id
stringlengths
4
6
url
stringlengths
31
789
title
stringlengths
1
109
text
stringlengths
2
589k
3873
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84
ගම්පහ
ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 38ක් වන අතර සම්පූර්ණ නාගරික ජනගහණය ( 2011දි ) 9,900 ක් විය. ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේද ගම්පහට ලගා විය හැක. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි. නම සෑදුනු ආකාරය ගම්පහ යන වචනයේ අර්ථය නම් ගම්මාන පහක් යන්නය. ගම්පහ සෑදී ඇති එම ගම්මාන පහ නම් ඉහලගම, පහලගම, මැදගම, අලුත්ගම, සහ පට්ටියගම යි. සංචාරක ආකර්ෂණ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය - ශ්‍රී ලංකාවේ රෝපණය කල ප්‍රථම රබර් ගස, 1867 වසරේදී හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලදී නමුදු 1988 වර්ෂයේදී බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් එම රබර් ගස විනාශ වූ අතර එහි ශේෂ කොටස් අදටත් උද්භිද උද්‍යානයේ දැක ගත හැක. හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය - ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටුවා ඇති හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය වර්ථමානයේ ගම්පහ කලාපීය පුරාවිද්‍යා කාර්යාලය ලෙස භාවිතයට ගැනේ. අස්ගිරිය රජ මහා විහාරය - අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස ඇරඹි අස්ගිරිය රජ මහා විහාරය පසුකාලීනව ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේ සංචාරක භික්‍ෂුන් වහන්සේ සඳහා වාසස්ථාන සැළසූ ඓතිහාසික පුදබිමකි. යටවත්ත පුරාණ විහාරය - පහළගම පිහිටි යටවත්ත පුරාණ ටැම්පිට විහාරය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කොට තිබේ. වතුමුල්ල කැටවල අම්බලම - මෙරට පැරණි අම්බලම් අතුරින් එකක් වන වතුමුල්ල කැටවල අම්බලම දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටා තිබේ. වික්‍රමාරච්චි ආයුර්වේදය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ගම්පහ බෙහෙත් ශාලාව නමින් ප්‍රසිද්ධ ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන, ආයුර්වේද වෛද්‍යවරයන් සියගණනක් බිහිකල සහ ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය ඇරඹූ, සුප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යාචාර්ය වික්‍රමාරච්චි මහතා විසුවේද ගම්පහය. යක්කල පිහිටි එතුමන්ගේ ආයුර්වේද මධ්‍යස්ථානය වර්තමානයේදී වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය ලෙස සංවර්ධනය කර ඇත. නගරයේ පිහිටි පාසැල් බණ්ඩාරනායක විද්‍යාලය රත්නාවලී බාලිකා විද්‍යාලය යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය තක්‍ෂිලා මහා විද්‍යාලය සිරි කුරුස විද්‍යාලය ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය ශ්‍රී චන්ද්‍රජ්‍යෝති විද්‍යාලය හෙනෙගම විද්‍යාලය මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අගනගර ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
3875
https://si.wikipedia.org/wiki/%E0%B6%AE%E0%B7%96%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%2C%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB
ථූපාරාමය, අනුරාධපුර
බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකා‍වේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථූපාරාමය යයි සළකනු ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ වංශ කථාවල සඳහන් වන මුල්ම ‍චෙෙත්‍යද ‍මෙය යැයි සළකනු ලැ‍බේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. ‍මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය. ඉතිහාසය ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද තෙරණුවෝ විසිනි. මහින්ද තෙරණුවෝ ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි (වී ‍ගොඩක අකාර‍යෙනි). ‍මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. ‍දෙවැනි අග්බෝ රජ සම‍යේ එය සම්පූර්ණ‍යෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ‍ගොඩනංවන ලදී. අපට වර්තමාන‍යේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 1862 දී ‍ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්තමානයේ හැඩය ඝණ්ටාකාර වේ. ‍ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට ‍පෙනෙන්නට තිබෙන ‍චෙෙත්‍යයේ ගර්භ‍යේ පාදම අඩි 59 (මී 18) විශ්කම්භයකින් යුතුය. 11 අඟල් 4 කි. (මී 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මී.50.1) මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු ‍පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය. ==ගෘහ නිර්මාණ ශිල්පය== උස් වේදිකාවක් මත වටදාගෙයක් තුල මෙම චෙෙත්‍ය ඉදිකර තිබී ඇත. වටදාගෙයහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහලින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල්කණු පෙළි සතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේළි සතර උසින් එකිෙනකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් එවා වේ. ටැම් හිස් වල ඇති කැටයම් ද එකිනෙනකට වෙනස්ය. පළමු හා දෙවන පේළි වල ටැම් හිස් ඝණ රුප වලින් ද තෙවන පේලිහි ටැම් හිස් පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ටැම් හිස් මල් ලියකම් වලින් ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරැවන්හේ පහසුව වෙනුවෙන් කුඩා පැන් දෙණියක් ඉදිකර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක්ගල්, මුරගල් හා සදකඩපහණ ද අලංකාර නිර්මාණ වේ. ථූපාරාමය අසල කැණීම් වලින් හමුවූ පාදෝණි තුලින් මෙහි පැවති ආරාමයක අංගසම්පූර්ණත්වය කියා පායි. පැරණි විහාරයක සභ්‍යත්වය කියාපාන පැරණි සිංහල කලාව අගය කල යුතු වන්නේය . අනුරාධපුරය වටදාගෙවල් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
3880
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E2%80%8D%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%20%E0%B6%87%E0%B6%AD%E0%B7%92%20%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%20%E2%80%8D%20%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%20%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92
ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි
ශ්‍රී ලංකා‌වේ ‌පහත දැක්වෙන ස්ථාන හත යුනෙස්කෝ සංවිධානය විසින් යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලයිස්තුවට ඇතුළුකර ඇත. පොළොන්නරුව ඓතිහාසික පුරවරය (1982) සිගිරි පෞරාණික පුරවරය (1982) අනුරාධපුර පූජනීය පුරවරය (1982) ගාලු නගරය සහ ආශ්‍රිතය (1988) මහනුවර පූජනීය පුරවරය (1988) සිංහරාජ රක්ෂිත වනාන්තරය (1988). දඹුල්ලේ රංගිරි විහාරය (1991) ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් පූජනීය මහනුවර පුරවරය මහනුවර නගරයේ පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගා‍වේ බුදුන් වහන්‍‍සේගේ දන්ත ධාතුව තැන්පත් කර ඇත. රාජ්‍ය ‍දේශපාලන වැදගත් සංකේතයක් වන දන්ත ධාතූන් වහන්සේගේ හිමිකරු ර‍ටෙහි පාලකයා බව සැලකෙන මතයක් පුරාණ කාල‍යේ සිටම පවති. වර්ෂ 1592 සිට 1815 දක්වා කාල සීමාවෙහි දී ලංකාවේ අගනුවර ලෙස මහනුවර පැවති අතර දළදා මාලිගාව නිසාවෙන් මහනුවර නගරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. අස්ගිරි මල්වතු නිකා‍යේ හිමිවරු විසින් මාලිගාවේ ආගමික වතාවත් දිනකට තුන් වරක් උදෑසන, දහවල් සහ සවස පවත්වනු ලබයි. වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වී‍මේ අවස්ථාව අස්ගිරි මල්වතු ‍දෙපාර්ශවය අතර හුවමාරු ‍වේ. බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමින්, දන්ත ධාතුන් වහන්සේ දෝවනය කර වි‍ශේෂ ආගමික වතාවත් සිදු කරනු ලබයි. ‍මෙහිදි සුගන්ධවත් මලින් හා ජල‍යෙන් ‍දෝවනය කිරිම සිදු ‍කෙරෙන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර ‍බෙදා ‍දෙන්නේ එහි ඇතයි සැලකෙන රෝග සුව කිරී‍මේ ගුණය නිසාය. ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. සීගිරිය සීගිරිය ලොව අට වන පුදුමය ලෙස හඳුන්වයි. ‍මෙය ඉතා ඈත අතීතයේදී සිංහලයේ රජ කළ,ලොව ප්රථම ගුවන් යානය වන දඩු මොනරයෙන් අහසින් ගමන් කරමින් මුළු ලොවම පාලනය කළ ලෝකාධිපති ලංකේෂ්වර රාවණ අධිරාජ්‍යා විසින් ක්‍රි.පූ 5000 දී ඉදිකරන ලද ආරක්ෂිත මාළිගා සංකීර්ණයක් ලෙස සලකනු ලබයි එතුමාට අමතරව කුවේර රජුත් පසුව පලමුවන කාශ්‍යප රජුත් මෙම මාලිගාව භාවිතා කරන ලදි.සීගිරි ගල මුදු‍නෙහි මාළිගාවක නටබුන්ද, ගල මධ්‍යයේ සිංහ දොරටුවක් ද බිතූ සිතුවම් සහ කැටපත් පවුර පිහිටා ඇත.‍ ‍මෙහි ඇති ‍වෙනත් වැදගත් අංග ‍ලෙස බිතු සිතුවම්, පර්වතය පහළින් පිහිටා ඇති මාලිගා සංකීර්ණය, දිය අගල්, පවුරු සහ පර්වත‍යේ සිට මිටර සිය ගණනක් දුරට විහි‍‍දෙන උද්‍යාන දැක්විය හැකිය. රජ මාළිගාවක් ‍මෙන් ම බල‍කොටුවක් ද වන ‍මෙය නිර්මාණකරුව‍න්‍‍‍ගේ විස්මයජනක හැකියාව නිරූපණය කරයි. පර්වතය මුදු‍නෙහි පිහිටි ඉහළ මාළිගාව ආශ්‍රිතව අදටත් පවතින පොකුණු දැකගත හැකිය. පහළ මාළිගාව වටා ඇති දිය අගල් මනරම් දර්ශනයක් මවා පායි.නෆ්‍රවඹරඹ අනුරාධපුරය අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක්ව පැවති අතර අදටත් ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාර‍යේ සුරැකිව පවතින නටබුන් සදහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය ආසියා‍වේ පැවති විශිෂ්ඨත ම එකකි. දැනට එක්සත් ජාතින් ‍ලෝක උරුමයක් වන මෙය වර්තමාන අගනුවර වන ‍කොළඹ සිට කි.මී. 205 උතුරින්, උතුරු මැද පළාත මල්වතු ඔය ඉවුර මුල් කර‍ගෙන පිහිටා ති‍බේ. බු.ව.4 වන සියව‍සේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය, 11 වන සියවස දක්වා ම දකුණු ආසිය‍‍වේ ස්ථාවරත ම ‍‍දේශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ලෙස වැජඹුණි.‍ බෞද්ධ ලෝකයට පූජනීය නගරයක් වූ, වර්ග කි.මි. 40 පුරා විහිදුනු ‍‍බෞද්ධ ආරාම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ලෝකයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ගාල්ල ගාල්ල, ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍වෙරළ තීර‍යේ ‍කොළඹ සිට කි.මි. 119 දුරින් පිහිටි නගරයකි. පෘතුගීසීන් පැමිණීමට ‍පෙර 16 වන සියව‍සේ දී ධීවර වරායක් ලෙස පැවති මෙය එවකට ගිම්මතිත්ත ‍ලෙස හදුන්වා ඇත. (ඉබන්බතුතා ක්වලි (Qali) ලෙස හදුන්වා ති‍බේ.) 18 වන සියව‍සේ බ්‍රිතාන්‍ය පාලකයින් කොළඹ ප්‍රධාන වරාය ‍ලෙස සැලකීමට ‍පෙර ගාල්ල එහි දියුණු‍වේ උපරිමයට එළඹ තිබිණ. 2004.12.26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය. පොළොන්නරුව ‍චෝල ආක්‍රමණිකයින් පරදවා පළමුවන විජයබා රජු විසින් අගනුවර කර ගත් ‍පොළොන්නරුව ලංකා‍වේ ‍දෙවන පැරණිතම නගරයයි. එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරු මහා පරාක්‍රමබාහු රජුය. කෙටි චෝල පාලන සමයේ දී ‍මෙම නගරය ජනනාත මංගලම් ‍ලෙස ද හදුන්වා ති‍බේ. එ‍හෙත් ඉන් පසු පත් වූ පාලකයින්‍ අතරින් නිශ්ශංකමල්ල රජු හැරුණු විට පත් වූ අ‍නෙක් පාලකයින් එතරම් සාර්ථක ‍නොවූහ. එම රජවරු ඇති කර ගත් දකුණු ඉන්දියානු විවාහ සම්බන්ධතා පසු කාලීනව ඇති වූ දකුණු ඉන්දියානු ආක්‍රමණවලට ද රාජධානිය දඹ‍දෙණියට සංක්‍රමණය වීමටද හේතු විය. අද වන විට ‍පොළොන්නරු රාජධානි‍යේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන, මුල් කාලීන රජුන්ගේ සෞභාග්‍යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍මෙම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ලෝක උරුමයක් ‍ලෙස නම් කර තිබේ. [www.galle.mc.gov.lk] රන්ගිරි දඹුලු ගල් විහරය දඹුලු ‍ලෙන් විහාරය (රන්ගිරි දඹුලු ගල් විහාරය) රට මැද භාගයට වන්නට පිහිටි, ලෝක උරුමයක් ‍ලෙස නම් කර ඇති ස්ථානයකි. ‍කොළඹින් කි.මි. 148 නැ‍ගෙනහිරින්ද මහනුවරින් කි.මි. 72 උතුරින්ද පිහිටා ඇති ‍මෙය ඉතා ‍හොදින් සුරැකිව ඇති විහාර සංකීර්ණයකි. තැනිතලාවෙන් මි.160 උසින් පිහිටි පර්වතයක, 80 ට අධික ‍ලෙන් සංඛ්‍යාවක් පවතින අතර ‍ලෙන් පහක් ආශ්‍රිතව විහාර අංගනය පිහිටා ඇත. බුද්ධ චරිතයට අදාළ ස්තූප සහ බිතු සිතුවම් නිසා ‍මෙම විහාරය ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත. බුද්ධ ස්තූප 153, සිංහල රජුන්ගේ ප්‍රතිමා 3 සහ දැව ප්‍රතිමා 4 ක් වර්ග මි. 2100 ප්‍ර‍දේශයක පිහිටා ති‍බේ. බිතු සිතුවම් මගින් බුදුන්ගේ මාර පරාජය සහ පළමු ධර්ම දේශනාව නිරූපණය කර ඇත. සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකා‌වේ ව‍න උද්‍යානයක් වන සිංහරාජ වනය, යුනෙස්කෝව මගින් ‍ජෛව ගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුමයක් ‍ලෙස නම් කර ති‍බේ. නො ඉදුල් වැසි වනාන්තරයක් වන ‍මෙය, ළඟා වීමට ඇති අපහසු බව නිසා ම දැව කර්මාන්ත‍යේ ග්‍රහණ‍යෙන් මිදී ඇත. ‍මෙය 1889 දී ලෝක උරුමයක් ද 1978 දී ලෝක උරුමයක් ද ලෙස ද නම් කර තිබේ. ‍මෙහි න‍මෙහි අරුත සිංහයාගේ රාජධානිය යන්නයි. නැගෙනහිර - බටහිර දිශා ඔස්සේ කි.මි. 21 ද උතුරු- නැගෙනහිර දිශා ඔස්සේ කි.මි. 7 පමණක් වුව ද ඉතා සරු ‍ජෛව විවිධත්වයකට සහ ආ‍වේනික වි‍ශේෂ (කෘමීන්, ශාක, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීර‍පායීන්) රැසකට ‍සෙවණ සපයයි. ශාක ගහණය නිසා යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයක දී ‍මෙන් වන සතුන් දැක ගැනීම අපහසුය. අලින් දැක ගත නො හැකි වුව ද දිවියන් වර්ග 15 ට ආසන්න සංඛ්‍යාවක් කළාතුරකින් දැක ගත හැකිය මේ අඩවියත් බලන්න ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන් ශ්‍රී ලංකාව බාහිර පුරුක් List of UNESCO World Heritage Sites — Official website The 100 most beautiful places in the world—95-Sigiriya Destinations - Sri Lanka - Places of Interest ග්‍රී ලාංකීය ඉතිහාසයේ පින්තූර ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම
3889
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8
බුද්ධාගම
බුද්ධාගම යනු බුද්ධ ධර්මය හෙවත් බුදු දහම පාදක කොට ගොඩනැගුනු ආගමකි. ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ඉගැන්වීම් මත පදනම් වූ  දහමකි. එය ඉන්දියානු ආගමක් සහ දර්ශනකි.එය ආසියාවේ බොහෝ ප්‍රදේශ හරහා ව්‍යාප්ත වූ ක්‍රිස්තු පූර්ව 6 වැනි සහ 4 වැනි සියවස් අතර කාලය තුළ ශ්‍රමණ දහමක් ලෙස පුරාණ ඉන්දියාවේ දී ආරම්භ විය. එය ලොව සිව්වන විශාලතම ආගමයි. මිලියන 530කට අධික අනුගාමිකයින් හෝ ගෝලීය ජනගහනයෙන් 7%කට වඩා වැඩි ප්‍රමාණයක්, බෞද්ධයන් ලෙස හැඳින්වේ. බුදුදහම බොහෝ දුරට බුදුන්ගේ ඉගැන්වීම් (ක්‍රි.පූ. 5 වැනි සියවසේ උපත ලද සිද්ධාර්ථ ගෞතම) අර්ථකථනය කරන ලද දර්ශනය මත පදනම් වේ. බුදුරදුන්ගේ චතුරාර්ය සත්‍යයේ ප්‍රකාශිත පරිදි, බුදුදහමේ පරමාර්ථය වන්නේ දුක් වේදනා ඇත (දුක්ඛ ආර්ය සත්‍යය), එය ඇති වීමට හේතුවක් ඇත (දුක්ඛ සමුදය ආර්ය සත්‍යය), එය ඇති වීමට හේතුව ඇත එම හේතුව නතර කිරීම (දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය), එහි අවසානය ගෙන ඒන මගෙ හි ගමන් කිරීම ය (දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය). බුදු දහම සිව්වන විශාලතම ආගමයි. මිලියන 530කට අධික අනුගාමිකයින් හෝ ගෝලීය ජනගහනයෙන් 7%කට වඩා වැඩි ප්‍රමාණයක්, බෞද්ධයන් ලෙස හැඳින්වේ.විශාලතම බෞද්ධ ජනගහණය ජීවත් වන්නේ චීනයේය. එය මිලියන 251ක් පමණ වේ. ශ්‍රී ලංකාව, භූතානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මොංගෝලියාව, ජපානය, සිංගප්පූරුව, කල්මිකියාව,ටුවා යන රටවල බහුතර ආගම බුදු දහමයි. බුදු දහම ශ්‍රී ලංකාව, භූතානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මොංගෝලියාව යන රටවල රාජ්‍ය ආගම වේ. බුදුන් දේශනා කළ සතර සත්‍යයන්ට අනුව, බුද්ධාගමෙහි ප්‍රධාන අරමුණ වනුයේ දුකින් (දුක්ඛ) මිදීමයි. බුදු දහමට අනුව දුක ඇතිවන්නේ තෘෂ්ණාව (තණ්හා) සහ යථාර්ථයෙහි සැබෑ ස්වභාවය (එනම් අනිත්‍යතාව සහ අනාත්මතාව) ගැන නොදැනුවත්කම (අවිද්‍යා) නිසාය. දුකින් මිදීම නිර්වාණය යනුවෙන් හැඳින්වෙන අතර එමගින් උපත සහ මරණය සිදුවෙන චක්‍රය (සංසාරය) අවසන් වේ. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය බුද්ධාගම යනු ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් මත පිහිටුවන ලද දර්ශනයක් වන අතර, "ශක්‍යමුණි" ("ශාක්‍යයන්ගේ ඍෂිවරයා") හෝ "බුද්ධ" ("ලෝකයා කෙරෙහි කරුණාවෙන් යුතුව සියලු කෙලෙස් නසා සියලු සත්‍යය අවබෝධ කරගත් තැනැත්තා") හෝ "සම්මා සම්බුද්ධ ("තුන් කාලයටම අයත් දෑ මනාව අවබෝධ කරගත් තැනැත්තා") ලෙසද හඳුන්වනු ලබන ශ්‍රමණයෙක්. ග්‍රන්ථවල බුදුන්ගේ නාමය "ගෞතම" (පාලි: ගෝතම) ලෙස ඇත. බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ තොරතුරු බොහෝ මුල් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන නමුත් ඒවා එකි නෙකට නොගැලපේ. ඔහුගේ සමාජ පසුබිම සහ ජීවන තොරතුරු ඔප්පු කිරීමට අපහසු වන අතර නිශ්චිත දිනයන් අවිනිශ්චිතය. සිද්ධාර්ථ ගෞතමයන් වත්මන් නේපාලයේ ලුම්බිණියේ ඉපිද, නූතන නේපාල-ඉන්දියා දේශ සීමාවට ආසන්න ගංගා තැන්නෙහි පිහිටි නගරයක් වන කපිලවස්තුවේ හැදී වැඩුණු බවත්, ඔහු තම ජීවිතය ගත කළ බවත් මුල් ග්‍රන්ථවල සාක්ෂිවලින් පෙනී යයි. ඔහුගේ පියා සුද්ධෝදන නම් රජෙකු බවත්, ඔහුගේ මව මායා රැජින බවත් පුරාවෘත්තවල සඳහන් වේ. බුදුන් වහන්සේ, උන්වහන්සේගේ ජීවිතය, උන්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේ හැදී වැඩුණු සමාජය පිළිබඳ ප්‍රකාශයන් සමහරක් පසුකාලීනව බෞද්ධ ග්‍රන්ථ තුළ හඳුන්වා දී ඇත. ඔහු දුක්වලින් මිදීමට ("නිවන" ලෙසද හැඳින්වේ) සෙවීමට පිටත් විය. මුල් පොත්වල සහ චරිතාපදානවල සඳහන් වන්නේ ගෞතම භාවනා ගුරුවරුන් දෙදෙනෙකු යටතේ අධ්‍යාපනය ලබා ඇති බවයි, එනම් ආලාර කාලාම සහ උද්දකා රාමපුත්ත, ඔහු භාවනාව සහ දර්ශනය හැදෑරූ අතර, විශේෂයෙන් "කිසිවක්" ඔවුන්ගෙන් අවබෝධ කර ගැනීමට නොහැකි විය. මෙම ඉගැන්වීම් තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව සොයා ගත් ඔහු දැඩි උපවාස පාලන ක්‍රමයක් සහ විවිධ ස්වසන පාලන ක්‍රම ඇතුළත් දැඩි තපස් ක්‍රමයට යොමු විය. මෙයද තම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ අතර පසුව ඔහු ධ්‍යාන භාවනාවට යොමු විය. ඔහු ප්‍රසිද්ධ ලෙස බුද්ධගයා නගරයේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ෆිකස් රිලිජියෝසා ගසක් යට භාවනාවේ වාඩි වී "පිබිදීම" (බෝධි) ලබා ගත්තේය. මහාසච්චක සූත්‍රය සහ සාමඤ්ඤඵල සූත්‍රය වැනි විවිධ මුල් ග්‍රන්ථවලට අනුව, පිබිදීමේදී, බුදුන් වහන්සේ කර්මයේ ක්‍රියාකාරිත්වය සහ තම පෙර ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගත් අතර, චිත්තවේගීය කෙලෙස් වල (ආසව) අවසානය සාක්ෂාත් කර ගත්හ. මෙම සිදුවීම දුක් වේදනා අවසන් කිරීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාසයේ නිවැරදි මාර්ගය ලෙස මධ්‍යම මාර්ගය පිළිබඳ නිශ්චිතභාවයක් ගෙන ආවේය. සම්පූර්‍ණයෙන්ම බුද්ධත්වයට පත් බුදුවරයෙකු ලෙස, ඔහු අනුගාමිකයින් ආකර්ෂණය කර ගෙන සංඝ (භික්ෂික ශාසනයක්) පිහිටුවීය. ඔහු තම ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ තමන් සොයාගත් ධර්මය ඉගැන්වීම සඳහා වන අතර, පසුව "අවසාන නිර්වාණය" සාක්ෂාත් කර ගනිමින් වයස අවුරුදු 80 දී ඉන්දියාවේ කුෂිනගර්හිදී පිරිනිවන් ගියේය. බුද්ධ ඉගැන්වීම් ඔහුගේ අනුගාමිකයින් විසින් ප්‍රචාරණය කරන ලද අතර, ක්‍රිස්තු පූර්ව 1 සහස්‍රයේ අවසාන ශතවර්ෂවල විවිධ බෞද්ධ චින්තන පාසල් බවට පත් වූ අතර, ඒ සෑම එකක්ම බුදුන් වහන්සේගේ විවිධ අර්ථකථන සහ සත්‍ය ඉගැන්වීම් අඩංගු පාඨ මාලාවකින් යුක්ත විය. මේවා කාලයාගේ ඇවෑමෙන් බොහෝ සම්ප්‍රදායන් බවට පරිණාමය වූ අතර නූතන යුගයේ වඩාත් ප්‍රකට සහ පුලුල්ව පැතිරී ඇත්තේ ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන බුද්ධාගමයි. ලෝක දර්ශනය චතුරාර්ය සත්‍යය - දුක සහ එහි අවසානය චතුරාර්ය සත්‍යය බුද්ධාගමේ මූලික අරමුණ ප්‍රකාශ කරයි. අපි දුක්ඛ, "තෘප්තිමත් කිරීමට නොහැකි" සහ වේදනාකාරී වූ අනිත්‍ය තත්ත්වයන් සහ දේවල් වලට තෘෂ්ණාව සහ ඇලුම් වෙමු. මෙය අපව නැවත නැවත ඉපදීම, දුක්ඛ සහ නැවත මැරීමේ නිමක් නැති චක්‍රය වන සංසාරයට හසු කරවයි. නමුත් මෙම නිමක් නැති චක්‍රයෙන් නිදහස් වීමට මාර්ගයක් තිබේ, එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. දුක්ඛ ආර්ය සත්‍යය යනු මෙම ලෞකික ලෝකයේ ජීවිතය, අනිත්‍ය තත්ත්වයන් සහ දේවල් කෙරෙහි ඇලුම් හා තෘෂ්ණාව සහිත දුක්ඛ, සහ අසතුටුදායක බව පිළිබඳ මූලික අවබෝධයයි. බුද්ධාගමේ, දුක්ඛ යනු අනිත්‍යතාවය සහ අනත්තා (ස්වයං නොවන) සමග පැවැත්මේ සලකුණු තුනෙන් එකකි. අනෙකුත් ප්‍රධාන භාරතීය ආගම් මෙන්ම බුදුදහම ද සියල්ල අනිත්‍ය (අනිච්ච) බව ප්‍රකාශ කරයි, නමුත්, ඒවා මෙන් නොව, ජීවීන් තුළ ස්ථිර ආත්මයක් හෝ ආත්මයක් නොමැති බව ප්‍රකාශ කරයි (අනත්ත). ඕනෑම දෙයක් ස්ථීර බව හෝ ඕනෑම ජීවියෙකු තුළ තමා ඇතැයි යන අවිද්‍යාව හෝ වැරදි වැටහීම (අවිජ්ජා) වැරදි අවබෝධයක් ලෙස සලකනු ලබන අතර, ඇලීමේ සහ දුක්ඛයේ මූලික මූලාශ්‍රය ලෙස සැලකේ. දුක්ඛ හටගන්නේ අප ආශා කරන විට ය. දුක්ඛ හටගන්නේ අප ආශා කරන විට ය. ඇලීම සහ තෘෂ්ණාව කර්මය ඇති කරයි, එය අපව සංසාරයට, මරණ සහ නැවත ඉපදීමේ චක්‍රයට සම්බන්ධ කරයි. භව-තණ්හා, නැවත ඉපදීම ඇතුළුව ජීවිතය සහ මරණය යන චක්‍රය දිගටම කරගෙන යාමට ආශාව; සහ විභව තණ්හා, ලෝකය සහ වේදනාකාරී හැඟීම් අත්විඳීමට නොහැකි වීමට ඇති ආශාව. තෘෂ්ණාව සහ ඇලීම නතර වූ විට හෝ සීමා වූ විට දුක්ඛ නිරුද්ධ වේ, නැතහොත් සීමා කළ හැක. මෙයින් අදහස් කරන්නේ තවත් කර්මයක් නිපදවන්නේ නැති අතර නැවත ඉපදීම අවසන් වන බවයි. මෝක්ෂය, විමුක්තිය කරා යන බෞද්ධ මාර්ගය අනුගමනය කිරීමෙන් යමෙකු තෘෂ්ණාවෙන් හා අනිත්‍ය තත්ත්වයන් හා දේවල් කෙරෙහි ඇලීමෙන් මිදීමට පටන් ගනී. "මාර්ගය" යන පදය සාමාන්‍යයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන අරුතට ගනු ලැබේ, නමුත් "මාර්ගය" හි වෙනත් අනුවාද නිකායන්හි ද සොයාගත හැකිය. ථෙරවාදී සම්ප්‍රදාය සතර සත්‍යයන් පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය තමා තුළම විමුක්තියක් ලෙස සලකයි. නැවත ඉපදීමේ චක්රය සංසාර එය පුනරුත්පත්තිය පිළිබඳ න්‍යාය සහ "සියලු ජීවයේ, පදාර්ථයේ, පැවැත්මේ චක්‍රීයත්වය", සියලු ප්‍රධාන ඉන්දියානු ආගම් සමඟ මෙන් බුදුදහමේ මූලික උපකල්පනයට යොමු කරයි. බුද්ධාගමේ සංසාරය දුක්ඛ, අතෘප්තිකර සහ වේදනාකාරී ලෙස සැලකේ, ආශාව සහ අවිද්‍යාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින කර්මය ලෙස සැලකේ. මෙම පැවැත්මේ චක්‍රයෙන් මිදීම, නිර්වාණය වේ. නැවත ඉපදීම පැවැත්මේ ක්ෂේත්‍ර හයක් තුළ සිදු විය හැකි බව බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශ කරයි, එනම් යහපත් ක්ෂේත්‍ර තුනක් (ස්වර්ග, අර්ධ-දෙවි, මනුෂ්‍ය) සහ නරක ක්ෂේත්‍ර තුනක් (සත්ව, කුසගින්න ප්‍රේත, නිරය). අනිත්‍ය සහ අනාත්ම දැකීම තුළින් දුක්ඛ දෝමනස්සයන් නැති කර නිර්වාණයට පැමිණියහොත් සංසාරය අවසන් වේ. නැවත ඉපදීම පුනරුත්පත්තිය යන්නෙන් අදහස් කරන්නේ ජීවීන් සංකල්පීය ජීවිතයේ බොහෝ ආකාරවලින් එකක් ලෙස ජීවිත කාලය පුරාම ගමන් කරන ක්‍රියාවලියකි, ඒ සෑම එකක්ම පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා දිව යයි. බෞද්ධ චින්තනයේ දී, මෙම නැවත ඉපදීම ආත්මයක් හෝ කිසියම් ස්ථාවර ද්‍රව්‍යයක් සම්බන්ධ නොවේ. මක්නිසාද යත් අනත්තා (සංස්කෘත: අනාත්ම, නො-ආත්ම ධර්මය) අනෙකුත් ආගම්වල දක්නට ලැබෙන ස්ථිර ආත්ම හෝ වෙනස් නොවන, සදාකාලික ආත්මය පිළිබඳ සංකල්ප ප්‍රතික්ෂේප කරන බැවිනි. බහුතර බෞද්ධ සම්ප්‍රදායන්, ඊට ප්‍රතිවිරුද්ධව, විඥානය (පුද්ගලයෙකුගේ විඥානය) පරිණාමය වුවද, එය සන්තතියක් ලෙස පවතින බවත්, එය නැවත ඉපදීමේ ක්‍රියාවලියට භාජනය වන යාන්ත්‍රික පදනම බවත් ප්‍රකාශ කරයි. කෙනෙකුගේ පුනරුත්පත්තියේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ කෙනෙකුගේ කර්මයෙන් (එනම් ක්‍රියාවන්) ලබා ගන්නා කුසල් හෝ අකුසලය මත ය. කර්මය බුදුදහම තුළ කර්මය (ක්‍රියාව) විසින් සංසාරය මෙහෙයවයි සියලුම ප්‍රධාන භාරතීය ආගම්වල මෙන් කර්මයේ පැවැත්ම බුදුදහමේ මූලික විශ්වාසයක් වන අතර එයින් මාරාන්තික භාවයක් හෝ පුද්ගලයෙකුට සිදුවන සෑම දෙයක්ම කර්මයෙන් සිදු වන බවක් අදහස් නොවේ. කථනයේ හෝ මනසේ ක්‍රියා සියල්ලම කර්ම බීජ වලට තුඩු දෙයි. බෞද්ධ සම්ප්‍රදායන් තුළ, ජීවියෙකුගේ අතීත සහ වර්තමාන උපත්වල කර්ම නීතියෙන් බලපාන ජීවන පැතිකඩවලට පුනරුත්පත්තිය, පුනර්භව ක්ෂේත්‍රය, සමාජ පංතිය, චරිතය සහ ජීවිත කාලයෙහි ප්‍රධාන අවස්ථා ඇතුළත් වේ. එය භෞතික විද්‍යාවේ නියමයන් මෙන්, බාහිර මැදිහත් වීමකින් තොරව, මනුෂ්‍යයන් සහ දෙවිවරුන් ඇතුළු පැවැත්මේ ක්ෂේත්‍ර හයේම සෑම ජීවියෙකුටම ක්‍රියාත්මක වේ. බුදුදහමේ කර්ම සිද්ධාන්තයේ කැපී පෙනෙන අංගයක් වන්නේ කුසල් මාරු කිරීමයි. පුද්ගලයෙකු කුසල් රැස් කරන්නේ චේතනාවෙන් සහ සදාචාර සම්පන්න ජීවිතයෙන් පමණක් නොව, දානය (භික්ෂූන්ට හෝ භික්ෂුණීන්ට පුණ්‍යකර්මයක්) වැනි භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමෙන් අන් අයගෙන් පිං ලබා ගැනීමටද හැකි වේ. විමුක්තිය නැවත ඉපදීමේ චක්‍රය අවසන් වන ක්ලේශයන් නැවැත්වීම සහ නිර්වාණය (නිබ්බාන) සාක්ෂාත් කර ගැනීම, බුද්ධ කාලයේ සිටම පැවිදි ජීවිතය සඳහා බෞද්ධ මාර්ගයේ මූලික හා සමාජ විද්‍යාත්මක ඉලක්කය විය. "මාර්ගය" යන පදය සාමාන්‍යයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන අරුතට ගනු ලැබේ, නමුත් "මාර්ගය" හි වෙනත් අනුවාද නිකායන්හි ද සොයාගත හැකිය. පාලි ග්‍රන්ථයේ සමහර කොටස්වල, නිවැරැදි දැනුම හෝ තීක්ෂ්ණ බුද්ධිය (සම්මා ඤාණ) සහ නිවැරැදි විමුක්තිය හෝ මුදා හැරීම (සම්මා විමුත්ති) අතර වෙනස හඳුනාගෙන ඇත. නිර්වාණය යනු "නිවීම, නිවී යාම" යන්නයි. බුදුදහම සංසාරයෙන් මිදීම පරම ආධ්‍යාත්මික අරමුණ ලෙස සලකන අතර, සම්ප්‍රදායික ව්‍යවහාරයේදී, ගිහි බෞද්ධයන්ගෙන් අති බහුතරයකගේ මූලික අවධානය යොමු වී ඇත්තේ යහපත් ක්‍රියාවන්, භික්ෂූන් වහන්සේලාට පරිත්‍යාග කිරීම සහ විවිධ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර තුළින් පින් සෙවීම සහ රැස් කිරීම ය. රඳා පැවැත්ම ප්‍රතිත්‍යාසමුත්පාදය, "යැඳීම පැන නැගීම හෝ යැපෙන සම්භවය" ලෙසද හැඳින්වේ, පැවැත්ම, සහ අවසාන යථාර්ථයේ ස්වභාවය සහ සම්බන්ධතා පැහැදිලි කිරීම සඳහා බෞද්ධ න්‍යාය වේ. යැපෙන හටගැනීම්' වලට හේතුඵල සමීකරණයක් ඇති අතර, ඒ අනුව ප්‍රතීත්‍යසමුත්පාදය යනු හේතුවාදයේ පදනම වන බව බෞද්ධ විශ්වාසය මිස නිර්මාතෘ දෙවියෙකු හෝ විශ්වීය ආත්ම (බ්‍රහ්ම) නමින් හැඳින්වෙන ඔන්ටොලොජිකල් වෛදික සංකල්පය හෝ වෙනත් 'අතිරේක නිර්මාණාත්මක මූලධර්මයක්' නොවේ. කෙසේ වෙතත්, බෞද්ධ චින්තනය නිව්ටෝනීය යාන්ත්‍ර විද්‍යාවට අනුව හේතුඵලවාදය තේරුම් නොගනී; ඒ වෙනුවට එය කොන්දේසිගත පැන නැගීමක් ලෙස වටහා ගනී. බුදුදහමේ, පරායත්ත පැන නැගීම යන්නෙන් අදහස් කරන්නේ එක් ජීවිතයක කර්මය වැනි සංසිද්ධියක් තවත් ජීවිත කාලයකට පැවැත්මේ එක් ක්ෂේත්‍රයක නැවත ඉපදීමට තුඩු දෙන තත්වයන් නිර්මාණය කිරීම වැනි ජීවිත කාලය තුළ සහ පුරා ප්‍රපංචයක් අවශ්‍යයෙන්ම සම්බන්ධ කරන හේතු රාශියක් විසින් නිර්මාණය කරන ලද තත්වයන් ය. නිධාන දොළහක් හෝ "සබැඳි දොළහක්" හරහා දුක්ඛ සහ නැවත ඉපදීමේ නිමක් නැති චක්‍රවල ආරම්භය පැහැදිලි කිරීම සඳහා පැන නගින පරායත්ත න්‍යාය බුදුදහම අදාළ කරයි. අවිද්‍යාව (අවිද්‍යාව) පවතින නිසා, සංස්කාර (කර්ම) පවතින බව එහි සඳහන් වේ. සංස්කාර පවතින නිසා විඤ්ඤාණය (විඤ්ඤාණය) පවතින නිසා; සහ ඒ හා සමාන ආකාරයකින් එය නාමරූප (සංවේදී ශරීරය), ටාඩායතන (අපගේ ඉන්ද්‍රිය හය), ස්පර්ෂ (ඉන්ද්‍රිය උත්තේජනය), වේදනා (හැඟීම), තණ්හා (තෘෂ්ණාව), උපාදානය (ග්‍රහණය), භව (භවය), ජාති (උපත) සම්බන්ධ කරයි. ), සහ ජරාමරණ (මහලු විය, මරණය, දුක සහ වේදනාව). නිදාන දොළහෙහි පරිපථ සම්බන්ධතා බිඳ දැමීමෙන් බුදුදහම ප්‍රකාශ කරන්නේ මෙම නිමක් නැති පුනර්භව චක්‍රවලින් සහ දුක්ඛයෙන් මිදීම ලබා ගත හැකි බවයි. නොවන-ස්වය හා හිස්බව බුද්ධාගමේ සම්බන්ධ ධර්මයක් වන්නේ අනත්තා හෝ අනාත්ම ය. වසුබන්ධු, බුද්ධඝෝෂ වැනි උන්වහන්සේ අනුගමනය කරන බුද්ධ හා බෞද්ධ දාර්ශනිකයන් සාමාන්‍යයෙන් මෙම මතය සඳහා තර්ක කරන්නේ පංචස්කන්ධයේ ක්‍රමයෙන් පුද්ගලයා විශ්ලේෂණය කර පසුව පෞරුෂයේ මෙම අංග පහෙන් කිසිවක් ස්ථිර හෝ නිරපේක්ෂ නොවන බව පෙන්වීමට උත්සාහ කිරීමෙනි. අනත්තලක්ඛන සූත්‍රය වැනි බෞද්ධ දේශනවල ඒ බව පෙනේ. ප්‍රධාන සම්ප්‍රදායන් මහායාන සම්ප්‍රදාය ථේරවාද සම්ප්‍රදාය වජ්‍රයාන සම්ප්‍රදාය ථේරවාද සම්ප්‍රදාය යනු බුදු දහම වෙනස් නොකර ඒ ආකාරයෙන්ම පැවත එන සම්ප්‍රදායයි. අශෝක අධිරාජ්‍යයා ථේරවාද බුදු දහම ශ්‍රී ලංකාව, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් බොහොමයකට ව්‍යාප්ත කරන ලදී. පසුකාලීනව ශ්‍රී ලංකාව හරහා තායිලන්තය, ලාඕසය යන රටවලට ථේරවාදී බුදු දහම ව්‍යාප්ත විය. ථේරවාද බුදුදහම යනු වර්තමානයේ ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය යන රටවල බහුතරයක් අදහන ආගමයි. එමෙන්ම එම රටවල රාජ්‍ය ආගමද වේ. මහායාන සම්ප්‍රදාය යනු බුදු දහම යම් තරමකට වෙනස් කළ සම්ප්‍රදායකි. එය ගාන්ධාර දේශය (වර්තමාන ඇෆ්ගනිස්ථානය) ආශ්‍රිත ප්‍රදේශයේදී බිහිවිය. මහායාන බුදුදහම යනු වර්තමානයේ ජපානය, චීනය, සිංගප්පූරුව, කල්මිකියාව යන රටවල බහුතරයක් අදහන ආගමයි. වජ්‍රයාන සම්ප්‍රදාය යනු මහායානය වෙනස් වී සෑදුන සම්ප්‍රදායයි. එය වර්තමානයේ ටිබෙටය, භූතානය, මොංගෝලියාව යන රටවල බහුතරයක් අදහන ආගමයි. ඉන්දියාවේ බුද්ධාගම ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක. මෙම විකාශනයන් සැමවිටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි. මුල්කාලීන දහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විතය. එහි මූලික ග්‍රන්ථ වනුයේ විනය පිටකය ය. දහමේ මූලික ඉගැන්වීම් පහත අයුරින් වර්ගීකරණය කළ හැක. කර්මය ආරම්භයක් ‍නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ව තුළ ඇතිවිය හැක. යහපත් හා අයහපත් ක්‍රියාවලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියාවලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමථ හෝ සමාධි භාවනාවල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක. මුල් කාලීන ව්‍යාප්තිය හා වැඩි දුර දියුණුව නිකාය භේදයෙන් පසුව සෑම සංඝයා වහන්සේ නමක්ම අභිධර්මයේ පිටපතක් ළඟ තබා ගැනීමට කටයුතු යොදා ගත් සේක. බෞද්ධාගම ප්‍රචලිත වනවාත් සමග අභිධර්ම පිටකය සෑදුනි. එහෙත් යම් ශාස්තෘවරුන් මෙම පිටක භාවිතයට ගෙන නැත. ඔවුන් පිළි ගත්තේ දේශනාකර වදාළ ධර්මයට කිසිවක් එකතු නොකළ යුතු බවටය. එනමුත් 5 වැනි සියවසේ ෆාහියන් සහ 7වන සියවසේ ක්සුඅන් සැංග්, අභිධර්මය පිළිබඳව පිටපත් මහා සංඝික පාසලෙන් සපයාගෙන ඇත. බෞද්ධ සංස්කෘතික ග්‍රන්ථයක් වන මිලින්ද ප්‍රශ්නය කෘතියේ සඳහන් වන්නේ දෙවන සියවසේදී ඉන්දු ග්‍රික අධිරාජ්‍යයෙක්‌ වන මෙනන්දර් බෞද්ධාගම වැළඳ අරහත් භාවය ලබා ගත් බවයි. අශෝක අධිරාජ්‍යයා බෞද්ධාගම ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙස දැරුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු මධ්‍යම ආසියාවේ හා ශ්‍රි ලංකාවේ බෞද්ධාගම බොහෝ සේ ප්‍රචලිත විය. මෙම කාල පරිච්ඡේදය දැනුවත්වම න් පිටතට යොමු කෙරුණු යුගයකි. ආශ්‍රිත ලිපි බුදු දහම නිර්මල ත්රිපිටකය බුද්ධාගම
3892
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80
හික්කඩුව
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත. 2004 සුනාමිය වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින හික්කඩුව මහත් වූ සුනාමි ව්‍යසනයකට ගොදුරු විය. එය “2004 ඉන්දියානු සාගර භූ චලනය” නම් වූ, සැතපුම් දහස් ගණනක් එපිටින් ඉන්දුනීසියානු වෙරළ තීරයේ ඇති වූ භූ චලනයක් නිසා ඇති විය. මෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් ඡීවිත දහස් ගණනක් අහිමි විය. සුනාමි ව්‍යසනයෙන් තමන් සතු සියලු දේ අහිමි වූ පවුල් වල‍ට සහන සේවා යටතේ මහන මැෂින් ලැබුනි. මේ හේතුවෙන් නගරයේ විවිධාකාර වූ ඇඳුම් (කමිස, කලිසම්, ආදී...) මසන සන්නාලියන්(ඇඳුම් මසන්නන්) වර්ධනය විය. එනිසා හවායි කමිස (Hawaiian shirt) ප්‍රිය කරන්නන් ශ්‍රී ලංකාවේදී අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට හික්කඩුව පත්විය. සංචාරක ආකර්ෂණ සීනිගම දේවාලය - දේශිය මෙන්ම විදේශිය සංචාරක අවධානයට ද ලක් වු ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් ලෙස සීනිගම දේවාලය හැදින්විය හැක. ගොඩබිමට ආසන්න මුහුදේ පිහිටි දුපතක පිහිටා ඇති සීනිගම දේවාලය දේවපතිරාජ නම් කෝට්ටේ යුගයේ විසු අමාත්‍යවරයකු විසින් කරවන ලද්දකි. තොටගමුව රජ මහා විහාරය - හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වඩාත් ප්‍රචලිත ආගමික සිද්ධස්ථානයක් ලෙස තොටුගමුව රජමහ විහාරය හැදින්විය හැක. ඵෙතිහාසික වැදගත්කමක් හිමි මෙම විහාරයේ ඇති දඹරන් ධාතු කරඩුව, රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල, ක්‍රි.ව.6වන සියවසට හා මහනුවර යුගයට අයත් බිතු සිතුවම් එයට පෞරාණික බවක් ගෙන දීමට හේතු සාධක වී ඇත. හික්කඩුව වෙරළ තීරය - හික්කඩුව පිහිටි වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වේ. හික්කඩුව ස්වභාවික ගල් මල් උයන - කි.මී.24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූවකි. නමුත් මෙය මේ වන විට විනාශ වීමේ අවධානමට ලක්වෙමි්න් පවතී. හික්කඩුව ජාතික උද්‍යානය - හික්කඩුව පිහිටි ජාතික උද්‍යානයකි. බාහිර සබැඳ ශ්‍රී ලංකාවේ සංචාරක මණ්ඩලයේ නිල වෙබ් පිටුව සුනාමි ව්‍යසනයේ බලපෑම් හා සහන සේවා(හික්කඩුව) ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
3896
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%2C%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
දකුණු පළාත, ශ්‍රී ලංකාව
ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ මනරම් ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය ඉතාමත්ම සුළු පසුගාමීත්වයක් පමණක් පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත දකුණු පළාත තුල දැකිය හැක.එමෙන්ම අධ්‍යාපනය හා සාක්ෂරතාවය අතින් ලංකාවේ ප්‍රමුඛ තැනක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස දකුණු පළාතේ ගාල්ල සහ මාතර පෙන්වා දිය හැකිය..වාර්ෂික වර්ෂාපතනය ඉහල අගයක් ගන්නා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තෙත් කලාපයට අයත් වේ.ගාල්ල සහ මාතර සෞම්‍ය දේශගුණයකින් හා ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් වියළි කලාපයට අයත්වේ.එමෙන්ම දකුණු පළාතේ උසස් අධ්‍යාපනය ලබන්නාවූ බහුතරයක් දෙනා කොළඹ නගරයට සම්ප්‍රාප්ත විම ඇත අතීතයේ සිටම සිදුවන්නා දෙයකි.කොළඹ දිස්ත්‍රික්කයට වඩා ආර්ථිකය අතින් යම් පසුගාමිත්වයක් පෙන්නුම් කිරිමට ප්‍රභලම හේතුවක් ලෙස කොළඹ අගනගරයේ උගතුන් හා ව්‍යවසායකයින් බහුතරයක්ම දකුණු පලාතෙන් කොළඹට සම්ප්‍රාප්තවූ අයවලුන් වීම පෙන්වා දිය හැක. දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ: මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,673 ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.2,593 හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246 වැදගත් ස්ථාන යාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි. 2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය. මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ පළාත්
3898
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%20%E0%B6%BB%E0%B6%A2
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ශ්‍රී ලංකාවේ රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. දකූණු ඉන්දීය තෙළිඟු සම්භවයක් ඇති ඔහු සිංහලේ නායක්කාර රාජ වංශයට අයත් විය. කන්නසාමි නම් වු මොහු 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය. රාජ්‍යත්වය මුල් දිවිය මොහු රාජාධිරාජ සිංහ රජුගේ බිසව වූ උපේන්ද්‍රම්මාගේ සොහොයුරියගේ පුතාය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය. ඔහු මහනුවර නායක්කර් රජ පරපුරේ අන්තිමයා වූවා මෙන්ම ශ්‍රී ලංකාවේද අන්තිම රජු විය. ඔහුගේ පාලන කාලය තුළ ලංකාවේ අනිකුත් පෙදෙස්වල ද බ්‍රිතාන්‍ය යටත් විජිතය ස්ථාපනය විය. රාජාධි රාජසිංහගෙන් පසු රජකමට පත්වීම සඳහා තවත් අයෙකු සිටියේය. ඔහු උපේන්ද්‍රම්මා බිසවගේ සහෝදරයාය. ඔහුට රජ කමේ උරුමයට වැඩි අයිතියක් තිබිණ. කෙසේ වෙතත් අගමැති පිළිමතලාවේ, දකුණු ඉන්දීය කුමාරයා රජකමට තේරුවේය. වාර්ථාවන අන්දමට ඔහු එසේ කළේ විශාල සැලසුමක් හිතේ දරා ගෙනයි. එනම් සිහසුන අනියම් වශයෙන් ලබා ගෙන ඔහුගේම වූ නව රජ පරපුරක් පවත්වාගෙන යාමය. රජකමට පත් වීමෙන් පසු තරුණ රජුට කුමණ්ත්‍රණ ගණනාවකට මුහුණ දීමට සිදු විය. අන්තර ගැටලු ඔහුගේ පාලන කාලය තුළදී ලන්දේසීන්ගෙන් පසු මුහුදු බඩ ප්‍රදේශයේ බලය අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ උඩරට රාජ්‍යයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූහ. එහෙත් පිළිමතලාවේ බ්‍රිතාන්‍යයන් සමග රහස් ගිවිසුම් පවත්වා ගෙන ගියේ බ්‍රිතාන්‍යයින්ට එරෙහිව ආරවුල් කිරීමට රජු පෙළඹෙන අයුරිණි. එවිට උඩරට රාජධානිය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයින්ට සාධාරණ හේතුවක් ඉස්මතුවෙයි. පසුව රාජ ද්‍රෝහි වීමේ හේතුව මත පිළිමතලාවේ මරා දැමීමට රජුට සිදු විය. එසේ කරන ලද්දේ ඊට පෙර එම වරද සම්බන්ධයෙන් දෙවරක් සමාව දී තිබීමෙන් පසුවයි. අලුතෙන් අගමැති (නොහොත් පළමු අධිගාර්) පදවියට පත් වූ ඇහැළේපොල, පිළිමතලාවගේ බෑණාය. ඔහු විසින් සංවිධානය කරන ලද කැරැල්ල රජු විසින් මැඩ පැවැත්වීමෙන් පසු ඇහැළේපොල කොළඹට පලා ගොස් බ්‍රිතාන්‍යයන් හා සම්බන්ධ වූයේය. ඔහුට යටත් වන ලෙස රජතුමා දන්වා සිටියේය. සති තුනක් ගත වීමෙන් පසුව ද ඔහු යටත් නොවීම නිසා කෝපයට පත් රජු ඔහුගේ මුළු පවුලම මරා දමන ලෙස නියෝග කළේය. මෙම දඬුවම ගැන විස්තර රට පුරා පතල කරන ලද්දේ ඒ ගැන ශෝක වූවන් විසිණි. කෙසේ වුවද මෙම තොරතුරුවල නිරවද්‍යතාවය ප්‍රශ්නකාරීය. පිටුවහල් කිරීම බ්‍රිතාන්‍යය හමුදාව එම අවස්ථාවේ උඩරට බලා ගමන් කළහ. ඔවුන්ගේ මෙම ගමනට රජු බලයෙන් පහ වීම අපේක්ෂා කළ මහජනතාවගේ උදව් ද ලැබිණි. රජු සිර භාරයට ගෙන රාජකීය සිරකරුවෙකු ලෙසින් මදුරාසියේ වෙල්ලෝර් කොටුව වෙත ගෙන යන ලදී. මීට රජ පවුලේ සෙස්සෝ ද ඇතුළත් වූහ. බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට සහ බිසවුන් දෙදෙනාට දෙන ලද සුළු දීමනාවෙන් රජු ජීවත් විය. මෙම දීමනාව රජුගෙන් පසුවත් ඔහුගේ ඤාති වර්ගයාට දිගටම ගෙවා ගෙන එන ලදී. එසේ අවුරුදු 133 ක් එය ගෙවමින් සිට 1948 දී නිදහස ලැබීමත් සමග ගෙවීම නතර කරන ලදී. bygdygydggd ශ්‍රී ලාංකික ජනයා ශ්‍රී ලංකාවේ රජවරු
3899
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80
මීගමුව
මීගමුව (English: Negombo; Tamil: நீர்கொழும்பு [nir koɭumbu]) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් ඇති ප්‍රධාන වාණිජ නගරයකි. මීගමුව එහි විශාල සහ පැරණි, කාර්‍යබහුල මාළු වෙළඳසල් වලින් පිරි ධීවර කර්මාන්තය සහ මනස්කාන්ත වැලි සහිත වෙරළවල් සඳහාද ප්‍රසිද්ධය. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත මීගමුව නවීන ජීවන ක්‍රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.මෙම ප්‍රදේශයේ මිනිසුන් සාමයෙන් අන් අය සමග වෙසේ. නාමය මී පිරුණු නගරය, මී ගොමුව , ලෙස ප්‍රකටව පැවති මීගමුව නගරය පෘතුගීසි සමයේ "නිගම්බෝ" යන ඉංග්‍රීසි නමින් අරුත් ගැන් වුවද, එය අර්ථාන්විත නමක් නොවේ. ‍ කළපු මෝය ඉවුරුබඩ පිහිටා ඇති මීගමුව නගරය පෘතුගීසි හා ලන්දේසි සමයන්හීදී වෙළඳ තොටුපලක් ලෙස ප්‍රචලිතව පැවති අතර, දැනට එහි පිහිටීම ගුවන් තොටුපලට ඉක්මනින් ළඟා විය හැකි ලෙස පිහිටා තිබේ. 1672 දී ලන්දේසින් විසින් නිම කරන ලද පැරණි ඕලන්ද කොටුව දැනට මීගමුව බන්ධනාගාරය ලෙස පවත්වා ගෙන යන අතර, ඕලන්ද ජාතිකයින් විසින් ප්‍රවාහන මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගිය ඕලන්ද ඇළ, පැරණි දෙවස්ථාන හා ධීවර ගම්මාන නගරයේ ආකර්ශනීයත්වය වැඩි කිරීමට දායක වී ඇත. නගරය හරහා ගලායන කි.මී.100 ක් පමණ දිගැති ඇළ මාර්ගය නගරය නැරඹිමට කැමති සංචාරකයින් සඳහා මනහර දසුනක් මවා පායි. මීගමු‍ව සිට කොච්චිකඩේ දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නි‍කේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති. ‍‍ වෙරළ තීරය මනහර වූ මීගමු වෙරළ තීරය සාමාන‍්‍යයෙන් සංචාරකයින් බහුල ප්‍රදේශයක් නොවූවද, සංචාරකයින් තමන්ගේ සංචාරයේ අවසාන දින කීපය මීගමු නගරයේ සංචාරය සදහා යෙදවීම‍ට අමතක නොකරති. එය මීගමු වෙරළින් එහි ජනයාට සැලසෙන කදිම වාසියකි. කෙසේ වුවද වසරින් වසර එහි සුන්දරත්වය සංචාරකයින් සදහා වැඩි දියුණු වෙමින් පවතිනු ඇත. මෙම වෙරළ තීරය ධීවරයින් බහුලව භාවිතා කළද එහි සුන්දරත්වය පවත්වා ගැනීමට එම වෙරළ අවට ඇති සංචාරක හෝටල පාලකයින් වගබලා ගෙන ඇත. එම සංචාරක හෝටල් මඟින් හා ‍පෞද්ගලික ව්‍යාපාරිකයන් මෙම මුහුදුතීරය යොදා ගෙන සංචාරකයන් සඳහා ‍කිමිදුම් මෙන්ම සර්ෆ් ක්‍රීඩා සඳහාද පහසුකම් සපයයි.එම ජල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානද ඒ අව‍ට පිහිටා ඇත. ආගම රෝමානු කතෝලිකයින් බහුතරයක් වෙසෙන මීගමුව නගරයේ කතෝලික දේවස්ථාන රාශියක් පිහිටා ඇත. එම නිසා මීගමු නගරය පුංචි රෝමය ලෙසද ප්‍රචලිතය. එහි පෘතුගීසි හා ලන්දේසි සමයන් තුල සාදන ලද දේවස්ථාන රාශියක් ද පිහිටා ඇත. කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි පෘතුගීසි යුගයේ ඉතා අලංකාර වූ රෝමානු කතෝලික පල්ලි වන ශාන්ත මරියා දේවස්ථානය වැනි නගරවලින් හමු වූ අතර බහුතරයක් රෝමානු කතෝලිකයන් වන නිසා මීගමුව පුංචි රෝමය යන නම ලැබී තිබේ. වැල්ල වීදියේ ශාන්ත සෙබස්තියන් පල්ලිය සහ කටුවපිටිය, ශාන්ත ස්ටීවන් දේවස්ථානය, මහා වීදිය ශාන්ත මරියා දේවස්ථානය, කුරණ සහ පලගතුර ශාන්ත ආනා දේවස්ථාන, ශාන්ත අන්තෝනි දේවස්ථානය දලූපෝත සහ කදවල අපගේ ලේඩි ඔෆ් සොරෝස් පල්ලිය මීගමුව. නගරයේ රෝමානු කතෝලික පල්ලි 25 කට වඩා තිබේ. මීගමුවෙහි පසු කාලීන සාන්තුවරයන්ගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවස්ථානයේ ශාඛාවක් ඇත. පල්ලියේ ගොඩනැගිල්ල Ave Maria වීදිය සහ පැරණි හලාවත වීදිය මංසන්ධියට බටහිර දෙසින් පිහිටා ඇත. මෙතෝදිස්ත පල්ලි, බැප්ටිස්ට් පල්ලි සහ ඇන්ග්ලිකන් පල්ලි ද ඇත. එයට අමතරව ‍බෞද්ධාගමිකයන් , හින්දු ආගමිකයන් හා අනෙක් කිතුනුවන් ඵනම්, ජෙහෝවාගේ සාක්ෂිකරැවන්, ඒ.ඹ්.ඡි, එල්.ඩි.එස්. යන ආගමික යන් සඳහා ද දේවස්ථාන පිහිටා ඇත. බෞද්ධ විහාරස්ථානය අගුරුකරමුල්ල රාජා මහා විහාරය (බෝධිරාජමයා) යනු සෑම වසරකම ශ්‍රී ලංකාවේ සෑම තැනකින්ම බෞද්ධයන් ගෙන එන ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයකි. අභයසේකරාරාම විහාරය (පොඩිපන්සල), ශ්‍රී සුදර්ශනාරාමය, දුටුගමුනු විහාරය සහ ශ්‍රී බුද්ධගයා මහා විහාරය යනු නගරයේ ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථාන වේ. හින්දු කෝවිල් මීගමුවෙහි බොහෝ හින්දු කෝවිල් ඇත. කාලි අම්මාන් කෝවිල, ගණපති (පිල්ලියාර්) පන්සල, කමච්චි අම්මාන් කෝවිල, මුතුමාරි අම්මාන් කෝවිල, මුරුගන් (කන්දස්වාමි) පන්සල, කරුණාරි අම්මාන් කෝවිල යනාදිය. රාත්‍රී සමය වෙරළ කලාපය නමින් ප්‍රචලිත මීගමු වෙරළ තීරය අවට සංචාරක හෝටල් , නවාතැන් හා රාත්‍රී සමාජ ශාලා බොහොමයක් පිහිටා ඇත.මේ අතරින් රෝඩීයෝ,බ්‍රවුන්ස් සහ කැම්ලොට් වඩාත්ම ප්‍රචලිත සංචාරක හෝටල් කීපයකි. පාසල් හා අධ්‍යාපනික ආයතන මෙහි ආගමික හා පොදු පාසල් බොහොමයක් ඇති අතර පහත එයින් කීපයක් දක්වා ඇත. සාන්ත පීතර විදුහල ශාන්ත මරීයා මහා විද්‍යාලය මාරිස්‍ ටෙල්ලා විද්‍යාලය ආ‍වේ මරීයා බාලිකා විද්‍යාලය නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය හරිශ්චන්ද්‍ර විද්‍යාලය විද්‍යාලංකාර මහා විද්‍යාලය ශාන්ත ඡෝසප් විද්‍යාලය අයි. ඩි. එම්. මීගමුව ඒ. ඡි. එස්. කළමණාකරණ පුහුණු ආයතනය ගේට්‍ වේ ආයතනය කිතු නැණ ආයතනය බොලවලාන නිමලමරීයා මහ විද්‍යාලය අසිරිමත් දේව මාතා මහ විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිතියම මීගමු නගරයේ පිහිටීම දැක්වෙන විස්තර සහිත ශ්‍රී ලංකා සිතියම ශාන්ත මරියා දේවස්ථානය පිටිපන , මීගමුව. භූගෝල විද්‍යාව සහ දේශගුණය මුහුදු මට්ටමේ සිට මීටර 2 ක් (අඩි 6 අඟල් 7) පමණ ඉහළින් පිහිටා ඇති අතර, මීගමුව භූගෝල විද්‍යානූකූලව ගොඩබිම හා ජලය මිශ්‍ර ප්‍රදේශයකි. ලන්දේසි ඇළ නගර මධ්‍යයේ ගලා යයි. කලපුව යනු මීගමුවෙහි වඩාත් සුන්දර දර්ශන සලකුණකි. වනජීවී විශේෂ 190 කට අධික සංඛ්‍යාවක් සහ එහි කඩොලානවල කුරුල්ලන් ඕනෑ තරම් සිටිති. නගරයේ උතුරු මායිම ඉන්දියානු සාගරයට සම්බන්ධ වන මා ඔයා ගඟෙන් සෑදී ඇත. මීගමුව කොපන් දේශගුණික වර්ගීකරණය යටතේ නිවර්තන වැසි වනාන්තර දේශගුණයක් දක්නට ලැබේ. නගරයට ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ලැබෙන්නේ නිරිතදිග මෝසම් කාලයේ මැයි සිට අගෝස්තු දක්වා සහ ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ය. සංවහන වර්ෂාව හේතුවෙන් ඉතිරි මාස කිහිපය තුළ සුළු වර්ෂාපතනයක් පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2,400 ක් (අඟල් 94) පමණ වේ. සාමාන්‍ය උෂ්ණත්වය 24 ° C (75 ° F) සිට 30 ° C (86 ° F) දක්වා වෙනස් වන අතර පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ඉහළ ආර්ද්‍රතා මට්ටම් පවතී පළාත් පාලන මීගමුව නගර ප්‍රාදේශීය මණ්ඩලය ආරම්භ වූයේ 1878 දීය. වසර 44 කට පසු එය 1922 ජනවාරි 1 වන දින නාගරික දිස්ත්‍රික් කවුන්සිලය බවට පත් විය. 1948 පෙබරවාරි මාසයේදී සිය නාගරික සභා තත්ත්වය පිළිබඳ රිදී ජුබිලිය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. සැමරුම් ආරම්භක දිනයේ ප්‍රධාන අනුග්‍රාහකයන්. 1865 නාගරික ආග්නා පනත යටතේ 1950 ජනවාරි 1 වන දින මීගමුව නාගරික සභාවට නාගරික තත්ත්වය පිරිනමන ලදී. නෙගම්බෝ මහ නගර සභාව 1950 සිට ආණ්ඩුවේ නගරාධිපතිවරයකු සමඟ නගරය පාලනය කර ඇත. සෑම වසර පහකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් මීගමුව නගරාධිපති සහ සභා සාමාජිකයින් තෝරා පත් කර ගනු ලැබේ. මීගමුව නාගරික මායිමේ වාට්ටු 29 ක් ඇත. සෑම අයෙකුම තේරී පත් වූ සාමාජිකයෙකු විසින් නියෝජනය කරනු ලැබුවද, 2018 දී පැවැත්වූ පළාත් පාලන මැතිවරණයට පෙර සාමාජිකයින් සිටියේ 26 දෙනෙකු පමණි. 2018 දී හඳුන්වා දුන් නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට අනුව නාගරික මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 48 දක්වා වැඩි කරන ලදී. තේරී පත් වූ ආකෘති වාට්ටු වන අතර සෙසු අය වරණීය ලැයිස්තුවක් සාදයි. 2018 දී පැවති පළාත් පාලන මැතිවරණයේදී [33] එක්සත් ජාතික පක්ෂය ආසන 19 ක් ලබා ගනිමින් හිටපු බටහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් මීගමුව මහ නගර සභාව දිනා ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නායකත්වය දුන්නේ දයාන් ලන්සා (පාර්ලිමේන්තු මන්ත්‍රී) ආසන 16 යි. ඉතිරි ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදා දෙන ලදී. සුළු දේශපාලන පක්ෂවල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව දයාන් ලන්සා මීගමුව නගරාධිපති ධුරයට පත්විය. රොයිස් ප්‍රනාන්දු මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා බවට පත්විය. වෙනත් සබෑදුම් මීගමුව ධීවර ඡනපදය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ
3904
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E2%80%8D%20%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකා‍ අලියා
ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි. 1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස IUCN රතු දත්ත පොතට ඇතුලත් කර ඇත.  වසර ගණනාවක් සිට අලි ජනගහනය 50% පමණ අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අලියාට වසර 60ත් 75ත් අතර ආයුකාලයක් පවති. වාසස්ථාන අහිමි වීම, පිරිහීම හා ඛණ්ඩනය වීම මෙම විශේෂයට මූලික වශයෙන් තර්ජනය කරයි. කාල් ලිනෙයස් මහතා විසින් 1758   Elephas maximus  ප්‍රථම නාමකරණය කර ඇත්තේ ද ශ්‍රී ලංකාවේ අලියා පාදක කරගෙන ය. ශ්‍රි ලංකා‍නු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සස‍දන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකා‍ව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකා‍වට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භූමි වලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන්ය. ආහාර සහ වාසස්ථාන ලංකා‍නු අලියා ශාක භක්ෂක සතකු වන අතර තණකොල, ගස් වල පොතු, ඉදී වැටිනු පලතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය. විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්රෑම් 200 පමණ ආහාර අවශ්‍යයය. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථන නිම්න භුමි වැසි වනාන්තරත්, කදුකර වනාන්තරත්, වියලි කලාපීය වනාන්තරත් වේ. නමුත් මෙකල කදුකර වනාන්තර වලින්, අලින් වදවී යන අතර වැඩි වශයෙන්, අලින් දැකගත හැක්කේ වියලි වනාන්තර වලය. ලංකා‍නු අලින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී ඇත. ලංකා‍වෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් ඇත. 18 වන සියවස හා 19 වන සියවසේ මුල් භාගයේදී අලින් විශාල වශයෙන් දඩයම් කරන ලදි. 1999 සිට 2006 දක්වා කාලය තුල අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද සංරක්ෂණය නොකල ප්‍රදේශවල අලින් අත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයකි. අලි-මිනිස් ගැටුම පසුගිය දශකය තුල ලංකාවේ අලි ගහනය විශාල ලෙස පහළ ගොස් ඇති බව සමීක්‍ෂණ මගින් තහවුරු කොට ඇත. අලින් නිසා මිනිස් ජීවිත විනාශවීම වියලි කලාපයේ සමහර ප්‍රදේශවල සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. අලින් වසින් වගා බිම් හානි කිරීමද, අලින් විසින් හානි කරන නිසා වගා බිම් අත්හැර දැමීමද සිදුවේ. තර්ජන විශාලම තර්ජනය වන්නේ වගා බිම්, නිවාස සහ මිනිස් ජීවිත බේරා ගැනීමට අලින් මරා දැමීමය. එසේම ඇතුන් දඩයම, වන විනාශය, නියගය හා කුසගින්න අනෙක් තර්ජනයන්ය. සුරැකීම වන සතුන් සුරැකීමට ජාතික වනෝද්‍යයාන හා අභය භුමීන් පිහිටුවා ඇත. කෑගල්ලේ , පින්නවල අලි අනාථගාරය ගිලන් වු අලින්ටද, අනාථ වු අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් 70 පමණ වෙසෙති. ආශ්‍රිත ලිපි වල් අලි විසින් මරණලද මිනිසුන් නාමාවලිය - ශ්‍රී ලංකා අලි සහ ඇතුන් සමාජ ගැටළු - ශ්‍රි ලංකා‍ ගොවිතැන
