id
stringlengths
4
6
url
stringlengths
31
789
title
stringlengths
1
109
text
stringlengths
2
589k
1516
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. ශ්‍රී ලංකාව ලෝක උරුම ස්ථාන අටක්, සැතපුම් ගණනක් පුරා විහිදුනු රන්වන් වැලි සහිත වෙරළවල්, වැසි වනාන්තර සහ කඳුකර තේ වතු සහිත ඉතා සුන්දර දූපතකි. නිවර්තන වනාන්තර, වෙරළ සහ භූ දර්ශනවල ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය, එය ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ. එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%  ථෙරවාද බෞද්ධයන් වේ. එනම් මිලියන 15 ක් පමණ වේ. එය ලොව 6 හෝ 5  වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආගම ථෙරවාද බෞද්ධ  වන අතර 12% හින්දු භක්තිකයන්, 9% ඉස්ලාම් භක්තිකයන්, 7% ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වෙති. බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ. ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි. කෝට්ටේ රාජධානියේ විශාල දේශපාලන අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ සමුද්‍ර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කළ අතර ශ්‍රී ලංකාවේ කොටසක් පසුව පෘතුගීසි සන්තකයක් බවට පත්විය. සිංහල පෘතුගීසි යුද්ධයෙන් පසු ලන්දේසීන් සහ මහනුවර රාජධානිය එම ප්‍රදේශ පාලනය කර ගත්හ. පසුව ලන්දේසි දේපල බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත් අතර, පසුව ඔවුන් මුළු දිවයිනම තම පාලනය ව්‍යාප්ත කර, 1815 සිට 1948 දක්වා එය යටත් විජිතයක් බවට පත් කළහ. ශ්‍රී ලංකාවේ වඩාත් මෑත ඉතිහාසය වසර 26 ක සිවිල් යුද්ධයකින් විනාශ වූ අතර එය 1983 දී ආරම්භ වී 2009 දී තීරණාත්මක ලෙස අවසන් වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ ය. ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ. ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. කුරුඳු, තේ, කෝපි, රබර් සහ පොල් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී නවීන කාර්මික ආර්ථිකයක් දරයි. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර මානව සංවර්ධන දර්ශකයේ 72 වැනි ස්ථානයට පත්ව ඇත. එය සංවර්ධනය අතින් ඉහළම ශ්‍රේණිගත දකුණු ආසියානු ජාතිය වන අතර දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ඒක පුද්ගල ආදායම ද ඔවුනට හිමිය; කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඒකකය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් හේතුවෙන් දේශපාලන සහ මානුෂීය අර්බුදයක් ඇති වී තිබේ. එය වීදි විරෝධතා පුපුරා යාමට ද හේතු වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් විය යුතු බවට පුරවැසියන් බලකිරීම හේතුවෙන් හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දුරයෙන් ද ඉවත් විය. වෙනත් නම් විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ඉන්දියාවේ කඳුළු බිඳුව යන නමින්ද, අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් ද, සිව් හෙළය,හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාමවලින් ද සහ විරුදාවලිවලින් ද හදුන්වයි. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි. එහි යටත් විජිත කාලය තුළ, දිවයිනට සිලෝන් යන නම ලැබුණි, එය පසුව යටත් විජිත කාලය අවසන් වන තුරුම දිගටම භාවිතා විය. සිලෝන් නමින් වර්තමානයේ හැඳින්වූයේ නැතත් වර්තමානයේ විවිධ දේශීය ව්‍යාපාර සඳහා සිලෝන් යන නාමය භාවිත කිරීම සුලභ දෙයකි. "ඉන්දියාවේ කඳුළු බිඳුව" ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට ශ්‍රී ලංකාවේ විශේෂ හැඩය සහ ඉන්දියාවට සමීප වීම හේතු විය. ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය ශ්‍රී ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් මිනිසුන් BP 300,000 - 500,000 තරම් ඈතක සිට ඇති බවට සාක්ෂි ඇත. ගල් යුගය ගල් යුගය ආසන්න වශයෙන් වසර 125,000 කට පෙර සිට ක්‍රි.පූ. 1800 දක්වා පැවතිණි. පැලියොලිතික් යුගය ඉරණමඩු හි සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ BP 300,000 තරම් ඈත අතීතයේ පැලියොලිතික් මිනිසුන් සිටි බවයි. ශ්‍රී ලංකා භූමියේ පැලියොලිතික් යුගයට අයත් ප්‍රධාන ප්‍රදේශ 8 ක පදිංචිකරුවන් සොයා ගත හැකි විය. පහතරට වියළි කලාපය පහතරට අර්ධ ශුෂ්ක කලාපය පහතරට වියළි කලාපය පහතරට අතරමැදි වියළි කලාපය කඳුකර වියළි අතරමැදි කලාපය පහතරට අතරමැදි තෙත් කලාපය තෙත් කඳු කලාපය තෙත් උස්බිම් කලාපය පුරාණ ශ්‍රී ලංකාව ආණ්ඩුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී. අගනුවර අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි. වර්ග ප්‍රමාණය ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km ඓතිහාසික මුහුද 12 060 sq km රාෂ්ට්‍රීය මුහුද 18 060sq km යාබද මුහුද 17 000 sq km පරම ආර්ථික කලාපය 437 400 sq km සමස්ථ වර්ගඵලය 554 200 sq km ශ්‍රී ලංකාවේ ජාතික සංකේත (මෙහි වැඩිදුර අධ්‍යයනයක් සදහා ශ්‍රී ලංකාවේ ජාතික සංකේත වෙත පිවිසෙන්න.) ශ්‍රී ලංකාවේ අතීතය ප්‍රාග් ඓතිහාසික යුගය ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය 2. මධ්‍යශිලා යුගය 3. නවශිලා යුගය සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත. ඓතිහාසික යුගය ප්‍රථම නවීන අගනුවර ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය. යටත් විජිත යුගය වර්ෂ 1505 දී පෘතුගීසීන් (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද ලන්දේසීන් (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය. නවීන යුගය ලංකා රාජධානිය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය කොටි ත්‍රස්තවාදය අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත. ශ්‍රී ලංකාවේ පුරාවස්තු භූගෝලය ස්වභාවික ව්‍යසන ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ. ශාක සහ සත්ත්ව සංහතිය විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි. ශ්‍රී ලංකාවේ උප බෙදීම් පළාත් ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත. ඒවා නම්: උතුරු පළාත උතුරු මැද පළාත මධ්‍යම පළාත වයඹ පළාත බස්නාහිර පළාත සබරගමුව පළාත ඌව පළාත දකුණු පළාත නැගෙනහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි. ජනතාව ජනගහණය 2012 ජන සංගණනය අනුව 20,359,439 සමාජය බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි. ජාතීන් සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන හා පාරම්පරික කර්මාන්තය ගොවිතැනය. භාෂා සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි. ආගම් ප්‍රධාන ආගම බුදු දහම වේ. බුද්ධාගම සහ පුරාණ හෙල ඇදහිලි හින්දු රෝමානු කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් බොජුන් ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.) දේශපාලනය ප්‍රධාන දේශපාලන පක්‍ෂ තනි පක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය ජනතා විමුකිති පෙරමුණ හවුල් සංධාන එක්සත් ජනතා නිදහස් සංධානය එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය අධ්‍යාපනය ආර්ථිකය සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි. මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. කෘෂීකර්මය දේශීය පරිභෝජනය සඳහා වී ගොවිතැන පොල් වගාව අපනයන බෝග ශ්‍රී ලංකාවේ තේ රබර් කුළු බඩු කර්මාන්ත සාම්ප්‍රදායික කර්මාන්ත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හස්ත කර්මාන්ත නව කර්මාන්ත ස්වභාවික පරිසරය ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන් ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන් ලැයිස්තුව දියඇලි - ශ්‍රී ලංකා ක්‍රීඩා නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙදි ඩන්කන් වයිට් මහතා විසින් රිදී පදක්කමක් ජය ගෙන මුල්ම ඔලිම්පික් පදක්කම ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබුවා. තවද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයෙදි සුසන්තිකා ජයසිංහ විසින් එක් රිදී පදක්කමක් ජය ගෙන තිබේ. සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී. ආශ්‍රිත ලිපි ජාතික ගීය ශ්‍රී ලංකාවේ උප බෙදීම් ශ්‍රී ලාංකිකයෝ මූලාශ්‍ර බාහිර යොමු ශ්‍රී ලංකා රජය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය ග්‍රී ලාංකීය ඉතිහාසයේ පින්තූර Historic Photographs of Sri Lanka සාර්ක් රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් ආසියාතික රටවල්
1587
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%28%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%29
සිංහල (බහුරුත්හරණය)
සිංහල යන්නෙන් අදහස් කෙරෙනුයේ, සිංහල භාෂාව සිංහල අක්ෂර සිංහල (ජනවර්ගය) සිංහල ජාතිය සිංහල ජනයා විය හැක. සිංහල ලාංකික සිංහලයෝ
1590
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80
මුල් පිටුව
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන විකිපීඩියා සහෝදර ව්‍යාපෘති විකිපීඩියා භාෂාවන්
1644
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
ගණිතය
'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේන්‍රය ලෙස ය. ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ, ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත. ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යා, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ. නිරුක්තිය මැතමැටික්ස් යන ඉංග්‍රීසි වදන "විද්‍යාව,ඥානය හෝ ඉගෙනීම"යන අරුත් දෙන ග්‍රීක μάθημα (මැත්මා)සහ "ඉගෙනීමට ඇති ලෝලය" යන අරුත් දෙන ග්‍රීක μαθηματικός (මැතමැටිකෝස්) ආදියෙන් බිඳී ආවෙකි. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ මැත්ස් ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ මැත් ලෙස ද කෙටියෙන් භාවිත වෙයි. ඉතිහාසය ගණිතයෙහි විකාසනය නිමක් නොමැති වියුක්තීකරණ මාලාවක් ලෙස හෝ විෂය කරුණුවල සිදුවන පුළුල් වීමක් ලෙස හෝ දැකිය හැකි ය. මුල් වියුක්තීකරණය ලෙස සංඛ්‍යා හැඳින්විය හැකි ය.ඇපල් ගෙඩි දෙකක් හා දොඩම් ගෙඩි දෙකක් අතර යම් පොදු ලක්ෂණයක් ඇති බව, එනම් ඒ දෙකම එක් මිනි‍සකුගේ දෑතට ගත හැකි බව, වටහා ගැනීම‍ට හැකිවීම මිනි‍ස් චින්තනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. සංයුක්ත වස්තු ගණනය‍ට අමතරව,ප්‍රග් ‍ඓතිහාසික මිනිසා කාලය,දින,ඍතු,වර්ෂ වැනි වියුක්ත රාශී ගණනය‍ට සමත් විය. අංක ගණිතය(උදා:එකතු කිරීම,අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම )ස්වභාවිකවම ගම්‍ය වෙයි.මොනෝලිතික ස්මාරක එකල පැවති ජ්‍යාමිතික ඥානය ගැන සාක්ෂි දරයි. ඓතිහාසිකව,ගණිතය තුළ දැවැන්ත ශික්ෂණ මතුව ආවේ,වාර්තා වී ඇති ඉතිහාසයේ ආරම්භයේ සිට,බදු හා වාණිජ ක්ෂේත්‍රයේ ගණනය කිරීම් කිරීම,සංඛ්‍යා අතර ඇති සබඳතා හඳුනා ගැනීම,බිම් මැනුම,තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම වැනි අවශ්‍යතා නිසා ය. මෙකී අවශ්‍යතා දළ වශයෙන් ගණිතයෙහි පුළුල් අනුක්ෂේත්‍ර ලෙස නම් කළ හැකි ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යන ක්ෂේත්‍ර යටතට අනුරූපණය කළ හැකි ය. ගණිතය අද බොහෝ වර්ධනය වී ඇති අතර එය සහ විද්‍යාව අතර ඉතා ඵලදායී අන්තර්ක්‍රියාකාරීත්වයක් පවතී. එය එකී ක්ෂේත්‍ර දෙකෙහිම අභිවෘද්ධියට හේතු පාදක වී ඇත. ඉතිහාසය පුරාම ගණිතමය සොයා ගැනීම් සිදු වූ අතර දැනටත් සිදු වෙයි. රාශීන්, ව්‍යුහ , අවකාශය හා විචලන වැනි සංකල්ප කේන්ද්‍ර කරගත් දැනුම් ක්ෂේත්‍රය ගණිතය ලෙස හැඳින්වෙන අතර එය එම සංකල්ප පිළිබඳ අධ්‍යයනය කෙරෙන විෂය පථය ද වේ. (ඉංග්‍රීසි බසින් ගණිතය Mathematics ලෙස හැඳින්වෙන නමුත් භාවිතයේ දී බොහෝ විට maths හෝ math යනුවෙන් යෙදේ). අවශ්‍ය නිගමනවලට එ‍ලඹෙන්නා වු විද්‍යාව ලෙස බෙන්ජමින් පියර්ස් ගණිතය හැඳින්වූ අතර ගණිතය රටාවන් පිළිබඳ විද්‍යාව බව අනෙක් ගණිතය භාවිතා කරන්නන්ගේ මතය වේ. සංඛ්‍යා අතර, අවකාශයේ, විද්‍යාවේ, පරිගණකවල , උපකල්පිත අමූර්තනවල සහ අනෙකුත් දෑ වල රටාවන් සෙවීම ගණිතඥයින් විසින් සිදු කරන බව ඔවුන්ගේ මතයයි. නව ඌහන නිර්මාණය කිරීමටත්, අදාල ලෙස තෝරාගත් ප්‍රත්‍යක්ෂ සහ අර්ථ දැක්වීම් ඔස්සේ දැඩි අපෝහනයන්ට යටත් කොට ඒවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමටත් ගණිතඥයන් ඉහත ආකාර සංකල්ප පරීක්ෂා කරති. ගණන් කිරීම, ගණනය කිරීම, මැනීම සහ භෞතික වස්තූන්ගේ හැඩ සහ චලන පිළිබඳ විධිමත් අධ්‍යයනයේ සිට අමූර්තනය සහ තර්කානුකූල හේතු දැක්වීම ඔස්සේ ගණිතය පරිණාමයට ලක් විය. තනි තනිව හෝ සමූහ වශයෙන් ගත්ත ද මුලික ගණිත දැනුම භාවිතය සැමවිට පුද්ගල ජීවිත හා බද්ධ වී පැවතුණි. පුරාණ ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දියානු, චීන, ග්‍රීක හා ඉස්ලාම් ශිෂ්ටාචාරවලට අයත් ග්‍රන්ථවල මූලික ගණිතමය සංකල්ප වඩාත් පැහැදිලි ආකාරයට සටහන් කර තිබෙනු දැකිය හැක. අශිථිල තර්කනය, මුල්වරට දැකිය හැකි වන්නේ ග්‍රික ශිෂ්ටාචාරය ආශ්‍රිතව වන අතර මේ අතරින් යුක්ලීඩ්ගේ “Elements” ග්‍රන්ථය ප්‍රමුඛ වේ. වර්තමාන‍ය දක්වා පැවත එන පරිදි පර්යේෂණ සීඝ්‍රතාව ඉහල නංවමින් 16 වැනි සියවසට අයත් පුනරුද සමයේ දී ගණිතමය නව සොයා ගැනීම් සහ විද්‍යාත්මක සොයා ගැනීම් අන්තර් ක්‍රියා කරන තුරුම ගණිතයේ ප්‍රගමනය කඩින් කඩ වූ තත්වයෙන් සිදු විය. වර්තමාන ලෝකයේ ස්වභාව විද්‍යාව, ඉංජ‍ිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් ආදී බොහෝ ක්ෂේත්‍රවල ගණිතය භාවිතා වේ. මෙසේ ක්ෂේත්‍රයේ භාවිතා වන ගණිත කොටස් ව්‍යවහාරික ගණිතයට අයත් වන අතර එහි දී ගණිතමය නව සොයා ගැනීම් ප්‍රායෝගිකව භාවිතා වන අතරම ප්‍රායෝගික භාවිතයන් හේතුවෙන් ගනිතමය නව සොයා ගැනීම් ඇතිව අවස්ථා ද තිබේ. ඇතැම් විට ව්‍යවහාරික ගණිතය ඔස්සේ මුළුමනින්ම අළුත් විෂය පථයන් ඇති වීම ද සිදු වේ. මේ හැරුණු විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන ගණිතමය හේතු නිසාම ගණිතමය පර්යේෂණ සිදු කරන ගණිත ක්ෂේත්‍රයක් ද පවතින අතර එය ශුද්ධ ගණිතය නම් වේ. නමුත් බොහෝ විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන සිදු කරන ශුද්ධ ගණිතමය අධ්‍යයනයන්ට අදාල ප්‍රායෝගික යෙදුම් කල් ගතවෙත්ම භාවිතයට පැමිණෙනු දැකගත හැක. ගණිතය විද්‍යාවක් ලෙසින් ලතින් “Regina Scientiarum” සහ ජර්මන් Konigin der Wissenchaften යන ග්‍රන්ථවල මුල් පිටපත්වල විද්‍යාව යන අරුත් දෙන වදනෙහි වචනාර්ථය දැණුම් ක්ෂේත්‍රය යන්නයි. ඉංග්‍රීසි බසින් “Science” යන්නෙහි මුල් අරුත ද මෙයම වේ. මේ අනුව බලන කල්හි සැකයකින් තොරවම ගණිතය ද විද්‍යා ක්ෂේත්‍රයකි. විද්‍යාව ස්වභාව විද්‍යාවන්ට සීමා කරන ලද වර්ගීකරණය පසු කාලීන වේ. යම් හෙයකින් විද්‍යාව භෞතික ලෝකයට සීමාවූ ක්ෂේත්‍රයක් සේ සලකයි නම්, එවිට ගණිතය - නැතහොත් අවම වශයෙන් ශුද්ධ ගණිතය විද්‍යාවක් නොවේ. ඇල්බට් අයින්ස්ටයින් මේ පිළිබද පහත අදහස් ප්‍රකාශ කරන ලදී. තාත්විකත්වය අදාල ගණිතමය නියමයන් අනිශ්චිත වේ. ඒවා නිශ්චිත වන කල්හි ඒවා තාත්වික ලෝකයට අදාල නොවේ. බොහෝ දාර්ශනිකයන්ට අනුව ගණිතය පරීක්ෂණාත්මක සත්‍ය අසත්‍ය ලෙස ඔවුහු කළ නොහැකි ක්ෂේත්‍රයක් බැවින් කාල් පොපර්ගේ අර්ථ දැක්වීමට අනුව විද්‍යාවක් නොවේ. කෙසේ නම් 1930 දී පමණ ගණිතමය තර්කනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින් ගණිතය තර්කනයට පමණක් ඌණනය කළ නොහැකි බව පෙන්වා දෙන ලද අතර මේ අනුව භෞතික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක මෙන්ම ගණිතමය සිද්ධාන්ත ද කල්පිත ඌණන ක්‍රමයට ලබා ගන්නා ඒවා බව කාල් පොපර් නිගමනය කළේය. මේ අනුව කල්පිත ඌණනයන් වන ශුද්ධ ගණිතය ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයන්ට බොහෝ සේ ආසන්න බව පෙනේ. තවද ඉම්රේ ලැක්ටෝස් වැනි සමහර චින්තකයින් පරීක්ෂණාත්මකව සත්‍යාසත්‍ය බව නිගමනය කරන ක්‍රමයක් ගණිතයට ද යොදන ලදී. විකල්ප මතකයට අනුව සමහර විද්‍යා ක්ෂේත්‍ර (සෛද්ධාන්තික භෞතික විද්‍යාව වැනි) තාත්වික සිද්ධීන්ට අනුරූප වන ආකාරයට සැකසූ ස්වසිද්ධීන්ගෙන් සමන්විත ගණිත ක්‍රමයන් බව ප්‍රකාශ වේ. වරක් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජේ.එම් සීමාන් පැවසුවේ විද්‍යාව යනු පොදු අවබෝධය බැවින් ගණිතය ද විද්‍යාවක් බවයි. උපකල්පන මත පදනම් වූ තර්කානුකූල ඵලයන්ගේ විශ්ලේෂණය වැනි ලක්ෂණ ගණිත‍ෙය් මෙන්ම බොහෝ ස්වභාව විද්‍යා ක්ෂේත්‍රවලට ද පොදුය. තවද උපකල්පන නිර්මාණයේ දී උපහායනය හා පරීක්ෂණ සිදු කිරීම විද්‍යාවේ දී මෙන්ම ගණිතයේදී ද සිදුවේ. පරීක්ෂණාත්මක ගණිතය ගණිත විෂය පථයෙහි වැදගත් කොටසක් බවට පත්ව තිබෙන අතර ආසන්නය හා අනුපූරුකරණය විද්‍යාවේ දී හා ගණිතයේ දී ක්‍රමයෙන් වර්ධනය වන වැදගත්කමක් දරයි. මේ නිසා ගණිතය විද්‍යාත්මක ක්‍රමය භාවිතා නොකරන්නේ යැයි කියමන ක්‍රමයෙන් යල්පනිමින් පවතී. 2002 වසරේ පල කළ “A New Kind of Science” (නව විද්‍යා ක්ෂේත්‍රයන්) නම් ග්‍රන්ථය ඔස්සේ ස්ටීවන් වුල්ෆ්‍රෑම් ආඝණක ගණිතය ප්‍රත්‍යක්ෂ මූල ලෙස අධ්‍යයනය කළ යුතු විද්‍යා ක්ෂේත්‍රයක් වීමට සුදුසු බව තර්ක කරයි. නමුත් මෙම තර්කය පිළිබද ගණිතඥයින් දක්වන අදහස විවිධාකාර වේ. බොහෝ ගණිතඥයින් ගණිතය විද්‍යාවක් බවට පත්කිරීමෙන් එහි සෞන්දර්යාත්මක බවත් ආදී සම්ප්‍රදායෙන් ඊට ලැබී ඇති නිදහස් ශිල්ප හතෙන් එකක් යන ස්ථානයන් නැතිවී යතැයි විශ්වාස කරති. අනෙක් අයගේ තර්කය වන්නේ විද්‍යාව ඉංජිනේරු ශිල්පය සහ ගණිතය අතර ඇතිව තිබෙන අතුරු මුහුණත ඔස්සේ ගණිතයේ ප්‍රගමනයට ලද තල්ලුව හෑල්ලු කිරීමත් ගණිතය විද්‍යාවෙන් වෙන් කිරීමෙන් සිදුවන බවයි. දාර්ශනික විවාදයන් තුළ මෙම ප්‍රතිවිරුද්ධ අදහස් නිරූපණය වන්නේ ගණිතය නිර්මාණය කෙරේ ද සොයා ගැනේ ද යන ප්‍රතිවිරුද්ධ තර්කයන්ගෙනි. බොහෝ විට විශ්ව විද්‍යාල තුළදී විද්‍යාව හා ගණිතය ලෙස තනි කාණ්ඩයක් වෙන් කිරීම සිදු වේ. මින් පෙනී යන්නේ ගණිතය හා විද්‍යාව එකිනෙක සැබැදි නමුත් ඒවා එකිනෙක සමපාත නොවන බවයි. ප්‍රායෝගිකව ගණිතඥයින් හා විද්‍යාඥයන් දළ වශයෙන් එකම වර්ගීකරණය කෙරෙන අතර සියුම් වර්ගීකරණයේ දී ‍නැවත එකිනෙකාගෙන් වෙන් කෙරේ. මෙම ගැටළුව ගණිතමය දර්ශනයේ දී සලකා බැලෙන්නකි. ගණිතයේ ක්ෂේත්‍ර ගණිතය පුළුල් ලෙස කථනය කල විට අපට ඉතා කුඩා කොටස් වලට වෙන් කල හැක. ඒවා නම් ප්‍රමාණය, ව්‍යුහය, අවකාශය හා විපරිණාමය ලෙසිනි. (කෙසේද යත් අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය හා විශ්ලේෂණය) තවද ගණිතය යෙදෙන ක්ෂේත්‍ර රාශියක් ඇත. ඒවා අතර තර්ක ශාස්ත්‍රය, කුලක සිද්ධාන්ත, ව්‍යවහාරික ගණිතය, මෑතකදි දැඩි අධ්‍යයනයට ලක් වු අවිනිශ්විතතාව ද වේ. බාහිර පුරුක් සංඛ්‍යා හා පාද http://s.dasun.googlepages.com/assembly.html ගණිතය
1663
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
සිංහල භාෂාව
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහල බසට බොහෝ දුරට සමාන භාෂාවකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.සින්හල භාෂාවේ ස්වර 18 කි. නිරුක්තිය සිංහල යනු මධ්‍යම ඉන්දු-ආර්ය (එළු ) "සිහල" යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ. මෙය "සිංහ" යන සංස්කෘත වචනයේ ව්‍යුත්පන්නයක් වේ. "භගවත පුරාණයෙ"හි සිංහලය, දිවයිනේ සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහර අවස්ථාවලදී "සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇතැයි යන විශ්වාසය මත යෙදුනක් යැයි කිව හැක. උපභාෂා සිංහල බසෙහි උප භාෂා ලෙස තදින් බෙදීමක් දක්නට නොහැක. නමුත් ප්‍රදේශික වශයෙන් කතා කරන විලාශය හා ආවේනික වූ වචන හා යෙදුම් භාවිතයේ වෙනස්කම් දැකිය හැක. රජරට (උතුරු මැද පළාත), රුහුණ (දකුණු පළාත), ඌව (උව පළාත) මෙසේ වෙනස්කම් දැකිය හැකි පළාත් කිහිපයකි. නමුත් මෙම විශේෂිත යෙදුම් හා කතා විලාශ අනෙකුත් සිංහලයන්ට බොහෝ විට පහසුවෙන් තේරුම්ගත හැක. කථාකරන සහ ලියන සිංහල දකුණු ආසියාවේ බොහෝ භාෂාවල දක්නට ලැබෙන දෙදිව් වහර (කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) අතර ඇති පැහැදිලි වෙනස) සිංහල භාෂාවෙහිද විශේෂයෙන් දැකිය හැක. ස්වරශාස්ත්‍රය සිංහල ස්වර ශබ්ද නැගීමේ රටාව බොහෝ දුරට අනෙකුත් ඉන්දියානු භාෂා වලට සමගාමී වේ . නමුත් එම භාෂා හා සසඳන විට සිංහලයටම ආවේනික වූ ලක්ෂණ කීපයක් දැක ගත හැක. ඒවායින් සමහරක් නම් සඤ්ඤක අකුරු පෙළ එක් වීම, ඇ, ඈ ස්වර එක් වීම, මහා ප්‍රාණ අකුරු (සංස්කෘතයෙන් ආ වචන සඳහා) ඇති මුත් නොමුසු සිංහල බස සඳහා ඒවා ඇවැසි නොවීම ආදියයි. සිංහල ස්වර ශබ්ද නැගීම සිංහල ව්‍යංජන ශබ්ද නැගීම ලේඛන ක්‍රමය බොහෝ ඉන්දියානු අකුරු මාලා මෙන් සිංහල හෝඩිය ද පැරණි බ්‍රාහ්මී අක්ෂර මාලාව මත පදනම්වී ඇත. ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට මෙම පැරණි බ්‍රාහ්මීය අකුරු හැඳින්වී ඇති බව පුරාවිද්‍යාඥයන් පවසන නමුත් හෙළ හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල අකුරු පෙළ, දකුණු ඉන්දියානු ග්‍රන්ථ අක්ෂර මාලාවට සමීප සම්බන්ධයක් ඇති අතර, කාදම්බ අක්ෂර මාලාවෙන්ද ආභාෂය ලබා ඇති බව පෙනේ. සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත. සිංහල හෝඩි සිංහල හෝඩි කීපයක් ඇත. 1. අමිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 30 කි). වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ. 2. මිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 54 කි). මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර). 3. නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) (අක්ෂර 60 කි). ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව 1989දී මෙම හෝඩිය සකස් කර ඇත. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) පහත දැක්වේ. සිංහල අක්ෂර වින්‍යාසය සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය ඉන්දියානු භාෂාවල ඇති අබුගිඩා අක්ෂර විලාසය අනුගමනය කෙරේ. එනම් ශුද්ධ ස්වර සඳහා වෙනම අකුරු පෙලක්ද, ව්‍යංජන සඳහා වෙනම අකුරු පෙලක්ද , ව්‍යංජන ස්වර ආකාරයෙන් වෙනස් කර ගැනීම සඳහා ව්‍යංජන වලට පිලි යොදා ගැනීම ආදී වශයෙන් වේ. සිංහල ඉලක්කම් නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත. සිංහල යුනිකේත යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස (සිංහල යුනිකේත) ද ඇතුළත්ව ඇත . එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත. ව්‍යාකරණ සිංහල භාෂාවේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය පහත සඳහන් අයුරු බෙදේ. වචන භේදය (ඒක වචන, බහු වචන) පුරුෂ භේදය (උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ) කාල භේදය (අතීත, අනතීත) ලිංග භේදය (ස්ත්‍රී, පුරුෂ, නපුංසක) කාරක භේදය (කර්තෘකාරක, කර්‍මකාරක වැකි) විභක්ති ප්‍රථමා විභක්තිය කර්ම විභක්තිය කර්තෘ විභක්තිය කරණ විභක්තිය සම්ප්‍රදාන විභක්තිය අවධි විභක්තිය සම්බන්ධ විභක්තිය ආධාර විභක්තිය ආලපන විභක්තිය වාක්‍ය සැදීමේදී ඉහත සඳහන් විභක්ති රීති යොදා ගනු ලැබේ. අනෙකුත් ඉන්දියානු භාෂා (උදා . සංස්කෘත, දෙමළ, තෙලිඟු ආදී) සමඟ සසඳන විට කර්තෘ විභක්තිය සිංහල බසට පමණක් සිමා වූවක් ලෙස දැක්විය හැක. වාග්මාලාව සිංහල පද සිංහල පද වර්ග පහත පෙන්වා ඇති අයුරු බෙදේ. නාම පද - කිසියම් 'කෙනෙකු, දෙයක්, තැනක්, සතෙකු හෝ යම් ස්වභාවයක් / විලාසයක්' හඳුන්වා දීමට භාවිතා කරන පද නාම පද සේ සැලකේ. ක්‍රියා පද - කිසියම් සජීවී පුද්ගලයකු හෝ සතෙකු කරන දෙයක්, නිරායාසයෙන් සිදුවන දෙයක්, නො එසේ නම් ජීවියෙකුට දැනෙන හෝ විඳින දෙයක් හැඟවීම පිණිස යොදන පද ක්‍රියා පද සේ සැලකේ. නිපාත පද විශේෂණ පද නාම විශේෂණ (ගුණ පද) ක්‍රියා විශේෂණ (විලාස පද) විස්තාර පද අතීතයේ උපසර්ග පද මුලික පද වර්ගයක් ලෙස සැලකුවද වර්තමානයේ එසේ නොසැලකේ. විස්තාර පද මුලික පද වර්ගයක් ලෙස සැලකිය යුතු බව ආචාර්ය ජේ. බී. දිසානායකගේ වර්තමාන යෝජනාවකි. පහත සඳහන් වන්නේ සිංහලයේ නව පද නිර්මාණය හෝ අරුත වෙනස් කිරීම සඳහා යෙදෙන විධි ය. උපසර්ග නාම පද මුලින් පමණක දී එහි අරුත වෙනස් (අඩු, වැඩි, විරුද්ධ ) කිරීමක් උපසර්ග පද වලින් කෙරේ. උපසර්ග පද තද අකුරින් දක්වා ඇත ප - පබල, පසිඳු උප - උපගුරු, උපවාර නි - නිදුක් , නිහඬ සමාස යෙදුම පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. සමාස වර්ග 5කි. සමාස වූ පද තද අකුරින් දක්වා ඇත. දකාරාර්ථ සමාසය (උදා. පොත් ද පත් ද - පොත්පත්) විශේෂණ සමාසය (උදා. සුදු පාට මල් - සුදුමල් ) විභක්ති සමාසය (උදා. ගත් කරනුයේ - ගත්කරු) අන්‍යාර්ථ සමාසය (උදා. නෙත් තුනක් ඇත්තේ - තිනෙත් (ඊශ්වර දෙවි )) අව්‍යය සමාසය (උදා. ඉතා මිහිරි වන්නේ - ඉමිහිරි) පද සන්ධි වීම වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගින්, උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස අලුත් පද සැදීම සන්ධි කිරීම නම් වේ. සිංහල බසේ පද සන්ධිය බෙහෙවින් භාවිතා වේ. සිංහලයේ පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි. පද සන්ධි උදාහරණ; වම් + අතින් = වමතින් ගුරු + උතුමා = ගුරුතුමා ග්‍රාම + උදය = ග්‍රාමෝදය සිංහල යෙදුම් ප්‍රස්ථාව පිරුළු සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී. නමුත්, වර්තමානයේ ප්‍රස්තාව පිරුළු වැනි යෙදුම් භාවිතය බොහෝ දුරට පහත වැටී ඇත. ඉංග්‍රීසි භාෂාව මෙන් යෙදුම් භාවිතය පුළුල්ව පැතිර නැත. උදාහරණ; බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම. මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන) ඉඟි වැකි හෙවත් රූඨි අනූ නමයෙන් බේරුනා - යන්තමින් බේරුනා පොතේ ගුරා - මූලිකයා, "පණ්ඩිතයා" සායම ගියා - ගෞරවය නැතිවීම උපමා මේ යෙදුම් වල "මුතු, හා පැටවෙකු, නරියෙකු" යන පද "උපමා" වේ . ඇගේ දත් මුතු වැනිය ඔහු නරියෙකු මෙන් කපටිය කුඩා දරුවා හා පැටවෙකු මෙන් අහිංසකය. රූපක මේ යෙදුම් වල "සඳකි, කිතුල් රෑන" යන පද "රූපක" වේ. * ඇගේ මුහුන සඳකි. * ඇගේ කෙස් කළඹ කිතුල් රෑනකි. ෴ සාහිත්‍යය සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී. සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත. ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි) ආශ්‍රිත ලිපි සිංහල හෝඩි සිංහල අක්ෂර වින්‍යාසය සිංහල ව්‍යාකරණ සිංහල ඉලක්කම් යොමුව සටහන් තව දුර කියවීමට බැහැර පිටු සියබස් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සිංහල හෝඩිය සිංහල ශබ්දකෝෂය පරිගණකයේ භාවිතා කරන සිංහල වචන සෙල් ලිපියේ සිට විද්‍යුත් ඥානයට ආ සිංහල අකුරු ඉන්දු-ආර්ය භාෂා භාෂා- ශ්‍රී ලංකා සිංහල භාෂාව අබුගිඩා ලේඛන භාෂා
1684
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA
සාමය
සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක. සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි. සාමයේ විවිධ පැතිකඩ තේරුම් ගැනීම හිංසාව විරහිත වීම (අවිහිංසාව) සාමය ලෙස සාමය යන සංකල්පය වර්තමානයේ ඉතාමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. නිසැකයෙන්ම සාමය යනු ධනාත්මක සංකල්පයකි; ඇත්තවශයෙන්ම මෙලොව කිසිවෙකු සාමයට කෙලින්ම විරුද්ධ නොවේ; ලෝක සාමය යනු මනුෂ්‍යයින් වශයෙන් අත්කරගත යුතු උතුම් තත්වයකි. කෙසේනමුත් සාමය යනු කුමක්ද? සාමය අත්කර ගත හැක්කේ කෙසේද? සාමය ඇත්තවශයෙන්ම ළගා කරගත හැකිද? යන ඒවා පිළිබදව විවධාකාර ‍පුද්ගල කොට්ඨාෂ අතාරහි තියුණු වෙනස්කම් ඇත. සාමය යනු කුමක්ද? සාමය යන්නට විවිධ අර්ථ ඇත: වචනය යොදන ආකාරය හා තැන අනුවද අර්ථය වෙනස්වේ. යුද්ධයෙන් තොර වීම ඉතාම සරල හා දළ අදහස නම් යුද්ධයෙන් තොර වීමයි. (පුරාණ රෝම වරුන්ගේ අදහසට අනුව, Pax, යන්න Absentia Belli ලෙස, එනම් යුද්ධයෙන් තොර වීම.) Core issues in ethics International relations සාමය Personal life
1686
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
විකිපීඩියා
විකිපීඩියා ( or ) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි. භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, පෝලන්ත​, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය​.) සුවිශේෂ ලක්ෂණ "සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි. "පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම" යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන ජිමී වේල්ස් (Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි. විකිපීඩියාව බ්‍රිටැනිකාව තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි. විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ " විකි" (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ විකිවිකිවෙබ් (WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන හවායි වදනකි. වෙනත් අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2, Everything2 වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​, Susning.nu, එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ (Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​. අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​. නිදහස් අන්තර්ගතය හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංඡන, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​. කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි. මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති. විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව, ප්‍රවෘත්ති මාධ්‍ය නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​. ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ. කැනඩා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය C-38 පනතෙහි වැඩිදුර කියවීම් ලයිස්තුවට සම ලිංගික විවාහ සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​. විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු විකිපීඩියානුවෝ පවත්වා ගෙන යති. විවිධ හාෂාමය සංස්කරණ 2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි. එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, හා පෝලන්ත​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ. භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා නිදහස් මාධ්‍ය ගබඩාව මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී. සංස්කරණය සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක. විවෘත-මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත. ලබාගතහැකි මාධ්‍ය සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක. ඉතිහාසය විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ නූපීඩියා වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි. මෘදුකාංග සහ දෘඪාංග සොයුරු ව්‍යාපෘති විකල්ප අක්ෂර ක්‍රමයන් මේවාත් සුදුසුදැයි බලන්න ආශ්‍රිත වැඩිදුර අධයයනය බාහිර පරිශීලක සටහන් මූලාශ්‍ර විකිපීඩියා විශ්වකෝෂ අන්තර්ජාලගත විශ්වකෝෂ
1687
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94
සම්මා සම්බුදුවරු
සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම ලෝකෝත්තර සත්‍ය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැනුම මැනවින් බෙදා දුන් ශ්‍රේෂ්ඨ උතුමන්ය. වත්මන් කාලයට පෙරත් බොහෝ බුදුවරුන් පහළ වූ අතර අනාගතයේත් බුදු උතුමන් ලොව පහල වෙති.. වෙනත් නම් අප තිලෝකාග්‍ර, සුගත තථාගත, මහා කාරුණික, සම්මා සම්බුදුරජාණෝ, ථෙරවාද බෞද්ධයන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි. බුද්ධත්වය ලැබීම බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු සර්වඥතාඥාණය හෙවත් අවබෝධතා ඥාණය ලබා ගැනීමයි. (සංස්කෘත භාෂාවෙන් බුද්ධත්ව - පාලී බුද්ධත්ත නැතහොත් භාෂා දෙකෙන්ම බුද්ධභාව යනුයි.) අවබෝධතා ඥානය යනු සංස්කෘත භාෂාවෙන් සම්‍යක්සම්බෝධි, පාලී සම්මා සම්බෝධි යනුයි. ධර්මය කුමක්දැයි පහදා දීමට ගුරුවරයෙකුද නොමැතිව, චතුරාර්ය සත්‍ය සහ ආර්යාෂ්ඨාංගික මාර්ගයද ලෝකයේ නොපවතින අවස්ථාවක ස්වොත්සාහයෙන් බුද්ධත්වය ලබා ගෙන ඒ දහම කියා දීම පිණිස පහල වන තැනැත්තා හඳුන්වාදීම සඳහා පාලී ග්‍රන්ථ වල සහ ථෙරවාදී සම්ප්‍රදායයෙහි 'බුද්ධ' යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉතා පුළුල් වශයෙන් 'නිර්වාණ'ය ලබා ගත් සියලු තැනැත්තන් සඳහාද එය යොදනු ලැ‍බේ. බුදු වරයෙකුගේ ඉගැන්වීම් අනුව අවබෝධතා ඥාණය ලබා ගත් අය 'අර්හත්' ලෙස හැඳින්වෙන අතර බුදුන් සඳහාද එය යෙදේ. නිර්වාණය යන්නෙහි මූලික පරමාර්ථය අනුව අර්හත් සහ බුද්ධ සමාන වුවද (රහතුන් වහන්සේලා සහ බුදුවරු) ඒ තත්වයන් දෙකෙහි වෙනස්කම් පෙන්නුම් කරන්නේ පාරමිතා පිරීම පැත්තෙනි. මහායාන සම්ප්‍රදායට අනුව අවබෝධතා ඥාණය ලබා ගත් සියලු තැනැත්තන් හැඳින්වීම තෙක් 'බුද්ධ' යන වචනයෙහි අර්ථය පුළුල් වෙයි. 'ථෙරවාද අරහත්' යනුද එක්තරා බුදු කෙනෙකු ලෙස මෙම මහායාන සම්ප්‍රදායයෙහි ඉගැන්වෙන අතරම මෙම භාවිතාව ථෙරවාදි අටුවා වලද සමහර විට හමුවේ. සිද්ධාර්ථ ගෞතමයන් එකම බුදුන් ලෙස බෞද්ධයෝ නොසළකති. පාලි ග්‍රන්ථ වල ඊට පෙර සිටි බුදුවරුන් බොහෝ ගණනක් ගැන සඳහන් කර ඇත. (බුදුන් 28 නමකගේ ලේඛණය බලන්න.) මේ අතර මහායාන බුද්ධාගමෙහි ඊට අමතරව ඓතිහාසික සාධක වලින් හමු වන බුදුවරුන්ට වඩා දේවත්වය ආරෝපණය කළ බුදුවරු වෙති. (අමිතාභ නැතහොත් වයිරෝචන ආදී උදාහරණ බලන්න.) බුද්ධාගමේ සියලු පාර්ශව වල පොදු පිළිගැනීමක් වන්නේ ඊළඟ බුදුන් වහන්සේ මෛත්‍රිය නම් බුදුවරයෙකු බවයි. අටවිසි බුදුවරු සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය . ක්‍රි.පූ 623 සිට ක්‍රි.පූ. 543 වූ අතර බෝධි මය ඵලය ක්‍රි.පූ. 588 දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික බෞද්ධයා යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු ධර්මය නැවත සොයා ගත් සහ නිර්වාණය සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් කර්ම ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "ගෞතම බුදුරජාණන් වහන්සේ " (බෞද්ධ හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පහලවීමට පෙර " කස්සප බුදුරජාණන් වහන්සේ " මෙලොවට පහල වූ අතර අනාගතයේ දී පහලවන බුදුන් "මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" ය. අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ. තණ්හංකර බුදුරජාණන් වහන්සේ මේධංකර බුදුරජාණන් වහන්සේ සරණංකර බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේ සුමන බුදුරජාණන් වහන්සේ රේවත බුදුරජාණන් වහන්සේ සෝභිත බුදුරජාණන් වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පදුම බුදුරජාණන් වහන්සේ නාරද බුදුරජාණන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුමේධ බුදුරජාණන් වහන්සේ සුජත බුදුරජාණන් වහන්සේ පියදස්සි බුදුරජාණන් වහන්සේ අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ තිස්ස බුදුරජාණන් වහන්සේ ඵුස්ස බුදුරජාණන් වහන්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ සිඛි බුදුරජාණන් වහන්සේ වෙස්සභු බුදුරජාණන් වහන්සේ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ කොනගමන බුදුරජාණන් වහන්සේ කස්සප බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මූලාශ්‍ර The Threefold Lotus Sutra (Kosei Publishing, Tokyo 1975), tr. by B. Kato, Y. Tamura, and K. Miyasaka, revised by W. Soothill, W. Schiffer, and P. Del Campana The Mahayana Mahaparinirvana Sutra (Nirvana Publications, London, 1999-2000), tr. by K. Yamamoto, ed. and revised by Dr. Tony Page The Sovereign All-Creating Mind: The Motherly Buddha (Sri Satguru Publications, Delhi 1992), tr. by E.K. Neumaier-Dargyay Buddha - The Compassionate Teacher (2002), by K.M.M.Swe ආශ්‍රිත ලිපි පසේ බුදුවරු ගෞතම බුදුන් වහන්සේ Buddha Statues of Bamiyan List of Buddha claimants Buddha-nature Tathagatagarbha බාහිර සබැඳින් Collection of most famous Buddha pictures and Buddhism texts. Hundreds of free buddhist talks and huge forum. The Buddha and His Dhamma About Buddha - the Founder of Buddhism Buddhist Studies E-Sangha Buddhism Portal Songs and Meditations of the Tibetan Dhyani Buddhas http://www.nirvanasutra.org.uk Forms of Vishnu බුදු දහම සම්මා සම්බුදුවරු
1688
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F
සිංහල ජනයා
සිංහල ජාතිය යනු ශ්‍රී ලංකාව නිජබිම වන වර්ගයකි. ශ්‍රී ලංකාවේ බහුතර ජන වර්ගය සිංහල වේ. මෙම ජනතාවට ආවේණික බස සිංහල බසවේ. පුරාන සිංහලයන්ගේ මෙන්ම බහුතර සිංහලයන්ගේ ප්‍රධාන ධර්මය ඉන්දියානු අර්ධද්වීපයෙන් මෙරටට ආ බුද්ධදර්මයයි. වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අමතරව ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි ඉංග්‍රීසි බස කථා කරන රටවල ස්ථිරවද, මැද පෙරදිග රටවල තාවකාලිකවද සැලකිය යුතු සිංහල ජනතාවක් ජීවත් වෙ. ඉතිහාසය ප්‍රාග් ඉතිහාස යුගය හෙළයේ (සිංහලයේ) ආරම්භය ලෙස මීට වසර දස දහස් ගණනක් ඈත අතීතය දැක්විය හැකි ය. හෙළයේ පාලනය ධුරන්ධර ව සිටියේ සූර්‍ය වංශිකයන් ය. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ "බලි තරු රාවණ ගැමුණු විජයබා..." යන පැදි පෙළෙහි මුල් රජවරු තිදෙනා මෙම වංශාවලියේ ප්‍රෞඪ රජවරු ය. හෙළයා කර්මාන්ත/කාර්‍යභාරය අනුව කුල ගෝත්‍ර සතරකට බෙදුණහ. එනම් යක්ඛ, නාග, දේව, රාක්ෂ යි. රාක්ෂ යන පදයෙහි රකුස් යනුවෙන් ය. එනම් කුස රකින්නෝ ය. කුස රැකෙන්නේ ගොවිතැන් නිසාවෙනි. ඔවුන් ගොවියෝ වූහ. නාග ගෝත්‍රිකයෝ දක්ෂ නාවිකයෝ පිරිසක් වූහ. එමෙන් ම වාරි කර්මාන්තයේ ද වෙළඳාමෙහි ද දක්ෂයෝ වූහ. යක්ෂ ගෝත්‍රිකයන් කම්මල් වැඩට උපන් හපන්නු විය. ඔවුහු ලෝහ කර්මාන්තයේ නිරත වූහ. දේව ගෝත්‍රිකයෝ තරමක් ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවූ ඍෂිවරුන් පිරිසක් විය. එමෙන් ම ළමා පරපුරට ශිප්ල දුන් ගුරු දේවයන්ලා ද මොවුන් ම විය. විජයාගමනය ඉන්දියාවේ සිංහපුර දේශයෙන් පිටුවහල් කෙරුනු විජය කුමරු ලක්දිවට ගමන්කොට ලක්දිව සිටි යක්ශ නාග දේව යන අනාර්‍ය ගෝත්‍රයන් යටපත් කරමින් අප දන්නා සිංහල සමාජය සහ සිංහල සංස්කෘතිය ගොඩනගා ඇත. විජය සහ ඔහුගේ කණ්ඩායම දිවයිනේ පෙර වැසියන් ඔවුන්ගේ සිරිසවත්තු නගරයෙන් අවතැන් කළහ. යක්ෂ නායකයකුගේ දියණියක වූ කුවේණිය සමඟ විජයගේ විවාහය තම්බපණ්ණි රාජධානිය පාලනය කිරීමට ඔහුට ඇති හැකියාව තහවුරු කරන්නට ඇත. එකල සමාජය මනා ව සංවිධානය වූ බවක් පෙනී යන එක් ප්‍රධාන සන්ධිස්ථානයක් නම් විජයගේ ලංකාගමනයත් සමඟ කුවේණිය විසූ රාජධානිය දක්වාලන කොටසයි. මෙහිදී එම ප්‍රදේශය(තම්මැන්නාව) පාලනය කරන ලද්දේ කුවේණියගේ වැඩුමහල් සොහොයුරු කාලසේන රජතුමා විසිනි. මෙතුමා එම වංශගේ අවසාන පුරුෂයා විය. එමෙන් ම එකල පැවති තාක්ෂණ භාවිතයට එක් සරල උදාහරණයක් නම් කුවේණික කපු කටිමින් සිටි කපු රෝදයයි. කපු රෝදය යනු කපු නූල් විවීම පහසු කරලීමට යොදාගන්නා උපකරණයකි. මේ සඳහා යොදා ගෙන ඇත්තේ ද සරල වූත් තාක්ෂණයකි. තව ද එකල පටන් ගොවිතැන් කිරීමට යොදාගත් කෘෂි ආම්පන්න කට්ටලයක් හෙළයා සතු ය. එමෙන් ම ඒ හා සබැඳි ව්‍යවහාර ඇතුළත් කමත් බස වැනි අනු භාෂා ද හෙළයාටම ආවේණික වූ දේවල් ය. හෙළයේ විස්මිත ශාස්ත්‍ර වල ප්‍රායෝගික භාවිතය ද මේ අනුසාරයෙන් ම මෙසේ දක්වාලිය හැක. මෙමඟින් විජයාගමනයට පෙර පටන් මෙරට දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට සාධක මෙම කථා පුවත තුළින් ම උකහා ගත හැක. මහින්දාගමනය මහින්දාගමනයත් හා සමකාලීන ව සිදු වූ දුමින්දාගමනය සමඟ ද මෙරටට ඉතා අනර්ඝ වූ දායාද කිහිපයක් ලැබුණු බව නොරහසකි. මහින්දාගමනයෙන් නිර්මල බුදු දහමත්, දුමින්දාගමනයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ව ද, අටළොස් කුලයක ශිල්පීන් ද මෙරටට පැමිණ මේ දේශය තවත් සශ්‍රීක කළහ. පණ්ඩුකාභය රජ දවස හෙළයන්ගේ එක්තරා ස්වර්ණමය යුගයකි. මන්දයත්, සියලු කුළ ගෝත්‍ර එකාවන් ව භාරතීයයන් ගෙන් ගැලවීමට සටන් කළ කාල පරාසයකි. පණ්ඩුකාභය කුමාරයාගේ මාමාවරුන් සමඟ සටන් කරනු වස් සේනා සංවිධානය කරන ලද්දේ රිටිගල කන්ද අභියස ය. මෙය යක්ෂයින්ගේ අඩවියයි. එම යක්ෂ කුල පරම්පරාව දුටුගැමුණු රජසමය තෙක් එම ප්‍රදේශය භාරව සිටි බවට ඉතිහාසය සක්ෂි දරයි (රිටිගල පරපුරේ කැපී පෙනෙන පුරුකක් නම් රිටිගල ජයසේන සෙනෙවිතුමා ය). මාමාවරුන් සමඟ කරනා සටන් ජයග්‍රහණය කරනා පණ්ඩුකාභය කුමරු මේ ලංකාද්වීපය සෞභාග්‍ය කරා යන්නා වූ මාවතකට ගෙන ගිය පාලක රත්නයකි. පසුකාලීන ව රාජ්‍යත්වය ලබාගත් ගැමුණු රජ දවස ද හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් විය. හෙළය නැවත වරක් එක්සෙසත් කොට දකුණු ඉන්දීය ආක්‍රමණ වලට එරෙහි ව සටන් කොට රටත් දැයත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමට දුටුගැමුණු මහරජතුමා මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. සතුරා පැරදවූ නමුත් ඔහුට නිසි ගෞරවය ලබා දී ඔහුගේ අවසන් කටයුතුකොට, සතුරාගේ සොහොන අභියස දී පවා ජනතාවට ගරු බුහුමන් කරන මෙන් ආඥා කළ උදාරතර ගතිගුනෙන් අනූන පාලකයෙකු ලෙස දුටුගැමුණු මහරජතුමා ඉතිහාසගත විය. භූගෝලීය පැතිරුම සිංහලයන් බහුතරය ශ්‍රී ලංකාවේ වාසය කරයි. තවද සැලකිය යුතු ජනගහනයක් එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ, මැද පෙරදිග සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරයි. ඉන්දියන් සාගරය මධ්‍යයෙහි ලෝක වෙළැඳ මාර්ගවල සන්ධිස්ථානයක් ලෙස පැවැතීම නිසා, ශ්‍රී ලංකාව අවිකල්පයෙන්ම සිංහල සහ දමිළ ජාතීන්ට අමතරව කුඩා ප්‍රමාණයේ අරාබියානු, චීන සහ බර්ගර් (ලන්දේසි මිශ්‍ර) ප්‍රජාවන්ට සෙවණ සපයයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ත්‍රිත්වය අතරෙන් මුල් තැනක් හිමි වන්නේ සිංහල භාෂාවටයි. අද භාවිත වන සිංහල භාෂාවෙහි පාලි, සංස්කෘත, ලන්දේසි, පෘතුගීසි යනාදී භාෂා වලින් සුළු සුළු වදන් සම්බන්ධ වී ඇති බවට පෙනී යයි. ආගම විජයාගමනයට පෙර යුගය අතීතයේ සිංහලයා අතර ගස්, ගල්, ඉර හඳ තාරකා වැනි දෑ සහ මල ගිය පුද්ගලයින්ට දේවත්වයෙන් පැවතිනි. විවිධ වන්දනාමාන කල ප්‍රධාන ගෝත්‍ර කීපයකි. විජයාගමනයට පසු යුගය ලංකාවේ ප්‍රචලිත වූ මුල්ම පිටස්තර ආගම හෝ දහම වන්නෙ බුදු දහමයි. එය ඉන්දියානු අර්ධද්වීපයේ විවිධ පුද්ගලයින් සහ භික්ෂු භික්ෂුනියන් විසින් මෙරටට ගෙනඑන ලදී. බටහිර ආක්‍රමණයන්ට පසු යුගය පසුකාලීනව ක්‍රි.ව. 16 සහ 20 සියවස් අතර බටහිර පූජකවරුන් විසින් සිංහලයන් අතර ඇන්ග්ලිකන්, රෝමානු කතෝලික වැනි ක්‍රිස්තියානි ආගම් ද ප්‍රචාරය කෙරුනි. වත්මන වර්තමානයේ සිංහල ජනයාගෙන් වැඩි කොටසක් ථේරවාදී බුද්ධයින් වන අතර ඊට සමගිමීව බොහෝ ජනයා තවමත් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ ඇදහීමද දක්නට ලැබේ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් වල සිංහලයන්ද ඇත. භාෂාව සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ප්‍රධාන වශයෙන් මෙරට විසූ ජනතාව භාවිත කළ භාෂාවකි. ඒ සමයේ දී කියැවීමට මෙන් ම ලිවීමට ද අක්ෂර කලාව්ක් පැවති බවට පුරාණ සෙල්ලිපි අධ්‍යනය කිරීමෙන් වටහා ගත හැක. මෙම භාෂාවට දුමින්දාගමනයත් සමඟ පැමිණි උගත් වියතුන් ඇතැම් කොටස් එක් කොට තවත් වැඩිදියුණු කළ හ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ම භාවිත වූයේ පාලි හා සංස්කෘත යන භාෂා ද්විත්වයයි. මේ සමඟ ම සිංහල භාෂාවේ සීඝ්‍ර උන්නතියක් දැකිය හැක. විවිධ පොතපත රචනා කිරීමටද මෙය මහඟු පිටිවහලක් වූ බව පෙනේ. සංස්කණය කරන ලද සිංහල භාෂාවේ මුල් ම ව්‍යාකරණ ග්‍රන්ථය නම් සිදත් සඟරාවයි. පසුකාලීන ව විවිධ ගත්කතුවරු විසින් ග්‍රන්ථ බොහොමයක් රචනා කර ඇති බව සඳහන් ය. එමෙන් ම බොහෝ භාෂාවල දැකගත නොහැකි "ඇ"කාරය ද සිංහල භාෂාවෙහි අන්තර්ගත ය. වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්නව සිංහල ජනයා සහ ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිත ධනවතුන්ගේ දරුවන් ඉංග්‍රීසි බස මූලිකව භාවිතා කරනු දක්නට ලැබේ. සිංහල ඉලක්කම් සිංහලයට ආවේණික වූ කේත ඉලක්කම් ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත සිංහල ඉලක්කම් පිළිබදව සිංහලීස් ග්‍රැමර් නම් කෘතියෙහි සඳහන්කර ඇත. සිංහල අක්ෂර භාවිත කරමින් ඉලක්කම් ලිවීමේ ක්‍රමයක් පැරණි සිංහලයන් විසින් භාවිත කර ඇත.මේවා ලිත් ලකුණු යනුවෙන් හදුන්වයි.එයට හේතුව මෙම ඉලක්කම් ප්‍රධාන වශයෙන් ජෝතිෂ්‍ය කටයුතු සහදා යොදාගත් බැවිනි. මෙම අක්ෂර ක්‍රමයේ දී ඕනෑම සංඛ්‍යාවක් හල් කිරීමේ දී එය දහයෙන් වැඩිවේ.උදාහරණ ලෙස න්=20 නා්=30 ජ්=40 ද්=50 වශයෙනි. තවද කටපය සංඛ්‍යා නම්වූ කේත ක්‍රමයක්ද ඇක. කාදි ටාදි යකාරාදී නවසංඛ්‍යා ප්‍රකීර්තා පදයං පංව ස‍ඛ්‍යො ශුන්‍යාශ්ඡරඤනා ඉති යන ඉහත ශ්ලෝකයෙන් ඒබව දැක්වේ. 1=ක.ට.ප.ය 2=ඛ.ඨ.ඵ.ර 3=ග.ඩ.බ.ල 4=ඝ.ඪ.භ.ව 5=ඞ.ණ.ම.ශ 6=ච.ත.ස 7=ඡ.ථ.ෂ 8=ජ.ද.හ 9=ඣ.ධ.ළ 0=ඤ.න අක්ෂර මාලාව ව්යාරකරණ යන පදය සංස්කෘත පදයකි. මෙහි සරළ අදහස වන්නේ නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම හෝ විස්තර කිරීම යන්නයි. ඒ අනුව සිංහල භාෂාවේ ව්යාමකරණය යනු සිංහල බසෙහි ස්වරූපය නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම යන්නයි. සිංහල භාෂාවේ ව්යායකරණ පිළිබද අදට ගරු කරන ග්‍රන්ථය වන්නේ සිදත් ස`ගරාවයි. 13 වන සියවසේ දෙවන පැරකුම් රජ කාලයේ දේවපතිරාජ පරිවෙනාධිපති හිමියන් විසින් මෙය රචනා කරන ලදැයි සැලකේ. ඊට අනුව වියරණ විධි 20 ක් ස`දහන් වේ. “එබැවින් සං සද ලිගු විබත් සමස් පියවි පස කිරිය ලොප් දෙස් අගම් පෙරරූ දෙරූ පෙරැලි වැඩි අඩු නිපා නියම් අනියමන් අවිදුමන් විදි වී විසි වැදෑරුම් වියරණ විධි සපයා” මෙහි දැක්වෙන පරිදි පලමුවන වියරණ විධිය “සං” හෙවත් අක්ෂර වේ. “අක්ෂ” යනු සලකුණුයි. “ර” යනු හැඩවීමයි. ජීවයක් සහිත අකුරක් වීමට නම් ශබ්ද සංකේතය හැඩවිය යුතුය. අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සගරා හෝඩිය” යි. “පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ“ ඉහත පාඨයට අනුව ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්රා.ණාක්ෂර 10 ක් ද ගාත්රාික්ෂර 20 ක් ද සහිත වූ සිදත් හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. අ. ආ. ඉ. ඊ. උ. ඌ. එ. ඒ. ඔ. ඕ. ක ඛ ජ ට ඩ න ත ද ණ ප බ ම ය ර ල ව ස හ ල අං මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්යද ව්ය වහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය වේ. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්රාකථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්යංොජන් 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්ර4 සිංහල හෝඩිය) අක්ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්ෂර 04 මිශ්ර6 සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ. ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්යාැපන ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින් නූතන සිංහල අක්ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. මිශ්රස සිංහල හෝඩියේ සඤ්ඤක අක්ෂර 05 සහ ෆ අක්ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්යොඤ්ඤන 42 ක් අන්තර්ගත වේ. සිංහල සංස්කෘතිය සිංහල අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ලංකාව තුල පවත්වන්නා වු මහා සංස්කෘතික මංගල්‍යයකි. මෙය අප්‍රේල් මසයේ එනම් බක් මස, සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදා වීම සිදු වේ. එක් වසරක අවසානයත් සමඟම නව වසර උදා වීම සිදුවන නමුත් එය මධ්‍යම රාත්‍රිය මුල් කරගෙන නොව නක්ෂ්‍යස්ත්‍රකරුවන් විසින් ලබා දෙන සංක්‍රමණ වේලව අනුව සිදු වේ. මෙම කාල සීමව නොනගතය නමින් හැඳින්වෙන අතර එම කාලය තුලදී සියලු වැඩ අත්හැර ආගමික හා සම්ප්‍රදායික ක්‍රියකරකම් සඳහා මුල්තැන දීම සිදු වේ.අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. අලුත් අවුරුදු ක්‍රීඩා ඒ අතර මුල්තැනක් ගනී. නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත් අලුත් අවුරුදු උදාව නව සඳ බැලීම පරණ අවුරුද්දේ අවසන් ස්නානය කෑම පිසීම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම හිසෙහි තෙල් ගෑම රැකියාවට පිටත්වීම අවුරුදු උත්සවය පවත්වීම ගම්මඩුව ශාන්තිකර්මය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත. සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයි. සිංහල සමාජයේ කුල සිංහල කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ. මේ ආකාරයට කුල පදනම සිංහල සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පිස්සු පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි අතීතයේසිං හලයන් ගේ ඇදුම් භාවිතයද කුල ක්‍රමය මත ගොඩ නැගී තිබිණ 17 වන සියවසයේ දී ලංකාවට පැමින දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස සිට වසර 19 ක ඇවෑමෙන් නිදහස ලැබූ රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් රචිත ශ්‍රී ලංකාවේ එෙතිහාසික විස්තරය හෙවත් එදා හෙළදිව ග්‍රන්තයේ සදහන් වන ආකාරයට කුලීනයන් හා කුලහීනයන් භාවිත කළ ඇදුම් ආයිත්තම් වල පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි වංශවතුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇද ඇති අතර ස්ත්‍රීන් ද දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වසෙන සේ හැද එයම කරකවා ලපැත්ත වැසෙන සේ පටක් සේ කරේලා ගත්හ හීන කුලික ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් ඇද උඩුකය නග්නව තබාගත්හ(නොක්ස් රොබට් 1997එදා හෙළදිව) මහනුවර යුගයේ කුල ක්‍රමය ගැන අදහස් දක්වූ රැල්ෆ පීරිස් විසින් රචිත සිංහල සමාජ සංවිධානය කෘතිය තුලද කුල ක්‍රමය පදකම් කරගෙන ඇදුම් ආයිත්තම් නිර්මාණය වූ අයුරු පහදයි මේ අනුව රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. එහෙත් ඔසරියේ ඉන වටා අදින රෙද්ද මූට්ටු නොකරන ලද්දක් විය යුතුය. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස් රැල්ෆ, 1964:189/193/197.සිංහල සමාජ සංවිධානය) සිංහල විවාහය මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි. එකී චර්යා පද්ධතිය විශ්වාසය ‍හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි. වර්ගයා‍ගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින් ම සංකීර්ණ සංස්ථාවකි.බොනිස්ලෝ මැලි‍නොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංග‍ලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි. පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ. දීග විවාහ බින්න විවාහ දීග විවාහ ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහය යි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී. නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි. ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තර‍යේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී. "මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති." බින්න විවාහ පුරුෂයා ස්වකීය නිවසින් වෙන් ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහය යි. යුරෝපීයන් පැමිණීමට පෙර සිට ම බින්න විවාහ මෙරට සමස්ථ සමාජය පුරා ම ව්‍යාප්ත ව පැවති බවට සාක්ෂි හමු වේ. එසේ ම,බින්න විවාහයට පත් වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී.මේ බින්න පුරුෂයාට බිරිද ගේ අණ ලැබුන ඔනෑම මොහොතක විවාහය අතහැර යමට සූදානමින් සිටිය යුතුවිය රාත්‍රියක නම් ගිනි හුලත් වර්ෂාව ඇති අවස්තාවක නම් තල් අත්තත් අසනීපව සිටින අවස්තාවක නම් සැරයටියත් පමණක් ඔහුගේ සහයට තිබුණි වර්තමාන තත්වය තුල මෙම තත්වයන් නැත අද පවතිනුයේ චාරිත්‍රාණුකූල අගයට වඩා නෙතික අංශයට මූලිකත්වය දෙන විවාහයන්ය සම්ප්‍රදායික සරල සමාජය හා නූතන සංකීර්ණ සමාජයන්හි වෙහස පැහැදිලිවන නිදසුනකි විවාහය එකගෙයි කෑම පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබු‍ණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම යි.මෙම විවාහ ක්‍රමයදෙී පවුලේ වැඩි මහල් සහෝදරයා විසින් විවාහ කරගන්නා ලද බිරිද එම පවුලේ බාල සහෝදරයන්ටද තම බිරිද ලෙස පිලී ගැනීමට සිදුවේ මෙහි දී ඇති චාරිත්‍රය වන්නේ වැඩිමහල් සහොදරයාගේ සිට සහොදරයන් හත් දෙනකෙු දක්වා පමණක් තම වැඩිමල් සහෝදරයා සතු බිරිද තමාග‍ෙ ද බිරිද ලෙස සැලකීමට හැකි වීහ හා පවුල තුල තවත් සාමාජිකයන් සිටීනම් එම අටවන සාමාජිකයාට වෙනත් බිරිදක් ආවාහ කරගැනීමට සිදුවේ එසේම අට වන පිරිමි දරුවාට බාල සොහොයුරන් සිටී නම් ඔවුන්ටද පෙර ලෙසම වැඩිමල් සොයුරාගේ(පවුලේ අටවන දරුවාගේ) බිරිද තමාගේද බිරිද ලෙස අසුරු කිරීමට සිදුවේ අතීතයේදි මෙවන් විවාහයකට ඇතුලත් වීමට සුදුසුකම් ලබන ස්ත්‍රිය වාසනාවන්තියක් ලෙස සැලකීය ඇයට සමාජයෙන් නොමද ගෞරවයට පාත්‍රවිය මෙහිදී එකගෙයි කෑමේ චාරිත්‍රය තුල තිබූ එක් චාරිත්‍රයක් ලෙස එක් සහෝදරයෙකු මිසින් බිරිද හා ලිංගික සබදතා පවත්වන විට අමුඩ ලේන්සුව අනෙක් අයට පෙනෙන සේ උළුවස්සේ තබා යෑම සිදු කෙරිණි සැමවිටම ලිංගික ඇසුර වරෙකට එක් පුරුෂයෙකුට පමණක් සීමාවිය මෙම විවාහයේදී පුරුෂයන් සියල්ල එකම පවුලේ වීමද අනිවාර්‍යවිය ඇතැම් අවස්තාවල ස්ත්‍රීන් කිහිප දෙනකු සිටි පවුලකට එක් පුරුෂයෙකු අවාහ කර ගැනීමක්ද සිදුවී ඇත මෙහිදීද එකම පවුලේ සොයුරියන් වීම අනිවාර්‍ය විය එහෙත් මෙම ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමය මෙන් සුලබ නොවීය අංගම්පොර සටන් ක්‍රමය අංගම්පොර සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්තය. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයෝ, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටිකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳිති. මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර ඔවුන් පිරිසිදු සිංහල (ජනවර්ගය) බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගෙනුම අරඔන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙති. පුහුණුවීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ. මූලාරම්භය අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එනමුත් හෙළ සිංහලයෝ මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු වූහ. ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත. පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැඳින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැඳින්වුණි. මෙම නාමය අග්‍රගණ්‍ය වික්‍රමාන්විත රණශූරයෙකු හැඳින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස් තනතුරක් වෙයි. මූලික අංග අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම්) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ. අංගම් ඉලංගම් මායා අංගම් මන්ත්‍ර ශාස්ත්‍රය රණ බෙර වාදනය නිල වෙදකම දේහ ධර්ම විද්‍යාව හේවා අංගම් ඉලංගක්කාරම් ආයුධ අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි. අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ. වර්තමාන තත්ත්වය ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය​. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ​. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ​. මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. සිංහලයන් ගේ ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී සිංහල ඇදුම් 17 වන සියවසයේ රචිත එදා හෙළදිව ග්‍රන්තයට අනුව සිංහලයන් අදුම් භාවිතය කුලය පදනම් කරගෙන සිදුකල බව සදහන් වෙයි ඒ අනුව වංශවත් රදළයන් රන් රිදී මුතු මැණික් ඹබ්බවූ ආභරණ සහිත ගාම්භීර ලීලාවක් පෙනෙන සේ ඉතා අලංකාරව වස්ත්‍ර ඇදීය සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇන්දහ ස්ත්‍රීන්ද දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වසෙන සේ වස්ත්‍ර හැද එයම කරකවා ලපැත්ත වැසෙන සේ පටක් සේ කරේලා ගත්හ හීන කුලික ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබා ගත්හ. දකුණු ඉන්දීය නායක්කර් වංශිකයන් පැමිනීමත් සමහ මෙරට වංශවත් ස්ත්‍රීන් සාරිය හා ඹසරිය හැදීමට හුරුවිය යටත් විජිත පාලනයත් සමග සිංහලය සංස්කෘතියට බටහිර ඇදුම් ආයිත්තම් විසරණය විය ඒ අනුව ගවුම සාය හැට්ටය කලිසම කමිසය බැනියම ආදිය බටහිරින් විසරණය වූහ වර්ථමානයේ සිංහලයන් ගේ පීලීගත් ජාතික අැදුම ලෙස ස්ත්‍රීන්ට ඹසරියත් පුරුෂයන්ට සුදු සරම හා අත් දිග කමිසයත් පිළිගත් ජාතික අදුම්ය. සිංහල ආහාර වර්ග මූලික ලිපිය සිංහල බොජුන් කුළුබඩු සිංහලයෝ ආහාර පිළියෙල කිරීමෙදි නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ. ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත. දකුණු ඉන්දියානු ආහාරවලට වඩා සිංහල ආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී. එලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී සිංහලයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නො මසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට සිංහලයන්ට හැකියාව තිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදා ගනිති. රසකැවිලි "කැවුම්" සිංහලයන් බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී. තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි. සිංහල වෛද්‍යවේදය මූලික ලිපිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම සිංහල අධ්‍යාපනය සිංහල අධ්‍යාපනය පන්සලේ හාමුදුරුවන් මුල් කරගෙන පිරිවෙන් අධ්‍යාපනය සිදු වුනද ඉංගීසි පාලනයෙන් පසු පාසල් අධ්‍යාපන ක්‍රමය ඇති විය. නමුත් තවමත් දහම් පාසල් අධ්‍යාපනය පවතියි. සිංහල කලාව සිංහල ජනතාව ලස්සනට ගෙවල් හදනො. සිංහල සාහිත්‍ය සිංහල සාහිත්‍යය ප්‍රධාන වශයෙන් යුග කිහිපයකට වෙන් කරන අතර, සාහිත්‍යයේ මූලික සාක්ෂ්‍ය හමුවන්නේ අනුරාධපුර යුගයෙහි හා ඉන් අනතුරුව ය. සිංහල සාහිත්‍යයයේ ස්වර්ණමය යුගය ලෙස කෝට්ටේ යුගය සළකයි . සිංහල පුද්ගලයෝ කැපී පෙනෙන සිංහලයෝ කිහිපදෙනෙක් නූතන සිංහලයෝ වත්මන් සිංහල සමාජය ඉතාමත් උගත් සහ ශික්ෂිත තත්ත්වයක පවතින අතර අන් සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සැසැඳූ විට ජන සාක්ෂරතාවය ඉතා ඉහළ 95% ක අගයක් ගනී. තවද, ජගත් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියට අනුව, ආයුකාල අපේක්ෂාවද අවුරුදු 72 ක් වැනි සතුටුදායක මට්ටමක තිබේ. පවත්නාවූ කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී-පුරුෂ සමානතාව හේතුකොටගෙන ලොව ප්‍රථම අගැමතිණිය සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග වැන්නන්ගේ දේශපාලනික නායකත්වය ද කැපීපෙනේ. ඉන්දියාව සහ අන් ආසියානු රටවල් හා ගත්කල සිංහලයෝ ස්ථාවර උපත් අනුපාතිකයක් සහ අඩු ජනගහණ වර්ධන ප්‍රතිශතයක් පෙන්වති. ආශ්‍රිත ලිපි සිංහලේ රාජාවලිය මූලාශ්‍ර De Silva, K.M. History of Sri Lanka (Univ. of Calif. Press, 1981) Gunasekera, Tamara. Hierarchy and Egalitarianism: Caste, Class, and Power in Sinhalese Peasant Society (Athlone 1994). Roberts, Michael. Sri Lanka: Collective Identities Revisited (Colombo-Marga Institute, 1997). Wickremeratne, Ananda. Buddhism and Ethnicity in Sri Lanka: A Historical Analysis (New Dehli-Vikas Publishing House, 1995). අන්තර්ජාල මූලාශ්‍ර - Sri Lanka The Genetic Heritage of the Earliest Settlers Persists Both in Indian Tribal and Caste Populations, Am. J. Hum. Genet. 72:313–332, 2003. Most of the extant mtDNA boundaries in South and Southwest Asia were likely shaped during the initial settlement of Eurasia by anatomically modern humans, Biomedical Central, BMC Genetics 2004, 5:26 Department of Census and Statistics-Sri Lanka Ethnologue-Sinhala, a language of Sri Lanka CIA Factbook-Sri Lanka Genetic Clues to Dispersal in Human Populations: Retracing the Past from the Present'' (2 MARCH 2001 VOL 291 SCIENCE). සිංහල ජාතිය ජාතීන් - ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා‌වේ ජන සමාජය
1704
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
තොරතුරු තාක්‍ෂණය
තොරතුරු තාක්ෂණ විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් සංචාලනයට යන්න සෙවීම සඳහා පනින්න තොරතුරු හෝ ඩිජිටල් තාක්ෂණය සමඟ පටලවා නොගත යුතුය. "තොරතුරු තාක්ෂණය" මෙහි නැවත හරවා යවයි. වෙනත් භාවිත සඳහා, තොරතුරු තාක්ෂණය (වක්‍රෝත්තිහරණය) බලන්න. "ඉන්ෆොටෙක්" මෙහි නැවත හරවා යවයි. ඉන්දියානු සමාගම සඳහා, ඉන්ෆොටෙක් එන්ටර්ප්‍රයිසස් බලන්න. තොරතුරු විද්‍යාව පොදු අංශ තොරතුරු ප්‍රවේශය තොරතුරු ගෘහ නිර්මාණ ශිල්පය තොරතුරු කළමනාකරණය තොරතුරු ලබා ගැනීම තොරතුරු සෙවීම තොරතුරු සමාජය දැනුම සංවිධානය ඔන්ටෝලොජි තොරතුරු දර්ශනය විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන වර්ගීකරණය අදාළ ක්ෂේත්‍ර සහ උප ක්ෂේත්‍ර ග්‍රන්ථ නාමාවලිය වර්ගීකරණය වාරණය වර්ගීකරණය පරිගණක දත්ත ගබඩා කිරීම සංස්කෘතික අධ්‍යයන දත්ත ආකෘති නිර්මාණය තොරතුරු තොරතුරු තාක්ෂණ බුද්ධිමය නිදහස බුද්ධිමය දේපළ පුස්තකාල හා තොරතුරු විද්‍යාව මතකය සංරක්ෂණය පෞද්ගලිකත්වය ක්වොන්ටම් තොරතුරු විද්‍යාව පුස්තකාලය- logo.svg පුස්තකාලය සහ තොරතුරු විද්‍යා ද්වාරය vte තොරතුරු තාක්‍ෂණය (තොරතුරු තාක්ෂණය) යනු බොහෝ විට ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සන්දර්භය තුළ දත්ත ගබඩා කිරීම, ලබා ගැනීම, සම්ප්‍රේෂණය කිරීම සහ හැසිරවීම සඳහා පරිගණක භාවිතා කිරීමයි. [1] හෝ තොරතුරු. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ (ICT) උප කුලකයක් ලෙස තොරතුරු තාක්ෂණය සැලකේ. තොරතුරු තාක්‍ෂණ පද්ධතියක් (තොරතුරු තාක්‍ෂණ පද්ධතිය) යනු සාමාන්‍යයෙන් තොරතුරු පද්ධතියක්, සන්නිවේදන පද්ධතියක් හෝ වඩාත් නිශ්චිතවම කිවහොත් පරිගණක පද්ධතියක් - සියලු දෘඩාංග, මෘදුකාංග සහ පර්යන්ත උපකරණ ඇතුළුව - සීමිත පරිශීලකයින් පිරිසක් විසින් මෙහෙයවනු ලැබේ. ක්‍රි.පූ 3000 දී පමණ මෙසපොතේමියාවේ සුමේරියානුවන් ලිවීම දියුණු කළ දා සිට මිනිසුන් තොරතුරු ගබඩා කිරීම, ලබා ගැනීම, හැසිරවීම සහ සන්නිවේදනය කරමින් සිටියි. [3] නමුත් තොරතුරු තාක්‍ෂණය එහි නවීන අර්ථයෙන් පළමුවෙන්ම පළ වූයේ 1958 දී හාවඩ් ව්‍යාපාර සමාලෝචනයේ පළ වූ ලිපියක ය; කතුවරුන් වන හැරල්ඩ් ජේ. ලෙවිට් සහ තෝමස් එල්. විස්ලර් අදහස් දක්වමින් "නව තාක්‍ෂණයට තවමත් ස්ථාපිත නමක් නොමැත. අපි එය තොරතුරු තාක්‍ෂණය (තොරතුරු තාක්ෂණ) ලෙස හඳුන්වමු." ඒවායේ අර්ථ දැක්වීම කාණ්ඩ තුනකින් සමන්විත වේ: සැකසීමේ ක්‍රමවේදයන්, තීරණ ගැනීමේදී සංඛ්‍යානමය හා ගණිතමය ක්‍රම භාවිතා කිරීම සහ පරිගණක වැඩසටහන් හරහා ඉහළ පෙළේ චින්තනය අනුකරණය කිරීම. [4] මෙම පදය පරිගණක සහ පරිගණක ජාල සඳහා සමාන පදයක් ලෙස බහුලව භාවිතා වන නමුත් රූපවාහිනිය සහ දුරකථන වැනි වෙනත් තොරතුරු බෙදා හැරීමේ තාක්ෂණයන් ද එයට ඇතුළත් වේ. පරිගණක දෘඩාංග, මෘදුකාංග, ඉලෙක්ට්‍රොනික, අර්ධ සන්නායක, අන්තර්ජාල, ටෙලිකොම් උපකරණ සහ ඊ-වාණිජ්‍යය ඇතුළු ආර්ථිකයක් තුළ නිෂ්පාදන හෝ සේවා කිහිපයක් තොරතුරු තාක්ෂණය සමඟ සම්බන්ධ වේ. [5] [අ] සේවයේ යොදවා ඇති ගබඩා හා සැකසුම් තාක්ෂණයන් මත පදනම්ව, තොරතුරු තාක්ෂණ සංවර්ධනයේ විවිධ අවස්ථා හතරක් වෙන්කර හඳුනාගත හැකිය: පූර්ව යාන්ත්‍රික (ක්‍රි.පූ. 3000 - ක්‍රි.ව. 1450), යාන්ත්‍රික (1450–1840), විද්‍යුත් යාන්ත්‍රික (1840-1940) සහ ඉලෙක්ට්‍රොනික (1940) - නියෝජනය). [3] මෙම ලිපිය වඩාත් මෑත කාල පරිච්ඡේදය (ඉලෙක්ට්‍රොනික) කෙරෙහි අවධානය යොමු කරයි. අන්තර්ගතය 1 පරිගණක තාක්ෂණයේ ඉතිහාසය 2 ඉලෙක්ට්‍රොනික දත්ත සැකසීම 2.1 දත්ත ගබඩා කිරීම 2.1.1 දත්ත සමුදායන් 2.2 දත්ත ලබා ගැනීම 2.3 දත්ත සම්ප්‍රේෂණය 2.4 දත්ත හැසිරවීම 3 ඉදිරිදර්ශන 3.1 අධ්‍යයන ඉදිරිදර්ශනය 3.2 වාණිජ හා රැකියා ඉදිරිදර්ශනය 3.3 සදාචාරාත්මක ඉදිරිදර්ශන 4 ද බලන්න 5 යොමුව 5.1 සටහන් 5.2 උපුටා දැක්වීම් 5.3 ග්‍රන්ථ නාමාවලිය වැඩිදුර කියවීම 7 බාහිර සබැඳි පරිගණක තාක්ෂණයේ ඉතිහාසය මියුනිච් හි ඩොයිෂ් කෞතුකාගාරයේ සූස් Z3 අනුරුව ප්‍රදර්ශනය කෙරේ. Zuse Z3 යනු පළමු වැඩසටහන්ගත කළ හැකි පරිගණකයයි. ප්‍රධාන ලිපිය: පරිගණක දෘඩාංග ඉතිහාසය වසර දහස් ගණනක් තිස්සේ ගණනය කිරීම සඳහා උපාංග භාවිතා කර ඇත, බොහෝ විට මුලදී එය ඇලවූ දණ්ඩක ස්වරූපයෙන් විය හැකිය. ක්‍රි.පූ. පළමු ශතවර්ෂයේ ආරම්භයේ සිට පැවත එන ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය සාමාන්‍යයෙන් පැරණිතම යාන්ත්‍රික ඇනලොග් පරිගණකය සහ පැරණිතම සන්නද්ධ යාන්ත්‍රණය ලෙස සැලකේ. [8] 16 වන ශතවර්ෂය වන තුරුම යුරෝපයේ සැසඳිය හැකි උපකරණ බිහි නොවූ අතර මූලික ගණිතමය මෙහෙයුම් හතර සිදු කළ හැකි පළමු යාන්ත්‍රික කැල්කියුලේටරය 1645 වන තෙක්ම වර්ධනය නොවීය. විද්‍යුත් පරිගණක, රිලේ හෝ වෑල්ව භාවිතා කරමින් 1940 දශකයේ මුල් භාගයේ දී දර්ශනය වීමට පටන් ගත්තේය. 1941 දී නිම කරන ලද විද්‍යුත් යාන්ත්‍රික සූස් Z3 ලොව ප්‍රථම වැඩසටහන්ගත කළ හැකි පරිගණකය වන අතර නවීන ප්‍රමිතීන්ට අනුව සම්පූර්ණ පරිගණක යන්ත්‍රයක් ලෙස සැලකිය හැකි පළමු යන්ත්‍රවලින් එකකි. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු පණිවිඩ විකේතනය කිරීම සඳහා සංවර්ධනය කරන ලද කොලොසස් පළමු විද්‍යුත් ඩිජිටල් පරිගණකය විය. එය ක්‍රමලේඛගත කළ හැකි වුවද එය පොදු කාර්යයක් නොවූ අතර එය නිර්මාණය කර ඇත්තේ එක් කාර්යයක් පමණක් ඉටු කිරීම සඳහා ය. එහි වැඩසටහන මතකයේ ගබඩා කිරීමේ හැකියාව ද එයට නොතිබුණි; අභ්‍යන්තර රැහැන් වෙනස් කිරීම සඳහා ප්ලග් සහ ස්විච භාවිතා කරමින් වැඩසටහන්කරණය සිදු කරන ලදී. හඳුනාගත හැකි නවීන ඉලෙක්ට්‍රොනික ඩිජිටල් ගබඩා කළ පරිගණක පරිගණකය මැන්චෙස්ටර් බේබි ය. එහි පළමු වැඩසටහන 1948 ජුනි 21 දින ක්‍රියාත්මක විය. 1940 දශකයේ අගභාගයේදී බෙල් රසායනාගාරයේ ට්‍රාන්සිස්ටර සංවර්ධනය කිරීම මඟින් විදුලි පරිභෝජනය බෙහෙවින් අඩු කරමින් නව පරපුරේ පරිගණක නිර්මාණය කිරීමට ඉඩ ලබා දෙන ලදී. පළමු වාණිජමය වශයෙන් ගබඩා කළ වැඩසටහන් පරිගණකය වන ෆෙරැන්ටි මාර්ක් I හි වෑල්ව 4050 ක් අඩංගු විය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව
1735
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ඉන්දියාව
ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි. අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය. ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව, නිරක්ෂරතාව, දූෂණය, රෝග සහ මන්දපෝෂණය වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක් සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි. ප්‍රාන්ත (States): ආන්ද්‍රා ප්‍රදේශ් අරුණාචල් ප්‍රදේශ් ඇසෑම් බිහාර් ඡත්තීස්ගඪ් ගෝව ගුජරාතය හර්යානා හිමාචල් ප්‍රදේශ් ජම්මු හා කාශ්මීරය ඣාර්ඛණ්ඩ් කර්ණාටක කේරළය මධ්‍ය ප්‍රදේශ් මහාරාෂ්ට්‍ර මණිපුර මේඝාලය මිසෝරාම් නාගලන්තය ඔරිස්සා පන්ජාබය රාජස්ථාන් සිකිම් තමිල්නාඩුව ත්‍රිපුරා උත්තර් ප්‍රදේශ් උත්තරාඛණ්ඩ් බටහිර බෙංගාලය තෙලගානා මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories): අන්දමන් හා නිකොබාර් දූපත් චණ්ඩීගඪ් දාද්‍රා සහ නගර් හවේලී දමණ් හා දීව් ලක්ෂද්වීප් දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය පොන්ඩිචෙරි ආශ්‍රිත ඉන්දියාව
1736
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B6%AF%E0%B7%84%E0%B6%B8
බුදු දහම
ගෞතම බුදුන් වහන්සේ විසින් ඉගැන්වීම් බුදුදහම ලෙස හැඳින්වේ. පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි. මූලික උගැන්වීම් “සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං.“සියලු පවින් වැලකුමත් - කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් - බුද්ධ අනුසාසනයයි.මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය. කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා රෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව, යන යතාර්ථය ගැඹුරෙන් සිතන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය. එම දැක්ම අෂ්ඨලෝක ධර්‍මය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ජීවන දර්ශනයයි (නිවීමයි). චතුර්රාර්ය සත්‍යය බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී තථාගතයන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි ධර්‍ම දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය. දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සච්ච) දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සච්ච) දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සච්ච) දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච) පටිච්ච සමුප්පාදය සංසාරය හෙවත් යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුනු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම අනෝන්‍යව හේතු ඵල අනුව පවත්නා බැවින් (ශුන්‍යය). එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හදුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත (අනාත්ම)ය. හේතූන්ගෙන් හටගත්(සංඛත) සියල්ල ත්‍රිලක්ෂණය ට යටත්ය. - “සබ්බේ සංඛාරා අනිච්ඡා ති“. අනිත්‍ය - සියළු ‍දේ නැසෙන සුළුයි. දුක්ඛ - සියළු සත්වයෝ දමනය නොකළ සිත් ඇති නිසා දුක් විදිති. අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී. සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම යනු සූත්‍ර දේශනාවල දක්වා ඇති නිවන (බෝධිය) ලබාගැනීමට සම්පූර්ණ කලයුතු සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්මප්මදාන වීර්යය, පංච ඉන‍්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ නිවන වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි. තිසරණ බුද්ධ ධර්මයට අනුව බෞද්ධයකු සරණයායුත්තේ තිසරණ පමණකි. බුද්ධ ධම්ම සංඝ බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයන් ට අනුදැන වදාළේ තමා ම සරණ කරගෙන; ධර්මය ම සරණ කරන ගෙන වාසය කරන ලෙස යි. බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන් බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, සංස්කෘත, ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක් කොරියාන් භාෂාවෙන් ද තිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරුණු විට සියලු සම්ප්‍රදායන් බැඳී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සඳහා මෙය සුදුසු නොවේ. සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති. සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ. ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි) බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. ථේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේනමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය අන්‍යයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි. ත්‍රිපිටකය බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් ත්‍රිපිටකය නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත. බුදු දහම අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: සූත්‍ර පිටකය යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, නවාංග ශාස්තෘ ශාසනයට අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; විනය පිටකයෙහි ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; අභිධර්ම පිටකය යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි. බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකයාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි. බුද්ධාගම බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුදු දහම ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී. මුල් බුදුසමය සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී. වජ්‍රායනය වජ්‍රායනය හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් කාලය පිළිබඳව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාදවලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්වීම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනාවලට බොහෝ කලට පසුවයි. නාලන්දා විශ්ව විද්‍යාලය වජ්‍රායන මතවාදයේ කේන්ද්‍රස්ථානය වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රායන ක්‍රමවේදය පුරෝගාමීත්වය ඉසිලීය. මෙම කරුණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය. මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නූතන නිබන්ධනයේ අයිතිකරුවන ෆෙයාර් ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රායනයේ නැග්ම එකල ඉන්දියාවේ දේශපාලනික වෙනස්වීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇතිවූ බවයි. ගුප්ත අධිරාජ්‍යයේ බැස්මත් සමඟම ඇති වූ කලහකාරී දේශපාලනික වාතාවරණය නිසා සම්ප්‍රදායික බුද්ධ ආශ්‍රමවලට අනුග්‍රාහකයින් සොයා ගැනීම දුෂ්කර වූ අතර සිද්ධුන් විසින් මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය ආශ්‍රම තුළට සම්බන්ධ වීමට පටන් ගැනිණි. වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි. වර්තමානයේ බුද්ධාගම බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රටවල්වල බුදුදහම පැවතුනද, බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක් ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුව එය මිලියන 310 ක් පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු, බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි. පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි. ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ. ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණ බැතිමතුන් සිටින බවයි. වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි. ධර්ම සංගායනා ධර්ම ග්‍රන්ථවලට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමුළුවේ මූලික අරමුණ වුයේ මෙසේ මුඛ පරම්පරාවෙන් පැවතෙන ධර්ම කරුණු සාමුහිකව කියවීමෙන් පසුව එම කරුණුවල වැරදි තිබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වන ආනන්ද තෙරුන් විසින් පාලි සූත්‍ර හා අභිධර්මය කියවූ අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක. දෙවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය. නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය. ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා අසූදාහක් පිරිනිවන් පෑහ. මුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක් පිරිනිවන් පෑහ. එහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මය සහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේ. මේ හා සමාන ප්ර කාශයක් මහා වස්තුවේද හමු වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය. මෙම සියලු කාරනා පිරික්සා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් බුදු දහමේ සුරක්ෂිතභාවය උදෙසා ධර්ම සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේ සිටම පැවති බවයි. එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ සඳහා සුභද්‍ර නම් මහලු භික්ෂුවගේ වචනය ප්‍රබලම හේතුවක් වූ අතර විසිරී තිබූ ධර්මය එක්රැස් කිරීමටත්, ධර්මය හා විනය සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය කිරීමටත් ඇති වූ උවමනාව ධර්ම සංගායනාවක් කිරීම සඳහා හේතු විය. එමෙන්ම බුදුන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස කළ අවවාදයත්, ධර්මය සංගායනා කිරීමේ වැදගත්කම සඳහන් වන දේශනාත් ප්‍රථම සංගායනාව සඳහා පාදක විය. එහෙයින් පාවචනය අතීතසත්ථුක නොවන පරිදි දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිස, ශාසන චිරස්තිථිය සඳහා මහතෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරන ලදී. ඒ අනුව යමින් ස්ථවිරයන් වහන්සේලා විසින් සංගායනාත්‍රයක් සිදු කළ බැව් ශාසන ඉතිහාසය තුළින් ප්‍රකට වේ. දහමේ වර්ගීකරණයන් ධම්මවිනය - සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ. නවාංග සාත්‍රෘ සාසනය- සුත්ත, ග‍ෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ. දහමේ (අාර්‍ය්‍යවිනයේ) සංකල්ප නව ලෝකෝත්තර ධර්ම - සතර මාර්ග (4), සතර ඵල (4), නිවන (1) සතර මහා අපදේශ යොමුව ආශ්‍රිත ලිපි බුද්ධාගම ගෞතම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය බෞද්ධ ධර්ම සංගායනා බාහිර සබැඳුම් https://www.bl.uk/projects/sinhalese-manuscripts-digitisation-project ත්‍රිපිටක නම් ග්‍රන්ථ එකතුව 2021 http://english.mahamevnawa.lk/ ( It is the wise gentlemen (Kalyānamitta) who show the good that should be associated with. Their wisdom is profound. Those wise people are the ones who practice the Dhamma without any delay. They have realized the extremely deep and difficult to comprehend trenchant meaning of the Four Noble Truths. -This is the stanza delivered by Arahant Punhnha Thero.) Pure Theravada Buddhism Exposed according to The Original Pali Canon Collection of the Therawada buddhist Books of Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero & Other Buddhist books Arya Sangha damruwana.org- Dhamma Desana in Sinhala, Guide to attain Nibbanic bliss Buddhist Society of Western Australia Tipitaka and Articles (SL) Complete Tipitaka in Pali International home page of the organizations which offer courses in Vipassana Meditation in the tradition of Sayagyi U Ba Khin as taught by S.N. Goenka About Buddhism - the Teachings of Buddha Buddhism Portal for the Milton Keynes area (UK) E-Sangha Buddhism Portal His Holiness The Dalai Lama teachings on Buddhism Hongaku Jodo, a major American movement of Pure Land Buddhism Access to Insight Readings in Theravada Buddhism. BuddhaNet Buddhism.about.com Buddhist Studies WWW Virtual Library: the Internet guide. DharmaNet Essentials of Buddhism ReligionFacts.com on Buddhism facts, glossary, timeline and articles. Tathagatagarbha Buddhism five of the main "tathagatagarbha" sutras in full (or in part) "Nirvana Sutra Buddhism": full text and discussion of the Mahayana Mahaparinirvana Sutra Journal of Global Buddhism by Charles S. Prebish, Pennsylvania State University (USA) and Martin Baumann, University of Lucerne (Switzerland) http://sinhala.mahamevnawa.lk/ ( Me jeewithaya Ithama sundarawa gatha kirimatath,Maranin mathu jeewithayada sundarawa gatha kirima pinisath emenma Maranaye miyana thana wana A ama niwanata path wimatath kamathi nam Mahamevnawa wata rok wanna.) http://mahamegha.lk/ ( Raga, Dwsa saha Mohayen Ginigena dawena sitha thema surakinu pinisai ) බුදු දහම සංසන්දනාත්මක බුද්ධාගම
1742
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%9C%E0%B7%93%E0%B6%BA
ශ්‍රී ලංකා ජාතික ගීය
වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මේ ගීතය විශේෂ අවස්ථාවලදී ගායනා කරයි ඉතිහාසය ‍ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්‍ගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිතම ජාතික ගීය ලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ‍ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී. ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය. මේනිසා 1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, " නමෝ නමෝ මාතා " ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ " සිරිලක මාතා නමදිමු සැමදා " ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ " ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය " ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි. 1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි.නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ " නමෝ නමෝ මාතා" යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි. 1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිළ ජාතික ගීය ලෙස " නමෝ නමෝ මාතා " ගීය ප්‍රකාශයට පත් කෙරුණි. මෙහිදී ආනන්ද සමරකෝන් මහතා පිළිබඳ තරමක් දත යුතු මනාය. 1911 ජනවාරි 13 වැනි දින උපත ලද මොහු මුල් කාලයේ හැඳින්වූයේ ජෝර්ජ් සමරකෝන් ලෙසය. සංගීතයට උපන් හපනෙක් විය. අධ්‍යාපනය නිමවා කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස 23 විය තෙක් සේවය කොට 1936 දී ඉන්දියාව බලා ගියේ චිත්‍ර කර්‍මය හා සංගීතය ඉගැනීමටය. වසර 05 ක දැනුම මාස 06 කින් නිමවා එන විට ඔහු ආනන්ද සමරකෝන් ලෙස නම වෙනස් කළේය. 1939 දී ගීත ගායනයට යොමු වූ මෙම ශූරීන් වැඩිමනක් ගැයූ ගීතවල පදමාලාව , තනුව, ස්වතන්ත්‍ර නිර්මාණ විය. එකල උපදේශාත්මක ගීත, ආගමික ගීත ආකෘතීන්ගෙන් මිදී ප්‍රේම ගීත ගායන‍ය‍ට මොහු පුරෝගාමීත්වය සැපයීය. ඒ අනුව මෙම 1948 දී පැවති තරඟයේදී ඉදිරිපත් කළ " නමෝ‍ නමෝ මාතා " ගීය ප්‍රථමයෙන් ගායනා කොට ඇත්තේ එච්. එම්. වී. තැටියකටය. " නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. * එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීම. * ආරම්භක ගණය අනිටු ගණයක් වීම. * භක්ති රසය ජනනය වීම. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්‍තී පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ඔබ වේ අප විද්‍යා ඔබ මය අප සත්‍යා ඔබ වේ අප ශක්‍ති අප හද තුළ භක්‍තී ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවන වේ අප මුක්‍තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ ජාතික වස්තූන්
1777
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1
නිවන
නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක. පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක. තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත. මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන 'අවබෝධකර ගනී. නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි අවබෝදයට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම අව්බෝදකරගැනීමට සමත් වන්නේ නැත . බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් අවබෝධ කරලීමට සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්ධත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන් අවබෝධ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා අවබෝධ කොටගෙන අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා අවබෝධ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය. සසර දුක බව නිවැරදිව අවබෝධ කර ගැනීම . මේ දුක නැතිකර ගත යුතුය යන දැඩි උවමනාව ඇතිකර ගත යුතුය. මේ දුක නැතිකර ගත හැක්කේ සදහම් මගට පැමිනිමෙන්ම පමණක්ය යන තද බල විශ්වාසයට පැමිණිය යුතුය මේ සම්බුද්ධ සාසනය තුලදීම නිවන් අවබෝදකල යුතුය යන විස්වාසය ඇතිකරගත යුතුය. බුදුපියාණන් වහන්සේ විසින් ඉතා පහත් යැයි සලකු සැපයෙහි ඇලීමත් දුක් දීමෙන් මොක්ෂයට පැමිණිය හැකිය යන මිත්‍යා විශ්වාසයන් ගෙන් වෙන්විය යුතුය සියලු දේ කෙරෙහි උපාදානය හෙවත් ඇලීම දුරුකරගැනීම තුලින් මේ භවගමනින් නිදහස් වීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුය.සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම (ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය. නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය. අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි (කිසිවක් නොමැති හිස් බව නොවේ). සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි. සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි. චතුකෝටික ශුන්‍යතාවයකි. එනම් ආකාර හතරකින් (ඇත්තේ නැත, නැත්තේ නැත, ඇත්තේ නොවන්නේ නොවේ, නැත්තේ නොවන්නේ නොවේ) ශුන්‍ය තත්වයකි. අවේදයිත සුඛ ලෙස දැක්වේ. එනම් නොවිඳීමෙන් ලබන සැපය යන්නයි. මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි. බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි. බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි. තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි. මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි. නිර්වානයේ අළුත්‍ පරණ ආදී වශයෙන් බේදයක් නොමැත. (වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත) වදනනිර්වාණය (Nirvāṇa) යනු නිවන යන්නට සංස්කෘත බසින් යෙදෙන පදයයි. පාලි බසින් නිබ්බාන යනුවෙන් හඳුන්වයි. සත්වයා භවයෙන් භවයට වියන තණ්හාව නැමැති ගෙතුමෙන් ඉක්මීම නිබ්බාන වේ. නි = නැති කිරීම වාන = තෘෂ්ණාව හැඳින්වීම නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. නිර්වාණය පිළිබඳ හීනයානිකයින් සහ මහායානිකයින් අතර වෙනස්කම් පවති. නිර්වාණය පිළිබඳ සහ නිර්වාණය යනු භාව රූපයක් ද නැතහොත් අභාව රූපයක් ද යන්න පිළිබඳ බුදු දහමේ සෑම සම්ප්‍රදායක්ම සෑහෙන තරම් විමසීමක් කර තිබේ. නිවන් මග නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය. ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ. යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත. නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය. යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ. සෝවාන් මගට පැමිණෙන්නහු විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය. නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි. නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය. එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය . සක්කාය දිට්ටිය , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය. නිවනේ මූලික අවස්ථා දෙක සෝපාදිසේස නිබ්බානය නිරූපාදිසේස නිබ්බානය සෝපාදිසේස නිබ්බානය රාග, ද්වේශ, මෝහ යන අකුසල් මුල් ක්‍ෂයකිරීම නිවනයි. ජීවත්ව සිටියදී නිර්වනාවබෝදය කිරීම, මෙයින් අදහස් කෙරේ. නිරූපාදිසේස නිබ්බානය නිරුපාදිශේෂ නිර්වාණය යනු මේ භවයේදී නිවන් අවභෝධ කල උත්තමයින් මේ ජීවිතයෙන් සමු ගැනීමයි. හෙවත් පිරිනිවීමයි (පිරිනිවන්පෑම) ථේරවාද බුද්ධ ධර්මය අනුව නිර්වාණය හීනයාන සම්ප්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි. දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්, (ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්රියයන්හා එක වීම, කැමතිදේ නොලැබීම ගලක මුලක පය පැටලීම වැනි එදිනෙදා ජීවිතයේ අප ලබන කටුක අත්දැකීම් මෙනයින් දැක්විය හැකිය) සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්, (නැවත නැවත උපදිමින් මැරෙමින් යන සසර ගමන වේ.) විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්, (මොහොතක් පාසා ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීම වයසට යාම මෙනයින් අදහස් වේ.) චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද,ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද හීනයාන සම්ප්‍රදායට අනුව මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැක. මෙය නිර්වාණය වන අතර නිර්වාණය ක්ලේශාභාව රූපයක් සහ සුඛ රූපයක් ලෙස හීනයානය දක්වා තිබේ. බොහෝ හීනයාන නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප්‍රකාෂ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්‍ය ශ්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නොඇලෙයි. එසේම එය සතුටක් ලෙසද නොගනී. එහි ප්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි. සංසාරයේ හටගන්නා සියලුම වස්තුන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත්‍රිකාලාතීත, ඉන්ද්‍රයාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ක්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ. නිර්වාණය - ථේරවාදයට අනුව තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය (මමත්වය) සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි. යමෙක් මේ සංසාරය හෙවත් නැවත නැවත ඉපදීම දුකක් බව ඉතා පැහැදිලිව හා අවබෝදයෙන් යුතුව පිළිගත් කල්හි නැවත ඉපදෙමට හෝ පස්කම් සැප විඳීමට ඇති ඇල්ම දුරුකර ගනී. සියලු ආකාරයේ විඳීම් ඉතා සුළු මොහොතකට පමණක් සීමාවන බවත් සියල්ල අනිත්‍ය බවත් ප්‍රත්‍යක්ෂ කරගනි. මෙලෙස සියලු ආකාරයේ ඇලීම් සහ ගැටීම් වලින් නිරුද්ධ වීමෙන් ලබන්නාවූ නිරෝධය නිර්වාණය හෙවත් නිවන නම් වේ. නිවන තම තම නැණ පමණින් අවබෝධ කටයුතුවේ. තමාම නුවනින් විමසා බලා අවබෝධ කලයුතු තත්වයකි නිවන. උදාහරණයක් ලෙස රෝගයක සුවවීම සලකමු. රෝගයක සුවවීම (නිවීම) සැපයකි. සුවයේ හටගැනීම යනු රෝගයේ විනාශයයි. දුක් වූ සංසාරය රෝගය වන අතර එහි නැවැත්ම නිවීම් සැපය ලැබීමකි. රෝග සුවය, රෝගය අනුවම ලැබෙන්නක් වන අතර වෙන්කර දැක්විය හැකි යමක් නොවේ. මහායානයට අනුව නිර්වාණය හීනයානිකයින් විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් නිර්වාණය ලෙස මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්‍ලේශාවරණයේන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි.ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම ‍දෙයාවරණයම දුරු කිරිම වේ. නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන සමානතා මෙය වචනවලින් ප්‍රකාෂ කල නොහැක. මෙය අසංකෘත ධර්මයකි. එනිසා උත්පත්තියක්, විනාශ වීමක්, පරිවර්තනය වීමක් නොමැත. මෙහි අනුභූතිය තමා විසින්ම ලබා ගත යුතුය. මෙය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් බුදුවරුන් සඳහා එකක් වේ. එසේම සම වේ. මාර්ගය තුලින් නිර්වාණය ලැබිය හැක. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. බුදුන්ගේ ඥානය සහ ලෝකෝත්තර තත්ත්වය රහතුන්ගේ ඥානයට සහ තත්ත්වයට වඩා ඉතාමත් උසස් වේ. නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන අසමානතා සත්වයා සසර දිගින්දිගට ගමන්කරන්නේ අවිද්‍යාව හෙවත් අනවබෝදය නිසාවෙනි. නිවැරදි අවබෝදයට පත්වූ කල්හි සියල්ල අනිත්‍ය බව වටහා ගනී. ඒ අවබෝධය ලැබීම නිවනට පැමිණීමයි.නිවන එවන් අවබෝධයක් නිසා ලැබෙන්නාවූ ඉතා උසස් තත්වයකි. ලබන ස්ථානයක් හෝ දෙයක් නොමැත. වෙනත් කරුණු නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.'නි' යන්නෙන් නැතිවීම, අභාවයට යාම යන අර්ථ ලැබෙයි.'රෝධ' යන්නෙන් සිරගෙය යන අර්ථය ලැබෙයි . ඒ අනුව නිරෝධ යනු සිරගෙයින් නික්මීම, නිදහස් වීම, වෙන් වීම යන අර්ථය ලැබෙයි. එනම් තෘෂ්ණාව නමැති සිරගෙයින් නිදහස් වීමයි. තෘෂ්ණාවෙන් නිදහස් වීම යනු නිවන් දැකීමයි. විමුක්ති සාධනයයි."තත්ථ කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චතී භික්ඛවේ දුක්ඛං නිරෝධං අරිය සච්චං........." (දුක්ඛ නිරෝධ සත්‍යය යනු කවරේද යත් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණව ඉතිරි නොවන සේ මුළුමනින්ම නැති කෙරේද (අසේස විරාග නිරෝධෝ ) තෘෂ්ණාව දුරු කෙරේද(චාගෝ) තෘෂ්ණව බැහැර කෙරේද (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමක් වෙයිද (මුත්තී) තෘෂ්ණාව පිළිබඳ ඇල්මක් නොවේද (අනාලයෝ) එය නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෙවැදෑරුම් වන තණ්හාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමෙන් විමුක්තිය සැලසෙයි. එම නිවනේ ස්වභාවය පෘතග්ජන සත්වයන්ට තේරුම් ගත නොහැක. පැහැදිලි කළ නොහැක. සෝවාන් ආදී මාර්‍ග ඵල සිත් වලටම අරමූණු වනු ඇත. නිවන යනු පරම සුවයයි. කවර කලෙකවත් වෙනස් නොවන ලෝකෝත්තර සුවයයි. අවේදයිත හෙවත් නොවිඳින සුවයක් වීම මෙහි උත්තරීතර බව පිණිස මූලික හේතුවයි. වේදයිත හෙවත් විඳිනා සැප වෙනස් වේ. දුකට පෙරළෙයි. නොවිඳින සුවයක් බැවින් එය ස්ථීරය. නිත්‍යය. සදාකාලිකය. සැප පිළිබඳ ප්‍රභේද 02 කි. කාම සුඛ(කම් සැප) විමුක්ති සුඛ(ලෝකෝත්තර සැප) කාම සුඛ -පසිඳුරන් පිනවීම තුළින් ලබන සැපය විමුක්ති සුඛ-සදාකාලික සැප දෙන නිවන තුළින් ලබන සැපය නිවන් ලැබීමේ අවස්ථා 02 කි. සෝපධිසේස නිර්‍වාණය -මෙහිදී නිවන් අව‍බෝධය කරගන්නේ පඤ්චස්කන්ධය සයිතවයි. අනුපදිසේස නිර්‍වාණය- පඤ්චස්කන්ධය රහිතව නිවන් අව‍බෝධ වීම (රහත් වීමෙන් පසු පිරිනිවන් පෑම) තණ්හා නිරෝධය හෙවත් තණ්හාව දුරලීම නිර්‍වාණය බව බුදුන් වහන්සේ වදාළහ."තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං"යනුවෙන් තණ්හාව ක්ෂය කිරීම රාගය නැති කිරීම නිර්‍වාණය බව දේශනා කළහ."නිරෝධස්ස නිස්සරනට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ" යනුවෙන් පටිසම්භිධා මග්ගපාළියෙහි එන විග්‍රහයට අනුව නිරෝධ සත්‍යයේ විශේෂ ලක්ෂණ 04 කි. නිස්සරනට්ඨ විවේකට්ඨ අසංඛතට්ඨ අමතට්ඨ නිස්සරනට්ඨ සකලක්ලේශයන්ගෙන් හා සංසාර ගත සියලු දුක්වලින් පහවීම නිදහස් වීම පෘතග්ජන සත්වයෝ ලෝභ, දෝස, මෝහ, ඉස්සරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, මද, මාන, අභිමාන, මක්ඛ, ඵලාස ආදී 1500 පමණ වන කෙ‍ලෙස් වලින් යුක්ත වෙති. නිවන් අවබෝධ කිරීම තුළින් එම සියළුම කෙලෙස් වලින් ප්‍රහීණ වෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී අප්‍රමාණ දුක්වලින්නිදහස් වීමක්ද සිදුවන බැවින් නිස්සරනට්ඨ නමින් හැඳින්වේ. කිසිඳු බියක් වේදනාවක් ඔහුට නැත. විවේකට්ඨ සන්තානගත සියලු කෙලෙසුන්ගෙන් හා සංසාරික සියලු දුක්වලින් හිස් වූ අර්ථයෙන් විවේකට්ඨ යයි පවසයි. නිවන් ලබන තෙක් කෙලෙස් වලින් හා දුක්වලින් නිදහස් වීමක් නැත. කෙලෙස් නිසාම දුක් සහගතව පීඩාවිඳින්නකු වෙයි. නිර්‍වාණ ධාතුව කෙලෙස් වලින් හා දුක්වලින් හිස් වූවකි. කිසිඳු ක්ලේශයක් නැත. කිසිඳු දුකක් නැත. ඒ නිසාම බියක් ද නැත. අසංඛතට්ඨ හේතූන්ගෙන් හට නොගත් බැවින් අසංඛතට්ඨ වේ. කාම ලෝක, රූප ලෝක ,අරූප ලෝක යන ලෝක වල සියලු ධර්මයන් කර්‍මාදී හේතූන්ගෙන් හටගත් ධර්‍ම වනු ඇත. ඒ නිසාම ඒවා සංඛත ධර්‍ම ගනයට අයත් වෙයි. සංඛත ධර්‍ම වල ස්වභාවය අනිත්‍යය, දුක, අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. එහෙත් නිවණ අසංඛතය. ඒ නිසාම අනිත්‍යය නො‍වේ. නිත්‍ය වේ. දුක් සහගත නොවේ. අනාත්ම නොවේ. ස්ථීරය. සදාකාලිකය. සංඛාර ධර්‍මයන්ගෙන් තොර වූ බැවින් අසංකතට්ඨ යැයි නම් කෙරේ. අමතට්ඨ මෙයින් නොමැරෙන බව අදහස් කෙරේ. නොමැරෙන බව , විනාශ නොවන බව, කැඩී බිඳී වෙනස් නොවන බව නිවණෙහි ලක්ෂණයකි. ලොව පවත්නා ජීවී, අජීවී සියලු වස්තූන්ගේ ස්වභාවය ඇති වු නිසා නැති වීමයි. උපත ලද නිසාම මිය යයි. උප්පාද ,ඨිති ,භංග යන ලක්ෂණයන්ට යටත් වෙයි. එහෙත් නිවණ යනු එබඳු ලක්ෂණවලින් තොර වූ ධර්‍මයක් වන බැවින් අමතට්ඨ යයි නම් කෙරේ. නිවණ ඇසුරින් මෙබඳු ලක්ෂණ දැකිය හැකිය. නිර්‍වාණය යනු තමන් විසින්ම අවබෝධ කරගත යුත්තකි. අධිභෞතික සන්තාවක් හෝ දේවධර්‍මවාදයක් නොවේ. දුක්ඛ නිරෝධයකි. උදානපාළියේ ද නිර්‍වාණය පිළිබඳව අර්ථකථනයක් දැක්වේ."අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං........." යනුවෙන් අජාත, අභූත, අකත, අසංඛත යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්‍මතාවයක් ලෙස නිවණ හඳුන්වා දී ඇත. නිවණ යනු ඇති වූවක් නොවේ(අජාතං) පහළ වූවක් නොවේ(අභූතං) කරන ලද්දක් නොවේ(අකතං) හේතූන්ගෙන් හට ගත් තත්වයක්ද නොවේ(අසංඛතං) " ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....."චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන්ද නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි. එබඳු සුවිශේෂී ලක්ෂණ නිවණ කෙරෙන් ප්‍රකට වෙයි. අධ්‍යාත්මික ශික්ෂණය තුළින්ම සාක්ශාත් කර ගත යුතු නිවණ සදාචාර ධර්‍ම පද්ධතියක උපරිම අවස්ථාවයි. තණ්හක්ඛය-දෝසක්ඛය-මෝහක්ඛය යනුවෙන් නිවණ හඳුන්වන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීමයි."භව නිරෝධො නිබ්බාණං "-භවයෙහි නිරෝධය හෙවත් නැවැත්වීම නිර්‍වාණයයි.(සංයුක්ත නිකාය) ඉපදීමෙහි හා මරණයෙහි කෙළවර නිවණ බව "ජාති මරණස්ස අන්තං" යන සංයුක්ත නිකායේ එන පාඨයෙන් පැහැදිලි වේ. නිවණෙහි ස්වභාවය නම් ජරාවට පත් නොවීමයි(අජරං). රෝගී නොවීමයි(අබ්‍යාධිං). නොමැරෙන සුළු බවයි(අමතං). ශෝක රහිත වීමයි(අසෝකං). කෙළෙස්මලින් තොර වීමයි(අසංකිලිට්ඨං). නිවන් ලැබූ පසු පෘතග්ජන සත්වයින් සැප ලෙස සලකන ලෞකික සැප කෙරෙහි ඇල්මක් නැත. එම සැප හා සම්බන්ධ අස්සාද (ආශ්වාද) අදීනව(ආදීනව) හා නිස්සරණ යන අවස්ථානුරූපීව දකිති. අනාර්‍ය්‍ය සුඛයෙන් තොරව ආර්‍ය්‍ය සුඛ වින්දනය කරති. පෘතග්ජනයන් මානසික රෝග වලින් පීඩා විඳින මුත් නිවන් පසක් කර ගත් විට (චේතසික රෝගං) මානසික රෝග කිසිවක් නැති තත්වයකට පත් වේ.කායික මානසික සියළු දුක් වලින් තොර වෙති. නිවන් ලැබීම තුළින් සියළු ශෝක දුරු වෙයි. 'සබ්බ සෝකං අතික්කන්තෝ අසෝකං හෝති නිබ්බුතෝ'යනුවෙන් සංයුක්ත නිකායේ විස්තර වේ. සියළු බිය දුර ලූ අයෙකු වෙයි. (අකුතෝභයං) ලෝක ධර්‍මතාවලදී කම්පාවට පත් නොවෙති. "පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති"- මංගල සූත්‍රය නිවන් අවබෝධයෙන් සියල්ල දැනගත් අයෙකු බවට පත් වේ. යථාභූත ඤාණය ලැබීම තුළින් එය සිදු වෙයි. නිවණ යනු (පච්චත්තං වේදිතබ්බෝ) ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් වන බැවින් පෘතග්ජනයන් වශයෙන් එහි යථා ස්වභාවය තේරුම් ගැනීම අපහසුය. සිව්සස් දහම් අවබෝධ කළ පුද්ගලයාගේ විශෙෂත්වය "'''අරහං ඛීණාසවෝ වුසිතවා කත කරණීයෝ ඕහිරතෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීණ භව සංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ......." ආදී වශයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ආශ්‍රවයන් ප්‍රහීණ කළ වසන ලද බඹසර ඇති, කළ යුතු දේ කොට නිම කළ ,බහා තැබූ බර ඇති, පරමාදර්ශී තත්වයට පත් වූ භව සංයෝජන බිඳ දැමූ මැනවින් මිදුන තත්වයක් දැකිය හැකි වෙයි. නිවණ කෙරෙන් කෙසේවත් දැක්විය නොහැකි ලක්ෂණ 04 කි. රූප(රූපය) සන්ඨාණ(හැඩය) වය(පවත්නා කාලය) පමාණ(ප්‍රමාණය) සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් අවස්ථා මාර්‍ග හා ඵල තත්වයන්ට පත් වීමෙන් නිවන් සුවය සැලසේ.දස සංයෝජන ධර්‍ම ප්‍රහීණ වීම ද ඒ සමඟම සිදු වේ. සෝවාන් වීම - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වෙයි. සකෘදාගාමී වීම - කාමරාග, ව්‍යාපාද තුනී වෙයි. අනාගාමී වීම- කාමරාග, ව්‍යාපාද ප්‍රහීණ වෙයි. අර්හත් වීම -රූප රාග, අරූප රාග,මාන ,උද්ධච්ච, අවිජ්ජා ප්‍රහීණ වෙයි. සංයෝජන ධර්‍ම මෙසේ මුළුමනින්ම ප්‍රහීණ වීමත් සමඟ පෙර විසූ ආත්ම දැන ගැනීමේ නුවණ(පුබ්බේ නිවාසානුස්සති) දිවැස් (දිබ්බ චක්ඛු) කෙලෙස් ප්‍රහීණ වී ඇති බව දන්නා නුවණ(ආසවක්ඛය) යනාදී ත්‍රිවිද්‍යා පහළ වෙයි. රහත් බව ලබයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී චක්ඛුං උදපාදී- ඤාණං උදපාදී-පඤ්ඤා උදපාදී- විජ්ජා උදපාදී-ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කරන ලද්දේ නිර්‍වාණ අවබෝධ වීමත් සමඟ ය. මේවාද බලන්න බෝධි ආශ්‍රීත ග්‍රන්ථ මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි ධර්ම සංග්‍රහය - නාරද හිමි බාහිර සබැදි damruwana.org Dhamma Desana in Sinhala, Guide to attain Nibbanic bliss Nibbana - more excerpts from the Pali Tripitaka defining Nibbana "Nirvana Sutra": full English translation of the "Nirvana Sutra" and appreciation of its teachings. Buddha - A Hero's Journey to Nirvana Salvation Versus Liberation, A Buddhist View of Paradise Worlds In-depth explanation of Nibbana according to the Pali Canon Mind Like Fire Unbound - a discussion of fire imagery as used in the Buddha's time https://www.dharmayaiobai.org
1783
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9
කොළඹ
කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ. නිරුක්තිය කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක. පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ. 13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉතිහාසය වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු , ග්‍රීක , පර්සියානු , රෝම , අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි . ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව  ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ. පෘතුගීසි යුගය ලන්දේසි යුගය ඉංග්‍රීසි යුගය නිදහසෙන් පසු කාලගුණය සංචාරක ආකර්ෂණ ගාලු මුවදොර පිටිය - කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්‍රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි. ගාලු මුවදොර හෝටලය - ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ. ගංගාරාම විහාරය - ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ. කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි. විහාරමහාදේවී උද්‍යානය - කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි. ජමි උල්-අල්ෆාර් පල්ලිය - යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙය රතු පල්ලිය ලෙසද හැදින්වේ. ආකේඩ් නිදහස් චතුරස්‍රය - ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි. පිටකොටුව පාවෙන වෙළඳපොළ - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි. පැරණි කොළඹ ලන්දේසි රෝහල - කොළඹ කොටු‍වේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපයක් අතුරින් එකකි. වර්තමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ. නව නෙළුම් කුළුණ - කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරුණු නෙළුම් මලක් වන් කුළුණකි. ජන විවිධත්වය කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති. ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය. 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය. පරිපාලනය ප්‍රාදේශීය පාලනය අගනගරය නගර සීමා අගනගර ප්‍රදේශ‍යේ උප නගර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශ‍ය පිටකෝට්ටේ ඇතුල්කෝට්ටේ නාවල නුගේගොඩ රාජගිරිය බාහිර උප නගර අතුරුගිරිය බත්තරමුල්ල බටුවත්ත බොරලැස්ගමුව දළුගම දෙහිවල-ගල්කිස්ස ඒකල කඩවත කැලණිය කඩුවෙල කළුබෝවිල කඳාන කිරිබත්ගොඩ කොළොන්නාව කොස්වත්ත කොටිකාවත්ත කොට්ටාව ගොඩගම හෝමාගම හෝකන්දර ජා-ඇළ මහරගම මාලබේ මොරටුව පන්නිපිටිය පෑලියගොඩ පිළියන්දල රාගම රත්මලාන තලවතුගොඩ වත්තල වික්‍රමසිංහපුර ආර්ථීකය නීතියේ ආධිපත්‍යය සහ අපරාධ යටිතල පහසුකම් නාවික කටයුතු ගමනාගමනය බස් මාර්ග දුම්රිය මාර්ග ප්‍රධාන දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට වේයන්ගොඩ; එතැන් සිට මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව (2013 සිට මඩු පාර දක්වා). මුහුදුබඩ දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට පානදුර; එතැන් සිට ගාල්ල සහ මාතර දක්වා. පුත්තලම දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට ජා-ඇළ; එතැන් සිට මීගමුව සහ පුත්තලම දක්වා. කැළණි වැලි දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා. මහා මාර්ග සහ අධිවේගී මාර්ග රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි. A1 මහා මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා. A2 මහා මාර්ගය කොළඹ සිට ගාල්ල සහ මාතර දක්වා. A3 මහා මාර්ගය කොළඹ සිට මීගමුව සහ පුත්තලම දක්වා. A4 මහා මාර්ගය කොළඹ සිට රත්නපුරය සහ මඩකලපුව දක්වා. පාරු සේවා ගුවන් සේවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි. අධ්‍යාපනය බාලක පාසල් රාජකීය විද්‍යාලය කොළඹ 07 ආනන්ද විද්‍යාලය කොළඹ 10 නාලන්දා විද්‍යාලය කොළඹ 10 තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07 බාලිකා පාසල් අනුලා විද්‍යාලය, නුගේගොඩ විශාඛා විද්‍යාලය, කොළඹ 05 දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07 මියුසියස් විද්‍යාලය, කොළඹ 07 ගෘහ නිර්මාණ ශිල්පය කොළඹ කොටුව ලන්දේසි සමයේ ගොඩනැගිලි බ්‍රිතාන්‍ය සමයේ ගොඩනැගිලි සංස්කෘතිය වාර්ෂික සංස්කෘතික අංග සහ උත්සව ප්‍රාසාංගික කලා ක්‍රීඩා මාධ්‍ය සහෝදර නගර ගැලරිය මේවාත් බලන්න කොළඹ කොටු‍ව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය කොළඹ නගර ශාලාව කොළඹ නගරාධිපති ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුව මූලාශ්‍ර අඩවියෙන් බැහැර පිටු කොළඹ නගරයට මග පෙන්වීමක් කොළඹ ඩිජිටල් සිතියම කොළඹ ආසියාවේ අගනගර ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
1797
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ආසියාව
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.7%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය . ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් ව නිරුක්ති විස්තරය අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම් මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ. මූලාශ්‍ර ප්‍රදේශය මහාද්වීප
1801
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94
සිංහල අකුරු
සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි. ඉතිහාසය ශබ්ද කිරීම සිංහල භාෂණයෙහි ස්වර ශබ්ද පූර්ව මධ්‍ය අපර හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ සංවෘත ඉ ඊ උ ඌ මධ්‍ය එ ඒ අ ඔ ඕ විවෘත ඇ ඈ අ ආ සිංහල භාෂණයේ ව්‍යංජන ශබ්ද ඔෂඨජ දන්තජ මූර්ධන්‍ය තාලුජ කණ්ඨජ අපරකණඨජ නාසික්‍ය ම් න් ණ් ඤ් ඞ් ස්පර්ශ ප් බ් ඹ් ත් ද් ඳ් ට් ඩ් ඬ් ච් ජ් ඥ් ක් ග් ඟ් උෂ්ම ෆ් ස් ශ් හ් රේඵ ර් පාර්ශවීය ව් ල් ය් ගැට ඇලපිල්ල එය සිදු පිල්ලම් ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.ච් සිංහල යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි. වෙනත් භාෂා ලිවීමට යොදැගැනීම සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සිංයවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ. උදාහරණ: Apple -ඇපල් පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති. උදා :- සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන සජ්ඣායනා අට්ඨකතා විපස්සනා සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන නෛසර්ගික දුඃඛ නයති සිංහල ඉලක්කම් නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත. ආශ්‍රිත ලිපි සිංහල හෝඩි සිංහල භාෂාව යොමුව සටහන් තව දුර කියවීමට බැහැර පිටු සිංහල යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් සමූහය සිංහල යුනිකෝඩ් සඟරාව Download සිංහල යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට සිංහල හෝඩිය Omniglot සිංහල පිටුව අබුගිඩා ලේඛන භාෂා සිංහල අකුරු අබුගිඩා
1869
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%BA
මහාවංශය
මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි. චූල වංශ සංකල්පය මහානාම හිමියන් විසින් ලියන ලද කොටස (ජර්මන් ජාතික ගෛගර් පඬිතුමා විසින් පරිවර්තනය කරන ලද) මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් චුලවංශය ලෙසත් හඳුන්වා දී තිබේ.මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙහි එන යෙදුමකි. කෙසේ වුවත් බොහෝ උගතුන්ගේ පිළිගැනීම අනුව චුලවංශය ලෙස කෘතියක් තිබී නැත. සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූල වංශය (සුළුතර වංශ කථාව) නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත.ය මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙහි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වි පඹයා අන්තර්ගතය මහානාම හිමියන් විසින් කරවන ලද කොටස මහාවංශය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිට .පූ. 543 දී කාලිංගයේ (පුරාතන ඔරිස්සාව) විජය රජතුමා ගේ ආගමනයෙහි සිට, මහාසේන රජතුමා (ක්‍රි.ව. 334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි. මෙහි ගාථා 52ක් පරිච්චේද 37කින් දක්වා ඇත. 13 වැනි සියවසයේ වැඩ සිටි ධම්මකිත්ති හිමියන් විසින්කරවන ලද කොටස මහසෙන් රජුගේ සිට මහා පරාක්‍රමබාහු රජු ගේ අවසන් කාලය දක්වා ලියන ලද කොටසයි. පරිච්ඡේද 37-79 දකවා රචිතයි. පරාක්‍රමබාහු රජු පිළිබඳ පමණක් අධ්‍යාය 18ක් භාවිතා කොට වීරත්වයක් ආරෝපණය කොට තිබේ. හුදෙක් ඉතිහාසය දැක්වීම ම අරමුණු කොට ඇත. බුද්ධරක්ඛිත තෙරුන් විසින් කරවන ලද කොටස මහා පරාක්‍රමබාහු රජු සිට හතරවන පරාක්‍රමබාහු රජු දක්වා කරවන ලද කොටස 80-90 පරිච්ඡේදය දක්වා බුද්ධරක්ඛිත තෙරුන් විසින් රජවරු 23ක් පිළිබඳ කරුණු ඇතුලත්ව රචිතයි. තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් කරවන ලද කොටස හතරවන පරාක්‍රමබාහු රජු ගේ කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ අවසාන රජු දක්වා වු කාලය 100 වැනි පරිච්ඡේදය දක්වා රජවරු 24කගේ තොරතුරු දක්වයි. සංස්කෘතික දෙපාර්තුමේන්තුව විසින් කරවන ලද කොටස වර්තමානය දක්වා ලියැවේ. මුද්‍රණ හා පරිවර්තන සිංහල බසට පරිවර්ථන == මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, The Mahavamsa නමින් ලංකා සිවිල් සේවයෙහි නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්න්අවර් විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී විල්හෙල්ම් ගෙයිගර් විසින්, මහාවංශයෙහි ජර්මන් පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි. සිංහල පරිවර්තන බුද්ධාගම ආගමික පුස්තකයක් ලෙසින් නොසැළකුණත්, මහාවංශය ලක්දිව බුද්ධාගම පිලිබඳ වැදගත් ග්‍රන්ථයෙකි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, ධර්මය විමර්ශනයට ලක්වුනු විවිධ බෞද්ධ සංගායනාවන් දක්වා, ඉන්දියාවේ බුද්ධාගමෙහි ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැඟෙන්නේ, අනුරාධපුරයෙහි මහාවිහාර සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි. ඉතිහාසය මහාවිහාරයෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රි.පූ. 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රි.ව. 5වන සියවසෙහිදී, බෞද්ධ භික්ෂුවක් වූ මහාථෙර මහානාම විසින් සිදුකෙරිණි. විල්හෙල්ම් ගෙයිගර්ට අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, වංසත්ථප්පකාසිනියේ හි සීහළට්ඨකථා සහ රජවරුන්ගේ ලේඛන(පින්පොත්) මුලාශ්‍ර ලෙස ගත්බව මහාවෂ කතුවරයාම සදහන් කරයි. සීහළට්ඨකථා හි මහාවංසය මහාවිහාරයේදි ලියන ලද බව වංසත්ථප්පකාසිනියේ සදහන්ය.අභයගිරිවිහාරවසී හිමිවරුන් පවත්වාගෙන ගිය උත්තරවිහාරට්ඨකථා ද මුලාශ්‍ර කරගත් බව පැහැදිලිය. සාක්ෂි ඇත. දීපවංශය නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක. සහස්‍රවර්ෂ දෙකක කාල සීමාවක් අවිච්ඡින්න ඓතිහාසික වාර්තාවක් සපයන හා, සමහරවිට සාමුහිකව මහාවංශය ලෙසින් හැඳින්වෙන සංයුක්ත කෘතිය, ලෝකයේ දීර්ඝතම නොබිඳුනු ඉතිහාස විස්තර අතුරින් එකක් ලෙස සැලකෙයි. අශෝක අධිරාජයාගේ මරණයට පෙර විෂය කොටස විශ්වාස කල නොහැකි සහ බොහෝ දුරට ප්‍රබන්ධමය වුවද, එය ලියැවුනු කාල සීමාව සැලකිල්ලට ගත් කල, කෘතියෙහි ඓතිහාසික නිරවද්‍යතාවය, විස්මයජනක බවට සැලකෙයි . එනමුදු, මහාවංශයෙහි එම කොටස විජයගේ ජනප්‍රවාදගත ආගමනයට මත්තෙන් ලංකා ද්වීපයෙහි වැසියන් වූ නාගයන් සහ යක්කයන් පිළිබඳ කරුණු කාරණා අඩංගු ලේඛණයන් කිහිපය අතුරින් එකෙකි. වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය. පරාක්‍රමබාහු රජතුමාගේ ඉංජිනේරු ක්‍රම එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න) මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. බුරුමයේ හා තායිලන්තයේ එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත. දේශපාලනික වැදගත්කම දේශපාලනික පණිවුඩයක් රැගත් ලේඛණයක් ලෙස නූතන ශ්‍රී ලංකාව තුල මහාවංශය වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත. 1930 ගණන්වලදී විශේෂයෙන් දෙමළ ජාතිකවාදී ව්යා පාරය තුල මහාවංශය පරිහාසය ට ලක්කිරීමේ කිරොගණයාදාමය ආරම්භ වූ ආකාරය බිරායාතාන්යා ජාතික ඉතිහාසඥයකු වන ජේන් රසල් විසින් විස්තරකොට ඇත. දෙමළ ජාතිකවාදීන් මෙන්ම සිංහල ජාතිකවාදීන්ටද පෙනීගියේ සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය වන මහාවංශය සිංහල ජනයාගේ හෙජමොනික වීරකාව්යගයක් ලෙසිනි. 1930 ගණන්වලදී ජාතිකවාදී දෙමළ ජනයාගේ නායකයා වූ ජී. ජී. පොන්නම්බලම් විසින් මෙයට පහර දෙනු ලැබිණ. විජය කාශ්ය්ප පරාකරාතිමබාහු ආදී බොහොමයක් සිංහල රජවරු ද්රකවිඩයින් වූ බව ඔහු විසින් කියා සිටින ලදී. 1939 දී නාවලපිටියේදී සිංහලයින් හා මහාවංශයට පහරදෙමින් ජී. ජී. පොන්නම්බලම් විසින් සිදුකළ කුපිත කරවනුසුලූ කථාව නාවලලිටිය පස්සර මස්කෙලිය පමණක් නොව යාපනයටද පැතිරුනු පරති ථම සිංහල- දෙමළ කෝළාහළය නිර්මාණය කිරීමට හේතුවිය. බිරනයටතාන්යන යටත්විජිත පාලකයන් විසින් ඉතා ඉත්මනින් මැඩපැවැත්වූ අතර පශ්චාත් නිදහස් ගැටුම්වල ඛේදනීය ඉරමක් කරා ඇදීයාම වලකනු ලැබිණ. • එළාර රජු ඝාතනය කිරීම පිලිබඳව දුටුගැමුණු රජු පසුතැවිල්ලට පත්වීම පිලිබඳ සාදාචාරාත්මක පරකන ශ්ණයට මහාවංශ කථාපුවත තුල දක්වා ඇති පිලිතුර පිලිබඳ විවිධ රචකයෝ විවිධ අදහස් දක්වා ඇත. මහාවංශය ආකරීකථමණිකයන් ඝාතනය කිරීම ‘පවුකාරයන් හා තිරිසන් සතුන් ඝාතනය කිරීම’ හා සමාන දෙයක් බව දක්වා සිටී. සමහර විචාරකයින් මෙය දක්වා සිටින්නේ සදාචාරාත්මක වැරදීමක් වන බවයි. කෙසේවෙතත් බුදුදහම පාපකාරී කිරවමෙයාවන්ගේ උස් පහත් බවක් දකී. එනම් රහත් භාවයට පත්වූ අයකු ඝාතනය කිරීම සාමාන්යු කෘතග්ජන මනුෂ්යකයකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරි ේයාවකි. අලියකු ඝාතනය කිරීම කූඹියකු ඝාතනය කිරීමට වඩා පවක් යැයි බෞද්ධයින් කියාසිටිනු ඇත. හින්දු මනු නීතියේද මෙවැනිම සිතීමක් අන්තර්ගතය. එහිදී බරාි හ්මණ යකු ඝාතනය කිරීම චන්ඩාල යකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරීමටයාවක් ලෙසින් දක්වා ඇති අතර හින්දු චාරිතරසේ සඳහා සතුන් බිලිදීමට අවසර දී ඇත. ඒ අනුව බලන කළ මහාවංශය බෞද්ධ සදාචාර ධර්මයන්ට අනුකූලය. වැදගත් කාරණය වන්නේ දුටුගැමුණු සිය කිරවංශයාව සම්බන්ධයෙන් පසුතැවිල්ලට පත්වීමය. මෙයද විශාල ලේ වැගිරීම් මාලාවකින් පසුව ලද හමුදා ජයගර‍ෞදහණයකින් අනතුරුව අශෝක රජු සාමකාමී අයකු බවට පත්වීමේ බෞද්ධ උදාහරණය හා සමාපාත කරවීම සඳහා සිදු කරන ලද්දක් වියහැක. • මහාවංශය වෙනුවෙන් පෙනීසිටින කීර්තිමත් ඉතිහාසඥයකු වන කාතිගේසු ඉන්ද්රලපාල තර්ක කරන්නේ මහාවංශයේ කථාව බෞද්ධ අන්තවාදයක් ලෙස දැකීමේ වැරදි බවත් මහාවංශ රචකයා සිය ලිවීම තුල බෙහෙවින් සාධාරණවී ඇති බවත්ය. කෙසේවෙතත් ශීරුමහ ලංකාවේ දේශපාලඥයෝ දිගින් දිගටම මහාවංශය සිය පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීම අඛණ්ඩව සිදුවනු ඇත. ගරරී න්ථ නාමාවලිය • මුද්රනණයන් හා පරිවර්තනයන් • ටර්නර් ජෝර්ජ් " The Mahawanso in Roman Characters with the Translation Subjoined, and an Introductory Essay on Pali Buddhistical Literature" 1 වන කලාපය පළමු පරිච්ෙඡ්ද 38 අන්තර්ගත වේ, 1837 • සුමංගල එච් සිල්වා බටුවන්තුඩාව, දොන් අන්දිරිස් මහාවංශය 1 වන පර්චිෙඡ්දයේ සිට 36 වන පරිච්ෙඡ්දය දක්වා පරud තිශෝධනය සහ සංස්කාරණය ලංකා රජයේ නියෝගය පරිදි කොළඹ1883 • ගයිගර් විල්හෙල්ම්, බෝඬේ මේබල් හේන්ස් (පරිවර්තනය) ෆෝර්ඬේ එච් (සංස්කාරක) The Mahavamsa or, The great chronicle of Ceylon" ලංකා රජයේ අනුගරh tහයෙනි පාලි පඨිත සංගමය ලන්ඩන් 1912 • ගුරුගේ ආනන්ද ඩබ්ලිව් ප මහාවංස කල්කටා එම් පී බිර්ලා පදනම 1990 (පෙරදිග සම්භාව්ය කෘති) • රුවන් රාජපක්ෂ් Concise Mahavamsa" කොළඹ ශීරt ං ලංකාව 2001 ආශ්‍රිත අනෙකුත් ග්‍රන්ථ දීපවංශය චුලවංශය සමන්තප්‍රාසාදීකාව සිංහල බෝධි වංශය සද්ධාර්මාලංකාරය සද්ධර්මරතනාවලිය දළදා වංශය ආශ්‍රිත බාහිර සබැඳුම් මහාවංශය ඉංග්‍රීසි‍ බසින් පාලි ග්‍රන්ථ - ශ්‍රී ලංකා
1873
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B7%96%E0%B6%BD%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%BA
චූලවංශය
චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන මහාවංසයේ මුල් වෙලුමට පසු අනක් කොටස් හැඳින්වීම‍ට ගයිගර් නම් ජ'මානු පඬිවරයා යෙදූ නාමයකි. මෙයින් ක්‍රි.ව. සිව්වන (4) ශතවර්ෂයේ සිට ක්‍රි.ව. 1815 දක්වා වූ කාලය ආවරණය වේ. චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි. අන්තර්ගතය චූලවංශය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්‍රමබාහු රජුගේ (1153-1186) රාජ්‍ය කාලයෙන් අවසන් වෙයි. මේවාත් බලන්න ශ්‍රී ලාංකීය ඉතිහාසය බෞද්ධ ග්‍රන්ථ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ශ්‍රී ලාංකීය සාහිත්‍යය ආගම් - ශ්‍රී ලංකා
1880
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%20%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8
ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම
ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම (කෙටි නම​:LK-LUG) නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Free and Open Source Software) (FOSS) ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරවීමේ පුරෝගාමී සංවිධානයකි. 1998 දී සාමජිකයින් 40 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙයට අද ලොව වටා සිටින GNU/ලිනක්ස් ලෝලීන් දහස් ගණනක් එක්වී ඇත. අඩවියෙන් බැහැර පිටු LK-LUG වෙබ් අඩවිය LK-LUG තැපැල් ලැයිස්තු Archive සිංහල GNU/ලිනක්ස් තැප්‍රෝබේන් GNU/ලිනක්ස් FOSS User Community ලිනක්ස් භාවිත කණ්ඩායම්
1882
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%94%20%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80
සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව
සත්‍යයේ ජේසු සමිඳාණන්ගේ සභාව යනු 1917 වර්ෂ‌යේ චීන‌යේ ‌බෙයිජින් නුවර ආරම්භ වූ ‌සෛවරී සභාවකි. වර්තමාන‌යේ ‌ලොව රටවල් 45ක් පුරා විසිර ඇති එහි සමාජිකත්වය මිලියන 1.5ක් ‌වෙයි. ‌මෙම සභාව ‌‌විසිවන ශතවර්ෂ‌යේ දී කිතුනු ශාසන‌යෙහි මතු වූ ප්‍රො‌තෙසතන්ත නිකායන්ට අයත් වූ පෙන්ත‌කොස්ත සභා ‌හෙවත් ශුදාත්මදානී සභාවන් ඝන‌යේ ලා සැලකේ. ඉන්දියාවෙහි 1932 වර්ෂයේ දී මේ සභාව ආරම්භ විණ. නත්තල සහ පාස්කුව මෙකී සභාවන්හි පවත්වනු නොලැබේ. සභාව විසින් පිළිගන්නා වූ මුලීක ධර්මනියාමක දසය 1.ශුද්ධාත්මයාණන් වහන්සේ: "වෙනත් භාෂා කථා කිරීමෙන් ඔප්පු වන සේ ශුද්ධාන්මය ලබා ගනීම, දෙවියන් වහන්සේගේ රාජධනියට තිබෙන අපේ උරුමය සහතික කරයි." 2.බෞතීස්ම කිරීම: "ජලයේ බෞතීස්ම කිරීම යනු පවු සමා කිරීමේ හා නවජීවය ලබා දීමට කරන චාරිත්‍රයකි. බෞතීස්මය සිදුකරන්නේ ස්වභාවික ගලායන ජලයේය. ගංඟා ඇල, දොළ හා මුහුද මීට උදාහරණ වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතීස්මය සිදුකරනු ලබන්නේ කලින් බෞතීස්මය ලබා ඇති අයෙකු විසිනි. බෞතීස්මය ලබන තැනැත්තා හිස නමා සම්පූර්ණයෙන් ජලයේ ගිලිය යුතුය." 3.පාද දෝවනය: "පා සේදීමේ චාරිත්‍රය පුද්ගලයෙකුට ජේසුස් වහන්සේ සමග එක් වීමට අවස්ථාව ලබාදේ. තවද එය පුද්ගලයෙකුට ආදරය ශුද්ධවූබව හා මානුශිකත්වය තිබිය යුතු බව නිතර මතක් කරයි. ජල බෞතීස්මය ලැබූ සියලුදෙනාම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පා සේදීමද ලැබිය යුතුය. අනෙ‍්‍යාන්‍ය පා සේදීමද සුදුසු අවස්ථා වල සිදුකරනු ලබයි." 4.ශුද්ධ වූ සහභාගීත්වය: "යේසුස්තුමාගේ මරණය ශුද්ධවු සහාව ව්සින් සමරනු ලබයි. එමගින් අපට ශක්තිය ලබාෙදනවා අපෙග් උතුමාණණ්ෙග් රැධිරය හා මාංශ අනුෙමා්දෙයන් කරන්නාවු ඔහු සමග ගණුෙදනුෙව් ෙයදිම මගින් අමරණිය ජිවයක් කරා ලගා ව්මට හැකිය. අපෙග ශුද්ධවු ආගමික එකමුතුව ඉක්මනින් පැවැත්ව්ය යුතුය. ෙමම ශුද්ධව සහාව සදහා ෙයාදා ගනු ලබන්ෙන් මුහුන් ෙනාෙයදු පාන් සහ ම්දි යුෂය.් " 5.සබත් දිනය: "සබත් දිනය වන සතියේ සත් වන දිනය (සෙනසුරාදා) දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශුද්ධ වූ දිනයකි. දෙවියන් වහන්සේගේ නිර්මාණයේ ආරම්භයේ විශිෂ්ඨත්වයේ හා ගැලවීමේ හා නැවත උපදින ජීවිතයේ සදාකාලික සැපත පතා මෙම දිනය සමරනු ලබයි." 6.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ: "මාංශගතවූ වාක්‍යයාණෝ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, පව්කාරයන් මුදවා ගැනීම සඳහා කුරුසිය මත දිවි පුදා, තුන්වන දිනයේදී උත්ථානය වී, ස්වර්ගාරෝහණය වූ සේක. එතුමාණෝ මනුෂ්‍ය වර්ගයාගේ එකම ගැලවුම්කාරයාද, පොළොවෙහිත් ස්වර්ගයෙහිත් මැවුම්කරුද, සහ එකම සත්‍යවූ දෙවියන්වහන්සේද වෙයි." 7.ශුද්ධ වූ බයිබලය: "දෙවියන්වහන්සේගේ මුවින් නිකුත් වූ දේව වාක්‍යය අඩංගු ශුද්ධ බයිබලය, පැරණි හා නව තෙස්තමේන්තු (සුභාරංවි) වලින් සමන්විත, එකම සත්‍ය ලියවිල්ල වන අතර, ක්‍රිස්තියානි දිවි පැවැත්මෙහි පදනමද වෙයි." 8.ගැළවීම/මිදීම: "දෙවියන්වහන්සේගේ කරුණාව මගින් ගැලවීම ලබා දෙන්නේ ඇදැහීම තුලිනි. අදහන්නන් ශුද්ධත්වය ලබා ගනීමටත්, දෙවියන්වහන්සේට උපහාර කිරීමටත්, මනුෂ්යත්වයට ආදරය කිරීමටත්, ශුද්ධාත්මය මත විශ්වාස තබිය යුතුය." 9.පල්ලිය: "ෙද්වස්ථානය ස්ථාපනය සිදු වුෙය් අතිඋතුමි ෙය්ෂුස්(ෙජ්සුස්) තුමාෙග් ශුඳ්ධවු අධ්යාත්මය් තුලින්් ලඛාගත් "උත්තානය සහ ජිවනය" තුලිනි. එය ෙගාඞනැගුෙන් අෙපා්න්තුලු තුමාෙග් කාලෙය්ය." 10.අවසන් විනිශ්චය: "යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම සිදුවන්නේ ඔහු අවසාන දින ස්වර්ගයෙන් පහත් වී ලොව නිශ්චය කරන අවස්ථාවේදීය: ධාර්මිෂ්ඪ පුද්ගලයන්ට සදාකාලීන ආයුෂ ලැබෙන අතර දුශ්ඪයන් සදාකාලීනව නිරයට පත් වේ." කිතු දහම​
1884
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
තාරකා විද්‍යාව
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්‍ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්‍ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්‍ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්‍ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්‍ෂණය කිරිමෙන්ය. නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය. ඉතිහාසය දූරේක්‍ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි. මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා. තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා. විශිෂ්ට ලෙස සාදා තිබූ තරු මාලිමාවක් භාවිත කිරීමෙන් තරු හඳුනාගැනීමටත්, හිරු නඟින හා බසින වෙලාව සොයාගැනීමටත්, මක්කම පිහිටි දිශාව දැනගැනීමටත්, ඉඩම්වල ප්‍රමාණයන් මැනගැනීමටත්, යම් ස්ථානවල උස මැනීමටත් මුහුදු මාර්ග සොයාගැනීමටත් හැකි වුණා. එය ඇත්තෙන්ම එවකට තිබූ සුපිරි පරිගණකයක් කියා පැවසිය හැකියි. තාරකා විද්‍යාවේ පුරෝගාමීන් අරාබි විද්වතුන් හත්වන සහ අටවන සියවස්වලදී ඉස්ලාම් ධර්මය උතුරු අප්‍රිකාව, ස්පාඤ්ඤය සහ නැඟෙනහිරෙන් පිහිටි ඇෆ්ගනිස්ථානය දක්වා පැතිර ගියා. මේ නිසා පර්සියාව සහ ග්‍රීසිය විසින් සොයාගත් විද්‍යාත්මක තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට අරාබි විද්වතුන්ට හැකි වුණා. ටොලමි නවවන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වූ ටොලමි සොයාගත් තොරතුරු සහ තවත් වටිනා විද්‍යාත්මක තොරතුරු රැසක් අරාබි ජාතිකයන් තම මව්බසට පරිවර්තනය කළා. අබ්බාසිඩ්ගේ පාලනය අත්ලාන්තික් සාගරයේ සීමාවේ පිහිටි රටවල සිට ඇෆ්ගනිස්ථානය දක්වාම ව්‍යාප්ත වුණා. ඒ නිසා ගණිතය, තාරකා විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව ඉන්දියානුවන් සොයාගෙන තිබූ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණා. මුස්ලිම් ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි. නිරික්‍ෂණාත්මක තාරකා විද්‍යාව තාරකා විද්‍යාව ආශ්‍රිත ප්‍රධාන ගවේෂණයන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය මත පදනම් වී ඇත. රේඛීය තාරකා විද්‍යාව - මෙහි මිලිමීටර් කිහිපයක් තරම්වන තරංග ආයාම සහිත විකිරණ පිළිබද අධ්‍යයනය කරයි. රේඩියෝ තරංග ශීතල වස්තු මඟින් විමෝචනය වේ. ඒවානම් අන්තර්කාරීය වායූන් හා දූවිලි වලාවන්ය. කොස්මික් පසුබිම් ක්‍ෂුද්‍ර විකිරණ මහා පිපිරුමෙන් පසු ඉවත්වූ විකිරණයන්ය. පල්සාර (pulsars) පළමුවර අනාවරණය කරගත්තේ ක්‍ෂුද්‍ර සංඛ්‍යාත මඟිනි. මෙම අනාවරණ සඳහා විශාල රේඩියෝ ‍දුරේක්‍ෂ අවශ්‍ය වේ. අධෝරක්ත තාරකා අධ්‍යයන පදනම් වන්නේ තරංග ආයාමය දෘශ්‍ය වීමට වඩා විශාල නමුත් රේඩියෝ තරංග වලට වඩා කුඩාය. අධෝරක්ත අධ්‍යයනයන්ට ප්‍රකාශ දුරේක්‍ෂ වලට සමාන දුරේක්‍ෂ යොදා ගනී. ග්‍රහලෝක වැනි තරුවලට වඩා සිසිල් වස්තු ගවේෂණයට අධෝරක්ත අධ්‍යයනයන් යොදා ගනී. ප්‍රකාශ තාරකා විද්‍යාව පැරණිම තාරකා විද්‍යාවයි. මෙහි බහුලවම යොදා ගන්නා උපාංග ලෙස ‍වර්ණාවලි මානය හා CCD (Charge-Coupled Device) දැක්විය හැකිය. පෘතුවි වායු ගෝලය මෙම ප්‍රකාශ තාරකා විද්‍යා ගවේෂණයන්ට භාධා ඇති කරයි. දර්ශන තත්වය උසස් කිරීමට අභ්‍යවකාශයේ රැදවු දුරේක්‍ෂ හා අනුවර්තී දුරේක්‍ෂ යොදා ගනී. මෙම පරාසයේදී තාරකා හොදින් දෘෂ්‍ය වේ. රසායනික වර්ණාවලි මඟින් තාරකා වල රසායනික සංයුතිය හා මන්දාකිනි, නිහාරිකා ආදියද නිරීක්‍ෂණය කල හැකිය. පාරජම්බුල, X කිරණ හා ගැමා කිරණ මඟින් තාරකා විද්‍යා අධ්‍යයනය කිරීමෙන් විද්ව පල්සාර, කළු කුහර හා චුම්භක තාරකා ආදිය ගවේෂණය කල හැකිය. මෙවැනි විකිරණ වර්ග පෘථිවි වායු ගෝලය හොදින් විනිවිද නොයයි. මෙවැනි කිරණ ගවේෂණයට ක්‍රම දෙකක් පවතී. අභ්‍යවකාශයේ රැදවූ දුරේක්‍ෂ මඟින් හා පොළවේ පිහිටවූ (IACT) දුරේක්‍ෂ (Imaging air cherenkov telescopes). පළමු ආකාරයේ ගවේෂකයන් RXTE ලෙස හඳුන්වයි. චන්ද්‍රා X කිරණ දුරේක්‍ෂය හා කොම්ප්ටන් (Compton) ගැමා කිරණ දුරේක්‍ෂය උදාහරණ වේ. IACT වර්ග වලට උදාහරණ ලෙස Magic දුරේක්‍ෂ හා (H.E.S.S) දුරේක්‍ෂ (High Energy Stereoscopic System) දැක්විය හැකිය. ඉතා දුරින් නිපදවෙන විද්‍යුත්චුම්භක තරංග වලින් ඉතා කුඩා ප්‍රමාණයක් පොළව මතින් අනාවරණය කරගත හැකිය. ගුරුත්ව තරංග (Gravitational Waves) අනාවරණයක පිහිටුවත් ඒවා අනාවරණය කර ගැනීම ඉතා අපහසුය. සූර්යා අධ්‍යයනය කිරීමට නියුට්‍රිනෝ අනාවරක නිපදවා ඇත. කොස්මික් කිරණ සතුව අධික ශක්තියක් ඇති අංශු අතර පෘථිවි වායුගෝලයේ ගැටීමේදී හඳුනාගත හැකිය.‍ ගවේෂණයන් එහි කාල පරිමාණය අනඅනුව විචලනය වේ. දෘශ්‍ය ගවේෂණයන් මිනිත්තු ගණනේ සිට පැය ගණන් ගතවේ. යම් යම් සන්සිද්ධි වෙනස්වීමට ඉතා වේගවත්ය. සහශ්‍ර ගණන් පැරණ ගවේශණ වාර්තාද පවතී. රේඩියෝ ගවේෂණයන් මිලිතත්පර පරිමාණයෙන් (මිලිතත්පර පල්සාර) යේ ඈදුණු වර්ශ (පල්සාර පිළිබඳ විස්තර කිරීම් වලට) දක්වා පැතිර පවතී. තාරකා විද්‍යාවේ සූර්යා පිළිබද ගවේෂණය විශේෂ තැනක් ගනී. අනෙක් සියළු තරු ඉතා දුරින් පවතින නිසා ළඟම ඇති තරුව වන සූර්යා ගවේෂණය පහසුය. අපගේ සූර්යා අනෙක් තාරකා පිළිබද වද අවබෝධය ඇති කරවයි. තාරකා වෙනස්වීම පිළිබද මාතෘකා කරන්නේ තාරකා පරිමාණය (Steller evolution) ඇසුරිනි. තාරකා වර්ග අනුව H.R. සටහනේ (Hertzprung - Russel Diagram) පිහිටුවීම මඟින් තාරකාවල තත්වය දැක්විය හැකිය. එය තාරකාවේ උපතේ සිට අවසානය දක්වා දැක්විය හැකිය. බාහිර සබැඳි NASA කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය Astronomy2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂය වෙනුවෙන් වූ වෙබ් අඩවිය AbsoluteAstronomy.com Southern Hemisphere Astronomy Astronomy Picture of the Day New Scientist Space Sky & Telescope American Astronomical Society Planet Surveyor Utah Skies Astronomy Information by and for Amateur Astronomers ebook History of Astronomy, George Forbes (1849-1936 The Amazing Sky Space and Astronautics News විද්‍යාව
1904
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%20%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක (5) හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය (ඇමරිකා එක්සත් ජනපදය), රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (රුසියානු සමූහාණ්ඩුව), Japan Aerospace Exploration Agency (ජපානය), කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (කැනඩාව) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (යුරෝපය) යන ආයතන පහයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ මධ්‍යස්ථාන මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා
1910
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%BA
දීපවංශය
දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි. දීපවංශය රචනා වී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය. මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිධ මත පැවතිය ද ඓතිහාසික ගවේෂකයකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි. වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි. දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී. කතෘත්වය දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය. මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුදුන්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ඣායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි. මහාවංශය සමග දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ. දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත. දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ. මූලාශ්‍ර දීපවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය
1918
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92%20%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F
වැදි ජනයා
