id
stringlengths
4
6
url
stringlengths
31
789
title
stringlengths
1
109
text
stringlengths
2
589k
3215
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA
මහින්දාගමනය
මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ. මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ; මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම තිස්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම ජනතාව බුද්ධ ධර්මය වැලඳගැනීම ගස්,ගල් හා සතා සිව්පාවන්⁣⁣ට වදිමින් සිටි ජනතාව බුදු දහම පිළිගැනීම තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ. මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ; මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම රාජකීයන් [බුද්ධාගම] වැලඳගැනීම තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ; මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම රාජකීයන් [බුද්ධාගම] වැලඳගැනීම තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ. මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ; මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම රාජකීයන් [බුද්ධාගම] වැලඳගැනීම තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම මහින්දාගමනයට පෙර ආගම සහ සමාජය මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ ඔවුන් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ සහ තමන්ට උපකාරවන වස්තූන් ( ගස්, සඳ, හිරු) ආදිය වන්දනා මාන කළ බවයි. හාක තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම මිහිනතලාවේදී සිදුව ඒ ක්‍රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය. “තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි. “සමණාමයං මහාරාජ .....” “මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.” රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි. බුද්ධි පරීක්ෂණය ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි. ´අඹ පැනය`, ´ඥාති පැනය`පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු. චුල්ල හත්ථි පදෝපම සූත්‍ර දේශනය මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි. පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්‍ර” දෙසුම ඇරඹෙයි. මහින්දාගමනයෙන් පසු ලංකාව එතැන් සිට ලක්දිව [[සංස්කෘති හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය පෙරළියකට ලක් වෙයි. මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි. ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය. මහින්දාගමනයෙ ලක්දිව සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ. රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී. එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි. වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය. රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය. මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද? සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය. අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්. රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. අපට ලාබුනු දායද = Auther:R.Lakshan Dulip Study in :Galle upper homadola junior school මහින්දාගමනය
3222
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
නොකියා
නොකියා ඕවිජී (, ;) යනු, ෆින්ලන්ත බහුජාතික සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සමාගමකි. මහා හෙල්සින්කි පුරවර ප්‍රදේශයෙහි, එස්පර්, ඌසිමා හී, නොකියා මූලස්ථානය පිහිටා ඇත.2014 වසරේදී, රටවල් 120 ක් පුරා නොකියා විසින් සේවකයන් 61,656 ක් භාවිතා කරමින්, රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක වෙළෙඳාම් කටයුතු කරමින් වාර්ෂීක ආදායම €12.73 බිලියන පමණ රැස් කර ගති. නොකියා යනු හෙල්සින්කි කොටස් වෙළෙඳපොළෙහි සහ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති පොදු සීමාසහිත -ආධිනතා සමාගමකි. ෆෝර්චූන් ග්ලෝබල් 500 පරිදී, 2013 ආදායම් මිනුම අනුව එය ලෝකයේ 274වන-විශාලතම සමාගම වෙයි. සමාගම විසින් වර්තමානයේ සිය අවධානය යොමු කරන්නේ මහා-පරිමාණයේ දුරවිනැවුම් යටිතලව්‍යුහයන්, තාක්ෂණික ප්‍රවර්ධනය සහ බලපත්‍රකරණය සහ, මාර්ගගත සිතියම්කරණ සේවා වෙතය. ජීඑස්එම් සහ එල්ටීඊ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා සහාය වෙමින්, ජංගම දුරකතන ක්‍රම කර්මාන්තයෙහිද සැලකිය යුතු දායකත්වයක් නොකියා විසින් සිදු කෙරුනු අතර, කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී, ලෝකයේ විශාලතම ජංගම දුරකතන විකුණුම්කරු විය. එහි සිම්බියන් මඤ්චකය තුලින්, ස්මාට්ෆෝන් කර්මාන්තය වෙතද නොකියා හී ආධිපත්‍යය විස්තීරණය කෙරුණු මුත්, ඇපල් හී අයිෆෝන් පෙළ සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් වල නැගී ආ ආධිපත්‍යය නිසා එය විගසින් ඡායාච්ඡාදනය විය. අත්‍යන්තයෙහිදී 2011 වසරෙහිදී, නොකියා විසින් මයික්‍රොසොෆ්ට් සමග ගිවිසුමකට එළඹියේ, අනාගත ස්මාර්ට්ෆෝන් සඳහා අනන්‍ය ලෙසින් එහි වින්ඩෝස් ෆෝන් මඤ්චකය භාවිතා කිරීම සඳහාය. සම්පූර්ණ අගය €5.44 බිලියන (US$7.17 බිලියන) වන සමස්ත ගනුදෙනුවක කොටසක් වශයෙන්, නොකියා හී ජංගම දුරකතන ව්‍යාපාරය අත්පත් කර ගන්නා බවට, 2013 සැප්තැම්බරයේදී, මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයට පත් කලේය. 2014 අප්‍රේල් 25 දින අවසන් කෙරුණු ගනුදෙනුවේ කොටසක් ලෙසින්, නොකියා හී හිටපු ප්‍රවිනි, ස්ටිෆන් එලොෆ් සහ තවත් විධායක නිලධාරින් කිහිප දෙනෙක්, මයික්‍රොසොෆ්ට් හී උපාංගයක් වන නව මයික්‍රොසොෆ්ට් මොබයිල් හා එක්වුනහ. 2014 සැප්තැම්බරයේදී, තෙවන-පාර්ශව නිෂ්පාදකවරුන් සඳහා, නිෂ්පාදන සැලසුම් හා තාක්ෂණ බලපත්‍රකරණය කිරීම නොකියා විසින් ඇරඹුවේ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් දෘඩාංග වෙළෙඳපොලෙහි නොකියා සන්නම දිගටම පවතිනු පිණිසය. 2015 අප්‍රේල් 15 දිනදී, නොකියා ප්‍රකාශයට පක්කලේ, €15.6 බිලියන මුදලකට, ප්‍රංශ දුරවිනැවුම් උපකරණ සමාගම ඇල්කටෙල්-ලූසන්ට් තමන් විසින් මිලයට ගන්නා බවයි. ආශ්‍රිත
3232
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%93%20%E0%B6%9C%E0%B7%9D%E0%B6%AD%E0%B6%B8%E0%B7%93
ප්‍රජාපතී ගෝතමී
ප්‍රජාපතී ගෝතමී (මහා ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා සිංහහානු රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදරියක් විය. සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පුතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.සිද්ධාර්ථ ,නන්ද ,සුන්දරී නන්දා ,රාහුල සහ යශෝධරා මේ සියලු දෙනාට මහ ප්‍රජාපතී ගෝතමීය එකසේ ආදර සැලකිලි දැක්විය. බුදුන් වහන්සේ බුදුවී පළමු වරට කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමඟම ඇයද පැවිදි වී රහත් බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී. බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ.
3233
https://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%92
ඩයිනමික්-ලින්ක් ලයිබ්රි
ඩයිනමික් ලින්ක් ලයිබ්රි යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා නිපදවන මෘදුකාංග (හෝ ඒවායේ කොටස්) වල ගොනු විශේෂයකි. [Dynamic = ගතික] මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස) අන්තර්ගතය (Format) .DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ. එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (entry point/main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ. වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක. මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත. (මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API) API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක. වෙනස් පරිගනක භාෂා එකට යෙදීම එක් පරිගනක භාෂාවකින් තනා ඇති .DLL වැඩසටහනක් වෙනත් භාෂාවක වැඩසටහනක් තුල සිට පවා API හරහා භාවිතා කල හැක. මෘදුකාංග
3236
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%20%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F
බෞද්ධ ධර්ම සංගායනා
‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ. ‍ප්‍රථම සංගායනාව ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි ලෙස සකස් කරන ලද්දේ මෙම ප්‍රථම සංගායනාවේදී ය. මෙහිදී ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදී. දෙවනුව සූත්‍ර පිටකය සංගායනා කරන ලද අතර තෙවණුව අභිධර්ම පිටකය සියලු ම රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී. නිදානය ‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දින කට පසු පෘථග්ජන භික්ෂූන් ශෝක වන විට, එය දුටු සුභද්‍ර නම් මහලු කල පැවිදි වූ භික්ෂුවක විසින් කල අභද්‍ර ප්‍රකාශය (නොමනා ප්‍රකාශය) අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදෙවිත්ත සුමුත්තාතේන මහා සමනේන උප්පද්දතාච හෝම ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පති "ඇවැත්නි-‍ශෝක නොකරනු. නො වැළැපෙනු. ඒ මහ මහණහු ගෙන් අප මිදුණෝ වම්හ. ‘මෙය තොපට කැපය. මෙය නො කැපය’ යී කියනු ලැබ අපි වෙහෙසුණෝ වම්හ. දැන් අපි කැමැත්තක් කරම් හ, නො කැමැත්තක් නොකරම් හ" කාලය ‍ආරම්භය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, අජාසත් රජුගේ රාජාභිෂේකයෙන් 8වන වසර දී සංගායනාව පැවති කාලය : මාස 7 ස්ථානය රජගහ නුවර ‍‍වේහාර පර්වත ප්‍රාන්තයේ පිහිටි සප්තපර්ණී ගල්ගුහා ද්වාරයෙහි. ප්‍රධානත්වය තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දායකත්වය අජාසත් රජතුමා ප්‍රතිඵල පළමුවන ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස සූත්‍ර දේශනාවන් සමූහය හෙවත් ධර්මය නිකාය වශයෙන් පහකට වෙන් කරන ලදී. 1.දීඝ නිකාය 2.මජ්ඣිම නිකාය 3.අංගුත්තර නිකාය 4.සංයුක්ත නිකාය 5.ඛුද්දක නිකාය එමෙන්ම ධර්ම විනය මුඛ පරපුරෙන් රැකගෙන යාමට භාණක පරමිපරාවට නියම විය.ඒ අනුව *ආනන්ද රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට දීඝ නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *සැරියුත් රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මජ්ඣිම නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *අනුරුර්‍ද්ධ රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට අංගුත්තර නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *කාශ්‍යප රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට සංයුක්ත නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *ඛුද්දකනිකාය සියලු භික්ෂූන් වහන්සේලාටද පැවරිණි. පළමුවන ධර්ම සංඝායනාවේ තවත් ප්‍රතඵලයක් ලෙස විනය පිටකය පස් ආකාරයෙන් සංග්‍රහ කරන ලදී. 1.පාරාජික පාලි 2.චුල්ලවග්ග පාලි 3.පාචිත්තිය පාලි 4.මහාවග්ග පාලි 5.පරිවාර පාලි එමෙන්ම විනය පිටකය උපාලි හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට මුඛ පරපුරෙන් රැකගෙන යාමට පැවරිණි. සබැදි පිටු ධර්ම සංගායනා සංගායනා
3238
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A
ඇල්ගොරිදම්
යම් ගැටළුවක් විසදීම සදහා Program එකක් ලිවිමට පෙර එම ගැටළුව විසදන ක්‍රමය පියවරෙන් පියවර විස්තරාත්මකව කොටස් වලට වෙන්කර ගත යුතුය. එයට Algorithm එකක් යයි කියනු ලැබේ. Algorithm එක programming language එක මත රදා නොපවතී. එය තමන්ගේ භාෂාවෙන් ලිවිය හැක. එසේ නොමැතිනම් diagram එකකින් ද ඉදිරිපත් කළ හැක. එසේත් නොමැති නම් code (Pseudo code) වලින් ද ඉදිරිපත් කළ හැක.
3248
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
ආයුර්වේදය
වෛද්‍ය ක්‍රමය ඉන්දියානු උප මහාද්වීපය මුලාශ්‍ර කරගෙන හට ගත් වෛද්‍ය ක්‍රමයකි. ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය නම් කර ඇත. ආයුර්වේදය මත පදනම් වූ නවීන ප්‍රතිකාර ක්‍රම අනුපූරක නොහොත් වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක් ලෙස හැදීන්වේ. මෙසේ ඉන්දියාවේ ජනිත වූ ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් ඍෂිවරයායි .එතුමා ආයුර්වේදීය ශල්‍ය සම්ප්‍රධායේ පියා ලෙසින් ද හැදින්වේ. ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ජනතාව විසින් භාවිතා කරන ක්‍රමයකි. වෙනත් රටවල් වල ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම සාමාන්‍ය සුවතාවය පිළිබඳව කරන්නාවූ ක්‍රියාවලි වලට අනුබද්ද වී ඇත. චරක සංහිතාවට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව(පංචෙන්ද්‍රිය),මනස සහ ආත්මයයි.("ශරිරේන්ද්‍රිය සත්වාත්මා සංයෝගෝධාරි ජිවිතම් නිත්‍යගශ්චානු බන්ධශ්ච පර්යායෛරායුරුච්යතේ " - චරක සංහිතා/සුත්‍රස්ථාන 1/42)එසේ ඉහතින් දැක් වූ කරුණු පර්යාවලොකනයෙන් පෙනීයන්නේ ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමය යන්නයි.තවද,ආයුර්වේදය යනු ‍ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදයන් අතලොස්සෙන් එකකි. ඉතිහාසය අථර්වන් වේදයේ උපාංගයක් වන ආයුර්වේදය මහා බ්‍රහ්මයා ව්සින් කරවන ලද බව සුසැත සංහිතාවෙ දැක්වේ. इह कलमायुवेदो नाम-- यदुपांग मतवे-- ආයුර්වේදයෙහි උපත පිලිබදව පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව තොරතුරු ගමන් කර ඇත. ආදි ඍෂිවරු හෙවත් බහුස්‍රැතයන් ඉන්දියාවේ හිමාල කන්ද පාමුල එක්රැස්වී ඇත. ඔවුනගේ අරමුණ වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විදීමේ රහස් පිළිබදව දැනුම වැඩිදියුණු කර ගැනීම හා හුවමාරු කර ගැනීමයි. ඔවුන්ගේ මෙම ප්‍රයත්නයෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ආයුර්වේදය හෙවත් ජීවිතය පිළිබද විද්‍යාව බිහිවීමයි. ආයුර්වේදයෙහි භාවිතයන් සහ මුලාරම්භය පිළිබදව ලිඛිත පරිශීලන මාධ්‍යයන් නොමැත. ආයුර්වේදයෙහි වයස නිර්ණය කරනුයේ අමතර පර්යේෂණ සාක්ෂි සහ වේද යුගයෙහි විසු අග්නි වේශ විසින් රචිත අග්නිවේශ තන්ත්‍රිනම් ග්‍රන්ථයෙහි මුල්වරට ආයුර්වේදය පිළිබද සදහනක් කොට ඇත. මෙය පසුකාලීනව චරත විසින් චරක සම්හිත ලෙස සංශෝධනය කරන ලදී. ආයුර්වේද පිළිබද අනෙකුත් මුල් යුගයේ ලේඛනයන් වනුයේ චරක සම්හිත හා ශුස්රුත සම්හිතයි. ශිලා ලිපි පැවත ඒමට ප්‍රථම මෙම දැනුම ගුරුකුල ක්‍රමය ඔස්සේ වාචිකව පැවතුනි. මුල් යුගයේ ලේඛනයන් රචිතව තිබුණේ කල්තබා ගත නොහැකි තල්පත්‍ර සහ බෝජපත්‍ර වලයි. මේවා පසු කාලීනව ශෛල හා තඹ පත්‍ර මත රචනා කරන ලදී. ආයුර්වේදය පිළිබදව රචිත ඇතැම් ශ්ලෝකයන් අතර්වේදයෙහි සදහන්ව ඇති අතර ආයුර්වේදයෙහි ඇතැම් ඒවා ඉතාමත් පැරණිය. ආයුර්වේද ක්‍රමයන් කාලයක් මුළුල්ලේ විකාශනයට පත්ව ඇත. ඇතැම් ඒවා පුරාණ වේද යුගයෙහි පටන් නව්‍යකරණය වෙමින් පවතින අතර ඉන්දියාවේ බුදුන් ජීවත් වු කාලයේ දී එය වැඩි වශයෙන් සිදු වී ඇත. ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩ නැගීම සදහා හින්දු ආගම බොහෝ බලපෑම් ඇති කර ඇත. මුල් යුගයේදී දිව්‍යමය ප්‍රාඥයින් විසින් අවබෝධ කරගත් දැනුම සංකීර්ණ ස්මෘති ආධාරක මගින් සාමාන්‍ය මනුෂ්‍යයන් වෙතද පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් ගමන් කර ඇත. ආයුර්වේද සම්ප්‍රදායන් පිළිබද විස්තර එක් එක් රචකයන් අනුව වෙනස් වේ. එසේ වන්නේ වාචිකව පැවත එන දත්තයන් විවිධ මාධ්‍ය ඔස්සේ පරිවර්තනය වීමෙනි. මුල්ම අ‍ායුර්වේද අත්පිටපත් රචනා කරන ලද ලේඛකයන් විසින් එහි එකිනෙකට වෙනස් ක්‍රම වේදයන් පිළිබද සදහන් කර ඇත. ආයුර්වේදය හා ඉතිහාසය මහා භාරතයේ සදහන් වන අන්දමට ක්‍රිෂ්ණා දෙවිදුන් හට සම්බ් නම් පුතෙක් විය. ඔහු ලාදුරු රෝගයෙන් පීඩා වින්දේය. ඔහුට ප්‍රතිකාර කරනු වස් ක්‍රිෂ්ණ දෙවිදුන් විසින් ශක්‍ර ද්වීපයෙහි (නූතන ඉරානය) වෙසෙන විශේෂ බ්‍රහ්මයින් කොටසක් වෙත ආරාධනා කොට යවන ලදී. ඔවුන් සුර්යය නමස්කාරයෙහි නිරත වන්නන් සහ ප්‍රසිද්ධ දෛවඥයන් වුණි. ඔවුන් සම්බ් හට ප්‍රතිකාර කොට ලාදුරු රෝගය සම්පුර්ණයෙන් සුව කරන ලදී. ශක්‍ර ද්වීපයෙහි බ්‍රාහ්මණයින්හට මාගි බ්‍රාහ්මණයන් ලෙසද ව්‍යවහාර කෙරේ. සකල් ද්වීපයෙහි ආයුර්වේදය, දෛවඥවේදය, තාරකා විද්‍යාව පිළිබද විශේෂ දැනුමක් තිබූ අතර ඔවුන් සුර්යය නමස්කාරයෙහි යෙදෙන්නන් වූයෙන් සෞර යන නමින් හැදින්විණි. මොවුන්ගේ උපත පිළිබද වැඩි විස්තර භාවිශ්‍ය පුරාණයෙහි අන්තර් ගතය. ඔවුන් ආයුර්වේදයෙහිලා විශේෂ මෙහෙයක් ඉටු කළහ. නූතන ආයුර්වේදයෙහි නිර්මාතෘ වනුයේ මාගි හෝ සකල් ද්වීපයයි. පුරාතන සාක්ෂි ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි අතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවෙයි. මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ඉතා හොදින් නගර නිර්මාණයක් සහිත වු ශිෂ්ටාචාරයන් මගින් ඉන්දියාවෙහි සශ්‍රික සංස්කෘතික උරුමයන් පිළිබදව සහ වැඩි දියුණු වු සනීපාරක්ෂක ක්‍රම සහිත සෞඛ්‍ය සේවයක් තිබු බවට සාක්ෂි ලබාදේ. හරප්පා නගර වලින් සොයා ගන්නා ලද නටඹුන් අනුව එහි වෛද්‍ය විද්‍යාව පැවති බවට සාක්ෂි ඇත. බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාල වලදී චතුර්වේදයන් නිර්මාණය වුණි. රේග පිළිබද විස්තරය, ශාක සාර ඖෂධ සහ ඒවායින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම එම වේද හතරෙහිම විස්තර කෙරුණද ඍග් වේදයෙහි විශේෂිත සටහනක් ඇත. අතර්වන' වේදයෙහි ශාකසාර ඖෂධ පිළිබද වර්ණනාත්මක ස්තෝත්‍ර අන්තර්ගතය. බොහෝ ශාක වලට දෙවියන්ට මෙන් නමස්කාර කර යාඥා කරන ලදී. මීට අමතරව සෙංගමාලයට සහ විවිධ ප්‍රවේනි ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට විවිධ මන්තර වර්ග භාවිතා කෙරිණි. රෝග සුව කිරීම සදහා කරන ලද මැතිරීම් භයිසජ්ජ්‍යම් නම් වන අතර දීර්ඝායුෂ සහ සමෘද්ධිය ලබාදීම සදහා කරනු ලබන මැතිරීම් ආයුශ්‍යම් නම් වේ. මේවා අතුරින් ආයුශ්‍යම් පසුකාලීනව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා උපකාරී වුණි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි මහ ඍෂි තුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතයේ ව්‍යාප්ත කරනු ලැබු අතර එයින් වර්ෂ 400 කට පමණ පසු උත්තර භාරතයේ ජනයා අතර උග්‍ර අයුරින් ලෙඩ රෝග පැතිර යන්නට විය. එයින් පීඩාවට පත් ජනතාවට සෙත සැළසීම පිණිස එකල ජීවත් වූ මහා ඍෂිවරුන් හිමාලය පාමුල පංච නදී තීරයට එක්රැස්ව මෙය සඳහා පිළියම් සෙවූහ. එහි දී ගත් තීරණයකට අනූව භාරද්වාජ නම් මහ ඍෂිවරයාණන්ව ඉන්ද්‍රභවනයට යවා තිබේ. යථෝක්ත අවශ්‍යතාවය උදෙසා ප්‍රතිකාර පද්ධතියක් හදාරා ඒමට ඉන්ද්‍රභවනට පිවිසි භාරද්වාජ මහා ඍෂිතුමා ඉන්ද්‍රදේවයාගෙන් ආයුර්වේදය මැනවින් හදාරා නැවතත් භාරත දේශයට සම්ප්‍රාප්ත වී ඇත. නැවතත් රැස් වූ මහා ඍෂි සමුළුවේ දී භාරද්වාජ මහා ඍෂි තුමා තමන් උගත් ශාස්ත්‍රය සෙස්සන්ට ද ප්‍රගුණ කරවා ඇත. ආයුර්වේද සම්ප්‍රදායන් ආත්‍රෙය සම්ප්‍රදාය ඒ අතර සිටි ආත්‍රෙය නම් මහා ඍෂි තුමා සිසු පරපුරක් බිහි කර ගනිමින් ආයුර්වේදයේ එන කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් අෂ්ඨ අංගයකින් සමන්විත ආයුර්වේදය ජනතාව අතර ව්‍යාප්ත කොට තිබේ. ආත්‍රෙය මහා ඍෂි තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු මෙය ඇත්‍රෙය සම්ප්‍රදාය යනුවෙන් ද හදුන්වයි. මෙහි එන මූලධර්ම ආදී අධ්‍යන අංග ආයුර්වේද නිර්මාතෘ වශයෙන් සැළකෙන ධන්වන්තරින් ආයුර්වේද සම්ප්‍රදායට සමාන වේ. මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති එකම වෙනස වන්නේ ධන්වන්තරී සම්ප්‍රදාය ශල්‍ය චිකිත්සාවට ප්‍රධාන ස්ථානය දුන් අතර ආත්‍රෙය සම්ප්‍රදාය කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය දීම පමණයි. කාශ්‍යප සම්ප්‍රදාය ඒ අතර යථෝක්ත සම්මේලනයේ දී ආයුර්වේදය උගත් කාශ්‍යප මහා ඍෂිවරයා ද සිසු පරපුරක් බිහි කර ගෙන ඇත. එය කාශ්‍යප සම්ප්‍රදාය නමින් හැඳින්විණි. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ආත්‍රෙය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෛද්‍ය අධ්‍යාපන සාකච්ඡාවකට දක්‍ෂිණ භාරතයෙන් අගස්ති මුනිවරයා ද ලංකාවෙන් පුලස්ති මහා ඍෂි තුමා ද සහාභාගී වී ඇත. එහි දී ආයූර්වේදය හැදෑරු අගස්ති මුනිවරයා දක්‍ෂිණ භාරතයේ විසු අසුරයන් වෙත පැමිණ එහි සුලභ බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය ක්‍රමයක් බිහි කොට ඇත. එය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වයි. සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන්ම සම්පූර්ණ වූ විද්‍යාවකි. ආයූර්වේදයේ කාය චිකිත්සා, ශල්‍ය, ශාලාඛ්‍ය යන අංග තුන එකල ජන සමාජයෙහි බෙහෙවින් ප්‍රචලිතව ඇත. බුද්ධ කාලයේ දී දියුණූ තත්වයක පැවැති ශල්‍ය, ශාලාඛ්‍ය ක්‍රම දෙන භාරතීය බෞද්ධ සමයේ පිරිහීමක් සමගම අභාවයට පත් වී ඇත. මෙම සම්ප්‍රදාය ද ආයුර්වේදයේ මූලධර්මයන් අනුගමනය කර ඇත. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ‛සින්දුරම්’ ප්‍රතිකාරය බෙහෙවින් දියුණු වී තිබේ. මෙම සින්දුරම් ප්‍රතිකාරය පසු කාලීනව ‛රස වෛද්‍ය ක්‍රමය’ යන නාමයෙන් ආයුර්වේදයට සංකලනය වී ඇත්තේ තව තවත් දියුණු සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසටය. මෙම සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය දක්‍ෂිණ භාරතය පුරාම ප්‍රචලිත වූවක් ලෙස මෙහි දී හැඳින්විය හැකිය. ලක්දිවට සංක්‍රමණය ‛ආයුර්වේද උප්පති කථාන’ මෙසේ දැක්විය හැකි අතර පුලස්ති මහා ඍෂිවරයා ද අගස්ති මුනිවරයා ද සිද්ධ වෛද්‍ය ක්‍රමයේ ප්‍රගතියට කටයුතු යොදා ඇත. පසුව ලංකාවට පැමිණ පුලස්ති මහා ඍෂිවරයා අසුරයන්ගෙන් පසු රටේ ශක්තිමත්ව සිටි සාමාජිකයෝ වූ රාක්ෂයන් වෙත විවිධ වෛද්‍ය ක්‍රමයන්ගේ සංකලන දේශිය ඖෂධ සම්පත් උපයෝගී කර ආයුර්වේද ක්‍රමය හඳුන්වා ඇත. ආයුර්වේද ක්‍රමය ලක්දිවට සංක්‍රමණය වූයේ භාරතයෙන් බව පුරාවෘත්ත වලින් හෙලිවේ. දැනට ලක්දිව ව්‍යවහාර වන වෛද්‍ය ක්‍රමයට සිංහල වෙදකම හෙවත් ස්වදේශීය වෛද්‍ය ශාස්ත්‍රය යයි කියනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමය, ජාතික වෛද්‍ය ක්‍රමය, සිංහල වෛද්‍ය ක්‍රමය යන විවිධ නම් වලින් මෙය හඳුන්වන අතර 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 89 ඡේදයෙහි එන අර්ථ නිරූපණ යටතේ ‛ආයුර්වේදය’ යන නාමය ආයුර්වේදය, සිද්ධ, යුනානි, යන වෛද්‍ය ක්‍රම තුනටම සංගෘහිත නාමයක් වශයෙන් හඳුන්වා ඇත. ක්‍රි.ව. තුන්වන ශතවර්ෂයෙහි විසූ රජවරුන්ගේ අනුග්‍රහයෙන් ආයුර්වේදීය ශල්‍ය චිකිත්සාව දියුණු තත්වයක පැවති බව පුරාවෘත්ත වලින් කියැවේ. සිංහල බෞද්ධ නරපතියෙකු වූ බුද්ධදාස රජතුමා මීට කදිම නිදසුනකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන අංග (අෂ්ඨාංග ආයුර්වේදය) ආයුර්වේදීය මුලග්‍රන්ථ වන සුශ්‍රැත සංහිතාව හා චරක සංහිතාව යන සංහිතා ග්‍රන්ථ වලට අනුව ආයුර්වේදීය චිකිත්සාව අංග (තන්ත්‍ර) අටකට විභේදනය කර දක්වා ඇත. එය අෂ්ඨාංග ආයුර්වේදය ලෙස හැදින්වේ. කාය චිකිත්සා තන්ත්‍රය - ශාරීරික අග්නිය විකෘත වීමෙන් හටගත්(ත්‍රිදෝෂ අසමතුලිතතාවය මගින් හටගත්)රෝග සදහා අනුගමනය කරන චිකිත්සා පද්ධතිය.(general medicine) ශල්‍ය චිකිත්සා තන්ත්‍රය - ශල්‍ය කර්ම (surgical techniques) ශාලාක්‍ය තන්ත්‍රය - ගෙලෙන් ඉහල කොටසේ ඇතිවන රෝග පිළිබද චිකිත්සාව ("ENT") කෞමාරභෘත්‍යය තන්ත්‍රය (බාල රෝග චිකිත්සාව) - ළදරුවකුගේ උපතේ පටන් ළදරුවාගේ පෝෂණය හා ඔහුට ඇතිවන රෝග සදහා වූ චිකිත්සා පද්ධතිය.(paediatrics) අගද තන්ත්‍රය - විෂ චිකිත්සාව (toxicology) භූත විද්‍යා තන්ත්‍රය - ඉතා සියුම් ශරීර ඇති සත්ව කොටස් මගින් හා ග්‍රහ බලපෑම් මගින් ඇතිවන රෝග සදහා වූ චිකිත්සා පද්ධතිය. රසායන තන්ත්‍ර - වයස්ථාපනය / ශරීරයේ වැහැරියාම පමා කිරීම සදහා වූ චිකිත්සා පද්ධතිය.(rejuvenation) වාජීකරණ තන්ත්‍රය - ප්‍රජාස්ථාපනය,කාම වර්ධනය,ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීම හා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම මනා වූ ප්‍රජනන ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම සදහා වූ චිකිත්සා පද්ධතිය. මුලික සිද්ධාන්ත ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නිර්මාණය සදහා භාරතීය දර්ශනවාදයන් බොහෝ සේ පාදක වී ඇත.ආයුර්වේදය තුල, මිනිසාගේ ශාරීරික හා මානසික ක්‍රියාකාරිත්වය සහ පාරිසරික ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීම සදහා අතීත අයුර්වේද විශාරදයන් මෙම දර්ශනවාද උපකාර කොටගෙන ඇත.එමගින් ඔවුන් ස්වභාවධර්මය සහ මිනිසා අතර මනා සබදතාවක් දක්වයි.මේ සදහා පාදක කරගත් භාරතීය දර්ශනවාදයන් හයකි.මේවා ෂඩ් දර්ශන ලෙස හැදින්වේ. වේදාන්ත දර්ශනය (උත්තර මිමංසා) මිමංසා දර්ශනය (පුර්ව මිමංසා) සංඛ්‍යා දර්ශනය වෛශේෂික දර්ශනය ඉහත දැක්වෙන දර්ශනවාද වල අඩංගු කරුණු පාදක කොටගෙන ආයුර්වේදීය සියළු සිද්ධාන්ත ගොඩනැගී ඇති අතර,බෞද්ධ දර්ශනයේ බලපෑමද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල දැකගත හැක. එලෙස ගොඩනැගුනු සිද්ධාන්ත අතර මුලික ආයුර්වේදීය සිද්ධාන්ත ද්වයකි. පංච මහා භෞතික සිද්ධාන්තය ත්‍රි දෝෂ සිද්ධාන්තය. පංච මහා භෞතික සිද්ධාන්තය (පංච මහා භූත සිද්ධාන්තය) මෙහි දැක්වෙන ලෙස,පරමාණුවේ පටන් විශ්වයේ පවතින සියලු දෑ පංච මහා භූත මගින් නිර්මාණය වී ඇත.එම සිද්ධාන්තයට අනුව ද්‍රව්‍යන්ගේ මුල ඒකකය මහාභූත වේ.අදාල පංච මහා භූත පහත පරිදි දැක්විය හැක. ආකාශ - අග්නි/තේජෝ - වායු - ආප්/ආපෝ - පෘථිවි/පඨවි - තුන්දෝෂ වාත (වා) - වාතය පිත්ත (පිත්) - පිත කඵ (සෙම්) - සෙම සත්වැදෑරුම් දේහ පටකයන් ධාතු නම් වේ. සිරුරෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය වර්ග 3කි. ඒවා මාලා නම්වේ. වාත ප්‍රාණ (හිස) - ජීවනාලිය වූ ශ්වසනයට උදව් වේ. උදාන (උගුර) - ග්‍රන්ථිමය ක්‍රියාකාරීත්වයට උදව් දේ සමාන (ආමාශය හා ග්‍රහණිය) - ආමාශය ක්‍රියාකාරිත්වයට උදව් දේ ව්‍යාන ( හෘදය හා රුධිර වාහිනී) - රුධිර සංසරණයට උපකාරී වේ අපණ(ශුක්‍ර තරලය , මලපහ , මුත්‍රා) - බහිස්‍රාවය සඳහා උපකාරී වේ. පිත්ත මෙම දෝෂය සිරුරේ තාපය උත්පාදනය පරිවෘත්තීය හා නොයෙකුත් මානසික ක්‍රියාකරිත්වයන් සඳහා වගකියනු ලැබේ. කඵ මෙම දෝෂයෙහි ප්‍රධාන කෘත්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්න සිරු‍රක් පවත්වාගෙන යාම හා මේදය , ජලය හා අනෙකුත් තරලයන් අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමයි. මේ එක් එක් දෝෂයන් එකිනෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගනිමින් පුද්ගලයාගේ සිරුර ප්‍රකෘති තත්වයෙන් පවත්වා ගැනීම සඳහා උපකාරී වේ. මෙම තුන්දොස්හි කිපීමෙන් ඇතිවන දේහ ක්‍රියාකරිත්වයේ අසමතුලිතතා හේතුවෙන් රෝග ඇතිවේ. ආයුර්වේද ග්‍රන්ථ සාරාර්ථ සංග්‍රහය අනුරාධපුර යුගයෙහි මුල් අවධියේ සිටම ආයුර්වේද ශාස්ත්‍රය ලක්දිව පැවති බවට සාක්ෂි ඇතත් ඒ සමයෙහි ලියැවුණු වෛද්‍ය ග්‍රන්ථයක් යැයි කිව හැකිව තිබෙන්නේ බුද්ධදාස රජතුමන් විසින් ලියන ලද ‛සාරාර්ථ සංග්‍රහය’ පමණකි. මෙය සතුරු ආක්‍රමණ හමුවේ ඉතිරිවූ එකම ග්‍රන්ථය යැයි සිතිය හැක. ‛සාරාර්ථ සංග්‍රහය’ ආයුර්වේදීය ග්‍රන්ථයන් ඇසුරුකොට ලියූවක් බව පෙනේ. පසුකාලීනව මෙම ග්‍රන්ථයට සන්න ලියූවන් විසින් දක්ෂණාත්‍ය වෛද්‍ය සම්ප්‍රදායට අයත් අග්නි කර්ම විධිය හා වෙනත් ප්‍රතිකාර ක්‍රමයන්ද ඊට ඇතුලත් කරනු ලැබ ඇත. භේසජ්ජ මංජුසාව මීළඟට දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් අතුරෙන් ප්‍රධාන ස්ථානයෙහිලා ගැනෙන්නේ අනවමදර්ශී සංඝරාජ මාහිමියන් විසින් මාගධී භාෂාවෙන් ලියන ලද ‛භේසජ්ජ මංජුසාව’යි. මේ සඳහා වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ලියන ලද සන්නය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි උන්නතිය පිණිස කෙරුණු ශ්‍රේෂ්ඨතම කෘතියකි. මෙහි දකෂිණාත්‍ය සිද්ධ වෛද්‍ය මතයන් ද ඇතුලත් කර තිබේ. මේ දැක්වුණු ග්‍රන්ථ සියල්ලම විශේෂයෙන්ම දේශීය කාය චිකිත්සාවට අදාළ වේ. මීට අමතරව ගද්‍ය වූත්, පද්‍ය වූත් නොයෙක් දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශියක් දක්නට ලැබේ. මෙසේ බලන කල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හෙවත් සිංහල වෙදකම වූ කල්හි උතුරු ඉන්දියාවේ සකු බසින් සම්පාදිත ග්‍රන්ථයන් හා දකුණු ඉන්දියාවේ දෙමළ, තෙළිඟු , මලයාලි යන භාෂාවලින් ලියැවුණු ග්‍රන්ථයන්ද ඇසුරින් අපේ රටේ දේශගුණික හා ශාරීරික තත්වයන්ද සළකා බලමින් සකස් කරගන්නා ලද්දකි. දඹදෙණි අවදියෙන් මෑත භාගයෙහි වරින් වර ලංකාවට පැමිණි කේරළ, චෝල, පාණ්ඩ්‍ය වැනි ජාතීන්වලට අයත් සිද්ධ වෛද්‍යවරයෝ දක්ෂිණ භාරතයෙහි එකල ප්‍රචලිතව පැවති උසස් ශාස්ත්‍ර ක්‍රමයන් හා විවිධ ඖෂධ හා වර්ග ද සිංහල වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුළත් කොට ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල ව්‍යාප්තිය ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ රජවරුන්ට මෙන්ම හෙළ වෙදකම මේ දක්වා නොනැසී ඉදිරියට ගෙන ඒමේ ගෞරවය හිමිවිය යුතු තව එක් පිරිසක් ද සිටී. එනම් අපගේ භික්ෂු පරපුරයි. වෙදකමින් විස්කම් පාමින් බොහෝ රෝගීන් සුවකළ භික්ෂූන් එදා මෙන් ම අදත් සිටී. එසේම ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් බිහිවූ වෙද පරම්පරා රුසක් ද සිටීම අපගේ දේශීය වෙදකම් පදනම බඳුය. මෙසේ කලින් කලට දේශීය වෛද්‍ය ක්‍රමයට නවීනත්වයක් එක්වෙමින් වත්මන වන විට ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ මහත් වූ නවෝදයක් අද ශ්‍රී ලංකාව ලබමින් සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම සංස්කෘතික හා ජාතික දායාදය රැකගැනීම පිණිස විවිධ අයුරින් පරිශ්‍රමයක් දැරීම සතුටුදායකය. නමුදු සමහර ආයුර්වේද සංවර්ධන අංශයන්හි නියමුවන්ගේ විවිධ දුර්වලතා හේතුකොටගෙන යම් යම් බිඳවැටීම්වලට ද දේශීය වෛද්‍ය ක්‍රමය මේ වනවිටත් මුහුණ පා සිටී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අනාගතය නවීන වෛද්‍ය විද්‍යාව හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සසඳන කල්හි ඇතැමුන් පවසන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු පර්යෙෂණ කර ඒවායින් ලැබිය යුතු නිගමනවලට මේ වනවිටත් එළැඹ සිටින විද්‍යාවක් බවත් නවීන වෛද්‍ය විද්‍යාව තවමත් පර්යේෂණ සිදුකරමින් ඉදිරියටත් නව්‍යකරණයට යොමුවන විද්‍යාවක් බවත්ය. මෙවැනි මත වලින් පැහැදිලි වනුයේ අපට උරුම වී ඇති දේශීය වෛද්‍ය විද්‍යාව නව්‍යකරණයට යොමුකළ යුතු බවයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ අව්‍යාජ ඍෂිවරු නොව ආයුර්වේද වෛද්‍ය විද්‍යාඥයින් පිරිසකි. අප නොදන්නා එමෙන්ම භාරතයෙහිම වැළලී ගිය නොයෙකුත් වෛද්‍ය ක්‍රම සහ ඖෂධ පර්යේෂණ මාර්ගයෙන් සොයාගැනීමට උත්සුක විය යුතුය. පුරාණ ලංකාවේත් භාරතයෙන් ප්‍රමුඛ තැන හිමිවූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යුරෝපීයයන්ට යටත්වීමෙන් පසු නොයෙකුත් විපර්යාසයන්ට පත්වෙමින් පිරිහීමට පත්විය. අද පත්ව ඇති තත්වය මේ වනවිට බොහෝ ඖෂධ වර්ග ඉතා දුර්ලභය. එයට හේතුවී ඇත්තේ වන විනාශය හා ජනාවාසකරණයයි. මේ හේතුවෙන් වටිනා ඖෂධ සහමුලින්ම පාහේ විනාශ වෙමින් පවතී. එමෙන්ම ඖෂධ නිෂ්පාදකවරුන්ට ඖෂධ ලබාගත යුතු වන්නේ වැඩි මුදලක් ගෙවීමෙනි. එයින් සිදුවනුයේ නිෂ්පාදිත ඖෂධ මිල වැඩිවීමය. නමුදු බොහෝවිට සිදුවනුයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඖෂධ ඇතුළත්කොට ඖෂධ නිෂ්පාදනය කිරීමත් ය. මේවායේ අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවටම ය. පුරාණ භාරතයේ ධනවන්තරී, සුශ්‍රුත වැනි මහා ඍෂිවරයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය දේවත්වයෙන් සැළකිය යුත්තෝ වූහ. ඔවුන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ යෙදුනු අයුරු ඉතා ප්‍රශංසනීය බව සුශ්‍රුත, සංගීතා වැනි ග්‍රන්ථ තුළින් පෙනේ. නූතන ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජර්මන් ජාතික හර්ස්බර්ග් මහතා දක්වන ආකාරයට හම්පිරිද්දම් ක්‍රමය සහිත ශල්‍ය වෛද්‍ය විiාවද ඔවුන් ලබාගෙන ඇත්තේ සුශ්‍රුත නම් ඉන්දියානු වෛද්‍යවරයාගෙනි. නමුත් ශල්‍ය වෛද්‍ය කර්මය ආයුර්වේද වෛද්‍යවරයාට තහනම් කිරීමෙන් ආයුර්වේදයේ ප්‍රමුඛස්ථානයක් දිය හැකි අංශයකට දේශීය වෛද්‍යවරයා යොමුවීමේ දොර කවුළු වසා දැමීමකි. ලංකායුර්වේදය දෙස නෙත් යොමුකළහොත් එහි පිරිහීම කුමන අයුරකින් සිදුවන්නේද? එයට පිළියම කුමක්ද? යන ගැටළුවට පිළිතුරු සැපයීමට උත්සුක වුවහොත් නුදුරු අනාගතයේදී පරිපූර්ණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් තුළින් ශ්‍රී ලංකාද්වීපයට ඍෂි යුගයක් ලබාගැනීමේ සෞභාග්‍යය උදාවෙනු නොඅනුමානයි. ආයුර්වේද ප්‍රදීපිකා, ආයුර්වේද ශාස්ත්‍රී චින්තා, ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ආයුර්වේදය මාසික සඟරාව ආශ්‍රිත ආශ්‍රිත ලිපි භාරතීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය - ශ්‍රී ලංකාව සිංහල වෙදකම සිද්ධායුර්වේදය
3254
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%20%E0%B6%9A%E0%B7%83%E0%B6%BD
හම්බන්තොට කසල
ශී‍්‍ර ලංකාවේ සෑම නගරයකටම කසළ විශාල අර්බුදයක් බවට පත් වී තිබේ. නමුත් එය සම්පතක් බවට පරිවර්තනය කර ගැනීමට හම්බන්තොට ජනතාව සමත් වී සිටිති. එයට ප‍්‍රධාන හේතුව වන්නේ හම්බන්තොට නගර සභාවේ ඒකාබද්ධ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයයි . හම්බන්තොට නගරයෙන් රැස්කර ගන්නා කසළ ඒකාබද්ධ කසල කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන එනු ලැබේ. රැස්කරගත් කසළ මෙහිදී දිරා යන හා දිරා නොයන ද්‍රව්‍ය වශයෙන් වෙන් කර ගනු ලැබේ. එසේ වෙන් කරගත් දිරාපත් වන ද්‍රව්‍ය කොම්පොස්ට් පොහොර සෑදීමට උපයෝගි කර ගැනේ. නොදිරන ද්‍රව්‍ය වෙනත් නිෂ්පාදන සදහා යොදා ගැනේ. හම්බන්තොට නගර සභාව සහ බල ශක්ති සංසදය ඒකාබද්ධව මෙම ක‍්‍රීයාවලිය සිදු කරනු ලබන අතර ඒ සදහා රාජ්‍ය නොවන සංවිධාන ආධාර සපයති. බලශක්ති සංසදයේ සභාපති අශෝක මහතා පවසන්නේ නොදිරන ද්‍රව්‍ය යොදා ගනිමින් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරිමට බලාපොරොත්තු වන බවයි. නිවෙස්වල දී කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දී ඇත. ඒ අනුව කෘමි සතුන් බෝ නොවීම සහ දුර්ගන්ධය ඇති නොවීම වැදගත්ය. මෙම උපදෙස් අනුව සාර්ථකව පවත්වාගෙන යන ගෙවතු වගාවන් හම්බන්තොට ප‍්‍රදේශයේ දැකගත හැකිය. ඉවත දමන අපද්‍රව්‍ය සම්පතක් බවට පත් කරගත් ජන කොටසක් හම්බන්තොට ප‍්‍රදේශයේ ජීවත් වෙති. මේ මල් පල දරමින් සෞභාග්‍යමත් නිරොගි පරපුරක් බිහි කිරිමට දරන්නේ අපේම රටේ මිනිස් කොටසකි. කසල කලමනාකරණය
3256
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%A2%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
ලෙස්ටර් ජෙම්ස් පීරිස්
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත. 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා වූ අතර ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය ඔහුගේ මව වූවාය. ලෙස්ටර් මහතාට සහෝදරයන් තිදෙනකු සිටිය හ. පීරිස් පවුල ඉංග්‍රීසි රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත්තේ ය. 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය. මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියන ලද ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දි සෑදූ ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්‍රබලය. එවැනි චිත්‍රපට බොහෝ ද සහ එවැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය. අප රටට උසස් සේවයක් කළ මෙතුමා 2018 අප්‍රේල් 28 දා දැවයෙන් සමුගත්තේය. සිනමාව අධ්‍යක්ෂණයන් 2018 ||වෛෂ්ණාවී නිෂ්පාදනයන් තිර රචනයන් සංස්කරණයන් සම්මාන 1981 - බැද්දේගම - ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය 1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය 1982 - කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්‍ෂණය 1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය පිං හාමි - මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම. 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය) 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන් 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය 2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය. මූලාශ‍්‍ර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෑණියන් http://www.priu.gov.lk (පින්තූරය) 1919 උපත් ලාංකික සිංහලයෝ කොළඹ ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෝ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරුන් චරිත කතා
3263
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%AD%E0%B7%8F%E2%80%8C%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%20%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය
ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය (SLIIT, ස්ලිට් යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් ආයතනයකි. මෙහි ප්‍රධාන මණ්ඩපය මාළඹේ පීහිටා ඇත. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්ව විද්‍යාල සංගමයේ සාමජිකයෙකි. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතට ඇතුලත් වේ. SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පනත යටතේ වරලත් උපාධි පිරිනමන ආයතනයකි. ඉතිහාසය 1999 වසරේ මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන තොරතුරු තාක්‍ෂන ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා වලට සුදුසුකම් ලත් වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙනි. මෙම පුරෝගාමී මෙහෙවර ක්‍රියාත්මක වුණේ එකල ආහාර සඳහා අභ්‍යන්තර සහ අන්තර්ජාතික වාණිජ කටයුතු අමාත්‍යාංශයේ, අධ්‍යාපන සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේය. අධ්‍යන කටයුතු ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනයේ දැනට ඉංජිනේරු පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ ව්‍යාපාර අධ්‍යන පීඨය යනුවෙන් පීඨ තුනක් යටතේ අධ්‍යන කටයුතු සිදු කරයි. මීට අමතරව අලුතෙන් ආරම්භ කරන ලද ආයතනයෙන් හෝටල් කළමණාකරන පාඨමාලා සිදු කරයි. ඉදිරියේදි වාස්තු විද්‍යාව සහ හෙද විද්‍යාව පිලිබඳ පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනයේ උපාධි වලට අමතරව, විදේශ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමලා ද මෙහි සිදුකරයි ඉංජිනේරු පීඨය මෙය 2012දි අරඹන ලදි. මෙමගින් පහත සඳහන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධි (BSc Eng. Hons SLIIT) පාඨමාලා සඳහා අධ්‍යන කටයුතු සිදු කෙරේ. විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය සිවිල් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය තොරතුරු තාක්ෂණ පීඨය මෙය 1999දි අරඹන ලදි. වැඩිම සිසුන් පිරිසක් මෙම පීඨයේ ඉගෙනුම ලබයි. පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා විශේෂීකරණ කිහිපයක් යටතේ අධ්‍යන කටයුතු සිදු කෙරේ. තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදි උපාධිය මෘදුකාංග ඉංජිනේරු පිලිබඳ විද්‍යාවේදි උපාධිය අනුබද්ධ විශ්වවිද්‍යාලයන් සබැධි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් පිලිගත් උපාධි පිරිනමන ආයතන අධ්‍යාපන ආයතන
3271
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%85%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු වන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි. එනමුදු ශ්‍රාවකයා නිර්වාණය අවබෝධය සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වන්නේ ශීල,සමාධි,ප්‍රඥා යන කොටස් අනුපිලිවෙලට වේ. සම්මා දිට්ඨි සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා) සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා වාචා සම්මා වාචා දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.” “මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ. සම්මා කම්මන්ත "කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය. සම්මා ආජීව යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි. සම්මා වයාම සම්මා වායාම සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. " කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති " නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම(37); එනම්, සතර සතිපට්ඨාන ධර්ම (4) සතර සම්ම ප්‍රධාන විර්යය (4)(සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද (4) පංචෙන්ද්‍රිය (5) පංච බල (5) සප්ත බොජ්ඣඬ්ග (7) මග්ගංග (8) යනාදිය නූපන් කුසල ධර්මයි. සම්මා සති සම්මා සතිය යනු යහපත් සිහිය යි. බුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ. සම්මා සමාධි සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි. සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය. සම්මා දිට්ඨි සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය යනු අන්තගාමී නොවන (ඇත යන හෝ නැත යන ) අන්තයන්ට නොගොස් මද්‍යයේ සිට දැක්ම(කච්ඡායන ගොත්ත සූත්‍රය). සතර සතිපට්ඨාන සූත්‍රය සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි" යනුවෙන් බුදු රජාණන් වහන්සේ එය විස්තර කර ඇත. "කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම බව මෙයින් පැහැදිලි වේ. සම්මා දිට්ඨිය පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විවිධාකාර යෙන් විවිධ සූත්‍රවල දේශනා කර ඇත. සම්මා දිට්ඨි සූත්‍රය 16 ආකාරයකින් එය විස්තර කර ඇත. චත්තාරීසික සම්මාදිට්ඨි සූත්‍රය 40 ආකාරයකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. මහා කච්ඡායන සූත්‍රය‍වල ද සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් දක්වා ඇත. සම්මා සඞ්කප්ප සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා ය. යහපත් සංකල්පනා යනුවෙන් අදහස් කරන්නේ වැරැදි සංකල්පනාවලින් ඈත් ව නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මේ නිවැරැදි සංකල්පනා කොටස් තුනකි. 1. නෙක්ඛම්ම සංකල්පනා 2. අව්‍යාපාද සංකල්පනා 3. අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා “නෙක්ඛම්ම” යනු නික්මීම යි. මෙයින් අදහස් කරන්නේ ගිහි ගෙය හැර දැමීම නොව ගෘහ ජීවිතවලට සම්බන්ධ කාම සංකල්පනාවලින් ඉවත්වීම යි. “මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑ ය; මේක මහා භයානක දෙයක් ය; ඒ නිසා නිවන අවබෝධ කර ගන්නට ඕනෑ ය; ලෞකික දේවල ම පැටලී සිටින එක ඥානවන්තකමක් නොවෙයි.” ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා ලෙස හැඳින්වෙයි. නිවන් දකින්නට බලාපොරොත්තු වෙන තැනැත්තා දූ දරු මා පිය සහෝදර ඥාති මිත්‍ර ආදී ගෘහ ජීවිතවලට සම්බන්ධ බැඳීම්වලින් සිත ඈත් කර ගත යුතු යි. ඒ සම්බන්ධ සිතිවිලි ගලා එන විට මෙනෙහි කර වළක්වා ගත යුතු යි. යම් කිසි කෙනෙකුට සංසාරයේ රැඳී සිටීම දුකක් කියා අවබෝධයක් නැත්නම්, ඒ දුක නැති කිරීමේ කල්පනාවක් ඇති නොවේ. භාවනා කිරිමට, විදර්ශනා ඥාන ඇති කර ගැනීමට, සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට, සංසාර විමුක්තිය ලැබීමට සිතෙන්නේ නෙක්ඛම්ම සංකල්පනා උපදවා ගත් කෙනෙකුට යි. එසේ නොසිතන කෙනා කිසිවක් නොකරයි. ඒ නිසා සසර දුකින් මිදීමට සම්මා සංකල්පනාව අත්‍යවශ්‍ය ම දෙයකි. අව්‍යාපාද සංකල්පනා ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ සංකල්පනාව අවත්‍ාපාද සංකල්පනාව යි. “ව්‍යාපාදතෝ නිස්සඨොති අව්‍යාපාද සංකප්පෝ” යනුවෙන් බුදු රජාණන් වහන්සේ අව්‍යාපාද සංකල්පනා හඳුන්වා ඇත. ව්‍යාපාදය යනුවෙන් හඳුන්වන්නේ තරහව, නොමනාපය, නොසතුට ආදිය සම්බන්ධ සිතිවිලි යි. තරහවට විරුද්ධ සිතිවිලි අව්‍යාපාද සිතිවිලි යි. නිවන් දැකීමට බලාපොරොත්තු වන පුද්ගලයා නිරන්තරයෙන් කෝප වී කටයුතු කිරීම තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට බාධාවකි. විවිධාකාර හේතු නිසා ව්‍යාපාදය යට ගනී. තමා කැමති ආකාරයට අන් අය නොහැසිරීම, තමාට හෝ තමා ගේ හිතවත් අයටත්, ඒ අය ගේ දේපොළ වස්තුව ආදියටත් වෙනත් අය විසින් කරදර පීඩා කරනු ලැබීම, තමාට වුවමනා ආකාරයට අන් අය නොහැසිරීම, අව් වැසි සුළං ආදී ස්වභාව ධර්මයට සම්බන්ධ සිදුවිම්, මැසි මදුරු උවදුරු, ශාරීරික වේදනා ආදිය පමණක් නොව භාවනා කරන විට යම් කෙනෙකු විසින් බාධා කරනු ලැබීම වැනි සිදුවීම් නිසා ද ව්‍යාපාදය ඇති විය හැකි ය. එවැනි අවස්ථාවල දී “තරහවක් තරහවක්, නොසතුටක් නොසතුටක්”ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය නැති කර ගත හැකි ය. දිනපතා ටික වේලාවක් හෝ සියලු සත්වයන් අරමුණු කරමින් මෛත්‍රී භාවනාවෙහි යෙදීමෙන් ව්‍යාපාද සංකල්පනා ඇති වීම අඩු කර ගත හැකි ය. අවිහිංසා සංකල්පනා හිංසා සහගත සිතිවිලිවලට විරුද්ධ සිතිවිලි අවිහිංසා සංකල්පනා ලෙස හැඳින්වේ. එ පමණක් නොව කරුණා සහගත සිතිවිලි සිත තුළ ඇති කර ගත යුතු යි. ඒ සඳහා කරුණා භාවනාව කිරීම ඉතාම සුදුසු යි. කරුණා භාවනාව කෙරෙනුයේ "දුකට පත් සත්වයෝ දුකින් මිදෙත්වා!" යනුවෙන් මෙනෙහි කිරීමෙනි. මේ ලෝකයේ යම් තාක් සත්වයෝ සිටිත් නම් ඒ හැම සත්වයෙක් ම දුකට පත් වී සිටිති. මෙහි දී දුක යනුවෙන් අදහස් කෙරෙන්නේ කායික පිඩා, මානසික පීඩා ආදිය පමණක් නොවේ. මේ පංචස්කන්ධයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් ම දුකකි. ජාති දුක්, ජරා දුක්, මරණ දුක් ආදියත්, ඊට අමතරව ක්ලේශයන් නිසා ඇති වන දුක්, නැවත නැවත ඉපදීමේ දුක් ආදියත් ඇත. රහත් නොවූ කිසිවකු මේ දුක්වලින් මිදි නැත. බුදු, පසේ බුදු, රහත් වැනි උත්තමයන් ද දුකින් මිදෙන්නේ පිරිනිවන් පෑවාට පසුව යි. ඊට පෙර කය තිබෙන තාක් කායික දුක් ඇත. සාරාංශය බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා ඒකායන මාර්ගය මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. සම්මා සම්බුදුවරයන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන ශ‍්‍රාවකයෙකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. 1.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් ඇති බව. 2.එම අංග ශීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් කොටස් තුනකින් යුක්ත බව. 3.පියවි තත්ත්වයේ ජීවත් වන සෑමවිට මෙම අංග ක‍්‍රියාකාරී බව. 4.නින්ද හෝ සිහිවිකල් මෙම අංග ක‍්‍රියාකාරී නොවන බව. 5.මෙම අංග නිත්‍ය නොවන බව. එනම් වේගයෙන් ඇති වී නැති වී යන බව 6.මෙම අංග නැවත නැවත ඇතිවීමට හේතුව ඇස්, කන්, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු කර ගැනීම බව. 7.මෙම අංග මගින් තම ජීවිතය හෙවත් සංසාරය පවතින බව. 8.මෙම අංග අට ඒ ඒ මොහොතේ ඇති වී නැති වී යන ආකාරය නොදැනීම අවිද්‍යාව හෙවත් තමන් ගැන අනවබෝධය බව. 9.තමා ගැන අවබෝධයක් ලැබෙන පරිදි මෙම අංග සකස් කර ගැනීම ,සම්මා කර ගැනීම අෂ්ටාංගික මාර්ගය වැඞීම ලෙස හඳුන්වනු ලබන බව. 10.ජීවත්වීම හා මාර්ග අංග අට ක‍්‍රියාත්මක වීම එකම දෙයක් බව අපි සාමාන්‍ය මට්ටමේ ජීවත් වීම යනු වාචා, කම්මන්ත, ආජීව ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් පමණකි.වායාමය, යනු අපගේ උත්සාහයයි. සතිය යනු අපගේ සිහිකල්පනාවයි. සමාධි යනු අපගේ එකඟකමයි. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම වචනයක් කතා කිරීම සිදු නොවේ. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම කම්මන්තයක් සිදු නොවේ. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම ආජීවනයක් සිදු නොවේ. වාචා, කම්මන්ත, ආජීවවල පාලනය, වායාමය , සති, සමාධිවලට අයත් වේ. එනම් වාචා, කම්මන්ත, ආජීව රැුකිය හැකි වේ. රැුකිය හැකි යන අර්ථයෙන් මෙම අංග ශීල කොටස ලෙස හඳුන්වයි. වායාමය, සතිය හා සමාධිය රැුකීමට නොහැකි වැඞීමට හැකි ධර්මයන් වේ. වැඩිය හැකි යන අර්ථයෙන් මෙම අංග සමාධි කොටස ලෙස හඳුන්වයි. එනම් ඇස්, කන්, නාසා ආදී එක් ඉන්ද්‍රියකින් ඇතුල්වන අරමුණකින් හට ගන්නා උත්සාහය වායාමය ඊළඟ ඉන්ද්‍රියේ ඇතල්වන අරමුණ තුළ පවත්වා ගත හැකි වේ. මේ ආකාරයට සතිය හා සමාධිය වැඩිය හැකි වේ. දිට්ඨි හා සංකප්ප මන සේ අභ්‍යන්තරයේ ඇති ගුප්ත කොටස් දෙකක් වේ. දිට්ඨි, සංකප්ප යන කොටස් රැුකීමට හෝ වැඞීමට හැකි ධර්මතා නොවේ. මෙම කොටස් අවබෝධ කර ගැනීමට හැකියාව පමණක් ඇති බැවින් ප‍්‍රඥා කොටස ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීම මෙම අංග සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි. බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි. එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ. මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ. ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි. ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි. සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ. විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ. විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි. කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ. විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා මාර්ග පල ලබාගැනීම එදිනදා ජීවිතයේ සක්මන් භාවනාව වැඩීම
3283
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F
විකා
විකා (Wicca) යනු ස්වභාවධර්මය හා සඹැඳි දර්ශනයකි. සමහරුන් ආගමක් ලෙසද සලකන මෙය ලොව පුරා නොයෙක් රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතී. 1954 දී පමණ මෙය පොදු මහජනයා අතර ප්‍රචලිතකරීමට දායක වී ඇත්තේ ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඔහු, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ ලංකාවේ සේවය කල මහජන සේවකයෙකි. ඔහු පවසන පරිදි මෙම දර්ශනය අතීතයේ පැවති (එතෙක් රහසිගතව සුරැකුනු) Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් ආරම්භ කල සම්ප්‍රදාය Gardnerian Wicca ලෙස හඳුන්වන අතර එදා පටන් Wicca හා සම්බන්ධ නොයෙක් සම්ප්‍රදායන් ප්‍රචලිත විය. මේ එක් එක් සම්ප්‍රදායන්ගේ විශ්වාස හා අභිචාරවිධි වල සුලු වෙනස්කම් පවතී. බොහෝමයක් සම්ප්‍රදායන් තවමත් රහසිගතව පවතී. මූලික සිද්ධාන්ත Wicca වල එ‌්ක සම්මත මූලධර්මයක් (මූලධර්මවාදයක්) නොමැති නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම සම්ප්‍රදායෙන් සම්ප්‍රදායටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස් විය හැක. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී. Wicca වල මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt). Wicca යනු සොබාදහම මෙන්ම ගුප්ත ශාස්ත්‍ර හා Witchcraft සම්බන්ධ දැනුම් පද්ධතියකි. දේවත්වය ආගමක් ලෙස Wicca බහු-දේව-වාදී වේ, (බහුතරයකට අනුව ද්වී-දේව-වාදී වේ). Wicca දහමට අනුව දේවත්වය යනු සොබාදහමේ ජීව-ශක්ති ස්වභාවයට පුද්ගල චරිත දෙකක් ආරුඪ කිරීමකි. දේවතාවිය හා දෙවියා දෙපසක සිට සොබාදහම සමතුලිත කරන ලෙස දක්වා තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රි හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. සමහර තැන් වල මොවුන් සූර්යයා හා චන්ද්‍රයා ලෙස සංකේතවත් වේ. අතීතයේ මිනිසා සශ්‍රීකත්වය හා සරු බව සම්බන්ධව දේවතාවිය ඇදහූහ. ශක්තිය, දඩයම් කිරීම ආදිය සම්බන්ධව දෙවියා ඇදහූහ. මෙම දෙවියා හා දේවතාවිය යන සංකල්ප පුරාණ කැළෑ දෙවියන් (Horned God: Cernunus) හා සොබාදහමේ මාතාව (Great Mother) යන සංකල්ප වලින් බිහිවන්නට ඇති බව ගාර්ඩ්නර් මහතාගේ මතයයි. දේවතාවිය අද කාලයේ බොහෝ සම්ප්‍රදායන් වල දෙවියාට වඩා දේවතාවියට විශේෂ තැනක් දී ඇති බව පෙනේ. දේවතාවිය, චන්ද්‍ර සංකේතයෙන් තුන් ඈදුතු ස්වරුපයක් ගනී. එනම් දේවතාවියගේ ත්‍රිත්ව ස්වභාවයක් චන්ද කලා තුනක් සමඟ සම්බන්ධ කරගැනීමයි. එනම් තරුණිය, මව හා මැහැල්ල යන සංකල්පයයි. පංච මහා භූතයන් පංච මහා භූතයන් විකා දහමේ ලෝක දර්ශනයේ විශේෂ තැනක් ගනී. ලෝකයේ සියලුම ප්‍රපංච හා බලවේග මෙම මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක එකතුවක් ලෙස දකී. මොවුන් සමහරක් පළඳින Pentacle ආභරණයෙහි කෝණ පහෙන් දැක්වෙන්නේ මෙම පංච මහා භූතයන් ය. එහි ඉහලින්ම ඇත්තේ ජීවය සංකේතවත් කරන භූතෝ භූතයයි. නමුත් ප්‍රධාන භූතයන් ලෙස සලකන්නේ පෘථිවිය, ජලය, ගින්න හා වාතය යන අනෙක් සතරයි. මෙම ප්‍රධාන භූතයන් සතර දිශා හා අනුබද්ධ කර මෙසේ දක්වා ඇත. අභිචාර විධි විකා අභිචාර විධි වල විශේෂත්වයක් වන්නේ එලිමහත් තැන් වලට ප්‍රමුඛත්වයක් දීමයි. එමෙන්ම කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමේදී වෘත්තයක ආකාරයට සිටීම සහ තනිවම ක්‍රියා කිරීමේදී වුවද වෘත්තාකාර සීමාවක් (Circle) ලකුණු කරගැනීමයි. එලිමහනේ අභිචාර කටයුතු කිරීමේදී අහසින් පමණක් ආවරණය වී සිටීම, අහස යට යන්න Sky Clad ලෙස ව්‍යවහාර වේ. වෘත්තය මේ පිලුබඳව Wiccan Rede වල දක්වා ඇත්තේ, ඒ අනුව මෙසේ වෘත්තාකාර සීමාවක් ලකුණු කරන්නේ චාරිත්‍රයේ වැඩ කටයුතු වලට බාහිර භූතාත්ම වලින් සිදු විය හැකි බාධා වැලැක්වීමටය. ප්‍රධාන වශයෙන් මෙසේ පොලොවේ වෘත්තය ලකුණු කරන්නේ Atheme (ඇතේමෙ) නම් කිනිස්සක් ආකාර උපකරණයකිනි (ආයුධයක්). Seax Wicca සම්ප්‍රදායන්ට අනුව තුන් වරක් වෘත්තය ලකුණු කරන්නේ පළමුව ඇතේමෙ න්, දෙවනුව ලුණු මිශ්‍ර ජලයෙන් හා තෙවනුව සුවඳ දුමින් ය. පූජා භාන්ඩ අභිචාර විධි සඳහා යොදාගන්න උපකරණ බොහෝමයක් අතුරෙන් ඉතාම වැදගත්, ප්‍රධාන ලෙස සලකන්නේ ප්‍රධාන සතර මහා භූත හා සම්බන්ධ මේවාය. මේ ප්‍රධාන උපකරණ වලට අමතරව වෙනත් බොහෝ දෑ තිබුනද ඒවායේ භාවිතය සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වේ. බොහෝ දෙනා පිලිගන්නා පරිදි ඉතා වැදගත්ම උපකරණය වන්නේ පුද්ගලයෙකුගේ මනසයි. සෘතු හා විශේෂ අවස්ථා වර්ශය සෘතු අටකට බෙදා දක්වා ඇත. මේවා අතර ප්‍රධාන සෘතු සතරක් සහ අවෂේශ සෘතු සතරක් වේ. එනම්, මේවායෙන් Samhain සිට Beltane දක්වා කාලය වර්ශයේ අඳුරු අර්ධය ලෙස හැඳින්වේ. නැවත Beltane සිට Samhain දක්වා කාලය වර්ශයේ ආලෝකමත් අර්ධයයි. එම නිසා වසරේ වැදගත්ම සංවත්සර දෙක වන්නේ මෙම Samhain සහ Beltane ය. පොහොය පූර්ණ චන්ද්‍රයා (හෝ පුර සඳ) පායන පුර පසොලොස්වක පොහොය යනු විකා වල ඉතා වැදගත් දිනයකි. වර්ශයකට පුර පසොලොස්වක පොහොය දහ තුනක් ඇත. මෙය ඇති වන්නේ සූර්යයාගේ ආලෝකය චන්දයා මත සම්පූර්ණයෙන්ම වැටී පරාවර්තනය වන විටය. සම්ප්‍රදායන් විකා යනු මාර්ගයකි. එය පුද්ගලයෙකු තමා තුලින්ම අවබෝධය ලබා ගැනීමට මග පෙන්වන ධර්මයකි. සම්ප්‍රදායන් යනු පුද්ගලයෙක් තමාගේ මග පෙන්වීම ලබාගන්නේ කුමන ආකාරයෙන්ද යන්නයි. ප්‍රධාන වශයෙන් සම්ප්‍රදාය ආකාර දෙකක් පවතී. එනම්, පරම්පරානුගත (Lineaged Wicca) ස්ව අධ්‍යයන (Eclectic Wicca) පරම්පරානුගත සම්ප්‍රදායන් ගුරුකුල ලෙසද හැඳින්විය හැක. මේවා පවතින්නේ කන්ඩායම් (Coven) ලෙසය. පරම්පරානුගත සම්ප්‍රදායන් යන්නෙන් පුද්ගලයෙකු ලේ උරුමයෙන් ම මෙයට සම්බන්ධ වීම අදහස් නොවේ. එයින් අදහස් වන්නේ මෙතෙක් පැවති යම් කිසි සම්ප්‍රදායකට එකතු වී (initiate) එම ක්‍රමයන් අධ්‍යයනය කිරීමය. ස්ව අධ්‍යයනය යනු තමා විසින්ම පුද්ගලිකව ආරම්භ (initiate) කර වෙනත් සම්ප්‍රදයන් වලින් හා පොත් පත් වලින් දැනුම ලබා ගෙන තමාගේ ගමන යෑමය. බොහෝ විට මෙසේ තනිවම අධ්‍යයනය කිරීමට සිදු වන්නේ අවට ප්‍රදේශයේ (ලඟා වීමට හැකි) වෙනත් දන්නා කන්ඩායමක් නොමැති වීමය. කන්ඩායමක් (Coven) පිහිටුවීමේදී සම්මතය ලෙස සලකන්නේ සැතපුම් තුනක් අරය ඇති වෘත්තාකාර ප්‍රදේශයක (Covendom ලෙස හඳුන්වයි) සිටින පුද්ගලයන්ට එයට එක් විය හැකි බවය. නමුත් මෙය එතරම් නීතියක් නොවේ, ගමන් පහසුව සලකා මෙවන් සීමාවක් පනවන්නට ඇත. මෙහි අනෙක් අදහස වන්නේ සැතපුම් සයකට එහා වෙනත් කන්ඩායමක් පිහිටුවිය හැකි බවය. සම්ප්‍රදායකට එක් වීම හෝ ආරම්භ කිරීම යනු උත්සවාකාරයෙන් සිදු කරන චාරිත්‍රයකි. මෙසේ නව මාර්ගයට පිවිසීම පුද්ගලයෙකුගේ නැවත උපත ලෙස සැලකේ. විශ්වාස විකා, මිනිසා ශිශ්ථාචාරගත වීමේ ආරම්භයේ සිට පැවත එන්නකි. ප්‍රධාන විශ්වාසයන් වන්නේ ස්වභාවධර්මය දේවත්වයේ ලා සැලකීමයි. සියලුම මිනිසුන් සහ සත්වයන් සොබාදහම් මාතාව (ගායා : Gaia) ගේ දූ දරුවන් ය. සියලු දෙනා සහෝදර සහෝදරියන් ය. පුනර්භවය හා පුනුරුත්පත්තිය, ගාර්ඩ්නර් ඇතුලු පසුකාලීනයින් විසින් පෙරදිග දර්ශන වලින් විකා දහමට ඇතුලත් කරගන්න ලද සංකල්ප වේ. පුනර්භවය පුනර්භවය හෝ පුනරුත්පත්තිය යනු යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි. විකා දහමට මෙය පසුකාලීනව එකතු වී විශ්වාසයකි. කර්මය කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. කර්මය යන සංකල්පය සම්ප්‍රදායික wicca දහමෙහි අංගයක් නොවන අතර පසු කාලීනව ගාර්ඩ්නර් මහතා සහ නව සම්ප්‍රදායන් බිහි කල අය විසින් wicca දහමට පෙරදිග දර්ශන වලින් එක් කරගත් අංගයකි. ඉතිහාසය පින්තූර තවද බලන්න Magic And Witchcraft lk ගූගල් සමූහය විකා (Wicca) සහ Witchcraft පටුන විකා (Wicca) සහ Witchcraft මූලාශ්‍ර විකා ආගම්
3290
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B6%BA
භාරතය
භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි. අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. භාරතය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ කේන්ද්‍රීය පාලන ප්‍රදේශ 8කින් සමන්විතය. භාරතීය ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 5 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. භාරතයේ ප්‍රාන්ත අරුණාචල් ප්‍රදේශ් ආන්ධ්‍රා ප්‍රදේශ් ඇසාමය උත්තර් ප්‍රදේශ් උත්තරාඛණ්ඩ් ඔයිෂා කර්ණාටක කේරළය ගුජරාටය ගෝව ඡත්තීස්ගාර්හ් ඣාර්ඛණ්ඩ් තමිල්නාඩුව ත්‍රීපුර තෙලංගනාව නාගලන්තය පන්ජාබය බටහිර බෙංගාලය බිහාර් මණිපුර මධ්‍ය ප්‍රදේශ් මහාරාෂ්ට්‍ර මිසෝරාම් මේඝාලය රාජස්ථාන් හර්යානා සික්කිම් හිමාචල් ප්‍රදේශ් කේන්ද්‍රීය පාලන ප්‍රදේශ (Union Territories): අන්දමන් හා නිකොබාර් දූපත් චන්දිගාර්හ් ජම්මු හා කාශ්මීරය දාද්‍රා, නගර් හවේලී, දමණ් හා දීව් දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය පුදුචෙරි ලක්ෂද්වීප් ලදඛ් සබැඳි [1] "State Emblem -Inscription". National Informatics Centre(NIC). Retrieved 2007-06-17. [3] "India at a glance: Population". Census of India, 2001. Government of India. Retrieved 25 April 2009. [4] "India". International Monetary Fund. Retrieved 21 April 2010. [5] "Field Listing — Distribution of family income — Gini index". The World Factbook. CIA. 15 May 2008. Retrieved 6 June 2008. [6] "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. Retrieved 5 October 2009.
3292
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%20%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A
බී.ආර්. අම්බේඩ්කර්
ජනප්‍රිය ලෙසින් බාබාසහේබ් ලෙසින් හැඳින්වුණු, භිම්රාඕ රාම්ජී අම්බේඩ්කර් (14 අප්‍රේල් 1891 – 6 දෙසැම්බර් 1956), යනු ඉන්දියානු නීතිවේදියෙක්, දේශපාලන නායකයෙක්, දර්ශනවේදියෙක්, මානව විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, කථිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, ගුරුවරයෙක්, සංස්කාරකයෙක්, මහජන ලේඛකයෙක්, විප්ලවවාදියෙක් සහ ඉන්දියාවේ බුද්ධාගම සඳහා පුනර්ජීවනවාදියෙක් වූ තැනැත්තෙකි. ඔහු ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රධාන නිර්මාතෘද විය. 2012දී හිස්ට්‍රි ටීවී සහ සීඑන්එන්-අයිබීඑන් විසින් දේශව්‍යාප්තව පැවැති මත විමසුවකදී, මහාත්ම ගාන්ධි තුමන්ට පසුව, උසස්තම ඉන්දියානුවා ලෙසින් ඔහු තෝරා ගන්නා ලදි. දුගී මාහර් (කුලහීන කුලයේ යැයි සැලකුණු) පවුලකට උපන් අම්බේඩ්කර්, චතුර්වර්ණ ක්‍රමය නම් සමාජ විවසනයට  – වර්ණ සතරකට හින්දු සමාජය වර්ගීකරණය කිරීම – සහ හින්දු කුල ක්‍රමයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගියේය. බුද්ධාගම වැළඳගත් ඔහු වෙත, දලිත් වරුන් හෝ කුලහීන අයවළුන් හෝ දහස් ගණනක් ථේරවාද බුද්ධාගම වැළඳගැනුම සඳහා කරළිය සකස්කිරීම පිළිබඳව ගෞරවයද හිමි වෙයි. 1990දී මරණෝත්තර ලෙසින්, ඉන්දියාවේ උසස්තම සිවිල් ගෞරවය වන භාරත් රත්න සම්මානය, අම්බේඩ්කර් වෙත ප්‍රදානය කෙරිණි. බොහෝ සමාජ සහ ආර්ථික බාධක අභිබවමින්, ඉන්දියාවෙහි ශාස්ත්‍රාල අධ්‍යාපනය ලැබූ පළමු දලිත්වරුන් (කුලහීනයන්) අතුරින් එක් අයෙකු වීමට අම්බේඩ්කර් සමත් විය. බාබා සහෙබ් අම්බෙඞ්කාර් ගැන ලාංකීය ජනතාව දන්නේ ඉතාමත් මඳ වශයෙනි. භාරතයේ සමහර කුලවතුන් යැයි කියාගන්නා අය එතුමා ගැන නොසැලකිලිමත් වුවත් මුළු භාරතයම එතුමා ගැන ඉතා හොඳින් දනිති. භාරතයේ ඇති අනුස්මරණ ප්‍රතිමා වලින් 80%ක් පමණම ඇත්තේ අම්බෙඞ්කාර්තුමාගේ ප්‍රතිමාවෝයි. අද ජාත්‍යන්තරව ආදර්ශයට ගත හැකි හොඳම රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මෙතුමාටය. නීතිය පිළිබඳ නිදහසෙන් පසු ඉන්දීය රජයේ නීතිය පිළිබඳ ප්‍රථම ඇමැතිතුමා වූ මෙතුමා රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මණ්ඩලයේ සභාපති විය. 1956 දී ඔහු ආධාරකරුවන් 600,000 ක් සමඟ බුද්ධාගමට හැරීම සඳහා දලිතයන් විශාල වශයෙන් පරිවර්තනය කිරීම ආරම්භ කළේය. ඔහු ඉන්දියාවේ බුද්ධාගම පුනර්ජීවනය කළේය. අම්බෙඩ්කර් බෝධිසත්වයකු ලෙසත්, නවයාන බෞද්ධයන් අතර මෛත්‍රිය ලෙසත් සැලකේ. 1990 දී ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න අම්බෙඩ්කර්ට මරණින් පසු ප්‍රදානය කරන ලදී. අම්බෙඩ්කර්ගේ උරුමයට ජනප්‍රිය සංස්කෘතියේ බොහෝ ස්මාරක සහ නිරූපණයන් ඇතුළත් වේ. සමාජ-දේශපාලන ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස අම්බෙඩ්කර්ගේ උරුමය නූතන ඉන්දියාව කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. අම්බෙඩ්කර් ජයන්ති (අම්බෙඩ්කර්ගේ උපන්දිනය) අප්‍රේල් 14 වන දින සමරනු ලබන අතර එය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සමරනු ලැබේ. අම්බෙඩ්කර් ජයන්ති ඉන්දියාව පුරා නිල රජයේ නිවාඩු දිනයක් ලෙස සමරනු ලැබේ. එක්සත් ජාතීන් 2016, 2017 සහ 2018 දී අම්බෙඩ්කර් ජයන්ති සැමරීය. ළමා අවධිය 1891 අප්‍රියෙල් 14 වැනිදා උපන් මෙතුමා මහර් හමුදාවේ සේවය කළ රාම් ජී තුමාගේ 14 වැනි දරුවාය. මේ දරුවා කිසිදිනක භාරත රත්න සම්මානයෙන් පිදුම් ලබාවි යැයි එදා කිසිවෙක් නොසිතූහ. මෙතුමා ඉපදුන සමාජයේ හින්දු ආගම විසින් පනවා තිබුණ අන්තගාමී කුලභේදය නිසා පහත් කුලයේ යැයි සම්මත බොහෝ දෙනා මහත් හිරිහැර වදබන්ධන වලට මුහුණ පෑ අතර බොහෝ මිනිස් අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙන තිබුණි. හින්දු ආගමට අනුව සමාජයේ ප‍්‍රධාන කොටස් හතරකින් යුක්තය. ඒ බ‍්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍යය හා ශුද්‍ර යනු ඒ සම්මතයයි. සාමාන්‍ය සමාජයක් කුමන හෝ දේශයක ක්‍රයාත්මකවීමට උගතුන් හා අධ්‍යාත්මික නායකයින්, රාජ්‍ය පාලකයින් වෙළඳ ලෝකය හා කම්කරුවන් අවශ්‍යයය. ඈත අතීතයේ සිට අද දක්වාම මේ ක්‍රමය සමාජයේ දක්නට ඇත. භාරතයේ බ්‍රහ්මණ බලය වැඩිවත්ම මනුස්මෘතිය වැනි ග්‍රන්ථ ලිවීමෙන් මේ සාමාන්‍ය ක්‍රමය නිශ්චිත කුල ක්‍රමයක් බවට බමුණන් විසින් පත්කළහ. මේ ක්‍රමයට අයත් ශුද්‍රයන් මේ බෙදීමට අයත් නොව සමාජයේ අන්ත දුගී මෙන්ම සමාජ තිරයෙන් පිටුපස සිට සේවය කළ අප්‍රධාන කුල වූ, නේසාද, පුක්කුස, අයෝගව හා චණ්ඩාල යන නමින් අති විශාල පිරිසක් කිසිදු සමාජ හිමිකමක් නැති පෑගුන පිරිසකි. භාරතයේ සෑම ප‍්‍රාන්තයකම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළමිනී ඉවත් කිරීම සිදු කළේ මොවුන් විසිනි. මොවුන්ට නියම වී තිබුණ නීතිය වූයේ සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් බෙල්ලේ එල්ලාගත යුතු අතර ඔවුන්ගේ පතුල් සලකුණ මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් ඇදගන යා යුතුව තිබුණි. පසුකලක ඉංග්‍රීසි රජය විසින් මේ සමහර අන්තික ප්‍රතිපත්ති ඉවත් කරන ලදී. ඉංග්‍රීසි රජය යටතේ මොවුන්ගෙන් සමහර අයට හමුදාවට බැඳීමේ අවස්ථාව ලැබුණි. විශේෂයෙන් ඔවුන්ගේ හැඩිදැඩිභාවය හා විනීත බව ඒ සඳහා හේතුවිය. ඉංග්‍රීසි රජය විසින් මොවුන්ගේ දක්ෂතා අනුවට සැලකීමට උත්සාහ ගත්තත් බ්‍රහ්මණ පරපුර ඒවාට දැඩි ලෙස විරුද්ධ විය. රාම ජී සක්පාල් මහතා පහත් යැයි සම්මත මහර් ජාතියට අයත් වූ අතර ඉංග්‍රීසි රජය විසින් එතුමාට මහර් හමුදාවේ ඉතා සුළු තනතුරක් ලබාදුන්නා. ඒද අධ්‍යාපනය නිසා නොව ශරීර ශක්තිය හා නිර්භීතභාවය නිසයි. හමුදා සොල්දාදුවකු වුවත් එදා සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව දරුවන් 14 දෙනකුගේ පියා වූ අතර ඔහුගේ බොහෝ දරුවන් ඉතා කුඩා කාලයේදීම මියගියා. අවසාන දරුවා වූ අම්බෙඞ්කාර් කුඩා කාලයේ සිටම යම් යම් දක්ෂතා දැක්වූ නිසා පාසල් යැවීමට අදහස් කොට මුලින්ම ගම් ප්‍රදේශයේ කුඩා පාසලකට යැවීය. එදා අත නොගැසිය යුතු කුලයකට අයිති වූ මේ දරුවාට අධ්‍යාපනය ලැබීමේදී මහත් හිරිහැරවලට මුහුණදීමට සිදුවිය. පාසලේදී පංතියට ඇතුළුවීමට තහනම් වූ අතර අනෙක් ළමයින් පාවහන් ගලවන තැන බිම ඉඳගැනීමට සිදුවිය. අනෙක් දරුවන් වතුර බොන කරාමය ඔහුට පාවිච්චි කිරීමට තහනම් විය. නිතරම අනෙක් ළමයින් ක්‍රීඩාකරන විට ඔහු හුදකලාව බලාසිටියා. එහෙත් පාසලේ කෙතරම් ගැහැට ලැබුණත් අධ්‍යාපන කටයුතුවලදී ඉතාමත් ඉදිරියෙන් සිටීමට මේ දරුවාට අවස්ථාව ලැබුණි. පාසලෙන් පිටත දී ද නිතරම අතරවරවලට ලක්වූයේ මේ කුලහීන දරුවාගේ දක්ෂතාව ගමේ කුලවතුන් අතරද ක්‍රමයෙන් ප්‍රසිද්ධ වීම නිසායි. වැසිදිනක ගෙයක අගුවක නොතෙමී සිටි අතර එය දුටු ගෙහිමි ස්වාමිදුව ඔහු එතැනින් එලවා ගත්හ. දිනක් තම සහෝදරයාත් සමග කුලී කරත්තයකින් දුම්රිය පලේ සිට ගමන් කරමින් සිටි අවස්ථාවේ මේ රාම ජී සක්පාල්ගේ දරුවන් බව දැන කරත්ත හිමියා ඔවුන් කරත්තයෙන් පෙරලා දැමීය. මනුස්මෘතිය නම් ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයට පහත් කුලයක අයෙක් වේදය හදාරයි නම් දිව ඇද කැපිය යුතුයි. වේදය අසයි නම් කනට ලාකඩ උණුකර වක්කළ යුතුයි. කුඩා කාලයේ ලැබුණ දහසකුත් ඊර්ෂ්‍යාව පදනම් වූ ගැහැට නිසා පසුබට නොවීමට දිරිගැන්වූයේ තම පියාත් එක් කරුණාබරිත එම පාසලේම ගුරුවරයෙකි. අම්බෙඞ්කාර් නම් එම ගුරුවරයා එතුමාගේ නම පාවිච්චි කිරීමට මේ කුඩා දරුවාට අවසරදීමෙන් මේ භීමරාව් අම්බෙඞ්කාර් විය. මෙතුමා පියාට අවවාද කළේ මේ දරුවා අනාගතයේ ඉතා දක්ෂයකු වන බවත් මොහුට කෙසේ හෝ ඉගැන්විය යුතු බවත්ය. මේ වනවිට මව මියගොස් සිටි නිසා පියා දරුවාට ඉගැන්වීමේ අභිලාෂයෙන්ම මුල් ගම් ප්‍රදේශය අත්හැර බොම්බායේ පදිංචියට ගොස් දරුවා බොම්බායේ එල්ෆින්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කළා. තමාට කුලයෙන්ම ඉගෙනීමට තහනම් වූ වේදය ඉගෙනීමට කැමැත්ත දැක්වුවත් බමුණු ගුරුවරු මොහුට සංස්කෘත භාෂාව ඉගැන්වීමට ඉඩ නොදුන්නේය. පසුකලෙක ජර්මනියේදී සංස්කෘත ඉගෙන ගෙන බමුණන් ඉදිරියේ සංස්කෘත භාෂාවෙන් කතා කළේය. මහත්මා ගාන්ධි අවසාන 2 එකේ ඉස්සරහ එක 1920 ජනවාරි 31 “මුකනායක”පුවත්පතට අම්බෙඩ්කාර් කළ ප්‍රකාශය.... “මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක”.1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනය,ඊනියා ස්පර්ශ නොකළ යුතු ජනයා නගා සිටු වීම සඳහා ගන්නා ලද ප්‍රථම පියවර විය.අධ්‍යාපනය හුදෙක් බ්‍රාහ්මණයින්ට පමණක් දිය යුතුද? යන්න අම්බෙඩ්කාර් ප්‍රශ්න කළේය.පහළ පාන්තික ජනතාවගේ ආරක්ෂා්ව සඳහා ආරක්ෂමක ක්රබමයක් ලෙස ඔවුන්ට අධ්යාසපනය ලබා දිය යුතු බව ප්රාකාශ කළේය.කාන්තා විමුක්තිය සඳහා සමාජ රීතීන් වර්ධනය කිරීමට සමාජ අසාධාරණය ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලදී.සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු අතර ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බව අම්බෙඩ්කාර් යෝජනා ක‍ළේය. ඉගනීමේ දැක්වූ දක්ෂතා ඉතා අභියෝගකාරී ලෙස ඉගෙනගත් මේ දරුවා එල්ෆින්ස්ටන්හි එම වර්ෂයේ මැට්‍රිකියුලේෂන් විභාගයෙන් ප්‍රථමයා වීමෙනි. මේ නිසා හරිජනයන් විසින් අති විශාල හරසර දැක්වීමක් සිදුකිරීමට උත්සවයක් සංවිධානය කළා. එම උත්සවයට එදා සමාජ ප‍්‍රතිසංස්කරණවාදියකුවූ කේ.ඒ. කේළුස්කර් මහතා හා එස්.කේ. බෝලේ වැනි සමාජ ප්‍රධානීහුද සහභාගි වූහ. මේ උත්සවයෙන් දැඩි උත්තේජනයක් ලැබූ භීමරාව් අම්බෙඞ්කාර්ට කේළුස්කාර්තුමා විසින් බුද්ධ චරිතය පොතක් පරිත්‍යාග වශයෙන් ලබාදුන්නා. සමාජ සම්මතයේ බොහෝදේට එරෙහි වුවත් කුඩා කාලයේදීම තම සමාජය විසින් ඔහුට බලකළ ආකාරයට විවාහවීමට සිදුවුණා. මෙම විවාහ උත්සවය පැවැත්වූයේ බෝම්බායේ එළවළු මාර්කට් එකේ එදින සෙනඟ පැමිණීමට කලිනි. ශාලාවක් ලබාගැනීමට වියදම දැරීමට ඒ සමාජයට හැකියාවක් නොවුණි. විවාහ වුවද අධ්‍යාපන කටයුතු කරගෙන යෑම ඔහුගේ එකම උනන්දුව වූ නිසා පියාටත් ඔහුටත් ඒ සඳහා ගෙවා ගැනීමට නොහැකි වූ මුදල ලබාදීමට ඉදිරිපත් වූයේ කේළුස්කාර්තුමාය. එතුමා විසින් බැරෝඩා මහාරාජාගේ සහායෙන් මසකට රුපියල් 25ක ශිෂ්‍යත්වයක් අම්බෙඞ්කාර්ට ලබාදුන් අතර 1921 වර්ෂයේ බී.ඒ. විභාගය ඉහළින් සමත් විය. වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකානු එක්සත් ජනපදයට යාමට ආසා කළ එතුමාට බැරෝඩාවට අවුරුදු 10ක් සේවය කිරීමේ පොරොන්දුව මත මහාරාජා විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. 1913 වර්ෂයේ ඇමරිකානු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා ගිය අතර එහි ජනතාව විඳින නිදහසත් සමානාත්මතාවයත් දැක භාරතය ගැන තව තවත් කළකිරුණ මෙතුමා තම වර්ගයාගේ විමුක්තිදායකයකු වීමේ අදිටනින්ම පැය 18ක් අධික ලෙස වෙහෙස වී 1916 වර්ෂයේදී එම්.ඒ. උපාධියද 1919 වර්ෂයේ ආචාර්ය උපාධියද ලබාගත්තේය. බැරෝඩා මහාරාජා ආපසු කැඳවූ අතර බැරෝඩාවේ සේවය සඳහා නැවතීමට තැනක් නොවුණි. ඔහුගේ උගත්කම නිසාම ඊර්ෂ්‍යා කළ බමුණෝ එතුමාව මහත් ගැහැටට පත් කළේය. සේවය කළ කාර්යාලයේ කුලවාදී සුළු සේවකයන්ගෙන් පවා සමච්චලයට ලක්වුණි. එකල එවැනි තනතුරක අඩුකුලයේ අයෙක් භාරතය තුළ නොවූ අතර කුලවාදී බමුණන්ගේ ඊර්ෂ්‍යාව එන්න එන්නම වැඩිවුණේය. පසුව බරෝදාවෙන් අස් වූ අම්බෙඞ්කාර්තුමා තමාගේම ආර්ථික උපදේශ කාර්යාලයක් ආරම්භ කළත් එයද අසාර්ථක වූයේ කුලවතුන් අඩුගානට වුවත් ඔහුගෙන් සේවය ලබාගැනීමට අකමැති වූ නිසයි. පසුව බොම්බායේ විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් ලැබ ගියද විවිධ බාධක ආවත් ඉගැන්වීමේ හැකියාව හා දක්ෂතාව ඒවා මැඩපැවැත්විය. පසුව ලන්ඩනයේ ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණ අතර එහිදී නීතිය ඉතා උසස් අයුරින් හදාරා බැරිස්ටර්වරයෙකු ලෙස සිය රට පැමිණ නීතියේත් ආර්ථික විද්‍යාවේත් උසස් විද්වතකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. කුලවාදයට එරෙහි සටන මේ වනවිට වේදය, උපනිශද්, බුදු දහම හා අනෙකුත් ආගම්ද හදාරා තුලනාත්මක දැනුමක් තිබුන අතර බුදු දහමේ සමාජ සංශෝධනයට අවශ්‍ය මූලධර්ම දැඩි විමසුමට ලක් කළේය. ප්‍රථමයෙන් හින්දු කුලවාදයෙන් පීඩාවට පත්වූ තම ජනතාව නගාසිටුවීමට පාසල් පුස්තකාල හා නේවාසිකාගාර පිහිටුවීමට සංගමයක් ආරම්භ කළේය. රජයේ පොදු අරමුදල් වලින් පිහිටුවන ආයතනවලට තම ජනතාවට ඇතුළුවීමට ඉඩ ලබාගත හැකි පනතක් රජය මගින් සම්මත කර ගත්තේ එතුමාගේ දැඩි උද්යෝගය නිසයි. 1927 දී අහිංසක ජනතාවට ඇති සමාජ හිරිහැර ගැන ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූ එතුමා නගර සභාව විසින් හරිජනයන්ට තහනම් කර තිබූ ජලාශයකින් ජලය බීමට එම රැස්වීමේ ජනතාවත් සමග පැමිණුනා. හින්දු කුලවාදීන් මෙයින් මහත් කලබලයට පත්වූ අතර එම ජලාශයේ ජලය පවිත්‍ර කිරීමට මහා යාගයක් ද පැවැත්වූවා. දෙවියන් සාමාන්‍ය ජනතාවටත් අයිති බව කියා කෝවිල්වලට ඇතුළුවීමට ගිය අතර සමහර අවස්ථාවල මහා අරගල ඇතිවුණා. සාමාන්‍යවූත්, හරිජනවූත්, අවර්ණවූත්, අජූත වූ මේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු ආසනයක් ලබාගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර ඉංග්‍රිසි ආණ්ඩුව කැමැත්තද ප‍්‍රකාශ කළා. මුස්ලිම්වරුන්ට පාකිස්තානය වෙන්කර දීමටත්, බංග්ලාදේශය දීමට කැමති වූ මහත්මා ගාන්ධි හරිජනයන් වෙනුවෙන් අම්බෙඞ්කාර්තුමා ගෙන ගිය සටනට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. ඉංග්‍රිසින් රටින් පලවා හැරීම සඳහා සත්‍යග්‍රහ ආරම්භ කළ මහත්මා ගාන්ධිතුමා හරිජනයන්ට නිදහස ලැබෙන කිසිදු පනතකට කැමැත්ත නොදැක්වීය. අම්බෙඞ්කාර්තුමා කළ සටනට අනුව හරිජන ගිවිසුම ඉංග්‍රිසි රජයෙන් ලබාදීමට තීරණ ගත් අවස්ථාවේ එම පනත අස්කරගන්නා තෙක් පූනා නගරයේ ගාන්ධිතුමා විසින් ආරම්භ කළ උපවාසය අත් නොහළේය. දේශපාලන ජීවිතය කම්කරුවන් වෙනුවෙන් මහා සටනක් ගෙන ගිය අම්බෙඞ්කාර්තුමාව 1946 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති පදවියට නේරුතුමාගේත් ඉංග්‍රිසීන්ගේත් කැමැත්ත ඇතිව පත්කරන ලදී. විශේෂයෙන් අද ඉන්දියාවේ හරිජනයන් කිසියම් ආකාරයක නිදහසක් භුක්ති විඳී නම් ඒ මේ ව්‍යවස්ථාවේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අම්බෙඞ්කාර්තුමා ඇතුළත් කළ ව්‍යවස්ථාවන් නිසාය. අද මේ ව්‍යවස්ථාවට විරුද්ධව කුලවාදි හින්දූන් සටනක් ගෙන යන බව පෙනේ. මේ වනවිට පහත් කුලයේ යැයි සම්මත අය ඉතා ඉහළ තත්ත්වයන්ට පත්වී ඇත. පසුගිය කාලයේ ජනාධිපති ධුරයට පත්වූ කේ.ආර්. නාරායන්ද අඩු කුලයේ අයෙකි. ඉන්දීය රාජ්‍ය ලාංඡුනය සඳහා සාරානාථයේ සිංහ හිසත්, ජාතික ධජයට ධර්ම චක්‍රයත් යෙදීමට හැකියාව ලැබුණේද මෙතුමාගේ උත්සාහයෙනි. මේ සංකේත පැහැදිලිවම බෞද්ධ බව දැනගත් වජ්පායි රජය මේවා ඉවත් කිරීමේ උත්සාහයක යෙදුණි. 1956 ඔක්තෝබර් 14 වැනිදා එතුමා වටා සිටි ලක්ෂ ගණනාවක් ජනතාවත් සමග නාග්පූර් නගරයේදී බුදුදහම වැළඳ ගනිමින් මෙසේ ප්‍රකාශ කළේය. ජවහර්ලාල් නේරුතුමා මෙතුමා ගැන ප්‍රකාශ කරමින් වරක් මහත්මා ගාන්ධිතුමා එතුමා ගැන කීවේ මෙසේය. බුදු දහම වැළඳ ගැනීමෙන් පසු වසරින් වසර සංඛ්‍යාත්මක වශයෙන් බෞද්ධ පිරිස වර්ධනය වූ අතර මේ වසරේ ඔක්තෝබර් 14 අති විශාල ප්‍රමාණයක් බුදුදහම වැළඳගත්හ. විශේෂයෙන් බුදුදහම එතරම් ප්‍රකට නැති පංජාබයේ අති විශාල බෞද්ධ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට මහා බ්‍රිතාන්‍යයේ අම්බෙඞ්කාර් අනුස්මරණ කමිටුව සූදානමින් සිටී. වැඩිදුරට කියවීම සඳහා Indian Buddhist leader Dr. B.R. Ambedkar deserves to be honored with a commemorative Postage Stamp in Sri Lanka Rajapaksa lauds Ambedkar's service to Buddhism Mahar, Buddhist. Religious Conversion and Socio-Political Emancipation by Johannes Beltz, 2005, New Delhi, Manohar. Reconstructing the World: B.R. Ambedkar and Buddhism in India edited by Johannes Beltz and S. JondhaleNew Delhi: OUP. Dr. Ambedkar and Untouchability: Analyzing and Fighting Caste by Christophe Jaffrelot (2005) ISBN 0-231-13602-1 Ambedkar and Buddhism by Urgyen Sangharakshita ISBN 0-904766-28-4 Ambedkar: Towards an Enlightened India by Gail Omvedt ISBN 0-670-04991-3 Life of Babasaheb Ambedkar by C. Gautam, Published by Ambedkar Memorial Trust, London, Milan House, 8 Kingsland Road, London E2 8DA Second Edition, May 2000 Thus Spoke Ambedkar Vol-I* (Selected Speeches of Dr. B.R. Ambedkar) Compiled and edited by Bhagwan Das, published by Dalit Today Parkashan,18/455,Indira Nagar, Lucknow (U.P.)India-226016 Revival of Buddhism in India and Role of Dr. BabaSaheb B.R. Ambedkar by Bhagwan Das, published by Dalit Today Prakashan,18/455,Indira Nagar, Lucknow (U.P.)India-226016 Dr. Ambedkar: A Critical Study by W.N. Kuber, published by People's Publishing House, New Delhi, India. Dr. Ambedkar: Life and Mission by Dhananjay Keer published by Popular Prakashan, Bombay, India. Economic Philosophy of Dr. B.R. Ambedkar by M.L. Kasare published by B.I. Publications Pvt. Ltd.,New Delhi, India. The Legacy Of Dr. Ambedkar by D.C. Ahir published by B.R.Publishing Corporation, Delhi-110007,India. (ISBN 81-7018-603-X Code No. L00522) Ajnat, Surendra: Ambedkar on Islam. Buddhist Publ., Jalandhar 1986. Fernando, W. J. Basil: Demoralisation and Hope: Creating the Social Foundation for Sustaining Democracy -- A comparative study of N. F. S. Grundtvig (1783 -1872) Denmark and B. R. Ambedkar (1881-1956) India. AHRC Publication., Hong Kong 2000. (ISBN 962-8314-08-4) සටහන් සහ ආශ්‍රිත ඉන්දියානු නායකයන් ඉන්දියානු බෞද්ධයෝ 1891 උපත් 1956 මරණ
3294
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%81%E0%B7%8A%20%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B6%BA
සිංග්ලිශ් වදන්සකසනය
සංකල්පය සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි. උදා: mama = මම aakaasha = ආකාශ මෘදුකාංග සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා. ප්‍රසිද්ධ සිංග්ලිෂ් මෘදුකාංග කිහිපයක් http://groups.google.com/group/singlish-typewriter http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html Sinhala Online Typing (madusanka.net) ඔරකල් මෘදුකාංග නිදහස් මෘදුකාංග
3302
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
පටිච්චසමුප්පාදය
පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ ධර්ම විග‍්‍රහය කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය පටිච්චසමුප්පාද ධර්මයේම සඳහන් තිපරිවට්ටයම පිළිබඳව විභංගප්ප‍්‍රකරණය නැමැති ත‍්‍රිපිටක ග‍්‍රන්ථයේ දේශණා කර ඇත. අද කුසලය හා පින පටලවා භාවිතා කරනු පෙනේ. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් දේශණා කර ලෝකයාට පැහැදිළි කර වදාළේ අවිද්‍යාවෙන් නොදන්නා කමෙන් ලෝකයා තණ්හාවෙන් තම කැමැත්තට බැදී පටි ඉච්ච වී තමන්ගේම හිතට වහල් වී සංසාරයට බැඳී දිගින් දිගටම අතරමං වී සංසාර ගමනක යෙදෙන ආකාරය පෙන්වා දීමයි. එසේ නැතිව අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ නිවන් මඟක් පෙන්වා දී නැත. එහිදී පැහැදිළි කර ඇත්තේ නිවන වැසී ලෝකයා තමන්ගේ සංසාර ගමන නොනවත්වාම යමින් දුක් විදීමට මුල් වූ හේතු කාරණා සමූහයක් පෙන්වා දීම පමණි. පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි. අවිද්‍යාව අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්, සංස්කාර - කාය සංස්කාර (කායසංඤ්චේතනා), වචී සංස්කාර (වචීසංඤ්චේතනා) සහ චිත්ත සංස්කාර (මනෝසඤ්චේතනා) යන ධර්මයන් ය සංකාර - පුන්‍යාභිසංකාර අපුණ්‍යාභිසංකාර ආනෙංජාභිසංකාර ලෙසත් හැඳින්වෙනව. "තත්‍ථ කතමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො." , විඤ්ඤාණ - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ නාම රූප - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ සතර මහා භූතයන්ගෙන් සකස් වූ(උපාදාය) රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි සළායතන - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ; මෙම සය ආධ්‍යාත්මික (අභ්‍යන්තර) ආයතන යි; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; ධම්ම) බාහිර ආයතන නම් වේ. ඵස්ස (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ යම් විඳීමක් ඇත්ද, එයම හඳුනා ගනී; එනම් සංඥා උපදී යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ වේදනාව - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි තණ්හාව - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්(අයෝනිසෝමනසිකාරයෙන් යුතුව) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග); මෙය ම තණ්හාව වේ. එනම් කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යනාදිය යි. උපාදාන - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි. භවය - බැඳී ගිය සිතින් චේතනා පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි. ජාති - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි. ජරා-මරණ - උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි. දුක සකස් වීම බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ පටිච්ච සමුප්පන්නව ම දුක සකස් වන බව යි. නැතහොත් හේතු ඵල ධර්මතාවය මත මෙය සිදුවන බවයි. අපවිසින් කරනු ලබන කුසල කර්ම ,අකුසල කර්ම (පුන්ඤ්ඤාබි සංකාර, අපුන්ඤ්ඤාබි සංකාර ) වලට අනුරූපව ඊළඟ භවය සකස්වීම සිදුවේ. පංචඋපාදානස්කන්ධය සැකසීම වශයෙන් හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක. අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය පිලිබඳ නොදැනීමයි. සසර දුක බව තත්වාකාරයෙන් අවබෝධ කරගන්නතාක් කල් සත්වයා සැප විඳීම අපේක්ෂාවෙන් භවයට ඇලී ගැලී භවයම සකස්කර ගනී.නමුත් මේ සංසාරයේ කිසිම සත්වයෙක් ස්ථිරවූ හෝ සදාකාලික වූ සැප විඳීමක් ලබන්නේ නැත. සැප ලෙස පිළිගන්නා සියලු දේම මොහොත ඇවෑමෙන් නිසරු බවට පත්ව අවසන දුකම උරුම කරදෙන බව පිළිගන්නට හෙතම ප්‍රඥාව අවදිකරගත යුතු වන්නේය. එසේ යමෙක් මේ දුක තත්වාකාරයෙන් අවබෝදකරගත් කල්හි ඔහුගේ අවිද්‍යාව පහවී විදයාව පහල වේ. පටිච්ව සමුප්පාදය ආර්ය නියාය සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි. යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති - යො ධම්‌මං පස්‌සති සො මං පස්සති යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කලේ, යමෙක් පටිච්‌චසමුප්‌පාදය දකියිද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ මං (බුදුන්)දකී. යනුවෙන් දැක්වෙන්නේ යමෙක් පටිච්‌චසමුප්‌පාදය දැකීම තුලින් ධර්මය දැකීමට සමත්වේ නම් හෙතෙම බුදුන් දැක නිවන් දකිනු ඇත යන අදහසයි. යොමුව බුදු දහම
3314
https://si.wikipedia.org/wiki/PAN%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%20%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
PAN දේශීයකරණ ව්‍යාපෘතිය
PAN දේශීයකරණ ව්‍යාපෘතිය PAN දේශීයකරණය කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය තම PAN Asia Networking වැඩ සටහන හරහා සහ පකිස්තානයේ පරිගණක සහ නූතන විද්‍යාව සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලය තම උර්දු භාෂා පර්යේෂණ මධ්‍යස්ථානය හරහා දේශීය භාෂා පරිගණනය සඳහා කලාපීය ආයතනවල ධාරිතාව ගොඩ නැගීමට දකුණු හා අග්නිදිග ආසියාව පුරා ක්‍රියාත්මක වන තුන් අවුරුදු සහයෝගීතා වැඩසටහනකි වර්ෂ 2001 අවසානයේ දී වාර්තාගත වූ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් විශාලතම කණ්ඩායම වූයේ ආසියාතිකයන් ය. එනමුදු එකී සමූහය සමස්ත ආසියානු ජනගහනය හා සැසඳූ කල්හි 4.5% කටත් අඩු ය. කලාපය තුළ පවතින භාෂා විවිධත්වය හේතුවෙන් දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවී තිබෙන තොරතුරු පරිශීලනය කිරීමට ආසියානු ජනගහනයෙන් බහුතරයක් වූ ඉංග්‍රීසි භාෂාව එදිනෙදා භාවිත නොකරන ග්‍රාමීය දිළිඳු ජනතාවට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරී ඇත. ආසියානු කලාපය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන දැනටමත් කෙරී ඇති නමුත් , ( කාලීන තොරතුරුවල සුලබතාවෙන්) බහුතරයකට සෙත සැලසීමට හුදෙක් අන්තර්ජාල සම්බන්ධතාව සහ තාක්ෂණ යටිතල පහසුකම් දියුණු කිරීමෙන්ම පමණක් කළ නොහැකි බවට කලාපය තුළ දැනට පවතින තොරතුරු තාක්ෂණ විෂයේ ඇතිනැති පරතරය (Digital Divide) සාක්ෂි දරයි. කළ යුත්තේ බහුතර ජනතාව එදිනෙදා භාවිත කරන භාෂාවන්ගෙන් තොරතුරු ප්‍රකාශයට පත්කොට ඒවා පරිශීලනය කිරීමට ඇති ඉඩකඩ පුළුල් කිරීමයි. පරිශීලනයට ඇති ඉඩකඩ පුළුල් කිරීම යනු දේශීය භාෂා පරිගණනය සඳහා වූ නිශ්චිත රාමුවක් (Local Language Computing Framework) සහ එකී තොරතුරු බහුතර ජනතාවක් භාවිත කරන දේශීය භාෂාවන්ට පරිවර්තනය කිරීමට සහ එකී භාෂාවලින් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය මෙවලම් සකස් කීරීම යි. ප්‍රකාශනයට ඇති ඉඩකඩ පුළුල් කිරීම ලෙස මෙහිදී හඳුන්වන්නේ ඉහත සඳහන් කළ මෙවලම් භාවිතයෙන් එකී දේශීය භාෂාවලින් තොරතුරු ජනනය කිරීමයි. දේශීය භාෂා යොදා ගනිමින් පරිගණනය කිරීමට ඇති නොහැකියාව තොරතුරු ලබා ගැනීමට හා අධ්‍යාපනයට ඇති අයිතිය යන මූලික මිනිස් අයිතිවාසිකම් දෙකම සම්බන්ධයෙන් බාධාවක්ව පවතී. IDRC PAN දේශීයකරණය ක්‍රියාත්මක ර‍ටවල් සහ අනුබද්ධ ආයතන බංගලාදේශය BRAC විශ්වවිද්‍යාලය භූටානය කෙමර් අක්ෂර පරිගණකය සඳහා ප්‍රමිතිකරණය කිරීම පිලිබඳ ජාතික කමිටුව, ජාතික තොරතුරු සන්නිවේදන සංවර්ධන අධිකාරිය කාම්බෝජය විද්‍යා, තාක්ෂණ සහ පාරිසරික ආයතනය ලාඕස් ජාතික විශ්වවිද්‍යාලය ලාඕසය තොරතුරු සහ තාක්ෂණ දෙපාර්තුමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන අමාත්‍යාංශය සොන්ග්කා සංවර්ධන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය ශෙරුබ්ස්තෙ විද්‍යාලය නේපාලය මදන් පුරස්කර් පුස්තාලය ශ්‍රී ලංකාව භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය ( LTRL) කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) අදියර-1 පෑන් දේශීයකරණ පර්යේෂණ ව්‍යාපෘතිය පුළුල් අරමුණු තුනක් පෙරදැරි කර ගනී. ( 2004-2007 ) අරමුණු ස‍හ අභිමතාර්ත ආසියානු කලාපය තුළ දේශීය භාෂා තාක්ෂණය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි මානව සම්පත් සංවර්ධන පුළුල් කිරීම පවතින තාක්ෂණය සමඟ දේශීය භාෂා හැසිරවීමට හැකිවන පරිදි එකී තාක්ෂණයන්හි සිදු කළ යුතු පුළුල් කිරීම් සම්බන්ධ නිපුණතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව බොහෝ ආසියානු රටවල මානව සම්පත් සංචිතයනට ඇත. ආසියානු භාෂා හැසිරවීම සඳහා ඇති තාක්ෂණික පහසුකම් ඉහළ නැංවීම ඇතැම් ලක්ෂණ අතින් ආසියානු භාෂා ඉංග්‍රීසියට වඩා සංකීර්ණ වෙයි. උදාහරණ ලෙස සංකීර්ණ ලේබන ශෛලීන් දැක්විය හැකිය. වර්තමාන තාක්ෂණය ආරම්භයේ සිටම ඉංග්‍රීසිය හැසිරවීම සඳහා සීමාවුණ අතර එය බොහෝ ආසියානු භාෂා හැසිරවීමේ දී පැන නගින අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සැපිරුණේ නැත. එම නිසා එකී ඌනතා මඟ හරවා ගත යුතුව ඇත. ආසියානු කලාපය තුළ දේශීය භාෂා යොදා ගනිමින් කරනු ලබන තොරතුරු ජනනය කිරීම සඳහා වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා දේශීය භාෂා යොදා ගනිමින් කරනු ලබන තොරතුරු ප්‍රකාශනය හා පරිශීලනය සම්බන්ධයෙන් පැන නගින ගැටලු මොනවාද යන්නත් , එකී ගැටලු නිරාකරණය කර ගැනීමේ දී අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව සහ යොදාගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් මොනවාද යන්නත් විමසා බැලෙන අධ්‍යයනයන් කෙරී ඇත්තේ ඉතා මඳ වශයෙනි. අදියර-2 (2007-2010) අරමුණු ස‍හ අභිමතාර්ත කළාපීය ව්‍යාපෘති කාර්යයන් පරිගණකානුසාර භාෂා පරිවර්තකයක් නිර්මාණය කිරීම ජංගම මෙවළම් සඳහා අත් අකුරු හඳුනාගැනීමේ මෘදුකාංගයක් නිර්මාණය කිරීම දේශීය භාෂා ඉගැන්වීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් ප්‍රවර්ධනය හා ඉ‍ගෙනුම් ආධාරක නිර්මාණය කිරීම සිංහල වෙබ් අන්තර්ගත ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පුහුණුව සැපයීම
3317
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%BA
රුහුණ විශ්වවිද්‍යාලයය
රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3557 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. එය , 1978 සැප්තැම්බර් මස රුහුණ විශ්වවිද්‍යාලය ලෙස විශේෂ ජනාධිපති නීතිය මගින් ස්ථාපිත 1984 පෙබරවාරි මස 1 දින තුළ පූර්ණ බලතල සහිත විශ්වවිද්‍යාලයක් දක්වා උසස් කරන ලදී. විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දකුණු පළාත පුරා පීඨ දයයකට සංවිධානය කර ඇත. එහි ප්‍රධාන කාර්යාලය අක්කර 72 භුමියක් පුරා පැතිරෙන මාතර, වැල්ලමඩම සංකීර්ණයේ පිහිටා ඇත. ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ ගාල්ලේ පිහිටා ඇති අතර, කෘෂිකර්ම පීඨය සහ තාක්‍ෂණ පීඨය කඹුරුපිටියේ (මාතර) පිහිටා ඇත. එය සතු ශ්‍රී ලංකා රුපියල් බිලියන 2,982 මූල්‍ය අරමුදල් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික හා පර්යේෂණ පුස්තකාල පද්ධති අතරින් එකක් වන රුහුණ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, ක්‍රියාත්මක කරවයි. රුහුණ විශ්වවිද්‍යාලයේ පුස්තකාල පද්ධතිය ප්‍රධාන විශ්වවිද්‍යාල වැල්ලමඩම ප්‍රධාන පුස්තකාලය කේන්ද්‍රගතව හා වෙළුම් 200,000 කට අධිකව පැවැත්වීම වෙනත් පුස්තකාල හතරකට ආසන්න සමන්විත වේ. ආරම්භය ආචාර්ය නිශ්ශංක විජයරත්න 1977 ජේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ට ත් පත් විය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් විය. තවද, රුහුණ විශ්වවිද්‍යාලයය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔහු ගේ අදහසක් අනුව පිහිටුවන ලදි. අධ්‍යයන මණ්ඩප ප්‍රධාන මණ්ඩපය රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය මාතර, මැද්දවත්තෙහි පිහිටා තිබෙන අතර එහි, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යන පීඨ පහ ද, උපකුලපති ‍කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණය ද, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරය ද පිහිටා ඇත. ඉතාම දැකුම්කළු ගෘහ නිර්මාණ සැලැස්මකින් ඉදිව ඇති රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුව සිටි ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරිණි. ඉදිකිරීම් බැල්පර් බියැටි නම් ඕලන්ද සමාගම විසින් සිදු කරන ලදී. වෙනත් මණ්ඩප විශ්වවිද්‍යාලයෙහි කෘෂිකර්ම පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ මාපලානෙහි ද, වෛද්‍ය පීඨය ගාල්ල කරාපිටියෙහි ද, ඉංජිනේරු පීඨය ගාල්ල, වක්වැල්ලෙහි ද, සමසෞඛ්‍ය පීඨය ගාල්ලේ, උළුවිටිකේ ප්‍රදේශයේ ද පිහිටා ඇති අතර, මෑතදී සරසවියට එක්වූ නව පීඨය වන තාක්‍ෂණ පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ බිබුලවෙල පිහිටා ඇත. මේවාද බලන්න ආචාර්ය නිශ්ශංක විජයරත්න බාහිර සබැඳි රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිටුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 "ලංකා යුනිවර්සිටි නිව්ස්” වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල
3318
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකාවට අදාළ සහ ශ්‍රී ලංකාවේ යන්නෙන් ලිපි ශීර්ෂය ඇරඹෙන පහත ලිපි ඇතුළුව තවචද ලිපි මෙම විකිය තුල පවතියි: ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ දේශපාලනය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය ශ්‍රී ලංකාවේ රථවාහන පරිභෝජනය. ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ශ්‍රී ලංකාවේ වල් පැලැටි ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ මැතිවරණ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ කන්තලේ කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ රජවරු ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව ශ්‍රී ලංකාවේ අතීතය ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝ ශ්‍රී ලංකාවේ වරායන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ මැණික් ශ්‍රී ලංකාවේ චිත්‍රපට නාමාවලිය ශ්‍රී ලංකාවේ පළාත් සභා ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය ශ්‍රී ලංකාවේ බුද්ධාගම ශ්‍රී ලංකාවේ නර්තනයන් ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ශ්‍රී ලංකාවේ ජාතික සංකේත ශ්‍රී ලංකාවේ සංගීතය ශ්‍රී ලංකාවේ සංගීතය ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ දියඇලි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ශ්‍රී ලංකාවේ තේ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය නැටුම් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරු ශ්‍රී ලංකාවේ දාගැබ් ශ්‍රී ලංකාවේ AAශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සර්පයෝ ශ්‍රී ලංකාවේ නර්තනය - යාත් නැටුම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකර ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුව
3331
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA
ඉසුරුමුණිය
ඉතිහාසය ඉසුරුමුණිය පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වවාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. දු.ක.-0777924226 නම-s.b.d.editors පුරා විද්‍යාත්මක නටබුන් ඉසුරුමුණි පෙම්යුවළ 6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ. මිනිසා හා අශ්ව හිස මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (ගින්න) හා පාර්ජන්‍ය (වළාකුළු) යනුවෙන් හදුන්වති. එම නිසා ඓතිහාසික ස්ථාන අතරින් ඉසුරුමුණිය නැරඹිය යුතු ම ස්ථානයකි. ආශ්‍රිත ඉසුරුමුණි කැටයම් රන්මසු උයන වෙස්සගිරිය ශ්‍රී ලංකා‍වේ ඓතිහාසික ගොඩනගිලි රජරට රාජධානිය අනුරාධපුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක‎
3332
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%20%E0%B6%BA%E0%B6%B1%E0%B7%94%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%20%3F
රාජ්‍ය නිර්බාධවාදය යනු කුමක්ද ?