3905
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
භූගෝලීය තොරතුරු පද්ධති
භූගෝල විද්‍යාව තුළින් අනෙක් සියලු ම විෂයයන්ගේ වර්ධනය අධ්‍යයනය කරමින් ද පරිගණක තාක්ෂණයේ මහානිශංශ භුක්ති විඳිමින් ද ‍සමස්ත විශ්වයේ යහ පැවැත්ම උ‍දෙසා නිර්මාණය වූ ආශ්චර්යමත් තාක්ෂණික මෙවලම භුගෝලීය තොරතුරු පද්ධතියයි භූගෝල විද්‍යා තොරතුරු වර්ග දෙකකි. ස්ථානීය තොරතුරු විස්තරාත්මක තොරතුරු භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියක මූලික කාර්ය 2 කි. භූමියෙහි තොරතුරු (අංග ලක්ෂණ) ඉදිරිපත් කිරීම (අනුදැක්වීම) සිතියම්, චන්ද්‍රිකා ඡායාරූප සහ ගුවන් ඡායාරූපවලින් විශ්වයෙහි තොරතුරු රූපාකාරයෙන් අනුදැක්වීම සිදු කෙරේ. මෙහිදී ස්ථානීය සම්බන්ධය (Spatial Reference) සහ නිවැරදි පරිමාණයකින් ඉදිරිපත් කිරීම ඉතා ම වැදගත් ය. තොරතුරු සම්බන්ධ කිරීම සිතියමක සඳහන් වන අංග ලක්ෂණවලට අදාළ දත්ත අඩංගු කර දත්ත පද්ධතියක් නිර්මාණය කර සිතියම හා දත්ත පද්ධතිය අතර සම්බන්ධතාව ඇති කිරීම භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියෙන් සිදු වේ. විශ්වයේ සිදුවන වෙනස්වීම් මුද්‍රිත සිතියමක දැක්විය නොහැක. භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය එම අපහසුතාවය ජයගෙන ඇත. දත්ත පද්ධතිය යාවත් කාලීන කිරීමෙන් සිතියම වෙනස් කර ගනී. මූලාශ්‍ර භූගෝල විද්‍යාව
3924
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%BD
දඹුළුගල
ශ්‍රී ලංකාව තුළ මධ්‍යම පළාතට අයත් වන දඹුල්ල නගරය කොළඹ නගරයට කි මී 148 ක් ඊසාන දෙසින් ද මහනුවර නගරයට කි.මී.72 ක් ‍උතුරු දෙසින් ද පිහිටා ඇත. මෙම නගරයට ඇති ප්‍රධානතම ආකර්ෂණ හේතු ලෙස ලංකාවේ පවතින විශාලතම සංරක්ෂිත ලෙණ් ගුහා සංකීර්ණය සහ දින 167 ක් වැනි ඉතා කෙටි කලක් තුල ඉදි‍කරන ලද රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනය දැක් විය හැක. තවද දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ පර්වත ප්‍රාන්තයට ද උරුමකම් කියන මෙම නගරය තුල යකඩ දැව නැතහොත් නාමල් උයන ද පිහිටා තිබේ. ‍ඓතිහාසික පසුබිම ක්‍රි.පූ.3 වන සියවස පමණ ඈත අතීතයේ සිට මෙම ප්‍රදේශය තුළ ජනාවාස පැවති බව විශ්වාස කරන අතර ලෙන් ගුහා තුළ පවතින ප්‍රතිමා හා සිතුවම් ක්‍රි.පූ.1 වන සියවස දක්වා දිවයයි.නමුත් මෙම සිතුවම් හා ප්‍රතිමා ක්‍රි.ව.11,12 සහ 18 වන ශතවර්ෂ වලදී පිළිසකර කර නැවත පින්තාරු කරන ඇත. වළගම්බා රජු ( වට්ට ගාමිණී අභය ) අනුරාධපුර රාජධානියෙන් පිටමංව ගතකළ වසර 14ක සමය තුළ දී රැකවරණය සලසා දෙනු ලැබුවේ ද මෙම නගරයේ පිහිටා ඇති ලෙන් ගුහාවන්ය. එකල මෙම ලෙණ් ගුහා තුල භාවනා කටයුතු වල නිරත වුනු බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් අනුරපුරයෙන් පලා ආ රජතුමාහට තම සතුරන් ගෙන් ආරක්ෂාව සලසා දෙන ලදී.ක්‍රි.පූ.පළමු වන සියවසේ දී වලගම්බා රජතුමා අනුරාධපුර රාජධානියේ සිංහාසනාරූඨ වූ පසු දඹුල්ල නගරයේ විසූ භික්ෂූන් වහන්සේලාහ‍ට කෘතගුණ සැලකීමක් ලෙස මනරම් වූ ශෛලමය විහාරස්ථානයක් දඹුල්ල නගරය තුල ඉදි කර දෙනු ලැබුවේය. දඹුළු ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩා වැඩියෙන්ම සංරක්ෂණය වූ ලෙණ් ගුහා සංකීර්ණය මෙය වේ.අවට තැනිතලා ප්‍රදේශයෙන් මී.160 ක් පුරා මෙම ගිරි ශිඛරය දිව යයි. මෙම ගුහා අතුරින් ප්‍රධාන ගුහා පහක් පමණ වන අතර ඒවා ප්‍රතිමා හා සිතුවම්වලින් සමන්විත වේ. මෙම සිතුවම් හා ප්‍රතිමා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ජීවිතය අලලා නිර්මාණය කරන ලද ඒවා වේ. බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රතිමා 153 ක් හා ලංකාවේ රජවරු තිදනෙකුගේ ද දේව ප්‍රතිමා 4 ක් මෙම ලෙණ තුල අඩංගු වේ.ඉතිරි ලෙණ් සතර තුළ හින්දු දෙවිවරුන් දෙදෙනෙකු වන විෂ්ණු හා ගණ දෙවියන් ගේ ප්‍රතිමා දෙකක් අඩංගු වේ. බිතු සිතුවම් වර්‍ග මීටර 2100 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී . තවද මාර පරාජය හා බුදු රදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය ද නිරූපනය වන බිතු සිතුවම් අඩංගු වේ. ලෙන් සම්බන්ධ කාල පරාසයන් ක්‍රි.පූ.3 වන සියවස : ආදි වාසීන්ගේ වාසය ක්‍රි.පූ.1 වන සියවස : ප්‍රතිමා හා සිතුවම් නිර්මාණය කිරීම ක්‍රි.ව.5 වන සියවස : ස්ථූඵය ඉදි කරීම ක්‍රි.ව.12 වන සියවස : හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා එක් කිරීම ක්‍රි.ව.18 වන සියවස : වර්තමානයේ දක්නට ලැබෙන දෑ ක්‍රි.ව.19 වන සියවස : අතිරේක ලෙන් ගුහා සහ නැවත පින්තාරු කරීම ක්‍රි.ව.20 වන සියවස : UNESCO පිලිසකර කිරීම් හා ආලෝකකරනය යොමුව Dambulla Guide History and Heritage of Sri Lanka Unesco World Heritage Dambulla Rock Temple A list of traditional names for cities in Sri Lanka බාහිර ලිපි Google Earth මඟින් දඹුල්ල නරඹන්න වැඩිදුර කියවීමට Place names in North and East of Sri Lanka Dambulla cave temple මධ්‍යම පළාත
3925
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ මැණික්
අතී‍තයේ පටන් ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ඇත්තේ එහි ප්‍රධාන දූපත වන ලංකා දූපතේ පමණි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ. භූගෝලීය වශයෙන් සලකන විට ලංකාව ඉතාමත් පැරණි දූපතක් වේ. එහි වූ පාෂාණ ස්ථර වලින් 90% ක් ම අයත්වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයට (වසර මිලියන 560 – 2400 පෙර) වේ. මෙම පාෂාණ අතර වන ආග්නේය පාෂාණ, කැල්සියම් තැන්පතු, මඩ තැන්පතු වල සිදුවන දීර්ඝ කාලීන විපර්යාසයන් හේතුවෙන් මැණික් සෑදීම සිදුවේ. බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතවය. භූමි ප්‍රමාණයන් සමග සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ලංකාවේය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන මැණික් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැඳී ඇත්තේද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසාමය. නිල් මැණික් අතරින් ලංකාවේ නිල් මැණික් වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේනික වූ පැහැය, සුපිරිසිඳු බව හා දීප්තිමත් බව නිසාමය. මැණික් වර්ග ශ්‍රී ලංකාවේ බහුල හමුවන මැණික් වර්ග තරිප්පු කණක කුරුවින්ද රබහ චන්ද්‍රකාන්ති පාෂාණ පළිඟු කිරිංචි පඩියං තෝරමල්ලි ජාගුන් ශ්‍රී ලංකාවේ විරලව හමුවන මැණික් වර්ග ගිනිබොකු තෝර කහ තරිප්පු සිංහලයිට් සෙරන්ඩිබයිට් මැණික් කර්මාන්තය ආශ්‍රිත මැණික්
3966
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BA
එක්සත් ජාතික පක්‍ෂය
යු.එන්.පී. හෝ එ.ජා.ප. ලෙස බොහෝවිට හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂය ඉංග්‍රීසි: United National Party (ශබ්ද නැගීම යුනයිටඩ් නැෂනල් පාටි ), දෙමළ: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ඓක්කීය දේසීය කච්චි ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය කි . රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන කොටස්කරුවා නොවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමි පක්ෂයකි දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ. 2004 අප්‍රේල් 2 දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සඳහා වූ අවසන් මැතිවරණ‍යෙහි දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ එක්සත් ජාතික පෙරමුණ හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද අනතුරුව 2015 ජනවාරි 8 සිට 2019 දක්වාද, ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරය 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය. වර්ෂ 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එ.ජා.ප.යේ පූර්ණ සහය ලබාදුන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වීමත් සමග මැතිවරණ ප්‍රකාශය අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තෙවන වතාවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයට පත්කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට වඩා මධ්‍යස්ථමතධාරි ලෙස පෙනුනද එ. ජා. ප. නව-ලිබරල් වාදී හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය හි සාමාජිකත්වය දරයි. ඉතිහාසය එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 6 වන දින, බහුතර සිංහල ප‍්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූ පක්ෂ 3ක් ඒකරාශි වීමෙන් සකස් විය. මෙයට මූලිකත්වය ගනු ලැබුවේ නිදහස් සටනේ පෙරමුණ ගත් දොන් ස්ටීවන් සේනානායක යි. මන්ද, ඔහු ‘බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම’ නම් වූ ලංකා ජාතික කොංග‍්‍රසයේ (සංගමය) නව ඉලක්කයට විරුද්ධ වී ඉන් ඉවත් වූ හෙයිනි. කෙසේ වුවත්, මොහු පක්ෂය ජනතා මට්ටමින් ජනප‍්‍රිය කරවීම සඳහා ජනප‍්‍රියවාදී ප‍්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය 1947 දී ඩොමීනියන් තත්ත්වයක් ලබා ගැනීමේ අරමුණ යටතේ මැතිවරණයට තරඟ කළේය. එහිදී ඔවුහු බහුතරය අනුගමනය කරන බෞද්ධ ජීවන ප‍්‍රතිපත්ති අනුගමනය කළ අතර, වාමාංශික කොම්යුනිස්ට් පක්ෂවල විරෝධයට ලක් විය. (ලංකා සම සමාජ පක්ෂය හා ලංකා කොම්යුනිස්ට් පක්ෂය) එය බහුතරයක් දිනා ගැනීමට අසමත් වූ හෙයින් සිංහල හා දෙමළ පක්ෂ සමග සන්ධානගත වන්නට සිදු විය. 1948 දී ශ‍්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයට පත් වූ අතර, ඞී. එස්. සේනානායක එහි පළමු අගමැතිවරයා විය. ඔහු බටහිරවාදී, කොමියුනිස්ට් විරෝධි විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, සියලූ සන්නද්ධ හමුදාවල අණ දෙන නිලධාරීන් බි‍්‍රතාන්‍යයින් විය. බි‍්‍රතාන්‍ය හමුදා කඳවුරු ලංකාව තුළ දිගටම පවත්වාගෙන යන ලදී. 1948 පුරවැසි පනත සහ 1949 පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත උපයෝගී කර ගනිමින්, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට නව ආණ්ඩුව කටයුතු කළේය. මෙය මූලිකවම වාමාංශික පක්ෂ මැතිවරණ වශයෙන් දුර්වල කිරීම අරමුණු කරගෙන සිදු කෙරුණි. 1952 දී ඞී. එස්. සේනානායක හදිසි අනතුරකින් මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඞ්ලි අගමැති බවට පත්විය. මෙය පක්ෂයේ දැවැන්තයකු වු, වාමාංශික අදහස් දැරූ බෞද්ධ ජාතිකවාදියකු වන එස්. ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක පක්ෂය හැර යාමට හේතුවිය. ඔහු පක්ෂය හැර ගොස් එ.ජා.ප හා මාක්ස්වාදී පක්ෂ අතර බලය තුලනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. මේ කාලය තුළ එ.ජා. පක්සයේ සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන්ම කතෝලිකයින් කෙරෙහි දැක්වූ සහයෝගය නිසා අධිපතිවාදී සිංහල බෞද්ධ කොටස් තුළ නුරුස්නා බවක් ඇති විය. මේ නිසා 1956 මැතිවරණයේ දී ශ‍්‍රී. ල. නි. පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බණ්ඩාරනායක සමත් විය. ඉන්ඉක්බිතිව ඔහු සම්මත කළ විවාදාත්මක සිංහල භාෂා පනත, 1958 දී මහජන ගැටුම් ඇති කිරීමට හේතු විය. එ.ජා.පක්ෂය ‘නුවර පා ගමන’ හේතුවෙන්, එය ද්‍රවිඩ ෆෙඩරල් පක්ෂය සමග ඇති කරගන්නට ගිය භාෂා එකඟතාව ද අසාර්ථක විය. 1967දී, ඩග්ලස් ලියනගේ වැනි සිවිල් පුරවැසියන් සමග එක්ව, හමුදාවේ දක්ෂිණාංශික අංශ මගින් කැරැල්ලක් ඇති කිරීමට දැරූ අසාර්ථක උත්සාහය පිළිබඳ ව එ.ජා.ප ය චෝදනා ලැබීය. ඩඞ්ලි සේනානායක යටතේ 1965දී එ.ජා.ප ය බලයට පත් වූ නමුත්, 1970දී යළිත් එය මාක්ස්වාදී පක්ෂ සමග ඒකාබද්ධව එක්සත් පෙරමුණ යනුවෙන් ඒකාබද්ධ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පරාජය විය. ඩඞ්ලි සේනානායක සහ වඩාත් ප‍්‍රතිගාමි අදහස් දැරු ජේ. ආර්. ජයවර්ධන අතර නායකත්වය කෙරෙහි ගැටුම් හට ගන්නට විය. ජයවර්ධන නිදහස් වෙළඳ පොළ ප‍්‍රතිපත්ති සහ ඇමරිකානුවාදී විදේශ ප‍්‍රතිපත්ති කෙරෙහි සහයෝගය දැක්වූවෙකි. ඒ හේතුවෙන් ඔහු ‘යැන්කි - ඩිකී’ ලෙස ද හඳුන්වන ලදී. 1970 දී ඩඞ්ලි ගේ මරණයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන එ.ජා.පයේ නායකයා බවට පත් වූ අතර, බිම් මට්ටමේ සිට පක්ෂය නඟා සිටුවීම ආරම්භ කළේය. එක්සත් පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති වූ මහජන අප‍්‍රසාදය හා 1971 ජනතා විමුක්ති පෙරමුණ මූලික වී ඇති වු මහජන කැරැල්ල කෲර ලෙස මර්ධනය කිරීම තුළ, 1977 දී එ.ජා. පක්ෂයට නැවත බලයට පත් වීමට හැකි විය. එය පාර්ලිමේන්තුවේ ආසන හයෙන් පහක් දිනා ගත්තේය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රමය තුළ ඇති වූ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් විය. ජයවර්ධන ආර්ථිකය විවෘත කොට රටේ සමස්ත ස්වරූපය විප්ලවීය ලෙස වෙනස් කළේය. ඔහු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් (ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන වචනය ප‍්‍රථම වරට භාවිත කරන ලදී) ජනාධිපති තනතුර විධායක බලතල සහිත එකක් බවට පත් කළේය. එසේම, 1978දී අගමැති තනතුරින් ජනාධිපති තනතුරට පත් විය. 1979දී ඔහු විවාදාත්මක ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හඳුන්වා දුන්නේය. එය උතුරු පළාතේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වල සන්නද්ධ නැඟිටීම් වැළැක්වීම සඳහා කරන ලද්දක් විය. ආර්ථික වශයෙන් ගත් කළ, නිදහස් වෙළඳ පොළ ප‍්‍රතිපත්ති මගින්, වර්ධනය වෙමින් තිබූ ඉලෙක්ට්‍රොනික හා මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාර මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් තිබූ තේ උපකරණ නිෂ්පාදනය ද විනාශ කෙරිණි. එමගින් නිෂ්පාදන රැකියා 100,000ක් පමණ අහිමි විය. රැකියා නියුක්තිය ඇති කිරීම සඳහා නිදහස් වෙළඳ කලාප ඇති කරන ලද නමුත්, එය වඩාත්ම සම්පූර්ණ වූයේ මැද පෙරදිගට ශ‍්‍රමිකයන් යැවීම හරහා ය. ජල විදුලිය හා කෘෂිකර්මය වර්ධනය කිරීම සඳහා එ.ජා.පක්ෂය විශාල ව්‍යාපෘති දියත් කළේය. කෙසේ වුවත්, උද්ධමනය වැඩිවීම ජනතාව තුළ රජය කෙරෙහි අප‍්‍රසාදයක් ඇති කිරීමට හේතු විය. ඒ හේතු නිසා විපක්ෂය විසින් මෙහෙය වන ලද වැඩ වර්ජන මාලාවක් ආරම්භ වූ අතර, 1980 මහජන වැඩ වර්ජනය පොලීසිය, හමුදාව සහ එ.ජා.පක්ෂයේ වෘත්තීය සමිති අංශයන් විසින් මර්දනය කරන ලදී. 1982 දී පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත් වූ අතර, එහිදී ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ වාර්තා විය. ඒ අතරතුර උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල බෙදුම්වාදී දෙමළ සංවිධාන වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන්නට පටන් ගත්හ. 1983 ජූලි මස දී, යාපනයේ දී සෙබළුන් 13ක් ඝාතනය වීමත් සමග, ආණ්ඩුව දෙමළ සංවිධානවලට එරෙහි මර්දනයක් ගෙන යන්නට විය. මහජන කැළඹිලි හේතුවෙන් බොහෝ විරුද්ධ පක්ෂ තහනම් කිරීමට ආණ්ඩුව පෙළඹුණි. ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ විශ්වවිද්‍යාල තුළ දැඩි බලපෑමක් සිදු කළ ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර විය. ජයවර්ධනගේ ඇමරිකානුවාදී විදේශ ප‍්‍රතිපත්තිය හා එකඟ නොවූ දෙමළ විප්ලවකාරී කණ්ඩායම් ඉන්දියාව තුළ පුහුණුව ලබා ආයුධ සන්නද්ධ වූහ. ජ.වි.පෙරමුණ සමාජවාදී අරගලයක් සඳහා ආණ්ඩුවට එරෙහිව නැගී සිටි නමුත්, එම කැරැල්ල අසාර්ථක විය. ආණ්ඩුව එම කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඝාතනය උපයෝගී කර ගත්තේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සිවිල් පුරවැසියන් 40,000ක් පමණ අතුරුදහන් වූ අතර, ජ.වි.පෙ කැරැළිකරුවන් රඳවා තබන ලද වධකාගාර ද බිහි විය. තරුණයින් පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදහ. ජ.වි.පෙ නායක රෝහණ විජේවීර, හමුදාව විසින් අල්ලා ගෙන පසුව ඝාතනය කරන ලදී. ඒ අතරතුර, පසු කලෙක ගාන්ධි ඝාතනයට මඟ පෑදු ඉන්දු - ශ‍්‍රී ලංකා ගිවිසුම, ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් අත්සන් තබන ලදී. 1988 දී ජයවර්ධන විශ‍්‍රාම ගත් අතර, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති ධූරයට පත්විය. පේ‍්‍රමදාස ඉන්දීය විරෝධී අදහස් සහිත පහළ පංතික නායකයෙකි. ඔහු විසින් ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති සහ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති, යම් මට්ටමින් ඔහුගේ ජනප‍්‍රියත්වය ඉහළ නැංවීය. 1993 මැයි දින රැළියකට සහභාගී වෙමින් සිටි පේ‍්‍රමදාස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන සෙබළෙකු විසින් ඝාතනය කෙරිණි. මේ කාලය වන විට දූෂණ චෝදනා හේතුවෙන් එ.ජා.පක්ෂයට විරුද්ධව මහජන පෙළගැස්මක් පැවතුණි. 1994 දී, වසර 17ක එ.ජා.ප පාලනය බිඳ දමමින් ශ‍්‍රී. ල. නි. පක්ෂය ජයග‍්‍රහණය කළේය. විපක්ෂයේ සිටිය දී බොහෝ එ.ජා.ප දැවැන්තයින් එල්.ටී.ටී.ඊ ය මගින් ඝාතනය කෙරිණි. මැතිවරණ රැළියකට සහභාගී වෙමින් සිටිය දී ඝාතනය වූ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක ඉන් එක් අයෙකි. මේ නිසා ශ‍්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග‍්‍රහණය පහසු එකක් විය. පක්ෂ නායකත්වය ජයවර්ධනගේ බෑණා කෙනෙකු වන රනිල් වික‍්‍රමසිංහට පැවරුණි. ඔහු බටහිරවාදී අදහස් හා නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි කැමැත්තක් දැක්වූ, සාපේක්ෂව තරුණ දේශපාලනඥයෙකි. 2001දී නිදහසෙන් පසු ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික පරිහානියට මුහුණ දුන්නේය. දළ දේශීය නිෂ්පාදිතය 2.5%කින් අඩු විය. විශ්වාසභංග යෝජනාවක් මගින් ශ‍්‍රී.ල.නි.ප ආණ්ඩුව බිඳ වැටීම නිසා චන්ද්‍රිකා කුමාරතුංගට කලින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. මහාචාර්ය ජී. එල්. පීරිස්, එස්. බී. දිසානායක වැනි දෑවැන්තයින්ගේ සමයෝගය දිනා ගැනීමට වික‍්‍රමසිංහ සමත් විය. 2001දී රටේ දිස්ත‍්‍රික්ක එකක් හැර අනෙක් සියල්ල ජයග‍්‍රහණය කරමින්, එල්.ටී.ටී.ඊ ය සමග සාම සාකච්ඡාවලට එළඹීමේ පදනමක් මත එ.ජා.පක්ෂය පහසුවෙන් ජයග‍්‍රහණය කළේය. දෙවන වරට ද වික‍්‍රමසිංහ අගමැති වූ අතර, කුමාරතුංග සමග සහයෝගිතා ආණ්ඩුවක් පිහිටුවීය. සිය පත්වීමෙන් මාස දෙකකට පසු ඔහු එල්.ටී.ටී.ඊ ය සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීය. මෙම ගිවිසුමෙන් පසු සාම සාකච්ඡා පවත්වන ලදී. එජාප ආණ්ඩුව දැඩි බදු ප‍්‍රතිපත්ති සහ වෙළඳ පොළ හිතවාදි ප‍්‍රතිපත්ති අනුගමනය කළේය. මෙය විශාල පරිමාණයේ ආයෝජන හා ආර්ථික වර්ධනයක් කෙරේ මඟ පැදීය. ආණ්ඩුව, ආයෝජන මණ්ඩලය, කුඩා සහ ග‍්‍රාමීය ව්‍යවසායන් පිළිබඳ අමාත්‍යංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැනි ප‍්‍රධාන ආර්ථික ආයතන පිහිටුවීය. මෙමගින් 2003 අග වන විට 6%ක තරම් ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි විය. උද්ධමනය ද 2%ට වඩා අඩු විය. බොහෝ දේශීය හා විදේශීය විශේෂඥයින් අපේක්ෂා කළේ ශ‍්‍රී ලංකාව තවත් වසර කීපයක් තුළ ඉලක්කම් දෙකක විශාල ආර්ථික වර්ධනයක් හිමිකර ගනු ඇති බවයි. වික‍්‍රමසිංහගේ සහ එජාප ආණ්ඩුවේ අවාසනාවට මෙන්, එල්ටීටීඊය විසින් සිදු කළ නිරන්තර සටන් විරාම ගිවිසුම කඩ කිරීම සහ හමුදා නිලධාරීන් ඝාතනය නිසා, ජවිපෙ හා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි ඊට සම්බන්ධ අනෙකුත් සංවිධානයන්හි ජාතිකවාදී උද්ඝෝෂණ ඉහළ යන්නට විය. ඔවුන් මහජනතාවට අවධාරණය කළේ වික‍්‍රමසිංහ එල්ටීටීඊ යට බොහෝ දේ ලබා දෙන බවයි. සිහළ උරුමය වැනි දැඩි මතධාරී බෞද්ධ සංවිධාන ද එම චෝදනාවම එල්ල කළ අතර, බටහිර ඉවැන්ජලික ක‍්‍රිස්තියානි සංවිධානවලට උදව් දීම මගින් අන්‍යාගමිකරණය හා බුදු දහම අනතුරේ හෙළිම පිළිබඳ ව චෝදනා කළහ. සිහළ උරුමය පසු කලෙක ජාතික හෙළ උරුමය නමින් වෙනස් වී බෞද්ධ භික්ෂූන් මැතිවරණය සඳහා ඉදිරිපත් කළේය. 2003 අග භාගයේදී ජාතික ලොතරැයි මණ්ඩලය ජනාධිපති යටතට ගන්නා ලදී. එජාපය රජය මුද්‍රණාලය වට කොට එම ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීම වැළැක්වූයේය. ඒ හේතුව නිසා අගමැති වික‍්‍රමසිංහ වොෂින්ටනයේ ජෝර්ජ් ඩබ් බුෂ් හමුවීමේ සංචාරයක් සඳහා ගොස් සිටියදී ජනාධිපතිනිය ජනමාධ්‍යය, ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ තමා යටතට පවරා ගත්තාය. එජාප ආණ්ඩුව ජාතික උරුමයන් විදේශිකයන්ට විකුණන බවට චෝදනා කරමින් කුමාරතුංග සහ ඇගේ සහචරයෝ රනිල් වික‍්‍රමසිංහ ‘පාවා දෙන්නකු’ යයි කියමින් විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගියාය. වර්තමාන තත්වය යූ.එන්.පී. රජයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) යූ.එන්.එෆ්.ඒ ගොඩ නඟන ලදී. කුමාරතුංග 2004 පෙබරවාරි දී මනාව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24 ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවැති මැතිවරණයේ දී (UPFA) විසින් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳිනි. නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ ඡන්දයේ දී 48.43% සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමයි. එල්.ටී.ටී.ඊ. නීති විරෝධී බිය ගැන්වීම් නතර වී උතුරේ හා නැගෙනහිර කොටසකත් ජනතාව මැතිවරණ ඡන්ද දැමීමෙන් වැලකී නොසිටියා නම් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා යන්න පැතුරුණු මතවාදයක් විය. රනිල් වික්‍රමසිංහ සුළු ජාතීන් (දෙමළ සහ මුස්ලිම්) දිනා සිටිය ද බහුතරය සිංහල ප්‍රජාවක් දිනා ගැනීමට අසමත් වී ඇත. එක දිගට සිදුවූ මැතිවරණ පරාජයන් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූරයෙන් නෙරපීමේ පීඩනයකට වික්‍රමසිංහ මුහුණ දී සිටියද, 2015 දී යලිත් වරක් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. 2007 මුල දී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 18ක් මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔවුන් සියල්ලන්ටම ඇමැති හා නියෝජිත ඇමති පදවි දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපති අතර 2006 අග දී අත්සන් කළ අව‍බෝධතා ගිවිසුමේ වලංගුතාවයක් නොමැති වීමෙන් දේශපාලනික අර්බුදයක් මතුවිණි. මෙම සිදුවීම පුවත්පත් මඟින් හැඳින්වූයේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීප දෙනෙක්ම සඳහන් කළේ පාලනය විපක්ෂට යාමත් ඇමතිවරු විශාල ප්‍රමාණයක කැබිනට් මණ්ඩලයක් බවට අමාත්‍යය මණ්ඩලයට පත් වූ බවයි. 2007 පෙබරවාරි 9 දින අලුත් දේශපාලනික සිදුවීම, එම තත්වය ගැන අදහස් දැක්වූ ඇමතිවරු තිදෙනෙක් ඇමති ධූරවලින් නෙරපා දමන ලදී. 2015දි පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට මූලික සහාය ලබාදුන් එජාපයට ආණ්ඩු බලයත් අග්‍රාමාත්‍ය ධූරයත් ප්‍රදානය කරන ලදී 2015 ජනවාරි 17 දින කැඳවූ අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් හිමිකරගත් අතර ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ගත් පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මනාප ලක්ෂ පහක් ලබාගෙන ඉතිහාස ගත වුනි. කෙසේ වුවද එසේ තිබියදීත් 2017 පෙබරවාරි මස 10 දින පැවති පලාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්විය. දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා රජයට අනතුරු ඇඟවීමක් කිරීමට පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ කළ බවට බොහෝ දෙනාගේ මතය විය. මෙම සිද්ධියෙන් පසු නැවතත් නායකත්වය වෙනස් කලයුතු බවට පසුපෙළ මන්ත්‍රීවරුන් හා විශාල පිරිසකගේ අදහස තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.එම විශ්වාසභංග යෝජනාව පරාජය කළ පසු පක්ෂයේ වෙනසක් කරන බවට නායකත්වය දැනුම්දුන් නිසා එක්සත් ජාතික පක්ෂය තවමත් එක්සත් බව පෙන්වමින් ඔවුන් එක්ව විශ්වාසභංගය පරාජය කළ නමුත් පක්ෂයේ කල වෙනස නායකත්වය දක්වා වෙනසක් නොවීය. එහිදී පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත්වුන අතර නවීන් දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්වුනා.තවද පක්ෂයේ උපනායක ලෙස රවී කරුණානායක පත්වූ අතර ඊට දැඩි සේ විරුද්ධ වූ හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු 2020 වසරේදී එජාපයේ විශාල පිරිසක් සමඟි ජන බලවේගය ලෙස වෙනතකට යොමු විය. 2020 මහමැතිවරණයේදී එජාපය වෙත හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමනක් වූ අතර එය ඉතිහාසයේ එජාපය ලැබු දරුණුතම පරාජය විය. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය. 2022 වන විට ඇති වූ අර්බුද හමුවේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වූ අතර ඉන් පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුනි. ඒ 6 වන වරට ය. ඉන් පසු ඔහු 2022 වසරේ ජුලි 20 දින පාර්ලිමේන්තු ජන්දයෙන් මෙරට අට වැනි විධායක ජනාධිපති ලෙස පත් විය. සටහන් දේශපාලන පක්ෂ ලැයිස්තුව
3982
https://si.wikipedia.org/wiki/%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A
ෆෙඩරල්
කලින් වෙනම තිබී පසුව එකව තනි රටක් බවට පත්වූ රටක් ‍ෆෙඩරල් රටක් ලෙස හැඳින්වේ. ප්‍රධාන රජයක්ද එක් එක් ෆෙඩරලයකට වෙනම රජයන්ද ඇත.
3983
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%20%E0%B6%B6%27%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
ඉන්ග්මා බ'ග්මාන්
විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකි. ස්වීඩන ජාතිකයෙකි. චිත්‍රපටි ද සෙවන්ත් සීල් ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ' ව'ජින් ස්පී‍්‍රං වින්ට ලයිට් ජීවන තතු උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි. මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී) වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය. චරිත කතා චිත්‍රපටි අධ්‍යක්ෂ සිනමාව
3984
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
ගුණසිරි සිල්වා
80 සිනමාව ගුණසිරි සිල්වා ගේ ප‍්‍රථම සිනමා සාහිත්‍ය කාර්යය වන්නේ ’80 සිනමාව‘ යි. එය ප‍්‍රකාශයට පක් කෙරුණේ වර්ෂ 1981 දීය. පාදක වූයේ වර්ෂ 1980 දී මුල් වරට ප‍්‍රදර්ශිත විවාදාත්මක සංවාදාත්මක ලාංකික චිත‍්‍රපට කිහිපයක් අරභයා ලියූ විචාරාත්මක ලිපි කිහිපයකි. ගුණසිරි ’80 සිනමාව‘ ප‍්‍රකාශයට පත් කරන්නේ දැවැන්ත අරගලයකින් අනතුරුවය. සැබැවින්ම ඔහු අදත් සිනමා විචාරය හා සිනමා සාහිත්‍ය විෂයයෙහි අනවරත අරගලයක නිරතව සිටී. ’80 සිනමාව‘ ත් ඒ දක්වා කළ කී දැන් දැන් ඔහු සිහිපත් කරයි. මේ අරගලකාරී අතීතය වරෙක ආස්වාදජනකය. තවත් වරෙක ඉන් උපදින්නේ සංවේගයකි. ඒ මේ වන තුරුද ගුණසිරි අපේක්ෂා කළ පොදුවේ අප ද අපේක්ෂා කරන හරවත් සිනමා සංස්කෘතියක් ප‍්‍රශස්තව ගොඩනැගී නොමැති හෙයිනි. එසේත් නැතහොත් හරවත් සිනමා සංස්කෘතියක් වෙනුවෙන් ඇතැම් සිනමාකරුවන් දරන ප‍්‍රයත්න යට ගැසීමේ නොතකා හැරීමේ හා බැහැර කිරීමේ විවිධාකාර ව්‍යාපෘති කි‍්‍රයාත්මක ව පවතින හෙයිනි. මගේ මතකය දිවයන්නේ 1970 දශකයටයි. සිනමාව කෙරෙහි මා තුළ වූයේ සුවිශාල උනන්දුවක් දිගින් දිගටම චිත‍්‍රපට නැරඹීම මගේ පුරුද්දක් වුණා. ඒ අවදියේ චිත‍්‍රපට නැරඹීමට අවකාශ සැලසුණේ සිනමා ශාලා වෙතින් පමණයි. දේශීය- විදේශීය විශිෂ්ට – සංවාදාත්මක චිත‍්‍රපට මගේ සිනමා උනන්දුව පෝෂණය කළා. සිනමා සංවිධාන - සිනමා ප‍්‍රකාශන ආදිය නිරතුරුවම පරිශීලනය කරන්නට ලැබුණු ඉඩකඩ ද මට මහත් පිටිවහලක් වූ බව කිව යුතුයි. සකුරා මා සතුව තඹ සතයක්වත් මුදල් තිබුණේ නැහැ. තිබුණේ උනන්දුව හා කැපවීම පමණයි. අදටත් මා කිසිදු කාර්යයක් මුදල් මුල්කොට ගෙන ආරම්භ කරන්නේ නැහැ. මේ මගේ ජීවිත ස්වභාවයක්. මේ වන විට 1960 දශකය තුළදී උද්දීපනය වූ සිනමා නාට්‍ය - සාහිත්‍ය ප‍්‍රබෝධය මදක් ක්ෂය වී තිබුණා. කෙසේ වෙතත් දුර්මුඛ නොවූ මා ‘සකුරා’ මැයෙන් සිනමා සඟාවක් වර්ෂ 1976 ජූනි මසදී ප‍්‍රකාශයට පත් කරන්නට සමත් වුණා. විජය ධර්ම ශී‍්‍ර අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත‍්‍රපටය සිනමා ශාලා කරා පැමිණියේ මේ අවදියේදී යි. ‘දුහුළු මලක්’ ලාංකික සිනමාව විෂයයෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු චිත‍්‍රපටයක්. මා අදහස් කළා. ‘දුහුළු මලක්’ සඳහා වැඩි ඉඩක් ලබාදෙන්නට. ඒ අනුව අධ්‍යක්ෂ විජය ධර්ම ශී‍්‍ර සම්මුඛ සාකච්ඡාවකින් ‘සකුරා’ ට සම්බන්ධ කර ගත්තා. එසේම වසන්ත ඔබේසේතර හා සුගතපාල ද සිල්වා ද සම්මුඛ සාකච්ඡා හරහා ‘සකුරා’ කරා කැඳවාගෙන එන්නට මා සමත් වුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයක් සොයා ගත්තේත් මගේම පරිශ‍්‍රමයෙන්. මට සහය වූ මිතුරන් තිදෙනෙකු සිටියා. ඒ ජී. එල්. ආරියපාල, ටී. එන්. නිහිෂාත් හා රනිල් ඇල්විටිගල යි. ’සකුරා’ දෙවැනි කලාපය මුද්‍රණයට මා ද සම්බන්ධ වුණා. ධර්මප‍්‍රිය ලොකුහේවාට අයත් ඊයම් අකුරු අමුණා පිටු සකස් කළේ මා විසින්ම යි. ’සකුරා’ කලාප තුනක් ප‍්‍රකාශයට පත් කරන්නට මා සමත් වුණා. සඟා තුනම මුද්‍රණය කළේ වැලිකඩ සුසිත මුද්‍රණාලයේයි. ආර්ථික දුෂ්කරතා මාව පීඩාවට පත් කළා. ‘සකුරා’ නතර කර දමන්නට යි මට සිදුවුණේ. වසර කිහිපයකට පසුව මගේ හිතවතෙකු වන කෝසල තිලකරත්න ‘සකුරා’ යළි ආරම්භ කරන්නැයි මට යෝජනා කළා. ඔහු ඒ වන විට මරදාන ග්ලෝබ් ප‍්‍රින්ටර්ස් හි කළමනාකරුයි. ඔහුගේ යෝජනාව මා පිළිගත්තා. විශේෂ ආර්ථික ගැටලු නොමැති වීම නිසා හිතේ හැටියට කටයුතු කරන්නට මට ඉඩකඩ ලැබුණා. ’සකුරා’ දෙවන අවදියේ දෙවන සඟාව ඉතාම වැදගත්. ඒ පසුකාලීනව කැපී පෙනුණු තිදෙනෙකුගේ ආගමනය නිසාවෙනුයි. ඉන් එක් අයකු වන්නේ සුනිල් මිහිඳුකුලයි. ඔහු සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් ‘සකුරා’ ට ලිපියක් තැපෑලෙන් එවා තිබුණා. කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු ද ‘සකුරා’ ට එක් වන්නේ ඊට සමගාමීවයි. ප‍්‍රසන්න විතානගේ මේ වන විට පාසල් ශිෂ්‍යයෙක්. ප‍්‍රසන්න ‘සකුරා’ ට යොමු කළේ කාල් ඩෙ‍්‍රයර් ගේ සිනමා භාවිතය අළලා සැකසුණු ලිපියකුයි. ඔහු පාසල නිමවී කෙලින්ම ‘ග්ලෝබ්’ මුද්‍රණාලයටයි. සුනිල් මිහිඳුකුලත්, කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දුත්, ප‍්‍රසන්නත් මාත් නිතර ‘ග්ලෝබ්’ හි රංචු ගැසී සිනමාව හා වෙනත් කලා මාධ්‍යයක් ගැන කළ සාකච්ඡා අතිශයින්ම අර්ථවත්. ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ’බඹරු ඇවිත්’ ප‍්‍රදර්ශනයට එක් වුණේ මේ සමයේදීයි. ‘බඹරු ඇවිත්’ ලාංකික සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපටයක්. අප සමත් වුණා ‘බඹරු ඇවිත්’ ගැන විචාරාත්මක සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නට. ඊට සුචරිත ගම්ලත්, සුනන්ද මහේන්ද්‍ර, එච්. ඒ. සෙනෙවිරත්න දේශකයන් වශයෙන් එක්වුණා. ’සකුරා’ දෙවන අවදිය ද විවාදාත්මකයි. මා හැමවිටම උත්සාහ කළා නව මතවාද අවුළුවන සාරගර්භ ලිපි පළ කරන්නට. සුමිත‍්‍රා පීරිස් ගේ පළමුවැනි චිත‍්‍රපටය ‘ගැහැනු ළමයි’ මෙකල ප‍්‍රදර්ශය කෙරෙමින් තිබුණා. එහි තිර නාටකය රචනා කළේ කරුණසේන ජයලත්. ‘ගැහැනු ළමයි’ විචාරය කරමින් මා ජයලත් ගේ තිරනාටකය නිර්දය ලෙස විභාග කළා. ගාමිණී පොන්සේකා ගේ සිනමා භාවිතය ද අපේ නිර්දය විවේචනයට ලක්වූ බව කිව යුතුයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය ගැනත් අප විමසිලිමත් වුනා. ඔහුගේ චිත‍්‍රපටවල ආ විවිධ ඌණතා සම්බන්ධයෙන් අප ඔහුට ‘සකුරා’ හරහා විවෘත සංදේශයක් ද ඉදිරිපත් කළා. සඟා 06 කට පසුව ‘සකුරා’ දෙවන අවදියත් නිමාවුණා. අපට ව්‍යාපාරික පදනමක් තිබුණේ නැහැ. පාඨක ප‍්‍රතිචාර පමණක් සඟාව පවත්වාගෙන යන්නට ප‍්‍රමාණවත් නොවූ බව කිව යුතුයි. ඇත්ත මා ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධ වන්නේ වර්ෂ 1978 දී පමණ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙනුයි. සුනිල් සී. ද සිල්වා යි මාව ‘ඇත්ත’ට යොමු කළේ. එවක ඇත්ත කර්තෘ ධුරය හෙබවූයේ බී. ඒ. සිරිවර්ධනයි. ඒ වන විට ඔහු කීර්තිමත් පුවත්පත් කලාවේදියෙක්. ප‍්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළේ නිව්ටන් සෙනෙවිරත්නයි. විශේෂාංග කර්තෘ වූයේ සිරිලාල් කොඩිකාරයි. මරණ පරීක්ෂණ වාර්තායි බොහෝවිට මට ලියන්නට සිදුවුණේ. මේවායින් මා තෘප්තිමත් වුණේ නැහැ. සිනමාව නාට්‍ය බඳු කලාංග අරභයා මා තුළ වූ ගාය විශේෂාංග කර්තෘ සිරිලාල් කොඩිකාර දුටුවා. ඔහු ආරාධනා කළා මට සිනමා විචාර ලියන්නට. මා මුලින්ම ලියුවේ ‘හිඟන කොල්ලා’ චිත‍්‍රපටය ගැන විචාරයක්. 1980 වර්ෂය ලාංකික සිනමාවට ඉතාමත් ම වැදගත්. විවාදාත්මක චිත‍්‍රපට ගණනාවක්ම 1980 වර්ෂය තුළදී ප‍්‍රදර්ශනයට එක්වුණා. ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ පරාක‍්‍රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’, තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’, සුමිත‍්‍රා පීරිස් ගේ ‘ගඟ අද්දර’ එච්. ඩී. පෙ‍්‍ර්මරත්න ගේ ‘පරිත්‍යාගය’ ඉන් කැපී පෙනෙනවා. මේ චිත‍්‍රපට එකිනෙකට වෙනස්. ඒ ආකෘතිමය පක්ෂයෙන් පමණක් ම නොවෙයි. අන්තර්ගතයේ පාර්ශ්වයෙන්ද විද්‍යමාන වූයේ නවමු බවක්. මේ චිත‍්‍රපට ගැන මා ‘ඇත්ත’ පුවත්පතට ලියූ විචාර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. සිනමා විචාරයේ දැවැන්තයන් ව සිටි සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, ගාමිණී හත්තොටුවේගම වැන්නන් මේ චිත‍්‍රපට සම්බන්ධයෙන් පළ කළේ සාපේක්ෂ නිහඬතාවක්. ඔවුන් 1960 දශකයේ සිනමා ප‍්‍රබෝධයේ කොටස්කරුවන් බව රහසක් නොවෙයි. ලියැවුණු ඇතැම් විචාර ද අදාල චිත‍්‍රපටවල අන්තර්ගත පාර්ශ්වයත් ආකෘතිමය විවිධත්වයත් නිසි ව විනිශ්චය නොකළ බවයි මට සිතුණේ. මේ පසුබිම මැදයි මගේ විචාර අවධානයට ලක්වූයේ. ඊට බලපෑ තවත් හේතුවක් තිබුණා. ඒ දේශපාලන දෘෂ්ටියකින් සිනමා විචාර ලියන්නට මා පෙළඹී සිටීමයි. මේ වන විට සිනමා සාහිත්‍ය තුළ ප‍්‍රකට වූයේ අවගමනයක්. මා උත්සුක වුණා සිනමා සාහිත්‍යයට යමක් එකතු කරන්නට. ඒ සඳහා මා තෝරා ගත්තේ 1980 වර්ෂය තුළදී මුල්වරට ප‍්‍රදර්ශන විවාදාත්මක චිත‍්‍රපට සම්බන්ධයෙන් මා ලියූ විචාර සමුච්චය යි. අකුරු අමුණා පිටු සකස් කිරීමේ කටයුත්ත ද සිදුවුණේ මා අතින්. ප‍්‍රවෘත්ති ලිවීම සඳහා ‘ඇත්ත’ ලබාදුන් ඩිමයි කඩදාසි මුද්‍රණ කටයුතු වෙනුවෙන් උපයෝගී කරගත්තා. මිතුරෙකුගේ මුද්‍රණාලයක සහය ද මට ලැබුණා. මිතුරන්ගේ ආධාර උපකාරත් ලැබුණු බව කිව යුතුයි. ග‍්‍රන්ථය ’80 සිනමාව‘ ලෙස එළිදැක්වුණා. ලැබුණු ප‍්‍රතිචාර මා දිරිගන්වන සුළුයි. 1981 මාර්තු 11 දා ‘ඇත්ත’ ට ජේ. උයන්ගොඩ දැක්වූ අදහස් ඉතාම වැදගත්. ගුණසිරි සිල්වා කලා විචාරයට අලුතින් පිවිසෙන තරුණ පරපුරට අයත් වූවකු නිසාම තමාට පෙර පරම්පරාවල සිටින කලා විචාරකයන් සතු මානසික බන්ධන ඔහුට නැති බව ජේ. උයන්ගොඩ ඍජුවම ප‍්‍රකාශ කොට සිටියා. වාර්ෂිකව සිනමා ග‍්‍රන්ථ පළ කරන්නට මුලදී මා අදහස් කරගෙන සිටියේ නැහැ. එහෙත් විචාරක පාඨක ප‍්‍රතිචාර අඛණ්ඩව සිනමා ග‍්‍රන්ථ පළකිරීමේ කටයුත්තකට මා යොමු කළා. ඒ අනුව ඒ ඒ වර්ෂ තුළ ප‍්‍රදර්ශින සංවාදාත්මක ට්ත‍්‍රපට විවරණය කොට ලියූ විචාර ලිපි එක්කොට වර්ෂ 1991 දක්වාම මා සිනමා විචාර ග‍්‍රන්ථ ඉදිරිපත් කරනු ලැබුවා. මේ ව්‍යායාමය නිසා ලාංකික සාහිත්‍යයට කිසියම් උත්තේජනයක් ලැබුණු බවයි මං අදහස් කරන්නේ. එය මීළඟ සිනමා විචාරක පරපුරට පූර්වාදර්ශයක් වූ බවද විශේෂයෙන් කිව යුතුයි. මගේම පිටස්තරයා දිගින් දිගටම සිනමාව හා බැඳුණ ග‍්‍රන්ථකරණයෙහි නිරතව සිටිය ද මා වඩාත්ම ඇළුම් කරන්නේ නිර්මාණකරණයටයි. වර්ෂ 1971 පමණ සිට මා වරින් වර කෙටිකතාව, නවකතාව, වේදිකා නාට්‍යය යන ක්ෂේත‍්‍ර තුළ කි‍්‍රයාත්මක වුනා. විටෙක බුද්ධිය ප‍්‍රමාණවත්ව නොමැතිවීම මා මුහුණ දෙන ගැටලුවක්. කෙසේ වෙතත් වසර තිහකට පමණ පෙරාතුව ලියූ නවකතාවක් යළිත් සකස් කොට කරන්නටයි මා උත්සාහ කරමින් සිටින්නේ. එය නම්කොට ඇත්තේ ‘මගේම පිටස්තරයා’ ලෙස පාදක වන්නේ 1970 දශකයේ පරාරෝපිත තාරුණ්‍යයයි. තරුණ වියේ පටන්ම ඡායාරූපකරණයටත්, චිත‍්‍ර ශිල්පයටත් මා තුළ දැඩි ඇල්මක් පවතිනවා. ඒවා මා තුළින් මතුවන්නටයි උත්සාහ කරමින් සිටින්නේ. මතු දවසක සෙසු සියලු කර්තව්‍යයන්ගෙන් බැහැර ව විචාරක හිස බිමින් තබා කැමරාවත්, පින්සලත් සමඟ ජීවත් වීම මගේ පරම අභිලාෂය යි.
3989
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකා කොටියා
ශ්‍රී ලංකීය කොටියා (Panthera pardus kotiya) ශ්‍රී ලංකාවට ආවේණික කොටි උප විශේෂයකි. මොවුන් ව පළමු වරට විස්තර කර ඇත්තේ ශ්‍රී ලංකීය සත්ව විද්‍යාඥයකු වන පී. එඩ්වඩ් පිරිස් දැරණියගල විසින් ය. 2020 වර්ෂයේ සිට මොවුන් වඳවීයාමේ අවධානමට ලක්වූ සත්ව කොට්ඨාශක් ලෙස IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත. 2020 වර්ෂය වනවිට වනාන්තර තුළ නිදැල්ලේ වෙසෙන කොටි ජනගහනය 800 ටත් අඩු බව අනුමාන කෙරේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල බහුල වශයෙන් කොටි දැකගත හැකිය. නාමකරණ ගැටළුව මෙම සත්ත්වයා දිවියා යනුවෙන් ඇතැම් අවස්ථාවල වැරදියට හඳුන්වා ඇත. එසේම කොටියා යනු ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයාද නොවේ. ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයා ව්‍යාඝ්‍රයා ලෙසත් Sri Lankan leopard යන සත්ත්වයා ශ්‍රී ලංකා කොටියා ලෙසත් හැඳින්වීම නිවැරදි වේ. දිවියා යන වචනය කොටියාට වඩා කුඩා බළල් පවුලට අයත් සතුන් සදහා භාවිතා වේ. උදා: හඳුන් දිවියා, කොළ දිවියා ලක්ෂණ ශ්‍රී ලංකා කොටියාගේ සම තැඹිලි-කහ පැහැති සම මත කළු පුල්ලි සහිතයි. ඉන්දියානු කොටියාට වඩා කුඩා පුල්ලි ඇත. පාද ආසන්නයේ දී සම සුදු පැහැයට හුරු වේ. සාමාන්‍ය පිරිමි සත්වයෙකු කි.ගෑ. 56 (රාත්තල් 124) බරින් යුක්ත ය. උපරිම වශයෙන් එය කි.ගෑ. 77(රාත්තල් 170) බරින් යුක්ත වේ. දිග සාමාන්‍යයෙන් මිටර් 1.27(අඩි 4 අඟල් 7) වේ. වලිගය සෙ.මී.86(අඩි 2 අඟල් 10) දිගින් යුක්තයි. සාමන්‍ය ගැහැණු සත්වයෙකු බර කි.ගෑ. 29) රාත්තල් 64) පමණ වේ. දිගින් මිටර් 1.04(අඩි 3 අඟල් 5) පමණ වේ. වලිගය සෙ.මී. 77(අඩි 2 අඟල් 6) පමණ වේ. ශ්‍රී ලංකා කොටියා අතීත විශාල කොටින්ගෙන් උප විශේෂයක් ලෙස පැවත එයි. මක්නිසාද යත් ලංකාවේ සිටින එකම විශාලතම බළල් පවුලේ සාමාජිකයා වන්නේ කොටියා ය. කි.ගෑ 100 ඉක්මවු කොටියන් ද වාර්තා වන්නේ ද මේනිසා ය. මෙලනින් වර්ණකය වෙනසක් සහිත මෙලනිකෘත කොටියන් ද වර්තමාන වනවිට වනාන්තර තුළ වාර්තාවේ. මෙය ඉතා කාලාතුරකින් දැකිය හැකි දෙයකි. සමහරුන් මෙය කොටින්ගේ වෙනම විශේෂයක් ලෙස වරදවා වටහාගනි. නමුත් මෙය ජානමය හේතුවක් නිසා කොටි ගහණයක් තුල කාලාතුරකින් දකින්න ලැබෙන දෙයකි. ජගුවර් සත්වයන්ගේ මෙන්ම මොවුන්ට ද සමේ වර්ණය නිසා රාත්‍රී කාලයේ දී අනෙක් සමාජිකයන්ට වඩා වාසී සැලසේ. කෙසේ වුවත් මොවුන් වාර්තා වන්නේ සතර දෙනෙක් පමණි. මාවලදෙනිය, පිටාදෙනිය සහ නල්ලතැන්න ප්‍රදේශ වලින් 2019 වර්ෂයේදී වානජිවි කාර්යංශය මගින් වනයේ අටවන ලද කැමරා පද්ධති මඟින් රාත්‍රී කාලයේ දී ඡායාරූප ගතකිරීමට හැකිවිණි. එහි එක් පිරිමි සත්වයෙකු, ගැහැණු සත්වයෙකු සහ කුඩා පැටවුන් දෙදෙනකු සහිතවයි. නමුත් නුවරඑලිය අවටින් 2020 මාර්තු සහ මැයි මස අසන්න වකවානුවක මිනිසුන් විසින් වල් ඌරන් සඳහා අටවන ලද මඳු වලට හසුවී දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය. මේ මඟින් තහවුරු වන්නේ කළු කොටින්, කොටි ගහණ තුල වර්තමානය වන විට විරල නොවන බවයි. ව්‍යාප්තිය ශ්‍රී ලංකා කොටියා අතීතයේ ලංකාව පුරා ව්‍යාප්ත වී පැවතිනි. නමුත් වර්තමානය වනවිට වියළි කලාපය තුල බහුල වශයෙන් ජිවත් වේ. නමුත් සුළු ප්‍රමාණයක් සිංහරාජ වනය, සමනොළ කන්ද වන රක්ෂිතය තුළ මෙන්ම නුවරඑලිය තේ වතු ආශ්‍රිතවත් වාසස්ථාන කරගෙන ජීවත් වේ. ශ්‍රී ලංකා තුළ කොටින් බහු ලෙස ජීවත් වන්නේ විල්පත්තු අභයභූමිය තුළයි. එය මුළු කොටි ගහණයෙන් 60-70% පමණ වේ. හැසිරීම යාල ජාතික වනෝද්‍යානයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොටියන් වෙනත් කොටි උප විශේෂයන්ට වඩා සමාජශීලී නොවන බවයි. මොවුන් හුදකලා දඩයම්කරුවන් වන අතර තරුණ ගැහැණු සතුන් පමණක් ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ දඩයම් කරයි. මොවුන් රාත්‍රියේ දඩයම් කිරීමට කැමැත්තක් දක්වන නමුත් උදේ සහ සවස් කාලයේ සහ දිවා කාලයේ වේලාවන්හි ද ක්‍රියාකාරී වේ. ඔවුන් ඔවුන්ගේ දඩයම් කරන ලද සතුන් ගස් මතට ගෙන යයි, එයට හේතුව තරඟකාරිත්ව සහ ගොදුරු හිඟ වීමයි. දිවියා ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා බැවින් ගොදුරු වෙනත්ආ සතුන්රගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නොවේ. 2001 සිට 2002 දක්වා ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග වෙරළ කලාපයේ යාල ජාතික වනෝද්‍යානයේ I වන කොටසෙහි වැඩිහිටි කොටින්ගේ ගහණ ඝනත්වය කිලෝමීටර 100 කට (වර්ග සැතපුම් 39) සතුන් 17.9 ක් ලෙස ගණන් බලා ඇත. මෙම කොටස වර්ග කිලෝමීටර 140 (වර්ග සැතපුම් 54) කින් සමන්විත වන අතර වෙරළබඩ තැනිතලා සහ ස්ථිර වැව් සහ ස්වාභාවික ජල තටාක අඩංගු වේ. ශ්‍රී ලාංකික කොටියා දඩයම් කරන්නේ නිහඬව ව තම ගොදුර පසුපස හඹා යමින්, එය වේගයෙන් ලුහුබඳිමින් වේගයෙන් ගොදුරු අඩපණ කරයි. ගොදුර සාමාන්‍යයෙන් බෙල්ල සාපාකෑම මඟින් අඩපණ කරනු ලැබේ. බොහෝ මුවන්, මීවයින්, වල් ඌරන් වැනි විශාල සතුන් මෙන්ම ගොදුරු හිඟ වු විට කුඩා ක්ෂීරපායින්, කුරුල්ලන්, උරගයින් ද දඩයම් කරයි. වැඩි වශයෙන් මුවන් ආහාර ලෙස යොදා ගන්නේ මොවුන් වියළි කලාපය තුල බහුල වීම නිසා ය.සාමාන්‍යයෙන් කොටින්ට විශේෂ අභිජනන කාලක් නැත. වසර පුරා එය සිදු ව්පැඑ.සාමාන්‍යයෙන් වරකට පැටවුන් දෙදෙනෙකු හෝ හතර දෙනෙකු බිහිකරයි. බිහිවන පැටවුන් හොඳින් වැඩෙන තුරු මව් සත්වයා ඇතුළු කුඩා ගහණය තුල ජීවත් වේ. වැඩුණු පිරිමි සතුන් හුදෙකලා වී දඩයම් කර ජීවත් වේ. සතුන් බිහිකරන වකවානුවේදී පමණක් රැලට එකතුවේ. තර්ජන වාසස්ථාන අහිමිවීම හා ඛණ්ඩනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොටින්ගේ පැවැත්මට තර්ජනය එල්ල වී ඇත. මිට අමතරව මූලික වශයෙන් යම් මට්ටමක සම්, දත් ලබාගැනීමට දඩයම් කිරීම් සහ සෘජු හා වක්‍ර ලෙස මිනිස් උගුල් වලට හසුවීම නිසා කොටියන් මරණයට පත්වේ. සිංහරාජා සංරක්ෂණ ප්‍රදේශයේදී උගුල් අටවා කොටියන් තිදෙනෙකු මිය ගිය අතර, ඉන් එක් අයෙකු ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කෙරේ. 2020 මැයි මාසයේදී හැටන්හි නල්ලතන්නියේ හි තේ වත්තක් ආශ්‍රිතව දී තුවාල ලැබූ තවත් දිවියෙකු සොයාගෙන බේරා ගන්නා ලදී. පසුව එය ප්‍රතිකාර සඳහා රන්දෙනිගල සත්ව රෝහලට ගෙන යන ලදී. පසුව මෙම සත්වයා එහිදී ප්‍රතිකාර ලබන අතරතුර මිය ගියේය. උගුරේ හා බෙල්ලට දැඩි ලෙස තුවාල වී ඇත. 2020 වර්ෂය තුළ ද වැඩි වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසා කොටියන් සැළකියයුතු සංඛ්‍යාවක් මියගියහ. වැඩි වශයෙන් සිදුවිම් වාර්තා වන්නේ තේ වතු ආශ්‍රිතවයි. ඊට හේතුව තේ නිෂ්පාදනය සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමයි. තේ වතු ආශ්‍රිතවත පවතින්නේ ද ජෛව විවිධත්වය ඉහළ ප්‍රදේශයක ය. සංරක්ෂණය වනෝද්‍යාන හා වනජීවී සංරක්ෂණ භාරය යටතේ කොටියන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරයි. ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය ද අධ්‍යයන කිහිපයක් සිදු කරනු ඇත. කොටින්ගේ වාසස්ථාන කැබලි කිරීම වේගයෙන් සිදුවන මධ්‍යම කඳුකරයේ ඉලක්කගත වැඩ කටයුතු කරමින් පවතී. කෙසේ වුවත් ලංකාව තුල විතැන් සංරක්ෂණ කොටින් සඳහා භාවිතා නොකරයි. බහුල වශයෙන් යාල ජාතිකවනෝද්‍යානය සහ විල්පත්තු ජාතික වනෝද්යානය මඟින් කොටින් සංරක්ෂණයට සැලකියයුතු මෙහෙවරක් ඉටු කරයි. කෙසේ වුවද 2011 දෙසැම්බර් වන විට ලොව පුරා සත්වෝද්‍යානවල සත්ව උද්‍යානවල සිටින ශ්‍රී ලාංකික කොටින් සංඛ්‍යාව 75 කට වැඩිය. යුරෝපීය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වැඩසටහන යටතේ පිරිමි සතුන් 27 ක්, ගැහැණු සතුන් 29 ක් සහ තෝරා නොගත් සතුන් 8 දෙනෙකු සංරක්ෂණ කටයුතු සිදු කරයි. ජන සමාජයේ වැරදි වැටහීම් මේ වැරදි ව්‍යවහාරය 1980 දශකයේ අග භාගයේ සහ 1990 මුල භාගයේ "LTTE" සංවිධානයේ ක්‍රියාකාරිතවත් සමග සමාජ ගත වී ඇත. එම සංවිධානය විසින් තමාගෙ ලාංඡනය ලෙස භාවිතා කරනු ලැබුවේ ව්‍යාඝ්‍රයෙක් වන අතර "Liberation Tigers of Tamil Elam" ලෙස හඳුන්වන ලදී. මෙය "දෙමළ ඊළාම් විමුක්ති කොටිසංවිධානය" වැරදි ලෙස සිංහලට පරිවර්තනය කර ඇති අතර ඉන් පසු එය නිතර කියැවෙන යෙදුමක් බවට පත්විය. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත" යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි. එසේම "කොටි වලිගය අල්ලගත්ත වගේ" ප්‍රස්ථාව පිරුළ සහ "කොටියාකුඹුර" වැනි ස්ථාන නාම කීපයක්ම සිංහල ජන වහරේ පැවතීම අනුව කොටියා යනු ශ්‍රී ලංකාව තුල වාසය කරන සත්ත්වයෙක් බව පැහැදිලි වේ. "Panthera pardus kotiya" යන නාමය ශ්‍රී ලංකාව තුල වෙසෙන උප විශේෂයේ විද්‍යාත්මක නාමය වේ. මෙය 1956 වසරේදී පී.ඊ.පී. දැරණියගල මහතා විසින් යොදන ලදී. ඒ මහතා විද්‍යාත්මක නාමයට "කොටියා [kotiya]" යන්න යෙදීම මගින්ද ද මෙම සත්ත්වයාගේ නිවැරදි නම කොටියා යන්න තහවුරු වේ. ආශ්‍රිත ලිපි ඉන්දියානු කොටියා අප්‍රිකානු කොටියා ජාවා කොටියා පර්සියානු කොටියා ජගුවරා ශ්‍රී ලංකාවේ හඳුන් දිවියා ශ්‍රී ලංකාවේ වල් බළලා සටහන් Species portrait Panthera pardus in Asia and short portrait P. pardus kotiya; IUCN/SSC Cat Specialist Group The Wilderness and Wildlife Conservation Trust, Sri Lanka: The Leopard Project ARKive: Images and movies of the Sri Lankan leopard Biggest claimed Sri Lankan leopard () from the valley of Gal Oya මූලාශ්‍ර
3993
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
ලංකාව
ඔබට අවැසි ලිපිය තෝරාගන්න ලංකා දූපත ලංකා ඩොමීනියන් රාජ්‍යය ශ්‍රී ලංකාව ලංකාපුර
3995
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8
පුත්තලම
පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය. ඉතිහාසය වසර 2200කට ඉහත දී විජය කුමරු ගේ විජයාගමනය සිදුවූ තම්බපණ්ණී ප්‍රදේශය පුත්තලම හෝ ඒ ආශ්‍රිතව බව ඉතිහාස මූලාශ්‍රවල සදහන් ය. උප්පුත්තලම් හෙවත් ලුණු භූමිය යනුවෙන් මෙහි විසූ ජනයා මෙම ප්‍රදේශය හැදින්වූ අතර එය කාලයාගේ අවෑමෙන් කටවහරට රිසිසේ පුත්තලම යනුවෙන් වෙනස් විය. අතීතයේ අරාබි වෙළදුන් ගෙන්වූ බූරුවන් දැනටත් මෙම නගරයේ හා මන්නාරමේ බහුලව වාසය කරති. පෘතුගීසීන් විසින් වහල් සේවය සඳහා අප‍්‍රිකානු රටවලින් මෙරටට ගෙන්වන ලද කාපිරි ජාතිකයින්ගේ ජනාවාස මෙහි මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය. ඔවුන්ගෙන් පැවතෙන්නන් පසුකලෙක පෘතුගීසී ක්‍රියොල් භාෂාව කථාකරන ලදි. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද සරණාගත මුස්ලිම් ජනතාව පුත්තලම නගරයට පැමිණ පසුව එම නගරය කේන්ද්‍ර කරගෙන මේ දක්වා ජීවත්වෙති. කාලගුණය ලෝක කාලගුණ කලාප වාර්ගීකරණයට අනුව පුත්තලමේ ස්වාභාවික සැවානා කාලගුණයක් පවති. කෙටි වියලි කාල දෙකක් ජූනි - සැප්තැම්බර් හා ජනවාරි - මාර්තු මාසවලද, වැසි කාලය ලෙස ඔක්තෝබර් - දෙසැම්බර් මාසවලද පවති. ජනගහනය පුත්තලම නගරයේ ජනගහනය 45,401ක් වේ. ඉන් 95%ක් මුස්ලිම් වන අතර නගරයෙන් පිටත සුළු වශයෙන් දෙමළ, ක්‍රිස්තියානි හා බෞද්ධ ජනතාව වාසය කරති. ගමනාගමනය උතුරු මුහුදුබඩ මාර්ගය පුත්තලමෙන් අවසන් වේ. ප්‍රධාන මාර්ග තුනක් වන A3 (කොළඹ සිට මීගමුව හරහා) මාර්ගයත් A10 (කටුගස්තොට සිට කුරුණෑගල හරහා) මා‍ර්ගයත් A12 (ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය හරහා) මාර්ගයත් පුත්තලමින් අවසන් වේ. නගරයේ සිට ක්‍රියාත්මක වන බස්රථ වයඹ පළාතේ අනෙක් නගරවලට බහුලව ගමන්ගන්නා අතර දුර ගමන් ලෙස කොළඹ, මහනුවර, අනුරාධපුර යන නගරවලට පමණක් ගමන්කෙරේ. ආර්ථිකය ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයත් මෙම නගරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද දෙවන විශාලතම ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ඉන්සී සිමෙන්ති කර්මාන්තශාලාවද මෙහි පිහිටා ඇත. මීට අමතරව කෘෂිකර්මාන්තය හා ඉස්සන් වගාවද බහුල ව පවති. පුත්තලම නගරය ශ්‍රී ලංකාවේ කකුළු වගාබිම් හා අභිජනන මධ්‍යස්ථනයක් ලෙස සිංගප්පූරුවේ ඇති ආයතනයකට නිෂ්පාදන ලබාදේ. අධ්‍යාපනය පුත්තලම නගරයේ ඇති පාසල් පුත්තලම අධ්‍යාපන කලාපය යටතේ පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාසයට හා පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයක්ද පිහිටා ඇත. ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) ෆාතිමා බාලිකා විද්‍යාලය සහිරා විද්‍යාලය (ජාතික පාසල) ආනන්ද ජාතික පාසල හින්දු මධ්‍ය විද්‍යාලය තිල්ලෛඅඩි මුස්ලිම් මහා විද්‍යාලය ඉක්රා ජාත්‍යන්තර විද්‍යාලය ශාන්ත මේරි විද්‍යාලය මොණරවැව රජයේ කණිෂ්ඨ විද්‍යාලය. බණ්ඩාරනායකපුර මහ විද්‍යාලය කරඬිපුවල් මහ විද්‍යාලය මොණරවැවේ ධම්මරතන භික්ෂු මොණරවැවේ ධම්මරතන භික්ෂු සංචාරක ආකර්ෂණ මුන්නේෂ්වරම් කෝවිල ආලන්කුඩා කල්පිටිය කලපුව හා ඒ අවට ප්‍රදේශය ආනවිලුන්දාව ජාතික වනෝද්‍යානය විල්පත්තු ජාතික වනෝද්‍යානය (පුත්තලම නගරයේ වනෝද්‍යානයට යාහැකි මාර්ග ඇත.) කල්පිටිය ලන්දේසි කොටුව කල්පිටිය ඩොල්ෆින් මසුන් නැරඹුම් ප්‍රදේශය (බෝට්ටු මගින්) කුවේණිගේ භවන යැයි පවසන නටඹුන් ප්‍රදේශය ඉප්පන්තීවු දූපත, තම්බපණ්ණි රාජ මහා විහාරය.(ගල්විල පාරිසරික උද්‍යානයේ පිහිටා ඇත.)මෙහි කුවේණි මෑණියන්ගේ දේහය තැන්පත් කර ඇත. ක්‍රීඩා පුත්තලම ප්‍රදේශයේ දැනට පාපන්දු, අත්පන්දු (වොලිබෝල්) හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් ජනයා අතර ප්‍රසිද්ධය. ක්‍රීඩා සංස්කෘතිය ඉහළින්ම අගයන මෙහි ක්‍රීඩා සමාජ හා ආයතන බහුලව පවති.