වැදි ජනයා ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රම‌යෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය ‌වෙමින් පවතියි. සම්භවය වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි. උගතුන් විසින් ‌පෙන්වා දෙන්නේ විජයාගමනයට ‌පෙරාතුව පැවති ඉපැරණි ‌ගෝත්‍ර වන යක්ෂ, ‌නේසද, මිලක, ශබර වැනි ජන ‌කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ‌ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරී‌මේ දී, ඔවුන් ‌ප්‍රෝ‌ටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන ‌වේ. පරීක්‍ෂණයන් මගින් ‌පෙනි ‌ගොස් ඇත්තේ, ඔවුන් ලංකා‌වේ ආදිවැසියන් වූ බලං‌ගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුග‌යේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරී‌මේ ජන ජීවිතයකට හුරු වූ ජන ‌කොට්ටාශයකට අයත් බව පෙ‌න්. සිංහල සාහිත්‍ය‌යේ වැද්දන් හැඳින්වීමට ‌යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ‌ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වද‌නෙකයි වි.ජ.මූ. ‌ලොකුබණ්ඩාරයන් පවසයි. ‌ගොවිතැන් ‌නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට ‌යොදනු ලැ‌බේ. සිංහල ජාතකකතා ‌පො‌‌තහි ද ‌මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන ‌යෙඳුම භාවිතා ‌කොට ඇත. එහෙත් ‌හෙන් ‌ගොවිතැන් ක‌ළ, දඩයම් ‌කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණ‌යේ ලා ‌නොසැලකුණි. මහාවංශය අනුව සිංහල ජාති‌යේ ආරම්භ‌යේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කු‌වේනි නම් ‌හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ‌ලෙස ජනප්‍රවාද‌යේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කු‌වෙණිය‌ගේ දරුවන් ‌දෙ‌දෙනා සම‌නොල අඩවියට පලා ‌ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව ‌මොවුන් 'පුලින්ද'යන නාම‌යෙන් ව්‍යවහාර වූ බව ‌පෙ‌නේ.වංසත්තප්පකාසිනිය පවසනේ වැද්දන් පැවත එන්නේ කුවේනියගේ දූ පුතුන් දෙදෙනාගෙන් බවයි. මහා වංශ‌යේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කු‌වේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියා‌වෙන් ‌ගෙ‌නෙන ලදි. එහි දී කු‌වේණිය නැවත ලංකාපුර‌යෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව ‌වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇය‌ගේ බාල ‌සො‌හොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සම‌නොළ කන්ද)ට ‌ගොස් ‌ නැගණී දෙටු ‌සොයුරා හා වාසය ‌කොට, මලයා රට හෙවත් කදුකර ප්‍ර‌දේශ‌යේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ‌ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් ‌මේ‌‌ලේජ්‍ය ‌ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. ‌‌කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ‌යේ සිට කදුකරය දක්වා ප්‍ර‌දේශය ‘සබරගමුව’ ‌ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ ‌මගින් ය. ‌උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩා‌වේ ‌දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්ත‌යේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශ‌යෙන් ඍජුව ම දක්වා ඇත. ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකා‌වේ ආදිවැසි‌යෝ ‌නො‌වෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්‍ර‌යෙන් බිහිවූවක් ‌ලෙසින් ‌පෙ‌නෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. ‌කෙ‌සේ‌වෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාර‌යෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් ‌නොමැති බව ය. හෙලයන් සමග සබඳතාව මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණ, බලි, තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ගෝත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රෝහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහාවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්‍රවාදයන්හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද හෙළයින් සහ වැද්දන් අතර ඇති ඥාතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චායනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ. ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ. වැදි සමාජ සංවිධානය වැදිසමාජය තුළ කැපී ‌පෙ‌නෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. ‌බො‌හෝ විට වැදි රැළක් වැදිනායකයකු යට‌තේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාර‌යේ, ‌ගෝත්‍ර අතර ‌වෛරයක් ‌හෝ ‌ගෝත්‍ර සටන් දක්නට ‌නොමැත. එක ම ප්‍ර‌දේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදාන‌යෙන් ජීවත් වුව ද, ප්‍ර‌දේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිග‌යෝ ගඟක් ‌හෝ කැළැ ‌පෙ‌දෙසක් හරහා ‌වෙනත් ප්‍ර‌දේශයන් වලට සංක්‍රමණය වූ හ. ‌මෙ‌සේ ප්‍ර‌දේශ‌යෙන් ප්‍ර‌දේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය. වර්ග ‌බෙදීම වැද්දන් අතර වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, එය කෙ‌සේ ආරම්භ වූයේ ද, එහි ප්‍ර‌යෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එ‌හෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනී‌මේ දී, මෙකී වරුග ‌බෙදීම 'පෙළපතක්' වශ‌යෙන් භාවිතා කරනු ‌පෙ‌නේ. ප්‍රධාන වශ‌යෙන් වරුග හයක් වැද්දන් අතර පවති: ‌මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ වශ‌යෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීත‌යෙන් ද වරුග ‌බෙදීමක් දක්නට ඇති අතර, ඒවා ‌මෙහි ලා දක්වනු ලැ‌බේ:‌හේ‌නෙ-බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ යනාදිය ය. සමහර අවස්‍ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, වරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරු‌ගෙන් පිට විවහයන් කරත්, බහිර්-‌වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි. සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග ‌බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ‌ගෝත්‍ර‌යෙන් පිට විවහා වීම ‌හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ ‌මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍ර‌යෙන් ‌ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30). භූවිෂමතා ලක්ෂණ ඇසුරු ‌කොට ද වැද්දන් ප්‍රධාන වශ‌යෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු ‌කොට ජීවත් වන වැද්දන් සහ නැ‌ගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍ර‌දේශ‌යේ ජීවත් ‌වෙති ‌මොවුන් 'වෙතර්'වශ‌යෙන් හඳුන්වනු ලැ‌බේ. දිවි‌පෙ‌වෙත මුල් කාල‌යේ දී, වැදි ජනප්‍රජාව ගල්ලෙන් ඇසුරු ‌කොට ජීවත් වූ අතර, පසුව පැල්පත් ආශ්‍රීත ගම්මාන කරා සංක්‍රමණය වන්නට ඇත. ඒවා වැදි ‌කොරටු ‌ලෙසින් හැඳින් වූ අතර, වරින් වර, ආහාර ‌සොයා ගත හැකි පමණට කොරටු‌වෙන් ‌කොරටුවට වැදි ප්‍රජාව සංක්‍රමණය වී‌මේ සිරිතක් විය. පසුකාලීනව ඇති වූ ගම්වැද්දන් ප්‍රධාන වශ‌යෙන් හේන් ‌ගොවිතැන ඇසුරු ‌‌කොට ජීවත් වූ නමුදු, ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි ‌පෙ‌වෙත සම්පුර්ණ‌යෙන් ම අත් ‌නොහැරිය හ. වැද්දන් ප්‍රධාන වශ‌යෙන් දඩයම් කිරී‌මෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ මුලීක ප්‍රවනතාවය වූ‌යේ ‌ගොනා දඩයම් කිරීම ය. ‌ගොනා ගිරි ආශ්‍රිත ව වාසය කළ නිසා වැද්දන් ද ගිරි‌ලෙන් ආශ්‍රිත දිවි ‌පෙ‌වෙතකට හුරු වන්නට ඇති බව ‌බො‌හෝ විද්‍යාර්ථයින් විශ්වාස තරති. ‌මෙයට අමතර ව, ඔවුන් ඵල-අල ආහාරයට ගනිමින් ද, වන මී රැස්වන කාලයට මී කැඩි‌මෙන් ද දිවි ‌පෙ‌‌වෙත සරි කර ගත් හ. වැද්දන් ආහාර පුළුස්සා ගැනීම කරන අතර, අලවර්ග ‌‌බො‌හෝවිට උණු අළුපල්ලේ ලා තම්බා ගැනීම කරනු ලැ‌බේ. දඩයම් කිරීම හා ආහාර අනුභවය කණ්ඩායමක් වශ‌යෙන් එකට ම කරනු ලැ‌බේ. වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හිඟ කාලයන් සඳහා කල් තබා ගැනීමට මස් වර්ග වියලීම (හෙවත් කරවල කිරීම), එල්ලා දුම්ගැස්ස වීම ‌හෝ මීපැනිවල බහා තැබීම වැනි ක්‍රියාවන් කළ හ. රෑ‌‌හේ නායකයා වැදි‌ගෝත්‍රය සංවිධානය වන්නේ 'නායකයෙකු' වටා ය. එ‌හෙයින් විවිධ වූ වැදිජනප්‍රජාවන් සඳහා නායක‌යෝ සිටිය හ. එ‌හෙත් පසුකාලින වශ‌යෙන් වැදි ජනතාව‌ගේ ප්‍රාමාණාත්මක අඩුවීම නිසා සහ ආණ්ඩුව විසින් ඔවුන් වසන ප්‍ර‌දේශ පාලනය නායකයන්ගේ පැවැත්ම ක්‍රමයෙන් නැති ව ගි‌යේ ය. වැදි ප්‍රජා‌වේ කැපී ‌පෙ‌නෙන නායක‌යෙක් ‌‌ලෙස මෑත යුග‌යේ සිටි‌යේ දඹා‌නේ මහාවන්නියලැත්‌‌තෝ ‌හෙවත් තිසාහාමිලැත්‌තෝ ය. පවුල් දිවිය වැදි ජනයා අතර ඥාතීත්වය සහ ඔවුන්ට ආමන්ත්‍රණය සිංහල ජන ප්‍රජාව ‌මෙන් ‌‌වෙයි. අප්පිලැත්‌තෝ (පියා), අම්මිලැත්‌තෝ (මව), ආදි වශ‌යෙන් 'ලැත්‌තෝ' යන පාඨය ඥාතිතවයට පසුව ‌යෙදී‌මෙන් ඔවුහු ආමන්ත්‍රණය තනා ගනිති. බිරිද(කුඩ්‌පෙත්ත)ට ‌බො‌හෝ විට, 'නංගිලැත්‌තෝ' යන ‌යෙඳුම ‌යොදනු‌යේ, වැදිජනප්‍රජා‌වේ දක්නට ඇති බෑණා සහ නැනා (ඇවැස්ස හුරා-නෑනා) විවාහයන් නිසා‌වෙන් ය. සිංහල සමාජ‌යේ ‌මෙන් ම, විවාහ සහ ලිංගික සම්බන්ධතා සම්බන්ධ‌යෙන් විවිධ වූ තහංචි පැන වී තිබිණි. නිදසුනක් ‌ලෙස, මාමා සහ නෑනැ අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන් ම, මවු-පිය පාර්ෂව‌යේ ස‌හෝදරයන් ‌හෝ වියපත් ස‌හෝදර ස‌හෝදරියන් අතරත් විවාහයන් තහනම් විණ. එ‌හෙත් මරණයක දී, මළ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිය එකී පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිඳු විම නිසා, නැවතත් දරුවන් හට ආරක්ෂාවක් ලැබිණ. පවුල් සම්බන්ධතා අඹු-සැමි දිවිය අගය කළ වැදි ජනයා අතර, සිංහල ජන ප්‍රජා‌වේ දක්නට ලැ‌බෙන බහුභාර්යා ‌සේවනය ‌හෝ බහු පුරුෂ ‌සේවනය තබා, පරදාර ‌සේවනය වත් දක්නට ‌නොමැත. විවාහ‌යේ දී, වැදි ජනයා ස්වකීය භාර්යාවන්ට මනා ‌සේ ඇළුම් කළ අතර, එකි‌නෙකාට විශ්වාසවන්ත ‌ලෙස ද ජීවත් විය. එ‌හෙයින් වි‌දේශිය මිශනාරිවරුන් විසින් ‌කෙවල විවහා කුමය ලංකාවට හඳුන්වා දීමට පෙර සිට ම, වැද්දන් අතර ‌කේවල විවාහ ක්‍රමය තිබූ බව ‌පෙ‌නේ. වැදි ප්‍රජාව අත‌රේ ගැහැණිය හට මනා ආරක්ෂාවක් ලැබුණු අතර, ඇය පවු‌ලේ පළමු ‌කොට, ආහාර‌යෙන් ‌කොටස භුක්ති වින්ද හ. ‌මෙයින් ‌පෙ‌නෙන්නේ කාන්තාව වැදි ප්‍රජාව අත‌‌රේ ‌ගෞවරවයට පාත්‍ර වූ බවකි. විවාහ චාරිත්‍රයන් වැදි දරු‌වෝ කල් ‌නොයවා ස්වකීය නෑන-හුරා විවාහයන්ට ඇතුළු ‌වෙති. ඔවුන් අතර ස‌හෝදර ස‌හොදරි ව්‍යවාහයන් ‌හෝ විවාහයට ‌පෙර ලිංගිත සම්බන්ධතාවන් සිදු ‌නො‌වේ. විවාහ චාරිත්‍රයන් ‌බො‌හෝ ‌සේ ලුහුඩු ය; සරල ය. තරුණ වැදි ‌කොළු‌වෙකු හිතගිය තරුණි‌ය‌ගේ ‌පියාගේ ගෙට පැණි මුලක් හා මස් රැ‌ගෙන ‌ගොස් ‌යොජනාව පියාට පවසන අතර, පියා විසින් ඇයට නියඳ පට්ටාවලින් ඇඹරූ රෑනක් ‌ගෙන ඔහු‌ගේ ඉණ වටා බඳිනු ලැ‌බේ. එතැන් සිට ‌‌දෙ‌දෙනා අඹු-සැමි‌යෝ ‌වෙති. ඒ රෑණ දිරා ගිය කල්හි, අලුත් නියඳ රෑණක් අඹරා බැඳී‌මේ කාර්යය භාර්ය්‍යාව සතු ‌වෙයි. සාමාන්‍ය‌යෙන් මාමලැත්‌තෝ විසින් බඹර වද ඇති තැනක් පවරා දීමත්, දඩ බල්ලන් සහ දුනු ඊතල දීමත් කරන ලදි. සමහර අවස්ථාවලදි මනමාලයා විසින් මනමාලියට ‌රෙදිපිලි දීම පසුකාලින ව ඇති වූ සිරිකත් බව ‌පෙනේ. විවාහ‌යෙන් පසුව බෑනා මාමා‌ගේ රෑණට එකතුවී, දඩයමට සහයවීම සිඳු ‌වෙයි. එබැවින් වැදි ජනයා අත‌රේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරැවන් ‌කෙ‌රෙහි ඇල්මක් ඇත. දරුදැරි‌යෝ විවාහ‌යෙන් පසු, දරු ගැබක් පහළ වූ පසු, වැදි ජනයා අතර ආරක්ෂාවන් සඳහා විවිධ අභිචාර විධී භාවිතා කරයි. පුරාණ‌යෙදී 'පට්ටා යකා' පූජාවක් කරමින් ගැබ් ආරක්ෂා කළ බව ප්‍රකට ය. ප්‍රසූතිය ගල්‌ලෙනක ‌හෝ පැ‌ලේදී සිඳු විණ. ප්‍රසූති‌යෙන් පසු ව විවිධ මස්-මාශ වර්ග අනුභවය නුසුදුසුයයි පිළි ගැනීමක් විණ. එ‌සේ ම කිරී එරීම සඳහා ම ‌යොග්‍යයයි පිළිගත් අලවර්ග ආහාරයට දීම කරන ලදි. දරුවා හට මසක් තුළ නමක් දුන් අතර, යකුන්‌ගේ ‌දොස් වලින් ආරක්ෂා කර ගැනීමට දරුවා ‌බො‌හෝ විට හඳුන්වනු ලැබු‌වේ විවිධ වූ හුරතල් නම් වලිනි. ඔවුන්‌ගේ නියම නමින් හඳුවන්නට පටන් ගන්‌නේ දරුවා වැඩුණු පසු ය. දරුවන් ‌ගේ වයස අවුරුදු හත පමණ වනතුරැත් ඔවුන් නිර්වස්ත්‍රව සිටිති. වයස අවුරුදු දහය-දො‌ළොහ පමණ වය‌සේ දී දරුවන් විසින් ගල්දුනු භාවිත‌යෙන් කුරුල්ලන් සහ කුඩා සතුන් දඩයම් කරති. දරුවන් වැඩිවියට පැමි‌ණෙත් ම විවිධ දඩයම් කරන ශිල්පයත්, බඹර කැඩී‌මේ ආකාරයත් ඔවුනට කියා ‌දෙනු ලැබේ. ‌මෙ‌සේ වැඩුණු පිරිමි දරුවන් දඩයම් සහ බඹර කැඩී‌මේ දී හවුල් කර ගන්‌නේ එකී කුසලතා වර්ධනය කිරීමට ය. වැදි දැරිවිය මල්වර වූ විට, ඇය නුග ගසක් ‌වෙතට ‌‌ගොස් ගල් කැටවලින් එයට ගැසීමත්, එය කන වැකුණු මව වතුර කළයක් ‌ගෙන ‌ගොස් ඇය නහවා, හිසිට පසුපසින් එය බිමට වැටී බිඳී සියලු ‌දොස් දුරු කිරීම හැර ‌වෙනත් වි‌ශේෂිත ‌කොටහළු සිරිත් නැත. පසුකාලින වශ‌යෙන් සිංහල මල්වර සිරිත් වැද්දන් අතර ප්‍රචලිත වීම නිසා, මල්වර දැරිය කිළි පැලක වැඩිමහළු කාන්තාවක් හා තැබීම හා ඒ ආශ්‍රිත අභිචාර විධි කිරීම දැන් අපට අසන්නට දක්නිනට ඇත. මරණය වැද්දන් ‌කෙ‌රෙහි භිය උපදවන අවස්ථාවකි. එවැන් විට ඔවුහු ගල්‌ලෙන් අතැර යති. එ‌සේ කරනු‌යේ, මළ පුද්ගලයන් ඔවුන් හඹා එනු ඇතයි බි‌යෙනි. වැද්දන් විශ්වාස කරන පරිදි, මරණ‌යෙන් පසු ස්වකිය ඥාතියා නෑ ය‌කෙකු කිරීමට, දින කිහිපයක් මළ පුද්ගලයා ‌වෙනු‌වෙන් පුද පූජා පවත්වති. බාහිර සම්බන්ධතා ‌රොබට් ‌‌‌නොක්ස් පවසන පරිදි, ඔවුන් මුව දඩය‌මෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුළින් වියලා ගැනීම කරනු ලැ‌බේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් ‌වෙත පැමිණිය හ. රජු‌ගේ කෑම ‌මේසයට සඩමස් සැපයීම කාර්‌යේ ද නිරිත විය. ඒවාට අමතර ව, රජු හට ඇත්දළ සැපයීම ද, මී පැණි සහ මී ඉටි සැපයීම ද කරන ලදි. රජු ද ඔවුන්ට ප්‍රත්‍යුපකාර වශ‌යෙන් වැද්දන් හට ‌රෙදිපිළි සහ ඊතල ආදිය දුන්‌නේ ය. ‌රොබට් ‌නොක්ස්‌ගේ වාර්තාවට අනුව වැද්‌දෝ වරක් රජුට එ‌රෙහිව පැමිණි යුද්ධවලදී සටන් කළ හ. එ‌සේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍ර‌දේශ ආරක්ෂා කරමින් රජුට ද වක්‍රාකාර ව ආරක්ෂාව සපයන ලදී. වැදි බස වැදිභාෂාව ආශ්‍ර‌යෙන් කළ පර්‌යේෂණයන් ඇසුරින් විලියම් ගයිගර් වියතාණන් දක්වන්‌නේ, වැදි ප්‍රජාව දකුණු ඉන්දියා‌වේ ‌පෞරාණික ‌ගෝත්‍රයන්ට නෑ සබදතාවක් දක්වන ඇති බවත් ය. ආරියන් සංක්‍රමණයන්ට ‌පෙර පටන් ඔවුහු ශ්‍රී ලංකා‌වේ විසූ ආදිවාසින් වූ අතර, අනාර්ය භාෂාවක් කතා කළ බවකි (Indian Historical Quartely, XI. pp. 515-516). වැද්දන් විසින් වනාතර‌යේ දඩයමට යන අතර භාවිතා කළ රහස් බසක් වශ‌යෙන් ඔවුන්‌ගේ භාෂාව වර්ධනය වන්නට ඇත. අදදු දඩයක්කරුවන් අතර ‌මෙවැනි ‘කැළැ බසක්’ භාවිතා කරන්‌නේ යක්ෂ ‌හෝ දේව බලපැම්වලින් ස්වකීය දඩයම ආරක්ෂා කරගැනීමට ය. මූලීක වශ‌යෙන් ආදිවැසියන් ‌ලෙස වර්ධනය වූ වැද්දන්‌ගේ අනාර්ය බස ක්‍රම‌යෙන් ආර්යන්ගේ පැමිණිම හා සිංහල භාෂාව හා සම්මිශ්‍රණය වි‌මෙන් දැන් භාවිතා කරන ආකෘතියට පරිවර්තනය වන්නට ඇත. ඒ ‌‌සේම, විවිධ අවශ්‍යතාවන්‌ගේ වර්ධනය සමග නව වචන තනා ගැනීම‌ට ‌හෝ ණයට ගැන්නට සිදු විය. ‌මෙ‌සේ විවිධ වූ බලපෑම් නිසාත්, පාසල් අධ්‍යපනය ව්‍යප්ත වීම නිසාත් ක්‍රම‌යෙන් පුරාණ වැදිබස අභාවයට යමින් පවති. ආගමික ලැදියාවන් වැදි ප්‍රජාව ප්‍රධාන වශ‌යෙන් ‌ලෝක‌යේ අ‌නෙකුත් ආදිවාසි ජන ප්‍රජාවන් ‌සේ, ප්‍රාණ වාදිහු ‌වෙති. වැද්දන්ගේ ඇදහිලි රටාව මළ ඥාති වන්දනාවකි (Obesekera, 'G. Sinhal religion.' In M. Eliade ed. The encylopedia of religion, Vol 13. New York: Macmillan, 1987.). විශ්වාස වෑද්දන්‌ගේ විශ්වාසයන් සංකිර්ණ ය. ප්‍රධාන වශ‌යෙන් නෑ යකුන් ඇදහිම, විවිධ ‌වෙනත් යක්කු සහ ‌දෙවිවරුන් ඇදහම හා ‌බෞද්ධ පුදපූජාවන් ‌මේවාට ඇතුලත් ‌වෙති. ‌‌බොහෝවිට යාදිනි සහ කිරි‌කොරහ වැනි අබිචාරයන් මගින් සශ්‍රීකත්වය උ‌දෙසා කටයුතු කරයි. ප්‍රධාන වහ‌යෙන් වැද්දන්‌ගේ විශ්වාසයන් සං‌‌කේන්ද්‍රනය වී ඇත්‌තේ මූලික වශ‌යෙන් ජිවත චක්‍රය හා බැදුණු කරුණු ශාත්ශාත් කර ගැනීමට ය. අභිචාරවිධි ජිවිත චක්‍රය අළලා බැඳුණු අභිචාර විධි පහත දක්වනු ලැ‌බේ: වැදි ජනයාගේ සාහිත්‍යය මුඛ පරම්පරාගතව පැවත එන ගී, කවි, මන්තර, හා ජනකතා වැනි ජනශ්‍රැතින්ගෙන් සමන්විත වු වැදි ජනයා ව්‍යවහාර කරන භාෂාව පදනම් කොට ගෙන නිර්මාණය වු සාහිත්‍යය වැදි ජනයාගේ සාහිත්‍යය ලෙස හැඳින්වේ. ජානවිද්‍යාත්මක අධ්‍යනයන් ජාන විද්‍යාත්මක පර්‌යේෂණයන් තුළින් තහවුරු වී ඇත්‌තේ උතුරු ඉන්දියානු ආර්ය සංක්‍රමණයට ‌පෙර විසු ප්‍රග්-ආර්ය ජනතාව හා සම්බන්ධතාවක් ඇති බව ය. කලාන්තරයක් තිස්‌සේ සිංහල හා දෙමළ ජනතාව අත‌රේ වාසය කළ වැද්දන් එකී ජනසමාජයන්ට ක්‍රම‌යෙන් සම්මිශ්‍රණය විය. වෑද්දන්‌ගේ රුධිර වර්ග පරික්ෂා‌වේදී ‌සොයා ලනු ලැබු‌වේ ‌බො‌හෝ ආදිවාසි ජනවර්ගවල දක්නට ඇති O රුධිර කාණ්ඩය බහුතරයට ඇති බවකි. එ‌සේ ම ස්වල්ප ජන ‌කොට්ඨාශයක A රුධිර ගණය දක්නට තිබූ අතර, ඔවුන් අතර‌වෙනත් රුධිර කාණ්ඩයන් දක්නට නැත (The Blood Groups and Haemoglobins of the Veddahs of Ceylon R. L. Wickremasinghe, Elizabeth W. Ikin, A. E. Mourant, H. Lehmann Journal of the Royal Anthropological Institute of Great Britain and Ireland, Vol. 93, No. 1 (Jan. - Jun., 1963) , pp. 117-125). මූලාශ්‍ර වැඩිදුරට කියවීම සඳහා මීගස්කුඹුර, පී.බී., සිරිලක වැදිජන පුරාණය.‌ කොට්‌ටේ:පිනිදිය ප්‍රකාශක‌යෝ, 1995. ද සිල්වා, එම්. ඩබ්. සුගතපාල, දඹා‌නේ වැදි බස ‌කොළඹ: සරසවි ප්‍රකාශ‌යෝ, 1964. ඉංග්‍රිසි මූලාශ්‍ර Seligmann, C.G. The Vaddahs of Ceylon. Cambribge Archaeological and Ethnological Series, Macmillan & Co., 1906. Virchow, R, L, C. The Veddas of Ceylon and Their Relation to the Neighboring Tribes/ Rudolph Ludwig Carl Virchow. - Montana: Kessinger, 2008.156 p (ISBN 1437344402) බාහිර සබැදි Survival International profile on the Wanniyala-Aetto Sri Lankan history Vedda lore East coast Veddas Veddas - now only a household name වැද්දෝ සහ රොඩියෝ - අනන්‍යතාව රැකගැනීම හා අනන්‍යතාඅපහරණය කුවේණියගේ ශාපය, වැද්දන් හා නවීකරණයේ ප්‍රතිරෝධය ශ්‍රී ලංකා‌වේ ජන සමාජය වැදි ජනයා
1919
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9C%E0%B6%A9%E0%B7%93
රොඩී
රොඩී ‌හෙවත් ගාඩි ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලැබූ ජන ප්‍රජාවකි. වෙනත් යෙදුම් ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි.මීට අමතරව වැද්දා වැද්දී හුලවාලිවා නැට්ටුක්කාරී මධුකාරයා මධුකාරී යන ප්‍රාදේශිය විවාහාරයන්ද දක්නට ලැබේ. ආරම්භය ආරම්භය ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ. පුරාතණ‌යේ පටන් ‌කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ ‌‌රොඩිහූ, බෙර සෑදීම, ‌කොහු ඉදල් සෑදීම වැනි දැ‌තෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, ‌කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ‌ලෙස සැල‌කෙන ‌මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැව‌සේ. ආනන්ද හාමුදුරුවන් පිඬුසිඟා වඩින කල්හි ‌රොඩී ස්ත්‍රියක් විසින් ‌දෙනු ලැබූ ජලය පානය කිරී‌මෙන් පසුව කරන ලද බන්ධනයකින් ආනන්ද හිමියන් වශි වූ බවත්, එය කැපීමට ජලනන්දන නැමැති පිරිත බුදුන් ‌දේවා වදාළ බවත් ප්‍රකට ය.‌මේ කතාවස්තුව පසුකාලයක නිර්මාණය වූ‌යේයයි සැලකිය හැකි ‌පෙ‌නෙන නමුත් එයින් ‌රොඩීන් ‌කෙ‌රෙහි වූ සමකාලීන සමාජ‌යේ වූ බිය මැනවින් මතු වී ‌පෙ‌නේ.ඔවුන් විසින් කරනු ලබනු යයි සැල‌කෙන බලවත් මන්ත්‍ර ‌ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැ‌බේ. පුරාණ රජදව‌සේ පටන් ‌රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබූ‌‌ණේ නැත. එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැ‌බේ. මේ රොඩී කුලය කවදා කෙසේ ආරම්භ වුයේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ගෙරි මස් කෑම එහි මුල පිරීමට හේතු වූ බව සමහරු පවසති. තවත් අයගේ මතයක් වන්නේ අතීතයේදී නීච නින්දිත අපරාධ කළවුන් රොඩී රැහැට දැමු වගය. සර් ජෝන් ඩොයිලිගේ ග්‍රන්ථ වලින්ද ඒ බව මොනවට පැහැදිලි වේ. දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි. අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බාල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පැන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ. මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක. රොඩී කුලයේ ආරම්භය හා බැදුණු ජනප්‍රවාද මේ හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී භාරතයේ පැවති පංචම කුල ප්‍රභේදයට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය බිහිවී ඇතිබවයි වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන්ද මෙමම මතය බොහෝවිට සත්‍ය බව පවසයි තවත් අදහසකට අනුව මොවුන් සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට පැමිණි අහඅට කුලයට අයත්වූ කුලයක් බවයි තවත් අදහසකට අනුව ගජබා රජු ඉන්දියාවෙන් ගෙනා දුවිඩයන්ගෙන් මොවුන් පැවතෙන බවයි මොවුන් වහල් සේවයට යොදාගත් බැවින් වාලිය/වල්ලියා නම් රොඩීන් අතර භාවිත වන බවයි අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් රොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ එු අනුව රෞද්‍ර කුලය පසුව එොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත් අදහසක් වන්නේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන් පිටුවහල් කර වෙනම කුලයක් ලෙස වාසය කිරීමට අවස්ථාව දුන් බවයි ඔවුන් සුව උවද යලි මහා සමාජයට ඇතුලත් කර නොගත්හ රොඩී කුලය හා බැදුනු තවත් ජනප්‍රවාදයක් රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේ දැක්වේ නොක්ස් පවසන පරිදි මෙම පුරාවෘත්තය මෙසේය.අතීතයේ රොඩී ජනයාගේ රාජකාරියවී තිබුනේ රජවාසළට මස් සැපයීමයි.දිනක් ඔවුන්ට මස් පිනිෂ සතකු එළවාගැනීමට නොහැකිවිය.රජුට මස් සැපයීම සිදු නොකළහොත් සිදුවන රාජ උදහසට බියෙන් මොවුන් අමුසොහොනට ගොස් මියගිය මිනිසකු මස්කර මිනීමස් රජුට ගෙනආවාය.මේ පිළිබද කිසිවක් නොදත් රජු ඉතා ගිජුලෙස මිනීමස් අනුභව කළේය.මිනි මසට රසවැටුනු රජු නැවත නැවත පෙර තමාවෙත ගෙනා සතාගේම මස් ගෙනෙන ලෙස පැවසීය.මේ අතර රජවාසළ කරණවෑමියා මෙය දැනගෙන රජුට දන්වයි.මෙයින් බලවත් සේ කෝපයට පත්වූ රජු මොවුන්ට මරණ දඩුවමදීමට වඩා බලවත් දඩුවමක් දිය යුතුය සිතා රොඩීනට කිසිදු කර්මාන්තයක් කිරීම තහනම් කළේය.දිවිපුරාම සිගමනෙන් පමණක් යැපිය යුතුය.එසේම අන් සියළු කුලයන්ට අයත් කුලහීනයැයි සම්මත අයට පවා රදළයන්ට සේ ගරුකර කතාකරයුතුය ඔවුන්ට වෙන්වූ ළිං වලින් මිස වෙනත් ළිදකින් වතුර නොබිය යුතුය සිගාකෑමට කොළපතක් පමණක් භාවිතකල යුතුය ආදී වශයෙන් තහංචි පැනවූ බව නොක්ස් සදහන් කරයි.ඔවුන් තරමක් මහා සමාජයෙන් ඈත්ව තම වාසස්තාන තනාගෙනසිටිබවත් සිංහල සමාජයේ එකළ දැඩි ලෙස පිළිකුල් කළ ගවමස් ඔවුන් අනුභව කළ බවත් ඇතැම් විට ගවයින් ඇතිකර හොරෙන් විකිණූ බවත් එසේ විකිණු ගවයන් රොඩීන් විසින් හදාගත් බව දතහොත් මිලදී නොගන්නා බවත් නොක්ස් සදහන් කරයි. මේ ජනප්‍රවාද අතර ප්‍රමුක වැදගත් කමක් හිමිවන්නේ රොඩීන් මහා පරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්තවල්ලී කුමරිය ගෙන් පැවත එන බවයි මේහා බැඳුණු කතා පුවතක් මෙසේය මහා පරාක්‍රමභාහු රජුගේ මිදුල අමදීම සදහා යොදවා සිටි සේවකයෙකු මිදුල අමදිමින් සිටියදී උඩුමහලේ සිටි රත්නවල්ලි කුමරිය ගැසූ කෙළපිඩක් මෙම සේවකයාගේ හිසෙහි පතිත විය එයින් කෝපයට පත් සේවකයා ඇගෙන් පළිගනිමී සිතා ඇය ලැබෙනතුරු නොනැගිටිමී කියා මාළිගා දොරකට වැතිරුනහ මෙසේ ශින කුලිකයෙකු නිරාහාරව මියගිය හොත් අවැඩක් බව දැනගත් මහරජු වහාම රත්නවල්ලිය කුමරිය දාසයාට පාවාදී පිටමන් කළහ ඔවුන්ගෙන් රොඩී කුලය පැවතෙන බව පැවසේ තවත් ජනප්‍රවාදයක සදහන් වන්නේ රත්නවල්ලී කුමරිය රජමැදුරේ මිදුල අමදින දාසයෙකුට පෙම්බැද රහසේ ඔහු හා අනියම් ඇසුරක් පැවැත් වූ අතර පවුව මෙම දාසයා නිසා කුමරිය ගැබ් ගත්තාය මෙය දැනගත් පැරකුම් රජ කෝපයට පත්ව ඇ ඇදසිටි අභරණ සියල්ල ඉවත්කර උඩුකය නිරුවත් කර ඉනට රෙදිකඩක් අන්දවා කොණ්ඩය ඉහලට කර බැද දාසයා සමග රජමැදුරෙන් පිටමන් කළ බවයි ඔවුන්ගෙන් රොඩී කුලය ආරම්භවූ බවයි රත්නවල්ලි කුමරිය හා බැඳුනු තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රත්නවල්ලී කුමරිය මිනීමස් කෑමට ඇබිබැහි වි සිටි බවයි දිනක් රජ වාසල කරණවෑමියාට පොහෝ දිනයක් නිසා මස් ලබා ගැනීමට සොහැකි විය මේ නිසා ඔහු සොහාන් පිටිය වෙත ගොස් අමුසොහොනට ගෙනැවිත් දමාගිය මළසිරුරක් දඩමස් ලෙස සකසා රජුට පිළිගැන් වීය මෙම මස් රසට වහ වැටුනු රජු නැවත නැවත මේ දඩමස්ම ගෙන එන ලෙස අණ කළහ කරණවෑමියාද අමුසොහොනට ගොස් මළසිරුරු දඩමස් ලෙස සකසා දුන්හ කෙසේ වෙතත් මෙම රහස රත්නවල්ලි කුමරිය දැනගත්හ එහෙකත් ඇය දැඩි ලෙස මීනීමස් වලට ගිජුවී සිටි බැවින් රහස රජුගෙන් වසන් කළහ පසුව රජුට මෙය සැළවිය තමා මෙතෙක් කල් නොදැන ආහාරයට ගෙන ඇත්තේ මිනීමස් මව දැනගත් රජු දැඩි සේ කිපී කරණවෑමියා ඔහුට උදවුකළ රත්නවල්ලිට ආවාහ කරදී රජමාළිගයෙන් පිටමන් කළහ ඔවුන්ට දින 07ක් නගරයේ සිගමන් යැද ඉන් පසු පිටුවහල් වන ලෙස අණ ලැබිණ කරණවෑමියාත් රත්නවල්ලි කුමරියත් දින හතක් නගරයේ සිගා කා පසුව ඔවුන්ට බෙරකරුවකුගෙන් සිඟාකෑමට අවශය කත් ලීයක් කූඩයක් එකැස් බෙරයක් තැටියක් කැත්තක් හා බල්ලෙල් ලැබිණ පසුව මොවුන් සිගමන් යදිමින් ජීවත්විය ඔවුන්ගෙන් රොඩී කුලය බිහිවූබව පැවසේ රත්නවල්ලිය හා රොඩීන් අතර සම්භන්ධය ඔවුන් අතර පවතින පුදපූජා ශාන්තිකර්ම ආශ්‍රිත ගායනා වල ද දක්නට ලැබේ උඩු මාහලෙන් බැසපන් රත්නවල්ලියේ සල්‍ර පළදින්න බැසපන් රත්නවල්ලියේ මුතු පළදින්න බැසපන් රත්නවල්ලියේ රොඩ්ඩටදෙන්න බැසපන් රත්නවල්ල්යේ අහස උඩු ගවන තරුරැස් වල්ලි නළල අඩසදකි බැමතිලක වල්ලි කරේ බන්ද රන්මුතුවැල්නො සෙල්ලි පෙරකුඹු රජුගෙ දුව නවරත්න වල්ලි කොතනක සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ රුහුනේ සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ දෙපයේ දාපු ගිගිරිත් සෙල්ලි සෙල්ලියේ පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ අතීතයේ ( රජ දවස ) රොඩී ජන ජීවිතය මහනුවර රජ කාලයේ ලංකාවේ රොඩී කුප්පායම් කිහිපයක් තිබුන බවත්, ඒවා පාලනය කිරීමට නිලධාරීන් යොදා සිටිය බවත් ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත. කුප්පායම් ගෙවල් එහි පදිංචිකාරයින්ට මනාප අන්දමට ඉදිකරගත නොහැකිය. ගෙයක ජනේල, දොර ආදිය වෙනුවට ඇත්තේ පැලලි පමණකි. මේ පැලලි කොළ අතුවලින් හෝ සමකින් සාදා ගත හැකිය. තවද රොඩීන්ට ඔරුවක නැගී ගඟක් තරණය කල නොහැක. වෙල්යායක විශේෂයෙන්ම රාජකීය වෙල්යායක නියරක් දිගේ යාම පවා ඔවුන්ට තහනම්ය. මංකොල්ලයක් ,සොරකමක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් රොඩීයකු චෝදනා ලැබූ කල්හී කුප්පායමේ හුලවාලියා ( නායකයා ) මේ කරණය සිරගෙයි කංකානමට දැන්විය යුතුය. ඉක්බිති සිරගෙයි කංකානම ඒ චුදිතයා තොටුපොලට කැඳවාගෙන එන ලෙස දිනයක් නියම කරයි. මෙසේ කිරීමට හේතුව රොඩීයකු ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට නීතියෙන් බලයක් නැතිකමය. නඩු දිනයෙහි චුදිතයා පමණක් නොව, ඔහුගේ නෑදෑයන් ද පවුල් පිටින් තොටුපොළට රොක්වන්නේ නඩුව විසඳෙන හැටි නරඹන්නටය. ඉක්බිති සිරගෙයි කංකානම ඔරුවක නැග ගඟින් මෙහා තොටුපොළේ නැවතී නඩුව විසඳන්නට පටන් ගන්නේය. චුදිතයගේ වරද ඔප්පු වූ කල්හී ඔහුට කටුසැමිටි වලින් තලන්නට නියම කරනු ලැබේ. මේ දඬුවම් දීම සඳහා වැඩිපුරම පාවිච්චි කොට ඇත්තේ ගැට සහිත එරමිනියා පොල්ලක් හෝ කැප්පෙට්ටියා පොල්ලකි. ඇතැම්විට ඒ දඬුවම් දීම සඳහා අලුගෝසුවකු වෙනින් රොඩී ගමකින් කැඳවනු ලබයි. උඩරට ප්‍රදේශයන්හි කුරහන්පිටිය , කොස්කොටේ යන දෙගම්හි විශාල රොඩී කුප්පායම් දෙකක් තිබුණු බව පැරණි පොත පතේ සඳහන් වෙයි. ඒවා පාලනය කරන ලද්දේ මහා අධිකාරම් විසිනි. අතීතයේ සිටම මොවුන් මහාසමාජයෙන් වෙන්ව ප්‍රථමික ජන කොටසක් ලෙස වාසය කර ඇත මොවුනගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වූයේ සිඟා කෑමයිමීට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම කොඩි හා පතාක එල්ලීමට වුවමනා ලණු සැපයීම ඇතුන් ඇල්ලීමට වර මධු සැපයීම රජමාළිගයට මස් සැපයීමආදී රාජකාරීන් රජු වෙනුවෙන් ඉටු කලහ තවද කසළ පැහැර කිරීම මළ සිරුරු බැහැර කිරීම සිදු කළහ රොඩී කාන්තාවන් සිඟාකෑම රබන් කරකවීම තැටි කරකවීම ගීත ගායනා කිරීම් ආදීය කළහ මීට අමතරව ඉහළ කුලවලින් නෙරපූ පුද්ගලයන් ඔවුන්ගේ දක්ෂතා අනුව නොයෙක් කර්මාන්ත සිදුකර ඇත එහෙත් රොඩීනට ගොවිතැන් කිරීම තහනම් විය කුමන කර්මාන්තයක යෙදුනද ඔවුන් ඒවා කළේ සිඟාකෑමට රුකුලක් වන පරිද්දෙනි ඔවුනට සිඟාකෑම හැර වෙනත් කිසිම වෘත්තියක් කිරීමට අවසර නොතිබිණ සිංහල රජ දවස රොඩීනට අංග සම්පූර්ණ නිවසත් තනාගැනීමට අවහර නොවීය.ඔවුන්ගේ නිවස තාවකාලික මඩුවක් පමණක් විය.මීට අමතරව ඔවුනගේ ජීවතයට පීඩාකාරී තහංචි රැසක් විය.ඔරුවක් මත හිඳ ගගින් එතෙරවීම රාජකීය කෙත්වතු ඇළ මාර්ග අසලින් ගමන් කිරීම රාජකීය ගබඩා අසලින් ගමන් කිරීම ආදිය තහංචිවිය මොවුනෙග් දිවි පැවැත්ම එදා ඉතාමත් පීඩාකාරී විය මොවුනගේ ද්වාර කර්ම(උපත වැඩිවිය පැමිනීම විවාහය මරණය)චාරිත්‍ර පිළිබද අවධානය යොමු කිරීමේදී එදා මහාසමාජයේ සම්මත ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම තහනම් විය කෙසේ වෙතත් ඔවුනට ආවේණික වත්පිළිවෙත් මේ සදහා අනුගමනය කළබව මූලාශ්‍රවල දැක්වේ.උපතක් සිදුවූවිට වින්නඹුකම් කිරීම මොවුනගේ වැඩිහිටි කාන්තාවක් අතින් සිදුවිය.එසේම ඔවුන් කිල්ල පිළිබද එතරම් විශ්වාස නොකළහ දරු උපතකදී විශේෂ මහාසමාජය පිළිගත් චාරිත්‍ර වාරිත්‍ර කිසිවක් ඉටු නොකළහ දැරියක් වැඩිවිය පැමිනීමේ දීද එසේය ඔවුනට රෙදි නැන්දාගේ සේවය හේනේමාමා ගේ සේවය නොලැබුනි එයට හේතුව මේ වත්පිළිවෙත් වලට සමිබන්ධවන රධා කුලයට අයත්වූවන් තමන්ගේ සේවය තමන්ට වඩා පහත් කුලයන්ට සලසා නොදීමයි මහාසමාජය තුල වැඩිවියපත්වූ දැරිය නැහැවීම සිදු කළේ රෙදි නැන්දා නමින් හැදින්වූ රධා කුලයට අයත් ස්ත්‍රීයක විසිනි ඒ සදහා නැකැත් බැලීම හේනෙ මාමා නමින් හදින්වූ රධා කුලයට අයත් පුරුෂයෙනු විසින් සිදු කළහ මොවුනගේ සේවය රොඩීනට නොලැබිණ විවාහය ද මහාසමාජයතුල දක්නට ලැබුණ චාරිත්‍ර කිසිවක් අනුගමනය කිරීමට ඔවුනට තහංචි විය.මරණයකදීද මහාසමාජයේ පවත්වන භික්ෂුන් නිවසට වැඩමවා පංශුකූලය දීම වැනි කිසිදු චාරිත්‍රයක් සිදු නොකරන ලදී.රොඩියකු මියගිය විට වහාම මළසිරුර ඔසවාගෙන ගොස් ඔවුනටම ආවේණිකවු අමුසොහොනකට දමා ආහ මළ සිිරුර ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීම තහනම් විය. අතීතයේද ඔවුනගේ ආගම බුදු දහම වුවද බෞද්ධ ආගමික ඇහිලි කිරීම තහනම්විය.මොවුන් රත්කවල්ලී හා ස්වර්ණමාලී තමින් හදුන්වනු ලැබූ දෙවඟනක් පිදීම සිදු කළහ.කලු කුමාර හා දෑල කුමාර නම් යක්ෂයන් දෙදනකු ඇදහීම කරනලදී.මොවුන් ඉතා දක්ෂ මන්ත්‍රකරුවන් විය කෙසේ වෙතත් ඔවුන් අතර සුදු අභිචාරයන්ට වඩා කලු අභිචාරයන් බහුල විය.පොදුජනයා තුල මොවුන් පිළිබද දැඩි සැකමුසු බියක් පැවතිණ.රොඩියකු නිවසට පැමිනිවිට ඔහු කෝප නොගන්වා කිසිවක් දී මිස පිටත් කිරීමට ජනයා බියවූහ. සැබවින්ම එකල රොඩී නම්වූ කුලය පහත් ලෙස සැලකුවද වර්තමානය වනවිට එහි පහත් බව නුතන ජනයා එතරම් සලකන්නේ නැත. එය හොඳ ප්‍රවණතාවයකි. සතුටට කරුණකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි. රොඩී සමාජය වෙනස්වීම රොඩී සමාජය යනු සිංහල කුල දූරාවලියේ එන පහත්ම කුලයයි.එම නිසා අතීත කුල වැඩවසම් සමාජයේ ඔවුන්ට හිමිව තිබුනේ ඉතා අවාසනාවන්ත තත්වයකි.එහෙත් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ලංකාව යටත් කරගැනීමත් සමග ඔවුන් පෙර පැවති වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනවාදී අර්ථක්‍රමය හදුන්නා දුන්හ.මේ සමගම ඔවුන් ඉඩම් ශුත්තිය මත පදවම්වූ වැඩවසම් ක්‍රමය වෙනුවට ධනවාදය හදුන්වාදීම නිසා සෑම සාමාජිකයෙකුම ආර්ථික ක්‍රියාවන්ට දායකකර ගැනීමට උස්සාහ කරහ ඒ අනුව එවක පැවති රාජකාරී ක්‍රමය අහෝසිකර මුදලට ශ්‍රමය සැපයීමට ජනයා පෙළඹවීය.මෙහිදී ඒඒ කුලයන්ට සාම්ප්‍රධායිකව හිමිකර තිබූ තහංචි ඉවත්කිරීමට අධිරාජ්‍යවාදීන් ක්‍රියා කළහ.ඒ අනුව රොඩී සමාජයටද සාම්ප්‍රධායිකව උරුමව තීබූ තහංචි ඉවත් කළහ.ඒ අතර සිගා කෑම පමණක් තම ආර්ථික කටයුත්තවීම හා ස්ත්‍රීන්ට උඩුකය වසා ඇදුම් ඇදීම හා සමාජීය හා ආර්ථික දේශපාලනමය වශයෙන් රොඩී ජනයා පෙළු තහංචි ඉවත්විය.කෙසේ වෙතත් සමා සමාජය රජය විසින් ගත් තීරණවලට දැඩිව විරුද්ධවූ බව පැවසේ. මේ අතර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් රොඩී ජනයා අතර කතෝලික හා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සිදුවිය.සාම්ප්‍රධායිත බෞද්ධ සමාජය තුල කොන්කර තැබීම නිසාම ඔවුන් ඉක්මනින් මිෂනාරීන්ගේ ආගම් වැළදගැනීමට පෙළඹුනි.පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රජාතාන්තික ආණ්ඩු මින් තවදුරටත් ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට නීති සම්බාදනය කළහ.නිදහස් අධ්‍යාපනය මගින් රටේ සියළුම පුරවැසියන්ට අධ්‍යාපන ලැබීමේ අයිතිය තහවුරු කළහ.අධ්‍යාපනය ලැබූ සුදුස්සන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිවිය.1978 විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමග ඔවුන්ට අයෝජන ප්‍රවර්ධන කලාපයන්හි රැකියා හිමිවිය.ඇතැමුන් විදේශ රැකියා සදහා විදෙස්ගතවිය.තවත් අය ස්වං රැකියාවල නිරතවිය.වර්තමානය වනවිට කුලභේදය යනු සිංහල සමාජයට ආවෘත සංස්කෘතිකාංගයක් පමණක්වී ඇත.ඉදිරියේදී කුල ශේදය සංම්පූර්ණයෙන් සිංහල සමාජයෙන් ඉවත්වී යනු ඇතැයි සමාජ විද්‍යාඥයන් විශ්වාස කරති. උප ගෝත්‍ර නාහල්ල හෙවත් උඩකටුව රොඩී තිරිංග රොඩී පෙලපත හල්පේ රොඩී පෙලපත නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී නාහල්ල හෙවත් උඩකටුව රොඩී නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී මෙම ගෝත්‍රය උසස්ම රොඩී ගෝත්‍රයයි.එ ඩී රඝවාන් සදහන් කරන පරිදි රත්නවල්ලි ගෝත්‍රය උසස්ම ගෝත්‍රය ලෙස සළකන්නේ ඔවුන්ට ඇති රාජකීය සම්බන්ධය නිසා බවයි.ජනප්‍රවාදවල එන පරිදී මහාපරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්නවල්ලී කුමරියගෙන් රොඩීන් පැවතඑයි. රොඩී භාෂාව මොවුනගේ භාෂාව සිංහල වුද සිංහල බස තරමක් වෙනස් අයුරකින් භාවිතා කර ඇතිබව පෙනේ මෙය සෑම උපසංස්කෘතියකම පාහේ දක්නට ලැබෙන ලක්ෂණයකි මොවුනගේ බස ගාඩි බස යනුවෙන්ද හදුන්වයි ඥාතීත්වය හඟවන පද මව - හිදලු ගෑවී, මවුආ, අම්මා පියා - හිසලු ගෑවා, පියා, අප්පොච්චි සැමියා - ගැඬියා, ගාඩියා, පුරුසයා බිරිඳ - ගැඬී කෙවෙනි, ගාඬි කෙවන්නි, පල්ලි, ගෑනි පිරිමියා - ගාව, අන්ගයා ගැහැණිය - ගාවි, අන්ගියා බිලිඳා - බිලැන්දා බිලිඳිය - බිලැන්දි පුතා - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳා, බිලිඳු අන්ගයා, පුතා දුව - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳි, බිලිඳු අන්ගි, දුව සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා සහෝදරිය - එකන්ගෙ අන්ගි අයියා - එකන්ගෙ ගාඬියා, අයියා අක්කා - එකන්ගෙ ගැඬී, අක්කා මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි නංගි - එකන්ගෙ ගැඬී, නංගි මාමා - ලොකු අප්පා, මාමා නැන්දම්මා - නැන්දා බාප්පා - හීන් තාත්තා, හීන් අප්පා පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා ලොකු අම්මා - ලොකු අම්මා කුඩම්මා - හීනම්මා ආතා - ඉලයත් හිදුලු ගැවා, මුත්තා, ආතා ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා විවිධ ජනයා හදුන්වන පද රජතුමා - තෙරි බකුරා බිසව - තෙරි බකුරු පල්ලා දෙවියා - බකුරා යක්‍ෂයා - මුනුසා පාලකයා - ඉලයත් තෙරි ගාවා නිලදාරියා - තෙරි කද්දියා පැවිද්දා - නවතා, ගැවා වෙදැදුරු - මුලුහුන් අන්ගයා මරක්කලායා - හුරුබුවා ආචාරියා - දුලුමුවා වඩුවා - වඩුකත්තියා රජකයා - පොතියා, තෝක්කා බෙරවායා - නල්ලයා වහුම්පුර ඇත්තා - ගල්මීරි තෝක්කා තොටියා - දිය පිට කුකුළා සන්නාලියා - ගෙත්තම් කටුවා (කටුව - ඉඳිකටුව) හොරා - පත්තිලියා, පතිලිගැවා සතුන් හදුන්වන නම් ඇතා - පලානුවා ඇතින්න - පලානුවදෙන් බල්ලා - බුස්සා බැල්ල - බුස්සි බළලා - බුහැක්කා, බුහාකවන්නා හරකා - ලුද්දි එළදෙන - ලුද්දි වස්සා - ලුහු බිලැන්දා මී හරකා - ලුහුටු ලුද්දා, පඟුරු ලුද්දා කුලු මී හරකා - රලුවෙ ලුද්දා අග්වයා - තෙරු ලුද්දා වෙළඹ - තෙරි ලුද්දා වඳුරා - බූලෑවා නරියා - පඟුරුල්ල, බුස්සා කොටියා - රලුවා, රලුවෙ බුස්සා වලසා - මුරුති විගනන්ගයා (මස් බුදින්නා) මුවා, ගෝනා - රලුවෙ ලුද්දා ගම් ඌරා - හාප මුරුතයා, ගල් මුරුතයා වල් ඌරා - රලුවෙ ගල් මුරුතයා කුකුළා - පතිලියා කිකිළි - පතිලි කෙක කුරුල්ලා - පතිලියා, (කුරුළු කූඩ්ව - පතිලින්ගෙ දුමන) තලගොයා - බිම්පල්ලා කිඹුලා - නිලාටු තෙරිපයා ඉබ්බා - පේලාවා කිරි ඉබ්බා - හිදුලු පේලාවා සර්පයා - ඉලයා හූනා - අගරුබුලුවා මාළුවා - නිලාතුවා උකුණා - කෙරඬියේ පතිලියා බලු මැක්කා - හාප අන්ගයා මකුළුවා/මඳුරුවා - හාපයෝ, හාපන්ගෝ කලාමැදිරියා - දුලුමු අන්ගේ බිජුවට - ලාවන්ගේ සිරුරේ කොටස් හගවන පද සිරුර - අන්ගය හිස - කෙරඬිය නළල, මුහුණ - කෙරඬිය රටා යෙදූ ලැයිස්තු අයිතමය හිසකේ - කළුවැලි කන - ඉරවුව, දන්ගුලු අන්ගෙ (බිහිරා - ඉරවු හාපයා) ඇස - ලාවටේ, ලාඹටේ කඳුලු - ලාවටේ නිලාටු දත් - ගල්ලෙ බොරලු (මුවෙහි ගල්) මුව, කට - ගල්ල නාසය - නිලාටු අන්ගෙ, ඉරවුව දිව - ගල් ගවුන, ගලෙ ගෙවන්න නිකට - අල්ලෙ අන්ගය රුවුල - ගල්ලෙ කලුවැලි කෙළ - ගල්ලෙ ලතු (එනම්, මුවෙහි ලෙය = බුලත් කෙළ) මස් - මුරුතයන්, මුරුතුන්, අන්ගෙ මුරුතයන් ලේ - ලතු පපුව - පෙකිනිත්ත හදවත - පෙකිරිත්ත, පිකිරිත්ත බඩ - පෙකිරිත්ත, පිකිරිත්ත සම - පිටවන්න, මුරුතු ගැවිල්ල අත - දැඟුල්, වාමේ දකුණු අත - දකුණේ වාමේ වම් අත - වාමේ වාමේ පියවුරු - හිදුල්ල කකුල - දැඟුල පතුල - බින්තලව්ව, දැඟුල දහඩිය - නිලාටු ශාක වර්ග හා ඒවායේ කොටස් ගස - උහැල්ල පත්‍රය, කොළය - රබොත අත්ත - මතිල්ල, උහැල්ලෙ මතිල්ල මල - උහුලිල් අන්ගෙ ගෙඩිය - ලාවුනු ගසේ මුල - බින්තලව්වෙ මතිල්ල පොල් - මටුබු ලාවුනු, මටුලාවුනු පොල් ගස - මටුබු ලාවුනු උහැල්ල පුවක් - පොන්ගලන් බුලත් - තබල (සංස්, තාම්බුල) ගොයම් - ඇතු බත් - මිහිටි වී - ඇතු මදු, ඇතු මද සහල් - මදු, මද පිදුරු - පන්ගරන් කුරහන් - හීන් කෙවුන දොඩම් - ඇඹරලු කොස් - වෙට්ටි අන්ගවල්, මුරුතයන් ලාවුනු මිරිස් - ගල්ල ඩැවුන් කෙසෙල් - පබ්බරුකන්, පත්බරුකන් දුම්කොළ - දුම්රබොත, දුලුමොර ගෘහාශ්‍රිත දේ, අහාරපාන සහ අඳුම් පැලඳුම් ගම - රලුවෙ දුමන නගරය - තෙරි දුමන ගෙපැල - දුමන සිර ගෙය - හාප දුමන දොර - දිග්ගුව, දුමන මතිල්ල වහලය - වහල්ල, පල ඇඳ - ලාවට අන්ගේ මතිල්ල පුදුර - පිටවන්න දැව - මතිලි කළය, හැලිය - වාමේ වතුර කළය - නාලාටු වාමේ බත් හැලිය - මිගිටි වාමේ කෝප්පය - නිලාටු මිගන වාමේ, නිලාටු මිගන අන්ගෙ පිඟාන - මිගිටි මිගන වාමේ පිහිය - නාඩුව පොරොව - මතිලි ලුක්කන නාඩුව, මතිලි හාප කරන නාඩුව බෝතලේ - අතු, අන්ගෙ පෙට්ටිය - බිලිඳු අන්ගෙ මෝල් ගස සහ වංගෙඩිය - ලුක්කන අන්ගවල් කඹය - ගැවිල්ල (ගව සම්පටින් අඹරාගත් දේ) කඩුව - තෙරි නාඩුව ඊතලය - පට්ටිකම, පත්තිකාව තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල ගින්දර - දුලුමු වතුර - නිලාටු ලිප - දුලුමු අන්ගෙ දර - හාප මතිලි කිරි - හිදුලු තෙල්/ගිතෙල් - මාටුබු වෙඬරු - ලුදුදන්ගෙ මාටුබු කැවුම් - ගල් මිරි පිසු ආහාර - මුරුතයන්, මුර්තින් හරක් මස් - ලුද්දු මුර්තින් ලුණු - හුරුඹු පරිසරය අශ්‍රිත දේ පොළොව - බින්තලව්ව දෙව්ලොව - බින්ගිරි(බිම්ගිරි) උහැල්ල හිරු - ඉලයත්තෙරි අන්ගෙ විශේෂණ පද රතු - ලතු සුද - හිදලු කළුවර - කලුවැලි හොඳ, මහා, දිග, ලස්සන - තෙරි නරක, කුඩා, පොඩි, අවලස්සන - හාප ලෝහ වර්ග, අවිආයුධ, විවිධ මෙවලම් ආදිය හදුන්වන නම් රන් හා රිදී - තෙරි දුලුමු රන් හා රිදී කාසි - තෙරි ගලවු, තෙරි අන්ගවල් තඹ - හාප දුලුඹු තඹ කාසි - හාප ගලටු තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල (හඬ නගන දණ්ඩ) වෙඩි බෙහෙත් - මුලුහුන් ගොන් කරත්තය - ලුද්දන්ව බන්දන ගහන අන්ගෙ, (ලුද්දු - කරත්තෙ) වියගහ - ලුද්දන් දෙ-ගිරාව බෝල්ලීය - බොම්බුලීය නඟුල - ලුද්දන් හාප කරන අන්ගෙ කෙවිට - ලුද්දන් ලුක්කන අන්ගෙ ඔරුව - නිලිටුවෙ යැපෙන අන්ගෙ ක්‍රියා පද යනවා - තැවින්නෙනවා එනවා - තැවින්නෙනවා පලයන්, වරෙන් - තැවින්නියන් අරගෙන යනවා - යප්පාගෙන තැවින්නෙනවා නිදා ගන්නවා - ලාවට තෙරී වෙනවා හොඳට නිඳා ගනින්! - ලාවට තෙරි වෙයන්! දකිනවා, බලනවා - පෙකනවා පෙන්නවනවා - පෙකවනවා අහනවා - ඉගිල්ලනවා සිඹිනවා - හාචි කරනවා මැරෙනවා - ලික්කෙනවා මැරුණා - ලික්කුණා මරණවා - ලුක්කනවා මැරුවා - ලික්කුවා වළලනවා - තාවනවා ගී කියනවා - කල්ලැති ඉගිල්ලනවා නටනවා - කූටාටු කරනවා සිනා වෙනවා - ගලු පානවා දුවනවා - හී සැරෙන් තැවින්නෙනවා (හී සැරෙන් - හීයේ වේගයෙන්) ඉකිමන් කරපන් - හී සැරෙන් තැවින්නියන් කතා කරනවා - ගලු කරනවා කෑගසනවා - ඉරච්ච ලුක්කනවා අහනවා - ඉගිල්ලනවා කියවනවා - අකුරු කියනවා තේරුම් ගන්නවා - තෙරි වෙනවා කපනවා - නාඩුවෙන් ලුක්කනවා ඉරනවා - හාප කරනවා අල්ලනවා - දැගුලු ගහනවා පිසිනවා - තවත් කරනවා මිල දී ගන්නවා - ගලටුවලට යප්පනවා කිරි දොවනවා - හිදුලු හාප කරනවා දොර අරිනවා - දිග්ගුව හාප කරනවා දොර වහනවා - දිග්ගුව තෙරි කරනවා ගිනි නිවනවා - දුලුමු හාප කරනවා වහිනවා - නිලාටු තෙරි කරනවා විදුලි කොටා ගොරවනවා - පතිතිකාව තෙරි වෙනවා ඇඳුම් පැලඳුම් මුල් කාලීන ඡායාරූප අධ්‍යයනය දී ‌පෙනියන්‌නේ ‌බො‌හෝ‌ ‌රොඩී කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව සිටි බව කි. ඒ ඡායාරූපයන් අතර නිර්වස්ත්‍ර රුප ද දක්නට ඇත .රැල්ෆ් පීරිස් ගේ සිංහල සමාජ සංවිධානය කෘතිය තුල ද දැක්වෙන්නේ රොඩීනට උඩුකය වැසෙන ලෙස අදීමට හා ඉගටිෙන් පහලට වස්ත්‍ර ඇදීම තහනම් වී තිබූ බවයි එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු විය කෙසේ වෙතත් 18 වන සියවසයෙන් පසු ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ මැදිහත් වීමෙන් රොඩී කාන්තාවන්ට හා වෙනත් කුලහීන කාන්තාවන්ට පැවති උඩුකය වැසෙනසේ වස්ත්‍ර ඇදීමේ තහංවි වංශවතුන්ගේ දැඩි විරෝධය මැද ඉවත් කිරීම සිදු කළහ එම් ඩී රඝවාන් පෙන්වා දෙන්නේ මේ මගින් අධිරාජයවාදීන් මෙය ශිෂ්ට සමාජයට හුරු කිරීමක් ලෙස දැක්වූ බවයි වික්ටොරියානු සදාවාරය හදුන්වා දීමත් සමග ඇදුම් භාවිතයෙ පැහැදිළි වෙනසක් ඇතිවිය. ප්‍රකට මානව විද්‍යාඥයෙකු වූ එම්.ඩී රාඝවන් මහතා විසින් පර්යේෂණාත්මක ග්‍රන්තයක් ලෙස එළි දැක්වූ රොඩී ජන පුරාණය පිළිබද රචිත කෘතියේ දී 19 වන සියවස දක්වාවූ හීන කුලික ස්ත්‍රීන්ට උඩුකය වසා වස්ත්‍ර ඇදීමේ තහනම පිළිබද යතාර්තය මැනවින් ප්‍රකාශවෛ්.ඔහු තම කෘතියේ කවරය සරසා ඇත්තේ උඩුකය නග්න රොඩී ස්ත්‍රීන් ගේ රුව ඇතුලත් සිතුවමකිනි.රොබට් නොක්ස් හා රැල්ෆ් පීරිස් වැනි කතුවරුන්ගේ කුල හේදය හා ඇදුම් පිළිබද ප්‍රකාශද රඝවාන්ද තම මානව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සනාත කරයි.තවද 19 වන සියවසයේ දී ලංකාවට පැමිණි විදේශිකයන් විසින් ලබාගත් රෝඩී ස්ත්‍රීන්ගේ ඡායාරූප අධ්‍යනයේ දී ඔවුන් උඩුකය නග්ගව සිටිබවට සාධක ලැබේ. පිංතූර ගැලරිය 19 වන සියවසයේ දී විදේශිකයන් විසින් ලබාගත් රොඩී සත්‍රීන්ගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. මේවාත් බලන්න කින්නර කුලය සිංහල ජනයා මූලාශ්‍ර මූලාශ්‍රය: ඇස්. ආර්. දි‌යොනිස් , රවින් කල්‌දේරා සහ ඩි. ඩබ්ලිව්. සේනාධිර (කල්පනා මාසික සඟරාව 1989 ඔක්තෝබර් ) Leach E.R (1961)Pul-eliya a village in ceylon UK Cambrige University Press ආරියපාල ඇම ඩී(1962) මධ්‍යකාලීන ලංකා සමාජය කොළඹ රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව නොක්ස් රොබට් (1997) එදා හෙළදිව (අනුවාදක ඩේවිට් කරුණාරත්න) කොළඹ ඇම් ඩී ගුණසේන සහ සමාගම පීරිස් රැල්ෆ් (1964) සිංහල සමාජ සංවිධානය මහරගම සමන් ප්‍රකාශකයෝ සිල්වා එම් යූ ද (1998) ශ්‍රී ලංකාවේ කුල වැඩවසම් ක්‍රමය කඩවත අභය මුද්‍රන ශිල්පියෝ රාඝවන් ඇම් ඩී (2008) රත්නවල්ලියගේ දරුවෝ(අනුවාදක චන්ද්‍ර ශ්‍රී රණසිංහ)විසිදුනු ප්‍රකාශකයෝ බාහිර සබැඳුම් http://www.divaina.com/2013/11/27/badada04.html http://thunpathrataa.blogspot.com/2010/03/blog-post.html http://amilasirhistory.blogspot.com/2012/05/blog-post_1383.html http://www.lankalibrary.com/cul/rodi.htm http://www.oldindianphotos.in/2013/05/a-rodiya-girl-ceylon-sri-lanka.html ශ්‍රී ලංකා‌වේ ජන සමාජය මානව විද්‍යාව
1920
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A8%E0%B6%9A
අහිකුණ්ඨක
භාවිතා කරනු ලබන භාෂාව හා ගති පැවතුම් ආශ්‍රීත ව ‌පෙ‌නෙන්‌නේ ඔවුහු වි‌දේශික සම්භවයකින් පැවත එන්නන් බව ය. ඔවුන්‌ගේ භාෂාව ‌තෙලිඟු, සින්දි ස්ථිර නිවාස සදා ගැනිමක් ‌නොමැති හෙයින් ඔවුහු තැන තැන යන්‌‌නෝ වූ හ.‌ අහිකුණ්ඨකහු තාවකාලික ‌ලෙස අටවාගන්නා වූ අතුපැල ආශ්‍රීත ව ජීවත් ‌වෙමින් ද, අතබලා සාස්තර කීම, වදුරුරැගුම් ‌හෝ නයිනැටවීම වැනි මනුෂ්‍යයන් පිනවීමේ කර්මාන්තයන්හි යෙදී ස්වකීය ජීවිකාව සරිකර ගත් හ. අහි යන්නෙහි තේරුම නාගයා යන්නයි කුණ්ඨික යනු නටවන්නා යන තේරුමයි අහිකුණ්ඨික යනු නයි නටවන්නා යන තේරුමයි ඒ අනුව මොටුන් නයි නැටවීම ජීවිකාව කරගත් පිඑිසක් බව පැහැදිලිය මොවුන් සංචාරක ජීවිතයක් ගතළ ජන කොටසකි ලංකාවේ පමනක් නොව වෙනත් රටවල පවා මේ ආකාරයෙන් සංචාරක ජීවිතයක් ගතකරන ජන කොටස් ඇත මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ අදහස මොවුන් එකම මූලයකින් පැවත එන ජන කොටසක් බවයි. අහිකුණ්ඨික ජනයාගේ ආරම්භය මානව විද්‍යඥයන්ට අනුව අහිකුණ්ඨිකයන් සම්භවය සිදුවී ඇත්තේ දකුණු ඉන්දියාව තුලයි මදුරා හා පාණ්ඩ්‍ය ප්‍රදේශවල ජීවත්වන කොරවර් නම් ගෝත්‍රිකයන්ට මොවුන් නෑකම් කියන බවයි මානව වංශව විද්‍යාත්මක දත්ත හා මානව රූපාකෘති විද්‍යාත්මක දත්ත අනුව මොවුන් ගේ දකුණු ඉන්දියානු සම්භවය පැහැදිළිය තවදුරටත් මොවුන්ගේ බස දකුණු ඉන්දීය දාවිඩ පවුලට අයත් භාෂාවක් බව වාග් විද්‍යාඥයන් පැහැදිලි කරයි මොවුන්ගේ බස දකුණු ඉන්දීය තෙළිගු බසට වඩාත් සමීප ලක්ෂණ දරයි. අහිකුණ්ඨික ජනයාගේ සමාජ සංවිධානය අහිකුණ්ඨික පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල් ක්‍රමයක්විය ඔවුන් පවුල් කිහිපයකින් සැදුනු කණ්ඩායමක් වශයෙන් වාසය කරයි මේ සෑම කණ්ඩායකම නායකයෙකු බැගින් සිටී කණ්ඩායමට නායකත්වය සැපයීම අධිකරණ තීරකයා ලෙස කටයුතු කිරීම ආදිය ඔහුට පැවරී ඇත මෙම නායකයාට මොවුන් ආරච්චි නමින් හදුන්වයි මෙම නම සිංහල බසෙන් බිදී ආ වචනයකි මොහුව පෙරිය මනුෂ්‍යම් යනුවෙන්ද හදුන්වයි කණ්ඩායම් කිහිපයක ප්‍රධානියා කොරළමාව නමින් හදුන්වයි සංචාරක දිවියක් ගතකරන මොවුන් එක් ස්ථානයක දින 07 කට වඩා වාසය නොකරයි මොවුන් බොහෝවිට දීපවාලි දින රාත්‍රියේ කොරළමාවගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි මේ සදහා සියලු කණ්ඩායම් පැමිනේ පැමින ඉදිරි කාලයේ සංචාරය කරන පුදේශ කතිකාකරගනී එක් පෙදෙසකට එක් කණ්ඩායමක් පමනක් යෑමට වගබලාගනී. අතීතයේ සිට ඔවුන් මහාසමාජය සමග සහයෝගයෙන් ක්‍රියා කලහ ඔවුනගේ නවාතැන් තාවකාලික කූඩාරම්විය ඒවා වාඩී නමින් හදුන්වයි ඔවුනෙග් වාඩි තනාගැනීම ආදී කටයුතු සදහා මහාසමාජයෙන් විරොධයක් නොවීය එයට හේතුව ඹවුන් ගේ නවාතැන් තාවකාලික වීමය වාඩි සාදාගැනීමට තල්කොළ බට ලී වේ වැල් පොල් අතු ආදිය භාවිතයට ගත්හ. මොවුන්ගේ වෛද්‍ය ක්‍රමය සිංහල අයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ලබාගත්තකි වෙදකම දත් කණ්ඩායමේ වෙදෙරාළෙ කෙනකු ගෙන් ඔවුන් ප්‍රතිකාර ලබා ගනී විවිධ ශාන්ති කර්ම බහුල වශයෙන් යොදාගනී තෙල් මැතිරීම නූල් බැදීම ආදිය ප්‍රමුඛය සුවායි තෛලය නමින් ප්‍රකට අයුරිවේද ඖෂධයක් ඔවුන් අතර ප්‍රචලිතය සතුන් සදහා පුතුකම් නම් ඖෂධයක් ද භාවිත කරයි මීට අමතරව මොවුන් නිරන්තරයනේ නාගයින් හා සමීපව කටයුතු කරන බැවින් නයිගල නමින් හදුන්වන නාග විෂ අද්දවන ඖෂදීය ගලකට සමාන මෟෂධ පෙවු පාෂාණ කැබැල්ලක් වැනි යමක් විය නාග දෂ්ඨනයකදී එය මහෝපකාරී වනබව දැක්වේ මීට අමතරව නාග විෂට ඖෂධ ලෙස ගන්නා විවධ දෑ ඔවුන් අතර විය. මොවුන්ගේ ආගම බෞද්ධ ආගමවිය එහෙත් ඔවුන් බෞද්ධවත් පිළිවෙත් අනුගමනය කරනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි මොවුන් පන්සල් පල්ලි කෝවිල් ආදී හමුවන ඕනෑම සිද්ධස්ථානයකට යාම සිරිතය කෙසේ වෙතත් මොවුන් මුස්ළිම් පල්ලිවලට නොයයි ඊට හේතුව මුස්ළිම් ජාතිකයන් ගවඝාතනය කිරීම හා ගවමස් අනුභව කිරීමයි අහිකුණ්ඨික ජනයා ගව ඝෘතනය හා ගවමස් දැඩිලෙස පිළිකුල් කරයි අහිකුණ්ඨික වාර්ෂික එකතුවේ දී ඔවුන් සිකුරාදා විෂ්ණු දෙවියන්ටත් සෙනසුරාදා කතරගම දෙවියන්ටත් ඉරිදා පත්තිනි දේවියටත් වන්දනා කරති කිල්ල පිළිබද විශ්වාස කරන මොවුන් කූඩාරමක් ඉදිකල විගස මැතිරූ ගල් ඇතිරීම බාගෙට පිළිස්සූ රෙදි එල්ලීම ආදිය කරති. ඔවුනගේ සම්මත ආර්ථික කටයුත්ත නයිනැටවීමයි මීට අමතරව රිළවුන් නැටවීම සාස්ත්‍රකීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරදීම සුලු වශයෙන් කරන දඩයම් ද මේ අතරවිය ඇතැම් අවස්තාවල නාගයින් ඇල්ලීම නාග විෂට ප්‍රතිකාර කිරීම නාග විෂට ගන්නා බෙහෙත් විකිණිමද කරකි. අහිකුණ්ටිකයන් ආහාර ලෙස සිංහල සමාජයෙ සම්මත ආහාර මෙන්ම ඔවුන්ට ආවේණික ආහාරද ගනී මේවා මහාසමාජයේ පිළිකුලට භාජනය වන අවස්ථා ඇත උදාහරන ලෙස බටු මීයන් ගැරඩියන් ආදී සතුන්ද මොවුනගේ ආහාර වෙයි ආහර ගැනීමට පෙර මත්පැන් පානයද මොවුනගේ සිරිතකි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයම මත්පැන් පානය කරයි එහෙත් අවිවාහක කාන්තාවන් හා ගැබිනි මවුවරුන් මත්පැන් නොගනී එදිනෙදා හරහම්බ කරගත්දේ අනාගතය වෙනුවෙන් ඉතුරු නොකර එදිනෙදාම වියදම් කිරීම මොවුන්ගේ සිරිතයි ඔවුන්ට අනාගතය ගැන සිහින නැත වර්ථමානයේ පමණක් ජීවත් වෙයි. අහිකුණ්ටික ද්වාර කර්ම ද්වාර කර්ම හෙවත් උපත වැඩිවිය පැමිනීම විවාහය මරණය යන අවස්ථා වලදී අහිකුණ්ඨික ජනයා සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර පිළිබද මීලගට සොයාබලමු මොවුන් කිල්ල නම් සංකල්පය විශ්වාස කරන ජන කොසක් වූ අතර වැදුම් කිල්ල මේ අතරින් වඩාත් බලවත් බව මොවුන් විශ්වාස කරති දරු ප්‍රසූතියක් ඇතිවූවිට ඇයට මත්පැන් පානය තහංචිය ප්‍රසූතියට ආසන්න කාලයේ මව වෙනම කූඩාරමක රදවයි ඇයගේ සහයට වින්ඹනඹු මාතාවක් හා ඥති කාන්තාවක්ද යොදවනු ලබයි. අහිකුණ්ඨික වැඩිවිය පැමිනීමේ චාරිත්‍ර බොහෝවිට මහාසමාජයේ සම්මත වාරිත්‍රවලට අනුවම සිදුවිය එහෙත් හේනෙ මාමා ගේ හා රෙදි නැන්දාගේ සේවය ඔවුනට නොලුබුණි ඒ ඔවුන් මහාසමාජයෙන් වෙන්ව වෙනම කණ්ඩායමක් ලෙස සිටි නිසා විය හැක. අහිකුණ්ඨික විවාහ බොහෝ දුරට නෑනා මස්සිනා විවාහයන්ය මීට අමතරව දෙමළ සමාජයේ දක්නට ලැබෙන මාමා ලේලී විවාහ ක්‍රමයද පැවතුණි එනම් තම වැඩිමල් සෙහා්දරියගේ දියණිය ආවාහ කරගැනීම සිදුවිය මෙම විවාහ ක්‍රමය මගින් ඔවුනගේ දකුණු ඉන්දීය ද්‍රවිඩ සම්භවය පැහැදිළි වෙයි අහිකුණ්ටික විවාහ උස්සවශ්‍රීයෙන් පවත්වනු ලබයි විවාහයට පෙර මනාලයා හා මනාලිය වෙනම පැල්පත් දෙකක වාසය කරයි විවාහ දින ඔවුන් කැදවා දෙදෙනාගේම සිරුරුවල කහ ආලේප කර කිරිකළ දෙකකින් නහවනු ලබයි පොරුව ධාන්‍ය වලින් අතුරයි කරඹ දං හා පලු අතුවලින් පොරුව සරසයි මෙම චාරිත්‍ර බොහෝවිට දකුණු ඉන්දීය දුවිඩ හින්දු මංගල චාරිත්‍ර වලට සමාන ලක්ෂණ දරයි විවාහයෙන් පසු මනාලියගේ පාර්ෂවයෙන් යුවතිපති දෙදෙනා වෙත දෑවැද්ද ලෙස පේලාවක බහාලන ලද නාගයෙකු රිලවෙකු බල්ලකු බූරුවකු හා අදුමු පැළදුම් ලබා දෙයි මේ සදහා මනාල පාර්ෂවයද දායකත්වය දරයි. අහිකුණ්ටික අවමංගල උස්සවශ්‍රීයක් නොගනී මරණයක් වූවිට කිසිවකු හඩා නොවැටේ වහාම මියගිය පුදුගලයා සිටි කූඩාරමේ සිලින්ඩරාකාර වලක් කපා මළ සිරුර රෙද්දකින් ඔතා ඔලුව යටට සිටිව සේ වලට බස්සවා පස්දමා හොද්න් තදකර වසති පසුව එතැන තණ පිඩැළි අතුරා මියගිය පුද්ගලයා භාවිතකළ සියල්ල එතැන දමා ගිනි තබයි ඉන්පසු වහාම වාඩි හකුළාගෙන ඉක්මනින් එතැනින් ඉවත්වෙයි... අහිකුණ්ටික සමාජ වෙනස් වීම ජනගහනය වැඩිවීම නවීකරණය නාගරීකරණය ඉඩම් කැබලිවීම ආදිය නිසා ඔවුනට සාම්ප්‍රධායක හැසිරීම් පද්ධතිය ආරක්ෂා කිරීමට බාධක ගොඩනැගිනි අතීතයේ පටන්ම අහිකුණ්ඨික ජනයා සංක්‍රමණ ජීවිතයෙන් මුදවා ස්ථීර නිවාස වල රැදවීමට අතීතයේ පටන් චිචිධ රජවරුන් ගත් උස්සසාහයන් ගැන ඉතිහාසයේ දැක්වේ කෙසේ වෙතත් වර්ථමානයේ ඇතිවී තිබෙන තත්වයන් යටතේ ඔවුන් වේගයෙන් මහාසමාජය හා අනුගත වෙමින් පවතීරජය විසින්ද මොවුන් මහාසමාජයට අනුගත කිරීමට නොයෙක් උස්සාහ දරා ඇත 1980 න් පසු අහිකුණ්ඨික ප්‍රජාවට මහවැලි ව්‍යාපාරය යටතේ ස්ථීර ඉඩම් ලබාදී ගොවිතැනට හුරුකිරීමට කටයුතු කළහ අපනයන සැකසුම් කලාප ඉදිවීමත් සමග අහිකුණ්ඨික කාන්තාවන්ට රැකියා ලැබීම ඇතමුන් විදේශ සේවයට යොමුවීම හා අහිකුණ්ඨික තරුණයින් යුධහමුදා සේවයට බැදීම සිදුවිය මොවුන් තවදුරටත් තම සාම්ප්‍රධායිකත්වයෙන් මිදී මහාසමාජයට අනුගතවීම වේගයෙන් සිදුවෙමින් පවතී. අහිකුණ්ඨක භාෂාවේ වචන සතියේ දින ඉරිදා ආයිතරම් , ස`දුදා සොවාරම් , අඟහරුවාදා මහලාරම් , බදාදා බුදාරම් , බ්‍රස්‌පතින්දා බ්‍රාහැස්‌තරම් , සිකුරාදා සුකරම් , සෙනසුරාදා සෙනැරම් එදිනෙදා කරන දේවල් කනවා තීටර් , බොනවා නාග්තාර් , අ`ඩනවා එරස්‌තර , නානවා නීල් ලෙස්‌කී සංඛ්‍යා එක උගටු , දෙක රොන්ඩු , තුන මුඩු , හතර නාල්ග් , පහ අයියිද් , හය ආර් , හත යෝඩි , අට එනිමිදි , නවය තොම්මිදි , දහය පදි උපකරණ මස්කන් පිහිය , රොලු වන්ගෙඩිය , පස්රායි ඇබරුම්ගල , තාෙල් බෙසම , ඉරමින් හිරමනය , සක් කුල්ල , කදව කලය , පී පෙට්ටිය නයි පෙට්ටිය ඥාතින් අබ්බඩා=..................... , මාමා = මාමා , අට්ටම්මා= ........................ , පෙඩම්මා= .................... , අන්නා= අයියා , තාතා= ................. , මුල්ලම්මා=....................... බාහිර සබැදි http://www.divaina.com/2011/02/13/feature01.html http://www.divaina.com/2016/03/30/badada02.html http://www.silumina.lk/2014/05/04/_art.asp?fn=as1405041&p=1 මානව විද්‍යාව
1921
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E2%80%8C%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%8F
බලං‌ගොඩ මානවයා
බලංගොඩ මානවයා යනු පළමුවෙන්ම වපෙ 34,000 කාලයෙහිදී ශ්‍රී ලංකාවෙහි විද්‍යාමානවූ ව්‍යුහ විද්‍යාත්මක වශයෙන් නූතන මනුෂ්‍ය වර්ගයකි. හැඳින්වීම තෙත් කලාපය තුළ අවුරුදු හතලිස්‌ දහසේ සිට ජීවත් වූ බලංගොඩ මානවයාගේ තොරතුරු ලැබෙනා ගල් ලෙන් රාශියක්‌ වේ. පාහියන් ලෙනේ මීට අවුරුදු හතලිස්‌ අට දහසකට පෙර සිට ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වූහ. කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවන පැරණිම මානවයාගේ වයස අවුරුදු විසි අට දහසකි. කිතුල්ගල බෙලි ලෙනේ මානවයාගේ ඉතිහාසයද එතරම්ම පැරණිය. බෙල්ලන්බැඳිපැලැස්‌ස එළිමහන් භූමියෙන් හමුවන මිනිස්‌සු එතැන ජීවත්වීම පටන් අරන් තිබුණේ මීට අවුරුදු දොළොස්‌දහස්‌ හත්සියයකට එපිටදීය. අත්තනගල්ල අලවල ගුහාවේ පුරාණ මානවයා එතැන ජීවත්ව සිටියේ මීට අවුරුදු දාහතර දහසකට එපිටිනි. මේ මිනිසුන් මෙම ලෙන් වල ජීවත් වූයේ අවුරුද්දේ එක්‌ කාලයක්‌ පමණි. වර්ෂා කාලයේදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සාපේක්‌ෂව සත්ත්ව ඝනත්වය අඩු තෙත් කලාපික වනාන්තර තුළ දඩයක්‌කාර අතීත මිනිසාට ජීවත්විය හැකි අවස්‌ථාවන් අවම වී තිබුණේය. ඒ කාලවලදී හේ තෙත් කලාපයෙන් පිටවූයේය. දඩබිම් සොයා ගියේය. බහුලව දඩයම් හමුවන ප්‍රදේශයන්හි වැඩි කාලයක්‌ ගත කළේය. මෙසේ පිටව වියළි කලාපයට පිවිසියේ යෑයි සිතිය හැකි මං පෙත් කීපයක්‌ වේ. වර්ෂාව පැමිණීමත් සමග බටදොඹලෙනස, කිතුල්ගල, අත්තනගල්ල වැනි තෙත් කලාපික ප්‍රදේශවල ජීවත්වූ අතීත මානවයා බලංගොඩ කූරගල හරහා උඩවලව නිම්නය ඔස්‌සේ වියළි කලාපයට පිවිසුණහ. බෙල්ලන්බැඳිපැලැස්‌ස මේ ගමන්මගේ හමුවන එක්‌ එළිමහන් භූමියකි. දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය. හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත්වූ මිනිස්‌සු නකල්ස්‌ හරහා වස්‌ගමුව වනාන්තරයටත් එතැනින් මීමුරේ ඔස්‌සේ සීගිරියටත් එතැනින් උතුරු ප්‍රදේශයටත් සංක්‍රමණය වූහ. ඒ අනුව ආදිකල්පික මානවයන් වියළි කලාපයෙන් තෙත් කලාපයටත්, තෙත් කලාපයෙන් වියළි කලාපයටත් පිවිසි ප්‍රධාන ප්‍රවේශ දෙක අතරින් උතුරු ප්‍රවේශය ගැන තොරතුරු සීගිරිය පොතාන ගුහාවෙන් ලැබෙන්නේය. දකුණු ප්‍රවේශය දැනටත් කැණීම් කරගෙන යන කූරගලින් මතුවන්නේය. සම්භවය වපෙ 300,000 කාලයෙහිදී හා සමහරවිට වපෙ 500,000 තරම් ඈත අතීතයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැරැණි ශිලා (හෝමෝ එරෙක්ටස්) ජනයා දිවි ගෙවූ බවට සාධක සපයා ගෙන ඇත. වපෙ 125,000 පමණ වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට බලවත් සාක්ෂි පවතියි. ක්‍රියුපෙ 1000 පමණ කාලයෙහිදී යකඩ කර්මාන්ත වෙතට සංක්‍රමණය වීම දක්වා ශ්‍රී ලංකාව තුල අවිච්ඡින්නව පැවැතුන බවට පෙන්නුම් කරන දෙවන ශිලා යුගය කාල සීමාවෙහි තදන්තර සංස්කෘතිය ට අයත් ලෙසින් කාල නිර්ණය කෙරී ඇති මානව විද්‍යාත්මක ලෙසින් වඩාත් නූතන මනුෂ්‍ය නෂ්ටාවශේෂ සොයා ගෙන ඇත. මෙම මධ්‍ය ශිලා සංස්කෘතිය හැඳින්වෙන්නේ බලංගොඩ සංස්කෘතිය ලෙසිනි. ඔවුන්ගේ අස්ථීන් හැඩිදැඩි වූ අතර, ගනකමැති හිස්කබල-අස්ථින්ද, උන්නත බැම-ගැටිද, පහතට එබුනු නාසයන්ද, දැඩි හනුද සහ කෙටි ගෙලද සහිත වූහ. ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා. මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට උසින් වැඩි ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි. ඝණ ඇහිබැම, පුළුල් නාසය, විශාල දත් හා ශක්තිමත් හකුපාඩා යන ලක්ශණවලින් යුතුවුනු බලංගොඩ මුත්තාගේ පරපුරේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දඩයක්කාර දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්. කොහොම වුනත් අපි මතක තියාගන්න ඕනෑ බලංගොඩ මානවයා කියන්නේ වානරයාට වඩා සමානවුනු, පරිණාමය නොවූ, වඳුරුපෙනුමක් ඇති මිනිසෙකු නොව, නූතන, බුද්ධිමත් හෝමෝ සැපියන් මානවයෙකු බවයි. බලංගොඩ මානවයා පිලිඹිඹු කෙරෙන රූපසටහන් බොහොමයක ඔහුව නියැන්ඩර්තාල් ගණයේ මානවයෙකු ලෙස හෝ ඊටත් පැරණි අර්ධ මානවයෙකු ලෙස පෙන්නවනවා. මෙය ඉතාමත් වැරදි දැක්මක්. බලංගොඩ මානවයාගේ මෙවලම් කට්ටලයෙහි විශිෂ්ටත්වය වූයේ, කුඩා (සෙමී 4 ‍ට වඩා දිග අඩු) තිරුවාණ පතුරු සහ (දුලබ ලෙසින්) අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියමාකාර හැඩ තල ගැන්වුනු කහඳු යන දෙයින් සමන්විතවූ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාවන් එහි පැවැතීමයි. ශ්‍රී ලංකාවේ, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. යූ. දැරණියගල පවසන පරිදී, මෙවන් ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාවන් යුරෝපයෙහිදී පලමුවෙන් නිශ්චිත කෙරුණු මධ්‍ය ශිලා යුගයෙහි ප්‍රමුද්‍රාවක් ලෙසින් සාම්ප්‍රදායිකව සලකනු ලැබෙයි. යුරෝපයෙහි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාත්මක සම්ප්‍රදාය සඳහා ආදිතම දිනයන් ලෙස සැලකෙන්නේ වපෙ 12,000 පමණ කාලයයි. එම නිසා මෙවැනි මෙවලම්, වපෙ 31,000 තරම් ඈත අතීතයෙහිදී බටදොඹලෙන හිදී ද, වපෙ 28,000 දී බුන්දල හි වෙරළාශ්‍රිත අඩවි දෙකකහිදී ද, සහ වපෙ 30,000 ට පෙරදී බෙලිලෙන හිදී ද හමු වීම පුදුම දනවන සුලු විය. දඩයම් ජීවිකාව ක්‍රිපූයු 4500 ට පමණ මධ්‍ය ශිලා යුගයට කාල නිර්ණය වන සුනඛ ඇටසැකිලි ශේෂයන් නිල්ගල ලෙනෙන් හා බෙල්ලන්බැඳි පැලැස්ස වෙතින් හමුවීමෙන් ගම්‍ය වන්නේ දඩයම් ලුහු බැඳ යෑම සඳහා බලංගොඩ මානවයන් ගෘහස්ත සුනඛයන් තබා ගෙන ඇති බවක්ය. සිංහල දඩ බල්ලා සහ කාඩර් බල්ලා වැනි ශ්‍රී ලාංකික සුනඛයන් හට පොදු ප්‍රාග්-ඓතිහාසික පූර්වජයෙකු සිටින්නට ඇතැයි අදහස් ඉදිරිපත්ව ඇත. වලි කුකුළා, ඌරා, මී හරකා සහ ‍කිසියම් ගෝ (1940 ගණන් වලදී නෂ්ට ව ගිය ශ්‍රී ලාංකික එළ ගවයා ගේ පූර්වජයන් වන්නට ඇත) වර්ගයක් බලංගොඩ මානවයා විසින් හීලෑ කරගන්නට ඇත. තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැනීම් වලින් මතුව එන සත්ත්ව අවශේෂ වලිනි. බලංගොඩ මිනිසාගේ උතුරු ප්‍රවේශය ලෙස පෙනෙනා සීගිරියේ පොතාන ගුහාවේ කළ කැනීම් වලින් වැදගත් තොරතුරු හමුවුණේය. මේ කැණීමේදී කිලෝ දාහකට වඩා විශාල ඇස්තමේතු කලහැකි මෝරෙකුගේ දතක්‌ ලැබිණි. මුහුදු ගිරවා ලෙස හඳුන්වන ගල්මාළුවාගේ අවශේෂ ලැබිණි. එපමණක්‌ නොව දැනට වඳවී ගිය හිපපොටේමස්‌ සතෙකුගේ දතක්‌ ලැබිණි. සීගිරිය ඇත්තේ මුහුදට බොහෝ ඈතිනි. එහෙත් සීගිරියෙන් මුහුදු ජීවීන්ගේ අවශේෂ ලැබෙන්නේය. හිපපොටේමස්‌ සතුන්ගේ පොසිල ලැබෙන්නේ රත්නපුරයේ මැණික්‌ පතල් වලිනි. එහෙත් තෙත් කලාපික වනාන්තර වාසී හිපපොටේමස්‌ ගේ දත් ද සීගිරියෙන් ලැබෙන්නේය. මුහුදේ ජීවත්වන මොරුන්ගේත් මඩුවන්ගේත් මුහුදු ගිරවු ඇතුළු මත්ස්‍යයන්ගේත්, මුහුදු කකුළුවන්ගේ හා බෙල්ලන්ගේත් අවශේෂ රට අභ්‍යන්තරයේ ඇති බලංගොඩ මානවයාගේ ජනාවාස වලින් පොදුවේ හමුවුණේය. තිත් මුවා වියළි කලාපයට ආවේණික සතෙකි. තිත් මුවාගේ ඇටකටු තෙත් කලාපයේ මානව ජනාවාස වලින් ලැබුණේය. හුංගම මුත්තා ලෙස හැඳින්වූ අවුරුදු හයදහස්‌ පන්සියයක පමණ කාලනිර්ණය කළ හම්බන්තොට ප්‍රදේශයේ හුංගම මිණිඇතිලියේ තිබූ ආදි මිනිසාගේ ජනාවාසයෙන් තෙත් කලාපයට පමණක්‌ ආවේණික පුවක්‌බෙල්ලන් හමුවූයේය. එම බෙල්ලන්ම ගොඩවාය ප්‍රාග් ඓතිහාසික ජනාවාසයෙන්ද හමුවූයේය. එමෙන්ම තෙත් කලාපික වනාන්තරවල ඇති කැකුණ ඇට ද මේ ජනාවාසවලින් ලැබිණි. ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම කැකුණ ඇට භාවිත කර තිබුණේ ආහාරයකටත් වඩා ඉන්ධනයක්‌ ලෙසිනි. මේ පුරාණ ජනාවාස වලින් හමුවන අළු තට්‌ටු අතර සියයට හැත්තෑපහක්‌ම ඇත්තේ කැකුණ ඇටවල අඟුරුය. ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් හමුවන මේ සත්ත්ව අවශේෂවල සංකීර්ණ විවිධත්වය පිළිබඳව සමහර විද්වත්තු විවිධ මත පළ කරති. සමහරු ඒ වකවානුවේ පැවති හුවමාරු ක්‍රමයක්‌ ගැන කතා කරති. එහෙත් තේරුම්ගත යුත්තේ මේ සංකීර්ණ සත්ත්ව අවශේෂ වලින් කියෑවෙන්නේ බලංගොඩ මුත්තාගේ සංචාරක ජීවිතය බවය. මුහුදුබඩ ප්‍රදේශ වල සංචාරයේදී මුහුදු බෙල්ලන්, කොරල් හා මාළු අවශේෂවලින් ප්‍රයෝජනයට ගතහැකි දේ ඔවුහු රැගෙන ආහ. මාළු කටු බොහෝවිට භාවිත කර තිබුණේ කුඩා ආයුධ ලෙසය. මෝර දත්, සමහර බෙල්ලන් ඔවුන් විසින් පළඳනා ලෙස භාවිත කර තිබිණි. කෘෂිකර්මය සතුන් දඩයම සඳහා ගස් පුළුස්සා දැමූ බලංගොඩ මානවයා වෙත මධ්‍ය කඳුකරයෙහි හෝටන් තැන්න නිමැවීමේ වගකීම පැවරෙයි. කෙසේවෙතත්, වපෙ 15,000 පමණ කාල නිර්ණය කෙරුනු ඕට් සහ බාර්ලි සානුව මතදී සොයා ගැනීම නිසා ඒත්තු යන්නේ ඔවුන් කෘෂිකර්මයෙහි ද නියැලී සිටි බවයි. කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ "First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල "The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" ලෙස නම්කොට තිබූ පර්යේෂණ නිබන්ධනයකට අනුව හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි බලංගොඩ මානවයා දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් දිවයිනේ පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි "මෙම ලිපියේ උත්සාහය වන්නේ මධ්‍යම ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැනිතලාවේ පැලියෝ-පාරිසරික සොයාගැනීම් ස්වරූපයෙන් කෘෂිකර්මාන්තයේ මුල් සාක්ෂි සහ දේශගුණික විපර්යාස හා පුරාවිද්‍යාව සමඟ එහි ඇති සම්බන්ධතා පිළිබඳ විස්තරයක් සැපයීමයි ..." හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන්  එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් බලංගොඩ මානවයා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇතැයි අනුමාන කලහැකි බව යෝජනා කරයි. මීට පෙර වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි. කලා නිර්මාණ බලංගොඩ මානව ජනාවාසවලින් රතු නැත්නම් කහ හිරියල් උරච්චි කරල ගෑව මිනිස් ඇටකටු හමුවී තිබෙනවා. බටදොඹලෙන අවුරුදු 31,000ක් පරණ පස් තට්ටුවෙන් කහපාට ගුරුගල් ආලේප කළ මිනිස් කොදු ඇටයක් හා අවුරුදු 7,700 පමණ පැරණි පස් තට්ටුවෙන් ගුරුගල් පාට ගෑව මිනිස් දත් හමුවී තිබෙනවා. ෆා-හියන් ලෙනේ අවුරුදු 5,400ක් පරණ පස් තට්ටුවෙන් රතු ගුරුගල් ගෑව ඇට කෑලිත් පුරාවිද්‍යාඥයින්ට හමුවෙලා. රාවණා ඇල්ල ගුහාවෙන් හිස් මුදුන හිල් කරල පැත්තකින් සියුම් සිදුරකුත් විදල ගුරුගල් ගෑව හිස් කබල සුවිශේෂයි. මේ ගැන පුරාවිද්‍යාඥයෝ විවිධ මත පල කරනවා. අත්තනගල්ල පොත්ගුල් ලෙනේ ඉහළ මට්ටමේ අවුල් පස්තට්ටුවකින් හමුවුණු ගුරුගල් පාට ගෑව ඔලුකටු කෑල්ලත් මේ ගොඩට එකතුවෙනවා. තෝරාගත් අස්ථිවල වර්ණ ආලෙඔපය ආදි-වාසී වැද්දන් හෝ පැරණි සිංහලයන් අතර තිබුණු බවට සාදක නෑ. මේ බලංගොඩ මානවයට සීමාවුණු පුරුද්දක් බවයි පේන්නේ. හැබැයි බලංගොඩ මිනිසා මොන අදහසකින් මේ දේ කළාද යන්න ගැන නිෂ්චිත මතවාදයක් බිහිවෙලා නෑ. බලංගොඩ මිනිසා තමන්ගේ ඥාතීන්ගේ සිරුරු භූමිදාන කරන විට බොහෝවිට හිස යොමුකරල තියෙන්නේ බටහිර දිසාවට. අදත් අපි ඒ විදිහටම කරනවා. සිරුරු වකුටු ආකාරයට තබලා භූමදානය කරලා තියෙනවා. බටදොඹලෙන දළ වශයෙන් අවුරුදු 28,500ක් විතර පරණ පස් තට්ටුවෙන් හමුවුණු බෙලිකටු පබළුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළඳනාව විදිහට සැලකෙනවා. තනි කට්ටක් තියෙන මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවර කොටසකින් ක්‍රමවත්ව ඉවත් කළ වටකුරු කටු කෑල්ලකින් මේ පබළුව හදල තියෙන්නේ. මිලිමීටර් 13.7×15.3×1.5 ප්‍රමාණයේ මේ පබළුව දුඹුරු රතුවන් පාටයි. දෙපසින්ම සියුම්ව විදලයි මැද සිදුර හදල තියෙන්නේ. මේවා ඉන්දියාව වගේම වෙනත් රටවලින් ලැබෙන මධ්‍යශිලා පබළුවලට වඩා පරණයි. මේ පබළුව බලංගොඩ මානවයාගේ නිර්මාණයක් විධියට සලකනවා. බටදොඹලෙන වසර 16,000-14,300 කාලෙට අයිති පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් මුහුදු බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු මිලිමීටර් 8.2×6.3×0.6 ප්‍රමාණයෙ ඕවලාකාර පබළුවත් කලාත්මක නිර්මාණයක්. මෙය ලා රෝස මිශ්‍ර රිදිවන් අළු පැහැතියි. ඒ පළඳනාවේ එක් පැත්තක දාරයේ සියුම් දැති ආකාර රටාවක් කපලා තිබෙනවා. මෙහි මැදත් සියුම් සිදුරක් සකසල තියෙනවා. ඒ පස් තට්ටුවෙන්ම ලැබුණු අනෙක් පළදනාව තනි කටුවේ මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් හදල තියෙනවා. හැඩයෙන් ඕවලාකාර ලා කහ පාට මේකේ ප්‍රමාණය මිලිමීටර් 8.7×7.7×1.5ක්. පිට දාරය සියුම් විදිහට හදල මැද සියුම් සිදුරක් විදල තියෙනවා. බටදොඹලෙනේම දළ වශයෙන් අවුරුදු 13,500 කාලේ පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු පබළුව තරමක් දුරට ත්‍රිකෝණ හැඩය එන විදිහට අතුල්ලා නිවා තිබෙනවා. කෙළවරක සියුම් සිදුරක් විද තිබෙනවා. උපරීම උස මිලිමීටර් 16.9ක් හා පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් වන මෙය අළු පැහැතියි. ෆා-හියන් ලෙනේ මිශ්‍ර පස් තට්ටුවකින් ලැබිල තියෙන මුහුදේ ඉන්න කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාව බලංගොඩ මිනිසාගේ තවත් වැදගත් නිමැවුමක්. දතේ පහළ දෙපසින්ම විදල පළදනාවක් විදිහට හදලා. අත්තනගල්ල පොත්ගුල්ලෙන කැනීමේදිත් මේ වගේ නිර්මාණ කීපයක්ම ලැබිල තියෙනවා. මෙතැනත් කොටි මෝර දතකින් හදපු ගෙල පළදනාවක් වගේම මුහුදු බෙලිකට්ටකින් හදපු කොටු හැඩයේ පළදනාවකුත් ලැබුනා. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ අළුගල්ගේ කැනීමෙනුත් මොර දත් පළඳනාවක් ලැබිල තියෙනවා. සත්ව විද්‍යාඥයෝ කියන විදිහට මේ කොටි මෝරාගේ දත් හොයාගන්න එක ලෙහෙසිපහසු නැහැ. ගැඹුරු මුහුදේ ඉන්න මේ මාළුවා මියගියහම මුහුදේ ගිලෙනවා මිසක් ගොඩබිමට ගසාගෙන පැමිණීම විරලයි. ප්‍රාග් ඓතිහාසික ලෙන් හා අඩවි නාමාවලිය බෙලිලෙන – කිතුල්ගල වවුල්පනේ – රත්නපුර බටදොඹලෙන – කුරුවිට පාහියන් ලෙන – කළුතර බෙල්ලන්බැඳි පැලැස්ස – Pansadara Chena, Balangoda හෝටන් තැන්න දොරවක ලෙන – කෑගල්ල ආශ්‍රීත මූලාශ්‍ර Kenneth A. R. Kennedy, "Fa Hien Cave", in Encyclopedia of Anthropology ed. H. James Birx (2006, SAGE Publications; ISBN 0-7619-3029-9) Kenneth A. R. Kennedy and Siran U. Deraniyagala, Fossil remains of 28,000-year old hominids from Sri Lanka, Current Anthropology, Vol. 30, No. 3. (Jun., 1989), pp. 394-399. Kenneth A. R. Kennedy, T. Disotell, W. J. Roertgen, J. Chiment and J. Sherry, Biological anthropology of upper Pleistocene hominids from Sri Lanka: Batadomba Lena and Beli Lena caves, Ancient Ceylon 6: 165-265. Kenneth A. R. Kennedy, Siran U. Deraniyagala, W. J. Roertgen, J. Chiment and T. Disotell, Upper Pleistocene fossil hominids from Sri Lanka, American Journal of Physical Anthropology, 72: 441-461, 1987. Annual Review of Anthropology: 1980 By Siege, Bernard J. Siegel - Page 403 & 416 [1] Propaedia: outline of knowledge and guide to the Britannica.--[2]-[11] Micropaedia: ready reference and index.--[12]-[30] Macropaedia: knowledge in depth. බාහිර සබැඳි Archaeology කේව් එක්ස්ප්ලරේෂන් ටුවර්ස් ඉන් ශ්‍රී ලංකා ප්‍රී- ඇන්ඩ් ප්‍රොටෝහිස්ටරික් සෙට්ල්මන්ට් ඉන් ශ්‍රී ලංකා හිය දේ ලිව්ඩ් ඇන්ඩ් ඩයිඩ් ප්‍රී- ඇන්ඩ් ප්‍රොටෝහිස්ටරික් සෙට්ල්මන්ට් ඉන් ශ්‍රී ලංකා පාෂාණීය ධාතු විද්‍යාත්මක අඩවි මධ්‍ය ශිලා ප්‍රාග් ඓතිහාසික යුගය - ශ්‍රී ලංකාව
1938
