකා මුහුදු තීරයේ සැරිසරමින් සිටින බවට මේ වනවිට තහවුරු වී අවසන්ය. කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයාද එය තහවුරු කර ඇති අතර ඊට අමතරව එම කාබනික පොහොර ගනුදෙනුවේ දේශීය නියෝජිත ආයතනය වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමේ නිලධාරීන්ද ඒ බව තහවුරු කර ඇත..මෙම පොහොර ගනුදෙනුවේ රජයේ ලංකා පොහොර සමාගම වෙනුවෙන් බැංකු කටයුතු සිදුකළ මහජන බැංකුව මේ වනවිට චීනය තුළ අසාදු ලේඛනගත කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇති තත්වය තුළ මහජන බැංකුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ අධිකරණ වාරණ නියෝගය හේතුවෙන් ඔවුන්ට ණයවර ලිපිය අනුව චීන සමාගමට මුදල් ගෙවීමට නොහැකි වූ බවත්, අධිකරණ නියෝගය යම් හෙයකින් අවසන් වුවහොත් ඔවුන්ට චීන සමාගමට මුදල් ගෙවීමට සිදුවන බවත්ය. ලංකා පොහොර සමාගම මෙම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් විවෘත කර ඇති ණයවර ලිපිය අනුව චීන සමාගම එම පොහොර නැව්ගත කිරීම සම්බන්ධයෙන් ලියකියවිලි බැංකුවට ලැබීමට සැලැස්වීමත් සමග ඊට අදාල මුදල් ගෙවීමට බැංකුව බැඳී සිටී..ඒ අනුව බැංකුව පාර්ශ්වයෙන් මෙහි වරදක් නැති අතර ඔවුන්ට අධිකරණයෙන් බාධාවක් නැති තත්වය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 9ක මුදල චීන සමාගමට ගෙවීමට සිදුවනු ඇත..මෙහි වරද ඇත්තේ ලංකා පොහොර සමාගමේ හෙවත් රජයේ පාර්ශ්වයේය. එකක් විවෘත කරන ලද ණයවර ලිපියේ කොන්දේසි සම්බන්ධයෙන්ය. නැව්ගත කළා යැයි කියන කාබනික පොහොර නුසුදුසු තත්වයට පත්වුවහොත් සිදුකරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැතිවීම එහි ඇති එක් පෙනෙන බරපතළ අඩුපාඩුවකි. එසේ කියන්නට හේතුව මීට පෙර රජය වෙනුවෙන් ලංකා පොහොර සමාගම පොහොර ගෙන්වීමේදී එම පොහොර නැවෙන් බෑමට පෙර සිදුකරන පරීක්ෂණවලදී තත්වයෙන් බාල බවට තහවුරු වීමෙන් පසු හරවා යවූ අවස්ථා ඕනෑ තරම් තිබෙන නිසාය..මෙම පොහොර ගනුදෙනුවේ ඇති ඊටත් වඩා බරපතළම කාරණය එය නොවේ. රජය වෙනුවෙන් ලංකා පොහොර සමාගම චීන කින්ඩාවෝ සමාගමෙන් ඝන කාබනික පොහොර ගෙන්වීමට ණයවර ලිපි විවෘත කළේ කෙසේද යන්නය. ඊට හේතුව යම් කාබනික ද්‍රව්‍යයක් රටට ගෙන ඒමේදී එසේ ගෙනඒමට පෙර එහි සාම්පලයක් ශාක ආරක්ෂණ පනත අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර එහි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නැති බවට තහවුරු කිරීමක් කරගත යුතු වීමත්, එම තහවුරු කිරීම ලැබීමෙන් පසු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආනයන බලපත්‍රයක් මත පමණක් එම කාබනික ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමට අවසර ලැබීමත් නිසාය. එහෙත් අප රසායනික ලෙස හඳුන්වන පොහොර ගෙන්වීමේදී එවැනි පිළිවෙතක් අවශ්‍ය වන්නේ නැත. ඒවාහි සාම්පල් පරීක්ෂා කරන්නේ නැවෙන් ගොඩබෑමට පෙර වන අතර ඒද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමි ශාක ආරක්ෂණ පනත යටතේ නොවේ. එම පොහොරවල ඇති රසායනික සංයෝග හා අපද්‍රව්‍ය නියම කර ඇති ප්‍රමාණයට තිබෙනවාද යන්න නැද්ද යන්න එහිදී පරීක්ෂාවට ලක්වේ. එම පරීක්ෂා කිරීම් සිදුකරන්නේද ශාක නිරෝධායන සේවයේ පරීක්ෂණාගාරයේ නොවේ..චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නයේදී වරද දැන් පැහැදිලිය. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආනයන බලපත්‍රයක් නොමැතිව රජය කාබනික පොහොර ගෙන්වීමට තීන්දු කළේ කෙසේද හා ඒ වෙනුවෙන් ලංකා පොහොර සමාගම නැවට පොහොර පැටවීමේ ලියවිලි ලැබීම මත මුදල් ගෙවීම සඳහා ණයවර ලිපි විවෘත කළේ ඇයිද යන්නය. ඒ අනුව පැහැදිලි වන සත්‍යය වන්නේ චීන සමාගමේ මෙම පොහොර කෙසේ හෝ අනිවාර්යෙන්ම ලබා ගැනීමේ අවශ්‍යතාවක් හා එකඟතාවක් ශ්‍රී ලංකා බලධාරීන්ට තිබී ඇති බවය..‘නුසුදුසු පොහොර අපි ගන්නේ නෑ’ ‘පොහොර නැව වරායට ගන්න එපා යැයි උපදෙස් දීලා තියෙන්නේ’ ‘සුදුසු අලුත් පොහොරක් යළි ගෙනාවොත් විතරයි අපි ගන්නේ’ වැනි කතා මේ සත්‍යය වැසීම සඳහා එම බලධාරීන් කළ කතා මිස වෙනකක් නොවේ.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleපරීක්‍ෂණ අඩුයි. රෝගීන් අඩුයි. මරණ අඩුයි..ඒත් ඇත්ත ඒකද?.Next articleපත්කිරීමට බලයක් තියෙන බව ඇත්ත..නමුත් පත්කිරීමේදී ඔළුවකුත් තියෙන්න ඕනෑ.මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
රට හැර යන අයගෙන් 30%ක් උපාධිධාරියෝ | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.රට හැර යන අයගෙන් 30%ක් උපාධිධාරියෝ.By සංස්කාරක.November 23, 2021.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.මේ දිනවල දකින සුපුරුදු දසුනක් වන පෝලිම්වල විශේෂම පෝලිමක් වනුයේ විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් ඊට අදාළ කටයුතු සිදුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ඒ විෂයට අදාළ කාර්යාල ඉදිරිපිට ඇති දිගු පෝලිම් ය. විවිධ අරමුණුවලට විදෙස්ගත වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් පාන්දර සිට සවස් වන තුරුම එසේ පෝලිම්වල රැඳී සිටින ආකාරය පසුගිය කාලයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි..ඔක්තෝබර් මාසයේ මුල් සති දෙක ගෙවී යන විට ඇමරිකානු පුරවැසිභාවය ලබා දෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා අයදුම්පත් කැඳවීමද ආරම්භ වූ අතර ඒ සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට ද විවිධ වෘත්තීයවල නිරත අය, විශේෂයෙන් ම තරුණ කණ්ඩායම් ඡායාරූප ශාලාවලට වැඩි වශයෙන් පැමිණුණු බව ද ඒවායේ හිමිකරුවෝ ප්‍රකාශ කරති..