id
stringlengths
4
6
url
stringlengths
31
789
title
stringlengths
1
109
text
stringlengths
2
589k
2498
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9B%E0%B6%BD%E0%B6%BA%20%28%E0%B6%A2%E0%B7%93%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%29
සෛලය (ජීව විද්‍යාව)
සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ. පටලයකින් ආවරණය වූ සෛලප්ලාස්මයකින් සෙෙල සමක්විත වේ. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය. ජීවීන් ප්‍රධාන වශයෙන් ඒකසෛලීය (එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; බැක්ටීරියාවන්) හා බහුසෛලීය (ශාක සහ සතුන්) වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ. ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි. බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙල වල විශාලත්වය මයික්‍රොමීටර 1 - 100 ත් අතර පමණ වේ. සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී රොබට් හුක් විසිනි. 1839 වසරේදී මුල්ම වරට සෙෙල වාදය, මතායස් ජේකොබ් ශ්ලයිඩන් සහ තියඩෝර් ශ්වාන් විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය ක්‍රියාවලීන් සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී. මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ව්‍යුහ විද්‍යාව ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවා නම්, ‍ප්‍රාග්න්‍යෂ්ටිකයින් (ප්‍රෝකැරියෝටා) හා සූන්‍යෂ්ටිකයින් (යූකැරියෝටා) වේ. සූ න්‍යෂ්ටිකයින් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව එවැන්නක් නොමැත. ප්‍රාග් න්‍යෂ්ටිකයින් සාමාන්‍යයෙන් ඒක සෙෙලික ජීවීන් වේ. සූ න්‍යෂ්ටිකයින්, ඒක සෙෙලික හෝ බහු සෙෙලික ජීවීන් යන දෙයාකාරයෙන්ම දැකගත හැකි වේ. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල මිහිතලය මත සම්භවය වූ ප්‍රථම ජීවී ආකාරය ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල වේ. ඔවුන් සූන්‍යෂ්ටිකයින්ට සාපේක්ෂව සරල හා කුඩා වන අතර, න්‍යෂ්ටියක් වැනි පටලමය ඉන්ද්‍රයිකා නොදරයි. ප්‍රාග්න්‍යෂ්ටිකයින් වර්ග දෙකකි. ඒවා නම් බැක්ටීරියා සහ ආකියා වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල අන්තර්ගත වන DNA, එක් වර්ණදේහයක් තුල අඩංගු වන අතර එය සෙෙල ප්ලාස්මය හා සෘජුවම සම්බන්ධ වී පවතී. සෙෙල ප්ලාස්මයේ වූ න්‍යෂ්ටික කලාපය, නියුක්ලොයිඩය ලෙස හැඳින්වේ. සියළුම ජීවීන් අතුරින් බොහොමයක් ප්‍රාග්න්‍යෂ්ටිකයින් කුඩාතම වේ. ඔවුන්ගේ විශාලත්වය 0.5 සිට 2.0 µm දක්වා පමණ වෙයි. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක දැකගත හැකි ප්‍රධාන ව්‍යුහාංග 3 කි: සෙෙලයේ මතුපිට සිට භාහිරයට විහිදී යන කෂිකා සහ පිලයි - මෙම ව්‍යුහයන් (සියළුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ දැකගත නොහැකි වේ) ප්‍රෝටීන වලින් තැනී ඇති අතර, සෙෙල අතර සන්නිවේදනයට සහ සෙෙල වල චලනයට උපකාරී වේ. සෙෙලය ආවරණය කරන සෙෙල කොපුව – සාමාන්‍යයෙන් ප්ලාස්ම පටලය ආවරණය කරමින් පවතින සෙෙල බිත්තියකින් සමන්විත වේ. නමුත් සමහර බැක්ටීරියාවන් සතුව කැප්සියුලය නමින් තවත් ආවරණයක් පවතී. සෙෙල කොපුව මගින් සෙෙල වෙත දැඩි භාවයක් ලබා දෙන අතරම, සෙෙල අභ්‍යන්තරය භාහිර පරිසරයෙන් වෙන් කරමින්, ආරක්ෂිත පෙරහනක් සේද ක්‍රියා කරයි. බැක්ටීරියාවන්ගේ සෙෙල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වන අතර එය භාහිර බලපෑම් වලට එරෙහි බාධකයක් ලෙස ක්‍රියාකිරීමේදී වැදගත් වේ. එසේම උපාභිසාරක මාධ්‍යයකදී ආස්‍රැති පීඩනය නිසා සිදුවන සෙෙල විදාරණය (පිපිරී යාමට )ඇති හැකියාව සෙෙල බිත්තිය මගින් වලක්වනු ලබයි. සමහර සූන්‍යෂ්ටික සෙෙල සතුවද (ශාක සෙෙලය සහ දිලීර සෙෙල) සෙෙල බිත්ති පවතී. සෙෙලයේ අභ්‍යන්තර සෙෙල ප්ලාස්මීය කලාපය තුල ජීනෝමය (DNA), රයිබොසෝම සහ විවිධ වර්ගයේ අන්තර්ගත ද්‍රව්‍යයන් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල පවතින වර්ණදේහය සාමාන්‍යයෙන් චක්‍රීය අණුවක් වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව කෙසේ නමුදු න්‍යෂ්ටියක් නොමැති වන අතර, DNA නියුක්ලොයිඩ කලාපයේ සාන්ද්‍රණය වී පවතී. මීට අමතරව ප්ලැස්මිඩ ලෙස හඳුන්වන අතිරේක චක්‍රීය වර්ණදේහමය DNA බැක්ටීරියාවන් තුල දැක ගත හැකි වන අතර, ඒවා හීද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයට හේතුවන ජාන වැනි අතිරේක ජාන පිහිටා ඇත. සූන්‍යෂ්ටික සෙෙල ශාක, සතුන්, දිලීර, ප්‍රෝටසෝවාවන්, සහ ඇල්ගාවන් සියළුදෙනාම සූන්‍යෂ්ටිකයෝ වේ. සූන්‍යෂ්ටික සෙෙල, ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල පළල මෙන් පහලොස් ගුණයක් පමණ විශාල වන අතර, පරිමාව සැළකීමේදී දහස්වාරයක් පමණ විශාල විය හැකිවේ. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල සමග සසඳන විට සූන්‍යෂ්ටික සෙෙල වල දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, සූන්‍යෂ්ටික සෙෙලය පටල මගින් තවත් කොටස් වලට බෙදී ඒවා තුල විශේෂිත පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවීමයි. ඒ අතුරින් සූන්‍යෂ්ටික සෙෙලයක් තුල DNA ගබඩා කොට පවත්වා ගන්නා සෙෙල න්‍යෂ්ටිය විශේෂ කොට දැක්විය හැකිවේ. උප සෙෙලීය සංරචක පටලය සෛල ප්ලාස්ම පටලය සෛල පටල පිලිබද පැහැදිලි කරන්නා වූ නිවරදිම ආකෘතිය තරල විචිත්‍ර ආකෘතියයි.මෙය ඉදිරිපත් කරන ලද්දේ සිංගර් හා නිකල්සන් විසිනි.සෛල ප්ලාස්ම පටලය යනු, සෛලයක් වෙනත් සෛලයකින් හෝ බාහිර පරිසරයෙන් වෙන් කරන බාහිරයේ පවතින ක්‍රියාකාරී පටලය හෙවත් බාහිර ආවරණය වේ. ගනකම මයික්‍රෝ මීටර් 0.1කි. ඉලෙක්ට්රෝන අන්වීක්ෂයෙන් බැලූ විට තද පැහැති කලාපයට අතර මැදිව ලා පැහැති කලාපයක් ලෙස පවතී. සෛල පටල ප්‍රධාන ද්‍රව්‍ය තුනකින් සෑදී ඇත.එනම්: පොස්පො ලිපිඩ------> පොස්පො ලිපිඩ අණු වලට ජලකාමී හිසක් (ධ්‍රැවීය කොටස) සහ ජල භීතික වල්ගයක් (ධ්‍රැවීය නොවන කොටස) පවතී. ප්‍රෝටීන />------> 1.පාරපටල/සම්පූර්ණ ප්‍රෝටීන 2.වාහක ප්‍රෝටීන 3.පර්යන්ත ප්‍රෝටීන ප්‍රෝටීන අණුවලටද ජලකාමී සහ ජල භීතික කොටස් පවතී. කාබෝහයිඩ්‍රේට ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ අතු බෙදුනු කෙටි පොලිසැකරයිඩ දාම ලෙස පවතී. වැඩිපුරම පවතින්නේ ග්ලයිකෝප්‍රෝටීන යම් පොලිසැකරයිඩ දාම කිහිපයක් සමග සම්බන්ධවයි.සෛල ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ පවතින කාබෝහයිඩ්‍රේට අණු සියලේ එකතුව ග්ලයිකො කැලික්සය වේ. මෙය අර්ධ පාරගමය නොහොත් වරනීය පාරගමය පටලයකි ( සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට හැක) කාර්යයන්: සෛල තුලට ද්‍රව්‍ය ඇතුල්වීම හා පිටවීම පාලනය සෛලලයේ ගතික ආවරණය සෛලය තුල ආස්‍රැති තුල්‍යතාව පවත්වා ගැනීම. සෛලය වලට බාහිරව එන උත්තේජ හදුනා ගැනීම. ප්‍රාක් ප්ලාස්මයේ බාහිර සීමාව ලෙස ක්‍රියා කිරීම. සෙෙල සැකිල්ල ප්‍රවේණික ද්‍රව්‍ය ඉන්ද්‍රයිකා සූන්‍යෂ්ටික සෙෙල න්‍යෂ්ටිය: මයිටොකොන්ද්‍රියා සහ හරිතලව: අන්ත:ප්ලාස්මීය ජාලිකාව: ගොල්ගි දේහය: ලයිසොසෝම හා පෙරොක්සිසෝම: කේනද්‍රදේහ රික්තකය: සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික රයිබොසෝම: සෙෙල පටලයෙන් පිටත වූ ව්‍යුහ සෙෙල බිත්තිය ප්‍රාග්න්‍යෂ්ටික කැප්සියුලය කෂිකා පිලයි සෙෙලීය ක්‍රියාවලීන් වර්ධනය හා පරිවෘත්තිය ප්‍රතිවලිත වීම ප්‍රෝටීන සංස්ලේෂණය චලනය හා සංචරණය බහුසෙෙලිකතාව සම්භවය පළමු සෙෙලයේ සම්භවය වසර බිලියන 3.8 කට පෙර සූන්‍යෂ්ටික සෙෙලයේ සම්භවය වසර බිලියන 1.5 කට පෙර පරීක්ෂණ ඉතිහාසය ආශ්‍රිත බාහිර සබැඳි ජීව විද්‍යාව සෛල
2500
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
තාරකාශාස්ත්‍ර
තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයෝ තාරකාශාස්ත්‍ර නම්වේ. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ අනාවැකි පල කරීමයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි. සම්ප්‍රදායන් එදා මෙදා තුර ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ විවිධ සම්ප්‍රදායන් පැවතින. මේ විවිධ සම්ප්‍රදායන් වල බොහෝ සමානකම් තිබුනද සමහර වෙනස්කම් ද ඇත. වර්තමානයේ ප්‍රධාන වශයෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍ර සම්ප්‍රදායන් තුනක් පවතී. ඒවා නම්: ඉන්දියානු තාරකාශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය - නිරයන / වෛදික ක්‍රමය (Vidic-Sidereal) බටහිර තාරකාශාස්ත්‍රය - සායන ක්‍රමය (Tropical) චීන තාරකාශාස්ත්‍ර මේවා අතුරෙන් ඉන්දියානු සම්ප්‍රදාය බොහෝ දුරට බටහිර සම්ප්‍රදායට සමාන කමක් දක්වයි. ඉන්දියාවේ සිට බටහිරට සංක්‍රමනය වූ විවිධ සින්දි ජන කොටස් හරහා බටහිරට ඉන්දියානු සම්ප්‍රදායන් සංක්‍රමනය වුනි යැයි සිතිය හැක. තවත් එක් මතයක් වන්නේ ක්‍රි:ව: 78 දී පමණ කණිශ්ක රජ තුමා (ශක වාංශික) ගාන්ධාර රටවල් යටත් කරගත් කාලයේ එහි සිට යුරෝපීය මාගයින් (Mages) ඉන්දියාවට පැමින බ්‍රාහ්මනයන් සමඟ කුලවැදුන බවයි. මෙම කණිශ්ක රජ තුමා සිංහාසනාරුඨ වූයේ ක්‍රි:ව: 78 දීය. ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ ඉතා වැදගත් වර්ශයක් වන ශක වර්ශ ක්‍රමය ආරම්භ වූයේද මෙම අවස්ථාවේ සිටය. රාශි චක්‍රය බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ එන රාශි චක්‍රය එක සමාන නාමයන් ඇතිමුත් ‍චීන ජ්‍යොතිෂයේ එන රාශි චක්‍රය මීට වෙනස් වේ. බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ පෘටිවිය වටා අහස කොටස් දොලසකට බෙදා පහත නාම කරන දී ඇත. ග්‍රහයෝ නව ග්‍රහ මණ්ඩලය රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු (‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ) කේතු(‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ) වෙනත් ග්‍රහයෝ යුරේනස් නැප්චුන් ප්ලූටෝ උපග්‍රහයෝ සූර්‍ය උදාව සහා සූර්‍ය අස්ථය උපයෝගි කර ගනිමින්ද කේනද්‍රය සාදනවේලාවේ රවි නොහාත් සූර්යා සිටින ස්ථානය උපයෝගී කරගනිමින්ද වේදීය ජ්‍යෝතිෂ්ශයේ යොදාගන්න විශේෂ ග්‍රහයන් සඳහා උපග්‍රයෝ යන නම භාවිතා කරයි. ඒවා නම්, ධූම ව්යාප්ත පරිවේෂ ඉන්ද්රචාප උපකේතු ගුලික මාන්දි කෝදණ්ඩ යමගණ්ටක අර්ධ ප්රහාර මෘත්ය පරිධි කාල නැකත් පාද මේ සෑම නැකතක්ම සමානව පාද සතරකට බෙදා ඇත. එක් පාදයක් යනු නැකතකින් සතරකින් කොටසකි. විවේචනය බුදු රජාණන් වහන්සේ ජ්‍යොතිෂය බොහෝ අවස්තා වලදී විවේචනයට ලක් කල සේක. මජ්ජිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රයේ (සූත්‍ර අංක 131), බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක, “පසුවූ අතීතය ගැන නොසිතන්න, ඉදිරියට ඇති අනාගතය ගැනද නොසිතන්න. තමා දැන් සිටින වර්තමානය නොහොත් මේ මොහොත ගැන සිතන්න. අද කල යුතු දේ අදම කරන්න. හෙට ඔබ මෙලොවින් සමුගන්නා දවස විය හැක. මෙලොව සාර්ථකම ජීවිතය ගත කරනුයේ. නොපමාව, නිකරනුනේ කල් නොදමා, මේ මොහොතේ කල යුතු දේ, මේ මොහොතේම කරන පුද්ගලයාමය.” දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත. වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක, “මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?” එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍ෙසසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත. නමුත් තිරස්චීන විද්‍යා යනුවෙන් බුදුන් වහන්සේ අදහස් කර ඇත්තේ නිවනට බාදා වන දේ බැවින් මෙම ශාස්ත්‍රය ගිහියන් විසින් භාවිතා කිරීමේ වරදක් නොමැති බවද විද්වතුන්ගේ මතයයි. ආශ්‍රිත ලිපි ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ආශ්‍රිත බාහිර සබැඳුම් Sidreal සහ Tropical ජ්‍යෝතිර් විද්‍යාව සහ කේන්දර සිංහලෙන් ලංකා ජ්‍යොතිෂ අරණ තවද බලන්න 2007-වසරේ නිරයන ග්‍රහස්ඵුට විකා සංස්කෘතිය ගුප්තශාස්ත්‍ර ජනශ්‍රැතිය තාරකාශාස්ත්‍ර නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
2501
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%80%E0%B7%92
රවි
මෙම ලිපිය නක්ෂත්‍රෙය් එන රවි ග්‍රහයා පිළිබදවය.තාරකා විද්‍යාත්මක තොරතුරු සදහා හිරු බලන්න. සූර්ය, ඉර, රිවි, දිනකර, දිවාකර, හේලි, භානු, තාපන, දිනක්‍රිත්, පුෂ, අරුණ, ආක, ආදිත්‍ය, භෂ්කර, මර්තන්ඩ, සවිත, තීක්ෂණමිස, ප්‍රභාකර, තමෝහනාථ, දිනමිණි යනාදී නම් වලින්ද හැඳින් වෙයි. ග්‍රහමණ්ඩලයේ රජුය.රජු රජය පියා නියෝජනය කරයි. ජීවබලය හා රෝගනාශක බලය හිරුගෙන් ලැබේ. නිර්භීතකම, ප්‍රසිද්ධිය, දීර්ගායුෂ බලය ක්‍රියා ශූරත්වය ගෞරවය,භක්තිය, ස්ථිර ප්‍රේමය, අවබෝද ඥානය, චිත්තවේගය මනුෂ්‍ය ශරීරයේ හෘදය වස්තුව කට ඇස්, මොලය, උගුර,ඇලදිව, ඇට, ලේ, සහ රක්තානු වලට අයත්වේ. දවල් උපන් අයට රවි පියාවේ. යමෙකු උපදිනවිට රවි බලවත්ව සිටිය හොත් ඔහුගේ ජීවිතය බලවත් වේ. රවි උප්පත්තියේ දී බලය අඩුකරන් ස්ථානවල සිටි විට මංකොල්ලා කෑම්, සොරකම්, වංචාලකම් පුහු අහංකාරය, අනුන් කෝපකරවීම තරහ වැඩිගතිය , පහත් අදහස්, චපල සොර හිත ආදිය ඇතිකරයි. රවි පුරුෂ ලිංගවේ. රන් වන් පැහය ඇත ස්වරූපය සතරැස්ය, නැමුණු අං ඇත. වයස අවු. 50 ක් පමන වේ. ස්ථිර ග්‍රහයෙකි. වාසස්ථාන දේවාල රජ මාළිගා රජාංගන වෙයි.කළු පැහැති ඇතුන් දස දෙනකු යෙදූ රථයක ගමන්කරයි.මණ්ඩල ග්‍රහයෙකි එනම් රවී ග්‍රහයා කිසි දිනෙක වක්‍රව ගමන් නොකරයි.එනම් ආපස්සට ගමණක් නැත.ස්වක්සේත්‍ර රාශිය සිංහය, උච්ච රාශිය මේෂය නීච රාශිය තුලාවය.වෘෂභ කුම්බ හා මකර රාශි රවීට සතුරුය.වෘශ්චික ධනූ මීන රාශි මිත්‍ර රාශිවේ.මිතුන කන්‍යා සම රාශිවේ.රවී ග්‍රහයාට අයත් නැකැත් ලෙස කැති උතුපල් උත්‍රසල යන නැකැත් සදහන්වේ.රවී ග්‍රහයාට අයත් දිශාව නැගෙනහිර දිශාවයි. රවිට අයත් පාෂාණය පද්මරාගය,අධිපති දෙවියා ශිව දෙවියන්ය.එනම් රවීගේ අපලවලදී පිහිට පැතියයුතු දෙවියා ශිව දෙවියන්ය.රවීට අයත් යක්ෂයින් වන්නේ ත්‍රිභුවන යක්ෂයා ඕං කාලි යක්ෂනීය.එනම් රවීගේ අපල කාලවලදී මෙම යක්ෂයන්ගෙන් හානි පැමිනේ.රතු නෙළුම් මල් රතු රෙදි තිර්ඟු පිටි රත් සඳුන් රතුමල් රවීට අයත් ද්‍රව්‍ය වෙයි.රවිගේ අපල සදහා මෙම ද්‍රව්‍ය දන්දීම සුදුසු බව සැලකේ.ඉඹුල් වෘක්ෂය රවීට අයත් වෘක්ෂයයි.රවීට අයත් ලෝහය පිත්තලය.රවී අපල සදහා විෂ්ණු අඝොරය යන්ත්‍රය ශිව සූර්‍ය මණ්ඩලය ශිව සිලම්බරය යන යන්ත්‍ර පැළදීම සුදුසුය. නක්‍ෂත්‍රය
2503
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94
හිරු
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහලෝක, ග්‍රහක,උප ග්‍රහයන්,වාමන ග්‍රහයන්) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. සූර්යාලෝකය ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියටය. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කරයි. සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ. සූර්යයා ගේ මතුපිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ. සුර්යයාට ඇත්තේ G2V ලෙස හැඳින්වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි. එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛාද වේ. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ බොහෝ තාරකා මෙන්ම සුර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවයි. එනම්, එමගින් ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටි විලයනයෙනි. අපගේ ගැලැක්සියේ G2 පන්තියේ තාරකා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් තිබේ. කුඩා සහ සාපේක්ෂව වැදගත් නොවන තරුවක් ලෙස සැලකණු සූර්යයා ගැලැක්සියේ ඇති තාරකා (රතු කුරුමිට්ටන්) 85% කටත් වඩා දීප්තිමත් බවක් පෙන්නුම් කරයි. ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක්ලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්තාව ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනියට වැඩිම තාරකාව ද සූර්යයා වේ. ලක්ෂණ සූර්යයා යනු G-වර්ගයේ ප්‍රධාන අනුක්‍රමණ තාරකාවක් වන අතර සෞර ග්‍රහ මණ්ඩලයේ සම්පූර්ණ ස්කන්ධයෙන් 99.8632% ක් පමණ ප්‍රමාණයක් සඳහා සම්මාදම් වෙයි. එය පරිපූර්ණත්වයට කිට්ටු ගෝලයක් වන අතර, එහි විපිටත්වය ඇස්තමේන්තු කර ඇත්තේ මිලියනයෙන් පංගු 9 ක් පමණ ලෙසින් වන අතර, මෙයින් අදහස් වන්නේ එහි ධ්‍රැවීය විෂ්කම්භය හා නිරක්ෂීය විෂ්කම්භය අතර වෙනස 10km පමණක් බවයි. පරිභ්‍රමණය සූර්යයා සමන්විත වන්නේ ප්ලාස්මාවකින් වන අතර එය ඝන වස්තුවක් නොවන බැවින්, එහි ධ්‍රැවයන්හිදීට වඩා මන්දගාමිව එය එහි නිරක්ෂයේදී භ්‍රමණය වෙයි. මෙම ආචරණය හැඳින්වෙන්නේ ආන්තර භ්‍රමණය ලෙසින් වන අතර, එය එසේ වන්නේ සූර්යයා තුල ඇති වන සංවහනය නිසා සහ එහි ගර්භයෙහි සිට ඉවතට පවතින තියුණු උෂ්ණත්ව අනුක්‍රමණයන් නිසාවෙන් ඇති වන ස්කන්ධ ගමනය හේතුවෙනි. ක්‍රාන්තිවලමය උත්තර ධ්‍රැවයෙහි සිට බලන කල්හී සූර්යයාගේ වාමාවර්ත කෝණික ගම්‍යතාවයෙහි කොටසක බැර මෙම ස්කන්ධය විසින් දැරෙන අතර, එනයින් කෝණික ප්‍රවේගයෙහි විබෙදුම යළි සිදුකෙරෙයි. මෙම සත්‍ය භ්‍රමණයෙහි කාලාවර්තය දළ වශයෙන් නිරක්ෂයෙහිදී දින 25.6 ක් හා ධ්‍රැවයන්හී දින 33.5 පමණ වෙයි. කෙසේවෙතත්, සූර්යයා වටා පරිභ්‍රමණය නිසාවෙන් අප විසින් පෘථිවියෙහි සිට සූර්යයා නැරඹුම් ලක්ෂ්‍යය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, එහි නිරක්ෂයෙහිදී තාරකාවෙහි දෘශ්‍ය භ්‍රමණය දින 28 ක් පමණ වෙයි. මෙම ලැසි භ්‍රමණයෙහි කේන්ද්‍රාභිසාරී ආචරණය සූර්යයාගේ නිරක්ෂයෙහිදී පෘෂ්ඨික ගුරුත්වයට වඩා 18 මිලියන ගුණයක් දුර්වල වෙයි. ග්‍රහ ලෝකයන්හී උදම් ආචරණය මෙයටත් වඩා දුර්වල වන අතර, සූර්යයාගේ හැඩය සැලකිය යුතු තරම් වෙනස් නොකරයි. රසායනික සූර්යයා වනාහී සංගහන I, හෝ බැර මූලද්‍රව්‍යයන්ගෙන් පොහොසත්, තාරකාවකි. කිට්ටුව පිහිටි සුපර්නෝවාවන් එකක් හෝ කිහිපයක කම්පන තරංගයන් නිසා සූර්යයාගේ නිර්මාණය ක්‍රියාරම්භය වන්නට ඇත. ඊනියා සංගහන II (බැර මූලද්‍රව්‍යය-විරල) තාරකාවල එම මූලද්‍රව්‍යයන්හී බහුලතාවය හා සංසන්දනය කරන කළ, සෞර ග්‍රහ මණ්ඩලයෙහි පවතින රත්රන් හා යුරේනියම් වැනි බැර මූලද්‍රව්‍යයන්ගේ අධික බහුලතාවය මෙම අදහස ඉදිරිපත් වීමට හේතු වී ඇත. මෙම මූලද්‍රව්‍ය නිපැයීම බොහෝ දුරට සිදුවන්නට ඇත්තේ සුපර්නෝවාවක් තුලදී ශක්තිවශෝෂක න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලින් හෝ මහත් විශාල දෙවන-පරම්පරාවෙහි තාරකාවක් තුලදී නියුට්‍රෝන අවශෝෂණය ඔස්සේ තත්ත්වාන්තරය මගින්ය. පෘෂ්ඨය ශිලාමය ග්‍රහලෝකයන්හී මෙන් නිශ්චිත මායිමක් සූර්යයාට නොමැති අතර කේන්ද්‍රයෙහි සිට දුර වැඩි වන විට එහි පිටස්තර කොටස්හීදී ඇති වායූන්ගේ ඝනත්වය ඝාතීය ලෙසින් පහළ බසියි. කෙසේවෙතත්, පහත විස්තර කෙරෙන පරිදී, සුවිශද අභ්‍යන්තර ව්‍යුහයක් එය සතුව ඇත. සූර්යයාගේ අරය මනිනු ලබනුයේ එහි කේන්දුයෙහි සිට ප්‍රභාගෝලයේ කෙළවර වෙතටය. සරල වශයෙන් පවසතොත් මෙම ස්ථරයට ඉහළින් පිහිටි වායුව සිසිල් වැඩි හෝ සිහින් වැඩි බැවින් සැලකියයුතු තරම් ආලෝක ප්‍රමාණයක් නිකුත් කිරීමට අසමත් වෙන බැවින් පියවි ඇසට ඉතා පහසුවෙන් දිස්වන පෘෂ්ඨය එය වෙයි . සූර්යය අභ්‍යන්තරය සෘජු ලෙසින් නිරික්ෂණය කළ නොහැකි අතර සූර්යයා විද්‍යුත්චුම්භක විකිරණයන්ට පාරාන්ධ බවක් දක්වයි. කෙසේවෙතත්, භූමිකම්පා විසින් ජනනය කරනු ලබන තරංග විසින් පෘථිවියෙහි අභ්‍යන්තර ව්‍යුහය අණාවරණය කිරීමට භූකම්පන විද්‍යාව ඉවහල් වනවා මෙන්ම, සූර්ය භූකම්පන විද්‍යාව නම් ශික්ෂාව විසින් සූර්ය අභ්‍යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග (අවධ්වනිය) උපයෝගී කොට ගෙන තාරකාවේ අභ්‍යන්තර ව්‍යුහය මැනීම හා දෘශ්‍යකරණය සිදු කෙරෙයි. සූර්යයාගේ පරිගණක නිරූපකරණය ද එහි ගැඹුරු ස්ථර විමර්ශනය කිරීම සඳහා සෛද්ධාන්තික මෙවලමක් ලෙසින් භාවිතා වෙයි. ගර්භය එහි කේන්දුයෙහි සිට සූර්ය අරයෙන් 20–25% ක් පමණ වන තෙක් සූර්යයාගේ ගර්භය විහිදෙන බවට සැලකෙයි. එහි ඝනත්වය දක්වා අගයයක් ගන්නා අතර (ජලයේ ඝනත්වය මෙන් 150 ගුණයක් පමණ) මිලියන 15.7 කෙල්වින් (K) ට ආසන්න උෂ්නත්වයක් දරයි. රසායනික සංයුතිය සූර්යයා සෑදී ඇත්තේ රසායනික මූලද්‍රව්‍ය වලිනි. ඒවා කොතරම් සුලබ ද, ග්‍රහලෝකවල ඇති මුල ද්‍රව්‍ය වලට ඒවායේ ඇති සබඳතාවය සහ සුර්යයාගේ අභ්‍යන්තරය තුල ඒවායේ විසරණය කෙබඳුද යන්න සොයා බැලීමට නොයෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මුලද්‍රව්‍ය විශ්ලේෂණය කරනලදි. මුලද්‍රව්‍ය වල සුලබතාවය බාකල් (Bahcal) විසින් 1990 දී සොයාගෙන ඇති පරිදි සුර්ය අභ්‍යන්තරයෙහි ඇති විශේෂ මුල ද්‍රව්‍ය සමහරකගේ ස්කන්ධ ප්‍රතිශතයන් මෙසේය. හයිඩ්‍රජන් - 34% හීලියම් - 64% ඔක්සිජන් - 1% ලිතියම්, බෙරලියම් සහ බෝරෝන් පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම් සහ ‍බෝරෝන් යන මුලද්‍රව්‍ය සුලබ බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි. නියෝන් 2005 වර්ෂයේ දී විද්‍යාඥයින් තිදෙනෙක් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය. හීලියම් 1986 වන තුරුම පිළිගෙන තිබුනේ සුර්යයාගේ හීලීයම් සංයුතිය Y = 0.25 බවය. නමුත් 1986 දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් එම සංයුතිය Y = 0.279 ක් බවට නිවැරදි කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය 1970 දී යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය සුර්යයා තුල කොතරම් සුලබද යන්න පිලිබද පර්යේෂණ දියත් කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල සම්පූර්ණ gf අගයන් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කොරෝලිස්, බො‍ස්මාන් සහ වෝනර් විසිනි. ස්මිත් නැමැත්තා විසින් වැඩි දියුණු කරන ලද f අගයන් පරිගණක ගත කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සුලබතාවය 1978 වසරේ දී බෙයිමොන්ට් විසින් සොයාගන්නා ලදි. ඇතැම් යකඩ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල, එනම් කොබෝල්ට් සහ මැන්ගනීස් වැනි මුලද්‍රව්‍ය වල සුලබතාව තීරණය කිරිමට අපහසු වී ඇත්තේ එම මූලද්‍රව්‍ය සතුව පවතින ඉතාමත් සියුම් ව්‍යුහයන් නිසාය. සූර්යයා සහ ග්‍රහලෝකවල භාගික ස්කන්ධ සබඳතාව සූර්යයාගේ සහ ග්‍රහලෝක වල නිෂ්ක්‍රීය වායුන්ගේ සමස්ථානික සංයුති අතර භාගික ස්කන්ධ අතර සබදතාවයක් ඇති බව බො‍හෝ ලේඛකයින්ගේ අවධානයට ලක් වූ කරුණකි. උදාහරණ ලෙස සුර්යයාගේ සහ ග්‍රහලෝකවල නියෝන්(Ne) සහ සෙනොන් (Xe) යන මුලද්‍රව්‍ය වල සමස්ථානික සංයුතිය පිළිබද සබඳතාවය ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. කෙසේ නමුත් 1983 වන තුරුම විශ්වාස කළේ සෞරග්‍රහ වායුගෝලීය සංයුතිය හා සූර්යයාගේ සංයුතිය සමාන බවය. 1983 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් අනාවරණය කලේ ග්‍රහලෝක සහ සූර්යයා අතර ඇති නිෂ්ක්‍රීය වායු වල සමස්තානිකයන්ගේ සංයුතිය අතර භාගික සබඳතාවට හේතුව සූර්යයාගේ භාගීකරණයම බවය. මුලද්‍රව්‍ය විසරණය සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුලද්‍රව්‍ය වලිනි. සුර්යයා තුල මෙම මුලද්‍රව්‍ය විසරණය ‍වී ඇති ආකාරය එනම් සූර්ය අභ්‍යන්තරය තුළ ඒවායේ පැතිරීම පිළිබඳ විශේෂ විද්‍යාත්මක අවධානයක් යොමු විය. සුර්ය මුලද්‍රව්‍ය වල විසරණය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ගුරුත්වාකර්ෂණය ඉන් එකකි. ගුරුත්වාකර්ෂණය නිසා බරින් වැඩි මුලද්‍රව්‍ය (උදාහරණ ලෙස වෙනත් බරින් වැඩි ලෝහ නොමැති අවස්ථාවලදී හීලියම් ) සූර්ය ස්කන්ධයේ මධ්‍යයට ඇලී පවතින අතර හයිඩ්‍රජන් වැනි බරින් අඩු මුලද්‍රව්‍ය සූර්යාගේ බාහිර පෘෂ්ඨය දෙසට පැතිරි පවතී. හීලියම් විසරණය සූර්ය අභ්‍යන්තරය තුල හීලියම් වල විසරණය විද්‍යාඥයින් ගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නකි. කාලයත් සමඟ හීලියම් වල විසරණ ක්‍රියාවලිය වේගවත් වන බව සොයාගෙන ඇත. ප්‍රකාශ ගෝලයේ (Photosphere) මූලදුව්‍ය සංයුතිය ප්‍රකාශ ගෝලයේ සංයුතිය, එනම් සූර්යාගේ මතුපිට ස්ථරවල සංයුතිය, ආදින් සෞරග්‍රහ මණ්ඩලයේ රසායනික සංයුතියට සමානතාවක් දක්වන බව 1968 දී සොයා ගන්නා ලදි. නමුත් ඩියුටීරිය, ලිතියම්, බොරෝන් සහ බෙරිලියම් යන මුලද්‍රව්‍ය වල සංයුතියන් මීට වඩා වෙනස් වේ සූර්ය ලප සහ සූර්ය ලප චක්‍රය සූර්යා පිළිබඳව කාලෝචිත නිර්ණායක යෙදෙන විට ප්‍රථමයෙන්ම දිස්වන මුහුණුවර නම් සූර්ය ලපයි. වටපිටාවට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම නිසා ඒවා සූර්ය ලප ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර මගින් සංවහන ක්‍රියාවලිය අඩාල කරන නිසා සූර්ය ලප චුම්භක ක්‍රියාකාරිත්වය වැඩිවීමත් සමග වැඩි වේ. ප්‍රභල චුම්භක ක්ෂේත්‍ර මගින් මතුපිටට ශක්ති පරිවහනය අඩු කරන අතර ක්‍රියාකාරී ප්‍රදේශ නිර්මාණය කිරීම මගින් සූර්ය රැස් වළලුවලට අවශ්‍ය ශක්තිය ලබා දේ. එමනිසා ඒ සමග සූර්ය ගිනි දළු සහ රැස් වළලු ස්කන්ධ විසරණය වී ඉහළ යයි. විශාලතම සූර්ය ලපයක් කිලෝමීටර් 1000 ක් පමණ පළල වේ. සූර්යා මත දැකිය හැකි සූර්ය ලප ප්‍රමාණය නියතයක් නොවුවද සූර්ය ලපවලට අවුරුදු 11ක පමණ චක්‍රයක් පවතින අතර එය සූර්ය චක්‍රය ලෙස හැඳින්වේ. එක්තරා කාලයකදී සූර්ය ලප කිහිපයක් පමණක් දැකිය හැකි අතර අනෙක් කාලය තුළදී සම්පූර්ණ සූර්ය ලප ප්‍රමාණයම දැකිය හැක. සූර්ය ලප ප්‍රථමයෙන් ඉහළ සූර්ය අක්ෂාංශවලින් ආරම්භවන අතර සූර්ය චක්‍රය දිගින් දිගටම සිදුවෙත්ම ඒවා ගණනින් වැඩිවන අතරම ඒවා සූර්යාගේ සමකය දෙසට ඇදීයයි. මෙම සංසිද්ධිය ස්පෝරස් නියමයෙන් පහදා දෙනු ලබයි.ප්‍රතිවිරුද්ධ චුම්භක ධ්‍රැව නිසා සූර්ය ලප සුලභ වශයෙන් හටගනී. සූර්ය ලපයක චුම්භක ධ්‍රැවය සූර්ය චක්‍රයෙන් සූර්ය චක්‍රයට මාරුවේ. එනම් මෙවර සූර්ය ලපයක උතුරු චුම්භක ධ්‍රැවය පිහිටයි නම් අනෙක්වර එහි පිහිටනුයේ දකුණු චුම්භක ධ්‍රැවයයි. සූර්ය ලප අභ්‍යාවකාශ කාලගුණයට සහ පෘථිවියේ දේශගුණයට ද දැඩි සේ බලපෑම් එල්ල කරයි. සූර්ය ක්‍රියාකාරිත්වයේ අඩුවීම. අඩු උෂ්ණත්ව සමග සහ සම්බන්ධවන අතර සූර්ය ක්‍රියාකාරිත්වයේ වැඩිවීම උණුසුම් උෂ්ණත්ව තත්ව සමග සම්බන්ධව පවතී. 17 වන සියවසේ දී දශක කිහිපයක්ම සූර්ය ලපවල ක්‍රියාකාරිත්වය නැවතී තිබුණේය. මෙම කාලය තුළ ඉතා කුඩා සූර්ය ලප ගණනක් පමණක් නිරීක්ෂණය කොට තිබුණේය. මෙම යුගය කුඩා අයිස් යුගයක් ලෙස හඳුන්වාදී තිබුණි. මෙම කාලය තුළ යුරෝපය තුළ ඉතා පහත් උෂ්ණත්වයක් වාර්තාගතවී තිබිණි. ශාක වළලු අධ්‍යයනය මගින් අතීතයේ දී මෙලෙස ගෝලීය උණුසුම මධ්‍යන්‍යය උණුසුමට වඩා අඩු වූ යුගයක් වූ බව සොයාගෙන ඇත. සිදුවිය හැකි දීර්ඝ කාලීන චක්‍ර වසර 41,000 හෝ වසර 100,000 ක කාල ප්‍රාන්තරයන් තුළ සූර්ය මධ්‍යයයේ චුම්භක අස්ථාවරත්වයක් සිදුවීම මගින් චුම්භක බලපෑමේ යම් අඩු වැඩිවීම් සිදුවන බව නවතම සිද්ධාන්ත පවසයි. මෙම සිද්ධාන්ත අයිස් යුගය පිළිබඳව “මිලන්කොවිච් චක්‍රය” ට වඩා හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙයි. නමුත් අභ්‍යාවකාශ භෞතික විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත මෙන්ම මෙම සිද්ධාන්තය ද එකවර පරීක්ෂා කළ නොහැකිය. සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සූර්යයාගේ ධ්‍රැවීය චුම්භක ක්ෂේත්‍ර වල වෙනස්වීම සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට බලපායි. සූර්යයා පවතින්නේ වායු හා Plasma ස්වරූපයෙන් පමණි. ඊට හේතුව වන්නේ එහි අධික උෂ්ණත්වයයි. මෙම ස්වරූපය නිසා සූර්යයාගේ සමකාසන්න භ්‍රමණ කාලය, ධ්‍රැවයන්ට වඩා අඩු වේ. (ධ්‍රැවයන් ආසන්නයේ සූර්ය භ්‍රමණයට දින 35 ක් පමණ ගතවන අතර සමකාසන්නයේදී සූර්ය භ්‍රමණයට දින 25 ක් පමණ ගතවේ) මෙම භ්‍රමණ කාලයන්ගේ වෙනස නිසා හිරුගේ චුම්භක ක්ෂේත්‍ර රේඛා එකිනෙක ඡේදනය වීම සිදු වේ. මේ නිසා සමහරක් ස්ථානයන්ගේ චුම්භක බලපෑම අඩුවේ. එවිට එම ස්ථානයන්ගේ හිරුලප හා නෙරීම් (Solor Prominence) හට ගැනීමට හේතු වේ. මෙම චුම්භක රේඛා ඡේදනයන් නිසා හිරු තුළ පිහිටි ඉලෙක්ට්‍රොන වල වෙනස්වීම් සිදු වේ. අවුරුදු 11 ට වතාවක් මේ නිසා චුම්භක ක්ෂේත්‍ර දිශාවන් වෙනස් වේ. සූර්යයාගේ මෙම ධ්‍රැව වෙනස්වීම සූර්ය පෘෂ්ඨයට බලපායි. මෙවිට පෘෂ්ඨයෙන් චුම්භක විහිදෙන දිශාවන් වෙනස් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට හිරුගේ බලපෑම දැනීමට, සෞරග්‍රහ මණ්ඩලයේ Plosma හේතු වේ. Plosma වලින් තොර, රික්ත අභ්‍යවකාශයක් තිබුණේ නම් හිරුගේ චුම්භක බලපෑම පෘථිවියට 10-4 සිට 10-11 අඩුවිය යුතුය. නමුත් චන්ද්‍රිකාවන්ට අනුව Magnetohydrodynomic (MHD) ඉලෙක්ට්‍රොනික වලාවන්හි බලපෑම නිසා මෙම බලපෑම රික්ත තත්ත්වයකදී 10-9 ක් බව ගණන් බලා ඇත. සූර්යයා සම්බන්ධ ගැටළු සූර්යයාගේ රුක් වළලු තාපන ගැටළු සූර්යයාගේ දෘෂ්‍යමය මතුපිට (ප්‍රකාශ ගෝලය) ආසන්න වශයෙන් කෙල්වින් 6000 ක පමණ උෂ්ණත්වයක් පවතී. එහෙත් සූර්යයාගේ රුක්වළල්ලක උෂ්ණත්වය කෙල්වින් 1000000 පමණ වේ. ඒ අනුව සූර්යය රුක්වළල්ලකට ප්‍රකාශ ගෝලයෙන් සෘජුවම සන්නායක වන තාපයට අමතරව වෙනත් ක්‍රමයකින් තාපය ලැබිය යුතුය. ප්‍රකාශ ගෝලයට පහතින්වන සංවහන කලාපයක සිදුවන ආකූල චලනයක් මගින් එම රැස් වළලුවලට අවශ්‍ය තාපය ලැබෙන බව මතයකි. එසේම එම රුක් වළලුවලට තාපය ලැබෙන ආකාරය පැහැදිලි කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් පවතී. පළමු යාන්ත්‍රණය තරංග යාන්ත්‍රණයකි. සංවහන කලාපයේ සිදුවන අනුකූලතාව ගුරුත්වජ සහ චුම්භක ජල ගතික නිසා හටගන්නා බව එම යාන්ත්‍රණය මගින් පෙන්වා දෙයි. එම තරංග ප්‍රකාශයන් වායුගෝලය හරහා ඉහළටම ගමන් කරන අතර සුර්යයා රැස්වළලු අවට අවකාශයට මුදාහරිනු ලබයි. හාත්පස පැතිර පවතින වාතයෙහි තාපක ලෙස මෙහි ශක්තිය ගබඩා කෙරේ. අනෙක් යාන්ත්‍රණය චුම්භක තාපනයකි. එහිදී ප්‍රකාශ ගෝලයේ සිදුවන වෙනස්වීම් නිසා චුම්භක ශක්තිය නිරන්තරයෙන් වර්ධනය වේ. එම ශක්තිය චුම්භක ප්‍රතිබිම්භය මගින් විශාල සූර්යය ගිනිදලු සහ කුඩා ප්‍රමාණයේ ගණන් කළ නොහැකි තරමේ ගිනිදලු පිටතට මුදාහරිනු ලබයි. තරංග කාර්යක්ෂම තාපන ක්‍රමවේදයක් දැයි තවමත් පැහැදිලි නැත. “ඇල්ෆනි” තරංග හැර අනෙක් සියළුම තරංග රැස්වළල්ලට පැමිණීමට ප්‍රථම විසිරී යෑම හෝ වර්තනය වී යෑම සිදුවන බව සොයා ගෙන ඇත. ඇල්ෆන් තරංග සාමාන්‍යයෙන් රැස් වළල්ල තුළදී විසිරී නොයයි. එම හේතු නිසා රැස්වළලු සංසිද්ධිය පිළිබඳව නව අධ්‍යනයන් සිදු කරමින් පවතී. එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව දැනට සුළු වශයෙන් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් එය ගවේෂණය සදහා විවෘත මාතෘකාවක් සපයා ඇත. සෛද්ධාන්තික ගැටළු - සුර්ය නියුට්රිනෝව පිළිබද ගැටළුව බොහෝ වසරවල පෘථිවිය තුළ නිරීක්ෂණය කරන ලද සුර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රියෝන ප්‍රමාණය සම්මත සූර්ය ආකෘතිය මත පදනම්ව අපේක්ෂා කරන ලද ප්‍රමාණයෙන් තුනෙන් එකක් හෝ අර්ධයක්ව පැවතුණි. මෙම පරස්පර විරෝධීතාවය අඩු කළ යුතුය. නැතහොත් සූර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව සුර්යයා සහ පෘථිවිය අතර ගමන්කිරීමේදී නිරීක්ෂණය කළ නොහැකි tau බවට හෝ meon නියුට්‍රිනෝව බවට පරිවර්තනය විය යුතුය යන්න එම සිද්ධාන්තවල සදහන්ව තිබිණි. වර්ෂ 1980 දී පමණ සූර්යය නියුට්‍රිනෝව වඩා නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ස්බිඩරි නියුට්රිනෝ නිරීක්ෂකාගාරය, කැමියොක්නෙඩ් නිරීක්ෂකාගාරය සහ කැමියොක්නේඩ් නිරීක්ෂණාගාරය ඇතුළත නිරීක්ෂණාගාර රැසක් පිහිටුවනු ලැබිණි. එම නිරීක්ෂණාගාරවල ප්‍රතිඵල අනුව සූර්ය නියුට්රිනෝව ඉතා කුඩා ශේෂ ස්කන්ධයන්ගෙන් සමන්විත බව සොයා ගැනුණි. 2001 වසරේදී සඩ්බරි නිරීක්ෂකාගාරයට නියුට්රිනෝවල ප්‍රභේද තුනම සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකිවිය. තවද එමගින් සූර්යයා නියුට්රිනෝ හිටවීමේ සමස්ත ශිඝ්‍රතාවය සම්මත සූර්යය ආකෘතිය හා එකග බවද සොයාගනු ලැබීය. සූර්යයා නියුට්රිනෝවේ සමස්ත ශක්තියෙන් තුනෙන් එකක් පමණ සුළු ප්‍රමාණයක් පමණක් පෘථිවිය තුළදී ඉලෙක්ට්‍රෝන නියුට්රිනෝ මාදිලියෙන් දැකගත හැකි බවද සොයා ගැනුණි. මෙම සමානුපාතය නියුට්රිනෝව ස්කන්ධය බවට පත්වීමේ ක්‍රමය ගැන පැහැදිලි කරන මික්හේයිව් - ස්මිර්නෝව් -වුල්ෆෙන්ස්ටෙයින් සංසිද්ධිය සමග මනාව ගැලපේ. එහෙයින් සූර්යය නියුමිනෝව පිළිබද ගැටළුව විසදුණි. අඳුරු තරුණ සූර්ය ගැටළුව සෛද්ධාන්තික ආකෘති මගින් අදින් වසර බිලියන 3.8 ත් 2.5ත් අතර ප්‍රාග් කේම්බ්රියා යුගයේ දී සූර්යයාගේ වර්තමාන දීප්තියෙන් 75% පමණ ගහණය කර ඇත. එවන් දුර්වල සූර්යයයෙක් මගින් පෘථිවිය මත ද්‍රව හා ජලය නොපවතී. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක ආදර්ශනයන් මගින් පෘථිවිය තම අතීතය තුළ ස්ථායී උෂ්ණත්වයක් දරා සිටි බව පෙන්වාදී ඇත. සැබවින්ම මුල්කාලයේ පෘථිවිය දැන් පවතින පෘථිවියට වඩා තරමක් උණුසුම්ව පැවතිණි. එකළ පෘථිවි වායුගෝලය තුළ වර්තමානයට වඩා වැඩි ප්‍රතිශතවලින් හරිතාගාර වායූන් (කාබන්ඩයොක්සයිඩ් , මීතේන් , සහ ඇමෝනියා වැනි) අඩංගුව පැවති බවට විද්‍යාඥයින් තුළ ඒකමතිකභාවයක් පවතී. එම වායූන් මගින් පෘථිවිය කරා පැමිණෙන සූර්යය විකිරණය රදවා ගැනීම මගින් පෘථිවිය මත අවශ්‍ය තරම් තාපයක් රදවා ගනී. නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය thumb|පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දම සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ‍ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා ‍නොවේ. සූර්යයා දෙස ‍බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත ‍වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය. ද්වීනේත්‍ර දුරදක්න (Binocular) වැනි ආලෝකය ඒකරාශ්‍රී කරන උපකරණ වල නියමිත. UV කිරණ අවහිර කරන පෙරහන් සවිකර නොමැත්තේ නම් මේවා තුලින් සුර්යයා දෙස බැලීම ඉතාමත් හානිකරයි. පෙරහන් රහිත ද්විනේත්‍ර දුරදක්නා මඟින් පියවි ඇසින් බලන විට දී වඩා 500 ගුණයකින් වැඩි ශක්තියක් ඇසට ඇතුලුවන බැවින් ක්ෂණිකවම දාෂ්ටි විතානයේ සෛල මරුමුවට පත් වේ. මධ්‍යහන ඉර දෙස පෙරහන් රහිත ද්විනේත්‍ර දුර දක්නා වලින් ඉතා කෙටි කාලයක් සුර්යයා දෙස බලාසිටිමෙන් ද ඇස් අන්ධ වීමේ ඉඩ කඩක් පවතී. සූර්යයා දෙස ආරක්ෂිතව බැලීය හැකි එක් ක්‍රමයක් වන්නේ දුරදක්නය හෝ උපනෙත තුලින් පැමිණෙන ඡායාව තිරය මතට පතිත කිරිමෙනි. නමුත් ඇතැම් දුරදක්න වලට මෙම ක්‍රියාවේ දී හානි ඇතිවිය හැකි බැවින් මේ සඳහා භාවිතා කළ හැක්කේ කුඩා පරාවර්තන දුරදක්න හෝ ද්වීනේත්‍ර දුරදක්න පමණි. අර්ධ සූර්යග්‍රහණ පියවි ඇසින් නැරඹිම හානිකර වන්නේ එහිදී ඇතිවන අසාමාන්‍ය ලෙස අධික දෘෂ්ටියට සරිලන පරිදි ඇසේ කණිනිකාව සැකසෙන්නේ නැති බැවිනි. මෙහිදි ඇසට සිදුවන හානිය කිසිදු වේදනාවකින් තොර වන අතර අන්ධ බව ඇතිවන්නේ තරමක කාලයකට පසුවය. සූර්ය ගවේෂණ ඉතිහාසය සූර්ය ගවේෂණ ව්‍යාපෘති සූර්ය ගවේෂණ සඳහා නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකා වනුයේ 1959 දී හා 1968 දී අජටාකාශගත කළ පයනියර් 5,6,7,8 සහ 9 වේ. මෙම චන්ද්‍රිකාවන් සූර්යාගේ සිට පෘථිවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මගින් සූර්ය සුළගේ සහ සූර්යා චුම්භක කේෂ්ත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගැනුණි. “පයනියර් 9” ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වූ අතර එය 1987 වන තෙක් දත්ත සම්ප්‍රේෂණය සිදු කළේය. 1970 දී “හේලියස් 1” චන්ද්‍රිකාව මගින් සහ “ස්කයිලැබ්” අභ්‍යාවකාශ නැවතුම්පලේ “ඇපලෝ” දුරේක්ෂය මගින් සූර්ය සුළග සහ සූර්ය ‍කොරෝනාව පිළිබඳ ඉතා වැදගත් දත්ත විද්‍යාඥයින්ට සපයන ලදී. හේලික්ස් - 1 චන්ද්‍රිකාව ඇමරිකාව එක්සත් ජනපදයේ සහ ජර්මනියේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එය බුදගේ කක්ෂයේ සූර්යාට සමීප ස්ථානයක රැදී සිටිමින් සූර්යා සුළග පිළිබදව අධ්‍යයනයක නිරත විය. “ස්කයි ලැබ්” අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 1973 දී “නාසා” ආයතනය මගින් අජටාකාශ ගත කරන ලද අතර එහි වූ සූර්යා‍ ගවේෂණ මොඩියුලය “ඇපලෝ දුරේක්ෂ නැංවුම” ලෙස නම් කරනු ලැබූ අතර එය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවාතැන්ගත් ගගනගාමීන් විසින් ක්‍රියා කරවනු ලැබීය. සූර්ය රැස්වළලු මගින් නිපදවෙන සූර්ය සංක්‍රාන්ති මණ්ඩලය පිළිබඳ ප්‍රථම කාල නිර්ණය කළ නිරීක්ෂණය සිදු කරන ලදී. ඒ හැර පාරජම්බුල විමෝචනයේදී නිරීක්ෂණය කරන ලදී. “රැස් වළලු සංක්‍රාමණය” ලෙස පසුව හඳුන්වනු ලැබූ රැස් වළලු ස්කන්ධ විසර්ජනය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණය සහ සූර්ය සුළඟ සමග තදින් බැඳී පවතින රැස් වළලු සිදුරු පිළිබඳ නිරීක්ෂණ ඇතුළු ‍බොහෝ සොයාගැනීම් මෙම පරීක්ෂණාගාරය මගින් සිදුවිය. 1980 දී නාසා ආයතනය මගින් Solar Maximum ව්‍යාපෘතිය දියත් කරන ලදී. සූර්ය ක්‍රියාකාරිත්වයන් අධික වූ කාල සීමාවක් තුළ සූර්ය ගිනිදැල් මගින් නිකුත්වන ගැමා කිරණ , X - කිරණ , සහ පාරජම්බුල කිරණ නිරීක්ෂණය කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව සැලසුම් කරන ලදී. දියත් කිරීමෙන් මාස කිහිපයකට පසු පරිපථ දෝෂයක් නිසා යානය හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් පසුවන මට්ටමට පත් වූ අතර යානය ඉදිරි වසර තුනක කාලය තුළ මෙම අක්‍රීය අවස්ථාවේ පසු වුණි. 1984 දී චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටලයේ මෙහෙයුම් අංක STS – 41C මෙහෙයුම යටතේ දී චන්ද්‍රිකාවේ වැරදි නිවැරදි කරන ලද අතර නැවත මුදා හැරීමට පෙර එහි පරිපථ අළුත්වැඩියා කරන ලදී. පසුව මෙම චන්ද්‍රිකාව විසින් 1989 ජුනි මස පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වීමට ප්‍රථමයෙන් සූර්යා රැස් වළලුවල ජායාරූප දහස්ගණනක් ලබා ගැණුනි. සුර්යා ගිනිදැල් X - කිරණ තරංග ආයාමය යට‍තේ ජායාරූපගත කිරීම සදහා ජපානය 1991 දී යෝකොහෝ (සූර්යකිරණය) චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී. මෙහෙයුම් දත්ත මගින් විද්‍යාඥයින්ට එකිනෙකට වෙනස් විවිධ සූර්ය ගිනිදැල් වර්ග හදුනාගැනීමට හැකිවිය. තවද සූර්යා රැස්වළලු කලින් සදහන් කළ පරිදි උපරිම ක්‍රියාකාරී කලාපයේ ඇති නොවී ඉන් මදක් බැහැරින් වූ ප්‍රදේශවල හට ගන්නා බව මෙමගින් ආදර්ශනය කළේය. යොකොහෝ චන්ද්‍රිකාව පූර්ණ සූර්ය වටයක් නිරීක්ෂණය කිරීමට සමත් වුවද 2001 දී ඇති වූ වලයාකාර ග්‍රහණය නිසා එහි සූර්ය නිරීක්ෂණ පද්ධතිය නැතිවී ගිය අතර එය හදිසි අවස්ථාවන් සදහා සූදානම් මට්ටමට පත් වුණු අතර 2005 වසරේදී පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එය විනාශ වී ගියේය. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහ නාසා ආයතනයේ ඒකාබද්ධතාවයෙන් ගොඩනංවන 1995 දෙසැම්බර් 02 දින දියත් කරන ලද “සූර්ය සහ සූර්යා දර්ශක පරීක්ෂණාගාරය තවත එක් වැදගත් සූර්ය නිරීක්ෂක ව්‍යාපෘතියකි. මෙය සත්‍ය වශයෙන්ම වසර දෙකක් සඳහා නිර්මාණය කරන ලද්දක් වුවද , එය දැනට වසර දහයකටත් වඩා ක්‍රියාකාරී මට්ටමේ පවතී. (2007 දක්වා) මෙම ව්‍යාපෘතිය ඊට පසුව ගෙන එන ලද “සූර්ය ගතික පරීක්ෂණාගාර” ව්‍යාපෘතියට ‍බොහෝ සේ ප්‍රයෝජනවත් විය. මෙම චන්ද්‍රිකාව 2008 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කෙරිණි. සූර්යයා හා පෘථිවිය අතර වන ගුරුත්ව උදාසීන ලක්ෂ්‍යයේ (සූර්යාගේ හා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයන් සමාන වන තැන) මෙය ස්ථානගත කොට ඇත. දියත් කරන ලද දිනයේ සිට විවිධ තරංග ආයාමවලින් සූර්යාගේ ස්ථායී ජායාරූප බොහෝමයක් ලබා ගැනීමට SOHO චන්ද්‍රිකාව සමත් විය. SOHO හි සෘජු සූර්ය නිරීක්ෂණය හැරුණු විට එමගින් බොහෝ ධූම කේතූන් ද සොයාගැනීමට හැකිවිය. මේවායින් බොහොමයක් සූර්යාට ළංවන විට පිලිස්සී අලුවන ක්ෂුද්‍ර සූර්ය දිලිසුම් ධූම කේතු විය. සියලුම චන්ද්‍රිකා සූර්ය නිරීක්ෂණය කර ඇත්තේ සමතලා කක්ෂ තලයක සිටය. එමනිසා ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ නිරක්ෂයට යාබද ප්‍රදේශ පමණි. සූර්යාගේ ධ්‍රැව ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අරමුණින් 1990 දී “යුලිසිස්” චන්ද්‍රිකාව කක්ෂගතකරන ලදී. ප්‍රථමයෙන් එය බ්‍රහස්පති වෙත ගමන්ගත් අතර slingshot මගින් එය කක්ෂවලට බොහෝ ඉහළින්වන කක්ෂයක් කරා ගමන් ගන්නා ලදී. තත්කාලීන න්‍යායන්ට අනුව එය 1994 දී ශූමාකර් - ලෙවී 9 ධූමකේතුව බ්‍රහස්පති සමග ගැටීම නිරීක්ෂණය කිරීමට හොඳින් ස්ථානගතව පැවතුණි. “යුලිසීස්” චන්ද්‍රිකාව තමාගේ සැලසුම්ගත කක්ෂයේ ගමන්ගන්නා විට ඉහළ සූර්ය අක්ෂාංශවලදී සූර්යා සුළඟ සහ සූර්ය චුම්භක කේෂ්ත්‍රය ප්‍රබලව නිරීක්ෂණය කරන ලදී. තවද ඉහළ සූර්ය අක්ෂාංශවලදී නිකුත් වුන සූර්ය සුළඟ අපේක්ෂිත අගයට වඩා අඩු අගයක් වන තත්පරයට කිලෝමීටර් 750 ක වේගයෙන් චලනයවන බවද එමගින් සොයා ගැණුනි. තවද ඉහළ අක්ෂාංශවලින් මුදා හැරෙන චුම්භක තරංග , තාරකා මණ්ඩලය තුළ තැනින් තැන පවතින අන්තරීක්ෂ විකිරණ තුළින් මතුවන බවද මෙම චන්ද්‍රිකාව මගින් සොයා ගැණුනි. ප්‍රකාශ ගෝලය තුළ මූලද්‍රව්‍යවල සුලභතාවය වර්ණාවලීක්ෂ අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇති නමුත් සූර්යාගේ අභ්‍යන්තර සංයුතිය පිළිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. සූර්ය සුළං සාම්පලයක් නැවත රැගෙන ඒමේ ව්‍යාපෘතිය හෙවත් “ජෙනිසීස්” ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ සූර්ය තැනුම් ද්‍රව්‍යය පිළිබඳ පැහැදිලි මිණුම් විද්‍යාඥයින්ට ලබාගැනීමට හැකිවීමටය. ජෙනිසීස් යානය 2004 වසරරේදී පෘථිවියට නැවත ඇතුල් වුණ නමුත් පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එහි පැරෂුට් පද්ධතියේ ඇති වූ දෝශයක් නිසා පොළවේ ගැටී චන්ද්‍රිකාවට හානි සිදුවිය. දැඩි හානි සිදු වුවද , අභ්‍යාවකාශ යානයේ නැවත පැමිණි කොටස්වලින් වැදගත් සාම්පල කිහිපයක් සොයා ගැණුනි. මේ වන විටත් ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතී. සූර්යා පෘථිවි සම්බන්ධතා පරීක්ෂණ (STEREO) ව්‍යාපෘතිය 2006 ඔක්තෝබර් මාසයේ දී දියත් කරනු ලැබීය. මෙමගින් සුවිශේෂ චන්ද්‍රිකා දෙකක් කක්ෂ ගත කරන ලදී. එකක් සූර්යාගෙන් පෘථිවියට විරුද්ධ පසින් ද අනෙක පෘථිවියට ආසන්නයේ කක්ෂගත කිරීමෙන් රැස්වළලු ස්කන්ධ විසර්ජනය වැනි සූර්ය සංසිද්ධි පිළිබඳ ත්‍රිමානේක්ෂීය අවබෝධයක් ලබාගැනීමට තීරණය කරන ලදී. එක් චන්ද්‍රිකාවක් සංසිද්ධියක් ළඟම තාරකා පද්ධතිය වන ඇල්ෆා සේනචූරිවලින් නිරීක්ෂණය කළේ නම් සූර්යා කැසියෝහියා තාරකා මණ්ඩලය තුළ දිස්විය යුතු වුණි. සටහන් ආශ්‍රිත මන්දාකිණි තාරකා විද්‍යාව
2505
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%84%E0%B7%9D%E0%B6%A9%E0%B7%92
සිංහල හෝඩි
අක්‍ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්‍ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්‍විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැහැදිලිය. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්‍ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි.එය මෙසේ සඳහන් කරයි; "පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ" මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්‍ෂර 10 ක් ද, ගාත්‍රාක්‍ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්‍ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.) මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්‍ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්‍ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්‍ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්‍ර සිංහල හෝඩිය) අක්‍ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්‍ෂර 04 මිශ්‍ර සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ. ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්ආ‍යාපණ ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්‍වමින්, නූතන සිංහල අක්‍ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්‍ෂර 60 කි. මිශ්‍ර සිංහල හෝඩියට සඤ්ඤක අක්‍ෂර 5ක් සහ "ෆ" අක්‍ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්‍ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්‍යංජන 42 ක් අන්තර්ගත වේ. සිංහල හෝඩිය යොදාගන්නා භාෂා සිංහල හෝඩිය භාෂා කිහිපයක භාවිතා වේ. සිංහල භාෂාව පාලි භාෂාව (මූලික බෞද්ධ ග්‍රන්‍ථවල) සංස්කෘත භාෂාව (කලාතුරකින්) මැලේ භාෂාව (ලංකේය මැලේ පුද්ගලයන් විසින්) මූලික සිංහල හෝඩි ඉහත සඳහන් පරිදි සිංහල හෝඩියේ පරිණාමය අවස්ථා කිහිපයකට වෙනකොට දැක්‍විය හැකිය. මෙම වගු වල දක්‍වා ඇති "පණකුරු" "ස්වර" ලෙසද, "ගතකුරු" "ව්‍යංජන" ලෙසද වටහාගත හැක. සිදත් සඟරා හෝඩිය සහ ඊට පසු බිහිවූ හෝඩි පිලිවෙලින් මෙසේය. සිදත් සඟරා හෝඩිය ශුද්ධ සිංහල හෝඩිය/ අමිශ්‍ර සිංහල හෝඩිය / එළු හෝඩිය / නුමුසු සිංහල හෝඩිය මිශ්‍ර සිංහල හෝඩිය ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය / සිංහල වර්ණ මාලාව සමකාලීන සිංහල හෝඩිය ජාත්‍යන්තර ප්‍රමිති ආයතන සිංහල හෝඩිය නවීන සිංහල හෝඩිය / යුනිකේත සිංහල හෝඩිය 1. සිදත් සඟරා හෝඩිය දඹදෙණි යුගයේ සකසන ලද්දකි. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්‍ෂර මාලාව වන්නේ මෙයයි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්‍වා ඇත. හෙළ හෝඩියට සාපේක්‍ෂකව මෙම හෝඩියේ 'ඇ, ඈ' අකුරු  නැත. 2. ශුද්ධ සිංහල හෝඩිය / අමිශ්‍ර සිංහල හෝඩිය/ එළු හෝඩිය / නුමුසු සිංහල හෝඩිය හෙළ බසෙහි සියළු වචන ලිවීමට ප්‍රමාණවත්ය. 3. මිශ්‍ර සිංහල හෝඩිය ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකළ ඒබ්‍රහැම් මෙන්ඩිස් ගුණසේකරගේ A Comprehensive Grammar of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහි ය. 4. ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය / සිංහල වර්ණ මාලාව ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කළ හෝඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි. ෆ අකුර ඇතුළත්‍වීම. සඤ්ඤක අකුරු 5 ඇතුළත්‍වීම. අං සහ අඃ වෙනත් ස්ථානයක (පණකුරු යටතේ) තැබීම. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නුමුසු අකුරු සමග "අං" ශබ්දය බැඳීමෙන් සඤ්ඤක අකුරු සදාගැනෙන නිසා මේවා හෝඩියක ඇති මුලික අකුරු ලෙස සමහරෙක් පිළිනොගනී. නමුත් භාවිතය සඳහා යොදාගැනෙන සියලු අකුරු වල සංක්‍ෂිප්ත වගුවක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ 5. සමකාලීන සිංහල හෝඩිය (නූතන සිංහල අක්‍ෂර මාලාව) 1990 වසරේදී ජේ.බී. දිසානායක විසින් මුලින්ම පලකරන ලදී. මෙහි වැදගත්ම අංගය වන්නේ දැනට ඇති විවෘත "අ" "ආ" වලට (" වි " ලෙස පෙන්වා ඇත) අමතරව සංවෘත "අ" "ආ" (" ස " ලෙස පෙන්වා ඇත) අකුරු දෙක හඳුන්වා දීමයි. සංවෘත "අ" "ආ" සඳහා පිලිද ඔහු විසින් යෝජනා කෙරිනි.එයට අමතර වෙනස් කම් වන්නේ "ඦ" අකුර ඉවත් කිරිම, "ඥ" අකුර ඇතුලත් කිරීම හා "අං" "අඃ" අකුරු ගතකුරු ලෙස හැඳින්වීමයි 6. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන සිංහල හෝඩිය 7. නවීන සිංහල හෝඩිය / යුනිකේත සිංහල හෝඩිය භාෂා ලිවීමට යොදැගැනීම සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සියවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ. විශේෂයෙන් පාලි භාෂාව සඳහා ආවේනික වූ අකුරු මාලාවක් නොමැති නිසා සිංහල බස මේ සඳහා බෙහෙවින් යෙදේ. උදාහරණ: Apple - ඇපල් Adobe Photoshop - ඇඩෝබි ෆොටෝෂොප් සිංහල යුනිකේත සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි. බැඳි අකුරු හා වෙනත් විශේෂිත අකුරු හා පිලි යෙදීම් සඳහා යෙදෙන යුනිකේත පහත දැක්වේ.(බැඳි අකුරු ප්‍රවර්ධනයට දායක වෙමු.මන්‍ද බොහෝ ආර්‍ය්‍ය භාෂාවල ඇති පොදු ලක්‍ෂණය සිංහල භාෂාව තුළ නැවත ප්‍රතිස්ථාපනය කළ යුතු නිසාවෙනි.) ආශ්‍රිත ලිපි ආශ්‍රිත ලිපි සිංහල අකුරු සිංහල අක්‍ෂර මිශ්‍ර සිංහල හෝඩිය විකිපීඩියා:සිංහල අකුරු මාර්ගෝපදේශකය සිංහල ඉලක්කම් යෝජිත සිංහල අක්ෂර මාලාව මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය යොමුව සටහන් තව දුර කියවීමට සිංහල භාෂාව : නිවැරදි භාවිතය හා ව්‍යාකරණ විධි - කේ . ඩී . සී . ගුණසේකර සිංහල භාෂාවේ නව මුහුනුවර - ජේ . බී . දිසානායක බැහැර පිටු Sinhala Unicode Character Code Chart Sinhala Unicode Group Sinhala Alphabet List of free fonts for the Sinhala script Madura English-Sinhala Dictionary Madura Online - Android Apps on Google Play Sinhala Search Engine - Search Sri Lanka (Search the web in Sinhala - සිංහල ගවේශකය) Online Sinhala Unicode Writer Online Unicode Converter සිංහල යුනිකෝඩ් Download සිංහල යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට සිංහල හෝඩිය Omniglot සිංහල පිටුව බ්‍රාහ්මී අක්‍ෂර සිංහල භාෂාව සිංහල අකුරු සිංහල භාෂාව
2572
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%AB
උණ
උණ යනු රෝග ලක්‍ෂණයකි. මැනීම රෝගියෙකුට උණ වැළඳී ඇතැයි සැක කල විට එම උෂ්ණත්ව වැඩිවීම වෛද්‍ය උෂ්ණත්ව මානය (උණ කටුව) මගින් පහත පරිදි මැන ගත හැක. ගුද මාර්ගය තුල උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් අංශක 100.4) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ. මුඛය තුල උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 (ෆැරන්හයිට් අංශක 99.5) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ. කිහිල්ලේ උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2 (ෆැරන්හයිට් අංශක 99) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ. මූලාශ්‍ර රෝග ලක්‍ෂණ
2573
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A
වැව්
වියලි කාල වලදී වගා කටයුතු කරගැනීම සඳහා ජලය රැස්කර ක්‍රමවත්ව යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති සංකීර්ණ ජල පද්ධති වැව නමින් හැඳින්වේ. වැවේ ප්‍රභවය කිසියම්‍ පහත් කදු වෑටියක කපොල්ලක් තූළින් ගංගා,ඈළ,දොළ,පිහිටා තිබු අතර ඵ කපොල්ල වසා වේල්ලක් බෑද ඵ කදුවෑටියෙහි නෙරෑදෙක ඵකට සම්බන්ධ කරමින් පෑරණි සිංහලයෝ වෑව් නිර්මාණය කළහ. වාරි කර්මාන්තයේ විකාශනය ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දෑක්වේ. වාරීමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරෑ සමඟ අනුරාධ ඈමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතීන් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය. මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය අඹන් ගග සහ මහවෑලි නදී පද්ධතිය රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඔය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වු වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධ වැව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වෑදගත්ය. කලා වැවේ සීට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවැලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය විය. 1වන අග්ග‍බෝධ් රඡු මහවෑලි ගග මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවේන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවෑලි ගගේ ශාඛාවක් වු කඵ ගග හරහා හත්තොට අමුණ බෑදීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුබුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත. වැව් වර්ගීකරණය ගම් වැව් මහ වැව් කුළු වැව් වැවක අංග ඉහත්තාව තාවුල්ල සහ දෙණිකඩ පෝටා වැටිය පොටා වැටිය යනු කදු වලින් එන අපද්‍රව්‍ය වළක්වා ගැනීමට යොදන බැමි ය වැව් පතුල සහ වැව් (ජල) තලය වැව් පතුලේ කලිඟු බැමි යන නමින් හදුන්වන කළුගල් බැමි කීපයක් තිබේ මේවා යොදා ඇත්තේ පිටවාන කැඩී ගියහොත් එය රදවා ගැනීමටය. මේවා මතුපිටින් අපට නොපෙනේ. සොරොව්ව වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චූල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක් ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක් ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ. පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි ඇළ වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත. වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය. ගගක් හා ඔයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි. වෑ කන්ද (වැව් බැම්ම),රළපනාව වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි. ගොනුව:වැව්.jpg|400px|right|thumb|link=Special:FilePath/වැව්.jpg රළපනාව භාවිතාවන්නේ වැව් බැම්ම දියපහරවල් වලින් සේදී යාම වලකාගැනීමටය. මෙය ගල් පතුරු වලින් සාදා තිබේ. පිට වාන/ඇතුලුවාන - ඇළ මාර්ගය ජලයෙන් පිරැණු අවස්ථාවලදි අතිරික්ත ජලය ගලායාම සඳහා ගලින් නිර්මාණය කොට අැති වාන් ක්‍රම දැක්වේ. ඇළ මාර්ගයෙහි වේගයෙන් ජලය ගලා යන බෑවුම් සහිත ස්ථානයෙහි වේල්ල ආරක්ෂා කිරිම සඳහා ගල්වාන් යොදා ඇත. ඇතුලවාන යොදාගන්නේ වැවට වෙනත් ඇළකින් ජලය ගැනීමටය. බිසෝ කොටුව / සොරොව්ව ශ්‍රී ලංකා වාරි තාක්ෂණයේ සැලකිය හැක්කේ මෙම බිසෝ කොටුවයි.සොරොව්ව මගින් පිට කරන ජලයේ පීඩනය අවම කිරීම මෙමගින් සිදු කරයි.සොරොව්වේ කාර්යභාර්යට ජල කරාමයක කාර්යභාරයට සමාන වේ.එමගින් ඉටු වන්නේ වැවෙහි ඇති ජලය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වාරි ඇළට නිදහස් කිරීමයි. සොරොව්ව විවෘත කළ විට සොරොව් නළය දිගේ එන ජලයේ අධික පීඩනය, කොටසක් බිසෝ කොටුව හරහා මුදා හැරේ. පීඩනය අඩු වූ ජලය ඉදිරියට ගලා එන අතර සොරොව්ව අවසානයේදී නළ දෙකකට බෙදී වර්ගඵලය දෙගුණ වී ඇති නිසා පීඩනය තවත් අඩු වෙයි. වැව් හා බැදුණු අති විශිෂ්ඨ තාක්ෂණයක් ලෙස මෙය හදුනාගත හැක.සොරොව්වක කොටස් දෙකක් දක්නට ඇත. ගොඩ සොරොව්ව මඩ සොරොව්වසාමාන්‍ය තත්ත්ව යටතේ ගොඩ සො‍රොව්වෙන් ජලය නිකුත් කෙරෙන අතර ගොඩ සොරොව්වේ මට්ටමකට වඩා වැවේ ජලය අත්‍යාවශ්‍ය අවස්ථාවල වැවේ ජලය නිකුත් කිරීමට මඩ සොරොව්ව යොදා ගනියි.රොන් මඩ පිරී වැව අපවිත්‍ර වූ අවස්ථාවල වැව පිරිසිදු කිරීමට ද මඩ සොරොව්ව යොදා ගනියි. සළපනාව වැව් බැම්මේ ආරක්ෂාව සදහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ පාදමේ කළුගල් පුවරු අතුරනු ලැබීම සිදුකරනු ලැබූවා. එමගින් වැව් බැම්ම ශක්තිමත් වූවා වගේම රළ පහරට වැව් බැම්ම සේදී යාමෙන්ද ආරක්ෂා වූවා. මේ ගල් පුවරු අතුරනු ලැබූ කොටස රළපනාව, රළ පැන්නුම, සළපනාව යන නම් වලින් හදුන්වනු ලබනවා. පිටවාන වැවක ජලය අධික වන විට එම අතිරික්ත ජලය පිටට ගලා යාමට ඉඩ සලසන ස්ථානය වූයේ පිටවානයි. බොහෝ අවස්ථාවලදී වැව් බැම්මේ කෙළවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන ලෙස ගල් පුවරු අල්වා කපොල්ලක් ලෙස මෙය සාදනු ලැබූවා. ජලය වැඩි කාලයේදී අතිරේක ජලය මින් බැස යාම හේතුවෙන් වැව් බැම්මට ඇතිවිය හැකි හානිය වැළකුණා.සොරොව්ව වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව නමින් හැදින්වෙනවා. විශාල වැව්වල සොරොව් කිහිපයක් පිහිටි අවස්ථා දැකිය හැකියි. සාමාන්‍ය වැවක සොරොව් දෙකක් දැකිය හැකි වනවා. වැවේ ජල මට්ටම ඉහල තිබෙන අවස්ථාවක ජලය සැපයිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. මේ ගොඩ සොරොව්ව මගින් ජල මට්ටමට සාපේක්ෂ මට්ටමේ පිහිටි උස්බිම් ප්‍රදේශ සදහා ජලය සැපයිය හැකි වූවා. වැව් බැම්මේ වඩා පහළ මට්ටමකින් පිහිටවනු ලැබූ සොරොව්ව මඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. ජල මට්ටම බෙහෙවින් අඩුවූ කල ජලය ලබා ගන්නේ මේ මඩ සොරොව්වෙනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැව හිස් කිරීමටද මඩ සොරොව්ව උපකාරී වේ. කුඩා වැව්වල දකින්නට ලැබෙන්නේ මඩ සොරොව්ව පමණි. බිසෝකොටුව පැරණි වැව් කර්මාන්තයේ විශිෂ්ඨ ශ්‍රී විභූතීය පෙන්නුම් කරන අංගයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකිය. විශාල ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට හානිකර විය හැකිය. වැව් ඉවුරත් ජල මට්ටමත් එක්වන තැන ගැඹුරු හතැරැස් ළිඳක හැඩයට තනා ඇති බිසෝකොටුව මගින් එකී පීඩනය පාලනය කරනු ලැබේ. බිසෝකොටුව යනු සොරොව්වෙහි ඉදිකල ප්‍රධාන කොටසකි.එම බිසෝකොටුව පතුලේ සිට වැව් කණ්ඩිය හරහා පිටට ජලය ගෙනයනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය වේලාවට ජලය ලබා ගැනීම සදහා මෙම බිසෝකොටුවේ විශේෂ ජල පාලක උපකරණයක් යොදා තිබිණි. පැරණි සෙල්ලිපි ආදියෙහි මෙය මොහොල ලෙස හදුන්වා තිබේ. මුල් යුගයේ තනන ලද බිසෝකොටු වලටත් පසු කාලයේ තනන ලද බිසෝකොටුවලත් දක්නට ඇති එකම වෙනස විශාලත්වයෙන් වැඩිවීම පමණි. තාක්ෂණික ලක්ෂණවල වෙනසක් සිදුවී නොමැත. එයින් පැහැදිලි වනුයේ බිසෝකොටුව මුල් අවස්ථාවේදීම තාක්ෂණික අංග අතින් පරිපූර්ණ නිර්මාණයක් වූ බවයි. මුරගල වැවක සොරොව්වේ හෝ ඒ අසල හෝ නාග රූපයක් සහිත මුරගලක් බොහෝවිට දක්නට ලැබේ. නාගයා ජලයට අධිගෘහිත යැයි පැරැන්නන් විසින් සලකන ලදී. ඒ නිසා වැව් පොකුණු ආදිය සෑදූ කළ ඒවාට ආරක්ෂාව සදහා නාග රූප ඉදිකරන ලද බව පෙනී යයි. එසේ නාග රූපයක් ඉදිකළ විට වැවේ ජලය අඩු නොවන බවට විශ්වාසයක් තිබුණි. මේ මූලික නිර්මාණ එක්වීමෙන් සෑදුණු වැව අපේ පැරණි තාක්ෂණික නිපුණතාවය විදහා දක්වනු ලබයි. වැවක සියලූම අංග විදහා දක්වන වැවක් ලෙස මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය දැක්විය හැකියි. වාරි මාර්ග නඩත්තුව හා පාලනය වැව් බැම්වල ගස් කැපීම ගවයන් දක්කා ගෙන යාම පැරණි බ්‍රහ්මීය ලිපි 2ක "අනගත""අවියක"යනු වාරි ඉංජිනේරැවෙකු හා ඇළවල් භාර නිලධාරියෙකි.-සෙනරත් පරණවිතාන. දොළොස්මහා වෑ තැන-වැව් පාලන සංවිධානය-(ඩබ්ලිව්.නිකලස්) IIවන සේන රජට අයත් ශිලා ලිපිය-"වෑවැඡෑරෑම්" (වාරි කර්මාන්ත සම්බන්ධ විධායක නිළධාරියෙකු)"වෙල් කැව්'''"නිළධාරියා-දිය පාලනය,නෙලීම්,සී සෑම වාරිකර්මාන්ත සඳහා අය කළ බඳු දිය බද්ද දිය බදු ඇළමාර්ග වැඩිදුර කියවීම් වැව් නාමාවලිය ඇල ගොවිතැන මුලාශ්‍ර මහාවංශය ,පුථම භාගය හා ද්වීතිය භාගය,සංස්කරණය හික්කඩුවේ ශ්‍රි සුමංගලාභිධාන නායක ස්ථවිර,ප්‍රකාශනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,1996 බස්නායක ඵච්.ටී,පුරාණ ශ්‍රි ලංකාවේ ජල ශිෂ්ටාචාරය ,1997,ඇම් ඩි ගුණසේන සහ සමාගම,217,‍කොළඹ11 සෙනෙව්රත්න අනුරාධ,පුරාණ සිංහල වාරි සංස්කෘතිය,2001,ප්‍රියසිරි ප්‍රින්ටික් සිස්ටම්,නුගේගොඩ වාරි ශිෂ්ඨාචාරයක අභිමානය ලංකා විශ්ව විද්‍යාලය, ලංකා ඉතිහාසය 1කාණ්ඩය 2 භාගය. මේ අඩවිත් බ‍ලන්න My Studies - මගේ ඉගෙනුම් මහ විලච්චිය මහ වැවේ වැව් බැම්ම සේදී යාමට පත් වෙලා ලංක‍ාවේ වාරි තාක්ෂණය වාරිමාර්ග පද්ධතිය වැව් සාම්ප්‍රදායික සිංහල දැණුම වැව්
2582
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83
පරිගණක වෛරස
පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක software එකකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරයි වෛරස යන පදය බහුලව නමුත් වැරදියට, විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ. වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී. සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි. ඉතිහාසය 1970 දී ක්‍රීපර් (Creeper) වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ ARPANET හිදීය. ටෙනෙක්ස (TENEX) මෙහෙයුම් පද්ධතිය හරහා ව්‍යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොඩමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය. තවද එය (I’m THE CREEPER : CATCH ME IF YOU CAN) යන පණිවිඩය දක්වා සිටී. ඒ සමගම මතුවූ ක්‍රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් (Reaper) ක්‍රමලේඛනය ක්‍රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී. නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් J “Rother J” යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත. අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්වරට වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි. 1982 දී රිචඩ් ස්ක්‍රෙන්ටා (Richard Skrenta) විසින් ලියන ලද මෙය ඇපල් DOS 3.3 (Apple DOS 3.3) මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්‍ය තැටි (Floppy disk) මගින් ව්‍යාප්ත විය. ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්‍රීඩාවකට ඇතුළත් කර තිබුණි. තැටිය භාවිතා කළ හැකි වන්නේ 49 වතාවක් පමණි. 50 වන වතාවේදී ක්‍රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් (Elk Cloner) නම් වෛරසයක් දිස්වේ. සොයා ගැනීම වළක්වන ක්‍රම පරිශීලකයන් විසින් සොයා ගැනීම වළක්වනු පිණිස සමහරක් වෛරස විවිධ වර්ගවල ප්‍රයෝග යොදාගනී. සමහරක් පැරණි වෛරසවලදී , විශේෂයෙන් MS – DOS පසුබිමක් තුළ , ගොනුව වෛරසයක් මගින් ආසාදනය වූ විට සත්කාරක ගොණුවේ අවසන් නවීකරණ (last modified) දිනය නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලා ගනී. කෙසේ නමුත් මෙම ක්‍රමය මගින් පිළි වෛරස මෘදුකාංග රැවැට්ටීම කළ නොහැක, විශේෂයෙන්ම ගොනු වෙනස් වීමේදී චක්‍රීය අතිරික්තතා Cyclic redundancy පරීක්ෂාව පවත්වා ගන්නා හා දින නියම කරන මෘදුකාංග. සමහර වෛරසවලට ගොණුවල ප්‍රමාණ වෙනස් නොකර ‍හෝ ඒවාට හානි ‍නොකර ඒවා ආසාදනය කළ හැක. ඔවුන් මෙය ඉටු කර ගන්නේ ක්‍රියාත්මක විය හැකි ගොණුවල ප්‍රයෝජනයට නොගන්නා කොටස් මත නැවත ලිවීමෙනි. (overwrite) මේවා කැපීම් (Cavity) වෛරස ලෙස හදුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස CIH වෛරසය හෝ චර්නොබිල් වෛරසය පහසුවෙන් ගෙන යා හැකි ක්‍රියාකාරී ගොනු (portable Executable files) ආසාදනය කරයි. මන්දයත් එම ගොණුවල බොහෝ ඉඩ ඇති අතර 1kB පමණ වන වෛරසය ගොණුවේ ප්‍රමාණයට එකතු‍ නොවේ. සමහර වෛරස සොයාගැනීම වැළැක්වීමට ඒවා සොයා ගැනීමට පෙර පත්‍රි වෛරස මෘදුකාංගයට ප්‍රහාර එල්ල කරයි. පරිගණක හා මෙහෙයුම් පද්ධති වඩා විශාල හා සංකීර්ණ වන විට සැගවී ඇති පැරණි තාක්ෂණික ක්‍රම යටත් කාලීන කිරීම හෝ අ‍ාදේශ කිරීම කළ යුතුය. වෛරසවලට එරෙහිව පරිගණකයක් ආරක්ෂා වීමේදී සෑම ආකාරයට ගොනු ඇතිවීමක් සදහාම විස්තර සහිත හා පැහැදිලි අවසර ලබාදීම ගොණු පද්ධති සංක්‍රමණය වීම ඕනෑකමින් අවධාරණය කර සිටී. ආසාදන ක්‍රමෝපායන් නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය. මෙම හේතුව ‍නිසා වෛරස , නීත්‍යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි , ක්‍රියාත්මක විය හැකි ගොනුවලට බැ‍ඳේ. ක්‍රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්‍රියාත්මක විය හැක. ක්‍රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. අනේවාසික (Nonresident) වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක (host) සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ. නේවාසික (resident) වෛරස ක්‍රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ. වෛරස දිගටම ක්‍රියාකාරීව තිබෙන අතර ‍වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්‍රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි. යථා තත්වයට පත්කිරීමේ ක්‍රම පරිගණක වෛරසයක් මගින් ආසාදනය වූ විට සම්පූර්ණයෙන්ම මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමෙන් තොරව දිගින් දිගටම පරිගණකය භාවිතය අනාරක්ෂිතය. කෙසේ නමුත් පරිගණකයක වෛරසයක් ඇතුල් වූ විට ඉවත් කළ හැකි ක්‍රම බොහොමයකි. ක්‍රියාමාර්ගය පදනම් වන්නේ වෛරසයේ වර්ගය මතය. මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය වෛරස ඉවත් කිරීමමේ තවත් ක්‍රමයක් නම් මෙහෙයුම් පද්ධතිය (O/S) පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමයි. එහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන දෘඩ තැටි කොටස (HDD Partition) ෆෝමැට්කර (Format) ස්ථාපනය කිරීම හෝ ක්‍රමවත් මෙහෙයුම් පද්ධති රක්ෂිත අනුරුවක් (backup image) ස්ථාපනය කිරීම සිදු කළ හැක. මෙම ක්‍රමය සිදු කිරීමට පහසු වීම, විවිධ වෛරස වර්ග සෙවීමට වඩා වේගවත් වීම, සියලුම විනාශකාරී මෘදුකාංග ඉවත් වීම ආදී ප්‍රයෝජන ඇත. අවධි ලෙස මෙහෙයුම් පද්ධතිය මෙන්ම අනෙකුත් සියලුම මෘදුකාංග ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම දැක්විය හැකිය. පරිශීලන තොරතුරු, ලයිව් (live) CD සිකන් මගින් පරිගණකය ඇරඹීමෙන් දෘඩ තැටිය වෙනත් පරිගණකයකට සම්බන්ධකර එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් ඇරඹීමෙන් රක්ෂා (backup) කරගත හැක. මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා ජනගහනයක ජාන විවිධත්වය අඩු වීමත් සමගම එම ජන කොට්ඨායෙන් තනි රෝගයක් නැතිවී යාමේ හැකියාවක් ඇත. ඒ හා සමානවම ජාලයක මෘදුකාංග පද්ධතිවල විවිධත්වය වෛරසවල විනාශකාරී අරමුණු සීමා කරයි. මෙය මයික්‍රෙ‍ාසොෆ්ට් සමාගම වැඩතල (Desktop) මෙහෙයුම් පද්ධති හා කාර්යාල මෙවලම් වෙළඳපොළ ආක්‍රමණය කළ 1990 කාලයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ දෙයකි. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පරිශීලකයන් (විශේෂයෙන් මයික්‍රොසොෆ්ට් අවුට් ලුක් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝරර් වැනි) වෛරස පැතිරීමේ අවදානමට විශේෂයෙන් ලක්විය. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග ‍ඒවායේ වැඩතල ප්‍රමුඛතාව නිසා වෛරස නිර්මාණකරුවන්ගේ වැඩි අවධානයට බදුන් වන අතර වෛරස නිර්මාණකරුවන්ට ප්‍රයෝජන ගත හැකි වැරදි හා දුර්වල ස්ථාන බොහෝමයක් අඩංගු නිසා නිතර විවේචනයට භාජනය විය. සමෝධානිත හෝ සමෝධානිත නොවන මෘදුකාංග (මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි) හා ගොණු පද්ධතිවලට ප්‍රවේශ ඇති උපදේශාවලි (Scripting) භාෂාවකින් යුත් යෙදුම් (උදාහරණ ලෙස විෂුවල් බේසික් උප‍ෙද්ශාවලි (VSB) හා ජාලකරණ විශේෂාංගවලින් යුත් යෙදුම්) ද විශේෂයෙන් අනතුරට භාජනය විය හැකිය. ‍වින්ඩෝස් වෛරස නිර්මාණකරුවන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වුවත් සමහරක් වෛරස වෙනත් ඒවායේ ද ක්‍රියාත්මක වේ. ‍ෛසද්ධාන්තික‍ව තෙවන පන්තියේ ක්‍රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය. යුනික්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති (හා වින්ඩෝස් NT වේදිකා මත වූ NTFC යෙදුම්) ඒවායේ පරිශීලකයන්ට, ක්‍රියාත්මක විය හැකි දේ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේම වෙළුම්වල ඔවුන්ගේම ආරක්ෂිත ඉඩෙහි පමණි. අන්තර්ජාලය මත පදනම් වූ පර්යේෂණයක් පෙන්වා දුන්නේ වෛරසයක් බාගත කිරීමට පුද්ගලයන් කැමැත්තෙන්ම විශේෂ බොත්තම් එබූ අවස්ථා ඇති බවයි. F සෙක්‍යූ (secure) නම් ආරක්ෂක අංශයක් වසර භාගයක් පුරාවට ගූගල් ඇඩ්වෙයාර් හි “ඔබේ පරිගණකය වෛරසවලින් නිදහස් ද ? මෙතැනින් එය ආසාදනය කර ගන්න” යනුවෙන් ප්‍රචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රතිඵලය වූයේ 409 දෙනෙක් ඒ මත ක්ලික් කිරීමයි. 2006 දී Mac OS X ඉලක්ක කළ වෛරස තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. (යුනික්ස් පදනම් වූ ගොණු පද්ධතියකින් හා කර්නලයකින් යුත්) Mac OS ක්ලැසික් ලෙස හඳුන්වන පැරණි ඇපල් මෙහෙයුම් පද්ධති සඳහා ඇති වෛරස ගණන ප්‍රභවය අනුව වෙනස් වේ. ඇපල් දන්නා වෛරස 4ක් පමණක් ඇති බව ප්‍රකාශ කරන අතර ස්වාධීන ප්‍රභව වෛරස 63 ක් පමණ ඇති බව ප්‍රකාශ කරයි. මැක් මෙහෙයුම් පද්ධති වෛරසවල අවධානයට අඩුවෙන් ලක්වන බව පැවසිය හැක. ඒ අඩු වෙළඳපොළ කොටස් නිසා මැක් සඳහා නිර්මාණය කරන ලද වෛරසයකට ආසාදනය කළ හැක්කේ අඩු පරිගණක ප්‍රමාණයන් නිසාය. (උත්සාහයේ ඵලය අඩු වෙයි) මැක් හා වින්ඩෝස් අතර වෛරසවලට භාජනය වීමේ හැකියාවේ වෙනස ප්‍රධාන වෙළඳ සාධකයක් වී ඇති අතර ඇපල් සමාගම ඔවුන්ගේ “ගෙට් අ මැක්” ප්‍රචාරණයේ දී එය යොදා ගනී. එය කියා සිටින්නේ මැක් මෙහෙයුම් පද්ධතිවල ද මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් හි මෙන්ම ආරක්ෂක ගැටළු තිබූ නමුත් ඒවා සාර්ථකව භාවිතා කිරීමට කිසිවෙකු සමත් වී නැති බවයි. වින්ඩෝස් හා යුනික්ස් හි සමාන උප‍ෙද්ශාවලි කිරීමේ (Scripting) හැකියාව ඇත. නමුත් යුනික්ස් ‍මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට සාමාන්‍ය පරිශීලකයන්ට ඉඩ නොදෙන අතර වින්ඩෝස් 95 හා 98 වැනි පැරණි වින්ඩෝස් පිටපත්වල එසේ නොවේ. 1997 දී බ්ලිස් (Bliss) ලෙස හැඳින්වූ ලිනක්ස් සඳහා වූ වෛරසයක් නිකුත් වීමත් සමගම යුනික්ස් වැනි පද්ධති ද වින්ඩෝස් මෙන්ම වෛරසවල ගොදුරක් බවට පත්විය හැකි බවට අනතුරු හැඟවීය. බ්ලිස් ක්‍රියාත්මක වීමට පරිශීලකයා විසින් එය එයම ක්‍රියාත්මක කළ යුතු අතර (එමනිසා එය ට්‍රෝජනයකි. එමගින් ආසාදනය කළ හැක්කේ පරිශීලකයාට නවීකරණය සදහා ප්‍රවේශය ඇති ක්‍රමලේඛ පමණි. වින්ඩෝස් පරිශීලකයන් මෙන් නොව යුනික්ස් පරිශීලකයන් ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට හෝ මෘදුකාංගයක් වින්‍යාස කිරීමට හැර පරිපාලක ලෙස පුරන්නේ (log on) නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පරිශීලකයා වෛරසයක් ක්‍රියාත්මක කළද එයට මෙහෙයුම් පද්ධතියට හානි කළ නොහැක. බ්ලිස් වෛරසය විශාල ලෙස නොපැතිරුණු අතර ප්‍රධාන වශයෙන් පර්යේෂණ කුතුහලයක් ලෙස පැවතුණි. එහි නිර්මාතෘ පසුව එහි කේත යූස් නෙට් (use net) වෙත තැපැල් කළ අතර එමගින් පර්යේෂකයන්ට එය ක්‍රියා කළ අකාරය බලා ගැනීමට හැකි විය. වෛරස් වර්ග Boot Sector Viruses malwere adwere worms trojan spywere ransamwere Companion Viruses Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි. Email Viruses විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි. Logic Bombs and Time Bombs පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි. Macro Viruses Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි. Cross-site Scripting Virus මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි. Trojan Horses පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම. Worms පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි. මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග Stuxnet Ram nit Webmoner Kolab FakeAV Slugin BitCoinMiner ප්‍රතිවෛරස මෘදුකාංග වෛරස් නාශක මෘදුකාංග () යනු පරිගණක පද්ධතිවලට වෛරස් අතුළුවීම වළකන සහ එසේ ඇතුළු වී ඇති වෛරස් ඉවත් කිරීම සඳහා භාවිතා වන උපයෝගීතා මෘදුකාංග (Utility software) විශේෂයකි.මිලදී ගැනීමට මෙන්ම නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංග ඇත. මිලදී ගෙන භාවිත කරන මෘදුකාංග ඉතා හොඳය.Bitdefender,malawarebytes,kasperskey.. ඒවා හොඳම.bitdefender තවත් හොඳ වේ.. ආශ්‍රිත වෛරස් නාශක මෘදුකාංග පරිගණක වෛරස පරිගණක මෘදුකාංග පරිගණක විද්‍යාව
2585
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA
කෘෂිකර්මය
කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි. දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අද්ධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් (පැයරට්රය) හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තිරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තිරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්‍රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින් 1995. 1997 මාර්ග භුමිය ‘‘ආහාර නිෂ්පාදනය දේශිය දකුණු ආසියානු ප්‍රපංචයක් බව පෙන්නුම් කරන බවත් ‘‘දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික නාගරිකරණය සහ සංකිර්ණ සමාජය සංවිධානය දේශිය. එහෙත් තනි නොවු සංස්කෘතික සංවර්ධනයක් මත පදනම් වු බවත්’‘ අරුත් දැක්වීමට පවත්නා දත්ත සහාය වන බව පුරාවිද්‍යාඥ ජිම්.ජි ෂ8ාර් 61999: 245) ලියයි. කෙසේ වුව ද සොරියන් ෆුලර් වැනි අනෙකුත් අය මැද පෙරදිග තිරිඟු ආසියානු තත්ත්වයට හුරුවිමට අවුරුදු 2000 ක පමණ කාලයක් ගත වු බව පවසයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කෘෂිකර්මය ඉතාමත් ඵලදායි එකක් වුවා විය යුතුයි. මුලික වශයෙන් කෘෂිකර්මයේ නොයෙදුණු නාගරික වැසියන් දසදහස් ගණනක් නඩත්තු කිරිමට ප්‍රමාණවත් අතිරික්තයක් නිපදවීමට ඊට හැකිවිය. එය නගුල වැනි පුර්ව හරප්පානු සංස්කෘතියේ සැලකිය යුතු ශිල්පිය ජයග්‍රහනයක් මත රඳා පැවතිනි. එසේ වුව ද නගර නඩත්තු කළ ගොවියන් හෝ ඔවුන්ගේ කෘෂිකාර්මික විධික්‍රම පිළිබඳව දැනුවත්ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙක් නිසැකවම ගංගාවන්හි ජල ගැලිම් කාලයන්ගෙන් පසු ඉතිරිවන සාරවත් දියලූ පස ප්‍රයෝජනයට ගන්නට ඇත. නමුත් කෘෂිකර්මයේ මෙම සරල ක්‍රමය නගර නඩත්තු කිරිමට තරම් ඵලදායි වුවායැයි නොසැලකේ. වාරිමාර්ග පිළිබදව සාක්ෂි නොමැති වුව ද එවැනි සාක්ෂි යළි යලිත් ඇත් වු විනාශකාරි ජලගැලිම්වලින් මැකි ගියා විය හැකිය. නාගරික සංස්කෘතියේ හා රාජ්‍යයේ ආරම්භය පිළිබඳව ජලමුලක ඒකාධිපතිත්වය උපකල්පිතය ඉන්දු ශිෂ්ටාචාරය මගින් ප්‍රතික්ෂේප වන බව පෙනේ. මෙම උපකල්පිතයට අනුව සියලූම පැරණි මහා පරිමාණ ශිෂ්ටාචාරයන් ඇති වුයේ විශාල කෘෂිකාර්මික අතිරික්තයන් නිපදවිමේ හැකියාව තිබු වාරි පද්ධතින්හි අතුරු ඵලයක් වශයෙනි. සුක්ෂම කෘෂිකාර්මික නිෂ්පාදනයක් සදහා අමුණු සහ ඇලවල් අවශ්‍ය බව බොහෝවිට පිළිගැනිණි. මෙම සිතාගැනිම පහසුවෙන් නිෂ්ප්‍රභා කරන ලදි. ආසියාව පුරා වි ගොවියන් හෙල්මලූ සහිත කඳුකර කුඹුරුවලින් සැලකිය යුතු කෘෂිකාර්මික අතිරික්තයක් නිපදවනු ලබති. එහි ප්‍රතිඵල ලබාගනුයේ වහල් මෙහෙයෙන් නොව පරම්පරා ගණනක ජනතාවගේ එකතු වු ශ්‍රමයෙනි. ඇල මාර්ග තැනිම වෙනුවට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ජනයා පරම්පරා කිහිපයක සුළු පරිමාණ ශ්‍රම ආයෝජනයක් ලෙස විස්තර කළ හැකි හෙල්මළු සහිත කෘෂිකර්මය වැනි ජලය හැරවීමේ ක්‍රම ගොඩනැගුවා විය හැකිය. කෙසේ වුව ද එවැනි ඇලවේලි වයඹ දිග ඉන්දියාවෙන් ද (ෆ්‍රැන්ක්ෆෝට්) හමු වී ඇත. වර්ෂය තුළ පතිතවන වර්ෂාපතනයෙන් වැඩි කොටසක් මාස හතරක් තුළ ලැබෙන දේශගුණික රටාවක් සහිත මෝසම් ආශ්‍රයෙන් තම ජිවිතය ගොඩනගා ගැනිමට හැකිවුයේ ඉන්දු ශිෂ්ටාචාරයේ ජනයා අතුරින් නැගෙනහිර දෙසින් විසු අයට පමණකි. අනෙකුත් අයට වඩා උස් භූමි ප්‍රදේශයන්හි සිදුවන හිම දියවිමේ ප්‍රතිඵලයක් වශයෙන් ගංගාවල ඇතිවන ඍතුමය ජලගැලිම් මත රඳා පැවැත්මට සිදුවිය. ඔවුහු ගවයින්, වලසුන්. වල් ඌරන්. බල්ලන්, මී හරකුන්, ආසියානු හස්තීන්, වඳුරන්, ඔටුවන්, කුකුලන්, එළුවන්, බළලූන් සහ බැටලූවන් වැනි සතුන් හීලෑ කර ගත්හ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ශ්‍රි ලංකාව ගත් කළ අතීතයේ සිටම දියුණු කෘෂි ආර්ථිකයකට හිමිකම් කියන රටකි.ශ්‍රි ලංකාවේ අතීතයේ පැවතියේ යැපුම් කෘෂිකර්මාන්තයකි. නමුත් වර්තමානයේ වන විට කෘෂිකර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය.ඒ, යැපුම් කෘෂිකර්මාන්තය වාණිජ කෘෂිකර්මාන්තය අතීතයේ පැවති ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය දැන් දැන් විනාශ මුඛයට යමින් පවතී. ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකර්මාන්තය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පැතිර පවතී. -මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තය -ගොවිපොළ සත්ව පාලනය - බෝග වගාව එම ක්ෂේත්‍ර අතර මුල් තැන ගනී. ශ්‍රී ලංකාව විශාල පරාසයක ව්‍යාප්තව පවත්නා විවිධාකාර වූ ‍‍බෝග වගා කිරීම සඳහා ‍යෝග්‍ය වූ පාරිසරික තත්වයන්ගෙන් සමන්විත ‍‍වෙයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හරය වන්නේ වී වගාවයි. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සමස්ත අදහසක් ගනු වස් ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව (2007.04.25) වෙබ් අඩවිය නරඹන්න.මෙම වෙබ් අඩවිය රටේ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළෙන් නැරඹිය හැක. මේ අඩවිත් බලන්න ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (Department of Agriculture) විකිගොවියා (WIKI Goviya) References External links USA National Ag Day, March 20 Agriculture and Rural development - World Food Bank agriculture portal Index to the Manuscript Collections Special Collections, National Agricultural Library International Federation of Agricultural Producers (IFAP) NIOSH Agriculture Page - safety laws, tips, and guidelines U.S. House Committee on Agriculture - Glossary of agricultural terms, programs and laws UK Agriculture Agricultural Products - portal about agro products and agriculture industry. Guide to collections containing information on agriculture at the Eisenhower Presidential Library ශ්‍රී ලංකාවේ ආර්ථිකය
2587
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
සංඛ්‍යානය
සංඛ්‍යානය යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි. එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය. දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණයවී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී. ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්‍රවල භාවිතා වේ. Gg සංඛ්‍යානය
2589
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80
සිනමාව
සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපටි ක්ෂේත්‍රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවි කරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදුකෙරේ. චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැලකිය හැකි අතර පෙරලා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති වේ. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්, පුරවැසි අධ්‍යාපනය (හෝ අධිශික්ෂණය) සැපයීම සඳහා ප්‍රබල ක්‍රම වේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැක. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සංනිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යෙදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත. සාම්ප්‍රදායික ක්‍රමයේදී චිත්‍ර පටයක් තනිතනි රූපරාමු රැසකින් යුක්ත වේ. මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැ‍ඟේ. මෙහිදී රූපරාමු මාරුවීම නිරීක්ෂකයා හට දැකිය නොහැකි අතර ඊට ‍හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක රූපය එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වු පසුව ද තත්පරයකින් කුඩා කාලයක් දක්වා ඇස තුළ පැවතීමේ ආචරණයයි. (Persistence of Vision) ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේ යැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතුවේ. චිත්‍රපටි හැඳින්වීමටත් භාවිතා වන ඉංග්‍රීසි වචනය “Film” නම් වන අතර අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල (Photographic film – Film Stock) හැදින්වීම සඳහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ පදයකි. චිත්‍ර පටියක් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භාවිතා කළ හැක. (picture, picture show, photo play, flick සහ වඩාත් පොදුවේ movie) මෙම ක්ෂේත්‍රය හැඳින්වීමට භාවිතා වන අනෙකුත් පදයන් අතරට රිදී තිරය වැනි යෙදුම් පෙන්වා දිය හැක. (the big screen, the silver screen, the cinema, the movies) ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන් ඩී බී නිහාල්සිංහ' ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන් - 1939 - මැයි - 27දා ඉපදුනේය.ආදි ආනන්දයෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන නිහාල්සිංහ මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සමාරම්භක සාමාන්‍යාධිකාරීවරයා ද වේ.වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ නිර්මාණ අතරින් වැඩි ජන ප්‍රසාධයක් ලැබූ නිර්මාණ අතර වේ.දිමුතු මුතු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේද ප්‍රථම වර්ණ ටෙලි නාටීය වේ. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක්‌ ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා මිය යනවිට 77 වන වියේ පසුවූ අතර හෙතේම ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සලකුණ වශයෙන් හැඳින්විය හැක.හෙතේම 2016-04-21 වැනි දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රිප්ත විය සිනමා කලාව
2592
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව අත්පන්දු වේ. නමුත් ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වේ. අත්පන්දු ක්‍රිකට් දැල්පන්දු මලල ක්‍රීඩා එල්ලේ පාපන්දු රෙස්ලින් ජන ක්‍රීඩා
2594
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
මලියදේව විද්‍යාලය
{{Infobox school |name = මලියදේව විද්‍යාලය |logo = |founder =හෙන්රි ස්ටීල් ඕල්කට් |established = ක්‍රි.ව. 1888 සැප්තැම්බර් 30 |type = රජයට පවරාදුන් බෞද්ධ පාසලකි |caption = ආදර්ශ පාඨය |motto = විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි) <small>(සිංහල පරිවර්තනය - දැණුම මිනිසාට ආභරණයකි)<small> |grades = පංති 1 - 13 |enrollment = 6000+ |staff = 300 |gender = පිරිමි |lower_age = 6 |upper_age = 19 |colours = නාවුක නිල්, රන් සහ ලේ රතු |principal = Mr.Ranjith Jayasundara |campus = අක්කර 16 |coordinates = |location = කුරුණෑගල |country = ශ්‍රී ලංකාව |free_label_1 = Pupils |free_1 = ඩේවන්ස් |website = නිල වෙබ් අඩවිය }}මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය''' ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ. ඉතිහාසය කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 16 වන දින බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. බිද වැටෙමින් පැවති බෞද්ධ සාරධර්ම යළි ඇති කරමින් බෞද්ධ අධ්‍යාපනයට පුනර්ජීවයක් ලැබීමට මහෝපකාරී වූයේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ වීමයි. එම සංගමය මගින් මුලින්ම ආරම්භ කරන ලද පරමවිඥානාර්ථ බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. එය 1886 ආරම්භ වූ අතර 1887 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයද 1888 දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරැණු අතර 1909 දී ඇත්කද රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදි. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ. මලියදේව විද්‍යාලයේ අද දවස කුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2020) සිසුන් 5000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර Mr.Ranjith Jayasudara විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 300 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි.2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය. පාසැල් ගීය පායන සඳ අඹරේ ආ.... පායන සඳ අඹරේ ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව් පාසල් මාතා අපේ ආ.... පායන සඳ අඹරේ බේදා ආගම් කුළ මල ඈ නොතකා එක සේ සතර බෙදා // ශාස්ත්‍ර කළා සැම විද්‍යා // දත් මහ පඬුවන් බිහි කරවා දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා පායන සඳ අඹරේ ආ.... පායන සඳ අඹරේ ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව් පාසල් මාතා අපේ නිවාස විද්‍යාලීය සියලුම සිසුන් නිවාස හතරකට බෙදා ඇත. එම නිවාස වලට බෙදනුයේ විද්‍යාලයට සිසුවෙකු ඇතුලත් වන විට ලබාදෙන ඇතුලත් වීමේ අංකය හතරෙන් බෙදා ලැබෙන ශේෂය අනුව වර්ග කිරීමෙන්ය. Houses: – තිස්ස – ගැමුණු – පරාක්‍රම – රාජසිංහ මෙම නිවාස වල නම් ශ්‍රීලංකාවේ පැරණි ශේෂ්ඨ රජවරැන්ගේ නම්ය. සෑම වසරකම විද්‍යාලයේ පවත්වනු ලබන විවිධ ක්‍රීඩා තරග වලින් ඉහලින්ම ජයග්‍රහණය ලබාගන්නා නිවාසයට නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ථ ජයග්‍රහණය හිමිවේ. Battle of the Rocks Battle of the Rocks (Maliyadeva vs St. Anne's), මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයයි. එක් දින ක්‍රිකට් තරගයක් ද පවත්වනු ලැබේ.මෙම ක්‍රිකට් තරගය කුරුණෑගල නගරයේ වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. Clubs and societies Archery* Astronomical Society Birds Observation Circle Brass Band Buddhist Association Cadets Troop Commerce Society Debaters' Forum Devan's Heritage Club English Literary Association Globe Club Information and Communication Technology Society Interact Club Media Unit Oriental Music Society Peace Mission Circle Philatelic Society Photographic Association Quiz Club Red Cross Society Science Society Scout Group Sinhala Literary Association UNESCO Society Western Band Western Music Society Young Inventor's Society විදුහල්පති නාමාවලිය විශේෂ ආදි සිසුන් Major General Sarath Munasinghe RWP,RSP,USP- Former Deputy Speaker of Parliament and Former Commander Security Forces Headquarter Jaffna. Major General Sunil Thennakoon - Former Commander Security Forces Headquarter Jaffna and Military Spokesman Major General Asoka Thoradeniya -Provost Marshal and Colonel Commandant of the Sri Lanka Corps of Military Police, Chairman of Srilanka Petrolium. Major General V.R De Sliva RSP,USP,NDU,IG-commissioner of prisons Major General Upali Edirisinghe -Commander Security Forces-Wanni Major General Daya Rathnayake RWP,RSP,USP,NDU,PSC-Formar Army Commander Group Captain Priyantha Gunasinghe RSP,MSC,PSC,QFI-Base Commander of Srilanka Air Force Anuradhapura. Mr. Lakshman Hulugalle - Director General, Media Centre for National Security – Sri Lanka. Mr.S.B Navinna-A Minister of Parliment. Mr. T.Bbvyaka - A Minister of Parliament. Mr Athula wejesinghe - Chief Minister of North Western Province Council Hon. Nimal Gamini Amaratunga - Supreme Court judge. Prof.Indrakeerthi Siraweera - Prominent historian and the Vice chancellor of Rajarata University of Sri Lanka. Mr.P.B Jyasundara- T.M. Jayarathne - A Prominent singer. Laksman Wijeseksre -A Prominent singer. Dr. Kamal Jayasinghe - Deputy Director, General Hospital(Teaching), Kurunegala, Sri Lanka. Mr. Chandra Jayasekera - A Prominent civil lawyer and president of the Bar Association of Kurunegala. Mr. G.B senanayake -A senior Lawyer and current president of the Bar Association of Kurunegala. Ranjith Madurusinghe - An International Test cricket player. Eric Upashantha - An International Test cricket player. Rangana Herath - Test Cricket captain. Jeewantha Kulathunga-International T20 Cricketer Wijaya kumaratunge who was navy officer consicrate his life on behalf of our mother land.(left school 1989) ආශ්‍රිත ලිපි මලියදේව බාලිකා විද්‍යාලය මලියදේව ආදර්ශ විද්‍යාලය මලියදේව රහතන්වහන්සේ අඩවියෙන් බැහැර පිටු | මලියදේව විද්‍යාලීය පාසල් ගීතය පාසල් - ශ්‍රී ලංකා රජයට පවරාදුන් පාසල් - ශ්‍රී ලංකා රජයට පවරාදුන් පරමවිඥානාර්ථ පාසල් රජයේ පාසල් - ශ්‍රී ලංකා
2596
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
ලෝකෝපකාරය
උපදේශාත්මක කාව්‍යය උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි. කතෘ ලෝකෝපකාරයේ කතෘ පිළිබඳ ව මත භේද පවතී. කාව්‍යයෙහි අග පෙනෙන, සිරි සර ගුණැති මහ තෙදින් නුවණින් පරසිදු ව සිටි සිරින් පිරි තොටගමු වෙහෙර වැඩ සිටි බොහෝ කල් හැර. කෙළවර කෙළෙ මෙ පොත පුර සත්‍ය සත වස පිරි සිටි පරපුර වණිජ කුල රණස්ගලු තෙර නමැති යතිදා. යන ගී දෙක අනු ව, මේ ලෝකෝපකාරය ශක වර්ෂ 1721 දී හෙවත් කිතු වර්ෂ 1799 දී තොටගමු විහාරයෙහි වැඩ විසූ රණස්ගල්ලේ සාමි යන නමින් ප්‍රසිද්ධ ව සිටි හිමි නමක විසින් කරන ලදැ යි යනු එක් මතයකි. ඒ මතය අනුව රණස්ගල්ලේ සාමීන් ශ්‍රී රාහුල හිමියන් ගේ ශිෂ්‍යයකු වන්නට ඇති බව ද කියති. ලෝකෝපකාරයෙහි භාෂාව හා රචනා රීතිය අනුව එය එසේ විය නොහැකි යැයි යන අනෙක් මතය අනුව මෙහි කතෘවරයා බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව සහ කව් ලකුණු මිණි මල් යන පොත ලියූ මහ නෙත් පා මූල වීදාගම මෛත්‍රෙය හිමියෝ ය. කෙසේ වුව ද නිශ්චය වශයෙන් කතෘවරයා කවරෙක් දැ යි දැන ගැනීමට මෙතෙක් පිටුවහලක් ලැබී නැත. අන්තර්ගතය සුදන ගුණ සහ දුදන නුගුණ, මවු පිය අගය, සුරා පානයෙහි ආදීනව, ශිල්ප ශාස්ත්‍රයෙහි වටිනාකම, සේවනය කළ යුත්තන් හා නොකළ යුත්තන් ආදී වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දහසක් උපදෙස් කාව්‍ය මාර්ගයෙන් සිත්හි තැන්පත් කරවන උපදේශ භාණ්ඩාගාරයක් බඳු මේ ලෝකෝපකාර කාව්‍ය අපේ බාල පරම්පරාවගේ ගුණ නුවණ දියුණු කර ඔවුන් යහ මඟ යැවීමට මහත් සේ උපකාර වනු නොඅනුමානය. ලෝකෝපකාරය නවමු මුනි සරණ 1 මුනිඳුට සරි කෙනෙක් තුන් ලොව ම නැති මුනි තුමකු මුත් අපමණ තරු රැසින් සඳට සරි තරුවක් නොමැති මෙනි. පදගතාර්ථය මුනි තුමකු මුත් - බුදුන් වහන්සේ කෙනෙකුම විනා ; මුනිඳුට - බුදුන් වහන්සේට; සරි කෙනෙක් - සමාන තැනැත්තෙක්; තුන් ලොව ම- තුන් ලෝකයෙහි ම; නැති - නැත්තාහ; අපමණ - ප්‍රමාණ කළ නොහැකි තරම් වන; තරු රැසින්-තාරකා රාශිය අතුරෙන්; සඳට - චන්ද්‍රයාට; සරි - සමාන වූ; තරුවක් - තාරකාවක්; නොමැති මෙනි - නැත්තාක් මෙන් ය. භාවය අප්‍රමාණ තාරකා රාශිය අතර චන්ද්‍රයාට සමාන වන තාරකාවක් නැත්තා මෙන්, බුදු රජාණන් වහන්සේ කෙනෙකු ම විනා අන් සම කෙනෙක් තුන් ලෝකයෙහි ම නැත්තා හ. 2 සමුදුර මෙර පොළොව තරු ද ලේ මස් හිසැ ’ ස දන් දුන් නොසරි වන කල ලොව බුදු බව් පතනුවෝ ළ තර වෙත්. පදගතාර්ථය දන් දුන් - දන් දුන්නා වූ ; ලේ මස් හිසැ’ස (ලේ හිස් මස් ඇස් ද) - ඇඟෙහි ලෙය ද හිස් ද මස් ද ඇස් ද; සමුදුර මෙර පොළොව තරු - (පිළිවෙළින්) සමුද්‍රයෙහි දිය කඳට ද, මහා මේරු පර්වතයට ද, මහා පෘථිවියට ද, තාරකාවලට ද; නොසරි වන කල - සමාන නොවන කල්හි; ලොව - ලෝකයේ; බුදු බව්- බුද්ධත්වය; පතනුවෝ - පතන්නෝ; ළ තර - දැඩි සිත් ඇත්තෝ ; වෙත් - වෙති. භාවය බුදු බව පතන්නා වූ බෝධි සත්ත්වවරු මහා සමුද්‍රයෙහි වතුරට වඩා ලේ ද මහ මෙරට වඩා හිස් ද පොළොවෙහි පස්වලට වඩා මස් ද අහසේ තරු වලට වඩා ඇස් ද දන් දුන් හෙයින් ලෝකයේ බුද්ධත්වය පතන්නෝ දැඩි සිත් ඇත්තෝ වෙති. 3 දහම් සිතු රුවනට වඩනා වතෙක් තුන් ලොව ම නැති දහම් සොඬ නරනිඳු ඉන් වද රකුසු කටට පැන්නේ ? පදගතාර්ථය දහම් සිතු රුවනට - ධර්මය නැමති චින්තා මාණික්‍යයට; වඩනා වතෙක් - වඩා වටිනා වස්තුවක්; තුන් ලොව ම - තුන් ලෝකයේ ම; නැති - ඇත්තේ නැත; දහම් සොඬ නරනිඳු - දහම් සොඬ රජ තුමා; රකුසු කටට - රාක්ෂයා ගේ කටට ; පැන්නේ - පිනූවේ ; ඉන් වද ? - ඒ නිසා නො වේ ද ? භාවය ධර්මය නැමති චින්තා මාණික්‍යයට වඩා වටිනා වස්තුවක් මේ මුළු තුන් ලෝකයේ ම නැත. - දහම් සොඬ රජ තුමා රකුසා ගේ කටට පැන්නේ ඒ නිසා නො වේ ද ? 4 වටු පැටි ව දෙ ගුරුන් නොනිවූ ළැවු ගිනි එනු බල බලා කළ සත් කිරි බෙලෙන් සිට වී ය ගං තෙරට පත් මෙන්. පදගතාර්ථය වටු පැටි ව - වටු පැටියකු ව ; දෙ ගුරුන් - දෙ මා පියන් ; නොනිවූ - නිවා නොදැම්මා වූ ; ළැවු ගිනි - ළැවු ගින්නක් හෙවත් කැළෑවෙහි හට ගත් ගින්නක් ; එනු බල බලා - එනවා බල බලා ; කළ - කළා වූ ; සත් කිරි බෙලෙන් - සත්‍ය ක්‍රියා බලයෙන්; ගං තෙරට - ගංගා තීරයට ; පත් මෙන් - පත් වූවා ක් මෙන් ; සිට වී ය - නැවැත්වී ය. භාවය වටු පැටියකු ව ඉපදුණා වූ බෝධි සත්ත්වයන් වහන්සේ දෙ මා පියන් විසින් නොනිවන ලදු ව, තමා ඉදිරියට එමින් තිබුණු කැළෑ ගින්න දෙස බලා, තමා ගේ සත්‍ය ක්‍රියාවෙහි ආනුභාවයෙන් එම ගින්න ගං ඉවුරට පැමිණියාක් මෙන් නතර කර දැමී ය. 5 මනා වන විදුවක් අවිදුන් මැදෙහි පාන අවියත් අඳ දන හට දපණ ඔවුන් වත බලන්නට දෙනු වැනි. පදගතාර්ථය මනා වන විදුවක් - යහපත් වූ විද්‍යාවක් හෙවත් ශාස්ත්‍රයක්; අවිදුන් මැදෙහි - නූගත් ජනයා මැද ; පාන අවියත් - දක්වන්නා වූ මෝඩ තැනැත්තා ; අඳ දන හට - අන්ධ ජනයා ට ; ඔවුන් වත - ඔවුන් ගේ මුහුණු ; බලන්නට - බලා ගැනීම සඳහා; දපණ දෙනු වැනි - දර්පණයක් හෙවත් කන්නාඩියක් දෙන්නකු හා සමාන ය. භාවය නූගත් ජනයා ඉදිරි පිට මනා විද්‍යාවක් හෙවත් ශාස්ත්‍රයක් ප්‍රකාශ කරන මෝඩ තැනැත්තා, අන්ධ ජනයා ට - ඔවුන් ගේ මුහුණු බලා ගැනීම පිණිස කන්නාඩියක් දෙන තැනැත්තකුට සමාන ය. සිංහල ජනකවි
2608
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA
පරිගණක මොනිටරය
පරිගණක මොනිටරය පරිගණකය භාවිත කරන්‌නාට‌ දැකගැනීම පිනිස ‍තොරතුරු ‍පෙන්‌වන ‍කොටසයි. එය රූපවාහිනියක පෙනුම ඇති ‍කොටසක් හෝ බහුමාධ්‍ය ප්‍රක්‌‍ශෙපකයක්‌ විය හැකියි. දැන් LCD හා LED නමි නවීන තිර වර්ගයක් ද භාවිතා ‍ෙවයි. නිෂ්පාදකයෝ Acer AOC ඇපල් ඉන්කෝපරේෂන් Asus Belinea BenQ Chimei ඩෙල් Eizo Gateway හෙව්ලට් පැකාඩ් HannStar Display Corporation IBM Iiyama Corporation Kogan Technologies LG NEC Philips Planar Systems Samsung Sceptre Incorporated Sony Toshiba Tyco Electronics ViewSonic Wortmann Zalman පරිගණක දෘඩාංග පරිගණක විද්‍යාව
2610
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%84%E0%B6%BD
සිනමාහල
සිනමාහල (Movie theater)
2616
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1
වියුණු සටහන
වියුණු සටහන හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත. බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ . මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත. මූලාශ්‍ර සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන් slmusics.com - blog සයිබර් හිරු Hiru gossip lanka Geek Kuppiya
2620
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
පරිගණක විද්‍යාව
පරිගණක විද්‍යාව හා ආශ්‍රය වන්නේ තොරතුරු හා ආගණනයෙහි සෛද්ධාන්තික පදනම් සහ ඒවා‍යේ ක්‍රියාත්මක කිරීම් සහ උපයෝගයෙහි ප්‍රායෝගික ශිල්ප ක්‍රම වේ. පරිගණක විද්‍යාව යනු තොරතුරු සහ පරිගණනය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයකි. පරිගණන පද්ධති හා ක්‍රම ශිල්ප, සැලසුම් ක්‍රම ශිල්ප, ඇල්ගොරිතම් (පියවර ක්‍රම‍වේද) සහ සංකල්ප පරීක්ෂා කිරී‍මේ ක්‍රම, විද්යාත්මක පරිගණනය, විශ්ලේෂණ හා තහවුරු කිරීමේ ක්‍රම ශිල්ප යන විෂය කොටස් මෙයට ඇතුළත් වෙයි. පරිගණක විද්‍යාව (හෝ සංඛ්‍යාන විද්‍යාව) යනු තොරතුරු හා පරිගණකකරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනයයි. පරිගණක විද්‍යාවේ උප ඒකක බොහොමයක් ඇත. සමහරක්, විශේෂිත ප්‍රතිඵලවල පරිගණනය මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටලුවල ගුණවලට අදාළ වේ. (පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය , Computational Complexity theory වැනි දේ) තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර පරිගණක ක්‍රමලේඛ මගින් පරිගණක ගැටලු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත. ඉතිහාසය පරිගණක විද්‍යාවේ ඉතිහාසය ආරම්භවන්නේ විසිවන සියවසේ මතුවූ නූතන පරිගණක විද්‍යාවට බොහෝ කාලයක් පෙරය. යාන්ත්‍රික නිපැයුම්වල දියුණුව හා නූතන සංකල්ප හා යන්ත්‍ර කෙරෙහි වූ ගණිතමය සිද්ධාන්ත , විශාල අධ්‍යාපනික ක්ෂේත්‍රයක් හා ලොව පුරා ව්‍යාප්ත අතිශය විශාල කර්මාන්තයක පදනම ඇතිකරලීය. දායකත්වයන් පරිගණක විද්‍යාව විධිමත් ශාස්ත්‍රීය පුහුණුවක් සේ ඊට සාපේක්ෂව කෙටි ඉතිහාසයක් තිබියදීත් විශාල ප්‍රමාණයෙන් විද්‍යාවට හා සමාජයට මුලික දායකත්වයන් ලබා දී තිබේ. ඒවා නම් , පරිගණක විද්‍යාව තුළ යෙදීම් සංඛ්‍යාත්මකව නොවිසදිය හැකි හා හික්මිය නොහැකි ගැටළු ආගණනයේ විධිමත් අර්ථ දක්වීම හා ගණනය කිරීමේ හැකියාව මගින් ඔප්පු කර ඇත. ඇදගැනීමේ ක්‍රමවේද තොරතුරුවල විවිධාකාර මට්ටම්වල සියුම්භාව ප්‍රකාශයට වූ මෙවලමකි. වැඩසටහන් ලිවීමේ භාෂාවේ සංකල්පය. සංගණකයෙන් බාහිර යෙදීම වර්තමාන තොරතුරු යුගයට හා අන්තර්ජාලයට මග පෙන්වමින් සංඛ්‍යාංක විප්ලවය ප්‍රාණවත් කරවීය. ගුප්ත ලේඛණ ලියන / කියවන කලාවේ දී දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර ජයග්‍රහණයට එනිග්මා යාන්ත්‍ර බිද දැමීම ඊට වැදගත් සාධකයක් සේ දායක ‍විය. විද්‍යාත්මක පරිගණක මිනිස් ජාන ද්‍රව්‍ය ව්‍යාපෘති සමග මිනිස් ජාන ද්‍රව්‍ය අනුරූපණය කිරීම හැකිවීම හා සිතෙහි ඉදිරියට පැමිණ අධ්යයනයන්ට ශක්තියක් විය. ප්‍රෝටීන නැම්මේ ස්වගවේෂණ නැමීම වැනි පරිගණක ව්‍යාපෘති බෙදා හැරිණි. ඇල්ගොරිතමය වෙළදාම් කිරීම, කෘතීම බුද්ධිය, යන්ත්‍ර ඉගැන්වීම් හා වෙනත් විශාල ප්‍රමාණ‍යන්ගෙන් වූ සංඛ්‍යාත / සංඛ්‍යාත්මක තාක්ෂණයන් භාවිතයෙන් මූල්‍ය වෙළද පොළවල්වල ද්‍රවශීලතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත. නිරුක්තිය පරිගණක විද්‍යාව යන නමින් හැදින්වුව ද මෙයින් සැළකිය යුතු ප්‍රමාණයක් පරිගණක පිළිබද අධ්‍යයනයට ඇතුළත් නොවේ. මේ නිසා වෙනත් විකල්ප නම් කිහිපයක් යෝජනා වී ඇත. ඩෙන්මාර්ක ජාතික විද්‍යාඥයා පීටර් නෝර් (Peter Naur)ඩේටා ‍ලොජි යන වදන යෝජනා කළ අතර එමගින් පරිගණක සම්බන්ධව නොව දත්ත හා දත්ත සමග වැඩ කිරීම සමග බැදී ඇති විද්‍යාත්මක ශික්ෂණය වඩාත් මතු කර දක්වයි. මෙම වදන භාවිතා කළ ප්‍රථම විද්‍යාත්මක ආයතනය වූයේ 1969 දී ආරම්භ කරන ලද කෝපර්හේගන් විශ්ව විද්‍යාලයේ ඩේටා ලොජි දෙපාර්තමේන්තුවයි. එහි ඩේටා ලොජි සම්බන්ධ ප්‍රථම මහාචාර්යවරයා වූයේ පීටර් නෝර්ය. මෙම වදන වැඩිපුර භාවිතා කරන්නේ ස්කැන්ඩිනේවියානු රටවලය. මුල් කාලයේ දී පරිගණක යෝජනා කරන ලදී. ටූරින්ග්ජිනියර් (turingineer) ටියුරොලොජිස්ට් (turologist) , ගැලීම් සටහන්කරු (floq – charts – man) ව්‍යවහාරික මෙටා ගණිතඥයා (Applied meta – mathematician) හා ව්‍යවහාරික ඉපිස්ටොමොලොජිස්ට් (Applied epistemologist) වැනි යෙදුම් ඒ අතර ‍වේ. තුන් මසකට පසු එම ජර්නලයේම කොම්ප්ටොලොජිස්ට් (comptologist) යන්න යෝජනා කර තිබිණි. ඊළග අවුරුද්දේ හයිපොලොජිස්ට් (hypologist) ලෙස යෝජනා කෙ‍රිණි. වර්තමානයේදී කම්පියුටිකස් (compatics) යන්න යෝජනා වී ඇත. යුරෝපයේ වඩාත්ම භාවිතා වන වදන වන්නේ ඉන්ෆොමැටික් (Informatic) යන්නයි. ප්‍රවීන පරිගණක විද්‍යාඥ එඩ්ස්ගර් ඩික්ස්ට්‍රා (Edsger Dijkstra) කියා සිටින්නේ “තාරකා විද්‍යාව දුර දක්න ගැන නොවන ලෙසට පරිගණක විද්‍යාව ද පරිගණක ගැන නොවේ” යන්නය. පරිගණක හා පරිගණක පද්ධති සැලසුම් කිරීම හා ඒවා ප්‍රයෝජනවත් ලෙස සේවයෙහි යෙදවීමට පරිගණක විද්‍යාවේ කොටස් ලෙස නොසැලකේ. උදාහරණයක් ලෙස පරිගණක දෘඩාංග පිළිබඳ අධ්‍යයනය පරිගණක ඉංජිනේරු විද්‍යාවේ අංශයක් ලෙස සැලකෙන අතර වාණිජ පරිගණක පද්ධති හා ඒවා සේවයේ යෙදවීම පිළිබද අධ්‍යයනය තොරතුරු තාක්ෂණය හෝ හෝ තොරතුරු පද්ධති ලෙස හැදින්වේ. අවශ්‍ය තරම් විද්‍යාත්මක නොවේ යයි සමහරක් විට පරිගණක විද්‍යාව විවේචනයට ලක්වේ. ස්ටැන් කෙල් බුටල් (Stan Kelly – Bootle) ගේ පහත වාක්‍ය එම අදහස තවදුරටත් සනාථ කරයි. “පරිගණක විද්‍යාවට විද්‍යා ජලනල එළීමට තරල ගතිකය මෙන්ය” කෙසේ නමුත් පරිගණකයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර අතර බොහෝ අදහස හුවමාරු වීම් සිදුවී ඇත. පරිගණක විද්‍යා පරීක්ෂණ , ප්‍රජානන විද්‍යාව,ආර්ථික විද්‍යාව , ගණිතය , භෞතික විද්‍යාව (ක්වොන්ටම් පරිගණනය බලන්න) හා වාග් විද්‍යාව වැනි ‍අනෙකුත් ක්ෂේත්‍ර සමග ද ඡේදනය වේ. සමහරුන් පරිගණක විද්‍යාව අනෙකුත් සියලු විද්‍යාත්මක ක්ෂේත්‍රවලට වඩා ගණිතය සම්බන්ධ ලෙස සලකනු ලැබේ. මුල් කාලීන පරිගණක විද්‍යාවට කර්ට් ගෝඩෙල් (Kart Godel) හා ඇලන් ට්‍යුරින්ග් (Alan Turing) වැනි ගණිතඥයන්ගේ වැඩ කටයුතු වලින් විශාල බලපෑමක් එල්ල වූ අතර ගණිතමය තර්කනය , ප්‍රවර්ග කිරීමේ සිද්ධාන්තය (domain) , වසම පිළිබඳ සිද්ධාන්තය හා වීජ ගණිතය යන අංශවලදී ක්ෂේත්‍ර දෙක අතර ප්‍රයෝජනවත් අදහස හුවමාරුවක් සිදු විණි. පරිගණක විද්‍යාව හා මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව අතර සම්බන්ධය මතභේදනයට තුඩු දෙන කරුණක් වන අතර “ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව” යන පදයෙන් අදහස් වන දෙය හා පරිගණක විද්‍යාවේ අර්ථ දැක්වීම ගැන ඇති වාදය නිසා මෙය තව දුරටත් උත්සන්න වී ඇත. ඩේවිඩ් පර්නාස් (David Parnas) අනෙකුත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍ර අතර ඇති සබඳතාවයන්ගෙන් ඉගියක් ගෙන පරිගණක විද්‍යාවේ ප්‍රධාන අරමුණු පරිගණකයේ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය බවත් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ ප්‍රධාන අරමුණ ප්‍රායෝගික අරමුණු සාක්ෂාත් කර ගැනීමට විශේෂ පරිගණක සැළසුම් කිරීම බවත් ප්‍රකාශ කළ අතර එමගින් මෙම අංශ දෙක එකිනෙකින් වෙන්වූ නමුත් අනුපූරක අංශ 2ක් බවට පත් කරන ලදී. පරිගණක විද්‍යාවේ අධ්‍යාපනික , දේශපාලනික හා මූල්‍යමය පැතිකඩවල ආරම්භය එක්සත් ජනපදයේ පිහිටුවන ලද ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය පිළිබද ආයතනයක් හා බැදේ. සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරු ශිල්පය මත පදනම් වු පරිගණක විද්‍යා දෙපාර්තුමේන්තු , පරිගණක විද්‍යා හෝ හා / හෝ ඉංජිනේරු ශිල්ප දෙපාර්තමේන්තු ලෙස සාර්ථක වීමේ ප්‍රවණතාවක් පවතී. ගණිතය පිළිබද විශේෂතාවයක් ඇති හා සංඛ්‍යාමය හැඩ ගැසීමක් ඇති පරිගණක විද්‍යා දෙපාර්තමේන්තු පෙළ ගස්වන ලද පරිගණක විද්‍යාව පිළිබද සැලකිල්ලක් දක්වයි. දෙපාර්තමේන්තු වර්ග 2කට අධ්‍යාපනික අතින් කේෂ්ත්‍ර දෙක යා කිරීමට උත්සාහ ගනී. එසේ නොවුණ හොත් පර්යේෂණ හරහා එය සිදු කෙරේ. පරිගණක විද්‍යාවේ ක්ෂේත්‍ර පරිගණක විද්‍යාව වැඩි අවධානයක් ගන්නා පරිගණක පද්ධති විස්තර කිරීමට සංකල්ප හා විධිමත් සාක්ෂි සොයයි. ඉන්පසු අනෙකුත් විද්‍යාවලදී මෙන්ම මෙම සිද්ධාන්ත අධ්‍යයනය කිරීම හා විශ්ලේෂණය කිරීමට නව පද්ධති යෝජනා කරන ප්‍රායෝගික ඉංජිනේරු යෙදුම් නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක. තවද, පරිගණක විද්‍යාව විවිධ ක්ෂේත්‍රවලට බෙදීම ACM පරිගණක වර්ගීකාරක පද්ධතිය යොදා ගත හැක. වඩාත් විස්තර සහිත බෙදීමක් මෙලෙස වේ. පරිගණක විද්‍යා අධ්‍යාපනය සමහර විශ්ව විද්‍යාවල සංඛ්‍යාතය හා ඇල්ගෝරිතම් තර්ක සිද්ධාන්ත අධ්‍යයනයක් ලෙස උගන්වයි. අනෙක් ඒවා අතරින් සංඛ්‍යානය සිද්ධාන්ත , ඇල්ගෝරිතම් විශ්ලේෂණ , විධිමත් ක්‍රම , සංගමන ක්‍රම, දත්ත සමූදායන් , පරිගණක චිත්‍රක හා පද්ධති විශ්ලේණවල ලක්ෂණයන් ලෙස තවදුරටත් මෙම වැඩසටහන් පවතී. එසේම ඔවු‍න් පරිගණක වැඩ සටහන්කරණය ද උගන්වන නමුත් එය උසස් අධ්‍යාපනය පිළිබඳ අවධානයකට වඩා පරිගණක විද්‍යාවේ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා උපකාර කිරීමේ වාහකයෙකු ලෙස වූ ප්‍රතිකර්මයකි. වෙනත් විද්‍යාල හා විශ්ව විද්‍යාලවල වගේම ද්විතීක පාසල්වල හා රැකියා පුහුණු වැඩසටහන්වල පරිගණක විද්‍යාව උගන්වන අතර ඇල්ගෝරිතම් ප්‍රමේයයන් හා සංඛ්‍යාතයන්වලට වඩා උසස් පරිගණක වැඩසටහන්වල ප්‍රායෝගික භාවිතා ලෙස පරිගණක විද්‍යාව උගන්වනු ලැබේ. එවැනි ඉගෙනීමේ ක්‍රම පරිගණක මෘදුකාංග කර්මාන්තයට ඇතුල්වීම සඳහා දක්ෂතා ඇති කිරීමට වැදගත් වේ. පරිගණක විද්‍යාවේ ප්‍රායෝගික දෘෂ්ටිය තවදුරටත් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හා බැඳී පවතී. කෙසේ නමුත් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යනු කිනම් වර්ගයක් ද? ඇත්ත වශයෙන්ම එය මෘදුකාංග ක්‍රමලේඛනය හා සමාන දෙයක්ද යන්න පිළිබඳ විසංවාදයන් පවතී. පරිගණක විද්‍යාව
2648
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
ඇසෙම්බ්ලි භාෂාව
හැදින්වීම ඇසෙම්බ්ලි භාෂාව යනු පරිගණක ක්‍රමලේඛන ලිවීමට භාවිතා කරන ප්‍රාථමික මට්ටමේ පරිගණක භාෂාවකි (Low Level Language -LLL). මෙහි කෙටි යෙදුම asm ලෙස භාවිතා කරයි.අැසෙම්බ්ලි පරිගණක භාෂාව මූලික වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධති හෝ එවැනි වැඩසටහන් ලිවිය හැකි උපාංග සඳහා වැඩසටහන් සකස් කිරීමට භාවිතා කරනු ලබයි. බොහෝ උසස් ගණයේ පරිගණක භාෂා (High Level Languages-HLL) සඳහා අර්ථ වින්‍යාසක ( Interpreter ) හෝ සම්පාදක ( Compiler ) අවශ්‍ය වේ. එයට හේතුව වන්නේ එම පරිගණක භාෂාවන් සංකේතමය පරිගණක භාෂා වීමයි.එනම් 1010 වැනි ද්විමය කේත අඩංගු යාන්ත්‍ර භාෂා නොවන නිසා ඒවා උපාංග වලට සෘජුවම ක්‍රියාත්මක කරවිය නොහැකි නිසා එවැනි භාෂා වෙනත් යෙදවුමක් හරහා යාන්ත්‍ර භාෂාවට හැරවීමට ඉහත කී දෙවර්ගයේ යෙදවුම් අවශ්‍ය වේ.ඒ අනුව අැසෙම්බ්ලි භාෂාව ද සංකේතමය පරිගණක භාෂාවක් වේ.නමුත් අැසෙම්බ්ලි භාෂාව යාන්ත්‍ර භාෂාවට හැරවීමට භාවිතා කරනුයේ අැසෙම්බ්ලර් ( Assembler ) නම් යෙදවුමයි. අැසෙම්බ්ලි භාෂාව බොහෝ විට අදාළ උපාංගයේ නිර්මිතය අනුව එහි අැති ක්ෂුද්‍ර සකසනයේ විවිධ රෙජිස්තර ( PC Registers ) හා ආරම්භය භාවිතය බාහිර පුරුක් http://s.dasun.googlepages.com/assembly.html Assembly Tutorials ඇසෙම්බ්ලි භාෂාවට උදව් ඇසෙම්බ්ලි භාෂාව ක්‍රමලේඛණ භාෂා පරිගණක භාෂා pl:Asembler#Język asemblera පරිගණක විද්‍යාව
2653
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8
විකිමීඩියා පදනම
විකිමාධ්‍ය පදනම () යනු ඇමෙරිකානු ලාභ නොපතන සංවිධානයකි (nonprofit organization). මූලාශ්‍ර භාහිර සබැඳි නිල වෙබ් අඩවිය (wikimediafoundation.org) Wikimedia site navigation (wikimedia.org) 2003 establishments in Florida 501(c)(3) organizations Charities based in California Educational foundations in the United States Free software project foundations in the United States Jimmy Wales Non-profit organizations based in San Francisco Online nonprofit organizations Organizations established in 2003 Wiki communities
2656
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%20%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD
දත්ත සංචිත
දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද (computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ. ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, Microsoft SQL server, Oracle, Microsoft Access සැලකිය හැකිය. දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු (files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය. භාහිර සබැඳි DB File extension – information about files with the DB extension දත්ත ඉතිහසය
2660
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B6%B1
ව්‍යසන
ව්‍යසනයක් යනු ස්වභාවික හෝ මිනිසා විසින් ඇති කරන හෝ හදිසියේ සිදුවන හෝ ක්‍රමයෙන් වර්ධනය වන හෝ හානිදායක සංසිද්ධියකි.මෙයින් බලපෑමට ලක්වන ජනතාවට ජිවිත හානි හෝ අනතුරු සිදුවන අතර පරිසරයට හා දේපල වලටද හානි සිදු වේ. මෙමගින් ඇති වන හානිය සාමන්‍යයෙන් පවතින මානව, භෞතික සහ මුල්‍ය සම්පත් මගින් කළමනාකරණය කල නොහැකි තරම් විශාල වේ. ව්‍යසන වර්ගීකරණය ස්වභාවික ව්‍යසන ගංවතුර නායයෑම සුළිසුලං ගිනිගැනීම ගොඩනැගිලි කඩාවැටිම් ? වල් අලි පහරදීම් ? නියඟය වසංගත භූමිකම්පා ගිනිකඳු පිපිරිම් මුහුද ගොඩගැලිම් මහා වසංගත මිනිසා විසින් ඇති කල ව්‍යසන කැරලි කෝලාහල විෂවායු කාන්දුවිම් දුම්රිය අනතුරු හදිසි අනතුරු බෝම්බ පිපිරිම් යුද්ධය ව්‍යසන කළමනාකරණයේ මුලික අංග A) ව්‍යසන අවම කිරිම ( Disaster Mitigation) B) ව්‍යසන සදහා පෙර සූදානම ( Disaster Preparedness) C) ව්‍යසන ප්‍රතිචාරය ( Disaster Response) C-a ) අනතුරු හැඟවිම හා ගලවා ගැනිම (Warning & Evacuation) C-b) හදිසි ප්‍රතිකාර හා අත්‍යවශ්‍ය සේවා ( Early treatment & Essentials) C-c) පුනරුත්ථාපනය සහ යථාකරණය (Rehabilitation & Normalization ව්‍යසන
2669
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92
ඇසෙම්බ්ලි
ඇසෙම්බ්ලි යන්නෙන් පහත දෑ හැඳින්විය හැක: දේශපාලන නිෂ්පාදනය Computing ඇසෙම්බ්ලි භාෂාව .NET ඇසෙම්බ්ලි සංගීතය විද්‍යාව තවද බලන්න
2688
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%8A%20%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%20%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%20%28%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%20%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%29
රෙඩ් හැට් එන්ටප්‍රයිස් (ලිනක්ස් බෙදා හැරීම)
රෙඩ් හැට් එන්ටප්‍රයිස් (ලිනක්ස් බෙදා හැරීම) Red Hat Enterprise Linux අඩවියෙන් බැහැර පිටු - RELEASE-NOTES සිංහලෙන් (http://ftp.pslib.cz/pub/linux/redhat/beta/RHEL5-Beta2/server/i386/os/RELEASE-NOTES-si.html) - RELEASE-NOTES සිංහලෙන් (http://ftp.pslib.cz/pub/linux/redhat/beta/RHEL5-Beta2/server/x86_64/os/RELEASE-NOTES-si.html) ලිනක්ස් බෙදා හැරීම් රෙඩ් හැට්
2690
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9D
මහින්ද තෙරණුවෝ
මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (; Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. ඓතිහාසික මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ. චරිතාපදානය මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්. මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත. වැදගත්කම හා උරුමය මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක අමතරව බුද්ධාගම - ශ්‍රී ලංකා තිස්ස රජ සහ දේවානම්පිය තිස්ස රජ ආශ්‍රේය බාහිර ඈදුම් Mahinda Thera The arrival of Buddhism in Sri Lanka The Birthplace Buddhism in Sri Lanka Historical Buddhist details of Sri Lanka Buddhism, The Buddha and what are His Teachings? ශ්‍රී ලාංකික භික්ෂූහූ ඉන්දියානු බෞද්ධයෝ මෞර්ය අධිරාජ්‍යය ශ්‍රී ලංකාවේ බුද්ධාගම රජ නොවුනු රාජකීයයන් මිහින්තලය
2701
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD
පිදුරුතලාගල
පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද මෙකී ස්ථානය වැදගත් වේ .ඒවා , බදුල්ල සිතියම නුවරඑළිය සිතියම ගම්පොල සිතියම හඟුරන්කෙත සිතියම එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද මේම කඳු මුදුනයි. යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත. මෙහි නැරබීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මගින් පාලනය වේ. මෙම කදු වලල්ල දිවියන් බහුල ප්‍රදේශයකි. කඳු - ශ්‍රී ලංකාව
2702
https://si.wikipedia.org/wiki/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
ධර්මරාජ විද්‍යාලය
ධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන පෙලේ පිරිමි බෞද්ධ පාසලකි. අවුරුදු 135 වසරකට වඩා පැරණි ඉතිහාසයක් ඇති ධර්මරාජ විද්1887ය 1887 දි සර් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම විද්‍යාලය විලියම් ගොපල්ලව, ටී.බී.තෙන්නකෝන්, ඊ.ඒ.ගුණසිංහ, විමලරත්න කුමාරගම මහත්වරුන් ප්‍රමුඛ දස දහස් ගණනක පුරවැසියන් මෙලොවට බිහිකලාය. අක්කර 54 කට ආසන්න භූමි ප්‍රදේශයක කදුගැටයක් ද අත්කරගනිමින් ධර්මරාජ විද්‍යාලය පිහිටා ඇත. 1913 වසරේ පිහිටුවන ලද ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම ලොව පැරණි සහ කීර්තිමත් බාලදක්ෂ සමූහයන්ගෙන් එකකි. ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලද පාසල් අතරින් එකක් ලෙසද එය හැදින්විය හැකි ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් බදවා ගැනීමේ දී වැඩි ම ඉල්ලුමක් ඇති පිරිමි පාසල් දෙක අතර එය නිරන්තර ව රැදී සිටී. ඉතිහාසය වසර 135 ක සාඩම්බර අතීතයකට උරුමකම් කියන මහනුවර ධර්මරාජ විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල්වලින් එකකි. 1887 ජුනි 30 දින අරඹන ලද ධර්මරාජ විද්‍යාලය බුදුන්වහන්සේ ව සිහිපත් කරවමින් ධර්මරාජ යනුවෙන් නම්කරන ලදී. ධර්මරාජ විද්‍යාලය පිහිටුවන ලද්දේද ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමේ ලා පුරෝගාමී ව කටයුතු කළ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සමාරම්භකයාද වු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ය. බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පියවරුන් අතර 1873දී පැවැත්වුණු පානදුරාවාදයෙහි මුද්‍රණයක් කියැවීමෙන් බුදුදහම කෙරෙහි උපන් ඇල්මෙන් යුතු ව හෙතෙම ලක්දිවට සැපත් විය. ඔහු විසින් පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවන් පිළිවෙළින් කොළඹ, මහනුවර සහ ගාල්ලේ පිහිටුවන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, දොඩන්දූවේ පියරතන, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්ලානේ ධම්මාලෝක වැනි හිමිවරුන්ගේද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාතේ මුදලිවරයා වූ දොන් අගාරිස් දිවාකර මොහොට්ටිගේ වැනි කැපී පෙනුන ගිහි පුදගලයන්ගේ සහයද මෙහිලා ඔහුට ලැබුණි. සිංහල බෞද්ධයන්ගේ පිරිහීමට මූලික හේතුව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොමැති වීම බව ඕල්කට්තුමන් ප්‍රමුඛ පරමවිඥානාර්ථාවිදීන් විසින් හදුනා ගන්නා ලදී. මෙයට හොදම විසදුම ලෙස ඔවුන් දුටුවේ බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමයි. ඒ අනුව ධර්මරාජ, ආනන්ද, මලියදේව සහ මහින්ද වැනි පාසල් පිහිටුවන ලදී. 1887දී මහනුවරට පැමිණි ඕල්කට්තුමන් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසලක් පිහිටුවීමට සුමංගල හිමියන්ගේත් එවක මහනුවර මුදලිවරයා ව සිටි ඩී. එම්. අගාරිස්ගේත් සහය පතන ලදී. පැරණි රජමැදුරට මුහුණළා පිහිටි නාථ දේවාලයට යාබද බිම්කඩ විදුහල තැනීමට තෝරාගන්නා ලද නමුත් එහි තිබුණු බෝධි වෘක්ෂය ඊට බාධාවක් විය. එය කපා දැමීම බුදුදහමට නිගරු කිරීමක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව සැලකූ අතර අවසර ලබා නොදෙන ලදී. කෙසේනමුත් වඩුගොඩපිටියේ පුංචි කෝරාල එක් රාත්‍රියක එය රහසේ ම කපා ඉවත් කරන ලදී. ඉන්පසුව එම බිමෙහි ඉදිකරන ලද ධර්මරාජ විද්‍යාලය 1887 ජුනි 30 වන බ්‍රහස්පතින්දා විවෘත කරන ලදී. පාසල් - ශ්‍රී ලංකා රජයේ පාසල් - ශ්‍රී ලංකා රජයට පවරාදුන් පාසල් - ශ්‍රී ලංකා පැරණි ධර්මරාජ විද්‍යාලය
2710
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9A.%20%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1
වේ. පිරපාකරන
(Tamil: வேலுப்பிள்ளை பிரபாகரன், November 26, 1954) සම්පූර්ණ නම වේලුපිල්ලේ ප්‍රභාකරන්,පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන් ලෙසට ද ව්‍යවහාර කෙරෙන අතර වඩාත් ප්‍රචලිත නම ප්‍රභාකරන් ලෙසටය. වෙනත් නම් – තුරෙයි, තම්බි, කරිකාලන් උපන් දිනය – 1954 නොවැම්බර් 26 උපන් ස්ථානය – යාපනයේ වැල්වැටිතුරෙයි ලිපිනය – අංක 322, පේදුරු තුඩුව පාර, වැල්වැටිතුරෙයි. අධ්‍යාපනය ලැබූ පාසල – වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලය, සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇත. පාසල් සමයේ විනෝදාංශ - පොත් කියවීම ජූඩෝ හා කරාටේ ක්‍රීඩාව සරුංගල් ඇරීම මරණය - 2009 මැයි 18 පවුලේ විස්තර rr පියාගේ නම – තිරුවේන්කාදම් වේලුපිල්ලේ පියාගේ උපත – 1924 ජනවාරි සිංගප්පූරුවේදී මවගේ නම – වල්ලිපුරම් පාර්වතී සහෝදර සහෝදරියන් - වැඩිමල් සහෝදරයා - මනෝකරන් වේලුපිල්ලේ බිරිය – වනජාදේවි වැඩිමල් සහෝදරිය - ජෙගදීස්වරී සැමියා - මාතියාපරණම් දෙවෙනි සහෝදරිය – විනෝදනී සැමියා - රාසේන්දිරන් පියාගේ වෘත්තිය - සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ කටයුතු කර තිබේ. 1947 විවාහයෙන් පසුව ලංකාවට පැමිණ තිබේ. පසුව ලංකාවේ රජයේ ලිපිකරු සේවයේ යෙදී ඇති අතර අවුරුදු 58 දී විශ්‍රාම යන විට ඉඩම් නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ. බිරිය – මදිවදිනි විවාහය සිදුවූ දිනය – 1984 ඔක්තෝබර් 01 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී බිරියගේ පියා - වී. කේ. එරම්බු බිරියගේ මව - සින්නම්මා දරුවන් – 1 චාල්ස් ලූකස් ඇන්තනී (පුතා) උපත – 1985 – 04 - 18 ද්වාරගා (දුව) උපත – 1986 – 06 - 02 බාලචන්ද්‍රන් (පුතා) උපත 1996 – 01 – 10 කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම 1956 අගෝස්තු 16 - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇරඹීම 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම 1957 ඔක්තෝබර් 03 - ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීම 1958 ජනවාරි 19 - "ශ‍්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය 1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය. 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී. ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශය නම් කිරීම. මෙම ප්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. 1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීම. 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම. 1987 ජුලි 29 දින - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම 1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම 1987 ජුලි - ඉන්දියන් හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීම 2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම 2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම 2001 අප්‍රේල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම 2001 ජුලි - කටුනායක ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම 2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන් පළමු ඊලාම් යුද්ධය william dickcent was his right hand from 1999-2006. 1983- 1987 දක්වා - පළමු ඊලාම් යුද්ධය දෙවන ඊලාම් යුද්ධය 1990 - 1993 දක්වා - දෙවන ඊලාම් යුද්ධය තෙවන ඊලාම් යුද්ධය 1995 - 2002 දක්වා - තෙවන ඊලාම් යුද්ධය හතරවන ඊලාම් යුද්ධය 2006 සිට - හතරවන ඊලාම් යුද්ධය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත 1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ ලංගම බසයකට ගිනි තබති. 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි. 1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ය. 1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය. 1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි. එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය 1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම 1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි. දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම 1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම 1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම 1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම 1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළාම් යුද්ධ හතරක් ඇරඹීම කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි. 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි. 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය. 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි. ඊට පසු 2009 ජනවාරි 7 දා කොටි සංවිධානය තහනම් විය. ගුවන් කොටි බලකාය 2007 දි කොළඹ වරායේදි කොටි සංවිධානයේ ගුවන් යානා රැසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විනාශ කරන ලදි.( ශ්‍රී ලංකා ගුවන් හමුවේ එක් ගුවන් යානයක් පමනක් යොදා ගන්නා ලදි( මුහුදු කොටි බලකාය මුහුදු කොටි බලකා ප්‍රදාණියා ලෙස කටයුතු කරනු ලැබුවේ සුසෙයි. චාල්ස් ඇන්තනී බලකාය වැඩි විස්තර සඳහා කවුද මේ ප්‍රභාකරන් මූලාශ්‍ර
2713
https://si.wikipedia.org/wiki/2004%20%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA
2004 සුනාමිය
2004 ඉන්දියානු සාගර භූමිකම්පාව එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් UTC පැය 00:58:53ට ඉන්දුනීසියාවේ සුමාත්‍රාහී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා අපිකේන්ද්‍රයේ සිදුවිය. රිච්ටර් පරිමාණයට අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත වූ අතර මර්කලි තීව්‍රතා පරිමාණයට අනූව භූ කම්පාව IX (ප්‍රචණ්ඩ) මට්ටමේ භූ කම්පනයක් ලෙස අරුත් දැක්විණි. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය. 2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත්විය. එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසන අතුරින් එකක් ලෙසද සැළකේ. ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 36000 පමණ වේ. මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය. එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතර ඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුනි. භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි. ඒ අනූව ලෝක ප්‍රජාව විසින් අමෙරිකා ඩොලර් බිලියන 14 (2004) කට වඩා වැඩි සමස්ථ මානුෂීය අාධාර ප්‍රමාණයක් සුනාමියෙන් හානියට ලක්වූ රටවල් වෙත ලබා දෙමින් සිය සහයෝගය ලබා දීමට කටයුතු කොට තිබුණි. මෙම භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත විය. භූමි කම්පාව සහ සුනාමිය මේවාද බලන්න සුනාමි මූලාශ්‍ර 2004 ඉන්දියානු සාගර භූකම්පනය සහ සුනාමිය 2004
2721
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
නර්තනය
දේශීය නර්තන කලාව පුද පුජා ඇසුරෙන් බිහි වූ බව පිළිගත හැකිය. වර්තමානයේ වුවද විවිධ ශාන්ති කර්ම වල දක්‌නට ඇති නැටුම් එයට කදිම උදාහණයකි. උදාහරණයක් - කොහොඹාකංකාරිය ශ්‍රී ලංකාව බොහෝ පැරණි ශිෂ්ටාචාරයක්‌ ඇති රටකි. මීට වසර 2500 කට පමණ පෙර විජය නැමැති ඉන්දියානු රජ කුමාරයා සමග පැමිණි පිරිස ලංකාට පැමිණෙන විට කුවේණිය නම් යක්‍ෂ ගෝත්‍රික කාන්තාව කපු වියමින් සිටි බව මහවංශයේ සඳහන් වේ. එයින් පිලිබිඹු වන්නේ අතීතයේ සිටම අපේ රටේ රෙදි විවීම වැනි කර්මාන්ත කරවූ දියුණු ශිෂ්ට සම්පන්න ජන කොටසක්‌ වූ බවයි. අතීත කතා වලට අනුව විජය කුමරු පැම්ණීමට පෙර කාලවලදී පවා අපෙ රටේ නැටුම් ගැයුම් වැයුම් පැවති බව කියැවේ. විජය කුමරුගේ පැමිණීමෙන් පසු ඇතිවූ දියුණු ලාංකික සමාජය තුල විවිධ වකවානු වලදී දියුණු නැටුම් කලාවක්‌ පැවති බව අනාවරණය වේ. ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් ප්‍රධාන වශයෙන් ගත් කල ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් 3ක්‌ දක්‌නට ඇත. උඩරට නැටුම් සම්ප්‍රදාය පහතරට නැටුම් සම්ප්‍රදාය සබරගමු නැටුම් සම්ප්‍රදාය මේ ප්‍රධාන සම්ප්‍රදායන් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ නර්තන සම්ප්‍රදායන් වන අතර සම්පූර්ණයෙන්ම දේශිය සංස්‌කෘතියේ අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන විශේෂයන් ය. මේ නැටුම් සම්ප්‍රදායනට නම් ලැබී ඇත්තේ එම සම්ප්‍රදායන් ආරම්භ වූ හා වඩාත් ප්‍රචලිත ව පවතින ප්‍රදේශ හේතුවෙන් බව පෙනේ. උදාහරණයක්‌ ලෙස උඩරට නැටුම් කලාව වඩාත් ප්‍රචලිත මහනුවර ආසන්න ප්‍රදේශවල වන බැවින් එම සම්ප්‍රදායට උඩරට නැටුම් යෑයි පැවසේ. ඒ අනුව දකුණු පලාතේ ප්‍රාදේශියන් හි පහතරට නැටුමත්, රත්නපුරය ආශ්‍රිත ප්‍රදේශයන් හි සබරගමු නැටුමත් වේ. ඉහතින් සඳහන් ප්‍රධාන නැටුම් සම්ප්‍රදායනට අමතර තවත් විවිධ වූ (ප්‍රකට අප්‍රකට) විදේශීය අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන සම්ප්‍රදායන් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පලාත් වල ප්‍රචලිත ඉන්දීය සම්ප්‍රදායානුකූල භරත නාට්‍යම් නැටුම් සම්ප්‍රදායයි. උඩරට නැටුම් සම්ප්‍රදාය උඩරට නැටුම් කලාවේ මූලාරම්භය සොයන්නෙකුට එම නර්තනයේ යෙදෙන නැටුම් ශිල්පීන් අතර ප්‍රචලිත පුරාවෘත්ත කතා කෙරෙහි අවදානය යොමුකල යුතුවේ. මෙයට හේතුව වී ඇත්තේ ඒ කතා පුවත් හා උඩරට නැටුමේ ඇති නර්තන අංග හා ඇති සබඳතාවයන් හේතුවෙනි. මේ පුරාවෘත්ත කතා වලින් ඉතා වැදගත් කොට සැලකිය හැකි පඩුවස්‌ දෙව් රජුගේ දිවි දෝෂය පිලිබඳ කතා වස්‌තුව හා උඩරට නැටුම අතර මනා සබඳතාවයක්‌ පවතී.පඩුවස්‌ දෙව් රජුගේ දිවි දෝෂය සමනය කිරීමෙහි ලා පැවත්වූ ශාන්ති කර්මය අදටත් උඩරට නැටුම් ශිල්පියා විසින් පවත්වන කොහොඹා කංකාරී ශාන්ති කර්මය වේ.මෙරට අනෙකුත් ශාන්තී කර්මවලට වඩා වෙනස්‌ නර්තනය හා ගායන වාදනයට ප්‍රමුඛ ස්‌ථනයක්‌ ලබා දෙන ශාන්ති කර්මයකි කොහොඹා කංකාරි ශාන්ති කර්මය.පඩුවස්‌දෙව් කතා වස්‌තුවට අමතරව විජයාවතරණයට පෙර හා පසූ සිදුවූ විවිධ කතා වස්‌තූ උඩරට නැටුම් කලාව හා සබැඳේ. මෙසේ ආරම්භ වූ නැටුම් කලාව දිනෙන් දින සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකර ආශ්‍රිත ප්‍රදේශ වල උඩරට නැටුම් සම්ප්‍රදාය නමින් ප්‍රචලිත විය. උඩරට නැටුම් කලාව ප්‍රචලිත ප්‍රදේශ 1. සත්කෝරලය 2. සතරකෝරලය 3. දුම්බර 4. හේවාහැට 5. මහනුවර දිස්‌ත්‍රික්‌කය 6. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය 7. කෑගල්ල දිස්‌ත්‍රික්‌කය කොහොඹා කංකාරිය උඩරට නැටුමේ ප්‍රධාන ශාන්තිකර්මය වන අතර, ප්‍රධාන ඇදුම් කට්‌ටලය ( රංග වස්‌ත්‍රාභරණ ) වන්නේ, වෙස්‌ ඇදුම් කට්‌ටලයයි. ගැට බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වේ. පා සරඹ 12 ක්‌ හා ගොඩ සරඹ 12 කින් සැදුම් ලත් උඩරට නර්තනය අති රමණීය වන්නම් 18 කින්ද, වට්‌ටම් 4 කින්ද සමංවිතය.