3996
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි (ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව). 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්‍රදේශත් අතර ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවය කිලෝමීටර 1508ක පුළුල්මාර්ගයකින්(අඩි 5 අඟල් 6) සමන්විතය. එමෙන්ම ලෝකයේ ඇති අලංකාරතම දුම්රිය මාර්ගයක් ලෙසද ශ්‍රී ලංකා දුම්රිය සේවය සලකනු ලබයි. විශේෂයෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහිත කඳුවැටි, මීදුමෙන් වැසීගත් කඳු මුදුන් ආදී ස්වභාවික අලංකාරයෙන් මෙන්ම මිනිසාගේ අලංකාර නිර්මාණ වන තේ වතු, පයින් වනාන්තර හා පාලම්, උස් ස්ථානවල පිහිටි දුම්රිය සථාන ආදී ඉංජිනේරුවරුන්ගේ විශ්වකර්ම නිර්මාණ ආදියෙන්ද අලංකෘතය. අතීතය ආරම්භය ශ්‍රී ලංකාවට දුම් රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් හඳුන්වාදෙන ලද්දේ 1864 දිය. දුම් රිය මග සැදීමට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටලුවයි. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක් වූ මාර්ගය ඉදි කරන ලදි. අතීතයේ ගැමියන් දුම් රිය යකඩ යකා ලෙස හඳුන්වා තිබේ. පිලිවෙලින් 1867, 1874, 1885, 1894 සහ 1924 දි ප්‍රධාන දුම් රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කරන ලදි. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දිත්, මුහුදුබඩ මාර්ගය 1895 දිත්, උතුරු මාර්ගය 1905 දිත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දී , කැලණි වැලි මාර්ගය 1919 දිත්, සහ පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කරන ලදි. ස්වර්ණමය යුගය බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කරන ලද මෙම සේවාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1955–1970 අතර කාලයයි. මෙකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ බී.ඩී.රම්පාල මහතා ය. මෙතුමා ගේ නායකත්වයෙන් දුම් රිය දෙපාර්තමේන්තුවේ අභිවෘධිය සඳහා විශාල වැඩ කොටසක් සිදුවී ඇත. මෙතුමාගේ අවධියේ වූ සේවාවන් අතර සීඝ්‍රගාමි දුම් රියන් ආරම්භ කිරීම, ඩීසල් එන්ජින් ගෙන්වීම, දුම් රියන් සඳහා සිංහල නාමයන් යෙදීම, දුම් රිය ස්ථාන වැඩි දියුණු කිරීම ආදිය දැක්විය හැකිය. අභාවය විසිවන සියවසයෙහි අග භාගයෙහි පටන් දුම් රිය සේවයේ විවිධ හැල හැප්පීම් සිදුවී ඇත. මෙකල රටේ ආර්ථිකය වැඩි වශයෙන් කර්මාන්ත සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම නිසා වැවිලි කර්මාන්තය කෙරෙහි තිබූ අවධානය අඩුවී ඇත. ඒත් සමගම මහා මාර්ග පද්ධතියේ වැඩි දියුණුවත් සමගම දුම් රිය ප්‍රවාහනය සඳහා තිබුණු උනන්දුව ද අඩුවී තිබේ. මෙම නිසා දුම් රිය දෙපාර්තමේන්තුව අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් විය. මීට අමතරව ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන්, දුම් රිය එන්ජින් විනාශ වීම, දුම් රිය ගමන් වාර නැවැත්වීමට සිදුවීම, ඇතැම් දුම් රිය මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වීම ආදියද දුම් රිය දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට බල පා ඇත නව සැලසුම් 2010 වසරේදි දුම් රිය සේවය නගා සිටුවීම සඳහා දස අවුරුදු සැලැස්මක් රජය විසින් දියත් කරන ලදි. මෙහි එක් පියවරක් වූයේ එන්ජින් යොදා ධාවනය කරනු ලබන දුම් රියන් සඳහා පවර් සෙට් ලෙස හඳුන්වනු ලබන ඩීසල් මල්ටිපල් යුනිට් නම් දුම් රිය වර්ගයේ දුම් රිය යොදා ගැනීමයි. 2010-2012 කාලයේදි මුහුදුබඩ දුම් රිය මග නවීකරණය කොට වැඩි වේගයෙන් දුම් රිය ධාවනය කිරීමට පහසුකම් සලසන ලදි. මීට අමතරව විනාශ වූ උතුරු දුම් රිය මග නැවත සෑදිමත්, මුහුදුබඩ මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමේ වැඩ කටයුතු මේ දිනවල සිදුවේ. සේවාවන් දුම් රිය සේවය විසින් නගරාන්තර දුම් රිය, සීඝ්‍රගාමි දුම් රිය, මන්දගාමි දුම් රිය සහ බඩු සහ තෙල් ප්‍රවාහනය කරන දුම් රියන් ධාවනය කරනු ලබයි. පන්ති කිහිපයකින් යුතු මගී මැදිරි තිබේ. රාත්‍රියේ ධාවනය වන දුම් රියන් සඳහා පලවෙනි පන්තියේ නිදන මැදිරි පලවෙනි පන්තියේ නැරඹුම් මැදිරි පලවෙනි පන්තියේ වායු සමනය කල මැදිරි දෙවන පන්තියේ වෙන්කල හැකි සහ සැප පහසු ආසන සහිත මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය ආසන සහිත මැදිරි (මෙය සකසුරුවම් පන්තිය ලෙසද හැඳින්වේ) වායු සමනය කල සහ නොකල ආපන ශාලා සහිත මැදිරි කොළඹ සිට අවිස්සාවේල්ල, රඹුක්කන, මහව, හලාවත ආදි ප්‍රදේශ වෙත ධාවනය වන මන්දගාමි දුම් රියන් සඳහා කාර්යාල සහ පාසල් වේලාවේදි වැඩි ඉල්ලුමක් තිබේ. කාර්යක්ෂමතාවය වැඩි කිරීමට තෝරාගත් මාර්ග කිහිපයක විදුලි දුම් රිය ධාවනය කිරීමට යෝජනා වී තිබේ. දුම්රිය වර්ග වායු සමනය කල සුඛෝපභෝගී දුම් රිය - මේවායේ සියලුම මැදිරි වායු සමනය කල මැදිරි සහ ඇතැම් විට ආපන ශාලාවකින් සමන්විත වෙයි. කොළඹ සිට ප්‍රධාන ගමනාන්ත දක්වා සීමිත නැවැතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි. නගරාන්තර සීඝ්‍රගාමි - කොළඹ සිට ප්‍රධාන නගර දක්වා ධාවනය වෙයි. මෙහි වෙන්කල හැකි ආසන පවතින අතර ආසන වල මිල සාමාන්‍ය දුම් රිය වල මිලට වඩා වැඩිය. ගමනාන්තය තෙක් ප්‍රධාන දුම් රිය පොල වල් වල පමණක් නවත්වයි සීඝ්‍රගාමි - ප්‍රධාන දුම් රිය පොලවල් අතර නගරාන්තර දුම් රිය වලට වඩා වැඩි නැවතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි. මිල ගණන් සාමාන්‍ය පරිදි වේ. තැපැල් දුම් රිය - රාත්‍රි කාලයේදි කොළඹ සිට ප්‍රධාන නගර කරා ධාවනය වන සීඝ්‍රගාමි දුම් රිය. මෙහි නිදන මැදිරි සහ වෙන්කල හැකි සහ සාමාන්‍ය ආසන තිබේ මන්දගාමි දුම් රිය - ගමනාන්තය තෙක් සියලුම දුම් රිය ස්ථාන වල නවත්වනු ලබයි. ඇත්තේ තුන්වන පන්තියේ මැදිරි පමණකි. භාණ්ඩ ප්‍රවාහන දුම් රිය - ගමනාන්තය තෙක් අවශ්‍ය දුම් රිය ස්ථාන වල නවත්වනු භාන්ඩ පැටවීම සහ බෑම සිදුකරනු ලබයි. බඩුබාහිරාදිය සහ ඉන්ධන ප්‍රවාහන ගැල් යොදාගනී. විශේෂ බඩු දුම්රියන්ද ධාවනය වේ. මිශ්‍ර දුම් රිය - බොහෝවිට මන්දගාමීව ධාවනය කරන මෙම දුම්රිය වල මගීන් මෙන්ම භාණ්ඩ සහ ඉන්ධන ගැල්ද ප්‍රවාහනය කෙරෙයි. දුම්රිය මාර්ග සහ ප්‍රධාන දුම්රිය සේවා දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ග 9කින් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 3කින් සමන්විත වේ. ඇතැම් දුම්රිය සඳහා විශේෂ නාමයන් ද යොදා ඇත. දුම්රිය එන්ජින් සහ ප්‍රවාහන මැදිරි ප්‍රධාන වශයෙන් දුම්රිය සඳහා යොදාගැනෙන්නේ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටල දුම්රිය වේ. මීට අමතරව විශේෂ අවස්ථාවලදි වාෂ්ප එන්ජින් යොදා ගැනේ. මගී මැදිරි සඳහා යොදාගැනෙන්නේ රුමේනියාවේ සහ චීනයේ නිශ්පාදිත මැදිරි ය. ගැටළු ආර්ථික රටේ බොහෝ රාජ්‍ය ව්‍යාපාර මෙන්ම දුම් රිය සේවයත් අධික වශයෙන් අලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත. 1943 සිට මේ වන තුරු ශුද්ධ ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇත. මෙහෙයුම් වියදම් වැඩිවීම මීට බෙහෙවින් බලපා ඇත. බොහෝ විට භාවිත වෙන්නේ ඉතාමත් පැරණි උපකරණ/ගොඩනැගිලි/එන්ජින් ආදිය නිසා මේවාට වැයවෙන වියදම අධිකය. තවත් එක් හේතුවක් වී ඇත්තේ ගාස්තු ක්‍රමය ය. සීමාසහිත යටිතල පහසුකම් දුම් රිය සේවය වැඩි වශයෙන්ම වික්ටෝරියානු යුගයේ පැරණි තාක්ශණික උපකරණ භාවිත කරන නිසා මේවා නඩත්තුවේදි වැය වන වියදම අධිකය. මීට අමතරව දුම් රිය මැදිරි ආදිය ප්‍රමාණවත් ලෙස නොතිබෙන නිසා සුළුතරයක් නිතරම භාවිතයට ගැනීමෙන් ඇතිවන ගැටළු ද තිබේ. මෙම ගැටළු මගහරවාගැනීමට නව උපාංග ඇණවුම් කර තිබේ. අනතුරු 1863 - එඬේරමුල්ල ගොන්ගිතොට ප්‍රදේශයෙ දි සිදුවූ දුම්‍රිය පීලි පැනීමකින් දුම්රිය සේවකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ මුල්ම දුම්රිය අනතුර වේ. 1928 - කටුකුරුන්ද ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 28 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්විය. 1962 මාර්තු 18 - අධික වේගයෙන් පැමිණි දුම්රියක් මීරිගමදී පීලි පැනීමෙන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය. 1985 ජනවාරි 19 - එල්.ටී.ටී.ඊ ය විසින් යාල් දේවි දුම්රියට බෝම්බ දැමීමෙන් මගීන් 11 දෙනෙකු මරුමුවට පත්විය. 1989 ජනවාරි 17- අහුංගල්ලෙදි බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පාසල් ළමයි 51 දෙනෙක් ජීවිත්ක්ෂයට පත්විය. 1996 ජූලි 24 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් දෙහිවල දි මගීන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය 2002 ජනවාරි - නුවර සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රිය රඹුක්කන දී පිලී පැනීමෙන් 14 දෙනෙකු මරුමුවට පත්විය. 2004 දෙසැම්බර් 26 සුනාමි-දුම්රිය ව්‍යසනය - සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශ වූ දුම්රියෙහි මගීහු බොහෝ පිරිසකට ජීවිත අහිමි විය. 2005 අප්‍රේල් 26 - පොල්ගහවෙල යාන්ගල්මෝදරදි මගී බස් රථයක් දුම් රිය හරස් මාර්ගය හරහා යන විට දුම් රියක ගැටී මගීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 2011 සැප්තැම්බර් 17 අලව්ව දුම්රිය අනතුර -දුම්රිය දෙකක් එකම මාර්ගයේ ගමන් කර එක් දුම්රියක් ඉදිරියේ තිබූ දුම්රියක ගැටීමෙන් මගීන් 5 දෙනෙකුට ජීවිත අහිමි විය. 2014 මැයි 31 - පොතුහැරදි පලෙයි බලා ධාවනය වන දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ කොළඹ ට පැමිණෙමින් තිබුණු රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මගීන් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. මීට අමතරව දුම්රිය දෙකෙහිම එන්ජින් 2කටම බොහෝ හානි සිදුවී තිබේ. මේවාද බලන්න ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය බාහිර සබැඳි ශ්‍රී ලංකාවේ ඩීසල් එන්ජින් පිටුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය මූලාශ්‍ර ප්‍රවාහනය - ශ්‍රී ලංකාව දුම්රිය ප්‍රවාහන සේවය ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා
4018
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%20%E0%B6%9C%E0%B6%9F
මහවැලි ගඟ
මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි. එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත. මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි. මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත. අතු ගංගා කොත්මලේ ඔය හැට්න් ඔය හුලු ගඟ ලොක්ගල් ඔය උමා ඔය බදුලු ඔය අබන් ගඟ නානු ඔය බෙලි උල් ඔය මෙම අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව මූලාශ්‍ර මහවැලි ද්‍රෝණිය ශ්‍රී ලංකාවේ ගංගා
4041
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB
අංගම්පොර
අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි. මූලික ලක්‍ෂණ මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී. ඇඳුම් මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරමක් හඳියි. ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට නම් ගම් කිය කියා උනුනුන් වේග කොට අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට අතීතය ආරම්භය අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිලිබඳව විවිධ ජනප්‍රවාද සහ මත ඇත. රාවණ ජනප්‍රවාදය එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි. ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට, වසර 33000 කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය. ලක්දිව යටත්විජිත යුගය 1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත. වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය. ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත. පුහුණු ලාභීන් මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ.තවද වාසගම් පරීක්ෂා කරන කලී අගම්පොඩිගේ අංගම්, පොඩිගේ,අතපත්තු ,-සූරිය යන්නාවූ වාසගම් අංගම්පොර ගණයට අයත් වන බව හෙළ ඉතිහාසයේ සදහන් වේ. අංගම් ශාස්ත්‍රය හැදෑරීමේදී, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මීට හේතුව වශයෙන් සඳහන්ය. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගනුම අරඔන සිසුන් දේශීය යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. සටන් කලාව ඉගෙනීමට පෙර ආධුනිකයෙකුගේ ශරීරය ශිල්පයට ගැළපෙන අයුරින් සකස් කරගත යුතුය. ඒ සඳහා විශේෂ සම්බාහන ක්‍රමවේද සමූහයක් පවතී. ආරම්භයේ පටන්ම ආධුනිකයාගේ ශරීරය සම්බාහනය කරන අතර පසුව ඉදිරියට ශිල්පය හැදෑරීමේදී ඒ ඒ සටන් කොටස් හැදෑරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කරගැනීම සඳහා දිගින් දිගටම සම්බාහන ප්‍රතිකාර දෙනු ලැබේ. ඒවා ආධුනිකයාගේ වයස් ,ශරීර තත්වය ආදී කරුණු මත වෙනස් වේ. එමෙන්ම දේශීය යෝග ක්‍රමයද හෙළ සටන් ශාස්ත්‍රය හා බද්ධව පවතී. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ගුරුවරයා විසින් ශිල්පය උගන්වන අවස්ථාවල හා සටන් හැකියාව උරගාබැලීම වැනි වෙනත් විශේෂ අවස්ථා කිහිපයකදී හැරුණු විටහැරුණු විට සාමාන්‍යයෙන් සටන් පුහුණුවීම් සිදුකරන්නේ තමා හා සම ශාස්ත්‍රීය මට්ටමේ පසුවන සටන්කරුවන් සමඟය. ‍පුහුණු වීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, රණ බෙර වාදනය, දේහ ලක්ෂණ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, යෝග ශාස්ත්‍රය, නර්තනය වැනි ශාස්ත්‍රීය කොටස් ද ‍එකතු වේ. වදන් අංගම්පොර ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ. එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සිටියේ මරුවල්ලිය, සුදලිය සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති අංගං මඩු වලය. එම අංගං මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් හරඔ ශාලාව හා ඉලංගම් මඩුව ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉලංගම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙම ඉලංගම් මඩුව සටන් පුහුණුව සඳහා යොදා ගනු ලැබීය. පිටතින් බලන අයෙකුට ඔවුන් නැටුම් පුහුණු වනවා සේ පෙනුනද ඒ තුළම සටන් පුහුණුවද සිදු විය. මේ නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ යම් යම් අංග නැටුම් තුළට ආභාෂය වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටි නැටුම, වලස් නැටුම, ලී කෙලි නැටුම වැනි නැටුම් අංග නිර්මාණය වූ අතර අදටද මෙම නැටුම් අංග තුළ සටන් ඉරියව් නිරූපණය වෙයි. .මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පිටි වලදීද යොදා ගැනුනි. කෙසේ වෙතත් යුධ පිටියේදී සටන් හැකියාවන්ද පෙරහැරවලදී නැටුම් හැකියාවන්ද වෙන වෙනම පෙන්වූවා මිස පෙරහැර තුළදී සටන් පෙන්වීමට හෝ සටන් ඇඳුම් ඇඳගෙන සටන් පෙන්වීමක් සිදු කළේ නැත. නමුත් චීනාඩි නම් අංගම්පොර තහනම් යුගයේදී දකුණු ඉන්දීය වයිත්තියාර්වරුන්ගෙන් ලැබුණා යයි සැලකෙන සටන් ක්‍රමයේ ශිලිපීන් සටන් අංග පෙරහැර තුළ පෙන්වූ බව කියමින් වැරදිමත සමාජගත කරයි. පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි අඩවි 9 ක් නිමවූ පසු ලදහැකි උසස් තනතුරක් වෙයි.ආධුකනිකයන්ට සටන් පුහුණුකරවීමේ අයිතිය මෙමඟින් ලබාදෙයි. මූලික අංග අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම් ) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ. අංගම් ඉලංගම් මායා අංගම් මන්ත්‍ර ශාස්ත්‍රය රණ බෙර වාදනය නිල වෙදකම දේහ ධර්ම විද්‍යාව හේවා අංගම් ඉලංගක්කාරම් ආයුධ අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි. අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ. ගුරු කුල සුදලිය මරුවල්ලිය කොරතොට මැදමහනුවර අදින් වසර 33000කට පමණ පෙර ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගක්කරුවෝ මුල්ලේරියා සටන මූලිකත්වය දී ගම්වර තා තානාත්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදාය රුකගෙන නොනැසී පවත්වාගෙන යති. වර්තමාන තත්තවය ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය​. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ​. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ​. මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී.අප සොයා බැලූ පරිදි දැනට සිටින ජ්‍යෙෂ්ඨම ගුරුතුමා වන්නේ සුනිමල් ප්‍රනාන්දු ගුරුතුමාය. ඡායාරූප අංගම්පොර පිලිබඳ පොත් හෙළයේ සටන් රහස අංගංපොර ආශ්‍රිත ලිපි කොරතොට අංගම්පොර සම්ප්‍රදාය බාහිර යොමු http://www.korathotaangam.com http://www.mulleriyawa.org http://www.angampora.info http://www.mardb.com/angampora/ මූලාශ්‍ර සාම්පදායික සිංහල දැණුම අංගම්පොර ශ්‍රී ලංකාව ක්‍රීඩා සටන් ශිල්ප
4060
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E2%80%8D%E0%B7%99%E0%B7%80%E0%B7%92%20%E2%80%8D%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%20%E0%B6%8B%E0%B6%BB%E0%B7%90%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා‍ෙවි ‍ලෝක උරැමයන්
ශ්‍රි ලංකා‍වේ ජගත් ‍ උරැමයන් ශ්‍රී ලංකා‌වේ ‌පහත දැක්වැන ස්ථාන හත එක්සත් ජාතීන් ජගත් උරැම ලෙස නම් කර ඇත. පොළොන්නරුව ඓතිහාසික නගරය (1982) සිගිරි පව්රනික නගරය (1982) රන්ගිරි දඹුලු ගල් විහාරය (1991) ගාලු නගරය (1988) අනුරාධපුරය ඓතිහාසික නගරය (1982) මහ නුවර නගරය (1988) සින්හරාජ රක්ෂිතය (1988) අන්තර්ගතය ශ්‍රී දළදා මාලිගාව සීගිරිය අනුරාධපුරය ගාල්ල පොළොන්නරුව රන්ගිරි දඹුලු ගල් විහාරය සින්හරාජ රක්ෂිතය ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරෙය් පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගා‍ෙවි බුදුන් වහන්‍‍ෙස්ෙග් ධන්ත ධාතුව තැන්පත් කර ඇත.රාජය ‍ෙද්ශපාලන වැදගත් සංෙක්තයක් වන ධන්ත ධතූන් වහන්‍ෙස්ෙග් හිමිකරැ ර‍ෙටහි පාලකයා බව සැලැකැන මතයක් පුරාණ කාල‍ෙය් සිටම පවති.මහනුවර ලන්කාෙවි අගනුවර ලැස 1592 සිට 1815 දක්ව පැවති අතර දළදා මාලිගව නිසා එක්සත් ජාතින්ගැ ෙලා්ක උරැමයක් ලැස නම් කරනු ලැබීය.අස්ගිරි මල්වතු නිකා‍ෙය් හිමිවරැ විසින් මාලිග‍ෙවි ආගමික වතාවත් දිනකට තුන්වරක් උදැසන දහවල් සහ සවස පවත්වනු ලබයි.වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වී‍ෙමි අවස්ථාව අස්ගිරි මල්වතු ‍ෙදපාර්ෂවය අතර හුවමරැ ‍ෙවි.බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමන් දන්ත ධාතුන් වහන්‍ෙස් ෙදාවනය කර වි‍ෙශ්ෂ ආගමික වතාවක් සිදු කරනු ලබයි. ‍ෙමහිදි සුගන්ධවත් මලින් හා ජල‍ෙයන් ‍ෙදාවනය කිරිම සිදු ‍ෙකරන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර ‍ෙබදා ‍ෙදන්‍‍ෙන් එහි ඇතයි සැලකැන ෙරා්ග සුව කිරී‍ෙමී ගුණය නිසාය.ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සමිපුර්ණ ‍ෙයන් ප්‍රතිසංස්කරණය කර ඇත. සීගිරිය සීගිරිය ෙලාව අට වන පුදුමය ෙලස හදුන්වයි. ‍ෙමය කාෂයප රජු විසින් හතරවන සියව‍ෙස් දී ඉදිකරන ලද බල‍ෙකාටුවක් ‍ෙලස හදුන්වයි.සිගිරි ගල මුදු‍ෙනහි මළිගාවක නටබුන්ද, ගල මධය‍ෙය් සින්හ ෙදාරටිවක් ද බිතූසිතුවම් සහ කැටපත් පව්ර පිහිටා අත.‍ ‍ෙමහි ඇති ‍ෙවනත් වැදගත් අංග ‍ෙලස බිතු සිතුවම්,පර්වතය පහලින් පිහිටා එති මාලිගා සන්කීර්ණය,දිය අගල්,පව්රැ, සහ පර්වත‍ෙය් සිට මිටර සිය ගනනක් දුරට විහි‍ෙදන උද්යාන දැක්විය හැකිය.රජ මාළිගවක් ‍ෙමන්ම බල‍ෙකාටුවක්ද වන ‍ෙමය නිර්මාණ කරැව‍න්‍‍‍ෙග් විස්මයජනක හැකියාව නිරෑපනය කරයි.පර්වතය මුදු‍ෙනහි පිහිටි ඉහල මාළිගාව ආශ්‍රිතව අදටත් පවතින ෙපාකුණු දැකගත හැකිය.පහල මාළිගාව වටා ඇති දිය අගල් මනරම් දර්ශණයක් මවා පායි. අනුරාධපුරය අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක් ව පැවති අතර අදටත් ශ්‍රී ලන්කිය ශිෂ්ඨාචර‍ෙය් සුරැකිව පවතින නටබුන් සදහා ෙලා්ක ප්‍රසිද්දධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය අසියා‍ෙව් පැවති විශ්‍ෂ්ටතම එකකි.දැනට එක්සත් ජාතින් ‍ෙලා්ක උරැමයක් වන මැය වර්තමාන අගනුවර වන ‍ෙකාළඹ සිට කිමි 205 උතුරින් උතුරැ මැද පළාත මල්වතු ඔය ඉව්ර මුල් කර‍ෙගන පිහිටා ති‍ෙබී.බු.ව.4 වන සියව‍ෙස් අරම්භ වු අනුරාධපුර රාජධානිය 11 වන සියවස දක්වාම දකුනු ආසිය‍ෙව්‍ ස්ථවරතම ‍‍ෙද්ශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ෙලස වැජබුණි.‍ ‍‍ෙබෟද්ධ ‍ෙලා්කයට පූජනිය නගරයක් වු වර්ග කි.මි 40 පුරා විහිදුනු ‍‍ෙබෟද්ධ ආරම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ෙලා්ක‍ෙය් පුරවිද්යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ෙලස ප්‍රසිද්ධියක් උසුලයි. ගාල්ල ගාල්ල ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍ෙවරළ තීර‍ෙය් ‍ෙකාළඹ සිට කි.මි119 දුරින් පිහිටි නගරයකි.පෘතුගීසීන් පැමිණීමට ‍ෙපර 16 වන සියව‍ෙසදී ධීවර වරායක් ලැස පැවති ‍ෙමය එවකට ගිම්මතිත්ත ‍ෙලස හදුන්වා ඇත.(ඉබන්බතුතා ක්වලි (Qali) ‍ෙලස හදුන්ව ති‍ෙබී)18 වන සියව‍ෙස් බ්‍රිතාන්ය පාලකයින් ‍ෙකාළඹ ප්‍රධාන වරාය ‍ෙලස සැලකීමට ‍ෙපර ගාල්ල එහි දියුණු‍ෙවී උපරිමයට එලබ තිබිණ.2004/12/26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය. පොළොන්නරුව ‍ෙචා්ල ආක්‍රමනිකයින් පරදවා පලමුවන විජයබා රජු විසින් ආරම්භ කල ‍පොළොන්නරුව ලංකා‍ෙවී ‍ෙදවන පැරණිතම නගරයී.එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරැ මහා පරාක්‍රමබාහු රජුය.ෙෙකටි ෙචා්ල පාලන සමයේදි ‍ෙමම නගරය ජනනාතමන්ගලම් ‍ෙලසද හදුන්වා ති‍ෙබි.එ‍ෙහත් ඉන්පසු පත් වූ පාලකයින්‍ග‍න් නිස්සන්කමල්ල රජු හැරැනු විට පත් වූ අ‍ෙනක් පාලකයින් එතරම් සාර්තක ‍ෙනාවූහ.එම රජවරැ ඇති කරගත් දකුනු ඉන්දියානු විවාහ සම්බන්දතා පසු කාලීනව ඇති වූ දකුනු ඉන්දියානු ආක්රමන වලටද රාජධානිය දඹ‍ෙදනියට ස◌ක්රමනය වීමටද හේතු විය.අද වන විට ‍ෙපාෙලාන්නරැ රාජධානි‍යේ පවතින පුරාවිද්යාත්මක ස්ථාන මුල් කාලින රජුන්ගේ සෞභාහග්යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍ෙමම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර තිබේ. රන්ගිරි දඹුලු ගල් විහරය දඹුලු ‍ෙලන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ඇති ස්ථානයකි. ‍ෙකාළඹින් කි.මි.148 නැ‍ෙගනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති ‍ෙමය ඉතා ‍ෙහාදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි.තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ‍ෙලන් සංඛයාවක් පවතින අතර ‍ෙලන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත. බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස ‍ෙමම විහාරය ෙලා්ක ප්රසිද්දියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රතිම 3 සහ දැව ප්රතිම 4 ක් වර්ග මි.2100 ප්‍ර‍ෙද්ශයක පිහිටිව ති‍ෙබී.බිතු සිතුවම් මගින් බුදුන්‍ෙග් මාර පරාජය සහ පලමු ධර්ම ‍ෙද්ශනාව නිරෑපනය කර ඇත. සින්හරාජ රක්ෂිතය ශ්‍රී ලංකා‌වේ ව‍ෙනාද්යක් වන සින්හරාජ වනය යුනැස්ෙකා්ව මගින් ‍ෛජව ෙගා්ලීය රක්ෂිතයක් හා ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ති‍ෙබී.ෙනාඉදුල් වැසි වනාන්තරයක් වන ‍ෙමය ලගා වීමට ඇති අපහසු බව නිසාම දැව කර්මන්ත‍ෙය් ග්රහන‍ෙයන් මිදී ඇත. ‍ෙමය 1889 දී ෙලා්ක උරැමයක්ද 1978දී ෙලා්ක උරැමයක්ද ලැසද නම් කර තිබැ. ‍ෙමහි න‍ෙමහි අරැත සිංහයාගැ රාජධානිය යන්නඉ.නැගැනහිර.බටහිර දිශා ඔස්‍ෙස් කි.මි.21 ද උතුරැ.නැගැනහිර දිශා ඔස්සැ කි.මි.7 පමනක් වුවද ඉතා සරැ ‍ෛජව විවිධත්වයකට සහ ආ‍ෙවීනික වි‍ෙශ්ෂ (ක්රැමීන්,ශාක,උරගයන් පක්ෂීන් සහ ක්ෂීර‍ෙපායීන්) රැසකට ‍ෙසවණ සපයයි.ශාක ගහනය නිස යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයකදී ‍ෙමන් වන සතුන් දැක ගැනීම අපහසුය.අලින් දැක ගත ෙනාහැකි වුවද දිවියන් වර්ග 15 ආසන්න සන්කයවක් කළාතුරකින් දැකගත හැකිය බාහිර පුරුක් List of UNESCO World Heritage Sites — Official website
4064
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7
බෙන්තොට
බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශිකයන් අතර ජනප්‍රිය සංචාරක නගරයකි. පුරාණයේ පැවතගෙන එන ආකාරයට බෙන්තොට යන නාමය ලැබී ඇත්තේ බෙම් නම් යක්ෂයෙකු බෙන්තර ගගට අරක්‍ ගෙන සිටි නිසා බවට පැවසේ. තොට යන්න ගං ඉවුර යන අර්ථය ගෙන දෙයි. බෙන්තර නගරය තුල ලෝක ප්‍රසිද්ධ සංචාරක හෝටල් කීපයක්ම පිහිටා ඇති අතර එය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුල නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. මෙහි ජනගහනය ආසන්න වශයෙන් 25000-50000 ත් අතර ‍වේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙම නගරයටද බරපතල හානි සිදුවිය. සැළලිහිණි සංන්දේශයෙහිදී සැළලිහිණියාට තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ගතකිරීමට නියම කොට ඇත. බෙන්තොට වට කොට පුරාණ රජමහා විහාර පහක් ඇත. ගලපාත රජමහා විහාරය බෝධිමළුව රජමහා විහාරය වනවාසය රජමහා විහාරය උඩකොටුව ‌‌බෝධිසමීප රජමහා විහාරය ගනේ පුරාණ රජමහා විහාරය පුරාණ භාෂිතය වූ භීමතීර්ථය පසුව බෙම්තොට වී අනතුරුව බෙන්තොට වී ඇත. සමහරු බෙන්තර යැයි ව්‍යවහාර කරති. නිදසුනක් වශයෙන් පැරැණි ඡන්ද කොට්ඨාශය බෙන්තර-ඇල්පිටිය විය. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
4077
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%20%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
හදිසි අනතුරු
හදිසි අනතුරක් යනු විශේෂ, හදුනාගත නොහැකි, බලාපොරොත්තු නොවු අසාමාන්‍ය, අපේක්ෂා නොකල බාහිර ක්‍රියාවකි. එය හටගන්නේ සාමාන්‍ය නොවු වේලාවක හා ස්ථානයකදීය. එය පෙනෙන්නට තිබෙන හේතුවක් නිසා හට නොගත්තත් සැලකිය යුතු ප්‍රතිථලයක් දෙයි. එයින් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් එය ඝෘන නඩුතර හේතුවක් ප්‍රතිඵලය ලෙස දෙනමුත් වළක්වා ගත හැකි අනතුර හදුනා ගත හැකි බවයි. කෙටිව විස්තර කරන්නේ නම් අනතුරක් යනු බලාපොරොත්තු නොවු හේතුවක් නිසා ඇතිවන සිද්ධියකි. පොදු අනතුරු ඇතිවන අවස්ථා ලෙස ස්වයං ගිනි, හදිසි අනතුරු හැදින්විය හැක. එවැනි අනතුරු පිළිබද අධ්‍යනයකින් අනාගතයේ ඇතිවන අනතුරු වලක්වාගත හැකිය. මෙය අනතුරක මුල්සිද්ධි අධ්‍යනයම ලෙසද හැදින්වේ. නමුත් අසාමාන්‍ය හා සම්පුර්ණ අහඹු අනතුරුවල මුල්සිද්ධියක් හදුනාගත නොහැකිය. භෞතික අනතුරු සදහා උදාහරණ ලෙස අපේක්ෂා නොකල ගැටීම් (ඝට්ටන) හා වැටීම් හැදින්විය හැක. තවද වැරදි ලෙස තියුනු, රත්වු, විදුලි හෝ වස සහිත දෙයකට අත තැබීමෙන්ද අනතුරුවේ. භෞතික නොවන උිහරන, රහසක් අපේක්ෂා නොකල ලෙස හෙලිවීම, යමක් වැරදි ලෙස කියවීම හෝ යමක් අමතක වීම දැක්විය හැක.
4086
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F
බුද්ධ ප්‍රතිමා
සාරානාත් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ කුමන අමුද්‍රව්‍ය්කින්ද ආරම්භය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැවති බවට සාධක දක්නට නොමැති වූවත් වන්දනාමාන කිරීම සඳහා බෝධීන් වහන්සේත් චෛත්‍යයත් තිබුණි. සක්විත බුදු පසේ බුදු මහරහත් ආදී උතුමන් සඳහා ද දාගැබ් කර වැඳුම් පිඳුම් කිරීම සුදුසු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ ද සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා නෙලීම අපහසු කාර්යයක් බවත් එසේ පිළිම නෙලීම උන්වහන්සේට කරනු ලබන අගෞරවයක් බවත් එකල නිර්මාණ ශිල්පීහු විශ්වාස කළහ. නමුත් බුද්ධ ප්‍රතිමාව ගැන සඳහනක් ගන්ධාර දේශයෙන් වාර්තා වෙයි. ඒ කණිෂ්ක රජ දවසය. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස එතුමා විසින් නිකුත් කරන ලද කාසියක එම බුදුරුව දක්නට ලැබෙයි. එහි වම් පස ඕඋච්ච්ර්‍ණ යන වචනය සඳහන් හෙයින් එය බුදුන් වහන්සේගේ ම රූපය යැයි අපට විශ්වාස කළ හැකිය. කුෂාණ වංශයට අයත් කණිෂ්ක රජතුමා මහායාන බුදුදහමට අනුග්‍රහය දැක්වූ අයෙකි. ඒ අනුව මහායානිකයෝ බුදුරුව නිර්මාණය කිරීමේ ආරම්භකයෝ වූහ. එහෙත් ඊට සියවස් ගණනකට පෙර ලංකාවේ රජකළ දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි දාගැබ වැඳ වැඩ සිටින ඉරියව්වෙන් බුදුරුවක් සත් රුවනින් කළ බව මහාවංසයේ සඳහන් වෙයි. නමුත් මෙහි සත්‍යතාව පරීක්‍ෂාකර බැලීමට ක්‍රමයක් නැත. මහායානය පිළිගත් වළගම්බා රජ දවස අභයගිරි වාසීන් බුදුරජාණන් වහන්සේ මිනිස් රුවින් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නට ඇතැයි ද කල්පනා කිරීමට පුළුවන. ඒ අනුව කණිෂ්ක රජ සමයට පෙර ලාංකිකයන් බුද්ධ ප්‍රතිමා නෙළීමට පුරුදුව සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි ය. අනුරපුර යුගයට අයත් ශෛලමය හා ලෝහමය බුද්ධ ප්‍රතිමා රාශියක් හමු වී ඇති නමුත් ඒවායේ කාල නිර්ණය කිරීමට ද සාක්‍ෂි නැත. ලංකාවේ මූර්ති ශිල්පීහු කළුගල්, මැටි, බදාම, ලෝහ කිරිගරුඬ ඇත් දත් සහ දැව යන මාධ්‍යයන් ගෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළහ. බුද්ධ ප්‍රතිමා ඇතුළත් පිළිම තැනීම පිළිබඳ උපදෙස් ‘සාරි පුත්‍රය’ නමැති ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ හැම බුද්ධ ප්‍රතිමාවකම දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණය වන්නේ යම් කිසි මුද්‍රාවත් නිරූපණය කර තිබීමයි. මුද්‍රා ධ්‍යාන, අභය, භූමිස්පර්ශ ඊට උදාහරණය. 1.හිටි පිළිම – මහ ඉලුප්පල්ලම, අවුකන, වේරගල, මාලිගාවෙල. 2. වැඩ හිඳි පිළිම – මහ මෙවුනාව, ගල් විහාරය 3. ඔත් පිළිම – තන්තිරිමලේ ගල් විහාරය මේ ආදී වශයෙන් ද බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්ග කීපයකට අනුව නෙළා ඇත. හිටි පිළිම මහඉලුප්පල්ලම - බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඉරියව්වෙන් නෙළා ඇති ප්‍රතිමා හිටි පිළිම නමින් හැඳින්වෙයි. දැනට ලක්දිව හමු වී ඇති පැරැණිම හිටි ප්‍රතිමාව වශයෙන් සැලකෙන්නේ මහ ඉලුප්පල්ලමෙන් ලැබී තිබෙන ප්‍රතිමාවයි. මෙය අනුරාධපුර යුගයට අයත් ය. අමරාවතී සම්ප්‍රදායට අයත් එම බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දියාවේ කිරිගරුඬ විශේෂයකින් නෙළන ලද්දකි. මේ නිසා එය ඉන්දියාවෙන් මෙරටට ගෙනෙන ලද්දකැයි විශ්වාස කෙරේ. දකුණු අත්ල ඉදිරියට පෙනෙන සේ නෙළා ඇති එම බුද්ධ ප්‍රතිමාවේ අභය මුද්‍රාව නිරූපණය වෙයි.එම ප්‍රතිමාවේ වැලමිටෙන් ඉහළට එසවුන අග්‍ර බාහුවෙන් පාදයේ ඇස්වටය දක්වා පහළට එල්ලෙන සිවුරු පොට දරා සිටී. වම් අතේ ඇඟිලි තුඩුවලින් සිවුර ස්පර්ශ කරන බවක් දක්වා ඇත. සිවුර ඒකාංශව පොරවා ඇත. සිවුරේ රැළි පැහැදිලිව පෙන්වයි. ඊට සමාන ප්‍රතිමා රුවන්වැලි දාගැබ් මළුවේ පිළිමගෙයින් හමුවී තිබේ. ඒවාද ඉන්දියාවේ ආනන්දා ප්‍රදේශයෙන් මෙහි ගෙනෙන ලද ඒවායයි සැලකේ. මාලිගාවෙල පිළිමය බුත්තල මාලිගාවෙල විහාර මන්දිරයක කඩා වැටී බිඳී ගොස් ඇත. එම ප්‍රතිමාවද හිටි පිළිමයකි. පිළිමය අඩි 31 ක් පමණ උසය. උරහිස් අඩි දහයක් පමණ පළලය. මුහුණ සාමාන්‍යයෙන් හතරැස් හැඩයක් ගනී. එම ප්‍රතිමාවද මහායානිකයන්ගේ නිර්මාණයක් ලෙස පිළි ගැනේ. බාහිර ආධාරකයක් නොමැතිව නෙළා ඇති මෙය අනාබද්ධ පිළිමයකට උදාහරණයකි. අග්ගබෝධි කුමාරයා විසින් ක්‍රි.ව. 600 දී පමණ කාණගාමයේ කරවන ලද ප්‍රතිමාව මෙය යැයි විශ්වාස කරයි. සඳ එළියට දිලිසෙන චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිර්මිතය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් මෙය පෙර පැවති ආකාරයට සකස් කරන ලදී. බුදුරුවගල පිළිමය වැල්ලවායේ බුදුරුවගල පර්වත මූණතේ අඩක් මතුවන සේ නෙළා ඇත. අඩි 50 ක් පමණ උසය. සිවුරේ රැළි හුණු බදාමයෙන් කර තිබේ. මුහුණ අනෙක් පිළිමවලට වෙනස් ය. පිළිමය දෙපස අවලෝකිතේශ්වර සහ චඤ්ජු ශ්‍රී යන මහායාන බෝසත් රූප ද නෙළා ඇත. අවුකන හිටි පිළිමය මෙය කලාවැව සමීපයේ ඇති හුදකලා පර්වතයක නෙළා ඇත. ක්‍රි.ව 456 – 413 කාලයේ දී ධාතුසේන රජතුමා විසින් කාලසෙල (කලාගල) නමැති ස්ථානයේ කරවන ලද පිළිමය මෙයයි. පාද පීඨයක් සමඟ මෙහි උස අඩි 42 කි. අමරාවතී සම්ප්‍රදායට අයත්ය. බුදුරජාණන් වහන්සේගේ දශ බලධාරී ගුණය මෙයින් නිරූපණය වෙයි. මුහුණෙහි කිසිඳු හැඟීමක් පළ නොවෙයි. ඉන් ප්‍රඥා ගුණ මහිමය මතු වී පෙනෙයි. දෙසවන් ලම්බාකාරය. හිස මත දැක්වෙන සිරස් පත පසු කාලයේ දී එකතු කරන ලද්දකි. සිරස් පත යම්තමින් මතුවන සේ දක්වා ඇත. හිසෙහි කෙස් ගැටි දකුණට කැරකුණු ආකාරයෙන් පෙන්වයි. දකුණු අත වැලමිට ළඟින් නැවී උරහිස් මට්ටමට එසවී ඇත. සුළැඟිලි පැත්ත ඉදිරියට පෙනෙන සේ අත්ල දිගහැර ඇඟිලි ඉහළට යොමු වී තිබේ. අභය මුද්‍රාව හෝ ආශිර්වාද මුද්‍රාව දැක්වෙන බව කියැවේ. වම් අතද වැලමිට ළඟින් නැමී උරහිස් මට්ටම තෙක් එසවී තිබේ. එහි පිටි අත්ල ඉදිරිපසට යොමු වී ඇත. එය උරහිස පැත්තට යොමුය. අත්ල හා ඇඟිලි අඩක් නැමී ඇත. මින් කර්කටක මුද්‍රාව නිරූපණය වෙයි. උරමඩල විවෘත වන සේ වම් අතද වැසී යන ආකාරයට සිවුර පොරවා ඇත. සිවුර වමතින් දරා ඇත. එය රැළි සහිතය. රැළි සමාන්තරය. අඳන වාටිය දක්වා සිවුර විහිදේ. සිවුරේ රැළි වම් උරහිස සමීපයේ දී සිහින්ව ඇත. දෙපතුල් උසය. පද්මාසනයක් මත දෙපතුල් පිහිටුවා තිබීමද අලංකාරය. ගල්විහාරයේ හිටි පිළිමය උතතරා රාමයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ හිස දෙසින් නෙළා ඇති මෙම ප්‍රතිමාව අඩි 22 ක් පමණ උසය. ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙය කරවන ලදී. මෙය අනුරාධපුර යුගයේ හිටි පිළිමවලට වඩා වෙනස් ය. මෙම ප්‍රතිමාවෙන් පාරදුක්ඛ දුක්ඛිත භාවය අනුන්ගේ දුකෙහි දී කරුණාව දැක්වීම පෙන්නුම් කරන බව පරණවිතාන ශූරීන්ගේ මතයයි. පපුවේ බැඳගත් දෑතින් යුතුව සිටින මෙම පිළීමය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ දී ශෝකයට පත් අනද හිමියන් ගේ යැයි සමහරු පිළිගනිති. ශෛලමය පද්මාසනයක් මත වැඩ හිඳින මෙම ප්‍රතිමාවේ වකුටු හිසකේ නිරූපණය කර ඇත. කන් එල්ලෙන සුළු ය. මේ නිසා මෙය වෙනත් මුද්‍රාවක බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගැනේ. මෙහි මුහුණ පළල් ය. නළල පටු ය. නැහැය දිගය. සිවුර ඒකාංශව පොරවා ඇත. සිවුරේ රැළි සමාන්තරය. රැළි රේඛා දෙකකින් බරය. වම් පාදයේ දණහිස මදක් ඉදිරියට නැවී ඇත. මීට සමාන සාමාන්‍ය ප්‍රතිමා දෙකක් තිස්සමහාරාමයේ යටාල විහාරයෙත්, දඹුලු විහාරයේත් තිබේ. ලෝහමය පිළිම අනුරාධපුරයේ වෙහෙර ගල විහාරස්ථානයෙන් රන් ආලේප කරන ලද අඟල් 26 ක් උස හිටිපිළිමයක් හමු වී තිබේ. ඒහා සමාන අඟල් 19 ක් උස හිටි පිළිමයක් කුරුණෑගලින් ද සොයා ගෙන තිබේ. මේවා මීට පෙර දක්නට ලැබුණ හිටි පිළිම හා සමානය. අංග ලක්‍ෂණ සිවුරු ලක්‍ෂණ සමානය. දකුණු අත්ල තරමක් ඉදිරියට දක්වා ඇත. එය මදක් හකුළුවා ගෙන තිබේ. අභය මුද්‍රාව හෝ වරද මුද්‍රාව නිරූපණය වෙයි. මෙම කුඩා ලෝහමය පිළිබඳ අලංකාරය. වැඩ හිඳී පිළිම අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව I එම බුද්ධ ප්‍රතිමාව දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාමයේ කරවන ලද පිළිමය යැයි සැලකේ. එය ක්‍රි.ව. 263 – 273 කාලයේ දී දෙටුතිස් රජතුමා විසින් නුවර වැව අසල ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයට ගෙන එන ලදී. එයින් පසු කි.ව.274 – 301 කාලයේ දී මහසෙන් රජතුමා විසින් අභය ගිරි විහාරයට ගෙන එන ලදී. මේ මහා වංශයේ දක්වන ලද කරුණු ය.සමාධි බුද්ධ ප්‍රතිමාවේ සිවුර සිරුරට ඇලී ඇත දකුණු උරහිස විවෘතය. සිවුර ඒකාංශව පොරවා සිටී. සිවුරේ සීමාව පපුව හරහා ඇදී සියුම් රේඛා තුනකින් දක්වා තිබේ. දෙපා නමාගෙන වම් පස මත දකුණු පය තබාගෙන සිටී. වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන ඉතා ලිහිල් ඉරියව්වෙන් සමාධි සුවයෙන් වැඩ හිඳිනා ආකාරයෙන් මේ ප්‍රතිමාව නෙළා තිබේ. වැඩහිඳිනා ඉරියව්ව විරාසනයයි. දෙ අතේ පිහිටීම සමාධි මුද්‍රාවයි. සමාධි පිළිමයේ කෙහෙ ගැට අලංකාරය ලඹ සවන් නළල, දෙබැම, නෙත් දෙතොල්, දෙ අත්, දෙපා යන අඟපසඟ එක් අරමුණක් කරා යොමුව ඇත. මේ සමාධි සුවයයි. මහමෙවුනාවේ සමාධි පිළිමය මථුරා පිළිම සම්ප්‍රදායට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. තොලුවිල පිළිමය මෙම බුද්ධ ප්‍රතිමාව අනුරාධපුරයේ අභයගිරි පෙදෙසේ තොලුවිල ප්‍රතිමා මන්දිරයක තිබී සොයා ගෙන ඇත. එය අඩි 5 අඟල් 9 ක් උසය.එය දැනට කොළඹ කෞතුකාගාරයට පිවිසෙන ස්ථානයේ දී දක්නට පුළුවන. සමාධි පිළිමයේ වීරාසනය ද සමාධි මුද්‍රාවද මෙහි දක්වා තිබේ. සිවුර ද සමාධි පිළිමයේ මෙනි. මනා පිරිපුන් සිරුර බුදුරජාණන් වහන්සේගේ දසබලධාරී ගුණය පිළිඹිබු කරයි. මුහුණ රවුම් ය. ඉන් කරුණාව සහ ප්‍රඥාව විදහා දැක්වෙයි. අඩවන් දෙනෙතින් නුදුර බලා සිටින ආකාරයෙන් නෙළා ඇති මෙම පිළිමයෙන් බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව මැනවින් පැහැදිලිව පෙනෙයි. ගල් විහාරයේ වැඩහිඳිනා පිළිම මෙහි වැඩහිඳිනා පිළිම දෙකකි. එයින් විශාල පිළිමය අඩි 15 කි. කුඩා පිළිමය විජ්ජාධර ගුහාවේ ඇත. මෙම පිළිම දෙකෙහිම ධ්‍යාන මුද්‍රාව සහ වීරාසනය පිළිබිඹු වෙයි. පැතලි මුහුණ පටු නළල, දික් නැහැය ගල් විහාරයේ තිබෙන හිටි පිළිම හා සමානය. සමාන්තර රේඛා දෙකකින් සිවුරු රැළි දක්වා ඇත. පිළිම වැඩ හිඳිනා ආසන කැටයම් වලින් අලංකාර ය. ලොකු පිළිමයේ හිස වටා කැටයම් කළ රැස් වළලල්කි. ඊට ඉහළින් කුඩා විමාන පහකි. ඒවායේ කුඩා බුද්ධ රූප පහ බැඟින් වෙයි. මෙම බුද්ධ රූප මහායානයේ ධ්‍යානි පස් බුදුවරුන් යැයි සැලකේ. විජ්ජාධාර ගුහාවේ වැඩහිඳි පිළිමය භාව ප්‍රකාශන ශක්තියෙන් යුක්තය. එය ගලින් නෙළන ලද ඡත්‍රයක් යට ඇත. සිංහ රූප දෙකකි. දොරටුපාල රූප දෙකකි. දොරටුපාල රූප ආභරණවලින් සරසා ඇත. පොළොන්නරුවේ වටදාගෙයි බුදු පිළිම හතරකි. ඒවායේ හිසකෙස් හිසට ඇලී ඇත. ඒවා හිස් පළඳනා ආකාරයෙන් දක්වා තිබේ. අනුරාපුර මුල් යුගයේ පිළිමවල මෙන් මේවායේ සිවුරු ඇඟට ඇලී ඇත. රැළි සහිතය. ඔත් පිළිම බබුදුරජාණන් වහන්සේගේ උස බුදුරජාණන් වහන්සේ සැතපෙන ඉරියව්වෙන් නිමවා ඇති පිළිම ඔත්පිළිම වහන්සේ ය. අනුරාධපුර යුගයේ අග භාගයට අයත් සැතපෙන පිළිම දෙකකි. ඒ ඇලහැර සැතපෙන පිළිමය හා තන්තිරිමලේ සැතපෙන පිළිමයයි. මේවා ද ගලින් නෙළා ඇති විශාල පිළිමය. ගල් විහාරයේ ඔත් පිළිමය. ක්‍රි.ව. 1153 – 1186 පොළොන්නරුවේ රජකළ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලදී. මෙය විශාල ඔත් පිළිමයයි. උක්තරාරාමයේ ඇති මෙම පිළිමය අඩි 46 කි. පිළිමයේ මුහුණින්, අලෞකික ස්වභාවය සහ මහා කරුණාව පිළිබිඹු වෙයි. පිළිමයේ නළල පටු ය. සිවුරේ රැළි සමාන්තර රේඛා දෙකකින් දක්වා ඇත. සිරස රැඳි කොට්ටය මොළොක් ය. පහළට එබී තිබෙන ආකාරයෙන් ඒ බව පැහැදිලි ය. කැලණි විහාරය, මහනුවර යුගයේ ලෙන් විහාර දඹුල්ලේ දෙවිරජ විහාරය සහ දෙගල්දොරුව විහාරයේත් ඔත් පිළිම දක්නට ඇත ඉතිහාසය ප්‍රතිමා බෞද්ධ කලාව හා සංස්කෘතිය පිළිම බුදු දහම
4088
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
උත්පත්තිය
මෙලොව සිටින සෑම අම්මා තාත්තා කෙනකුගේම එකම පැතුම වන්නේ තමන්ට ලැබෙන දරුවා නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත කෙනකු වනු දැකීමය. දරුවකු නොලැබුණු මවුපිය දෙපළගේ ඒකායන අපේක්ෂාව තම ලෙයින් මසින් දරුවකු ඉපදෙනු දැකීමයි. දරුවකු ලැබුණු අය ඔහු උස් මහත් කොට සමාජයේ ඉහළ ස්ථානයකට ගෙන ඒමට ඉතා වෙහෙස මහන්සි වී ක්‍රියා කරන අතර, දරුවකු නොලැබුණු අයට යහපත් දරුවකු ලබා ගැනීම සඳහා විවිධ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති ආදිය සිදු කරනු ලැබේ. බුදු දහමට අනුව මවු කුසයක කළලයක් සකස්වීම සඳහා කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. ඒ බව බුදුන් වහන්සේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ දී ද, තවත් සුත්‍ර කිහිපයක දී ද දේශනා කර ඇත. ඒ බව “තිණ්ණං ඛො පන භික්ඛවේ සන්නිපාතා ගබ්භස්ස චක්කතන්ති හෝති . . . යථෝ ච වො භික්ඛවේ මාතා පිතරෝ සන්ති පනීතා හොන්ති. මාතා ච උතුනි හෝති ගන්ධබ්බො ච පච්චු පට්ටිතො හොති. එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සා චක්ඛන්ති හොති” ආදී වශයෙන්, “මහණෙනි, කරුණු තුනක් එක්වීමෙන් ගැබ් ගැනීම සිදු කැරෙයි. . . යම් අවස්ථාවක දෙමවුපියෝ සම්බන්ධ වෙත්ද, නැතහොත් කායික වශයෙන් එක්වෙත්ද, මව ද ඔසප් වුවද නැතහොත් ගර්භාෂය පිරිසුදු වී ඇත්ද ගන්ධබ්භයකු එළැඹියේ වේද, මේ කාරණා තුන එක්වීමෙන් ගැබ් ගැනීම සිදු වෙයි” යනුවෙන් දේශනා කර තිබේ. මෙහි දැක්වූ පළමු කාරණය නම්, “මාතා පිතරො සන්නි පනීතා හොන්ති” වශයෙන් අම්මාගේ සහ තාත්තාගේ කායික වශයෙන් එක්වීමයි. නැතහොත් ජන්මානු සංයෝගයක් විය යුතුයි. ගන්ධබ්බයකු පැමිණීම යන්නෙන් කුමක් අදහස් කෙරෙයි ද? මුලින්ම සකස් වූ කළලය විකාශනය වීමට නම් නැතහොත් වර්ධනයවීමට නම්, හෙවත් දරුවකු බවට පත්වන්නට නම් එයට කිසියම් මානසික ශක්ති ධාරාවක් ඇතුළුවීම අත්‍යවශ්‍ය වේ. එම මානසික ශක්තිය තවත් කෙනකුට ඉපදවිය හැකි එකක් නොවේ. මෙම විශ්වයේ සෑම ස්ථානයකම තැනින් තැනම විවිධ ශක්තීන්ට අයත් ජීවීහු සිටිති. එම ජීවිහු විවිධ මානසික මට්ට්ම්වලට ද අයත් වෙති. මෙම ජීවීන් කාලයෙන් කාලයට මිය යන අතර යළි උපදිනු ඇත. බොහෝ විට එම ජීවීන් මෙම අභ්‍යවකාශයේ තාවකාලික උත්පත්ති ලබා ගෙන සිටින අතර ඔවුහු ඉතා සියුම් ශරීර දරන අය වෙති. සියුම් ජීවිත නිසා තමන්ට කැමති මව් කුසක පිළිසිඳ ගැනීමට ඔවුනට හැකියාව ඇත. මනුෂ්‍ය ආත්මයක් ලැබීමට අවශ්‍ය තරම් පුණ්‍ය කර්ම කර ඇත්නම් එම කර්ම ශක්තියට අනුව පිළිසිඳ ගැනීම සිදුවෙයි. එහි දී එම කුසල බලයට අනුව තමන්ට ගැලපෙන මවු කුසයක් තෝරා ගැනීමේ අයිතිය ද ඔවුන් සතු ය. විශේෂයෙන් ම මෙහිදී සැළකිය යුතු දෙයක් නම් සංසාරික වශයෙන් එම ජීවියා හා දෙමවුපියන් අතර සම්බන්ධයක් පැවතීම ද අවශ්‍ය බවයි. එමෙන්ම එම මව්පියන්ගේ යහපතට මෙන්ම අයහපතට උපදින අයත් සිටින බව ද සැලකිය යුතු ය. මෙලෙස පිළිසිඳ ගන්නා ජීවියාගේ කුසල ශක්තිය එම මවුපියන්ගේ ශක්තීන් හා ගැලපීම ද අවශ්‍ය කැරේ. එලෙසම මවුපියන්ගේ කුසල ශක්තීන් දරුවාගේ කුසල ශක්තීන් සමග ද ගැලපීමක් සිදු විය යුතුයි. එය ඔරොත්තුදීමක් ද අවශ්‍ය කැරේ. එසේ නොවුවහොත් කළලය විනාශවීම හෙවත් ගබ්සාවීම සිදු වෙයි. මෙහි දී සැලකිය යුතු තවත් කරුණක් නම් කලාතුරකින් මෙන් පුණ්‍ය ශක්තිය හීන වූ මවුපියන් හට කුසල තත්ත්වයෙන් හා වාසනාවන්ත බවින් යුත් දරුවන් උපදින අතර, පුණ්‍ය ශක්තිය වැඩි මව්පියන් හට කුසල තත්ත්වයෙන් හා වාසනා ශක්තියෙන් අඩු දරුවන් ඉපදිය හැකි බවයි. මීට උදාහරණ රැසක් බුද්ධ ශාසනය තුළින්ම ගෙනහැර දැක්විය හැකිය. සෝපාක චරිතය මීට හොඳ උදාහරණයකි. කුසලයෙන් පිරුණු මවුපියන්ට අවාසනාවන්ත දරුවන් ඉපදිය හැකි බවට උදාහරයක් ලෙස දේවදත්ත, අජාසත් වැනි අය දැක්විය හැකිය. අපට ඇතැම් විට අසන්න ලැබෙන කාරණයක් නම් යමකුට දරුවන් නොලැබෙන බවයි. එහෙත් ඒ අය ‘සරු’ බවින් යුක්ත නම් අභ්‍යවකාශයේ සිටින ගන්ධබ්බයන්ට ආරාධනා කොට දරුවකු ලබා ගත හැකියි. යමකු මෙබඳු ආරාධනාවක් කළ විට මවගේ කුස පිළිසිඳ ගැනීමට සුදුසු පරිදි පිරිසුදු බවින් යුතු නම් (අවශ්‍ය පරිදි මවගේ ඔසප්වීම සිදුවී ඇත්නම්) මවුපිය දෙදෙනා කායික වශයෙන් එක්වීමක් සිදුවී කළලයක් පිහිටා ඇත්නම්, ඒ කලලයට ගැලපෙන ගන්ධබ්බයකු පැමිණීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. පුණ්‍යවන්ත ගන්ධබ්බයන් සැරිසරන විශේෂ ස්ථාන තිබෙන බව ද දත යුතු ය. විශේෂයෙන් ම වැඩිපුරම මෙබඳු ගන්ධබ්බයන් රැස්වන ස්ථාන වශයෙන් ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගය ප්‍රධාන වේ. ඊට අමතරව අප රටේ පෞරාණික බෞද්ධ අගයන්ගෙන් පිරුණු වෙනත් සිද්ධස්ථාන ඇසුරු කරමින් ද එබඳු පුණ්‍යවන්ත ගන්ධබ්බයන් රැස්වන බව සැළකේ. මෙවැනි ප්‍රසන්න වටිනා පුණ්‍යභූමිවලට ගොස් මෙම ගන්ධබ්බ කායිකයින්ට පිරිසිදු චේතනාවෙන් ආරාධනය කළහොත් බොහෝ විට එම මවු කුªසයට ඒමට ඔවුහු කැමැති වෙති. තවද සංසාරික කර්ම විපාක අනුව වෙනත් ණයකාරයන් පැමිණීමේ අවකාශ ද නැත්තේ නොවේ. අප ඉහත සඳහන් කළ පරිදි පුණ්‍යවන්ත මවුපියන්ට පාපතර දරුවන් උපදින අවස්ථා ඇත. ඇතැම් විට මන්ද බුද්ධික, ආබාධිත දරුවන් ඔවුන්ට දාව ඉපදිය හැකිය. ඒ ඔවුන් සංසාරික වශයෙන් ණයකාරයන් නිසා වන්නට ද බැරි නැත. අපේ සමාජයේ දරුවන් නැති අය විවිධ බෝධි පූජා ආදිය පවත්වමින් දෙවියන්ට භාරහාර වෙමින් සෙත්කවි ආදිය ඔප්පු කරමින් දරුවන් ලබා දෙන ලෙස අයැද සිටින අවස්ථා බොහෝ ය. මෙහි දී කිව හැක්කේ එවැනි පුද සත්කාර බෝධි පූජා ආදියෙන් තම බලාපොරොත්තු බොහෝ දුරට ඉෂ්ට සිද්ධ වන බවයි. එහෙත් සත්ව හිංසාවේ යෙදෙමින්, මත්පැන් පානය කරමින්, අදත්තාදානයේ හැසිරෙමින්, දස අකුසල්හි යෙදෙමින් මවුපිය දෙදෙනා වැරදි ලෙස ජීවිතය ගෙන යමින් මෙම බෝධි පූජා ආදිය සිදු කොට දරු ඵල අපේක්ෂා කරන්නේ නම්, එය කවරදාකවත් ඉටු නොවනු ඇත. මෙම ක්‍රියාවලිය බෞද්ධ ඉතිහාසය තුළින් ද සනාථ කළ හැකියි. මහාවංශයේ 22 පරිච්ඡේදයේ 24 සිට 50 ගාථාවල ද, සත්ථප්පකා සිනියේ 338 සිට 341 පිටුවල සඳහන් වන කතා තුළින් ද එය දැක්විය හැකිය. කාවන්තිස්ස රජ දවස කෝටපබ්බත හෙවත් කොටගල නම් විහාරයේ ‘නා නා පුඤ්ඤකරො’ නම් වූ ඉතා පින්වත් සාමණේරයන් වහන්සේ නමක් වැඩ විසූහ. උන්වහන්සේට එම නම ලැබී ඇත්තේ විවිධ පින්කම් කරන යන අරුතිනි. මෙම වකවානුවේ ආකාශ චෛත්‍යයේ අංගනයට නැගීමට පියගැට පෙළක් සාදමින් තිබූ අතර, මුන්වහන්සේ ද ඊට දායක වෙමින් ගල් පඩි තුනක් සකස් කොට, පූජා කොට ඇත. මෙම ගල් පඩි මෙම ස්ථානය වෙත ඔසවා ගෙන ඒම නිසා බරපතල උදරාබාධයක් උන්වහන්සේට වැළඳිණි. කෘතගුණ දන්නා සෙසු භික්ෂූන් වහන්සේ නා නා පුඤ්ඤකරෝ සාමණේරයන් වහන්සේ තිස්සමහාරාමයේ කාමරයක හොවා ප්‍රතිකාර කොට ඇත. මේ අතර කාවන්තිස්ස මහ රජුගේ බිසව - තරුණ විහාර මහා දේවි කුමරිය, මහා සංඝයා වහන්සේ විෂයයේ දන්පැන් පිළිගන්වා, “ස්වාමීනි, මට මේ රට ජාතිය සහ බුදු සසුන ආරක්ෂා කිරීම සඳහා පින්වත් වීර කුමාරයකු බිහි කිරීමට ආශාවක් තිබේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනව“ යි පවසා සිටියාය. මෙහි දී උන්වහන්සේ ප්‍රකාශ තර ඇත්තේ තිස්සමහාරාම පිරිවෙනේ ඉතාම පින්වත් උත්සාහවන්ත සාමණේරයන් වහන්සේ නමක් රෝගාතුරව ඔත්පලව සිටින බවත්, උන්වහන්සේ ගේ රෝගය සුවපත් කළ නොහැකි බවත්, අපවත් වන්නට කලින් උන්වහන්සේ වෙත ගොස් දේවියගේ කුස පිළිසිඳ ගන්නා ලෙස ආරාධනා කරන ලෙසත් උපදෙස් දී ඇත. බිසව එම උපදෙස් පරිදි එසේ කර ඇති අතර, රෝගී නා නා පුඤ්ඥකරෝ සාමණේර නම එම ඉල්ලීම කිහිප විටක් ම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අවසානයේ දේවියගේ බැගෑපත්වීම මත සහ රට, ජාතිය ආරක්ෂා කර ගැනීමේ යුග මෙහෙවර සඳහා අවසානයේ දේවියගේ ඉල්ලීම පිළිගෙන ඇත. බිසව ද මහත් සන්තෝෂයට පත්ව උන්වහන්සේට වැඳ නමස්කාර කර මාලිගය වෙත ගොස් ඇත. මේ අතර නා නා පුඤ්ඤකරෝ සාමණේර හිමියන් අපවත් වී ඇති අතර, විහාර මහා දේවිය මාලිගය කරා ගමන් කරමින් සිටියදීම එම ගන්ධබ්බයා ඇගේ කුස පිළිසිඳ ගෙන ඇත. මෙම ඓතිහාසික කතාව දුටුගැමුණු රජුගේ උත්පත්තිය බව අමුතුවෙන් කිව යුතු නැත. මෙහි දී අපට පෙනී යන්නේ වර්ෂයක් දෙකක් ගන්ධබ්බ අවස්ථාවේ නොසිට මියගිය සැණින් කුස පිළිසිඳ ගත් බවකි. මේ අනුව පින්වත් කෙනකු පින්වත් ගන්ධබ්බයකුට තම කුසට එන්නැ’යි ආරාධනා කළ විට එය එසේම සිදුවන බව අපට පෙනී යයි. ගන්ධබ්බ යනුවෙන් අදහස් කැරෙන්නේ උපතක් බලාපොරොත්තුව සිටින තාවකාලික තත්ත්වයකි. එය එක අතකින් අන්තරා භවයක් යැයි කීවොත් එහි වරදක් නැත. නමුත් අද අන්තරා භවය යන්න අර්ථ නිරූපණය කරන්නේ වැරැදි අයුරින් බව පෙනී යයි. මෙයට තාවකාලික භවය යැයි කීවද වරදක් නොවේ. ස්ථිර වශයෙන් යම් තැනකට යන තුරු තාවකාලික වශයෙන් සිටීමකි. මෙම තාවකාලික භවය හරියට අහසේ පාවෙන වළාකුලක් වැනිය. ඔහුට අවශ්‍ය නම් කලින් භවයේ ස්වරූපය මවා ගැනීමට ද හැකිය. ඒ අය ජීවත් වන්නේ සහ පවතින්නේ ප්‍රීතිය භුක්ති විඳීමෙනි. ආහාරය ඔවුනට මනෝමය දෙයකි. සතුට හා ප්‍රීතිය ආහාර කොට ගනිති. සුවඳ වැනි ඉතා සියුම් දෑ ආහාර කොට ගන්නා අය ද වෙති. ඒ ඒ අය ස්වකීය කර්ම ශක්තීන්ට අනුව විවිධ විය හැකියි. ලෝක විෂය වාගේම සත්ව විෂය ද අචින්ත්‍යයි. ඒවා ගැන කල්පනා කර සිත සිතා තීරණ ගත නොහැකියි. බුදුරජාණන් වහන්සේ කෙනකුට පමණක් එය වටහා ගත හැකි වෙයි. මේ සම්බන්ධව දුර දිග නොසිතන ලෙස බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කර ඇත්තේ එනිසයි. කර්ම නියාමය ඉතා සියුම් වූවකි. යහපත්ව ඉපැදුණු අහිංසක කුමරුවා බාහිර බලපෑම් නිසා අංගුලිමාල නම් දරුණු පුද්ගලයකු විය. අජාසත්ත කුමරු ද දේවදත්ත ගේ බලපෑම මත නපුරු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු විය. මෙය සිදුවන්නේ කර්මයටත්, කර්ම ඵලයටත් අනුව ය.
4089
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%8A-27
මයිකෝයාන් මිග්-27
මයිකෝයාන්-ගෘවිචි සමාගම සැලසුමි කොට නිෂ්පාදනය කරන ලද මයිකෝයාන් මිග්-27 ගුවන්යානයට ගුවනේ සිට ගොඩබ්ම ඉලක්ක වෙත ප්රමහාර එල්ලකිරිමේ හැකියාව පවති.පසු කාලිනව ඉන්දියානු සමාගමක් වන හින්දුස්ථාන් එරෝනෙටික්ස්සමාගමද සොවියට් සමුහ අණ්ඩුවේ අවසරය පිට “බහඳුර්” නමින්ද මෙම යානා ඉන්දියාවේදි ද නිශ්පාදනය කරයී. ඉන්දියාවේදි නිශ්පාදනය කරන යානය මිග්-23 යානය පදනම්කොටගෙන නිපදවා ඇති අතර එය ගුව‍්නේ සිට‍ ‍‍ගොඩබිමට ප්ර්හාර එල්ල කිරීම සදහා වි‍ශේෂයෙන් සැලසුම් ‍කර නිපදවා ති‍බේ. වර්ගය = ප්රනහාරක ගුවන් යානයක් නිශ්පාදකයා = මයිකෝයාන්-ගෘවිචි පළමු ගුවන් ගත විම = 1972 පළමු වරට හදුන්වා‍දිම = 1975 වර්ථමාන තත්වය = වර්ථමානයේ භාවිතාවේ. ප්රිධාන වශයෙන් භාවිතා වන රට = සෝවියට් ගුවන් හමුදාව පදනම්කොටගත් යානාව = මිග්-23 හැදින්වීම මුලික වශයෙන් මිග්-27යානය සඳහා මිග්-23 යානයේම බාහිර සැකැස්ම යොදාගෙන ඇති අතර එය සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්රනහාරක පද්ධතිය නවිනතම සංවේදන යොදාතනා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරනයක් යොදා තිබිමද විශේෂත්වයකී. ප්ර්ධාන වශයෙන් මිග්-27 යානා ඉතා පහලින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නා නිසා, මිග්-23 යානයේ තිබු එන්ඡිම තුලට පිටතින් ඇදගනු ලබන වාතය, විචලනය කිරිමට යොදා ගෙන තිබු උපාංග සහ උණුසුම් වාතය පිට කරන නොසලය ඉවත් කර යානය සැහැල්ලුව හා නඩතුව පහසුවන ලෙස නිර්මාණය කර තිබේ. විශාල,සවිමත්රෝද පද්ධතිය නිසා රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාව ලැබි ඇත. ගුවන් මෙහෙයුම් ඉන්දියාව කාර්ගිල් යුධ සමයේ පකිස්ථානුවන් විසින් එල්ල කරන ලද “සෑම්” මිසයිලයක් මගින් ඉන්දියාවට අයත් මිග්-27 යානක් ප්රනහාරයට ලක්ව ඇත. ශ්‍රී ලංකා‍ව 2000 වසරේ සිට ශ්‍රී ලංකා‍වේ ගුවන් හමුදාවේ සේවයට යොදා ගෙන ඇත. “චාවකච්චේරියේ” පිහිටා තිබු “එල්.ටී.ටී.ඊ.”ඉලක්ක වෙත ගුවන් යානා තුනක් යොදා ගෙන ප්රලහාර එල්ල කිරිම ශ්රීප ලංකාවේ ගුවන් හමුදාව සංග්රංමික වශයෙන් මිග් යානා යොදාගත් ප්රවථම අවස්ථාවවේ. එතැන් පටන් අද දක්වා යුධමය වශයෙන් වැදගත් ස්ථාන බෝම්බ හෙලා විනාශ කිරිමට හා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දිමට ශ්රීප ලංකාවේ ගුවන් හමුදාව මිග්-27 යානා යොදා ගනි. ශ්රී‍ ලංකාවේ ගුවන් හමුදාවට අයත් මිග්යානා වලට කිසිදු සතුරු ප්රාහාරයක් එල්ලවි නැති අතර යානා දෙකක් යන්ත්රිාක දෝෂ හේතුවෙන් කඩා වැටි ඇති අතර එක් යානයක් 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවු ත්රදස්තවාදි ප්රනහාරය හේතු වෙන් විනාශයට පත් වි ඇත. මිග් යානා සතු අභියෝග කල නොහැකි ප්රලහාරක ශක්තිය ඉන් මානාව පිළිබිඹු වේ. භාවිතා කරන රටවල් ඇෆ්ගනිස්ථානය - 1971 සිට 1993 අතර කාලයේ ඇෆ්ගනිස්ථානු ගුවන් හමුදාව විසින් මිග් යානා 30 කට ආසන්න සංඛ්යා වක් භාවිතා කර තිබේ. නමුත් වර්ථමානයේ භාවිතා වන මිග් යානා සංඛ්යාරව පිලිඹද ව වාර්ථා නොවේ. ඉහත සදහන් කාල පරිච්ඡේදය තුලදී සෝවියට් දේශයේ නිපදවන ලද මිග් 23 හා මිග් 27 යානා විශාල වශයෙන් භාවිතා කර තිබේ. ඉන්දියාව - ඉන්දියානු ගුවන් හමුදාව ශ්‍රී ලංකා‍ව - ශ්‍රී ලංකා‍ ගුවන් හමුදාව කසකස්ථානය - කසකස්ථානු ගුවන් හමුදාව රුසියාව - රුසියානු ගුවන් හමුදාව සිරියාව - සිරියානු ගුවන් හමුදාව සාමාන්යු ගුණාංග කාර්ය මණ්ඩලය - 1 දිග -17.1 මි (56 අඩි) ගුවන් තටුවක දිග - 13.8 මි. (45අඩි 3 අගල්) පසු අතට විහිදුන තටුවක දිග - 24 අඩි 3 අගල් උස - 5 මි. බර
4098
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%20%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ද්විතියික ලිංගික ලක්ෂණ
ගැහැණු ළමයි උසින් හා බරින් වැඩිවීම පියයුරු වැඩීම කලවා මහත්වීම උකුල පළල්වීම වැඩිපුර දහඩිය දැමීම ලිංගේන්ද්රිිය වැඩීම කුරුලෑ ඇතිවීම කිහිලිවල හා ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම යෝනි ස්‍රාව ඇතිවීම ඔසප්වීම ආරම්භවීම පිරිමි ළමයි උසින් සහ බරින් වැඩිවීම මස්පිඩු වැඩීම උරහිස් පළල්වීම ස්වරාලය ඉදිරියට නෙරීම වැඩිපුර දහඩිය දැමීම ලිංගේන්ද්රිිය (වෘෂණ හා ශිෂ්ණය) ප්‍රමාණයෙන් විශාල වීම. කුරුලෑ ඇතිවීම කිහිලිවල ,පපුවේ හා ලිංගේන්ද්රීලය අවට රෝම ඇතිවීම රැවුල ඒම. කටහඬ ගොරෝසු වීම. ශුක්‍ර මෝචනය ආරම්භ වීම.
4106
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA
කැලණිය
'''කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත. කැලණිය විශ්ව විද්‍යාලය කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත. ඉතිහාසය කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය කැලණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ. තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත. සංචාරක ආකර්ෂණ කැලණිය රජමහා විහාරය - කැලණි විහාරය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත. කැලණිය දුරුතු මහා පෙරහැර - සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
4127
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%A7%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%20%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
රට අනුව පාලක දේශපාලන පක්ෂ ලැයිස්තුව
මෙය එක් එක් රටවල දේශපාලන පක්ෂ ලැයිස්තුවට සබැඳියාවක් සහිතව වගුවක ආකාරයට පිලියෙළ කර ඇති හා කවර පක්ෂ ක්‍රමයක් එක් එක් රටෙහි ප්‍රමුඛ ලෙස පවතීද යන්නද දක්වන රට අනුව දේශපාලන පක්ෂයන්හි දළ විශ්ලේෂණයකි . දේශපාලන පක්ෂයක් යනු සාමාන්‍යයෙන් මැතිවරණවලට මුහුණ දී බලයට පත්වීමේ අභිලාෂය සහිතව කිසියම් මූලධර්මයකට දායක වෙමින් හෝ විශේෂ කරුණු නාරණා මත පදනම් වී හෝ පිහිටුවා ඇති දේශපාලන සංවිධානයකි . එක් එක් රට යටතේ විවිධ පක්ෂ පිළිබඳ විස්තර වෙන් වශයෙන් ලබා ගත හැකි වන පරිදි ලැයිස්තු ගත කර ඇත. අ |- ! | style="text-align:left"|අබ්ගාසියාව || • || || || || එක්සත් අබ්ගාසියාව, අම්ට්සාකාරා, අයිටයිරා || 2007 පාර්ලිමේන්තු මැතිවරණය |- ! | style="text-align:left"| අසර්බයිජාන් || || || • || || නව අසර්බයිජාන් පක්ෂය || 2010 පාර්ලිමේන්තු මැතිවරණය |} ආ |- ! | style="text-align:left"|ආලන්ඩ් දිවයින්|| • || || || || ආලන්ඩ් වෙනුවෙන් ලිබරල්වරුන්, ආලන්ඩ් මධ්‍ය පක්ෂය || 2007 ව්‍යවස්ථාදායක මැතිවරණය |- ! | style="text-align:left"| ආර්ජන්ටිනාව || • || || || || ජයග්‍රහණය සඳහා පෙරමුණ (FPV) - සාධාරණත්ව පක්ෂය (PJ) ||2009 ව්‍යවස්ථාදායක මැතිවරණය 2011 මහා මැතිවරණය |- ! | style="text-align:left"| ආර්මේනියාව || • || || || || ආර්මේනියානු ජනරජ පක්ෂය || 2007 පාර්ලිමේන්තු මැතිවරණය |} ඇ |- ! | style="text-align:left"|ඇෆ්ගනිස්තානය || • || || || || (නොමැත) || 2009 ජනාධිපතිවරණය2010 පාර්ලිමේන්තු මැතිවරණය |- ! | style="text-align:left"|ඇල්බේනියාව || • || || || || ඇල්බේනියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එකමුතුව සඳහා සමාජවාදී ව්‍යාපාරය, ඇල්බේනියාවේ රිපබ්ලිකන් පක්ෂය || 2009 පාර්ලිමේන්තු මැතිවරණය |- ! | style="text-align:left"|ඇල්ජීරියාව || • || || || || ජාතික විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ජනහමුව|| 2007 ව්‍යවස්ථාදායක මැතිවරණය2009 ජනාධිපතිවරණය |- ! | style="text-align:left"|ඇමරිකානු සැමෝවා ||colspan=5| (සැබෑ දේශපාලන පක්ෂ නොමැත) || 2006 ව්‍යවස්ථාදායක මැතිවරණය |} ඈ |} ඉන්දියාව |} ඊ |} උ |} ඌ |} ඍ |} ඍ |} එ |} ඒ |} ඓ |} ඔ |- ! | style="text-align:left"| ඔස්ට්‍රියාව || • || || || || |} ඕ |- ! | style="text-align:left"| ඕස්ට්‍රේලියාව || • || || || || |} ඖ |} ක |} A |- ! | style="text-align:left"|ඇමරිකානු සැමෝවා || || || || || • |- ! | style="text-align:left"|ඇන්ඩෝරා || • || || || || |- ! | style="text-align:left"|ඇන්ගෝලාව || || || • || || |- ! | style="text-align:left"|Anguilla || || • || || || |- ! | style="text-align:left"|Antigua and Barbuda || || • || || || |- ! | style="text-align:left"|Aruba || • || || || || |} B |- ! | style="text-align:left"|Bahrain || • || || || || |- ! | style="text-align:left"|Bangladesh || • || || || || |- ! | style="text-align:left"|Barbados || || • || || || |- ! | style="text-align:left"|Belarus || • || || || || |- ! | style="text-align:left"|Belgium || • || || || || |- ! | style="text-align:left"|Belize || || • || || || |- ! | style="text-align:left"|Benin || • || || || || |- ! | style="text-align:left"|Bermuda || || • || || || |- ! | style="text-align:left"|Bhutan || || || || || • |- ! | style="text-align:left"|Bolivia || • || || || || |- ! | style="text-align:left"|Bosnia and Herzegovina || • || || || || |- ! | style="text-align:left"|Botswana || || || • || || |- ! | style="text-align:left"|Brazil || • || || || || |- ! | style="text-align:left"|British Virgin Islands || || • || || || |- ! | style="text-align:left"|Brunei || || || || || • |- ! | style="text-align:left"|Bulgaria || • || || || || |- ! | style="text-align:left"|Burkina Faso || || || • || || |- ! | style="text-align:left"|Burma || || || || || • |- ! | style="text-align:left"|Burundi || • || || || || |} C |- ! | style="text-align:left"|Cambodia || || || • || || |- ! | style="text-align:left"|Cameroon || || || • || || |- ! | style="text-align:left"|Canada || • || || || || |- ! | style="text-align:left"|Cape Verde || || • || || || |- ! | style="text-align:left"|Cayman Islands || || • || || || |- ! | style="text-align:left"|Central African Republic || • || || || || |- ! | style="text-align:left"|Chad || || || • || || |- ! | style="text-align:left"|Chile || • || || || || |- ! | style="text-align:left"|China || || || || • || |- ! | style="text-align:left"|Colombia || • || || || || |- ! | style="text-align:left"|Comoros || • || || || || |- ! | style="text-align:left"|Congo (Brazzaville) || || || • || || |- ! | style="text-align:left"|Congo (Kinshasa) || • || || || || |- ! | style="text-align:left"|Cook Islands || || • || || || |- ! | style="text-align:left"|Costa Rica || • || || || || |- ! | style="text-align:left"|Côte d'Ivoire || || || • || || |- ! | style="text-align:left"|Croatia || • || || || || |- ! | style="text-align:left"|Cuba|| || || || • || |- ! | style="text-align:left"|Cyprus || • || || || || |- ! | style="text-align:left"|Czech Republic || • || || || || |} D |- ! | style="text-align:left"|Denmark || • || || || || |- ! | style="text-align:left"|Djibouti || || || • || || |- ! | style="text-align:left"|Dominica || || • || || || |- ! | style="text-align:left"|Dominican Republic || • || || || || |} E |- ! | style="text-align:left"|East Timor || || || • || || |- ! | style="text-align:left"|Ecuador || • || || || || |- ! | style="text-align:left"|Egypt || || || • || || |- ! | style="text-align:left"|El Salvador || • || || || || |- ! | style="text-align:left"|Equatorial Guinea || || || • || || |- ! | style="text-align:left"|Eritrea || || || || • || |- ! | style="text-align:left"|Estonia || • || || || || |- ! | style="text-align:left"|Ethiopia || || || • || || |- ! | style="text-align:left"|European Union || • || || || || |} F |- ! | style="text-align:left"|Falkland Islands || || || || || • |- ! | style="text-align:left"|Faroe Islands || • || || || || |- ! | style="text-align:left"|Fiji || • || || || || |- ! | style="text-align:left"|Finland || • || || || || |- ! | style="text-align:left"|France|| • || || || || |- ! | style="text-align:left"|French Polynesia || || || • || || |} G |- ! | style="text-align:left"|Gabon || || || • || || |- ! | style="text-align:left"|Gambia || || || • || || |- ! | style="text-align:left"|Georgia || || || • || || |- ! | style="text-align:left"|Germany || • || || || || |- ! | style="text-align:left"|Ghana || || • || || || |- ! | style="text-align:left"|Gibraltar || • || || || || |- ! | style="text-align:left"|Greece || • || || || || |- ! | style="text-align:left"|Greenland || • || || || || |- ! | style="text-align:left"|Grenada || || • || || || |- ! | style="text-align:left"|Guam || || • || || || |- ! | style="text-align:left"|Guatemala || • || || || || |- ! | style="text-align:left"|Guernsey || || || || || • |- ! | style="text-align:left"|Guinea || || || • || || |- ! | style="text-align:left"|Guinea-Bissau || • || || || || |- ! | style="text-align:left"|Guyana || || • || || || |} H |- ! | style="text-align:left"|Haiti || • || || || || |- ! | style="text-align:left"|Honduras || || • || || || |- ! | style="text-align:left"|Hong Kong || • || || || || |- ! | style="text-align:left"|Hungary || • || || || || |} I |- ! | style="text-align:left"|Iceland || • || || || || |- ! | style="text-align:left"|India || • || || || || |- ! | style="text-align:left"|Indonesia || • || || || || |- ! | style="text-align:left"|Iran || • || || || || |- ! | style="text-align:left"|Iraq || • || || || || |- ! | style="text-align:left"|Ireland || • || || || || |- ! | style="text-align:left"|Israel || • || || || || |- ! | style="text-align:left"|Italy || • || || || || |} J |- ! | style="text-align:left"|Jamaica || • || || || || |- ! | style="text-align:left"|Japan || • || || || || |- ! | style="text-align:left"|Jersey || • || || || || |- ! | style="text-align:left"|Jordan || • || || || || |} K |- ! | style="text-align:left"|Kazakhstan || || || • || || |- ! | style="text-align:left"|Kenya || • || || || || |- ! | style="text-align:left"|Kiribati || || • || || || |- ! | style="text-align:left"|Kosovo || • || || || || |- ! | style="text-align:left"|Kuwait || || || || || • |- ! | style="text-align:left"|Kyrgyzstan || • || || || || |} L |- ! | style="text-align:left"|Laos || || || || • || |- ! | style="text-align:left"|Latvia || • || || || || |- ! | style="text-align:left"|Lebanon || • || || || || |- ! | style="text-align:left"|Lesotho || || || • || || |- ! | style="text-align:left"|Liberia ||• || || || || |- ! | style="text-align:left"|Libya || || || || || • |- ! | style="text-align:left"|Liechtenstein || || • || || || |- ! | style="text-align:left"|Lithuania || • || || || || |- ! | style="text-align:left"|Luxembourg || • || || || || |} M |- ! | style="text-align:left"|Macau || • || || || || |- ! | style="text-align:left"|Macedonia || • || || || || |- ! | style="text-align:left"|Madagascar || • || || || || |- ! | style="text-align:left"|Malawi || • || || || || |- ! | style="text-align:left"|Malaysia || || || • || || |- ! | style="text-align:left"|Maldives|| || || || || • |- ! | style="text-align:left"|Mali || • || || || || |- ! | style="text-align:left"|Malta || || • || || || |- ! | style="text-align:left"|Man || || || || || • |- ! | style="text-align:left"|Marshall Islands || || • || || || |- ! | style="text-align:left"|Mauritania || • || || || || |- ! | style="text-align:left"|Mauritius || • || || || || |- ! | style="text-align:left"|Mayotte || • || || || || |- ! | style="text-align:left"|Mexico || • || || || || |- ! | style="text-align:left"|Micronesia || || || || || • |- ! | style="text-align:left"|Moldova || • || || || || |- ! | style="text-align:left"|Monaco || || || • || || |- ! | style="text-align:left"|Mongolia || || • || || || |- ! | style="text-align:left"|Montenegro || • || || || || |- ! | style="text-align:left"|Montserrat || || • || || || |- ! | style="text-align:left"|Morocco || • || || || || |- ! | style="text-align:left"|Mozambique || || • || || || |} N |- ! | style="text-align:left"|Nagorno Karabakh || • || || || || |- ! | style="text-align:left"|Namibia || || • || || || |- ! | style="text-align:left"|Nauru || || • || || || |- ! | style="text-align:left"|Nepal || • || || || || |- ! | style="text-align:left"|Netherlands || • || || || || |- ! | style="text-align:left"|Netherlands Antilles || • || || || || |- ! | style="text-align:left"|New Caledonia || • || || || || |- ! | style="text-align:left"|New Zealand || • || || || || |- ! | style="text-align:left"|Nicaragua || || • || || || |- ! | style="text-align:left"|Niger || • || || || || |- ! | style="text-align:left"|Nigeria || • || || || || |- ! | style="text-align:left"|Niue || || • || || || |- ! | style="text-align:left"|Norfolk Island || || || || ||• |- ! | style="text-align:left"|North Korea || || || || • || |- ! | style="text-align:left"|Northern Marianas || || • || || || |- ! | style="text-align:left"|Norway || • || || || || |} O |- ! | style="text-align:left"|Oman || || || || || • |} P |- ! | style="text-align:left"|Pakistan || • || || || || |- ! | style="text-align:left"|Palau || || || || || • |- ! | style="text-align:left"|Palestinian National Authority || • || || || || |- ! | style="text-align:left"|Panama || • || || || || |- ! | style="text-align:left"|Papua New Guinea || • || || || || |- ! | style="text-align:left"|Paraguay || || || • || || |- ! | style="text-align:left"|Peru || • || || || || |- ! | style="text-align:left"|Philippines || • || || || || |- ! | style="text-align:left"|Pitcairn Islands || || || || || • |- ! | style="text-align:left"|Poland || • || || || || |- ! | style="text-align:left"|Portugal || • || || || || |- ! | style="text-align:left"|Puerto Rico || • || || || || |} Q |- ! | style="text-align:left"|Qatar || || || || || • |} R |- ! | style="text-align:left"|Romania || • || || || || |- ! | style="text-align:left"|Russia || || || • || || |- ! | style="text-align:left"|Rwanda || || || • || || |} S |- ! | style="text-align:left"|Saint Helena || || || || || • |- ! | style="text-align:left"|Saint Kitts and Nevis || || • || || || |- ! | style="text-align:left"|Saint Lucia || || • || || || |- ! | style="text-align:left"|Saint Pierre and Miquelon || • || || || || |- ! | style="text-align:left"|Saint Vincent and the Grenadines || || • || || || |- ! | style="text-align:left"|Samoa || || • || || || |- ! | style="text-align:left"|San Marino || • || || || || |- ! | style="text-align:left"|São Tomé and Príncipe || • || || || || |- ! | style="text-align:left"|Saudi Arabia || || || || || • |- ! | style="text-align:left"|Senegal || • || || || || |- ! | style="text-align:left"|Serbia || • || || || || |- ! | style="text-align:left"|Seychelles || || • || || || |- ! | style="text-align:left"|Sierra Leone || • || || || || |- ! | style="text-align:left"|Singapore || || || • || || |- ! | style="text-align:left"|Slovakia || • || || || || |- ! | style="text-align:left"|Slovenia || • || || || || |- ! | style="text-align:left"|Solomon Islands || • || || || || |- ! | style="text-align:left"|Somalia || || || || || • |- ! | style="text-align:left"|Somaliland || • || || || || |- ! | style="text-align:left"|South Africa || || || • || || |- ! | style="text-align:left"|South Korea || • || || || || |- ! | style="text-align:left"|Spain || • || || || || |- ! | style="text-align:left"|ශ්‍රී ලංකාව || || • || || || |- ! | style="text-align:left"|Sudan || || || • || || |- ! | style="text-align:left"|Suriname || • || || || || |- ! | style="text-align:left"|Swaziland || || || || || • |- ! | style="text-align:left"|Sweden || • || || || || |- ! | style="text-align:left"|Switzerland || • || || || || |- ! | style="text-align:left"|Syria || || || • || || |} T |- ! | style="text-align:left"|Taiwan (Republic of China) || • || || || || |- ! | style="text-align:left"|Tajikistan || || || • || || |- ! | style="text-align:left"|Tanzania || || || • || || |- ! | style="text-align:left"|Thailand || || || • || || |- ! | style="text-align:left"|Togo || || || • || || |- ! | style="text-align:left"|Tokelau || || || || || • |- ! | style="text-align:left"|Tonga || • || || || || |- ! | style="text-align:left"|Transnistria || • || || || || |- ! | style="text-align:left"|Trinidad and Tobago || || • || || || |- ! | style="text-align:left"|Tunisia || || || • || || |- ! | style="text-align:left"|Turkey || • || || || || |- ! | style="text-align:left"|Turkmenistan || || || || • || |- ! | style="text-align:left"|Turks and Caicos || || • || || || |- ! | style="text-align:left"|Tuvalu || || || || || • |} U |- ! | style="text-align:left"|Uganda || || || • || || |- ! | style="text-align:left"|Ukraine || • || || || || |- ! | style="text-align:left"|United Arab Emirates || || || || || • |- ! | style="text-align:left"|United Kingdom || • || || || || |- ! | style="text-align:left"|United States || || • || || || |- ! | style="text-align:left"|Uruguay || • || || || || |- ! | style="text-align:left"|Uzbekistan || • || || || || |} V |- ! | style="text-align:left"|Vanuatu || • || || || || |- ! | style="text-align:left"|Vatican City || || || || || • || |- ! | style="text-align:left"|Venezuela || • || || || || |- ! | style="text-align:left"|Vietnam || || || || • || |- ! | style="text-align:left"|Virgin Islands of the United States || || • || || || |} W |- ! | style="text-align:left"|Wallis and Futuna || • || || || || |- ! | style="text-align:left"|Western Sahara || || || || • || |} Y |- ! | style="text-align:left"|Yemen || || || • || || |} Z |- ! | style="text-align:left"|Zambia || || || • || || |- ! | style="text-align:left"|Zimbabwe || || || • || || |} References See also: List by regions and sub-regions See also List of basic political science topics List of democracy and elections-related topics List of frivolous parties List of election results List of national leaders External links Political resources on the net Leftist Parties of the World - Detailed resource for left-leaning parties (large and small) in each country See also List of basic political science topics List of democracy and elections-related topics List of frivolous parties List of organizations List of election results List of national leaders External links Political resources on the net Leftist Parties of the World - Detailed resource for left-leaning parties (large and small) in each country Elections ලැයිස්තු
4135
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%20%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි . ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ. පක්ෂ පාර්ලිමේන්තු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා මහජන පක්ෂය මුස්ලිම් ජාතික එක්සත් පෙරමුණ මහජන එක්සත් පෙරමුණ දේශවිමුක්ති ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලංකා සම සමාජ පක්ෂය එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජාතික පක්ෂය බස්නාහිර ජනතා පෙරමුණ ලංකා කම්කරු කොන්ග්‍රසය ජාතික හෙළ උරුමය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (සුරේෂ්) දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (පූර්වයෙහි ෆෙඩරල් පක්ෂය) කඳුරට ජනතා පෙරමුණ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අනෙකුත් පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බහුජන නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ එක්සත් සමාජවාදී පක්ෂය නව වාමාංශීක පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නව සමසමාජ පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ ලිබරල් පක්ෂය විප්ලවවාදී කම්කරු පක්ෂය ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය අභාවයට ගිය පක්ෂ ලංකා සම සමාජ පක්ෂය(විප්ලවවාදී) ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙමළ ෆෙඩරල් පක්ෂය මෙයද බලන්න දේශපාලන පක්ෂ සූචිය to browse parties by name දේශපාලන පක්ෂ ලැයිස්තුව to browse parties by country මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව to browse parties by name ජාත්‍යන්තරයන් සඳහා සාමාජීකත්ව to browse parties by membership of internationals ආශ්‍රිත http://www.broadleft.org/lk.htm ශ්‍රී ලංකාව
4183
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E2%80%8D%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8
ශ්‍රී ලංකා‍වේ බුදු පිළිම
ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමා ලැබෙන්නේ ශ්‍රි ලංකාවෙනි. ලංකා බුදු පිළිමය ආන්ද්‍ර ශෛලියේ ආභාසය ලබා ප්‍රභවය වූවක් බව සාමාන්‍ය පිළිගැනීමයි.එසේ වුවද බුදු පිළිමය මුලින්ම පහල වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යැයිද එහෙයින් එය ස්වාධීන කෘතියක් යැයි සිතන්නෝද වෙති. සිංහල බුද්ධ ප්‍රතිමා ශිල්පීහු සිය නිර්මාණයන්ට දේශීයත්වය සමාරෝපණය කළහ. මුල් යුගයේ සිට දහ වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ නෙළන ලද බුදු පිළිම වලින් අධිකතර සංඛ්‍යාවක් සිංහල නිර්මාණ ශිල්පීන්ගේ යැයි වෙසෙසා හැඳින්වීමට ප්‍රමාණවත් දේශීය ලක්ෂණ වලින් පරිපෝෂිතය. මුල් අවධියේ ලක්දිව බුදු පිළිම වලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි.මෙයට ප්‍රබල හේතුව එකල අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය අතිශයින් ප්‍රබලව පැවතීමය. මහා විහාර සම්ප්‍රදාය මහායානය දැඩිව ප්‍රතික්ෂේප කළේය. පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වශයෙන් සිදු වීම නිසා බුදු පිළිමය විෂයෙහිද ඒ ආභාසය දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්‍රතිමා වල විදේශීය ලක්ෂණද දක්නට ලැබේ. පිළිම වර්ග ශ්‍රී ලංකාවේ නිමැවුණු බුදු පිළිම ඒවායේ ඉරියව් අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ හැකිය. 1.හිඳි පිළිම 2.හිටි පිළිම 3.සැතපෙන පිළිම යනුවෙනි. බුදු පිළිම මුද්‍රා සෑම බුදු පිළිමයක්ම කිසියම් මුද්‍රාවකට අනුව සිදු කර ඇත.කලාතුරකින් ප්‍රතිමාවක මුද්‍රා ලක්ෂණ දෙකක් දැක ගැනීමට පුලුවන.සාම්ප්‍රදායික වශයෙන් පොදු සම්මුතියට පත් මුද්‍රා හයකි. සමාධි මුද්‍රාව වීරාසන ‍හෝ පද්මාසන ශෛලියෙන් හිඳ උඩ අතට හැර වූ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා වැඩ සිටී.උඩු කය කෙලින් තබාගෙන සිටී.කමටහනට සිත යොමු කරගෙන සිටී. මහා කරැණාවේත් මහා ප්‍ර‍ඥාවේත් උත්තරීතර අවස්ථාවයි. ධර්ම චක්‍ර මුද්‍රාව බුදු හිමියනගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කරනු ලබන මුද්‍රාවයි.දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන,එහි දබර ඇඟිල්ලෙන් හා මහපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුළට හැරැණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීම ධර්ම චක්‍ර මුද්‍රාවේ ලක්ෂණයයි. අභය මුද්‍රාව දකුණු අත උඩට නවා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිග හැර,අත්ල ඉදිරිපසට සිටින සේ විවෘතව තැබීම අභය මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණයයි.එහි සංකේතාර්ථය නිර්භයත්වය හෝ අභය දීමයි. විතර්ක මුද්‍රාව අත්ල පපු පෙදෙසට ප්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නවා,දබර ඇඟිල්ල මාපට ඇඟිල්ල උඩට කවයක් ඇති වන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණයයි.බුදු හිමි විවිධ පුද්ගලයන් සමඟ වාද විවාද පැවැත්වූ අවස්ථාව මෙයින් සංකේතවත් වේ. භූමි ස්පර්ශ මුද්‍රාව එනම් පොළොව ස්පර්ශ කිරීම යන්නය.දකුණු අත දකුණු දණ හිස උඩින් අත්ල ඇතුළතට සිටින අයුරින් සියලු ඇඟිලි දිගහැර පහතට යොමුව තිබීම මෙහි ලක්ෂණයයි.බුදු සිරිත හා බැඳුණු මාර පරාජයේදී බුදුන් වහන්සේ මිහිකත වෙත අත දිගු කොට සාක්ෂ්‍ය එළ වූ අයුරු මෙයින් ප්‍රකාශිත වේ. වරද මුද්‍රාව දකුණත පහත් කොට,ඉදිරියට දිග හැර,අත්ල ඉදිරියට හරවා ඇඟිලි දිග හැර තිබීම මෙම මුද්‍රාවේ ලක්ෂණයයි.බෙහෙවින්ම මෙම ලක්ෂණය හිටි පිළිම වල දක්නට ලැ‍බේ. මේවාද බලන්න අවුකන බුදු පිළිමය ඉතිහාසය ප්‍රතිමා සැතපෙන
4184
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු
වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවකි.මෙය උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමඟ සබැඳිය. ශ්‍රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපනය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්‍රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඇද ගැනීමට උපක්‍රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක. වෙස්මුහුණු වර්ග ශ්‍රී ලංකාවේ භාවිතා කරන වෙස් මුහුණු වර්ග හතකට පමණ බෙදිය හැකි වේ. ශාන්ති කර්ම ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක. 1.පුරා වෘත්ත හෙවත් මිත්‍යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු 2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි. මෙම සන්නි යකුමට අයත් නැටුම් ‍කොටස් ලෙස සැන්දෑ සමයම යහන් දැක්ම සොළොස් පාලිය ආදිය දැකිවිය හැක. මෙම සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට පහත දැක්වෙන පරිදි වේ. 1.භූත සන්නිය 2.අභූත සන්නිය 3.අමුක්කු සන්නිය 4.වෙඩි සන්නිය 5.වාත සන්නිය 6.කණ සන්නිය 7.පිත් සන්නිය 8.බිහිරි සන්නිය 9.ගොලු සන්නිය 10.මුර්තු සන්නිය 11.දෙමළ සන්නිය 12.නාග සන්නිය 13.කොර සන්නිය 14.ගිනිජල සන්නිය 15.ගුල්ම සන්නිය 16.සීතල සන්නිය 17.දේව සන්නිය 18.කෝල සන්නිය පහත රට නර්තන සම්ප්‍රදාය සැලකීමේ දී මේ ආකාරයෙන් පෙළපාලි ප්‍රමාණයක් දක්නට ලැබෙන ශාන්ති කර්මයක් ලෙස මෙම සන්නියකුම දැක්විය හැක.