කාන්තාවන් විදෙස්ගත වීමේදී පැවති නීතිරීති ලිහිල් කිරීමක් සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කළ අතර විදෙස්ගතවන්නන්ට ආණ්ඩුව උත්තේජකයක් ලබා දී ඇතුවා සේ ය..මෙලෙස අධික ලෙස පුද්ගලයන් විදෙස්ගත වීමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ”සංක්‍රමණය වීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වීම, විශේෂයෙන් ම තරුණයන් හා රජය පිළිබඳ අතෘප්තිමත් වූ ඡන්දදායකයෝ” යන මැයෙන් අදහස් සමීක්ෂණයක් සිදු කර තිබේ..මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කොළඹ පිහිටා ඇති පර්යේෂණ ආයතනයක් වේ. ඔවුන් මීට පෙරද අදහස් සමීක්ෂණ කිහිපයක්ම කර තිබේ..ඔවුන් මෙම සමීක්ෂණයෙන් මතු කර ඇති ප්‍රධානම කරුණ වන්නේ විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටින අයවලුන් අතරින් සංක්‍රමණය වීමටම කැමති අයගේ දත්තයි..මෙම සමීක්ෂණයේ පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලාංකිකයන්ගෙන් 27%ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට අවස්ථාවක් තිබේ නම් සංක්‍රමණයට වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මුළු ජනතාවගෙන් ම 27%ක් සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටීම ඉතා විශාල අර්බුදයකට මග කියන්නකි. ඔවුන් පෙන්වා දෙන අන්දමට තරුණයන්, විශේෂයෙන් ම උසස් අධ්‍යාපනය හදාරා ඇති ජනතාව මෙලෙස සංක්‍රමණයට බලාපොරොත්තුවෙන් සිටීම යනු බුද්ධි ගලනයේ පෙරනිමිති ය. බුද්ධිමතුන්, හා වෘත්තිකයන් රට හැර යාමෙන් පැහැදිලිවම රජය සමාජ අර්බුදයකට තල්ලු වීමක් සිදුවේ. එය ආර්ථිකයට ද බලපෑමකි..මෙලෙස වෙනත් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගෙන් පිරිමින් 20%ක් හා කාන්තාවෝ 12%ක් මේ වන විටත් සංක්‍රමණය වීමට සූදානම් වෙමින් සිටිති. සංක්‍රමණය වීමට සැලසුම් කරන ප්‍රමාණය පිරිමි 24%ක් හා කාන්තාවෝ 22%ක් සිටිති..සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසර 3-5 ඇතුළත කාලයට වඩා මේ වන විට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දෙගුණයක් පමණ වී ඇති බවයි..සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසගෙන් මේ වන විටත් යාමට සූදානම් වෙමින් සිටින අයගෙන් 29%ක්ම උපාධිය හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් වේ..මෙම සමීක්ෂණයෙන් පෙන්වා දෙන විශේෂිතම කරුණ වන්නේ පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ, දැනට ඒ සම්බන්ධයෙන් කළකිරී සිටින බහුතරයක් ඡන්දදායකයන් එලෙස සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි..දැනට විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ම අප ඊට අදාළ හේතු විමසා සිටියෙමු. තරුණ පිරිස්වල වැඩි අදහස් වන්නේ ආනයන සීමා කිරීම් හා භාණ්ඩ මිල අධික වීමත් සමග තමාට අවශ්‍ය ජීවිතය මෙරටදී ගතකිරීමට නොලැබෙන බැවින් ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තු වන බවයි. දැනට පෞද්ගලික ආයතනයකක ගණකාධිකරණ නිලධාරියෙකු වශයෙන් සේවය කරන අයෙක් අප සමග මෙලෙස අදහස් පළකළේ ය..”මම විවාහ වුණේ මීට වසර දෙකකට පෙර. දැන් අපට දරුවෙක් ඉන්නවා. මම සහ මගේ බිරිඳ උපාධිධාරීන් වගේම අපට වෙනත් වෘත්තීය සුදුසුකම් සපුරලා තියෙනවා. මේ වෙනකොට අපි ජීවත් වීමට සුදුසු පරිසරයක් සහිත රටකට පදිංචියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ රට දැන් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි. අත්‍යවශ්‍ය බඩුවක්වත් ගන්න විදිහක් නෑ. අනෙක් අතට භාණ්ඩ ගොඩක් ආනයනය කරන එක නවත්වලා තියෙනවා. මේ අර්බුදයෙන් ළඟකදී නම් ලංකාවට ගොඩ එන්න ලැබෙන්නේ නෑ. අපි වෙනත් රටකට ගියාට පස්සෙ අඩුගානෙ අපට අවශ්‍ය භාණ්ඩයක්වත් සල්ලි දීලා ගන්න නිදහසක් ලැබෙයිනෙ. දැන් එහෙම යනවා හැර වෙන විකල්පයක් නෑ පේන තෙක් මානයක”.මෙලෙස ලාංකිකයන් විදෙස්ගත වීමේ හා වෙනත් රටවලට සංක්‍රමණය වීම පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මුහුණු පොතේ සටහනක් තබා තිබූ අතර එහි උපුටා ගැනීමක් පහතින් දැක්වේ..”මෑතක දී මට මගේ යාළුවෙක් සංක්‍රමණ සම්බන්ධ උපදේශන සේවාවකට අදාළ දැන්වීමක් පෙන්නුවා. දැන්වීමේ සරලව සඳහන් වුණේ, ”ඔබට කැනඩාවට සංක්‍රමණය කරන්න හේතු මිලියන 6.9ක් අපි සතුව තිබෙනවා” යන්නයි. මේක කෙතරම් දරුණු ප්‍රකාශයක් ද කියලා මට හිතුණා. නමුත් ඇත්තටම මේ ප්‍රකාශයෙන් පිළිබිඹු වෙන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් යම් වෙනසකට ලක් වී ඇති ආකාරයයි. විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට ඇති ඉතා දිගු පෝලිම්වල පින්තූර අපිට මෑතක දී දැක ගන්නට ලැබුණා. රටින් පිටවීම සඳහා විමසීම් හා අයැදුම්පත් ප්‍රමාණයේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන බව සංක්‍රමණ උපදේශකවරු වාර්තා කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල මාගේ මිත්‍රයන් පවසන්නේ විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන අවස්ථා සොයන සහ විදෙස් රැකියාවලට යන ශිෂ්‍යයන් වෙනුවෙන් ඔවුන් ලියා දෙන යොමු ලිපි (රෙෆරන්ස් ලෙටර්ස්) ගණනේ ද විශාල වැඩි වීමක් දක්නට ලැබෙන බව යි. මේ සෑම දෙයකින් ම පෙන්නුම් කරන්නේ විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර මේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු විරහිත ස්වභාවයක් සහ අපේක්ෂාභංගත්වයක් ඇති වී ඇති බව යි..පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ව්‍යාපාරවලදී පොදුජන පෙරමුණට ලබා දුන් දැවැන්ත සහයෝගයට සහ ඉන් පසුව රට පුරා පැතිරුණු විශාල උද්යෝගයට දැඩි ප්‍රතිවිරුද්ධතාවක් මේ තත්වයෙන් සනිටුහන් කරනවා. මුළු රට ම මේ මොහොතේ මුහුණ පා ඇති සියලු ප්‍රශ්න කොවිඩ්-19 පිට පටවන්න ආණ්ඩුව කැමති වුවත්, එය ඇත්ත නොවෙයි. ගොවි සටනවත් ගුරු සටනවත් කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූවක් නොව, පළමුවැන්න මෝඩ ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් වන අතර දෙවැන්න ආණ්ඩුව විසින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වලට කරන ලද ද්වේෂසහගත සහ අදක්ෂ ප්‍රතිචාර නිසා තවත් ඉස්මතු වුණු වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර ඇති ගැටලුවක ප්‍රතිඵලයයි..විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලය පිටත ඇති දිගු පෝලිම් එක් තනි ප්‍රශ්නයක ප්‍රතිඵලයක් නොවේ. රට මුහුණ දී ඇති බහුවිධ අර්බුදවලට විසඳුම් සෙවීමට මෙරට දේශපාලන නායකත්වය සතු හැකියාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති වීම මේ පෝලිම් පිටුපස ඇති ප්‍රධාන හේතුවකි. සංක්‍රමණය වෙන්න තීරණය කරලා තියෙන බහුතරයක් දෙනා අරන් තියෙන්නේ අවිනිශ්චිත අවදානම් පියවරක්. බහුතරයක් දෙනා සංක්‍රමණය වන්නේ රැකියා තත්ත්වය, ආරක්ෂාව හෝ උදව් උපකාර පිළිබඳ කිසිදු සහතිකයක් නොමැතිවයි. අද ලෝකය පුරා සංක්‍රමණ-විරෝධී හැඟීම් ප්‍රබල වෙලා තියෙනවා. තනියම නොදන්න රටක මෙවැනි අවදානම් තත්ත්වවලට දැන දැනම මුහුණදීමට මිනිස්සු තවමත් සැදී පැහැදී සිටීම ම රට පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ මෙතෙක් ගොඩ නැගී තිබූ මුලාව පිළිබඳව හොඳින් පැහැදිලි කරනවා.”■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleසිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි.Next articleඋපකුලපතිගේ විකාර හැසිරීමෙන් එළිමහන් සිරකඳවුරක් වූ රුහුණ සරසවිය.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
වීරවංශ – ගම්මන්පිල:මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක් | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.9 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.වීරවංශ – ගම්මන්පිල:.මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්.By ගාමිණි වියන්ගොඩ.March 15, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.ගාමිණි වියන්ගොඩ.අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වාභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක සමාන නොවීම ඊට හේතුවයි. එසේ තිබියදී, බොහෝ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ අද පවතින ප්‍රතිවිරෝධතා චිරාත් කාලයකට ඉදිරියට යන්නේ, අදාළ කාරණය පිළිබඳ (සාපේක්ෂ) වැරදි මතය සහ (සාපේක්ෂ) නිවැරදි මතය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ඉතිරි නොකරමිනි..උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කාරණය ගන්න: එය, ලංකාවේ වේවා, යුක්රේනයේ වේවා, තිරශ්චීන සහ අමානුෂික දෙයකැයි බොහෝ දෙනා කටපාඩමින් කියනු ඇත. එහෙත් ඒ බොහෝ දෙනාගෙන් බොහෝ දෙනා, විවිධ කොන්දේසි යටතේ අවසානයේදී යුද්ධයට පක්ෂපාතී වෙති. හරියටම කිවහොත්, යුද්ධයේ සිටින බලවතාගේ පැත්තේ සිටගනී. එසේ සිටියදීත්, යුද්ධය තිරශ්චීන දෙයකැයි ඔවුන් ලෝකයාට ඇසෙන්නට හයියෙන් කියන්නේම, අවසානයේදී බලවතාට පක්ෂපාතී වීමේ අවසරයක් තමන්ට උපයාගැනීමටමයි. (සත්ව පැවැත්ම තුළ බලවතාගේ ප්‍රචණ්ඩත්වය අඩුවැඩි වශයෙන් නෛසර්ගික වන බව බැහැර නොකරමි. එහෙත්, ශිෂ්ටාචාරය යනු, ඒ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමේ නොව, මැඬලීමේ මෙවලමක් විය යුතු බව තදින්ම හඟිමි). එබැවින් සමාජ කතිකාව තුළ සාමවාදියා පරාජය වී, යුදවාදියා බොහෝවිට ජයග්‍රාහී වන බවක් දක්නට ලැබේ. 2009 පටන් ලංකාවේ සමාජ කතිකාව තුළ, සාමවාදී මතය පරාජය කොට අවසානයේ යුද මානසිකත්වය ජයගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. එය සැබෑ ‘ජයග්‍රහණයක්’ දැයි කිරාබලා දැනගැනීමට සමහරවිට තව පරම්පරාවක් දෙකක්වත් කල් යාවි. එතෙක්, (දකුණේ) අප වනාහී, සතුරා පරාජය කොට විජයග්‍රාහී වූ සමාජයක් වශයෙන් පවතිනු ඇත..එවැනි කාරණා යුගාන්තර ය. එනම්, එක පරම්පරාවකින් පමණක් පිරිසිඳ දැනගත නොහැකි බවයි. එහෙත්, ඊට සමාන තවත් කාරණා මේ ‘ආත්මයේදීම’ අවබෝධ වෙයි. මේ ලිපිය පටන්ගන්නා මුල් වාක්‍යයෙන් අදහස් කළ ප්‍රස්තුත කාරණය එයයි. එක කාරණයක් නොව, කාරණා රාශියක්, එකට බැඳී, දීර්ඝ අවබෝධ මාලාවක් සේ අපේ ඔළුගෙඩිවල එළිය විහිදුවීමට පටන්ගන්නා කාලයකි මෙය..ආරම්භයක් වශයෙන්, කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ ගත වූ කෙටිකාලීන සමාජ ක්‍රියාකාරී ඉතිහාසය සැලකිල්ලට ගන්න: එතුමා රාජපක්ෂවරුන් වෙනුවෙන් පමණක් නොව, සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන්ද පෙනී සිටියේ මේ ඊයේ පෙරෙයිදා ය. කතෝලික පල්ලිය නියෝජනය කරන අතරේම, මේ රටේ තිබෙන සිංහල-බෞද්ධ අධිකාරීත්වය, කිතුනුවන් පවා පිළිගත යුතු බව උන්වහන්සේ රටටම දේශනා කොට සිටියෝය. එතුමන් එතැනින් නැවතුණේ නැත. මානව හිමිකම් යනු, ආගමක් අදහන මිනිසෙකුට අවශ්‍ය නොකරන, බටහිර විලාසිතා සංකල්පයක් බවත්, එය අපට බටහිරින් අටවා ඇති උගුලක් බවත් කියා සිටියෝය..