text
stringlengths
0
1k
3කි. ඔවුන්ගේ බදු ගෙවීම් අනුව නම් එම පවුලේ ආදායම ඇ.ඩො. මිලියන 4.2 කි. එය 2006 වසරට ඩා ඇ.ඩො. මිලියනයකින් , 2005 ටවඩා ඇ.ඩො. මිලියන 1.6 ක වැඩිවීමක් වන අතර බොහෝ විට එය ඔහු ගේ පොත් අලෙවිය නිසා ඇතිවූ තත්වයක් බවට සඳහන්ය.ඔබාමා පැසිපන්දු ක්‍රීඩකයෙකි, ඔහු විශ්ව විද්‍යාලයට සහභාගී වූ කාල සීමාවේ ද පැසිපන්දු කණ්ඩායම් සාමාජිකයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව ද ඔබාමා දුම්පානය නැවැත්වීම සඳහා වූ ව්‍යාපාරයක නිරත වූ අතර එය බොහෝ දෙනා‍ අතර ප්‍රසිද්ඩියට පත් වූවකි. ඔබාමා ‘චිකාගෝ ට්රි බියුන්’ පුවත්පතට ප්‍රකාශ කලේ තමා දුම්පානයට ඇබ්බැහි වූවකු නොවන බවයි තම බිරිඳ ගෙන් ලැබුණු අයෝමය සහාය හේතුවෙන් අවුරුදු කිහිපයක සිට තමාට දුම්පානයට විරුද්ධ වීමට හැකි වූ බව ඔබාමා පවසයි. 2008 ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ Associated Press ආයතනයෙන් පැවැති සමීක්ෂනයට මුහුණ දෙමින් ඔබාමා ගෙන් තම ප්‍රියතම වෘත්තිය කුමක් දැයි යන පැනයට ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි පිළිතුරු ලබා දුන්නේය. තවද ඔබාමා ගෙන් තම සැඟවුණු දක්ෂතාව කුමක් දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කලේ තමා ඉතා හොඳ ‘පෝකර්’ ක්‍රීඩකයකු බවයි.ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන්
කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි ප්‍රතිඵල පිළිබඳවයි. ඔහු ඉතා හොඳ සමාජ සංවිධායක වරයෙකුගේ භූමිකාව ද හොඳින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු අප්‍රිකානු-ඇමරිකානු සංස්කෘතියකින් ලබාගත හැකි සමාජ වෙනස් කිරීම පිළිබඳව තේරුම් ගැනීමට මුල් විය. තවද ඔහු 1992 සිට චිකාගෝහි ‘ට්‍රිනිටි’ එක්සත් ක්‍රිස්තියානි සංගම් සාමාජිකයකු ද වන්නේය.පොත්[සංස්කරණය]ඔඩිසිටි ඔෆ් හොප් (The Audacity of hope)[සංස්කරණය]ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්‍රකාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවූ ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නග‍රයෙහි ගෙවුනු ඔහුගේ විද්‍යාල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්‍රන්ථයෙන් ආමන්ත්‍රණය
කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්‍රථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්‍ය ග්‍රන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැමී සම්මානයෙන් සම්මානයට පාත්‍ර කරනු ලැබීය. ඔහුගේ දෙවන ග්‍රන්ථය වූ The audacity of hope: Thoughts on reclaiming the American dream 2006 ඔක්තෝබර් මස දී ප්‍රකාශයට පත් වුණු අතර ඉතා ඉක්මනින් ඔහු නිව්යෝර්ක් ටයිම්ස් හොඳම විකිණුම්කරුවන්ගේ ලයිස්තුවෙහි ඉහලටම පැමිණියේය. චිකාගෝ ට්‍රිබියුන් (Chicago Tribune) ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ පොත්වලට අත්සන් තැබීමේ අවස්ථාවල එකතු වූ විශාල ජනකායක් ඔහුගේ ජනාධිපති සඳහා තරඟ ව
