cheranga-uom
added si-ta data
c7c24dc
si_900061039_0 ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් මෙන්ම ප්‍රධාන හා උප ප්‍රධාන ඉංජිනේරුවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තා.
si_900061039_1 ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
si_900061039_2 නෞකාවේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කර සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැමිණියා.
si_900061039_3 එහිදී නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13 ක් හා උප ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
si_900061039_4 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකුයි විමර්ශන ක්‍රියාත්මක කරන්නේ.
si_900061039_5 ඊට අදාළව විශේෂඥ මත හා සාක්‍ෂි ද ලබා ගැනීමට නියමිත අතර නීතිපතිවරයාගෙන් අද දිනයේදී වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
si_900061039_6 මීගමුව මාඔයේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීම වළක්වමින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.
si_900061039_7 එසේ වුව ද අනෙකුත්  මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරතවීමට කිසිඳු ආකාරයක බාධාවක් නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කළා.