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%20%E0%B6%86%E0%B6%9C%E0%B6%B8
ක්‍රිස්තියානි ආගම
ක්‍රිස්තියානි ආගම යනු නාසරෙත්හි ජේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් මත පදනම් වූ ආබ්‍රහමික, ඒකදේවවාදී, ආගමකි. කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ ජේසුස් ක්‍රිස්තූන් දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන බවය. මිනිසුන්ගේ ගැලවුම්කරුවා (නොහොත් මෙසියස්) ලෙස ජේසුස්ගේ පැමිණීම පිලිබඳව බයිබලයෙහි (නව ගිවිසුම) ලියා ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම ඔහුගේ පැමිණීම පිළිබඳ හීබෲ බයිබලයෙහි (පරණ ගිවිසුමෙහි) අනාවැකි පවසා ඇති බවද විශ්වාස කෙරෙයි. එය ලොව විශාලතම ආගම වන අතර 2020 වන විට අනුගාමිකයන් බිලියන 2.8 ක් පමණ සිටී. ක්‍රිස්තියානි ධර්මය එහි බටහිර හා නැගෙනහිර ශාඛා අතින් විවිධ මූලධර්මයන්හි සංස්කෘතික වශයෙන් විවිධ වේ. ඔවුන්ගේ ඇදහිලි පොදුවේ යේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සලකනු ලැබේ. එනම් ජනතාවට සේවය කර, දුක් විඳ, කුරුසියක් මත මිය ගිය නමුත් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම උදෙසා මළවුන්ගෙන් උත්ථාන විය.  යේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් විස්තර කරන මතෙව්, මාක්, ලූක් සහ යොහන්ගේ සමඟ ශුභාරංචි හතරකි. එය ශුභාරංචියේ ගෞරවනීය පසුබිමයි. ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වූයේ 1 වන සියවසේදී රෝම පළාතේ යුදයේ ය. යේසුස්ගේ ප්‍රේරිතයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මුලින් පීඩා කළත් අරාබිය, යුරෝපය, ඇනටෝලියාව, මෙසපොතේමියාව, ට්‍රාන්ස්කාකේසියාව, ඊජිප්තුව සහ ඉතියෝපියාව පුරා ව්‍යාප්ත විය. එය ඉතා ඉක්මනින් අන්‍යජාතිකයන් ආකර්ෂණය කර ගත් අතර එය යුදෙව් සිරිත් විරිත් වලින් ඉවත්වීමට මඟ පෑදූ අතර, ක්‍රි.ව.  කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා රෝමානු අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානි ධර්මය නීතිගත කළේ මිලාන් නුවර දී (313) වන අතර පසුව නයිසියා කවුන්සිලය (325) කැඳවා, එහිදී මුල් ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්කර ඇත (380).  ක්‍රිස්තියානියේ වෙනස්කම් සම්බන්ධයෙන් එෆීස කවුන්සිලය (431) සහ පෙරදිග ඕතඩොක්ස්වාදය බෙදී ගිය පසු නැගෙනහිර පල්ලිය බෙදී ගියේය. නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය සහ කතෝලික පල්ලිය නැගෙනහිර-බටහිර භේදයෙන් වෙන් විය.  (1054), විශේෂයෙන් රෝමයේ රදගුරු තුමාගේ අධිකාරය මත.  ප්‍රතිසංස්කරණ යුගයේ (16 වන සියවස) දේවධර්මීය හා ආගමික ආරවුල් සම්බන්ධයෙන් රෙපරමාදු භක්තිකයන් (බොහෝ දුරට ලතින්, නැගෙනහිර, කතෝලික පල්ලි වලින් සුළුතරයක් වුවද) බෙදී ගියහ.  බටහිර ලෝකයේ දියුණුව සඳහා ක්‍රිස්තියානි ධර්මය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය, විශේෂයෙන් යුරෝපයේ පෞරාණික හා මධ්‍යතන යුගයේ .සොයාගැනීමේ යුගයෙන් (15 සිට 17 වන සියවස දක්වා) මිෂනාරි සේවය තුළින් ක්‍රිස්තියානි ධර්මය ඇමරිකාව, ඕෂනියා, උප සහරා අප්‍රිකාව සහ සෙසු ලෝකය පුරා ව්‍යාප්ත විය. ඉතිහාසය ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වූයේ යුදෙව් ගුරුවරයෙකු හා සුව කරන්නෙකු වූ යේසුස්ගේ දේවසේවයෙනි. යේසුස්ගේ ජීවිතය හා මරණය යේසුස්ගේ උපත පිළිබඳ කථාව බයිබලයේ අළුත් ගිවිසුමේ මතෙව් සහ ලූක්ගේ ලියවිලිවල සඳහන් වේ. ඔහුගේ උපත කිතුනුවන් විසින් යුදෙව් පරණ ගිවිසුමේ අනාවැකිවල ඉටුවීමක් ලෙස විශ්වාස කරන අතර, මෙසියස් වහන්සේ යුදෙව් ජනතාව වහල්භාවයෙන් මුදවා ගනු ඇතැයි කියා සිටියේය. යේසුස්ගේ දේවසේවය වයස අවුරුදු 30 දී පමණ යේසුස් තම දේවසේවය ආරම්භ කරන තෙක් ඔහුගේ උපත පිළිබඳ කතාවෙන් පසුව, ඔහු ගැන එතරම් දැනුමක් නැත. ඉන්පසු ඔහු ප්‍රාතිහාර්යයන් ඉගැන්වීම, සුව කිරීම සහ වැඩ කිරීම සඳහා වසර තුනක් ගත කළේය. ඔහු උපමා වලින් ඉගැන්වීය. ඔහුට ගෝලයන් දොළොස් දෙනෙක් සිටි අතර, ඔහු තමා පසුපස විත් ඔහුගේ වැඩ කටයුතුවලදී ඔහුට උපකාර කරන ලෙස ඉල්ලා සිටියේය. පීඩා සහ මරණය යේසුස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමා දෙවිගේ අධිකාරියෙන් කතා කළ බවයි. මෙම ප්‍රකාශය පලස්තීනයේ ආගමික බලධාරීන් කෝපයට පත් කළ අතර ඔවුන් විප්ලවවාදියෙකු ලෙස යේසුස්ව රෝම බලධාරීන්ට භාර දුන්නේය.මිථ්‍යාදෘෂ්ටිය වෙනුවෙන් ඔහුව නඩු විභාග කොට, කුරුසපත් කිරීම මගින් හෙළා දකින ලදී ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කරන්නේ, සුවිශේෂයන්ට අනුව, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, පව්වලට වන්දියක් ලෙස මියගිය බවත්, මළවුන්ගෙන් උත්ථාන වී දෙවියන් වහන්සේ විසින් උසස් කරනු ලැබූ බවත්, දෙවිගේ රාජ්‍යය ආරම්භයේදී ඉක්මනින් නැවත පැමිණෙන බවත්ය. ඔහුගේ මරනින් පසු ඉරිදා ඔහුගේ කාන්තා අනුගාමිකයන් කිහිප දෙනෙකුගේ සිරුර තැන්පත් කර තිබූ සොහොන හිස් බව සොයා ගන්නා ලද බවට විශ්වාස කෙරේ. යේසුස් තම මරණයට පෙර ඔවුන් දැන සිටි යේසුස් මෙන් ජීවතුන් අතර ඔවුන්ට දර්ශනය විය. දෙවි යේසුස්ව මළවුන්ගෙන් උත්ථාන කළ බව ඔහුගේ අනුගාමිකයන්ට වැටහුණි. ශුභාරංචි වාර්තාවලට අනුව, ඉදිරි දින කිහිපය තුළ යේසුස්ව ඔහුගේ ගෝලයන් හා අනුගාමිකයන් බොහෝදෙනෙකු විසින් දුටුවේය. පාවුල් සහ මුල් සභාව පාවුල්ගේ මිෂනාරි සේවය සඳහා නොවන්නේ නම්, යේසුස් ක්‍රිස්තුස්ගේ සේවය සහ ඔහුගේ මරණය හා නැවත නැඟිටීමේ බලපෑම ලෝකයට බලපෑමක් ඇති නොකරනු ඇතැයි යෝජනා වී තිබේ. පාවුල් ක්‍රිස්තියානි ආගමට හැරීම පිළිබඳ වාර්තාව අළුත් ගිවිසුමේ පොතේ, අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා වල අඩංගු වේ. ඔහු හැරවීමට පෙර පාවුල් සාවුල් ලෙස හඳුන්වනු ලැබූ අතර, යේසුස් ඉගැන්වූ පරිදි සහ ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ ගෝලයන් විසින් ක්‍රිස්තියානි ඇදහිල්ලට දරුණු ලෙස විරුද්ධ විය. තාවකාලිකව අන්ධ වූ විට සාවුල් දමස්කස් පාර පරිවර්තනය ලෙස හැඳින්වෙන නාටකාකාර පරිවර්තනයක් අත්විඳියේය. ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බව දුටු වහාම කිතුනු ශුභාරංචිය දේශනා කිරීමට පටන් ගත්තේය. ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ පාවුල්ගේ සංකල්පය පාවුල්ගේ ඉගැන්වීම කේන්ද්‍රගත වූයේ ඉතිහාසයේ කේන්ද්‍රීය සන්ධිස්ථානයක් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම තේරුම් ගැනීමයි. පාවුල් ඉගැන්වූයේ ආත්මයාණන් තුළ ජීවත්වීමට දෙවියන් වහන්සේගේ බලය මිනිස් මාංසය තුළින් ක්‍රියාත්මක කිරීමටය. රෝම අධිරාජ්‍යය පුරා විසිරී ඇති පල්ලිවලට ඔහු ලියූ සමහර ලිපි අළුත් ගිවිසුමේ අඩංගු වන අතර පාවුල්ගේ දේවධර්මය ගෙනහැර දක්වයි. යුදෙව්වන් මෙන් අන්‍යජාතීන්ට ඇදහිල්ලට ප්‍රවේශ විය හැකි බවත් ව්‍යවස්ථාවෙන් නිදහස සෑම කෙනෙකුම නිදහස් කළ බවත් ඔහු තරයේ කියා සිටියේය. මුල් පල්ලියේ දියුණුව හා සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වූ මෙම ඉගැන්වීම නොවන්නට වෙනත් යුදෙව් නිකායකට වඩා වැඩි යමක් නොවනු ඇත. පාවුල් රෝම අධිරාජ්‍යය පුරා යුරෝපය ඇතුළු ඉන් ඔබ්බට අප්‍රිකාවට පවා කිතුනු පල්ලි පිහිටුවා ගත්තේය. පීඩා කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම, පල්ලිය කුඩා වූ අතර, විශේෂයෙන් නීරෝ (54-68), ඩොමිශියන් (81-96) වැනි කුරිරු රෝම අධිරාජ්‍යයන් යටතේ, කිතුනුවකු වීම නීති විරෝධී ක්‍රියාවක් වූ අතර, ඔවුන්ට දරුණු දඩුවම් දුන්නේය . බොහෝ ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා මිය ගිය අතර පල්ලියේ ප්‍රාණ පරිත්‍යාගිකයින් බවට පත්විය . ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත්විය. රෝමානු සොල්දාදුවෙකු වූ කොන්ස්ටන්ටයින්, රෝමානු අධිරාජ්‍යයා වීමට සටනේදී තම ප්‍රතිවාදියාට එරෙහිව ජයග්‍රහණය ලැබූ විට, ඔහු තම සාර්ථකත්වය ක්‍රිස්තියානි දෙවියන්ට ආරෝපණය කළ අතර, වහාම ඔහු ක්‍රිස්තියානි ආගමට හැරීම ප්‍රකාශ කළේය. ක්‍රිස්තියානි ඇදහිල්ල යනු කුමක්ද යන්න හරියටම තහවුරු කර ගැනීමට කොන්ස්ටන්ටයින්ට අවශ්‍ය වූ අතර ක්‍රි.ව. 325 දී නයිසියාවේ පළමු කවුන්සිලය ලෙස නම් කරන ලදී. ඇදහිල්ල සකස් කිරීම ඉදිරි ශතවර්ෂ කිහිපය තුළ, අදහස් සකස් කොට සාකච්ඡා කරන ලද බැවින්, ඇදහිල්ලේ නිවැරදි අර්ථ නිරූපණය පිළිබඳ විවාද හා මතභේද ඇති විය. 451 දී පවත්වන ලද චාල්සඩන් කවුන්සිලය රෝමානු අධිරාජ්‍යය නොවෙනස්ව පැවති අවසාන සභාව විය. දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ සහ ඔහුගේ සභාව කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා කිතුනුවන් අදටත් පවසන නිකේන් ඇදහිල්ලට එය හේතු විය. 476 දී රෝමය බිඳ වැටෙන විට, එයින් අදහස් කළේ බටහිර හා නැගෙනහිර කිතුනුවන් තවදුරටත් එකම දේශපාලන පාලනය යටතේ නොසිටින අතර ඔවුන් අතර විශ්වාසයේ වෙනස්කම් ඇති වූ බවයි. මුල් මධ්යකාලීන යුගයේ මිෂනාරි ක්රියාකාරකම් ක්රිස්තියානි ධර්මය බටහිර දෙසට ජර්මානු ජනයා අතර පැතිර ගියේය. ඉහළ මධ්යකාලීන යුගයේදී, නැගෙනහිර හා බටහිර ක්රිස්තියානි ධර්මය 1054 නැගෙනහිර-බටහිර භේදයට තුඩු දුන්නේය. රෝමානු කතෝලික පල්ලියේ ව්යුහය සහ එහි හැසිරීම පිළිබඳ වැඩෙන විවේචන 16 වන සියවසේ රෙපරමාදු ව්යාපාරයට හා බටහිර ක්රිස්තියානි ධර්මයේ භේදයට හේතු විය. පුනරුද යුගයේ සිට, පල්ලියේ ආනුභාවයෙන් යටත් විජිතවාදයත් සමඟ, ක්‍රිස්තියානි ධර්මය ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. අද ලොව පුරා කිතුනුවන් බිලියන දෙකකට වඩා සිටින අතර, ක්‍රිස්තියානි ධර්මය ලෝකයේ විශාලතම ආගම බවට පත්ව ඇත. පසුගිය ශතවර්ෂය තුළ එය වේගයෙන් ආසියාව සහ උප සහරා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වී තිබේ. විශ්වාස ලොව පුරා කිතුනුවන් මූලික විශ්වාසයන් ඇති අතර, බයිබලය හා ක්‍රිස්තියානි ධර්මය පදනම් කරගත් කිතුනු ඇදහිල්ලේ ලිපිවල වඩාත් පිළිගත් ප්‍රකාශය අපෝස්තුළුවරුන්ගේ ඇදහිල්ලයි. කතෝලික පල්ලියේ ලතින් පල්ලිය, ලුතරන්වාදය, ඇන්ග්ලිකන් සහ බටහිර චාරිත්‍රානුකූල ඕතඩොක්ස්වාදය ඇතුළු බටහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායේ පූජනීය පල්ලි විසින් වඩාත් දෘශ්‍යමානව එය ක්‍රිස්තියානි නිකායන් ගණනාවක් විසින් භාවිතා කරනු ලැබේ. එය ප්‍රෙස්බිටේරියන්, මෙතෝදිස්ත සහ කොන්ග්‍රේෂන්වාදීන් විසින් ද භාවිතා කරයි. එහි කේන්ද්‍රීය මූලධර්ම වන්නේ ත්‍රිත්වය හා මැවුම්කරු දෙවියන් ය. මෙම ඇදහිල්ලෙන් අයත් සෑම මූලධර්මයක්ම අපෝස්තලික යුගයේ වර්තමාන ප්‍රකාශයන්ගෙන් සොයාගත හැකිය. කතෝලික බව්තීස්ම අපේක්ෂකයින් සඳහා ක්‍රිස්තියානි ධර්මයේ සාරාංශයක් ලෙස මෙම ඇදහීම භාවිතා කර ඇති බව පෙනේ. එහි කරුණු අතර: පියාණන් වන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම, දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස යේසුස් ක්‍රිස්තුස් සහ ශුද්ධාත්මයාණන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, නැවත නිරයට පැමිණීම, නැවත නැඟිටීම හා නැගීම පල්ලියේ ශුද්ධකම සහ සාන්තුවරයන්ගේ හවුල ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම, විනිශ්චය දිනය සහ ඇදහිලිවන්තයන්ගේ ගැලවීම නයිසීන් ඇදහිල්ල බොහෝ දුරට ඒරියානුවාදයට ප්‍රතිචාර වශයෙන් පිළිවෙලින් 325 සහ 381 දී නයිසියා සහ කොන්ස්තන්තිනෝපල් කවුන්සිලයේදී සකස් කරන ලද අතර 431 දී පළමු එපීසයේ කවුන්සිලය විසින් ක්‍රිස්තියානි ලෝකයේ විශ්වීය ඇදහීම ලෙස අනුමත කරන ලදී. පෙරදිග ඕතඩොක්ස් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, චාල්සෙඩන් කවුන්සිලයේ 451 දී සංවර්ධනය කරන ලද චැල්සෙඩෝනියානු අර්ථ දැක්වීම නොහොත් ක්‍රැඩ් ඔෆ් චාල්සෙඩන්, ක්‍රිස්තුස් පිලිබඳ ඉගන්වුයේ “ස්වභාවයන් දෙකකින් පිළිගැනීමට, නොවරදවාම, වෙනස් කළ නොහැකි ලෙස, වෙන් කළ නොහැකි ලෙස”: එක් දිව්‍යමය හා එක් මනුෂ්‍යයෙක් වන අතර, ස්වභාවයන් දෙකම තමන් තුළ පරිපූර්ණ වූවත්, එක් පුද්ගලයෙකු සමඟ පරිපූර්ණ ලෙස එක්සත් වී ඇත. බටහිර පල්ලියේ නිකේන් සහ චල්සෙඩෝනියානු තත්වයට සමාන යැයි සැලකෙන ඇතනාසියානු ඇදහිල්ල මෙසේ පවසයි: “අපි ත්‍රිත්වයේ එක් දෙවියෙකුටත්, ත්‍රිත්වයට එකමුතුකමටත් නමස්කාර කරන්නෙමු.” බොහෝ කිතුනුවන් (කතෝලික, නැගෙනහිර ඕතඩොක්ස්, පෙරදිග ඕතඩොක්ස් සහ රෙපරමාදු භක්තිකයන්) ඇදහිලි භාවිතය පිළිගන්නා අතර, ඉහත සඳහන් කළ අවම වශයෙන් එක් ඇදහීමකටවත් දායක වෙති. යේසුස් වහන්සේ ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රීය මූලධර්මය නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ මෙසියස් (ක්‍රිස්තුස්) ලෙස විශ්වාස කිරීමයි. කිතුනුවන් විශ්වාස කරන්නේ මෙසියස් ලෙස යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවා ලෙස අභිෂේක කරනු ලැබූ බවත්, යේසුස්ගේ පැමිණීම පරණ ගිවිසුමේ මෙසියස් අනාවැකිවල ඉටුවීම බවත්ය. මෙසියස් පිළිබඳ ක්‍රිස්තියානි සංකල්පය සමකාලීන යුදෙව් සංකල්පයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වේ. මූලික කිතුනු විශ්වාසය නම්, යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම විශ්වාස කිරීම හා පිළිගැනීම තුළින් පව්කාර මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ සමග සමගි විය හැකි අතර, එමගින් ගැලවීම හා සදාකාල ජීවනයේ පොරොන්දුව ලබා දෙනු ඇත. කිතුනු ඉතිහාසයේ මුල් ශතවර්ෂ ගණනාව තුළ ජේසුස් වහන්සේගේ ස්වභාවය පිළිබඳව දේවධර්මවාදී ආරවුල් රාශියක් පැවතුනද, සාමාන්‍යයෙන් කිතුනුවන් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මවා ඇති බවත් “සැබෑ දෙවියන් හා සැබෑ මනුෂ්‍යයා” (හෝ පූර්ණ දිව්‍යමය හා පූර්ණ මනුෂ්‍ය) බවත්ය. යේසුස් පූර්ණ මනුෂ්‍යයෙකු වූ පසු, මනුෂ්‍යයෙකුගේ වේදනා හා පරීක්ෂාවන්ට මුහුණ දුන් නමුත් ඔහු පව් කළේ නැත. දෙවියන් වහන්සේ වශයෙන්, ඔහු නැවත ජීවනයට නැඟී සිටියේය. අළුත් ගිවිසුමට අනුව, ඔහු මළවුන්ගෙන් නැගිට ස්වර්ගයට නැඟී, පියාණන්ගේ දකුණු පැත්තේ හිඳගෙන සිටින අතර, අවසානයේදී ඔහු නැවත පැමිණෙනු ඇත යයි පවසයි . [ක්‍රියා 1: 9–11] මතෙව් සහ ලූක්ගේ ශුභාරංචිවලට අනුව, යේසුස් වහන්සේ පිළිසිඳ ගනු ලැබුවේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසිනි. ළදරු ශුභාරංචි පුරාණ කාලයේ ජනප්‍රිය වුවද, යේසුස්ගේ ළමා කාලයේ ස්වල්පයක් ශුභාරංචි වල සටහන් වේ. සාපේක්ෂව, ඔහුගේ වැඩිහිටිභාවය, විශේෂයෙන් ඔහුගේ මරණයට සතියකට පෙර, අළුත් ගිවිසුමේ අඩංගු ශුභාරංචි වල මනාව සටහන් වී ඇත, මන්ද ඔහුගේ ජීවිතයේ එම කොටස වඩාත් වැදගත් යැයි විශ්වාස කෙරේ. යේසුස්ගේ දේවසේවය පිළිබඳ බයිබලානුකුල වාර්තාවලට ඇතුළත් වන්නේ: ඔහුගේ බව්තීස්මය, ප්‍රාතිහාර්යයන්, දේශනා කිරීම, ඉගැන්වීම සහ ක්‍රියාවන්. මරණය හා නැවත නැඟිටීම කිතුනුවන් යේසුස් වහන්සේගේ උත්ථානය ඔවුන්ගේ ඇදහිල්ලේ මූලික ඉගැන්වීම (1 කොරින්ති 15 ) සහ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම ලෙස සලකයි . ක්‍රිස්තියානි විශ්වාසයන් අතර, යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ක්‍රිස්තියානි ධර්මය හා දේවධර්මය පදනම් කරගත් ප්‍රධාන සිදුවීම් දෙකකි. අළුත් ගිවිසුමට අනුව, යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබ, ශාරීරික මරණයක්, සොහොන් ගෙයක තැන්පත් කරන ලද අතර දින තුනකට පසු මළවුන්ගෙන් උත්ථාන විය. යේසුස් වහන්සේ ස්වර්ගයට යෑමට පෙර “සහෝදරයන් පන්සියයකට වඩා වැඩි ගණනක්” ඇතුළුව [1 කොරි 15: 6] යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් හා ගෝලයන් දොළොස්දෙනාට විවිධ අවස්ථා වලදී පුනරුජ්ජීවනය පිළිබඳ අවස්ථා කිහිපයක් අළුත් ගිවිසුමේ සඳහන් වේ. යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම සියලුම නමස්කාර සේවාවන්හි කිතුනුවන් විසින් සමරනු ලබන අතර, ශුද්ධ වූ සතියේ විශේෂ අවධානයක් යොමු කරන අතර එයට සුබ සිකුරාදා සහ පාස්කු ඉරිදාද ඇතුළත් වේ. යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි දේවධර්මයේ වැදගත්ම සිදුවීම් ලෙස සැලකේ. එයට හේතුව යේසුස් වහන්සේට ජීවිතය හා මරණය කෙරෙහි බලය ඇති බවත් එම නිසා මිනිසුන්ට සදාකාල ජීවනය ලබා දීමට බලය හා බලය ඇති බවත්ය. මරණය සහ නැවත නැඟිටීම පිළිබඳ තර්ක බොහෝ ආගමික විවාද හා අන්තර් ආගමික සංවාද වලදී සිදු වේ. මුල් ක්‍රිස්තියානි ආගමට හැරුණු හා මිෂනාරිවරයෙකු වූ පාවුල් අපොස්තුළු තුමන් මෙසේ ලිවීය: “ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන නොවූයේ නම්, අපගේ සියලු දේශනා නිෂ්පල ය, දෙවි කෙරෙහි ඔබ තුළ ඇති විශ්වාසය නිෂ්පල ය.” [1 කොරි 15:14] ගැලවීම නූතන ක්‍රිස්තියානි පල්ලි, යුදෙව්වන් හා අන්‍යජාතිකයන් දෙවියන් වහන්සේගේ පවුල තුළ සිටිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට වඩා, පාපයේ හා මරණයේ විශ්වීය තත්වයෙන් මනුෂ්‍යත්වය ගලවා ගත හැක්කේ කෙසේද යන්න ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. පෙරදිග ඕතඩොක්ස් දේවධර්මයට අනුව, ඉරෙනියස්ගේ න්‍යාය විසින් ඉදිරිපත් කරන ලද පව් කමාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව, යේසුස්ගේ මරණය මිදීමේ මිලයකි. මෙය දෙවියන් වහන්සේ සමග ඇති සම්බන්ධය යථා තත්වයට පත් කරයි . දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කතෝලික ධර්මයට අනුව, යේසුස් වහන්සේගේ මරණය දෙවියන් වහන්සේගේ උදහස අවසන් කරයි. එය මිනිසුන්ගේ පව්කාරකම නිසා ඇති වූ දෙවියන් වහන්සේගේ අගෞරවයට වන්දියකි . කතෝලික පල්ලිය උගන්වන්නේ කිතුනුවන්ගේ විශ්වාසවන්තකම නොමැතිව ගැලවීම සිදු නොවන බවයි; හැරෙන්නන් ප්‍රේමයේ මූලධර්මයන්ට අනුකූලව ජීවත් විය යුතු අතර සාමාන්‍යයෙන් බව්තීස්ම විය යුතුය. රෙපරමාදු දේවධර්මයේ, යේසුස්ගේ මරණය දෙවියන් වහන්සේගේ සදාචාර නීතිය උල්ලංගනය කළ විට මනුෂ්‍ය වර්ගයා විසින් ගෙවිය යුතු ණය සඳහා යේසුස් විසින් කරන ලද පූජාව ලෙස සැලකේ. ගැලවීම සඳහා බව්තීස්මය අත්‍යවශ්‍ය බව මාටින් ලූතර් ඉගැන්වූ නමුත් නූතන ලූතරන්වරු සහ අනෙකුත් රෙපරමාදු භක්තිකයන් ඉගැන්වීම ගැලවීම යනු දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අනුව පුද්ගලයෙකුට ලැබෙන ත්‍යාගයක් වෙයි . ත්‍රිත්වය ත්‍රිත්වය යනු දෙවියන් වහන්සේ පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක දෙවියෙකු බව විශ්වාස කිරීමයි: පියා, පුත්‍රයා (යේසුස්) සහ ශුද්ධාත්මයාණන් . ත්‍රිත්වය යන්නෙන් අදහස් කරන්නේ එකම දෙවියන් වහන්සේ එකිනෙකට වෙනස්, සදාකාලිකව සහජීවනයෙන් සිටින පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විත වන බවයි: පියා, පුත්‍රයා (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මවා ඇති) සහ ශුද්ධාත්මයානන් . ක්‍රිස්තියානි විශ්වාසයේ මුල් ප්‍රකාශයක් වන අතනාසියානු ප්‍රකාශයේ වචන වලින්, “පියාණන් වහන්සේ දෙවියන් වහන්සේය, පුත්‍රයා දෙවියන් වහන්සේය, ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේය. එහෙත් දෙවිවරුන් තිදෙනෙකු නොව එකම දෙවියෙකි”. පියාණන්ට ප්‍රභවයක් නැත, පුත්‍රයා පියාණන් වහන්සේගෙන් උපත ලැබුවේ ය, ආත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් ය. එකිනෙකට වෙනස් වුවත්, පුද්ගලයන් තිදෙනා එකිනෙකාගෙන් වෙන් වී සිටිය නොහැක. සමහර කිතුනුවන් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ පියාණන් ලෙස පෙනී සිටි බවයි, නමුත් ඔහු අළුත් ගිවිසුමේ පුත්‍රයා ලෙස පෙනී සිටින බවට එකඟ වී ඇති අතර, වර්තමානයේදී ශුද්ධාත්මයාණන් ලෙස දිගටම පෙනී සිටිනු ඇත යනුවෙනි . ත්‍රිත්වය යනු ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි ධර්මයේ අත්‍යවශ්‍ය ධර්මතාවයකි. මෙය 4 වන සියවස අවසානයේ කිතුනු සභාවේදී ප්‍රකාශ කළේය. මෙම මූලධර්මයට අනුව, දෙවියන් වහන්සේ බෙදී නැත, එක් එක් පුද්ගලයාට සමස්තයෙන් තුනෙන් එකක් ඇත යන අර්ථයෙන්; ඒ වෙනුවට, සෑම පුද්ගලයෙකුම පූර්ණ දෙවියන් ලෙස සැලකේ පුත්‍රයා පියාණන් වහන්සේගෙන් උපත ලැබීම; ශුද්ධාත්මයාණන් පියාණන් වහන්සේගෙන් ද (බටහිර ක්‍රිස්තියානි දේවධර්මයෙන්) පුත්‍රයාගෙන් ද පැමිණේ. මෙම පැහැදිලි වෙනස කුමක් වුවත්, “පුද්ගලයන්” තිදෙනා එකම සදාකාලික හා සර්වබලධාරී ය. යුනිටේරියන් විශ්වවාදය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ මෝමන්වාදය ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි ආගම් ත්‍රිත්වය පිළිබඳ එම අදහස් පිලි නොගනී. ත්‍රිත්වවාදීන් ත්‍රිත්ව සංකල්පය විශ්වාස කරන කිතුනුවන් ත්‍රිත්වවාදය යන්නෙන් අදහස් කෙරේ. සියලුම ක්‍රිස්තියානි නිකායන් හා පල්ලි පාහේ ත්‍රිත්ව විශ්වාසයන් දරති. “ත්‍රිත්වය” යන වචන බයිබලයේ නොතිබුණද, 3 වන සියවසේ සිට දේවධර්මවාදීන් විසින් දෙවියන් වහන්සේගේ අළුත් ගිවිසුමේ ඉගැන්වීම් පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන් ලෙස වටහා ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම පදය සහ සංකල්පය වර්ධනය කරන ලදී. එතැන් පටන් ක්‍රිස්තියානි දේවධර්මවාදීන් අවධාරණය කළේ ත්‍රිත්වය යනු දෙවිවරුන් තිදෙනෙකු (ත්‍රිත්වවාදයේ ප්‍රතිවිරෝධී මිථ්‍යාදෘෂ්ටිය) ඇති බව හෝ ත්‍රිත්වයේ සෑම උපකල්පිතයක්ම අසීමිත දෙවියෙකුගෙන් තුනෙන් එකක් නොවන බව ත්‍රිත්වයෙන් ඇඟවුම් නොකරන බවයි. නොන්ට්‍රිනිටේරියන්වාදය යනු ත්‍රිත්වයේ මූලධර්මය ප්‍රතික්ෂේප කරන දේවධර්මයයි.යොහෝවාගේ සාක්ශිකරුවෝ , මෝමන් නිකායන් මීට අයත් වේ . Eschatology දේවල්වල අවසානය, පුද්ගල ජීවිතයේ අවසානය, යුගයේ අවසානය හෝ ලෝකයේ අවසානය වේවා, පුළුල් ලෙස කිවහොත්, ක්‍රිස්තියානි සංක්ෂිප්ත විද්‍යාව; මිනිසුන්ගේ ඉරණම පිළිබඳව අධ්‍යයනය කිරීම බයිබලයෙන් හෙළි වේ. මෙහි ප්රධාන ගැටළු වන්නේ පීඩා, මරණය සහ මරණින් මතු ජීවිතය , ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම, මළවුන්ගේ උත්ථානය, ස්වර්ගය, ශුද්ධිකාග්නිය සහ නිරය , අවසාන විනිශ්චය, ලෝකයේ අවසානය සහ නව අහස සහ නව පෘථිවියයි. කිතුනුවන් විශ්වාස කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම කාලයාගේ ඇවෑමෙන්, දරුණු පීඩා කාලයකට පසුව (මහා පීඩා කාලය) සිදුවනු ඇති බවයි. අන්තිම විනිශ්චය සඳහා මියගිය සියල්ලන්ම ශාරීරිකව මළවුන්ගෙන් උත්ථාන වේ. ශුද්ධ ලියවිල්ලේ අනාවැකි ඉටු කිරීම සඳහා යේසුස් දෙවිගේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරනු ඇත. මරණය සහ මරණින් මතු ජීවිතය බොහෝ කිතුනුවන් විශ්වාස කරන්නේ මනුෂ්‍යයන් දිව්‍ය විනිශ්චය අත්විඳින බවත් සදාකාල ජීවනය හෝ සදාකාල දඩුවම ලැබිය හැකි බවත්ය. මළවුන්ගේ උත්ථානය පිළිබඳ පොදු තීන්දුව මෙන්ම ශාරීරික මරණය පිළිබඳ පුද්ගල ආත්මයට විශේෂයෙන් දෙන ලද තීන්දුවක (කතෝලිකයන්, ඕතඩොක්ස් සහ බොහෝ රෙපරමාදු භක්තිකයන් විසින් දරනු ලබන විශ්වාසය මෙයට ඇතුළත් වේ ). කතෝලික හෝ නැගෙනහිර හෝ පෙරදිග ඕතඩොක්ස් සභාවල දේව කරුණාවෙන් මියයන අය, එනම්, කිසිම මාරාන්තික පාපයක් නොමැතිව සුලු පව් අති අය ස්වර්ගය තුලින් වෙන් කරනු ලැබේ . නමුත් ශුද්ධිකාග්නිය තුල පවිත්‍ර කරනු ලැබේ (දෙවියන් වහන්සේ ඉදිරියෙහි අවශ්‍ය ශුද්ධකම සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිසිදු කිරීමේ තත්වය ). මෙම ඉලක්කය සපුරා ඇති අය සාන්තුවරයන් ලෙස හැඳින්වේ . සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට් වැනි සමහර ක්‍රිස්තියානි කණ්ඩායම්, මනුෂ්‍යත්වය ස්වාභාවිකවම අමරණීය නොවන බවට විශ්වාස කරන අතර, ශාරීරික මරණය සහ නැවත නැඟිටීම අතර අතරමැදි තත්වය තුළ සිහිසුන්ව සිටිති යන වාදයට එකගව සිටිති. අවසාන විනිශ්චයෙන් පසුව දුෂ්ටයන් සදාකාලික වධ හිංසාවලට ලක් නොවී පවතිනු ඇතැයි යන විශ්වාසය ඇත. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද එවැනිම මතයක් දරයි. නිකායන් ක්රිස්තියානි ධර්මයේ ප්රාථමික බෙදීම් හතර වන්නේ කතෝලික පල්ලිය, නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය, පෙරදිග ඕතඩොක්ස්වාදය සහ රෙපරමාදු භක්තිකයන් ය. 11 වන සියවසේ නැගෙනහිර-බටහිර භේදය (මහා භේදය). තමන් ක්‍රිස්තියානි යැයි කියාගන්නා කණ්ඩායම් අතර විවිධ ඉගැන්වීම් හා ආගමික වත්පිළිවෙත් ඇත. ක්‍රිස්තියානි නිකායන් වර්ගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් ආගමික වශයෙන් වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, නිසියානු මත කතෝලිකයන් විසින් පිළිගෙන ඇති අතර, කතෝලික, නැගෙනහිර ඕතඩොක්ස්, පෙරදිග ඕතඩොක්ස් සහ ප්‍රධාන රෙපරමාදු සභාවන් ද ඒවා පිලිගනී . ක්රිස්තියානි ධර්මයේ ප්රධාන පවුල් කතෝලික පල්ලිය කතෝලික පල්ලිය සමන්විත වන්නේ බිෂොප්වරුන්ගේ නායකත්වයෙන් යුත් පාප්තුමා, රෝමයේ රදගුරු තුම.ඇදහිල්ල, සදාචාරය සහ පල්ලියේ පාලනය පිළිබඳ ඉහළම බලධාරියා ලෙසය. පෙරදිග ඕතඩොක්ස් ක්‍රමය මෙන්, කතෝලික සභාවද, අපෝස්තලික අනුප්‍රාප්තිය තුළින්, එහි මූලාරම්භය යේසුස් ක්‍රිස්තුස් විසින් පිහිටුවන ලද ක්‍රිස්තියානි ප්‍රජාවට අයත් වේ. යේසුස් විසින් පිහිටුවන ලද “එක, ශුද්ධ, කතෝලික හා අපෝස්තලික පල්ලිය” කතෝලික පල්ලිය තුළ මුළුමනින්ම පවතින බවත්, අනෙකුත් ක්‍රිස්තියානි පල්ලි සහ ප්‍රජාවන් පිළිගන්නා බවත් කතෝලිකයෝ පවසති. සහ සියලු කිතුනුවන් අතර ප්‍රතිසන්ධානය සඳහා ක්‍රියා කරයි. කතෝලික ඇදහිල්ල කතෝලික පල්ලියේ කැටචිස්වාදයේ සවිස්තරව දක්වා ඇත. ලොව පැරණිතම හා විශාලතම අඛණ්ඩව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය ලෙස එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය හා සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. ස්වායත්ත පල්ලි 24 කට බෙදා ඇත (ඒවායින් විශාලතම ඒවා ලතින් පල්ලියයි), ඒ සෑම එකක්ම ආගමික වත්පිළිවෙත් සහ පූජා පැවැත්වීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් සම්ප්‍රදායන් ඇත. බව්තීස්ම වූ සාමාජිකයන් බිලියන 1.1 කට වඩා සිටින කතෝලික පල්ලිය විශාලතම ක්‍රිස්තියානි පල්ලිය වන අතර එය 50.1% ක් නියෝජනය කරයි සියලුම කිතුනුවන් මෙන්ම ලෝක ජනගහනයෙන් හයෙන් එකක්. ඕතඩොක්ස් පල්ලිය නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලිය සමන්විත වන්නේ කොන්ස්ටන්ටිනෝපල්හි කිතුනු කුලදෙටු පියතුමා වැනි නැගෙනහිර පීතෘමූලික දෘෂ්ටීන් සමඟ එකඟව කටයුතු කරන පල්ලි වලිනි. කතෝලික පල්ලිය මෙන්ම, නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියද එහි උරුමය අපෝස්තලික අනුප්‍රාප්තිය තුළින් ක්‍රිස්තියානි ධර්මයේ අත්තිවාරම දක්වා ඇති අතර එපිස්කෝපල් ව්‍යුහයක් ඇත. එහි කොටස්වල ස්වාධිපත්‍යය අවධාරණය කර ඇති නමුත් ඒවායින් බොහොමයක් ජාතික පල්ලි වේ. ධර්මය හා අධිකාරය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් බටහිර ක්‍රිස්තියානි ධර්මය සමඟ ගැටුම් ගණනාවක්ම මහා භේදයෙන් අවසන් විය. නැගෙනහිර ඕතඩොක්ස්වාදය ක්‍රිස්තියානි ධර්මයේ දෙවන විශාලතම තනි නිකායක් වන අතර ඇස්තමේන්තුගත අනුගාමිකයන් මිලියන 230 ක් සිටියත් රෙපරමාදු භක්තිකයන් සාමූහිකව ඒවා අභිබවා ගියත් සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්තයි. ලෝකයේ පැරණිතම ආගමික ආයතනයක් ලෙස නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය නැගෙනහිර හා ගිනිකොනදිග යුරෝපය, කොකේසස් සහ ආසන්න නැගෙනහිර ඉතිහාසය හා සංස්කෘතිය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. පෙරදිග ඕතඩොක්ස්වාදය පෙරදිග ඕතඩොක්ස් පල්ලි ("පැරණි පෙරදිග" පල්ලි ලෙසද හැඳින්වේ) යනු පළමු කිතුනු සභා තුන වන නයිසියා, කොන්ස්ටන්ටිනෝපල් සහ එෆීසස් මත පිලි ගන්නා නැගෙනහිර පල්ලි වන නමුත් චාල්සඩන් කවුන්සිලයේ මූලධර්ම ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවට මියාෆයිසයිට් ක්‍රිස්තියානි මත ඉදිරිපත් කරයි. පෙරදිග ඕතඩොක්ස් හවුල කණ්ඩායම් හයකින් සමන්විත වේ: සිරියැක් ඕතඩොක්ස්, කොප්ටික් ඕතඩොක්ස්, ඉතියෝපියානු ඕතඩොක්ස්, එරිත්‍රියානු ඕතඩොක්ස්, මලන්කර ඕතඩොක්ස් සිරියානු පල්ලිය (ඉන්දියාව) සහ ආර්මේනියානු අපෝස්තලික පල්ලි. මෙම පල්ලි හය, එකිනෙකා සමඟ හවුලේ සිටියද, ධූරාවලි වශයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වේ. මෙම පල්ලි සාමාන්‍යයෙන් නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය සමඟ හවුලේ නොසිටින අතර, ඔවුන් සමඟ හවුලක් ඇති කිරීම සඳහා සංවාදයක යෙදී සිටිති. ලොව පුරා සාමාජිකයින් මිලියන 62 ක් පමණ සිටිති. නැඟෙනහිර ඇසිරියානු පල්ලිය 17 වන ශතවර්ෂයේ පිහිටුවා අතර, නැගෙනහිර පල්ලියේ අඛණ්ඩතාව කියාපාන ස්වාධීන නැගෙනහිර ක්‍රිස්තියානි නිකායක් වේ. විශාල වශයෙන් ඇනිකොනික් මිස වෙනත් පල්ලියක් සමඟ සම්බන්ධ නොවී එය සිරියැක් ක්‍රිස්තියානි ධර්මයේ නැගෙනහිර ශාඛාවට අයත් වන අතර නැගෙනහිර සිරියා චාරිත්‍ර එහි නමස්කාරයේදී භාවිතා කරයි. එහි ප්‍රධාන කථන භාෂාව නැගෙනහිර ඇරමයික භාෂාවේ සිරියැක් වන අතර එහි අනුගාමිකයන්ගෙන් බහුතරය ජනවාර්ගික ඇසිරියානුවන් ය. එය නිල වශයෙන් මූලස්ථානය උතුරු ඉරාක කුර්දිස්තානයේ අර්බිල් නගරයේ පිහිටා ඇති අතර, එහි මුල් ප්‍රදේශය පුරාණ ඇසිරියාවට අනුරූපව ගිනිකොනදිග තුර්කිය සහ වයඹ දිග ඉරානය දක්වා ද ව්‍යාප්ත වේ. එහි ධූරාවලිය මෙට්රොපොලිටන් බිෂොප්වරුන් සහ ඩයොකේෂන් බිෂොප්වරුන්ගෙන් සමන්විත වන අතර පහළ පූජකයන් පූජකවරුන් සහ උපස්ථායකයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් මැදපෙරදිග, ඉන්දියාව, උතුරු ඇමරිකාව, ඕෂනියා සහ යුරෝපය පුරා (කොකේසස් සහ රුසියාව ඇතුළුව) . නැ‍ඟෙනහිර පුරාණ පල්ලිය 1964 දී නැගෙනහිර ඇසිරියානු පල්ලියෙන් වෙන් කොට දැක්වීය. එය ඇසිරියානු පල්ලිවලින් එකක් වෙයි . රෙපරමාදු ආගම 1521 දී මාටින් ලූතර්ව හෙළා දුටු අතර ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයේ පුරවැසියන්ට ඔහුගේ අදහස් ආරක්ෂා කිරීම හෝ ප්‍රචාරය කිරීම නිල වශයෙන් තහනම් කළේය. රෝමානු කතෝලික සභාව තුළ මෙම භේදය දැන් ප්‍රතිසංස්කරණය ලෙස හැඳින්වේ. ප්‍රමුඛ ප්‍රතිසංස්කරණවාදීන් අතර මාටින් ලූතර්, හල්ඩ්‍රික් ස්වින්ග්ලි සහ ජෝන් කැල්වින් ද වූහ. නෙරපා හැරීමට එරෙහිව 1529 දී ස්පෙයර්හි පැවති විරෝධතාව මෙම පක්ෂයට රෙපරමාදු යන නම ලබා දුන්නේය. ලූතර්ගේ ප්‍රාථමික දේවධර්මය ලුතරන් ලෙස හැඳින්වේ. ස්වින්ග්ලි සහ කැල්වින්ගේ නිකායට වඩා පුළුල් ය. ඒවා ප්‍රතිසංස්කරණ සම්ප්‍රදාය ලෙස හැඳින්වේ. රෙපරමාදු භක්තිකයන් අධ්‍යාපනය, මානව ශාස්ත්‍ර හා විද්‍යාවන්, දේශපාලන හා සමාජ පිළිවෙල, ආර්ථිකය හා කලාව සහ තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි විශාල දායකත්වයක් ලබා දෙමින් තමන්ගේම සංස්කෘතියක් වර්ධනය කර ගෙන ඇත. ඇන්ග්ලිකන් පල්ලි එංගලන්ත පල්ලියෙන් පැවත එන අතර ඇන්ග්ලිකන් සංවිධානය ඉන් අති විය. සමහරු, නමුත් සියලුම ඇන්ග්ලිකානුවන් තමන් රෙපරමාදු හා කතෝලිකයන් ලෙස සලකන්නේ නැත. රෙපරමාදු ආගමේ ඇන්ග්ලිකන්, ලුතරන් සහ ප්‍රතිසංස්කරණ ශාඛා බොහෝ දුරට රජය සමඟ සහයෝගයෙන් ආරම්භ විය . අනෙක් අතට, බොහෝ විට තමන් රෙපරමාදු භක්තිකයන් ලෙස නොසැලකෙන ඇනබැප්තිස්තවරුන් වැනි කණ්ඩායම් රැඩිකල් ප්‍රතිසංස්කරණයේ ආරම්භය වූ අතර, සමහර විට ඒවා පනත් යටතේ ආරක්ෂා කර තිබුණද, ඔවුන්ගේ ඉතිහාසය කිසිදු රාජ්‍ය පල්ලියකට සම්බන්ද නොවෙයි . ළදරු බව්තීස්මය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් තවදුරටත් කැපී පෙනේ. ඔවුන් බව්තීස්මය විශ්වාස කරන්නේ වැඩිහිටි ඇදහිලිවන්තයන් පමණි. රෙපරමාදු යන යෙදුමෙන් ඉහත සම්ප්‍රදායන් ඇති ඕනෑම පල්ලි ගැන සඳහන් වේ. නිදසුනක් වශයෙන්, 18 වන සියවසේදී මෙතෝදිස්තවාදය වර්ධනය වූයේ ඇන්ග්ලිකන් ඇමති ජෝන් වෙස්ලිගේ එවැන්ජලිස්ත හා පුනර්ජීවන ව්‍යාපාරයෙනි. ශුද්ධාත්මයාණන්ගේ පවිත්‍ර කිරීමේ බලය අවධාරණය කරන පෙන්තකොස්ත හා නිකායට අයත් නොවන පල්ලි කිහිපයක් මෙතෝදිස්තවාදයෙන් වර්ධනය විය. නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය ඕනෑම තනි රෙපරමාදු නිකායකට වඩා විශාල වුවත්, අනුගාමිකයන් ගණන අනුව කතෝලික ධර්මය පසු වූ දෙවන විශාලතම ක්‍රිස්තියානි කණ්ඩායම වන්නේ රෙපරමාදු භක්තිකයයි. ඇස්තමේන්තු වෙනස් වේ, ප්‍රධාන වශයෙන් රෙපරමාදු භක්තිකයන් ලෙස වර්ගීකරණය කළ යුත්තේ කුමන නිකායන්ද යන ප්‍රශ්නය මතය. එහෙත්, මුළු රෙපරමාදු කිතුනුවන්ගේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් මිලියන 800 ත් 1 ත් අතර වන අතර එය ලෝක කිතුනුවන්ගෙන් 40% කට ආසන්න සංඛ්‍යාවක් වේ. රෙපරමාදු භක්තිකයන්ගෙන් බහුතරය නිකායේ පවුල් අතලොස්සක සාමාජිකයන් වන අතර, එනම් ඇඩ්වෙන්ටිස්ට්, ඇන්ග්ලිකන්, බැප්ටිස්ට්, ප්‍රතිසංස්කරණ (කැල්විනිස්ට්), ලුතරන්, මෙතෝදිස්ත සහ පෙන්තකොස්තවාදීන්, එවැන්ජලිස්ත, ස්වාධීන සහ වෙනත් පල්ලි වැඩිවෙමින් පවතින අතර රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මයේ සැලකිය යුතු කොටසක් වේ. මූලික රෙපරමාදු මූලධර්ම දරණ සමහර පුද්ගලයින් තමන්ව “ක්‍රිස්තියානීන්” හෝ “නැවත ඉපදුණු කිතුනුවන්” ලෙස හඳුනා ගනී. ඔවුන් සාමාන්‍යයෙන් වෙනත් ක්‍රිස්තියානි ප්‍රජාව ගෙන් වෙන්ව සිටිති. බොහෝ විට තනි දේවගැතිවරුන් විසින් ආරම්භ කරන ලද ඔවුන්ට එතිහාසික නිකායන් සමඟ එතරම් සම්බන්ධයක් නැත. ප්‍රධාන රෙපරමාදු ශාඛා වල ඓතිහාසික සටහන ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු පූජක තන්ත්‍රය අහෝසි වී ඇති බැවින් එය යථා තත්වයට පත් කළ යුතු බව පසු දින සාන්තුවරයන් විශ්වාස කරයි. 1800 ගණන්වල මුල් භාගයේදී එක්සත් ජනපදයේ සිදු වූ ආගමික පුනර්ජීවනයේ දෙවන මහා පිබිදීම, සම්බන්ධ නොවූ පල්ලි ගණනාවක දියුණුව දුටුවේය. ඔවුන් සාමාන්‍යයෙන් දුටුවේ දැනට පවතින එක් පල්ලියක් ප්‍රතිසංස්කරණය කරනවාට වඩා යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් සභාව ප්‍රතිසංස්කරණය කිරීමයි. ප්‍රතිෂ්ටාපකයන්ගේ පොදු විශ්වාසයක් වූයේ ක්‍රිස්තියානි ධර්මයේ අනෙක් නිකායන්ට අඩුපාඩු ඇති බවයි. ආසියාවේ, ඉග්ලේෂියා නි ක්‍රිස්ටෝ යනු 1900 ගණන්වල මුල් භාගයේදී පිහිටුවන ලද ප්‍රකට එවැනි නිකායකි මෙම කාල පරිච්ඡේදය තුළ ආරම්භ වූ සමහර පල්ලි 19 වන සියවසේ මුල් භාගයේ මැදපෙරදිග හා නිව් යෝර්ක් නුවර කඳවුරු රැස්වීම්වලට සම්බන්ධ වේ. මෙම ව්‍යාපාරයෙන් බිහි වූ විශාලතම පල්ලිවලින් එකක් වන්නේ පසු කාලීන සාන්තුවරයන්ගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිකාය ( Latter day saint ). [381] එවැන්ජලිස්ත රෙපරමාදු ආගමෙන් පැනනැඟුණු ඇමරිකානු සහස්‍රවාදය සහ ඇඩ්වෙන්ටිස්වාදය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ව්‍යාපාරයට බලපෑම් කළ අතර, විශේෂයෙන් සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් වන විලියම් මිලර්ට ප්‍රතිචාරයක් ලෙස. ක්රිස්තියානි පල්ලිය (ක්රිස්තුස්ගේ ගෝලයන්), කැනඩාවේ එවැන්ජලිස්ත ක්රිස්තියානි පල්ලිය, [382] [383] ක්රිස්තුස්ගේ පල්ලි සහ ක්රිස්තියානි පල්ලි සහ ක්රිස්තුස්ගේ පල්ලි ඇතුළු තවත් සමහරක් සමකාලීන නිකායන් ව්‍යාපාරය තුළ මුල් බැස ඇත. මෙම කාල පරිච්ඡේදය තුළ ආරම්භ වූ අනෙකුත් කණ්ඩායම් අතර ක්‍රිස්ටඩෙල්ෆියන්ස් සහ කලින් සඳහන් කළ පසු දින සාන්තුවරයන්ගේ ව්‍යාපාරය ද ඇතුළත් ය. දෙවන මහා පිබිදීමෙන් ආරම්භ වූ පල්ලිවලට මතුපිටින් යම් සමානකම් තිබුණද, ඔවුන්ගේ මූලධර්ම සැලකිය යුතු ලෙස වෙනස් වේ. වන්දනාව කිතුනු නමස්කාරයට සංගීතය හා කථාව තුළින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම, ශුද්ධ ලියවිලි කියවීම, විවිධ යාච්ඤා , දේශනාවක් සහ සත්ප්‍රසාදය වැනි විවිධ ශුද්ධ උත්සව (බොහෝ විට සක්‍රමේන්තු ලෙස හැඳින්වේ) ඇතුළත් වේ. නමස්කාරය බොහෝ විට කිතුනුවන් සමූහයක් වශයෙන් එක්වන සේවාවන් ලෙස පමණක් වන අතර, තනි කිතුනුවන්ට තනිවම හා ඕනෑම ස්ථානයක දෙවියන් වහන්සේට නමස්කාර කළ හැකිය. මූලාරම්භය ක්‍රිස්තියානි නමස්කාරය වර්ධනය වූයේ යුදෙව් නමස්කාරයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිනගෝගයට සහභාගි වූ යුදෙව් උත්සව සැමරූ ආගමික යුදෙව්වෙකු වූ අතර ඔහුගේ ගෝලයන් යුදෙව් චාරිත්‍ර හා සම්ප්‍රදායන් හුරු පුරුදු විය. යුදෙව් ආගමෙන් මුලින්ම වෙනස් වූයේ සෙනසුරාදා වෙනුවට ඉරිදා ශුද්ධ දිනය බවට පත් කිරීමයි.  මෙය කිරීමෙන් කිතුනු නමස්කාරයේ දිනය යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ දිනයට සමානය. ශුද්ධාත්මයාණන් එවීමෙන් ඉටු වූ යේසුස් තම අනුගාමිකයන් සමඟ රැඳී සිටින බවට දුන් පොරොන්දුව මුල් කාලයේ සිටම ක්‍රිස්තියානි නමස්කාරයේ දිනය ආලෝකවත් කළේය. කතෝලික, ඕතඩොක්ස් හා සමහර රෙපරමාදු නිකායන් නමස්කාරය තුලදි දිව්ය සත්ප්‍රසාදය දෙනු ලබයි . ක්රිස්තියානි ධර්මයේ ඉතිහාසය පුරාම, ආයතනික ක්රිස්තියානි නමස්කාරය වන්දනාමාන කර ඇති අතර, එය යාච්ඤා සහ ගීතිකා වලින් සංලක්ෂිත වේ.  රෝමානු කතෝලික, නැගෙනහිර ඕතඩොක්ස් සහ ඇන්ග්ලිකන් පල්ලි මෙන්ම ලුතරන්වාදය සහ මෙතෝදිස්තවාදය වැනි සමහර රෙපරමාදු නිකායන් විසින් මෙම පූජනීය හා චාරිත්‍රානුකූල නමස්කාරය තවමත් ක්‍රියාත්මක වේ.  එවැන්ජලිස්තවාදයේ දී, නමස්කාරය වඩාත් අවිධිමත් සංකල්පයක් සහිතව දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. සක්‍රමේන්තු සක්‍රමේන්තුවක වඩාත් සාම්ප්‍රදායික ක්‍රියාකාරී අර්ථ දැක්වීම නම්, එය ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද බාහිර ලකුණක් වන අතර එය ක්‍රිස්තුස් වහන්සේ තුළින් අභ්‍යන්තර, අධ්‍යාත්මික කරුණාව ගෙන එයි. වඩාත් පිළිගත් සක්‍රමේන්තු දෙක වන්නේ බව්තීස්මය සහ සත්ප්‍රසාදයයි. කෙසේ වෙතත්, කිතුනුවන්ගෙන් බහුතරයක් අතිරේක පූජා පහක් ද පිළිගනිති: තහවුරු කිරීම , පැවිදි කිරීම, පාපොච්චාරණය, අසනීපය ආලේප කිරීම , සහ විවාහය. සමාජ බලපෑම බයිබලය හා ක්‍රිස්තියානි දේවධර්මය බටහිර දාර්ශනිකයන්ට සහ දේශපාලන ක්‍රියාකාරීන්ට ද දැඩි ලෙස බලපා ඇත. ලිංගිකත්වය හා විවාහය පිළිබඳ දීර් කාලීන ක්‍රිස්තියානි ඉගැන්වීම් පවුල් ජීවිතයට ද බලපා ඇත. මිනිස් පූජා , වහල්භාවය, ළදරු ඝාතනය සහ බහු විවාහය වැනි පුරුදු අවසන් කිරීමේදී ක්‍රිස්තියානි ධර්මය කාර්යභාරයක් ඉටු කළේය. බටහිර සංස්කෘතිය, එහි ඉතිහාසය පුරාම ක්‍රිස්තියානි සංස්කෘතියට බොහෝ දුරට සමාන වී ඇති අතර, බටහිර අර්ධගෝලයේ ජනගහනයෙන් විශාල කොටසක් ක්‍රිස්තියානීන් හෝ නාමික කිතුනුවන් ලෙස හැඳින්විය හැකිය.  "යුරෝපය" සහ "බටහිර ලෝකය" යන සංකල්පය "ක්රිස්තියානි ධර්මය හා ක්රිස්තියානි ලෝකය" යන සංකල්පය සමඟ සමීපව සම්බන්ධ වී ඇත.  එක්සත් යුරෝපීය අනන්‍යතාවයක් ඇති කළ සම්බන්ධකය ලෙස බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ධර්මය ආරෝපණය කරති. ග්‍රීක හා රෝම අධිරාජ්‍යයන් යටතේ බටහිර සංස්කෘතිය එහි මුල් අවදියේදී බහු දේවවාදී ආගම් කිහිපයක් අඩංගු වුවද, මධ්‍යගත රෝම බලය අඩුවෙද්දී, බටහිර යුරෝපයේ එකම ස්ථාවර බලය වූයේ කතෝලික පල්ලියේ ආධිපත්‍යයයි.   බුද්ධිමය යුගය තෙක් ක්‍රිස්තියානි සංස්කෘතිය දර්ශනය, සාහිත්‍යය, කලාව, සංගීතය සහ විද්‍යාව යන සඳහා මඟ පෙන්වීය.  අදාළ කලාවන්හි ක්‍රිස්තියානි විෂයයන් පසුව ක්‍රිස්තියානි දර්ශනය, ක්‍රිස්තියානි කලාව, ක්‍රිස්තියානි සංගීතය, ක්‍රිස්තියානි සාහිත්‍ය යනාදිය දක්වා වර්ධනය වී තිබේ . ශුද්ධ ග්‍රන්ථ ක්‍රිස්තියානි බයිබලයට පරණ ගිවිසුම හා අළුත් ගිවිසුම යන කොටස් දෙකක් ඇත.  පැරණි ගිවිසුම යනු මුල් හෙබ්‍රෙව් බයිබලය වන අතර එය යුදෙව් ඇදහිල්ලේ ශුද්ධ ලියවිලි වේ. එය ක්‍රි.පූ. 1200 ත් 165 ත් අතර කාලවලදී විවිධ කාලවලදී ලියා ඇත.  ක්‍රි.ව. පළමුවන සියවසේදී කිතුනුවන් විසින් අළුත් ගිවිසුමේ පොත් ලියා ඇත. හෙබ්‍රෙව් බයිබලයේ පොත් 39 ක් ඇති අතර ඒවා දීර්ග කලක් තිස්සේ ලියා ඇති අතර එය පුරාණ ඊශ්‍රායෙලයේ සාහිත්‍ය ලේඛනාගාරයයි.  එය සාම්ප්‍රදායිකව කොටස් තුනකින් සකස් කරන ලදී. පළමු පොත් පහ, උත්පත්ති සිට ද්විතීය කථාව.  නූතන බටහිර අර්ථයෙන් ඒවා 'නීතිය' නොවේ: උත්පත්ති යනු කතා පොතක් වන අතර එයට නීති රීති හා සමාන කිසිවක් නොමැති අතර අනෙක් සතර තුළ ප්‍රජා නීති අඩංගු  ඇත.  නීතිය සඳහා වූ හෙබ්‍රෙව් වචනයේ ('ටෝරා' 'යන්නෙහි අර්ථය' මග පෙන්වීම 'හෝ' උපදෙස් 'වන අතර, මිනිසුන් ජීවත් වීමට අදහස් කළ ආකාරය මෙන්ම නීතිමය අවශ්‍යතා පිළිබඳ එදිනෙදා උදාහරණ සපයන කථාන්දර ඊට ඇතුළත් විය හැකිය. මෙම පොත් පසුව 'පෙන්ටටියුච්' ලෙස නම් කරන ලද අතර සම්ප්‍රදාය ඒවා මෝසෙස්ට කතුවර බව ආරෝපණය කළේය.  සමහර කොටස් නිසැකවම එම කාල පරිච්ඡේදයේ සිට පැවත එන නමුත් දේවල් වෙනස් වන විට පැරණි නීති යාවත්කාලීන කර නව ඒවා නිෂ්පාදනය කරන ලද අතර මෙය ශතවර්ෂ ගණනාවක් පුරා පසුකාලීන කතුවරුන්ගේ කාර්යයකි. අනාගතවක්තෘවරුන් හෙබ්‍රෙව් බයිබලයේ විශාලතම කොටස වන අතර එහි කොටස් දෙකක් ඇත ('හිටපු අනාගතවක්තෘවරුන්' සහ 'පසු අනාගතවක්තෘවරුන්'). සමාජ සාරධර්ම පිළිබඳව මිනිසුන්ට මතක් කර දෙමින්, ඉතිහාසය පුරාම ජාතියේ අධ්‍යාත්මික හෘදය සාක්ෂිය ලෙස සේවය කළ ආගමික හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ ('අනාගතවක්තෘවරුන්ගේ) කියමන් හා කථා' පසුකාලීන අනාගතවක්තෘවරුන්ගේ 'පොත් මගින් ආරක්ෂා වේ.  සමහර පොත් සැලකිය යුතු ය (යෙසායා, යෙරෙමියා, එසකියෙල්), තවත් ඒවා වඩා කෙටි ය (හොෂෙයා, ජොයෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකී).   'හිටපු අනාගතවක්තෘවරුන්' සමන්විත වන්නේ යෝෂුවා, විනිශ්චයකරුවන්, 1-2 සාමුවෙල් සහ 1-2 රාජාවලිය.  ඒවා ඉතිහාස පොත් වන නමුත් ඔවුන් 'අනාගතවක්තෘවරුන්' බවට පත් කරන්නේ ඔවුන් තොරතුරු වාර්තා කිරීම පමණක් නොව, එය අර්ථ නිරූපණය කිරීම, ඊශ්‍රායෙලයේ ඉතිහාසයේ වෙනත් සිදුවීම් හා ඔවුන්ගේ දවසේ පුළුල් ලෝකය සම්බන්ධයෙන් එහි වැදගත්කම පැහැදිලි කිරීම ය. ලේඛන ගීතාවලිය (ගීත, යදුම්  සහ නමස්කාරය සඳහා නමස්කාරය), හිතෝපදේශ  කියමන්), යෝබ් (දුක් විඳීමේ ස්වභාවය ගවේෂණය කරන නාට්‍යයක්), සහ එක් එක් ලියවිලි පහක් (මෙගිලොත්) එකට එකතු වී ඇති නිසා  විශේෂිත ආගමික උත්සවයක් සමඟ ඇසුරු කරන ලදී: රූත් (සතිවල යුදෙව් මංගල්යය, ෂාවූට් ලෙසද හැඳින්වේ), සලමොන්ගේ ගීතය (පාස්කු උත්සවය), දේශනාකාරයා (මණ්ඩපය), විලාප ගී (යෙරුසලමේ විනාශය) සහ එස්තර් (පූරිම්).  මෙම කොටසේ හෙබ්‍රෙව් බයිබලයේ අවසාන පොත් ලියා ඇත: එස්රා, නෙහෙමියා සහ 1-2 ලේකම් (සියලුම ඉතිහාස පොත්) සහ දානියෙල් ඉතිරි ඒවා ය. අළුත් ගිවිසුම අළුත් ගිවිසුමේ පොත් 27 ක් ඇති අතර ඒවා ක්‍රි.ව. 50 ත් 100 ත් අතර කාලයකදී ලියා ඇති අතර ඒවා ස්වාභාවිකවම කොටස් දෙකකට අයත් වේ: සුවිශේෂයන්, යේසුස්ගේ කතාව පවසන (මතෙව්, මාක්, ලූක් සහ යොහන්);  මුල් ක්‍රිස්තියානි ප්‍රජාවන්ට මග පෙන්වීම සඳහා විවිධ ක්‍රිස්තියානි නායකයන් විසින් ලියන ලද ලිපි ය. පල්ලියේ නායකයින්ට ඔවුන්ගේ ආගමට හැරුණු අය සමඟ සන්නිවේදනය කිරීමට ස්වාභාවික ක්‍රමය ලිපි වූ අතර මුල්ම ඒවා සුවිශේෂවලට පෙර ලියා ඇත.  සමහර ව්‍යතිරේකයන් සමඟ (රෝම, හෙබ්‍රෙව්) ඒවා ක්‍රිස්තියානි විශ්වාසයේ විධිමත් ඉදිරිපත් කිරීම් ලෙස නොව, විවිධ සංස්කෘතික සන්දර්භයන්ට අදාළ වන අයුරින් යේසුස් කෙරෙහි ඇති ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව කටයුතු කරමින් සිටි අයට උපදෙස් ලබා දුන්නේය. ඒවා කියවීම සංවාදයකට සවන් දීම හා සමාන විය හැකිය, මන්ද ලේඛකයන් විසින් ඔවුන් වෙත යවන ලද ප්‍රශ්නවලට වාචිකව හෝ ලිඛිතව පිළිතුරු සපයයි.  එවැනි  ලිපි ලියූ වඩාත් දක්ෂ ලේඛකයා වූයේ පාවුල්ය. සුවිශේෂයන් සුවිශේෂයන් ලියා ඇත්තේ යේසුස් වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් විවිධ පාටකයන්ට ගැලපෙන අයුරින් ඉදිරිපත් කිරීම සඳහා වන අතර, එම හේතුව නිසා සියල්ලම එක හා සමාන නොවේ.  ඒවා යේසුස්ගේ චරිතාපදානයන් නොව විවිධ සංස්කෘතීන් සඳහා ඔහුගේ වැදගත්කම පෙන්නුම් කරන තෝරාගත් වාර්තා වේ.මතෙව් , ජොහන් , ලුක් හා මාක් මීට අයත් ය .   ලූක්ගේ ලේඛකයා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා ද ලියා ඇති අතර, එය යේසුස්ගේ කාලයේ සිටි යුදෙව් ඇදහිලිවන්තයන්ගෙන් කුඩා කණ්ඩායමක් ලෙස සිට පරම්පරාවකටත් අඩු කාලයකදී ලෝක ව්‍යාප්ත ඇදහිල්ලක් බවට පත්වීම දක්වා ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ කතාවකි. අළුත් ගිවිසුම එළිදරව් පොත සමඟ අවසන් වන අතර එය සුලු  ආසියාවේ (නූතන තුර්කිය) ප්‍රදේශයේ පල්ලි හතකට ලිපි මාලාවකින් ආරම්භ වන නමුත් මැවීමේ සිට අවසානය දක්වා සියලු දේවල අර්ථය පිළිබඳ දර්ශනීය ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරයි. අඩවියෙන් බැහැර පිටු Theology.lk කතෝලික දේවධර්ම ලිපි ක්‍රිස්තියානි ආගම
1952
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80
කතෝලික සභාව
කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ. ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ. කතෝලික ධර්මයේ මූලික විශ්වාසයන් නයිසීයානු විශ්වාස ලක්ශනයේ දක්නට ලැබේ. කතෝලික සභාව ස්ථාපිත කරනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසිනි. තවද කතෝලික සභාව එහි බිශොප්වරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයින් වන අතර, පාප් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රමුඛත්වය ලබා දුන් ශුද්ධ වූ පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා වේ. එය ප්‍රේරිතයන් විසින් ඉගැන්වූ මුල් ක්‍රිස්තියානි ඇදහිල්ල ක්‍රියාවට නංවන අතර, ශුද්ධ ලියවිල්ල සහ පූජනීය සම්ප්‍රදාය(ජීවන සභා සම්ප්‍රදාය) හරහා ඇදහිල්ල නොවරදින ලෙස ආරක්ෂා කරන අතර, සභා ගුරු අධිකාරීත්වය හරහා නොවරදිනසුලු ලෙස අර්ථකථනය කරයි. එහි සක්‍රමේන්තු හතෙන්, දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රධාන එක වන අතර, එය දිව්‍ය පූජාවේදී පවත්වනු ලැබේ. කතෝලික සභාව උගන්වන්නේ පියතුමෙකු විසින් කැප කිරීම තුළින් පූජා කරන පූප සහ වයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය බවට පත්වන බවයි. කතෝලික සභාව තුළ මරිය තුමිය සදාකාලික කන්‍යාවක්, දෙවියන්ගේ මව සහ ස්වර්ගයේ රැජින ලෙස ගෞරවයට පාත්‍ර වේ. තව ඇය එතෙක් මෙතෙක් හා මතුවටත් පහල වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙසද ඉහළ ගෞරවයක් ලබා දෙයි.කතෝලික සමාජ ඉගැන්වීම් මගින් දයාවේ ශාරීරික හා අධ්‍යාත්මික ක්‍රියාවන් තුළින් රෝගීන්, දුප්පතුන් සහ පීඩිතයන් සඳහා ස්වේච්ඡා සහයෝගයක් ලබාදීමට ජනතාව මෙහෙයවයි. කතෝලික සභාව ලොව පුරා කතෝලික පාසල්, විශ්ව විද්‍යාල සහ විද්‍යාල, රෝහල් සහ අනාථ නිවාස දහස් ගණනක් ක්‍රියාත්මක කරන අතර ලොව විශාලතම රාජ්‍ය නොවන අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සපයන්නා වේ. එහි අනෙකුත් සමාජ සේවා අතර බොහෝ පුණ්‍ය සහ මානුෂීය සංවිධාන වේ. කතෝලික සභාව බටහිර දර්ශනය, සංස්කෘතිය, කලාව, සංගීතය සහ විද්‍යාව කෙරෙහි ගැඹුරින් බලපා ඇත. කතෝලිකයන් ලොව පුරා සක්‍රීයව විවිධ කටයුතු වල නිරත වන අතර, 20 වන සියවසේ සිට, බහුතරයක් දකුණු අර්ධගෝලයේ වාසය කරයි. ක්‍රි.ව. 1054දී මහා සභා භේදයෙන් පසුව පෙරදිග ඕතඩොක්ස් සභාව, කතෝලික සභාවෙන් වෙන් වූ අතර, විශේෂයෙන් පාප්තුමාගේ අධිකාරය ප්‍රතික්ශේප කළේය. ක්‍රි.ව. 431 දී එපීසස් කවුන්සිලයට පසුව පෙරදිග සභාවද(Church of the East), ක්‍රි.ව. 451 දී කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවට පසුව ඔරියන්ටල් ඕර්තඩොක්ස් සභාවද කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. ඒ ජේසුස් වහන්සේගේ ස්වභාවයන් සම්බන්ධයෙන් පැන නැගුන මත භේද නිසාය. ආසන්න වශයෙන් මිලියන 18 ක ඒකාබද්ධ සාමාජිකත්වයක් ඇති පෙරදිග කතෝලික සභාව නියෝජනය කරන්නේ, විවිධ ඓතිහාසික තත්වයන් මගින් මෙම භේදයන් අතරතුර හෝ පසුව පාප් වහන්සේගේ අධිකාරීත්වය පිළිගන්නා පෙරදිග කිතුනුවන්ය. 16 වන ශතවර්ෂයේදී, ප්‍රතිසංස්කරණය මගින්ද තවත් කොටසක් කතෝලික සභාවෙන් වෙන්ව ස්වාධීන සභාවන් ආරම්භ කරගත්තේය. මූලාශ්‍ර තවද බලන්න කතෝලික සභාව ගැන වෙනත් ලිපි රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය කතෝලික ධර්මය කිතු දහම කතෝලික ගිහි සමිති/සංවිධාන අඩවියෙන් බැහැර පිටු The Holy See — වතිකානු නිල වෙබ් අඩවිය කොළඹ අගරදගුරු පදවිය — කොළඹ අගරදගුරු පදවියේ නිල වෙබ් අඩවිය මරිය හමුදාව — මරිය හමුදා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය කිතු දන පුබුදුව — කිතු දන පුබුදුවේ නිල වෙබ් අඩවිය Pontifical Mission Societies Sri Lanka Theology.lk කතෝලික දේවධර්ම ලිපි ප්‍රතිඋත්තරවේදය කිතු දහම ක්‍රිස්තියානි වර්ග
1998
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80
මරිය හමුදාව
මරිය හමුදාව (ලතින් බසින්්් : Legio Mariae / ඉංග්‍රීසි බසින්්් : Legion of Mary ) - සභාවට ස්වේච්ඡාවෙන් සේවය කරන කතෝලිකයන්ගෙන් සමන්විත, කතෝලික ගිහි සංවිධානයකි. මෙම සංවිධානය ආරම්භ වූයේ 1921 සැප්තැම්බර 7, අයර්ලන්තයේ ඩඛ්ලින් නුවරේ දී වූ අතර, මෙහි ලෝක ව්‍යාප්ත ක්‍රියාකාර ීසාමාජිකත්වය මිලියන තුනකට වඩා අධිකවේ. අඩවියෙන් බැහැර පිටු මරිය හමුදාව — මරිය හමුදා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය කතෝලික ගිහි සමිති/සංවිධාන
2104
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%20%E0%B6%AF%E0%B6%B1%20%E0%B6%B4%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80
කිතු දන පුබුදුව
තවද බලන්න Catholic_Charismatic_Renewal අඩවියෙන් බැහැර පිටු කිතු දන පුබුදුව — කිතු දන පුබුදුවේ නිල වෙබ් අඩවිය කතෝලික ගිහි සමිති/සංවිධාන
2105
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
භාෂාව
භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය. එම නිසා භාෂාව වනාහි පුද්ගලයකුගේ කථන ඉන්ද්රිය උපකාර කොට ශබ්දය මුදාහැරීමත් එය විවිධාකාර ලෙස අනුයෝජනය කිරීමත්ය. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි.එමෙන්ම භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණය ලෙසද සැලකිය හැකිය. ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ. භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස යොදා ගැනිමද, භාෂාවක් යනුවෙන් හැදින්විය හැකි. භාෂාව විශේෂිත මිනිස් සංනිවේදන මාධ්‍යයක් ලෙස ‍සැලකේ. සතුන් විසින් සැලකිය යුතුලෙස සංකීර්ණ වු සංනිවේදන ක්‍රම භාවිතා කළද ඒවා කිසිවක් වාග් විද්‍යාඥයින් විසින් භාෂාව නිර්වචනය කිරිමට යොදා ගන්නා සියළු ගුණයන් අඩංගු වන බවත් දැනගන්නට නැත. භාෂාවේ අඩංගු ලක්ෂණ එකගතාවයට පත් සංකේත සමුහයක් ලිඛිති භාෂාවෙහි එක් ලක්ෂණයක් පමණි. සියළු භාෂාවන් විසින් ව්‍යාකරණ ක්‍රමයක් තුළ මෙම සංකේතයන් අතර ඇති ව්‍යුහාත්මක සම්බන්ධතාවන් නිර්වචනය කිරිම අනිවාර්යය‍ වේ. භාෂාව අනෙකුත් සංනිවේදන ක්‍රම වලින් වෙන් කොට දක්වනුයේ ව්‍යාකාරණ පිලිබද රීතින් වලිනි. ඒවා සම්භාවශ්‍ය වශයෙන් අපරිමිත වු භාෂාමය ප්‍රකාශයන් සංකේතවත් නිර්මාණය කිරීම සදහා සීමිත සංඛේත කට්ටලයක් මෙයෙවීමට ඉඩ සලසයි. භාෂාවෙහි තවත් ලක්ෂණයක් වනුයේ යොදා ගනු ලබන සංඛේත අභිමානුකූල විමයි. ඕනෑම සංකල්පයක් ‍හෝ ව්‍යාකරණ රීතියක් සංකේතයකට අනුරූපණය කළ හැකිය. බො‍හෝ සෙයින් භාෂාවන් ශබ්දය යොදා ගන්නා නමුත් යොදා ගනු ලබන ශබ්දවල සංකලනයන්හි ඒවායේ අන්තර්ගත අර්ථයක් නොමැත. ඒවා එම භාෂාව යොදා ගන්නන් විසින් කිසියම් දෙයක් නියෝජනය කිරිම සඳහා එකගතාවට පත්වු ගිවිසුමක් පමණි. (උදාහරණයක් ලෙස "නඩා" යන ස්පාඤ්ඤ වචනයෙහි "කිසිවක් නැත" යන අරුතින් යොදා ගැනිමට අදාලව කිසිවක් නැත) තවත් ශබ්ද කට්ටලයක් (උදාහරණයක් ලෙස ඉංග්‍රිසයෙන් nothing යන වචනය) එම සංකල්පයේම නියෝජනය කිරිම සදහා ඒ හා සමානව යොදාගත හැකිය. කෙසේ වුවද සියළුම ස්පාඥ්ඤ කථිකයන් එම ශබ්ද රටාව සදහා එම කථිකයන් අර්ථය ඇතිකරගෙන ඉගෙන ගෙන ඇත. නමුත් කෝඒසියානු සර්බියානු/කෝසෝවානු හෝ බෝස්නියානු කථිකයින්ට නාඩා යන්නේහි අර්ථය බලාපොරොත්තුව යන්නය. කෙසේ වුවද, මුලධර්මයක් හැටියට සංකේත අභිමානුකුල වුවද, භාෂාවක පරමාදර්ශය ලෙස සැලකෙන සංකේත, එවැනි භාෂාවක තිබිය නොහැකි යැයි ඉන්, අදහස් නොවේ. "මියෝව්" (Meow) වැනි වචන ඒවා නියෝජනය කරන පදයට සමාන ශබ්දයක් ඇති කලද, ඒවා තේරුම් ගැනිම සදහා ඒවා එසේ විම අවශ්‍යම නැත. බොහෝ භාෂාවන් බළලෙක් නිකුත් කරන ශබ්දය නියෝජනය කිරිම සදහා එකතාවයට පත් සම්මුතියක් ලෙස විවිධ ශබ්දානුහරණයක් යොදා ගනී. විධිමත් භාෂාව මෙම ලිපිය ගණිතය, තර්ක ශාස්ත්‍රය සහ පරිගණක විදයාවේදී යොදා ගැනෙන පාරිභාෂික පදයක් සම්බන්ධයෙනි. ස්වභාවික භාෂා සම්බන්ධ ආශ්‍රිත අධ්‍යයනයන් පිලිබදව ව්‍යාකරණ රාමුව බලන්න. කථනයේ ආකාරයක් වශයෙන් විධිමත් භාෂව සම්බන්ධව ලේඛනය (වාග් විද්‍යාව) බලන්න. විධිමත් භාෂාවක් යනු වචන කට්ටලයකි. එනම් නියමිත අකුරු හෝ සකේත වැල්ය. මෙම අකුරු ලබා ගනු ලබන වට්ටෝරුව භාෂාව නිර්වචනය කරනු ලබන ආකාරාදි ලෙස හැදින්වේන විධිහත් භාෂාවක් බොහෝ විට නිර්වචනය කරනු ලබන්නේ විධිමත් ව්‍යාකරණටයක් ඔස්සේය. විධිමත් භාෂාවන් හුදෙක් පද සාධනය සම්බන්ධ සංකල්පයකි. එනම් ප්‍රාග් අනුභූතිව ඒවා හා සම්බන්ධ අරුතක් නොමැත. භාෂාවක වචන එකි ආකාරාදිය අභිමතානුකූලව යොදා ගනු ලබන වදන වලින් වෙන්කොට හදුනා ගැනීම සදහා ඒවා සමහර විට හොදින් නිර්මාණය වු වචන හෝ (තර්ක ශාස්ත්‍රයේදි නම් ) හොදින් නිර්මාණය වු සුත්‍ර ලෙස හැදින්වේ. විදිමත් භාෂාවන්, විධිමත් තර්ක ශාස්ත්‍රය හා පරිගණක විද්‍යාව යන විෂය ‍ක්ෂේත්‍රයන්හි දි අධ්‍යනය කෙරේ. ඒවායේ ඉතාමත් වැදගත් ප්‍රායෝගික උපයෝගීතාවය වන්නේ පරිගණක වැඩසටහන් සම්පාදන භාෂාවක නිවැරදි පද නිශ්චිත අර්ථ දැක්විම සදහාය. එවැනි භාෂාවන්හි ශුද්ධ වශයෙන් පද සටනත්මක පැති කෙරහි පමණක් සලකා බැලෙන ගණිත විද්‍යාවේ අංශය සහ පරිගණක විද්‍යාව (එනම් ඒවායේ අභ්‍යන්තර වියුහාත්ම රටා) විධිමත් භාෂා න්‍යාය ලෙස හැදිනවේ. එය විධිමත්ව භාෂාවෙහි කොටසක් නොවුනද භාසාවක වචන වල ශබ්දාර්ථ විභානී මානයක් ද පවතී භවිතාවේදි මෙය සැම විටම භාෂාවෙහි ව්‍යුහය හා තදින් බැදි පවතී. විධිමත් ව්‍යාකාරණයක් (භාෂාවක් ආවර්තතිකව නිර්වචනය කරනු ලබන නිර්මාණ රීති කට්ටලය) වචනවල (හොදින් නිර්මාණය වු ) අර්ථය විග්‍රහ කර ගැනීම සදහා උපයෝගී කරගත හැකිය. මීට ඉතාමත් ප්‍රසිද්ධ උදාහරණයක් වුයේ ප්‍රථම ගණයේ තර්ක ශාස්ත්‍රය සදහා ටීස්කීමා ආශ්‍රයේ ‍ටාස්කිග් සාහත්‍යය පිලිබද නිර්වචනය සහ ලෙක්ස් සහ යැක් වැනි සම්පාදන උත්පාදනයන්ය. භාෂා විචාරය යම්කිසි සමාජයක මිනිසුන් විසින් භාෂාවක් කථා කරන (හෝ කරන ලද) ආකාරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් හා විස්තරයක් භාෂා විචාරය නම්වේ. සියලූ විද්වත් භාෂා විචාරයන් ඉතා විස්තරාත්මක ව කර ඇත. අන් සියලු විද්‍යාවන් මෙන්ම, භාෂා විචාරයේ ද මූලික අරමුණ වනුයේ භාෂාවේ භාවිතය පිළිබඳව ඇති සැටියෙන් කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී යම්කිසි භාෂාවක් කුමන ආකාරයෙන් විය යුතුද?” යන පක්ෂපාතී භාවයෙන් වැළකිය යුතුය. බ්ලූම්ෆීල්ඩ් සහ අනෙකුත් අය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙන පරිදි, නූතන භාෂා විචාරයන් සංවිධානාත්මක පදනමකින් කෙරේ. භාෂා විචාරයක්, බොහෝ විටදී අධ්‍යාපනිකව හා මුද්‍රිත මාධ්‍ය වලදී හමුවන භාෂා වට්ටෝරුවකට වඩා වෙනස් වේ. (භාෂා වට්ටෝරුවක් යනු නීති මාලාවකි) නීති මාලාවකින් කෙරෙනුයේ භාෂාවක විවිධ මාදිලි සහ ව්‍යාකරණ නීති ආදිය හඳුන්වා දීමයි. මෙහිදී සාහිත්‍යමය අංග ද ඇතුළත් විය හැකිය. මෙම නීති මාලාවත් (වට්ටෝරුවක්) භාෂා විචාරයත් සමහර විට පරස්පර විරෝධී විය හැකිය. භාෂා විචාරයකින් සර්ව සම්පූර්ණ භාෂා අධ්‍යයනයක් කිරීම දුෂ්කරය. එසේ වන්නේ, භාෂාවක උච්ඡාරණය, ව්‍යාකරණ නීති සහ සියලු වචන එකම රාමුවකට කොටුකර දැක්විය නොහැකි බැවිනි. යම් භාෂාවක ප්‍රවීණයකු හට නිතැතින්ම භාෂා නීතිය පිළිබඳ දැනුමක් පිහිටයි. නමුත්, භාෂා විචාරයක් කිරීමට නම්, එම භාෂාව හසළව කථා කිරීමට පුළුවන් විය යුතුමයි නියමයක් නැත. භාෂාවක් පිළිබඳ මනා පුහුණුවක් නැති අය විසින් කරන ලද භාෂා විචාරයන් ද දහස් ගණනක් ඇත. 1900 ට පෙර කාලයේදී භාෂාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉතා අවමය. පහත කරුණු සියල්ලම හෝ කිහිපයක් වත් අඩංගු වේ නම් එය භාෂා විචාරයක් ලෙස හදුනාගත හැක. භාෂා ප්‍රතිග්‍රහණය භාෂා ප්‍රතිග්‍රහණය යනු මානවයා තුළ භාෂා හැකියාව වර්ධනය වන ක්‍රියාවලියයි. ප්‍රථම භාෂා ප්‍රතිග්‍රහණය ළමයින් තුල භාෂාවේ සංවර්ධනය සම්බන්ධයෙන් වන අතර ද්විතිය භාෂා ප්‍රතිගහණය වැඩිමහල්ලන් තුලද සිදුවන භාෂාවේ සංවර්ධනය කෙරහි යොමුවේ. ඓතිහාසිකව ප්‍රතිග්‍රහණයේ ඉතාම වැදගත් හේතු සාධකය ස්වභාවධර්මයා හෝ පුහුණුව යන දෙකින් එකක් බව අවධානය කරමින් න්‍යායවාදින් බොහෝ විට ‍බෙදි සිටිති. වඩාත් උණුසුම් ලෙස විවාදයට භාජනය වු කාරණයක් වන්නේ බොහෝ විට විශ්ව ව්‍යාකාරණය ලෙස ද හදුන්වන භාෂාව අන්තර ගැනීමට යන්නයි. වර්ෂ ගනනක් තිස්සේ නෝම් දෝම්ස්කි සහ නැසීගිය එරික් ලෙබර්ග් නම් විශ්ව විද්‍යාලන ළමයින්ට භාෂාවය ඉගැනිම පහසු කරවන සහ ඒ සදහා බල කරවන සදහා භාෂාව විශේෂික හැකියාවන් ඇත යන උපකල්පවට පක්ව තර්ක කළහැක. එලිසැබෙන් බේට්ස්, තැනරි‍ස්නාත් සහ මයිකල් ටොමැසේලෝ ඇතුළු අනෙකුත් පර්යේෂකයින් භාෂා අධ්‍යනය ඇතිවන්නේ පොදු හදුනාත්මක හැකියාවන් සහ ඉගෙන ගන්නන් සහ ඔවුන් වටපිටාවේ සිටින ජනතාව අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරකම් මගින් පමණක් බව උපකල්පනය කළහ. විලියම් ඕ ග්‍රේඩි විසින් මැතකදී කළ කෘතියකින් සංකීර්ණ පද සමාන පංචයන් ඇතිවන්නේ කාර්යක්ෂමතාව මගින් ඇති කරවන ‍රේඛිය සංඛ්‍යාත්මක ක්‍රමයක් මගින් බව යෝජනා කරයි. ඕ ග්‍රේස් සිය කාර්ය විශ්ව භාෂාවකින් දේශ ජනවාදය පිළිබද ඉතාමත් වැදගත් ප්‍රගමනයක් වනුයේ බුයන් මැක්විනි සහ කැතරින් විසින් ළමා දත්ත ගබඩාව ඇති කිරීමයි. භාෂාව පිළිබද පුරාණෝක්තිකගත ආරම්භයන් විද්‍යාත්මක න්‍යායන් කිසිවක් ඇතිවිමට පෙර භාෂාවේ ආරම්භය පිළිබද විවිධ හේතු දැක්විම් පැවතිනි. භාෂාවේ ආරම්භය, සංවර්ධනය සහ පවතින භාෂාවන්හි විවිධත්වය පිලිබද බොහෝ සංස්කෘතින් තුල හේතු විද්‍යාත්මක ප්‍රබන්ධයන් සහ වෙනත් කථා අදත් පවතී. වාචික සම්ප්‍රදාය ඔස්සේ ඉදිරියට පැමිණි මෙම මිථ්‍යාවෙන්හි සාමානකම් සුනරාවර්ති තේමාවන් සහ වෙනස්කම්ද වේ. සමහර මිථ්‍යාවන් හුදු කථා වලට වඩා අර්ථයක්ද, තවත් සමහරක ව්‍යාප්තිය පිලිබද ඇති පුරාණෝතිකිවල, යලි යලිත් දක්නට ඇති තේමාවන් වනුයේ ජල ගැලිම් සහ මානව විනාශයන්ය. බොහෝ කථා මිහි මඩලේ සිටි ජනතාව ග්‍රහයා මතුපිට විසිර යන්නට ‍හේතු වු මහා ජලගැල්මක් පිලිබදව පවසයි. මිනිසා විසින් කරන ලදැයි තේරුම්ගත් වැරදි වලට දෙවියන් හෝ දෙවිවරුන් දඩුවම් ලබාදිම තවත් යලි යලිත් දැකිය හැකි තේමාවකි. භාෂාවේ ආරම්භය පිළිබද පු‍රාණෝක්ති සාමාන්‍යයෙන් වඩා විශාල නිමැවුම් පිළිබද පුරාණෝක්තිවල උපග්‍රහණය වි හෝ වාද සටහන් ලෙස දැක්විම සිදුවි ඇත. සමහර කථා නිමැවුම් කරුවෙකු විසින් ආරම්භයේ සිට භාෂාව පවරා දෙන ලද බව පවසන අතර අනෙකුත් ඒවා භාෂාව පසුකාලීනය දන් ත්‍යාගයක් ලෙස සලකයි. ආසියාව බ්‍රහ්මයා විසින් උඩගු ගසකට දෙන ලද දඩුවමක් මගින් භාෂාවේ වෙනස්කම් පමණක් නොව සංස්කෘතියේ හෝ සිරිත් විරිත්වල විවිධත්වය පවා ඇතවුයේ කෙසේ දැයි හින්දු මිථ්‍යා කථාවක් පවසයි. පෘථිවියේ මනුෂ්‍ය ඉතිහාසයේ ආශ්චර්යමත් ලෝක ගස/දැනුම් ගස වැඩිණි. එය කෙතරම් උස් විද යත්, එය දෙව්ලොව අසන්නයට ළං විය. එය තමාගේ හෘදය වස්තුවෙන් මෙසේ පැවසිය. "මම මගේ හිස දෙව්ලොවහි රදවම් මාගේ අතු ඉති මුලු පෘථුවිය පුරා විහිදුවමි. සියළු මිනිසුන් මගේ සෙවනැල්ල යටට රැස් කරමි. ආරක්ෂා කරමි. වෙන්විමෙන් වළකමි." නමුත් බ්‍රහ්මයා ගසෙහි උඩගුකමට දඩුවම් කිරිම සදහා එමි අතු ඉති කලා ඒවා පෘථිවිය මත හෙළිය. ඒවා වට ගස් ලෙස මතුවි වුට පෘථිවියෙහි මතුපිට මිනිසුන් විසුරුවා හැරීම සදහා අදහිලි කථාවෙහින් හා සිරිත් විරිත් වල වෙනස්කම් ඇති කරන ලදි. බෙංගාල බොක්කෙහි අන්දමන් දුපත්වල දේශිය වැසියන්ගේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව භාෂාව යනු දෙවියන් විසින් ප්‍රථම මිනිසා සහ ගැහැණියට දෙන ලද්දකි. ඔවුන්ගේ විශ්වාසයට‍ අනුව එසේ දෙන ලද භාෂාව මධ්‍ය අන්දමින් හි දකුණුදිග සහ ගිණිකොණ දිග කෙන්ටස් වල ජීවත් වන ග්‍රෝත්‍රිකයකන් විසින් අද දක්වාම කථා කරන බව "බෝජිල් -යැබ්" නමින් හැදින්නෙ භාෂාවකි. මෙම භාෂාව මව් භාෂාව බවත් අනෙකුත් සියළු උප භාෂාවන් එයින් සැදුනු බවත් එහි වැසියන් විස්තර කරති. ඔවුන්ගේ විශ්වාසය අනුව ප්‍රථම මිනිසාගේ මරණයටද පෙර ඔහුගේ දු දරුවන් ගනනින් තොරම් විශාල විද යක් ඔවුන්ගේ නිවසට තවදුරටත් ඔවුන් රදා තබා ගැවිමට නොහැකි විය. පුලුගා ගේ නියමය පරිදි ඔවුනට අවශ්‍ය සියලුම අවශ්‍ය උපකරණ සහ ගින්දර ඔවුන් වෙත සපයන ලදුව, දිවයින පුරා ජෝඩු වශයෙන් විසුරවා හරින ලදී. මෙම නික්මීම සිදු වු විට එ‍‍තෙක් එක් කණ්ඩායමට පුලුගා විසින් විශේෂ වු උප භාෂාවක් සපයන ලදී භාෂාවේ විවිධත්වය ඒ ආකාරයෙන් පැහැදිලි කෙරිණි. භාෂාව යනු කුමක්ද? භාෂාව යන්න නිර්වචනය කිරීමේදී සලකා බැලිය යුතු විශේෂ අංශ කීපයකි. ශිෂ්ටාචාරය හරහා මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව විස්මිත බවක් ගනී. කෙසේ වුව ද මේ සියල්ල දෙස අවධානය යොමු කරමින් යම් ආකාරයක නිර්වචනයක් ඉදිරිපත් කිරීමට යොමු කළ යුතු අංශ කීපයකි. 1. වාග් විද්යාුවට විෂය විය යුත්තේ මනුෂ්‍ය භාෂාවයි. 2. එහිදී භාෂණයට මුල් තැනත් ලේඛනයට දෙවන තැනත් හිමි විය යුතුය. 3. නිර්වචනය කිරීමේදී සංයුතිය මෙන් ම කාර්යභාරය පිළිබදව ද අවධානය යොමු කළ යුතුය. 4. භාෂාව සමාජ නිර්මිතයක් බැවින් සාමාජීය කාර්යන්ටත් මුල් තැන දිය යුතුය. කාර්යභාරය පිළිබදව සැළකීමේදී අදහස් ඵල කිරීම, හැගීම් ඵල කිරීම, අභිලාෂයන් ඵල කිරීම, සන්නිවේදනය, අන්යෝන්‍ය සහයෝගිතාවය හා ක්‍රියාකාරිත්වය ආදිය ප්‍රධාන වේ. මේ සියලුම අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අති දුෂ්කර කාර්යයකි. “මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය.” - වීලේම් වෙන්හුම් “භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරිත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතියෙහි ආකෘතියයි.” - ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් “භාෂාමය පද්ධතියක් නම් අර්ථමය වෙනස්කම් මාලාවක් සමග බැදුණු ශබ්දමය වෙනස්කම් මාලාවකි” - සොසුයයෝ “භාෂාවක් නම් මිනිසුන් සාමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස් කරුවන් ද වශයෙන් අන්යෝමන්යය ක්රිකයාකාරිතා හා සන්නිවේදනය සදහා යොදා ගන්නා සම්මුතික වූ වාග් සංකේත පද්ධතියකි” - බර්නාඩ් බ්ලොක් ඉහත නිර්වචන සෑම අංශයක් කෙරෙහි ම සලකමින් විචාරයට ලක් කළ හොත් පරිපූර්ණ කුමක්දැයි යන්න හදුනාගත හැකි වෙයි. කෙසේ වුව ද ඕනෑම භාෂාවක දක්නට ලැබෙන ආකෘතිකමය වූ පොදු ලක්ෂණ කීපයක් මෙසේ දැක්විය හැක. • භාෂාවක් යන්න වාගාලාප හා වචන වලින් නිර්මාණය වී ඇති බව. • වාගාලාප, වචන නිර්මාණය වී ඇත්තේ කතා ශබ්ද අනුසාරයෙන් බව. • වචන හා කතා ශබ්ද, සංකේත(සංඥා) සමූහයක් බව. • සංකේතය හා -------- අතර සම්බන්ධතාව සමාජ සම්මුතියක් වන අතර ඒවා සහජ සම්බන්ධයක් නොදක්වන බව. • ඒ ඒ බසට සුවිශේෂී වූ රටා හා රීති අනුව පද්ධතියක් ලෙස පිහිටන බව. • ඕනෑම සාමාජයීය අවස්ථාවකට සරිලන ආකාරයෙන් නවතාවයන් සහිත වී ඇති බව. භාෂාවේ ඉතිහාසය. භාෂාවේ ආරම්භය සම්බන්ධව විවිධ මත පවතී. දෙවියන් වහන්සේ විසින් මෙය ආරම්භ කළ බවට ප්ර්කාශ කල ද භාෂාවේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය හා බැදුණු බව පිළිගත යුතු කරුණකි. ශිෂ්ටාචාරය මගින් විවිධාකාරයට පරිවර්තනය වූ මිනිසා උපකරණ නිර්මාණය කිරීමත් ඒවා පරිහරණය කිරීමත් ඉදිරි පරපුරට ඒවායේ නිර්මාණය හා පරිහරණය පිළිබදව කියා දීමත් සිදු කළ අතර ඒ සදහා භාෂාව භාවිතටය ද පෙළඹිණි. මේ ආකාරයට බලන කළ මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර භාෂාව ඉපදී ඇති බව ඇතමෙක් ප්රමකාශ කරති. එසේම මෙම සංකල්පයට අනුව අවුරුදු පන්ලක්ෂයකට පමණ පෙර භාෂාව පැහැදිලි ලෙස දැක්වීම දුෂ්කර වන අතර වර්තමානය වන විට ලෝකයේ භාෂාවන් තුන් දහසක් පමණ භාවිතයේ ඇතැයි සැලකේ. (වැඩිම පිරිසක් චීන භාෂාව කතා කරයි) භාෂාවේ කාර්යභාරය. භාෂාව හදුනා ගැනීමේ දී නැතහොත් නිර්වචනය කිරීමේ දී එහි කාර්යභාරය හකුලා දැක්වීමක් සිදුකොට ඇති බව නිර්වචනයන් විමසා බැලීමේදී පෙනී යන කරුණකි. බොහෝ විට පොදුවේ නැතහොත් සමාජමය කාර්යන් ඉටු කිරීම සදහා භාෂාව උපයෝගි වනබව පෙනී ගිය ද මෙහි කාර්භාරයන් කොටස් 02 කට බෙදා දැක්විය හැකිය. 1. සාමාජයීය කාර්ය. 2. ආත්මීය කාර්ය. 1. සාමාජයීය කාර්ය මෙහිදී අදහස් කෙරෙන්නේ පොදුවේ සමාජය උදෙසා භාෂාවෙන් ඉෂ්ට කරනු ලබන විවිධාකාර කාර්යභාරය යි. ඒවා ද අධ්යඉනයේ පහසුව සදහා ප්රයධාන කොටස් 02 කට වෙන් කෙරේ. 1.1.1.1. සන්නිවේදන මූලික කාර්ය. 1.1.1.2. අන්යෝවන්යා ක්‍රියාකාරිතා පැවැත්වීම. 1.1. සන්නිවේදන මූලික කාර්ය. 1.1.1. සාමාන්‍ය සන්නිවේදනය. 1.1.2. ජන සන්නිවේදනය. 1.1.3. අධ්‍යාපනය a) විධිමත් අධ්‍යාපනය. b) අවිධිමත් අධ්‍යාපනය. 1.1.4. භාව ප්‍රකාශනය. (හැගීම් හා අභිලාශයන්) a) කලාත්මක හා සෞන්දර්යාත්මක. b) අන්තර් භාව මෝචනාත්මක (දුක, සතුට, වේදනාව ප්ර්කාශ කිරීම, මෝචනය කිරීම) 1.1.5. අන්‍යෝන්‍ය ක්‍රියාකාරී පැවැත්ම. A. අන්‍යයන් මෙහෙයෙවීම සංවිධානය හා පාලනය. B. එක් ව ක්‍රියාකිරීම. C. හොදහිත පැවැත්වීම. (සෞන්දර්යාත්මක) D. විනෝදය a) සාමාජීය විනෝදය. b) සවයං විනෝදය. 1.1.6. ආගමික හා අභිචාරික කාර්යය. 1.1.7. අනුෂ්ඨානීය කාර්යය. (සෙත්පැතීම හා අශිර්වාද) 1.1.8. මානව සංස්කෘතික ප්රිවාහය. 2. ආත්මීය කාර්යය. 2.1. චින්තනය හා අන්තර් භාෂණය. 2.2. ස්වයං භාෂණය. 2.3. සවයං විනෝදය. (පාලුව මකා ගැනීම) සාමාජීය කාර්යය. සමාජය සමග ගනුදෙනු කිරීමේ දී හා විවිධ ක්රිායාකාරකම් වලදී භාෂාවෙන් සිදුකෙරෙන කාර්යයභාරය මෙහිදී සැලකිල්ලට ගැනේ. සන්නිවේදන මූලික කාර්යයේදී සන්නිවේදන යන පදය අර්ථ දැක්වීම ඉතා වැදගත් ය. මේ සදහා සන්නිවේදයෙකු හා සන්නිවේදිතයෙකු (ග්රාදහකයා) යන දෙපාර්ශවය සංකේත උපයෝගි කර ගනිමින් අර්ථ සම්ප්රේපෂණය කිරීම ඇතැම් සමාජ විද්‍යාඥයින් මෙමගින් නිරූපණය කරනු ලබයි. ශබ්ද කෝෂයට අනුව “හවුල් කරගන්නවා” යන අර්ථය සන්නිවේදනය ලෙස දක්වා ඇත. 1.1.1 සාමාන්ය සන්නිවේදනය. එදිනෙදා ජීවිතයේදී අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ. කීවේ කවරෙක් ද? කාටද? කුමට ද? කෙසේද? කොතනද? කොයිවේලේද? කුමන අවස්ථාවක ද? කුමන හේතුවක් නිසාද? යන කරුණු මත සන්නිවේදනය කරනු ලබන කාර්යය සාර්ථක හෝ අසාර්ථක වේ. එබැවින් යම් සන්නිවේදනයක් සිදු කිරීමේදී ඉහත කරුණු සියල්ල පිළිබදව අවධානය යොමු කරමින් භාෂාව සාර්ථකව හැසිරවීමක් සිදු කිරීම ඉතා වැදගත් වැදගත් ය. 1.1.2. ජන සන්නිවේදනය. ජනසන්නිවේදනය සාමාන්ය. සන්නිවේදනයට වඩා සංවිධානාත්මක වූ දෙයකි. මේ සදහා සාම්ප්රනදායික ක්රධම මෙන් ම විද්යු.ත් හා මුද්රිවත මාධ්යෝ යොදා ගැනේ. (රූපවාහිනය, ගුවන් විදුලිය, පුවත්පත්, සගරා, අත්පත්‍රිකා) 1.1.3. අධ්යා පනය. මානව සමාජයේ සංවර්ධනය සදහා අධ්යානපනය අත්යාිවශ්ය ය. අධ්යාහපනය මුලුමනින්ම පාහේ රැදී ඇත්තේ භාෂාව මතය. විධිමත් අධ්යාුපනය ලෙස නිශ්චිත ආයතනයක දී නිර්දේශිත විෂය මාලාවක් සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් සංවිධානාත්මකව ලබා දීම අපේක්ෂා කෙරේ. උදා- පාසල විශ්ව විද්යා ලය කාර්මික විද්‍යාලය ගුරු විද්‍යාලය මෙලෙස සංවිධානය නොවූ අවස්ථා අවිධිමත් අධ්‍යාපනය ලෙස හැදින්වේ. උදා- පවුල සමවයස් කණ්ඩායම් ආගමික ස්ථාන ජනමාධ්ය් 1.1.4. භාව ප්‍රකාශනය. මිනිස් සිත තුළ උපදින විවිධ භාවයන් සිර කිරීමට යාමේදී පෞර්ෂ අනුක්‍රමිකතා පැන නැගීමට බලපෑම් සිදු කෙරේ. එබැවින් මෙකී භාවයන් ක්රකමන හෝ ආකාරයකට පිට කිරීම ඉතාම වැදගත් ය. උගත් සමාජයේ මේ සදහා භාෂාව වැදගත් ලෙස භාවිතයට ගනී. (ගීත, කවි, නවකතා, කෙටිකතා, නාට්යි) 1.1.5. අන්තර්භාව මෝචනය. කලාත්මකව ප්ර.කාශ කළ නොහැකි භාවයන් ප්රෙතකෝපකාරී ලෙස පිට කිරීම සදහා ඇතැම් අවස්ථා වලදී භාෂාව යොදා ගැනීම මෙහිදී අදහස් කෙරේ. උදා- වැළපීම, අසභ්යා වචන, ශාප කිරීම. 1.2. අන්‍යෝන්‍ය ක්‍රියාකාරිතා පාලනය. තමාගේ පාර්ශවය සදහා තනි තනිව හෝ සාමූහික වශයෙන් අන්යවයන් මෙහෙයවීම සංවිධානය හා පාලනය පහසු කර ගැනීම සදහා භාෂාව ඉතා වැදගත් කාර්යය භාරයක් සිදු කරයි. මෙහිදී යම් කාර්යයක් සාර්ථක හෝ අසාර්ථක වීමට යොදා ගන්නා භාෂාවේ තත්ත්වය බලපායි. 1.2.2. එක්ව ක්‍රියා කිරීම. සමූහයක් එක් වී බලය යොදවමින් සිදු කෙරෙන කටයුතු වලදී භාෂාව එකවර ශබ්ද නගා භාවිත කිරීමෙන් එම කටයුතු වලට පහසුවක් සිදුවේ. මෙවන් වෘත්තීන්හිදී මෙය විශේෂයෙන් දක්නට ලැබේ. උදා- මාදැල් ඇදීම ජම්බාර ගැසීම කඹ ඇදීම 1.2.3. හොදහිත පැවැත්වීම. (සෞහාර්ද්ය ය) සිහල භාෂාවේ සුවිශේසී ලෙස අර්ථයක් සහිතව හෝ රහිතව භාෂාත්මක යෙදුම් මෙම කාර්ය සදහා බොහෝ සෙයින් යොදා ගනී. උදා- කෙහෙද යන්නේ, නානවද? 1.2.4. විනෝදය. විනෝදය සදහා භාෂාත්මක භාවිතයන් බොහෝ සෙයින් උපකාරී වේ. මිනිස් සත්ත්වයා තෘප්ලිමත් වීම කෙරෙහි විශාල ලැදියාවක් දක්වායි. භාෂාත්මක නිර්මාණ වලින් තෘප්තිමත් නොවූ විට වෙනත් ආකාර වලින් අසම්මත ලෙස සමාජ විරෝධී ක්රිපයාවන්ට යොමුවීම දක්නට ලැබේ. මේ සදහා භාෂාත්මක නිර්මාණ වන කවි, ගී, නාට්යබ, නවකතා ආදී නිර්මාණ පරිශීලනය මෙන් ම විහිලු තහලු, සිනා කතා, හිටිවන කවි, කතන්දර කීම ආදිය විකල්ප ලෙස භාවිත කළ හැක. 1.2.5. ආගමික හා ආභිචාරික කාර්ය. සෑම ආගමක් ම චාරිත්රිවාරිත්රච ඉටුකිරීම සදහාත් වත් පිළිවෙත් පවත්වාගැනීම සදහාත් භාෂාව යොදා ගනී. උදා- බණ, පිරිත්, යාතිකා, ගීතිකා අභිචාර විධි වලදී මීට වඩා වෙනස් ආකාරයකට ඒ ඒ කාර්යයන් සදහා ආවේණික වූ භාෂාවන් යොදා ගනී. අර්ථ වටහා ගැනීමකින් තොරව යන්ත්ර මන්ත්රො ජප කිරීම් ආදී කටයුතු වලදී යොදා ගන්නා ගාථා, ශ්ලෝක මේ යටතට ගැනේ. 1.2.6. අනුෂ්ඨානීය කාර්යය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී සෙත් පැතීම හා ආශිර්වාදයන් ඕනෑම ජන කොටසක දක්නට ලැබේ. නව පදවියක වැඩ බාර ගැනීම, දිවුරුම් දීම, අලුතින් යම් යම් කටයුතු ආරම්භ කිරීම ආදී අවස්ථාවල යොදා ගන්නා පාර්ථනා හා සෙත් පැතීම් භාෂාව මුල්කොට සිදු කෙරේ. 1.2.7. මානව සංස්කෘතික ප්රදවාහය. මිනිස් සංස්කෘතියට අදාල ද්රනව්යිමය දේවල් මෙන් ම විශේෂයෙන් ඇගයීම හා ප්රිතිමාන ඇතුලු හර පද්ධතීන් ඊලග පරම්පරාවට පවරා දීමේ දී භාෂාවෙන් සිදුවන කාර්යරභාරය අති විශාලය. උදා- ඇදුම් පැළදුම්, ආභරණ, සිරිත්විරිත්, චාරිත්රෝ. මෙහිදී ජාතක කතාද වැදගත් වෙයි. ශැතිගෝචර ශෛල්‍ය යනු ඒවා කියවන බසයි. 2. ආත්මීය කාර්යයන්.භාෂාව ආත්මීය කාර්යයන් ලෙස හදුන්වන්නේ භාෂාව උපයෝගී කර ගනිමින් පුද්ගල ජීවිතයට ලබා ගන්නා කාර්යනභාරය වේ. 2.1. චින්තනය හා අන්තර්භාෂණය. පුද්ගලයෙකුගේ ජීවිතය ම ගොඩනගනු ලබන්නේ ඔහුගේ සිතිවිලි මතිනි. සිතුවිලි ශක්තිමත් වීමට නම් චින්තනය යහපත් විය යුතුය. ඒ අනුව යහපත් ව සිතීම සදහා භාෂාව මගින් සිදු කරනුයේ දැවැන්ත කාර්යභාරයකි. සිතිවිලි යහපත් වූ පමණින් ම ඒවා වැදගත් නොවේ. එම සිතිවිලි ක්රිඒයාත්මක කිරීම සදහා තවත් කෙනෙකුට භාෂාව යොදා ගනිමින් සම්ප්රෙ ෂණය කළ යුතුය. මෙය අන්තර්භාෂණය යි. 2.2. ස්වයං භාෂණය. ස්වයං භාෂණය යනු තමා සම්බන්ධව තමාගේ නිර්දේශය යි. තමා පිළිබද ව වටිනාකමක් නොදෙන පුද්ගලයා සමාජයට හිතකර නොවේ. තමාගේ වැදගත්කම සලකන්නා අයහපත් දේට යොමු නොවේ. එබැවින් තමා සම්බන්ධව ධනාත්මකව සිතීමට යෝජනාවන් කිරීමට භාෂාව මගින් වැදගත් කාර්යයක් ඉටු කෙරේ. භාෂාව