ැදීමේ තීරණයට බලපෑම් එල්ල කළ බවයි. හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගැරී හාර්ට් පවසා සිටින්නේ පොතෙහි ස්වං චිත්රශය නිරූපණය කර සිටින්නේ “අත්දැකීම්වලින් යුත් සාපේක්ෂව තරුණ මිනිසෙක්, මිනිස් තත්ව ගැන පුළුල් නිරීක්ෂකයෙක් හා විභූතිය පිළිබඳ සලකනු ඇති ලිවීමේ හැකියා හා ප්‍රබල උත්සාහයෙන් යුත් මිනිසෙක්” බවයි. නැවත පරීක්ෂකවරයෙකු වන මයිකල් තොමස්කි කියා සිටින්නේ “ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ වල්මත් බවින් එලියට ගන්නා නව නීති නියෝග” එහි ඇතුළත් නොවන නමුත් එමඟින් පෙන්වන්නේ ‍ “ඇමරිකානු ජනතාවගෙන් වඩා වැඩි පරාසයකට ආමන්ත්‍රණය කරන වර්ධනාත්මක නමුත් පුද්ගල සම්ප්‍රදායන් මත පදනම් වී ඇති නව දේශපාලනයක් තැනීම” ඔබාමාගේ අරමුණ බවයි. 2008 පෙබරවාරි මස දී ඔහු Audacity හි වචන උච්ඡාරණ සංස්කරණය සඳහා වූ ග්රැමී සම්මානය දිනා ගන්නා ලදී. පොතෙහි වෙනත් භාෂා සංස්කරණ ඉතාලියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ප්‍රංශ, ඩෙන්මාර්ක හා ග්‍රීක භාෂාවලින් ප්‍රකාශයට පත් වී ඇත. ඉතාලියානු සංස්කරණය 2007 අප්‍රේල් මස දී ප්‍රකාශයට පත් වූ අතර එහි පෙරවදන හිටපු රෝම නඟරාධිපති වූ, ඉතාලියෙහි ප්ර්ජාතන්ත්ර වාදී පක්ෂයේ වර්තමාන නායකයා වන හා ඔබාමාගේ මුල්ම පිටරට සහායකයන්ගෙන
් කෙනෙක් වූ වෝල්ටර් වෙල්ට්රෝනි විසින් සපයා ඇත. සංස්කෘතික දේශපාලනික ප්‍රතිරූපය[සංස්කරණය]සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ ප්‍රසිද්ධ රූපයට ඇලුම් කරන්නට ඇත. එය පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික ඉතිහාසය හා බලපොරොත්තු ප්‍රක්ෂේපනය කළ හැකි උදාසීන පුද්ගලතාවක් විය. ඔහුගේ පවුලේ මුලාරම්භය පිළිබඳව වූ ඔබාමාගේ කතා 2004 නිව් යෝර්ක සඟරාව මගින් ඔහුගේ එව්රි මෑන් ප්‍රතිරූපය ලෙස විස්තර කරන දෙය සවි ගන්වයි. ඔහුගේ Dreams from my father හිදී ඔහු ඔහුගේ මවු පක්ෂයේ පවුල් ඉතිහාසය, ඇමරිකානු මුතුන් මිත්තන්ට හා ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර දී දකුණු කන්ෆෙඩරසි යේ ජනාධිපති වූ ජෙෆර්සන් ඩේවිස්ගේ දුරස්ථ ඥාතීන්ට සම්බන්ධ කරනු ලබයි. US සෙනෙට් සභාව සඳහා වූ 2004 මැතිවරණයේ දී යුදෙව් සභාවකට කතා කිරීමේ දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්‍රිකානු මුල් නම වූ බැරැක්, ආශිර්වාදලත්තා යන තේරුම ඇති යුදෙව් භාෂාවේ Baruch වචනයට සම්බන්ධ කරන ලදී. 2006 ඔක්තෝබර් මස දී The Oprah winfrey show පිළිබද වූ සම්මුඛ පරීක්ෂණයක දී ඔහු‍ ඔහුගේ විස්තෘත පවුලෙහි වූ විවිධත්වය මතුකර දක්වන ලදී. “අපි නත්තලට හෝ ප්‍රණාම පිදීමක් සඳහා එකට එක් වූ වි