4185
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%9B%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ජෛව විවිධත්වය
දකුණු ලක බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි. ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත මාදු ගඟ මහ සමුදුරක් මෙනි. එය ගැඹුරු ය. සොදුරු ය. පැහැදිලි මුත් රළු ය. තවද එය ශාන්ත මෙන්ම මනරම් ද වේ. මාදු ‍තෙත් බිම.jpg ආවේනික සත්ත්ව සහ ශාක වර්ග මෙන්ම දුර්ලභ කඩොලාන වර්ග අතින් මාදු ගඟ පොහොනි වී ඇත. එය පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයකි. පරිසර වේදීන්ට පර්යේෂණ භූමියකි. ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතකි. අධ්‍යාපනය හදාරන්නන්ට නිදසුන් සහිත පුස්තකයකි. එවන් වූ සුවි‍ශේෂී වැදගත් කමක් ඇති මාදු ගං කොමළිය අභිෂේක ලබන්නේ එය රැම්සා තෙත් බිමක් වූ මොහොතේ ය. එහෙත් අතීතයේ සිටම ඈ නිහඬ සුන්දරත්වයකි. ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම සංස්කරණය එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත. මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත. මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි. මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය සංස්කරණය මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර සහ සැල්වීනියා වර්ගයේ ශාක වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්, උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා, කොළවඳුරා, දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය සංස්කරණය මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ශ්‍රී ලංකාව ඉතා හොඳ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටකි.රට ප්‍රමාණයෙන් කුඩා වුව ද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැ‍‍බෙන අතර ජෛව විවිධත්වය ඉහළ වේ.ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදා සාකච්ඡා කළ හැකි ය.එනම්, 1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති. 2.රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති. 3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති. 4.කෘෂිකාර්මික පරිසර පද්ධති. ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන 'මෙන්ඩෝරා' නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන 'කුරු බෝදිලියා' හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම 'පෙති අග කටුස්සා' නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති හා ජෛව විවිධත්වය ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති කිහිපයක් ඇත. එනම්, පිටාර තැනිතලා, ගොහොරු බිම්, ඇළ දොළ හා ගංගා, ජලාශ හා පොකුණු වශයෙනි.ශ්‍රී ලංකාවේ තෙත් බිම් වලින් බොහොමයක් දේශීය මෙන්ම විදේශීය වටිනාකමකින් යුක්ත බව හඳුනාගෙන ඇති අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ එක් තෙත් බිමක් ලෙස බූන්දල රැම්සා පරිශ්‍රය හැඳින්විය හැක. මේ තෙත් බිම් ආශ්‍රිතව විශාල ජෛව විවිධත්වයක් දැකිය හැකිය.එනම්,ජලජ ශාක ( ඕලු, කෙකටියා, දිය හබරල) ආවේණික මත්ස්‍ය විශේෂ(පුල්ලි අගිරවා) සංචාරක පක්‍ෂි විශේෂ හා ආවේණික උරග වර්ග දැකිය හැකිය.ඉන් බොහොමයක් ජාතික හා ජාත්‍යන්තර තර්ජනයට ලක්වී ඇති විශේෂ වේ. වෙරලබඩ හා සාගරික පද්ධතිවල ජෛව විවිධත්වය ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගරික පද්ධති කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, කඩොලාන, ලවණ වගුරු,වැලි කඳු හා වෙරළ, මුහුදු පැළ හා තෘණ භූමි, කලපු හා මෝයවල්, කොරල්පර ආදී වශයෙනි. කොරල්පර ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර ඒවා ශාක හා සත්ත්ව ජීවීන් සඳහා වාසභූමි ලෙස වැදගත් වේ. හොඳින් වැඩුණු කොරල්පර ශ්‍රී ලංකාවේ ඇතිමුත් ඉන් බොහොමයක් වැලිගලින් හා ගලින් සෑදුණු ය.මන්නාරම බොක්කේ හා කල්පිටිය අර්ධද්වීපයේ බටහිර ගැඹුරු මුහුදේ හොඳින් වැඩුණු කොරල්පර තිබේ.දේශීය කොරල් ගණ 68 ක විශේෂ 183ක් ඇති බව වාර්තා වී ඇත. සුලභව දක්නට ලැබෙන කොරල් ගණ නම්, Acropora, E chinopora,Goniastrea වේ.පර අතරෙහි මොලස්කාවන්, මුහුදු මල් හා මුහුදු කැකිරියන් වැනි අපෘෂ්ඨ වංශික සත්ත්ව‍යින් හා කොස්සා,ඇටිස්සා ගිරා මත්ස්‍යයා වැනි කොරල් මත්ස්‍ය විශේෂ 350 කට කොරල්පර ආරක්‍ෂාව සපයයි.ගැඹුරු මුහුදේ ද කැන්ද මෝරා, සුදුවළිග මෝරා වැනි විලෝපීය මත්ස්‍යයන් ද කකුළු විශේෂ 201 ක් පමණ ද ජීවත් වේ. කලපු ආශ්‍රිත කඩොලාන විශේෂ ද දැකිය හැකිය. කෘෂිකාර්මික පරිසර පද්ධති කෘෂිකාර්මික පරිසර පද්ධතිවල ජෛව වවිවිධත්වයක් දැකිය හැකිය. කෘෂිකාර්මික බෝග වගාව මේ ආශ්‍රිතව බහුලව දැකිය හැකිය. එළවළු, පළතුරු, අල වර්ග මෙන්ම කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබුනැටි වැනි බෝග ද සත්ත්ව නිෂ්පාදන ද මේ ආශ්‍රිතව දැකිය හැකිය. මෙම කෘෂිකාර්මික පරිසර පද්ධතිය ආශ්‍රිතව විවිධත්වයෙන් යුතු කෘමි විශේෂ ද දක්නට ලැබේ . එමෙන්ම වෙනත් සතුන් විශේෂ රැසක් එයින් හඳුනා ගත හැකිය.
4186
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%20%E0%B6%AD%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%92%E0%B6%B8
මාදු තෙත් බිම
දකුණු ලක බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි. ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත මාදු ගඟ මහ සමුදුරක් මෙනි. එය ගැඹුරු ය. සොදුරු ය. පැහැදිලි මුත් රළු ය. තවද එය ශාන්ත මෙන්ම මනරම් ද වේ. ආවේනික සත්ත්ව සහ ශාක වර්ග මෙන්ම දුර්ලභ කඩොලාන වර්ග අතින් මාදු ගඟ පොහොනි වී ඇත. එය පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයකි. පරිසර වේදීන්ට පර්යේෂණ භූමියකි. ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතකි. අධ්‍යාපනය හදාරන්නන්ට නිදසුන් සහිත පුස්තකයකි. එවන් වූ සුවි‍ශේෂී වැදගත් කමක් ඇති මාදු ගං කොමළිය අභිෂේක ලබන්නේ එය රැම්සා තෙත් බිමක් වූ මොහොතේ ය. එහෙත් අතීතයේ සිටම ඈ නිහඬ සුන්දරත්වයකි. ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත. මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත. මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි. මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර සහ සැල්වීනියා වර්ගයේ ශාක වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්, උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා, කොළවඳුරා, දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය. මූලාශ්‍ර බාහිර සබැඳි www.madhuganga.com
4187
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B6%B1%E0%B7%93%E0%B6%BA%20%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%20-%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E2%80%8D
පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා‍
මේ අඩවියත් බලන්න ශ්‍රී ලංකාව අටමස්ථානය සොළොස්මස්ථානය අපට අහිමි පුදබිම් අභයගිරි විහාරය පූජණීය ස‍්ථාන - ශ්‍රී ලංකාව
4188
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA
අවුකන බුදු පිළිමය
සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක. දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් වෙනුවට වැවත් බුදු පිළිමයත් ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් වැව ‍ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. මෙම අවුකන බුදු පිළිමයත් එහි පිළිම ගෙයත් ක්‍රි.ව අටවන සියවසයට අයත්ය රූප භේදය හෙවත් ප්‍රතිමා ලක්‍ෂණ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒ.පී. අශෝක මහතා සමඟ ට්‍රින්ගෝ මෙට්‍රික් ක්‍රමයට ගන්නා ලද මිනුම් ප්‍රමාණ අනුව පද්මාසනයේ සිට සිරස්පත දක්වා අවුකන බුදු පිළිමයේ උස මිටර් 11.36කි. පද්මාසනය මත වු හිටි බුදු පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. මේ ක්‍රමයට ශරිරයේ බර දෙපා වලට සම සමව බෙදී යන සේ ශරිරය කෙලින් තබාගෙන සිටින බව සැලකිය යුතුය. ඔසවන ලද දකුණු අතේ අභය මුද්‍රාව වෙයි. වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්තය. ඇඳුම තනිපට සිවුර, අඳනය හා පටිය යන තුනකින් යුක්තයි. ඇස්වට හන්දියේ සිට අඟල් හතරක් පමණ ඉහළින් අවසන් වන ලෙස අඳනය ඇඳ ඇත. සිවුර පොරවා ඇත්තේ අඳනයේ නුවාව පෙනෙන ලෙස අඳනයේ යට සිමාවට අඟල් හතරක් පමණ උඩින්ය. පටිය නොපෙනෙයි. සිවුර ඒකාංශපාරූපන ක්‍රමයට පොරවා තිබේ. මේ ක්‍රමයට සිවුර පොරවන විට දකුණු උරය විවෘතය. වම් උරය සිවුරට වැසි තිබේ. පෙරවිමේ ක්‍රමයද මෙහිදි සැලකිල්ලට ගත යුතුව ති‍බේ. සාමාන්‍යයෙන් පිටුපසින් වම් උරය මතට වැටෙන සිවුරු පොට දෙවනුවද අනුරාධපුරය අඟ භාගය පමණ දක්වා පැවති ක්‍රමයයි. මේ ක්‍රමයට සිවුර පොරවන විට වම් අතේ මැණික් කටුව දක්වා සිවුරු පොටවල් දෙක පැතිරි ඇත. ඒ නිසා වම් අත පහළ හෙළිය නොහැක. වම් අත පහළට තිබුණොත් සිවුරු පොට බිම තැවරෙයි. එය සංවරයට බාධාවකි. ඒ නිසා වම් අත ඔසවා තබා ගැනිමට සිදුවෙයි. සිවුරේ ඇත්තේ තනි රැල්ලකි. එය අනුරාධපුර යුගයේ බුදු පිළිමවල විශේෂ ලක්ෂණයකි. අවුකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්තය. පිටි පතුල් දෙක, පිටි අතුල් දෙක, උරහිස් දෙක හා කඳ පිරී තිබේ. එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සත්තුස්සද ලක්ෂණයයි‍. හිසේ දක්ෂිණාවර්ත කෙස් පිඬු වෙයි. හිසේ මුදුනේ අර්ධ ගෝලාකාර සංකේතයක් හා එය මත සිරස්පතක් වෙයි. අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදු රැස්ය. එය හැඳින්විමට අනුරාධපුර යුගයේදි භාවිත කළ වචනය රංසිපුඤ්ජ යන්නයි. රංසිපුඤ්ජ යන්න පාළි භාෂාවට අයත් වචනයකි. එහි තේරුම වන රැස්ගොඩ යන්නට සමාන සිංහල වචනයක්ද එකල තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ප්‍රතිමා ප්‍රමාණ අවුකන පිළිමය සඳහා යොදාගෙන ඇත්තේ නව තාල ක්‍රමයයි. මුහුණ මෙන් නව ගුණයක් යටි පතුල් වල සිට නලළේ මැද ඉහළ කෙස් පිඬුව දක්වා උස වෙයි. ඉතාම නිවැරදිව මෙය අවුකන පිළිම‍යේ වෙයි. ඒ අනුව පිළිමයේ සමානුපාතික සිරස් මිනුම් පහත දැක්වේ. පිළිමයේ පරිසමාප්ත උස මීටර් 11.36 කි. එය මීටර් ගණන අනුපාත ක්‍රමයට මිනුම් ක්‍රමයට පරිවර්තනය කිරිමෙන් එහි උස අඟල් 108ක් හෙවත් තාල නවයක් බව මේ සැසඳිමෙන් අනාවරණය වෙයි. මෙය නව තාල ක්‍රමයට තනන ලද පිළිමයකි. අනුරාධපුරය හා පොළොන්නරුව යන යුග දෙකේදිම බුදු පිළිම නව තාල ක්‍රමයට තනා තිබේ. අවුකන පිළිමය කවර බෞද්ධ නිකායට අයත්ද? අවුකන බුදු පිළිමයේ රූපභේද ලක්ෂණ අතර හිස මුදුනේ අර්ධගෝලාකාර රංසිපුඤ්ජය අභයගිරි හෙවත් ධම්මරුඩි නිකායට අයත් බුදු පිළිම සම්ප්‍රදායේ ලක්ෂණයකි. අභයගිරි සම්ප්‍රදායට අයත් හිටි බුදු පිළිමවල අභය මුද්‍රාවද මහාවිහාර කලා සම්ප්‍රදායට අයත් බුදු පිළමවල අභය මුද්‍රාවද වෙනස්ය. අවුකන බුදු පිළිමයේ අභය මුද්‍රාව දැක්වෙන දකුණුඅතේ ඇඟිලි කෙලින් තබාගෙන ත්බේ. අල්ල පිළිමයේ වම්පසට හරවා තිබේ. මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයකි. මේ අනුව අවුකන බුදු පිළිමය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලෙස සැලකිය හැකිය. නිර්මාණයක් වශයෙන් අවුකන පිළිමය ශ්‍රි ලංකිවේ විශාලතම හිටි පිළිම අතරින් විශිෂ්ට තැනක් හිමිකරගෙන තිබේ. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි මෙම පිළිමයෙන් බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිබු වෙයි. එහිදි පද්මාසනය විශේෂයෙන් වැදගත් වන අතර බ්‍රහ්මයා ඇතුළු දෙවිවරුන්ගේ රූප පද්මාසනය තුළ වු ගර්හපාත්‍රයෙහි තැන්පත්කර ඊට ඉහළින් බුදුරුව දැක්වීමෙන් බුදුන්වහන්සේගේ දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්මට හෙවත් දෙවි බඹුන් ඉක්මවා සිටින බව ප්‍රකාශ වෙයි. කෙලෙසුන්ගෙන් මිදුණු නිසාත් ශාරීරික දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති නිසාත් බුදුන්වහන්සේ මෙහි මහා පුරුෂයකු වශයෙන්ද පෙනි සිටී. මේවාද බලන්න ශ්‍රී ලංකා‍වේ බුදු පිළිම මූලාශ්‍රය අවුකන බුදු පිළිමය (චන්ද්‍රා වික්‍රමගේ) පිළිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
4189
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%2C%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A
බෞද්ධ පුදබිම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල බෞද්ධ පුදබිම් ගණනාවක් මේ වන විට අපට විනාශවී ඇත. කාලිංග මාඝ රාජ රාජේන්‍ද්‍ර වැනි සොලී ආක්‍රමණ හේතුවෙන් රජරට හා උතුරු නැගෙනහිර තුබූ සිද්ධස්ථාන බොහොමයක් විනාශව ගොසිණි. උතුරු පලාත පුන්කුඩතිව් දූපත වර්ථමාන පුන්කුඩතිව් දූපතේ අනුරාධපුර යුගය තුළ දහස් ගණනක් භික්ෂූන් වහන්සේ වැඩ විසූ බව මහා වංශයෙහ් සඳහන් වේග පුන්කුඩතිව් දූපත සඟමිත් තෙරණිය ගොඩබට කන්කසන්තුරේ අසල දඹකොළ පටුන විහාරය තිබූ බවට සැකකරන ස්ථානයක් ඇතත් පැරණි නටබුන් හමුවී නැත. කඳුරුගොඩ විහාරය යාපනයේ කන්ද රෝදේ යන ස්ථානයෙහි පිහිටි කඳුරුගොඩ විහාරයද අද දක්නට නැත වර්ථමාන චුන්නාකම් නගරය ඊට සැතපුම් තුනක් මෙපිටින් පිහිටා ඇත මඩුකන්ද විහාරය වව්නියාවේ මඩුකන්ද විහාරයද නැගෙනහිර පලාත ත්‍රිකුණාමළයේ හිරිගඬු සෑය සේරුවිල චෛත්‍ය විල්ගම් වෙහෙර දීඝවාපිය ත්‍රිකුණාමළය ප්‍රදේශය පුරාණ බෞද්ධ සංස්කෘතියෙහි තෝතැන්න විය මාන්තොටද එසේමය ගෝකණ්ණතිත්ථ යනු ත්‍රිමකුණාමළය වරායයි එහි වූ ගෝකණ්ණ විහාරය පිහිටි තැන අද දක්නට ඇත්තේ හින්ඳු කෝනේශ්වරම් කෝවිලයි මේ පරිදි උතුරු - නැ‍ගෙනහිර පැරණි පුඳබිම් කඩා බිඳ ඉදිකළ අන්‍ය ආගමික සිද්ධස්ථාන රාශියකි මෑතක් වන තෙක් අප වැදුම් පිඳුම් පිණිස ආගිය යාපනයේ නාග විහාරය වව්නියාවේ මඩුකන්ද විහාරය සෙම්බුමලේ විහාරය ඇටඹගස්කඩ විහාරය'ත්‍රිකුණාමළයේ විහාරය සේරැවිල මඩකලපුව හා අම්පාරේ පිහිටි බුද්ධංගල දීඝවාපිය මූදුමහා විහාරය - ලාහුගලකුඩුම්බිගල දිඹුලාගල කොට වෙහෙර තන්තිරිමලේ ආදී පුදබිම් රැසක්ද වෙයි පුදබිම් වලට අමකරව ලංකාවේ වඩාත් රමණිය වූ පරිසරයකින් හෙබි මහා ගල්ලෙන් රාශියක් උතුරු - නැගෙනහිර පිහිටා ඇත ජාතිවාදී ආගම්වාදී නොමිනුසුන් ඉපැරැණි බෞද්ධ උරුමයන් හාරා කඩා බිඳදමා ඒමත හින්දු කෝවිල් මුස්ලිම් පල්ලි පිහිටු වීම තවත් කරුණකි සිංහල බෞද්ධ බොහෝ දෙනා නිහඬව උකටලීව අකමැත්තෙන් වුවද මේවා ඉවසා සිටීම තවත් කරුණකි මෙකී තත්වනයක් යටතේ වේවා උතුරු නැගෙනහිර පුරාවස්තු හා මැතක් වනතුරු තිබූ විහාරාරාම පුදබිම් අද දක්නට නොතිබීම සංවේග ජනකය ලෝ පතල පුරාවිද්‍යාඥයෙකු වු සී ඩබ් නිකලස් මහතාගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය'' නැමති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි යාපනය වව්නියාව මුලතිව් මන්නාරම යන දිස්ත්‍රික්කද පුත්තලම හා ත්‍රිකුණාමළය යන දිස්ත්‍රික්ක දෙකෙන් වැඩි කොටසක්ද අයත්ව තිබී ඇත්තේ රජරට රාජධානියටය එකළ මේ පෙදෙස්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද සිටියහ විල්ගම් විහාරයේ දෙමළ සෙල්ලිපිය ඊට කඳිම සාධකයකි මෑතක් වනතුරු බුදුදහම අනූව හැඩගැසුන දෙමළ ජනතාව මේ රටේ විසූහ සිංහල රජ දරුවන් රජරට රාජධානිය තුළ වෙහෙර විහාර දාගැබ් රාශියක් ඉදි කර ඇත වංශකතාවල හා සෙල්ලිපිවල ඒ බව දැක්වෙයි වසර දහස් ගණනක් ඈතට දිවයන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නෂ්ඨාවශේෂ අදත් මුළු දිවයින පුරාම විසිර පවතී එහෙත් සිංහල විරෝධී - බෞද්ධ විරෝධී පිරිස් එම ඉපැරැණි සංස්කාතික උරුමයන් වනසමින් ගෙනයන ක්‍රියාවලිය නිසා දහස් ගණනක් වෙහෙර විහාර අද ‍‍මෙම භූමියෙන් අතුරු දහන් වෙමින් පවතී මේ අතර සංකාවේ විශාලතම ගල්ලෙනද වෙයි එය බදුල්ලේ -මඩකලපුව පාරේ 67 වන සැතපුම් කනුවෙන් වයඹ දිගට සැතබුම් 6ක් දුරින් පිහිටි හෙන්නානේ ගල නම් පර්වතයයි මෙහි ක්‍රි පූ දෙවන හා තෙවන සියවස්වල කතරගම රජ පෙළපතේ මුල් රජුන්ගේ ලාංඡනය වශයෙන් සැලකුණු මාළුවෙකුගේ ලකුණින් යුත් දිගු සෙල්ලිපියක් වෙයි කසඹ නගර ගිරිතිශ ගම කරජිනිතිගම විලගම මාළුගම නුවරගල''' යන නාම එම සෙල්ලිපියෙහි සඳහන්වේ එහි මුදුනේ සද්ධාතිස්ස රජු විසින් කරවූ විහාරයක්ද වෙයි මේසා විශාල පූජනීය හා ඓතිහාසික වැදගත් කමකින් යුත් ප්‍රදේශ උතුරු - නැගෙනහිර පැතිර පැවතියද වෙනත් භාහිර වියවුල් හේතුවෙන් අපටත් මතු පරපුරටත් දැකබලා ගැනීමටත් වැදපුදා ගැනීමටත් නොහැකිය රටේ සෑම පුරවැසියෙකුම ගරුත්වුයෙන් එක හා සමාන කොට ජාතීන් අතර සමාදානය ඇති කිරීම තුළින් යලි මෙම පිංබිම් දැකබලා වැඳපුදා ගැන්මට ප්‍රස්ථාව සැලසෙයි මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන අටමස්ථානය අභයගිරි විහාරය පූජණීය ස‍්ථාන - ශ්‍රී ලංකාව
4191
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%B6%E0%B7%85%E0%B7%94
පබළු
පබළු යන අදහස ඇති BEAD යන පදය සකස් වී ඇත්තේ පුරාණ ඇන්ග්ලෝ සැක්සන් වචනයක් වූ “බිඩාන්” යනනෙනි.එහි මුල් අරුත “යාඤ්ඤා කරන්නා යන්නයි.පසු කලෙක යදින්නා විසින් දරා සිටින ජප මාලය පබළු හැදින්වීමට භාවිතා කෙරිණි. ශ්‍රී ලංකාවේ පබළු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය.කුරුවිට බටදොඩ ලෙනෙන් හමු වී ඇති බෙලිකටු පබළුවක් මීට වසර 280000 කට පෙර වකවානුවට අයත් යැයි සැලකේ. මුල් යකඩ යුගයේදී (ක්‍රි පූ 900-600) ජනතාව අතර පබළු භාවිතය සුලබව පැවති බව දැනට සිදුකොට ඇති පුරා විද්‍යත්මක නැණීම් මඟින් තහවුරැ කරයි ප්‍රාථමික යුගයට අයත් මහා ශිලා සුසානය තුළින්ද ආගමික මධ්‍යස්ථාන තුළින්ද පැරණි වරායන් හා වෙළඳ මධ්‍යස්ථානයන්ගෙන් මෙන්ම ජනාවාස ‍‍ක්‍ෂේත්‍රවලින්ද පබළු හමුවීමෙන් පෙනීයන්නේ එකළ සමාජයේ පබළු වලට විශේෂයක් තිබුණු බවය අමුද්‍රව්‍ය හා නිශ්පාදන තාක‍ෂණය මුල් කාලයේ ගස්වලින් ලබාගත් මල් ගෙඩි හා ඇට වර්ග එකිනෙක අමුණා කළ පළඳනාවන්ට පසු කාලීනව මැටි වීදුරු පාෂාණ වර්ග ඇත්දළ ලෝහ වර්ග යොදාගෙන ති‍බේ පාෂාණ විශේෂ වර්ග අතර කානිලියන් ඇගේට් අඹතේස්ත මෙන්ම තිරුවාණා වර්ගද දක්නට ලැබේ ශ්‍රි ලංකාවේ පබළු නිශ්පාදන තාක්ෂණයේ වර්ධනය උදෙසා ස්වදේශීය නිපුණතා මෙන්ම ක්‍රිස්තු වර්ෂ පළමුවන සහස්‍රක වර්ෂයේ මැද භාගයේ සිට ආසියානු කළාපය හරහා ආ විවිධ සංස්කෘතික සම්ප්‍රධායන් ඉවහල් විය ක්‍රිස්තු වර්ෂයේ පළමුවන සියවස් වලදී මාතොට පුරාණ වරාය ආසන්න ස්ථානයක පබළු නිශ්පාදනාගාරයක් පැවති බව පෙනේ පබළු නිශ්පාදනයේදී සියුම් අවධානයක් හා කාර්යක‍ෂම තාක‍්ෂණයක් අවශ්‍ය වන්නේ පාෂාණ හා වීදුරු වලින් පබළු සෑදීෙම්දීය ෙමෙතක් සිදුෙකාට අැති පර්ෙය්ෂණ ප්‍රතිඵල මඟින් පුරාණ කාලෙය්දී පාෂාණ හා වීදුරැ භාවිතෙයන් පබළු සෑදීෙම්දී අනුගමනය කළ තාක්ෂණ ක්‍රම යම් දුරකට ආනාවරණය කොට තිබේ පබළු සෑදීමට භාවිතා කළේ යැයි සැලකෙන අමුදුව්‍යයන්ගෙන් ශේෂිත කොටස් ජේතවන කෞතුකාගාරයේ තැම්පත්කොට ඇත මෙහිලා වැදගත් වන්නේ ඇගේට් හා කානීලියන් පබළු වල අමුදුව්‍ය ලංකාවෙන් හමු නොවීමයි එබැවින් ඒවා ඉන්දියාවේ ඩෙකෑනයෙන් හෝ වෙනත් රටකින් ආනයනය කරන්නට ඇත ඇනා දැරණියගල විසින් සකසන ලද වර්ගීකරණ සටහනට අනූව පබළු තාක්ෂණයේ ක්‍රම දෙකකි එනම් කපා පිලිස්සීමට ලක්කළ (cutting) අතින් සකසාගත් ( wound) පාෂාණ භාවිතයෙන් නිෂ්පාදිත පබළු කානීලියන් හා අගස්ති පබළු සෑදීම එකම ආකාරයකට සිදුවේ එහිදී එම කැබලි මැටි බඳුන් වල බහා පොළවේ වලවල් ආකාරයට සෑදූ උදුන් වල පිලිස්සීම සිදු කරයි එයට දහයියා පිඳුරු වියලි ගොම වැනි දේවල් උපයෝගී කර ගැනේ දුඹුරැ පැහැති කැබලි තැඹිලි පැහැයට හුරු රත් පැහැයකට පරිවර්ථනය වන්නේ දින කිහිපයක් පිලිස්සීමෙනි ඉනපසු පබළු සෑදීමට අවශ්‍ය ප්‍රමාණයේ හැඩවලට කඩා (rough out) නැවත පෙර පරිදිම පිලිස්සීම සිදු කෙරේ එසේ රත් කිරීමෙන් පතුරු ගැලවීම පහසු කරයි ඉන්පසු එම කැබලි පබළුවක හැඩය එන අන්දමට පතුරු ගැලවීම (fine chipping) සිදු කරයි සිදුරු විදිම කරනු ලබන්නේ ඉන් අනතුරුවයි ලොකු පබළුවල දෙපැත්තේ සිට මැදට විදීම කරන අතර කුඩා ඒවායේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා එක විට සිදුරු කෙරේ මෙම පබළු ඔපදමන්නේ අතින් හෝ පාෂාණ සහ සිලිකා මිශ්‍රකළ මල්ලක දමා සෙලවීමෙනි ඉන්පසු නැවතත් පෙර පරිදිම පිළිස්සීමෙන් තැඹිලි පැහැයට හුරු රත් පැහැති පබළු නිපදවා ගත හැකිය වීදුරු පබළු මෙම පබළු සෑදීමේදී භාවිතා කරන ප්‍රධාන අමුදුව්‍ය කොටස් තුනකි සිලිකා (silica) සෝඩියම් හෝ පොටෑෂ් (sodium or potassium) හුණු (lime) මෙම ද්‍රව්‍ය මිශ්‍රකර කෝවේ දමා උණුකර ගනු ලබන අතර ක්‍රම කීපයකට පබළු සාදනු ලැබේ. Drawn – කූරක් ආධාරයෙන් ඇඳීමෙන් Winding – කූරුවල එතීමෙන් Mould press – අච්චුව භාවිතා කිරීමෙන් Blown – හුළං පිඹීමෙන් වර්ණ සංයෝජනය වීදුරැ පබළු වල වර්ණ විවිධ තාවයක් දැකිය හැකිය රතු නිල් කොළ කහ කළු ආදී විවිධ වර්ණ හා ඒවායේ විවිධ ප්‍රභේද හමු වී තිබේ මේවා පාරදෘෂ්‍ය පාරගම්‍ය හා පාරාන්ධ යනුවෙන් වෙන්කළ හැක කොබෝල්ට් මිශ්‍ර කිරීමෙන් නිල් පැහැයත් හෙමටයිට් අඩුවැඩි කොට මිශ්‍ර කිරීමෙන් කළු පැහැයත් සාදාගනු ලබයි පාෂාණ වලින් සාදනු ලබන කානේලියන් සහ අගස්තිවල පැහැයන් ලබා ගන්නේ කිහිප සැරයක් පුළුස්සා ගැනීමෙනි පබළු භාවිතය තත්කාලීන සමාජයේ පබළු අලංකාර පළඳනාවක් වශයෙන් පමණක් නොව සමාජීය තරාතිරම්ද දැක්වීම පිණිස යොදාගෙන ඇති බව ඉබ්බන් කටුව වැනි මහා ශිලා සුසාන වලින් සොයාගත් පබළුවලින් පැහැදිලිවේ ස්තූපයන් ආශ්‍රිතව සිඳුරු නොකළ පබළු හමුවීමෙන් පෙනී යන්නේ ඒවා පූජා කිරීමට අදාල ස්ථානයන්හි තැන්පත් කළ බවයි එමෙන්ම විනිමය මාධ්‍යක් වශයෙන් ද පබළු තත්කාලීන සමාජයේ විශේෂ ස්ථානයක් ගත් බව පෙනේ පොළොන්නරුවෙන් හමුවන පබළු පොළොන්නරුවෙන් බහුල වශයෙන් වීඳුරු පබළු හමුවේ මීට අමතරව අර්ධ මාණික්‍ය ඇත් ඳළ පුළුටු මැටි වලින් කළ පබළු හමුවේ කැලැක් පබළුවල හිගකමක් පොළොන්නරුව පුරාවිද්‍යා ‍ක්‍ෂේත්‍රයෙන් පෙන්නුම් කරයි බහුල වශයෙන් නිල් පැහැය හමුවන අතර රතු දුඹුරු තැඹිලි කොළ කහ කළු දම් පැහැයද වර්ණ සංයෝජිත පබළු කිහිපයක්ද හමුවී ඇත විවිධ හැඩයන්ගෙන් යුත් මෙම පබළු වල සිඳුරක් හෝ සිඳුරු කිහිපයක් දක්නට හැකිය කීපයක සිඳුරු දක්නට නොමැති අතර තවත් කිහිපයක සිඳුරු කිරීමට ගත් උත්සාහයේ සළකුණු දක්නට හැකිය ආළාහණ පිරිවෙන පුරාවිද්‍ය භූමිය තුළ හමුවන පබළු අතර අලංකාර තිරුවාණා පබළු කිහිපයක්ම වේ ‍මේවා කොළ සහ සුදු පැහැති දිගු බැරල් හා රවුම් හැඩයෙන් යුක්තය පොළොන්නරුවෙන් ඇත්ඳළින් කල පබළු සුළු ප්‍රමාණයක්ද හමුවී ඇත
4192
https://si.wikipedia.org/wiki/%E2%80%8D%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%20%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
‍දේශපාලන සංස්කෘතිය
දේශපාලන ක්‍රමයක ව්ධ්මත් ආයතනික පිළිවෙළ (formal instrutinal arrangment) සහ සැබෑ චර්්‍යාව අතර ඇති සබඳතාව අවබෝධ කරගැනීමට උපකාරී වන සංකල්පයක් වශයෙන් 'දේශපාලන සංස්කෘතිය' (political Culture) යන සංකල්පය හදුන්වා දිය හැකිය. දේශපාලන සංස්කෘතිය යන සංකල්පය දේශපාලන විද්වතුන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ 1950 දශකය තුළදීය.දේශපාලන සංස්කෘතිය යන සංකල්පය කේන්ද්‍රකරගෙන එදා සිට මේ දක්වා දේශපාලන විද්‍යා විෂය භූමිය තුළ ලියවිලි විශාල ප්‍රමාණයක් එකතු වී ඇත.'දේශපාලන සංස්කෘතිය' සංකල්පයේ පුරෝගාමී දේශපාලන විද්‍යාඥයන් වන ආමන්ඩ් හා වර්මා විසින් දේශපාලන සංස්කෘතිය 'දේශපාලන ක්‍රමයක් තුළ ජීවත් වන සාමාජිකයන්ගේ,දේශපාලනය උදෙසා යොමු වූ පුද්ගල ආකල්ප වල රටා විලාශය' (pattern of individual attitude) ලෙස හදූන්වාදෙන ලදි. එය දේශපාලන ක්‍රියාවලට පුද්ගලයන් යොමුකරන්නා වූ මනෝබද්ධ විෂය ප්‍රදේශය (subjective realm) වේ. ආමන්ඩ් හා වර්මා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් ඇති වන මේ මනෝබද්ධ පුද්ගල යොමු වීමෙහි අංග ල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ කිහිපයක් හදුන්වා දුන්හ.ඉන් පළමු වැන්න නම් දේශපාලන විෂය වස්තු (political objective) සහ විස්වාස (beliefs) පිළිබඳ ඇති දැනුමයි. දෙවැන්න වන්නේ, දේශපාලන විෂය වස්තු වලට පුද්ගලයාගේ ඇති සමබන්ධතාවය (attachment) ය. එනම් ඇතුළත්වීම (indvent) ප්‍රති‍ක‍්ෂේප කිරීම (rejection) සහ ළැදියාව වේ. තුන්වැන්න නම් දේශපාලනික විෂය වස්තූන් සම්බන්ධයෙන් ඇති මතිමතාන්දර (opinions) තීන්දු, (judgment) ආදිය වේ. මෙය බොහෝ විට දේශපාලනයට අදාළ සංසිද්ධි, සංකේත හා උපකරණ පිළිබඳව පුද්ගලයන් ව්‍යවහාර කරන ඇගයුම් මිනුම් දඬු (political objects) ආමන්ඩ් සහ වර්බාගේ ඉහත ප්‍රකාශයෙහි මූලික යෙදූම් කිහිපයක් ඇතුළත් වේ.ඒවානම් රටා විලාසය (payyern),ආකල්ප හා යොමුවීම් (attitudes and orientations) සහ දේශපාලනික විෂය වස්තු (politicl objects) යනාදිය වේ. ආකල්ප හා යොමුවීම් පුද්ගලයාගේ මනෝ විද්‍යාත්මක (individual psychology) අංශයට සම්බන්ධ වේ. පුද්ගලයන් ඔවුන් පිළිබඳ ව ඔවුන් වටා ඇති දේශපාලන ලෝකය පිළිබඳව සිතන්නේ කෙසේද යන්න ප්‍රශ්නය එයට සම්බන්ධ වේ. පුද්ගලයන්ගේ මේ දේශපාලන මානසිකත්වය අව‍බෝධ කර ගැනීමෙන් ඔවුන්ගේ දේශපාලන චර්්‍යාව කුමන ආකාරයක් ගනීදැයි සම්ප්‍රේෂණය කළ හැකිය. පුද්ගලයන් විශේෂ වූ දේශපාලන ක්‍රියාවකට මැදිහත්වන්නේ යම් කිසි දේශපාලන ආකල්පයක් හෝ ආකල්ප වල සමුදායක් විසින් කරනු ලබන පෙළඹවීම මතය. ආකල්ප හා යොමුවීමේ රටා විලාශය (pattern of attitudes and orientaion) පිළිබඳව අවධානය යොමු කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය. තුන්වන මූලිකාංගය වන දේශපාලන විෂය වස්තු (political object), යම් දේශපාලන ක්‍රමයක සිටින සාමාජිකයන්ගේ දේශපාලන මානසික චර්්‍යාව හැඩගැසීමට බලපෑම් දක්වන මූලිකාංගය වේ. දේශපාලන විෂය වස්තු වලට දේශපාලන සංකේත, දේශපාලන සංසිද්ධි, ආයතන හා පුද්ගල ප්‍රතිරූප පවා අයත්ය. දේශපාලන සංස්කෘතියක් නිර්මානය වන්නේ දේශපාලන සමාජීයකරණ (political socialization) ක්‍රියාවලිය පදනම් කරගෙනයි. ලූසියන් පයි හා සිඩ්නි වර්බා දක්වන පරිදි දේශපාලන සංස්කෘතිය යන වචනය මෑතකාලීන යෙදුමකි.එය දේශපාලන මතවාදය (political ideology), ජාතික සාරාත්මය (national ethos) හා ජාතික අධ්‍යාත්මය (national spirit) ජාතික දේශපාලන මනෝ භාවය (national political psychology), ජනතාවක ගේ මූලික ඇගයුම් (fundamental valuss of a people), යන අංශ පිළිබඳව ඇති අවබෝධය සමඟ සම්බන්ධ වේ. මේ අනුව දේශපාලන සංස්කෘතිය යනු ස්ථතික දෙයක් නොව නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන්නා වූ දෙයකි. මූලාශ්‍ර කීර්ති ආරියදාස මහතාගේ දේශපාලන න්‍යාය සංකල්ප මතවාද කෘතිය දේශපාලන විද්‍යාව
4193
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%BB%20%E0%B7%83%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
එදිරිවීර සරච්චන්ද්‍ර
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවර‍යා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, බෞද්ධ ජාතක කතා හෝ සිංහල ජනශ්‍රැත මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි. මුල් කාලීන අධ්‍යාපනය එදිරිවීර සරච්චන්ද්‍ර 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහුවැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය ‍කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය සරච්චන්ද්රයන්ගේ නාට්‍ය(sarathchandra's drama) සරච්චන්ද්‍ර 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ‍ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය. ත්‍යාග සහ ගරු බුහුමන් 1982 වර්ෂයේ දී යාපනය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සරච්චන්ද්‍රට සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් ඔහුට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් ඔහුට කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය ප්‍රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා රාමන් මැග්සේසේ ත්‍යාගය දිනා ගත්තේය. වේදිකා නාට්‍යmanage Sinhabahi ගුවන්විදුලි ‍ නාට්‍යය මුදලාලිගේ පෙරළිය 1943 කපුවා කපෝති 1945 හැංගි හොරා 1949 බහින කලාව 1951 වලහා, මඟුල් ප්‍රස්තාව සහ මැනේජර් 1951 පබාවතී 1952 වෙද හටන 1953 රත්තරන් ගුවන් විදුලි නාටකය 1954 මනමේ 1956 කදා වළලු 1958 එලොව ගිහින් මෙලොව ආවා 1959 හස්ති කාන්ත මන්තරේ - 1960 වෙල්ල වැහුම් - 1960 ඒකට මට හිනා හිනා - 1961 සිංහබාහු - 1961 ඉසංකා 2023 පේමතෝ ජායතී සෝ කෝ - 1969 නවකතා මළගිය ඇත්තෝ (1959) වල්මත් වී හසරක් නුදුටිමි(1962) මළවුන්ගේ අවුරුදු දා (1965) ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය හෙට එච්චර කලුවර නෑ (1975) විලාසිනී‍යකගේ ප්‍රේමය (1988) ඇඳිරිනීතිය සහ පුරහඳ (1978) පාත්තරය සමඟ (1986) දොළ මත පෙණ කැටි (1987) කෙටි කතා කාලයාගේ ඇවෑමෙන් (1969) මායං රූපය (1974) රූප සුන්දරී (1984) මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993) රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970) මිතුරෙකුගේ මරණය (1981) ගවේෂණ, සාහිත්‍යය සාහිත්‍ය විද්‍යාව (1949) සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951) කල්පනා ‍ලෝකය (1958) නාට්‍ය ගවේෂණ (1967) සිංහල ගැමි නාටකය (1968) වෙස් මුහුණ ද සැබෑ මුහුණ ද? (1971) නූතන සිංහල ප්‍රබන්ධ (1943) සිංහල නවකතාව (1950) ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය (1952) සංජානනය පිළිබඳ බෞද්ධ මනෝ විද්‍යාව (1958)
4195
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA
සතුන්ගේ සන්නිවේදනය
සත්ත්ව පාරාදීසය ඕනෑම ජීවියෙකු බාහිර පරිසරයේ පාරිසරික වෙනස්වීම් කෙරෙහි විවිධ ප්‍රතික්‍රියා දැක්වීම නිරතුරුවම සිදු කරයි‍. මිනිසුන් භාෂාව උපයෝගි කරගෙන අදහස් හුවමාරු කරගන්නවා මෙන්ම සතුන්ද ඉව කිරිමෙන්, ශබ්ද තරංග නිකුත් කිරිමෙන්, ඉරියව් මගින් ආදි විවිධ ක්‍රම වලින් අදහස් හුවමාරු කරගනිති. මෙය සත්ත්ව සන්නිවේදනය ලෙස හැඳින්වේ. මිනිස් සන්නිවේදනයට වඩා සපුරාම වෙනස් වු සන්නිවේදන ක්‍රමයක් සතුන්ට හිමිය. සතුන් තම සන්නිවේදනය සිදු කරන්නේ පරම්පරා ලක්ෂණ වලට අනුවය. වැඩිහිටි සතුන් සතුව ඇති මේ ලක්ෂණ ඵ් ආකාරයෙන්ම අනෙකුත් සතුන්ටද පිහිටයි. සතුන්ගේ ජිවන චක්‍රය හැඩ ගැසී ඇත්තේ ආහාර පාන හා ලිංගිකත්වය යන කරුණු දෙක පදනම් කරගෙනය. සත්ත්ව විද්‍යාඥයින්ගේ නව සොයා ගැනිම් අනුව යෙදෙන අංශ කිහිපයක් සොයාගෙන ඇත. 1.ස්ථායිතාවය 2.නොනැසී ජීවත් වීම 3.ප්‍රමුඛතාවය 4.ලිංගික ආකර්ෂණය 5.ජෛවීය අවශ්‍යතාවය ස්ථායිතාවය තමා පරිසරය තුළ ජීවත් වීම සඳහා ගනු ලබන්නා වු ක්‍රියා මාර්ගයක් මෙයට අයත් වේ. සතුන්ගේ ජීවත්වීමේ අවශ්‍යතාවය පදනම් කරගත් ක්‍රියාවලියකි. ස‍තෙකු ජීවත් වීම සඳහා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරයි. බොහෝ විට උන් අනෙකාගෙන් තමාට එල්ල විය හැකි තර්ජන පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වේ. මේ හේතුව නිසාම රංචු වශයෙන් ජීවත් වීමට සමහර සතුන් වගබලා ගනිති. ආහාර සොයා ගැනීමත් ආරක්ෂාවත් යන කරුනු දෙකම මෙමගින් විසඳෙනු ඇත. මේ ලක්ෂණ වැඩිපුර ඇත්තේ පක්ෂීන් හට බවද හෙළි වී ඇත. ලංකාවේ පක්ෂීන් අතර දෙමලිච්චා, පරෙවියා, ගිරවා ආදි සතුන් රංචු වශයෙන් සිටින ආකාරය දැක ගත හැකිය. වනාන්තර වලද ශාක භක්ෂකයන්ද මෙන්ම මාංශ භක්ෂකයන්ද බොහෝ විට ජීවත් වන්නේ රංචු වශයෙනි. නොනැසී ජීවත්වීම පරිසරය තුළ තමාගේ ප්‍රබලතාව පෙන්නුම් කිරීම යම් සතෙකු‍ නොනැසී ජීවත් වීම සඳහා අනෙක් සතුන් සමඟ සන්නිවේදනය කිරිම අත්‍යවශ්‍ය කරුණකි. එය ඉටුකරගන්නේ ආදරය දැක්වීම මඟින් හෝ තමාගේ බලය පෙන්වීම මඟිනි. මෙම ක්‍රියාවලිය තුළින් නොනැසී ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකසා ගනී. ඒ ඒ සතාගේ ශරීර ප්‍රමාණය අනුව හෝ උගේ ජව සම්පන්න බව අනුව අනෙකා අවනත වීම හෝ මග හැරයාම මෙම ක්‍රියාවලියේදී සිදු කරයි. සමහර සතුන් සටන් කිරිම මගින් තම ශක්තිය පෙන්වයි. සමහරු වසඟය මගින් තම ශක්තිය පෙන්වති. සිංහයා ප්‍රබලතාව පෙන්වන අතර මොනරා තම ආකර්ෂණය පෙන්වමින් තමාගේ ශක්තිය විදහාපායි. ප්‍රමුඛතාවය කණ්ඩායම තුළ නායකත්වය ගැනීම සඳහා උත්සාහ ගැනීම ප්‍රමුඛතාවයයි. සත්තු තම කණ්ඩායම තුළ සහ සමස්ත ගහනය තුළ ජීවත්වීමේදි නායකත්වය ලැබීම මගින් ප්‍රමුඛතාවයට පත්වීමට උත්සාහ දරති. බොහොමයක් සත්ත්ව කොට්ඨාශවල කාය ශක්තිය මත ප්‍රමුඛතාවය පදනම් වේ. එහිදී කණ්ඩාය‍මේ බොහෝ පිරිමි සතුන් අතර සටන ඇතිවන අතර අවසානයේදි වැඩි කාය ශක්තියකින් යුතු වු සතා ප්‍රමුඛයා නැතිනම් නායකයා වන අතර, පසුව ඔහු විසින් රැලේ අනෙක් සතුන්ට පීඩා කිරීම සිදු කරයි. එසේම එම රැලේ ගැහැනු සතුන්ගේ පුමුඛයා වන්නේ මොහුය. වඳුරු විශේෂයන් අතර දක්නට ලැබෙන ලක්ෂනයකි. ලිංගික ආකර්ෂණය දියුණු මානවයා ලිංගිකත්වයත් ප්‍රජනනයත් යන මේ දෙඅංශයේම කාර්යයන් වෙන වෙනම සැලකුවද, සතුන්ගේ මූලික අවශ්‍යතාවයක් ලෙස ලිංගික කාර්යයන් සහ ප්‍රජනනය සැලකිය හැකිය. මෙය ජීව අවශ්‍යතාවයක් ලෙස සලකනු ලබන්නේ වර්ගයා නැතිනම් පරම්පරාව බිහිකිරිමේ මූලික අවශ්‍යතාවයන් නිසාය. ලිංගික ක්‍රියාවලිය සඳහා තම සහකරුවා හෝ සහකාරිය තමා ළඟට කැඳවීම සඳහා විවිධ සතුන් විවිධ සන්නිවේදන ක්‍රියාමාර්ග උපයෝගි කරනු ලබති. මොනරා තමාගේ සහකාරිය කැඳවා ගැනිමට රංඟනයක යෙදෙයි. ජෛවීය අවශ්‍යතාවය සතුන්ට බඩගින්න, පිපාසය, නින්ද වැනි අවශ්‍යතා ඇති වන්නේ ජෛවීය අවශ්‍යතා ලෙසිනි. සතුන්ට මෙම අවශ්‍යතා පැන නගින විටදී ඔවුන් විවිධ සන්නිවේදන ක්‍රම වලට යොමු වෙති. බොහෝ විට තමාගේ වර්ගයා තමා වෙත ගෙන ඒමට බොහෝමයක් සතුන් උත්සාහ දරති. කපුටා ආහාර තිබෙන තැනක් දුටු විට වර්ගයා ඒ වෙතට ගෙන ඒමට කෑ ගසයි. සතුන් විවිධ අවශ්‍යතා සඳහා සන්නිවේදනයේ යෙදෙන විට එසේ සන්නිවේදනයේ යෙදීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අනුව සතුන් වර්ග කිහිපයකි. 6.ශබ්ද උපයෝගි කර ගැනිම 7.රසායනික ද්‍රව්‍ය උපයෝගි කර ගැනිම 8.අවයව උපයෝගි කර ගැනිම 9.ආලෝකය උපයෝගි කර ගැනිම 10.වර්ණ උපයෝගි කර ගැනිම 11.චර්යායව උපයෝගි කර ගැනිම සත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය මෙන් විධිමත් සංකීර්ණ භාෂාවක් නොවේ. එයට හේතුව සත්ව භාෂාවට හිමි සංකේත නිරවුල් සංකේත නොවන හෙයිනි. අවයව උපයෝගි කර ගැනිම කෘමි සතුන්ගේ මුඛය දෙපස ඇන්ටෙනා මෙන් විකිරණය වු සන්නිවේදාත්මක අවයව වලින් ඔවුහූ සන්නිවේදනයේ යෙදෙති. බල්ලෝ වලිගය භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදෙති. දෙපත් නයා තමාගේ වලිගය මඟින් අනෙකාට පහර දේ. වඳුරන් රිලවුන් වැනි සත්තු අංග චලනය මඟින් අදහස් හුවමාරු කර ගනිති. ආලෝකය උපයෝගි කර ගැනීම තම සිරුරෙන් ආලෝකය නිකුත් කර සන්නිවේදනයේ යෙදේ. කණා මැදිරියා, රෑ බදුල්ලා, ගැඹුරු මුහුදේ මාළුන් මෙහිදි දැක්විය හැකිය. ශබ්ද උපයෝගි කර ගැනීම මිනිස් කනට ඇසිය හැකි ප්‍රමානයට වඩා දිගු ශබ්ද තරංග සමඟ අලි, ඇතුන්, මෝරුන්, වවුලන් වැනි සත්තු සම්බන්ධතා පවත්වති. වර්ණ උපයෝගි කර ගැනීම පරිසරයේ පවතින වර්ණ වලට සමාන වන අයුරින් කටුස්සා තම සිරුරේ වර්ණය වෙනස් කිරිම සිදු කරයි. තවද එමූ, කැස්වරි, මොනරා, තාරා විශේෂ තටු වල වර්ණ වෙනස් කිරීමෙන් විවිධ අදහස් ප්‍රකාශ කරයි. චර්යා උපයෝගි කර ගැනීම සතුන් හැසිරෙන ආකාරය කුළු හරකුන් පොළොව හාරා දූවිලි අවුස්සා පොරයට පැමිනීම මගින් බලය ප්‍රදර්ශනය කරයි. බල්ලන් තමාගේ ස්වාමියා දුටු විට ශබ්ද පිට කරමින් ඇඟේ දැවටෙමින් බිම පෙරළි කීකරු චර්යා පෙන්නුම් කරයි. පරෙවියන් ඇ‍ඟේ ඇති තටු පුම්බා රවුමට කැරකෙමින් රංගනයේ යෙදෙමින් අනෙකාට තම චර්යා මගින් සන්නිවේදනය කරයි. රසායනික ද්‍රව්‍ය මගින් සන්නිවේදනයේ යෙදීම උරුලෑවා ගමන් කිරිමේදි උගේ ශරීරයෙන් රසායනික ද්‍රව්‍යක් පිට වේ. බල්ලාද මුත්‍රා කිරිම මගින් තමාගේ සීමාවන් ලකුණු කරයි. කුහුඹුවන් කෙළ හැළිමෙන් අනෙකාට මාර්ගය පිළිබඳ වැටහීමක් ලබා දේ. දරුවා මෙලොව බිහි වු දා පටන් වාචිකව සන්නිවේදනයේ යෙදෙයි. සතුන්ද ඒ ආකාරයෙන්ම සන්නිවේදනයේ යෙදෙති. ඒ ඔවුනටම ආවේනික වු සන්නිවේදන රටාවක් මතය. එය පරම්පරාවෙන්ම පැවත එන්නකි. නිර්මාණශිලි සන්නිවේදනයේ යෙදිමට සතුන්ට අපහසු වුවත් ඔවුනොවුනට දැනෙන ආකාරයට අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමටත් විවිධ සන්නිවේදන උපක්‍රම භාවිතා වේ. ආශ්‍රිත කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය දේවක වීරකෝන් 2005 ජුනි 14 වැනි අඟහරුවාදා විජය පුවත්පත ඇසුරිනි සත්ත්ව විද්‍යාව ජීව විද්‍යාව
4196
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%20%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%20%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%20%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතය
මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජ ර‍‍‍‍ටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ. පිහිටීම උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය. විදේශීකයන්ගේ පවා අවධානයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත. රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ‍ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පධානගර හා ගල් කුළුණුය. වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ. රිටිගල ලෙස හැඳින්වීම මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත. පාලි 'අරිට්ඨ පබ්බත' සංස්කෘත 'අරිෂ්ට පර්වත' යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍ය‍යෙන් සැලකේ. 'රිටි' යනු පාලි 'අරිට්ඨ' යන්නෙන් බිදී ආ 'ආරක්ෂාව' යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ 'අරිට්ඨ පබ්බත' ලෙස සඳහන් වන්නේ ‍මෙම ස්ථානයයි. රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි. රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතයක් නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ. රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බවවාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ. ගවේෂණය කිරීම ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එච්.සී.පී.බෙල් රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනා ගැනීමත්, නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් සිදු වුණු කාර්යන්ය. එම සියලු පුරා විද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී පළ කරන දී. "Ritigala kanda", sessional paper xxx viii Annual report -1893 Archaeological survey of ceylon &plans and platesfor Annual Report-1893, Ancient Ruins of Ritigala යන වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ. එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සඳයක් වේ. දැනට අවුරුදු 2434ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමඟ කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේදී ඒ ගමන් මඟ රිටිගල අසලින් වැටී තිබුණුබව ද කියවේ. මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පූ.833-835 පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව දසඳහන් වේ. ජනප්‍රවාද රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ. රක්ෂිත වනයක් වීම 1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙ‍රෙහි විශේෂ අවධානයයොමු වන්නට විය. පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය. වැදගත්කම තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත. ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ. උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ. ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු, වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති. නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ, වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ. මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය. වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ. ගැලරිය මූලාශ්‍ර සිළුමිණ 1998 අගෝස්තු 16 අඩවියෙන් බැහැර පිටු Ritigala ස්වාභාවික දැඩි රක්‍ෂිත - ශ්‍රී ලංකා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක‎
4197
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
පුරාතන ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය පුරාතන ශ්‍රි ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරි‍භෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්‍රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි. පුරාතනයේ මසුන් ඇල්ලීමට භාවිතා කළ ආමිපන්න සහ ක්‍රම ශ්‍රී ලංකාවේ වර්තමාන ධීවර කර්මාන්තය මෙම කර්මාන්තය ලංකාවේ කොරල්පර සහ ගල්පර ආදිය ඇතුලත් මහද්වීප තටකය(continental shels) ඇතුළත සහ වෙරළෙන් ඔබිබෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ. මෙයින් මහද්වීප තටකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු(rock fish) වර්ග සහ ගල්පර ආශ්‍රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා, සාලයා, කුමිබලාවා, කාරල්ලා,පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. කරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ‍කොටසකට දායක වන මේ මත්ස්‍ය අස්වැන්න මුළුමනින්ම වාගේ සාමාන්‍ය ජනයාගේ දෛයිනික පරිභෝජනයට ගනු ලැබේ. මෙම මාළු බිම්වල මසුන් ඇල්ලීමට බිලිපිති, දැල්, සහ අතංගු භාවිතා කෙරේ. නොගැඹුරු මුහුදේ සිටුවන ලද රිටිමත හිඳගෙන බිලී පිත්තෙන් මසුන් ඇල්ලීම මෙම කර්මාන්තයේ විශේෂ අංගයකි. "රිටිපන්නය" නම් එම ක්‍රමය දකුණු පලා‍තේ තැන් තැන්හි භාවිතා වෙයි. (උදා_ අහංගම සහ ම්රිස්ස) ටෝලර් සහ යාන්ත්‍රික ‍බෝටිටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිතා වෙයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට(thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලපත් ආදී විශාල මත්ස්‍යයින් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා "බහුදින යාත්‍රා" නමින් හැදින්වේ.එමයාත්‍රා දින සති ගණන් එකදිගට මුහුදේ දීවර කටයුතවල යෙදේ. මේ ලොකු මසුන්ගෙන් කොටසක් සාමාන්‍ය පාරිභෝගිකයන් අතරටත් විශාල කොටසක් ලොකු හෝටල් සහ අවන්හල්වලටත් යන අතර අපනයනය සදහා සකසන මාංශ ආහාර නිෂ්පාදනයට ද තවත් සුඵ කොටසක් යොදා ගනී. මෑතක සිට කටුමෝරු නම් කුඩා මෝර වර්ගය අල්ලා උන්ගේ අක්මාවෙන් තෙල් ගැනීම සිදුවේ. මෙම ශුද්ධ නොකළ මෝර තෙල් අපනයනය සදහා නිපදවන්නකි. මිරිදිය ධීවර කර්මාන්තය ලංකාවේ ගොඩබිම ඇති වැවි අමුණු, ගංගා, සහ ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය(frech water fishing) සිදු වේ. ලූලා, කාවයියා, මගුරා, ගං තෙලියා, පෙතියා, මරන්දා, ඉස්සා, ගොඩයා සහ කොරලියා මෙසේ අල්වනු ලබන දේශීය මත්ස්‍ය වර්ගයි. දශක දෙකක කාලයක පමණ සිට විදේශවලින් ගෙනවිත් මෙරට ජලාශවලට හඳුන්වා දෙන ලද තිලාපියා, තෙප්පිලි, ගුරාමි, සහ කාෆ් ආදී මසුන් ඇල්ලීම මිරිදිය ධීවර කර්මාන්තයේ වැදගත් අංගයක් වී තිබේ. සාම්ප්‍රදායික නොවූ ධීවර කටයුතු ඉහත කී ප්‍රධාන ධීවර කර්මාන්තය අංශ තුන හැරුණු විට මුතු බෙල්ලන්, හක් බෙල්ලන්, මුහුදු කැකිරි සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිදුවේ. මෙම මුහුදු නිෂ්පාදන අපනයනය සදහාම කරයි. චීනය එහි ප්‍රධාන ගැණුම්කරුවා වෙයි. ශ්‍රි ලංකාවේ භාවිතා වන ධීවර යාත්‍රා සැහැල්ලු තනි ඔරු, කොල්ලෑව සහිත රුවල් ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර්ග්ලාස් බෝට්ටු, කොල්ලෑව සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන්, පහුරු, යාන්ත්‍රික වූ විශාල ධීවර බෝට්ටු, බහුදින ට්‍රෝලර් යාත්‍රා(multiday trawlers) සහ පිටත ඇති ෆයිබර්ග්ලාස් බෝටිටු(out board motor boats) වේ. ශ්‍රී ලංකාවේ ධීවර වරාය හලාවත, මීගමුව, මෝදර(කොළඹ), හික්කඩුව, අම්බලන්ගොඩ, කල්පිටිය, බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, කල්කුඩා(මඩකලපුව), මයිලිඩ්ඩි(පේදුරුතුඩුව), ත්‍රිකුණාමලය. වර්තමාන ධීවර කර්මාන්තයේ භාවිත කරන නව තාක්ෂණය ප්‍රතිධ්වනි මානය (echo sounder) මුහුදේ මාළු සහ මාළු අයින් (shoals) සිටින ස්ථාන නිෂ්චිතව දැන ගැනීමට උපකාරී වේ. මෙය අද ධීවර යාත්‍රාවල භාවිත වේ. සෝනාර් (sonar) මෙම උපකරණයෙන් මුහුද යට ඇති ගල්පර සහ ගිලීගිය නැව් ආදී ධීවර යාත්‍රාවලට හානි සිදුකළ හැකි දේ ඇති තැන් ගැනත්, මාළු අහින් සහ මුහුදේ ගැඹුර ගැනත් දැන ගැනීමට පිළිවන. රේඩියෝ මෙවලම් මේවා ඔස්සේ ගොඩබිම සමඟත් ඈත මුහුදේ තිබෙන ධීවර යත්‍රා එකිනෙක අතරත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන්මිදීමට මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. කාලගුණ දෙපාර්තමේන්තුවේ සහය කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මඟින් වැස්ස, කුණාටු සහ සැඬසුළං ආදිය ගැන රේඩියෝ මෙවලම් මගින් ධීවරයන්ට කල්තියා තොරතුරු ලබා දේ. එමඟින් කල්තියා සූදානම් විය හැකිය. එසේම ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ උෂ්ණත්වය, මුහුදේ සුළං හැමීම, දියවැල් ගැලීම, උදම් රළ(tidal waves) නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක්රොක් වී සිටින තැන් සහ උන්පීනා යන දිශාව ආදිය නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල් NOAA / AVHRR , TERRA / MODIS , IRSIC / NIFS R ආදී චන්ද්‍රිකා වලින් ලැබෙන තොරතුරු භාවිතා කරයි. විද්‍යාත්මක මත්ස්‍ය අභිජනනය ජීව විද්‍යාව (Biology) සහ ජෛව තාක්ෂණය (Bio-technology) ආදියෙහි උපකාරයෙන් කෑමට ප්‍රිය, රසැති, ගුණැති සහ අපත්‍ය නොවන මත්ස්‍ය පැටවුන් වැව් ආදී අභ්‍යන්තර මිරිදිය ජලාශ වලට මුදා හැරීමේ ක්‍රමයක් මෙරට මධ්‍යස්ථාන කිහිපයකම සිදු වේ. ආශ්‍රිත ග්‍රන්ථ ශ්‍රී ලංකාව - සරත් රණවීර කර්මාන්ත කර්මාන්ත - ශ්‍රී ලංකා මසුන් මැරීම ආහාර කර්මාන්තය ධීවර කර්මාන්තය මෙය සංස්කරණය කරන ලද්දේ Creativecwaddo youtube chanel
4198
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
ව්‍යවස්ථානුකූලවාදය
ව්‍යවස්ථානුකූලවාදය දිගු ඓතිහාසික කාල සීමාවක් තුළ විකාශනයට ලක් වූ දේශපාලන සංකල්පයක් වේ. ඉපැරණි ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය මඟින් මෙන්ම රෝම සමූහාණ්ඩු ක්‍රමය මඟින්ද ව්‍යවස්ථානුකූලවාදය පිළිගැනීමට ලක් වී තිබුණි. මධ්‍යතන යුගයේදී යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් අභාවයට ගොස් රාජාණ්ඩු පාලන ක්‍රම ඇති වී ඒවා පරම බලවත් ආණ්ඩු බවට පත් වීමත් සමඟම ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ පිළිගැනීම්ද අභාවයට ගියේය. එහෙත් දිගු කලකට පසුව, රෝම සූහාණ්ඩු ක්‍රමයෙන් පසුව නැවත වරක් 17 වන ශතවරුශයෙන් පසු කාලයේදී පමණ 'ව්‍යවස්ථානුකූලවාදය යුරෝපයේ බලවත් දේශපාලන පිළිගැනීමක් වශයෙන් ඉදිරිපත් වන්නට විය. පරම බලැති රාජාණ්ඩු වලට විරුද්ධව නැඟී සිටි එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල මධ්‍යම පංතිය ලිබරල්වාදී දේශපාලන මතවාදය යටතේ සීමාන්විත ආණ්ඩු වල (limited governments) අවශ්‍යතාව ඉදිරිපත් කරන ලද්දේ මේ අවධියේදීය. එමෙන්ම ආණ්ඩුවේ බලය සීමාවට ලක් කිරීමේ ප්‍රධානතම දේශපාලන විධික්‍රමය වශයෙන් ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රම හෝ ව්‍යවස්ථානුකූලවාදය හෝ පිළිගත යුතු යැයි ලිබරල්වාදීන් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ මේ අවධියේදීය. ව්‍යවස්ථානුකූලවාදය නූතන දේශපාලන පිළිගැනීමක් වශයෙන් වර්ධනය වීමට පටන් ගන්නේ ලිබරල්වාදයේම එක් දේශපාලන පිළිගැනීමක් වශයෙනි. 1688 බ්‍රිතාන්‍යයේ සිදු වූ උත්කෘෂ්ඨ විප්ලවය, 1789 ප්‍රංශ මහා විප්ලවය, 1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ව්‍යවස්ථානුකූලවාදයේ වැදගත් දේශපාලන ජයග්‍රහණ වශයෙන් හැඳින්විය හැකිය. ව්‍යවස්ථානුකූලවාදයේ මූලික අර්ථය නම් ආණ්ඩුකරණය සිදු කළ යුත්තේ නීති වලින් හා රෙගුලාසි වලින් ඇති කරන සීමාවන් යටතේ යන්නය. වෙනත් ආකාරයකින් දැක්වුවහොත් ව්‍යවස්ථානුකූලවාදයෙන් තහවුරු කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් නියම කොට ඇති විධි නියම වල සීමාවට යටත්ව ආණ්ඩුකරණය සිදු කළ යුතු බවය. මෙය පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක හෝ පුද්ගලික අභිලාෂය මත ක්‍රියාත්මක වන ඒකබලවාදී ආණ්ඩුකරණය පිළිබඳ සංකල්පයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ පිළිගැනීමක් වේ. ඒ අනුව ව්‍යවස්ථානුකූලවාදය නීතියේ උත්තරීතරත්වය මත පදනම් වන දේශපාලන පිළිගැනීමක් වේ. ඉන් තහවුරු කෙරෙන්නේ පරම බලැති ආණ්ඩු වලට හා පාලන ක්‍රම වලට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හා සීමාන්විත ආණ්ඩු ක්‍රමය සම්බන්ධ මූලධර්ම සමුදායකි. ඒ නිසා ව්‍යවස්ථානුකූලවාදය හඳුනා ගත යුත්තේ 'බෙදීගිය බලය සහිත ආණ්ඩු ක්‍රමයක්' වශයෙනි. අැත්ත වශයෙක්ම ව්‍යවස්ථානුකූලවාදය යටතේ සිදු වන්නේ ආණ්ඩුවක බලය නීතියෙන් සංවරණයට ලක් කිරීමයි. ඒ නිසා ව්‍යවස්තානුකූලවාදය හැදෑරීමෙන් යම් දේශපාලන ක්‍රමයක ආණ්ඩු බලයට ප්‍රතිරෝධයක් ඇති වන පරිදි නීතිය ව්‍යවහාර කොට ඇත්තේ කෙසේදැයි අවබෝධ කර ගැනීමටද හැකි වේ. ව්‍යවස්ථානුකූලවාදය ස්වාධිපති පලය ව්‍යවහාර කිරීම කිශ්චිත බවට පත් කරයි. ආණ්ඩුවේ බලයට සංවරණයක් සපයන බැවින් එය පාලිතයන්ගේ අයිතිවාසිකම් වල ආරක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂාව තහවුරු කරන දේශපාලන පිළිගැනීමකි. ආණ්ඩුක්‍රමයෙහි ලා දේශපාලන ආයතන වල ස්ථාවරභාවය, ඒවාට අදාළ කාර්යභාර සහ දේශපාලන සමාජය සංවිධානගත වී ඇති රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පෙන්නුම් කෙරේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ආණ්ඩුවක බලය හා යටත්වැසියන්ගේ අයිතිවාසිකම් අතර ඇති සම්බන්ධතාවද පැහැදිලි කෙරේ. පෙර කී පරිදි ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රමයක් යන්නෙන් ගම්‍ය වන්නේ නීතියේ සීමාවෙන් බැඳුණු ආණ්ඩුක්‍රමයකි. ඒ අනුව ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් යනු යහපත් රවහිරතා අවකාශයක්( positive restraints universe) ඇතුළත ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයකි.එයින් අදහස් වන්නේ ව්‍යවස්ථානුකූල නීතිය ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට අවහිර වන පරිදි පිහිටුවීම නොවේ. එහෙත් ආණ්ඩු බලය අනිසි ආකාරයෙන් භාවිතා කිරීම වලක්වාලීම එයින් සිදු කෙරේ. එය ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වේ. ආණ්ඩුවේ අධිකාරියට ව්‍යවස්ථානුකූල විධි නියම වලින් දක්වන අවහිරය දේශපාලන ක්‍රමයෙන් දේශපාලන ක්‍රමයට වෙනස් වේ. ඇතැම් දේශපාලන ක්‍රමයක ආණ්ඩුවේ බලය මත වැඩි ව්‍යවස්ථානුකූල අවහිරයක්, එනම් ප්‍රතිරෝධයක් යොදා තිබියහැකි අතර තවත් ක්‍රමයක අඩු ප්‍රතිරෝධයක් ගොඩ නංවා තිබිය හැකිය. මේ නිසා වෙනත් ඕනෑම කෘත්‍යාත්මක සංකල්පයක් (Functional concept) මෙන් ව්‍යවස්ථානුකූලවාදයද ධ්‍රැව දෙකක් අතර, එනම් අඩු අවහිරතාව හා වැඩි වැඩි අවහිරතාව යන ධ්‍රැව දෙක අතර කුමන හෝ ලක්ෂයක ස්ථානගත වී තිබිය හැකිය. ආණ්ඩුවේ බලය මත ව්‍යවස්ථානුකූලප්‍රතිරෝධය වැඩි වීම සිවිල් සමාජයේ නිදහස හා පුරවැසි අයිතිවාසිකම් වැනි අංශ වල පැවැත්මට හිතකර යඅයි පොදුවේ පිළිගැනීමට ලක් වේ. මුලාශ්‍ර දේශපාලන විද්‍යාව න්‍යාය, සංකල්ප, මතවාද : කීර්ති ආරියදාස
4199
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%A7%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1
අටමස්ථාන
දේවානම්පිය තිස්ස රජ සමයේ ලක්දිව බූද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු ‍ප්‍රධාන බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. මිහිඳුහිම්යන් නම්කල අනාගත අටමස්ථාන මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී භූමිය වෙන් කරන ලද අටමස්ථාන. දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මේ පිළිබඳ සදහන් වේ. බෝධිගෘහය ලෝවාමහාපාය සන්නිපාත ශාලාව රාශ්‍රි මාලකය ලහබත් ගෙය මහාථූපය කණිෂ්ඨක ථූපය ප්‍රතිමා ගෘහය ඉතිහාස ග්‍රන්ථයන්හී විස්තර වන දේවානම්පිය තිස්ස රජු සමයේ අටමස්ථාන මෙම ස්ථාන අටම මහා විහාරය අයත් ස්ථාන වේ. තිස්සමහාරාමය කර්මමාලක සීමාව ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය ශ්‍රී මහාබෝධිය සංඝයාගේ පොහෝය ගෙය සංඝයාට ලැබුන දේ බෙදන ස්ථානය චතුස්සාගාරය මහාථූපයට වෙන්කල භූමිය තිස්සාරාමය භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය ජන්තාඝර පොකුණ ශ්‍රී මහාබෝධීන් වහන්සේ මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත. 1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සිවිල් වැසියන් සමූහයක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි. පෝය ගෙය (ලෝවමාපාය) ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත. ලහබත් ගෙය දාන ශාලාව රුවන්වැලි සෑය දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා, යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම, පංච, සිඛ, කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය, සූර්ය සේවාලය, කුඩා දාගැබ, සිරි පතුල් ගල්, කඩොල් ඇතුගේ දළ, සළපතළ මළු‍වේ කවය, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය, භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය, ගල් ටැඹ, ශිලාචේතිය, එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත. 13 වන සියවස වන විට අටමස්ථාන දකුණු මහා සෑය ශ්‍රී මහාබෝධිය ලෝවාමහාපාය පිරිත් ශාලාගෙය ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය ථූපාරාමය රූවන්වැලිසෑය මිහින්තලේ මහා සෑය මහනුවර යුගය වන විට අටමස්ථාන. මහාවිහාරයට අයත් අංග වලට අමතරව අභයගිරි විහාරයට අයත් අංගද එක්වී ඇත. ශ්‍රී මහාබෝධිය ලෝවාමහාපාය රූවන්වැලිසෑය අභයගිරිය ථූපාරාමය ජේතවනාරාමය මිරිසවැටිය මිහින්තලේ මහා සෑය ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන අටමස්ථාන ලෙස නම්කර ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට සහ බුලන්කුලම පවුලට භාර දෙන ලදි. මහා බෝධිය ලෝවාමහාපාය රූවන්වැලිසෑය ථූපාරාමය මිරිසවැටිය අභයගිරි දාගැබ ජේතවනාරාම දාගැබ ලංකාරාමය ශ්‍රී මහා බෝධීය රුවන්වැලි සෑය ලෝවාමහාපාය(පෝය ගෙය) ථුපාරාමය මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් ඇත් පොකුන, බෝධිඝරය, පිළිමගෙය, පදලස චේතිය, දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත. මිරිසවැටිය මෙය දුටු ගැමුණු රජු(ක්‍රිස්තු පූර්ව 161 - 137) ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. (පළමුවන ගජබා රජු, වෝහාරිකතිස්ස රජු, පස්වන කාශ්‍යප රජු ආදීන්ද මෙහි සුලු ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.) ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ. අභයගිරි දාගැබ මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා, ජගන්දලා, වික්‍රමශීලා වැනි ‍බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය. මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩ පහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා (වට්ටගාමිණි අභය) රජුගේ දෙවැනි පාලන සමයේ(කි.පූ. 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දි ජෛන ආශ්‍රමයක සිටි ගිරි නම් පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. වසර 14 කට පසු භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලද්දේය. ජේතවන විහාරය ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර ජේතවනය තෙවැනි නිකාය වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය, පිළිම ගේ, පොහොය ගෙය, දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත. ගඩොලින් ඉදිකළ අවශේෂ ස්මාරක අතරින් දැනට ලොව නටබුන්ව පවතින උසම පූජනීය ගොඩනැගීම වන්නේ ජේතවන දාගැබයි. එවක ජේතවන දාගැබ උඩ අඩි 400කින් නොඑසේනම් මීටර් 110 කින් සමන්විත වූ බව කියැවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී පැවති මේ වෙහෙර වර්තමානයේ සිදුකළ සංරක්ෂණ කටයුතුවලින් පසු අඩි 237ක උසකින් සමන්විත වෙයි. ලංකාරාමය පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය, මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත. මුලාශ්‍ර "අනුරාධපුර අටමස්ථාන සහ ඒ ආශ්‍රිත සිද්ධස්ථාන" මේවාද බලන්න සොළොස්මස්ථානය ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා අනුරාධපුර