2109
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A
යුනිස්ක්‍රයිබ්
යුනිස්ක්‍රයිබ් (Uniscribe) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි යුනිකෝඩ්-අක්ශර ඈඳීමේ මෙවලම් කට්ටලයකි. මේවා ගොඩනඟා ඇත්තේ USP10.DLL නම් Dynamic-Link Libraryය තුලය. Windows 2000 සහ Internet Explorer 5.0 සමඟ මෙම USP10.dll මුලින්ම මහජනතාව අතට පත්විය. මීට අමතරව, Windows CE platform ද එහි 5.0 වන වෙළුමේ සිට යුනිස්ක්‍රයිබ් සමග ක්‍රියාකාරී විය. USP10.dll USP යනු කෙටි වචනයකි for Unicode Scripts Processor. මෙහි නවතම සංස්කරණය වන්නේ 1.613.5291.0 ය. මෙහි මූලික පරමාර්ථ නම්: ආදාන අක්ශර පෙළ (ආදාන පිළිවෙල) අනුව ගෙන ප්‍රතිදාන පිළිවෙල සැකසීම. අදාල ස්ථාන වලට සංයුක්ත අක්ශර ආදේශ කරීම, (උදා: ක් + ර = ක්‍ර : ග් + ය = ග්‍ය : ක් + ෂ = ක්‍ෂ) [මෙහිදී එකතුකරීමට ZWJ හෝ NZWJ යොදාගනී] දෘශ්‍ය අක්ශර දිශාව සැකසීම (උදා: දකුණේ සිට වමට-හීබෘ, ඉහල සිට පහලට-ජපන්) usp10.dll වල බහුලව භාවිතා වන වෙළුම් කිහිපයක් (හා එ්වා බෙදා හැර ඇති ආකාර සමඟ) පහත දැක්වේ: How to update? Although Uniscribe has been available since Windows 2000, new versions of Uniscribe provided more functions to the system, namely, support to other writing systems. An earlier update of it supports the display of Arabic and Hebrew, then Thai and Vietnamese. Since Windows XP, more South Asian and Assyrian alphabets are supported. If a user needs to use the newer usp10.dll for only certain applications, they are permitted to copy the newer version into the executable directories of those applications. However, newer versions of usp10.dll are not allowed to be re-distributed according to Microsoft's licensing agreement. Therefore, they are always encouraged to join the Microsoft VOLT discussion forum in order to get the latest version of usp10.dll. This is considered to be troublesome by most novice computer users, who need to type text in certain unsupported writing systems but are stuck with older versions of usp10.dll. තවද බලන්න International Components for Unicode References Uniscribe Microsoft Typography Uniscribe at MSDN Summer Institute of Linguistics. Uniscribe versions අඩවියෙන් බැහැර පිටු How to update usp10.dll at Windows 2000 FAQ about usp10.dll Digital typography
2111
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D
පැන්ගෝ
In computing, පැන්ගෝ හෙවත් පැංගෝ (Pango) is an විවෘත මූලාශ්‍ර library for rendering internationalized texts integrated into GTK+ 2. The name pango is from (ග්‍රීක බසින්්් "පැන්/Pan" (Παν; lit. all) + ජපන් බසින්්් "ගෝ/Go" (語; lit. භාෂාව). තවද බලන්න යුනිස්ක්‍රයිබ් (Windows multilingual text rendering engine) WorldScript (Old Macintosh multilingual text rendering engine) Apple Type Services for Unicode Imaging (New Macintosh multilingual text rendering engine) Graphite (multiplatform open source renderer from SIL) අඩවියෙන් බැහැර පිටු http://www.pango.org/ - පැන්ගෝ/පැංගෝ වෙබ් අඩවිය http://www-128.ibm.com/developerworks/linux/library/l-u-pango1/ Pango introduction C libraries GNOME Digital typography GTK
2112
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
ලිනක්ස්
ලිනක්ස් (Linux) (ගනූ ලිනක්ස් ලෙසද හැඳින්වේ) යනු යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත (open source) මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර, වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට ලබා ගැනීමට, බෙදා හැරීමට, හා වෙනස් කිරීමට ඉඩ සලසයි. ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. එනමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන වන විට ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් (desktop OS) ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම (ඇත්තටම වියදමක් ඇත්තේම නැත) හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත. ඉතිහාසය වසර 1964 පමණ කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතනය MIT, General Electric ආයතනය සහ [Bell Labs] ආයතනයද එක්ව Multics නමින් පරිගණක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකෙරිණි. එහෙත් වසර 1969 වනතෙක්ම ව්‍යාපෘතිය සම්පූර්ණ කරගත නොහැකිවූ හෙයින් [Bell Labs] ආයතනය එම ව්‍යාපෘතියට දැක්වූ දායකත්වය අවසන් කළේය. එහෙත් [Bell Labs] ආයතනයේ ඩෙනිස් රිචී සහ කෙන් තොම්සන් යන පරිගණක විද්‍යාඥයින් දෙදෙනාට මෙවැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. එහෙයින් ඔවුන් සතු PDP-7 නමැති කුඩා පරිගණකය මත ක්‍රියාත්මක විය හැකි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කර එය යුනික්ස් Unics ලෙස හඳුන්වන ලදී. පසුකාලීනව එහි නාමය [Unix] ලෙස වෙනස් වූ අතර ඩෙනිස් රිචී පරිගණක විද්‍යාඥයා විසින් B පරිගණක ක්‍රමලේඛ භාෂාව මඟින් වැඩිදියුණු කරන ලද [C] පරිගණක ක්‍රමලේඛ භාෂාව ආධාරයෙන් එය වසර 1973 පමණ නැවත ක්‍රමලේඛගතකරන ලදී. වසර 1983 වන විට [Unix] මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ වානිජමය පරිගණක මෙහෙයුම් පද්ධති ඉතා ප්‍රචලිතව පැවතිණ. එහෙත් ඒවායේ ක්‍රමලේඛණය නිදහස් නොකිරීමට ඒවායේ නිර්මාණකරුවන් වගබලාගත්හ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතන‍යේ MIT කාර්යේ නියුතුව සිටි රිචඩ් ස්ටෝල්මන් Richard Stallman නමැති පරිගණක විද්‍යාඥයා මෙම ක්‍රමලේඛණ නිදහස් නොකිරීම පිළිබඳ මහත් කණස්සල්ලට පත්ව සිටියේය. එබැවින් වසර 1983 දී මැචුසෙට් තාක්ෂණ ආයතන‍ය හැරදමා යන ඔහු නිදහස් මෘදුකාංග පදනම ආරම්භ කරමින් [Unix] වැනි නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් GNU Project ව්‍යාපෘතිය ආරම්භ කලේය. ඉන් පසු ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වසර 1990 පමණ වනවිට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයන්ම පාහේ අවසන් වී තිබුණි. එහෙත් මෙම මෙහෙයුම් පද්ධතියට අත්‍යවශ්‍ය අංගයක් වන කර්නලය රිචඩ් ස්ටෝල්මන්ට අවශ්‍ය පරිදි නිමවී නොතිබුණි. ඒ සඳහා ඔහුට ලීනස් ට්‍රොවල්ඩ්ස් ගේ ආගමනය තෙක් නැවතීමට සිදුවිය. වසර 1991 දී පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ලීනස් ට්‍රොවල්ඩ්ස් නම් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විශ්වවිද්‍යාලය්දී අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කලේ ඔහුගේ ගුරුවරයා වු ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඇන්ඩෘ ටැනන්බෝම් විසින් ක්‍රමලේඛ ගතකරන ලද [Unix] වැනි MINIX නමැති මෙහෙයුම් පද්ධතියයි. ඔහු මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ක්‍රමලේඛ භාවිතා කරමින් සහ වැඩිදියුණු කරමින් ලිනක්ස් කර්නලය නිර්මාණය කරන ලදි. පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද එම ක්‍රමලේඛණය ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව රිචඩ් ස්ටෝල්මන්ගේ GNU Project ව්‍යාපෘතිය මඟින් නිපැයුණු වැඩසටහන් සමඟ ඒකාබද්ධ කරමින් Linux මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක විය. තාක්ෂණික සහාය ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා ගෙවීමක් කර ආයතනයක් මගින් හෝ මිලියන සංඛ්‍යාතයක් වන ලිනක්ස් පරිශීලකයන් ගෙන් online forums, newsgroups සහ mailing lists මගින් නොමිලේ සහය ලබා ගත හැක. ව්‍යාපාරික රාමුවේ දී තාක්ෂණික සේවාවන් සඳහා යම් මුදලක් අය කරනු ලැබේ. මේ නිසා විශේෂයෙන් ව්‍යාපාරික භාවිතය සඳහා වෙනමම පැකේජ ලබාදීමට සමහර ලිනක්ස් ආශ්‍රිත සේවා ලබාදෙන ආයතන ක්‍රියා කරයි. මේ සමඟ ම එම විශේෂ ලිනක්ස් පැකේජයට අනන්‍ය වූ පරිපාලන මෘදුකාංග ලබාදීමෙන් ලිනක්ස් භාවිතය පහසුකර දී ඇත. GNU/Linux හි වර්ථමාන යෙදවීම් GNU/Linux නොහොත් ලිනක්ස් මෙහෙයුම් පද්‍ධතිය වර්තමාන ලෝකයේ නැතුවම බැරි මෙහෙයුම් පද්‍ධතියක් බවට පත්වී ඇත. මෙයට බොහෝ සෙයින් හේතුකාරණය වී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) නම් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත චංචල මෙවලම් භාවිතයේ සිදුවූ අති ප්‍රබල වර්ධනයයි. නමුත් මේ පිළිබඳව ලිනක්ස් කර්නලයේ නිර්මාතෘ වන “ලීනස් ත්‍රෝවල්ඩ්“ කනගාටු වන බව දැනගන්නට ලැබේ. ඒ මක්නිසාදයත් ඔහු ගේ සිහිනය වූයේ “ලිනක්ස්“ මෙහෙයුම් පද්ධතිය එදිනෙදා කාර්යයන් සඳහා වන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක වල භාවිතා වෙනු දැකීමයි.මෙහෙයුම් පද්ධති
2113
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C
නිදහස් මෘදුකාංග
නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධ වීම් ,හෝ හතික කිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නියාවෙනි. ඉතිහාසය 1950, 1960 හා 1970 දශක වල සාමාන්‍ය පරිගනක පරිශීලකයින් නිදහස් මෘදුකාංග භාවිත කළහ. මෘදුකාංග බොහෝ දුරට පරිශීලකයින් හා දෘඩාංග නිෂ්පාදකයින් මෘදුකාංග බෙදාහදා ගත් අතර එමගින් ඔවුන්ගේ දෘඩාංගවල ප්‍රයෝජනත්වය වැඩි කරනු ලැබීය. මෘදුකාංග බෙදා ගැනීමට සංවිධාන පවා පිහිටුවා ගත්හ. මෙමගින් මෘදුකාංග බෙදා හදා ගැනීම් වලට මනා සහයක් ලැබින. නමුත් 1960 න් පසු මෙම තත්වය වෙනස් විය. මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් ඉහල ගියේය. දෘඩාංග නිපදවන සමාගම් වලට මෘදුකාංග නිපදවන සමාගම් සමග ඉතාමත් තියුනු තරගයක නියැලීමට සිදු විය. දෘඩාංග නිපදවන සමාගම් තම දෘඩාංග සමග මෘදුකාංග ලබා දෙනු ලැබුවේ එම මෘදුකාංග සදහා වන වියදමද එම දෘඩාංගය සදහා එකතු කිරීමෙනි. එහෙත් කල් යත්ම පරිශීලකයන් විසින් තම අවශයතාවයට ගැලපෙන මෘදුකාංග වෙනත් සමාගම් වලින් ලබා ගැනීමට හුරු විය. 1970 පමණ වනවිට මෘදුකාංග සමාගම් තම මෘදුකාංග එහි කේතය සමග බෙදා හැරීම නවතා දැමීය. එමගින් එහි වෙනස්කම් කිරීම හා එය අධයයනය කර නව නිෂ්පාදන සිදු කිරීම අවුරණ ලදී. 1980 වන විට මෘදුකාංග සදහාද බුද්ධිමය දේපල නීති අදාල විය. 1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU ව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි. තවද බලන්න නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (FOSS) නිදහස් මෘදුකාංග විවෘත මූලාශ්‍ර විවෘත මූලාශ්‍ර vs. නිදහස් මෘදුකාංග නිදහස් මෘදුකාංග පරිගණක මෘදුකාංග පරිගණක විද්‍යාව
2115
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
නිදහස් මෘදුකාංග ව්‍යාපාරය
නිදහස් මෘදුකාංග ව්‍යාපාරය (free software movement) 1983 දී රිචඩ් ස්ටාල්මන් විසින් ගනු ලැබූ ව‍ාපෘතිය නිවේදනය සමඟ ආරම්හ විය.මෙම ව්‍යාපාරයේ අරමුණ වන්නේ පරිගණක පාවිච්චි කරන්නන් අතර නිදමස් හා විවෘත මෘදුකාංග ප්‍රචලිත කිරීමට හා ආවෘත මෘදුකංවල ඒකාධිකරය පරාජය කිරීමයි. Most members of the නිදහස් මෘදුකාංග ව්‍යාපාරය believe that all software should come with the freedoms listed in the free software definition. Many hold that it is immoral to prohibit or prevent people from exercising these freedoms and that these freedoms are required to create a decent society where software users can help each other, and to have control over their use of their computer. Some adherents to the free software movement do not believe that proprietary මෘදුකාංග is strictly immoral. They argue freedom is valuable (both socially and pragmatically) as a property of software in its own right, separate from technical quality in a narrow sense. Moreover, they may use the term "free software" to distance themselves from claims that "විවෘත මූලාශ්‍ර" මෘදුකාංග is always technically superior to proprietary software (which is often demonstrably false, at least in the short term). In this sense, they object that "විවෘත- මූලාශ්‍ර" advocates, by concentrating solely on technical merits, encourage users to sacrifice their freedom (and the long-term benefits thereof) for short-term conveniences that proprietary මෘදුකාංග may provide. Supporters of විවෘත මූලාශ්‍ර> argue for the pragmatic virtues of free මෘදුකාංග rather than questions of morality. Their basic disagreement with the නිදහස් මෘදුකාංග පදනම is its blanket condemnation of proprietary software. There are many programmers who enjoy supporting and using free software but make their livings developing proprietary software, and do not consider their actions immoral. The "official" free-software and open-source definitions are slightly different, with the නිදහස්-මෘදුකාංග definition generally considered to be more strict, but the විවෘත මූලාශ්‍ර licenses which are not considered to be free software licenses are generally obscure, so in practice virtually all open source software may also be considered free software (a notable exception being the Netscape Public License used by Netscape Navigator and Mozilla). The නිදහස් මෘදුකාංග ව්‍යාපාරය also believes all software needs free documentation, but does not take a strong position on other types of works. Members of the නිදහස් මෘදුකාංග community advocate works that serve a practical purpose should also be free.නිදහස් මෘදුකාංග මෘදුකාංගයේ බොහෝ සාමාජිකයින් විශ්වාස කරන්නේ නිදහස් මෘදුකාංග නිර්වචනයෙහි ලැයිස්තු ගත කර ඇති සියලුම නිදහස් මෘදුකාංග සමඟ මෘදුකාංග සියල්ලම පැමිණිය යුතු බවයි. බොහෝ දෙනා පවසන්නේ මෙම නිදහස පාවිච්චි කිරීම වැළැක්වීම හෝ වළක්වා ගැනීම වැළැක්වීම හෝ වැළැක්වීම සහ මෘදුකාංග පරිශීලකයින් එකිනෙකාට උපකාර කළ හැකි යහපත් සමාජයක් බිහිකිරීම සඳහා මෙම නිදහස අවශ්ය වන අතර ඒවායේ පරිගණක භාවිතය පිළිබඳව පාලනය කිරීමයි. නිදහස් මෘදුකාංග ව්යාපාරය වෙත සමහර අනුගාමිකයින් විශ්වාස කරන්නේ ව්යාජ වෙළඳ නාමයක් ඉතාම දුරාචාරාත්මක බවයි. ඔවුන් තර්ක කරන්නේ නිදහස යනු සමාජයේ සහ ප්රායෝගික වශයෙන් වැදගත්කමකින් යුක්ත වන මෘදුකාංගයක් වන අතර ඒවායේ අයිතියේ ඇති මෘදුකාංගයක් ලෙස පටු හැඟීමකින් යුක්ත වේ. එපමණක් නොව, "විවෘත මූලාශ්ර" මෘදුකාංග සෑම විටම වාණිජ මෘදුකාංග වලට වඩා තාක්ෂණිකව ඉහළින් ඇති බවට කියාපෑම් වලින් දුරස්ථ කිරීම සඳහා ඔවුන් "නිදහස් මෘදුකාංග" යන යෙදුම භාවිතා කළ හැකිය (බොහෝ විට නිරතුරුවම පෙන්නුම් කරන්නේ, අඩු වශයෙන් කෙටිකාලීනව) ය. මෙම අර්ථයෙන් ගත් කල, ඔවුන් "විවෘත මූලාශ්ර" ප්රකෝපකාරීන් විසින්, තාක්ෂණික කුසලතාවන් මත පමණක් අවධානය යොමු කිරීමෙන්, පරිශීලකයින්ගේ නිදහස ලබා ගත හැකි කෙටි කාලීන පහසුකම සඳහා පරිශීලකයන් ඔවුන්ගේ නිදහස (සහ දිගුකාලීන ප්රතිලාභ) පරිත්යාග කිරීමට දිරිගන්වයි. විවෘත මූලාශ්රවල ආධාරකරුවන්> සදාචාරයේ ප්රශ්නවලට වඩා නිදහස් මෘදුකාංගයේ ප්රායෝගික ගුණාංග සඳහා තර්ක කරන්න. නිදහස් මෘදුකාංග පදනම සමඟ ඔවුන්ගේ මූලික මතභේදය වන්නේ වානිජ මෘදුකාංගය හෙළා දැකීමයි. නිදහස් මෘදුකාංග භාවිතයට සහ භාවිතා කරන බොහෝ වැඩසටහන් කරන්නන්, නමුත් ඔවුන්ගේ සජීවීකරණයන් හිමිකාර මෘදුකාංගයක් සංවර්ධනය කිරීම, ඔවුන්ගේ ක්රියාවන් අනාචාරයේ නොසැලකේ. නිදහස් හා මෘදුකාංග නිර්වචනය වඩා දැඩි ලෙස සලකනු ලබන "නිල" නිදහස් මෘදුකාංග සහ විවෘත කේත නිර්වචන තරමක් වෙනස් වේ, නමුත් නිදහස් මෘදුකාංග බලපත්ර ලෙස සලකනු නොලබන විවෘත මූලාශ්ර බලපත්ර සාමාන්යයෙන් අපැහැදිලි වේ. එබැවින් ප්රායෝගිකව සැබැවින්ම විවෘත මෘදුකාංග සියල්ලම නොමිලේ මෘදුකාංගයක් ලෙස සැලකිය හැකිය (Netscape Navigator සහ Mozilla විසින් භාවිතා කරන ලද Netscape Public License ලෙස සැලකිය යුතු ව්යතිරේකය). නිදහස් මෘදුකාංග ව්යාපාරය ද සියලු මෘදුකාංග සඳහා නොමිලේ ප්රලේකන අවශ්ය වුවද, අනෙක් වර්ගයේ කෘති මත ශක්තිමත් ස්ථාවරයක් නොසලකයි. නිදහස් මෘදුකාංග වෙබ් අඩවි ප්රජාවගේ ක්රියාකාරිත්වයන් ප්රායෝගික හේතුවක් විය යුතුය. See also නිදහස් මෘදුකාංග පදනම Hacker culture විවෘත මූලාශ්‍ර විවෘත මූලාශ්‍ර ව්‍යාපාරය විවෘත මූලාශ්‍ර license GNU Manifesto නිදහස් Culture ව්‍යාපාරය නිදහස් මෘදුකාංග culture and documents Cultural ව්‍යාපාර
2117
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%20%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C
නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග
නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිතා කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යායනය කිරීමට, වෙනස් කිරීමට හා යලි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම (හෝ Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ. (for a compiled language). භාවිතය 1960 දශකයේ නිර්මාණය වූ විශාල ප්‍රමාණයේ වානිජ පරිගණක වෙළෙඳපොළට පැමිණියේ ඊට අවශ්‍ය පරිගණක වැඩසටහනද සමඟිනි. එම මෘදුකාංග වල ප්‍රභව කේතයද රහස් ඒවා නොවුණි. නමුත් 70 දශකය වන විට මෙම සම්ප්‍රදාය නැතිවී ගියේය. එයට හේතුව වූයේ මිලදී ගතයුතු, බුද්ධිමය දේපළ අයිතියක් ඇති පරිගණක  වැඩසටහන් වෙළෙඳපොළට නිකුත්වීමයි. එකල තිබූ යුනික්ස් (Unix) මෙහෙයුම් පද්ධතියද එවැනි පරිගණක වැඩසටහනකි. පරිගණක වැඩසටහන් පරිගණක භාවිත කරන්නාට අවශ්‍ය සේ වෙනස් කරගත හැකි සහ නොමිලයේ ලබාදෙන මෘදුකාංග වියයුතු බවට මතයක් 80 දශකයේදී ව්‍යාප්ත වී ගියේය. මේ බව දැනගත් එවකට මැසවුසෙට්ස් තාක්ෂණ ආයතනයෙහි (MIT) ක්‍රමලේඛ ශිල්පියෙකු ලෙස කටයුතු කළ ස්ටොල්මාන් තමා සේවය කළ තාක්ෂණ ආයතනයෙන් ඉවත් වී කාටත් නිදහසේ භාවිතයට ගත හැකි පරිගණක මෙහෙයුම් පද්ධතියක් තැනීමේ කටයුතු ආරම්භ කළේය. මෙසේ තැනූ මෙහෙයුම් පද්ධතිය ග්නූ (GNU) ලෙස නම් කරන ලදි. ග්නූ යන්නෙහි තේරුම එන මෙහෙයුම් පද්ධතිය වැඩසටහන් ගණනාවක එකතුවක් ලෙස ඉදිරිපත් කරන ලද බවයි. මෙහෙයුම් පද්ධතියක අත්‍යවශ්‍ය අංගයන් වන කර්නලය හෙවත් ප්‍රධාන මෙහෙයුම් කේත පද්ධතිය, ඩ්‍රයිවර්ස් වැඩසටහන්, යූසර් ඉන්ටර් ෆේස් මෙන්ම සිස්ටම් යුටිලිටීස්ද එහි අන්තර්ගත වීම විශේෂත්වයකි. ඒවාට අදාළවන කේත ලියමින් ග්නූ ව්‍යාපෘතිය (www.gnu.org) ඔහුවිසින් ආරම්භ කළේ 1983 දීය. තවද බලන්න DADVSI Dual license Free software magazine Free audio software Free file format නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග FLOSS Concept Booklet on Wikibooks නිදහස් මෘදුකාංග පදනම නිදහස් මෘදුකාංග බලපත්‍ර GNU General Public License GNU Project List of free software packages List of liberated software විවෘත මූලාශ්‍ර විවෘත මූලාශ්‍ර vs. නිදහස් මෘදුකාංග විවෘත ප්‍රමිතිය Open format Software Freedom Day www.ubuntu.com, www.shipit.ubuntu.com උදාහරණ Some examples of FOSS include: the ලිනක්ස් kernel, the KDE and GNOME desktops, BIND and Firefox. බලපත්‍ර The most well known and popular F/OSS licenses include: GNU General Public License (GPL), GNU Lesser General Public License (LGPL), BSD license, Apache License, MIT License and Mozilla Public License. There are a number of endorsed F/OSS definitions, and related lists of licenses. The above licenses are approved by all definitions. F/OSS definitions and guidelines: විවෘත මූලාශ්‍ර Definition , from the විවෘත මූලාශ්‍ර Initiative Free software definition, from the නිදහස් මෘදුකාංග පදනම ඩේබියන් නිදහස් මෘදුකාංග Guidelines Lists of licenses: OSI අනුමත කළ බලපත්‍ර නිදහස් මෘදුකාංග පදනමේ නිදහස් සහ නොනිදහස් බලපත්‍ර ලැයිස්තුව සංස්කෘතිය The F/OSS සංස්කෘතිය and F/OSS community stem from hacker සංස්කෘතිය. අඩවියෙන් බැහැර පිටු The Free Software Definition - published by FSF Foundation for a Free Information Infrastructure (FFII). Free Software and Open Source software (Where to find) - from Wikisolutions FSF's list of free software licenses, including clarifications on often confused non-free licenses FSF/UNESCO directory of free software packages The GNU philosophy pages FSF's comparison of "Open Source" and "Free Software" Why Open Source Software / Free Software (OSS/FS)? Look at the Numbers! — David Wheeler's analysis of the advantages of OSS/FS. Free software transcripts by Ciaran O'Riordan The best free softwares for Windows XP and Windows Vista නිදහස් මෘදුකාංග Software licenses Libre නිදහස් මෘදුකාංග සංස්කෘතිය හා ලියැවිලි
2118
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%84%E0%B7%94%E0%B7%80
යාපහුව
පිහිටීම රට - ලංකාව , දිස්ත්‍රික්කය - කුරුණෑගල , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහව ෴ වෙනත් නම් යා‍පව්ව, යාපවිගල, සුන්දරගිරි කන්ද, අයෝ පර්වත වැදගත්කම ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික නටබුන් සුරක්ශිතව පැවතීම කොළඹ සිට ළඟාවීම අංක 57 ඇල්ල හරහා අනුරාධපුර බසයකින් පැමිණ දළදාගම හන්දියෙන් බසින්න. එතැනින් මහව බසයක නැග මහව නගරයට (3km) යන්න. මහව නගරයේ සිට ගල්ටැංවැව බසයකින් යාපහුව පන්සල අලසින් බැස ගත හැකි අතර නිතරම මෙම මාර්ගයේ බස් ගමනා ගමනය නොමැති හෙයින් එම දුර ප්‍රමාණය කුලී රථයකින් සළසා ගත යුතුයි. අතීතය ක්‍රිස්තු වර්ෂ 1272 දී පළමු බුවනෙකබාහු රජතුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1281 දී තුන්වන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1292 දී දෙවන බුවනෙකබාහු රජතුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්‍රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය කුරුණෑගලට ගෙන ගියේය. සේයා රූ එකතුව <center> නිරිතදිග අගනගර - ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ ස්ථාන ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගර යාපහුව
2119
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%BB%E0%B6%A2%20%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
නුවරකන්ද රජ මහා විහාරය
ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල පිහිටි, නුවරකන්ද රජ මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ. ළගාවීම වාරියපොල - ගනේවත්ත පාරේ නෑටිය හන්දිනේ වමට හැරී නෑටිය දෙසට සැ 4ක් ගොස් නුවරකන්ද හන්දියෙන් වමට හැරී සැ 2ක් ගමන් කර නුවර කන්ද විහාරයට ලගාවිය හැක. ඉතිහාසය දේවානම්පිය තිස්ස රජුගේ මළනුවන් සේ සැළකෙන සූරතිස්ස රජු විසින් මෙම විහාරය කරවූ බව සැළකේ. පසුකාලීනව සතුරු ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයේ සිට පලා ආ වලගම්බා රජු මෙම ස්ථනයේ බොහෝ කලක් සැඟවී වාසය කර ඇති බවටද තොරතුරු සදහන් වේ. විහාර නටඹුන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉතා දුර්ලභ ගණයේ ප්‍රථිමා සේ සැලකෙන දහයියා වලින් නිර්මිත බුද්ධ ප්‍රථිමාවක් මෙම විහාරස්ථානයේ දැකගත හැකිවේ. එසේම මෙම විහාරය ආශ්‍රිත කටාරම් කොටන ලද ලෙන් 26ක් ඇතුළු ලෙන් 32ක සාධක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන තිබේ. මූලාශ්‍ර කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
2125
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F%E0%B6%82%E0%B7%81%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA
විනෝදාංශ නාමාවලිය
විනෝදාංශ ලැයිස්තුව මෙය විනෝදාංශ ලැයිස්තුවකි.. Animal-related Fancy (animal breeding) - Keeping pet or show animals Animal rescue (injured or orphaned wild or domestic animals) කුරුල්ලන් නැරඹීම මීමැසි පාලනය සුනඛ අභිජනනය Herpetoculture Horses Aquariums Self-maintaining Home Aquarium Arts and Crafts Blacksmithing Calligraphy Crochet Dollhouses Doll making ඇඳීම Embroidery Enamels පිහි සෑදීම ගෙතීම Miniature figures ඔරිගාමි චිත්‍ර ශිල්පය Figure painting (hobby) Tole painting දියසායම් චිත්‍ර ශිල්පය මැටි කර්මාන්තය Quilting Scrapbooking මූර්ති මැහුම් Stained glass මුද්දර එකතු කිරීම Warm glass රෙදි විවීම ලී කැටයම් ලී වැඩ Chemistry Chemical experiments Fireworks එකතු කිරීම Antiques Artwork Ashtrays Autographs Aviation archaeology Beer Cans Beetles පොත් බෝතල් Butterflies දින දර්ශන Candlesticks Conifer cones Bottle caps Christmas accessories Cigarette cards Classic videogames ඔරලෝසු Coasters Coins Comic books Currency Dice Dumpster diving Enamels Fossil collecting Found objects Hats Keychains knives Lighters Lunchboxes Manga Microchips Miniature figures Moths පුවත්පත් Patches Phillumenism, i.e. collecting matchbooks and matchboxes Photographs Poker Chips Postcards Posters Quotes Records Collecting Rocks and Minerals Scale models Scissors Shopping lists Shot glasses Souvenirs හැඳි Stamps Swords Teddy bears Thimbles Tobacco and marijuana smoking devices (smoking pipes, bongs, grinders...) Trading cards such as baseball cards Wine labels Yardsticks පරිගණකය සම්බන්ධ 3D පරිගණක graphics design Animation design පරිගණක ක්‍රීඩා පරිගණක programming විවෘත මූලාශ්‍ර and the නිදහස් මෘදුකාංග ව්‍යාපාරය Competitive programming - e.g. ACM International Collegiate Programming Contest or TopCoder Operating systems, e.g. GNU/ලිනක්ස් Photoshopping Retrocomputing Modding / Case modding Cooking Any food/drink you feel like making DIY (Do It Yourself) Home Repairs Electronics Amateur radio CB radio DIY audio Designing and building electronic circuits Hardware hacking Robots TV and FM DXing Fan fiction Slash fiction Film-making Animation Games Board games කැරම් Backgammon Checkers චෙස් Chinese Checkers Go Monopoly Pente Rummikub Tournament Scrabble Stratego Card games Bridge Poker Gin rummy Backgammon Dominoes Role-playing games Wargaming, sometimes with miniatures German board games Geofiction, including model nations Historical reenactment, as in the Society for Creative Anachronism Homebrewing Interactive fiction Internet-based hobbies 43things.com Blogging BookCrossing Currency bill tracking Writing reviews for Gamespot Geocaching a modern day form of treasure hunting Google Whacking GPS drawing Newsgroups StumbleUpon විකිපීඩියා World Wide Web සාහිත්‍යය Constructed languages (conlanging) Learning foreign languages Reading and bibliophilia Writing Machining Model engineering Model (scale model) building Live steam models Matchstick models Military models Model aircraft -- civil and military Model cars, including radio-controlled cars Model commercial vehicles Model engineering Model houses Model figures -- historical and military Model military vehicles -- including armored vehicles Model nations Model railways/railroads Backyard railroads Model rockets Model ships -- civil and military සංගීතය Musical composition and MIDI composition Singing and playing musical instruments Observation Amateur astronomy Geyser gazing එළිමහන් ක්‍රියාකාරකම් Backpacking Birdfeeding, birding, and birdwatching Bouldering Butterfly watching Camping Caving Canoeing and kayaking Gardening, including forest gardening, organic gardening, wildlife gardening, bonsai, and permaculture Hiking Geocaching Kite flying Mountain climbing Rafting Rock climbing Rockhounding (rock and mineral hunting/collecting) Skiing Stone skipping SCUBA diving Walking Performing arts Amateur theater Dancing Magic tricks Singing ඡායාරූප ශිල්පය Darkroom work, i.e developing films and enlarging photos in black-and-white or color Kite aerial photography Physics demos or experiments ක්‍රීඩා or other physical activities Archery බේස් බෝල්, softball, and rounders පැසිපන්දු Bowling Cycling Dance Fantasy sports Freshwater and saltwater fishing, including fly fishing Fencing Football පාපන්දු Gliding Golf Hunting Martial Arts Racquetball Running Sailing Shooting rifles, pistols, and shotguns Surfing Table tennis where the level of play isn't really hindered by advanced age ටෙනිස් Ultimate වොලිබෝල් Skating Toys of some sophistication LEGO, including Brikwars, and Lego Mindstorms Radio control toys Transportation Automobiles: Antique cars Autocross Car washing Kit cars Motorcycles Off-roading Rallying Trucks Enthusiasm Railfan Roadgeek Metrophile Gongoozler (people who watch canals in the United Kingdom) Transport spotting Aircraft spotting Bus spotting Train spotting ලැයිස්තු
2126
https://si.wikipedia.org/wiki/%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%20%E0%B7%86%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8A
ෆ්‍රී සොෆ්ට්වෙයා ෆඋන්ඩේශන්
The Free Software Foundation (FSF) is a non-profit corporation founded by Richard Stallman on 4 October 1985 to support the free software movement, a copyleft-based movement which aims to promote the universal freedom to create, distribute and modify computer software. පදනම් Non-profit organizations Nonprofit technology රාජ්‍ය නොවන සංවිධාන
2130
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
රැකියා ලැයිස්තුව
වෘත්තීන් ලැයිස්තුව (List of occupations) The following is a list of jobs. __NoTOC__ See also External links A Abbess (Abbess) Abbot (Abbot) ගණකාධිකාරි (Accountant) Acoustical Scientist (Acoustical Scientist) Actor (Actor) Actuary (Actuary) Administrator (Administrator) Advocate (Advocate) Aerospace engineer (Aerospace engineer) Agent (Agent) Agrarian (Agrarian) Agrologist (Agrologist) Agronomist (Agronomist) Air traffic controller (Air traffic controller) ගුවන් නැවියා (Airman) Alchemist (Alchemist) Alderman (Alderman) Alewyfe (Alewyfe) Almoner (Almoner) තානාපති (Ambassador) Anesthesiologist (Anesthesiologist) Analyst (Analyst) Animal trainer (Animal trainer) Anthropologist (Anthropologist) Antique dealer (Antique dealer) Apiarist (Apiarist) Arbiter (also Arbitrator) (Arbiter/Arbitrator) Arborist (Arborist) Archbishop (Archbishop) Archer (Archer) පුරා විද්‍යාඥයා (Archaeologist) Architect (Architect) Archivist (Archivist) Armourer (Armourer) Art director (Art director) Art therapist (Art therapist) Arts Manager (Arts Manager) Artist (Artist) Assayer (Assayer) Assassin (Assassin) Assessor (Assessor) දෛවඥයා (Astrologer) අභ්‍යවකාශගාමියා, අජටාකාශගාමියා (Astronaut) තාරකා විද්‍යාඥයා (Astronomer) Astrophysicist (Astrophysicist) මලල ක්‍රීඩකයා (Athlete) Attorney at law (Attorney at law) Auditor (Auditor) Au pair (Au pair) Author (Author) Aviator (Aviator) B Background artist (Background artist) Bacteriologist (Bacteriologist) Bagger (Bagger) Bailiff (Bailiff) බක්කරේ , පාන් පුළුස්සන්නා (Baker) Balancemaker (Balancemaker) Balloonist (Balloonist) Bandit (Bandit) Banker (Banker) කරනවෑමියා, බාබර් (Barber) Bard (Bard) Bargeman (Bargeman) Barista (Barista) Barker (Barker) Bartender (also Barkeeper, Barman, Barmaid) (Bartender/Barkeeper/Barman/Barmaid) Basinbeater (Basinbeater) Basket maker (Basket maker) Bather (Bather) Beader (Beader) Beadle (Beadle) Beautician (Beautician) Beekeeper (Beekeeper) යදියා, හිඟන්නා (Beggar) Bellfounder (Bellfounder) Bellmaker (Bellmaker) Biographer (Biographer) ජීව විද්‍යාඥයා (Biologist) Biomedical Scientist (also BMS, Healthcare Scientist) (Biomedical Scientist) Bishop (Bishop) Blacksmith (Blacksmith) Boatbuilder (Boatbuilder) Boatman (Boatman) Boatswain (Boatswain) Boatwright (Boatwright) Bodger (Bodger) Bodyguard (Bodyguard) Bondbroker (Bondbroker) Bonecarver (Bonecarver) Bookbinder (Bookbinder) Bookkeeper (Bookkeeper) Bookseller (Bookseller) Bowyer (Bowyer) Brewer (Brewer) Bricker (also Brickbaker, Brickmaker) (Bricker/Brickbaker/Brickmaker) Bricklayer (Bricklayer) Broker (Broker) Bronzefounder (Bronzefounder) Brushbinder (Brushbinder) Budget Analyst (Budget Analyst) Builder (Builder) Bureaucrat (Bureaucrat) Burglar (Burglar) Business analyst (Business analyst) Business owner (Business owner) Busker (Busker) Butcher (Butcher) බට්ලර (Butler) C Cab driver (Cab driver) Cabinet-maker (Cabinet maker) Caddy (Caddy) Calligrapher (Calligrapher) Cameraman (Cameraman) Canaller (Canaller) Cannoneer (Cannoneer) Capper (Capper) Captain (Captain) Cardinal (Cardinal - Catholicism) Cardiologist (Cardiologist) වඩුවා (Carpenter) සිතියම් ශිල්පියා/විද්‍යාඥයා (Cartographer) Cartoonist (Cartoonist) Cartwright (Cartwright) Carver (Carver) Cellist (Cellist) Censor (Censor) CEO (Chief Executive Officer) (CEO - Chief Executive Officer) CFO (Chief Financial Officer) (CFO - Chief Financial Officer) Chamberlain (Chamberlain) Chancellor (Chancellor) Chandler (candles) (Chandler - candles) Chandler (provisions) (Chandler - provisions) Chaplain (Chaplain) Chapman (Chapman) Cheesemaker (Cheesemaker) Chemical engineer (Chemical engineer) Chemist (Chemist) Chicken sexer (Chicken sexer) Chief of Police (Chief of Police) Chimney-sweeper (Chimney sweeper) Chiropodist (Chiropodist) Doctor of Chiropractic (Chiropractor/Doctor of Chiropractic) Choreographer (Choreographer) Circuit preacher (Circuit preacher) Civil servant (Civil servant) Civil engineer (Civil engineer) Clarinettist (Clarinettist) Cleaning staff (Cleaning staff) Clergymen (Clergymen) Clerk (Clerk) Clockmaker (Clockmaker) Clothier (Clothier) Clown (Clown) Coach (Coach) Coachmaker (Coachmaker) Coachman (Coachman) වෙරළාරක්‍ෂක සංවිධානයක සාමාජිකයකු (Coast guard) Cobbler (Cobbler) Cofferer (Cofferer) Combmaker (Combmaker) විකට නළුවා (Comedian) Compasssmith (Compasssmith) නිර්මාපකයා (Composer) Computer engineer (Computer engineer) Computer programmer (Computer programmer) Conductor (music) (Conductor - music) කොන්දොස්තර (Conductor - transportation) Confectioner (Confectioner) Conferencier (Conferencier) කොස්තාපල් - පොලිස්කාරයා හෝ පොලිස්කාරිය (Constable) Construction worker (Construction worker) Consul (Consul) Consultant (Consultant) Controller (Controller) Copyist (Copyist) අරක්කැමියා, කෝකියා (Cook) Cooper (Cooper) Coppersmith (Coppersmith) Copywriter (Copywriter) Cordwainer (Cordwainer) Coroner (Coroner) Corporate executive officer (Corporate executive officer) Corporate librarian (Corporate librarian) Corrector (Proof Reader/Corrector) Correspondent (Correspondent) Cosmetologist (Cosmetologist) රුසියානු අජටාකාශගාමියා (Astronaut/Cosmonaut Costermonger (Costermonger) Courier (Courier) Court jester (Court jester) අරෝහක ගොපල්ලා (Cowboy) Cowherd (Animal husbandry/Cowherd) CPA (Certified Public Accountant) (CPA - Certified Public Accountant) Crafter (Crafter) Crammer (Crammer) Crier (Crier) Crofter (Crofter) Crossbowyer (Crossbowyer) Cryptanalyst (Cryptanalyst) Cryptographer (Cryptographer) Cryptologist (Cryptologist) Cuillerer (Cuillerer) Culinary cooker (Culinary cooker) Curator (Curator) Currier (Currier) Custodian (Custodian) Customs officer (Customs officer) Cutler (Cutler) D Dancer (Dancer) දන්ත වෛද්‍ය (Dentist) Deputy (Sheriff/Deputy law enforcement) Deputy (Deputy - parliamentary) Designer (Designer) Detective (Detective) Dietician (Dietician) Diplomat (Diplomat) Director (Director) Disc jockey (Disc jockey) Dishwasher (Dishwasher) Dispatcher (Dispatcher) Distiller (Distiller) Ditcher (Ditcher) කිමිදුම්කරුවා (Diver) Dock labourer (Dock labourer) Documentalist (Documentalist) වෛද්‍යවරයා, දොස්තර (Physician/Doctor) Dogcatcher (Dogcatcher) Dominatrix (Dominatrix) Doorman (Doorman) Dramatist (Dramatist) රෙදි වෙළෙන්දා (Draper) Drayman (Drayman) Dressmaker (Dressmaker) Dressman (Dressman) Drill instructor (Drill instructor) Driver (Driver) Drummer (Drummer) Drycooper (Drycooper) Drywaller (Drywaller) Dustman (Dustman) Dyer (Dyer) E අාර්ථික විද්‍යාඥයා, අර්ථ ශාස්ත්‍රඥයා (Economist) Editor (Editor) Educationalist (Educationalist) Electrical engineer (Electrical engineer) විදුලි කාර්මිකයා (Electrician) Elevator girl (Elevator girl) Embalmer (Embalmer) Embroiderer (Embroiderer) Embryologist (Embryologist) Emergency Manager (Emergency Manager) Engine-driver (Engine driver) Engine fitter (Engine fitter) ඉංජිනේරුවා (Engineer) කැටයම් කොටන්නා (Engraver) විනෝදය සපයන්නා (Entertainer) කීට විද්‍යාඥයා (Entomologist) ව්‍යවසායකයා (Entrepreneur) Environmental scientist (Environmental scientist) Ergonomists (Ergonomists) Estate Agent (Realtor/Estate Agent) Ethnologist (Ethnologist) Ethologist (Ethologist) Etymologist (Etymologist) Evangelist (Evangelist) පරීක්ෂකයා (Examiner) රාජ්‍ය භාණ්ඩාගාරය (Exchequer) Executioner (Executioner) Executive (Corporate officer/Executive) Executor (Executor) Exotic dancer (Exotic dancer) Explorer (Explorer) වධකයා, අලුගෝසුවා (Executioner) Expressman (Expressman) Exterminator (Exterminator) Extra (Background artist/Extra) F Fabricshearer (Fabricshearer) Factory worker (Factory worker) උකුස්සන් පුහුණු/ඇති කරන්නා (Falconer) ගොවියා, වගා කරන්නා (Farmer) Farrier (Farrier) Fashion designer (Fashion designer) FBI Agent (FBI Agent) Fellmonger (Fellmonger) Feltmaker (Feltmaker) Fence (Fence - criminal) Ferryman (Ferryman) Film director (Film director) Film producer (Film producer) Financial Advisor (Financial Advisor) Financial Analyst (Financial Analyst) Financial Planner (Financial Planner) ආයෝජකයා (Financier) Fire officer (Fire officer) Firefighter (Firefighter) Fishmonger (Fishmonger) ධීවරයා (Fisherman) Fitter (Fitter) බටනළා වාදකයා (Flautist) Flavorist (Flavorist) Fletcher (Fletcher) Flight attendant (Flight attendant) Flight engineer (Flight engineer) Flight technician (Flight technician) Flight instructor (Flight instructor) Fluffer (Fluffer) Floor manager (Floor manager) මල්කරුවා (Florist) Flutist (Flutist) Footballer (Footballer) Footman (Footman) Forester (Forester) සාත්තර කාරයා (Fortune teller) Fowler (Fowler) Fraudster (Fraudster) Friar (Friar) Fruiterer (Fruiterer) Furbisher (Furbisher) Furrier (Furrier) Fuster (Fuster) G Game show host (Game show host) Garbage collector (Dustman/Garbage collector) Garbler (Garbler) උයන්පල්ලා, ගෙවතු වවන්නා (Gardener) ගේට්ටුපල්ලා, දොරටුපල්ලා (Gate keeper) ගෙයිෂාව (Geisha) Gemcutter (Gemcutter) Genealogist (Genealogist) General (General) Geographer (Geographer) Geologist (Geologist) Geometer (Geometer) Geophysicist (Geophysicist) Gigolo (Gigolo) Gladiator (Gladiator) Glazier (Glazier) Glover (Glover) එළු පල්ලා (Animal husbandry - Goatherd) Gofer (Gofer) රන්කරුවා (Goldsmith) ගොන්ඩොලා හබල් ලන්නා (Gondolier) Governess (Governess) Government agent (Government agent) Governor (Governor) ව්‍යාකරණඥයා, ව්‍යාකරණ වේදියා (Grammarian) Graphic artist (Graphic artist) Gravedigger (Gravedigger) Grenadier (Grenadier) Greengrocer (Greengrocer) Grinder (Knifegrinder - Grinder) සිල්ලර වෙළෙන්දා (Grocer) Groom (horses) (Groom - horses) Groom (manservant) (Groom - manservant) Guard (Guard) Guide (Guide) Guitarist (Guitarist) Gunsmith (Gunsmith) Gunstocker (Gunstocker) Guru (Guru) නාරි වෛද්‍යයා, ස්ත්‍රී චිකිත්සක (Gynecologist) H Haberdasher (Haberdasher) Hairdesser (Barber/Hairdesser) Harnessmaker (Harnessmaker) Harper (Harpist/Harper) Hatter (Hatter) Hawker (Hawker) Hayward (Hayward) Headmaster (also Headmistress) (Headmistress/Headmaster) Heaumer (Heaumer) නිල දූතයා, පෙරමඟ දන්වන්නා (Herald) Herbalist (Herbalist) එඬේරා, රැළක් පාලනය කරන්නා (Herdsman/Herder) ඉතිහාසඥයා (Historian) Hornere (Hornere) Hosier (Hosier) Host (also Hostess) (Host/Hostess) හෝටල්කරු (Hotelier) House painter (House painter) ස්වාමි දුව (Housewife) දඩයක්කාරයා (Hunter) Hydraulic engineer (Hydraulic engineer) Hypnotist (Hypnotist) I Illuminator (Illuminator) මායාකාරයා, විජ්ජාකාරයා, ඉන්ද්‍රජාලිකයා (Illusionist) Illustrator (Illustrator) Imam (Imam) Impersonator (Impersonator) Importer (Importer) Industrial designer (Industrial designer) Industrial engineer (Industrial engineer) කර්මාන්තඥයා (Industrialist) Information Technologist (Information Technologist) Inker (Inker) Innkeeper (Innkeeper) Instrumentmaker (musical) (Instrumentmaker - musical) Instrumentmaker (scientific) (Instrumentmaker - scientific) Instructor (Teacher - Instructor) Insurer (Insurer) Intelligence officer (Intelligence officer) Interior designer (Interior designer) Internist (Internist) Interpreter (Interpreter - communication) Interrogator (Interrogator) Inventor (Inventor) Investment Analysts (Investment Analysts) Investment Banker (Investment Banker) Investment Broker (Investment Broker) Invigilator (Invigilator) යකඩ බඩු වෙළෙන්දා (Ironmonger) Ironmaster (Ironmaster) J හිරගෙදර නිලධරයා, ජේලර් (Jailer) මැණික් වෙළෙන්දා, මැණික් සාදන්නා (Jeweler) Jockey (Jockey) Joiner (Joiner) පත්‍ර කලාවේදියා, පුවත්පත් ලේඛකයා (Journalist) Judge (Judge) Juggler (Juggler) Jurist (Jurist) K Kinesiologist (Kinesiologist) King (Monarch - King) Knifegrinder (Knifegrinder) Knifesmith (Knifesmith) නයිට්වරයා (Knight) L Laboratory worker (Laboratory worker) Ladeler (Ladeler) Lady-in-waiting (Lady-in-waiting) Landlord (also Landlady) (Landlord also Landlady) Lanternmaker (Lanternmaker) Lamplighter (Lamplighter) Lauderer (Lauderer) Laundress (also Lavendar) (Laundress also Lavendar) Law enforcement agent (Law enforcement agent) නීතිඥයා (Lawyer) Latener (Latener) Leadworker (Leadworker) Learning mentor (Learning mentor) Leatherer (Leatherer) Lecturer (Lecturer) Lens grinder (Lens grinder) පුස්තකාලයාධිපති (Librarian) Librettist (Librettist) Lifeguard (Lifeguard) Lighthouse-keeper (Lighthouse-keeper) Lighting technician (Lighting technician) Limner (Limner) Linesman (Linesman) Linguist (Linguist) Linkman (Linkman) Loan officer (Loan officer) Locksmith (Locksmith) Loriner (Loriner) Lord Chamberlain (Lord Chamberlain) Lorist (Lorist) ගස් කපන්නා (Lumberjack) ගී පද රචකයා (Lyricist) M Macer (Macer) විජ්ජාකාරයා, මැජික්කාරයා, ඉන්ද්‍ර ජාලිකයා, මායා කාරයා (Magician) මහේස්ත්‍රාත්, නඩුකාරයා (Magistrate) Mailmaker (Mailmaker) Mailman or Mail carrier (Postman, Mailman or Mail carrier) Makeup artist (Makeup artist) Management Analyst (Management Analyst) Management Consultant (Management Consultant) කළමනාකරුවා, පරිපාලකයා (Manager) අත්/නිය අලංකාර කරන්නා (also අත්/නිය අලංකාරකරණය) (Manicurist also Manicure) Manservant (Manservant) Manual therapist (Manual therapist) Manufacturer (Manufacturer) Marbler (Marbler) Marine (Marine - armed services) Marketer (Marketer) Market gardener (Market gardener) Marksman (Marksman) Marshal (Marshal) Martial artist (Martial artist) Mason (Mason) Masseur (also Masseuse) (Masseur also Masseuse) Master of hounds (Master of hounds) Matador (Matador) Materials engineer (Materials engineer) Mathematician (Mathematician) Matron (Matron) Mayor (Mayor) Mechanic (Mechanic) Mechanical engineer (Mechanical engineer) Mechanician (Mechanician) Mediator (Mediator) Medic (Medic) Medical Technologist (Medical Technologist) Mercenary (Mercenary) Mercer (Mercer) Merchant (Merchant) Mesmerist (Mesmerist) Messenger (Messenger) Meteorologist (Meteorologist) Microbiologist (Microbiologist) Midwife (Midwife) Milkman (also Milkmaid) (Milkman also Milkmaid) Miller (Miller) Miner (Miner) Mintmaster (Mintmaster) Minister (Religious Minister) Mirrorer (Mirrorer) Missionary (Missionary) Model (Model) Molecatcher (Molecatcher) Moldmaker (also Mouldmaker) (Mouldmaker also Moldmaker) Moneychanger (Moneychanger) Moneylender (Moneylender) Monk (Monk) Moonlighter (Moonlighter) Mortagager (Mortagager) Mortician (Mortician) Music director (Music director) Musician (Musician) Maid (Maid) N Nailor (Nailor) Nanny (Nanny) Navigator (Navigator) Needler (Needler) Négociant (Négociant) Negotiator (Negotiator) Netmaker (Netmaker) Ninja (Ninja) Notary (Notary) Numerologist (Numerologist) Nun (Nun) Nurse (Nurse) Nursemaid (Nursemaid) O Oboist (Oboist) Obstetrician (Obstetrician) Occupational therapist (Occupational therapist) Odontologist (Odontologist) Oilpresser (Oilpresser) Operator (Operator) Ophthalmologist (Ophthalmologist) Optician (also Optometrist) (Optometrist also Optician) Oracle (Oracle) Organist (Organist) Organizer (Organizer) Ornithologist (Ornithologist) Orthodontist (Orthodontist) Orthopaedist (Orthopaedist) Ostler (Ostler) Otorhinolaryngologist (Otorhinolaryngologist) P Painter (Painter) Paleoseismologist (Paleoseismologist) Paperer (Paperer) Paramedic (Paramedic) Parchmenter (Parchmenter) Pardoner (Pardoner) Pargeter (Pargeter) Parker (Parker) Park ranger (Park ranger) Party-leader (Party Leader) Pasteler (Pasteler) Pastor (Pastor) Patent attorney (Patent attorney) Patent clerk (Patent clerk) Pathologist (Pathologist) Paviour (also Pavior) (Paviour also Pavior) Pawnbroker (Pawnbroker) Peddlar (Peddlar) Pediatrician (Pediatrician) Pedologist (soil study) (Pedologist - soil study) Pedology (children study) (Pedology - children study) Pepperer (Pepperer) Percussionist (Percussionist) Pewterer (Pewterer) Pharmacist (Pharmacist) Philanthropist (Philanthropist) Philologist (Philologist) Philosopher (Philosopher) Photographer (Photographer) Physician (Physician) Physicist (Physicist) Physiognomist (Physiognomist) Physiologist (Physiologist) Physiotherapist (Physiotherapist) Pianist (Pianist) Piano tuner (Piano tuner) Pickler (Pickler) Pickpocket (Pickpocket) Pilot (shipping) (Pilot - shipping) Pilot (see aviator) (Pilot. See aviator) Pinner (Pinner) Pirate (Pirate) Plasterer (Plasterer) Playwright (Playwright) Plumber (Plumber) Poet (Poet) Police officer (Police officer) Police inspector (Police inspector) Politician (Politician) Political scientist (Political scientist) Poll-taker (Poll taker) Pope (Pope) Porcilinist (Porcilinist) Poter (Poter) Poulterer (Poulterer) Premier (Premier) Presenter (Presenter) President (President) Press officer (Press officer) Priest (Priest) Prime minister (Prime minister) Principal (Principal - school) Printer (Printer - publisher) Private detective (Private detective) Proctologist (Proctologist) Procurator (also Proctor) (Procurator also Proctor) Professor (Professor) Professional athlete (Professional athlete) Programmer (Programmer) Prostitute (Prostitute) Psychiatrist (Psychiatrist) Psychologist (Psychologist) Public relations officer (Press officer/Public relations officer) Publisher (Publisher) Q Quarreler (Quarreler) Quartermaster (Quartermaster) Quivermaker (Quivermaker) Queen (Monarch - Queen) Quantity Surveyor- (පුමාණ සමික්ශක) R Rabbi (Rabbi) Race driver (Race driver) Radiologist (Radiologist) Radiographer (Radiographer) Railway gasser (Railway gasser) Rat catcher (Rat catcher) Reader (Reader) Real estate agent (Realtor/Real estate agent) Real estate broker (Real estate broker) Real estate investor (Real estate investor) Real estate developer (Real estate developer) Receptionist (Receptionist) Record Producer (Record Producer) Recording engineer (Recording engineer) Rector (Rector) Redsmith (Redsmith) Reeve (Reeve) Referee (Referee) Refuse collector (Refuse collector) Registrar (Registrar) Remedial Teacher (Remedial Teacher) Reporter (Reporter) Researcher (Researcher) Retailer (Retailer) Rigger (modern usage) (Rigger - modern usage) Rivener (Rivener) Ropemaker (also Roper) (Ropemaker - Roper) Roofer (Roofer) S Sacker (Sacker) Saddler (Saddler) Sage (Sage) Sailmaker (Sailmaker) නැවියා, යාත්‍රිකයා (Sailor) Salesperson (also Salesman, Saleswoman) (Salesperson -Salesperson also Saleswoman) Saltboiler (Saltboiler) Salter (Salter) Sapper (Sapper) Sarariman (Sarariman) Saucier (Saucier) Saxophonist (Saxophonist) Sawyer (Sawyer) Scabbardmaker (Scabbardmaker) Scale mechanic (Scale mechanic) විද්‍යාඥයා (Scientist) Scout (Scout) Screenwriter (Screenwriter) Scribe (also Scrivener) (Scribe also Scrivener) Sculptor (Sculptor) Scythesmith (Scythesmith) Seamstress (Seamstress) Secretary general (Secretary general) Secretary (Secretary) Security guard (Security guard) Senator (Senator) Servant (servant - domestic) Sexologist (Sexologist) Sexton (Sexton - office) Sheepshearer (Sheepshearer) Shepherd (Shepherd) Shaman (Shaman) Sheriff (Sheriff) Shingler (Shingler) Shipwright (Shipwright) Shoemaker (Shoemaker) Shop assistant (Shop assistant) Shrimper (Shrimper) Siever (Siever) Signalman (Signalman) Silversmith (Silversmith) Singer (Singer) Skinner (Skinner) Slave (Slave) Slavedriver (Slavedriver) Slaver (Slaver) Smelter (Smelter) Smith (Smith - metalwork) Sniper (Sniper) Social worker (Social worker) Software engineer (Software engineer) Soil scientist (Soil scientist) Soldier (Soldier) Solicitor (Solicitor) Sommelier (Sommelier) Sound technician (Sound technician) Special agent (Special agent) Speech therapist (Speech therapist) Spelunker (Spelunker) Spin doctor (Spin doctor) Sponman (Cuillerer/Sponman) Spurrier (also Spurrer) (Spurrier also Spurrer) Spy (Spy) Stage designer (Stage designer) Statistician (Statistician) Steersman (Steersman) Steward (also Stewardess) (Steward also Stewardess) Stock-breeder (Stock breeder) Stockbroker (Stockbroker) Stonecutter (Stonecutter) Street artist (Street artist) Street musician (Busker - Street musician) Street vendor (Street vendor) Stringer (Stringer) Stripper (Stripper) Stuffer (Stuffer) Stuntman (Stuntman) Surgeon (Surgeon) Surveyor (Surveyor) Student (Student) Sumpter (Sumpter) Swineherd (Swineherd) Swimmer (Swimmer) Swimming Coach (Swimming Coach) Switchboard operator (Switchboard operator) Swordsmith (Swordsmith) System administrator (System administrator) Systems designer (Systems designer) Systems analyst (Systems analyst) T Taikonaut (Taikonaut) Tailor (Tailor) Tallowchandler (Chandler - Tallowchandler) Tanner (Tanner) Tapicer (also Tapestrymaker, Tapester) (Tapicer - Tapestrymaker,Tapester) Tattooer (Tattooer) Taxidermist (Taxidermist) Taxi-driver (Taxi driver) Tea lady (Tea lady) Teacher (Teacher) Technical engineer (Technical engineer) Technician (Technician) Telegraphist (also Telegraph operator) (Telegraphist - Telegraph operator) Telephone operator (Telephone operator) Tentsman (Tentsman) Test developer (Test developer) Test pilot (Test pilot) Thatcher (Thatcher) Theatre director (Theatre director) Theologian (Theologian) Therapist (Therapist) Thief (Thief) Thimbler (Thimbler) Thresher (Thresher) Tiler (Tiler) Tinker (Tinker) Tinner (Tinner) Tinsmith (Tinsmith) Toolmaker (Toolmaker) Torturer (Torturer) Trademark attorney (Trademark attorney) Trader (Trader) Tradesman (Tradesman) Transit planner (Transit planner) Translator (Translator) Trapper (Trapper) Treasurer (Treasurer) Troubador (Troubador) Tumbler (Tumbler) Tuner (Tuner) Turner (Turner) Tutor (Tutor) Tyler (Tyler) Typefounder (Typefounder) U Umbrella repairer (Umbrella repairer) Urban planner (Urban planner) Undertaker (Mortician - Undertaker) Upholder (Upholder) Upholsterer (Upholsterer) Usher (Usher) V Valet (Valet) Ventriloquist (Ventriloquist) Verger (Sexton - Verger) Veterinarian (Veterinarian) Vibraphonist (Vibraphonist) Vicar (Vicar) Victualler (Victualler) Video-editor (Video editor) Vintner (Vintner) Violinist (Violinist) W Wagoner (Wagoner) Wainwright (Wainwright) Waiter (also Waitress) (Waiter also Waitress) Watchman (Watchman) Weaponsmith (Weaponsmith) Weaver (Weaver) Webmaster (Webmaster) Welder (Welder) Wet nurse (Wet nurse) Wheelwright (also Wheeler) (Wheelwright also Wheeler) Whitesmith (Whitesmith) White-tawer (White-tawer) Window-dresser (Window dresser) Wine connoisseur (Wine connoisseur) Wiredrawer (Wiredrawer) Wiremonger (Wiremonger) Woodcarver (Woodcarver) Wood-cutter (Wood cutter) Woodturner (Woodturner) Wooler (Wooler) Wrangler (Wrangler) Winemaker (Winemaker) Wireless operator (Wireless operator) Writer (Writer) X Xylophonist (Xylophonist) Y Yodeler (Yodeler) Z Zookeeper (Zookeeper) Zoologist (Zoologist) තවද බලන්න Professions (World of Warcraft) List of titles list of people by occupation අඩවියෙන් බැහැර පිටු http://www.state.ma.us/reg/boards/dirprofs.htm ලැයිස්තු
2136
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B7%8F
නීතිඥයා
ඉතිහාසය ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනීමට අවසර ලබා දුන්නේය. මෙ‍සේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් හඳුන්වා දෙන ලද නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමේ එක අංගයක් ලෙසය. එකල නීති අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රමවත් පංති පැවැත්වීමක් සිදු නොවුන අතර පළපුරුදු නීතිඥයෙක් යටතේ ආධුනිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සිදු විය. මිට අමතරෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වන ලද විභාග මගින් නවකයන්ගේ නීති දැනුම පිරික්සනු ලැබිණි. 1873 දී නීති අධ්‍යාපන කවුන්සිලය පිහිටුවන ලද අතර එම කවුන්සිලය මගින් 1874 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිහිටුවන ලදී. නීතිඥයන්ට ක්‍රමවත් පුහුණුවක් ලබා දීම මෙහි මුලික අරමුණ වේ. ශ්‍රී ලංකාව එක්සත් ජනපදය බාහිර සබැඳි http://apli.org/ftp/SLLC%20Introduction.pdf http://www.sllc.ac.lk/ ආශ්‍රිත නීතිඥයා නීතිය නීතිඥයා නීතික ජීවනෝපායයන් නීතික ආචාර ධර්මethics
2137
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
මාර්ටින් වික්‍රමසිංහ
ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 – 1976 ජුලි 23) ළමා හේවගේ දොන් බස්තියන් ද සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබේ.) සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන යුවලට දාව දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය. මුල් කාලය වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාව ද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය. නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා (1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි. 1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ. වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය (1944), යුගාන්තය (1949) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ. 50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාරය (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1956 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රතිවීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ ළමා සාහිත්‍ය බාලෝපදේශය (1903) උන්මාද චිත්‍රා (1929) උපාසකම්මා (1929) ගලිවරායණය (1932) රජවෙන්ට ගිය මහන්නා (1932) දඩුමොණරය (1932) රන්කෙදි කුමාරිකාව (1932) ඥානෝදය කතා (1991) ජීව විද්‍යාව කුරුමිණි සත්තු (1929) කුරුකුහුඹු සත්තු (1930) වෙස් මාරුකරන සත්තු (1932) මුහුදු වෙරළ (1932) සත්ව ලෝකය (1936) විද්‍යා විනෝද කතා (1957) පාඨශාලා පොත් ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1930) සදාචාරය හා නිරෝගී සම්පත (1931) පළාත් ආණ්ඩු (1933) ප්‍රජා පාලන ශික්ෂා (1938) සාහිත්‍ය ශික්ෂා - 02 (1938) සාහිත්‍ය ශික්ෂා - 03 (1939) නවකතා ලීලා (1914) සෝමා (1922) අයිරාංගනි (1923) ශීතා (1923) මිරිගු දිය (1925) රෝහිණී (1929) ගම්පෙරළිය (1944) මඩොල් දූව (1947) යුගාන්තය (1949) විරාගය (1956) කලියුගය (1957) කරුවල ගෙදර (1963) බවතරණය (1973) කෙටිකතා ගැහැනියක් (1924) මගුල් ගෙදර (1927) පව්කාරයාට ගල් ගැසීම (1936) අපේ විත්ති (1942) හද සාක්කි කීම (1945) මගේ කතාව (1947) බිල්ල සහ අපූරු මුහුණ (1949) වහල්ලු (1951) කතා අහුර (1955) තෝරාගත් කෙටිකතා (2009) රන් පිළිමය (2012) කෙටි කතා එකතුව ප්‍රථම භාගය (2013) (කෘති එකතු 1) කෙටි කතා එකතුව ද්විතීය භාගය (2014) (කෘති එකතු 2) දෘෂ්‍ය කාව්‍ය චිත්‍රා (1940) මයුරී (1944) විජිතා (1953) විජිතා සහ තවත් නාටක (1953) පද්‍ය කාව්‍ය තේරී ගී (1952) ජීවිතය ඇසුරින් අපේ ගම උපන් දා සිට උපන්දා සිට බාල විය විදේශ සංචාර සෝවියට් දේශයේ නැගීම (1962) නව චීනයේ පිඹිදීම (2006) ඉංදියාව ලංකාව හා නිදහස් සම්ප්‍රධාය (2018) සාහිත්‍ය විචාර ශාස්ත්‍රීය ලේඛන (1919) සිංහල සාහිතෝ‍යා්දය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) සාහිත්‍ය කලාව (1950) කාව්‍ය විචාරය (1954) ඇත්ත යුත්ත (1955) බණ කතා සාහිත්‍ය (1955) නව පද්‍ය සිංහලය (1957) රසවාදය හා බෞද්ධ කාව්‍ය (1961) සිංහල විචාර මග (1964) නවකතාංග හා විරාගය (1965) ජාතක කතා විමසුම (1968) සිංහල නව කතාව හා ජපන් කාමකතා හෙවනැල්ල (1969) සිංහල නාටකය හා සද කිදුරුව (1970) සම්ප්‍රධාය හා විචාරය (1971) ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය (1997) අපේ ළමා සාහිත්‍ය (2011) සිංහල සිනමා සිත්තම් (2012) ජීව විද්‍යාත්මක ග්‍රන්ථ කුරුමිණි සත්තු (1929) කුරුකුහුඹු සත්තු (1930) වෙස් මාරුකරන සත්තු (1932) මුහුදු වෙරළ (1932) සත්ව ලෝකය (1936) විද්‍යා විනෝද කතා (1957) පාඨශාලා පොත් ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1930) සදාචාරය හා නිරෝගී සම්පත (1931) පළාත් ආණ්ඩුව (1933) ප්‍රජා පාලන ශික්ෂා (1938) සාහිත්‍ය ශික්ෂා - 02 (1938) සාහිත්‍ය ශික්ෂා - 03 (1939) මාර්ටින් වික්‍රමසිංහ කර්තෘ ධූරය දැරූ පුවත්පත් හා ධූරකාලය ලක්වැසියා පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1928 මාර්තු 07 සිට 1928 අප්‍රේල් 04 දක්වා) ලක්මිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1929 ජනවාරි 19 සිට 1931 ජූලි 30 දක්වා) සිළුමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1934 අගෝස්තු 05 සිට 1937 මැයි 16 දක්වා) දිනමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1937 මැයි 18 සිට 1944 නොවැම්බර් 14 දක්වා) මාර්ටින් වික්‍රමසිංහ භාවිතා කළ ආරූඪ නම් හේතුවාදී හේතුදර්ශනවාදී විජිත මනුවර්ණ මයුරපාද සුසන්ත මනුවර්ණ මනුවර්ණ සුසන්ත පෑලදිගින් ජගත්ප්‍රිය හිතවාදී හේතුවාදියෙක් මේවාද බලන්න කොග්ගල ආශ්‍රිත බාහිර සබැදි මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය මාර්ටින් වික්‍රමසිංහ පොත් කියවමු මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතූකාගාරය චරිත කතා ශ්‍රී ලාංකික සිංහලයෝ වික්‍රමසිංහ, මාර්ටින් ශ්‍රී ලාංකික ලේඛකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ වික්‍රමසිංහ, මාර්ටින් වික්‍රමසිංහ, මාර්ටින්