ට එය කුඩා එක්සත් ජාතීන්ගේ සංගමය වැනි යයි මිචෙල් ඔබට පවසනු ඇත.” යැයි ඔහු පැවසීය. තවද ඔහු “මට බර්නි මැක් ගේ රූපයට සමාන නෑදෑයින් මෙන්ම මාගරට් තැචර්ගේ රූපයට සමාන නෑදෑයින් ද සිටී. අපට සියලු දෙනා සිටී.” ඔහුගේ කෙන්යානු පියා හා අප්‍රිකානු මව සමඟ වූ හොනලුලූ හා ජකර්තා හි ඔහුගේ හැදී වැඩීම හා ඔහුගේ මුල් කාලීන අධ්‍යාපනය, ඔහුගේ මුල් කාලීන අත්දැකීම්, 1960 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර හරහා අප්‍රි‍කා ඇමරිකානු දේශපාලනඥයන් මඟින් නිකුත් කර ඔවුන්ගේ සේවා වාර්තාවට වඩා බෙහෙවින් වෙනස් වේ. 2007 ජනවාරි මස දී The end of blackness හි කතුවරයා වූ ඩෙබ්රාව ඩිකර්සන් ඔබාමා ගේ දේශපාලනික නැගිටීමෙන් වූ රුචිකත්වයට බඳුන් වන සංස්කෘතිකමය ගම්මානවලට එරෙහිව අනතුරු ඇඟවීය. ඩිකර්සන් Salon හි දී ලියා සිටියේ “වර්ධනයේ ඇති වීමක් ලබා දෙන අතරතුර වහල්බවේ විශේෂත්වය මකා දමා වර්ගවාදය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.” චිත්‍රපට විචාරකයකු වූ ඩේවිඩ් අර්න්ස් ටෙයින් 2007 මාර්තු මස දී ලියන ලද ලොස්‍ඇන්ජලීස් ටයිම්ස් ලිපියක් ඔබාමාගේ සුදු මිනිසුන් අතර වූ ඡන්ද ව්‍යාපාරයේ සංස්කෘතික බව ,හොලිවුඩ් චිත්‍රපටවල කළු ජාතික නළුවන් මඟින් රඟ දක්වන ලද “Magical Negro” චර
ිත සමඟ සංසන්දනය කරයි. ඔහු ඇති තරම් කළු ද යන්න පිළිබඳ වූ ප්‍රශ්නයක් ගැන 2007 අගෝස්තු මස පැවති කළු ජාතික මාධ්‍යවේදීන්ගේ ජාතික රැස්වීමේ දී බැරැක් ඔබාමා ප්‍රකාශ කර සිටියේ මෙම විවාදය ඔහුගේ භෞතික පෙනීම හෝ කළු ඡන්ද දායකයන් සඳහා වූ සැලකීම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි වූ ඔහුගේ වාර්තා පිළිබඳව නොවන බවයි. 2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික ප්‍රතිරූපය පිළිබඳ ලිපියක දී ඉයුජීන් ‍රොබින්සන් විසින් ඔහු දෙවර්ගයේම පුද්ගලායනයක්, දේශපාලනික තෝරාගැනීම් ඉවත දමන පණිවිඩකරුවෙක් හා 1960 සංස්කෘතික ගැටුම්වලින් එපිටට ජාතිය මෙහෙයවිය හැකි පුද්ගලයෙක් ලෙස වර්ගීකරණය කළේය. ඔබාමා විසින් The Audacity of hope හිදී “අන්තිමට, ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස ඔහුව හැඳින්වීම සෙනෙට් සභික බව වැඩිපුර ප්‍රදර්ශනය කරනවා යැයි පවසමින් ප්‍රගතිශීලී විචාරකයකු වූ ඩේවිඩ් සිරෝටා මඟින් විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති තනතුර දක්වා යාමට මධ්‍යස්ත තීරු ලේඛකයකු වූ ජෝර්ජ් විල් මඟින් සවිබල ගන්වා ඇත. නමුත් 2006 දෙසැම්බර් මස දී වෝල් ස්රීට් ජර්නල්හි කතුවැකියේ සඳහන් වන්නේ “සම්භවයක් නොමැති මිනිසා” ලෙසයි. රොනල්ඩ් රීගන් හා පෙගී නූනන