4200
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%20%E0%B6%BB%E0%B6%A2%20%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
දෙගල්දොරුව රජ මහා විහාරය
දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම්‍ වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි. ඉතිහාසය කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ. අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු ශ්‍රී රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ. දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රමුඛ උපසම්පදා නොලත් දෙවරගම්පළ සිල්වත්තැන, නීලගම පටබැඳි සහ කොස්වත්තේ සිත්තර නයිදේ ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ. දිනක් මෙහි සිත්තරෙකු වු දෙවරගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා, රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ. මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි. ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ. මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත. වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත. මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි. මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දර්ශ්‍නීයතම සඳකඩ පහනකි. අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය. විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි. සිතුවම් මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව, සත්තුභත්ත යන ජාතක කතාත් ප්‍රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය. මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්‍රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ. මාර පරාජය සිතුවම දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වූ මාර පරාජය සිතුවම, බොහෝ වියතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමක් වේ. එහි වූ සුවිශේෂිත්වය වන්නේ භයංකාර මාරයාට විසුළු ස්වරූපයක් ලබා දී තිබීමත්, මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද යොදා තිබීමත් වේ. මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමට යොදාගෙන ඇති බවට සිතිය හැකි වේ. මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයාගේ ද සෙසු මාරයින්ගේද ජුගුප්සාජනක බව හොඳින් නිරූපිතය. කලාකරුවන් අමන්දානන්දයට පත් කළ, විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ. මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම, භාණ්ඩ දන්දීම, ළිඳ ළඟ කළහය, ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්, සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ. අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ. තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි. මූලාශ්‍ර රජමහා විහාර මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන මහනුවර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
4201
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%99%E0%B6%82%E0%B6%9A%E0%B6%A9%E0%B6%9C%E0%B6%BD%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%20%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA
සෙංකඩගල පෙරහැර මංගල්‍යය
ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ ශ්‍රී දළදා මාළිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් සෙංකඩගල දේවාල පෙරහර සහ දළදා පෙරහැර එක්කර තනි පෙරහැක් සංවිධානය කිරීමෙන් මෙය ආරම්භවිය. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි. ඉතිහාසය ඇසළ යනු ඇසළ සහ දළදා පෙරහැර යන දෙකෙහි විලයනයක් යැයි විශ්වාස කෙරේ .  ක්‍රි.පූ. 3 වන සියවස සිට පැවත එන ඇසළ පෙරහැර, වර්ෂාව සඳහා දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන චාරිත්‍රයකි.  ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් වසර 800කට පසු බුදුන්ගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන විට දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ.   සම්ප්‍රදායට අනුව, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්න ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවන ලදී. අංග දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති සෙංකඩගල පෙරහැර මගල්‍යයට 18 වැනි සියවසේ සිංහලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී. දළදා පෙරහැර සෙංකඩගල පෙරහැර මංගල්‍යයයේ ප්‍රධානතම අංගය මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දළදා පෙරහැර අතරින් ප්‍රමුඛතම හා වැදගත්ම දළදා පෙරහැරවේ. හතර දේවාල පෙරහැර නාථ දේවාල පෙරහැර විෂ්ණු දේවාල කතරගම දේවාල පෙරහැර පත්තිනි දේවාල පෙරහැර නිල තල නැකත්රාළ දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය. කාරිය කරවන කෝරාළ ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප් සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. ''කප් සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.' ' අයත්වන මංගල්‍යයන් ඇතුලේ පෙරහැර කූඹල් පෙරහැර රන්දෝලි පෙරහැර දවල් පෙරහැර ඇතුලේ පෙරහැර දේවාල ඇතුලේ සිදු කරයි. කුඹල් පෙරහැර හය වන දවසේ ඇරඹෙන්නේ කුඹල් පෙරහැරයි. දින 5කි වීදි සංචාරය කෙරේ. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි. රන්දෝලි පෙරහැර රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි. පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ. මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි. පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි. කසකරුවෝ ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ කොඩි ගෙන යන්නෝ පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව) හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව ) ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව) ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුවෝ කාරිය කෝරාළ නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති) දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.) වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ දියවඩන නිළමේ දවල් පෙරහැර රන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පසු දිය කැපීම(ඒ සඳහා ගැටඹේ තොටට යනු ලැබේ)සිදුකරනු ලබයි. එය අවසන් කිරීමෙන් අනතුරුව දෙූ්වාල පෙරහැර එදින දහවල් පෙරහැරේ දී නැවත මාලිගාව වෙත ගමන් කරයි‍. පසුව මාලිගාව වටා තෙවරක් පැදකුණු කොට පෙරහැර අවසන් කරයි. මේවාද බලන්න ඇසළ පෙරහැර දළදා මාලිගාවේ මංගල්‍යයන් ඇසල මංගල්‍යය, සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න මූලාශ්‍ර වැඩිදුර කියවීම් ඇසල මංගල්‍යය දළදා වහන්සේ දළදා පෙරහැර
4202
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%20%E0%B6%9C%E0%B6%9F
මාදු ගඟ
මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි. මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි. ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ. මාදු ගඟේ ඓතිහාසික පසුබිම මාදු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි.ගිරා සංදේශයේත් කෝකිල සංදේශයේත් පරෙවි සංදේශයේත් මයුර සංදේශයේත් සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවක් ගොඩබැස ඇත්තේ වැලිතොට තොටමුණටය.මේ අවස්ථා‍වේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බල සේනා සමඟ එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමුල ඝාතනය කිරිම සදහා රැදී සිටියේ මේ ප්‍රදේශයේදීය.වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි.කොත්දුවේ දළදාවහන්සේ වැඩසිටි නිසා එම කොත් දුවට පරිවාර වන පරිදි අවට ගම් බිම් වල විහාරස්ථාන 23 පමන මෙම තෙත් බිම් කලාපයේ අදටද දැකගත හැකි ය. මාදු ගඟේ ජෛව විවිධත්වය ශාක ප්‍රජාව මාදු ගඟ කඩොලාන පරිසර පද්ධතියකට හොඳ උදාහරණයකි. බෙරිය, රතුමිල්ල, කිරල, එළකඩොල්, තෙලකීරිය හා මල් කඩොල් වැනි කඩොලාන ශාක මාදු ගඟ ආශ්‍රිතව පවතී. රතමිල්ල නම් කඩොලාන ශාකය ලංකාවට ආවේණික නැතත් එය ලංකාවේද දැකගත හැක්කේ මාදු ගඟ ආශ්‍රිතවය. එසේම මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ශාක ප්‍රජාව අතර නා, බෝවිටියා, වල්දෙල්, ඉදි, කුරුදු වැනි ශාකද ඕලු, නෙලුම්, කෙකටිය වැනි ජලජ පැලෑටිද රැසක් අපට දැකගතහැකි වේ. සත්ව ප්‍රජාව මාදු ගඟ ආශ්‍රිත ජීවත්වන සත්ව විශේෂ ගත් විට ක්ෂීරපායී විශේෂ 18ක් පමණ මේ ආශ්‍රිතව ජීවත් වන බවට සොයා ගෙන තිබේ.කළුවදුරන්, වව්ලන්, මීයන්, දිය බල්ලන්, නරියන්, හදුන් දිවියන් ,ඉත්තෑවන්, මුගටින්, හෝතඹුවන් ,උරුලෑවන්, කලවැද්දන් එම ක්ෂීරපායීන් අතර වේ.එසේම පිඹුරා, ඇහැටුල්ලා, ආහරකුක්කා, නිදිමාපිලා, ගැරඩියා, දිය නයා, තිත් පොළඟා, කුණකටුවා ,ගල් ඉබ්බා, කිරි ඉබ්බා, පළාකටුස්සා, ගරාකටුස්සා, පිනුම්කටුස්සා, කබරගොයා, තලගොයා ආදී උරග හා උභයජීවී සාමාජිකයෝද රැසක් සිටිති. ලෝක සංරක්ෂණ සංගමය සිදුකරන ලද අධ්‍යයනයකදී උරග විශේෂ 28ක් ද උභයජීවී විශේෂ 13ක් ද සිටින බව හෙලි වී තිබේ. එමෙන්ම සමනල විශේෂ 60ක් ද ජලජ ගොළුබෙලි විශේෂ රාශියක් හා කිවුල්දිය හා මිරිදිය මත්ස්‍ය විශේෂ 50ක් පමණද සිටින බව සොයාගෙන ඇත. කුරැලු පාරාදීසයක් ලෙස සැලකෙන මාදු ගඟ පරිසර පද්ධතියේ පක්ෂි විශේෂ 100ක් පමණ දැකගත හැක.දියකාවුන්, කොකුන්, කොරවක්කන්, පිළිහුඩුවන් මෙන්ම ලංකාවට ආවේණික කුරුල්ලන් වන ගිරා මලිත්තා,හිස දුඹුරු දෙමලිච්චාද මාදු ගඟ තුරුලතා වල නිතර ගැවසේ. ගැලරිය මේවාද බලන්න මාදු තෙත් බිම ගංගා - ශ්‍රී ලංකා
4203
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය මුල්වරට භාවිතා කරනු ලැබීය. යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය. එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ "ජාතීන්ගේ සංගමය" යි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය. චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝම්බර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ. මෙහි නිෂේධ බලය සහිත රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය යි. මීට අමතරව ආර් තික සහ සමාජීය කවුන්සිලය, සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය යනාදී වශයෙන් වන තවත් අංශ රාශියකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්විත වේ. 1965 දී ඉන්දුනීසියාව මෙම සංවිධානයෙන් ඉවත් වී 1966 වසරේ නැවත එක් විය. එසේ කළ එකම රට ඉන්දුනීසියාවයි. එයට හේතුව ඔවුන් මැලේසියාව සමඟ ඇතිවූ ප්‍රශ්නයක් නිසායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසන් සාමාජිකත්වය ලබා ගත් රට වන්නේ දකුණු සූඩානයයි. 2011 වසරේදී සුඩාන ජනරජයෙන් දකුණු සුඩානය බෙදී වෙන්වීමෙන් පසුව එම වසරේදීම එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය. 2011 වසරේදී පලස්තීනයද සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළද මෙතෙක් ස්ථිර සාමාජිකත්වය ලබා දී නොමැත. තායිවානය සහ කුක් දුපත් වලටද මෙතෙක් සාමාජිකත්වය ලබාදී නොමැත. ඒ චීනයට සහ නවසීලන්තයට එම භුමි පිළිබඳව ප්‍රශ්න ඇති නිසායි. උතුරු සහ දකුණු කොරියා රටවල් දෙකද මෙතෙක් සාමාජිකත්වය ලබා නොමැත. 1945 ආරම්භයෙදී මෙහි පළමු මහ ලේකම්වරයා වූයේ ට්‍රින්ග් වේ ලී, ඉන්පසුව පත්වූ කීපදෙනෙක් වූයේ, බුටෝස් බුටෝස් ගාලි, කොෆි අනන් (ඔහුට 2001 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය), බැන්කි මූන් සහ 2017 සිට මේ දක්වා 9 වන මහ ලේකම්වරයා ලෙස පෘතුගාල් ජාතික අන්තෝනියෝ ගුටරෙස්. මෙහිදී එක් අයෙකුට වසර 4 බැගින් වාර දෙකක් මහ ලේකම් තනතුර හෙබවිය හැකිය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කළේ එම සංවිධානය පිහිටුවීමෙන් වසර තුනක් ගතවීමෙන් පසුවය. එනම් 1952 වසරේදීය. පසුව 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබා දෙන ලදී. මෙම සංවිධානය විසින් සිවිල් අරගල පාලනය කිරීම සඳහා රටවල් තුළට "සාම සාධක" හමුදා යැවීමද සිදු කරයි. එසේ හමුදා යවන ලද රටවල් කීපයක් වන්නේ ලයිබීරියාව, ඊශ්‍රයලය, කොසවෝ, සුඩානය සහ හයිටියයි. චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති. මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර් තික හා සාමාජීය මණ්ඩලයේ නිල භාෂාවක් ලෙස අරාබි බස ද පසුව එක් කරනු ලැබී ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නාවූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නාවූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි. අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රධාන මූලධර්ම සංග්‍රහ කරයි. අරමුණු ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය. ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම. ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම. පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම. ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත. සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම. සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතුය. සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම. සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංග එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6 ක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරිණ. මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව) ආරක්‍ෂක මණ්ඩලය ආර්ථික හා සමාජීය මණ්ඩලය භාරකාරත්ව මණ්ඩලය (ආහෝසිකරනු ලැබීය) අන්තර්ජාතික අධිකරණය ලේකම් කාර්යාලය නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ පවුල (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අරමුදල් ලබාදීම මේවාද බලන්න එක්සත් ජාතින්ගේ මෙහෙවර ආශ්‍රිත ග්‍රන්ථ එක්සත් ජාතීන්ගේ පවුල එක්සත් ජාතීන් (අන්තර් ජාතික සාමය හා ආරක්‍ෂාව) මූලාශ්‍ර එක්සත් ජාතීන්ගේ සංවිධානය
4204
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%A2%E0%B6%B1%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A
සිංහල ජන නාටක
අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලට ය .දේශීය රටට සමීප වූ නාට්‍ය කලාවක් බිහි කිරීමේ උත්සාහ වු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේ දි මෙම ජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි, ගම් මඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීමේ දි යොදා ගත්තේය. මේ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ, සොකරි කෝළම් නාඩගම් සොකරි විශේශතා [['']] සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර ‍කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින් පළාතට ‍මඳ වශයෙන් වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි. මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමා‍දානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ. සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ. අනුප්‍රාසයට මුල්තැන දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය ඉදිරිපත් කිරී‍මෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි නාටකයෙහි ගායනා කරන ඇතැම් කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැ‍යෙන කවියකි "ආල වඩන පියයුරු දෙක ළැම දිලිසෙන්නේ කෝළ නැතුව සබයට එළි බැසලා නටන්නේ මාල කරට දමා හැට්ට සළු පළදින්නේ බාළ සොකරි ළමා මෙනුඹ නටා වරෙන්නේ'' සෘංගාරයක් ඇතිවන අයුරින් මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන කොටසකිකෙසේ වුවද සිංහල ජන නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය. සිංහල ජන නාට්‍ය අතර තවත් කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි. කෝළම් සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ. කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස් මුහුණු පැළද නැටීම කෝළම් වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය ‍කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම සඳහා කවියට නඟා සකස් කරන ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම සතුවේ. ඉතාමත් උසසස් කලාත්මක  නාට්ටිය අංගයන්ගෙන් සමන්විත කෝලම් නාට්‍යය කලාව පහතරට සම්රාදයේ  ප්‍රදාන තැනක් ගනි. ශාන්ති කර්ම වල මෙන්ම  වෙස්මුහුණු  පැලද කරන රංගනයන් උවද කෝළම් නාට්‍යය කලාව ශාන්ති කර්ම සමග සම්බන්දයක් නොමැත. යත්විජිත පාලන සමයේ  තිබු  දුර්වලතාවයන් ඉස්මතු කරමින් පවතින පාලන ක්‍රමය උපහාසයට  සහ විවිචනයට ලක් කිරිමක්  සිදුවේ . කෝළම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්‌නට ඇත්තේය සබේ විදාන හා සභාපති පමණක්‌ වෙස්‌ මුහුණු පළදින්නේ නැත. සභාපති නික්‌ම ගිය පසු පිළිවෙළින් ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්‌, හේවාජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා,කාපිරි , දෙමල. මුස්ලිම් . රජ කට්‌ටුව පැමිණේ. ඉක්‌බිත රජ හා බිසව පැමිණේ අනතුරුව . සිංහ , ගොන්  කොටි, කව රාක්ෂ , සුරබ වල්ලිය.නාග, මරු, ගුරුළු යන රාක්‍ෂ නැටුම් රඟ දැක්‌වේ. ඉන් අනතුරුව රඟ දක්‌වන්නේ තෝරාගත් කථා පුවතකි. සදකිදුරු, මනමේ , ගොටිම්බර වැනි ඓතිහාසික කතා පුවතක් හෝ ජාතක කථා පුවතකි   කෝළම් නිර්මාණය හා රංගනය ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද මැනවින් විදහා දක්වයි. <br.> නාඩගම් ජන නාට්‍ය අතර නාඩගම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඊට හේතුව ‍ශෛලිගත නාට්‍ය සම්ප්‍රද්‍රාය ප්‍රතිෂ්ඨාපනයට නාඩගම මුල්විය.දේශීය නාට්‍ය කලාවේ සමාරම්භය සිදුවුයේ මෙම ජන නාට්‍ය වි‍ශේෂයක්වු නාඩගම් ඇසුරිනි. දහනව සියවසේ මුල් භාගයේ නාඩගම් බිහිවුනා යැයි සැලකේ.මෙම නාට්‍ය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර මුහුදු බඩ වෙරළෙහිය.අංග සම්පුර්ණ දෟශ්‍ය කාව්‍ය ලක්ෂණ නාඩගම් තුළ තිබෙන බව පිළිගැනේ.නාඩගමක් සම්පුර්ණයෙන්ම විකාශනය වන්නේ ගීතය මාර්ගයෙනි.මෙහි නාට්‍ය රසය උත්පාදනයට විශාල අවධානයක් ලැබේ. සිංහල පැරණි නාඩගම් රචකයාලෙස සැලකෙන්නේ පිලිප්පු සිංඤ්ඤෝ නැමැත්තාය.මේඅයුරින් බිහිවු නාඩගම් අනෙකුත් ජන නාට්‍ය සේම රාත්‍රියේ රඟ දක්වයි.රැයක් මුළුල්ලේ මෙයරඟ දැක්වේ.නාඩගම් රඟ දක්වනු ලබන්නේ පස්ගොඩ ගැසීමෙන් පොළවේ මටිටමෙන් උස්කාට අර්ධ කවාකාරයෙන් තනාගත් රංඟභුමියක් ප්‍රේක්ෂකාගාරය කරගනිමිනි.මෙම නාඩගම් තුළින් ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය අවදිකරයි.කිසියම් වින්දනයක් අත්කරදීමට සමත් කලාත්මක සන්දර්භයක් තුළ මෙම නාඩගම විකාශනයවේ.කෙසේ වුවද මෙම නාඩගම් නුතන නාට්‍ය කලාවට ‍බෝහෝ සෙයින් වැදගත්වේ. අපේ සංස්කෘතික උරැමයන් ලෙස ගතහැකි මෙම ජන නාට්‍ය සමහරක් අදටත් අප අතර පවති. මේවා කියාපාන්නේ අපගේ අනන්‍යතාවය නොවේද ඉතා පෞරාණික සංස්කෘතියකට උරැමකම් කියන අප මෙම ජන නාට්‍ය තවදුරටත් රැක ගැනීමට කටයුතු කළ යුතුය . මේ අඩවියත් බලන්න දහඅට සන්නිය ජනකවි - සිංහල ගැට බෙරය සංස්කෘතිය සමාජය ජනශ්‍රැතිය නාට්‍ය
4205
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%8B%E0%B6%BA%E0%B6%B1
ජාතික නාමල් උයන
දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් ‍රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ. අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ද මෙය වේ. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නා ගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදි ශාක රැසක් ද දක්නට ලැබෙයි. අපේ රටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. පුරා විද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ. ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක් ද පවති.මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද හැදින්වේ. තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත. පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයන තුළ කළ පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20 ක භුමි භාගයක පොසිල විසිර තිබේ. පුරා විද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත. පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරීමට ද රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහනවල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ. සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වන විට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී. උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කරවීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත. මුලාශ්‍ර (විජය පුවත්පත අනුග්‍රහයෙන් ) මේ අඩවියත් බලන්න ශ්‍රි ලංකාවේ ජාතිකත්වය ශ්‍රි ලංකාවේ ජාතික වස්තූන්
4206
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1
හෙන්රි ජයසේන
කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදක‍යෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන ය. ඔහුගේ අතීතය. 1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් ‍කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. කුඩා හෙන්රි ජයසේන ඇතිදැඩි වුයේ මව් සෙනෙහස තුළ නොව කුඩම්මාගේ සෙනෙහස යටතේය හෙන්රි කුඩා කල ඔහුගේ පවුලේ උදව්යත් ගමේ උදව්යත් ගමේ යහලුවන් ඔහුව හැදින් වුයේ චන්ද්‍රසේම යන නම්නි. නිවසේදී සිංහල, ඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලට ය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. නාලන්දා ශිෂ්‍ය ජීවිතය මෙතුමාගේ ජීව්තයේ තවත්වැදගත්ම සංසිද්දියක් වන්නේ 1945 න් පසු කොළඹ නාලන්දා වේදි ඔහු ප්‍රථම වරට වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක ව්මයි ඵ් ඉන්දියානු දේව කතාවල සත්‍යවාදි හරිෂ් තුලින්බ්හිවු හරිෂ්චන්දු නම් නාටකයේ පුංච් රෝහිත කුමරා ගේචරිතයට පණ පෙව්මයි ඵහිදි මෙතුමා ප්‍රථම වරට තම ජීව්තයේ දී ගුණපාල මලලසේකර මැතිතුමන් ගේ ආශිර්වාදයට පත්ව්ය පසු කාලීනව ඔහු නියත වේදිකාවට පැම්ණිමට මෙම සිදුව්ම බොහෝ සේ ඉවහල් ව්ය නාලන්දා විද්‍යාල‍යේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, සිරි පෙරේරා (යූ.එස්. පෙරේරා - සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාpaka ට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු අක්ෂි ශල්‍ය වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය වෛද්‍ය ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර, ප්‍රවීන චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේන, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ජයසේනයන්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. වසර 2003 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය. රැකියාව අ.පො.ස උ/පෙළ නිමවා ඵහි ප්‍රතිඵල ඵනතුරු හෙන්රි ජයසේනයන් කොළඹ රෙජිස්ත්‍රාල් කාර්යාලයේ තාවකාලික ලිපිකරුවකු ලෙස වැඩ කරන ලදී. අනතුරුව ඵම උසස් පෙල ව්භාග ප්‍රතිපල මත ඔහු අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේඉංග්‍රිසි උපගුරු මුල්පත් ව්ම භාරගන්නා ලදී. ඵ් අනුව 1950 දී සිංහල ප්‍රාථම්ක පාසලේ ඉංග්‍රිසි උපගුරු තනතුරට පත් වී පදියැල්ලට යන ලදී ඵහිදී ඵම පාසලේ දුප්පත් ළමුන්ගේ අඩු ලුහුඩුකම් දැක ඵ් දරුවන් ගේ දුප්පත්කම පරදා අධ්‍යාපන නගා සිටු ව්මට ව්ශාල මෙහෙවරක් කරන ලදී මේ සදහා ඔහු ප්‍රථම වරට ඵම දුප්පත් පාසලේ දී තම කළා දිව්යේ මංගල සමරුව තබන ලදී. එනම් නාට්‍යක් පිටපත් කර රඟ දක්වා අධාර එකතු කර ගැනිමයි ඵ් සදහා ඔහු ව්සින් තෝරා ගනු ලැබුවේ රාමායනයේ පරිඡෙදයකි. එය ජනකී නම් ව්ය එම නාට්‍ය තුලින් උපයාගත් මුදලින් දුප්පත් දරුවන්ට පොත් පත් ලබා දුනි මෙලෙස කාගේත් සිත් දිනා ගනිම්න් එම පාසලේ වැඩකටයුතු කරගෙන ගියත් ඔහුට එම පාසැලෙන් සමුගැනීමට සිදු ව්යනිශ්ශංක අයියා ගේ දැනුම් දිම මත 1951 දී පාසැල් ගුරුකමට සමුදී ලිපිකරු සේවයට එක්ව්මට ඔහුට සිදු ව්ය. සිත යටින් ගුරු ජීව්තයට ආදරය කරම්න් දියතලාවේ ප්‍රසිද්ධ ඉංජනේරු කාර්යාලයේ සේවයට එක්ව්ය දියතලාවේදී ඔහුගේ ජීව්තයට රසබර අත්දැකීමක් එක්වීය ඒඔහු එක්තරා පාසැල්යන තරුණියකට පෙම් කිරීමයි එහෙත් එය අසාර්ථක ඒකපාර්ශවීය ප්‍රේමයක් ව්ය. නාට්‍ය නිර්මාණ ඵතුමා කුඩා කල සිටම වේදිකාව පිළිබද සිහින මවම්න් ප්‍ර්‍වත් වු අයෙකි.ඵනම් ගම්පහ පාසැලට යම්න් අධ්‍යාපනය හදාරද්දීම ඔහු වේදිකාවට ඩැඩිව ඇළුම් කලේය ව්ශේෂයෙන් ම මේ සදහා අනුබල දෙම්න් ඔහුව ඒ දෙසට නැඹුරු කර ලද්දේ ඵරික් නම් ඥාති සොහොයුරකු ව්සිනි මේ අතැරින්සිදු වු සුව්ශේෂි සිදුව්ම වන්නේ බී ඵ් ජයමාන්නගේ මීගමුවේ ම්නර්වා කණ්ඩායමේ රුක්මණී දේව්ය ප්‍රමුඛකරගනිමින් සැගවුණු පිළිතුර නමින් වේදිකා නාට්‍යක් රඟ දැක්ව්මයි ඒදෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේය ළමා කල උන් හෙන්රි රුක්මණී දේව්ය දැක තම ජීවිතයේ සිහින අතරට වේදිකා සිහිනය ද ඵක්කර ගත්තේය ඵහෙත් ඔහු තුළ මේ නාට්‍ය සදහා වන ඇල්ම පිළිබද ඔහුගේපවුලේ අයට මහත් බිය ගෙන දෙන්නක් විය ඵම අනියත බිය හේතු කොට ගෙන තම සොහොයුරකු වන නිශ්ශංක අයියාගේ මග පෙන්ව්ම යටතේ ගුවන් විදුලියට ඵක් විමට සිදු විය. ඵහිදි ඔහු ගුවන් විදුලියේ රෙඩියෝ සිලෝන් හි සිරි අයියා ගේ ළමා තීරයට ඵක් විය. ‍මේ ගුවන් විදුලි වැඩසටහන ඔහුව කොළඹ විද්‍යලයකට ඇතුලත් කිරීමට ද හේතු ව්ය. ඵ් කෙසේ වුවද මෙම ගුවන් විදුලිය වැඩසටහන පසුකාලිනව ඔහුගේ වේදිකා රංගනයේදි Stage Fright හෙවත් වේදිකා භීතිය නැති කිරීමට සමත් වු බව වරෙක ඔහු ව්සින්ම පවසා තිබේ. හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ (පහත බලන්න) මෙතුමා විසින් පරිවර්තනය කරන ලද බ්‍රටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද කොකේසියන් චෝල්ක් සර්කල්" නම් නාට්‍ය හුණුවටයේ කතාව නමින් මෙරට ඉතා ප්‍රසිද්ධියක් ලැබීය. විවාහය 1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය. අභාවය මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. නාට්‍ය නිර්මාණ මනමාලයෝ - පරිවර්තන (1953) වැදගත්කම - පරිවර්තන(1954), ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962) තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946) මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965) අහස් මාළිගා - පරිවර්තන(1966) හුණු වටයේ කථාව -පරිවර්තන (1967) අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972) මකරා - පරිවර්තන(1973) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975) සිරිසඟ‍බෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟ‍බෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය ) ජයතු ලංකා - 1983 1956 එදිරිවීර සරත්චන්ද්‍ර මනමේ නිෂ්පාදනය කිරීමත් සමඟ, ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය කඩා වැටුනි. මනමේ ආභාශය ලබමින් ශෛලිගත ආකෘතියේ නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. මේ තුළින් නාට්‍ය කලාව මේ යුගයේ අර්බුදයකට පත්ව තිබුණි. නමුත් නිෂ්පාදන ශෛලිය අතින් මනමේ අනුකරණයට නොව ඊට පිටු පෑමට හෙන්රි ජයසේන උත්සාහ ගත්තේය. තමන්ගේ "කුවේණි" නාට්‍යය ශෛලිගත නාට්‍යයක් ලෙස හැඳින්වීමට මැළිවන ඔහු, 1961 නිර්මාණය කළ ' ජනේලය ' නම් නාට්‍යයද ඉහත නාට්‍ය රැල්ලට දුන් කදිම පිළිතුරකි. එම නාට්‍ය නිපදවා ඇත්තේ ශෛලිගත, තාත්වික යන සම්ප්‍රදායේ මනා සංකලනයකිනි. හෙන්රි සිය නාට්‍ය චාරිකාව අරඹන්නේ "මනමාලයෝ", "වැදගත්කම" වැනි පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළිනි. 1959 දී නිර්මාණය කළ "පව්කාරයෝ" ඔහුගේ පළමු ස්වත්‍රන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයයි. කෙසේ නමුත් හෙන්රි නාට්‍යකරුවෙක් ලෙස ස්ථාපිත වන්නේ කුවේණි නාට්‍යය තුළිනි. එය ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය නිර්මාණයකි. ස්වත්‍රන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන නිර්මාණ රැසක් කරළියට ගෙන ආ ඔහු, ඒ හැම තැන්හිදීම ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කිරීමට සමත් වීය. ඒ අනුවර්තන හා පරිවර්තන නාට්‍ය කරුණු 2 ක් යටතේ වැදගත්ය. 1.ලොව විවිධ නාට්‍යකරුවන් තම රටවල සිතුම් පැතුම් අනුව නිර්මාණය කළ දැවැන්ත නාට්‍ය අප රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම. 2. අනුවර්තනයේදී හා පරිවර්තනයේදී සංයමයකින් යුතුව බස හසුරුවමින් මතු කළ දේශීය අනන්‍යතාවය පරිවර්තන හා අනුවර්තන නාට්‍ය නිෂ්පාදනයෙන් සිංහල වේදිකාවට එක් කළ නැවුම් අත්දැකීම් සම්භාරය හා ප්‍රේක්ෂකයාට ලබා දුන් උසස් රසවින්දනය. මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරු‍වෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්‍යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාස‍්‍යය උපදවයි. කුවේණි නාට්‍යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය. මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය ) නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි... සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි) උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්) පුත නොබලන් හෙළ ගැඹුරුයි... යුද්දෙට මං ගියා...(හුණු වටය) ආදී ගීත නොඇසූ ප්‍රේක්ෂකයෙකු සිංහල නාට්‍ය රසිකයන් අතර ‍නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී. හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්‍රපට 19 ක රඟ පා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි. 1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්‍රමයෙන් රුපවාහිනිය හරහාද ප්‍රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්‍රත්‍යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය. 1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්‍ය හා චිත්‍රපට මාධ්‍යයෙන් නොව ටෙලි නාට්‍ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්‍රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්‍යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්‍යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ. සිය දීර්ඝ නාට්‍ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්‍රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්‍රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත. හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්‍ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්‍යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්‍ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්‍රමාණවත් ය..." හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්‍යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන ‍අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත. මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ප්‍රවීණ රංගනවේදිනි මානෙල් ජයසේන ප්‍රිය බිරිඳගේ වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත් ව නිහඬ ජීවිතයක් ගත කළ හෙන්රි ජයසේන මහතා නුගේගොඩ පදිංචිය අතහැර තම එකම පුතුණුවන් වන සුදාරක සහ දරු මුණුපුරන් සමඟ ගල්කිස්සේ කලාපුරයේ පදිංචිව සිටියේ ය. ආශ්‍රිත ග්‍රන්ථ කුවේණී නාට්‍ය කරලියේ පෙරළියක් ආශ්‍රිත Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10)) 1931 උපත් 2009 මරණ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ රංගන ශිල්පීන් චිත්‍රපටි නළුවන් කලාකරුවෝ චරිත කතා
4207
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවවවවවවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි. අතීත ආකාශ නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. චන්ද්‍රයාගේ උපත හා එය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ. 19 වැනි හා 20 වැනි සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 වර්ෂයේදී ඡායාරූප රාශියක් ලබාගැනුණි. එම ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබිණි. ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කෙරිණි. ඒ අනුව චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා විය. එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් චන්ද්‍රයාගේ පාෂාණ රැස් කරන ලදි. එම පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ ඇතැම් විටෙක සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමටම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබේ. එසේම ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි. පෘථිවියට ඇති සම්බන්ධතාවය කක්ෂය 27.3  පමණ දින ගණනකට වතාවක් (එහි නක්ෂත්‍ර ආවර්තය) චන්ද්‍රයා විසින් ස්ථාවර තාරකාවන්ට සාපේක්ෂව පෘථිවිය වටා එක් පරිභ්‍රමණයක් සිදු කරයි. කෙසේ නමුත් එම කාලය තුළදීම පෘථිවියද සූර්යයා වටා සහ එහි කක්ෂය වටාද චලනය වන නිසා සඳට එහි එකම කලාව පෘථිවියට පෙන්වීමට වැඩිපුර කාලයක් ගතවෙයි. එනම් එය දින 29.5 ක් පමණ වේ. (චන්ද්‍ර මාස ආවර්තය) අනෙකුත් ග්‍රහ ලෝකවල බොහොමයක් උප ග්‍රහයින් මෙන් නොව චන්ද්‍රයා සමකය ක්‍රාන්තිවලය ආසන්නයේ කක්ෂගත වී ඇති අතර එය පෘථිවියෙහි සමක තලයේ නොවේ. චන්ද්‍රයා එහි ග්‍රහලෝකය වන පෘථිවිය හා සසඳන විට එය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා ලෙස හැඳින්විය හැකිය. (කුරු ග්‍රහලොවක් වන ප්ලූටෝට සාපේක්ෂව චාරෝන් වඩා විශාල වේ) පෘථිවියේ චන්ද්‍රයා අනුව යමින් අනෙකුත් ග්‍රහලෝක වටා කක්ෂගත වී ඇති ස්වාභාවික උප ග්‍රහයින් චන්ද්‍රයන් ලෙස හඳුන්වනු ලැබේ. පෘථිවියෙහි දක්නට ඇති බොහොමයක් වඩදිය බාදිය ආචරණ ඇති වන්නේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ඈඳීම හේතුවෙනි. එයට සූර්යයාගෙන් ලැබෙන්නේ අඩු දායකත්වයකි. මෙම වඩදිය බාදිය ආචරණ සංසිද්ධිය පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර ශත වර්ෂයකට 3.8m පමණ හෝ වසරකට 3.8cm හෝ වැඩි කිරීමට හේතු වේ. කෝණික ගම්‍යතා සංස්ථිතියේ ප්‍රතිඵලයක් ලෙස සඳෙහි අඩ-මහා අක්ෂය වැඩි වීමත් සමඟ පෘථිවි භ්‍රමණය ක්‍රමානුකූලව මන්දගාමී වේ. එනම් එය ශත වර්ෂයකට දිනකට තත්පර 0.002 ක් පමණ අඩු වේ. සමහරක් විට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ ග්‍රහලෝක චන්ද්‍ර පද්ධතියක් ලෙස නොව ද්විත්ව ග්‍රහලොවක් ලෙස සලකනු ලැබේ. මෙය මෙසේ වන්නේ ආදායක ග්‍රහලොවට සාපේක්ෂව සඳෙහි අතිශය විශාල වූ ප්‍රමාණය නිසාය. සඳ පෘථිවි විෂ්කම්භයෙන් ¼ ක් පමණ විශාල වන අතර එහි ස්කන්ධය පෘථිවි ස්කන්ධයෙන් 1/81 වේ. කෙසේ නමුත් මෙම අදහස සමහරෙක් විසින් විවේචනයට ලක් කරයි. එසේ කරන්නේ පද්ධතිය සඳහා වූ ස්කන්ධයේ කේන්ද්‍රය පෘථිවිය මතුපිටට 1700km පමණ යටින් හෝ පෘථිවි අරයෙන් ¼ක් පමණ යටින් පිහිටා තිබීම නිසාය. චන්ද්‍රයාගේ මතුපිට පෘථිවි මතුපිටෙන් 1/10කට වඩා කුඩා වන අතර පෘථිවියේ ගොඩ බිම් ප්‍රදේශයෙන් ¼ක් පමණ වේ. (රුසියාව, කැනඩාව හා ඇමරිකාව එකට සම්බන්ධ කළ විට ඇති වන විශාලත්වය තරම්) 1997 දී 3753 Cruithne උල්කාෂ්මය නිසා අසාමන්‍ය ලෙස පෘථිවියට සම්බන්ධ වූ Horseshoe කක්ෂයක් පවතින බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් තාරකා විද්‍යාඥයින් එය පෘථිවියෙහි දෙවන චන්ද්‍රයා ලෙස නොසලකන අතර එහි කක්ෂය දීර්ඝ කාලීනව ස්ථායී නොවේ. එතැන් සිට පෘථිවිය අසල වූ Cruithne ගේ කක්ෂයට සමානකම් ඇති කක්ෂ ඇති උල්කාෂ්ම 3 ක් වූ (54509) 2000 PH5, (85770) 1998 UP1 හා 2002 AA29 සොයා ගන්නා ලදී. සාපේක්ෂ ප්‍රමාණ හා පෘථිවි චන්ද්‍ර පද්ධතියේ වෙන්වීම පරිමාණයකට අනුව ඉහත දක්වා ඇත. එම උල්කාෂ්ම ආලෝකය පෘථිවිය හා චන්ද්‍රයා අතර ගමන් කරන බව දක්වා ඇති අතර ඒවා අතර සත්‍ය දුර නිර්ණය කිරීම සඳහා සත්‍ය වශයෙන් යොදා ගන්නේ ද ආලෝකයයි. මධ්‍ය කක්ෂ දුරේ දී එම කාලය තත්පර 1.255ක් වේ. ආලෝක කදම්භය සූර්යයාට සාපේක්ෂව පෘථිවි චන්ද්‍ර පද්ධතියේ පරිමාණය ගැන වැටහීමක් ලබා ගැනීමට උදව් වේ. සූර්යා පවතින්නේ ආලෝක මිනිත්තු 8.28ක් දුරිනි. නිරීක්‍ෂණය එහි දීප්තිමත්ම කලාව එනම් පුර සඳ අවස්ථාවේ දී සඳට -12.6ක පමණ දෘශ්‍ය විශාලත්වයක් ඇත. සන්සන්දනාත්මකව සූර්යයාට -26.8ක පමණ දෘශ්‍යම විශාලත්වයක් ඇත. චන්ද්‍රයා අව කලාවේ ඇති විට එහි දීප්තිමත් බව පුර සඳෙන් භාගයක් නොවේ. එය එයින් 1/10ක් පමණ වේ. එසේ වන්නේ චන්ද්‍රයා මතුපිට පරිපූර්ණ ලැම්බර්ටියන් පරාවර්තකයක් නොවන හෙයිනි. සඳ සම්පූර්ණව ඇති විට ප්‍රතිවිරුද්ධ ආචරණය එය වඩාත් දීප්තිමත්ව දිස්වේ. එහෙත් පූර්ණව නැති විට මතුපිටට ප්‍රක්ෂේපිත සෙවණැලි පරාවර්තිත ආලෝක ප්‍රමාණය අවම කරයි. ක්ෂිතිජයට ආසන්නයේ දී සඳ වඩා විශාල සේ පෙනේ. එය සම්පූර්ණයෙන්ම මනෝමය ආචරණයකි. සඳ ඉහළ අහසේ ඇති විට ක්ෂිතිජය අසල දී පෙනෙන ප්‍රමාණයට වඩා 1.5%ක් පමණ කුඩා වේ. (එසේ වන්නේ එය එක් පෘථිවි අරයකටත් වඩා එපිටින් ඇති හෙයිනි.) සඳට ඇත්තේ අඩු ඇල්බිඩෝවක් වුවත් එය අහසෙහි සාපේක්ෂව දීප්තිමත් වස්තුව සේ පෙනේ. චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ දුර්වලතම පරාවර්තකයා ලෙස සැලකේ.එමඟින් පරාවර්තනය කෙරෙන්නේ එය මත පතිත වන ආලෝකයෙන් 7%ක් පමණි. (ගල් අඟුරු කොටසක් මඟින් එවැනිම ආලෝක කොටසක් පරාවර්තනය වේ.) දෘශ්‍ය පද්ධතිවල වර්ණ ධ්‍රැවත්වය වස්තුවක වර්ණය හා එහි වටපිටාව අතර සම්බන්ධය දක්වන අතර වටපිටාවෙහි වූ අහස සන්සන්දනාත්මකව අඳුරු නිසා චන්ද්‍රයාට වඩා දීප්තිමත් වස්තුවක් ලෙස පෙනේ. සාගර උදම් තරංග පෘථිවියෙහි සාගර උදම් තරංඟ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය (එහි තීව්රතා අනුක්‍රමණය) නිසා ඇති වන උදම් බල හේතුවෙන් ඇති වන්නකි.තවද එය පාථිවි සාගර මත බලපාන වෙනත් ආචරණ සමුහයක් හේතු වෙන් වර්ධනය වු තත්ත්වයට පත් වෙයි. ගුරුත්වාකර්ෂක උදම් බලය හටගැනීමට හේතු වන්නේ සද වෙත මුහුණලා පිහිටන පෘථිවි අර්ධය (සඳට වඩාත් ආසන්න ප්‍රදේශය) සඳෙහි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවි කේන්ද්‍රයට සහ පෘථිවියේ සඳ ට වඩාත් ඈතින් පිහිටන ප්‍රදේශට සාපේක්ෂව වැඩි ආකර්ෂණ බලයකට යටත් වීමයි. ගුරුත්වාකර්ෂක උදම් තරංඟ හේතුවෙන් පෘථිවි සාගර පෘථිවිය කෙන්ද්‍රය වන පරිදි පිහිටන ඉලිප්සයක ආකාරයට හැඩයකට සකස් වෙයි. මෙම ආචරණය හේතුවෙන් සඳට වඩාත් ආසන්න සහ වඩාත් ඈතින් පිහිටි ප්‍රදේශ ආශ්‍රිතව පෘථිවියට සාපේක්ෂව මුහුදු මට්ටම ඉහළ නගියි. මෙම ප්‍රදේශ මුහුදු මට්ටම නෙරාගිය ප්‍රදේශ ලෙස සැලකිය හැකිය. මෙම නෙරාගිය ප්‍රදේශ සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින් දිනකට එක් වරක් බැගින් පෘථිවිය වටා ගමන් කරයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් චලනය වන මෙම නෙරාගිය ප්‍රදේශ දෙසට මුහුදු ජලයද නිරන්තරයෙන්ම චලනය වෙමින් පවති. මෙම නෙරුම් යුගලයේ සහ ඒවා පසු පස ගමන් කරන දැවැන්ත සාගර ජල තරංඟ වල ආචරණය අනෙකුත් ආචරණයන්ගේ අන්තර්ක්‍රියාවක් හේතුවෙන් වර්ගික තත්ත්වයට පත්වෙයි. මෙම ආචරණයන් වනුයේ පෘථිවි භ්‍රමණයට සාගර පතුල හරහා ජලය ඝර්ෂණ ඔස්සේ සම්බන්ධ වීම, ජලයේ චලනයෙහි අවස්ථිතිය, භූමියට ආසන්නවත්ම ක්‍රමයෙන් ගැඹුර අඩුවන සාගර ද්‍රෝණිය සහ විවිධ සාගර ද්‍රෝණි අතර පවතින විචලන යන ඒවායි. මෙම වර්ධක ආචරණයෙන් නාන ජල බඳුනක ගැඹුරු ජල කඳ සහිත කොටසෙහි ශරීරය චලනයෙන් ඇති වන සුළු කැළඹීමක් හේතුවෙන් ඇලවු කෙළවර ජලය ඉහළ නැගීමට යම්තාක් දුරට සමාන වේ. චන්ද්‍රයා සහ ඊට ආසන්නතම සාගර නෙරුම අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ සම්බන්ධය හේතුවෙන් චන්ද්‍රයාගේ කක්ෂය වෙත බලපෑමක් එල්ල වෙයි. පෘතුවිය සිය අක්ෂය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වන දිශාව ඔස්සේම දළ වශයෙන් චන්ද්‍රයා මෙන් 27 ත් ගුණයක වේගයෙන් යුතුව භ්‍රමණය වෙයි. ඒ හේතුවෙන් සාගර ජලය සහ සාගර පතුල අතර හට ගන්නා ඝර්ෂණ සම්බන්ධය සහ ජලයෙහි අවස්ථිතිය හේතුවෙන් චන්ද්‍රයාට ආසන්නව පිහිටන උදම් නෙරුමෙහි මුදුන චන්ද්‍රයාගේ කේන්ද්‍රය සහ පෘථිවියෙහි කේන්ද්‍රය යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් මඳක් ඉදිරියට යොමුව පිහිටයි. චන්ද්‍රයාගේ පැතිකඩින් බලන විට සඳට ආසන්න උදම් නෙරුමෙහි ස්කන්ධ කේන්ද්‍රය එය පරිභ්‍රමණය වන ලක්ෂ්‍යයට හැමවිටම මදක් ඉදිරියෙන් පිහිටයි. චන්ද්‍රයාට වඩාත් ඈතින් පිහිටන නෙරුම සදහා මෙම ආචරණයෙහි විලෝමය සත්‍ය වේ. එනම් එය ඉහත සදහන් මනඃකල්පිත රේඛාවට සාපේක්ෂව මදක් පසු පසින් පිහිටයි. කෙසේ නමුත් එය තවත් කිලෝමීටර් 12756 ක් සදට ඈතින් පිහිටන අතර එය හා සඳ අතර පවතින ගුරුත්වාකර්ෂණ සම්බන්ධව මඳක් අඩු අගයක් ගනී. මේ හේතුවෙන් පෘථිවිය වටා කක්ෂය ඔස්සේ නිරන්තරයෙන්ම චන්ද්‍රයා ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉදිරියට ඇදෙමින් පවති. මෙම ගුරුත්වාකර්ෂණ සම්බන්ධ හේතුවෙන් භ්‍රමණය වන පෘථිවියේ (දිනය සහ අධික තත්පරය යන ලිපි ද බලන්න) කෝණික ගම්‍යතාවය සහ එහි චාලක ශක්තිය නිරන්තරයෙන්ම අඩු වෙමින් පවතියි. එසේම චන්ද්‍රයාගේ කක්ෂය වෙත කෝණික ගම්‍යතාවය එකතු වන අතර ඒ හේතුවෙන් කාලයත් සමග ක්‍රමයෙන් චන්ද්‍රයා වඩාත් ඉහළ කක්ෂයක් වෙත ළඟාවෙයි. චන්ද්‍රයාගේ කක්ෂීය අරය මත මෙමඟින් ඇති වන බලපෑම ඉතා කුඩා වෙයි. එය සංඛ්‍යාත්මක වශයෙන් වසරකට 0.1 ppb පමණ වේ. නමුත් වාර්ෂිකව මේ හේතුවෙන් චන්ද්‍රයා සහ පෘථිවිය අතර පරතරය මැනිය හැකි අගයක් වන 3.82 cm ප්‍රමාණයකින් ඉහළ යයි. එසේම මෙම ආචරණය කාලයත් සමඟ වඩ වඩාත් ප්‍රබල තත්ත්වයට පත් වන අතර මුල් වරට ගගනගාමීන් සඳ මත පා තැබීමෙන් පසු දළ වශයෙන් වසර 39 ක් ගත වන විට චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර ප්‍රමාණය මීටර් 1.48 කින් වැඩි වී ඇත. චන්‍ද්‍රයා වටා වූ හේලෝවක් දවසක් තුළ දී සඳෙහි වැඩිම උන්නතාංශය වෙනස් වන අතර ආසන්න වශයෙන් සූර්යයාට සමාන සීමා ඇත. එය පෘථිවි සෘතු හා චන්ද්‍ර කලාව මත ද රඳා පැවතේ. තවදුරටත් වසර 18.6 ක මංසල් චක්‍රය ද බලපෑමක් ඇති කරයි. චන්ද්‍ර කක්ෂයේ ඉහළ නැඟෙන මංසල වසන්ත විෂුවයේ ඇති විට එක් එක් මාසයේ දී චන්ද්‍රයා ඇල වීම 280 පමණ දුරට යා හැක. (මෑතක දී මෙය සිදු වූයේ 2006 වර්ෂයේදීය) එහි ප්‍රතිඵලය වන්නේ සඳට 280ක් දක්වා වූ අක්ෂාංශවලට ඉහළින් යාමට හැකි වීමයි. (ෆොරීඩා, කැනරි දූපත් හෝ දකුණු අර්ධ ගෝලයේ බ්රි ස්බෙන්) වසර 9කට පමණ පසු ඇල වීම එක් මසකට 180 N හෝ S පමණ වේ. අඩ සඳෙහි පිහිටීම ද නිරීක්ෂණ ස්ථානයේ අක්ෂාංශ මත පදනම් වූ සමකයට ආසන්නයේ සිටි නිරීක්ෂකයකුට බෝට්ටුවක් ආකාරයේ සඳක් දැක ගත හැකිය. සූර්යයා මෙන්ම චන්ද්‍රයාට ද, 220 හේලෝ වළල්ලක් හා කුඩා කිරීටක වළලු ඇතුළත් වායුගෝලීය ආචරණ ඇති කළ හැක. අධ්‍යයනය හා ගවේෂණය සඳෙහි ඇති වීම සඳහා යාන්ත්‍රණ කිහිපයක් යෝජනා කර ඇත. සඳෙහි ඇති වීම සිදු වන්නට ඇත්තේ වසර බිලියන 4.527 + 0.010 පෙරය. එනම් සෞරග්‍රහ මණ්ඩලය ඇති වීමෙන් වසර මිලියන 30-50 කට පමණ පසුව බවට විශ්වාස කරයි. විඛණ්ඩන සිද්ධාන්තය මුල් කාලීන විශ්වාස වුයේ සඳ යනු කේන්ද්‍රාපසාරී බලය නිසා පෘථිවි කබලෙන් බිඳී ගිය කොටසක් බවයි. එලෙස එම කොටස ඉවත් වීම නිසා පැසිපික් සයුර සෑදී ඇති බවට එමඟින් කියවේ. කෙසේ නමුත් මෙම අදහස තහවුරු කිරීම සඳහා පෘථිවියට අධික අවස්ථිති භ්‍රමණයක් තිබිය යුතු අතර එය එසේ වුවද එම ක්‍රියාවලිය නිසා සඳෙහි කක්ෂය පෘථිවියෙහි සමක තලය ඔස්සේ ගමන් කළ යුතුය. එමනිසා මෙය සිදු විය නොහැකිය. පෘථිවියේ ග්‍රහණ සිද්ධාන්තය වෙනත් අදහසක් මඟින් කියා සිටින්නේ සඳ වෙනත් ස්ථානයක ඇති වී පසුව පෘථිවියෙහි ගුරුත්වය මඟින් ග්‍රහණය කරගෙන ඇති බවයි. කෙසේ නමුත් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන තත්ත්ව සේ පිළිගැනෙන පෘථිවිය අසලින් ගමන් ගන්නා සඳෙහි ශක්තිය විනාශ කිරීම සඳහා ව්‍යාප්ත වූ පෘථිවි වායුගෝලයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නොවේ මෙනිසා එයද සිදු විය නොහැකි දෙයකි. සඳ ඇතිවීම් සිද්ධාන්තය සඳ ඇතිවීම් කල්පිතය යෝජනා කර සිටින්නේ සඳ සහ පෘථිවිය එකම තැන දී එකම අවස්ථාවේ දී ආදි කල්පිත උපවයන තැටියෙන් ඇති වු බවයි. සඳ ඇති වී තිබෙන්නේ සූර්යා වටා අනෙකුත් ග්‍රහලෝක ඇති වූවා මෙන්ම ප්‍රාග් පෘථිවිය වටකර තිබූ පදාර්ථවලිනි. සමහරෙක් යෝජනා කර සිටින්නේ එම කල්පිතය සඳෙහි ලෝහ යකඩ හායනය පැහැදිලි කිරීමට අපොහොසත් වන බවයි. මෙම සියලු කල්පිතවල දක්නට ලැබෙන විශාල අඩු ලුහුඬුකමක් වන්නේ ඒවාට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ අධික කෝණික ගම්‍යතාවයට හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. චන්ද්‍ර පද්ධතිය හා ආශ්‍රිත ගැටුම් සිද්ධාන්තය වර්තමානයේ පවතින කල්පිතය වන්නේ පෘථිවි චන්ද්‍ර පද්ධතිය නිර්මාණය වූයේ විශාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් යන්නයි. ප්‍රමාණයෙන් අඟහරු තරම් වන (තෙයියා ලෙස හඳුන්වන) වස්තුවක් ප්රොටෝ පෘථිවියෙහි ගැටී එමඟින් උපවයනය හරහා චන්ද්‍රයා නිර්මාණය වීමට ප්‍රමාණවත් තරම් පදාර්ථ අවට කක්ෂයට එකතු විය. උපවයනය යනු ග්‍රහලෝක වස්තු නිර්මාණය වීමේ ක්‍රියාවලියක් වන අතර විශාල ගැටුම් සියලු ග්‍රහලෝකවලට බලපෑම් එල්ල කර ඇත. මෙම විශාල ඝට්ටනය ආදර්ශනය කරන පරිගණක අනුහුරුකරණ, චන්ද්‍ර පෘථිවි පද්ධතියේ කෝණික ගම්‍යතාවයේ මිනුම්වලින් මෙන්ම චන්ද්‍ර හරයේ කුඩා ප්‍රමාණ මනින මිනුම් වලින්ද යුක්තය. මෙම සිද්ධාන්තය සම්බන්ධ නොවිසඳූ ගැටලු වන්නේ ප්‍රාග් පෘථිවියෙහි හා තෙයියා හි සාපේක්ෂ ප්‍රමාණයන් හා සඳ නිර්මාණය වීමට මෙම වස්තු දෙකෙන් කෙතරම් ද්‍රව්‍ය දායකවුවාද යන්නයි. චන්ද්‍ර මැග්මා සයුර විශාල ගැටුම් හටගත් අවස්ථාවේ දී හා පසුව සිදු වූ ගැටුම්වලදී පෘථිවි කක්ෂයේ වූ වස්තුවල (නැවත උපවයනය වීම අතරතුර)විශාල ශක්ති ප්‍රමාණ හට ගැණිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සඳෙන් විශාල කොටසක් ද්‍රව බවට පත් වූ බව විශ්වාස කෙරේ. මෙම කාලයේ දී සඳෙහි ද්‍රව බවට පත් වූ පිටත කොටස මැග්මා සයුර ලෙස හඳුන්වන අතර එහි ගැඹුර 500km සිට සම්පූර්ණ චන්ද්‍ර අරය දක්වාම විහිදෙන බවට ඇස්තමේන්තු කර තිබිණි. මැග්මා සයුර සිසිල් වීමත් සමඟ එය ආශ්‍රිතව ස්පටීකරණය වීම හා කොටස් බවට පත් වීම සිදු විය. එමඟින් ජ්‍යාමිතිකව එකිනෙකට වෙනස් කබොලකට හා මැන්ටලයකට මඟ පෑදීය. මැන්ටලය olivine, Clinopyroxene හා orthopyroxene යන ඛනිජවල අවලම්භනය වීමෙන් හා ගිල්වීමෙන් තැනී ඇති බවට විශ්වාස කෙරේ. මැග්මා සයුරෙන් ¾ක් පමණ ස්පටීකරණය වී අවසන් වූ විට ඝනත්වය අඩු Anorthite ඛනිජය එහි මතුපිට අවලම්භනය වී හා පාවී කබොල සාදා ඇත. මැග්මා සයුරෙන් අවසානයට ස්පටීකරණය වූ කොටස ද්‍රව කබොල හා මැන්ටලය අතර පිරවුම බවට පත් වන්නට ඇත. එහි අසංඝත හා තාප නිපදවන මූලද්‍රව්‍ය අධික ප්‍රමාණයක් අඩංගු විය හැකිය. මෙම ජෛව රාසයනික සංරචකය KREEP (පොටෑසියම් (K), පෘථිවියෙහි දුලබ මූලද්‍රව්‍ය (REE) හා පොස්පරස් (P) ) ලෙස හඳුන්වන අතර සඳෙහි ළඟ පැත්තේ වූ Oceanus procellarum හා mare imbrium හි වැඩි ප්‍රමාණයක් අයත් වන කුඩා භූ ගෝලීය ප්‍රදේශයක් වන Procellarum KREEP terrane තුළ පිහිටා ඇති බව පෙනේ. මූලාශ්‍ර සටහන් උපන්‍යාස සෞරග්‍රහ මණ්ඩලය තාරකා විද්‍යාව
4208
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
බුද්ධ චරිතය
1. සිදුහත් කුමරුගේ පරපුර. 2.ප්‍රතම නියත විවරණය :බෝසතුන් සුමේධ තාපසව දීපංකර බුදුන් වෙතින් ලබන ලදි. 3.පංච මහා විලෝකන: .කාලය .දේශය .දීපය .කුලය .මව 4. බුද්ධ චරිතයේ කඩඉම්, සිදුහත් කුමරුගේ උපතින්, පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම. පස්වන දින - නම් තැබීමේ උළෙල. හත්වන දින- මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම. මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම. අවු: 16 දී - ශිල්ප දැක්වීම හා ය‍ශෝධරා දේවිය විවාහ කර ගැනීම. අවු: 29 දී - රාහුල පුත් කුමරු ඉපදීම හා ගිහිගෙයින් නික්මීම. අවු: 35 දී - බුද්ධත්වයට පත්වීම. අවු: 55 දී -ආනන්ද හිමියන් බුදුරඳුන්ගේ ස්ථීර උපස්ථායක තනතුරට පත්වීම. අවු: 80 දි - පරිනිර්වාණය. 5. සිදුහත බෝසතුන් ගිහිගෙය හැර යාමට හේතුව, . සතර පෙර නිමිති දැකීම (මහලලෙක් , ලෙඩෙක්, මලමිනියක්, පැවිදි රුවක්) දැකීම. ( මෙයින් ජරා, ව්‍යාධි , මරන ආදිය අවබෝධ වී කලකිරීමට පත් වු අතර පැවිද්ද පිළිබඳ රුචියක් ඇති වීම.) . රාහුල උපත (සසර බැඳීම පිළිබඳ අවබෝධ විය.) . නිබ්බූත පද ඇසීම .නිළියන්ගේ විකාර දැකීම ( සසර නිසරු බව අවබෝධ විය.) 6.සුදොවුන් රජු තම පුතුට වැදුම් කළ අවස්ථා: . රජ මාළිගයේ දී අසිත තවුසාට කුමරු පෙන්වීමට සූදානම් වූ අවස්ථාව. . වප් මඟුල් දා කිඹුල්වත් පුර වෙල්යායෙහි දඹ රුක් සෙවනේ කුමරු ආනාපාන සතිය වඩමින් සිටි අවස්ථාව. . කිඹුල්වත් නුවර ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරඳුන් යමා මහ පෙළහර පෑ අවස්ථාව. 7.සිදුහත් තවුස් තුමා දුටු සීන පස: පළමු වන සීහිනය - බෝසතානන් මහ පොළව යහන ලෙසද , හිමාලය පර්වතය කොට්ටය ලෙසද ගෙන දකුණු මුහුදට දෙපා දිගු ෙකාට බටහිර මුහුදට දකුණතද , නැගෙනහිර මුහුදට වම් අතද දිගුකොට සැතපෙන සේ දැකීම. (මෙය චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධකොට බුදුවන බවට පෙර නිමිත්තකි.) දෙවන සිහිනය - බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතන ගසක් නැගී අහස තෙක් පැතිර සිටින සේ දැකීම. (මෙය ලෝකයාට දහම් දෙසන බවට පෙර නිමිත්තකි) තෙවන සිහිනය - කළු හිස් ඇති සුදු පණුවන් බෝසතුන්ගේ දෙපතුලෙන් නැගී දෙදන තෙක් වසා සිටිනු පෙනීම.(බොහෝ ගිහි ජනතාව බදුන් සරණ යන බවට පෙර නිමිත්තකි.) හතරවැනි සිහිනය -නොයෙක් වර්ණ ඇති ළහිණියන් සිව් දෙනෙකු සිව් දෙසින් පියඹා අවුත් බෝසතුන්ගේ පාමුළ වසා සුදු පැහැ වනු පෙණිනි. (සිව් කුලයට අයත් ජනයා පැවිදි වීම එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වන බවට පෙරනිමිත්තකි.) 08.යමාමහ පෙළහර : ශරීරයෙන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජලය හා ගින්දර යන දෙකම නිකුත් කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ තේජෝ හා ආපෝ යන කසිණ වලට ‍ෂණිකව සම වැදීමෙනි. මෙය කළ හැකි වන්නේ බුදුරඳුන්ට පමණි. 9.බුදුරඳුන් යමාමහ පෙළහර පෑ අවස්ථා: කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද. බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා ෙබා්රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී. 10.බුදුවීමට පෙරදා බෝසතුන්ට දන් පළිගැන්වීම: සේනානි නම් නියම් ගමෙහි සුජාතා සිටු දුව විසින්, එය කිරිපිඬු දානයකි. 11.බුදුරඳුන්ට පළමු දානය පිළිගැන්වීම: තපස්සු , භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. එය විලඳ හා මී පිඩුය. 12.බුදුරඳුන්ට අන්තිම දානය පිළිගැන්වීම: චුන්ද කර්මාර පුත්‍රයා විසිනි. එය සූකර මද්දවයයි . 13.සත් සතිය :"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං" පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් නුග රුක මුල හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල 14.පළමු ද්වේවාචික උපාසක පිරිස : තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, ඒවන වට සංඝ රත්නය බිහිවී නොමැති හෙයින් ඔවූහු බුදුන් දහම් පමණක් සරණ ගියහ. 15.බුදුරඳුන්ගේ පළමු ශ්‍රාවකයා : දම්සක් දෙසුම අසා පළමුවෙන් සෝවාන් වූ අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණු. 16.ප්‍රථම බුද්ධ වචනය : " අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනංපුන ගහකාරක දිට්‍ඨෝසි - පුනගේහං නකාහසී සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" ‍තේරුම : සසර නැවත නැවත ඉපදීම දුකක් නිසා ඒ ඉපදීම නැමති ගෙය සාදන තණ්හාව නැමති වඩුවා ‍ සොයමින් නොයෙක් ජාති වල දිව්වෙමි. වඩුව තා මවිසින් දක්නා ලද්දෙහිය. යළි ගෙය නොකළ හැක්කෙහිය. තාගේ කෙළෙස් නැමති පරාල කඩා දමන ලදි. අවිද්‍යාව නැමති කැණිමඩල ගලවා දමන ලදි . සිත සංස්කාරයන්ගෙන් තොර විය. තණහාව නිමා විය. 17.අන්තිම බුද්ධ වචනය :  " හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" (මහණෙනි , දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව නිවීම සාක්ෂාත් කරව්. ) 18.බුදුරදුන්ගේ අනුශාසනය : බුදුරඳුන් හතලිස් පස් වසරක් තිස්සේ ලෝක සත්ත්වයාට දුකින් මිදීම පිණිස නොයෙක් අයුරින් අනුශාසනා කළහ. ඒ සියල්ල එක් කොට සාරාංශ කළ විට මෙසේය , " සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරි‍යෝදපනං - ඒතං බුද්ධානසාසනං" (සියළු පව් නොකිරීමත්, කුසල් රැස් කිරීමත්, සිත දමනය කිරීමත්, සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.) 19.බුදුවරුන්ගේ චාරිකා ක්‍රම දෙක: ‍ තුරිත - පුද්ගලයෙකු අරමුණු කරගෙන කෙලින්ම ඔහු වෙත යාම. අතුරිත චාරිකා- ගම් නියම් ගම් පිළිවෙලින් සංචාරය කිරීම. 20.බුදුරදුන්ට එල්ල වූ විරෝධතා : දව්දත් තෙරුන් සංඝයා භේද කිරීම, දුනුවායන් යෙදවීම , ගල් පෙරලීම වැනි දෑ තීර්ථකයන්ගේ කුමන්ත්‍රණ හා සුන්දරී පරිබ්‍රාජිකාව මැරවීම*චිඤ්චි මානවිකාවගේ අභූත චෝදනා මාගන්දියා දාමරිකයන් යොදවා අපහාස කරවීම සොරුන් ලවා මුගලන් තෙරුන්ට පහරදෙවීම සුප්‍රබුද්ධ ශාක්‍ය රජු රා බී මත්ව බුදුන් වැඩි මග අවුරා නින්දා කිරීම. 21. බුදුගුණ නවයකි. එනම් : අරහං - බුදුරඳුන් අරහං නම් වීමට හේතුව, - සියළු පූජාවන්ට සුදුසු වීම , රහසින්වත් පව් ෙනාකිරීම. , කෙලෙස් සතුරන් නසාලීම නිසා. සම්මා සම්බුද්ධ - බුදුරඳුන් සම්මා සම්බුද්ධ වීමට හේතුව,- අනෙකුගේ උපදෙස් රහිතව, ලොව දතයුතු සියල්ලම තමා විසින්ම මැනවින් අවබෝධ කරගත් නිසා. විජ්ජාචරණ සම්පන්න - බුදුරඳුන් විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව, - අෂ්ඨ විද්‍යා හා පසළොස් වරණයන්ගෙන් යුක්ත වීම නිසා. සුගත - බුදුරඳුන් සුගත නම් වීමට හේතුව,- යහපත් ගති වලින් යුක්තවීම, යහපත් ගමන් ඇතිවීම හා නිවන් අවබෝධ කිරීම නිසා. ලෝක විදූ - බුදුරඳුන් ලෝක විදු නම් වීමට හේතුව , -කාම, රූප , අරූප යන ලෝකත්‍රයේ ඇතිවීම , පැවැත්ම, නැතිවීම , යන මෙය මැනවින් දැනගැනීම නිසා . අනුත්තර පුරිස ධම්ම සාරථී - බුදුරඳුන් අනුත්තර පුරිස ධම්ම සාරථී  වීමට හේතුව, - හික්මවීම ඉතා අපහසු නාලාගිරි , අංගුලිමාල , රාහු අසුරිඳු , සච්චක පණ්ඩිත වැනි අය හික්ම වීමට බුදුන් වැනි වෙනත් සමතෙකු නොවීම නිසා.සත්ථා - බුදුරඳුන් සත්ථා නම් වීමට හේතුව,- ලෞකික, ලෝකෝත්තර දියුණුව සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන එකම ගුරුවරයා වීම නිසා. බුද්ධ - බුදුරඳුන් බුද්ධ නම් වීමට හේතුව ,- එතෙක් කිසිවකු අවබෝධ නොකළ අර්‍ය්‍ය සත්‍ය හතරක් අවබෝධ කිරීම නිසා. භගවා - බුදුරඳුන් භගවා නම් වීමට හේතුව,-‍ මහත් සේ භාග්‍ය සම්පන්න වීම, මහා පුණ්‍ය වන්තයකු වීම නිසා. 22.බුදුරඳුන්ගේ මහා කරුණාව : සතු‍රාටත් මිතුරාටත් එකසේ දක්වන ක‍රුණාව මහා කරුණාව නම් වේ.එය හුදෙක් දෙව් මිනිසුන්ට නිවනට මාර්ගෝපදේශනය උදෙසා පවතී.