18 වන ශතවර්ෂයේ ආරම්භයේදී ඇඩම් ස්මිත් නම් ආර්ථික විද්‍යාඥයා හරහා ප්‍රථම වරට ලෝකයට රාජ්‍ය නිර්බාධීකරණ‍ය වඩාත් පෘථුල හා සංවිධානාත්මක අදහසක් ලෙස ඉදිරිපත් විය. මෙහිදී රාජ්‍ය නිර්බාධවාද‍‍ය ලෙස ඔහු හදුන්වාදුන්නේ ආර්ථිකයක ක්‍රියාකාරීත්වයට රජයේ අවම මැදිහත් වීමක් විය යුතු බවයි. සමාජයක මිනිසුන්ගේ ආර්ථික කටයුතු රජයක් මගින් පාලනය වනවාට වඩා ඔවුන් එකිනෙකා තම ස්වාධිපත්‍ය ලඟා කර ගැනීමට පෞද්ගලිකව උත්සාහ දැරීමට කැමති අතරම ඒ හරහා ආර්ථිකයක් සංවර්ධනය කරා ගෙන යා හැකි බව අදහස් විය. මෙය නිදහස් වෙළඳ පොළ , ආර්ථික නිදහස්කරණය යන නම් වලින්ද හදුන්වන අතරම මෙම සංකල්පය වඩාත් පුළුල්ව ව්‍යාප්ත වීම තුළින් වර්තමානයේ මෙය ගෝලීයකරනය හෙවත් ජගත්කරණය යන ප්‍රචලිත සංකල්ප හරහා ඉදිරියට ඇදී යයි. වඩාත් පුළුල් ලෙස සැළකීමේදී මෙය පෞද්ගලික අයිතීන් හා සමාන අවස්ථාවන් ලබා දීම, සියළු දෙනාටම සිතීමේ හා කතා කිරීමේ නිදහස ලබාදීම, රජය සතු බලයන් සීමා කිරීම, දැඩි නීතිම‍ය පාලනයන් ලිහිල් කිරීම, නිදහස් අදහස් හුවමාරුව, රජයේ විනිවිධභාවය, නිදහස් ආර්ථික තීරණ ගැනීම ආදී සමාජ ආර්ථික තීරණ ගැනීම ආදී සමාජ, ආර්ථික, දේශපාලන හා නීතිමය වැනි අංශයන් රාශියක් හරහා ව්‍යාප්ත වී යයි. ආර්ථිකයක් සම්බන්ධයෙන් ගෙන බැලූ විට රාජ්‍ය නිර්බිධකරණය ලෙස අදහස් වන්නේ ආර්ථිකයක කටයුතු වලට රජයේ ඇඟිලි ගැසීම් හැකිතාක් දුරට අවම කිරීම සහ එම කටයුතු වෙළඳ පොළ ක්‍රියාකාරකම් හරහා හෙවත් ඇඩම් ස්මිත් හදුන්වා දුන් පරිදි "අදෘශ්‍යමාන හස්තය" හරහා ඉටු වීමට ඉඩ හැරිය යුතු බවයි. එහිදී රජය බදු අය කිරීම, විනිමය පාලනය, ආර්ථිකයනකට නීති රීති පැනවීම, පෞද්ගලික දේපල අයිතිය සීමා කිරීම ආදී විවිධ අංශයන්ගෙන් සිදුවන රාජ්‍ය මැදිහත් වීම් අවම කළයුතු බවට අදහස් වේ. රාජ්‍ය නිර්බාධවාදය වඩාත්පුළුල් ලෙස පිළිගන්නා මතයක් වන්නේ මනුෂ්‍ය සමාජය යම්කිසි වෙනස් කළ නොහැකි හා බලපෑම් කළ නොහැකි අයිතීන් සමූහයකින්සංවිධානය විය යුතු බවයි. රාජ්‍ය නිර්බාධවාදය තුල ගොඩනැගෙන ප්‍රධාන මතවාදයන් දෙකකි. ඉන් පළමු වැන්න ලෙස සම්භාව්‍ය නිර්බාධවාදය හැඳින්විය හැක. මෙය අවධාරණය කරන්නේ පෞද්ගලික ව්‍යාපාර, පෞද්ගලික දේපල අයිතිය, නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්, සුභසාධන ආර්ථික විරෝධී අදහස් යනාදියයි. එසේම නීතිය ඉදිරියේ සමානත්වය, තරඟකාරී නිදහස් වෙළඳ පොළ කටයුතු නිසා ඇති වන ආර්ථික අසමානතාවය අවධාරණය කරන අතර රජයේ ධනය ප්‍රතිව්‍යාප්ත කිරීම සාධාරනීකරනය නොකරයි. අනෙක් කොටස ලෙස සමාජවාදී නිර්බාධවාදය හැඳින්විය හැක. මෙහිදී පුද්ගල අයිතිවාසිකම් ආරක්‍ෂාවට, විශ්වීය අධ්‍යාපන පහසුකම් සළසාදීම, සුභසාධනය ආදිය සඳහා රජයේ මැදිහත්වීම අපේක්‍ෂා කරයි. මෙහිදී සුභසාධනය යන්නට සේවා වියුක්තිකයන්ට සහන ලබා දීම, සෞඛ්‍ය පහසුකම් දළසා දීම හා ඒ සඳහා යහපත් බදු ක්‍රමයක් අනුගමනය කිරීම ආදිය අයත් වේ. මේ ආකාරයේ වූ ආර්ථිකයක් තුළට රජයේ මැදිහත් වීම අවම වන ක්‍රමයක් මෙම සංකල්පයෙන් කතා කෙරෙන අතර මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් ඉතා දියුණු තත්වයට පත් වූ රටවල් ලෙස උතුරු ඇමරිකාව, ජපානය සහ සමහර නැගෙනහිර ආසියානු රටවල් හඳුන්වා දිය හැක.
3333
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%86%E0%B7%93%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A
මිල්‍ටන් ෆීඩ්මන්
ජුලි 31, 1912 දින නිව්යෝක් නගරයේ බෲක්ලීන්හි උපත ලැබූ මිල්‍ටන් ෆීඩ්මන් ආර්ථික විද්‍යා විෂය ක්‍ෂේත්‍රයට මහඟු මෙහෙයක් කළ ආර්ථික විද්‍යාඥයෙකි.කේනීසියානු ගුරුකුලයේ "ඉල්ලුම් කළමනාකරණය" ප්‍රතික්‍ෂ්ප කරමින් මූල්‍යවාදී මත‍ය ගෙන ආවේ මොහුය.මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආර්ථිකයේ පොළී අනුපාතයට හා මිලට බලපෑම් කළ හැකි බවට ඔහු තර්ක කළේය. ඔහුගේ දායකත්‍වය සූක්‍ෂම ආර්ථික විද්‍යාවට,සාර්ව ආර්ථික විද්‍යාවට ආර්ථික ඉතිහාසයට මෙන්ම සංඛ්‍යානය කෙරෙහිද යොමු විය. ඔහු විසින් රචිත ඇමරිකාවේ මූල්‍යවාදයේ ඉතිහාසය (1963) ග්‍රන්ථය වෙනුවෙන් ආර්ථික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය (1976) ලැබුනි. එසේම ඔහු ලබා ගත් සම්මාන අතර 1988 නිදහස පිළිබඳ රාජ්‍ය සම්මානය ද එම වසරේදිම විද්‍යාවේ ජාතික සම්මානයද දිනා ගෙන ඇත. ආර්ථික විද්‍යාවඥයන්ට අනුව 20වන සියවසේ දෙවන භාගයේ වඩාත් බලසම්පන්නම ආර්ථික විද්‍යාඥයා මොහුය. මොහු විසින් 1962 දී ලියන ලද ප්‍රාග්ධනීකරණය හා නිදහස යන කෘතියෙන් දේශපාලන හා සමාජ නිදහස නිර්මාණය කිරීමේ අරමුණෙන් නිදහස් වෙළඳපොළ තුළ රජයේ කාර්ය භා‍රය අවම කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත. එසේම 1980 රූපවාහිනියෙන් විකාශනය වූ 'තේරීමේ නිදහස' නම් වැඩසටහන් මාලාව තුළින් ෆීඩ්මන් විසින් නිදහස් වෙළඳපොළක ක්‍රියාකාරීත්‍වය පැහැදිළි කළ අතර ඒ තුළින් සමාජ හා දේශපාලන ප්‍රශ්න විසදීම උදෙසා තිබෙන ප්‍රතිපත්ති පෙන්වා දුන්නේ වෙනත් ක්‍රම එලෙස එයට විසඳුම් නොසපයන බවද පෙන්වා දෙමිනි. 1946 කොලොම්බියා සරසවියෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය ලබා ගත්තේය.මොහු ඉහළ බදු පැනවීම අතින් කේනීසියානුවාදීන්ට සහයෝගය දක්වන්නකු ලෙස පෙනේ. 1970 පෙර නිදහස් වෙළඳාම නම් සංකල්පය ආර්ථික විද්‍යාඥයන් අතර ඉතා අවම වශයෙන් පැවති සංකල්පයකි. රාජ්‍ය නිර්බාදකරණය ලෙසින් ඔහු විසින්ම හඳුන්වා ගනු ලබන ඔහුගේ දේශපාලන මතය තුළින් අවධාරණය කරන්නේ නිදහස් වෙළඳපොළේ වාසි හා රජය මැදිහත් වීමේ අවාසි පිළිබඳවය. ඔහු 'රාජ‍්‍ය නිර්බාදකරළණය' මුළු ‍ක්‍ෂේත්‍රය පුරාම ව්‍යාප්ත වීම දැක ගනු පිණිස ජීවත් විය. 1980 දශකයේදී ඔහුගේ අදහස පිළිගනු ලැබිනි. මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ , බදුකරණය පිළිබඳ , පෞද්ගලීකරණය හා ප්‍රතිපත්ති ලිහිල්කරණය පිළිබඳ ඔහුගේ මත තුළින් විශ්වය පුරා රජයේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය අදහස් කරයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් හා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් ටැචර්ට උපදේශන සේවා සැපයීම විශේෂය. ෆීඩ්මන්ගේ දේශපාලන පිළිබඳ ස්ථාවරය ආර්ථික ඉතිහාසය හා ආර්ථික මාතෘකා ආවරණය කළ ඔහුගේ ලිපි රාශියක් මඟින් අනාවරණය වේ. ඔහුගේ අධ්‍යාපනය හා කුඩා කාලය සාරා ඊස්ටන් හා ‍ජෙනෝ සෝල් ෆීඩ්මන්ගේ වැඩිමහල් පුත්‍රයා මිල්‍ටන් ෆීඩ්මන්ය.මොහු ත්‍යාගලාබී ශිෂ්‍යයකු වශයෙන් උපාධිය ලැබුවේ 1928 රේවේ උසස් පාසලෙනි. ඒ ඔහුගේ 16 වන උපන්දිනට පෙරදීය. කලා උපාධිධාරියකු ලෙසින් 1932 නිව් ජර්සිහි පිහිටි රට්ගර්ස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීය. මොහුට මෙම විශ්ව විද්‍යාල අධ්‍යාපන‍ය ලැබුනේ තරඟකාරී ශිෂ්‍යත්වයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි අරතර් එ‍ෆ්.බර්ග්ස් හා හෝමර් ජෝන්ස් යටතේ අධ්‍යාපනය ලබා ඇත. එසේම ඔහු සතුව ගණිතය පිළිබඳ අසහාය දැනුමක් විය. රට්ගර්හි උපාධිය ලැබීමෙන් පසුව සංඛ්‍යාන ගණිතය පිළිබඳ හැදෑරීම‍ට බ්‍රව්නි සරසවියට ගොස් ඇත. එසේම 1933 දී ශාස්ත්‍රවේදී උපාධිය චිකාගෝ සරසවියෙන් ලබා ඇත. ජනවාරි 29 2007 දින මිල්ටන් ෆීඩ්මන් දිනය වේ. ආර්ථික විද්‍යාවට දායකත්වය මොහු මූල්‍යවාදී ගුරුකුලයේ පියා ලෙස සැලකේ. ඔහුට අනුව මුදල් සැපයුම හා උද්ධමනය අතර සමීප හා ස්ථායි සබඳතාවක් ති‍‍‍බේ. එනම් ජාතික ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කිරීම තුළින් උද්ධමනයට බලපෑම් කළ හැක. ඔහු කේනීසියානුවාදී 'ඉල්ලුම් කළමනාකරණ' ‍මත‍ය ප්‍රතික්‍ෂේප කරයි. ඔහු රජයේ දායකත්වය සීමා කළ යුතු බව පවසන නමුත් උපදෙස් සපයන්නෙකු ලෙස පැවතීමක් අපේක්‍ෂා කරයි. එසේම ඔහු ස්ථිර ආදායම් කල්පිතය (1957) මත පදනම් වූ පරිභෝජන ශ්‍රි‍තයක් ගැන සාකච්ඡා කර ඇත.එසේම ෆිලිප්ස් වක්‍රය හා ස්වභාවික සේවා වියුක්ති ‍අනුපාතය පිළිබඳසොයා බැලීම් වලට දායක වී ඇත. එසේම ආර්ථික විද්‍යාව,අරමුණු ඉටු කර ගැනීමේදී විද්‍යාවක් ලෙසින් වටිනාකම් විනිශ්චයන්ට නිදහස්ව තිබිය යුතු බව දැක්වීය.එසේම සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහා ඔහු විසින් හඳුන්වා දුන් වව්චර් ක්‍රමයද වැදගත් වේ. විද්‍යාඥයෝ
3334
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ආර්ථික විද්‍යාව
අරමුණ - සමාජීය විද්‍යා විෂයක් වශයෙන් ආර්ථික විද්‍යා විෂයයේ වැදගත්කම සහ අනෙකුත් විද්‍යා විෂයන් වලින් ආර්ථික විද්‍යා විෂය වෙනස් වන ආකාරය පිළිබද අවබෝධයක් ලබා දීම සහ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය හදුනා ගැනීම. 1. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් නොවේ. එය සමාජීය විද්‍යාවකි. පහදන්න. (ලකුණු 5) 2. වර්තමානයේ ආර්ථික විද්‍යාව වශයෙන් පොදුවේ පිළිගනු ලබන්නේ ආර්ථික විද්වතුන් විසින් කරන දේය. එසේ පැවසීමට හේතු වූ කරනා මොනවාද? (ලකුණු 5) 3. ආර්ථික විද්‍යාව විෂය තුල පදනම් කර ගන්නා ක්‍රමවේදයන් දෙකකි. ඒ මොනවාද? (ලකුණු 5) 4. .ආර්ථික විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පැහැදිලි කරන්න. (ලකුණු 5) පිළිතුරු 1. විද්‍යා විෂයන් කොටස් දෙකෙකි. එනම් ශුද්ධ විද්‍යා හා සමාජීය විද්‍යා වශයෙනි. මේවා අතරින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවකි. එසේ හැදින්වීමට හේතුව වනුයේ ආර්ථික විද්‍යාව මගින් මිනිස් සමාජයේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් වල යථාර්තය හදුනා ගැනීමට උත්සාහ ගනු ලබන නිසාවෙනි. ශුද්ධ විද්‍යා මගින් කරනුයේ මුල ද්‍රව්‍යන්ගේ හැසිරීම පරික්ෂ කිරීමයි. නමුත් සමාජීය විද්‍යා මගින් කරනුයේ සමාජයේ මිනිසුන්ගේ අන්තර් හැසිරීම් රට අද්‍යනය කිරීමයි. එම නිසා සමාජීය විද්‍යාවක් වන ආර්ථික විද්‍යාව මගින් මිනිස් සමාජයේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිලිබදව තර්කානුකුල හා විද්‍යාත්මක විග්‍රහයන් වල යෙදේ. ස්වභාවික විද්‍යා මගින් පාලනය කරන ලද තත්ත්ව යටතේ කරුණු හදාරන අතර ආර්ථික විද්‍යාව මිනිස් සමාජයේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබද කරනු හදාරන නිසා පාලනය කරන ලද තත්ත්ව යටතේ කරුණු හැදෑරිය නොහැක. 2. වර්තමානයේ ආර්ථික විද්‍යාව වශයෙන් පොදුවේ පිළිගනු ලබන්නේ ආර්ථික විද්වතුන් විසින් කරන දේය. නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කල හැකි වනුයේ වෙනස් නොවන දෙයකටය . එමෙන්ම නිවැරදි නිර්වචනයක් පැවතිය හැක්කේ එකක් පමණි. නමුත් ආර්ථික විද්‍යාව විෂයය වෙනස්වන සුළු ආර්ථික නිගමනයන් මත පදනම් වී විකල්ප න්‍යායයන් ගොඩ නංවමින් දිනෙන් දින පුළුල් වී ගෙන යන විෂයක් බවට පත් වී ඇති නිසා ආර්ථික විද්‍යාව ට නිර්වචන ඉදිරිපත් කල නොහැක. එම නිසා වර්තමානයේ ආර්ථික විද්යන්ච්යින් ආර්ථික විද්‍යාවට නිර්වචන අත්හැර දම වර්තමානයේ පොදුවේ පිලි ගනු ලබන්නේ ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්යන්චයින් කරන දේ වශයෙනි. එනමුදු ආර්ථික විද්‍යාවට ආර්ථික විද්වතුන් විසින් නිර්වචන කිහිපයක් දී ඇත. * ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ ධනය පිළිබද හදාරන විද්‍යාවකි. - ඇඩම් ස්මිත් * ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ සාමාන්‍ය වියාපාරික ජීවිතය පිළිබද හදාරන විද්‍යාවකි. - ඇල්ෆඩ් මාර්ෂල් * මිනිසුන්ගේ දෛනික සුභසාධනය පිළිබද හදාරන විද්‍යාවකි. - ඒ.සී පිගූ * සම්පත් හිගකම තුලින් මතුවෙන ප්‍රශ්න පිළිබද හදාරන විද්‍යාවකි. - ස්ට්‍රොනියර් සහ හෙග් * හිග භෞතික හා මානව සම්පත් පරිපාලනය කිරීම පිළිබද සමාජීය විද්‍යාවකි. - ස්කිටෝව්ස්කි * හිග භෞතික හා මානව සම්පත් තරගකාරී වුවමනාවන් අතර බෙදා හැරීම පිළිබද විද්‍යාවකි. - සමුවෙල්සන් * ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජනයන්ගෙන් යුතු හිග සම්පත් සහ මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් අතර සම්බන්ධතාවක් වශයෙන් මිනිසුන්ගේ හැසිරීම් පිළිබද හදාරන විද්‍යාවකි - ලයනල් රොබින්සන් ආර්ථික විද්‍යා නිර්වචන (වීඩියෝ දසුන් සමග ) 3. i. නිගමනාත්මක ක්‍රමය (නිගාමී ක්‍රමය) ii. ප්‍රත්‍යක්ෂ මුලික ක්‍රමය (උද්ගාමී ක්‍රමය) නිගමනාත්මක ක්‍රමයේදී කල්පිතයක් කෝ න්‍යායක් ගොඩ නංවා එය මත පදනම් වී සැබෑ ලෝකයේ ආර්ථික හැසිරීම පිළිබද නිගමනවලට එලඹේ. ප්‍රත්‍යක්ෂ මුලික ක්‍රමයේදී සැබෑ ලෝකයේ තත්වය පරික්ෂ කොට එමගින් ලබා ගන්න දත්ත  මත පදනම් වී සැබෑ ලෝකයේ ආර්ථික හැසිරීම පිළිබද නිගමනවලට එලඹේ. 4. i. සුක්ෂම ආර්ථික විද්‍යාව - එනම් සමස්තය වෙනුවට සමස්තය තුල ඇති කොටස් තනි තනිව ගැබුරින් අද්‍යනය කිරීමයි.මෙහි න්‍යායන් වනුයේ මිල න්‍යාය,උපයෝගිතා න්‍යාය,පිරිවැය න්‍යාය වේ. එමෙන්ම සුක්ෂම ආර්ථික විද්‍යාවේ අරමුණු වනුයේ ලාභ උපරිම කිරීම,පාරිභෝගික තෘප්තිය සහ සුභ සාධනයයි. සුක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප ලෙස හිගකම,තේරීම,ඌණ උපයෝජනය හැදින්විය හැකිය. ii. සාර්ව ආර්ථික විද්‍යාව - එනම් සමස්තය පිළිබද හැදෑරීමයි. මෙහි න්‍යායන් ලෙස මිල මට්ටම,ඉතුරුම්,සේවා නියුක්තිය යනාදිය හැදින්විය හැකි අතර සාර්ව ආර්ථික විද්‍යාවේ අරමුණු ලෙස පුර්ණ සේවා නියුක්තිය,මිල ස්ථායිතාවය,සාධාරණත්වය හදුන්ව දිය හැකිය. එමෙන්ම සාර්ව ආර්ථික විද්‍යාවේ සංකල්ප ලෙස පුර්ණ සේවා නියුක්තිය,ආර්ථික වර්ධනය වේගවත් කිරීම ආදිය හදුන්ව දිය හැකිය. ආර්ථික විද්‍යාව නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවෙහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායාවකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදාරනු ලබයි. ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක. ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී. ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිභෝගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක. ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි. මුල් ආර්ථික සංකල්ප පෞරාණික ආර්ථික සංකල්පය මෙසපොතේමියානු, ග්‍රීක, රෝමානු, ඉන්දියානු, චීන, පර්සියන් සහ අරාබි යන ශිෂ්ටාචාරයන්හි ආරම්භයේ සිට පැවත ඒ.ඇරිස්ටෝටල්,චානක්ය,ක්වීන්ෂි හුඇන්ග්,තෝමස් ඇක්විනාස් සහ ඉබ්න් කල්ඩන් යන සැළකිය යුතු ලේඛකයන් 14 වන ශත වර්ෂය මුළුල්ලේම හඳුනාගත හැකිය. ජෝෂප් චම්පීටර් මුලිකවම 14 වන හා 17 වන ශත වර්ෂවල අගභාගයෙහි වූ ශාස්ත්‍රීයෙක් ලෙස හඳුනාගත්තේ ස්වභාවික නීති පැතිකඩ තුළ වූ වටිනාකම් න්‍යාය පොළිය සහ මුදල් විද්‍යාත්මක ආර්ථික විද්‍යාවේ ආරම්භකයන් වීම සඳහා අනෙක් කණ්ඩායම් වලට වඩා ආසන්නටය ලඟා වීම හේතුවෙනි.ඉබන් කල්ඩන්ගේ මියුකඩිම් (Ibn Khaidun’s Muqaddimah) සොයා ගැනීමෙන් පසු චම්පීටර් (Schupetr) පසුව නවීන ආර්ථික විද්‍යාවේ සමීප පුරෝගාමියෙකු ලෙස ඉබන් කල්ඩම්ව දැක්වීමට හේතු වුයේ ඔහුගේ ‍බොහෝ ආර්ථික විද්‍යා න්‍යායන් නූතනය වන තුරු යුරෝපය විසින් නොදැන සිටීමය. සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය. වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි. වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී. අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ. 18 වන ශත වර්ෂයේ ප්‍රංශ චින්තකයන්ගේ හා ලේඛකයන්ගේ කණ්ඩායමක් වූ පිසියොක්රැට්ස් නිකායිකයින් (Physiocrats) විසින් ආර්ථිකය ආදායම් හා නිමැයුමේ චක්‍රීය ප්‍රවාහයක් යන අදහස සංවර්ධනය කරන ලදී. සියළුම අපූර්ණතාවයන් සමඟ දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති ඉතා ආසන්න සත්‍යය ලෙස ඇඩම් ස්මිත් විසින් ඔවුන්ගේ පද්ධතිය පැහැදිලි කරන ලදී. පිසියොක්‍රැට් නිකායිකයින් පිරිවැයට වඩා පැහැදිලි අතිරික්තයක් කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් උපදවන බව විශ්වාස කළේය. එම නිසා සෑම ධනයකම පදනම වූයේ කෘෂිකර්මාන්තයයි. මෙනයින්, ආනයන බදුද අන්තර්ගතව කෘෂීකර්මාන්තයටද බලපෑමක් සිදු කරනු ලබන නිෂ්පාදනය සහ විකුණුම් සංවර්ධනය කරන වානිජවාදී ප්‍රත්පත්තියට ඔවුන් විරුද්ධ විය. පර්පාලනය සඳහා පිරිවැයක් දැරීමට සිදු වන බදු එකතු කිරීම් වෙනුවට ඉඩම් හිමියන්ගේ ආදායම මත තනි බද්දක් අය කිරීමට පක්ෂව පිසියොක්‍රැට් නිකායිකයින් කටයුතු කරන ලදී සාපේක්ෂව විකෘති කිරීම් සිදු නොවන බදු ආදායම් මූලාශ්‍රයක් ලෙස පසුව බිහිවූ ආර්ථික විද්‍යාඥයින් (ශත වර්ෂයකට පසුව හෙන්රි ජෝර්ජ් ද ඇතුළුව) එවැනි ඉඩම් බදු වල සිදු වූ වෙනස්කම් සැළකිල්ලට ගන්නා ලදී. බහුල වානිජ වෙළඳ රෙගුලාසි වලට එරෙහිව ආර්ථිකයට අවම රාජ්‍ය මැදිහත් වීම ඇති රාජ්‍ය නිර්බාධක ප්‍රතිපත්තියක් පිසියොක්‍රැට් නිකායිකයින් විසින් අනුගමනය කරන ලදී. ආචාර ධර්ම ආර්ථික විද්‍යාව හා ආචාර ධර්ම අතර පවතින සම්බන්ධය තරමක් දුරට සංකීර්ණ වේ.බොහෝ ආර්ථික විද්‍යාඥයින් අවශ්‍යතා හා වුවමනා වල ප්‍රමාණය හෝ වටිනාකම තීරණය කිරීම හෝ සමාජයට වඩාත් සුදුසු කුමක්ද යන්න දේශපාලන හා පෞද්ගලික වශයෙන් තීරණය වන ආර්ථික විද්‍යා මතය විෂය පතයෙන් පිටස්තර දෙයක් ලෙස සලකන ලදී.රජයේ පුද්ගල‍යෙකු විසින් ඉලක්ක කිහිපයක් ඉදිරිපත් කර ඇති විටකදී ඒක සාර්ථක කර ගැනිමට අවශ්‍ය දර්ශනය ආර්ථික විද්‍යාව මගින් සපයනු ලබයි. නූතන ධනේෂ්වර ආර්ථිකයන්වල වටිනාකම් පද්ධතියක් ඇති කිරීම සඳහා ආර්ථීකමය සංකල්ප වල බලපෑම අවශ්‍ය බවට මතයකත් පවතී.සදාචාර තර්කනය වශයෙන් හැඳින්වේ. මිළදී ගැනීම් සිදු කිරීමේදී පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම පරිසරය පිළිබඳ අවධානය වැනි ආචාර ධර්ම අනුගමනය කළයුතු බව සාම්ප්‍රධායික ආර්ථීක විද්‍යා සලකා බැලීම් වල සඳහන් වේ.අනික් අතින් මහජන සුභසාධනය හා ආරක්ෂාව සැලසෙන පරිදි සිදුකරන සම්පත් බෙදා වෙන් කිරීම ආර්ථීක විද්‍යාවේ කොටසක් ලෙස සැළකිය හැකිය.සෞඛ්‍ය හා ආරක්ෂණය, පරිසරය, සමාජ සාධාරණය හා විපත් ආධාර වැනි අරමුණු ඉටු නොවන පරිදි සම්පත් බෙදා වෙන් කිරීම අඩු සමාජ සුභසාධනයේ ප්‍රතිඵලයකි. එබැවින් එවැනි ආර්ථික විද්‍යා ප්‍රශෟන අනුගමනය නොකිරීම ආචාර සම්පන්න නොවේ. ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සමූහික නියෝජිතයින් නිතිපතා මේ පිළිබඳව ආර්ථික විශලේෂණ පවත්වයි. සමාජය මත බලපෑම ආර්ථික විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද වෙළඳපොළ ආකෘති දුර්ලභ භාණ්ඩ බෙදා හැරීම් අනිකුත් මාර්ග ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා මතට පදනම් නොවී ඔවුන්ගේ අවශ්‍යතා හා පුරුදු මත තීරණය වන බව යමෙකුම පැවසිය හැකිය. එක් ආර්ථික තෝරා ගැනීම් වලින් බොහොමයක් සමාජය විසින් ඉබේම සිදු කරන ලද ඒවායි.එයට හේතුව මිනිසුන් උසස් ජීවන තත්වයක් අපේක්ෂා කිරීමයි. මෙය ආර්ථික ප්‍රතිපත්ති සම්භවයේදී ඉතා දැඩි ‍ලෙස විවේචනයට තුඩු දුන් කරැණකි.මෙහිදී සුභසාධන ප්‍රතිපත්ති වල බලපෑම් හා සඵලන්‍යායන් අවධානයට යොමු කරන ලදී.ස්වාධීන දාර්ශනිකයින් (Libertarians)මෙය ආර්ථීක තර්කයට සිදුකරන අගෞරවයක් ලෙස සලකයි. ධනය ප්‍රති ව්‍යාප්ත කිරීම සදාචාරාත්මකව හා ආර්ථික විද්‍යාත්මකව වැරදි බව ඔවුන්ගේ මතයයි.සමාජවාදී දර්ශනයට අනුව මෙය ආර්ථික විසින් සමාජයට කරන අගෞරවයකි.ඔවුන‍්ගේ මතය වන්නේ ධන විෂමතා පළමුව නොවිසඳිය කළ යුතු බවයි.මෙය 19 වන සියවසේදී කම්කරැ ආර්ථික විද්‍යාවත් 20 වන සියවසේදී සුභ සාධන ආර්ථික විද්‍යාවත් උදාහරණයක් වන ලදී. ආර්ථික විද්‍යාව හා දේශපාලනය Johin Stuort හා Mill Leon Welree වැනි ආර්ථික විශේෂඥයින් විසින් නිෂ්පාදනයෙන් උපයන ධනය බෙදා දීමට වෙන් නොකල යුතු බව පෙන්වා දුනි. මෙය "ප්‍රායෝගික ආර්ථිකයත්" දේශපාලනිය හා බලය පිළිබඳව පෙන්වා දෙන "සමාජ ආර්ථික ක්‍රමයේත්" එකතුවකි. ආර්ථික විද්‍යාවේ සමාජීය කෝණයකින් බලන විට ආණ්ඩුවෙන් හෝ පරිපාලන ආයතනයකින් වන දේශපාලනික තීරණ එයට බලපායි. එනමුත් ප්‍රතිපත්ති සම්පාදකයෝ හා ඉහළ පෙල නිලධාරින් තමන්ගේ අභිමතය පරිදි ආර්ථික ක්‍රමය වෙනස් කරයි. මෙහිදි ආර්ථික සංකල්ප මගින් ඔවුන්ගේ වගකිම් සීමා නොකරන න්‍යාය පත්‍ර හා ආචාර ධර්ම මාලා හඳූන්වා දෙයි. ආර්ථික සංකල්ප හා දේශපාලනයට ආදාළ ආර්ථික ක්‍රමයේ සමානාතාවයක් ලෙස අව්‍යාජ ආර්ථික ප්‍රතිපත්තිවල විකෘතිව ඇති හෝ නොපෙනන කොටස් වලට අවදානය යොමු කිරීමට මෙම විකෘති වු න්‍යායාන් නිසා සමාජීය වැඩ මුළු හා ආචාරධර්මයන් සැකසීමේදි පැටලැවිලි සහගත බවත් ඇති කරයි. මහ බැංකුවේ ස්වාධීන බව මගින් එහි ප්‍රතිපත්ති සාර්ව ආර්ථිකය පාලනය කරනු ලබයි. එමෙන්ම වැරදි ආර්ථිකයේ අඩංගු කරුණු හා විවේචනයන් පිලිබඳ අවධානය යොමු වේ. සංකල්ප දක්වන්නා හ ආර්ථිකය උදාහරණයක් ලෙස කාල් මාක්ස්ගේ (Karl Marx) 19 වැනි සියවසේ කටයුතු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවසේ අනුබල දිමට සිදුකළ කටයුතුත් සීත යුද්ධ කාලයේ ධනේෂ්වර වාදය හා සමාජවාදය අතර වාදයන් , ආර්ථික විද්‍යවේ ප්‍රතිඵලය ලෙස ගත හැකිය. කල්පිතයන් පරිකෂාවට ආර්ථික විද්‍යාව දායක කර නොගැනීමට මෙය හේතුවක් විය හැකිය. ආර්ථික ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය හා ඵලවිපාකයන් පිළිබඳ ආර්ථික විද්‍යාවේදි හැදෑරුවත් ඒ ඒ ක්‍රමයන් මගින් ඒ පිළිබඳ මතයක් ඵල නොකරයි. උදා. ආර්ථික අධිකාරිත්ව ක්‍රමයක් පරික්ෂාව‍, සමාන ක්‍රමවේදයන් පරික්ෂා කිරීම මෙන්ම ග්‍රෝත්‍ර ක්‍රමයෙන් පරික්ෂාවද ගත හැකිය. මතවාද හා ආර්ථික විද්‍යාව උදාහරණයක් ලෙස 21වන ශත වර්ෂයේ බලත්කාරයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවර්ධනයන්ට සහාය වීම කලහැකිවීම සහ කාල් මාක්ස්ගේ 19 වන ශත වර්ෂයේ ක්‍රියාකාරකම් හෝ ආර්ථිකයේ ගැටළු ලෙස ධනවාදය හා කොමියුනිට්ස් වාදය පිළිබඳ ශීත යුද්ධ යුගයේ වාදය දැක්විය හැක. ආර්ථිකය මෙවැනි සාරධර්ම/අගයන් පිළිබඳ හිමිකම් පෑම නොකලත්, අනුභාවික නිරීක්ෂණය (empirical observation) සහ කල්පයන් පරීක්ෂා කිරීම මත පදනම් නොවී ආර්ථිකය සංජානනය වීමට මෙය එක් හේතුවක් වියහැක. සමාජ විද්‍යාවක් වශයෙන් ආර්ථික විද්‍යාවෙන් අරමුණු කිරීමට උත්සාහ කරනුයේ නිරීක්ෂණය කලහැකි ප්‍රතිවිපාකයන් හා සාරධර්ම පද්ධතිය පිළිබඳ යම් විනිශ්චයක් නැති එහෙත් විවිධ ආර්ථික පද්ධතින්හි කාර්යක්ෂමතාවයයි. උදාහරණයක් ලෙස සාධාරණාත්මකභාවය පිළිබඳ කිසිදු විනිශ්චයක් නොකරන අධිකාරිත්ව පද්ධතිය, සමානාත්මතා පද්ධතිය හෝ කුල පද්ධතිය ගැන පරීක්ෂා කිරීම පෙන්වා දියහැක. විශේෂීකරණය සහ ශ්‍රමවිභජනයභාණ්ඩ නිෂ්පාදනයේදී දක්නට ලැබෙන විශේෂීකරණය ආර්ථික සංවිධානයන්හි සෑම තැනකම දක්නට ලැබෙන ලක්ෂණයකි. ආර්ථික කාර්යක්ෂමතාවයට හා තාක්ෂණයේ වර්ධනය සඳහා එහි ඇති දායකත්වය බොහෝ කලෙක සිට පෙනෙන්නට තිබූ දෙයකි.ගොවිපොලවල නෂ්පාදන ආයතනවල සේවා සපයන්නන් තුළ හා ආර්ථික රටාවන් ආදියෙහි ඇති විවිධාකාර නිමැවුම් මෙයට ඇතුළත් වේ. මේ සෑම නිෂ්පාදන ක්රමයක්ම • නිෂ්පාදන ප්රේයත්නයේ කොටසක් ලෙස සෑම සේවකයකුටම වෙන් වු කාර්යභාරයක් හෝ විශේෂිත කාර්යක් සමග අනුරූපී ශ්රම විභජනයක් • අනුරූපීව වෙනත් ආකාරයේ ප්රාග්ධන උපකරණ සහ එකිනෙකට වෙනස් භූමි භාවිතයන් දක්නට ලැබේ. ඇඩම් ස්මිත් ගේ ජාතීන්ගේ ධනය (1776) කෘතිය ශ්රිම විභජනයේ ප්රතිලාභයන් පිළිබඳව කථා කරයි. මෙම පොත් පෙලෙහි මුල් පොතේ ඇති ප්රධාන විෂයකි. යම් පුද්ගලයකුට සිය ශ්රමය හෝ වෙනත් සම්පත් ඉතාම හොඳින් භාවිතා කළ හැක්කේ කෙසේද යන කරුණ යමෙකු යම් සම්පතක් ආයෝජනය කිරීමේදී උදාහරණයක් ලෙස භූමිය හෝ ශ්රමය, එය කළ යුත්තේ එහි උපරිම ප්රතිලාභ අයුරින් යැයි ස්මිත් අවධාරණය කරයි. එහි ප්රතිඵලයක් ලෙස යම් සම්පතක් කුමන ආකාරයකින් භාවිතා කළද ලැබෙන ප්රිතිලාභ සමාන අනුපාතයක් විය යුතුය. (ඒ ඒ ව්යවසායයන්හි ඇති අවදානමට සාපේක්ෂව වෙනස් විය හැක.) එසේ නැතිනම් එම සම්පත් වෙනත් දෙයක් සඳහා යෙදවීමට සිදුවනු ඇත. මෙම අදහස ආර්ථික න්යානයේ කේන්ද්රිතය ප්රස්තුතය ලෙස ජොර්ජ් ස්ටිග්ලර් ලියුවේය. 1766 දී ප්රංපශ ජාතික ආර්ථික විද්යාඥයකු වූ ‘ටර්හොට්’ ද මෙම අදහස පලකොට ඇත. වඩාත් සාමාන්ය වචන වලින් ප්ර කාශ කරන්නේ නම්, නිමැවුම්වල මිල සහ ඵලදායීතා යෙදවුම් ඇතුළු වෙළඳපොල දිරි ගැන්වීම්, නිෂ්පාදන සාධකයන් කුමක් සඳහා යොදවන්නේ දැයි තෝරනු ලබන්නේ සංසන්දනාත්මක වාසියක් මගින් බව සිද්ධාන්තයක් ලෙස සටහන්ව ඇත. එහෙයින් (සාපේක්ෂව) යම් නිමැවුමක ආවස්ථික පිරිවැය අඩුවෙන් ගැනීමට අඩු පිරිවැය යෙදවුම් යොදා ගනු ලැබේ. නිෂ්පාදන ක්රිදයාදාමයේ දී අඟුරු නිෂ්පාදනයක් හෝ අඟුරු නිර්මාණයක් ලෙස සමස්ත නිමැවුම් ප්රමාණය ඉහළ යයි. වඩා ඉහළ අගයක් ඇති නිමැවුමක් තවත් නිමැවුම් වෙනුවට අලෙවි කිරීමෙන් වෙළඳ ප්රථිලාභ ලබා ගැනීමට සම්පත් හිමියන්ට අවස්ථාව සැලසේ. මෙවැනි නිෂ්පාදන විශේෂීකරණයක් වෙළඳ ප්රථිලාභ අවස්ථා ජනනය කරනු ලබයි. ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යාව (Classican Economics) 1776 දී ප්‍රකාශයට පත් වූ ඇඩම් ස්මිත්ගේ ජාතීනගේ ධනය කෘතියේ ආර්ථික විද්‍යාවේ මූලාරම්භය වෙන් වූ පුහුණුවක් ලෙස විස්තර කර ඇත.මෙම පොතෙහි භූමිය ,ශ්‍රමය හා ප්‍රාග්ධනය යන ප්‍රධාන නිෂ්පාදන සාධක තුන හඳුනාගෙන ඇත. ස්මිත්ගේ විග්‍රයට අනුව‍ පොදු ජනයාගේ ආර්ථික අව්‍යතා ස්වයංක්‍රීයව සපුරාලන ස්වයංපාලිත වෙළඳපොළ කුමයක් වඩා හොඳ ආර්ථිකයක් ලෙස හඳන්වා ඇත ඔහු වෙළඳපොළ යාන්ත්‍රණය අදෘෂ්‍යමාන තත්වයක් වශයෙන් හඳුන්වා ඇති අතර එය පුද්ගලයන්ට ඔවුනගේ අවශ්‍යතා ලුහු බැඳයාමට මඟ පෙන්වීමක් සිදු කරයි. සමස්ථයක් වශයෙන් මෙසේ සමාජයට විශාල වාසියක් සිදු කරනු ලබයි. ස්මිත් රාජ්‍ය නිර්බාධකරණය ඇතුළු පිසියෝක්‍රැට් (Physiocrats) අදහස් ඔහුගේ ආර්ථික න්‍යායන් සමඟ ඒකාබද්ධ කරනු ලදී. නමුත් කෘෂිකර්මය පමණක් ඵලදායි යන අදහස ප්‍රතික්ෂේප කරන ලදී. ඔහුගේ ප්‍රසිද්ධ අදෘෂ්‍යමාන හස්ත න්‍යායේදී ඔහු පටු අවශ්‍යතා මගින් මෙහෙය වනු ලැබුවත් තරඟකාරී වෙළඳපොළවල් පුළුල් වූ සමජ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ලද වැනි පරස්පර විරෝධි සංකල්ප සමඟ තර්ක කරන ලදී. ස්මිත් විසින් ආරම්භ කරන ලද මෙම සාමාන්‍ය ලගා වීම මුලදී දේශපාලන ආරථික විද්‍යාව ලෙසත් පසු කාලයේදී ආචීර්ණ කල්පික ආර්ථික විද්‍යාව ලෙසත් හඳුන්වන ලදී. එහි 1770 සිට 1870 දක්වා Thomas Maithus, Davit Ricardo සහ John Stuart Mill වැනි අය විසින් ලියන ලද සැළකිය යුතු දෑ අන්තර්ගත විය. ඇඩම් ස්මිත් නිෂ්පාදන ආදායම කෙරෙහි අවධානය යොමු කරන අතරතුරදී ඩේවිඩ් රිකාඩෝ ඉඩම් හිමියන්, ශ්‍රමිකයින් හා ප්‍රාග්ධන හිමියන් අතර ආදායම බෙදී යන ආකාරය සලකා බලන ලදී. මෙහිදී ඔහු ඉඩම් හිමියන් හා ශ්‍රමිකයින් ඇතුළු ප්‍රාග්ධන හිමියන් අතර පවතින ආවේනික ගැටුමක් අවබෝධ කර ගන්නා ලදී ඔහුගේ මතය වූයේ වැඩිවන ජනගහනය හා ප්‍රාග්ධනය නිසා ස්ථාවර සැපයුමක් සහිත භූමියේ ඉල්ලුම වැඩිවන බවයි. මේ තුළින් බදු කුලිය ඉහළට තල්ලු කිරීමක් හා ලාභ සහ වැටුප් පහතට තල්ලු කිරීමක් සුදු වේ. Thomas Robert Malthus විසින් හීනවන ඵල න්‍යාය පහළ ජීවන තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන ලදී. ජනගහණය වැඩි වීමේදී ඊට සමගාමීව ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බව ඔහුගේ අදහස විය. සීමාසහිත භූමි ප්‍රමාණයක් තුළ ඉක්මනින් සිදු වන ජනගහණ වර්ධනය ශ්‍රමිකයන්ට හීනවන ඵල ඇති කිරීමට හේතු වේ. මේ තුළින් කල් යෑමේදී ශ්‍රමිකයන්ගේ වැටුප් පහල ගොස් ජීවන තත්වය පහල වැටීමට හේතු වේ. Malthus විසින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදු වන ස්වයංක්‍රීය නැමියාව (Automatic Tendency) පූර්ණ සේවා නියුක්තිකයක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ඔහු ආරථික නැමියාවක් තුළ පවතින විරැකියාවට දැඩිලෙස දෝෂාරෝපණය කරන ලදී. John Maynard Keynes එම න්‍යාය යළි නඟා සිටු වන තෙක් එය සමාජයෙන් තුරන් වි තිබේය. ආචීර්ණ කල්පික සම්ප්‍රදායේ අවසානයට පැමිණීමේදී John Stuart Mill විසින් අතීත ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද වෙළඳපොළ ක්‍රමය තුළ සිදුවන වැළැක්විය නොහැකි ආදායම් ව්‍යාපෘතිය සමඟ මඳ වශයෙන් එකඟ විය. Mill විසින් වෙළඳපොළ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙක හඳුනා ගන්නා ලදී.එවා නම් සම්පත් බෙදා වෙන් කිරීම හා ආදායම ව්‍යාප්ත කිරීම මෙහිදී වෙළඳ සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමව සිදු කරති. ආදායම් බෙදා හැරිම කාර්යක්ෂමව සිදු නොකරන බව ඔහුගේ මතය විය. ආර්ථික විද්‍යාවේ අනෙකුත් ගුරුකුලයන් හා ප්‍රවේශයන් ලෝකය පුරාම හඳුනාගැනීමට ලක්වූ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී රටාවන් කෙරෙහි අවධානය යොමු කල අනෙකුත් ව්‍යාපාරික ගුරුකුලයන් නොඑසේනම් නව චින්තන ප්‍රවනතාවයන් බිහි කල විද්වතුන්/ශාස්ත්‍රඥයින් ලෙස ඕස්ට්‍රියානු ගුරුකුලය (Austrian School) චිකාගේ ගුරුකුලය (Chichago School) ෆේරේබර්ග් ගුරුකුලය (Freiburg School), ලෝසෑන් ගුරුකුලය (School of Lausanne) සහ ස්ටොක්හොල්ම් ගුරුකුලය (Stockholm School) යනාදිය හඳුන්වාදිය හැක. සාර්ව ආර්ථික විද්‍යාව තුළ, සාහිත්‍යයේ නිරූපණය වන ආකාරයට පොදු අනුපිළිවෙළක් පවතී. සාම්ප්‍රදායක ආර්ථික විද්‍යාව, කේන්සියානු ආර්ථික විද්‍යාව, නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව, සැපයුම් අංශයේ ආර්ථික විද්‍යාව, නව විකල්ප සංවර්ධනයන් වලට අන්තර්ගත වන්නේ පාරිසරික ආර්ථික විද්‍යාව, පරිණාමවාදී ආර්ථික විද්‍යාව, පරායත්ත න්‍යාය, ව්‍යුහවාදී ආර්ථික විද්‍යාව සහ ලෝක පද්ධති න්‍යාය. ආර්ථික විද්‍යාවේ (ආර්ථික විද්‍යාව පිළිබඳ) ඵෙතිහාසික නිර්වචනයන් දේශපාලන ආර්ථිකය පිළිබඳ අතීත සාකච්ඡාවන් සම්බන්ධවූයේ “ධනය” සමඟිනි. මේ සම්බන්ධයෙන් විමසා බලන කළ David Hume (ඩේවිඩ් හියුම්) සහ Adam Smith (ඇඩම් ස්මිත්) වැදගත් වේ. හියුම් තර්ක කළේ වැඩිවූ නිෂ්පාදකයකින් තොර අතිරික්ත තේ මිල ගණන් ඉහළ නැංවීමට පමණක් දායක වන බවයි. ස්මිත් සත්‍ය ධනය විස්තර කළේ ”රත්රන් සහ රිදී” යන අතීත පද භාවිතා කරමින් නොව, සමාජයේ භූමිය හා ශ්‍රමය යන ඒවායේ වාර්ෂික නිෂ්පාදන යනාදී වශයෙනි. John Stuart Mill (ජෝන් ස්ටුවර්ට් මිල්) ආර්ථීක විද්‍යාව නිර්වචනය කළේ ධනය නිපදවීමේ (නිර්මාණය කිරීමේ) හා බෙදා හැරීමේ ප්‍රායෝගික විද්‍යාව ලෙසයි. මෙම නිර්වචනය Concise oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයෙන් උපුටාගන්නා ලදී. එසේ වුවත්, පරිභෝජනයේ ඉතා වැදගත් හා අත්‍යාවශ්‍ය භූමිකාව එහි ඇතුලත් නොවේ. ඔහුට (Mill) ධනය යන්නෙන් අදහස් වූයේ වැදගත් දේවල් වල තොගයක් ලෙසයි. ”ධනය” යනාදී වශයෙන් නිර්වචනය වන්නා වූ මෙම විෂයේ නිර්වචනය මඟින් අවධාරණය කරන්නේ නිෂ්පාදනය සහ පරිභෝජනයයි. විවේචනයන් මඟින් මෙම අවධාරණය, ඉතා පටු බවට චෝදනා එල්ල කරන ලදී. උදාහරණයක් ලෙස John Ruskin (ජෝන් රස්කින්) දේශපාලන ආර්ථිකය හැදින්වූයේ ”ධනවත්” වීමේ විද්‍යාව ලෙසයි. පසුකාලීන පුළුල් නිර්වචනයන් වලට ධනය නොව, පුද්ගලයා, පුද්ගල ක්‍රියාකාරකම්, පුද්ගල සුභසාධනය යනාදිය අන්තර්ගත විය. 1980දී ඇල්ෆ්‍රඩ් මාෂල් (Alfred Marshall) විසින් ඔහුගේ ”ආර්ථික විද්‍යාවේ මූලධර්ම” ග්‍රන්ථයේ සඳහන් කළේ, ”දේශපාලන ආර්ථික විද්‍යාව යනු, ජීවිතයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී පුද්ගල වර්ගයා පිළිබඳ කරන අධ්‍යයනයක් ලෙසයි. එසේම එමඟින් පරීක්ෂා කරනු ලබන්නේ පුද්ගලයාගේ අංශයන් සහ ඔහුගේ අත්පත් කරගැනීමේ/ළඟාකර ගැනීමේ සමඟ සමීප සම්බන්ධ වන සමාජ ක්‍රියාකාරකම් හා මනා යහපැවැත්මක් සඳහා වන ද්‍රව්‍යාත්මක අවශ්‍යතාවයන්ගේ භාවිතයයි.]] ආර්ථික විද්‍යාවේ තර්ක ශාස්ත්‍රය ආර්ථික විද්‍යාව සමකාලීන ක්ෂේත්‍රයක් ලෙස බරපතල තර්ක විලාසයක් මත රඳා පවතී. අනෙක් න්‍යායන්ට වඩා විස්තර කිරීමේ හැකියාව අතින් වඩාත් සරල, ඵලදායී හා විශ්වසනීය වන න්‍යායන් ක්‍රමවත්ව සකස් කිරීම මෙහි අරමුණුවලට ඇතුළත් වේ. මෙහිදී පැහැදිලි කිරීමට ඇති විචල්‍යයේ සම්බන්ධතාවයන් වෙන්කර ගැනීම සඳහා විශ්ලේෂණය සැමවිටම සරල ආකෘතියකින් ආරම්භ කරනු ලබයි. එසේම, "අනෙකුත් දෑ ස්ථාවරයි" යන උපකල්පනය මගින් විශ්ලේෂණයේ සංකීර්ණ බව අඩු කළ හැකිය. උදාහරණ ලෙස, මුදල් ප්‍රමාණවාදී න්‍යාය මගින්, අනෙකුත් දෑ ස්ථාවරව පවතින විට මිල මට්ටම හා මුදල් සැපයුම අතර සම්බන්ධතාවයක් ඇතැයි උපකල්පනය කරයි. දළ දේශීය නිෂ්පාදිතය සඳහා වන මිල දර්ශකය හා මුදල් සැපයුමේ මිණුමක් වැනි ආර්ථික තොරතුරු භාවිතා කර ගොඩ නගන ලද මෙම න්‍යාය පරීක්ෂාවට ලක් කළ හැකිය. පාලිත පරීක්ෂණයක් නොකරනවිට, වෙනත් ආකාරයේ පැහැදිලි කිරීම්වලටද ඉඩහැර අනෙකුත් විචල්‍යවල බලපෑම සඳහා ගැලපීමට ආර්ථික මිථික ක්‍රම මගින් ඉඩ සලසාදෙයි. ඉතාම මෑතකදී ආර්ථික විද්‍යාවේ පර්යේෂණ ක්‍රම භාවිතය‚ ආර්ථික විද්‍යාවේ සමහර ස්වභාවික විද්‍යාවල පෞරාණිකව සටහන් වු මුහුණුවරට අභියෝග කරමින්‚ විශාල ලෙස පුළුල් විය. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතිවල තර්කනයේ විවරණයන් මගින්, න්‍යාය සම්බන්ධතා නිරූපනය කිරීම සඳහා ද්විමාණ ප්‍රස්තාර භාවිතා කරනු ලබයි. සාමාන්‍යකරණයේ ඉහළ තලයකදී පෝල් සැමුවෙල්සන්ගේ ආර්ථික විශ්ලේෂණයේ පදනම (1947) ප්‍රත්‍යක්ෂ මූල දත්ත මගින් නිශ්ප්‍රභා කළ හැකි‚ අර්තවත් ආර්ථික විද්‍යා සිද්ධාන්ත පරීක්ෂා කිරීමට‚ ගණිතමය ක්‍රම යොදාගන්නේ කෙසේදැයි පෙන්වා දෙයි. එවැනි අදහස් න්‍යාය පරීක්ෂා කිරීම සඳහා අවකාශ ලබාදෙයි. ඇතැම් පුද්ගලයන් ගණිතමය ආර්ථික විද්‍යාව ප්‍රතික්ෂේප කරයි. සරල තර්කයකට ඔබ්බෙන් වන ඕනෑම දෙයක් ආර්ථීක විශ්ලේෂණයට අනවශ්‍යය හා නුසුදුසු වේ යයි ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යා ගුරුකුලය තර්ක කරයි. සැබෑ ලෝකයේ සංසිද්ධීන් විස්තර කිරීමේ කල්පිත නිගාමී ක්‍රමය ඇතුළත්ව තවමත් ආර්ථික විද්‍යාව විශිෂ්ඨ සමුච්චිත සූත්‍රකරණ සංකල්ප හා ක්‍රම යොදා ගනී. දෙවැන්නට උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යා අන්තරාය ලෙස ඇතැම්විට හඳුන්වන ආර්ථික විද්‍යා නොවන ක්ෂේත්‍ර කරා සූක්ෂම ආකාරයෙන් ආර්ථික විද්‍යාව විස්තාරණය කිරීම දැක්විය හැකිය. ශීර්ෂ පෙළ සැපයුම සහ ඉල්ලුම සැපයුම් සහ ඉල්ලුම ආකෘතිය, භාණ්ඩ සුලබතාවය හා ඉල්ලුම අතර පවතින තුල්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස මිළ වෙනස්වන්නේ කෙසේදැයි විස්තර කරයි. D1 සිට D2 දක්වා වූ ඉල්ලුමෙහි වර්ධනයක් ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. (දකුණට විතැන්වීමක්) ඒ සමඟම ප්‍රතිඵලයක් ලෙස, සැපයුම් වක්‍රය නව සමතුලිත ලක්ෂ්‍යයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයෙන් සහ මිලෙහි වැඩි වීමක් ද පෙන්නුම් කරයි. / වෙළඳපොළ ආර්ථිකය තුළ විකුණු භාණ්ඩවල මිළ හා විකුණුම් ප්‍රමාණයන් වෙනස් වීම විස්තර කිරීමට උපයෝගී කරගන්නා සංවිධිත මූලධර්මයන් ඉල්ලුම් - සැපයුම් සිද්ධාන්තය. ක්ෂුද්‍ර ආර්ථිකයේ දී එය, පූර්ණ තරඟකාරී වෙළඳ පොළක මිළ සහ නිමැවුම් ප්‍රමාණය නිර්ණය කිරීම හා බැ‍ඳේ. මෙය අනෙකුත් වෙළඳපොළ ව්‍යුහයන් ගේ ආකෘතීන් හා වෙනත් සෛද්ධාන්තික ප්‍රවේශයන් සඳහා අච්චුවක් සේ සේවය කොට ඇත. මිළදී ගැනීමට සූදානම් සියළු අපේක්ෂිත ගැනුම්කරුවන්ගේ ප්‍රමාණය පෙන්නුම් කරයි. ඉල්ලුම සෑමවිටම මිළ හා ඉල්ලුම් ප්‍රමාණය සම්බන්ධ කොටගත් ප්‍රස්ථාරයක් හෝ වගුවක් මඟින් පෙන්නුම් කරයි. (කොටු තුළ රූප සටහන බලන්න). ඉල්ලුම් සිද්ධාන්තය එක් එක් පාරිභෝගිකයා විස්තර කරයි. මෙහි දී අහඹු‍ලෙස තෝරාගන්නා, එක් එක් භාණ්ඩයකින් මිළදී ගැනීම වඩාත් කැමති ප්‍රමාණය, ආදායම, මිළ පාරිභෝගික කැමැත්ත ආදිය සලකා බලනු ලැබේ. පෙළඹවීමෙන් ඇති කළ උපයෝගීතා උපරිමයනය මේ සඳහා යොදා ගත හැකි යෙදුමකි. (ඉල්ලුම සිමා කිරීම ලෙස ආදායම ගනිමින්) මෙහි දි උපයෝගීතාවය(කල්පිත)එක් එක් පාරිභෝගිකයාගේ කැමැත්ත ලෙස සැලකේ. එයින් පසු ඉල්ලුම් ප්‍රමාණය මත මිළෙහි වනස්වීම සඳහා බලපාන “ආකෘතික කල්පිත ලක්ෂණයන්” ලෙස උ‍පයෝගීතාවය හා ආදායම ප්‍රයේජනයට ගනු ලැබේ. යම් වෙළඳ පොළක පොදු වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය හා මිළ ප්‍රතිලෝමව බැඳී ඇති බව ඉල්ලුම් නියාමයෙන් ප්‍රකාශ කරයි. නෙත් වචනවලින් පවසන්නේ නම්, භාණ්ඩය මිළ ඉහල යන්න යන්න මිනිසුන් එම භාණ්ඩය මිලදී ගන්නට දක්වන කැමැත්ත හා මිළ දී ගැනීමේ හැකියාව අඩු වෙයි(අනෙක් සාධක නොවෙනස්ව තිබියදී). භාණ්ඩයක මිල ඉහල යනවිට සමස්ථ මිලදි ගැනීමේ හැකියාව අඩු වෙයි.(ආදායම් ආචරණය) එමෙන්ම පාරිභෝකයින් අඩු මිළ භාණ්ඩ වෙතට යොමු වෙයි. (විකල්ප භාණ්ඩ ආචරණය) වෙනත් සාධක ද ඉල්ලුම කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. උදාහරණ ලෙස රූපයේ දැක්වෙන පරිදි, ආදායම් වැඩිවීමක දී ඉල්ලුම් චක්‍රය මුල් පිහිටීමේ සිට බැහැරට විතැන් විය හැක. භාණ්ඩයක මිළ සහ එම මිළේ දී සැපයුම්කරුවන් (නිෂ්පාදකයන් වැනි) ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය අතර සබඳතාවය ඉල්ලුමයි. දෙනු ලබන භාණ්ඩ ප්‍රමාණයක් සහ මිළ අතර සබඳතාවය දැක්වෙන ප්‍රස්ථාරයක් හෝ වගුවක් ප්‍රයෝජනයට ගනිමින් ඉල්ලුම සැමවිට පෙන්නුම් කරයි. නිෂ්පාදකයෝ ලාභ උපරිම කරන්නන් ලෙස උපකල්පනය කරනු ලැබේ. එහි තේරුම නිෂ්පාදකයෝ ඔවුන්ගේ ලාභය උපරිම කරන ප්‍රමාණය නිපදවීමට සැමවිට පෙළඹෙන බවයි. සම්ප්‍රදායක්‍ලෙස සැපයුම, ලබාදෙනු ලබන භාණ්ඩ ප්‍රමාණය සහ මිළ අතර සෘජුව සමානුපාතික සබඳතාවයක් ලෙස දක්වනු ලැබේ. (අනෙක් සාධක නොවෙනස්ව ඇත) ඉහල මිළකදී නිෂ්පාදනය වැඩි කිරීම ලාභදායී වේ. සමතුලිත ලක්ෂ්‍යයට පහල මිළක දී , ඉල්ලුම්කරණ ප්‍රමාණය සමඟ සැසදීමේ දී සපයනු ලබන ප්‍රමාණයේ හිඟයක් පවතී. මෙය මිළ ඉහල නංවයි. සමතුලිත ලක්ෂ්‍යයට ඉහල මිළ දී ඉල්ලුම් කරන ප්‍රමාණයට සාපේක්ෂව සැපයුම් ප්‍රමාණයේ අතිරික්තයක් ඇත. මෙය මිළ පහලට ඇද දමයි. ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය සමාන වන අවස්ථාවේ දී මිළ හා ප්‍රමාණය ස්ථායීන වන බව දෙන ලද ඉල්ලුම් සැපයුම් වක්‍රයක් ආකෘතිය පුරෝකථනය කරයි. ඉහත ප්‍රස්ථාරයේ මෙය වක්‍ර දෙක ඡේදනය වන ස්ථානයේ පිහිටා ඇත. එය වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයයි. සපයන ලද භාණ්ඩ ප්‍රමාණයක ඉල්ලුම් වක්‍රයේ මිළ ලක්ෂ්‍යය, සෑම නිමැවුම් ඒකකයේ පාරිභෝගිකයාට ඇති ආන්තික උපයෝගීතාවය සහ වටිනාකම පෙන්නුම් කරයි. එය අදාල භාණඩ ඒකකය සඳහා පාරිභෝගිකයා ගෙවීමට සූදානම් කුමක්දැයි මැනීම සිදු කරයි. ඉල්ලුම් වක්‍රය මත මිළ ලක්ෂ්‍යය අදාල භාණ්ඩ ඒකකය සඳහා සැපයුම්කරුට දැරීමට සිදුවන මුළු පිරිවැය වැඩිවීම හෙවත් ආන්තික පිරිවැය මනිනු ලබයි. සමතුලිත ලක්ෂ්‍යයේ දී මිළ, ඉල්ලුම හා සැපයුම විසින් තීරණය කරනු ලැබේ. පූර්ණ තරඟකාරී වෙළඳ‍පොළක දී ඉල්ලුම සහ සැපයුම විසින් සමතුලිත ලක්ෂ්‍යයේ දී පිරිවැය සහ අගය සමාන කරයි. / සාධක වෙළඳපොළ හරහා ශ්‍රමය සහ ප්‍රාග්ධනය ඇතුළු නිෂ්පාදන සාධක වෙත ආදායම් බෙදීයාම පිළිබඳ ආකෘතියක් නිර්මාණය කිරීමට ඉල්ලුම සහ සැපයුම ප්‍රයෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රම වෙළඳපොලේ රැකියා නියුක්ත ශ්‍රමික ප්‍රමාණය හා ශ්‍රමයේ මිළ (වැඩුප් පරිමාව) ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම (ව්‍යාපාරික ස්ථාන ආදියෙන් නිෂ්පාදනය සඳහා) සහ ශ්‍රම සැපයුම (ශ්‍රමිකයන්ගෙන්) විසින් සකසා ඇති පිළිඹිබු වේ. පූර්ණ තරඟකාරී වෙළඳ පොළ හැසිරීම විස්තර කිරීමට ඉල්ලුම සහ සැපයුම ප්‍රයෝජනයට ගනී. නමුත් ඒවායේ ක්‍රියාකාරීත්ව‍ෙය් ප්‍රමිතියක් ලෙස ඇති ප්‍රයෝජනය ඕනෑම ආකාරයේ වෙළඳපොළක් දක්වා පුළුල් වේ. ඉල්ලුම සහ සැපයුම සමස්ත ආර්ථිකයේම යෙදවෙන විචල්‍යයන් පැහැදිලි කිරීමට ද සාමාන්‍යකරණය කළ හැකිය. උදාහරණයක් ලෙස සාර්ව ආර්ථිකයේ අධ්‍යයනය කෙරෙන සමස්ත නිමැවුම් ප්‍රමාණය සහ සාමාන්‍ය මිළ මට්ටම ගත හැකිය. උපකල්පනයන් විවේචනය ආර්ථිකය පිළිබඳ ආර්ථික විද්‍යාඥයින් මඟින් යොදා ගන්නා සමහර ආකෘතින් විවේචනය වෙමින් පවතින අතර, සමහර විට එය අනෙකුත් ආර්ථික විද්‍යාඥයින් විසින් ඔවුනගේ අතාත්වික විශ්වාසය, නිරීක්ෂණය කළ නොහැකි, නිවැරදි කළ නොහැකි උපකල්පනයක් නිසා සිදුවන දෙය විය හැක. මෙවැනි විවේචනයන් සඳහා එක් ප්‍රතිචාරයක් වනුයේ වැදගත් නොවන තොරතුරු තුළින් ගත් වියුක්ති අදහස් මඟින් අතාත්වික උපකල්පන ප්‍රතිඵල නිසා සහ එවැනි වියුක්ති අදහස් සංකීර්ණ ලෝකයට අවශ්‍ය වන අතර එමඟින් අදහස් කෙරෙනුයේ අතාත්වික උපකල්පනයන්ට වඩා එකඟ විය හැකි ආර්ථික විද්‍යා දැණුමෙහි වටිනාකමයි. එවැනි උපකල්පන ආර්ථික විද්‍යා දැනුම සඳහා අත්‍යවශ්‍ය වේ. එක් අධ්‍යනයක්, මෙම විස්තර කිරීම “වියුක්ති අදහස් සාධාරණීකරණය ("abstractionist defense") නිගමනය කළේය. මෙහි “වියුක්ති අදහස් සාධාරණීකරණයන් අතාත්වික උපකල්පනයන් විවේචනයන්ට වලංගු නොවේ. කෙසේ වුවත් සටහන් කිරීමට වැදගත් දේ නම් පාසල්වල බහුතරයක් මෙම ක්ෂේත්‍රයේ සිටින අතර ආර්ථික විද්‍යා කරුණුවල පොදු එකඟතාවට එහා ගිය සහ විවිධ විකල්ප ක්ෂේත්‍ර කියා සිටින්නේථ මෙහි වඩාත් නිරීක්ෂණයන්ගේ පරීක්ෂණයක් පාදක කොට ගත් සාධාරණීකරණය කළ ඇතුළාන්තයක් ඇති බවයි. විසංවාදී විවේචකයන් ආර්ථික විද්‍යාව යනු වෙනස් වූ අධ්‍යාපන අංශ හා කාලීන අදහස්වලින් සමන්විත වූ අධ්‍යයන ක්ෂේත්‍රයකි. එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් අදහස්වල ව්‍යාප්තිය, විවිධ න්‍යායන් හා ප්‍රවේශයන් පවතී. සමහර විට එළඹී ඇති ප්‍රතිවිරුද්ධ අවසානයන් හෝ මෙම මතයන්ට ගැබ් වූ උපකල්පනයන්හි වෙනස්කම් හේතුවෙන් මේවා එකිනෙකට පරස්පර විරෝධී වේ. සුභ සාධන හා හිඟකම පිළිබඳ ආර්ථික විද්‍යාවේ නිර්වචනයන්හි විවේචනයන්‍ ආර්ථික විද්‍යාවේ නිර්වචනයේ දී ද්‍රව්‍යමය භාෂිතය විවේචනය කරමින් පවතී. මෙයට හේතුව එය මුදල් හා ද්‍රව්‍යයන් පමණක් සීමා වීමයි. උදාහරණයක් වශයෙන් එමඟින් ද්‍රව්‍යමය නොවන ගුණාංග, එනම් වෛද්‍යවරයෙකුගේ සේවාව හෝ නැටුම්කාරයෙකුගේ සේවාව නොසලකා හැර තිබේ. සියලු භෞතික නොවන සේවාවන් සඳහා කෙරෙන ගෙවීම් නොසලකා හරිත වැටුප් න්‍යාය අසම්පූර්ණ වේ. සුභ සාධන කටයුතු ප්‍රමාණාත්මකව මිනිය නොහැකිය. එයට හේතුව මුදල්හි ආන්තික වැදගත්කම ධනවතුන්ගේ සිට දුප්පතුන්ට වෙනස් වීමයි. (සන්සන්දනාත්මක ලෙස සලකා බැලූ විට ඩොලර් 100 පොහොසත් පුද්ගලයෙකුට වඩා දුප්පත් පුද්ගලයෙකුගේ සුභ සාධනය සඳහා ඉතා වැදගත් වේ. මීට අමතරව මත්පැන්, දුම්කොළ වැනි භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම වැනි ක්‍රියාවන් මිනිසුන්ගේ සුභ සාධනය සඳහා යෝග්‍ය නොවේ. නමුත් මේ භාණ්ඩ මඟින් මිනිස් ස්භාවයන් වන මිනිස් අවශ්‍යතා සහ අශාවන් තෘප්තිමත් කළ හැකිය. මාක්ස් ආර්ථිකයන් තවමත් කේන්ද්‍රීය කරනුයේ සුභසාධන අර්ථකථනයටයි. මීට අමතරව සමහර ආර්ථික විද්‍යාවේ ප්‍රචලිත විවේචනයන් කාලීන/ වර්තමාන ආර්ථික ක්‍රියාවන් මඟින් ප්‍රමාණවල් ලෙස සුභ සාධන මිනුම් කරන්නේ නැතැයි, තර්ක කිරීමට පටන් ගැණුනු අතර ඔවුන් පැවසුවේ එය සුභ සාධනයේ ප්‍රමාණවත් නොවූ ළඟා වීමක් මුදල් භාවිතයට ගෙන කෙරෙන කටයුත්තකට පමණක් කළ හැකි බවයි. හිඟකම කේන්ද්‍රීය කරගත් නව සම්ප්‍රදායික ආර්ථික විද්‍යාව පාලනය කිරීමට ආරම්භ කරමින් පවතී. පිළිවෙලින් බොහෝ අධ්‍යයන ආර්ථික විද්‍යාව දෙපාර්තමේන්තු මඟින් මෙය බල පැවැත්වේ. එය මෑත අවුරුදුවල සිට සංස්ථායිත ආර්ථික විද්‍යාව සහ විප්ලවීය ආර්ථික විද්‍යා සහ අධික ග අතිරික්ත ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ වූ කොටස් මඟින් විවේචනය කරමින් පවතී. ශ්‍රම වෙළඳපොල පිළිබඳ සාර්ව ආර්ථික විද්‍යාව ශ්‍රම හමුදාව අර්ථදක්වා ඇත්තේ රැකියාවක් නොකරන එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පිරිසේ එකතුවක් වශයෙනි. සහභාගීත්ව අනුපාත යන්නේ අදහස් වන්නේ වැඩකලහැකි වයසේ ජනගහනයේ ප්‍රතිශතයක්‍ ලෙස ශ්‍රම බලකායයි. ශ්‍රම බලකායට අයත් නොවන්නේ, රැකියා අපේක්ෂා නොකරන අය, සිරකරුවන්, මානසික රෝගීන්, ළමයින් තමාගේම නිවසේ සේවය කරන්නන් හා ආබාධිතයන් යන අයයි. විරැකියා මට්ටම අර්ථදක්වා ඇත්තේ සේවා නියුක්තිකයින් රහිතව ශ්‍රම බලකාය ලෙසයි. විරැකියා අනුපාතය අර්ථ දක්වා ඇත්තේ ශ්‍රම බලකාය ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයි‍න්ගේ ප්‍රමාණය ලෙසයි. සේවා නියුක්ත අනුපාතය අර්ථ දක්වා ඇත්තේ වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයිනගේ ප්‍රමාණය ලෙසයි. මෙම ගණනය කිරීම් වලදී ස්වයං රැකියාවල නිරතවූවන් ගණනය කර ඇත්තේ සේවා නියුක්තිකයින් ලෙසයි. සේවා නියුක්ති මට්ටම, ශ්‍රම හමුදාව සහ නොපිරවුණු පුරප්පාඩු වැනි විචල්‍ය තොග විචල්‍ය යනුවෙන් හඳුන්වයි. එයට හේතුව එය නිශ්චිත කාලයකදී එයට අදාල ප්‍රමාණය මනින බැවිනි. මෙම තොග විචල්‍ය ප්‍රමාණ විචල්‍යයන්ගෙන් වෙනස්වේ. ප්‍රමාණ විචල්‍යයන් යනු නිෂ්චිත කාල පරිච්ජේදයක් තුලදී එයට අදාල ප්‍රමාණයන් මැනීමයි. ශ්‍රම හමුදාවේ සිදු වන වෙනස්වීම් වලට ස්වභාවික මර්ධන අනුපාතය, ශුද්ධ සංක්‍රමණ, ශ්‍රම හමුදාවේ සිදු වන බදවාගැනීම් හා විශ්‍රාම ගැනීම් ආදී ප්‍රමාණ විචල්‍ය හේතුවේ. විරැකියාවේ සිදුවන වෙනස්වීම් තීරණය වන්නේ විරැකියාවෙන් සිටින පුද්ගලයින් තම රැකියා අවස්ථා සොයා යාමත්, සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ රැකියා අහිමිවී යාමත් වැනි කුළු ගැන්වීම් සහ රැකියා ලැබුණු පුද්ගලයින් හා රැකියා සෙවීම අත්හැරි පුද්ගලයින් වැනි පිටතට යාලායෑම් මතයි. සමස්ථ වශයෙන් සර්ව ආර්ථිකය දෙස බලන විට විවිධාකාරයේ විරැකියා තත්වයන් හඳුනාගත හැකිය. ගැණුම් සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ මිනිසුන්ට නව රැකියා සොයා ගැනීමට හා ඒවායේ ස්ථාවර වීමට ගතවන කාලයයි. පුද්ගලයින් 12 දෙනෙකුගෙන් සෑම කෙනෙකුටම නව රැකියාවක් කිරීමට පෙර මාසයක කාලයක් සිටීමට සිදුවේනම් සමස්ථ විරැකියාව ගණනය කිරීමේදී මෙය සටහන් කරනුයේ එක් පුද්ගලයෙකු විරැකිය‍ාවේ සිටින ලෙසටයි. තාක්ෂණයේ සිදුවන වෙනස්වීම් නිතරම ගැටුම්සේවා වියුක්තිය අඩු කරයි. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා රැකියා සොයන්නන්ට පහසුකම් සලසා තිබීම දක්නට හැකිය. ව්‍යුහාත්මක සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ ශ්‍රමිකයින්ගෙන් අපේක්ෂා කරන දේ සහ ඔවුන් සතුව පවතින කුසලතා හා උප ලක්ෂණ වල නොගැලපීමයි. සේවකයින් 4 දෙනෙකුට රැකියාව ආරම්භ කිරීමට පෙර නැවත පුහුණු වීමට මාස 6ක් ගතවේ නම් සමස්ථ විරැකියාව ගණනය කරන්නේ සේවා වියුක්තිකයින් දෙදෙනෙකු ලෙසයි. ක්ෂණික වෙනස්වීම් නිතරම ව්‍යුහාත්මක සේවා වියුක්තිය වැඩි කිරීමට හේතු වේ. නිදසුනක් ලෙස දෛනික වෙනස්කම් නිසා සේවකයන්ට නැවත පුහුණු වීමට සිදුවීම දැක්විය හැකිය. ස්වාභාවික විරැකියා අනුපාතය - මෙය ගැණුම් සේවා වියුක්තිකයන් හා ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තියේ එකතුවකි. ස්ථායී ආර්ථිකයකට ළඟාවිය හැකි අඩුම විරැකියා අනුපාතය මෙයයි. ගැනුම්සේවා ව්‍යුක්තිකයින් හා ‍ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තිය අනිවාර්යයෙන්ම පවතී නම් ආර්ථික විද්‍යාඥයින් ස්වභාවික අනුපාතය සමඟ එකඟ නොවේ. ස්වභාවික අනුපාතය 1%ත් 5%ත් අතර පරාසයක පවතී නම් එය ඉහල නොනගින උද්දමනයත් සමඟ සම්බන්ධ වේ. මෙම ඇස්තමේන්තුගත අනුපාතනයන් රටින් රටට කාලයෙන් කාලයට වෙනස්වේ. ඉල්ලුම අඩු විරැකියාව - කේන්සියානු ආර්ථික න්‍යායට අනුව ඕනෑම මට්ටමක විරැකියාවක් ස්වාභාවික අනුපාතය ඉක්මවා යන්නේ සමස්ථ ආර්ථිකයේ සිදුවුන ඉල්ලුමේ අඩු වීමක් හේතු කරගෙනයි. ආර්ථික පසුබැසීමකදී සමහර ඉල්ලුම සම්පත් ඌන උපයෝජනය හේතුවෙන් පහත බැස්සේ. කිංසියානු න්‍යායට අනුව පරිභෝජනය වැඩි කිරීමෙන් හෝ ආයෝජනය වැඩි කිරීමෙන් හෝ රජයේ වියදම වැඩි කිරීමෙන් හෝ ශුද්‍ර අපනයන ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ සමහර ඉල්ලුම වැඩිකර ගත හැක. (X−M). {AE = C + I + G + (X−M)} (Morendy Octoras) ආර්ථික විද්‍යාව
3335
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA
ගෝලීය තාපනය
ගෝලීය තාපනය යනු පෘථිවියෙහි දේශගුණ පද්ධතියෙහි මධ්‍යක උෂ්ණත්වයෙහි දිගු-කාලීන ඉහළ යෑම වෙයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත. පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32) ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී. මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත. දේශ ගුණික ආකෘති අනාවැකි IPCC මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යයනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම‍ තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්‍රමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි. ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්‍රමාණයන්ගේ ත්‍රීව්‍රතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ. පවතින විද්‍යාත්මක අවිනිශ්චිතතාවයන් තුළ අන්තර්ගත වන්නේ අනාගතයේදී අපේක්ෂිත උණුසුම් වීමේ ප්‍රමාණය හා උණුසුම් වීම හා ඒ හා අදාල වෙනස් වීම් ලෝකය පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේ කෙලෙසද යන කරුණුයි. බොහෝ ජාතික රජයන් කියතෝ සන්දානය අත්සන් කොට හා අනුමත කොට ඇත. එය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හා සම්බන්ධය. නමුත් මේවන විට දේශපාලනික හා ප්‍රජා විවාදයක් ලෝකය පුරා ඇතිව තිබේ. ඒ අනාගත උණුසුම් වීම සම්බන්ධයෙන් එය අඩු කිරීමට හෝ ආපසු හැරවීමට ක්‍රියා කළ යුතුද එසේ නොමැති නම් අපේක්ෂිත ප්‍රතිඵලවලට අනුවර්තනය විය යුතුද යන්න පිළිබඳවයි. ප්‍රථිඵල 2003 වර්ෂයේ ගීෂ්ම සෘතු‍වේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්‍රිතාන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25). හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්‍වයෙන් මිය ගිය ප්‍රමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25). ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්‍වය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්‍රංශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්‍ය තත්‍වයක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත. දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්‍රදේශ වලට පවා සංක්‍රමණය වන අතර එමගින් මැලේරියාව සහ ‍ඩෙංගු රෝගය වැළදීම සීඝ්‍රයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ‍ඩෙංගු වඩාත් ව්‍යාප්ත වීම නිසා මිය ගිය සංඛ්‍යාව එක් ලක්‍ෂ පණස් දහසකි. ගෝලීය උෂ්ණත්‍වය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්‍රමණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්‍රමාණයක වෙසෙන මිලියන 50ක් ‍ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි) ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්‍වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්‍වයන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු දූෂණ නිසා දරුණු රෝගී තත්‍වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්‍වයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්‍වය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්‍ර වීමේ ලක්‍ෂණ ‍බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ. ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්‍වයේ වැඩි වීම් ප්‍රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිතයි. වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්‍වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී. සත්‍ව සංහතියේ අනාගතය 2004 වර්ෂයේදී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආ‍ච‍ාර්ය ක්‍රිස් තෝමස් විසින් ගෝලීය උණුසුම සහ වන ජීවීන් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසු 'Nature' නැමති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ පවසා ඇත. "වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්‍වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්‍ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත" ගෝලීය උණුසුම මිනිසාට පමණක් නොව සත්‍ව සංහතියටද බලපාමින් තිබේ. ලෝක ඉතිහාසය පරිණාමයේදී වරින් වර ඇති වූ උල්කාපාත වැටීම ආහාර ප්‍රමාණයන් මඳ වීමවෙනත් පාරිසරික විපර්යාස නිසා ලොව සිටි විශාල උරගයින් සහ සිවුපාවන්ද වඳ වී ගිටහ. වර්තමානයේදී එවැනිම තත්‍වයක් ඇති වෙමින් තිබේ. 1980දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් දකුණු දෙස සිට උතුරට සංක්‍රමණය වූ අතර 1990 වන විට ඔවුන් පදිංඤි වී සිටි පෙදෙස මුලින් සිටි කලාපයට වඩා සැතපුම් 12 ක උසකින් වැඩි බව හෙළි විය. 1999 දී කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට ඊට පෙර එම කලාපයේ නොසිටි කුරුළුවර්ග සංක්‍රමණය වී පැල පදියම් වූහ. මේ පිළිබඳව පර්යේෂණයක් කල විද්වතුන්ට අනාවරණය වූයේ මෞ නිජබිම වෙනස් වීම ගෝලීය උණුසුම් වීමේ ප්‍රථිඵලයක් බවය. කුරුල්ලන්ට අමතරව ලෙඩ රෝග ඇති කරන මදුරුවන් ඇතුළු වෙනත් කෘමීන්ද මෙලෙස වබා උස් බිම් වලට ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇත. මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන ද්‍රැව වලසා හෙවත් හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්‍රජනන ක්‍රියාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්‍යයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්‍රයද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්‍වයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්‍ව විශේෂ 100 සිට 200 ක් අතර ප්‍රමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ පක්‍ෂ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්‍වයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්‍ව විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්‍රථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක. ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්‍රදේශ ලෙස හඳුන්වන උත්තර ධ්‍රැවයට ආසන්න ඇලස්කාව වැනි ප්‍රදේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද, තුන්ද්‍රා, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්‍වය වැඩි වීම මධ්‍යම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්‍රිතව ද්‍රැව ප්‍රදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්‍ෂයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය. සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ඇතිවීමට ‍මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි. ගෝලීය උණුසුම් වීම - ස්වභාවය හා බලාපොරොත්තු වන ප්‍රතිඵල 1800 මුල් භාගයේ දී සිට හිම ගංගා ආපස්සට ගිය බව විරල සටහන්වල ‍පෙන්නුම් කරයි. WGMS හා NSIDC වලට වාර්තා කිරීම සඳහා 1950 දී මහා ප්‍රමාණයෙන් හිම ගංගා මැනීම‍ සොයා බැලීම පටන් ගන්නා ලදි. හිම ගංගා ආපසු හැරීම, ආක්ටික් හැකිලීම හා මුහුදු ජල මට්ටම ඉහළයාම ගෝලීය උණුසුම නිසා ඇතිවූ ප්‍රතිවිපාකය. අනෙක් ප්‍රතිඑල වනුයේ කෘෂි අස්වැන්න අඩුවීම, ග්‍රිෂ්ම සෘතුවේ ඇලමාර්‍ග අඩුවීම, ජිවීන් අභාවයට යෑම, රෝග කාර්කයන්ගේ ප්‍රමාණ වැඩිවීම, ස්වාභාවික පරිසරයට සහ මිනිස් ජිවිතවලට බලපෑම් ඇතිවීම ආදියට ගෝලීය උණුසුම බලපා තිබේ. 2001 ‍IPCC වාර්තාවෙන් යෝජනා කර ඇත්තේ ලෝසන් අයිස් පර වැනි අයිස් පර කැඩී යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම, වර්ෂාපතන විලාසය වෙනස්වීම, උග්‍ර කාලගුණ තත්ත්වයන් වේගයෙන් වැඩිවීමට ගෝලීය උණුසුමට හේතු වී ඇති බවය. සම්පූර්ර්‍ණ විලාසයන් වේගවත්වීම හා නිතර සිදුවීම් නිසා වෙනස්වීම් බලාපොරොත්තු වන අතර ගෝලීය උණුසුම ගැන නියත හේතුන් දැක්විය නොහැක. අනෙක් සිදුවීම් ඇතුලත් වනුයේ සමහර ප්‍රදේශවල ජල හිඟය හා අනෙක් ස්ථානවල ජලය උරාගැනීම වැඩිවීම, පාවෙන හිම කඳු වෙනස්වීම හා සෞඛ්‍ය කෙරෙහි පීඩාකාරී අයුරින් බලපාන උණුසුම හා උෂ්ණත්වය වේ. ගෝලීය උණුසුම් වැඩිවීම නිසා මරණ වැඩිවීම්, අවතැන්වීම්, ආර්ථික පාඩු, ආදිය සිදුවේ. සමශිකෝෂින ප්‍රදේශවල ජනගහනය වැඩිකිරීමෙන් සීතල‍ට මුහුන දීමට හැකි නිසා මරණ අඩුවීම වැනි යම් වාසි පෙන්නුම් කරන බව පවසන්නේ II වැනි ක්‍රියාකාරි කණ්ඩායම් මඟින් නිකුත් කරන ලද IPCC 3 වැනි තක්සේරු වාර්තාවෙන් විය හැක. අළුත් IPCC 4 වැනි තක්සේරු වාර්තාවේ සාරංශ වාර්තාව අනුව මුහුද මත්තේ උෂ්ණත්වය වැඩිවීමේ පරස්පරය පිළිබඳ 1970 සිට උතුරු අත්ලාන්තික් සාගරයේ උෂ්ණ කලාපීය සුළි සුලං ක්‍රියාකාරකම්වලි වැඩි වීමක් පිළිබඳ නිරීක්ෂණ සාක්ෂි ඇති බව වාර්තා වේ. නමුත් සාමාන්‍ය සැටලයිට් නිරීක්ෂණ වලට කලින් තිබූ වාර්තාවල තත්ත්වය නිසා දීර්ඝ කාලීන මං සොයා ගැනීම පටලැවිලි සහගතව ඇත. වාර්ෂිකව ලොව පුරා ඇති වාර්ෂික උෂ්ණ කලාපීය සුළි සුලං ගැන පැහැදිලි ගණනක් නැත. බලාපොරොත්තු වන අතිරේක ප්‍රතිඵල ඇතුලත් වනුයේ මුහුදු මට්ටම ඉහළ යෑම මි.මි. 110 සිට 770 (0.3011 – 2.51) 1990 හා 2100 කාලය අතරය. මෙයින් කෘෂිකර්මාන්තයට විපාක ඇතිවන අතරම තර්බෝහෙලයින් ධාවනය ප්‍රමාද කිරීමේ හැකියාව, ඕසෝන් තට්ටුවේ අඩුවීම, හරීකේන්ස්වල වේගය වැඩිවීම හා උග්‍ර දේශගුණික සිදුවීම්, සාගර PH පහත බැසීම, මැලේරියා හා ඩෙංගු උණ වැනි ලෙඩ පැතිරීමද සිදුවේ. එක් අධ්‍යයනයක් කරන්නෙක් කලින් පවසා ඇත්තේ 2050 වර්ෂය වනවිට සත්තු හා පැළෑටි වර්ග 1103 ක සාම්පල් වලින් 18% සිට 35% දක්වා නැති වී යන බවය. මෙය කර ඇත්තේ අනාගත කාලගුණය සකස් කිරීමෙනි. කෙසේ වුවද කාර්මික අධ්‍යයනයන් කීපයක් ලියා ඇත්තේ අභාවයට යෑම් සිදුව ඇත්තේ මෑත දී වූ දේශගුණක වෙනස් වීම් නිසා බවයි. තවද එක් අධ්‍යයනයකු යෝජනා කරන්නේ අභාවයට යනවායයි අනුමාන කරන ගණන අනිස්ථිර බවය. විදුලි කෙටීම් ද වැඩිවිය හැකියි ගෝලීය උණුසුම අනුක්‍ර‍මයෙන් ඉහළයාම දේශගුණ විපර්යාසයට බලපාන අන්දම ගැන කලක සිටම විද්‍යාඥයෝ විමසිලි මත් වූහ. කලාපීය දේශගුණ රටාවන්ට අනුව දරුණු සුළි සුළං සහ ටොනාඩෝ කුණාටු වැඩිවිශයෙන් ඇතිවන්නේ පෘථිවියේ නිශ්චිත ප්‍රදේශවල නමුත් විදුලි කෙටීම් ලෝකයේ ඕනෑම තැනක ඇති විය හැකිය. හැම තත්පරයක් පාසාම ලෝකය පුරා අඩුම වශයෙන් විදුලි කෙටීම් 100ක්වත් ඇති වන බව ගණන් බලා තිබේ. ඒ අනුව එක් දිනකට ඇතිවන විදුලි කෙටීම් සංඛ්‍යාව මිලියන 8කි. මෑතදී කැලිනෛියා විශව විද්‍යාලය විසින් කරන ලද කරන ලද අධ්‍යනයකට අනුව ගෝලීය උණුසුම ඉහළයාම විදුලි කෙටීම් සංඛ්‍යාව වැඩිකිරීමට හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නොවැම්බර් 13 වන දින ජර්නල් සයන්ස් (the journal Science)සඟරාවේ පළ වූ නව අධ්‍යනයකට අනුව ගෝලීය උණුසුම වැඩිවන සෑම සෙල්සියස් අංශකයක් පාසාම විදුලි කෙටීම් සංඛ්‍යාව 12%කින් ඉහළ යා හැකිය. ඒ අනුව මේ ශත වර්ෂය අග වන විට විදුලි කෙටීම් සංඛ්‍යාව 50%කින් වැඩිවිය හැකිය. මෙතෙක් කලක් වැඩි අවධානයක් යොමුවූයේ වඩා විනාශකාරී කුණාටු සුළිසුළං සහ ධාරානිපාත වර්ෂාපතනය වැඩිවීම සහ ගෝලීය උණුසුම ඉහළයාම අතර ඇති සම්බන්ධයටයි. කුණාටු සුළිසුළං හා දැඩි වර්ෂාවෙන් ඇතිවන ගංවතුරෙහි ප්‍ර‍තිඵල ජීවිත හානි අතින් ඉහළ මට්ටමක පැවැතිය හැකි නමුදු විදුලි කෙටීම් නිසා සිදුවිය හැකි ව්‍යසනද අවතක්සේරු කළ හැකි ඒවා නොවේ. අමෙරිකාවේ පමණක් මේ වසරේ ඇතිවූ විදුලි කෙටීම් නිසා සිදු වූ අකුණු ගැසීම් වලින් මිය ගිය සංඛ්‍යාව 25 කි. අනෙකුත් රටවල සංඛ්‍යා එකතු කළ විට මෙය සැලකිය යුතු ප්‍ර‍මාණයකින් ඉහළ යා හැකිය. එමෙන්ම වාර්සික ලැවිගිනිවාර්තාවලට අනුව ඇමෙරිකාවේ ඇතිවූ ලැව්ගිනි වලින් අඩකටම වග කිව යුත්තේ විදුලි කෙටීම් සහ අකුණු ගැසීම්ය. මේ ලැව්ගිනි නිසා පරිසර පද්ධතියට වන හානිය සුලුපටු නොවේ. එහෙත් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළයාම සහ විදුලි කෙටීම් අකුණු ගැසීම් වැඩිවීම අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන මෙතෙක් එතරම් අවධානයක් යොමුවී නොතිබිණි. අනෙක් අතට ලැවිගිනි නිසාද හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍ර‍ාණයක් වායු ගොලයට එක් වේ. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වායුගෝලිය ගතිකයන් පිළිබඳ පර්යේෂකයේකයකු වූ ඩේවිඩ් රොම්ප්ගේ ප්‍ර‍ධානත්වයෙන් කරන ලද මෙම අධ්‍යනය සඳහා අමෙරිකානු විදුලිකෙටීම් සටහන් කිරීමේ ජාතික ජාලය (National Lightning Detection Network) විසින් වාර්තාකරන ලද අමෙරිකාවේ විදුලි කෙටීම් මිලියන 20ක් පිළිබඳ දත්ත උපයොගී කරගෙන ඇත. වාර්තාවේ නිගමන ගැන සඳහන් කරන ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ වායුගෝලී ය විද්‍යාඥ කොලින් ප්‍ර‍යිස් ගොලීය උණුසුම සහ විදුලි කෙටීම් පිළිබඳව ඔහු විසින් 1994 දී පළ කරන ලද අධ්‍යන වාර්තාවත් සමග මේ සොයා ගැනීම මනාව ගැලපෙන බව සඳහන් කරයි. ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම හරිතාගාරයේ වායු වාදයෙන් අපේක්ෂා කරන්නේ එහි සිසිල් වීමකි අපවර්තීගෝලයේ ඕසෝන් ප්‍රමාණය අඩුවීමද සිසිල් වීම සඳහා බලපාන නමුත් සැලකිය යුතු ලෙස ඕසොන් ප්‍රමාණය අඩුවීම ආරම්භ වුයේ 1970 දශකයේ අග භාගයේ සිටය. සූර්ය විචලනය සහ ගිනිකදු ක්‍රියාකාරිත්වයේ වෙනස සම්බන්ධ වීමෙන් කාර්මික යුගයට පෙර සිට 1950 දක්වා කාලය තුළ උෂ්ණත්වය ඉහළ යාමට බලපෑ අතර,ඉන්පසු සිසිල් වීමක් සිදුවී ඇත. Peter foukd ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය වන රටවල පරීක්ෂකයන් විසින් හෙලි කරනු ලැබුවේ පසුගිය වර්ෂ දහය තුළ සූර්යයාගේ දීප්තියේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. සූර්යා චක්‍ර මගින් සූර්ය දීප්තිය පසුගිය වර්ෂ 30 කාලයේදී 0.07% ක් වැනි සුළු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති නමුත් මෙය ගෝලීය උණුසුම ඉහළ නැංවීමට තරම් සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. Mike Lockwood හා Clous froinlch ‍ගේ පරික්ෂණ මගින් 1985 සිට කාලය තුළ ගෝලීය උණුසුම හා සූර්ය විචලනය හෝ කොස්මික් කිරණ විචලනය අතර සම්බන්ධතාවයක් නැති බව හෙළිකෙරිනි. 2007 දී සිදු කල පරික්ෂණයකින් පෘථිවියට පැමිණෙන කොස්ටික් කිරණ හා උෂ්ණත්වය අතර සැලකිය යුතු සම්බන්ධයක් නැති බවට අනාවරණය විය. පෘථිවිය උණුසුම් වීම අඩු කර ගැනීම ගෝලීය උෂ්ණත්වය දිගටම වැඩිවිය හැකි බව දේශගුණික විද්‍යාඥයෝ පවසති. සමහර ජාතීන්, රජයන්, සංස්ථා හා පුද්ගලයින් උනන්දුවක් දක්වන්නේ ගෝලීය උණුසුම් වීම අඩු කිරීමට හෝ ඊට සුදුසු පරිදි හැඩ ගැසීම සඳහා ක්‍රියාත්මක වීම‍ටය. ගෝලීය උණුසුම් වීමට එරෙහිව තනි තනි පුද්ගලයින් වශයෙන් ක්‍රියාත්මක වීමට බොහෝ පරිසරවාදී කණ්ඩායම් අනුබල දෙනු ලබන්නේ බො‍හෝ විට පාරිභෝගිකයා විසින් මෙන්ම මහජන සංවිධාන හා ප්‍රාදේශිය සංවිධාන විසින් ගල්වු ඇටකටු වලින් නිෂ්පාදිත ඉන්ධන හා කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම අතර ඇති සම්බන්ධය සඳහන් කරමිනි. අනෙක් අය යෝජනා කර ඇත්තේ මුළු ලොව පැතිරී ඇති ඇට කටුවලින් නිෂ්පාදිත ඉන්ධන වලින් පංගුවකි. වැඩි කරන ලද බලශක්ති නිපුනත්වය හා විකල්ප ඉන්ධන පරිභෝජන කිරීම ඇතුළුව දේශගුණික වෙනස්වීම් පිළිබඳව ව්‍යාපාරික ක්‍රියාකාරකම්ද ඇත. එක් වැදගත් නිමැවුමක් වන්නේ ග්‍රින්හවුස් වායු පිටකිරීමේ කර්මාන්ත වැඩිදියුණු කිරීමත්, එමගින් එවැනි සමාගම් රජය හා සම්බන්ධ ඔවුන්ගේ පිටකිරීමට එකඟ වීම හෝ ඔවුන්ගේ දීමනාවලට අඩුවෙන් ණය ගැනීමත් ය. ගෝලීය උණුසුම් වීමට එරෙහිව සටන් කිරීම පිළිබඳව ලෝකයේ මුල්ම ජාත්‍යන්තර ගිවිසුම වනුයේ කියොටෝ ප්‍රොටොකොල්ය. එය 1997 සාකච්ඡා කරන ලද එය UNFCCC එකට වැඩියමක් ඇති සංශෝධනයකි. ගිවිසුමේ මුල් පිටපත දැනට ගෝලීයව රටවල් 160 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරයි. ගෝලීය ග්‍රින්හවුස් වායු පිටකිරීම සියයට 55 වැඩිය. එක්සත් රාජධානිය හා කසකස්ථානය එම ගිවිසුම ස්ථිර කර නැත. ඵෙතිහාසිකව ලෝකයේ වැඩිම ග්‍රින්හවුස් වායු පිටකරනු ලබන්නේ එක්සත් රාජධානියයි. මේ ගිවිසුම 2012 දී අවසන් වන අතර දැනට ඇති ගිවිසුම වෙනුවට ඉදිරියේ දී ගිවිසුමක් ඇති කර ගැනීමට 2007 මැයි මාසයේ දී ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කෙරිණි. චීනයට හා ඉන්දියාව වැනි ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන ඇතුළුව ලෝකයෙන් 80% ක් ගිවිසුමෙන් නිදහස් කිරීම එක්සත් රාජධානීයේ ආර්ථිකයට තද හානියක් බව සඳහන් කරමින් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කියා සිටින්නේ කිටුටෝ ගිවිසුම අසාධාරණ බවත් ‍ගෝලීය දේශගුණය වෙනස් වීම් සම්බන්ධව කතා කිරීම නිෂ්ඵල බවත්ය. දේශගුණය වෙනස් වීමට එරෙහිව සටන් කිරීම හා දියුණු කරන ලද බලශක්ති ශිල්පක්‍රමයක් බුෂ් ඉදිරිපත් කර ඇත . එක්සත් රාජධානිය ඇතුලත රජයන් හා නගර දේශිය පදනමක් මත කියුටෝ ගිවිසුමට ආධාර කිරීමටත්, ගිවිසුමට අනුව ක්‍රියා කිරීමටත්, ඔවුන් මුල් පියවරගෙන ඇති බව සඳහන් වේ. ප්‍රාදේශිය ග්‍රීන් හවුස් ගෑස් පටන් ගැන්ම මෙයට උදාහරණයකි. චීනය හා ඉන්දියාව සංවර්ධනය වන රටවල් ලෙස ඉන් නිදහස් කල ද, කියුටෝ ගිවිසුම අනුමත කර ඇත. මෑත දී කරන ලද අධ්‍යයනයන් අනුව චීනය ග්‍රින් හවුස් වායුව, වාර්ෂිකව මුළු ග්‍රින් හවුස් වායුවම පිට කිරීමේ දී එක්සත් රාජධානිය පසු කර ඇත. චීන අගමැති ජනයාට කියා ඇත්තේ ගෝලීය උණුසුම හා වායු දූෂණය පිළිබඳව ක්‍රියාත්මක විමේ උත්සාහය දෙගුණ කරන බවය. විද්‍යාවෙහි ඉතිහාසය දේශගුණය වෙනස් වීම පිළිබඳ විද්‍යාවෙහි ඉතිහාසය ඇරඹුනේ හිම යුග සහ පුරා දේශගුණයෙහි අනෙකුත් ස්වභාවික වෙනස්වීම් පිළිබඳව පළමුව සැක ඇතිවීම සමගම සහ ස්වභාවික හරිතාගාර ආචරණය හඳුනාගැනීමත් සමග 19වන සියවසෙහි මුල් අවදියෙහිය. 19වන සියවසෙහි අගභාගයෙහිදී, මානවයින් විසින් පිටකරන හරිතාගාර වායූන් විසින් දේශගුණයෙහි වෙනස් වීම් සිදුවිය හැකි බවට විද්‍යාඥයින් පළමුවෙන් තර්ක කලහ. 1960 ගණන් වන විට, කාබන් ඩයොක්සයිඩ් වායුවෙහි තාපන ආචරණය පිළිබඳ වැඩි වශයෙන් ඒත්තු ගැන්වෙන ලදි. 1990 ගණන් වන විට, පරිගණක ආකෘතීන්ගේ වැඩිදියුණුවූ විශ්වාසයනීත්වයෙහි ප්‍රතිඵලයක් ලෙසින් සහ හිම යුගයන් පිළිබඳ මිලන්කොවිච් සිද්ධාන්තය සනාථ කෙරුණු නිරික්ෂණ කාර්යයන් නිසාවෙන්, ඒකමිතික තත්තයකට එළඹෙන ලදි: බොහෝ දේශගුණ වෙනස් කම් සඳහා හරිතාගාර වායූන් දැඩි ලෙසින් හේතුකාරක වන අතර, මානවයින් විසින් සිදුකෙරෙන විමෝචන විසින් විඤේය ගෝලීය තාපන සිදු කෙරෙන බවයි. එතැන් පටන්, දේශගුණය වෙනස්වීම් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පුළුල් කෙරිණි. ලෝකයෙහි රාජ්‍යයන් වෙත විධිමත් උපදෙස් සැපයීම සඳහා දේශගුණය වෙනස්වීම පිළිබඳ අන්තර් රාජ්‍ය අනුමණ්ඩලය 1990 ගණන් වලදී ස්ථාපිත කිරීම හා සමගම, විවිධ විද්‍යාත්මක ශික්ෂණයන් අතර පෙර නොදුටු වීරු තරම් මට්ටමෙහි අදහස් හුවමාරුවක් පොළඹවනු ලැබිණි. ජෝසප් ෆූරියර් විසින් 1824 වසරෙහිදී හරිතාගාර ආචරණය යෝජනා කරනු ලදුව, ඉයුනිස් නිව්ටන් ෆූට් විසින් 1856 වසරෙහිදී සොයා ගනු ලදුව, 1896 වසරෙහිදී ජෝන් ටින්ඩාල් විසින් පුළුල් කරනු ලදුව, ස්වාන්ටේ ආර්හේනියස් විසින් ප්‍රමාණාත්මකව විමර්ශනය කෙරිණි. මෙම කල්පිතය මුද්‍රිත මාධ්‍යයෙහි 1912 වසර තරම් ඈතදී වාර්තා කෙරිණි. ගෝලීය තාපනය පිළිබඳ විද්‍යාත්මක විස්තර කිරීම ගයි ස්ටුවර්ට් කැලෙන්ඩර් විසින් 1930 ගණන් වල සිට 1960 ගණන් දක්වා කාලය තුල තවදුරටත් ප්‍රවර්ධනය කෙරිණි. මේ අඩවියත් බලන්න මිහිතල‍යේ උණුසුම ආක්ටික් කලාප‍යේ උණූසුම Further reading (online version requires registration) (online version requires registration) External links Scientific Intergovernmental Panel on Climate Change and UN Climate Panel Report's Key Findings. Nature Reports Climate Change The UK Met Office Hadley Centre site NOAA's Global Warming FAQ Discovery of Global Warming – An extensive introduction to the topic and the history of its discovery, written by Spencer R. Weart Caution urged on climate 'risks' Impact of Livestock on Global Warming (UN Report) Educational Global Climate Change: NASA's Eyes on the Earth - Climate change overviews, key indicators, multimedia and current news. What Is Global Warming? – Shockwave presentation from National Geographic The EdGCM (Educational Global Climate Modelling) Project – A free research-quality climate change simulator DISCOVER Satellite-based ocean and climate data since 1979 from NASA The Pew Center on global climate change Global Warming Art Video of a talk by Warren Washington titled "The Evolution of Global Warming Science: From Ideas to Scientific Facts" Best Effort Global Warming Trajectories by Harvey Lam (Princeton University), The Wolfram Demonstrations Project. Other Science and Technology Sources on the Internet – Extensive commented list of Internet resources Union of Concerned Scientists Global Warming page Watch and read 'Tipping Point', Australian science documentary about effects of global warming on rare, common, and endangered wildlife United Nations University's 'Our World 2' Climate Change Video Briefs Gateway to the UN System's Work on Climate Change පාරිසරික ගැටළු Carbon finance දේශගුණය වෙනස්වීම Economic problems History of climate Climate change 19 වන සියවස 20 වන සියවස 21 වන සියවස ගෝලීය උණුසුම් වීම