් අනෙක් අයටත් අවවාද කර සිටින්නේ ඔබාමාගේ තවමත් මුල් කාලයේ පවතින දේශපාලනික ඉතිහාසය ගැන මෙතරම් ඉක්මනින් උද්වේගයට පත් නොවන ලෙසයි. ජෝන් එෆ්. කෙනඩිගේ පළමු ඇමතීම නැවත ප්‍රකාශ කර සිටීමෙන් 2007 ඔක්තෝබර් මස ඡන්ද රැස්වීමක දී ඔබාමා ඔහුගේ තරුණ ප්‍රතිරූප‍ය වර්ධනය කර ගත්තේය. එම වදන් පෙළ වූයේ “කාලය හා නැවත නව පරම්පරාව කරා පන්දම යවා නොතිබිණි නම් මම මෙතන නොසිටීමට ඉඩ තිබිණි.”සාමාජිකත්වය දැරු කමිටු[සංස්කරණය]2006 දෙසැම්බර් මාසය තුල ඔබාමා, විදේශ කටයුතු, පාරිසරික සහ මහජන සේවා, විශේෂඥ කටයුතු, සම්බන්ධ සෙනෙට් කමිටු වල නියමිත වැඩ කොටස ඉටු කිරීමෙන් පසු 2007 ජනවාරියේදී ඔහු ඉන් ඉවත් වී, සෞඛ්යව, අධ්‍යාපන, කම්කරු සහ විශ්‍රාම වැටුප් අංශ වල කටයුතු කළේය. යුරෝපා කටයුතු පිළිබඳ සෙනෙට් උප කමිටුවේ සභාපති ලෙසද පත් විය.සෙනෙට් විදේශ කටයුතු කමිටුවේ සමාජිකයෙකු ලෙස සහ නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග, සහ අප්‍රිකාව යන රටවල නිල සංචාරයන්හි යෙදුනේය. 2005 අගෝස්තුවේදී රුසියාව, යුක්රේන් සහ අසර්බයිජානයටද ගියේය. මෙම ගමන් වල පරමාර්ථය වූයේ ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමේ ප්‍රථම උපාය මාර්ගයක් ලෙස න්‍යෂ්ඨික අවි, ජීව විද්යායත්මක අවි සහ සමූල ඝාතණ
අවි ලෝක ව්‍යාප්තව සැපයීම පාලනය කිරීමයි. 2006 ජනවාරි මස කුවේට් සහ ඉරාකයේ එක්සත් ජනපද හමුදාව හමුවීමෙන් අනතුරුව ඔහු ජෝර්දාන්, ඊශ්රාකයල් සහ පලස්තීන ප්‍රදේශවලටද ගියේය. හමාස් සංවිධානය නීත්‍යානුකූලව ඡන්දය ජය ගැනීමට සති දෙකට පෙර පලස්තීන ශිෂයයින් සමග ඔබාමා පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ "ඔවුන්ගේ මුලින් කළ යුතු කාර්යයක් ලෙස ඊශ්‍රායලය ඉවත් කිරීමේ අදහස අස් කර නොගන්නේනම් එක්සත් ජනපදය විසින් ජයග්‍රාහී හමාස් කණ්ඩායම පිළිගන්නේ නැත" යනුවෙනි. 2006 අගොස්තුවේදී ඹහුගේ තෙවැනි විදේශ නිල සංචාරය ආරම්භ කරමින් දකුණු අප්රිළකාව, කෙන්යා, ජිබුටි, ඉතියෝපියා සහ චැඩ් රාජ්‍ය යන් වෙත ගියේය. නයිරෝබි විශ්ව විද්‍යාලයේදී ඔහු දේශපාලන දූෂිත තත්වයන් සහ ජනවාර්ගික වශයෙන් බෙදී තරඟකාරී ලෙස කටයුතු තිරීම ගැන දේශනයක් පැවැත්වීය. මෙම දේශනය කෙන්යානු නායකයින් අතර මතවාදයක ආරම්භයක් විය. ඇතැමෙකු ඔබාමාගේ ප්‍රකාශය අභියෝගයට ලක් කළ අතර ඇතැමෙක් ඔහුට පක්ෂව කථා කළහ.ඉරාක යුද්ධය පිලිබඳ ඔබාමාගේ මතය[සංස්කරණය]ඔබාමා ඉරාකය සම්බන්ධයෙන් වූ බුෂ් පරිපාලනයේ ප්‍රතිපත්ති වලට කලින්ම එ‍රෙහි වූ විරුද්ධවාදියෙකි.2002 ඔක්තෝබර් 2 වැනි දින බුෂ් සහ කොංග්‍රසය ඉර