4209
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1
සෙනරත් පරණවිතාන
සෙනරත් පරණවිතාන මහතා (දෙසැම්බර් 26 1896 - 4 ඔක්තෝබර් 1972) ශ්‍රී ලංකාවේ පුරෝගාමී පුරාවිද්යාඥකි. මුල් අවධිය දකුණු පළාතෙහි ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ නමි ගමෙහි 1896 දෙසැමිබර් මස 26 වෙනි දින උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වු අතර මව ලෝරා හෙට්ට්ගේ ගිමාරා නම් වුවාය.‍ හෙට්ට්ගොඩ මෙතෝදිස්ත විදුහලෙහි වසර 02 ක් සිංහල ඉගෙන ගත් පරණව්තාන 1930 දී උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රිසි පාසලට ඇතුලත් වුයේ ඉංග්‍රිසි අධ්‍යාපනය හැදැරිම සඳහාය. එතුමා හීනටිගල රංවලගොඩ පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලැබුවේය. පාසල් දිවිය අවසන් කර 1915 දි ප්‍රාචින ප්‍රාරමිභ පරික්‍ෂණයට පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගනී.එම පරීක්‍ෂණයෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව සඳහා ඉහළම ළකුණු ලබා ගැනීමට පරණවිතාන සමත් වීය.මෙම සමත් වීම මත 1916 දී මිහිරිපැන්නේ සිංහල පාසලේ ශිෂ්‍ය-ගුරු පදවිය ලැබීය. 1919 දී පරණවිතානගේ පියා මිය යයි. මේ අතරතුරදී ඉංග්‍රීසි ගුරු සහතික පරීක්‍ෂණයෙන් සමත්ව ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මාගොල්ලේ සුධර්මා මහා විද්‍යාලයට පත් වීමක් ලබයි. පසු අවධිය ශිලා ලිපි විමර්ශණ සහකාර තනතුරෙහි ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැත්වූ ලිඛිත පරීක්‍ෂණයෙන් සමත් වීමට පරණවිතානට හැකි විය.ඒ අනුව 1923 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි විමර්ශණ ධූරයට පත් විය.පුරාවිද්‍යාව පිළිබඳව ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ ශිෂ්‍යත්වය මත 1923-1926 දක්වා ඉන්දියාවෙහි අධ්‍යාපනය ලැබීමට මෙතුමාට අවස්ථාව හිමි විය.ඵහිදී බටහිර ඉන්දීය පුරා වස්තූන් නැරඹීමේ අවස්තාව මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේද කටයුතු කිරීමේ හැකියාව ලැබුණි.එහිදී මොහෙන්ජොදාරෝ-හරප්පා සංස්කෘතිය හා තදාස්ශ්‍රිත ඉන්දු-ගංගා නිමිනයේ පුරාවිද්‍යා කැණීමි වලටද සහභාගී විය. පරණවිතාන මහතා ඉන්දියාවේ ශිලා ලේඛන විද්‍යාව (epigraphy) , ප්‍රතිමා විද්‍යාව (iconography) , නානක විද්‍යාව (numismatics) , කෞතුකාගාර විද්‍යාව(museology), කැණීමි සහ තහවුරු කිරීමි (excavation and conservation ), පුරාවිද්‍යා කටයුතු පරිපාලනය (archaeological administration ), පිළිබඳව පුහුණුව ලැබිය. 1926 අප්‍රේල් මස 24 දින නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර ශිලාලිපි විමර්ශණ නිළධාරී තනතුරෙහි වැඩභාර ගන්නා ලදි. 1929 දී එපිග්‍රෆියා සෙයිලනිකා නමි ලංකා ශිලා ලිපි සංග්‍රහයේ කර්තෘ පදවිය ලැබ 1964 දක්වා එම තනතුරෙහි වැඩ භාර ගන්නා ලදි. පරණවිතාන මහතා 1930 මාර්තු 03 දින පානදුර වලානේ කිතුල්ගොඩ වලවිවේ රොස්ලින් කිතුල්ගොඩ මෙනෙවිය සමග විවාහ විය. මේ අතර 1923-1935 දක්වා කාලය තුළ පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ තාවකාලිකව වැඩ භාර ගනී. 1935 දි ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර්න් ආයතනයෙන් පල කෙරෙන වාර්ෂික පුස්තක නාමාවලි සංග්‍රහයෙහි කර්තෘ මණ්ඩලයේ සාමාජික පදවිය ලැබිය. මෙතුමා විසින් සම්පාදනය කරනු ලැබු The Stupa in Ceylon නම් කෘතිය වෙනුවෙන් 1936 දී ලයිඩන් සරසවියෙන් දර්ශණ විශාරද උපාධිය (ph.D) ලැබුණි. 1940 ඔක්තොමිබර් 01 දින එතුමා පුරාවිද්‍යාකොමසාරිස් ලෙස සේවයෙහි ස්ථිර කරනු ලැබීය. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඔහු විය. එම තනතුර මීට ඉහතදී ඉංග්‍රිසී ජාතික විද්‍යාඥයන් දරන ලදි.සිය සේවයට උපහාර ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරි යන ගරු නාමයද 1952 දීබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොමාන්ඩර් යන විශේෂ ගෞරව නාමයද දෙවන එළිසෙබෙත් මහ රැජින මෙතුමාට පිරිනමන ලදි. 1955 දි රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ රන් පදක්කමද පරණවිතානයන්ට හිමි විය. කරන ලද සේවය සෙනරත් පරණවිතාන මහතා ලංකාවේ පුරාවිද්‍යාව උදෙසා විශාල සේවාවක් සිදු කරණු ලැබීය.පළමු වන කාශ්‍යප රජු විසින් ඉදිකරණ ලදැයි සැලකෙන සීගිරිය එළිපෙහෙළි කරවා සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නා ලදි. සීගිරි ගී කියවීමට ඔහු දහස් වරකට වඩා සීගිරිය තරණය කර ඇත. පළමු වන කාශ්‍යප රජු සිගිරිය ඉදිකළේ ආලකමන්දාවට සමානවන පරිදි බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම ආලකමන්දාවේ කුවේරයෙකු ලෙස කාශ්‍යප රජුද විසීමට තැත් කළ බවත් සීගිරි බිතුසිතුවමි වල රන්වන් පැහැයෙන් යුත් ස්ත්‍රින්ගෙන් විජ්ජුලතා (විදුලිය) ද නිල් පැහැයෙන් යුත් ස්ත්‍රින්ගෙන් වැහි වලාකුළු ද නිරෑපණය වන බවත්ය. ඉසුරුමුණියේ ගලක නෙලා ඇති අශ්ව හිස අසල වාඩි වී සිටින මිනිස් රුව පිළිබඳව පරණවිතාන මහතා පැවසුවේ මිනිස් රුවෙන් වර්ෂාවට අධිපති වෛදික පර්ජන්‍ය දෙවියන්ද අශ්වයා මඟින් ගිනි දෙවියන් වු අග්නිගේ මූර්තියද ප්‍රතීයමාන වන බවයි. ශ්‍රී ලංකාවේ කාසි ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන රන් කහවනුව පිලිබදව මෙතුමා දක්වා ඇති අදහස් සුවිශේෂි වේ. රන් කහවනුවේ අභිමුඛයේ හා ප්‍රතිමුඛයේ සටහන් කර ඇති පුද්ගල රෑප මගින් ධනයට අධිපති කුවේරයාගේ වස්තුව ආරක්‍ෂාකරන්නා වූ සංඛ හා පද්ම යන බහිරවයන් නිරෑපනය වන බවයි. එමෙන්ම ඉන්දු-නිමිනයට අයත් මොහෙන්ජොදාරෝ-හරප්පා චිත්‍රාක්‍ෂර ලිපි සඳහා පැහැදිලි අර්ථකථනයක් සැපයීමට පරණවිතාන මහතා සමත් වීය. ඵතුමන් සෙල්ලිපි කියවිමෙන් බොහෝ තොරතුරු අනාවරණය කර ගත්හ.එමෙන්ම ඉතිහාසය නිවැරදි කිරීමේ කටයුතුද සිදුකරණ ලදි. නිදසුන් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ලෙසින් නම් මාරු වී පැවතුන අතර පරණවිතාන මහතාගේ දැනුමෙන් එය නිවැරදි විය. 1956 දී සීගිරි කුරුටු ගී නම් ග්‍රන්ථය පල කරන පරණවිතාන සීගිරි කුරුටු ගී 685 ක පෙළ සහ අරුත් අර්ථකථනය කර ඇත. වසර 25 ක් පමණ සිදු කළ ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස එය හදුන්වා දිය හැකිය.එම ග්‍රන්ථයට 8,9,10 සියවස් වල ලියවුණ කුරුටු ගී පමණක් අන්තර්ගත විය.කැටපත් පවුරෙහි වූ 6.7.11,12 සියවස් වලට අයත් කුරුටු ගී කියවීමට එතුමන්ගේ දිවි ගමන තුළ නොහැකි විය. මෙකී ග්‍රන්ථය මගින් සීගිරි ගී වල නිර්මාණශීලීත්වය පිළිබඳව කරුණු දක්වයි. බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි. ඵ් ඵ් යුග වල පැවැති පාලන ක්‍රමයන්, නිල තල, ආර්ථිකයන් මෙන්ම සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂා පිළිබඳවද පූර්ණ දැනුමකින් පිරිපුන්ව සිටි පරණවිතානයන් වටිනා සාහිත්‍ය කෘතීන් ඵළි දක්වයි.සිංහලයන් පිළිබඳ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු දක්වමින් සිංහලයෝ (sinhalayo) නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරයි. කුටිටම් පොකුණ, අනුරාධපුර මඟුල් උයන, මැදිරිගිරිය, වටදාගෙය, සීගිරි පියසට අයත් වට පිටාව වැනි ස්ථාන වලට ස්වාභාවික පරිසරයක් සකස් කර දීමටද එම ස්ථාන අලංකාර කිරීමටද පරණවිතාන මහතාගේ ප්‍රඥාව ඉවහල් විය. ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමේ ගෞරවයද මෙතුමාට හිමි වේ. මනුෂ්‍යාගේ සංසාරික පුරුද්ද සත්‍යයක්ය යන්න ඔප්පු කිරීමේ පරම නිදර්ශනයක් වූ පරණවිතාන මහතා තුළ කා වැදී තිබුණ පුදුම කුසලතාවන් දෙස බලන විට ,එතුමාට සම කළ හැකි අන් කිසිවකු මේ රටේ නොවු බවත්, වර්තමානයේ ජිවත් නොවන බවත් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ." (ඉන්ද්‍රාණි වීරසිංහ, 34 පිටුව, 'මහ ඇදුරු සෙනරත් පරණවිතාන') එතුමාගේ සේවාවෙහි ශ්‍රේෂ්ඨත්වය මෙම හදුන්වා දීමෙන් පැහැදිලි වේ. 1956 දෙසැමිබර් මස 26 දින සෙනරත් පරණවිතාන මහතා පුරා විද්‍යා කොමසාරිස් ධූරයෙන් සමු ගන්නා ලදි. අනතුරුව 1957 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය තනතුරට පත් විය.මෙය ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති කරණ ලද ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්ය පදවියයි. 1960දී විද්‍යෙදය විශ්ව විද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සමිමාන උපාධිය ලැබුණි. 1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයද "සාහිත්‍ය චක්‍රවර්තී " සමිමාන උපාධියද පිරි නැමීය. 1964 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගෙන කොළඹ පදිංචියට පැමිණෙති. දරුවන් නොසිටියද ඔහු සතු වු මානුෂීය දයාව, කරුණාවෙන් හෙබි හදවත නිරතුරුවම ස්නේහයෙන් පිරී පැවතුණි. 1969 දී එතුමන්ගේ සියළු කටයුතු සඳහා පසුපසින් සිටි පරණවිතාන මැතිණිය මිය යයි.පරණවිතාන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පුරා විද්‍යා කටයුතු පිළිබඳව සොයා බැලීය. 1972 ඔක්තොමිබර් මස 04 වෙනි දින සෙනරත් පරණවිතාන නමි ශ්‍රේෂ්ඨ විද්වතාණන්ගේ අභාවය සිදු විය. නමුත් ඔහුගේ සේවාව පුරාවිද්‍යා ක්ෂේත්‍රය පුරාවටම රැදී පවතිනු ඇත. රචනා කරන ලද ග්‍රන්ථ පරණවිතානයන් සේවය කළේ දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය ගිනිබත්ව පැවති යුගයකය. නමුත් ඔහුගේ බහුශ්‍රැතභාවයත්, ශක්තියත් හේතුකොටගෙන ඔහු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සේවය කළ 17 වසර ශ්‍රී ලාංකීය පුරා විද්‍යා ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. වර්තමානයේ ශ්‍රී ලාංකීය ඉතිහාසය විස්තර කරනු ලබන්නේ ඔහු විසින් රචිත අධ්‍යාපනික සහ පර්යේෂණ ග්‍රන්ථ ආශ්‍රයෙනි. එතුමා විසින් ලෝකයට හෙලි කරන ලද ලෝක ඉතිහාසයේ වැදගත් සිහිවටනයක් වන සීගිරි කුරුටු ගී අද වන විට ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාල‍යීය මුද්‍රණාලය මඟින් ග්‍රන්ථ ලෙස ප්‍රකාශනයට පත් කොට ඇත. එතුමන් විසින් රචිත දේශීය, විදේශීය සඟරාවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රචනා වී ඇත. ඒ ශිලා ලේඛන විද්‍යාව, ඉතිහාසය, කලාව, ගෘහනිර්මාණ ශිල්පය, ආගම සහ සාහිත්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේය. එම ප්‍රකාශන කීපයක් පහත දැක්වේ. ද ශයින් ඔෆ් උපුල්වන් ඇට් දෙව්න්දර (The shine of upulwan at Devundara) (1953) ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක් (The God of Adam’s peak) (1958) සෙලොන් ඇන්ඩ් මැලේසියා (Ceylon and Malaysia) (1961) ඉන්ස්කිරිප්ශන් ඔෆ් සෙලෝන් වොල් I (Inscription of Ceylon Vol 1) (1970) ද ග්‍රීක්ස් ඇන්ඩ් ද මයුරාස් (The Greeks and the mauryas) (1917) අර්ට්ස් ඔෆ් ඒන්ශන් සින්හලීස් (Arts of Ancient Sinhalese) (1971) ඉන්ස්කිරිප්ශන් ඔෆ් සෙලෝන් වොල් II (Inscription of Ceylon Vol II) (මරණින් පසු ප්‍රකාශණයට පත්විය) සීගිරි කාතාන්දරය (Story of Sigiriya) (මරණින් පසු ප්‍රකාශණයට පත්විය) සිංහලයෝ (Sinhalayo) සිංහලයෝ නම් කෘතිය 1967 දී රචනා කරන ලද අතර එය සිංහලයන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණ විග්‍රහ කිරීමේ අරමුණින් රචනා වී ඇත. බාහිර සබැදි ආචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ ලිපියක් ආචාර්ය සෙනරත් පරණවිතානන ගැන ලිපියක් 1896 උපත් 1972 මරණ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ චරිත කතා ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෝ
4211
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ජපානය
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. ජපානය හො‍න්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත. ඉතිහාසය ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිබඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් යසුමරෝ විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ විසින් ලියන ලද "නිහොන්ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය දේව නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10,000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවුරු කර ඇත. ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතියක් වශයෙන් ඒකාබද්ධ වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු අධිරාජ්‍යයා යටතේ නව රාජධානියක් බිහි විය. ඒ තෝමෝ වැඩවසම් පරපුරකි. 7 වන සියවසේ දී නරා යුගයේදී කෝතොකු අධිරාජ්‍යයා යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යයට හා ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. 8 වන ශත වර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන්වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 02 වන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් ජපානය ලැබූ පරාජය තුළින් ම ජයග්‍රහණය සොයා ගොස් අද පෙරදිග ලෝකයේ දියුණු රටක් බවට පත්ව සිටියි. ස්වභාව ධර්මය පදනම් කොට ගෙන බිහිවුණු "ෂින්තො" ධර්මය ජපන් ජනතාවගේ මුල් ම ආගමයි. දේව විශ්වාසය මත පදනම් වූ මෙයට ක්‍රි. ව. 593-572 දී කොරියාවේ සිට පැමිණි බුදු දහම මිත්‍රශීලී වීමෙන් පොදු ජන ඇදහිල්ලක් ලෙස, බුදු දහම ස්ථාපිත විය. නිකාය කීපයකින් සමන්විත වූ බුදු දහමත්, ක්‍රිස්තියානි ආගමත්, සීමිත ඉස්ලාම් භක්තිකයන් ප්‍රමාණයකුත් ජපානයේ දක්නට ලැබේ. ඉපැරණි හා සම්භාවනීය ජපානය තුන්වැනි සියවසේ මැද භාගයේ සිට ක්‍රි.වර්ෂ 7810 දක්වා ජපානයේ ප්‍රධාන පාලන බලය වූයේ යමෝටෝ රාජ්‍ය තන්ත්‍රයයි. කොෆුන් සමය (තෙවැනි සියවස මැද සිට හයවැනි සියවස දක්වා) යතුරු සිදුරු හැඩය ගත් බොහෝ සොහොන් කොත් නිර්මාණය කළ සමයක් ලෙස හැදින්වේ. අසුකා සමයේදී (6 වැනි සියවස මැද සිට ක‍්‍රි.ව 710 දක්වා) ප්‍රධාන නගරය නාරා ද්‍රෝණියෙහි දකුණුතම කොටස වු අසුකා වෙත ගෙන යන ලදි. යායෝයි සමය සහ කොෆුන් අසුතා සමය අතර ප්‍රධාන වෙනස නම් ක්‍රියාශිලි නොවු කෘෂිකාර්මික සංස්කෘතියකින් කොරියන් අර්ධද්වීපය හරහා පැමිණි වඩා දියුණු හා යුධකාමි සංස්කෘතියක් දක්වා වූ වර්ධනයයි. කොගුන් අසුතා සමයේ යුදවාදි පාගමනයන් වෙනුවට මධ්‍යතන අධිරාජ්‍යවාදි රාජ්‍ය ක්‍රමය, සෞන්දර්ය විද්‍යාව සහ ආගම හඳුන්වා දුන් තාරා සමයේ ටාන්ග් රජ පෙළපතෙහි චින බලපෑම් වලින් මෙය විතැන් කරනු ලැබිණි. කොෆුන් සමය kofun ක්‍රි.ව 250 දී පමණ අරඹන කෝග‍්‍රන් සමයට එම නම ලැබුනේ ඒ කාලයේ දක්නට ලැබුණු විශාල භූමිදාන ගොඩනැගිලි ආශ්‍රයෙනි. කොෆුන් සමයේදී බලවත් කුලයන් වටා ගොඩනැගුණු ශක්තිමත් යුදමය රාජ්‍යයන් පිහිටුවිම ද 3 වැනි සියවසේ සිට 7 වැනි සියවස දක්වා යමාටෝ හා කවාචි පළාත්වල මධ්‍යගත වූ බලවත් ජපන් අධිරාජ්‍ය පෙළපතෙහි ආරම්භය වු යමාටෝ රාජ්‍ය සංස්ථාව පිහිටුවිම ද දක්නට ලැබිණි. යමාටෝ රාජ්‍ය සංස්ථාව අනෙක් කුළයන් යටපත් කරමින් සහ කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගනිමින් ජපානයේ බටහිර කොටසෙහි දැඩි බලයක් පවත්වා ගත්තේය. ජපානය 5 වැනි සියවසේ දී අධිරාජ්‍යවාදි චීනයට පඩුරු යැවිම ආරම්භ කළේය. චීන ඓතිහාසික වාර්තාවන්ට අනුව එම රාජ්‍ය සංස්ථාව ‘වා’ :අ් යනුවෙන් හැදින්වුනු අතර එහි සිටි රජුන් පස් දෙනෙක් ගැන සදහන්ය. චීන ආකෘතිය පදනම් කරගෙන ඔවුහු මධ්‍යගත පාලනයක් හා අධිරාජ්‍ය උසාවි ක්‍රමයක් ගොඩනැගු අතර එහි සමාජ වෘත්තිය කණ්ඩායම් අනුව සංවිධානය කළේය. මේ කාලය මැද දී 4 වැනි සියවස අවසානයේ කොරියාවේ රාජධානි තුන හා ජපානය අතර කිට්ටු සම්බන්ධතාවයක් ආරම්භ විය. ග්වැන්ග්ගෙටෝ ස්ටිල්ට අනුව 4 වැනි සියවසේ පසු භාගයේත් 5 වැනි සියවසේ මුල් භාගයේත් ජපානය විශාල යුධ හමුදාවන් ද සමග කොරියන් අර්ධද්විපයෙහි ක්‍රියාත්මකව සහභාගිත්වය දැක්විය. ලියු සොන්ග් රාජ පරම්පරාවේ සොන්ග්ගේ ප්‍රස්තුතයට අනුව ලියු සොන්ග් අධිරාජයා තමාගේ ගැත්තෙක් ලෙස සැලකු යමාමොටෝ හි රජුට සිල්ලා හා ගයා රාජ්‍ය සන්ධානයේ යුදමය පරමාධිපත්‍ය තනතුර විධිමත් ලෙස ප්‍රදානය කරන ලදි. බේක්ජේ සහ සිල්ලා යුදමය සහාය තහවුරු කිරිම සදහා තම කුමරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ‘වා’ වෙත යවන ලදැයි ‘සම්ගුත් සාගි’ (රාජධානි තුනේ වංශ කථා) වාර්තා කළේය. බේක්ජේහි අසන් රජු ක්‍රි.ව 397 දි සිය පුතා වු ජෙඑන්ජි යැවු අතර සිල්ලා හි සිල්සෙඔන්ග් රජු ක්‍රි,ව 402 දී සිය පුතා යැවීය. අධ්‍යාපනය වැඩවසම් යුගයේ සිට ජපන් ජනතාව අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙන අතර එහි විෂශේෂ දියුණුවක් සටහන් වන්නේ මෙයිජි යුගයේ දී ය. මෝරි අරි නෝරි අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දී ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් උනන්දුවක් නැති ඔවූහු තම මව් බස අභිමානයෙන් සලකති. භාෂා ජපන් භාෂාව ලිවීම සඳහා අක්ෂර මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මාලාවන් වෙයි. දැනට හමුවන පැරණිම සාහිත්‍ය ලේඛන ලෙස "කොජිකි" හා "නිහෝන් ෂෝකි" හැඳින්වෙන අතර පිරිපුන් සාහිත්‍ය කෘතීන් 8 වන සියවසේදී හමුවේ. ලෝක සාහිත්‍යයෙන් ජපන් සාහිත්‍යට පමණක් ආවේණික වූවක් ලෙස හයිකු කවි හැඳින්විය හැකිය. ජපන් ප්‍රාථමික නාට්‍ය කීපයක් පිළිබඳ පුවත් අසන්නට ලැබෙන අතර 14 වන සියවසේ දී " නෝ" නාට්‍ය සම්ප්‍රදායත්, 17 වන සියවසේදී කබුකි හා බුන්රුකු සම්ප්‍රදායනුත් අරඹා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා ශීඝ්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දියුණු කෙරිණි. මේ අනුව 20 සිය වස ආරම්භ වන විට කාර්මික අංශය සංවර්ධනය කරමින් ආසියාවේ නවීකරණය වූ රාජ්‍යය බවට පත් විය. II වන ලෙක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආරථිකය විනාශ කර ගත් ජපානය 1970 වන විට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇත. පාලනය වත්මන් ජපන් පාලනය සිදුවන්නේ ක්‍රි. ව. 1947 හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුවයි. මේ ව්‍යවස්ථාවට අනුව සියළු බලතල හිමිව තිබුණු අධිරාජ්‍යයා ජපන් ජාතියේ සංකේතය බවට පත් කෙරිණි. එය හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සිට සිදුවිය. ඒ අනුව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට විධායක බලතල හිමි විය. සියළු ව්‍යවස්ථානුකූල පියවර පිළිබඳ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ප්‍රාන්ත 47 න් යුත් පළාත් පාලනයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පමණක් හමුදා පොලිස් බල ඇණියක් පිහිටුවා ගෙන ඇත. 2 වන ලෝක යුද්ධයට පසු ඇමරිකාවේ අණසකට යටත්වුණු ජපානය 1952 අප්‍රේල් 28 සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලබා ඇත. වැදගත් ස්ථාන ජපානයේ වැදගත් ස්ථාන ලෙස ‍ෆූජි කඳු වැටිය, ටෝකියෝව, හිරෝෂිමා සහ නාගසාකි හැඳින්විය හැකිය. අඩි 12,388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උසුලයි. ටෝකි‍‍යෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික නගරය වන අතර අහස සිඹි‍න ගොඩනැගිලිවලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේදජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි නගරයන්හි සටහන් වී ඇත. ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳි‍න්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙන ජපානය, ශ්‍රී ලංකාවට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි. කෘතිම වෙරළ නිර්මාණය සම්බන්ධයෙන් ද ජපානය නම් දරා සිටී. ආශ්‍රිත ග්‍රන්ථ දිසානායක, සුජීව - රට රට වතගොත-දකුණු සහ නැගෙනහිර ආසියාව, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ- 2003 නමකුරා, තකෆුසා - පශ්චාත් යුධ කාලීන ජපන් ආර්ථිකය, සී. ස. කරුණාරත්න සහ පුත්‍රයෝ, 647 කොළඹ- 2003 විතානගේ, සිරිසේන - හිරු දෙවගනගේ දේශය, "සමීර" බත්තරමුල්ල-2003 මේ අඩවිත් බලන්න ජපන් භාෂාව ජපානයේ දේශපාලන ආර්ථිකය ආශ්‍රිත
4214
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
මානව සම්පත් කළමනාකරණය
මානව සම්පත් කළමණාකරණය යනු ව්‍යාපාර ආයතනයක අරමුණු හා අභිමතාර්ථ ජය ගැනීමට තම දායකත්වය තනිව හා සාමූහිකව ආයතනයට ලබා දෙන මානව සම්පත කළමණාකරණය කිරීමේ උපක්‍රමික හා තර්කානුකූල ප්‍රවේශයකි. මානව සම්පත මානව සම්පත යනු සංවිධානයක් සතුව පවතින මිනිසුන් හා ඵලදායි නිෂ්පාදන කටයුතුවලට යොමුකලහැකි ඔවුන් සතුව ඇති ශක්තීන්, දැනුම, කුසලතාවන් හා අත්දැකීම් වේ. මේවා සංවිධානයක සාර්ථකත්වය සදහා භාවිතා කල හැකි අතර ඒවා සංවිධානයක් සතුව පවතින වටිනාම සම්පත ලෙස අර්ථකතනය කල හැක.මුල් කාලයේදී ආයතනයේ වටිනාම සම්පත ලෙස සැලකුවේ ගණුදෙනුකරුවන්ය. නමුත් වර්තමානයේදී ගණුදෙනුකරුවන් තරමටම සේවකයින්ද ආයතනයේවටිනාම සම්පත ලෙස සලකනු ලබයි. මන්ද යත් මනා දක්ෂතාවයකින් හා කුසලතාවයකින් පිරිපුන් සේවක පිරිසක් නොමැතිනම් ආයතනයට තම අරමුණු හා පමාර්ථ කරා යාම සිහිනයක් වන බැවිනි. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ නිර්වචන "මිනිසුන් කළමනාකරණය සම්බන්දයෙන් යොදාගනු ලබන දර්ශක, ප්‍රතිපත්ති, පිළිවෙත්, පිරිවැය යන ආදිය සදහා යොදාගනු ලබන පදයක් ලෙස මානව සම්පත් කළමනාකරණය හැදින්විය හැකිය." (Wentel French) "චිරස්ථායී ව්‍යාපාර සාර්ථකත්වයක් සදහා එකම වැදගත් සාධකය මානව සම්පත යන විශ්වාසය මත පදනම් කරගෙන මිනිසුන් කළමාකරණය කිරී‍මේ දර්ශනය යි." (Allen Price) “සංවිධානයේ පරමාර්ථ හා සේවාදායකයන්ගේ තෘප්තිය හා සංවර්ධනය යන ද්විත්වය ඉටු කර ගැනීමට මානව සම්පත්වල සඵල උපයෝජනය සලකන සියලුම සංවිධානවල ශ්‍රිතය." (Gluik) "ඉතා වැදගත් මානුෂික සම්පත් ලෙස සංවිධානයක සේවක පිරිසේ වැදගත්කම පිළිගැනීම හා පුද්ගලයන් සංවිධානයේ සහ සමාජයේ යහපත පිණිස සඵලව සහ නීත්‍යානුකූලව භාවිතය තහවුරු කිරීමට විවිධ කාර්යයන් සහ ක්‍රියාකාරකම් උපයෝජනය කිරීම." (Stuler & Yanbaladi) "සංවිධානයක මානුෂික සම්බන්ධතා පිළිබඳ මූලිකවම අදාළ වන කළමනාකරණ අංශය සේවා මණ්ඩල කළමනාකරණය යි." (ඉන්දියානු සේවක කළමණාකරන ආයතනය) මේ අනුව මානව සම්පත් කළමනාකරණය යනු ආයතනයේ සිටින සේවකයින් පිරිස කළමනාකරණය කිරීම හෙවත් කිසියම් සංවිධානයකට පරමාර්ථ ඉටුකර ගැනීම උදෙසා පවතින මානව සම්පත් සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමයි. අනෙකුත් සම්පත් වලට සාපේක්ෂව මානව සම්පතෙහි දක්නට ඇති විශේෂ ලක්ෂණ සජීවි සප්‍රාණික වීම සිතීමට, ප්‍රතික්‍රියා දැක්වීමට හැකියාවක් තිබීම මානව සම්පතෙහි පිරිවැය වන වේතන තීරණය කිරීමට, බලපෑම් කිරීමට හැකියාවක් තිබීම කාලය ගතවීමත් සමග පුහුණුව අත්දැකීම්, අධ්‍යාපන ආදී කරුණු මගින් මානව සම්පත්වල අගය වැඩිවීම වෘත්තීය සමිති, කණ්ඩායම් ආදී වශයෙන් සංවිධානය වීමේ හැකියාවක් තිබීම නිර්මාණශීලි වීම ඔහුටම/ ඇයටම ආවේණික වූ ස්වියත්වයක් තිබීම අනෙකුත් සියලුම සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත මගිනි මේ අනුව මානව සම්පත් කළමනාකරණයේ මූලිකම අරමුණ විය යුත්තේ සංවිධානයේ සඵලදායකත්වය පිණිස උපරිම පුද්ගල දායකත්වයක් ගෙන දෙන ඉතාමයෝග්‍ය සහ තෘප්ත මානව බලයක් ජනිත කොට පවත්වාගෙන යාමයි. ආයතනයේ අරමුණු සහ පරමාර්ථ ඉටු කරගත හැකි නිවැරදි ගුණාත්මක (සවිධානයේ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය මානව දැනුමකින්, කුසලතා, ආකල්ප වලින්) භාවයකින් යුත් ඵලදායී හා තෘප්තියට පත් සේවක සංඛ්‍යාවක්(ඉහළ සුභසිද්ධීන් භුක්ති විදින) පවත්වාගෙන යාම. ඉහත සදහන් මූලික පරමාර්ථය ඉටු කර ගැනීමට උපකාරී වන පරමාර්ථ කිහිපයකි සේවදායක ඵලදායිතාවය වැඩිකිරීම සේවාදායක සංවර්ධනය රැකියා ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැවීම නීත්‍යානුකූල එකඟවීම ඉහත සදහන් උපක්‍රමික පරමාර්ථ ඉටු කර ගැනීමට පහත සඳහන් අරමුණු ඉෂ්ට කර ගත යුතුය නිවැරදි පුද්ගලයන්, නිවැරදි වේලාවට, නිවැරදි රැකියා සදහා බඳවා ගැනීම. සැබෙවින්ම වඩා ‍යෝග්‍ය අපේක්ෂිත කාර්යඵල ජනිත කරන සේවාදායකයන් සංවිධානය තුළ රඳවා ගැනීම. සේවදායකයන්ගේ කැපවීම ලබා ගැනීම හා වර්ධනය. සේවදායකයන්ගේ කැපවීම ලබා ගැනීම හා වර්ධනය. සේවා නියුක්ත පිරිවැය පලනය කිරීම. ඉහත සදහන් අරමුණු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට කළ යුතු කාර්යයන් ගණනාවක් ඇත රැකියා නිර්මාණය රැකියා විශ්ලේෂණය මිනිස් බල සැලසුම් කිරීම ආකර්ශනය තෝරාගැනීම බඳවාගැනීම අනුස්ථාපනය වේතන කළමනාකරණය පුහුණුව හා සංවර්ධනය සේවාදායක චලන සේවක විනය පරිපාලනය සෞඛ්‍ය හා ආරක්ෂාව සුභසාධන පරිපාලනය දුක්ගැනවිලි විසඳීම ශ්‍රමික සබඳතා මානව සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාව සංවිධානයක් සිය අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට යන ගමනේදී ඒ සදහා සම්පත් භාවිතා කිරීමට සිදු වේ. මූල්‍ය, ද්‍රව්‍ය, තොරතුරු, තාක්ෂණය යනාදී වූ අනෙකුත් සියලුම සම්පත් තිබුනත් ඒවා ප්‍රශස්ත ලෙස මෙහෙය වීම කළ හැක්කේ මානව සම්පත මගිනි. එම නිසා මානව සම්පත් කළමනාකරණය ආයතනයකට අත්‍යවශය අංගයකි. ආයතනයක අනෙකුත් ශ්‍රිත ක්ෂේත්‍රයන් වන නිෂ්පාදන, අලෙවි, මූල්‍ය, පරිපාලන යන අංශයන් හි සාර්ථකත්වයට මුළු ආයතනයේම සර්ථකත්වයට බලපානු ලබයි. ඒ සදහා උද්යෝගිමත් මනා කැපවීමෙන් හා ගුණාත්මකභාවකින් යුත් සේවක පිරිසක් ඒ ඒ දෙපාර්තමේන්තු තුළ සිටීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒම කාර්ය ඉටු කිරීමට මානව සම්පත් කළමනාකරුවන්ගෙන් මනා පිටුවහලක් ලැබේ. ආයතනයක ඇති ප්‍රධානම දෙපාර්තමේන්තු වල නිෂ්පාදන, මූල්‍ය, අලෙවි ආදී ප්‍රධානම සම්පත් වන්නේ මානව සම්පතයි. එම නිසා සම්පත නිවැරදි ලෙසකළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ පුළුල් දැනුමක් මානව සම්පත් කළමනාකරු ප්‍රමුඛ සියළුම කළමනාකරුවන්ට තිබීම අත්‍යවශ්‍ය කරුණකි. වර්තමානය වන විට සේවා මණ්ඩල කළමනාකරණය සමාජීය අවශ්‍යතාවයක් ද බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ සමාජයේ වෙසෙන පුද්ගලයන්ට රැකියා ලබා දීම තුළින් ඔවුනට උසස් ජීවන තත්ත්වයක් ලබා දී දිළිදුකම පිටු දැකීම හා සමාජ සංවර්ධනයට මෙම මානව සම්පත් කළමනාකරණය මනා රුකුලක් වී ඇති බැවිනි. මානව සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාව ප්‍රවීන මානව සම්පත් ගත් කතුවරයෙකු වන Garry Desler මෙසේ කෙටි කර දක්වනු ලබයි. "ඔබ කළමනාකරුවෙක් නම් ඔබේ ආයතනය කළමනාකරණය කරන විට පහත සදහන් ආකාරයේ වැරදි සිදුවනවා දකින්න කැමතිද? කිසියම් රැකියාවක් සදහා නුසුදුසු පුද්ගලයන් බදවා ගැනීම. රැකියාව/ ආයතනය හැරයන පුද්ගලයින් ප්‍රමාණය දිනෙන් දින අධික වීම. ඔබගේ යටත් සේවකයින් ඔවුන්ගේ උපරිම ධාරිතාවයෙන් කටයුතු නොකිරීම. ඵලක් නොමැති සම්මුඛ පරීක්ෂණ වලින් කාලය නාස්ති කර දැමීම. ඔබගේ සේවකයන් සම්බන්ධයෙන් ගත් තීරණ නිසා නීතිමය ක්‍රියාමාර්ග වලට යන්නට සිදුවීම. ඔබගේ සේවකයන් අතුරින් සමහරෙකු තමන්ට අසාධාරණයක් වී යෑයි පසුතැවිල්ලෙන් සිටීම. පුහුණුව මද බව නිසා අඩු ඵලදායිතාවක් නිරතුරුව දක්නට ලැබීම. අසාධාරණ කම්කරු ප්‍රතිපත්ති ආයතනයේ තිබීම. ඉහත සදහන් වු ආකාරයේ දුර්වලතාවයන් මග හරවා ගැනීමට නම් ඔබ ආයතනයේ සාර්ථක මානව සම්පත් කළමනාකරණයක් ක්‍රියාත්මක විය යුතුය." මිනිසා ආයතනයක හෙවත් සංවිධානයක සම්පත් වන්නේ කෙසේද? කිසියම් ආයතනයකට තම ආයතනයට ආවේණික වූ අරමුණු හා පරමාර්ථ පවතී. මෙම අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේ ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් භාවිතා කරන්නේ සම්පත්ය. මානව සම්පත - Man මුදල් - Money ක්‍රම/තාක්ෂණය - Method ද්‍රව්‍ය - Materials යන්ත්‍ර - Machines වශයෙනි. සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් කරනු ලබයි. ඒ අනුව මෙම වර්ග කිරීම තුළින්ම පුද්ගලයන් හෙවත් මිනිසා යනු ආයතනයක සම්පතක් බවට පිළිගෙන ඇත. ආයතනයේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී මානව සම්පත යෙදවුමක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ආයතනයේ නිමවුම් ක්‍රියාවලියේ මානව සම්පත අත්‍යවශ්‍ය අංගයක් වන බවයි. එම නිසා පුද්ගලයින් ආයතනයේ සම්පත වන්නේය. මිනිසුන් ආයතනයකට සම්බන්ධ වන්නේ ශ්‍රම සැපයුම්කරුවන් වශයෙනි. ඇත්ත වශයෙන්ම ශ්‍රමය යනු අවශ්‍යතා වලට සාපේකෂව හිග සම්පතකි. එම නිසා එම හිග සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යෙදවීම මෙන්ම රැකගැනීමද ආයතනය සතු කාර්ය භාරයකි. එම හේතුවෙන් මිනිසා යනු ආයතනයට සම්පතකි. ශ්‍රමය වෙනුවෙන් ආයතනයක් වැය කරන මුදල වැටුප ලෙස හදුන්වයි. ශ්‍රමය ලබා ගැනීමට ආයතනයට වැටුප වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවේ. තමන් විශාල මුදලක් ගෙවා ලබා ගන්නා පුද්ගලයින් ආයතනයේ පවතින සම්පත් වලින් වටිනාම සම්පත වන්නේය. මීට වෙනස්ව ගත් කළ ලෝකයේ වෙසෙන සියළුම පුද්ගලයන් ආයතනයේ විශාලත්වය අනුව එම ආයතනයේ සම්පත් විය හැකිය. මන්ද යත් සමහරුන් ශ්‍රම සැපයීම තුළින් ආයතනයට සම්පතක් වන අතර එසේ නොවන පුද්ගලයින් පාරිභොගිකයින් ලෙස ආයතනයට සම්බන්ධ වන නිසාය. කළමනාකරණය
4215
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%84%20%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව ‍වි‍ශේෂ ස්ථානයක් හොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු, මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 අන්ක 59 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින ඇමරිකානු ජාතික johne exter මහතා විසින් ශී ලංකා මහ බැංකුව පිහිටවන ලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ. අරමුණු ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවමින් ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ ඵලදායී සම්පත් සංවර්ධනයක් ඇති කිරීමයි. ඒ සඳහා ඡනතාව දිරිමත් කිරිමයි. මෙකී අරමුණු කරා ළඟා වන විට, ආර්ථික හා මිල ස්ථායීතාව මුල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීමට උත්සාහ කළහ. මිල ස්ථායීව පවත්වා ගෙන යාම තුළින් ඔවුහු ව්‍යවහාර මුදල්වල අගය සුරක්ෂිත කර දීම අපේක්ෂා කරයි.එවැනි සමාඡ රාමුවක් තුළ උද්ධමනය අඩු මට්ටමකට ගත හැකිය. එසේම එවිට ආර්ථිකයට සිය විභව වර්ධන හැකියාවද අත්පත් කර ගත හැකිය. දිගු කාලීන ධරණීය ආර්ථික වර්ධනයක් අපේක්ෂිතය. කාර්‍යක්ෂම මුල්‍ය ස්ථාවරයක් ඇති කිරීම තුළින්ද මහ බංකුව අරමුණු ගත කර ඇත්තේ ඵලදායී සම්පත් සංවර්ඩනයක් ඇති කිරීමයි. එසේම මේ නිසා තැම්පත්කරුවන්ට මෙන්ම ආයෝඡකයින්ට හිතකර තත්වයක් උදා කරයි. මන්ද මේ නිසා ආයෝඡනය හා ආර්ථික වර්ධනය පුළුල් වන බැවිනි. ඉහත දක්වා ලු ආකාරයට අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහ බැංකුව තුළ දක්නට ඇති පාලන ව්‍යුහයද ඉතා වැදගත් කරුණකි. පාලනය ‍ශ්‍රී ලංකා මහ බංකුව සංස්ථාපිත ඒකකයක් නොවේ. මේ නිසා මෙහි සංස්ථාපිත වගකීම මුදල් නීති පනත යටතේ මුදල් මණ්ඩලයට පැවරී ඇත. මුදල් මණ්ඩලය පාලන අධිකාරිය ලෙස සියලු ප්‍රතිපත්තිමය තීරණ සහ කළමනාකරණය,පරිපාලනය සිදු කරයි. මෙම වගකීම් ක්‍රියාත්මක කිරීමේදී දෙනෙකුගේ සහයයෝගය ලබා ගනියි. මහ බැංකු අධිපති මුදල් අමාත්‍යංශයේ ලේකම් විධායක නොවන සාමාඡිකයන් 03 සංවිධානය මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීමට සාමාඡික තිදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. පාලන ව්‍යුහය අභ්‍යන්තර හා බාහිර විගණනයකට යොමු කිරීම සඳහා විගණන කමිටුවක්ද පාලනය තුළ දක්නට ඇත. එයද මුදල් මණ්ඩලයේ අනු කමිටුවකි. එසේම මහ බැංකුවට අවදානම් කළමනාකරණය කිරීමේ විධිමත් ක්‍රමයක් සකස් කර ගැනීමට මෙම විගණන කමිටුව සහය ලබා දෙයි. මහ බැංකුවේ අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමේදී සංවිධාන කාර්යය සඵලත්වය අත්‍යවශ්‍ය වේ. මෙහි සංවිධාන ව්‍යුහය කාර්ය මුලික පදනමක් මත ගොඩනැගී ති‍බේ. ප්‍රධාන අරමුණු සහ කාර්යයන් 04ක් යටතේ සකස් වු සැලැස්මක් මෙහිලා දැකිය හැක. මිල ස්ථායීතා කාණ්ඩය යටතේ ආර්ථික පර්යේෂණ,සංඛ්‍යාන,දේශිය මෙහෙයුම්,ඡාත්‍යන්තර මෙහෙයුම් ආදී දෙපාර්තමේන්තු වේ. මුල්‍ය ක්‍රම ස්ථායීතා කාණ්ඩය ය‍ටතේ බැංකු අධීක්ෂණ,බැංකු නොවන මුල්‍ය ආයතන,ගෙවීම් හා පියවීම,ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තු සංවිධානය වී ඇත. නියෝජ්‍යායතන සේවා කාණ්ඩය යටතේ රාජ්‍ය ණය,විනිමය පාලන,ප්‍රාදේශීය සංවර්ධන,සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු පිහිටුවා ඇත. තවද විවිධ දෙපාර්තමේන්තු අන්තර්ගත වන පරිදි සංයුක්ත හා සහය සේවා කාණ්ඩයක් ද වේ.මෙහි ප්‍රධාන වශයෙන් මුල්‍ය කටයුතු,ලේකම්,නීති,ප්‍රවෘත්ති, මානව සම්පත්,සුබසාදනය,ආරක්ෂක ආදී වු දෙපාර්තමේන්තු අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ අධිපතිවරුන් 2කි. එක් නියෝජ්‍ය අධිපතිවරයෙක් මිල ස්ථායීතා කාණ්ඩය ද ,අනෙකා මුල්‍ය පද්ධති ස්ථායීතා කාණ්ඩය භාරවද සිටියි.ඉතිරි කාණ්ඩවල අධීක්ෂණ කටයුතු නියෝජ්‍ය අධිපතිවරු අතර බෙදා දී ඇත.තවද මෙහිදී සහකාර අධිපතිවරුන් 06 දෙනෙකුගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් 24 දෙනෙකුගේ ද සහය ලබා ගනී. කාර්යයන් ඉහතදී සාකච්ඡාවට බඳුන් කළේ ශ්‍රි ලංකා මහ බැංකුව අරමුණු ගත වී ඇති ආකාරය සහ සංවිධාන ව්‍යුහයයි.මෙකී සියල්ලගේම අවසාන ඵලය දෘෂ්‍යමාන වන්නේ බැංකුවේ කාර්යයන් පිළිබඳව සලකා බලන කල්හිය.මහ බැංකුවේ කාර්යයන් පිළිබඳව සලකන විට ප්‍රධාන එය දෙආකාර වේ.ප්‍රධාන කාර්යයන් සහ නියෝජ්‍යායතන කටයුතු වශයෙනි.ප්‍රධාන කාර්යය තුළදී මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.එනම් වියදමට සහ පවතින මුදල් ප්‍රමාණයට සිදු වන බලපෑම මත සිදු වේ.මහ බැංකුව විසින් භාවිත කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්තිමය උපකරණය වනුයේ එක් දින පොළී අනුපාතිකයන් නිශ්චය කීරීමයි.එනම් ප්‍රතිමිලදී හා ප්‍රතිවිකුණුම් අනුපාතයයි.මෙහි වෙනසක් සිදු වුවහොත් වාණිජ බැංකු අතර පවතින මුදල් වෙළඳ පොළට බලපෑමක් එල්ල වෙයි.මේ නිසා භාණ්ඩාගාර බිල්පත් ඉපයුම් අනුපාතය,වාණිජ බැංකු ණය පොළී අනුපාතය ආදී කෙටිකාලීන නම්‍යශී අනුපාතවල කෙටි කාලීන වෙනස්කම් ඇති කරයි.ආකාරයට මෙකී ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ පොළී අනුපාක්‍තයන්හි සහ ණය සැපයුමෙහි වෙනස්කම් නිසා සමස්ථ ඉල්ලුමට හා ඒ මගින් මිල මට්ටම් සහ නිමවුම කෙරෙහි බලපෑමක් ඇති කිරීමයි.මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධව උපකරණ රැසක් මහ බැංකුව සතුව පවතී. විවට වෙළඳපොල කටයුතු බැංකු අනුපාතය විදේශ විනිමය මෙහෙයුම් උපරිම පොළී අනුපාතය ප්‍රතිමුල්‍ය පහසුකම් එසේම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීමද ප්‍රධාන කාර්යයකි. 2001ජුනි මාසයේදී පාවෙන විදේශ විනිමය අනුපාතිකය ක්‍රියාත්මක කරන ලදී.විනිමය අනුපාතිකය අධික ලෙස උඡචාවචනය වීම වැළැක්වීමටත්,බාහිර සංචිත සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමටත් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමණාකරණයද මෙහිලා දැකිය හැකි සුවිශේෂී කාර්යයකි.මෙහිදී ඡාත්‍යන්තර වශයෙන් රුපියලේ ස්ථායීතාව රැක ගැනීමටත්,වර්තමාන ඡාත්‍යන්තර ගනුදෙනු නිදහසේ කර ගෙන යාමටත් හැකි වන ලෙස මුදල් සංචිත හා රත්‍රන් සංචිත තබා ගත යුතු බව නිර්දේශ වී ඇත. ආර්ථික දත්ත එකතු කිරිම හා බෙදා හැරීම,සංඛ්‍යාලේඛන එක්රැස් කිරීම සිදු කරයි.එහිදී මුදල්,බැංකු ක‍ටයුතු,ඡාතික ආදායම,මිල මට්ටම,කෘෂිකර්මාන්ත‍ය,සේවා වෙළඳ ආදී ක්ෂෙත්‍ර තුළ ආර්ථික සමීක්ෂණ මෙහෙයවයි.ඒ තුළින් රැස් කරන තොරතුරු මහඡනතාව වෙත බෙදා හැරීමද සිදු කිරීම අරමුණුගත වෙයි. ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේද ශ්‍රි ලංකා මහ බැංකුවෙනි.එය නෝට්ටු හා කාසි ලෙසින් නීත්‍යානුකූල පිළිගන්නා ව්‍යවහාර මුදල් වේ.එසේම බැංකු,මුල්‍ය සමාගම් සහ රඡයේ සුරැකුම් පිළිබඳ ක‍ටයුතුවල නියැලී ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම,නියාමන සහ අධීක්ෂණ ක‍ට‍යුතු සිදු කිරීමද මහ බැංකුව සතු වන වගකීමකි.තවද මහ බැංකුවේ පියවීමේ ගිණුම් පවත්වාගෙන යන මුල්‍ය ආයතනවලට නිෂ්කාශණ සහ පියවීමේ පහසුකම් සපයා දේ.රජයේ ආර්ථික උපදේශක, බැංකුකරු සහ මුල්‍ය නියෝජිත වශයෙන්ද ශ්‍රි ලංකා මහ බැංකුව කටයුතු කරයි.ඉහත කී ප්‍රධාන කාර්යයන්ට අමතරව මහ බැංකුව විසින් නියෝජ්‍යායතන කටයුතු ද සිදු කරයි. රාජ්‍ය ණය කළමනාරණය විදේශ විනිමය පාලනය කුඩා පරිමාණ මුල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම මුලික ආයතනය ලෙස කටයුතු කිරීම සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය මේ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු,පාලනය,සංවිධාන සහ ඒ තුළින් වන කාර්යභාරය සරලව දැක්විය හැකිය.එසේම මහ බැංකුව තුළින් ශ්‍රි ලංකා ආර්ථිකයට සිදු කෙරෙන බලපෑම ද එහි ස්ථායීතාවයට සිදු කෙරෙන බලපෑම ද එහි ස්ථායීතාවයට සිදු කෙරෙන කාර්යයන් ද අති විශාල බැව් ප්‍රකාශ කළ හැකිය. ආශ්‍රිත ග්‍රන්ථ ශ්‍රි ලංකා මහ බැංකු වාර්තාව 2019 මේ අඩවියත් බලන්න මහ බැංකුකරණය අඩවියෙන් බැහැර පිටු Central Bank of Sri Lanka
4216
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80
ගබ්සාව
ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි. මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය. එනම්: නිතැත් ගබ්සාව(Spontaneous Abortion) ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම. ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම. නිතැත් ගබ්සාව හෙවත් ගබ්සාවීම ප්‍රේරිත ගබ්සාව හෙවත් ගබ්සාකිරීම ලොව මෑතකදි අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් අතිබහුතරයක් ගබ්සා කරවා ගැනීම් වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි. ඵ් සදහා බලපාන ලද හේතු බොහොමයක් හදුනාගත හැකිය. ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම . දරැ ගැබ පිහිටන අවස්ථාවේදි එය අපේක්ෂා කළද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හෝ ‍සෞඛ්‍ය හේතුන් මත ගබ්සා වලට යොමුවීම. අනපේක්ෂිත කාලයේදි සිදුවන හදිසි ගැබ්ගැනීම් . තවත් දරැවෙකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපැ හැකියැයි නිගමනය කිරිම. ගබ්සාව පිළිබඳ ගැටලුව සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාවපිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත. විවිධ රටවල ගබ්සාව පිළිබඳ තත්වය බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත.ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. එහෙත් ලංකාව ඇතුලු ඇතැම් රටවල එය නෛතික වරදක් බවට පත්කර දඩුවම් නියම කර ඇත. ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය. බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය,දූෂණය ,හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි. ශ්‍රී ලංකාවේ තවමත් බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනම් පමණි. තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි. එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත. ගබ්සා ක්‍රමවේදයන් සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vaccum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ‍‍ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ. ආශ්‍රිත ග්‍රන්ථ "ජනගහන අධ්‍යයන" ද සිල්වා ඉන්ද්‍රලාල සීමාසහිත දීපානි මුද්‍රණ නුගේගොඩ.
4217
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%86%E0%B6%AD%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
රැකියා ආතතිය
රැකියාවක් කරනු ලබන අතරතුරේදි බොහෝ සේවාදායකයන්ට අනතුරැ හා වෙනත් අපහසුතාවන් වලට මුහුණ පෑමට සිදුවන අවස්තාවන් අපට දැකිය හැකිය. සමහර අවස්ථාවන් වලදී සිය රැකියාවන් ඉටු කරනු ලබන විට, සිය ඡිවිතය පවා අහිමි වූ හෝ අහිමි කරගත් අවස්ථාවන් ඉතිහාසය තුලින් අපට ඉනෙගත හැකිය. මේ අනුව ‍මෙවැනි අවස්ථාවන් දෙස විපරම් කර බැලූ විට අපට පෙනී යන කරුණක් වන්නේ මෙම සියලුම අවස්ථාවන් සදහා සේවාදායකයන් විසින් සිය රැකියා කටයුතු වලදී අත්දකිනු ලබන අසහනය (tention) බලපානු ලබන බවයි. මෙම අසහනය ඇතිවිම සදහා රැකියා පරිසරය හා සම්බන්ධ විවිධ සාධකයන් බලපානු ලබයි. සේවාදායකයින් විසින් ඉටු කල යුතු කාර්්‍යයන් සහ වගකීම් පැහැදිලි නොවීම,අවශ්‍යය ප්‍රමාණයට වඩා වැඩියෙන් සේවාදායකයන්ට කාර්්‍යයන්සහ වගකීම් පැවරීම, සේවාදායක ශුභසාධනය පහල මට්ටමක තිබීම,අවශ්‍යය පුහුණුව සහ සංවර්ධනය ලබා නොදීම, වෘත්තීය උපදේශක සේවාවන් ලබා නොදීම, නොමනා කළමනාකරණ චර්යාව, දුර්වල රැකියා තත්වයන්,අහිතකර සංවිධාන සංස්කෘතිය ආදී විවිධාකාරයේසාධක ඉහත සදහන් කරන ලද සේවක අසහනය ඇතිවීම සදහා හේතු වන බැව් පෙනේ. මේ අනුව රැකියා ආතතිය යන්න "විවිධ මිනිසුන්ට විවිධ දේවල්" ලෙස ඉතා සරලව හැදින්විය හැක. ආතතිය යනු "යම්කිසි භාහිර ක්‍රියාවක්, අවස්ථාවක් ‍හෝ සිදුවීමක් යම්කිසි පුද්ගලයකුගේ විශේෂිත භෞතික සහ/හෝ මානසික ඉල්ලීමක් ඇතිවීමේ ප්‍රතිඵලයකින් සිදු වී, එම පුද්ගලයාගේ හැසිරීම් වල සහ/හෝ මානසික ක්‍රියාවලියේ ඇති වන්නා වු යම් ප්‍රතිචාරයක් වේ." ඒ අනුව රැකියා ආතතිය යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් "කෙනෙකු තුලින් මතුවන ඡීව විද්‍යාත්මක හා කායික අවශ්‍යතාවයන් මෙන්ම භාහිර වශයෙන් ඇතිවන විවිධ ඉල්ලීම් හා බලපෑම්, අදාල පුද්ගලයා තුල ඒවාට නිසි අයුරින් හැඩගැසීමට ඇති හැකියාවට වඩා වැඩි වන අවස්ථාවන් රැකියා ආතතිය ලෙස හැදින්විය හැක." මේ අනුව රැකියා ආතතිය හා අන්තර් සම්බන්දිතව පවතින ප්‍රධාන නිර්ණායකයන් 03ක් හදුනාගත හැකිය. 1. අප ඡීවත් වන පරිසරය තුලින් ආතතිය සදහා බලපානු ලබන උත්තේඡකයන් ඇති වේ. 2. පරිසරය තුලින් ඇතිවන උත්තේඡකයන් සදහා පුද්ගලයන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසෙනු ලැබේ. 3. ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන් තුල පවතින පුද්ගලික වෙනස්කම් ද බලපානු ලැබේ. ආතතිය ඇතිවීම සදහා පලමුවෙන්ම අප අවට පරිසරයෙන් යම් බලපෑමක් ‍හෙවත් උත්තේඡකයක් ඇතිවිය යුතුය. උදාහරණයක් වශයෙන්, යම් සංවිධානයක සේවාදායකයින්ගේ කායික හා මානසික ප්‍රතිචාර වලට හේතුවක් ලෙස අදාල සංවිධානයේ කළමණාකාරිත්වයේ ක්‍රියාකලාපය බලපානු ලබන ආකාරය දැක්විය හැකිය. ආතතිය ඇතිවීම සදහා මීලගට බලපානු ලබන කොන්දේසිය වන්නේ පරිසරයෙහි ඇතිවන්නා වු බලපෑම් සහ උත්තේඡකයන් වලට ප්‍රතිචාර දැක්වීමට සදහා පුද්ගලයන් විසින් උනන්දු වීමයි. උදාහරණයක් වශයෙන් ඉහත සදහන් කරන ලද ආකාරයට සංවිධාන කළමණාකාරිත්ව විසින් සේවාදායකයින් කෙරෙහි අයහපත් ආකාරයට බලපෑම් කරන විට, සේවකයින් කායික ‍හෝ මානසික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරිය හැකිය. මේ අනුව, සේවකයින් විසින් සිය කාර්්‍යඵලයන් අවම කිරීම, රැකියාවට නොපැමිණීම, රැකියා අතෘප්තියට පත්වීම, සංවිධානය අතහැර යාම ආදිය දැක්විය හැක. ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන්ගේ චර්යාත්මක වෙනස්කම් ද දැඩි වශයෙන් බලපානු ලබන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙම පුද්ගල වෙනස්කම් යටතට, පුද්ගලයන්ගේ අදහස්, ආකල්ප, දැනුම, කුසලතාවන්, හැකියාවන්, මතයන්, පෞරැෂත්ව ලක්ෂණයන් ආදී විවිධාකාර සාධක අයත් වේ. මෙවැනි සාධකයන් බලපානු ලබන ආකාරය එක් එක් පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට වෙනස් වේ. "හැන්ස් සෙලින්" සදහන් කරන් ලබන ආකාරයට; 1. ආතතිය සැම විටම පුද්ගලයන් තුල අසහනකාරී තත්වයන් ඇති නොකරන බවත් 2. ආතතිය තුලින් ධනාත්මක ප්‍රතිඵලද ඇති වන බවත් 3. ආතතිය සැම විටම මග හැරිය හෝ වැලැක්විය යුතු දෙයක් නොවන බවත් 4. පුද්ගලයකු විසින් සම්පූර්ණයෙන්ම මෙම ආතතියෙන් අත්මිදෙන්නේ ඔහු හෝ ඇය මරණයට පත් වූ විට පමණක් වන බවත් ප්‍රකාශ වේ. රැකියා ආතතිය පිළිබද ආකෘතිය පහත ආකාරයට දැක්විය හැක.