3336
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ඇඩම් ස්මිත්
ආචීර්ණ කල්පිත වාදී ආර්ථික විද්‍යාව පිළිබඳ මතයේ නියම ආරම්භකයා වු ස්කොට් ඡාතික ඇඩම් ස්මිත් (1723-1790)ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ලියු ලේඛන වැඩිම කාලයක් තුළ වඩාත් පුළුල් ලෙස බලපෑම් කිරීමෙහි සමත් විය. එඩිම්බරාව අසල කර්ක්කැලඩිහි උපත ලැබූ ඇඩම් ස්මිත් නිළධාරියෙකුගේ පුතෙකු විය.දාහතර හැවිරිදි වියේදී ග්ලිස්ගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.එහිදී ඔහු පුරාණ ග්‍රික ලතින් කතුවරයන්ගේ ගද්‍ය පද්‍ය මෙන්ම ,ගණිතය සහ දර්ශනය වැනි විෂයයන් හැදෑරීය.ග්ලිස්ගෝහි වසර 03 ගෙවු පසු ස්මිත් හය අවුරුදු ශිෂ්‍යත්වයක් දිනා ඔක්ස්පරඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.ආපසු එඩිම්බරාවට පැමිණි ඔහුට ඉංග්‍රිසි සාහිත්‍යය සදහා දේශක තනතුරක් පිරිනැමුණි.මෙම දේශන වලින් ඔහු ප්‍රසිද්ධියට ලක්වී,1751 නැවත ග්ලිස්ගෝවට කැදවන ලදුව තර්ක ශාස්ත්‍රය උගැන්වීම් කාර්යය පැවරිණි.මෙම පසුබිමේ සිට ඔහු දේශපාලනමය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ අදහස්දැක්වීය. "සදාචාරාත්මක අදහස් පිළිබඳ සිද්ධාන්ත"නැමති කෘතිය (1759) ඔහුගේ ප්‍රසිද්ධත්වය තහවුරු කළේය. 1764 ටුරුස් ප්‍රදේශයේ සිටියදී ඔහු, "ඡාතීන්ගේ ධනය" නම් කෘතිය ලිවීම ආරම්භ කළේය.ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 මුද්‍රණ ද්වාරයෙන් පිටවිය. අවසාන ප්‍රතිඵලය මැනීමේදී "ඡාතීන්ගේ ධනය"ග්‍රන්ථය මේ දක්වා ලියවී ඇති වැදගත්ම කෘතිය ලෙස සැලකිය හැකි බව එඩ්මන් බර්ක්ගේ අදහස විය.ස්මිත් නියම ආර්ථික ආයතන දෙස විනිවිඳ දකින නිරීක්ෂණයක යෙදුණ නමුත්,ඇත්ත වශයෙන්ම අනාගතයේ නිදහස් යුටෝපියාවක් තැනීම සඳහා,ඔහු ප්‍රචාරයක යෙදු බව බර්ක්ගේ ප්‍රකාශයෙන් තහවුරු කරවයි. ඡාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ. ඔහු තවදුරටත් කී පරිදි ධනය ලද හැකි එකම මාර්ගය සම්පත් හා ශ්‍රමය යොදා තැනීමේ ප්‍රතිඵලයෙන් කෙරෙන නිෂ්පාදනය බවයි.මෙහිදී ඔහු විසදිය යුතු ප්‍රධාන ප්‍රශ්නය ලෙස පිළිගන්නේ වාණිඡවාදී න්‍යායෙන් ගත් දේශයක ධනය එහි අපනයන අතිරික්තය නිසා වන අදහසයි.ශ්‍රමය යොදා ගැනීමේ හැකියාව හා දක්ෂතාව අනුව ධනය වැඩි දියුණු වේ.මෙයට යොමු කර ගන්නා ඡනගහනයේ ප්‍රතිශතය මත මෙම සංඛාව අඩු වැඩි වේ.ඡනගහන සංඛ්‍යා වලට මුළු නිෂ්පාදනයේ සහ සම්බන්ධතාව මත සාමාන්‍ය පුද්ගලයාගේ ආර්ථික සුභසාධනය බලපානු ඇත.එනම් අද අප දන්නා ව්‍යවහාර භාෂාව අනුව මූර්ත ආදායමත් ඒක පුද්ගල ආදායම යනුයි. මොහුට අනුව නිෂ්පාදනය වැඩි කළ හැකි මූලික ක්‍රම වනුයේ යන්ත්‍රෝපකරණ හදුන්වාදීම සහ ශ්‍රම විභඡනයයි.විවිධ වු රැකියා වලින් නොයෙකුත් සහඡ දක්ෂතා මතුවිය හැකි බවද ඔහු පිළිගත්තේය.නිෂ්පාදන ප්‍රාගුණ්‍යය වැඩීමට නියම හේතුව ‍ලෙස,මිනිසා තුල උපතින්ම වෙළදාමට සහ හුවමාරුවට ඇති ආශාව නිසාත්,සියලුම සත්ව වර්ගයා අතරින් මිකිසා පමණක් එය ප්‍රදර්ශනය කරන බැවිනුත්ය. ස්මිත් විශ්වාස කළේ භාණ්ඩයක් තැනීමේදී ඒ සඳහා වැය කරන ශ්‍රමය එහි මූර්ථ වටිනාකම නියම කරන බවයි.කිසිවෙක් කිසිම භාණ්ඩයක් නිපදවීමෙන් ලබන ලාභය නිසා විනා නොනිපදවනු ඇත.ඔහුට අවශ්‍ය යමක් තනා ගැනීමට කරන වියදමට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි වී නම් ,ඔහු එය කෙනෙකුගෙන් ගන්නේ හුවමාරුවේදී අ‍නෙකාටද එසේම තම ශ්‍රමයට වැයවන මුදලට වඩා අඩු මිලකට එම භාණ්ඩය ගත හැකි නම් පමණි.විශේෂ ප්‍රාගුණ්‍යය හා වෙළදාමෙන් අ‍න්‍යෙන්‍ය ලාභ ලැබීම මෙයින් ඇති වු ප්‍රතිඵලයයි.භාණ්ඩයක් තැනීමට ගතවන කාලය මෙන්ම,භාණ්ඩය තැනීමේදී උප‍යෝගී වන ශ්‍රමයේ බලගතු බව,ශ්‍රමිකයාගේ දක්ෂතාව ලබා දෙන පුහුණුව හා අධ්‍යාපනය මේ ආදී කරුණු මත භාණ්ඩයක ස්වභාවික වටිනාකම බලපැවැත්වීය.එ‍හෙත් මුදල් භාවිතා වන ආර්ථිකයක සැ‍මවිටම භාණ්ඩයක වෙළඳ මිල එහි මූර්ථ වටිනාකම හා සම නොවීය.භාණ්ඩයක් සඳහා සඵල ඉල්ලුම ඇතැම් විට එහි සැපයුමට වඩා වැඩිවිය හැක.එවිට එහි මිල ඉහළ යයි.එය නිෂ්පාදකයාට වාසිදායක වෙයි.මෙලෙස ගණුදෙණුවේ වාසිදායක බව නිසා අ‍නෙක් අයද වෙළදාමට තරඟ වදිනු ඇත.මේනිසා මිල පහල යයි.යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් එය ස්වභාවික මිල බවට පත්වේ.මෙමගින් නිදහස් වෙළඳපල සැමට වාසි අත්වේ. ස්මිත්ගේ අවධාරණය කිරීම වන,ප්‍රධාන වශයෙන් සමාඡයට ලාභ ලබා දෙන්නේ පුද්ගලික ස්වාර්ථය සඳහාම කටයුතු කිරීම,සුභසාධක "නොපෙනෙන හස්ථය" සහ "ස්වභාවික නිදහස" නම් වූ පැහැදිලි හා සරල ක්‍රමය ආදිය 1776 සිට අද දක්වා පුද්ගලික ව්‍යවසායට ආවඩන්නන්ගේ උද්යෝග පාඨ විය. ආර්ථික විද්‍යාව 1723දී වූ උපත් 1790දී වූ මරණ කර්කාල්ඩිහී ජනයා 18වන සියවසෙහි දර්ශනවාදියෝ 18වන සියවසෙහි ස්කොට්ලන්ත ජනයා 18වන සියවසෙහි ආර්ථික විද්‍යාඥයෝ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයෝ ඔක්ස්ෆර්ඩ්හී බැලියල් ශාස්ත්‍රාලයෙහි උපාධිධරයෝ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රඥයෝ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රඥයෝ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥයෝ ස්කොට්ලන්ත ජාතික දර්ශනවාදියෝ ස්කොට්ලන්ත ජාතික තාර්කිකයෝ ස්කොට්ලන්ත ජාතික ව්‍යාපාර සිද්ධාන්තවාදියෝ ස්කොට්ලන්ත ජාතික ප්‍රාඥයෝ සහ ශාස්ත්‍රඥයෝ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයෝ සම්භාව්‍ය මධ්‍යස්ථවාදියෝ අවබෝධී දාර්ශනිකයෝ සදාචාරාත්මක දාර්ශනිකයෝ එඩින්බර්ග් රාජකීය සංගමයේ ආරම්භක අධිසාමාජිකයෝ රාජකීය සංගමයේ අධිසාමාජිකයෝ එඩින්බර්ග් දර්ශනවිද්‍යාත්මක සංගමයේ සාමාජිකයෝ
3337
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%84%E0%B6%85%E0%B6%A7%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA
දහඅට සන්නිය
පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම, දහඅට සන්නිය වශයෙන් ප්‍රසිද්ධය. ඉතාම බලසම්පන්න ශාන්ති කර්මයක් ලෙස සැළකෙන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන් හැඳින්විය හැක. මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග කොරවීම, වලිප්පුව, මාන්දම, කෝල සන්නි, වායු පිත්, ගුල්ම වේලීම, උෂ්ණ, අඩස්සී ඔල්මාද වැනි රෝග පීඩා නැතිකිරීමට සන්නි යකුම නටනු ලබයි. උත්පත්ති කථා පුවත දහඅට සන්නි උපත මායාදුන්නේ රාජ්‍ය කාලයෙන් පසු සිදුවූ බවට මතයක් පැවතුනද එහි නිධාන කතාව ලෝක උත්පත්ති කථාව හා සම්බන්ධවේ. මෙහි උත්පත්ති ස්ථානය වශයෙන් හඳුන්වන්නේ ලිච්ඡවී රජ දරුවන් සිටි විශාලා මහනුවරයි. මෙම රජ පරපුරේ සංඛපාල නම් රජකු වූ අතර ඔහුගේ බිරිඳ අසුපාලි හෙවත් ආයුපාලි නම් විය. ඇගේ දාසිය හැඳින්වූයේ කාලි නමිනි. ආයුපාලි බිසව ගැබ්බරව සිටි කාලයක දිනක් ඇයට මී අඔ කෑමේ දොළක් ඇති විය. එදින සංඛපාල රජු යුද්ධය සඳහා අසල රටකට පිටත්ව ගොස්ය. බිසවගේ මී අඔ කෑමේ දොළ පිළිබඳව දැනගත් ප්‍රධාන ඇමති රජු නොමැති නිසා මී අඔ සපයා දෙන ලදී. බිසව‍ මී අඔ කන අතර කාලි දාසියටද මී අඔ කෑමේ රිසියක් ඇති වුවද එය ඉටු නොවූ නිසා බිසව සමඟ කෝපව ඇයගෙන් පලිගැනීම සඳහා රජ වෙත ගොස් මහ ඇමති සහ රජ බිසව අතර අනියම් සම්බන්ධක් පවතින බවට බොරු කියා රජ පවුල භේද කළේය. එයින් කෝපයට පත්ව රජ බිසවගේ ගැබ්බර බවද නොසකා ඇයට වදදී මරා දෙකකුලෙන් පුබ්බේරිය ගසක එල්ලා දෙපළු කරන ලෙස නියෝග කල අතර එය එසේම ඉටුවිය. කළ පින් ඇති දරුවාගේ බලයෙන් පලු දෙකට හාවී උපන් දරුවා මවගේ ලේ සම් නහර අනුභව කරමින් වැඩී රාජ මුළු සන්නි යක්‍ෂයා හෙවත් කෝල සන්නි යක්‍ෂයා නමින් ප්‍රසිද්ධ විය. කවදා හෝ තම මව මැරෑ පලිය පියාගෙන් ගැනීමට සිතූ මෙම කුමරා විෂ මුසු ගෙඩි කොළ එකතු කොට විෂ ගුලි 18ක් නිපදවූ අතර එය දුටු ශක්‍රයා විෂ දිය ඉස යකුන් 18දෙනකු මැවූ බවත් ඔවුන් දහඅට සන්නිය නමින් ප්‍රසිද්ධ විය. එම සන්නි 18 වන්නේ, 1. භූත සන්නිය 2. අභූත සන්නිය 3. අමුක්කු සන්නිය 4. ව්‍යාධි සන්නිය 5. වාත සන්නිය 6. බිහිරි සන්නිය 7. ගෝල සන්නිය 8. කන සන්නිය 9. පිත් සන්නිය 10. කෝල සන්නිය 11. මුර්තු සන්නිය 12. දෙමළ සන්නිය 13. නාග සන්නිය 14. කොර සන්නිය 15. ගිනිජල් සන්නිය 16. ගුල්ම සන්නිය 17. ජල සන්නිය‍ 18. දේව සන්නිය මේ 18දෙනා එකතුව කුමරු වට කොට කෑම ඉල්ලා කරදර කරන්නට වූ අතර මෙය පිය රජුගෙන් පළිගැනීමට අවස්ථාවක් කරගත් කුමරු " මා ළඟ ආහාර නැත. විශාල මහනුවරට ගොස් සංඛපාල රජුගෙන් කෑම ඉල්ලා ගනුවයි " අණ කරන ලදී. මොවුන් විශාල මහනුවරට පැමිණ එහි කෙත්වතු භවභෝග විනාශ කරන්නට වීමත් සමඟ එහි ප්‍රථම දුර්භීක්‍ෂ ඇතිවිය. ආහාරපාන නැතිවීම නිසා රෝග භය පැතිරීම, මළ මිනි ගොඩවීම, මළ කුණු දුර්ගන්ධයට අමනුෂ්‍යයෝ එක්වීම යන ත්‍රිවිධ භය මෙනුර ඇතිවිය. රතන සූත්‍ර දේශනාවෙන් මෙ‍ම තුන්භය දුරු වූ බව ප්‍රසිද්ධය. පූජා රටා විධි සන්නි යකුන් වීදි මාලාව සන්නි යකුන් යාගය සඳහා ඉදිකරනු ලබන තොවිල් මඩුවයි. මෙය තොරණ හතරකින් සමන්විත වන අතර තුනක් යකුන් උදෙසාද අනෙක් සතර දේව තොරණ ද වේ. එය දේව සමාගම වෙනුවෙන් වෙන් වූ තොරණයි. මෙම ශාන්ති කර්මය රාත්‍රි 8.00 ට ආරම්භ වි දොල පිදේනි තටුවල විලක්කු තොරණවල පහන් දල්වා ප්‍රධාන යකැදුරා විසින් ආතුරයා තොවිල් මඩුවට කැන්දා ඒමත් සමඟ ම ත්‍රිවිධ රත්නයට නමස්කාර කොට ආශිර්වාද පතා ආතුරයාව පැදුරක වාඩි කරවනු ලබයිග දෙපයට මොල් ගසක්, පොල් ගෙඩියක් තබා මල් පහන් පුජා කර මඟුල් බෙර වයා ආශිවාද සඳහා සැන්දෑ සමයේ නටනු ලැබේ. මෙහි දෙවෙනි අවස්ථාව වන්නේ යකුන්ට පිදේනි දීම වේ. එක් එක් යකාට පිදේනි කැප කරන විට වෙස් මුහුණු, ඇදුම් පැළඳුම් වලින් ඒ ඒ යකාට නියමිත වේශය ආරූඪ කරගෙන යකැදුරන් පැමිණ නියමිත යකාගේ භුමිකාව නිරූපණය කරමින් තම තමන්ගේ තොරතුරු හෙළිකරමින් ගුරුන්නාන්සේ සමඟ සංවාදයක යෙදී පිදේනි කැප කරගනිති. මෙම පිදේනි කැපකිරීමට නැටුමට සහභාගී වන සෑම යකැදුරෙක්ම උඩුකය වසන හැට්ටයක් වැනි ඇඳුමකින් සැරසේ. පිදේනි කැප ගැනීමට පැමිණෙන සියලු යක්කු ‍බෙරකාර ගුරුන්නාන්සේ සමඟ සංවාදයක යෙදේ. මෙහිදී විහිළු තහළු, දෙපැත්ත කැපෙන කියුම්, වචන කනපිට පෙරළා කියුම් පමණක් නොව අසැබි වචන පවා භාවිතයට ගනු ලබන අතර අවසානයේ පිදේනි කැපගෙන ආතුරයාට සෙත්පතා යාමට පොරොන්දු කරවාගනී. වෙස් තුනක් මවාගෙන පැමිණෙන සූනියම් යක්‍ෂණිය පළමුව රූමත් කාන්තාවක් ලෙසද,දෙවනුව බඩ දරු කාන්තාවක් ලෙසද, තෙවනුව දරුවකු වඩාගත් මවක වශයෙන් සභාවට තුන්වරක් පැමිණ බෙරකාර ගුරුන් සමඟ උසුළු විසුළු සංවාදයක පැටලෙයි. තුන්වන අංගය වන්නේ පැදුරේ දෑපවිල්ල හා කන්නලව් කිරීමයි. මෙය ඉතා භයානක අවස්ථාවක් වන අතර ඊරි යකාගේ අවතාරය මෙම අවස්ථාවේ පැමිණේ. මෙහිදී පැදුරු උපතේ කවි කියමින් පිදේනි දුන් යකැදුරා පැදුරක් එලා එහි දිගාවේ. මන්ත්‍ර ජප කරමින් නිහඬව මැරුණාක්මෙන් පැදුරේ ඔහු දපා සිටින අතර වෙනත් යකැදුරකු පිදේනි තටු සුදානම් කරමින් ඔහුගේ ඇඟමත තබයි. පසුව ඊරි යකාගේ අවතාරය හූ හඬ හා විලාප නඟමින් පැමිණ පැදුරේ දපා ඇති " මළකුණ" වටා නටා නරඹන්නන් තුළ ත්‍රාසය ඇති කරමින් පැදුර පිටින් ඔතාගෙන මළකුණ රැගෙන වීදිය තුළට යයි. වීදියට අයත් නැටුමක් වන " මහ සමයම" ඉන්පසුව නටනු ලැබේ. මහ සොහොනා වෙනුවෙන් දෙකොන විලක්කු සමයමක් නටන අතර ඇතැම් සම්ප්‍රදායන්හි දරහැවේ දපන ලද යකැදුරා ඔසවාගෙන දිය කඩිත්ත අසලට, සොහොනක් හෝ තුන්මංහන්දියක් අසලට ගෙන ගොස් දොළ කැපකර යකැදුරා සමඟ නැවත පැමිණේ. විවේකයකින් පසුව යක් පෙළපාලි 18 සබයට පැමිණෙන අතර මෙහි අඟරු, දුම්මල, කළස්, සලු, තුවක්කු, මුගුරු, අවි, පොල්මල්, තැඹිලි, දලු මුර, කෙණ්ඩි, දුන්න, කුකුළු ආදී පාලිවේ. ඒ සෑම පාලියක් ම තමහට නියමිත භාණ්ඩ හා ඇඳුම් යුතුවා පමණක් නොව සන්නි යකුන්ගේ පිරිවර වශයෙන් මෙම පාලි පැමිණේ. මෙහි නාට්‍යමය ලක්‍ෂණන් අඩංගුවේ. මෙම සෑම යක් පෙළපාලියක් සමඟම ගුරුන්නාන්සේ කෙටි සංවාදයක යෙදෙන අතර එහිදී වචන වරදවා කීම, පද පෙරළා කීම, දෙපිට කැපෙන වචන ආදියෙන් සභාව විකට රසයෙන් කුල්මත් කරනු ලබයි. එය මෙහි විශේෂ ලක්‍ෂණයකි. විහිළු තහළු කිරීම, නිතර නිතර ආතුරයා බිය කිරීම හා පාලියක් අවසානයේදිම ආතුරයාට ආවැඩීමද දැකිය හැකිය. සමහර අවස්ථාවක ගුරුන්නාන්සේ සමඟ රණ්ඩු ඇල්ලීම හා වරද්දමින් කවි වචන කීමද සිදු කරන අතර එය වරද්දා කියන විට බෙරය නවතා ගුරුන්නාන්සේ නිහඬ වී කවිය වැරදි බව හා එය නිවැරදිව කියන ලෙස ප්‍රකාශ කරයි. එවිට කවිය නිවැරදිව කියා නටා අවඩා යයි. යක් පාලි වලින් පසුව සන්නි යක්කු 18දෙනා පැමිණේ. මෙය තොවිලයේ වැදගත් ම නාට්‍යමය කොටසකි. මොවුන්ගේ පැමිණීම නිසා මෙය සන්නි යකුම ලෙස හඳුන්වයි. හිරු උදාවට පෙර මහ කෝල සන්නි යකා පැමිණිය යුතු නිසා අනෙක් යකුන් පැමිණ අවසන් කරයි. මහ කෝල සන්නි යකා යනු සන්නි යකුන්ගේ නායකයා වන අතර යකුන්ගේ අවසානයට පැමිණෙන්නේ ඔහුය. ඉර පැයීමට පෙර මහ කෝල සමයමේ පිදේනි කැපකළ යුතු නිසා මෙහි පෙළපාලි කෙටි කරයි. මරු සන්නිය, අමුක්කු සන්නිය, කණ සන්නිය, ගොළු සන්නිය සභාවට පැමිණේ. සෑම සන්නියක්ම තම තම විසින් මිනිස්සුන්ට පමුණුවන ලබන ලෙඩ රෝග ලක්‍ෂණ මවා පාන අතර ගොළු සන්නි යක්‍ෂයා ගොළුවෙකි. බිහිරි සන්නි යක්‍ෂයා බිහිරෙක් තවත් සමහරු හිස රැදාව, වමනය, පාචනය වැනි ලක්‍ෂණ පෙන්නුම් කරන අතර මරු සන්නි යක්‍ෂයා වියරු වැටුණු බිහිසුණු බවක් පෙන්නුම් කරයි. සන්නි යකුන්ගේ පැමිණීමේදී යකුන්ගේ භූමිකා නිරූපණය කරන යකැදුරා යකුන්ගේ උපත් කථා, විලාසිතා වර්ණ, විස්තර වර්ණ හා ගායනා කරයි. එක් එක් සන්නි යක්‍ෂයා පැමිණ යකැදුරා සමඟ සංවාදයේ යෙදෙමින් නැටුම් දක්වති. ඉන්පසුව යකැදුරා විසින් ආතුරයා අතට දෙන පිදේනි තටුව " යක්‍ෂ භූත ඇල්ම බැල්ම ආදිය අදින් නිවාරණයි තීන්දුයි. කියල හිතාගෙන දෙන්න" කියමින් ආතුරයා අතින් යක්‍ෂයාට පිදේනිය දෙයි. එය ලබාගන්නා යක්‍ෂයා එය ආතුරයා හිස වටා කරකවා රැගෙන වීදි තුළට යයි.ඉර පායන්නට පෙර සබයට මහ කෝල සන්නි යකා පැමිණෙන විට වීදිය කෙළවර මෝල් ගස් දෙකක් හරහට කතිරයක් සේ අල්ලා කඩවතක් අහුරා දෙදෙනකු සිටිති. බුදුන්ගේ සන්දේශයක් ගෙනෙන තුරු කඩවත නොහරින බවට යකැදුරාන් ප්‍රකාශ කරන අතර කෝල යකා මුරකරුවන් බිය කරමින්ද, නම්බුනාමදී චාටුවෙන්ද, බැගෑපත්ව උපායෙන් කඩවත හැරගැනීමට උත්සාහ කළද එය නොහැකිවේ. පසුව බුදුන්ගේ සන්දේශයක් රැගෙන පැමිණි යක්‍ෂයා සන්දේශය පයින් අල්ලා යකැදුරාට ලබාදේ. බුදුන්ට අවමන් කළා යැයි කිපෙන ඔවුහු ගෞරව පූර්වකව ගෙනවිත් දෙනතෙක් කඩවත නොහරින බවට නියෝග කරයි. නමුත් යකාද ඉනේ, බඩේ තබාගෙන සංදේශය පිළිගැන්නුවද එය භාරනොගැනීම තුළ හිසමත තබාගෙන බුදුගුණ ගයමින් සංදේශය පසුව භාරදේ. එය භාරගෙන යකාට කියවන ලෙස යකැදුරෝ නියම කරන අතර බුදුන්ගෙන් වරමක් ලැබීතිබීම නිසා ආඩම්බරයෙන්සංදේශය කියවති. නමුත් යකා‍ට වරමක් දී ඇත්තේ නරබිලි ගැනීම තහනම් බව හා නරයන්ට ලෙඩ රෝග උපද්දවා දොළ පිදේනි ගෙන පසුව සුවපත් කළයුතු බවයි. යකා මෙල්ලවේ. දොළ පිදේනි රැගෙන ආතුරයා සුවපත් කොට ආවඩා යන ලෙස ගිවිසුමකට පැමිණේ. මහ කෝල සන්නි යක්‍ෂයා‍ට වෙන්වූ දොළ පිදේනි බත්, කැවුම්, පළතුරු යකාගේ ඉන හැදෙහි ගොටුවට දමා කුකුළා ඉනේ එල්ලයි. මේ සියල්ලම එල්ලාගෙන යකා දුම්මල පන්දමක් සහිතව ආතුරයාට සෙත්පතමින් අවසාන නැටුම නටයි. සියලුම සන්නි යකුන්ට දෙනලද දොළ පිදේනි කූඩුවකට දමා සභා මැද තබන අතර කෝළ යකා දුම්මල ගසමින් එය මැදිකොට නටා තමන්ගේ ගෝලබාල සියලු යකුන් වෙනුවෙන් දොළ පිදේනිය කැපකිරීම අනුමත කරයි. අවසානයේ යකැදුරා දොළ පිදේනි කූඩුව රැගෙන වීදියට යන අතර මහ කෝල යකාද ඒ අනුව ගමන් කිරීම තුළ සන්නි යකුන් යාගය අවසන්වේ. මේවාද බලන්න රට යකුම මූලාශ්‍ර පතිරණ කුසුම්- ශාන්ති කර්ම සංස්කෘතිය සමාජය ජනශ්‍රැතිය
3338
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA
අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය
ජාතිය මෙන්ම භාෂාවත් කැපී ‍පෙනෙන්නට පටන් ගැනුනේ බුදුසමයේ ආලෝකයත් සමග මිහිදු දූත පිරිසේ පැමිණීමෙන් පසුවයි.එ‍තෙක් කවුරුන් කෙසේ බලගතුව සිටියත් උන්වහන්සේගෙන් පසුව නම් සිංහල ජාතියේ භාරය අත්වූයේ ඵ් මිහිදු මාහිමියන් ඇතිකරලූ සිංහල භික්ෂු පරපුරටයි.එතැන් සිට මෙහි වැඩී ගිය ඵ් භික්ෂූන් වහන්සේ වෙත පැවතිණ.එදා සිට අද දක්වා ඇති දීර්ඝ කාලය තුල ජාතිය නිසා වැඩී ආ සාහිත්‍යය සිංහල භික්ෂූන් වහන්සේ මුල් වීමෙන් ගොඩනැගී ඇත. ලංකාව ශිෂ්ට සමාජයක් හැටියට ගොඩ නැගීම ආරම්භ වූයේ වර්තමාන ඉතාහාසයේ මුල් අවස්ථාව සේ ගැනෙන විජයාවතරණයෙන් පසුවයි.ජාතියක් වශයෙන් හෙළදිව් වාසීන්ගේ වැඩීම ඇරඹී දියුණුව කරා ගිය ඵ් මුල් අවස්ථාව පුරාතන යුගය හැටියට ගැනේ.හෙළ බස ඇතිවී වැඩී ආ හැටි පෙනෙන්නේද ඵ් යුගයේදීය.එය අනුරාධපුර යුගය සීමා කොට පවතී.ක්‍රි.පූ පස්වන සියවසේ සිට ඇරඹී ආ අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ දහවන සියවස දක්වා ඇති අවුරුදු 1500 දක්වා ගමන් ගනී. ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි. ඉගෙනීමේ ප්‍රධාන අංගය ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය. සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්බා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි. තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම සිංහල අටුවා පොත් සම්පාදනය වීම (සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.) ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය. සෙල්ලිපි හා පොත්පත් අනුරාධපුර කාලයට අයත් මුල් යුගයේ ලියැවුණු පොත්පත් මෙකල නැත.එවක ලියැවුණු දේ පිරික්සන විට ලිවීමෙ තතු සඳහා අපට පිහිට කර ගත හැක්කේ සෙල්ලිපිත් හෙළ අටුවා වදන් යයි සළකනු ලබන වාක්‍ය කිහිපයකුත් පමණි. පොත්පත් මිහිදුමාහිමියන් වචන මාර්ගයෙන් ගෙන ආ පෙළඅටුවා මෙරට භික්ෂූන් හෙළ බසින් උගත් බව සඳහන් වේ.එද පෙළදහම සෙයින් රැකගත් භික්ෂූහු පොත්ලිවීම ආරම්භ කලාට පසු ග්‍රන්ථාරුඪ කළහ.සිංහල සාහිත්‍යයේ චිරන්තන ග්‍රන්ථ වූ මේ පොත්පෙළ හෙළ අටුවා ලෙස හැඳින්වේ.මේ හෙළ අටුවා තිබුණේ පාලි අටුවා වලිනි.බුදුගොස් හිමියන් පස්වන සියවසේ ලක්දිවට පැමිණ පාලි අටුවා කරන ලද්දේ මෙම හෙළ අටුවා උපකාර කර ගෙනයි. මේ සඳහා උන්වහන්සේ අට්ඨ කථා පහක් පිහිට කරගත්හ. මහා අට්ඨ කථා,මහාපච්චරියට්ඨ කථා,කුරුන්දිට්ඨ කථා,අන්ධකට්ඨ කථා,හා සංඛෙපට්ඨ කථාවයි. සීහලට්ඨ කථා මහාවංසය,ථූපවංස වණණනා මේ යුගයේ ලියැවුණු පොත් ලෙස සැළකිය හැකි වුවත් අද වනවිට මේවා සම්පූර්ණයෙන්ම අභාවිත කෘතීන්ය. අනාගතවංස වණණනා විමුක්ති මාර්ගය,නමක්කාර වණ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ණනා, යන කෘතීන්වල නම් පසුකාලීන කෘතීන්වල සඳහන් වූ නිසා මේවා අනුරාධපුර යුගයට අයත් ඒවා යයි සැළකිය හැකිය. දනට විද්යමාන කෘති කිහිපයක්ද වේ. එනම් සියබස්ලකර නම් ග්‍රන්ථය කාව්යාදර්ශය ඇසුරු කරගනිමින් අභාසලමෙවන් විසින් සිංහල කාව්යාලංකාර සදහාත්, පාලි ධම්මපට්ඨකතාවෙ තේරුම් ගැනීමට අපහසු වචන සදහා සිංහල සකු මගධ මිශ්‍ර දම්පියා අටුවා ගැටපදයත් . භික්ෂු විනය සදහා සිඛ වළද හා සිඛවළද විනිස නම් ග්‍රන්ථයත් හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස යන ග්‍රන්තයන්ද අනුරාදපුර යුගයේ රචිත ග්‍රන්ථ වේ, සීගිරි ගී අනුරාධපුර යුගයේ ඉතා අනුස්මරණීය වූ සාහිත්‍යය සටහනක් නම් සීගිරි ගී පෙළයි.දැනට ප්‍රකාශිත ශිලාලිපි හැරුණු කොට මෙතෙක් සොයාගෙන ඇති සිංහල සාහිත්‍යයේ ඉතාම පැරණි සටහන හැටියට ඇත්තේ මේ ගී වැලයි. හයවන සියවසේදී පළමුවන කාශ්‍යප රජතුමා මේ කදු ගැටය වාසය කරගත්තේ සතුරන්ගෙන් බේරීම සඳහාය.චිත්‍ර කලාව සම්බන්ධයෙන්ද මෙය වැදගත් වේ.සීගිරි කැටපත් පවුරේ මුළු කවි ගණන 685කි. සීගිරි ගී එක් අයෙකුගේ රචනා නොවේ.බොහෝ දෙනාගේ රචනායි.එ‍හි සිරි නරඹා තම හැඟීම් රිසි සේ වර්ණනා කරතිබේ.සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි ගී සිව්පදකරණය මේ අවස්ථාව වන විට වෙසෙසින් දියුණුව පැවතිණ.යාග ගී,කව් ගී,යොන් ගී වෙසෙස්ද සිව්පද හා සැහැලිද මේවා අතර වේ.එළිසමය පවා දැකිය හැකිය.නොයෙක් අලංකාර,දේශීය උපමා දක්නට ලැබේ. "නිල් කට්රොල් මලෙකැ ඇවුණු, වැට්කොල මල සෙයි, සැන්දැ ගී සිහිවෙන්නෙ, මහනෙල් වන හය්රන්වන හුන්" සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය. ගැටපද, සන්‍ය, පිටපොත්, වණ්‍ර්‍ණනා අපේ පුරාතන සාහිත්‍යයේ හා හා පුරා කියා අපට හමුවන්නේ ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා යන නම් වලින් යුත් පොත් ගණයකි.සාහිත්‍යයට මේ පොත් බෙහෙවින් පිහිට වන්නේ භාෂාවේ වර්ධනය ඇති වූ සැටි පෙන්වා දීමටයි. ගැටපද පාලි අටුවාවල ඇතැම් වචන තව දුරටත් ලිහිල් කර දැක්වීමේ උපායක් වශයෙන් ගැටපද හෙවත් ගණ්ඨී පද ලියැවී තිබේ. උදා- විසුද්දි මග්ගයට ලියූ ගැටපදය, අභිධම්මට්ඨ කතාවට ලියූ ගැටපදය සන්‍ය "තේරුම"යන සාමාන්‍ය අරුත දෙයි. උදා- විසුද්දි මග්ග සන්‍යය, කුදුසික සන්‍යය , විනය සන්‍යය අනුරාධපුර යුගයේ ලියැවී ඇති සිය ගණනක් සන්‍ය අතරින් අදට ඉතිරිව ඇති සන්‍යය දෙකකි. දම්පියාවට කළ අටුවා සන්‍යය වෙසතුරු දා ගාථා සන්‍යය සියබස්ලකර (පද්‍ය) සීගිරි ගී හැරුණු විට ඊළඟ ඉතා පැරණි ගී ඇති සිංහල පොත සියබස්ලකරයි.එය ලියැවී තිබෙන්නේ නවවන සියවසේ මධ්‍ය කාලයේදීය.සකු අලංකාර ග්‍රන්ථයක ඇසුර ලබමින් ලියන ලද්දකි.සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ කාව්‍යාදර්ශය ඇසුරෙන් සිංහල සියබස්ලකර ලියන ලද්දේ සලමෙවන් රජකෙනෙකුන් විසින් බව පොතේ අග සඳහන් වේ. සිඛවළඳ හා සිඛවළඳ විනිස(ගද්‍ය) සිංහල සාහිත්‍යය ඉතිහාසයේ පුරාතන අවධියට අයත් ඉතා පැරණි ගද්‍ය කෘතියකි.සිඛවළඳ විනිස උපසපන් භික්ෂූන් සඳහා පිළියෙළ කළ ශාසනික විනය නීති සංග්‍රහයකි.සිඛවළඳ වඩාත් පැහැදිලි කිරීමේ අරමුණින් සිඛවළඳ විනිස ලියා තිබේ. දම්පියා අටුවා ගැටපදය පුරාතන සන්‍ය ගැටපද පොත් අතර පැරණිම ග්‍රන්ථයයි.බෞද්ධාගමික ස්වරූපය ගත් කතා එහි දක්නට ලැබේ.දම්මපදට්ඨ කතාව සිංහලයන්ට වඩාත් පහසුවෙන් දැන ගැනීමට දම්පියා අටුවා ගැටපදය ලියා තිබේ. හෙළ දැය හා බස ඇති වී වැඩී ආවේ අනුරාධපුර කාලයට අයත් මේ පුරාතන අවධියේය.එවක නිපැයුණු ද‍හස් ගණන් පොත් ඒවායේ කතුවරයනුත් සමග කාලය නැමැති වැලිතලාවෙන් යටවී ගොස් ඇත.අද ඉතිරිව ඇත්තේ පොත් දෙක තුනක් පමණි.මෙතෙක් ප්‍රකටව සිය ගණනින් පවත්නා අනුරාධපුර කාලීන සෙල්ලිපි හා පො‍ත්පත් විමසා බලන විට පුරාතන යුගයේ සාහිත්‍යය දීප්තිමත්ව තිබු අයුරු දැකගත හැකිය. මේවාද බලන්න අනුරාධපුරය අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තය ==වෙනත් == සිංහල සාහිත්‍යය වංශය , පුංචි බණ්ඩාර සන කාව්‍ය සෙකර පොත
3339
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න
ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්‍රී ලංකා සමාජය් නිරන්තර සාකච්චා වට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. බොහොමයක් සමාජ ප්‍රශ්න සමග මෙ‍ම අපචාර සම්බන්ධව පැවතිම එයට හේතුවයි. ළමා අපචාර හා බැදි පවතින කලාපය වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියිවේ තායිලන්තය පිලිපිනය හා ඉන්දූනිසියාවත් දකුණු ආසියාවෙ ශ්‍රි ලංකාව හා ඉන්දියාවත් එහිලා ප්‍රධාන ෙව් ළමා අපචාර යනු ළමයින් සදහා සිතා මතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් බව පැහැදිලිය. මෙන්ම ළමා අපහරණය,ළමා අපහයෝජනය යනුවෙන් හැදින්වෙන්නෙ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවිම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධි ක්‍රියාකාරකම්ය .ළමුන්ට ‍එරෙහිව කරනු ලබන මෙබදු ක්‍රියාවන් නීති විරෝධි වන්නේ ඇයිද යන්න ළමා අපචාර හා බැදුණු නීතිමය තත්වය මගින් නිර්‍රවචනය කර ඇත. ළමයින් අාරක්‍ෂාව පිණිස යම්‍ යම්‍ නෛතික තත්වයන් මෙහිදි අවධාරනය කෙරේ. මෙබදු නීතිමය පසුබිමක් ගොඩනැගී ඇත්ත්‍ත සංවර්ධනය වෙමින පවතින රටවල විවිධ අපචාරයන් සදහා ළමුන් යොදාගැනීම නිසාය. එසේම ඔවුන්ගේ අයිතිවාසිකම්‍ අහිමි වීමක් දක්නට ලැබෙන නිසාය. ලෝකයේ සමස්ත ජනගනයෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ අයිතිවාසිකම්‍ අහිමි කරගෙන සිටින්නන් බව පැහදිලිය. ඇතම්‍ ලේඛණ‍ පෙන්වා දෙන්නේ 1960 දී සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ළමයින් සියයකගෙන් විසිදෙනකුම මිය ගියේ ඔවුන්ගේ විසිවන උපන් දිනයටත් පෙර බවය.ළමා මරණ අධ්‍යාපන අධ්‍යාපන අහිමි කිරිම්‍ ලිංගික සුරාකෑම්‍ මෙහෙකාර වෘර්තින්වල යොදා ‍ගැනිම්‍ ආදි ළමුන්ට එරෙහිව එන සෑම ක්‍රියාවක්ම වනුයේ ඔවුන්ගේ අයිතින් අහිමි කිරිමයි. ළමුන්ට ඔව්න්ගේ අයිතින් වෙනුවෙන් උත්සාහ කල නොහැක.අයිතින් ඉල්ලා සිට්ය නොහැක.මෙනිසා වැඩිහිටියන් විසින් ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතුය. ළමයකු ලෙස හදුන්වනු ලබන්නේ කුමන වයස් සීමාවක අයකු යන්න පිළිබඳ වද විවිධ අදහස් පලව ඇත. එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම්‍ පිළිබද ප්‍රඥප්තිය අනුව ළමයකු වසයෙන් මෙසේ සලකන ලදි,මෙම ප්‍රඥප්තියේ කාර්යන් සදහා ළමයකු යන්නෙන් එම ළමයා අදාල නීතිය යටතේ වයස අවුරුදූ 18 ට පෙර ඔහු වයස් සම්‍පූර්ණත්වයක් ලබන්නේ නම්‍ මිස වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකුම අදහස් ‍වේ‍. තත්වය මෙසේ උවද ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ළමයකු යන්නෙන් අදහස් කරන්නේ කුමන මට්‍ටමෙ අයකුද යන්න විමසීමට ලක්කල යුතුය.එ‌් අනුව ලංකාවේනීතිය අනුව ළමයකු යන්නෙන් අදහස් කරන්නේ කුමන වයස් මට්‍ටමක අයත් කෙනෙක්ද යන්න පිළිබද යම්‍ ව්‍යාකූලත්වයක් පැන නගී. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය වල වයස අවුරුදු 3.8.10.12.14.16.18 වශයෙන් ළමුන් වයස් මට්‍ටම්‍ විවිදධ අයුරින් දක්වා තිබිමයි. ඒ නිසා විවිධ ව්‍යවස්ථාපිත නීති අනුව ළමයකු යන්නෙන් විවිධ අයුරින් ව‍යස් මට්‍ටම්‍ දක්වා ඇති අන්දම මෙසේ දැක්විය හැක. දන්ඩ නීති සංග්‍රහයේ ඇතුලත් වන වගන්ති වල අවුරුදු 8.10.12.14.හා.16.18යන වයස් මට්‍ටම්‍ වල ළමයින් සම්‍බන්ධ කරන අපරාධ පිළිබදව හැදින් ‍වේ. ළමයින් හා තරුණයන් පිළිබද පනතේ ළමයකු යනු වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු වන අතරගැටවරයකු යනු වයස අවුරුදු 14-15 අතර ළමයකු ‍වේ‍. අදාල ආඥාපනත යට‍තේ ගැහැණු ළමයකු යන්නෙන් වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයකු ‍වේ කාන්තාවන්, තරුණයන් සහ ළමයින් ‍සේව‍යේ යෙදවීම පිළිබද ආඥාපණත යට‍තේ ළමයකු යන්නෙන් වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු අදහස් වන අතර තරුණි‍යෝ යන්නෙන් වයස අවුරුදු 14 සම්‍පූර්ණ වූද වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් අදහස් වේ. ළමයකු යන්නෙන් වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකුම අදහස් ‍වේ‍. ළමා ආක්‍ෂණය පිළිබද නීති ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිධාන ශ්‍රී ලංකාෙව් දරුවන් හා තරුණයන් පිළිබද ආඥාපණත .ළමා රක්ෂණ සේවා දෙපාර්ත‍මෙන්තු‍වේ ක්‍රියා කාරිත්වය හා විවිධ කොමිෂන් සභා තීරණ හා නීති රීති මගින් ලාංකික දරුවන්‍‍ගේ ආරක්‍ෂාව පිණාස යම් යම් විධිවිධාන හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කර ඇත. මේ නිසා ළමයින්ට එරෙහිව සිදුවන ක්‍රියාමාර්ග පහසුවෙන් තීරණය කර ගැනීමට ඉඩ ලැබේ. උදාහරණ වස‍යෙන් 1995 වර්ෂයේ ඇති කරන ලබු ලංකා සිවිල් නීති සංශෝධනය ගත හැක.එයට අනුව වයස අවුරුදු 18 ට අඩු සත්‍රී පුරුෂ සියලුම දෙනා ළමයින් ලෙස නම් කර ඇත.1995 ට පෙර ‍මෙම වයස් මට්ටම වු‍යේ වයස අවුරුදු 14 කි. තවදුරටත් මෙම නීති සං‍ශෝධනය මගින් දරුවන්වගේ ආරක්‍ෂාව උදෙසා විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇති බව පෙනි යයි. වයස අවු රුදු 12 ට අඩු කිසිදු දරුවකු කිසිදු හේතුවක් නිසාවත් කුමන හො රැකියාවකට බදවා ගැනිම හා සේවයේ යෙදවවිම සපුරා තහනම් කිරීම එක් උදාහරණයකි. මීට අමතරව අංක 360 දරණ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අනුවද ලාංකිකයන් දරුවන් කවර හෝ ලිංගික කටයුක්තක යොදවා ගැනීම වරදකි. විෙශ්ෂයෙන්ම වයස අවවුරුදු 16 ට අඩු ගැහැණු ළමයි තම කැමත්තෙන් හෝ බලයෙන් කවර හෝ ලාංගික කටයුක්තක යොදා ගැනිම තහනම්ය.මේසේ ළම‍යින්ට එරෙහිව සිදු විය හැකි යයි සිතන අසාධාරණයන්ට යම් යම් නෛතික පදනමක් සපයා තිබීම ළමා අපචාර සම්බන්ධයෙන් ඉතා වැදගත් තත්වයකි. 1989 නොවැම්බර් 20දින එක්සත් සංවිධාන‍යේ මහා සමුලුව විසින් දරුවන්ගේ අයිතීන් පිළිබද ප්‍රඥප්තිය සකස් කොට ලොවට දායාද කරනු ලැබු අතර එහි පලමු වන වගන්තියේ දරුවා යන්න අර්ථ දක්වා ඇත්තේ මේසේ‍ය. සියලුම ආකාරවල අයුතු ලෙස ලිංගික ක්‍රි‍යා වල යොවනු ලැබීමෙන් හා අයුතු කටයුතු සහ ප්‍රයෝජනයට ගනු ලැබීමෙන් ළම‍යා ආරක්ෂා කිරීමෙ කාර්යය පාර්ශ්වකරුවන් වන රාජ්‍යයන්හි විසින් විෂේෂවයන්ම. කිසිම අනීතියික ලිංගික ක්‍රියාවලියක වයදවීම සදහා ළමයකු ‍‍පෙලඹවීම හෝ එසේ යොදෙ‍න ලෙස ඒ ළමයායට බල කිරීම. ගණිකා වෘත්තියෙහි ළමයින් යෙදවිම. කාමුක රංගනවල සහ ද්‍යවල ළමයි අයුතු ප්‍රයොජන උදෙසා යෙදවීම වැලැක්වීම සදහා සදහා සුදුසු සියලු ජාතික ද්ව්පාක්ෂික හා බහු පාර්ශවික පියවර ගනු ලැබ්ය යුතුය මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ළමා අපචාර සම්බන්ධ නෛතික විධිවිධාන විසින් අපචාරයේ මට්ටම නීර්ණය කර ඇති බවය. මෙබදු නෛතික තත්වයන් යටතේ වුවද ශ්‍රී ලංකාවේ ළමා අපචාර පාළිබද අද්දැකීම් ශෝචනීය බව කිව යුතුය. ශ්‍රී ලංකාව
3340
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
දේශපාලන විද්‍යාව
දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ සමාජ විද්‍යා ශික්ෂණයකි. දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දේශපාලනය වශයෙනි. ඒ නිසා බොහෝ දෙනෙකු දේශපාලනය (politics) යනු දේශය පාලනය කිරීම වශයෙන් අර්ථ ගැන්වීමට යොමු වී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් මෙවැනි අර්ථ දැක්වීමකින් දේශපාලනය යන යෙදුමෙහි අන්තර්ගත වන අර්ථය කිසිසේත්ම පැහැදිළි වන්නේ නැත. වෙනත් ආකාරයකින් කියනවා නම් එය දේශපාලනය අසම්පුර්ණ ලෙස අර්ථ ගැන්වීමකි. ඇතැම් විට ජනප්‍රිය තලයේදී , එනම් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනය අත් දකින ආකාරය අනුව එවැනි අර්ථ ගැන්වීමක් ප්‍රමාණවත් විය හැකි වුවත් දේශපාලන විද්‍යාව හදාරන්නන් එහි අර්ථය එයට වඩා තරමක් ගැඹුරින් අව‍බෝධ කරගත යුතුය. දේශපාලන විද්‍යාවේ ආරම්භය දේශපාලනය (Politics) යන යෙදුම බිහි වුයේ ග්‍රීක භාෂාවේ යෙදුමක් වු Polis යන වචනයෙනි. එහි තේරුම වුයේ නගර රාජ්‍ය යන්නය. මේ අනුව ඉපැරණි ග්‍රීකයන් විසින් සමස්ත වශයෙන් පුරවැසියන්ගේ ජීවිතය නගර රාජ්‍යයට දක්වන සබඳතාව තුළ ගෙවන සාමාජීය ජීවිතයේ සෑම පැතිකඩක්ම දේශපාලනික යැයි අර්ථකතනය කිරීමට ග්‍රීකයන් යොමු වුයේ මේ නිසාය. අනික් අතින් ග්‍රීක චින්තකයෝ දේශපාලනය නගර රාජ්‍ය මුලික කරගෙන සිදුවන්නාවු සමස්ත පුරවැසි ක්‍රියාකාරකම් යන තේරුම සහිතවද , ශාස්ත්‍රීය විෂයක් යන තේරුම සහිතවද භාවිත කළෝය. ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්‍යනයක යෙදීම ගැනත් බලය ක්‍රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත. පුරාතන ඉන්දියානු, චීන, ග්‍රීක හා රෝම ජාතිකයෝ, පාලකයා හා පාලිත පක්ෂය හෙවත් වැසියන් අතර පවත්නා සබඳතාවයනගේ ස්වභාවයත් දේශපාලන සංවිධානයයෙහි පදනමත් ස්වකීය සම්ප්‍රදායනට අනුව විමසිල්ලට ලක් කලහ. ඔවුහුත් ඔවුන්ගෙන් පසුව පහල වු අයත් දේශපාලන බලයට පදනම් වු, විශ්ව සාධාරණ යැයි තමන් සැලකු සදාචාරාත්මක, දාර්ශනික හෝ දේවදධාර්මික මූලධර්ම සකස් කිරීමට වෙර දැරූහ. දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යනය හා විමර්ශනය අරභයා මෙතරම් දීර්ඝ සම්ප්‍රදායක් ඇතද අද එම විෂය හදාරන්නට මූලික ප්‍රශ්න රැසකට ම මුහුණ පෑමට සිදුව තිබේ. මෙහි හුදු විෂය ක්ෂේත්‍රයම අද විවාදයට ලක්ව ඇත. එය අධ්‍යනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම හා මාර්ග මත භේදයනට තුඩු දී තිබේ. ඒ පිළිබඳව පිළිගත් වාග් මාලාවක් නොමැත. මෙම විෂයට අදාල මූලික යෙදුම්, සංකල්ප, හා මූලධර්ම විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. "දේශපාලනය පිළිබඳ අධ්‍යනය විද්‍යාවක් නොව කලාවක්" යැයි සමහරුන් පෙන්වාදි ඇත. දේශපාලන විද්‍යාවේ ඉතිහාසය දේශපාලනය පිළිබඳ ව අධ්‍යයනය කිරීම මුලින්ම ඇරඹුණේ පුරාණ ග‍්‍රීසියේ සහ පුරාණ ඉන්දියාවේ වන අතර, දේශපාලන විද්‍යාව යනු සමාජ විද්‍යාව තුළට පසුව පැමිණි විෂයකි. කෙසේ වුවත්, මෙම විෂය ධාරාවට සදාචාත්මක දර්ශනය, දේශපාලන දර්ශනය, දේශපාලන ආර්ථිකය, ඉතිහාසය මෙන්ම සංකල්ප හා රාජ්‍යයක ක‍්‍රියාකාරකම් හා ලක්ෂණ උපකල්පනය කර ගනිමින්, ප‍්‍රමිතිගත ස්ථාවරයන්ට අදාළ අනෙකුත් ක්ෂේත‍්‍රයන් ද ඇතුළත් වේ. සියලූ ඓතිහාසික යුගයන්හිදී මෙන්ම, සෑම භූමි ප‍්‍රදේශයක් තුළම, දේශපාලනය අධ්‍යයනය කරන පුද්ගලයින් හා දේශපාලන අවබෝධයේ වැඩි වීමක් දැකගත හැකිය. දේශපාලන විද්‍යාවේ ප්‍රධාන අංශ හතර දේශපාලන විද්‍යාව නැමති පුඵල් ක්ෂේත්‍රය, පහසුවෙන් ම ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිය. දේශපාලන දර්ශනය ඉන් පළමු වැන්න වනුයේ, දේශපාලන දර්ශනය හෙවත් දේශපාලන හා සමාජ න්‍යායයි. දාර්ශනික, ආගමික හා සදාචාරාත්මක දෘෂටිකෝණයක් අනුව දේශපාලන සංවිධානයෙහි හා දේශපාලන බැඳිමෙහි ස්වභාවය මින් විවරණය වේ. දේශපාලන දර්ශනය හුදෙක් දේව ධර්මයෙහි හෝ පොදු දර්ශනයෙහි ම හෝ අනුබද්ධ අංශයක් වශයෙන් හැදෑරු යුගයක් විය. දේශපාලන ආයතන දෙවැන්න දේශපාලන ආයතන වශයෙන් වර්ග කෙරේ. මෙයින් විග්‍රහ කරනුයේ ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික යනාදි විවිධ මට්ටම්වලදී දේශපලන බලය ක්‍රියාත්මක කිරිමට උපයෝගි කර ගනු ලබන ආයතනික සැකස්මයි. ප්‍රධාන රාජ්‍ය පාලන ආයතනයන් බිහි කොට ඒවා හසුරුවන ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථා, රාජ්‍ය විධි නීතීය, රාජ්‍ය පරිපාලනය හා පරිපාලන නීතිය හා තුලානාත්මක ආණ්ඩුක්‍රම යනාදිය මීට අයත් වේ. දේශපාලන පක්ෂ තෙවැනි ප්‍රධාන අංශය වනුයේ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මහජන මතය පිළිබඳ අධ්‍යනයන් වේ. එක් අවධියකදී දේශපාලන විද්‍යාඥයින් බොහෝ දෙනෙක් යම් රටක ඇති ව්‍යවස්ථාවනත නොවන හෙවත් ව්‍යවස්ථාවනතභාවයෙන් බාහිර සංවිධාන, දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි දක්වන බලපෑම පිරික්සා නොබලා එරටෙහි දේශපාලන තත්වය සාකච්චා කිරිමෙහි යෙදුනහ. එහෙත් දේශපාලන ක්‍රමයෙහි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම් වස්, දේශපාලන පක්ෂ, වෘත්තීය සංගම්, සේවා යෝජක සංවිධාන හා එම දේශපාලන ක්‍රමය ඇතුලතම පවත්නා වෙනත් සාමාජීය, ආර්ථික හා සංස්නෘතික කණ්ඩායම් හා සමිති පිළිබඳ මෙන්ම මහජන මතය සකස් කොට එය වෙනස් කිරීමටද තුඩු දෙන සාධක පිළිබඳවද දැනුමක් අවශ්‍ය වන බැව් අද වනවිට පොදු වශයෙන් පිළිගෙන ඇත. අන්තර්ජාතික සම්බන්ධතා දේශපාලන විද්‍යාවේ සිව් වැනි අංශය අන්තර්ජාතික සම්බන්ධතාවයන්ගෙන් සමන්විත වේ. යුද්ධය හා සාමය විවිධ මානව ව්‍යාපාර ක්ෂේත්‍රයන්යෙහිලා අන්තර්ජාතික සහයෝගිතාවය ඇති කිරිමේ ප්‍රයත්නය, ජාතින් අතර පැන නගින අරගල නිරාකරණය කිරිමත් පොදු ආර්ථික හා සමාජ ප්‍රශ්න විසදිමත් උදෙසා පිහිටුවා ඇති ආයතන සහ අන්තර්ජාතික නීතිය යන කරුණු පිළිබඳ අධ්‍යනය මෙම අංශයට අයත්ය. රාජ්‍ය දේශපාලන විද්‍යාය හදාරන්නා විසින් තම විමර්ශන ආරම්භ කිරීම සඳහා පහසු සීමාවන් තෝරා ගැනීම අවශ්‍ය මෙන්ම ප්‍රයෝජනවත් ද වේ. නූතන ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් වැදගත් වූත්, විශ්ව ප්‍රචලිත වූත්, ආයතනය වනුයේ රාජ්‍යයයි. සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන්ම, යම් කිසි රාජ්‍යක සාමාජිකයෙක් වේ. මේ ආකාරයට බලන විට දේශපාලන විද්‍යාව අධ්‍යනයෙහිලා ආරම්භක සීමාව ලෙස අපට පහසුවෙන්ම "රාජ්‍ය" තෝරා ගත හැකිය. මේ අනුව දේශපාලන විද්‍යාවේ සමස්ථය "රාජ්‍ය" මත පදනම් වන බවක් දක්නට ලැබේ. දේශපාලන විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන ඇරිස්ටෝටල් දේශපාලනය හඳුන්වන්නේ අධිපති විද්‍යාව වශයෙනි. කේ. ලෝසන් දක්වන පරිදි දේශපාලනය සාමුහික මානව ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ ක්‍රමෝපායක් වේ. ඔහු පවසන අන්දමට මෙවැනි සාමුහික මානව ක්‍රියාකාරකම් සඳහා සංවිධාන ගත වු වඩාත් සංකීර්ණ ආකෘති වශයෙන් ඉපැරණි නගර රාජ්‍ය, අධිරාජ්‍ය, ජාතික රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්විය හැකිය. පුළුල් ආකාරයෙන් බැලු විට දේශපාලනය සෑම මනුෂ්‍ය අන්තර්ක්‍රියාකාරිත්වයකම අනිවාර්ය කොටසක් බව පෙනී යයි. දේශපාලනයට ඇති සරළ නිර්වචනයක් අනුව දේශපාලනය යනු හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ක්‍රමෝපායක් වේ. එහෙත් මෙවැනි නිර්වචනයකින් ආණ්ඩුවක් සහ නීතියක විෂය ප්‍රදේශයෙන් වෙන්වු සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් ගම්‍ය විය හැකි බැවින් එය සම්පුර්ණ නිර්වචනයක් වශයෙන් සැලකිය නොහැකිය. දේශපාලනය පිළිබඳ අද අපගේ පිළිගැනිම් සකස් වන්නේ නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පුද්ගලයාගේ සමාජීය චර්යාව පදනම් කරගෙනනය. එහෙත් එෆ්.ජේ. බාර්න්ස්, එම්. කාර්ටර්, ජේ.එම් ස්කිඩ්මෝ යන දේශපාලන විද්‍යාඥයින් දක්වන පරිදි පරම රාජාණ්ඩු ක්‍රමයකදී සිටින පහත්ම යටත් වැසියාට වුවද ‍දේශපාලන ජීවිතයේ යම් භූමිකාවක් ඇත. ඇන්ඩ්රූ හේවුඩ්, ‍දේශපාලනය පිළිබඳ විශ්ලේෂණාත්මකව බැලීම සඳහා අපගේ අවධානය යොමු කරවයි. ඔහු දක්වන පරිදි දේශපාලනය යනු බලය නැතහොත් අධිකාරිය භාවිතා කිරීම හෝ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම හෝ වේ. එහෙත් මේ සියල්ලටම වඩා දේශපාලනය ක්‍රියාවක් වශයෙන් හඳුනාගත යුතු බව ඔහු පවසයි.දෙවනුව දේශපාලනය යනු සාමාජීය ක්‍රියාකාරකමකි. දේශපාලනය ඉස්මතු වන්නේ පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් මගින්ය. බලය මුලික කොටගෙන සිදුවන පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් වලින් දේශපාලනය ප්‍රකාශයට පත් වේ. තෙවැනි ලක්‍ෂණය නම් දේශපාලනය මත අවශ්‍යතා අභිලාශ යන සාධක වල විවිධත්වය මඟින් ජනිත වීමය. මේ විවිධත්වය ඍජුවම ගැටුම් වලට හේතුවිය හැකිය. මිනිස් සමුහයකින් සංවිධානාත්මක , ඒකීය ක්‍රියාකාරිත්වයකට යොමු කරන්නාවු තීරණ, එනම් සාමුහික තීරණ ගැනිම විෂයෙහි දේශපාලනය පවතී. දේශපාලනය නිර්වචනය කොට දක්වන බොහෝ දේශපාලන විද්‍යාඥයින් පොදුවේ දේශපාලනය සාමුහික තීරණ ගැනිමට සම්බන්ධ ක්‍රියාවලියක් බව අවධාරණය කිරීමට යොමු වෙයි. රොඩ් හාග්, මාර්ටින් හර්ප්, සහ ෂාවුන් බ්‍රිස්ලින් යන දේශපාලන විද්‍යාඥයෝද දේශපාලනය යනු කන්ඩායම් තුළ සාමුහික තීරණ ගැනිමේ ක්‍රියාවලිය බව සඳහන් කරති. දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් කාන්, මැක්නිවන්, සහ මැක්නොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම් දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව දේශපාලනය යනු බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්නොහොත් සම්බන්ධතාවයක් වේ.ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ. ඇන්ඩ්රූ හේවුඩ් සඳහන් කරන පරිදි දේශපාලනය ප්‍රකාශයට පත්වන්නේ කුමන විටක දී ද, කෙසේද , කොතනදී ද, කවුරුන් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව විවිධ පිළි ගැනිම් ඇත. ඔහු දක්වන පරිදි උදාහරණ වශයෙන් කුමන ගැටුම දේශපාලනික යැයි කිව හැකිද කුමන ආකාරයේ ගැටුම් නිරාකරණ ආකෘතියක් දේශපාලනික වන්නේද දේශපාලන යැයි කියන ක්‍රියාකාරකම ස්ථානගත වන්නේ තොතැනද යන ආදි කරුණු පිළිබඳව විවිධ පිළිගැනිම් පවතියි. දේශපාලනය යන පදයේ නිරුක්තිය සම්බන්ධයෙන් ඇති විවිධ පිළිගැනීම් මධ්‍යයේ වුවද එහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා වර්ගීකරණ තුනක් දැක්වීමට ඇන්ඩ්රූ හේවුඩ් ඉදිරිපත් වේ. පළමුවෙන්ම දේශපාලනය බොහෝ දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවේ විධිමත් ආයතන තුළ සිදුවන ක්‍රියාකාරකමක් වශයෙන් පවතියි. දෙවනුව දේශපාලනය පෞද්ගලික හා පුද්ගල වශයෙන් සිතීමට ප්‍රති විරැද්ධව පොදු ජීවිතයට සහ පොදු ක්‍රියාකාකම් වලට සම්බන්ධ වන්නකි. තෙවනුව දේශපාලනය මානව පැවැත්මේ සෑම මට්ටමකදීම සහ සෑම ආයතනයක් තුළම බලය බෙදා හැරීමට ධනය සහ සම්පත් බෙදා හැරීමට සම්බන්ධතාවයක් දක්වන්නාවු දෙයක් බව ඇන්ඩ්රූ හේවුඩ් ප්‍රකාශ කරයි. ආශ්‍රිත මේවාද බලන්න​ දේශපාලන විද්‍යාවේ ස්වභාවය. උසස් පෙළ දේශපාලන විද්‍යාව දේශපාලනය
3341
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%9C%E0%B7%93
සීගිරි ගී
ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා 10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය. පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ. මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත. සීගිරි ගී වල වැදගත්කම සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්, මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී ‍වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත, සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි. සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ ‍එකල පැවති පොදු ජන රුචිකත්වයයි. මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි. සීගිරි සිංහලය සීගිරි ගී වඩා වැදගත‍් වනුයේ, එම ගී ලියූවන්ගෙන් වැඩි පිරිස එදා මෙරට වාසය කළ බහුතර පොදු ජනයා වීමයි. එසේ ම මෙම සීගිරි ගී තවත් අතකින් වැදගත් වනුයේ එතෙක් පැවති ආගමික සාහිත්‍යට ගැති නොවී කළ නිර්මාණ ලෙසයි. එසේ ම කැ‍ටපත් පවුර වැනි සීමිත ඉඩක සංක්‍ෂිප්තව කළ මේ ගී මුක්තක ගී ගණයට වැටේ. එය ද මෙහි විශේෂත්වයයකි. මෙහි දී සීගිරි සිංහලය හරහා මතු වන කරුණු කීපයක් හඳුනා ගත හැකිය. එකල වු පොදු ජනයා භාවිතා කළ නම්, ග‍ම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද සමහරක් ස්වරයකින් ද අවසන් වේ. උදාහරණ: උපමා රෑපක ආදි කාව්‍යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව. උදාහරණ: අල් අකුරු බහුලව යෙදී‍මේ රීතිය සීගිරියේ දක්නට ලැබෙන කලා කෘති පොදු සිංහල සංස්කෘතියට ආගන්තුක වන්නා සේම සීගිරි සිංහලය ද ඊටම ආවේනික වු ලක්‍ෂණ දරයි. අල් අකුරු බහුලව යෙදීමේ රීතිය ද එවැන්නකි. නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ. උදාහරණ: නුතන සිංහ‍ලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය. උදාහරණ: සිංහලයේ අල්පප්‍රාණ අක්‍ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්‍රාණ අක්‍ෂර ද පදාවසානයේ හමු වේ. උදාහරණ: සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය වන ට - යන්න ද සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම. උදාහරණ: නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය - යන්න හා ර - යන්න ද සීගිරි සිංහලයේ අල් වී යෙදේ. උදාහරණ: නව ප‍්‍රාණාක්‍ෂර දෙකක් සීගිරි ගී වෙතින නව ප්‍රාණාක්‍ෂර දෙකක් ද , පිළි දෙකක් ද හමු වෙයි. එනම් "ඇ " සහ "ඈ" වේ. මෙහි දී, කෙටි "ඇ" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ. උදාහරණ,ළ ඇත්තන් , දිග ඇසිනි දික් "ඈ" සහිත පද කීපයක් ද හමු වන අතර එවැනි පද විරල වේ. උදාහරණ,ළ ඇ තුබු සෙය් මෙහිදි "ඇ" විභක්ති ප්‍රත්‍යක් ලෙස ද පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ද සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්‍රභූත්වය පැහැදිලි වේ. උදාහරණ: නව ගාත්‍රාක්‍ෂර එතෙක් සිංහලයහි ව්‍යවහාර නොවූ ‍ගාත්‍රාක්‍ෂර කීපයක් ද සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්‍ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්‍රාක්‍ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ. "පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල් බතීමි මෙ ගීය ලීමි"    (17) " වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි"    (552) අද සිංහල‍යේ බහුලව යෙදෙන සඤ්ඤක අක්‍ෂර හතර වන ( ඟ , ඬ ,ඳ , ඹ ) සහිත පද ද සීගිරි සිංහලයේ හමු වේ. උදාහරණ: මේවාද බලන්න සීගිරිය සීගිරි බිතු සිතුවම් සීගිරි බලකොටුව බාහිර සබැදි Sigiriya and its Significance Review by Dr. Nissanka Wijeyeratne සීගිරිය ගී කිහිපයක් බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි) (බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී 2 පැඡින් පන් වැසි මෙයල්බතින් ගී බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්. සැම උදයම ලා හරැ රැස් සිගිරි ගල වෙත පැමිනේයි 4 නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස් විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි. 5 සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල) සෙන් බොදෙවල ලයු ගී. 56 තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්) නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම් තොප සුර බව. 64 අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි. 103 කොමුල් අමඩ් ලෙඩ් ලිනසී එ බොන්ද මියුර් යහ බැ සී එ කපල් දල වන් දිගැ සී මන ජල්(ව)යි (සිත්) නොමු සී 106 සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත් මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන් 190 යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප අත්මය් වුයු 334 ස්වස්නනනති අග්බොය්මි ලීමි නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය් සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන් 492 මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ කවෙක් හින්දෙ ලී (මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත දක්නා සෙ ගෙති 306 මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා ශ්‍රී ලංකාවේ කලාව ශ්‍රී ලංකාවේ ඉතිහාසය
3342
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%BB
කොරල් පර
කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය. ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර වර්ධනයට අවශ්‍ය සාධක ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල් පර වර්ධනය වන්නේ නැත. කොරල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් කොරල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ. සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20-30 අතර පරාසයක විය යුතුය. සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස්ව පැවතිය යුතුය. සූර්යයාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතුය. ඉතා පිරිසිදු ජලයක් පැවතිය යුතුය. සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්වයට තැනිතලා, ස්ථාවර එකක් විය යුතුය. සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට කොරල් පර වර්ධනයක් නොවන බැවින් කොරල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි. කොරල් වලින් මිනිසුන් ලබා ගන්නා ප්‍රයෝජන මසුනු,පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි ආහාරයට සුදුසු ජීවීන්ආහාරයට ලබා ගැනීම. පසෙහි ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනයක් ලෙස යොදා ගැනීම. අපනයන සඳහා විසිතුරු මසුන් ගල්මල් ලබා ගැනීම. ලියුකේමියා සහ පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීම. ඉදිකිරීම් කටයුතු සඳහා හුණු ලබා ගැනීම. කොරල් පර ආශ්‍රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ කොරල් ආශ්‍රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත. කොරල් පර විනාශ වීමට තුඩු දෙන හේතු. මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්, පත්ල සූරාගෙන යාහැකි දැල් වලින් මසුන් ඇල්ලීම. මේ මගින් මුහුදු පැලෑටි,කොරල් සහ වෙනත් සියලුම ජීවීහු කැඩී විනාශ වී යයි. ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම. ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීහු විශාල වශයෙන් විනාශ වෙති.මේ මගින් කොරල් පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි පැමිණේ. හුණු ලබා ගැනීම සඳහා කොරල් ඉවත් කිරීම. මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වී තිබේ.මේ මගින් කොරල් පර සීඝ්‍රයෙන් විනාශ වීමට හේතු වේ. සිහිවටන සඳහා තබා ගැනීමට කොරල් කැඩීම. සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය බලව සිදුවේ. ජල දූෂණය මුහුද ආශ්‍රිත වෙරළ කොටස් වල සුදු කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතු කොට ගෙන කොරල් පර විනාශ විය හැක. යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතා කිරීම. විශේෂහෙන්ම කොරල් පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල් පර සීරීයාම සහ කැඩී යාම මගින් ඒවා විනාශයට පත් වේ. වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් කොරල් පර විනාශ වී යාම. ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ. කොරල් පර සංරක්ෂණය මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා කොරල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් කොරල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කෙරේ. තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි. කොරල් පරවල ව්‍යාප්තිය ඉන්දු ශාන්තිකර කලාපයේ (රතු මුහුද , ඉන්දියන් සාගරය , අග්නිදිග ආසියානු සහ ශාන්තිකර සාගරද ඇතුළත්ව) වර්ග කිලෝමීටර් 284,300 පුරා පැතිර ඇති බවට ගණනය කර ඇති මෙම කොරල් පර සමස්ත කොරල් පරවලින් 91.9% වේ. මෙම සංඛ්‍යාවෙන් 32.3% ක් අග්නි දිග ආසියාවෙන් ද , 40.8% ක් ඕස්ට්‍රේලියාවෙන් ද ඇතුළත්ය. සමස්ත කොරල් පර ප්‍රමාණයෙන් 7.6% පමණක් අත්ලාන්තික් සහ කැරිබියානු කොරල් පර වේ. කොරල් පර ඉතාම සීමිතව හෝ දක්නට නොමැති වන්නේ ඇමරිකානු සහ අප්‍රිකානු බටහිර වෙරළ තීරයන්ගේය. ගොඩගැනීම් ක්‍රයාවලිය සහ දැඩි සිසිල් සාගර දියවැල් මගින් මෙම ප්‍රදේශවල සාගර ජලයෙහි උෂ්ණත්වය පහත වැටීම ප්‍රාථමිකව මෙම සීමිත භාවයට හේතු වේ. ආසියාවේ වෙරළ තීරයෙන් එපිට පාකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා වෙරළ තීරයේ ද කොරල් පර සීමිත වී ඇත. ඇමසන් නදියෙන් සහ ගංගා නදියෙන් ඉතා විශාල වශයෙන් ජලය සාගරයට මුදා හරින බැවින් පිළිවෙලින් දකුණු ඇමරිකාවේ ඊසාන දිගින් ද බංග්ලාදේශය අවට ද කොරල් පර සීමිත වී ඇත. ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ :- මහා බාධක පරය - ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය , ඕස්ට්‍රේලියාවේ , ක්වීන්ස්ලන්තය බෙලිස් බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම කොරල් පර පද්ධතිය , මෙක්සිකෝහි දකුණු ක්වින්ටානාරෝ සිට පැතිරෙන මෙම පරය බෙලිස් වෙරළ තීරය දිගේ පහළට හොන්ඩ්‍යුරාස් දුපත දක්වා පැතිරේ. රතු මුහුදේ කොරල් පරය - ඊජිප්තු වෙරළ තීරයෙන් එපිට සිට සවුදි අරාබිය දක්වා පුලී රිජ් - ගැඹුරුම , ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල් පරය, ෆ්ලොරිඩා නව කැල්ඩේනියා බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම ද්විත්ව බාධක පරය වන මෙය කිලෝ මීටර් 1500 පමණ දිග වේ. තර්ජන ලොව පුරා කොරල් පර විනාශ වෙමින් පවතිති. විශේෂයෙන්ම, කොරල් පර කැඩීම, කෘෂිනාර්මික හා නාගරික අපහරණ, දූෂණය (කාබනික හා අකාබනික), අධික මස්මැරීම, පිපිරුම් මස්මැරීම, රෝග, සහ කාණු කැපීම සහ දිවයින් හා මුහුදු බොකු වෙත ප්‍රවාහණය යන දේ කොරල් පරිසර පද්ධතීන්ට ස්ථානගත තර්ජන වෙති. පුළුල් තර්ජන වන්නේ සාගර උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර අම්ලකරණය නිසාවෙන් pH අගයෙහි වෙනස්වීම්, යන මේ හරිතාගාර වායු විමෝචනයන් හා බැඳි සියල්ල වෙති. පෘථිවි සාගරවල ජීවත් වන කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වෙළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්‍රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී. කොරල් පර සුරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය පැපුවා නිව්ගිනියාහි අවුස් දිවයිනෙහි ගුවන් ඡායාරූපයක් ඉහත දැක්වේ. අවුස් දිවයින, මැනුස් පළාත සහ පැපුවා නිව්ගිනියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ කොරල් කලපු හයක සම්ප්‍රදායික ක්‍රමයට මසුන් මැරීම සීමා කරන ලදහ. රැහැනේ ඇති මසුන් මැරීමට අවසර දුන් අතර සංස්කෘතික චාරිත්‍ර අනුව දැල් යොදා සහ පොලු වලින් ගසා මගින් මසුන් මැරීම සීමා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම සීමා නොකළ ප්‍රදේශ වලට ජෛව ස්කන්ධය සහ එක් එක් මසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල විය. ලෝකයේ දැනට තිබෙන කොරල් පර වලින් 60% ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමට මුහුණපා ඇති බව ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් ගිණිකොණ ආසියාවේ කොරල් පරවල බලපා ඇති තර්ජනය අති මහත්ය. එමනිසා එම කොරල් පරවලින් 80% ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇත . කොරල් කේ. කවුන්ටර්පාර්ට් වැනි සංවිධාන සහ දකුණු පැසිපික් කලාපීය ජනතාවගේ පදනම කොරල්පර/ කොරල් පර වළල්ල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති නූතනයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් පැලෑටි ප්‍රචාරණය යන සරල ක්‍රමය භාවිතා කරයි. පැක්ටිකල් ඇක්ෂන් වැනි අනිකුත් සංවිධාන කොරල් පර ප්‍රතිසංස්කරණ කටයුතු කෙසේ සංවිධානය කළ යුතුද යන්න පිළිබඳව තොරතුරුමය ලේඛනයක් මහජනයා වෙත නිකුත් කර තිබේ. කොරල් පර පරිසර විද්‍යාව සහ ජෛව විවිධත්වය කොරල් පර පෝෂක ද්‍රව්‍ය දුලබ නිවර්තන ජලයේ පිහිටා තිබුණ ද කොරල් පර සදහා අසාමාන්‍ය ජෛව විවිධත්වයක් පවතී. කොරල් පර, zooxanthellae සහ අනෙකුත් කොරල් පර ජීවීන් අතර පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වීමේ ක්‍රියාවලිය මඟින් මෙම ජලයෙහි කොරල් පර ඇතිවීමේ සුලභත්වය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කෙරේ. ප්‍රතිචක්‍රීකරණය මගින් සම්පුර්ණ කොරල් පර ප්‍රජාව සදහා ආධාර සැපයීමට අවම පෝෂක සංඝටක ප්‍රමාණයක් පැවතීම පිළිබඳව තහවුරු කරයි. සයනෝ බැක්ටිරියා මගින් කොරල් පර සදහා නයිට්‍රජන් තිර කිරීම නම් ක්‍රියාවලිය ඔස්සේ ද්‍රාව්‍ය නයිට්‍රජන් සපයනු ලබයි. කොරල් පර කරදිය ජලය මගින් අකාබනික නයිට්‍රජන් සහ පොස්පරස් සෘජුවම අවශෝෂණය කර ගනී. ඉන්පසු ඒවා චලනය වන ජලය ඔස්සේ හමායන සත්ත්ව ප්‍ලවාංග සදහා ආහාර සපයනු ලබයි. කොරල්පර වල ප්‍රාථමික නිෂ්පාදනය ඉතා ඉහළ අගයක් ගන්නා අතර එය දිනකට වර්ග සෙන්ටිමීටරයට ග්‍රෑම් 5 සිට 10 අතර ප්‍රමාණයක් තරම් වු ඉහළ අගයක් ගත හැකිය. කොරල් පර ප්‍රජාවන්හි නිෂ්පාදකයන් වනුයේ සහජීවි zooxanthella, කොරල් ඇල්ගි සහ විවිධ මුහුදු පැලෑටීන්ය. විශේෂයෙන්ම කුඩා ආකාරවලට පිඩැලි ඇල්ගී යැයි ව්‍යවහාර කෙරුණද මෙම ජීවින් විශේෂ වන වැදගත්කම් පිළිබදව විද්‍යාඥයින් තුළ එතරම් එකගතාවයක් නොමැත. කොරල් පර විවිධ නිවර්තන කොරල් පර මත්ස්‍යයින් සඳහා නිවාස සපයයි. එම මත්ස්‍යයින් වන්නේ වර්ණවත් ගිරා මතස්‍යයන්, එන්ජල් මත්ස්‍යයින්, තරුණ damselfish මත්සයින් සහ සමනල මත්ස්‍යයින්ය. කොරල්පර පද්ධති ආශ්‍රිතව දක්නට ලැබෙන අනෙකුත් මත්ස්‍ය කාණ්ඩයන් වනුයේ කණ්ඩායම් වශයෙන් සැරිසරන මත්සයින් groupers, snappers, grunts සහ wrasses යන මත්ස්‍යයින්ය. කොරල් පර පරිසර පද්ධතිවල මත්ස්‍යයින් විශේෂ 4000 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙති. කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ඉතා විශාල මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක් සදහා ඉඩ කඩ සපයාදීමට හැකියාව ලැබී ඇත්තේ එලෙස ලැබී ඇති නිදහස් ඉඩ ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් මුල්වරට ප්ලවාංග මත්ස්‍ය පිළවුන් මගින් අත්පත් කර ගන්නා බැවිනි. මෙම මත්ස්‍යයින් මඟින් ඔවුන්ගේ ජීවිත කාලයෙහි ඉතිරි කොටස මෙම ඉඩකඩ ප්‍රමාණය අත්පත් කර ගනිති. මෙලෙස මොවුන් සදහා නැගී ඇති නිදහස් ඉඩ ප්‍රමාණය ඔවුනට අත්පත් වීම අහඹු ලෙස සිදුවන්නක් වන අතර එබැවින් එය ජීවත් වීම සදහා අවකාශය ලබාගැනීමට සිදු කරන ලොතරැයියක් ලෙස හැදින්වේ. කොරල් පර වෙනත් ජීවී විශේෂ සමුහයක් සදහා ද වාසස්ථාන සපයයි. එම ජිවි විශේෂ නම් ඉස්පන්ජියන්, නිඩෙරියාවන් (මේ සදහා ඇතැම් ආකාර වල කොරල් සහ ජල්ලීන් අයත්වෙයි.), පණුවන්, ක්‍රස්ටේසියාවන් (කූනිස්සන්, උල්සහිත පොකිරිස්සන් සහ කකුළුවන් මේ සදහා අයත්වෙයි.), මෘද්වංශිකයින් (සෙෆලෝපෝඩාවන් මේ සදහා අයත්වෙයි.), ශල්‍ය චර්මිකයින් (තාරකා මත්ස්‍යයින්, මුහුදු කැකිරි මේ සදහා අයත්ය.), මුහුදු වස්තියන් , මුහුදු ඉබ්බන් සහ මුහුදු නයින්ය. මිනිසුන් හැරුණු කල ක්ෂීරපායින් කොරල් පර පරිසර පද්ධතිවල මෙම පරිසර පද්ධතිවල සැරිසැරීම සඳහා පැමිණෙන තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් මොවුන් අතර ප්‍රමුඛත්වයක් ගනී. මෙම ජීවීන් අතරින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් සෘජුවම කොරල් පර ආශ්‍රිතව යැපෙති. අනෙකුත් ජීවින් කොරල් පර ආශ්‍රිතව ඇති ඇල්ගී වර්ග මත යැපෙමින් සංකිර්ණ ආහාර ජාලයක් සෑදීමට දායක වෙති. අපෘෂ්ඨ වංශකයින් සමුහයක් හට පොදුවේ Cryptofauna යැයි හැඳින්වේ. ඔවුන් කොරල් පර සැකිලි උපස්ථර ආශ්‍රිතව වාසය කරති. ඔවුන් ඔවුන්ගේ සැකිලි ජෛව විඛාදනය නම් ක්‍රියාවලිය ඔස්සේ මෙම කොරල්පරවලට ඇලි පවතින අතර එමගින් ඉන් කොරල්පරවල ඉන් පෙර පැවති හිඩැස් හා විවරයන් වසා දමති. මෙලෙස කොරල් පරවලට ඇලී පවතින ජීවි විශේෂ වනුයේ ඉස්පන්ජියන්, ද්විකපාටමොළස්කාවන් සහ Sipunculans නම් ජීවීන්ය. කොරල් පර මත ජීවත් වන අනෙකුත් ජීවි විශේෂ වනුයේ ක්‍රස්ටේසියාවන් සහ බහුකීට පණුවන්ය. මේවායෙහි ඉතා විශාල ජෛව විවිධත්වය නිසා ලොව පුරා රජයන් බහුතරයක් මගින් ඔවුන්ගේ කොරල් පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියා මාර්ග ගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආරක්ෂා කරනුයේ Great Barrier Reef Marine Park Authority විසිනි. මෙය Biodiversity Action Plan නම් ව්‍යවස්ථා සම්ප්‍රදායට යටත්ව ඇත. ඇල්ගී සහ කොරල් පර පර්යේෂකයන් සොයා ගෙන ඇති ආකාරයට නිරෝගී කොරල්පරවල ඇල්ගී වර්ග ප්‍රමුඛව පවතින බවට සාක්ෂි සොයා ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාවාස නොවු පැසිපික් දූපත්වල සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පර්යේෂණවලට භාජනය කරන ලද කොරල් ස්ථාන වලින් විශාල ප්‍රමාණයක ඇල්ගි දක්න‍ට තිබුණි. මේවායින් විශාල ඇල්ගී ප්‍රතිශතයක් පිඩැලි ඇල්ගී, කොරල් ඇල්ගී විශාල ඇල්ගී වර්ග වේ. මූලාශ්‍ර හිරිගල් සත්ත්ව නිෂ්පාදිත ධීවර කර්මාන්තය පරිසර පද්ධති
3343
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
ප්‍රජාතන්ත්‍රවාදය
ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.民主 ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි民主 සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි. ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ. ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම. නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල විවෘත වගකියන ආණ්ඩු නිදහස් සාධාරණ මැතිවරණ ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී. දේශපාලනය - ශ්‍රී ලංකාව
3344
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B6%AF%E0%B7%84%E0%B6%B8
සෙන් බුදු දහම
සෙන් බුදු දහම හා සෙන් දහම වශයෙන් හදුන්වන්නේ ඒකදේශයක්ම පමණි. "සෙන්" යනු ජපන් වචනයකි. "චං" යන චීන වදනට අනුව මෙය නිර්මාණය වී තිබේ. චීනයේ "චං" පදය නිර්මාණය වන්නේ සංස්කෘත "ධ්‍යාන" යන වචනාර්ථය ආශ්‍රයෙනි. ථෙ‍රවාදයේ ධ්‍යන වශයෙන් හදුන්වන්නේ "ගැඹුරු මානසික අවස්තාවකට තාවකාලිකව පත්වීමයි". මේ ක්‍රියාවලිය භාවනාව ආශ්‍රිත වුවකි. භාවනාව තුළ අංශ දෙකකි. ‍සමථ හා විපස්සනා වශයෙන් එය හදුන්වයි. ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වී‍මේ ක්‍රියාවලිය "සමථ" භාවනාව වශයෙන් හදුන්වයි. "ධ්‍යන" යනු එයයි. සමථ යනු සිත තැන්පත් කිරීමයි. සංවර කිරීමයි. මෙය තාවකාලික වශයෙන් සිදුකිරීම මෙහි ඇති විශේෂ ලක්‍ෂණයයි. ඒ අනුව ධ්‍යාන මගින් පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම දුෂ්කර වේ. බුදු දහම ඉන්දියාවේ සිට චීනයට ව්‍යාප්ත වු පසු ධ්‍යන යන වචනයට පුළුල් අර්ථයක් ගැබු වී තිබේ. භාවනාවේ ඒකදේශයක් වශයෙන් ධ්‍යන ඉන්දියාවේ ව්‍යවහාර කළත් චීනයේ දී සමස්ථ භාවනාවම ධ්‍යන විෂයෙහි අන්තර්ගත විය. චීනයට ගෙනගිය බුදු දහමේ ප්‍රධානම අංගය වශයෙන් හදුන්වන්නේ භාවනාවයි. චං ආගමේ මුලිකාංගයයි. චං ආගමික ඉගැන්වීම් ජපානයට ගිය විට එය "සෙන්" බවට පත් විය. සෙන් බුදු දහමේ මුලික ලක්‍ෂණයකි ධර්ම ග්‍රන්ථ භාවිතා නොකිරීම. චීනයේ ධර්ම ග්‍රන්ථ සම්පුර්ණයෙන් ඉවත් කළ අතර ජපානයෙදී සෙන් ආගම අංශ දෙකක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කර ගනී. ඒ "රින්සයි සෙන් හා ඩෝගන් සෙන්" වශයෙනි. කො‍ටසක් ධර්ම ග්‍රන්ථ භාවිතා කළ අතර අනෙක් කෙටස ධර්ම ග්‍රන්ථ ආශ්‍රයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය. බුදු දහම චීනයට ගෙන ගිය විට බුදු දහමේ දාර්ශනික හා තාර්කික අංශයට දැඩි රුචිකත්වයක් දැක්වු අතර ආධ්‍යාත්මික අංශයට එතරම් නැඹුරු නොවීය. ලෞකික ජීවිතය‍ට නැඹුරැ වී ඇත. මේ නිසා චීනයේ භික්‍ෂු සමාජය මුලික භික්‍ෂු සමාජයේ ස්වරැ‍පයෙන් වෙන් වී තබේ. චීන භික්‍ෂුව සාමාජීය ක්‍රියාවන් හි නිරත වු අතර ධර්මය වෙත කෙටි කාලීන නැඹුරුවක් දැක්වීය. සෙන් බුදු දහමේ දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි අල්ප වචන භාවිතය. භික්‍ෂුන් වචනය අවම වශයෙන් භාවිතා කළ අතර ධර්ම දේශනා ඉතා කෙටි විය. සෙන් බුදු දහම වචනවලට විරුද්ධ නොවේ. ඔවුන් විරැද්ධ වන්නේ වචන භවිතා කිරීම නිසා ඇතිවන සංකල්ප නිර්මාණයටයි. සෙන් දහමේ ලක්‍ෂණය නම් වචන ආශ්‍රයෙන් සංකල්ප තනා ගැනීමෙන් වැලකී සිටීමයි. කල්පනා ලෝකය නිර්මාණය කිරීමෙන් දුරැ‍වී සිටීමයි. සෙන් යනු පරමාර්ථ සත්‍ය අව‍බෝධ කිරීමයි. පරමාර්ථ යනු නිර්වාණය අවබෝධ කිරීම වේ. ථෙරවාද හා මහායාන දෙකෙහිම අරමුණ නිවන් දැකීමයි. එය මේ ආත්මයේ හෝ අනාගත ආත්ම භවයකදී හෝ සිදුවිය යුත්තක් සේ බෞද්ධයෝ කල්පනා කරති. එහෙත් සෙන් ආගමිකයින්ගේ මුලික අරමුණ වන්නේ මේ ආත්මයේදීම ඒ තත්වයට පත්වීමයි. සෙන් බුදු දහම ඉතා කෙටි සංවාද වලින් පිරි කතාපුවත් රැසකින් අන්තර්ගතයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජිවිතය ආශ්‍ර‍යෙන් දාර්ශනික අවබෝධය ලබාගැනීමට උත්සාහ දරයි. එදිනෙදා සාමාන්‍ය ජිවිතය යන්නට පර්යාය වදනකි ‍"සෙන්". මිනිසාගේ ආධ්‍යත්මික අංශය මෙන්ම සංස්කෘතික අංශය වෙතටද යොමු වු අවධානයක් ඇති ඉගැන්වීමකි‍, සෙන් බුදු දහම.