2725
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%20%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
තස්ලිමා නස්රීන්
තස්ලිමා නස්රීන චරිතාපදානය ඇය ජගත් විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍රවූයේ මුස්ලිම් ලෝකයේ නොපනත් කම් ගැන ලියූ නිසාවෙනි. මෙම ග්‍රන්ථය ඇගේ මව් භාෂාව වූ බෙංගාලි බසින් ද හින්දි, මරාති, මලයාලම්, ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, ස්පාඤ්ඤ, ස්වීඩන්, අරාබි භාෂාවලින් ද පළවී තිබේ. ඈ ලියූ ග්‍රන්ථ අතර Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge) 1992 Nimontron (invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell him the Secret) 1994 Lajja (Shame) Forashi Premik (French love) යන ග්‍රන්ථ ප්‍රධාන වේ. ඇය තරම් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවූ රචිකාවක් සොයාගැනීම දුර්ලභය. ඇය අද ස්වීඩනයේ අප්‍රකට ජීවිතයක් ගතකරන්නේ ඇය මරා දැමීමට මුස්ලිම් අන්තවාදීන් තැත්කරන හෙයිනි. ඇය ලොව පහළවූ අභීත ලේඛිකාවකි. ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මේ කතුවරියන් තුළ තුබූ අභීත භාවයත් සමස්ත ධරණීතලයේ සුන්දරත්වය හා අසාධාරණ සංස්කෘතීන්වල සංඝට්ටනයත්, ආගමික හස්තයේ ක්‍රෑරත්වයත් පුරුෂාධිපත්‍යයේ නව මුහුණුවරත්, කාන්තා හදවතේ අසමසම සුන්දරත්වයත් වනන්නට සමත් උත්කෘෂ්ට ප්‍රතිභාව හා වජ්‍ර බුද්ධියත් සුළුකොට තැකිය නොහැකිය. මේ කතුවරියන්ගේ ආගමනයත් සමඟම ලෝකයේ පුරුෂයන් විසින් අත්කරගත් සාහිත්‍ය ක්‍ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් තමන් සතු කොට ගනිමින් සාහිත්‍ය හරහා පුරුෂයන් වැපිරූ ප්‍රෝඩාවේ ඊනියා සුන්දරත්වයට පහර දෙමින් නව වීමංශනාක්ෂියකින් වනිතාවන්ට ලෝකය දෙස බලන්නට අවස්ථාව ද චින්තනය ද උරුම කර දී තිබේ. කාන්තාව ඉතා දුර්වල සත්ත්වයෙකැයි කියන්නන්ට ද කාන්තාව සෑම පැත්තකින්ම පුරුෂයන්ට වඩා පහත් යැයි තර්ක කරන්නන්ට ද කාන්තාව ලිංගික කාර්යයේදී වඩාත් පහත් සත්වයෙකැයි පවසා ජුගුප්සාජනක කතා කියන්නන්ට ද නවාල් එල් සාදාවි හා තස්ලිමා නස්ලින් වැනි ලේඛිකාවන් මරු පහර එල්ල කොට ඒ අඥාන අතාර්කික මත සුණුවිසුණු කොට ඇත. සාහිත සටන් බිමේ මහ ගජනා ප්‍රහාර පුරුෂ පක්ෂය වෙනත් ආගමික සංස්කෘතික නෛතික බැමි වෙතත් එල්ල කළ ඇසිල්ලේ පුරුෂ පක්ෂය මේ අභීත කතුවරියත් ඝාතනය කිරීමට කැසකවමින් සිටියි. මේ නිසා සමහර අභීත කතුවරියන්ට සිරගෙවල්වල ලගින්නට ද මව්බිමින් එපිට වෙස්වළාගත් ජීවිත ගතකරන්නට ද සිදුවී තිබේ. කාන්තාව සැබෑ ජීවමාන සත්වයකු බවට පත්කර ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් හා කාල්මාක්ස්ගේ සමාජවාදී සංකල්පයෙන් පමණක් බවද රුසියානු මාතාවගේ ශ්‍රේෂ්ඨ ලේඛක පරපුර වෙතින් පමණක් ඇය ජීවිතය යළි ලද බවද මැදහත් විදග්ධ විචාරකයෝ පෙන්වාදෙති. කෙසේ වුවද කාන්තාවත් පිරිමියාත් අතර වෙනස ශරීරාවයවවලින් පමණක් බවද ඇයට රටක් වුවද පාලනය කළ හැකි බවද ලෝකයේ විශිෂ්ට කාන්තා චරිත පෙන්වා දී ඇත. කාන්තාවන් වෙනුවෙන් අභීත අදහස් රළ පෙළ ලොවට දා කළ ලේඛිකාවන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය අදත් හෙටත් බැබළෙනු නොඅනුමානය. ඇය ලිවූ පොත් විවිධ Nirbachito column (Selected Columns) Jabo na keno jabo (Why shouldn't I go? I will) Noshto meyer noshto goddo (Impure prose from an impure girl) ChoTo choTo dukkho kotha (small sad stories) නව කථා Opprpokkho (Opposition) 1992 Shodh (Revenge) 1992 Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame) ස්වයංලිඛිත චරිතාපදාන Amar Meyebela (My Girlhood)1st part Utal Hawa (Wild Wind)2nd part Ko (Speak Up) 3rd part Dwikhandito (Split in Two) 3rd part (another name for Ko) Sei Sob Andhokar (Those Dark Days) 4th part Meyebela, My Bengali Girlhood - A Memoir of Growing Up Female in a Muslim World ISBN 1-58642-051-8 පද්‍ය The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 Nirbashito Bahire Ontore (Banished Without and Within ), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako( Stay For A While), 2005 ඇය ලද සම්මාන Ananda Award, India, 1992 Natyasava Award, Bangladesh, 1992 Sakharov Prize for Freedom of Thoughts from the European Parliament, 1994 Human Rights Award from the Government of France, 1994 Kurt Tucholsky Prize, Swedish PEN, Sweden, 1994 Hellman-Hammett Grant from Human Rights Watch, USA, 1994 Humanist Award from Human-Etisk Forbund, Norway, 1994 Feminist of the Year from Feminist Majority Foundation, USA, 1994 Honorary Doctorate from Ghent University, Belgium, 1995 Scholarship From DAAD (Deutscher Akademischer Austausch Dienst), Germany, 1995 Monismanien Prize from Uppsala University, Sweden, 1995 Distinguished Humanist Award from International Humanist and Ethical Union, Great Britain, 1996 Humanist Laureate from International Academy for Humanism, USA, 1996 Ananda Award, India, 2000 Global Leader for Tomorrow, World Economic Forum, 2000 Erwin Fischer Award, IBKA, Germany, 2002 Free-thought Heroine Award, Freedom From Religion Foundation, USA, 2002 Fellowship at Carr Center for Human Rights Policy, John F. Kennedy School of Government, Harvard University, USA, 2003 UNESCO Prize for the promotion of tolerance and non-violence, 2004 Honorary Doctorate from American University of Paris, France, 2005 Grand Prix International Condorcet-Aron 2005, from the French-Parliament in Belgium, 2005 බාහිරට යොමු Taslima Nasrin: Gone with the wind! Taslima Nasrin's homepage Taslima Nasrin: "Are These Stones Not Striking You?" For freedom of expression - by Taslima Nasrin Bulletin # 102 - Rationalist International Bangladeshi Writer Wins UNESCO Madanjeet Singh Prize - IFEX Irshad Manji's interview with Taslima Nasrin ISIS interview with Taslima Nasrin Profile: Taslima Nasrin 'Islam is history', says Taslima ජීවමාන ජනයා 1962 උපත්
2730
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA
ත්‍රිපිටකය
ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත. විනය පිටකය සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය කර්තෘත්වය ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ ශ්‍රාවක භාෂිත කර්තෘත්වය නොදන්නා ග්‍රන්ථාරූඩ කිරීම ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී. මාතුල දනව්ව පිහිටියේ අද කෑගල්ල අවට පෙදෙසයි. පසුකාලිනයන් විසින් ‘මාතුල අළුලෙන’ ස්ථානය මාතලේ අලුවිහාරේ යෑයි උපකල්පනය කර හඳුන්වා ඇති බව පෙනේ. මහතිල හෙවත් ලොකු තල (මහ තල) ධාන්‍ය වර්ගයේ ශාක තිබූ පෙදෙස මහතල හෙවත් මාතලේ විය. එසේ නොමැතිව මාතුල මාතලේ වූවා නොවේ. විනය පිටකය භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ. විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි. උභතෝ විභංග බන්ධක පරිවාර සූත්‍ර පිටකය සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ. දීඝ නිකාය මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම් . සීලක්ඛන්ධ වග්ග . මහාවග්ග . පාටික වග්ග මජ්ඣිම නිකාය මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය. සංයුක්ත නිකාය මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්‍ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි සගාථ වග්ග නිධාන වග්ග ඛන්ධ වග්ග සළායතන වග්ග මහා වග්ග යනුවෙන් ප්‍රධාන වර්‍ග 5 කි. අංගුත්තර නිකාය අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත. ඛුද්දක නිකාය මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ. අභිධම්ම පිටකය එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ. ධම්මසංගණිප්පකරණය විභංගප්පකරණය කථාවත්ථුප්පකරණය පුද්ගලපඤ්ඤත්තිප්පකරණය ධාතුකථාප්පකරණය යමකප්පකරණය පට්ඨානප්පකරණය මූලාශ්‍ර මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි ධර්ම සංග්‍රහය - නාරද හිමි ආශ්‍රීත ලිපි සතරනිකාය පංචනිකාය අඩවියෙන් බැහැර පිටු ත්‍රිපිටකය - බුද්ධ ජයන්ති සංස්කරණය (සිංහල පරිවර්ථනය සහිතව) ත්‍රිපිටකය - ශ්‍රී සම්බුද්ධ ජයන්ති සංස්කරණය ත්‍රිපිටකය: සම්පූර්ණ පෙළ (පාලි බසින් සිංහල අකුරින්) විකිපොත්: ත්‍රිපිටක පොත් වහන්සේ ත්‍රිපිටකය සිංහලෙන් (සිංහල පරිවර්ථනය) Sobhana.net ත්‍රිපිටකය ආශ්‍රිතව ගොනුකළ අතිපුජ්‍ය රේරුකානේ මහා නාහිමි විසින් රචිත ග්‍රන්ථ ත්‍රිපිටකය බුදු දහම
2731
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%A7
චක්‍රාවාට
අවුරුදු බිලියන ගණනකට පෙර ඇති වූ විශාල පිපිරීමකින් (SuperNova) චක්‍රාවාට නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති මිලියන බිලියන ගණනක් වූ තාරකා, වායූන් සහ දූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය(interstellar medium) සහ අඳුරු පදාර්ථයෙන් සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට පොදු ගුරුත්වකේන්ද්‍රයක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින්(107) පමණ සැදුම්ලත් වාමණයින්ගේ සිට ට්‍රිලියනයක්(1012) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී. පැහැදිලි අහස ඇති රාත්‍රියක අහස දෙස බැලූ විට අපට අනන්ත අප්‍රමණ තාරකා පෙනේ. ඒවා බොහොමයක් සෞරග්‍රහ මණ්ඩලයට සහ එය අයත් ක්ෂීරපථයට අයත්ය. චක්‍රාවාට අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි. අප අයත් වන චක්‍රාවාටය සර්පිලාකාරය. එය ආලෝක වර්ෂ 100000 පමණ විෂ්කම්භයකින් සමන්විතය. තවත් චක්‍රාවාට බොහෝ ප්‍රමාණයක්‌ විශ්වයේ ඇත. මේ චක්‍රාවාට දැනට අවුරුදු බිලියන 13.7 කට පෙර ඇති වූ supernova පිපිරීමෙන් පසු තවමත් අධික වේගයකින් අනෙක් චක්‍රාවාට වලට ප්‍රතිවිරුද්ධව ඈත් වීම සිදු වෙයි. එය ගැන ගැඹුරින් සොයාබැලූ විද්‍යාඥයන් එය Dark Energy නොහොත් අඳුරු ශක්තියේ බලපෑමෙන් සිදුවන බව අනාවරණය කරගෙන ඇත. Dark energy චක්‍රාවාට ඇතුලත තියෙන තාරකා හා සියලුම පද්ධති තවමත් එකිනෙකාගෙන් ඈත් කර නැත්තේ අඳුරු පධාර්තය මඟින් ඇති කරන බලය නිසයි. නමුත් Andromeda චක්‍රාවාටය සහ Milkyway චක්‍රාවාටය එකිනෙකාගෙන් ඇත් වීම වෙනුවට එකිනෙකාට ළංවීම සිදු වෙයි. එය තවත් වසර බිලියන 4 කට පසු ගැටමකට ලක්වෙයි. Andromeda and milkyway collision විශ්වයේ විශාල පරිමාණයේ ව්‍යුහයන්
2737
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%20%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%2C%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
වයඹ පළාත, ශ්‍රී ලංකාව
වයඹ පළාත යනු ශ්‍රී ලංකාවේ පළාත් 9යෙන් එකකි. මෙම පළාත ස්ථාපිත කර ඇත්තේ ක්‍රි.ව. 1845දීය. ඉතිහාසය වයඹ ඉතිහාසය දෙස එබී බලන විට ලංකාද්වීපයේ පැවති අග නගර 04 ක් පිහිටා ඇත්තේ වර්තමානයේ වයඹ පළාත‍ට අයත් ප්‍රදේශයේය. පරාක්‍රමපුර දඹදෙනිය කුරුණෑගල                                           යාපහුව පුරාවිද්‍යත්මක ස්ථාන සෙල් ලිපි වයඹ පළාතේ ඇති ක්‍රි. පූ. 161-131 කාලයට අයත් තෝනිගල සෙල් ලිපිය පළාතේ ඇති පුරාණතම සෙල් ලිපියකි. දේශපාලනය 1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි. 1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය. බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ ඩී.බී.විජේතුංග මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය.ඉන්පසු යු.එම්.ප්‍රේමචන්ද්‍ර,ආර්.එම්.ආර්.නිමල් බංඩාර, එස්.බී.නාවින්න අතුල විජේසිංහ,දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති. මේවාද බලන්න ශ්‍රී ලංකාවේ පළාත් පළාත් සභා ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ පළාත්
2753
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1
විශ්ව විසිරි වියමන
වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ජාලයන්ගේ එකතුවක්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන හැඳින්වෙන්නේ අධිපාඨ ලේඛන වශයෙන් වන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට අදිබැඳි යනුවෙන් හැදින්වෙන තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකට ම ඵයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රවුසරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ. ඉතිහාසය CERN ආයතනයේදි Mr.Tim Berners-lee විසින් භාවිතා කරන ලද මෙම Nectcube CERn පරිගණකය ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය. වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විට්සර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upkn Everything නමැති පොතට යොමු වූවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතට දිව යන්නකි. එම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුව ද හරයේ අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහර අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණය (semantic) බව ව්‍යාපෘතියෙන් දැක්වේ. මින් අනනතුරුව 1989 දී Tim Berners- Lee විසින් EBNQUIS සදහා ද යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබදව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් (article) ලිවීය. එතෙකින් නොනැවතුණු ඔහු Robet caillian ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භුමිකාව සපයන ලද්දේ EBT හි (Electrocin Book Technology, brown විශ්ව විද්‍ය‍ාලයේ Institiuyte for Research in Information and Scholarchip ආයතනය පමණි) CERx ආයතනයෙන් වරපත් කරනු ලැබු Dyantexxt කියවනය මගිනි. කෙසේ වුවත් Hytime ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (Hytime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධය (Hypermedia) දක්වා විස්තිරණය කිරිමේ ප්‍රධාන කොටස්කරුවෙකි.) ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරිමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැදි කටයුතු (HEP) සදහාය ප්‍රයෝජනවත් අංගයක් ලෙසය. මෙහි එන එක් එක් ලේඛනයට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි. Tim Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්‍රවුසරය වන world wide ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට Berners Lee ක්‍රියාකාරි වෙබයක් සදහා අවැසි සියලුම උපාංග නපදවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබද සියලු විස්තර දරයි. 1991 අගෝස්තු 06 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක් (summary) ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙැස්ම්බරය්දි SLAC හිදි නිමවන ලදි. Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරණි ව්‍යාපෘති සමගය. මේ අතර Ted Nelson හා Andres van dan.. Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ online system ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට හේතු විය. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මගින් විස්තර කෙරි ඇත. Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වූයේ අධිපෙළ අන්තර්ජාලය සමග සමිපව සම්බන්ධ වීමයි. Weaving the web නම් වු ඔහුගේ ග්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ එහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සදහන් තාක්ෂණ ක්‍රම්වේද 02 අතර සමිප සම්බන්ධතාවක් ගොඩනැගිමේ හැකියාව ඉතා පහසුවෙන් පවතින්නේ ඒවායේ තාක්ෂණික ප්‍රජාවට බවය. නමුත් ඉන් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනිමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරිමට ඔහුට ම සිදුවිය. මේ අතරවාරයේ දි වෙබයේ පවත්නා ඕනැම සම්පතක් අනන්‍ය ලෙස හදුනා ගැනිම සදහා ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hyopertext ක්‍රමවේදයන්ට හාත්පසින් ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්‍යතාවක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශා සබැදි (links) පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයෙකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් විමකින් තොරවම සම්බන්ධ වීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්‍රවුසර ක්‍රියාත්මක කිරිමේ තදබල අපහසුතාව මගහැරවි ට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයිය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සසදන කල්හි) එසේ වුවද මෙම ක්‍රමය කල් පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද හිමිකමකින් තොරව නොම්ිලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙැ නොවු විරැ පෙරලියක් ඇත කළේ අන්රගාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය. 1993 අප්රේග් 30 වනිදා CERN ආයතනවය නිවේදනයක් නිකුත් කැරමින් කියා සිටියේ ඉන් මතුවට විහ්ව විසිරි වියමන ඕනැම අයකුට කවර ආකරය හෝ ගාස්තුවක් ගෙවිමකින් තොරව පරිශිලිනය කළ හැකි බව. දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ gopher ප්රොටෝොක්රලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශිලකයන් තුල හි සිටි වෙබය කරඑා සීග්ර සංක්රමණයක් ඇති කරවිමට සමත් විය.Violawww නමැති පරිණි එමෙන්ම ජනප්රිය ාබවබ් බ්රවුසරය ද Hyopercard ක්රමවේදය මුල්ක කරගනිමින් සකසා තිබිණි. කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරටෙය් හදුන්වා දිම යනු විශ්ව විසිරි වයමනේ විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකගත්වයට පැමිණි කරැණකි. Mosaic වේ බ්රවුසරය වනාහි Illinois විශ්ව විදයාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) Mare Andreessen ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රෑප මාධ්ය වේබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයෙ High-performance computing and communications Initiative නමැති වැඩසටන මගිනි. මෙම වැඩසටහනට මුල පිරැණේ ඇමෙරිකානු සෙනෙට් සභික Al Gore විසින් 1991 දි ඉදිරිත් කෙරැණු පනත. මගිනි. තවද මෙය Gore Bill නමින් ද ප්රචලිකතය. (වැඩිදුර විස්තර සදහා Al Gore's contributions to the Internat and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමග චිත්රක මිහ්රකර ඉදිරිපත් කර නොලැිබිණි. තවද එහි ජනප්රියතාවය අන්තර්ජාලයේ භාවිතා ාකරන ලද පැරණි ප්රොටෝනකෝලයක් වන Mosaic WAIS ටවඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත ක අතුරැ මුහුණත වෙබයට අන්තර්ජාලයය් ජනප්රියතම ප්රොටෝතොල්ය බවට පත් විම සදහා බොහෝ දුරට බවහල් විය. 1994 ඔක්තෝබ්රයේ දි Tim Berners-Lee CERN ආතනයෙන් සමුගැනිමෙන් පසු ඔහු W3C ආයතනය ප්රතිස්ථාපන කිරිමට යෙදිණි. එය ප්රතිස්ෂාපනය ටෙකරැණෙ අන්ර්ජාල ය හා යුරෝපාය කොමිසම (Eupropean commission) ට පුරෝගාමි වු defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts institutie of Technology –labopratopry for computer science (MIT/LCS) ආයතනයේදිය. මේවාත් බලන්න අන්තර්ජාලය වෙබ් බ්‍රව්සර ලයිස්තුව අන්තර්ජාලය අන්තර්ජාල සම්මතයන් බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්ෂණික පිරිවිතර කිරීම, world wide web, අන්තර් ජාලය හා පරිගණක තොරතුරු හුවමාරුවෙහි වෙනස් ලක්ෂණවල ක්‍රියාකාරිත්වය විග්‍රහ කරයි. බොහොමයක් ලේඛන Berners-Lee විසින් මෙහෙයවන World Wide Web මූල්‍යායනනය (W3C) මගින් සිදු කරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතු බලකාය (IETF)) හා වෙනත් සංවිධාන මගිනි. සාමාන්‍යයෙන් වෙබ් (Web) සම්මතයන් සාකච්ඡා කිරීමේ දී පහත සඳහන් ප්‍රකාශ පාදම ලෙස යොදා ගනී. § W3C හි සලකුණු කිරීමේ (markup) සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTML ය) මෙය අදි පෙළ (hypertext) ලේඛනවල ව්‍යුහය හා අර්ථ වින්‍යාසය නිර්වචනය කරයි. W3C හි විලාස පත් (stylesheets) සඳහා නිර්දේශ වන්නේ ප්‍රධාන වශයෙන් CSS ය ECMAScript සඳහා Ecma ඉන්ටර්නැෂනල් සම්මතයන් (සාමාන්‍යයෙන් JavaScript ආකාරය වේ.) W3C ලේඛන විෂය ආදර්ශ නිර්දේශ WWW සඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට පමණක් සීමා නොවේ. විධිමත් සම්පත් හඳුන්වනය (URI) යනු hypertext ලේඛනය හා අනුරූප (images) වැනි අන්තර්ජාලයේ නිර්දේශක සම්පත් සඳහා සමස්ත පද්ධතයකි. URI වලට URL යැයි කියන අතර IETF' හි RFC 3986 / STD 66: මගින් නිර්වචනය කරයි. විධිමත් සම්පත් හඳුන්වනය (URI) පොදුකාරක රීති වගේම එහි පුරෝගාමියා හා බහුල URL යෝජනා ක්‍රම RFC වලින් නිර්වචනය කරයි. අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය (HyperText Transfer Protocol (HTTP) විශේෂයෙන් RFC 2616 නිර්වචනය කරයි. : HTTP/1.1 හා RFC 2617: වලංගුතාවය එනම් බ්‍රව්සරය හා සර්වරය (server) එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි. මෙයද බලන්න
2754
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD
විද්‍යුත් තැපෑල
E – mail (විද්‍යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්‍රමයකි. එනම් විද්‍යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, මේ ක්‍රමයකි. E – mail යන පදය (නාම පදයක් හෝ ක්‍රියා පදයක් ලෙස) සරල තැපැල් හුවමාරු කෙටුම් පත (SMTP) මත පදනම් වූ අන්තර්ජාල E – mail පද්ධතියට ද X – 400 පද්ධතියට හා සංවිධානයක් තුළ සිටින අයට එකිනෙකා හා E – mail කිරීමට ඉඩ සකසා දෙන අන්තර්ජාල පද්ධති සදහා ද අදාල වේ. අභ්‍යන්තර ජාල, වැඩ කණ්ඩායම් සහයෝගීත්වයට උපකාරී E – mail සේවාව උදෙසා අන්තර් ජාල කෙටුම්පත් හෝ X – 400 කෙටුම්පත් යොදා ගනී. ස්වයං කැමැත්තෙන් යවන පණිවුඩ හෝ “ස්පෑම්” රාශියක් යැවීමට E – mail බහුලව භාවිතා කරන නමුත් අවස්ථා මත රදා පවතිමින් ස්වයංක්‍රීයව මෙම පණිවුඩ සමහරක් හෝ බහුතරයක් ලොප් කිරීම සදහා පෙරහන් ක්‍රමාලේඛයන් ඇත. ඊමේල් හැඩකරන @ ලකුණ සැදුණු හැටි ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත. එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ. පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය ක්‍රියාවෙහි දළ විශ්ලේෂණය දකුණු පස දැක්වෙන දළ රූප සටහන මගින් සිදුවීම් වල ප්‍රකෘති අනුපිළිවෙළ පෙන්නයි. මෙහිදී ඇලිස් නව පණිවුඩයක් ලිවීම ආරම්භ කරයි ඇගේ තැපැල් පරිශීලක ඒජන්තවරයා (MUA) භාවිතාකරමින්. ඇය තමන්ගේ  e-mail address ඇතුලු කරයි, ඉන්පසුව "යැවීම" බොත්තම ඔබයි. ඇයගේ MUA විසින් එම පණිවුඩය විද්‍යුත් තැපැල් හැඩහුරුවට  සකසා සරල පණිවුඩ හුවමාරු ප්‍රෝටෝකෝලය (SMTP)  මගින් එම පණිවුඩය ප්‍රාදේශීය පණිවුඩ හුවමාරු ඒජන්තවරයා (MTA) ට යවයි, මෙම අවස්ථාවේදී smtp.a.org, ධාවනය වන්නේ  ඇලිස්ගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) මගිනි. අන්තර්ජාලය
2760
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B6%B1%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA
ජනසන්නිවේදනය
සමාජයේ සිටින පුද්ගලයන් අතර, විවිධ අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැකිවේ. මෙම තොරතුරු ප්‍රචාරය කිරීමට ප්‍රථමයෙන් ජනමාධ්‍ය ක්‍රමයක් තිබිය යුතුවේ. මුලින්ම අදහස් හෝ තොරතුරැ ඉදිරිපත් කරන්නකු සිටිය යුතුවේ. එයට "ජනසන්නිවේදකයා"ව්‍ශයෙන් හදුන්වමු. දෙවනුව ඉදිරිපත් කිරීමට යම් තොරතුරක් හෝ පණිවිඩයක් තිබිය යුතුයි. එයට අප "සන්දේශය" නමින් ව්‍යවහාර කරමු. තුන්වනුව එම සන්දේශය ඉදිරිපත් කිරීමට ක්‍රමවත්,ක්‍රමයක් තිබිය යුතුයි. එයට අපි "මාධ්‍ය" යැයි කියමු. හතරවෙනුව එම දෙනු ලබන සන්දේශය ලබන පුද්ගලයකු හෝ සාමාජිකයකු සිටිය යුතුයි. එය අපි "සංග්‍රාහක" නමින් හදුන්වමු. මේ මූලික කරැණු මුල් වූ විට ජනසන්නිවේදනය නමින් ව්‍යවහාර කළ හැකිවේ. කෙටියෙන් දක්වත හොත්, ලොව සිටින සිටලුම ජනතාව අතර, අදහස් ප්‍රකාශ කර ගැනීමට, දැන ගැනීමට, හුවමාරු කර ගැනීමට, උපයෝගී කරගන්නාවිවිධ ක්‍රම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැක. ජනසන්නිවේදකයා - තොරතුරු ඉදිරිපත් කරන්නා. සන්දේශය - අදහස් හෝ තොරතුරු ඇතුළත් පණිවිඩය. මාධ්‍යය - සන්දේශය ඉදිරිපත් කරන මාර්ගය. සංග්‍රාහක - සන්දේශය ලබන්නා හෝ ලබන පුද්ගලයෝ. අතීතයේ ජනමාධ්‍ය ඉතා සරලව පැවතුණි. මුලින්ම පැවතියේ වාචික ක්‍රමයයි. එහෙත් නූතන ලෝකයේ ලේඛන කලාව දියුණුවත්ම, මුද්‍රණ ශිල්පයද දියුණු විය. එ‍යින් ජනමාධය විත්‍ර පටි, හා වෙනත් ජනමාධ්‍යක්‍රම නිසා ජන සන්නිවේදනයේදියුණුවනද දිනෙන් දින වැඩි විය. එහෙත් "වාචික" ක්‍රමය අදද පවතී. දේශණ, සම්මන්ත්‍රණ, සාකච්ඡා විශේෂ ස්ථානයක් ගනු ලබයි.විසිවන සිය‍වසේ අසූවන් දශකයේ ජනසන්නිවේදනයේ සීඝ්‍ර වර්ධනයක් ඇති වූහ. ලොව කොතැනක සිට හෝ තවත් රටකට පණිවිඩයක් දීමට හැකිවිය. පණිවිඩ යැවීම, අදහස් ප්‍රකාශ කිරීම, ඉතා ඉක්මණින් ම කල හැකිවිය. උදාහරණයක් වශයෙන් "චන්ද්‍රිකා" මගින් ලොව එක් තැනක සිට කොතැනකටහෝ අදහස් දැන්වීමට පුළුවනි. ජනමාධ්‍යයෙන් විසුරුවා හැරීමට විවිධ භාෂාවක් අවශ්‍යයයි. භාෂාවෙන් තොර සන්නිවේදනයක්‍ නොමැත. ඒ අනුව රට රටවල තමන්ගේ භාෂාවෙන් මාධ්‍යයද පුළුල් කරනු ලබයි.එමෙන්ම විශේෂයෙන් වැදගත් වන්නේ සංග්‍රාහකයා සන්නිවේදකයාගේ අදහස් වලට ඇහුම්කන් ‍දිය යුතුවීමයි.එමෙන්ම එය විමසිලිමත්ව පරික්ෂාකල යුතුවීමත් විවේචනය කළ යුතු වීමත් තුළින් ජනසන්නිවේදනය වැදගත් බව තහවුරැ කල හැකි වන්නේය. ආරම්භක ජනසන්නිවේදන ක්‍රම ජනමාධය බිහිවූ ආකාරය ලිඛිත සන්නිවේදනය සිංහල සගරා ඉතිහාසය ග්‍රන්තකරණය සිංහල පුවත්පත් ඉතිහාසය ජාතික පුවත්පත් ගුවන් විදුලියේ විකාශය රෑපවාහිනී මාධ්‍යයේ විකාශය මේ අඩවිත් බලන්න ජන මාධ්‍ය සංවර්ධනයේ ගමන්මග ජනසන්නිවේදනය
2769
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%20%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
රාජපක්ෂ මහා විද්‍යාලය
අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම පාසලකි. ඒය ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම බොදු පාසලද වේ. දැනට ළමුන් 1400 කට වඩා මෙහි අධ්‍යාපනය හදාරයි. විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය වන්නේ ස්වර්ණා ද සිල්වා මහත්මිය වන අතර ගුරු මණ්ඩලය 62 ක් වේ. රාජපක්ෂ මහා විද්‍යාලයේ ප්‍රධාන අංශ අතර පරිගණක අංශය, ක්‍රීඩා කටයුතු, ආදිය ප්‍රධාන තැනක් ගනී. 1 සිට 13 ශ්‍රේණි දක්වා මෙම පාසලේ පන්ති (සමාන්තර පන්ති 3 බැගින් ) ඇති අතර කලා හා වාණිජ පන්ති උසස් පෙල සිසුන් සදහා පැවැත්වේ. ඉතිහාසය ක්‍රි.ව. 1879දී ආරම්භකර ඇත. පරිගණක අංශය පරිගණක අංශය ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ද්විතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය යටතේ මෙම විද්‍යාලයට පරිගණක අංශය ලැබිණි. ඒහි පරිගණක 16 ක් ඇති අංග සම්පූර්ණ විද්‍යාගාරයකි. අඩවියෙන් බැහැර පිටු වෙබ් අඩවිය අධ්‍යාපන ආයතන - ශ්‍රී ලංකා පාසල් - ශ්‍රී ලංකා රජයේ පාසල් - ශ්‍රී ලංකා බෞද්ධ පාසල් - ශ්‍රී ලංකා
2774
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%20%E0%B6%85%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
බුදුගුණ අලංකාරය
වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්‍යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්‍ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්‍ය වර්ණනයෙන් මිදි රජු දෝෂ දර්ශනයට ලක්කර ඇති බව පෙනේ. ලිච්චවි රජ වැනුම තුළින් විශාලා මහනුවර තුන්බිය ගැන ද විස්තර කර රාජ්‍ය පාලනය විවේචනය කර ඇති බව පෙන්. වීදාගම හිමියන් විසින් රචිත මෙම බුදුගුණ අලංකාරය අන්තර්ජාල පාඨක සැම වෙත වයඹ පුහුණු ආයතනය මගින් මෙසේ ගෙනහැර දක්වමි. 1. කු‍‍‍ළුණු මෙත් <font size="3" color="green">සත වෙ ත <font size="3" color="green"> පතළ නැණ සවපද රු ත හෙළ කළ ලොවට සෙ ත නිතර නමදිමු මුනිඳු සරණ ත<font size="3" color="green"> 2. ලංකර සසර හි ම් දුරුකර කෙලස් බිය ගි ම් සිදු කළ යුතු උතු ම් වදිම් නව ලොව් තුරා සදහ ම් 3. කිසි කෙනෙකුන් පම ණ නොකැළැකි තුණැති අපම ණ සතහට පිළිසර ණ වඳිම් අදරින් අරී සඟ ග ණ 4. බව සිදු පසු රුවන් අව බිය අඳුරු හි රුවන් පිරි ගුණ මහ රුවන් මෙසේ නමකර පුදා තෙ රුවන් 5. කයනම් අසාර ය බව නම් බයන් කාර ය කියනුය දිවා රැ ය කියම් බුදු ගුණ අලංකාර ය 6. මහ කවි වරන් පෙ ර පවසා නොපත් පරතෙ ර සුගතිදු ගුණ ගැඔ ර මේමා කියමි සිතනු වැරසැ ර 7. සූවාසු දහසක් යොඳුන් ගැඹුරැ'ති මුහුදක් ගොඩ කරමැයි උදක් ලෙහෙනු කළ තැන් වැන්න දවසක් 8. එතකුදු වත් සොඳින් පුරමී පිණක් නොමඳින් මුනිදු ගුණ මුහුඳින් බිදක් දක්වමි උදක් ඔකඳින් 9. නුවණැති යෙනි මෙ මා බස ද්‍රෙස ඇතත් එද මා දෙසවන් පුටන මා පමා නොව ගනුව මුනි ගුණ මා විසල් පුර වැනුම් 10. සඟ සිරි අසාලා කළයුරු සොඳුරු සාලා සිරින් සුවීසා ලා පවර නුවරෙක් වී වීසාලා 11. සත් සමුදුර අගළ සත්ගිරි පවුරු වට කළ සක් පුර මිස උදුළ එපුර සරි කොද පුරෙක් සක්වළ 12. බබළන පැහැ ගිහිණි වෙන වෙන දෙසින් සපැමිණි පබළු රන්මුතු මිණි නොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි 13. ගණ රන් කොත් පැළැඳි බිතුසිතුවමින් සිත් පැඳි මිණි පහ පැහැ විහිඳි කොවේ මාවේ සියෙන් සිය සැඳි 14. පුර වැසියන් තිළි කෙළින කෙළි මෙන් නියැළි දද ඉන් ඉන් වෙළි කෙළි පුරඹර රැසින් බැබළි 15. මනහර රුසිරි සර දෙවියන් ලෙසින් සුර පුර උරයෙන් උර පැහැර නිතොර මහසෙන් සිටිති එනුවර 16. හෙන සෙන සේ කිපෙන තවසුන් ලෙසින් හික් මෙන හැම රුපුසෙන් දිනන මහත් ගජසෙන් සිටිති තැන තැන 17. හසල පස් දහරේ කිසි ද්‍රෙස් නොමැති සිරුරේ යනෙන නිති එ පුරේ තුරඟ සෙන් වැනි තරඟ සයුරේ 18. එ පුර රජ මහවත බන් රන් දෙනෙත් පැහැපත සක් සන් ගත් දිගත නිතර රන සෙන් විතර වනු නැත 19. සුරතුරු මෙන් කැමැති දෙය යදියන්ට දෙන නිති ලොවැ පරසිඳු පිනැති නොයෙක් මහසල් කුලන්ගෙන්යුති 20. සුරඟන සිරි'සිලු වරඟන කෙළින සඳ ලු ලිය ගී කන් කලු ඉමෙක් තැන රඟන රඟම්ඬුලු 21. ඇම තැන ඇති සැපත් එකතැන් කළෙව් සිරිගත් දැක දැක රිසි නුමුත් නැතැයි යන සම්පතෙක් එහි නැත් 22. නන් වෙස් නන් බරණ සැපතින් පිරුණු අපමණ සිටි වයසෙහි තුරුණ කෙසේ මෙතෙකැයි යෙද්ද නරගණ 23. සිහිල් දිය පිරැණු පිය ගැට පෙළින් දිලුණු බිඟු දැල් විසුරුණු වූය තැන තැන පියුම් පොකුණු 24. නළඹල නන් කෙහෙලි බන් මිණි කිකිණි මුතුලැලි රන් වැට පහන් දිලි ද්‍රෙරින් ද්‍රෙර දන් දෙවන දන් හල 25. අසුර සෙන් තරමින් තැන තැන පැන අතර මින් රුපු මන් උපුර මින් සරණ මහ සෙනඟ අවි සරමින් 26. ගිජිඳුන් තිමඳ ගිලි තුරඟුන් සමග නොහැකිලි තබා බන් රනැකිලි කෙළින තැන් තැන්හි ගිලි අලියකුලි 27. දැනගෙණ විදු සියල් උනු'නට වෙමින් පිළිම ල් කියන රෑ දහව ල් සැදිනි වෙන වෙන නොයෙක් විදුහල් 28. විහිදි මිණි කිරණය ද්‍රෙර ද්‍රෙරෙහි රන් තොරණය නිති සතොස කරණය සිරින් පිරි තිරි එපුර දෙරණය 29. සතුරන් කළ නිහඬ එහි රිය සක් හිසක් හඬ වැජඹෙහි දසත මැඬ ලෙසින් රළ ගළ සයුඑ ගත් හඬ 30. පුර දෙරණත පිරී කුර රොන් සමඟ ඉතිරී දිගත ගොස් පැතිරී පවති හය මිණි කිකිණි ගිගිරී<font size="3" color="green"> 31. පසඟ තුරු නාදේ ගජසෙන් කුඥච නාදේ සමඟ තුති නාදේ එපුර දිව රැ එකනි නාදේ 32. එව කව බොරු කියන තෙපුලෙන් පිරුණු ඇම තැන උතුරු කුරු දිවයින වැන්න ඉසුරෙන් එපුර හැම තැන 33. සුරන් පහ සදිසිය දිලිසත් රුවන් බිතුසිය සත් දහස් සත්සිය සතත් රජ මහ පයට ගැවසිය 34. කෙළින පුර වැසියන් ලොබවන තරම් දෙව්යන් සව් සිරිනි සැදියන් සැදිණි එපමණ පොකුණු ගෙවුයන් 35. නිරිඳුන් පෙම් බැඳි උනුන් වෙත සිත් පැහැදි ඉදිනෙත් එහි සැදි බියෙන් මෙන් කිසි දුකෙන් නොවදි 36. රෑ දෙවෙහි නිතොරේ මිණි පහ පැහැය පැතිරේ දුරුවන ගණ'ඳු රේ ලොවැති සව් සිරි සපිරි එපුරේ ලිච්ඡවි රජ වැනුම් 37. සත් සිය දහස් සත් සත් නරනිඳුහු සම ගොත් සත් වග කෙරෙහි මෙත් යුත් ව පවතිත් සිතින් මැදහත් 38. දුසිරිත සිත නැවතී රද නිති දත් ගුණ ඇති මැදහත් ලෙස පැවති එරජ ලිච්ඡවි නිරිඳු නම් ලති 39. කුල දෙටුවන් පැවති සෙබෙහි තෙදිණීන් නොදිලෙති වෙන් වු සඳ දිලෙති රසින් මුසු නුමුසු ගන් සේ වෙති 40. නොබලා වරද තැන් නො නැමී බසට මහතන් විලසින් සිය සු තන් සතන් රකිනුය බලා ඇමතැන් 41. නො මකා කුළසිරිත් කො තබාම දෙන දන් වත් නො වඩා අය බදුත් නැගු සිත් සේම දිය දිය කොත් 42. ගත උන් සබාමය බස උන්ගේ සබාමය ඉසුරෙන් සබාමය සබානම් උන් උන් සබාමය 43. අවා බිය ඇව රූ සිත් සත් ගුණෙන් සපිරූ දිගු බිත කිවිය රූ ඔවුන් ගුණ සිතුයමින් තැවරූ 44. රන් රූ සදි සියහ දැක දැක නොයන රි සියහ කන් කළු සුබැ සියහ ඔවුන් ගුණ සිතුයමින් තැවරූ 45. රුසිරෙන් ලොව ගරූ අයුරු සුරිඳුන් පිළිරූ දස රජ දම් දැරූ ඔවුන් සරිවෙති මෙලොව කවුරූ 46. සක බිම පෙරළෙ මින් ගැල බඩු නිසල කෙරෙමින් පවතින මෙන් නොමින් තුමු දුක් වීඳිති සත රකිමින් 47. රොන් ඇරගෙන සෙමින් යන බිගු ලෙසින් කුසුමින් ලොවට දුක් නොදෙමින් ගනිති අය පඩුරු පෙර නියමින් 48. ලුවද සිදු පෙදෙසේ දිය නොගෙණම සිටි නැවසේ දන නොගෙණම තොසේ සිටිති දනවනි දනනි සිතසේ 49. පල ගත් අතු නසා පල කන්නවුන් විලසා දන ගැනුමක් නිසා දහම් නොනසති දනන් වනසා 50. සවනින් අසන බස නුවනින් අසව යන ලෙස කෙරෙති තමා බස යමක් නොයොදති මිසක් නිසි ලෙස
2780
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
මිංහෙට්ටිය
මිංහෙට්ටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අති සුන්දර ගම්මානයකි. යක්දෙස්සා කඳුවැටියෙන් හා මගුරුඔයෙන් වටවු ආර්ථික හා අධ්‍යාපනික අතින් පෝෂිත ප්‍රදේශයකි.කුරුණැගල සිට කි.මී 12ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් පිරිසක් මෙහි සිටින අතර ප්‍රධාන ආර්ථික වගාවන් ලෙස පොල් වගාව හා වී වගාව සැලකිය හැකියි. ඉතාමත් හිතකර වු දේශගුණික තත්වයක් පවතින අතර යද්දෙස්සා කඳු වැටිය නිසා ඉතාමත් සිසිල් බවක් පවතී. අතීතය ඉතිහාසය හා විහිදීම ඉතා ඈත ඉතිහාසයක් ඇති එනම් කුවේනි කතිකාව පැවත එන කාල යේ පටන් මෙහි ජනාවාස වු බවක් දක්නට තිබෙන සාධක ලෙස යද්දෙස්සා ගල කඳුවැටියෙහි පැවැති කටාරං කොටන ලද ගල් මෙයට ඇති ප්‍රධන සාෂියකි. සිංහල ජන සමාජයේ ආරම්භය ලෙස සඳහන් වන කුවේණී පුරාවෘත්තයට නෑකම් කියන ප්‍රෙද්ශයක් ලෙස හැඳින්විය හැකියි.කුවේණිය දෙස්දුන්ගල ලෙස හැඳින්වෙන යද්දෙස්සා කඳුවැටිය පිහිටා ඇත්තේ මෙම ප්‍රෙද්ශය තුළින් වීම මෙහි විශේෂත්වයකි. ග්‍රාම රාජ්‍යය හා පාලන ව්‍යුහය ගම් සභා ක්‍රමයෙන් පසු මෙහි පාලන ව්‍යුහය සකස් වුයේ ආගමික ස්ථානය(පන්සල) මුල්කරගත් සමාජ පාලන ව්‍යුහයක් මත වේ.පන්සල වටා ඒකරාශී වු ජනතාව ගම දියුණු කිරීමේ සැළසුම් සකස් කරන්නට විය.පසුව සමිති සමාගම් ආරම්භ විය මෙමගින් සංවර්ධනය හා පාලන තන්ත්‍රය කොටස් වලට බෙදුනි. ප්‍රථමයෙන් ආරම්භ වු මරණාධාර සමිතිය නිසා ගම තුල නව එකමුතු භාවයක් ඇතිවිය. මෙයට අමතරව ළමා සමාජ , ක්‍රීඩා සමාජ , ගොවි සමිතිය විහාර වර්ධන සමිතිය මගින් ගම තුල සංවර්ධන කටයුතු නිරන්තරයෙන් සිදුවිය. මෙම සමිති සමාගම් වලින් බැහැරව ද නොයෙකුත් විදිහේ කමිටු මගින් ග්‍රාම සංවර්ධන වැඩ පිළිවෙල වල් ආරම්භ කළහ.වැසීගිය මින්හෙට්ටිය පාසල නැවත නගාසිටවීම සඳහා ආරම්භ කළ කමිටුව, මාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කළ කමිටුව මෙහලා විශේෂයෙන් සැළකිය හැක. අධ්‍යාපන අධ්‍යාපනයේ නව පුබුදුව {| class="wikitable" {| class="infobox" cellspacing="2" style="border-color:; width:25em; text-align:left; font-size:100%;" කු/මිංහෙට්ටිය විද්‍යාලය ලෙස 1936 වර්ෂයේදී ආරම්භ කළ මෙම විද්‍යාලය පසුව වයඹ ජයසංඛ විද්‍යාලය ලෙස නැවත ආරම්භ කරන ලදී. මිංහෙට්ටිය විද්‍යාලයේ මුල්ම විදුහල් පති ආර්.බී.රාජපක්ෂ ගුරුතුමා. මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් වුයේ 1974.09.16 වන දිනයි. එක් ගුරුභවතකුගෙන් ආරම්භ කල මෙම විද්‍යාලය උසස් පෙල දක්වා කළා විෂය ධාරාවෙන් පංති පැවැත් විය. මෙම පාසල සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් දායාද කළ අතර රජයේ පරිපාලන සේවයේ ඇතුළු පුද්ගලික අංශයේද බුද්ධිමතුන් රටට දායාද කළ විද්‍යාලයකි. නගරාසන්න පාසල් ග්‍රාමීය පාසල් වලට වඩා සංවර්ධනය වීමත් සමග මෙම පාසල් වලට ඇති පහසුකම් අවම වීම නිසා දරුවන් නගරාසන්න පාසල් වලට දැමීමට පටන් ගැනීමත් සමග ග්‍රාමීය පාසල්වලට යොමු කරන සිසුන් ප්‍රමාණය ඉතා අඩුවිය. මෙි හේතුව නිසා ගුරුවරුන්ද එන්න එන්නම අඩුවිය. මෙම චින්තන විප්ලවයත් සමග මින්හෙට්ටියේ පාසල පමනක් නොව ග්‍රාමීය පාසල් දහස් ගණනක් වැසීමේ කුණාටුවට හසුවිය. මින්හෙට්ටිය විද්‍යාලයටද මෙම කුණාටුවෙන් ඉවත් වීමට නොහැකි විය. ක්‍රීඩා ක්‍රීඩාව නව ක්‍රීයාශීලී නීරෝගීමත් ජන සමාජයක් බිහිකරයි යන තේමාව යටතේ මින්හෙට්ටිය නව ක්‍රීඩා සමාජය බිහිකිරීම අරමුණ විය. වොලිබෝල් ක්‍රීඩාව 2013 මාර්තු මස ආරම්භකරන ලදී. නව ක්‍රීඩකයින් පුහුණු කිරීම තුලින් පරිපුර්ණ වු වොලිබෝල් කණ්ඩායමක් සකස්කිරීම මෙහි අරමුණ වේ. ආගම මෙම ප්‍රදේශය බෞද්ධ සංස්කෘතියක් උරුම කම් කියන ප්‍රදේශයක් බැවින් පන්සල මුල්කරගත් බෞද්ධ සංස්කෘතියක් පවතී. ආර්ථිකය වගාවන්ට හිතකර දේශගුණික තත්වයක් පැවතීම නිසා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ කෘෂිකර්මාන්තය තුලිනි. මෙයට අමතරව සත්ව පාලනය මගින්ද අාර්ථිකයට යම් දායකත්වයක් ලබාදෙයි. මේ වන විට කිරිගව පාලනය, කුකුල් පාලනය, එළුවන් පාලනය සිදුකරගෙන යන අතර වැඩි ප්‍රතිශතයක් කිරි ගව පාලනය කරගෙන යන පිරිස්ය. කිරි මිලදීගැනීමේ මධ්‍යස්ථාආයක්ද ඒ සදහා සමිතියක්ද ඹවුන් සදහා ණය පහසුකම් ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. නව පරම්පරාව ව්‍යාපාරික කටයුතු වලට මෙන්ම රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියවලට යොමු වී ඇත මේ තුලින් ගමේ ආර්ථිකය ශක්තිමත් වුවත් නව ආර්ථික සැළැස්මක අවශ්‍ය තාවයක් පවතී. ගොවිතැන සහ වගාවන් වී ගොවිතැන සහ පොල් වගාව ප්‍රධානතම ආර්ථික ක්‍රමයයි. කිරි ගව පාලනය කර්මාන්ත මධ්‍ය පරිමාණ ගෘහ කර්මාන්ත ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
2791
https://si.wikipedia.org/wiki/%E0%B6%A1%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ඡයාරූපකරණය
ඡයාරූපකරණය හෙවත් ඡායාරූප ශිල්පය යනු ආලෝක කිරණ සටහන් කරගැනීම මගින් චල හෝ නිශ්චල සේයා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේ දී ආලෝකය ආලෝක සංවේදී මාධ්‍යකයට යොමු කරයි.මේ සඳහා කැමරාව නම් උපකරණය භාවිත කරයි. ඡායාරූපකරණය යනු, ආලෝක සංවේදී මාධ්‍යයක් (ඡායාරූප පටලයක් හෝ විද්‍යුත් සංවේදක උපාංගයක් වැනි) ආධාරයෙන් ආලෝකය ප්‍රතිග්‍රහණය කිරීම මගින් දර්ශන ගබඩා කර ගැනීමේ ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් මෙහි දී පහත ක්‍රියාවලිය සිදු වේ. වස්තූන් මගින් විමෝචනය හෝ පරාවර්තනය කෙරෙන ආලෝක රටාවන් රිදී හේලයිඩ් පදනම් කර ගත් සංවේදී රසායනික හෝ විද්‍යුත් මාධ්‍යයක් අනාවරණය කිරීමට භාවිත කෙරේ. මෙම ක්‍රියාවලිය නිශ්චිත කාල සීමාවක් සඳහා සිදු කෙරෙන අතර එහිදී සාමාන්‍යයෙන් කැමරාවේ අඩංගු ඡායාරූප කාච නම් උපාංග ඔස්සේ ආලෝකය ලබා ගැනීම සිදු කෙරේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිග්‍රහණය කර ගන්නා තොරතුරු කැමරාව තුළ රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ගබඩා කෙරේ. වෙළඳ කටයුතු සහ විනෝදාත්මක කටයුතු යන අංශයන් යුගල සඳහා ම ඡායාරූපකරණයේ බොහෝ භාවිතයන් පවතී. එය බොහෝ විට වෙළඳ දැන්වීම් සහ විලාසිතා මුද්‍රණ සඳහා පදනම ලෙස ක්‍රියා කරයි. ඡායාරූපකරණය වාණිජ සහ කලාත්මක ක්‍රියාවලියක් ලෙස ද සැලකිය හැක. ඡායාරූපකරණය සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය “photography” photographie නම් ප්‍රංශ වචනය ඇසුරෙන් නිර්මාණය වූවකි. එම ප්‍රංශ වචනය ග්‍රීක වචන ත්‍රිත්වයක් ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර, ඒවා එක්ව ගත් කළ “ආලෝකය මගින් ඇඳීම” යන අර්ථය දෙයි. සාම්ප්‍රදායිකව ඡායාරූපකරණයේ ප්‍රතිඵලය 'ඡායාරූප' ලෙස හැඳින්වෙන අතර, පොදු ව්‍යවහාරයේ මෙය කෙටියෙන් “ෆොටෝ” යනුවෙන් හැඳින්වේ. හඳුන්වාදීම ඡායාරූපකරණයේ දී ෂටර වේගය යනු ෂටරය විවෘතව පවතින කාලයයි. සම්පූර්ණ අනාවරණය, අනාවරණ කාලයට හෝ ආලෝකයට, තිරයට හෝ සංවේදකයට ළඟා වීමට ගන්නා කාලයට සමානුපාතික වේ. සම්පූර්ණ නිරාවරණයට බලපාන කරුණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (ෂටරය) ෂටර වේගය සහ සිදුරේ ප්‍රමාණයේ බලපෑම නැති කිරීමට, නැවතුම් ඡායාරූප ශිල්පියාට භාවිත කළ හැකිය. මෙසේ නැවතුමක් භාවිත කිරීම මගින් තිරයට පිවිසෙන ආලෝකය අඩක් කිරීම හෝ දෙගුණ කිරීම කළහැක. දී ඇති ඕනෑම නිරාවරණයක් සඳහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය වේ. සමාන්‍යයෙන් මන්දගාමී ෂටර වේග භාවිතා කරන්නේ අඩු ආලෝක තත්ත්වයන්හිදී ය. මෙමගින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය ද වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පටලවල ද සංඛ්‍යාංක කැමරාවල ද භාවිතා වේ. ෂටර වේගය තත්පරවලින් මනිනු ලබයි. සූර්යාලෝකය ඇතිවිට ඡායාරූපයක් ලබාගැනීමට ගතවන ෂටර වේගය තත්පරයක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද ෂටර වේගය මගින් වෙනස් කෙරේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සටහන් කර ගැනීමට ඡායාරූපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි. සිදුර වෙනස් කිරීම මගින් ක්ෂේත්‍රයේ ගැඹුර තීරණය කරයි. මෙමගින් කොපමණ දුරක ඇති වස්තුවක් වුවද තියුණු ඡායාරූපයක් බවට පත් කළ හැකි ද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරු ප්‍රවාහය දැක්වූ විට එක් සිදුරක සිට අනෙක් සිදුර වෙත යාමේ දී ආලෝක ප්‍රමාණය හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ. එක සිදුරු නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කළ විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටර වේග සඳහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී. මේ අනුව එකග වූ ෂටර වේග නම්, 1/1000 S 1/500 S 1/250 S 1/125 S 1/60 S 1/30 S 1/15 S 1/8 S 1/4 S 1/2 S 1 S දිගු කාලීන නිරාවරණ සඳහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ. B (බල්බය) - ෂටර නිදහස්කරණ අල්ලාගෙන සිටින තුරු ෂටර විවෘතයි. T (කාලය) - ෂටර නිදහස්කරණ නැවත වරෙක ඔබන තුරු ෂටරය විවෘතයි. පින්තූරය අත් කැමරාවක මන්දගාමී ෂටර වේගය භාවිතා කොට දක්නට හැකි අපහැදිලි වීමකින් තොරව ඡායාරූපයක් ලබාගැනීම ඡායාරූප ශිල්පියාගේ හැකියාවයි. ඉතා ලංකොට ගන්නා හෝ විශාල කිරීමට බලාපොරොත්තු වන ඡායාරූපයක් ගැනීමේ දී අපැහැදිලි වීම වැළැක්වීම සඳහා වේගවත් ෂටර වේග භාවිතා කිරීමට සිදුවේ. ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මගින් අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ෂටර වෙනස් කරයි. ශිල්පියා ඊට සුදුසු සිදුරු ප්‍රමාණය කැමරාව මගින් සකස් කරගනී. තාක්‍ෂණය contrast ඡායාරූපකරණයේදී මුළු ආලෝක ශක්තිය සහ ආලෝක තීව්‍රතාවයෙන් නිරාවරණ කාලයේත් ගුණිතය අතර ඇති සමානුපාතික සම්බන්ධතාව පරස්පරතාවය ලෙස හැඳින්වේ. යම් භාගයකින් තීව්‍රතාවය වැඩි කිරීම, එම භාගයෙන්ම නිරාවරණ කාලය අඩු කිරීමට හේතු‍වේ. බොහෝ අමුද්‍රව්‍ය සඳහා විශාල නිරාවරණ කාල පරාසයකට මෙම සම්බන්ධතාව නිවැරදිව වලංගු වේ. පරස්පරතා පරාසයෙන් ආලෝකය අඩු වීමත් සමඟම අවශ්‍ය නිරාවරණ කාලය සමීකරණයෙන් දක්වන අගයට වඩා වැඩි වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය නිරාවරණය සඳහා අවශ්‍ය ආලෝක ප්‍රමාණය අඩක් වීමේදී, එම ප්‍රති‍ඵලයම ලබා ගැනීමට යොදවන කාලය දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවේ. මෙය නිවැරදි කිරීමට යොදා ගන්නා භාග පරස්පරතා භාග ලෙස හැඳින්වේ. තවත් වචන වලින් කියතොත්, සාමාන්‍ය තත්ත්ව යටතේදී සිදුර සහ ෂටර වේගය අතර රේඛිය ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. එනම් වේගවත් ෂටර වේග සඳහා සිදුරේ ප්‍රමාණය විශාල විය යුතුය. උදාහරණයක් ලෙස නිරාවරණය අගය 10 ලබා ගැනීමට සිදුර f/2.8 ද, ෂටර වේග‍ය 1/125 S භාවිතා කළ හැකිය. එම ප්‍රති‍ඵලයම ලබා ගැනීමට සිදුරේ ප්‍රමාණය දෙගුණ කර f/2 ෂටර වේගය අඩක් කළ හැකිය 1/2qs. නමුත් දිගු නිරාවරණය සඳහා තිරයන්ගේ හැසිරීම අසාමාන්‍ය වේ. ආලෝක කිරණ ව්‍යක්ත පෝටෝන් ලෙස හැඳින්විය හැකි අතර ආලෝක සංවේදී පරාසය ආලෝක සංවේදී කැටියන්ගෙන් සමන්විත වේ. සාමාන්‍යයෙන් රිදී හේලයිඩ ස්ථටික මේ සඳහා යොදා ගැනේ. ප්‍රතික්‍රියාව සිදු වී ප්‍රතිබිම්බය නිර්මාණය කිරීම සඳහා යම් ආලෝක ප්‍රවාහයක් අවශ්‍ය වේ. මෙම රේඛීය සම්බන්ධතාවයේ බිඳ වැටීම පරස්පරතා බිඳ වැටීම ලෙස හැඳින්වේ. ඇතැම් සේයා පටල පරස්පරතා බිඳ වැටීමට පහසුවෙන් ලක්වන අතර ඇතැම් ඒවා එසේ නොවේ. සාමාන්‍ය විහිදුම් මට්ටම් සඳහා සංවේදි ඇතැම් තිරවල සංවේදීතාව දිගු නිරාවරණ කාල වලදී නොමැති වේ. බොහෝ තිර නිපදවන්නන් පරස්පරතා නිවැරදි කිරීම දැනුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස දී ඇති තිරයකට අවශ්‍ය නිරාවරණ අගය 5 නම් හා ඡායාරූප ශිල්පියා සිදුර f/11 ට සකස් කර ඇති අවස්ථාවක තත්පර 4 ක නිරාවරණ කාලයක් අවශ්‍ය වේ. පරස්පරතා නිවැරදි කිරීමේ භාගය 1.6 ක් වීමේදී නිරාවරණ කාලය තප්පර 6 දක්වා දීර්ඝ කරයි. ඡායාරූපකරණයේ පරස්පරතාවය ඡායාරූපකරණයේදී සහ ත්‍රිමාන ඡායාරූපකරණයේදී, විශාලත්වය සහ ආලෝක සංවේදී සංයෝගයට නිරාවරණය වී පවතින කාලය අතර ප්‍රති‍ලෝම සම්බන්ධතාවය නිරූපනය කිරීමට පරස්පරතාවය යන්න යොදා ගැනේ.පරස්පරතා නීතියට අනුව නිරාවරණය = විශාලත්වය * කාලය මේ අනුව කාලය අඩු කිරීමත් සමඟ විශාලත්වය වැඩි කිරීමෙන් සමාන නිරාවරණයක් ලබාගත හැකිය. සංවේදකයේ හෝ සේයාපට‍ලයේ සම්පුර්ණ නිරාවරණය, නාභී‍යතලයේ ප්‍රදීප්තතාවය සහ නිරාවරණ කාලයේ ගුණිතයෙන් ලබාගත හැකි අතර එය මනිනු ලබන්නේ lux තත්පරයට නමැති ඒකකයෙනි. බොහෝ සංවේදීතාවයන්හිදී මෙම ප්‍රතිලෝම සම්බන්ධතාව භාවිතා කරනු ලබයි. උදාහරණයක් ලෙස ඡායාරූප පායාසයේදි භාවිතා කරනු ලබන ‍හර්ටර් සහ ඩ්‍රිෆිල්ඩ් වක්‍රය දැක්විය හැකිය. ආශ්‍රිත ලිපි ‎ඩිජිටල් ඡායාරූපකරණය
2803
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80
අමරදේව
ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි. ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුව කොරල වැල්ලේදී මෙළොව එළිය දුටුවේ ය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී. දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙන් වූ අතර ඔහු ලී වලින් සාදා දුන් වයලිනය තුලින් ඔහු විශිෂ්ට වයලින් වාදකයෙක් ද වූහ. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය. අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය. ‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය. ‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය. ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය. එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි. එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි. මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,ටී.එම්.ජයරත්න, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි. පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි. එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය. හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය. ජීවිතය හා ජීවන රටාව ළමා කාලය සහ අධ්‍යාපනය වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි. අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ. කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි. ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි. තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි. මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි. ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි. තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි. වෘත්තීමය ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි. මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි. දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ. කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය. අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති. සම්මාන පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001) ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය චිත්‍රපට නාමාවලිය සංගීත අධ්‍යක්ෂක සංගීත ඇල්බම මේවාද බලන්න ලංකා ගුවන් විදුලි සේවය* මූලාශ්‍ර ඩිස්කවර් ශ්‍රී ලංකා- පේජ් සයිටේෂන් ෆෝ 2001 රමෝන් මග්සයිසායි එවෝඩ් අමරදේව බෑග්ස් ටූ මෝ එවෝඩ්ස් බාහිර සබැඳි ඩබ්.ඩී.අමරදේව- ඔන් ලයින් සෝං කලෙක්ෂන් චරිත කතා ශ්‍රී ලාංකික ගායකයෝ සිංහල ගායකයෝ උත්තර භාරතීය සංගීතය සංගීතඥයන් 1927 උපත් ශ්‍රී ලාංකික බෞද්ධයෝ සිංහලයෝ පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෝ 2016 මරණ
2804
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%93
නන්දා මාලනී
නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත. මුල් කාලය නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව‍ යෞවන වියේදී කොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය. ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි. ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීමට සලස්වන ලදි. එම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර නිතර නිතර ඇසෙන්නට විය. ඉන්පසුව ලංකා ගුවන් විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලවීර මහතා නන්දා මාලනියන්ගේ ශාස්ත්‍රීය සංගීත දිවිය සදහා සියලු අනුග්‍රහයන් දක්වන ලදි. අධ්‍යාපනය නන්දා මාලනිය ඇගේ නිරන්තර පුහුණු කිරීම් අනතුරුව කීර්තිමත්, බී. වික්ටර් පෙරෙරා යටතේ සංගීතය හදෑරීය, ඇය පසුව 1984 වසරේදී විශාරද උපාධිය ලබා ගැනීම සඳහා නැවතත් එම විශ්ව විද්‍යාලයට ගියාය. ගායිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය ලෙස "රණ්මුතු දූව" චිත්‍රපටිය නිෂ්පාදනය කරීමට සෙරන්ඩිබ් සමාගම විසින් 1961 දී තීරණය කරන ලදි. එහි සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරාගැනුනේ පණ්ඩිත් අමරදේවයන්ය.එම චිත්‍රපටියට නාරද දිසාසේකර සමඟ යුග ගීතයක් ගායනා කිරීම සඳහා පණ්ඩිත් අමරදේවයන් විසින් නන්දා මාලනියට ඇරයුමක් ලැබුණි.ඇරයුම පිළිගත් ඇය ඇගේ කුලුදුල් චිත්‍රපටි ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගයනා කළාය. එම චිත්‍රපටිය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවිය සම්මාන සියල්ලම දිනාගන්නාලදි."ගලන ගඟකි ජීවිතේ" ගීතය සමඟ ඇය අතිශය ජනප්‍රියතාවකට පත්විය. සංගීත කර්තව්‍යයන් ඩී. ඩී. ඩැනී ගේ සංගීත ප්‍රසංගයේ ගායනා කරන ලද "බුදු සාදු" ගීතය ඇයගේ සංගීත දිවියේ අති විශාල බලපෑමකට තුඩුදුනි. මෙමඟින් පණ්ඩිත් අමරදේවයන්ගේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "මධුවන්තී" හි ගීත ගායනයට ආරාධනාවක් ලැබුණි. එහිදී නන්දා මාලනියන් විසින් "සන්ණාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" යන ගීත එම වැඩසටහනෙහි ගායනා කරමින් විශාල අද්දැකීමක් සහ තත්වයක් ලබා ගැණිනි. මාලනියන්ගේ සාර්ථක නිෂ්පාදනයන් : පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යය ගීතය, “පවන ගී එකතුව“,හේමන්තයේදී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරිමදුවැල් , ලන්ඩනයේදී ගැයූ ගී, යතුර, හඳහාමි , සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ , සාරි පොඩිත්තක් සහ පිරිත් පැන්. ආදර ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව ඇයගේ අවධානය යොමුවූයේ ආගමික ගීත ගායනා කිරීමත්ටයි. උදාහරණයක් ලෙස "සාදු නාද" කැසට් පටයේ "දන්නෝ බුදුන්ගේ" ගීතය දැක්විය හැක. එම ගීතය දෙවන ජාතික ගීය ලෙසද සලකයි. එය ගායකයෙක් ලෙස පුද්ගලයෙකුට ලැබීමට හැකි දුර්ලබම අවස්ථාවකි.පසුව ඇයගේ අවධානය යොමුවූයේ ළමා ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස "හඳ හාමි" ගීත ඇල්බමයේ ගීත 14 ක් අතුලත් වූ අතර ගී පද ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ පූජ්‍ය එස්. මහින්ද හිමි විසින් ලියන ලදි.1990 වසරේ නිර්මාණය කළ "සිංදු හෝඩිය" ගීත 16 කින් සමන්විත වූ අතර එහි අරමුණවූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හදුන්වාදීමයි. සම්මාන නන්දා මාලනිය හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.එම ලැබූ සම්මාන වලින් ඇය නිතරම වෙනස් දෙයක් කිරීම සඳහා ගවේෂණාත්මක වූ අතර කැසට් සහ CD මාර්ගයෙන් එම නව නිර්මාණ රසිකයන්හට දායාද කෙරිණි. හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි සම්මාන - , ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව 1963 , මේ සිංහල අපගෙ රටයි සාරවිට 1965 ,රංග සැඩොල් කඳුලු 1967 , කින්චි පින්චි පුන්චි පැන්චි ආදරවන්තයෝ 1968 , හඳ හාවුන් මොණර තැන්න 1979 , සිංගින් පොයට් සිරිබෝ අයියා 1980 , දෙනෝදහක් නුවණ් අතරේ වජිර 1981 , අම්මාවරුනේ යස ඉසුරු 1982 , අහසින් පොළවට පෙම් රජදහන 1992 , ඉවුරු බිදුනු ගං තලාව අඹුදරුවෝ 1995 ඇය මේ දක්වා සෑම වසරකම පාහේ සම්මාන දිනා ඇත.සිංගප්පූරුව, මලයාසියාව, පාකිස්තානය, ජර්මනිය, සෝවියට් දේශය, ඉතාලිය, ප්‍රංශය, මැද පෙරදිග සහ මාලදිවයින වැනි රටවල් ඇයට ප්‍රසංග සඳහා ආරාධනා කල අතර එහිදී සාර්ථක ලෙස ප්‍රසංග ඉදිරිපත් කෙරිණි.1988 දෙසැම්බර් 16, ඇය ඇගේ 250 වන ප්‍රසංගය පවත්වන ලදි. 2010 සැප්තැම්බර් මාසයේ නන්දා මාලනියන් සිරස නාලිකාව සමඟ එකතු වෙමින් දිවයින පුරා සජීව ඒක පුද්ගල ගීත ප්‍රසංග 25 ක් ද පවත්වන ලදි. මූලාශ්‍ර වෙනත් සම්භන්ධතා Sinhalalyrics-Nanda Malini Nanda Malini-songs online නන්දා මාලිනිය වෙත දැනට පිරිනමා ඇති ජාතික මට්ටමේ සම්මාන https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103?sk=videos https://www.youtube.com/user/RanilMudunkotuwa/videos 1943 උපත් ශ්‍රී ලාංකික ගායකයෝ
2812
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92
පුලස්ති
පුලස්ති ඍෂිතුමන් යනු රාවණ රජතුමගේ මුත්තනුවන් ය. විශ්‍රවස් මුණි යනු පුලස්ති ඍෂිතුමන්ගේ පුත්‍රයා වේ. මෙතුමාගේ නගරය පුලතිසි පුරය යි. එය වර්තමානයේ පොළොන්නරුව ලෙස හැදින්වේ. පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති ප්‍රතිමාව පුලස්ති ඍෂිවරයාගේ ය. පුලස්ති ඍෂිවරයා යනු හෙළයේ මහා විද්වතා ය. ලං‍කාවේ ප්‍රධාන ඍෂිවරයන් වන කපිල, ඉසුරු, වෙස්ස හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස මෙතුමා සැලකෙයි. මෙතුමා තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියවේ. පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත. හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. මෙතුමාගේ ඔසු උයන් පිහිටියේ  රාවණා ඇල්ල අසල හා බඹර කන්ද ඇල්ල අසල බවට මතයක් ඇත. මේවාද බලන්න රාවණ රජතුමා විශ්‍රවස් මුණි යක්කයින් මූලාශ්‍ර ප්‍රාග් ඓතිහාසික යුගය - ශ්‍රී ලංකාව සාම්පදායික සිංහල දැණුම
2815
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%20%E0%B6%BB%E0%B6%A2
මහාසේන රජ
මහාසේන රජ නොහොත් මහසෙන් රජු (ක්‍රි ව 276-303 ) මින්නේරි දෙවියන් ලෙසද හදුන්වා ඇත. මෙතුමා ලංකාවේ වැවු 16 කරවූ බව සදහන්ය. මින්නේරි වැව මින් එකකි. මෙම වැව පිරුණු විට අක්කර 4570 පමණවේ. මෙම වැවට අවශ්‍ය ජලය ලබාගැනීම පිණිස මාතලේ දිස්ත්‍රික්කයේ වූ අඹන් ගඟ සිට ඇලක් කරවිය. මෙතුමන්ගේ රාජ්‍ය කාලය තුලදී දකුණු ඉන්දියාවේ සිට ලන්කාපුරට පැමිණි සංගමිත්ත නම් ස්ථවිරයන් වහන්සේ නමක් බුදුන්වහන්සේ විසින් නියම කල පිළිවෙත් මහාවිහාරය අනුගමනය නොකරන්නේයැයි ලෙස කීම පිට මහාවිහාරය විනාශ කල බව ඉහිහාසයේ සදහන්ය. පසුව රජුගේ මෙම තීරණය වෙනස්වූ බව ඉතිහාසය කරුණු දක්වයි. රුවන්වැලි සෑයට හා අභයගිරි සෑයට වඩා විශාලවූ ජේතවනාරාමය රජු . මහසෙන් රජු විසින් මැදිහත් වූ පසු ඔහුගේ උපදේශක මහායානා භික්ෂු සංඝමිත්තා නැවතත් නගරයට පැමිණියේය. භික්ෂු සංඝමිත්තා මහසෙන් රජතුමාට ඒත්තු ගැන්වූයේ මහාවිහාර භික්ෂූන් සැබෑ විනය උගන්වන්නේ නැත (බුදු දහමේ විනය නීති සංග්රහය). මහවිහාරයට භුක්ති විඳින මිනිසුන් සඳහා දඬුවම්: මහසෙන් රජු භික්ෂූන් වහන්සේට ආහාර සැපයූ ඕනෑම කෙනෙකුට දඬුවම් නියම කළේය. මේ හේතුව නිසා මහාවිහාර භික්ෂූන් වහන්සේලාට අගනුවර තුළ ජීවත් වීමට නොහැකි විය. මහාවිහාරය අතහැර දමා රෝහණටත් ගියේය. (රටෙහි දකුණු කොටස). මහවිහාරය හා පහතරට මහා විහාරය විනාශ කිරීම: භික්ෂු සංඝමිත්ත රජුට උපදෙස් දුන්නේ මහවිහාරය භික්ෂූන් විසින් අතහැර දමා ඇති බැවින්ය. එම ඉඩම රජතුමාට අයත් වේ. මහවිහාරය විනාශ කිරීමට රජ අවසර දුන්නේ ය. සංඝමිත්ත භික්ෂූන් සොල්දාදුවන් යැවූ අතර මහාවිහාර හා පහත් මහෝ පායා විනාශ කළහ. ගොඩනැගිලි දෙකකින් ලබාගත් ගොඩනැඟිලි අභයගිරි විහාරයේ වැඩි ගොඩනැගිලි තැනීම සඳහා යොදා ගන්නා ලදී. (කර්තෘ සටහන: මහින්ද හිමියන්ගේ ප්‍රයෝජන සඳහා දේවානම් පිය තිස්ස රජතුමා විසින් මුල් මහාවිහාරය ඉදි කරන ලද අතර දැන් මහසෙන් රජුගේ කාලය තුළ එය හයසියයකට පමණ පසුව එය විනාශ විය).  අමාත්‍ය මාඝවානබයගේ කැරැල්ල: මහසෙන් රජතුමා මහාවීර සහ ලුසා මහ පයා යන මහසෙන් මහා විනාශය රට තුළ බොහෝ දුෂ්කරතාවයන්ට පත් විය. මෙග්වවනාභයා නමින් කිං රජුගේ හොඳ මිතුරෙකු වූ එක් අමාත්යවරයෙකු (රෝහණ) වෙත ගොස් හමුදාවක් එක්රැස් විය. මහසෙන් රජතුමා රාජ්ය ආරක්ෂක හමුදාවට ආවා. ආර්ජර්වරුන් දෙදෙනෙකු ඩුරතිස්ස ජලාශයේ දෙපස කඳවුරු බැඳගත්හ. රාත්රි කාලයේදී ඇමතිවරයා සිතුවේ මම ජෑන්ස්ගේ අනෙක් පැත්තට කඳවුරු බැඳ සිටින මගේ හොඳ යාළුවෙකු වන මහසෙන් රජතුමා සමඟ රාත්රී භෝජන සංග්රහයක් පැවැත්විය යුතු බවයි. (දෙදෙනෙක් ඊළඟ දවසේ උදේ සමඟ සටන් කිරීමට සූදානම් වූහ). රජු රජුගේ කඳවුරට ගොස් තමාටම හඳුන්වා දුන් අතර රජතුමා ඔහු කඳවුරට පැමිණියහ. දෙදෙනාම එකට කෑම කනවා. රජතුමා (ඇමතිවරයා) කැරලිකරුවෙක් වූයේ මන්දැයි විමසුවේය. රජතුමා විසින් මහාවිහාරය විනාශ වීමෙන් ඔහුව කැරලිකරුවෙකු බවට පත් කළ බව අමාත්යවරයා පැවසීය. රජු ඔප්පුව සඳහා සමාව ඉල්ලූ අතර මහවිහාරය ප්රතිසංස්කරණය කිරීමට පොරොන්දු විය.  සංඝමිත්තාගේ මරණය: මහාවිහාරේ විනාශ කිරීමෙන් අනතුරුව භික්ෂු සංඝමිත්තා තූපාරාමය විනාශ කිරීමට මිනිසුන් සමග පැමිණියේය. එවකට රජුගේ භාර්යාවන්ගෙන් එක් අයෙකු සංඝමිත්තා ඝාතනය කිරීම සඳහා මුදල් ලබා දුන්නේය. කම්කරුවන් සංඝමිත්තා ඝාතනය කළ අතර තූපාරාමය විනාශයෙන් විනාශ විය. පොරොන්දු වූ පරිදි රජු මහාවිහාරය ගොඩ නැගුවේය. මහවිහාරයට පිටව ගිය භික්ෂූන් ආපසු එහි නැවතී සිටිති.  ජේතවන විහාරය ඉදිකිරීම: සංඝමිත්තාගේ මිත්රයකු වූ තෙරා තිස්ස මහත්වරුන් වන හෝ දක්ඛිනාරාමයේ ප්රධාන භික්ෂුව විය. මහාවිහාරයට අයත් ඉඩමෙහි විශාල තූපාවක් ගොඩ නැගීමට රජතුමාට හැකි විය. මහවිහාර භික්ෂූන් මෙම ක්රියාව නතර කිරීමට උත්සාහ කළ නමුත් එය එසේ කිරීමට නොහැකි විය. මහාවහාරයට අයත් ඉඩම මත ජේතවන විහාරය ගොඩනගා ඇත. මහසෙන් රජු විසින් මැනීෂිය (මින්නේරිය) ජලාශය ඉදි කොට තවත් ජලාශ 15 ක් සහ පබ්බතන්ත ඇල ඉදිකර ඇත. මහසෙන් රජු විසින් ඉදි කරන ලද ජලාශ 16 ක්; (මානිහිර, මහගම, චලුර, ඛාන්, මහමනි, කොකාවත, ධම්මාරාම, කුඹලක, වැනාන, රත්මලාකන්දක, තිස්ස වාඩමාණ, වේලන්ගාවිට්ටි, මහගල්කා, සීරා, මහදාරගල්ලක, කලපසනා). මහාවංශය අනුව, ඔහු බොහෝ කුසලතාවයන් සහ බොහෝ පාපයන් එකතු කළේය. කර්තෘ සටහන: රතුමළකණ්ඩු පාදාවිය ජලාශයට තිස්සමදමාක, කවුඩුල්ල ජලාශය ලෙසද, මහදාරගලාකා නාච්චාදුව ජලාශය ලෙස හඳුනාගෙන ඇත. කර්තෘ සටහන: මහසෙන්ගේ කාල පරිච්ඡේදය ලංකාව තුළ බුදුරජාණන් වහන්සේගේ යුගයේ යුගයක් මිස බුද්ධාගම නොවේ. මහාවීර රජු විනාශ කළ ප්රථම මහසෙන් රජ මහජනයා ඔහුට දෙවි කෙනෙකු බවට පත් කළේය. අදටත්, අවුරුදු දෙදහසකට පසු ශ්රී ලංකාවේ ජනයා මහසෙන් දේවියෝ හෝ මින්නේරි දේවියෝ ලෙස හැඳින්වේ.  ඇලහැර ඇල වාසබා රජතුමා විසින් ඇලහැර ඇල යෝජනා ක්රමය ආරම්භ කර ඇති අතර මහසෙන් රජු වර්තමානය දක්වා එය ගොඩ නංවා ඇත. සියවස් ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ ඇල මාර්ගය ප්රතිසංස්කරණය කරන ලද්දේ බ්රිතාන්ය ආණ්ඩුකාර හෙන්රි වෝඩ් විසිනි. ඇලහැර ඇළ ප්රදේශය ඇලහැර ආශ්රිතව ඇඹන් ගඟෙන් ආරම්භ වන අතර උතුරු, මින්නේරිය, ගිරිතලේ හා කන්තලේ ජලාශවල විශාල ජලාශවලට ජලය ගෙන එයි. ඇලෙහි සම්පූර්ණ දුර ප්රමාණය සැතපුම් 54 ක් වන අතර පළල අඩි 70 සිට අඩි 200 දක්වා වෙනස් වේ. (පාපන්දු ක්ෂේත්රයේ දිග මීටර් 300 ක් සමග සසඳන්න).  පුරාණ ලෝකයේ ශ්රේෂ්ඨතම ඇළ: (සංකේත: ශ්රීමත් ඉමර්සන් ටෙන්න්ට්ටන්) "ඊජිප්තුවේ මෝරිස් විල හා අල් ආරාම්ගේ අද්භූත ගුහාව හැරුණු විට අතිවිශිෂ්ට මානයන් හැරුණු විට, කිසිම සමාන වර්ගයකින් කිසිම ජන වර්ගයක් නිර්මාණය කර නැත. පැරණි හෝ නවීනතම, ලංකාවේ සම්භාවනීය ටැංකිවල දැවැන්ත විශාලත්වයෙන් යුක්ත වේ. ඉෂෆන්හි කෝරූඩ්, ආයිමර් කෘතිම විල හෝ මයිසෝහි හයිඩර් වැවෙහි ජලාශයක් කලා වැව හෝ පදවිය සමඟ සමීපව හෝ සැළකිය හැකිය. පර්සියානු කානාත් හෝ පේරූහි උමං මාර්ගයේ හසාකියාගේ හයිඩ්රීවීව් කන්ද, ඇහරා ඇල ඔස්සේ මින්නේරි විල සමග සම්බන්ධ වූ පරාක්රම සමුද්රය (පරාක්රම සමුද්රය) සමග සම්බන්ධ විය හැකිය. (ශ්රීමත් එම්මර්සන් ටෙන්න්ට්න්ට්, සාහිත්යය: ආර්. එල්. බ්රොහියර්, පුරාණ වාරිමාර්ග කටයුතු - ආධුනික සඳහා සංශෝධිත).  ඇලහැර ඇල මාර්ගය: මීටර් 0.0 - ඇඹන් ගඟට ජල සැපයුම අත්හිටුවිය ගෝඨාභය රජුගේ බාල පුත්‍රයා වූ මහසෙන් කුමරු ළමා කල ඇසුරු කලේ අභයගිරි විහාර වාස සංඝමිත්ත නම් භික්ෂුවක් සමගය. මහසෙන් රජ වූ පසු එම තෙරුන්ගේ අනුමැතිය මත මහායාන බුදුදහමට නැඹුරු වීම නිසා මහා විහාර භික්ෂූණ් වහන්සේලා අනුරපුර අතහැර ගියේය. මේ හේතුවෙන් මේඝවර්ණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රජුට එරෙහිව කැරැල්ලක් ඇතිවිය. රජු නැවත මහා විහාරය ගොඩ නැගීම නිසා කැරැල්ල සමථයකට පත් වූ අතර මහා විහාර භික්ෂූණ් නැවත පැමිණියහ. නමුත් පසුව රජු,  එම භික්ෂූණ්ගේ අණ නොතකා  එහි ජේතවනාරාමය ගොඩනගන ලද අතර එය තිස්ස නම් තෙරුන්ට පූජා කලේය. මෙයින් ලංකාවේ ජේතවන නිකාය ආරම්භ විය. ආගමික අතින් අර්බුද පැවතියත් වැව් 16 ක් මෙතුමා විසින් කරන ලදී. මින්නේරිය, හුරුළු, රන්තිසා, මහකනදරා, මාමිණියා, කවුඩුළු, මාගල්ල, මොර වැව ආදිය ඒ අතර වේ. ඇලහැර ඇල විශාල කල මෙතුමා තලවතු ඇල වැනි ඇලවල් ද කරමින් රටේ වාරි තාක්ෂණයට ඉමහත් සේවයක් කලේය. ඉදිකරවූ වැව් මින්නේරිය වැව කණදරා වැව කවුඩුල්ල වැව මහගල්කඩවල වැව හුලුගල්ල වැව හිරාමුල්ල වැව හුරුළු වැව මාමිණියා වැව මාගල වැව කලවාන වැව මෙරවාපිය වැව ඉදිකරවූ ඇලවල් පබ්බතන්ත ඇල රිදීබැඳි ඇල ඉදිකරවූ අමුණු රිදීබැඳි අමුණ වැව ශ්‍රී ලංකාවේ රජවරු මහසෙන් රජ
2816
https://si.wikipedia.org/wiki/%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%20%E0%B6%BB%E0%B6%A2
ධාතුසේන රජ
king dhathusenaධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි. මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදියයි. මරණය පසුකලෙක සිගිරිය තම රාජධානිය කරගත් කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජුව කලා වැවේ වැව් බැම්මට තබා පස්ගසා ඝාතනය කරනලදි. පසුව ඇතිවූ තත්වය කාශ්‍යප රාජ්‍යත්වය අල්ලා ගැනීමෙන් පසු බියපත් වූ මුගලන් ඉන්දියාවට පැන ගිය බව මහාවංසය කියයි. නමුත් ඔහු පැන ගියේය. කොහාටද යන වග මහාවංසයේ සඳහන් වන්නේ නැත. මෙය මහාවංස කර්තෘ නොදැන සිටින්නට ක්‍රමයක්‌ නැත. එක්‌කෝ මුගලන් ආගිය අතක්‌ නොමැති නිසා ඔහු ඉන්දියාවට පැන යන්නට ඇතැයි මහාවංස කර්තෘ උපකල්පනය කළා විය යුතු වෙයි. නැතහොත් මුගලන්ගේ ආරක්‍ෂාව පිණිස හෙළි නොකළා විය යුතුය. නමුත් එයින් පළමු වැනි ප්‍රස්‌තුතය මෙහිලා වඩාත් උචිත බව අපගේ කල්පනාවයි. මුගලන් පැන ගියේ සිය මවු පාර්ශ්වයේ ඥාතීන් විසූ පල්ලව දේශයට වන්නට වැඩි සම්භාවිතාවක් ‌ තිබේ.