2140
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
පුරාවිද්‍යාව
මූල හා අර්ථ දැක්වීම් යුරෝපයේ හා පැරණි ලෝකයේ කොටස් වලදී මෙම විෂය පථයේ මූල තිබුණේ පුරා වේදයේ හා ලතින් හා පුරාතන ග්‍රීක ඉගැනීම් වලය. එම නිසා එයට ඉතිහාස ක්ෂේත්‍රය සමග ස්වාභාවික සබඳ කමක් තිබුණි. පැරණි චීනයේ පුරාවිද්‍යාව ඇති වුයේ පුරාවේද පරිශීලනය නිසා මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය චාරිත්‍රවල වු පුරාතන ධාතු භාවිතා කිරීම වැඩි දියුණු කිරීමට වු නිළධාරි වරුන්ගේ කැමැත්ත නිසාය. ඔහුගේ චීන සඟයන්ගේ මෙම සේවීම ෂේන් කුවෝ (1031 – 1095) විසින් විවේචනයට භාජනය කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ පුරා විද්‍යාව ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම, පුරාතන කාල වල නිෂ්පාදන ක්‍රම සේවී‍ම සමග පරිශීලනය කළ යුතු අතර අන්තර් ක්ෂේත්‍ර ප්‍රවේශයක් සමග අධ්‍යයනය කළ යුතු බව ෂේන් මෙන්ම මෙම විශය පථය සංකිර්ණව ගත් තවත් අයෙකු වුයේ නිළධාරි, ඉතිහාසඥ, පද්‍ය රචක හා ගද්‍ය රචක ඔව්යෑන්ග් ෂිවුය. (1007 – 1072) ඔහු විසින් පාෂාණ හා ලෝකඩ මත වු පුරාතන ඇතිල්ලීම් වල විශ්ලේෂණික නාමාවලියක් සකස් කරන ලද අතර එමගින් මුල් අභිරේඛන හා පුරා විද්‍යාව පිළිබද අදහස් දිරි ගන්වන ලදී. උතුරු ඇමරිකාවේදී පුරාවිද්‍යාව යනු මානව විද්‍යාවේ උපක්ෂේත්‍ර හෝ අංශ ¼ කි. අනෙකුත් අංශ 3 වන්නේ සංස්කෘතිකමය මානව විද්‍යාව, ජීවි සංස්කෘතිහා සමාජ පිළිබද අධ්‍යයනයන්; වාග් විද්‍යාව , භාෂා හා භාෂා කා‍ණ්ඩ වල මූල ඇතුළත්ව භාෂා පිළිබද අධ්‍යයනය; හා භෞතික මානව විද්‍යාව, මනුෂ්‍ය පරිනාමනය හා භෞතික හා ජානමය ගති ලක්ෂණ පිළිබද අධ්‍යයනයන් ඇතුළත් වෙයි. හැඳින්වීම පුරාවිද්‍යාව යනු මානව සංස්කෘතියන් නොයෙකුත් ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යයනය කරනු ලබන විෂයකි. මෙම විෂයෙහි අන්තර්ගත අරමුණු විවිධාකාරය. ඒවා අතර මානව වර්ගයාගේ ආරම්භය හා විකාශනය ලේඛනගත කිරීම, විවිධ සංස්කෘතියන් හදුනාගැනීම, පරිණාමනය අධ්‍යයනය කිරීම මුල් තැනක් ගනී. මේ සඳහා පුරාවිද්‍යාඥයින් තොරතුරු එක්රැස්කරගන්නා ක්‍රම කීපයකි. පුරාවිද්‍යාත්මක කැණීම්, වර්ගීකරණයන්, විශ්ලේෂණය කිරීම් හා සංරක්ෂණය කිරීම් ඒ අතරින් සමහරක් වේ. පොදුවේ මෙම විෂය මානව විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විෂයන් ගණනාවක සංකලනයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. පුරා විද්‍යාවේ ඉතිහාසය ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දියුණුව සහ එම තාක්ෂණයේ වලංගුතාවය රඳා පවතින්නේ පරික්ෂා කරන ලද භුමියේ ප්‍රමාණය මතය.ගවේෂණ මගින් සොයාගත් පුරණ ස්මාරකවලට සහ වසර දහස් ගණන් පැරණි වස්තුවල එකතුවට විශාල වටිනාකමක් හෝ ඉහළ කලාත්මක අගයක් හිමියි. මෙසේ සොයාගැනීමට භාජනය වන නටඹුන් පිළිබඳව විධිමත් ලෙස අධ්‍යයනය ආරම්භය වූයේ 19 වැනි ශතවර්ෂයෙදි පමණය. රෝමයේ ඉතා ඉපැරණි මෙන්ම විශිෂ්ට වු නිර්මාණයන් පුරාවිද්‍යාව පිළිබඳ ලිපි හුවමාරු ආයතනයේ Eduard Gerhard සහ ඔහුගේ කණ්ඩායම මගින් 1829 දි සොයාගන්න ලදි. පුරාවිද්‍යාවේ ක්‍රමවේද කලාකාමී සහ වෘත්තිමය යන දෙආකරයෙන්ම දියුණු වෙමින් පවතියි. මෙම ක්‍රියාවලිය Mortimer Wheeler වැනි පුද්ගලයන් ඉහළ සංයමයකින් යුතුව කරන ලද විශිෂ්ට ගවේෂන නිසා 20 වැනි ශතවර්ෂයේ සිට නොනවත්වා දියුණු වෙමින් පැවතියේය. පුරාවිද්‍යා දියුණුව කෙරෙහි නාගරික පුරාවිද්‍යාවේ සහ ගලවාගැනිමේ පුරාවිද්‍යාවේ දියුණුව ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් ලබා දෙයි. ප්‍රාග් තාරක විද්‍යාව යනු පුරාවිද්‍යාව නොවන අතර එය වැඩිදුර අධ්‍යයනයේදී අතීත ගැමි සංස්කෘතියට සම්බන්ධව පවතින බවට සාධක ඇත. අරමුණු පුරා විද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මානුෂික සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මානුෂික හැසිරීම හා පරිසර විද්‍යාව අධ්‍යයනය කිරීම ඇතුළත් වේ. පුරා විද්‍යාඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්‍රම සමඟ හා පුරා විද්‍යාඥයින් අතීතයේ අසනු ලබන පර්යේෂන වල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්‍රදේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්‍යාත්මක ක්‍රියාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්‍රභව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්‍යාවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්‍ය, මානව විද්‍යාව, භූගෝල විද්‍යාව, භූ විද්‍යාව,භෞතික විද්‍යාව, තොරතුරු විද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්‍යානය, පුරා පරිසර විද්‍යාව, පුරා සත්ව විද්‍යාව, පුරා මානව උද්භිද විද්‍යාව හා පුරා උද්භිද විද්‍යාව සමඟ සම්බන්ධ වේ. සිද්ධාන්ත පුරා විද්‍යාවේ එක් තනි සිද්ධාන්තයක් නොමැත. එමෙන්ම අර්ථ දැක්වීම් ද මත භේදයට තුඩු දෙන 20වන සියවසේ මැද භාගය තෙක් පුරා විද්‍යාව ඉතිහාසයට හා මානව විද්‍යාවට සමීපව සම්බන්ධ බවට පොදු සම්මුතියක් පැවතුණි. එක්සත් ජනපදයේ පුරා විද්‍යාත්මක සිද්ධාන්තයේ ඉතිහාසය ප්‍රථම ප්‍රධාන කලාපය 19 වන සියවසේ පසුභාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දී දියුණු විය. එය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ සංස්කෘතිකමය හෝ සංස්කෘතික ඉතිහාසය ලෙසය. එය එහි ඓතිහාසික සුවිශේෂීතාවය පිළිබඳ වූ මතුකර දැක්වීම සඳහා වඩාත් සුප්‍රසිද්ධ වේ. 1920 දශකයේ දී ඇමරිකානු නිරිත දිග සංස්කෘතිකමය ඓතිහාසික පුරා විද්‍යාව ඍජු පුරා විද්‍යාත්මක ප්‍රවේශය සමඟ තදින් බැඳී තිබුණි. මෙම ප්‍රවේශය, ඇමරිකානු නිරිත දිග ප්‍රදේශයේ ඇමරිකානු වයඹ දිග වෙරළේ, මෙසෝ ඇමරිකාවේ ඇන්ඩීෂ්, ඕෂිනියා, සයිබීරියාව හා ජීවී ආවේනික ජනගහන හා පැරණි කණ්ඩායමේ පුරා විද්‍යාත්මක අවශේෂ අතර අඛණ්ඩතාවය දක්නට ඇති ලෝකයේ අනිකුත් ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඍජු ඓතිහාසික ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේ දී නූතන මිනිසුන් හා පුරා විද්‍යාත්මක අතීතය අතර සම්බන්ධතාවය එක්තැන් කිරීම සඳහා මානව පුරා විද්‍යාත්මක හා මුල් ඓතිහාසික වාර්තා වැදගත් භූමිකාවක් රඟ දක්වනු ලැබේ. සාහිත්‍යමය ප්‍රබව අනිකුත් සන්දර්භවල දී ද භාවිතා කළ හැක. උදාහරණ ලෙස හැඩ්‍රියන්ගේ ලිඳ දැක්විය හැක. 1960 දශකයේ දී මූලිකව ඇමරිකානු පුරා විද්‍යාඥයන් කිහිප දෙනෙක් (ලෙවිස් බින්ෆ්‍රෝඩ් හා කෙවින් ෆ්ලැනරි වැනි) සංස්කෘතිකමය ඉතිහාසයේ නාම මාලාවට එරෙහිව කැරලි ගැසේ. ඔවුන් විසින් නව පුරා විද්‍යාව යෝජනා කළ අතර එය වඩා විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වන අතරම කල්පිත පරීක්ෂා කිරීම හා විද්‍යාත්මක ක්‍රම සමඟ වඩාත් වැදගත් විය. පසුව එය සැකසුම් පුරා විද්‍යාව ලෙස හැඳින්වේ. 1980 දශ‍කයේ දී බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයන් වූ මිචෙල් ෂෑන්ක්ස්, ක්‍රිස්ටෝපර් ටිලී, ඩැනියෙල් මී හා ඉයන් හොඩර් විසින් මෙහෙය වූ නව පසු නූතනවාදී ව්‍යාපාරයක් මතු විය. එමඟින් සැකසීම් විද්‍යාවේ විද්‍යාත්මක ධනාත්මකතාවයට හා අසාධාරණාත්වයට ඇති ආකර්ශනය ගැටළුවට බඳුන් කළ අතර වඩා ස්වශාස්ත්‍රීය සෛද්ධාන්තික පරාවර්තතාවක වැදගත්කම මතුකර දැක්වීය. මෙම ප්‍රවේශය පසු සැකසුම් පුරා විද්‍යාව ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ නමුත් මෙම ප්‍රවේශය සැකසුම්කරුවන් විසින් විද්‍යාත්මක උමතුව අඩු යැයි පවසමින් විවේචනයට ලක් කරන ලදී. සැකසුම්වාදය හා පසු සැකසුම්වාදයේ වලංගු බව පිළිබඳ තවදුරටත් විවාදයට බඳුන් වී තිබේ. ‍ඓතිහාසික සැකසුම්වාදය මතු වෙමින් පවතින නාම මාලාවක් වන අතර එමඟින් ක්‍රියාවලි හා පසු සැකසුම් පුරා විද්‍යාවේ පරාවර්තීතාව හා ඉතිහාසය පිළිබඳ මතු කර දැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. පුරා විද්‍යාත්මක සිද්ධාන්ත වර්තමානයේ දී බලපෑම් ගණනාවකින් කරලියට පැමිණේ. එයට නව ඩාවීනියානු පරිණාමනීය සිතුවිල්ල, සංසිද්ධිමය විද්‍යාව, පසු නූතන වාදය, ඒජන්සි සිද්ධාන්තය ඥානාත්මක විද්‍යාව, කාර්යබද්ධ වාදය, ලිංගිකත්වය මත පදනම් වූ හා එබඳු මත දරන පුරා විද්‍යාව හා පද්ධති සිද්ධාන්තය ඇතුළත් වේ. Academic sub-disciplines සංස්කෘතික සම්පත් කලමනාකරණය ක්‍රේෂ්ත්‍ර පිලිවෙත් මිනුම(Survey) පුරාවිද්‍යා කැණීම භූමිය නොපුරුදු අයගේ බලප්‍රදේශයක්ව පවතිද්දී පවා පුරාවිද්‍යාත්මක කැණීම් පැවතිණි. බොහෝ ව්‍යාපෘති වලින් අනාවරණය කරගත් බහුතරයක් තොරතුරුවල ප්‍රභව ඉතිරිව ඇත. භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනය සහ ත්‍රිමාණ නිර්මාණ ආදී සමීක්ෂණ වලට සාමාන්‍යයෙන් පිවිසිය නොහැකිය. එබැවින් නොයෙක් වර්ගයේ තොරතුරු අනාවරණය කරගැනීමට ඊට පුළුවන. නවීන කැණීම් ශිල්ප ක්‍රම වලට ලැබෙන සම්භවය වාර්තා කරගැනීමට සියුම් ලෙස ලක්ෂණ සහ වස්තු පිහිටි ස්ථාන අවශ්‍යය වේ. මෙමඟින් තිරස් පිහිටීම මෙන්ම සිරස් පිහිටීමද තීරණය කිරීමට හැකියාව ලැබේ.අවට තිබෙන වස්තූන් සහ ලක්ෂණ සමඟ ඒවායේ පවතින සම්බන්ධතාද පසුව කරන විග්‍රහ සඳහා වාර්තා කර ගනු ලැබේ. මෙමඟින් පුරාවිද්‍යාඥයාට කුමන මානව කෘති හා ඒවා පැවතියේද යන්න ආදිය පිළිබඳව නිගමනය කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස භූමිය කැණීමේදී එහි භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනයට ඉඩ ලැබේ. භූමිය විවිධ සංස්කෘතීන්ට අයත් මානව කොටස්වලට වාස භූමිව වීනම් බොහෝ පැරණි කාලයේ සිට පැවත එන මානව සංස්කෘතින්ගේ මානව කෘති මත මෑත කාලයේ සංස්කෘතීන්ගෙන් පැවත එන මානව කෘති ද පවතියි. පුරාවිද්‍යා පර්යේෂණ වලදී වඩාත්ම වියදම් සහිත අවස්ථාව කැණීම් අවස්ථාවයි. ප්‍රතිඵලයක් ලෙස සමහර භූමි කැණීම් කරන ප්‍රතිශතය රඳාපවතින්නේ එම රට අනුවයි. බොහෝ විට එය 90% කි. කැණීම් වලදී සමීක්ෂණයට වඩා සාම්පල් ලබාගැනීම වඩා වැදගත් වේ. මෙම කැණීම් ක්‍රියාවලිය වඩා පරිස්සමෙන් කළ යුතු උවත් විශේෂයෙන් මතුපිට පස ඉවත් කිරීමේදී විශාල යාන්ත්‍රික උපකරණ (බැකෝ යන්ත්‍ර ) භාවිතා කරයි. සියලුම ලක්ෂණ පැහැදිලිව පෙනේද යන්න නිශ්චය කර ගැනීම උදෙසා මෙම ප්‍රදේශය උදලු සහ මේසන් හැඳි භාවිතයෙන් පිරිසිදු කරයි. ඊලඟ කාර්යය භූමි සැලැස්මක් නිර්මාණය කිරීමයි. එය කැණීම් කටයුතු වලදී තීරණ ගැනීම සඳහා භාවිතා කෙරේ. වාර්තා ගැනීම සඳහා විවිධ කොටස් වෙන වෙනම ස්වභාවික යටිපස තෙක් කැණීම් වලට භාජනය කරයි. උදාහරණයක් ලෙස අගලක් කොටස් 2 කින් යුක්ත වේ. එය පිරවුම හා විවරය ලෙස වේ. විවරය යනු ස්වභාවික පස හමුවන ලක්ෂණ සහිත මායිම වේ. පිරවුම යනු ස්වභාවික පසට වඩා සම්පූර්ණයෙන් වෙනස් ලක්ෂණ සහිත කොටසයි. පරිමාණයට අඳින ලද සැලැස්ම හා භූමියේ එක් එක් ලක්ෂණ වල ඒකක අඳිනු ලැබේ. ඒවායේ ඡායාරූප ලබාගෙන (කලු, සුදු හා වර්ණ )අන්තර්ගතය වාර්තා කරනු ලැබේ. දැනට විනාශ වී ගිය පුරා වස්තූන්ගේ වාර්තා , ඒවායේ තොරතුරු සපයා දෙන අතර ඒවා භූමිය පිළිබඳව විස්තර කිරීමට හා තේරුම් ගැනීමටද යොදාගනී. කැපුම යනු පුරා විද්‍යාවේදි හා පුරා විද්‍යාත්මක භූ ස්ථර අධ්‍යයනයේදි කැපුමක් යනු අගලක් හෝ වළක් වැනි යම් අංගයක් නිර්මාණය කිරීම සදහා අනෙකුත් පුරා විද්‍යාත්මක අවශේෂ ඉවත් කර ඇති, කාලයේ යම් කිසි මොහොතක් නිරූපණය කරන සන්දර්භයකි. ලයිමානු වදන් වලින් කැපුමක් යන්න අතීතයේදී හාරන ලද සිදුරක් ලෙස සිතිය හැකි නමුත් කැපුමක් යන්න සිරස් ලෝප කරණ වැනි පුරා විද්‍යාත්මක වාර්තා වල අනෙක් කොටස් වලට ද යෙදෙයි. කැපුම් සන්දර්භයක් යන්න සමහරක් විට ධන සන්දර්භයකට ප්‍රතිවිරුද්ධව සෘණ සන්දර්භ ලෙස ද පරිශීලනය වෙයි. එම වදන මගින් කියා සිටින්නේ එය නිර්මාණය වු කාලයේදී කැපුම මගින් පුරා විද්‍යාත්මක වාර්තාවෙන් ද්‍රව්‍ය ඉවත් කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධව ධන සන්දර්භයන්ගෙන් කියවෙන්නේ පුරා විද්‍යාත්මක වාර්තාවට ද්‍රව්‍ය එකතු කිරීමකි. කැපුමකට ශූන්‍ය ඝනකමක් හිමි අතර ද්‍රව්‍යමය ගුණ නොමැති වෙයි. එය අර්ථ දක්වනු ලබන්නේ අනෙකුත් සිමා මගිනි. වාර්තා තුළ කැපුම් දකිනු ලබන්නේ එමගින් කැපුණු ද්‍රව්‍ය හා එය නැවත පුරවන ලද ද්‍රව්‍ය අතර ගුණ වල පවත්නා වෙනස මගිනි. මෙම වෙනස වැඩ බිමේ සිටින පුරා විද්‍යාඥයින් විසින් සීමාවක් ලෙස දකිනු ලබයි. මෙය ඉහත රූපයේ දැක්වෙන අතර එහිදි අර්ධ කොටස් කරණය කර ඇති සැක්සන් වලකින් එහි පසු පිරවුමෙන් බාගයක් ඉවත් කර ඇති අතර එම නිසා අපිට වල හාරන ලද භූමිය හා වල පිරවීම සිදු කරන භූමිය අතර වෙනස සමහරක් විට මෙම වෙනස්කම් පැහැදිලි නොවන අතර එවැනි අවස්ථා වලදී කැපුම් සොයා ගැනීම සදහා පුරා විද්‍යාඥයින්ට තම අත්දැකීම් හා පිරික්සුම් බලය මත රදා පැවතීමට සිදු වනු ඇත. අංගය යනු පුරා විද්‍යාවේදි අංග හා විශේෂයෙන් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ එකක හෝ කිහිපයක එකතුවක් වන අතර වැඩ බිමෙහි භූ ස්ථර පිළිබද විද්‍යාවට සාපේකෂව සිරස් ගති ලක්ෂණ ඇත. අංග වලට උදාහරණ ලෙස වලවල්, තාප්ප හා අඟල් දැක්විය හැකිය. භූවිස්තර විද්‍යාත්මක අනුක්‍රමණයක පවතින ස්ථර, ගැටි හෝ මතුපිට වැනි සාමාන්‍ය තිරස් අවයව අංග ලෙස හදුන්වනු ලැබේ. මතුපිට වලට උදාහරණ ලෙස අංගන, පාරවල් හා මහල් දැක්විය හැකිය. අංග වල ආගන්තුක ගති ලක්ෂණ හෝ ඒහා සම්බන්ධ වු කැපුම් තිබිමේ හැකියාවක් ඇත. ගොඩනැගිල්ලක මතුපිටද අංගයක් ලෙස හැදින්විය හැකි නිසාත් හා නිපදුම් කැපුම්වලින් තොර නිදහස් නැගිසිටුම් ව්‍යුහ අංග විය හැකි නිසාත්, මෙය නිසි අර්ථ දැක්වීම් ආකාරයක් නොවේ. කුණු ගොඩවල් (කුණු කසල තැන්පත් ඔවුන්ගේ අංග ලෙස හදුන්වනු ලැබේ) මෙය අපද්‍රව්‍ය මට්ටම් කරණයට සන්සන්දනාත්මකව සලකා බලනු ලබන අතර එය අදාල වැඩ බිමෙහි සැලකිය යුතු කොටසක් පුරා ව්‍යාප්ත වී ඇත. අංගයක් යන සංකල්පය යම්තාක් දුරකට විකෘතියක් වන අතර එයට හේතුව එය තැනීමේ තරා තිරම මත පදනම්ව වෙනස්වීමට හැකියාවක් ඇති වීමයි. සටහන Sri Lanka Archaeology ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරා විද්‍යාව ඉතිහාසය පුරාවිද්‍යාව
2143
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තානාපති
An ambassador, rarely embassador, is a diplomatic official accredited to a foreign sovereign or government, or to an international organization, to serve as the official representative of his or her own country. Diplomats Role Extraordinary postings Lists of ambassadors Non-diplomatic ambassadorships තවද බලන්න Diplomatic rank Consulate general High Commissioner Nuncio Diplomacy Titles Government occupations
2151
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
තාරකාවේදියා
තාරකාවේදියා හෝ තාරකා විද්‍යාඥයා යනු තාරකාවේදය හෝ තාරකා භෞතිකවේදය පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකි. තවද බලන්න ආධුනික තාරකාවේදය තාරකාවේදී නාමාවලිය දෛවඥයින් ලැයිස්තුව තාරකාවේදීන්
2155
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
සනත් ජයසූරිය
සනත් ටෙරාන් ජයසූරිය (උපත 1969 ජූනි 30, මාතර) ශ්‍රී ලංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කලේය.ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහුද එක්ව සිටී.2013 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රීලංකා කණ්ඩායම ප්‍රථම වරට 2014 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. පෞද්ගලික ජීවිතය ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු ක්‍රීඩකයෙකි. එක්දින තරඟවලදී ලකුණු 13000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුය. ජයසුරිය අධ්‍යාපනය ලද්දේ මාතර සර්වේෂස් විද්‍යාලයෙනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ලද්දේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය. ඒ එවකට සිටි විදුහල්පති ජී.එල්. ගල්ප්පත්ති සහ පුහුණුකරුවූ ලයනල් වනසිංහගේ පුර්ණ උපකාරය ඇතිවය. සනත් ජයසුරිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරන අතර ශ්‍රි ලංකාවේ ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර උදෙසා එක්සත් ජාතීන්ගේ සංවීධාකය මඟින් විශේෂිත ගෞරව තනතුරකින් ද පිදුම් ලැබිය. අන්තර්ජාතික වාර්තා එක් දින තරඟ වලදි වැඩියෙන්ම ලකුණු ලැබූ සිව්වැන්නා ලෙස සම තත්වය - විව් රිචිඩ්සන් සමග ලකුණු 189 එක් දින තරඟ වල වඩාත්ම වේගවත් අර්ධ ශතකය වර්තමානයේ දරයි. පන්දු 17 කදි. ජාත්‍යන්තර එක් දින තරඟ වලදි ඉනිමකදි වැඩිම හයේ පහරවල් එල්ල කළ තැනැත්තා ලෙස සහීඩ් අෆ්රිඩි සමග සම වාර්තාව දරයි. ඒ පාකිස්ථානයට එරෙහිව සිංගප්පූරුවේදි (ඉනිමකදි ලකුණු 134 යි පන්දු 65 කදි) එක් දින තරඟ වලදි වැඩිම ලකුණු ගත් දෙවැන්නා ලෙස ලකුණු 12207 (දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ගේ 16361) එක් දින තරඟ ඉතිහාසයේ තරඟවලදි 150 කට වඩා හතර වතාවක් ලකුණු ලබා ගත් එකම පුද්ගලයා. එක් දින තරඟ ඉතිහාසයේ පිට පිට දෙවතාවක් 150 කට වඩා ගත් එකම පුද්ගලයා ලෙස. ජාත්‍යන්තර එක් දින තරඟයකදි වේගවත්ම ලකුණු 150 ගත් පුද්ගලයා ලෙස (පන්දු 95 කදි - එංගලන්තයට එරෙහිව 2006 දී) දැනට වැඩිම ශතක රැස් කළ තෙවැනි පුද්ගලයා ලෙස තැබූ වාර්තාව ශතක 25 වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කිවේය. ඒ පන්දු 47 කදි (මෙම වාර්තාව ශ්‍රි ලංකාවට එරෙහිව තරඟයකදි සහීඩ් අෆ්රිඩි බිඳ දැමුවේය. ඒ පන්දු වාර 37 කදිය) එක් දින තරඟයකදි වැඩිම 6 ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස වාර්තාව දරයි. දැනට 6 ලකුණු ලබා ගත් වාර සංඛ්‍යාව 249 කි. එක් දින තරඟ වලදි එක් ඕවරයකට ලකුණු 30 කට වඩා ලබා ගත් ක්‍රීඩකයා ලෙස මෙම අවස්ථාව ඔහු දෙවරකදි ලබා ගෙන ඇත.ඒ පාකිස්ථානයට එරෙහිව සහ නවසීලන්තයට එරෙහිවයි. පසුව දකුණු අප්‍රිකාවේ හර්ෆල් ගිබ්සන් විසින් ඕවරයකදි හයේ පහර 6 ක් එල්ල කොට මෙම වාර්තාව බිඳ දැමීය. ඒ නෙදර්ලන්තයට එරෙහිව (Daan van bung) හීදි. එක් දින තරඟ වලදි වැඩිම වාර ගණනක් තරඟයේ වීරයා වූ දෙවැනියා ලෙස. වාර 45 යි. (පළමු වැන්නා තෙන්ඩුල්කාර් 57) ජාත්‍යන්තර එක් දින තරඟ 400 කට තරඟ කළ පළමු පුද්ගලයා ලෙස. ටෙස්ට් තරඟයකදි එක් ඕවරයකදි හතරේ පහරවල් 6ක් එල්ල කළ තෙවැනි පිතිකරු ලෙස මෙය ඔහුගේ අන්තිම ටෙස්ට් ඉනිමේදි - එංගලන්තයට එරෙහිව. ජාත්‍යන්තර තොරතුරු 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟා වලිය පැවති කාලයේ සනත් ජයසුරිය ඔහුගේ උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල පන්දුවට පහර දීමේ විප්ලවයක් ඇති කළේය. මෙහිදි භාවිතා කළ උපක්‍රමය නම් පළමු පන්දු යවන්නන්ට පිටියේ සෑම අන්තයකටම දිගට හරහට පහර එල්ල කරමින් ඔවුන් දුර්මුඛ කිරිමය. මෙය අලුත් ක්‍රමයක් වුවද ඒ කාලයේ දී තරඟ දිනවිය හැකි උපායක් විය. ඉතා ඉක්මණින්ම මෙම ක්‍රමය ලෝක ක්‍රිකට් තරඟ වලදි පළමු පන්දුවට පහර දීමේ නියත ක්‍රමයක් බවට පත් විය. ග්ලෙන් මැක්ග්‍රාත් ජයසූරිය ගැන සඳහන් කරමින් කීවේ. "එය සෑම විටම කෙනෙකුට ගෞරවයක් වෙනවා මෙසේ කීමට හැකි වීම සම්බන්ධයෙන්. ඔවුන් ක්‍රීඩාවේ ගමන් මග වෙනස් කලා. ඔහුගේ දැවැන්ත ඉනිමයන් 1996 ලෝක කුසලාන තරඟ වලියේ පළමුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ සැමගේ අදහස් වෙනස් කළා" යනුවෙනි. ජයසූරිය ඔහුගේ සූවිශේෂ පහර කවර් පොයින්ට් සමග කට් සහ පුල් පහර ගැන ප්‍රසිද්ධය. ජයසූරිය 1995-96 ඕස්ට්‍රේලියානු සංචාරයේදි එක් දින තරඟ සඳහා පහර දෙන්නන්ගේ අනු පිළිවෙලේ මුල් පෙළ පහර දෙන්නෙකු ලෙස ඉදිරියට පැමිණ රොමේෂ් කලුවිතාරණ සමග මුල් ඕවර වලදි නිදහසේ ලකුණු රැස් කිරීමේ ක්‍රමය ප්‍රයෝජනයට ගත්තේය. 1996 ලෝක කුසලානය තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දීමට ඔහුගේ දායකත්වය ඉතා තීරණාත්මක විය. සෑම ඉරියව්වකින්ම ලැබුණු දායකත්වය හේතුවෙන් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමටද  ඔහු සමත් වූයේය. පන්දුවට පහර දීම ගැන ඔහුගේ දර්ශනය ඔහුගේ ආක්‍රමණකාරී ආරම්භයෙන් කැටි කොට දක්වයි. ඔහු ගතවූ අවුරුදු ගණන පුරාම පන්දු යවන්නන්ගේ සංයෝගයන්ට මුහුන දී ඔවුන් අභිබවා සිටියේය. ගිල්ක්‍රිස්ට් සහ අෆ්රිඩි වැනි වෙනත් පිතිකරුවන් ගේද සමාන කම් දක්නට ලැබෙන නමුදු ලෝකයේ සිටින භයානකම පිතිකරුවා ලෙස හැඳින්වෙන්නේ ජයසූරියයි. ඔහු ජාත්‍යන්තර එක් දින තරඟ වලදී වැඩිම ශතක ලබා ගත් තැනැත්තන් අතර දෙවැන්නා මෙන්ම 150 කට වැඩියෙන් ලබා ගත් තැනැත්තාද වෙයි. ඔහුගේ අති විශිෂ්ඨ සහභාගිත්වය නිසා ශ්‍රී ලංකාව සහභාගී වූ තරඟ වලින් 80% ක්ම වාගේ ජයග්‍රහණය කර ඇත. ඒ හැම තරඟයකදීම ඔහු ලකුණු 50 කට වඩා රැස් කර ඇත. මෙසේ වීමට හේතු වූයේ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු රැස් කිරීම සහ විරුද්ධ පන්දු යවන්නන්ට එල්ල කළ මානසික පීඩනයයි. 1997 වර්ෂයේ විස්ඩන් වර්ග කිරීම අනුව ඔහු එම වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර 1999 සිට 2003 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රියා කළේය. ඔහු ඉතා ප්‍රයෝජනවත්, සෑම අංශයකින්ම දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ටෙස්ට් හා එක් දින තරඟ වල පන්දුවට පහර දීමේ හොඳ සාමාන්‍යයක් පවත්වාගෙන ගිය ක්‍රීඩකයෙකු විය. එමෙන්ම එක් දින තරඟ වලදී පන්දුවට පහර දීමේදී විශිෂ්ඨ ලකුණු ලබා ගැනීමේ අනුපාතයක්ද පවත්වා ගෙන ගියේය. වමත් දඟ පන්දු යවන්නෙකු වූ හෙතෙම පන්දු යැවීමේ සාමාන්‍යය සැළකිය යුතු සහ වාසිදායක මට්ටමක පවත්වා ගෙන ගියේය. මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් වෙත පැවරී ඇති වගකීම් වලින් ඔවුන් යම් තරමකට මුදවා ගත්තේය. 2007 අගෝස්තු වලදී ඔහු තමන්ගේ අන්තර්ජාතික 400 වැනි විකට්ටුව ලබා ගත්තේය. ජයසූරිය ඉතා දක්ෂ පන්දු රකින්නෙකි. 2005 වර්ෂයේ අග භාගයේ ක්‍රික්ඉන්ෆො (Cricinfo) ආයතනය මගින් සකස් කරන ලද වාර්තාවක, ඔහු ගැන සඳහන් වන්නේ 1999 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව, දුවද්දී දැවීමකට හසු කර ගත් ක්‍රීඩකයන් සම්බන්ධ එක් දින තරඟ වාර්තාවේ හත්වෙනි ස්ථානයද, සාර්ථකත්වය අතින් එකොළොස් වෙනි සාර්ථක අනුපාත තත්වය ඔහු විසින්ලබා ගෙන ඇති බවයි. (11th highest success rate). ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුනු සංඛ්‍යාවේ හිමිකරු වූයේද සනත් ජයසූරියයි. ඒ ඉන්දියාව සමග 1997 දී පවත්වන ලද තරඟයකදී ලකුණු 340 ක් ලබා ගැනීමෙනි. මෙම උත්සාහයේදී ඔහුගේ සහාය පිතිකරු වූයේ රොෂාන් මහානාමයි. දෙදෙනාගේ ලකුනු සම්බන්ධතාවය 576 ක් වූ අතර එය ඒ වන විට ටෙස්ට් තරඟයකදී දෙවන විකට්ටුව සඳහා වාර්තා කර තිබූ ‍හොඳම සම්බන්ධතාවය විය. මෙම වාර්තා දෙකම පසුව බිඳ හෙළන ලද්දේ ශ්‍රී ලංකාවේම ක්‍රීඩක මහේල ජයවර්ධන විසිනි. ඒ 2006 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කරන ලද තරඟයේදීය. එහිදි මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර එක් වී ලකුණු 624 ක් වාර්තා කළ අතර මහේල ජයවර්ධනගේ ලකුණු සංඛ්‍යාව 374 ක් විය. ඔහු ජාත්‍යන්තර එක් දින තරඟයකදි වැඩිම ලකුණු ලබා ගත් දෙවැන්නා ලෙස විව් රිචඩ් සමග සම වාර්තාවට හිමිකම් කියයි. 2007 පෙබරවාරී වන විට වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 4 වැන්නා ලෙසත් ඉහළම නම දෙනාගෙන් හත් වැනියා ලෙසත් වූ වාර්තාව දරා සිටියේය. දැනට වේගවත්ම අර්ධ ශතකය වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුය. පන්දු 17 කදි ඔහු එම අර්ධ ශතකය ලබා ගත්තේය. පාකිස්ථානයේ සහීඩ් අෆ්රිඩි වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාවට හිමිකම ලබන තෙක් පන්දු වාර 48 කදි වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාව ඔහු සතුව තිබුනේය. ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදි වැඩිම හයේ පහරවල් එල්ල කළ පුද්ගලයා ලෙස වාර්තාවට හිමිකම් කියන අතර එම වාර ගණන 241 කි. එමෙන්ම ODI තරඟ වලදි ලකුණු 10000 ඉක්මවූ අයගෙන් 4 වැනි ක්‍රීඩකයායි. 2005 සැප්තැම්බර් 20 දින බංග්ලාදේශය සමග පැවැත්වූ දෙවැනි ටෙස්ට් තරඟයේදී ටෙස්ට් තරඟ 100 කට සහභාගී වූ පළමු ලාංකික ක්‍රීඩකයා වීමේ අවස්ථාව ලබා ගත්තේය. ඒ අනුව එම අවස්ථාව ලබා ගත් 33 වෙනි ක්‍රීඩකයාද ඔහු විය. එක් ඕවරයකදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාවද සතුව තිබුනේ ඔහුටය. ඒ ඕවරයකදි 30 ක් වශයෙනි. ඔහු මෙම තත්වය අවස්ථා දෙකකදී ලබා ඇත. පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම වාර්තාවට හිමිකම් කීවේය. ඒ ඕවරයකට ලකුණූ 36 ක් ලබා ගැනීමෙනි. 2006 අප්‍රේල් මාසයේදි පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහස ගැන ඔහු ප්‍රකාශ කළේය. එහෙත් 2006 මැයි මාසයේ එංගලන්තය සමග පැවැත්වූ තරඟ වලට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් ඔහු එම අදහස ඉවත් කර ගෙන තිබුනි. ඔහුට පළමු ටෙස්ට් තරඟ දෙකට සහභාගී වීමේ අවස්ථාව ගිලි හී ගිය අතර ට්‍රෙන්ට් බ්‍රිජ් හීදී තුන් වැනි තරඟයට සහභාගී වූයේය. ඔහුගේ ටෙස්ට් තරඟ වැදීම එතරම් සාර්ථක නොවුනු නමුදු නැට්වෙස්ට් තරඟාවලියේදී ශතක දෙකක් රැස් කළේය. මෙයට අවසාන තරඟයේදී පන්දු 99 කට ලකුණු 152 ක් රැස් කිරීමද ඇතුලත් විය. මෙම ඉනිම් වලදි ඔහු සහ උපුල් තරංග (109) පළමු විකට්ටුව සඳහා ලකුණු 286 ක් ලබා ගත් අතර එය එක් දින තරඟ වල නව වාර්තාවක් විය. මෙම තරඟාවලියේදී ජයසූරිය විසින් ප්‍රදර්ශනය කරන ලද පිති හරඹය නිසා ඔහුට තරඟාවලියේ වීරයා විරුදාවලිය හිමි වූ අතර ශ්‍රී ලංකාවට 5 - 0 ලෙස ජය අත් විය. නැට් වෙස්ට් කුසලාන තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකාව එක් දින තරඟ දෙකක් සඳහා ඕලන්දයට ගියේය. පළමු තරඟයේදී ජයසූරිය පන්දු 104 කට මුහුන දී ලකුණු 157 ක් රැස් කළේය. මෙහිදි ශ්‍රී ලංකාව සීමිත ඕවර ක්‍රිකට් තරඟයකදි ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව වූ (443/9) ක් ලබා ගත්තේ ඒ වන විට 2006 මාර්තුවේදී ඕස්ට්‍රේලියාව ට එරෙහිව දකුණු අප්‍රීකාව ලබා ගත් 439/9 ලකුණු සංඛ්‍යාව අභිබවා යමිනි. ශ්‍රී ලංකාව ලකුණු 195 කින් තරඟය දිනුවේය. ODI තරඟයකදි 150 කට වඩා පෞද්ගලික ලකුණු ලබා ගත් 4 වැනි අවස්ථාව මෙය වූ අතර මේ වන විට එම තත්වයේ පසු වන එකම ක්‍රීඩකයා ජයසූරියයි. මෙය පිට පිට දෙවැනි වතාවටත් 150 ට වඩා ලකුණු ලබා ගත් අවස්ථාවක් වූ අතර එය තවත් එක් දින තරඟ වලදී පළමු ස්ථානය විය. බටහිර ඉන්දීය කොදෙව් හීදී පවත්වන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදි ඔහු ශතක 2 ක්ද අර්ධ ශතක10 ක්ද වාර්තා කළේය. 2007 අයි සි සි (ICC)විස්සයි 20 තරඟ වලියේ ජයසූරිය ඔහුගේ සාම්ප්‍රදායික කොකබුරා පිත්ත වෙනුවට රිබොක් අනුග්‍රාහකත්වය සැපයු සාමාන්‍ය රීබොක් පිත්තක් පාවිච්චි කළේය. ඔහු මෙම තරඟාවලියේදි කණ්ඩායමේ අනිත් තරඟකරුවන් වූ නවසීලන්තය සහ කෙන්යාවට එරෙහිව අර්ධ ශතක දෙකක් ලබා ගත්තේය. ඔහු විස්සයි 20 ජාත්‍යන්තර තරඟයකදි ඕවර 4 කදි ලකුණු 64 ක් රැස් කළේය. විස්සයි 20 ලොක කුසලාන තරඟාවලියෙන් පසු ජයසූරිය එංගලන්තයට එරෙහි එක් දින (3-2) පරාජිත තරඟ මාලාවටද, ඕස්ට්‍රේලියා‍ෙව්දී පවත්වන ලද පරාජිත ටෙස්ට් තරඟ මාලාවටද (2-0) සහභාගි විය. එංගලන්තයට එරෙහිව මහනුවරදි පැවති පළමු ටෙස්ට් තරඟයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමෙන් පසු තුන් වැනි දිනයේ තමන් මෙම තරඟය අවසානයේ ටෙස්ට් තරඟ වලින් විශ්‍රාම ගන්නා බවත් එහෙත් ජාත්‍යන්තර එක් දින තරඟ සඳහා දිගටම ක්‍රීඩා කරන බවත් ජයසූරිය ප්‍රකාශ කළේය. ඔහුගේ අන්තිම ටෙස්ට් තරඟයේදී ලකුණු 78 ක් ලබා ගත් අතර එක් ඕවරයකදි හයේ පහර හතරක් එල්ල කළේය. ඒ ජේම්ස් ඇන්ඩසන්ගේ ඕවරයකදීය. 2007 දෙසැම්බරයේදි ජයසූරිය 2008 විස්සයි20 (Twenty 20)තරඟ සඳහා වොර්වික්ෂයර් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කල බව ස්ථිරව ප්‍රකාශ කළේය. අඩවියෙන් බැහැර පිටු Cricinfo Player Profile : සනත් ජයසූරිය 1969 උපත් ජීවමාන ජනයා ශ්‍රී ලාංකීය එ.දි.ජා ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකීය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ සිංහල ජනයා
2158
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
මුත්තයියා මුරලිදරන්
මුත්තයියාගේ ක්‍රීඩා විලාශය පිළිබඳව වාචිකව විවේචන එල්ල කල දෙදෙනා වූයේ පෙරදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වූ ඕස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් සහ පෙරදී ඉන්දීය නායක බිෂං බේඩි වෙති. කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”. 2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු දමා ගසනවා කියා.... මම එසේ කියන්නේ ඔහු ක්‍රීඩාවේ නීති කියවන්නේ නම් කිසි සැකයක් නෑ මගේ හිතේ ඔහු සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ක්‍රීකට් ඉතිහාසයේ පුරා දමා ගසනවා කර තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් කර ඇත. 1996 සහ 1999 වර්ෂ දෙකේදිම ICC ය විසින් මුරලිදරන්ගේ ඉරියව් නිවැරදි බව ප්‍රකාශ කර තිබියදි ඒ බව නොසලකා ඉහත සඳහන් ප්‍රකාශයන් කරන ලද්දේ ‘දුස්රා’ පන්දුව පිළිබඳ විවාදාත්මක සිද්ධි වලට පෙරදීය. මෙවැනි ප්‍රකාශයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝණය කරන ලදැයි එම මණ්ඩලය ග්‍රිල්ක්‍රිස්ට් ට තර්ජනය කර ඔහු එවැනි අනර්ථකාරි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවෙකු කළේය. 2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන් දමා ගසන්නෙක් බව කීවේය. ක්‍රෝ ගේ මෙම ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් ICC යේ සාමාන්‍යාධිකාරී වූ ඩේවිඩ් රිචඩ්සන්, මහාචාර්ය බෲස් එලියට් ආචාර්ය පෝල් හැරිසන් සහ මාක් පෝර්ටුස්විත් යනාදින්ගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. “නරක අන්දමින් පන්දු යවන්නන් ලෙස නොදැක්වෙන ඇතැම් ක්‍රීඩකයින් පන්දු යැවීමේදි වැරදි ලෙස පෙනී යන ඉරියව් ප්‍රදර්ශනය කරන බවත්, ස්ථිර වශයෙන් නැමුනු වැල මිට සහිතව පන්දු යවන බවත්, නීතියේ දැඩි අර්ථකතනයන් යටතේ ඔවුන් නීති කඩන්නන් ලෙස පෙනෙන්නේය. එහෙත් එසේ බැලුවොත් නිවැරදිව පන්දු යවන එකද ක්‍රීඩකයෙකු ඉතිරි වන්නේ නැත”. ඉහත ප්‍රකාශය ඩේවිඩ් රිචඩ්සන් විසින් ඉදිරිපත් කළේය. ළමා කාලය - ජීවන තොරතුරු මුත්තයියා මුරලිදරන් ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකි. ඔහුගේ පිය පාර්ශවයේ මුත්තා වූ පෙරියසාමි සින්නසාමි 1920 දී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මධ්‍ය කඳුකරයේ තේ වතු වල වැඩ කිරීම පිණිසයි. ඔහු පසුව ඔහුගේ දූවරුන් සමග ඉන්දියාවේ තිරුචිරපල්ලි හි පදිංචි වීම සඳහා එහි ගිය නමුත් මුරලිදරන්ගේ පියාද ඇතුලත් ඔහුගේ පුත්තු ශ්‍රී ලංකාවේ නතර වූහ. මුරලිදරන් මහනුවර අසල, කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව උපත ලත් අතර, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහු විය. මුත්තයියාගේ පියා වූ සින්නසාමි මුත්තයියා සාර්ථක විස්කෝතු නිෂ්පාදන ව්‍යපාරයක් පවත්වාගෙන යන්නේය. ඔහුගේ වයස අවුරුදු 9 ක් වන විට ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට (සෙන්ට් ඇන්තනී කෝලේච් ) යවනු ලැබුවේය. මෙම පාසල පෞද්ගලික එකක් වූ අතර බෙනඩික් පූජකවරු විසින් පාලනය කරන ලද්දේය. ඔහු තම ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මද වේග පන්දු යවන්නෙකු වශයෙනි. එහෙත් පසුව ඔහුගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු ගේ උපදෙස් මත වයස දාහතරේදි පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම ඇරඹුවේය. එම දින වල ඔහු තුන්ඉරියව්වේම ක්‍රීඩා කරන්නෙකු ලෙස ක්‍රීඩා කළ අතර මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන්නේය. සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය. පාසැලෙන් නික්මුණු පසු ඔහු ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ ඇත්ලටික් ක්‍රීඩා සමාජයට බැඳුනේය. 1991 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමට තෝරා ගනු ලැබ එංගලන්ත චාරිකාවකට සහභාගි වූයේය. ඔහු තරඟ පහකට ක්‍රීඩා කළ නමුත් එක විකට්ටුවක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ඇලන් බෝර්ඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පුහුණු තරඟයට යෙදවු අතර ඉන් පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඔහුගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගි විය. ඒ දෙවැනි ටෙස්ට් තරඟය සඳහාය. ඔහුගේ මුත්තායියා අවුරුදු 104 ක් ආයු වළඳා 2004 වර්ෂයේ ඉන්දියාවේදී මිය ගියේය. ඔහුගේ අවසාන කටයුතු වලට සහභාගි වූ මුරලිදරන් පෙරළා ලංකාවට පැමිණියේය. ඔහුගේ සීයා වූ පෙරියසාමි සින්නසාමි තම මුනුබුරා වැඩිම ටෙස්ට් විකට් සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා යන ලෝක වාර්තාව ලබනු දැකීමේ ආශාවෙන් පසු විය. එම වරම ඔහුට හිමි වූ නමුදු මුනුබුරා විවාහ වනු දැකීමට මුත්තා ජීවත් නොවීය. මුරලිදරන්ගේ කළමණාකාර වූ කුෂිල් ගුණසේකර “මුරලිගේ පවුල හොඳින් සැකසුනු එකමුතු කමෙන් යුක්ත පවුලකි” යයි කීවේය. ඔවුහු පරම්පරාගත වටිනාකම් සහ සාරධර්ම වලට ගරු කළහ. මිය ගිය මුත්තා මුරලි සමග මනා සබඳතාවයක් පැවැත්වීය. මුරලිදරන් 2005 මාර්තු 21 වෙනි දින ඉන්දියානු ජාතික මදිමලර් රාමමුර්ති සමග විවාහ වූයේය. ඇය මලර් ආරෝග්‍යශාලාවේ වෛද්‍ය S.රාමමුර්තිගේ දියණියයි. ඔහුගේ බිරිඳ වෛද්‍ය නිත්‍යා රාම මුර්ති වූවාය. ඔවුන්ගේ පළමු දරුවා නරේන් උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදිය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ - ශ්‍රී ලංකා 1972 උපත්
2159
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
මාවන් අතපත්තු
දේශබන්දු මාවන් සැම්සන් අතපත්තු (උපත 1970 නොවැම්බර් 22) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 17ක් ක්‍රීඩා කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ යුගයේ තාක්‍ෂණිකව දක්ෂතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ද්විත්ව ශතක හයක් ලබාගෙන ඇති අතර, ඔහුගේ පළමු ඉනිම හයේ දී ලකුණු නොලබා දැවීයාම් පහක් වාර්තා විය. ඔහු කැනඩාවේ සහ සිංගප්පූරු ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 2014 අප්‍රේල් සිට 2015 සැප්තැම්බර් දක්වා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විය. පාසල් අවධිය මාවන් අතපත්තු සිය ක්‍රිකට් දිවිය නව යොවුන් වියේදී ආරම්භ කළේ ගාල්ල මහින්ද විද්‍යාලය න් වන අතර එහිදී මේජර් ජී ඩබ්ලිව් එස් ද සිල්වා ඔහුගේ පළමු ක්‍රිකට් පුහුණුකරු විය. පසුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලය ට ගිය අතර, පසුව ඔහු P. W. පෙරේරා විසින් පුහුණු කරන ලදී. වෘත්තීය දිවිය 1990 නොවැම්බර් මාසයේදී ඔහුගේ 20 වැනි උපන්දිනයෙන් පසුව ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසි අතපත්තු පළමු ඉනිම හයේ දී ලකුණු නොලබා දැවීයාම් 5ක් සහ අනෙක් ඉනිම 1 ලකුණකට සීමාවිය, ඔහු මංගල තරගයේදී ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා විය. ඔහුගේ පළමු තරඟ තුනේ මෙම දුෂ්කර ආරම්භයෙන් පසුව, ඔහු ඔහුගේ ඊළඟ ඉනිම් 11 තුළ ලකුණු 29 ට වඩා ලබා ගත්තේ නැත, ඔහුගේ මංගල ටෙස්ට් තරඟයෙන් වසර හතකට පසුව, ඉන්දියාවට එරෙහිව ඔහුගේ 10 වන තරඟයේදී ඔහුගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගැනීමට පෙර. ඔහුට තනි ටෙස්ට් තරගයකදී ලකුණු නොලබා දැවීයෑම් දෙකක් ඇති අතර, මේ දෙකම ඉහළ පෙළ පිතිකරුවෙකු සඳහා වූ වාර්තාවක් විය. ඔහු සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ඉන්දියාවට එරෙහිව නාග්පූර්හිදී ක්‍රීඩා කළේය. ඔහු 2003 අප්‍රේල් මාසයේදී එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කරන ලදී. ඔහු 2004 දී සිම්බාබ්වේට එරෙහිව ඔහුගේ වැඩිම ටෙස්ට් ලකුණු 249 වාර්තා කළේ කුමාර් සංගක්කාර සමඟ දෙවන කඩුල්ලට ලකුණු 438 ක සම්බන්ධතාවක් බෙදා ගනිමිනි. අතපත්තු 2004 වසරේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෙයාර්න්ස් හිදී ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වූ අවස්ථාවේදී දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළේය. ඔහුගේ තුන්වන ශතකය ඉනිම් පහක් ඇතුලත ගත් අතර, ඔහු ලකුණු 133ක් ලබා ගත්තේය. ඔහු තරග දෙකකින් සමන්විත තරගාවලිය නිමා කළේ ලකුණු 156ක් ලබා ගනිමින් සාමාන්‍ය 39.00ක් ලෙස වන අතර ඔහුගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. අතපත්තු නිවැරැදි පන්දු කඩුල්ලට යොමු කල හැකි දක්ෂ පන්දු රකින්නෙකි. 2005 අගභාගයේදී ESPNcricinfo විසින් සකස් කරන ලද වාර්තාවකින් පෙන්නුම් කළේ 1999 ක්‍රිකට් ලෝක කුසලානයේ සිට, ඔහු ඕනෑම පන්දු රකින ක්‍රීඩකයෙකුගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ හත්වන ඉහළම සාර්ථකත්ව අනුපාතය සමඟින් දෙවැනි වැඩිම දුවද්දී දැවීම් සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. 2007 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහුව ආන්දෝලනාත්මක ලෙස සංචිතයෙන් ඉවත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ශ්‍රී ලංකා ගිවිසුම්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. 2007-08 ඔස්ට්‍රේලියානු සංචාරය අතපත්තුට අහිමි වීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේගේ මැදිහත්වීමෙන් ඔහු කණ්ඩායමට එක් කරන ලදී. අතපත්තු පළමු ටෙස්ට් තරගයේදී දැඩි ලෙස ක්‍රීඩා කළ නමුත් පසුව පශ්චාත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෝපයෙන් තේරීම් කමිටුවට ලේබල් කළේ "මූලික වශයෙන්, විහිළුකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් රූකඩයන් පිරිසක් බවයි" යනුවෙනි. ශ්‍රී ලංකාව තරගමාලාව 2-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව, හොබාර්ට් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය. ඔහු ටෙස්ට් ලකුණු 5,502ක් අවසන් කළේ ටෙස්ට් තරග 90කදී 39.02ක සාමාන්‍යයක් සහිතවය. එක්දින ජාත්‍යන්තර සාමාන්‍ය 37.57ක් සමඟින් තරග 268කදී ලකුණු 8,529ක් ලබාගෙනය. අතපත්තු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ද්විත්ව ශතක හයක් සහ ශතක දහසයක් රැස් කළේය. ඔහු සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට එරෙහිව ශතක රැස් කර ඇත. ශතක Reference <!Categories--> අතපත්තු, මාවන් අතපත්තු, මාවන් අතපත්තු, මාවන් අතපත්තු, මාවන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ - ශ්‍රී ලංකා
2162
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A
බොලිවුඩ්
බොලිවුඩ් (Bollywood) Cinema of India Film industries Hindustani Mumbai culture Portmanteaus Ollywood
2163
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92%20%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A
රෝයි ඩයස්
රෝයි ඩයස් (Roy Dias) මොහු 1979-1987 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ප්‍රබල පිතිකරුවකු වන අතර ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු දහස ලබාගත් පළමු ක්‍රීඩකයා ද රෝයි ඩයස් ය. Reference Cricinfo page 1952 උපත් ජීවමාන ජනයා
2165
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
ඇස්ටරික්ස්
ඇස්ටරික්ස් භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වූ චිත්‍ර කතා මාලාවකි. කතා මාලාව චිත්‍ර කතා පොත් 32කින් සමන්විත වේ. රෙනෙ ගොස්කිනි කතාව ලියූ අතර, ඇල්බ්‍ර්ට් උඩර්සෝ විසින් චිත්‍ර අඳිනු ලැබී ය​. 51 වැනි වියේ දී ගොස්කිනි අභාවයට පත් වූ අතර ඉන් පසු උඩර්සෝ විසින් කතාව ද, චිත්‍ර ද​, සම්පාදනය කරනු ලැබුණි. ඇස්ටරික්ස් කාටූන් චරිතය ලංකාවේ වඩාත් ප්‍රකට වූයේ සූර පප්පා යන නමිනි. ආශ්‍රිත Recurring characters in Asterix List of Asterix films and videogames Roman Gaul, after Julius Caesar's conquest of 58–51 BC that consisted of five provinces. භාහිර සබැඳි නිල ඇස්ටරික්ස් වෙබ් අඩවිය Comics characters Fictional Celts French comics
2167
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%80%E0%B7%93%E0%B6%BB%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ටින්ටින්ගේ වීර ක්‍රියා
ටින්ටින්ගේ වීර ක්‍රියා ( French title "Les Aventures de Tintin et Milou" /English title "The Adventures of Tintin" ) තවද බලන්න ටින්ටින් පොත්, චිත්‍රපට හා මාධ්‍ය අඩවියෙන් බැහැර පිටු ටින් ටින් නිල වෙබ් අඩවිය Adventures of Tintin, The Adventures of Tintin, The Adventures of Tintin, The Adventures of Tintin, The
2171
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%2C%20%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
ටින්ටින් පොත්, චිත්‍රපට හා මාධ්‍ය
ටින්ටින් පොත්, චිත්‍රපට හා මාධ්‍ය This is a list of all books, films, and media produced so far in ටින්ටින්ගේ වීර ක්‍රියා . පොත් පොත වර්ගීකරණය Production අනු පිළිවෙළ Publication අනු පිළිවෙළ U.K. publication අනු පිළිවෙළ ශ්‍රී ලංකීය (සිංහල Edition) publication order http://home.planet.nl/~graaffje/singala.html චිත්‍රපට ගුවන් විදුලිය Series one Series two Specials රූපවාහිනිය Stage shows වීඩියෝ ක්‍රීඩා Reprints and republications වෙනත් පොත් පොත්, චිත්‍රපට හා මාධ්‍ය
2173
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A
සුපර්මෑන්
සුපර්මෑන් (Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්‍රීඩා වල තම ශිල්ප දැත්වීය. අඩවියෙන් බැහැර පි‍ටු නිල වෙබ් අඩවිය ප්‍රබන්ධ චරිත
2175
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%8A
ටොප් කැට්
ටොප් කැට් හැනා-බාබරා සජීවීකරණ කාටූන් කතා මාලාවකි. මෙය පිස්සු පූසා යන නමින් ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනිය විසින් හඬකවා විකාශය කරන ලදි. Fictional cats Animated television series Hanna-Barbera and Cartoon Network Studios series and characters Dell Comics titles Gold Key Comics titles Charlton Comics titles
2178
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%9A%E0%B7%9D%E0%B7%82%E0%B6%BA
ශබ්ද කෝෂය
ප්‍රත්‍යාවේක්ශනය ශබ්ද කෝෂයක් යනු නියත භාෂා එකක හෝ කිහිපයක වචනවල එකතුවකි. බොහෝ විට ඒවා අකාරාදී පිළිවෙලට සකස් කර ඇත. ආශ්‍රිත Dictionaries Technical communication tools
2223
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%20%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
මීර් (Мир, රුසියානු බසින් ලෝකය සහ සාමය යන අරුත් දෙකම ඇත) යනු සෝවියට් සංගමයේ (සහ පසුව රුසියාවේ) අති සාර්ථක අභ්‍යවකාශ මධ්‍යස්ථානයකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය “මීර්” යනු රුසියානු (කලින් සෝවියට්) භාෂාවෙන් “සාමය” හා “ලෝකය” යන තේරුම් දෙකම දෙන්නා වූ වදනකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු රුසියානුවන් විසින් ගුවන්ගත කරනා ලද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයකි. එසේම එය නිරන්තර මනුෂ්‍ය වාසයකින් යුක්ත වූ දිගුකාලීන විද්‍යා පර්යේෂණ සිදුකළ හැකි පහසුකම්වලින් සමන්විත “තුන්වන පරම්පරාවේ” කක්ෂගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙහි ඉදි‍කිරීම් වසර ගණනාවක් පුරාවට සිදු කෙරිණි. එනම් වසර දහයකට දින අටක් පමණක් අඩු වූ කාලයකි. අභ්‍යාවකාශයේ නොනැසී මනුෂ්‍ය වාසයක් පැවතුන දිගම කාලයට හිමි වාර්තාව ද මීර් සතුය. මීර් මධ්‍යස්ථානය සම්බන්ධ නොයෙකුත් හැල හැප්පීම්වලින් අනතුරුව එය ජාත්‍යන්තරව රුසියානු, ඇමරිකානු හා වෙනත් රටවල අභ්‍යවකාශගාමීන්ට පහසුකම් සැපයූ අන්තර්ජාතික මට්ටමේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් බවට පත් වුණි. මින් වැඩිපුරම අවධානයට පාත්‍ර වනුයේ “මීර් - ෂටල” වැඩසටහන යටතේ ඇමරිකානු අභ්‍යාවකාශ ගමන් වාර 11ක් මීර් අරබයා වෙන් කොට තැබීම වෙයි. මධ්‍යස්ථානයට සහ එහි රැදී සිටි අභ්‍යවකාශ ගාමීන්ට අවශ්‍ය දෑ සහ උපකරණ සැපයීම මේ ගමන් වාරවල අරමුණ විය. එසේම , අභ්‍යවකාශගාමීන්ගේ සේවා වාර මාරු කිරීම ද මෙම ගමන් වාරවල ප්‍රධාන අරමුණක් විය. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහළ පෘථිවි කක්ෂ‍යක දී 1986 සිට 1996 දක්වා අතර කාලයේ දී ගුවන්ගත කළ මොඩියුල එකලස් කොට ඉදිකරන ලදී. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය 2001 මාර්තු 23 වන දින අවසන් කරනු ලැබූයේ පෘථිවි වායුගෝලය තුළින් එය වැටීමට සලස්වා දැමීමට ලක්කොට විනාශ කරනු ලැබීමෙනි. එය කොටස්වලට කැඩී දකුණු පැසිපික් සාගර කලාපයට පතිත විණි. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය - වර්ධනය 1976 පෙබරවාරි 17, සැල්යුට් Dos-17k අභ්‍යවකාශ නැවතුම් පොළෙහි වැඩි දියුණු කරන ලද ආකෘතියක් නිර්මාණය වීමට තීරණය විය. මීර් එහි ප්‍රතිඵලයක් මෙන්ම සෝවියට් අභ්‍යාවකාශ පද්ධතියේ තුන්වන පරම්පරාවේ කොටසක් ද වේ. 1971 පටන් සැල්යුට් අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හතරක් දියත් කර ඇත. මීර් සංවර්ධනය කෙරෙන අතරතුර තවත් 3 ක් දියත් කෙරිණි. එය සැලසුම් කෙරුණු අවධියේදී පර්යන්ත පද්ධති දෙකෙහි (DOS-7, DOS-8) නැවතුම්පළ 4 ක් ඉදිරිපත් කිරීමට අදහස් විය. ඒ සැල්යුට් මධ්‍යස්ථානයේ මෙන් දෙකෙළවරෙහි හා මධ්‍යස්ථානය ඉදිරිපස ඇති ගෝලීය තටාකය දෙපස වශයෙනි. 1978 වන විට මෙය පසුපස එක් නැවතුම් පොළක් හා ඉදිරිපස ගෝලීය කොටසෙහි නැවතුම් පොළ 5 ක ආකෘතියක් දක්වා විකාශනය වී තිබුණි. සොයුස්(z) අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ටොන් 7.5 මොඩියුලවලට නැවතුම්පළ සම්බන්ධ කිරීමට මුලදී සැලසුම්කර තිබුණි. මෙම මොඩියුල (“සොයුස්” හි මෙන් සොයුස් ප්‍රචාලන මොඩියුලයක් හා අවගමන මොඩියුලයක් ද කක්ෂීය මොඩයුලය) වෙනුවට ප්‍රතිස්ථාපිත පරීක්ෂණාගාර මොඩියුලයක් ද භාවිතා කිරීමට ඉඩ ඇත. ස්වෙස්ඩා සර්විස් මොඩියුලය මීර් 2 හි ගර්භය වන අතර මීර් එහි ගර්භය වෙයි. මීර් වැඩසටහන 1979 පෙබරවාරිහිදී යෝජනා වූ විලැඩ්මර් චෙලෝම්ගේ අල්මාස්(z) යුධමය අභ්‍යාවකාශ නවාතැන් වැඩසටහන සමග ඒකාබද්ධ වූවකි. TKS අභ්‍යාවකාශ යානය මත පදනම්ව, ටොන් 20 අභ්‍යවකාශ මොඩියුල රැඳවීමට මෙහි තටාකගත කිරීමේ පර්යන්ත වැඩි දියුණු කෙරිණි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිළිබඳ සමස්ත වගකීම දැරුවේ NPO Energia විසිනි. කෙසේ වුවද Energia, සැලියුට් 7, Soyuz-T හා Progress අභ්‍යවකාශ යානාවෙහි ඒ වන විට කෙරෙමින් තිබූ වැඩ කටයුතු නිසා Khrunichev හි සංවර්ධන ශාඛාව වූ KB – සැලියුට් ට උප කොන්ත්‍රාත්තුවක් පැවරිණි. KB-සැලියුට් 1979 දී වැඩකටයුතු ආරම්භ කළ අතර සැලසුම් 1982 – 1983 නිකුත් කෙරිණි. Kurs ස්වයංක්‍රීය මුණගැසීම් පද්ධතියක්, Altair චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්, Elektron ඔක්සිජන් උත්පාදනයක් Vozdukh කාබන්ඩයොක්සයිඩ් වායු පිරිසිදු කරණයක්, විභ්‍රම ඩයින ජවරෝද (Almoz ගෙන් ගන්නා ලද), සැලියුට් SB සංඛ්‍යාංක පියාසැරි පාලන පරිගණකයක් ඇතුලු අලුත් පද්ධති කිහිපයක් අභ්‍යවකාශ නැවතුම් පළට අතුළත් විය. 1984 මුල භාගයේදී Buran අභ්‍යවකාශ ෂටලය පියාසැරි පරීක්ෂාවකට සුදානම් කිරීම සඳහා වූ Buran වැඩ සටහන සඳහා සියලු සම්පත් යෙදවීම නිසා මීර් වැඩ සටහනේ කටයුතු ඇණ හිට තිබිණි. නමුත් 1986 දී 27 වන සමාජවාදී පක්ෂ කොන්ග්‍රසය පාලනයට එන විට Mir කක්ෂගත කිරීම සඳහා අභ්‍යවකාශ හා ආරක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිටි ලේකම් විසින් Valentin Glushko හට නියෝග කරන ලදී.1984 දීම ඒ සඳහා නැවත මුදල් සම්පාදනය කෙරිණි. මේනිසා සැලසුම් කරන ලද ක්‍රියාවලිය අනුගමනය කිරීම හා 1986 අවශ්‍ය දිනයේදී දියත් කිරීමට නොහැකි බව පැහැදිලි විය. ඉන්පසු Cosmonaut’s day (අප්‍රේල් 12) දී පියාසැරි ආකෘතියද baikonur වෙත ගෙනයාමටත් එහිදී පද්ධති පරීක්ෂා කිරීම් හා ඒකාබද්ධ කිරීම් කිරීමට තීරණය විය. Khrunichev හිදී භූමි පරීක්ෂා ආකෘතිය මත කරන ලද පරීක්ෂාවන්හි ප්‍රතිඵල හේතුවෙන් කේබල 2500 න් 1100 නැවත අලුතෙන් සකස් කිරීමට සිදුවිය. ඔක්තෝබර්යේදීම මීර් එහි පිරිසිදු කිරීමේ කාමරයෙන් එළියට ගන්නා ලදී. 1986 පෙබරවාරි 16 දින ප්‍රථම දියත් කිරීමේ උත්සාහය අභ්‍යවකාශයානා සන්නිවේදනය දුර්වලවීම මත ව්‍යර්ථ විය. මූලාශ්‍ර බාහිර යොමු http://www.russianspaceweb.com/mir.html Site contains detailed diagrams, pictures and background info. http://www.astronautix.com/craft/mirodule.htm Site describes the Mir-Shuttle Docking Module අභ්‍යාවකාශ මධ්‍යස්ථාන මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ මධ්‍යස්ථාන මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා Big Science Russian loanwords Soviet space program
2229
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD
සුනිල් ශාන්ත
සුනිල් ශාන්ත (1915-1981) ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රසිද්ධ "රේඛාව" චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේය. එමෙන්ම සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරන ලද්දේ ද සුනිල් ශාන්ත විසිනි. රේඩියෝ සිලෝන් පිහිටුවීමෙන් අනතුරුව 1946 වසරේ එහි පටිගත කළ ප්‍රථම ගීතය වූ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ගායනය කළේ සුනිල් ශාන්ත විසිනි. එහි පබැඳුම සහ සංගීත නිර්මාණය ද ඔහුගේම විය. ඔහු ගී තනු නිර්මාණය කළ ගීත බොහෝමයක් වර්තමානයේ දී ද ඉතා ජනප්‍රිය අතර රේඛාව චිත්‍රපටය සඳහා මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත "වෙසක් කැකුළු අතු අග හිඳ" ගීතයත් සංදේශය චිත්‍රපටය සඳහා අරිසෙන් අහුබුදු විසින් රචිත "පෘතුගීසිකාරයා" ගීතයත් එයට උදාහරණ වෙයි. ජීවන තෙරතූරු ආරම්භක අවධිය (1915-1945) බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. මව කුරුගමගේ එංගල්තිනා වූ අතර පියා බද්දලියනගේ දොන් පෙමියානු විය. බාල අවධියේදී ම ඔහුට දෙමාපියන් අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාල අවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාළේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්ත ක්ලැවරි පාසලෙන් තම ගුරු දිවිය ඇරඹීය. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මධ්‍ය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1944 දී සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය. ‍ධීවර ව්ආයා‍පාරිකයෙකු වු බද්ද ලියනගේ දොන් පෙමියානු හා මහරගේ එංගල්තිනා පෙරේරා යන දෙපලගේ කණිටු දරුවා ලෙස 1915 අප්‍රේල් මස 14 වන දින ජාඇල පමුණුගම දී ජෝසප් ජෝන් ළදරුවා උපත ලැබුවේ ය. ඔහුට මාස තුනක් වන විට පියා මරණයට පත් විය. ඔහුට තෙ වසරක් වන විට මව ද මිය ගියා ය. අනතුරු ව ජෝසප් ජෝන් හදාවඩා ගැනීම දෙහියාගාත ප්‍රදේශයේ ජස්වත් වූ කුරුගමගේ මරියමදලේනා පෙරේරා ජයවර්ධන නමැති ඔහුගේ මිත්තණියට භාර විය. ජෝසප් බාලාංශ අධ්‍යාපනය ලැබූයේ දෙහියාගාත පාසැලෙනි. පළමු වැනි පන්තියට පසු අධ්‍යාපනය ස`දහා ලොකු මාමා වන අන්තෝනි පෙරේරා සේවය කළ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් විය. තවත් මාමා කෙනෙකු වන එම්.ජෙa. පෙරේරා නමැති සර්පිනා ශිල්පියාගෙන් එය වාදනය කිරීමට උගත් මුත් ලොකු මාමා එය අනුමත නො කළේ ය. මේ කාලයේ ගාල්ල මවුන්ට් කල්වාරි පාසැලේ මුල් ගුරුවරයා ලෙස කටයුතු කළ මර්සලීන් පෙරේරා නමැති මාමා විසින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබ සිය නිවසේ ම ර`දවා ගෙන ඉගැන්වීම් කටයුතු කරවී ය. පාසැල් ගාස්තු ගෙවීමේ අපහසුව නිසා දෙ වැනි පන්තිය සමත් වීමට ද පෙර කුඩා ජෝසප්ට නැවතත් දෙහියාගාතේ සිය මිත්තණිය වෙත යාමට සිදු විය. අනතුරු ව තුඩැල්ල සිංහල පාසැලෙන් දෙ වැනි පන්තියේ සිට පස්වැනි පන්තිය දක්වා ශිල්ප හැදෑරී ය. යළිත් දෙහියාගාත පාසලට පැමිණි ජොසප් එහි නට්‍ය ර`ගදැක්වීම ආදී කලා කටයුතුවල නිරත විය. දක්ෂ ලෙස මවුත් ඕගනය වැයීමේ හැකියාව ඔහු සතු විය. 1931 දී දෙහියාගාත පාසලෙන් පාඨශාලා හැරයාමේ විභාගයට ඉදිරිපත් වූ ඔහු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය දිනා ඞ්ඞ්වීරරත්න ත්‍යාගය.. හිමිකර ගත්තේ ය. 1932 දී ගම්පහ බෞද්ධ පාඨශාලාවේ ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු ප්‍රාරම්භ පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1933 දී ගාල්ල ක`ඵවැල්ල කල්වාරිකන්ද පාඨශාලාවේ සිටි මාමා ළ`ගට ගොස් එහි ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු අවසාන පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1934 කාලයේ මග්ගොන රෝමානු කතෝලික ගුරු අභ්යෙආස විද්‍යාලයේ පුහුණු ව ලැබී ය. මේ කාලයේ නාට්‍යවල ර`ගපෑමත් ගීත රචනා කිරීමත් කර ඇත. ජොන් ද සිල්වාගේ තනුවලට ගැමි සුන්දරත්වය පිළිබ`ද ගී එලෙස රචනා කර ඇත. 1936 කාලයේ දී පුහුණුවෙන් පසු ව ගාල්ලේ කල්වාරි කන්ද පාසලේ ගුරු තනතුරකට පත් විය. ලංකාවේ පැවති පළමු අධ්‍යාපන ප්‍රදර්ශනයේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෙවන ස්ථානයත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ පළමු ස්ථානයත් දිනාගැනිණ. 1936-1939 කාලයේ දී ජෝසප්ගේ ශිෂ්‍යයෝ නොකඩවා තෙවසරක් ම දක්ෂිණ ලංකා පාඨශාලා සංගීත තර`ගයෙන් පළමු තෑග්ග දිනාගත්හ. 1938 දී අධ්‍යාපනඥ එස්.එල්.ඹී කපුකොටුව මහතාගේ උපදෙස් පරිදි ගාන්ධර්ව ප්‍රාරම්භ පරීක්ෂණයට රවිකිඤ්ඤ වාදන විෂයෙන් ඉදිරිපත් ව සමත් විය. ගිටාර් සහ ඇකෝඩියන් වාදනය පිළිබ`ද ව ද ප්‍රවීණතාවක් හේ ලබාගත්තේ ය. මේ කාලයේ දී ම ඌරාපොල බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ජනකවි සහ වන්නම් ගායනය ඉගෙන ගන්නා ලඳි 1938 දෙසැම්බර් 1 වන දින ශාරීරික අභ්යෙආස විෂයෙහි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ පරීක්ෂණයෙන් සමත් ව ලංකාවේ ඕනෑ ම සිංහල පාසැලක ශරීර අභ්යෙආස හා ක්‍රීඩා ඉගැන්වීමට සුදුසුකම් ලැබී ය. 1939 දී සංගීතය හැදෑරීම ස`දහා ඉන්දියාවට යාමේ අදහසින් පාසැලින් අස්විය. 1939 දී ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙකු වශයෙන් ශාස්ත්‍රීය සහ වංග සංගීතය හා ගායනා විධි හැදෑරීම අරඹන ලඳි 1940 කාලයේ ලක්නව්හි මාරිස් හින්දුස්ථානි සංගීත විද්‍යා පීඨය හෙවත් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර ඉගෙනුම ලැබූ අවසන් වසර දෙක ස`දහා ලක් රජයෙන් රුපියල් 50 ක ශිෂ්‍යත්වයක් ලැබී ය. පසුව එය 100 දක්වා වැඩි කරන ලඳි මේ වසරේ දෙසැම්බර්වල දේවාර් සූර්යසේන සම`ග නත්තල් වැඩසටහනකට සහභාගී වී ඇත. 1941 ජූලි 05 දින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල සමීතියේ විවිධප්‍රසංගයේ හින්දුස්ථානී ගී දෙකක් හා වංග ගීයක් ද ගයා ඇත. සිතාර් වාදනයක් ද ඉදිරිපත් කර තිඹේ සූර්ය සංකර් මොල්ලිගොඩ ද සංගීතයෙන් සහය වී ඇත. 1944 දී භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සිතාර් වාදනය පිළිබද පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව වාද්‍ය විශාරද උපාධිය ලබා ඇත. 1944 දෙසැම්බර් 24 දින සුනිල් සාන්ත නමින් නාමය වෙනස්කොටගෙන මවු බිමට ආපසු පැමිණියේ ය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සංගීත ශිෂ්‍යත්වයෙන් උගත් හෙයින් 1945 දී කපුකොටුව මහතා හමු වී සංගීත ගුරුපත්වීමක් ඉල්ලාසිටි මුත් සරඹ පත්වීමක් පමණක් දිය හැකි බව පැවසූ නිසා ඉගැන්වීමේ අභිලාශය අත්හැරස්මට සිදු විය.4 අනතුරු ව රක්වානේ සිටි මාමා වන ගරු මෝසස් පෙරේරා පියතුමා වෙත ගිය ඔහු එහි දී කුමාරතුංග මුණිදාස හා රැයිපියෙල් තෙන්නකෝන් ආදීන්ගේ පොත් කියවීමෙන් දේශීය සංගීතයක අවශහ්තාව තේරුම්ගැනීම හා ඒ වෙනුවෙන් කැපවීම අරඹණ ලඳි 1945-46 කාලයේ සංගීත පන්ති පැවැත්වීම, පුවත්පත්වලට ලිපි සැපයීම ආදිය කරන ලඳි සූර්ය සංකර් මොල්ලිගොඩගේ නිවසේ රැf`දමින් හෙළ සංගීතයක් ගැන විවිධ පර්යේෂණවල නිරත විය. 1946 දී ඞ්ඞෝලු පිපීලා.. ගීතය ලංකා ගුවන්විදුලිය මගින් තැටියකට නගන ලද මුල් ම ගීතය ලෙස වාර්තාගත ව ඇත. ඉන් අනතුරුව සංගීත නිර්මාණ කිරීම හා ගීත පොත් පළ කිරීම කරන ලඳි මේ කාලය වන විට සිංහල භාෂා රසිකයන් අතර ඔහු ඉතා ම ජනප්‍රිය වී සිටියේ ය. 1952 දී ගුවන්විදුලියේ රතන්ජංකර් පරීක්ෂණයෙන් පසු සුනිල් සාන්තට ගුවන්විදුලියේ දොර වැසිණ. 1952 අගෝස්තු 21 දින ජයසේකර සෙනෙවිරත්න මුදියන්සෙලාගේ මේරි ජොසපින් බර්නදෙත් ලීලාවතී සම`ග පන්නිපිටිය රෝමානු කතෝලික දේවස්ථානයේ දී විවාහ විය. ඒ වසරේ ඔක්තෝබරයේ ජාඇල කණුවන පිහිටි සුනිල් සාන්තගේ පුංචි අම්මාගේ නිවසට පදිංචියට පැමිණියේ ය. 1953 කාලයේ ඇල්බට් පෙරේරා නොහොත් අමරදේවට ඉගෙනීම සදහා උපකාර කර ඇත.5 1956 -1959 කාලයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව හා සන්දේශය යන චිත්‍රපටවල ගී තනු නිර්මාණය කරන ලඳි 1967 දී ගුවන්විදුලියේ අධ්‍යක්ෂ නෙවිල් ජයවීර මහතා නැවතත් සුනිල් සාන්තට ගුවන්විදුලියේ වැඩසටහන් භාරදීම සිදු විය. 1980 දී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ඔහුට නොමිලේ නිවසක් ලබා දුන් මුත් ඔහු එය භාරගනු ලැබූයේ නිවාස දෙපාර්තමේන්තුවට මාසික කුලියක් ගෙවීමේ ගිවිසුම මත යි. 1981 දී සුනිල් සාන්තගේ දරුවන් සිව්දෙනාගෙන් බාල පුත්‍රයා වූ ජගත් සාන්ත වානේ සංස්ථාවේ ඉංජsනේරුවෙකු ව කටයුතු කරද් දී හදිස්සියේ මියයෑම සිදු විය. මෙය ඔහුට දරාගත නොහැකි කම්පනයක් ගෙන ආවේ ය. 1981 අප්‍රේල් 11 වන දින පෙරවරුවේ සුනිල් සාන්තගේ අභාවය සිදු විය. අප්‍රේල් 13 වන දින දේහය කලාභවනට ගෙන ආ අතර ජා-ඇල දෙහියාගාත මුතුරාජවෙළ අසබඩ පිහිටි සුසාන භූමියේ ඒ සිරුර මිහිදන් කරන ලදී (විතාරණ,2001:337-348). ගුවන්විදුලි අවධිය (1946-1952) මීළග වසර 7 තුල ගායනා කළ ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඹ්ලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවාලා" වේ. ඔහු ගායනා කළ ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ජයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක. පසු අවධිය 1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තට ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත විණි. 1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන් ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුළින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ ඩබ්. ඩී. අමරදේව) ගුරුවරයකු වශයෙන් ඊට ඇතුළත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව හෙතෙම ඩබ්. ඩී. අමරදේව සමග එක්ව එහි කටයුතු කළේය. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවන ලදි. සංගීත සහෘදයන් බී.එස්. පෙරේරා අභාවය ඔහුගේ පුත් ජගත් ශාන්ත අකල් මරණයකට ගොදුරු වීම නිසා දැඩි කම්පනයකට පත් වූ සුනිල් ශාන්ත එහි ප්‍රතිඵලයක් ලෙස හටගැනුණු හෘදයාබාධයකින් 1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්ත විය. ඒ තම පුතුගේ වියෝවෙන් සති පහක් ගතවූ තැන දී ය. බාහිර සබැඳි The legend of 'Hela' music. Daily News (2007). Retrieved on 2007-06-21. Life Story. Kala Santha (2007). Retrieved on 2007-06-21. චරිත කතා හෙළ හවුල ශ්‍රී ලාංකික ගායකයෝ සිංහල ගායකයෝ ලාංකික සිංහලයෝ
2230
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94
අරීසෙන් අහුබුදු
කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත. රචිත ග්‍රන්ථ ගැදි පොත් කුමරතුඟු දෑ ඇල්ම කුමරතුඟු ඇසුර රන් කිරුළ ලංකා ගම් නම් වහර අසම්මතය රජවීම අරුත නිරුත මහා පාවා දීමේ ජාතකය එන කපේ බණ කතා කලට පිපෙන මල් හෙළ දෙරණ වග නූතන ජාතක හෙළ අවුරුදු වග සමන අස්න ඉර හඳ නැඟි රට පැදි පොත් අඩුව හදිය කොග්ගල පවත සිංහළ වංස කතාව මනුවස ඡායාරූප Links Official Website of Arisen Ahubudu Information on Arisen Ahubudu Press Articles Arisen Ahubudu recommends Cumaratunga's works to posterity Ahubudu presented books to President ආශ්‍රිත Profile of Arisen Ahubudu Official website of Arisen Ahubudu සිංහලයෝ සිංහල සාහිත්‍යය හෙළ හවුල ශ්‍රී ලාංකික බෞද්ධයෝ 1920 උපත් 2011 මරණ
2231
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A
අයිවර් ඩෙනිස්
අයිවර් ඩෙනිස් (Ivor Dennis)
2233
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB
කරුණාරත්න අබේසේකර
කරුණාරත්න අබේසේකර (ඉංග්‍රීසි: Karunaratne Abeysekera) (ගුවන් විදුලියේ කරු අයියා) ශ්‍රී ලංකාවෙහි ජනප්‍රිය, පොදු ජනයාගේ සිත්දිනූ කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු, චිත‍්‍රපට ගීත රචකයකු, ගීත නිබන්ධකයෙකි. ඔහු ශ්‍රී ලංකාවෙහි ප්‍රථම ගුවන් විදුලි වැඩ සටහන සිංහල නිවේදකයායි. ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද කරුණාරත්න අබේසේකර මහතායි. ඒ සිලෝන් ක්‍රිකට් පිළ හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිළ හා තරඟයයි. ජීවන සටහන් 1930 මාතර රත්මලේ බඹරැන්ද පොසතුගොඩදී උපත ලද කරුණාරත්න, කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් උගත්තේය. කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, හිටපු දේශිය වෛද්‍ය ඇමති (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , වෛද්‍ය ගුණදාස අමරසේකර, චිත්‍රපට නළු ආනන්ද වීරකෝන්, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න අබේසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. නාලන්දාවේදී අබේසේකරයන්ගේ සිංහල ගුරුවරයා වූයේ එවකට කවියකු හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කීර්තියක් ඉසිලූ, ගුවන්විදුලියේ ළමා මණ්ඩපය මෙහෙය වූ සිරි අයියා නමින් ප‍්‍රකටව සිටි අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරායි. රේඩියෝ සිලෝන් 1950 දී ලාබාල විසිවන වස ඔහු රේඩියෝ සිලෝන්හි නිවේදකයකු ලෙස සේවයට බැඳුනේය. 1958 දි වැඞිදුර පුහුණුව ඔහු බ්‍රිතාන්‍ය බීබීසි ආයතනයෙන් ලබාගත්තේය. කරුණාරත්න අබේසේකර (කරු අයියා) ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය. ගීත රචනය පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා සුරනර පූජිත ලෝක විරාජිත ශාන්ති තිලෝගුරු සෑසි පියා බුදු සෑසි පියා ඔබෙ රා ගී මන කැළඹේදෝ ඔංචිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළි වළලු කොයින්දෝ ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේහී තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ පලතුල තුරුලිය ඔද තෙද මද නලේ සම්මාන 1967 සරසවි සම්මානය - කඳ සුරිඳුනි ගීතය(මහ රෑ හමුවු ස්ත්‍රීය චිත්‍රපටය) 1968 ගුවන් විදුලි සඟරා සම්මානය‍ 1968 ස්වර්ණ පද්ම උපහාර සම්මානය පිංතූර වැඩිදුර කියවීම් ගී පද රචනයේ නොමියෙන මතකය කරුණාරත්න අබේසේකර ගීත රචක ලෝකයේ ‘‘නිශ්ශබ්ද විලියම්’’ මහින්ද අල්ගම – තිලකරත්න කුරුවිට බණ්ඩාර Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10)) චරිත කතා ශ්‍රී ලාංකික බෞද්ධයෝ ශ්‍රී ලාංකික ගී පද රචකයෝ ලාංකික සිංහලයෝ ආදි නාලන්දියයෝ 1930 උපත් 1983 මරණ
2265
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
සංවිධානය
සංවිධානය (organization or organisation) Organization terms සංවිධානයක් යනු යම්‍ පොදු අරමුණක් ඉටුකර ගැනීම සදහා වූ පුද්ගලයන් සමූහයකගේ එකතුවකි. සංවිධානයක් යනු සමාජ ආර්ථික ඒකකයකි. මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා සහ වුවමනා සපුරාගැනීම පිණිස සමාජයට විවිධ නිශ්පාදන සහ සේවා ඵක් කරයි.ඵසේ සපයනු ලබන සේවා යම් නිශ්චිත පොදු අරමුණක් ඔස්සේ කටයුතු කරයි.සංවිධානයට දැක්ම,මෙහෙවරක්,ඉලක්ක,පරමාර්ථ,සම්පත්,ක්‍රියාවලීන්,පද්ධති,ව්‍යූහයක් සහ සංස්කෘතියක් අාදී උපාංග වලින් සමන්විත වන අතර ඵසේ පුද්ගලයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ඵක්ව කටයුතු කරණ මිනිසුන් කණ්ඩායමක් සංවිධානයක් වේ. Orgaugfknbච්ජ්nization in sociology Organization in management and organizational studies ස๜໶ධ๟නකරණ නය๟යන Organizational structures Pyramids or hierarchies Committees or juries Staff organization or cross-functional team Matrix organization Ecologies "Chaordic" organizations තවද බලන්න Related lists References
2270
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%20%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ලිනක්ස් බෙදා හැරීම
ලිනක්ස් බෙදා හැරීම is a member of the family of Unix-like operating systems built on top of the Linux kernel. Such distributions (often called distros for short) are Operating systems including a large collection of software applications such as word processors, spreadsheets, media players, and database applications.