3345
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%20%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ලංකාව ස්වාධීන රාජ්‍යයක් වීම
වසර 133ක් පරාධීනත්වයෙන් ගතකොට එයින් මිදී ස්වෛරී අදීන දේශයක් ලෙස යළි නැගී සිටීමේ උතුම් අවස්ථාව වර්ෂ එක්දහස් නවසිය හතලිස් අටක් වු පෙබරවාරි මස හතර වැනිදා උදාවිය. 1815 වසරේ මාර්තු 2 දින දක්වා පැවති සිංහලේ නම් රාජධානිය, ලංකා රාජධානිය (Dominion of Ceylon) යන නමින් නැවත පිහිටුවන ලදී. එදා පැවති විවිධ හා විචිත්‍ර උත්සව හා පිංකම් මාලාව මුළු මහත් ලක් දෙරණතම සතුටු වගුරුවන විලාශයක් මවා පෑවේය.එදා පැවති ඒ අසිරිමත් පළමු නිදහස් උළෙල ජාතියේ උතුම් සැමරුමක්ම විය.පෙබරවාරි හතරවැනිදාට ඉකුත් මධ්‍යම රාත්‍රියේ ලංකාව යටත් විජිතභාවයෙන් මිදී අනෙකුත් නිදහස් ජාතීන් අතරට එක්වීය. නැවත පිහිටවූ ලංකා (සිලෝන්) රාජ්‍යයේ (ශ්‍රී වික්‍රම රාජසිංහ රජගෙන් පසු අහෝසිව පැවති ) රජතනතුර නැවත ඇතිකරනලදී. ලංකා රාජධානියේ රජ ලෙස ලංකාවේ VIවන ජෝජ් රජතුමා අභිශේක ලද අතර එය නාම මාත්‍රික රජ තනතුරකි. අග්‍රාමාත්‍යවරයා වුයේ ඩී.එස්.සේනානායක මැතිතුමන්ය. රජතුමන්ගේ පදිංචිය වෙනත් රටක බැවින් උන් වහන්සේ නියෝජනය පිණිස අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් දිව්රැම් දුන්නේ ය. ලංකාව ස්වාධීනත්වයට පත් වු මේ ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් වශෙයන් ප්‍රකාශකරන ලදි.ප්‍රථමවරට ලංකා පාර්ලිමේන්තු මන්දිරයේ කොඩි ගසෙහි සිංහ කොඩිය හා ඉංග්‍රීසි කොඩිය එකට එකක් නොපරදින‍ සේ එදින ළෙල දුනි.බොහෝ විහාරස්ථාන හා දේවස්ථානවල ආගමික පුදපූජා පවත්වන ලදි.එක්දහස් නවසිය හතලිස් අටේ පෙබරවාරි හතරවැනිදා ඇරඹී දහහත්වන දින අවසන් වීමට නියමිත වු උත්සව මාලාවේ අතිඋත්කර්ෂවත් දිනය පෙබරවාරි දහවැනිදා උදාවිය. එදින ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ඉදිකරනලද නව රැස්වීම් ශාලාවේ පැවැත්විය.එම ගොඩනැගිල්ල මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ගොඩනගා තිබුණි.මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ලංකාවේ VIවන ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර් ආදිපාදවරයා ය. එදින උත්සවයෙන් පසු දහතුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා පත්තිරිප්පුවේ සිට සිංහ ධජය ඹසවා ලංකාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කළේය.ඒ ප්‍රකාශයෙන් අදට වසර හෑට නවයක් ගෙවීඇත. මේ අඩවියත් බලන්න ශ්‍රී ලංකාව ශ්‍රි ලංකාවේ ජාතිකත්වය සිංහලේ රාජාවලිය ඉතිහාසය - ශ්‍රී ලංකාව
3346
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B6%A9%E0%B6%B4%E0%B7%84%E0%B6%AB
සඳකඩපහණ
සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ අඩ්ටචන්දපාසාන යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය. අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර, දුක්ගැහැට, වලින් පිරී තිබෙන බවයි. අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත. අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය. පොළොන්නරු යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.සඳකඩ පහණ මැද ඇත්තෙ නෙලුම් මලක අර්දයක සඳකඩපහණේ නිමිත්ත එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි. සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද, කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා, සිංහයා, වෘෂභයා යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බියයි. ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ ප‍යට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ. ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය ශ්‍රී ලාංකික සංස්කෘතිය
3347
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA
සමාජය
සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ. එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමේ හැකියාව මේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි. සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වේ. එනමි පුද්ගල සමිබන්ධතා කරැණු දෙකක් ඔස්සේ හඳුනා ගත හැකිය. තමා විසින් කරන ක්‍රියාවන් පිළිබඳ තමා විසින්ම තනි තීරණ වලට එළඹිම. එම තීරණ අන්‍යයන් සමග එකතු වී ක්‍රියාත්මක කිරීම.              තමා විසින්ම තීරණ ගනී නමි එය පුද්ගල ක්‍රියාවක් වන අතර අන්‍යයන්ගේ සහභාගීත්වය තුළින් එම ක්‍රියාවක් සමාජ ක්‍රියාවක් වේ. පුද්ගලයන් තුළ ගොඩ නැගෙන්නා වු මෙම සමාජ සමිබන්ධතාවලට යමි රටාවක්‍ හෙවත් පිළිවෙලක් පවතින බව සමාජ විද්‍යාඥයයින්ගේ පිළිගැනිමයි. සමාජානුයෝජනය හරහා ගොඩ නැගුණා වු පොදු හැසිරිමි රටාවන් සමාජයන් තුළ දැකිය හැකිය. මෙම හැසිරිමි වෙනස් නොවි දිගු කාලයක් තිස්සේ සමාජය තුළ පවතී. පුද්ගලයා ගත් විට ඔහුට සමාජය තුළ විවිධ තත්වයන් හා කාර්යභාර්යන් හිමි වේ. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල එකිනෙකින් වෙනස් වු භූමීකාවන් රඟ දක්වයි. පවුල තුළ පියෙකු සැමියෙකු පුතෙකු සොහොයුරෙකු ලෙස ද සමාජයේ දී මිත්‍රයෙකු ඥාතියෙකු ආදී වු විවිධ භූමිකා තුළ ක්‍රියාත්මක වේ.              සමාජය තුළ පුද්ගලයාගේ තත්වය ගත්විට ආරෝපිත තත්වය ලෙස හඳුනා ගත හැකිය. ආරෝපිත තත්වය පුද්ගලයාට උපතින්ම හිමි වේ.එමෙන්ම මෙය පුද්ගල කැමැත්ත අනුව වෙනස් කිරිමට ද නොහැකිය. සාධිත තත්වය පුද්ගලයා විසින්ම ලගා කරගනී. අධ්‍යාපනය ධනය බලය රැකියාව ආදීය සාධිත තත්වයන් ලෙස හඳුන්වයි.ඕනෑම සමාජයක සහජිවනය හා සහසමිබන්දතාවය යන කරැණු ද ශ්‍රම විභජනය නොහොත් වැඩ කටයුතු බෙදා ගැනීමක් ඔස්සේ ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස පවුල තුළ ස්වාමි පුරුෂයා භාර්යාව හා දරැවන් අතර ශ්‍රම විභේදනය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය හැකිය.බොහො විට බිරිඳ විසින් දරැවන් බලා ගැනිම හා ආහාරපාන පිළියෙල කිරිම ආදි වැඩ කටයුතුවල නිරත වන අතර ආහාර පාන සැපයිම දර සපයාදිම ආරක්ෂාව ලබාදිම ආදි කටයුතු ස්වාමි පුරුෂයා විසින් සිදු කරයි. ශ්‍රමය බෙදා හදා ගැනිම පිළිබඳ එකමුතු බව හෝ සහජිවනයක් හෝ ඇති වන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් කළයුතු හා නොකළයුතු කාර්යයන් පිළිබඳ පොදු පිළිගැනීමක් පදනමි කොට ගෙනය. සංස්කෘතිය සමාජය
3348
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80
සාහිත්‍යය කලාව
සාහිත්‍යය කලාව යනු කුමක්ද? කලාව වනාහි මිනිසා සිය ලෝකය තුළ සබඳතා හා මංපෙත් පාදා ගන්නා මාර්ගයන්ගෙන්ඵකකි.ලි‍යොන් ෙට්‍රට්ස්කි දක්වන අන්දමට කලාව වු' කලි යථාර්තය ඥාණනය කිරිමේ ක්‍රමවේදයක් වේi.කලාව විද්‍යව තුළින් වෙනස් නොවෙයි.නමුත් ව්ද්‍යාවෙන් නි්‍යාම පද්ධතියක් ලෙසට ලෝකය පිළිබඳව අර්ථකථනය කිරිම සිදුවෙි.එයට සාපේක‍්ෂව කලාවෙන් පරිකල්පන රෑප පද්ධතියක් පදනම් කරගනිමින් හැඟිමි හා මනෝගතින් පුබුදු කරවම්න් ගවෙශනය කරයි. පරිකල්පන රුප පද්ධතිය අර්ථ දක්වන්නේ පුද්ගලයෙකුට තමා අභිමුඛ නොවු ව්ෂයක් වුව මනසින් මවා ගැනිමට හෝ ඵය වාචිකව හෝ වෙනයමි ක්‍රමයකින් අන්‍යයන් හමුවේ මවා පෑමට ඇති හැකියවයි. මිනිසාගේ ජිවිතය අර්ථවත් කරන්නේත් ජිවත්වමට අවශ්‍යය ගැඹුරු අවබෝධය ලබා දෙන්නේද මානවදයාව මිනිසා තුළ ජනිතකරන්නේද සාහිත්‍ය කලාවයii.ඵ අනුව කලාව නවකථාව, කෙටි කථාව, පද්‍ය, නාට්‍ය ,ගීත මෙන්ම නැටුම් ආදි ව්ව්ධ සාහිත්‍යාංග මඟින් නිරුපනය වේ. කලාවෙහි නිර්මාණාත්මක බව ප්‍රකට කරවන මුලිකම සාහිත්‍යාංගය වන්නේ නවකථාවය.විචාරක මත විමසිමේදී නවකථාව යනු සමකාලීන සමාජය පිළිබිඹු කරන කැඩපතක් බවය.ඵනම් ඵ් මඟින් රසය සමඟම ජිවිතය සමාජය පිළිබදව සෑබැ අවබෝධය ලබාගත හැකිය.චරිතයන්ගේ මාර්ගයෙන් යම් නිර්මාණකරුවෙක් තමන්ගේ අත්දැකිම් හෙළිකිරිමකි. කලාවෙහි ඵවනිම අවස්ථාවකි කෙටිකතාව.ඇන්ටන් චෙකොප අර්ථ දක්වන අන්දමට ඡිවිතයෙන් පෙත්තක් නිරුපනය කිරිම කෙටිකතාව වේ'.ඵනම් පුද්ගල චර්යාවක් හෝ සමාජයේ සංසිද්දියක් හෝ ඵක සිතුවිලි මාත්‍රයක් වඩා ප්‍රබලව ගවේෂණය කිරිමකි.මෙහිදි යමි සිද්දියක් චරිතයක් ඉවත්කලේනමි එයින් ප්‍රබල බලපැමක්ඇතිවෙනම් ඵය අත්‍යවශ්‍ය කොටසකි.ඵවැනි යම් සිද්දියක් ඉවත්කලේ නම් ඵයින් බලපැමක් ඇති නොවේනම් ඵය අනවශ්‍යය කොටසකි. කෙට්කථාවක ලක්ෂන මෙීවා යැයි සිමා පැනව්මක් කළ නොහැක.ඵය අපේ වින්දන ශක්තියේ අත්දැකිමි පරාසයේ ප්‍රමාණයන්ට සාපේකෂව ඵම කථාව තුළ අඩංගු වස්තු විෂය තුළ පවත්නා අපුර්වත්වයයි.සරල භාෂාවක් භාවිතා කරම්න් අස්වාදනීය අයුරට කරනු ලබන නිර්මාණය ගිතය වෙි.මෙිහිදි නිරුපනය වන්නේද පොුදු සමාජෙය්අනුභුතින් වේ.ඒ සඳහා සංගිතය වැදගත් වෙයි. ‍මෙලෙස සාහිත්‍ය කලාව විවිධ අවස්ථාවන් යටතේ නිර්මාණත්මකව ඉදිරිපත් කළ හැකි වෙයි.නිර්මාණ කාර්යේ නිරතවන ලේඛකයන් තමා ජිවත්වන යුගයේ පරමිපරාවෙි ව්ශේෂතාවන් වටහාගැනිම මෙන්ම අතිතයේ සිට මෙි දක්වාම මුළු මහත් දේශිය සාහිත්‍යයහි සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබා තිබ්ම වැදගත්ය.ඵනම් පැරණි සම්ප්‍රදාය අකුරටම අනුගමනය කිරිම නොව යම් නිර්මාණවෙකු ස්වකිය අනන්‍යථාවය පෝෂණය කරගැනිමට එය රුකුළක් කරගැනිමට එයට හේතුවයි වේ. යම් නිර්මාණකරැවෙකු ස්වකීය අනන්‍යතාවය ගොඩනගාගනු ලබන්නේ පෞද්ගලිකත්වයට අනුව නිරායාසයෙනි.අකෟතිය අන්තර්ගතය ජිවනදෟෂ්ටිය අදිය තුළින් නිර්මණකරුවන්ගේ ස්වාදීනත්වය පසක්කරගතහැකිවෙි.මෙහිදි නිර්මාණකරුගේ භාෂාව වැදගත්වෙ. යම් පෞද්ගලික අත්දැකිමක් පොදු අත්දැකිමක් බවට පත්කරගනිම්න් එය යම් නිර්මාණකරණයකට පත්කරගනිමින් භාවිකගුනයෙන් යුක්තව සංවේදිබව පදනම්කරගනිමින්ද පරිකල්පන කාර්යයක නිරතවිම තුළින් සාහිත්‍යය කලාව ප්‍රතිනිර්මාණය වේ. ආශිත ග්‍රන්ථ i සංස්කෟතිය හා සමාජවාදය.ලියේින් ටොට්ස්කි. ii නිර්මාණ අධ්‍යයනය.සරත් ව්ජේසූරිය. සංස්කෘතිය
3349
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
සංස්කෘතිය
සංස්කෘතිය හා සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන දේ අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි.අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි. "සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වූ, ලබාගන්නා වූ, දැනුම විශ්වාස කලා සදාචාර දහම් හා වෙනත් හැකියාවන්ගෙ සමස්තය සංස්කෘතිය වේ". ඊ.බී.ටයිලර්-(ප්‍රාථමික සංස්කෘතිය) "සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජනකායගේ සාමූහික ජීවන ක්‍රමයයි.ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වෙයි". මහාචාර්ය විමල් දිසානායක (විවාදාත්මක ලිපි) අනන්‍යතාවය යනු විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි. පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත. මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි. විස්තරාත්මක නිර්වචනය ඓතිහාසික නිර්වචනය ප්‍රතිමානාත්මක නිර්වචනය මනෝ විද්‍යාත්මක නිර්වචනය සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි. සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි. සංස්කෘතියේ මුලිකාංග සංස්කෘතිය යනු ක්‍රියවලියකි.එනම් සංස්කෘතිය තුළ මුලිකාංග කිහිපයක් ඒකාබද්ධ වී පවතී.ඕනෑම සංස්කෘතියක් මුලිකාංග වලින් සමන්විතය.එවැනි මුලිකාංග කිහිපයකි භෞතික සංස්කෘතිය සංස්කෘතිය අධයනයේදී මූලික වශයෙන් කොටස් 02 කට බෙදෙයි ඒ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතියයි භෞතික සංස්කෘතියට මිනිසා විසින් නිර්මාණය කරන ලද සියළ හෞතික වස්තූන් අදාල වෙයි සංස්කෘතියට අයත් භෞතිකව ග්‍රහනය කරහැකි සියල්ලම මීට අයත්ය අදුම් පැළදුම් යාන වාහන ගේ දොර ගෘහ උපකරණ නොයෙත් වෘත්තීන් සදහා භාවිත කරණ උපකරණ ඇතුලු සියළ භෞතික වස්තු භෞතික සංස්කෘතියට අයත්ය අභෞතික සංස්කෘතිය ..... සංස්කෘතිය තුල පවතින සියළ භෞතික නොවන සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය මෙයට භාෂාව අදහස් ආකල්ප චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාස ආදී සංස්කෘතිය තුල පවතින භෞතිකව ග්‍රහණය කරගත නොහැකි සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස් ප්‍රතිමාන සාරධර්ම යන කාරණා පිළිබද අවබෝධය වැදගත්ය. මෙම භෞතික සංස්කෘතිය හා අභෞතික සංසකෘතියෙහි වෙනස් වීම "සංස්කෘතික ලැගීම" ලෙස ඩබ්.එෆ්.ඔග්බර්න විසින් ප්‍රකාශ කර ඇත. අදහස් අදහස් යනු අප සිතන දේය සමාජවල ස්වභාවය අනුව අදහස් විවිධ වෙයි උදාහරණ ලෙස ප්‍රථමික සමාජවල ජන කතා ජන ගායනා ජන කවි ප්‍රස්ථා පිරුළ ජනප්‍රවාද ආදී මුඛ පරම්පරාගත අදහස් බහුලය නූතන සංකීර්ණ සමාජවල තාක්ෂණ දියුණුව අධායපනික දියුණුව සමග මිනිසාගේ අදහස් සංකීර්ණ ස්වභාවයක් ගනී එසේම නූතන සමාජයේ අදහස් පතුරුවා හැරීම ඉතා වේගයෙන් සිදුකල හැක සරල ප්‍රාථවික සමාජ වලට වඩා නූතන සංකීර්ණ සමාජයන්හි අදහස් අතර විෂමතාවය ඉතා ඉහලය ඇතමෙකුට චාරිත්‍රයක් වන දෙයත් තවකෙකු මිතයාවක් ලෙස දකී ප්‍රතිමාන සමාජයක ජීවත්වන මිනිසුන් විසින් කලයුතු හා නොකල යුතු මොනවාද යන්න ප්‍රතිමාන හෙවත් ධර්මතා මගින් සමාජයට උගන්වයි ධර්මතා සමාජය විසින් පිළිගැනීම මත යුක්තියට අනුකූලකරණයට ලක්වේ ධර්මතා ආරක්ෂා කිරීමෙන් සිතේ සතුට ප්‍රසංශා තෑගි ලැබෙන අතර ධර්මතා බිදීමෙන් අසහනය දුක අපකීර්තිය හා දඩුවම් ලැබේ ප්‍රතිමාන හෙවත් ධර්මතා සෑම සමාජයකම දක්නට ලැබේ.ප්‍රතිමාන සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. උදාරණ ලෙස බටහිර සමාජයේ අඩනිරුවත්ව කාන්තාවක් සිටීම වරදක් නොවේ එසේ සිටීම නිසා සමාජයේ මිනිසුන්ගේ අපවාදයට හෝ දඩුවමකට යටත් නොවේ එහෙත් මැදපෙරදිග එසේ සිටිය හොත් සමාජ අපවාද පමණක් නොව දඩුවම්ද ලැබේ. සමාජයෙන් ගර්හාවට ලක්වේ. එපමණක් නොවේ ඒවා පිළිපැදීම අනිවාර්ය කරුණක් බවට පත්ව ඇත්තේ පරම්පරාවෙන් පරම්පරාවට අද දක්වා විකාශනය වී ඇති පුද්ගල සිතුවිලි හා ඔවුන්ගේ විශ්වාසයන් අප කළ යුතුය යන සාමාජයේ නිතීයක් වේ. ප්‍රතිමාන ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඒවා නම් ජන චර්යා ගණාචාර හා නීතිය ජන චර්යා ජන චර්යායනු සුදුසු යැයි සම්මත එහෙත් බලනොකරන ලෝක සම්මත චාරිත්‍රයන්ය ජන චර්යා කඩකිරීම නිසා දඩුවමකට යටත් නොවේ උදාහරණයක් ලෙස සිංහල අළත් අවුරුද්දේ නොනගත වෙලාවේ ආහාර අනුභවය ආහාර පිසීම මෙන්ම සියළ වැඩ අතහැර ආගමික වතාවත් කිරීම ගත හැක එහෙත් එය කඩ කළැයි කියා දඩුවමක් හෝ අපවාදයක් ඇති නොවේ ආහාර ගැනීමට පෙර අත් සේදීම වැසිකිළි භාවිතයෙන් පසු අත සේදීම උදෑසන නැගිට කට සේදීම ආදියද ජන චර්යාවනට උදාහරණ වෙයි සංස්කෘතියෙන් සංස්කෘතියට ජන චර්යා වෙනස් වෙයි බටහිර ජාතීන් කෑමට පෙර අත නොසෝදන අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගනී ඈත පෙරදිග වාසීන්ද එසේ කුඩා කූරු විශේෂයකින් ආහාර ගනී ගණාචාර ජනචර්යා වලට වඩා බලවත් ෙලස ගණාචාර දක්වයි ගණාචාර බිදීමෙන් දඩුවමක් නොලැබුනද අවවාද දීම් බැනවැදීම් රවා බැලීම් ඔපාදූප කටකතා පැතිරීම් ආදිය සිදුවේ ඇතැම් විට ගණචර්යා හා ගණාචාර නිශ්චිතව හදුනාගත නොහැක ගණාචාරයකට උදාහරණයක් ලෙස සභාවක් මැද අවිනීතව හැසිරීම එහිදී සමාජයෙන් ඔහුට අනුම බැනුම් අවලාද අසන්නට සිදුවේ නීතිය නීති කැඩීම නිසා ඍජුවම දඩුවම් වලට භාජනය වීම සිදුවේ ගණාචාර ජනාචාර හා නීති සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි කෙසේ වෙතත් නීති නම් බොහෝ සංස්කෘතීන්වල වෙනසක් පැහැදිලිව නොපෙනේ උදාහරණ ලෙස මිනීමැරුම් සොරකම් ස්ත්‍රී දූශන සෑම සමාජයකම පාහේ නීති ලෙස ක්‍රීයාත්මක වෙයි සෞඛ්‍යය සෞඛ්‍ය පිළිබද සංස්කෘන්ද දක්නට ඇත. ව්‍යාපාර , පාසල් හා අනෙකුත් සියලුම සංවිධාන සංස්කෘනතීන් තුළ දක්නට ලැබේ. සේවකයාගේ හැසිරීම් , එහි නිෂ්පාදනය, කාර්යක්ෂම බව , වර්ධනය මේ සදහා බලපායි. සේවකයාට හෝ ශිෂ්‍යයන්ට සමානව හා සාධාරණය සැලකීම, ගෞරවය මෙහි සංවිධානයක පවතින සෞඛ්‍යයමය කරුණු වේ. මහා සංස්කෘතිය මහා සංස්කෘතිය යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් භුගෝල සීමාවක් තුල සිටින සිටින විවිධ ජනකණ්ඩායම් ගෙන් සමන්විත පුලුල් සමාජයකි උදාහරණ ලෙස ශ්‍රී ලංකීය සංස්කෘතිය දැක්විය හැකිය මහා සංස්කෘතිය තුල විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ කුලයන්ට අයත් විවිධ ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරමින් එකට ජිවත් වෙයි මහා සංස්කෘතිය ජාතික සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි. උප සංස්කෘතිය උප සංස්කෘතිය යනු මහා සමාජයට අයත් එත් ඔවුනට ආවේණික සංස්කෘතියක් ගොඩනගාගත් ජන සමූහයකටයි මෙ කුලකයක් තුල පවතින උපකුලකයට සමානය උප සංස්කෘතිය යනු මහා සංස්කෘතිය් කුඩා අංගයක් බව ඩන්කන් මිචෙල් දක්වයි උප සංස්කෘතියක් තුල මහා සංස්කෘතියට අයත් උපාංග වලට අමතරව ඔවුනට ආවේණික උපාංග පවතී උප සංස්කෘතීන් එහි සැලැස්ම මත කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක ප්‍රාදේශිය උපසංස්කෘතිය ජනවාර්ගික උපසංස්කෘතිය ග්‍රාමීය උපසංස්කෘතිය නාගරික උපසංස්කෘතිය වෘත්තීමය උපසංස්කෘතිය ආගමික උපසංස්කෘතිය ප්‍රාදේශිය උප සංස්කෘතියකට උදාහරණ ලෙස නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හැක මෙයට සමාන උපසංස්කෘතීන් බොහෝ ඌන සංවර්ධිත රටවල අගනගරය කේන්ද්‍රතරගනිමින් බිහිවී ඇති ආකාරය දක්නට ලෑබේ මොවුන්ට ආවෙණික භාෂාවක් දක්නට ලැබේ මහාසමාජයේ භාවිතකරන භාෂාවම තරමක් වෙනස් ස්වරෑපයකින් භාවිත කරනු දක්නට ලැබේ එසේම වෙනත් භාෂාවකට අයත් වචන ඔවුන්ට ආවේණින ස්වරූපයකින් භාවිත නරයි උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හොත් මහා සමාජයේ භාවිත භාෂාවේ වදන්ම ඔවුන්ට ආවේණික අරුත් දීහට යොදාගනී කචල් වලිය සුද්ද කරනව රිම් එකෙන් යනව ආදිය ගතහැක මීට අමතරව විදේශ භාෂාවලින් ගත් වචන ලෙස බොසා ජිල්මාට් එරියාඑක මෑන්ස් ආදි වචන ගතහැක වෘත්තීමය උපසංස්කෘතිකන්ට උදාහරණලෙස ගොවියන් පතල් කරුවන් කම්කරුවන් ත්‍රිරොදරථ රියදුරන් ආදී ඔනෑම වෘත්තියක්වටා උපසංස්කෘතියක් ගොඩනැගී ඇති අයුරු දැකගත හැක ගොවියන් කමතේදී ගොවි උපකරණවලට මහාසමාජයේ භාවිත භාෂාවට අනුකූලනොවන විවිධ නම් භාවිත කරයි බැත යතුර අම්බරුවා ඇදී විශේෂිත වචන යොදා ගනී ආගමික උපසංස්කෘතීන්ට උදාහරණ ලෙස ලංකාවේ ආගමික උපභාෂාවක් දැකිය හැක වළදනව සැතපෙනව දොහොනකරනව වඩිනව ආදී අවෙණික භාෂා භාවිතයක් පවතී උප සංස්කෘතියකට ආවේණික භාෂාවක් මෙන්ම ඹවුන්ට ආවේණික අදහස් ප්‍රතිමාන සාරධර්ම හා ආවේණික අභෞතික සංස්කෘතියක් දක්නට ලැබේ. සංස්කෘතික ලැග්ම සංස්කෘතික ලැග්ම යනුවෙන් අදහස් කරන්නේ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය වෙනස් වීමේ වේගය අසමබරවීමයි එනම් භෞතික සංස්කෘතිය වෙනස් වන වේගයට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි උදාහරණ ලෙස ලෝකය කොතරම් දියුණු වුවද තවමත් ඇතැම් ආකල්ප ගතානුගතික වීමයි බටහිර වෛද්‍ය කුමය කොතරම් දියුණු වුවද තවමත් ඇමුන් ප්‍රතිකාර සදහා නූල් බැදීම දෙහි කැපීම වැනි ශාන්තිකර්ම අනුගමනය කරයි දෙවියන්ට භාරවෙයි තොවිල් පවිල් සිදුකරයි වරදක් වූවිට නීතිය හමුවට යාම මෙන්ම මිරිස් ඇඹරීම පොල්ගැසීම ආදිය සිදුකරයි විශේෂෙයන් පෙරදිග රටවල පැහැදිළිව සංස්කෘතික ලැග්ම දක්නට ලැබේ අපරදිග වාසීන්පවා ඇතැම්විට මෙම සාම්ප්‍රධායි අදහස් තවම ගරුකරයි මෙසේ සාම්ප්‍රධායෙන් බැහැරවීම ඉතා හෙමෙන් සිදුවීම සංස්කෘතික ලැග්ම ලෙස සළකයි. සංස්කෘතික විසරණය සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක දක්නට ලැබුන ලක්ෂණයක් තවත් සංස්කෘතියක් වෙත ගලා යාමයි උදාහරණ ලෙස ආසියාතික රටවලට ගවුම් සාය කලිසම් කෝට් ටයි බැනියම් ආදි ඇදුම් රොම ල්න්දේසි නීතිය නෛතික විවාහ ක්‍රමය ඉංග්‍රිසි ඇතුලු බටහිර ශාෂාවන්හි චවන පෙරදිග භාෂාවන්ට එකතුවීම මත්පැන් හා දම්පානය අතට අතදීම වැනි ආචාර ක්‍රම වික්ටොරියානු සදාචාරය බටහිරින් පෙරදිගට ලැබිනි(විසරණයවිය)බටහිර ශාෂාවලද පෙරදිග භාෂාවලින් විසරණයවූ තත්බව හා තත්සම වචන දක්නට ලැබේ විවිධ ආගස් පෙහෛාමයක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට විසරණය විය බටහිර අධිරජ්‍යවාදයත් සමග සියලුම යටත් විජිතවලට බටහිර සංස්කෘතික ලක්ෂණ විසරණයවූ අයුරු පැහැදිලිව දක්නට ලැබේ මේ ආකාරයට සෑම සංස්කෘතියකම දක්නට ලැපෙන ලක්ෂණ බොහෝමයක් ඔවුන්ගේ සංස්කෘතිය තුලම සම්භවය වූ ලක්ෂණ නොව විසරණය වූ ලක්ෂණබව පෙනීයයි වෙඩි බෙහෙත් සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි ඹවුන්ගෙන් ග්‍රීක ජාතිකයන්ටත් පසුව බටහිර ජාතීන්ටත් ඔවුන්ගේ පෙරදිග ජාතීන්ටත් ලැබුනි අප පානය කරන කෝපිවල ජන්ම භුමිය ඉතියොපියාවයි ඹවුන්ගෙන් අරාබි ජාතිකයන්ටත් අරාබි වෙළදුන්ගෙන් බටහිරට ජාතීන්ටත් බටහිර ජාතීන්ගෙන් අදුණු ආසියාතිකයන්ටත් ලැබිණ තේ පානය මුලින්ම සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි අර්තාපල් තක්කාලි බොන්චිවල නිජබිම ඇමරිකාවයි රබර්වල නිජබිම බ්‍රසීලයයි ලොව ඔනෑම සංස්කෘතියක් සංස්කෘතික විසරණයේ බපෑමට යටත්වේ එසේ විසරණයට ලක් නොවූ කිසිම සංස්කෘතියක් මිහිමත නැත. මානව කේන්ද්‍රණවාදය තමන්ගේ සංස්කෘතිය උසස් බවත් ඊට සාපේක්ෂව අනෙකුත් සංස්කෘතින් පහත් බවටත් මානවයා තුල ඇතිවන ආකල්පය මානව කේන්ද්‍රණ වාදය යනුවෙන් හදුන්වයි.බොහෝ පුද්ගලයන් තමා නියොජනය කරන සංස්කෘතිය උසස්බවත් ඊට සාපෙක්ෂව අනෙකුත් සංස්කෘතීන් පහත් බවත් සළකයි.තමා නියෝජනය කරන සංස්කෘතිය තුල හෙලා දකින යමක් තවත් සංස්කෘතියක සාමන්‍ය දෙයක් විය හැක.උදාහරණ ලෙස ශ්‍රී ලාජකීය සිංහල සංස්කෘතිය තුල සර්පයින් ආහාර ලෙස නොගනී එහෙත් බොහෝ ඈත පෙරදිග රටවල සර්පයන් ආහාරයට ගනී.හින්දු ජනයා ගවමස් පිළිකුල් කරන අතර බටහිර හා අරාබි රටවල ජනයා ගවමස් ආහාරයට ගනී.මෙසේ විවිධ සංස්කෘතීන්වල ඔවුන්ට ආවේණික ආහාර භාවිත කඑයි.එසේම ආහාර ගන්නා පිළිවෙළද වෙනස්ය.දකුණු ආසියාතික ජනයා ආහාර ගැනීමට තම දෑත යොදා ගනිද්දී බටහිර ජාතීන් හැදි ගෑරුප්පු යොදා ගනී.ඔවුන් දෑතින් ආහාර ගැනීම පිළිකුල් කරති.ඇදුම් පැළදුම් ගැනද එසේය විවිධ සංස්කෘතීන්ට අනුව ඔවුන්ට ආවේණික ඇදුම් පවතී.මේ ආකාරයෙන් සෑම සංස්කෘතික අංගයක්ස සංස්කෘතියෙන් ස‘ස්කෘතියට වෙනස්ය ඒ අනුව මානව හා සමාජ විද්‍යාව තුල මානව කේන්ද්‍රණවාදී අදහස් ප්‍රතික්ෂේප කරයි.විශේෂයෙන් මේ පිළිබද මත ප්‍රකාශකල වියතුන් අතර ප්‍රකට මානව විද්‍යාඥයෙකුවූ බී.මැලිනොවුස්කි ප්‍රධානය. ප්‍රතිසංස්කෘතිය ප්‍රතිසංස්කෘතිය එක්තරා අතකින් උපසංස්කෘතියක්ද වෙයි මෙය විරෝධී සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි මෙහිදී මහාසංස්කෘතියේ අඩංගු අංග ප්‍රතික්ෂේප කරමින් අලුත් හරයක් ඇතිකර ගැනීමට උස්සාහ දරයි ප්‍රතිසංස්කෘතිය හැමවිටම මහාසංස්කෘතියට විරුද්ධව ගොඩනැගේ.මහා සංස්කෘතිය තුල දක්නට ලැබෙන සංස්කෘතික අංග ප්‍රතික්ෂේප කිරීම හෝ එම අංග ඔවුන්ට අවශ්‍ය පරිධි සංෂෝධනය කරගෙන ඔවුන්ට ආවේණික උප සංස්කෘතියක් ගොඩනගා ගැනීම ප්‍රතිසංස්කෘතිය හෙවත් විරෝධී සංස්කෘතිය තුල සිදුවේග මෙවන් ප්‍රතිසංස්කෘතීන්ට උදාහරණ ලෙස බාලාපචාරී ළමුන් කණ්ඩායම්ˌපාතාල කල්ලි දැක්විය හැක.ඇතැම් උප සංස්කෘතීන් විරෝධී සංස්කෘතීන් ලෙස ගොඩනැගෙන අවස්ථා ඇත.මෙවන් විරෝධී සංස්කෘතීන්ට අතීත උදාහරණ ලෙස ලංකාවේ උඩරට පහතරට වශයෙන් අධිරාජ්‍ය යුගයේ පැවති බෙදීම දැක්විය හැක.එකළ උඩරට ජනයා සිතුවේ පහතරට ජනයා වේගයෙන් බටහිර සිරිත් විරිත් බටහිර ඇඳුම් බටහිර ආහාරපාන රටා හුරුවීම ප්‍රතිසංස්කෘතියක් ලෙසය.පහතරට ජනයා බුදු දහම වෙනුවට කතොලික හා ක්‍රිස්තියානි ආගම් ඇදහීමටත්.ගවුම් යාය හැට්ට කලිසම් ආදී බටහිර ඇඳුම් ආයිතම් වලට හුරුවීමත් ගවමස් ආදී මස් මාංශ ආහාරයට හුරුවීමත් මධ්‍යසාර දුම්වැටි භාවිතයට හුරුවීමත් එකළ ලංකික මහා සමාජය ප්‍රතික්ෂේපකළ අංගයන්විය.ඇමරිකාවේ හිපි සංස්කෘතිය තවත් උදාහරණයකි.ඇමරිකානු මහා සමාජයේ සංස්කෘති අංග බැහැර කරමින් තරුණ පරපුර තු ගොඩනැගුන මෙම ප්‍රති සංස්කෘතිය ඔවුන්ට අවේණික සංස්කෘතියක් ගොඩනගා ගත්හ.මේ අනුව හිපි තරුණයක් නිල් ඩෙනිම් කලිසම් භාවිත කිරීමටˌවෙස් ගැන්වීම් ක්‍රම අධිකව භාවිතයˌකථන තහංචි නොසලකා හැරීමˌනිදහස් ආලය එනම් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ සංවාසය නිදහස්ව පැවැත්වීමˌසැහැල්ලු ජීවිත ගතකිරීමˌනිර්ආගමික බවˌසම්ප්‍රධායට නොව තාර්කික බවට පමණක් මුල්තැනදීම ආදී දැකිවිය හැක. විවෘත සංස්කෘතිය යම් සංස්කෘතියක බාහිර වශයෙන් දැකියහැකි කොටස විවෘත සංස්කෘතියයි මේ නිසා විවෘත සංස්කෘතිය තේරුම් ගැනීමට හැකිය තත්වය හා කාර්යභාරය ධර්මතා හෙවත් ප්‍රතිමාන සමාජ සංස්තා යන අංගයන් දෙස බැලීමෙන් විවෘත චර්යාවන් අවබෝධ කරගත හැක. සංවෘත සංස්කෘතිය සංව්ෘත සංස්කෘතිය යනු යම් සංස්කෘතියක බාහිරට නොපෙනෙන සැගවුන කොටසයි අදහස් විශ්වාස පුරුෂාර්ථ ආකල්ප ඇතැම් සංස්කෘතියක සැගවුන තත්වයකි ඒවා ඍජුව හදුනාගත නොහැක.සිංහල සංස්කෘතිය උදාහරණයට ගතහොත් කුල භේදය වර්තමානයේ ආවෘත සංකල්පයක් ලෙස පවතී.වර්තමාන සිංහල සමාජයතුල විවාහය වැනි අවස්තාවලදී මෙම කුල භේදය අනුව විවාහ තීරණය වීම තවමත් සිදුවේ.මෙයාකාරයෙන් යම් සංස්කෘතියක් දෙස විමසා බැලීමේදී පිට සංස්කෘතියකට අයත් පුද්ගලයන්ට එකවර වෙනත් සංස්කෘතියක් තුල මෙම සංස්කෘතිකාංගය ඇතැයි හදුනාගත නොහැකි යැයි හැගෙන සංස්කෘතික අංග ආවෘත සංස්කෘතිකාංග ලෙස දැක්විය හැක. සංස්කෘතික සාපේක්ෂතාව යම් සංස්කෘතියක් නිර්මානය වීම කෙරේ විවිධ සාධක බලපානු ලබයි එවා නම් කාලගුණික හා දේශගුණික සාධක රටක භූගෝලීය සාධක එෙතිහාසික සංසිද්ධි ස්වභාවික ව්‍යසන අර්ථ ක්‍රමයේ ස්වරූපය ආගමික මතවාද මේ සියල්ල සැලකිල්ලට ගෙන මානවකෙන්ද්‍රනවාදී දෘෂ්ටියතින් තොරව යම් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට සාපේක්ෂව අධ්‍යනය කිරීම සංස්කෘතික සාපේක්ෂතාවය යනුවෙන් හදුන්වයි. කාලගුණික හා දේශගුණික සාධක කාලගුණික හා දේශගුණික සධක යන්ට සාපේක්ෂව සංස්කෘතිය හැඩ ගැසෙන ආකාරය ගැන අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය විවිධ සංස්කෘතීන්හි එකිනෙකට ෙවනස්කම් ඇතිවීම කෙරේ බලපාන ප්‍රධාන සාධකයකි කාලගුණ හා දේශගුණික සාධක මෙම සාධත මත සංස්කෘතියක අංග හැඩ ගැසෙයි මේ අතර අභෞතික සංස්කෘතියට අයත් ආහාර ඇදුම් නිවාස උපකරණ ආදිය විශේෂය උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ කන්තාර ආශ්‍රිතව හා ඝණ වනාන්තර තුල දිවි ගෙවූ ස්දේශික ආදිවාසී ජනයා පූර්න වශයෙන්ම නග්නව විසීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල ජනය ඇදුම් භාවිත කරන්නේ අඩුවෙනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට බොහෝවිට උඩුකය නග්නව තබාගනී. වික්ටොරියානු සංස්කෘතිය දකුණු ආසියාවට පැමිනණෙන්නට පෙර දකුණු ආසියාතික රටවල පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද උඩුකය නග්නව සිටිබව පැරණි මූලාශ්‍රවල දැක්වේ. අධික ශිත දේශගුණයක් බවතින උත්තරාර්ධ ගොලයේ වෙසෙන එක්ස්කිබෝවරු සත්ව ලොමින් කළ වස්ත්‍රයකින් සිරුර වසෙන සේ ඇදුම් අදිති ඍතු භේදය පවතින යුරෝපීය රටවල මිනිසුන් ශිත කාලයට මුලු සිරුරම වැසෙන සේ අදින අතර ග්‍රීෂ්ම ඍතුවේදී අඩනිරුවත් ඇදුම් අදිති නිරන්තරයෙන් ඍතු විපර්යාසයන්ට ලක්වන ඈත පෙරදිග රටවල්ද මෙසේය නිරන්තරයෙන් වැලි කුණාටු ඇතිවන අරාබි රටවල ජනයා මුලු සිරුරම වැසෙන සේ ඇදුම් අදිති මෙම අදුම් භාවිතයට ප්‍රධාන හේතුව දේශගුණික හා කාලගුණික හේතූන්ය ආහාර සංස්කෘතියද දේෂගුණික හේතුමත තීරණය වනු දක්නට ලැබේ උත්තරාර්ධ ගෝලයේ හිමෙන් වැසුන පරිසරයේ ජීවත්වන එක්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාරය මාළුය ගොවිතැන් හොදින් කළහැකි දේශගුනික තත්වයක් පවතින දකුණු ආසියාතික රටවල ප්‍රධාන ආහාරය බත්ය තිරිගු හොදින් වැවෙන ප්‍රදේශවල ප්‍රධාන ආහාරය පාන්ය හිමෙන් වැසුන උත්තරාර්ධ ගොලයේ වෙසෙන එස්කිමෝ වරුන්ගේ නිවාස උෂ්ණත්වය රැදෙන සේ සැකසූ ඉග්ලූ නිවාසයි සමකාසන්න ප්‍රදේශවල ජනයා සිසිලස ආරක්ෂාවනසේ පිදුරු පොල්අතු අදීයෙන් සෙවිලිකළ නිිවාසය ඇදහිලි විශ්වාස අභිචාර ආදියද දේශගුණික හේතුමත සැකසේ එක්ස්කිමෝ ජනයා ගේ ඇදහිලි විශ්වාස තුල මසුන් මැරීම හා සතුන් දඩයම සාධාරණීකරනය කර ඇත ශරීඑය වැසෙන සේ වස්ත්‍ර භාවිතය සදාචාරාත්මක ලක්ෂණයක් ලෙස සලකයි එසේ නොවන අය සංස්කෘතික විරොධී චර්යාවන් ලෙස සලකා එසේ කරනවුන් අවමානයට පත් කරයි හින්දු කෝවිලකට ඇතුලුවන පුරුෂයෙකු උඩුකය නග්නව සිටියුතු බව කියතත් කතොලික හෝ මුස්ළිම් පල්ලියක එසේ නොවේ හින්දු ආගම දකුණු ආසියාවේ බිහිවූ අතර කතොලික හා මුස්ළිම් ආගම් යුරෝපය ඇසුරු කරගෙන බිහිවිය සමකාසන්න ප්‍රදේශයක උඩුකය නග්නව තබා ගැනීමට හැකිවුවද හිම මිදෙන යුරෝපයේ හෝ වැලිකුණාටු සහිත අරාබියේ එසේ සිටීම අපහසුය මේ ආකාරයට විවිධ සංස්කෘතීන් හි වෙනස්කම් ඇතිවීමට දේශගුණික සාධක බලපානුලබයි. භූගෝලීය සාධක යම් සංස්කෘතියක් හැඩගැසීමෙහිලා භුගෝලීය පිහිටීම් ඉතා වදගත්වෙයි වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා බොහෝවිට මුහුද ඇහුරුකරගත් සංස්කෘතියකව අයත්වෙයි බොහොවිට ආහාර සපයාගැනීම මුහුද ඇසුරෙන් සිදුකරයි මසුන් මැරීම වැනි වෘත්තීන් සාධාරණීකරනය කරන ඇදහිලි විශ්වාස පවතී උදාහරණ ලෙස ලංකාවේ වෙරළ තීරයේ වෙසෙන දීවර ප්‍රජාවගේ ආගම මසුන් මැරීම ප්‍රතික්ෂේපකරන බුදු දහම නොව එය සාධාරණීකරනය වන කතොලික දහමයි මාලදිවයින් ජනයාගේ ප්‍රධාන ආගම ඉස්ලාම් ධර්මයයි ප්‍රධාන ආර්ථිකය ධිවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තයයි වෙරළාසන්න ප්‍රෙද්ශවල ජනයා ගේ සංස්කෘතිය ඒ අනුව භුගොලීය පිහිටීම අනුව වෙනස්වේ එසේ සංස්කෘතික සාජප්ක්ෂතාව කෙරේ භුගෝලීය පිහිටීම ප්‍රධානවෙයි. ඓතිහාසික සංසිද්ධි යම් රටක ඉතිහාසය තුල අද්දැක ඇති විශේෂ සිදුවීම් සංස්කෘතියක් හැඩගැසීම කෙරෙහි බලපානු ලබයි.යුරෝපා ඉතිහාසය දෙස බැලීමේ දී කුරුස යුද්ධය ප්‍රංශ විප්ලවය ප්‍රොතෙස්තන්තකරණය කාර්මීකරණය ආදී කේන්ද්‍රිය සාධක මගින් යුරෝපා සමාජයේ සංස්කෘතිය වෙනස් වීමකට භාජනය විය.දැඩි ආගමික මතවාද හා වික්ටෝරියානු සදාචාරය වෙනුවට යථානුභත සමාජයකට පරිණාමය වීමට ඉහත කී ඓතිහාසික සාධක බලපෑවේය.පෙරදිග රාජ්‍යයන්හි පැවති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය බිදවැටී ධනවාදී ආර්ථික ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයත් පෙරදිග සමාජයන්හි මුල්බැස ගැනීමට හා වික්ටෝරියානු සදාචාරය පෙරදිග මුල්බැස ගැනීමට බටහිර අධිරාජ්‍යකරණය හේතුවිය.සන්නිවේදන විප්ලවය නිසා සංස්කෘතික විසරණය වෙගවත්විය.කාර්මීකරණයේ ඇතිවූ දියුණුවත් සමග මැදපෙරදිග පැවති වෙළද ආර්ථිකය වෙනුවට ඛනිජ තෙල් නිසා ස්වංපෝෂිත ආර්ථිකයක් ඇතිවිය. ස්වභාවික ව්‍යසන සාමාන්‍යෙයන් රටක ඇතිවන ස්වභාවිත විපත් ද සංස්කෘතිය හැඩගැසීම කෙරේ බලපායි.නිරන්තර භුමිකම්පා වලට හසුවන ජපානයේ නිවාස තනන්නේ භුමි කම්පාවලට ඔරොත්තු දෙන අයුරිනි.නිරන්තර වැලි කුණාටු ඇතිවන අරාබියේ ශරීරය හොදින් ආවරණයවන ඇදුම් අදිති.නායයාම් ඇතිවල ප්‍රදේශවල වෙසෙන ජනයා නිවාස තනාගැනීමේ දී භූමියේ පිහිටීම අනුගමනය කරමින් නිවාස තනාගනී. සංස්කෘතික කම්පනය සංස්කෘතික කම්පනය යනු එක් සංස්කෘතියක සමාජානුයෝජනය ලැබූ පුද්ගලයෙකු ඊට වඩා වෙනස් සංස්කෘතික ව්‍යුහයක් සහිත සමාජයකට ගියවිට එම පුද්ගලයාට තමාට නුහුරු සංස්කෘතිය තුල අද්දකින සිදුවීම් ඇසුරින් මානසිකව කම්පනයකට අපහසුතාවයකට පත්වීමයි.උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතිය තුල හැදුනු වැඩුනු පුද්ගලයෙකු චීනයට ගියහොත් චීන ජාතිකයන් ආහාරයට ගන්නා බටර් යොදා බැදූ කෘබි සතුන් ආහාරයට ලැබිය හැක.මැලේසියාව වැනි රටකදී සර්පයන් ගෙන් සැදූ සුප් ලැබිය හැත අරාබියේදී නම් ඔටුමස් බැටළු මස් වැනි සිංහල සංස්කෘතිය තුල කොහෙත්ම ආහාරයට නොගන්නා දේ ලැබීමට පුළුවන.එසේම ලාංකික ගැමි සමාජයක හැදුනු වැඩුනු කාන්තාවකට බටහිර රටකට ගියවිට අඩ නිරුවතින් මුහුදු වෙරළක හෝ පිහිනුම් තටාකයක නෑමට සිදුවිය හැක.පුරුෂයෙකුටද එසේ අඩ නිරුවත් කාන්තාවන්ද ගැවසෙන මුහුදු වෙරළ වැනි ස්ථානවල අඩ නිරුවත්ව නෑමට සිදුවනු ඇත.මෙයාකාරයට තමා කොහෙත්ම මීට පෙර සමායොජනයවූ සංස්කෘතික ව්‍යුහයට බොහෝ වෙනස් ගුණාංග සහිත සමාජයකදී පුද්ගලයන් දැඩි කම්පනයකට පත්වේ.මාහා සංස්කෘතීන් සම්බන්දව පමනක් නොව උප සංස්කෘතීන් සමබන්දවද මෙසේය. සංස්කෘතික සරිය මෙම සංකල්පය ක්ලාර්ක් වයිලස්(1870-1947) සමාජ මානව විද්‍යාඥයා විසින් හදුන්වා දෙනලදී.මෙමගින් ඔහු සංස්කෘතික විසරණය සිදුවන ආකාරය පෙන්වා දෙයි.එනම් එක්තරා භූගෝලීය ප්‍රදේශයක පවතින සමානතා මත ඒ ආශ්‍රිත සංස්කෘතීන්වල පොදු සංස්කෘතිකාංග විසරණයවී ඇතිබවයි.මේ සංස්කෘතිකාංග අතර ජීවිකා වෘත්තිය ආහාර වැනි අංගවල සමානකම් දක්නට ලැබේ.මෙය සංස්කෘතික සරිය නමින් හදුන්වයි.උදාහරණ ලෙස උතුරු පැසිෆික් වෙරළ ආසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා ගේ ප්‍රධාන ජීවිකා වෘත්තිය සැමන් මසුන් මැරීමයි.අැමසන් හා කැරිබියන් දූපත් වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මංඤොක්කා වගාවයි.දකුණු ආසියා රටවල ප්‍රධාන ආහාරය බත්ය.මෙයාකාරයෙන් එක්තරා භූගෝලිය සීමාවක් තුල ජීවත්වන විවිධ සංස්කෘතීන්වලට අයත් සමාජ අතර සංස්කෘතිකාංගයන්ගේ සමානතාවයක් දක්නට ලැබේ. සංස්කෘතික සමෝධානය සංස්කෘතික සමෝධානය හෙවත් සංස්කෘතික අනුකලනය යනු සම් සමාජයක විවිධ සංස්කෘතීන්වලට අයත් සංස්කෘතීන් අතර සමානතා මෙන්ම වෙනස්කම් දැක්වුවද කුමන ආකාරයෙන් හෝ ඒවා සමස්ථය හා බැඳී පැවතීමයි.උදාහරණ ලෙස පෙරදිග පැවති විවිධ සංස්කෘතීන් අතර කොපමන විෂමතා පැවතියද සමස්ථයක් ලෙස පැවති සමානකම් නිසා සංස්කෘතික ගැටුමක් බවට පරිවර්තනය නොවී විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා සහයෝගයෙන් විසීය.පෙරදිග පැවති සංස්කෘතික අනුකලනයට බලපෑ සාධක කිහිපයක් සමාජ විද්‍යාඥයන් මෙසේ දක්වයි. දුව්‍යාත්මක සෞන්දර්‍යාත්මක හා ආධ්‍යාත්මික අංශවල පැවති සමානතා ස්වාභාවික පරිසරය සමග පැවති බැඳීම ලෞකිකත්වයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නැඹුරුව නාගරීකරණයට උනන්දුවක් නොදැක්වීම චින්තනය හා බුද්ධිවාදයට මුල්තැනදීම සංස්කෘතිය හා සමාජය සමාජයක් යනු යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත්වන ජන වර්ගයක් හෝ කිහිපයක් පොදු සංස්කෘතියක් හා දේශපාලන ස්වාධීනත්වයක් සහිතව වාසය කිරීම හා අන්තර්ප්‍රජනන ක්‍රියාවලියක් පැවතීම යනුවෙන් සරලව අර්තකතනය කලහැකිය.මානව හා සමාජ විද්‍යාඥයන් මෙවන් සමාජ 03 දක්වයි.එනම් ප්‍රාථමික සමාජ ගැමි සමාජ නාගරික හා සංකීර්ණ සමාජ මෙම සෑම සමාජයකටම පාහේ ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් පවතී. සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මානව විද්‍යාඥයන් මුල් යුගයේදී සංස්කෘතිය හා ශිෂ්ටාචාරය සමාන කොට සැලකූබව පෙනේ කොස් වෙතත් පසුව මාවන හා සමාජ විද්‍යාඥයන් සංස්කෘතිය හා ශිෂ්ටාචාරය යනු එකක් නොව වෙනස් සංකල්ප දෙකක් බව තේරුම් ගත්හ.ඒ අනුව සෑම ශිෂ්ටාචාරයකටම සංස්තෘතියක් ඇති අතර ශිෂ්ටාචාරගත නොවූ සමාජයකටද සංස්කෘතියක් ඇත.ශිෂ්ටාචාරය පිළිබද බටහිර නිර්වචනය අතීතයේ දී මානවකේන්ද්‍රණවාදීවිය.ඔවුන් බටහිර නොවන සියලු සංස්කෘතීන් ශිෂ්ටාචාරගත නොවූ සංස්කෘති ලෙස අර්තකතනය කළහ. සංස්කෘතිය හා පෞරුෂය පෞරුෂය පිළිබද විවිධ නිර්වචන පවතී.පෞරුෂය යනු පුද්ගලයෙකු තමන් අවට පරිසරයට අනුකූලව හැඩගැසීම තීරනය කරන්නාවූ මනෝ කායිත පද්ධතීන්ගේ ගතික සංවිධානයයිˈයනුවෙන් ජී.ඩබ්ලිව් ඔල්පෝට්(1879-1967) පවසයි.තවත් සරලව ගතහොත් පුද්ගලයෙකු ගේ හැසිරීම අන් අයට පෙනෙන ආකාරය පෞරුෂය ලෙස අර්ත ගන්වයි.යම් පුද්ගලයෙකුගේ චර්‍යා පද්ධතිය තීරණය වීමට ඔහු සමාජානුයෝජනය ලබන සංස්කෘතිය ඍජුවම බලපායි.ඇතැම් පුද්ගලයින් අසවලාට පෞරුෂයක් ඇත.අසවලාට පෞරුෂයක් නැත ආදී වශයෙන් පුද්ගල බද්ධ සාධකමත පෞරුෂය වැරදි අයුරින් තේරුම්ගෙන ඇති අයුරු දක්නට ලැබේ.එහෙත් මානෝවිද්‍යාඥයන්ට අනුව සෑම පුද්ගලයෙකුටම පෞරුෂයක් ඇත.පෞරුෂය යනු සංකල්පීය නිර්මිතයකි. පුද්ගලයාගේ පෞරුෂය සමාජයෙන් සමාජයට වෙනස් වෙයි.පුද්ගලයා සමාජානුයෝජනය ලබන සංස්කෘතිය අනුව ඔහුගේ පෞරුෂය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරියක්වන මාග්‍රට් මීඩ් විසින් නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපේශ් ගෝත්‍රිනයන් ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණය මේයට හොද උදාහරණයකි.එකම වනාන්තරයක් තුල සමාන ගූගෝලීය පිහිටීමක් ඇති පරිසරයක සිටිමින් එහෙත් සංස්කෘතිකමය වශයෙන් වෙනස් සංස්කෘතීන්හි සමාජානුයෝජනය වීම මත එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ෂණ පෙන්වීම මෙහිදී දක්නට ලැබේ.මුණ්ඩුගුමාර් ගෝත්‍රිකයන් ඉතා කලහකාරී ආක්‍රමණශ්‍රීලී අකාරුණික පුද්ගලයන්වූ අතර ඇරපේශ් ගෝත්‍රිකයන් ඉතා සාමකාමී කරුණාබර පිරිසක්විය.මුණ්ඩුගුමාන් ගෝත්‍රික මවුවරු තම දරුවන්ට කිරිදුන්නේ තමාට කැමති මොහොතක මිද දරුවාට අවශ්‍ය අවස්තාවල නොවීය.මුණ්ඩුගුමාර් ළදරුවන් කුසගින්නේ දැඩිවේලාවක් සිටීහ.ඔවුන්ට තම මවගෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ ආදරය නිසි අයුරින් නොලැබීය.කුඩා අවදියේ සිටම තම දෙමාපියන්ගේ කෘෘර දණ්ඩනයන්ට භාජනයවීමට සිදුවිය.ඔවුන්ට සැමවිටම තම වැඩිහිටියන්ගේ කලකෝලාහල අද්දකින්නට ලැබේ.එහෙත් මීට සපුරා වෙනස් ලක්ෂණ ඇරපේශ් ගෝත්‍රික වැඩිහිටියන් අනුගමනය කළහ.ඔවුන් තම දරුවන්ට ආදරයෙන් සැළකීය. සංස්කෘතික ගැටුම් එකම සමාජයක සංස්කෘතීන් කිහිපයක් නියොජනය කරන ජනවර්ගයන් ඇතිවිට සංස්කෘතික නොගැලපීම් මුල්කරගෙන ගැටුම් ඇතිවේ.උදාහරණ ලෙස ඉන්දීය සමාජයේ හින්දු භක්තිකයන් ගේ පූජනීය සත්වයෙකුවූ ගවයා එම සමාජයේම සිටින මුස්ළිම් බැතිමතුන් තම ආහාරය සදහා මරාදමයි.මෙහදී මෙම කරුණ මුල්කරගෙන හින්දු භක්තිකයන් තුල මුස්ළිම්වරුන් කෙරේ ද්වේශයක් හටගනී.එසේම නේපාලයේ හා ශ්‍රී ලංකාව වැනි රටවල හින්දු හා බෞද්ධයන් අතර ගැටුම් ඇතියන්නේ බිලිපූජා මුල්කරගෙනය.හින්දූන් මස් පිණිස සතුන් මරා නොදැම්මද බිලිපූජා සදහා මහා පරිමානයෙන් ගවයන් එළුවන් ආදී සතුන් මරාදමයි.අවිහිංසාවාදී ඉගෙනුමක් අදහන බෞද්ධයන් මෙය දැඩිලෙස විවේචනය කරති.බටහිර රටවල ප්‍රොතෙස්තන්ද ආචාර දර්ම හදුන්වාදීමත් විද්‍යාෙව් දියුණුවත් නිසා සාම්ප්‍රධායිත ආගමික සංකල්පයන් අතහැර දමමින් ජීවත්වන කතොලික හා ක්‍රිස්තියානි ජනයාත් තවමත් දැඩිලෙස ආගමික මතයන්හි එල්බගෙන සිටින මුස්ළිම්වරුන් අතරද සංස්කෘතිකමය ගැටුම් ඇතිවේ.කතොලික ක්‍රිස්තියානි බැතිමතුන් තම අභිමතය පරිදි ඇඳුම් භාවිත කරද්දී මුස්ළිම්වරු තවමත් තම සාම්ප්‍රධායික ඇඳුම්ම භාවිත කරයි. වික්ටොරියානු සංස්කෘතිය වික්ටොරියානු සංස්කෘතිය යනු බටහිර යුරෝපා රටවල 20 සියවසයට පෙර පැවති සංස්කෘතියයි.මෙකල යුරෝපා සමාජයේ පාලන බලය හිමිකරගෙන තිබුනේ රදළයන් හා පූජකවරුන් විසිනි.විශේෂයෙන් මෙකල ආගමික සංස්තාව ඉතා ප්‍රබල තත්වයක් ඉසිලීය.මෙහිදී පාලකයා තොරාගනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බවත්.රජු දෙවියන්ගේ නියොජිතයා දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුව පුරවැසියා රජුට යටතිවිය යුතු බවත් වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.මීට අමතරම මහජනයාගේ සෑම ක්‍රියාවකටම පාගේ අසීමිතව ආගමික සංස්තාවේ බලපෑම් පැවතිණ.මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශයන් දැඩිව අසීමිත ලෙස ශික්ෂණය කිරීමට ආගමික සංස්තාව මැදිනත්විය.විශේෂයෙන් ලිංගික ආශයන් සදහා දැඩි තහංචි වික්ටොරියානු සංස්කෘතිය තුල දක්නට ලැබිණ.එක විවාහ පමණක් සිදුකිරීම.සෑම විවාහයක්ම දෙවියන් ඉදිරියේ එනම් පල්ලියතුල සිදුකිරීම.දෙවියන් විසින් එක්කල දෙදෙනකු දේව කැමැත්ත අනුව දෙවියන් විසින් වෙන්කරන තුරු එනම් මරණය දක්වාම එකට සිටීම.කාන්තාවන්ගේ ඇඳුම් හොදින් ශරීරය වැසෙක පරිදි අඳීම ආදිය විය.එකල බටහිර යුරෝගීය කාන්තාවන්ගේ ප්‍රධාන අඳුම වූයේ ගවුමයි.එය බිම ගෑවෙන තරම් දිගකින් හා මහත කොළරයකින් සමන්විත විය.බොහෝවිට කාන්තාවන් හිස් පළදනාවත් පැළදීය.පුරුෂයන්ගේ අඳුම දිග කලිසමක් හා අත් දිග හෝ කොට කමිසයක්විය.වර්තමානයේ මෙන් නොව ශරීරය හොදින් ආවරණය වන සේ මෙම ඇඳුම් ඇදීමට වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.කෙසේ වෙතත් මෙම සංස්කෘතිකාංග බටහිර ජාතීන් විසින් පෙරදිගට හඳුන්වා දුන්නේ ඔවුන් ශිෂ්ට සමපන්න බවත් අනෙකුත් බටහිර නොවන ජාතීන් අශිෂ්ට බවත් පවසමින් මානවකේන්ද්‍රණවාදී දෘෂ්ටිකෝණයක පිහිටාය.පෙරදිග ජාතීන් ද වික්ටොරියානු සංස්කෘතියට අවනත කරගැනීමට විවිධ උපක්‍රම යෙදීය.කෙසේ වෙතත් මෙම වික්ටොරියානු සංස්කෘතිය 20 වන සියවසයෙන් පසු බටහිර සමාජයෙන් අභාවයට ගිය අතර පෙරදිග රටවල එය මුල්බැස ගත්හ. දුගීභාවයේ සංස්කෘතිය දුගී භවයනු සමාජයක ජීවත්වන පුද්ගලයන්ද තම දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා පවා හරිහැටි සපුරා ගැනමට නොහැකිවීම යැයි සරලව දැක්විය හැකිය.මෙම දුගීබව පාදක කරගිමින් එයට අනුගතව නිර්මානය වන සංස්කෘතිය දුගීභවේ සංස්කෘතිය ලෙස හදුන්වයි.ඔස්කා ලුවිස් නම්වූ සමාජ මානව විද්‍යාඥයා විසින් ලතින් ඇමරිකානු රටවල දුගී භාවයෙන් පෙළෙන සංස්කෘතීන් අධ්‍යනයට ලක් කරමින් මෙම සංකල්පය ඉදිරිපත් කරන ලදී.මෙලෙස දුගී භාවයෙන් පෙළෙන සමාජවල ජීවත්වන පුද්ගලයන් කාලයක් තිස්සේ මෙයට අනුගතවීම හේතු කොටගෙන එය ඔවුන්ට ආවේණික සංස්කෘතියක් සේ සළකමින් එය තුලම ඇලී ගැලී සිටිමින් එයින් මිදීමට උස්සාහ නොගනිමින් ජීවත්වෙයි.වැඩිහිටි සාමාජිකයන් තම බාල පරම්පරාවද එම සංස්කෘතියටම අනුගත කරනවා විනා එම තත්වයෙන් ගොඩ ඒමට උවුන් දිරිමත් නොකරයි.ඇතැම් රාජ්‍යයන් විසින් මෙසේ දුගීබවෙන් පෙළන පුද්ගලයන් එයින් මුදා ගැනීමට නොයෙක් උස්සාහ කළද එවන් උස්සාහයන් බොහෝමයක් මෙම දුගී බවේ සංස්කෘතියට අනුගතවීම හේතුවෙන් නිෂ්පල කාරනා බවට පත්විය.උදාහරණ ලෙස මොවුන්ට නිවාස ලබාදුන්විට ඔවුන් ඒවා තවත් අයට විකුණා ඒවා නැවත තමා සිටින මුඩුක්කු වෙතයයි.ආහාර සළාක දුන්විට ඒවාද විකුණා අනවශ්‍ය කටයුතුවල යොදවයි.ස්වයං රැකියා කිරීමට ණය ලබාදුන් විට එය එදිනෙදා කටයුතු සදහා වියදම් කර ණය ගෙවාගැනීමට නොහැකිත තවත් කරදරයේ වැටෙයි.මේ ආකාරයට මෙවන් දුගී බවේ සංස්කෘතියට ඇදවැටුනු සමාජයක් නිසි සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයකින් තොරව සිදු කරන බොහෝ සංවර්ධන ක්‍රියාදාමයන් අසාර්තක වෙයි. සංස්කෘතිය හා පරිසරය සංස්කෘතිය හා භාෂාව මානවයාගේ සන්නිවේදන විධි ක්‍රම අතරින් වඩාත් ප්‍රභලතම සන්නිවේදන විධි ක්‍රමය වන්නේ භාෂාවයි. මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම භාෂාව සහ සංස්කෘතිය අතර සබදතාවයක් පවතී. කිසියම් සංස්කෘතියක් තුල අංග රැසක් පවතී. එනම් කලාව, සාහිත්‍ය, ආකල්ප, ඇදහිලි හා විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, නීතිය, සිතුම් පැතුම්, ආචාර ධර්ම මෙන්ම භාෂාව ද සංස්කෘතියට අයත් අංගයක් වේ. භාෂාව යනු යම් සංස්කෘතියක් තුල පවතින අංගයක් නොව සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. එයට හේතුව අනෙකුත් සෑම සංස්කෘතිකාංගයක්ම භාෂාව මත රදා පැවතීමයි. මෙම සම්බන්දතාවය විද්වත් අදහස් තුලින්ද පෙන්වා දිය හැකිය. " භාෂාව යනු සංස්කෘතියෙහි මූලිකම අංගයයි. සංස්කෘතියක ගති ස්වභා හදුනා හැනීමට ඇති හොදම මාර්ගය ද ඒ සංස්කෘතිය සතු භාෂාවේ ගති ස්වභා හදුනා ගැනීමයි. භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටපතක් වැනිය. සංස්කෘතියක් සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකී. " -වාග් විද්‍ය මාහාචාර්‍ය ජේ.බී.දිසානායක- සමාජ පාලන කෘත්‍ය සංස්කෘතිය හා සංවර්ධනය රටක් සංවර්ධනය කිරීමේදී ඇති ප්‍රබල බාධකයක් වන්නේ සංස්කෘතියයි.සංස්කෘතිය බොහෝවිට සංවර්ධනයට එරෙහිව නැගී සිටීයි.එමනිසා සාම්ප්‍රධායික සංස්කෘතීන් අනුගමනය කරන රජ්‍යයන් දියුණු වෙමින් පවතින රාජ්‍යයන් ලෙසත් ආගම හා සංස්කෘතික බැමි ලිහා විද්‍යාව තුලින් ලෝකය දුටු රජ්‍යයන් දියුණු රටවල් බවටත් පරිවර්තනය වී පවතී.ව්‍යවාහාරික සමාජ විද්‍යාඥයන් විසින් සංවර්ධනයට එරෙහිව නැගී සිටින සංස්කෘතික බාධක කිහිපයන් පෙන්වාදෙයි. කර්මය හා දේව කැමැත්ත කුල භේදය අභිචාර මිත්‍යා විශ්වාස සංස්කෘතිය හා කාන්තාව බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව අරාබි රටවල් දැක්විය හැත.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත. ලිංග ඡෙදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මකවේ‍ෙ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්තාවන්ට පමණක් තහංචි කෙරේ.ප්‍රථම ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීම මගින් කන්‍යාභාවය නිගමනය කරයි.මෙහි විද්‍යාත්මක පදනමක් නැතිබව කායික විද්‍යාඥයන් පවසයි.ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය පිහිටා නොමැති බවත් ඇතම් හදිසි අනතුරු හා ශල්‍යකර්ම නිසාද කන්‍යාපටලය බිදීයාහැකිබවත්.ස්වං වින්දනයේදී යෝනිමාර්ගයට ඇතැම් ද්‍රව්‍ය අතුළුකිරීමේදීද කන්‍යාපටලය බිදීයාහැකිබවත් වෛද්‍යවරුන් පවසයි.කෙසේ වෙතත් ඇතුම් සංස්කෘතීන්තුල කන්‍යාභාවයට ඉහළ වටිනාකමක් ලබාදී ඇත.බොහෝ රටවල පවතින නීතීන් අනුව විවාහයට පෙර ස්ත්‍රියක් කන්‍යාවියකවී සිටීම අනිවාර්‍ය නැත.එය දික්කසාදයට හේතුවක් ලෙස දැක්විය නොහැකිය.සතිපූජාව යනු විශේෂයෙන් ඉන්දියානු කලාපයේ දක්නට ලැබෙන සංස්කෘතිකාංගයකි.මෙහිදී විවාහක ස්ත්‍රියක් තම සැමියා මියගියපසු ඔහු දැවෙන දරසෑයට පැන සියදිවිනසාගත යුතුය.ස්ත්‍රිය එයට කැමතිවීම හෝ අකමැතිවීම අදාල නොවේ.ඇය ගිලිමැලයට පැනීම ප්‍රතික්ෂේප කලහොත් අවට සිටින පුද්ගලයන් ඇයව බලහත්කාරයෙන් ගිනිමැලයටදමා පුළුස්සා මරාදමයි.මෙම සත්පූජාව සිදුකිරීම ඇතැම් අවස්ථාවලදී අනිවාර්‍ය නැත.උදාහරණ ලෙස යුධ සෙබළෙකු යුධ භූමියේදී ජීවිතය පූජාකලහොත් ඔහුගේ භාර්‍යයාවට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.තවද ළදරු වයසේදී මහළු පුරුෂයෙකු හා විවාහවන දැරියකටද තම පුරුෂයා මියගියවිට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.ඔවුන්ට නැවත විවාහයක් සිදුකරගැනීම තහනම අතර මුළු ජීවිත කාලයම දේව දාසියක් ලෙස වෘත සමාදන්වීමට සිදුවේ.සතිපූජාව වෛෂ්‍යා ස්ත්‍රීන්ට අදාල නොවේ.ළමා විවාහ මුස්ළිම් හා හින්දු අන්තවාදී සංස්කෘතීන්වල බහුලව ක්‍රියාත්මකවෙයි.මෙහිදී කුඩා දැරියකට මහළු පුරුෂයෙකු විවාහ කරදීම හා කුඩා දරුවන් දෙදෙනකු විවාහකරදීම සිදුවේ.මේ සදහා ආගමික සංකල්ප දුප්පත්කම කන්‍යාභාවය දෑවැද්ද වැනි ඍජුවම බලපානබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.දෑවැද්ද සංකල්පය දකුණු ආසියානු හා යුරෝපීය සමාජවල පවතින සංකල්පයකි.සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ප්‍රබල සංස්කෘතික බාධකයක් ලෙස පවතී.දෑවැද්ද සදහා වත්කම් නැති කාන්තාවන් අවිවාහකව සිටීමට හා විවාහයෙන් පසු දෑවැද්ද පිළිබද ප්‍රශ්න නිසා කාන්තාවන්ට හිංසා කිරීම හා මරාදැමීමටද ඇතැම් සංස්කෘතීන්වල සිදුවේ.ගැහැණු දරුවන් ළදරුවියේ දී මරා දැමීම ඇතැම් ප්‍රාථමික සමාජවල හා ඇතැමු දියුණුවෙමින් පවතින රටවල සිදුවේ.ඇතැම් අවස්ථාවල ළදැරියක් ඉපදුනවිට ඇයට කිරීදීම ප්‍රතික්ෂෙපකිරීම මගින් එසේත් නැතිනම් අමානුෂික ලෙස මරණයට පත්කිරීම සිදුවේ.තවත් ඇතැම් රටවල ගැහැණු ළදරුවන් කලල අවස්තාවේදීම ගබ්සාව මගින් නූපන් බිළිදියන් මරාදමයි. මූලාශ්‍ර කුමාර හේමන්ත (2013) සමාජ විද්‍යාව මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය රත්නපාල නන්දසේන (1995) මානව විද්‍යාව ආරිය ප්‍රකාශකයෝ වරකාපොල යොමුව සමාජ විද්‍යාව මානව විද්‍යාව
3350
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AF%E0%B6%9A%E0%B6%A9%20%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%9A%20%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE
සදකඩ පහනේ නිමිත්ථ
‍ එම්.සී.පී.බෙල් මොහු ප්‍රකාශ කරනු ලබන්නේ සදකඩ පහන සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි. සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරැවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා ,සිංහයා,වෘෂභයා, යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති,ඡරා,ව්‍යාධි, මරණ යන සතර බියයි.ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.
3351
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%20%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%20%E0%B7%80%E0%B7%93%E0%B6%B8.
ශ්‍රි ලංකා ආර්ථිකය ලිබරල්කරණය වීම.
ශ්‍රි ලංකා ආර්ථිකය ලිබරල්කරණය වීම. 1948 දක්වා වසර 150ක් තරමි කාලයක් ශ්‍රි ලංකා පාලනය කල බ්‍රි තාන්‍ය යටත් විජිත පාලකයෝ 1840 ගනන්වලදි කෝපි වගාව සහ ඉන්පසු 1880 ගණන්වලදි තේ සහ රබර් වැනි නව වැවිලි බෝග ආරමිභ කිරිමක් සමග රටට වැවිලි ආර්ථිකයක් හදුන්වා දුන්නා.සාමිප්‍රදායික ගැමි කෘෂිකර්මය ඉවතට ලා ඵ්වෙනුවට 1840 ගණන්වලදි මේ නව ආර්ථිකය ඉස්මන්‍ර විමක් සමග ශ්‍රි ලංකික ආර්ථිකය ලෝක ආර්ථිකය ඵ්කාබද්ධ කිරිම හා ක්‍රියාවලිය සහ ඵ් හා ආශ්‍රිත දුර්වලතා ආරමිභ කිරිමක් විය. 1956දි දේශපාලන නායකත්වයේ වෙනසක් ව්මෙන් පසු 1977 දක්වා කාලයේ වර්ධනයට පසුබිම තත්තවයන්ට කළින් කාල සිමා‍වේ තත්තවයන්ට වඩා වෙනස් ‍විය.විවිධාකාර ව්‍යුහාත්මක පිස්කල්,මුල්‍ය සහ තෛතික ක්‍රියාමාර්ග ක්‍රියාකාරිත්මය කිරිමෙන් ආර්ථිකය ක්‍රමයෙන්වැසුණු සහ පාලිත ඵකක් බවට පත් කෙරිණි. 1956 දි රජය වෙනස් විමත් සමග ‍‍ෙපෳද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය පුමුඛවන සමාජවාදි ප්‍රතිපන්ති පෙරදැරි කරගෙන පරිපාලන ක්‍රමයකට කැප‍විම නව රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ්ණ.1956 න් පසු මෙම වෙනස්වන දේශපාලන රටාව, ශ්‍රි ලංකා දේශපාලන ව්‍යුහයේ පැහැදිලි කඩඉමක් විය.ධනවාදි ආර්ථිකය ප්‍රතිපන්ති අනුගමනය කල දේශපාලඟඳයින්ගේ සමාජවාදි අනුගමනය කල දේශපාලඟඳයින්ගේ පවා දේශපාලන තත්තවයේ වෙනස් ඇති විය.මෙහි දි ගනු ලබන ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණ කුලකයට බෝහෝ ‍ දේශිය,විදේශිය මිල පාලනයන් ඉවත් කිරිම,වෙළඳ ආරක්‍ෂණය අඩු කිරිම,විනිමය අනුපාතය ඵ්කියකරණය,රුපියල අව ප්‍රමාණය කිරිම,සහ පාලනය කරන විනිමය අනුපාතය ක්‍රමයකට ද යොමු විම යනා දි විය.මුල්‍යමය පාලනයන් ඉවත් කෙරුණු අතර,ප්‍රාග්ධන වෙළෙඳ මත ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණ පසුව විස්තර කෙරෙන වොෂින්ටන් ඵ්කමතිකතාවයන්"Washington Consensus වලට සමාන ‍වේ. 1977 ට පෙර ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණවලට පෙර පැවැති ප්‍රතිපන්තීගෙන් වෙනස් වීමක් පෙන්නුම් කරන ලදි. 1977 ට පෙර පැවැති ප්‍රතිපන්ති වල මිල පාලනයන්(දේශිය සහ විදේශිය)සානු බලයන් සහ තහංචි මගින් හැසිරිවිම ආර්ථිකය රඡය මගින් හැසිරිවිම,සිමා කරන ද විදේශ වෙළඳාම සහ රාඡය සංස්ථා ස්වරුපයෙන් යුත් රඡය මුල් කොටගත් කාර්මිකරණය යනාදිය අන්තගත වුණි. ආර්ථික විමසුම අප්‍රේල්/මැයි මහඡන බැංකු ප්‍රකාශයකි.