ාක යුද්ධය අනුමත කරමින් ඒකාබද්ධ යෝජනාවකට එකග වන ලදී. ඔබාමා පළමු වරට චිකාගෝ ෆෙඩරල් ප්ලාසා හිදී ඉරාකයට විරුද්ධව යුද වැදීමට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන ලදී.2003 මාර්තු 16 දින ජනාධිපති බුෂ්, එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඉරාකයෙන් පිටවන ලෙස සදාම් හුසේන්ට පැය 48ක අවසන් නිවේදනය නිකුත් කරන ලදී. ඔබාමා එදිනම ඩැලි ප්ලාසා හිදී චිකාගෝ යුද විරෝධී විශාලම රැලිය අමතමින් රැස් වූ පිරිසට පවසා සිටියේ යුද්ධය නැවැත්වීමට තවමත් ප්‍රමාද නොමැති බවය.ඔබාමා 2004 එක්සත් ජනපද සෙනෙට් සභික තනතුර සදහා වු ඔහුගේ ව්‍යාපාරයේදී ඉරාක යුද්ධය සදහා අනුමැතිය දෙමින් සහාය දක්වන ලද රාජාතාන්ත්‍රික මූලික විරුද්ධවාදීන් ගෙන් තමා වෙනත් අයෙකු බව හැදින් වීම සදහා සහ ඔහුගේ 2008 එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඉරාක යුද්ධය අනුමත කරමින් ඡන්දය ලබා දුන් ප්‍රධාන විරුද්ධවාදීන් සිව්දෙනා (සෙනෙට් සභික වරුන් වන ක්ලින්ටන්, එඩ්වර්ඩ්ස් බීඩන් සහ ඩොඩ්) අතුරින් තමා වෙනස් කොට හැදින්වීම සදහා ඉරාක යුද්ධය බරපතල ප්‍රශ්නයක් වීමට පෙර ප්‍රසිද්ධියේ විරුද්ධත්වය දැක්වීය.2006 නොවැම්බර් මාසයේදී ගෝලීය කටයුතු පිළිබදව චිකාගෝ කවුන්සිලය අමතමින්
ඉරාකයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව අදියරෙන් අදියර ආපසු කැදවිය යුතු බව සහ සිරියාව හා ඉරානය සමග පුහද සාකච්ඡා ආරම්භ කළ යුතු බව ඔබාමා විසින් දක්වන ලදී. 2007 AIPAC ඊශ්‍රායලයට පක්ෂ ලොබියකට කරන ලද දේශනයකදී පවසන ලද්දේ ඉරානය න්‍යෂ්ටික ආයුද නිපදවීමෙන් යුද වාර්තාවරණ තුල වුවද වලක්වා ප්‍රධාන ක්‍රමය වනුයේ වලකා ගත හැකි සාකච්ඡා මගින් හා ජාත්‍යාන්තර සබදතා හරහා බවය. ඔබාමා විසින් සදහන් කරන ලද්දේ කොන්දේසි රහිතව ඔහු විසින් කෙලින්ම ජනාධිපති සබදතා ඉරානය සමග ඇති කරනු ලබන බවය. 2007 අගොස්තු මාසයේදී ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබද ඔහුගේ උපායන් සදහන් කරමින් ඔබාමා ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජනපද රහස් ඔත්තුසේවය විසින් පකිස්ථානයේ ෆෙඩරල්වාදී පාලනයට යටත් ගෝත්‍රික කණ්ඩායම් වෙ‍සෙන ප්‍රදේශයන්හි සිදුවන බවට තහවුරු කර තිබූ අල්කයිඩා නායකයින්ගේ 2005 රැස්වීමට එරෙහිව ක්‍රියා නොකිරීම බරපතල වරදක් බවය. ජනාධිපති වශයෙන් සමාන අවස්ථාවක් පකිස්ථාන රජයේ උපකාරය නොමැති වුවද ජනාධිපති වශයෙන් ඔහු අත් නොහරින බවද ප්‍රකාශ කරන ලදී.2005 දෙසැම්බර් මාසයේදී වොෂින්ටන් පෝස්ට් අදහස් තීරුවෙහි සහ 2006 අපරි‍වයෙල් මාසයේ සේව් චාfපර් රැලියේදී