2271
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලයද වෙයි. කොළඹ විශ්වවිද්‍යාලය ස්වාභාවික විද්‍යා, සමාජ විද්‍යා සහ භෞතික විද්‍යා, රසායන විද්‍යා මෙන්ම ගණිතය, පරිගණක විද්‍යාව සහ නීතිය පිළිබඳවද විශේෂ අධ්‍යාපනය ලබා දෙයි. දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සැලකේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය 1 ස්‌ථානය හිමිකරගෙන තිබේ. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය හිමිකරගෙන ඇත්තේ 2135 ස්‌ථානයයි. 1921 දී කොළඹ යුනිවර්සිටි කොලීජිය (University College Colombo) නමින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ විය. උපාධි පිරිනැමීම 1923 සිට සිදු කරන ලද අතර මෙම විශ්වවිද්‍යාලයේ මූලය 1870 බිහිවූ කොළඹ වෛද්‍ය විද්‍යාලය දක්වා දිව යයි. කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යා, නීති, ආර්ථික විද්‍යා, ව්‍යාපාර, සාහිත්‍යය සහ දේශපාලන යන ක්ෂේතයන්හි කැපී පෙනෙන සේවාවන් ඉ‍ටු කළ ආදි විද්‍යාර්ථීන් ‍රැසක් ලොවට දායාද කර තිබේ. ‍දළ විශ්ලේෂණය මෙය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන අතර අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම පාහේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (University Grants Commission (UGC)) හරහා රජයෙන් ලබාදෙනු ලබයි. එම නිසා උප කුලපති ධූරය සහ සියළු පරිපාලන ධූරයන් ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් පත් කරනු ලබයි. "බුද්ධිය සැමතැන බැබළේ" යන තේරුම සහිත "බුද්ධි සර්වත්‍ර භ්‍රජතේ" යන සංස්කෘත වදන විශ්වවිද්‍යලයීය ආදර්ශ පාඨය වේ. අධ්‍යයනාංශ 41 කින් සමන්විත වන පීඨ 10ක් ද වෙනත් අනුබද්ධ ආයතන 8 කින්ද හා 11,000 පමණ ශිෂ්‍ය ප්‍රජාවකගෙන්ද මෙම සරසවිය සමන්විත වෙයි. බොහොමයක් පීඨ අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලා පිරිනමන අතර ඉන් සමහරක් බාහිර සිසුන් සඳහා පාඨමාලා සහ දුරස්ථ අධ්‍යයන වැඩසටහන්ද පිරිනමයි. පිහිටීම කොළඹ නගර මධ්‍යයයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ අක්කර 50ක ප්‍රදේශයක් පුරා මෙම සරසවිය පිහිටා තිබේ. එහි පරිපාලන මූලස්ථානය සනාතන මන්දිරය (College House) ලෙස හඳුන්වන අතර එය උපකුලපති වරයාගේ කාර්යාලයද වේ. මෙම ගොඩනැගිල්ල කොළඹ නගර නිර්මාණයේ සංධිස්ථානයක් ලෙස සලකනු ලැබේ. සනාතන මන්දිරය, උපාධි අධ්‍යයන පීඨය සහ ජීවරසායනය, අණුක ජීවවිද්‍යාව හා ජීවතාක්ෂණ ආයතන කුමාරතුංග මුනිදාස මාවතේ (‍රැජින මාවත හා ඉන්දීය තානාපති කාර්යාලය අතර) පිහිටා ඇති අතර, රීඩ් මාවත හා තර්ස්ටන් මාවත අතර විද්‍යා පීඨය, නව කලාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) සහ සරසවි ක්‍රීඩා පිට්ටනිය පිහිටා ඇත. රීඩ් මාවතෙන් අනෙක් පස කොළඹ සරසවි පුස්තකාල ගොඩනැගිල්ල, ශාස්ත්‍ර පීඨය, අධ්‍යාපන පීඨය, නීති පීඨය, ක්‍රීඩාගාරය සහ කළමනාකරණ හා මූල්‍ය පීඨය පිහිටා තිබේ. මෙම ප්‍රධාන භූමියට අමතරව කොළඹ මහරෝහලට ආසන්නයේ කින්සි පාරේ වෛද්‍ය පීඨයද, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය නොරිස් කැනල් මාවතේ ද, දේශීය වෛද්‍ය ආයතනය නාවල නගරයේද, හම්බන්තොට කෘෂි තාක්ෂණ ආයතනය සහ හොරණ පිහිටි ශ්‍රී පාලී මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලයට අයත් වේ. අධ්‍යයන කටයුතු විශ්ව විද්‍යාලයය පීඨ 7කින්ද වෙනත් ආයතන 8කින්ද දෙපාර්තමේන්තු 41කින්ද සිසුන් 11,000කින්ද සමන්විත වේ. බොහෝ පීඨ විසින් උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. එමෙන්ම අමතර බාහිර පාඨමාලා දුරස්ථ හා බාහිර සිසුන් සඳහා පවත්වනු ලබයි. උපාධි අපේක්‍ෂකයන් 9100ක් 2009 වසරේ සිට ඇති අතර එම වසර වන විට වාර්ෂික ඇතුලත් කර ගැනීම 2315ක් විය. උපාධිධරයින් සංඛ්‍යාව එම වසර වන විට 2504ක් වූ අතර එය රටේ ඉහළම අගය විය. එමෙන්ම විහ්ව විද්‍යාලයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට ඉගෙනුම ලබන බාහිර සිසුන් සංඛ්‍යාවද සැලකිය යුතු අගයක් ගනී. උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා වලින් වැඩිමනක් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරනු ලබයි. අධ්‍යයනාංශ මණ්ඩප ශ්‍රී පාලි මණ්ඩපය පීඨ තාක්ෂණ පීඨය උපාධි අධ්‍යයන පීඨය කළමණාකරණ හා මූල්‍ය පීඨය නීති පීඨය විද්‍යා පීඨය වෛද්‍ය පීඨය ශාස්ත්‍ර පීඨය අධ්‍යාපන පීඨය ආයතන කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය කෘෂි තාක්‍ෂණ හා පාරම්පරික විද්‍යා ආයතනය ජීවරසායන , අණුක ජීව විද්‍යා හා ජීව තාක්‍ෂණ ආයතනය දේශීය වෛද්‍ය ආයතනය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය පුස්තකාල හා තොරතුරු විද්‍යාව සඳහා ජාතික ආයතනය මානව සම්පත් අභිවර්ධන ආයතනය පරිපාලනය පරිපාලන මූලස්ථානය කොලේජ් හවුස් (College House) නමින් හැඳින්වේ. කොළඹ විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලයයක් වන අතර ප්‍රතිපාදන කොමිසම මෙය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ආධාර දෙනු ලබයි. එම නිසා මෙහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ වේ. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පණත මඟින් හා සංශෝදිත 1985 අංක 7 දරණ මඟින් නීතිමය ප්‍රතිපාදන සපයයි. විශ්ව විද්‍යාල පරිපාලනය අංශ දෙකකින් සමන්විත වන අතර කවුන්සිලය (council) සහ අධ්‍යයන සෙනේටය (Academic Senate) නමින් ඒවා හඳුන්වයි. මෙම බෙදීම පැරණි ලංකා විශ්ව විද්‍යාලයය සමයේ තිබුණු පරිපාලන ව්‍යුහය පාදක කොට ගත්තකි. බොහෝ නිලධාරී පත් කිරීම් සිදුකරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ රෙකමදාරුව මත මෙම අංශයෙනි. කුලපති විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන අතර සියලුම උපාධීන් පිරිනමනු ලබන්නේ කුලපති විසිනි. නමුත් කුලපති සතු වැඩකටයුතු වලින් වැඩිමනක් කෙරෙන්නේ උප කුලපති අතිනි. කුලපති තනතුරට පත් කිරීම් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් වන අතර බොහෝ විට අධ්‍යයන කටයුතු වල හෝ ආගමික හෝ සිවිල් සංවිධානයක සම්භාවනීය පුද්ගයෙකුට මෙම තනතුර පිරිනමනු ලබයි. මේ වන විට ගරු ආචාර්ය ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන් විසින් මෙම තනතුර හොබවනු ලබයි. උප කුලපති විහ්ව විද්‍යාලයේ එදිනෙදා වැඩකටයුතු කළමණාකරණය සිදු වන්නේ උප කුලපති විසිනි. මෙම තනතුරද ශ්‍රී ලංකා ජනාධිපති විසින් පත් කරනු ලබයි. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක වත්මන් උප කුලපති වේ. මණ්ඩපාධිපති (Rector) මණ්ඩපාධිපති (Rector) යන තනතුරේ කාර්යභාරය මණ්ඩපයක කළමණාකරන කටයුතු සිදුකිරීම වන අතර කොළඹ විශ්වවිද්‍යාලය සතුව ඇත්තේ එක් මණ්ඩපයක් වන නිසා ශ්‍රී පාලි මණ්ඩපයේ කළමණාකරන කටයුතු සිදුකිරීමට මණ්ඩාධිපතිවරයෙකු පත් කර ඇත. උපකුලපති විසින් පත්කරන මේ තනතුර මේ වන විට හොබවන්නේ ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතායි. විශ්ව විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් පුද්ගලයන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් අතුළුව ගිනිය නොහැකි සංඛ්‍යාවක් වූ අධ්‍යයන, ක්‍රීඩක හා කලාකරුවන් පිරිසක් විශ්ව විද්‍යාලයය තුළින් බිහිව ඇත. වෛද්‍ය විද්‍යාලයය හා යුනිවර්සිටි කොලීජිය පිහිටු වීමෙන් අනතුරුව කොළඹ නගරාශ්‍රිත ජනයාට පමණක් නොව රටේ සියලුම පළාත් වල ජනයාට උසස් අධ්‍යාපන වරම් ලබාදුන් දැනුම් කේන්‍ද්‍රයක් වශයෙන් මෙම විශ්ව විද්‍යාලයය හඳුන්වා දිය හැක. ආදි විද්‍යාර්ථින් සැලකූ විට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලුව නිශ්ශංක විජයරත්න, අනිල් මුණසිංහ, රොනී ද මැල්, එන් එම් පෙරේරා මහතා වැනි දේශපාලකයින්ද, ලංකාවේ ප්‍රථම කාදිනල් ධුරය හෙබවූ කාදිනල් තෝමස් කුරේ වැනි ආගමික නායකයින්ද, එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා සමුළුවේ සභාපති ෂර්ලි අමරසිංහ, UNCTAD හි ‍ගරු ලේකම් ගාමණී කොරයා, අන්තර්ජාතික අධිකරණයේ විනිසුරු ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී වැනි විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, ප්‍රථම ලාංකික උප කුලපති වූ සර් නිකලස් ආටිගල, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ නිර්මාතෘ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක ශූරීන් වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උගතුන්ද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලුතිනන් ජෙනරාල් ධූරය හෙබවූ දේශමාන්‍ය ජෙනරල් සේපාල ආටිගල, ප්‍රථම ලාංකික යුධ හමුදාපති වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු යන මහතුන්ද, කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක) ජෙහාන් මුබාරක් වැනි කීර්තිමත් ක්‍රීඩකයින්ද කොළඹ විශ්ව විද්‍යාලය තුළින් ලොවට දායාද කර ඇත. හිටපු කුලපතිවරු සහ උපකුලපතිවරු කුලපතිවරු ලංකා විශ්වවිද්‍යාලය ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් (1942–44) ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (1944–49) හර්වල්ඩ් රම්ස්බෝතම් (සෝල්බරි සාමි) (1949–54) ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක (1954–62) විලියම් ගොපල්ලව (1962–72) ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය විලියම් ගොපල්ලව (1972–78) කොළඹ විශ්වවිද්‍යාලය ජේ.ආර්. ජයවර්ධන (1978–1981) වෛද්‍ය පී.ආර්. අන්තෝනිස් (1981–2002) අතිගරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා (2002 - 2021) අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සෙ සභාපතිවරු කොළඹ මණ්ඩපය (1972–1977) මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහාචාර්ය එම්.බී ආරියපාල මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන මහාචාර්ය හිරාන් ඩයස් උපකුලපතිවරු යුනිවර්සිටි කොලීජිය, කොළඹ රොබට් මාස් (1922–1939) මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් (1940–1942) ලංකා විශ්වවිද්‍යාලය මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනින්ස්(1942–1954) මහාචාර්ය ශ්‍රීමත් නිකලස් ආටිගල (1954–1967) මහාචාර්ය ඕ.එච්. ද. ඒ. විජේසේකර (1967) ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ වෝල්වින් ඒ. ද සිල්වා (1968–1969) මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම (1969–1972) ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම (1972–1974) ආචාර්ය එල්.එච්. සුමනදාස (1974) මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන (1974–1978) කොළඹ විශ්වවිද්‍යාලය මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර(1978–1988) මහාචාර්ය ජී.එල්. පීරිස් (1988–1994) මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1994) මහාචර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් (1994–1999) මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර (1999–2002) මහාචාර්ය ටී. හෙට්ටිආරච්චි (2002–2007) මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම (2007- 2013) ආචාර්ය කුමාර හිරිඹුරේගම (2013 -2015) මේ අඩවියත් බලන්න University of Colombo கொழும்புப் பல்கலைக்கழகம் ශ්‍රී පාලි මණ්ඩපය අඩවියෙන් බැහැර පිටු කොළඹ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 "ලංකා යුනිවර්සිටි නිව්ස්” වෙබ් අඩවිය මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල අධ්‍යාපනය - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල
2272
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD
විශ්වවිද්‍යාල
විශ්වවිද්‍යාල යනු උසස් අධ්‍යාපනය සහ පර්යේෂණය කරන අතර සියලුම ශාස්ත්‍රාලීය උපාධීන් ප්‍රදානය කිරීමට හැකියාව ඇති අධ්‍යයනායතනවේ. අධ්‍යාපනය School types විශ්ව විද්‍යාල
2273
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
ලන්ඩන් විශ්ව විද්‍යාලය
ලන්ඩන් විශ්ව විද්‍යාලය (University of London) දළ විශ්ලේෂණය(overview) පිහිටි ස්ථානය ඉතිහාසය Organisation Recognised bodies Listed bodies Colleges no longer in existence ශිෂ්‍ය දිවිය (Student life) Sports, clubs, and traditions University of London people Trivia References අමතරව බලන්න බාහිර පුරුක් Educational institutions established in 1836 ලන්ඩනය එංගලන්තය මහා බ්‍රිතාන්‍යය යුරෝපය විශ්වවිද්‍යාල
2275
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
මොරටුව විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ, මොරටුව, කටුබැද්දේ රමණීය බොල්ගොඩ වැවෙහි ඉවුරෙහි පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය ( ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාල අතුරින් එකකි. උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි අපේක්ෂක අධ්‍යයන කටයුතු වලින් සමන්විත ශාස්ත්‍රීය කටයුතු වලින් පරිබාහිරව විවිධ වූ සාමාජීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සේවා, සංගම් , සහ ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම් සඳහාද මොරටුව විශ්වවිද්‍යාලය විසින් පහසුකම් සපයනු ලබයි. විශ්වවිද්‍යාල තත්ත්වය ලැබුමට පෙර මෙම ආයතනය ලංකා කාර්මික විද්‍යාලය, කටුබැද්ද ( කටුබැද්ද ටෙක්) ලෙසින් හැඳින්විණි. කෙසේවුවද එහි මුල් අතීතය විමසු කළෙක අප හමුවන්නේ 1960 දී කාර්මිකඥ අධ්‍යාපනය සපයනු වස් පිහිටුවෙනු ප්‍රායෝගික කාර්මික ආයතනය වෙයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 3 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 2608 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. සංවිධානය සහ පරිපාලනය ශාස්ත්‍රීය ස්ථිතීන් ඉංජිනේරු පීඨය මෙහි ඉංජිනේරු පීඨය ශ්‍රී ලංකාව තුල මහත්වූ ඉල්ලුමක් සහිතවූත් සහ උච්චතම අනුස්ථානය ලද්දාවූත් ඉංජිනේරු පීඨය වෙයි. එය මොරටුව විශ්වවිද්‍යාලයෙහි විශාලතම පීඨය වන අතර ශාස්ත්‍රීය අධ්‍යයනාංශ 12 කින්ද 200 කට අධික ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයකින්ද 3500 කට අධික උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍ය සමුදායකින්ද සමන්විත වෙයි. වර්තමානයේදී පීඨය විසින් විෂය ක්ෂේත්‍ර 9 ක් ඔස්සේ ඉංජිනේරු විද්‍යාවේදී උපාධියද, විලාසිතා නිර්මාණ සහ නිපැයුම් සංවර්ධනය පිළිබඳ නිර්මාණවේදී උපාධියද සහ ප්‍රවාහන හා කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියද පිරිනමයි. මෙයට අමතරව, පීඨය විසින් විද්‍යානිධි, ඉංජිනේරු විද්‍යානිධි, දර්ශනනිධි, ව්‍යාපාර පරිපාලනනිධි සහ දර්ශනාචාර්යය යන්නන් කරා එළඹෙන පශ්චාත්-උපාධි උපාධීන් බොහෝමයක් පිරිනමයි. අධ්‍යාපන අංශය ඉංජිනේරු පීඨය ඉංජිනේරු පීඨයෙහි අංශයන් රසායනික සහ ක්‍රියාවලි අංශය සිවිල් ඉංජිනේරු අංශය පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය භූගර්භ ඉංජිනේරුඅංශය විදුලි ඉංජිනේරු අංශය විද්‍යුත් හා දුරවිනැවුම් ඉංජිනේරු අංශය අඃශූගත විඳෝ අඃශය යාන්ත්‍රික ඉංජිනේරු අංශය රෙදිපිලි හා එහිි සැකසුම් පිලිබද අඃශය පුවාහන හා සැලසුම් අඃශය මිට අමතරව ශිෂයන්ගේ අධන කටයුතු වලට සමිභන්ධව පහත සඳහන් අංශ දෙක කීයාත්මක වේ. තාක්ශණ කලමණාකරන අඃශය ගණිත අඃශය ප්‍රවාහන හා සැලසුමි අංශයේ සිසුන් හදාරන්කේ B.Sc.(Engineering) උපාධි පාධමාලාවක් නොවන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සැලසුමි වලට ඇති ඉල්ලුම නිසා ඇති සාමානං උපාධි පාඨමාලවකි. තොරතුරු තාක්ෂණ පීඨය ශ්‍රී ලංකාවතුල ඉහලම ඉල්ලුමක් ඇති අධයාපනික පාඪමාලාවක් වන අතර ශ්‍රී ලංකාව් අෙපාස(උ/ෙප) විඳඃ විෂය ධාරාවෙව්න් සමතුන් ෙමම පාඪමාලාවට ඇතඃලු කර ගනි. ෙමම පාඪමාලාව තුන් අවුරැඳු වන අතර අවසානෙය් B.Sc.(IT) උපාධියෙන් පිදුම් ලබයි. මෙම පාඨමාලාව හදාරන සිසුන් ශ්‍රී ලංකාවතුල ඉහලම වැටුප් තල සඳහා තෝරාගනු ලබති. තොරතුරු තාක්ෂණ අශය පරිගණකගත ගණිත අඃශය Interdisciplinary Studies වාස්තු විද්‍යා පීඨය වාස්තු විද්‍යා අඃශය ගොඩනැගිලි ආර්එක විඳො අඃශය නගර නිර්මාන හා සැලසුමි අඃශය වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ පිහිටවූ එකොලස් වන වෛද්‍ය පීඨය වන අතර වෛද්‍ය තාක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු දහ තුනකින් සමන්විත වේ. තාක්ෂණික ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය මොරටුව තාක්ෂණික ආයතනය ශ්‍රී ලංකාවට අවශ්‍ය සහකාර ඉංජිනේරුවරුන් ඛිහිකිරිෙම් අරමුණින් පිහිටවන ලද ආයතනයකි. මෙහි පාඨමාලා සිවිල් ඉඡිෙන්රැ,විඳුලි කටයුතු, විද්‍යුත් හා විදුලි සංදේශ, රෙදිපිලි හා එහිි සැකසුම, රසායනික සහ කියාවලි සහ නාවික අංශ වලින් සමන්විත ය. තාක්ෂණික ආයතනය ප්‍රධාන කාර්ය මඩුල්ල කුලපති: දේශමාන්‍ය ආචාර්ය රෝලන්ඩ් සිල්වා උපකුලපති: මහාචාර්ය. ආනන්ද ජයවර්ධන BSc Eng (Moratuwa), MSc (Loughborough), PhD (Loughborough) පීඨාධිපති, වාස්තු විද්‍යාපීඨය: මහාචාර්ය පී.කේ.එස්.මහානාම B. A. (Hons) Geog., M. Sc. (TCP ) SL, FITP (SL) පීඨාධිපති, ඉංජිනේරු විද්‍යා පීඨය: මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෑවල. BSc Eng (Moratuwa), MEng. (AIT), PhD (Manitoba), CEng, MIE(SL) පීඨාධිපති, තොරතුරු තාක්ෂණ පිඨය: D. K. ව්තාණගේ මහතා B.Sc. Eng. (Moratuwa) පීඨාධිපති, වෛද්‍ය පීඨය: මහාචාර්ය F.R. ප්‍රනාන්දු මහතා MBBS, M.S. (Col), FRCS (Edin), FRCS (Eng), FCPS (Pakistan), FASI (India), FCSSL (Sri Lanka), Ph D (Col) විශ්ව විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් පුද්ගලයන් ඉන්දිරා සමරසේකර -12 වැනි උපකුළපති,ඇල්බර්ටා විශ්වවිද්‍යාලය,කැනඩාව මහාචාර්ය ලලිත් ගමගේ,සභාපති,ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය අඩවියෙන් බැහැර පිටු මොරටුව විශ්වවිද්‍යාලය ITFAC ආශ්‍රිත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල
2276
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
කැළණිය විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලය , ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියයි . වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 4 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3087 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. ඉතිහාසය කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි. එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්කෙරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි. මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී. පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ සිදු වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ව්‍යුහය සංශෝධනයේ දී යථෝක්ත මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙස නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී. 1957 පනත අනුව ආරම්භයේ දී ගිහි පැවිදි ශිෂ්‍යයින් පමණක් මෙම ආයතනයට ඇතුළත් කරගනු ලැබූ අතර 1966 අංක 20 දරන ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමත් සමඟ ශිෂ්‍යවන්ටද මේ සඳහා ඇතුළත් වීමට හැකි විය. ආරභයේ දී පෑලියගොඩ පිරිවෙන් භූමියේ ම පිහිටවනු ලැබූ මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මඳ වීමේ ගැටලුව නිසා වර්තමානයේ විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන භූමි භාගයට 1975 වන විට ගෙන එන ලදී. 1959 ආරම්භක අවස්ථාවේ දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර, භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථික විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට සීමා වුවද, අද වනවිට මානවශාස්ත්‍ර, විද්‍යා, සමාජීය විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ 6 කින් හා අධ්‍යයන අංශ 48 කින් සමන්විත මුල්පෙලේ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත. තේමා පාඨය පඤ්ඤාය පරිසුජ්ඣති - ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න. කුලපති සහ විශ්වවිද්‍යාල බලධාරීහු කුලපති: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපකුලපති: මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා පීඨාධිපති - වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය: ආචාර්ය R.P.C. රන්ජනී මහත්මිය B.Com. [Kelaniya], M.Com., Ph.D. [Panjab] පීඨාධිපති - සමාජීය විද්‍යා පීඨය: මහාචාර්ය ඒ්.ඒච්.ඒම්.ඒච්. අබේරත්න මහතා පීඨාධිපති - විද්‍යා පීඨය: මහාචාර්ය නලින් ද සිල්වා මහතා B.Sc. [Ceylon], D.Phill.[Sussex] පීඨාධිපති - පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය: මහාචාර්ය මැණික් ගුනසේකර මයා​ B.A. Hons. ( Kelaniya), M.A., PhD.( Michigan) පීඨාධිපති - මානවශාස්ත්‍ර පීඨය: මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා B.A. [Sri Lanka], Ph.D. [Kelaniya], Dip. in Japanese [Osaka U.] පීඨාධිපති - වෛද්‍ය පීඨය: මහාචාර්ය A.R. වික්‍රමසිංහ මහතා M.B.B.S. [Colombo], MPH [Tulane], Ph.D. [Tulane], Ph.D. [Louisiana] අධ්‍යක්ෂ - පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය: මහාචාර්ය G.D. සුමනපාල මහතා B.A., M.A., Ph.D. [Kelaniya], Prachina Panditha අධ්‍යක්ෂ - පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය: මහාචාර්ය T.K.N.P. ද සිල්වා මහතා B.Sc. [BE], M.Sc. [Archt] අධ්‍යක්ෂ - වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය: මහාචාර්ය J.A. ලියනගේ මහත්මිය B.Sc. [Sri J'pura], Ph.D. [Cardiff], FRCS, F.I.Chemc.C., C.C.Chem., C.Sci. විද්‍යාපීඨාධිපති - නාවික හා සාගරික විද්‍යාපීඨය: කොමදෝරු S.S. රණසිංහ මහතා WWW, RWP, USP, PSC, M.Sc. [D&SS], M.Sc. [WS&DM], AOWC විද්‍යාලාධිපති - ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය: සේනා විධායක/ මේජර් ජෙනරාල් N.A. රණසිංහ මහතා RSP, USP, PSC විද්‍යාලාධිපති - ගුවන් හමුදා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය: ගුවන් කොමදෝරු N.H.V. ගුණරත්න මහතා USP, M.Sc. [Human Sec.], NDU-USA, PSC, CTF-NDU, PG. Dip. [LS] Colombo U., Dip. in HRM [UK], Dip. in Psy. [UK] ලේඛකාධිකාරී: W.M. කරුණාරත්න මහතා B.Sc. Pub. Ad. [Sri J'pura], MSSC [Kelaniya] පුස්තකාලාධිකාරී: L.A. ජයතිස්ස මහතා B.Sc. [Vidyalankara], Dip.Lib.Sc. & Inf.Studies [Kelaniya], M.L.I.Sc [Delhi] වැඩබලන මූල්‍යාධිකාරී: L.M. ජයවීර මහතා B.A. Sp. [Sri J'pura], PG. Dip. in Mgt. [Open University] පිඨ මානවශාස්ත්‍ර පීඨය වාග්විද්‍යා අධ්‍යයන අංශය සිංහල අධ්‍යයන අංශය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය නූතන භාෂා අධ්‍යයන අංශය ඉංග්‍රීසි අධ්‍යයන අංශය සංස්කෘත අධ්‍යයන අංශය හින්දි අධ්‍යයන අංශය නාට්‍ය, රංගකලා හා ප්‍රතිබිම්භකලා අධ්‍යයන අංශය බටහිර සම්භාව්‍ය හා ක්‍රිස්තියානි අධ්‍යයන අංශය සමාජීය විද්‍යා පීඨය පුරාවිද්‍යා විද්‍යා අධ්‍යයන අංශය ඉතිහාස අධ්‍යයන අංශය ජනසන්නිෙව්දන අධ්‍යයන අංශය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය භූගෝල විද්‍යා අධ්‍යයන අංශය දර්ශන අධ්‍යයන අංශය සමාජ විද්‍යා අධ්‍යයන අංශය පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨයේ තිබෙන වැදගත් අධ්‍යයන අංශයක් වශයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය සැලකිය හැකි ය. 1972 දී මෙය ආරම්භ කළ අතර ශ්‍රි ලංකාව තුළ පුස්තකාලයාධිපති වෘත්තියේ පුහුණු මිනිස් බල සම්පත නිර්මාණය කිරිම හා පුස්තකාල හා තොරතුරු විද්‍යාවට අදාළ උසස් අධ්‍යාපනය හා වෘත්තිය දැනුම ලබා දීමෙහි ලා ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින එකම අධ්‍යයනාංශය වේ. පුස්තකාල වෘත්තියේ ගුණාත්මක බව වර්ධනය කිරිම හා මෙම ක්ෂේත්‍රෙය් මානව සම්පත සංවර්ධනය කිරිම සඳහා අපරිමිත සේවයක් මෙමඟින් සිදු වේ. පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳව ශ්‍රි ලංකාවේ සිටින එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන පියදාස රණසිංහ මහතා මෙහි අචාර්ය මණ්ඩලයේ කටයුතු කරන අතර වර්තමාන අංශ ප්‍රධාන තනතුර හොබවන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ලැගුම්දෙණිෙය් පියරතන ස්වාමීන් වහන්සේ ය. විද්‍යා පීඨය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය වෛද්‍ය පීඨය අනුබද්ධිත ආයතන පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය ප්‍රත්‍යායිත විද්‍යායතන නාවික හා සාගරික විද්‍යාපීඨය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ගුවන් හමුදා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය ‍පහසුකම් සහ සේවාවන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය පුස්තකාලය ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය ශාරීරික අධ්‍යාපන අංශය කාර්ය මණ්ඩල සංවර්ධන ඒකකය වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය ශිෂ්‍ය උපදේශක ඒකකය වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත හා දුරස්ථ අධ්‍යන කේන්ද්‍රය ආසියානු මධ්‍යස්ථානය බාහිර සබැඳුම් University of Kelaniya Vidyalankara Pirivena University of Ceylon Sri Lanka University Games අඩවියෙන් බැහැර පිටු කැලණිය විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව කැළණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල
2280
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A
මානව සම්පත්
මානව සම්පත් යන්න බොහෝ සංවිධාන තුළ සම්ප්‍රදායික පරිපාලන සේවක සහ කාර්ය ඵල කළමණාකාරීත්ව ආශ්‍රිත විවිධ සංවිධාන තුළ විස්තර වෙන සංයුතියකි. සේවක සබඳතා සහ සම්පත් සැලසුම්කරණයද ඊට අඩංගු වේ. කාර්මික සහ සංවිධානාත්මක මනෝවිද්‍යාවේදී සංවර්ධනය කරන ලද සංකල්ප මත එය රඳා පවතී. සන්ධර්භය අනුව මානව සම්පත් යන්නට අවම වශයෙන් අදාල තේරුම් ගැනීම් දෙකකි. මුල් භාවිතය දේශපාලන ආර්ථික සහ ආර්ථික විද්‍යාවෙන් පැවතේ. එහිදී එය සම්ප්‍රදායානුකූලව ශ්‍රමය ලෙස හැඳින්වේ. එය නිෂ්පාදන සාධක හතරෙන් එකක්ද විය. වඩා ප්‍රචලිත සංස්ථා සහ වානිජ භාවිතයේදී එය ගැනෙන්නේ සමාගමක් තුළ සිටින පුද්ගලයන් ලෙසය. එම සංවිධානයේ බඳවාගැනීම්, අස්කිරීම්, පුහුණුව සහ වෙනත් සේවා කටයුතු පිළිබඳව ක්‍රියා කරන කොටසට අයත්වේ. මෙම ලිපියට නිර්වචන දෙකම අඩංගු වේ. මානව සම්පත් යන්නෙහි ඉලක්කය වන්නේ සංවිධානයේ මානව ප්‍රාග්ධනයෙන් උපරිම ලාභයක් ලබාගැනීමටත් මූල්‍යමය අවධානය අවම කිරීමත්ය. මෙම කාර්යභාරයන් බලපාන ආකාරයට නිත්‍යානුකූලව සාධාරණව සහ සමාන ආකාරයට සිදුකිරීම මානව සම්පත් කළමනාකරුවන්ගේ වගකීම වේ. මානව සම්පත් කළමනාකරණය පහත දැක්වෙන අත්‍යාවශ්‍ය ශ්‍රිතයන් ඉටු කරයි. බඳවා ගැනීමේ උපක්‍රම සැලසුම් කිරීම. බඳවා ගැනීම් ක්‍රියාවලි. තෝරාගැනීම. පුහුණුව සහ සංවර්ධනය. කාර්ය ඵල ආගයීම සහ කළමනාකරණය. උසස්වීම්. සමතිරික්තය. කාර්මික සහ සේවක සබඳතා. පෞද්ගලික දත්තවල සියලූම වාර්තා තබාගැනීම. වන්දි, විශ්‍රාම වැටුප්, වෙනත් ප්‍රතිලාබ ගෙවීම් අංශයත් සමග එකට කිරීම. අභ්‍යන්තර සේවාදායකයින්ට වැඩ පිළිබඳ ගැටළුවලට රහසිගත උපදෙස් ලබාදීම. වෘත්තීය සංවර්ධනය. මානව සම්පත පිළිබඳ නව සංකල්ප මානව සම්පත අතීතයේ පටන් ව්‍යාපාර වලට යොදා ගැනුනත්, එය කළමනාකරණය පිළිබඳ අදහස “Fedric. W. Teylor” ගෙ සංකල්පයක් අනුව 1900 යුගයේ සිට ආරම්භ විය. 1920 වන විට ඇමරිකාවේ මානසික හා ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂඥවරුන්, ව්‍යාපාරයේ සේවකයාගේ හා ආයතනයේ සම්බන්ධතාව හා මානසික ස්ථායිතාවට ව‍ඩා ඉඩ ලබා දුනි. 20 වැනි සියවස මැද පැමිණි “නායකයා” සංකල්පය, සේවකයන් අතර කණ්ඩායම් හැගීම ඇති කිරීම ආදිය ආයතනයේ සාර්ථකත්වයට තුඩු දෙන හේතුන් ලෙස හඳුනාගන්නා ලදී. කෙසේ වුවත් මෙම සංකල්ප, මිනිසා තදින් පාලනය කළ යුතු බව කියන හා ලාභ පදනම් කරගත් සංකල්ප සමග ගැටීම් ඇති වේ. ආයතනයක එබැවින් ඕනෑම ආයතනයක මෙම සංකල්ප, කල්පනාකාරීව භාවිතා කළ යුතුය. මානව සම්පත් කළමනාකරණය
2281
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%20%28%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%29
විද්‍යාව (වක්‍රෝත්තිහරණය)
ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න අාසියාතික භාෂා වලින් විද්‍යා ලෙස භාවිතාවන වචනයේ තේරුම විද්‍යාව බලන්න. බෞද්ධ සංකල්පමය විග්‍රහය සඳහා විද්‍යාව (බෞද්ධ සංකල්පය) බලන්න. සයන්ස් යන වදනේ සිංහල පරිවර්ථනය සඳහා නවීන විද්‍යාව බලන්න. විද්‍යා යන අන්වර්ථ නාමයේ තේරුම සඳහා සරස්වතී බලන්න. වැඩිදුර කියවීම් නලින් ද සිල්වා. (2008). අපේ ප්‍රවාද 2 විසිදුණු ප්‍රකාශකයෝ. ISBN 978-955-1741-08-2 නලින් ද සිල්වා. (2003). විද්‍යා කතන්දර විසිදුණු ප්‍රකාශකයෝ. ISBN 955-9170-60-0 Book Pre-view බාහිර සබැඳි අපේ දැනුමට දෝහිවීම නිර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය
2285
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
සුනිල් ආරියරත්න
සුනිල් ආරියරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකි. අධ්‍යක්‍ෂණයන් නිෂ්පාදනයන් සුදු සෙවනැලි සම්මාන 2003 - හොඳම අධ්‍යක්‍ෂණය - සුදු සෙවනැලි අඩවියෙන් බැහැර පිටු IMDB වෙබ් අඩවිය - සුනිල් ආරියරත්න
2286
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%20%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
අයිරාංගනි සේරසිංහ
මූලාශ්‍ර බාහිර සබැඳි වෙබ් අඩවිය බිෂොප් විදුහලේ ආදි සිසු සිසුවියෝ
2287
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B6%BA
විද්‍යුතය
විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම, ස්ථිති විද්‍යුතය, විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි. විද්‍යුතය (ලතින් භාෂාවෙන් “Electricus) යනු විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගලා යෑම නිසා ඇතිවන විවිධ සංසිද්ධීන්ට පොදුවේ යෙදෙන පදයකි. එනම් විද්‍යූතය හා අකුණු ගැසීම වැනි නිතර හමුවන සංසිද්ධීන් මෙන්ම විද්‍යූත් චුම්භක ප්‍රේරණය හා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වැනි නිතර හමුනොවන සංකල්පද මෙයට ඇතුළත් වේ. සාමාන්‍යය භාවිතයේදී විද්‍යුතය යන වචනය භෞතික ආචරණ රැසක් දැක්වීම සඳහා ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක භාවිතයේදී මෙය ප්‍රමාණවත් නොවන නිශ්චිත අරුතක් රහිත වදනක් බවට පත්වන අතර මෙහි විවිධ අර්ථයන් වෙන් වෙන්ව වි‍‍ශේෂකර දැක්වීම වඩ‍ාත් පැහැදිලි ක්‍රමයයි. විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි. විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි) විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි) විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය. විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය. විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්. විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්. 17 – 18 සියවස් පමණ වන තෙක්ම විද්‍යාත්මක දියුණුවක් නොලත් නමුත් අතීතයේ සිටම විද්‍යුතය අධ්‍යයනයට ලක්විය. කෙසේ නමුත් ඉංජිනේරුවන්ට විද්‍යුතය කාර්මික හා ගෘහස්ථ ප්‍රයෝජනයන් සඳහා යොදා ගැනීමට 19 වන සියවසේ අග භාගය පමණ විය. මෙම කාල වකවානුවේදී තාක්ෂණයේ දියුණූව සමග විශාල ව්‍යාප්තියක් ඇති වීමත් සමග කාර්මික හා ගෘහස්ථ භාවිතය සඳහා විද්‍යුතය සැපයීමට ඉංජිනේරුවන්ට හැකි විය. විද්‍යුතය,ප්‍රවාහනය, තාපය උපදවීම් , සන්නිවේදනය හා පරිගණකකරණය ආදී අසීමිත ක්ෂේත්‍රයන් ගණනාවකට යෙදිය හැකි තරම් බහුකාර්ය ශක්ති ප්‍රභවයකි‍. එනිසා විද්‍යූතය අද්විතීය ශක්ති ප්‍රභවයක් ලෙස සැළකේ. වර්තමානයේත්, අනාගතයේත් බොහෝ කාලයක් සඳහා කාර්මික සමාජයේ පදනම ලෙස විද්‍යූත් බලයේ භාවිතය මත රඳා පවතී යැයි සිතිය හැක. ඉතිහාසය මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිත පැරණි සංස්කෘතීන්ට අයත් ජනයා ඇම්බර් ආදී ද්‍රව්‍යවලින් තැනූ දඬු පූස් ලොම්වලින් පිරිමැදි විට ඒවාට පිහාටු වැනි සැහැල්ලු වස්තු ආකර්ෂණය වන බව දැන සිටියහ. ක්‍රි.පූ. 600 දී පමණ කේලේස්හි මිලේටස් ස්ථිති විද්‍යුතය පිළිබඳ පර්යේෂණ මාලාවක් සිදු කළ අතර පිරිමැදීමෙන් තොරවම චුම්භක ගුණ පෙන්වන මැග්නටයිට් වැනි ඛනිජවලට පරස්පර ආකාරයට ඝර්ෂණය නිසා ඇම්බර්වලට චුම්භක ගුණ ලැබෙන බව ඔහුගේ විශ්වාසය විය. ඉහත ආකර්ෂණයට හේතුව චුම්භකත්වය බවට තේලේස් කළ නිගමනය නිරවද්‍ය එකක් නොවන නමුත් පසු කාලීනව විද්‍යාඥයන් විසින් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවය ඔප්පු කරන ලදී. 1936 වසරේ දී සොයා ගන්නා ලද පෙනුමින් ගැල්වානි කෝෂයක් ආකාරය ගන්නා “Baghdad Battery” (බෑග්බෑග් කෝෂය යන අරුත දේ) නම් පුරා වස්තුව මත පදනම්ව පාතියන්වරුන්හට විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ යම් දැනුමක් තිබූ බවට මතයක් පළවී ඇති නමුදු මෙය විවාදයට තුඩු දී ඇත. පුරා වස්තුවේ යම් විද්‍යුත් ගුණාංගයක් පවතී ද යන්න තහවුරු වී නොමැති අතර ලෝහාලේපනය පිළිබඳ මතයට පුරා වස්තුවේ ව්‍යුහය හා එකඟ වන ආකාරයේ සාක්ෂි ‍නොමැත. ප්ලිනී (Pliny the Elder) සහ ස්ක්‍රීබොනියස් ලාගස් ආදී පැරණි ලේඛකයන් කැට්ෆිෂ් සහ ටෝපිඩෝ මඩුවක් ඇති කරන විදුලි සැර වැදීමෙන් දැනෙන කම්පනය පිළිබඳ සඳහන් කර ඇති අතර එවන් විදුලි සැරයක් සන්නායක ඔස්සේ ගමන් කළ හැකි බව ද ඔවුන් දැන සිටියහ. එකල හිසරදය හෝ රක්තවාතය වැනි රෝගවලින් පෙලුනු රෝගීන් , ප්‍රබල විදුලි සැරයක් හේතුවෙන් රෝගය සුව වේ යැයි තිබූ විශ්වාස හේතුවෙන් විදුලි සැර නිකුත් කරන මසුන් ඇල්ලිමට යොමු කරවා ඇත. කෙසේ නමුත් ආරම්භයෙන් සහස්‍රක දෙකකටත් වැඩි කාලයක් ගතවන තුරු, එනම් ක්‍රි.ව.1600 පමණ වන තුරු විද්‍යුතය හුදෙක් බුද්ධිමය කුතුහලය මදක් ඉක්මවූ ක්ෂේත්‍රයක් පමණක් විය. ක්‍රි.ව. 1600 පමණ ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥ විලියම් ගිල්බට් විද්‍යුතය සහ චුම්භකත්වය පිළිබඳ සූක්ෂම අධ්‍යයනයකින් අනතුරුව චුම්භක ගුණ ඇති පාෂාණ මඟින් ඇති කරන ආවරණය ඇම්බර් කැබලි පිරිමැදීමෙන් ලැබෙන ස්ථිති විද්‍යුතය වෙන්කර දක්වන ලදී. තවද ඔහු විසින් පිරිමැදීමෙන් අනතුරුව කුඩා වස්තු ආකර්ෂණය කිරීමේ ගුණය හැඳින්‍වීම සඳහා electricus නම් නව ලතින් පදය නිර්මාණය කරන ලදී. (මෙය “‍ඉලෙක්ට්‍රොන්” ලෙස ශබ්ද කෙරෙන ඇම්බර් සඳහා යෙදෙන ග්‍රීක වචනය ඇසුරින් නිර්මාණය කර ඇති අතර ලතින් බසින් එහි අදහස “ඇම්බර් වැනි” යන්නයි) අනතුරුව මේ අනුසාරයෙන් විද්‍යුතය හැඳින්වීමට භාවිතා වන "electric" හා "electricity" යන වදන් නිර්මාණය වූ අතර ඒවා පළමු වරට මුද්‍රිත අයුරින් ප්‍රකාශයට පත්ව ඇත්තේ 1646 පලවූ තෝමස් බ්‍රවුන්ගේ “Pseudodoxia Epidemica” නම් ග්‍රන්ථයේය. ඔටෝ වොන් ගුරික්, රොබට් බොයිල් ස්ටීවන් ග්‍රේ සහ සී.එෆ්. ඩූ ‍ෆේයි විසින් පර්යේෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. 12 වැනි ශත වර්ෂයේ දී ‍‍බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විද්‍යුතය පිළිබඳ පුළුල් පර්යේෂණ රැසක් සිදු කළ අතර සිය පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු සිය බඩු බාහිරාදිය පවා විකුණා දමන ලදී. 1752 ජුනි මාසයේ දිනෙක ඔහු තෙත් වූ නූලක් සහිත සරුංගලයක නූලෙහි පහල කෙ‍ළවරට ලෝහ යතුරක් සම්බන්ධ කර අනතුරුව කුණාටුවක් ඇරඹීමට ආසන්නව එම සරුංගලය අහසට නංවා අනතුරුව යතුරෙහි සිට සිය පිටි අල්ලට පුලිඟු පනින අයුරු නිරීක්ෂණය කර ඒ ඇසුරින් අකුණු ගැසීම විද්‍යුතය හා සැබැඳි ක්‍රියාවලියක් බව පෙන්වා දෙන ලදී. ස්නායු සෛල ඔස්සේ පේශි දක්වා සංඥා ගමන් කරනුයේ විද්‍යුතය මාධ්‍යයය ලෙස යොදා ගනිමින් බව ආදර්ශනය කරමින් 1791 දී ලුයිජි ගැල්වානි සිය ජෛව විද්‍යුතය පිළිබඳ සොයා ගැනීම ප්‍රකාශයට පත් ‍කළේය. ක්‍රි.ව. 1800 කාලයට අයත් මාරුවෙන් මාරුවට සින්ක් සහ තඹ පතුරු යොදා නිර්මාණය කළ වෝල්ටා පුංජය ලෙස හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් වෝල්ටාගේ කෝෂය එයට පෙර විද්‍යාඥයන් භාවිතා කළ ස්ථිති විද්‍යුත් උපකරණවලට වඩා විද්‍යුතය සඳහා විශ්වාසවන්ත ප්‍රභවයක් විය. 1820 දී ඇන්ඩේ මාරි ඇම්පියර් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවයක් පවතින බව මුල්වරට සොයාගන්නා ලදී. 1821 වසරේ දී මයිකල් ෆැරඩේ විදුලි මෝටරය නිර්මාණය කළ අතර 1827 දී ජෝජ් ඕම් විද්‍යුත් පරිපථ ගණිතමය ලෙසට විශ‍්ලේෂණය කරන ලදී. 19 වැනි සිය‍වසේ විද්‍යා ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුතය සීඝ්‍ර දියුණුවකට ලක් වූ අතර විදුලි ඉංජිනේරු විද්‍යාව වඩාත් සීඝ්‍රව වර්ධනය වූයේ 19 වැනි සියවසේ අග භාගයේ දීය. නිකොලා ටෙස්ලා , තෝමස් ඒඩියන්, ජෝජ් වෙස්ටින්ග් හවුස් , අර්න්ස්ට් වර්නර් ‍වොන් සීමන්ස්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ කෙල්වින් සාමිවරයා ආදීන්ගේ දායකත්වය හේතුවෙන් විද්‍යුතය හුදෙක් විද්‍යාත්මක කුතුහලයක් දන්වන්නක සිට නූතන ජන ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් දක්වා පරිවර්තනයකට භාජනය වූ අතර විද්‍යුතය දෙවැනි කාර්මික විප්ලවය ඇති කිරීම සඳහා ද හේතු විය. විද්‍යුත් ‍ක්ෂේත්‍රය විද්‍යුත් ‍ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි. ස්කන්ධයන් දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ක්‍රියා කරන්නා සේ ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. ගුරුත්වාකර්ෂණය සෑම විටම ස්කන්ධ දෙකක් එකිනෙකට ආකර්ෂණය කරන නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක. ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ. ඒ නිසා දුර්වල වූවත් විශ්වයේ විශාල දුර ප්‍රමාණ හරහා ක්‍රියාකරන ප්‍රධානම බලය ගුරුත්වාකර්ශනය වේ. සන්නායක තලයක් මතුපිට ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයක් නිස්ස්‍රාවනය වේ. අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් සාමාන්‍යයෙන් විචලනය වේ. එහි යම් ස්ථානයක එහි ප්‍රබලතාව එම ස්ථානයේ වූ නිෂ්චල නොගැනිය හැකි තරම් කුඩා ආරෝපණයක් සඳහා (ඒකක ආරෝපණයක් මත) ලෙස අර්ථ දැක්වේ. සංකල්පිත ආරෝපණය (පරීක්ෂා ආරෝපණය) ප්‍රධාන ක්ෂේත්‍රයට බාධා ‍නොකෙරෙන පරිදි ක්ෂේත්‍රයක් නොසාදන ඉතා ක්‍රඩා ආරෝපණයක් විය යුතු අතර චුම්භක ක්ෂේත්‍රවල ආචරණයට ලක් නොවන පරිදි නිෂ්චල විය යුතුය. විද්‍යුත් ක්ෂේත්‍රයක් යනු බලයකි. බලයක් යනු දෛශිකයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් ද යනු දිශාවක් හා විශාලත්වයක් ඇති දෛශිකයකි. එනම් එය දෛශික ක්ෂේත්‍රයකි. නිෂ්චල ආරෝපණ මගින් ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යයනය ස්ථිති විද්‍යුතය යටතේ සිදු වේ. ක්ෂේත්‍රයක් දැක්වීමේදී මනංකල්පිත රේඛා භාවිතා කළ හැකි අතර එහි දී ඕනෑම ස්ථානයක රේඛා දිශාව එම ලක්ෂ්‍යයේ ද ක්ෂේත්‍රයේ දිශාවට සමාන විය යුතුය. මෙම සංකල්පය වර්තමානයේ දී ද භාවිතා කෙරෙන අතර 'බල රේඛා' යනුවෙන් හැඳින්වේ. මෙය ෆැරඩේ විසින් හදුන්වාදෙන ලද්දකි. බල රේඛා යනු ක්ෂේත්‍රයක් තුළ තැබූ ධන ආරෝපණ ඒවා මත බලයක් යෙදෙන බලය නිසා ගමන් කරන පථයයි. මෙම මනංකල්පිත රේඛාවලට භෞතිකමය පැවැත්මක් නොමැත. තවද රේඛා අතර පරතරය පුරාද ක්ෂේත්‍රය පැතිරී පවතී. නිසල ආරෝපණයකින් ස්‍රාවය වන බල රේඛාවලට ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත ඒවා ධන ආරෝපනයකින් පටන් ගෙන ඍණ ආරෝපණයකින් අවසන් වේ. තවද ඒවා අනිවාර්යෙන් හොඳ සන්නායක මාධ්‍යයකට ඍජුකෝණීව ම ඇතුළු විය යුතුය. තෙවැන්න කිසිවිටකත් ක්ෂේත්‍ර එකිනෙක ඡේදනය නොවේ. අධිවෝල්ටීය උපකරණ සෑ‍දීමේදී ස්තිථි විද්‍යුත් මුලධර්ම වැදගත් වේ. ඕනෑම මාධ්‍යයකට දැරිය හැකි විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තියට සීමාවක් ඇත. මෙම සීමාව ඉක්මවූ විට විද්‍යුත් බිද වැටීමක් ඇතිවන අතර ආරෝපණ කොටස් අතර විද්‍යුත් චාප හටගනී. උදාහරණයක් ලෙස කුඩා දුර ප්‍රමාණ සඳහා සෙන්ටිමීටරයකට හා 30kv හෝ ඊට වැඩි ප්‍රබලතාවක් ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගැනීමේ දී වාතය තුළින් විද්‍යුත් චාප දැක්වේ. විශාල පරතර හරහා වාතයේ බිඳ වැටුම් ශක්තිය හීන වේ. එනම් සෙන්ටිමීටරයකට 1kv පමණ වේ. අකුණු ගැසීම මේ සඳහා වඩාත් ප්‍රායෝගික ස්වභාවික නිරීෂණයකි. මෙය සිදුවන්නේ ඉහල නඟින වාත කදන් මගින් වළාකුළුවල ආරෝපණ වෙන් වී වාතයට දරාගත නොහැකි තරම් ප්‍රබල විද්‍යුත් ‍ක්ෂේත්‍රයන් ඒ හරහා හටගත් විටය. මෙසේ වූ ආරෝපිත විශාල වළාකුලක වෝල්ටීයතාව 100Mv වැනි ඉහල අගයක් ගත හැකි අතර 250kwh වැනි විශාල විසර්ජන ශක්තියක් පැවතිය හැක. සන්නායක වස්තු මගින් ඒවා අසල වූ ක්ෂේත්‍රයක ශක්තිය කෙරෙහි විශාල ව‍ශයෙන් බලපෑම් සිදු කරයි. තීව්‍ර තුඩු සහිත වස්තූන්ගේ තුඩු ගමන් කිරීමට සිදු වේ නම් ක්ෂේත්‍ර තීව්‍රතාව තවත් ඉහල‍වේ. අකුණු සන්නායක සදහා මෙම මුලධර්මය යොදාගනී. තීව්‍ර තුඩු සහිත සන්නායකය එය විසින් ආරක්ෂා කරන ගොඩනැගිල්ලට වඩා ඒ මතට විදුලි සැර ඇද ගනී. විද්‍යුතය හා ස්වභාවික ලෝකය කායික බලපෑම මිනිස් ශරීරයට වෝ‍‍ල්ටියතාවක් සැපයු විට පටකයන් හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරයි. සම්බන්ධය රේකීය නොවුවත් වෝල්ටීයතාව වැඩිවන විට ගලන ධාරාවද වැඩිවේ. දේහලීය සංවේදනතාව ධාරාවේ පථය හා සපයන ලද සංඛ්‍යාතය සමග වෙනස් වන අතර ජව මූලික සංඛ්‍යාත විද්‍යුත‍ය සඳහා පථ 1mA පමණ වේ.ධාරාවෙහි අගය ප්‍රමාණවත් තරම් ඉහළ වේ නම් එවිට පේෂී සංකෝචනය,හෘද තත්වායනය ,පටක පිලිස්සීම ආදී බලපෑම් ඇතිවේ. විද්‍යුතය කර ඇති සන්නායකයක් බාහිරව හඳුනා ගැනීමට නොහැකි බැවින් එය උවදුරක් ඇතිවීමේ මාර්ගයක් වේ.විදුලිසැර වැදීමෙන් ඇතිවන වේදනාව අතිශය තීව්‍ර විය හැක අතර එබැවින් විදුලිය හිංසන උපායන්ට යොදාගැනේ. විදුලි පහරක් නිසා සිදුවන මරණයක් electrocution ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් වේ. වර්ථමානයේ සුලභව භාවිතා ‍ෙනාවුවද සමහරක් අධිකරන බල ප්‍රදේශ තුළ මරණ දණ්ඩනයට ලක්වූවන් විදුලි සැර වැදීමෙන් මරණයට පත් කිරීම සිදුකරනු ලැබීය. විද්‍යුත් සංසිද්ධිය විද්‍යුත‍ය යනු සියයට සීයක්ම මිනිස් නිපැයුමක් නොවේ. අකුණු ගැසීම වැනි විවිධාකාර තත්වලින් විද්‍යුත‍ය ස්වභාවයේ පවතී. පෘථිවි චුම්භක ක්ෂේත්‍රය ද පෘථිවි ගර්භය වටා වූ ස්වභාවික ඩයිනමෝවක් ආකාරයට ක්‍රියා කරන සංක්‍රමණ ධාරා හේතුවෙන් ඇතිවේ යැයි විශ්වාස කෙරේ. උක් දඬු මෙන්ම ක්වාටිස් වැනි සමහර පාෂාණ වර්ග ද බාහිර පීඩනනයකට යටත් වූ කල ඒවායේ පෘෂ්ඨ හරහා විභව අන්තරයක් හටගනී. මෙ‍ම සංසිද්ධිය පීඩ විද්‍යුත‍ය වශයෙන් හැඳින්වේ. ග්‍රීක භාෂාවේ piezein යනු තද කරීමයි. මෙම සංසිද්ධිය 1880 දී පියරි හා ජැක්ස් කියුරි විසින් සොයාගන්නා ලදී. මෙම ආවරණය පරස්පර ලෙස පීඩ විද්‍යුත් ද්‍රව්‍යයක් විද්‍යුත් ක්ෂේත්‍රයකට භාජනය කළ විට එහි හෞතික මාන යම් ප්‍රමාණයකින් වෙන්වීම සිදු වේ. මෝරුන් වැනි සමහර ජීවින් “විද්‍යුත් ප්‍රතිචාර” යන හැකියාව මගින් විද්‍යුත් ක්ෂේත්‍ර‍ෙය් වෙනස් වීම් හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්විය හැක. සමහරක් ජීවීන් විද්‍යුත් ජනනීය ජීවීන් වන අතර ඔවුහු ආරක්ෂාකාරී හෝ ප්‍රහාරක ආයුධයක් වශයෙන් විද්‍යුතය නිපදවා භාවිතයට ගනිති. ‘විදුලි ආඳා’ ඇතුළත් වන ජම්නොටිෆෝම් ගෝත්‍රයේ ජීවීන්ට විද්‍යුත් ජනක සෛල ලෙස හැඳින්වෙන විශේෂ‍ෙයන් සැකසුණු පේෂී සෛලවල නිෂ්පාදිත අධික වෝල්ටීයතාවන් ඇසුරින් ඔවුන්ගේ ගොදුරු ආවරණය කරගැනීම හෝ අඩපන කිරීම කළ හැක. ස්නායු පද්ධතියේ ස්නායු සහ පේෂීන් අතර සන්නිවේදනයට උපකාරී වන ක්‍රියා විභවයන් ලෙස හැඳින්වෙන විද්‍යුත් ස්පන්දයක් ඇසුරෙන් සියළු ජීවීන් සිය සෛල පටල /ප්ලාස්ම ඹස්සේ තොරතුරු සම්‍ප්‍රේෂණය කරති. (මෙම මුලධර්ම හේතුවෙන් විදුලිසැර වැදීමක් මගින් ස්නායු පද්ධතිය අධිභාරයකට ලක්වී‍මෙන් ජීවියෙකු තාවකාලිකව හෝ ස්ථිරවම අංශභාග තත්වයකට භාජනය විය හැක.) මෙම පද්ධතීන් සමහර ශාකවල සම්බන්ධීකරණ ක්‍රියාවලිය සඳහා ද වැදගත් වේ. විදුලිය
2289
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
ඉතිහාසය
ඉතිහාසය ඉගෙන ගැනීමට පෙර ඉතිහාසය යනු කුමක් ද කියලා අපි ඉගෙන ගත යුතුයි. ඉතින් සරලව ඉතිහාසය කියල කියන්නේ අපි ද අපි වටා ඇති සියලුම දේවල්වල ද අතීතයි. ඉතිහාසය කියන වචනය මුලින්ම ජන සමාජයට එන්නේ ග්‍රීසියේ සම්භාව්‍ය යුගයේ දී. එනම් ක්‍රි.පූ.6 වන සියවසේ දී පමණ (අදින් වසර 2500 පෙර) පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිය අය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී.මෙම තත්වය නිසා හෙරඩෝටස් ඉතිහාසය විෂයේ පියා ලෙස හඳුන්වයි. ඉතිහාසය යන පදය නිර්වචනය කිරීම විවිධ ඉතිහාසඥයන් ඉතිහාසයෙන් අපේක්ෂා කල දෑ අනුව "ඉතිහාසය" යන පදයට දී ඇති අර්ථකථන ද වෙනස් වී ඇත. සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වන තෝමස් කාලයිල් ලෝක ඉතිහාසය "ශ්‍රේෂ්ට මිනිසුන්ගේ ජීවිත කථාවක්" ලෙස හැඳින්වීය. ඊ.එච්. කාර් නමැති ඉතිහාසඥයා "වර්තමානය ඉගෙනීමට ඇති යතුර" ලෙස ඉතිහාසය හැඳින්වීය. මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි. ඉතිහාසඥ විල් ඩුරන්ට් කීවේ ඉතිහාසය යනු "ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේ කල කී දෑ සහ සිතු පතු දෑ පිලිබඳ වෘත්තාන්තයක්" බවය. ඉතිහාසඥ ජී.එම්.ට්‍රෙව්ලියන්ගේ මතය අනුව "ඉතිහසය යනු තනි විශයක් නොවේ විශයන් රාශියකින් සැදුම් ලත් ගෘහයකි". ඉතිහාසය විද්‍යාවක් ද කලාවක් ද? ඉතිහාසය විෂය අයත් වන්නේ විද්‍යා විෂය ගණයට ද නැතහොත් කලා විෂය ගණයට ද යන්න මහත් විවාදයට තුඩු දී ඇති, එහෙත් තවම සතුටුදායක පිළිතුරක් ලැබී නැති ප්‍රශ්නයකි. කෙසේ වෙතත් බොහෝ ඉතිහාසඥයන් ඉතිහාසය සලකන්නේ පැරණිතම මානව විද්‍යාව වශයෙනි. ඉතිහාසයේ ඇති වටිනාකම හෙරඩෝටස් ඉතිහාසය ලීවේ පැරණි ග්‍රීකයන්ගේ වැඩ කටයුතු අනාගත පරම්පරා විසින් අමතක නොකරනු ඇත යන පැහැදිලි බලාපොරොත්තුව ඇතිවය. විවිධ කාල පරිච්ඡේද වල සිටි රජවරුන්ගේ සහ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ වැඩ කටයුතු ඉතිහාසය තුළින් ගෙන හැර දැක්වෙන අතර එමගින් මිනිසා පිළිබඳව මිනිසාගේ දැනුම වර්ධනය කෙරේ. ඉතිහාසය මගින් අතීත මිනිස් ක්‍රියාකාරකම් වලට පසුබිම් වූ අරමුණු රසවත් සහ මානවවාදී ආකාරයකට පැහැදිලි කරයි. කාලයිල් නම් ඉතිහාසඥයාගේ ප්‍රංශ විප්ලවය නම් කෘතියෙන් පැරණි මිනිස් ක්‍රියාකාරකම් පමණක් නොව ඒවාට තුඩු දුන් හේතුකාරක ද විස්තර කර තිබීම ඉහත කාරණයට නිදසුන් වශයෙන් දැක්විය හැක. ඉතිහාසය මගින් අතීත සිදුවීම් අධ්‍යයනය කරයි. ඒ අනුව දැකිය හැකි වන්නේ එක සමාන ඓතිහාසික සිද්ධි බහුල බවයි. මේවා මගින් වත්මන් මිනිසාට පාඩම් උගත හැකිය. නිදහස සඳහා හෝ සූරා කෑමට එරෙහිව හෝ පිඩනයට විරුද්ධව හෝ සිදුකරන අරගල සඳහා පැරැන්නන් එවැනි තත්ත්ව හමුවේ කටයුතු කල ආකාරය නුවණින් කල්පනා කොට අනුගමනය කිරීම වත්මන් මිනිසාට කල හැකිය. මහත්මා ගාන්ධි තුමාගේ ක්‍රියාකලාපයන් සඳහා විශාල අනුබලයක් ලැබුනේ ඊට සියවසකට ඉහත ඉතාලියේ නිදහස් සටන්කාමින් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ලියා තිබූ කෘති කියවීමෙන් බව සඳහන් වේ. ඉතිහාසය ඉගෙනීමෙන් වත්මන් මිනිසාට අතීතය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි වේ. සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ අතීතයේදීය. අතීතය සහ වත්මන් මිනිසා අතර ඇති සම්බන්ධතාවය සිඳ බිඳ දැමිය නොහැක. නිදසුන් ලෙස තවමත් පවතින අයහපත් සමාජ ලක්ෂණයක් වන කුලවාදය දැක්විය හැකිය. එය අතීතයේ ආරම්භ වූවකි. පර්යේෂකයන් සහ සමාජ විද්‍යාඥයන්ට ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන රාශියකි. ගැටළු විනිවිද දැකීමටත්, සමාජ විද්‍යාත්මක හෝ ආර්ථිකමය වාතාවරණය පිලිබඳ දත්ත සපයා ගැනීමටත්, මූලාශ්‍රය තොරතුරු සපයා ගැනීමටත් ඉතිහාසය මහඟු පිටිවහලක් සපයයි. බුද්ධිමතුන්, දේශපාලනඥයන්, පරිපාලකයන්, හමුදා නිලධාරින්, විද්‍යාඥයන්ට මෙන්ම පාලකයන්ට ද ඉතිහාසය ඉගෙනීමෙන් ප්‍රයෝජන ඇත වනු ඇත. නැපෝලියන් බොනපාට්ට ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල ජයග්‍රහණ අත් කර ගැනීමට, ඉතිහාසය කෙරෙහි ඔහු තුළ පැවති සැලකිල්ල සහ අවබෝධය ද ඉවහල් විය. ජවහර්ලාල් නේරු, ජෝන් එෆ්. කෙනඩි වැනි සමකාලීන ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ තීක්ෂණ බුද්ධිය, ඉතිහාසය ඉගෙනීම නිසා වැඩි දියුණු වූ බව පැහැදිලි වේ. ඕනෑම ජාතියක ඉතිහාසය අධ්‍යයනයේදී පෙනීයන්නේ ඉතිහාසයේදී එම ජාතිය බොහෝ අර්බුද වලට මුහුණ ඩි ඇති බවයි. ජාතික අර්බුද තත්ත්ව හමුවේ ජාතික නායකයන්ට මාර්ගෝපදේශකයා වන්නේ ඉතිහාසයයි. ඉතිහාසය මගින් අතීත වෘත්තාන්තයක් ගෙන හැර දැක්වීම පමණක් නොව අතීතය සහ වර්තමානය එකට සම්බන්ධ කොට අනාගතයට මග සලසන පාලමක් ද සපයන බව ඇලන් නේව්න්ස්ගේ මතය වේ. ජාතියක සම්ප්‍රදායානුකූල සහ සංස්කෘතිකමය වටිනාකම් ඉතිහාසය මගින් ආරක්ෂා කර දෙන බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. සිය දේශය ලෝක ඉතිහාසය වෙනුවෙන් කිසියම් කාර්යභාරයක් ඉටුකර ඇති බවත් එහි ඇති වැදගත්කමත් නිරතුරුව සිහිපත් කර දීමෙන් ඉතිහාසය විසින් යම් ජාතියකට, ජාතික වැදගත්කමකින් යුක්ත වූ කර්තව්‍යයක් ඉටු කර දෙනු ලැබේ. 19 වන සියවස මුල් කාලයේ දී නැපෝලියන්ට එරෙහිව ජර්මනියේ ඉතිහාසඥයෝ ජාතිවාදී ගිනිසිළු ඇවිලවූහ. එම ඉතිහාසඥයන්ගේ අදහස් වලින් 20 වන සියවසේ දී වැරදි මගට යොමු වූ හිට්ලර්, ජර්මන් ජාතිකයන් පිරිසිදු ආර්යයන් බව ද, එම නිසා ඔවුන් මුළු ලෝකය ම පාලනය කිරීමට සුදුසු බව ද විශ්වාස කළේ ය. පැහැදිලි ලෙස සනාථ කොට දැක්විය නොහැකි වුවත්, ආදරය, කරුණාව, අනුකම්පාව සහ ඉවසීම ආදී යහගුණ පුද්ගලයාගේ සිතෙහි ජනිත කිරීම ඉතිහාස දැනුමෙන් ලබා ගත හැකි තවත් ප්‍රයෝජන වශයෙන් දැක්විය හැකි ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් පීඩනයට පත් කිරීම ආදිය ඉතිහාසය තුළින් දැක පිඩාවට පත් ජාතිය කෙරෙහි අනුකම්පාව, දයාව, කරුණාව සිත්හි ජනිත කරගන්නා ඉතිහාසය අධ්‍යයනය කරන්නෝ, එවන් වූ සිදු වීම් යලි ඇති වීම වලක්වා ගැනීමටත් වර්තමානයේ දී සිදු වෙමින් පවතින එවැනි ක්‍රියා වලට එරෙහි වීමට/හෙළා දැකීමට ත් යොමු වෙති. ඉතිහාසයෙන් ලද හැකි පාඩම් අතීත අත්දැකීීම් තුලින් වර්තමානය තේරැම්ගෙන අනාගතය ගොඩනගා ගැනීම . පුද්ගල පෞර්ෂත්වය වර්ධනය කරගත හැකි වීම.. ඉතිහාසය සහ පුරාවිද්‍යාව පූර්ව ඓතිහාසික අවධිය පිළිබඳව අවබෝධ කර ගැනීමට ඉතිහාසඥයන්ට ඉඩ සලසන්නේ පුරාවිද්‍යාව මගිනි. පුරාවිද්‍යාව මගින් අතීතයෙන් ඉතිරි වී ඇති දෑ විද්‍යාත්මක අධ්‍යයනය කිරීම සිදු කරයි. පැරණි වැදගත් ස්ථාන, ස්මාරක, කාසි, සෙල්ලිපි ඇතුළු කෞතුක භාණ්ඩ ඉතා නිවැරදි ලෙස උපයෝගී කර ගෙන ඉතිහාසය යළි සකස් කිරීමට පුරාවිද්‍යාඥයාට හැකි වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අනාවරණය කර ගත්තේ (1921 - 1922) ඉන්දියානු පුරාවිද්‍යාඥයන්ගේ කැනීම් මගිනි. ඉතිහාසය සහ භූගෝල විද්‍යාව ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දු නිම්න, සහ චීන වැනි ආදිතම ගංගා නිම්න ශිෂ්ටාචාරවල වර්ධනයට දේශගුණය, පස, ගංගා, කඳුවැටි, මුහුදු, මුහුදු වෙරළ සහ ඛනිජ සම්පත් වැනි භූගෝලීය සාධක උපකාරී වී ඇත. හෙරඩෝටස්ගේ පැහැදිලි කිරීම් අනුව ඊජිප්තුව, නයිල් ගඟේ දායාදයකි. මුහුදු ගමන් සහ මුහුදෙන් යැපෙන ජිවන ක්‍රම වලට යොමු වීමට නිසරු පස, මුහුදට සමීප බව සහ කඩතොළු සහිත මුහුදු වෙරළ වැනි භූගෝලීය සාධක හේතු වූ බව ග්‍රීකයන්ගේ අදහස විය. නමුත් භූගෝලීය සාධක පවා වෙනස් කිරීමට මිනිසාට ඇති හැකියාව නිසා මිනිසාගේ හැසිරීම් රටාව සහ ඔවුන්ගේ ඉතිහාසය කෙරෙහි භූගෝලීය සාධක, සීමිත බලපෑමක් කරන බව පිළිගැනීම සුදුසු ය. ඉතිහාසය සහ වෙනත් සමාජයීය විද්‍යා මානව විද්‍යාව සහ ඉතිහාසය ඉතාමත් ම සමීප සම්බන්ධතා ඇති විෂයයන් වේ. විවිධ ජනවර්ග වලට අයත් ආදිතම මිනිසුන්ගේ සංස්කෘතික රටාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඉතිහාසඥයන්ට මානව විද්‍යා විෂය උපකාරී වේ. දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව වැනි අනෙකුත් සමාජයීය විද්‍යා හොඳින් තේරුම් ගැනීමට ද ඉතිහාසය උපකාරී වේ. සෑම තැනකම පාලක පාලක පන්තිය විසින් ඉතිහාසය සහ අනෙකුත් සමාජයීය විද්‍යාවන් පිළිබඳව දැනුම ලබා ගන්නේ නම් එය ඔවුන්ගේ අනාගත වැඩ සැලසුම් කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ඉතිහාස විෂයය යටතේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව සියවස් ගණනාවක් තිස්සේ අධ්‍යයනය කර ඇති බැවින් එය මනුෂ්‍ය වර්ගයාට සතුට සහ සාමය සහතික කර දීමට සමත් තත්ත්වයක ඇත. . ආශ්‍රිත ලිපි අතීතය මුලාශ්‍ර ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (සිංහල පරිවර්තනය - මහාචාර්ය මාලනී ඇඳගම), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉතිහාසය
2292
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%2C%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
රෙජිස්ට්‍රාර් ජනරාල් (Registrar General) අඩවියෙන් බැහැර පිටු ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය. Government occupations Legal occupations Government of the Sri Lanka
2293
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%9A%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83
ප්‍රේමසිරි කේමදාස
කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. ජීවන තොරතුරු ළමා කාලය තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත. කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය. කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ. ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය. තනු රචකයෙක් වශයෙන් සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත. ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ‍ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ‍ක්ෂේත්‍රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක. ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාං‍කේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‍ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක. කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය. ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී. කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ. ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය. හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ‍ක්ෂේත්‍රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි. චිත්‍රපට සඳහා දායකත්වය සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස පදනම ශ්‍රී ලංකාවේ දුෂ්කර පලාත්වල ජීවත් වන සංගීත හැකියාවන් සහිත අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1992 වර්ශයේ දී කේමදාස පදනම ආරම්භ කරන ලදි. මෙම පදනම මගින් පවත්වන පාඨමාලා සහ පුහුණු සියල්ල නොමිලේ පැවැත්වීම විශේෂත්වයකි. කේමදාස පදනම හරහා සංගීතයට අත් පොත් තබා දිවයිනේ සුපතල ගායකයන් සහ සංගීතඥයන් බවට පත් වූ සිය ගණනක් කලාකරුවන් වර්තමානය වන විට දේශීය ව සහ අන්තර්ජාතික ව කීර්තියට පත් වූ නිර්මාණවලට දායකත්වය දක්වා තිබේ. ආරම්භක දිනයේ දී ම රුපියල් මිලියන 3.7ක ආදායමක් ඉපයූ ‘දොරමඩල‘ ඔපෙරාව, ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වූ ‘පිරිනිවන් මංගල්‍යය‘ මෙන්ම ‘සොඳුරු වර්ණදාසි‘ සහ ‘අග්නි‘ ඔපෙරා ද කේමදාස පදනමේ අනභීභවනීය නිෂ්පාදනයන් ය. ජාතීන් අතර ඇති එදිරිවාදිකම් දුරුකරලීම තුළීන් සාමාජීය සහ සංස්කෘතික පෙරලියක් ඇති කිරීමට හැකි දර්ශනයක් ජාතියට දායාද කිරීම ආරම්භයේ සිට ම කේමදාස පදනයේ මුඛ්‍ය අරමුණක් විය. සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ට ද අත්‍යාවශ්‍ය වන සාමුහිකත්වය සහ ගරුත්වය සහිත වූ, මනුෂ්‍යත්වයට ගරු කරන න්‍යායපත්‍රයක් මත පිහිටා කටයුතු කිරීම කේමදාස පදනමේ අනන්‍යතාවය යි. ප්‍රේමසිරි කේමදාසයන් 2008 වසරේ දී අභාවප්‍රාප්ත වීමෙන් අනතුරු ව කේමදාස පදනම නව අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග ප්‍රතිසංවිධානය වූ අතර සෞන්දර්යාත්මක බැඳීම් වර්ධනය කිරීමේ ත්, සංගීතමය දයානුග්‍රහය දැක්වීමේ ත් ‘මාස්ටර්‘ගේ මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුහු ඇප කැප වී ක්‍රියා කරති. බලන්න අග්නි ඔපෙරාව පරිශීලන ආශ්‍රිත රෝහණ වීරසිංහ බාහිර සබැඳුම් ප්‍රේමසිරි කේමදාස නිල වෙබ් අඩවිය ප්‍රේමසිරි කේමදාස ‍ජාල සටහන ප්‍රේමසිරි කේමදාස මහතාගේ අභාවයෙන් පසු දිනමිණ පුවත්පතෙහි පලවූ විශේෂාංග ලිපි පෙල මාස්ටර් ගිහින් එන්න..... ප්‍රේමසිරි කේමදාස පශ්චාත් නූතනවාදියකු නොවේ.... Premasiri Khemadasa Agni Opera IMDB වෙබ් අඩවිය - ප්‍රේමසිරි කේමදාස A man on fire Comprehensive biography of Khemadasa The immortal note that captures the heart beat of the nation Sondura Warnadaasi - an Opera by Khemadasa Listen to compositions by Dr. Khemadasa at Sinhala Jukebox Reminiscence of his real-life sonata Sonic canvas of Premasiri Khemadasa Premasiri Khemadasa in Sinhala චරිත කතා කේමදාස, ප්‍රේමසිරි සංගීතය 1937 උපත් 2008 මරණ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෝ
2294
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA
පරිගණකය
පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි එය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ලෙස හදුන්වනු ලබයි‍. එයට හේතුව පරිගණකය නිපදවීමේ දී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හා ඩිජිටල් සංකල්පය යන දෙකම භාවිතා කර තිබීමයි. පරිගණකය මගින් සිදු කරනු ලබන්නේ එයට ලබාදන දත්ත සමූහය (Data) යම් සැකසීමේ ක්‍රියාවලියකට ලක්කොට (Process) එමගන් වැදගත් තොරතුරු සමූහයක් (information) පිටතට ලබා දීමයි. පරිගණකයේ ඉතිහාසය ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි. පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූයේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව) නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව. මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandria) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි. ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී. 1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට ඔප්පු වූ පසුව තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ. 20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය..... පරිගණක ක්‍රියා කරන ආකාරය සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන වශයෙන් මධ්‍යම සැකසුම් ඒකකය සහ පර්යන්ත උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මධ්‍යම සැකසුම් ඒකකය තුල අංකගණිතමය හා තර්කණ ඒකකය (ALU) සහ පාලන ඒකකය (CU) ලෙස ප්‍රධාන කොටස් දෙකකි. සියළු තර්කන කටයුතු සහ සැකසීම් ALU තුල සිදුවන අතර උපාංග සහ ක්‍රියාවලි පාලනය Control Unit මඟින් සිදුවෙයි. මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත. පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැකිය. පරිගණක පද්ධති පරිගණක පද්ධතියක් ලෙස හදුන්වනු ලබන්නේ මුලික එකක කිහිපක එකතුවකි. මින් එක් එකකයක් හෝ නොමැතිව පරිගණක පද්ධතිය සම්පුර්ණ නොවේ. දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග ජීවාංග ගබඩා කල වැඩසටහන් සංකල්පය නුතන පරිගණනයක් තුලින් අපට විශාල කටයුතු රාශියක් කර ගැනීමෙි හැකියාව ඇත. අපට මෙමගින් පරිගණක ක්‍රිඩා කිරිම,එසෙම කුමක් හෙ ලිපියක් සකස් කර ගැනීම,ජායාරැපයක් සකසා ගැනීම.අන්තර්ජාලය භාවිතා කිරීම ආදිය කර ගැනීමට හැකියාව ඇත. අනෙක් අතට බැලු කල අද වර්ථමානේ දකින්නට ලැබෙන පුවත් පත්,⁣ආදියෙ සිට.දකින්නට ලැබෙන සියලුම පත්‍රිකා සකසනු ලබන්නෙ මෙමගින්. පරිගණක වැඩසටහන්/ ක්‍රමලේඛ පරිගණකයක ක්‍රියාකාරීත්වය නිසි ලෙස පාලනය කිරීම සඳහා දෙන ලද උපදෙස් සමූහයක් සරලව පරිගණක වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. මේ අඩවිත් බලන්න පරිගණක තිරය පරිගණක මෘදුකාංග පරිගණක දෘඩාංග පරිගණක වෛරස පරිගණක විද්‍යාව පරිගණක ඉතිහාසය අඩවියෙන් බැහැර පිටු පරිගණක වැඩ පහසු කරන වෙබ්අඩවි තවද බලන්න පරිගණනය පරිගණක විද්‍යාව
2295
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C
හිමිකාර මෘදුකාංග
මෘදුකාංග බෙදා හැරීම
2296
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2
මෘදුකාංග පැකේජ
මුදෘකාංග ඇසුරුමක් (Software Package) යනු පරිගනකයක පිහිටුවීමට පහසු ආකාරයට සකස් කල මෘදුකාංගයකි. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ පරිගණක භාවිතය පිලිඹඳ මූලිකම දැනුමක් පමනක් ඇත්තෙකුට මෘදුකාංගයක් තම පරිගනකයේ ස්ථාපනය කරගැනීමට හැකි වීමය. බොහෝ වානිජ මෘදුකාංග ලබා දෙන්නේ මෙසේ ඇසුරුමක් ලෙසය. ඇසුරුම
2298
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C
පරිගණක මෘදුකාංග
පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ. දෘඩාංග හා මෘදුකාංග දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ. මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ. දත්ත හා මෘදුකාංග මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. මෘදුකාංග තැනීමට ප්‍රථම ඊට‍ අදාල මෘදුකාංගයේ සැකිල්ල (Software framework) තනනු ලැබේ. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි. මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ. පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය. පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත... නිවැරදි විය යුතුය, (Accurate). යාවත්කාල විය යුතුය, (Up to date). සම්පූර්ණ විය යුතුය, (Complete). පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistent). පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය. පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි. පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි. මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි. Virtual Machine මෙයට විසඳුමක් වශයෙන් Virtual Machine යන සංකල්පය බිහි විය. එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා, එය ක්‍රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි. එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක. මෙහි තවත් ප්‍රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි. එනම් Virtual Machine තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්‍ය වන පොදු libraries අන්තර්ගත වීමයි. .net platform .net වේදිකාව (Platform) යනු මයිකෙ‍්‍රාසොෆ්ට් සමාගම විසින් .net භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ .net Intermediate Languge (අතරමැදි භාෂාව) ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි. .net platform 3.5 Beta 2 JVM (Java Virtual Machine) JVM යනු Sun Microsystems(පසුව Oracle) සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි. https://www.oracle.com/technetwork/java/index.html Mono Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි. http://www.mono-project.com/Main_Page MSVBVM Microsoft Visual Basic Virtual Machine යනු විශුවල් බේසික් (Visual Basic) 5.0 සහ 6.0 භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා DLL ගොනුවකි. මෘදුකාංග වැඩසටහන් සහ library library යනු පරිගනක වැඩසටහනක් හෝ කිහිපයක් තවත් වැඩසටහනක් එහි ක්‍රියාකාරීත්වයට දායක කරගැනීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම libraryය එක් පුද්ගලයෙකු විසින් ලියා ඇති විට වෙනත් අයෙකුට එය තමාගේ වැඩසටහනකට බද්ධ කරගත හැකි වීමයි. එම නිසා library භාවිතය, පරිගනක වැඩසටහන්කරනය පහසු කරයි, එකම කාර්යය සඳහා නැවත නැවත එකම කේත කොටස ලිවීම වලකා කාලයත් ශ්‍රමයත් ඉතිරි කරයි. DLL ද බලන්න Three layers of software බලපත්‍රය බලපත්‍රලාභී පරිසරයක් තුළ මෘදුකාංගය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන්නාට ‘මෘදුකාංග බලපත්‍රය’ මගින් ලබා දේ. සමහර මෘදුකාංගවල බලපත්‍රය පැමිණෙන්නේ අදාල එකතුව මිළ දී ගැනීමෙන් පසුව වන අතර සමහර දෘඪාංග හා බැදී එන (මුල්ම උපාංග බලපත්‍රය) (OEM - Original Equipment Manufacturer ) සමග බලපත්‍රය හිමි වේ. අනෙක් මෘදුකාංග නිදහස් මෘදුකාංග බලපත්‍ර සේ ලබන්නාට එය වෙනස් කිරීමට හා නැවත බෙදා හැරීම සඳහා අවසර දෙමින් නිකුත් කෙරේ. මෘදුකාංග බොහෝ විට නිදහස් මෘදුකාංග හෝ සීමිත මෘදුකාංග ආකාරයෙන් දැකිය හැක. මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ. නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි. එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්‍යවශ්‍ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති. අනෙක් පාර්ශවය , මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි. වර්ග පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. මෙම වර්ගීකරණයේ මතභේදකාරී වාගේම බොහෝවිට නොපැහැදිලිය. පද්ධති මෘදුකාංග (System software) පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි. ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software) සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface) යෙදුම් මෘදුකාංග (Application software) අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි. ලේයර 3 1980 සිට අද දක්වා යෙදුම් මෘදුකාංග බහුල වශයෙන් විකිණි ඇත. යමක් පරිශීලනය කර්නා බොහෝ විට එහි සම්පාදකයට වඩා වෙනස් ලෙස එය දකියි. පොදු කාරය පරිගණක (නිහිත පද්ධති ප්‍රතිඝම පරිගණක, සුපිරි පරිගණක ආදිය නොව) භාවිතා කරන්නන් සාමාන්‍යයෙන් මෘදුකාංගයක පදනම් වේදිකාව යෙදුම හා පරිශිලක ලෙස ස්ථර 3 ක් ක්‍රියාත්ක වන බව හදුනා ගෙන ඇත. පදනම් මෘදුකාංග - මෙයට ස්ථිරාංග, උපක්‍රම ධාවක, මෙහෙයුම් පද්ධති හා නිශ්චිතවම ග්‍රැපිකරෑපී අතුරැ මුහුණක් අඩංගු වේ. එක්ව කැටි ක මෙය පරිශිලකය පරිගණකය හා එයට අදාළ අනෙකුත් උපකරණ සමග අන්තර් ක්‍රියා කිරීමට මග පාදයි. මෙම මෘදුකාංග බොහෝ විට පරිගණකයන් සමග ලබාදේ. පෞද්ගලික පරිගණක ඔබට සාමානයෙන් පදනම් මෘදුකාංගයක් වෙස් කළ හැක. යෙදුම් මෘදුකාංග - බොහෝ විට පුද්ගලයන් මෘදුකාංගයක් කියු පමණින් හිතේ මවා ගන්නේ යෙදුම් මෘදුකාංගයනකි. පැහැදිලි උදාහරණ ලෙස office suites සහ විඩියෝ ක්‍රීඩා දැක්විය හැක. යෙදුම් මෘදුකාංගයක් බොහෝ විට වෙමම පරිගණක දෘඪාංග වලට පරිබාහිරව මිලදි ගත හැක. සමහර අවස්ථාවල පරිගණකයන් සමගම මේවා ලබා දෙන අතර එහෙත් ස්වාධිනව ක්‍රියාත්මික වන සෙසු වේ. එසේම හැමවිටම වගේ මෙහෙයුම් පද්ධතියෙන් සවාධීනව මේවා ක්‍රියාත්මක වන නමුත්ඒවා පාදන්නේවිශේෂිත පදනමක් (Platform) මුල් කරගෙනය ‍බොහෝ අය සම්පාදක (Compilers) පරිගණක දත්ත ගබඩා සහ අනෙකුත් පද්ධති මෘදුකාංග සලකන්නේ යෙදුම් ලෙසය පිරිශීලක මෘදුකාංග - පරිශීලක මෘදුකාංග පරිගණක පද්ධතිවට එය පරිශිලනය කරන්නගේ සකස්න විද්‍යාත්මක නිරෑපණය සහ චිත්‍රක හා සජීවිකරණය සදහා පිටපත් මෙම ගණයට වැට්. ‍එස්ම ඉබලෙක්ට්‍රොනික් තැපැල් ෆිල්ටර් ද මෙම වර්ගයේ මෘදුකාංග වේ. පරිශීලය කරන්නේ මෙම මෘදුකාංග තමන් සදහාම සාදා ගන්නා අතර නිතරම එහි වැදගත්කම පරික්ෂා කර බලයි පරිශීලක මෘදුකාංග, යෙදුම් පැකේජ වලට එකතු වී ඇති උසස් ආකාරය අනුව‍ බොහෝ පරිශීකයකන් හට මිලදී ගත් යෙදුම් පැකේජ වල හා පරිශීලක මෘදුකාංග අතර වෙනම හා ඒවාට පසුව එක්වුයේ මොනවාදැයි නිසි වැටහීමක් නැත. මෘදුකාංග නිර්මානය වැඩසටහන් ගබඩාව පරිඝණක වැඩ සටහනකින් පමණක් කාර්යක් ක්‍රියාවට නැන්වීමට නොහැකි වන අවස්ථා ඇත. එම වැඩසටහන අවශ්‍ය බාහිර මෘදුකාංග කොටස්ද වන අතර මේවා Vbraies නමින් හැදිනවේ. මෙවැනි Briberies තනිව ක්‍රියාත්මක වීමට නොහැකි වැඩසටහන් උදාහරණයක් ලෙස සමහර Stand Alone වැඩසටහන් කොටස් Liparies ලෙස ඇති අතර වැඩසටහන් ලිවීමේ ක්‍රියාවට පැනවෙන නමුත් ඒවා අමතන වැඩසටහන් සදහා දත්ත නැවත භාරදීම සිදු නොකරන Stand Alone Cadging proges වැඩසටහන්ද Libraries තුල අන්තර්ගත ‍ෙව් Libraries එකක් හෝ බොහොමයක් වැඩසටහනක් Libraries ඇමතීම හෝ වැඩසටහන් තවත් වැඩසටහනක් ඇමතීම හෝ කිසිදු වැඩසටහනක් ඇමතීම සිදු නොකීරීම සිදුවිය හැක. මෘදුකාංගවල නිරවද්‍යතාවය මෘදුකාංග නිර්මාණ හිමිකම් පත්‍ර (මුදෘකාංග පේටන්ට් බලපත්‍ර) තවද බලන්න විවෘත මෘදුකාංග (Open and/or Free software) මෘදුකාංග කර්මාන්තය (Software industry) බාහිර සබැඳි Programming Tutorials මූලාශ්‍ර පරිගණක තාක්ෂණය පරිගණක විද්‍යාව
2299
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80
ශ්‍රී දළදා මාළිගාව
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. වෙනත් නම් දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ. දළදා වහන්සේ අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය. දළදා මාළිගාවේ පිහිටීම සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ. දළදා මාළිගයේ ඉතිහාසය මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක්, සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු, ජයවීර(ක්‍රි.ව 1511-1552), කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582) පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604) සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815) දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර, මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත. දළදා මාළිගයේ ගොඩනැගිලි වැඩසිටින මාළිගය අලුත් මාළිගය පත්තිරිප්පුව - ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත. දියවඩන නිළමේ තනතුර පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ. කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි.ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. . දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ. "කොට්ටෙ කළාලේ කිසිල්ලේ දත මැද ගෙන යන්න රාළේ" ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී. පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි. මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි. මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි. දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය. ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී. දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ. වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති. සිව් මහා දේවාල දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි. නාථ දේවාලය විෂ්ණු දේවාලය කතරගම දේවාලය පත්තිනි දේවාල දළදා මාලාගවේ සතර මංගල්‍යයන් සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත. 1. අලුත් සහල් මංගල්ලය 2. අලුත් අවුරුදු මංගල්ලය 3. ඇසල මංගල්ලය 4. කාර්තික මංගල්ලය දළඳා මාළිගාවේ ඇත් පන්තිය සිංහ රාජා ඒකදන්තයා ඉන්දි රාජා සුමන විජය රාජා ජය රාජා කදිරා නාලක මියන් රාජා බුරුම රාජා මිගාර කාවේරි නවම් රාජා කණ්ඩුල කෞතුකාගාරය දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත. සමාධි පිළිමය පැරණි ධාතු කරඩුව සිරි පතුල රිදී කලය කැටයම් කරන ලද ඇත්දත් දෙක මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය ලේන්සු හේමකඳ ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත. දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ. මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ධුරය දැරැ නෙරංජන් විජයරත්න ගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කර ඔහුගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී. ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ. දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක. 1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්, ආශ්‍රිත ලිපි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දළදා මාළිගා දළදා තේවාව දළදා පෙරහැර මංගල්‍යය දළදා මාළිගා කෞතුකාගාරය අඩවියෙන් බැහැර පිටු ශ්‍රී දළදා මාළිගාව පින්තූර ගැලරිය මහනුවර සෙංකඩගල රාජකීය පරිශ්‍රය ඉතිහාසය - ලංකා මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන මහනුවර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
2301
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%9C%E0%B6%B8%20%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB
මහගම සේකර
මහගමගේ සමරසේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. ළමා කාලය මහගමසේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. උදා: තුංමංහන්දිය නවකතාව මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ (1) ප‍්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර (2) තුංමං හංදිය සඳහා නිර්මාණය කළ චිත‍්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ටේ‍්‍රෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ (8) පෝස්ටර් යනාදි වශයෙනි.. ප්‍රකාශන අනුවාද ධවල සේනාංකය - (1956) ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි ළමා සාහිත්‍ය පුංචි අයට කයි කතන්දර - (1958) සරු පොළවක් අපට ඇතේ - (1973) කොටි වලිගය - (1990) කාව්‍ය ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960) සක්වා ලිහිණී - (1962) හෙට ඉරක් පායයි - (1963) මක්නිසාද යත් - (1964) රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967) බෝඩිම - (1970) නොමියෙමි - (1973) ප්‍රබුද්ධ - (1977) නාට්‍ය සද්දන්ත සහ තවත් නාටක - (1961) මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964) හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985) නවකතා තුංමංහංදිය - (1967) මනෝමන්දිර - (1972) කෙටිකතා මහගම සේකරගේ කතා සහ චිත්‍ර - (1981) මන් තනන්නෝ පීතර පුතාට කාර් එකක් ගීත රචනා ඈත ගව් ගණන් දුරින් මා මළ පසු සොහොන් කොතේ ඔබේ නමින් සෑය බදිමි පාළු අදුරු ලිය අහස මමයි මේ සිංහල අපගේ රටයි රත්න දීප ජන්ම භූමි චිත්‍රපට තිර රචනා තුංමං හංදිය තිර රචනය - (1993) ශාස්ත්‍රීය සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ණhg - (2001) සම්මාන 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය 1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය 1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය මේවාද බලන්න සත්‍යකාම නම් වෙමි මූලාශ්‍ර බාහිර සබැඳි මහගම සේකර නිල වෙබ් අඩවිය මහගම සේකර සම්ප්‍රදාය රුකුලක්‌ කරගත් කලාකරුවා පතිරූපකවියකු කියවමු මහගම සේකර ගුණසමරුව නිමිත්තෙනි චරිත කතා සේකර, මහගම සේකර, මහගම ශ්‍රී ලංකික කවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ
2303
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA
රූපවාහිනිය
'ප්‍රථම වරට රූපවාහිනිය නිපදවන ලද්දේ ජෝන් ලොගී බෙයාර්ඩ්(jon logi beard) විසිනි. රූපවාහිනී' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි. 1930 සිට වාණිජමය වශයෙන් මිළට ගත හැකි වූ රූපවාහිනී නිවාස හා ආයතනවල විශේෂයෙන් විනෝදාස්වාද හා ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස බහුලව භාවිතා වන ගෘහස්ථ සන්නිවේදන උපකරණයක් බවට පත්විය. 1970 VCR පටි මත වීඩියෝ පටිගත කිරීමේ සිට DVD වැනි සංඛ්‍යාංක ධාවන පද්ධති රූපවාහිනී මඟින් පටිගත කළ චිත්‍රපටි හා අනෙකුත් වැඩසටහන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත. රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී. රූපවාහිනියේ ඉතිහාසය* රූපවාහිනි තාක්ෂණයේ ඉතිහාසය ආකාර දෙකකට බෙදිය හැක. ඒවා නම් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රෝගත මුලධර්මය මත පදනම් වු ඒවා යන සම්පුර්ණයෙන් ‍ඉලෙක්ට්‍රෝනික ඒවා වේ. සියලු නවික රූපවාහිනි සදහා ඉලෙක්ට්‍රෝනික මුලධර්ම උරුම වේ. නමුත් යාන්ත්‍රික පද්ධති සොයා ගැනිම් සහ ප්‍රතිවේදයක් තොරව එය සිදු කල නොහැක.. රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ රූපවාහනී සාහිත්‍ය නිර්මාණ පුළුල් පරාසයක් තුළ දිවයයි. ඒ අතර රසවින්දනාත්මක, තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් මේ අතර විශේෂ වේ. නිෂ්පාදනයේදී වැඩිම වියදමක් දැරිමට සිදුවන්නේ රස වින්දනාත්මක නාට්‍ය හා නාට්‍යමය කෙටි වැඩසටහන් නිර්මාණය කිරීමේදීය.කෙසේ වුවත් ඓතිහාසික හා බටහිර නිර්මාණ සඳහා වැය වන වියදමද ඉහළ අගයක පවතී. රසවින්දනාත්මක නිර්මාණ අතර පොලිස් කටයුතු,අපරාධ, රහස් පරීක්ෂක නාට්‍ය ,අත්භූත වින්දනාත්මක නිර්මාණ ආදියද වේ.එසේම නාට්‍යමය නිර්මාණ අතර වෛද්‍යමය නාට්‍යයද ,හුදෙක් පහත් ආශ්වාදයක් ඇති නිර්මාණද වේ.විද්‍යා ප්‍රබන්ධයන් එහි ඇති දාර්ශනික බව හා වීරත්වය අනුව නාට්‍ය හා රංග සහායට ඇතුලත් වන අතර අවස්ථානුකූලව ප්‍රහසන (Comedy) නිර්මාණ හා වැඩිහිටි පරපුර සඳහා සජීවී ප්‍රසංගයන් නිර්මාණය ද බහුලව වේ. උදා- South Park වියදම ඉතා අවමයෙන් කළ හැකි නිර්මාණ වන්නේ විනෝද ක්‍රීඩා,කථික, විවිධ ප්‍රසංග හා සත්‍ය කථා ආදියයි.විනෝද අංශ අතර නරඹන්නන්ගෙන් ප්‍රශ්න විචාරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ඇතුළත් වේ. කථික ප්‍රසංගයන් අතර චිත්‍රපට රූපවාහිනී හා සංගීත ධරයන් සමඟ කෙරෙන සාකච්ඡා ගත නොහැකිය. විවිධ ප්‍රසංගයන් අතර රසවින්දනාත්මක සංගීත නිර්මාණ,විකට රුගුම් හා මැජික් සංන්දර්ශන දැකගත හැකිය. සමහර වැඩසටහන් එකිනෙක මිශ්‍රව පවතින අවස්ථාද ඇත. එනම් විශේෂිත කථික වැඩසටහන් සංගීතය ගායන හැකියාව මත මිශ්‍රව තිබෙන අතර සාමාන්‍ය ඉදිරිපත් කරන්නන් සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් පවත්වාගෙන යයි. Reality TV shows තුල විග්‍රහ කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ ආසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ අත්දැකීම්ය.එම අවස්ථා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කම්කරුවා දක්වා විහිදී යයි. වැඩසටහන් පටිගත කිරීම රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම හා ඒවා මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැකිය. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළෙඳ පොළ වන අතර එමඟින් වෙළෙඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2 ක් මතය. එක්සත් ජනපදයෙන් පිට ප්‍රථම ධාවන වැඩසටහන්ගතකරණය ග්‍රාහක සේවා මත වැඩියෙන් පවතින නමුත් සමහරක් ගෘහස්තව නිෂ්පාදනය කෙරුණු වැඩ සටහන් ගෘහස්ථ FTA මත ව්‍යාපාරගත වේ. කෙසේ නමුත් මෙම ක්‍රියා පිළිවෙල digital only FTA නාලිකාවල හෝ subscriber – only ප්‍රථම ධාවන ද්‍රව්‍ය මත වර්ධනය වේ. එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාලගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි. රූපවාහිනිය නිසා සැලසෙන අධ්‍යාපනික වාසි ඩේවිඩ් ගවුන්ට් ලෙඩ්ගේ “Ten things wrong with the media effects model” ලිපියට අනුව දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය. එ වගෙම විවිඩ අඩ්යපනික නලිකා ඩ විකශනය වෙ රූපවාහිනී බදු හෝ රූපවාහිනී බලපත්‍ර සමහර රටවල රූපවාහිනි සේවයන්ගේ මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු බන බදු මඟිනි. ඉන් අදහස් වනනේ වෙළඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බව සමහර විට වෙළඳ දැන්වීම් භාවිතය කෙ‍ෙස්වත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්වයේම ඇත. ඉන් කිහිපයකි. එක්සත් රාජධානියේ BBC සේවය හා ඕස්ට්‍රේලියාවේ ABC සේවය BBC සේවය කිසිම වෙළඳ දැන්වීමක ප්‍රචාරය නොකරන අතර එහි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගනුයේ රූපාවාහිනී පාවිච්චි කරන්නන්ගෙන් අයකර ගන්නා බලපත්‍ර රජය මඟින් නියම කරනු ලැබූ ද BBC ආයතනයේ ඊට ප්‍රතිචාර රජයට නොදක්වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස සිය තීරණ ගනු ලබයි. මෙසෙ අය කරන ගන්නා බදු මුදල් රේඩියෝ සේවයන්, විකාශන මධ්‍යස්තාන හා BBC වෙබ් අඩවි සඳහා මූල්‍ය ශක්තිය ලබා දේ. ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%ක කොටසක් දායකත්වයක් නරඹන්නන්ගෙන් ලැබේ. මෙම දායකත්වය විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටිනා අතර වන අතර ඉන් 42% සේවයන් චන්ද්‍රිකා තාක්ෂණ මඟින් චැනලයන් 200ක පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයනට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලක් වන අතර එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණය සැලකිල්ලට නොගෙනය. BBC චැනලය හා වාණිජමය චැනලයන්‍යන දෙකේ ක්‍රීඩා පිළිබඳ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ දී BBC නිතරම නිතරඟයෙන් නරඹන්නගේ වැඩිම ආකර්ශනයක් ලබා ගන්නා අතර එයට හේතුව නරඹන්නන් නැරඹීමේ දී බාධාවක් නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි. ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී ධනාත්මක බලපෑම රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ. සාමාජයීය බලපෑම නීති සම්පාදකයින්, විද්‍යාඥයින් හා දෙමාපියන් විසින් රූපවාහිණිය මගින් එහි නරඹන්නන් මත වන රූපවාහිණි ප්‍රචණ්ඩතාව (විශේෂයෙන් යෞවනයන්) පිළිබදව වු ආචරණය ගැන වාද විවාද පවත්වයි. රූපවාහිණිය මගින් ළමුන්ගේ චෛතසික හා සමාජීය සංවර්ධනයට වන බලපෑම් පිලිබද වන වසර 50 ක පර්යේෂණ තවමත් එම විවාදය අවසාන කර නොමැත. (See Bushman & Anderson 2001 ; Savage, 2008) අනෙක් අය මෙන්ම බුෂ්මන් හා ඇන්ඩර්සන් (2001) පවසා සිටින්නේ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා සමාජීය ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයකට සාක්ෂි පැහැදිලිවම සහය දක්වන බවයි. කෙසේ නමුත් අනෙක් නිර්මාණ කරුවන් (ඔල්සන්, 2004, සැවේජ්, 2008) විසින් සාහිත්‍ය හා එක්සත් ජනපදයේ වැඩිවන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා අඩුවන අපරාධ සීඝ්‍රතාවය අතර නොගැළපීම සමග සැලකිල්ලට ගත යුතු ක්‍රමානුරූපි ප්‍රශ්න අවධානයට බදුන් කරයි. සයින්ටිෆික් ඇමරිකන්හි 2002 ලිපියක් යෝජනා කර සිටින්නේ අඛණ්ඩ TV නැරඹීම, රූපවාහිණි ඇබ්බැහි වීම අනෙකුත් ඇබ්බැහි වීමකට වඩා එතරම් වෙනසක් නොවන බවයි. කෙසේ නමුත් මෙම දර්ශනය තවමත් බොහෝමයක් ප්‍රඥයින් අතර පුළුල් ඒක මතිකත්වයට පත්වී නොමැති අතර රෝග විනිෂ්චය කිරීමේ හා සංඛ්‍යාත්මක මැනුවලය - IV – TR ට අනුව රූපවාහිණී ඇබ්බැහි වීම විනිෂ්චය කළ නොහැකි තත්ත්වයකි. එක් අධ්‍යයනය කිරීමකට උදාහරණයක් ලෙස, මිනිසුන් 1000 ක් (ළමා වයසේ සිට වයස 26 දක්වා) ඇතුළත් නවසීන්තයේ පැවැත්වු ආයත අධ්‍යයනය නිරූපණය කර සිටියේ ළමා කාලයේ දී හා වැඩිහිටි අවධියේදී රූපවාහිණිය නැරඹීම වය‍ෙස් අවුරුදු 12 කදී වන දුර්වල අධ්‍යාපනික ජයග්‍රහණය කිරීම් සමග සම්බන්ධ වන බවයි. Sexuality Research And Social Policy ජ’නලයේ ප්‍රකාශයට පත් වු අධ්‍යනයන් කියා සිටින්නේ මව්පියන් පිළිබදව වු රූපවාහිණි වැඩ සටහන් වැඩිවියට පත්වු ගැහැණු දරුවන් අතර වැඩි ශරීර තෘප්තිමත් කිරීමක්, ගැහැණු හා පිරිමි යන දෙපක්ෂයේම වැඩිවියට පත් වූවන් අතර අඩු ලිංගික අත්දැකීම් සමග සම්බන්ධ වන බවත් මෙම රූපවාහිණි වැඩ සටහන් වල ප්‍රතිඵලයක් ලෙස ආත්ම ගරුත්වයට හා තම ප්‍රතිරූපයට බලපෑමක් එල්ල විය හැකි බවත්ය. රූපවාහිණිය නැරඹීම හා පාසැල් ශ්‍රේණි අතර වන සම්බන්ධතාවය මත බොහෝමයක් අධ්‍යයන සිදු කර ඇත. කෙසේ නමුත් අනෙකුත් අධ්‍යයන බොහෝමයක් ද රූපවාහිණි නැරඹීම නරඹන්නන් මත කිසිදු බලපෑමක් ඇති නොකරන බව (හෝ ඉතා සුළු බලපෑමක්) සොයා ගෙන ඇත. (Freedman , 2002 බලන්න) පාරිසරික බලපෑම CRT හි අධි ඊයම් අන්තර්ගතය හා පැතලි තිර සංදර්ශක තාක්ෂණවල වේගවත් ව්යාප්තිය, රසදිය ඇතුළත් ලාම්පු භාවිතා කරන සමහරක් ඒවා (LCD) සමඟ ඉවත දමන ලද රූපවාහිනීවලින් වන ඉලෙක්ට්රෝනික අපද්‍රව්‍ය පිළිබඳ වැඩි දියුණු වන සැලකිල්ලක් දක්නට ලැබේ. කොටස්කරන්නන් විසින් CRT වලින් තඹ රැහැන් හා අනෙක් ද්රව්ය ඉවත් කිරීම සඳහා ද අදාල සෞඛ්යමය සැලකිලි දක්නට ලැබේ. තවදුරටත් රූපවාහිනියේ සැලසුම් කිරීමට සම්බන්ධ පාරිසරික සැලකිලි දක්නට ලැබෙන අතර භාවිත කිරීම සම්බන්ධව උපකරණවල වැඩිවන විද්යුත් ශක්ති වුවමනාවන් පිළබඳ සැලකිලි ද වේ. සටහන් රූපවාහිනියරූපවාහිනී වවැඩසටහන් නිශ්පාදන ක්‍රියාවලියෙ අනුපිළිවෙල
2343
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
සිංහල ඉතිහාසය
සිංහල ඉතිහාසය සිංහල ඉතිහාසය ගැන නොයෙකුත් ප්‍රවාද ඇත. මෙයින් ප්‍රධාන වන්නේ විජයගේ පැමිණීම හා සිංහබාහු කතාවයි. නමුත් ඊට පෙර සිටම ලංකාවේ උසස් සංස්කෘතියක් තිබී ඇත. බුදු රජුන් තෙවතාවක් ලංකාවට පැමිණ ධර්මය දේශනා කර ඇත. ලංකා ඉතිහාසය ගැන ලියවී ඇති චූලවශය හා මහාවංශය ඉතා චටිනා සාක්‍ෂි සපයයි. මහාවංශයේ සඳහන් පරිදි ලංකාවට විජය පැමිණි විට හමුවූ කුවේණිය යකිණියක බව කියා අැතත් යකුන් යනුවෙන් කොට්සඨාසයක් නොවන බැවින් අැය මෙරට විසූ ජන කොටසකට අයත් බව සිතාගත හැකිය. මහාවංශ කතු වරයා විජය පැමිණීම වන අවස්ථාවේ මෙරට ජනාවාස නොවූ බව කීමට උත්සාහ දරා ඇතත් මහාවංශයේම බොහෝ තැන්වල ඇති කරුණු මගින් මෙරට ඉතා දියුණු සංස්කෘතියක් සහිත ජනතාවක් සිටි බව ඔප්පුවේ. මහා රාවණා රජතුමාරාවණා යනු ක්‍රි.පූ.පන්දහස් ගණන් වල ලංකාවේ රජ කළ බලවත් අධිරාජයෙකි.ඔහුගේ සම්භවය පිලිබඳව එන විස්තර අද්භූත රසය මිශ්‍රව ඇත.ඔහුගේ මව සුමාලි රජුගේ හා කේතුමතී බිසවගේ දියණියක වූ කෛකසිගේ සහ පුලස්ති ඍෂිගේ පුත් විශ්‍රවන් ඍෂිගේ වැඩිමහල් පුතු වේ.ඔහුගේ අගමෙහෙසිය මය නම් දානව අසුර කුලයේ අසුරයකු හා හේමා නම් අප්සරාවියකගේ දුව වූ මන්දෝදරි නම් අප්සරාවියයි. නාග ගෝත‍්‍රය නාග ගෝත්‍රය යනු කවුරුන්ද යන්න පිළිබඳව විවිධ මත පවතී. නාගයන් වන්දනා මාන කල මිනිස් කොටසක් යන්න වඩා පිළිගත් සහ විශ්වාස කල හැකි මතය වේ. මහා වංශයේ සඳහන් චුලෝදර මහෝදර නා රජුන් මැණික් පුටුවට ඇති කරගත් ගැටුම විසදීමට බුදුරජානන් වහන්සේ පැමිණීම එයට සාක්ෂි දරයි. අසු කෙළක් නාගයින්ට එහිදී ධර්මය දෙසු බව සඳහන්වේ. කව්රුන්ද මේ නාගයෝ – නාගයන් ගැන බුදුදහමේ සදහන් වී ඇති කරුණු දානපාරමිතා මුහුණු පොත ඇසුරිණි. අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව‍්‍ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි. සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි. වරෙක ප‍්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය. සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය. මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග‍්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය. ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි. බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ. ‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං” මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත‍්‍රයක් හෝ නො වේ. පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග‍්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය.(ඛුද්දක නිකාය – උදාන පාලි) භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක‍්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප‍්‍රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප‍්‍රසිද්ධ කළේ ඒරකපත‍්‍ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය. තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත‍්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය. වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක. ශ‍්‍රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය. එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ. එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය. මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි. ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය. සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය. අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය. මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත‍්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග‍්‍රහ කරන්න ද? කවරහු ද මේ නාගයෝ? අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද? බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය. මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප‍්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය. තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත‍්‍රය තුළ ඒ බැව් ප‍්‍රකාශ කෙරේ. ආටානාටිය සූත‍්‍රය තුළ වෛශ‍්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප‍්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප‍්‍රකාශ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක‍්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක‍්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය. ‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා” ආටානාටිය සූත‍්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප‍්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ. භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත‍්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය. එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප‍්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත. දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ. වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය. මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය. තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි. නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප‍්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද? චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප‍්‍රත්‍යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග‍්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්‍රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ. ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද? ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා! මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ අනුමෝදන් වේවා මේ පින්!!! සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප‍්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග‍්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප‍්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි. නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු. එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු. ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත‍්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතුය. පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා! තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා! සියලු හිමි කම් දානපාරමිතා සතුය විජයගේ පැමිණීම විජය රජු ලංකාවට ඇතුළු වී ඇත්තේ තම්බපන්නියෙනි. මෙහිදී කුවේණි නම් සිංහල රැජිනියක් කපුකටිමින් සිටින අයුරු විජය රජු දෙක ඇත. අසවානයේ කුවේණිය මේ විජය රජු ඇතුළු පිරිස ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇත. නමුත් පසුව විජය රජු කුවේණිය සමග ආදරයක් ආරම්භාකරමින් කපටි ලෙස ලංකාව වටලා ලංකාවේ ප්‍රථම රජු ලෙස ලිඛිත සාහිත්‍යයේ රජ වී ඇත. මහාවංශ කතුවරයා විජය රජුගෙන් හෙළයා ආරම්භ වූ බව පැවසීමට බොහෝ උත්සාහ දරා ඇතත් එහි ඇති බොහෝ කරුණු මගින් එකල ලංකාවේ ඉතා දියුණු ජනතාවක් සිටි බව තහවුරු වේ. අනුරාධපුර යුගය පොලොන්නරු යුගය අනෙකුත් රාජධානි මහනුවර යුගය පරංගින්ගේ පැමිණීම 1505 දී මොවුන් ලංකාවට පෑමිනිනි. ලන්දේසින්ගේ පැමිණීම ඉංග්රීසින්ගේ ලැබුණු නිදහසෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රි ව 1948 දී ස‍ෝල්බරි ප්‍රතිසංස්කරණය යටතේ හෙළයින්ට ඩොමීනියන් තත්වෙය් නිදහසක් ලැබිණි. මෙහිදී ආණ්ඩුකාරවරයෙක් පත්කළ අතර රජයේ නාමමාත්‍රික ප්‍රධානියා එංගලන්තයේ රජු හෝ රැජිණ විය. මෙම තත්වයෙන් මිදී නියම නිදහස 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්යවස්ථාව මගින් හෙලයින්ට ලැබුණි.යටත් විජිත සමයේ නිදහස වෙනුවෙන් ඉල්ලීම් කළ ලාංකිකයින් යට අධිරාජ්යවාදී පාලකයින් කියා සිටියේ රටක් පාබනය කිරීමට තරම් දැනුමක් පාලකයින් හට නොමැති බවයි. 2019 වනතුරු රට පාලනය කළ ලාංකියින් ඒ බව මොනවට ඔප්පු කර ඇත්තේ රට දිනෙන් දින අගාධයට යවමිනි.