3352
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
නීතිය
ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නීතිය මඟින් පුද්ගලික සහ නිශචල දේපළ පැවරීම සහ හිමිකම සම්බන්ධ අයිතීන් සහ බැඳීම් විස්තර කරනු ලබයි (නිවසක් කුලියට දී ම හෝ උකස් කිරීම). භාර නීතිය ආයෝජන සහ මූල්‍යමය සුරක්ෂිතභාවය සඳහා දේපළක අයිතිය දරා සිටිම (විශ්‍රාමික අරමුදල) ද සිවිල් වැරදි නීතිය යම් පුද්ගලයෙකුට තුවාල සිදු වීම හෝ දේපළමට හානි කිරීම වන්දි බලා ගැනීමට අවකාශ සලසයි. එලෙස හානි සිදු කිරීම දණ්ඩ නීතියේ දක්වා ඇත්නම් අපරධකරුට එරෙහිව රජය විසින් නඩු පවරා දඬුවම් නියම කරනු ලබයි. ආණ්ඩක්‍රම ව්‍යවස්ථා නීතිය මඟින් නීති සෑදීම, ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම, සඳහා රාමුවක් සැපයයි. පරිපාලන නීතිය රාජ්‍යය පරිපාලන ආයතන සම්බන්ධ කටයුතු සඳහා ද ජාත්‍යන්තර නීතිය ස්වෛරී රාජ්‍යයන් අතර වෙළඳාමේ, පරිසරයේ සිට හමුදාමය ක්‍රියා මාර්ග දක්වා කටයුතු හසුරුවනු ලැබේ. ශ්‍රේෂ්ඨ ග්‍රික දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූවේ නීතියේ පාලනය තනි පුද්ගලයකුගේ පාලනයට වඩා හොඳ බවයි. නීත්‍යානුකූල අයිතිචාසිකම් සහ වගකීම් ලොව පුරා පවතින නීති පද්ධතීන් මඟින් විවිධාකාරයෙන් විස්තර කොට ඇත. ප්‍රධානතම වෙනස වන්නේ සිවිල් නීති සහ පොදු නීති සම්ප්‍රදායන්ගේ විනිශ්චයන් හී දීය. සමහර රටවල් වල නීතිය ආගමික මූල ග්‍රන්ථ මත පදනම් ව ඇත. විශාරදයන් නීතියේ සම්භවය සම්බන්ධයෙන් නීති ඉතිහාසය, දර්ශනවාදය, සමාජ විද්‍යාත්මක වැනි විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ පර්යේෂණ සිදු කරන ලදී. නීතිය පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයන් ට අනුව සමානත්වය, සාධාරනත්වය සහ යුක්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්ණ සරල ඒවා නොවේ. නීතියේ වැදගත්ම ආයතන වන්නේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන් කාර්යය මණ්ඩලය, හමුදාව, පොලීසිය, නීති වෘත්තිය සහ සිවිල් සමාජයයි. නීතිය පිළිබඳව දක්වන අදහස් ඒ අනුව එය ප්‍රධාන කොටස් හතරකට බෙදේ. ස්වාභාවික නීති ගුරුකුලය (Natural Law School) නෛතික ප්‍රත්‍යක්ෂවාදි ගුරුකුලය (Legal Positivistic School) සමාජවාදී ගුරුකුලය (Socialist School) සමාජ විද්‍යාත්මක ගුරුකුලය (Sociological School) ඉහත ගුරුකුල හතර නීතිය පිළිබඳව ප්‍රධානවම අදහස් දක්වන ගුරුකුල වන අතර මීට අමතරව අදහස් දක්වන පශ්චාත් නූතනවාදය,පරිපූර්ණ නීති න්‍යාය, කාන්තාවාදය ආදී විවිධ ගුරුකුලයන් ද දක්නට ඇත. නීතිය හැදෑරීම නීතිමය විෂයයන් සියලූ නීති පද්ධතීන් සමාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන නමුත්, විවිධ රටවල් නීතිමය විෂයන් වර්ග කරනුයේ විවිධාකාරයෙනි. ඉන් වඩාත් පොදු වර්ගීකරණයක් නම්, රාජ්‍යය සමග සමීපව බැඳී පවතින ‘පොදු නීතිය’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හා අපරාධ නීතිය* සහ ‘පෞද්ගලික නීතිය’ (ගිවිසුම්, තෝරත සහ දේපළ නීතිය) යන විෂයයන් ය. සිවිල් නීති පද්ධතීන් තුළ, ගිවිසුම් හා තෝරත නීතිය බැඳීම් නීතිය සහ සාමාන්‍ය වර්ගීකරණයට අයත් වන අතර, භාරකාරත්ව නීතිය අයත් වන්නේ ජාත්‍යන්තර එකඟතා පිළිබඳ අංශයට ය. අන්තර්ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ පරිපාලන, අපරාධ, ගිවිසුම්, තෝරත, දේපළ හා භාරකාරත්ව නීතිය යන විෂයයන් සැලකෙන්නේ ‘සාම්ප‍්‍රදායික කේන්ද්‍රීය විෂයයන්’ ලෙස ය. (අතිශය ප‍්‍රායෝගික වැදගත්කමකින් යුත් වැඩිදුර විෂයයන් පවතින නමුත්) නීතියේ ඉතිහාසය නීතියේ ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය සහ ඉතා සමීපව බැඳී පවතී.පුරාණ ඊජිප්තු නීතිය ක්‍රි.පූ. 3000 තරම් ඈත අතීතයක් දක්වා දිවෙන අතර එය මාට් නමින් හැඳින්වුණු සංකල්පයක් මත පදනම්ව ඇත. පාරම්පරික අලංකාරෝක්ති සහිත දේශන, සමාජ සමානාත්මතාවයන්, සහ අපක්ෂපාතීත්වය යන ලක්ෂණයන් අන්තර්ගත ව ග්‍රන්ථ දොළහකින් යුත් සිවිල් නීති සංග්‍රහයකින් සමන්විත විය. ක්‍රි.පූ. 1760 දී පමණ හමුරාබි රජු සමයේ දී පුරාණ බැබිලෝනියානු නීතිය සංග්‍රහගත කොට ගල් පුවරුවක කැටයම් කර මහජනතාවට දැක ගැනීම සඳහා පොදු ස්ථානයක තබන ලදී. කෝඩෙක්ස් හමුරාබි නමින් හැඳින්වීය. කෙසේ නමුත් ඊජිප්තු නීතිය සේම ඉතිහාසඥයින් විසින් කොටස් වශයෙන් එකතු කර ගන්න ලද නඩු වාර්තා කාලයාගේ අවෑමෙන් අස්ථානගතවී ඉතිරිව ඇත්තේ ස්වල්පයක් පමණි. පසු කාලීනව බිහිවූ ශිෂ්ටාචාර කෙරෙහි මේවායින් ඇති වූ බලපෑම ඉතා අල්පය. ක්‍රි. පූ. 1280 තරම් ඇත කාලයකදී බිහි වූ පුරාණ ගිවිසුම නව නීති පද්ධතීන් සඳහා තවමත් අදාළ වන පැරණිතම නීතිය විය හැකිය. එහි යහපත් සමාජයක් සඳහා නිර්දේශ ලෙස අත්‍යාවශ්‍යයෙන්ම අන්තර්ගත විය යුතු සදාචාරයන්ගෙන් සමන්විත විය. කුඩා ග්‍රීක පෞර රාජ්‍යයක් වූ පුරාණ ඇතෑන්ස් නගරය ක්‍රි.පු. 8 වැනි සියවසේ දී පමණ පුරවැසි සංකල්පය පුළුල් ලෙස ඇතුළත් වූ ප්‍රථම සමාජය වූ අතර එම තත්ත්වයෙන් කාන්තාවන් සහ වහලුන් බැහැර කර තිබිණි. නමුත් පුරාණ ග්‍රීක නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට දායක වූ නව ව්‍යවස්ථාපිත සොයා ගැනීම් වලින් යුක්ත විය. ග්‍රීක ඉගැන්වීම් රෝම නීතිය සඳහා තදින්ම බලපා ඇත. එය සියවස් ගණනාවක් මුළුල්ලේ රෝම අධිරාජ්‍යයේ නැගීම සහ බැසීම අතරතුර කාලයේදී වර්තමාන ලෝක නීතිය සඳහා තනන ලද පාලමක් වැනිය. පළමුවන ජස්ටීනියන් අධිරාජ්‍යාගේ සමයේ දී රෝම නීතිය Theodosius II , Justinian I නමින් සංග්‍රහගත කරවන ලදී. එය අඳුරු යුගයේ දි අස්ථානගත වී 11 වැනි සියවසේ දී නැවත සොයාගනු ලැබීය. මධ්‍යකාලීන නීති විශාරදයන් තම මතවාදයන් යොදාගෙන රෝම නීති සංග්‍රහයන් පිළිබඳ පර්යේෂණයන් සිදු කළහ. මධ්‍යකාලීන එංගලන්ත රජුගේ බලවත් විනිසුරුවන් විසින් පොදු නීතිය බවට පත් කරන ලද පූර්වගාමී ව්‍යුහයක් වර්ධනය වීම ඇරඹිණි. නමුත් යුරෝපය පුරා Law Merchant(වෙළෙඳ නීතිය) බිහිවීමත් සමඟම වෙළෙන්ඳන්හට හුරුපුරුදු සම්මතයන්ට අනුව කටයුතු කළ හැකි විය. Law Merchant නව වෙළෙඳ නීතියේ පූරෝගාමිය වන අතර එමඟින් ගිවිසුම් නිදහස සහ දේපළ පැවරීම පිළිබඳ අවධානය යොමු කරන ලදී. 18 සහ 19 වැනි සියවස්වල දී සිදු වූ ජාතිකත්වයේ වර්ධනයත් සමඟම Law Merchant නව සිවිල් නීති සංග්‍රහ ලෙස නීති ගත කරන ලදී. ප්‍රංශ නැපෝලියන් සංග්‍රහයේ බලපෑම තදින්ම දැනෙන්නේ ජර්මනියටය. නඩු තීන්දු ගණනාවකින් සමන්විත වන එංගලන්තයේ පොදු නීතිය මෙන් නොව මෙම නීති සංග්‍රහයන් කුඩා ග්‍රන්ථවල අන්තර්ගත කොට ඇති නිසා විනිසුරුවන් හට ඒවා භාවිතය ඉතා පහසුය. කෙසේ වෙතත් වර්තමානයේ සිවිල් සහ පොදු නීතිය අභිසරනය වෙමින් පවතී. යුරෝපා සංගම් නීතිය ගිවිසුම් මඟින් සංග්‍රහ ගතකොට යුරෝපා අධිකරණයේ පූර්වගාමී නඩු තීන්දු මඟින් වර්ධනය වේ. පුරාණ ඉන්දියාවේ සහ චීනයේ වඩා වෙනස් වූ නීති සම්ප්‍රදායන් නියොජනය කරන ඓතිහාසික ව ස්වාධීන නීතිමය සිද්ධාන්ත සහ භාවිතයන් පැවතුණි. ක්‍රි. පූ. 100 දී පමණ සම්පාදිත අර්ථ ශාස්ත්‍රය සහ ක්‍රි.පූ. 100 සහ 300 අතර කාලයේ සම්පාදිත මනුස්මෘතිය ඉන්දියාව තුළ භාවිතා වූ මූලික ග්‍රන්ථයන් වූ අතර ඒවා බලය ලත් නීති මඟපෙන්වන්නන් ලෙස සලකන ලදී. මනුගේ කේන්ද්‍රීය දර්ශනය වූ සාධාරණත්වය සහ බහුත්වවාදය අග්නි දිග ආසියාව දක්වා පැතීරුණි. ඉන්දියාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ පසු මෙම හින්දු සම්ප්‍රදායත් ඉස්ලාමීය නීතියත් වෙනුවට පොදු නීතිය ආදේශ විය. ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථාදායකයන් සඳහා දිය හැකි හොඳම උදාහරනයන් වන්නේ ලන්ඩන් හි පිහිටි පාර්ලිමේන්තුව, වොෂින්ටන් හි පිහිටි කොංග්‍රසය, බර්ලිනයේ පිහිටි බුන්ඩෙස්ටැග්, මොස්කව් හි පිහිටි ඩූමාව සහ පැරීසියේ පිහිටි ඇසෙම්බ්ලී නැෂනාලේ ය. නියෝජක රාජ්‍යය මූලධර්මය මඟින් ජනතාව තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා දේශපාලකයන් හට ඡන්දය ප්‍රකාශ කරනු ලබයි. ඊශ්‍රායලය, ග්‍රීසිය, ස්වීඩනය සහ චීනය වැනි රටවල ඇතතේ ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් වුවත් බොහෝ රටවල ද්වී මණ්ඩල එනම් ව්‍යවස්ථාදයකය තුල පවතින ආයතන දෙකට වෙන වෙනම නියෝජිතයින් තෝරා පත් කර ගැනේ. පහළ මංත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයින් කුඩා ඡන්ද කොට්ටාශ වලින් තෝර පත් කර ගන්‍ර ලැබේ. ෆෙඩරල් රාජ්‍යය වල ඉහළ මංත්‍රී මණ්ඩලය තෝරා පත් කර ගනු ලබන්නේ ප්‍රාදේශීය රාජ්‍යයන් නියෝජනය කිරීමට වන අතර (ඔස්ට්‍රේලියාව, ජර්මනිය හෝ ඇමරිකා එක්සත් ජනපදය) එසේ නැතහොත් ඒකීය ක්‍රමයක් තුළ වෙනත් ඡන්ද ක්‍රමයක භාවිතා කරන ලබයි (ප්‍රංශයේ මෙන්). එක්සත් රාජ්‍යයයේ ඉහළ මංත්‍රී මණ්ඩලය පත් කරනු ලබන්නේ රජය විසින් විමර්ශණ මණඩලයක් ලෙසය. මෙලෙස ආයතන දෙකකින් යුක්ත වන ද්වී මණ්ඩල ක්‍රමයක් පැවතීම ඉන් එකක් අනිකේ කැඩපතක් බවට පත්වන බව මෙම ක්‍රමයට ඇති ප්‍රබල විවේචනයකි. මෙයට ඇත් එකම සාම්ප්‍රදායික සාධාරණීකරණය වන්නේ ඉහළ මණ්ඩලය විමර්ශන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන බවය. මෙඟින් රජයේ අභිමතතාව සහ අසාධාරණය අවම කල හැක. පණතක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ බහුතරය මංත්‍රී මණ්ඩල දෙකෙහිම කෙටුම් පතට පක්ෂව ඡන්දය ලැබිය යුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ කෙටුම්පත කිහිප වාරයක් කියවනු ලබන අතර විවිධ දේශපාලන කණ්ඩායම් විසින් සංශෝධන යෝජනා කරනු ලබයි. කිසියම් රටකට අනම්‍යය ව්‍යවස්ථාවක් ඇත්නම් එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විශේෂ බහුතරයක් අත්‍යාවශ්‍යය වන අතර එම නිසා සංශෝධනය අපහසු වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මංත්‍රිවරුනගෙන් සැදුම් ලත් රජය (එක්සත් රාජ්‍යයේ සහ ජර්මනිය) නායකත්වය ගෙන කටයුතු කරන අතර ජනාධිපති ක්‍රමයකදී විධායකය රාජ්‍යය පාලනය සඳහා තම දේශපාලන සම්බන්ධතා මත හෝ ජනතාව විසින් තෝරා ගනු ලබූ හෝ නොලැබූ කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලබන අතර (ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය) ව්‍යවස්ථාදායකයේ කාරය වන්නේ නිෂේධනය කිරීමට පමණක් සීමා කොට ඇත. අධිකරණය නීතිය - අධිකරණය අධිකරණය යනු මහජනයාගේ ආරවුල් සඳහා මැදිහත් වීම සහ ඒවායේ විපාක කවරේ ද යන්න තීන්දු කිරීම සඳහා විනිසුරුවන්ගෙන් සැදුම් ලත් මංඩලයකි. බොහෝ රටවල ඉහළම අධිකරණ දක්වා අභියාචන කළ හැකි වන අභියාචන අධිකරණ පද්ධතියක් ද ඇත. උදා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය, එක්සත් රාජ්‍යයේ සාමි මන්ත්‍රි මණ්ඩලය. කෙසේ වෙතත් බොහෝ යුරෝපා රටවල ලක්ස්ම්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා අධිකරණය යුරෝපා ව්‍යවස්ථාව අදාළ වන විට ජාතික නීතිය අභ්භවා යයි. යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල පුරවැසියන් හට මානව හිමිකම් සම්බන්ධ ගැටළු ස්ට්‍රාස්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ගෙන ආ හැකිය. සමහර රටවල ව්‍යවස්ථානුකූල නොවන නීතින් ඉවත් කර දැමීම සඳහා උපරිමාධිකරණයට බලය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ූඔඑ ව. ීඅඩඑ නඩුවේ දී ගබ්සා කිරීමේ දී කාන්තාවන්ට සහය වීම තහනම් කර තිබූ ටෙක්සන් නීතිය ඉවත් කර දමන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය ඇමරිකානුවන්ට පුද්ගලිකත්වයේ අයිතිය ලබා දී ඇත බවට අරථ කථනය කරමින් කාන්තාවන්ට ගබ්සාවක් සිදු කර ගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කරන ලදී. ව්‍යවස්ථාදායකය තරමටම අධිකරණයත් සෛද්ධාන්තිකව ව්‍යවස්ථාව මඟින් සීමා කරනු ලබයි. බොහෝ රටවල විනිසුරුවන් ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති පමණක් අර්ථකථනය කරනු ලබයි. නමුත් පොදු නීති සම්ප්‍රදා අනුගමනය කරන රටවල ව්‍යවස්ථානුකූල ගැටළු පූර්වගාමී සංකල්පය යටතේ අධිකරණය නීති අසම්පාදනය කරනු ලබයි. නමුත් එක්සත් රාජ්‍යය, ෆින්ලන්තය සහ නවසීලන්තය යන රටවල තවමත් පාර්ලිමේන්තුවේ පරම අධිකාරීත්වය තරයේ පිළිගන්නා අතර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගනු ලැබූ ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කරන ලද නීති තෝරාපත් කර නොගත් අධිකරණයකට ලබා නොදේ. ස්වාභාවික නීති ගුරුකුලය මෙහිදී සෑම නීතියක්ම විශ්ව බුද්ධියට,විශ්ව සාධාරණත්වයට නතුවිය යුතුබව පවසයි.නීතිය යනු නිත්‍යානුකූල නිළධාරින් පොදු යහපත සඳහා පනවන බුද්ධිගෝචර න්‍යායකි.මෙය එක් එක් අයගේ පෞද්ගලික අභිලාෂයන් සඳහා නොව පොදු යහපත සඳහා යෙදවිය යුතුය. මේ ගුරුකුලය කොටස් දෙකකට බෙදේ. දේව දෘෂ්ටික ස්වාභාවික නීති න්‍යාය නීතිය ඇතිවූයේ දෙවියන්ගෙන් බව මෙයින් කියවේ.දේව නීතියට අනුකූලව ස්වාභාවික නීතිය පැවතිය යුතුය. ජාත්‍යන්තර නීතිය ජාත්‍යන්තර නීතියට අනුකූලව රටක දේශීය නීතිය සකස් කළ යුතුබව දක්වයි. නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලය නීතිය යනු පරම බලධාරියාගේ දණ්ඩන තහංචි වලින් තහවුරු කළහැකි නියෝගයක් බව දක්වයි. මෙයින් දේශය තුළ පවතින නීති පමණක් ක්‍රියාත්මක වන බව ගම්‍ය වෙයි. සමාජවාදී ගුරුකුලය 1917 ඔක්තොම්බර් මස රුසියාවේ පැවති විප්ලවයෙන් පසු සමාජවාදී ගුරු කුලය ආරම්භ විය. මොවුන් නීතිය යනු රාජ්‍ය ප්‍රතිපත්ති වලට බුද්ධිමය පදනමක් ලබා දෙන මෙවලමක් බව දැක්වීය. සමාජවාදී රාජ්‍යයක උත්තරීතර වන්නේ රාජ්‍ය නීතියයි. සමාජ විද්‍යාත්මක ගුරුකුලය ස්වාභාවික නීති හා නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලයන්ට අතරමැදි ගුරු කුලයකි. නීතිය යනු ගැටෙන අගයන් සමතුලිත කිරීමයි. ගැටෙන අයිතීන් විවිධය. පුද්ගල අවශ්‍යතා පොදු හා සමාජ අවශ්‍යතා මත ගැටීම් ඇතිවිය හැක. නීතිය මගින් එම ගැටෙන කොටස් වල අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් හඳුනාගෙන විසඳුම් ලබාදිය යුතුය. මෙම ගුරුකුල දක්වා ඇති අදහස් වලට අනුව නීතිය යන්නට නියමිත අර්ථකථනයක් නොමැති බවත් එය පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වන බව පෙනේ. නීතිමය නිලධාරීවාදය නිලධාරීවාදය එනම් 'බියුරකරණීය" යන වදන ප්‍රංශ බසින් "කාර්යාලය" ට යොදන "බියුරෝ" යන වචනයේත් , ග්‍රීක් බසින් "බලය"ට යෙදෙන "ක්‍රටෝස්' යන වචනයේත් එකතුවෙන් සෑදුණකි. හමුදා,පොලිසිය මෙන්ම, රජයේ සේවකයන් හා සමුහයන්ට අයත් සියලුම නිලධාරින් පාලක පක්ෂයේ අභිමත ක්‍රියාවට නංවයි.මේ සියල්ලෝ නිලධාරිවාදියෝය. මෙම සංකල්පයට මුලිකම නිර්දේශණයක් 1795 දී ප්‍රංශයේ විසු ජර්මන් ජාතික " බාරෝන් ඩී ග්‍රිම්" විසින් ඉදිරිපත් ‍ක‍ළේය. එහි ‍මෙසේ සඳහන් වේ. "ප්‍රංශයේ හිටපු පාලකයෙක් වු මොන්සේ ඩි ගෝරනේ විසින් වැඩි වශයෙන් පැමිණිලි කරන ලද්දේ, ප්‍රංශයේ නීතිවල නියමඅර්ථය වු "නිලධාරි වාදය පිළිබඳවයි. මෙහි කාර්යාල ලිපිකරුවන්, කාර්යාංශ පරික්ෂකවරුන් පත්වන ලද්දේ මහ ජනතාවගේ ලාභ ප්‍රයොජන සඳහා නොවේ. සැබවින්ම මහජන උනන්දුව ස්ථාපනය වී ඇති බව පෙනී යාම නිසාවෙන් එම කාර්යාලවල පැවත්ම සිදුවුණි. තවමත් "නිලධාරින්ගේ ක්‍රියා කලාපය තුළ ඉහළින් සිදුවන නරුම වදය" සුලභව දක්නට ලැබේ. තවද ලාභ වලින් අභිප්‍රේරණය වී සිටින පෞද්ගලික ව්‍යවසායකයින් හා නියමානුකූලව මහජන සේවකයේ නියැළෙන්නන්ගේ ක්‍රියා කලාපය අතර පැහැදිලි වෙනසක් තිබෙ. ඇත්ත වශයෙන්ම කියතොත් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සමාගම් වලද " නිලධාරීවාදය" දක්නට ලැබෙන අවස්ථා පවතී. හුවමනා රෙගුලාසි ආදියේ සෘණාත්මක හැඟීම් පසෙකලූ කල පොදු ජන සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය, පොලීසිය, පොදු ප්‍රවාහනය ආදිය තීරණාත්මක තත්ත්වයක ක්‍රියාත්මක වනුයේ " මහජන නිල බල ක්‍රමය ", ආණ්ඩුවේ බලය යොදන පාදය හෝ ස්ථානයක් බවට පත් කරමිනි. විසි වැනි ශත වර්ෂයේදී ලේඛක " මැක්ස් වේබර්" ලියා දක්වා ඇති පරිදි,නිල බල ක්‍රමයෙන් ලැබෙන සහයෝගය ඕනෑම දියුණු ජනපදයක දක්නට ලැබෙන නියත ලක්ෂණයකි. තවදුරටත් ඔහු කියා සිටින්නේ නිලධාරීවාදයේ ආවේනික ලක්ෂණ වනුයේ “නිලධාරින්ට තම මෙහෙයුම පැහැදිලි කිරිමත්, ඉහළ සිට පහලට වන තෙක් සියළු ශ්‍රේණිවල අය කළමණාකරණය කිරිමට හැකිවන පරිදි වෘත්තිය විශේෂඥයන් තැනීමත්, ලිඛිත සන්නිවේදනය තුළින් මහජන සේවකයන්ගේ අභිමතයන් නීති වලින් බැඳ තැබිමත්ය”. නීතියේ ආර්ථික විශලේෂණය නීතියේ ආර්ථික විශලේෂණය යනු නීතිමය සිද්ධාන්ත ආර්ථික විද්‍යාවේ සංකල්පයන් සහ ක්‍රමවේදයන් නීතිගත කිරීමේ සහ නීතිය සඳහා යොදා ගැනීමේ ප්‍රවේශයයි. රිචඩ් පොස්නර් සහ ඔලිවර් විලියම්සන් වැනි බලගතු යෝජකයින් ඇතුළුව සහ මිල්ටන් ෆ්රීඩ්මන් සහ ග්රේ බෙකර්ද, චිකාගෝ ආර්ථික විද්‍යාඥයින් සහ නීතිඥ විද්‍යාලය විසින් සාමාන්‍යයෙන් පාලන රීති හා සීමා ඉවත් කිරිම සහ පුද්ගලීකරණය සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලබයි. එමෙන්ම රාජ්‍යය යාමනයට එදිරිව හෙවත් ඔවුන් දකින ආකාරයට නිදහස් වෙළෙඳ පල තුළ ක්‍රියාත්මක වීම සීමා කිරීමට විරුද්ධව ක්‍රියා කරයි. 1991 දී නොබෙල් ත්‍යාගලාභී රොනල්ඩ් කෝස් විශිෂ්ට ආර්ථික නීති විශ්ලේෂකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔහුගේ The Nature of the Firm (1937) නමැති ලිපියෙන් සමාගම්වල පැවැත්ම සහ ගණුදෙනු වියදම්වලට හේතු ඉදිරිපත් කරන ලදී. බුද්ධිමත් පුද්ගලයින් ද්වී පාර්ශ්වික ගිවිසුම් මඟින් විවෘත වෙළෙඳ පළේ ගණුදෙනු පිරිවැය මධ්‍යස්ථ අගයක් ගන්නා තුරු සහයෝගීතාවයන් භාවිතයෙන් පිරිවැය වඩා ඵලදායී වන අන්දමින් නිෂ්පාදන සිදුකරනු ලබයි. ඔහුගේ දෙවන ලිපියෙන් (The Problem of Social Cost 1960) ගණුදෙනු පිරිවැයක් නොමැති ලොවක ජීවත් වන්නේ නම් දේපළ ආරවුල් සම්බන්ධ අධිකරණ තීන්දු නොතකා ජනතාව සම්පත් බෙදා හදා ගැනීම සඳහා එකිනෙකා හා හෙට්ටු කරන තත්ත්වයක් නිර්මාණය වන බවට තර්ක කරන ලදී. නීතියේ සමාජ විද්‍යාව නීතියේ සමාජ විද්‍යාව වූ කලී, නීතිය හා එහි සමාජානුයෝජනය පිළිබඳ ව සොයා බලන විවිධ හැඩතල ගත් ක්ෂේත‍්‍රයකි. නීතියේ සමාජ විද්‍යාව, නීති විද්‍යාව, නීතිය පිළිබඳ ආර්ථික විග‍්‍රහය හා අපරාධ විද්‍යාව වැනි විශේෂිත විෂයන් හා එක්ව ගමන් කරයි. නෛතික ආයතන සහ නෛතික කරණු හා ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම පිළිබඳ ව ද සොයා බලයි. මුලදී, මෙම විෂය පිළිබඳ ව නීතිය පිළිබඳ න්‍යායවාදීහූ සැක සහිත වූහ. නීතිඥවරුන් විසින් භාවිත කරනු ලබන ප‍්‍රායෝගික නීතිය සහ එදිනෙදා ජීවිතයට අදාළ වන්නා වූ වෙනත් ආකාරවල නීතිය, නීතිය හෝ සමාජීය මූලධර්ම අතර වෙනස පිළිබඳ ව අවධාරණය කළ ඉයුජින් අර්ලීරිච් :ෑමටැබ ෑයරකසජය* හට කෙල්සන් :ණැකිැබ* අභියෝග කළේය. 1900 ගණන්වලදී, මැක්ස් වෙබ්ර් සිය නීතිය පිළිබඳ විද්‍යාත්මක ප‍්‍රවේශය හඳුන්වා දුන්නේය. ඔහු ‘නෛතික තර්කානුකූල ව්‍යුහය’, සංක්ෂිප්ත මූලධර්මයක් මිස ජනතාව වෙත පැවරෙන්නක් නොවන බවට තර්ක කළේය. ධනවාදය සමග සමාන්තරව වර්ධනය වූ, නූතන දේශපාලනික වර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍ය සඳහා පසුබිම සකස් කළ ඒකීය නීති පද්ධතියක් හැඳින්වීමට ඔහු යොදා ගත් යෙදුම වූයේ ‘නෛතික තර්කානුකූලභාවය’යි. වෙනත් සමාජවාදියකු වු එමිල් ඩුර්කයිම් :ෑපසක මරනයැසප*ලිඔයැ ෘසඩසිසදබ දෙ ඛ්ඉදමර සබ ීදජසැඑහ’ ග‍්‍රන්ථය ලියමින් තර්ක කළේ, සමාජය වඩාත් සංකීර්ණ වන විට, මූලිකව ප‍්‍රතිකර්ම සහ වන්දි පිළිබඳ ව අදාළ වන්නා වූ සිවිල් නීතිය, අපරාධ නීතිය සහ දඬුවම් පැමිණවීම දක්වා වර්ධනය වන බවයි. අනෙකුත් මුල්කාලීන වැදගත් නෛතික සමාජ විද්‍යාඥයින් කිහිප දෙනෙක් නම්, හියුගෝ සින්සිමර් :්‍යමටද ීසබ‘යැසපැර* තියඩෝර් ගයිගර් :ඔයැදා්ර ඨැසටැර* ජෝර්ජස් ගර්විච් :ඨැදරටැි ඨමරඩසඑජය* සහ යුරෝපයේ ලියොන් පෙට්‍රොස්කි :ඛැදබ ඡුැඑර්‘හජනස* සහ එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සමර් :උසකකස්ප ඨර්ය්ප ීමපපැර* යනාදීහු ය. නීතියේ දර්ශනවාදය නීතියේ දර්ශනවාදය නීතියේ දර්ශනවාදය නීති විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රමාණික නීති විද්‍යාව මූලිකවම දේශපාලන දර්ශනවාදය වන අතර නීතිය කෙසේ විය යුතු ද යන පැනය අසයි. විශ්ලේෂණාත්මක නීති විද්‍යාව අනෙක් අතට වෙනම ක්ෂේත්‍රයක් වන අතර නීතිය යනු කුමක් දයන පැනය අසයි. මුල්කාලීන නීති දර්ශනවාදියකු වන ජෝන් ඔස්ටින් (ජෙරමි බෙන්තම් ගේ ශිෂ්‍යකු වන) 1829 සිට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීතියේ මුල් පුටුවට පත් විය. ඔස්ටින් ගේ නීතිය පිළිබඳ උපයෝගිතාවාදී පිළිතුර වූයේ නීතිය යනූ දණ්ඩනයක් ලබාදෙන බවට කරනු ලබන තර්ජනයක ආධාරයෙන් ජනතාව යටහත් පහත් ලෙස කීකරු වන පරම බලධාරියෙකු විසින් කරනු ලබන අණකිරීමක ලෙසය. මෙම අදහස විශේෂයෙන් ම ස්වාභාවික නීති සිද්ධාන්තයට විකල්පයක ලෙස බොහෝ කාලයක් පිළිගැනීමට ලක් විය. ජීන් ජැක්ස් රූසෝ වැනි ස්වාභාවික නීතිඥයින් ගේ තර්කය වූයේ මනුෂ්‍යය නීතිය තුලින් සදාචාරය සහ නොවෙනස් වන ස්වාභාව ධර්මයේ නීති හෙඳින් පිළිඹිඹු වන බවයි. ඉම්මැනුවෙල් කාන්ට් ගේ අදහස වූයේ ස්වාභාව ධර්මයේ පවතින පොදුනීතිය වුවත් තෝරාගනු ලැබීමය නම් නීතිය සදාචරයට අනුකූල වීම අවශ්‍යය වේ. ඔස්ටින් සහ බෙන්තම් අනුගමනය කළ ඩේවිඩ් හියුම් නීතිය යනු කුමක් ද සහ නීතිය කුමක් විය යුතු ද යන්න සමඟ ඒකාබද්ධ කල යුතු බවට අදකස් කරන ලදී. ඔවුන් විශ්වාස කරනු ලැබුවේ නියම නීතිය සම්පූර්ණයෙන්ම සදාචාරයෙන් වෙන්විය යුතුය යන නීතියේ ප්‍රත්‍යක්ෂවාදයයි. ෆෙඩ්රිච් නිට්ස්චේ කාන්ට් ව ද විවේචනය කරමින් පැවසුුවේ නීතිය හට ගන්නේ බලය සඳහා අභිප්‍රායෙන් බවත් සහ සදාචාරාත්මක සහ සදාචාර විරෝධී ලෙස නීතිය වර්ග කල නොහැකි බවත් ය. මෙලෙස නිට්ස්චේ සමානාත්මතා සංකල්පය ද විවේචනය කරන ලද අතර බලය සඳහා අභිප්‍රායෙන් කටයුතු කිරීමට නීතිය විසින් ඉඩ සැලසිය යුතු බව විශ්වාස කරන ලදී. ඔස්ට්‍රියානු දාර්ශනික හාන්ස් කෙල්සන් 1934 දී ශුද්ධ නීති සිද්ධාන්තය නමැති ප්‍රකාශනය තුලින් ප්‍රත්‍යක්ෂවාදී සම්ප්‍රදාය තව දුරටත් ඉදිරියට ගෙන යන ලදී. කලේසන් නීතිය සදාචාරයෙන් වෙන්ව පැවතිය යුතු බව විශ්වාස කල ද ප්‍රතිමාමක සම්පන්න හෙවත් අප ඊට කීකරු විය යුතු බව පැවසීය.නීතිය යනු ධනාත්මක ප්‍රකාශන වන අතර අප කල යුත්තේ කුමක් ද යන්න පැහැදි ලි කරයි. එමනිසා අප නීතියට අවනත විය යුතු බවට පවසන උපකල්පිත මූලික නියමයක් (ඝරඋනඩනඔරම) සෑම නීති පද්ධතියකම ඇත. කෙල්සන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කාල් ස්මිට් දේශපාලන තත්වයන් සහ තීරණ සඳහා උපුටා ගනු ලබන ප්‍රතිමානක මූලධර්ම නොපිළිගන්නා නිසා ප්‍රත්‍යක්ෂවාදය සහ නීතියේ පාලනය ප්‍රතික්ෂේප කරයි. පසුකාලීනව 20 වන සියවසේ දී එච්. එල්. ඒ හාට් ඔස්ටින්ගේ සරල කිරීමටත් කෙල්සන් ගේ නීති සංකල්පයේ ප්‍රබන්ධයටත් විරුද්ධව අදහස් ඉදිරිපත් කරන ලදී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා ලෙස නීතිය යනු න්‍යායන් පද්ධතියක් බවට තර්ක කරන ලදී. හාට් න්‍යායන් ප්‍රාථමික න්‍යායන් (හැසිරීමේ න්‍යායන්) සහ ද්වීතීක න්‍යායන් (ප්‍රාථමික න්‍යායන් පාලනය සඳහා නිලඳාරීන්ට අමතන න්‍යායන්) ලෙස බෙදා දැක්වීය. ද්වීතීක න්‍යායන් තව දුරටත් විනිශ්චය න්‍යායන් (නීතිමය ගැටළු විසඳීමට) පරිවර්තන න්‍යායන් (නිතිය සංශෝධනය කිරීමට අවසර දෙන) සහ හඳුනා ගැනීමේ න්‍යායන් (වලංගු බවට හඳුනා ගැනීමට අවසර දෙන) ලෙස බෙදා දක්වන ලදී. හාට් ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම වාදය එතැන් පටන් ඉදිරියට ගෙනයන ලදී. හාට්ගෙන් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා වූ ද ඔහුගේ අනුගාමිකයා වූ ද රොනල්ඩ් ඩ්වෝර්කින් ඔහුව ප්‍රබල ලෙසම විවේචනය ලරන ලද පුද්ගලයා ද විය. ඔහුගේ ළඅත'ස ුමපඉරඑ නමැති ග්‍රන්ථය මඟින් නීතිය සදාචාරාත්මක කාරණයක් බව සැලකීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු හාට් සහ ප්‍රත්‍යක්ෂවාදීන් ට දරුණු ලෙස පහර දුනි. ඔහුගේ තර්කය වූයේ නීතිය යනු විනිසුරූවන්ට ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට අනුව නීතිමය ගැටළුවකට සරිලන හොඳම සහ වඩා යුක්ති සහගත විසඳුම සොයා ගැනීම සඳහා උපකාරී වන අර්ථය විදහා දක්වන සංකල්පයක් බවය. අනික් ශිෂ්‍යයා වූ ජෝසප් රාස්(ඤ) ප්‍රත්‍යක්ෂවාදීන්ගේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටි අතර හාට්ගේ ඨහඑ ංඋටහඔරඉටය ඔෆ ළඅත හි සඳහන් වන මෘදු සමාජ නිබන්ධය විවේචනය කරන ලදී. රාස්(ඤ) සදාචාරාත්මක හේතු දැක්වීමකට යොමු නොවී සමාජ ප්‍රභවයන්ගෙන් පමණක් නීතියේ අධිකාරීත්වය හඳුනා ගත හැකි බවට තර්ක කරන ලදී. නීතිය, හමුදාව හා පොලීසිය හමුදාව හා පොලීසිය සමහර තැනකදී ”නීතියේ දීර්ඝකාලීන හා ශක්තිමත් අවයවය” ලෙස හඳුන්වනු ලැබේ. හමුදාමය ආයතන ආණ්ඩු පවතින තාක් කල් පැවතුණු ආයතන වුවද, පොලීසිය වනාහී සාපේක්‍ෂව නූතන ආයතනයකි. මධ්‍යකාලීන එංගලන්ත අපරාධ අධිකරණ, නොඑසේ නම් ආදර්ශ අධිකරණ විසින් සමාජය තැති ගැන්වීම හා පාලනය කිරීම සඳහා ප‍්‍රදර්ශනාත්මක නඩු විභාග හා මරණ දඬුවම් උපයෝගී කර ගත්තේය. පැරිස් අභ්‍යන්තර පොලීසිය විසින් තමන් ලොව පළමු නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා නමුත්, පළමු නූතන පොලීසිය විය හැක්කේ 17 වන සියවසේ ඃ,¼ ලූවී රජුගේ අධිකරණය යටතේ පැවති පැරිස් පොලීසියයි. ප‍්‍රංශ විප්ලවයෙන් සහ නැපෝලියන්ගේ පාලනයෙන් පසුව, 1829 දී පැරීසිය හා අනෙකුත් ප‍්‍රංශ නගර සඳහා ප‍්‍රංශ රජය විසින් ‘නගර සාර්ජන්වරුන්’ යනුවෙන් :ිැරටැබඑි ාැ ඩසකකැ* නිල ඇඳුම් දරන පොලීසියක් පිහිටුවන ලදී. බ්‍රිතාන්‍යයේ 1829 දී, දේශීය ලේකම් සර් රොබට් පීල් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ මෙට්‍රොපොලිටන් පොලිස් පනත මගින් බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය බිහි විය. සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් තර්ක කරනුයේ, ප‍්‍රචණ්ඩකාරී මාර්ගවලින් නීත්‍යානුකූල ඒකාධිකාරය පාලනය කරන්නේ රාජ්‍යය විසින් බවයි. රජයේ හෝ අධිකරණවල ඉල්ලීම මත හමුදාව හා පොලීසිය විසින් බලය ක‍්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය සහ හමුදාව තවදුරටත් ආරක්ෂාව හා පාලනය ගෙන යනු නොලබන රජයක් නොමැතිව අරාජිකත්වයට ගිය රාජ්‍ය ‘අසාර්ථක රාජ්‍යයන්’ ලෙස හඳුන්වනු ලැබේ. මෙලෙසම නීති වෙනත් නීති මගින් සහන කර ගැනීමද රාජ්‍ය අරාජිකත්වයට යයි. නීතිය හා සමාජය කම්කරු නීතිය යනු කම්කරුවා සේවා යෝජකයා හා වෘත්තීය සමිතිය අතර පවත්නා ත්‍රෛපාර්ශ්වික සම්බන්ධතාවයකි. සාමූහික කේවල කිරීම් නියාමනය සහ වැඩවර්ජනය සඳහා ඇති අයිතිය ඊට අදාල වෙයි. සෞඛ්‍ය හා ආරක්‍ෂාව හෝ අවම වැටුප් වැනි වැඩ කරන ස්ථානයේ අයිතින් සම්බන්ධයෙන් පුද්ගලික සේවා නියුක්ති නීතිය අදාල වෙයි. මානව හිමිකම් සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් නීතිය සෑම අයෙකුටම හිමි මූලික නිදහස් සහතික කිරීම සඳහා වන වැදගත් ක්ෂේත‍්‍රයන්ය. මානව හිමිකම් පිලිබඳ විශ්ව ප‍්‍රඥප්තිය, මානව හිමිකම් පිලිබඳ යුරෝපීය සම්මුතිය සහ එක්සත් ජනපද අයිතිවාසිකම් පිලිබඳ ප‍්‍රකාශය වැනි සංග‍්‍රහයන් තුල මෙහි මූලධර්මයන් අන්තර්ගත වෙයි. සිවිල් නඩු විධානය හා අපරාධ නඩු විධානය නඩු විභාගයන්හිදී අධිකරණය අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය දක්වා සිටී. ඒ දෙකම අවධානය යොමුකරන්නේ සාධාරණ විනිශ්චයක් සඳහා පුරවැසියකු සතු හිමිකම පිලිබඳවය. සාක්‍ෂි නීතිය විසින් අධිකරණයක නඩුවක් ගොඩනැගීම සඳහා යුත්තේ කුමන තොරතුරු පිලිගත යුතුද යන්න දක්වා සිටියි. ආගමන නීති සහ ජාතිකත්ව නීති සිය රට නොවන ජාතික රාජ්‍යයක් තුල ජීවත්වන හා රැකියාව කරන විදේශිකයන්ගේ අයිතිවාසිකම් සහ පුරවැසිභාවය ලබාගැනීමේ හා එය අවලංගු කිරීම සම්බන්ධයෙන් අදාල වෙයි. මේ දෙකම රැකවරනයේ නිදහස මෙන්ම රාජ්‍යයක් අහිමි තැනැත්තන් සම්බන්ධයෙන්ද කටයුතු කරයි. සමාජ ආරක්‍ෂණ නීති රැකියා නොමැති අයට ලබාදෙන දීමානවන් හෝ නිවාස ප‍්‍රතිලාභ වැනි සමාජ ආරක්‍ෂණයන් ලබැගැනීමට ජනතාවට ඇති හිමිකම් සම්බන්ධයෙන් අදාල වෙයි. පවුල් නීතිය විවාහ හා දික්කසාද කාර්ය පටිපාටීන් වෙන්වීමකදී දරුවන් හා දේපළ හා අයිතිවාසිකම් ආදිය ආවරනය කරයි. නීතිය සහ වානිජ්‍ය වානිජ නීතිය විසින් සංකීර්ණ ගිවිසුම් හා දේපළ නීති ආවරනය කරයි. නියෝජිතත්වය පිලිබඳ නීතිය, රක්‍ෂණ නීතිය, විනිමය බිල්පත්, වස්තුභංගත්වය සහ බුන්වත්භාවය පිලිබඳ නීතිය සහ විකිණීමේ නීති වඩාත් වැදගත් වන අතර ඒවායේ ඉතිහාසය මධ්‍යතන යුගය කරා දිවයයි. එක්සත් රාජධානියේ භාණ්ඩ විකිණීමේ ආඥා පනත සහ එක්සත් ජනපදයේ ඒකීය වානිජ සංග‍්‍රහය සංගෘහිත කරනු ලැබූ පොදු නීති වානිජ මූලධර්මයන්ය. සමාගම් නීතිය පැන නැගුනේ භාර නීතියේ දේපළ හිමිකාරත්වය හා පාලනය වෙන්කිරීමේ මූලධර්මයෙනි. නූතන සමාගම් පිලිබඳ නීතිය ආරම්භවන්නේ 1865 දී එක්සත් රාජධානිය විසින් සම්මත කළ බද්ධ ව්‍යාපාර සමාගම් නීතිය සමඟිනි. එහිදී සීමාසහිත වගකීම මඟින් ආයෝජකයින් ආරක්‍ෂා කිරීම සහ වෙනම නෛතික පුද්ගලභාවයක් තහවුරු කිරීම සිදුවිය.‍ බුද්ධිමය දේපළ පේටන්ට්, වෙළඳ ලකුණු සහ ප‍්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් අදාල වෙයි. අස්පර්ශනීය වත්කම් වන ඔබගේ සොයාගැනීම අනුකරණය කිරීමෙන් ආරක්‍ෂා කරගැනීමේ අයිතිය, ඔබගේ වෙළඳනාමය වෙනත් අයකු විසින් භාවිතා කිරීම වැලැක්වීම, ඔබ විසින් රචනා කරන ලද ගීතයක් ඉදිරිපත් කරනු ලැබීමෙන් හිමිකරගනු ලැබීමෙන් ආරක්‍ෂා කරදෙනු ලබන්නේ බුද්ධිමය දේපළ නීතිය මඟිනි. ප්‍රතිෂ්ඨාපනය කෙනෙකුගේ පාඩුවට එරෙහිව තවත් අයකු විසින් වාසි අත්කරගැනීම පියවාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරයි. යුතු ධනවත්වීම වෙනත් අයකු හේතුවෙන් අයුතු ලෙස යමකු උපයාගත් ධනය නැවත ලගබාගැනීමේ හිමිකම ආවරනය කරනු ලබයි. නීතිය සහ නියාමනය අගය එකතු කළ බදු ,සංස්තාපිත බදු, ආදායම් බදු ආදිය සම්බන්ධයෙන් බදු නීතිය අදාල වෙයි. බැංකු නීතිය හා මූල්‍යමය නියාමනය විසින් බැංකුවක් සතුවිය යුතු ප‍්‍රාග්ධනය, ආයෝජන පරිචයන් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ රීතීන් සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීම සිදුකරනු ලබයි. 1929 කොටස් වෙළඳපොළ කඩාවැටීම වැනි ආර්ථික අර්බුධයන්හි පවතින අවදානම වැලකීම සඳහා ආරක්‍ෂණයන් ලෙස මෙම නීතීන් වැදගත් වේ. රජයේ සේවාවන් සහ උපයෝගීතාවන් සම්පාදනය සම්බන්ධයෙන් නියාමනයන් අදාල වෙයි. ජල නීතිය මෙයට එක් උදාහරණයකි. පෞද්ගලීකරණය ජනපි‍්‍රය වූ පසු කලින් සමාජ වගකීම මත පිහිටා රජය විසින් සිදුකළ කි‍්‍රයාවන් පුද්ගලික සමාගම් වලට පැවරින. බලශක්තිය, ගෑස්, විදුලි සංදේශ සහ ජල සැපයුම් බොහෝ රටවල නියාමනයනය කරනු ලබයි. තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපදය තුල ප‍්‍රතිභාර නීතිය ෙලසින් හැඳින්වෙන අතර මිළ ස්ථාවර කිරීමට එරෙහි රෝම නඩු තීන්දු සහ වෙළ‍ඳාම සීමාකිරීම පිලිබඳ වාදය දක්වා ඈතිට දිවයන ක්ෂේත්‍රයකි. නූතන තරඟකාරීත්ව නීතිය 20 වන සියවස ආරම්භයේදී හඳුන්වාදෙනු ලැබූ එක්සත් ජනපදයේ ප‍්‍රති කාටල සහ ඒකාධිකර විරෝධී ව්‍යවස්ථාවන් (ෂර්මන් පනත සහ ක්ලේටන් පනත) තුලින් මෙය සම්භවය ලැබීය. පාරිභෝගික සුභසාධනය අනතුරේ හෙලමින් වෙළඳපොළ මිළගනන් විකෘති කිරීමට සිය ආර්ථිකමය බලපෑම්සහගතභාවය භාවිතා කිරීමට උත්සාහ කරන ව්‍යාපාරයන් පාලනය කිරීම සඳහා මෙම නීති භාවිතා වෙයි. පාරිභෝගික නීතියට අසාධාරණ ගිවිසුම් වගන්තිවල සිට ගුවන් මළු රක්‍ෂණය පිලිබඳ විධීවිධානයන් දක්වා වන ඕනෑමදෙයක් මෙයට ඇතුලත් වෙයි. කියෝටෝ සම්මුතියට අනුව කාළගුණ විපර්යාසයන් සිදුවීමේ අවධානමක් පවතින තත්වයක් තුල ඵරිසර නීතිය අතිශයින් වැදගත් එකකි. එමෙන්ම මේ යටතේ අදාල රටේ නීති පද්ධතිය යොදාගනිමින් පරිසර දූෂනය සිදුකරන්නන්ට දඬුවම් සිදුකිරීම සඳහාද මෙම නීති කි‍්‍රයාකරයි. මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය සිවිල් නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය පාරිභෝගික ආරක්ෂණය මහජන අර්ථසිද්ධි නඩුකර සාක්‍ෂි ත්‍යාගය අන්තිම කැමති පත්‍ර පොලිස් විමර්ශන අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මූලික අයිතිවාසිකම් ප්‍රතිභාරකාර නීතිය පොදු නීතිය බුද්ධිමය දේපළ නීතිය සිංහල නීතිය හෙවත් උඩරට නීතිය සමුද්‍රීය නීතිය අපරාධ නීතිය අඩවියෙන් බැහැර පිටු LawNet-Sri Lanka's Legal Information Network Rule of Sri Lanka නීතිය
3353
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
භූගෝල විද්‍යාව
භූගෝල විද්‍යාව යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය. එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.(276-194 BC) මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලේෂණය (Special analysis), ප්‍රදේශය පිළිබඳ හැදැරීම සහ පෘථිවිය පිළිබඳ අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුළ භූගෝලය පමණක් ගැන නොව එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබඳවද සාකච්ඡා වේ. භූගෝල විද‍‍්‍යා විෂය ක්ෂත්‍රයේදී භෞතික සහඅභෞතිකමය වස්තූන්ගේ උපතේ සිට මෑතකාලීන පැවැත්ම දක්වා ක්‍රමීය විකාශනයක් ඉදිරිපත් කරයි. ප්‍රධාන ලෙස භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රය ප්‍රධාන තේමා ඒකක ත්‍රිත්වයක් යටතේ අධ්‍යනය කෙරෙයි. එනම්, භෞතික භූගෝල විද්‍යාව මානුෂික භූගෝල විද්‍යාව ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනුවෙනි. මෙලෙස ඒකක ත්‍රිත්වයක් යටතේ එකිනෙකට වෙනස් වූ අනුතේමා රැසක් යටතේ අධ්‍යනය කෙරෙයි. භෞතික ‍හෙවත් පාරිසරික භූගෝල විද්‍යාව යටතේ පෘථිවි තලයේ උප්පත්ති කතාව හෙවත් ජනිතය සාකච්ඡා කරයි. එදා ඈත අවධියේ පෘථිවි තලය මත පිහිටි පැංජියාව නම් වු හුදකලාවූ විශාල මහද්වීප තලයක සිට ක්‍රමීය විකාශනයක් සිදූව ඇති බව ප්‍රකාශ කරයි.‍මෙම පැන්ජියාව නම් වූ විශාල භූමිස්න්ධය මත තෙතිස් මුහුද නමින් වූ මුහුදක් පැවත ඇත.පසුව එම තෙතිස් මුහුදේ සිට දෙපසට ගලා බසින්නට වූ ගංඟා දෙකකින් මෙම භූමිස්කන්ධය කොටස් දෙකකට බෙදී පසුව ලොරේසියාව (Laurasia) සහ ගොන්ඩ්වානාලන්තය (Gondwanaland)ලෙස කොටස් දෙකකට බෙදි පසුව නූතන මහද්වීප දක්වා සංක්‍රමණය වු ආකාරය ශ්‍රේෂ්ට භූ විද්‍යාඥයකු වූ ඇල්‍ෆ්‍රඩ් වෙග්නර් පවසයි.මේ ආදී වශයෙන් මෙම ඉතිහාසය ප්‍රබන්ධ කතාවක් ලෙස නොව ඒ සඳහා අවශ්‍ය සාක්ෂින්ද ඉදිරිපත් කිරීම භූගෝල විද්‍යාවේ විශේෂත්වයයි.භූමිති සාක්ෂි ,භූ භෞතික සාක්ෂි ආදී වූ සාක්ෂීන්ට අනුව මෙම ඉතිහාසය භූගෝල විද්‍යා විෂය තුළ මූලිකවම අධ්‍යනය කෙරෙයි. පසුව නූතන ශාක සන්තතිය,සත්ව සන්තතිය අතර ඇති අන්තර් සහ සම්බන්ධතා විවිධ පරිසර පද්ධතීන්,පරිසර පද්ධතීන් වල නුතන උපනතීන්,උදාහරණ ලෙස මෑත කාලීන සුනාමි රළ හෝ මූලාරම්භයේ සිට පරිනත අවස්ථාව දක්වා ඉතාමත් සිත් ඇද ගන්නා ආකාරයෙන් අධ්‍යනය කෙරෙයි. නූතන සමාජ ආර්ථික පසුබිම තුළ පරිසරය සමඟ මානව අන්තර් සහ සම්බන්ධතාවය සහ ඒවායේ අන්තර් ප්‍රතිවිපාක උදාහරණ ලෙස පෘථිවි වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, හරිතාගාර ආචරණය(Green Hut Effect) ඇතිවීම,ග්ලැසියර් දියවීම ,මුහුදු මට්ටම ඉහළ යෑම , සත්ව වර්ග මිහිතලයෙන් තුරන් වීම ආදී වූ කාලීන අර්බුද සහ එම අර්බුද හට ගැනීමට තුඩුදුන් හේතු සාධක එම අර්බුදයන්ගේ භාහිර පසු බලපෑම්,කාලීනව ඇතිවිය හැකි ස්වභාවික අර්බුධකාරීත්වයන් මඟ හරවා ගැනීමට ගත හැකි පියවර ආදිය ඉතාමත් විශ්ලේෂණාත්මකව පාරිසරික භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රයේදී සාකච්ඡා කෙරේ. භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රයේදී මීලඟ ප්‍රධාන තේමාවක් ලෙස මානුෂ භූගෝල විද්‍යාව හැඳින්විය හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානවයා සහ මානව සම්බන්ධතා පිළිබඳ කරුණු සම්පිණ්ඩණාත්මකව ඉදිරිපත් කරයි.මානුෂ භූගෝල විද්‍යා විෂය තුළ මිහිතලය මත සියලු මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳ තුළණාත්මක අධ්‍යනයක් සිදුකෙරේ. මානව සංඝණන ක්‍රමවේදයන් සංඝණන වාර්තා සැකසීම සංඝණන උපනති ආදියේ සිට,ලුහු,බැර හා අධිතාක්ෂණ කර්මාන්ත,කාර්මීකරණය,ගෝලීයකරණය,ගෝලීයකරණය තුළ නූතන කාලීන ප්‍රවණතා ආදිය ජනගහණය වැඩිවීම,ජනසංඛ්‍යාවේ අනාගතයේ විය හැකි ජනගහණ ස්ඵෝටන ආදී තේමාවන් පිළිබඳ විවේචණාත්මක විශ්ලේෂණයක් සහ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කෙරෙයි.විශේෂයෙන්ම කාලීනව මානව ක්‍රියාකරකම් සමාජ රටාවන් ආදියෙහි ඇතිවන උපණතීන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිම මානුෂ භූගෝල විද්‍යාව තුළදී ආවරණය වෙයි. භූගෝල විද්‍යාව විෂය ක්ෂත්‍රයේ නිර්මාණාත්මක විෂය ශීර්ෂය ප්‍රායෝගික භූගෝල විද්‍යාවයි මේ යටතේදී පෘථිවි ගෝලයේ පිහිටි මහද්වීප සහ භූරුප ආදිය පැතලි කඩදාසියක සටහන් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් (ප්‍රක්‍ෂේපණ)ආදියේ සිට දත්ත හැසිරවීම ,සංඛ්‍යානය,දත්ත නිරූපණ ක්‍රම (ප්‍රස්ථාර සහ රූප සටහන්) භූමි තලයක ක්ෂෙත්‍රඵලය නිවැරැදිව පරිමාණුකූලව නිර්මානය කිරීමේ ක්‍රමවේදයක්(පිඹුරුපත්)නූතන ව්‍යවහාරයේ පවතින 1:50000 මෙට්‍රික් සිතියම් පිළිබඳ නිර්මාණය,නිර්මාණය ලබන විද්‍යාත්මක පදනම,සිතියම් කියවීම සහ අවබෝධය ආදිය ආවරණය වෙයි.නිර්මාණාත්මක හැකියාවන් වඩාත් ඔප් නැංවෙන විෂය ඛණ්ඩයක් ලෙස ප්‍රායෝගික භූගෝල විද්‍යාව වැදගත් වෙයි. එසේම භූගෝල විද්‍යාව පමණක් නොව වෙනත් අනෙකුත් විෂය තේමාවකදී වුවද භාවිත වන දත්ත හැසිරවීමේ ක්‍රම ශිල්ප සිතියමක් හෝ කොටසක් නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම දක්වා වූ සමාජයේ ජීවත්වීමේදි අත්‍යවශ්‍ය දැනගත යුතු කරුණු කාරණා රැසක් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී ආවරණය වන හෙයින් විෂයක් ලෙස අධ්‍යනය නොකරන්නෙකු හට වුවද අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු විෂය කොටස් රැසක් ප්‍රායෝගිකව ගැබ් වී තිබේ. මේ ආකාරයෙන් සමස්ත‍ය ලෙස බලන කළ පාරිසරික භූගෝල විද්‍යාව,මානුෂ භූගෝල විද්‍යාව,ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනාදී විෂය කොටස් ත්‍රිත්වයම එක හා සමාන ගැඹුරු අධ්‍යාපනික වටිනාකමින්,දැනුම් සම්භාරයක් අඩංගු විෂය පථයක් ලෙස හැදින්විය හැකිය. භූගෝල විද්‍යාව භූගෝල විද්‍යාව සමෝධානික එනම් විවිධ විෂයන් සමඟ පැහැදිලි සම්බන්ධයක් සහිත විෂයකි. ආශ්‍රිත භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය යමහල් භූගෝල විද්‍යාව
3354
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය
අතීතයේ සිට ආ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස පුළුල් සහ සංකීර්ණ නීති පද්ධතියක් ශ්‍රී ලංකාවේ ඇත. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අතුරින් අපරාධ නීතිය,සිවිල් නිතිය,පුද්ගල නීතිය ආදී ක්ෂේත්‍රයන් පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙනු වස් බිහි වි පවත්නා නීති පද්ධතීන් වේ. මේ අතුරින් සිවිල් නීතිය පිළිබඳව කෙටි විග්‍රහයක් මෙමගින් සිදුවන අතර,ඒ තුළින් සිවිල් නඩුවක් පවත්වාගෙන යායුතු ආකාරය, ඒ සඳහා නියමිතව ඇති අධිකරණයන් පිළිබඳව මෙන්ම පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඇකි සහ ඉවත දැමිය හැකි අවස්ථා යනාදිය පිළිබඳව ඉතා සරලව සළකා බැලේ. ප්‍රථමයෙන් සිවිල් නඩුවක් පවත්වගෙන යා යුතු ආකාරය පිළිබඳව සළකා බැලීමේදී, යම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමේදි පැමිණිල්ල සැකසීම පිළිබඳවත්,පැමිණිල්ලට විරුද්ධව උත්තර සකස් කිරීමේදීත් ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුය.යම් යම් අඩුපාඩු හා දෝෂ සහිතව පැමිල්ලක් හෝ උත්තරයක් ඉදිරිපත් කළහොත් ඉන් අයහපත් ප්‍රතිඑල ඇතිවේ.එනම් අනවශ්‍ය ලෙස නඩුව ප්‍රමාදවීම හා වැඩිපුර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මනාව සකස් කළ පැමිණිල්ලක් යනු තම නඩුවෙන් අඩක්ම සාර්ථක ලෙස නිමවීමක් ලෙස සැළකේ. සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී. ලඝුකාර්ය පටිපාටිය සාමාන්‍යකාර්ය පටිපාටිය වශයෙනි. මෙහිදී සළකා බැලිය යුතු කාරණය වන්නේ,නඩුව ඉදිරිපත් කළ යුත්තේ ඉහත පටිපාටීන් දෙක අතුරින් කුමන කාර්ය පටිපාටිය අනුවද යන්නයි.ඉඩම් නඩු,ගෙවල් කුලී හා නෙරපීම් නඩු, ඇතුළු ඇතැම් නඩු වලදි සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කළයුතු අතර,තෙස්තමේන්තු නඩු ආදියේදී අනුගමනය කරනුයේ ලඝුකාර්ය පටිපාටියයි. මේ පිළිබඳව ද සැළකිල්ලෙන් ක්‍රියා කළ යුතුය. නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය. විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින, ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි, නඩු නිමිත්ත හටගත්, ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ''' අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය. පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී. පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම. අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම. නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම. පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම. යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ. මේ ආකාරයට දක්වා ඇති කරුණු පිළිබඳව සළකා, නියමිත ආකාරයෙන් ගොනුකරන ලද නඩුවක් තුලින් සාර්ථකත්වය ලබා ගැනීමට ඇති බාධාවන් මඟහරින බව දැක්විය යුතුමය. මේ අඩවිත් බලන්න නීතිය ත්‍යාගය නීතිය - ශ්‍රී ලංකා
3356
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
සීගිරිය
සීගිරිය or සිංහගිරි (සිංහ ගල , ) එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයට ආසන්නයේ උතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ගල් බලකොටුවකි. එය ආසන්න වශයෙන් පමණ උසැති දැවැන්ත පාෂාණ තීරුවකින් ආධිපත්‍යය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි. පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන කුලවංශයට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, කාශ්‍යප රජු (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන් ව්‍යුත්පන්න වී ඇත; සිංහගිරි, සිංහ පර්වතය (සිංගප්පූරුවේ සංස්කෘත නාමය වන සිංහපුරට සමාන ව්‍යුත්පන්නයකි). රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කරන ලදී. සීගිරිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. එය පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයකි. භූ විද්‍යාත්මක ලක්‍ෂණ සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත. සීගිරි බලකොටුව සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර මතද පල කර ඇත. ප්‍රධාන අවධි කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා) කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා) පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා) අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා) මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා) නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා) තද පැහැයෙන් යුතුව උතුරට නෙරා යන මහා පව්ව පාමුල සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ. දක්නට ඇති ලක්ෂණ පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන් සීගිරි කැටපත් පවුර දිය අගල් පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි. සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය. ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී. සීගිරියේ සංස්කෘතිකමය වැදගත්කම කාෂ්‍යප රාජ්‍ය කාලයට පෙර විසූ මහසෙන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.274-301), කිත්සිරිමෙවන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.301-328) සීගිරියට ආසන්න ප්‍රදේශවල වැව් සහ සංඝාරාම නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදු වූ බවට ඇති සාධක නිසා පූර්ව කාෂ්‍යප අවධියේ දී සීගිරි ප්‍රදේශය අරාජිකත්වයට පත්ව තිබුණේයැයි විශ්වාස කළ නොහැකිය. නමුත් සීගිරිය යන නමින් මෙම ප්‍රදේශය හඳුන්වන්නට පටන් ගත්තේ පළමුවන කාෂ්‍යප රජුගේ අගනුවර බවට පත් වීමත් සමඟ ය. 1982 ජනවාරි 08 වනදා ආයතන කීපයක ම දායකත්වය ඇතිව සංස්කෘතික ත්‍රිකෝණ වැඩකටයුතු ආරම්භ කරන ලදි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා කණ්ඩායම් එකතු කර ගැනීම සහ තරුණ පුරාවිද්‍යාඥයින්ට එම කටයුතුවලට දායක වීමට ඉඩ ලබා දීම ද මේ කාලය තුළ කැපී පෙනිණි. කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පීඨ සාමාජිකයන් වෙත සීගිරියේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණය හිමි විය.ඊට අමතරව වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා තවත් කණ්ඩායම්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කැළෑ දෙපාර්තමේන්තුව ආදියෙහි සහයෝගය ද ලබා ගැනීමට කටයුතු කර ඇත. 1986න් පසුව සීගිරි ප්‍රදේශයේ ජනාවාස පුරාවිද්‍යාව නමින් ආරම්භ කළ සහයෝගීතා ව්‍යාපෘතියට අනුව එතෙක් සීගිරියේ කළ පර්යේෂණවලින් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළිදරව් කර ලැනීමට හැකි විය. විශේෂයෙන් ම සීගිරිය අවට ප්‍රදේශයේ කරන ලද මේ පර්යේෂණ සීගිරි ඉතිහාසය තවත් ශක්තිමත් කිරීමට පදනම විය. සංස්කෘතික ත්‍රිකෝණය බිහි වීමෙන් පසු ලෝක උරුම නගරයක් බවට පත් වූ සීගිරිය ලෝකයාගේ අවධානයට ද නිරන්තරයෙන් ලක් වන්නට විය. මෙම සිද්ධි එකිනෙක ගළපා බලන විට සීගිරිය සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන බව පැහැදිලිවේ. අදවන විටත් අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් බවට සීගිරිය පත්ව ඇත්තේ එබැවිනි. එය තවදුරටත් පැහැදිලි කරගන්නා විට ඊ.බී.ටයිලර් පෙන්වා දෙන පරිදි “සංස්කෘතිය යනු සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත්,පරිණතවූත් දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියළු ම හැකියාවන්වල සංකීර්ණ සමස්තයයි”. ඒ අනුව ක්‍රි.ව.04 -05 සියවස්වල පැවති මෙකී සංස්කෘතික සාධක හඳුනා ගැනීමෙහිලා සීගිරිය අතිශය වැදගත් වේ. සරලවම පැවසුවහොත් සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස දැක්වීම සාවද්‍ය නොවේ. සීගිරියේ විශේෂ ලක්ෂන නාගරික සැලසුම්කරණය ආරක්ෂාව පිළිබඳ උපක්‍රම පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය ලෙන් නිර්මාණය ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය හුණුගල් භාවිතය ගඩොල් භාවිතය ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම ඉංජිනේරු විද්‍යාව ජල තාක්ෂණය(ජල උද්‍යානය,වතුර මල්,පොකුණු) ගෘහ නිර්මාණ ශිල්පය කලා ශිල්ප හා සාහිත්‍ය(කැටපත් පවුර,සීගිරි බිතු සිතුවම්,සිංහ පාදය) එකල පැවති ජන ජීවිතය(කැණීම්වලදී හමු වූ දෑ,සීගිරි සිතුවම්වල ඇති ආභරණ ,ඇඳුම් ආයිත්තම්) වැනි සංස්කෘතික සාධක රැසක් සීගිරියෙන් හමුවේ. ක්‍රි.ව.1859දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය. සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීම සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකර ඇත නමුත් මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත. ප්‍රංශයේ භාවිතය සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය. අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය. පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති. ගැලරිය සීගිරි ලලනාවියෝ මේවාද බලන්න සීගිරි බිතු සිතුවම් පූංචි සීගිරිය සීගිරි ගී සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ මූලාශ්‍ර අඩවියෙන් බැහැර පිටු සීගිරිය වෙබ් අඩවිය Sigiriya and its Significance Review by Dr. Nissanka Wijeyeratne Sigiriya Ministry of Tourism (Sigiriya) SouthEastAsia (Sigiriya) 100 most beautiful sites on the planet . Lankadeepa:::Urumaya:::Sigiriya Sigiriya Featured on Ancient Aliens- Documentary of History Channel is wrong? https://traveldss.blogspot.com/2010/09/sigiri.html ශ්‍රී ලංකාවේ ලෝක උරුම අඩවි සීගිරිය කිඹිස්ස මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
3357
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%20%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83%20%E0%B7%80%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශය
ලෝකයේ මුලින්ම ජනාවාස බිහිවූ රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. මීට වසර 2500 කට පමණ පෙර විජය කුමාරයාගේ පැමිණීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ විවිධ මට්ටමේ ජනාවාස පැවති බවට සාක‍ෂි තිබේ.විජය කුමාරයාගේ පැමිණීමෙන් පසුව ක්‍රමවත් අයුරින් ජනාවාස බිහිවිය.විජය කුමරු සමග ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් විවිධ ස්ථානයන්හි ජනාවාස පිහිටුවාගත් බව මහා වංශයේ සදහන් වේ.මෙසේ පිහිටුවා ගනු ලැබු එක් ජනාවාසයක් වූ අනුරාධපුරය පසු කාලයේදී සීඝ්‍ර දියුණුවකට ලක්විය. 13 වන සියවසින් පමණ පසු දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජධානි ක්‍රමයෙන් නිරිත දෙසට සංක්‍රමණය වූ අතර,ඒ සමගම ජන සංඛ්‍යාවද,ජනාවාසද එම ප්‍රදේශ වලට සංක්‍රමණය විය.ඒ අනුව කලින් විශාල ලෙස ජනාවාස වී තිබූ වියළි කලාපය ක්‍රමයෙන් ජනශූන්‍ය බවට පත්වූ අතර,නිරිත දිග ප්‍රදේ‍ශ වල ජන සංඛ්‍යාවත්,ජනාවාසත් ආරම්භ විය.බටහිර ජාතින්ට වියළි කලාපය ආර්ථික වශයෙන් වැදගත් නොවූ අතර,තම මව් රටවලට අමුද්‍රව්‍ය සපයා දිය හැකි තෙත් කලාපය පිළිබදව සුවිශේෂ අවධානය යොමු විය.එනිසා තෙත් කලාපය ජනාකීර්ණ වී ජනාවාස වැඩි වශයෙන් බිහිවිය. සමස්ථයක් වශයෙන් සළකන විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 80% ක් පමණ ග්‍රාමීය ජන සංඛ්‍යාවට ඇතුළත් වේ.ශ්‍රී ලංකාවේ ජනාවාස හා ජනසංඛ්‍යාව හදුනා ගනු ලබන්නේ පරිපාලන ඒකකයන් අනුවයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන සංඛ්‍යාවේ අඩුම ප්‍රතිශතයක් දක්නට ලැබෙනුයේ කොළඹ දිස්ත්‍රික්ක‍යෙනි.එහි ප්‍රතිශතය 25%ක් පමණ වේ.මොණරාගල දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාෙවන් 97.8%ක් ම ජන සංඛ්‍යාවට ඇතුලත්ය.සමස්ථ වශයෙන් වියළි කලාපීය දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ජන සංඛ්‍යා ප්‍රතිශතය අධිකයි.ශ්‍රී ලංකාවේ නිළ වශයෙන් නාගරික ප්‍රදේශ ලෙස පිළිගන්නා මහ නගර සභා,නගර සභා හැරුණු විට අන් සෑම ජනාවාසයක්ම ග්‍රාමීය ජනාවාස ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වර්ග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ග්‍රාමීය ජනාවාස විවිධ ආකාරයට වර්ගීකරණය කළ හැකිය. පිහිටීම අනුව ග්‍රාමීය ජනාවාස වර්ග වැව් ජනාවාස,කඳුකර ජනාවාස,නිම්න ජනාවාස ====හැඩය සහ ව්‍යාප්තිය අනුව ග්‍රාමිය ජනාවාස වර්ග ==== රේඛීය ජනාවාස පොකුරු ජනාවාස විසිරුණු ජනාවාස ඉඩම් භාවිතය හා ආර්ථික ක්‍රියාකාරකම් අනුව ග්‍රාමිය ජනාවාස වර්ග කුඹුරු ජනාවාස,තොටුපල ජනාවාස,ධීවර ජනාවාස,වතු ජනාවාස වික්‍රමතිලක මහතාගේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වර්ග කිහිපයකි. සමූහ තැටි ජනාවාස වැව් මාධ්‍ය කරගත් ජනාවාස වතු ජනාවාස විසිරුණු පහත්බිම් ජනාවාස ධීවර ජනාවාස ජානපදික ජනාවාස මීට අමතරව ජනාවාස වල ප්‍රභවය,ආර්ථික කටයුතු වල ස්වභාවය,ප්‍රභවය වු කාලය වැනි කරුණු පදනම් කොට ගෙන ගනිමින් ග්‍රාමීය ජනාවාස ප්‍රධාන කොටස් කිහිපයකට බෙදේ. පුරාණ ගම්මාන මහවැලි ගම්මාන වතු ජනාවාස වෙනත් ග්‍රාමිය ජනාවාස පුරාණ ගම්මාන ශ්‍රී ලංකාවේ වියළි කලාපිය ප්‍රදේශ වල ඇත.වැව,දාගැබ හා කුඹුරු යාය පදනම් කරගත් මෙ‍ම පුරාණ ජනාවාස දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන ජනාවාස වර්ගයකි.මෙ‍ම පුරාණ ගම්මානයකට ඇතුල් වන අංග කිහිපයකි. ගංෙගාඩ මෙයින් අදහස් කරන්නේ ගමේ පදිංචි කරුවන්ගේ නිවාස පවත්නා කලාපයයි.මෙ‍ම නිවාස බොහෝ දුරට ඒකරාශි වී පිහිටා තිබේ. වැව් ගම්මානයේ ඉතාම වැදගත් අංශය වන්නේ වැවයි.වර්ෂා ඍතුවේ ලැබෙන අතිරික්ත ජලය ගබඩා කර ගැනීම සඳහා මෙ‍ම වැව් නිර්මාණ කර තිබේ.මේවා බොහෝමයක් මහ කන්නයට පමණක් ජලය රදා පවතින සෘතුමය වැව් වශයෙන් හැදින්විය හැකිය. පුරාණ වෙල වැවට ආසන්නවම පිහිටා ඇත.දීර්ඝ කාලයක් තිස්සේ වගා කල කුඹුරු මීට අයත් වේ. අළුත් වෙල පුරාණ වෙලට පරිබාහිරව හා ඊට මායිම්ව අළුතෙන්ම අස්වද්දා ඇති කුඹුරු මීට අයත් වේ.ජන සංඛ්‍යා වැඩි වීමත් සමග අළුතෙන් කුඹුරු අස්වැද්දීම අවශය වීම මෙම අළුත්වෙල බිහිවීමට හේතුවයි. හේන් පුරාණ ගමක තවත් වැදගත් ලක්ෂයණයක් වන්නේ හේන් වගාවයි.පැරණි ගම්මාන බොහෝ දුරට ස්වයංපෝෂිත තත්වයක පැවති අතර ,කුඹුරෙන් ලැබෙන වී වලට අමතරව හේන් වලින් ධාන්‍ය , එළවළු, හා වෙනත් ද්‍රව්‍ය ලැබිණි. මහවැලි ජනාවාස ගාමිණි දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වන මහවැලි ව්‍යාපාරය යටතේ ආරම්භ කොට ඇති ජනාවාස වල පහළ මට්ටමේ ජනාවාසද ග්‍රාමීය ප්‍රදේශ වලට අයත්ය.මුලින්ම ආරම්භ කරන ලද්දේ “එච්” කලාපයේය.මේවා පොකුරු ජනාවාස රටාව ගනී.එක් වාරිමාර්ග කොට්ඨාශයක‍ට ජනාවාස පොකුරක් බැගින් සැලසුම් කර තිබුණි.එක් ජනාවාස පොකුරකට ගම්මාන 4-5 ක් අයත් වේ.එක් ජනාවාසයක පදිංචි කරවන ලද ජනසංඛ්‍යා ප්‍රමාණය 500 කි. මහවැලි සංවර්ධන මණ්ඩල‍ය හා ප්‍රංශෙය් සොග්‍රියා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ පුරාණ ගම්වල ජනාවාස තත්වය අධ්‍යයනය කිරිමෙන් පසුව ආර්ථික හා සමාජීය සංවර්ධනය උපරිම මට්ටමකට පත් කිරිමේ මුලික අරමුණ ඇතුළු “එච්” කලාපයේ ජනාවාස සැලසුම් කර තිබුණි.මෙ‍ම රටාවට පදනම් වන මූලික මුලධර්ම 5 ක් සධ්‍යතා වාර්තාවේ දැක්වේ. ප්‍රජා ඒකාබද්ධතාවය ඇති කිරීම මහවැලි ජනපද වලට විවිධ ප්‍රදේශ වලින් හා විවිධ සංස්කෘතික පසුබිම් වලින් පැමිණෙන විවිධ ආගම් ජාති කුල ආදියට ඇතුලත් වන ජනපදිකයින් ඒකීය ජන කොට්ඨාශයක් බවට පත් කිරිම මෙයින් අදහස් කෙරේ. ඵලදායි ග්‍රාමීය නායකත්වයක් බිහි කිරිම ස්වයං කළමණාකරණය සඳහා ජනපදිකයින් බිහි කිරිම ස්ව ශක්තිය පිළිබඳව අදහස වර්ධනය කිරිම ප්‍රජා සංවර්ධනය මෙම මුලධර්ම මගින් ජනාවාස හා වගා බිම් අතර දුර අවම කිරිමටත් ,ජනපදිකයින්ට අවශ්‍ය වන පහසුකම් පහසුවෙන් ලබා දීමටත්,ජනාවාස වල වඩාත් ෙයා්ග්‍ය වූආර්ථික හා සමාජීය ව්‍යුහයක් ඇති කිරීමටත් අපේක‍ෂා කෙරිණි.පොකුරු ජනාවාස රටා ඇති,සමජාතීය ජනපදික කණ්ඩායමී වෙ‍න වෙනම පදිංචි කරවීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් හා නව කළමණාකරණ පද්ධතිය යන හේතු නිසා මෙම ජනාවාස අනෙක් ඒවාට වඩා වෙනස්ය. වතු ජනාවාස වතු ජනාවාස බිහිවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් යටතේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පළමුව කෝපි වගාවද ,පසුව තේ ‍වගාවද ප්‍රචලිත වීමෙන් පසුවයි.රබර් වගාව යටතේද සුළු වශයෙන් ඇත.ජන හා සංඛ‍්‍යාලේඛන දෙපාර්තමේන්තු නිර්වචනයට අනුව වතු වශයෙන් හදුන්වන්නේ නේවාසික කම්කරුවන් 10 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පදිංචිව සිටින වතු වගාව කරන ඒකකයන්ය. මූලාශ්‍ර මානව සම්පත් හා ජනාවාස, ඇම්.රත්නායක සංස්කෘතිය සමාජය New socity
3358
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%20%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%92%E0%B6%B8
දේශීය නාට්‍ය කලාවෙ සංස්කෘතික පසුබිම
දේශිය නාට්‍යය කලාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇරඹි කවි නාඩගම් වලින් පසුව නාඩගම් ජනප්‍රියත්වයට පත්විය. දක්ෂිණ භාරතීය වීර්‍ට නාට්‍ය වල අභාෂය ඇතිව නිර්මාණය වු නාඩගම් කලාවේ පියා ලෙස සලකනු ලබන්නේ පිලිප්පු සිංඤෝ නම් කලාකරුවෙකි. මෙය නාඩගම් කලාවේ‍ දෙවන අවස්ථාව ලෙස පෙනේ. වෘත්තිමය වශයෙන් කම්මල් කරුවෙකු වු මොහු 1770 දී පමණ උපන් අයෙකි. කතෝලික ආගම් භක්තිකයෙකු වු මොහු කම්මලේ වැඩකරන අවස්ථාවේ පවා නාඩගම් නාට්‍ය පෙළ සැකසු බව කියවේ. මේසේ රචනා කළ මුල් කාලීන නාඩගම් ද්‍රවිඩ භාෂාවෙන් ද පසුව ද්‍රවිඩ වචන බහුලව යෙදීමෙන් හා සංස්කෘත භාෂාවෙ වචන භාවිතා බහුලව යෙදුමෙන් සකස් වුවත් පසු කාලය වන විට සිංහල ජන‍වහරට සමීප බසක් භාවිතා කරන ලදී. ඉන් පසුව ඔ‍වුන් සිය නිර්මාණ සදහා ජාතක කථා, සිංහල සාහිත්‍යයේ පු‍වත් යොදා ගන්නා ලදී. මෙසේ රචනා කරන ලද නාඩගම් ලෙස ඇහැලේපොල, සිංහවල්ලී, සකුන්තලා, රජතුන්කට්ටු‍ව, සෙනගප්පු ආදිය දැක්විය හැකිය. නාඩගම් නාඩගම් වල භාෂාව දෙස බලන විට විවිධ භාෂා වලින් ගත් වචන දැකිය හැකිය. ශබ්ද රසයට මුල් තැනක් දී තිබෙන බැව් පැහැදිලි කරුණකි. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිතය විශේෂයෙන් දැකිය හැකි අතර එසේ කර ඇත්තේ ශබ්ද රසයට ප්‍රමුඛතාව දීමට විය හැකිය. නාඩගම් සදහා යොදා ගනු ලැබුවේ කර්ණාටක සංගීතයයි. සිංදු මාධ්‍ය කොට ගත් කවි වලට සමාන තාලයක් නොමැති ගායනා විලාස දැකිය හැකිය. "නිල්සිකි පිලසේ දිගු වරලා හෙලා පුලාවි අදරී" ආදී වශයෙන් පිලිප්පු සිංඤෝගේ ස්ථාක්ති නාඩග‍මේ ඇතුලත් ගීතයේ "රංග ශෘංගාරතුංග ජෝගියේ" ආදී වචන යොදා ගෙන තිබේ. ද්‍රවිඩ අභාෂය "ඉන්ද්‍ර කැට, සුරඔ සබායා, කුඹු ‍සොලවාලු නෙත නටවාලු" වැනි විවිධ භාෂාවන් වල වචන යොදා තිබෙන බැව් පෙනේ. එමෙන්ම නාඩගම් කවිවල යොදා ඇත්තේ ද්‍රවිඩ ඡන්දස්ය. එම කවිවල විරිත් ද ද්‍රවිඩ ගී විරිත් අනුගමනය කරන ලද බැව් පෙනේ. එමෙන්ම නාඩගම් වල භාවිතා කරන තර්ගම් හා වචනම් ද ද්‍රවිඩ අභාෂයෙන් යොදා ගත්තක් බව පෙනේ. එපමණක් නොව ගායන ශෛලීන් ‍වලද කොච්චිකම්, වඩබෝධි, තෙක්මෝඩි, මුරිවාඩ්, කුරිඩාඩ් ආදියද ‍පොතේ ඉන්නිස තර්ගය, සිංදුව, තෝඩායම ආදිය ද සෙල්ලන් ළමා කෝනංගී සෙල්ලයිලෙ‍් ආදී භාවිතයෙන් ද්‍රවිඩ අභාෂයන් ලබා ඇති බැව් පෙනේ. එබැවින් ද්‍රවිඩ අභාෂය තුලින් නාඩගම් පෝෂණය වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් 19 වන සියවසේ ඇරඹි නාඩගම් කලාව පසු කාලය වන විට දේශිය ලක්ෂණ වලින් යුතුව දේශිය නාට්‍ය සම්ප්‍රදායක් බවට පත් ‍වී තිබුණු බ‍ව පෙනේ. ශ්‍රී ලංකාව
3359
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ගුවන් විදුලි මාධ්‍යයට ලිවීම
නිමේෂයකින් ඇසී නෑසී යන ගුවන් විදුලි ප්‍රකාශනය වූ කලී වහා වටහා ගැන්මේ ලක්ෂණයෙන් සමන්විත වූවකි.ඵබැවින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ රටාව අනෙකුත් ලිඛිත ව්‍යවහාරයන්ට වඩා අමුතු මගක් ගත යුත්තේය.නැවුම් ගතියකින් යුක්ත විය යුත්තේය.සවන පිනවන සුළු විය යුත්‍‍තේය.එය වඩ වඩා සරල,සුගම,ළගන්නා සුළු විය යුත්‍‍තේය.පුවත් පතකට වාර්තාවක් ලියනා අයුරින් ගුවන් විදුලියට ලිවීම නොකළ යුත්තකි.මන්ද?යත් ගුවන් විදුලි පිටපතක් රචනා කරනුයේ අසන්නා වෙත කියවන්නට වීමය.නිවේදකයා එය කථන ක්‍රමයෙන් හෝ ගායනා ක්‍රමයකින් කියවයි.එම ක්‍රමයට උචිත පරිදි ලියැවී තිබීම වැදගත්ය. "ගුවන් විදුලි රචනාවේදී ගරු කළ යුතු රත්රන් නීතිය වනුයේ රචනයට පෙර එය කියා බලන්න" යනුවෙන් මයිකල් කේ. සහ ඇන්ඩෲ ප්‍රොපර්වෙල් යන මාධ්‍යවේදිහු පවසා ඇත.මෙයට හේතුව පිටපතක ලියැවෙන දෙය නිවේදකයාට අපහසුතාවයෙන් තොරව කියවා ගෙන යෑමට හැකි විය යුතු වීමය. ගුවන් විදුලියට ලිවීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 04කි. 01.එය කථා කිරීම සඳහාය. (සාහිත්‍යමය රචනාවක් විලස නොව භාෂා විලාසයේ පවතින දෙයක් වීමය.) 02.එය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ඉදිරිපත් කරන්නකි. (සංවාදාත්මක ස්වරූපයක්,සුහද බවක් අන්තර්ගත විය යුතු විමය.) 03.එය අසන මාධ්‍යයකි. (එක් වරක් පමණක් ඇසෙන මාධ්‍යයක් වන හෙයින් එක් ශ්‍රවණයකදී තේරුම් ගත හැකි පරිදි ලිවීමද සරල,කෙටි වාක්‍ය යෙදීමද වැදගත්ය.) 04.ශබ්දය ආත්මය කොට ගත් මාධ්‍යයකි. (ගුවන් විදුලියේ ශබ්දය පමණක් පවතින නිසා ශබ්දය ඇසුරෙන් සහෘදයාට ‍තේරුම් ගත හැකි පරිදි ලිවීමය.) ගුවන් විදුලි බස හැකිතාක් සරල වන පරිදි ලිවීම වැදගත්.ලියන වාක්‍ය අවුල් සහගත නොවිය යුතු අතර උච්චාරණය කිරීමට පහසු වන ආකාරයේ වචන වලින් ලිවිය යුතුයි.අර්ථය සෙවීමට ශ්‍රාවකයා වෙහෙසවන සුළු බරපතල වාක්‍ය නොලිය යුතු අතරම කර්තෘ කාරක වාක්‍ය යෙදීම වැදගත් වේ.ගුවන් විදුලි ප්‍රවෘත්ති තුළ පවතින ආධිපත්‍යමය බලය රැකෙන පරිදි ලිවිය යුතුයි.තනතුරු නාමයන්ට කෙටි නම් භාවිත නොකරයි. ගුවන් විදුලි පිටපත් තුළ සංඛ්‍යා ලිවීමේදී 1-9 දක්වා සංඛ්‍යා අකුරෙන් ලියන අතර 10-999 දක්වා ඉලක්කමෙන් ලියයි.ඊට වැඩි සංඛ්‍යා අකුරු ඉලක්කම් දෙකම භාවිත කරයි. උදා‍:29785- 29 දහස් 785 රුපියල් 20 දහස් 270 ශත 50 එක් පිටුවක් එක් ප්‍රවෘත්තියක් සඳහා වෙන් කරන අතර ඊට වැඩි නම් More යනුවෙන් ලියයි. මෙසේ කරනුයේ නිවේදකයාගේ පහසුව උදෙසාය.ගුවන් විදුලි කථා බහකදී අත්‍යාවශ්‍ය නැති වේලාවකදී සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී ආසන්න ලෙස කීම වටී.මන්ද?යත් කනට එක වරකට තොරතුරු රැසක් ග්‍රහණය කර ගත නොහැකි නිසාය.සංඛ්‍යා අවශ්‍යම නම් පූර්ණ ගණනක් කියන්න.අසන්නාට නැවත මේ කරුණට සවන්දීමටද නොහැකිය.ගුවන් විදුලි රචනයේදී ලිඛිත හා කථන භාෂා අතර බසක් යොදා ගැ‍නේ.අවසාන ක්‍රියාව කථනයට හරවයි.පහසුවෙන් කියවිය යුතුය.එසේම මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් "ඔබ" යනුවෙන් ඇමතිය යුතුය.පිටපත් රචකයා තමා ලියන විෂය පිළිබඳ මනා දැනුමැති අයෙක් විය යුතුය.එසේම ගුවන් විදුලි භාෂාවේ ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. ගුවන් විදුලි පිටපත් රචනා කරනුයේ අරමුණු ද්විත්වයකිනි. .ග්‍රාහකයා තුළ සැහැල්ලුවක් ඇති කිරීම. (එදිනෙදා ජීවිතයේ දැඩි අසහනකාරී ඒකාකාරිත්වයෙන් මිදීමට) .ජීවිතාවබෝධයක් ලබා දීම. (ග්‍රාහකයා ප්‍රඥාවට පත්කිරීම අරමුණු කර ගනී.මිත්‍යාව තුළ සිර කළ මිනිසා ඉන් මුදවාගෙන ඔහුගේ චින්තනය අවධි කරයි. පිටපත් රචකයා ග්‍රාහකයාගේ පරිකල්පනය අවධි කළ යුතුවාක් මෙන්ම තමා අරමුණු කර ගත් කණ්ඩායම මනාව අවබෝධ කර ගෙන ඔවුන්ට උචිත ලෙස ආමන්ත්‍රණය කළ යුතුය.වැඩසටහනට ඉලක්ක වූ ග්‍රාහක පිරිසට අනුව භාෂා ශෛලියද වෙනස් කළ යුතුවේ. උදා:ළමා වැඩසටහන්,ශාස්ත්‍රිය වැඩසටහන් රචනය අතරතතුරේදී ඒකාකාරිත්වයෙන් මිදෙනු පිණිස භාෂා ශෛලියේ සහ වදන් රටාවේ වෙනස් කම් සිදු කළ යුත්තේ ශ්‍රාවකයාට වඩා ආකර්ෂණය වනු පිණිසය.රචකයා තමාගේ පිටපත තුළ අභෞව්‍ය දේ අන්තර්ගත නොකළ යුතුය.BBC ලෝක සේවාවේ මයිකල් කේ. ගේ ශිෂ්‍යාවක් තම ප්‍රථම ගුවන් විදුලි කථාවේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ දරු උපතයි.ඇගේ කථාව ඇසූ සියලු දෙනා සිනාසුනහ.ශිල්ප ධර්ම භාවිතය එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය.එහෙත් අත්‍යාවශ්‍යය වනුයේ සත්‍යයට ළං වීමයි.ළමයින් උදෙසා යම් තරමක අභෞව්‍යමය දෙයක් යොදා ගත්තද එය හිතකර වීම වැදගත්ය. උචිත බැවහර යොදා ගත යුතුවාක් මෙන්ම ආරම්භය ආකර්ෂණීය විය යුතුය.එවිටය ග්‍රාහකයා ජය ගත හැකි වනුයේ.මෙලෙස ලබා ගත් අවධානය දිගටම රඳවා ගැනීමට පිටපත සමත් විය යුතුය.ග්‍රාහක මනස ගිනි පුපුරක් ‍සේ අවධි කරවීමට ගුවන් විදුලි බසට හැකියාව ඇත.රචකයා ගුවන් විදුලි ආකෘතියට ගැලපෙන පරිදි ලිවීම අත්‍යාවශ්‍යය වේ.මාධ්‍යයට ලිවීමේදී *නිරවද්‍යතාවය *පැහැදිලිතාවය *සංක්ෂිප්ත භාවය ආරක්ෂා කළ යුතුය. ගුවන් විදුලි රචනයේදී අනවශ්‍යය වර්ණනාවලින් තොර විය යුතු අතරම අනවශ්‍යය නිපාත,උපසර්ග,අව්‍ය පද,වි‍ශේෂණ පද,පුනරුක්ති,අතිශයෝක්ති ආදියෙන් වැලකී සිටීමද වැදගත්ය.එසේම හැඟීම්බර ලෙස නොලිවිය යුතු අතරම මධ්‍යස්ථභාවය රැක ගත යුතුය.කිසිවෙකුටත් අපහාස නොකළ යුතුයි. පිටපත මගින් කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට හානි නොවිය යුතුය.අයෝග්‍ය දේවල් නොලිවිය යුතුය.ජන මාධ්‍යය සම්බන්ධ නීති පිළිගනිමින් ඒවාට යටත්ව තම කාර්යය ඉටු කළ යුතුය.සමහර අවස්ථාවල සමහර කරුණු කෙරේ ස්වයං වාරණ ඇති කර ගැන්මටද සිදු වේ.ආචාර ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් පිටපත් රචකයාට අවශ්‍යය වේ.සබ්ජුඩ්සේ සිද්ධාන්තයට අනුව අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධ සියළුම තොරතුරු හෙළි කළ නොහැක. 1.පාර්ශව කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක. 2.සාක්ෂි කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක. 3.විනිශ්චය කරුවන්ට හා අධිකරණයට බලපෑමක් වන සේ ලිවිය නොහැක. මෙයින් අදහස් කරන්නේ තීන්දුවට බලපෑම් වන කිසිවක් ලිවීමට අවසර නැති බවයි.මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහය,රැඟුම් පාලක මණ්ඩලය,අපහාස නීතිය වැනි දේ උල්ලංඝනය නොකළ යුතුය.මේ සම්බන්ධයෙන් ලිවිය හැකි යහපත් දේ සඳහා ඉඩ ඇත. ගුවන් විදුලි වාර්තාකරණයේදී *ඉදිරිපත් කරන කරුණු සත්‍ය විය යුතු අතර සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි තිබිය යුතුය. *යම් කරුණක් හෙළි නොකර සිටීමෙන් රටට ජනතාවට හානියක් වන බව ඔප්පු කළ යුතුය. *හොඳ හැඟීමෙන්,ද්වේෂයෙන් තොරව,සද්භාවයෙන් වාර්තා කළ යුතුය.'''මේ අනුව ගුවන් විදුලි රචනයේදී අපක්ෂපාතී,තැන්පත්, ඉවසිලි සහිත, සියල්ලෙන්ම ඈත් වූ ආකල්පයක් අවශ්‍යය වන අතර භාවමය ප්‍රකාශන අනවශ්‍ය වේ.සියල්ලටම අවසානයේ එය කියවිය හැකි එකක්දැයි බැලීම වටනේය. ආශ්‍රිත"ගුවන් විදුලි මාධ්‍යය යනු....", මහාචාර්ය තිස්ස කාරියවසම්,S ගොඩගේ සහ සහෝදරයෝ,675,P ද S කුලරත්න මාවත,කොළඹ 10.''' මේවාත් බලන්න ගුවන් විදුලිය
3360
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA
ශ්‍රම බලකාය
ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිව් හදුන්වා දී ඇත්තේ, කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළදී ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රමය සපයන සිවිල් හා හමුදා අංශ වල සේවය කරන ස්ත්‍රී පුරුෂ සියලුම පුද්ගලයින් සහ එවැනි කටයුතු සදහා ශ්‍රමය සැපයීමට කැමති පුද්ගලයින්ය.(United Nations -1967) නිශ්චිත වයස් සීමාව ලෙස හදුන්වන්නේ සාමාන්‍යයෙන් ශ්‍රම බලකායට ඇතුළත් කරන්නා වු වයස හා ඉන් පිටවිය යුතු වයස අතර පරතරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙම නිශ්චිත වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 15-64 ත් අතර කාලයයි.නමුත් මෙම වයස් සීමාව ස්ථිර වූවක් නොවේ.විවිධ රටවල මෙම වයස් සීමාව ‍වෙනස්වීමක් දැකිය හැක. උදා:කෘෂිකාර්මික රටක කුඩා දරුවන් පමණක් නොව අවුරුදු 64ට වැඩි පිරිස් ද ශ්‍රමය සැපයීමට දායක වේ.එවිට මෙම වයස් සීමාව වෙනස් වේ. මෙනිසා ඇතැම් රටවල අවම වයස් සීමාව අවුරුදු 10 ලෙස ගැනේ.එමෙන්ම උපරිම වයස් සීමාව අවුරුදු 70 ලෙස ගන්නා රටවල් ද පවතී. බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල උපරිම වයස් සීමාවක් අර්ථ දක්වන්නේ නැත. යොමු කාලය යොමු කාලය යනු ශ්‍රම බලකාය පිළිබද දත්ත එකතු කිරීම සදහා තීරණය කරනු ලබන කාල සීමාවයි.දත්ත වල නිරවද්‍යතාවය බොහෝදුරට තීරණය වන්නේ මෙම කාලය මතයි.එමනිසා එය වුවමනාවට වඩා දීර්ඝ හෝ කෙටි නොවිය යුතුයි.එක්සත් ජාතී‍න්ගේ සංවිධානයට අනුව එය සති 1ක් වීම වඩා සුදුසු වේ. දත්ත රැස් කිරීම සදහා භාවිතා කළ හැකි සංකල්ප ඵලදායී සේවක සංකල්පය (Gainful Worker Concept) ශ්‍රම බලකාය පිළිබඳ සංකල්පය (Labour Force Concept) අතීතයේදී ලෝකයේ බොහෝ රටවල් ඵලදායී සේවක සංකල්පය භාවිතා කළද එහි ඇති දුර්වලතා නිසා පසුව ශ්‍රම බලකාය පිළිබඳ සංකල්පය යොදාගෙන ඇත.එහි දුර්වලතා අතර විශේෂ කාල සීමාවක් නොමැති වීමත්,ප්‍රථම වරට රැකියා සොයන පිරිස මේ සදහා යොදා නොගැනීම මූලික විය.එසේම සේවා වියුක්තිය,සේවා වියුක්තිය, ඌන සේවා වියුක්තිය වැනි දේ පිළිබඳ පැහැදිළි ලෙස දත්ත රැස්කර ගත නොහැක.මේ නිසා 1930 ගනන් වලදී 'හවුසර්' නැමති ඇමරිකානු මහාචාර්යවරයා ශ්‍රම බලකාය සම්බන්ධ අධ්‍යයන වලදී රටක ක්‍රියාකාරී ජනගහනය පහත ලෙස බෙදා දැක්විය හැක. ශ්‍රම බලකාය පිළිබඳ මිනුම් ශ්‍රමය සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂයන් අතර වෙනස්කම් පවතින බැවින් පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි. දළ ක්‍රියාකාරී අනුපාතිකය රටක මුළු ජනගහනයෙන් කොපමණ ප්‍රමා‍ණයක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ද යන්න සොයා බැලෙයි. සාමාන්‍ය ක්‍රියාකාරී අනුපාතිකය යම් නිශ්චිත වසරක ශ්‍රම බලකාය එම වසරේ අවුරුදු 10 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාවට සාපේක්ෂව කොපමණදැයි ප්‍රකාශ කිරීම සාමාන්‍ය ක්‍රියාකාරි අනුපාතිකයයි. සාමාන්‍ය ක්‍රියාකාරී අනුපාතිකය = නිශ්චිතවසරකශ්‍රමබලකාය / එම වසරේ අවු:10හෝ ඊට වැඩි ජනගහනය * 100 ආර්ථික යැපුම් අනුපාතිකය මෙයට අවුරුදු 10ට අඩු හා අවුරුදු 64ට වැඩි සියලු දෙනා ඇතුළත් වේ.මොවුන් ශ්‍රම බලකාය‍ට අයත් වන ජනසංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයක් දැයි ගණනය කිරීම ‍මෙහිදී සිදුකරයි. ආර්ථික යැපුම් අනුපාතය = නිශ්චිත වසරක ශ්‍රම බලකායට අයත් නොවන ජන සංඛ්‍යාව / එම වසරේ ශ්‍රම බලකාය * 100 සේවා නියුක්ති අනුපාතය දැනට රැකියාවක් කරන කණ්ඩායම ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න සොයා බලයි. සේවා නියුක්ත අනුපාතය = නිශ්චිත වසරක සේවා නියුක්ත ජන සංඛ්‍යාව / එම වසරේ ශ්‍රම බලකාය සේවා වියුක්ත අනුපාතිකය රැකියා විරහිත නමුත් රැකයාවක් කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රතිශතය ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්න සොයා බලයි. සේවා වියුක්ත අනුපාතිකය = නිශ්චිත වසරක ෙස්වා වියුක්ත ජන සංඛ්‍යාව / ඒම එම වසරේ ශ්‍රම බලකාය * 100 ශ්‍රම බලකායේ ආදේශන අනුපාතය සෑම වසරකට වරක්ම ශම බලකායේ අලුතින් කොටසක් එකතු වන අතර තවත් කොටසක් ඉන් පිටවේ. මෙම අලුතින් එකතු වන පිරිස ඉන් ඉවත්ව යන පිරිසෙන් කොපමණ ද යන්න ප්‍රකාශ කිරීම ඔම බලකා ආදේශන අනුපාතය වේ. ශ්‍රම බලකායේ ආදේශන අනුපාතය = නිශ්චිත වසරක ශ්‍රමබලකාය / එම වසරෙන් ශ්‍රම බලකාය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය වර්ෂ 1990 සිට 2000 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් නොකෙරේ.වර්ශ 1990 දී උතුරු සහ නැගෙනහිර පළාත් හැර ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 6.0ක් වූ අතර, එය වර්ෂ 2000 වන විට මිලියන 6.8 ක් වර්ධනය විය.සේවා නියුක්තිකයන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී ඇති ප්‍රසාරණයත් එසේම රැකියා සදහා වැඩ කරන වයසේ ස්ත්‍රීන් සහ පුරුෂයන් විශාල සංඛ්‍යාවක් විදේශ වෙළදපළට සංක්‍රමණය වීමත් සමග සේවා වියුක්තිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇත.එසේම පසුගිය වර්ෂ තුළ උසස් අධ්‍යාපනය සදහා ද ශ්‍රී ලාංකිකයින් සැළකිය යුතු ප්‍රමාණයන් විදේශ ගත වී ඇත. ශ්‍රී ලංකා ශ්‍රම බලකා සහභාගීත්වය ශ්‍රී ලංකාවේ දළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 1990 දී 51.9% ක් වූ අතර වසර 2000 වන විට ඒය 50.3% දක්වා අඩු වී ඇති බව පෙනේ.මීට මූලික හේතුව සැළකිය යුතු පිරිසක් විදේශ රැකියාවන් සඳහා යොමුවීම වේ.1990 දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 178000 ක් පමණ වූ අතර වසර 2000දී එය 183000 දක්වා වර්ධනය වී ඇත.මෙහි කාන්තාවන්ගේ දායකත්වය පුරුෂයින්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගනී. සමාජය ආර්ථිකය ශ්‍රමය
3361
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%20%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA
පුනරාවර්තන අධ්‍යාපනය
අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හඳුන්වනු ලබන පුනරාවර්තන අධ්‍යාපනය (Recurrent Educational) අධ්‍යාපනයෙහිලා විසිවැනි සියවසේ මතුවුණු පළමුවැනි නව අදහස වශයෙන් ඇතැම්හු සලකති. ඉතිහාසය ස්වීඩනයේ අධ්‍යාපන ඇමතිව සිටි ඕලො‍ෆ් පාම්(Olof Palm) විසින් 1968 දී ආර්ථික සහයෝගතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (Organization for Economic Co-Operation and Development) ඉදිරියේ පවත්වන ලද දේශනයකින් පසු වර්තමාන අධ්‍යාපනය සඳහා වූ විකල්පයක් වශයෙන් පුනරාවර්තන අධ්‍යාපනය ප්‍රචලිත වී ඇත.පුනරාවර්තන අධ්‍යාපනය යාවජීව අධ්‍යාපනයට වඩා නවතම සංකල්පයකි.අනාගත ලෝක සඳහා වූ අධ්‍යාපනය එය යැයිද කියවේ.පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය අනුව පුද්ගලයා ජීවිත කාලයේ විවිධ අවස්ථාවල වරින්වර අධ්‍යාපනය ලබමින්ද, රැකියාවල නිරතවෙමිකන්ද ජීවිත කාර්යයන් කාර්යක්‍ෂම කරගනී. පුනරාවර්තන අධ්‍යාපනයේ වාසි පුනරාවර්තන අධ්‍යාපනය මගින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පවත්නා ඇතැම් අර්බුදයන් විසඳීමට හැකිවේ.නිදසුනක් වශයෙන් පුනරාවර්තන අධ්‍යාපනය මගින් පශ්චාත් ද්විතිය අධ්‍යාපනයට ඇතුළු වීමට අපේක්‍ෂා කරන්නන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු විය හැකිය.මන්දයත් ඔවුන් ඉගෙනීම සඳහා කැපවී බලාසිටිනු වෙනුවට රැකියාවක යෙදී සිට පසුව ඉගෙනීමකරා ආපසු පැමිණීමේ අවස්ථා ඔවුනට උදාවන හෙයිනි.එමෙන්ම පුනරාවර්තන අධ්‍යාපනය මගින් පුද්ගලයාට ජීවිත කාලය තිස්සේම ක්‍රමානුකූලව වරින්වර අධ්‍යාපනයට පිවිසීමට හැකිවේ.මේ නිසා "පරම්පරා පරතරය" යන භේදය අඩුවේ.යල්පැන ගිය දැනුමට සීමාවී පාෂාණිභූතවීම වැලකේ.බාල පරම්පරාවත්, තරුණ පරම්පරාවත්, වැඩිහිටි පරම්පරාවත් අතර අධ්‍යාපනය සඳහා යොදනු ලබන සම්පත් වඩා සාධාරණ ලෙස බෙදී යනු ඇත.පුද්ගලයකුගේ ජිවිතකාල චක්‍රයෙන් 3/4 වැඩිහිටි වියට අයත්වෙනවානම් ඒ කාලය තුළද ඔහුට අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබේ. වර්තමානයේ පවත්නා පරිදි,ද්විතීය අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු කීපයක්ම සමාජ අත්දැකීම්,සමාජ සංඝට්ටනයෙන් තොරව ඉැගන ගන්නාවිට පුද්ගලයා සමාජයට ආගන්තුකවේ.එහෙත් පුනරාවර්තන අධ්‍යාපනය මගින් ජීවිතය නමැති තක්සලාවේ පරිචයක් ලබයි. වර්තමානයේ" අධ්‍යාපනය" කියූ පමණින් හැඟවෙන ක්‍රියාකාරකම් වලින් බොහෝදුරට ඈත්වූ හා වෙන්වූ මනෝලන්තයක සිට ඉගෙනීම ඉවත්වී පුනරාවර්තන අධ්‍යාපනය මගින් අධ්‍යාපනය ව්‍යවහාරයට පත්වේ. ව්‍යාප්තිය සාම්ප්‍රදායික අධ්‍යාපන ආකෘතියෙන් නව මංපෙත් බලා යන මෙම ක්‍රමය 1970 ගණන්වල ස්වීඩනය,නෝර්වේ සහ ප්‍රංශය යන රටවල ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන අතරඑක්තරාප්‍රමාණයකින් දැනටක්‍රියාත්මකවේ.ජර්මනියේ එය ක්‍රියාත්මක වන්නේ දිළිඳු හා කම්කරු පන්ති ජනතාව සඳහාය. පුනරාවර්තන අධ්‍යාපනය මගින් නූතන සමාජය තුළ මිනිසාට ඉදිරිපත් වන විවිධ සංකීර්ණ .ගැටළුවලට සහ අනෙකුත් අභියෝගයන්ට සාර්ථක අන්දමින් මුහුණදීමට හැකියාව ලැබේ.අනෙක් කරුණ නම් වර්තමින අධ්‍යාපනය බොහෝ දුරට මිනිසාගේ අතීත අවශ්‍යතා සඳහා මිස වර්තමාන හා අනාගත ජීවිත ගැටළුවලට සරිලන ආකාරයෙන් සකස්වී නැත.වෙනස්වන අනාගතය පිළිබඳ කම්පනයට පත්නොවී,ඊට ඔරොත්තුදීම‍ට නම් වරින්වර අධ්‍යාපනය ලැබිය යුතුවේ.අනෙක් අතට තාක්‍ෂණික අනාක්‍ෂරභාවයෙන් මිදීමට පුද්ගලයා වරින්වර නැවත නැවත අධ්‍යාපනය ලැබිය යුතුවේ. පුනරාවර්තන අධ්‍යාපනික අදහස අනුව අධ්‍යාපනය පිළිබඳ මේතාක් පැවති සංකල්පද වෙනස්වේ.මෙම අධ්‍යාපන ක්‍රමය සඳහා අධ්‍යාපන ක්‍රියාවලියේ සියලු අංශ කෙරෙහි විප්ලවීය අන්දමින් සිත යොමුකිරීම අවශ්‍යවේ.එනම් අධ්‍යාපනයේ අරමුණු,ව්‍යුහය,විෂය මාලාව,ඉගැන්වීමේ ක්‍රම සහ ඇගයීම මෙන්ම අධ්‍යානයේදී භෞතික හා මානව සම්පත් පරිහරණය කිරීම ආදියද වේ.නිදසුනක් වශයෙන් ගතහොත් පුනරාවර්තන අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා අනිවාර්ය හා ද්විතීය අධ්‍යාපනයේ විෂයමාලා ප්‍රතිසංස්කරණය විය යුතුය.විශේෂයෙන්ම ද්විතීය අවස්තාවේදී නැවත ඉගෙනීමට පැමිණීම සඳහා අත්තිවාරම දැමීම අවශ්‍යවේ. උපුටා ගැනීම චන්‍ද්‍රපාල කාරියවසම්ගේ 21 වන සියවසට අධ්‍යාපනය මේ අඩවියත් බලන්න අධ්‍යාපනය මනෝ විද්‍යාව
3362
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA
ත්‍යාගය
ත්‍යාගය සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නැත. ‍මේ සඳහා පොදු නීති හා ඉංග්‍රීසි නීති ප්‍රතිපාදන අදාල ‍‍වේ.එසේම මුස්ලිම් හා උඩරට නීති ද බලාත්මක වේ. ත්‍යාගයක් යනු ත්‍යාගකරු ත්‍යාගලාභියා‍ කෙරෙහි දක්වන ආදරය‍, කරුණාව, දයාව යනාදී හැඟීම් හේතු කොටගෙන කෘතවේදිත්වයක් දැක්වීම හෝ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවකින් තොරව යම්කිසි දේපලක් පැවරීම වේ.මෙහිදී අපට හිමි නොවන දෙයක් තෑගි කළ නොහැක. ත්‍යාග වර්ග 3 කි. මරණාසන්න ත්‍යාගය (Donatio Motis causa) ජීවත්ව සිටියදී කරන ත්‍යාගය (Donatio Inter vivos) දෑවැදි ත්‍යාගය (Donatio propter nuptias ) මරණාසන්න ත්‍යාගය මරණය චේතනා කරගෙන ලබාදෙන ත්‍යාගය වේ. ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි වේ. මෙය වැඩි වශයෙන් අන්තිම කැමති පත්‍රයක් මගින් ලබා දේ.ඵහිදී පුද්ගලයා නොමැරුණහොත් අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිය.ඵසේම ත්‍යාගලාභියා මියගිය හොත් ත්‍යාගය අවලංගු වේ. ඉංග්‍රීසි නීතියේ මේ ආකාරයේ ත්‍යාගයක් කොන්දේසි සහිත ත්‍යාගයක් ලෙස දක්වයි.හේතුව වන්නේ ත්‍යාගකරු දැන් සිටින තත්වය නිසාම මියගියහොත් පමණක් ත්‍යාගය බලාත්මක වන බැවිණි. රෝම ලන්දේසි නීතිය දක්වන්නේ අදාල දේපල භාරදී තිබීම නොතිබීම මත අවලංගු වන ආකාරය තීරණය වන බවයි. ත්‍යාගය භාරදී තිබුණි නම් අවලංගු කළහැකි ත්‍යාගයක් බවට පත් වේ.ඒ සඳහා අධිකරණයට යායුතුය.නමුත් භාරදී නැති නම් ඉබේ අවලංගු වේ. ජීවත්ව සිටියදී කරන ත්‍යාගය මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය. මෙහිදී ත්‍යාගලාභියා මියගිය හොත් අනුප්‍රාප්තිකයන්ට උරුම වේ. දෑවැදි ත්‍යාගය මෙහිදී දෑවැදි ලෙස දෙන ත්‍යාග අදාල වේ. ඵසේම ත්‍යාගයක් වුවද අගනා ප්‍රතිෂ්ඨාවක් තිබේ. ඵනම් ගිවිසුමට ඵලඹෙන්නේ විවාහ කරදීම වෙනුවෙන් ඇයව ආරක්ෂා කළ යුතු බවටය. ත්‍යාගයක් දීම ප්‍රමාණාත්මක නොවන අතර ත්‍යාගලාභියා ඵම ත්‍යාගය පිලිගැනීම අවශ්‍යය. ඵ් සඳහා නිශ්චිත ක්‍රමයක් නැත. බාලවයස්කරුවකු නම් ඕනෑම ක්‍රමයකට පිලිගැනීම කළ හැක. තුන්වන පාර්ශවයක් භාරගනී නම් ඵ් සඳහා ත්‍යාගලාභියාගේ කැමැත්ත අවශ්‍යය. ‍‍ෆලීල් ගෆූර් ඵදිරිව හම්සා හිදී ත්‍යාගලාභියාගේ අනුමැතිය නොමැතිව තුන්වන පාර්ශවය අදාල ත්‍යාගය භාරගැනීම නිසා ත්‍යාගය අවලංගු වන බව දැක්වීය. අඩවියෙන් බැහැර පිටු LawNet-Sri Lanka's Legal Information Network
3363
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විප්ලවීය යුගයක ආරම්භය සනිටුවහන් වන්නේ මහින්දාගමනයත් සමගය.මන්ද ශ්‍රී ලංකිකයෝ තමන්ගේ යැයි උරුමකම් කිව හැකි සංස්කෘතියක් කරා ගමන් අරඔනුයේ මහින්දාගමනයත් සමග මහඟු දායාද රැසක් ලැබීමත් සමගය.ලක්වැසියන් ලද අනගිතම දායාදය වන්නේ නිර්මල බුදු දහම ලංකාවට ලැබීමයි.එමෙන්ම ධාර්මික අර්ථ ක්‍රමයක්ද අක්‍ෂර මාලාවක්ද අධ්‍යාපන ක්‍රමයක්ද ශ්‍රී ලාංකිකයන්ට උරුම විය. ශ්‍රී ලාංකිකයන් ලද අධ්‍යාපන ක්‍රමය වනාහි බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායයි.පුරාණ ලංකා වේ බෞද්ධ අධ්‍යාපනය මුලික වශයෙන්ම භික්‍ෂුන් වහන්සේලාගේ මුලිකත්වයෙන් සිදුවිය.එමෙන්ම එය සපුරා සමාජයට අදාල වුවක්ද විය.භික්‍ෂු සමාජය මුල්කොට පරමාදර්ශී උත්තර මිනිස් සමාජයක් බිහිකිරීම බුදුරජාණන් වහන්සේගේ මුලික අපේක්‍ෂාව විය. මිහිඳු හිමියන්ගේ සපැමිණීමත් සමග දෙවනපෑත්ස් රජුවිසින් අලංකාර ලෙස ඉදිකරවන ලද මණ්ඩපයක මහා අරිට්ඨ තෙරණුවෝ උතුරු දෙසට මුහුණ ලා වැඩ සිටියහ.මහා මහින්ද තෙරණුවෝ දකුණු දෙසට අභිමුඛව වැඩ හුන්හ.උන්වහන්සේ වටා සැට අටක් මහ තෙරවරුන් වැඩ සිටියහ. දෙවනපෑතිස් රජුගේ කණිටු සොහොයුරු මත්තාභය නම් තෙරණුවන් ඇතුළු පන්සීයක් පමන භික්‍ෂු පිරිස ධර්මාසනයෙහි වැඩහුන් අරිට්ඨ ‍තෙරුන් විසින් විනය ප්‍රකාශ කල විට එය වණපොත් කොට උගෙන යළි ප්‍රකාශ කළ කළහ.මෙය ලාංකික බෞද්ධ ඉගෙනුම් ක්‍රියාවලියේ ආරම්භය විය. ඉන්පසුව මහා අරිට්ඨ,තිස්ස දත්ත,විශාරද කාලසුමන,දීඝ සහ දීඝසුමන,නාග,බුද්ධරක්‍ඛිත,තිස්ස දේව,සුමන,චුලනාග යන තෙරවරුන්ද රුහුණේ උපත ලද ධම්මපාලිත තෙරුන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය ත්‍රිපිටකධර ඛේම තෙරුන්ද හෙළදිව දී ධර්ම විනය හා බුදු දහමත්,‍බෞද්ධ අධ්‍යාපනයත්ලක්බිමෙහි ස්ථාපිත කිරීමට කැපවී ක්‍රියා කලහ.මේ පිළිබඳව නිකාය සංග්‍රහයෙහිසහ සමන්ත පාසාදිකාව ඇතුළු ග්‍රන්ථයන්හි සඳහන් වේ.එම ආචාර්ය පරම්පරාවන්ගෙන් අඛණ්ඩව පැවත ආ භාණක පරම්පරාවන් විසින් හෙළදිව ජනතාවට ධර්මය උගන්වමින් බෞද්ධ අධ්‍යාපනය පුළුල් ලෙස සංවර්ධනයට පත් කිරීමට ශක්තිමත් ලෙස උරදෙමින් ඉදිරියට පවත්වාගෙන එනු ලැබිණි. ලක්දිව භික්‍ෂු පර්ෂදය වර්ධනය වීමත් සමග දේශීය ‍බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායද සංවර්ධනය වෙමින් චිරස්ථායි බවට පත්විය.ථුපාරාමය නිමවා පුජා කරන විට ලක්දිව පැවිදිව සිටි භික්‍ෂු පිරිස තිස්දහසක් වු බව මහා වංශය සඳහන් කරයි.තථාගතයන් වහන්සේගේ ප්‍රථම දේශනාවේ සිට පශ්චිම බුද්ධ වචනය දක්වා මුළු මහත් බුද්ධ දේශිතය අක්‍ෂර,පද,ග්‍රන්ථ,පරිපුච්ඡා, වශයෙන් සහ සංඛ්‍යා සහිතව වළගම්බා රජු සමය දක්වා ලාංකීය භික්‍ෂුන් විසින් කටවහරින් රැගෙන ආහ.මෙය ඉතා සංවිධානාත්මකව සිදු වුවකි.ප්‍රථම ධර්ම සංඝායනාවේ ධර්ම විනය දෙකෙහි ආරක්ෂාව සඳහා ඒවායේ වගකීම ප්‍රධාන පෙළේ භික්‍ෂු පරම්පරාවන් වෙත භාර විය.ඒවා හැදෑරීම මුල් කොට ගෙන භාණකපරම්පරාවන් ගොඩ නැගුනු බව පැහැදිලිය.ත්‍රිපිටක ධර්මය දිගු කලක් කටවහරින් සුරක්‍ෂිත කරගත් මේ "භාණකයෝ" බෞද්ධ අධ්‍යාපන කාර්යය නොකඩවා පවත්වාගෙන එන ලදහ.මෙකී භාණකයෝ තම තමන් වෙත සිටි ශිෂ්‍ය පරම්පරාවන්ට සහ තමන්වෙත හුදකලාව එළඹි ශිෂ්‍යයන්ටද ධර්ම හා විනය උගන්වමින් අධ්‍යාපන කාර්යයෙහි ලා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකරමින්බුදු දහමෙහි ලා ලක්වැසියන් දැනුවත් කිරීමේ උදාර කර්තව්‍යයට උරදී ක්‍රියා කල බව පැහැදිලිය. ලක්දිව බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය බෞද්ධ භික්‍ෂුව කේන්‍ද්‍රකොටගෙන සංවර්ධනයට පත්වු අතර රජවරු සහ සාමාන්‍ය ජනයාද භික්‍ෂුන් වහන්සේ වෙතින් ධර්මාධ්‍යාපනය ලද බව සඳහන් වේ. ඉගෙනුම් ක්‍රියාවලිය අතීතයේ පැවති ඉගෙනුම් ක්‍රියාවලිය සමස්ථයක් ලෙස හඳුන්වා ඇත්තේ ග්‍රන්ථකරණය ලෙසය.එය ග්‍රන්ථ ධුරයට අදාළ මුලික කාර්ය භාරය විය.ඒ බව විසුද්ධි මාර්ගයෙහි මෙසේ විස්තර කර ඇත.ඒ අනුව ධර්මය වනපොත් කිරීම,වනපොත් කළ කොටස් සාමුහිකව එකට සජඣායනා කිරීම අර්ථය ඉගෙනීම,ඒ පිළිබඳව නොතේරෙන තැන් ගුරු ඇසුරින් අසා දැන ගැන්ම අධ්‍යාපනයෙහි දැකිය හැකි මුලික ලක්ෂණ විය.ඉගෙනුම් කාර්යයෙහි ක්‍රම පද්ධතිය පිළිබඳව වැදගත් විස්තරයක් විසුද්ධි මාර්ගයෙහි පැහැදිලිව සඳහන්කර තිබේ.යමක් හැදෑරීමේදී ඒ පිළිබඳව පෙළ අක්‍ෂර ,පද ,ව්‍යාංජන , නිරුක්ති , නිර්වචන යන විචාර ක්‍රම යටතේ විමර්ශනයට ලක් කළ යුතු බව එහි දැක්වේ. විසුද්ධි මාර්ගයෙහි ඒඒ කරුණු සම්බන්ධව හැඳින්වීම්ද කර තිබේ. අක්‍ෂර : නම් අකුරුය.යා , සා , ආදී එක් අකුරක් ඇති පද ද මෙහිදී අක්‍ෂර වශයෙන් සලකනු ලැබේ පද : එක් අක්‍ෂරයක් හෝ විභත්‍යන්තව අර්ථ ප්‍රකාශ කෙරේ නම් එය පද නම් වේ. ඛ්‍යංජන : ඛ්‍යංජන නම් අකුරු කිහිපයක් එක්වීමෙන් සෑදෙන වාක්‍යයකි නිරුක්ති : ඉහත කී ආකාර වාක්‍ය විභාග කිරීමේ ක්‍රමය වු "ඵස්ස තිති-ඵස්සෝ " " වෙදයතිති-වෙදන " යනාදී විග්‍රහ දැක්වීමේදී නිරුක්ති නම් වේ නිර්දේශ : එම නිර්වචනය තවද විස්තර කිරීමේදී නිර්දේශ යැයි දැක්වේ දේශීය බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ භාවිත ක්‍රම ශිල්ප පුද්ගල චරිත අනුව ඉගැන්වීමේ ක්‍රමය ධර්මය විභංග ක්‍රමය යටතේ ඉගැන්වීමේ ක්‍රමය පැවරුම් ක්‍රමය ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය ක්‍රමය පුද්ගල චරිත අනුව ඉගැන්වීමේ ක්‍රමය :ශිෂ්‍යාගේ මානසික ස්වභාවය හා චරිත ලක්ෂණ අනුව ඔහුට ගැලපෙන අධ්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීම මෙහි පරමාර්ථයයි. ධර්මය විභංග ක්‍රමය යටතේ ඉගැන්වීමේ ක්‍රමය :ප්‍රථමයෙන්ම උදේදසය නම් වු පෙළ හදාරා අනතුරුව විස්තර වශයෙන් හැඳෑරීම පිණිස විභංග ක්‍රමය උපයෝගී කර ගනු ලැබීය. පැවරුම් ක්‍රමය :පහසුවෙන් කරුණු වටහාදීම සඳහා ලංකාවේ භාවිතා කළ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ පැවරුම් යොදා ගනු ලැබීය.වචනයෙන් වටහා දිය නොහැකි බොහෝ දේ පැවරුම් මඟින් වහා අවබෝධ කරවිය හැක. ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය ක්‍රමය :භික්‍ෂුන් වහන්සේලා ධර්ම දේශනය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලියේදී උගන්වනු ලබන විෂය පිළිබඳව දැනීම තහවුරු කරනු සඳහා මෙසේ ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය සාර්ථක ලෙස උපයෝගී කරගනු ලැබීය. මෙසේ බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය තුල උගත් පිරිස විසින් අනුගමනය කළ ක්‍රම ශිල්ප රැසක් ක්‍රියාත්මකව තිබෙන ආකාරය දැකිය හැක. ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ව්‍යුහය ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ව්‍යුහය තුල ප්‍රධාන කොටස් තුනක් දැක ගත හැකිය.එනම් ප්‍රාථමික අධ්‍යාපනය ද්වීතියික අධ්‍යාපනය තෘතියික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ළමයකුට මුලින්ම ලැබෙන විධිමත් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයයි.ශ්‍රී ලංකාවේ වර්තමානයේ මෙන්ම අතීතයේද ළමයකු අවුරැදු පහෙන්ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල් විය.ගුරු ගෙදරින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන ලදී.ඉන්දියාව,ශ්‍රී ලංකාව වැනි රටවල මෙ‍ම ගුරු ගෙදර සංකල්පය ක්‍රියාත්මක විය.ගුරු ගෙදර පිහිටියේ ගුරුවරයාගේ නිවසෙහිය.ගුරු ගෙදර ගුරුවරයා ගමේ සිටින ප්‍රධානියා විය.පඬිවරයකු , බහුශ්‍රැතයකු , පවුල් පරම්පරාවෙන් ඉහළ පුද්ගලයකු විය.ළමුන් නේවාසිකව ඉගෙන ගත්හ.සෑම දෙමාපියකුම සිය දරුවා ගුරු ගෙදර නේවාසිකව ඉගෙනීමට බාර දෙන ලදී.ළමයකුට අවශ්‍ය විධිමත් ප්‍රාථමික අධ්‍යාපනය ගුරු ගෙදරින් ලැබිණි.එමෙන්ම මීට සමගාමීව අවිධිමත් අධ්‍යාපනයක්ද ලැබිණි.එමගින් සාමාන්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වුසදාචාරය , මිනිසත්කම ආදී ගුණාංග ද සාමාන්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වු විවිධ කුසලතාවන්ද ලබාදෙන ලදී.මෙකී අවිධිමත් අධ්‍යාපනය ගුරු ගෙදර ගුරු මාතාව ‍නොහොත් ගුරුතුමාගේ භාර්යාව හරහා ලැබිණි. ශ්‍රී ලාංකීය ඓතිහාසික අනුරාධපුර ,පොළොන්නරු යුගවලදී ප්‍රාථමික අධ්‍යාපනයට භාවිතා කළ පත පොත සොයා ගැනිමට නොලැබේ.මන්ද සතුරු ආක්‍රමණ නිසා විනාශයට පත් වු බැවිනි.නමුත් නුවර යුගයේ ප්‍රාථමික අධ්‍යාපනයට භාවිතා කළ පත පොත රැසක් දැකගත හැකිය.එනම් වදන් කවි පොත සකස්කඩ බුද්ධ ගජ්ජය පත්තිනි හෑල්ල ගණදෙවි හෑල්ල මඟුල් ලකුණ හෝඩිය නම්පොත යන කෘතීන්ය.ප්‍රාථමික අධ්‍යාපනයේදී භක්‍ෂුන් මැදිහත් නොවීය.ගිහියන් ඊට මුල් විය. ද්වීතියික අධ්‍යාපනය ද්වීතියික අධ්‍යාපනය පිළිබඳව විමසා බලන කළ එය දෙආකාරයකට ලැබිණි.එනම් පන්සල් පාසල පවුල පන්සල් පාසල පන්සල් පාසල පන්සල ආශ්‍රිතව පවත්වාගෙන ගියේය.සෑම ගමකම පන්සල් පාසල් පැවතිනි.ඒ සෑම පන්සල් පාසලකටම අනන්‍ය වු ලක්ෂණ පැවතිණි.ප්‍රාථමික අධ්‍යාපනයන් පසු කොටසක් පන්සල් පාසලට යොමු විය.එසේ යොමුවීමේ ප්‍රවනතාවය වැඩි වුයේ මහණ වීමට අපේක්‍ෂා කළ අය රජවරු හා රජ පෙළපත් වල අය ප්‍රාදේශීය පාලකයන් , යුව රජවරුන් ප්‍රධානීන් සහ ප්‍රභූවරුන් වෛද්‍යවරුන් වීමට අපේක්‍ෂා කළ අය නක්‍ෂත්‍රය ඉගෙනීමට පෙළඹුනු අය උගතුන් වීමට කැමති අය ශාස්ත්‍රීය මෙන්ම වෘත්තීය විෂයන්ද ඉගැන්වීය.ශාස්ත්‍රීය විෂයන් වුයේ අංක ගණිතය ,භූගෝල විද්‍යාව ,ඉතිහාසය නක්‍ෂත්‍රය ,සිංහල, පාලි ,සංස්කෘත භාෂා ,ඡන්දස් අලංකාරය.සෑම පන්සල් පාසලක්ම එකිනෙකට වෙනස් විය.එක් එක් ප්‍රදේශවලට ආවේණික සම්පත් මිනිස් ආකල්ප මත විෂය මාලාව සැකසිණි. මිනිස් ශ්‍රමය නිසි ලෙස ආර්ථිකයට හසුරුවන පැහැදිලි විෂය මාලාවක් පන්සල් සතු විය.වර්තමානයේ මෙන් උගතුන් අතර විරැකියාව හෝ උගතුන් මුල් වූ දාමරික ක්‍රියා එකල නොවූයේ මෙනිසාය.විමධ්‍යගත පන්සල් පාසල් ක්‍රමයක් විය.භික්‍ෂුව නොමිලේ අධ්‍යාපනයලබා දුනි.රජු පවා අධ්‍යාපනයට මැදිහත් නොවීය.රජවරු භික්‍ෂුවට අවශ්‍ය පහසුකම් සැපයූහ.ශාසනික අධ්‍යාපනයක් දක්නට ලැබුනි.තමන්ට සිවුපසය දුන් ගිහියන්ට කරනු ලබන ප්‍රත්‍යුපකාරයක් ලෙස අධ්‍යාපනය ක්‍රියාත්මක විය. පවුල ක්‍රමානුකුල විධිමත් අධ්‍යාපනයක් මෙමගින් නොලැබුනි.ශිල්ප ශ්‍රේණි/ගුරු කුල වශයෙන් සැකසී තිබිනි.ඔවුන් වෘත්තියක් පිළිබඳව කුසලතා තිබූ අයයි.බොහෝ පිරිස් පාසල මඟින් ලබාදුන් විධිමත් අධ්‍යාපනයෙන් පසුව පවුල මඟින් ලබාදුන් අවිධිමත් අධ්‍යාපනයට යොමු විය.ශාස්ත්‍රීය අංශයට යොමු වීමට අකමැති අය මීට යොමු විය.පවුල් ඒකකය තුල අධ්‍යාපනය ලැබීම සිදුවිය. සෑම ගුරුකුලයක්ම වෘත්තිය දක්‍ෂතාවන් පිළිබිඹු කළ අය විය.සෑම ගුරුකුලයක් සතුවම ගුරු මුෂ්ටි තිබුනි.ගුරු මුෂ්ටි යනු ශිල්පීය රහස්ය.මෙම ශිල්පීය රහස් සිය වර්ගයට අයත් කුල පරම්පරාව් මතු ආරක්‍ෂාවටත් ,සිය ‍අනන්‍යතාවන් සුරැකීමටත් භාවිතා විය.රහස් මාරුවූයේ පියාගෙන් පුතාටය.ක්‍රමයෙන් කාලාන්තරයක් තිස්සේ කළ ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම සිදුවිය.ඒ අතරම අවශ්‍ය න්‍යායික දැනුමද ලබාදෙන ලදී.මෙමගින් සිය වෘත්තිය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයකු බිහි විය.විවාහ වන වයසට පැමිණිකල පියා විසින් පුතාට සිය වෘත්තිය අදාල කාර්මික මෙවලම් භාරදෙනු ලැබීය. මේ ආකාරයට සෑම ළමයකුටම ද්වීතියික අධ්‍යාපන අවස්ථාවේදී පන්සල් පාසලෙන් හෝ ශිල්ප ශ්‍රේණි තුලින් අනිවාර්ය ද්වීතියික අධ්‍යාපනයක් ලබා දෙන ලදී. තෘතියික අධ්‍යාපනය තෘතියික අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් විය.ශාස්ත්‍රීය හා වෘත්තිය අධ්‍යාපනය හැදෑරූ අය තව දුරටත් ඉහලට ඉගෙනීමට යොමු වූයේ නම් ඒ තෘතියික අධ්‍යාපනයයි.ලංකාවේ පෙර පැවති විශ්ව විද්‍යාල පිළිබඳ විවිධ දේශාටන වාර්තා මඟින් තොරතුරු ලැබේ.හියුංසාන් සහ ෆාහියන් දෙනමගෙ‍් වාර්තා මෙහිලා ප්‍රබල සා‍ක්‍ෂි සපයයි.ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල පද්ධති දෙකක් පැවතිනි. ථේරවාදී සම්ප්‍රදාය මහායාන සම්ප්‍රදාය ථේරවාදී විශ්ව විද්‍යාල සම්ප්‍රදායික රටාවකට අනුගත විය.වේද ,නාට්‍ය ,නක්‍ෂත්‍රය ඉගැන්වීය.වඩා දියුණු වූයේ මහායාන සම්ප්‍රදායයි.අභයගිරිය,ජේතවනාරාමය මීට අයත්ය.ලෞකික ජීවිතයට අවශ්‍ය දැනුමද මෙම පද්ධතියෙන් ලබාදුනි. තරඟකාරීත්වය තුලින් මහායාන විශ්ව විද්‍යාල දියුණු විය.සංස්කෘතික ත්‍රිකෝණ කැණීම් මඟින්ද අභයගිරි විශ්ව විද්‍යාල භූමිය තුලින් කෘෂිකර්ම පීඨයක් ,ඉංජිනේරු පීඨයක් ,ගොවි බිමක් හමුවී ඇත. විශ්ව විද්‍යාලවල කාල සටහන් භික්‍ෂුවගේ දෛනික කාල සටහන අනුව සැකසිණි.එනම් පිණ්ඩපාතයට පෙර කාල සටහන පිණ්ඩපාතයට පසු කාල සටහන සන්ධ්‍යා කාලයේ කාල සටහන අප රටේ එකල පැවති විශ්ව විද්‍යාල පිරිවෙන නමින්ද හැඳින්වීය.ලංකාවේ විශ්ව විද්‍යාල අරඹන විට යුරෝපයේ පවා විශ්ව විද්‍යාල බිහිව නොතිබිනි.විශේෂඥ ආයතන නමින්ද ආයතනයක් තිබුනි.මෙමඟින් පශ්චාත් උපාධියක් පිරිනැමුණි.දකුණු පලාතේ විශේෂයෙන් මෙම ආයතන පැවතුණි.තිස්ස මහා විහාරය , චිත්ත පබ්බත මීට උදාහරණ වේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ක්‍රමය තුලද පුද්ගලයකුට පශ්චාත් උපාධියක් දක්වා ඉගෙනීමට අවස්ථාව තිබූ බව පැහැදිලිය. ඉතිහාසය - ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ බුද්ධාගම
3364
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාවේ දික්කසාද නීති
ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක නීත්‍යානුකූල විවාහ ක්‍රම ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් දික්කසාද වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම් , සාමාන්‍ය (රෝම-ලන්දේසි) [උඩරට නීතිය] [මුස්ලිම් නීතිය] මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය. දික්කසාදය ලබා දෙන පදනම් රෝම ලන්දේසි විවාහ (සාමාන්‍ය විවාහ) වෛවාහක වරද (matrimonial fault) විවාහය බිඳවැටීම (breakdown of marriage) ලෙස කොටස් දෙකකි අප නීතියේ පදනම වන්නේ වෛවාහක වරදයි.ඒහිදී 1907/19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 13වන වගන්තිය යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා ඔප්පු කර පෙන්විය යුතු අවස්ථා 3කි. අනාචාරය (Adultery) ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion) සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව (Incurable impotence) අනාචාරය කාලාත්‍රයන් ස්වෙච්චඡාවෙන් වෙනත් පාර්ශවයක් සමඟ කැමැත්තෙන් ලිංගිකව හැසිරීමයි. (පෙම් සබඳතා , සමලිංගික ආශ්‍රයන් මීට අයත් නැත) මෙය ඔප්පු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව තුල මුල් කාලීනව තීරණය වී තබූ තත්වය වුයේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය යන්නයි. තීරණය වූ නඩුවක් වන "පුෂ්පකුමාර එ. ටාර්මෙටි සහ අනෙක් අය" දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ "ශක්‍යතා වැඩි බර මත" යන පදනම අදාල බවයි. සිවිල් නඩු විධාන සංග්‍රහයේ "598" වගන්තිය ප්‍රකාරව අනාචාරයට අදාල අනියම් පුරුෂයා /කාන්තාවද වගඋත්තරකරුවකු විය යුතුය. නමුත් මේ සඳහා ව්‍යාතිරේඛී අවස්ථා තුනක් පවතී. විත්තිකාර පාර්ශවය ගණිකා වෘත්තියේ යෙදීම. නිසි අවධානය යෙදුවද වගඋත්තරකරුගේ නම සොයා ගත නොහැකි වීම. තුන්වන පාර්ශවය මියගොස් ඇත්නම්. ද්වේශ සහගත අතහැර යාම එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය යම් කාලයක් ඇතුලත ,නැවත පැමිනී‍මේ හෝ ඉටුකිරීමේ චේතනාවක් නොමැතිව ඉටුවිය යුතුකම් ඉටුනොකර සිටීමයි.මෙහිදී මානසික අංගය හා ශාරීරික අංගය ඔප්පු කළයුතු අතර මේ දෙක අතර සම්බන්ධයක් තිබිය යුතුය. අනෙක් පාර්ශවයට වෛවාහක නිවස අතහැරයාමට වන පරිදි කටයුතු කිරීම තුලින් එෂේ කරන පුද්ගලයා අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට මුල් වේ. උදාහරනයක් වශයෙන් බබුන් නෝනා එ. ඇල්බන් කෙම්පස් දී අනාචාරයේ යෙදුනු සැමියාට විත්තිකාර බිරිඳ පහරදී ‍රෝහල් ගතකළමුත්,ඇය එසේ කළේ සැමියාගේ චරිතය අයහපත් වූ හෙයින් නිසා එය අනුමිත ද්වේශ සහගත අතහැරයාමක් ලෙස සැළකුණි. ලිංගික බෙලහීනතාව විවාහ වන අවස්ථාවේ පවා තිබිය යුතු සුවකළ නොහැකි ලිංගික බෙළහීනතාව මෙයින් අදහස් වේ. බෙළහීනතාව වරදක් වන්නේ ඒ බව දැනගෙන විවාහ වු විටය. මේ කරුණු මත සාමාන්‍ය නීතියේ දික්කසාදය සාකච්ඡා වේ.දික්කසාදය සිවිල් වරදක් වන නිසාවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව , දිසා අධිකරණයේ , එදිරිවාදී නඩු පටිපාටිය අනුව ක්‍රියාත්මක වේ. එසේම ඉහත කරුණු වලට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහයේ "608"ට, 1970 ගෙනා සංශෝධනය ප්‍රකාරව , අවුරුදු 7ක් වෙන්ව සිටියදී හෝ අවුරුදු 2ක අධිකරණමය වෙන්වීමක් වී තිබේ නම් ලඝුකාර්‍ය පටිපාටියෙන් දික්කසාදය ගත හැක.(නමුත් කාර්‍ය පටිපාටියට වූ මෙම වෙනස්කම , හරයාත්මක නීතියට හඳුන්වා නොදීම නිසා ප්‍රායෝගිකව මෙම තත්වය ක්‍රියාත්මක නොවේ.) උඩරට (සිංහල) විවාහ පහත සඳහන් කාරණා මත උඩරට විවාහයක් දික්කසාද කළ හැකිය. විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම බිරිඳ විසින් අවුරුදු දෙකක් තිස්සේ සැමියා අතහැර දමා සිටීම. සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත පුරුෂ පක්ෂය විසින්ද, සැමියා විසින් අනාචාරයෙහි යෙදීම සැමියා විසින් අවුරුදු දෙකක් තිස්සේ බිරිඳ අතහැර දමා සිටීම. සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත ස්ත්‍රී පක්ෂය විසින්ද තම විවාහය අවලංගු කර හෝ දික්කසාද තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක. දෙදෙනාගේම කැමැත්තෙන් හා අන්‍යේන්‍ය එකඟතාවය මත නම් දෙදෙනා එකතුව ඉල්ලීම් කළ හැකිය. මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ විවාහ නීතිය සිංහල විවාහය නීතිය අඩවියෙන් බැහැර පිටු ශ්‍රී ලංකා ආණ්ඩුව: LawNet ප්‍රජාව විවාහය
3365
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B7%94%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය
ශ්‍රී ලංකාවේ 10% හුණුගල් තට්ටුවක්ද 90%පසද පිහිටා ඇත. පෘතුවි‍යේ වැඩෙන පැළෑටි සහ සත්ව සංහතියේ පැවැත්ම රදාපවතින්නේ මේ පස් තට්ටුව මත වන අතර , පැළෑටි වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාරථද , ජලයද සැපයෙන්නේ පසෙනි.පස පිළිබඳ අවධානය කෘෂිකර්මාන්තයට යොමුවූ කාලයේ සිට පැවති අතර , පස පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයන් ආරම්භවූයේ මෑතකදීය.මෙයට අඩිතාලම දැමුවේ "DUKUSHAEV" නම් ප්‍රමුක රුසියානු විද්‍යාඥයා විසිනි.මේ සමඟ ඇති ශ්‍රී ලංකා පාංශු සිතියම මේ සදහා උපකාරි වෙයි. ශ්‍රී ලංකාව තුළ පාංශු වගර්‍ 14 පිළිබඳ කථාකරණු ලබයි. රතු දුඹුරු පස වියළි කලාපීය ප්‍රදේශවල මේ පස් වර්‍ගය දක්නට ලැබෙයි.මිලි මීටර්අ 200ට අඩු වර්ශාපතනයක් ලැබෙන වියළි කලාපීය ප්‍රදේශවන අනුරාධපුරය, පොළොන්නරැව,වව්නියාව,හම්බන්තොට,මොනරාගල හා යාබඳ දිස්ත්‍රිකවල රතු දුඹුරුපස් ඇත.මේ පසෙහි කැල්සියම් හොඳින් ඇති අතර කැටායන හුවමාරු ධාරිතාවයද ඇත.මේ පස කෘෂිකර්මාන්තය සදහා යෝග්‍යවෙයි.වියළි කලාපයේ සාම්ප්‍රදායික හේන් ගොවිතැනට බොහෝ උපකාරී වේ. මේ අතර ධාන්‍ය,අතිරේක ආහාර බෝග,තණබිම්,පළතුරු, වී වගාව සඳහා යෝග්‍ය වෙයි. pH=6.5 ක් පමණ වේ.පසේ ජලය රදවා තබා ගැනීමේ ධාරිතාවය අඩු බැවින් කෙටි කාලාන්තර වලින් ජලය සැපයිය යුතු ය. තවද මෙම පසහි මතුපිට කැටිති වල ස්ථායීතාව අඩු බැවින් ඛාදනයට ලක් වීමේ හැකියාව ඇත. එබැවින් නිසි පාංශු සං‍රක්ශණ ක්‍රම අනුගමනය කළ යුතු ය. චූර්ණක නොවන දුඹුරු පස බොරළු වලින් යම්තාක් දුරකට සමන්විත මේ පස රළු වයනයක් ගන්නා අතර තෙතමනයේදී ඇලෙන සුළුය.අම්පාර.මඩකලපුව දිස්ත්‍රිකවලද,ගල්ඔය මිටියාවතේද, මේ පස ඇත.පොටෑසියම්,මැග්නීසියම් පසෙහි අඩුයි.නමුත් කැටායන හුවමාරු ධාරිතාව සතුටුදායකයි.තෘණ වගාව සිදූකරනු ලබන අතර වාරිමාර්‍ග මගින් වී වගාව සාර්ථකයි. රතු කහ පොඩ්සොලික් පස මේ පස වියළි විටක කුඩුවන සුළුද,තෙත් විටක ඇ‍‍ලෙන බවද දක්නට ලැබෙයි. මේ පස තෙත් කලාපීය දිස්ත්‍රිකවල කදූ හා දළ බෑවුම් සහිත භූමිවලට සීමාවේ. බදුලු,බණ්ඩාරවෙල ප්‍රදානයි.නුවරඑළිය,රක්වාන,දෙනියාය සමහර ප්‍රදේශ වලද ඇත. මේ පසෙහි කැල්සියම්,මැග්නීසියම් ප්‍රමාණය හීන වුවද තේ,රබර්,වගාවලට බලනොපායි. එළවළු, පළතුරු වගා සඳහා යෝග්‍ය වෙයි. රතු කහ ලැටසෝල්ස් මේ පස ගැඹුරුය.මනා ජල වහනයකින් යුක්තය.මන්නාරම හරහා පුත්තලම දක්වාද, මුලතිව් දක්වාද, යාපන අර්ධද්වීපයේද ව්‍යාප්තව ඇත.පොස්පරස් හා පොටෑසියම් මට්ටම තරමක් වන අතර කැල්සියම් හා මැග්නීසියම් ප්‍රමාණය සතුටුදායකයි.දෙහි පවුලට අයත් පළතුරු වගා සඳහා ප්‍රධාන වන අතර කජු වගාවටද යෝග්‍ය වෙයි. මේ පසට ‍‍ඵෙන්ද්‍රීය පොහොර භාවිතා කිරීමෙන් සශ්‍රීකත්වය රදවාගත හැකියි. රතු දුඹුරු ලැටසොලික් පස මෙය කබොක්මය පස ලෙසද හදුන්වයි.එමෙන්ම මනා ජලවහන රටාවකින් යුත් පසකි.නුවර,කෑගලු දිස්ත්‍රිකවලත්,මාතලේ දිස්ත්‍රිකයේත් මේ පස දක්නට ලැබේ. අම්ල බවකින් යුත් පසකි.කැටායන හුවමාරු ධාරිතාවද ඉහළ වන අතර පුළුල් තෙතමනයකින්ද යුක්තයි.කොකෝවා,කෙසෙල් වගාකරනු ලබයි. අපරිණත දුඹුරු ලෝම් පස මේ පස නුවර දිස්ත්‍රිකයේ දක්නට ලැබෙන අතර,මධ්‍යස්ථ ගැඹුරකින් යුක්තයි. වියළි කලාපයේ කදු බෑවුම් වල මෙන්ම ගල්පර තැනිවලද මෙම පස ඇත.කැටායන හුවමාරු ධාරිතාව ඉහළ වන අතර,වයනය,ජලවහනය සතුටුදායකයි.කෘෂිකර්මාන්තයට යෝග්‍යවෙයි. සොලඩයිස්ඩ් සොලනට්ස් පස සංකීර්ණ රටාවකින් යුක්ත මේ පස ක්ෂාර හා ලවණ පස ලෙසද හදුන්වයි. වියළි කලාපයේ මුහුදුබඩ තීරවල වඩදිය බාදිය තලාවල හා මෝය නිධිවල මැටි කොටස්මත දක්නට ලැබේ.ලංකාවේ ගිණිකොණ,තමන්කඩුව,දමන ප්‍රදේශවල ප්‍රධානයි.පසෙහි නයිට්‍රජන් හා පොස්පරස් ප්‍රමණය දුර්වලය.පුළුල් තෘණ වගාවටද වී වගාවටද යෝග්‍ය වෙයි. ග්රුමුසෝල්ස් පස කළු නිවර්තන මැටිපස් ලෙසද හදුන්වන මේ පස යාපන දිස්ත්‍රිකයේ දකුණු ප්‍රදේශය, මුරුක්කන් වටාද,මන්නාරම දිස්ත්‍රිකයේද දක්නට ලැබේ.පැරණි අත්හල වැව් තිබෙන ප්‍රදේශවලද මේ පස තිබුණි.පසේ පොටෑසියම් ප්‍රමාණය අධිකය.කැටායන හුවමාරු ධාරිතාවයක්ද ඇත.කපු වගාව හා වී වගාවට යෝග්‍ය වෙයි. රෙගෝසෝල්ස් පස නවක පසක් යන අර්ථය ගෙනදෙයි.වෙරළ හා වැලි වැටි මතද,මෑත කාලීන නිධිසාදිත නිධි මතද මේ පස වර්ධනය විය.යකඩ පෝෂිත වැලි මැටි පසකි.ලංකාවේ පටු වෙරළාසන්න තීරුවලද,කදුකරයේ බෑවුමේ පහත් පැති තෙත් කදුකර කොටසෙහිද මේ පස ව්‍යාප්තව ඇත.තරමක් පෝෂ්‍යද්‍රයි පසක් වන අතර කැටායන හුවමාරු ධාරිතාවයක්ද ඇත.පොළව යට ඇති ජලය ගැඹුරට වැඩෙන ශාක මඟින් උරාගනියි. මේ පස කෘෂිකටයුතු සඳහා අයෝග්‍ය වන අතර පොල් වගාව ඉතා යෝග්‍ය වෙයි. අම්ල වගුරු පස් හැල් හා අර්ධ හැල් පස් ලෙසද හදුන්වයි.මේ පස දියළු ද්‍රව්‍ය උඩින් පිහිටි පීට් වලින් යුක්තය.25%‍‍ ඵෙන්ද්‍රීය ද්‍රවය වලින් අඩංගු තට්ටුවකින් සමන්විතය.තෙත් කලාපයේ පහත්බිමේ ප්‍රධාන ගංඟා අසබඩ වගුරු සහිත ප්‍රදේශයේ හමුවේ.කොළඹ,කළුතර, ගාළු දිස්ත්‍රිකවල විහිදී ඇත.උස් ප්‍රදේශවල,සානු ප්‍රදේශවල සමතලා නිම්න පතුලේද ඇත. අවභ්‍යුමික ග්ලේ පස ලංකාවේ සාමාන්‍යයෙන් පහත් බිම් තීරය පුරාම මේ පස විහිදී ඇත. දියළු පස ජලය රදවා තබනු ලබන පසයි.මිටියාවත්,ඇළ,දොළ,ගංඟා ආශ්‍රිතව ජලයෙන් යටවන තලා මත්තෙහි මේ දියළු පස ඇත.වී වගාව සඳහා ප්‍රධානවන්නේ මේ පසයි.චය අගය,කැටායන හුවමාරුව,ඵෙන්ද්‍රීය ද්‍රවය පෝෂ්‍යද්‍රයීත්වය මේ පසෙහි බහුලව ඇත. මේ අඩවියත් බලන්න වියළි කළාපයේ පස අඩවියෙන් බැහැර පිටු කෘෂිකර්මය
3366
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA
යතුරු ලියනය
මුද්‍රණ යන්ත්‍රය නිපදවිම මානව සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. මෙතෙක් අතින් ලියු පොත් පත් දැන් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වන්නට පටන් ගැනිණි. පොතක පිටපත් සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වත්ම ඒවා කියවන පාඨක පිරිස් ද වැඩි විණ. පාඨකයාගේ ඥාන සම්භාරයද ශිඝ්‍රයෙන් වර්ධනය විණ. එසේ වුවද මුද්‍රණ මාධ්‍ය මුලික වශයෙන් ජන මාධ්‍යයක් විය. අන්තර් පුද්ගල සන්නිවේදනය අරබයා ඉන් ලැබුණු පිටිවහල මඳය. ඒ අන්තර් පුද්ගල අවශ්‍යතා පිරිමසා ගැනිමේ කාර්ය භාර්ය පැවරැණේ තවත් නව නිෂ්පාදනයකටය ඒ typewriter'' (ටයිප් රයිටර් ) හෙවත් යතුරු ලියනය යි . මුලින්ම යතුරු ලියනයක් නිපදවන ලද්දේ දහනවවන සියවසෙහිය. වෙළද පොළට මුලින්ම පිවිසියේ " රෙමිංටන්" (Remington) යන නමින් හැඳින්වුණු ඉංග්‍රිසි යතුරු ලියනයකි. ඉංග්‍රිසි පාලන සමයේ දි මේ යතුරු ලියනය මෙරටටද හඳුන්වා දෙනු ලැබිණ. රජයේ කාර්යාල වල ලිපි ලේඛන සකස් කිරිමට මෙන්ම මුද්‍රණය සඳහා අත් පිටපත් සකස් කිරිමට ද මේ යතුරු ලියනයක් අවශ්‍ය වුයේ විසිවන සියවසේ මැද භාගයේ දී සිංහලය රාජ්‍ය භාෂාව බවටත් අධ්‍යාපන මාධ්‍යය බවටත් පත් වීමෙන් පසුවය. සිංහල යතුරු ලියනය සිංහලය අරබයා යතුරු ලියනයක් සකස් කිරිම ගැටලු සහිත ප්‍රශ්නයක් විය. පළමුවැන්න "යතුරු පුවරුව" (Keyboard) සැලසුම් කිරිමේ ප්‍රශ්නයයි. ඉංග්‍රිසි භාෂාව ලිවිමට අවශ්‍ය වන්නේ අකුරු 26 ක් පමණකි. එහෙත් සිංහලයෙන් ලිවීම සඳහා අකුරුවලට අමතරව "පිලි" නම සංකේත විශේෂය ද අවශ්‍ය වේ. අකුරු දෙකක් එකට බැඳ ලිවිමේ සම්ප්‍රදායක් ද සිංහලයෙහි ඇත. "බැඳි අකුරු" නම් අකුරු නම් අකුරු විශේෂය ඉංග්‍රිසියෙහි නැත. සිංහලයෙහි ඇති අක්ෂර සංඛ්‍යාවද ඉංග්‍රිසි අක්ෂර සංඛ්‍යාවට වඩා වැඩිය. ඉංග්‍රිසි හෝඩි‍යේ ඇත්තේ අකුරු 26 ක් පමණකි. සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව 60 ආසන්නය. එහෙත් හැම ඉංග්‍රිසි අකුරකටම Small හා Large යනුවෙන් රූප දෙකක් ඇති බැවින් එහි අක්ෂර රූප සංඛ්‍යාව ද 52 තරම් විශාලය. සිංහලය සඳහා යතුරු ලියනයක් නිපදවිමේ ගෞරවය හිමි වන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කළ එචි එස් පෙරේරා මහතාට යැයි සඳගෝමි කෝපරහේවා මහතා පෙන්වා දෙයි. එවක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ ලෝරන්ස් පෙරේරා මහතා ද ඔස්ටින් කැන්ටර් මහතා ද සිංහල යතුරු ලියන නිර්මාණයෙහිලා බෙහෙවින දායක වු බව අසන්නට ලැබිණ.ටයිප් රයිප් රයිටරය සඳහා "යතුරු ලියනය"යන පදය නිර්මාණය කරන ලද්දේ කැන්ටර් මහතා විසින් බව කෝපරහේවා මහතා කියයි. 1946 දී පමණ භාවිතයට ආ සිංහල යතුරු පුවරුවෙහි යතුරු 46 ක් වු බව කියනු ලැබේ. ඉම්පීරියල් (imperial) නම් ඉංග්‍රිසි සමාගමක් විසින් වෙළඳ පොළට හඳුන්වා දුන් මෙහි කොතරමි අඩුපාඩු තිබුණත් එය පසුකාලින යතුරු පුවරුවලට පාදක වුණු බව පෙනේ. 1950 පමණ වන විට ක්‍රිස්ටෝ (Christo) ඕර්බිස් (Orbis ) හා ඔලිම්පියා (Olympia)යනුවෙන් තවත් සිංහල යතුරු ලියන තුනක් වෙළඳ පොළට පිවිසිණ. මේවායෙහි යතුරු පුවරු එක හා සමාන නුවුයෙන් සිංහලය සඳහා වඩාත් විධිමත් වු ද කාර්යක්ෂම වු ද යතුරු පුවරුවක අවශ්‍යතාව දැනිණ. ඒ ගැන සොයා බැලිමට කාරක සභා කිපයක්ම රජය විසින් පත් කරන ලදි. මේ කාරක සභාවල වගකීම වුයේ "සම්මත යතුරු පුවරුවක් " නිර්මාණය කිරිමට උපදෙස් දීමයි මේ එක් කාරක සභාවක වාර්තාව 1959 දී Report of the committee on the Arrangement of the sinhala Typewriter keyboad යන නමින් සැසි වාර්තාවක් වශයෙන් පළ කෙරිණ. මේ කාරක සභාවෙන් අනුමත කළ යතුරු පුවරුව සහිත යතුරු ලියනය පමණක් 1961 වර්ෂයේ සිට රජයේ කාර්යාල වල භාවිතයට නිර්දේශ කෙරිණ. එහෙත් එහි වලංගු භාවය අවුරැදු පහක කාල පරිචිඡේදයකට පමණක් සීමා කරන ලද්දේ ඊට වඩා හොඳ යතුරු පුවරුවක් නිර්මාණයට ඇති ඉඩ ප්‍රස්තාව නොවළක්වනු පිණිසය. යතුරු ලියන පුවරුවක අකුරුපෙළගස්වා තිබෙන්නේ අකාරාදී පිළිවෙළින් නොවේ. වඩාත් බහුලව යොදන අකුරු පුවරුවේ මැද කොටසටත් විරල වශයෙන් යෙදෙන අකුරු ඈතිනුත් යෙදෙන ආකාරයට සිංහල අකුරු අතුරින් වඩාත් බහුලව යෙදෙන අකුරු මොනවා දැයි තීරණය කිරිම ලේඛන ව්‍යවහාර සමීක්ෂණයකින් පසුව පමණක් කළ යුත්තකි කැන්ටර් මහතා මෙන්ම ලෝරන්ස් පෙරේරා මහාතාද මේ සම්බන්ධයෙන් සෑහෙන වෙහෙසක් දෑරු පුරෝගාමීන් වශයෙන් හැඳින්විය හැකිය. සිංහල යතුරු ලියනය ගැන තව දුරටත් සොයා බැලිමට 1964 දී අධිකරණ අමාත්‍යංශය විසින් තවත් කාරක සභාවක් පත් කරනු ලැබිණ. එහි සභාපති වශයෙන් ක්‍රියා කළේ එවක රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර මහතායි. මේ කාරක සභාව විසින් අනුමත කරන ලද යතුරු පුවරුව "විජේසේකර යතුරු පුවරුව" යන නමින් පසු කලෙක හැඳින්වෙන්නට විය. ඔලිම්පියා යතුරු ලියනයට අමතරව Adler (ඇඩිලර් ) යන නමින් අලුත් යතුරු ලියනයක් ද මේ නව යතුරු පුවරුව ජනප්‍රිය කිරිමට දායක විය. "විජේසේකර''' " යතුරු පුවරුව තනි අකුරු පමණක් නොව "බැඳි අකුරු " ලිවිමට ද ඉඩ ලබා දෙයි . මේ යතුරු පුවරුව ද පසුව මඳ සංශෝධනයන්ට භාජනය කරන ලදි. ආශිත ග්‍රන්ථ (ජේ .බී දිසානායක‍ "සිංහල අක්ෂර විචාරය"කෘතිය ඇසුරුණි) මේ අඩවිත් බලන්න රෙමිංටන් ගැන වැඩිදුර දැනගැනීම පිණිස The Virtual Typewriter Museum වෙත යන්න. සිංහල යුනිකෝඩ් යතුරුපුවරුව සිංග්ලිශ් ටයිප්රයිටරය Sinhala Search
3367
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ගෝලීයකරණය
ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන . එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ඨන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි. නෝර්ම් චොම්ස්කි තර්ක කරන්නේ ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත බවයි. ගෝලීයකරණය යනු ප්‍රජාව සහ සමාජයන් ‍තොරතුරු යැවීමේ හා බෙදා වෙන් කිරීමේ පටිපාටියේ විප්ලවයක් යැයි ගෝඩන් මැතිස් “පශ්චාත් නවමු ලෝකයේ තේරුම් ගැනීම” නම් වූ ඔහුගේ, වි‍ශේෂ සිදුවීම් රැගත් ව්‍යාපෘතියේ අවිවාදයෙන් පිළිගෙන ඇත. හර්මන් ඊ ඩාලි කියා සිටින්නේ යම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තරීකරණය සහ ගෝලීයකරණය යන පද ද්විත්වය එකම අර්ථ ගෙන දෙන්නක් ලෙස හැඟවෙන්නා වුවද එහි ඉතා සුළු වෙනසක් ඇති බවයි. ජාත්‍යන්තරීකරණය යන වදන අදාල වන්නේ ජාත්‍යන්තර වෙළඳාම, සම්බන්ධතා ගිවිසුම් යනාදියේ වැදගත්කමටයි. අන්තර්ජාතික යන්නෙන් අදහස් වන්නේ ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර යන්නය. ගෝලීයකරණය යනු, ආර්ථිකමය අරමුණු වෙනුවෙන්, ජාතික යන සීමාව ඉවත් කිරීමයි. ගෝලීයකරණය නිසා ඇතිවන බලපෑම් ගෝලීයකරණය නිසා ලෝකයට සිදුවන බලපෑම් කාර්මීකරණය - නිෂ්පාදන ද්‍රව්‍ය වල ඇති අවශ්‍යතාව හා වෙනත් රට වලින් ආනයනය කිරීමේ අවශ්‍යතාව මුල්‍යමය - ලොවපුරා ඇති මුල්‍යමය ආයතන හා මුදල් හුවමාරුවේ අවශ්‍යතාව ආර්ථික - වෙළෙදපොල තත්ත්වය සහ භාණ්ඩ හා මුදල් හුවමාරැව දේශපාලනමය - ගෝලීයකරණය හේතුවෙන් සමාජීය හා ආර්ථිකමය හේතූන්ගේ අයිතින් ගැන රජයන් විසින් වගා බලා ගනී. දේශපාලන වශයෙන් ඇමරිකානුවන් ආර්ථිකමය ප්‍රබලභාවයක් පෙන්වයි. එමෙන්ම චීනයේද පැහැදිලි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ සියලුම තාක්ෂණ හා සම්පත් එරට සතු නිසාය. තවත් අවුරුදු 20 ක් තුළ ලෝකයේ බලවත්ම රාජ්‍ය කුමක්දැයි යන්න ප්‍රශ්නයක් විය හැකිය. යුරෝපානු සංගමය, රුසියාව හා ඉන්දියාවද මේ අතර සිටී. තොරතුරු ලබා ගැනිම් - දුරස්ථ ප්‍රදේශ වලින් ඉක්මණින් තොරතුරු ලබා ගැනීම සංස්කෘතික මත - විවිධ සංස්කෘතීන් එකතුවන නිසා එක් පොදු භාෂාවක් භාවිතය. පාරිසරික බලපෑම - ජාත්‍යන්තර සමාගම් සමග සබදතා අවශ්‍ය වීම, ගෝලීය උණුසුම ඉහළයාම, පරිසරය දුෂණය වැනි ගැටලුවලට පිළියම් සෙවීම. සාමාජීය - ජනතාවගේ ව්‍යාප්තිය සහ ඒ සදහා ඇති අඩු නීති මාලා ප්‍රවාහනය - යුරෝපය තුළ යුරෝපිය වාහන අඩු වීම, තාක්ෂණය ස්ථානගත කිරීම. ජාත්‍යන්තර සංස්කෘතික වෙනස් වීම්. බහු සංස්කෘතිකවාදය සහ සංස්කෘතික විවිධත්වය ජාත්‍යන්තර ගමනාගමනය හා සංචාරය ආගමනය, නීති විරෝධී ආගමනය දේශීය භාණ්ඩ ජාත්‍යන්තරට යැවීම(අපනයනය) කාර්මික - ලෝකයේ ගෝලීය සන්නිවේදනයේ, යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සදහා අන්තර්ජාලය, චන්ද්‍රිකා, ජංගම දුරකථන යොදා ගැනිම, එමෙන්ම ලෝකයේ ඇති ප්‍රමිතීන් වැඩි කිරීම, පිටපත් කිරීමේ නීති, අයිතිවාසිකම් සහතිකය ආදිය. නීති - ජාත්‍යන්තර දුෂණ මර්දන ආයතන පිහිටුවීම , දුෂණය නැති කිරීම හා දැනුවත් කිරීම.මේ අතර නීති රීති පිළිපදින විට අපට සිදුවන ඕනෑම කරදරයකට මෙම අංකය ඇමතිය හැක. 119 මතක තබා ගන්න නීති රීති පිළිපදින විට පමණි තවදුරටත් බලන්න බටහිර ජනමාධ්‍ය සහ ගෝලීය සමාජය
3368
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%20%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
අධ්‍යාපන මනෝ විද්‍යාව
විද්යාව,කලා,සංස්කෘතික,කටයුතු පිළිබද ක්ෂේත්ර වල මහත්වු ජයග්රාහන කරා යොමුවෙමින් මිනිස් වර්ගයා ගමන් කරන නොනවතින ගමනෙහි වඩාත්ම කැපී පෙනෙන වාහකය වී ඇත්තේ අධ්යාසපනයයි.විධිමත් විෂය ක්ෂේත්රකයක් ලෙස අධයාපනයෙහි ප්ර්භවය ඇතිවූයේ මෑතකදීය.තොරතුරු සන්නිවේදනයෙහි නියලුනු බොහෝ කලාවන්ගේ හා විද්යායවන්ගේ සංයෝගවිමක ස්වරූපයක් ඉන් ප්ර කාශිත වේ.ඒ හා සම්බන්ධයෙන් මනෝ විද්යාි විෂය ක්ෂේත්රවය ඉමහත් වැදගත්කමකින් යුක්තයි. අධ්යාවපන මනෝ විද්යා්වේ හර කොටස වන්නේ මනෝ විද්යාය ක්ෂේත්රියේ පර්යේෂණ, පාසල් හා වෙනත් ශාස්ත්රීනය ආයතනයන්හි ඉගැන්වීමෙන් ලැබූ අත්දැකීම්ය.සියලුම ඉගැන්වීම් හා ඉගනුම් ක්රිමයාවලින්ට ව්ය්වහාර කරනු ලබන සංකීර්ණ බහු වෛෂයිකවුත් දැනුම හා මුලධර්ම ස්කන්ධයක් ලෙස අධ්යාපන මනෝ විද්යාව සංකල්පනය කල හැක. විද්යාධගාර පංති කාමර අතර අනොන්යප සමථය ශත වර්ශයක් පැරණි වූ මනෝ විද්යාා ඉතිහාසයේ කැපී පෙනෙන හා පැතිරී පවතින ලක්ෂැණයකි. බොහෝ සෙයින් අවිනිශ්චිත ප්රහශ්න මතු කිරීමෙහි නිරතවු අවධියක සිට වේගවත් ඉදිරි ගමනක යෙදෙමින් බුද්ධිය පිලිබඳ විවිධතා යොදා ගැනීම,ඉගනුම් නීති යොදා ගැනීම,පරිගණක තාක්ෂබණය භාවිතය, හා නවීන කලමණාකරණ ශිල්ප ක්රාම භාවිතය දක්වා වු ප්ර ගතියක් මනෝ විද්යා ක්ෂේත්රිය දක්වයි. එහෙත් අධ්යාගපන මනෝ විද්යා ව මගින් අන් කවර කලකටත් වඩා අවධානයක් අද ශිෂ්යගයා කෙරෙහි යොමුවේ.ඔවුනගේ ඉගනුම් මූලධර්ම,ක්ර මෝපාය,අභිප්රේතරණය ගුරු හා සංවිධාන අංශ සහ අධ්යාොපන අවස්ථා‍ව හා බැදුනු වෙනත් බෙහෝ ලක්ෂ ණද අවධාරණය කෙරේ.මේ අනුව ඉගනුම සිදුවන පංති කාමර අවස්ථාවේ විවිධ මාන පිලිබදව අධ්යා පන මනෝ විද්යා ව යොමු වන්නේ යයි අව‍බෝධ කරගත හැකිය.සම්ප්රැදායිකව,අධ්යාමපන මනෝ විද්යාුව යොමු වුයේ ඉගනීමෙහි‍ යෙදෙන්නා,පාඩම හා පුහුනුකරු කෙරෙහි ඍඡු හෝ වක්රව ලෙස බලපාන පංති කාමර අවස්ථාව හා බැදුනු සියලුම අංශ පිලිබදවයි. පංතියේ හා පාසලේ සංවිධාන රටාව,භෞතික වා සමාජ වාතාවරණය,ඉගැන්වීමේ ක්ර ම ඉගනුම් දව්යව පිලිබදව ප්රගමාණාත්මක හා ගුණත්මක මාණ,පංති කාමරයේ අභිප්රේඉරණය හා ඇගයීම් පිලිබද ප්රැමිති ආදිය මෙය‍ට අයත්විය හැක.මෙලෙස අධ්යාමපන මනෝ විද්යාිවේ අරමුණ වන්නේ විශේෂයෙන් අධ්යායපනය සංවර්ධනයටත් පොදුවේ පූර්ණ සංවර්ධනයටත් දායක වීම හා එම සංවර්ධනය පිලිබඳ මෙහෙයවීමයි. ඒ සදහා මනෝ විද්යාකවේ වෙනත් ක්ෂ්ර් එ යන් ගෙන් ලබාගත් දැනුම හා ප්ර තිවේස උපයෝගී කරගනු ලැබේ.නිදසුන් වශයෙන් පර්යේෂණ මනෝ විද්යාෙව ,සංවර්ධන මනෝ විද්යා ව ,සමාජ මනෝ විද්යා ව ,අවප්රාමාණ/සායනික/උප‍දේශන මනෝ විද්යාෝව දැක්විය හැක.ගුරුවරයා මනෝ ‍විද්යා නීති හා මූලධර්ම භාවිතා කරයි.ඒ අතරම පංති කාමර අත්දැකීම් තුලින් නව මූලධර්ම සොයා ගනු ලබයි. සම්පත් ලබා ගත යැකි ප්රිමාණය අනුව දියුණු හා විදග්ධ තාක්ෂ ණය යොදා ගැනිමෙන්ද දේශීය හා සරල දව්ය් උපයෝගී කර ගැනීමෙන්ද ගුරුවරයාට නවීකරණය සදහා ඉඩ ප්රදස්ථ ලැබේ. පංති කාමරය සමාජ කණඩායම් අවස්ථාවක් හෙයින් එය වඩාත්ම ‍හොදින් තේරුම් ගත හැකි වන්නේ සංකීර්ණ වුත් ගතික වුත් නිරන්තරයෙන් වෙනස් ‍‍වෙමින් පවතින්නා වූ විචල්යව එකතුවක් ලෙසයි.ළමයකු කණ්ඩායම තුල පිළිගනු ලබන ආකාරය,කණ්ඩායම ශාස්ත්රීිය ඉලක්ක සාධනය කර ගැනීම සඳහා කටයුතු කරන ආකාරය,ගුරුවරයා හා ශිෂ්යවයන් ඔවු‍නොවුන් සමග අන්යෙඩයව ක්රිතයා කරන ආකාරය පාසල එහි රැදී සිටීමට ප්රියය උපදවන ස්ථානයක් බවට පත්වන්නේ කුමන සාධක හේතු කොට ගෙනද ආදිය අධ්යාටපන මනෝ විද්යාවව මගින් සලකා බලනු ප්රහශ්න කීපයකි. ශිෂ්යමයින් අතර ඇති පුද්ගල විවිධතා පිලිබද යථා අවබෝධයක් ලබා ගැනීමට මනෝ විද්යාීව සහාය වේ.ප්රදතිජානාත්මක වාතාවරණයක් තුල ඉගනුම් ක්රනමෝපාය සඵල අයුරින් යොදා ගැනීමෙන් ලගා කරගත හැකි විශ්මය දනවන සුලු සංවර්ධනාත්මක ‍වෙනස්කම් ගැනද අධ්යාරපන මනෝ විද්යා වෙන් කියවේ.පෞද්ගලිකව සිසුන් මුහුණ දෙන මානසික ගැටලු පිලිබදවත් පාසල් අවස්ථාවෙන් පරිභාහිරව උත්පාදනය වියහැකි ප්රිතිෂේධනාත්මක බලවේගවල අන්තර් ක්රිැයා සීමා කර ගැනීම සදහා අවශ්යම සැකසීම පිලිබදවත් අවබෝධයක් ලැබිය හැක. මේ අනුව සමාජීය වටිනාකමකින් යුක්ත තොරතුරු හා කුසලතා තම උපරිම හැකියා මට්ටමකික් සිසුන්ට ලබා දීමෙහි නිරතව සිටින ගුරුවරයකු අතට පත්වන ප්රියෝජනවත් අතිරේක මෙවලමකි අධ්යාතපන මනෝ විද්යා ව. අධ්යා පන මනෝ විද්යාකවේ සංවර්ධනය කෙරෙහි විලියම් ජේමිස්, ජෝන් ඩුවි, ඊ.එල්.තෝන් ඩයික්, ජේ.බී.වොට්සන්,ජීන් පියාජේ,සිග්මන් ප්රො.යිඩ්,බී.එ‍ුබෆ්. ස්කිනර්,බී.බ්ලුම්, සී.එල්. හල්, ඊ.පීග ටොරනස්,සී.පී. ඔසුබෙල්,හා වෙනත් බොහෝ අය දායක වී ඇත. අධ්‍යාපන මනෝ විද්‍යාව මනෝ විද්යා විෂයේ ආරම්භය හා විකාශනය ඈත අතීතයේ මනෝ විද්යාිව ආත්මය පිළිබද හැදෑරීමක් ලෙස අර්ථ දැක්වීම කර තිබුණි. මනෝ විද්යාතව (PYSCHCHOLOGY) යනුවෙන් ඉංග්රී සියේ හදුන්වයි. *Psyche - සයිකි - ආත්මය *Logo - ලොගෝ - විද්යා්ව ග්රීක භාෂාවෙන් ආත්ම විද්යාව යැයි හැදින්වූ වචන දෙක භාවිත කර ආත්මය පිළිබද විද්යාාවක් ලෙස ප්රයචලිත විය. ආත්මය විවිධ ආකාරයට විග්රහ කරන නිසා මතුවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන මනෝ විද්යාවවේ අර්ථ දැක්වීම් වෙනස් විය. එහිදී ම. විද්යාවව මනස පිළිබද විද්යාරවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වුවත් ශාරීරික සාධක සැලකිල්ලට නොගැනීම ගැටළුවක් බව විවේචකයින්ගේ අදහස් අතර මතු වූවකි. ඊලග අවස්ථාවේ මනෝ විද්යාවව විඥානය පදනම් කරගත් විද්යාිවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වූ අතර විඥානය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ දී ගැටළු මතු විය. එහිදී එක් අංශයකට නැඹුරු වීමක් ඇතැයි සමහර විවේචකයන් කියන විට අවිඥානය හා උප විඥානය ද මෙයට සම්බන්ධ යැයි ඇතමුන් විවේචන එල්ල කිරීමට පෙලඹිණ. මනෝ විද්යාේව නූතන මනුෂ්යා පිළිබද අධ්යායපනයක් ඊලග නිර්වචනය ඉදිරිපත් විය. එහිදී මනුෂ්‍යයාගේ චර්යා වෙනස් වීම්, චිත්ත වේග, බුද්ධිය, පෞර්ෂය ආදී ගති ලක්ෂණ සැලකිල්ලට ගත්ත ද ඒවාට ශරීර ව්යුඑහයේ ලක්ෂණ අයත් නොවන නිසා නැවත විවේචන එල්ල විය. පසුව ඉදිරිපත් වූ නිර්වචනය චර්යාවාදී ගුරුකුලයයේ දියණුවත් සමග ඉදිරිපත් වූවකි. එය සජීවීන්ගේ චරියා අධ්යනනය කරන විද්‍යාවක් ලෙස වෙනස් විය. එහෙත් ප්ර්ජානනවාදී ගුරුකුලයේ මනෝ විද්යාවයින්ගේ මත අනුව මෙය සංස්කරණයට ලක් විය. විවිධ විවේචන ඔස්සේ වර්තමානයේදී මනෝ විද්යාටව නිර්වචනය කර ඇත්තේ ‘චර්යා සහ මානසික ක්රිනයාවලි පිළිබද විද්යාදත්මක අධ්ය්නයක්‘ ලෙසය. මනෝ විද්‍යාව විෂයේ ප්‍රභේද. සංවර්ධන මනෝ විද්‍යාව සමාජ මනෝ විද්‍යාව ළමා මනෝ විද්‍යාව ඉංජිනේරු මනෝ විද්‍යාව යුධ මනෝ විද්‍යාව වෛද්‍ය මනෝ විද්‍යාව සත්ත්ව මනෝ විද්‍යාව නීතිය පිළිබද මනෝ විද්‍යාව ව්යකවහාරික මනෝ විද්‍යාව මනෝ විද්යාතව තුලින් මතුකොට ගන්නා දැනුම් සම්භාරය ප්රායයෝගික ගැටළු විසදාගැනීම සදහා යොදා ගැනීම ව්යපහාරික මනෝ විද්යානව යි. අධ්යාමපන මනෝ විද්‍යාව විෂය හැදින්වීම. අධ්යාධපන මනෝ විද්යාදව යනු මනෝ විද්යා් විෂය කේෂ්ත්රෙ‘යන් ව්යිවහාරික අංශයට ගැනෙන ප්රාායෝගිකව බාවිත වන විෂය කේෂ්ත්රියකි. ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේ අධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය. 1. අධ්යාාපන මනෝ විද්යා ව ව්යාෙවහාරික විද්යායවකි. සාමාන්යය මනෝ විද්යා ව අධ්යා්පන ගැටළු සදහා බාවිතා කරන නිසා එමගින් ගැටළු විසදාගැනීමට උත්සාහ කෙරේ. ඒ සදහා මනෝ විද්යාාත්මක මූලධර්ම ප්රානයෝගිකව බාවිතයට ගැනේ. 2. අධ්යාතපන මනෝ විද්යා ව නිශ්චිත විද්යාැවකි. අධ්යායපනය හා සම්බන්ධ කරුණු ඒ ආකාරයෙන් ම අධ්යවයනය කෙරෙන අතර විනිශ්චය කිරීමක් නොකෙරේ. 3. අධ්යාේපන මනෝ විද්යාඒව සමාජ විද්යා්වකි. අධ්යාකපනික දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයා හා සම්බන්ධ ව අධ්යයයනය කෙරෙන අතර ඒ වායේ ප්ර‍තිපල මිනිසා සමාජශීලී කිරීම සදහා ප්රා යෝගික ව බාවිත කළ හැකිය. 4. අධ්යාාපන මනෝ විද්යාලව ප්රා යෝගික විෂයකි. ලැබෙන ප්රධයෝජන ගැන සලකා බාවිත කරයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉගෙණුම් අවස්ථා නිර්මාණය කිරීම අධ්යාරපන මනෝ විද්යාාව විසින් සිදු කරනු ලබයි. 5. අධ්යාසපන මනෝ විද්යා්ව ශ්රා ස්ත්රීයය විෂයකි. මෙම විෂය මිනිසාගේ මිනිසාගේ ඉගෙනුමට අදාල චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් කරන අධ්යගනයක් හෙයින් ශ්රාරස්ත්රීාය විෂයක් වන අතර ලැබෙන ප්රවතිඵල සාරාංශ කළ හැකිය. අධ්යානපන මනෝ විද්යා්වේ විෂයකේෂ්ත්ර‍යේ සීමාව. මිනිස් හැසිරීම. දරුවාගේ වර්ධනය හා සංවර්ධනය. කාලය හා පරිසරය. ඉගෙනීමේ ක්රිරයාවලිය. පෞර්ෂත්ව සංවර්ධනය. පෞද්ගලික විවධත්වය. බුද්ධිය හා බුද්ධිය මැනීම. මාර්ගෝපදේශනය හා උපදේශනය. මනෝ විද්‍යාත්මක අධ්‍යන ක්‍රම ශිල්ප= මනෝ විද්‍යාව සජීවීන්ගේ චර්යා අධ්‍යනය සදහා බාවිත කරන විශේෂ උපක්‍රම මනෝ විද්‍යා අධ්‍යන ක්‍රම ශිල්ප යනුවෙන් හැදින්වේ. මේවා අත්දැකීම් විස්තර කිරීමේ සිට ක්‍රමාණුකූල නිරීක්ෂණය දක්වා විවිධ වේ. විවිධ මනෝ විද්‍යා ක්‍රම ශිල්ප..... අන්තරාවලෝකනය. (අන්තරීක්ෂණය/ආත්මාවලෝකනය) නිරීක්ෂණය. ප්‍රශ්නාවලිය. සම්පරීක්ෂණ ක්‍රමය. ප්රපත්යේවක අධ්‍යන ක්‍රමය. සායන ක්‍රමය. ප්‍රනක්ශේපිත ක්‍රමය. සහසම්බන්ධතා අධ්‍යනය. අන්තරාවලෝකනය මනෝ විද්‍යාවට විශේෂ වූ ඉතා පැරණි අධ්‍යන ක්‍රමයකි. තම සිත ක්‍රියා කරන ආකාරය දෙසට හොදින් අවධානය යොමු කොට ඒ ගැන වාර්ථා කිරීම මෙහිදී සිදුවේ. තමා විසින් ම තොරතුරු වාර්තා කරවන්නා නිසා පුද්ගල බද්ධ වීම බලපාන බව මේ ක්‍රමයට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි. අනෙක් අඩුපාඩුව වන්නේ විද්‍යානුකූල වලංගුතාවයෙන් තොර වීමයි.මෙය බුදු දහම සක්කාය දිඨ්ඨි යනුවෙන් විවරනය කර ඇත. නිරීක්ෂණය මෙහිදී සිදුවන්නේ කෙනෙකුගේ චර්යාව වෙනත් කෙනෙකු විසින් නිරීක්ෂණය කොට වාර්තා තබා ගැනීමයි. මෙහි ප්‍රභේද කීපයකි. I. ඍජු නිරීක්ෂණය II. වක්‍රී නිරීක්ෂණය III. සහභාගිත්ව නිරීක්ෂණය IV. අන්වායාම අධ්‍යන (සිරස් නිරීක්ෂණය) V. හරස්කඩ අධ්‍යනය (තිරස් නිරීක්ෂණය) සෘජු නිරීක්ෂණය. කෙනෙකුගේ චර්යාව නිරීක්ෂණයේ දී නිරීක්ෂිතයා සමග නිරීකෂකවරයා දැනුවත් ව කටයුතු කරයි. තමගේ චර්යා අධ්‍යනයට ලක් කෙරෙන බව දැනගෙන සිටියි. මේ නිසා සැබෑ චර්යා වසන් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. වක්‍ර නිරීක්ෂණය මෙහිදී තමා නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂිතයා නොදනී. මේ නිසා නිරීක්ෂකවරයාට සැබෑ චර්යා නිරීක්ෂණයට ඇති ඉඩකඩ වැඩිය. සහභාගිතා නිරීක්ෂණය නිරීක්ෂකවරයා නිරීක්ෂිතයා සමග එකට හිද තමාට අවශ්‍ය තොරතුරු වාර්ථා කර ගනියි. මෙහිදී ද තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. අන්වායාම අධ්‍යනය. එක් ළමයෙකු හෝ කණ්ඩායමක් දිගු කලක් තුළ නිරීක්ෂණය කර වාර්තා තබා ගැනීම අන්වායාම අධ්‍යනය යි. මෙහිදී ඇතිවිය හැකි විශේෂ ගැටලුවක් වන්නේ එකම කණ්ඩායමක් දිගුකලක් අධ්‍යනයට ලක් කිරීමේ දී නියැදිය ගිලිහීමට ඇති ඉඩකඩ අසීමිත බවය. හරස්කඩ අධ්‍යනය. හරස්කඩ අධ්‍යනයේ දී අධ්‍යනයට භාජනය වන පිරිස දිගුකලක් නිරීක්ෂණය කළ යුතු නැත. තෝරා ගන්නා පිරිස අදාල ජනගහනයේ හරස් කැපුමකි. මේ ක්‍රමයේ ඇති කැපී පෙනෙන දෝශය වන්නේ තෝරා ගන්නා නියැදි අතර ඇති වෙනස ප්‍රතිඵල වලට බලපෑමට ඇති ඉඩ වැඩි වීමයි. නිරීක්ෂණ ක්‍රමයේ ඇති වාසි සහ අවාසි.. 1. පහසුවෙන් යොදාගත හැක. (කිරීමට හැකි වීම) සෘජු හා වක්‍ර නිරීක්ෂණ 2. සැබෑ තොරතුරු ලබා ගත හැකි අවස්ථා වැඩිය. (වක්‍ර) හා සහභාගිත්ව නිරීක්ෂණ) 3. කෙටි කලකින් නිම කළ හැකිය. (සෘජු, වක්‍ර, හරස්කඩ නිරීක්ෂණ) 4. මුදල්, කාලය හා ශ්‍රමය ඉතුරු කළ හැකිය. (සෘජු, වක්‍ර, අන්වායාම, හරස්කඩ නිරීක්ෂණ) අවාසි 1. සැබෑ තොරතුරු වසන් කළ හැකිය. (සෘජු නි.) 2. වැරදි තොරතුරු වාර්ථා කළ හැකිය. (සෘසු/වක්‍ර/සහභාගිත්ව/අන්වායාම/හරස්කඩ නි.) 3. කාලය, මුදල්, ශ්‍රමය නාස්ති විය හැක. (අන්වායාම නි.) 4. නියැදිය ගිලිහීම. (අන්වායාම නි) නිරීක්ෂණ ක්‍රමයේ අවාසි මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම. 1. පුහුණු, පලපුරුදු පරීක්ෂකවරු යොදා ගැනීම. 2. එක්මන්තිර භාවිතා කිරීම. 3. නිරීක්ෂණ සැලැස්මක් භාවිතා කිරීම. ප්‍රශ්නාවලිය පුද්ගලයින් විශාල සංඛ්‍යාවකින් කාලයක් වැය කොට එකවර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට බාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය ප්‍රශ්නාවලී වේ. එහි සාර්ථකත්වය සදහා දෙනු ලබන උපදෙස් පැහැදිලි විය යුතුය. පහසුවෙන් පිලිතුරු සොයා ගත හැකි ලෙස සකස් කළ යුතුය. • මෙහි අඩංගු ප්‍රශ්න ව්‍යූහගත හෝ නොවන ආකාරයට සකස් කළ හැක. • භාෂාව සරළ විය යුතුය. • වඩා දීර්ඝ නොවිය යුතුය. • අවශ්‍ය ප්‍රශ්න පමණක් කිසියම් අනුපිළිවෙලකට ඉදිරිපත් කළ යුතුය. සම්පරීක්ෂණ 1. යොදා ගන්නේ හේතුඵල සම්බන්ධතා අනාවරණය කර ගැනීම සදහාය. 2. පවතින තත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට පර්යේෂකයන් විසින් යම් වෙනස්වීමක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලය විමසීමට භාජනය කරයි. 3. ඒ සදහා කල්පිත ගොඩනැගිය යුතුය. 4. පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තුළින් කල්පිතය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. සම්පරීක්ෂණ වලදී බාවිතයට ගැනෙන ප්‍රධාන කරණු. 1. අහඹු නියැදි. 2. විචල්‍ය • අහඹු නියැදියක් යනු පුද්ගලයා තෝරා ගැනීමේ දී වරණයකින් තොරව අහඹු ලෙස තෝරා ගන්නා කණ්ඩායමකි. • විචල්‍ය යනු විවිධ පුද්ගලයන් හෝ ද්‍රව්‍යයක් තුළ පැවතිය හැකි එහෙත් එකිනෙකා තුළ විවිධ මට්ටමින් බලපවත්නා අගයයන් හෝ වෙනස්කම් ය. සම්පරීක්ෂණ වලදී භාවිතා වන විචල්‍ය දෙකකි. • ස්වායත්ත විචල්‍ය. • පරායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය යනු මෙහිදී වෙනසකට භාජනය නොවන විචල්‍ය යි. නිද - ගණිත විෂය සාධනය කෙරෙහි උගන්වන කාලය බල නොපායි යන කල්පිතයේ ස්වායත්ත විචල්‍ය වන්නේ උගන්වන වෙලාවයි. පරායත්ත විචල්‍ය යනු කරනු ලබන පර්යේෂණය තුළ වෙනසකට භාජනය කරන විචල්‍ය පරායත්ත විචල්‍ය වේ. නිද - ඉහත කල්පිතයේ ගණිත විෂය සාධනය වේ. 78789989890909090090--90898787889 ====පුද්ගල සංවර්ධනයට බලපාන සාධක==== ආරය පරිසරය පරිණතිය ඉගෙනුම ආරය පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ හා ගති ලක්ෂණ ජාන මගින් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලබා දීමේ ක්‍රියාවලිය ආරය යි.මේ සදහා වෙනත් කිසිවෙකුටත් බලපෑමක් කළ නොහැක. ශරීරයේ සෑම ශෛලයකම න්‍යෂ්ටිය තුළ යුගල 23 ලෙස සකස් වූ වර්ණ දේහ 46 ක් අඩංගුය. වර්ණ දේහ තුළ ඇති ජාන සියළුම ප්‍රවේණික ගැලපුම් වල පවතින විවිධත්වය නිසා දරුවන් අතර බොහෝ වෙනස්කම් ඇත. මෙහිදී එක් සංසේචිත ඩිම්බයන් සමහර අවස්ථාවල සමාන කොටස් දෙකකට බෙදීමෙන් අන්න්‍යොන්‍ය දරුවන් බිහි වේ. (සර්වසම දරුවන්) රූප ලක්ෂණ, ගති ලක්ෂණ බොහෝ දුරට සමාන වේ. වෙන් වෙන් ව සංසේචනය වූ ඩිම්බ වලින් නිවුන් දරුවන් ලැබිය හැකි අතර ඒ අය සහෝදර නිවුන් දරුවන් ලෙස හැදින්වේ. මේ අය එකිනෙකට වෙනස් වේ. ලක්ෂණ- (ශරීරය)  හිසකෙස් වල වර්ණය  රුධිර ගණය  ඇස්වල වර්ණය  ශරීර අවයව වල හැඩය වැනි විවිධ කායික ලක්ෂණ  වර්ණ දේහ විකෘති නිසා ඇතිවන ආබාධිත දරුවන්  සමහර ලෙඩ රෝග උරුම වේ. (උදා- වර්ණ අන්ධභාවය) පරිසරය පරිසරය යන්න නිර්වචනය කර ඇත්තේ පුද්ගලයාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන භෞතික සමාජීය හා මානසික යන සංකල්පිත ලෝක වල සමස්ථ එකතුවයි. පුද්ගලයාට ජීවිතයේ මුලින් ම හමු වන ඉපරිසරය මවු කුසයි. පුද්ගල සංවර්ධනයට පරිසර සාධක බලපාන ආකාර අනුව ප්‍රධාන අංශ 02 ක් යටතේ සලකා බැලේ. I. අභ්‍යන්තර පරිසරය. II. බාහිර පරිසරය. 1. අභ්‍යන්තර පරිසරය අඅභ්‍යන්තර පරිසරය යනු මවු කුසයි. මේ අනුව පුද්ගල සංවර්ධනයට මවුකුස ඉතා වැදගත් ය. මවගේ වයස මවගේ පෝෂණය. මව ගන්නා බෙහෙත් මවගේ අයහපත් පුරුදු මව විකිරණ වලට භාජනය වීම මවට වැළදෙන රෝග මව මුහුන දෙන කම්පන හා ක්ලමත තත්වයන් 2. බාහිර පරිසරය බාහිර පරිසරය ක්ෂේත්‍ර 03කට වර්ගීකරණය කළ හැකිය. 1. භෞතික පරිසරය ආහාර ජලය දේශගුණය ජීවත්වන ස්ථාන වැනි දෑ 2. සමාජ පරිසරය පවුල සමවයස් පාසල වෙනත් සමාජ කණ්ඩායම් අන්තර් පුද්ගල සම්බන්ධතා ජීවත්වන විවිධ පිරිස් හා ආයතන 3. මානසික පරිසරය පුද්ගලයා තුල ඇතිවන විවිධ මානසික තත්වයන් සදහා සෑම විටම ඔහු මුහුණ දෙන උත්තේජනයන් බලපායි. එම නිසා බාහිර උත්තේජන වල ස්වභාවය පිලිබද විශේෂ අවධානයෙන් සිටීම මානසික පරිසරය යහපත් කිරීමට බෙහෙවින් බලපායි. පුද්ගල සංවර්ධනය කෙරේ ආරයේ සහ පරිසරයේ බලපෑම ප්‍රමාණාත්මකව තීරණය කිරීම අසීරුය. දැනට පිලිගෙන ඇති මතය වන්නේ ආරය සහ පරිසරය අතර අන්තර් ක්‍රියා හේතු කොටගෙන පුද්ගල සංවර්ධනයට බලපෑම් ඇති කරන බවයි. (3) පරිණතිය - ස්වභාවිකව සිදුවන ජාන විසින් සැලසුම් කරන ලද ශරීරයේ අඅභ්‍යන්තරව සිදුවන මේරීම ‘පරිණතිය‘ යි. මෙය වයසත් සමග සිදුවන්නකි. නියමිත පරිණතියට ලගා වන තුරු යම් යම් ක්‍රියාකාරකම් කිරීමට පුද්ගලයාට නොහැකිය. සෑම දරුවෙක් ම අනුපිළිවෙලක් ඔස්සේ පරිණතිය සිදුවෙයි. එය ඉගෙණුමෙන් නිදහස් ය. (4) ඉගෙණුම - ඉගෙණුම යනු අත්දැකීමක් හේතු කොටගෙන චරියාවේ ඇතිවන දිගුකාලීන වූත් ස්ථාවර වූත් වෙනසකි. හැකියාව ඇතිවන්නේ පරිණතිය සමග ය. සූදානම පුද්ගලයෙකුට නව ඉගෙණුම් අත්දැකීමක් ලබා ගැනීම සදහා ඊට අවශ්ය ශාරීරික හා මානසික සූදානම ඔහු තුළ තිබිය යුතුය. සූදානමක් නොමැතිව ඊට පෙර උගැන්වීමට යාම අයහපත් ප්‍රතිඵල ගෙන දේ. සූදානම සදහා පරිණතිය හා පරිසරය යන සාදක දෙකම අවශ්‍යය. නිසි සූදානමකට පෙර ඉගෙණුමට යොමු කිරීමේ විපාක ඉගෙණීම පිළිබද අයහපත් ආකල්ප වර්ධනය වේ. ළමයා නොගැලපෙන චර්‍යා රටා පෙන්නුම් කරයි. ළමයා අධික වෙහෙසට පත්වෙයි. අවධානය ලබා ගැනීම අපහසු වෙයි. අයහපත් චිත්තවේගී තත්වයන් පෙන්නුම් කරයි. මොළයේ ව්‍යූහය ඉගෙණුම් ක්‍රියාවලියට බලපාන ආකාරය ඉගෙණුම් ක්‍රියාවලිය සදහා මොළයේ තිබෙන කොටස් වලින් විශේෂයෙන් ම වැදගත් වන ඒවා නම්, බාහිකය. මස්තිස්කය. අනුමස්තිස්කය ලිම්බික් පද්ධතිය වේ. 1. බාහිකය. මොළයේ බාහිරින් ම රැලි සහිත වූ රෝස පැහැයට හුරු ස්ථරය බාහිකය යි. පුද්ගලයාට බලපාන සියළුම සංවේදන ප්‍රදේශ බාහිකයේ අඩංගු වී ඇත. දෘෂ්ටිය, ශ්‍රවණය, රස, ආග්‍රහණය සහ ස්පර්ශය පාලනය කරන්නා වූ සංවේදන ප්‍රදේශ පිහිටා ඇත්තේ බාහිකයේ ය. මෙම සංවේදන ප්‍රදේශ වලට හානි සිදුවුවහොත් ඉන්ද්‍රීයන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ. එවිට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි පරිදි කිරීමට බාධා ඇතිවේ. බාහිකයේ රැලි සහිත ස්වභාවය වැඩි වන විට බුද්ධිමත් භාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති වේ. කුඩා දරුවන්ගේ වයස අවු 01 දක්වා මොළය වර්ධනය වේගයෙන් සිදුවන බැවින් සිහින් සංගීත රාවය, වර්ණවත් දෑ දකින්නට සැලැස්වීම, සිත සමාධි ගත කෙරෙන සියුම් නාද ඇසීමට සැලැස්වීම ඉතා වැදගත් ය. 2. මස්තිස්කය. මොළයේ විශාලම කොටස වේ. එය වම් හා දකුණු අර්ධගෝල දෙකකින් යුක්තය. එහි වම් කොටසින් භාෂා හැකියාව, ලිවීම, කථාව, ගණිතඥානය, විශ්ලේෂණ හැකියාව, නර්තනය වැනි සුවිශේෂී කාර්යන් රාශියක් ඉටුකිරීමේ හැකියාව ඇත. දකුණු අර්ධ ගෝලයෙන් රස වින්දනය, සිතීමේ ක්‍රියාවලිය, විදීම, සංකල්ප අවබෝධ කරගැනීම සදහා දායකත්ව ලබා දෙයි. 3. අනුමස්තිස්කය (කුඩාමොළය) ශරීරයේ සමතුලිතතාවය රකින අනුමස්තිස්කය අධ්‍යන කාර්‍යේදීත් ඉතා වැදගත් කොටසකි. ශරීරයේ විවිධ කොටස් වල චලන සමායෝජනය සදහා උදව් කරයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ශරීරයේ සමතුලිතතාව මෙන් ම සමායෝජනය ද පුද්ගලයෙකුට වැදගත් වන බැවින් මෙහි ක්‍රියාකාරීත්වය පිලිබදව දැනගැනීම ගුරුවරයාට වැදගත් ය. 4. ලිම්බික් පද්ධතිය i. තැලමස ii. හයිනොතැලමස iii.හිපොකැම්පය iv. පිටියුටරිය  තැලමස. පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගන්නා වූ සංවේදන පිළිබද පණිවිඩ ලබා දෙන්නේ තැලමස වෙතය. තැලමස මගින් මේ පණිවිඩ අදාල තැන්වලට බෙදා හැරේ.  හයිපෝතැලමස. බොහෝ කායික ක්‍රියාවලියන් හා සම්බන්ධ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන අතර ස්වයං සාධක ස්නායු පද්ධතිය සමායෝජනය කෙරෙන මධ්‍යස්ථානය ලෙස ද ක්‍රියා කරයි. මතක තබා ගැනීමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩිව බලපායි. කුසගින්න, පිපාසය, ලිංගික ක්‍රියාකාරකම්, ආක්‍රමණශීලී බව පාලනය කරයි.  හිපෝකැම්පය. ඉගෙනීමේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන්නේ හිපෝකැම්පසය යි. ඉගෙනගත් දේ මතක තබා ගැනීමටත් අවශ්යි අවස්ථාවලදී මතකයට නගා ගැනීමත් සදහා හිපෝකැම්පසය උදව් වෙයි.  පිටියුටරිය පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝන ශරීරයේ වර්ධනයට බලපායි. උස් මිටි බව තීරණය වීමටත් අස්ථි සහ පේශි වර්ධනය වීමටත් බලපායි. අධ්‍යාපනය - ශ්‍රී ලංකා මනෝ විද්‍යාව
3369
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%20%E0%B6%BD%E0%B7%9D%20%E0%B6%94%E0%B7%86%E0%B7%8A%20%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%83%E0%B7%8A%20%28%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%29
ද ලෝ ඔෆ් සක්සස් (පොත)
මෙම පොතට අනුව කෙනෙකුගේ ජිවිතයෙ තිබිය යුතු පුධාන අරමුණු දෙකකි . එනම්, 01. ඔබ යමි කිසි වෘතියකට අති දක්ෂයකු විම. 02. ඔබ ධනවතෙකු විම ,යන්නය. ඔබට ලොක්කෙකු විමට, ධනවතෙකු විමට පිළීපැදිය යුතු නීතී 15 ක් ඇත. නැපෝලියන් හිල් (Napolean hill) විසින් රචිත “The Law of success” පොතේ දක්වා ඇත. ඒ ගතිගුණ නැතිනමි ධනවතෙනකු විමට ඒවා වර්ධනය කර ගත යුතුය.මෙම ගතිගුණ නෝමැතිව කවදාවත් ලොක්කෙකු , ධනවතෙකු විමට නොහැක. පහත දැක්වෙන්නේ එම නීතී පහළවයි. 01. ඔබට ලොක්කෙකු විමට ධනවතෙකු විමට පුධාන අරමුණක් තිබිය යුතුය. 02. ඔබට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුය . 03. ඉතිරි කිර‍මේ පුරුද්දක් ඔබට තිබිය යුතුය . 04. යමි වැඩක් කෙනෙකු කියන තුරු නොසිට තනියෙන් හිතලා වැඩ කිරිමේ හැකියාව හා ඕනැකමක් ඔබට තිබිය යුතුය . 05. ඔබ රැකියාව කරන කේෂත්‍රය සමිබන්ධව ඔබේ සිතේ අලුත් ,අලුත් අදහස් ඇති විය යුතුය. ඔබේ සිතේ අලුත් අදහස් ඇති කරගත යුතුය. එමෙන්ම ඔබ තෝරාගත් ‍ කේෂත්‍රයේ ඇති පරණ අදහස් පරණ ක්‍රම නවිකරණය කරගත යුතුය. 06. ඔබ වැඩ කරන වේලාවට ප්‍රබෝධමත් මුහුණක්, ප්‍රබෝධමත් ඇස් , ප්‍රබෝධමත් කථාව , ප්‍රබෝධමත් ගමනක් තිබිය යුතුය. 07. ඔබව පාලනය කරගැනිමට හැකිවිය යුතුයි. එනමි ඔ‍බේ වචන , ඔබේ හැගිම් ඔබ කරන දෙවල් ඔබ විසින්ම පාලනය කරගත යුතුයි. 08. සමාජයේ හෝ රැකියාවෙන් ඔබට පවරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් නිතරම වැඩ කල යුතුයි. 09. ප්‍රසන්න පෙෳරුෂයක් ඔබට තිබිය යුතුය. 10. යම් දෙයක් ගැන නිවරැදිව සිතිමේ ශක්තියක් ඔබට තිබිය යුතුය. 11. ඔබ‍ට යමක් ගැන යම් අරමුණක් ගැන අවධානය යොමු කරගෙන සිටිමේ හැකියාව සහ පළපුරුද්ද තිබිය යුතුය. 12. අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරිමේ හැකියාව ඔබට තිබිය යුතුය. 13. ඔබ ලබන පරාජයන් හා නින්දාවලින් ප්‍රයෝජන ගතයුතුය .එනම් පාඩමක් ඉගන ගත යුතුය. 14. ඔබ නෝපිළිගන්නා මතයක් වුවත් අකමැති දෙයක් වුවත් සමාජයෙදි අමාරුයෙන් හෝ ඉවසන්න පුරුදුවිය යුතුය. 15. ඔබට ලෝක්කෙකු ධනවතෙකු විමට අවශ්‍ය නම් ඉහත ජයග්‍රරහනයේ රහස් (නීතී) ඔබ වැඩ කරන වේලාවට හෝ සමාජයේ ගැවසෙන විට යෙදිය යුතු වේ. References
3370
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%20%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B7%80%E0%B7%93%20%E0%B6%87%E0%B6%AD%E0%B7%92%20%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%20%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති භූමිකම්පා අවදානම
භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි. නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත. එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරු හඟවති. මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ,, ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූකාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී තිබෙනවා. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ ඊට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරනවා. මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුවත් මෙයයි.,, මේ මස 18 වැනි දින මහනුවර සිට 425km ක් දුරින් පිහිටි මුහුදු පතුලේ රිච්ටර් ඒකක 5.2 ක භූමි කම්පාවක් සිදු විය.මුහුදු පතුලේ සිට 37km ක් ගැඹුරින් මෙම භූමි කම්පාව ඇති වී තිබුණි. හන්තාන මුලික අධ්‍යන ආයතනය සදහන් කරන පරිදි මෙම භූමි කම්පාව සිදු වී ඇත්තේද ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්‍රිතවයි.1980 දශකයෙන් පසු ලංකාව ආශ්‍රිතව සිදු වු විශාලතම භූමි කම්පාව මෙය වේ. රිච්ටර් ඒකක 3ට වඩා අඩු අගයක් ගනු ලබන භූමි කම්පා ක්ෂුද්‍ර භූමි කම්පා ලෙස හදුන්වනු ලබයි.ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමි කම්පා කලාපය ආශ්‍රිතව, ලංකාව තුළ හෝ ලංකාව ආසන්නයේ මුහුදේ රිච්ටර් පරිමාණ පහක් හෝ හයක් විශාලැති භූමිකම්පාවක් සිදු වීමේ අවදානම් තත්වයක් පවතින බව මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා ප්‍රකාශ කරයි. රිච්ටර් ඒකක 5ක් හෝ 6ක් විශාලැති භූමි කම්පාවක් මෙරට භූමිය තුළ සිදු වුචහොත් ගොඩනැගිලිවලට බරපතල ලෙස හානිවීමේ අවදානම ඉතාමත් වැඩිය.එමෙන්ම,රිච්ටර් ඒකක 7 ට වැඩි භූමි කම්පාවක් ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහි‍දෙන භූමි කම්පා කලාපය ආශ්‍රිත මුහුදු කලාපයේ අඩු ගැඹුරකින් ඇති වුවහොත් ,,සුනාමි,, තත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. කදුකර ප්‍රදේශ ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 5.5 ට වඩා විශාලත්වයකින් යුතු භූමි කම්පාවක් සිදු වුවහොත් කදුකරයේ ජලාශ පද්ධතිවලටද බරපතල ලෙස හානි සිදු විය හැකිය.මින් මිනිස් ජිවිතවලට හානි සිදු වීමේ අවදානම ඉතාමත් වැඩිය.2007 ජුනි මාසයේ දී භූචලන හතරක් සිදු වු තිස්සමහාරාමය ප්‍රදේශය ආශ්‍රිතව ද ,,ලුණුගම්වෙහෙර ජලාශය,, පිහිටා ඇත. එබැවින්, මෙම ජලාශය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. භූමියේ පිහිටා ඇති විභේද චලනය වීම පිළිබඳ සොයා බැලීම සදහා චන්ද්‍රිකා ආශ්‍රිත ,,GPS, උපකරණ සහිත මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බව භූ විද්‍යාඥයින් පවසයි.මෙ‍ම GPS, උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 30 කි.අවම වශයෙන් මෙම උපකරන 4 ක්වත් ලංකාව තුළ පිහිටවීම අත්‍යවශ්‍යය.දැනට මෙම උපකරණ එකක්වත් ලංකාවේ නැත. විභේද චලනය වීම ජලාශ්‍රිත ප්‍රදේශවලට බලපාන්නේ කෙසේද,ජනාකීර්ණ ප්‍රධාන නගරවලට ඇතිවන තත්වය කුමක්ද පිළිබඳ GPS,උපකරණය මගින් කල් තියා අධ්‍යනය කළ හැකිය. මෙය ඉතා වැදගත් වන්නේ කොළඹ වැනි නගරයක් ආශ්‍රිතව විශාල භූමි කම්පාවක් සිදුවුවහොත් විය හැකි හානිය අති විශාල හෙයිනි.නමුත් අප දැනට භාවිතා කරන භූ කම්පන මාන මගින් ලබා ගන්නා දත්ත මගින් හෙළිදරව් කරගත හැකි වන්නේ භූ කම්පා සිදුවන ආකාරය, එහි විශාලත්වය හා ස්ථානය යන දත්ත පමණි.නමුත් GPS,උපකරණය මගින් විභේද චලනය වීම පිළිබඳව තොරතුරු සොයා ගැනීම තුළින් ඉදිරියේදී භූකම්පා සිදු විය හැකි ස්ථාන පිළිබඳව පවා හෙළිකර ගත හැකිය. මේ අනුව අපට විද්‍යමාන වන්නේ අප දැන් ජිවත් වන්නේ භූකම්පා කලාපයක් තුළ බවයි. මේ අඩවියත් බලන්න ශ්‍රී ලංකාව
3371
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
කාල් මාක්ස්
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී. ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය. ළමා කාලය හා අධ්‍යාපනය කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්‍රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය.මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය.කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.1824 දී මාක්ස් බෞතිෂ්ම ලබයි.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ.බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස් එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්‍ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය.ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ. රැකියාව බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්‍රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්‍රකාශනය මෙහිදී එළිදක්වයි.මෙම කම්යුනිස්ට් ප්‍රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය.එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්‍රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ ලිපිවලින් පෙනීයයි. පවුල කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය.එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.ජෙනී කැරොලින් (1844-1883),ජෙනී ලවුරා (1845-1911),එඩ්ගා (1847-1855),හෙන්රි එඩ්වට් (1849-1850),ජෙනී එවෙලිනා (1851-1852),ජෙනී ජූලියා (1855-1898) යන දරුවන් හය දෙනකු හා තවත් එක් දරුවකු නම් තැබීමට පෙරම මියගියේය.මීට අමතරව මාක්ස් ගේ මෙහෙකාරියකවූ හෙ ලේනා දෙමුත් ගේ ප්‍රෙඩී නම් දරුවා ගේ පියා මාක්ස් බව සඳහන්වේ. මාක්ස් නිතර ව්‍යාජ නාමයන් ගෙන් පිනීසිටිමින් නිවෙස්වල කුලියට සිට ඇත.වරක් මාක්ස් තම මිතුරෙකුට මෙසේ ලියා යැවීය.˘පිස්කල් නිරධාරින් දෙදෙනකු සමග පැමිණි ගෙවල් අයිතිකාරිය අැඳ පුටු යනාදිය හා යට ඇඳුම් ගවුම් ද මගේ අත දරුවාගේ තොටිල්ලද දූවරුන් දෙදෙනා හඬවමින් හොඳ සෙල්ලම් බඩුද ලේඛනගත කළාය.˘පසුදින අපට ඒම නිවස අතහැර යාමට සිදුවිය යනුවෙන් මාක්ස් ලියා යැවීය.මෙයින් ඔවුන් පත්ව සිටි අසරණ බව හා දර්ද්‍රතාවය පැහැදිළි වෙයි. 1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය.මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය. සෙෘඛ්‍ය මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත. මරණය 1881 දෙසැම්බර් මස තම බිරිඳ මියගිය පසු මාක්ස් දැඩි ලෙස රෝගාතුර විය. මාස 15ක පමන කාලයක් වරින් වර උත්සන්න වෙමින් පැවති ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්වූ බව සඳහන් වේ. 1883 මාර්තු මස 14 වන දින, ලන්ඩනයේදී ඔහු මෙලොවින් සමුගත්තේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. ලන්ඩනයේ ජීවත්වූ මාක්ස්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින් විසින්, 1883 මාර්තු 17 වන දින සන්ධ්‍යාවේ ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසානභූමියේදී මිහිදන් කරන ලදී. එම අවමගුල් උත්සවයට නව දෙනෙකු හෝ එකොලොස් දෙනෙකු සහභාගීව සිටි බව සඳහන් වේ. එහිදී ෆෙඩ්‍රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී. "මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි." දර්ශනය සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය. 1867 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය. ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය. මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ. කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය. කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී. පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය. පංති ගැටුම කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5 ක් හදුන්වා දෙයි. ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය වැඩවසම් අවධිය ධනවාදී අවධිය සමාජවාදී අවධිය සුපිරි කමියුනිස්ට් අවධිය ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය. වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ.ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි.මෙම සමාජ ක්‍රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය.මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි.රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි.බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය.මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය.මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ. වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත.වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි.ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි.නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි.මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ.කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය.ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ. මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි.සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී.මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත.ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි.කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රාෙයා්ගිකව දක්නට නැත.සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක.මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ. මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි.මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ.මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ.කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි. පරාරෝපණය පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි.මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි.මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතාකරඇත.එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය.එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි.මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය.එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවික කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි.එනම් ධනවාදී අර්ථ ක්‍රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි.එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්‍රාග්ධනය නිපදවයි.ධනපතියා සතුවන මෙම ප්‍රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී.නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්‍රාග්ධනය බවට පත්වී ධනවාදී සමිාජය තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය. උපරි වයුහය හා අධෝ ව්‍යුහය කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි.ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.එසේත් නැතිනම් බිම්මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී.එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි.ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය.එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය. ආගම පිළිබඳ මාක්ස්ගේ අදහස් ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘ ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්‍රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්‍රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි. කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි. උපුටා ගැනීම මුලික සමාජ විද්‍යාව ‍‍‍ වැඩිදුර කියවීම් ලෝකය වෙනස් කළ කාර්මික විප්ලවය මාක්ස්වාදීන්ගේ අන්තර්ජාල ලේඛනාගාරය ලෝක සමාජවාදී වෙබ් අඩවිය Karl Marx 1818 උපත් දේශපාලනය සමාජ විද්‍යාඥ‍යෝ චරිත කතා