2817
https://si.wikipedia.org/wiki/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%20%28%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%29
ධර්මපාල (බහුරුත්හරණය)
ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න දොන් ඩෙවිඩ් හේවාවිතාරණ නොහොත් අනගාරික ධර්මපාල නොහොත් සිරි දෙවමිත්ත ධර්මපාල දොන් ජුවන් ධර්මපාල රජ ධර්මපාල විද්‍යාලය වක්‍රෝත්තිහරණ පිටු
2818
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සුසන්තිකා ජයසිංහ
සුසන්තිකා ජයසිංහ (උපන්දිනය - 1975/12/17, උපන් ස්ථානය අත්නාවල, ශ්‍රී ලංකාව) මීටර 100 හා මීටර 200 ඉසව් ප්‍රගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියකි. ඇය ඔලිමිපික් පදක්කමක් දිනා ගත් එකම සිංහල පුද්ගලයාය. 2000 වසරේ ඔලිම්පික් උළලේදී ඇය ලෝකඩ පදක්කමක් (පසුව එහි රිදී පදක්කම ඇයට හිමිවිය) දිනා ගත්තාය. කොළඹින් කිලෝ මීටර 60 පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිළිඳු පවුලකට දාව සුසන්තිකා උපත ලැබුවාය. ඇයට දිවීමට අවශ්‍ය සපත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වූ අතර, ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩාකල නොතිබිණ. එසේවුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබාගැනීමට තරම් තත්වයකට ඇය පත් වූවාය. ඇය මෙම ජයග්‍රහණ ලබාගත්තේ ස්ව-උත්සාහයෙන් පැමිණි ගමන තුළදීය. ඇයට 1997දී IAAF හි ලද ජයග්‍රහණයෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම් සදහා යාමට අවස්ථාව උදාවිය. ශ්‍රියත් සුභාෂ් දිසානායක, දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්න වැනි අනිකුත් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩාකරුවන් සමඟ එකතුව වසර 2000 දී පැවති ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික තරඟකරුවන් සමඟ හොඳින් තරඟ කිරීමට හැකි බව ඇය ලොවට පෙන්වූවාය. වර්ෂ 1948 න් පසුව පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට එම තරඟාවලියේදී ඇයට හැකිවිය. එහිදී ඇය මේරියන් ජෝන්ස් (Marion Jones) හා පවුලින් ඩේවිස්-තොම්සන්(Pauline Davis-Thompson) ට පිටුපසින් තරඟය නිමකර ලෝකඩ පදක්කම දිනාගත්තාය. නමුත් පසුව මේරියන් ජෝන්ස් හට තහනම් උත්තේජක චෝදනා එල්ල වීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කෙරුනු බැවින් පවුලින් ඩේවිස්-තොම්සන් හට රන් පදක්කමත්, ඇය හට රිදී පදක්කමත් හිමි වූවාය. සුසන්තිකාගේ ක්‍රීඩා දිවිය මතභේදාත්මක හා දුෂ්කර එකකි. වසර 1998 දී ඇයට තහනම් උත්තේජක භාවිතා කරන ලදැයි පවසා තරඟ තහනමක්ද පනවන ලදී. ඇයගේ දේශපාලනික ස්ථාවරයත්, ක්‍රීඩා නිලධාරීන් සමඟ ඇතිවූ ආරවුල් මේ තත්ත්වයට මුල්වූ බව සුසන්තිකා කියා සිටියාය. පසුව ඇයව මෙම වරදින් නිදහස් කරන ලදී. ඇය ඔලිම්පික් පදක්කම දිනාගෙන සිය රටට පැමිණීමෙන් අනතුරුව පිරිමි ධාවන ක්‍රීඩකයෙකුගේ පහර කෑමකට ද ලක්විය. මෙයට හේතුව ඇය ඡන්ද ව්‍යාපාර කටයුතු වලදී කලින් පැවති රජයට සහය දීම බව ඇයගේ විශ්වාසයයි. ජාතික මලල ක්‍රීඩා සංගමයේ සහයක් නොමැතිවූ හෙයින් ඇයට අගහිඟකම් වලට මුහණ දීමටත්, වසර 2000 ඔලිම්පික් තරඟ වලට සහභාගී වීමටත් සිදුවිය. එනමුත් වසර 2000 ඔලිම්පික් ජයග්‍රහණ‍යත් සමඟ ඇයට ජාතික වශයෙන් අරමුදල් එකතු කර සහය දැක්වීමක් සිදුවිණී. එසේ වුවත් ඇය රට අතහැර ඇමරිකාවේ Los Angeles නගරයේ පදිංචියට ගියාය. කෙසේ වුවත් නැවත ලංකාවට වර්තමානයේදී ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි. ඇය නාගලිංගම් එතිර්වීරසිංහම් (ආසියානු ක්‍රීඩා උස පැනීමේ 1958 රන් පදක්කම් ලාභී හා දෙවරක්, 1952 හා 1956 දී, ඔලිම්පික් ක්‍රීඩක) සමඟ පුහුණුවීමට Los Angeles නගරයට ගියාය. ඉන් ටික කලකට පසුව ඇය වසර 2007 ජෝර්දානයේ (Jordan) හි පැවති මීටර 100 හා මීටර 200 ආසියානු මලල ක්‍රීඩා තරඟවල රන් පදක්කම් ලැබීමටත් හා එම වසරේම පැවති ලෝක ශූරතා තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් ලැබීමටත් සමත් වූවාය. එම ලෝක ශූරතාවය ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ ලෝක ශූරතාවයක් දිනා දස වසරකට පසුවය. දැනට (2007 අගෝස්තු 13 දිනට පෙර) IAAF ශ්‍රේණිගත කිරීම් අනුව මීටර 100 ඉසව්වෙන් ලොව 18 වන ස්ථානයටත්, මීටර 200 ඉසව්වෙන් ලොව 20 වන ස්ථානයටත් පත්ව සිටියාය. 2009 වසරේ පෙබරවාරි 05 දින මවක් වීමේ බලාපොරොත්තුව සාර්ථක කරගැනීම සඳහා සිය විශ්‍රාම යාම ප්‍රකාශ කලාය. ඇය එම වසරේම මාර්තු 31 දින කුඩා පිරිමි දරුවෙකු බිහි කලාය. සුසන්තිකා ජයසිංහ 2010 වසරේ නොවැම්බර් මස නැවත ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන බව ප්‍රකාශ කලාය. Kuruppuarachchi පෞද්ගලික හොදම ප්‍රතිඵල ජයග්‍රහන ආශ්‍රිත ලිපි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සටහන් බාහිර සබැදි ජීවමාන ජනයා ක්‍රීඩකයන් ශ්‍රී ලාංකික කෙටි දුර ධාවක සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ 1975 උපත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
2819
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%20%E0%B6%AF%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
සුගතපාල ද සිල්වා
සුගතපාල ද සිල්වා ( 1928 අගෝස්තු 04 – 2002 ඔක්තෝම්බර් 28 ) සුවිශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍ය කරුවෙකු හා නවකතාකරුවෙකි. සුගතපාල ද සිල්වා 1928 අගෝස්තු 04 වන දා ශ්‍රී ලංකාවේ [[වැලිගම]මිදිගම දේනුවල දී] උපත ලද්දේ කුඩා වෙළෙන්දෙකුගේ පුතෙක් ලෙසටය. ඔහු එහි සිංහල, දෙමළ හා මුස්ලිම් වෙළෙන්දන් අතර හැදී වැඩුණි. ඔහුගේ මෙම මුල් කාලීන ජීවිත අත්දැකීම් බිත්ති හතර ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ හා එසේ වී නම් මිනිසුනේ මෙය අසවු නවකතා ලිවීමට මගපාද‍න්නට ඇත. ද සිල්වා 1960 ගණන් වලදී කොළඹට පැමිණි අතර එම කාලයේදී තිබූ දේශපාලනික හා සංස්කෘතික ව්‍යාපාරවල නිරත වීමට පටන් ගත්තේය. සොඳුරු ආඥාදායකයා ලෙස සුරත්ල් නමකින් හැඳින්වූ ඔහු අපේ කට්ටිය ලෙස හැඳින්වූ නාට්‍යය කණ්ඩායමක් තනා ටිනීස් විලියම්ගේ හා පිරැන්ඩෙලෝගේ Cat on a Hot tin roof හා Six Characters in Search of an Author වැනි නාට්‍යය පරිවර්තනය කර රඟ දැක්වීම සිදු කරන ලදී. මෙම නාට්‍යය සමගම ඔහු තට්ටු ගෙවල් හා බෝඩිං කාරයෝ වැනි එම කාලයේ මධ්‍යම පාන්තිකයන්ගේ ආකාරය ග්‍ර​හණය කරගත් නාට්‍යය ද ඉදිරිපත් කරන ලදී ඔහු‍ගේ අනෙකුත් නිර්මාණ අතර එකවල්ලෙ පොල් , හරිම බඩු හයක් , මුතු කුමාරි, ඇසළ සඳ හා මරාසාද් වේ. ද සිල්වාගේ හොඳම නාට්‍යය ලෙස බොහෝ දෙනෙක් සලකණු ලබන්නේ දුන්න දුනු ගමුවේ වන අතර එය ශ්‍රී ලංකාවේත් 1971 කැරැල්ල අවසාන වනවාත් සමගම ලියන ලද්දකි. වෙළඳ ගැටුමක් මත පදනම් වුවත් එය තාක්ෂණික ක්‍රම මගින් දේශපාලනය හා කලාව දක්ෂ ලෙස​ එකට මිශ්‍රකර යූ ආරියවිමල් හා ඩබ්ලිව් ජයසිරි ගේ සුවිශිෂ්ඨ රංගනය සමග වූ සම්මිශ්‍රණයක් විය.එම දශකය අවසානයේ ඇති වූ දැඩි දේශපාලනික නාට්‍යය කරණයේ ආරම්භකයා වූයේ මොවුන් දෙදෙනාය. ද සිල්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ අතර 1960 දශකයේ අග භාගයේදී සතිපතා වන රේඩියෝ නාට්‍යයවල හා කෙටි නාට්‍යය වැඩසටහන්වල ප්‍රධානියා වීය. වර්තමානයේ ඉතා ජනප්‍රිය ලේකකයන්ගේ හා නාට්‍යය කරුවන්ගේ ප්‍රථම නාමකරණ භූමිය වූයේ මෙයයි. 1997 සිට ද සිල්වා ගේ ජීවිතය ඇඳට පමණක් සීමා වූ අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2002 ඔක්තෝම්බර් 28 වන දින අභාවප්‍රාප්ත විය. 1928 උපත් 2002 මරණ
2820
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%20%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B7%83
කුමාරතුංග මුනිදාස
This about a famous writer in Sri Lanka.He is a good writer in Sri Lanka. This is mostly read this using small kids and big kids Yeah that's true. කුමාරතුංග මුනිදාස ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙ⁣⁣යෙක්, අර්ථ කතාකරැ⁣වෙක්, කවියෙක් සහ පත්‍ර කලා⁣වේදි⁣යෙක් විය. ඔහු විසින් හෙළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දරනු ලැබී ය. මෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වූයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව පැහැදිලිව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය. යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොට ගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහඟු පරිශ්‍රමයක් දැරීය. කුමාරතුංග සාහිත්‍යවේදියෙකු මෙන්ම පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සඳහා පර්යේෂණයන් රැසක් දියත් කළේය. කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු කටයුතු කළේය. වර්තමානයේදී ද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව යනාදිය කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ. ✓ළමා සාහිත්‍යය සඳහා දායකත්වය✓. සිංහල භාෂාව සහ සාහිත්‍ය ‍ක්ෂේත්‍රයේ එතුමා පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිමය ස්වරූපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංග වේ. ✓හෙළ හවුල✓ -කුමාරතුංග- • දෙස, බස, රැස තෙරුවන් ලෙස සැලැකු අතර එය රැකැ-ගැනිමේ අරමුණින් ඇරැඹි හෙළ හවුල යනු 1941 දී ඒතුමා ගේ මුල් වීමෙන් බ්‍රිතාන්‍ය ලංකා යටත්විජිතයේ පිහිටුවන ලද ජාතික සංවිධානයෙකි. දෙස, බස, රැස යන හෙළ තෙරුවන සුරැකීම සඳහා ඇරැඹුණු හෙළ හවුල, සිංහල බසෙහි අබිවැඩුම සඳහා විසල් මෙහෙවරක් ඉටු කළ ආයතනයෙකි. නිවැරැදි පිරිසුදු හෙළ බස නඟාලීම මේ ආයතනයෙහි මුල් අරමුණෙකි. තව ද හෙළ ඉතිහසෙහි සැබෑ යටගියාව ඉස්මතු කිරීම සඳහා ද හෙළ හවුලින් ඉටු වූ මෙහෙය නොපටු යැ. 1941 සිට මේ දක්වා ක්‍රියාකාරී වැ පවත්නා එක මැ සිංහළ භාෂා ගුරුකුලය ද මෙය යි. හෙළ හවුලින් බිහි වූ කිවිවරු ද පඬිවරු ද බොහෝ යැ. "ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත." (ලක් මිණි පහන් කතු වැකි - කුමාරතංග මුනිදාස) ආනන්ද රාජකරුණා එස්.මහින්ද හිමියන් මුනිදාස කුමාරතුංග වැනි නිර්මාණශීලී නිර්මාණ කරුවන්ගේ ළමා නිර්මාණ ඉහළ මට්ටමක පැවැතුණා. ඒ අය ළමා මනසට උචිත ගීත සාහිත්‍යයක් ගොඩනැගුවා. අදත් අප ඒ ආස්වාදනීය ගීත රස විදිනවා. ‘සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි’ එවැනි අරුත්බර ගීත සංකල්පනා අද ළමා නිර්මාණ තුළ සරවිඳින්නට ලැබෙන්නේ නැහැ. වර්තමානයේ වැඩිහිටි ගීතය මෙන්ම ළමා ගීතයද පරිහානිය කරා ගමන් කරන ලක්ෂණ දක්නට ලැබෙනවා. ක්‍රි.ව. 20වන ‍ශතවර්ශය මුල වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාප්‍රතිය නිසාද, දිනමිණ වැනි පුවත් පත් නිසාද සිංහල භාෂාවට නව ඡීවයක් ලැබුණි. හෙළ හවුල සිංහල කවියෝ ළමා පද්‍ය සාහිත්‍යයේ කුමාරතුංග සලකුණ සිංහල ලේඛන කලාවේ ප්‍රමුඛයකු වශයෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස මහතා 1887 ජූලි මස 25 වැනි දින රුහුණේ දික්‌වැල්ලේ දී උපත ලැබීය. කුඩා කල පටන් සාහිත්‍ය ක්‌ෂේත්‍රයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ කුමාරතුංගයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවටත්, ජාතියටත් සිදුවූ සේවය අනභිභවනීයය. ළමා පද්‍ය සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුනු මූලිකයා වශයෙන් කුමාරතුංග මුනිදාස සූරීන් අවිවාදයෙන් සඳහන් කළ හැකිය. කුමර ගී, කියවන නුවණ, හා ශික්‍ෂා මාර්ග පොත් පෙළ ඔහු විසින් රචනා කරන ලද ළමා පද්‍ය ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙයි. එපමණක්‌ නොව කුමාරතුංගයන් අතින් ලියෑවුණු ළමා ගද්‍ය සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. හීන් සැරය, මඟුල් කෑම, හත් පණ යන ළමා, ගද්‍ය සාහිත්‍ය කෘති ත්‍රිත්වය ළමයින් තුළ පමණක්‌ නොව වැඩිහිටියන් තුළ පවා ජනාදරයට පාත්‍ර විය. ජාතියේ ජීවනාලිය ළමා පරපුරයි. ළමයින් තුළ උදාර ආකල්ප ඇති කිරීමේ අදිටනින් යුතුව ළමා පද්‍යකරණයේ නියෑලුණු කුමාරතුංග මහතාට ළමා මනස, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආකල්ප හා රුචි අරුචිකම් පිළිබඳ මනා අවබෝධයක්‌ තිබූ බව ඔහුගේ ළමා පද්‍ය රචනා විමර්ශනයට ලක්‌ කිරීමේදී පැහැදිලිව පෙනී යයි. ළමුන්ගේ පරිසරය හා ඔවුන්ගේ කල්පිත ලෝකය හා සමගාමීව යන අත්දැකීම් ළමා පද්‍ය රචනයේදී ඔහු උපයෝගී කොටගෙන තිබීම එහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. ළමා වහර පිළිබඳ අවබෝධයකින් යුක්‌තව සරල සුඛ නම්‍ය බස්‌ වහරක්‌ තම පද්‍යයන් සඳහා ඔහු විසින් යොදා ගන්නා ලදී. ලගන්නා සුළු අලංකාරෝක්‌ති භාවිත කිරීම මගින් ළමා මනස තුළ චමත්කාරයක්‌ ඇති කිරීමට ඔහු සමත් විය. කුමාරතුංගයන්ගේ ළමා පද්‍යවල දැකිය හැකි තවත් සුවිශේෂී වූ ගුණාංගයක්‌ ලෙස ගායනයට සුදුසු ආකෘති භාවිත කිරීම දැක්‌විය හැකිය. එනිසා ඔහුගේ ළමා පද්‍ය එදත් අදත් එකසේ රස විඳිය හැකිය. ළමයින්ට උචිත වූ වස්‌තු විෂයන් ඔස්‌සේ කාව්‍යයන් ඉදිරිපත් කරන කුමාරතුංග මහතා ළමා සාහිත්‍යයේ ස්‌වරූපය දක්‌වා සිටියේ මෙලෙසිනි. "දරුවන් හට මහත් - තැනක්‌ නැතිව වැමැ වැටහෙන උන්නේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන උන් කියවනු ඇසූ - වැඩිහිටියවුන් පහදවන විසිතුරු පබැදුමෙකි - ඒ වයසට කවියෙක්‌ නම්" දරුවන්ට නිරායාසයෙන් අවබෝධ කරගත හැකි සරල නොගැඹුරු නිර්මාණ ළමයින්ගේ ඥනයට සරිලන අයුරින් රසාස්‌වාදය කළ හැකි වැඩිහිටියන්ටද සතුට දනවන කවි කතා රචනා විය යුතුය යන්න කුමාරතුංගයන්ගේ අදහස විය. ළමයින්ගේ රුචි අරුචිකම් පිළිබඳ මනා අවබෝධයකින් යුක්‌ත ව කාව්‍ය රචනයෙහි නියෑලුණු කුමාරතුංගයන් විවිධ වයස්‌ මට්‌ටම්වල දරුවන්ට උචිත ආකාරයෙන් සිය රචනා ඉදිරිපත් කළේය. ඔහු අතින් ලියෑවුණු විශිෂ්ට ගණයේ ළමා පද්‍ය කාව්‍යයක්‌ සේ "කුමර ගී" කාව්‍යය හැඳින්විය හැකිය. එහි සඳහන් "වෙරි වූ මීයා", "රෝස ගස", "අකුරු සතර උගත යුතු", "හාවාගේ වග", "ලේනා", "දරු සුරතල්", "උදය" ආදී පද්‍ය පන්තීන් වත්මනේ පවා කුඩා ළමුන් අතර සිත්ගත් ළමා පද්‍ය පන්ති වශයෙන් හැඳින්විය හැකිය. "ලේනා" නමැති ළමා පද්‍ය රචනාව මගින් කතුවරයා කුඩා ළමුන් ප්‍රිය කරන සත්ත්වයෙකු වූ ලේනා කවි පන්තිය සඳහා විෂය කර ගනියි. රස පලතුරු බුදිමින් නිදහසේ හැසිරෙන ලේනාගේ ක්‍රියාකාරකම්, කුඩා දරුවන් තුළ ලේනාට දක්‌වන කැමැත්ත මෙමගින් ධ්වනිත කිරීමට ඔහු උත්සාහ දරා ඇත. "ලේනේ බව පා නිදහස ටිං ටිං ගාමින් මේ ලෙස බුදිමින් හොඳ හොඳ පළරැස සිටිනු දකින මට වෙයි තොස" ලේනාගේ හැසිරීමේ ස්‌වභාවය ළමා මනස තුළ සංකල්පරූප මැවීමට සමත් වන අතර මෙම පැදි පෙළ මගින් ලේනාගේ ස්‌වරූපය හැරුණු විට නිදහස පිළිබඳ තරමක්‌ ගැඹුරු අදහසක්‌ ද ධ්වනිත වේ. කුමාරතුංගයන්ගේ තවත් අතිශය සාර්ථකත්වයට පත්වූ ළමා පද්‍ය නිර්මාණයක්‌ වශයෙන් "හාවාගේ වග" නම් පැදි පෙළ හැඳින්විය හැකිය. බාල මහලු වැඩිහිටි කා අතරත් ජනාදරයට පාත්‍ර වූ මේ පැදි පෙළට ඔහු විසින් වස්‌තු විෂය වශයෙන් තෝරා ගන්නා ලද්දේ සත්ත්ව ලෝකයේ අහිංසක සතෙකු ලෙස නම් දරා සිටින හාවාය. "හා හා හරි හාවා කැලේ මැදින් ආවා හිටගෙන ගඟ ගාවා වට පිට ඇහැ ලෑවා" "කොළ දෙකටක්‌ කෑවා පැන් උගුරක්‌ බීවා තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා" හාවා වේගයෙන් දුවවිත් ආහාරගත් ආකාරය ළමා මනසේ වාග් චිත්‍ර මැවෙන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා ඔහු යොදාගත් සරල සුගම, සුලලිත බස්‌ වහරක්‌ වහ වහා බිඳී යන විරිතක්‌ ඊටම උචිත වූවකි. හාවාගේ ජංගමශීලි ස්‌වභාවය මේ තුළින් මනාව පෙන්නුම් කෙරේ. කුමාරතුංගයෝ ජනකවි බසට තරමක්‌ සමීප භාෂාවක්‌ බොහෝ අවස්‌ථාවල තම ළමා පද්‍ය සඳහා යොදා ගත්හ. ව්‍යවහාරෝචිත භාෂාවෙන් ගත් වදන් සමූහයකින් රචිත මේ පැදි පෙළට ද ඔහු විසින් ජන කවි බසේ ආභාසය ලබා ගෙන ඇති බව සඳහන් කළ හැකිය. ළමා සිත සැබැවින්ම පිවිතුරුය. ඔවුන්ගේ සිත් සතන් තුළ උපදින අදහස්‌ අව්‍යාජය. තම සිත් පරිදි නිදහසේ හැසිරීමට කැමැත්තක්‌ දක්‌වන කුඩා ළමයා තම චරිතය හැඩගසා ගන්නේ කෙනෙකු අනුකරණය කිරීමෙන් හෝ අන් අයගේ බලපෑම් මතය. එහිදී ළමයාට නිසි ආදර්ශයක්‌ නොලැබුණහොත් ඔවුන් තුළ සදාචාරාත්මක ගුණ වගාවක්‌ ඇති නොවේ. ළමා මනස තුළ එවන් ගති ගුණ ඇති කරවීමට සමත් පද්‍ය රචනාවන්ට යොමුවූ කුමාරතුංග මහතා ළමා පද්‍ය සාහිත්‍යයේ මෙහෙවර නිසි පරිදි හඳුනාගත් පුද්ගලයෙකු විය. හොඳ නරක නිසි පරිදි ළමයාට වටහා දීමට උපදෙස්‌ දෙන පද්‍ය රචනාවක්‌ වශයෙන් ඔහුගේ "සිරිමත්" නම් පැදි පෙළ හැඳින්විය හැකිය. "සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි" "උදයම පුබුදී මුහුණට දියදී කුල දෙවි නමදී ගේ දොර අමදී" ළමයෙකුට මෙවැනි කටයුතු එලෙසින්ම කළ යුතු යෑයි බල නොකරන කතුවරයා ආදර්ශවත් ළමයෙකු= තුළ මෙවන් ගති ගුණ පිහිටා තිබිය යුතු යෑයි ව්‍යංග්‍යාර්ථයෙන් පවසයි. ළමා මනස තුළ උසස්‌ ගතිගුණ ප්‍රගුණ කොට ගුණ නුවණින් පිරි සිරිමත් වැන්නවුන් බිහි කිරීම ඔහුගේ පරමාර්ථය වන්නට ඇතැයි සිතිය හැකිය. සදාචාර සම්පන්න ළමා පරපුරක්‌ බිහිකිරීමේ අටියෙන් නිර්මාණය වූ මෙවැනි පද්‍ය සර්වකාලීනය. සෞන්දර්යාත්මක හැඟීම් ළමා මනස තුළ ඇති කිරීමට සොබා දහමේ නොයෙක්‌ වස්‌තූන් හා ක්‍රියාකාරකම් තම නිර්මාණවලට වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට කුමාරතුංගයන් උත්සාහ දරා ඇත. ළමා මනසට සමීප ඔවුන් වඩාත් ප්‍රිය කරන ස්‌වභාව ධර්මයේ ජීවි, අජීවි වස්‌තු අවස්‌ථාවෝචිතව යොදා ගැනීමෙන් රසභාව පූර්ණ හැඟීම් ළමා මනසෙහි ජනිත කරවීමට ඔහු එමගින් සමත් විය. පරිසරයේ ඇති විවිධ මල් වර්ග දෙස නෙත යොමන කුඩා දරුවාගේ මනස තුළ ඇති වන හැඟුම් සමුදායක්‌ "මල් බස්‌" නමැති පැදි පෙළ මගින් ඉදිරිපත් කොට ඇත. "ගස වතුසුදු වී පිරිසිදු පොහොය නැතිදා - සිල්ගත් බඳු" වතුසුදු ගස පොහොය දිනට පමණක්‌ නොව සැමදා සිල් ගත් විලාසයක්‌ මවා පායි. සුදු පැහැති මල්වලින් ගැවසුණු වතුසුදු ගස පිළිබඳ සරල පද මාලාවකින් මවන කවි සංකල්පනාව අපූර්වත්වයෙන් යුක්‌තය. "දහස්‌ දලා - ගස විමලා මහණ වැල - සිටිනතුලා" කහ පැහැයෙන් බබළන දාස්‌ මල් ගස මහණ වූ ආකාරයත් පෙන්නුම් කරයි. ඖචිත්‍ය නව්‍යත්වයෙන් යුක්‌ත වූ සරල උපමා යොදා ගනිමින් ඒ අවස්‌ථාව කුඩා දරුවාගේ මනස තුළ විත්‍රණය කරයි. "නැණ ගුණ දම් - රුව පැහැතුම් ඇති අය නම් - රෝස කුසුම්" "මල කිණිහිරි - රුවිනි සසිරි නැති නැණ සිරි - දරුවෙකු සරි" ගුණ නුවණින් හා රූපයෙන් උසස්‌ දරුවෙකු රෝස මලකට සමාන කර දක්‌වන කතුවරයා රූපශ්‍රීයෙන් පමණක්‌ යුක්‌ත වූ ගුණ නුවණින් යුක්‌ත නොවූ දරුවෙකු කිණිහිරි මලකට සමාන කර දක්‌වයි. සත්ත්ව ලෝකයේ බළලා හා මීයා පිළිබඳ විවිධාකාර කවි කතා සුලබව ළමා මනසේ තැන්පත් වූවකි. එක්‌ දිනක්‌ මීයෙකුට වූ ඇබැද්දියක්‌ පිළිබඳ "වෙරි වූ මීයා" නම් පැදිපෙළ මගින් කුමාරතුංග සූරීන් දක්‌වා ඇත්තේ ඉතා අපූර්ව ආකාරයෙනි. "දවසක්‌ රා ටිකක්‌ ලැබ බී මත්ව මීයෙක්‌ බළලා වී මතක්‌ මෙසේ කීයේ උඩඟු වදනක්‌" "බළලෙකු ඉතින් මට අසුවුණු හොතින් විගසට කඩා වූ දෙකකට දමමි ඇදලා කහල ගොඩකට" මත් වූ මීයා මෙලෙස පුරසාරම් බස්‌ දෙඩූවද පියවි සිහියෙන් නම් මීයෙකු කෙදිනකවත් බළලා ඉදිරියේ මෙවන් වදන් පැවසීම විහිලුවකි. මෙහිදී කවියා මත් පැනින් මත්වූ පසු අප සමාජයේ සිටින බොහෝ පුද්ගලයන්ට තමා කවුද යන වග අමතක වී යන බවත් බලවතුන් ඉදිරියේ පුරසාරම් බස්‌ පවසන එවන් පුද්ගලයන් වෙරි වූ මීයෙකුට සමාන බවත් නොකියා කියයි. තමාගේ තරම දැන ජීවත් විය යුතු බවද කතුවරයා පැවසීමට යත්න දරයි. කතුවරයා පැදි පෙළ අවසන දී උපදේශයක්‌ ද දෙයි. "තම තරම දැනගෙන - නොපැවතුණහොත් සැම තැන මීයාට වූ මෙන - බියයි වන්නේ නොසිතු විලසින" මෙවන් උපදේශ ළමා පරපුරට පමණක්‌ නොව වැඩිහිටියනට වුවද සුදුසුය. පැදි පෙළේ රසවත් භාවයට ඔහු විසින් අවස්‌ථාචෝචිතව යොදා ගත් වදන් සමූහය ඊටම උචිත වූවකි. "නැළවිල්ල" නම් පැදි පෙළ ද ළමුන් පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ජනාදරයට පාත්‍ර වූ අතිශය සාර්ථක නිර්මාණයකි. කුඩා දරුවෙකු නිදි ගැන්වීම පිණිස රචනා වූ මේ පැදි පෙළ නැළවිලි ගීයක ස්‌වරූපය ගනියි. බාහිර පරිසරයේ ජීවී හා අජීවී සියලු වස්‌තු හැසිරෙන්නේ සුවසේ නිදන ළදරුවාගේ නින්දට කිසිදු බාධාවක්‌ නොවන ආකාරයෙනි. දරුවා නිදාගන්නා අවස්‌ථාවේ අවට පරිසරයේ ස්‌වභාවය ඉතා චමත්කාරජනක ලෙසින් ඉදිරිපත් කිරීමට කුමාරතුංගයන් දරා ඇති උත්සාහය සාර්ථක යෑයි මෙම පැදි පෙළ රස විඳීමේදී හැඟී යනු ඇත. "තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී අසමින් ගී සුමිහිරී - නිදන්න පුත රන් කිරී" සරල තේමාවක්‌ ඔස්‌සේ සැම විටම පද්‍යකරණයෙහි නියෑලුණු කුමාරතුංගයන්ගේ මෙවැනි බොහෝ නිර්මාණ අදටද බොහෝ දෙනා රස විඳිනු ඇත. අසිරිමත් උදැසනක ස්‌වභාවය ළමා මනසට කා වැද්දවීම සඳහා රචනා කරන ලද "උදය" නමැති පැදි පෙළ තවත් සාර්ථක වූ නිර්මාණයකි. දසතින් නැගෙන කා කා හඬ කුඩා දරුවාට අවදි වීමට සංඥවක්‌ වැනිය. ප්‍රබෝධවත්ව අවදි වන කුඩා දරුවා ආයුබෝවන් කියා පිළිගන්නේ සිසිල් සුළඟයි. මෙවැනි සුන්දර වූ උදැසනක දරුවාගේ කාර්යය කුමක්‌ද යන්න කතුවරයා මෙලෙස දක්‌වයි. "උතුම් වෙලාවැයි කියමින් සියල්ලෝ යෙදෙත් නොලස්‌ වීම තමන්ගෙ කම්හී ඇඟත් සැහැල්ලුයි සිතෙහිත් බරක්‌ නෑ බලන්න පොත්පත් මට මේ වෙලාවයි" අනලස්‌ව තම පොත්පත්වල කටයුතු ඇරඹීමට සුදුසුම කාලය සිතටත් ගතටත් සැහැල්ලු මේ උදැසන කාලය බව දරුවන්ට දන්වයි. උදැසනට පරිසරයේ ජීවී අජීවි සියලු වස්‌තූන්හි ක්‍රියාකාරීත්වය දක්‌වා දරුවාගේ කාර්යය කුමක්‌ද යන්න ඉන් පසුව දැක්‌වීම මගින් ඔහු සතුව ළමා මනස පිළිබඳ කෙතරම් අවබෝධයක්‌ තිබුණේද යන්න වටහාගත හැකිය. එපමණක්‌ නොව ළමා මනස තුළ තම රට, ජාතිය ආගම පිළිබඳ උදාරතර හැඟීම් ඇති කරනු වස්‌ ඔහු විසින් රචනා කරන ලද "පුබුදුව" නම් පැදි නිමැවුම සමස්‌ත ළමා පරපුරටම දෙන මනා උපදේශයක්‌ වැන්න. "ඉදිරියටම යව් හෙළයිනි - ඉදිරියට යවු අපගේ රටෙහිම යෑද යෑද ගැති වී තව තව හිඳිමුද නිදහස නැති දිවි කුමටද ඉදිරියටම යවු" ජාත්‍යාලය හා ජාතික හැඟීම් ළමා මනස තුළ ඇති කරමින් තම දිවි පරදුවට තබා රට ජාතිය රැකගත යුතු බව මේ පැදි පෙළ මගින් පෙන්වා දී ඇත. නිදහසක්‌ නැති දිවිය ඵල රහිත බවත් නැතිවී සිටීම නොව හෙළයන් ඉදිරියටම යා යුතු බවත් කවියා අවධාරණය කරයි. ළමා පද්‍යයක්‌ හුදෙක්‌ රස වින්දනයට පමණක්‌ සීමා නොවිය යුතු අතර එය ළමයාගේ පෞරුෂ සංවර්ධනයට හා ළමයාගේ බුද්ධි වර්ධනයටද ඉවහල් විය යුතුය. එය මැනවින් පසක්‌ කරගත් කුමාරතුංගයන්ගේ තවත් උසස්‌ නිර්මාණයක්‌ වශයෙන් ඉහත පැදි පෙළ සඳහන් කළ හැකිය. මේ හැරුණු විට "ලක්‌ දරුවෙනි පුබුදු වවු" ආදී පැදි පන්තීන් මගින්ද ජාතිකාභිමානී හැඟීම් ඇති කිරීමට ඔහු උත්සාහ දරා ඇත. මේ අයුරින් ළමයින් වෙනුවෙන් කුමාරතුංගයන් අතින් රචනා වූ ළමා පද්‍ය සංඛ්‍යාව අති විශාලය. ළමා පරපුරේ සුබසිද්ධිය උදෙසා නිතර පද්‍යකරණයෙහි නියෑලුණු කුමාරතුංග සූරීහු සුචරිතවත් ළමා පරපුරක්‌ අනාගතයට දායාද කිරීමේ ක්‍රියාවලියෙහි මූලික වූහ. 1944 මාර්තු 02 වැනි දින ඔහු දැයෙන් සමුගත්ත ද "කුමාරතුංග" නාමය සදා අමරණීයය. හසීකා රංගනී ගමගේ ආශ්‍රිත ග්‍රන්ථ - අමරසිරි, ගුණවර්ධන, අලව්ඉසි සැබිහෙළ, අරිසෙන් අහුබුදු, (1970), කුමාරතුංග පැදි එකතුව I වෙළුම (සංස්‌)( සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ. මදුරසිංහ ගුණතිලක, පියසේන කහඳගමගේ (1998) ළමා පද්‍ය සාහිත්‍ය මූලධර්ම හා එහි පරමාර්ථ, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ. අලුත් දෙයක් නොතනන ජාතිය ඉහළට නොනගී.(M.A ohasha perera)
2823
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%20%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1
පියදාස සිරිසේන
පියදාස සිරිසේන මහතා සිංහල ජාතිය අභාවයට යාමට වළක්වා ගැනීමට කටයුතු සිදු කළ දේශප්‍රේමියෝ අප රටේ බොහෝ සිටිති.පියදාස සිරිසේන එයින් එක් අයෙකි.මෙතුමාගේ උපත සිදු වූ සමයේ සිංහල සංස්කෘතිය අභාවයට යමින් පැවතිණි.ඒ කාලය ශ්‍රී ලංකාව නැමැති කුඩා එනමුත් සුන්දර දිවයින, බලවත් එමෙන් ම උපායශීලි බ්‍රිතාන්‍යවරු නොහොත් ඉංග්‍රීසි ජාතිකයෝ යටතට පත්ව තිබුණි.1875 අගෝස්තු 31 දින දොම්වෝ හාමිනේ හා වරුණියගොඩ ගමගේ එමානිස් අප්පුට දාව උපන් මේ පින්වත් කුමාරයාගේ නාමය වූයේ පේද්‍රික් සිල්වා ය.මෙතුමා ඉගෙන ගත් පාසල වන්නේ වරාහේන ස්වභාෂා පාඨශාලාවයි.මෙතුමාට ව්‍යාකරණ සහිතව සිංහල ඉගැන්වූයේ ඉදුරුවේ පී.එස් ද සිල්වා මහතා විසිනි.ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ බෙන්තොට ලංසි පල්ලියෙන් හා අලුත්ගම බ්‍රෝහියර් පාසලෙනි.එමෙන්ම බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ එකළ යාලේ ජයසුමනාරාමාධිපතිව වැඩ සිටි සිරි සුමනතිස්ස හිමියන්ගෙනි.අනගාරික ධර්මපාල තුමා ගම් නියම් ගම් සැරි සරමින් යන කළ ඉදුරුවේ පිරිමි පාසලට ද පැමිණියේ ය.එවිට කුඩා පේද්‍රික් සිල්වා දරුවා අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් කවි පන්තියක් සාදා ගායනා කළේය.ධර්මපාල තුමා නම ඇසූ කල ඔහු දුන් පිළිතුර පේද්‍රික් සිල්වා විය.විදේශිය පන්නයට තිබූ එම නාමය එවේලෙම වෙනස් කොට “ අද පටන් නුඹේ නම පියදාස සිරිසේන ” මෙතුමා තම අධ්‍යාපනය අවසන් කොට “ සිතුමිණ”සගරාවට උප කතුවරයෙකු ලෙස කවි පබදින්නට ගියේය.ඉන් පසුව මෙතුමා ලී බඩු සාප්පුවක ලිපිකරු රැකියාවක් කළේය.අනගාරික ධර්මපාලතුමාග් සරසවි සදරැස පුවත්පතට ද ලිපි ලීවේ ය.ඉන් පසුව එතුමා “සිංහල ජාතිය” නමින් සගරාවක් ඇරඹුවේය.නමුත් අප රටේ ඒ වන විට පැවති කෲර පාලනය පියදාස සිරිසේ මහතා සහ තවත් සිංහල නායකයන් කිහිප දෙනෙතු අත්අඩංගුවට ගත්තේය.ඒ සිංහල - මුස්ලිම් කෝලාහල සම‍යේදීය.මේ නිර්භීත නායකයා අත්අඩංගුවේ සිටින කාලය අතරතුර දිත් මෙතුමා සිංහල බෞද්ධයා වෙනුවෙන් පොතක් ලීවේය. ඒ අෂ්ටලෝක ධර්මචක්‍රය යන ග්‍රන්ථයයි.මෙතුමා 1906 – 1946 වසර හතළිහ තුළ ලංකාවේ සිටි හොදම සහ ජනප්‍රියම සාහිත්‍යකරුවා වූවේය.සරලව කියතොත්මෙතුමා ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා, මාර්ටිං වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවන්ට වඩා ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටියේය. මෙතුමා ජනකතාවලට හා බණ කතාවට හුරු වී සිටි ලාංකික පාඨකයා වෙනුවෙන් නව ලොවක් තනා දුන්නේය.ඔහු තනා දුන්නේ නවකතාව නම් ලොයි.මෙතුමා පුවත්පත් කතුවරයෙකු,අමද්‍යප ව්‍යපාරයේ පුරෝගාමියෙකු,කවියෙකු ලේඛකයෙකු,දේශකයෙකු මෙන්ම දේශප්‍රේමියෙකු විලසින් රටට ‍සේවය කළේය.මෙතුමා ගේ සුරතින් ලියවුණු නවකතා පොත් විස්සකි.එයින් කිහිපයක් මෙලෙසින් සදහන් වෙයි. මෙතුමා “ජයතිස්ස හා රොසලින් නොහෙත් වාසනාවන්ත විවාහය,අපට වෙච්ච දේ ,මහා වියවුල,තරුණියකගේ ප්‍රේමය ,යන්තම් ගැලවුණා ,සුචරිතාදර්ශය ,අන්තිම කැමැත්ත ,පසන් නිවස,පරිවර්තනය,ඩිංගිරි මැණිකා ,වලව්වක පලහිලව්ව ,ශ්‍රී ලංකා මාතා, පලමුවන පාසල,ඩෙබර කෙල්ල”වැනි ප්‍රබන්ධ හා නවකතා රචනා කළේය. ජයතිස්ස හා රොසලින් නොහොත් වාසනාවන්ත විවාහය යනු එතුමාගේ ප්‍රථම කෘතියයි.එම පුස්තකය ප්‍රකාශනයට පත්කොට පළමු වසර 10 තුළ පිටපත් 25,000ක් පමණ පිටපත් කිරීමට සිදු වූ බව පැවසෙයි. මෙතුමා ඇදුම කරගත්තේ ටුවිට් රෙද්ද සමග සුදු කබාය හා ඇල්ෆ්‍රඩ් නම් හිස්වැසුමයි.බ්‍රිතාන්‍ය පාලන සමයේදි බුද්ධාගමත්,පාරම්පරික කුල සිරිත් ඉවත දමා බිහිවුණු සමාජයට විරුද්ධව ඇරඹූ මහා සංස්කෘතික සංග්‍රාමයට ඔහුගේ පෑනේ වෙහෙස අනගාරික ධර්මපාල තුමා,වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ට නායකයන් හා එක් වුණි.එදා සිංහල සමාජයට සිදුව තිබූ විපත පිළිබදව එතුමා මහා වියවුල නමැති පොතේ සදහන් කර තිබුණේ පහත අයුරිනි. ඇඳ රෙදි පෙරදි ඔහොරිය කමිස විගස ට‍ පෙරලෙති කලිසමට සහ සාය ගවොම ට වැඩ නැති වට්ටි තොප්පිය ගනිති ඔලුව ට දඟලති ඉතින් කැරපොතු වෙන්ට විගස ට කනවා ගෙරි මසුත් හැම් බේකන්ද ගෙ න බොනවා ජින් බ්‍රැන්ඩි සහ විස්කි අපම ණ යනවා අලුත් තාලෙට ලංසි වෙන මෙ න මොනවා අපට අඩුපාඩුද බල ඉති න මෙතුමා ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් මෙන් ම පෑන අවිය කොට ගත් උතුම් පුරවැසියෙකි.මෙතුමා තමන් විසින් රචිත ග්‍රන්ථයක් වන ජයතිස්ස හා රොසලින් ග්‍රන්ථයේ දී පර සුද්දාගේ හොද දෑ ගත්තාට කම් නැත.නමුදු තම ආගම දහම අමතක කොට ගැනීම වැරදි බව සදහන් කර ඇත.ඒ පාඨය පහත පරිදි එම පොතේ දක්වා ඇත. “යුරෝපීයා හෝ යකාගේ හෝ යහපතක් ති‍බේ නම්, එය ගත්තාට වැරැදි නැහැ. නමුත් පෙරාපු රත්තරන් වැනි අපේ උතුම් සිරිත් අත්හැර, මළබැඳි යකඩ වැනි යුරෝපීයන්ගේ වල් සිරිත් සියල්ලක්ම ගැනීමට අප ජාතිය සැරසී සිටීම නින්දාවකි.” එදා මෙරට සමාජය පෙලූ බේබදුකම, අධිපතිවාදය, දෑවැද්ද වැනි ව්‍යසනද ඔහුගේ විවේචනයට ලක් විය. සුරාවට හා බේබදුකමට විරුද්ධව ඔහු තරම් ලියූ කෙනෙකු එදා නොවීය. මේ ඔහුගේ ප්‍රසිද්ධ කවියකි. හැට ලස්සයක් හොඳ රුපියල් ගැණ දී ලා සිය ලස්සයක් ගැලුමෙන් මැන ගෙන්වා ලා බොන්නේ රට සුරා සිංහල අයියා ලා ලාදුරු ලබාගැන්මක් වැනි පොලි දී ලා (මහා වියවුල) බේබදුකම නිසා වැනසෙන පවුල් ගැන ඔහු ලීවේ අනුකම්පාවෙනි. සැමියාගේ බේබදුකම ගැන ලතවන බිරියකගේ ශෝකාලාපය, ඔහු මෙසේ සානුකම්පිතව ඉදිරිපත් කරයි. ටික ටික තමයි බිව්වේ මහිමි සඳ සුරා ටික ටික දවස දවසින් වැඩිවුනයි සුරා ටික ටික රැකුම් මගහැරුණා නිසා සුරා ටික ටික දිළිඳු බව අප හට දුනිය සුරා පමණ නැත අනේ මා කෑ ගුටි ඇනිලි පමණ නැත හිසේ හැලු උණු හොදි ඇතිලි පමණ නැත විඳපු දුක ඇඳි රෙදි වැරලි පමණ නැත කියන්නට මා මුව සියලි මෙතුමා අතිනත ගත්තේ මහබැත්මගේ දෝන සිසිලියා පෙරේරා නම් වූ කාන්තාව සමගය.මෙතුමාට දාව දූවරු පස්දෙනෙකුත් පුත්‍රයන් පස් දෙනෙකුත් ඉපදුණෝය.මේ මහා කතුවරයා හට තම රටේ නිදහසේ සුසුමක් හෙළන්නට නොහැකි වුණි.ඒ මෙතුමා නිදහස ලබා ගැනීමට වසර දෙකකට ආසන්න කාලයක් තිබියදී නොහොත් 1946.05.22 වන දින කොළඹ සෙන්ට්‍රල් ආරෝග්‍ය ශාලාවේදී මිය ගියේය.මෙවන් ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබද කතා කිරීමේදී සියුම් ආඩම්බරයක් හදවත තුළ ජනිත වනවා නොඅනුමානය. .නිමි.
2827
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%20%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%20%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9D
වල්පොල රාහුල තෙරණුවෝ
පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල මහා තෙරුන් (1907-1997) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ ලේඛකයෙකු වූහ. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතුරින් ප්‍රමුඛයෙක් ලෙස සැලකේ. 1964දී උන්වහන්සේ, නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙහි, ඉතිහාසය හා ආගම් පිළිබඳ මහාචාර්යය පදවියට පත් වීමෙන්, බටහිර ලෝකයෙහි මහාචාර්යය ධුරන්දර තනතුරක් හෙබවීමට වරම් ලැබූ පළමු භික්ෂුව වූ සේක. උන්වහන්සේ වරෙක එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස වැහැරේ) උප-කුලපති පදවිය හෙබවූහ. උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, ප්‍රංශ බසින්, හා සිංහලයෙන් පුළුල් ලෙස ගත්කතුවරණයෙහි යෙදී ඇත . පූජ්‍ය තෙරුන්වහන්සේ විසින් රචිත වට් ද බුද්ධා ටෝට් (සිංහල පරිවර්තනය “බුදුන් වදාල ධර්මය” ) ග්‍රන්ථය, බොහෝ දෙනෙකු දකින්නේ ථෙරවාද බුද්ධාගම පිළිබඳ ලියැවී ඇති ඉස්තරම් පොත් කිහිපය අතුරින් එකක් ලෙසය. චරිතාපදානය සංක්‍ෂිප්ත විස්තරය දකුණු ශ්‍රී ලංකාවෙහි කුඩා ගම්මානයක් වන වල්පොල හිදී 1907දී උන්වහන්සේ මෙලොව එළිය දුටහ. උන්වහන්සේ දහතුන්වන වියෙහිදී පැවිදි දිවියට පත් වූහ. උන්වහන්සේ තම අධ්‍යාපනය සිංහල, පාලි, [සංස්කෘත]], බුද්ධ ධර්මය, ඉතිහාසය හා දර්ශනවාදය යන ක්‍ෂේත්‍රයන් ගෙන් ලැබූහ. උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනහි හා ලංකා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලැබූ අතර, එහිදී, ඊ. එෆ්. සී. ලුඩොක්, ජී. පී. මලලසේකර, ඊ. ඩබ්. අදිකාරම් සහ අනෙකුත් පතල උගතුන් ඇසුර ලදහ. සෝබෝන්හි උන්වහන්සේගේ කාල පරිච්ඡේදයෙන් පසුව, උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි උප-කුලපති ධූරයට පත් වූහ. උන්වහන්සේ කතා බහට ලක්වුනේ උන්වහන්සේගේ බහුශ්‍රැතභාවය නිසා පමණක් නොව, උන්වහන්සේ තුල පැවැති ප්‍රබල සමාජවාදී අදහස් නිසාත් ජනතාවගේ දේශපාලන විඥානය නියෙමීමෙහි වැදගත් කාර්යභාරයක් භික්ෂූන් මත පැවරෙන බවට උන්වහන්සේ තුල පැවැති මහත් දිට්ඨිය නිසාත්ය. භික්ෂුවගේ උරුමය නම් උන්වහන්සේ ගේ ග්‍රන්ථය, සොලොමන් ඩයස් බණ්ඩාරනායක ගේ 1956 මැතිවරණ ජයග්‍රහණයට උර දුන් බෞද්ධ දේශමානි ව්‍යාපාරයෙහි ප්‍රබල ස්වරයක් බවට පත් විය. පැවති රජය සමග පැවැති දේශපාලන විරෝධතා නිසා, උන්වහන්සේ 1969 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූහ. බටහිරට ප්‍රත්‍යාගමනය වූ උන්වහන්සේ, යුරෝපයේ බොහෝ ශාස්ත්‍රීය ආයතන වල කටයුතු කලහ. උන්වහන්සේ ගේ දිවියෙහි අවසන් කාල පරිච්ඡේදයෙහිදී, ශ්‍රී ලංකාවට නැවත වැඩම කල, පූජ්‍ය මහාචාර්යය රාහුල තෙරණුවෝ, අපවත් වන තුරුම, කෝට්ටේ නව පාර්ලිමේන්තුව අසල විහාරයෙහි වැඩ විසූහ. ශාස්ත්‍රීය වෘත්තිය ආචාර්යය රාහුල හිමි ලංකා විශ්වවිද්‍යාල‍යට (වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයලෙස හැඳින්වේ) ඇතුලත් වී අධ්‍යාපනය ලැබීය. උන්වහන්සේ බී. ඒ. ගෞරව උපාධිය (ලන්ඩන්) ලැබ, ඉන්පසු ශ්‍රී ලංකාවේ (ලංකාවේ) බුද්ධාගමෙහි ඉතිහාසය මැයෙන් ශාස්ත්‍රීය නිබන්ධය ඉදිරිපත් කොට ආචාර්යය උපාධිය ලැබීය. අනතුරුව උන්වහන්සේ ඉන්දියානු දර්ශනවාදය පිළිබඳ අධ්‍යයනය සඳහා කල්කටා විශ්වවිද්‍යාලය වෙතද අනතුරුව මහායාන ධර්මය අධ්‍යයනය සඳහා සෝබෝන් විශ්වවිද්‍යාලය වෙතද වැඩම කලහ. උන්වහන්සේ සෝබෝන් හි අධ්‍යයන කටයුතු කල මේ සමයෙහිදී 1950 ගණන් වල අගභාගයෙහිදී, ආචාර්යය රාහුල හිමි හට කිතු ගොස ගෙන දුන්, බුදුදහම පිළිබඳ මූලික පාඨ ග්‍රන්ථයක් ලෙස සැලකෙන වට් ද බුද්ධා ටෝට් ග්‍රන්ථය උන්වහන්සේ අතින් ලියැවිනි. පූජ්‍ය ආචාර්ය රාහුල හිමි බටහිර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු බවට පත් වීම් ලැබූ පළමුවැන්නා වූහ. උන්වහන්සේ ඉතිහාසය හා ආගම් සාහිත්‍යය පිළිබඳ මහාචාර්යය වරයා බවට පත්වීම් ලද සමයේ එක්සත් ජනපදයේ ථෙරවාද විහාර තිබුනේ නැත. උන්වහන්සේ පසුව එම විශ්වවිද්‍යාලයෙහිම ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්යය වරයෙකු විය. ආචාර්ය රාහුල හිමි වෙනත් බොහෝ ඇමරිකානු විශ්වවිද්‍යාලයන්හි තනතුරු දැරූහ. උන්වහන්සේ ස්වාර්ත්මෝර් කොලීජිය යේ බාහිර කථිකාචාර්යය වරයෙකු හා UCLA හි ප්‍රතිනිධි කථිකාචාර්යයවරයෙකු වූහ. ආචාර්ය රාහුල හිමි, 1964 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය) උප-කුලපති ධූරයට පත් වූහ. උන්වහන්සේ පසු කලෙක එක්සත් ජනපදයේ පළමු ථේරවාද විහාරය වන වොෂින්ටන් විහාරය පිහිටුවීමට අනුබල දීමෙහි පෙරදැරි වූහ. අභිධාන ආචාර්ය රාහුල හිමි උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී බොහෝ අභිධානයන්ගෙන් බඅහුමන් ලබා ඇත. උත්තරීතර ගෞරව බුහුමානය වන ත්‍රිපිටකවාගීෂ්වරාචාර්යය (බෞද්ධ ධර්ම ග්‍රන්ථයන් පිළිබඳ උත්තරීතර විශාරද), ශ්‍රී ලංකාවේ තවද පඬිවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු විසින් පමණක් හොබවන, ශ්‍රී යන ගරු නාමයද සහිතව, 1965 දී උන්වහන්සේට පුද කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සංඝයා වහන්සේ ගේ පාර්ශවයක් වන ශ්‍රී කල්යාණි සාමග්‍රී සංඝ-සභාව විසිනි. බුරුමය වෙතින් උන්වහන්සේට "අග්ග මහා පණ්ඩිත" ගරු නාමය පිළිගන්වන ලදි. ප්‍රකාශන ආචාර්ය රාහුල හිමි, ථේරවාද බුද්ධාගම පිළිබඳ පතර ලෙස ග්‍රන්ථකරණයෙහි යෙදී ඇත. උන්වහන්සේගේ ලෝ-පතල ග්‍රන්ථය වට් ද බුද්ධා ටෝට් යන්නට අමතරව, උන්වහන්සේ බුද්ධාගම පිළිබඳ ලියකියවිලි අතිවිශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කොට ඇත. උන්වහන්සේ විසින් රචිත විශිෂ්ඨ ග්‍රන්ථ අතර, හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, හෙරිටේජ් ඔෆ් ද බික්කු, සෙන් ඇන්ඩ් ද ටේමිං ඔෆ් ද බුල් සහ ලෙ කෙමේපෙන්දියම් ඩි ලා සුපර් ඩොක්ට්‍රින් (ප්‍රංශ) වේ. පුස්තක නාමාවලිය වට් ද බුද්ධා ටෝට් (1959, ISBN 0-8021-3031-3) හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්: දි අනුරාධපුර පීරියඩ්, තර්ඩ් සෙන්චරි බීසි–ටෙන්ත් සෙන්චරි ඒඩී (1966) හියුම ඉන් පාලි ලිට්රෙච ඇන්ඩ් අද එසේස් (1997, ISBN 955-650-000-6) ද හෙරිටේජ් ඔෆ් ද බික්කු: අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද බික්කු ඉන් එඩියුකේෂනල්, කල්චරල්, ෂෝෂල්, ඇන්ඩ් පොලිටිකල් ලයිෆ් (1974, ISBN 0-394-49260-9) හෙරිටේජ් ඔෆ් බික්කු (1974, ISBN 0-394-17823-8) සෙන් ඇන්ඩ් ද ටේමිං ඔෆ් ද බුල්: ටුවර්ඩ්ස් ද ඩෙෆිනිෂන් ඔෆ් බුඩිස්ට් තෝට්: එසේස් (1978, ISBN 0-900406-69-0) ද හෙරිටේජ් ඔෆ් ද බික්කු: ද බුඩිස්ට් ට්‍රැඩිෂන් ඔෆ් සර්විස් (2003, ISBN 0-8021-4023-8) ආශ්‍රිත බාහිර බැඳි ආචාර්ය වල්පොල රාහුල හිමි ස්මරණය වල්පොල රාහුල, (1996). වට් ද බුද්ධා ටෝට්, ISBN 955-9219-19-7 වට් බුද්ධා ටෝට් පූජ්‍ය වල්පොල රාහුල හිමි: උදය මල්ලවාරච්චි විසින් රචිත කෙටි චරිතාපදාන ලුහුඬු සටහනක්. බුඩිස්ට් ස්ටඩීස් ඉන් ඔනර් ඔෆ් වල්පොල රාහුල ග්‍රන්ථය අනුසාරයෙන්, 1980, ISBN 0860920305 ග්‍රී ලාංකීය ඉතිහාසයේ පින්තූර 1907 උපත් ශ්‍රී ලාංකික භික්ෂූහූ ශ්‍රී ලාංකික භික්ෂූහූ චරිත කතා
2830
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%20%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A
ලින් ද අල්විස්
උද්‍යාන නිර්මාණ ශිල්පී
2831
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සිබිල් වෙත්තසිංහ
කලා කීර්ති සිබිල් වෙත්තසිංහ යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත ළමා පොත් රචිකාවියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියකි. ළමා කාලය ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතාගේ "නවමඟ" පස්‌ වන ප්‍රමාණයේ කියෑවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර හැටකට වැඩි කාලයක්‌ ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කරන්නීය. එහිදී ඈ විසින් නිර්මාණය කරනු ලැබ ඇති සිංහල, ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව දෙසීයකට අධිකය. කුඩ හොරා 1956 එළි දුටු ඇගේ "කුඩ හොරා" කෘතිය කතාවත්, චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේය. එතැන් පටන් ඈ විසින් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන දිනා ඇත. 1965 දී "වෙසක්‌ පහන" කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවීම, 1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් "කුඩ හොරා" පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ "දුවන රැවුළ" පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි. ඇගේ "කුඩ හොරා" කෘතිය ජපානය, චීනය, කොරියාව, පිලිපීනය,නෝර්වේ, ස්‌වීඩනය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු රටවල් 12 ක පළකර ඇති අතර තවත් බොහෝ පොත්ද වෙනත් විදේශවල ප්‍රකාශයට පත්කර ඇත. මේ ලෙස විසිදුනු පොතක්‌ ලෙසින් එළිදකින "පොඩ්ඩයි පොඩ්ඩියි" කෘතියද මුලින්ම පළ වූයේ 2008 වසරේදී ජපානයේය. සිබිල් වෙත්තසිංහ සිය කලා ජීවිතය ගොඩ නඟාගත්තේ ස්‌වෝත්සාහයෙනි. ගාල්ලේ ගින්තොට හැදුණු වැඩුණු සිබිල් ගේ කලා ජීවිතයේ අඩිතාලම ඒ රමරණීය පරිසරයයි. එහිදී ලද සොඳුරු අත්දැකීම් සමූහයයි. ඇය ඇගේ ගැමි ගෙදරත්, ගැමි වටපිටාව හා සිරිත් විරිතුත් සමගින් අපගේම අනන්‍යතාවක්‌ සමගින් ලෝකයේ ප්‍රමුඛතම ළමා චිත්‍ර ශිල්පිනියක බවට පත්ව සිටී ලේඛන පරිචය සම්බන්ධයෙන් රෝලන්ඩ් බානෙස්‌ මෙසේ සඳහන් කරයි" චිත්තරූප, ප්‍රකාශය, වාංමාලාව, ලේඛන දේහයෙන් හා අතීතයෙන් පැන නැගි ඔහුගේ කලාවේම ප්‍රතීකයන් බවට පත්වේ. මෙසේ රටාව නමින් ස්‌වයංපරියාප්ත භාෂාවක්‌ විකාශය වන අතර, එහි මුල් පවතින්නේ කතුවරයාගේ පෞද්ගලික හා ගුප්ත පුරා කතා තුළම පමණි" වෙත්තසිංහයන්ගේ ජීවිතයේ නිර්මාණවල සියුම් තැන් හා හරය ග්‍රහණය කරගැනීම පිණිස ඇගේ ජීවිතයේ ඇතැම් ලක්‍ෂණ පිළිබඳ සිත යොමුකිරීමට මෙවැනි කල්පිතයන්ගෙන් අපට ඇරයුම් ලැබේ. දකුණේ වරාය නගරයක්‌ වන ගාල්ලට කිට්‌ටු කුඩා නගරයක්‌ වන ගිංතොට සුවදායක ගැමි පරිසරයෙහි හැදී වැඩුණු සිබිල් වෙත්තසිංහයන්ගේ ළමා අවධිය ගම පිළිබඳ සොඳුරු මතකයන්ගෙන් පිරී පැවැති අතර, ඇගේ කෘතීන් එම ප්‍රමෝදජනක අවස්‌ථාවන් පිළිබඳ සොඳුරු අතීතාවර්ජනයක යෙදෙමින් ඒවා ප්‍රතිග්‍රහණය කර ගැනීම පිණිස දැවැන්ත කැන්වසක්‌ සැපයුවාය. ස්‌වයං චරිතාපදානය නේත්‍රා සමරවික්‍රම සිබිල් වෙත්තසිංහයන් පිළිබඳව ලියන චරිතාපදාන සටහන්වල මෙසේ සඳහන් කරයි. "ඇගේ ස්‌වයං චරිතාපදානය වන "මා තුළ වෙසෙන දරුවා" කෘතියෙහි ඇය ගමට පැමිණි, නාඩගම් ගී ගායනා කළ බොරු කකුල් කාරයින්, විහාරස්‌ථානයේ සිට නිවේදන ගෙන ගිය බෙරකරුවන්, හා දිගට අදිමින් ගායනා කළ කවි වලින් ගමට තොරතුරු බෙදාහැරි කවි කොළ කාරයන් දක්‌වා සවිස්‌තරාත්මක කරුණු සපයයි" නවසිය විස්‌ස දශකයේ දී, ගිංතොට ගැමි පහස රැඳුණු, සම්ප්‍රදායික අගයන් ඔස්‌සේ සිය කෘතීන් පුරා ගැමි දිවියේ මෙම ලක්‍ෂණය, ගැමි ප්‍රජාව අතර පැවැති අෙන්‍යාන්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධතාවල ස්‌වභාවය, ඔවුන් තුළ සොබාදහමට වූ සමීපත්වය ග්‍රහණය කිරීමට වෑයම් කරයි. ඇගේ කෘතීන් කියවන කල්හි, ඇගේ ගම, එහි ආකෘතික චරිත, එම චරිතවලටම විශේෂිත වූ චර්යාවන් හා ඇතුළුවන්ට ඇත්නම් යෑයි අපට සිතෙන ආකාරයේ අවිහිංසක නිස්‌කලංක ලෝකයක්‌ මවා පෙන්වන බුහුටි හා වර්ණවත් සංවාද සමග සෙනෙහසින් බැඳීමට පදනම මෙන්ම අධ්‍යාත්මිකවද අපට සන් කරයි. ශ්‍රී ලාංකේය දරුවාගේ කල්පිත ලෝකයෙහි ආධිපත්‍යය බොහෝ කාලයක්‌ තිස්‌සේ දරා සිටි. ග්‍රිම්ගේ සුරංගනා කතා, හෑන්සර් ක්‍රිස්‌ටියන් ඇන්ඩර්සන් හා වෙනත් බොහෝ විදේශීය ලේඛකයන් විසින් ගෙනෙන ලද කතා මූලාශ්‍ර මත පදනම් වූ යුරෝපා - ඇමෙරිකානු කතාවල ඓතිහාසික උරුමය ද සමග ගැටෙමින්, ශ්‍රී ලංකා ළමා කතා සාහිත්‍යය යුරෝපීය කතා කීමේ සම්ප්‍රදායෙන් හා එම සම්ප්‍රදායෙහි සියුම් ලක්‍ෂණවලින් බැහැරව ගැනීමට, දේශීය ඇත්දැකීම් හා සිද්ධීන් මත පදනම් වූ වෙත්තසිංහයන්ගේ ලෝකයෙහි වූ චරිත නිසැකවම ශක්‍යතාවක්‌ සම්පාදනය කළේය. හිමකුමරි, සින්ඩරැල්ලා හා නිදිකුමාරි වැනි යුරෝ - කේන්ද්‍රීය කතා තුළින් සුදු කුමරියන්, ගිනි කන මකරුන්, කළු නපුරු කුඩම්මාවරු හා යුරෝපයේ මාළිගා පිළිබඳව ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ ආගන්තුක විස්‌මිත ලෝකයන් පිළිබඳව උත්තේජනයක්‌ ඇති කළේ නම් වෙත්තසිංහයන්ගේ කුඩාහොරා, වෙසක්‌ පහනහා දුවන රැවුළ යන කතා නගරබද දරුවාට ගැමි දිවියේ අතිශය ප්‍රමෝදමත් ජීවිතය පිළිබඳ හඳුන්වාදෙන කෙළිලොල් අන්දමින් දේශීය සිරිත් විරිත් පිළිබඳ කෙරෙන සඳහන් සංස්‌කෘතික චිත්තරූප හා ගමෙහි ස්‌වභාවික පරිසරයේ අසිරිය පිළිබඳ කියමිනි. සිබිල් වෙත්තසිංහයනගේ කෘතීන් දරුවාගේ පරිකාල්පනික ලෝකය සසල කළ තරමට, ඇගේ කතා කලාව ළමා කතා පොත් රචනයට නව පුරුකක්‌ ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ නිදන්ගත වූ ජනකතා සම්ප්‍රදායට එක්‌ කළේය. ඇය චමත්කාර ජනක ලෙස ගම නිරූපණය කළ අතර, එසේ නිරූපණය කිරීමට අනුප්‍රාණය සැපයූ එම ගම පිළිබඳ ඇගේ මතකය සුන්දර මෙන්ම සානුකම්පිත එකක්‌ වන්නා සේම, කුසුමලතා වැනි කෘතියක්‌ තුළින් නගරබද ජීවිතය බුහුටි ලෙස විවේචනය කිරීමට ද ඇය පසුබට නොවෙයි. මෙම විශේෂ නැඹුරුව, එනම්, ගම නිර්මල ආකාරයෙන්ද, නගරබද ජීවිතය යටත් විජිත හා නාගරික ජීවන රටාවට හුරුවීමෙන් දූෂිත වූවක්‌ ලෙසද, උපග්‍රහණය කිරීම, නවසිය පනහේ හා හැටේ දශකවල ලේඛකයන්, සිනමාකරුවන් හා අනෙක්‌ කලාකරුවන් අතර ද, ජනප්‍රිය කලා ප්‍රභේදයක්‌ විය. නිදහසට පෙර හා නිදහසට පසු ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය තුළ අව්‍යාජ අස්‌මිතාවක්‌ සෙවීමේ උද්යෝගය සමග 1948 න් පසු දශකවලදී සම්ප්‍රදාය හා දේශීයත්වය පිළිබඳ උනන්දුව යළි පිබිදිණි. මෙම සමාජ - දේශපාලන පරිසරය තුළ ජන සංස්‌කෘතියට විශාල වරප්‍රසාදයක්‌ හිමි වූ වෙත්තසිංහයන්ගේ කෘතීන් වෙත, මතවාදීමය වශයෙන් ස්‌වදේශීය වූ මාර්ටින් වික්‍රමසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා හා සුනිල් ශාන්ත වැනි කලා හා සාහිත්‍යකරුවන්ගේ ප්‍රේක්‍ෂකත්වය හා අනුමැතිය ලැබිණි. කාන්තා නිර්මාණ ශක්‌තිය ශ්‍රී ලංකාවේ රූප සටහන් චිත්‍ර ශිල්පීන් අතර පෙරගමන්කාරියක වන සිබිල් වෙත්තසිංහ සිය කාන්තා නිර්මාණ ශක්‌තිය එතෙක්‌ දේශීය වශයෙන් බිහිවී තිබුණු ස්‌වාධීන කලාත්මක වෘත්තියක්‌ ස්‌ථාපිත කිරීමට යෙදවූවා ය. ඇගේ ගෘහස්‌ත පරිසරය තුළ ළමයින් ඇති දැඩි කිරීමේදී, ඔවුනට නැළවිලි ගී ගැයීම හා කතාන්තර කියාදීම පවුලේ ගැහැනු සාමාජිකයන් විසින් සිදුකරන ලදී. මෙම ඇතැම් කතා සමාජයේ ප්‍රචලිත ජනකතා හා සුරංගනා කතා වූ අතර අනෙක්‌ කතා දරුවාගේ අවධානය තබා ගැනීම සඳහා ගෙනෙන ලද හෝ නොයෙක්‌ වෙනස්‌කම් කොට නැවත නිර්මාණය කරන ලද ඒවාය. ළමයින් පළමුව සමාජ චර්යා විධි, සිරිත් විරිත්, සම්මතයන් හා සදාචාර මූලධර්ම හඳුනාගන්නේ මෙම කතාකීම් තුළින් ය. එමෙන්ම ළමයින් සිය සෞන්දර්යය අභිප්‍රේතයන් සහ චිත්තරූප මවාගැනීමේ කලාව වර්ධනය කරගන්නේ ද කලා හා සාහිත්‍ය ලෝකය මුල්වරට හඳුනාගන්නේ ද මෙම එළිපත්තේදීය. මෙහෙයින් කතා කීම, ළමයින් සමාජ ගතවීමේ හා ඔවුන්ගේ ආරම්භක ඉගෙනගැනීමේ ක්‍රියාවලියෙහි තීරණාත්මක කාර්යයකි. මෙම නිර්මාණාත්මක කාර්යය, කාන්තාවන්ගේ ගෘහාශ්‍රිත හා මාතෘ වගකීම්වල කොටස්‌ ලෙස බොහෝ දෙනා විසින් නොසලකා හැර ගණනකට නොගෙන තිබේ. කෙසේ වුවද, පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ කාන්තාවන්ගේ නිර්මාණශීලිත්වය ආයෝජනය කර ඇත්තේ කිනම් දිසාවකට දැයි විමසුවහොත්, එය ගෘහ අලංකාරකරණයේ නොයෙකුත් අංශ දෙසට, මැහුම් වැඩ හා නිර්මාණාත්මක නව සූපවේදී ක්‍රම සොයා ගැනීම් වෙත යොමු කොට ඇති බව හඳුනාගත හැකිය. සිය පවුලේ කාන්තාවන් රේන්ද සෑදීම, පන් විවීම හා මැහුම් වැඩ වැනි අලංකාර කරණ කලාවන්හි ඉතා කාර්යක්‍ෂම ලෙස නිරත වූ අධිෂ්ඨානශීලී මාතෘ මූලික පරිසරයක්‌ තුළ වැඩුණු වෙත්තසිංහ මුල් අවධියේ පටන් සිය විවේක කාලයේදී කාන්තාව නියුතුවන නිර්මාණාත්මක කාර්යයන්හි අගය, ශක්‌තිය හා විභවයන්ට නිරාවරණය වූවාය. "සිය වැඩිහිටි වියේදී තමන් වර්ධනය කරගත් ස්‌වාධීනත්වය ඇයට ලැබුණේ රැකියා සොයා ගම අතහැර කොළඹ නගරය වෙත නිතර ඇදුනු පිරිමින්ගේ උපකාරය නොමැතිව සම්පත් ද ස්‌වයං පර්යාප්තියද ළඟාකරගත් මෙම දැඩි අධිෂ්ඨානශීලී කාන්තාවන්ගෙන් බව ඇගේ මතයයි. නාගරික ළමා ගහණයකින් හෙබි කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී සිබිල් වෙත්තසිංහ සාර්ථක බිරියක්‌a සඳහා අත්‍යාවශ්‍ය යෑයි සලකනු ලැබූ ගෘහ විද්‍යා පුහුණුවක්‌ ද සමග මිෂනාරි අධ්‍යාපනයක්‌ද ලැබුවාය. කෙසේ වුවද, ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක වනු දැකීමේ මවගේ අභිලාශය වෙනුවට ඇය චිත්‍ර ශිල්පි වෘත්තිය තෝරා ගත්තාය. සිය පවුලේ කාන්තාවන් ඉටුකළ බහුවිධ හා නිර්මාණාත්මක භූමිකා ඇය තුළ ඇතිකළ දැඩි හැඟීම් ඇතැම් විට ස්‌වාධීන චිත්‍ර ශිල්පිනියක්‌ වීමට ඇය ගත් එඩිතර පියවර ලෙස විද්‍යමාන වූවා විය හැකිය. යුගයේ ස්‌ථාපිතව පැවැති කතා කීමේ කලාවට අභියෝග කරමින් කාන්තාවන්ට ලැබී තිබුණු මෙම නිර්මාණාත්මක අඩවිය, වෙත්තසිංහයන් විසින් ගෘහාශ්‍රිත ක්‍ෂෙත්‍රයෙන් බැහැර කොට පොදු අඩවියක පිහිටුවී යෑයි උපකල්පනය කිරීමට ඇගේ කලා නිර්මාණ ද, ළමා කතා ක්‍ෂෙත්‍රයේ ඇය ලබා ඇති ජයග්‍රහණයන් ද අපට ඉඩ සලසයි. මෙහිදී ඇය විශේෂ සෞන්දර්යාත්මක රූප සටහන් රටාවක්‌ හඳුන් වාදී තිබෙනවා පමණක්‌ නොව, ශ්‍රී ලංකාවේ ළමා කතා ලෝකයේ භාෂාමය හා මතවාදීමය විස්‌ථාපනයක්‌ ද සිදුකොට ඇත. පොත් සඳහා රූ සටහන් නිර්මාණය උසස්‌ කලා කර්තව්‍යයක්‌ ලෙස නොසලකා එය වඩා විශාල ලෙස පැතිරුණු මෝස්‌තර නිර්මාණය හා වාණිජ කලාවට අයත් යෑයි වර්ගීකරණය කෙරෙන ස්‌ථාපිත මතවාදයන්ට ඒ හා සිතීමට වෙත්තසිංහයන්ගේ කෘතීන් අප පොළඹවයි. චිත්‍ර කලාවේ සංවිධිත ලක්‍ෂණ ග්‍රහණයන් කරගත් වෙත්තසිංහයන්ගේ නිර්මාණයන් හි නවකථා සහ ඒවායෙහි කථන ශක්‌තිය අපට දෘශ්‍ය කලාවන් තුළ නිර්මාණයක්‌ කිරීමේ සීමා මායිම් පිළිබඳ නැවත සිතීමටද, උසස්‌ කලාවන් ලෙස ඉතා ලෙහෙසියෙන්ම පිළිගෙන වෙනත් දෘශ්‍ය කලා අභ්‍යාසයන් සඳහා ලැබෙන අනුමැතිය හා පිළිගැනීමට ලැබිය යුතු විශ්වසනීය කලා නිර්මාණ අභ්‍යාසයක්‌ ලෙස පොත් සඳහා රූප සටහන් නිර්මාණය දෙස නැවත සිතා බැලීමට අපට ඉඩ ප්‍රස්‌ථා සලසයි. නිර්මාණ රැසක්‌ බිහිකොට ඇති කලා ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ පළකොට ඇති පොත් සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ. මේවා බොහෝමයක්‌ සිංහලෙන් ලියා පසුව වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ඇත. ඇගේ මුල්ම පාඨකයන් වූයේ සිංහල කතාකරන ජනයාය. ඇගේ පොත්වලින් පාඨකයන් තුළ නිහතමානීව අභිමානය හා ජාතික අව්‍යාජත්වය පිළිබඳ අදහස්‌ තුළට වැළඳ ගැනිණි. වසර පහක්‌ පුරා, ව්‍යාජවූ ඇගේ සිතුවම් ශිල්පි ජීවිතය තුළ ඇය සපුරාලූ නිර්මාණවල හරස්‌ කඩක්‌ නිරූපණය කිරීමට සිබිල් වෙත්තසිංහගේ කලාව" ප්‍රදර්ශනයෙන් වෑයම් කෙරෙයි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය, සිය වෘත්තියේ සම්මත ප්‍රතිමාන හා සීමා මායිම්වලින් ඔබ්බට තම කලා නිර්මණ විකාශනය කිරීමට තීරණය කළ, එමෙන්ම සිය ජීවිත පරිඥානයන් ඔස්‌සේ ගමන් කිරීම පිණිස සිය ස්‌වාධීනත්වය රැකගත් විශිෂ්ට කලා ශිල්පිනියකට පිදෙන උපහාරයකි. මිය යාම සිබිල් වෙත්තසිංහ 2020 ජුනි මස 30 වන දින රාත්‍රී 11.00 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මියයන විට ඈ 92 වන වියෙහි පසුවිය.MAC චරිත කතා සිබිල් වෙත්තසිංහ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ 1928 උපත් ==ළමා කතා ගැලරිය
2832
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%9D%20%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
ජෝ අබේවික්‍රම
දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම (උපත 1927 ජුනි 22 - විපත 2011 සැප්තැම්බර් 21), හෙවත් ජෝ අබේවික්‍රම, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. 1950 දශකයේ මුල් භාගයේ විකට නළුවෙකු ලෙස මුලදී ප්‍රසිද්ධියට පත් වූ අබේවික්‍රම, විචාරක පැසසුමට ලක් වූ සම්මානනීය නාට්‍ය රංගනයන් කිහිපයක් සමඟින් සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපට නළුවෙකු බවට පත්විය. ඔහු සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මාන 18ක් දිනාගෙන ඇත. අබේවික්‍රම 1999 දී පුර හඳ කළුවර චිත්‍රපටයේ ශෝකයට පත් පියෙකුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම ආසියානු නළුවාට හිමි රිදී තිර සම්මානය දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ කිරුළු පැළඳි රජෙකු ලෙස ප්‍රචලිතව සිටින අතර කිරුළු පැළඳි සිනමා වීරයන් තිදෙනා අතරින් මිය ගිය දෙවැන්නා ඔහුය. (මිය ගිය පළමු සිනමා රජු ගාමිණී ෆොන්සේකා වන අතර තිදෙනාගෙන් අවසන් වරට මිය ගියේ ටෝනි රණසිංහ ය. 1966 දී ඔහු ෆිල්ම්ෆෙයාර් සිනමා උළෙල සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නළුවා බවට පත්විය. පෞද්ගලික ජීවිතය අබේවික්‍රම රත්නපුර ලෙල්ලෝපිටියේ 1927 ජුනි 22 වන දින උපත ලැබූ අතර හැදී වැඩුණේ ග්‍රාමීය ප්‍රදේශයක ය. ඔහු දරුවන් හතර දෙනෙකුගෙන් වැඩිමලා විය. ඔහුගේ වටපිටාව ඔහු තුළ ස්වභාවධර්මය සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ දැඩි ඇගයීමක් ඇති කළේය. ඔහුගේ පියා ජෝන් ඩොයිලි සමඟ සමීප මිතුරෙකු වූ නිසා ජෝට ඔහුගේ නම ලැබුණි. වයස 15දී පමන ජෝ අබේවික්‍රම පනාමුරේ සිදුකල ලංකාවේ අවසන් අලි ගාල සියැසින් දැකඇත. පසුකාලීනව පනාමුරේ අවසන් අලි ගාලේ සැබෑ සිදුවීම පලිබඳව සමාජය දැනුවත් වීම‍ට ඔහුගේ මතකය ඉවහල්විය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ලෙල්ලෝපිටියට නුදුරු දිප්පිටිගල මිශ්‍ර පාසලෙනි. අනතුරුව ද්විතීයික අධ්‍යාපනය සඳහා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් විය. අධ්‍යාපනයෙන් පසු ලෙල්ලෝපිටිය සමූපකාරයේ කළමනාකරු ලෙස කටයුතු කළේය. 1940 ගණන්වල ඔහු කොළඹ පදිංචි වී සිරිසේන විමලවීරගේ නවජීවන චිත්‍රාගාරයේ වැඩ කිරීමට පටන් ගත්තේය. මුලදී කාර්යාලීය වැඩකටයුතුවලට සීමා වූ අබේවික්‍රම අවසානයේ චිත්‍රාගාරයෙන් රත්නපුරේ තිරගත වූ චිත්‍රපටවලට සම්බන්ධ විය. ඔහු චිත්‍රාගාරයේ සිටියදී චිත්‍රපට කර්මාන්තය අභ්‍යන්තරිකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගත් අතර ඔහුගේ නිවාඩුව මත දේවසුන්දරී චිත්‍රපටයෙහි භූමිකාවක් ලබා ගත්තේය. වෘත්තීය ජීවිතය අබේවික්‍රම සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යෙනි. 1955 දී එම්.එච්. විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දේවසුන්දරී’’ චිත්‍රපටයේ හාස්‍යමය චරිතයක් සමඟින් ඔහු සිනමා රංගනයට පිවිසියේය. ඉන්දියාවේ සිට චිත්‍රපට තැනූ ශ්‍රී ලාංකිකයෙක් වන මුනාස්. අබේවික්‍රමගේ පළමු කැපී පෙනෙන භූමිකාව වූයේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සරදම චිත්‍රපටයේ කුහුඹුවන් එකතු කරන විකේන්ද්‍රික පොලිස් නිලධාරි ලෙසිනි. ඔහු තම මිතුරිය වූ ෆ්ලොරිඩා ජයලත්ගේ සහය ඇතිව එම චරිතය ලබා ගත් අතර එය ඔහුගේ පළමු සැබෑ භූමිකාව සහ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස සලකයි. "සිරිමලී", "නලගන", "පිරිමියෙක් නිසා", "කොළඹ සන්නිය" සහ "දරුවා කාගෙද" වැනි මුල් චිත්‍රපට සියල්ලේම ඔහු විකට නළුවෙකු ලෙස කැපී පෙනෙන චරිත ඉදිරිපත් කළේය. ඉන්පසුව 1962 දී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රථම වරට රඟපෑ රන්මුතු දූව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනා කරන ලදී. 1956 දී ඔහු ප්‍රේම්නාත් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී 296 චිත්‍රපටයේ "විකට රහස් පරීක්ෂක" ලෙස චරිතයක් කළේය. ඉන්පසු වසරවලදී ඔහු දීපශිකා, සොල්දාදු උන්නැහේ, චණ්ඩියා, ස්වීප් ටිකට්, අල්ලපු ගෙදර, එක්ටැම් ගේ, සහ සාරවිට වැනි විචාරක පැසසුමට ලක්වූ චිත්‍රපට කිහිපයකම නාට්‍යමය චරිත රැසකට පෙනී සිටියේය. 1965 දී ඔහු සාරවිට චිත්‍රපටයේ "සාරයියා" චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේය. 1971 දී ඔහු ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයේ "ගෝරින් මුදලාලි" ලෙස රඟපෑවේය. මෙම චිත්‍රපටය දේශීය චිත්‍රපට උළෙලවලදී සම්මාන කිහිපයක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස සැලකේ. ඔහු 1970 දී මහගම සේකරගේ තුං මං හන්දිය' චිත්‍රපටයේ ද රඟපෑවේය. ඔහුගේ අනෙක් කැපී පෙනෙන රංගනයන් ගැටවරයෝ හරහා "සේමනේරිස්" ලෙසත්, සැඩොල් කඳුළු චිත්‍රපටයේ "ගොළු සේවකයා" ලෙසත් සිදු විය. සැඩොල් කඳුළු චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු පසුව හොඳම නළුවාට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ජාත්‍යන්තර සහ දේශීය සිනමා උළෙලවල් ඇතුළුව සම්මාන හතළිහක් දිනා ගත්තේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද බැද්දේගම චිත්‍රපටයේ ඔහු "සිලිඳු" ලෙස විචාරක පැසසුමට ලක්වූ චරිතයක් නිරූපණය කළේය. 1982 දී එම චරිතය ඔහුට හොඳම නළුවා ලෙස තවත් සරසවිය සම්මානයක් ලබා දුන්නේය. ඔහුගේ දෑස නිසා චිත්‍රපටයේ "නිරුදක" චරිතය ද විචාරක පැසසුමට ලක් වේ. ඔහු පීටර් ඔෆ් ද එලිෆන්ට් සහ ද ත්‍රී යෙලෝ කැට්ස් යන ඉංග්‍රීසි චිත්‍රපට දෙකක ද පෙනී සිටියේය. 2001 දී ඔහු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පුර හඳ කළුවර චිත්‍රපටයේ රඟපෑවේය. මෙම චිත්‍රපටය සිංහල සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන සලකුණක් ලෙස සැලකේ. ඔහු 12 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ චිත්‍රපටයේ “වන්නිහාමි” චරිතය වෙනුවෙන්. ඔහුගේ අවසාන චිත්‍රපට භූමිකාව පැමිණියේ සෙල්වම් චිත්‍රපටය හරහාය. ඔහු මිය යන තුරු චිත්‍රපට 172 ක රඟපා ඇති අතර ඉන් 62 ක ප්‍රධාන නළුවා ලෙසත් ඉතිරි 110 ක සහාය නළුවෙකු ලෙසත් රඟපා ඇත. ඔහු ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නළුවා ද විය. සිනමාවට අමතරව, ඔහු මල් යහනාව, බැරි සිල් (1960) සහ කැලේ මල් (1962) වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද පෙනී සිටියේය. ඒ වගේම අඳුරු කොළ, වනස්පති, ගම්පෙරළිය, සකිසඳ එළියස්, ඇසළ කළුවර වැනි රූපවාහිනී කතාමාලා රැසකද ඔහු රංගනයෙන් දායක වුණා. ජනප්‍රිය විකට කතා මාලාවක් වන සබඳ පබිලිස් සඳහා පිටපත ද ඔහු විසින් නිර්මාණය කරන ලදී. එම ටෙලිනාට්‍යයේ එන ප්‍රධාන නළු ඇන්ටන් ජූඩ් විසින් ගායනා කරන ලද "උන පුරුකේ බලු වලිගේ" තේමා ගීතය ද ලිවීය. මේ අතර ඔහු ඔහුගේ රූපවාහිනී නිෂ්පාදනයක් වන තහංචි ටෙලි නාට්‍යයේ “වැල් එළියට” ගීතයද ගායනා කළේය. 2004 දී ඔහු සකිසඳ එළියස් රූපවාහිනී කතාමාලාවේ පිටපත ලිවීය. කර්තෘ කාර්යය අබේවික්‍රම 1972 දී සිය පළමු නවකතාව "මහ බඹට මුහුද දෙකයි" ප්‍රකාශයට පත් කළේය. උරුමය 2020 සැප්තැම්බර් 21 වන දින, ජෝ අබේවික්‍රම මහතාගේ 9 වැනි ගුණ සමරුව වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පවත්වන ලදී. එය ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරන ලද අතර සවස 6 ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උත්සවයෙන් පසු ඔහුගේ ජනප්‍රිය චිත්‍රපටයක් වන තුං මං හන්දිය තිරගත විය. චිත්‍රපටකරණය සම්මාන* සරසවිය සිනමා සම්මාන |- || 1965 ||| ගැටවරයෝ || කුසලතා සම්මානය || |- || 1966 ||| සාරවිට || හොඳම නළුවා || |- || 1982 ||| බැද්දේගම || හොඳම නළුවා || |- || 1983 ||| මලට නොඑන බඹරු || හොඳම නළුවා || |- || 1986 ||| සිනමාවට දායකත්වය || රණ තිසර සම්මානය || |- || 1987 ||| මල්දෙණියේ සිමියොන් || හොඳම නළුවා || |- || 1991 ||| පාලම යට || හොඳම සහය නළුවා|| |- || 1992 ||| ගොළු මුහුදේ කුණාටුවක් || හොඳම නළුවා || |- || 1993 ||| උමයංගනා || හොඳම නළුවා || |- || 1997 ||| බිතු සිතුවම් || හොඳම නළුවා || |- || 1998 ||| බිතු සිතුවම් || හොඳම නළුවා || |- || 2001 ||| පුරහඳ කළුවර || හොඳම නළුවා || ජනාධිපති සිනමා සම්මාන |- || 1979 ||| බඹරු ඇවිත් || කුසලතා සම්මානය || |- || 1980 ||| වසන්තයේ දවසක් || හොඳම සහය නළුවා || |- || 1981 ||| සිරිබෝ අයියා || හොඳම නළුවා || |- || 1982 ||| බැද්දේගම || හොඳම නළුවා || |- || 1983 ||| මලට නොඑන බඹරු || හොඳම නළුවා || සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙල |- || 1999 ||| පුර හඳ කළුවර || හොඳම නළුවා සඳහා රිදී තිර සම්මානය || සුමති සම්මාන |- || 1999 ||| නාට්‍ය සඳහා දායකත්වය || යූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය |- || 2000 ||| ඉමදිය මංකඩ'' || හොඳම ටෙලිනාට්‍ය නළුවා || ශ්‍රී ලංකා ජාතික ගෞරව |- || 2005 ||| නාට්‍ය සඳහා දායකත්වය || දේශබන්දු|| යොමු කිරීම් බාහිර සබැඳි අතිවිශිෂ්ට රංගධරයා අම්මා නැත්නම් මං නිකම්ම නිකං ජෝන් චරිත කතා 2011 මරණ සිනමාව 1927 උපත් ශ්‍රී ලාංකික නළුවෝ සිනමාවේ හාස්‍ය නළුවෝ ශ්‍රී ලාංකික හාස්‍ය නළුවෝ සිංහල ජනයා
2836
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B9
අඹ
අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පලතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ,ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී ලංකාව, පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි. දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ. සැකසුම- Nishara suwahas පාසලa-Kirillawala central kirillawala ශබ්දනිෂ්පත්තිය මෙම පලතුරෙහි නාමය මලයාලම් භාෂාවේ හා දෙමල භාෂාවේ එන manga යන වචනයෙන් පැවත එයි. පෘතුගීසින් විසින් ඔවුන්ගේ ඉන්දියානු ගවේෂණයෙන් පසු ප්‍රසිද්ධියට පත් වූ නිසා පෘතුගීසි භාෂාවෙහිද manga යන වචනය පවතියි. විස්තරය අඹ ගස්( Mangifera indica )මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස් වෙයි.පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 - 16 ක් පළලැති,සරල , එකාන්තරික,සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි-කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන් වෙනස් වේ. පුෂ්ප, සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත සංයුක්ත එකාක්ෂයක හටගනියි. සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් ඇත. lily of the valley පුෂ්පයේ වැනි සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි. After the flowers finish,ඵල ඉදීමට මාස තුනේ සිට හය අතර කාලයක් ගනියි. අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විශ්කම්භයකින් යුක්ත වේ. බර කිලෝ ග්රෑම් 2.5 ක් දක්වා විය හැකි වන අතර ඵල ප්‍රමාණයෙන් විවිධ වෙයි.ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි. කොළ පැහැය සාමාන්‍යයෙන් ඉදී නොමැති බව දැක්වුවද මෙය අඹ ප්‍රභේදය මත වෙනස් වේ. ඉදුණු විට, පොතු ඉවත් නොකරන ලද ඵලයෙන් විශේෂ රෙසීනමය යන්තම් මිහිරි ගන්ධයක් විහිදෙයි.ඵලය මධ්‍යයෙහි තනි, පැතලි, දිගටි බීජයකි. ප්‍රභේදය අනුව මෙහි මතුපිට තන්තු සහිත හෝ තන්තු රහිත විය හැක. මි.මි. 1 - 2 ක් ඝනකමැති කබොල්ලට ඇතුලතින් කඩදාසියක් තරම් තුනී අතුරුණුවකින්/lining වටවූ සෙ.මි. 4 - 7 දිගැති, සෙ.මි. 3 - 4 පළලැති, සෙ.මි. 1 ඝනකමැති තනි බීජයක් පවතියි. වගාව සහ භාවිතය වර්තමානයේදී අඹ හිම පතනය නොවන උණුසුම් උප නිවර්තන දේශගුණයක් සහිත ඉන්දියානු අර්ධද්වීපය,දකුණු පකිස්තානය ,උතුරු,දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව,කැරිබියානු දුපත්,දකුණු හා මධ්‍යම අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ගිනිකොනදිග ආසියාව යන ප්‍රදේශ වල පළතුරක් වශයෙන් බහුල ලෙස වගාකරයි. අඹ පහසුවෙන් වගාකළ හැක.දැනට ටර්පන්ටයින් අඹ(පවතින සැර ටර්පන්ටයින් රසයට අනුව ,Oxford Companion to Food විශ්වකෝෂයට අනුව ඇතැම් වර්ග වල සත්‍යවශයෙන්ම අඩංගුය) , ඇටඹ ,... ආදී වූ අඹ ප්‍රභේද 1,000 කට අධික ප්‍රමාණයක් ඇත.අඹ, ලොව පුරා පිසීමකින් තොරව ආහාරයට ගන්නා පලතුරු අතරින් බහුලවම ආහාරයට ගන්නා පලතුර ලෙස ප්‍රකටය.. නිවර්තන දේශගුනයන්හි දී අඹ පහසුවෙන් දේශානුකුලනය වේ.හවායි දුපත් හි ඇති ඇතැම් පහත් බිම් වනාන්තර වල හඳුන්වාදුන් අඹ විශේෂ ප්‍රමුඛ වී ඇත. දකුණු ෆ්ලොරිඩාවෙහි අඹ වගා නොකරතත් එය ගෙවතු වල පලතුරු ශාකයක් ලෙස බහුලව දැකිය හැක. අඹ ලොව පුරා ජනයා අතර ජනප්‍රිය වූ පලතුරක් වුවත් බොහෝ අඹ වගාකරුවන්ට තම අස්වැන්න සඳහා ලැබෙනුයේ අඩු මිලකි.This has led to අඹ being available as a 'fair trade' item in some countries. There is a unique pigment that cannot be synthesized called euxanthin or euxanthine, and usually known as Indian Yellow, which is produced in the urine of cows fed on අඹ leaves. Their urine was once collected and evaporated and the pigment then used in oil paint. The practice was outlawed in 1908 due to malnutrition of the cows (the leaves have a mildly toxic substance related to that in poison ivy) and the color is now produced synthetically by mixing other pigments. රෝග ආහාර ලෙස භාවිතය ඉදුණු අඹ ඵලයෙහි මාංශල කොටසෙහි සීනි 15% ක් ද 1% ක් දක්වා ප්‍රෝටීන් ද විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද පීච් සහ අන්නාසි අතරමැදි රසයක් සහිත අම්ලමය රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. ඇතැම්වාහි වැඩියෙන් ඉදුණු ප්ලම් ගෙඩියක් මෙන් මෘදු පල්පමය වයනයක් පවතියි. ඇතැම් ප්‍රභේදවල මාංශය කැන්ටලොප්(කොමඩු වැනි පලතුරකි) හෝ අලිගැටපේර මෙන් දැඩි වන අතර ඇතැම්වා හි මාංශල කොටසෙහි කෙඳිතිමය වයනයක් පවතියි.අඹ ඉහල ජල ප්‍රමානයක් අඩංගු වන යුෂ අධික මිහිරි පලතුරකි.මෙනිසා තරමක් අපිලිවෙල සහගත වුව ද අඹ ප්‍රබොධමත් කරන ආහාරයකි. අඹ චට්නි සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.These bars, known as amavat or halva in Hindi කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි. අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සන්ගටකයක් ලෙස භාවිතා කරයි. විශේෂයෙන්ම muesli හා oat granola වලදී. In the Philippines, unripe අඹ is eaten with bagoong. Dried strips of sweet, ripe අඹ have also gained popularity both inside and outside the country, with those produced in Cebu making it to export markets around the world. In other parts of South-east Asia, අඹ are very popular pickled with fish sauce and rice vinegar. අඹ යුෂ, ඉදුණු අඹ වලින් මෙන්ම නොඉදුණු අඹ වලින්ද සාදනු ලැබෙයි . අඹ කැබලි පොඩි කර අයිස් ක්‍රීම් වල යෙදිය හැක. අඹ වලින් "පයි" ද සාදනු ලැබෙයි. කිරි, සීනි හා කුඩු කල අයිස් සමග අඹ හොඳින් මිශ්‍ර කර නැවුම් පානයක් සාදා ගත හැක.වඩාත් සාම්ප්‍රදායික ඉන්දියානු පානයකි අඹ lassi . මෙය බොහෝදුරට සාමාන්‍ය අඹ පානයකට සමාන වන නමුත් යෝගට් හා කිරි මිශ්‍රණයක් මුලික වශයෙන් භාවිතා වෙයි. ඇතැම් විට ලුණු හෝ එනසාල් රසකාරක ලෙස භාවිතා කරයි. තායිලන්තය හා අනෙක් ගිණිකොනදිග ආසියාතික රටවල පැණි රසැති ඇලෙන සුළු බත් හා පොල් මත කපන ලද අඹ තීරු තබා අතුරුපස ලෙස ආහාරයට ගනියි. "Mango Shake" or "Mangoshake" is a refreshing Punjabi (Indian/Pakistani) summer drink. It is traditionally made of අඹ pulp, whole milk, සීනි and ice cubes. However there are various other ingredients which are sometimes added, such as ice cream, fresh fruit, chocolate sauce and other sauces, along with whipped cream. It is very similar to a milkshake which can be consumed with a spoon. Dried unripe අඹ used as a spice in India is known as amchur (sometimes spelled amchoor). Am is a Hindi word for අඹ and amchoor is nothing but powder or extract of අඹ. Note: The Sweet Bell Pepper (capsicum) was once known as අඹ in parts of the midwestern United States With the advent of fresh fruit importers exposing individuals to the tropical fruit, the colloquial use of this alternative name for the Sweet Bell Pepper has become archaic, although occasionally midwestern menus will still offer stuffed අඹ as an entree. ඖෂධීය ගුණ The අඹ is in the same family as poison ivy and contains urushiol, though much less than poison ivy. Some people get dermatitis from touching අඹ peel or sap. Persons showing an allergic reaction after handling a අඹ can usually enjoy the fruit if someone else first removes the skin. The leaves are toxic to cattle. සංස්කෘතිකමය බැඳීම හින්දූන් විසින් අඹ පත්‍ර හෘහයන්හි දොරකඩ සැරසීමට හා ඉන්දියානු පූජාවන්හි දී භාවිතා කරයි. ඉන්දියානු රෙදිපිළි වල මෝස්‌තර අංගයක් ලෙස ද අඹ භාවිතා වෙයි., known as the paisley design. නිෂ්පාදනය හා පරිභෝජනය ඉන්දියාව විශාලතම අඹ නිෂ්පාදකයා වන අතර වර්ග කිලෝමීටර 16,000 භූමික අඹ වගාකර වාර්ෂිකව ටොන් මිලියන 10.8 ක අඹ අස්වැන්නක් නිෂ්පාදනය කරයි. එය සමස්ත ලෝක අඹ නිෂ්පාදනයෙන් 57.18% කි. ඉන්දියාව තුල, දකුණුදිග ආන්ද්‍රා ප්‍රදේශයේ වැඩිම අඹ නිෂ්පානයක් සිදුකරන අතර එහි හෙක්ටයාර 350,000 ක අඹ වගාකර ඇත (2004 දත්ත). Langra and Himsagar are considered as the two most superior type of අඹ in India. Both of these varieties are produced in East and North India, especially in Uttar Pradesh state. The main production of Langra happens in a small town of West Bengal, Malda. Both of these varieties are not suitable for long preservation and thus not suitable for transport to long distances or export. The variety 'Alphanso', although taste-wise not as superior as langra and himsagar, but can be preserved longer. So this has become the අඹ that is generally used for export. Alphanso is named after Afonso De Albuquerque. This was an exquisite and expensive variety of අඹ, that he used to bring on his journeys to Goa. The locals took to calling it Aphoos in Konkani and in Maharashtra the pronunciation got further corrupted to Hapoos. This variety then was taken to the Konkan region of Maharashtra and other parts of India. Banginapalli from Andhra Pradesh, Ratnagiri and Devgad Hapoos from Maharashtra are among the most prized varieties in south India. Lucknow and Varanasi අඹ are prized in the north of the country, where Uttar Pradesh state dominates the production tables. Certain අඹ varieties are picked raw and turned into spicy pickles. Andhra Pradesh and Karnataka states in the south, and Gujarat and Uttar Pradesh in the north are major producers of pickle-variety අඹ and specialize in making a variety of අඹ pickles. These pickles can be very spicy, and tend to have large regional differences in taste. Generally, once ripe, අඹ are quite juicy and can be very messy to eat. However, those exported to temperate regions are, like most tropical fruit, picked under-ripe. Although they are ethylene producers and ripen in transit, they do not have the same juiciness or flavour as the fresh fruit. A ripe අඹ will have an orange-yellow or reddish skin. To allow a අඹ to continue to ripen after purchase, it should be stored in a cool, dark place, but not in a refrigerator as this will slow the ripening process. Ripe අඹ are extremely popular throughout Latin America. In Mexico, sliced අඹ is eaten with chili powder and/or salt. Street vendors sometimes sell whole අඹ on a stick, dipped in the chili-salt mixture. In ඉන්දුනීසියාව, green අඹ is sold by street vendors with sugar and salt and/or chili. Green අඹ may be used in the sour salad called rujak in Indonesia, and rojak in Malaysia and Singapore. In Guatemala, Ecuador, Nicaragua and Honduras, small, green අඹ are popular; they have a sharp, brisk flavour like a Granny Smith apple. Vendors sell slices of peeled green අඹ on the streets of these countries, often served with salt. In Hawai'i it is common to pickle green අඹ slices. Ayurveda considers ripe අඹ sweet and heating, balancing all the three doshas(humors) and acts as an energizer. Raw අඹ are used in making pickles and condiments due to its peculiar sweet and sour taste. Dried and powdered raw අඹ is sometimes also used as a condiment in Indian cuisine. ප්‍රභේද නම් කරන ලද අඹ ප්‍රභේද බොහෝ ගණනනක් පවතියි. බොහෝ අඹ වතු වල මුහුම් පරාගනය(cross-pollination) වැඩි දියුණු කිරීමට ප්‍රභේද මිශ්‍ර කරයි.In Maharashtra, the most common cultivar is 'Alphonso' (known in Asia under the original name, Hapoos). 'Alphonso' is very popular outside Indian subcontinent and one of the important export product of India. The best 'Alphonso' අඹ are reputed to come from the town of Ratnagiri and Devgad in Maharashtra. In Uttar Pradesh, 'Dasheri' from Lucknow is famous for its aroma, and is so tasty that even the skin can be eaten. 'Langada' from Varanasi in eastern UP is another variety which is extremely sought after for its fine flavour and aroma. Actually it is believed that the Langda is even better than the 'Alphonso', but is not suitable for export because of the perishable nature. Hence 'Alphonso' is more common outside India. 'Banganapalli' (also called 'Banesha' or 'Began Phali') of Andhra Pradesh is one of the most sought after cultivars. Maldah is one of the most sought after cultivars in Bihar. Notably, cultivars which excel in one climate fail to achieve their potential in other climates. Thus the cultivar 'Julie', a Jamaican favourite, and 'Alphonso' have never found great success in South Florida, Israel or Australia. Currently, the world market is dominated by the cultivar 'Tommy Atkins', a seedling of 'Haden' which first fruited in 1940 in Southern Florida, USA. Despite being initially rejected commercially by Florida researchers, 'Tommy Atkins' quickly became an export favourite worldwide. For example, 80% of අඹ in UK supermarkets are 'Tommy Atkins'. Despite its fibrous flesh and fair taste, growers world-wide have embraced the cultivar for its exceptional production and disease resistance, the shelf-life of its fruit, their transportability as well as their size and beautiful color. 'Tommy Atkins' is predominant in the USA as well, although other cultivars, such 'Kent', 'Keitt', the Haitian grown 'Madame Francis' and the Mexican grown 'Champagne' are widely available. In urban areas of southern Florida, small gardens, or lack thereof, have fueled the desire for dwarf අඹ trees. The Fairchild Tropical Botanic Garden has led the charge for the "condo අඹ" by identifying cultivars which can be productive while maintained at a height below 2-2.5 m. A list of additional leading cultivars can be found at the cultivar list link in the external links below. අඹ - March 25, 2018 හැඳින්වීම අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පළතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී ලංකාව,පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි. අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක් ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි, අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත. දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ. අඹ ගස් ( Mangifera indica )මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස් වෙයි.පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 - 16 ක් පළලැති,සරල , එකාන්තරික,සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි- කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන් වෙනස් වේ. පුෂ්ප, සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත සංයුක්ත එකාක්ෂයක හටගනියි. සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් ඇත. lily of the valley පුෂ්පයේ වැනි සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි. After the flowers finish, ඵල ඉදීමට මාස තුනේ සිට හය අතර කාලයක් ගනියි. අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විශ්කම්භයකින් යුක්ත වේ. බර කිලෝ ග්රෑම් 2.5 ක් දක්වා විය හැකි වන අතර ඵල ප්‍රමාණයෙන් විවිධ වෙයි.ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි. කොළ පැහැය සාමාන්‍යයෙන් ඉදී නොමැති බව දැක්වුවද මෙය අඹ ප්‍රභේදය මත වෙනස් වේ. ඉදුණු විට, පොතු ඉවත් නොකරන ලද ඵලයෙන් විශේෂ රෙසීනමය යන්තම් මිහිරි ගන්ධයක් විහිදෙයි.ඵලය මධ්‍යයෙහි තනි, පැතලි, දිගටි බීජයකි. ප්‍රභේදය අනුව මෙහි මතුපිට තන්තු සහිත හෝ තන්තු රහිත විය හැක. මි.මි. 1 - 2 ක් ඝනකමැති කබොල්ලට ඇතුලතින් කඩදාසියක් තරම් තුනී අතුරුණුවකින්/lining වටවූ සෙ.මි. 4 - 7 දිගැති, සෙ.මි. 3 - 4 පළලැති, සෙ.මි. 1 ඝනකමැති තනි බීජයක් පවතියි. වර්ගීකරණය සහ නාමකරණය විද්‍යාත්මක නාමකරණය කුලය - Anacadiaceae උද්භිත විද්‍යාත්මක නාමය - මැන්ජිෆෙරා ඉන්ඩිකා (Mangifera indica) උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පළතුරක් වන අඹ එහි ඇති ප්‍රධාන රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි. විද්‍යාත්මක වර්ගීකරණය විද්‍යාත්මක වර්ගීකරණය රාජධානිය: Plantae වංශය: Magnoliophyta වර්ගය: Magnoliopsida ගෝත්‍රය: Sapindales කුලය: Anacardiaceae ගණය: Mangifera වෙනත් රටවල නාමකරණයන් මෙම පලතුරෙහි නාමය මලයාලම් භාෂාවේ හා දෙමල භාෂාවේ එන manga යන වචනයෙන් පැවත එයි. පෘතුගීසින් විසින් ඔවුන්ගේ ඉන්දියානු ගවේෂණයෙන් පසු ප්‍රසිද්ධියට පත් වූ නිසා පෘතුගීසි භාෂාවෙහිද manga යන වචනය පවතියි. වර්ග රැසක් අැති නිසා නාමයන්ද රැසක් අැත. වැඩිදුර ෙතාරතුරු ප්‍රයෝජන ඉදුණු අඹ ඵලයෙහි මාංශල කොටසෙහි සීනි 15% ක් ද 1% ක් දක්වා ප්‍රෝටීන් ද විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි. මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද පීච් සහ අන්නාසි අතරමැදි රසයක් සහිත අම්ලමය රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. ඇතැම්වාහි වැඩියෙන් ඉදුණු ප්ලම් ගෙඩියක් මෙන් මෘදු පල්පමය වයනයක් පවතියි. ඇතැම් ප්‍රභේදවල මාංශය කැන්ටලොප් (කොමඩු වැනි පලතුරකි) හෝ අලිගැටපේර මෙන් දැඩි වන අතර ඇතැම්වා හි මාංශල කොටසෙහි කෙඳිතිමය වයනයක් පවතියි.අඹ ඉහල ජල ප්‍රමානයක් අඩංගු වන යුෂ අධික මිහිරි පලතුරකි.මෙනිසා තරමක් අපිලිවෙල සහගත වුව ද අඹ ප්‍රබොධමත් කරන ආහාරයකි. අඹ චට්නි සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.These bars, known as amavat or halva in Hindi කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි. අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සන්ගටකයක් ලෙස භාවිතා කරයි. ව්‍යාප්තිය වර්තමානයේදී අඹ හිම පතනය නොවන උණුසුම් උප නිවර්තන දේශගුණයක් සහිත ඉන්දියානු අර්ධද්වීපය,දකුණු පකිස්තානය ,උතුරු,දකුණු සහ මධ්‍යමඇමෙරිකාව,කැරිබියානු දුපත්,දකුණු හා මධ්‍යම අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ගිනිකොනදිග ආසියාව යන ප්‍රදේශ වල පළතුරක් වශයෙන් බහුල ලෙස වගාකරයි. අඹ පහසුවෙන් වගාකළ හැක.දැනට ටර්පන්ටයින් අඹ(පවතින සැර ටර්පන්ටයින් රසයට අනුව Oxford Companion to Food විශ්වකෝෂයට අනුව ඇතැම් වර්ග වල සත්‍යවශයෙන්ම අඩංගුය) , ඇටඹ , ආදී වූ අඹ ප්‍රභේද 1,000 කට අධික ප්‍රමාණයක් ඇත.අඹ, ලොව පුරා පිසීමකින් තොරව ආහාරයට ගන්නා පලතුරු අතරින් බහුලවම ආහාරයට ගන්නා පලතුර ලෙස ප්‍රකටය. නිවර්තන දේශගුනයන්හි දී අඹ පහසුවෙන් දේශානුකුලනය වේ.හවායි දුපත් හි ඇති ඇතැම් පහත් බිම් වනාන්තර වල හඳුන්වාදුන් අඹ විශේෂ ප්‍රමුඛ වී ඇත. දකුණු ෆ්ලොරිඩාවෙහි අඹ වගා නොකරතත් එය ගෙවතු වල පලතුරු ශාකයක් ලෙස බහුලව දැකිය හැක. අඹ ලොව පුරා ජනයා අතර ජනප්‍රිය වූ පලතුරක් වුවත් බොහෝ අඹ වගාකරුවන්ට තම අස්වැන්න සඳහා ලැබෙනුයේ අඩු මිලකි.