එසේ තිබියදී, පාස්කු ප්‍රහාරය ඇති විය. යහපාලන ආණ්ඩුව ඊට වගකිව යුතු බවත්, අපරාධකරුවන් එම ආණ්ඩුව යටතේ නීතිය ඉදිරියට පැමිණවීමේ හැකියාවක් ඊට නැති බවත්, රාජපක්ෂලා බලයට පත්කිරීමෙන් ඒ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය හැකි බවත් උන්වහන්සේ තදින්ම විශ්වාස කළෝය. ගත වුණේ වසර දෙකකි. මෙය ලියන මොහොත වන විට උන්වහන්සේ සිටින්නේ ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවී, ලංකාවේ කිතුනුවාගේ දුක පිළිබඳව ලංකාවේ බෞද්ධ ආණ්ඩුවට විරුද්ධව ඇයට පැමිණිලි කරමිනි. එතුමන්ට මෙතරම් කෙටි කාලයක් තුළ, එතුමන් හැඳින්වූ බටහිර සංකල්පයේ සරණ යාමට සිදුවනු ඇතැයි සිතුවේ කවුද?.ඉතා සරල පාඩම් උගෙනීමට මිනිසුන් මෙතරම් විශාල වශයෙන් වියදම් දරන්නේ මන්දැයි මට ප්‍රශ්නයකි. වියදමක් නොදරමින් උගත හැකි පාඩම් පවා උගෙනීමට, එතරම් විනාශයක් වන තෙක් කෙනෙකු සිටිය යුතුද? පාස්කු ප්‍රහාරය, ආගමික අන්තවාදී ක්‍රියාවක් වීමට අමතරව, දේශපාලනික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද වන බව උන්වහන්සේ දැන් උගෙන ඇත. කෙසේ වෙතත්, වියදමක් දරමින් හෝ උගත් පාඩම් මත පදනම්ව උන්වහන්සේ මේ අයුරින් දැන්වත් ක්‍රියාත්මක වීම අපේ ගෞරවයට හේතුවක් කරගැනීමට, උන්වහන්සේගේ ඉහත කී අතීත ක්‍රියාකාරීත්වය බාධාවක් කරගත යුතු යැයි අපි නොසිතමු..වීරවංශ-ගම්මන්පිල නව ප්‍රබන්ධය.මීට වඩා සහසුද්දෙන් වෙනස් චරිත දෙකක් පසුගිය සතියේ ඉස්මතු විය. ඒ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ය. පසුගිය දශක හතරක පමණ කාලය තුළ, මේ රටේ ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමටත්, ඊනියා දේශප්‍රේමයක නාමයෙන් විවිධ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ මානව-විරෝධී ක්‍රියාවල නියුක්ත වීමටත් දායක වූ (දුෂ්) චරිත අතරින් මොවුන් දෙන්නා කැපී පෙනේ. පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට වාඩි වූ, පක්ෂ යැයි කියාගන්නා පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් මොවුන් දෙන්නා අවසානයේ රාජපක්ෂලාගේ උදහසට ලක් වී අමාත්‍ය ධුරවලින් පන්නා දැමුණි. ලංකාවේ දේශපාලනය තුළ තිබෙන එක් කාලකණ්ණි තත්වයක් වන්නේ, යම් පක්ෂයක අනුගාමිකයෙකු වශයෙන් සිට එම පක්ෂයෙන් ඉවත් වූ හෝ ඉවත් කළ සැණින් එම පුද්ගලයන්, අර පක්ෂයේ හතුරන්ගේ ඔඩොක්කු කුක්කන් බවට නිතැතින් පත්වීමයි..විපක්ෂයේ කිසි ව්‍යාපාරයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට වන විට මොවුන් භාරනොගත්තොත්, සරණාගතභාවය මිස වෙන කිසිවක් ඔවුන්ට උරුම වන්නට ඉඩක් නැත. මේස් කුට්ටමක පැවැත්ම ඇත්තේ සපත්තු කුට්ටමක් තුළ පමණි. සපත්තුවෙන් ගැලවුණොත් මේස් කුට්ටමෙන් වැඩක් නැත. ඊටත් වඩා, දුර්ගන්ධයත් වැඩියෙන් දැනෙනු ඇත. එබැවින්, මෙවැනි මිනිසුන් කොහේ හෝ එල්ලී සිටීමට බලනු ඇත..මෑතකාලීන ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, රට අද පත්ව ඇති විපතට රාජපක්ෂලාට වඩා සාපරාධීව වගකිය යුතු වන්නේ මෙවැනි පුද්ගලයන් ය. එසේ වෙතත්, රාජපක්ෂලාට එරෙහිව ඉදිරියේදී පාවිච්චි කළ හැකි අවියක් වශයෙන් පාවිච්චියට ගත යුතු නිසා වර්තමාන විපක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මොවුන්ව යම් ආකාරයකින් සෝදා පිරිපහදු කොට තමන් වෙතට අන්තර්ග්‍රහණය කරගත්තොත් අප පුදුම විය යුතු නැත. බලය ලබාගැනීමේ ආයාසය තුළ ඕනෑම පටු තැනකට ඇදවැටෙන්ට තරම් ලැජ්ජාවක් නැති දේශපාලනය අප අනන්තවත් අත්දැක ඇති බැවිනි..රාජපක්ෂලාගේ ඇමරිකානු පුරවැසිභාවය ගැන අද මොවුහු මැසිවිලි කියති. රාජපක්ෂලාගේ පවුල් බලය චිරාත් කාලයක් පවත්වාගැනීමත්, බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානුවෙකුට රටේ මර්මස්ථාන භාරදීමත් අරමුණු කරගෙන පමණක්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බව එදා තේරුම් නොගැනීමට තරම් මොවුන් අඳබාල නම්, සැබෑ දේශප්‍රේමයකින් රටක් පාලනය කිරීමට ඔවුන් කොහෙත්ම සුදුස්සන් විය යුතු නැත. මාක්ස්වාදී ඉතිහාසයෙන් අද වන විට රැවුල පමණක් ඉතිරි කරගෙන සිටින වාසුදේව නානායක්කාර දැන් මෙයට පිළිතුරු බඳිනු ඇත. ඇයි, අපි ඒකට විරුද්ධව එදා කතා කෙළේ නැත්ද? එදා ඒ සංශෝධනයට විරුද්ධව ජීවිතයත් පරදුවට තබන්නට මෙන් කතා කළ විදුර වික්‍රමනායකත් එයම කියනු ඇත. මොවුන් දෙන්නාත්, (වාසුදේව-විදුර) 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පතුරු ගසන වීරත්වයක් රටට පෙන්වා, අවසානයේ තමන්ගේ ඡන්දයත් එය සම්මත කරගැනීම සඳහා පාවිච්චි කළෝය. බැසිල් රාජපක්ෂ ඇමරිකානුවෙකු වන බවත්, ඇමරිකානුවන්ට ලංකාව පාවාදීමේ රහස් කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් දියත් කරමින් සිටින බවත් වීරවංශ-ගම්මන්පිල අද කීම, නැවතත් පෙන්නුම් කරන්නේ පරණ දේශප්‍රේමී ව්‍යාජය මතම තවමත් බැබළෙන්නට ඔවුන් දඟලන බවයි..බැසිල් රාජපක්ෂ පමණක් නොව, ගෝඨාභය රාජපක්ෂත් මේ රටේ ජනාධිපති තනතුරට පත්වන මොහොතේ ඇමරිකානුවෙකි. එහෙත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු එදා විපක්ෂ දේශපාලනයේ කිසිවෙකුට එය ප්‍රශ්නයක් නොවුණු නිසා අද ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටී. බැසිල් රාජපක්ෂ චේතනාන්විතවම ලංකාව කඩා වට්ටා, එය ඇමරිකාවේ යටත් කොලනියක් කිරීමට රහස් සැලසුමක් ක්‍රියාත්මක කරන්නේය යන වීරවංශලාගේ වර්තමාන චෝදනාව සත්‍යයක් යැයි මොහොතකට පිළිගත්තත්, වීරවංශ-ගම්මන්පිල-වාසුදේව අශුද්ධ ත්‍රිත්වයේ ව්‍යාජ දේශප්‍රේමී විනාශය තරම්, ඒ මගින් රටට හානියක් සිදු කරනු ඇතැයි සිතිය නොහැකිය..