3372
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%20%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A
ඉසුරුමුණි කැටයම්
පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහි ලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත. විශේෂයෙන් අනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය ආශ්‍රයෙන් මෙවැනි වැදගත් කැටයම් කීපයක් ලැබී ඇත. ඉසුරුමුණි පෙම් යුවල මෙම කැටයම මුලින් ම ලැබී ඇත්තේ ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි. ඉන් පසු එම කැටයම ඉසුරුමුණි විහාරයට ගෙනවුත් පැරණි විහාරයට අයත් ගල් බැ‍ම්මෙහි සවි කර තබා තිබූ අතර දැනට එය එහි ඉඳි කළ කුඩා ‍කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම ගල් පුවරුව අඩි 3ක් පමණ උසින් සහ අඩි 2ක් පමණ පළලන් යුක්ත වේ. මෙම කැටයමෙහි මූලික වශයෙන් නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙකු හා කාන්තාවකි.‍ මෙම පුරුෂයා වාඩි වී සිටින ඉරියව්ව "අර්‍ධ පර්යංකාසන හෙවත් ලලිතාසන" යනුවෙන් හැදින්වේ. මෙහි කාන්තාව වාඩි වී සිටින්නේ තරුණයාගේ නවා ගත් වම් කකුල මත යි. තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ලැබේ. මෙම දෙදෙනාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පෙනී යයි. මෙ‍ම දෙදෙනාගේ දකුණු අත්වලින් පිළිඹිබු කෙරෙන මුද්‍රා එතරම් පැහැදිළි නොවේ. සමහරු මෙම මුද්‍රාවලින් ප්‍රේමය පිළිබඳ අදහසක් පිළිඹිබු කෙරෙතැයි විශ්වාස කෙරේ. කලාත්මක වශයෙන් ඉතා විශිෂ්ඨ ගණයෙහි ලා සැලකිය හැකි මෙම "පෙම් යුවල කැටයම" ක්‍රි.ව. 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යාඥ මතය යි. පැරණි භාරතයේ විශිෂ්ට ම කලා සම්ප්‍රදාය ලෙස සැලකෙන ගුප්ත මූර්ති කලා සම්ප්‍රදායේ ආභාසය මෙම කැටයමින් පිළිඹිබු වේ. මෙම කැටයමින් නිරූපණය වන්නේ කවුරුන් ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය උගතුන් අර්ථ නිරූපණ දක්වා ඇත. හින්දු සමය හා සම්බන්ධ ශිව දෙවියන් හා ඔහු‍ගේ භාර්යාව වූ පාර්වතී දේවිය නිරූපණය කරන බව ඇතමුන්ගේ මතය යි. මහායාන සම්ප්‍රදායෙහි හමුවන බෝධිසත්‍වවරුන් අතරින් ලාබාල ම බෝධිසත්‍වවරයා ලෙස සැලකෙන මඤ්ජු ශ්‍රී බෝධිසත්‍වවරයාත් ඔහුගේ තාරා නම් බිසවත් දැක්වෙන බව තවත් අදහසකි. යුධ භටයෙකු හා ඔහුගේ තරුණ භාර්යාව ඉන් පිළිඹිබු වෙතැයි තවත් මතයකි. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු ව සිටි මහාචාර්ය පරණවිතානයන්ගේ මතය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුත් ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලාත් ඉන් නිරූපණය වන බවයි. මීට අමතරව කුවේර නම් දෙවියනුත් ඔහුගේ භාර්යාව වූ වසුන්දරාත් ඉන් නිරූපණය වන බවට මතයකි. මිනිසා සහ අශ්ව හිස ඉසුරුමුණියෙන් හමුවන තවත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිස ක් දැක්වෙන කැටයම දැක්විය හැක. මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2 1/2 ක් පමණ උසින් යුක්ත වේ. මෙහි නිරූපිත පුද්ගලයා වාඩි වී සිටින්නේ "මහාරාජ ලීලා" නම් ඉරියව්වෙනි. ඔහුගේ දකුණු උරහිසට ඉහළින් නිරූපණය කර ඇත්තේ අශ්වයෙකුගේ හිසකි. මෙම කැටයම ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවසට අයත් බව පැවසේ. දකුණු ඉන්දියාවේ ව්‍යාප්තියට පත් පල්ලව මූර්ති කලාවේ අභාසය මෙම කැටයමෙහි පිළිඹිබු වන බව වියතුන්ගේ නිගමනය යි. මෙම කැටයමින් කුමක් නිරූපණය කරන්නේදැයි යන්න පිළිබඳවත් උගතුන් අතර විවිධ මත පවතී. කලා ඉතිහාසඥයෙකු වූ ආනන්ද කුමාරස්වාමිගේ අදහස වන්නේ හින්දු දේව කතාවල හමු වන කපිල නම් ඍෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වන බව යි. පරණවිතානගේ නිගමනය වන්නේ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් සංකේතවත් කෙරෙන බව යි. මීට අමතරව දුටුගැමුණු රජ පවුල දැක්වෙන කැටයමත් දිය නාන අතුන් දැක්වෙන කැටයමත් ඉසුරුමුණි විහාරය තුළ හඳුනා ගත හැකි තවත් අගනා කැටයම් වේ. ආශ්‍රිත ඉසුරුමුණිය ඉතිහාසය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාවස්තු - ශ්‍රී ලංකා
3374
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E2%80%8D%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%8B%E0%B6%AB%E0%B7%96%E0%B7%83%E0%B7%94%E0%B6%B8
ආක්ටික් කලාප‍යේ උණූසුම
ආක්ටික් කලාපය යනු ශීත කාලයේදි හිරැ නොනගින හා ග්‍රීෂ්මයේදි හිරැනොබසින පෘථිවියේ උත්තරධ්‍රැවය හා ආශ්‍රිත ප්‍රදේශයකි.බොහෝ විට අයිස් හා හිමෙන් වැසී ඇති මෙම ප්‍රදේශය පෘථිවිය උණුසුම් විම කෙරෙහි ඉතාම සංවේදීය.ආක්ටික් කලාපයේ පවතන අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරමෙහිලා ඉතා වැදගත්ය.එනම් පෘථිවි පෘෂ්ඨයට වැටෙන හිරැ කිරණ බොහෝමයක් පරාවර්ථනය කිරීමේ හැකියාවක් මෙම අයිස් තට්ටුවලට ඇත.පර්යේෂණවලින් පෙන්වාදෙන ආකාරයට ආක්ටික් කලාපය අනෙකුත් ප්‍රදේශයන්ට වඩා දෙගුනයක උෂ්ණත්වය වැඩි වීමක් පෙන්නුම් කරයි.එයට හේතුව අයිස් දියවීමෙන් මතුවන අදුරු පොළෝතලය අධික ලෙස සූර්ය තාපය උරා ගැනීමයි.ආක්ටික් කලාපය උණුසුම් වීමට බලපාන අනෙක් කාරණය නම් එම කලාපයට ලැබෙන වැඩිපුර ශක්තිය, කලාපය උණුසුම් කිරීමට බලපායි. මේ ආකාරයට උණුසුම් වන ආක්ටික් කලාපය නිසා එහි බලපෑම් රැසකි. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය,දෙගුණයකින් ඉහළ යාමට එය හේතු වේ.මේ නිසා හිම සෘතුව ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ග්ලැෂියර් හා සාගර,අයිස් තට්ටුව නිරන්තර දියවීමට ලක් වෙනු දැකිය හැක. ග්ලැෂියර් හා අයිස් දියවීම සාගර මට්ටම ඉහළ ගෙන යන අතර දියවැල්වල ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ලෝකයේ දේශගුණික වෙනස්කම් සිදු විය හැකි බැව් එම වාර්තා පෙන්වා දෙයි.සාගර අයිස් තට්ටු දිය වීම ක්‍රමයෙන් තුරන් විය හැකි බවට ද අනාවැකි පළවේ. සාගර ජලමට්ටම ඉහළ යාමත් සමඟ වෙරළ ඛාදනය වර්ධනය විය හැකි අතර කුනාටු ඇති වීමද නිරන්තරයෙන් අත්විදිය හැකි බැව් පැවසේ.ආක්ටික් ප්‍රදේශයේ සාගර අයිස් තට්ටුව අඩුවීමෙන් එම කලාපයේ ස්වාභාවික සම්පත් ගවේෂණය වර්ධනය වන අතර නාවික ක්‍රියාවලීන් වර්ධනය වේ.ස්වාභාවික සම්පත් හා කැනීම් වැඩි වීමත් සමඟ ඇති කෙරෙන යටිතල පහසුකම් හේතුවෙන් තවදුරටත් අයිස් දිය වීම සිදුවේ. වසර 1979 සිට 2002 වන විට ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව 16% කින් අඩුවී ඇත.මෙලෙස සාගරයට එක්වන මිරිදිය නිසා සාගර ජලයේ ලවණ සාන්ද්‍රණය සැලකිය යුතු මට්ටමකින් අඩුවිය හැක.එය ලෝකයේ දේශගුණික විපර්යාස තවදුරටත් වර්ධනය කිරීමට දායක වන්නාවූ ප්‍රධාන හේතුවක් වනු ඇත උෂ්ණත්වය වැඩිවත්ම අයිස් දියවී පෘථිවි පෘෂ්ඨය මතු වී ඒ මත ශාක වර්ධනය වීමේ ඉඩකඩ ඇති බැවින් ආක්ටික් කලාපයේ වනාන්තර ඇති විම කෙරෙහි එය බලපෑ හැක.මෙම ක්‍රියාවලිය මගින් ලෝකයේ කාබන් චක්‍රය වෙනස් වීමේ හැකියාවක්ද මතුවන බැව් තවදුරටත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මෙසේ සිදුවන ආක්ටික් කලාපයේ උණුසුම් වීම පිළිබඳව දිගින් දිගටම අධ්‍යන සිදුවන මුත් එම වෙනස් වීම් නවතාලීමට හැකිද යන්න පිළිබඳවද තවදුරටත් කිසිඳු පියවරක් ගෙන නොමැත.ඒ පිළිබඳව අවධානයක් නොතිබීම විශාල අනතුරක් අතළඟ යැයි අවධානමක් පවති. මේ අඩවියත් බලන්න පෘථිවිය උණුසුම් වීම
3375
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%20%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA
ආදායම් බද්දේ අතීතය
1840 දී ප්‍රංශයේ අධිරාජ්‍යා බවට පත්වූ නැපෝලියන් සෙනෙවියාගෙන් බ්‍රිතාන්‍යයට එරෙහිව පැවති ආක්‍රමණික තර්ජනය නිසා 1790 දශකය අගදී බ්‍රිතාන්‍යය රාජ්‍ය ආර්ථිකය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට විය.ඊට තාවකාලික පිළියමක් වශයෙන් රටේ යමක් කමක් අැති ජනතාවගේ දායකත්වය රජයට ලබාගැනී එක් උපාය මාර්ගයක් වශයෙන් 1799 දී ඉතිහාසයේ මුල් වරට ආදායම් බද්ද හදුන්වා දී තිබේ.*ලංකාවේ ආදායම් බද්ද අාරම්භ වී තිබෙන්නේ 1932 වර්ෂයේදීය. එනම් ඉංග්‍රීසි පාලන සමයේදීය. වචනයේ අර්ථයෙන්ම ආදායම් බද්ද අයකරනු ලබන්නේ පුද්ගලයන්ගේ ආදායම මතය. එය තවත් කෙනෙකුට විතැන්කළ නොහැක.ඒ නිසා එය ඉතාමත් සංවේදී බද්දකි. ආදායම් බද්ද තනි පුද්ගලයන්පමණක් නොව ආයතනික පුද්ගලයන් ද අයත්වේ.(සංස්ථා,සමාගම්) තනි තනි පුද්ගලයන් ගෙවනු ලබන ආදායම් බදු පෞද්ගලික ආදායම් බදු වශයෙන් හැඳින්වේ. ඊට හොඳම උදාහරණය නම් උපයන විට ගෙවීමේ බද්දයි.අනෙකුත් ආයතනිකපුද්ගලයන්ගේ අයකරන බදු සාමූහික ආදායම් බදු වශයෙන් හැඳින්වේ. මේ කොටස් දෙකහිම ආදායම් බදු අනුපාතය එක සමාන නොවේ. ආදායම් මත අයකරන, කලින් කලට ඇති නැති වන වෙනත් බදු වර්ගද අපට දැකිය හැකිය. අප රටේ මෑතක් වන තුරැ පැවති ජාතිය රැකගැනීමේඅරමුදලද පුද්ගලයාගේ ආදායම් මත අයකරගත් බද්දකි. එසේම 2002 වසරේ සිට ක්‍රියාත්මක වන පොලී මත අයකරන බදු ද ආදායම් බද්දකි. රඳවා ගැනීමේබද්දද ආදායම් බද්දකි. සමාජයේ ආදායම් විෂමතාව අවම කිරීමට ආදායම් බද්ද හොඳ මාර්ගයක් වුවත් එය තනි පුද්ගලයන්ගේ ආදායම් ඉපදවීම මන්දෝත්සාහී කිරීමට බලපායි. යොමුව සටහන සගරාව
3376
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
කොළඹ ඉතිහාසය
ග්‍රාමීය ප්‍රදේශයන්ට සා‍පේක්ෂව නාගරික ප්‍රදේශයන්හි ගතිකත්වය අතිමහත්ය. එම ගතිකත්වය සෑම අංශයකින්ම හඳුනාගත හැකිය. දිවයිනේ ප්‍රධාන පරිපාලන නගරය මෙන්ම වාණිජ නගරය වීම හේතුවෙන් කොළඹ නගරයේ මෙම ගතිකත්වය අනෙකුත් නගර සියල්ල අභිභවා සිටි. නගරයක ගතිකත්වය අනෙකුත් නගර අහිභවා සිටී. නගරයක ගතිකත්වය තුල විවිධ ක්ෂේත්‍රීය රටාවන් හඳුනාගත හැකිය. මෙය නාගරික රූපකාය ව‍ශ‍යෙන් හඳුන්වයි. නාගරික රූපකාය සරලව පැහැදිලි කරන විට නගරයක ඉහලින් සිටින කුරුල්ලෙකුට නගරය දිස්වන ආකාරයයි. එහිදී එම පක්ෂියා හඳුනාගන්නේ නාගරික ක්ෂේත්‍රීය රටාවයි. මෙහිදී ගොඩනැගිලි ස්වරූපය කුමක්ද? එක සමාන උස ගොඩනැගිලි ස්ථානගත වී තිබෙන්නේ කුමන ප්‍රදේශයක් තුලද? නේවාසික රටාව කුමන ස්වරූපද? එහිදී එක් එක් සමාජ ස්තරයන්ගේ නිවාස පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශවලද? නගරයේ වාණිජ කටයුතු ස්ථානගත වී තිබෙන්නේ කෙසේද? මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (CBD) පිහිටා ඇත්තේ කුමන කලාපයේද? ආදී වශයෙන් ක්ෂේත්‍රීය වශයෙන් හඳුනාගත හැකිය. මේවා මේ අයුරින් ස්ථානගත වී ඇත්තේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙනි. මෙය වර්තමානයේත් ක්‍රියාත්මක වේ. නිදසුන් ලෙස පැල්පත් පිහිටි ප්‍රදේශයක උසස් පෙලේ නිවාස හටගැනීමේ හැකියාව ඉතා අඩුය. දැඩි වාණිජකරණයට ලක්වු ප්‍රදේශයක නේවාසික රටාවක් බිහිවීමේ සම්භාව්‍යතාවය ඉතාමත් පහල මට්ටමක පවතී. නාගරික භූගෝල විද්‍යාඥයෝ මෙම ක්‍රියාවලිය පැහැදිලි කිරිමට පරිසර විද්‍යාවේ සංකල්පයක් උපයෝගී කරගනිති. එනම් නාගරික පෙරහන් ක්‍රියාවලියයි. වනාන්තරයක එක් එක් වෘක්ෂලතාවන්ගේ ව්‍යාප්ති රටාවන් දිගු පරිණාමයක ප්‍රතිඵලයකි. එහිදි පළමුව නිරාවරණය වු භූමිය තුලට ශාක වර්ග පැමිණේ. එය ජලයෙන් හෝ සුලඟින් හෝ වෙනයම් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි තුළින් සිදුවිය හැකිය. එය ආක්‍රමණයකි. එම ශාක වර්ග අතර තරඟයක් පවති. එම තරඟයේදි මෙම ශාක අතර යම් යම් ප්‍රතික්‍රියා සිදුවේ. ඉන්පසු කිසියම් ශාක වර්ගයක් හෝ කිහිපයක් ස්ථායි වේ. එය උත්කර්ශය වේ. ස්වාභාවික වනාන්තරයක සිදුවෙන මේ ක්‍රියාවලිය නගරයක් තුලද සිදුවිය හැකිය. නාගරික භූගෝල විද්‍යාඥයින් පවසන්නේ නගරයක් ඇසුරින්ද එක් එක් කාර්යයන් අතර තරඟයක් පවතී. මේ නිසා නගර එකක් හෝ දෙකක් ස්ථායි වීමත් අනතුරුව අන් සියළු කාර්යයන්ගෙන් ඉස්මතු වී පෙනෙන්නට පටන් ගැනීම වශයෙන් හෝ ඉහත අවස්ථා සියල්ල ඒ ආකාරයෙන්ම හඳුනාගත හැකි බවයි. අද වනවිට සීඝ්‍ර නාගරීකරණයට හසුව ඇති කොළඹ නගරය දැනට අවුරුදු 500කට පමණ පෙර වන සතුන්ගෙන් ගහන කැලෑ රොදවළින් සහ ගොහොරුවලින් සමන්විත භූමියකි. වෙළෙඳාම ජීවිකාව කරගත් මුස්ලිම් පවුල් කිහිපයක් විසුහ. කොළඹ වරාය සංවර්ධනය කොළඹ නගරයක් ලෙස සංවර්ධනය වෙන්නේ 1885දී කිරීමෙන් අනතුරුව බව බොහෝ විද්වතුන්ගේ මතයයි. කොළඹ වරාය බිහිකිරීමද මේ මූලික සැලැස්ම පෘතුගීසීන්ගේය. මුලින්ම ඔවුන් බලකොටුවක් තැනූහ. එය කොටුව නම් විය. බේරේ වැව ඔවුන්ගේ නිර්මාණයකි. කැළණි ග‍ඟේ ජලය හැරවීමෙන් මෙය කළහ. කොටුවෙන් පිට නගරය පිටකොටුවයි. කොටුව හා පිටකොටුව අතර දිය අගලක් සහ පොල් වත්තක් විය. පසුව ලන්දේසීන් විසින් කොළඹ නගරය වඩාත් වාණිජ නගරයක් බවට පත් කෙරිණි. පෘතුගීසීන් ආරක්ෂක මාධ්‍යයක් ලෙස යොදාගත් බේරේ වැව මොවුහූ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදාගත්හ. ලන්දේසීන් ප්‍රථම වතාවට කුරුඳු වගාව ආරම්භ කළහ. එය වර්තමාන කුරුඳුවත්ත, ඇස් වාට්ටු හන්දිය, හා බොරැල්ල දක්වා විය. මරදාන එහි අවසන් කෙළවරයි. කොළඹ නගරයේ වැදගත්ම සමය ඉංග්‍රීසි සමයයි. මෙතෙක් ජනාවාසයක්ව තිබූ කොළඹ ප්‍රදේශය, නගරයක් වන්නේ මේ කාලයේය. 1883දී කොළඹ දිවයිනේ අග නගරය කළහ. මේ සමග කොළඹ කේන්ද්‍ර කරගත් මහා මාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් බිහිවිය. එහි පළමු පියවර 1820 දී තැනීම ආරම්භ කරන ලද කොළඹ- මහනුවර මාර්ගයයි. මීලඟට 1867දී මෙරට පළමු දුම්රිය මාර්ගය වන මහනුවර-කොළඹ දුම්රිය මාර්ගය තැනිණි. මේ සමග කොළඹ කේන්ද්‍ර කරගත් අපනයන වෙළඳ රටාවක් වර්ධනය විය. 1886 දී දිවයිනේ ප්‍රධාන වරාය වශයෙන් කොළඹ වරාය සංවර්ධනය විය. මේ නිසා වරාය ආශ්‍රිතව නව රැකියා බිහි විය. විශාල වශයෙන් කම්කරුවන් නගරයට සංකේන්ද්‍රණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් පාලන නායකයන් ප්‍රධාන ආයතන නායකයන් හා යුරෝපීය හා දේශීය ප්‍රභූ පැලැන්තිය සහ මුස්ලිම් පවුල් කිහිපයක් පමණක් විසු කොළඹ ජන සංයුතියට කම්කරු පංතිය එක් විය. කොළඹ නගරයේ කොටුව ප්‍රදේශයට අමතරව 1865 වනවිට තවත් කොට්ඨාශ 5ක් එක්ව තිබුණි. ශාන්ත බස්තියන්. ශාන්ත පාවුලු. මරදාන. කොල්ලුපිටිය. කොම්පඤ්ඤවීදිය. ක්‍රි.ව 1910දී මෙම තත්වය තව දුරටත් වර්ධනය වෙමින් මෝදර හා වැල්ලවත්ත එකතු වී නාගරික කොට්ඨාශ 11ක් විය. ක්‍රි.ව 1935දී කොට්ඨාශ 20කටද ක්‍රි.ව 1943දී නැවත කොට්ඨාශ 30 කටද‍ බෙදන ලදි. පසුව කිරුළපනද ඈඳාගෙන කොට්ඨාශ 31ක් විය. ක්‍රි.ව 1958දී නැවත කොට්ඨාශ 37ක් කළේය. ක්‍රි.ව 1963දී එය 47කට බෙදීමෙන් අනතුරුව කොළඹ නගරයේ තිරස් විකාශනය අවසාන විය. නමුත් කාර්යමය වෙනස්කම් රැසක් අද දක්වා සිදුවෙමින් පවතී. කොළඹ නගරයේ වර්ධනය ගැන විමසීමේදී පෙනී යන වැදගත් කරුණක් නම් අළුතෙන් සකස් වූ නව නේවාසික රටාවයි. 1859දී සර් හෙන්රි වොන් විසින් ගාලු මුවදොර ආරම්භ කිරීමෙන් පසු ඊට දකුණින්පිහිටි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ජනාවාස විය. එවකට ගාලු මුවදොර රේස් පිටිය කුරුඳුවත්තට ගෙනයාම සමග කුරුඳුවත්ත ජනාකීර්ණ විය. නිවෙස්වලින් සහ උද්‍යාන වලින් සමන්විතව තිබූ මට්ටක්කුළිය ප්‍රදේශය තුළ සමාජයේ ප්‍රභූපෙළ සිටියහ. වරාය සංවර්ධනය සමග විශාල කම්කරුවන් නගරයට පැමිණියහ. මොවුන් ඉහළ පෙලේ නිවාස පවුල් කිහිපයක් එක්ව කුලියට ගෙන කොටස් වලට බෙදාගෙන පදිංචි වූහ. මේ සමග විශාල මන්දිර වලට සීමාවූ කොළඹ නගරයේ නිවාස රටාවට පැල්පත්ද එක් විය. මේ නිසා මෙහි විසූ ඉහළ මධ්‍යම පංතිකයෝ තම අධ්‍යාපන ආයතන පවා රැගෙන දකුණට සහ අග්නිදිගට සංක්‍රමණය වූහ. එහිදී බිහිවූ ප්‍රධානතම ජනාවාසය කුරුඳුවත්තය. මේ ආකාරයට කොළඹ නගරය හොරගසක් සේ අතුළියලා වර්ධනය විය. එහි බීජද අවට ව්‍යාප්ත විය. මේ අඩවියත් බලන්න කොළඹ කොළඹ
3378
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA
ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය
අඩ සියවසකට ආසන්න කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වූ සරල බහුතර මැතිවරණ ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහෝසි කොට ඒ වෙනුවට නව නියෝජන ක්‍රමය වශයෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුනි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දීමට හේතු වූයේ සරල බහුතර නියෝජන ක්‍රමය මගින් මහජන මතය හරිහැටි නියෝජනය නොවීමයි. 1970 හා 1977 යන වර්ෂවල මැතිවරණ ගෙන බැලූකල පෙනීයන්නේ 1970 බලයට පත් සමඟි පෙරමුණ 44% ක් පමණක් ඡන්ද ප්‍රතිශතයක්‍ ලබාගන්නා බවයි. නමුත් ඔවුන්ට ව්‍යවස්ථාදායකයේ ආසන 77%ක්ම හිමි වේ. මේ අනුව මහජන මතය හරිහැටි නියෝජනය නොවේ. මෙවැනි හේතූන් නිසා සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්හ. නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා වැනි අය පවසන්නේ, මෙම මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමට හේතු වූයේ එම 1978 බලයට පත් ආණ්ඩුව සතු වූ දේශපාලන ආත්මාර්ථකාමිත්වය බවයි. කෙසේ නමුත් සමානුපාතික ක්‍රමය හඳුන්වා දීම සුළු පක්ෂ වල ප්‍රගතියට ඉවහල් වූ බව පෙනේ.මහජන මතය සමානුපාතිකව නියෝජනය වන නිසා ඔවුන්ට ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් හිමි විය. 1978 ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන පරිච්ඡේදය මගින් මැතිවරණ ක්‍රමය සඳහා ප්‍රතිපාදන සපයා ඇත. සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රයාත්මක වන ආකාරය මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවසවස්ථාවේ 95(1) හා 95(2) වගන්ති අනුව මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කොමිසන් සභාවක් ජනාධිපති වරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්යරවස්ථා සභාව (17 ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රකාරව) පත්කිරීම සිදුකරයි. එහි සාමාජිකයන් තිදෙනෙකි. මෙය ස්වාධීන කොමිසමකි. 96(3) වගන්තියට අනුව මැතිවරණ කලාප නීර්නය කිරීමේදී පරිපාලන දිස්ත්‍රික්ක සැලකිල්ලට ගනියි. එක් එක් කලාප වල මන්ත්‍රි ආසන ප්‍රමාණය නීර්ණය කරන්නේ මෙසේ ය. TV = දිවයිනේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව Q = සුදුසුකම් ලැබීමේ ඡන්ද සංඛ්‍යාව මේ අනුව දිවයිනේ සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රී 160 ක් වූ මුළු සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව මන්ත්‍රී ආසනයක් වෙන්කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ ඡන්ද සංඛ්‍යාව වේ. එහිදී ලැබෙන ඡන්ද සංඛ්‍යාවෙන් මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එම දිස්ත්‍රික්කයට අදාල ආසන ගණන තීරණය වේ. නාම යෝජනා පත්රැ භාර දීම ව්‍යවස්ථාදායකය සඳහා පැවැත්වෙන මැතිවරණයකදී මැතිවරණ කොට්ඨාස පදනම් කරගනිමින් 196 දෙනෙකු තෝරාගනියි. ඒ අතරින් කොට්ඨාස දිස්ත්‍රික් අනුපාතය මත සිව් දෙනෙකු බැගින් 36 දෙනෙකු තෝරා ගනියි. එසේම 14 වන සංශෝධනය මගින් ඇතිකල ජාතික ලැයිස්තු ක්‍රමය මගින් 29 දෙනෙකු ජාතික ඡන්ද ප්‍රතිශතය මත තෝරා ගනියි. මේ අනුව ව්‍යවස්ථාදායකයට තෝරාගන්නා මුළු ගණන 225 කි. සෑම මන්ත්‍රි කොට්ඨාශයක්ම බහු මන්ත්‍රි වේ. නාමයෝජනා පක්‍‍ෂය විසින් සකස් කරයි. එහිදී මන්ත්‍රීධූර සංඛ්‍යාවට වඩා තුන්දෙනෙකුගේ නම් ඇතුලත් කළ යුතුය. උදා:-රත්නපුර මැතිවරණ කොට්ඨාශය 10 + 3 = 13 අපේක්ෂකයන්ගේ නම් සකස් විය යුත්තේ අකාරාදී පිළිවෙළටය. එම නාමයෝජනා පත්‍ර: ඉදිරිපත් කරනුයේ පක්ෂ ලේකම්ගේ අත්සන සහිතවය. සභිකයන් තෝරා ගැනීම. ඡන්ද ගණන් කිරීමෙන් පසුව වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමි වේ. පසුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% ට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ඉවත් කරයි. ඉතිරි පක්ෂවල ඡන්ද එකතුව අදාල සංඛතාව ලෙස සැලකේ. ඉන්පසු එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ඒ පක්ෂකයට හිමි ආසන ගණන තීරණය වේ. පක්ෂයට මන්ත්රීධූර වෙන්කල පසු එම පක්ෂයේ වැඩිම මනාප ලබාගත් අනුපිළිවෙලට මන්ත්‍රීවරුන් තෝරාගනී. පුරප්පාඩු පිරවීම සරල බහුතර ක්‍රමයේ දී මන්ත්‍රිධූරයක් හිස් වූ විට අතුරු මැතිවරණයක් පවත්වයි. නමුත් සමානුපාතික ක්‍රමයේ දී අදාල අපේක්ෂකයන් අතරින් ඊළඟට වැඩිම මනාප ලබාගත් පුද්ගලයා මන්ත්‍රීවරයා ලෙස තෝරා ගනියි. ජාතික ලැයිස්තු මන්ත්රීවධූර තේරීම ව්‍යවස්ථාදායකය සඳහා 225 ක් තෝරාගනියි.ඒ අතරින් 196 ක් ඡන්දයෙන් තෝරාගනියි. ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනියි. මොවුන් තෝරාගැනීම සඳහා පදනම ලෙස යොදාගන්නේ දිවයිනේ මුළු සමස්ථ ඡන්ද අනුපාතය අනුවය. මේ ආකාරයෙන් බෙදූවිට මන්ත්‍රීධූර 29 සම්පූර්ණ නොවේ නම් වැඩිම ශේෂය පදනම් කරගෙන ඉතිරි ඒවා සම්පූර්ණ කරනු ලබයි. අඩවියෙන් බැහැර පිටු 1947 සිට ශ්‍රී ලංකාවේ මතිවරන ප්‍රතිපල ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය
3387
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92
මහත්මා ගාන්ධි
මහත්මා ගාන්ධි (ඔක්තෝබර් 2, 1869 - ජනවාරි 30, 1948) ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක්ය. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද මෙතුමා අතිමහත් සේවයක් ඉටුකරන ලදී. මොහුගේ නියම නම වනුයේ, මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්ධි ය. 1888 දී නීත්‍යය උපාධිය ලබා ගැනීම සදහා ලන්ඩනය බලා පිටත් වෙයි. ලන්ඩනය බලා පිටව යාමට පෙර ගාන්ධි තුමා තම මවට පොරොන්දු දෙකක් කරන ලදි. ජීවිත කාලයටයම මත් පැන් වලින් තොර ජීවිතයක් ගත කිරීම ජීවිත කාලයම නිර්මාංශව ගත කිරීම එම පොරොන්දු දෙකයි. ලන්ඩනයේ නිර්මාංශව ජීවිතය ගත කිරීම ඉතා අපහසු උවත් ගාන්ධි තූමා උපාධිය ලබා ගැනීම සදහා අවුරුදු තුනක්ම ලන්ඩන්යේ ගත කරයි. ගාන්ධි තුමා මෙහි ගත කරන අතරතුර ඔහුගේ ජීවිතයේ අවාසනාවන්ත ම සිදුවීම සිදු වෙයි. ඒ ගාන්ධි තුමාගේ පියා මිය යාමයි. ගාන්ධි තුමා පියා මිය යාමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිනීමට සිතූ විට ඔහුගේ මව එය නවත්වා ගාන්ධිව කෙසේ හෝ ලන්ඩනයේ ම නවත්වා උපාධිය දිගටම කරවන ලදි. පසුව ගාන්ධි තුමා 1891 වර්නීශයේ දී නීත්‍යය උපධිය ලබා ගෙන නැවතත් ඉන්දියාව බලා පැමිනියහ. ඉන්පසු ඔහූ දකුණු අප්‍රිකාවේ නීත්‍යයවරයෙක් ලෙස සේවය කරන ලදි. දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදයේ බලවේගවලට තිබූ ඉන්දියාවේ 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි. වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ. අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ හරිජන” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය. අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාඅපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය කහෝ පවත්වාගෙනයාම දණ්ඩනීය වරදක් ලෙසට නීති පැනවිණි.පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවටත් පත් වී ඇත.ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් වූ අතර අම්බෙඩ්කාර් එවකට පැවති සෑම ආගමක්ම ජනතාවට සුදුසු බව ප්‍රකාශ කළේය.පොදු අරමුණක් ලෙස ආගම්,කුලවාදය දුරු කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණි. තදබල අසාධාරණයට එරෙහි වීම ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ ද වැදගත් සිදුවීමකි. ඒ මගින් ක්‍රිස්තියානි, ඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ඉඩම් හිමියන්ට, කම්කරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කළහ. ව්‍යවස්ථාව මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගය, ඉඩම් හිමියන්ට සත්‍යග්‍රහ, ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි. Sanvarthena Uprga Mar ගාන්ධි -ග්‍රාමීය සංවර්ධනය( ස්වරාජ්‍ය සංකල්පය) අම්බෙඩ්කාර් -නවීනත්වය හා කාර්මීකරණය ජ්ජ්ජ් නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය. නේරු විසින් ද පිළිගත් අම්බෙඩ්කාර් ගේ දර්ශනය බ්‍රහ්ම,විශ්ණු,මහේෂ්වර ත්‍රිමූර්තියට සමාන වීම 21 වන සියවසේ අසිරිමත් සිදුවීම වේ.1956 දී අම්බෙඩ්කාර් බුදුදහම වැළඳ ගනු ලැබුවේ ද කුල පීඩනය නිසාවෙනි.මොවුන් දෙදෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ සමාජ සාධාරණත්වය උදා කිරීමය. මේ අනුව,ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති. මූලාශ්‍ර නූතන ඉන්දියාවේ පදනම, පනික්කාර්. කේ. එම්, රත්නාකර පොත්, 74-වේල්ල වීදිය, කොළඹ 14,1967 ජූලි. Justice V.R. Krishna. Yen , Social Justice & the Undonerast , 1991. The Nehru - Gandhi Encounter, the Island, 1998.11.17. *http://ccnmtl.columbia.edu/projects/mmt/ambedcar/ 2007.05.23 අඩවියෙන් බැහැර පිටු ගාන්ධි පදනම ඉන්දියානු නායකයන් 1869 උපත් 1948 මරණ
3399
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%20%28%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%29
සාමය (බහුරුත්හරණය)
සාමය යනු ශාන්තිය හෝ සහජීවනයයි. සාමය පහත අරුත්ද ගෙන දිය හැකිය: සාම සංකේතය සාම (ඇල්බමය), යුරිත්මික්ස් විසින් සැකසුණු ඇල්බමයකි Peace (album), an album by Anything Box Peace (play), a play by Aristophanes Peace (rose) "The Peace!", song by Morning Musume "Peace", the thirteenth movement of Mike Oldfield's Tubular Bells 2003 album Peace College in Raleigh, North Carolina The Peace River in Alaska Peace River (Canada) Peace, a novel by Gene Wolfe Peace, a song by Weezer from Make Believe PEACE (^^)v, a song by BeForU See also Peace camp Peace movement Peace process Peace symbol Peace treaty The Peace Fund United States Department of Peace World peace Peace Bridge (Buffalo, NY) වක්‍රෝත්තිහරණ පිටු
3402
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%20%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%20-%201962
ඉන්දියා චීන යුද්ධය - 1962
දේශ සිමා පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන ඉන්දියාවත් - චීනයත් අතර ඇති වූ අර්බුදය නිසා හටගත් යුද්ධය ඉන්දියා - චීන යුද්ධය ලෙස හැඳින්වේ. මෙම යුද්ධය 1962 ඔක්තෝබර් මස 20 දින ආරම්භ වී නොවැම්බර් මස 21 දින චීනය විසින් ඒකපාක්‍ෂිකව ප්‍රකාශිත සටන් විරාමයක් යටතේ කෙළවර විය. මාසයක් පමණ පැවති මෙම යුද්ධය ජාත්‍යන්තර වශයෙන් අර්බුදකාරි තත්ත්වයක් උද්ගත කරනු ලැබීණ. ජාත්‍යන්තර අර්බුද පිළිබඳව කරනු ලබන අධ්‍යයනයකදී මෙයද වැදගත් වන්නේ එහෙයිනි. ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුදයක් පැන නැගීමට ප්‍රධාන හේතුව වුයේ ඉන්දීය චීන දේශ සීමාවේ එක්තරා භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් දෙරට විසින් හිමිකම් කියා පෑමයි. එලෙස හිමිකම් කියනු ලැබුවේ ඉන්දියා චීන දේශසීමාවේ ටිබෙට් රටට නුදුරින් පිහිටි අක්සායි චින් (AKSAI CHIN) නැමැති ප්‍රදේශය සම්බන්ධයෙනි. පළමුව හිමිකම් කියනු ලැබුවේ ඉන්දියාව විසිනි. දෙවනුව හිමිකම් කියනු ලැබුවේ නැතහොත් ඉන්දියාව හිමිකම් කීම ප්‍රතික‍්ෂේප කරනු ලැබුවේ චීනය විසිනි. මෙකී හිමිකම් කීම හා ප්‍රතික්ෂේප කිරීම් කරනු ලැබුවේ එක් ඓතිහාසික සාධකයක් පදනම් කර ගනිමිනි. එනම් ඉන්දියාව විසින් ඉන්දියාව සතුව තිබු සිතියමක් හා චීනය විසින් චීනය සතුව තිබු සිතියමක් ඇසුරිනි. ගැටළුව මතුවුයේ ඉන්දියාව හා චිනය සතු වු සිතියම් හි ඉන්දියා චීන දේශසීමාව දෙයාකාරයකට සලකුණු කර තිබීමෙනි. මෙම සිතියම් දෙකට අනුව ඉන්දියාව හා ටිබෙට් අතර වැටි තිබුණ එක්තරා මාර්ගයක් විය. එම මාර්ගය වැටී තිබුනේ ඉන්දියානු දේශ සීමා ප්‍රදේශයක් වු අක්සා චින් හරහාය. චීනයේ සිංකියැං ප්‍රදේශයේ යාර්ඛාන්ඩ් (YARKHAND) නම් ස්ථානයේ සිට නේපාල දේශ සීමාවට යාබදව පිහිටි බටහිර කොටසේ වු ටක්ලා කොට් නම් (TAKLAKOT) ස්ථානයට වැටි තිබුන මෙම මාර්ගයට පිවිසුනේ ඉන්දියානු දේශසීමාවට අයත් සේ සැලකුණු අක්සායි චින් ප්‍රදේශය හරහායි. අක්සායි චින් ප්‍රදේශයේ අයිතිය පිළිබඳව ප්‍රශ්නය ඉන්දියාව විසින් මතුකරනු ලැබුවේ එක්තරා ඓතිහාසික හේතුවක් නිසාවෙනි. එනම් චීනය විසින් ඉන්දියාවට ආසන්න දේශසීමා රාජ්‍යයක් වු ටිබෙටය හැසිරවීමට චිනය උත්සහ දරන බව එක්තරා සිද්ධියක් ඇසුරින් ඉන්දියාවට පෙනී ගිය හෙයිනි. ඒ සිද්ධිය නම් චීනය විසින් ඉන්දියාවටත් හොරෙන් ඉන්දියානු දේශසීමා ප්‍රදේශයක් වු අක්සායි චින් හරහා 1957 වසරේදි මහා මාර්ගයක් ඉදි කිරිමයි. මෙම මහා මාර්ගය ඉදිකරනු ලැබුවේ 1956 දී සොයා ගත් ඉහත කී යාර්ඛාන් නම් ස්ථානයේ සිට අක්සායි චින් හරහා තක්ලාකොට් නම් ස්ථානයට වැටී තිබුන අඩි පාරක් ඔස්සේය. චිනය විසින් ඉන්දියාවෙන් ඉතාමත් දුර බැහැර ප්‍රදේශයක ඉදි කරනු ලැබු මෙම මහා මාර්ගය පිළිබඳව ඉන්දියාව තොරතුරු දැනගත් විගසම චීනය වෙත විරෝධය පළකරනු ලැබිණ. ඒ 1958 ඔක්තොම්බර් මස 18 වෙනිදාය. එවැනි විරෝධයක් පළ කිරීමට හේතු දෙකක් විය. එකක් නම් එම මහා මාර්ගය ඉන්දියානු දේශ සීමාවට අයත්වු අක්සායි චින් ප්‍රදේශය හරහා ඉන්දියාවේ අවසරයකින් තොරව ඉදිකර තිබීමයි. අනෙක නම් මෙම ක්‍රියාව තුළින් ඉන්දියාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද වැදගත් වන්නාවු ටිබෙටය හැසිර වීමට චීනය උත්සහ දරා ඇති බව ඉන්දියාවට ඒත්තු යාමයි. මේ ප්‍රශ්නය මුල් කරගෙන මේතාක් දෙරට අතර වු ඓතිහාසික සබදතාවය තව තවත් පළුදු වන්නට විය. ටිබෙටය මුල් කරගෙන ඉන්දියාවත් චිනයත් අතර වු සබඳතාවය පළමු වරට පළුදු වුයේ 1950 දීය. එහිලා බලපෑ හේතුව වුයේ ඉන්දියාවට උතුරින් පිහිටි දේශසීමා රාජ්‍යයක් වු ටිබෙටය පාලනය කිරීමට චීනය දැරූ උත්සහයයි. 1949 දී චීන මහජන සමුහාණ්ඩුව පිහිටු වීමෙන් පසුව ටිබෙටය සම්බන්ධයෙන් චීනය දැරූ මෙම උත්සහය ඉන්දියාව කෙරෙහි එක්තරා ආකාරයක අමනාප බවක් උද්ගත කරනු ලැබුවද එය එතරම් දුරදිග ගිය එකක් නොවීය. එම අමනාප කම් යටපත් කරමින් 1954 අප්‍රේල් මාසයේදී ටිබෙටයට අදාලව ඉන්දියාව හා චීනය අතර සංස්කෘතික ගිවිසුමක් පවා අත්සන් කරනු ලැබිණ. එම ගිවිසුමේ පුර්විකාවට අනුව පංචසීල ප්‍රතිපත්තියට අනුව සාමකාමී සහජීවනය පදනම් කරගත් ප්‍රතිපත්තියකට අනුව දෙරට ක්‍රියා කරන බවටත් සෙසු බාහිර ලෝකයා සමඟ පවත්වන සබඳතා වලදී ඒ ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන බවටත් එකඟ වුහ. 1954 දි අත්සන් කරනු ලැබු යතෝක්ත ගිවිසුමෙන් වැඩි කලක් ගතවීමට පෙර දෙරට අතර තිබු විශ්වාසය වඩාත් පළුදු වුයේ 1957 දී චීනය විසින් යාර්ඛාන්ඩ් සිට අක්සායි චින් හරහා ටිබෙටයේ සිට තක්ලා කොට් නම් ස්ථානය ඉදි කරනු ලැබු මහා මාර්ගය නිසයි. මෙම මහා මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් 1957 ඔක්තොම්බර් මාසයේදී චිනය වෙත විරෝධය පළකල ඉන්දියාව කියා සිටියේ කිසිදු විවාදයකින් තොරව එම මාවත වැටී ඇත්තේ ඉන්දියානු දේශසීමාවට අයත් අක්සායි චින් හරහා බවයි.මෙම මාවත ඉදි කිරීම ඉන්දියානු සෝදිසි මුර සංචාරයන්ට බාධකයක් වි ඇති බවත් ඉන්දියාව විසින් ප්‍රකාශ කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් චීන රාජ්‍යයේ ප්‍රතිචාරය වුයේ එම මාර්ගය වැටී ඇති පෙදෙසේ වලට ඉන්දීය මුර සංචාරයන් ඇතුළත් නොවිය යුතු බවත්එසේ ඇතුළත් වන්නේ නම් එය චීන දේශ සීමාවට බලෙන් ඇතුළු වීමක් ලෙස චීන රජය විසින් සළකනු ලබන බවත් ප්‍රකාශ කරමින් ඉංදීය විරෝධය ප්‍රතික්ෂේප කිරීමයි. මෙයින් අදහස් වන්නේ ඉන්දියාව විසින් හිමිකම් කියු අක්සායි චින් ප්‍රදේශයට චීනයද හිමිකම් කියු බවයි. මෙලෙස අක්සායි චින් නම් වු එකම ප්‍රදේශයකට චීනයත් ඉන්දියාවත් එක ලෙස හිමිකම් කියනු ලැබුවේ එම ප්‍රදේශය ඉන්දියාවට අයත් ලෙස ඉන්දීය රජය සතු සිතියමේ එය චීනයට අයත් ලෙස චීනය සතු සිතියමේත් සටහන් වී තිබීම නිසාය. අක්සායි චින් ප්‍රදේශය ඉන්දියාවට අයක් වන සේ සිතියම් වෙනස් කිරීමට ඉන්දියාව විසින් චින රජයෙන් ඉල්ලීමක් කරන ලද්දේ චින රජය වෙත විරෝධය පළ කිරීමට පෙර 1958 අගෝස්තු 21 දින දීය. චීනය ඒ සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වු හෙයින් 1958 ඔක්තොම්බර් 18 දා ඉන්දියානු විරෝධය චීනය වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබිනි. ඉන්දියානු විරෝධය සම්බන්ධයෙන් චිනය ප්‍රකාහකර සිටියේ අක්සායි චින් නම් ප්‍රදේශය චීන දේශ සිමාවට අයත් වුවක් බවයි. මෙවැනි විරෝධතාවයක් ප්‍රකාශ කරන්ටත් පෙර එනම් 1954 ඔක්තොම්බර් මාසයේ ඉන්දීය අගමැති නේරු චීන සංචාරයක යෙදුන අවස්ථාවේදී ඉන්දීය චීන දේශසීමාවේදී ඉන්දීය චීන දේශසීමා ප්‍රශ්නය පිළිබඳව චෞ-එන්-ලායි සමඟ සාකච්ඡා කර තිබුනද කිසිදු එකඟත්වයකට පැමිණ නොතිබුනි. එම අවස්ථාවේදී චීනය කියා සිටියේ ඉන්දියා චීන දේශසීමාව ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 20 කට උතුරින් පිහිටා ඇති බවයි. එහෙත් ඉන්දියාව කියා සිටියේ චීන ඉන්දියා දේශ සීමාව පිහිටා ඇත්තේ බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 70 කට උතුරින් පිහිටි මැක්මොහාන් රේඛාව් සිට බවයි. ඉන්දියාව දැරූ මෙම අදහසට පදනම් වුයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියදි ටිබෙටය සමඟ ඇතිකර ගත් එකඟතාවයකි. ඉන්දියා චීන දේශසීමා සම්බන්දයෙන් බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රකාශකර තිබුනේ එකී දේශසීමාම බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 70 කට උතුරින් පිහිටි මැක්මොහාන් රේඛාවේ සිට පිහිටා ඇති බවයි. ටිබෙටය මේ සම්බන්ධයෙන් එකඟත්වයක් පල කළත් චීනය මෙවැනි එකඟත්වයක් පිළිබඳව අත්සන් කර නොතිබුණි. මේ ත්ත්වය යටතේ 1954 දි නේරු චෞ -එන්-ලායි සාකච්ඡා වලදීත් චීනය දැරූ අදහස වුයේ ඉන්දියා චීන දේශ සීමාව බ්‍රහ්මපුත්‍ර නදියෙන් සැතපුම් 20 කට උතුරින් පිහිටා ඇති බවයි. එහෙත් එය ඍජුව ප්‍රකාශ නොකල චෞ එන්ලායි රාජ්‍ය තාන්ත්‍රික විලාසයෙන් නේරුට දක්වා සිටියේ චීන ඉන්දීය සිතියම් වැරදි විය හැකි බවත් එය සංශෝධනය කිරිම එකී ප්‍රදේශ මැනීමෙන් හා දෙපාර්ශවය අතර සාකච්ජා කිරීමෙන් විසඳා ගත යුතු බවයි. 1954 දී චීනය දැරූ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් කිසිඳු වෙනසක් 1958 වන විටත් සිඳු නොවීය. එහෙයින් ඉන්දියානු විරෝධය ප්‍රකාහ කළ අවස්ථාවේදීත් චීනය කියා සිටියේ ඉන්දියාව චීනය අතර දේශ සීමාවන් නිර්නය කිරීම කිසි විටකත් නොකර ඇති බවත් එහෙයින් ඒවා මිනුම් ගත කරන තෙක් දෙරට අතර පවත්නා දේශසීමා එලෙසින් පවත්වා ගත යුතු බවයි. 1958 දී චීනය ප්‍රකාශ කළ මෙම අදහසෙහි අර්ථය නම් ඉන්දියාව හිමිකම් පානු ලබන අක්සායි චින් ප්‍රදේශය චීනයට අයත් ප්‍රදේශයක් බවයි. අනික් අතට ඉන්දියාව දැරූ අදහස වුයේ අක්සායි චින් ප්‍රදේශය ඉන්දියාවට අයත් බවයි. මේ සම්බන්ධයෙන් 1958 දී දෙරට අතර පැනනැගුන මතභේදය ක්‍රමක්‍රමයෙන් උත්සන්න වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ චීනය විසින් 1962 ඔක්තෝබර් මාසයේ 20 වන දින ඉන්දීය දේශ සීමාව වෙත ආක්‍රමණයක් කිරීමයි. එම ආක්‍රමණයේදී ඉන්දියාවේ නැගෙනහිරින් වු ඉන්දියා චීන දේශ සීමාවේ වූ බටහිර හා නැගෙනහිර කොටස් වටකරමින් අක්සායි චින් ප්‍රදේශයේ වූ ඉන්දීය හමුදාවන් විනාශ කිරීම සඳහා පූර්ණ ප්‍රහාරයක් දියත් කරනු ලැබීය. චීන ආක්‍රමණය ඉදිරියේ පසු බසිනු ලැබූ ඉන්දීය හමුදාවෝ පලවා හැරීමට ආක්‍රමණිකයාට ගත වූයේ මසකටත් නොවැඩි කාලයකි. චීන ආක්‍රමණය හමුවේ අසරණ වූ නේරු ඇමරිකාව හා නොබැඳි රටවල සහාය පතනු ලැබුවද චීනය විසින්ම ඒකපාක්‍ෂිකව කරනු ලැබූ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟම යුද්ධය අත්හිටවනු ලැබිනි. එවැනි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට චීනය ඉදිරිපත් වූයේ කුමන හේතුවක් නිසාවුවද ඉන්දියාව විසින් චීන ආක්‍රමණය හෙළා දකිනු ලැබුව ද සටන් විරාමයට අවනත වුනි. නොවැම්බර් 21 දින ඇතිකරගත් මෙම සටන් විරාමයට පසුව 1962 දෙසැම්බර් 1 දින චීන හමුදාවෝ සිය දේශ සීමාවන් තෙක් පසු බසිනු ලැබූහ. 1962 නොවැම්බර් මස 21 සිට දෙසැම්බර් පළමුවන දින වනවිට දෙපාර්ශවය අතර එකඟතාවය වූයේ ඒතාක් ඉන්දීයව හිමිකම් පෑ අක්සායි චින් ප්‍රදේශය චීනයට අයත් බවත් සෙසු දේශ සීමා ප්‍රදේශ සම්බන්ධයෙන් මැක්මොහාන් රේඛාව දෙරටේ දේශ සීමා මායිම් සේ සලකා ක්‍රියාකරන බවයි. 1962 චීනය විසින් ඉන්දියාව ආක්‍රමණය කිරිම වූ කලී ජාත්‍යන්තර දේශපාලනයේ තවත් අර්බුදකාරී අවස්ථාවක් විය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ ඉන්දියාවත් - චිනයත් ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රබල පසමිතුරන් බවට පත්වීමයි. ආශිත ග්‍රන්ථ මහාචාර්ය ඩබ්ලිව්.ඒම්. ප්‍රේමරත්න මහතාෙග් ජාත්‍යන්තර අර්බුද කෘතිය අැසුරිනි. ඉන්දියාව චීනය චීන ඉතිහාසය
3406
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA
අධ්‍යාපනය
අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත. අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducere, educo) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ. අධ්‍යාපනය යනු, යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි. අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථන අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි. සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි. අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි. අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ. අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි. සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය. අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය. අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව , ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක. අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය. අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව (සාධාරණත්වය, අදාළත්වය, විශිෂ්ටත්වය) අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.(ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ) මීට අමතරව, දැනගැනීම සඳහා ඉගෙනීම යමක් කිරීම සඳහා ඉගෙනීම' එකට ජීවත්වීම සඳහා ඉගෙනීම දිවිපැවැත්ම සඳහා ඉගෙනීම ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි. අධ්‍යාපන ප්‍රවර්ධන අරමුණු ජෝශප් චිමොම්බො (Joseph Chimombo)  විස්තර කර ඇති අන්දමට අධ්‍යාපනය යනු ක්‍රමවත් ප්‍රතිපත්ති ලේඛයක භූමිකාවක් ඉටු කරන අතර ක්‍රමයෙන් අපට නොදැනීම දියුණු වෙමින් පවතින රටවල ස්මාජ විපර්යාසයක් හා ආර්ථික සංවර්ධය ආරම්භ කර ඇත. එසේම අධ්‍යාපය විසින් මහජන ඉරණම වෙනස් වී ඇති බවද ඔහු පවසයි. පාරිසරික, සමාජයීය මෙන්ම ආර්ථික කරුණු සම්බන්ධයෙන් ද විශේෂ අවධානක් යොමු කරමින් 2015 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී එළි දක්වන ලද "2030  තිරසාර සංවර්ධන අරමුණු "  ඇතුළත් වාර්තාවහි අධ්‍යාපනය දෙස නව කෝණයකින් බලා අධ්‍යාපන ප්‍රවර්ධන අරමුණු ඉදිරිපත් කර ඇත. එහි සදහන් තිරසාර සංවර්ධන අරමුණු 17ක් අතරින් සිවුවැන්න අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත. සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ ක්‍රි.ව. 1909 සිට මේ දක්වා ළමුන් පාසල හැර යාමේ ප්‍රවණතාවය අවම වී ඇති අතර සිසුන් පාසල් යාමේ ප්‍රවණතාවයෙහි පැහැදිලි වර්ධනක් පෙන්නුම් කරයි.එහෙත් ඊට පෙර දී පිරිමි දරුවන් සුළු ප්‍රමාණයක් පමණක් පාසල් ගොස් අධ්‍යාපනය ලබා තිබුණ ද 20 වන ශත වර්ෂයේ ආරම්භයත් සමග ලෝකයේ ළමා ජන ගහණයෙන් බහුතරයක් මොනයම් හෝ අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඉඉගෙනුම ලැබූහ. 2016 වසර වන විට ලෝක ළමා ජනගහනයෙන් 91% ක පිරිසකට විධිමත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබීම සදහා අවස්ථාව ලැබී ඇත.එහෙත් අද වන විට ලෝකය පුරා ඇති වී තිබෙන අධ්‍යාපනික අර්බුදයට  (learning crisis) හේතු වී ඇත්තේ පාසල් යන සිසුන් ප්‍රමාණයෙන්ද වැඩි කොටසක් ඉගෙනුම් කටයුතු ක්‍රමවත් ව සිදු නොකිරීමයි. ලෝක බැංකුව විසික් නිකුත් කළ දත්ත වාර්තාවක් පෙන්වා දෙන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් ලාභී රටවල්වල සිසුන්ගෙන් 53% ක් ප්‍රතිශතයක් ප්‍රාථමික පාසල් කාලය නිම වන විට ද ඉතාමත් සරල පාඩමක් වුවද තනිව කියවා අවබෝධ කර ගැනීමට නොහැකි මට්ටක පසු වන බවයි. පසුගිය දශකය පුරාවටම ක්‍රියාත්මක වූ මිලේනියම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිලේනියම් සංවර්ධන අරමුණු (Millennium Development Goals) අට අතර ද ගෝලීය ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අවස්ථාව හිමි වී තිබුණි. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබන මූල්‍යාධාර සුරක්ෂිත කිරීමට නිශ්චිත විධිවිධාන නොමැති වීම, ගෝලීයව අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිට බාධා කරන ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇත. විදෙස් සංවර්ධන ආයතනය (Overseas Development Institute ) විසින් පෙන්වා දෙන පරිදි අධ්‍යාපනය සදහා මූල්‍යාධාර රැස් කර ගැනීමේදී  මුහුණ දෙන ප්‍රධාන අභියෝග වන්නේ පරිත්‍යාගශීලින්ගේ ප්‍රමුඛතා ගැටුම්, අරමුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන අක්‍රමිකතා හා ඒ සදහා ලැබෙන මහජන සහය අවම වීමයි. තවද විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර සංසංවිධානක් වන Transparency International ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන අල්ලස් හා දූෂණ අප්‍රිකා මහද්වීපයේ ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති ප්‍රධානතම අවහිරතාව බව පෙන්වා දෙයි.  එසේම ගෝලීය වශයෙන් ගුණාත්මක අධ්‍යාපනක් සදහා වන ඉල්ලුම හා අවශ්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොතිබීම ද ගැටලුවකි.දීර්ඝකාලීනව අධ්‍යාපනයේ නියැලීමට වඩා කෙටි කාලයකින් අධ්‍යාපනය අතහැර මුදල් ඉපයීම කෙරෙහි බොහෝ දෙමාපියන් සිය දරුවන්ව යොමු කරන්නේ ආර්ථික ගැටලු හමුවේ ඔවුන් අසරණ වී ඇති බැවිනි. තවද ඔවුන්ට අධ්‍යාපනයේ ඇති වටිනාකම හෝ එයින් ලබා ගත හැකි ඵල  ප්‍රයෝජන පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් නොමැත. අධ්‍යාපනයේ විවිධ ස්වරූප වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි. විධිමත් අධ්‍යාපනය අවිධිමත් අධ්‍යාපනය නොවිධිමත් අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනය විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. (උදා: පාසල, විශ්ව විද්‍යාලය) අනුපිළිවෙලින් ව්‍යුහගතවූ කාල ක්‍රමාණුගතව ශ්‍රේණිගත වූ අධ්‍යාපනය පද්ධතියකි. ශාස්ත්‍රීය - ප්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය තාක්ෂණික - තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු සිදු කරන ආයතන විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය අතීතයේ දී කිසියම් ආබාධයක් සහිත පුද්ගලයනට සාමාන්‍ය පරිදි අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොලැබිණි. ආබාධයක් සහිත පුද්ගලයන් පිටපිට ම අධ්‍යාපන ආයතන වලින් ප්‍රතික්ෂේප වීම නිසා විශේෂ අධ්‍යාපන උපදේශකවරුන් හෝ චිකිත්සකයන් ඔවුන්ට ශාස්ත්‍රීය දැනුම ලබා දෙන ලදී. එවැනි විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට අධ්‍යාපනය ලබා දුන් පුද්ගලයන් විසින්ම විශේෂ අවශ්‍යතා අධ්‍යාපන ක්‍රමය සදහා මූලික අඩිතාලම දමන ලදී. එහිදී ඔවුන් දළ චාලක හැකියා වර්ධනය , සියුම් චාලක හැකියා වර්ධනය, හසුරු කුසලාතා වර්ධනය වැනි ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන තිබේ. අතීතයේ දී විවිධ ආබාධ හෝ ව්‍යාකූලතා සහිත සිසුන්ට පමණක් සීමා වූ විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය වර්තමානයේ දී ඉගෙනුම් දුබලතා හා චර්‍යාමය ගැටලු සහිත සිසුන් ඉලක්ක කර ගනිමින් ද පවත්වා ගෙන යනු ලබයි . අවිධිමත් අධ්‍යාපනය ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. (උදා: රූපවාහිනියෙන්, සමාජ ආශ්‍රයෙන්) අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ දෛනික අත්දැකීම් සහ අධ්‍යාපනික ආභාෂයෙන් මෙන්ම ඔහු වටා ඇති පරිසරය තුළින්(පවුලෙන්, අසල්වැසියන්ගෙන්, සේවා ස්ථානයෙන්, ක්‍රීඩා පිටියෙන්, වෙළඳපලෙන්, පුස්ථකාලයෙන් හා ජනමාධ්‍ය තුළින් ) ආකල්ප, සාරධර්ම කුසලතා හා දැනුම අත්කර ගත හැකි යාවජීව ක්‍රියවලියකි. මෙය සංවිධානය නොවූවකි. නොවිධිමත් අධ්‍යාපනය සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්‍යාපන ක්‍රමය ලබාදේ. (උදා: රූපලාවන්‍ය පාඨමාලා, Computer, තාක්ෂණික පාඨමාලා) මේ අධ්‍යාපනය වර්තමානයට ඉතාම අත්‍යවශ්‍ය අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරි අධ්‍යාපන ක්‍රමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි. මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ. විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීම කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම නොවිධිමත් අධ්‍යාපනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්‍යාපන ක්‍රමයේ විකල්ප ක්‍රමයක් ලෙස බිහිවිය. විශේෂිත කණ්ඩායමක් ඉලක්කකොටගෙන ඉගෙනීමේ අරමුණු එල්ලේ මෙහෙයවීමට අපේක්ෂිත පුළුල් ක්‍රියාදාමයක අංගයක් වශයෙන් විධිමත් පද්ධතියෙන් පරිබාහිරව සංවිධානය වූ අධ්‍යාපනික ක්‍රියාදාමයකි. උදා : දේශණ, වැඩමුළු, සම්මන්ත්‍රණ, අත්පත්‍රිකා මේවාද බලන්න Education https://en.m.wikipedia.org/wiki/Education
3418
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA.
දේශපාලන විද්‍යාවේ ස්වභාවය.
ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්‍යනයක යෙදීම ගැනත් බලය ක්‍රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත. පුරාතන ඉන්දියානු, චීන, ග්‍රීක හා රෝම ජාතිකයෝ, පාලකයා හා පාලිත පක්ෂය හෙවත් වැසියන් අතර පවත්නා සබඳතාවයනගේ ස්වභාවයත් දේශපාලන සංවිධානයයෙහි පදනමත් ස්වකීය සම්ප්‍රදායනට අනුව විමසිල්ලට ලක් කලහ. ඔවුහුත් ඔවුන්ගෙන් පසුව පහල වු අයත් දේශපාලන බලයට පදනම් වු, විශ්ව සාධාරණ යැයි තමන් සැලකු සදාචාරාත්මක, දාර්ශනික හෝ දේවදධාර්මික මූලධර්ම සකස් කිරීමට වෙර දැරූහ. දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යනය හා විමර්ශනය අරභයා මෙතරම් දීර්ඝ සම්ප්‍රදායක් ඇතද අද එම විෂය හදාරන්නට මූලික ප්‍රශ්න රැසකට ම මුහුණ පෑමට සිදුව තිබේ. මෙහි හුදු විෂය ක්ෂේත්‍රයම අද විවාදයට ලක්ව ඇත. එය අධ්‍යනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම හා මාර්ග මත භේදයනට තුඩු දී තිබේ. ඒ පිළිබඳව පිළිගත් වාග් මාලාවක් නොමැත. මෙම විෂයට අදාල මූලික යෙදුම්, සංකල්ප, හා මූලධර්ම විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. "දේශපාලනය පිළිබඳ අධ්‍යනය විද්‍යාවක් නොව කලාවක්" යැයි සමහරුන් පෙන්වාදි ඇත. මානව සංවිධාන, මානව චර්යාව හා මානව සම්බන්ධතා පිළිබඳ අධ්‍යනය, සංකීර්ණ මෙන්ම ව්‍යාකූල ද වනු නියතය. මෙම කාර්යට මුහුණ දිය යුත්තේ විද්‍යාත්මක චිත්තාකල්පයකින් යුතුවය. දේශපාලන විද්‍යාව නැමති පුඵල් ක්ෂේත්‍රය, පහසුවෙන් ම ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිය. ඉන් පළමු වැන්න වනුයේ, දේශපාලන දර්ශනය හෙවත් දේශපාලන හා සමාජ න්‍යායයි. දාර්ශනික, ආගමික හා සදාචාරාත්මක දෘෂටිකෝණයක් අනුව දේශපාලන සංවිධානයෙහි හා දේශපාලන බැඳිමෙහි ස්වභාවය මින් විවරණය වේ. දේශපාලන දර්ශනය හුදෙක් දේව ධර්මයෙහි හෝ පොදු දර්ශනයෙහි ම හෝ අනුබද්ධ අංශයක් වශයෙන් හැදෑරු යුගයක් විය. දෙවැන්න දේශපාලන ආයතන වශයෙන් වර්ග කෙරේ. මෙයින් විග්‍රහ කරනුයේ ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික යනාදි විවිධ මට්ටම්වලදී දේශපලන බලය ක්‍රියාත්මක කිරිමට උපයෝගි කර ගනු ලබන ආයතනික සැකස්මයි. ප්‍රධාන රාජ්‍ය පාලන ආයතනයන් බිහි කොට ඒවා හසුරුවන ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථා, රාජ්‍ය විධි නීතීය, රාජ්‍ය පරිපාලනය හා පරිපාලන නීතිය හා තුලානාත්මක ආණ්ඩුක්‍රම යනාදිය මීට අයත් වේ. තෙවැනි ප්‍රධාන අංශය වනුයේ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මහජන මතය පිළිබඳ අධ්‍යනයන් වේ. එක් අවධියකදී දේශපාලන විද්‍යාඥයින් බොහෝ දෙනෙක් යම් රටක ඇති ව්‍යවස්ථාවනත නොවන හෙවත් ව්‍යවස්ථාවනතභාවයෙන් බාහිර සංවිධාන, දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි දක්වන බලපෑම පිරික්සා නොබලා එරටෙහි දේශපාලන තත්වය සාකච්චා කිරිමෙහි යෙදුනහ. එහෙත් දේශපාලන ක්‍රමයෙහි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම් වස්, දේශපාලන පක්ෂ, වෘත්තීය සංගම්, සේවා යෝජක සංවිධාන හා එම දේශපාලන ක්‍රමය ඇතුලතම පවත්නා වෙනත් සාමාජීය, ආර්ථික හා සංස්නෘතික කණ්ඩායම් හා සමිති පිළිබඳ මෙන්ම මහජන මතය සකස් කොට එය වෙනස් කිරීමටද තුඩු දෙන සාධක පිළිබඳවද දැනුමක් අවශ්‍ය වන බැව් අද වනවිට පොදු වශයෙන් පිළිගෙන ඇත. දේශපාලන විද්‍යාවේ සිව් වැනි අංශය අන්තර්ජාතික සම්බන්ධතාවයන්ගෙන් සමන්විත වේ. යුද්ධය හා සාමය විවිධ මානව ව්‍යාපාර ක්ෂේත්‍රයන්යෙහිලා අන්තර්ජාතික සහයෝගිතාවය ඇති කිරිමේ ප්‍රයත්නය, ජාතින් අතර පැන නගින අරගල නිරාකරණය කිරිමත් පොදු ආර්ථික හා සමාජ ප්‍රශ්න විසදිමත් උදෙසා පිහිටුවා ඇති ආයතන සහ අන්තර්ජාතික නීතිය යන කරුණු පිළිබඳ අධ්‍යනය මෙම අංශයට අයත්ය. දේශපාලන විද්‍යාය හදාරන්නා විසින් තම විමර්ශන ආරම්භ කිරීම සඳහා පහසු සීමාවන් තෝරා ගැනීම අවශ්‍ය මෙන්ම ප්‍රයෝජනවත් ද වේ. නූතන ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් වැදගත් වූත්, විශ්ව ප්‍රචලිත වූත්, ආයතනය වනුයේ රාජ්‍යයයි. සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන්ම, යම් කිසි රාජ්‍යක සාමාජිකයෙක් වේ. මේ ආකාරයට බලන විට දේශපාලන විද්‍යාව අධ්‍යනයෙහිලා ආරම්භක සීමාව ලෙස අපට පහසුවෙන්ම "රාජ්‍ය" තෝරා ගත හැකිය. මේ අනුව දේශපාලන විද්‍යාවේ සමස්ථය "රාජ්‍ය" මත පදනම් වන බවක් දක්නට ලැබේ. මේ අඩවියත් බලන්න දේශපාලන විද්‍යාව
3441
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F
එන්යා
එන්යා (Enya) [Eithne Patricia Ní Bhraonáin, උපත 1961 මැයි 17, අයර්ලන්තයේ ඩොනෙගල් හි ග්වීඩෝර් හිදී] අයර්ලන්ත ජාතික ගායිකාවක් හා ගීත රචිකාවියකි. ඇය අයර්ලන්තයේ වැඩියෙන්ම අලෙවි වන ජනප්‍රියම ගීත ගායනා කරන තැනැත්තියයි. ඈ ග්‍රැමී සම්මාන හතරක් දිනා ඇති අතර ඇකඩමි සම්මාන සඳහාද තෝරාගෙන ඇත. ඇගේ සංගීත කන්ඩායමේ අනෙක් විශේෂතම පුද්ගලයන් වන්නේ සංගීත ඇල්බම නිශ්පාදනය කරන නිකී රයන් හා විවිධ භාෂා වලින් පද වැල් ලියන රෝමා රයන් ය. ඇය නවදෙනෙක් වූ සහෝදර සහෝදරියන්ගෙන් යුත් පවුලේ සය වැනියාය (ඇයට සහෝදරයන් සතරදෙනෙක් හා සහෝදරියන් සතරදෙනෙක් සිටිති). ඇගේ ආච්චී සහ සීයාද අයර්ලන්තය පුරා සංදර්ශන පැවත්වූ සංගීත කලා කරුවෝය. ඔවුන්ගේ පවුලේ බොහෝ දෙනෙක් එක්ව 1968 දී An Clann As Dobhar නමින් සංගීත කන්ඩායමක් පිහිටවූහ, එය නැවත 1970 දී Clanned නමින් නම් කරගන්නා ලදී. සම්මාන 1993 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Shepherd Moons සඳහා) 1997 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (The Memory of Trees සඳහා) 2002 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (A Day Without Rain සඳහා) 2007 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Amarantine සඳහා) තවද, May It Be ගීතය 2002 දී හොඳම ගීතය ලෙස ඇකඩමි සම්මානය සඳහා යෝජනා කර තිබින. References තවද බලන්න Official website the Official Discography with Lyrics ගායකයෝ අපරදිග ගායකයෝ 1961 උපත්
3472
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A
තන්තිරිමලේ
තන්තිරිමලේ යනු ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකකි. මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයෙහි ජනාවාස පැවති බවට සාධක තිබේ. එම මුල් අවදියේ සිට අනුරාධපුරය යුගයේ අගභාගය දක්වා විහිදෙන දිර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන ආගමික නිර්මාණ, ශිලා ලේඛන, සිතුවම් හා මිනිසුන් පරිහරණය කල වෙනත් භාණ්ඩ ආදියේ පුරා විද්‍යාත්මක සාධක රාශියක් මෙහි දක්නට ලැබේ. මීට අමතරව ‍ඓතිහාසික මුලාශ්‍ර හා ජනාප්‍රවාද අනුවද මෙහි සිට වයඹ දිග මුහුදු වෙරළ දක්වාම සශ්‍රික ජනාවාස පැවති බව පෙනේ. පිහිටිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 366 තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරි කොට්ඨාශය මුල්කරගත් දෙමටමල්ගම, නෙළුම්විල, සදමල් එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහා ඇහැටුවැව, ඔයාමඩුව යන ග්‍රාම නිලධාරි කොට්ඨාශවල ව්‍යාප්තව පවති. රිටිගල කන්දේ සිට අරම්භ වන මල්වතු ඔය කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වි ඇති වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයත් බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහාවිලච්චිය මහා මාර්ගයත් සිමා කොට ඇත. තන්තිරිමලේ ග්‍රාමය විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා තිබීම ප්‍රදේශවාසීන්ට මිහිරි මෙන්ම අමිහිරි දිවිපෙවතක් උදාකර දීමට සමව බලපෑම් කරනු ලබයි. ඊසානදිග මේසම් සුළගින් පෝෂණය වන හේන් ගෙවිතැනින් ප්‍රදේශ වාසීන්ගේ බත සරිකර ගනිති. වී,බඩඉරිගු, මුං, කවුපි, කුරක්කන්, තල, මෙන්රි,උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම වට්ටක්කා, මිරිස්, පතවල, කරවිල, හා වැටකොළු වැනි එළවළු වර්ග ද අක්කර 200 පමන වන භූමි භාගයක් පුරා දෙසැමබර් හා ජනවාරි මාස වලදී දැකගත හැකිය. 20 වසරක් පුරා මෙරට පැවති යුද්ධයේ අඳුරු සෙවනැලි ප්‍රදේශය පුරා වරින් වර මතුවිය. මේ හේතුවෙන් මෑතකාලීන ගැමි ජීවිතය අඩාල කරදැමීමට හේතු වී ඇත. මෙම තත්වය සිය ගණන් ජනයා සිය වගා භූමි පමනක් නොව ගම් බිමි පවා අතහැර දමා යන තතවයට පත්කළහ. මෙසේ අත්හැර සමා ගිය ගම්මාන 20 පමන ප්‍රදේශයේ දැකගත හැකිය. ත්‍රස්ත ක්‍රියා ප්‍රදේශයේ මාරග පද්ධතිය මෙන්ම කුඩා පරිමාන වාරි පද්ධති වලටද විහාල ලෙස හානි සිදුකර ඇත. නමෙහි විකාශනය මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ “තිවක්ඛ බමුණුගම” යනුවෙන් හදුන්වා තිබේ. ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩමවන අවස්ථාවේ එම පෙරහැර මෙම ගම්මානයේ එක් දිනක් නවාතැන්ද ගෙන ඇත. විජය කුමරු ලක්දිවට පැමිණ මල්වතු ඔය දිගේ ගමන්කොට අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්ටද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගිමට උපදෙස් දුන්හ. ඒ අනුව “උපතිස්ස” නම් අමාත්‍යවරයා මල්වතු ඔයට කනදරා ශය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ “උපතිස්සගම” යනු අද තන්තිරිමලය නම් මෙම ප්‍රදේශයයි. සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව එම දෙදනා මෙම පුදේශයේ කලක් ජිවත් වි ඇත. එහිදි පරිත්‍යාග කළ “තන්තිරි” යන සමණළ විශේෂයේ හැඩය සහිත රන් මාලය මෙහි නිධන්කොට ඇති නිසා “තන්තිරිමාලය” යන්න සැදුනු බව ජනවහරේ එයි. එසේම පුජනිය පිරිස නවාතැන් ගත් කන්ද “තන්ගෛතිරුමලෙයි” යන දමිල ව්‍යවහාරය පසුව තන්තිරිමලේ නම් වු බවද කියවේ. අනුරාධපුර යුගයේදි මහායානික නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන් වහන්සේලා සහ අදත් භුතානයේ ගෞරව කරන තාන්ත්‍රික බ්‍රාහ්මණයින් මෙහි වාසය කල බැවින් තන්තිරිමලේ නම සැදුන බවද ඇතමෙක් කියයි. සංචාරක ආකර්ෂණ තන්තිරිමලේ රජ මහා විහාරය - විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලේ පුරාණ රජ මහා විහාරය මෙරට ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන අතුරින් එකක් වේ. මේවාද බලන්න බාහිර සබැදි තන්තිරිමලේ රජමහා විහාරය Tantirimale - as old as Buddhist Lanka තන්තිරිමලේ රජමහා විහාරය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන‎ ශ්‍රී ලංකාවේ ඉතිහාසය
3510
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA
ක්‍ෂුද්‍රපාලකය
ක්‍ෂුද්‍රපාලකයක්(Microcontroller) යනු සංගෘහිත පරිපථයක අන්තර්ගත කරන ලද කුඩා එහෙත් සම්පූර්ණ පරිගණකයක් ලෙස හැඳින්විය හකිය. ක්‍ෂුද්‍රපාලකයක සාමන්‍ය ක්‍ෂුද්‍රසකසනයක (Microprocessor) ඇති ගණක හා තාර්කික ඒකකය, පාලක ඒකකයට යන ඒකක වලට අමතරව තම ක්‍රියාකාරීත්වයට අදාල RAM සහ ROM සේම ආදාන-ප්‍රතිදාන ඒකකත් සංගත කර ඇත. මේ හෙයින් සාමාන්‍ය කක්‍ෂුද්‍රසකසනයක් හ සැසඳූ කල ක්‍ෂුද්‍රපාලකයක් මිලෙන් අඩු මෙන්ම අනෙක් කිසිම අමතර උපාංගයක් රහිතව ක්‍රියාකාරී වීමේ හැකියාව ඇත. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරිගණක විද්‍යාව පරිගණක විද්‍යාව
3514
https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ. ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව මූලික උපාංග
3617
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%20%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
තොරතුරුවල ආරක්ෂාව
පරිගනක තොරතුරු ආරක්ෂාවයනු පරිගනක පද්ධති හා තොරතුරු අවසර නොලත් පුද්ගලයන් එම තෙරතුරු පරිශීලනය කිරීම, පිටපත් කිරීම, වෙනස් කිරීම යන කාරනා වලින් වලක්වා ගැනීමයි.
3628
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
පුනුරුප්පත්තිය
පුනුරුප්පත්තිය යන්නෙහි අදහස වන්නේ යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි. හින්දු හින්දු දහමට අනුව මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ශරීරයෙන් වෙන්ව අලුත් ශරීරයක උපත ලබයි. නමුත් බුදු දහමට අනුව ආත්මයක් නොමැති හෙයින් මෙය වෙනස් ආකාරයකට විග්‍රහ කර ඇත. සංකල්ප
3662
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94%20%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B8%E0%B6%A7%20%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
ආපසු ජෙරුසලමට ව්‍යාපාරය
ආපසු ජෙරුසලමට ව්‍යාපාරය (චීන:传回耶路撒冷运动 ඉංග්‍රීසි:Back To Jerusalem movement ) යනු චීනය හා ජෙරුසලෙම "අතර" ජීවත් වන සියළුම බෞද්ධ, හින්දු, සහ මුස්ලිම් ජනතාව වෙත ධර්මදූතයන් යැවීම සඳහා චීන ඇදහිලිවන්තයන් විසින් චීනයෙහි ඇරඹුනු ක්‍රිස්තියානි ධර්මදූත ව්‍යාපාරී මෙහෙයුමකි. ඔවුන් විශ්වාස කරන්නේ ආපසු ජෙරුසලමට ව්‍යාපාරය යනු චීනයෙහි සිට ජෙරුසලෙම දක්වා සියළු රටවල්, නගර සහ ජන වාර්ගික කණ්ඩායම් වෙත ශුභාරංචිය දේශනාකොට අදහන්නන්ගේ මිත්‍රත්වයන් ගොඩනැගීමට දෙවියන්වහන්සේ වෙතින් චීන සභාව ලද කැඳවුමක් ලෙසිනි. මෙය ආරම්භ කරන ලද්දේ 1920 දීය. නමුත් කොමියුනිස්ට් පාලනයේ බලපෑම් නිසා මෙම සංවිධානයට දශක කිහිපයක් රහසිගතව පැවතීමට සිදු විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවම වශයෙන් මිශනාරි දූතයන් 100,000 ක් දෙනා සේද මාවත ඔස්සේ චීනයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා යැවීමෙන් රටවල් 51 ක් ආගමට හරවා ගැනීමයි. සටහන් බාහිර සබැඳි ආපසු ජෙරුසලමට ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය
3665
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
ගුප්තශාස්ත්‍ර
ගුප්තශාස්ත්‍ර (Occult Knowledge, ලතින් බසින් occultus; සැඟවුන, රහස්‍ය) යනු සාමාන්‍ය පුද්ගලයන්ගේ පංචේන්දියට ගෝචර වන සීමාවෙන් එපිට පවතින සැඟවුන යථා ස්වභාවයන් ගැන කරන හැදෑරීමයි. මෙය හේතුවාදයට සහ භෞතික විද්‍යාවට එපිටින් යන ගැඹුරු දාර්ශනික සහ අධ්‍යාත්මික අධ්‍යනයකි. මූලාශ්‍ර තවද බලන්න විකා
3673
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0%B7%81%E0%B7%92%20%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
රාශි චක්‍රය
පෘථිවිය වටා අහස කොටස් දොලසකට බෙදා ඇත. වසරක් (සූර්යා පෘථිවිය වටා සාපේක්ෂව එක වටක් ගමන් කිරීමට ගත කරන කාලය) තුල රවි සහ සඳු ග්‍රහයන් 12 වතාවක් එකතුවේ. මේ පදනම මත සමකය වටා අහස අංශක 30 බැගින් වූ සමාන කොටස් තුන කට බෙදා එයට රාශි චක්‍රය යන නම දී ඇත. මේෂ මෙය රාශි චක්‍රයේ ආරම්භක රාශියයි. එහි ආරම්භය "ඛ" ගෝලයේ 00' සිට 30' දක්වා ව්‍යාප්තව ඇත. එළුවෙකුගේ ස්වරූපයක් ගනී. යහපත් අඟපසඟ ඇති මධ්‍යම ප්‍රමානයේ ශරීරයකින් යුක්තය. පොකුටු කෙස් ද, රැවුල ද, මනාව පිහිටි ඇස්බැම ද, දික්වූ බෙල්ලක් ද ඇත. වෘෂභ මිථුන වීණාවක් හා ගදාවක් ගත් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු වැනිය. කටක සිංහ කන්‍යා හැල් මිටියක් හා පහනක් දෑතින් ගෙන නැවකින් යන ස්ත්‍රීයක් වැන්නේ ය. තුලා තරාදියක් අතින් ගෙන සිටින පුරුෂයෙකු වැනිය. වෘශ්චික ධනු ඉඟෙන් පහල අශ්ව ශරීරයෙන් යුත් (centaur) දුන්නක් ගත් පුරුෂයෙකු වැනිය. මකර මුව මුහුනක් ඇති කිඹුලෙක් (හෝ මෝරෙක්) වැනිය. කුම්භ කලයක් ගත් පුරුෂයෙකු මෙනි. මීන මත්ස්‍යයන් දෙදෙනෙකු වැනිය. තාරකා විද්‍යාව ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය රාශි චක්‍රය
3684
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9D
ග්‍රහයෝ
තාරකාශාස්ත්‍රයන්හීදී අහසේ තාරකා වලට සාපේක්ෂව චලනය වන්නාවූ (ගමන් කරන්නාවූ) වස්තූ සහ ගණිතමය ලක්ෂයන් ග්‍රහ හෙවත් ග්‍රහයෝ යන නාමයෙන් හැඳින්වේ. වදන ග්‍රහ යන්න ග්‍රහණය යන්නෙන් බිඳී ආ වචනයකි. මෝකෂ(නිවණ) අවබෝධයෙන් මනස ග්‍රහණය කරනා යන අරුතින් මෙම පදය යෙදේ. ග්‍රහ (සංස්කෘත බසින් ग्रह ග්‍රාහ—අල්වා ගැනීම, නතු කර ගෙන තැබුම, ග්‍රහණය කෙරුම) යනු මාතෘ භූමිදේවී (පෘථිවිය) මත ජීවත්වන්නන් හට අන්තරික්ෂ බලපෑම් ඇතිකරන්නෙක් වෙයි. හින්දු ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි, නවග්‍රහ (සංස්කෘත: नवग्रह, අල්වාගන්නන් නව දෙන හෝ බලපෑම් ඇතිකරන්නන් නව දෙන) වනාහී ප්‍රධාන බලපෑම් ඇති කරන්නන් අතුරින් කිහිපයකි. තාරකාවේදයේ ග්‍රහලෝක තාරකා විද්‍යාවේදී භාවිතා වන ග්‍රහ යන පදය සමග මෙය පටලවා නොගත ‍යුතුය. නැප්චූන් ප්ලූටෝ සහ යු‍රේනස් මෙසේ ග්‍රහනය කිරීමක් සිදුනොකරන නිසා වේදීය ජ්‍යෝතිෂයේදී භාවිතා නොවේ. පුරා‍ණයේ විසූ විද්වතුන්ට මෙම තාරකා නොපෙනූ නිසා ඒවා මූලික ජ්‍යෝතිෂ න්‍යායන් සඳහා ඇතුලත් නොවුන බවට මතයක්ද ඇත. අතීතය මෙම සංකල්පය ලොව විවිධ සංස්කෘතීන්වල විවිධ කාල වකවාණුවල බිහිවී ඇත. දකුණු ආසියාව ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ආශ්‍රිතව මෙම සංකල්පයේ අතීතය වෛදික යුගය දක්වා දිවයයි. නව ග්‍රහ මණ්ඩලය භෞතික ග්‍රහ වස්තු අනුරූපී ග්‍රහයෝ රවි රවි, හෝ සූර්යයා යනු අපේ ග්‍රහලෝක පද්ධතියේ නායකයාය. මුළු ග්‍රහ ලෝක පද්ධතියටම ආලෝකය හා ශක්තිය සපයන්නේ සූර්යයාය. පළොල් මල් වැනි එනම් රතු සහ අඳුරු දුඹුරු පැහැ වේ. චන්ද්‍ර චන්ද්‍රයාට ස්වකීය ආලෝකයක් නැත්තේ ය. සූර්යයාගේ ආලෝකය චන්ද්‍රයා කෙරෙහි වැටුනු කල චන්ද්‍රයා එම රශ්මිය පතුරුවමින් බබලයි. සුදු පැහැ වේ. චන්ද්‍ර තෙම කෘශවූ වටවූ ශරීර ඇත්තේ ය. වා සෙම් අධිකයි. නුවනැත්තේ ය, කෝමල වචන කියන්නේ ය. පෙනීමට ප්‍රිය ඇස් ඇත්තේ ය. කුජ / අඟහරු ඉතා දිර්ඝ නොවූ සිරුරු ඇත්තේ ය. නෙළුම් මල් පෙති වැනි වැන ඇත්තේ ය. බුධ ඊතණ, නෙළුම්පත් වැනි වර්ණ ඇත්තේ ය. ගුරු සුදු පාට ශරිර ඇත්තේය. ශුක්‍ර / සිකුරු / කිවි ඉතා සුදුත් නොවූ ඉතා කළුත් නොවූ වර්ණ ඇත්තේය. ශනි / හෙනහුරා / සෙනසුරු කළු වන් ශරීරයක් ඇත්තේ ය. න්‍යායික ග්‍රහයෝ රාහු සහ කේතු(Lunar node) සෙවනැලි ග්‍රහයෝ ය. එනම් මෙම ග්‍රහයෝ ඇත්තවශයෙන්ම ස්කන්ධයක් ලෙස පවතින්නෝ නොවෙති. රාහුසහ කේතු යනු පිළිවෙලින් සර්පයෙකුගේ හිස සහ වලිගය බවට මතයක් ඇත. තවද රාහු සහ කේතු යනු අමෘතය පානය කරන ලද අසුරයෙකු වෙන් කරන ලද හිස සහ කඳ බවටද මතයක් ඇත. රාහු ලෞකික දීයුණුවද කේතු ලෝකෝත්තර දියුණුවද නිවේදනය කරයි. රාහු කේතු උපග්‍රහයෝ ලග්නාධිපති ආශ්‍රිත ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ග්‍රහයෝ
3712
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BB%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
අරඩියා
අරඩියා (Aradia) යනු ඉතාලියානු මායාකර්ම පුරාවෘත්ත වල එන ඉතා විශේෂ දේවතාවියකි (ග්‍රීක බසින් හෙරෝඩියස් Herodias නමින් හැඳින්වෙන්නේ ද ඇයයි). ඇය ඩයානා (චන්ද්‍ර දේවතාවිය) හා ඇගේම සහෝදරයා වන ලුසිෆර් (හිරු දෙවියන්) ට දාව උපන් කුමරියයි. පෘථිවියේ දුක් විඳින මිනිසුන්ට සහ ගැහැනුන්ට මායාකර්ම දැනුම ලබා දීමට ඇගේ මව වන ඩයානා විසින් පොලොවට එවන ලදී. උපත අරඩියා ගේ මව වන්නේ ඩයානා දේවතාවියයි. ඩයානා විසින් ඇගේ ආලෝකවත් අර්ධය වන ලුසිෆර් (හිරු දෙවියන්) තමාගෙන් වෙන් කර ඇගේ සහෝදරයා ලෙස නිර්මාණය කරගත්තේ ය. නමුත් ලුසිෆර් ඩයානාගෙන් වෙන්ව පලා ගියේ ය, ඇගේ ආලෝකය ඇය විසින්ම නැති කරගන්නා ලදී. මින් මහත් සේ දුක් වූ ඩයානා නැවත තමාගේ ආලෝක අර්ධය සමඟ එක් වීමට ඉටා ගත්තේ ය. ඩයානා කළු බැළලියකගේ (ලුසිෆර් ගේ සුරතලා කලු බැළලියකි) වෙස් ගෙන තම සහෝදරයා වන ලුසිෆර් සමඟ යහන් ගත විය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් ඇගේ කුසේ අරඩියා බිහි විය. මායාකාරීන්ගේ දේවවාක්‍ය (Aradia o il Vangelo della Strega) Aradia o il Vangelo della Strega (මායාකාරීන්ගේ දේවවාක්‍ය) යනු අරඩියා සම්බන්ධව 1899 දී ලියැවුනු පොතකි. මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ චාර්ල්ස් ගොඩ්ෆි‍්‍ර ලේලන්ඩ් විසිනි. ලේලන් ඩ් පවසන පරිදි එම පොත ලියා ඇත්තේ මැඩලේනා නම් තැනැත්තියක් විසින් ඔහුට දෙන ලද අත් පිටපතක් අනුසාරයෙනි. එය, ඉතාලියේ ෆ්ලෝරන්ස් හා ටස්කනි ආශ්‍රිත ප්‍රදේශ වල ජන විශ්වාස හා ඇදහිලි මත පදනම්ව ඇත. References විකා පුරාවෘත්ත
3726
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA
සිංහරාජ වනාන්තරය
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි එය ගාල්ල දිස්ත්‍රික්ක්කකට මායිම්වේ. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත. ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1607වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ. රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 81ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අවසන් තෙත් කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක් වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි. එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය. සිංහරාජයට ආවේණික වූ සත්වයින් ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික සතුන් අතුරෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌ සත්ව විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ. උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජයේ මෝනින් සයිඩ් ප්‍රදේශයේ ඊටම ආවේණික වූ හා එහි පමනක් දැකිය හැකි සත්වයන් රැසකි. ඒ අතරින් කටුසු හා හූනූ විශේෂ ප්‍රධාන වේ. සිංහරාජයට ආවේණික වූ ශාක මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.මෙපමණක් නොව සිංහරාජය හෙළ ඔසුවේ මහගෙදර හා සමානය. පිවිසුම් මාර්ග ලංකාගම පිවිසුම - * කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම. කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම පරිසරයයේ ඇති වැදගත්කම බාහිර සබැදි Lankadeepa:::Urumaya:::Sinharaja සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක් (roar.media) Rathnapura-Sinharaja-PRA.pdf (escamp.lk) සදාහරිත වනාන්තර ලෝක උරුම - ශ්‍රී ලංකාව
3741
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%20%E0%B7%84%E0%B6%AD%20%28%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%29
පුදුම හත (පුරාතන)
ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන්‍‍‍ නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගෙව්ශකයන්‍‌ අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත. පුදුම හත හෙරඩෝටස් යනඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් බු.ව. 140 දී පමණ කවියට නගා ඇත. මමමාගේදෑස් අශ්වකරත්ත සඳහාමාර්ගයක්වන lofty බැබිලෝනියාවේ තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් පතිමාව වෙතද එල්ලෙන උයන් වෙතද කලෝසස් ˆˇˉ ‚උස් පිරමිඩ ........ දෙසද මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන house of artimis අනෙක් පුදුමයන්ගේ එක brilliancy නැති වූ අතර .................මම පැවසූවෙමි. මෙම ස්ථාන ගීක වර්ගීකරණය අනුව ඉහත නිර්මාණ හඳුන්වා ඇත්තේ පුදුමයන් ලෙස නොව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන වශයෙනි. මෙම ලයිස්තුව පිළියෙල වී ඇත්තේ මධය යුගයේ වන අතර එම කාලයේදී ඉහත ස්ථාන බොහොමයක් දක්නට නොලැබී ඇත. තවද එම ලයිස්තු බොහොමයක් සඳහා පදනම් වී ඇත්තේ ගීක ලේඛන බැවින් ඒවායේ අඩංගු වන්නේ ගීකයන් දැන සිටි සහ නරඹා තිබුණු ස්ථාන පිළිබඳ පමණි………. ඇන්ටිපේටර්ගේමුල්මලැයිස්තුවේදීඇලෙක්සැන්ඩ්‍ර‍ියාවේ ප‍්‍රදීපාගාරය වෙනුවටඉෆ්තාර්ගේට්ටුවසටහන්වඇත. It was not until the 6th century AD that the list above was used.˙නමුත්6වනසියවසවනතෙක්ඉහත ලැයිස්තුවභාවිතාවීනැත.වර්තමානයේඉහතස්ථානඅතරින්වර්තමානයේදක්නටලැබෙන්නේගීසාහිමහාපිරමීඩයපමණි.එල්ලෙනඋයනක්පැවතිබවසනාථකරනසාක්ෂිපවාතවමහමුවීනැත.අනෙකුත්ස්ථානපැවතිබවටලේඛන සාක්ෂි දරයි. සීයුස් ප‍්‍රතිමාව හා ආටිමීස් දේවාලය ගින්නෙන්විනාශවීඇත. කොලෝසස් ප‍්‍රතිමාව, ඇලෙක්සැන්ඩ්‍ර‍ියාහි ප‍්‍රදීපාගාරය හා---------- භූමිකම්පාවකින්විනාශවීඇත. සංස්කරණය වෙමින් පවතී. පුරාතන ඉතිහාසය පෙර පැවති ගොඩනැගිලි සහ ව්‍යුහයන් 7 පුරාතන ලෝකයේ පුදුම හත පුරාතන තාක්ෂණය ලෝක උරුම අඩවි පුරාතන ලෝකයේ පුදුම හත
3749
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
මැතමැටික්ස්
මෙය අත්හදා බැලීමකිග
3754
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය
භූගෝල විද්‍යාව තුළින් අනෙක් සියලු ම විෂයයන්ගේ වර්ධනය අධ්‍යයනය කරමින් ද පරිගණක තාක්ෂණයේ මහානිශංශ භුක්ති විඳිමින් ද ‍සමස්ත ලෝකයේ යහ පැවැත්ම උ‍දෙසා නිර්මාණය වූ ආශ්චර්යමත් තාක්ෂණික මෙවලම භුගෝල විද්‍යා තොරතුරු පද්ධතියයි(Geographic Information System - GIS). භූ‍ගොලීය තොරතුරැ පද්ධතිය යනු පොළව හා සම්බන්ධ දත්ත එකතු කිරිම ගබඩා කිරීම විශ්ලේෂණය සහ කලමනාකරණයයි. තවද එය දත්ත එකතු කිරීම, ගබඩා කිරීම හා විෂ්ලේෂණය කිරීමේ ‍උපකරණයක් හෝ පරිගණක ක්‍රමයේදයක් ලෙසද හදුන්වයි. මෙම පද්ධතිය අන්තර් ක්‍රියාකරන ප්‍රශ්න මාලා විසදීමද, දත්ත සංස්කරණයද, සිතියම් නිර්මාණයද සහ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම ද සිදු කරයි. භූගෝලීය තොරතුරැ විද්‍යාව (Geographic information science) යනු භූගෝලීය සංකල්ප උපයෝග හා පද්ධති වැනි කරැණු ඇතුලත් විෂයය. භූගෝලීය තොරතුරැ පද්ධති තාක්ෂණය යොදා ගත හැක්කේ විදයානුකූල සොයාගැනීම්, සම්මත් කලමානාකරණය වත්කම් (Asset) කලමනාකරණය, නාගරීකරණය සැකසුම්(urban planning) සිතියම් විද්‍යාව (Cartography)ඉතිහාසය, වෙළදාම හා කාර්යය සම්පාදනය (logistics) තවද මෙම පද්ධති මගින් තෙත් බිම් සෙවිමත් ඒවා ආරක්ෂා කිරිමත් සිදුකර හැක.