2844
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD
පවුල
මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familiaයන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.වර්තමානයේ පවුල යනුවෙන් අදහස් කරන්නේ කුඩා ගෘහස්ථ ඒකකයක් ය. නමුත් ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ පවුල් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙස හැඳින්විය නොහැකිය.මේ අනුව පවුල නිර්වචනය කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි.මෙයට ප්‍රධාන හේතු දෙකකි. පවුල ඉතාම පුළුල් පරාසයක විසිරී තිබීම කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වීම පවුල යන ඒකකයට අඩංගු විය යුතු කාරණා 03ක් Levi-strauss(1956) සඳහන් කරයි. 01.පවුල විවාහය තුළින් ගොඩනැගිය යුතුය. 02.මෙම ඒකකයට සැමියා,බිරිඳ,ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන් හෝ සමීප ඥාතීන් ඇතුළත් වීම 03.එකී සාමාජිකයන් අතර නීත්‍යානුකූලව එකට බැඳීම(සමාජය පිළිගන්නා ආකාරයට එකට බැඳීම) කවර හෝ සමාජයක් පිළිබඳව සළකා බැලීමෙහිලා මිනිස් පවුල සමාජ සංස්ථාවන් අතර ඉතාම වැදගත්වුත් මූලිකවුත් සංස්ථාවක් ලෙස සලකනු ලැබිය යුත්තකි. පවුල නිර්වචනය කිරීම පවුල පිළිබඳ අධ්‍යයනයකදී ඇතැම් මූලික ගැටළු කිහිපයක් පිළිබඳව මුලින් ම අවධානය යොමු විය යුතුය.මෙබඳු ගැටළු අතර බෙහෙවින් මතභේදවලට තුඩු දී ඇත්තේ මිනිස් පවුල විශ්ව සාධාරණ ආයතනයක්ද?එසේ නැත්නම් ඇතැම් සමාජවල පමණක් ඇතැම් ඓතිහාසික යුගයන්හිදී විද්‍යමාන වූ ප්‍රපංචයක් පමණක් ද? යන්නයි.මේ අනුව විවිධ නිර්වචන පවුල පිළිබඳ ඉදිරිපත් වී ඇත. Kathleen Gough - 1974 "පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යන එක නිවසක එකට වාසය කරන විවාහක යුවලක් හෝ ඥාතීන් ලෙස එකට බැඳෙන සමූහයකි." මෙහිදී පවුල් ඒකකයක හඳුනාගතහැකි ප්‍රධාන ලක්ෂණ හතරක් ඇත. 01. සමීප ඥාතීන් අතර ලිංගික සම්බන්ධතා තහනම්වීම 02. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන ශ්‍රම විභජනය 03. සමාජ අනුමැතිය සහිත විවාහය 04. පුරුෂයා සාමාන්‍යයෙන් පවුලේ ආධිපත්‍ය දැරීම විලියම් ජේ.ගූඩ්(1964)-"the familly" "මානව සමාජයේ විධිමත් ආකාරයකට වර්ධනය වන එකම සමාජ සංස්ථාව පවුල් සංස්ථාව වේ.එය සමාජයෙන් සමාජයට වෙනස් විය හැකිය.නමුත් දරුවන් බිහිකිරීම, පවුලේ සාමාජිකයන් භෞතික වශයෙන් නඩත්තු කිරීම,දරුවන්ට සමාජ අනන්‍යතාවය පැවරීම, සමාජානුයෝජනය හා සමාජ පාලනය එහි කාර්යය වශයෙන් ඕනෑම සමාජයක පවතී. පැරණි සමාජයේ තිබුණු පවුල විස්තෘත පවුලක් බවත් නූතන සමාජයේ පවුල වෛවාහික පවුලක් බවත් ඔහු සඳහන් කරයි.නමුත් කාර්යභාරය සෑම පවුලකම සමාව වේ. Peter Murdock (1949) "පවුල යනු ලිංගික කෘත්‍යය,ප්‍රජනනය,සමාජානුයෝජනය සහ ආර්ථික සහයෝගීතාවය කාර්ය කොටගත් අවම වශයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා සමාජ අනුමැතියලත් ලිංග දෙකකට අයත් දෙදෙනෙක් ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන්ගෙන් යුක්ත සමූහයකි. Haralambas and Heald (1997) "සැමියා සහ බිරිඳ අතර ලිංගික සබඳතා පැවැත්වීමක් සිදු නොවන බවත් යම් ස්ත්‍රියකට දරුවන් ලැබෙන්නේ ඇගේ පියාගේ මිතුරන්ට දාව බව බොනාරෝ සමාජය ඇසුරින් දක්වයි. Margret Mead සැමොවා සමාජය පිළිබඳව අදහසක් ඉදිරිපත් කරයි. සැමොවා සමාජයේ දරුවන් සමාජානුයෝජනය කිරීම පවුලේ කාර්යයක් ලෙසට නොපවතින බව මාග්රට් මීඩ් සඳහන් කරයි. මෙම නිර්වචන පිළිබඳව ඩේවිඩ් චීල් වැනි පශ්චාත් නූතනවාදී සමාජ විද්‍යාඥයින් ප්‍රශ්න මතුකර ඇත.70 දශකයේ මැදභාගයේ සිට 21 වන සියවසේ මූලාරම්භය දක්වා පවුල් සංස්ථාව ආශ්‍රිතව යුරෝපයේ විවිධ රටවල ඇතිවී ඇති වෙනස්කම් චීල්ගේ ප්‍රශ්න කිරීම්වලට පසුබිම් වී ඇත.විවිධ පර්යේෂණ උපුටා දක්වමින් ඇමෙරිකාවේ අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම,දරුවන් රහිත පවුල් වැඩිවීම ආදී කරුණු හේතු වී ඇත. මේ නිසා තවදුරටත් පවුල යන ඒකකය පැරණි නිර්වචනවලින් අර්ථ නිරූපණය කළ නොහැකි බව පෙනී යයි. සමාජය තුළ ඇති වී ඇති වෙනස්කම්වලට අනුව පවුල පිළිබඳ නිර්වචනය වෙනස්විය යුතුය යන අදහස චීල් වැනි අය දරයි.මෙම කරුණු හේතු කොටගෙන පවුල අලුත් අකාරයකින් නිර්වචනය කිරීමට උත්සාහ ගෙන ඇත.නූතන ආකාරයට පවුල නිර්වචනය කිරීමට උත්සාහ ගෙන ඇත.නූතන ආකාරයට පවුල නිර්වචනය කිරීම ප්‍රධාන සංකල්ප හතරක් යටතේ සිදු කළ හැකි බව Cheal දක්වයි. 1. විශේෂිතකරණ සංකල්පය 2. අත්හැරීමේ සංකල්පය 3. විතැන් කිරීමේ සංකල්පය 4. ප්‍රසාරණය කිරීමේ සංකල්පය විශේෂිතකරණ සංකල්පයෙන් දක්වන්නේ සාමාන්‍ය වශයෙන් හඳුනාගන්නා පවුල යන ඒකකය තව දුරටත් සමාඩයේ හඳුනාගැනීමට හැකි වුවත් එය විශ්වීය මට්ටම දක්වා ගමන් නොකරන බවයි. අත්හැරීමේ සංකල්පයෙන් කියවෙන්නේ අනියම් සබඳතා පවුලට විකල්ප තත්වයක් දක්වා වර්ධනය වී තිබේ නම් පවුල පිළිබඳ පැරණි නිර්වචනය අත්හළ යුතු බව මෙයින් කියවේ.විතැන්කිරීමේ සංකල්පය පවුල පිළිබඳ නිර්වචනය එක් තැනකින් තවත් තැනකට ගෙන යා යුතු බව සහ පවුල යන්නෙහි අර්ථය බිරිඳ සැමියා දරුවන්ගෙන් යුක්ත ඒකකය එදිනෙදා ජීවිතයේ දැනුම ගබඩා කරන ආර්ථික හා දේශපාලන උනන්දුවක් සහිත සමාජ සබඳතා පිළිබඳව ඇතුළත්කිරීම්වලින් සහ ඉවත්කිරීම්වලින් යුතු සදාචාර විශ්වාසයන්ගේ පද්ධතියකි. ප්‍රසාරණය කිරීමේ සංකල්පය දක්වන්නේ පවුල පිළිබඳ නිර්වචනය තවත් පුළුල් වියයුතු බවයි. පවුලේ ඓතිහාසික විකාශනය Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන් මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය. මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව පවුල පරම්පරා පරම්පරා දෙකකට තුනකට සීමා විය.මෙය විස්තෘත පවුලයි.වැඩවසම් සමාජ අවධියේ වඩාත් ප්‍රබලව පැවතියේ විස්තෘත පවුල් ක්‍රමයයි.නමුත් කාර්මීකරණය සමග ඇතිවන සමාජ වෙනස තුළින් න්‍යෂ්ටික පවුල් රටාව ඇති වේ. විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටී. විස්තෘත පවුල හා න්‍යෂ්ටික පවුලට අතරමැදි පවුලක් ලෙසට බද්ධ පවුල දැක්විය හැකිය.එය ඉන්දියානු සමාජයේ දැකිය හැකිය. එහි ජීවත්වූයේ පරම්පරා දෙකක සාමාජිකයන් පමණකි. කාර්මීකරණයත් සමගම විස්තෘත පවුලේ සාමාජිකයන්ට රැකියාව සඳහා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.මෙසේ යාමේදී සාමාජිකයන් සියලු දෙනාම නගරයට ගෙනයාමට නොහැකි විය.ඒ අනුව කුඩා පවුල් නිර්මාණය විය. න්‍යෂ්ටික පවුලට අයත් වූයේ දෙමව්පියන් හා දරුවන් පමණකි.න්‍යෂ්ටික පවුල බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීමක් සිදුවිය.එය නිදහස පිළිබඳ අදහස මත බිහිවු පවුලක් ලෙස දැක්විය හැකිය.මව පියා දරුවන් මෙම පවුලේ සාමාජිකයන් වෙති. වර්තමානය වන විට පවුල කුඩාවෙමින් පවතී.එම නිසා පවුල් ප්‍රතිපත්ති සෑදීමට සිදු වී තිබේ. 2004 වර්ෂය year of the family ලෙස නම් කර තිබේ. පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතු සඵලතාවයේ ශිඝ්‍ර බැස්ම පවුලේ සාමාජිකයන් විදේශගත වීම විවාහවන වයස ඉහළ යාම ගබ්සාවන් හා පවුල් සැලසුම් භාවිතය පරම්පරා අතර ගැටුම දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීම එකට ජීවත්වීම(living together) න්‍යෂ්ටික පවුලක් සාදාගැනීමට වැඩිදෙනෙකු කැමතිවීම පවුලේ කාර්යභාරය පවුල් සංස්ථාව සමාජයේ පවතින්නේ එහි ව්‍යුහාත්මක ස්වරූපය මත නොව එමගින් සමාජයට ඉටුකරන කාර්යභාරය මතය.එමගින් අදහස් කරන අන්දමට පවුලේ ව්‍යුහය යනු පවුලෙන් අපේක්ෂා කරන කාර්යභාරය ඉටුකිරීම සඳහා ඒ ඒ සමාජයට අනුව පවුල හැඩගැසී ඇති ආකාරයයි. William J.Good (1964)පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ දරුවන් බිහිකිරීම සමාජ අනන්‍යතාවය පැවරීම සමාජානුයෝජනය සමාජ පාලනය යනාදියයි. මර්ඩොත්ගේ ඉදිරිපත්කිරීම් අනුව ගත්විට ද ලිංගික කාර්යය,ප්‍රජනනය,අධ්‍යාපනය සමාජානුයෝජනය හා ආර්ථික සහයෝගීතාවය පවුලක කාර්යභාරය වේ. ටැල්කොට් පාසන්ස් (1971)අනුව පවුලේ විශ්වීය කාර්යයන් දෙකක් ඇති බව දක්වයි. සමාජානුයෝජනය පෞරුෂ වර්ධනය මේ අනුව පවුලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් 04ක් තිබේ. 1.ජීව විද්‍යාත්මක කාර්යය 2.ආර්ථික කාර්යය 3.සංස්කෘතික කාර්යය 4.මනෝවිද්‍යාත්මක කාර්යය වර්තමානයේ පවුලෙන් ඉටුවිය යුතු කාර්යයන් වෙනත් ආයතන මගින් සපුරාගැනීම නිසා පවුලට තිබෙන වටිනාකම පවුලක අවශ්‍යතාවය අඩු වී තිබේ. තවදුරටත් පවුල යන ඒකකය සමාජයේ පැවතීමේ අවශ්‍යතාවයක් නොමැති බව Spiro යන පුද්ගලයාගේ අදහස වේ.ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන,පාසල යනාදී ආයතන බිහි වී තිබේ. පවුල් ජීවන චක්‍රය පවුල් ජීවන චක්‍රය බටහිර පවුල් ආදර්ශයට ගනිමින් සකසා තිබේ.පවුල් ජීවන චක්‍රයේ අවධි 06කි. දරුවන් නොමැති අවධිය දරුවන් බිහිකරන අවධිය අතරමැදි අවධිය දරුවන් නිවෙස් හැරයන අවධිය පශ්චාත් දෙමාපිය අවධිය වැන්දඹු අවධිය ශ්‍රී ලංකාවේ පවුල ‍ඓතිහාසික අවධියේ ලංකා සමාජයේ ලිංගික සදාචාරය සහ විවාහය ලිහිල් පදනමක් මත පැවතුණ ද පවුල සමාජයේ ශක්තිමත්ම ඒකකය වේ.පවුල සමාජයේ කේන්ද්‍රීය ඒකකයක් වේ.තම්බයියා නැමති මානව විද්‍යාඥයා සිය අධ්‍යයනයෙන් ප්‍රකාශ කරන පරිද් උඩරට ගැමියෝ ඥාති සමූහයේ සහයෝගීතාවය අරබයා සිය හැඟීම් පවුල සහ වාසගම් ආදී පද අපේ යන සම්බන්ධ විභක්තිය සමග යොදා ප්‍රකාශයට පත් කරති.මෙහි අර්ථය නම් සාම්ප්‍රදායික සිංහල සමාජය තුළ පෞද්ගලිකත්වය ඉතා අවම මට්ටමක පැවති බවත් පවුල සමාජ සාමුහිකත්වයේ සංකේතයක් වූ බවයි.සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පවුල වශයෙන් හඳුන්වන ලද්දේ විශාල ඥාති කණ්ඩායමක එකතුවකි. වික්ටෝරියානු සංස්කෘතිය ක්‍රියාත්මක වූ ටත් විජිත සමයේ ආර්ථික හා දේශපාලන සමාජයීය අංශයන්වල බරපතල වෙනස්කම් තිබුණි.ඒ අනුව පවුල් සංස්ථාව තුළ සිදු වූයේ විස්තෘත පවුල් ක්‍රමය බිඳවැටී න්‍යෂ්ටික පවුලක් නිර්මාණය වීමයි. දීර්ඝ යටත් විජිත අවධිය තුළ දී මෙකී න්‍යෂ්ටික පවුල් ක්‍රමය ස්ථාපිත වුව ද 1948 නිදහස ලබන විටත් ලංකාවේ පවුල ග්‍රාමීය ප්‍රදේශවල මුළුමනින්ම න්‍යෂ්ටික පවුලේ ස්වරූපයෙන් යුක්ත නොවූ බව 1971-Yalman සහ 1961 E.R.Leach ඔවුන්ගේ අධ්‍යයන තුළින් පෙන්වා දී තිබේ. අඩවියෙන් බැහැර පිටු අවුල් නොවන පවුල් ජාතක කතා පොතේ එන පවුල ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත් පවුලේ සතුටට යෝජනා 12ක් සිංහල විවාහය පවුල සමාජ විද්‍යාව මානව විද්‍යාව
2845
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A
සියැටල්
සියැටල් (also Sealth, Seathl or See-ahth) (c. 1786 – June 7, 1866) මූලාශ්‍ර භාහිර සබැඳි පරිසරය ආදිවාසීන් - ඇමරිකාව Seattle, Chief Seattle, Chief
2846
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ග
ගෙඩි එළවළු කැකිරි පතෝල තුඹ කරවිල වට්ටක්කා වැටකොළු වම්බොටු අල මංඤොක්කා ඉන්නල අර්තාපල් නෙළුම් අල රටල රාජා අල හෙවත් දන්දිල කුකුලල කිරි අල කටු අල හිගුරල පලා මංඤොක්කා කොල වැල් පෙනෙල ලෝළු දළු කොහිල දළු ගොටුකොල මුකුණුවැන්න කංකුන් ගිරාපලා සාරන නිවිති කතුරු මුරුංගා වෙනත් මයිල පොහොට්ටු ලීක්ස් කොහිල දඩු - - - - පිපිඤ්ඤා - අමු ගස්ලබු - තම්පලා - පැෂන් කොල - කෙකටියා මල් - මුරුංගා - අළු කෙසෙල් - දඹල - කතුරුමුරුංගා මල් - කතුරුමුරුංගා ‍ කොල - මුරුංගා කොළ - මෑකරල් - නිවිති - කැරට් - මුකුණුවැන්න - කංකුං - බෝංචි - කොස් - දෙල් - පොලොස් - මංඤොක්කා අල - රාඹු - බීට් - කෙසෙල් මුව - කරවිල - තිබ්බටු - වම්බටු - බණ්ඩක්කා - තලන බටු - මඩු දළු - අගුන කොළ - තැල් කොළ - කෝවක්කා කොළ කැකුළු සහල් වලට වඩා තැම්බූ සහල් ගුණයෙන් ඉහලය. වයස අවුරුද්දට අඩු ලදරුවන්ට ආහාර සැකසීමේදී ලුණු සහ සීනි එකතු නොකල යුතුය. එළවළු
2848
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
පලතුරු වර්ග
ලංකාවේ වැවෙන ගුණයෙන් ඉහල පලතුරු උගුරැස්ස ලොවි දිවුල් නෙල්ලි අඹ ගස්ලබු කෙසෙල් පේර රඹුටන් කරඹ වරකා / වැල දොඩම් කජු පුහුලන් සියඹලා මැංගුස් කෝන් වීර අලිගැටපේර පළු ගඩුගුඩා පැලපී කාමරංගා ගල්සියඹලා එරමිණියා වෙරළු සීනි නෙල්ලි සැපතිල්ලා මාදං මසං අන්නාසි දූරියං කොකෝවා ජම්බු ලාවුළු පිනි ජම්බු ජැම්සන් පැෂන් ෆෲට් - කටු අනෝදා වැලි අනෝදා / ආත්තා - ඇඹිල්ල කට්ටම්බේරිය - මොර - බිලිං කෝවක්කා නමිනං ජෑම් පේර ඇඹුල් පේර මල්බෙරි හිඹුටු දම් පලු විර මා දං පිනි ජම්බු කිරිපළු ජම්බෝල කට කළු බෝවිටියා පෝෂණය සෑම දිනකම පලතුරු ආහාරයට ගත යුතුය.
2849
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%A2%E0%B6%BD%E0%B6%B1%20%E0%B7%85%E0%B7%80%E0%B6%AB%E0%B6%BA
මුඛ ප්‍රතිසජලන ළවණය
දියරමය පාචනයට ප්‍රතිකාරය ඉතා විශ්වාසදායී ඔසුවකි අඩු මිල විශිෂ්ඨ මානව නිර්මාණ කීපයෙන් එකකි ලංකාවේ බහුලව හඳුන්වන්නේ ජීවනී නමිනි. භාහිර සබැඳි ප්‍රතිසජලන ව්‍යාපෘතිය [Rehydration Project] ඖෂධ ප්‍රතිකාර කොලරාව විජලනය Body water Gastroenterology Medical treatments Therapy World Health Organization essential medicines Wikipedia medicine articles ready to translate
2852
https://si.wikipedia.org/wiki/%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A
ඔක්සිජන්
ඔක්සිජන් හෙවත් අම්ලකර යනු ජීවින් ශ්වසනය කරන වායුවයි. ප්‍රභාසංස්ලේශණය මගින් ඔක්සිජන් නිපදවේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍රධාන අකාබනික සංයෝග වලද ඔක්සිජන් අන්තර්ගත වේ. ඇල්ගි හා සයනෝ බැක්ටීරියා මගින්O2 ඔක්සිජන් නිපදවයි. තවද ශාක ප්‍රභා සංස්ලේශණයෙන්ද O2 නිපද වේ. සෛලීය ශ්වසනය සිදුවීමේදී මෙම O2 භාවිතයට ගැනේ. වායුගෝලයේ O2 ප්‍රමාණය වැඩිවීමට පෙර එනම් අවුරුදු බිලියන 2.5 කට පෙර ලෝකයේ ප්‍රධාන ජීවි ස්වරූපය වු නිර්වායු පටක වලට ඔන්සිජන් විශ සහිත මුලද්‍රව්‍යයකි. ඕසෝන් (O3) යනු ඔක්සිජන්හි තවත් ස්වරූපයක් (බහුරූපී) වන අතර වායුගෝලයේ උසින් පිහිටි ඕසෝන් වියනක් මගින් ජෛව ගෝලය හානිකර පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා කරයි. නමුත් පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී O3 දැඩි ධ්‍රැවිකාවක් ඇති කරන නිසා පෘතුවි පෘෂ්ඨය අසලදී දූෂකයක් ලෙසද ක්‍රියා කරයි. රසායනවේදමය හැඳින්වීම ඔක්සිජන් පරමාණුක ක්‍රමාංකය 8 වු, O සංකේතයෙන් හදුන්වනු ලබන මූල ද්‍රව්‍යයකි. ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට හා කැල්තෝජන කුලයට අයත් වන මෙම අලෝහ මුලද්‍රව්‍ය ඉතා ප්‍රතික්‍රියාශීලි වන අතර බොහෝමයක් මූල ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර සංයෝග ඔක්සයිඩ සාදයි. සම්මත උෂ්ණත්ව හා පීඩනයේදී මූලද්‍රව්‍යයේ පරමාණු 2 ක් සම්බන්ධ වී වර්ණයක් ගන්ධයක් රසයක් නැති ද්විපරමාණුක ඩයොක්සීන් නැමති වායුවක් සාදයි. එය O2 ලෙස රසායන සූත්‍ර මගින් දැක්වේ. ස්කන්ධය අනුව විශ්වයේ තෙවනුවට වඩාත්ම ඇති මූල ද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් වන අතර ඔක්සිජන් දෙවැනි වන්නේ හයිඩ්‍රජන්ට හා හීලියම්ට පමණි. තවද පෘතුවි කබොලේ වඩාත් සුලභම මුලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය. ස්කන්ධය අනුව ජලයෙහි 88.8% ඔක්සිජන් අඩංගු වන අතර වාතයේ 20.9% අඩංගුවේ. ඔක්සිජන් සොයාගැනීම ඔක්සිජන් පළමුව සොයාගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් වෙළෙන්ඳකු වන කාල් විල්ගෙට් ෆිලොස් විසිනි. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයි‍ට්‍රෙට් රත්කිරීම මඟින් 1772 පමණ ඔක්සිජන් වායුව නිපදවන ලදී. ෆිලොස් මෙම වායුවට ගිනි වායුව" ලෙස නම් තැබීය. ඊට හේතුව වූයේ දහනයට රුකුල්දෙන වායුව ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීමයි. මෙම සොයාගැනීම සඳහන් කර ට්‍රිටයිස් මන් එයාර් ඇන්ඩ් ෆයර්" නමින් අත්පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවන ලදී. කෙසේවුවත් මෙම අත්පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවිණ.1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙල්ට් ස්කීල් විසින් තනි තනිවම ඔක්සිජන් සොයා ගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයාගැනීමට‍ මුලින්ම ප්‍රසිද්ධියට පත් කල නිසා ඔහුට මුල්තැන ලැබුණි.මෙය සිදුකරන ලද්දේ සූර්යාලෝකය වීදුරු නලයක් තුළ රැඳවූ මර්කියුරික් ඔක්සයිඩ් මත වැටීමට සැලස්වීමෙන්ය. මෙමඟින් නිදහස් වූ වායුවට ඔහු "ඩෙෆ්ලො ජිස්ටිකේටඩ් වායුව" ලෙස නම් තැබීය. එම වායුවට බඳුන්වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වුණු බවත්, මීයන් වඩා ක්‍රියාශිලි ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කළ බවත් ඔහුට පෙණින. එම වායුව ආශ්වාස ප්‍රාශ්වාස කල ඔහු එය සාමාන්‍යය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුලට ලබාදුන් බව සඳහන් කර සිටියේය. 1775 දී ඔහු තමන්ගේ සොයාගැනීම ''ඇන් එකවුන්ට් ඔෆ් ජර්දර් ඩිස්කවර්ස් ඔෆ් එයාර්" නම් ලිපියෙන් ප්‍රකාශයට පත්කළ අතර, තමන්ගේ පොත වන "එක්ස්පරිමන්ට්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් ඔන් ඩිෆරන්ට් කයින්ඩ්ස් ඔෆ් එයාර්" ටද එය ඇතුලත් කළේය. 1777 දී ඇන්ටොයින් ලැවොයිපියර් විසින් එම මුලද්‍රව්‍ය ඔක්සිජන් ලෙස නම් තබන ලදී. ඔහුගේ පර්යේෂණ ඒ දින වල ප්‍රචලිතව තිබු දහනය හා මළ කෑම පිලිබද ලොජිස්ටන් වාදය බිද හෙලීමට සමත් විය.තවද කාර්මික ඔක්සිජන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මිකව ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ ද්‍රව වාතය භාගික ආසවනයට ලක් කිරීමෙනි. මෙහිදී වාතයේ ඇති නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිට් ඉවත් කිරීම සියෝලයිට් යොදා ගනී. මීට අමතරව ඔක්සිජන් නිෂ්පාදනයට ජල විච්ඡේදනයද උපයෝගි කර ගනී. ඔක්සිජන්හි ප්‍රයෝජන ලෙස ලෝහ නිෂ්පාදනය, ප්ලාස්ටික් හා රෙදි පිලි, රොකට් ප්‍රචාලක, ඔක්සිජන ප්‍රතිකර්මය ආදිය දැක්විය හැකිය. තවද ගුවන් යානා, සම්බැරීන්, අභ්‍යවකාශ ගමන් හා කිමිදීමේ ජීව ආධාරක ලෙස ඔක්සිජන් යොදා ගනී. නෛසර්ගික ලක්‍ෂණ සැකැස්ම ව්‍යුහය සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේ දී ඔක්සිජන් නම් අණුක සූත්‍රය සහිත අවර්ණ , ගන්ධ රහිත වායුවක් වන අතර එක් ඔක්සිජන් අණුවකට ත්‍රි බැමුම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඔස්සේ රසායනිකව බැඳී ඇති ඔක්සිජන් පරමාණු යුගලක් අයත් වේ. මෙම බන්ධනයේ පෙළ 2ට සම වන අතර බොහෝ විට අතිශයින්ම සරල කොට ද්විත්ව බන්ධනයක් ලෙස හඳුන්වනු ලැබේ. පිරිහුණු අණුක කාක්ෂික යුගලක් තල අඩංගු වූ යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන ද්විත්වයකින් ද යුතු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් දරන ත්‍රෛකය ඔක්සිජන් අණුවේ ස්ථායී ආකාරය වේ. මෙම කාක්ෂික ප්‍රතිබන්ධිත වර්ගයට අයත් වන අතර මේ හේතුවෙන් (බන්ධනය දුර්වල වන අතර බන්ධන පෙළ 3 සිට 2 දක්වා පහත වැටේ) සමහර ප්‍රතිබන්ධිත කාක්ෂික පිරී නොමැති එහෙත් සියළු අණුක කාක්ෂික පිරී ඇති ද්වි පරමාණුක නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයට වඩා ද්වි පරමාණුක ඔක්සිජන් බන්ධන දුර්වල වේ. සාමාන්‍ය ත්‍රෛකය තත්වයේ ඔක්සිජන් අණු ඒවායේ අඩංගු යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝනවල භ්‍රමණ චුම්භක ඝූර්ණ සහ යාබද ඔක්සිජන් අණු අතර ඇති සෘණ හුවමාරු ශක්තිය හේතුවෙන් අණු චුම්භක ගුණ දරන අතර චුම්භක ක්ෂේත්‍රයක් හමුවේ චුම්භකයක් බවට පත්වේ. පරීක්ෂණාගාර ආදර්ශනයක දී ප්‍රභල චුම්භකය ධ්‍රැව දෙක අතර බාහිර ආධාරකයකින් තොරව ද්‍රවිත ඔක්සිජන් දහරක් රඳවා තැබිය හැකි තරම් ද්‍රවිත ඔක්සිජන් චුම්භකයක් වෙත දක්වන ආකර්ෂණය ප්‍ර‍භල වේ. සියළුම ඉලෙක්ට්‍රෝන බැමුම් යුගලනය වී ඇති අණුක ඔක්සිජන්හි සමහර උච්ච ශක්ති ප්‍රභේද කිහිපයක් ඓකය ඔක්සිජන් නමින් හැඳින්වෙන අතර මේවා සාමාන්‍ය ඓන්ද්‍රීය සංයෝග කෙරෙහි වැඩි ප්‍රතික්‍රියශීලීතාවයක් දක්වයි. ස්වභාවයේ දී ප්‍රභාසංස්ලේෂණය අතරතුර සූර්ය ශක්තිය යොද‍ාගෙන ජලය ඇසුරින් ‍ඓකය ඔක්සිජන් නිපදවීම සිදුවේ. තවද ඓකය ඔක්සිජන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ක්‍රියාකාරී ඔක්සිජන් ප්‍රභේදයක් ලෙස නිපදවා ගනු ලබන අතර පරිවර්තී ගෝලය තුළ කෙටි තරංග ආයාමයක් සහිත ආලෝකය මඟින් පටකවලට හානි සිදුවීමට පෙර එහි ඇති ශක්තිය උරාගැනීම තුළින් එය සාමාන්‍ය ස්ථායී ආකාරය බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රභාසංස්ලේෂක ජීවීන් තුළ ඇති කැරොටිනොයිඩ වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. (මෙම ක්‍රියාවලිය සතුන් තුළ ද කැරොටිනොයිඩ මඟින් සිදුවීමේ ඉඩ කඩක් පවතී) බහු රූපී ආකාර ඔක්සිජන් වඩාත් බහුලම බහුරූපී ආකාරය ඔක්සිජන් හෙවත් ඩයිඔක්සිජන් වේ. එහි බන්ධන දිග 121 pm වන අතර බන්ධන ශක්තිය 498 kJ• mol-1 වේ. මෙය පෘථිවි වායුගෝලයේ මූලික සංඝටකයක් වන අතර බොහෝ සංකීර්ණ ජීවී ආකාරවල සෛලීය ස්වසනය සඳහා අවශ්‍ය වන වායුව ද වේ. ඔක්සිජන් හි අනෙකුත් වැදගත්කම් හා පැති කඩ මෙම ලිපියෙහි ඉතිරි කොටස්වල අඩංගු වේ. (වැඩි විස්තර් සඳහා “ඔක්සිජන් හි බහුලත්වය” හා “ජීව විද්‍යාත්මක වැදගත්කම” බලන්න) --,පෙනහළු පටකවලට හානිකර වූ ට්‍රයි ඔක්සිජන් හෙවත් ඕසෝන් ඔක්සිජන්හි අතිශය ප්‍රතික්‍රියාශීලී බහුරූපී ආකාරයකි. ඉහල වායුගෝලයේ පාරජම්බුල විකිරණ මඟින් බිඳීමට ලක්වී සෑදෙන පරමාණුක ඔක්සිජන් සමඟ අණුක බැඳීමෙන් ඕසෝන් නිපදවේ. ඕසෝන් වර්ණාවලියේ පාරජම්බුල කලාපය හොඳින් අවශෝෂණය කරගන්නා බැවින් එය විකිරණ ආරක්ෂක ආචරණයක් සේ ක්‍රියාකරයි. (“ඕසෝන් ස්ථරය” බලන්න) නමුත් පෘථිවි පෘෂ්ටයට ආසන්න‍ෙය් දි රථ වාහන දුමාරයේ අතුරුඵලයක් සේ නිපදවෙන විට ඕසෝන් පරිසර දූෂකයකි. අධි ස්ථායී අණුක චතුර් ඔක්සිජන් (O4) නම් ප්‍රභේදය 2001 ව‍සරේ දී සොයාගන්නා ලද්දකි. එය ඝන ඔක්සිජන් හි අවස්ථා හයෙන් එකක පවතින බව විශ්වාස කෙරුණි. ඔක්සිජන් ගිගා පැස්කල් 20 ක පීඩනයකට යටත් කිරීමෙන් නිපදවාගන්නා මෙම අවස්ථාව රොම්බස තලීය O8 පොකුරුවලින් සෑදී ඇති බවව 2000 දී ඔප්පු කරන ලදී. මෙම පොකුරු ආකාර ඔක්සිජන් බහුරූපය O2 හා O3 ට වඩා ප්‍රභල ඔක්සිකාරකයක් වන බැවින් එය රොකට් ඉන්ධනයක් ලෙස භාවිතයට ගැනීමේ හැකියාවක් පවතී. 1990 වසරේ දී ඔක්සිජන් හි ලෝහමය බහුරූපී ආකාරයක් සොයාගන්නා ලදී. ඝන ඔක්සිජන් 96 ගිගා පැස්කල්ට වැඩි පීඩනයකට යටත් කළ විට නිර්මාණය වන මෙම කලාපය ඉතා අඩු උෂ්ණත්වයන්හි දී සුපිරි සන්නායක තත්වයට පත්වන බව 1998 වසරේ දී පෙන්වා දෙන ලදී. භෞතික ලක්ෂණ ඔක්සිජන් නයිට්‍රජන්ට සාපේක්ෂව වඩාත් ජලයේ ද්‍රාව්‍ය වන අතර මේ හේතුවෙන් වායුගෝලයේ 4:1 වන නයිට්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලය තුළ දී දළ වශයෙන් 2:1 ක් පමණ වේ. ඔක්සිජන් ජල ද්‍රාව්‍යතාව උෂ්ණත්ව පරායත්ත වන අතර 0 °C හිදී O2 හි ජල ද්‍රාව්‍යතාව (14.6 mg• L-1) 20 °C හි දී එම අගය (7.6 mg• L-1) මෙන් දෙගුණයකට ආසන්න වේ. 25 °C උෂ්ණත්වයක් ද 1 atm වායු පීඩනයක් ද පවතින විට මිරිදිය ලීටරයක ඔක්සිජන් මිලලීටර 6.04 පමණ අඩංගු වේ. මෙම තත්ව යටතේ ම කරදිය ලීටරයක අඩංගු / දියවී ඇති O2 පරිමාව 4.95 mL වේ. 5 °C උෂ්ණත්වයේ දී මිරිදිය හා කරදිය සඳහා මෙම අගයන් පිළිවෙලින් 9.0 mL හා 7.2 mL දක්වා ඉහල යන අතර මේ අනුව ද්‍රව්‍යතාවන්ගේ වැඩිවීමේ ප්‍රතිශතයන් පිළිවෙලින් 50% ට වැඩි සහ 45% වැඩි අගයක් ගනී. 90.20 K (−182.95 °C, −297.31 °F) උෂ්ණත්වයේ දී ඔක්සිජන් ද්‍රව තත්වයට පත්වන අතර 54.36 K (−218.79 °C, −361.82 °F) හි දී ඔක්සිජන් ගනීභවනය වීම සිදුවේ. ද්‍රව සහ ඝන ඔක්සිජන් පැහැදිලි ස්වභාවයක් ගන්නා අතර රතු ආලෝකය අවශෝෂණය කර ගැනීම හේතුවෙන් ලා නිල් පැහැයකින් දිස් වේ. (අගය නිල් පැහැයෙන් පෙනෙනුයේ මේ හේතුව නිසා නොවේ. එය රේලි ප්‍රකිරණය නම් ක්‍රියාවලිය ඔස්සේ නිල් ආලෝකය ප්‍රකිරණය වීමෙන් ඇති වේ) ද්‍රවිත වාතය භාගික ආසවනය මඟින් ඉතා සංශුද්ධ ඔක්සිජන් ලබාගන්නා අතර ද්‍රව නයිට්‍රජන් සිසිල් කාරකය සේ යොදා ගනිමින් වාතය සිසිලනයෙන් ද්‍රව ඔක්සිජන් ලබාගැනීම ද කළ හැක. ද්‍රව ඔක්සිජන් අතිශය ප්‍රතික්‍රියාශීලී සංයෝගයක් වන අතර දාහ්‍ය සංයෝග හා ද්‍රව්‍යවලින් වෙන්කර තැබිය යුතු වේ. තාරකා විද්‍යාත්මක මූලයන් සහ සමස්ථානික ස්වභාවයේ හමුවන වායුව 16O, 17O හා 18O යන ස්ථායී සමස්ථානික 3ක් සමන්විත වන අතර ස්වභාවයේ සුලභ වන්නේ 99.762% ප්‍රතිශත සුලභතාවයකින් යුත් 16O සමස්ථානිකයයි. ඔක්සිජන්හි සමස්ථානිකවල ස්කන්ධ ක්‍රමාංකය 12 – 28 පරාසයේ පවතී. 16O වැඩි ප්‍රමාණයක් තාරකා තුළ සිදුවන හීලියම් විලයන ක්‍රියාවලිය අවසානයේ සංස්ලේෂණය වන අතර සුළු ප්‍රමාණ‍යක් නියෝන් දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සංස්ලේෂණය වේ. 17O ප්‍රධාන වශයෙන්ම තාරකා තුළ CNO චක්‍රයේ දී හයිඩ්‍රජන් හීලියම් බවට දහනය වීමේ දී නිපදවෙන අතර එබැවින් තරුවල හයිඩ්‍රජන් දහන කලාපයන්හි 17O සුලභ සමස්ථානිකයක් වේ. 18O සමස්ථානිකයෙන් වැඩි ප්‍රමාණයක් CNO දහන ක්‍රියාවලියේ දී බහුලව ඇතිවන 14N, 4He න්‍යෂ්ටියක් හා බැඳීමෙන් නිපදවෙන අතර මේ හේතුවෙන් 18O තාරකා තුළ He ගහණ කලාපයන්හි සුලභ වේ. ඔක්සිජන්හි විකිරණශීලී සමස්ථානික 14ක් හඳුනාගෙන ඇති අතර ඉන් වඩාත්ම ස්ථායී 15O සමස්ථානිකයේ අර්ධ ආයු කාලය තත්පර 122.24 ක් වන අතර ඊළඟට වඩාත්ම ස්ථායී 14O හි අර්ධ ආයු කාලය තත්පර 70.606 ක් වේ. ඉතිරි විකිරණශීලි සමස්ථානික තත්පර 27ට අඩු අර්ධ ආයු කාලයක් සහිත ඒවා වන අතර ඒ අතරින් ද බහුතරයක අර්ධ ආයු කාලය මිලි තත්පර 83 කට වඩා අඩුය.16O ට වඩා ස්කන්ධයෙන් අඩු සමස්ථානික බහුලවම ක්ෂය වන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කර නයිට්‍රජන් බවට පත්වීමෙනි. මේ අතර 18O ට වඩා වැඩි ස්කන්ධ ඇති සමස්ථානික බහුලවම බීටා ක්ෂය වීමට භාජනය වෙමින් ෆ්ලුවොරීන් බවට පත්වේ. සුලභත්වය භූමිය සාගර සහ වාතය ඇතුළත් ජෛවගෝලයේ ස්කන්ධය අනුව වඩාත් සුලභම මූලද්‍රව්‍ය ඔක්සිජන් වේ. තවද හයිඩ්‍රජන් හා හීලියම්ගෙන් අනතුරුව විශ්වයේ තෙවැනි වඩාත් සුලභතම මූලද්‍රව්‍යය ද ඔක්සිජන් වේ. සූර්යයාගේ ස්කන්ධයෙන් .9% ක් පමණ ඔක්සිජන් වේ. ලෝකයේ සාගරවල ස්කන්ධයෙන් 88.8% ක ප්‍රතිශතයක් ද පෘථිවි කබොලේ ස්කන්ධයෙන් 49.2% ක ප්‍රතිශතයක් ද ඔක්සිජන්වලින් සමන්විත වන අතර ඒ අනුව සාගරවල ප්‍රධානතම සංඝටකය ද ඔක්සිජන් වේ. පෘථිවි වායුගෝලයේ දෙවැනි වඩාත් සුලභම සංඝටකය ඔක්සිජන් වන අතර වායුගෝලයේ මුළු පරිමාවෙන් 21% ක් පමණ, නැතහොත් එහි මුළු ස්කන්ධයෙන් 23.1% ක් (ටොන් 1015 ක් පමණ) පමණ ඔක්සිජන්වලින් සමන්විතය. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සැසඳූ කළ පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහල අගයක ගනී. අඟහරු ([[ගොනුව:O2 a1.JPG]] පරිමාව අනු 0.1%) හා සිකුරු වැනි ග්‍රහලෝකවල වායුගෝල‍යන්ගේ ඔක්සිජන් සාන්ද්‍රණය පෘථිවියට සාපේක්ෂව අල්ප වේ. කෙසේ නමුත් මෙම අනෙක් ග්‍රහ‍ලෝක වටා පවතින [[ගොනුව:O2 a1.JPG]] නිෂ්පාදනය වන එකම ක්‍රමය වන්නේ ඔක්සිජන් අඩංගු කාබන් ඩයොක්සයිඩ් වැනි සංයෝග මත පාරජම්බුල විකිරණ පතිත වීම මඟින් එම අණු බිඳීමට ලක්වීමයි [[ගොනුව:AYool WOA surf O2.png|thumb|සිසිල් ජලය තුළ O2 හි ද්‍රාව්‍යතාව ස‍ාපේක්ෂව ඉහල අගයක් වේ.]] පෘථිවියේ අසාමාන්‍ය ලෙස ඉහල ඔක්සිජන් ප්‍රතිශතයක් පැවතීමට හේතුව ඔක්සිජන් චක්‍රයයි. මෙම ‍ෛ‍ජව භූ රසායනික චක්‍රය මඟින් පෘථිවියේ ඔක්සිජන් ප්‍රධාන සංචිත ත්‍රිත්වය වන වායුගෝල‍ය, ජෛව ගෝලය සහ ශිලා ගෝලය අතර ඔක්සිජන් හුවමාරු වීමේ ක්‍රියාවලිය පැහැදිලි කෙරේ. ඔක්සිජන් චක්‍රයේ ප්‍රධාන එලවුම් සාධකය ප්‍රභාසංස්ලේෂණය වන අතර එය නූතන පෘථිවි වායුගෝලයේ සංයුතිය සඳහා ප්‍රධාන ලෙසම දායක වී තිබේ. වර්තමාන පෘථිවි වායුගෝලයේ ඇති ඔක්සිජන් පරිමාව‍ කෙතරම් ද යත් ප්‍රභාසංස්ලේෂණය මුළුමනින්ම නතර වුව ද වර්තමාන වේගය යටතේ සියළුම ඔක්සිජන් වැයවන ක්‍රියාවලීන් එක්ව වායුගෝලය මුළුමනින්ම ඔක්සිජන්වලින් මුක්ත කිරීමට ගතවන කාලය වසර 5000කට ද වැඩි බව ගණනය කර තිබේ. ලෝකයේ ජලීය දේහයන් තුළ ද ද්‍රවිත ආකාරයට නිදහස් O2 පවතී. සාගර ජීවීන් සඳහා අඩු උෂ්ණත්වයන් හිදී ඔක්සිජන් හි ජල ද්‍රාව්‍යතාව වැඩි වීම දැඩිව බලපාන අතර මේ හේතුවෙන් ධ්‍රැවාසන්න සාගර කලාප සාගර ජීවීන් වැඩි ප්‍රමාණයකට වාසස්ථාන සපයයි. දූෂිත ජලයේ අඩංගු දිරායන ඇල්ගේ සහ අනෙකුත් ජෛව සංඝටක හේතුවෙන් එහි ඔක්සිජන් ප්‍රතිශතය පහල බැසිය හැක( සුපෝෂණය) විද්‍යාඥයන් ජලයේ මෙම ගුණය නිර්ණය කිරීම සඳහා ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම හෝ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරනු ලබයි. ජීවවිද්‍යාත්මක පසුබිම ප්‍රභාසංස්ලේෂණය හා ස්වසනය ප්‍රභාසංස්ලේෂණය මගින් ජලය ඔක්සිකරණයෙන් ඔක්සිජන් නිපදවීම, ඇද වී ඇති ඊතල ආකාර රේඛා සටහනින් photon 4ක් මගින් S තත්වයේ චක්‍රයක් ඔස්සේ ඔක්සිජන් නිදහස් කිරීමේ මධ්‍යස්ථාන හරයෙන් ඉලෙක්ට්‍රෝන 4ක් උත්තේජිත තත්වයට පත් කර නිදහස් කිරීම නිරූපණය වේ. ස්වභාවයේ දී නිදහස් ඔක්සිජන් ජනිත වීම, ඔක්සිජන් ජනිත ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය තුළ ජලය ප්‍රභාවිච්ඡේදනයෙන් සිදු වේ. මෙසේ නිපදවෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 70%ක් ම ජලජ හරිත ඇල්ගේ හා සයනොබැක්ටීරියා මගින් නිපදවන අතර ඉතිරිය භෞමික ශාක මගින් නිපදවනු ලැබේ. ප්‍රභාසංස්ලේෂණය සරලව පහත ආකාර සමීකරණයකින් දැක්විය හැක. 6CO2 + 6H2O + ‍ප්‍රෝටෝන C6H12O6 + 6O2 හෝ කාබන්ඩයොක්සයිඩ් + ජලය + හිරුඑළිය ග්ලූකෝස් + ඩයොක්සිජන් ප්‍රභාසංස්ලේෂක ජීවීන් තුළ පවතින තයිලකොයිඩ පටල මත ප්‍රභාවිච්ඡේදනයෙන් ඔක්සිජන් ජනනය සිදුවන අතර ඒ සඳහා ශක්ති ලබා ගැනීමට ෆෝටෝන 4ක් අවශ්‍ය වේ. මෙම සමස්ත ක්‍රියාවලිය පියවර ගණනාවකින් සමන්විත වන නමුත් ප්‍රභාසංස්ලේෂණයේ දී අවසාන වශයෙන් සිදුවන්නේ තයිලකොයිඩ පටලය හරහා ප්‍රෝටෝන අනුක්‍රමණයක් ගොඩනැගීම හා ඒ ඔස්සේ ප්‍රභා පොස්පොරයිලීකරණය මගින් ATP සංස්ලේෂණයයි. මෙම ක්‍රියාවලියේ දී ජලය ඔක්සිකරණයෙන් ලැබෙන O2 වායුගෝලයට නිදහස් කෙරේ. සියලු ස්වායු ජීවීන්ට සෛලීය ස්වසනය සඳහා අණුක ඔක්සිජන් (O2 / ඩයිඔක්සිජන්) අත්‍යාවශ්‍ය වේ. මෙම ජීවීන්ගේ මයිටොකොන්ඩ්‍රියා තුළදී ඔක්සින් භාවිතයෙන් ඔක්සිකාරක පොස්පරලීකරණය ඔස්සේ ATP (Adenosine triphospate) සංස්ලේෂණය කෙරේ. ස්වායු ස්වස‍නය සඳහා වන සරල සමස්ත ප්‍රතික්‍රියාව ප්‍රභාසංස්ලේෂණයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වන අතර පහත පරිදි දැක්විය හැක. 6H12O6 + 6O2 6CO2 + 6H2O + 2880 kJmol-1 පෘෂ්ඨවංශීන්ගේ පෙනහැලි තුළදී සියුම් පටල හරහා විසරණයෙන් ඔක්සිජන් රතු රුධිර සෛල තුළට ඇතුල් වේ. එහිදී හීමොග්ලොබීන් මගින් O2 අණු ග්‍රහණය කරගන්නා අතර එවිට රතු රුධිර සෛලවල වර්ණ නිල්වන රතු පැහැයේ සිට දීප්තිමත් රතු පැහැය දක්වා වෙනස් වේ. අනෙක් සතුන් අතරින් ආත්‍රො‍පෝඩාවන් හා මොලුස්කාවන් ආදීන් හීමොසයිකින් ද , මකුණන් හා පොකිරිස්සන් ආදීන් හීමොචරිත්‍රීන් ද ඉහත ක්‍රියාවලිය සඳහා යොදා ගනී. රුධිර ලීටරයක් තුළ ඔක්සිජන් වායුව ඝන සෙන්ටිමීටර 200 ක් (200 cm3 / 200 cc) පමණ දිය කරගත හැක. සුපර් ඔක්සයිඩ් අයන (O2 ) හා පෙරොක්සයිඩ (O22-) වැනි ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් ප්‍රභේද ඔක්සිජන් භාවිතයේ අතුරුඵල ලෙස ඇතිවිය හැකි අතර ජීවීන්ට අහිතකර බැලපෑම් ඇති කරයි. නමුත් ඇතැම් උසස් ජීවීන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතීන් පෙරොක්සයිඩ , සුපර් ඔක්සයිඩ සහ ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ආක්‍රමණික ක්ෂුද්‍ර ජීවී විශේෂ විනාශ කිරීමට යොදා ගනී. ඔක්සිජන්හි මෙම අධි ප්‍රතික්‍රියාශීලී ප්‍රභේද ශාක රෝග කාරක ජීවීන් හමුවේ දක්වන අතිසංවේදී ප්‍රතිචාරයන්හි දීද වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. විවේකීව වැඩුණු මිනිසෙකු විනාඩියකට O2 ග්‍රෑම් 1.8 ත් 2.4ත් අතර ප්‍රමණයක් ආශ්වාස කරන අතර මේ අනුව වසරක මානව වර්ගයා මගින් O2 වායුව ‍ටොන් බිලියන 6ක් ආශ්වාස කරනු ලැබේ. වායුගෝලයට ඔක්සිජන් වායුව එක් වීම O2 නිපදවීමක් සිදු නොවේ O2 නිපදවෙන නමුත් නිපදවෙන ප්‍රමාණය සාගර හා සාගර පාෂාණ තුළ එක්රැස් වේ. O2 වායුව සාගරවලින් නිදහස්වීම ඇරඹෙන නමුත් එසේ ලැබෙන O2 වායුව O3 ස්ථරය නිපදවීමට වැයවීමක් භූමිය මගින් උරා ගැනීමක් සිදුවේ. අවසානයේ O2 වායුව වායුගෝලය තුළ එක්රැස් වීම ඇරඹීම ප්‍රභාසංස්ලේෂක archea බැක්ටීරියාවන්ගේ පරිණාමයට පෙර පෘථිවි වායුගෝලය සම්පූර්ණයෙන්ම පාහේ ඔක්සිජන් වායුවෙන් තොර වූවාක් විය. සැලකිය යුතු ප්‍රමාණයකින් වායුගෝලයට නිදහස් ඔක්සිජන් එකතුවීම පේලියප්‍රොටිරොසෙයික යුගයේදී එනම් අදින් වසර බිලියන 2.5ත් 1.6ත් අතර කාලයේ දී සිදුවිය. ආරම්භයේ දී O2 සාගර ජලයේ ද්‍රවිත යකඩ හා එක්ව තීරුමය යකඩ සහිත තැන්පතු ඇති කරන ලදී. අනතුරුව සාගර ජලයෙන් O2 වායුව වායුගෝලයට එක්වීම අදින් වසර බිලියන 2.7 කට පමණ පෙර කාලය වන විට වායුගෝලීය O2 ප්‍රතිශතය එහි වර්තමාන ප්‍රතිශතයෙන් 10% ක තත්වයට ළගා විය. මෙසේ වායුගෝලයේ හා සාගර ජලයේ O2 වායුව සුලභව නිදහස් හා ද්‍රවිත ආකාර වලින් පැවතීම ආරම්භ වූ අවධියේ දී එය එකල බහුල වූ නිර්වායු ජීවීන්ට ඉතා විනාශකාරී ප්‍රතිඵල ගෙන යන අතර අදින් වසර බිලියන 2.4 කට පමණ පෙර කාලයකදී මේ හේතුවෙන් බොහෝ නිර්වායු ජීවී විශේෂ වද වී යෑම සිදුවිය. තවද O2 යොදාගෙන සෛලීය ස්වසනය සිදු කිරීමෙන් ස්වායු ජීවීන්ට නිර්වායු ජීවීන්ට හා සාපේක්ෂව වැඩි ATP ප්‍රමාණයක් සංස්ලේෂණය කළ හැකිවීම ස්වායු ජීවීන්ට පෘථිවි ජෛව ගෝලයේ ප්‍රමුඛත්වයට පැමිණීමට ආධාර ‍විය. මේ අනුව ප්‍රභාසංස්ලේෂණයේ හා ස්වායු ස්වසනයේ අවසාන ඵලය ලෙස ක්‍රමයෙන් සූන්‍යෂ්ටික සෛලවලින් ඇරඹී අවසානයේ සංකීර්ණ බහු සෛලික ජීවීන් වන ශාක හා සතුන් දක්වා වන පරිණාමික ක්‍රියාවලිය ආරම්භ විය. වසර මිලියන 540 කට පෙර කේම්බ්‍රියන් අවධියේ ආරම්භයේ සිට වායුගෝලයේ පරිමාව අනුව වූ O2 ප්‍රතිශතය 15% ක් 30%ත් අතර විචලනය වී තිබේ. අදින් වසර මිලියන 300ට පමණ පෙර වායුගෝලීය O2 ප්‍රතිශතය (පරිමාව අනුව) එහි උපරිමය වූ 35% ක් දක්වා ඉහළ යාම සිදු විය. මෙකල කාබොනිෆෙරස් අවධියේ අවසාන භාගය වූ අතර වායුගෝලීය අධික O2 සාන්ද්‍රණය නිසා වර්තමාන ප්‍රමාණයන්ට වඩා විශාල කෘමීන් හා උභය ජීවී විශේෂවල පැවැත්මට ඉඩ සැලසුණි. වසරකට ෆොසිල ඉන්ධන ‍ටොන් බිලියන 7ක් දහනය ඇතුළු මානව ක්‍රියාකාරකම් මගින් වායුගෝලීය O2 ප්‍රතිශතයට සිදුව ඇති බලපෑම නොගිනිය හැකි තරම් වන අතර වර්තමාන ප්‍රභාසංස්ලේෂක සීඝ්‍රතාව අනුව වායුගෝලයේ පවතින O2 ප්‍රමාණයට සම ප්‍රමාණයක් සංස්ලේෂණය සදහා ගතවන කාලය වසර 2000ක් පමණ වේ. ඉතිහාසය ඔක්සිජන් සොයාගැනීම ඔක්සිජන් පළමුව සොයාගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් වෙළෙන්දකු වන කාල් විල්ගෙට් ෂීලෙ විසිනි. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයි‍ෙට්‍රට් රත්කිරීම මගින් 1772 පමණ ඔක්සිජන් වායුව නිපදවන ලදී. ෂීලේ මෙම වායුවට ගිනි වායුව" ලෙස නම් තැබිය. ඊට හේතුව වූයේ දහනයට රුකුල්දෙන වායුව ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීමයි. මෙම සොයාගැනීම සදහන් කර ට්‍රිටයිස් මන් එයාර් ඇන්ඩ් ෆයර්" නමින් අත්පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවන ලදී. කෙසේවුවත් මෙම අත්පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවිණ. මේ අතර තුර බ්‍රිතාන්‍යය දේවගැති ජෝෂප් ප්‍රීස්ථලි විසින් 1774 අගෝස්තු 1 දින පරීක්ෂණයක් පවත්වන ලදී. මෙය සිදුකරන ලද්දේ සූර්යාලෝකය වීදුරු නලයක් තුල රුදවූ මර්කියුරික් ඔක්සයිඩ් මත වැටීමට සැලස්වීමෙන්ය. මෙමගින් නිදහස් වූ වායුවට ඔහු "ඩෙෆ්ලො ජිස්ටිකේටඩ් වායුව" ලෙස නම් තැබීය. එම වායුවට බදුන්වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වුණු බවත් මීයන් වඩා ක්‍රියාශිලි ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කල බවත් ඔහුට පෙණින. එම වායුව ආශ්වාස ප්‍රාශ්වාස කල ඔහු එය සාමාන්‍යය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුලට ලබාදුන් බව සදහන් කර සිටියේය. 1775 දී ඔහු තමන් ගේ සොයාගැනිම ඇන් එකවුන්ට් ඔෆ් ජර්දර් ඩිස්කවර්ස් ඔෆ් එයාර්" නම් ලිපියෙන් ප්‍රකාශයට පත්කල අතර තමන්ගේ පොත වන "එක්පරිමන්ට්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් ඔන් ඩිෆරන්ට් කයින්ඩ්ස් ඔෆ් එයාර්" ටද එය ඇතුලත් කලේය. පසුකාලීනව ප්‍රංශ රසායනඥ ඇන්ටෝනියෝ ලෝරන්ට් ලෝසියර් මෙම වායුව වෙනමම සොයාගැනිම සිදුකරන ලදි. කෙසේවුවද ප්‍රිස්ථලේ 1774 ඔක්තොම්බර් මස ලෝසියර්ට මුණගැසුන අතර තමන්ගේ පරීක්ෂණය ගැනත්, එම වායුව නිපදවූයේ කෙසේද යන්නත් පැවසීය. 1774 සැප්තැම්බර් 30 දින ෂීලේ පවා ලිපියක් මගින් ලෝසියර්ට එම වායුව ‍නිපදවූයේ කෙසේද පිළිබදව දැනුම් දුන්නද එම ලිපිය ලද බවත් ලෝසියර් සදහන් කර නොමැත. යෙදවුම් වෛද්‍ය විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාවේදී ඉතා අවශ්‍ය වන ඔක්සිජන් වායුව අතිරේක හා රෝගීන්ගේ ශ්වසන අවශ්‍යතා සැපරීමට භාවිතාවේ. ඔක්සිජන් මුහුණු ආවරණ හා නාසික ආධාරක (nasal cannels) ආධාරයෙන්, නියුමෝනියා, එම්පිසිමා හා හදවත් රෝග වැනි අපහසුතා මඟ හරවා ගැනීමට ඔක්සිජන් වායුව අතිරේක ලෙස භාවිත කරයි. රුධිරයේ හිමෝග්ලොබින් වල කාබන්මොනොක්සයිඩ් ඉවත් කිරීමටත් ඔක්සිජන් භාවිතා වේ. රෝගින්ට අවශ්‍ය යාන්ත්‍රික වාතාශ්‍රය ලබාදීමටත් ඔක්සිජන් භාවිතා කරයි. ජීවිත ආරක්ෂාව හා විනෝදජනක ක්‍රියාවලට පීඩනයට ලක්කළ ඔක්සිජන් වායුව සමන්විත ඇඟලුම් අභ්‍යවකාශ තරණයේදී භාවිතා කරයි. සාමාන්‍ය පීඩනයේ පවතින කෘත්‍රීමව සපයන ඔක්සිජන් සැපයුම් කිමිදුම්කරුවන් හා සමුද්‍ර නැවියන් භාවිතා කරයි. ගැඹුරු මුහුදේ පිහිනන විට ඔක්සිජන් අනිකුත් වායුන් වන නයිට්‍රජන් හෝ හීලියම් වැනි වායුන් සමඟ මිශ්‍ර කරයි. මීට හේතු වන්නේ ඔක්සිජන් විෂවීම් වළක්වා ගැනීමයි. කඳු නගින්නන් ‍හෝ ස්ථිර-තටු-අහස්යානා (Fixed-wing-aircraft) වල ගමන් ගන්නන් ඔක්සිජන් අතිරේක භාවිතා කරයි. වාණිජ අහස්යානාවල ගමන්ගන්නන් හදිසි අවස්ථාවල සැපයීම සඳහා ඉබේම සැපයෙන පීඩනයට පත්කල ඔක්සින් භාවිතා කරයි. මේවා අහස්යානයේ කුටි (cabins) පීඩනයට ලක්වීමකදී ක්‍රියාත්මක වේ. කාර්මික ‍භාවිත යපස් ලෝහ බවට උණුකිරීමට වාණිජව නිෂ්පාදනය කරන ඔක්සිජන් 55% පමණ භාවිතා කරයි. රසායනික කර්මාන්තයේදී වාණිජ ඔක්සිජන් වලින් 25% පමණ ප්ලාස්ටික් හා රෙදිවර්ග නිපදවීමට අවශ්‍ය එතිලීන් ග්ලයිකෝල් නිෂ්පාදනයට භාවිතා කරයි. අනෙකුත් වාණිජ ඔක්සිජන් වලින් 20% වෛද්‍ය විද්‍යාත්මක භාවිත වලට යොදා ගනී. විද්‍යාත්මක භාවිත කාලගුණ විද්‍යාඥයන් සාගර ජීවීන්ගේ කවච (Shells) හා සැකිලි වල ඔක්සිජන්-18 හා ඔක්සිජන්-16 අනුපාතය මඟින් මිලියන ගණනකට පෙර කාලගුණය කෙසේ පැවතියාද යන්න තීරණය කිරීමට භාවිතා කරයි. භූගෝල විද්‍යාඥයන් පෘථිවියේ සකස්වීමේදී, ඔක්සිජන් හා සම්බන්ධ සූර්ය ක්‍රියාවලි ගැන අධ්‍යයනයට ද ඔක්සිජන් භාවිතා කරයි. මේ සඳහා ඔවුන් සාම්පල (samples) පෘථිවියෙන්, චන්ද්‍රයාගෙන්, අඟහරුගෙන් හා උල්කාපාත වලින් එකතු කරයි. විෂ සහිත බව ප්‍රධාන සටහන : ඔක්සිජන් විෂ වීම ඔක්සිඩන් වායුව වැඩි ආංශික පීඩනවල දි විෂදායක විය හැකිය. එමගින් වලිප්පුව හා තවත් සෞඛ්යමය ගැටලු ඇති විය හැක. ඔක්සිජන් විෂවීම සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ආංශික පීඩනය කිලෝ පැස්කල් (kPa) 50 ඉක්ම වූ විටය. එසේ නැතිනම් සාමාන්‍ය මුහුදු මට්ටම මෙන් 2.5 වාරයක් දී ඔක්සිඩන් හි ආංශික පීඩනය වන 21 kPa වූ විටදීය. එමනිසා වෛද්‍යමය යෙදීම්වල දී ඔක්සිඩන් මුහුණු ආවරණ හරහා ඔක්සිජන් ලබා දීමේදී භාවිතා කරන්නේ පරිමාව අනුව ඔක්සිජන් ප්‍රතිශතය 30% ක් වූ වායු මිශ්‍රණයකි. (සම්මත පීඩනයේ දී 30kPa පමණ වන ) එක්තරා කාලයක දී නොමේරූ ළදරුවන් ඔක්සිජන්වලින් පෙහොසත් බීජෞෂක තුළ තබන ලදි. නමුත් ළදරුවන් කිහිප දෙනෙකුගේ ඇස පෙනීම නැති වූ විට මෙම ක්‍රමය ඉවත දමන ලදී. ඇපලෝ වැනි පැරණි අභ්‍යවකාශ යානා වලදි හා සමහරක් නවීන අභ්‍යවකාශ ඇදුම් වලදී ගඟනගාමීන්ට හුස්ම ගැනීමට සිදුවන්නේ සංශුද්ධ ඔක්සිජන්ය. නමුත් මෙහිදී විෂවීමක් සිදු නොවන්නේ භාවිතා කරන මුළු පීඩනය අඩු නිසාය. අභ්‍යවකාශ ඇදුම්වල දී ගඟනගාමින් හුස්ම ගන්නා වායුවේ ඔක්සිජන් හි ආංශික පීඩනය සාමාන්‍යයෙන් 30 kPa පමණ වේ.(සාමාන්‍ය තත්වය මෙන් 1.4 ගුණයකි) එමගින් ගඟනගාමීන්ගේ ධමනිවල රුධිර පීඩනය සාමාන්‍ය මුහුදු මට්ටමේ ඔක්සිජන් හි ආංශික පීඩනයට වඩා වැඩි වන්නේ මද වශයෙනි. (ධමනිවල රුධිර වායුව බලන්න) පෙනහළුවලට හා මධ්‍යම ස්නායු පද්ධතියට ඔක්සිජන් විෂවීම ගැඹුරු ස්කූබා කිමිදීමේ දී හා මතුපිට වායු ආධාරක කිමිදීමේ දී සිදුවිය හැක. ඔක්සිජන්හි ආංශික පීඩනය 60 kPa වැඩි වායු මිශ්‍රණයක් වැඩි කාලයක් තුළ ආශ්වාස කිරීම පුප්ඵුශිය සම්බන්ධක පටක නිත්‍ය ඝන වීමට මග පෑදිය හැක. ඔක්සිඩන්හි ආංශික පීඩනය 160 kPa ට වැඩි වායු මිශ්‍රණයකට නිරාවරණය වීමෙන් වලිප්පුව ඇති විය හැක. (කිමිදුම්කරුවන්ට මරණීය වේ) 66m ඊට වඩා වැඩි ගැඹුරක දී 21% ඔක්සිජන් අඩංගු වායු මිශ්‍රණයක් ආශ්වාස කිරීමෙන් තීව්‍ර ඔක්සිජන් විෂවීමකට ලක් විය හැක. 6m ගැඹුරක දී 100% ඔක්සිජන් ආශ්වාස කිරිම ද ඒ හා සමාන තත්වයක් ඇති කරයි. දහනය හා වෙනත් ආපදා අධි සාන්ද්ර ඔක්සිජන් සැපයුම් වේගවත් දහන සඳහා රුකුල් දෙයි. සාන්ද්‍ර ඔක්සිකාරක හා ඉන්ධන එකිනෙක ආසන්නයට ගෙන ආ විට දැඩි ගිනි ගැනීම් හා පිපිරීම් ආදී ආපදා සිදුවිය හැක. නමුත් මේ සදහා තාපය හෝ පුළිගු වැනි ජ්වලන උපක්‍රමයක් අත්‍යවශ්‍ය වේ. ඔක්සිජන් ඉන්ධනයක් නොවුනද ඔක්සිකාරකය වෙයි. වැඩි ඔක්සිකාරක හැකියාවක් ඇති පෙරොක්සයිඩ , ක්ලෝරේට , නියිට්‍රේට , පර්ක්ලෝරේට හා ඩයික්‍රොමේට වැනි ඔක්සිජන් අඩංගු සංයෝග ද දහනය සදහා ඔක්සිඩන් සැපයිය හැකි බැවින් ගිනි ගැනීම් ආපදා සඳහා හේතු වේ. ඇපලෝ 1 හා එහි කාර්ය මණඩලය නැති වීමට හේතු වූයේ සාමාන්‍ය පීඩනයට වඩා වැඩි සංශුද්ධ ඔක්සිජන් සැපයුමක් හා පුලිගුවක් පමණි. සාන්ද්‍ර ඔක්සිජන් සැපයුමක් වේගවත් හා ප්‍රචණ්ඩ දහනයකට මග පාදයි. වායුමය හා ද්‍රව ඔක්සිජන් ප්‍රවාහනය හා ගබඩා කිරීමට යොදා ගන්නා යකඩ පයිප්ප හා ඇසුරුම් බඳුන්ද ඉන්ධන ලෙස භාවිතා විය හැක. එමනිසා ඔක්සිජන් නිෂ්පාදනයේ දී ජ්වලන ප්‍රභව අවම කිරීම සඳහා විශේෂ පුහුණු උපක්‍රම යොදා ගත යුතුය. පරීක්ෂණත්මක පිටත්වීමක දී ඇප‍ලෝ 1 කාර්ය මණ්ඩලය මරණයට පත්කළ ගින්න ඉතා ඉක්මනින් පැතිරුණේ යානය වායුගෝලීය පීඩනයට වඩා මදක් වැඩි ඔක්සිජන්වලින් පුරවා තිබූ බැවිනි. එවැනි පීඩනයක් යොදාගෙන තිබුණේ මෙහෙයුම් වල දී යොදා ගන්නා සාමාන්‍ය පීඩනයෙන් 1/3 ක් වූ පීඩනය වෙනුවටය. දැව , පෙට්‍රො රසායනික හා asphalt ඇස්ෆල්ට් වැනි කාබනික ද්‍රව්‍ය ද්‍රව ඔක්සිජන් වලින් පෙගවූ විට යාන්ත්‍රික ගැටුමක දී නොසිතූ ලෙස පුපුරායාමට භාජනය විය හැක. මිනිස් ශරීරය හා ගැටීමේ දී සමෙහි හා ඇස්වල(cryogenic) පිලිස්සීම් ඇති විය හැකිය. කාර්මික නිෂ්පාදනය වාර්ෂිකව කාර්මික භාවිතය සඳහා වාතයෙන් වෙන්කර ගනු ලබන ඔක්සිජන් ටොන් මිලියන 100 නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රම යුගලක් භාවිත කෙරේ. වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ ද්‍රවිත වාතය එහි විවිධ සංරචක වලට භාගික ආසවනයෙන් වෙන්කිරීමයි. එහිදි නයිට්‍රජන් වාෂ්පයක් ලෙස ආසවනය වී ඉවත් වන අතර ඔක්සිජන් ද්‍රවය ලෙස ඉතිරිවේ. ජලය විද්‍යුත් විච්ඡේදනය සඳහා යොදා ගනු ලබන්නේ හොෆ්මාන් විද්‍යුත් විච්ඡේදන උපකරණයයි. ඔක්සිජන් නිපදවන අනෙක් ක්‍රමයේදී පිරිසිදු වියළි වායු දහරාවක් එකිනෙකට සර්ව සම සියොලයිට් අනුක පෙරන යුගලකින් එකක් ඔස්සේ යවනු ලැබේ. එහිදි නයිට්‍රජන් වායුව අවශෝෂණය වන අතර ප්‍රතිඵලය ලෙස ලැබෙන වායු දහරාවෙන් 90% – 93% අතර ප්‍රමාණයක් ඔක්සිජන් වේ. මීට සමගාමීව නයිට්‍රජන් වලින් සංතෘප්ත වු අනෙක් සියෝලයිට් ස්ථරයේ ක්‍රියාකාරී පීඩනය අඩුකර මුල් ස්ථරයෙන් නිපදවෙන ඔක්සිජන් දහරාවෙන් කොටසක් ඒ ඔස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට යැවීම මගින් නයිට්‍රජන් වායුව නිදහස් කර ගනු ලැබේ. නියත කාලසීමාවකට පසු මෙම ක්‍රියාවලියේදී භාවිත වන සියොලයිට් ස්ථර භාවිත කරන ආකාරය අතුරුමාරු කෙරෙන අතර ඒ ඔස්සේ අඛණ්ඩ ඔක්සිජන් දහරාවක් ලබාගැනේ. මෙම ක්‍රමය පීඩන හුවමාරු අධිශෝෂණ ක්‍රමය ලෙස හැදින්වේ. වර්තමානයේදී ඔක්සිජන් වායුව ලබාගැනීම සඳහා අධීශීතන ක්‍රම වෙනුවට භාවිතා වන මෙවැනි ක්‍රම වඩාත් ප්‍රචලිත වෙමින් පවති. (‘රික්තක හුවමාරු අධිශෝෂණ’ ක්‍රමය බලන්න) ජලය ,අණුක ඔක්සිජන් සහ හයිඩ්‍රජන් බවට විද්‍යුත් විච්ඡේදනය ඔස්සේ ද ඔක්සිජන් වායුව නිපදවිය හැකිය. ඔක්සයිඩ සහ ඔක්සි අම්ල වර්ගවලින් විද්‍යුත් උත්ප්‍රේරිත ආකාරයට ඔක්සිජන් වායුව ලබාගැනීම ද මෙයටම සමාන ක්‍රමයක් වේ. මේ සඳහා රසායනික උත්ප්‍රේරක ද භාවිතා කළ හැකිය. සබ්මැරීන සහ ජීවිතාධාරක උපකරණවල කොටසක් ලෙස භාවිතා කරන රසායනික ඔක්සිජන් උත්පාදක සහ ඔක්සිජන් ඉටිපන්දම් මේ සඳහා උදාහරණ වේ. මේවා වර්තමානයේ පවා වාණිජ ගුවන් යානා වලදී අවපීඩනමය හදිසි අවස්ථා වලට මුහුණදීම සඳහා භාවිත කෙරේ. වාතයෙන් ඔක්සිජන් වෙන්කර ගන්නා තවත් ක්‍රමයකදී අධි පීඩනය හෝ විද්‍යුත් ධාරාවක් භාවිතයෙන් වාතය සර්කෝනියම් ඩයොක්සයිඩ් ආශ්‍රිතව නිපද වු සෙරමික් පටලයක් හරහා යැවීම මගින් සංශුද්ධ තත්ත්වයට ඉතා ආසන්න ඔක්සිජන් වායුව නිපදවා ගනු ලැබේ. තොග වශයෙන් මිලට ගන්නා විට 2001 වසරේදි ද්‍රවිත ඔක්සිජන් කිලෝග්‍රෑමයක මිල ඇමෙරිකන් ඩොලර් 0.21 පමණ විය. ඔක්සිජන් නිෂ්පාදනයේදී ප්‍රධානම පිරිවැය දැරීමට සිදු වන්නේ වාතය ද්‍රවීකරණය කිරීමට ශක්තිය ලබාගැනීම සඳහා වන බැවින් ශක්ති ප්‍රභව සඳහා යන වියදම වෙනස්වීමත් සමග ඔක්සිජන් වල මිලද වෙනස් වේ. ආර්ථිකමය හේතු නිසා බොහෝ විට ඔක්සිජන් ද්‍රවිත තත්වයෙන් තොග වශයෙන් විශේෂයෙන් පරිවරණය කරන ලද ප්‍රවාහකයන් ඔස්සේ ප්‍රවාහනය කෙරේ. එක් ද්‍රවිත ඔක්සිජන් ලීටරයකින් සාමාන්‍ය වායුගෝලීය පීඩනය යටතේ සෙල්සියස් අංශක 200 ඇති ඔක්සිජන් වායු ලීටර් 840 ක් ලබාගත හැකිවීම ඊට හේතුවයි. ආරෝග්‍යශාලා වැනි විශාල වශයෙන් සංශුද්ධ ඔක්සිජන් වායුව අවශ්‍ය වන ආයතනවල ඇති ඔක්සිජන් ගබඩා කරන විශාල බහාලුම් නැවත පිරවීම මෙවන් ප්‍රවාහක මගින් සිදුකෙරේ. මෙවන් ආයතනවලදී ද්‍රවිත ඔක්සිජන් භාවිත කිරීමට පෙර වායු තත්වයට පත්කර ගැනීම සඳහා තාප හුවමාරුවක් භාවිත කෙරේ. සම්පීඩිත වායු තත්ත්වයෙන් ඔක්සිජන් අඩංගු වන කුඩා සිලිණ්ඩර වශයෙන් ද ඔක්සිජන් ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සිදු කෙරේ. ඒවා නොයෙක් ජංගම වෛද්‍ය යෙදුම් සහ ඔක්සි - ඉන්ධන පැස්සුම් සහ කැපුම් උපකරණ සඳහා භාවිත වේ. මූලාශ්‍ර වැඩිදුර කියැවුම් බාහිර සබැඳුම් Oxidizing Agents > Oxygen Oxygen (O2) Properties, Uses, Applications Roald Hoffmann article on "The Story of O" WebElements.com – Oxygen Chemistry in its element podcast (MP3) from the Royal Society of Chemistry's Chemistry World: Oxygen විද්‍යාව රසායන විද්‍යාව ඔක්සිජන් මූලද්‍රව්‍යය
2863
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%20%E0%B7%80%E0%B7%83%E0%B6%B8
රස්නායකපුර ග්‍රාම නිලධාරී වසම
පිහිටීම රස්නායකපුර ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 28 අතුරින් 17 වැන්න වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 1610 අතුරින් 276 වැන්නයි. පැමිණිම කුරුණෑගල පුත්තලම මාර්ගයේ නිකවැරටිය සිට කි.මි.3ක් පමණ පුත්තලම දිසාවට යනවිට හමුවන නැබඩාව හංදියෙන් වමට හැරීහලාවත මාර්ගයේ කි.මි.10 ක් පමණ පැමිණිවිට මෙම ග්‍රාම නිලධාරී වසම හමුවේ. මෙම නව නගරය රස්නායකපුර ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන නව නගරයයි. භෞතික පාරිසරික ලක්ෂණ මුහුදු මට්ටමේ සිට අඩි 0 සහ 100 අතර පිහිටි තැනිතලා ප්‍රදේශයකි. වර්ෂාපතනය මි.මි. 1200 ට අඩු වියළි කලාපීය ප්‍රදේශයකි. ඊසාන දිග මෝසම් වර්ෂාව වැඩිපුර ලැබෙයි. පස්වර්ග වැලිලෝම පස බහුලව ආනතිය නැගෙනහිර සිට බටහිර ජනගහනය මුඑ ජනගහනය - 1497 කි සිංහල- 1487 දෙමළ- 10 පවුල් 526 කි
2867
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
සිංහල පරිගණක යෙදුම්
මේ පිටුව කැප වී ඇත්තේ සිංහල බසින් ඇති පරිගණක යෙදුම් වෙනුවෙනි. මෙහෙයුම් පද්ධති ආශ්‍රිත දෑ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට සිංහල යුනිකෝඩ් ස්ථාපනය Windows XP හා Vista, පියවරෙන් පියවර සිංහල ග්නූ ලිනක්ස් සිංහල ස්ථාපනය කිරීමේ උපකාරක - සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යෙදුම් මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සිංහල ශබ්දකෝෂය සිංහල ශබ්දකෝෂය සිංහල අක්ෂර සිංහල අකුරු එක් මාධ්‍යකින් තවත් මාධ්‍යකට හැරවීමට Sri Text, Singlish Text, Kaputa Font, Sinhala Unicode Micro-Singlish UCSC යුනිකෝඩ එසැනින් පරිවර්තකය ගුග්ල් සිංහල අක්ෂර පරිවර්තකය වෙනත් සියබස් වදන් මාලාව වදන් මාලාව - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව සිංහල භාෂාව පරිගණක විද්‍යාව
2877
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%20%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තු මේන්තුව
ආයුබෝවන්
2884
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB
මහනුවර
මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. වදන් සෙංකඩගල නාමය ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. මහනුවර නාමය මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී. ඉතිහාසය මහනුවර රාජධානිය ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. සංස්කෘතිය ලෝක උරුම නගරය පුරාණේ භාවිතා කළ නාමය ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන සෙංකඩගල කන්දෙ නුවර සෙංකණ්ඩ ශෛලපුරය ශ්‍රීවර්ධනපුර කන්ද උඩ නුවර මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු සේනාසම්මත වික්‍රමභාහු රජු (මහනුවර පලමු වරට පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගත් රජු) දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම කොනප්පු බණ්ඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම) Iවන විමලධර්මසූරිය රජ‍: 1591-1604 සෙනරත් රජ (සේනාරත්න): 1604-1635 රාජසිංහ 2: 1629-1687 විමලධර්මසූරිය 2: 1687-1707 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739 විජය රාජසිංහ: 1729-1747 කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782 රාජාධි රාජසිංහ: 1782-1798 ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-1815 සංචාරක ආකර්ෂණ සෙංකඩගල රජ මාලිගාව - සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි. ශ්‍රී දළදා මාලිගාව - පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ. සතර මහා දේවාල - නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත. නුවර වැව - 1807 වර්ෂයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් නුවර වැව ඉදිකරන ලදී. මහනුවර ජාතික කෞතුකාගාරය - 1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද මහනුවර ජාතික කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ. අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය - අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදාල තරග පැවැත්විණි. මහනුවර නගර ශාලාව - මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල වේ. එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි. උඩවත්තකැලේ - ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ අභය භූමිය වේ. මහනුවර ඔරලෝසු කණුව - නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, 1947 වසරේ ඉදිකරවන ලද්දකි. ලෝක බෞද්ධ කෞතුකාගාරය - මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ. රැජිණ හෝටලය - නගරයේ වූ පැරණි හෝටලයකි. බෝගම්බර හිරගෙදර - අක්කර 13ක් පුරා විහිදි 1876 වර්ෂයේ මහනුවර ඉදිකරනු ලැබූ බන්ධනාගාරය වේ. බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන - මෙරටදී මිය ගිය බ්‍රිතාන්‍යයයින් භූමදානය පිණිස බ්‍රිතාන්‍යය විසින් 1817 වර්ෂයේ ඉදිකරනු ලැබූ කනත්තකි. කෙසේනමුදු 1873දී කනත්ත වසා දැමුණි. වේල්ස් උද්‍යානය - ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ. නෙල්ලිගල පුදබිම ධර්මරාජ විදුහල CNBK කාලගුණය මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය. ස්වාභාවික උරුමය උඩ වත්ත කැලය දුනු මඞලාව හන්තාන කදු වැටිය ආර්ථිකය ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත. මූලාශ්‍ර බාහිර සබැඳුම් අපේ උරුමය මහනුවර නගරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නිල වෙබ් අඩවිය Elephant on street in Kandy මහනුවර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ශ්‍රී ලංකාවේ ලෝක උරුම අඩවි මහනුවර