විද්‍යාව නිර්දය ය. ව්‍යාජය සැපදායක ය. ඊයේ වන තෙත් සත්‍යයක් වශයෙන් මා විශ්වාස කළ දෙයක් බොරුවක් බව අද මට වැටහෙන්නේ නම්, එය අද සිට ප්‍රතික්ෂේප කිරීම අවංකභාවයකැයි සාමාන්‍යයෙන් සැලකෙයි. විද්‍යාවේ ක්‍රමවේදයත් එයයි. එහෙත්, එය සත්‍යයක් වශයෙන් හිසින් දරා සිටි කාලය පුරාමත්, එය බොරුවක් බවට ඇස්පනාපිට සාක්ෂි අනන්තවත් තිබියදීත්, අවසානයේ මට පෞද්ගලිකව එයින් අවැඩක් සිදුවෙතැයි හැඟෙන්නට වූ මොහොත වන තෙක් එය බොරුවක් යැයි නොකියා සිටීම, වංචාවක් වීමට අමතරව නිහීන අවස්ථාවාදයක්ද වෙයි. මොවුන් තිදෙනා අයත් වන්නේ එවැනි සත්ව කොට්ඨාසයකටයි. (අතුරලියේ රතන හිමියන් වැනි තවත් පිරිස් සිටිත්. ඔවුන්ගේ පිම්ම මීටත් වඩා සංදර්ශනාත්මක වනු ඇත)..වගකීම බැසිල්ගේ විතරක්ද?.සෑම මනුෂ්‍යයෙකුටම මියගිය පසුවත් දවසක් දෙකක් ‘ජීවත්වීමේ’ හැකියාව මෙතෙක් කල් තිබුණි. මිනියකට ඇති ඒ අයිතියත්, මොවුන් දෙන්නා සිටි ආණ්ඩුව විසින් දැන් උදුරාගෙන ඇත. ඩොලර් නැතිකම නිසා, මිනී එම්බාම් කිරීමට පාවිච්චි කරන ෆෝමලින් නොමැති වීමෙන්, කෙනෙකු මැරුණු දවසේම අවසන් කටයුතු කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. මොවුන් කියන්නේ, එතරම් හිඟන තත්වයකට මේ රට කඩාවැටීම බැසිල් රාජපක්ෂට බැර කොට, තමන්ට අත හෝදාගත හැකි බවද?.විමල් වීරවංශ සහ ගම්මන්පිල යන දෙන්නාම, දූෂණය සහ සොරකම ගැන අධිකරණය ඉදිරියේ දැනටත් චුදිතයෝ ය. වීරවංශ තමන්ගේ පවුලේ අයට සහ නෑසියන්ට රජයේ ගෙවල්fදාරවල් බෙදා දී ඇති සැටි හෙළිදරව් විය. තමාගේත්, ඇඹෙනියගේත්, පාස්පෝට් සහ ජාතික හැඳුනුම්පත්වලට පවා වංචා කොට ඇති සැටි වාර්තා විය. ගම්මන්පිල විදේශීය කාන්තාවකගේ ධනය සොරකම් කොට ඇති බවට නඩු පැවරී තිබුණි. එසේ තිබියදී, බැසිල් රාජපක්ෂගේ දූෂණ ගැන කතා කිරීමට මොවුන්ට අයිතියක් එන්නේ කොතැනින්ද?.අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් මෙරටට ගෙන්වීම සීමා කරන බවට අද (09) ගැසට්ටුවක් නිකුත් කොට ඇත. ඒ කියන්නේ? මාස ගානක් තිස්සේ දරුවන්ට කිරිපිටි ටික නැති කරන විට, ලෙඩ්ඩුන්ට පැනඩෝල් පෙත්ත නැති කරන විට, ලිපට ගෑස් ටික නැති කරන විට, ඩීසල් සහ පෙට්‍රල් නැති කරන විට සහ ඒ හේතුවෙන් දවසට පැය හත අටක් ඔබව අඳුරේ තබන විට, මේ ආණ්ඩුව මේ ලියන අද දක්වාමත් ඇපල්, චොකලට්, චීස්, පෙයාර්ස්, මිදි සහ ස්ප්‍රෙඩ් බටර් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් මෙරටට ගෙන්වීමට ඉඩ හැර තිබේ..මහබැංකු අධිපති කබ්රාල් දීර්ඝ කාලයක් තිස්සේ ඩොලරයේ අගය රුපියල් 200 ක අගයක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජනවාරි මාසයේ පමණක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලංකාවට ලැබෙන විදේශ මුදල්, ඊට කලින් වසරේ ජනවාරිය සමග සසඳන විට, සියයට 62 කින් අඩු වී තිබුණි. සමස්තයක් වශයෙන්, මේ බලහත්කාරී විනිමය අනුපාතිකය නිසා පසුගිය කාලය මුළුල්ලේ රටට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 4 ක් වෙතැයි ගණන් බලා තිබේ. රුපියල හිර කරගෙන සිටි ඒ ග්‍රහණය ඊයේ සිට රුපියල් 230 දක්වා කබ්රාල් ලිහිල් කෙළේය. ඒ අවබෝධය ලැබීමට, ඒ සා විශාල අලාභයක් විඳින්නට සිදුවන තෙක් සිටියේ ඇයි? (මේ අලුත් අගය තුළ පවා රුපියල තබාගත නොහැකි බව, තව සති කිහිපයකින් ඔහු ‘අවබෝධ’ කරගනු ඇත)..පසුගිය 4 වැනිදා මාධ්‍ය වාර්තා කළ පරිදි, සති තුනක් තිස්සේ නැංගුරම් ලා සිටි එක් ඉන්ධන නැවක් වෙනුවෙන් ඩොලර් මිලියන 32 ක් ගෙවා ගොඩබෑම ආරම්භ කර තිබේ. ඊට සති තුනකට කලින් ආණ්ඩුවට නොතිබුණු මුදලක් මේ කියන දවසේ අලුතෙන් සොයාගත්තා විය නොහැක. සිදුව ඇත්තේ, ඉන්ධන නැව වෙනුවෙන් වැය කළ යුතු ඒ සුළු මුදල පවා වෙන් නොකොට කල්මැරීමකි. නිස්කාරණේ නාස්ති වූ සති තුනක් සඳහා ප්‍රමාද ගාස්තුත් ගෙවීමට අමතරව, ඒ සති කිහිපය තුළ රටේ ඉන්ධන නැතිකමින් සමස්ත ආර්ථිකයට සිදු වූ පාඩුවත්, මහජනතාව ඒ කාලය තුළ මුහුණදුන් අටෝරාසියක් දුෂ්කරතාවන්ටත් වගකියන්නේ කවුද?.කෝවිඩ් රෝගයෙන් මියගිය රෝගීන්ගේ මළ සිරුරු ඕනෑම සුසානභූමියක වැළලීමේ අවසරය ගිය සතියේ සිට ලබා දී ඇත. දැන් අවුරුදු දෙකක් තිස්සේ, විශේෂයෙන් මුස්ලිම් ජනතාවට බලපාන මේ ප්‍රශ්නයට මෙම විසඳුම නොදුන්නේ ඇයි? පසුගිය අවුරුදු දෙක තිස්සේ කෝවිඩ් මළ සිරුරක් වැළලීමෙන් සමාජයට ඇති විය හැකි යැයි කී ආපදාව දැන් තුරන් වී ඇත්තේ කෙසේද?.පොහොර ප්‍රතිපත්තිය ඔබට මතක ඇති. මාස හයක් කල් ගත වී ඒ මෝඩ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ආණ්ඩුව තීරණය කරන විට, එක කන්නයකදී රටට ඇති වී තිබිය හැකි මූල්‍යමය පාඩුව ඩොලර් බිලියන 1.4 ක් විය හැකි යැයි දැන් ගණන් බලා තිබේ..මේ සියලු උදාහරණ ගෙනහැරපෑවේ එක කාරණයක් අවධාරණය කිරීමටයි. එනම් මේ පාලකයන් සෑම පාඩමක්ම ඉගෙනගන්නේ, ඒ වෙනුවෙන් විශාල වන්දියක් (ඔවුන් නොව) මහජනතාව ලවා ගෙවීමෙන් අනතුරුව පමණක් බවයි. වීරවංශ-ගම්මන්පිල-වාසුදේව ත්‍රිත්වය ඊට වෙනස් නැත. ඉහත කී කිසි අවුලක් ගැන හෝ රාජපක්ෂ පවුල්වාදය ගැන හෝ මීට කලින් ඔවුන් වචනයක් කතා කොට නැත. සැබවින්ම ඔවුන්ට අද මුහුණදීමට සිදුව ඇත්තේ තමන්ගේ හුදු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකටයි. එනම්, මහින්ද රාජපක්ෂගෙන් කාලාන්තරයක් තිස්සේ ලැබුණු හුරතල් පිළිගැනීම, ගෝඨාභය රාජපක්ෂගෙන් හෝ බැසිල් රාජපක්ෂගෙන් ඔවුන්ට නොලැබී යාමයි..සාගින්නෙන් මියයන තත්වයක් තවම ඇතිව නැත. එහෙත් දරුවන් හතර දෙනා දවස් හතරක් තිස්සේ නිරාහාරව සිටි සැටි දරාගත නොහැකි පියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව ගිය සතියේ වාර්තා විය. දරිද්‍රතාව හේතුවෙන් සියදිවි නසාගත් පළමු අවස්ථාව මෙය නොවන බව ඇත්ත. එහෙත්, රටේ සමස්ත ආර්ථිකය තුළ අද ඇති වෙමින් තිබෙන මහා විපත මධ්‍යයේ මෙවැනි සිද්ධි බහුලව ඇති විය හැකි දිනය වැඩි ඈතක නොවන බවට අනුමාන කළ හැකිය. ඒ අරභයා රාජපක්ෂ ආණ්ඩුවට පැවරෙන සාපරාධී වගකීමට වඩා, වීරවංශ-ගම්මන්පිල-වාසුදේව ත්‍රිත්වයට පැවරෙන සාපරාධී වගකීම දශමයකින්වත් අඩු නැත.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleබෙහෙත් පෝලිමකුත් අත ළඟද?.Next articleඅපි අද අත්විඳින්නේ ජනාධිපති ක්‍රමයේ අවුලයි.ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO
ගෝටාගෝගම: දෝංකාර දෙන සටන්පාඨ අස්සේ පැතිරුණු සහෝදරත්වයේ අවකාශය | Anidda Newspaper.Sign in.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.Sign in.Welcome!Log into your account.your username.your password.Forgot your password?.Password recovery.Recover your password.your email.Search.Sign in.Welcome! Log into your account.your username.your password.Forgot your password? Get help.Password recovery.Recover your password.your email.A password will be e-mailed to you..English.தமிழ்.Sign in / Join.20.2 C.Sri Lanka.3 October,2022.Facebook.Twitter.Youtube.type here....Search.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.පුවත්.දේශපාලන.දේදුන්න.මතවාද.විශේෂාංග.තීරු ලිපි.අවරදිග අවර්ජනා.අනේ අනිච්චං.පුරවැසියා.ඉද – හිට.මනුවර්ණගේසතිය.ලේඛකයෝ.කේ.ඩබ්ලිව්. ජනරංජන.ගාමිණී වියන්ගොඩ.කැත්ලීන් ජයවර්ධන.ජයදේව උයන්ගොඩ.තරිඳු උඩුවරගෙදර.තිසරණී ගුණසේකර.පවිත්‍රා රූපසිංහ.ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර.ලසන්ත රුහුණගේ.සරත් විජේසුරිය.කතුවැකිය.කාටූන්.විඩීයෝ.ගෝටාගෝගම: දෝංකාර දෙන සටන්පාඨ අස්සේ පැතිරුණු සහෝදරත්වයේ අවකාශය.By සංස්කාරක.April 28, 2022.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Must read.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.සංස්කාරක.■ අමන්දිකා කුරේ.රටේ පවතින විවිධ අර්බුදවලට විසඳුම් ඉල්ලා මහා ජන ගංගාවක් මේ වන විට පාරට බැස ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් හඬ නගන්න පටන් අරන් තිබෙනවා. තැනින් තැන මතුවුණ විරෝධයන් එකතුවෙලා ගාලුමුවදොරට එකතු වුණු විශාල ජනතාවක් දින දොලකහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අරගලයක නිරත වෙලා ඉන්නවා. ගාලුමුවදොර පිටියේ විශාල ඉඩක විසිරිලා තිබෙන මේ අරගලය පටන් ගන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින්. එතැනින් පටන් අරන් විහිදිලා යන මේ අරගල භූමිය උද්ඝෝෂණ ස්ථානය, ගාලුමුවදොර පිටිය ඇතුළු ඒ ආශ්‍රිත අස්සක් මුල්ලක් නැතිව පැතිරිලා ඉවරයි. ගාලුමුවදොර අරගලය කියන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ලංකාව සිය දේශපාලන ඉතිහාසය පුරාම විවිධ අරගලවලට බිමක් වී ඇති නමුත්, මෙවැනි අරගල බිමක් නම් ඒ ඉතිහාසයේ හමුවන්නේ නැහැ..අප්‍රේල් 9 වැනිදා, සෙනසුරාදා දවසක, අරගලය පටන් ගත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගාලුමුවරොදට ඇදී ආ මහජනතාවකගේ දායකත්වයෙන්. හුරුපුරුදු මුහුණු ඇති කිහිප දෙනකු හැරනේනට එදා ගාලුමුවදොර බිම පුරා විසිර පැතිර සිටියේ එකිනෙකා පෞද්ගලිකව නොහඳුනන දස දහස් ගණනක ජනගංගාවක්. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදි රටේ හැම අනන්‍යතාවක්ම නියෝජනය කරන මහා ජනතාවකගෙන් හැදුණු එකම මිනිස් රෑනක්. වෛවර්ණ දේදුන්නක්. එහෙත්, ඒ සියලු දෙනා අතර පොදු එකඟත්වයක් තිබුණා. නිහඬ සම්මුතියක් තිබුණා. ඒ තමයි, ලංකාවේ පුරවැසියකු හැටියට තමන් අත්විඳින අසාධාරණයන්ට එරෙහිව හඬනැගීම. එය කිසිවකුගේ පෙළඹවීමෙන් ආ හැඟීමක් නොවෙයි. තමන්ගේ ඇස් ඉදිරියේ සිදුවන අසාධාරණයට, අත්තනෝමතික අනීතික හා අකාර්යක්‍ෂම පාලනයට, මහජන දේපල මංකොල්ලකෑමට එරෙහිව හැම දෙනාගේම ඇතුළාන්තයෙන් ආ පෙළඹවීමක්. එවැනි මිනිසුන් ගැහැනුන් දස දහස් ගණනක් එකතු වූ විට නැගුණේ එකම හඬක්. ‘ගෝටා ගෝ හෝම්.’.තමන්ගේ එහා පැත්තේ සිට උගුර ලේ රහ වෙනතුරු කෑගසන අනෙකා ගැන පෞද්ගලිකව තොරතුරු දන්නේ නැති වුණත්, පොදු අරමුණ තුළ මේ දසදහස් ගණන් අය අතරේ මහා සම්මුතියක්, මහා සහෝදරත්වයක් ක්‍රමයෙන් ගොඩනැගුණා. එකිනෙකාට ආදරය කිරීමේ, සහයෝගය දීමේ, පහසුකම් සැපයීමේ මිනිස් දාමයන් හැදෙන්නට වුණා..දින ගණනක් තිස්සේ අරගල භූමියේ ඉන්න සටන් සගයන්ට අවශ්‍ය ආහාර පාන බෙහෙත් ආදිය සපයා දෙන්නත් බොහෝ අය ඉදිරිපත් වී තිබුණා. විවිධ සංවිධාන, දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන විදිහට වගේ ම තනි තනි පුද්ගලයන් වශයෙනුත් ආ දහස් ගණනක් මේ අරගලයට එකතුවෙලා ඉන්නවා..අරගලය දිගින් දිගටම ඇදී යනවාත් සමගම අරගලකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙනුත් ගැටලුකාරී තත්වයක් ඇතිවුණා. කූඩාරම් ඇති පිරිස් ඒවා රැගෙන විත් ගාලුමුවදොර පිටියේ අටවා ගත්තා. තාවකාලික වැසිකිළි පද්ධතියකුත් ඒ සමග පිරිසක් විසින් ඉදිකර තිබුණා. මුල සිට ම සර්වෝදය ව්‍යාපාරය විසින් ගිලන් රථයක් අරගල භූමියේ තබා තිබුණේ හදිසියකදී සටන්කරුවන් අවශ්‍ය නම් වහාම රෝහල් වෙත රැගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදෙමින්..මේ විදිහට සංවිධානය වුණු අරගල භූමිය ‘ගෝටාගෝගම’ කියලා නම් වුණා..ඒත් එක්කම විවිධ සංස්කෘතිකමය තලයේ වැඩසටහන් ගණනාවකුත් ගෝටාගෝගමේ ආරම්භ කරන්න විවිධ පාර්ශ්ව මැදිහත් වී තුබුණා. ඒ අතරින් මුල් තැනක් ගත් ස්ථානයක් තමයි ගෝටාගෝගමේ පුස්තකාලය. පරිත්‍යාගශීලීන්ගේ හයියෙන් සවිමත් වුණු මේ පුස්තකාලයේ මුලින් තිබුණේ පොත් කිහිපයක් වුණත් දැන් සැලකිය යුතු පොත් ප්‍රමාණයක් තිබෙන බව දැකගත හැකියි. ලංකාවේ ප්‍රකට ලේඛක ලේඛිකාවන්, විද්වතුන් තමන් ලියූ, තමන් කියවූ පොත්පත්වල පිටපත් වරින් වර පැමිණ පුස්තකාලයට පරිත්‍යාග ලෙස බාරදුන්නා. මවුපියන් සමග අරගලයට පැමිණෙන කුඩා දරුවන්ට කියවිය හැකි ළමා පොත් වගේ ම චිත්‍ර ඇඳීමටත් පහසුකම් එතැන සලසා තිබෙනවා. අරගලයට පැමිණෙන බොහෝ පිරිස් අවුවකින් වැස්සකින් විරාමයක් අරගෙන පොතක් කියවන්න මෙතැනට එන්නත් අමතක කරන්නේ නෑ..