3764
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A
ආවේණික
ආවේණික (Endemic) යනු යම් සත්ව හෝ ශාක විශේෂයක් මුලු ලෝකයෙන් ම එක රටක හෝ ප්‍රදේශයක පමණක් දක්නට ලැබෙන බවයි. ආවේණික ජීවී විශේෂ වල ඇති වැදගත් කම වන්නේ එම රටෙන් හෝ ප්‍රදේශයෙන් තුරන් වී ගියහොත් මුලු ලෝකයටම එම ජාන සම්පත අහිමි වී යාමයි. මේ හේතුවෙන්ම ආවේනික ජීවී විශේෂ ඇති රටවල් හා ප්‍රදේශ කෙරෙහි මුලු ලෝකයේම අවධානය යොමු වේ. මෙහිදී මෙම ප්‍රදේශය යන්න නිශ්චිතව අර්ථ දැක්විය යුතුය. Cat's claw
3772
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1%20%E0%B6%87%E0%B7%83
තෙවන ඇස
වර්ථමානයේ තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත. ආගමික පසුබිම් ක්‍රිස්තියානි ක්‍රිස්තියානි ඉතිහාසය තුල තෙවැනි ඇස පිලිබඳ මුල්ම පැහැදිලි සාක්‍ෂියක් දක්නට ලැබෙන්නේ වර්_ෂ 1525 පොන්තොර්_මෝ (Pontormo) ඉතාලියානු චිත්‍රයක් තුලිනි. එහි ක්‍රිස්තුස් වහන්සේගේ හිසට ඉහලින් ඇසක් සහිත ත්‍රිකෝණයක් පිළිබිඹු කෙරෙනවා. එම සංඛේතය තමයි අද වන විට ලෝකය පුරාම තෙවැනි ඇස සංඛේතවත් කිරීමට යොදා ගැනෙන්නෙ. මෙහි ත්‍රිකෝණයේ මුළු තුනෙන් ලොවට සර්_ව බලධාරී දෙවියන් වහන්සේ පිතා, පුත්‍රයා, ස්ප්‍රීතු සාන්තු (ශුද්ධාත්මයාණන්) ලෙස ත්‍රිත්වීකව එකට එක්ව වැඩ සිටිමින් මේ ලෝකයේ සිදු වන සියළු දේ විමසීමෙන් බලා සිටින බව පිළිබිඹු කෙරෙනවා. මූලාශ්‍ර ගුප්තශාස්ත්‍ර ආගමික
3787
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%20%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකානු දිවියා
කොටියා (Panthera pardus kotiya), සඳහා භාවිතා වන වැරදි යෙදුමකි. ශ්‍රී ලංකාවේ දිවියන් ලෙස හැඳින්වෙන සත්වයන් දෙදෙනෙක් ඇත​. හඳුන් දිවියා (Prionailurus viverrinus) කොළ දිවියා (Prionailurus rubiginosus) කොටියා සඳහා සාවද්‍යය ලෙස දිවියා යන්න ව්‍යවහාර කිරීම මෑත ඉතිහාසයේදී සිදු වූ වැරැද්දක් බව පෙනේ.
3789
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%93%E0%B6%BA%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) යනු පරිගණක විද්‍යාව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ අධ්‍යනායතනයකි. වසර 2002 සැප්තැම්බර් 01 දින, කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පරිගණක දෙපාර්තමේන්තුව හා පරිගණක තාක්‌ෂණ ආයතනය (ICT) ඒකාබද්ධ කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතන පිහිටුවන ලදී. ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක්‌ වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය, එහි 25 වන සංවත්සරය 2010 වසරේදී සැමරීය. ඉතිහාසය කොළඹ විශ්වවිද්‍යාලය තුල පරිගණක අධ්‍යාපනය ආරම්භ වන්නේ වර්ෂ 1967 දී විද්‍යා පීඨයේ ගණිත අධ්‍යයනාංශයට සම්බන්ධ වෙනම ඒකකයක් ලෙස සංඛ්‍යාන විද්‍යා ඒකකය (Statistical Unit) ඇරඹීමත් සමගයි. පසුව මෙම ඒකකය සංඛ්‍යාන උපදේශන සහ දත්ත සැකසීමේ සේවා මධ්‍යස්ථානය (Statistical Consultancy and Data Processing Service Center) ලෙස වර්ධනය විය. වර්ෂ 1985 දී මහාචාර්ය වී.කේ. සමරනායක මහතාගේ යෝජනාවකට අනුව සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය (Department of Statistics and Computer Science) ආරම්භ කරන ලදී. මෙම අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තිඹිරිගෙය ලෙස හඳුන්වනු ලැබේ. 2001 වසරේදී සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය, පරිගණක විද්‍යා අධ්‍යයනාංශය (Department of Computer Science) සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය (Depertment of Statistics) ලෙස කොටස් දෙකකට වෙන්කරන ලදී. වර්ෂ 1987 පිහිටුවන ලද පරිගණක තාක්‌ෂණ ආයතනය සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය ඒකාබද්ධ කරමින් 2002 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය සංස්ථාපනය කරන ලදී. අධ්‍යයනායතනයේ පළමු අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය වී. කේ. සමරනායක මහතා පත්වූ අතර, විශ්‍රාම යාමෙන් පසුවද ස්වල්ප කාලයක් වැඩ බලන අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළේය. 2004 වසරේදී අධ්‍යක්ෂ ධූරයට පත් වූ ආචාර්ය රුවන් වීරසිංහ මහතා සය වසරක් එම ධූරය හෙබවීය. ඉන් අනතුරුව 2010 වසරේදී අධ්‍යක්ෂ ධූරයට පත් වූ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා 2016 වසර දක්වා එම තනතුර හෙබවීය. වර්තමානයේදී මහාචාර්ය කේ. පි. හේවාගමගේ මහතා අධ්‍යක්‍ෂ ධූරය හොබවයි. අධ්‍යයනායතනය වර්තමානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පරිගණක උසස් අධ්‍යාපනය සඳහා අවැසි සියලු තාක්ෂණික උපාංග වලින් සමන්විත වේ. එහි සිසුන් සඳහා වන පරිගණක විද්‍යාගාර 10 ක්‚ බහුමාධ්‍ය පරිගණක විද්‍යාගාර 02 ක්‚ පර්යේෂණ කටයුතු සඳහා වන විද්‍යාගාර 02 ක්‚ අන්තර්ජාල පහසුකම් සැපයීම පිණිස අධ්‍යයනායතනයේ ගොඩනැගිලි පරිශ්‍රය ම ආවරණය වන පරිදි සැකසූ ජාල පද්ධතියක් මේ අතර වේ. තවද‚ අධ්‍යයනායතනය සතුව අවශ්‍යතාවය අනුව සැකසිය හැකි ජාල ව්‍යාප්ත පද්ධතියක් ද ඇත. අධ්‍යයනායතනයේ පුස්තකාලය දුර්ලභ හා වටිනා පොත්-පත්, සඟරා, සංයුක්ත තැටි‚ ව්‍යාපෘති වාර්තා, පර්යේෂණ සටහන් විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර, විද්‍යුත් සඟරා පරිශීලනය සඳහා අන්තර්ජාල පහසුකම්ද සපයා ඇත. වර්තමානයේදී පරිගණක අධ්‍යයනායතනය විවිධ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතු වල නිරතව සිටින අතර දේශීය භාෂා පරිශීලනය, මානව-පරිගණක අන්තර් ක්‍රියා අධ්‍යයනය‚ පින්තූර සැකසීම, පරිගණක ආරක්ෂණ පද්ධති නිර්මාණය‚ බහුමාධ්‍ය හා දෘෂ්‍ය යතාර්ථ (Virtual reality) භාවිතය‚ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත පරිගණක පද්ධති නිර්මාණය, රටා හඳුනා ගැනීම සඳහා වන වැඩසටහන්, තොරතුරු හා දත්ත විශ්ලේෂණය, අන්තර්ජාලය ආශ්‍රිත වෙළෙඳ කටයුතු, විද්‍යුත් අධ්‍යාපනික කටයුතු, තොරතුරු කළමනාකරණ තාක්ෂණය, තොරතුරු තාක්ෂණ නීති පද්ධති සැකසීම ඒ අතර ප්‍රධාන වේ. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ප්‍රධාන අභිමතාර්ථය වනුයේ, මෘදූකාංග නිෂ්පාදනය‚ පරිගණක පද්ධති විශ්ලේෂණය, ජාල අධීක්ෂණය, දත්ත ගොනු අධීක්ෂණය, ලෝක ව්‍යාප්ති ජාලය ආශ්‍රිත තොරතුරු පද්ධති නිර්මාණය, තොරතුරු කළමනාකරණය හා තොරතුරු තාක්ෂණ නීති පද්ධති ක්‍රියාත්මක කිරීම ආදී වෘත්තීය ක්ෂේත්‍ර වලට අදාළ වන පරිදි සිසුන්ට අධ්‍යාපනය හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමයි. අනුබද්ධිත අධ්‍යයනාංශ සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය පිළිබඳ අධ්‍යයනාංශය බුද්ධිමය පද්ධති පිළිබඳ අධ්‍යයනාංශය තොරතුරු පද්ධති පිළිබඳ ඉංජිනේරු අධ්‍යයනාංශය මධ්‍යස්ථාන පරිගණක සේවා මධ්‍යස්ථානය විද්‍යුත් අධ්‍යාපනය(e-Learning) පිළිබඳ මධ්‍යස්ථානය බාහිර විභාග පිළිබඳ මධ්‍යස්ථානය වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය ඩිජිටල් අධිකරණ වෛද්ය මධ්යස්ථානයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය (ADMTC) පිහිටුවීමේ කටයුතු වසර 2002 දී ආරම්භ වූ අතර එය මානව සම්පත් සංවර්ධනය සඳහා වන විශේෂ ව්‍යපෘතියක් ලෙස වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලදී. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වේ. උපාධි පාඨමාලා මූලික උපාධි අ.පො.ස. උසස් පෙල ඇවැසි අභ්‍යන්තර උපාධි තුන් අවුරුදු පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය [ BCSc ] තොරතුරු පද්ධති පිළිබඳ උපාධිය [ BIS ] ( 2013 අධ්‍යයන වර්ෂයට පෙර එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධිය [ BICT ] ) සිව් අවුරුදු පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය [ BSc (CS) ] මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය [ BSc (SE) ] (2013 අධ්‍යයන වර්ෂයේ සිට) තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය [ BSc (ISE) ] ( 2013 අධ්‍යයන වර්ෂයට පෙර එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය [ BSc (ICT) ] ) අ.පො.ස. උසස් පෙල ඇවැසි නොවන බාහිර උපාධි තොරතුරු තාක්ෂණය පිළිබඳ බාහිර උපාධිය (BIT) මෙම උපාධිය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් ඇති එහෙත් ජාතික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට නොලැබුනු අවම පිරිවැයකින් ලබා ගත හැක්කකි. විෂේශත්‍වය වන්නේ යම් වෘත්තිකයකුට හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධියක් ඇවැසි අයෙකුට මෙම උපාධිය ලබාගැනීමට ඇති හැකියාවයි. පශ්චාත් උපාධි තොරතුරු තාක්ෂණය (MIT) පරිගණක විද්‍යාව (MCS) තොරතුරු ආරක්ෂණය (Master of Science in Information Security) බහුමාධ්‍ය තාක්ෂණය (Multimedia Technologies (MIT-MMT)) පර්යේෂණ කටයුතු භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය Multimedia Databases Geographical Information System Wireless Ad-hoc Sensor Networks බාහිර පුරුක කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය කොළඹ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය කොමිසම - Sri Lanka Bachelor of Information Technology (BIT) කොළඹ විශ්වවිද්‍යාලය අධ්‍යයනායතන - ශ්‍රී ලංකා
3793
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80
මොරටුව
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහි‍‍ටි නගරයකි. පිළියන්දල,ගල්කිස්ස, දෙහිවල සහ රත්මලාන මොරටුවට ආසන්න‍යේ පිහිටි නගර වෙයි. 2001 සංගණන වාර්තාවට අනුව මෙම ප්‍රදේශයේ ජනගහනය 177,190 කි.මොරටුව සෑදී ඇත්තේ ගම් 18ක් එකතු වීමෙනි. ඉන් සමහරක් නම් රාවතාවත්ත, කටුබැද්ද, උයන, ඉඩම, අගුලාන, කඩලාන, එගොඩඋයන, මොරටුමුල්ල වේ. ‍ කර්මාන්ත මොරටුව නගර‍යේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත වන්නේ වඩු කර්මාන්තය, රබර් භාණ්ඩ නිෂ්පාදනය, බැටරි නිෂ්පාදනය සහ ලී අත්කම් භාණ්ඩ නිෂ්පාදනයයි. මොරටුව ධීවර කර්මාන්තයටද ප්‍රසිද්ධියක් දක්වන අතර එය ප්‍රධාන වෙළඳ නගරයක්ද ‍ ‍වෙයි. අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන මොරටුව විශ්වවිද්‍යාලය මෙහි පිහිටා ඇත. මොරටු‍වේ පිහිටි ප්‍රසිද්ධ පාසල් කිහිපයක් නම්: ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය, වේල්ස් කුමර විද්‍යාලය, වේල්ස් කුමරි විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලයයි. මෙතෝදිස්ත විදුහල. ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය . ක්‍රීඩා කටයුතු මොරටුව ක්‍රිකට් ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධත්වයක් දක්වයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මොරටු‍වේ පිහිටා ඇත. එහි උත්කර්ෂවත් ක්‍රිකට් තරඟ කිහිපයක්ම පැවැත්වුනි. තවද දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කලුවිතාරන, සහන් විජේරත්න, රුමේෂ් තිරිමාන්න වැනි සුප්‍රසිද්ධ ක්‍රිකට් තරුද චමත් සේරසිංහ, සැම්සන් ඩි මෙල්, ගයාන් මීදෙනිය වැනි පැසිපන්දු තරුද මොරටුවෙන් බිහිවී ඇත. කලා අංශය මොරටුව, ලංකාවේ සංගීත කෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් නගරයකි. විශේෂයෙන් බයිලා සංගීතයට විශේෂත්වයක් ලැබී තිබුණි. විවිධ කලා ක‍්ෂේත්‍රයන්ට අයත් කලාකරැවන් රැසක් මොරටුවෙන් බිහි වී ඇත.මෙම කලා කරුවන්ගේ එකමුතුවෙන් මොරටුව කලා එකමුතුව පිහිටා ඇත.මොරටුවේ නැගී එන කලා කරුවන්‍ ගේ සුභ සාධනය උදෙසා මහගු මෙහවරක් මෙමගින් ඉටු චෙයි. ක්ලැරන්ස් විජේවර්දන, ධනපාල උදවත්ත, ලක්ෂපතියේ පර්සි, සුරේෂ් ගමගේ යන අය මොරටුවෙන් බිහි වූ කලාකරුවන්ගෙන් අතලොස්සකි. සංචාරක කටයුතු මෙම ප්‍ර‍දේශයේ සංචාරක කටයුතු සාමාන්‍ය මට්ටමක පවතී. නමුත් බොල්ගොඩ වැව ජනප්‍රිය වීමත් සමග බොහෝ සංචාරක හෝටල් ඉදිවිය.මෙම හෝටල් ඉදිවීමත්සමග දෙශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශෙය් සංචාරය කිරීම බොහෝ සෙයින් වැඩිවී ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් මොරටුව වෙරළ තීරය දූෂණය වී ඇත. ලොව පුරා පැතිරී ඇති ස්වෙචිඡා සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාර‍යේ ප්‍රධාන මූලස්ථානය මොරටු‍වේ පිහිටා ඇත. (http://www.sarvodaya.org/) ශ්‍රී ලංකා ඉතිහාසයේ දීප්තිමත් චරිතයක් වන පුරන් අප්පු මොරටු පුරවැසියෙකි. ඹහුගේ මුල් නම වන්නේ වීර හැන්නැදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දුය. ජන සංඛ්‍යාලේඛණ ආදර්ශ පාඨය පුරෝගාමීත්වයේ නගරය සිතියම් • මොරටුව සහ ශ්‍රී ලංකාව විස්තර සහිත සිතියම ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ
3794
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A
මාතලේ
මාතලේ ( ඉංග්‍රීසි: Matale/Māttaḷai ) යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්‍රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" නම් වු බවත් පසුව "මාතලේ" බවට පත්වූ බවත් කියවේ. මාතලේ නගර‍යේ මුලු භුමි ප්‍රමානය 9 කිමී² කි. නගර‍යේ සම්පූර්ණ ජනගහනය ( 2012 ඇස්තු: ) 40,860 ක් විය. මාතලේ නගරය කොළඹින් කිලෝමීටර 142ක් පමණ ( සෑතපුම් 90ක් ) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ ( සෑතපුම් 16 ) දුරින් උතුරු දෙසින් පිහිටා ඇති. ආකර්ෂණීය ස්ථාන ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන ශ්‍රී මුතුමාරම්මන් කෝවිල (මාතලේ පළමු හා පැරණිතම ආගමික ස්ථානය), රිවර්ස්ටන්, සෙම්ඹුවත්ත වැනි සුන්දර පාරසරික ස්ථානද පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය තුලය එයින් අළුවිහාර රජමහා විහාරය මාතලේ නගර සිමාව ආසන්නයේ පිහිටා ඇත. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇ‍ති තැනිතලා ප්‍රදේශයකි. මාතලේ නගරය අවට කෘෂිකාර්මික භූමි ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ ගම්මිරිස්, කරාඹු, සාදික්කා, තේ,පොල්, රබර්, කුළුබඩු වර්ග සහ එළවලු සහ පළතුරු වර්ග ය. අළුහුණු, මැණික්, බතික්, අත්කම් කර්මාන්තද දැකිය හැක. මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ආකර්ෂණීය ස්ථාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය (මාතලේ පළමු හා පැරණිතම ආගමික ස්ථානය) ( දේවස්ථානය විසින් වාර්ෂිකව පවත්නා තේරු උත්සවය සදහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණේ ) ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය ) මැක්ඩොවෙල් බලකොටුව නානායක්කාර උද්‍යානය සහ රජයේ නවාතැන වීර පුරන්අප්පු ස්මාරකය අනගාරික ධර්මපාල ස්මාරකය පරණ ඔරලෝසු කණුව පරණ දුම්රිය ස්ථානය ( වර්ෂ 1880 දි නිම කරන ලදි ) බෞද්ධ මන්දිරය ශාන්ත අන්තෝනි දේවස්ථානය, වහකෝට්ටේ නන්දිමිත්‍ර එකනායක ජාත්‍යන්තර හොකි ක්‍රිඩාංගණය එඩ්වඩ් හොකි ක්‍රිඩාංගණය බර්නාඩ් අළුවිහාරේ ක්‍රිඩාංගණය මහජන පුස්තකාලය ළමා ක්‍රිඩාංගණය මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආකර්ෂණීය ස්ථාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය ) ආගමික ස්ථාන මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ආගමික ස්ථාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය ) ක්‍රිස්තු දේවස්ථානය බෞද්ධ මන්දිරය බෝගහකොටුව විහාරස්ථානය මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආගමික ස්ථාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය ජුම්මා මස්ජිඩ් ( කෙලින් විදිය ) ක්‍රිස්තු දේවස්ථානය අළුවිහාර රජමහා විහාරය අධ්‍යාපනය මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි පාසල් ක්‍රිස්තුදේව මහා විද්‍යාලය, මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ ශ්‍රී සංඝමිත්ත බාලිකා ජාතික පාසල, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය, මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ විජය විද්‍යාලය, මාතලේ විජයපාල විද්‍යාලය, මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, මාතලේ සහිරා විද්‍යාලය, මාතලේ හින්දු විද්‍යාලය, මාතලේ පාක්‍යම් විද්‍යාලය, මාතලේ ආමිනා විද්‍යාලය, මාතලේ ඉස්මාලියා විද්‍යාලය, මාතලේ ජාත්‍යන්තර පාසල් මාතලේ අන්තර්ජාතික පාසල, මාතලේ ග්‍රින්වුඩ් අන්තර්ජාතික පාසල, මාතලේ රෝයල් ඉංග්‍රීසි පාසල, මාතලේ මාතලේ නගරය අවට පිහිටි වෙනත් නගර උකුවෙල රත්තොට ගලේවෙල යටවත්ත නාඋල පල්ලේපොල දඹුල්ල සීගිරිය අළුවිහාරය මේවාද බලන්න ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව මාතලේ කැරැල්ල බාහිර සබැදි The Official websit of Sri Muthumariamman Thevasthanam Knuckles range nature preservation centre Discover Sri Lanka - More information & images about Matale The official web site of Aluvihara rock cave temple ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
3806
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%20%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
වයඹ පුහුණු මධ්‍යස්ථානය
හැඳින්වීම වයඹ පළාත් සභාව මගින් පිහිටවූ ආයතනයකි. වයඹ රාජ්‍ය සේවකයන්ගේ කුසලතාවයන් සහ හැකිාවන් වර්ධනය මෙහි අරමුණයි. පිහිටීම වාරියපොල රජයේ ගොවිපල තුල රමණීය පරිසරයක පිහිටා ඇත. සේවා
3812
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA
මිහින්තලය
අම්බස්තලයල, මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. පුත්තලම - ත්‍රිකුණාමලය (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ කලේ මිහින්තලයේදීය. ඉතිහාසය වංශ කථාවන්හි දැක්හවෙන පරිදි ක්‍රිස්තු පූර්ව 247 දී ඵළඹෙන ඡෙමිට මුල මාසය හෙවත් පොසොන් පුර පසළොස්වක පොහොදා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිව්ඩය රැගෙන දඹදිව සිට ම්ස්සක පර්වතයට වැඩිසේක. එවකට ලක්දිව රජතුමා වු දේවානම්පියතිස්ස රජතුමා ම්හින්තලයේදි මෙම දුත පිරිසට හමුවුහ. මෙම ‍‍‍‍‍එෙෙතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදුත පිරිස දේවානම්පියතිස්ස රජතුමා සහ මෙම දුත පිරිස හමුවූයේ පොසොන් මස පසලොස්වක දිනයකදිය. මිහිදු හිමියන්ගේ ලංකා ගමනය පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර තුලින් ද කරුණු රුස්කර ගත හැක. මේ අනුව වංශ කථා පවසන පරිදි ම් බුදුන් පිරිනිවි වසර දෙසිය තිස්හයක් එළඹුණදා මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවේ මිහින්තලයට වැඩිසේක. එහිදි මිහිඳු තෙරුණ්ට දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයේන් සංවාදයක් ඇති විය. ඉන්පසු මිහිඳු හිමි රජු ගේ බුද්ධිය අවබෝධ කර ගැනිමෙන් පසු රඡතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදි පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලදී. ආශ්‍රිත උත්සව එදාමිහිඳුමහරහතන්වහන්සේ පොසොන් පොහොදා මිහින්තලයට වැඩම කොට සිංහල ජනයාගේ ජිවිතයට නව උදාවක් ලබා දුන්නේය. සිංහල සංස්කෘතියේ නව නැම්මක් ඇතිවුයේය. මෙම උත්තම සිද්ධිය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පොසොන් පොහොදා සිංහල ‍බෞද්ධ ජනයා මිහින්තලය වැද පුදා ගැනිමට එක්රොක් වේ. මේ අයුරින් මිහින්තලය යනු සිංහල බෞද්ධයන් අපට ඉතා පාරිශූද්ධ වු සුවි‍ශේෂ ස්ථානයකි. ඒ නිසාම පොසොන් මාසයේ මිහින්තලයට වන්දනා ගමන් යාමට පුරුදුව සිටිති. පුරාණ ඉදිකිරීම් පුරාණයේ සිටම මිහින්තලය නැඟීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදි කිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කීපයක් ඉදි වී ඇති අතර එවා එම යුගයට ආවේණික ලක්‍ෂණ දරණු දැකිය හැකිය. සෙල්ලිපි, මැඩපත්, ලෙන්ලිපි, කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ. මිහිඳු හිමියන්ගේ පැමිණිම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇත. මෙම සෙල්ලිපිය කැඩිබිඳි අබලන්ව ගිය එකකි. එහි එන "මහිද තෙරභව, භද්‍රසාල තෙරභ, ඉට්ටක තෙරභව, පති තෙරභව" යන පාඨය අනුව මෙම ධර්මදුත ව්‍යාපාරයට සහභාගිවුවන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. මිහිඳු හිමියානෝ ලක්දිව පැමිණ 27වන දිනයෙහි වස් විසිම පිණිස මිහින්තලයට වැඩියහ. මිහින්තලයේ වස් විසිම භික්ෂුන් 60 නමක් සිටි අතර එහි වස් විසිමට ආවාස නොවුහෙයින් කණ්ඨක චේතිය අසල ලෙන් ශූද්ධ කරවා ආවාස හැටියට සකස් කරවීය. මෙම ලෙන්වල ලිපිවලින් මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ. ගෘහ නිරමාණ කේෂත්‍රය අතින් මිහින්තලය සුවිශේෂ ස්ථානයක් ගනී. මිහින්තලයේ පිහිටි ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ. ගෘහ නිර්මාණ අතර ආරාම, වෙදහල දාන ශාලාව, සන්නිපාත ශාලාව, පෝය ගෙවල්, භාවනා ශාලා, ආරෝග්‍ය ශාලාව, සිමා මාලක සහ සක්මළු ආදී බොහෝ නිර්මාණ තනවා තිබුණේය. මහා සෑය මිහින්තලය කඳු මුදුනේ පිහිටා ඇති විශාල චෛත්‍යය මහා සෑයයි. එය මහදාතිත මහානාග රජතුමා විසින් කරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය. කණඨක චේතිය මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත. අම්බස්තල දාගැබ මෙය කඳු මුදුනට ආසන්න වූ තැනිතලාවක පිහිටා ඇති අතර මාතලන්තිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිහිඳු මහ රහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර අති වූ ‍‍එෙෙතිහාසික හමුවේ දේවානම්පියතිස්ස රජතුමා සිටින්නට ඇතැයි සැලකෙන ස්ථානය සිහි ගැන්වීමට මෙම දාගැබ ඉදිකර ඇත. මිහිඳු සෑය මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උපතිස්ස රජ විසින් (ක්‍රි. පූ. 210-200) විසින් මිහින්තලා කඳු මුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ සඳහන් සෑය මෙය වේ. මෙහි නටඹුන් අතර තිබූ ගඩොල් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. සියවස් වලට අයත් වේ. මේ අනූව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ. 1951 වර්ෂයේදී මෙහි කැණීම් කටයතු ආරම්භ කෙරුණි. මිහිඳු සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ගිරිභණ්ඩ සෑය 1951 වසරේදී කැණීම් කොට මතු කරගන්නා ලද මෙම දාගැබ ක්‍රි.ව. 8 වන සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරේ. ගොඩනැංවූ අය අවිනිශ්චිත වේ. අනුරාධපුර යුගයේ දාගැබක ධාතු ගර්භයක පිහිටීම හා ඉදිකිරීම් තාක්ෂණය මෙන්ම අනුරාධපුර යුගයේ ධාතු ගර්භ සිතුවම් පිළිබද නිරික්ෂණයට මින් අනාවරණය වූ ධාතු ගර්භය වැදගත් වන අතර එම ධාතු ගර්භය දැනට මිහින්තලය කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ. රෝහල මිහින්තලය කඳු පාමුල පැරණි රෝහලක නටඹුන්ද, බෙහෙත් ඔරුවක්ද, එම යුගයට අයත් යැයි සැලකෙන ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල සහ කඳුමුදුනට දිවෙන පඬිපෙල අතර විශාල අසපුවක නටඹුන් දැකිය හැකිය. පැත්තක් අඩි 125 වූ හතරැස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම්ද, ගලින් කරන ලද බරාඳි වැට වල්ද මුරගල් ද පිහිටා ඇත. මේ අංශය අධික ප්‍රපාත වූ බැවින් පඩි පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840 කඳු මුඳුන දක්වා දිවේ. පලමු පඩි කොටස අවසානයේ කුඩා කඳු මුඳුනක් හමුවේ එහි “ කණ්ඨක චේතිය” පිහිටා ඇත. මෙය දෙවන සේන රජුගේ සේවාවකි. භෝජන ශාලාව මළුව පිහිටා ඇත්තේ තුන්වන පඩිපෙල අවසානයේය. මළුවෙහි වම් පැත්තට වන්නට භෝජන ශාලා පිහිටා ඇත. එය සෘජුකෝණාස්‍රාකාර වන අතර දිගින් අඩි 62ක් ද , පලලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජලවහන පද්ධතියක කොටස් ඒ අසලින් සොයා ගෙන ඇති බැවින් ඉතා ක්‍රමාණූකූල ජල සම්පාදන ක්‍රමයක් තිබෙන්නට ඇතිබව විශ්වාස කෙරේ. භෝජනාගාරය අසල ආහාර ගබඩා කර තබන්නට ඇතැයි විස්වාස කෙරෙන ගල් භාජන 2ක් දක්නට ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන පැති දෙකකින් විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සටහන් කර ඇත. මෙය මිහිඳු රජතුමා විසින් කරවා ඇති අතර සේවය කරන්නන්ට ගෙවන ගෙවීම් ද සඳහන් කර ඇත. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්ම හා විනය සාකච්ඡා කරන්නට ඇතැයි සැලකේ. එය විවෘත ගොඩනැගිල්ලක් වන අතර පැත්තක් අඩි 62කි. ගල් කණු 48 ක් මත පිහිටා ඇත. ගොඩනැගිල්ල මධ්‍යයේ දොරටු 4කින් යුතු වේදිකාවක් ද පිහිටා තිබේ. දාන ශාලාව මෙය චේතිය පබ්බතහී භික්ෂූන් වහන්සේලාගේ දෙෙනික දානමය වුවමනාවන් සපුරාලූ ස්ථානය වේ. ප්‍රාථමික වාස්තු සලකා බැලීමේදී අනුරාධපුර මහා විහාරබද්ධ සෙසු දාන ශාලාවලට සමාන වේ. මෙම දාන ශාලාව වෙත ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය සපයාගෙන ඇති ආකාරය සුවිශේෂී වේ. මිහිඳු ගුහාව අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහානාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත් පූජනීයවන්නේ මිහිඳු ගුහාවයි. ආරාධනා ගල ආරාධනා ගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත.අධික සුළං සහිත කාල වලදීත් ආරාධනා ගල නැගීමට බැතිමත්හූ අමතක නොකරති. මහාවංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනටය. අටසැට ලෙන් දේවානම්පිය තිස්ස රජු, මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් උදෙසා ලෙන් 68 ක් සකස් කොට පූජා කල බව මහා වංශයේ දැක්වෙයි. මෙම සෑම ලෙනකම පාහේ කටාරමට පහලින් පූර්ව බ්‍රාහ්මී ලේඛන දැකගත හැකි බැවින් මේවා ක්‍රි.පූ. යුගයට අයත් බැව් පැහැදිලි වේ. ක්‍රි.ව. 31-34 සමයේ කණිරජාණුතිස්ස රජ, තමන් ඝාතනයට සැළසුම් කල දුශ්ශීල මහණුන් 60 නමක් කනිර නම් ප්‍රපාතයට හෙලා දැමූ බව මහා වංශයේ විස්තර වේ. එම ප්‍රපාතය මෙම ලෙන් පිහිටා ඇති බෑවුම් සහිත ප්‍රදේශය බැව් විශ්වාස කෙරේ. පොකුණු මිහින්තලා පුඡා භුමියේ පිහිටා ඇති මෙම පොකුණු අතර සිංහ පොකුණ, නාග පොකුණ, කළු දිය පොකුණ ප්‍රධාන තැනක් ගන්නා අතර තවත් අවශේෂ පොකුණු කිහිපයක් ද හමු වී ඇත. සිංහ පොකුණ විනාශ වී ගිය ආරාමවලින් ගහණ ප්‍රදේශයේ සිංහ පොකුණ දක්නට ලැබේ සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි. කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජිවත් වු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙලන ලද ජිවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය. කළු දිය පොකුණ මෙය මිහින්තලයේ පිහිටි ප්‍රසිද්ධ පොකුණු වලින් එකකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.එක් පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරේ. නාග පොකුණ මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්තීන් අතර නාගචතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. පසු කාලීනව පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 575-608) විසින් නාග සොණ්ඩි පොකුණ කරවූ බවක්ද වංශ කතාව වාර්ථා කරයි. මින් පැවසෙන්නේ නාගචතුශ්ක නම් විල ස්වභාවික විල අග්ගබෝධි රජු විසින් වඩා විධිමත් පොකුණක් බවට වර්ධනය කල බවයි. වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කල හැකි මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීමද, දෙෙනික භික්ෂු ජල වුවමනාව සැපිරීමද සිදුවී තිබේ. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණ ගැසේ. භාහිර සබැඳි මිහින්තලය හා බැඳුන සේයාරු මිහින්තලය ශ්‍රී ලංකාවේ ඉතිහාසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
3813
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%8F%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%20%28%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%29
ගැබා ක්‍රීඩාංගණය (ක්‍රිකට්)
1896 වසරේදී ඉදිකරන ලද මෙම “වූලුන්ගැබා” (Woolloongabba) කී‍්‍රඩාංගණය වඩාත් ප‍්‍රකට “ගැබා” යන නමිනි. එහි මුලින්ම ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1931 වසරේ ඔස්ටේ‍්‍රලියාවත් දකුණු අපි‍්‍රකාවත් අතරය. 1960 වසරේ පවත්වන ලද එක්තරා අපූරු ටෙස්ට් තරගයක් නිසා “ගැබා” කී‍්‍රඩාංගණයේ නාමය කි‍්‍රකට් වංශ කතාවේ නොමියෙන ලෙස සටහන් වී තිබේ. මෙම ඓතිහාසික ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ 1960 වසරේ දෙසැම්බර් 9, 10, 12, 13 හා 14 යන දිනවල ඔස්ටේ‍්‍රලියාවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමත් අතරය. කිසියම් ටෙස්ට් තරගයක කණ්ඩායම් දෙකේ ඉනිම හතරේ ලකුණු එකතුව සමාන වීමෙන් එම ලකුණු තත්ත්වයෙන් අවසන්වීම (Tied) ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ඉතාමත් දුලබ සිදුවීමකි. ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි තරග පිළිබඳව වාර්තා වන්නේ කලාතුරකිනි. ඕස්ටේ‍්‍රලියාවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමත් අතර “ගැබා” කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගය ඉතිහාසයට එක් වූයේ ලකුණු එකතුව සම වූ ලොව ප‍්‍රථම ටෙස්ට් තරගය ලෙසය. “ටයි” (Tied) ටෙස්ට් තරගය ලෙස ලෝ පසිඳු වූ මෙම අපූරු තරගයේ කතාන්තරය කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය. මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 453 ක් ලබා ගත්තේය. ගාෆීල්ඩ් සෝබර්ස් හතරේ පහර 21 ක් සමඟ අගනා ලකුණු 132 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 505 ක් රැස් කළේය. ඔ’ නීල් ලකුණු 181 ක්ද, බොබ් සිම්සන් ලකුණු 92 ක් ද රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිලට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 284 ක් පමණි. ෆෑන්ක් වොරල් ලකුණු 65 ක්ද, රොහාන් කන්හායි ලකුණු 54 ක්ද ලබාගත් අතර, ඕස්ටේ‍්‍රලියා වෙනුවෙන් අනගි පන්දු යැවීමක යෙදුණු ඇලන් ඩේවිඩ්සන් ලකුණු 87 ට කඩුලු 6 ක් බිඳ හෙළීය. ඔහු පළමු ඉනිමේදීද ලකුණු 135 ට කඩුලු 5 ක් ලබා ගත්තේය. ජයග‍්‍රහණය සඳහා ඕස්ටේ‍්‍රලියානු පිලට පැය පහක කාලයකදී ලකුණු 233 ක් ලබාගත යුතු විය. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අසරණ තත්ත්වයකට පත් කරමින් ලකුණු පුවරුවේ ලකුණු 92 ක් පමණක් සටහන්ව තිබියදී බොබ් සිම්සන්, නීල් හාර්වි, සී. සී. මැක්ඩොනලඩ්, ඕ’නීල්, ෆලැවෙල් මැකී යන ප‍්‍රබල පිතිකරුවෝ දැවී ගියහ. මේ අතර ඇලන් ඩේවිඩ්සන් හා රිචී බෙනෝ ඕස්ටේ‍්‍රලියානු පිලට නව ජීවයක් ලබාදෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක වටිනා සබඳතාවයක් පිහිටවූහ. රිචී බෙනෝ ලකුණු 52 ක්ද, ඇලන් ඩේවිඩ්සන් ලකුණු 80 ක්ද රැස් කළහ. ඩේවිඩ්සන් අවාසනාවන්ත ලෙස දැවී ගිය පසු රිචී බෙනෝට එක් වූයේ ග‍්‍රවුට්ය. ජයග‍්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 7 ක් පමණි. ග‍්‍රවුට් ඉක්මන් ලකුණක් කරා දිව ගියේය. අවසාන ඕවරය යැවීම බාර වූයේ එකළ ලොව සිටි වේගවත්ම හා බිහිසුණු පන්දු යවන්නකු ලෙස ප‍්‍රකට වූ වෙස්ලි හෝල්ය. එකල ඕවරයකට පන්දු 8 ක් ඇතුළත් විය. හෝල්ගේ ප‍්‍රථම පන්දුව ග‍්‍රවුට්ගේ පා ආවරණයේ පතිත වූ අතර එයට අතිරේක ලකුණක Leg Bye ලැබිණි. දැන් ජයග‍්‍රහණය සඳහා තවත් අවශ්‍ය ලකුණු 5 ක් පමණි. හෝල්ගේ ඊළඟ පන්දුව බිහිසුණු බවුන්සරයකි. එය බෙතෝගේ පිත්තේ කොනක පතිත වී කඩුලු රකින ඇලෙක්සැන්ඩර් අතර පත් විය. තීරණාත්මක මොහොතක බෙනෝ ලකුණු 52 ට දැවී ගියේය. නවක පිතිකරුවා වූයේ මෙකිෆ්ය. ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කළේය. ඊළඟ පන්දුව පා ආවරණයේ වැදී ගිය අතර, පිතිකරුවෝ එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්හ. දැන් පන්දු හතරකදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 4 ක් ලබාගත යුතුය. වෙස්ලි හෝල් යළි දිව එයි. ග‍්‍රවුට් “ස්ක්වයර් ලෙග්” දෙසට පහරක් එල්ල කරමින් ලකුණක් කරා දිව යයි. දැන් ජයග‍්‍රහණය සඳහා ඕස්ටේ‍්‍රලියානු පිලට පන්දු තුනකදී ලකුණු තුනක් ලබාගත යුතුය. “ගැබා” කී‍්‍රඩාංගණයට රැස්ව සිටි හතළිස් දහසකට ආසන්න පෙ‍්‍ර්ක්ෂකයෝ මීයට පිම්බාක් මෙන් නිසල වී සිටිති. සියල්ලෝම කුමකින් කුමක් වේදෝයි ඇසිපිය නොහෙලා බලා සිටිති. ඊළඟ පන්දුවට මෙකිෆ් මිඩ් විකට් දෙසට වේගවත් පහරක් එල්ල කළේය. පිතිකරුවන් ලකුණු තුනක් ලබා ගැනීමට උත්සාහ කළත් කොන්රඩ් හන්ට් විදුලි වේගයෙන් පන්දුව රැකගෙන කඩුලු රකින ඇලෙක්සැන්ඩර් වෙත එල්ල කළ අතර ඔහු සාර්ථකව කඩුල්ල බිඳ දැමීමෙන් ග‍්‍රවුට් දැවී ගියේය. දැන් ලකුණු තත්ත්වය සම සමය. ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය එකම එක ලකුණක් පමණි. වෙස්ලි හෝල්ගේ ඕවරයේ තවත් පන්දු දෙකක් ඉතිරිව ඇත. මෙකිෆ්ට එක් වූ නවක පිතිකරුවා ක්ලයින්ය. “ස්ක්වයර් ලෙග්” දෙසට පහරනක් එල්ල කළ මෙකිෆ් ක්ලයින්ට එක් ලකුණක් කරා දිව එන ලෙස සංඥා කළේය. දෙදෙනා අතිශයින් තීරණාත්මක එක්් ලකුණ කරා දිව ගියද ජෝ සොලමන් මීටර් 20 ක පමණ දුරක සිට කෙළින්ම පන්දුව කඩුල්ල වෙත එල්ල කරමින් මෙකින් දුවද්දී දැවී යෑමට හසුකර ගත්තේය. තරගය ලකුණු මට්ටම සම සම වීමන් ජය පරාජයෙන් තොරව අවසන් විය. 453+284=505+232=737 ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි අපූරු සම සම (Tied) ටෙස්ට් තරගයක් පිළිබඳව වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව එය විය. මෙය සිදුවූයේ ලොව ප‍්‍රථම අවස්ථාව එය විය. මෙය සිදුවූයේ ලොව ප‍්‍රථම ටෙස්ට් තරගය පවත්වා වසර අසූතුනකට පමණ පසුය. ටෙස්ට් ඉතිහාසය පුරා තරග 500 කටත් වැඩියෙන් පැවැත්වීමෙන් අනතුරුවය. එදා ඕස්ටේ‍්‍රලියාවට හෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට ජය අත්වූයේ නම් එම තරගය මෙසේ ඉතිහාසයේ අමරණීය මතක සටහනක් බවට පත්වන්නේ නැත.
3820
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
බදුල්ල
ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි. බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත. සංචාරක ආකර්ෂණ මුතියංගන රජ මහා විහාරය - ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී. බෝගොඩ පැරණි විහාරය - බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත. දුන්හිඳ ඇල්ල - බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ. බදුල්ල කතරගම දේවාලය - 17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි. බදුලු ටැම් ලිපිය - බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ. බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ - බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ. බදුල්ල ඔරලෝසු කණුව - බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි. ජන සංඛ්‍යානය ගැලරිය සිතියම් <li>බදුල්ල අවට සහ ශ්‍රි ලංකා සිතියම</li> මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන බදුල්ල
3825
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%20%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA
පොළොන්නරුව පෞරාණික නගරය
අතීත රජරට රාජධානියේ අගනුවරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.පොලොන්නරුව යන නාමය ලැබෙන්නේ රන්කොත්වෙහෙර ආශ්‍රිතව ඇති භික්ශූන්වහන්සේලාට පූජාකල ගෝපාලපබ්ත යන ප්‍රදේශයෙන්ය. එය බිහිවනුයේ පොලොං මැරීම පොලොන්නරුව බවට පත්වීමෙනි. ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය. අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් ව ඇත. පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි. වෙනත් නම් විජයරාජපුර ජනනාථපුරම් පුලස්තිපුර ජනනාථ මංගලම් තාමන්කඩුව පොළොන්නරු යූගයේ විසු රජවරු Iවන විජයබාහු රජ I වන ජයබාහු රජු I වන වික්‍රමබාහු රජු II වන ගජබා රජු මහා පරාක්‍රමබාහු රජු II වන විජයබාහු රජු VI වන මිහිඳු රජු නිශ්ශංක මල්ල රජ I වන වීරබාහු රජු II වන වික්‍රමබාහු රජු වෝඩගංග දේව රජු ලීලාවතී රැජින සහස්සමල්ල රජු කල්යාණවතී රැජින ධර්මාශෝක කුමරු අනිකංග රජු ලෝකේශ්වර රජු පරාක්‍රම පාණ්ඩ්‍ය රජු කාලිංග මාඝ ©gonaa raju පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක නටඹුන් වෙෙජයන්ත ප්‍රාසාදය රැස්වීම් ශාලාව පොළොන්නරුව වටදාගෙය සඳකඩපහණ ථූපාරාම පිළිමගෙය නිශ්ශංක ලතා මණ්ඩපය අටදාගෙය ගල් පොත ගල් විහාරය දෙමළ මහා සෑය නෙලුම් පොකුණ සත්මහල් ප්‍රාසාදය හැටදාගේ ලංකාතිලක විහාරය රන්කොත් වෙහෙර භික්ෂූ රෝහල් පබලු වෙහෙර කිරි වෙහෙර පොත්ගුල් වෙහෙර තිවංක පිළිමගෙය ආළාහණ පිරිවෙන පොළොන්නරුව ශිව දේවාලය කුමාර පොකුණ ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. පොළොන්නරු නගරයේ විශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය. අනුරාධපුර රාජධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි. අනුරාධපුරය වනසා දමා සිංහල රජ පරපුරට තිබු රාජ්‍යයත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ. සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි. එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි. එනමුත් අසිරිමත් වන්නේ එය නොව, අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි. පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති. පොළොන්නරුව යන්නට කදවුරු නුවර, ජනනාථ මංගලම් පුර, රාජරාජ පුරය, පුලනරි, විජයරාජපුරම්, කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත. පොලොන්නරුව පෞරාණික නගරයේ නටඹුන් පොළොන්නරුව පෞරාණික නගරය‎ මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතී. ඇතුල් නගරය පොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇතුලු නුවර සැළකේ. ගඩොලින් නිර්මිත ප්‍රාකාරයකින් වටවූ, හෙක්ටයාර 8.6 ක පමණ ආයත චතුරස්‍රාකාර භූමියක් මීට අයත් වේ. රාජමාළිගාව, රාජ සභාව, හා තවත් ගොඩනැගිලි රැසක අවශේෂ මෙම කලාපය තුල පිහිටයි. වෙෙජයන්ත ප්‍රාසාදය රාජ සභා මණ්ඩපය කුමාර පොකුණ පරාක්‍රමබාහු රජුගේ නන්දන උයන නම් වූ මෙම පොකුණ ඇතුළු නුවර නැගෙනහිර ප්‍රාකාරයට පිටත ගිණිකොණ දෙසින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ලබා ගත හැකි පහසු ස්ථානයක පිහිටා ඇත. සම හතරැස් හැඩයෙන් යුක්ත මෙම පොකුණ මධ්‍යයෙහි වෘත්තාකාර පද්මයකි. දළදා මළුව උස්වූ චතුරස්‍රාකාර භූමියක් තුල දළදා වහන්සේ වැඩ සිටි මාළිගාව ඉදිකොට තිබීම නිසා මෙම කලාපය දළදා මළුව ලෙස හඳුන්වයි. අටදාගෙය මෙය පළමු විජයබා රජු විසින් ඉදි කරවන ලද දළදා මැදූරයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළ මාලයෙහි දන්ත ධාතූන් වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් තැන්පත් කොට ඇත. මෙම මාලිගාව දිගින් අඩ් 70ක් සහ පළලින් අඩි 45ක් වේ. හැටදාගෙය මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලද මහල් දෙකකින් යුත් දළදා මැදූරයි. පැය හැටකින් සෑදූ හෙයින් හැටදාගෙය වී යැයි කියති. ගොඩනැගිල්ල මෙන්ම වටා ඇති ප්‍රාකාරයද ගලින්ම නිම කොට ඇත. ඉහත මාලය නිම කිරීමේ දී දැව භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකැ. මෙහි පිවිසෙන පියගැට පෙළ අසළ පුන් කලස් තැබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙය දිගින් අඩි 120ක් ද පළලින් අඩි 90ක් ද වේ. වටදාගෙය ගල්පොත ලිපිය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද මෙම සෙල්ලිපිය හැටදා ගෙයට දකුණු දිසාවෙන් පිහිටා ඇත. මෙය පොතක් මෙන් පිටු වෙන් කර ඇති ආකාරය දක්නට පිළිවන. සෙල්ලිපියෙහි ඉදිරිපස හංස පේළියකින්ද ඇත් රූ දෙකකින් ආවරණය කරගත් ලක්ෂ්මී දෙවඟන පෙන්වා ඇත්තේ වාසනාවේ සංකේතය ලෙසිනි. නිශ්ශංකමල්ල රජු විසින් ඉදි කරවන ලද සියළු රාජ්‍යමය කාර්යයන් මෙහි සඳහන් වේ. මෙම ගල සෑගිරියෙහි සිට මෙහි ගෙනා බව සඳහන් වේ. ලංකාවේ හමුවන විශාලම සෙල්ලිපිය වන මෙය දිගින් අඩි 27 අඟල් 10 ක්ද පළලින් අඩි 4 අඟල් 6 ක්ද වේ සත්මහල් ප්‍රාසාදය ගඩොලින් ඉදි කොට ඇති මෙම දූර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්‍රාසාදය නම් වේ. මෙය ක්‍රමයෙන් ඉහලට යනවිට කුඩා වන සේ නිමවා ඇත. ඉහලට නැගීම සඳහා කළ පියගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි. මෙහි එක පැත්තක දිග අඩ් 35ක් පමණ වේ. ථූපාරාමය පිළිමගෙය මෙම පිළිම ගෙය ඉදිකරවන ලද්දේ 1වන විජයබාහු රජු විසින් යැයි මතයක් පවතී. දළදා මළුවෙහි වම් කෙළවරේ මෙම විහාරය පිහිටා ඇත.මෙහි වහලය නිම කොට ඇත්තේ ගඩොලින්මය. විහාරය ඇතුලත හුණුගලින් නිමකළ බුද්ධ ප්‍රතිමා 8ක් දක්නට ඇත. මෙම විහාරයෙහි දිග අඩි 84 අඟල් 6ක්ද පළල අඩි 56 අඟල් 2ක්ද වේ. නිශ්ශංක ලතා මණ්ඩපය දිගින් අඩි 34 අගල් 8ක් ද පළලින් අඩි 28 අගල් 8ක් ද වූ මෙම මන්දිරය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දේ පිරිත් ශ්‍රවණය සඳහා යැයි කියැවේ. ගලින් කළ මණ්ඩපය මැද කුඩා දාගැබකි. මෙහි පිවිසෙන දොරටුව පියස්සකින් යුක්තය. පිටත නගරය ආලාහණ පිරිවෙන ආලාහණ පිරිවෙන පොළොන්නරුවේ පිහිටි විශාලතම ආරාම සංකීර්ණය සේ සැළකේ. එය රන්කොත් වෙහෙර සිට ගල් විහාරය දක්වා වූ හෙක්ටයාර 35 ක පමණ භූමි ප්‍රමාණයක විසිර පවතී. පිරිවෙණ මහා පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවනු ලැබූවකි. රංකොත් වෙහෙර ආළාහන පිරිවෙණ නම් වු කොටසෙහි හමුවන විශාලම දා ගැබයි. නිශ්ශංකමල්ල රජුගේ නිර්මාණයක් ලෙස මෙය ප්‍රසිද්ධය. නිශ්ශංකමල්ල රජු මෙයට තැබු නම රුවන්වැලි සෑයයි. හතර දිසාවෙන් වාහල්කඩ සතරක් හා ඒ අතර පිළිම ගෙවල් ඉදිකොට ඇති අයුරු මෙහි දක්නට ඇත. මෙම දාගැබ අඩි 180ක් පමණ උස් වන අතර අඩි 550ක් පමණ වටප්‍රමාණයකින් යුක්ත වේ. බද්ධසීමා ප්‍රාසාදය ලංකාතිලක පිළිමගෙය පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද මෙම විහාරය ලක්බිමෙහි තිලකයක් බඳූ වූ හෙයින් ලංකාතිලක වූ බව සඳහන් වේ. පොළොන්නරුවෙහි ඇති විශාලම ගොඩනැගිල්ල මෙය බව කියැවේ. මෙහි බිත්ති අඩි 55ක් පමණ උසකින් යුක්තය. නොයෙක් රූපයන්ගෙන් බිත්ති අලංකාර කොට තිබි ඇත. ඇතුzවන දොරටුව කොරවක් ගලින් හා මුරගල් වලින් සමන්විතය. මෙම විහාරය දිගින් අඩි 124ක් පමණ ද පළලින් අඩි 66ක් පමණද වේ. කිරි වෙහෙර ලංකාතිලක විහාරයට යාබදව ඇති කිරිවෙහෙර පරාක්‍රමබාහු රජුගේ සුබද්‍රා නම් බිසව සිහිවීම පිණිස සාදවන ලද බව සඳහන් වෙි. සතර දිසානුගතව කුඩා වාහල්කඩ හතරක් ද ඒ අතර කුඩා පිළිම ගෙවල් ද දාගැබ වටා දක්නට ලැබේ. මෙම දාගැබ උසින් අඩි 80ක් පමණ ද විශ්කම්භය අඩි 88ක් පමණ ද වේ. සුභද්‍රා බිසව විසින්ම කරවන ලද බවටද මතයක් තිබෙයි. වෙනත් පබළු වෙහෙර දළදා මළුව පසුකර ඉදිරියට ගමන් කරන විට මෙය හමුවේ. පරාක්‍රමබාහු රජුගේ රූපවතී බිසව සිහිවීම පිනිස මෙය කරවන ලද බව සඳහන් වෙි. පබළු වලින් දාගැබ සරසා තිඛෙන්නට ඇතැයි සිතිය හැකි නිසාත් පබළු විශාල ප්‍රමාණයක් මෙම පෙදෙසින් සොයා ගැනීමට හැකි වූ නිසාත් ඉහත නාමය සෑදෙන්නට ඇත. දාගැඛෙහි කොත වෙනුවට තිබී ඇත්තේ ඡත්‍රයකි. තිවංක පිළිමගෙය විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමා ස්ථාන තුනකින් නැමි ඇති නිසා මෙම නාමය යෙදී ඇත.මෙහි බිත්ති සහ වහලය ගඩොලින්ම සාදා තිබු බව පෙනේ. විහාරයෙහි ඇතුළත බිත්ති සම්පූර්ණයෙන් ච්ත්‍ර ඇඳ ඇත. පිටත බිත්ති දේව විමන් වලින් සරසා ඇත. පොත්ගුල් වෙහෙර පොත්ගුල් වෙහෙර පරාක්‍ර්‍රමබාහු රජු විසින් ඉදි කොට ඇති අතර මහල් හතරකින් යුක්තය. මෙම වෙහෙර හමු වන්නේ පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම ඔස්සේ කලහගල දෙසට මද දුරක් ගමන් කළ විටය. මෙම ස්ථානය දහම් පොත්පත් තැන්පත් කළ ස්ථානයක් ලෙසත් සමහරුන් මත පල කරති. පරාක්‍රම සමුද්‍රය ලංකාවේ පැරණි වාරිකර්මාන්ත අතර පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරවන ලද පරාක්‍රම සමුද්‍රයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. කුඩා වැව් පහක් එක් කොට මේ වැව නිමවා ඇත. මෙහි වර්තමාන වැව් බැමිම දිගින් සැතපුමි අට හමාරක් වන අතර වැව් කණ්ඩ්යෙහි උස අඩ් 40කි. අක්කර අඩ් 80000 ජලය රදා පවතින මෙම ජලාශයට යට වී ඇති බිම් ප්‍රමාණය අක්කර 5350කි. අනෙකුත් ඉදිකිරීම් මුරගල මුරගල ලෙස හඳූන්වන්නේ පූජනීය ගොඩනැගිලි දොරටුවල පඩිපෙළ දෙපස කොරවක් ගලෙහි කෙළවර සහ සඳකඩපහණ දෙපස ඇති අංගයයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු රාජ සමයන් තුළ විවිධ තේමාවන් ඔස්සේ මුරගල් නිර්මාණය වී ඇත. පොළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි දොරටු අසල සහ කෞතුකාගාරයෙහි ඇතුළුව මුරගල් 54ක් පමණ දක්නට ලැඛෙන අතර දැනට ඉතා කලාත්මක නාගරාජ මුරගල පිහිටා අත්තේ වටදාගෙය නම් වූ පූජනීය ගොඩනැගිල්ලෙහි නැගෙනහිර දොරටුව දෙපසය. සඳකඩපහණ සඳකඩපහණ පැරණි ගොඩනැගිලි, දොරටු පාමුල, පියගැටපෙළ පාමුල හමුවන අර්ධ වෘත්තාකාර කලාත්මක අංගයකි. සඳකඩපහණ සඳහා බහුලවම යොදාගෙන ඇති සංකේත වනුයේ ඇතා, අශ්වයා, සිංහයා, ගවයා, හංසයා සහ උද්භිද මෝස්තර අතර පද්මය, බිනරමල,හා ලියවැලයි. ළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි ආශි්‍රතව සඳකඩපහණ් 42ක් පමණ හමුවී ඇති අතර මේවායෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබේ. පොළොන්නරු යුගයේදී අතැම් සඳකඩ පහන් වලින් ගවයාගේ සංකේතය ඉවත් කොට ඇත්තේ හින්දූ බලපෑම් නිසාය. කොරවක්ගල පූජනීය හා ඇතැම් පැරණි ගොඩනැගිලි දොරටු පියගැටපෙළ දෙපස කළ බැමි කොරවක්ගල ලෙස හඳූන්වයි. මෙම අංගය මුල් කාලීනව උපයෝගි කරගෙන ඇත්තේ පියගැටපෙළ නැගීම සඳහා වූ අත්වැල ලෙසයි. කොරවක්ගල සඳහා මකර රුවක් යොදා ගැනීම එහි කලාත්මක බව වැඩි කරයි. මෙය එකම ගලකින් නිර්මාණය කර ඇත. පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි්‍රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47ක් පමණ දැනට සොයාගෙන ඇත. පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස විදහා දැක්විය හැකිය. පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි. මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික ල් නුවර පිට නුවර පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්) ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්කර 20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු වෛජසන්න ප්‍රසාදය හෙවත් සත්මහල් ප්‍රසාදය අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත. පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි. බෞද්ධ ගෘහ නිර්මාණ, ශිල්පයන්, බෞද්ධ කලාවන්, හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන් හින්දු කලාවන් පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය. හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත. එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත් සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි. මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි පිහිටි අනෙකුත් පෞරාණික ස්ථාන දිඹුලාගල මැදිරිගිරිය නාමල් පොකුණ සිළුමිණ සෑය මාදුරු ඔය තොප්පිගල කලහගල ඇලහැර ගිරිතලේ වත්මන් පසුබිම මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. පොලොන්නරු නගරය වර්තාමනයේ හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ. මේවාද බලන්න පොළොන්නරුව පොළොන්නරු යුගය සිංහලේ රාජාවලිය බාහිර සබැඳුම් Lankadeepa:::Urumaya පුරාණ අගනගර -ශ්‍රී ලංකා පොළොන්නරුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
3826
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%20%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%20%E0%B7%84%E0%B6%AD
පුරාතන ලෝකයේ පුදුම හත
ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන්‍‍‍ නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගවේශකයන්‍‌ අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත. පුදුම හත හෙරඩෝටස් යන ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප‍්‍රතිමාව වෙතද එල්ÁĐĉලෙන උයන් වෙතද රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව‚උස් පිරමිඩ සහ මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන ආටිමීස් දේවාලය දුටුවිට අනෙක් පුදුමයන්ගේ දීප්තිය නැතිවිය. :-ඇන්ටිපේටර්, Greek Anthology IX.58 පසුකාලීනව විවිධ මාතෘකා යටතේ එකිනෙකට වෙනස් ලැයිස්තු පිලියෙලවී ඇත. උදාහරණයක් ලෙස බයිසැන්තියමේ ෆීලෝ නැමැත්තා පිලියෙල කල "De septem orbis spactaculis" දැක්විය හැක. එම ලැයිස්තු පිලියෙලකර ඇත්තේ ක්‍රි. ව. 5 වන සියවසේදී පමණ වූවත් කතුවරයා කොලෝසස් ප‍්‍රතිමාව විස්තර කරනුයේ එවකටත් පවතින පරිද්දෙනි. ඉහත නිර්මාණ ග්‍රීක වර්ගීකරණය අනුව හඳුන්වා ඇත්තේ පුදුමයන් ලෙස නොව "අනිවාර්යයෙන්ම නැරඹිය යුතු" ස්ථාන වශයෙනි. මෙම ලයිස්තුව පිළියෙල වී ඇත්තේ මධයකාලීන යුගයේ වන අතර එම කාලයේදී ඉහත ස්ථාන බොහොමයක් දක්නට නොලැබී ඇත. තවද එම ලෑයිස්තු බොහොමයක් සඳහා පදනම් වී ඇත්තේ ග්‍රීක ලේඛන බැවින් ඒවායේ අඩංගු වන්නේ ග්‍රීකයන් දැන සිටි සහ නරඹා තිබුණු ස්ථාන පිළිබඳ පමණි. ඇන්ටිපේටර්ගේ මුල්ම ලැයිස්තුවේදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප‍්‍රදීපාගාරය වෙනුවට ඉෆ්තාර් ගේට්ටුව සටහන්ව ඇත.නමුත් ක්‍රි.ව.6 වන සියවස වන තෙක් ඉහත ලැයිස්තුව භාවිතාවී නොමැත. ඉහත ස්ථාන අතරින් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ගීසාහි මහා පිරමීඩය පමණි. එල්ලෙන උයනක් පැවති බව සනාථ කරන සාක්ෂි පවා තවම හමුවී නැත.අනෙකුත් ස්ථාන පැවති බවට ලේඛන සාක්ෂි දරයි. සීයුස් ප‍්‍රතිමාව හා ආටිමීස් දේවාලය ගින්නෙන් විනාශවී ඇත.කොලෝසස් ප‍්‍රතිමාව, ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය හා මොසලෝනස් ගේ සොහොන් කොත භූමිකම්පාවකින් විනාශවී ඇත. සමාජය පුරාතන ලෝකයේ පුදුම හත
3841
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ගොවියා
ගොවියා යනු කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයෙකි.ජීවියාට අවශ්‍ය කෑම සහ බීම ඔහු විසින් ලබා දෙනවා.ශිෂ්ඨාචාරයේ උදාවීම සමගම මනුෂ්‍යාගේ ප්‍රධාන ජීවන රටාව වුයේ මෙයයි. ගොවියාගේ අර්ථ දැක්වීම ගොවියා යන වචනය භාවිතා වනුයේ කෙටිකාලීන සහ මධ්‍ය කාලීන බෝග ක්‍රියාකාරීව වවන පුද්ගලයායි. වී, පලතුරු, සහ එළවළු ලංකාවේ ගොවීන් විසින් වගාකරයි. පහත සඳහන් යෙදුම් වලින් ගොවියා වෙන්කර හඳුනා ගැනීම වර්තමානයේ නිවැරදිව සිදු නොවේ. ඉංග්‍රීසි Farmer වචනය ගොවියා වචනයේ ඍජු පරිවර්ථනය සේ වරදවා වටහාගැනීම මෙයට හේතුවයි. වැවිලිකරු වගා කම්කරු සත්ත්‍ව පාලක මොවුන් අමුද්‍රව්‍ය කෙසේ හෝ කාර්මික දේ සදහා යොදයි.ඒ කෙසේද යත් මධ්‍යසාරිය පාන සදහා ධාන්‍ය වර්ගද සතුන්ගේ හම් පදම් කල නම් සදහාද බඩ ඉරිගු,ප්ලාස්ටික් හා ඉන්ධන සදහාද ලොම් සහ හන නුල් සහ රෙදි සෑදීමටද භාවිතා කරයි. තවද ගොවියා විසින් කිරි මස් හෝ තවත් දේ සදහා සතුන් ඇතිකරනු ලබයි. තවද බීජ කුඩා ප්‍රමාණ විකිණීමෙන් මුදල් ලබා ගනී. ගොවියා පොරොන්දු වී සිටිනවා ස්වාභාව ධර්මය වර්ධනය (හානි නොවන) දේ සාදන ලෙස. ගොවියා නියලී සිටිනවා අශ්වයින් හෝ මහා පරිමාණ ගවයින් හෝ බැටලුවන් මසට ඇතිකර පුරුදු පරිදි ඔවුන් විශාල ගොවිපලවලට,ගව බිම් බැටලු බිම්,හෝ විශාල වශයෙන් සත්තු ඇතිකරන්නන් වෙත යොමු කරයි. ස්වාමියාට හීලෑ වු සතුන් ඇතිකරන ගොවින් සදහා විශේෂ වචන භාවිතා කරයි. උදාහරණ ලෙස ර්‍එඩේරාම ලෙස. බැටලුවන් බලා ගන්නා ගොවියාටද ර්‍අජජාලම ලෙස එලුවන් බලා ගන්නා ගොවියාටද කියනු ලැබේ. තවද ර්‍කිරි පෙට්ටියම ලෙස කරි නිශ්පාදනය කරන ස්ථානයට කියනු ලැබේ. ර්‍කුකුලු ගොවියා ම අවධානය යොමු කරන්නේ කුකුලු පැටවුන් ,කුලුකුම්, හීලෑ වු තාරාවන්ගේ බිත්තර ලබා ගැනීම සහ ඔවුන් බෝ කිරීමයි. විවිධ එළවලු වෙළද පොළට යවන ගොවියා ර්‍ට්‍රක් ගොවියාම හෝ ර්‍වෙළද ගොවියාම ලෙස කියනු ලැබේ. මෙම ජේදයේ සදහන් වන පරිදි දියුනු වෙමින් පවතින හෝ අනෙක් කාර්මික දියුනුව ඇති රටවල් වල බොහෝ පාරිභෝග කෘෂිකර්මයක් පවතී. කාබනික ගොවිතැන් ක්‍රියාවලියේ යෙදී සිටින ගොවියන් බෝග ඹාරු ක්‍රමය හෝ වෙනත් ක්‍රම ඔවුන්ගේ ඵලදාව වැඩි කිරීමට යොදා ගනී. දියුනු වෙමින් පවතින රටවල ඉහත ක්‍රම උපයෝගි කර ගනිමින් බිම් මත ඇති කුඩා වලවල් සදහා ඉහත ක්‍රම උපයෝගි කර ගන්නට ර්‍උයන් පල්ලාම යයි කියනු ලැබේ. තවද ර්‍හොබ්යිස්ට් ම ලෙසද කියනු ලැබේ. තවද මුලික ක්‍රම මගින් දුප්පත් කම පලවා හැරීමටද මහා පරිමාණ කෘෂි ව්‍යාපාර වලටද එරෙහිව දේශීය වෙලෙද පොලේ ර්යානවන්ත පාරිභෝගිකයන් ප්‍රමාණය කාබනික ගොවියන් නිසා වැඩි වෙමින් පවතී. ඉතිහාසයේ මේ ආකාරයට යැපෙන කෙනෙකුර්‍ටපිලීසන්ට් ම ගොවියා යැයි කියනු ලැබේ. දියුනු වු රටවල බීජ සහ පාංශ්‍ර සම්පත් වල අයිතිය,හිමිකම සහ තමාගේ ව්‍යාපාරයට ශ්‍රමය,කළමනාකරණය සපයන පුද්ගලයින් ගොවියා ලෙස අර්ථ දැක්වී ඇත.ශ්‍රමය පමනක් සහ කළමනාකරණ නැති සහ අයිතියද නැති අයට ගොවිපලේ කුලියට වැඩ කරන්නන් ලෙස කියනු ලැබේ. ඉඩමෙන් තීරුවක් බද්දට ගත් විට වැඩෙන එක් ඵලදාවත් අස්වනු නෙලන්නාගේ කොටසත් හෝ ගොවියාගේ කොටසත් බවට පත්වේ. මෙහි සදහන් කෘෂිව්‍යාපාර වලට අයත් ගොවියන් කෘෂිකාර්මික පනතට අනුව සහනාධාර, දිරි දීමනා සහ බදු සදහා නීත්‍යානුකුලව සුදුසුකම් ලබයි. ගොවියා ලන්දේසි වලින් හදුන්වනුයේ ර්‍බොයර් ජාතිකයාම ලෙසයි. එදා සිට දකුණු අප්‍රිකාවේ සිටි බොර් ජාතිකයන් එම නම යොදා ගන්නා ලදි. වෘත්තීය තොරතුරු ගොවියාගේ ආධායම බොහෝ සෙයින් විවිධයි. එක්සත් රාජධානියේ ගොවියකුගේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ඩොලර් 45000 පමණ වේ. කෙසේ වුවත් සෑම ගොවියෙකුටම ප්‍රථිලාභ තමා විසින්ම සපයා ගත යුතුයි. ඔවුන්ගේ සත්‍ය වැටුප කිසියම් කෙනෙකු වෙනත් ව්‍යාපාරයකින් හෝ වෙනත් කර්මාන්තයකින් හෝ උපයනු ලබන මුදලට වඩා අඩුවේ. බොහෝ ගොවින් තමා ගැන මෙසේ සදහන් කරයි. ර්‍ඉඩම ඉතා සරු නමුත් මුදල් බොහෝ හිගයි.ම වාර්ෂිකව මුදල් නැතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ නමුත් එම ව්‍යාපාරයේ වටිනාකම ටිකෙන් ටික අඩුවේ. ගොවින්ගේ ඉහල ප්‍රතිශතයකට පුහුණුව ලබනුයේ ඉහල පාසල්, පුහුණු ආයතන සහ සමාජයේ ඇති පුහුණු පංති වලිනි. තාක්ෂණයේ දියුනුව කෘෂි විද්‍යාවට ඇතුලත් කල හොත් ගොවීටද කෘෂිකාර්මික කළමනාකරන උපාධි ලබා ගත හැකි වේ.
3845
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA
මාතර දිස්ත්‍රික්කය
මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පූරාණ කාලයේ මාතොට නමින් හැඳින්වී ය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී 'මහතෙර' නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැම්බර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 809344 ( වර්ෂ 2011 ) වන අතර පිළිවෙලින් සිංහල 763121 ( 94.3% ) මුස්ලිම් 25300 ( 3.1% ) ඉන්දියානු දෙමළ 11984 ( 1.5% ) ශ්‍රී ලංකා දෙමළ 8562 ( 1.1% ) වේ. නමේ ඉතිහාසය නිල්වලා ගඟ මාතර දිස්ත්‍රික්කයෙන් මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවකි. මෙහි නම මුලින් ම භාවිතයට පැමිණියේ 'තොලගා මාතර ආචිචි' යන නමිනි. මොහු ශ්‍රී ලංකාවේ පියා ලෙසට හැදින්වූ බව සදහන් වෙයි. 'මාතර' යනුවෙන් හැදින්වීමට එක් හේතූවක් නම නිල්වලා ගඟ අසල ඇතිවූ විශාල භූමි භාගය නිසා ය. මෙය 'දැවැන්ත තොට' යන නමින්ද ප්‍රසිඬ නිසා 'සහන් තොට' යැයි කියනු ලැබෙ. ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත තොටවල් වලින් කවියන්ගේ අවධානය විශාල වශයෙන් මාතර දිස්ත්‍රික්කයට ඇදී ගොස් ඇත. ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරවි සංදේශයේ, "විරබමි පතමි" නමි පාලකයෙක් මාතර අගනුවර කර එය නැවත 'මාපටුන' යන නමින් හැදින්වූ බවට සඳහන් වෙි. පෘතූගීසි පූජක කූවරීස් තූමාගේ 'මනර' යන නම පිළිබඳ නිගමනය නමි එය නිල්වලා ගඟ හා සමීප බව නිසා පෘතූගීසීන් මාතරට 'මතූරෙයි' යන හෙවත් දැවැන්ත බල කොටුව යන නම තැබූහ. මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ ක්‍රි. ව. 1672 දීය. මෙම වචනය උච්චාරණය වරදවා 'මතූරෙයි' යන නම 'මදරායි' යන නමින් සැලැකූ බව ද ඉතිහාසයේ සඳහන් ය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව පෘතූගීසීන් මෙය' මචුරායි' යන නමින් හැඳින්වූ බව සඳහන්වේ 'තූරායි' යනු 'බලකොටුව' යන වචනයේ අරුත දෙන්නකි. බස්නාහිර ජනපද වාසීන් මාතර ප්‍රදේශය යටත් කර ගැනීමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බව සඳහන් ය. එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්‍රදේශ වලට පැන ගත්හ. මෙම වකවානුවේදී ඔවුහු මෙම ප්‍රදේශය 'මතරායි' යන නමින් හැඳින්වූහ. දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකකට පමණ පෙර සිටය. මාතර පරිපාලනය පෘතූගීසි පරිපාලනය ලන්දේසි පරිපාලනය ඉංග්‍රීසි පරිපාලනය ලන්දේසීන් පාතරට / මූදුබඩ ප්‍රදේශය යටත් කර ගත් පසු එය පරිපාලන කොටස් 04 ට බෙදුවෝය. ඒවා සබරගමුව, සත්කෝරළය, සතර කෝරළය, හා මාතර යනුවෙන් නම් කළෝය. මේවායින් මාතර දිස්ත්‍රික්කය විශාල පෙදෙසක පැතිරී තිබිණි. එය දකූණු පළාතේ කළු ගඟ දක්වා පැතිරී ගියේ ය. ධර්මපාල රජු විසින් ලන්දේසි පූජක ෆ්‍රැන්ඩි ඩී ක්වෙරෝස් හට ලබාදුන් වාර්තාවේ සඳහන්වූයේ එය කෝට්ටේ සිට වලවේ ගඟ දෙසට පැතිරී යන බවයි. පසුව පාතරට දකූණු පළාත පරිපාලන කටයුතු සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී. මෙම ප්‍රදේශ 09 'මාතර මහා දිසාව' ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ. වර්තමානයේ මාතර මහ නගර සභාවේ පුරපති වරයා සොසින්ද්‍ර හඳුන්නෙත්ති යැයි මෙහි දැක්වෙන නම සොසින්ද්‍ර හඳුන්ගේ ලෙස වෙනස් විය යුත්තේ ය. ජනකවිය හා කවීන්, මාතර ඉතිහාසය හා නොයෙක් ආකාරයෙන් බැඳී පවතී. සරම් මුදලි තුමා, කාලිදාස, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා මින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම මාතර හා නිල්වලා ගඟ පිළිබඳ ජන කවියක් වන්නේ, මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා... තල්ල සුදුයි බෙල්ලේ ගෝඹර කැටියා... යන එන ඔරු පාරු නවතාගෙන සිටියා... මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා... මෙම කවියේ අර්ථය පිළිබඳ නොයෙකුත් මති මතාන්තර තිබේ. මෙය නිල්වලාවේ සිටින කිඹුලන් පිළිබඳ එකක් ලෙස ඇතැමුන් පවසන අතර, බොහෝ අය කියන්නේ මෙය ව්‍යංගාර්ථයක් සහිත කවියක් බවයි. එනම්, මාතර තොටුපළේ මගීන් එහා මෙහා ගෙන යාමට තිබූ ඔරු-පාරු වල හිමියා, ගඟෙන් එගොඩ වන මගීන් ගෙන අසාධාරණ ලෙස මුදල් අයකළ අතර, ඔහුගේ පුතා එසේ කරන්නෙකු නොවීය. ඔහු මගීන්ට ඉතා කාරුණික, සාධාරණ පුද්ගලයෙක් වූ බැව් පැවසේ. මෙම කවිය එම පාරු හිමියා සහ පුතා අල්ලා ගොතන ලද කවියක්ය යන්න වඩා ප්‍රචලිත මතයයි. කෙසේ වෙතත් රුනුණේ මාතර යනු කවිය පෝෂණය කළ ප්‍රදේශයකි. ජනතාව මාතර ප්‍රදේශයේ ධෛර්යය සමිපන්න මිනිස්සුන්ගෙන් පරිපූරණ වූවක් යයි ජනවහරේ පවතී. තවද මාතර වාසීන් බලි තොවිල් හදි හූනියම් වලට ඉතා දක්ෂ යයි විශ්වාසයක් ජනවහරේ පවතී. ලංකාවේ වෙනත් පළාත් වල ජීවත් වන බොහෝ අයගේ උපන්බිම මාතර ය. ලංකාවේ ජනප්‍රිය ව්‍යපාරිකයන් විශාල ප්‍රමාණයක ගේ උපන්බිම මාතර ය. පහත දැක්වෙන්නේ එයින් කිහිපදෙනෙකි. නවලෝක සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ ජිනසේන සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ උපාලි සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ මැලිබන් බිස්කටි සමාගමේ නිර්මාතෘ දාස සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ හවුස් ඔෆ් ෆැෂන් නිර්මාතෘ හරිස්චන්ද්‍ර මිල්ස් නිර්මාතෘ එසේ ම බොහෝ ගත්කතුවරුන්ගේ නිජබිම ද මෙය යි. අත්තුඩාවේ සිරි රාහුල හිමි මුණිදාස කුමාරතුංග දෙනගම සිරිවර්ධන එමෙන් ම මෙහි ඇති රන් දූපත උපෝසථාගරය ද බොහෝ ජනතාවගේ නෙත් සිත් පිනවන මනරම් පුණ්‍ය භූමියකි@ මැතිවරණ කොට්ඨාශ මාතර වැලිගම දෙවිනුවර හක්මන අකූරැස්ස දෙනියාය කඹුරුපිටිය විශ්වවිද්‍යාල රුහුණු විශ්ව විද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය උසස් අධ්‍යපන ආයතන කාර්මික විද්‍යාලය ,මැද්දවත්ත, මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙන මාතර වෘත්තීය අධ්‍යාපන ආයතන ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු ආධිකාරිය, මාතර/NAITA පාසල් රාහුල විද්‍යාලය මාර/කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලය මාතර දික්වැල්ල විජිත විද්‍යාලය සුජාතා විද්‍යාලය ශාන්ත තෝමස් විද්‍යාලය සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය ශාන්ත සර්වේසස් විද්‍යාලය ශාන්ත මරියා කන්‍යාරාමය මහින්ද රාජපක්ෂ විද්‍යාලය-මාතර බෞද්ධ විද්‍යාලය-මාතර සාරිපුත්‍ර විද්‍යාලය-මාතර මහාමායා විද්‍යාලය-මාතර මාතර මධ්‍ය මහා විද්‍යාලය ජනාධිපති විද්‍යාලය-මාතර නාරන්දෙණිය ජාතික පාසල ගුණරතන විද්‍යාලය - පාලටුව මාර/පරදුව කනිෂ්ඨ විද්‍යාලය තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය අකුරැස්ස මහා විද්‍යාලය- අකුරැස්ස. ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල) තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය මාර/කෝන්ගල මධ්‍ය මහා විද්‍යාලය-හක්මණ මාර/යටියන මහ විදුහල මාර/තලල්ල උතුර මහා විද්‍යාලය-කැකණදුර මාර / අපරැක්ක ම විදුහල - අපරැක්ක මාර/රදාවෙල කනිෂ්ඨ විද්‍යාලය මාර/කරගොඩ උයන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය http://www.mataracity.com/ http://www.mataracity.com/htm/history.htm මාතර පරිපාලන දිස්ත්‍රික්කය
3849
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
දඹුල්ල
දඹුල්ල නගරය, කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය පිහිටන බවටද , නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගරය උදම් අනයි. මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි. ඉතිහාසය ක්‍රි. පූ 7වන සිට 3වන සියවස පමණ ඈත කලක සිටම මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව විශ්වාස කෙරේ. ලෙන් තුලැති පිළිම හා සිතුවම් ක්‍රි.පූ 1වන සියවස කාලයට අයත් බව කාලනිර්ණය කර ඇත. එනමුදු, මෙම සිතුවම් හා පිළිම ක්‍රි.ව. 11වන, 12වන හා 18වන වලදී පිළිසකර කොට යලිදු සායම් ආලේප කොට ඇති බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටුවහල්ව ගතකල වසර 14 දිගැති විප්‍රවාසය තුලදී (වට්ට ගාමිණී අභය‍ ලෙසද හැඳින්වුනු) වළගම්බා රජ හට රැකවරණය සැපයූ ස්ථානය ලෙස මෙම ලෙන සැලකේ. එකල මෙම ලෙන තුල ධ්‍යාන පුරමින් වැඩ විසූ ‍බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පිටුවහල්ව සිටි රජු හට, ඔහුගේ සතුරන්ගෙන් රැකවරණය සැලසූහ. ක්‍රි.පූ 1වන සියවසෙහිදී වලගම්බා රජු නැවත සිංහාසනාරූඪ වූ විට, දඹුල්ලේ භික්ෂූන් වහන්සේට කලගුණ සලකනු රිසි ව, දඹුල්ලේ මනස්කාන්ත ලෙන් විහාරයක් කරවීය. ප්‍රාග්-ඓතිහාසික (වසර 2700 පැරැණි) මානව ඇටසැකිලි හමුවූ දඹුල්ල අසබඩ ඉබ්බන්කටුව ප්‍රාග්-ඓතිහාසික සුසාන භූමිය, විද්‍යාත්මක විශ්ලේෂන අනුව හෙළිදරව් කරනුයේ, ශ්‍රී ලංකාවට බුද්ධාගම සම්ප්‍රාප්ති වීමට බොහෝ කලකට පෙර මෙම ප්‍රදේශයෙහි ශිෂ්ඨාචාරයන් පැවැති බවය. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව වසර 2700 කට පෙර කලකදී (ක්‍රි.පූ 750) පවා කෘෂිකර්මය පදනම් කරගෙන පුරාතන ජනයා මෙම ප්‍රදේශයෙහි විසූ බවට සාධක පෙන්නුම් කරයි. දඹුලු ලෙන් විහාරය මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම......... සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි........ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ. ලෙනෙහි ප්‍රගතිය කාලානුරූප ලෙස ක්‍රි.පූ 7වන සිට 3වන සියවස: ආදි වැසියන් ක්‍රි.පූ 1වන සියවස: සිතුවම් හා පිළිම ක්‍රි.ව 5වන සියවස: ස්ථූපය ගොඩනැඟිනි ක්‍රි.ව 12වන සියවස: හින්දු දෙවිවරුන්ගේ පිළිම එකතු වීම ක්‍රි.ව 18වන සියවස: දැනට අප දකින බොහෝ ‍දෑ නිමැවීම ක්‍රි.ව 19වන සියවස: අමතර ලෙනක් හා තවද සිතුවම් එකතු වීම ක්‍රි.ව 20වන සියවස:යුනෙස්කෝ පුනරුත්ථානය හා ආලෝකකරණය ආශ්‍රිත දඹුල්ල නියමුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා පුවේණිය යුනෙස්කෝ ලෝක උරුමය දඹුල්ල ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ නගර සඳහා පාරම්පරික නම් වැලක් බාහිර සබැඳි ඩිස්කවර් ශ්‍රී ලංකා - දඹුල්ල විහාරය පිළිබඳ තවද විස්තර හා රූප ගූගල් අර්ත් හි දඹුල්ල මෙයද බලන්න ශ්‍රී ලංකාවේ ස්ථාන නාම ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
3858
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB
කළුතර
කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 45 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍ර‍‍යෙනි. එකො‍‍‍ළොස්වන ශත වර්ෂයේදී දකුණු භාරතීය චෝල පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපය ‍‍ ‍පොල් සහ පොල් කොහු කර්මාන්තය ත් පොල් රා කර්මාන්තයත් සඳහා පසිඳුය. සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත. ජනගහනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පෙරේරා ප්‍රනාන්දු හෝ ද සිල්වා ආදී යටත් විජිත වාසගම් භාවිතය මෙම කලාපයේ සුලභ දසුනකි. මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර පළාත හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු ‍කොන්ක්‍රීට් පාලමද වෙයි. ඉතිහාසය කළුතර ශිෂ්ඨාචාරය බිහිවීම කළුතර යන නාමය කළුතොට යන නාමයෙන් බිඳී පැමිණි නාමයකි.කළුගංතොට නාමය කළුතොට වී පසුව කළුතර වී තිබේ. ඉතිහාසයේ කළුතර පිළිබඳව සඳහන්වන මුල්ම එක් අවස්ථාවක් වන්නේ චෝල කුමරෙකු වූ පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරු තම අගනුවර බවට කළුතර පත් කරගත් නිසාවෙනි.(කාලතිත්ථ).අනෙක් අවස්ථාව කළුතර ත් බෙන්තරත් අතර යොදුන්පහේ ගම හෙවත් පස්‍යොදුනේ ගම මහා පැරකුම්බා රජතුමා විසින් වගා කළ අවස්ථාවේදීය. රජරට රාජධානි නිරිත දිගට විතැන්වීම ඇරඹුන දඹදෙණි යුගයේදී දෙවනි පැරකුම්බා රජු බෙන්තොට ගලපාත විහාරය වැඳීමට පැමිණි ගමන තුල යළි කළුතර පිළිබඳ සඳහන් වේ.ගම්පහ යුගයේදී යාපනේ දෙමළ රාජ්‍යයේ ආර්‍ය චක්‍රවර්ථී රජුන් පානදුරේ පසුකරමින් කළුතර දක්වා මුහුදු බඩ ජනතාව පෙළමින් බදුගත් බව සඳහන් වේ.(රාජාවලිය).ගම්පල සහ කෝට්ටේ යුගවලදී රචිත සංදේශ කාව්‍යවල කළුතර සහ එහි පිහිටි විහාරය(ගඟතිලක විහාරය-කළුතර බෝධිය)පිලිබඳ අනර්ඝ විවරණ සඳහන් වේ.මෙම සෑම සංදේශ කාව්‍යය කම කළුතර පිහිටා ඇති ස්ථානය නිවැරදිව පොතුපිටිය සහ කලමුල්ල ගම් වලට මැදිව පිහිටි බව සඳහන් වේ. කළුතර පිළිබඳ කෝට්ටේ යුගයේදී බොහෝ තොරතුරු අසන්නට ලැබේ. හයවෙනි පැරකුම්බා රජුගේන් පසු රජකමට සොලී රටින් තින්තාඩු මුඩිත්ත පෙරුමාල් තෙන්නකෝන් කුමරු ගෙන්වූ බව සඳහන්වේ.(රාජාවලිය)එම කුමරුට ලංකා රාජ්‍ය හිමි නොවුණ නිසා ජීවත් වන කලක් ඔහුට භුක්ති විදීමට ත් ඉර  හඳ පවතින තාක් ඔහුගේ පරපුර ට භුක්ති විදීමට කෝට්ටේ චිත්‍රකූඨ මළුවේදී තුඩුගල විසිදාගම ඇතුළු රයිගම් කෝරලයේ සහ පස්දුන් කෝරලයේ ගම් සියයක් නින්දගම් කරවා දුන්නේය.කළුතර ද ඒ අතරින් එක් ග්‍රාමයකි. තුඩුගල තෙන්නකෝන් රජපවුල එදා සිට අද දක්වා කළුතර ප්‍රාදේශීය රාජ්‍යයේ නාමමාත්‍රික රජුන් ලෙස වෙසෙයි(තුඩුගල බණ්ඩාරවලිය -ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගේ මවගේ පාර්ශවය ).කෝට්ටේ යුගයේ අවසාන සමයේ කළුතර පෘතුගීසි බලය ශක්තිමත් වූ අතර කළුතර වාඩිලාගෙන සිටි ප්‍රතිගාලුන් ට පහරදුන් කුමරෙකු පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වේ.ඔහු සීතාවක ධර්මසූරිය බණ්ඩාර කුමරුගේ පුතු ධර්මසේන කුමරු යි.(කතෝලික නාමයක් පැවතුන බවට මතයක් ද වේ.) යකුන්දූවේ මාළිගයේ සිට තම්මිට බණ්ඩාර කුමරියගේ(ධර්මසේන කුමරුගේ මව) ඇවටිලි කිරීම නිසාවෙන් කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වෙත පක්ශව ක්‍රියා කළත් පසුව පෘතුගීසි විරෝධී පිළිවෙතක් ගෙන ගියේය.(රිසිමන් අමරසිංහ ) ධර්මසේන කුමරු ට සහය පතා මාදම්පේ සිට සලාගම කුලයේ නැව් හතක සේනාව පැමිණි බවත් ඔවුන් වස්කඩුව ප්‍රදේශයේ පැළපදියම් වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.(වර්ශකණ්ඩරාෂ්ට්‍ර).සලාගම සේනාව කලුතර ප්‍රතිගාල් වාඩියට පහරදී ප්‍රතිගාලුන් දින දෙකක් එළවා දැමූ අතර පසුව පානදුරේ තොටුමුණ තුල බලය තහවුරු කරගන තිබේ.(මහදම්පා ටිප්පණිය) වීදියේ බණ්ඩාර කුමරු කළුතර සැඟව සිටිමින් කතෝලික විරෝධී පිළිවෙතක් ගෙන ගියේය .වීදියේ බණ්ඩාර කුමරුගේ සහයක හල්ස්ෆ්ඩෝරප් කන්දේ (වුල්ෆන්ඩාල් කන්දේ)දොන් සුසෙව් විසින් කලමුල්ලේ කතෝලික දේවස්ථානය විනාශ කළ පසු ප්‍රතිගාල් සේනා පැමිණීම වලකණුවස් කටුපඳුරු දමා කලමුල්ලේ උතුරු පිවිසුම අවහිර කළ අතර වත්මන් කටුකුරුන්ද යනු එම භූමියයි(සුසෙව්හේවගේ පරපුරේ පරම්පරා තෝම්බුව-බුවර් 1956). ඉතිහාසය තුල කළුතර පුරවර අනුස්මරණය වූ දරුණු කුල සංග්‍රාම ඇරඹෙන ළද්දේ පෘතුගීසි යුගයෙන් පසුවයි.පෘතුගීසි සමයේ මාදම්පේ සිට විශාල සලාගම පිරිසක් ගොඩබැස වස්කඩුව දේශාස්ත්‍ර සහ කලමුල්ලේ පදිංචි වූ නිසාවෙන් පැවති කරාව කුල ආධිපත්‍යය දෙදරා ගියේය.කරාව කුලයේ ගම් සලාගම කරනය වූවේය. මෙනිසාම කරාව සලාගම ගැටුම් කළුතර පුරවර ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවිය. කළුතර ට උතුරු දෙසින් වස්කඩුව සලාගම බලවත් භූමියක් වූ අතර කළුතර සලාගම පිරිස් වෙත පහරදීමෙන් පසුව කරාව පිරිස් වෙතට පිටවීමේ දොරටු කලමුල්ලේ න් සහ වස්කඩුවෙන් අවහිර වන බව දුටු කරාව කුලයේ පිරිස් නිහඬ සීතල යුද්ධයක් ආරම්භ කළේය. ප්‍රතිගාලුන් ක්‍රි.ව.1621දී කළුතර ගඟතිලක වෙහෙර බිඳදමා කළුතර බලකොටුව ඉදිකිරීම ඇරඹුවේය. ජේසු බිළිඳු දෙව්මැදුර ,වවස්කඩුවේ දුමින්ගූ දෙව්මැදුර ඉදිවීමෙන් පසු කළුතර ප්‍රදේශයම කතෝලිකයන් වූවේය. බෞතීස්ම නිසාවෙන් කතෝලික වාසගම් භාවිතය ජනප්‍රිය විය.(දොන් බස්තියන් ද සිල්වා).කළුතර නගරයේ සිට දකුණු දෙසින් පිහිටි වැල්ලේග්‍රාමයක් වූ මොල්ලිගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වූ සුසෙව්හේවගේ සලාගම කුලයේ පිරිස් කළුතර ලංදේසි සමයේ බලවතුන් ලෙසින් නැගී ආවේය.මොල්ලිගොඩ වලව්ව වේ සුසුසෙව්හේවාගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විසින් ලංදේසින්ට බදු ගෙවා කළුතර වරාය බඳුගෙන කරවූ බව සඳහන් වේ(සුසෙව්හේවගේ පරම්පරා තෝම්බුව-බුවර් 1956) මෙකළ කළුතර වරාය කුරුඳු වෙළදාමේ මූලස්ථානයක් ලෙසින් නැගී ආ අතර සුසෙව්හේවගේ පරපුරු සහ ද සේරම්(සරම් මුදලි)පරපුරු කළුතර සමාජයේ සියළු කටයුතු වලදී මූලිකත්වය ගත් පතාක යෝධයන් සේ සිටියේය.(වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්)කතෝලික සහ රෙපරමාදු ක්‍රිස්තියානි ගැටුම් ලංදේසි සමයේ කළුතර ආශ්‍රිත සුලභ දසුනක් වූ අතර එය එකම කුලයේ උප කුල ගැටීමක් දක්වා වර්ධනය විය.(සලාගම කුලයේ ඉහල උප වර්ග සහ හින්නාවන් අතර ගැටුම්-වස්කඩුව පොතුපිටිය ගැටුම්,කලමුල්ල ඈතගම ගැටුම්).මෙම ගැටුම් වල ආරම්භය සෑම විටකම කළුතර ට දකුණින් පිහිටි හින්න කුලයේ මුදුන් මල්කඩ බඳු පොතුපිටියේ ඇරඹී අවසන් වන්නේ කළුතර රපෝර්තු කාර්‍යාලයේදීය. ලංදේසි කොටුව 1797 වසරේදී ඉංග්‍රීසි විසින් අත්පත් කරගත් අතරම එහි කච්චේරිය පිහිටුවා තිබුණි.එතැන් පටන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්‍යාලය ලෙස කළුතර පත් විය පසිඳු මුල් බැසගත් කුල භේදය මෙම කුල ගැටුම් බොහෝ විට සලාගම කරාව සහ සලාගම කුලයේ උපසමාජ ගැටුම් වේ(හින්න හාලි ගැටුම්).පෘතුගීසි ලංදේසි සහ ඉංග්‍රීසි යුග වල දී කළ ගණනය කිරීමකට අනුව කුල ගැටුම් මගින් 1449ක් ජීවිත විනාශ වී පැවති බව සඳහන් වේ(කච්චේරි වාර්ථා කිරීම කළුතර සහ පානදුරේ තොටුමුණ -බුවර්) ප්‍රාදේශීය දේවවන්දනාව විශ්ණු දෙවි යැදීම සුදර්ශන දෙවි යැදීම දෙවොල් දෙවි යැදීම. ළමා බණ්ඩාර යැදීම පත්තිනි දේවිය යැදීම ප්‍රකට චරිත පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් රජතුමා වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි පොතුපිටියේ ගිරිගෝරිස් රාළහාමි ආතර් ද සිල්වා පඬිකාර මුදලියර් නගරය හා සම්බන්ධ ආශ්‍රිත ප්‍රධාන ගම් සහ ඒවායේ ඉතිහාසය සංචාරක ආකර්ෂණ කළුතර බෝධිය - වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. කළුතර විහාරය - කළුතර පාල‍මේ දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ. කළුතර බලකොටුව - කළුතර පිහිටි බලකොටුව 1622 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ථමානයේ මෙම බලකොටුව දැකගත නොහැකි වේ. කැළිඩෝ වෙරළ - දේශීය හා විදේශීය සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වෙරළ තීරයකි. රිච්මන්ඩ් කාසල් - 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරකි. කළුතර ශ්‍රී ලංකාවේ ස්ථාන ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