2889
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D
වික්ටර් හියුගෝ
19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ (1802–85) අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. "වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස කළ පිස්සු මිනිසෙක්" යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා පළ කර ඇත. මෙම කියුම, සාහිත්‍යයෙහි මෙන්ම, ලිංගිකත්වයෙහිද දැවැන්තයෙකු වූ හියුගෝගේ අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි. ජීවන රටාව යෝධ කාය ශක්තියකින් සහ මනා සෞබ්‍යයකින් යුතුවූ වික්ටර් හියුගෝ, දිනකට නිදා ගත්තේ පැය හතරකටත් වඩා අඩු වේලාවකි. දවස ඇතුළත වරින් වර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳකම් පවත්වා, රාත්‍රියෙහි අනියම් බිරියක වෙත කිට්ටු කිරීම ඔහුට එතරම් කාරියක් වූයේ නැත. කෑමටද රුසියෙක් වූ ඔහු, කෝසස් කීපයකින් සමන්විත ආහාර වේලක් ගැනීමෙන් පසුව, දොඩම් ගෙඩි හයක් ලෙල්ලත් සමගම කා දැමූ බව වාර්තා වී තිබේ. පවුල් ජීවිතය හියුගෝ, අවුරුදු විස්සේදී ඇඩලා ෆුෂර් නමැත්තිය සමග විවාහ වූයේය. ඇය, ඔහුගේ සොහොයුරා වූ ඉයුජීන් පෙම් බැඳ සිටි තරුණියයි. කෙසේ වුවත් ඉයුජීන් තුළ වූ බලාපොරොත්තු ගැන කිසිත් ඇඩලා දැන සිටියේනැත. විවාහය සිදු වූ දිනයෙහි ඉයුජීන් උමතු වුයේය. උත්සව ශාලාවේ සිට කෙලින්ම පිස්සන් කොටුවට ගෙන යනු ලැබූ ඔහුට ජීවිතාන්තය දක්වාම එහි රැඳීමට සිදු විය. තුන් වැනි නැපෝලියන් රජු කෙරෙහි අප්‍රසාදය පළ කිරීම නිසා 1851 වසරෙහි පැරිසියෙන් පිටුවහල් වී ගැවෙර්තී දූපතෙහි ජීවත් වන්නට ඔහුට සිදු වුණි. එසමයෙහි ඔහුගේ නිවස කෙරෙහි සංචාරකයන්ගේ විශේෂ අවධානය යොමු විය. එයට හේතුව වූයේ ඔහුගේ සාහිත්‍යකාර කීර්තිය නොව, ඔහු සෑම දිනකට මධ්‍යාහ්න වේලාවේදී ගෙදර ඉස්තෝප්පුවට පැමිණ ඇඳුම් සියල්ල ගලවා විසි කර, සීතල වතුර බාල්දි කිහිපයක් ඔලුවේ හලා ගනිමින් ගොරහැඩි ලෙස ඇඟපත උලන්නට පුරුදු වී සිටි නිසා බව කියනු ලැබේ. ජුලියට් ඩෘවේ 1833 වසරෙහි ඔහු, ජුලියට් ඩෘවේ නමැති අභිරුපිකාව සමග හාද වූයේය. නිළියක මෙන්ම, ප්‍රසිද්ධ ධනවතුන් කිහිප දෙනෙකුගේ පෙම්වතියද වූ ඈ, ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් ඇති කළ එකියක වූවාය. මෙම සබඳකම ජුලියට්ගේ මරණය තුරා වසර 50 ක් තිස්සේ පැවතුණ අතර, ඇය විසින් හියුගෝට ලියන ලද පෙම් හසුන් ගණන 17,000 ඉක්මවූ බවද කියවේ. ලියෝනි ද ඔනේ 1844 වසරෙහි හියුගෝගේ විශේෂ උනන්දුව, ලියෝනි ද ඔනේ නමැති රූමතිය වෙත යොමු විය. මෙම අනියම් පෙම්වතුන් යුවල පසු පස පොලිසිය යොදවා, සුදුසුම අවස්ථාවක ඔවුන් අත් අඩංගුවට පත් කරවන්නට ලියෝනිගේ සැමියා සමත් වූයේය. මෙම පටලැවිල්ලෙන් හියුගෝ ලිස්සා ගියේ, වංශාධිපති මණ්ඩලයෙහි තමා දැරූ සාමාජිකත්වයේ ආනුභාවයෙනි. කෙසේ වුවත්, පරදාර සේවනයේ යෙදීමේ වරදට උසාවියෙන් වරදකාරිය කරනු ලැබූ ලියෝනිට, සිර දඬුවම් නියම විය. ඇය සිර ගෙදර ගත කළ කෙටි කාලය ඔවුන්ගේ නොමනා ඇසුරට යෙදුණ කෙටි විරාමයක් වූවා පමණි. ජුලියට්ගේ සටහන් අනුව වුවද, 1848–50 වසර දෙක ඇතුළත පමණක් හියුගෝ විසින් සබඳකම් පවත්වනු ලැබූ කාන්තාවන්ගේ ගණන 200 ඉක්මවයි. 1870 වසරෙහි ඔහු ආපසු පැරිස් නුවර පදිංචියට ආවේ, ජාතික වීරයකු ලෙස ජනතාවගෙන් මහත් හරසර ලබමිනි. කවදත් තමා ගැන මහ ඉහළින් සිතූ ඔහු, පැරිස් නගරයෙහි නම "හියුගෝ" යනුවෙන් වෙනස් කෙරෙනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කළේය. ලිවීම කරගෙන යන අතර හිසේ රැඳී තිබිය යුතු රුධිරය, වාඩි වූ විට අධෝ භාගය කරා ගමන් කරන බව හියුගෝ විස්වාස කළේය. මේ නිසා අනෙකුත් ලේබකයන් ලියන්නේ හිසින් නොව අධෝ මාර්ගයෙන් යැයි පළ කළ ඔහු, ලියූ හැම දෙයක්ම ලියුවේ හිටගෙනමය! මේ පුදුමාකාර ලේබකයා කිසියම් නිර්මාණ කාරියක දීර්ඝ වේලාවක් නිරත වන්නට අවශ්‍ය වූ විටකදී, තමාට ලියන කාමරයෙන් පිටවී යාමට නොහැකි වන සේ තම ඇඳුම් පැළඳුම් සඟවා තබන ලෙස සේවකයනට උපදෙස් දීමටද පුරුදුව සිටියේය. සේරා බර්නාඩ් වයස අවුරුදු 70 දී ඔහු, තියොෆයිල් ගෝටියර් නමැති ලේබකයාගේ දෙවිසි හැවිරිදි දියණිය හාද කර ගත්තේය. මෙම වකවානුවෙහි ලා බාල නිළියක වූ සේරා බර්නාඩ් (1844–1923) සමග සබඳකම් පවත්වන්නටද ඔහු සමත් වූයේය. "දිව්‍යමය සේරා" යන විරුදාවලියෙන් ඔස්කාර් වයිල්ඩ් විසින් ඔසවා තබනු ලැබූ ඒ අසමාන වේදිකා නිළිය ද, එසේ මෙසේ කාන්තාවක් නොව, හියුගෝටම ගැලපෙන ළඳක් වූවාය. වික්ටර් හියුගෝ, රෙසින්, ඩුමා මෙන්ම, පසු කලක මහත් ප්‍රසිද්ධියට පත් වූ රොස්ටාන්ගේ (1868–1916) නාට්‍යවලද රඟ පෑ මේ ශ්‍රේෂ්ඨ නිළිය පැරිසියේ මෙන්ම ලන්ඩනයේ රඟහල්වලද නිතර පෙනී සිටින අතරම, ඉහළම පෙළැන්තියේ පෙම්වතුන් අති විශාල සංබ්‍යාවකගේ සුරතලිය බවට පත් වූවාය. වික්ටර් හියුගෝ මෙම නිළියට වඩා අවුරුදු පනහකින් පමණ වැඩිමහල් වූයේය. නාට්‍ය ශිල්පී රොසටාන්, ඇයට වඩා අවුරුදු 23 කින් පමණ බාලයෙකි. ඇය, වයස අවුරුදු 66 දී අමෙරිකාවේ සංචාරයක යෙදුණ අතර, ඇය සමග හාද වී වසර හතරක් තිස්සේ සබඳකම් පැවැත්වූ ලු ටෙගලන් නම් ලන්දේසි ජාතික යෝධයා ඇයට වඩා අවුරුදු තිස් පහකින් පමණ බාලය. ඔහු සමග ඇසුරු කළ කාල සීමාව තමාගේ ජීවිතයෙහි ඉතාමත් සුන්දර වසර හතර වූ බැව් ඈ සඳහන් කර ඇත. හිරිමල් වියේදී තම මවට ඇවිටිලි කර, "සුබොපභෝගී" රෝස්වුඩ් මිනීපෙට්ටියක් මිලට ගත් සේරා බර්නාඩ්, විටක එහි නිදා ගැනීමට පුරුදු වී සිටියාය. සමහර අවස්ථාවලදී ඈ කැමරා ශිල්පීන්ට මුහුණ දුන්නේද මිනීපෙට්ටිය තුළ සිටිමිනි. 1905 වසරෙහි සිදු වූ හදිසි අනතුරක් නිසා සේරාගේ කකුලක් 1914 දී කපා ඉවත් කිරීමට සිදු විය. කෘතිම පාදයක් යොදා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, වේදිකා ආම්පන්නවලින් රුකුල් ලබමින් ජීවිතයේ අවසාන කාලය දක්වාම වේදිකාවේ පෙනී සිටියාය. අවසාන කාලය අසූ වැනි වියෙහි පසු වූ වික්ටර් හියුගෝ, වරක් කාන්තාවක සමග හැසිරෙන අතර, ඔහුගේ පුංචි මුනුපුරෙක් හදිසියේම කාමරය තුළට එබුණේය. "ජෝර්ජ්, පොඩි එකෝ, මේකට තමයි ප්‍රතිභා සම්පන්න බව කියන්නේ," යනුවෙන් ඔහු නොපැකිළ පැවසුවේය. වයස 83 දී මිය යන්නට පළමු, අවසාන මාස හතර තුළ ද ඔහු කාන්තාවන් අට දෙනෙකු සමග පෞද්ගලික සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ දින සටහන්වලින් හෙළි වී ඇත. මේ පුදුමාකාර පුද්ගලයාගේ අවසන් මොහොතට පෙර ඔහුගේ මුවින් පිට වූයේ "මට කළු පාට ආලෝකයක් පෙනෙනවා" යන්නය. මේ අඩවියත් බලන්න වික්ටර් හියුගෝ සාහිත්‍ය චරිත කතා
2890
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%E0%B7%9D
සුල්ෆිකාර් අලිභූතෝ
ළමා කාලය සුල්ෆිකාර් අලිභූතෝ ඉපදුනේ 1928 ජනවාරි 5 වැනිදා ඉන්දියාවේ ලර්කානා ආසන්නයේ පිහිටි සින්ද් හිදීය. ධනවත් ඉඩම් හිමියෙකු හා ජුනාගාද් ප්‍රාන්තයේ ඇමතිවරයෙකු වූ සර් ෂා නවාස් භූටෝ ඔහුගේ පියා වූයේය. මව වූයේ හින්දු ආගමික නාටිකාංගනාවකි. ඇය කිසිම දිනෙක නවාස් භූතෝ සමඟ විවාහ වූයේ නැත. ඔහුගේ අනියම් බිරිඳ වෙන්නට පෙර ඇය ජවහර්ලාල් නේරු ගේ පියා වූ මෝතිලාල් නේරු ගේ අනියම් බිරිඳව සිටියාය. උපතේදී සුල්ෆිකාර් ගේ නම වූයේ ගාසි රාම්ය. ෂා නවාස් ගේ බූදලයට උරුමකම් කියන්නට වෙනත් පිරිමි දරුවෙකු සිටියේ නැත. එම නිසා සුල්ෆිකාර් අලි වශයෙන් නම් කරන ලද ළමා භූතෝ ලර්කානා හි පිහිටි පවුලේ නිවසට වැද්ද ගනු ලැබිණි. එහිදී ඔහුට පවුලේ සිරිත් විරිත් කියා දෙන ලද අතර සාමාන්‍ය මුස්ලිම් අධ්‍යාපනයක්ද ලබා දෙන ලදී. එහෙත් මව ගේ අපකීර්තිමත් අතීතයත් ඔහුගේ මුල් කාලීන මුස්ලිම් නොවු තත්ත්වයත් නිසා මුස්ලිම් ජාතිකයන් අතර ඔහුට එතරම් තැනක් ලැබුණේ නැත. ඔහුට ඉහළ සමාජයට පිවිසීමට හැකි වූයේ එවකට පාකිස්තානු ජනාධිපතිව සිටි ජෙනරාල් අයුබ් ඛාන් ගේ ත්‍යාග ශීලීත්වයට පින් සිදුවන්නටය. අධ්‍යාපනය බොම්බායේදී සිය මූලික අධ්‍යාපනය හමාර කළ අලිභූතෝ තරුණයා 1947 දී දකුණු කැලිෆෝර්නියා සරසවියට ඇතුළත් වූයේය. පසුව ඔහු බර්ක්ලේ විශ්ව විද්‍යාලයට මාරු වූයේය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයටද තෝරාගනු ලැබුවත් ඔහු බර්ක්ලේහිම රැඳී ඉන්නට තීරණය කළේය. බර්ක්ලේ ශිෂ්‍ය සභාවට ඡන්දයෙන් තේරීපත්වූ ප්‍රථම ආසියාතිකයා වූයේ සුල්ෆිකාර් අලිභූතෝය. 1950 දී බර්ක්ලේ සරසවියෙන් දේශපාලන විද්‍යාව සඳහා බී.ඒ. උපාධිය ලබාගත් ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වී ගෞරව උපාධියක් ලබාගත්තේය. දේශපාලනය 1953 දී ඔහුගේ බිරිඳ බේගම් නුස්රත් භූතෝ දියණියකට උපත ලබා දුන්නාය. පසු කාලයකදී පාකිස්තාන අගමැති තනතුර හෙබවූ බෙනාසීර් භූතෝ ඒ දියණියයි. ජෙනරාල් අයුබ්ඛාන් යටතේ දේශපාලන දිවියට පා තැබූ සුල්ෆිකාර්ට 1958 දී කැබිනට් මණ්ඩලයට එක්වීමට ඉඩ ලැබිණි. 1963 දී ඔහු විදේශ ඇමැතිවරයා ලෙස පත් වූයේය. 1967 දී රජයෙන් ඉවත් වූ ඔහු පාකිස්තානු මහජන පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1971 දී පාකිස්තානු ජනාධිපති බවට පත් වූ ඔහු 1972 අප්‍රේල් මාසයේදී යුද නීතිය ඉවත් කොට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. එම ව්‍යවස්ථාව මුස්ලිම් ජනතාව ගේ හිත ඇදී යන ආකාරයට සකස් කිරීමට ඔහු පරිස්සම් වූයේය. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන ගණනාවක් ජනසතු කළ හෙතෙම ඉඩම් හිමියන්ගෙන් බදු අයකර ගැනීමටද කටයුතු යෙදීය. 1973 දී සුල්ෆිකාර් අලිභූතෝ පාකිස්තානයේ අගමැති පදවියට පත් වූයේය. නැවතත් යුද නීතිය පැනවු ඔහු ඉස්ලාමීකරණ වැඩ පිළිවෙළක් ආරම්භ කළේය. මෙයින් භූතෝගේ ජනප්‍රියත්වයට විශාල පිටිවහලක් ලැබිණි. 1977 මාර්තු මාසයේදී පැවැත්වුණ මැතිවරණය සඳහා භූතෝගේ පක්‍ෂයට එරෙහිව පක්‍ෂ නවයක් සංවිධානය වී පාකිස්තාන් ජාතික පෙරමුණ වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේය. එහෙත් භූතෝ පරද්දන්නට එයට හැකි වූයේ නැත. විරුද්ධ පක්‍ෂ කළේ මැතිවරණය දූෂිත බවට භූතෝගේ පක්‍ෂයට චෝදනා කිරීමය. මෙයින් ඇති වූ ගැටුම් රට පුරාම ව්‍යාප්ත වී ගියේය. විරුද්ධ පාක්‍ෂික දේශපාලනඥයෝ් අත්අඩංගුවට ගනු ලැබූහ. තත්ත්වය කෙමෙන් කෙමෙන් නරක අතට හැරෙද්දී භූතෝ පාකිස්තානු ජාතික පෙරමුණු නායකයන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට කැමති වූයේය. බොහෝ කාලයක් දිග්ගැස්සුණ මෙය අවසානයේදී සමතයකට පත් වූයේ 1977 ජූනි මස අග භාගයේදීය. එකඟතාව ඇති වූ දිනට පසු දා සිටම යුද නීතිය පිළිබඳ වගකීම හමුදාවට පවරා දෙනු ලැබිණි. 1977 ජූලි 5 වැනිදා ජෙනරාල් මොහමඩ් සියා උල් හක් ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් සිදු වූයේය. එහිදී බලයෙන් පහ කරනු ලැබූ භූතෝ මාසයක් පුරා නිවාස අඩස්සියේ තබනු ලැබිණි. දින 90 ක් ඇතුළත නව මැතිවරණයක් පවත්වන බවට සියා පොරොන්දු වූයේය. එහෙත් ඔහු එම පොරොන්දුව ඉටු කිරීම දිනෙන් දිනම කල් දැමීය. භූතෝ සිටියදී මැතිවරණයක් පැවැත්වූවහොත් ඔහුගේ පක්‍ෂය කිසිම දිනෙක බලයට පත් නොවන බැව් මාධ්‍ය සාකච්ඡා මඟින් අවධාරණය කිරීමට සියා උල් හක් සමත් වූයේය. නිදහස් වීමෙන් පසුව භූතෝ සිය ආධාරකරුවන් පිරිවරාගෙන රට පුරා සංචාරය කරන්නට වූයේය. ඔහු මේ ගමන් සඳහා දුම්රිය යොදා ගත් අතර විවිධ දුම්රියපොළවලදී ප්‍රසිද්ධ රැස්වීම් ඇමතුවේය. බොහෝ දුම්රිය ගමන් ප්‍රමාද වූයේය. සමහර දුම්රිය දින ගණන් ප්‍රමාද වුණි. දුම්රිය නැවතුම්පොළවලට විශාල සෙනඟක් රැස්වූයේ සුල්ෆිකාර් ගේ දේශනවලට සවන් දීම පිණිසය. නැඟී එන භූතෝ බලවේගයට බිය වූ යුද හමුදා රජය ඔහුට දුම්රියෙන් සංචාරය කිරීම තහනම් කළේය. අත්අඩංගුවට ගැනීම හා අසම්පූර්ණ චෝදනා සැප්තැම්බර් 3 වැනිදා භූතෝ අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 1974 මාර්තු මාසයේදී දේශපාලන විරුද්ධවාදියෙකු වූ අහමඩ් රාසා කසුරිගේ පියා ඝාතනය කිරීමය. පාකිස්තානු මහජන පක්‍ෂයේ සාමාජිකයෙකු වූ 35 හැවිරිදි කසුරි වරක් පක්‍ෂය හැර දා ගියේය. එහෙත් එම පක්‍ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත්වීමට ඔහුට වුවමනා වූ අතර පක්‍ෂය විසින් ඔහු ප්‍රතික්‍ෂෙප කරනු ලැබිණි. වරක් කසුරි සහ ඔහුගේ පවුලේ අයට සැඟවී පහර දෙනු ලදුව, එහිදී ඔහුගේ පියා මිය ගියේය. පසුව කසුරි පැවසුවේ පහර දුන් අයගේ ඉලක්කය වූයේ තමා බවත් මීට පෙර ද 15 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කොට ඇති බවත්ය. අත්අඩංගුවට පත් වීමෙන් දින දහයකට පසුව විනිසුරු සමාධානි විසින් භූතෝ නිදහස් කරනු ලැබුවේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ සාක්‍ෂි පරස්පර විරෝධී හා අසම්පූර්ණ බැව් සඳහන් කරමිනි. එම නඩු තීන්දුව සමාධානි ගේ අවාසියට හේතු වූයේය. ඔහු වහාම උසාවි කටයුතුවලින් ඉවත් කොට නීති අමාත්‍යාංශයේ කළමනාකරණ කටයුතුවල යොදවනු ලැබිණි. අලි භූතෝ එල්ලා මැරීමට සියා උල් හක් තීරණය කරයි. ඉහළ උසාවියට දින තුනකට පසුව සියා විසින් නැවත වරක් භූතෝ අත්අඩංගුවට ගනු ලැබුවේ එම චෝදනාව ඉදිරිපත් කරමින් යුද නීතිය යටතේය. පකිස්තානු මහජන පක්ෂය භූතෝගේ ආධාරකරුවන් එකතුකොට රැස්වීම් පවත්වන්නට වූ කල සියා මැතිවරණය අවලංගු කළේය. පහළ උසාවියට ඉදිරිපත් කරනු වෙනුවට කෙළින්ම ලාහෝර්හි ඉහළ උසාවියට ඉදිරිපත්කොට භූතෝට චෝදනා එල්ල කරන ලදී. මෙසේ කරනු ලැබුවේ ඔහුට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම පිණිසය. ඔහුට ඇප නියම කළ විනිසුරුවරයා ඉවත්කොට ඒ වෙනුවට පස් දෙනකුගෙන් සැදුම් ලත් විනිසුරු මඬුල්ලක් පත්කරනු ලැබීය. මෙහි ප්‍රධානත්වය ඉසිලුවේ අගවිනිසුරු මවුලවි මුස්ටාක්ය. ඔහු භූතෝට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළේය. නඩු විභාගය මාස පහක්ම පැවැත්විණි. මේ නඩුවේදී භූතෝ නංවනු ලැබුවේ ඔහු වෙනුවෙන් විශේෂයෙන්ම පිළියෙළ කරනු ලැබූ විත්ති කූඩුවකටය. 1977 ඔක්තෝබර් 4 වැනිදා සාක්ෂි විභාගය ඇරඹිණි. ෆෙඩරල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මසුඩ් මහමුඩ් භූතෝට විරුද්ධව සාක්ෂි දුන්නේය. සියා විසින් බලය අල්ලා ගත් වහාම අත්අඩංගුවට ගනු ලැබ දෙමසක් සිරගත කොට තැබූ මහමුඩ් නිදහස් කරන ලද්දේ මේ සඳහාමය. කසුරි ඝාතනය කරන ලෙස භූතෝ අණ දුන් බවත් ඒ අනුව ෆෙඩරල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ඝාතන තැත සැලසුම් කරන ලද බවත් මහමුඩ් කීවේය. මේ හතර දෙනා අත්අඩංගුවට ගෙන සම විත්තිකරුවන් වශයෙන් උසාවියට ඉදිරිපත් කරනු ලැබිණි. ඔවුහු තමා කළ වරද පාපෝච්ඡාරණය කළහ. එහෙත් එක් සාක්ෂිකරුවෙක් පසුව සිය සාක්ෂිය වෙනස් කළේය. තමාට වද දී බලෙන් පාපෝච්ඡාරණය කරවනු ලැබූ බැව් ඔහු කීවේය. පසුදා මෙම සාක්ෂිකරුවා උසාවියේ දක්නට නොවිණි. ඔහු හදිසියේම “රෝගාතුර” වූ බැව් දැනගන්නට ලැබිණි. භූතෝ සක්ෂි දෙන්නට පටන් ගත්තේ 1978 ජනවාරි 25 වැනිදාය. එදින කිසිම නිරීක්ෂකයෙකුට උසාවියට ඇතුළුවීමට ඉඩ නොදෙන්නට අගවිනිසුරු මවුලවි මුස්ටාක් කටයුතු කළේය. භූතෝ මෙයට ප්‍රතිචාර දැක්වූයේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරමිනි. අගවිනිසුරු අගතිගාමී බවට චෝදනා කොට නඩු විභාගය නැවත පවත්වන ලෙස භුතෝ ඉල්ලා සිටියේය. විනිසුරුවරයා භූතෝගේ අතීතය සිහිපත් කරමින් ඔහුට නින්දා කළේය. ඔහුගේ ඉල්ලීමද ප්‍රතික්‍ෂෙප කරනු ලැබිණි. “මහත්වරුනේ එක්කෝ ඔහුගේ බෙල්ල නැත්නම් මගේ බෙල්ල" අණ දෙන නිලධාරීන්ගේ රැස්වීමකදී සියා විසින් කියන ලද බවද ප්‍රචලිත වූයේය. මරණීය දණ්ඩනය 1978 මාර්තු 18 දා සුල්පිකාර් අලි භූතෝට මරණීය දණ්ඩනය නියම කරමින් නඩු තීන්දුව දෙනු ලැබිණි. භූතෝ අභියාචනාවක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නොවීය. ඔහු රාවල්පිණ්ඩි මධ්‍යම බන්ධනාගාරයේ සිර කුටියක රඳවනු ලැබිණි. ඔහුගේ පවුලේ උදවිය අභියාචනයක් ඉදිරිපත් කළ අතර මැයි මාසයේදී එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග විය. මේ සඳහා සූදානම් වෙන්නට භූතෝට සතියක කාලයක් ලැබුණු අතර භූතෝ තමාට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් ලියැවිල්ලක් පිළියෙළ කළේය. එහෙත් එය ප්‍රසිද්ධියට පත් කිරීමට සියා උල්හක් ඉඩ දුන්නේ නැත. අග විනිසුරු අන්වරැල් හක් 1978 ජූලි අග දක්වා උසාවිය විසුරුවා හැරියේය. එසේ කළේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් නව දෙනාගෙන් පස් දෙනෙකුම ලාහෝර් උසාවියේ තීන්දුවට එරෙහිවීම නිසාය. භූතෝට පක්‍ෂ වූ එක් විනිසුරුවරයෙකුට ජූලි මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත විය. මේ නඩුව විභාග කිරීම සඳහා පත් කරන ලස අන්වරැල් හක් අගවිනිසුරුවරයා සියා උල්හක්ගේ සමීපතමයෙකු වූවා පමණක් නොව සියා රටින් පිට වූ අවස්ථාවලදී ජනාධිපති ධුරයේ ද වැඩ බැලීය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ භූතෝගේ අයිතිවාසිකම් රැක ගැනීමට ඔහුගේ නීතිඥයන්ට පුළුවන්කම ලැබිණි. 1978 දෙසැම්බර් 18 වැනි දා රාවල්පිණ්ඩි අධිකරණයේදී භූතෝ මහජනතාව ඉදිරියේ පෙනී සිටියේය. එදින උසාවිය අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. මේ වන විට ඔහුට මරණ දඬුවම නියම වී මාස 9ක් ගත වී තිබූ අතර පසුගිය දින 25 තුළම පිරිසිදු වතුරවත් නොලැබූණ බව ඔහු අධිකරණය හමුවේ පැවසීය. ඔහු කිසිදු සටහනක් නොබලාම දින 4ක් තිස්සේ උසාවියට කරුණු ඉදිරිපත් කළේය. අභියාචනා ඉදිරිපත් කිරීම 1978 දෙසැම්බර් 23 දා අවසන් වූයේය. 1979 පෙබරවාරි 06 දා එහි තීන්දුව ලැබුණේ භූතෝ වරදකරුවෙකු කරමිනි. භූතෝ පවුල විසින් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එම පෙත්සම විභාගයට ගන්නා තුරු මරණ දඬුවම කල් දැමිණි. 1979 පෙබරවාරි 24 වැනි දා පෙත්සම විභාගයට ගත්තේය. භූතෝ නිදහස් කරන ලෙස ඉල්ලා ලෝකයේ බොහෝ රටවල නායකයෝ පණිවිඩ එවූහ. ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්, ප්‍රංශ ජනාධිපති ගිස්කාඩ් ඩි එස්ටයින් සහ ෆාඩ් රජු ආදීහු ද ඒ අතර වූහ. මේ අභියාචනා දේශපාලනඥයන් අතර පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බඳුයයි සියා ප්‍රකාශ කළේය. මේ අතරතුරේදී තමාගෙන් සමාව ඉල්ලුවහොත් ඔහු නිදහස් කරන බවට සියා බන්ධනාගාරයේ සිටින භූතෝ වෙත පණිවිඩයක් යැව්වේය. භූතෝ එය ප්‍රතික්‍ෂේප කළේ අවඥා සහගතවය. 1979 මාර්තු 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී. සියා උල් හක් භූතෝගේ මරණ දඬුවම ස්ථිර කළේය. මේ අවාසනාවන්ත දේශපාලනඥයා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ (අ)භාග්‍යය ලද අලුගෝසුවා වූයේ ටාරා මසීන්ය. ඔහු පකිස්තානයේ සිටින සුළුතර ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් එකකු වූයේය. 1979 අප්‍රේල් 4 දා භූතෝගේ දෑත පිටුපසට කොට ගැට ගැසූ ටාරා මසීන් ඔහුගේ ගෙලට තොණ්ඩුව දැමුවේය. “දෙවියන් වහන්ස, මට පිහිට වෙන්න. මම අහිංසකයි ” තොණ්ඩුව ගෙලට තදවීමට පෙර භූතෝගේ මුවින් පිට වූ අවසන් වදන් ඒවා බව 1979 අප්‍රේල් 05දා බී.බී.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. සුල්ෆිකාර් අලි භුතෝ නමැති මහා පුරුෂයා මරා දැමීම වෙනුවෙන් ටාරා මසීන්ට ඇමෙරිකානු ඩොලර් සියයකට සමාන දීමනාවක් පකිස්තානු රුපියල්වලින් ලැබිණි. භූතෝට මරණ දඬුවම ලබා දීම අසාධාරණයක් බව බොහෝ දෙනෙකුගේ අදහස වූයේය. ඊට කෙළින්ම සම්බන්ධ වූ හෝ අනුබල දුන් අයටද විවිධාකාර දුක් වේදනාවලට මුහුණ දෙන්නට සිදුවූ බව තතු දන්නෝ පවසති. මෙයද බලන්න සුල්ෆිකාර් අලිභූතෝ චරිත කතා
2891
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%20%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8
සිල්ලර වෙළෙඳාම
භාණ්ඩය මිලදී ගන්නේ පරිභෝජනය සඳහා නම් සිල්ලර වෙළෙඳාමක් වේ. සිල්ලර වෙළෙන්ඳාගේ කාර්යයන් 1. විශාල තොග වශයෙන් ගෙන සුළු වශයෙන් පාරිභෝගිකයාට අලෙවි කිරීම 2. පාරිභෝගිකයාට භාණ්ඩ හඳුන්වාදීම 3. පාරිභෝගික අවශ්‍යතා කල්තියා දැන ගැනීම 4. ණයට භාණ්ඩ විකිණීම 5. විකුණූ භාණ්ඩ ගෙන ගොස් බාරදීම 6. නිෂ්පාදකයාට හා තොග වෙළෙන්ඳාට පාරිභෝගික ප්‍රතිචාර දැනුම්දීම 7. භාණ්ඩ ප්‍රවර්ධනයට හවුල්වීම 8. පාරිභෝගිකයාට උපදෙස් දීම සිල්ලර වෙළෙන්ඳාගෙන් පාරිභෝගිකයාට වන සේවා 1. විකුණු භාණ්ඩ ගෙන ගොස් බාර දීම 2. භාණ්ඩ ණයට විකිණීම 3. පාරිභෝගිකයන්ට උපදෙස් දීම 4. මිල වැඩි භාණ්ඩ කොටස් වශයෙන් ගෙවීමට ලබා දීම 5. පාරිභෝගිකයන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීම 6. නව භාණ්ඩ හා නව විලාසිතා පාරිභෝගිකයාට හඳුන්වාදීම සිල්ලර වෙළෙන්ඳාගෙන් නිෂ්පාදකයාට වන සේවා 1. නිෂ්පාදකයාට ණය සැපයීම 2. භාණ්ඩ ප්‍රචාරණයට හවුල්වීම 3. වෙළෙඳපොළ සබඳතා ගැන නිෂ්පාදකයාට දැනුම් දීම 4. නිෂ්පාදකයාගේ භාණ්ඩ විකිණෙන තෙක් ගබඩාවල ආරක්ෂා කිරීම 5. නිෂ්පාදකයාට තම කටයුතු ගැන අවධානය යොමු කර එය සාර්ථකව කළ හැකි වීම 6. පාරිභෝගික ප්‍රතිචාර තොග වෙළෙන්ඳා මඟින් දැනුම් දීම සිල්ලර වෙළෙඳාමේ ප්‍රභේද • ස්ථථාවර • සංචාරක • සුළු පරිමාණ • මහා පරිමාණ • ගෙන් ගෙට යන වෙළෙන්ඳා • පදිකයා • පොළෙන් පොළ වෙළෙන්ඳා • කඩය • බඩු මැස්ස • සාප්පුව • ආංශික • නානාංශික • බදි • සුපිරි • සමූපකාර • රාජ්‍යානුබද්ධ මධ්‍යස්ථාන
2892
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%20%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%20%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8
සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම
සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම මේ පිළිබඳ වෙනසට බලපාන කරුණු 4 කි. 1. මිල 2. ප්‍රමාණය 3. විකුණන්නා හැසිරෙන ආකාරය 4. ගැනුම්කරුගේ පරමාර්ථය සිල්ලර මිලට වඩා තොග මිල අඩුය. එයට හේතුව තොග මිලට සිල්ලර වෙළෙඳුන්ගේ ලාභයද ඇතුළත් වීම වීමය. විශේෂ අවස්ථාවලදී සිල්ලර මිල ද තොග මිලට සමාන වීම හෝ ඊට අඩුවස්ථා දක්නට ඇත. තොග වෙළෙඳාමේදී වැඩි ප්‍රමාණයක් ද සිල්ලර වෙළෙඳාමේදී අඩු ප්‍රමාණයක් ද අලෙවි වන බව පෙනේ. සමහර විශේෂ අවස්ථාවලදි තොග වෙළෙඳාමට වඩා සිල්ලර වෙළෙඳාමේදී විශාල ප්‍රමාණයක් අලෙවි වන බව ද පෙනේ. විකුණන්නා හැසිරෙන ආකාරය අනුව ද තොග වෙළෙඳාම හා සිල්ලර වෙළෙඳාම වෙන්කර හඳුනා ගත හැකි වේ. සිල්ලර වෙළෙන්ඳකු බොහෝ විට ඉතා පිරිසිදුවට අඳින පළඳින තම සේවකයන් ප්‍රසන්නව තබා ගැනීමට උත්සාහ ගන්නා අතරම පාරිභෝගිකයන් සමඟ ආචාරශීලීව කටයුතු කරන අයකු වේ. තොග වෙළෙඳාම පාරිභෝගිකයන් සමඟ සබඳතා පවත්වා ගැනීම අවම වන අතර, වාහන හැසිරවීමේ ඉඩකඩ ඇති ගබඩා පහසුකම් ඇති ස්ථානවල වෙළෙඳාම පවත්වා ගෙන යනු ලැබේ. සේවකයන් ද ප්‍රසන්න පෙනුමක් ඇති අය නොවන අතර ඔවුන් භාණ්ඩ පැටවීමේ හා ඇසිරීමේ නිරත අය වේ. සෑම විටම මෙය මෙසේ සිදු නොවන බව පෙනේ. තොග වෙළෙන්ඳන් ද ප්‍රසන්නව ආචාරශීලීව කටයුතු කරන අවස්ථා දක්නට ඇත.
2893
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%20%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8
තොග වෙළෙඳාම
තොග වෙළෙඳාම නැවත විකිණීම සදහා භාණ්ඩ අලෙවි කිරිම තොග වෙළෙඳාම වේ. නිෂ්පාදකයාගෙන් විශාල තොග රැස් කර ගෙන ඒවා ගබඩා කර ආරක්ෂා කරන අතර අවශ්‍ය විට සිල්ලර වෙළෙඳාමට ඒවා අලෙවි කරනු ලැබේ. තොග වෙළෙන්ඳාගේ කාර්යයන් 1. නිෂ්පාදකයන්ගෙන් විශාල තොග වශයෙන් ගෙන කුඩා තොග වශයෙන් සිල්ලර වෙළෙන්ඳාට අලෙවි කිරීම 2. ප්‍රවර්ධන කටයුතු කිරීම 3. ණයට භාණ්ඩ සැපැයීම 4. භාණ්ඩ ගෙන ගොස් දීම 5. වෙළෙඳපොළ අවශ්‍යතා ගැන අදාළ තොරතුරු නිෂ්පාදකයාට දැනුම් දීම තොග වෙළෙන්ඳන් වර්ග 1. සාමාන්‍ය තොග වෙළෙන්ඳා - නිෂ්පාදකයාගෙන් භාණ්ඩ ගෙන තොග රැස් කර ගෙන සිට අවශ්‍ය වෙලාවට සිල්ලර වෙළෙන්ඳාට අලෙවි කරනු ලැබේ. 2. අපනයන තොග වෙළෙන්ඳා - දේශීය වශයෙන් භාණ්ඩ තොග රැස්කර ඒවා විදේශ රටවලට අලෙවි කිරීම. 3. ආනයන තොග වෙළෙන්ඳා - විදේශ රටවල භාණ්ඩ ගෙන්වා මෙරට සිටින තොග හා සිල්ලර වෙළෙන්දන්ට අලෙවි කරනු ලැබේ. 4. නිර්මාණ තොග වෙළෙන්ඳා - නිෂ්පාදකයාගෙන් මිලදි ගත් භාණ්ඩ යම් යම් වෙනස්කම් කොට නව නිමාවකින් සිල්ලර වෙළෙන්ඳා අලෙවි කරනු ලැබේ. 5. ප්‍රාථමික තොග වෙළෙන්ඳා - සුළු නිෂ්පාදකයාගෙන් භාණ්ඩ මිලට ගෙන තොග රැස් කර වෙනත් තොග වෙළෙන්දන්ට භාණ්ඩ අලෙවි කරනු ලැබේ. 6. ද්විතීය තොග වෙළෙන්ඳා - ප්‍රාථමික තොග වෙළෙන්ඳන්ගෙන් භාණ්ඩ මිලට ගෙන ඒවා ගබඩා කර සිල්ලර වෙළෙන්ඳන්ට අලෙවි කරනු ලැබේ.
2894
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8
වෙළෙඳාම
භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ. වෙළෙඳාමේ ප්‍රභේද සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම දේශීය වෙළෙඳාම හා විදේශීය වෙළෙඳාම ආනයන වෙළෙඳාම හා අපනයන වෙළෙඳාම අත්පිට වෙළෙඳාම හා ණයට වෙළෙඳාම සරල වෙළෙඳාම හා ගිවිසුම්ගත වෙළෙඳාම විදේශ වෙළෙඳාමේ වාසි තම රටට නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කර ගත හැකි වීම. අතිරික්ත භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය ඉපැයීම. අඩු මිලකට ආනයනය කර ගත හැකිවීම ප්‍රාග්ධන හා තාක්ෂණ දැනුම ලබා ගත හැකිවීම මිත්‍ර සබඳතා දියුණු කර ගත හැකි වීම සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම. නව නිර්මාණ බිහි කිරීමට අවස්ථාවක් සැලසීම. වෙළෙඳපොළ පුළුල් කර ගත හැකි වීම. වෙළෙඳාම ආර්ථික විද්‍යාව
2895
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
වී.කේ. සමරනායක
ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයකු සහ ශ්‍රී ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියකු හා ඒ පිළිබඳ පැහැදිලි අනාගත දැක්මකින් යුතුව කටයුතු කරන්නෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටියේ ය. වර්ෂ 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට පත් කෙරුණු හෙතෙම වර්ෂ 1961 දී තම ප්‍රථම උපාධිය ලබා ගැනීමත් සමගම ඇරඹි වසර 43ක අඛණ්ඩ විශ්වවිද්‍යාල සේවයෙන් වර්ෂ 2004 සැප්තැම්බර් මස 30 වැනි දා විශ්‍රාම ගිය අතර ඒ වන විටත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය හෙබවී ය. මෑතක දී ඔහු කොළඹ විශ්වවිද්‍යාල‍ය විසින් පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ධුරයෙන් ද පිදුම් ලැබී ය. මේ කාලපරිච්ජේදය ඇතුළත අංශ ප්‍රධාන තනතුරේ සිට උපකුලපති තනතුර දක්වා ඇති නොයෙක් මට්ටමේ තනතුරු දරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඔහු ඉටුකර ඇති සේවය අප්‍රමාණ ය. ගණිතඥ‍යකු හා ශාස්ත්‍රඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට ඇප කැප වී කටයුතු කළේ ය. එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන ඔහුගේ සේවය අතර සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ යන විෂය ක්ෂේත්‍රවල ඔහුගේ පුරෝගාමී දායකත්වය කැපී පෙනෙයි. ‍ මයික්‍රොකොම්පියුටර භාවිතයට පැමිණීමත් සමගම විශ්වවිද්‍යාලවලට, පාසල්වලට සහ අනෙකුත් පුහුණු කිරීමේ/අධ්‍යාපන ආයතනවලට මහ පරිමාණයෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට ඔහු තම පරිගණනය පිළිබඳ විශේෂඥ දැනුමත් අද්විතීය කළමණාකරණ හැකියාවත් යෙදවූ බව නොරහසකි. ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්ති වර්ෂයේ දී එනම් 1994 වර්ෂයේ දී එහි ප්‍රධාන සභාපති ධුරයට පත් කෙරුණු මහාචාර්ය සමරනායක 1990-2000 කාලපරිච්ජේදයේ දී ජාතික විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. වර්ෂ 2004 මැයි මස දක්වා ම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේත් (UCSC) සහ ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් (ICT) සමාරම්භක අධ්‍යක්ෂ වූයේ ද මහාචාර්ය සමරනායක යි. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතය ලෙස වර්ධනය වී ඇති පරිගණක තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීමේ දී හෙතෙම තම අද්විතීය කළමණාකරණ හා ඒකාබද්ධ ව කටයුතු කිරීමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර බ්‍රිතාන්‍ය ආධාර යටතේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මයික්‍රොකොම්පියුටර විද්‍යාගාරයක් ලෙස ඇරඹි පරිගණක තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රජයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර ඒකාබද්ධ කරමින් පරිගණනය සඳහා වූ සුවිශිෂ්ට කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගත්තේ ය. අද වන විට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මෙය තම දකුණු ආසියා සංවර්ධන සහයෝගිතාවේ පරමාදර්ශී සංකේතයක් ලෙස සලකනු ලබයි. පරිගණන විෂය ක්ෂේත්‍රයේ ඔහුගේ සම්ප්‍රදානය අනාගතය අරමුණු කර ගත් දර්ශනයකින් යුක්ත වන අතර යථාර්ථවාදී ද විය. වෘත්තිය එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළ ම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භයේ සිට ම කටයුතු කළ මහාච‍ාර්ය සමරනායක එම ආයතනයේ සභාපතිවරයා ලෙස වසර 12ක් සේවය කර ඇත. ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීව කටයුතු කළ දෑ අතරින් තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය යටිතලපහසුකම් සැකසීම, රාජ්‍ය පාලනයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැනි අංග සුවිශේෂ වෙයි. ඔහු බහුභාෂා පරිගණනයෙහි සහ වෙබ් අඩවි සංවර්ධනයෙහි අතිශය වැදගත් යුනිකෝඩ් සහ ISO 10646 වැනි ප්‍රමිති සම්පාදනයෙහි ද මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එහිලා ඔහුගේ දායකත්වයක් සුවිශේෂ ය. රාජ්‍ය පාලනයේ නොයෙක් ක්ෂේත්‍රවලට පරිගණක තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම ඔහු ගත් පියවර අතර වැදගත් තැනක් උසුලයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පරිගණක තාක්ෂණය යොදා ගැනීම මීට කදිම නිදසුනකි. ඔහු මෑතක දී ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන (“නැණසල”)බිහි කිරීමේ වෑයමක නිරත වූ අතර මේ වන විටත් බහුතරයක් ග්‍රාමීය ජනතාව ඉමහත් ප්‍රතිඵල භුක්ති විඳිනු දැක ගත හැක. වසර 2000 ආරම්භයේ දී අති වීමට ගිය පරිගණක ව්‍යසනයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමට ඔහුගේ සභාපතිත්වයෙන් කටයුතු කළ Y2K විශේෂ කාර්ය බලකායට හැකි විය. www.lk ජාතික අන්තර්ජ‍ාල බිහිදොරේ නිර්මාතෘවරයා ඔහු ය. කොත්මලේ ඉදි කෙරුණු ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය තුළින් ග්‍රාමීය ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ය. සර්වෝදය මගින් ස්ථාපිත කෙරුණු විවිධ සේවා ප්‍රජා ටෙලි මධ්‍යස්ථ‍ාන වැඩසටහන ද ඔහුගේ සංකල්පයක් මත ගොඩනැගුණකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඇරඹුණු තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධි පාඨමාලාව ද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සිදු වු තවත් වැදගත් කටයුත්තකි. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද ‍කි‍යතොත් ආරම්භයේ දී මෙයට සිසුහු 5000ක් පමණ ලියාපදිංචි වූහ. ඉන්ෆොටෙල් ලංකා සංගමයේ සභාපතිත්වය ද (1998 සිට) දැරූ මහාචාර්ය සමරනායක එම සංවිධානයේ මෙන්ම එමගින් වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමුළුවේ සහ ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ ද ගාමක බලවේගය ලෙස කටයුතු කළේ ය. වර්ෂ 2002 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර තොරතුරු යටිතලපහසුකම් පිළිබඳ ව්‍යාපෘතියේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙසත් 2003 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ රාජ්‍ය පාලනය පිළිබඳ කෙනඩි අධ්‍යයනායතයේ ඩිජිටල් රාජ්‍යපාලනය සඳහා වූ ජාතික කේන්ද්‍රයෙහි ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙසත් කටයුතු කර ඇත. එසේම 2004/2005 වසරවල දී ස්ටැන්‍ෆර්ඩ් සරසවියේ ඩිජිටල‍් දර්ශන වැඩසටහනේ ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙස ද කටයුතු කර ඇත. තිළිණය වර්ෂ 1995 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන සම්මානයෙන් ඔහු පිදුම් ලැබී ය. 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් පරිගණක විද්‍යාවේ සංවර්ධනයට කළ සම්ප්‍රදානය සඳහා “විශ්ව ප්‍රසාදිනී” සම්මානයෙන් පුදනු ලැබී ය. ඉන් අනතුරුව ‍1998 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරනු ලැබූ සම්ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් “විද්‍යා ජෝති” නමැති රාජ්‍ය සම්මානයෙන් ද පුදනු ලැබී ය. බාහිර සබැදි Vidya Jyothi Professor V.K.Samaranayak bio E-Sri Lanka: Prof. V.K. Samaranayake’s lasting legacy ශ්‍රී ලංකීය විද්‍යාඥයන් ශ්‍රී ලංකීය ශාස්ත්‍රඥයන් 1939 උපත් 2007 මරණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය - ශ්‍රී ලංකා
2896
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%20%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ
මේ පිටුවට යන්න ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය
2897
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%82%E0%B7%81%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1
අංශ ප්‍රධාන
අංශ ප්‍රධාන () යනු විශ්ව විද්‍යාලයක හෝ පාසලක අධ්‍යයනාංශයක ප්‍රධාන තනතුරයි. අධ්‍යාපනය
2898
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92-%E0%B6%91%20%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80
සුමි-එ චිත්‍ර කලාව
තනි වර්ණයක තීන්ත භාවිත කොට තෙත උරා ගන්නා කඩදාසි මත චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදාය ජපානයේ සුමි-එ නමින් හැඳින්වේ.සුං යුගයේ චීනයේ සුයිබොකු නමින් ප්‍රචලිතව පැවති මෙම සම්ප්‍රදාය, චීන සෙන් භික්ෂුවක වන ලන්-චි-තාඕ-ලූං ගේ ආගමනයත් සමග ක්‍රි.ව. 13 වැනි ශත වර්ෂයේ මැද භාගයේ දී පමණ ජපානයට හඳුන්වා දෙනු ලැබිණි.චීන තීන්ත චිත්‍ර එරට විසූ විශිෂ්ට සිත්තරුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය කළ සම්ප්‍රදායකි. තනි වර්නයක් භාවිතා කිරීම විවිධ වර්ණ භාවිත කරමින් චිත්‍ර ඇඳි ඔවුහු වර්ණයන්හි ශක්‍යතා මැනවින් හඳුනාගත්තෝ වූහ. ඒ හේතුව නිසාම දෘශ්‍ය ලෝකයෙහි තථ්‍ය ස්වභාවය බහුල ලෙස වර්ණ යොදා පිටපත් කරනු වෙනුවට තනි වර්ණයකින් ප්‍රහර්ෂයක් ලබා දිය හැකි බව අවබෝධ කොට ගත්තෝ වුහ. මෙම අවබෝධයට හේතු වුයේ සෙන් හෙවත් ධ්‍යාන බුදු දහමයි. සෙන් දහම සෙන් දහම චීනයට හඳුන්වා දුන් කාලය පිළිබඳව හා හඳුන්වා දුන් පුද්ගලයන් පිළිබඳ විවිධ මත පවතී. එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප්‍රචලිත මතය වන්නේ සෙන් දහම ප්‍රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රිව 520 දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. මෙම මතය පළ කරන හිරෝෂි කනසාවා සෙන් නිකායේ ඉතිහාසය බෙහෙවින් අපහැදිලි වුව ද, ජපානයේ සෑම සෙන් භික්ෂුවක්ම තමන් බෝධිධර්ම භික්ෂුවගේ පරපුර හා සම්බන්ධ බව පවසන්නේ යයි සඳහන් කරයි. හියුගෝ මන්ස්ටර්බර්ගේ අදහස වන්නේ ද සෙන් දහම ක්‍රි. ව. 520 දී චීනයට හඳුන්වා දෙනු ලැබුවේ බෝධිධර්ම භික්ෂුව විසින් බවයි. ජපාන දරුවන් බෝධිධර්ම භික්ෂුවට ඉමහත් ගරු සත්කාර පුදන බවත්, ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩය වන දෙපා නැති, රතු, වටකුරු බෝනික්කා දීර්ඝකාලීනව ධ්‍යාන වැඩීමෙන් දෙපා අහිමි වූ බෝධිධර්ම භික්ෂුව නිරූපණය කරන බව ද පවසයි. චීනයේ සිට පැමිණි ශුන්ජෝ නමැති ශිංගොං භික්ෂුව (ක්‍රි.ව. 1166-1227) කියොතෝහි සෙන්යු-ජි නම් භාවනාව සඳහා ම කැප වූ ආයතනයක් 13 වැනි ශත වර්ෂයේ මුල් කාලයේ පිහිටුවීමත් සමග සෙන් දහමේ මුල් බීජ ජපානයේ වපුරනු ලැබිණි. නරා යුගයේ දි ජපානයට හඳුන්වා දෙනු ලැබූ සෙන් ධර්මය එවක ජපානයේ පැවති තෙන්දායි හා ශිංගොං නම් වු නිකායයන් හා සමාග්‍රහණව පැවතිණි. ක්‍රිව 1141-1215 අතර කාලයේ විසු එයිසායි නමැති භික්ෂුවක් විසින් රින්සායි නම් නිකාය ස්ථාපිත කිරිමෙන් අනතුරුව එය ස්වාධීන නිකායක් බවට පත් විය. සෙන් ශික්ෂූන්ගේ දින චර්යාව හා ආගමික වතාවත් දැඩි පාලනයක් ඇතිව සිදු විය. සෙන් ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් අතර බැඳීම බෙහෙවින් වැදගත් සේ සැලකූ අතර එය සෙන් සම්ප්‍රදායේ ආරක්ෂාව හා පැවැත්මට හේතුවන බව පිළිගැනුනි. චින්සෝ යනුවෙන් හැඳින්වුණු චීන ආචාර්යවරයාගේ ප්‍රතිරූප චිත්‍රය යථෝක්ත ආගමික වාතාවරණයෙහි වැදගත් අංගයක් විය. සෙන් භික්ෂුවක් තම ආචාර්යවරයාගෙන් මෙන්ම ස්වාධීනව වාසය කරන්නට තරම් ධර්ම ඥානය ලබා ගත් කළ, ආචාර්යවරයාගේ ප්‍රතිරූපයක් ශිෂ්‍යයාට පිරිනැමේ. බුද්ධ මනස පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය කිරිම සඳහා ශිෂ්‍යයා ලබා ගත් හැකියාවට ලැබෙන තිළිණයකි. එය සෙන් නිකායෙහි හෘදයාංගම සම්ප්‍රදායක්ව පැවතිණි. චින්සෝ සම්ප්‍රදායික සුත්‍ර හා ප්‍රතිමා වලට වඩා සෙන් විහාරස්ථානවල චින්සෝ නම් වු සෙන් ප්‍රතිරූප තැන්පත් කිරීම වැදගත් සේ සැලකේ. චින්සෝ නිර්මාණයන්හි චීන සුං ශෛලියේ ආභාසය ප්‍රකටව පෙනුනි. චීන ආලේබ්‍ය චිත්‍ර සම්ප්‍රදායේ මුලික ශිල්ප ධර්මය වනුයේ පෞරුෂය තත්ත්වානුරූපීව නිරූපණය කිරිමයි. දේහ ලක්ෂණ තත්ත්වාකාරයෙන් නිරූපණය කිරිම මගින් විෂය පිළිබඳ අභ්‍යන්තර සාරය කලාකරුවාට ග්‍රහණය කරගැනිම පහසු වේ. බෙහෙවින් පරමාදර්ශී හා ඒකාකාරී ආකාරයකින් මුර්ති නෙලීම ප්‍රචලිතව පැවැති යුගයක ඉහත කී කරුණු බෙහෙවින් විප්ලවකාරී විය. සුං ශිල්ප ක්‍රමයේ මුබ්‍ය ලක්ෂණය වූයේ තත්ත්වානුරූපී ස්වභාවය මවාපානුවස් ලාලිත්‍යයෙන් යුත් සජීවී රේබා භාවිත කිරීමයි. විශේෂයෙන් ම මුහුණ අවධාරණයෙන් යුතුව දැක්විණි. හිසකෙස් සෙසු අඟපසඟ හා සජිවී ඇස් නිර්මාණය කළේ සියුම් රේබා භාවිතයෙනි. ක්‍රි.ව. 1271 දී කරන ලද ලන්-චි-තාඕ-ලූං ප්‍රතිරූපයේ මේ ලක්ෂණ සියල්ලක් ම අඩංගුය. ජපානයේ තිබෙන පැරණි ම චින්සෝ රූපයක් වන මෙය චීන චිත්‍රයක් හැටියට ඇතැම්හු සලකති. මේ ප්‍රතිරූප චිත්‍රය ජපානයේ සෙන් සම්ප්‍රදායට අයත් චිත්‍රවල සමාරම්භය සනිටුහන් කරයි. චින්සෝ හා සංකල්පමය වශයෙන් සමාන වන තවත් චිත්‍ර විශේෂයක් සොහිසෝ යන නමින් ජපානයේ ප්‍රචලිතව තිබිණි. සෙන් දහම සම්ප්‍රේෂණය කළ සංඝ පීතෘවරුන්ගේ ප්‍රතිරූප මෙනමින් හැඳින්විණි. මෙම චිත්‍රය තාඕ-ලූං ගේ ප්‍රතිරූපයට වඩා තෙලිකූර හැසිරවීම අතින් වැඩි දක්‍ෂතාවක් පෙන්නුම් කරයි. රේබා ආරම්භයේදී ප්‍රබල හා කැපී පෙනෙන ස්වභාවයකින් යුක්ත වන අතර අනතුරුව සිහින් හෝ ඝන බවට පත් වි සජීවී හා රිද්මයානුකූල බවක් ලබා දෙයි. ගසක් යට සිටින දරුම නම් චිත්‍රය මුල් චිත්‍රයට වඩා අඩ සියවසකින් පැරණි වන අතර එය සෞන්දර්යාත්මක බවින් වඩාත් පරිපූර්ණය. ඉදිරි සියවස් එකහමාරකට පමණ ආදර්ශයක් හා රිද්මයක් සැපයූ මෙම චිත්‍ර දෙක ජපන් තීන්ත චිත්‍ර සම්ප්‍රදායේ බෙහෙවින් අගනා නිර්මාණ දෙකක් හැටියට සැලකිය හැකිය. පැරණි යුගයට අයත් චිත්‍ර පැරණි යුගයට අයත් ශේෂ වූ චිත්‍ර අතුරින් වැඩි ප්‍රමාණයක් කොනෆූසියානු තාඕ හා බෙඃද්ධ සම්ප්‍රදාය විසින් පූජර්භ සේ සලකනු ලැබු මානුෂික හෝ අධි මානුෂික පුද්ගලයන් නිරූපණය කරයි. ජපානයේ තීන්ත චිත්‍ර සම්ප්‍රදායේ මුල් අවධියේ දී තාඕ කොන්ෆූසියානු හා සාම්ප්‍රදායික බෞද්ධ චිත්‍ර සාපේක්ෂ වශයෙන් අල්පය. සෙන් දහමේ මුලික හරය අන් දේවල් හා සම්මිශ්‍රණය නොවී පවත්වා ගැනිමට තිබු අවශ්‍යතාව ඉන් පිළිබිඹු වේ. භු දර්ශන හා මල්, කුරුල්ලන් සහිත චිත්‍ර ද නිරූපනය වූයේ ස්වල්ප වශයෙනි. චිත්‍රයට නගන ලද බෞද්ධ විෂයන් අතර දරුම, කන්නොන්, ශාබ, මංජු හා හොතේ ප්‍රධාන විය. සම්ප්‍රදායික බෞද්ධ කලාවේ නිරූපණය වු ශාක්‍යමුණි, කන්නොන් හෙවත් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී ආදින් නිරූපණය කළ ද පරමාර්ථ වශයෙන් විශාල වෙනසක් දක්නට ලැබුණි. පර්වතයකින් පහළට බසින ශාක්‍යමුණි රූපය පැරණි බෞද්ධ කලාවේ චිත්‍ර නිරූපණය කළ අධිමානුෂික හා ලෝකෝත්තර ස්වභාවයට බෙහෙවින් පටහැනි වෙයි. සුදු පැහැති චීවරයකින් වැසුණු අවලෝකිතේශ්වර රූපය කඳු පාමුලක පිහිටි දිය ඇල්ලක් අසල භාවනානුයෝගීව සිටිනු දක්වයි. පැරණි බෞද්ධ කලාවෙහි ඔවුන් නිරූපණය වූයේ විසිතුරු පාරාදීසවල වැඩවසන කල්පිත පුද්ගලයන් ලෙසටයි. ප්‍රතිමා ශිල්පයේ ඇති වූ මෙම වෙනස්කමට හේතු වූයේ ඔවුන් පූජාර්භ වස්තුන් ලෙස සැලකීමට වඩා චිත්ත ධෛර්යය වඩවන ආදර්ශ බවට පත් කිරීමයි. තීන්ත චිත්‍ර ඇඳීමෙහි නියැලූණු චීන සිත්තරුන් වෘත්තීය චිත්‍ර ශිල්පියෝ වූහ. නමුත් සුමි-එ සම්ප්‍රදායේ සිත්කළු හා සරල බව හේතුවෙන් දකුණු චීනයේ මෙන්ම ජපානයේ ද සෙන් භික්ෂුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. දවසේ දීර්ඝ කාලයක් භාවනානුයෝගීව වැඩ විසූ සෙන් භික්ෂූහු විරාමයක් ලද විට චිත්‍ර ඇඳීමෙහි නිරත වූහ. මේ හෙයින් මුල්කාලීන සුමි-එ චිත්‍ර බොහොමයකට ආගමික විෂයයන් ප්‍රස්තුත විය. කල්යත්ම අත්දැකිම් හා පළපුරුද්ද ලැබු සෙන් යතිවරු භූ දර්ශන චිත්‍ර ඇඳීම ආරම්භ කළහ. ජපානයේ සුමි-එ සම්ප්‍රදාය විකසිත වූයේ භූ දර්ශන චිත්‍ර ආශ්‍රයෙනි. ක්‍රි. ව. 14 වැනි ශත වර්ෂයේ මැද භාගයේ පමණ ජීවත් වූමොකුවාන් සහ කාඕ සුමි-එ සම්ප්‍රදායට චිත්‍ර ඇඳි මුල්කාලීන සෙන් යතිවරු වූහ. ක්‍රි. ව. 1333 දී පමණ චීනයට ගිය මොකුවාන් දස වසරකට පමණ පසු මියගිය බව පැවසේ. මොකුවාන් ගේ ශෛලිය චීන සිත්තරෙකුවු මු-චි ගේ ශෛලියට බෙහෙවින් සමානය. හොතේ නම් සංචාරත භික්ෂුව නිරූපණය කරන මෙම චිත්‍රය මොකුවාන්ගේ නිර්මාණයකි. ජපන් ජාතිකයන් අතර පවත්නා විශ්වාසයකට අනුව වාසනාවට අධිපති දෙවිවරු සත් දෙනෙක් වෙති. හොතේ ඉන් එක් අයෙක් වන අතර ඔහු බෞද්ධ සම්ප්‍රදායට අයත් වූවකු සේ සැළකේ. හොතේ ගේ රූප ස්වභාව පිළිබඳ ජපන් ජාතිකයන් අතර පවත්නා හැඟීම සෙන් දහමින් මොකුවාන් ලද අභාසය හා සුමි-ඒ සම්ප්‍රදාය පිළිබඳ ඔහුගේ පරිචය මෙම හොතේ නම් චිත්‍රයෙන් ධ්වනිත වේ. හොතේ ගේ වටකුරු වූ නිරාවරණ උදරය ඔහුගේ අති මහත් ආත්මය පිළිබිඹු කරයි. උර මත වූ රිටෙහි එල්ලූණු පැස ඔහු ස්ථිර වාසස්ථානයක් නැති තැනින් තැන සංචාරය කරන පුද්ගලයකු බව පෙන්වයි. සිනාමුසු මුහුණ සියලූ බන්ධනයන්ගෙන් මිදුණු සැහැල්ලූ ජීවිතය පෙන්නුම් කරයි. කප්පිත්සු හෙවත් වියළි තෙලිකූර පාවිච්චි කිරීම මොකුවාන්ගේ ශිල්ප ක්‍රමයකි. වියළි බුරුසුවෙහි වෙන් වුණු කෙඳි සේද හෝ කඩදාසි මත තීන්ත ඇතිරීම සඳහා භාවිත කිරීමෙන් චිත්‍රයේ නිරුපණය වන වස්තුවල නැමි හා හිසකෙස් නිරූපණය කරනු ලැබේ. මොකුවාන් විසින් චිත්‍ර අඳිනු ලැබූයේ බෙහෙවින් සවිඥානකවය. එය හුදු ප්‍රකාශන අවියක් ලෙස පමණක් නොසැලකීය. එහි ප්‍රතිඵලය වූයේ එම මාධ්‍යයට ආවේණික වූ නිශ්චිත ගුණාංගයන් වර්ධනය විමය. හිස් වූ කඩදාසිය මත ඔහුගේ කුඩා එහෙත් අර්ථපූර්ණ රුව තියුණු ලෙස නෙත ගැටේ. සුමි-එ චිත්‍ර කලාවෙහි වැදගත් ම ලක්‍ෂණය වු රේබාවේ ප්‍රකාශනාත්මක බව මේ චිත්‍රයේ මූලික හරය කලාත්මකව ඉදිරිපත් කිරීමෙහිලා හේතු වී තිබේ. උරය මත වූ රිට හා වස්ත්‍රයේ ඇතැම් ස්ථාන තියුණු කළු පැහැයෙන් ද වරෙක කුරුටු ගෑ ආකාරයෙන් ද තවත් විටෙක බොඳ වූ අළු පැහැය යෙදීමෙන් ද මෙකී අර්ථවත් භාවය ලබා දී තිබේ. පසුබිමෙහි ශුන්‍ය බව චිත්‍රයෙහි අර්ථවත් බව මෙන් ම සුමි-එ චිත්‍ර කලාවේ හා සෙන් දහමේ අර්ථය ද අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරයි. මුල් අවධිය සුමි-එ චිත්‍ර කලාවේ මුල් අවධියේ දී හොතේ සහ ධර්ම නම් භික්ෂූන්ට අමතරව භාවනානුයෝගීව වාසය කරමින් සිට රහත් භාවයට පත් වූ භික්ෂූන් හා සෙන් ධර්මයට අනුග්‍රහයක් දැක්වූ භික්ෂූන්ගේ රූප ද චිත්‍රයට නගනු ලැබිණි. නමුත් සෙන් ධර්මය ප්‍රතිමා හා චිත්‍ර වන්දනාමාන කිරීම අනුමත නොකළ හෙයින් සුමි-එ සම්ප්‍රදායේ දෙවන අවධිය මුළුමනින්ම භූ දර්ශන චිත්‍ර සඳහා වෙන් වුණි. ස්වභාව සෞන්දර්යය චිත්ත ඒකාග්‍රතාවට හේතු වන බව සෙන් බුදු දහමේ පිළිගැනීමයි. සෙන් ආශ්‍රම පිහිටා තිබෙන්නේද බෙහෙවින් චිත්තාකර්ශණීය භුමි ප්‍රදේශයන්හිය. මේ නිසා භූ දර්ශන චිත්‍රවලින් කඳු-හෙල්, තුරු-ලතා, ඇළ-දොළ, ගංගා, පක්‍ෂීන් හා හිමෙන් වැසුණු ප්‍රදේශ නිරුපණයට සුමි-එ සිත්තරු මහත් අභිරුචියක් දැක්වූහ. චීන ආභාසය ලැබූ භූ දර්ශන චිත්‍ර කලාවේ නිමග්න වූ මුල්කාලීන සිත්තරෙකු ලෙස ජොසෙත්සු හැඳින්විය හැකිය. කියෝතෝවේ පිහිටි ශෝකොකු-ජී නම් ප්‍රසිද්ධ සෙන් ආශ්‍රමයේ විසූ ඔහු පහළොස් වැනි සියවසේ මුල් කාලයේ ජීවත් වූවෙකි. ඔහුගේ නිර්මාණ අතුරින් ඉතිරිව පවතින්නේ ලබු කබලකින් මසෙකු ඇල්ලීමට තැත් කරන මිනිසකු ඇක්වෙන චිත්‍රයකි. සුං යුගයේ චීන චිත්‍රයට බෙහෙවින් සමාන වූ මෙය සෙන් දහමේ එක් මූල ධර්මයක් ප්‍රකාශ කරයි. සෙන් දහමෙහි ධර්ම දේශනා පිළිබඳ විශ්වාසයක් නැත. මෙම චිත්‍රයෙන් ප්‍රකාශ වන්නේ ද පරම සත්‍යය යනු කවරේදැයි වචනයෙන් විස්තර කිරිම ලබු කබලකින් මසකු අල්ලන්නාක් සේ ම දුෂ්කර කාර්යයක් බවයි. ශුබුන් ජොසෙත්සුගේ ශිෂ්‍යයකු වන ශුබුන් දහතුන් වැනි සියවසේ චීනයේ විසූ සුයිබොකු සිත්තරුන් අනුව යමින් තව ශෛලිය සකස් කර ගත්තෙකි. උණගස් සහිත පරිසරයක පිහිටි ආශ්‍රමයක් අසල සිට වනපොත් කරන භික්ෂුවක් දැක්වෙන චිත්‍රය ශුබුන්ගේ උසස් නිර්මාණයකි. භික්ෂුව කඳු බෑවුමෙහි පිහිටි අසපුව ඉදිරියේ සිටී. ඔහු අවට පරිසරය බෙහෙවින් සිත්කළුය. කඳු පාමුලෙහි ගලා යන ගඟ හරහා වූ පාලමකින් මෙගොඩ එන පුද්ගලයෙකි. චිත්‍රයේ සෙසු ප්‍රදේශ හිස්ය. මීදුමෙන් වැසුනාක් මෙනි. විශ්වයේ විශාලත්වය හමුවේ පුද්ගලයා කෙතරම් කුඩා දැයි ප්‍රශ්න කරන්නට මෙන් භික්ෂු රූපය බෙහෙවින් කුඩාවට දක්වා තිබේ. කෝණික රේබා භාවිතය, ඇතැම් ස්ථාන අඳුරු කර ඇති අයුරු හා දුර ළඟ පෙන්වීමේ උපක්‍රම ආදිය තීන්ත චිත්‍ර මාධ්‍යයෙහි ශුබුන්ගේ පරිචය ප්‍රකාශ කරයි. එසේම චීනයේ සුං සිත්තරුන්ගේ අභාසය ද මැනවින් ප්‍රකට කරයි. සෙස්ෂු සුමි-එ සම්ප්‍රදායෙහි දකින්නට ලැබුණු චීන ලක්‍ෂණ ඉවත් කොට එය ජපන් ලක්‍ෂණ සහිත කලාවක් බවට පත් කරන ලද්දේ ශුබුන්ගේ ශිෂ්‍යයකු වන සෙස්ෂු විසිනි. ක්‍රි. ව. 1420-1506 අතර කාලයේ ජීවත් වූ සෙස්ෂු ද සෙන් භික්‍ෂුකි. චීනයේ සංචාරයකින් පසු ක්‍රි. ව. 1469 දී ජපානයට පැමිණි ඔහු චීනයේ සුං හා යුඇන් කලාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළ පුද්ගලයෙකු සේ සැලකේ. ඔහු කියෝතෝ නගරයෙහි වාසයෙන් සෑහීමකට පත් නොවී ගම්බද සංචාරයට පෙළඹුණේය. බොහෝ සිත්තරුන් තනි වර්ණයෙන් චිත්‍ර කිරීමට ලැදියාවක් දැක්වුව ද සෙස්ෂු තම සිතැඟි පරිදි අවශ්‍ය අවස්ථාවල බහු වර්ණ භාවිත කළේය. මේ හේතුව නිසා ඔහුගේ චිත්‍රවලට විවිධ හේතු වස්තු විෂය වූ අතර ඒවා බෙහෙවින් ප්‍රකාශනාත්මක විය. වසරේ ඍතු හතර දැක්වෙන චිත්‍රය සෙසෂු ගේ චිත්‍ර අතර ජනප්‍රිය වූවක් විය. සෙස්ෂුගේ භූ දර්ශන චිත්‍රවල අවකාශය හිස්ව දක්නට නොලැබේ. යථාරූපී හා භාවරූපී ලක්‍ෂණ මිශ්‍රව පවතී. සෙස්ෂුගේ විසිරුණු තීන්ත ශිල්ප ක්‍රමය බෙහෙවින් චමත්කාරජනකය. මේ සඳහා තෙත් වූ තෙලි කූරක් භාවිත කරයි. කඩදාසි මත තීන්ත ඇතිරීම නිදහස්ව හා වේගයෙන් සිදු කෙරේ. මෙම චිත්‍රයේ දෘශ්‍යමාන වන්නේ තීන්ත පැල්ලමක් පමණි. නමුත් පරීක්‍ෂාවෙන් බැලු කල කඳු පර්වත, කටු පඳුරු හා කුඩා ගෙයක් ද මිනිස් රූප දෙකක් ද දකින්නට ලැබේ. සෙන් දහමට අනුව ආත්මාවබෝධය ලැබෙන්නේ දීරීඝකාලීනව කෙරෙන ධර්ම අධ්‍යයනයකින් හෝ භාවනාවකින් නොවේ. එය එක් මොහොතක ක්‍ෂණයකින් ඇතිවන්නකි. ඔහුගේ විසිරුණු තීන්ත ශිල්ප ක්‍රමය ද එම දර්ශනය හා බෙහෙවින් අනුකූල වෙයි. සෙන් ධර්මයෙහි ප්‍රකට ඉගැන්වීමක් වන ශුන්‍යතා සංකල්පය මෙහි මැනවින් ප්‍රදර්ශනය වෙයි. පසුබිම මුබ්‍ය වශයෙන් ශුන්‍යය. විවිධ ශෛලීන් ක්‍රි. ව. 1504-1589 දක්වා කාලයේ ජීවත් වූවා යැයි සැලකෙන සෙසොන්, සෙස්ෂුගෙන් පෝෂණය ලබා ස්වාධීන ශෛලියක් ගොඩනගාගත් සිත්තරෙකි. හොන්ෂු දුපතේ ඊසානදිග කොටසේ ජීවත් වූ ඔහු චීන චිත්‍ර හා සෙස්ෂුගේ චිත්‍ර අධ්‍යයනය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. සුළග හා රළ නැමැති ඔහුගේ චිත්‍රය බෙහෙවින් ප්‍රකාශනාත්මක වූවකි. ක්‍රි. ව. 1436-1500 දක්වා කාලයට අයත් වන කානෝ මොසොනොබු සෙස්ෂුගේ සමකාලීනයකු හා ශුබුන්ගේ ශිෂ්‍යයකු විය. සමුරායිවරයෙකු වූ මොසොනොබු වෘත්තීය සිත්තරෙකු විය. ඔහු පාලකයාගේ නිල සිත්තරා වශයෙන් පත්වීම ඔහු අයත්වූ කානෝ ගුරුකුලය වඩාත් ප්‍රබල වීමට හේතුවක් විය. ක්‍රි. ව. 1476-1559 දක්වා කාලයට අයත් වන කානෝ මොසොනොබු කානෝ ගුරුකුලයේ නියම ආරම්භකයා වශයෙන් හැඳින්විය හැකිය. ඔහු විසින් විවිධ ශෛලීන්ට අනුව චිත්‍ර අඳිනු ලැබිණි. චීන ශෛලිය මෙන් ම සමකාලීන ජපන් ශෛලීන්ද අත්හදා බැලු බව පෙනේ. තීන්ත චිත්‍ර ක්‍රමය ප්‍රචලිත වීමට පෙර ජපානයේ ප්‍රචලිතව පැවති යමතෝ-එ ශෛලියට දීප්තිමත් වර්ණ හඳුන්වා දුන්නේ මොසොනොබුය. පක්‍ෂීන් සහ දිය ඇල්ල දැක්වෙන චිත්‍රය මොසොනොබු ගේ උසස් නිර්මාණයකි. බෙහෙවින් නැවුම් බවක් ගත් මෙම චිත්‍රය සරල සෞන්දර්යයක් මෙන්ම සැරසිලි කලාවක ලක්‍ෂණ ද අන්තර්ගතව තිබේ. මින් අනතුරුව ජපන් සිත්තරු බොහොමයක් ජපන් ශෛලිය හා චීන තීන්ත චිත්‍ර ශෛලිය යන දෙක ම අනුගමනය කරමින් චිත්‍ර අඳින්නට වුහ. හසෙගාවා තෝහකු එවැනි සිත්තරෙකි. ඔහුගේ වඳුරන් නිරුපනය කරන කළු සුදු චිත්‍රය තීන්ත චිත්‍ර සම්ප්‍රදායට අයත් විශිෂ්ට නිර්මාණයකි. වඳුරන් චිත්‍රයේ පෙරබිමට ගෙන තිබේ. අනවශ්‍ය විස්තර සියල්ලම ඉවත් කර බෙහෙවින් සරල සුන්දරත්වයක් පෙන්නුම් කර තිබේ. පසුබිම ශුන්‍යය. බොඳ වූ රේබා වඳුරන්ගේ ශරීරයේ ලොම් සහිත ස්වභාවය හඟවයි. තෝහකු සෙස්ෂු හා චීන සිත්තරෙකු වන මු-චිගෙන් ආභාසය ලබා තිබේ. සුමි-එ කලාව ඔපවත් වූයේ සෙන් දහමේ ආභාසයෙනි. සෙන් දර්ශනයට අනුව මිනිසාගේ ප්‍රකෘති චිත්තය පවිත්‍රය. ශුන්‍යය. එය අපවිත්‍ර වන්නේ බාහිර අරමුණු හා ගැටීමෙනි. සිත නැවතත් ශුන්‍ය තත්ත්වයට පත් කර ගැනීම අවශ්‍යය. එසේ කළ හැකි වන්නේ භාවනානුයෝගිව සිටීමෙන් පමණක් නොවේ. දෛනික වැඩ කටයුතු සිහි නුවණින් යුතුව ඉටු කිරීමෙන් ද ජවන් සිත පවිත්‍ර කළ හැකිය. මේ හෙයින් සෙන් යතිවරු විවිධ සමාජ කාර්යයන්හි නිරත වූහ. සුමි-එ චිත්‍රකලාව මෙන් ම උද්‍යාන සැලසුම්කරණය ද නෝ රංග කලාව ද සෙන් දහමේ සෞන්දර්යාත්මක චින්තනයෙන් පෝෂණය ලැබ වර්ධනය විය. උද්‍යාන සැලසුම්කරණය සෙන් දහම පිවිසිමට පෙර සිට ම ජපානයේ පැවතුනකි. එසේ වුව ද එම සම්ප්‍රදායට ගාම්භීර බවක් හා අර්ථවත් බවක් ලබා දුන්නේ සෙන් ධර්මයයි. සුමි-එ සිත්තරුන් අලංකාර වර්ණ බාහුල්‍යය ප්‍රතිකේ‍ෂ්ප කලා මෙන් ඇතැම් සෙන් යතිවරු වැලි සහ ගල් පමණක් උද්‍යාන සැළසුම් සඳහා භාවිත කළහ. උද්‍යාන අලංකරණය හා සුමි-එ සම්ප්‍රදාය අතර දැඩි සබඳතාවක් පවතී. සුමි-එ සිත්තරුන් තම චිත්‍රයන්හි ශුන්‍ය ප්‍රදේශ බහුල වශයෙන් දැක්වූවාක් මෙන් වියලි උද්‍යානයන් හි ද සුදු වැලි ඇතිරූ ප්‍රදේශ ශුන්‍යව පවතී. මනාව ඔප දමන ලද සැරසිලි සහිත නෝ වේදිකාව ද සෙන් දහමේ ශුන්‍යතා සංකල්පයට මනා නිදසුනකි. සෙන් දහම අධ්‍යයනය කළ හෝ නොකළ පුද්ගලයන් පවා ඉන් ඇති වී තිබෙන සංස්කෘතික චර්යා රටාවේ කොටස්කරුවන් බවට පත්ව තිබේ. සෙන් දහම එරට සෞන්දර්යට නව පරිමාණයක් එක්කිරීම ඊට හේතුවයි. චිත්‍ර කලාව ජපානය
2899
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
සොල්දරය
තට්ටු ගණනාවකකින් යුතු විශාල ගොඩනැගිලි එන්නට පෙර මිනිසුන් විසින් උඩ තට්ටුවක් සහිතවත් කලාතුරකින් උඩ තට්ටු දෙකක් සහිතවත් නිවාස ඉදිකැර වූහ. ඉන්පසු තට්ටු දෙකේ ගෙයක නම් උඩ තට්ටුව යන්නත්, තුනේ ගෙයක නම් දෙවැනි තට්ටුව හා තුන් වැනි තට්ටුව යන්නත් වහරට වැටිණි. මේ තට්ටුව හා තට්ටු යන වදන් දෙමළ බසින් පැමිණි ඒවා වෙයි. සිංහලයෙන් යෙදුනේ මහල හා මහල් යනුවෙනි. උඩු මහල නැත්නම් උඩ තට්ටුව සොල්දරය වූයේ ඕලන්ද ආක්‍රමණයෙන් පසුව ය. උඩුමහල යන්න ඕලන්ද බසින් Zolder නම් වීය. එය සිංහල බසට එකතු වූයේ සොල්දර නමිනි.