සූඩානයේ චාfපර් කලාපයේ සිදුවන මිනිස් සංහරයට එරෙහිව එඩිතර ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි ඉල්ලා සිටින ලදී. සූඩානය සහ සම්බන්ධ කොටස්, වෙළදපලේ ඔහුට අයිති ඩොලර් 180,000 වූ පුද්ගලික තැන්පතු අත්හැර දමන ලද අතර ඉරානයෙහි වයාි පාරික කටයුතු වල යෙදෙන සමාගම් වලටද එසේ කරන ලෙස බල කෙරින. 2007 ජූලි - අගෝස්තු වලදී ෆොරින් එෆෙයාර්ස් (විදේශ කටයුතු) සගරාවේ ඔබාමා විසින් පැහැදිලි පශ්චාත් ඉරාක යුද ප්‍රතිපත්තියක් සහ ඇමෙරිකානු හමුදාවේ නව තත්ත්වයක්ද, ජාත්‍යාන්තර සම්බන්ධතා සහ ලොක නායකත්වයේ සදාචාර සම්පන්න බවක්ද සමච්චලයට අයැද සිටින ලදී.අපට ලොකයේ පසු බැසීම නොහැකි මෙන්ම ඉදිරිපත් කෙරෙන කරුණු ලක් කිරීම නොකල යුතු හෙයින් ක්‍රියාවෙන් හා ආදර්ශයෙන් පෙරමුණ ගන්නා ලෙස ඔහු ඇමෙරිකානුවන් ගෙන් ඉල්ලා සිටින ලදී.ඔබාමා විසින් ඩිමොක්රෙටික් පාක්ෂිකයින් හට කිතු දහමට අනුකූලවීමටද, අනෙකුත් ආගමික පුද්ගලයින්ට කිට්ටු වීමද උනන්දු කරවීය. 2006 දෙසැම්බර් මාසයේදී ඔහු දේවස්ථාන නායකයින් වූ කේ සහ රික්වොරන් විසින් සංවිධානය කරන ලද “ඒඩ්ස් සහ දේවස්ථාන පිළිබද ලෝක සමුළුවේදී (Global Summit of ADS and the Church)” සෙන් සෑම් බ්‍රවුන්බැක් (R-KS) සංවිධානයට එක් විය
.කෙන්යාවේදී මාස 4කට අඩු කාලයකදී පරික්ෂා කර තිබියදීත් වොරන් සහ බ්‍රවුන්බැක් සමග HIV පරීක්ෂණයනට පෙනී සිටින ලදී. ප්‍රසිද්ධ ජීවිත ගත කරන අනෙකුත් අයද පරීක්ෂණයට පෙනී සිටීමට උනන්දු කරන ලද අතර එසේ කිරීමට ලැජ්ජා නොවන ලෙසද සදහන් කරන ලදී. සම්මේලනයට ප්‍රථම ගබ්සාව හා සහන ඝාතන තහනම් කරන මෙන් ඉල්ලා සිටින කණ්ඩායම් 18ක් නීත්‍යානුකූල ගබ්සාව සදහා ඔබාමාගේ සම්බන්ධය දක්වමින් විවෘත ලිපියක් ප්‍රසිද්ධ කරන ලදී. ගබ්සාවට සෙනේටර් ඔබාමාගේ පක්ෂපාතීත්වය නොසලකා හැරීම පිළිබදව රික්වෝරන්ගේ තීරණයට තදින් විරුද්ධ වන බවද ඔහු පල්ලියෙන් ඉවත් විය යුතු බවද එහි සදහන් කරන ලදීග 2007 ජූනි මාසයේදී එක්සත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයින් 8000කට වැඩි පිරිසක් අමතමින් බෙදී සිටීමේ තත්ත්වයෙන් ඵල නෙලා ගැනීමට දැඩි වුවමනාවක් සියල්ලන්ට ඇති බවට ක්‍රිස්ටියන් රයිට් සංවිධානයේ ඊනියා නායකයින්ට අභියෝග කරන ලදී.References[සංස්කරණය]විමධ්‍යගත හැක්ටිවිස්ට් කණ්ඩායමක්සැකිල්ල:SHORTDESC:විමධ්‍යගත හැක්ටිවිස්ට් කණ්ඩායමක්ඇනෝනිමස්(Anonymous)නිර්නාමික සමග පොදුවේ සම්බන්ධ වන ලාංඡනයක්. "හිසක් නැති මිනිසා" නිර්නාමිකභාවය සහ නායකයෙකු නොමැති සංවිධානය නියෝජනය කරයි.