මේ අපූරු පුස්තකාලය ගැන කිහිපදෙනෙක්ම අදහස් දක්වලා තිබෙනවා. එරංග දිසානායක ගෝටාගෝගම පුස්තකාලය ගැන කියන්නේ මේ වගේ අදහසක්..“ගෝටාගෝගම පුස්තකාලය කියන්නෙ අරගල බිමේ ලස්සනම තැන්වලින් එකක්. ලොකු පහසුකම් නම් නෑ තමයි. හැබැයි දෝංකාර දීලා ඇහෙන සටන් පාඨ අස්සෙත් එතන තියනවා පුදුමාකාර විදියෙ නිදහසක්. අමුතු විදියෙ ආත්ම තෘප්තියක්. ඒ පොත්වල තියෙන්නේත් අමුතු විදියෙ සුවඳක්. ගිරිය කැඩෙනකන් සටන් පාඨ කියලා කියලා ගොඩාක් දෙනෙක් වෙහෙස නිවාගන්න එන්නෙ පුස්තකාලෙට. අරගල බිම තුළ රැය පහන් කරන ගොඩාක් අය පැයක් දෙකක් හරි පුස්තකාලය ඇතුළේ රැඳෙනවා. කවදා හරි මෙතනට එකතුවෙන පොත් ලංකාවෙ ඓතිහාසික පුස්තකාලයක මුල්ම පොත් ටික වේවි. ගෝටාගෝගම අරගල බිමට ඔබ එනවා නම් ඔබ දැනට කියවලා ඉවර පොතක් හරි ඔබ ලියපු පොතක් හරි අරගෙනම එන්න සටන් සගයින්ට කියවන්න, ඒක ගොඩක් වටිනවා.”.මේ වගේ අරගල භූමියක රටේ නීතිය ගැන දැනුවත් කරන එකත් වැදගත් දෙයක් කියලා මේ අරගල කරන පාර්ශ්ව තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා ම ඔවුන් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත් කරන කුටියකුත් අරගල භූමියේ පවත්වාගෙන යනවා. මේ කුටිය පවත්වාගෙන යන්න කටයුතු කරන පිරිස අතරින් එක් අයෙකු වන රෙබේකා ඩේවිඩ් අප සමග ඔවුන්ගේ අත්දැකීම සහ ඔවුන්ගේ අරමුණ ගැන මේ ආකාරයෙන් පැහැදිලි කළා..”සංවිධානයක් විදිහට නොවුණත් අපි යාළුවෝ කිහිපදෙනෙකුට හිතුණා මෙතන මෙහෙම වැඩක් පටන් ගත්තොත් හොඳයි කියලා. මෙතැනට එන මිනිස්සුත් දැන් ව්‍යවස්ථාව අනුව මේ වෙලාවේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා ප්‍රශ්න කරනවා. මිනිස්සු අහනවා, ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාව ඉවත් කරන්න පුළුවන් ද? ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ද? වගේ ප්‍රශ්න. මේ ස්ථානයේ ගොඩක් ඒ සම්බන්ධයෙන් උනන්දු මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන නිසා අපි තීරණය කළා මෙතන පොඩි ටෙන්ට් එකක් සවි කරගෙන මේ වැඩේ පටන් ගන්න. මේ වෙනකොට ඇතිවෙලා තිබෙන ප්‍රශ්න ටිකක් තෝරාගෙන ඒ ගැන විශේෂඥ මතය තියෙන අය එක්ක සාකච්ඡාවක් පවත්වලා අසා සිටින අයට දැනුම දෙන වැඩක් විදිහට තමයි අපි මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව එළවලා වෙනත් ආණ්ඩුවක් පත් වුණත් මිනිස්සු දැනුවත් වෙලා ඉන්න අවශ්‍යයි කොහොමද රාජ්‍ය නායකයන් වගකීම්සහගත විය යුත්තේ, ඒ වගේ ම අසාර්ථක නායකත්වයන්ට අභියෝග කිරීමට. ඒක තමයි අපේ අරමුණ. අපි දින තුනක් පමණ කරන්න තමයි මේ වැඩේ පටන් ගත්තේ. නමුත් වැඩේ කරගෙන යන අතරමග ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපි මේ වැඩේ සංවිධානය කරලා තිබුණු කාලය දීර්ඝ කරන්න කටයුතු කළා. සමහර අය අපට යෝජනා කළා මේ මේ මාතෘකාවලින් සාකච්ඡා පවත්වන්න කියලා. සාමාන්‍යයෙන් අපි කලින් දැකපු අරගලවල ඉදිරිපෙළ හිටියේ විශ්වවිද්‍යාල සිසුන් හෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන්. ඒ කාලයේ සමාජයෙන් ආව විරෝධතාවක් තමයි මේ අයට වෙන වැඩ නෑ හැමදේටම විරෝධතා කරනවා කියන එක. මේ වෙලාවේ තිබෙන විශේෂත්වය තමයි මිනිස්සු තේරුම් අරන් ඉන්නවා අරගලය කරන්නේ නැතිනම් අපට අවශ්‍ය වෙනස්කම් සිදුකර ගන්න බෑ කියන එක. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය වර්ධනය කරන්න. ඒ වගේ ම අපි මේ ස්ථානයේ විවිධ කරුණු ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඇති ප්‍රශ්නවලට පිළිතුරු තමයි අපි ඒ විදිහට ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ. ඒ වගේ ම අපි ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය අලුත් යෝජනා, මැතිවරණ ක්‍රමයට අලුත් යෝජනා එකතුකිරීමේ වැඩකුත් මේ ස්ථානයේම ආරම්භ කරලා තිබෙනවා. ජනතාව ඒ සඳහාත් ප්‍රතිචාර දක්වනවා. අපි ජනතාවගේ යෝජනා ඉදිරියේ දී එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.”.ගෝටාගෝගමේ ආරම්භ වුණු තවත් විශේෂ ස්ථානයක් වන්නේ එළිමහන් රංග පීඨය..බණ්ඩාරනායක ප්‍රතිමාව ආසන්නයේ නිර්මාණය වුණු මේ වේදිකාව කලාවෙන් දේශපාලනය කළ හැකි බලපෑම ඉතා හොඳින් පෙන්වන වේදිකාවන් වනවාට සැකයක් නෑ. අරගලයේ කලා මාධ්‍යයන් ප්‍රබල විය යුතු බව සෑම කෙනෙක් ම පිළිගන්න කාරණාවක්. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී මේ ගෙවෙන ක්‍රමයත් එක්ක නාට්‍යයක් නරඹන්න වෙලාවක් නෑ. සින්දුවන් අහන්න වේලාවක් නෑ. ඒ මගහැරුණු කොටස ඉතා හොඳින් කරන්න මේ එළිමහන් රංග පීඨයට හැකිවෙලා තිබෙනවා. දැනටමත් මේ ස්ථානයේ අසංක සායක්කාර වැනි නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගණනාවක් ම ප්‍රදර්ශනය කළා. ඉදිරියටත් නාට්‍ය හා සෞන්දර්යාත්මක දේවල් පෙන්වන්න ඔවුන් සූදානමින් ඉන්නවා. මේ ස්ථානයේ තමන්ගේ නිර්මාණයක් පෙන්වන්න කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම් ඒ ස්ථානයට ඇවිත් වේලාව වෙන් කරගන්න කියලයි සංවිධායකයන් කියන්නේ..මුල ඉඳන් ම ගෝටාගෝගමේ ආරම්භ වුණ ‘කඩය’ත් මේ අතරින් විශේෂ ස්ථානයක්..