2344
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
සිංහල සංස්කෘතිය
සිංහල සංස්කෘතිය ඉතා දිගු කාලයක සිට පැවත එන්නකි. පවුල වැව පන්සල හා ආගමික සිරිත් සිංහල දෙවිවරු(සිංහලුන් විශ්චාස කරන දෙවිවරු) සිංහල අවුරුද්ද බලි තොවිල් ජොතිෂ්‍යය ගොවිතැන ජන කතා ගම සංස්කෘතියේ බටහිර බලපෑම් ජන ක්‍රීඩා සිංහල සංස්කෘතිය
2345
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ජීව විද්‍යාව
ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව යි. ජීව විද්‍යාව නම්, Biology ය. Biology යන වචනය සෑදී ඇත්තේ Bios (ජීවය) හා Logos (අධ්‍යනය) යන වචන දෙක මඟින් ය. 'ජීවය' යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර ය. විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වඡනයක් ලබාදීමට අපොහොසත් වී ඇත. 'ජීවය' යනු විශේෂ හා අද්විතීය දෙයකි. එය රසායන විද්‍යා හා භෞතික විද්‍යා නියම භාවිත කර පැහැදිලි කළ නොහැකි ය. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක් යටතේ සැකසී ඇත. එනම් සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබඳ අධ්‍යනය), උද්භිද විද්‍යාව (ශාක පිළිබඳ අධ්‍යනය), ක්ෂුද්‍රජීව විද්‍යාව (ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය) වේ. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් සෛලවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි. ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ. බොහෝ ජීව විද්‍යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්‍රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්‍යාවේදී ශාක පිළිබඳව ද සත්ත්ව විද්‍යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද්‍ර ජීව විද්‍යාවේදී ක්ශුද්‍ර ජීවීන් පිළිබඳව ද අධ්‍යයනය කරනු ලබයි. ජීව විද්‍යාව තුලද එහි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්‍යාවේදී ජීවයෙහි මූලික රසාහයනය පිළිබඳවද, අනුක ජීව විද්‍යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියා පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්‍යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.ජීව විද්‍යාව මගින් මිනිස් දේහයේ කුුියාකාරිත්වය පිළිබඳවද හදුනාගැනීමට හැක අතීතය ජීව විද්‍යාව තනි සංගත ක්ෂේත්‍රයක් ලෙසට යන සංකල්පය ඇති වුයේ 19 වන ශත වර්ෂයේ වුවද ආදි ග්‍රීක සහ රෝම ඉතිහාසයෙහි විසු ගැලන් සහ ඇරිස්ටෝටල් ගේ සම‍යෙහි වු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය යන යුග වලදී පවා ජීව විද්‍යාව පැවතී ඇත. මේවා මධ්‍ය යුගයේදී විසු මුස්ලිම් ජාතික වෛද්‍ය වරුන් වු අල්-ජාහිස්, ඇවිසෙනා, ඇබෙන්සෝ සහ ඉබන් අල්-නෆීස් විසින් තවදුරටත් සංවර්ධනය කරන ලදී. යුරෝපීය පුනරුද සමයෙහි සහ මුල් නූතන අවධි වලදී ජීව විද්‍යාත්මක සංකල්පයන් වඩාත් විප්ලවකාරි ලෙස යුරෝපයෙහි ඇති වු අතර එමගින් අනුභවෛකවාදය හා බොහෝ නව ජීවීන් සොයා ගැනීම පිළිබඳව උනන්දුවක් ඇති වුණි. මෙකී ක්ෂේත්‍රයෙහි පුරෝගාමීන් වුයේ වෙසාලියස් සහ හාවිය. ඔවුන් භෞත විද්‍යාව පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලද අතර ඒ පිළිබඳව ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලදහ. ලිනෙයස් සහ බෆන් යන ස්වාභාවික වාදීන් ජිවයෙහි විවිධත්වය පිළිබඳව , පොසිල සාක්ෂි සහ ජීවීන්ගේ වර්ධනය හා හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළහ. අන්වීක්ෂීය සොයා ගැනීම් මගින් මින් පෙර හදුනානොගත් ක්ෂුද්‍ර ලෝකය පිළිබඳව හෙලිදරවු වු අතර එමගින් සෛල වාදය සදහා මූලික අඩිතාලම වැටුණි. ස්වාභාවික දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳව වු වැදගත්කම මගින් කාර්මික චින්තනය. පිළිබඳව සොයා ගැනීම් සිදුවු අතර එමගින් ස්වාභාවික ඉතිහාසයෙහි වර්ධනය ශක්තිමත් කරන ලදී. 18 සහ 19 වන ශත වර්ෂ වලදී සිටම උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පිලිගැනීමට ලක්වුණි. ලැවොයිසියර් සහ අනෙකුත් භෞතික විද්‍යාඥයින් භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව හරහා සජීවි සහ අජීවි ලෝකය එකිනෙක සම්බන්ධ කිරීමට උත්සාහ ගත්හ. ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් වැනි ගවේශණාත්මක ස්වාභාවික වේදීන්කු විසින් ජීවින් සහ ඔවුන‍්ගේ බාහිර පරිසරය අතර අන්තර් සම්බන්ධ‍තාවය පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. තවද භූගෝලීයව මේවා අතර වු සම්බන්ධතාවය විග්‍රහ කිරීමට ජෛව භූ ගෝල විද්‍යාව, පරිසර විද්‍යාව සහ චර්යා විද්‍යාව සදහා මූලික පදනම ඇති කරන ලදී. ස්වභාව වාදින් විසින් සාරාත්ම වාදය පිළිබඳව මත බැහැර කිරීමට පටන් ගත් අතර ඔවුන් විසින් ජීවින්ගේ න්‍යෂ්ඨ වීම සහ අනිත්‍යතාවය පිළිබඳව සලකා බැලීමේදී ඇති වැදගත්කම පෙන්වා දුන්හ. සෛල වාදය මගින් ජීවයෙහි මූලික ව්‍යුහය පිළිබඳව නව අර්ථ කථනයක් ලබාදෙන ලදී. මේවායෙහි වර්ධනයත් සමග සහ කලල විද්‍යාව හා පාෂාණ ධාතු විද්‍යාව මගින් චාල්ස් ඩාවින් විසින් ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදුවීම පිළිබඳව සංකල්පය ඉදිරිපත් කරන ලදී. 19 වන ශතවර්ෂයේ අගභාගයේදී ස්වාභාවික ජනන වාදයෙහි නිමාව දුටු අතර රෝග ඇති වීම සදහා විෂබීජ වල ඇති දායකත්වය පිළිබඳව සංකල්පය බිහිවුණි. නමුත් උරුම වීම පිළිබඳව ඇති ක්‍රියා පටිපාටිය තව දුරටත් අබිරහසක් බවට පත්ව ඇත. 20 වන ශතවර්ෂයෙහි මුලභාගයේදී මෙන්ඩල්ගේ ක්‍රියාකාරකම් නැවත සොයා ගැනීමත් සමගම තෝමස් හන්ට් මෝගන් සහ ඔහුගේ ශිෂ්‍යයන් විසින් ප්‍රවේනි විද්‍යාවෙහි සීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන ලදී. 1930 දී නව ඩාවින් වාදයෙහි ජනගහනයක ප්‍රවේනි විද්‍යාව සහ ස්වාභාවික වරණය මගින් මෙකී වර්ධනය සිදුවුණි. වොට්සන් සහ ක්‍රික් විසින් DNA වල ව්‍යුහය පිළිබඳව යෝජනා කිරීමත් සමගම මෙකී නව සංකල්පයන් වඩාත් සීඝ්‍රව වර්ධනය වුණි. ජාන කේත වල සොයා ගැනීමත් සමගම ජීව විද්‍යාව සියළුම ජීවීන් සහ ජීවී කාණ්ඩ පිළිබඳව විග්‍රහ කෙරෙන්නක් ලෙස ද සෛල සහ අනුක ජීව විද්‍යාව පිළිබඳව විග්‍රහ කෙරෙන ක්ෂේත්‍රයක් ලෙසද බෙදීමකට ලක්වුණි. විසිවන ශතවර්ෂයෙහි අග භාගයේදී ජීනෝමය සහ Proteomic යන ක්ෂේත්‍ර වල සොයා ගැනීමත් සමගම මෙකි රැල්ලෙහි වෙනස්වීම් ඇති වුණි. මෙහිදී ජීවින් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයින් අණුක තාක්ෂණය පිළිබඳවද අණුක සහ සෛල ජීව විද්‍යාඥයින් ජාන හා බාහිර පරිසරය අතර සම්බන්ධතාවය පිළිබඳවද අධ්‍යයනය කළහ. තවද ජීවීන්ගේ ස්වාභාවික ගහනයක ජාන පිළිබඳව අධ්‍යයනය කරන ලදී. නූතන ජීව විද්‍යාවෙහි පදනම ජීව විද්‍යාවෙහි එයට ආවේනික වු මූලධර්ම 4 ක් පවතී. සෛල වාදය. සියළුම ජීවීන් මූලික කෘත්‍යමය ඒකකය වු සෛල එකකින් හෝ වැඩි ගණනකින් නිර්මාණය වී ඇත. ඊට අමතරව සියළුම ජීවීන්ගේ සියළුම සෛල වල මූලික ක්‍රියාකාරිත්වය සහ රසායනය එකහා සමාන වේ. තවද එම සෛල ජනනය වනුයේ ඒවාට පෙර පැවති සෛල සෛල විභාජනය මගින් ගුණනය වීමෙන් පමණි. පරිණාමය. ස්වාභාවික වරනය සහ ජාන මගින් සිදුකරන තෝරා ගැනීම මත පදනම්ව යම්කිසි ජනගහනයක ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වීම් වලට භාජනය වේ. ජාන පිළිබඳ වු සිද්ධාන්තය. ජීවින්ගේ ලක්ෂණ ජාන වල මූලික කොටස වන DNA තුල සටහන්ව ඇත. මීට අමතරව මේකි ලක්ෂණ එක් පරම්පරාවක සිට ඊළග පරම්පරාවට ජාන මගින් ගමන් කරනු ලැබේ. මෙම සියළුම තොරතුරු ප්‍රවේනි දර්ශනය මගින් රූපානු දර්ශය හෙවත් ජීවියෙකුගේ බාහිරින් දැකිය හැකි භෞතිකමය හෝ ජෛව රසායනික ගති ලක්ෂණයක් බවට පත් කරනු ලබයි. ජාන මගින් ප්‍රකාශයට පත් කරනු ලබන රූපානු දර්ශය ජීවීන් මගින් බාහිර පරිසරයට අනුරූපව වෙනස් කරගත්තද එම තොරතුරු නැවතත් ආපසු ජාන වෙතට ගමන් කරනු නොලැ‍බේ. මෙලෙස බාහිර පරිසරයට අනුව ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජාන වල වෙනස් වීම පරිනාමය නම් ක්‍රියාවලිය මගින් පමණක් සිදුවේ. සමස්ථිතිය. බාහිර පරිසරයට අනුරූපව යටත් නොවී සිටීම සඳහා ජීවියෙකුගේ අභ්‍යන්තර පරිසරය පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සතුව පවතින භෞතික විද්‍යාත්මක ක්‍රියාවලිය මේ නම් වේ. පර්යේෂණ ව්‍යුහාත්මක අණුක ජීව විද්‍යාව මඟින් ජීව විද්‍යාවේ අණුක මට්ටමින් හදාරයි. ජීව විද්‍යාවේ අනෙකුත් පැති කඩවල වන ප්‍රවේනිය හා ජීව රසායන විද්‍යාව සමඟ මෙය සමපාත වේ. අණුක විද්‍යාවෙන් සෛලවල පවතින විවිධ අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය, අණුක මට්ටමින් හදාරන අතර මෙම අන්තර් ක්‍රියා පාලනය වන අයුරු ද අධ්‍යනය කරයි. සෛල ජීව විද්‍යාවෙන් සෛලවල කායික ක්‍රියා අධ්‍යයනය කරන අතර හැසිරීම්, අන්තර්ක්‍රියා පරිසරය (සෛලික) ගැන අධ්‍යයනය කරයි. මෙය අන්වීක්ෂ හා අණුක මට්ටමින් කෙරේ. සෛලික ජීව විද්‍යාව තනි සෛලික ජීවී ආකාර වන බැක්ටීරියාත් විශේෂිත වූ බහු සෛලික ජීවී ආකාර වන මානවයන් ගැන පරීක්ෂණ කරයි. ජීව විද්‍යාවට සෛලවල සංඝටක හා ඒවා කෙසේ ක්‍රියා කරයි ද යන්න අධ්‍යයනය කිරීම ප්‍රධාන තැනක් ගනී. සෛලික හා අණුක ජීව විද්‍යාවෙන් සෛල ආකාරවල සමානතා හා අසමානතා එක්සත් කේටාවක් උත්පාදනය කරන අතර එක් සෛල ආකාරය ඉහත ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් ඒවා තවත් සෛල ආකාරවල එම ක්‍රියා වන ආකාරය පිළිබඳ තක්සේරුවක් ගත හැක. ජාන විද්‍යාව ජාන ප්‍රවේණිය, එක් එක් ජීව ආකාරවල විශමතා පිළිබඳ විද්‍යාවයි. ජානවල ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා තොරතුරු අඩංගු වන අතර එම ප්‍රෝටීන මඟින් බොහෝ දුරට, (කලින් සම්පූර්ණයෙන්ම තීරණය නොවූ අවසාන රූප ආකාරය තීරණය කරයි. නවතම පරීක්ෂණවලට අනුව ජාන විද්‍යාව, ජානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ හා ජාන අන්තර් ක්‍රියාවල සංස්ලේෂණවලට උපකරණ සපයයි. ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ප්‍රවේණිය සඳහා අවශ්‍ය තොරතුරු DNA අණුවල රසායනික ව්‍යුහයේ අඩංගු වී ඇත. සංවර්ධනය වීම පිළිබඳ ජීව විද්‍යාවේ ජීවීන් වර්ධනය හා ජීවීන් ප්‍රමාණය වැඩිම හා වර්ධනය වන ආකාරය අධ්‍යයනය කරයි. මෙය කළල විද්‍යාවෙන් පටන්ගෙන සෛලවල වර්ධනය විකිරණය වීම රූපාකාර බවට පත් වීම් ජාන මඟින් පාලනය වන ආකාරය අධ්‍යයනය කරයි. රූපාකාර බවට පත්වීම යන්නෙන් අදහස් කරන්නේ පටක, ඉන්ද්‍රිය, බවට පත්වීමයි. වර්ධක විද්‍යාවට යොදා ගන්නා ආකෘතික ජීවීන් වන්නේ පට පණුවා, පළතුරු මැස්සා, සීබ්‍රා මාළුවා, මීයා සහ වල් පැලෑටියක් වන ඇබිඩෝප් චීස් තැලියානා යොදා ගනී. ඡායාරූප බාහිර සබැදි DMOZ හි ජීව විද්‍යාව OSU's Phylocode ජීව විද්‍යාව ඔන්ලයින් - විකි ශබ්දකෝෂය ජීව විද්‍යාව පිළිබඳ MIT වීඩියෝ දේශන මාලාවක් ජීව විද්‍යාව සහ ආචාර ධර්ම. ජීව විද්‍යාත්මක පද්ධති – ඉඩාහෝ ජාතික රසායනාගාරය ජීවන වෘක්ෂය : වංශ ප්‍රවේණිය හා ජෛව විවිධත්වය පිළිබඳ තොරතුරු අඩංගු බහු-රචිත, බෙදාහැරුණු අන්තර්ජාල ව්යාපෘතිය. ජීව විද්‍යා අධ්‍යයනය ජෛව සාහිත්‍ය වෙබ් සම්පත් භාවිතයන් සඟරා පිලිබද සබැදි PLoS ජීව විද්‍යා සම සමාලෝචනය, විද්‍යා මහජන පුස්තකාලය විසින් ප්‍රකාශිත විවෘත-ප්‍රවේශ සඟරාව වත්මන් ජීව විද්‍යාව ජීව විද්‍යාවේ සියලු ප්‍රදේශවල සිට මුල් පර්යේෂණ පළවූ සඟරාව ජීව විද්‍යා ලිපි උසස්-බලපෑමක් ඇති රාජකීය සංගමය සඟරාවේ පළවූ වැදගත් ජීව විද්‍යා පත්‍රිකා සමාලෝචනය විද්‍යා සඟරාව ජාත්‍යන්තර ව පිළිගත් විද්‍යා අභිවර්ධනය සඳහා වූ ඇමරිකානු සංගමයෙහි (AAAS) විද්‍යා ප්‍රකාශන ජීව විද්‍යා ජාත්‍යන්තර සඟරාව සැලකිය යුතු සම සමාලෝචනය විද්‍යාත්මක පත්‍රිකා පළ වූ ජීව විද්‍යාත්මක සඟරාව ජීව විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ ඉදිරි දර්ශන පුළුල් පරාසයක ලිපි පළකල විද්‍යා සඟරාව ලයිෆ් සයන්ස් ලොගය ජීව විද්‍යාව විද්‍යාව
2347
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
භෞතික විද්‍යාව
භෞතික විද්‍යාවේදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යය, ශක්තිය කාලය හා අවකාශය ගැනයි. ද්‍රව්‍යය වල ගුණ මෙන්ම ව්‍යුහයත්, ශක්තියේ ගුණ, ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා, සහසම්බන්ධයද මෙහිදී සාකච්ඡාවට ගැනේ. භෞතික විද්‍යාව අප අවට ලෝකස්වභාවය තේරුම් ගැනීමට ස්වාභාවධර්මය පිළිබ්ඳ හැදෑරීමක් ලෙසද හැඳින්විය හැකිය. කාලය , අවකාශය , පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්යාව තුලින් අධ්‍යයනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්, ශාස්ත්‍රීය භෞතික විද්‍යාව නූතන භෞතික විද්‍යාව වශයෙනි ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට අයත් වන විශය පථයන් වන්නේ යාන්ත්‍ර විද්‍යාව, ආලෝකය විද්යුතය චුම්භක ශක්තිය ධ්වනිය හා තාපය යන ඒවාය. නවීන භෞතික විද්‍යාව යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාව, පරමාණුක හා න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් සඳහාය. සාපේක්ෂතාවාදය ද මෙම ගණයට වැටේ. භෞතික විද්‍යා අධ්‍යයනයන් සැලකීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටේ. ඒවා නම්, ප්‍රායෝගික භෞතික විද්‍යාව හා න්‍යායික භෞතික විද්‍යාවයි. ප්‍රායෝගික භෞතික විද්‍යාව වැඩි අවධානයක් යොමු කරන්නේ නිරීක්ශණ ප්‍රථිඵල මත එළඹෙන නිගමන වලටය. න්‍යායික භෞතික විද්‍යාව ගණිතමය න්‍යායන්, සමීකරණ හා ගණනය කිරීම් මත වැඩි අවධානයක් යොමුකරයි. භෞතික විද්‍යාව හැදින්වීම මෙහි බලය , ශක්තිය , ස්කන්ධය හා ආරෝපණය වැනි සංකල්ප සමග ගනුදෙනු කරනු ලැබේ. භෞතික විද්‍යාව යනු පරීක්ෂණාත්මක විද්‍යාවකි. එය ස්වභාව ධර්මයාගේ සාධාරණ විශ්ලේෂණයයි. එහි අරමුණ වන්නේ විශ්වය හැසිරෙන අයුරු තේරුම් ගැනීම යි. භෞතික විද්‍යාව පැරණි නූතන ම ශික්ෂාවන්ගෙන් එකකි. එය 17 වන ශත වර්ෂයේ නූතන විද්‍යාව ලෙස මතුවී පැමිණි අතර එහි උපක්ෂේත්‍රයක් වන තාරකා විද්‍යාවේ හරහා එය සියල්ලන්ගෙන්ම පැරණි එක ම විය හැකි වේ. ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් වැඩ කරනා අය භෞතිකඥයන් නම් වේ. භෞතික විද්‍යාවේ ප්‍රගමනයන් බොහෝ විට තාක්ෂණික අංශයට පරිවර්තනය වන අතර සමහර විට අනෙකුත් විද්‍යාවන්ට බලපෑම් කරන අතර ඒ වගේම ගණිතය හා දර්ශන විද්‍යාවට ද එසේ වේ. උදාහරණයක් ලෙස විද්‍යුත් චුම්භකත්වය තේරුම් ගැනීමේ ප්‍රගමනයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පුළුල්ව විහිදුණු උපාංග(රූපවාහිනි, පරිගණක , ගෘහ උවාරණ ආදී) භාවිතයට මග පෙන්වීම, තාප ගති විද්‍යාවේ ප්‍රගමනයන් මෝටර් රථ ප්‍රවාහනය සංවර්ධනයට සහ යාන්ත්‍ර විද්‍යාවේ වැඩි දියුණුව කලනයේ සංවර්ධනයට , ක්වොන්ටම් රසායන විද්‍යාවේ දියුණුවට සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ඇති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැනි උපකරණ නිර්මාණයේ දී උපකාර විය. අද , භෞතික විද්‍යාව පුළුල් හා ඉහළින් සංවර්ධිත විෂයකි. ගවේෂණ ඝන පදාර්ථ භෞතික විද්‍යාව , අණුක , පරමාණුක සහ ප්‍රකාශ භෞතික විද්‍යාව , ඉහළ ශක්ති භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව සේ ‍බොහෝ විට උප ක්ෂේත්‍ර හතරකට වෙන් කර ඇත. බොහෝ භෞතිකඥයන් සෛද්ධාන්තික හෝ පර්යේෂණාත්මක ගවේෂණ සඳහා විශේෂ වේ. මක් නිසාද යත් සෛධාන්ත මගින් තව න්‍යාය සංවර්ධනය ආශ්‍රිතව සහ පර්යේෂණ මගින් එම න්‍යාය වල වලංගු භාවය සෙවීම සහ නව සිද්ධාන්ත සංවර්ධනය හා බැදී ඇත. අවසන් ශතවර්ෂ 4 දී වූ වැදගත් සොයාගැනීම් නොසලකමින් විශාල වශයෙන් භෞතික විද්‍යාවේ නොවිසඳුනු ගැටළු හා බොහෝ ව්‍යවහාර ගවේෂණ ප්‍රදේශ පවතී. සිද්ධාන්ත සිද්ධාන්ත සහ සංකල්ප පහත වගුවෙන් භෞතික විද්‍යාවේ ප්‍රධාන න්‍යායයන් හා ඒවායේ භාවිත සංකල්ප දක්වා ඇත. ''' පර්යේෂණ සිද්දාන්ත සහ පර්යේෂණ, ශුද්ධ සහ ව්‍යවහාරික උප ක්ෂේත්‍රය The table below lists many of the fields and subfields of physics along with the theories and concepts they employ. ඉතිහාසය විද්‍යාත්මක විප්ලවය නූතන භෞතික විද්‍යාව වසර 1895 දී, රොන්ජන් විසින් අධි සංඛ්‍යාත විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස x-කිරණ සොයා ගන්නා ලදී. ඒ සමගම , 1896 දී හෙන්ඩ්රි බෙකරල් විසින් විකිරණශීලතාව සොයා ගන්නා ලදී . එසේම මාරි කියුරි සහ පියරි කියුරි ද වැඩි දුර මේ පිළිබඳ අධ්‍යනයක නිරත වූහ. මෙය න්‍යයෂ්ටික භෞතික විද්‍යාවේ ආරම්භය විය . 1897 දී ජෝසප් ජේ. තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝනය සොයා ගන්නා ලදී. එය විද්‍යුත් පරිපථ වල විද්‍යුත් ධාරාව ගෙන යන ප්‍රාථමික අංශුව වේ. ඔහු 1904 දී පරමාණුව පිළිබඳ පළමු ආකෘතිය ඉදිරිපත් කළේය . එය හැඳින් වූයේ “ප්ලම් පුඩිම ආකෘතිය(plum pudding model)” ලෙසය. එය 1808 දී ජෝන් ඩෝල්ටන් ඉදිරිපත් කළ සංකල්ප තුල ද තිබීය. අනාගතයේ දිශාව See also සංවිධානය AIP.org is the website of the American Institute of Physics IOP.org is the website of the Institute of Physics APS.org is the website of the American Physical Society SPS National is the website of the American Society of Physics Students CAP.ca is the website of the Canadian Association of Physicists EPS.org is the website of the European Physical Society ස‍ටහන් Alpher, Herman, and Gamow. Nature 162,774 (1948). Wilson's 1978 Nobel lecture C.S. Wu's contribution to the overthrow of the conservation of parity Yang, Mills 1954 Physical Review 95, 631; Yang, Mills 1954 Physical Review 96''', 191. භෞතික විද්‍යාව
2348
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%96%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
භූ විද්‍යාව
භූ විද්‍යාව (). භූවේදය. භූ විද්‍යාව
2359
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%20%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
වාස්තු ශාස්ත්‍රය
වාස්තු ශාස්ත්‍රය යනු, සාම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයක් වන අතර එය වචනාර්ථයෙන් පරිවර්තනය වන්නේ "ගෘහ නිර්මාණ ශිල්පයෙහි විද්‍යාව" ලෙසිනි. සැලසුම, වින්‍යාසය, මිනුම්, භූමිය පිළියෙල කිරීම, අවකාශය සංවිධානය කිරීම සහ, අවකාශීය ජ්‍යාමිතිය යන්නෙහි මූලධර්ම විස්තර කෙරෙන කෘතීන් ඉන්දියානු උපමහාද්වීපය තුල හමු වී ඇත. වාස්තු ශාස්ත්‍රයන්හී සාම්ප්‍රදායික හින්දු මෙන්ම සමහරක් අවස්ථාවන්හීදී බෞද්ධ ඇදහිලි අන්තර්ගත වෙයි. ස්වභාව ධර්මය, ව්‍යුහයෙහි විවිධ කොටස් වල සාපේක්ෂ කර්තව්‍යයන් සහ, ජ්‍යාමිතික රටා (යන්ත්‍ර (ඉන්දියානු ආගම්)), සමමිතිය සහ, දිශාත්මක පෙළ ගැන්නුම් අනුසාරයෙන් වන පුරාතන විශ්වාස හා සමගින්, ගෘහ නිර්මාණ ශිල්පය සංයෝජනය කිරීම මෙම සැලසුම් වල අදහස විය. වාස්තු ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ කොටස් 5 කිනි. එනම්, 01. භූමි 02. ජලය 03. වායු 04. අග්නි 05. අකාශ ආශ්‍රිත හින්දු දේවාල ගෘහ නිර්මාණ ශිල්පය වෛදික යුගය හින්දු දාර්ශනික සංකල්ප ඉන්දියාවෙහි ගෘහ නිර්මාණ ශිල්පය පාරිසරික සැලසුම ඉන්දු නිම්න සංස්කෘතිය ඉන්දියාවෙහි සාහිත්‍යයෙහි ඉතිහාසය ඉන්දියානු ගෘහ නිර්මාණාත්මක ඉතිහාසය ගෘහ නිර්මාණාත්මක සිද්ධාන්ත
2361
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%20%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA
ඉංජිනේරු ශිල්පය
විද්‍යාව, තාක්ෂණය සහ ගණිතමය දැනුම වැඩිදියුණු කර ගැනීම සහ එවන් දනුම නිර්මාණාත්මක අයුරින් උපයෝගී කර ගැනීම තුලින්, යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා භාන්ඩ, ආකෘති, උපකරණ හෝ පද්ධති නිපැදවීමේ හැකියාව, ඉංජිනේරු ශිල්පය ලෙස හැඳින්වේ.
2456
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
අන්තර්ජාලය
ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය. පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි. අන්තර්ජාලයෙන් බහුලව ලබාගන්නා සේවාවන් විද්‍යුත් තැපෑල පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර වද්‍යුත‍‍් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලො‌වව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි. විශ්ව ව්‍යාප්ත වියමන(විශ්ව විසිරි වියමන) විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි. සමාජයීය බලපෑම් අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත. “ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ. අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි. ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ. ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය. වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ. බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය. අන්තර්ජාලයේ ඉතිහාසය අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂකයින් සහය ලබා දී ඇත. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි. මේවාත් බලන්න අන්තර්ජාල ප්‍රොටෝකෝලය විද්‍යුත් තැපෑල බාහිර සබැඳුම් මූලික Read Congressional Research Service (CRS) Reports regarding the Internet Glossary of Computer and Internet Terms Internet Health Report from Keynote Internet World Stats ලිපි "EU and U.S. clash over control of the Net" - International Herald Tribune article by Tom Wright "10 Years that changed the world" - WiReD looks back at the evolution of the Internet over last 10 years Internet Explained Seven part article explaining the origins to the present and a summary for future of the Internet. John Walker: The Digital Imprimatur How Stuff Works explanation of the Infrastructure of the Internet How the Internet actually works An article summarising the core Internet technologies, written for non-experts ඉතිහාසය The Dream Machine: J.C.R. Licklider and the Revolution That Made Computing Personal M. Mitchell Waldrop The Internet Society History Page How the Internet Came to Be Hobbes' Internet Timeline v8.1 Futures and Non-futures for Scholarly Internet. History of the Internet links RFC 801, planning the TCP/IP switchover Video of a report on the Internet - before the Web Vinton Cerf's short history of the Internet Archive - A searchable database of old cached versions of Web sites dating back to 1996 A comprehensive history with people, concepts and many interesting quotations CBC Digital Archives – Inventing the Internet Age A list of lectures, some of which relate to the Internet, from the Massachusetts Institute of Technology is available here. Of particular interest is lecture #3 The Next Big Thing: Video Internet which is delivered in Real Player format. The lecture gives a brief history of networking; discusses convergence between the Internet/telephone/television networks; the expansion of broadband access; makes predictions about the future of delivery of video over the Internet. පරිගණක විද්‍යාව
2472
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%84%E0%B6%B1%20%28%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%20%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%29
සහන (නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය)
ආරම්භය "සහන" වැඩසටහන ආරම්භවුයේ 2004 දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ "සුනාමි" ඛේදවාචකයත් සමහයි. මේවන තෙක් නිසි ආපදා කළමණාකරන මෘදුකාංග පද්ධතියක් නොමැති බැවින් "සහන" වැඩසටහනේ අරමුණ වුයේ රට තුලට ගෙනන සහනාධාර සහ සහනසේවා නිසි පරිදි කළමනාකරණය කරගත හැකි මෘදුකාංග පද්දතියක් නිපදවීමයි. "සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්ධතිය ශ්‍රීලාංකිය පරිඝණක ක්‍ෂේත්‍රයේ නියැලෙන නිලධාරීන්ගේ ස්වෙච්චා සේවය නිසා සති 2-3 පමණ කෙටි කාලයක් තුල "සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය නිපදවිමට හැකිවිය. මෙම නිෂ්පාදනයෙහි පුරොගමිව කටයුතු කරනු ලැබුවේ පරිඝනක පරියෙෂණ කටයුතු වල නියැලෙන සහ ලාඟ අපේක්‌ෂා නොකරන ආයතනයක් වන "ලංකා මෘදුකාංග පදනම". මෙම මෘදුකාංග පද්ධතිය රජයේ සහය අැතිව ශ්‍රීලංකාවේ "සුනාමි" ආපදා කළමනාකරණ ක්‍රියා වලිය සඳහා භාවිතා විය. මෙහි ප්‍රථිපලයක් ලෙස "සහන" මෘදුකාංග පද්ධතිය දැන් දෙවැනි අදියර සඳහා ලෙෝකයේ සිදුවන සියලු අපදාවන් කලමණාකරගත හැකි මෘදුකාංග පද්ධතියක් ලෙස නිපදවමින් පවති. දෙවැනි අදියරෙහි අරමුණු වන්නේ පරිපූර්ණ ආපදා කලමණාකරන පද්ධතියක් නිපදවීම, දැනට භාවිතාවන පද්ධතීන් ගෙන් දත්ත හුවමාරුව, ආපදා පෙරහුරුව, සහන සහ සේවා කටයුතුය. සහන මෘදුකාංග පද්දතියේ බෙදාහැරීම සඳහා "GNU Lesser General Public License" බලපත්‍රය භාවිතාවේ. භාවිතය 2005දී ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය යටතේ ආසියානු "සුනාමි" ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය. 2005දී පකිස්තානු රජයේ අනුග්‍රහය යටතේ ආසියානු භූමිකම්පා ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය. 2006දී පිලිපීන රජයේ අනුග්‍රහය යටතේ නාය යෑමේ තර්ජනයට ලක්වු ප්‍රදේශවල ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය. 2006දී "සර්වෝදය" අායතනයෙ ආපදා කලමණාකරන පද්දතිය සඳහා භාවිතා කෙරේ. සම්මාන සහ අැගයීම් Sourceforge Project of the Month - June 2006 Software 2006 Good Samaritian Award Redhat User Awards Wikipedia Reference to FSF Award for Projects of Social Benefit Stockholm Challenge Finalist අඩවියෙන් බැහැර පිටු Main Sahana website Sourceforge project page Sahana mailing list discussion sampler http://www.global-disaster-rescue.de (German/European project- & testsite) Free Software Magazine article on Sahana Sahana brochure (PDF) Reference in FSF/UNESCO directory 2004 Indian Ocean earthquake
2478
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවේ ආදිවාසීන්
ආදිවාසින් වශයෙන් හඳුන්වන්නේ නම් අපට දැනට වසන ජනවර්ග අතරින් පැරණිතම ජන වර්ගයයි. ලංකාවේ සිංහල සහ වැදි යන ජනවර්ග දෙකම ආදිවාසින් වේ. මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරර විජය කුමරු පැක යුගයන් ඇරඹෙසර 2500කට පෙමින්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ග්‍රොත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රොහියකු වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජන ප්‍රරවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්‍රයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ. ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්‍රවිඩයන්ද ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්‍රමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්‍යයන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්‍රමණිකයන්ගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරටට අනන්‍ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්‍රමණික ජන කොටසක් බවට පත්වේ. මූලාශ්‍ර සමාජවේදය ඉතිහාසය - ශ්‍රී ලංකා
2479
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%20%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
මුල් ළමාවියේ සංවර්ධනය
ජාත්‍යන්තර නිර්වචනයට අනුව මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. ඒනම් වයසු අවුරුදු 0-8 කාලයයි. නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම වයස 0 -5 වේ. පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවධීය වන්නේ මුල් ළමාවිය අවධියයි. ඒනම් ඹ්නම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම මුල් ළමාවිය අවධියේදීය. සියලුම මිනිසුන්ගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදීය. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකි. මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ. ප්‍රධාන අංග අංග 3කි දිවි සුරැකුම මුල් ළමාවියේදී ‍ජීවිත හානි වියහැකි අවස්ථා මගහැර ජීවිතය රැකගැනීමේ ක්‍රමවේද මෙයට ඇතුලත්වේ. නිදසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත දරු ප්‍රසූතිය මාතෘ නිවාඩු මවුකිරි පමණක් දීම (වයස මාස 4 දක්වා අනිවාර්යයෙන්) ප්‍රතිශක්තිකරණය වර්ධනය ළමයින්ගේ උස, බර, සිරුර වර්ධනය ප්‍රමානාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය ‍යන යෙදුමෙන් එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කෙරේ. එහෙත් සංවර්ධනය යන යෙදුමෙන් ඊට වඩා පුලුල් අර්ථයක් ගෙනදෙයි. ළමයින්ගේ ශාරීරික, මානසික, බුද්ධිමය, සමාජමය, චිත්තවේගීය යනාදි වශයෙන් දැක්විය හැකි සියලුම අංශවල සිදුවන වැඩිදියුනුව සංවර්ධනය යන යෙදුමෙන් අර්ථ ගැන්වේ. මුල් ළමාවිය දරුවාගේ සමස්ථ සංවර්ධනය බුද්ධි සංවර්ධනය භාෂා සංවර්ධනය කායික සංවර්ධනය මනෝ චාලක සංවර්ධනය සාමාජීය සංවර්ධනය චිත්තවේග සංවර්ධනය යහජීවන පුරුදු නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක සංවර්ධනය පරිසර අවධානය විවිධ රටවල තත්‍වය ස්වීඩනය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙන් ප්‍රකාශකරන පරිදි මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 05 දක්වා කාලයයි. පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ ළමා ලේකම් කාර්යාලය මුල් ළමාවිය සංවර්ධනයසම්බණ්දව ක්‍රියාත්මකවේ. නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය / ගුරු පුහුණු / නියාමනය හා අවම ප්‍රමිතින් පිළිබඳ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ පෙරපාසල් වයසේ පෙරපාසල් නොයන පිළිබඳ දරුවන්විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ මව විදේශගත වු දරුවන් පිළිබඳ දෙමාපියන් අහිමි ළමුන් පිළිබඳ ළමා මව්වරුන්ට ලැබුනු ළමුන් පිළිබඳ තනි මාපිය ළමුන් පිළිබඳ විශේෂ අවධානය යොමු කල යුතු පවුල් පිළිබඳ අවදානම් සහිත පවුලවල දරුවන් පිළිබඳ ගැබිණි මව්වරු පිළිබඳ තරුණ හා විවාහ අපේක්ෂිත කණ්ඩායම් පිළිබඳ ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන ගම්මාන නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ තෝරාගත් පවුල් ඒකක ගොඩනැගීම පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක ජාතික වැඩපිලිවෙලක් ඇත. මුල් ළමාවියේ දරුවාගේ නිපුණතා සංවර්ධනය හැදින්වීම.ළදරු පාසල් අධ්‍යාපනය රටක අධ්‍යාපන ක්‍රමයෙහි වැදගත්ම අඩිතාලම ලෙස සලකා ක්‍රියාත්මක කළ යුතු බව පොදු පිළිගැනීම වී හමාරය.ගෙදරින් ළදරු  පාසලට එන දරුවාට එම පරිසරයට අදාලව සිය ආකල්ප , ගති ලක්ෂණ හුරු කර ගනිමින් ලැදියාව සකස් කර ගැනීමට කාලයක් ගත වනවා මෙන්ම ළදරු පාසලෙන් විධිමත් පාසලට එන දරුවාට ද විධිමත් පාසලට හුරු වීමට කාලයක් ගත වේ. ළදරු පාසලෙන් විධිමත් පාසලට සංක්‍රාන්ති වීම ළදරු ජීවිතයේ සිදුවන වැදගත්ම සිදුවීම් වලින් එකකි.දරුවා විධිමත් පාසල කෙරෙහි මුල් දින කිහිපය තුළ ඇති කර ගන්නා ආකල්පය දරුවාගේ පසුකාලීන අධ්‍යාපනය හා පෞරුෂය කෙරෙහි  ප්‍රභල බලපෑමක් ඇති කරයි. ඒ නිසා දරුවා විධිමත් පාසලට හුරු කිරිම විශේෂ සැලකිල්ලක් හා අවධානයකින් යුතුව කටයුතු කිරිම , දෙමාපියන්ගේත් , ළදරු පාසල් ගුරුවරියගේත් , විධිමත් පා‍සලේ පලමු වසර ගුරුවරියගේත් විශේෂ යුතුකමක් වේ. විවිධ අන්දමේ පුහුණුවීම් හා රටාවන් අනුව ළදරු පාසල් අධ්‍යයනයන් සිදු කරනු ලබන අතර දරුවන් ට විධිමත් පාසලට ඇතුළු වීමට පෙර කවර අයුරින් හෝ විශේෂ හුරු කිරීමක් හෝ පුහුණුවක් ලබා දීමට අනියත වැඩපිළිවෙලක් නැත. ළදරු පාසලෙන් විධිමත් පාසලට සම්බන්ධවීම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියේ අඛන්ඩ ක්‍රියාකාරී කොටසකි.ළදරු පාසලේදී ලබන අධ්‍යාපනය වඩාත් ළුලදායි ලෙස පවත්වාගෙන යා හැක්කේ ළදරු පාසලේ හා විධිමත් පාසලේ සමාන වු අධ්‍යාපන අද්දැකීම් ක්‍රියාවලියක්  දරුවන්ට ලබා දීමෙනි. මනෝ විද්‍යාඥයින් හා ළදරු අධ්‍යාපන විශේෂඥයින් කළ පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මෙම සංක්‍රාන්ති කාලය පිළිබදව සැවොම සැලකිල්ලක් හා උනන්දුවක් දැක්විය යුතු බවය. දරුවන්ට පූර්ණ සංවර්ධනයක් සදහා ආරක්ෂිත , ස්ථාවර පාසල් පරිසරයක් හා විස්වාසදායි මානව ඉගණුමට අවස්ථාව සැලසීම මෙහි යථාර්ථයයි.ඒ සදහා ගත හැකි මුලිකම පියවරක් වනුයේ දෙමාපියන් , ළදරු පාසල් ගුරුවරිය , පාසල් ගුරුවරියත් අතර අංග සම්පූර්ණ එකගතාවයක් ගොඩනැගීමයි. මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන විෂය පථය මෙම කාර්ය සාධනය වන අයුරින් පුළුල් ක්ෂෙත්‍ර ආවරණය කිරීමේ පුථිළුලයක් ලෙස පෙර පාසල් හා විධිමත් පාසලේ පලමු වසර ගුරුවරුන් අතර මනා අන්තර් සබදතාවය වර්ධනය වන අයුරින්   “වැළි කෙළියෙන් පිටු අතරට”   යන නමින් ආරම්භ කරන ලද මෙම සුවිශේෂී වැඩසටහන මුල් ළමාවියේ දරුවන්ගේ අවිනිෂ්චිත සංක්‍රාන්තිය නිෂ්චිත හා විස්වාසදායි, ප්‍රීතිමත් පියවරක් බවට පත් කිරීමට දායක කරවන්නකි.  වින්දනාත්මක හා පාරිසරික අධ්‍යයනයන් ආශ්‍රයෙන් රිසි ලෙස සිය ආකෘතික ලෝකය ගොඩ නැගූ දරුවන් ට සැලසුම්ගතව ගොඩනගන ලද ආකෘති අනුව සිය ජීවිතය ලෝකය වෙත විවෘත කිරීමට අවස්ථාව නොබිදුන සංක්‍රාන්තියක් මගින් ලබා දීමට අවශ්‍ය මානුෂික බැදීම් ගොඩ නැගීම හා ප්‍රවර්ධනය කිරිම වැළි කෙළියෙන් පිටු අතරට වැඩසටහනේ අරමුණයි.  ශ්‍රී ලංකා‍වේ අධ්‍යාපනය ප්‍රධාන  මාර්ගයන් 03ක් ඔස්සේ හැඩ ගැසී ති‍බේ. එනම් 01. විධිමත් අධ්‍යාපනය. 02.නොවිධිමත් අධ්‍යාපනය. 03. අවිධිමත් අධ්‍යාපනය. විධිමත් අධ්‍යාපනය යනු යම්කිසි කෙනෙකු සතු දැණුම තමන්ගේ ආකෘතියක් හා තමන්ගේ හැකියාව අනුව තවත් කෙනෙ‍කුට ඒ ආකාරයෙන්ම ලබා දීමයි. මෙය ගුරු කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයකි. නොවිධිමත් අධයාපනය යනු යම් පුද්ගලයෙකු, මගපෙන්වන්නෙකු හා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කරමින් න්‍යායය සහ භාවිතය සමග ඉලක්ක ගත හා සැලසුම්ගත දැනුමක් ප්‍රතිග්‍රාහකයා වෙත ලබා දීමයි. මෙහිදි සිදුවන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකි. විධිමත් හා සැලැස්මක් හෝ ඉලක්කයක් නොමැතිව සාමාන්‍ය වැඩ ලෝකය තුලින් ලබා ගන්නා දැණුම නොවිධිමත් අධ්‍යාපනයයි. එහිදි අරමුණු හා ඉලක්ක තමා විසින්ම තේරුම් ගෙන ගොඩනගා ගතයුතු අතර ඒ සඳහා දැණුම සහ ක්‍රමවෙද ද තමන් විසින්ම සොයා ගත යුතුය. වර්ධනය හා සංවර්ධනය.''' ·        ළමයින්ගේ උස , බර ,සිරුර වර්ධනය ප්‍රමාණාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය යන යෙදුමෙන් එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කෙරේ. ·         සමාජමය, චිත්තවේගීය යනාදී වශයෙන් දැක්විය හැකි සියළුම අංශවල සිදුවන වැඩිදියුණු වීම සංවර්ධනය යන්නෙන් අර්ථ ගැන්වේ. දරුවකුගේ සංවර්ධනය පිළිබඳ අවධානය යොම කිරිමේදී ළමා සංවර්ධන  මුලධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ළමා සංවර්ධනයට අදාළ මූලධර්ම 10 කි. ·        අඛණ්ඩතාව පිළිබද මුලධර්මය. ·        සංවර්ධන වේගයේ ඒකීය භාවයක් නොමැතිවීමේ මුලධර්මය. ·        සංවර්ධන රටාවේ ඒකීය බව පිළිබද මුලධර්මය. ·        පුද්ගලගත වෙනස්කම් පිළිබද මුලධර්මය. ·        සාමාන්‍ය ප්‍රථිචාරයේ සිට සුවිශේෂී  ප්‍රථිචාරය දක්වා විකාශණය වීමේ මුලධර්මය. ·        සමෝධානය  පිළිබද මුලධර්මය. ·        අන්තර්සබදතාවය පිළිබද මුලධර්මය. ·        අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබද මුලධර්මය. ·        ඉහල සිට පහලටත් කේන්ද්‍රයේ සිට පරිදියටත් සිදුවන සංවර්ධනය පිළිබද මුලධර්මය. ·        පෙර කීමේ හැකියාව පිළිබද මුලධර්මය. එසෙම දරුවාගේ නිපුනතා හඳුනා ගැනීමට පෙර මුල් ළමාවිය සංවර්ධනයේ සංවර්ධන පැතිකඩයන් හඳනාගත යුතුය. දරුවකුගේ සමස්ථ සංවර්ධන ප්‍රධාන අංශ 09 කි. ඒ අනුව දරුවකුගේ සමස්ථ සංවර්ධනයට අදාල පැතිකඩවල් ලෙස, ·        කායික සංවර්ධනය. ·        මනෝ චාලක සංවර්ධනය. ·        සමාජ සංවර්ධනය. ·        චිත්තවේග සංවර්ධනය. ·        බුද්ධි සංවර්ධනය. ·        භාෂා සංවර්ධනය. ·        පරිසර අවධානය. ·        සෞන්දර්යාත්මක සංවර්ධනය ·        යහජීවන පුරුදු හා අචාර ධර්ම. මේවා එකිනෙකක් අන්තර් බැඳීමක් හා අන්තර් යැපීමකින් යුක්තය. එනම් උදාහරණ ලෙස කායික සංවර්ධනය සිදු වුවහොත් පමණක් මනෝ චාලක සංවර්ධනය සිදුවේ. සමාජ සංවර්ධනය සිදුවුවහොත් පමණක් චිත්තවේග සංවර්ධනය සිදුවේ. භාෂා සංවර්ධනය සඳහා බුද්ධි සංවර්ධනය අනිවාර්යය. එසේම පරිසර අවධානය යොමු නොවුනහොත් සමාජ සංවර්ධනය හා සෞන්දර්යාත්මක සංවර්ධනය සිදු නොවේ. ඒ නිසා මෙම සංවර්ධන සංකල්ප සාකල්‍යයය. මුල් ළමාවිය දරුවන්ගේ නිපුණතා ගොඩනැගිය හැකි හා අධ්‍යයනය කළ හැකි නිපුණතා ක්ෂේත්‍ර 05 ක් දක්නට ඇත.එනම්, ·        ශාරීරික නිපුණතාවය. ·        පුද්ගල හා සමාජ සංවර්ධනය. ·        සන්නිවේදන කුසලතා සංවර්ධනය. ·        නිර්මාණාත්මක හා සෞන්දර්ය හැකියා සංවර්ධනය. ·        විශ්ලේෂණ හා ගැටළු විසදීමේ හැකියා සංවර්ධනය. මෙම ප්‍රධාන ක්ෂේත්‍ර  නැවත ප්‍රධාන නිපුණතා 29 ක් ‍ලෙස ගොඩ නැගී තිබේ.ඒ අනුව, 01. ශාරීරික නිපුණතා සංවර්ධනය. *  ඇවිදීම *නැගීම හා බැසීම *පැනිම * සමබරතාව පවත්වා ගැනීම *සියුම් චාලක ක්‍රියා හා මාංශපේශී වර්ධනය 02. පුද්ගල හා සමාජ සංවර්ධනය. *තම ශරීරයේ අවයව පිළිබද අවබෝධය. *තම වැඩ කටයුතු තනි ව කර ගැනීමේ හැකියාව. *චිත්ත වේග හැසිරවීම. *වැඩියන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම. *සම වයස් කණ්ඩායමේ අය සමග කටයුතු කිරිම. *පරිසරය සමග සම්බන්දතා පවත්වා ගැනීම. *ආචාර ධර්ම හුරු කිරිම. 03. සන්නිවේදන කුසලතා සංවර්ධනය. *සවන් දීම *අදහස් වාචිකව ප්‍රකාශ කිරිම *නිවැරදි උච්චාරණය. *ඉගි හා සිරුරු බස *කවි ගී සින්දු භාවිතය *හැඩතල හුරුවීම 04. නිර්මාණාත්මක හා සෞන්දර්ය හැකියා සංවර්ධනය. *චිත්‍ර ඇදීම *ගැයුම්,වැයුම් හා රැගුම් *ඇඹ්ම *අත් වැඩ *අනුකරණය 05. විශ්ලේෂණ හා ගැටළු විසදීමේ හැකියා සංවර්ධනය. *සංඛ්‍යා ගැටළු *විමසිලිමත් බව *සැසදීම *පටිපාටිගත කිරිම *සංකල්ප ඉහතින් සදහන් නිපුණතා 29 ඒ ඒ කොටස්වලදී නැවත නිපුනතා 205 ක් දක්වා බෙදී යයි. පෙර පාසල් අධ්‍යයන කටයුතු අවසන් කරන දරුවා පුර්ණ තත්ත්වයට පත් විමෙන් මුල් ළමාවියේ සංකීර්ණ සංවර්ධන අවස්ථාවට ප්‍රවිෂ්ඨ වී ඇති දරුවකු ලෙස පිළිගත හැකිය. එවැනි දරුවකු විධිමත් පාසලේ ප්‍රාථමික අධ්‍යාපනයට දක්ෂතා සහිත අයකු බවට පත්වේ. ප්‍රාථමික ශ්‍රේණියට ප්‍රවිෂ්ඨ විමේදී ප්‍රවේශ කුසලතා ගොඩ නැගීය යුතුය. ප්‍රවේශ කුසලතා යනු අලුතින් යමක් ඉගෙන ගැනිමේ කාර්යය ආරම්භ කිරීමට  පෙර ඒ කටයුත්ත සම්බන්ධව ශිෂ්‍යයයා විසින් අත්පත් කරගෙන තිබිය යුතු ඉගෙනුම් සමුදාය නැතහොත් හැකියා, කුසලතා සහ ගති ලක්ෂණ සමුහයයි. ඒ අනුව දරුවකු පාසලට ඇතුලත් වීමේදී ද ප්‍රවේශ කුසලතා සතු කරගෙන තිබිය යුතුය. එනම් මෙයින් ගම්‍ය වන්නේ එක් අතකින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකින් විධිමත් අධ්‍යාපනය සඳහා පිටවන දරුවා තුල යම් නිපුනතාවන් ගොඩ නගා තිබිය යුතු බවයි. මෙම නිපුනතා වර්ධනය සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකින් ලබන අත්දැකීම් ඉතා වැදගත්ය. ඒ හේතුවෙන්ම ඉහත සඳහන් කල ළමා සංවර්ධන පැතිකඩ, නිපුනතා සංවර්ධන  ක්ෂේත්‍ර සහ අදාල  නිපුනතා 205 මෙම ප්‍රවේශ කුසලතා සහ ප්‍රාථමික අධ්‍යාපනය ද ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇත. 1999 දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ ප්‍රවේශ කුසලතා 16 ක් හඳුන්වා දී ඇත. (වින්දනාත්මක ක්‍රියාකාරකම් ) එනම් 01.   සෙල්ලම් ගෙවල් 02.  නිදහස් ක්‍රියාකාරකම් 03.  සාමුහික ක්‍රීඩා 01 04.  සාමුහික ක්‍රීඩා 02 05.  ගායනය, වාදනය හා රංගනය 06.  කතන්දර චරිත අනුකරණය හා ශබ්ධ අනුකරණය 07.  චරිත අනුකරණය හා ශබ්ධ අනුකරණය “කුරුළු ගම” 08.  සෙල්ලම් මිදුල 09.  කැපීම/සීමාව තුල පාට කිරීම 10.   නිර්මාණාතිමක ක්‍රියාකාරකම් 01 11.    නිර්මාණාතිමක ක්‍රියාකාරකම් 02 12.   කතන්දර හා චිත්‍ර ඇඳීම 13.   පෙරහැර 14.   ගණන් කිරීම 15.   ද්‍රව්‍ය ගණන් කිරීම, සංඛ්‍යා අවබෝධය ( ප්‍රමාණය ද්‍රව්‍ය ඇසුරින්) 16.   සංඛ්‍යා අවබෝධය ප්‍රමාණය රූප ඇසුරින් මෙම විනෝද ජනක ක්‍රීඩා හරහා මණිනු ලබන නිපුනතා 28 ක් සඳහන් කර ඇත. එනම් 01.   සුහද කතාබහේ යෙදීම 02.  දෙන ලද ද්‍රව්‍ය නිසි පරිදි හසුරුවා නිර්මාණයක් කරයි 03.  යහලුවන් සමග සුහද සම්බන්ධතා ගොඩනගා ගනී 04.  කණ්ඩායමක් තුල සහයෝගයෙන් කටයුතු කරයි 05.  සුහද ගනදෙනු කරමින් ආචාරශීලිව හැසිරෙයි 06.  නිමාවනතෙක් යමක් යමක් කිරීමට ඇති කැමැත්ත ප්‍රදර්ෂණය කරයි 07.  අවධානයෙන් යුතුව සවන් දෙයි 08.  විවිධ ඉරියව් ප්‍රදර්ෂණය කරමින් ඇවිදියි 09.  ශාරිරික සමබරතාන පවත්නා ගනී 10.   සාමුහිකව ක්‍රියාකාරකම්වල යෙදේ 11.    වර්ණ සසඳමින් තෝරයි 12.   රංගන, ගායන, වාදනවලට කැමැත්තෙන් සහභාගි වෙයි 13.   පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත්වේ 14.   ශබ්ද අනුකරණය කරයි 15.   චරිත අනුකරණය කරයි 16.   විශ්වාසයකින් යුතුව කටයුතු කරයි 17.   ක්‍රියාකාරකම් සඳහා සතතුටින් සහභාගිවෙයි 18.   දෙනු ලබන උපදෙස් පිළිපදියි 19.   සියුම් මාංශපේෂි යොදාගෙන ක්‍රියාකාරකම්වල යෙදේ 20.  අදහස් ප්‍රකාශ කරයි 21.   සීමාවක්තුල පාට කරයි 22.  අන්‍යයන්ට උදව් කිරීමට කැමැත්තක් දක්වයි 23.  ක්‍රියාකාරකම් සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වෙයි 24.  වචන නිවැරදිව උච්ඡාරණය කරයි 25.  ශ්‍රවණ තීව්‍රතාවය ප්‍රදර්ෂණය කරයි 26.  දෘෂ්ඨි තීව්‍රතාවය ප්‍රදර්ෂණය කරයි 27.  උපකරණ නිවැරදිව අල්ලයි, භාවිතා කරයි 28.  5 තෙක් නිවැරදිව ගණන් කරයි අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා යනු ප්‍රාථමික අධ්‍යාපන තලයේ ඒ ඒ අවධිවලදි සිසුන් ප්‍රගුණ කරගතයුතු , විෂය මාලාවේ අන්තර්ගතයන් තුලින් කුසලතා, ආකල්ප හා අගයයන්හි වටිනාකම් සංකලනයකි. ලෝකයේ අධ්‍යාපන පර්යේෂකයන් විසින් මෙතෙක් කරන ලද පර්යේෂණ හා අත්හදා බැලිම් විමසුමකට ලක් කිරීමෙන් එළබගත් තිරණයන්ට අනුව ඒ ඒ අවධිවලදී ලගා විය යුතු අභිමත ඉගෙනුම් මට්ටම 65%  තරම් ප්‍රසස්ථ අයුරින් ලඟාකර ගැනීම මෙහිදි අපේක්ෂ කෙරේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය නව ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලිය යටතේ හඳුනාගත් අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා ප්‍රධාන අවධීන් තුනක් අනුව ගොනු කර ඇත. 01.   පළමුවන ප්‍රධන අවධිය            පළමු ශ්‍රේණිය හා දෙවන ශ්‍රේණිය තුළ අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  40 කි. 02.  දෙවන ප්‍රධන අවධිය            තුන්වන හා හතරවන ශ්‍රේණිය තුළ අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  52 කි. 03.  තුන්වන ප්‍රධන අවධිය            පස්වන ශ්‍රේණිය තුළ අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  55කි. මේ සියල්ල අවසානයේ අධ්‍යාපනයෙන් මුලික නිපුනතා 07 ක් බලාපොරොත්තු වේ. එසේම මේ සියල්ල ගොඩනැගී ඇත්තේ අධ්‍යාපනයේ ජාතික අරමුණු 8 ක් ක්ෂාතසාත් කර ගැනිම පෙරදැරිවය. සුධීර රත්නායක, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි, මොනරාගල
2485
https://si.wikipedia.org/wiki/%E0%B6%A1%E0%B7%93%E0%B7%80%E0%B6%B1%20%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F
ඡීවන නිපුණතා
මූලික ජීවන නිපුණතා තීරණ ගැනීම * තීරණය ගැනිමට පෙර,  එයට සම්බන්ධ සියළු තොරතුරු සොයා ගැනීම  ඒ සදහා ගත හැකි සියළුම ක්‍රියා මාර්ග සහ ඒවායෙන් අත්වන ප්‍රතිඵල සමග තුලනාත්මකව සලකා බැලීම  ගන්නා තිරණය හේතු සාධකව පහදා දිමට හැකිවිම  තමාට අවශ්‍ය තොරතුරු / දත්ත නොමැති විට තීරණ වලට එළබිමෙන් වැළකීම තීරණය ගැනිමෙන් පසු,  ඒ පිළිබදව වගකිම භාර ගැනිමට හැකිවිම  එහි ප්‍රථිපල වල ඵල විපාක පසු විපරම් කිරිම  සාමුහිකව ගත් තිරණ වලට ගරු කිරිම ප්‍රශ්ණ විසදීම  ගැටළුවට හේතුව හා අදාල විස්තර සෙවිමේ පුරුද්ද  අත්දැකීම් පමණක් නොව ඒ පිළිබද නිවැරදි තොරතුරුද සැලකිල්ලට ගැනීමේ හැකියාව  අන් අයගේ නිගමනද සැලකිල්ලට ගැනිම  සහේතුක කරුණු පෙන්වා දුන් විට තම ස්ථාවරය වෙනස් කර ගැනිම  ගැටළු විසදා ගතහැකි ඵළදායි ක්‍රම අතුරින් හොදම ක්‍රමය හදුනා ගැනිම  ගැටළුව විසදීමේ දී ක්‍රියාත්මක විය යුතු අනුපිළිවෙල හදුනා ගැනිම  අපේක්ෂිත ආකාරයට විසදුම ක්‍රියාත්මක වන්නේදැයි ඇගැයිම  සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම  කණ්ඩායම ගැටළුවකට මුහුණ පා ඇති විට එය සාමුහිකව විසදා ගැනිම  ගැටළුවක් සාර්ථකව විසදා ගැනිමට අපොහොසත් විමේදි අන් අයගේ සහයෝගය ලබා ගැනිම නිර්මාණාත්මකව සිතිමේ හැකියාව  කරුණු අතර සම්බන්ධතාව පහසුවෙන් තේරුම් ගැනිමට පුළුවන් විම  ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරිමට හැකිවිම  අභියෝග වලට මුහුණ දිමේදි විසදුම් සදහා නිර්මාණශිලිත්වය උපයෝගි කර ගැනිම  කිසියම් කටයුත්තක් ක්‍රියාත්මක කිරිමේදී පුළුල් පරාසයක සිතිම  දකින දෑ, ඇසෙන දෑ විවිධ දෘෂ්ඨි කෝණ තුලින් බැලිමට පුරුදු විම  වටාපිටාව පිළිබදව වැඩි අවධාවයක් හා උනන්දුවක් දැක්විම විවේචණාත්මකව සිතිමේ හැකියාව  යම් යම් දේ / අවස්ථා පිළිබද වෙනස්කම් ක්ෂණිකව විශ්ලෙෂණය  යමක් පිළිබදව වඩාත් සුපරික්ෂාකාරීව සහ තර්කාන්විතව සිතිම උදා :- ජනමාධ්‍ය ප්‍රචාරණ  යමක් පිළිගැනීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු අධ්‍යනය කිරිම අනුවේදනය  කරදරයට පත්ව සිටින අයගේ තත්වය තේරුම් ගැනිම  උපකාර අවශ්‍ය පුද්ගලයින්ට උදව් කිරිම  දුර්වලතාවන් සහිත පුද්ගලයින් දුටුවිට සමච්චලයට ලක් නොකිරිම ආත්මාවබෝධය  තමා තුළ ඇති රුචි අරුචිකම්, හැකියාවන් අභිප්‍රායයන් තම චරිතයේ ප්‍රබල හා දුබල තැන්, තම අයිතීන් සහ වගකීම් පිළිබදව අවබෝධයක් ඇති විම  තමාගේ හැකියාවන්, දක්ෂතාවයන් පිළිබදව නිහතමානීව සතුටු විම  වගකිමෙන් කටයුතු කිරිම  තමාට හැකි පමණින් තම කටයුතු තනිව කර ගැනිම  තම අනාගත අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනිමට ඇති උත්සාහය / උනන්දුව වැඩිවිම  කළ වරද පිළිගැනිම පිළිබද අන් අයට ආදර්ශයක් විම  නිවැරදි දේ කිරිමට ආත්ම විස්වාසය තිබිම සඵලමත් සන්නිවේදනය  අන් අයගේ අදහස් වලට සවන් දීම  අන් අයගේ සිත් නොරිදවා තම හැගීම් ප්‍රකාශ කිරිම  සුහදශීලීව කථ කිරිමේ හැකියාව  අන් අයගේ අභිනයන් සහ වාචික නොවන හැගීම් තේරුම් ගැනිම  තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරිම  තමාට නොසුදුසු / නොගැලපෙන දේ පිළිබදව ස්ථාවරව ප්‍රකාශ කිරිම  කණඩායමක් හැගිමෙන් යුක්තව අදහස් හුවමාරු කර ගැනිම  අන් අයතුල හැසිරිමේ වෙනසකට හේතු වු කරුණු තේරුම් ගැනිම සහ ඒ අනුව කටයුතු කිරිම අන්තර් පුද්ගල සම්බන්ධතා  සුහදව ඇසුරු කරන පිරිස වැඩිවිම  අන්අය සමග කෙරෙන සුහද කථබහ වැඩිවිම  තම අදහස් දෙමාපිය සහ සහෝදර සහෝදරියන් සමග සතුටින් බෙදාහදා ගැනිම  අන් අයගේ හොද ලක්ෂණ වර්ණනා කිරිම  යමෙකුගේ දුර්වලතාවයක් දුටු විට අන් අය සමග විවේචනය නොකොට අදාල පුද්ගලයාටම එය පෙන්වා දිම හැගීම් වලට මුහුණදිම  තමාගේ හැගීම් ප්‍රකාශ කළයුතු පිළිගත් ආකාරය හදුනා ගැනිම  සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටිම ජිවිතයට වැදගත් යැයි දැන ගැනිම  හැගීම් පාලනය කර ගැනිම  තරහා යන වාර අඩු කරගැනිම ආතති වලට මුහුණදිම  අප මුහුණ පාන ආතති වලට හේතු සහ විසදුම් සොයා ගැනිම  එම විසදුම සෙවිමේදි අත්දැකිම් සහිත / වැඩිහිටි පුද්ගලයකු‍ෙග් හෝ හිතවතෙකුගේ සහය ලබා ගැනිම  වෙනස් කළ නොහැකි දේ පිළිගැනිම සහ විකල්ප මාර්ග සදහා යොමු විම  කායික සෞඛ්‍ය සදහා මානසික සෞඛ්‍ය බලපාන බව දැන සිටිම  ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ක්‍රියා සදහා සහභාගීත්වය  විනෝදාංශ වල නිරතවිම  නිර්මාණශීලි ක්‍රියාකාර කම් වල යෙදිම  භෞතික පරිසරය වෙනස් කිරිම  ආතතිය ලිහිල් කිරිමේ ශිල්ප භාවිතය
2491
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%9D%E0%B6%AB%E0%B6%BA
ප්‍රහාරක කෝණය
ප්‍රහාරක කෝණය (, ඇල්ෆා නම් වූ ග්‍රීක අක්ෂරය) යනු වායු ගතික විද්‍යාවේදී airfoil's chord line සහ වායුව ගලායන දිශාව එසේත් නැතිනම් ගුවන් යානයෙහි වත්මන් ගමන් මාර්ගය අතර කෝණය හැඳින්වීම සඳහා භාවිතාවන යෙදුමයි. මෙය ගුවන් යානයේ තටුව යොමු වී ඇති දිශාව සහ එය ගමන් කරන දිශාව අතර කෝණය ලෙස සරලව දැක්විය හැක.වඩාත් සරලව ගතහොත් ප්‍රහාරක කෝණයයි යනු ගුවන් යානයේ පියාපත් සුළඟට පහර දෙන කෝණය ලෙසද සැලකිය හැක.මෙම කෝණයේ ප්‍රමාණය අනුව ගුවන් යානය එසවීමේ ප්‍රමාණයද වෙනස් වේ. උපරිම එසවීම් අවස්ථාවෙන් පසුව එසවීම සම්පුර්ණයෙන්ම ඇන හිටි. මේම අවස්ථාවෙදි මෙම කෝණයට‍ එසවුම නතර වීමේ කෝණය ලෙස හදුන්වයි තවද මෙය ගැටුම් කෝණය ලෙස හදුන්වයි. කෝණය ඍන කෝණයක්‌ නම් එසවුමක්‌ නැත, කෝණය 0 නම් සාමාන්‍ය එසවුමකි, මෙම කෝණය එසවීමේදි ගුවන් නියමුවා විසින් වෙනස් කරයි. වායු ගතික විද්‍යාව පියාපත් සැලසුම්