2914
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය
කොළඹ කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එදා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි එහි ආදිකර්තෘ විය. වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සමඟ ප්‍රසිද්ධ කෞතුකාගාරක අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලීමට ඉදිරිපත් වූයේ රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව)යි. ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කිරීමට එදා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යාඥයා වශයෙන් සේවය කළ ජේ.පී. ස්මිදර් සමත් විය. මෙහි ඉදිකිරීම් 1876 දී නිම වූ අතර, 1877 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. කෞතුකාගාර බලධාරිහූ 1877 හා 1999 අතර කාලවකවානුව තුළ දේශයේ සංස්කෘතිය හා ස්වාභාවික උරුමයේ අභිවර්ධනය පිළිඹිබු වන පරිදි කෞුතකාගාර කටයුතුක්‍රියාවට නගන ලදී. මේ අනුව වරින්වර වෙනත් පැති කිහිපයක් ඊට එක් කරන්නට යෙදුණි. පිලිවෙලින් ආචාර්යආතර් විලීගේ සහ ආචාර්ය ජොශප් පියර්සන්ගේ අධීක්ෂණය යටතේ පුස්තකාලය ඇතුලත් නැගෙනහිර කොටසත්, ශිලාගාරය සඳහා බටහිර කොටසත් වෙන් කෙරිණ. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, ආචාර්ය පී.එච්.ඩී.එච්.ද සිල්වා සහ සිරිනිමල් ලක්දුසිංහ යුගවලදී ඔවුන්ගේ අධීක්ෂණය යටතේ නව ඉදිකිරීම් සිදුවිය. එසේ වෙනම ගොඩනැංවූ ප්‍රදර්ශනාගාර අතර උතුරු දෙසින් වූ කොටසෙහි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය පිහිටුවිණ. අනෙකෙහි ශ්‍රවණාගාරය අන්තර්ගත විය. පුස්තකාලය, මානව වංශ හා මානව විද්‍යා අධ්‍යයන අංශ ආදිය ව්‍යාප්ත කරලීමෙහිලා මෙම ගොඩනැගිලි මගින් පහසුකම් සැපයී ඇත. ජාත්‍යන්තර තලයට කෞතුකාගාරය සංවර්ධනය වෙත් ම,ආචාර්ය පී. ඊ. පී. දැරණියගල යුගයෙදී මෙම ආයතනය ජාතික කෞතුකාගාරයක තත්වයට පත්විය. තවද යාපනය,මහනුවර සහ රත්නපුර යන නගරවල ශාඛා කෞතුකාගාර පිහිටුවීමත් සමඟ 1942 අංක 31 දරණ ආඥාපණතින් මෙම ආයතනය වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්විය. දැනට ව්‍යාප්තව ඇති ශාඛා කෞතුකාගාර සංඛ්‍යාව නවයකි. එසේම පාසල් විද්‍යා වැඩසටහනක් සහ සංචාරක කෞතුකාගාර සේවයක් ද අතිරේක වශයෙන් දියත්ව ඇත. බ්‍රිතාන්‍ය රජය විසින් මහනුවර අවසාන රජුගේ සිංහාසනය හා ඔටුන්න මෙහි තැන්පත් කිරීම කෞතුකාගාර එකතුවේ අගය දෙගුණ තෙගුණ වීමට බෙහෙවින් බලපෑවේය. විවිධ එකතූන් හැරුණුවිට විෂය අනුව ප්‍රදර්ශණ කුටි සංවිධානය කිරීමේ හේතුවෙන් එකම වහලක් යටදී ශ්‍රී ලංකාවේ පැරුණි සංස්කෘතිය අධ්‍යයනය උදෙසා අවස්ථාව සැලසී ඇත. බිම් මහල ඓතිහාසික යුගවල අනුක්‍රමයටත් උඩුමහල විෂය පදනම අනුවත් සංවිධානය කිරීම තුළින් එකී තත්වය තව දුරටත් වැඩි දියුණු වී ඇත. මෙයත් බලන්න ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව‎ වැඩි දුර කියැවීමට http://www.museum.gov.lk/ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ කෞතුකාගාර
2927
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD
දකුණු පලාත
දකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි. අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳ?න්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන මනු මාතර ප‍්‍රදේශයේ ගොවික් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වන බැවිනි. දකුණු පළාත පුරාණයේදී අයත් වී ඇත්තේ රුහුණටයි. රුහුණු රටෙන් වැඩිම භූමි ප‍්‍රමානයක් අයත් වන්නේද දකුණටයි.
2928
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
ගාල්ල
ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි. ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය , මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තයට මෙන්ම කලුවර කැටයම් හා කැස්බෑ⁣පොතු කැටයම් සඳහා ද ප්‍රසිද්ධියක් ==උසුලයි.== ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ප්‍රමුඛ වේ.දේශපාලන ⁣ක්ෂේත්‍රයට සම්බන්ධ වූ සුප්‍රසිද්ධ චරිත ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා,එච්.ඩබ්.අමරසූරිය මහතා,විජයානන්ද දහනායක මහතා ආදීන් හදුන්වා දිය හැකි වේ. ගාලු කොටුව ඉතිහාසය සලමොන් රජ ඇත් දළ, මොණරුන් හා වෙනත් වටිනා භාන්ඩ ගෙන්වා ගත් ඓතිහාසික තර්ෂිෂ් වරාය ගාලු වරාය බව ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට් පෙන්වා දෙයි. ක්රි.පූ 1400 ටත් පෙර සිට ශ්‍රි ලංකවේ සිට විදේශයන් වෙත කුරුඳු අපනයනය කර ඇති අතර එම අපනයනයන් සදහා ප්‍රධාන වෙළඳ අන්තරාල මද්‍යස්තානය ලෙස ගාලු වරාය භාවිත කර ඇත. බටහිර ජාතිකයන් ලංකාවට යටත් කරගනීමටත් පෙර සිටම ගාල්ල වරාය රටෙහි ප්‍රධාන වරාය ලෙස භවිතා කර ඇත. පර්සියානු ජාතිකයන්, අරාබි ජාතිකයන්, ග්‍රීක ජාතිකයන්, රෝම ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉන්දීය ජාතිකයන්, චීන ජාතිකයන් ගාල්ල වරාය හරහා ව්යාපාරික කටයුතු කරන ලදී. ක්රි.ව 1411 දී චීන ජාතික අද්මිරාල් කෙනෙකු වන ෂැන් හේ ගේ ශ්‍රි ලංකාවෙහි දෙවන සංචාරය නිමිත්තෙන් චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ගල් පුවරුවක කොටා ඇති ගාල්ල ත්රෛභාෂික ලේඛනය සාදන ලදි. ළොරෙන්සො ද අල්මෙදා ප්‍රමුඛ පෘතුගීසි නාවික කන්ඩායමක් ක්රි.ව 1502 දී ගාල්ල වරායට පැමිණීමත් සමග ගාල්ල "නූතන" ඉතිහාසය ආරම්භ විය. 1640 දී, පෘතුගීසි, ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගම යටත් විය. "හිරු", "සඳ" සහ "තරු" ලෙස හඳුන්වන ප්‍රාකාර තුනක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදි කර ඇති වර්තමාන ගාලු කොටු පවුර 1663 වසරේ දී ලන්දේසින් විසින් ඉදිකරන ලදි. 1796 දී ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යටත් කර ගත් පසු ඔවුන් ගාලු කොටුව නොවෙනස් කර දිස්ත්රික් පරිපාලන මධ්යස්ථානයක් ලෙස භාවිත කරන ලදි. පාලනය 1865 වසරේදී මහ නගර ආඥාපනත යටතේ පිහිටුවන ලද ගාල්ල නගර සභාව මගින් ගාල්ල නගරය පාලනය කරයි.ඒ වන විට මෙම නගර සභාව රටේ තුන්වන මහ නගර සභාව විය. 1939 දී නගරයේ නගරාධිපති විජේනන්ද දහනායක මහතා පත්කරන ලදී. පසුව ඔහු පස්වන අගමැතිවරයා බවට පත්විය. 2009 වර්ෂයේ සිට 2016 දක්වා කාලය තුළ සේවය කළ මෙත්සිරි ද සිල්වා මහතා අවසන් වරට පත්කළ නගරාධිපතිවරයා විය. නගරයේ ප්‍රදාන දර්ශනය වන්නේ "ගාල්ල මහ නගර සභාවට බදු ගෙවිය යුතු පුරවැසියන්ට සාපේක්ෂව වැඩිදියුණු කළ උපයෝගීතා සේවාවන් සැපයීම මගින් මද්‍යස්ථ නගර ගොඩනැගීම" යන්නයි. ගාල්ල නගරයේ ජනගහනය ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුව ගාල්ල නගරය සැලකිය යුතු නගරයක් වන අතර එහි ජනගහනය 91,000 ක් වන අතර බහුතරය සිංහල ජාතියකි. විශේෂයෙන් ඉපැරණි ගාලු වරායේ පදිංචි කර ඇති අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන පුද්ගලයන්බ සිටි. බලකොටුව තුළ විශාල ශ්‍රී ලාංකික මුස්ලිම් පල්ලි විශාල ප්‍රමාණයක් පවතී. 2004 සුනාමි ව්‍යසනය විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි කරමින් 2004 වසරේ ශ්‍රි ලංකාවට බලපෑ සුනාමි ව්‍යවසනය හේතුවෙන් ගාල්ල නගරයටද දැඩි හානි සිදුවූ අතර, මේ සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ගාල්ල නගරය ලක් විය. කෙසේ වෙතත් සුනාමියෙන් හානියට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය, බස් නැවතුම් පල ඇතුළු නගරයේ බොහොමයක් දෑ මේ වනවිට නැවතත් ගොඩ නංවා තිබෙයි. සංචාරක ආකර්ෂණ ගාලු කොටුව - මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි. ගාල්ල ප්‍රදීපාගාරය - පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නයෙන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි. ගාලු කොටුව ඔරලෝසු කණුව - ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. රූමස්සල කන්ද - ගාල්ල පිහිටි රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත. ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. ගාල්ල ජාතික කෞතුකාගාරය - මෙරට ජාතික කෞතුකාගාර හතර අතුරින් ගාල්ල පිහිටුවා ඇති කෞතුකාගාරය වේ. සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල - මෙරට සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය අතුරින් ගාල්ල පිහිටුවා ඇති සමුද්‍ර කෞතුකාගාරය වේ. හිනිඳුම කල්වාරි පුදබිම වතුරවිල ආරණ්‍ය සේනාසනය පින්තූර ගැලරිය ආශ්‍රිත ලිපි ගාල්ල අවට පිහිටි විශේෂ ස්ථාන කන්දේ විහාරය අඩවියෙන් බැහැර පිටු අපේ උරුමය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගාල්ල මහා නගර සභාව Aloysius college Richmond college Mahinda college galle :-!aka ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ගාල්ල අගනගර - ශ්‍රී ලංකාව
2930
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය
මේ සඳහා ශ්‍රී ලංකාවේ අැති ප්‍රධාන අායතනයක් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අායතනයයි (Sri Lanka ICTA - Sri Lanka Information Communication Technology Agency) නව තාක්ෂණයෙන් සමාජය සවිබල ගැන්වීමත් අන්තර් සම්බන්ධතා ලොව වර්ධනය වීමත් නිසා පසුගිය දශකය පුරා දැනුම හා තොරතුරු ලබා ගැනීම වැඩි වෙමින් පවතී. මේ වන විට දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කරන විට නවීන තාක්ෂණය තුළින් සන්නිවේදන සේවා සැපයීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින රට ශ‍්‍රි ලංකාව බවට පත්ව ඇත.
2947
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
රිච්මන්ඩ් විද්‍යාලය
රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය. ඉතිහාසය ආරම්භය ක්‍රි.ව. 1814 දී ලංකාවේ හා ආසියාවේ පළමු මෙතෝදිස්ත පාසැල ලෙස උපත ලැබීය. 1876 මැයි මස මෙම විද්‍යාලය ගාලු අග්‍ර පාසල ලෙස උසස් කිරීම සිදු විය. ක්‍රි.ව. 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නැවත නම් ලැබූ අතර (එංගලන්තයේ මෙතොදිස්ථ සභාවේ අනුමැතියෙන්) රිච්මන්ඩ් විද්‍යාලය පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීය. ආදී කතෘන් පළමු පාසලේ ආදී කතෘ වන්නේ බෙන්ජමින් ක්ලෆ් දේව ගැතිතුමය. ගාලු අග්‍ර පාසලේ විද්‍යාලයේ ආදි කතෘ වන්නේ ජෝර්ජ් බෝ දේව ගැතිතුමාය. ජේ. එච්. ඩැරල් දේව ගැතිතුමා විසින් විද්‍යාලයේ විෂය නිර්දේශය සැකසීමට මහත් වෙහෙසක් ගත් අතර විද්‍යාලය පුරා එවකට පැතිරුණු වසංගත රෝගයෙන් (ටයිපොයිඩ් උණ) පීඩා විඳි සිසුන් හට උපස්ථාන කරන අතරතුර එම රෝගයටම ගොදුරු වී මිය ගියේය. ස්මෝල් දේව ගැතිතුමා සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගණිතයේ පියා ලෙසය. විද්‍යාලයේ පළමු ශ්‍රී ලාංකික විදුහල් පති තුමා වූයේ ඊ. ආර්. ඩි සිල්වා මැති තුමාය. ඔහු ස්මෝල් දේව ගැතිතුමා ගේ ශිෂ්‍යයෙකු විය. ඩී.ජී. වැලිකල මැතිතුමා විද්‍යාලයේ පළමු බෞද්ධ විදුහල්පති විය. කැපී පෙනෙන ආදි සිසුන් මහින්ද රාජපක්ෂ - හිටපු ජනාධිපති හා නීතීඥ සම්මාන ආචාර්ය ආචාර්ය විජයානන්ද දහනායක - දකුණෙන් බිහිවූ මුල්ම අගමැති ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී ඒ රාජපක්ෂ - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඩබ්ලිව් ඒ ද සිල්වා - හිටපු සෞඛ්‍ය ඇමති ශ්‍රීමත් සිරිල් ද සොයිසා - හිටපු සෙනෙට් සභාපති ඩී එම් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී ජෝර්ජ් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී පී ද එස් කුලරත්න - අධ්‍යාපනඥ එල් එච් මෙත්තනන්ද - අධ්‍යාපනඥ මේජර් මොන්ටිගු ජයවික්‍රම - හිටපු මන්ත්‍රී වර්තමානය ශිෂ්‍යයන් දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 5000 ක් පමණ ඉගෙනුම ලබයි. අධ්‍යාපනය ක්‍රීඩා කටයුතු බැඩ්මින්ටන් ක්‍රිකට් දකුණු ලක ආදරවන්තයින්ගේ සටන යන විරුදාවලිය ලද වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙහි එක් පාර්ශවයක් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. අනෙක් පාර්ශ්වය වන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි. 2013 වර්ෂය වන විට වාර්ෂික විද්‍යාලන්තර තරග 108 පවත්වා ඇත. රිච්මන්ඩ් විද්‍යාලය තරග 23 ක් ද මහින්ද විද්‍යාලය තරග 21 බැගින් ජයග්‍රහණය කර ඇත පිහිනුම් පා පන්දු දැල් පන්දු චෙස් බේස් ‍බෝල හොකී රගර් පහසුකම් දැනට පවතින එෛතිහාසික වටිනාකමින් යුත් දෑ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය විද්‍යාලයේ ප‍්‍රධාන නේවාසිකාගාරය ප්‍රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ. විද්‍යාලයේ පල්ලිය බාලදක්ෂ ගෘහය පැරකුම්බා ප්‍රතිමාව ගුරුවරයා සහ ගෝලයා ප්‍රතිමාව පාසල් ගීය (සිංහල) පෙම්බර රිච්මන්ඩ් මෑණියනිගයනෙමු ඔබෙ ගුණ භක්තියෙනිඔබ සේයා අප හදෙහි ඇඳීපුන්සද විලස දිලේ සැම දුක සැප යස අයසෙහිදීඉන්නෙමු තුරුලේ ඔබේයුක්තිය සත්‍යය වෙතට නැමීලෝ වැඩ සදමු අපේ උතුම් ඔබේ නම මනෝහරයිමිහිරියි සොඳුරුයි අමාරසයිවික්මැති ඔබ නිති සැරදේවාරිච්මන්ඩ් නාමය බැබලේවා ගණිත මිණිත නෙක ශිල්ප කලානව විද්‍යා ඇත දියුණු වෙලාසිසු කැල හට දෙනු මැනවි බෙදාරිච්මන්ඩ් මෑණියනි උතුම් ඔබේ නම...... ආශ්‍රිත ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පාසැල් ලැයිස්තු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්
2948
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය
ශ්‍රි ලංකා‍වේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය ඉංග්‍රීසියෙන් Audio Visual Centre ලෙස ද කෙටියෙන් ඒවීසී (AVC) ලෙසද හඳුන්වනු ලබයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිටවන ලද්දේ 1980 වසරේදීය. මෙම මධ්‍යස්ථානය මාධ්‍ය සංවිධානයක් වන අතර කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තු‍වේ ව්‍යප්ති හා පුහුණු අංශය ය‍ටතේ ක්‍රියාත්මක වෙයි. මෙහි ප්‍රධාන අරමුණ අඩුම මිළ ගනන් වල සිට ඉහළම තාක්ෂණය දක්වා වන පුළුල් පරාසයක ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය (උපදේශාත්මක මාධ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය) නිෂ්පාදනය කිරීමයි. ඊට අමතරව, තාක්ෂණය පතුරවාලී‍මේ කාර්යයෙහි නිරත අතර ඉදිරිපත් කිරී‍මේ කුසලතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම හා භාවිතා කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන්ද මෙම මධ්‍යස්ථානය මඟින් ලබා දෙයි. ස්ථානය: ශ්‍රි ලංකා‍වේ කන්ද උඩරට අගනගරය වන මහනුවර නගරයට ආසන්නව පිහිටි පේරාදෙණිය ‍ප්‍රදේශයේ මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිට‍වනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ආයතන
2949
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%84%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%BB%E0%B6%9F%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8
ටවර් හෝල් රඟහල් පදනම
ටවර් හෝල් රඟහල පදනම ඓතිහාසික පසුබිම 1880 වර්ෂය වන විට කොළඹ නගරය පුරා සින්ක් තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රුසක් පැන තැනුණේ නාට්‍ය වේදිකා ගත කිරීමේ අරමුණ සඳහාය. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය නාට්‍යය පමණක් විය. මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදි වශයෙන් නම් කර තිබු අතර, ඒවා යොදාගනු ලැබුවේ තාවකාලික රඟහල් වශයෙනි. ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම ස්ථාවර රංග ශාලාව ටවර් රඟහලයි. එය ගොඩ නගන ලද්දේ මරදානේ විසු ව්‍යාපාරිකයෙකු වු ජී.ඩී හෙන්ද්‍රික් සෙනවිරත්න මහතා විසිනි. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක ප්‍රේක්ෂකයන් 800 කට ඉඩ-කඩ සහිත ශාලාවක්, බැල්කනියක් සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදි කිරීමට ඔහු තීරණය කළේය. ප්‍රධාන ශාලාවට යාබද ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුළුණ නිරූපනය කිරීමටය. මෙය ටවර් රඟහල යන්නෙන් නම් කරන ලද්දේ ඒ සඳහාය. ටවර් රඟහල 1911 දෙසැම්බර් 06 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වශයෙන් බුහුමන් ලද අනගාරික ධර්මපාලතුමන් විසිනි. ඊට පසු දින ලංකා ආණ්ඩුකාර සර් හෙන්රි මැකලන්තුමාගේ ප්‍රධානත්වයෙන් පණ්ඩුකාභය නමති නූර්ති නාට්‍ය වේදිකා ගත කරන ලදී. ‘පණ්ඩුකාභය’ නාට්‍යයේ පිටපත් රචක හා අධ්‍යක්ෂවරයා වුයේ හෙන්ද්‍රික් සෙනවිරත්න මහතාගේ දියණිය හා විවාහ වී සිටි චාල්ස් ඩයස් නම් නීතිඥවරයායි. මෙම නාට්‍යයට අවශ්‍ය සියළුම ඇදුම් පැළදුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කරන ලදී. ආරම්භයේ දී ටවර් රඟහල වෙන් කර තිබුනේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය සඳහාය. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ද අරඹන ලදී. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් ‍යුගය නමිනි. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය නූර්ති හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ එම ප්‍රභේදයට විශේෂ තැනක් හිමිවිය. චිත්‍රපට තිරගත කිරිම හෙන්ද්‍රික් සෙනවිරත්නගේ මරණ‍‍යෙන් පසු ටවර් රගහල අර්බුදයකට ‍‍ගොදුරු වුයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැණ නැගුණු බැවිනි. 1930 එෆ්.ඩී ෆැන්ක් නැමැත්තෙක් විසින් මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භුමිය කුලියට ගන්නා ලද අතර එහි චිත්‍රපට තිරගත කිරිම ඇරඹුණු පසු ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වු නිසා ඔවුහු වෘත්තිය සමිති නායකයකු වු ඒ.ඊ ගුණසිංහ මහතාට ආයාචනා කළේය. එතුමා ට්‍රැන්ක් මහතා සමග නීතිඥයින්ගේ ඉරණම ගැන සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිථලයක් ව‍ශයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල නාට්‍යයක් ටවර් රඟහලේ දී වේදිකාගත කළ යුතුය යන සමතයට එළඹීමට හැකි විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 අප්‍රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම ටවර් හෝල් රඟහල රුපියල් 125,000.00ට මිලදී ගත්තේය. ඉන්පසුව සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂ වූ එම්. සෙල්ලමුත්තු මහතා සහ සීමාසහිත සිනමා සමාගමේ අයිතිකරු වූ කේ.ගුණරත්නම් මහතා සමඟ හවුල් වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටවර් ‍ටෝකිස්ටි නැමැති සමාගම පිහිටුවා ගති. රජයට පවරා ගැනී‍ම අනතුරුව ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍යධූරය දැරු කාලයේ දී ටවර් රඟහල ජනසතු කළ යුතුය යන යෝජනාව පිළිගනු ලැබ මේ අරමුණු සඳහා ලියකියවිලි පවා සකස් කරන ලදි. කෙසේ වුවද මේ යෝජනාව ක්‍රියාත්මක කෙරුනේ දිවංගත ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා අගමැති ධූරයට පත් වී 1978 මාර්තු 15 වැනි දින රජය විසින් ටවර් රඟහල පවරා ගැනී‍මෙන් පසුවය. මේ පවරා ගැනීමෙන් පසුව ගරු ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකයක් පිහිටුවන ලද්දේ නූර්ති සහ ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙනි. මේ අනුව ටවර් හෝල් රඟහල පදනම මගින් නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන් විසින් ලියා අධ්‍යක්ෂණය කල නාට්‍යක් වූ ‘සිරිසඟබෝ' නාට්‍ය නිෂ්පාදනය කිරීමේ වගකීම කීර්තිමත් නළුවෙකු සහ නාට්‍යවේදියෙකු හෙන්රි ජයසේන මහතා වෙත භාර දෙන ලදි. ටවර් හෝල් රඟහල පදනම නවීකරණය කොට පවරා ගැනීමෙන් පසු එහි වේදිකා ගත කරන ලද ප්‍රථම නාට්‍යය සිරිසඟබෝය. එම නිසා දශක කිහිපයකට පසුව සිංහල නාට්‍ය උපත ලද ස්ථානයේ දී 'දන්නෝ බුදුන්ගේ' යන සනාතන ගීතය යළිත් රැව් දෙන්නට විය. මෙම සාම්ප්‍රදායික නූර්ති ගීතය අලංකාර කරමින් එහි රක්තාක්ෂි චරිතය රඟපානු ලැබූයේ දේශීය නර්තන කලාවේ පුරෝගාමියෙකු වූ චිත්‍රසේනයන් විසිනි. සිරිසඟබෝ පසු කළක මහජන චීනයේ දී පවා ප්‍රදර්ශනය කරන ලදි. ටවර් හෝල් රඟහල පදනම මේ අතර 1978 ඔක්තෝබර් 10 දින අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත ක්‍රියාත්මක වූ අතර, අග්‍රමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වුයේ ගරු අගමැතිතුමාට දක්ෂ ලෙස සහාය දුන් ඒ.ජේ රණසිංහ මහතාය. ටවර් හෝල් රඟහල පදනම විසින් ඉදිරිපත් කරන ලද දෙවන නූර්තිය වූයේ නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන්ගේ සුප්‍රකට ඵෙතිහාසික නාට්‍යයක් වූ 'ශ්‍රීවික්‍රම'ය. මෙම නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීමේ දුෂ්කර කාර්යය ප්‍රමුඛ පෙලේ නාට්‍ය රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙක් වූ ප්‍රේමරංජිත් තිලකරත්න මහතාට පවරන ලද, අතර එම නාට්‍ය මගින් සිංහල රාජ්‍යයේ ඛේදජනක අවසානය මූර්තිමත් ‍කළේය. ප්‍රේමරංජිත් තිලකරත්න මහතා මෙම නූර්තිය, වේදිකා ආලෝකය සමූහ චලන සහ සමූහ ගායනා නැමැති නවින රංග ශිල්ප ක්‍රම යොදවා අනුවාදනයක් ලෙස සකස් කළේය. ශ්‍රී වික්‍රම නාට්‍යයේ මංගල දර්ශනය 1979 මාර්තු 02 වැනි දින පවත්වන ලද්දේ එකල ජනාධිපති ධූරය දැරු දිවංගත ගරු ජේ.ආර්. ‍ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ තානාපතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එය සිංහ‍ලයේ අන්තිම රජුගේ යටත් වීමේ 164 වැනි සංවත්සරය සනිටුහන් කලේය. ‘සමුද්‍රදේවී’ වේදිකා නාට්‍යය ටවර් හෝල් රඟහල පදනම විසින් නිපදවන ලද තුන්වැනි නාට්‍යය වේ. 1940 දශකයේ ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ ඩී.බී. සෙනෙවිරත්න මහතා විසින් ලියන ලද මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම භාරදෙන ලද්දේ ටවර් හෝල් යුගයේ කලාකරුවෙකු වූ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මහතා (ස්ටැන්ලි මාස්ටර්) වෙතය. වීදිය බණ්ඩාර නම් කෝට්ටේ යුගයේ වීර කුමරෙකු සහ සමුද්‍රදේවී නම් අහිංසක සිංහල කුමරියක අතර ඇති වූ ඛේද ජනක ප්‍රේම වෘත්තාන්තය මේ නාට්‍යයෙන් ප්‍රකට විය. කෙසේ වුවද සමුද්‍රදේවී චවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූර්තියක් නොවේ. එහි හැඩහුරුකම සමානවන්නේ ටීටර් නැමැති නාට්‍යය ප්‍රභේදයන්ටය. "ගෝවේ ගෑණු පරාදයි" යන ජනප්‍රිය රිද්මානුකුල ගීතය මේ නාට්‍යයේ අඩංගු විය. එය පෘතුගීසි බයිලා ගායනයට නෑකම් දැක්වූවකි. මේ නූර්ති නාට්‍ය තුනේම සංගීතය මෙහෙයවන ලද්දේ දිවයිනේ අති දක්ෂ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා විසිනි. නර්තන විලාශ, චිත්‍රසේන නර්තන පාසල විසින් මෙහෙයවන ලද අතර, ඇදුම් සහ වේදිකා සැරසිලි සැලසුම් කොට නිර්මාණය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ සෝමබන්දු විද්‍යාපති විසින්ය. ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයත් සමගම 1993 දී ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් ටවර් රඟහල පදන‍‍මේ සභාපතිත්වය භාර ගන්නා ලදි. ඉන් පසුව අග්‍රමාතවරුන් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා යන ප්‍රභුන් විසින් ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිත්වය හොබවන ලදී. මේ අතර අධ්‍යක්ෂ ජනරාල් තනතුර කේ.එච්. අබේසිංහ මහතා, දිසා වීරපාන මහතා, බෙනඩික් කුමාරගේ මහතා රංජිත් ධර්මකීර්ති මහතා, නීතීඥ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය සහ එන්.ඩබ්. වෙරළුපිටිය මහතා යන අය විසින් දරා ඇත. 2005 දෙසැම්බර් මස 27 දින සිට සුප්‍රකට නාට්‍යයරචක සහ නාට්‍ය අධ්‍යක්ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ අතර, භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ගරු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාය. දැනට ටවර් හෝල් රඟහල පදනම ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලාංකාවේ (iii) ජාතික මධ්‍යස්ථානය වශයෙන් ද කටයුතු කරනු ලබයි.
2954
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B7%E0%B7%92%E0%B6%AF%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
උද්භිද විද්‍යාව
උද්භිද විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. උද්භිද විද්‍යාව ශාක විද්‍යාව හෝ ශාක ජීව විද්‍යාව ජීව විද්‍යාඥ ශාඛාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්‍යාව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්‍යුය, වර්ධනය, පර්ෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවතින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උද්භිද විද්‍යාව හා ශාක විද්යාදව ගෝතරිදහසක වහරේ පටන් ඇරඹි අතර කෑමට සුදුසු ඖෂධීය ගුණ ඇති හා විෂකුරු ශාක හඳුනා ගැනීම එය තුල විය. එනිසා උද්භිද විද්යා ව පැරණිතම විද්යාගව ක් ලෙස සැළකේ. ශාක සඳහා වූ මේ පෞරාණික අභිරුචියේ පටන් 550,000 වැඩි ජීවී විශේෂ පිළිබඳ වූ අධ්‍යයනයක් දක්වා උද්භිද විද්යා විෂය ක්ෂේත්‍රයන් වර්ධනයට ලක්විය. ඉතිහාසය ශාක වර්ගීකරණය සඳහා වූ මූලික උදාහරණ ඍග් වේදයෙන් හමුවේ. එමගින් ශාක ව්‍රවස්ක (ගස්) , ඕෂධී (ඖෂධ) හා විරූඪ (වැල් වර්ග) ලෙස බෙදා වෙන් කරන ලදී. මෙම කොටස් නැවතත් අනුකොටස් වලට බෙදී ඇත. අථර්වේදය විසින්, ශාකයන්, කොටස් අටකට බෙදන ලදී. එනම් විසාකා (අතු විහිදුනු), මංජරී (දිගු පොකුරු ලෙස පත්‍ර දරන), ස්ථම්භිනී (පඳුරු), ප්‍රස්තනාවතී (පැතිරෙන), ඒකශ්‍රන්ග (ඒක පාදී ලෙස වර්ධනය වන), පරාය තනවාටී (වැල්), අම්සුමතී (අංකුර බහුල), හා ඛන්ඩිනී (ගැට සහිත සන්ධි සහිත ශාක) ලෙසය. තෛතරිිරරය සංහිතාව ශාක රාජධානිය වෘක්ෂ වන ධරෑඩම (ශාක), විශාක (අතු පතර විහිදෙන පඳුරු), සස (ඖෂධ), අංශුමාලි (පැතිරෙන හෝ අවද්රාවෙණ ශාක), වරදී තති (ආරෝහක), ස්ථම්භිනී (ගොමුවන් පඳුරු), පරා් තනවටී (වැල්) හා අලසලා (බිම දිගේ වැඩෙන) ලෙස වර්ග කරනු ලැබීය මනුස්මෘති විසින් ශාක කාණ්ඩ අටකට බෙදා වර්ගකරන වර්ගීකරණයක් යෝජනා කරනු ලැබීය. චරක සංහිතා සුශරැාකතත සංහිතා හා වෛශාක්යී ද විවිධාකාරයේ වර්ගීකරණ කරජධ ම යෝජනා කළෝ ය. වෘක්ෂායුර්වේදය (ශාක ජීවිත පිළිබඳ විද්යාවව) ලියූ පරශාර, ශාක ද්විමතරිකරජක (ද්වි බීජ පතරි) හා ඒක මතරිෂායක (ඒක බීජ පතරී ාත) ලෙස වර්ග කරනු ලැබීය. එම කොට්ඨාස තවදුරටත් සමඝනීය (ෆැබසියේ කුලය), පුප්ලිකඝනිය (කෘසිෆර් කුලය ), තරිී පුෂ්ප ඝනිය (කුකුර්බිටේසි කුලය), මල්ලිකාඝනිය (ඇපොසිනාසේ කුලය) හා කුර්කපුෂ්පඝනිය (ඇස්ටෙරාසේ කුලය) ලෙස බෙදනු ලැබීය. ක්‍රි.පූ. 300 පමන ලියැවුණු යුරෝපයේ පැරණිතම උද්භිද විද්‍යාත්මක කෘති අතර තියෝපරැන ස්ටස් විසින් රචිත විශාල නිබන්ධන දෙකක් විය. ඒවා නම් ශාක ඉතිහාසය පිළිබඳව හා ශාක නිදාන පිළිබඳව යි. මෙම කෘති දෙක අඳුරු යුගයේ හා මධ්‍යතන යුගයට පැමිණෙන තුරුම උද්භිද විද්‍යාව සඳහා පෘථුල දායකත්වයක් සැපයී ය. රෝමානු වෙවද්‍ය ග්‍රන්ථ රචක ඩයොස්කොරිඞ්ස් ඖෂධ පැලෑටි සඳහා වූ ග්‍රීක හා රෝම දැනුම පිළිබඳ වැදගත් සාධක සපයයි. අතීත චීනයේ විවිධ ශාක හා ඖෂධ වට්ටෝරු පිළිබඳ ඉතිහාසය අවම වශයෙන් ක්‍රි.පූ. 481 - ක්‍රි.ව. 221 අතර වූ යුධ පරාි න්ත දක්වා දිවෙයි. සියවස් ගණනාවක් පුරා බොහෝ චීන කතුවරු ශාක ඖෂධ පිළිබඳ ලිඛිත දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය සැපයීය. හන් රාජ වංශයේ (ක්‍රි.පූ. 202 - ක්‍රි.පූ. 220) හුඑන්ග්ඩි නෙයිජිං විසින් රචිත කෘති හා දෙවන සියවසේ සුපර්තුකරභපූට ඖෂධවේදී සැන්ග‘ සොන්ජින්ග් මේ අතර පර0ය කට වෙයි. 11වන ශතවර්ෂයේ විද්‍යාඥ හා රාජ තාන්තරි ක සු සොන්ග් හා ෂෙන් කු ඕ ශාක ඖෂධ හා ඛනිජ විද්‍යාවේ භාවිත පිළිබඳ නිබන්ධන සකස් කළෝය. මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුණු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්යාකයවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශරපාර ගේ උපස්කාර විශේෂ වෙයි. 1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක සෛල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බිරරලදතාන්යු ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය. 1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය. නූතන උද්භිද විද්‍යාව Arabidopsis Thaliana වැනි ආදර්ශ ශාක අධ්‍යයනය තුලින් වැදගත් දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට හැකිවී ඇත අබ පවුලට අයත් මෙම වල් ශාකය ගෙනෝම අනුපිළිවෙල සොයාගත් මුල්ම ශාක වලින් එකකි' වී (ඔරයිසා සැටයිවා) ගෙනෝමය සොයාගැනීමත් සමග විශාල ජාත්‍යන්තර ගවේෂණ ප‍්‍රජාවක් සහල් ඒක බීජ පත‍්‍රික දර්ශීය ව්‍යුහය බවට පත් කරලීය' තවත් තෘණ විශේෂයක් වන Brachypodium Distachyon ද සෞම්‍ය කලාපීය තෘණ වර්ගයන්හි ජානමය සෛලය හා අණුක ජීව විද්‍යාව හඳුනා ගැනීම සඳහා පර්යේෂණාත්මක ආදර්ශයක් ලෙස භාවිතා වෙමින් පවතී' තිරිගු මේසa බාර්ලි රයි හා පර්ල් මිලට් වැනි අනෙකුත් වානිජ වශයෙන් වැදගත් ප‍්‍රධාන ආහාර ද තම ගෙනෝම අනුපිළිවෙල වෙන් කරගෙන සිටිති' මෙයින් ඇතැම් ශාක ගෙනෝම අනුපිළිවෙලට අභියෝග කරමින් ද්විගුන වර්ණ දේහ දැරීම වෙනුවට වර්ණදේහ යුගල් වැඩි සංඛ්‍යාවක් දරමින් බහුගුනතාවය පෙන්වයි' මෙය ශාක රාජධානිය තුල සමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි' ඒක සෛලය හරිත ඇල්ගාවක් වන Chlamydomonas reinhardt අධික ලෙස අධ්‍යයනයට ලක්වූ සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ වැදගත් එළිදරවු සපයාදුන් තවත් ශාක දර්ශයකි' 1998 දී ආවෘත බීජක වංශප‍්‍රවේණික කණ්ඩායම ^the Angiosperm Phylogeny Group) බොහෝ සපුෂ්ප ශාක ගෝත‍්‍රවල ඩී ඒන් ඒ අනුපිළිවෙල පදනම් කරගෙන සපුෂ්ප ශාක වල වංශප‍්‍රවේණිය පළකරනු ලැබීය' මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ආවෘත බීජක ශාක වල පුරාණතම ශාකා නියෝජනය කරන්නේ කුමන ගෝත‍්‍ර ද බඳු වැදගත් ගැටළු අවබෝධ කරගැනීමට හැකිවී ඇත' ශාක විශේෂ එකිනෙකට කෙතරම් බන්ධුතාවයක් දක්වන්නේ ද යන්න සෙවීම උද්භිද විද්‍යාඥයන්ට ශාක පරිණාම ක‍්‍රියාවලිය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයකට මග පාදයි. උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම ජීව විද්‍යාවේ ඇති අනෙකුත් ජීවී ආකාර මෙන්ම ශාක ජීවීන් ද විවිධ කෝණයන්ගෙන් අධ්‍යයනය කළ හැක. එය අණුක , ජානමය සහ ජීව රසායනයෙන් පටන්ගෙන ඉන්ද්‍රියිකා, සෛල , පටක, ඉන්ද්‍රියයන්, ඒකයිකයා, ශාක ගහනය සහ ශාක ප්‍රජාවන් දක්වා වේ. මේ සෑම මට්ටමක දීම උද්භිත විද්‍යාඥයා විසින් ශාක ජීවිතය හා වර්ගීකරණය, ව්‍යුහ විද්‍යාව , රූප විද්‍යාව සහ කායික විද්‍යාව ගැන සැලකිලිමත් විය යුතුය. ඉතිහාසයේ දී උද්භිද විද්‍යාව , සත්වයකු නොවන සෑම ජීවියකු පිළිබඳවම ආවරණය කරන ලදී. මින් සමහරක් ජීවීන් තවදුරටත් ශාක රාජධානියට අයත් ‍නොවන ලෙස වෙන් කර ඇත. එනම් දිලීර (දැනට දිලීර විද්‍යාව යටතේ හදාරයි), ලයිකන (ලයිකන විද්‍යාව) බැක්ටීරියා (බැක්ටීරියා විද්‍යාව /බැක්ටීරියාවේදය) , වයිරස(වයිරස විද්‍යාව) සහ දැනට ප්‍රොටිස්ටාවන් ලෙස කාණ්ඩ කර ඇති ඒක සෛලික ඇල්ගී යනාදියයි. කෙසේ වෙතත් උද්භිද විද්‍යාඥයින් තව දුරටත් මේවා ගැන සැලකිලිමත් වන අතර දිලීර,ලයිකන , බැක්ටීරියා සහ ප්‍රභාසංස්ලේෂණය කරන ප්‍රො‍ටි ස්ටාවන් උද්භිද විද්‍යාව මූලික පාඨමාලා යටතේද සාමාන්‍යයෙන් ආවරණය වේ. කරුණු කිහිපයක් නිසා ශාක ගැන අධ්‍යයනය ඉතා වැදගත් වේ. ශාක, පෘථිවියේ ජීවයේ මූලික අංගයකි. අනෙක් උසස් ජීවීන් ගේ දිවි පැවැත්ම උදෙසා අවශ්‍ය වන ඔක්සිජන්, ආහාර, කෙඳි වර්ග, ඉන්ධන සහ ඹෟෂධ මේ ශාක මගින් උපද්දවයි. ශාක ප්‍රභාසංස්ලේෂණයේ දී කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර සුළු හරිතාගාර වායුවක් වන මෙය විශාල ප්‍රමාණයන් වුවහොත් ගෝලීය දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති කළ හැක. ශාකවල පරිණාමයේදී පෘථිවි වායුගෝලයේ වෙනස්කම් ඇති කළ බවට විශ්වාසයක් පවතී. පුරාඋද්භිද විද්‍යාඥයන් පොසිල වාර්තා මගින් ඉපැරණි ශාක පිළිබඳ අධ්‍යයනයක යෙදේ. ශාක ගැන මනා වැටහීමක් ඇති වීම අනාගත මානව සංහතියට වැදගත් වන අතර ‍එය පහත දැක්වෙන ආකාරයෙන් අපට උපකාරී වේ වැඩිවන ජනගහනයට පෝෂණයට අවශ්‍ය ආහාර නිපදවීම මූලික ජීවයක ක්‍රියා සන්තතිය වටහා ගැනීම රෝග සහ අනෙකුත් අසනීප සඳහා අවශ්‍ය වන ඹෟෂධ නිපදවීම පරිසරාත්මක වෙනස්කම් වඩාත් පැහැදිලි ලෙස හඳුනාගැනීම උද්භිද විද්‍යාවේ උපප්‍රභේද ජීව විද්‍යාව
2955
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
මහින්ද රාජපක්ෂ
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ), පා.ම. (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය. තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය. මුල් දිවිය සහ අභිවෘත්තිය දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වීරකැටිය ගම්මානයෙහි මහින්ද රාජපක්ෂ උපත ලැබීය. ශ්‍රී ලංකාවෙහි සුපතල දේශපාලන පවුලකින් ඔහු පැවත එයි. ඔහුගේ පියා, ඩී. ඒ. රාජපක්ෂ යනු, කීර්තිමත් දේශපාලනඥයෙකු, නිදහස සඳහා උද්ඝෝෂකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විජයානන්ද දහනායකගේ රජයෙහි කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයාද විය. ඔහුගේ මහප්පා වූ ඩී. එම්. රාජපක්ෂ, 1930 ගණන් වලදී හම්බන්තොට ආසනය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙක් වූ අතර, ඔහුගේ ප්‍රදේශයෙහි ජනයා වගා කල කුරක්කන් නිරූපණය කිරීමට පොළොවෙහි පස් පැහැගත් දුඹුරු වර්ණයෙන් යුතු සාටකය පැළඳීම ආරම්භ කල අතර, ඔහුගේ ජීවිතය පුරාවටම එම ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියේය. රාජපක්ෂ මහතා ඔහුගේ ලාක්ෂණික සාටකය පැලඳීම ඇරමුවේ ඔහුගේ මහප්පාගේ මෙම සාටක පැළඳීම නිදසුනක් ලෙස ගනිමිනි. කොළඹ නාලන්ද විද්‍යාලයෙහිත් පසුව තර්ස්ටන් විද්‍යාලයෙහිත් හැදෑරීමට පෙර, රාජක්ෂ මහතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙහි රිච්මන්ඩ් විද්‍යාලයෙහිය. ඔහු උගත් ශාස්ත්‍රාලය වූ කොළඹ නාලන්ද විද්‍යාලය වෙතින්, 2004 වසරෙහිදී, නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය ප්‍රදානය මහින්ද රාජපක්ෂ මහතා වෙතට පිරිනැමිණි. සිංහල චිත්‍රපටයන්හී චිත්‍රපට නළුවෙකු ලෙසින් කෙටි රංගන දායකත්වයන් දැක්වූ ඔහු, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කලේය. 1967 වසරෙහිදී ඔහුගේ පියාගේ මරණයෙන් පසුව, රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත් අතර, වයස අවුරුදු 24 වෙත්ම, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙහි නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින් දිවුරුම් දුන්නේය. ඔහු අමාත්‍යවරයෙක්ව සිටි 1994–2001 කාලපරිච්ඡේදය හැරුණු විට, ඔහුගේ පාර්ලිමේන්තු අභිවෘත්තිය පුරාවටම, තංගල්ලෙහි නීතිඥයෙකු ලෙසින් කටයුතු කලේය. ව්‍යවස්ථාදායකයෙහි අභිවෘත්තිය ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව 1977 වසරෙහිදී ශ්‍රීලනිප මුහුණ පෑ දරුණු පරාජයෙහිදී ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමිවූ ඔහු, 1989 වසරෙහිදී පාර්ලිමේන්තුවට යළි තේරී පත්වූයේ සමානුපාතික නියෝජනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහාය. දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය ලෙසින් තමන් හැඳින්වූ කැරලිකාර කණ්ඩායමක් විසින් දියත් කෙරුණු 1988–90 කැරැල්ල හා බැඳී ධවල භීෂණ සමයෙහි "අතුරුදහන්වූවන්ගේ" මවුවරුන් සංවිධානය කල මවුවරුන්ගේ පෙරමුණෙහි මනෝරාණි සරවනමුත්තු හා සමගින් නායකයෙකු ලෙසින් කරළියට පැමිණීමට ඔහු සමත් විය. තෙවන පාර්ශවයක මැදිහත්වීම ගෙන ඒමට මෙම කාලය තුලදී ඔහු විටින් විට උත්සාහ කල අතර, ජීනිවාහිදී විටින් විට ශ්‍රී ලංකාව පිළිබඳ චෝදනා කරමින් පවසා සිටියේ ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශ යළි සංස්ථාපනය සඳහා තෙවන පාර්ශවයක මැදිහත්වීම ඉල්ලා සිටීම ද්‍රෝහී හෝ දේශද්‍රෝහී හෝ කාර්යයක් නොවන බවයි. එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන පැවැත්වීමට ඉඩ සැලසිය යුතු බවට ඔහු පාර්ලිමේන්තුවෙහිදී බලවත් ඉල්ලීම්ද කලේය. කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසින් පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙහෙයවන ලද සහ චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය සැපයුණු දේශපාපන පෙරමුණක් වූ පොදු පෙරමුණෙහි 1994 වසරෙහි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙසින් පත් කෙරිණි. 1997 වන තුරු ඔහු මෙම තනතුර දැරූ අතර, කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව ඔහුගේ විෂයය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා බවට වෙනස් කෙරිණි. විපක්ෂ නායක 2001 මැතිවරණයෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පොදු පෙරමුණ පරාජය කිරීමත් සමගින් රජයේ ඔහුගේ තනතුරු රාජපක්ෂ මහතාට අහිමි විය. කෙසේවෙතත් 2002 මාර්තු මාසයෙහිදී ඔහු විපක්ෂ නායක ලෙසින් පත් කෙරිණි. අග්‍රාමාත්‍යවරයා 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවෙහි කුඩා බහුතරයක් සාක්ෂාත් කර ගන්නා ලදි. 2004 අප්‍රේල් 6 දිනදී ශ්‍රී ලංකාවෙහි 13වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන ලදි. රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවන අතරතුරදීම මහාමාර්ග අමාත්‍යවරයාද වීය. හෙල්පිං හම්බන්තොට සිද්ධිය මහින්ද රාජපක්ෂ දූෂිතයෙකු බවට ජනාධිපති වශයෙන් ඔහු තේරී පත්වීමට පෙර විපක්ෂය විසින් ඔහුට චෝදනා නැගුවේ "හෙල්පිං හම්බන්තොට " සිද්ධිය හුවාදක්වමින් වන අතර, මෙහිදී හෙල්පිං හම්බන්තොට නම් භාණ්ඩාගාර අනුමැතිය ලද පෞද්ගලික අරමුදලක 2004 සුනාමිය හේතුවෙන් ඔහුගේ ගම් පළාත සහ මැතිවරණ දිස්ත්‍රික්කය වූ හම්බන්තොට ප්‍රදේශයෙහි විපතට පත් වූවන්ට උපකාර කිරීම්‍ට එජඩො 830,000 කට කිට්ටු මුදලක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගිණි. මැතිවරණයට පෙර, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව පිළිබඳ තීරණයක් දීමෙන් වැලකී සිටියේය. පසුව නඩුව නිෂ්ප්‍රභා කරමින්, අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වා පැවසුවේ මෙම නඩුව අධිකරණයෙහි ගොනු කරන ලද්දේ රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් නම් කිරීම සමගින් බවයි. "අධිකරණය මෙය දකින්නේ [එජාප නායක] රනිල් වික්‍රසිංහ මහතාට දේශපාලන වාසි ලබා ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට ලක් කිරීමටත් ගත් ප්‍රයත්නයක් ලෙසටයි." පාර්ලිමේන්තුවෙහිදී ප්‍රකාශයට පත් කෙරුණේ, හෙල්පිං හම්බන්තොට අරමුදල පැවති බවට කැබිනට් මණ්ඩලය දැන සිටි බවයි. ඔහුගේ කාර්යාලය විසින් පැවසුවේ, ඔහු විසින් මෙම පරිත්‍යාගයන් හෙල්පිං හම්බන්තොට අරමුදලෙහි බහාලීමට හේතුව වූයේ ආධාර මුදල් 26 දෙසැම්බර් 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් විපතට පත් වූවන්ට පිරිනැමීමේ සීඝ්‍රතාවය ඉහළ නැංවීම සඳහා බවයි. එවකට අග්‍රාමාත්‍ය ලේකම් ලෙසින් සේවය කල ලලිත් වීරතුංග විසින් එකල ඒඑෆ්පී පුවත් කාර්යාංශයට ප්‍රකාශ කලේ ප්‍රශ්නයට තුඩු දී ඇති මුදල් රජයේ ගිණුමකට බැර කර ඇති බවත් රාජපක්ෂ මහතා විසින් එයින් "සතයක් හෝ" ඔහුගේ භාවිතයට ගෙන නොමැති බවත්ය. ජනාධිපතිධුරය 2005 නොවැම්බර් 17 දිනදී පැවති ජනාධිපතිවරණයෙහිදී හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග තරග වැදීම සඳහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගන්නා ලදි. එජාප නායකත්වය විසින් විශාල මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියද, මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 190,000 ක පටු ජයග්‍රහණයක් ලබා ගත්තේය. විපක්ෂය විසින් කියා සිටියේ දෙඊවිකො විසින් ඡන්දය වර්ජනය කරන ලෙසින් උතුරු හා නැගෙනහිර ඡන්දදායකයන් වෙත කල නියෝගය වෙතින් ඔවුන්ගේ පරාජය සිදු වූ බවයි. මෙම ප්‍රදේශ වල බොහෝ ඡන්දදායකයන් විසින් ඡන්දය භාවිතා කිරීම, බලහත්කාරයෙන් මැඩපවත්වන ලද අතර, එම ඡන්දදායකයින් විසින් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ එජාප පක්ෂය මැතිවරණයෙන් බලයට පත් වීමකට ප්‍රසාදයෙන් සිටි බව පැවසිණි. රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.3% ක් හිමිවී තිබුණි. ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල රාජපක්ෂ මහතා, 2005 නොවැම්බර් 23 දින දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයෙහි ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධූර දෙක තමා යටතට ගත්තේය. ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය සාම ලැදියෙකු සහ සාකච්ඡාවට මනාප දක්වන්නෙකු ලෙසින් පෙරදී පෙන්නුම් කලද, බලයට පත් වූ විට ඒ සියල්ල උඩුයටිකුරු කරමින් සාම ක්‍රියාවලියේ මළ බෙරය රාජපක්ෂ මහතා විසින් වැයුනේ සිංහල ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය සමගින් සන්ධානයකට එළඹෙමිනි. මුල්කාලීන දේශපාලන ජීවිතය රාජපක්ෂ 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයා ය. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය. 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. ඔහු මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආදර්ශමත් චරිතයකි. නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරන ලදී. පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු කළේය. වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය. කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා ක්‍රියා කරන ලදී. ජනපති පදවිය දක්වා පැමිණීම 2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි. 2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින එවකට​ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන ලදී. 2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී. බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 3 වන වරට තරඟකිරීම 2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයට තෙවන වරටද ඉදිරිපත් වුවද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හමුවේ හේ තෙම පරාජයට පත් විය. 2 වන වරටත් අගමැති ලෙස පත් වීම 2018 ඔක්තෝබර් 26 දා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලදී‍. මේ අඩවිත් බලන්න රාජපක්ෂ පරපුර පත්තරකාරයකුගේ අත්දැකිම් දයාබර මහින්ද මේ ඔබට කාලයයි නාලන්දියයන්ගේ ආඩම්බරය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය චරිත කතා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ ජනාධිපතිවරු - ශ්‍රී ලංකාව රාජ්‍ය නායකයන් - ශ්‍රී ලංකාව එක් සේසත් කල 1945 උපත් සිංහලයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෝ ආදි නාලන්දියයෝ
2956
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%A7
කරවිට
කරවිට( Karawita ) යනු රත්නපුර දිස්ත්‍රික්කයේ නගරයකි. ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
2968
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A
හැටන්
හැටන් නගරය (කඳුකරයේ සාම නගරය) ශ්‍රී ලංකාවේ අයත්වන්නේ මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක 3න් සුන්දරතම දිස්ත්‍රික්කයක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. එහි නුවරඑළිය නගරය හැරුණු විට දෙවන ප්‍රධානතම නගරය වන්නේ හැටන් නගරයයි. සුන්දර කඳුකර පෙදෙසක පිහිටා ඇති ‍‍මෙම ප්‍රදේශය, සානුවක පිහිටා ඇති අතර, එය හැටන් සානුව ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම නුවරඑළිය-මස්කෙලිය ඡන්ද කොට්ඨාශයටත් අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, හැටන් දික්ඔය නගර සභා පාලන සීමාවටත් අයත්වේ. පිහිටීම සහ ස්වභාවය පිහිටීම ගැන සැළකීමේදී කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේඑක් වැදගත් නැවතුම් පලක් වන්නේ එය දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ගේ අවසාන නැවතුම් පල වන බැවින් සහ අවට පිහිටි නගර විශාල සංඛ්‍යාවකට ගමන් ගන්නා (දුම්රිය පහසුකම් නොමැති) මගීන්ගේද එකම නැවතුම් පල වන බැවිනි. එසේම නුවරඑළිය-අවිස්සාවේල්ල (A7)ප්‍රධාන මාර්ගයේ පිහිටි බැවින් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා විශාල පිරිසක් අතරද ජනප්‍රිය නගරයකි. නගරය අවට තේ වතු විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති බැවින් සහ ප්‍රදේශයටම ඇති ප්‍රධානතම වෙළඳ නගරයද වේ. ප්‍රධාන පාසැල්, තැපැල් හල්, ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි, පොලිස් ස්ථානය සහ වෙළඳ සැල් නිසාද නුවරඑළිය සහ ශ්‍රී පාද ස්ථානයට පිවිසුම් නගරයක් ලෙස දේශීය මෙන්ම විදේශීය ජනතාව අතරද ප්‍රසිද්ධ නගරයකි හැටන් නගරය. නගරයේ ජීවත්වන ජනතාවගේ ඇති සහෝදරත්වය සහ එකමුතුකම නිසාම ප්‍රසිද්දියට පත්ව ඇති මෙම නගරයේ සිංහල, ලාංකික මෙන්ම ඉංදියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාවද මුස්ලිම්, බර්ගර්, මැලේ සහ තවත් විදේශිකයින් සුළු වශයෙන් සාමකාමීව සහයෝගයෙන් යුතුව ජීවත්වේ. එසේම බුද්ධාගම, හින්දු දහම, ඉස්ලාම් ආගම මෙන්ම ක්‍රිස්තු භක්තිකයින්ගෙන්ද යුත් නගරයේ සෑම ආගමකටම අයත් ආගමික සිද්ධස්ථානද පිහිටා ඇත. ස්වාභාවික සුන්දරත්වය නගරයට ආසන්නයේ ඩෙවෝන් සහ සාන්ත ක්ලෙයාර් දිය ඇලි දෙක පිහිටා ඇති අතර, කෙටි වේලාවක ගමනකින් පසු ලඟාවිය හැකි ඇබර්ඩින්, ගලබඩ, ලක්ෂපාන සහ තවත් අලංකාර කුඩා දිය ඇලි බොහෝ ගනනකින්ද පොහොසත් ප්‍රදේශයක් වන මෙය වසරේ සෑම කාලයක් පුරා විහිදී ගිය ශීත සහ සෞම්‍ය දේශගුණයකින් හෙබි සුන්දර නගරයක් වන අතර, සුන්දර කඳු වලින් වටවූ උස් තැනිතලා ප්‍රදේශයකි. ජීවන තත්වය නගරයේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ව්‍යාපාරික කටයුතු වන අතර, නගරයෙන් පිටතට රැකියා සඳහා යන සුළු පිරිසක්ද ඇත. ඇඟළුම් කර්මාන්ත ශාලාවක් මෙන්ම ලංකාවේම ප්‍රසිද්ධ පොලිතින් ද්‍රව්‍ය නිශිපාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක්ද නගරයේ රැකියා අව්‍යතාවයෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට දායක වනු දැකිය හැක. නගරය අවට ජනතාව තේ වතු ආශ්‍රිතව රැකියාවල නියුතු වනු දැකිය හැකිය. එසේම එළවළු වගාවේ නියුක්ත සැළකිය යුතු පිරිසක්ද දක්නට ලැබේ. අර්තාපල්, ලීක්ස්, ගෝවා, බෝංචි, රාබු, කැරට් මෙන්ම කෙසෙල්, අලිගැටපේර, පේර සහ තවත් සුළු පළතුරු වර්ග කිහිපයක් සරුවට වැවෙනු දැකිය හැක. එමෙන්ම මැණික් ගැරීම, පාවහන් කර්මාන්තය, බේකරි කර්මාන්තය, වාහන අළුත්වැඩියාව සහ තවත් සුළු ස්වයං රැකියා වල නියුත්ක පිරිසක්ද මෙම ප්‍රදේශයේ දැකගත හැක. පොදු පහසුකම් පොදු පහසුකම් අතින් සර්ව සම්පූර්ණ නොවූ නමුදු නගරයේ විදුලිය, ජලය, මාර්ග පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම්ද හොඳ මට්ටමේ ඇතත් තවත් දියුණුවට පත්කළ යුතු තත්වයේ පවතින අඩුපාඩු රැසකින් සමන්විත වේ. ජනතාවගේ ප්‍රධාන පානීය ජලය ලබාගැනීමේ ජල ප්‍රභවය වන්නේ නල මාර්ගයෙන් ජලය ලබා ගැනීමයි. වර්ෂය පුරා පැතිර ගිය වර්ෂාධික කාලගුණයකින් යුක්ත වුවද, සුළු පෑවිල්ලකට වුවද පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ඇතිවන අසීරුකම් වලට ලක්වීමට ජනතාවට සිදුවී ඇත. කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති බැවින් සාමාන්‍ය වර්ශාවකට වුවද නාය යැමේ අවදානම සහිත ප්‍රදේශ බොහෝ ගනනක් ප්‍ර‍දේශයේ ඇත. සමහර නායයෑම් අවස්ථාවලදී සිදුවන මාර්ග අවහිරතා නිසා පීඩා විඳිමටද ප්‍රදේශයේ ජනතාවට සිදුවේ. එසේම පුදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයද යහපත් තත්වයේ ඇති අතර, නගරය තුළ ප්‍රධාන රෝහලක් නොවූවද මූලික රෝහල් කිහිපයක් නගරයට ඉතා නුදුරින් කොටගල, වටවල, දික්ඔය සහ මස්කෙලිය යන ප්‍රදේශවල පිහිටා ඇත. නමුත් හදිසි තත්ව යටතේ රෝගීන් නුවර එළිය, නාවලපිටිය මහ රෝහලට හෝ මහනුවර, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් වලට යොමු කිරීම් දක්නට ලැබේ. ප්‍රවාහන පහසුකම් හොඳ තත්වයේ පවතින අතර, පොදු පහසුකම් අඩු බස් නැවතුම් පලක් සහ සාමාන්‍ය හොඳ තත්වයේ දුම්රිය ස්ථානයකින්ද සමන්විත වේ. හැටන් නගරයේ සිට කොළඹ, මහනුවර, නුවර එලිය, කුරුණෑගල, දඹුල්ල, ත්‍රීකුණාමලය, කතරගම, බලංගොඩ සහ මීගමුව යන ප්‍රදේශවලට සහ ඒවාට අතරමැදිව පිහිටි නගර විශාල ප්‍රමාණයකට සෘජු ගමන් පහසුකම් බස්රථ මගින් ලබාගත හැකි අතර, කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන වලට සෘජු දුම්රිය පහසුකම්ද ලබාගත හැක. අධ්‍යාපනය නගරයේ මිශ්‍ර පාසැල් දෙකක් වන සිංහල මාධ්‍ය පාසැලක් වන ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය සහ ද්‍රවිඩ භාෂා පාසැලක් වන හයිලන්ඩ් දෙමළ විද්‍යාලයද, ද්වි භාශා කාන්තා පාසැලක් වන සාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහල සහ ද්වි භාෂා පිරිමි විදුහලක් වන සාන්ත ජෝන් බොස්කෝ විදුහලද පිහිටා ඇත. මෙම ප්‍රධාන විදුහල් හතරට අමතරව කුඩා වතු පාසැල් බොහෝ ගනනකින් අවට ප්‍රදේශය සමන්විත වේ. පුධාන පාසැල් හතරේ පමණක් අටදාහකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉගෙනුම ලබයි. මොවුන් හැටන් නගරය මෙන්ම අවට පිහිටි නගර සහ ගම්මාන වලින්ද පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කරමින් නගරයට පැමිණෙන පිරිසක් වේ. නගරය තුළ පිහිටි ප්‍රධාන පාසැල් ශ්‍රී පාද මහා විද්‍යාලය හයිලන්ඩ් විද්‍යාලය ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය උත්සව/සැමරුම් දෙසැම්බර් මස උඳුවප් පොහොය දින සිට මැයි මස වෙසක් පොහොය දින දක්වා නගරයේ ප්‍රවාහන පහසුකම් වලට කාර්ය බහුල සමයක් බවට පත්වන්නේ දුම්රියෙන් සහ බස්රථ මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා භාවිතා කරමින් සිරිපා වන්දනාවේ යෙදෙන දේශීය මෙන්ම විදේශීය වන්දනා නඩ සහ සංචාරකයින්ගෙන් පිරී යන සමයක් වන බැවිනි. එසේම සිංහල අළුත් අවුරුදු කාලයට, තෛපොන්ගල් දීපාවලී, මෙන්ම නත්තල් කාල වලදී නගරයේ තදබදය ඉතාමත්ම ඉහලයන කාලයන් වේ. මේ අතුරින් දීපාවලී සමය විශේෂ වේ. වෙළඳාම් කටයුතු කරන්නන්ගෙන් මෙන්ම වෙනත් ප්‍රධාන නගරයක් අසල නොවූ බැවින් පාරීභෝගික ජනතාවගෙන්ද එම දිනවල හැටන් නගරය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යයි. ජන වර්ග තැපැල් සහ දුරකථන කේතයන් ශ්‍රී ලංකා 00 94 ප්‍රාදේශීය 051 තැපැල් කේතයන් 22000 මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
2986
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA
සන්නිවේදනය
සන්නිවේදනය යනු පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර හා විශ්වාස හුවමාරු කර ගැනීමයි. සන්නිවේදනය 1. සන්නිවේදනය හැ`දින්වීම: ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය ස`දහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය. එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය. උදා: 1. මව හා දරුවා කතා කරයි. 2. ගුරුවරයා පන්තියේ උගන්වයි. පංචෙන්ද්‍රිය: පුද්ගලයකු සතු සංවේදී ඉන්ද්‍රියයන් පහක් මෙම සන්නිවේදන ගනුදෙනුවට සම්බන්ධ වෙයි. ඒවා හැ`දින්වෙන්නේ පංචේන්ද්‍රිය යනුවෙනි. මුව - කථනය, ශබ්ද, සිනහව හෝ වෙනත් ලක්ෂණ ඇස් - දැකීම, බැලීම, ඉඟි කන් - ඇසීම, අසා සිටීම, නොඇසීම නාසය - ග`ද සුව`ද දැනීම, ඉඟි සම - ස්පර්ශය, (මෘදු හෝ රළු* මෙයින් අදහස් වන්නේ යම් කෙනෙකුට සිය සන්නිවේදන කාර්යය සාර්ථකව පවත්වා ගෙන යෑම ස`දහා පංචේන්ද්‍රියයම සහය වන බවයි. 2. මානව සන්නිවේදනය: යම් සමාජයක මානව පිරිස අතර ඇති වන තොරතුරු හුවමාරුව මානව සන්නිවේදනය ලෙස දැක්විය හැකිය. සමාජය බිහි වී ඇත්තේ මෙසේ එහි සිටින මානවයන් අතර ඇති වන සන්නිවේදනය නිසාය. එසේ සන්නිවේදනයක් ඇති නොවන්නේ නම් එය සමාජයක් නොවේ. මේ නිසා සමාජය බිහි වීමේ ප‍්‍රධාන ක‍්‍රියාවලිය බවට පත් වන්නේ සන්නිවේදනය බව කිව හැකිය. ඒ නිසා මානව සමාජයේ පැවැත්මේ ජීව රුධිරය ලෙස සන්නිවේදනය දැක්විය හැකිය. සන්නිවේදනය තේරුම් ගැනීම ස`දහා ජීව රුධිරය සංකල්පය ඉතා හො`ද යෙදුමකි. සිරුර තුළ පවත්නා සියුම් නහර මගින් සිරුරේ සෑම තැනකටම රුධිරය ගෙන යනු ලබයි. සිරුර පද්ධතියක් ලෙස සැලකූ විට එය සමස්තයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ මෙසේ සෑම තැනකටම රුධිරය ගෙන යන නිසාය. සමහර විටක ඔබ පුටුවක බොහෝ වේලා හි`ද ගෙන සිටින විට කකුලක් හිරි වැටෙන්නට පුලූවන. හිරි වැටෙනවා යන්නෙන් අදහස් වන්නේ කකුලේ රුධිරය ගලා යෑමේ බාධාවක් ඇති වී ඇති බවයි. ඒ නිසා කකුලේ ක‍්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. මෙම උදාහරණයම මානව සමාජයේ සන්නිවේදනය පිළිබ`දව දැක්විය හැකිය. සමාජය පවතින්නේ සන්නිවේදනය නමැති රුධිරය නිසි ලෙස සැම තැනකටම ගලා ගෙන යෑම නිසාය. යම් තැනකට නිසි ලෙ සන්නිවේදනය නමැති රුධිරය ගලා නොගිය විට සමාජයේ නිසි ක‍්‍රියාකාරිත්වයට බාධා පැමිණේ. මානව සන්නිවේදනය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ වන්නේ එය සැලසුම් කර අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට මානවයාට ඇති හැකියාවයි. 3. සත්ත්ව සන්නිවේදනය: සත්ත්වයන්ද යම් ආකාරයකට සන්නිවේදනයේ යෙදෙන බව පෙනේ. යම් යම් සීමිත අදහස් කිහිපයක් ප‍්‍රකාශ කරන්නටත්, තේරුම් ගන්නටත් සත්ත්වයන්ට හැකියාව ලැබී ඇත. උදාහරණයක් වශයෙන් නිවසේ සිටින සුරතල් බල්ලා පමණක් නොව, පාරේ සිටින දඩාවතේ යන බල්ලකුටත් යම් ආකාරයකට සීමිත ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට හා තේරුම් ගැනීමට හැකි බව පෙනේ. නිවසේ ඇති කරන ගිරවකු තමන්ට ඇසෙන විවිධ හ`ඩ ප‍්‍රතිඋච්චාරණය කරන්නට පටන් ගනී. හරකකු හා අලියකු සමග කටයුතු කිරීමේදී ඔවුන්ට යොදා ගනු ලබන භාෂාවන් එකිනෙකට වෙනස්ය. අලි භාෂාව කියා දෙයක් ව්‍යවහාරයේ පවතී. එහෙත් මෙහි සත්‍යය නම් ඔවුන් යම් සීමිත හ`ඩකට හෝ හැසිරීමකට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට පුරුදු වී ඇති බවයි. ඒවා කිසියම් ආකාරයක සීමිත ඉගෙන ගැනීමකි. උදාහරණයක් වශයෙන් බල්ලකුට බඩගිනි වූ විට නගන හ`ඩත්, අමුත්තකු පැමිණි විට නගන හ`ඩත් අතර වෙනසක් පවතී. එය ගෙදර සිටින්නන්ට තේරුම් ගන්නටත් පුළුවන. එසේ වුවත් එක් ගෙදරක සිටින බල්ලකු හැසිරෙන ආකාරය තවත් ගෙදරක සිටින බල්ලකු හැසිරෙන ආකාරයට වඩා වෙනස් විය හැකිය. එසේ වුවත් සෑම බල්ලකුම තම ස්වාමියා දුටු විට නගුට වනමින් තම සතුට ප‍්‍රකාශ කරයි. එය එම සත්ත්වයාට උපතින් උරුම වූ ජෛවීය පුරුද්දක් මිස උගත් භාෂාවක් නොවේ. මිනිසා සන්නිවේදනය හසුරුවයි. සත්ත්වයාට සිය සන්නිවේදනය හසුරුවා ගත නොහැකිය. 4. හැඟීම්, සිතිවිලි හා අදහස්: සිතීමේ හැකියාව ඇති වීම නිසා මානවයා සන්නිවේදන සත්ත්වයකු බවට පත් විය. විවිධ හැඟීම් ඇති වීම සිතෙහි ක‍්‍රියාකාරිත්වය නිසා සිදු වන්නකි. සිතිවිලි හා හැඟීම් යන්නෙන් කුමක් මුලින් ඇති වන්නේද යන්න පිළිබ`දව විවාද පවතී. කෙසේ වුවද කෙනෙකු තුළ ඇති වන හැඟීම්, සිතිවිලි හා අදහස් අන්‍යයන් සමග හුවමාරු කර ගැනීම මූලික වශයෙන් සන්නිවේදනයෙන් සිදු වේ. එපමණක් නොව තමන් තුළම මේ ආකාරයෙන් හැඟීම්, සිතිවිලි හා අදහස් හුවමාරු වන්නට පුළුවන. කෙනෙකු සිතමින් සිටිනවා යන්නෙන් අදහස් වන්නේ එයයි. තමන්ට මුහුණ දෙන්නට සිදු වී ඇති කිසියම් ගැටලූවක් පිළිබ`දව නිගමනයකට එළඹීමට අවශ්‍ය වූ විට තමන් තුළම ඒ පිළිබ`දව විවිධ ලෙස ප‍්‍රශ්න කර ගැනීම මගින් පිළිතුරක් සොයා ගන්නට උත්සාහ දරයි. මේ ආකාරයෙන් තමන්ගේම හැඟීම්, සිතිවිලි හා අදහස් සමග ගනුදෙනු කිරීම පුද්ගලයන්ගේ පුරුද්දකි. මෙය සන්නිවේදනය ක‍්‍රියාවලියේ ආරම්භය ලෙස ද දැක්විය හැකිය. 5. සන්නිවේදනය පිළිබ`ද නිර්වචන: සමාජයේ පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව අර්ථ කථනය කරනු ලැබූ විවිධ විද්වතුන් හෝ ආගමික නායකයන් විසින් සන්නිවේදනය ගැන හෝ සන්නිවේදනයේ විවිධ පැතිකඩ පිළිබ`දව නිර්වචන හෝ අදහස් දක්වා ඇත. ඉතා දිගු කාලයක් තිස්සේ මෙසේ දක්වා ඇති නිර්වචන සංඛ්‍යාව අති විශාලය. (සන්නිවේදනය පිළිබ`ද උසස් අධ්‍යාපන ලැබීමේදී ඒ පිළිබ`ද පුළුල් හැදෑරීමක් කෙරෙන බැවින් ඒ බොහෝ නිර්වචන එහි දී උගත යුතුය. එහෙත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ දක්වා ඇත්තේ සන්නිවේදනය පිළිබ`ද ලැස්වෙල් අර්ථකථනය - 1948 හා සන්නිවේදනය පිළිබ`ද ෂැනොන් වීවර් ගණිතමය සූත‍්‍රය - 1949 පමණි. උසස් පෙළ දී ඒ දෙකට අතිරේකව විල්බර් ශ‍්‍රාම් හා එඞ්වඞ් ෂැපී නිර්වචන දෙකද එක් කර ඇත. උසස් පෙළ උගන්නා දරුවන් මෙම නිර්වචන තුන හා සූත‍්‍රය පමණක් හො`දින් ඉගෙන ගත යුතුය. අනෙක් නිර්වචන හෝ සූත‍්‍ර ඉගෙන ගැනීම උසස් පෙළ දී කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එය අතිරේක වෙහෙසක් පමණි. මෙම නිර්වචන හා සූත‍්‍රය පිළිබ`ද විස්තර ඉදිරියේ පළ වේ.* 6. සන්නිවේදනයේ ඓතිහාසික විකාශනය: සන්නිවේදනයේ කතාන්දරය යනු මානව සමාජයේ කතාන්දරයයි. එසේ කියනු ලබන්නේ සන්නිවේදනය හා සමාජය එක්ව සංවර්ධනය වූ නිසාය. සමාජය බිහි වීමට සන්නිවේදනය පාදක විය. සන්නිවේදනය ක‍්‍රම විධි හා උපකරණ සමාජය විසින් නිර්මාණය කරන ලද්දේ සන්නිවේදනයේ සමාජීය අවශ්‍යතා පිරිමසා ගැනීම ස`දහාය. ආදි කාලීන මානවයා ජීවත් වූයේ වනාන්තර තුළ කුඩා කණ්ඩායම් වශයෙනි. එය සමහර විට රැුහක් යනුවෙන් හ`දුන්වා ඇත. ඒ අනුව රැුහකට නායකයෙක් සිටියේය. ඔවුන් ජීවත් වූයේ ගල් ගුහා ආශ‍්‍රය කර ගෙනය. ඒ නිසා කාලයක් ගත වන විට ඔවුන්ගේ සංස්කෘතියක් මෙම ගල්ගුහා ආශ‍්‍රිතව බිහි විය. මුවින් හ`ඩ පමණක් පිට කරන්නට පුරුදුව සිට ආදි කාලීන මානවයා හ`ඩ සන්නිවේදනාර්ථයකින් යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. එපමණක් නොව වනාන්තරයේ හා ගල් ගුහාව ආශ‍්‍රිත බොහෝ දේ සංඥා හා සංකේත ලෙස යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. ශරීරය ආශ‍්‍රිතව ඉඟි බිහි වීමද මෙහි දී සිදු වූවකි. මෙම වකවානුවට අදාළව සන්නිවේදනාර්ථයෙන් යොදා ගත්තේ මොනවාද? අණ බෙර ගසීම හූ කීම දුම අත්පුඩි ගැසීම කෑ ගැසීම දෑත් ඔසවා කෑ ගැසීම කොළ අතු එල්ලීම ලතෝනි දීම ලී කෝටු තැබීම හිස කෙස් කඩා දැමීම ලීයක කට්ටා සෑදීම යමක් විසි කිරීම වැල් පටවල් එල්ලීම රූප ඇදීම ගින්දර ඇවිලීම . පන්සලෙ ඝන්ටාරය නාද කිරීම මේ ආකාරයෙන් මුල් කාලීනව සන්නිවේදනාර්ථ සහිතව යොදා ගෙන ඇති බොහෝ ක‍්‍රියා හෝ ආම්පන්නවලට සන්නිවේදනාර්ථයක් ලැබුණේ එය අන්‍යයන් විසින් පිළි ගැනීමෙනි. උදාහරණයක් වශයෙන් වන මැද දුම පැතිරවීම මගින් තමන් සිටින ඉසව්ව අන්‍යයන්ට සංඥා කරන ලද්දේය. කෙනෙකු මිය ගිය පසු ගල් ගුහාව අසල ගල් ගොඩක් ගැසීම මරණය පිළිබ`ද සංකේතයක් විය. හිස වැනීමෙන් අන්‍යයන්ට ඉඟි කරන්නට ඇත. මහ හ`ඩින් කෑ ගැසීමෙන් වනයේ අනතුරුදායක බව අන්‍යයන්ට දන්වන්නට ඇත. ගින්දර, දුම, බෙරය, වර්ණ ආදිය සන්නිවේදනාර්ථයෙන් යොදා ගත හැකි වූයේ මානවයාට සිතන්නට පුලූවන් වීම නිසාය. මේවා කුමකින් පසු කුමක් යොදා ගත්තේදැයි යන්න මෙන්ම කුමන සන්නිවේදනාර්ථ ස`දහාම යොදා ගත්තේදැයි යන්න ද නිශ්චිතව කිව නොහැකිය. එයට හේතුව මෙම කාල වකවානුවේ සාක්ෂි නොමැති වීමයි. එහෙත් තර්කානුකූලව සිතීමෙන් මේවා මෙසේ වන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. ඉතා සෙමින් සෙමින් අවුරුදු දහස් ගණනක් මුලූල්ලේ මේ ආදි කාලීන ජනයා විසින් ගොඩ නංවන ලද සන්නිවේදනාර්ථ හා ක‍්‍රම අද වන විටද අප සමාජය විසින් භාවිතයට ගනු ලැබීම අතිශයින් විශ්මිත කරුණකි.
2990
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%20-%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම
ශ්‍රී ලංකාවෙහි සාමය සහ සාමාන්‍ය තත්ත්වය ඇතිකරලීම සඳහා වූ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් ගාන්ධි උතුමාණෝ 1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී හමුවී, ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සළකා, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාවය පිළිගනිමින්, ශ්‍රී ලංකාවෙහි වෙසෙන සියළුම ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ආරක‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා, මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුනහ. 1.1 ශ්‍රී ලංකාවෙහි ඒකීය භාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිමට අපේක‍ෂා කරන හෙයින් ද, 1.2 ශ්‍රී ලංකාවෙහි, අනෙකුත් ජාතීන් අතර, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්(මරක්කල) සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුත් බහුවිධ සමාජයක් ඇති බැව් පිළිගන්නා හෙයින් ද, 1.3 සැළකිල්ලෙන් පෝෂණය කළයුතු වූ එකිනෙකට වෙනස් සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතාවයක් එක් එක් ජනවාර්ගික කොට්ඨාශයට ඇති බැව් පිළිගන්නා හෙයින්ද, 1.4 දෙමළ භාෂාව කථා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාශයන් සමඟ එකට මෙතෙක් ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස තිබූ බැව් පිළිගන්නා හෙයින් ද, 1.5 ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවයට ආධාර වන්නා වූ බලවේගයන් ශක්තිමත් කිරීම හා සමානාත්මතාවයෙන් සහ සමඟියෙන් යුතුව ජිවත්වෙමින්, සමෘද්ධිය ළඟා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන්ට ස්වකීය අභිමතාර්ථයන් ඉටු කරගත හැකි අයුරු ශ්‍රී ලංකාවේ බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුක්ත වූ බහුවිධ සමාජ ස්වරූපය ආරක‍ෂා කිරීම පිළිබඳ අවශ්‍යතාවය දන්නා හෙයින් ද, 2. මෙසේ සම්මත කරති: 2.1 සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ එකිනෙකට සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්, 2.2 මෙහි පහත 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීමේ දින සිට, 2.3 වැනි ඡේදයෙහි සඳහන් ජනමත විචාරණය පවත්වනු ලබන දිනය දක්වා වූ, අතුරු කාලපරිච්ඡේදය වශයෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් ඡන්දයෙන් තෝරාපත් කරනු ලබන එකම පළාත් සභාවකින් යුත් එකම පරිපාලන ඒකකයක් වනු ඇත. එවැනි ඒකකයක් සඳහා එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇත. 2.3 (අ) නැගෙනහිර පළාත උතුරු පළාතට සම්බන්ධවූ එක් පරිපාලන ඒකකයක් වශයෙන් පැවතෙමින් ඉහත 2.2 වැනි ඡේදයෙහි සඳහන් අයුරු උතුරු පළාත සමඟ දිගටම ඒකාබද්ධව පාලනය කරගෙන යා යුතු ද නැතහොත් (ආ) නැගෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද, යන්න නැගෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක්, ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය. 2.4 ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා හෝ වෙනත් හේතූන් නිසා ස්වකීය වාසස්ථාන හැරයාමට සිදුවූවන් හට එවැනි ජනමත විචාරණයකදි ඡන්දය දීමේ අයිතිවාසිකම හිමිවනු ඇත. ඔවුන් කළින් සිටි ප්‍රදේශවලට ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලනු ඇත. 2.5 එම ජනමත විචාරණය, අග්‍ර විනිශ්චයකාර තැනගේ ප්‍රධානත්වයෙන් වූද, ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් සහ නැගෙනහිර පළාතෙහි දෙමළ භාෂාව කථා කරන ජනයාගේ නියෝජිතයින් විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් යුත් කමිටුවක පරීක‍ෂාව යටතේ පත්වනු ඇත. 2.6 ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා සාමාන්‍ය බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත. 2.7 රටෙහි පවත්නා නීතිය අනුව ඉඩදිය හැකි රැස්වීම් සහ අනෙකුත් අන්දමේ ප්‍රචාරක කටයුතුවලට ජනමත විචාරණයට පෙර ඉඩ කඩ ලබා දෙනු ඇත. 2.8 මීළඟ මාස තුන ඇතුළත දී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක‍ෂකයින්ට ආරාධනා කැරෙනු ඇත. 2.9 1987 අගොස්තු මස 15 වැනි දින වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසි අවස්ථාව ඉවත් කෙරෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත. සටන් නවත්වාලීමෙන් සහ සටන්කාමී කණ්ඩායම් විසින් අවි ආයුධ භාරදීමෙන් පසු 1987 මැයි මස 25 වැනි දිනදී මෙන් යුද හමුදාව සහ සියළුම ආරක‍ෂක නිලධාරීන් කඳවුරුවල බැරැක්කවලට සීමා කර තබනු ඇත. අවි ආයුධ භාරදීමේ සහ ආරක‍ෂක නිලධාරීන් බැරැක්කවලට ආපසු යෑමේ ක්‍රියාවලිය සටන් නැවැත්වීම කි්‍රයාත්මක වි පැය 72 ක් ඇතුළත අවසන් කරලිය යුතුය. 2.10 උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නීතිය කි්‍රයාත්මක කිරීමේ සහ ආරක‍ෂාව පවත්වාගෙන යෑමේ කාර්යයන් සඳහා රටෙහි අනෙකුත් ප්‍රදේශවල යොදා ගන්නා රාජ්‍ය සංවිධානයන් සහ පටිපාටීන්ම ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කරගනු ඇත. 2.11 ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත සහ අනෙකුත් හදිසි අවස්ථා නීති යටතේ දැනට අත්අඩංගුවේ සිටින දේශපාලනමය සහ අනෙකුත් සිරකරුවන්හට ද, සටන්කාමීන්හට ද මෙකී නීති යටතේ චෝදනා ලැබ නඩු පවරනු ලැබ සහ / හෝ දඩුවම් කරනු ලැබ ඇති පුද්ගලයනහට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පොදු ක්ෂමාවක් දෙනු ඇත. සටන්කාමී තරුණයින් රටෙහි ජන ජීවිතයෙහි ප්‍රධාන කි්‍රයාවලියට ආපසු පමුණුවාලීම සඳහා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විශේෂ පරිශ්‍රමයක් දරනු ඇත. මෙම කි්‍රයාවලියට ඉන්දියාවේ සහාය ලැඛෙනු ඇත. 2.12 ඉහත විධි විධාන ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන ඒ අනුව කටයුතු කරනු ලබනු ඇත. අනෙකුත් සියල්ලන් විසින්ද එසේ කටයුතු කරනු ඇතැයි රජය අපේක‍ෂා කරයි. 2.13 මෙම තීරණයන් සඳහා වූ මූලික රාමුව පිළිගනු ලබන්නේ නම් ශ්‍රී ලංකා රජය විසින් අදාල යෝජනා වහාම කි්‍රයාත්මක කරනු ඇත. 2.14 මෙම යෝජනා ඉන්දියානු රජය විසින් සහතික කරනු ලබන අතර ඒවා කි්‍රයාත්මක කිරීමෙහි ලා සහාය වනු ඇත. 2.15 1986. 05. 04 වැනි දින සිට 1986. 12. 19 වැනි දින දක්වා වූ කාලය තුළ සාකච්ඡා කරන ලද යෝජනාවන් පිළිගත යුතුය යන කොන්දේසියට මෙම යෝජනා යටත් වේ. අවසාන නිගමනයකට නොඑළඹෙන ලද ඉතිරි කරුණු මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් සති හයක් ඇතුළත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් නිරාකරණය කරගත යුතුය. මෙම යෝජනා කි්‍රයාත්මක කිරීමෙහිලා ඉන්දියානු රජය කෙළින්ම ශ්‍රී ලංකා රජයට සහායවනු ඇත යන කොන්දේසියට ද ඒවා යටත්ය. 2.16 ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවල මෙම මූලික රාමුව ශ්‍රී ලංකාවෙහි සිටින කිසියම් සටන්කාමී කණ්ඩායමක් විසින් නොපිළිගනු ලැබුවහොත් ඉන්දියානු රජය පහත සඳහන් අයුරු කි්‍රයා කරනු ඇතැයි යන කොන්දේසියට ද මෙම යෝජනා යටත් වේ. (අ) ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවයට, දේශපූර්ණත්වයට සහ ආරක‍ෂාවට අහිතකර කාර්යයන් සඳහා ඉන්දියානු භූමිය ප්‍රයෝජනය නොගනු ලබන බව සහතික කිරීමට අවශ්‍ය සියළු පියවර ඉන්දියානු රජය විසින් ගනු ඇත. (ආ) ද්‍රවිඩ සටන්කාමී කටයුතු ලංකාවට බලපෑම වලක්වාලීම සඳහා ඉන්දියානු නාවික / වෙරළාරක‍ෂක හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වනු ඇත. (ඇ) මෙම යෝජනා කි්‍රයාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් යුද්ධාධාර ඉල්ලා සිටි විටකදී ශ්‍රී ලංකා රජයට එවැනි යුද්ධාධාර දීමෙන් ඉන්දියානු රජය සහාය වනු ඇත. (ඈ) තමිල්නාඩුවෙහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ශ්‍රී ලංකාවට ආපසු එවීමත් සමඟම මෙරට වාසය කරන ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම ඉන්දියානු රජය විසින් කඩිනම් කරනු ඇත. (ඉ) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන සියළුම ජනවාර්ගික කොටස් වලට අයත් තැනැත්තන්ගේ ආරක‍ෂාව සහ සුරක‍ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සහයෝගයෙන් කටයුතු කරනු ඇත. 2.17 මෙම ගිවිසුමෙන් අදහස් කරනු ලබන ඡන්ද විමසීමේ කි්‍රයාවලියට නිදහස්ව, පූර්ණව සහ සාධාරනව සහභාගී වීම උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින සියළුම ඡන්දදායකයින්ට ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත. 2.18 සිංහල භාෂාව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය භාෂාව විය යුතුය. දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් ද රාජ්‍ය භාෂාවන් වනු ඇත. 3. අත්සන් තැබූ විට මෙම ගිවිසුම සහ ඒ සමඟ ඇති ඇමුණුම කි්‍රයාත්මක විය යුතුය. එක්දහස් නවසිය අසූහතක් වූ ජූලි මස විසි නව වැනි අද දින ශ්‍රී ලංකාවෙහි කොළඹ දී සත්‍ය වු පිටපත් දෙකකින් සකස් කරන ලද මෙයට අපගේ අත්සන් සහ මුද්‍රා තැබුවෙමු. ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රජීව් ගාන්ධි ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය ඇමුණුම 1. ගිවිසුමේ 2 වැනි ඡේදයෙහි සහ එම ඡේදයෙහි අනු ඡේදයන් හි සඳහන් ජනමත විචාරණය ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණන් විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු මැතිවරණ කොමිෂන් සභාවෙහි නියෝජිතයකු විසින් නිරීක‍ෂණය කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. 2. එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු රජයේ නියෝජිතයකු විසින්, ගිවිසුමෙහි 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීම නිරීක‍ෂණය කරනු ඇතැයි රාජ්‍ය නායකයෝ දෙදෙනා එකඟ වෙති. 3. පළාත් සභා ඡන්ද සාධාරනව පැවැත්විමට වාතාවරණය ඇතිකරලනු සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ග්‍රාමාරක‍ෂකයින් විසුරුවා හැරීමටත් එම පළාත්වලින් උපයෝගී හමුදා පිරිස් ඉවත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ එකඟ වෙති. ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා ඇතිවූ එවැනි උපයෝගී හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙහි නිත්‍ය ආරක‍ෂක හමුදාවනට ජනාධිපතිතුමා විසින් ස්වකීය අභිමතය පරිදි අන්තර්ග්‍රහණය කරනු ඇත. 4. ගිවිසගත් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන බලධාරීන්ට ද්‍රවිඩ සටන්කාමීන් විසින් ස්වකීය අවි ආයුධ භාරදිය යුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. ශ්‍රී ලංකා රතු කුරුස හමුදාවෙහි සහ ඉන්දියානු රතුකුරුස හමුදාවෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු හමුවෙහි අවි භාරදීම සිදුකළ යුතුය. 5. සටන් නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ සුදුසුකම්ලත් නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ඉන්දු - ශී්‍ර ලංකා නිරීක‍ෂණ කණ්ඩායමක් විසින් 1987 ජූලි මස 31 වැනි දින සිට පරීක‍ෂා කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. 6. සටන් නැවැත්වීම සහතික කිරීමටත්, එය කි්‍රයාත්මක කිරීමටත් ගිවිසුමේ 2.14 සහ 2.16 (ඇ) වගන්ති අනුව ඉන්දීය සාම බලඇණියකට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ඇතැයි ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. 1987 ජූලි 29 උතුමාණනි, අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය. 2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදී එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය. (අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත. (ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන් කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත. (ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත. (ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත. 3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද (අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩී යාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත. (ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත. 4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත. 5. උතුමාණෙනි, ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර එළැඹී ගිවිසුම නිවැරදි ලෙස දැක්වෙන බැව් කරුණාවෙන් සනාථ කළ මැනවි. උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි. මෙයට, හිතවත්, රජීව් ගාන්ධි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ෙජ්. ආර්. ජයවර්ධන උතුමාණෝ කොළඹ. ශ්‍රී ලංකා ජනාධිපති 1987 ජූලි 29 උතුමාණනි, පහස සඳහන් අයුරු කියැවෙන 1987 ජූලි මස 29 වැනි දින දරණ ඔබේ ලිපියට ඔබගේ අවධානය යොමුකරවනු මැනවි. උතුමාණනි, අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය. 2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදි එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය. (අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත. (ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන්කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත. (ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත. (ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත. 3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද (අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩියාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත. (ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත. 4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත. ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර ඇති කරගත් සම්මුති නිවැරදි ලෙස දැක්වෙන බැව් සනාථ කරමි. උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය, අතිගරු රජිව් ගාන්ධි උතුමාණෝ නවදිල්ලිය.