4219
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84
එස්-පහ
ගෘහ පාලනය ගෘහනියන් විසිනුත්, වැඩපොළෙහි දි පිරිසිදු කිරිම හා අතුගෑම හා අතු ගාන්නන් විසිනුත් කළ යූතු බව ‍බොහෝ දෙනා සිතති. තම තමන්ගේ ගේ-දොර සහ වැඩ කරන ස්ථානයන් පිරිසිදුව තබා ගැනීමෙිදී තමා විසින් ද වැදගත් භූමිකාවක් රගපෑ යුතු බව ඹවුහු අවබෝධ කර නොගනිති.මනා ගෘහ පාලනයක් පුහුණු කිරීමෙන් තමන්ට ම කෙතරම් යහපතක් කර ගත හැකිදැයි ඹවුහු නොදනිති. ඹබ දිනපතා වැඩ කරන විට, කරන කිර්යයන්හි දි තම වැඩපොළෙහි පිරිසිදුනකම, පිළිවෙල සහ අාරක්ෂාව පවත්වා ගැනිම සමස්තයක් වශයෙන් ඉතා වැදගත් බව ඔබ දන්නවාද? ඔබ කොතරම් ඉක්මනින් සහ කාර්යක්ෂමව වැඩ කරනවාද යන්න ඔබේ වැඩ පොළෙහි පරිසරය විසින් තීරණය කරන බව ඔබ දන්නවාද? ඔබ කාර්යාලයක, සාප්පුවක, කර්මාන්ත ශාලාවක, වත්තක හෝ වෙනත් ස්ථානයක හෝ රැකියාව කළ ද, ගෘහ පාලනය ඔබට අදාළ වේ.මෙම පරිච්ඡේදය ඔබට ප්රීයෝඡනවත් වන්නේ මෙතැනදී ය.මෙම පරිව්ඡේදය කියවීමෙන් පසුව- ගෘහ පාලනයේ වැදගත්කම ගෘහ පාලනය ඔ‍බේ කාර්යයන්ට විශාල වශයෙන් බලපාන්නේ කෙසේද? ඕබේ රැකියා ස්ථානය පිරිසිදුව, මනා ලෙස, පිළිවෙලට තබා ගැනිම සඳහා ඔබ උපකාරි වන්නේ කෙළෙසද? යන්න දැන ගත හැකි වේ. එමෙන්ම ඔබේ වැ‍ඩපොළේ ගෘහ පාලනයට සහභාහි වීම ගැන ඔබ සිතන විට උද්්ය් ගයෙන් ඔකඳ වනු ඇත. "එස්-5” කුමක්ද? එස් 5 යන්නෙන් ජපන් ව‍චන 5ක් කියවේ. සෙයිරි සෙයිටෝන් සෙයිසෝ සෙයිකෙත්සු ෂිත්සුකේ එහෙත් මේවා පුහුණු කිරිම සඳහා ජපන් ජාතිකයෙකු විය යුතු බවට මින් අදහස් නොවේ.අපි, එක් එක් වචනය කියවා එයින් අදහස් වන දෙය සහ අපට යෙදෙන්නේත කෙසේදැයි බලමු. සෙයිරි අවට ඇති ද්‍රව්‍ය වලින් අවශ්‍ය හා අනවශ්‍ය දෑ තෝරා අනවශ්‍ය දේවල් ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසිකර දමන්න . සෙයිටෝන් අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක. සෙයිසෝ කුණු රොඩ්ඩක්වත් නොතිබෙන පරිදි වැඩපොල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න සෙයිකෙත්සු සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න ෂිත්සුකේ මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුගමනය කිරිමට පුහුණු කිරිම. එස් 5 න් ලබන ප්‍රයෝජන එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි. එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව් එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති. එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට ෙහ්තු ෙව්. කළමනාකරනය
4221
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%20%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84
සාම්ප්‍රදායික සිංහල විවාහ
මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි. එකී චර්යා පද්ධතිය විශ්වාසය ‍හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි. වර්ගයා‍ගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින් ම සංකීර්ණ සංස්ථාවකි. බොනිස්ලෝ මැලි‍නොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංග‍ලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි. සිංහල විවාහ ක්‍රම පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ. දීග විවාහ බින්න විවාහ දීග විවාහ ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහය යි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී. නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි. ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තර‍යේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී. "මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති." බින්න විවාහ පුරුෂයා ස්වකීය නිවසින් වෙන් ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහය යි. යුරෝපීයන් පැමිණීමට පෙර සිට ම බින්න විවාහ මෙරට සමස්ථ සමාජය පුරා ම ව්‍යාප්ත ව පැවති බවට සාක්ෂි හමු වේ. එසේ ම,බින්න විවාහයට පත් වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී. මෙම උපහාසාත්මක වැකියෙන් හැඟෙනුයේ බිරිඳගේ නිවසින් ඔහුට කුමන හෝ වෙලාවක ගෙයින් පිටවී යන්නට සිදු වේද කියා නොකියා කීමට යි. මීට අවශේෂ විවාහ ක්‍රමයක් පිළිබඳව ද පුරාණ ලක් සමාජයෙන් හෙළි වේ. එකගෙයි කෑම පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබු‍ණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම යි.මෙම විවාහ ක්‍රමය අනුව පවුලක වැඩිමහළු පිරිමි දරුවා දෙපාර්ෂවයේම ඥාති සමූහයාගේ එකගත්වයෙන් චාරිත්‍රානුකූලව බිරිදක් කැදවාගෙන එයි එලෙස පවුලේ වැඩිමහළු පිරිමි සහෝදරයා විසින් ආවාහ කරගත් බිරිද තමාගේද බිරිද ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනකු දක්වා පිරිසකට අවසර මෙම විවාහ ක්‍රමයේදී ලැබේ ඒ අනුව එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිදක් සිටීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණයකි කෙසේ වෙතත් පවුලේ පිරිමි සහොදරයන් හතකට වඩා සිටීනම් ඔහුට වෙනත් බිරිදක් කැදවාගෙන ඒමට අවසර හිමිවිය අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහොදරයන් සිටීනම් පෙර පරිදි තම වැඩිමහල් සොයුරා(අටවන සාමාජිකයා)ආවාහ කරගත් බිරිද තමාගේ බිරිද ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට අවසර තිබිණ මෙම විවාහ ක්‍රමයට අයත් විශේෂ ආචාර ධර්ම පද්ධතියක්ද පැවතිණ සැම විටම එකගෙයි කෑම විවාහ ක්‍රමයේ දී පුරුෂයන් සත් දෙනාම එකම පවුලකට අයත් විය යුතුවීම ඇතැම් විට සත් දෙනාට වඩා අඩු සාමාජිකයන් සිටින පවුල් ද මෙම විවාහ ත්‍රමය අනුගමනය කළහ පවුලේ පිරිමි සහෝදරයන් සත් දෙනකුට වඩා වැඩිනම් අට වැන්නාට වෙනත් බිරිදක් ආවාහ කරදීම බාල සහෝදරයෙකු මෙම ක්‍රමය යටතේ විවාහ කරගත් බිරිදක් තමාගේ බිරිද ලෙස සැලකීමට නොහැකිවීම එක් සොයුරකු තම බිරිද සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්ලේ තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිනෙන ලෙස සංඥා කිරීම අදී ආචාර ධර්ම පද්ධතියක් පැවතිණ අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත ස්ත්‍රීන් ලෙස සැලකීය මෙම විවාහ ක්‍රමය වර්තමාන සමාජයේ නොපවතින විවාහ ක්‍රමයකි පොරොන්දම් බැලීම පුරාණ ගැමියන් විසින් පවසන පරිදි පෙර භවයේ පතාගෙන එන අන්දම 'පෙර උන්දම්' පොරොන්දම් වී ඇතැයි පැවසේ. මෙය විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායික, මානසික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගැළපීමේ පරීක්ෂණයකි.ප්‍රථමයෙන්, නැකැත් පොරොන්දම් බැලීමබොහෝ සීංහල විවාහයන්හි සිදු කෙරේ.මෙය ධනය, බලය, සමගිය හා සැපය ගැළපේ ද, යන්න පිළිබඳ කෙරෙන්නා වූ පරීක්ෂණයකි.දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භව විසි පොරොන්දම් ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදුවේ. මංගල උත්සවය අවාහ-විවාහවලදී සිංහලයෝ ස්වකීය කුලය ගැන විශේෂයෙන් පරික්ෂාකාරී වූහ.තමන්ගේ කුලයේම කෙනෙකු මිස පහත් යැයි සම්මත කුලයකින් ඔවුහු අවාහ-විවාහයට සම්බන්ධ නොවූහ.මෙවැනි තත්ත්වයන් නූතන සිංහල සමාජයන්හි වුව අවශේෂව පවතින බැව් විද්‍යමාන වනූ නියතය. නැකැත් පත්‍රය මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි. මංගල්‍යාරාධනය "නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය." (ශ්‍රී ලංකා‍වේ විවාහ චාරිත්‍ර-සේනාරත්න,පී.ඇම්.) මංගල පෝරුව පුරාණ සිංහල සමාජයන්හි නූතනයේ මෙන් කුලියට මංගල පෝරු නොවීය.එය ද මංගල්‍යයට දින කිහිපයකට පෙර සුභ හෝරාවකින් සෑදීම ආරම්භ කෙරේ.සුභ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය කෙරේ.එසේම, පෝරුව මතට පාවාඩ එළීම හා එයට උඩින් වියන් බැඳීම ග්‍රාමයන්හි හේන මාමා විසින් සිදු කෙරේ.නියම වූ සුභ මුහූර්තියෙන් මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුනගේ මාමලා විසිනි.නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම සිදූවේ. පෝරු‍වේ චාරිත්‍ර ලෙසින් මනාලයා පළමුව සිය මනාලියට තැලි පිළි පළඳවයි. මනාලිය විසින් ද මනාලයාහට මුදුවක් පළඳවයි.ඉන් අනතුරුව,පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කෙරේ.පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් හුරුල්ලක් දී ඇගේ දෙපා නමදියි.මනාලියගේ මව එය පිළිගනූයේ හිස මත තබා ගනිමිනි.යුවතිපති දෙදෙනාගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් 'ජයමංගල ගාථා' කියනු ලබයි.එසේම, මේවායෙහි පළාතෙන් පළාතට ‍වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරයි.පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරයි.මෙය ගණ දෙවියන් උදෙසා කරන පූජාවක් ලෙස සැලකේ. එසේම,ඒ දෙස බලා පැරැන්නෝ විවිධ අනාවැකි පළ කරති. විවාහ මංගල උත්සවය මනාල පාර්ශවයේ පිරිස මනාලිය 'කැන්දන් ඒමට' නැකතකට අනුව පිටත් වේ.බොහෝ විට, එකී සිරිත් විරිත් සියල්ල සිදුවුයේ ආගමානුකූල චාරිත්‍ර ඉටු කිරිමෙන් අනතුරුවය. සීංහල විවාහ සම්බන්ධව සැලකීමේදී, නීතියෙන් යුග දිවියට ප්‍රවිශ්ඨ වූ බවක් කිසිදු තැනක සඳහන් නොවන කරුණකි. සිදුහත් කුමරුන්ගේ සරණ මංගල්‍යයේ සිටම, අවාහ-විවාහ සිදුවුව ද 'කසාඳ බැඳීම' යනුවෙන් නීතිගත ලියවිලි,රෙජිස්ටාර් කිරිම් පිළිබඳ අසන්නට නොමැත. එවැන්නක් ප්‍රථම වරට දෘශ්‍යමාන වනුයේ, විදේශිකයන් ලංකාව‍ට පැමිණීමෙන් අනතුරුවය. අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙ‍ම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි. විවාහ මංගල්‍යය මංගල භෝජනය බිම පැදුරු මත වාඩි වී සාමූහිකව භුක්ති විඳි මංගල භෝජනය වත්මන වන විට, මේස පුටු සැරසිලි කරන ලද 'මඟුල් මඩුවක්' දක්වා වර්ධනය වී තිබේ. එදා මංගල පෝරුවෙන් බසින යුවති පති දෙපළ පළමුව සිදු කළ කාර්ය වූයේ, මංගල භෝජනය ගැනීමයි. මනාලයා සහ මනාලිය මෙහිදී එක බඳුනේ ආහාර ගත්තෝය. මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය. 1.ලාදර බත: මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනුයේ;ලාදර බතයි. 2.ආදර බත: මංගල භෝජනයයි. 3.කෑදර බත: මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනුයේ; කෑදර බත‍යි. 4.යෝදර බත: පසුදා මනාලයා දෙන විශේෂ බතයි. යුවතිපති දෙපළට ආශිර්වාද මංගල භෝජන‍යෙන් පසුව, ඈත අතීතයේ කවිකාර මඩුවක් පැවැත්විණි. එය පසු කලෙක කතා පැවැත්වීම, මනාලියට මනාලයාට අවවාද දීම්, සංග්‍රහ උදෙසා ස්තූතිය ප්‍රකාශ කිරීම්, අඩුපාඩු සඳහා සමාව භජනය කිරීම් ආදියෙන් සමන්විත සභාවක් බවට පත්ව තිබේ. මනාලිය, මනාලයාගේ මවට භාර දීම, මනාලියගේ මව, පියා ඇතුළු වැඩිහිටියන්ට වැඳ නමස්කාර කිරීම් එහිදී සිදුවේ.විශේෂයෙන්, මනාලිය කැන්දාගෙන යාමට ආසන්නව ඇය‍ට අවවාද දීම් අසන්නට, දකින්නට ලැබේ. ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍ය ශේඛරයේ මංගල අවස්ථාවක පියකු දියණියකට දුන් අවවාද මෙසේ දැක්වේ. "නොකියා සිය හිමිට , නැතිවද උතුරු සළු පට, ගමන් ඉක්මන් නොකොට, නොයන් නුඔ වසන ගෙන් පිටතට" මංගල පෙරහැර මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් වූවකි. අසවලා අසවල් තැනින් කැන්දාගෙන ‍යන බැව් ඉන් සංකේතවත් කරයි. ප්‍රසිද්ධිය ගෙ‍නෙ‍න අංග මීට ඇතුළත්ය. මනාලියගේ පාර්ශවයේ උත්සවය සිය මනාලිය ස්වකීය නිවසට කැන්දාගෙන ඒමෙන් මනාලයාගේ පාර්ශවයේ උත්සවය ආරම්භ වේ. මෙය 'දෙවැනි ගමන් යාම' ලෙස සිංහල විවාහයන්හි දී හඳුන්වයි. එදා, අද මෙන් 'මධුසමය' සඳහා පිටත් ව යාමක් නොපැවතුනු අතර, මනාලියගේ නිවසින් මනාලයාගේ නිවස වෙත ගමන් ඇරඹීය. එතෙක්, තමා හැදුනු, වැඩුනු පරිසරයෙන් වියුක්තව මනාලිය එතැන් සි‍‍ට නව දිවියක් අරඔයි. එලෙසින්, සීංහල විවාහ මංගලෝත්සවයක නිමාව සනිටුහන් වුව ද, යහපත් සමාජයක ඉදිරි පැවැත්ම නීර්ණය කෙරෙන සොඳුරු ගමන් මඟක‍ට කවුළු පියන් පත් ඉන් විවර වනු ඇත. ආශ්‍රිත ග්‍රන්ථ කරුණරත්න,ඩේවිඩ්.(අනුවාදක),රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව,සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1962. සේනාරත්න,පී.ඇම්.ශ්‍රී ලංකා‍‍වේ විවාහ චාරිත්‍ර,සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1999. මේ ලිපිත් බලන්න මංගල චාරිත්‍ර උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ ශ්‍රී ලංකාවේ විවාහ නීතිය දික්කසාදය පවුල විවාහය සිංහල ජාතිය
4222
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
කවුඩුල්ල ජාතික උද්‍යානය
මුළු භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. උද්‍යානය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරුළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි. කවුඩුල්ල ජාතික උද්‍යානය ආශ්‍රිත දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්‍යානයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත. කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්‍යානයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන ඔබ්බට ගමන් අරඔයි. උද්‍යානයට 1500 mm -2000 mm වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්‍රේල් සිට ඔක්තෝම්බර දත්වා වියළි තාලගුණයත් පවති. කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් ඵත්රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුමියේය. මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්‍රී ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ. ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම ව්ශේෂයෙන්ම ව්යළි කාලයේ අලි ඇතුන්ගේ වාසයට මනා පරිසරයක් උදාතර දේ. නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද, තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා, තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්‍ෂක සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්‍යානය තුළ දැකගත හැකිය. කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි. උද්‍යානය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය. මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්‍ෂි විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය. උද්‍යානයේ පවතින ශාක ප්‍රජාව වියළි සදාහරිත වනාන්තර වලට අයත් වේ. කුඹුක්, පළු, වීර, මයිල සහ මාදම් වැනි ශාක දැකගත හැකිය.ඇළ මාර්ග සහ දිය පාරවල් දෙපස ඉවුරු නිල්වන් පරිණත ගංගා ආශ්‍රිත වනාන්තර පෝෂණය කරයි. හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්‍යානය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මගිනි. ඵය 2002 අප්‍රේල් මස 01 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රි ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි. එහි ඡෛව විවිධත්වය සහ ඡල විද්‍යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය. සත්ත්ව සහ ශාක සංරක්‍ෂණය පනත යටතේ උද්‍යානය නම් කර ඇත. ගමන් මාර්ගය හබරණ සහ පොළොන්නරුව යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ සිට උතුරු දෙසට මිනිත්තු 20 ක රිය පැදවීමකින් කවුඩුල්ල වෙත ලඟා විය හැකිය. උපුටා ගැනීම රක්‍ෂිත ප්‍රදේශ කළමණාකරණ සහ වනජීවී සංරක්‍ෂණ ව්‍යාපෘතියේ ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන
4223
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B6%85%E0%B7%80%E0%B6%A7%20%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%20%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1
ගාල්ල අවට පිහිටි විශේෂ ස්ථාන
ගාලු පුරය ගැන විමසන විටදී මුහුදු බඩ ඒ-2 මාර්ග‍‍යේ බෙන්තොට- අහංගම දක්වා කිලෝ මීටර 72ක සීමාවක් හා වර්ග කිලෝ මීටර 1652ක වපසරියක් ගාලු දිසාවට හිමි වේ. බලපිටිය අම්බලන්ගොඩ, කරන්දෙණිය, ‍බෙන්තර , ඇල්පිටිය, හිනිදුම, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන හා හබරාදූව නම් පැරණි මැතිවරණ කොට්ඨාශ 10කින් සමන්විත වේ. එසේම බෙන්තොට ගඟ,මාදු ගඟ,ගිං ගඟ සහ දේද්දුව වැව,මාදම්පේ විල,රත්ගම විල ආදී දිය තඩාගද දැක ගත හැකිය. බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී 01. බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ‍ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි. 02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය කරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැල‍කේ. 03. ‍කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්‍යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්‍රියාවකි. 04.මාදු ගඟ.- බලපිටිය ප්‍රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි. 05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්‍රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක. 06. මීටියාගොඩ චන්ද්‍රකාන්ති මැණික් පතල.- චන්ද්‍රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්‍රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක. 07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්‍ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය. 08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්‍රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්‍රසිද්ධියක් උසුලයි. 09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්‍රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්‍ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ. 10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්‍රාමයේදී සිදු කර ඇත. 11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්‍ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි. ගාල්ල - අහංගම ඒ-2 මාර්ගයේදී 12. රූමස්සල කන්ද- ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. මෙහි විශාල ඔසු උයනක්ද අතීතයේ සිටම වන අතර අද එය හෙක්ටයාර 22ක් පමණ වන තෙක් කුඩා වී ඇත. 13. යටගල හෙට්ඨාචර රජ මහා විහාරය - ඉතාමත් පැරණි විහාරයකි. දේවානම්පියතිස් රජු විසින් ගෙනවිත් රෝපණය කරන ලද අෂ්ඨඵලරුහ බෝධිය තවමත් වේ. ගාලු දිසාවේ පූජා නගරයක් ලෙස ප්‍රථමයෙන්ම සංවර්ධනය කරන ලද විහාරය මෙය ලෙස සැළකේ. 14. උණවටුන දෙවොල් දෙවොල- දෙවොල් දෙවියන් උදෙසා කරවන ලද්දකි. වසර 2000කට පමණ පෙර දෙවොල් දෙවියන් වැඩ සිට ඇතැයි සැළකෙන ශෛලමය ගල් ගුහාවද මෙහි දක්නට ලැ‍බේ. 15.කොග්ගල මර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍රය- ලාංකික සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු කළ මර්ටින් වික්‍රමසිංහයන්ට උපහාර ලෙස මෙය ඉදි කර නම් කර ඇත. එසේම මේ සමීපයේ මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය සහ මඩොල්දූව ද වේ. බෙන්තොට - ඇල්පිටිය මාර්ගය 16. අඬා හැලෙන ඇල්ල.- ඇල්පිටිය පසු කර පිටුවල ගම්මානයට පිවිසි පසු බෙරලිය නම් මූකලාන තුළ තනිව හඬා වැටෙන්නේය යන ප්‍රවාදය නිසා මෙම අඬා හැලෙන ඇල්ල යන නාමය යෙදී ඇතිඉතා මනස්කාන්ත දිය ඇල්ලකි. 17. අම්බන ශ්‍රී රාහුල සංඝරාජ ඉදුරුගිරි ලෙන් විහාරය.- කහදූව ප්‍රදේශයේ නිසංසල පරිපරයක පිහිටා ඇති සිත් සන්සුන් කරවීමට සමත් ගල් ලෙනකි. මෙම ගල් ලෙනෙහි තොටගමු ශ්‍රී රාහුල හිමි ජීවිතයේ අවසාන කාලය වැඩ සිට ඇතැයි සැළකේ. උන් වහන්සේගේ බෙහෙත් ගැල් වූ ශ්‍රී දේහය පෘතුගීසින් විසින් රැගෙන යාමෙන් පසු ගෝවේ නගරයේ තවමත් තබා තිබෙන බව පැවසේ. 18. පිටිගල දිය කිතුල් කන්ද ආරණ්‍යය.- ඉතාමත් නස්කලංකව පිහිටා ඇති මෙම ධර්ම නිකේතනයේදී විවිධාකාර වූ ශාරීරික හා මානසික රෝගී තත්වයන්ට ප්‍රතිකාර සිදු කර සුව කිරීම පිළබඳ ප්‍රසිද්ධයක් උසුළයි. ගාල්ල - උඩුගම මාර්ගය 19. හිනිදුම කල්වාරි කන්ද.- කිතුණු බැතිමතුන් සිය දහස් ගනනින් වන්දනාවේ යෙදන මෙම පූජා භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 900ක් උසින් ගිං ගඟ අසබඩ මෙය පිහිටා තිබේ. 20. පරගොඩ රජ මහා විහාරය.- අනුරාධපුර යුගයේ ඉදි වී ඇත්තකි. ගම්පෙරළිය නවකතාවේ පියල්. නන්දා ඇතුළු පිරිස නාමල් පුදන්නට ගිය චාරිකාවට පාදක වූ වෙහෙර වූකලී මෙහි තිබෙන වෙහෙර වේ. මේ අඩවිත් බලන්න ගාල්ල ගාලු කොටුව ගිං ගඟ අඩවියෙන් බැහැර පිටු අපේ උරුමය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
4224
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
දැන්වීම්කරණය
දැන්වීම්කරණය හෙවත් වෙළඳ ප්‍රචාරනය සන්නිවේදන ක්‍රමයකි. එය අදාල පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය හා එය භාවිත කරන ආකාරය සම්බන්ධව සිදු කෙරෙන දැනුවත් කිරිමකි. සමහර වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ වෙළෙඳ නාමය ගැන විශ්වාසනීයත්වයක් උපදමිනි. එමගින් ඒවා පරි‍භෝජනය වැඩිදියුණු කරවිමට හැකි බැවිනි. මේ අරමුණ ඉටුකරගැනීම උදෙසා සැබෑ කරුණු මෙන්ම පොළඹවන සුළු පණිවිඩද, වෙළෙඳ දැන්වීම්වල අන්තර්ගතවේ. මේ පණිවිඩ දීම පිණිස රූපවාහිනී, ගුවන් විදුලිය, චිත්‍රපට, සඟරා, පුවත්‍පත් , වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් හා වෙළෙඳ දැන්වීම් පුවරු වැනි ප්‍රබල මාධ්‍යයන් යොදා ගනු ලැබේ. හැමවිටම වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරනු ලබන්නේ යම් සමාගමක් වෙනුවෙන් වෙළෙඳ ඒජන්සියක් මගිනි. එසේම වෙළෙඳ දැන්වීමක් සිල්ලර බඩු කරත්ත තහඩුවක, ගුවන් තොටුපල සක්මන් මාවතක බිත්තිවල , බස්රථයක ‍දෙපැත්තේ මෙන්ම දුරකථන පණිවිඩයක හෝ සාප්පුවල පොදු ඇමතිම් විකාශනයක තිබිය හැකිය. වෙළෙඳ දැන්වීම් ස්ථාන ගත කර ඇත්තේ පාඨකයා පහසුවෙන් ඇස ගැටෙන හා නිතර දකින,ඇසෙන තැන්වල දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය හෝ මුද්‍රණ ආකාරයෙනි. සමහර සංවිධාන නිතර ප්‍රචාරණය සඳහා අධික මුදලක් වියදම් කරන නමුත් භාණ්ඩයක් හෝ සේවාවක් මහජනතාවට නියත ලෙස විකිණීමට බලාපොරොත්තු වන්නේ නැත. මෙවැනි ආයතන නම් දේශපාලන පක්ෂ, ක්‍රියාකාරී සංවිධාන, ආගමික ප්‍රචාරක සංවිධාන සේවක පිරිස් බඳවා ගැනීමට බලාපොරොත්තු වන හමුදාවන්ය. මීට අතිරේකව සමහර ලාබ නොලබන සංවිධාන විධිමත් ආකාරයේ ප්‍රචාරණයක් නොකරන නමුත් නොමිලේ ලබා ගත හැකි රාජ්‍ය හා පොදු මාධ්‍යයන් ගැන විශ්වාසය තබා ඒවා යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි. පසුගිය වර්ෂවල ප්‍රචාරණ වියදම් කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ප්‍රචාරණ වියදම ඩොලර් බිලියන 155 ක් වී ඇති බව TNS මාධ්‍ය බුද්ධි අංශය වාර්තා කරයි. එම වර්ෂයේම ලෝකය පුරා ප්‍රචාරණ වියදම ඩොලර් බිලියන 385 ක්වු බව Global Entertainment and Media Outlook : 2006-2010 නැමති වාර්තාව ඉදිරිපත් කරන “ ප්‍රයිස් වෝටර් හවුස්කූපර්ස් ” නම් ගෝලීය විගණන සමාගම දක්වයි. මේ සමාගම වාර්තා කරන ආකාරයට 2010 වනවිට ලෝක ප්‍රචාරණ වියදම අඩ ට්‍රිලියනයක් ඉක්මවනු ඇත. රටක ආර්ථික දියුණුව සඳහා ප්‍රචාරණය හේතු වනවා මෙන්ම ඊට සමාජමය වියදමක් ද වැයවේ. අනාරාධිත විද්‍යුත් පණිවිඩ හා වෙනත් ආ‍‍කාරයේ විද්‍යුත් පණිවිඩ කොතරම් ව්‍යාප්තවී ඇද්ද යත් එය ග්‍රාහකයන්ට මහත් හිසරදයක් බවට පත්වී ඇත. එමෙන්ම එය අන්තර්ජාල සේවා සපයන්නන්ටද මූල්‍යමය බරක් බවට පත්වී ඇත. ප්‍රචාරණය මඟින් පාසල් වැනි මහජන ආයතනද වේගයෙන් ආක්‍රමණය කරමින් සිටින අතර එය දරුවන් සූරා කෑමක් ලෙස විචාරකයෝ වාද කරති. මිනිසා ලොවට බිහිවුදා සිටම ඔවුන්ගේ අදහස් උදහස් අන් අය සමඟ හුවමාරු කරගැනීමට විවිධ වු ක්‍රම සංකේත, ලකුණු හෝ අංගචලන භාවිතා කර ඇත. ප්‍රචාරණය යන සංකල්පය ඉතා මෑත කාලයේ ඡනප්‍රිය වුවද ඉතා ඈත අතීතයේදීද පුද්ගලයින්, ප්‍රදේශයන් හෝ රඡයන් එසේත් නැතිනම් රාඡ්‍යයන් අතර පණිවිඩ හුවමාරු කරගැනීමේදී විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කොට ඇත. ලංකාවේ මුල් වරට ප්‍රචාරණ කටයුතු අණ බෙරකරුවන් මඟින් ප්‍රචලිත වු අතර රඡය විවිධ තොරතුරු, උසාවි නියෝග හා විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා මෙම ක්‍රමය බහුලව හාවිතයට ගැනිණි. 19 වන සියවසේ අග භාගයේ ඇතිවු කාර්මික විප්ලවයත් නවීන විද්‍යාවේ දියුණුවත් හේතුවෙන් විවිධ කර්මාන්ත නිෂ්පාදන එළි දැක්වීමත් නිසාවෙන් ප්‍රචාරණ කටයුතු ද ශීඝ්‍ර ලෙස සංවර්ධනය විය. ප්‍රචාරණය වර්තමානයේ ඉතාමත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇති අතර විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය යන අංශ දෙකම උපයෝගී කර ගනිමින් භාණ්ඩ හා සේවා පිළිබඳව ප්‍රචාරණය ඉතාමත් සාර්ථක ලෙස එළි දක්වයි. දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට මෙම ප්‍රචාරණය ඉතාමත් වැදගත් වේ. එනම් විවෘත ආර්ථිකය මත පදනම් වු වෙළඳ කටයුතු ඉතා පුළුල් තත්වයක පැවතීමත්, ආනයනික භාණ්ඩ රට තුළ බහුල වීමත් නිසා ඇතිවු තරඟයට මුහුණදීම සඳහා මෙම ප්‍රචාරණය ඉතාමත් වැදගත්කමකින් යුක්ත වේ. අලෙවිකරණ සංකල්පයට අනුව ප්‍රචාරණයෙහි සරල අදහස නම් යම් කිසි භාණ්ඩයක් හෝ සේවයක් සම්බන්ධයෙන් තොරතුරු තවත් පාර්ශවයකට ලබා දීමයි. "ප්‍රචාරණය" හා "ප්‍රචාරණය කිරීම" ද්විධාකාර වන අතර ප්‍රචාරණය ක්‍රියාදාමයක් ලෙසත් ප්‍රචාරණය කිරීම කිසියම් කෙනෙකුට හෝ පාර්ශවයකට පණිවිඩයක් නැතහොත් තොරතුරක් ලබා දීම ලෙසත් අර්ථකථනය කළ හැක. ප්‍රචාරණය පිළිබඳ පිලිප් කොට්ලර්ගේ සංකල්පයට අනුව "ප්‍රචාරණය යනු මුදල් ගෙවනු ලැබු අනුග්‍රහකත්වයක් මඟින් මෙහෙයවන අපෞද්ගලික සන්නිවේදන රටාවක්" ලෙස නිර්වචනය කර ඇත. ප්‍රචාරණයේ අරමුණු පෞද්ගලික විකුණුම් වැඩි කර ගැනීම විකුණුම් වියදම් අඩු කිරීම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම ප්‍රචලිත කිරීම හා පුළුල් කිරීමට හැකියාව ලැබීම පොදුවේ විශාල පාරිභෝගික පිරිසකට එකවර ළඟාවීමේ හැකියාව භාණ්ඩ බෙදා හැරීමට නියෝඡිතයන් සොයා ගැනීමේ හැකියාව නව වෙළෙදපොළවල් වල අලුත් පාරිභෝගිකයන් සොයා ගත හැකිවීම අනෙකුත් භාණ්ඩවල තත්වයන් සොයාගෙන තමාගේ භාණ්ඩය උසස් තත්වයකට ගෙන ඒමේ හැකියාව තරඟකාරිත්වයට මුහුණදීමේ හැකියාව ලැබීම ප්‍රචාරණ ඉතිහාසය පුරාණ අරාබියේ පැවති වාණිජ පණිවිඩ සහ දේශපාලන සටන් ප්‍රදර්ශන කිරීමේ ක්‍රම පිළිබඳව නටබුන් ඇසුරින් පුරාවිද්‍යාත්මක සාක්ෂි ‍සොයා ගෙන ඇත. විකිණීම් පණිවිඩ සහ බිත්ති වල පෝස්‍ටර් දැන්වීම් පිළියෙල කිරීම සඳහා ඊජිප්තියානුවෝ පැපිරස් කඩදාසි භාවිතා කළහ. භාණ්ඩ නැතිවීම් සහ සොයා ගැනීම් පිළිබඳ පළ කෙරුණු පැපිරස් කඩදාසි වෙළෙඳ දැන්වීම් පැරණි ග්‍රීසියේ සහ පැරණි රෝමයේ සුලභව දක්නට ලැබුණි. වාණිජ ප්‍රචාරණය සඳහා බිතුසිතුවම් හෝ ශිලා චිත්‍ර යොදා ගැනීම පැරණි ප්‍රචාරණ ක්‍රමයකි. ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයන්හි වර්තමානයේදී ද මෙම ක්‍රමය පවතී. බිතු සිතුවම් සම්ප්‍රදාය, අවුරුදු 4000 තරම් ඈතට දිවෙන අතර ඉන්දියානූ ශිලා චිත්‍ර සමඟ ඒවා සම්බන්ධ කළ හැකිය. 15 වැනි සහ 16 වැනි ශතවර්ෂ වලදී චිත්‍ර කලාවේ ඇති වු වර්ධනයත් සමඟ පත්‍රිකා ඇතුළත් ප්‍රචාරණය ව්‍යාප්ත විය. 17 වැනි ශතවර්ෂයේ දී එංගලන්තයේ සතිපතා පුවත්පත වල වෙළෙඳ දැන්වීම් දක්නට ලැබුණි. මුද්‍රණ යන්ත්‍ර වල දියුණුවත් සමඟ මුද්‍රණ කටයුතු වලට වැඩියෙන් වියදම් දැරීමට හැකි වීමත් නිසා ප්‍රධාන වශයෙන් පොත් සහ පුවත් පත් ප්‍රවර්ධනය කිරීමට මෙම මුල් මුද්‍රිත ප්‍රචාරණයන් යොදා ගන්නා ලදී. යුරෝපයේ ඉමහත් විනාශක් සිදු කරමින් රෝග පැතිරයාම පිළිබඳව ප්‍රචාරණය කිරීම සඳහාත්, වැඩි ඉල්ලුමක් පැවති ‍ඖෂධ පිළිබඳව ප්‍රචාරණය කිරීම සඳහාත් මෙම මුද්‍රිත ප්‍රචාරණයන් යොදා ගැනුණි. මාධ්‍යයන් මිනිසුන්ට මුදල් ගෙවා යම් සළකුණක් රැගෙන සිටීමට සැලැස්වීම පැරණිම දැන්වීම් විධික්‍රමයකි. මෙය මිනිසුන් දිශානුගත කරවන සුළු චිත්‍රමය සලකුණකි. සිංගප්පූරුවේ දැන්වීම් යෙදූ බස් රථ භාවිතා වේ. බස් රථ හා අනෙකුත් රථ දැන්වීම් සඳහා ඉතා ජනප්‍රිය මාධ්‍යයකි. වානිජ්‍ය දැන්වීම් මාධ්‍යයන් ලෙස බිත්තිවල අඳින ලද චිත්‍රමය දැන්වීම් (Wall paints), බිල් බෝර්ඩ්, රූප මුද්‍රිත වාහන, ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනී දැන්වීම්, වෙබ් අඩවිවල දැන්වීම්, ජංගම දුරකතන තිරයන්, කඩසාප්පුවල භාණ්ඩ එහා මෙහා කිරීමට යොදන කරත්ත, බස් නැවතුම්වල ආසන, සඟරා, පුවත්පත්, නගර නිළ නිවේදකයින්, බස්රථවල හෝ ගුවන් යානාවල දෙපැති (logojets) , කුලීරථවල දොර, මඟී තිර, සංගීත වේදිකා ප්‍රදර්ශන, දුම්රිය වේදිකා, සුපිරි වෙළඳසැල්වල ඇති ඇපල් මත ස්ටිකර්, ෆෝස්ටර්, ටිකට්වල පිටුපස දැක්විය හැකිය වානිජ්‍ය දැන්වීම් මාධ්‍යයන් ලෙස බිත්තිවල අඳින ලද චිත්‍රමය දැන්වීම් (Wall paints), බිල් බෝර්ඩ්, රූප මුද්‍රිත වාහන, ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනී දැන්වීම්, වෙබ් අඩවිවල දැන්වීම්, ජංගම දුරකතන තිරයන්, කඩසාප්පුවල භාණ්ඩ එහා මෙහා කිරීමට යොදන කරත්ත, බස් නැවතුම්වල ආසන, සඟරා, පුවත්පත්, නගර නිළ නිවේදකයින්, බස්රථවල හෝ ගුවන් යානාවල දෙපැති (logojets) , කුලීරථවල දොර, මඟී තිර, සංගීත වේදිකා ප්‍රදර්ශන, දුම්රිය වේදිකා, සුපිරි වෙළඳසැල්වල ඇති ඇපල් මත ස්ටිකර්, ෆෝස්ටර්, ටිකට්වල පිටුපස දැක්විය හැකිය. අනුග්‍රාහකයා තම පණිවිඩය යම් මාධයයක් හරහා බෙදා හැරීම සඳහා ඕනෑම ස්ථානයකට යම් ගෙවීමක් සිදු කරයි නම් එය දැන්වීම් කරණයය‍ි. දැන්වීම් ඵලදායීතාව මනිනු ලබන තවත් විධියක් ලෙස දැන්වීම් ක්‍රියා පථයක් ඔස්සේ ගමන් කරවීම (Ad tracking) පෙන්වා දිය හැක.මෙම දැන්වීම්කරණ පර්යේෂණ ක්‍රම වේදයන් ඉලක්ක වෙළඳපොලේ ආකල්ප කොතෙක් දුරට වෙළඳ නාම, භාණ්ඩය හෝ සේවවාව කෙරෙහි නැඹුරු වීද යන්න මිනුම් කරනු ලබයි. මෙම ආකල්ප වෙනස් වීම, ආයතනික දැන්වීම් හා ප්‍රවර්ධනයන් කෙරෙහි පාරිභෝගිකයාගේ අනාවරණය වීමට සාපේක්ෂව ප්‍රස්ථාරගත කරනු ලබයි. දැන්වීම් ක්‍රියා පථයක් ඔස්සේ සකස් කිරීම (Ad tracking) සාමාන්‍යයෙන් මාධ්‍යයන්ට බර තැබුමෙහි හා වියදම් මට්ටමෙහි සුසංයෝගී බලපෑම, මාධ්‍යයන් මිලට ගැනීමේ හා ඉලක්ක කිරීමේ ඵලදායීතාව, දැන්වීම් නිර්මාණකරණයේ ගුණාත්වය ආදිය යන ඒවා අගය කිරීමට මිනුමක් සපයනු ලැබේ. ආවෘත දැන්වීම්කරණය ආවෘත දැන්වීම්කරණය (Covert Advertising) යනු නිෂ්පාදිතය හෝ සන්නම්නාමය විනෝදාස්වාදයන් තුලට හෝ මාධ්‍යයන් තුලට කා වැද්දීමයි. උදාහරණයක් ලෙස චිත්‍රපට වල ප්‍රධාන චරිතය යම් අංගයක් හෝ යම් සන්නම්නාමයක් භාවිතා කරනු පෙන්වීම දැක්විය හැක. Minority report යන චිත්‍රපටයේ Tom Cruise යන චරිතයේ ජෝන් ඇන්ඩර්සන් හට පැහැදිළිව Nokia ලාංඡනය සඳහන් දුරකතනයක් හිමිව තිබීම හා Bulgari ලාංඡනය සහිත ඔරලෝසුවක් පැළඳ සිටීම දැක්විය හැක. තවත් උදාහරණයක් ලෙස Irobot චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන Will Smith නිතරම Classic යන නම සඳහන් කරමින් තම කැන්වස් සපත්තු යුගල ගැන කිහිප වරක් සඳහන් කිරීම දැක්විය හැක. එමෙන්ම Irobot හා Space balls යන චිත්‍රපටවල Audi හා Mercedes Benz ලාංඡන සහිත කාර් පෙන්වනු ලබයි. එමෙන්ම Cardillae තම නාමය දැන්වීම් සඳහා The Matrix reloaded චිත්‍රපටය යොදා ගනිමින් ජවනිකා කිහිපයකම එම රථය යොදා ගන්නා ලදී. ඒ හා සමානවම Omega ඔරලෝසු , Ford, VAIO, BMW හා Astorn Martin රථ මෙම ක්‍රමය යොදා ගනිමින් මෑත කාලීන James Bond චිත්‍රපටවල තම නිෂ්පාදිතය පෙන්වීය. ප්‍රචාරණ මාධ්‍ය පිළිබඳ මහජන අවබෝධය නූතන බටහිර සමාජයන්හි, ප්‍රචාරණය සහ අලෙවිකරණ ප්‍රයත්න වැඩි වැඩියෙන් සෑම තැනම පැතිරී ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ කර්මාන්ත සංස්කෘතික බාධා කිරිම්වල නියැලෙන ප්‍රචාරණ නාශකයන් වැනි කණ්ඩායම් වල විවේචනයට බඳුන් ‍වී ඇත. එමඟින් ඔවුහු ප්‍රචාරණයේ විධික්‍රම භාවිතා කරමින් මාධ්‍යය සහ පරිභෝජන වාදය විවේචනය කරති. පරිභෝජනය ප්‍රවර්ධනය කරන විශාල ප්‍රමාණයෙන් එකට වෙළුණු ආර්ථික නිෂ්පාදන පද්ධතියක් ක්‍රියාත්මක කරන්නා වූ යන්ත්‍රයක් බවට කර්මාන්ත පත්ව ඇති බවට ඔවුන්චෝදනා කරනු ලැබේ. ප්‍රචාරණයේ ඇති සමාජීය බලපෑම හඳුනාගනිමින් බ්‍රිතාන්‍යයේ විශේෂ කරුණු කෙරෙහි උනන්දුවක් දක්වන කණ්ඩායමක් වන මීඩියා වොච් යුකේ සංවිධාන විසින් ප්‍රචාරකයන්ට සහ නියාමකයන්ට තමන් සැළකිලිමත් වන කරුණු ඉදිරිපත් කළ යුත්තේ කෙසේ දැයි යන කරුණ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ක්‍රියා කරනු ලැබේ. පාසල් වල භාවිතය සඳහා අධ්‍යාපනික ලිපි ලේඛන ඔවුන් විසින් සකස් කරන ලදි. ප්‍රචාරකයන් විසින් ඉලක්ක කරනු ලබන මානසික අවකාශය වෙත ඇතුල් වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් බදු මුදලක් අයකළ යුතු බවට මහජන ප්‍රශ්න ගැන සැලකිලිමත් වන කණ්ඩායම් වලින් ඉදිරිපත් වන යෝජනා වැඩිවෙමින් පවතී. (උපන්‍යාය අවශ්‍යවේ) මක්නිසාද යත්, වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුල්වීම්වලට භාජනය වන්නා වූ මහජනයාට කිසිඳු වන්දියක් නොගෙවා, නොමිලේ එම අවකාශය ප්‍රචාරකකරුවන් විසින් භාවිතා කරනු ලැබේ. දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරීමට ක්‍රියා කරනු ලබන පිගෙවිලායානු බද්දක් ස්ථාපිත කර ඇත. එවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අර්කන්සාස්හි හා මෙසින්හි පනත් ඉදිරිපත් කිරීමට සලකා බැලීමත් සමඟ එවැන්නකට තුඩු දෙන ක්‍රියාවන්හි ප්‍රවේශය වැඩිවෙමින් පවතී. ෆ්ලොරිඩාවෙහි එවැනි බද්දක් 1987 දී පනවන ලද නමුත් සංචාරක කර්මාන්තයට බරපතල පාඩු සිදු කරමින් නියෝජිත සම්මේලන ඉල්ලා අස්කර ගැනීම, විද්‍යුත් විකාශන කර්මාන්තයට පමණක් ඩොලර් මිලියන 12 ක පාඩුවක් සිදු කරමින් ප්‍රචාරණ කටයුතු අවලංගු කර දමමින් ජාතික වාණිජ අංශ විසින් ඒකරාශි වූ ප්‍රයත්නයක් ගැනීම හේතු කොට ගෙන හය මසකට පසු එය අවලංගු කරන ලදි. ප්‍රචාරණ මාධ්‍යයක් තෝරා ගැනීම ප්‍රචාරණ මාධ්‍යයක් තෝරා ගැනීම ප්‍රචාරණයට ඇති ඉතාමත් වැදගත් කාර්යයකි. එනම් ප්‍රචාරණය කරන පණිවිඩය ඉතාමත් ඵලදායි මෙන්ම කාර්යක්‍ෂමව පාරිභෝගිකයා වෙතට ගෙන යාමත් පාරිභෝගික ආකල්ප රුචි අරුචිකම්වලට ගැලපෙන ආකාරයට මාධ්‍ය තීරණය කළ යුතුය. මේ සඳහා අනුගමනය කළ හැකි පියවරයන් කිහිපයකි. ළඟාවීම සහ ප්‍රචාරණය කරන වාර ගණන සහ ප්‍රචාරණයෙන් වන බලපෑම තීරණය කිරීම ප්‍රචාරණ මාධ්‍ය අතර තේරීමක් කිරීම විශේෂිත මාධ්‍යයක් තෝරා ගැනීම ප්‍රචාරණය සඳහා සුදුසු කාලය තීරණය කිරීම ප්‍රචාරණ වැඩසටහනක් ඇරඹීමට පෙර සලකා බැලිය යුතු කරුණු භාණ්ඩයක්, සේවයක් හෝ අදහසක් පිළිබඳව පණිවිඩයක් ලබා දීමට පෙර පාරිභෝගික ආකල්ප කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුය. එම නිසා පහත ප්‍රධාන කරුණු ඉතා වැදගත් ස්ථානයක් ගනී. කුමක් ප්‍රචාරණය කළ යුතුද? මෙහිදි භාණ්ඩයෙන් හෝ සේවයෙන් ලැබෙන විශේෂ ගුණාංග කෙරෙහි පාරිභෝගික අවදානය යොමු කිරීමට උත්සාහයක් දරයි. කා සඳහා ප්‍රචාරණය කළ යුතුද? මෙහිදි පාරිභෝගික වයස් ව්‍යුහය, ස්ත්‍රි පුරුෂභාවය, ආදායම් තත්වය, සමාඡ මට්ටම, ඡීවන රටාව, ආර්ථික තත්වය, භූගෝලීය පිහිටීම යනාදි සාධක කෙරෙහි වැඩි අවදානයක් යොමු කරයි. කොතනකදී ප්‍රචාරණය කළ යුතුද? පාරිභෝගිකයාගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි කරමින් පහසුවෙන් භාණ්ඩ ලබා ගත හැකි ස්ථාන, කාල පරිච්ඡේදයන් හා අවස්ථාවන් කෙරෙහි මෙහිදි අවදානය යොමු කෙරේ. ප්‍රචාරණ වර්ග ඝෘජු ප්‍රචාරණය වක්‍ර ප්‍රචාරණය නිෂ්පාදිත ප්‍රචාරණය ආයතනික ප්‍රචාරණය ජාතික හා ප්‍රාදේශිය ප්‍රචාරණය වෙළෙඳ ප්‍රචාරණය නිෂ්පාදකයාගේ පාරිභෝගික ප්‍රචාරණය සිල්ලර වෙළෙඳ ප්‍රචාරණය කාර්මික ප්‍රචාරණය මූල්‍ය ප්‍රචාරණය සේවායෝජක ප්‍රචාරණය මහජන ප්‍රචාරණය ප්‍රචාරණ දැන්වීමක් මඟින් ලබාදෙන පොරොන්දුව නැතහොත් ප්‍රතිඥාව ඉතා වැදගත් වේ. මන්දයත් වරක් භාණ්ඩයක් මිලදි ගත් තැනැත්තෙකු එම භාණ්ඩය නැවත මිලදි ගැනීමටත් ප්‍රචාරණ දැන්වීමෙන් ලබාදෙන භාණ්ඩය හා එම දැන්වීම කෙරෙහි පෞද්ගලික රුචිකත්වය වර්ධනය කිරීමටත් ලබාදෙන ප්‍රතිඥාව මහෝපකාරී වේ. මේ අනුව බලන කල වර්තමානයේදී ප්‍රචාරණය භාණ්ඩ හා සේවා නිෂ්පාදන කාර්යයේදී අත්‍යවශ්‍ය සන්නිවේදන උපක්‍රමයක් බවට පත් වී ඇත. විවෘත ආර්ථික සංකල්පයත් සමඟම ප්‍රචාරණ ක්‍රමෝපායන්ද දිනෙන් දින වර්ධනය වී වඩාත් සාර්ථක අවධියකට පත් වී ඇත. සාර්ථකත්වයේ හිණි පෙත්තට පිවිසීමත් සමඟම ප්‍රචාරණය යම්කිසි අවදානම් තත්වයකටද මුහුණ පා ඇත. මන්ද යත් ප්‍රචාරණය තුළින් සමාඡයේ සාරධර්ම පද්ධතියට මෙන්ම සංස්කෘතියටද යම් අහිතකර බලපෑමක් සිදුවෙමින් පවතී. මේ අනුව ප්‍රචාරණය තුළින් අනාගතයේදී සමාඡයට යහපතක් මෙන්ම අයහපතක්ද සිදුවනු නොඅනුමානය. රූපවාහිනී වෙළඳ දැන්වීම් තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිනී දැන්වීම් ප්‍රක්ෂේපනය කරන ආකාරයට ඒවා අද වන විට වඩාත් ඵලදායි වෙළෙදපොළ දැන්වීම් මාධ්‍යක් බවට පතව තිබේ. ඇ.එ.ජ. වාර්ෂික සුපර් බෝල්, පාපන්දු තරගය අතර පල කෙරෙන දැන්වීම් ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ගුවන් කාලයකට අදාළ වේ. එහි තත්පර තිහක රූපවාහිනී දැන්වීමක් සදහා අය කරන මුදලේ සාමාන්‍ය ඇ.ඩො. මිලියන 2.7 කි.(2007). බොහෝ වෙළෙද දැන්වීම්වල දකනට ලැබෙන්නේ අලෙවි කරන නිෂ්පාදනයට අදාළ ගීත කණ්ඩයක් හෝ කිංකිණියකි.(ජින්ගල්).(ගීතමය වෙළෙද දැන්වීම්). අතත්‍ය වෙළෙද දැන්වීම් ක්‍රමය, පරිගණක චිත්‍රණ හරහා සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන්වලට ඇතුල් කර තිබේ. එසේත් නැතිනම් ඒවා හිස් පසුතලයක් සහිත දැන්වීම් පුවරු හෝ දුරස්ථ විකාශන ප්‍රේක්ෂකයන්ට අදාල නොවන එළිමහන් දැන්වීම් පුවරු ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිෂ්ටාපනය කර තිබේ. වඩා විවාදාත්මක තත්ත්වය වන්නේ, අත්‍ය දැන්වීම් පුවරු සැබෑ ජීවිතයේ දක්නට නොලැබෙන පසුතලයන් උපයෝගීකරගෙන ප්‍රචාරණය කිරීමයි. ජංගම වෙළද දැන්විම් ප්‍රචාරණය ජංගම වෙලද දැන්විම් පුවරැ යනු පැතලි රැපවාහිනි තිර මගින් දැක්විමක් තැනික් තැන ප්‍රචාරණය කරනෙ යාමයි. මෙම දැන්විම් පල කල යුතු ප්‍රදේශ/ මාර්ග අනුග්‍රාහකයා විසින් තිරණය කරයි. මෙම ආයතන තුන්වන පාර්ශවයන්ගේ භාණ්ඩා ප්‍රවාහනයන් නොකරයි. මෙවන් ජංගම වෙලද දැන්විම් ප්‍රචාරණය රටේ ලොව පුරා ජනාකිර්ණ පෙදෙස් වල දැකිය හැක. මේවා පහත අවශ්‍යතාවන්ට භාවිතා කරයි. යටි පාර්ශවයක් අරමුණු කර කරන ප්‍රචාරණ එක් දින හා දිගුකාලින ප්‍රචාරණයන් සම්මේලන ක්‍රිඩා උත්සව වෙළදසැල් විවෘත කිරිම් හා ඒහා සමාන උත්සව කුඩාසමාගම් මගින් කරන විශාල දැන්විම් පොදුජන සේවා ප්‍රචාරණයන් භාණ්ඩ හා සේවා අලෙවි කිරිමට යොදා ගත් ප්‍රචාරණය ක්‍රම මගින් අධ්‍යාපන වාණිජමය නොවන MIV දේශපාලනික ශක්ති ප්‍රභය ආගමික බදවාගැනිමේ කා කැපිම ආදි ගැන අවදානය ගැටිමට යොදාගත හැකි. වාණිජමය නොවන ප්‍රමාණයන් විශාල පිරිසකගේ අවසානය ගත හකි ප්‍රබල අධ්‍යාපනික ක්‍රමයකි වෙලද කටයුතු සදහා පමණක් නොයොදා පොදු ජන යහපතටත් යාදාගන්නා නම් එහි පැවැත්ම යුක්ති සහගත බව කිව හැක යනුවෙන් ට විසින් පවා ඇත. මහජන සේවා ප්‍රතාරණය මහජන ලැදි ප්‍රචාරණය සමාජ අලෙවිකරණය (Social Marketing) යන විවිධ නම් වලින් මහජන යහපතට ප්‍රචාරණ තාක්ෂණයක් භාවිතා කිරිම හදුන්වයි. ඇමෙරිකාවේ FCC මගින් ප්‍රචාරන අයිතිය ලබා ගැනිම‍ එක්තරා ප්‍රමාණයක් වාණිජ නොවන දැන්විම් සදහා වෙන්කල යුතුය. බොහෝ විට මෙම නාලිකා රාත්‍රියේ හා පාන්දර ප්‍රෙක්ෂකයන් අඩුවේලාවට මෙම දැන්විම් පල කරා ප්‍රේක්ෂකයින් වැඩි වේලාවට වාණිජ දැන්විම් පල කරයි. වානිජ නොවන දැන්විම් ලොක් යුද්ධයන් සමයේ ඉතා ඉහලම භාවිතා විය. වර්ථමානයේ එය වාණිජ ප්‍රචාරණය 500 ට එකක් පමණ වේ. මාධ්‍යය සහ වෙළද දැන්වීම් ඇතැම් මාධ්‍යයන් උදාහරණයක් ලෙස TiVo ක්‍රමිකව රූපවාහිනියට තිබූ තැන අත්පත් කර ගනිමින් සිටියි.ඒ පාරිභෝගික රුචිය හා භාවිතය වැඩි වශයෙන් ඒවා වෙත මාරු වී තිබීම නිසාවෙනි. මේ පිළිබදව නවතම සංසිද්ධිය වන්නේ වෙබ් අඩවි තුළ සිදු කෙරෙන දැන්වීම් ප්‍රචාරණයයි.මෙම දැන්වීම්වල මිල තීරණය වන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතයේ ඇති අඩංගුතාවයේ ගුණාත්මකභාවය සහ එම වෙබ් පිටුවට ඇති ඉල්ලුම ආදිය සැලකිල්ලට ගනිමිනුයි.විද්‍යුත් තැපෑල හරහා සිදුකෙරෙන දැන්වීම් කරණයද තවත් නව්‍ය සංසිද්ධියකි. මෙසේ ඉල්ලීමකින් තොරව ලැබෙන විද්‍යුත් ලිපි තොගSpamලෙස හඳුන්වයි.ඇතැම් සමාගම් තම පණිවුඩ සහ ලාංජන,"වර්ධක රොකට්ටු" සහ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කිරීමටද යෝජනා කර සිටියි. මතවාදී තත්ත්වය පවතින්නේ මනෝ මූලික දැන්වීම් කරණය සහ දැන්වීම් වල පැතිරීම සම්බන්ධවයි.නොගෙවුම් දැන්වීම් කරණය(කට වචනයෙන් කෙරෙන දැන්වීම් කරණය)ද අඩු මුදලට වැඩි ප්‍රගතියක් ලබා ගත හැකි ක්‍රමයකි. එසේම පෞද්ගලික තහවුරු කිරීම් සහ වෙළද නාමය පොදු නාමයක් සමග සමගාමීව ගැළපීම(ඇ.එ.ජ X'erox=ජායාපිටපත් යන්ත්‍ර,Keenex=ටිෂු කඩදාසි, Vaseline=පෙට්ට්‍රොලියම් ජෙලි,Hoover=රික්තක පිරිසිදුකරන [Vacum clearners]). නමුත් ඇතැම් සමාගම් යම් භාණ්ඩයක් හැඳින්වීම සඳහා තම වෙළෙඳ නාමය භාවිතා කිරීමට විරුද්ධ වේ. මන්ද යත් තම වෙළෙඳ නාමය පොදු නාමයක් වශයෙන් භාවිතා වන විට ඊට ඇති නීතිමය ආරක්ෂාව නැති වී යාමයි. යුරෝපයේ සහ ඇ.එ.ජ. ද කෙටි පණිවුඩවලින් කෙරෙන වෙළෙඳ දැන්වීම්කරණය ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. තමන් කුමන ස්ථානයක සිටියද කෙටි පණිවිඩ ලැබීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නිසා මෙම ක්‍රමය වාසි රැසක් අත් කරගෙන තිබේ. කාලයෙන් කාලයට ඉදිරිපත් කෙරෙන content wrap ක්‍රමයද ජනප්‍රිය දැන්වීම් කරණ ක්‍රමයකි. එනම් සමස්ත වෙළෙඳ විරාමය තුළම එකම සමාගමක නිෂ්පාදනයන්ගේ දැන්වීම් ඉදිරිපත් කිරීමයි.මෙහි ප්‍රමුඛයෙකු ලෙස සී.ඩ්බ්. සමාගම සිටින අතර, ඊට සහභාගී වූ සමාගම් අතර Crest,Guitar Hero,Cover Girl සහ මෑතකදී එක් වූ Toyota සමාගමද අයත් වේ. ප්‍රචාරණයේ අහිතකල බලපෑම විස්තරාත්මක භාවය, තොරතුරු පාලනය හා නිෂ්පාදනය මගින් ප්‍රචරණය කලා‍වේ පාලනය කරයි. එනම් ආයතනයට සෘනාත්මක ආකල්පක් ඇති කරන කිසිම විස්තරයක් එහි අඩංගු නොවිය ‍යුතුය. මෙවිට දැව්විම සකසන්නාට ස්වයං වාරණයක් කල යුතුවේ. ආයතනයේ විශ්ලත්වය වැඩිවෙත්ම මෙම බලපෑමදි වැඩිවේ. තොරතුරැ පාලනය වැඩිවේ. ප්‍රචාරණ දැන්වීම් පාරිභෝගික කණ්ඩායම් පාරිභෝගික මිලට ගැනිමේ තිරන පාලකයා පාරිභෝගිකයාට ගුනාත්මක බව පිළිබද තොරතරැ පාලනය මගින් නියම තොරතුරැ අවම කල හැක. තවත් වක්‍ර බලපැමක් වන්නේ ප්‍රචාරණ මධ්‍යයටවන බලපෑමයිත මාධ්‍ය ඔවුන්ගේ අදායම ලබන්නේ වෙලද දැන්විම් සදහා වන ආදායට මගින් එබැවින් එය වෙලද දැන්විම් වලට මුල්තැන ලබාදෙයි. හොදට උදාහරණය රැපවාහිනියයි. වඩා විනෝදාස්වාදය ලබාදෙන වැඩසටහන් අතරේ ඉතා දිගු වෙළද දැන්විම් ප්‍රචාරණ වෙලාවක් වෙන්කර ඇත. ප්‍රෙක්ෂකයා තුල කුතුහලය ඇතිකර එක්තා මානසික මට්ටමකට මෙම රෑපවාහිනි කතා ගෙන එයි. එවිට ප්‍රේක්ෂකයා වෙළද දැනව්විම් අතර වෙනත් නාලිකාවක් දැමීඹට පෙලඹේනනේ නැත. මහාචාර්ය Sut Jholly විඩියෝ, පුවත්පත් හා පොත් මගින් පැතිර ඇති වෙලද දැන්විම් පිලිබද දැන්විම් මගින් අසත්‍ය ප්‍රචාරණය පෙලඹ ඇත. අසත්‍ය නම් පාරිභෝජනයේ හා සතුටින් සිටිම පිළිබද බොරැ සම්බන්ධතාවයක් ගොඩනැගිමට තැත් කිරීමයි. මෙමගින් අනවශ්‍ය මුදල් නාස්තියක් වන අතර සත්‍ය වශයෙන් වැදගත් වු පාරිභෝගික අවශ්‍යතා සැපරිමට බාධාවක් වේ. ප්‍රචාරණ රෙගුලාසි ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ පිරිස් බාහිර ප්‍රචාරණය මහජනතාවට නුසුදුසු ආකාරයට බලපාන බව විශ්වාස කරති. මේ නිසා 1960 ගණන් වැනි ඉතා ඈත කාලයේ එළිමහන් වෙළඳ දැන්වීම් පුවරු (Billi Board) ප්‍රචාරණය තහනම් කිරීමට උත්සාහ කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ පිටිසර බද ප්‍රදේශවල නීතිමය නොවන ප්‍රදර්ශන පුවරු පාලනය කිරීම‍ට විශේෂ නීතිරීති පනවා තිබූ අතර Sao Paulo වැනි නගරවල එවැනි පුවරු ප්‍රදර්ශණයට පූර්ණ තහනමක් පනවා තිබූණි. නීති පැනවීම තුළින් ප්‍රචාරණයේ බලපෑමෙන් ජනතාව ආරක්ෂා කිරීමට විශේෂ උත්සාහයක් දරන ලදි. ‍බොහෝ රටවල් රූපවාහිනී ඔස්සේ දුම්කොළ ප්‍රචාරණ දැන්වීම් තහනම් කිරීම සහ 1991 ස්වීඩන රජය මඟින් පනවන ලද වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට ප්‍රචාරණය තහනම් කිරීම නිදසුනක් වශයෙන් දැක්විය හැකියි. ඉහත නීති එම අදාල රටවල රූපවාහිනී විකාශනයන්ට දිගටම බලපෑවේය. අනෙක් විදේශිය වැඩසටහන් වලට සහ චන්ද්‍රිකා මාර්ගයෙන් එන වැඩසටහන්වලටද එම නීති යුරෝපීය නඩු නීතිය (European Court of Justice) අනුව ස්වීඩන් රජය ක්‍රියාත්මක කිරීමට බැඳි සිටී. යුරෝපයේ හා අනෙක් රටවල ළමුන් ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රචාරණයන්ට නීති පැනවිය යුතුද යන්න පිළිබඳව දැඩි තර්ක විතර්ක පවතී. 2004 දී නෙයිස(ර්) පවුල් පදනම (Kaiser Family Foundation) විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව මෙම තර්ක විතර්කද වැඩි දියුණු විය. එම වාර්තාවලින් ළමුන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ආහාර හා සම්බන්ධ ප්‍රචාරණයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදවාසී ළමුන්ගේ සෞඛ්‍යත් අතර වූ සම්බන්ධතාවය හෙළි කරන වැදගත් කරුණක් විය. නවසීලන්තය, දකුණු අප්‍රිකාව, කැනඩාව සහ බොහෝ යුරෝපීය රටවල් ප්‍රචාරණයේ දී තමන්ගේ ස්වයං නීතිරීති පනවා ගෙන ඇත. ‍බොහෝ ප්‍රචාරකයන් ප්‍රචාරණ නියෝජිත ආයතන සහ මාධ්‍ය ආයතන ප්‍රචාරණ නීති පද්ධතීන් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. මෙම නීතිරීති පද්ධතියේ ප්‍රධාන අරමුණු වන්නේ ඕනෑම ප්‍රචාරණයක් 'නීත්‍යානුකූලද, සුදුසු ද, අවංක ද, විශ්වාදායී ද', යන්න තහවුරු කර ගැනීමයි. සමහරක් මෙවැනි ආයතන සඳහා ව්‍යාපාර මඟින් ආධාර සපයයි. නමුත් ඒවා නිදහස්ව පරිපාලනය වේ. එක්සත් රාජධානියේ එළිමහන් වෙළඳ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වැනි එළිමහන් ප්‍රචාරණ ක්‍රම බොහෝමයක් සඳහා නීති සම්පාදනය කරන්නේ එහි නගර හා ප්‍රාන්ත සැලසුම් පද්ධති මඟිනි. දැනට සැලසුම් අධිකාරිගේ අවසරයකින් තොරව වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම පවුම් 2500 දඩයකට ලක්වන අපරාධයකි. එංගලන්තයේ සියලුම ප්‍රධාන එළිමහන් ප්‍රදර්ශන පුවරු සකස් කරන ආයතන මෙම ස්වභාවය වටහා ගෙන තිබේ. සාමාන්‍යයෙන් බොහෝ ප්‍රචාරණ ආයතන දකින්නේ ප්‍රචාරණ කටයුතු සඳහා පනවා ඇති රාජ්‍ය රෙගුලාසි හෝ ස්වයං රෙගුලාසි ඔවුන්ගේ නිදහස අයුතු ලෙස අහිමි කිරීමක් ලෙස හෝ සම්පූර්ණයෙන් ම විනාශකිරීමක් වශයෙනි. එම නිසා ඔවුන් මෙම පාලන නීති මඟ හැර යාමට විවිධාකාර වූ භාෂාමය යෙදීම් රැසක් යොදා ගනී. (උදා: 1994 Toubon නීතියේ වගන්ති 12 හි සඳහන් ප්‍රංශ ප්‍රචාරණයේ දී ඉංග්‍රීසි භාවිතය සීමා කළ යුතුය යන නීතිය සමඟ එකඟ වීම, ඉංග්‍රීසි වචන කළු අකුරින් මුද්‍රණය කිරීම හා ප්‍රංශ පරිවර්තන සියුම් මුද්‍රණයෙන් යෙදීම දැක්වීමට පුළුවනි); Bhatia සහ Ritche 2006 : 542 බලන්න. බොහෝ රටවල දුම්වැටි සහ උපත් පාලන කොපු වැනි විනෝදාත්මක භාණ්ඩ ප්‍රචාරණයේ දී ඒවා රාජ්‍ය රෙගුලාසි වලට යටත් කෙරේ, උදාහරණයක් ලෙස බොහෝ රටවල දුම්කොළ සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන වල එම නිෂ්පාදන භාවිතා කිරීම නිසා සෞඛ්‍යයට ඇති විය හැකි අහිතකර බව දක්වන අවවාදයක් අඩංගු කළ යුතු බවට නීතියක් පනවා ඇත. ඉහත අවශ්‍යතා අවම කිරීමට ප්‍රචාරකයින් විසින් නිර්මාණාත්මක උපාංගයක් ලෙස භාෂාමය වෙනස් කිරීම් නිතරම යොදා ගනී. ගෝලීය ප්‍රචාරණ කළමණාකරණය ඕනැම රටක හෝ ප්‍රදේශයක ප්‍රචාරණ ක්‍රියාවලියක සාර්ථකත්වය තීරණය කිරිම සදහා ප්‍රධාන සාධකය වනුයේ ඒහා බැඳුණු පර්යේෂණ වේ. ප්‍රචාරණ කාර්යයක සාර්ථකත්වයට දායකත්වය ලැබෙනුයේ ප්‍රචාරණ අංග සහ ප්‍රචාරණක අවස්ථා හදුනාගැනීමේ හැකියාව මතයි. එහිදී පරිමාවේ ආර්ථිකත්වය උපරිම වශයෙන් උපයෝගී කරගත ඇත්තේ කෙසේද යන්න ද වැදගත් වේ. ප්‍රචාරණයක් සාර්ථක වන්නේ කුමක් නිසාදැයි කෙනෙක් දැනගත් විට එම අදහස හේ අදහස් වෙනස් වෙළෙඳ පොළකට ආනයනය කරගත හැකිය. අවධානය කෙසේ ද, උද්වේගය කෙසේ ද, සහ වෙළෙඳ නාමය යෙදීමේ අවස්ථා වැනි වෙළෙඳපළ පර්යේෂණ කාර්යයන්, ප්‍රචාරණයක සාර්ථකත්වය කුමක් ද යන්න සහ ඕනෑම රටක හෝ ප්‍රදේශයක සාර්ථකත්වය වන්නේ කුමක් ද යන්න පිළිබදව අන්තර් ඥානයක් ලබා දෙයි. ඒ මෙම කාර්යයන්, ප්‍රචාරණයේ දර්ශන හෝ වාචික අංග මත පදනම් වී ඇති හෙයිනි. නව ප්‍රවණතා අන්තර්ජාලයයේ උදව්වත් සමග නව ප්‍රචාරණ ඉඩ ප්‍රස්ථා බොහෝමයක් ඇතිවිය. පොප්පුස් ෆප්ලැෂ්බැනර් ප්‍රචාරණයේ අනාගතය ගෝලීය ප්‍රචාරණය, දේශිය නිර්යාන, ජාත්‍යන්තර, බහු ජාතික සහ ගෝලීය යන සංවර්ධන අදියර පහක් ඔස්සේ ප්‍රචාරණය ගමන් කර ඇත. ලෝක ව්‍යාප්ත ප්‍රචාරණ සංවර්ධනය එක හඩින් කථාකරමින් ගොඩනැගීමේ නිර්මාණාත්මක ක්‍රියාවලිය තුළ ආර්ථික තත්ත්වය සංවර්ධනය කිරීමට ද සිදුවේ. එහිදී ප්‍රචාරක දැන්වීම්වල දේශිය ඵලදායීතාව පවත්වාගෙන යාම, ක්‍රියාත්මක කිරීමේ සහ සමාගමේ වේගය වැඩිකිරිමේ දී තුලනය කළ යුතුව ඇති විභව ශක්තියකින් යුත් අරමුණු හතරක් ඇත. ගෝලීය පුචාරණ ක්‍රියාත්මක කිරිම, නිර්යාත කිරිම, දේශිය ක්‍රියාත්මක කිරිම් නිෂ්පාදනය කිරිම සහ අදහස් පැතිරී යන්නට ආයාත කර ගැනීමේ දී මුලික වශයෙන් තරගකාරී ව්‍යාපාර අරමුණු හතරක් ඇත. ප්‍රචාරණය සහ විද්‍යුත් තැපෑල (ඊ.මේල්) ප්‍රචාරණය වර්තමානයේ දී ඉතා ප්‍රකටය. (ඩී වී ආර්) වල (HIV වැනි) පටිගත කිරීමේ හැකියාව නිසා (පසුව බලා ගැනීම සදහා) වැඩසටහන් පටිගත කිරීමේදී මේවා භාවිත කරන්නන්ට ඉඩ ප්‍රස්ථා සැපයේ. එමගින් ඔවුන්ට වෙළෙද දැන්වීම් ඉක්මණින් ඉදිරිපත් කිරිමට හැකිවනු ඇත. වැඩිමනක් වශයෙන් කලින් පටිගත කළ බොක්ස්ටා සෙස්වල වැඩසටහන් වැඩි වැඩියෙන් රූපවාහිනී දර්ශන සදහා පිරිනමනු ලබන හෙයින් රූපවාහිනියේ එම වැඩසටහන නරඹනුයේ වඩා අඩු පිරිසකි. කෙසේ වෙතත් මෙම කට්ටල විකිණිමෙන් අදහස් වනුයේ මේවා විකිණිමට සමගාමිව අමතර ප්‍රතිලාභයක් ලැබෙන බවයි. මෙ බලපැමට විරුද්ධව කටයුතු කරන බොහෝ ප්‍රචාරකයින් සර්වයිවර් වැනි රූපවාහිනි වැඩසටහන් මෙන් රූපවාහිනි දර්ශන සදහා නිෂ්පාදන ස්ථානගත කිරිම් සදහා මනාපය දක්වා ඇත. විශේෂයෙන් විනෝදාත්මක ප්‍රචාරණ වැඩිවීමත් සමග සමහර අය ඊට කැමැත්ත දැක්වුව පසුව නැරඹුම් මිතුරෙකු නොවිමට කැමැත්ත දක්වති. පොදු වශයෙන් ප්‍රචාරණ ප්‍රජාව විසින් මෙය පහසු කර නොමැති වුවද, සමහරුන් විසින් අන්තර්ජාලය පුළුල් වශයෙන් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකිරිම සඳහා තමන්ගේ ප්‍රචාරණයන් බෙදා හැරීම සඳහාත් භාවිතා කර ඇත. අධික ප්‍රමාණයේ ප්‍රතිලාභ ගණනය කිරීම මේ සඳහා සුලභව භාවිතා වන ක්‍රමයක් නම ඇගයුම් ලකුණු (Rating Points -RP) හෝ වඩා නිවැරදි ඉලක්ක රගත් ඇගයුම් ලකුණු (Target rating points - TRP) යොදාගැනීම වේ. මෙම ඇගයුම් කුම දෙකේදි මාධ්‍ය භාවිතාකරන්නන් හා එක් එක් මාධ්‍ය ජලාය පරිභෝගනය කරන්නන් අතර ප්‍රතිශතය එක් මොහොතකදි ගණනය කරයි. මේ ක්‍රම දෙකේ වෙනස නම් RP එක් ජන කොට්ඨාශයක හෝ මිනිසුන් කණ්ඩායමක තොරතුරැ විශ්ලේෂණයට වැදගත් වේ. ප්‍රචාරණය සර්ථක වීමට එක් හේතුක් නම එහිදි ප්‍රේක්ෂකයන් කොටසක් අරමුණු කර ප්‍රචාරණය සිදු කිරිමයි. ප්‍රශස්තිකරණය ප්‍රේක්ෂකයන්ගේ අවධානය ගෙන පණිවිඩුය ලබාදිම ප්‍රචාරණය මගින් නිවැරදිව කරයි. එගින් ප්‍රේක්ෂකයන තුල නිෂ්පාදිතය මිලට ගනිමේ අවශ්‍යතාවය නිපදවයි. ප්‍රචාරන දැන්විම් පල කරන්නෝ ප්‍රථමයෙන් එය නිවැරදිව ප්‍රේක්ෂකයන්ට අමතයිද යන්න පරික්ෂා කරයි. මතකය හා හැසිරීම සිදු කරන බලපෑම "මෙම ප්‍රචාරණයට වියදම් කල මුදල් භාගයක් ඵල රහිතයි. නමුත් ප්‍රශ්ණය වන්නේ ඒ කුමන භගයද යන්න නොදැනීමයි" මෙය John Wanemaker හෝ Willim Lever විසින් ප්‍රකාශිත කියමනක් ලෙස පිළිගනි. නිව්යෝර්ක් නගරයේ 2005 වසරේ දැන්විම් පුවරුවක් එහිදි ලෙස ප්‍රකාශ‍වේ " දින 60 ක ඉර එලිය (60 days of daylight to Aportment 6 F)" ප්‍රචරණයේ බලපෑමට එහි අඩංගු කරැනු සමග ඇති සම්බන්ධය විවාදයකි ලක්වන කරුණැකි. දුම්වැටි ප්‍රචාරණය පිළිබඳව විවාදයන්හි දුම්වැටි නිෂ්පාදකයන්ගේ අදහස වුයේ, ප්‍රචාරණය මගින් දුම්වැටි භාවිතයට පෙළඹවිය නොහැකි බවත්, ප්‍රචාරණය මගින් දුම්වැටි භවිතා කරනනන් පමණක් සිමාවන බවත්ය. ඊට විරුද්ධව අදහස් දරුවන් ප්‍රකාශ කල් දැන්විම් මගින් මිලදි ගැනීම ඉහළ යන බවයි. ප්‍රචාරණය දැන්විමක බලපෑම මනසේ බුද්ධි මට්ට අනුව වෙනස් වේ. වයස අවුරැදු 4 ට අඩු දරුවන් වෙළඳ දැන්විම් හා අනෙක් වැඩසටහන් වල වෙනස නොහඳුනන අතර, වෙළඳ දැන්විමේ සත්‍ය භාවය වටහා ගැනිමේ හැකියාව අවුරුදු 8 දක්වා වර්ධනය නො‍වේ. පසුගිය සර 15 තිස්සේ ‍වෙළඳපොල විචාරන ක්‍රම හා අලෙවිකරණයේ ක්‍රියාකරිත්වය හදාරා එමගින් පාරිභෝගිකයාට , විකුණුම් වලට, ලාභයට හා වෙළඳපොල ප්‍රතිශතයට වන බලපෑම් ගැන පෙන්වා දී ඇත. අලෙවිකරණ සංකලන ආදර්ශනය (Marketing Mir model ) සෘජුවම මෙම ක්‍රමයේ අනුකූලතාව හා තාක්ෂණය ඇගයිමට ලක් කරයි. ප්‍රචාරණය අලෙවිකරණය
4282
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8
පොරොන්දම
පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිතුම් පැතුම්, චර්යා ආදිය ගැලපේද යන්න ජ්‍යෝතිශ්ෂාස්ත්‍රානුකූලව නිමානය කිරීමයි. පොරොන්දම් ගැලපීම සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි. (එනම් 8 පොරොන්දමෙන් 4 ක් හෝ නැතිනම් 10 පොරොන්දමෙන් 5 ක්  හෝ 20 පොරොන්දමෙන් 10 ක් හෝ අෂ්ට කුටයෙන් ලකුණු 36 න් 18 ක් වශයෙනි ) චන්ද්‍රයා පොරොන්දම් ගැලපීමේදී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැලපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත. පොරොන්දම් විස්ස නක්ශත්‍ර පොරොන්දම ගන පොරොන්දම මහේන්ද්‍ර පොරොන්දම ස්ත්‍රී දීර්ඝ පොරොන්දම යෝනි පොරොන්දම රාශි පොරොන්දම රාශ්‍යාධිපති පොරොන්දම වශ්‍ය පොරොන්දම රජ්ජු පොරොන්දම වේධ පොරොන්දම වෘක්ශ පොරොන්දම ආයුශ පොරොන්දම පක්ශි පොරොන්දම භූත පොරොන්දම ගෝත්‍ර පොරොන්දම වර්ණ පොරොන්දම ලිංග පොරොන්දම නාඩි පොරොන්දම දින පොරොන්දම ග්‍රහ පොරොන්දම නක්ශත්‍ර පොරොන්දම පුද්ගල සබඳතා, ජීවිත අරමුනු සහ ආකල්ප ගැන කියැවෙයි.අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස අද පුනාවස පුෂ අස්ලිස මා පුවපල් උත්‍රපල් හත සිත සා විසා අනුර දෙට මූල පුවසල උතුරුසල සුවන දෙනට සියාවස පුවපුටුප උත්‍රපුටුප රේවතී යන නැකත් 27 න් ජන්මියා උපන් නැකත පළමු නැකත ලෙස සලකා එම නැකතේ සිට පිළිවෙලින් 2 4 6 8 9 11 13 15 17 18 20 22 24 26 27 යන නැකත් වලට වැටේ නම් ශුභය උදාහරණ ලෙස ස්ත්‍රිය උපන් නැකත අස්විද නම් පුරුෂයා උපන් නැකත පුෂ නැකත නම් අස්විද නැකතේ සිට ගණන් කළ විට පුෂ නැකත 8 වන නැකතයි එසේනම් ශුභය මේ ආකාරයෙන් නැකැත් පොරොන්දම පරික්ෂා කරයි ගන පොරොන්දම පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි. ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී, 1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්, දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ. දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි. දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි . මහේන්ද්‍ර පොරොන්දම මෙය විවිධ කරුනු ගැන කියන සංයුක්ත පොරොන්දමකි.... ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක්‌ වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇති වේද යන්න ගැන කියයි. පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක්‌ දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ. ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ. 10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ. 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ. යෝනි පොරොන්දම ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න ගැන කියයි. ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබේ මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ. අස්විද-අශ්ව බෙරණ-හස්ති කැති-එළු දෙන රෙහෙණ-සර්ප මුවසිරිස-සැපිනි අද-සුනඛ පුනාවස-බළලා පුෂ-එළු අස්ලිස-බැළලී මා-මුෂික පුවපල්-මූෂිකදෙන උත්‍රපල්-ගවදෙන හත-මීදෙන් සිත-ව්‍යාඝ්‍ර සා-මීගව විසා-ව්‍යාඝ්‍ර දෙන් අනුර-මුවදෙන් දෙට-මුව මුල-බැල්ල පුවසල-වැඳිරි උත්‍රසල-මුගටි දෙන සුවන-වඳුරු දෙනට-සිංහ සියාවස-වෙලඹ පුවපුටුප-සිංහදෙන උත්‍රපුටුප-ගොන් රේවතී-ඇතිනි එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ. එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි. මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ. අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි. ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි. දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි. දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි. දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි. එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි. එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි. රාශි පොරොන්දම බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ. මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස්‌ දෙකකි. දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක්‌ උපන්නේ නම් ශුභයි. ස්‌ත්‍රී රාශියක්‌ ස්‌ත්‍රියට, පුරුෂ රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් ශුභයි. පුරුෂ රාශියක්‌ ස්‌ත්‍රියට, ස්‌ත්‍රී රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් එහි ශුභ අශුභ බව රචකයා වන මා නොදනී. දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි. දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි. ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි. ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි. ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක්‌ පුරුෂයාට වී නම් අශුභයි. රාශ්‍යාධිපති පොරොන්දම බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.මෙම පොරොන්දමේදී රාශිය අදිපති ග්‍රහයන්ගේ සතුරු මිතුරු බව අනුව ශුභ අශුභ තීරණය වෙයි රාශි දොළහට අයත් අදිපතියන් මෙසේය මේෂ වෘශ්චික−කුජ වෘෂභ තුලා−සිකුරු මිථුන කන්‍යා−බුධ කටක−වන්ද්‍රයා සිංහ−රවී ධනූ මීන−ගුරු මකර කුම්භ−ශනි උදාහරණ ලෙස ස්ත්‍රී උපන් රාශිය මකර වී පුරුෂයා උපන් රාශිය සිංහ වූයේ නම් මකර අදිපති ශනි හා සිංහ අදිපති රවී පරම සතුරන්ය එවිට අශුභය රවීට චන්ද්‍ර කුජ ගුරු මිතුරු වන අතර සිකුරු ශනි රාහු කේතු සතුරුය බුධ සමවේ වන්ද්‍රයාට රවී බුධ මිතුරු වන අතර රාහු කේතු සතුරුය අනෙක් ග්‍රහයෝ සමය කුජට රවී වන්ද්‍ර ගුරු මිතුරු වන අතර බුධ රාහු කේතු සතුරුය සිකුරු ශනි සමවේ බුධට රවී සිකුරු රාහු කේතු මිතුරු වන අතර වන්ද්‍රයා සතුරුය කුජ ගුරු ශනි සමය ගුරුට රවී චන්ද්‍ර කුජ මිතුරු වන අතර බුධ සිකුරු සතුරුය ශනි රාහු කේතු සමය සිකුරුට බුධ ශනි රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමයි ශනිට බුධ සිකුරු රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමය මේ ආකාරයට රාශි අදීපතියන්ගේ සතුරු මිතුරුතා අනුව රාශි අදිපති පොරොන්දමේ සුභ අශුභ භාවය තීරනය වෙයි වශ්‍ය පොරොන්දම එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවේ.එකිනෙකට වෙශයවන රාශි තිබීම සශභය මෙසේ ගැලෙපන රාශින් මෙසේය මේෂයට සිංහ වෘශ්චික දෙකද වෘෂභයට කටක තුලා දෙකද මිතුනයට කනයාවද කටකයට වෘශ්චික ධනූ දෙකද සිංහයට තුලාවද කනයවට මීන මිතුන දෙකද තුලාවට මකර කනයා දෙකද වෘශ්චිකයට කටක ද ධනූවට මීනයද මකරයට මේෂ කුම්භ දෙකද කුම්භයට මේෂයද මීනයට මකරයද වෙශයවෙයි එසේම මනුෂය රාශි මනුෂය රාශින්ටද සිවුපා රාශි සිවුපා රාශින්ටද ජලචර රාශි ජලචර රාශින්ටද වනචර රාශි වනචර රාශින්ටද කීට රාශි කීට රාශින්ටද වෙශයවෙයි වෙශයෙව්නම් ශුභය නොවේනම් අශුභය රජ්ජු පොරොන්දම මව ගැන කියැවෙයි.මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදනාගේම රජ්ජු එකම නම් අශුභය වෙනස් රජ්ජු නම් ශුභය වේධ පොරොන්දම අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ නැකැත් දෙක එකිනෙකට වේධ වේනම් අශුභය එකිනෙකට වේද වන නැකැත් මෙසේය අස්විදයට දෙනටයද බෙරණයට අනුරයද කැති නැකතට විසා නැකතද රෙහෙනයට සා නැකතද අදයට සුවනයද පුනාවසයට උතුරුසලයද පුෂයට පුවසලයද අස්ලිසට මූලයද මා නැකතට රේවතී නැකතද පුවපල් නැකතට උත්‍රපුටුපයද උත්‍රපල් නැකතට පුවපුටුපයද හත නැකතට සියාවසයද වේධ වෙයි මීට අමතරව කුජට අයත් සිත මුවසිරස දෙනට නැකත් එකිනෙකට වේධ වේ වෘක්ශ පොරොන්දම දරු ඵල ගැන කියැවේ. කිර වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වේනම් ඉක්මනින් හොද දරැවන් ලැබේ කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිගවේ කිරිවෘක්ෂ නැකත් පුෂ−බෝ අස්ලිස−දෙඹ මා−නුග පුවපල්−කෑල උත්‍රපල්−අරලිය දෙට−වැටකේ මූල−ඉඹුල් උත්‍රසල−කොස් සුවණ−වරා පුවපුටුප−මී අඹ රේවතී−මී ආයුශ පොරොන්දම මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශේෂය ඇති අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්‍රත්‍යක්ෂ වී ඇත. නැකැත් රාශි, රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීම ඇති තැන්වලදී මේ මතය බිඳ වැටී ඇත. පක්ෂි පොරොන්දම මයුර කුක්කුට පිංගල කාක හේරුණ්ඩ ආදී පක්ෂි 5ත් වෙයි දෙදනාගේම සතුරු පක්ෂින්ට අයත් නම් අශුභය. උදාහරණ:- පිංගල(බකමූණා)+කාක(කපුටා) මිතුරු පක්ෂින් නම් ශුභය උදාහරණ:- කාක(කපුටා)+කුක්කුට(කුකුළා) මේ අනුව මයුර කුක්කුට හේරුණ්ඩ පක්ෂීන් පිංගල පක්ෂියාට සතුරුය කාක පක්ෂියාට හේරුණ්ඩ පිංගල පක්ෂින් සතුරුය හේරුණ්ඩ පක්ෂියාට පිංගල මයුර කුක්කුට පක්ෂින් සතුරුය හේරුණ්ඩ−රාජාලියා පිංගල−බකමූණා කාක−කපුටා කුක්කුට−කුකුළා මයුර−මොණරා අස්‌විද, බෙරණ, කැති, රෙහෙන, මුව සිරස යන නැකත් 05 න් එකක්‌ වී නම් අයත් පක්‍ෂියා වන්නේ භේරූඪයා නොහොත් රාජාලියාය. අද, පුනාවස, පුෂ, අස්‌ලිස, මා, පුවපල් යන නැකත් 06 ට යෙදෙන්නේ පිංගල නොහොත් බකමූණු පක්‍ෂියාය. උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකතකින් උපන් අයට යෙදෙන පක්‍ෂියා වන්නේ කාක නොහොත් කපුටාය. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකත් 06 ට යෙදෙන පක්‍ෂියා වන්නේ කුක්‌කුට නොහොත් කුකුළාය. දෙනට සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05 න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි. භූත පොරොන්දම මෙහිදී පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ වශයෙන් භූතයන් 5කි ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම භුතයකට අයත් නම් ශුභය මීට අමතරව පඨවි ආපෝ ඉතා ශුශය අපෝ තේජෝ ඉතා අශුභය අස්‌විද සිට මුවසිරස දක්‌වා නැකැත් පහ පඨවි භූතයි. ඉන්පසු අද නැකත සිට පුවපල් දක්වා නැකැත් හය ආපෝ භූතයි. උත්‍රපලය සිට විසා දක්‌වා නැකැත් පහ අයත් තේජෝ භූතයාටය. ඉක්‌බිතිව අනුර නැකතින් ඇරැඹී සුවණ දක්‌වා ඇති නැකැත් හය වායෝ භූතයාට අයත් වේ. අවසන් වශයෙන් දෙනට සිට රේවතී දක්‌වා ඇති නැකැත් පහ අයත් වන්නේ ආකාශ භූතයාටය. ඉතා හොඳටම ගැලපීම ඇත්තේ දෙදෙනා පඨවි සහ ආපෝ යන භූත දෙකෙන් ඉපදී සිටීනම් ය. ස්‌ත්‍රී , පුරුෂ කවුරු වුවද එම භූත දෙකේ නම් ඉතා ශුභයි. එයට හේතුව පොළොවට වතුර වැටීම නිසා වැවෙන ගස කොළ සාරවත් වන්නාක්‌ මෙනි. පඨවි භූතයට - පඨවි, ආපෝ, වායෝ යන භූත 3 ම ශුභයි. පඨවි භූතයම වීම ඉතා ම ශූභයි. ආපෝ භූතයට - වායෝ, ආකාශ යන භූතයන් මධ්‍යම ය. ආපෝ භූතයට - වායේ, ආකාශ යන භූතයන් මධ්‍යම ය. ආපෝ භූතයට - තේජෝ භූතය ඉතා අශුභයි. ඒ කෙසේද යත් වතුරයි ගින්දරයි කිසි විට එක්‌ නොවන්නා සේ ය. තේජෝ භූතයට - වායෝ භූතයන් ආකාශ භූතයන් ශූභයි. වායෝ භූතයට - ආකාශ භූතය ශුභයි ගෝත්‍ර පොරොන්දම ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම ගෝත්‍රයකට අයත් නම් අශුභය වෙනස් ගෝත්‍රයන්ට අයත් නම් ශුභය අස්‌විද සිට රෙහෙණ දක්‌වා නැකැත් හතර මරිචි ගෝත්‍රයයි. ඉන්පසු මුවසිරස නැකත සිට පුෂ දක්‌වා නැකැත් හතර අත්‍රි ගෝත්‍රයයි. අස්ලිස සිට උත්‍රපල් දක්‌වා නැකැත් හතර අයත් වශිෂ්ට ගෝත්‍රයටය. ඉක්‌බිතිව හත නැකතින් ඇරැඹී විසා දක්‌වා ඇති නැකැත් හතර අංගිර ගෝත්‍රයට අයත් වේ. අනුර සිට පුවපල දක්‌වා නැකැත් හතර පුලස්‌ති ගෝත්‍රයයි. උත්‍රසල, සුවන, දෙනට නැකැත් තුන පුලඟ ගෝත්‍රයට අයත්ය. අවසන් වශයෙන් සියාවස සිට රේවතී දක්‌වා ඇති නැකැත් හතර අයත් වන්නේ කෘතු ගෝත්‍රයටය. වර්ණ පොරොන්දම මෙම පොරොන්දමෙන් ජාතියේ වර්ණ තෝරා බේරා දීම සිදුවෙයි. බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෙෙශය ශුද්‍ර පංචම සංකර ආදී වශයෙන් අතීත බ්‍රාහ්මණ යුගයේ පැවති කුල භේදය අසුරෙන් සැකසුන පොරොන්දමකි. පුරුෂාධිපතය සංකල්පය හා කුල භේදය පෙන්වන පොරාන්දමකි. ස්ත්‍රී පූරුෂ දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත්ය දෙදෙනාම සමකුල වීම යහපත්ය. පුරුෂයා උසස් කුලයක වීමත් ස්ත්‍රිය පහත් කුලයක වීමත් ශුභය. ස්ත්‍රිය උසස් කුලයක වීමත් පුරුෂයා පහත් කුලයක වීමත් අශුභය බ්‍රාහ්මණ කුලයට අස්විද,පුනාවස,හත,මුල පුවපුටුප නැකත් අයත්ය. ක්ෂත්‍රීය කුලයට බෙරණ පුෂ සිත පුවසල උත්‍රපුටුප නැකත් අයත්ය. වෙෙශය කුලයට කැති අස්ලිස සා උත්‍රසල රේවතී නැකත් අයත්ය. ශුද්‍ර කුලයට රෙහෙණ මා විසා සුවන නැකත් අයත්ය. පංචම කුලයට මුවසිරිස පුවපල් අනුර දෙනට සංකර අද උත්‍රපල් දෙට සියාවස නැකත් අයත්ය. ලිංග පොරොන්දම වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැලකේ. පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම සූදුසූ වේ.දෙදෙනාගේම ලිංග ස්ත්‍රී ලිංග වුවද ශුභය දෙදෙනාම පුරුෂ ලිංග නම් අශුභය දෙදනාම නපුංශකනම් ඒත් අශුභය මෙම පොරොන්දමෙන් ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන කියැවේ පූරුෂ ලිංග නැකත් අස්විද,බෙරණ,රෙහෙණ,අද,පුනාවස,පුෂ,මා, සිත,සා,දෙට,සුවන,පුවපුටුප,උත්‍රපුටුප ස්ත්‍රී ලිංග නැකත් කැති,අස්ලිස,පුවපල්,උත්‍රපල්,හත,විසා,අනුර, පුවසල,උත්‍රසල,දෙනට,රේවතී නපුංශක ලිංග නැකත් මුවසිරිස,මුල,සියාවස නාඩි පොරොන්දම රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවන් මෙයින් සලකා බලයි. ලේවල පිත්, සෙම සමතාව තුළින් නාඩි ගළපනූ ලබයි. අෂ්ඨකූට පරීකෂාවේදී වැඩිම සංඛ්‍යාව වන අට හිමිවන්නේ මෙයටයි.ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම නාඩියට අයත් වීම අශුභය දින පොරොන්දම ස්ත්‍රිය හා පුරුෂයා උපන් දිනය මෙහිදී සැළකිල්ලට ගනී දෙදෙනා එකම දවසක උපන්නේ නම් සුභය උදාහරණ ලෙස දෙදෙනාම ඉරිදා දිනයක නම් සුභය ඒ අකාරයට සතියට අයත් දින හතෙන් එකම දිනයන දෙදෙනාම උපත ලබා ඇතිනම් ශුභය උපන් දිනයේ සිට 2 3 4 5 වැනි දිනයන් ශුභය උදාහරණ ලෙස ස්ත්‍රිය ඉරිදා උපත ලැබීනම් 2 වන දිනය වන සදුදා 3 වන දිනයවන අගහරුවාදා ආදීවශයෙන් පුරුෂයා උපත ලබා ඇත්නම් ශුභය 6වැනි හා 7 වැනි දින අශුභය ග්‍රහ පොරොන්දම ස්ත්‍රී කේන්දරයේ ලග්නයෙන් ද, චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් සත්වැන්නේ සහ අටවැන්නේ ද බලරහිත ග්‍රහයන් විශේෂයෙන් කුජ, රාහූ, ශනි වැනි පාපයන් සිටීමේදී ලග්නයේ බලරහිත පාප ග්‍රහයන් සිටීමද චන්ද්‍ර සිකුරු දෙදෙනා පාපග්‍රහයන් සමග සිටීම ද යන කරුණූ ස්ත්‍රී කේන්දරයේ තිබේ නම් පූරුෂයාට විවිධ කරදර මාරක බාධක දෝෂ පූරුෂ වියෝව ද ඇති කළ හැකියි. මෙවැනිම තත්ත්වයක් පූරුෂ කේන්දරයේ යෙදේ නම් දෙපැත්ත සමබරවෙයි. දෙපැත්තටම මෙම කාරණාව පොදු වන අතර භාවස්ථූට, ග්‍රන්සථූට සහිත භාව කේන්ද්‍ර ක්‍රමයෙන් බැහැරව විනිශ්චය නොගත යූතුය. අෂ්ඨකූටයට මූල්තැනදී ඒවා සූදුසූකම් අනෙක් පොරොන්දම් සමබරව තිබේ නම් ප්‍රමාණවත්ය. එහෙත් කවර තැනකදී වූව ද අවසන් තීරණයක් ගත යූත්තේ ග්‍රහ පොරොන්දම් නිසි ගැළපීම අනූවම වේ. මූලාශ ඈපා පංචාංග ග්‍රහස්ඵුට ලිත ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත නක්‍ෂත්‍රය
