{"Header": ["\nරනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංගය හකුලා ගන්නවා – නිශාන්ත මුතුහෙට්ටිගම"], "Time": ["\n03 Apr, 2018\t", "| 6:54 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2018/04/03/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92/", "Content": "COLOMBO (Newsfirst) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංග යෝජනාව හකුලා ගැනීමට සූදානම් බව වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ පස්වරුවේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. එම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි."} |