පරිත්‍යාගශීලීන්ට තමන්ගේ පරිත්‍යාග නිශ්චිත තැනකට භාර දෙන්න තැනක් නොතිබීම මුල සිටම මේ ස්ථානයේ තිබුණු ප්‍රශ්නයක්. ආහාර වුණත් හරිහැටි බෙදා දීම සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබුණා. එයට විසඳුමක් විදිහට තමයි ස්වේච්ඡාවෙන් අරගලකරුවන් කණ්ඩායම් විසින් මේ කඩය පවත්වාගෙන යන්නේ. මෙතනට ඕනෑම කෙනෙක්ට තමන්ගේ පරිත්‍යාග භාර දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක්ට ඇවිත් එතනින් අවශ්‍ය දේවල් නොමිලේ ම ලබා ගන්නත් පුළුවන්..ගෝටාගෝගමේ වෛද්‍ය මධ්‍යස්ථානයත් ක්‍රියාත්මක වෙන්නේ එහෙම. පරිත්‍යාගශීලීන්ගේ උපකාරත් එක්කම ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයන් දිවා රෑ නොබලා මෙතන රැඳී ඉන්නේ තමන්ගේ මිනිස්සුන්ට ඇතිවන අනතුරු, රෝගවලින් ඒ අයව මුදවගන්න..මේ ස්ථාන හැර දේශපාලන හා සමාජීය කාරණා පිළිබඳව ඉතා පුළුල් ලෙස සාකච්ඡා වන ‘මහජන සරසවිය’ නමින් අවකාශයකුත් පසුගිය දවසක ආරම්භ වුණා. ඒ සඳහා මැදිහත්වුණු සාමාජිකයන්ගෙන් කෙනෙකු වන සමල් විමුක්ති හේමචන්ද්‍ර අප සමග අදහස් බෙදාගත්තා..”ගෝටාගෝගම පුස්තකාලය ආරම්භ කළාට පස්සේ එතනට විශාල පිරිසක් එකතු වන බව අපි නිරීක්ෂණය කළා. ඒ අනුව අපේ මිතුරන් කණ්ඩායමට හිතුණා මේ ස්ථානයේ සංස්කෘතික අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි අපි මහජන විශ්වවිද්‍යාලය ආරම්භ කළේ. මේ ස්ථානයේ විසිරුණු අදහස් සහිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙතන හුදෙකලාව විරෝධය දක්වනවා. ඒ නිසා අපේ ප්‍රධාන අරමුණක් වුණේ ඒ විසිරුණු අදහස් සාකච්ඡා තලයක් හරහා එක තැනකට ගේන එක. අපි හිතුවා ඒ අදහස් එක තැනකට් ගොනු කරන එක අරගලයට හොඳ බලපෑමක් ඇති කරාවි කියලා..අනෙක් පසින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ ධුරාවලියක් සහිත ආයතන. ඒ වගේ ම අසමානතාවන් තිබෙන තැන්. රාජ්‍ය විශ්වවිද්‍යාල පසුගිය කාලයේ බුද්ධිමය සාකච්ඡා අධෛර්ය කරනවා වගේ දෙයක් තිබුණා. අපට අවශ්‍ය වුණේ ඒ තත්වයට විකල්පයක් අත්හදා බලන්න. ඒකත් අපේ එක් අරමුණක්. අපි මෙතන උත්සාහ කරන්නේ ධුරාවලි නැතිව සාමාන්‍ය ජනතාව එක්ක එකම තලයක ඉඳගෙන ප්‍රශ්න ගැන කතා කරන්න. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සාමාන්‍ය මිනිස්සු නෑ. උපාධිවලට අමුතු වටිනාකමක් නැතිව මොන තලයක වුණත් අදහස්වලට වටිනාකමක් දෙන්න අපට අවශ්‍ය වුණා. අපිට අවශ්‍ය වුණේ මිනිස්සු ඇවිලා කෑගහලා විරෝධතාවය දක්වලා යන අතරේම ඔවුන්ගේ ඔළුවට මේ තිබෙන තත්වය ගැන අදහසක් එකතු කරන්න. අපි මාතෘකා තෝරාගනිද්දී ඒ කාරණා ගැන විශේෂයෙන් සලකා බලනවා. අරගලයට මේ සාකච්ඡාවෙන් තිබෙන වාසිය මොකක්ද කියලා අපි සැලකිලිමත් වෙනවා. අපි මේ සඳහා සම්බන්ධ කරගන්නේත් සමාජ ප්‍රාග්ධනයක් සහිත අයව. සමාන අදහස් තිබෙන අයව ගෙන්වා ගැනීමට අපි උත්සහ කරනවා. ඒ සම්පත්දායකයා ඇවිත් විනාඩි 15ක පමණ කෙටි අදහස් දැක්වීමක් කළාට පස්සේ ඒ අවකාශය සම්පූර්ණයෙන් ම මහජනතාවට විවෘත වෙනවා ඔවුන්ගේ අදහස් කියන්න. අපේ සමාරම්භක උළෙලට මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය ප්‍රභා මනුරත්න ඇතුළු විවිධ පරම්පරා නියෝජනය කරන සහ උතුර සහ දකුණ යන පැති දෙකම නියෝජනය කරන අය සම්බන්ධ වුණා. අපි කරපු හැම සාකච්ඡාවම සාර්ථක වුණා. ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර තිබුණා. අපි මේ අවකාශය හදන්නේම අනාගත ශ්‍රී ලංකාව පරිකල්පනය කිරීමේ අවකාශයක් විදිහටයි”.දිනෙන් දින ම ගාලුමුවදොර අරගල භූමියේ විවිධ සංස්කෘතික අවකාශයක් ආරම්භ වෙමින් තිබෙනවා. නීති සහාය ලබා දෙන ස්ථානයක්, විවෘත චිත්‍රපටි ප්‍රදර්ශන ස්ථානයකුත් මේ ස්ථානයේ දැන් ආරම්භ වෙලා තිබෙනවා. කාලයක් තිස්සේ හිරවෙලා තිබුණු නවමු අංස්කෘතික අවකාශයක් ගාලුමුවදොර අවකාශයේ දැන් ආරම්භ වෙලා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. නිකන් ම ඇවිත් විරෝධය දක්වලා කෑ ගහලා යනවාට වඩා ඔවුන්ව සවිඤාණික කරන ක්‍රමවේදයකුත් මේ තුළින් ම ගොඩ නැගිලා තිබෙන එක ඉතාම ඓතිහාසික කාරණාවක් විදිහට දකින්න පුළුවන්.■.Share.Facebook.Twitter.Pinterest.WhatsApp.Countribute Anidda Newspaper.Previous articleඅරගලයේ හැඩතලය කානිවල්කරණය.Next articleහෘදයරෝගවලට, පිළිකාවට බෙහෙත් නෑ ශල්‍යකර්මවලට බෙහෙත්, උපකරණ නැහැ රෝගීන්ට මරණය උරුම කරදෙන ආණ්ඩුවක්.- Advertisement -.පුවත්.කම්කරු නඩු 16,000ක් මහේස්ත්‍රාත් උසාවිවල.June 22, 2022.ඉවත්කළ මහ කළමනාකරුට ලංකා බැංකුව ලක්ෂ 302ක් ගෙවීම අභියෝගයට.June 22, 2022.ගැබිණි මවුවරුන්ගේ ඒඩ්ස් පරීක්ෂාව නවතී.June 22, 2022.21 සම්මත කිරීමට පොහොට්ටු මන්ත්‍රීන් සමග ස්වාධීන මන්ත්‍රීන් සාකච්ඡා.June 22, 2022.LEAVE A REPLY Cancel reply.Please enter your comment!.Please enter your name here.You have entered an incorrect email address!.Please enter your email address here.Save my name, email, and website in this browser for the next time I comment..- Advertisement -.අලුත් ලිපි.අන්තර්කාලීන එකඟතා ආණ්ඩුවක් මිස වෙන ක්‍රමයක් නැත.July 4, 2022.කහ පාටෙ සතුට.July 3, 2022.එම්.එම්.සී. ප්‍රදිනාන්දුගේ රාජ්‍ය සේවයේ පැරණි කෙළි සෙල්ලම්- රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්.July 3, 2022.බංකොලොත්වූ ලංකාවේ සුව සේවය රැකගන්නේ කොහොමද?.July 3, 2022.July 1, 2022.© Munich, LLC. All rights reserved. Pulses Pro® is a registered U.S. trademark of tagDiv, LLC..Facebook.Mail.Twitter.Youtube.10,987FansLike.192FollowersFollow.0SubscribersSubscribe.Quick Links.Home.My account.About Us.Contact Us.Write with us.Terms of Use.කැත්ලීන් ජයවර්ධන.අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් | 2021 | Powered by CODESO