4433
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%20%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව
ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ. දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. BirdLife International ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ ආවේණික පක්ෂි කලාප (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත. මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත. 1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත. 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූ‍යේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය පක්ෂීන් නැරඹීම කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත. 2001දී, වරකාගොඩ සහ රැස්මුසන් විසින් පඬුවන් කන්බස්සා Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි. විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්‍රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත. රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි. සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක. ආවේණිකයන් සංඛ්‍යාවේ වෙනස්වීම් ප්‍රභවය: කොටගම සහ පිරිස, 2013 ආවේණික විශේෂ වලංගු ලෙස ප්‍රකාශිත විශේෂ නිසැක ආවේණික විශේෂ ලෙස හැඳින්වේ. ප්‍රභවය: කොටගම, 2013 යෝජිත ආවේණිකයන් රැස්මුසන් සහ ඇන්ඩර්ටන් (2005) විසින් විශේෂ භේදන ගණනාවක්ම යෝජනාකොට ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂ නිර්මාණය වන අතර, එම විශේෂ‍ ඒවායේ වර්තමාන තක්සෝනය සමග පහත දක්වා ඇත. ප්‍රභවය: කළුතොට සහ කොටගම, 2009 ආශ්‍රේයයන් උපන්‍යාස කෘති 02 .පක්ෂීන් පක්ෂීන්, ආවේණික පක්ෂීන්, ආවේණික පක්ෂීන්, ආවේණික ශ්‍රී ලංකාව
4544
https://si.wikipedia.org/wiki/%E2%80%8D%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E2%80%8D%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D
‍මිහිතල‍යේ හිමිකරුවෝ
අප ජීවත්වත්වන පෘතුවිය ඇතුලු මෙම විශ්වය කෙදින, කවර ආකාරයෙන් ඇතිවුවාදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. වසර ගණනාවක් තිස්සේ සිදුවු පරිණාමන ක්‍රියාවලියේ ප්‍රතිථලයක් ලෙස අද අප ජීවත්වන පරිසරය, තුරුලතා, වන සතුන් සහ මිනිසා නම්වු උසස් මනසකින් හෙබි සත්ත්වයා බිහිවී ඇත. මේ සියල්ල සොබාදහම් මාතාවගේ අපුර්ව නිමැවුම්ය. මෙම මිහිතලය සඳහා හිමිකම්පෑමට මිනිසාට පමණක් නොව සතුන්ටද, අයිතියක් ඇත. නමුත් සතුන්ගේ එම අයිතින් උදුරා ගනිමින්, ආක්‍රමණශීලියෙකු ලෙසින් මිනිසා කටයුතු කිරීම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබේ. කෙසේ වුවත් මනසින් ඉතා දියුණු යැයි පැවසෙන, පුළුල් චින්තන ශක්තියකින් හෙබි සත්ත්වයා වන්නේ මිනිසා පමණි. ඩොල්ෆින්, තල්මසා, වඳුරා වැනි සතුන් තුල යම් පමණක සිතීමේ හැකියාවක් ඇතත්, අනෙක් සියළුම සතුන් තුල ඇත්තේ තම ගොදුරු සොයා ගැනීම හා ප්‍රතිවාදීන්ට මුහුණ දීම සඳහා ස්වභාවධර්මයාගෙන් ලැබී ඇති “ඉව” නම්වු දායාදය පමණි. කරුණූ එසේ වන හෙයින් වර්ෂාව, හිරු එළිය, නියඟය වැනි සොබාදහම් බලවේගයන්ගෙන් සදාකාලිකව බැට කමින් තිරිසන් සතුන් තවමත් ප්‍රාථමික යුගයක ජීවත් වෙති. උසස් යැයි මනසකින් හෙබි මිනිසා වර්තමානයේදී ඇතැම් සොබාදහමේ බලවේගයන් පවා වෙනස් කරමින් තම ජීවිත ජයග්‍රහණය කර ඇති බව දැකිය හැක. වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් තුලින් ලෙඩ රෝග රාශියකින් ආරක්ෂාවීමේ හැකියාවක් ලැබී ඇත.තවද, තාක්ෂණයේ දිනෙන් දින ඇතිවන සීඝ්‍ර වර්ධනය තුලින් දියුණුවේ හිනි පෙත්තට ලංවීමේ හැකියාවක් අද ලැබී ඇත. මේ සියලු සාධකයන්ගෙන් හෙබි සැප පහසු වට පිටාවක ජීවත්වන මිනිසා තුලින්, සතුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් සිදුවන බව අද දැකියහැකි කණගාටුදායක තත්ත්වයකි. මිහිතලයේ උපදින සෑම සත්ත්වයකුම මෙම අපූර්ව ධරණිතලයෙහි හිමිකරුවන් හෝ හිමිකාරියන් වන බව මිනිස් වර්ගයා වෙත යළි යළිත් අවබෝධකරවීමට සිදුව ඇත. මිනිස් ජීවිතයකට දියුණුව අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් දියුණුව කරා ගමන් කිරීමේදී උපයෝගී කරගනු ලබන ගමන් මාර්ගය අනෙක් කවරකුගේවත් ජීවිතය‍ට අනිසි බලපෑම් ඇතිකරවන්නක් නොවිය යුතුය. අති ධාවනකාරී ලෝකයක වර්තමානයේදී අප ජීවත් වන බැවින් ඇතැමුන් කෙලෙසින් හෝ මුදල් උපයා ගැනීමේ ප්‍රයන්තයක නිරතවීම විශ්මයජනක නොවේ. නමුත් දියුණු‍ව යැයි අර්ථදක්වන්නේ මිළ මුදලින් භෞතිකව සන්නද්ධ වීම පමණක්ම නොවේ. පුද්ගලයෙකුගේ සංස්කෘතිකමය, සදාචාරාත්මක සහ අධ්‍යාත්මික සංවර්ධනය දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයන්ය. ස්වභාවදහම තුලින්ම බිහිවී, හැදීවැඩී, එහිම කොටස් කරුවකු වූ මිනිසා වර්තමානයේදී මුදල් සොයන්නේ ඇතැම් සතුන් මස් පිණිස වෙළෙඳාම් කිරීමෙනි. ඇතැම් තුරුලතා විනාශ කිරීමෙනි. සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිත සාරධර්ම අතින් විශාල සෝදාපාලුවකට ලක්වීමයි. අතීත මිනිසා ගස්වැල්, වනසතුන් සමග සහයෝගයෙන් ජීවත්වූ බැව් පවසන සාක්ෂි කො‍තෙකුත් අපට හමුවී ඇත. නමුත් වර්තමානය වන විට මෙම තත්ත්වය වෙනස් වී ඇත. මිනිස් වර්ගයාගෙන් පැමි‍ණෙන නොයෙකුත් අතවරයන් තුලින් බො‍ෙහාමයක් සතුන්ගේ සාමකාමී ජීවිත ඉතා අවාසනාවන්ත ලෙස වැනසීයාම සිදුවේ. නිදැල්ලේ ගැවසෙන අහිංසක තිරිසන් සතෙකු දුටු විට බොහෝ මිනිසුන් තුල කෝපය, භීතිය හෝ පිළිකුල වැනි හැඟීමක් ඇතිවී හිරිහැර කිරීමට පෙළඹීම මීට ආසන්නතම හේතුවයි. කරුණු එසේ වුවද, ඕනෑම සතෙකු හටම තම ජීවිතය නිදහසේ පවත්වාගෙන යාමේ සමාන අයිතිවාසිකමක් ඇත. නමුත් දියුණු යැයි පැවසෙන මිනිසා, එවන් අහිංසක සතුන්ගේ ජීවිත වලට ගරුකිරීම වෙනුවට මෙලෙස හිරිහැර කිරීමට ප්‍රයන්ත දැරීම තුලින් විද්‍යමාන වන්නේ මිනිස් අධ්‍යාපනයේ ඇති යම් හිස් බවකි. ශික්ෂණයකින් තෙ‍ාරව තරඟයකට පමණක් සීමා වෙමින් ලබන මිනිස් අධ්‍යාපනය ශාපයකි. එවන් අධ්‍යාපනය වනාහී, මිනිසාගේ යහපත සහ අනාගත අභිවෘද්ධිය පිණිස සැදූවක් විනා, බාහිර ලෝකය පිළිඹඳව දනවන්නක් නොවේ. සතුන් තුල පවතින කෘතවේදීභාවය, ශික්ෂණය, සාමුහිකත්වය වැනි උසස් ගති ලක්ෂණ මිනිස් අධ්‍යාපනයටද එක්කොට ගත හැකි නම් අදට වඩා යහපත් හෙට දිනක්, උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන දෑසක්, ලද දෙයින් තෘප්තිමත් වන ජීවිතයක් අපට ලඟාකරගත හැකිය. මතු දිනක එය අනාගත පරපුරටද පූර්වාදර්ශයක් වනු නියතය. ආදරය, කරුණාව, මෛත්‍රිය, වැනි චිත්ත ස්වභාවයන් ඇතිවීම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස්ය. ලෝකයේ වෙසෙන සියළුම මිනිසුන් තුලින් සතුන් වෙත ආදරය සහ කරුණාව දැක්වීම අපේක්ෂා කල නොහැක.නමුත් තිරිසන් සතුන්ද මෙම මිහිතලයේ හිමිකරුවන් බවත්, ඔවුන්ගේ ජීවිත වලටද අප විසින් ගෞරව කල යුතු බවත්, කුමන හෝ අ‍ාකාරයකින් තිරිසන් සතුන් හට කරන හිංසාව පිළිකුල් සහගත දෙයක් බවත්, මිනිස් ප්‍රජාව වෙත අවබෝධ කරවිය හැකි නම් මේ මිහි තලයට දිනපතා මුසුවන සෝ සුසුම්, දුක් දෝමනස්සයන් අවම කල හැකිවනු ඇත. ගලායන ජලයෙන් පවස නිවා ගැනීමට, මද පවනේ සිසිල විඳීමට හා සාමකාමී ලෙස ජීවත් වීමට මෙලොව වසන සෑම සත්ත්වයකුටම සමාන අයිතියක් ඇත. මෙලොව වසන බුද්ධිමත්ම සත්ත්ව කොට්ඨාශය වශයෙන් මෙම අයිතීන් සුරකිනු වස් අපට ඇති යුතුකම සහ වගකීම අවබෝධ කර ගැනීමට තරම් මානුෂික වන ලෙස සියළුම මිනිසුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
4570
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%8F
හබන් කුකුළා
හබන් කුකුළා (, විද්‍යාත්මක නාමය: Galloperdix bicalcarata) යනු ශ්‍රී ලංකාවේ ඝන වැසි වනාන්තරවලට ආවේණික, pheasant පවුලේ සාමාජිකයෙකි. පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී, තුළෑටි, භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්තර දෙකක් (2) හෝ තුනක් (3) දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙ‍ම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකා‍වේ පක්ෂීන්
4611
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%85%E0%B7%92%20%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%8F
වළි කුකුළා
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නෙලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නෙලු මෙන් වසර කිහිපයකට වතාවකි. වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් එසේම වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.මෙය තුල බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ. අඩවියෙන් බැහැර පිටු Lankadeepa:::Urumaya කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකාවේ ජාතික සංකේත ශ්‍රී ලංකා‍වට පමණක් ආවේණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4643
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
කල්මීකියා
කල්මීකියා ජනරජය යුරෝපා මහාද්වීපයේ පිහිටා ඇත. මෙය යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය වේ. කල්මීකියා ජනරජය රුසියානු ෆෙඩරේෂනයට අයත් අතර බෞද්ධ ජනාධිපති කෙනෙකු යටතේ පාලනය වේ ලෝකයේ බෝහෝ රටවල බෞද්ධයෝ සිටිති. ඔවුන් අතරින් බොහෝ දෙනා ආසියාතික බෞද්ධ රටවලින් සංක්‍රමණය වූවෝය. සෙසු පිරිස බුදුදහම ගැන පැහැදී ඒ අනුව ජීවත්වන අයයි. අතීතයේ දී යුරෝපය දක්‌වා බොහෝ රටවල පැතිර තිබුණ බුද්ධාගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ජනවාර්ගික ආක්‍රමණ හේතුවෙන් විනාශ විය. එම නිසා වර්තමානයේ දී බුද්ධාගම සැලකෙන්නේ ආසියානු රටවලට සීමා වුණ ආගමක්‌ වශයෙනි. නමුත් බෞද්ධ ජනාධිපතිවරයකු විසින් පාලනය කරනු ලබන බෞද්ධ රාජ්‍යයක්‌ යුරෝපයේ තිබේ. එනම් කල්මිකියා ජනරජයයි. කිර්සාන් නිකොලයවිච් ඉලුම්සිනොව් ඒ රටෙහි ජනාධිපතිවරයා ය. කල්මිකියා ජාතික කොඩියේ තිබෙන්නේ කහ පසුබිමක අඳින ලද සුදු පියුමකි. එය යොදාගෙන ඇත්තේ බෞද්ධ සංකේතයක්‌ වන බැවිනි. ආගම කල්මිකියාව බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහණ තුන් ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වෙයි. එයින් සියයට 45 ක්‌ පමණ බෞද්ධයෝය. ඇමෙරිකාවට සංක්‍රමණය වූ කල්මික්‌ පවුලකින් පැවත එන එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා කල්මිකියාවේ බෞද්ධ ආගමික නායකයාය. එතුමා කල්මිකියාවට ආවේ 1992 වසරේදීය. දෙමවුපියන් විසින් ළමාවියේ දීම ඉන්දියාවේ ධර්මශාලාවට යවන ලද එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා බුදුදහම හැදැරුවේ දලයි ලාමා තුමා ඇසුරෙනි. ටිබෙට්‌ බෞද්ධ උතුමකු ව තිලෝපා ලමාතුමාගේ පුනර්ජන්මය යෑයි විශ්වාස කරන නිසා එතුමා හැඳින්වෙන්නේ තෙලෝ රින්පෝෂේ යන ගෞරව නාමයෙනි. කල්මිකියාවේ තිබෙන්නේ කහ හිස්‌වැසුම් පළඳින තිබ්බතයේ ගෙලුප්සා බෞද්ධ සම්ප්‍රදායයි. කල්මික්‌වරුන්ගේ පාරම්පරික විශ්වාසයන් ද බුද්ධාගමට සම්බන්ධ කර තිබේ. එයින් ප්‍රධාන තැනක්‌ ගනනේ විශ්වය ආරක්‍ෂා කරන දෙවියා වශයෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහූ වයස්‌ගත සුදු මිනිසාගේ පිළිරුවට බෞද්ධ දෙවියකු වශයෙන් සලකා පුදපූජා පැවැත්වීමයි. කල්මිග් බෞද්ධයෝ මැයි මාසයේ දී මහළු සුදු දෙවියා වෙනුවෙන් උත්සව පවත්වති. කල්මිකියාවේ ජනගහනයෙන් සියයට 45 ක්‌ බෞද්ධයෝ ය. ඒ අතරන් බුද්ධාගම පිළිපදින්නේ සියයට 40 ක්‌ පමණි. සියයට 60 ක්‌ සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ පණිවුඩය අසා නොමැත බෞද්ධයන් සියයට 38 ක්‌ එය අසා තිබුණත් කිතුදහම වැළඳගෙන නැත. කල්මිකියාවේ ක්‍රිස්‌තියානි ජනගහණය සියයට එකකි. භූ විශමතාවය විශාලත්වය: 76,100වර්ග කිලෝ මීටර් කල්මිකියාව නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ තිබෙන රටකි. කැස්‌පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියාවේ එක්‌ සීමාවකි. සම්මත වේලාව Kalmykia is located in the Moscow Time Zone (MSK/MSD). UTC offset is +0300 (MSK)/+0400 (MSD). ගංගා ප්‍රධාන ගංගා : වොල්ගා ගංගාව ( කල්මීකියාව අතරින්නැගෙනහිරින් ගලායන ඉතා කුඩා කොටස ) කුමා ගංගාව මැන්ච් ගංගාව විල් Kalmykia is located on the shores of the Caspian Sea. In general, there are very few lakes on the territory of the republic. The biggest lakes include: Manych-Gudilo Lake Sarpinskoye Lake Sostinskiye Lakes Tsagan-Khak Lake ස්වාභාවික සම්පත් වකල්මීකියාවේ අඩංගු ස්වාභාවික සම්පත් අල් අඟුරු, තෙල්, සහ ස්වාභාවික ගෑස්. ප්‍රසිද්ධ සාරංග මුව විශේෂය, කාගේද ජන්මභූමිය ස්වභාව රක්ෂිතය. කාලගුණය Kalmykia has a continental climate, with very hot and dry summers and cold winters with little snow. Average January temperature: -7 °C Average July temperature: +24 °C Average annual precipitation: 170 mm (eastern parts) to 400 mm (western parts) පාලන කණ්ඩායම Demographics Population: 292,410 (2002) Urban: 129,539 (44.3%) Rural: 162,871 (55.7%) Male: 140,097 (47.9%) Female: 152,313 (52.1%) Females per 1000 males: 1,087 Average age: 33.0 years Urban: 32.0 years Rural: 33.8 years Male: 31.2 years Female: 34.7 years Number of households: 90,464 (with 289,816 people) Urban: 40,885 (with 128,564 people) Rural: 49,579 (with 161,252 people) Average life expectancy: Male: 59.6 years (exceeding Russia's average of 59.0 years) Female: 72.4 years (exceeding Russia's average of 72.2 years) Vital statistics (2005) Births: 3,788 (birth rate 13.1) Deaths: 3,350 (death rate 11.6) ජනවාර්ගික කණ්ඩායම According to the 2002 Census, Kalmyks make up 53.3% of the republic's population. Other groups include Russians (33.6%), Dargins (7,295, or 2.5%), Chechens (5,979, or 2.0%), Kazakhs (5,011, or 1.7%), Turks (3,124, or 1.1%), Ukrainians (2,505, or 0.9%), Avars (2,305, or 0.8%), ethnic Germans (1,643, or 0.6%), and a host of smaller groups, each accounting for less than 0.5% of the total population. ඉතිහාසය කල්මීකියා ස්වයං පාලනය දේශසීමා ව්‍යාප්ත කර ගැනීමට නිතරම වෙහෙසුන රුසියාවේ සාර් පාලනයෙන් කල්මිකියාවට වරින්වර තර්ජන එල්ල වුණි. ඒ අතර ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට ද කල්මික්‌වරුන්ට සිදුවුණි. ඒ නිසා ඔවුහු ලක්‍ෂ ගණනක්‌ වාසභූමි අත්හැර මධ්‍ය ආසියාව දෙසට සංක්‍රමණය වූහ. ඒ අවස්‌ථාවල ඔවුන්ගෙන් බොහෝ පිරිසක්‌ සා පිපාසාවෙන් මරණයට පත්වුහ. තවත් පිරිසක්‌ කිර්ගීස්‌ සහ කෂාක්‌ ගෝත්‍රික කොල්ලකරුවන් විසින් මරා දමන ලදහ. තම රටෙන් පැන නොගිය කල්මික්‌වරු රුසියානු පාලනය යටතේ ජීවත් වුහ. කල්මිකියාවේ වර්තමාන අගනුවර වන එලිස්‌ටා නගරය ඔවුන් විසින් 1856 දී සකස්‌ කරගන්නා ලද වාසභූමියකි. 1917 රුසියානු විප්ලවයේ දී රුසියානු රජයේ හමුදාවට එක්‌වුණ කල්මික්‌වරු ජෙනරාල් ඩෙන්කින් සහ ව්‍රeන්ගල් යටතේ රතු හමුදාවට එරෙහිව යුද වැදුණහ. එහෙත් රතු හමුදාව ජය ලබමින් ඉදිරියට ඇදෙන විට රට අත්හැර පලා යැමට ඔවුන්ට සිදුවුණි. සරණාගතයන් බවට පත් ඔවුහු බෙල්ග්‍රේඩ්, ප්‍රාග්, පැරිසිය, ප්‍රංශයේ ලියොන්, බල්ගේරියාව වැනි යුරෝපයේ නොයෙකුත් පෙදෙස්‌වල කණ්‌ඩායම් වශයෙන් පදිංචි වූහ. රුසියානු පාලනය යටතේ සනාතන පල්ලිය විසින් කල්මික්‌වරුන් සීමිත පිරිසක්‌ කිතුදහමට හරවා ගනු ලැබූවත් බහුතර පිරිස බුද්ධාගම අත්හැරියේ නැත. සරණාගතයන් ලෙස යුරෝපයේ පදිංචි වූ කල්මික්‌වරු තම පාරම්පරික බෞද්ධ උරුමය රැකගත්හ. ඔවුන්ගෙන් පිරිසක්‌ 1929 දී බෙල්ග්‍රේඩ් නගරයේ පන්සලක්‌ තැනූහ. ඒ අනුව මධ්‍යම යුරෝපයේ මුල්වරට පන්සලක්‌ ඉදිකිරීමේ ගෞරවය කල්මික්‌ බෞද්ධයන්ට හිමිවෙය.s බෞද්ධ විහාර පාර නමින් බෙල්ග්‍රේඩ් නගරයේ වීදියක්‌ නම් කර තිබිණි. කල්මික්‌වරුන් රතු හමුදාවට බැඳුනොත් ස්‌වාධීනව ජීවත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රදේශයක්‌ ඔවුන්ට වෙන්කර දෙන බවට වී. ලෙනින් පොරොන්දු වී ඇත. ජාතින්ට ස්‌වයං නීර්ණ අයිතිය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව රුසියානු මධ්‍යම කාරක සභාව විසින් 1920 නොවැම්බර් 04 වැනි දින කල්මිකියාව රුසියාවට අයත් ස්‌වාධීන පාලන ප්‍රදේශයක්‌ වශයෙන් පිළිගන්නා ලදී. එහෙත් දැඩි මතධාරී කොමියුනිස්‌ට්‌වාදීන් එයට කැමැත්ත දක්‌වා නොමැත. මොස්‌කව් බල අධිකාරියෙන් කල්මිකියාවේ පාලන බලය ගිලිහීම අහිතකර බව ඔවුන්ගේ අදහස විය. කල්මික්‌ පාසල් ගුරුවරයකු වූ දොර්ෂා අර්බකොව් ඔවුන්ගේ මතයට එරෙහිව සටන් කළ කෙනෙකි. බෞද්ධයන්ගේ සහ බෞද්ධ ලෝකයේ සිත් දිනා ගැනීමට සෝවියට්‌ බලධාරීන්ට අවශ්‍ය නම්, ලේ වැගිරීමකින් තොරව කල්මික්‌වරුන්ට ස්‌වයං තීරණ අයිතිය ලබාදිය යුතු යෑයි ඔහු පැවසීය. ඒ හේතුවෙන් කල්මික්‌ බෞද්ධයන් ජාතිවාදී, කොමියුනිස්‌ට්‌ විරෝධී පිරිසක්‌ යෑයි සලකා දේපොළ රාජ්‍ය සන්තක කොට ඔවුහු මරා දමන ලදහ. තවත් පිරිසක්‌ සයිබීරියාවේ කඳවුරුවලට නෙරපන ලදහ. කල්මික්‌ බෞද්ධයන් දැඩි ලෙස පීඩාවින්දේ සෝවියට්‌ දේශයේ ජෝශප් ස්‌ටාලින්ගේ පාලන සමයේදීය. විහාරස්‌ථාන සහ බෞද්ධ ග්‍රන්ථ විනාශ කරන ලෙස ඔහු 1931 වසරේදී අණ කළේය. එකල කල්මිකියාවේ විහාරස්‌ථාන සියයකට අධික ප්‍රමාණයක්‌ තිබුණ අතර, එහි වැඩි සිටි භික්‍ෂු සංඛ්‍යාව අනුමාන වශයෙන් 3000 කි. ජෝශප් ස්‌ටාලින්ගේ නියෝගය අකුරටම ක්‍රිsයාත්මක කෙරුණ නිසා භික්‍ෂූන් සහ බෞද්ධ නායකයන් විශාල පිරිසකට කල්මිකියාවේ ජීවත්වීමේ අයිතිය අහිමිවුණි. සෝවියට්‌ හමුදාව කෘෂි අස්‌වැන්න හා බැටළු ගොවිපොළ වැනසීම හේතුවෙන් දරුණු සාගතයට මුහුණ දුන් කල්මික්‌වරු 60,000 ක්‌ පමණ මරණයට පත්වූහ. කල්මික්‌වරුන් ඒ නිදහස භුක්‌ති වින්දේ මාස කීපයකි. රතු හමුදාව විසින් නැවතත් කල්මිකියාව අත්පත් කරගනු ලැබිණි. කල්මික්‌වරුන් ජර්මන් හමුදාවට සහයෝගය දැක්‌වීම ෙද්‍ර`හී ක්‍රියාවක්‌ යෑයි තීරණය කළ රුසියානු බලධාරීහු 1943 දෙසැම්බර් 27 වැනිද දින ඔවුන් එම ප්‍රදේශයෙන් නෙරපා හැරීමට නියෝග කළහ. එයින් බියටපත් කල්මික්‌වරු දහස්‌ ගණනක්‌ දරු පවුල් රැගෙන ජර්මන් හමුදාව සමඟ පලා ගියහ. කරත්තවල පටවා රටින් පිටුවල් කළ තවත් පිරිසක්‌ සයිබීරියාවට යන ගමනේදී ආහාර පාන නොමැතිව අතර මගදී මියගියහ. කොමියුනිස්‌ට්‌ පාලන සමයේදී නොයෙකුත් පෙදෙස්‌වලට විසර ගිය කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමේ වාසනාව යළිත් උදාවුණේ නිකිතා කෘෂෙෆ් රුසියාවේ පාලකයා බවට පත්වීමෙන් පසුය. කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමට ඔහු 1957 දී අවසර දුනි. කල්මිකියාව රුසියාවට අයත් ස්‌වතන්ත්‍ර ජනරජයක්‌ වශයෙයන් 1992 මාර්තු 31 වන දින ප්‍රකාශයට පත් කෙරුණි. 1993 අප්‍රේල් මස කල්මිකියාවේ ප්‍රථම ජනාධිපති ලෙස තේරී පත්වුණ කිර්සාන් නිකොලයාවිව් ඉලුම්ෂිනොව් තුන්වන වරටත් එම තනතුර උසුලයි. රුසියානු බලයට නතුවීම 1942 අගෝස්‌තු 12 වැනි දින රුසියාව ආක්‍රමණය කළ ජර්මන් හමුදාව එලිස්‌ටා අගනුවර යටත් කරගත්තේය. එය දෙවන ලෝක සංග්‍රාමයට හේතු වුණත්, කල්මික්‌ බෞද්ධයන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කළ සිදුවීමකි. ඔවුන් ඒ වන විට ගතකළේ දුක්‌බර ජීවිතයකි. ඔවුන් සිටියේ කොමියුනිස්‌ට්‌ පාලනයෙන් මිඳෙන්නට මාර්ගයක්‌ සොයමිනි. තම හමුදාවට ආධාර කළොත් කල්මිකියාව නිදහස්‌ කරදෙන බව ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ට දැනුම්දුනි. ආක්‍රමණය ආශිර්වාදයක්‌ කරගන්නට සිතූ කල්මික්‌වරු සෝවියට්‌ පාලනයට එරෙහිව සටන් කිරීම සඳහා ජර්මන් හමුදාවට බැඳුණහ. ඔවුන් සේවය කළේ අශ්වාරෝහක හමුදා බළඇණියක්‌ වශයෙනි. එයට කෘතගුණ සැලකීමක්‌ ලෙස ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ගේ භූමි ප්‍රදේශය රුසියාවෙන් නිදහස්‌ කර දුන්හ. බියෙන් සැකයෙන් තොරව බෞද්ධ පුදසිරිත් පැවැත්වීමේ නිදහස ද ඒ සමඟම කල්මික්‌වරුන්ට ලැබිණි. ජනාධිපති විවිධ දුක්‌ පීඩාවන්ට ගොදුරු වුණු කල්මිකියා රාජ්‍යය තුළ යළිත් බුදුදහමේ ආලෝකය පැතිරෙන්නට පටන්ගත්තේ ජනාධිපති කිර්සාන් නිකොලයවිච්ගේ දැඩි ඇපකැපවීම හේතුවෙනි. 1962 අප්‍රේල් 05 වැනි දින උපන් කිර්සාන් කල්මිකියානුවෙකි. මොස්‌කව් විශ්වවිද්‍යාලයෙන් ජපන් ඉතිහාසය, ව්‍යාපාර කළමනාකාරණය සහ ජාත්‍යන්තර සබඳතා යන විෂයයන් හදාරා ඇති ඔහු සතු මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර ගණන පණහකට අධිකය. ඔහුගේ වත්කම් ඩොලර් බිලියන ගණනකි. සුඛෝපභෝගී මෝටර් රථ හා පෞදගලික ගුවන් යානා ඔහු සතුය. 1990 දී කිර්සාන් දේශපාලනයට පිවිසියේ කල්මිකියා ජනරජය වෙනුවෙන් රුසියානු පාර්ලිමේන්තුවේ පෙනී සිටින නියෝජිතයා වශයෙනි. සියලුම ගොවියන්ට සෙලියුලර් දුරකථන ලබාදීම කිර්සාන්ගේ ජනාධිපතිවරණ ඡන්ද පොරොන්දුවකි. ඔහුගේ පාලනය යටතේ කල්මිකියාව විශාල දියුණුවක්‌ ලබා ඇත. ඔහු බලයට පත්ව කෙටි කලකින් සෑම නිවසකටම ගෑස්‌ පයිප්ප හා ජලය ලබාදීමටත්, මංමාවත් ඉදිකිරීමටත් පියවර ගත්තේය. ජනාධිපති කිර්සාන් තම මවුබිමේ සහ රටවැසියන්ගේ යහපත සඳහා ඩොලර් බිලියන ගණනක්‌ වැය කළේ තමන්ගේ පෞද්ගලික ධනයෙනි. ඔහු මුලින්ම ජනාධිපති වූ පසු පාසල් ගුරුවරුන්ට හා වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීමට ඩොලර් මිලියන දෙකක්‌ වැය කළේය. ජනාධිපති කිර්සාන් ලෝක චෙස්‌ ක්‍රීඩා සංවිධානයේ සභාපතිවරයාය. චෙස්‌ ක්‍රීඩාව කල්මිකියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ කර ගැනීමේ අරමුණ ඇතිව දැවැන්ත සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ලෝකයේ එකම චෙස්‌ ක්‍රීඩා නගරය එහි ඉදිකර තිබේ. ලොව බොහෝ රටවල චෙස්‌ ක්‍රීඩා ලෝලියෝ කල්මිකියාවට පැමිණෙති. චෙස්‌ ක්‍රීඩාව අනිවාර්ය පාසල් විෂයක පිට්‌ටනිවල විශාල චෙස්‌ ක්‍රීඩා ඵලක පිහිටුවා තිබේ. නිකරුණේ කල් ගෙවන්නට හා මත් ද්‍රව්‍යවලට පුරුදු වී සිටි තරුණ පිරිස්‌ චෙස්‌ ක්‍රීඩාව නිසා විනය ගරුකව හැසිරෙන්නටත්, තර්කානුකූලව හිතන්නටත්. දැන් හුරු වී සිටින බව ජනාධිපති කිර්සාන් පවසයි. ඒ නිසා රටෙහි අර්බුද හා නීති විරෝධී ක්‍රියාවන් අඩු වී ඇත. චෙස්‌ යනු සංස්‌කෘත භාෂාවේ චතුරංග යන්නෙන් සැදුන වචනයකි. දීර්ඝ ඉතිහාසයක්‌ ඇති එම ක්‍රීඩාව හොඳ සහ නරක අතර ගැටුමක්‌ ලෙස ද සැලකෙයි. අතීතයේදී චෙස්‌ ඉත්තන් ලෙස භාවිත කළ බෝසත්වරුන්ගේ රූප මොංගෝලියාවෙන් හමු වී ඇත. කිර්සාන් ජනාධිපති සිතන පරිදි චෙස්‌a ක්‍රීඩාව මිනිසුන් යහමගට යොමුකරන ආගමකට සමානය. කිර්සාන් ජනාධිපති තනතුරට පත්වන විට කල්මිකියාවේ එක්‌ පන්සලක්‌ හෝ නොතිබුණි. එහෙත් දැන් එහි ඇති පන්සල් ගණන හතළිහකි. ඒ අතර තිබෙන ස්‌වර්ණ විහාරය යුරෝපයේ විශාලම පන්සලයි. එය විවෘත කළේ ස්‌ටාලින් බෞද්ධ විහාරස්‌ථාන වනසා කල්මික්‌වරුන් රටෙන් නෙරපීම සිහිකරමින් 2005 දෙසැම්බර් 27 වැනිදාය. කිර්සාන් ජනාධිපතිවරයා බුද්ධාගම කෙරෙහි නැඹුරු වූයේ ළමා වියේදීය. ඔහු 2007 ජුලි 16 වැනි දින අල් ජසීරා රූවාහිනියට ලබාදුන් සාකච්ඡාවකින් එය පැහැදිලි වෙයි. එය වෙබ් අඩවියෙන් නැරඹිය හැක. එම සාකච්ඡාවේ දී ඔහු මෙසේ පවසයි. "මා හත් හැවිරිදි වියේ සිටින විට මගේ අත්තම්මා නිවසේ දොර ජනෙල් වසාගෙන බුදුහාමුදුරුවන්ට වැඳුම් පිදුම් කරනවා මම දුටුවා. මම ඇයගෙන් ඇහුවා ඇයි මෙහෙම රහසින් බුදුන් වඳින්නේ කියලා. කේ. ජී. බී. එක ඉන්නවා. සද්ද කරන්න එපා. නිදහසේ බුදුන් වඳින්න බැහැ. ඔබ ලොකු කෙනකු වුණාම මිනිසුන්ට එළිමහනේ නිදහසේ වැඳුම් පිදුම් කරන්න පන්සල් ගොඩක්‌ හදන්න යෑයි අත්තම්මා මට කීවා. මම ඉටු කරන්නේ ඇයගේ උපදේශයයි. මම දැන් පන්සල් හතළිහක්‌ හදලා තිබෙනවා." කල්මිකියාවේ සම්ප්‍රදාය අනුව විශිෂ්ට පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරවය වනනේ සුදු නෙළුම් ශ්‍රේණියට ඇතුළත් කර ගැනිමයි. ජනාධිපති කිර්සාන් තම ආධ්‍යාත්මික ගුරුවරයා ලෙස සලකන දලයි ලාමා තුමා සුදු නෙලුම් ශ්‍රේණියට පත්කර ගෙන තිබේ. ජනාධිපති කිර්සාන් කඩිසර මිනිසෙකි. බොක්‌සිං ශූරයකු වන ඔහුට දිගු වෙලාවක්‌ එක තැනක නිකරුණේ රැඳී සිටීම අමාරුය. "මම දිනකට පැය විස්‌සක්‌ වැඩ කරන කෙනෙකි. නමුත් මගේ ඇතැම් රටවැසියන් හිතන්නේ ජනාධිපති කිර්සාන් සියලු දේවල් අපට නොමිලේ ලබාදෙයි. අපට තිබෙන්නේ කෑම සහ නිදාගැනීම කියලයි. එසේ සිතීම වැරැදියි. අපේ රට දියුණු කරන්නට නම්, අප කවුරුත් තදින් වැඩ කළ යුතු යෑයි ජනාධිපති කිර්සාන් පවසයි. දේශපාලනය The head of the government in Kalmykia is called "The Head of the Republic". The President of the Russian Federation selects a candidate for the Head of the Republic position and presents it to the Parliament of Kalmyk Republic for approval. If a candidate is not approved, the President of the Russian Federation can dissolve the Parliament and set up new elections. As of 2006, the Head of the Republic is Kirsan Nikolayevich Ilyumzhinov, who is also the president of the world chess organization FIDE. In the late 1990s, there were allegations of misappropriations of government funds by Ilyumzhinov's government by Sovietskaya Kalmykia, the only opposition newspaper in Elista. Larisa Yudina, the journalist who investigated these accusations, was kidnapped and murdered in 1998. Two men, Sergei Vaskin and Tyurbi Boskomdzhiv, with connections to Ilyumzhinov, were charged with her murder ආර්ථික තත්ත්වය Kalmykia has a developed agricultural sector. Other developed industries include the food processing and oil and gas industries. Annual budget: revenues and expenditures: about $100 million. Annual oil production: about 200,000 metric tonnes. අධ්‍යාපනය Kalmyk State University is the largest higher education facility in the republic. ආගම තිබ්බත බුද්ධාගම Orthodox Christian atheists, as is typical of රුසියාව. විවිධ The Kalmyks of Kyrgyzstan live primarily in the Karakol region of eastern Kyrgyzstan. They are referred to as "Sart Kalmyks." The origin of the this name is unknown. Likewise, it is not known when, why and from where this small group of Kalmyks migrated to eastern Kyrgyzstan. Due to their minority status, the Sart Kalmyks have adopted the Turkic language and culture of the majority Kyrgyz population. As a result, nearly all now belong to the Muslim faith. Although Sart Kalmyks are Muslims, Kalmyks elsewhere by and large remain faithful to the Gelugpa Order of Tibetan Buddhism. In Kalmykia, for example, the Gelugpa Order with the assistance of the government has constructed numerous Buddhist temples. In addition, the Kalmyk people recognize Tenzin Gyatso, 14th Dalai Lama as their spiritual leader and Erdne Ombadykow, a Kalmyk American, as the supreme lama of the Kalmyk people. The Kalmyks have also established communities in the United States, primarily in Pennsylvania and New Jersey. The majority are descended from those Kalmyks who fled from Russia in late 1920 to ප්‍රංශය, Yugoslavia, Bulgaria, and, later, Germany. Many of those Kalmyks living in Germany at the end of World War II were eventually granted passage to the United States. As a consequence of their decades-long migration through Europe, many older Kalmyks are fluent in ජර්මානු, French and Serbo-Croatian, in addition to Russian and their native Kalmyk language. There are several Kalmyk Buddhist temples in Monmouth County, New Jersey, where the vast majority of American Kalmyks reside, as well as a Tibetan Buddhist Learning Center and monastery in Washington Township, New Jersey. At one point, there was a Kalmyk Buddhist Temple in Belgrade, Serbia. The word Kalmyk means 'those who remained'— origin is unknown but this name was known centuries before a large part of Kalmyks moved back from Volga River to Dzhungaria in the 18th century. There are three cultural subgroups within the Kalmyk nation: Turguts, Durbets (Durwets), and Buzavs (Oirats, who joined Russian Cossacks, else we can find some villages of Hoshouts and Zungars. The 'Durbets' subgroup includes the Chonos tribe (literally meaning "a tribe of the Wolf", other names - "Shonos", "Chinos", "A-Shino" or "A-Chino"), which is considered to be one of the most ancient tribes in the world, dating back to 6th to 11th century. Kalmykia staged the 2006 World Chess Championship between Veselin Topalov and Vladimir Kramnik. Not long ago the largest Buddhist temple in Europe was constructed in the capital of Kalmykia, Elista. See also Music of Kalmykia Buddhism in Kalmykia නිර්දේශනය Arbakov, Dorzha. Genocide in the USSR, Chapter II, Complete Destruction of National Groups as Groups, The Kalmyks, Nikolai Dekker and Andrei Lebed, Editors, Series I, No. 40, Institute for the Study of the USSR, Munich, 1958. Balinov, Shamba. Genocide in the USSR, Chapter V, Attempted Destruction of Other Religious Groups, The Kalmyk Buddhists, Nikolai Dekker and Andrei Lebed, Editors, Series I, No. 40, Institute for the Study of the USSR, Munich, 1958. Bethell, Nicholas. The Last Secret, Futura Publications Limited, Great Britain, 1974. Epstein, Julius. Operation Keelhaul, Devin-Adair, Connecticut, 1973. Grousset, René. The Empire of the Steppes: a History of Central Asia, Rutgers University Press, 1970. Halkovic, Jr., Stephen A. THE MONGOLS OF THE WEST, Indiana University Uralic and Altaic Series, Volume 148, Larry Moses, Editor, Research Institute for Inner Asian Studies, Indiana University, Bloomington, 1985. Hoffmann, Joachim. Deutsche und Kalmyken 1942 bis 1945, Rombach Verlag, Friedberg, 1986. Munoz, Antonio J. The East Came West: Muslim, Hindu and Buddhist Volunteers in the German Armed Forces, 1941-1945, Chapter 8, Followers of "The Greater Way": Kalmuck Volunteers in the German Army, Antonio J. Munoz, Editor, Axis Europa Books, Bayside, NY, 2001. Tolstoy, Nikolai. The Secret Betrayal, 1944-1947, Charles Scribner's Sons, New York, 1977. Links වැඩිදුර කියවීම Lost Cosmonaut: Observations of an Anti-tourist Daniel Kalder බාහිර සබැඳි News Agency of the Republic of Kalmykia (also in Russian) Official website of the Republic of Kalmykia (also in Russian) Official website of the Kalmyk diplomatic representation at the President of the Russian Federation (also in Russian) Official website of the Kalmyk State University (in Russian) Ethnologue report on Kalmyk language Forum of Kalmyk Internet Community Kalmyk Portal Web-Portal of the Interregional Not-for-Profit Organization "The Leaders of Kalmykia" Mistaken Foreign Myths about Shambhala The man who bought chess, The Observer 29 October 2006 The Buddhist hordes of Kalmykia, The Guardian September 19, 2006 Kalmyk Buddhist Temple in Belgrade (1929 - 1944) Earth to Kalmykia, Come In Please The Economist December 18, 1997 යුරෝපා රටවල් බෞද්ධ රටවල් ජනරජ චෙස්
4675
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA
ට්‍රාන්සිස්ටරය
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී. හැඳින්වීම ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ. ට්‍රාන්සිස්ටර් ස්විචීචයක් හැටියටද භාවිතා කරයි. ( XXX ) වැදගත්කම ස්විච්යක් වර්ධකයක් දෝලකයක් ලෙස භාවිතා කළ හැකිය. ට්‍රාන්සිස්ටරයේ භාවිත ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ධාරා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය භාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව භාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව භාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්දකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.මෙහි පාදම(ඵනම් බේසය)වෙත V 0.65(mv650)කුඩා වෝල්ටීයතාවයක් සැපයූවිට ට්‍රාන්සිස්ටරය නැඹුරුවී සන්නයනය පටන්ගන්නා අතර පූර්ණ නැඹුරුවක් සදහා V 0.7(mv700)සැපයූව යුතුව ඇත.නමුත් FET ට්‍රාන්සිස්ටර සදහා ප්‍රදානය(ඵනම් බේසය)වෙත කුඩා වෝල්ටීයතාවයක් සැපයූම අනිවාර්ය නොවේ. ඉතිහාසය මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්ධනය කල් 1947 වසරේදීය. ඇමරිකාවෙහි බෙල්ස ලැබ්ස් හිදී වීලීයමී සොක්ලී, ජොන් බාඩින්, සහ වොල්ටර් බ්රැටෙන් යන විදාඥයින් තිදෙනා එකතුවෙනි ට්‍රාන්සිස්ටර වර්ග ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක. ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය(bipolar) ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරය (FET/unipolar) ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී. FET ට්‍රාන්සිස්ටරය J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.. ට්‍රාන්සිස්ටර අර්ධ සන්නායක
4687
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B6%A7%20%E0%B6%87%E0%B6%A7%E0%B7%92%20%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%8F
බට ඇටි කුකුළා
කඳුකරයේ මීටර් 1000 දක්වා පමණ ඉහළට සහ පහතරට තෙත් කලාපයේ මිටි උණ ශාක සහිත යටිරෝපණයන්ගෙන් යුතු වනාන්තර වල හමුවන ඇටිකුකුළා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින පක්‍ෂියෙකි. වර්තමානයේ මෙම පක්‍ෂියා දැනගත හැකි හොඳම ස්ථානය ලෙස වාර්ථා වන්නේ බෝධිනාගල වනාන්තරයයි. එසේම මෙහු සිංහරාජ වනාන්තරයේද වාසය කරයි. පෙනුමෙන් සාමාන්‍ය ඇටි කුකුළාට බෙහෙවින් සමාන වේ. නමුත් හොටය ලා කොළ පැහැතිය. තවද මොහුගේ පියාපත් වඩාත් අඳුරු රතු-දුඔුරු පැහැයක් ගනී. සිරුරේ සෙසු කොටස් කළු පැහැවන අතර හිසෙහි සහ ගෙලෙහි දම් පැහැ දිස්නයක් දක්නට ලැබේ. කුලෑටි වනවාසී කුරුල්ලෙකි. අභිජනනය කරන්නේ වසරේ මුල් කාලයේය. ඝණ වනාන්තරයේ කඳු සහිත පඳුරක බිම සිට මීටරයක් හෝ දෙකක් ඉහළින් තනා ඇති කැදැල්ල කෝටු කැබලි කුඩා අතු, මුල් සහ තණ කොළ වලින් සමන්විත ගෝලාකාර එකකි. වරකට සුදු පැහැති බිත්තර 2-3 ක් දමනු ලබයි. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4688
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F
මයිල ගොයා
මයිල ගොයා ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර වල වාසය කරන අතිශයින්ම රුක්වාසී පක්‍ෂියෙකි. පරෙවි ගෝත්‍රයේ පරෙවි කුලයට අයත්වන අළු කොබෙයියාට වඩා තරමක් ලොකු පක්‍ෂියෙකි. ඉතා පරීක්‍ෂාකාරී කුරැල්ලෙකි. බොහෝ විට තුරැ වියනෙහි සැඟවී වාසය කරයි. නමුත් ශක්තිමත් පියාසරකරුවෙකි. ලිංගික ද්විරූපතාවයක් නැත. පිටිකර ප්‍රදේශයේ කැපී පෙනෙන කළු සහ සුදූ පැහැති චෙස් බෝඩ් පැල්ලමක් දක්නට ලැබේ. මෙය පහළින් හා දෙපසින් රෝස පැහැති පුදේශයකින් වට වී ඇත. ‍බොටුව සුදු පැහැවන අතර පිට,පියාපත් සහ පෙඳය අඳුරැ අළු පැයැතිය. විවිධ කුඩා ඵල වර්ග ආහාරයට ගන්නා මයිලගොයා වල් කුරුඳු ශාකයේ ඵල වර්ලවලට බෙහෙවින් ප්‍රියකරයි. සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුගල් වශයෙන් නමුදු ආහාර බහුලව ඇති තැන්වලදී කුඩා රංචු ලෙස එක් වේ. සාමාන්‍යයෙන් නිහඬ කුරුල්ලෙකි. පෙබරවාරි-මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් යන කාලවලදී අභිජනනය කරයි. මොහුගේ කැදැල්ල වනාන්තරයේ ගසක වියනෙහි කුඩා අතු කැබලි වලින් තනනු ලබන තරමක් පැතලි එකකි. මෙහි එක් සුදු පැහැති බිත්තරයක් දමනු ලැබේ. යම් යම් කාලවලදී වඩා පහත් ප්‍රදේශ වලට සංක්‍රමණය වන හෙයින් සිංහරාජයේ සහ මහනුවර ප්‍රදේශයේ කැලෑ වලද මෙම පක්‍ෂියා දැකිය හැකිය. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4690
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%85%E0%B7%94%20%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%8F
අළු ගිරවා
කඳුකරයේ මීටර් 1750 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්‍රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී. මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. . ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය. කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4691
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F
ශ්‍රී ලංකා ගිරාමලිත්තා
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් වන ගිරා මලිත්තා ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්‍ෂියෙකි. කඳුකර කලාපය ආශ්‍රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ. කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ගිරාමලිත්තෝ
4693
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%AD%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%20%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%8F
වත රතු මල් කොහා
පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට පමණක් ආවේණික කුරුල්ලෝ
4695
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%20%E0%B7%80%E0%B6%B1%20%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB%E0%B7%8F
බොර වන බකමූණා
පහතරට තෙත් කලාපයේත් ඒ ආශ්‍රිත කඳුකරයේත් වනාන්තර වල හමුවන දුලභ පක්‍ෂියෙකි. වාසය කරන්නේ ප්‍රපාතයන්හි උස්තුරු මුඳුන්වල ය. ශ්‍රී ලංකාවේ සිංහරාජ සහ බෝධිනාගල වනාන්තර වලත් මහනුවර උඩවත්ත කැලේත් දක්නට ලැබේ. ශ්‍රී ලංකා‍වේ පක්ෂීන්
4696
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%85%E0%B7%94%20%E0%B6%9A%E0%B7%91%E0%B6%AF%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F
අළු කෑදැත්තා
පහතරට වනාන්තර වල සහ කඳුකරයේ මීටර් 1300 දක්වා ඉහළට දක්නට ලැබෙන අළු කෑදැත්තා කෙටි රවුම් සහ පළල් පියාපත් සහිත විශාල වශයෙන් ඵල භක්‍ෂක කුරුල්ලෙකි. විශාල වශයෙන් යැපෙන්නේ නුග ගෙඩි,වල් සාදික්කා,කීන දං,මාදුන් වැනි වන ඵල වර්ග මත නමුත් කටුස්සන් ගස් ගෙම්බන් සහ වන්දන් බඳු කෘමීන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගනී.අභිජනන සමය අප්‍රේල්-අගෝස්තු දක්වා වේ. කැදැල්ල ලොකු ගසක කඳේ සාමාන්‍යයෙන් තරමක ඉහළින් පිහිටි බෙනයකි. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට පමණක් ආවේණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට ඒකදේශීය කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4697
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%20%E0%B6%B1%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
රතු නළල් කොට්ටෝරුවා
දේහ පුමාණයෙන් කොණ්ඩ කුරුල්ලා හා මයිනා ට සමාන වේ. කඳුකර කුරුල්ලෙකි. කඳුකරයේ මීටර් 2000 දක්වා ඉහළටත් පහතරට තෙත් කලාපයේත් සුලභ කුරුල්ලෙකි. වියළි කලාපයේ ඇතැම් තැන්වල දක්නට ලැබේ. මෙහු ඝණ වනාන්තර වලද වාසය කරයි. මූකලන් ‍කොට්ටෝරුවා හෙවත් කඳුකර කොට්ටෝරුවා ලෙසද හඳූන්වනු ලැබේ. අභිජනනය කරන්නේ පෙබරවාරි-මැයි සහ අගෝස්තු-සැප්තැම්බර් කාලයේය. මැරුණු ගසක කඳේ බිම සිට මීටර් 2-3 අතර පිහිටි කුහරයක සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමයි.කොළ පැහැ සමක් දරයි. කොට්ටෝරුවෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4698
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%93%E0%B6%AD%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F
පීතකන් කොණ්ඩයා
පැරණි ලෝකයට අයත් පක්‍ෂි කණ්ඩායමකි. ඵල භක්‍ෂකයෙක් වන නමුත් කෘමීන් ද ආහාරයට ගනී. ලිංගික ද්විරූපතාවයක් නොදක්වයි. කඳුකර කුරුල්ලෙකි. කඳුකරයේ මීටර් 1000ට ඉහළ කලාපයේ වනගත ප්‍රදේශවල සහ හොඳ ශාක ආවරණයක් සහිත ගෙවතුවල දක්නට ලැබෙන පියකරු කුරුල්ලෙකි. පුමාණයෙන් කොණ්ඩ කුරුල්ලාට සමාන වේ. උසින් අඩු ගසක දෙබලක හෝ පදුරක තනා ඇති කෝප්පාකාර කැදැල්ල හරිත වර්ණ පාසි එකතු කොට සාදනු ලබයි. පෙබරවාරි-මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් දක්වාත් අභිජනනය කරයි. කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4702
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා
අරංගයා දුර්ලභ කඳුකර කුරුල්ලෙකි. මොහු වඳවෙමින් යන පක්‍ෂියෙකි. සිවුරුහන් දෙන වල් ආවිච්චියා ලෙසද හඳුන්වයි. අතිශයින්ම වනවාසී පක්‍ෂියෙකි. කඳුකරයේ මීටර් 1000-2000 අතර කලාපයේ හමුවන මොහු වනාන්තරය තුළින් ගලාබසින දියපාරවල් ආශ්‍රිතව ජීවත්වීමට වඩාත් කැමතිය. දේශීය පක්‍ෂීන් අතර ඉතාමත් ව්‍යාප්තියක් සහිත පක්‍ෂියෙකි. හෝටන් තැන්න, ශ්‍රීපාද අඩවිය, නකල්ස් කඳුවැටිය ප්‍රදේශවල හමු වේ. මූලාශ්‍ර කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4705
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%85%E0%B7%94%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F
අළු දෙමලිච්චා
පහත රට තෙත් කලාපයේ සහ ඒ අසල කඳුකරයේ හමුවන අළු දෙමලිච්චා ගෙවතුවල දක්නට ලැබෙන දෙමලිච්චාට වඩා මඳක් ලොකු දුලභ වනවාසී පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට ආවේනික සතුන් ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
4706
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F
රතු දෙමලිච්චා
රතු දෙමලිච්චා පහත රට තෙත් කලාපයේ සහ ඒ ආශ්‍රිත කඳුකර වනාන්තර වල වාසය කරයි. කිතුල්ගල ශ්‍රීපාද කඳුවැටිය හාසිංහරාජය තුළ මොහු දක්නට ලැබේ. කුරුල්ලෝ ශ්‍රී ලංකා‍වට පමණක් ආවේණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ [එය අළු පාටයි]
4727
https://si.wikipedia.org/wiki/%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
ඒඩ්ස්
Acquired immune deficiency syndrome හෝ acquired immunodeficiency syndrome (AIDS) යනු මානව ප්‍රතිශක්ති ඌනකාරක වෛරසය (HIV) මගින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල ඇතිකරනු ලබන රෝගී තත්වයකි. පුද්ගලයන් රෝගී වන්නේ වෛරස් බැක්ටිරියා හා දිලිරවල ක්‍රියාකාරිත්වයට හසුවිම හේතුවෙනි.එච්.අයි.වී. ඒඩ්ස් සදහා තවමත් ඹෟෂධ නිපදවිම අනෙක් එවාට වඩා දුෂ්කරවී ඇත.මෙයට ප්‍රධානම හේතුව එච්.අයි.වී. වෛරසය ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විමයි.ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විම නිසා ෙමය බිදිම අපහසුය. වෛරසය ප්‍රෝටිනයක් ලෙස තිබිම හේතුවෙන් එය බිදිදැමිමට අසමත් වු අවස්ථා 4ක් තවමත් තාක්‍ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වර්තමාන ලෝකයේ ඇත. HIV වෛරසය H5N1 කුරුලු උණ වෛරසය හෙපටයිට්‍ B සෙම්ප්‍රතිශ්‍යා වෛරස X5 කුරුලු උණ වෛරසය ශරිර ගතවිම නිසා කුරුලු උණෙන් පුද්ගලයන් මිය ගියත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය නිසා වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මගින් පුද්ගලයන් මිය යන්නේ නැත. නමුත් HIV වෛරසය ශරිර ගතවි ඇති පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය ශරිර ගතවිම මියයාමට හේතුවකි. එනම් HIV වෛරසය ශරිර ගත වු විට පුද්ගල ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය බිද වැටිම හා දුර්වලවිමයි. HIV සහ AIDS HIV AIDS වල අවස්ථා 2 කි. HIV අවස්ථාව.( HIV වෛරසය ශරිර ගත වුවත් වසර 10ක් යන තුරැම කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වයි.) AIDS අවස්ථාව.(රෝග ලක්‍ෂණයක් පෙන්වයි.) HIV AIDS ආසාදිතයන් සමාඡයෙන් කොන් කළ යුතුද? HIV AIDS ශරිරගත විම ස්ව කැමැත්තෙන් සද්භාවයෙන්ම සිදුවන්නක් නොව අහඹු ලෙස සිදුවන්නකි. HIV AIDS ශරිරගත විම සිදුවන්නේ සමාඡමය වරදකින්ද පුද්ගල වරදකින්ද යන්න වෙන්කර හදුනාගැනිම දුෂ්කරය. ලෝකයේ HIV AIDS ශරිරගත වු .... AIDS බෝවිම පාලනය කිරිම සඳහා AIDS ශරිරගත වු අය රැඳවුම් නිවාස වල රඳවයි. AIDS වැලැක්විමට දැනුවත් කිරිම් සිදුකරයි. 1988 දි ඵක්සත් ඡාතින්ගේ සංවිධානය ලෝකයේ රටවල් හා ඵක්ව HIV AIDS ශරිරගත වු පුද්ගලයන්ටද සමාඡය තුළ සමානව සැලකිය යුතු බව තිරණයකට එළඹිනි. එඩ්‍ස් රෝගින් සහ මානව අයිනිවාසිකම්‍ ශ්‍රි ලංකාවේ මේ දක්වා එඩ්‍ස් සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා විධිවිධාන දක්වන පනතක් දක්නට නොලැබේ . ඒඩ්ස් රෝගියකු හා බැදි පැවතියයුතු අයිතිවාසිකම් ජිවත් විමට ඇති අයිතිවාසිකම. නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම. නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව. නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම. රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම. වැඩ කිරිමට ඇති අයිතිවාසිකම. විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම. ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම. අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම. ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම. සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම. විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම. පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම. වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම. බෝවන රෝග
4746
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B8%E0%B7%9A%E0%B6%B0%E0%B7%8F%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
වේවැල්දෙණියේ මේධාලංකාර
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වසර 2551 ක් තරම් කලක් සම්බුදු සසුන පවත්වාගෙන ඒමට හැකි වූයේ මේ කාලය තුළ වැඩ සිටි විනයධර ධර්මධර සුපේශල ශික්‍ෂාකාමී මහ සඟරුවන නිසාමය. එවන් සම්භාවනීය බුද්ධපුත්‍රයන් වහන්සේ අතර වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේද වෙති. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා මහා නායක ස්වාමීන් වහන්සේ සිය පැවිදි දිවිය වසර 83 ක් පමණ දිගු කලක් මෙහෙයවා ඇති සංඝපීතෘවරයන් වහන්සේ නමකි. මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ ශාසනශෝභන වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමිපාණන් වහන්සේ උපත 1909 දෙසැම්බර් මස හත් වෙනි දින මීරිගම වේවැල්දෙණිය ගම් පියසෙහි සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාමි උපාසක මහතා සහ රාජපක්‍ෂ විතාරණලාගේ ලියගුහාමි උපාසිකා මාතාව යන දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස උපත ලැබූහ. 1923 මැයි 26 වැනි දින අනුරාධපුර අභයගිරි ආරාමයේ දී (පූර්වාරාමය) කතලුවේ සීලවංශ සහ කදිරාගම සුමනසාර මා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් සසුන් ගත වූ මුන්වහන්සේ නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙන්හි දී මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන භාෂාවන් පිළිබඳ මනා දැනුමක් ලබා අනතුරුව මීරිගම ශාසනවර්ධන පිරිවෙන්හි වැඩසිටි මහෝපාධ්‍යාය කදිරාගම සුමනසාර මා හිමියන්ගේ අපවත්වීමෙන් පසු එම පිරිවෙන්හි පරිවේනාධිපති තනතුරට පත්වූහ. 1930 ජූනි 16 වෙනි දින උපසම්පදා භූමියට පත් වී ඇති මුන්වහන්සේ ශාසන සම්ප්‍රදායන්ට අනුව වස් 77 ක් ඉක්ම වූ භික්‍ෂූන් වහන්සේ නමකි. ලක් සඟසසුනෙහි ජ්‍යෙෂ්ඨම සංඝපීතෘවරයන් වහන්සේ කවරෙක්දැයි සොයා බලන්නෙකුට ඇතැම්විට අප මහානායක හිමිපාණන් වහන්සේ හමුවනු ඇත. මේ සා දිගු භික්‍ෂු ජීවිතයකින් උන්වහන්සේ මීරිගම ජනතාවට පමණක් නොව මුළු මහත් ලක්වැසි ජනතාවට ද පොදුවේ බෞද්ධ ලෝකය සඳහාම සිදු කර ඇති සේවය පමණ කළ නොහැකි ය. මහනා හිමිපාණන් වහන්සේගේ ජීවිතය භික්‍ෂූන් වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුට ආදර්ශයට ගත හැකි ජීවිතයකි. අලුයම 4.00 ට අවදිවන මුන් වහන්සේ තවමත් සිය කටයුතු තමා විසින් ම සිදු කර ගැනීමට සමත් ය. තනිව හිස රැවුල බා සිරුර කිස නිමා කොට අලුයම 5.30 ට සිය ශිෂ්‍යයන් වහන්සේලා සමඟ බුද්ධ වන්දනාවට සහභාගි වෙති. මළුපෙත්මං ඇමදීම ආදිය නිමා කොට සියලු ශිෂ්‍යයන් වහන්සේලා සමඟ දාන ශාලාවට වැඩම කොට දානය වැළඳීමට උන්වහන්සේ මහත් කැමැත්තක් දක්වති. සිය ආචාර්යයන් වහන්සේලා ආරක්‍ෂා කළ නිකායික ප්‍රතිපත්ති එලෙසම ආරක්‍ෂා කරමින් පළමුවෙන්ම මීරිගම ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් තනතුරට පත් වූ මුන්වහන්සේ පසුව නිකායේ පාලක සභාවට ද කාරක සභාවට ද ප්‍රාදේශීය අධිකරණ නායක විශේෂාධිකාරී මණ්ඩලයට ද පත්වූහ. 1983 උපරිමානුවිජ්ජක තනතුරටත් පසුව සඤ්ඤාලේඛකාධිකාරී තනතුරටත් අනතුරුව නිකායේ අධිකරණ නායක තනතුරට ද පත් වී විශාල සේවයක් සිදු කළහ. 1998 දී පොත්තේවෙල පඤ්ඤාසාර මහ නාහිමියන් අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත් වී සිටින මුන්වහන්සේ පුරා වසර 9 ක් මේ වන විට මහා නායක පදවියෙහි කටයුතු කරමින් වැඩ වෙසෙති. අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ සහ එකල මල්වතු විහාරයෙහි මහා නායක හිමිපාණන් වහන්සේ මෙන්ම වත්මනෙහි අස්ගිරි පාර්ශවයෙහි මහානායක ස්වාමීන් වහන්සේ සමඟ එක්ව නිකායත්‍රයෙහි සමගියට මෙන්ම ලක්වැසි ජනතාවගේ හිත සුව පිණිස සාමූහික සාකච්ඡා කිරීමටත් තීරණ නිකුත් කිරීමටත් ආරම්භ කළහ. විදේශයන්හි පවා වැඩම කරමින් බෞද්ධ ලෝකයේ ප්‍රබෝධය පිණිස කටයුතු කරන මහා නා හිමිපාණෝ ජපානය, ඕස්ට්‍රේලියාව, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, කොරියාව, කාම්බෝජය ආදී රටවල මේ වන විට විවිධ ආගමික කටයුතු සඳහා වැඩම කර ඇත. මීරිගම පිරිවෙනෙන් ඇරඹි මහානාහිමියන්ගේ අධ්‍යාපනික සේවය අතිමහත් ය. පිරිවෙන් සහ පාසල් ගණනාවක් අරඹා ඇත. මුන්වහන්සේ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කරති. එමෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සම්බන්ධව පාලන සභාවන්හි ද එහි කුලපති තනතුර ද කලක් දැරූ මහා නාහිමිපාණෝ දෙස් විදෙස් හි විශාල සේවයක් සිදු කරනු ලබන සිය ගණන් ශිෂ්‍යයන් වහන්සේගේ වන්දනීය ගුරු දේවයන් වහන්සේ නමකි. බුදු සසුන
4755
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%20%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
මාපලගම විපුලසාර හිමි
අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් (1925 මාර්තු 3 – 2000 ඔක්තෝබර් 28) බෞද්ධ භික්‍ෂුවකි, කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි. පූර්ව අවධිය හා අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ හා භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයේ මූලස්ථානයක් ලෙස සැලකෙන රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් පැවිදි උපසම්පදාව ලබා පසු කාලීනව එහි අධිපතිත්වය ඉසිලීමට තරම් වාසනාවත් වූ මාපලගම විපුලසාර හිමියෝ, අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනින් හා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනින් ශාසනික වත් පිළිවෙත් හා ධර්‍ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගත්හ. උපතින්ම උරුම කරගෙන ආ හැකියාවන් රැසක් විපුලසාර හිමියන් සතුව පැවතියේය. මෙම හැකියාවන් මැනවින් නිරීක්‍ෂණය කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ කුසලතා වර්ධනය කර ගැනීමට හා ඒ කුසලතාවන්ගෙන් රටට සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතාට විපුලසාර හිමියන් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් මුළුල්ලේ රජයේ කලායතනයේ අධ්‍යාපනය ලැබූ විපුලසාර හිමියෝ කලාකරුවකු ලෙස සමාජයේ ඉහළ පිළිගැනීමට ලක්වූහ. රාජ්‍ය ලාංඡනය නිර්මාණය එවක රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මගපෙන්වීම මත 1972 වර්ෂයේදී මාපලගම විපුලසාර හිමි විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු පූජ්‍ය මාපලගම විපුලසාර මහා නාහිමියන්ය කලාශූරී ගෞරව නාමය 1984 වසරේදී රජය මගින් කලාශූරී ගෞරව නාමය විපුලසාර හිමියන් වෙත පිරිනැමීය. අපවත්වීම 2000 ඔක්තෝබර් මස 28 දින අපවත් වන විට උන්වහන්සේ 75 හැවිරිදි වියේ පසු විය. මේවාද බලන්න ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය ගැන ඉංග්‍රීසි විකිපීඩියා පිටුව අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව ආචාර්ය නිශ්ශංක විජයරත්න යන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව ආශ්‍රිත චරිත කතා ශ්‍රී ලාංකික භික්ෂූහූ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ 1952 උපත්
4761
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA
මැජික් වෘත්තය
මැජික් වෘත්තය (මායා වෘත්තය, ශුද්ධ වූ වෘත්තය) යනු භෞතික පරිධියකින් යුතුව පොලොවෙහි අඳිනු ලබන වෘත්තයකි. මෙය Ritual Magic, විකා සහ ගුප්ත ශාස්ත්‍ර වලදී භාවිතා වේ. වෘත්තය සැකසීම/ඇඳීම මෙය සිදුකරන ආකාරය සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් විය හැක. මේ සියලුම ආකාරයේ ක්‍රම වල මූලික අරමුණ වන්නේ (අධිමානසික) ශක්තිය ගමන් කිරීම (ඇතුල් වීම සහ පිට වීම) වැලැක්වීමය. සමහර සම්ප්‍රදායන්ට අනුව වෘත්තය සෑදීමේදී ඒ වටා (ඇතුලතින්) තුන් වරක් දක්ශිණාවර්තව පැදකුණු කල යුතුය. සතර දිශා වලට අනුව ආරම්භ කල යුතු සහ අවසන් කල යුතු දිශා සම්බන්ධවද සම්මතයන් ඇත. කන්ඩායමක් සඳහා වෘත්තයක විශ්කම්භය අඩි නවයක් සහ තනි පුද්ගලයෙකු සඳහා අඩි පහක් ලෙස සාමාන්‍යයෙන් ගැනුනද, අවශ්‍යතාවය සහ කැමැත්ත මත මෙය වෙනස් විය හැක. මේ පිලුබඳව Wiccan Rede වල දක්වා ඇත්තේ... සමහරුන් නියම වශයෙන් වෘත්තය කිරීමට පෙර භෞතික වශයෙන් ලනුවක්, හුනු කූරක් හෝ ගල් කැට වලින් ලකුණු කරයි. තවද මෙසේ කරනු ලබන වෘත්තයේ (ඇතුලතින්) සතර දිශා වලට ඉටි පන්දම් සතරක් දල්වයි. මේවා සුදු පාටින් හෝ ඒ ඒ දිශා වලට අයත් වර්ණ වලින් තෝරාගනියි. උතුර: කොල නැගෙනහිර: කහ දකුණ: රතු බටහිර: නිල් අරමුණ තවද බලන්න විකා මැජික් මන්ඩලා යන්ත්‍ර අධෝ ලිපි Buckland, Raymond (2002). Buckland's Complete Book of Witchcraft, Second edition, Revised & Expanded, Llewellyn Publications. ISBN 0-87542-050-8. Cunningham, Scott (2001). Wicca: A Guide for the Solitary Practitioner, 29th edition, Llewellyn Publications. ISBN 0-87542-118-0. විකා
4762
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA
වෘත්තය
යුක්ලීඩියානු ජ්‍යාමිතියට අනුව වෘත්තයක් යනු දෙන ලද ලක්‍ෂ්‍යයක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් තලයක් මත පිහිටන සියලු ලක්‍ෂ්‍යයන් ගෙන් සමන්විත කුලකයයි. වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛණ්ඩ කොටසකි. වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන ඉලිප්සයක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝණී කේතුවක් පාදමට සමාන්තර (හෝ අක්ෂයට ලම්භක) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි. වෘත්තයක සමීකරණය කාටිසියානු ඛණ්ඩාංක ඇසුරින්, මෙහි කාටිසියානු ඛණ්ඩාංකද අරය ද කේන්ද්‍රය ද වේ. ධ්‍රැවක ඛණ්ඩාංක ඇසුරින්, මෙහි ධ්‍රැවක ඛණ්ඩාංකද අරය ද කේන්ද්‍රය ද වේ. වෘත්තය ත්‍රිකෝණමිතික ශ්‍රිත ඇසුරින්, වෘත්තය පරාමිතික විචල්‍යයක් ඇසුරින්, වෘත්ත සම්බන්ධ සමීකරණ වෘත්තයක අරය නම් එහි පරිධිය වෘත්තයක අරය නම් එහි වර්ගඵලය වෘත්තයක අරය නම් එහි පරිමාව පයි () පයි, යනු ඕනෑම වෘත්තයක පරිමිතිය පරිධියට දක්වන අනුපාතයයි. මෙය නියතයකි, එනම් මෙහි අගය (ජ්‍යාමිතික හේතූන් මත) වෙනස් නොවේ. ජ්‍යාමිතිය ගණිතය
4766
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
අල්මසාන්
අල්මසාන් (Almazán) යනු ස්පාඤ්ඤයේ Castile and León හි සෝරියා දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. 2004 වර්ශයේ ජන සංගණනයට (INE) අනුව මෙම ප්‍රදේශයේ ජනගහනය 5,755 කි. Municipalities in Soria ස්පාඤ්ඤය
4780
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
මිරිසවැටිය
ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ.[1] 2021-12-08 පිහිටීම ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇති මෙම චෛත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ස්ථානයක ඉදිකර ඇතැයි සැළකේ. මෙම චෛත්‍යය සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම චෛත්‍යය ඉදි වූ ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලයේදී ලංකාවේ අගනුවර ලෙස පැවතියේද අනුරාධපුරය යි. පුරාවෘත්ත තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ. ප්‍රතිසංස්කරණ ඉදි කරන ලද දින සිට මෙරට රජකම් කළ රජුවරුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වූ මිරිසවැටිය චෛත්‍යයට අටවන, නමවන සහ දහවන ශතවර්ෂවල ලංකාවට පැමිණි ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් හානි සිදු විය. මෙම චෛත්‍යය කිහිප වරක්ම කඩා බිඳ දමන ලදි. ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලයේ රජ කළ පළමුවන ගජබා රජු මෙම ථූපයට ආරක්ෂිත ආවරණයක් ඉදි කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 209 - 231 කාලයේ රජ කළ වෝහාරිකතිස්ස රජු එහි ඡත්‍රය ප්‍රතිසංස්කරණය කළේ ය. පසුව ක්‍රිස්තු වර්ෂ 914 - 923 අතර කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජු මෙහි සියළුම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ අතර පොළොන්නරුවේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙය අඩි දෙසිය හයක් දක්වා උස් කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත. පසුව 1888 වර්ෂයේ දී ගරා වැටී ඇති මෙම චෛත්‍යය වර්තමානයේ දී රජය විසින් ප්‍රතිසංස්කරණය කොට බැතිමතුන්ට වන්දනා මාන කළ හැකි පරිදි සංරක්ෂණය කොට ඇත. මෙම ස්ථානයට අයත් ගොඩනැගිලි අතර දුටුගැමුණු රජතුමා විසින් තනවන ලද උපෝසථාගාරයක් ද, දෙවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 650 - 659) විසින් තනවන ලද විශාල මන්දිරයක් ද, හතරවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 898 - 914) විසින් තනවන ලද බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කිරීම සඳහා වූ  "චන්දන ප්‍රාසාද" නම් වූ ගොඩනැගිල්ලක් ද වේ. වන්දනා ගාථාව අභය රාජ සධාතුක කුත්තවරං - සුනිඡායකතං බහුමාණිකං සකලහිතං පණමේසදා - මරිච්වට්ටික චෙතිය මුත්තමං තේරුම දුටුගැමුණු රජතුමා විසින් සර්වඥධාතු සහිත වූ උතුම් ජය කොන්තය නිධාන කොට කරවන ලද මිරිසවැටිය චෛත්‍යය නමදිමි. සේයා රූ එකතුව <center> දාගැබ් - ශ්‍රී ලංකා අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක‎
4810
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%B8
සරත් කොටගම
සරත් කොටගම මහාචාර්යතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි . මූලාශ්‍ර
4842
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%28%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%29
රොබට් නොක්ස් (නැවියා)
1720 මරණ 1641 උපත් Articles with Project Gutenberg links
4881
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%20800%20%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A
ක්‍රිපූ 800 ගණන්
සිදුවීම් හා නැමියාවන් ක්‍රිපූ 804 — ඇසිරියාවේ III වන ඇඩාඩ්-නිරාරි දමාස්කසය අභිභවනය කිරීම. ක්‍රිපූ 804 — පාරාවෝ, I වන පෙඩුබාස්ටිස් ගේ මරණය. ක්‍රිපූ 800 පමණ — ග්‍රීක අප්‍රකට යුග යන්හි නිමාව. ක්‍රිපූ 800–ක්‍රිපූ 700 පමණ — ඉතාලියේ ප්‍රාග්- එට්රුස්කාන් කාල පරිච්ඡේදය. එට්රුස්කාන් ශිෂ්ඨාචාරය. ඔල්මෙක්වරුන් පිරමිඩ තැනූහ. 800s BC
4882
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9
උස්සංගොඩ
උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. කොළඹ - වැල්වාය (AA2) මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටා ඇත. අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි. පාශාණ වර්ණය පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. යකඩ උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. ජීවීන් ශාක උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. ඒවාද මෙවැනි ඉතා කුඩා පැලෑටි වේ සත්තු ජනප්‍රවාද කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද සකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි. උස්සංගොඩ ජාතික වනෝද්‍යානය උස්සංගොඩ සහ ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රි.ව.2010දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිනි. පරිසරය - ශ්‍රී ලංකා
4884
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%AD%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
සංයුක්ත තැටිය
සංයුක්ත තැටිය නොහොත් සංගත තැටිය (සීඩී) යනු ආංකික (Digital) ක්‍රමයට දත්ත රැඳවා තබා ගතහැකි ප්‍රකාෂ තැටියකි. 1982 වසරේ දී සංයුක්ත තැටියක් මුල් වරට වෙළඳ පොළට එළිදැක්වූ අතර අද දක්වාම මේවා වාණිජ වශයෙන් සංගීතය පටිගත කිරිම සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි. සාමාන්‍ය සංයුක්ත තැටියක් මි.මී. 120ක විශ්කම්භයකින් යුක්ත අතර එහි විනාඩි 80ක හඬ රඳවා තබා ගතහැකිය. මෙම තැටි වලට අමතරව මි.මී. 80ක විශ්කම්භයකින් යුතු තරමක් කුඩා සංයුක්ත තැටි ද භාවිතයේ පවති. එහි විනාඩි 24ක හඬ රඳවා තබා ගතහැකිය. මුල් කාළීනව හඬ පටිගත කිරීම සඳහා පමණක් භාවිතා කල සංයුක්ත තැටි පසුව දත්ත රඳවා ගැනීම සඳහා ද පරිගණක තාක්ෂණයේ දී භාවිතයට ගැනුනි. පරිගණකයකින් කියවිය හැකි සේ දත්ත ගබඩා කර තිබෙන සංයුක්ත තැටි CD-ROM ලෙසින් හඳුන්වයි. එක් වරක් පමණක් දත්ත ලිවිය හැකි සංයුක්ත තැටි CD-R ලෙස හඳුන්වන අතර නැවත නැවත දත්ත ලිවිය හැකි සංයුක්ත තැටි CD-RW ලෙස හඳුන්වයි. භෞතික ස්වභාවය මි.මී. 1.2ක ඝනකමින් හා ග්‍රැම් 16ක බරින් යුතු ඉතා පිරිසිඳු පොලිකාබෙන්ට් තැටියකින් සංයුක්ත තැටිය නිමවී ඇත. සංයුක්ත තැටියක් කියවීමේ දී ඒ මතට එල්ල වන ලේසර් කිරණ ධාරාව පරාවර්තණය කිරීම සඳහා මෙම පොලිකාබෙන්ට් තැටිය මත ඇලුමීනියම් තට්ටුවක් හෝ කලාතුරකින් රන් තට්ටුවක් හෝ අතුරා තිබේ. අවසානයේ ලැකර් තට්ටුවක් ඒ මත ආරක්ෂාව සඳහා අතුරනු ලබයි. සංයුක්ත තැටියක දත්ත ලිවීමේ දී සිදු කරනු ලබන්නේ පොලිකාබෙන්ට් තැටිය මත ඇසට නොපෙණෙන තරමේ ඉතා කුඩා ආවාට (Pits) ලෙස මෙම දත්ත, තැටියේ මැද සිට පිටතට සර්පිලාකාර පථයක් ලෙස සැකසීමයි.දත්ත ගබඩ කරන පත අතර දුර ආසන්න වශයෙන් මයික්‍රො මීටර් 1.6 ක් පමන වේ. ඒ මතට එල්ල වන කිරණ ධාරාව මගින් මෙහි ගබඩා වී ඇති දත්ත කියවනු ලැබේ. බාහිරට යොමු Philips history of the CD Sony's CD history How Stuff Works - CDs
4885
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%201009%20-%201100%20%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA
ක්‍රිපූ 1009 - 1100 දශකය
සිදුවීම් හා නැමියාවන් ක්‍රිපූ 1100 — ඇසිරියාවේ පළමු වන ටිග්ලාත්-පිලෙසර් විසින් හිට්ටිට්වරුන් අභිභවනය කිරීම. ක්‍රිපූ 1100 පමණ — ඩෝරියානුවන් විසින් පුරාතන ග්‍රීසිය ආක්‍රමණය කිරීම. ක්‍රිපූ 1100 පමණ — මයිසිනියානු ශිෂ්ඨාචාරය නිමා වීම. ක්‍රිපූ 1100 පමණ — ග්‍රීක අප්‍රකට යුග ආරම්භය. ක්‍රිපූ 1100 පමණ — උතුරු ඉතාලියේ ප්‍රාග්- විලානෝවන් සංස්කෘතිය ආරම්භය. ක්‍රිපූ 1100 පමණ — ඊජිප්තුවේ නව රාජධානිය නිමා වීම. වැදගත් චරිත දාවිත් රජ ඊශ්‍රායෙලයේ පාලකයාය. ක්‍රිපූ 1100 පමණ — ෂරතූස්ට්රා මෙලොව එලිය දුටි. නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස් ෆොනීසියානුවන් විසින් හෝඩිය සොයාගැනීම. ඇසිරියානුවන් විසින් මූල්.ආපීන් සොයාගැනීම: තාරකා රාශි පිළිබඳ පැරණි දත්ත එකතුවක්. 1100s BC
4887
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%201150%20%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A
ක්‍රිපූ 1150 ගණන්
සිදුවීම් හා නැමියාවන් ක්‍රිපූ 1159 — හෙක්ලා ගිනිකන්ද පිපිරීමෙන් අනතුරුව ආරම්භව අවුරුදු 18 ක් පුරා පැවැති ගෝලීය "ශාක වළලු ආචරණය" (ශාකයන්හි වර්ධනය අඩුවු කාල පරිච්ඡේදය). ක්‍රිපූ 1154 — ස්පාර්ටා හි රජ මෙනලාවුස් ගේ අභාවය (ඇස්තමේන්තුගත දිනය). ක්‍රිපූ 1154 —පිටුවහල් කරන ලද ස්පාර්ටා හි හෙලන් රැජිණ රෝඩ්ස් හිදී සියදිවිහානි කර ගැනීම. (ඇස්තමේන්තුගත දිනය). වැදගත් චරිත ක්‍රිපූ 1153 — ඊජිප්තුවේ III වන රැමිසිස් පාරාවෝ ගේ අභාවය 1150s BC