2994
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C
ලසිත් මාලිංග
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක සෙපරමාදු ලසිත් මාලිංග (ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ දී 1983 අගෝස්තු 28 වන දින උපත ලැබීය.) විශේෂිත ඝනයේ වේග පන්දු යවන්නෙකි. ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයකි. සමහරක් විට මෙය එල්ලා පන්දු යැවීමක් ලෙස අර්ථ කථනය කරනු ලබයි. එය ඔහුගේ සුරතල් නාමයට එක්ව ඇත. එනම් ස්ලින්ගර් (එල්ලා යවන) මාලිංග යන නමයි. ඔහු ඉතා තියුණු ලෙස යොමු කරන පන්දුව බොහෝ විට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසාය. එලෙසම ඔහුට ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසයක් ඇත. එය පන්දුවට පහර දෙන්නා නොගත හොත් ඔහුගේ කකුල් පොඩි කර දමන අන්දමේ තියුණු බව ඇති පන්දුවක් ලෙස හඳුනා ගෙන ඇත. මාලිංග හට පන්දුව යැවීමේ ඇති සුවිශේෂීත්වය වාසි සහගත බවක් ඔහුට ලබා දී ඇත. මුල්ම යුගය ලසිත් මාලිංග රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩිණ.නිතරම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කළේය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන එතරම් තැකීමක් නොතිබුණ තම ගම තුළ පාරවල්වල සහ පොල් වතුවල යහළුවන් සමඟ බොහෝ විට ඔහු සෙල්ලම් කරන ලදී. ඔහු ගාල්ලේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වල ඉගනුම ලැබීය. මෙහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක විසින් ඔහුගේ දක්ෂතා හඳුනාගන්නා ලදී. මාලිංගගේ දක්ෂතාවයන් ගැන බොහෝ සතුටට පත් ඔහු මාලිංගට ආරාධනා කළේ ලංකා ක්‍රිකට් පදනමට සහභාගී වන ලෙසය. මාලිංගගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමට ඉතා ඉක්මණින් ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වුවද නැවත ඉක්මණින් ඔහුගේ ස්වභාවික දක්ෂතාවයන්ට පැමිණ ජයග්‍රහන අත්පත් කර ගත්තේ චම්පක රාමනායක විසින් ලබාදෙන ලද මහත් ධෛර්ය නිසාය. පන්දු යැවීමේ විලාශය ක්‍රිකට් පිළිබඳ අර්ථ දක්වන “විස්ඩන්”හි සටහන්ව ඇති පරිදි මාලිංග පන්දු පිරිනමන ආකාරය එල්ලා බෑමකට සම‍ාන වන ආකාරයක් දක්වා ඇත. මාලිංග සඳහන් කරන පරිදි ඔහුගේ අසමසම ක්‍රියාකාරිත්වයට හේතුව වන්නේ විශේෂයෙන්ම ටෙනිස් බෝලයක් පමණක් උපයෝගී කරන‍ෙගන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගන ගැනීම බව පවසයි. ඔහුගේ සම්මතයට එකඟ නොවන ශිල්ප ක්‍රම සමහර අවස්ථාවලදී බොහෝ සෙයින් ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ් ‍ෙතාම්සන්ට සම්බන්ධතාවයක් ඇතිබව පෙනීයයි. ජෙෆ් ‍ෙතාම්සන් 1970 ගණන්වල සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් හැරෙන්නට සිටි වේගවත්ම සහ භයානක පන්දු යවන්නා ලෙස සැලකේ.සාමාන්‍යයෙන් තරුණ ක්‍රීඩකයන් හට පන්දු යැවීමට ධෛර්යමත් කරන්නේ පන්දුව සිරස් ලෙස බාහුවෙන් මුදාහැරීමටයි, එහිදී දිශානතිය අඩු කිරීමට හෝ ඉවත් කිරීම සිදු කළ හැක. මාලිංගගේ ක්‍රියාවන් බොහෝ ව්වේචනවලට පාත්‍ර වුවද වැදගත් දේ වන්නේ ඒවා කිසිදිනෙකවත් ප්‍රශ්න නොකිරීමයි එලෙසම ඔහු කෙදිනකවත් නීති විරෝධී ක්‍රියාවකට හෝ පන්දු විසිකිරීමේ චෝදනාවට ලක්ව නැත. ඔහුගේ කැරලි ගැසුණු වර්ණ ගැන්වූ හිසකෙස් කැරලි තීක්ෂණ ඇහිබැම පච්ච කෙටීම සහ අසාමාන්‍ය පන්දුව පිරිනැමීමේ විලාශය ද අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කැපී පෙනෙන තරඟ කරුවකු බවට පත්වී ඇත. 2007 ලෝක කුසලාන තරඟාවලිය 2007 ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් අටේ තරගයෙන් (සුපර් එයිට්) දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය ගැනීමට අවශ්‍යව තිබුණේ ලකුණු 210කි. ඒ වන විට තරගයේ ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 205කට කඩුළු 05ක් වශයෙනි. එනම්, දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ජයග්‍රහණය උදෙසා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 05ක් පමණකි. එම ඉලක්කය කරා ළඟා වීමට ඔවුන්ට තවත් කඩුළු පහක් ඉතිරිව තිබිණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග ජය තමන් සතු කර ගැනීමේ පරම අපේක්ෂාවෙන් ක්‍රීඩාවෙහි යෙදුණහ. එහෙත්, තරගයක අවසන් පන්දුව යවා අවසාන වන තුරු ජය පැරදුම තීරණය කළ නොහැකිය. මන්ද ක්‍රිකට් යනු එතරම්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් හෙයිනි. තරගයේ 45 වන පන්දු ඕවරය ක්‍රියාත්මක විය. පන්දු යවන්නා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය. Lasith Malingaඑම ඕවරයේ පස්වන පන්දුවේදී පන්දුව කෙළින්ම කඩුල්ල වෙතම එල්ල කළ ඔහු ෂෝන් පොලොක් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඔහුගේ ඊළඟ පන්දුවට ඇන්ඩෘ හෝල් දැවී ගියේය. හෝල් එම පන්දුවට උපුල් තරංග අතට උඩ පන්දුවක් ලබා දුන්නේය. ඉන් අනතුරුව මාලිංගගේ ඊළඟ පන්දු ඕවරය ක්‍රියාත්මක විය. පිට පිටම කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීම නැතහොත් හැට්රික් වාර්තා කිරීමට ඔහුට හැකි වේදැයි කුතුහලයෙන් සහ හද ගැස්මෙන් යුතුව සියලු ක්‍රීඩාලෝලීහු අපේක්ෂා සහගතව බලා සිටියහ. ඔහු යැවූ එම ඕවරය ක්‍රිකට් ඉතිහාසයේ නවමු පිටුවක් පෙරලන්නට සමත් වන ඕවරයක් වේයැයි කිසිවෙකු අපේක්ෂා නොකරන්නට ඇත. සියල්ල සිදු වූයේ විස්මයජනක අයුරිනි. එම ඕවරයේ ප්‍රථම පන්දුවේදීම සංගක්කාර අතට උඩ පන්දුවක් ලබා දුන් ජැක් කලිස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ලසිත් මාලිංග සිය හැට්රික් වාර්තාව තැබුවේය. ඊළඟට පිටියට පිවිසියේ මකායා න්ටිනිය. ඒ මොහොතේ සියලු ක්‍රීඩාලෝලීන්ගේ හදවත් මොහොතකට නැවතිණි. ලසිත් මාලිංග එවූ ඊළඟ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත ගියේය. න්ටිනි ක්‍රීඩා පිටියෙන් ඉවත් විය. ඒ වන විට ලකුණු පුවරුව ලකුණු 207කට කඩුළු 9ක් වාර්තා කළේය. ක්‍රිකට් යනු කෙතරම් අපූර්ව ක්‍රීඩාවක් ද යන්න සනාථ කිරීමට මාලිංග සමත් වූයේ පන්දු හතරකදී පිට පිටම කඩුළු 04ක් දවාලමිනි. මෙය පන්දු යවන්නෙකුට දැක්විය හැකි විශිෂ්ට දක්ෂතාවකි. එය ලෝක කුසලාන තරගාවලියක මෙන්ම එක්දින තරගාවලියක පිට පිට පන්දු හතරකදී කඩුළු 04ක් දවා ගැනීමේ ලෝක වාර්තාවකි. එම ලෝක වාර්තාවට දැන් හිමිකම් කියන්නේ ලසිත් මාලිංගයි. ඔහු සිය නම දැන් ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක් කොට අවසානය. එය ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයකි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 207ක්වම තිබී අවසාන කඩුල්ල වශයෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ලසිත් මාලිංග තම ඊළඟ ඕවරයේ දී එවූ පන්දුව පීටර්සන්ගේ කඩුල්ලේ ගෑවී නොගෑවී ඉතාමත් ආසන්නයෙන්ම ඇදී ගියේය. එම පන්දුව කඩුල්ලේ දැවටුණේ නම් ශ්‍රී ලංකාවට ලකුණු දෙකක මහඟු ජයක් අත් වීමට ඉඩ තිබිණි. නමුත් අවාසනාවකට මෙන් එම අවස්ථාව ගිලිහී ගියේය. 1975 සිට 2007 මාර්තු 27 දක්වා ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ මෙතෙක් පැවති ඉතාම තියුණු තරගයක් වූ මෙය, ක්‍රීඩා ලෝලීන්ට අපූරු මතක සටහනකි. මෙම තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුවද මාලිංගගේ දස්කම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමීත්වය ලොවට අනාවරණය විය. 1975 සිට 2007 දක්වා ත්‍රිත්ව කඩුළු ලබා ගත් පන්දු යවන්නන් පස් දෙනෙකුගේ නම් ලෝක ක්‍රිකට් පොතෙහි සටහන් වී තිබේ. 1987 දී නාග්පූර්හිදී නවසීලන්තයට එරෙහිව ඉන්දීය ක්‍රීඩක චේටන් ෂර්මා 1999 දී ඕවල්හිදී සිම්බාබ්වේට එරෙහිව පකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක් 2003 දී පිටර්මර්ස්බර්ග්හිදී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ චමින්ද වාස් 2003 දී ඩර්බන්හිදී කෙන්යාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී 2007 දී බටහිර ඉන්දීය කොදෙව්හි ගයනාහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (පන්දු හතරකදී කඩුළු හතරක් ලබා ගැනීම) ටෙස්ට් ක්‍රිකට් ඔහුගේ පළමු ක්‍රිකට් තරඟයට ඔහු සහභාගී වූයේ 2004 ජුලි මස 1 සිට 3 වනදා දක්වා “ඩාර්විනස් මරාරා ඕවල්” හි දීය. බොහෝ ඉක්මණින් ඔහු සාර්ථක භාවයට පත්වූයේ විකට් 6ක් ලබා ගැනීමෙනි. (දෙවතාවක් ඩැරන් ලග්මන් , ඇඩම් ගිල්ක්‍රිසට්, ඩේමියන් මාර්ටින් , ෂේන් වෝන් සහ මයිකල් කැස්ප්රොවික්) ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිත්‍රශීලීත්වය ඔහුට යම්කිසි හැඟීමක් ඇති කළේය. විශේෂයෙන් ගිල් ක්‍රිස්ට් ක්‍රීඩා තරඟයෙන් පසු ශ්‍රී ලංකා පිලේ ඇඳුම් මාරු කරන කාමරය තුළට ගොස් ඔහුට තෑග්ගක් ලෙස එම තරඟයේ දී විකට් ලෙස භාවිතා කරන ලද ලී පතුරක් ලබා දුනි. ඔහු ශ්‍රී ලංකා පිලේ එක් දින හා ටෙස්ට් ක්‍රිකට් තරඟවලට සහභාගීවන වේගවත්ම පන්දු යවන්නා ලෙස සාර්ථකත්වයට පත්විණි. පන්දුව නියම ආකාරයෙන් එල්ල කර යැවීම සහ සජීවී ලෙස ඉඩ පවත්වා ගැනීමෙන් පන්දුවට පහර එල්ල කරන්නන් හට තර්ජනයක් වන ක්‍රීඩකයෙකු ලෙස ඔහු නමක් දිනා ඇත. ඔහු පන්දුව යොමු කරන සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 140 ත් 150 ත් අතර වන අතර (87 – 93 පැයට හැතැප්ම) සමහරක් විට මීට වඩා වේගවත් වේ. 2006 / 2007 සංචාරයේ දී නවසීලන්තය සමඟ ශ්‍රී ලංකා පිල පැවැත්වූ තරඟ මාලාව තුළ ඔහුගේ පූර්ණත්වය ටෙස්ට් ක්‍රීඩා ලොව ඔහුගේ ආක්‍රමණය මැනවින් පෙන්ණුම් කළේය. එක් දින ජාත්‍යන්තර තරඟ (ODI) මාලිංග 2004 ජූලි 17 වනදා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව දඹුල්ලේ දී ක්‍රීඩා කළ තරඟයේ දී ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟ බිමට පිහිටියේය. එතැන් සිට ඔහු ODI සංචිතයේ සුපුරුදු සාමාජිකයෙක් බවට පත් විය. 2004-2005 තරඟ වා‍රයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සිදු කළ සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායම ඔහුගේ පන්දු යවන ආකාරය පහර දීමට අපහසු බවට හඳුනාගත් අතර නවසීලන්ත නායක ස්ටීවන් ‍ෆ්ලෙමින් විනිසුරුකරුවන්ගෙන් ඔවුන්ගේ පටියෙහි හා ටයි පටියෙහි වර්ණය ලා පැහැ‍යකට වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ එවිට ඔවුන්ට මාලිංගගේ අතින් ගිලිහෙන පන්දුව දැක ගත හැකි නිසාය. නමුත් විනිසුරුවන් එලෙස සිදු නොකරන ලදී. 2007 ලෝක ක්‍රිකට් කුසලානය අතරතුර දී මාලිංග වඩාත් සුප්‍රසිද්ධ විය. එයට හේතුව වූයේ පිට පිට යවන ලද පන්දු 4ක් තුළ දී කඩුළු 4ක් ලබා ගැනීමට සමත් වූ ලොව ප්‍රථම හා එකම ක්‍රීඩකයා බවට පත් වෙමිනි. මොහු මෙම දස්කම සිදු කරන ලද්දේ 2007 වසරේ මාර්තු මස 28 වනදා දකුණු අප්‍රිකාවට ‍එරෙහිවය. එය ලෝක කුසලාන ඉතිහාසයේ පස්වන කඩුළු ත්‍රිත්වය වූ අතර ශ්‍රී ලංකාව තුන් වැන්න ද ODI ඉතිහාසයේ 24 වැන්න ද විය. එදින දැවී ගිය ක්‍රීඩකයන් වූයේ ෂෝන් පොලොක් (ලකුණු 13 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්), ඇන්ඩෲ හෝල් (ලකුණු 0 දී උපුල් තරංග විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්), ජැක් කලිස් (ලකුණු 86 දී සංගක්කාර විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්) හා මකායා නිට්නි (0 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්) ය. මාලිංගගේ මෙම මාරක පන්දු ඕවරයට මුහුණ දුන්නත් දකුණු අප්‍රිකාව පන්දු 10ක් ඉතිරිව තිබිය දී එක් ලකුණකින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ
2995
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%83%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%9D%E0%B6%BA
පොසොන් පසළොස්වක පෝය
පොසොන් පසළොස්වක පෝය, යනු පොසොන් මස පසළොස්වක තිථියට අනුරූපී පෝය දිනයයි. මෙම දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයකි. වැදගත්කම මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ. චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය. ආශ්‍රිත ලිපි මහින්දාගමනය පොහොය දොළහේ වැදගත්කම බාහිර සබැඳුම් සම්බුදු සසුන බ්ලොගය පසළොස්වක පෝය
3003
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA
සංගීතය
සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ‍ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි. 1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්‍ය අමතර කරුණු ලබාගත්තා විය හැක. 20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය. සංගීතය පිළිබඳ දර්ශනය සංගීතය පිළිබඳව දර්ශන විද්‍යාවේදී සංගීතය පිළිබඳ වන මූලික ගැටළු අධ්‍යයනය කෙරේ. සංගීතය පිළිබඳ දර්ශන විද්‍යාවේ සිදුකෙරෙන අධ්‍යයනයන් අධ්‍යාත්මක භෞතික විද්‍යාව සහ සෞන්දර්යය හා සම්භන්ධ ගැටළු හා සමීපව බැඳී පවතී. ඒ යටතේ අධයයනය කෙ‍රෙන මූලික ගැටළු කිහිපයක් පහත දැක්වේ. සංගීතයේ අර්ථ දැක්වීම කුමක්වේද ? ( යමක් සංගීතය ලෙස හැඳින්වීම සඳහා කුමන සීමාවන් සලකා බැලිය යුතුද?) මනස සහ සංගීතය අතර ඇති සම්බන්ධය කුමක්ද? සංගීතයේ ඉතිහාසය මගින් ලෝකය පිළිබඳ කුමක් අනාවරණය වේද? මානව හැඟීම් සහ සංගීතය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? සංගීතයේ අරුතට එහි සහජ ගුණාංග සහ සංස්කෘතිකමය ලක්ෂණ කොතරම් දුරට බලපායිද? ඉතිහාසය සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත. යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්‍රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්‍රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි. සංගීතයේ මුලාරමභය ලේඛනගත ඉතිහාසයට පසුව හෝ පෙරදිග සිදුවුවක් දැයි නිශ්චිත සොයාගෙන නොමැත. සමහරකුගේ මත වනුයේ ස්වභාවික ශබ්ධ ආශ්‍රයෙන් සංගීත ආරම්භ වු බවයි. ශබ්දයේ රිද්මයානුකූල බව මිනිසා පමණක් නොව සතුන්ද භාවිත කරනු ලබයි. වදුරන් තම බල ප්‍රදේශය පිලිබද අනතුරු අගවිම් නිකුත් කිරිම සදහා ශබ්ද භාවිත කරන අවස්ථා ඇත. පක්ෂින් ද එසේමය. එනම් ශබ්ද යනු යම්කිසි සන්නිවේදන මාර්ගයකි. ලොව පළමු සංගීත අපකරණය ලෙස සලකනුයේ මානව කටහඩයි එය විවිධ තාරාතාවන්ගෙන් විවිධ නාද රටා එස්ස්ද රිද්මයානුකූලවම හැසිරය හැකිය. පළමු වන්ද භාණ්ටන්හි ආරම්භය අත්පොලයසන් නාද, පාෂණ ගැටීම් ආදියෙන් නිපදවිතැයි සැලකේ. ගල් යුගයේ මිනිසුන් විවිධ ක්‍රියාකාරකම් සදහා පාෂාණ භාවිතා කිරිමේදී ඇති වු විවිධ ශබ්ද රිද්මය පිළිබද අදහස් මිනිස් සිතට ඇතුළත් කළ බවත් ඒආශ්‍රයෙන් සංගිතය නිපදවු බවත් අදටද පිළිගන්නා මතයකි. ප්‍රාග් හෙතිහාසික යුගයේ සංගීතයටද එක් එක් භෞමිකා කලාප සංස්කෘතින් අනුව වෙනස්විය දෝපි හි ටිම්බිලා සංගීතය ලොව සංකිර්ණකතම ප්‍රාග් ඓතිහාසික සංගීත ක්‍රම‍ වේදයක් ලෙස සැලකේ. ප්‍රාග් ඉතිහාස යුග‍යේ සංගීතය ලේඛණ ගත ඉතිහාසයක් බිහිවිමට ප්‍රථම වකවානු වල සිටම ලෝකවාසි ජනයා සංගීතය ඇසුරු කරන ලද අතර එම සංගීතය ප්‍රාග්ඓතිහාසික යුගයේ සංගීතයයි. ලෝකයේ විවිධ රටවල වසන ආදී වාසින් භාවිත කරන සංගීත ක්‍රමවේදයන් මෙම ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබයි. ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු ආදි වාසි ජනයා මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකි. යුරෝපිය නොවන අනෙකුත් රටවල භාවිත වන ගැමි නාද රටාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබන බවට සලකනු ඇත. මධ්‍ය කාලීන සංගීතය මුල් කාලය මධ්ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600) පොදු ව්යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්රීය - (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910) නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය) මධ්ය කාලීන සංගීතය යන්නට මධ්ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත. සම්ප්‍රදායික සංගීතය විවිධාකාර රටවල ඊට ‍අවේනික වු ප්‍රාථමික, සරල ගැමි සංගථියක් දැකිය හැකිවේ. ඒවයෙහි බොහෝ දුරට නිර්මාණකරුවෙකු සෙවිම දුෂ්කර වන අතර පැවතගෙන එනුයේ දි ලිඛිතව නොව ශ්‍රව්‍යමය හෝ මුඛ පරම්පරානුගතවය. මෙසේ පැවතගෙන එන ගැමසි සංගිතයක අයිතිකරුවන් නොමැති බැවින් එහි තම ම අභිමතය පරිදි වෙනස්කම් සිදු කිරිම අභියෝගාත්මක වන අතර පසු කාලීනව එය මුල් කෘතිය සම්පුර්ණයෙන් ම පාහේ විකෘති කොට දැක්විමක් ලෙසද සිතිය හැකිය. පෙරදිග සංගීතය ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවිධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි. ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙ‍රුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති. සම්භාව්‍ය සංගීතය යුරෝපිය සංගීත ඉතිහාසය පුර්ව මධ්‍යකාලීන (500-1400) පශ්චාත් මධ්‍යකාලීන (1400-1600) සුලභ භාවිතයාවන් බාරොක් සගීතය (1600-1760) සම්භාව්‍ය (1730-1820) ගෘංගාරාත්මක (1815-1910 ) නුතන 20 වන ශතවර්ෂයය (1900-2000) සමකාලීන සම්භාව්‍ය (1975- අද දක්වා) සම්භාව්‍ය සංගීතය යනු ඉතා පුළුල් වු ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නෑකම් කියනු බටහිර සංගීතයටයි. දළ වශයෙන් සෙස නව වන ශතවර්ෂයේ පටන් අද දක්වා විවිධ වෙනස්කම් වලට බදුන් දෙමින් රට රටවල් අතර සංගිතයන් සමග මුසු වෙමින් පවතී. වයුරෝපීය සම්භාව්‍ය සංගීතය අනෙකුත් සංගීත පස්ධතීන් හා වෙනස්විමට වඩාත් ප්‍රබල හේතුවක වනුයේ එහිදි භාවිතාවන ස්වර ප්‍රමස්තාර ගත කිරිමේ විශේෂ ක්‍රමයයි. රැල් පහක් මත අදිනු ලබන විවිධාකාර සංඥා මාර්යෙන් අදාල ස්වර් රිද්මය තනුව විස්තර කරනු ලබව මෙම ක්‍රමය වනිසා ඉතා විශිෂ්ඨ වු හැඩතලයක් යුරෝපීය සම්භාව්‍ය සංගීත ජනප්‍රිය සංගීතයත් සමග පුද්ගල රසඥතාව සදහා තර්ක කරන ලද අතර වඩා සැලකිය යුතු මට්ටමේ වාණිජමය සාර්ථකත්වය ලබා ගැනිමේ ලා සමත්විය. සම්භව්‍යය සංගීතය යන පදයද ව්‍යවහාරාත්මක භාවිතා වනන්නට ගතතේ 19 වන ශතක වර්ෂයටද පසුවය. ජොහැන් සේබස්තකියන් බාම් සහ බීතෝවන් වැනි ශ්‍රේෂ්ඨ සම්බාව්‍ය සංගීතඥයන් ඒ සදහා හේතු වුයේය. සංගීත නාමකරණය නාමකරණය යනු සංකේත යොදා ගනිමින් කඩදාසියක් මත සංගීත සටහන් හා රිද්මයන් ලිවීමයි. සංගීතය ලිවීමේ දී සංගීතය වාදනය කිරීමට අවශ්‍ය උපදෙස් සමඟ සංගීතයේ තාරතාවය හා රිද්මය නාමකරණය කරනු ලැබේ. නාමකරණය කියවන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට සංගීත සිද්ධාන්තය, ස්වරමාධුර්ය, රඟ දැක්වීමේ ක්‍රියා පිළිබඳ අධ්‍යයනය හා සමහරක් අවස්ථාවලදී ඓතිහාසික රඟ දැක්වීමේ ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම් ඇතුළත් වේ. ලියා දැක්වීමේ නාමකරණය රටාව හා සිගීත යුගය අනුව වෙනස් වේ. බටහිර කලා සංගීතයේ දී වඩාත් බහුල ලිවීම් නාමකරණ වර්ගය වන්නේ ස්වර ලිපි (Scores) වන අතර එයට වෘන්ද කැබලි හා කොටස්වල සියළු සංගීත කොටස් ඇතුළත් වන අතර ඒවා තනි රඟ දක්වන්නන් හෝ ගායකයන් සඳහා වූ සංගීත නාමකරණය වේ‍. ජෑස් හා බ්ලූස් වැනි ජනප්‍රිය සංගීතයේ දී සංගීතමය නාමකරණය වන්නේ ලීඩ් පත්‍රයයි. (Lead Sheet) එහි තනුව, ස්වරසංඝාතය, පද්‍ය මාලාව (කටහඬ කොටසක් නම්) හා සංගීතයේ ව්‍යුහය ඇතුළත්ව පවතී. ස්වර ලිපි හා කොටස් ජනප්‍රිය සංගීතයේ හා ජෑස්වලදී ද භාවිතා‍වේ. ජනප්‍රිය සංගීතයේ දී ගිටාර් වාදනය කරන්නන් හා විද්‍යුත් බේස් වාදනය කරන්නන් බොහෝ විට කියවනු ලබන්නේ ටැබ්ලේචරයක (tablature) ඇති සංගීත නාමකරණ එමඟින් ගිටාරයක රූප සටහනක් හෝ බ්ලේස් ඇඟිලි පුවරුවක් යොදා ගනිමින් උපකරණයෙහි සටහන් වාදනය කළ යුතු ස්ථානය පෙන්වා දෙයි. ටැබ්ලේචරය බැරෝක් යුගයේ දී තන්තුමය විෂම උපකරණයක් වු වීණාවේ සංගීතය නාමකරණය සඳහා යොදා ගන්නා ලදී. නාමකරණය ලද සංගීතය නිෂ්පාදනය කරනු ලබන්නේ පත්‍ර සංගීතය ලෙසය. සංගීත නාමකරණයකින් සංගීතය වාදනය කිරීම සඳහා සංගීත රටාව පිළිබඳ මෙන්ම සංගීත අංශය‍හෝ වර්ගය සමඟ සම්බන්ධ වී ඇති රඟ දැක්වීමේ ක්‍රියාව පිළිබඳ තේරුම් ගැනීමක් ද අවශ්‍ය වේ. පුරාතන සංගීතය පුරාතණ (කි.ව. 500 ට පෙර) පුර්ව (500-1760) සුලභ භාවිතා කාලය (1600-1900) නුතන සහ සමකාලීන (1900 - අද දක්වා ) පුරාතන සංගීතය යනු සාහි්‍ත්‍යමය පදනමින් යුක්තව ප්‍රතිස්ථාපනය වු ප්‍රාග් ඓතිහාසික සංගීතයයි. පුරාතන සංගීතයට ලෝකයේ විවිධ කාලයන්ට අයත් විවිධාකාර සංගීතමය පද්ධතීන් අයත් වන අතර මෙම කලාපයක් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ මෙසපොටේමියාව ලෙස ගත හැක. පුරාතන සංගීතය සමන්විත වනුයේ මුලික නාද රටා සහ ස්වර සංකල්නය වලනි. එම නාදරටාවන් මුඛ පරම්පරානුගතව හෝ ලිඛිතව ඉදිරි පරම්පරාවලට බෙදා හරින ලද්දේය. වර්තමානයේ සංගීතය තුළ පුරාතන සංගිතයේ ආභාෂයන් දැකිය හැකි අතර ඉන්දියානු පර්සියානු ආසියානු යුදෙව්ව, ඊජිප්තු ඉස්ලාම් සංගීතයන් මේ සදහා උදාහරණය ලෙස දැක්විය හැකිය. ඉරාන සංගීතය Elamite අධිරාජ්‍යයාගේ (ක්‍රි.පු. 2500-644) වකවනුව තෙක් අතීතයට නෑකම් කියන බමට සුසාහි මතු කොටගත් කුඩා ප්‍රතිමාවක් සාක්ෂි දරයි. මෙම කාල වකවානුවේ සංගිතය පිලිබද ඇත්තේ ඉතා සිහිත දක්වා ප්‍රමාණයකි. නමුත් ගිටාරය, බටනලාව වැනි සංගිත භාණ්ඩ මෙම වකවානුවේ භාවිතා කරන ලද බවට සාක්ෂි ඇති අතර බාබට් නම් සංගීත භාණ්ඩද මෙම වකවානුවේ නිපදවන ලදැයි සැලකේ. සංගීත වින්දනය ලෝකයේ විවිධ සංගීත ශෛලින් සහ ඒවා ක්‍රියාත්මක වු හෙතිහාසික කාල පරිච්ඡේදව අනුව සංගීතමය ලේඛන ගත කිරිම් එකිනෙකට වෙනස් විය. සෑම කාලවකවානුවකදීම සංගීතමය නිර්මාණයකින් ප්‍රේක්ෂකයා බලාපෙරොත්තු වුයේ විදනාත්මක බවයි. සෑම සංගීතඥයෙකුම තම තමන්ගේ කුසලතාව අනුව සංගීතයේ වින්දනාත්මක බව රැකීමට උත්සුක විය. ඒ අනුව කලින් කලට සංගීතමය රීති සංගීතඥයින් විසින් භාවිත කරන ලදී. ලය වෙනස් කිරමි, නිශ්ශබ්ධතාවයක් ආදිය නිර්මාණත්මක භාවිතා කිරිම් මෙන්ම සංගීත ස්වර රචනා ප්‍රස්තාර ගත කිරිමේ ක්‍රමයද කලින් කලට වෙනස් විය. නමුත් ජනප්‍රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්‍රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්‍රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි. පුරාතන ඉන්දියාව සාම වේදයෙහි පවතින සමහරක් ඉපැරණි සංගීතමය වාර්තා ඒවා ලියැවෙන තුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වූයේ කට පාඩම් කිරීම මඟිනි. ඩාන්සින් ගර්ල් වැනි මොහොජොදාරෝ හා හරප්පා වැනි ශිෂ්ටාචාරවලින් කැනීමෙන් ලබා ගත් ද්‍රව්‍ය මඟින් පෙන්වා දෙන්නේ පුරාතන ඉන්දියාවේ සංගීතමය පද්ධතිවල දියුණුවයි. සිදුරු 7කින් යුත් බටනලාව හා විවිධ වර්ගයේ තන්තු සහිත උපකරණ වැනි උපකරණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක කැනීම් ස්ථානවලින් හමු වී ඇත. ඉදිරිපත් කිරීම කිසියම් සංගීතඥයකු හෝ සංගීත කන්ඩායමක් නව නිර්මාණයක් අවසන් කළ පසු එය ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කරනු ලබයි. ඉදිරිපත් කිරිමෙන් පසුද එයට ලැබෙන ප්‍රතිචාර හරහා යම් ‍යම් වෙනස්කම් සිදුවිමට ඉඩ ඇත. මෙසේ ඉදිරිපත් කරනු ලබන සංගීත ඛාණ්ඩ කලින් හාදින් පුහුණු වු ඒවා හෝ නොවු ඒවා විය හැකිය. එනම් ප්‍රසංග අවස්ථාවේ විවිධ සංගීත ඛන්ඩයක් අළුතින් ඒ මොහොතේ එකකු වීඹට ඉඩ ඇත. උදාහරණයක් ලෙස ගිටාර් වාද්‍ය ඛාණ්ඩ හෝ වාද්‍ය ඛාණ්ඩ දැක්විය හැකිය. විවිධ සංගීත සංස්කෘතිකයන්හි සංගීතමය ඉදිිපත් කිරිමට විවිධකාර වේ. ඉන්දියානු සහ ටහිර සංගිතයන්හි ඔවුන් මෙම ඉදිරිපත් කිරිම ඒක පුද්ගල ලෙස ඉදිරිපත් කිරිමට වැඩි රුචිකත්නවයක් දක්වයි. නමුත් සමහර සංස්කෘතින්හි ඔවුන් වැඩි අවධානය දක්වන්නේ කණ්ඩායම් ඉදිරිපත් කිරිම් වලටය. නමුත් බොහෝ සංස්කෘතින්හි මෙම විවිධක්‍රම දෙකම එකවිට ප්‍රයේජනයට ගැනීම්ද දැකිය හැකිවේ. කුඩා පිරිස ඉදිරියේ සිදුකරනු ලබන සංගීතමය ඉදිරිපත් කිරිම් ද ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි. මෙහිදි භාවිත වනුයේ ඉතා ස්වල්ප ප්‍රමාණය සංගීත භාණ්ඩ ප්‍රමාණයකි. සංගීත නිෂ්පාදනය සංගීත නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ අධ්‍යාත්මික තෘප්තිය ආගමික අවශ්‍යතාවන් හෝ රසස්වාදනය යන හේතු සදහාය. ආධුනික සංගීතඥයින් බොහෝ විට තම ආත්ම තෘප්පිතයට අමතරව තම ජීවනෝපාය ලෙස ද සංගීත නිෂ්පාදන කටයුතු වල නිරත වෙයි. ආගමික සිද්ධස්ථාන, සංගීත පාසල්, ගුවන් විදුලි, රූපවාහිනිය, චිත්‍රපට නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර හරහා ප්‍රවිණ සංගීතඡයින් තම වෘත්තිමය සංගීත කටයුතු සිදු කරයි. ආධුනිකයින් සහ ප්‍රවීණයින් අත සතුටුදායක මෙන්ම අසතුටුදායක සංගීත සම්බන්ධත්වයකින් දැකිය හැක. බොහෝ ආධුනිකයින් ප්‍රවිණයින්ගේ නිර්මාණ ඇසුරින් ආභාෂය ලබා ගනී. සමහර අවස්ථා වල ආධුනිකයින් ප්‍රවිනයන්ට තරගකාරිත්වය සංගීත කේෂ්ත්‍ර තුළ ද නිර්මාණය වේ. සජීවි සංගීතම ප්‍රසාංග, ඉදිරිපත් කිරීම් සංගීතඥයාගේ හැකියාව මොනවට පැහැදිලි කරන සාධකයකි. එය පටිගත කරන ලද සංගීතයක‍ට වඩා වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත සපයනු ලබයි. එනමුත් සමහර සංගීත ප්‍රසංගයන්හි අදටත් භාවිත වන්නේ පිගත කරන ලද සංගීත ඛණ්ඩයන්ය. සංගීතය හා අන්තර් ජාලය නවීනලෝකයේ යුධ රටවල විවිධ සංස්කෘතිගේ විවිධ සංගීත පද්ධතින් පරිශීලනයෙහිලා වැඩි ඉඩකඩක් අන්තර්ජාලය මගින් ලෝකවාසින්ට ලබා දී ඇත. ව්‍යාපාරික ලෝකය තුළද ඉතා අඩු වියදම් යටතේ තම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හදුන්වා දීම සදහා අන්තර් ජලාය බහුලව භාවිත වේ. සංගීත වෙළදපොල අරබයා ද මෙම අරමුණු පොදු වේ. විවිධ ජන කොටස් වෙත තම සංගීත නිර්මාණයෙහි අලෙවියෙහිලා අන්තර්ජලය වැදගත් මාර්ගයකි. අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සජීවි මිතුරැ හවුල් හරහා ද විවිධාකාර සංගීත නිර්මාණකරුවන් හට එකිනෙකා වෙත තහ අදහස් හුවමාරු කර ගැනිමට අවස්ථාව ලැබේ. යු ටියුබ් හි, මයිස්පේස් වැනි වෙඩ් අඩෙවි හරහා තම නිර්මාණ විඩියෝ පටි, ශ්‍රව්‍යපටි ප්‍රචාරය කිරිමට ආධුනික මෙන්ම ප්‍රවීන නිර්මාණකරුවන්ටද ඉඩ ප්‍රස්ථාව ලැබේ. එමෙන්ම එක් නිර්මාණයක් වටා තවත් නිර්මාණ රැසක් බිහිවිමද අන්තර්ජාලය මගින් සිදුවේ. උදහාරණයක් ලෙස යම් ශ්‍රවශ්‍යමය සංගීත පටයකට සවන්දෙන්නෙකු එය උපයෝගි කොට ගෙන විඩියෝ පටියක් නිර්මාණය කර ප්‍රචාරය කරවනු ඇත. එවැනි බෝහේ නිර්මාණ අන්තර්ජාලය තුල අද වනවිට දක්නට ඇත. වැඩිදුර කියැවුම් හින්දුස්ථානී සංගීතය සංගීත අධ්‍යාපනය - මානව සංගීත විද්‍යාව බටහිර ලෝකයේ උගන්වනු ලබන සංගීත ඉතිහාසය බොහොමයක් දුරට ගණුදෙණු ‍කරනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයේ කලා සංගීතය සමඟය. අනිකුත් සංස්කෘතීන්වල සංගීතයේ ඉතිහාසය (ලෝක සංගීතය හෝ මානව සංගීත විද්‍යා ක්ෂේත්‍ර) බටහිර විශ්ව විද්‍යාලවල උගන්වනු ලැබේ. මෙයට බටහිර ‍යුරෝපයේ බලපෑමට එපිටින් වූ ආසියානු රටවල ලේඛණගත සම්භාවනීය සම්ප්‍රදායන් මෙන්ම අනිකුත් සංස්කෘතීන්වල ගැමි හෝ ආවේනික සංගීතය ඇතුළත් වේ. සංගීතයේ ජනප්‍රිය රටා සංස්කෘතියෙන් සංස්කෘතියට හා යුගයෙන් යුගයට විශාල ලෙස වෙනස් වේ. විවිධ සංස්කෘතීන්, විවිධ උපකරණ හෝ තාක්ෂණික ක්‍රම හෝ විවිධ සංගීත භාවිතා කරන ආකාර මතුකර දක්වයි. සංගීතය විනෝදාශ්වාදයට, උත්සව වලට ප්‍රායෝගික හා කලාත්මක සන්නිවේදනයට පමණක් නොව ඒකාධිපති රටවල ප්‍රචාරණයට ද යොදා ගනු ලැබේ. සංගීත වර්ගීකරණ බොහොමයක් ලෝකය තුළ දක්නට ඇත. එයින් බොහොමයක් සංගීතයේ අර්ථ දැක්වීම පිළිබඳ වූ විවාදය හරහා පැමිණි ‍ඒවාය. මේවා අතරින් විශාලතම වන්නේ සම්භාව්‍ය සංගීතය (හෝ කලා සංගීතය) හා ජනප්‍රිය සංගීතය (හෝ වාණිජමය සංගීතය - රොක් ඇන්ඩ් රෝල්, රාජ්‍ය සංගීතය හෝ පොප් සංගීතය) අතර වෙනසයි. සමහරක් ප්‍රභේද මෙම විශාල වර්ගීකරණ දෙක තුළට යන්තමින් වත් නොගැලපෙයි. (ගැමි සංගීතය, ලෝක සංගීතය හෝ ජෑස් සංගීතය වැනි) ලෝක සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් එකිනෙක මිශ්‍ර වීමත් සමඟ ඔවුන්ගේ ආවේණික සංගීත රටා නව රටා තුළට මුසු වීම සිදු විය. උදාහරණ ලෙස එක්සත් ජනපදයේ බ්ලූ ග්‍රාස් රටාවෙහි ඇන්ග්ලෝ අයර්ලන්ත , ස්කොට්ලන්ත, අයර්ලන්ත, ජර්මානු හා අප්‍රිකානු උපකරණමය හා කටහඬමය සම්ප්‍රදායන්ගේ අවයව ඇතුළත් වේ. එමඟින් එක්සත් ජනපදයේ බහු ජන වර්ග සමාජය තුළ වැඩි ජනප්‍රියත්වයක් ළඟා කර ගැනීමට හැකි වේ. සංගීත ප්‍රභව බොහෝ විට තීරණය වනු ලබන්නේ සත්‍ය සංගීතයේ මෙන් සම්ප්‍රදායෙන් හා ඉදිරිපත් කිරීමෙන් වේ. ජෝර්ජ් ගෂ්වින්ගේ Rhapsody In Blue වැනි නිර්මාණ තුළ ජෑස් හා සම්භාව්‍ය සංගීතය යනු දෙවර්ගයම අන්තර්ගත යැයි හැඳින්වේ. බොහොමයක් වර්තමාන සංගීත උත්සව සමරනු ලබන්නේ යම් විශේෂිත සංගීත ප්‍රභේදයකි. උදාහරණ ලෙස ඉන්දියානු සංගීතයේ පැරණිතම හා වැඩිම කලක් තිබූ වර්ගයක් වන අතර එය තවමත් දකුණු ආසි‍යාවේ මෙන්ම අන්තර්ජාතිකව ද පුළුල් ලෙස ශ්‍රවණය කරනු ලැබේ. (විශේෂයෙන් 1960 දශකයේ සිට) ඉන්දියානු සංගීතයේ සම්භාව්‍ය සංගීත ආකාර තුනක් පවතී. ඒවා නම් හින්දුස්ථානී කර්නාටක හා දෘපද් රටාය. එහි සමාකරණ රටා විශාල සංඛ්‍යාවක් ඇති අතර එයට ඇතුළත් වන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ තලවද්‍යා රඟ දැක්වීම් වැනි සමස්ථාන සංගීත පමණි. සංගීත අධ්‍යාපනය කොටස් තුනින් සමන්විත යයි. පෙරදිග සලකන ලදි. එම කොස් තුන් නම් ව්‍යවස්ථික සංගීතය, සංගීත ඉතිමාසය සහ මානව සංගීතයයි. මානව සංගීතය යටතේ අධ්‍යනය කෙරනුයේ අපරදිග සංස්කෘත්නගේ සංගීතයය සංගී‍යේ සංස්කෘතයක් පිළිබදවයි. අද වන විට සංගීත අධ්‍යාපනය සරසවි අධ්‍යාපනය දක්වා ව්‍යාප්තව ඇති ශ්‍රාස්ත්‍රපති ආචාර්ය උපාධෂි පවා සංගීත අධ්‍යයනය වෙනුනේ පිරිනැමේ ඩී.එච්.ඒ යනු මෑතකදී හදුන්වා දුන් නව උපාධියකි. ඒ යටතේ විශ්වවිද්‍යළුා ආචාර්යවරැන් ලෙස සංගිතඥයන්ට සම්බන්ධ විමිට අවස්ථාව සැලසෙනු ඇත. මධ්‍යතන යුගයේදි සංගීත අධ්‍යනය ඉතා ඉහළ මම්මටක පැවති අතර ලිබරල් ආට්ස් ලෙස වෙන් කරනු ලැබු කාලාවක් යටතට සංගීතයද අයත් කර ගැනිණ. සත්ත්ව සංගීත විද්‍යාව යනු මානවිය කොටස් සතුන්ගේ සංගීථමය බව පිළිබද අධ්‍යනය කරනු ලබන ක්ෂේත්‍රයකි. ජෝර් හර්සෝග් ෆ්‍රැන්කොයිස් බර්නාඩ් මැකේ නිකොලස් රැවේ වැන්නවුන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ වෙති. සංගීතමය න්‍යාය ඉගෙන ගැනිම සංගීත අධ්‍යනනයේ වැදගත් ක්ෂේත්‍රයකි. මෙවට සංගීතමය ඉතිහාසයව සංගීතමය උපකරණ පිළිබද ඉගෙනීම මෙන්ම ගණිය භෞතික විද්‍යා වැනි ක්ෂේත්‍ර ඇතුළත් වනයේ සංගීත යනු කලාවක් මෙන් විද්‍යාවක් ද වන බැවිනි. සංගීත අධ්‍යාපනය - ප්‍රාථමික ලොවපුරා සංගීත අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැතිරුණු එකකි. පෙර පාසල් අවධියේ සංගීත අධ්‍යාපනය උපයෝගි කර ගනුයේ ළමයෙකුගේ ශ්‍රවණ හැකියාව, ධාරණ ශක්තිය, ගණිතමය දැනුම, අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරිමේ ක්‍රමයක් ලෙසය. පාසල් අවධියේ දී මෙම වඩාත් පුළුල්ව සංගීත භාණ්ඩ වාදනය කිරිමේ කුසලතා රසඥතාවයන් වර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි ව්‍යාප්ත වේ. ද්වීතියික අධ්‍යාපනයේ දී විවිධ සංගීත නිර්මාණ කටයුතු කිරීම, සංගීත නිර්මාණය, ප්‍රසාංග සන්විධානය වැනි කුසලතාවයන් වර්ධනය කෙරේ. විශ්වවිදයාල මට්ටමේදි ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ ඉතිහාසය ඉගෙනීම හා සංගීත රසස්වාදය වර්ධනය කිරීමයි. අද ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල පාඨමාලා ඔස්සේ ලෝකයේ විවිධ රටවල විවිධ සංගීත ශෛලින් පිලිබද කරුණු හැදැරිමේ අවස්ථාව ශිෂ්‍යයන් හට ලබා දි ඇත. පෙරදිග හා අපරදිග යන කොටස් දෙකට අමතරව අප්‍රිකානු සංගීතය, ජපන්, චීන, කෝරියානු ආදි රටවල සංගීත ශෛලින් ද මේ යටතේ හදාරනු ලබයි. සංගීත කර්මාන්තය සංගීත ව්‍යාපාර මේ නමින් හැඳින්වේ. මෙම ක්ෂේත්‍රයට සංගීතයට අදාලව බොහෝ ව්‍යාපාර සහ සංවිධාන අයත්වන නමුත් වර්තමානයේ මෙම ක්ෂේත්‍රය පාලනය වන්නේ මූලික සංවිධාන හතරක් යටතේ වේ. මේවා “ big four” , “the major labels/the majors” ආදී ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන අතර නම් වශයෙන් ඒවා “ Sony BMG” , “ EMI”, “Universal” සහ “Warner” වේ.මෙම එක් එක් සමාගමට විවිධ ප්‍රදේශ සහ වෙළඳපොළ තුළ ක්‍රයාත්මක වන කුඩා සමාගම් රැසක් අයත්වේ. ඉතිහාසය 1700 ශත වර්ෂය තෙක් සංයුක්ත ක්‍රියාවලියට හා සංගීතය මුද්‍රණය කිරීමට වැඩි වශයෙන් සහාය දෙනු ලැබූවේ රදළ පන්තියේ හා පල්ලියේ අනුග්‍රහයෙනි. 1700 ශත වර්ෂයේ මැද භාගයේ සිට පසු භාගය දක්වා වුල්ෆ් ගෑන්ග් ඇමඩස් මොසාට් වැනි රඟ දක්වන්නන් හා රචකයන් ඔවුන්ගේ සංගීතය වෙළඳ පොළ ගත් කිරීමට හා සාමාන්‍ය මහජනයාට රඟ දැක්වීමට වානිජමය අවස්ථා සෙවීම ආරම්භ කරන ලදී. මො‍සාට්ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ (කොන්ස්ටන්ස් වෙබර්) ඔහුගේ සංගීතය වානිජකරණය කිරීමේ ක්‍රියාව අඛණ්ඩව සිදු කරන ලදී. එය ඇය සිදු කරන ලද්දේ අපූර්ව අනුස්මරණ ප්‍රසංග ශ්‍රේණියක් පැවැත්වීම, ඔහුගේ අත්පිටපත් විකිණීම හා ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා වූ ජෝර්ජ් නිසෙන්ගේ සහාය ඇතිව මොසාට්ගේ චරිතාපදානයක් ලිවීම හරහාය. 1800 ශත වර්ෂයේ දී සංගීත කර්මාන්තයේ පත්‍ර සංගීත ප්‍රකාශකයන් විසින් තම අණසක යටතට ගන්නා ලදී. එක්සත් ජනපදයේ සංගීත කර්මාන්තයේ නැගී සිටීම බ්ලැක්ෆේස් මින්ස්ට්‍රෙලිසි ගේ නැගී සිටීමත් සමඟ සිදු විය. එක්සත් ජනපදයේ ජනප්‍රිය සංගීතයෙහි තම අණසක පතුරවා ගත් සංගීත ප්‍රකාශකයන් හා ගීත රචකයන් කණ්ඩායමක් Tin Pan Alley ලෙස හඳුන්වනු ලැබීය. 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ශබ්දලේඛ කර්මාන්තය වැදගත්කමින් දිනෙන් දින ඉහල ගිය අතර පටිගත කිරීමේ කර්මාන්තයේ විශාලතම බලය ලෙස පත්‍ර සංගීත ප්‍රකාශකයන් ප්‍රතිස්ථාපනය කරන ලදී. පෙර ගුවන් විදුලිය හා රූපවාහිනිය සිදු කළ පරිදි ‍ගොනු හුවමාරු කිරීමේ තාක්ෂණික ක්‍රමවල හඳුන්වාදීම මඟින් පටිගත කිරීමේ සමාගම්, ගීත රචකයන් හා කලාකරුවන් අතර තුලනය වෙනස් කරන්නට ඇත. C- Side වැනි සංගීත කණ්ඩායම් එතරම් ජනප්‍රිය නැති Napster වැනි සම සම වැඩසටහන්වලට එරෙහිව සටන් කළ අතර ඒවා මඟ හැරීමට ඒවාට පක්ෂව හා විපක්ෂව මතවාද ගොඩනැඟිනි. ඩිජිටල් හිමිකම් කළමනාකරණ පද්ධති මතභේදයට තුඩු දුන් කරුණක්ව පැවතුණි. 2003 දී නෛතික වශයෙන් බලපත්‍ර හිමි බාගත කිරීමේ අඩවියක් ලෙස Napster නැවත නිකුත් කිරීම හා එම වසර තුළදීම ඇපල් පරිගණකවල iTunes අන්තර්ජාල සංගීත ගබඩාව හඳුන්වාදීමත් සමඟ ප්‍රධාන පටිගත කිරීමේ සමාගම් සංගීත කර්මාන්තයේ ඉතිහාසය ලෙස ඩිජිටල් බාගත කිරීම් වැලඳ ගන්නා ලදී. Napster හා iTunes ප්‍රධාන සමාගම්වල සහාය ද සමඟ ඩිජිටල් සංගීත මිළදී ගැනීමේ සේවාවක් වර්ධනය කරමින් සිටී. මෙය සංගීතය පරිභෝජනය කරන ආකාරයේ මූලික වෙනසකට හේතු විය හැක. එනම් එකින් එක මිළදී ගැනීම නොව පුද්ගලයෙකුගේ නිවසට ගලා එන පහසුකමක් ලෙස සංගීත පරිභෝජනය සිදු වනු ඇත. සංගීතය ජලය මෙන් මිළ දී ගනු ලබනු ඇති අතර (Leonhard , 2004) මිනිසුන් විසින් ඔවුන්ගේ මාසික සංගීත පරිභෝජනයට ගෙවීම් සිදු කරනු ඇත. මේවාද බලන්න සිංදු සංගීතය සංගීතය
3006
https://si.wikipedia.org/wiki/%E2%80%8D%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
‍වර්ෂය
වර්ෂයක් යනු, පෟතුව්ය ,සූර්යා වටා සිය කක්ෂයේ එක් පුනරාගමනයක් සිදු කිරීමට ගන්නා කාලය යි.
3007
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
වර්ෂය
වර්ෂයක් යනු, පෘථිවිය, සූර්යයා වටා සිය කක්ෂයේ එක් පුනරාගමනයක් සිදු කිරීමට ගන්නා කාලය යි. භාහිර සබැඳි Images of years
3010
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9E%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%20%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA
සෞරග්‍රහ මණ්ඩලය
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරස්, මේක්මේක්, හවුමේයා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්‍රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ. පසුබිම හා ව්‍යුහය සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය. ප්‍රධාන අනුක්‍රම G2 තරුවක් වන එහි මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% අඩංගු වේ. එසේම හිරුගේ ආකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී. පද්ධතියේ ඉතිරි ස්කන්ධයෙන් 90% ක් පමණ අයත් කර ගන්නේ හිරුගේ විශාලතම කක්ෂීය වස්තූන් වන බ්‍රහස්පති හා සෙනසුරු ය. හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්තිවලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී. ග්‍රහලෝක කාන්ති වලයට ඉතා සමීප අතර ධූම කේතු හා කුයිපර් වළල්ලේ වස්තු සාමාන්‍යයෙන් එම තලයට සැලකිය යුතු ආනතියකින් පිහිටා ඇත. ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු හිරුගේ භ්‍රමණය සමග කක්ෂවල චලනය වෙයි. (හිරුගේ උත්තර ධ්‍රැවයට ඉහළ සිට නිරීක්ෂණය කරන විට ඔරලෝසු කටු කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට) හේලිගේ වල්ගා තරුව වැනි මෙයින් වෙනස් වු ඒවාද ඇත. ග්‍රහවස්තු හිරු වටා චලනය වන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලන මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දළ ඉලිප්සයක් දිගේ චලනය වේ. සුර්යයාට වඩා ආසන්නයෙන් ඇති වස්තු වඩාත් වේගයෙන් ගමන් කරයි. ග්‍රහලෝකවල කක්ෂ සුළු වශයෙන් වක්‍රාකාර වේ. එහෙත් බොහෝමයක් ධූම කේතු, උල්කා හා කුයිපර් වළල්ලේ වස්තු අතිශයින් ඉලිප්සීය පථවල ගමන් ගනී. සම්බන්ධ වී ඇති විශාල දුරවල් සමඟ ක්‍රියා කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ බොහොමයක් නිරූපනවල කක්ෂ අතර දුර එකම වේ. නමුත් සැබවින්ම අවස්ථා කිහිපයක් හැරුණු කොට හිරුගෙන් ඈතටයත්ම කක්ෂ දෙකක් අතර දුරද වැඩිවේ. උදාහරණයක් ලෙස සිකුරු බුධට වඩා දළ වශයෙන් 0.33 Au දුරින් පිහිටන අතර සෙනසුරු බ්‍රහස්පතිට වඩා 4.3Au ද නෙප්චූන් යුරේනස්ගෙන් 10.5Au දුරින්ද පිහිටයි. මෙම කක්ෂ දුර අතර සබඳතාවක් ගොඩ නැගීමට තාරකා විද්‍යාඥයෝ ප්‍රයත්න දරා තිබේ.(විටියස් බෝඩ් නීතිය බලන්න) එහෙත් තවමත් එවැනි පිළිගත් සිද්ධාන්තයක් ඉදිරිපත් නැත. නිර්මාණය වීම හා පරිණාමය නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.6කට පෙර සුවිසල් වායු - ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමකට ලක් වීමෙනි. එම වළාව ආලෝක වර්ෂ කිහිපයක් විශාල විය යුතු අතර තාරකා ගණනකට ජීවය ලබා දි තිබිය යුතුය. පැරණි උල්කා අධ්‍යයනයේ දී පිපිරෙන අති විශාල තරුවක මධ්‍යයේ පමණක් නිර්මාණය කළ හැකි මූලද්‍රව්‍ය පිළිබඳ ඉඟි හමුවී ඇත. එයින් සූර්යයා තාරකා පොකුරක් තුළ නිර්මාණය වූ බව හැඟවේ. එසේම එම ප්‍රදේශය අසල සුපර්නෝවා පිපිරීම් කිහිපයක් ද සිදු වී ඇත. මෙම සුපර්නෝවා මඟින් ඇතිවන කම්පන තරංගය අසල ඇති නිහාරිකාවේ අධි ඝනත්ව කලාප ඇති කර ගුරුත්වජ බලවලට අභ්‍යන්තර වායු පීඩනය මැඩ පැවැත්වීමට ඉඩ සලස්වා බිඳ වැටීම සිදු කරවයි. එලෙස සූර්යයා නිර්මාණය වූ බව සැලකේ. දැනට සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිපුර ඇති සමස්ථානික එලෙසින්ම පූර්වයේ සූර්ය ග්‍රහ මණ්ඩලය තැනීමට දායක වූ නිහාරිකාවේද තිබෙන්නට ඇතැයි සැලකේ. ඒවා නම්, පූර්ව සූර්ය නිහාරිකාව සෞරග්‍රහ මණ්ඩලය බවට පත්වීමට තිබූ ප්‍රදේශය හඳුන්වන්නේ පූර්ව සූර්ය නිහාරිකාව ලෙසය. 7000ත් 200000AU ත් (AU=නක්‍ෂත්‍ර ඒකක, එනම් පොළවේ සිට සූර්යයාට ඇති දුර) අතර පරිධියකින් යුක්ත වූ එය ස්කන්ධයෙන් සූර්යයාට වඩා මඳක් ඉදිරියෙන් සිටී. (සූර්ය ස්කන්ධ 0.1 හා 0.001 අතර ? ). මුලදී එහි අංශු ඉතා ඈතින් පිහිටා ඇති වළාවක් ලෙසින් පැවතුණි. වසර මිලියන ගණනක් ඇවෑමෙන් එය අංශු එකිනෙක කැටි වූ (ළං ව ඇසිරුණු) ධූලි-වායු වළාවක් ලෙස පෙනෙන්නට විය. මුලදී මෙම ධූලි වලාවට ඉතා කුඩා කෝණික ගම්‍යතාවක් තිබු බව විශ්වාස කෙරේ. ගුරුත්වය හේතුවෙන් නිහාරිකාව බිඳ වැටීමත් (සංකෝචනය) සමඟ, කෝණික ගම්‍යතා සංස්ථිතිය තුළින් පැහැදිලි කෙරෙන පරිදි එය වේගයෙන් භ්‍රමණය වන්නට විය. එවිට නිහාරිකාව ආසන්න වශයෙන් ගෝලයක හැඩයට පත් වූ අතර, (මේ සඳහා අවුරුදු 10,000 - 1,000,000ත් අතර කාලයක් ගතවී ඇත.) කේන්‍ද්‍රාපසාරී බලය හේතුවෙන් ගෝලයේ සමකය ලෙස හැඳින්විය හැකි ප්‍රදේශයේ ඇති ද්‍රව්‍ය පිටතට විහිදී තැටියක් ආකාරයේ හැඩයක් ජනනය විය. එය පූර්ව ග්‍රහලෝක තැටිය (proto planetary disk) ලෙස හඳුන්වයි. " පූර්ව සුර්යයා නිහාරිකාව තුළ සංඝනීකරණය වීමත් සමඟම එය තුළ වූ පරමාණු වැඩි සංඛ්‍යාතයකින් ගැටීමට පටන් ගැණුනි. වැඩිම ස්කන්ධ ප්‍රමාණයක් එකතු වී ඇති මධ්‍යයය තැටියේ අනෙක් පෙදෙස්වලට වඩා උණුසුම් විය. ගුරුත්වය, වායු පීඩනය, චුම්භක ක්ෂේත්‍රය හා භ්‍රමණය නිහාරිකාව මත ක්‍රියාකර එය භ්‍රමණය වන ප්‍රාථමික ග්‍රහ තැටියක් බවට පත් විය. දළ වශයෙන් එහි පරිධිය 200AU වේ. එහි මාධ්‍යය ඉහළ උණුසුමකින් හා ඝනත්වයකින් යුක්තය. වයසින් අඩු හා පරිමාණයෙන් අඩු හිරුට සාමාන යැයි විශ්වාස කෙරෙන පූර්ව විලයන සූර්ය ස්කන්ධ තාරකා, (T ටෝරි තාරකා) පිළිබඳ අධ්‍යයනයන් පෙන්වන්නේ එම තාරකා නිතරම පූර්ව ග්‍රහ පදාර්ථවලින් යුත් තැටි සමඟ ඇති බවයි. මෙම තැටි නක්‍ෂත්‍ර ඒකක සිය ගණනක් දක්වා විස්තීරණය වන අතර එළඹෙන උපරිම උෂ්ණත්වය කෙල්වින් දහසක් පමණ වේ. ප්‍රධාන අනුක්‍රමනයට පිවිසීම වසර මිලියන 50 ක් තුළ, බිඳ වැටෙන නිහාරිකාවෙහි කේන්ද්‍රයේ ඇති හයිඩ්‍රජන්හි ඝනත්වය හා පීඩනය ප්‍රාථමික සූර්යයාට තාප න්‍යෂ්ටික විලයන ආරම්භ කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රමාණයකට වැඩි වෙයි. (එනම් මධ්‍යයේ උෂ්ණත්වය කෙල්වින් අංශක මිලියන එකක් පමණ උෂ්ණත්වයක් හා පීඩනය ප්‍රමාණවත් තරම්.) ද්‍රවස්ථිතික තුල්‍යතාව (hydrostatic equilibrium) ලැබෙන තෙක් උෂ්ණත්වය, ප්‍රතික්‍රියා සීඝ්‍රතාව, පීඩනය හා ඝනත්වය ඉහළ නගී. එවිට තාප ශක්තිය (විකිරණ පීඩනය - radiation pressure) ගුරුත්වජ ආකර්ෂණයට එරෙහිව ක්‍රියාකිරීමට ද පටන් ගනී. මෙම අවස්ථාවේ දී හිරු පූර්ණව වැඩුණු ප්‍රධාන අනුක්‍රම තාරකාවක් බවට පත්වේ. දැනුදු අප සූර්යයා ප්‍රධාන අනුක්‍රමයේ තරුවකි. තවත් වසර බිලියන 5-6ක් පමණ එය ප්‍රධාන අනුක්‍රමයේ පවතිනු ඇත. ග්‍රහලෝක නිර්මාණය ඉතිරිව පවතින වායු වළාකුළු හා දූවිලි (පූර්ව ග්‍රහ තැටිය) මඟින් විවිධ ග්‍රහලෝක නිර්මාණය විය. මධ්‍ය ප්‍රාථමික තාරකාව වටා කක්ෂවල දූවිලි අංශු ලෙස ග්‍රහලෝක ආරම්භ විය. ඉන්පසු ඒවා සෘජු ගැටීම් හරහා පරිධිය මීටර් එකක් හා දහයක් අතර අගයක් ගන්නා තැටියක් බවට පත්වේ.අනතුරුව ඒවා තව තවත් ගැටී ප්‍රමාණයෙන් 5km පමණ වන විශාල වස්තු (ප්ලැනටෙසිමල්ස්) බවට පත්වේ. ඒ අයුරින් නැවත නැවත ගැටීම්වලට ලක්වීම හේතුවෙන් දළ වශයෙන් වසරකට 15cm බැඟින් ඊළඟ වසර මිලියන ගණන පුරාවට විශාල වීම සිදුවේ. ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ජලය හා මීතේන් වැනි වාෂ්පශීලී අණුවලට සංඝනීකරණය විය නොහැකි තරම් උණුසුම් නිසා එහි නිර්මාණය වන ප්ලැනටෙසිමල්ස් සාපේක්ෂව කුඩා වේ. (තැටියේ ස්කන්ධයෙන් 0.6% ක් පමණ)එසේම ඒවා සිලිකේට හා ලෝහ වැනි ඉහළ ද්‍රවාංක සහිත සංයෝගවලින් විශාල ලෙස සමන්විත වේ. මෙම දෘඩ වස්තු කාලයත් සමඟම භෞමික ග්‍රහලෝක බවට පත්වේ. තවදුරටත් විමසා බලන කළ බ්‍රහස්පතීගේ ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා ඒ අවට වූ ප්‍රාථමික ග්‍රහ වස්තුවලට එකතු වීමට නොහැකි විය. ග්‍රාහක වළල්ල නිර්මාණය වූයේ එලෙසය. වඩා වාෂ්පශීලී අයිස් සංයෝග ඝන ආකාරයෙන් පැවතිය හැකි වූ තුහින රේඛාවට පිටින් වූ ප්‍රදේශයෙහි වූ බ්‍රහස්පති හා සෙනසුරු වායු දැවැන්තයන් විය. යුරේනස් හා නෙප්චූන් අඩු පදාර්ථ ප්‍රමාණයක් අල්වා ගත් අතර එම ග්‍රහලෝක අයිස් දැවැන්තයන් ලෙස හඳුන්වයි. එයට හේතුව ඒවා වැඩි වශයෙන් අයිස්වලින් (හයිඩ්‍රජන් සංයෝග) නිර්මාණය වී ඇතැයි සැලකීමය. සූර්යයා ශක්ති නිපදවීම ආරම්භ කළ විට සූර්ය සුළං (solar wind) ප්‍රාථමික ග්‍රහ තැටියේ වායු හා දූවිලි තාරකා විශ්වයට පා කර හරින අතර ග්‍රහලෝකවල වර්ධනය නිමා කරයි. T ටෝරි තාරකාවලට, වඩා පැරණි ස්ථායී තාරකාවලට වඩා වැඩි ශක්තිමත් තාරකා සුළඟක් (stellar wind) පවතී. සූර්යයාගේ මියයාම සුර්යයා ප්‍රධාන අනුක්‍රමණයෙන් ඉවත් වනතෙක් සෞරග්‍රහ මණ්ඩලය පවතින බව විශ්වාස කෙරේ. හයිඩ්‍රජන් ඉන්ධන දහනය හරහා සූර්යයා දහනය වන විට එය ඉතිරි ඉන්ධන දහනය කිරීම සඳහා තවත් උණුසුම් වේ. එම නිසා එහි තවත් වේගයෙන් දහනය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසර බිලියන 1.1 ටම දළ වශයෙන් 10% කින් සුර්යයාගේ දීප්තිය වැඩිවේ.එතැන් සිට වසර බිලියන 7.6 ගතවු කළ, හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන්වල සිදුවීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත. එය සුර්යයා දැන් පවතින පරිධිය මෙන් 260 වාරයක් පමණ දක්වා විශාල වීමට හේතු වේ. සුර්යයා රතු දැවැන්තයා බවට පත් වන්නේ ඒ අයුරිනි. එම අවස්ථාවේ දී එහි විශාලම ලෙස වැඩි වූ පෘෂ්ටික වර්ගඵලය නිසා සූර්යයා සීතල වීමට පටන් ගනී.එවිට ක්‍රම ක්‍රමයෙන් සූර්යයාගේ බාහිර ස්ථර සුදු පැහැති කුඩා වස්තුවක් ඉතිරි කරමින් නැතිවී යනු ඇත. අසාමාන්‍ය ඝනත්වයකින් යුත් මෙම වස්තුව එහි මුල් ස්කන්ධයෙන් භාගයක් වන අතර ප්‍රමාණයෙන් පෘථිවිය තරම් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයා සූර්යයා අහසේ දක්නට ලැබෙන විශාලතම තාරකාව ද ‍වේ. සැමගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ද වන සූර්යයා වටා සෙසු ග්‍රහලෝක විවිධ කක්ෂවල ගමන් කරනු ලබයි. මෙසේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක අටකි.එනම්,බුධ,සිකුරු,පෘථිවි,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස් හා නෙප්චුන් වශයෙනි. ග්‍රහලෝක ප්‍රවර්ගයන් ප්‍රධාන ග්‍රහලෝක නවය ඒවායේ ප්‍රමාණය හා ඝනත්වය මුල් කරගෙන ප්‍රවර්ගයන් දෙකකට බෙදනු ලැබේ. එනම්, අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝකවල ඝනත්වය වැඩිය. බාහිර ග්‍රහලෝකවල ඝනත්වය අඩුය. එයට හේතුව ඒවායේ වැඩිපුර වායු තිබීමය. අභ්‍යන්තර ග්‍රහලෝක - බුධ, සිකුරු, පෘථිවි, අඟහරු බාහිර ග්‍රහලෝක - බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් යන ඒවාය භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක භෞමික ග්‍රහලෝක යනු බුධ ග්‍රහයාගේ සිට පෘථිවිය තරම් විශාල ග්‍රහලෝක වේ. මේවා බොහොමයක්ම සෑදී ඇත්තේ සිලිකේට් පාෂාණයෙනි. යෝධ ග්‍රහලෝක සූර්යයාගෙන් ඈත්ව පිහිටා ඇත. මෙම යෝධ ග්‍රහයන් ඇති වීමේ දී ඒවා වටා තිබූ වායු ගෝලවල ආධාරය ද ලැබී ඇත. භෞමික ග්‍රහලෝක - බුධ, සිකුරු, පෘථිවි, අඟහරු යෝධ ග්‍රහලෝක - බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා සූර්යයා අප සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. ඉන් පිටවන ආලෝකය මිනිත්තු අටක් තුළ පෘථිවියට ළඟා වේ. විෂ්කම්භය කි.මී.1,391,400 (මිලියන 1.3) ක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ. සූර්යයා මතුපිට ලප විශේෂයක් දකිනට ලැබෙන අතර එය සෑම දිනකම එකම ස්ථානයක දක්නට නොලැබේ. ඒ අනුව සූර්යයා ද තමා වටා භ්‍රමණය වේ. එම එක් වටයක් සම්පූර්ණ වීමට දින 25ක් ගත වේ. සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000ක් වේ. එවැනි අධික උෂ්ණත්වයක් යටතේ කිසිඳු ඝන ද්‍රව්‍යවක් හෝ ද්‍රවයක් තිබිය නොහැකි නිසා සූර්යයා නිර්මාණය වී ඇත්තේ වායුවලිනි. සූර්යයා සතුව සුවිශාල බලයක් පවතින බව 1871දී හර්මන් වොන් හෙල්ම් විසින් පෙන්වා දුනි. එනම් ගල් අඟුරු රාත්තල් 1500ක් පැයක් දහනය කළ විට පිටවන ශක්ති ප්‍රමාණය සූර්යයාගෙන් සෑම මොහොතකම එහි වර්ග අඩියකින් පිටවන බවයි. සූර්යයා සතුව ග්‍රහයින් 08ක් ද චන්ද්‍රයන් 66ක් ද සිටී. බුධ ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය. බුධ ග්‍රහයා තම අක්ෂය වටා කැරකීම ඉතාම සෙමින් සිදුවන්නකී. බුධ ග්‍රහයා ට දවල් සහ රාත්‍රිය ගත වීමට දින 59ක් ගතවේ. නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත. යකඩ, නිකල්, සිලිකේට් වලින් සැදී ඇත. සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය. එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය. පෘථිවියේ සිට දුර සැතපුම් මිලියන 57කී. බුධ ග්‍රහයා සූර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්ෂයකය. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ. උප ග්‍රහයන් නොමැත. සිකුරු සෞර ග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "පහන් තරුව", "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි. සූර්යා වටා ගමන් කිරීමට දින 262 ක කාලයක් ගතවේ. සුර්යයා සිට දුර කීලෝ මීටර් මිලියන 108 කී. සිකුරු ග්‍රහයා ආවරණය වී ඇත්තේ වළාකුළු, ජලවාෂ්ප , සල්ෆියූර්ක් ඇසිඩ් වලිනි. සාමාන්‍ය දුරේක්ෂයකින් බලා ගත නොහැක. බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ. මෙහි මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළය. සුර්යාට ආසන්නයේ බුධ ග්‍රහයා ගමන් කළත් බුධට වඩා උණුසුම්ය. එය කෙල්වින් 750ක් වේ. එබැවින් ජලය හෝ ජීවීන් නොමැත. එම නිසා මෙය ද බුධ මෙන්ම කාන්තාර ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එහි මතුපිටින් 80%ක් පවතින්නේ තැනිතලා බිම්ය. වායු ගෝලය කාබන්ඩයොක්සයිඩ් සංයුක්ත වී ඇත. එබැවින් ග්‍රහලෝක මතුපිටට ලැබෙන සූර්යය කිරණ මඟින් තදින්ම උණුසුම් වී ඇති අතර එම උණුසුම වළාකුළු සහ කාබන්ඩයොක්සයිඩ් හේතුවෙන් පරාවර්ථනය සිදුවීමක් සිදු නොවේ. මෙහිදී ද හරිතාගාර ආචරණය ද බලපානු ලැබේ සිලිකේට්, යකඩ, නිකල් වලින් සැදී ඇත.උප ග්‍රහයන් නැත.🌍🌎🌏🌋 පෘථිවිය අප සෞරග්‍රහ මංඩලයේ ඇති ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත. පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24 කටම වරක් බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. මෙය "පෘථිවි දිනක්" නමින් හැඳින්වේ. පෘථිවියට සූර්යයා වටා යාමට දින 365.25ක් ගත වේ. මෙම දින 0.25 වසර 4ක් පුරා එකතු කිරීම නිසා වමර 4නට පසු එළ‍ඹෙන වසර අධි වසරක් ලෙස සැල‍කේ. පෘථිවිය ස්ථර කිහිපයකින් නිර්මාණය වී ඇත. එහි ඇතුළතින්ම ඇත්තේ අභ්‍යන්තර මදය වේ. ඊට පිටතින් ඇත්තේ පිටත මදයයි. ඊට පිටතින් වැස්ම නම් කොටසක් ඇත. ඊට පිටතින් බාහිර වැස්ම නම් කොටසක් ඇත. පිටතින්ම ඇත්තේ පිට කුෂ්ටලයයි. පෘථිවියට එක් උපග්‍රහයෙක් සිටින අතර එය චන්ද්‍රයා යනුවෙන් හැදින්වේ.එය පෘථිවියට කි.මී. 3,80,000ක් දුරින් පිහිටා ඇත. මෙය පෘථිවියට ආසන්නම ග්‍රහ වස්තුව වේ. එමගින් බල පවත්නා ආකර්ෂණ බලය නිසා පෘථිවියේ ඇති මුහුදු හා සාගරවල වඩදිය හා බාදිය ඇති කරනු ලබයි. පෘථිවියේ උසම ස්ථානය එවරස්ට් කඳු මුදුන(8,850m) වන අතර ගැඹුරුම ස්ථානය මරියානා ආගාධය (11,520m) වේ. අඟහරු සෞර ග්‍රහ මණ්ඩලයේ රතු පැහැයෙන් දිස්වන එකම ග්‍රහලෝකය අඟහරුය. එබැවින් මෙය රතු ග්‍රහයා ලෙස ද හැඳින්වේ. පෘථිවියට සිකුරු හැර ළඟින්ම පිහිටා ඇති ග්‍රහලෝකය අඟහරුය. මෙහි විෂ්කම්භය කි.මී.6794කි. අඟහරු ග්‍රහයාගේ ඍතු ඇති වීම් සොයා ගෙන ඇති අතර ඒවායේ කාලය පෘථිවියේ ඍතුවලට වඩා දෙගුණයකි. අඟහරුට ඉතාමත් තුනී වායුගෝලයක් පවතින අතර එහි ඇත්තේ භූමි කම්පා නිසා එකතු වූ කාබන් ඩයොක්සයිඩ්ය. මෙහි රාත්‍රී කාලයේ උෂ්ණත්වය කෙල්වින් 187ක් වන අතර දිවා කාලයේ දී කෙල්වින් 244කි. දැනට සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම ගිනි කන්ද සොයා ගෙන ඇත්තේ අඟහරු මතිනි. ඔලිම්පස් මොන්ස් නමින් හැඳින්වෙන එය සොයා ගෙන ඇත්තේ 1971 දී අඟහරු කරා ගිය මැරිනර් නම් අභ්‍යවකාශ යානයෙනි. එය එවරස්ට් කන්ද (8.8 කි.මී.) මෙන් තුන් ගුණයක පමණ උසකින් (25 කි.මී.) යුක්ත වෙයි. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර එය හඳුනා ගනු ලැබුවේ ඇමරිකානු ජාතික එසාප් හෝල් විසිනි. අඟහරු ආසන්නයේම ඇති චන්ද්‍රයා පොබෝස් (Phobos) ලෙස ද එයට පිටතින් ඇති චන්ද්‍රයා ඩයිමෝස් (Deimos) ලෙස ද නම් කර ඇත. මේ වන විට අඟහරු මත ජලය සහ ජීවීන් පවතීද යන්න පිළිබඳ පර්යේෂණවල නිරත වේ. බ්‍රහස්පති සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වේ. සෙසු ග්‍රහලෝකවල මුළු බරෙන් 71%ක ස්කන්ධයකින් යුක්ත මෙය සියලුම ග්‍රහලෝකවල පරිමා එක් කළ විට ඒවා මෙන් 2.5ක ගුණයකින් යුක්ත වේ. බ්‍රහස්පතිගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 10 ගුණයකට ආසන්නය. එය කි.මී.1,42,984කි. බ්‍රහස්පති මත තද පැහැති පටි (Belt) වැනි ප්‍රදේශ ද දීප්තිමත් ප්‍රදේශ ද දැක ගත හැක. ඒවා පෘථිවියට ද වඩා විශාල ව්‍යුහයන් වේ. එම පටිවල වර්ණ කොළ, රතු හෝ දුඹුරු වේ. මෙහි දක්ෂිණ ධ්‍රැවයේ ආසන්නයේ තද රතු පැහැ ලප දක්නට ලැබේ. ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලය ඇත්තේ බ්‍රහස්පතිටය. බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 79ක් පවතී. බ්‍රහස්පති සතුව වළලු පවතින අතර ඒවා ඉතා දුර්වල ලෙස බ්‍රහස්පති අසළ පවතී. සෙනසුරු සෞර ග්‍රහ මණ්ඩලයේ දර්ශනීයම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ සෙනසුරුය. සෙනසුරු වටා දර්ශනීය වළලු පද්ධතියක් පිහිටා තිබීම නිසා මෙම විරුදාවලිය ලබා ඇත. ගල්, පර්වත හා අයිස්වලින් නිර්මාණය වූ වළලු තුනක් මේ වටා පවතී. එහි වර්ණ ප්‍රධාන කළු හා දුඹුරු වේ. මේවා විවිධාකාර දුරවලින් එකම තලයක පිහිටමින් සෙනසුරු වටා භ්‍රමණය වේ. විෂ්කම්භය කි.මී. 1,20,660ක් වන මෙය දෙවන විශාලතම ග්‍රහයා වේ. සෙනසුරුගේ මධ්‍යයේ ඇති පාෂාණ ඝනත්වය ඉතා අඩු බැවින් මෙය ඝනත්වය අඩුම ග්‍රහයා ලෙස සැලකේ. මෙයට චන්ද්‍රයන් 82ක් සිටි. යුරේනස් මෙය 1781 දී විලියම් හර්ෂල් (William Herschel) විසින් සොයා ගෙන ඇත. යුරේනස් සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති තුන්වන විශාලතම ග්‍රහයා වේ. මෙහි විෂ්කම්භය කි.මී.50,800කි. ගණනක්ද . යුරේනස් වටා වර්ණ වළලු 10ක් පවතින අතර ඒවා සෙනසුරු හා බ්‍රහස්පතිගේ වළලුවලට වඩා පටුය. සූර්යයා වටා යුරේනස් ගමන් කරනුයේ ද සිකුරු මෙන් වාමාවර්තවය. සූර්යයා වටා වසරක් යාමට යුරේනස්ට පෘථිවි වසර 82ක් ගත වේ. සූර්යයා වටා යුරේනස් ගමන් කිරීමේ දී ඇති වන අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඍතු ඇති වේ. තව ද යුරේනස් සතුව චන්ද්‍රයන් 27ක් ද පවතී. නෙප්චූන් මෙය ප්‍රංශ ජාතික ලැවේරියල් හා ඇඩම්ස් විසින් සොයා ගන්නා ලදි. මෙහි විෂ්කම්භය කි.මී.48,600කි. නිල් පැහැතිය. නෙප්චූන්හි ආරුක්කු හැඩැති වළලු දෙකක් දැක ගත හැක. සෙසු ග්‍රහලෝක වටා ඇති ඒවා වෘත්තාකාර අතර මෙහි වළලු ආරුක්කු හැඩැති (U) ය. ඒවා සෙනසුරු වටා ඇති වළලුවලට වඩා පටුය. නෙප්චූන් සතුව චන්ද්‍රයන් 14ක් පවතින අතර සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන්ගෙන් විශාලතම චන්ද්‍රයෙක් වන ට්‍රයිටන් එය සතුය. සෞරග්‍රහ මණ්ඩලය තාරකා විද්‍යාව
3183
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA
සැළලිහිණි සන්දේශය
සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි. පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යු‍ගයේ]] දී ලියැවුණු මයුර සන්දේශ]] කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි]] දී ය. ඉන් පසු එය සීතාවක යු‍ගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි. මෙය ‍පද්‍ය 108 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත්, මාත්‍රා 18කින් යුක්ත ගීතමය විරිතක් වන සමුද්‍රඝෝශ විරිතෙන් රචිත ගීතමය සංදේශයකි කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි. බාහිර සබැඳුම් සැළලිහිණි සන්දේශයේ පෙළ සන්දේශ කාව්‍ය
3198
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1
රුක්අත්තන
වැල් රුක්අත්තන (Golden trumpet vine) නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි. මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක. රැක් අත්තන මධ‍යාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ. පරිසර විද්‍යාව
3201
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%86%E0%B7%8A
කුරුෆ්
මේ සමාන නම ඇති නවසීලන්ත නගරය සඳහා Kurow බලන්න කුරුෆ් යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා ලුබ්ලින් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2005 වර්ශය වන විට මෙහි ජනගහනය 2811 කි. 2013 වන විට ජනගහනය 2870 කි. වර්ශ 1431 හා 1442 කාලය තුල මෙම ග්‍රාමය නගරක් ලෙස සලකා මැග්ඩෙබර්ග් නීතියට අනුව බලතල පවරා තිබී ඇත. පුද්ගලික නගරයක් වන මෙය අවට ප්‍රදේශයේ කෘෂි ආර්ථික, වෙලඳ මධ්‍යස්ථානයද වේ. තවද මෙහි, සත්ව ලොම් හා සම් කර්මාන්තශලා කිහියක්ද පිහිටා ඇත.
3205
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2013
මැයි 13
මැයි ග්‍රෙගරි දිනදසුනේ දින අවුරුද්දේ දින