[1]ගයි ෆෝක්ස් වෙස් මුහුණු පැළඳ නිර්නාමික ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින පුද්ගලයන්.සංස්ථාපනයආ. 2003වර්ගයබහු භාවිත නම/ඇවටාර්අතථ්‍ය ප්‍රජාවස්වේච්ඡා සංගමයඅභිප්‍රායවිරෝධී සයිබර් නිරීක්ෂණසයිබර් වාරණයට එරෙහි වීමඅන්තර්ජාල ක්‍රියාකාරීත්වයඅන්තර්ජාල සුපරීක්ෂාකාරීත්වයMembership විමධ්‍යගත සම්බන්ධතා කණ්ඩායමඇනෝනිමස් යනු විමධ්‍යගත ජාත්‍යන්තර ක්‍රියාකාරිකයෙකු සහ හක්ටිවිස්ට් සාමූහිකයක් සහ ව්‍යාපාරයක් මූලික වශයෙන් රජයන්, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන, සංස්ථා සහ විද්‍යාවේ පල්ලියට එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර සඳහා ප්‍රසිද්ධය.මෙහි ආරම්භය 2003 රූප පුවරුව 4chan මත බොහෝ සබැඳි සහ නොබැඳි ප්‍රජා පරිශීලකයින්ගේ සංකල්පය නියෝජනය කරමින් "අරාජික", ඩිජිටල්කරණය වූ "ගෝලීය මොළය" හෝ "hivemind" ලෙස එකවර පවතින බවයි.[2][3][4]ග්‍රැෆික් නවකතාවේ සහ චිත්‍රපටිය "V for Vendetta" හි නිරූපිත ශෛලියේ ගයි ෆෝක්ස් වෙස්මුහුණු පැළඳීමෙන් ඇනෝනිමස් සාමාජිකයින් ('ඇනෝන්' ලෙස හැඳින්වේ) සමහර විට ප්‍රසිද්ධියේ වෙන්කර හඳුනාගත හැකිය.[5] සමහර සාමාජිකයින් හඬ වෙනස් කරන්නන් හෝ පෙළ-කට-කථන වැඩසටහන් හරහා ඔවුන්ගේ කටහඬ වසන් කිරීමට ද තීරණය කරයි.එක්සත් ජනප
දය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළු රටවල නිර්නාමික සයිබර් ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. කණ්ඩායමේ ක්‍රියාවන් සහ කාර්යක්ෂමතාවය පිළිබඳ ඇගයීම් පුළුල් ලෙස වෙනස් වේ. ආධාරකරුවන් කණ්ඩායම "නිදහස් සටන්කාමීන්" සහ ඩිජිටල් රොබින් හුඩ් ලෙස හැඳින්වූ අතර විචාරකයින් ඔවුන්ව විස්තර කර ඇත්තේ "සයිබර් ලින්ච් මැර පිරිසක්" හෝ "සයිබර් ත්‍රස්තවාදීන්" ලෙසිනි. 2012 දී, ටයිම් (සඟරාව) ඇනෝනිමස් ලෝකයේ "වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන්" කෙනෙකු ලෙස හැඳින්වීය. නිර්නාමිකගේ මාධ්‍ය පැතිකඩ 2018 වන විට අඩු වූ නමුත්, "ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා" සහ වෙනත් හේතූන් සඳහා සහය දැක්වීම සඳහා කණ්ඩායම 2020 දී නැවත මතු විය.[6][7]මූලාශ්‍ර[සංස්කරණය]↑ "Gabriella Coleman on Anonymous". Brian Lehrer Live. February 9, 2011. සම්ප්‍රවේශය March 24, 2011 – via Vimeo.↑ Landers, Chris (April 2, 2008). "Serious Business: Anonymous Takes On Scientology (and Doesn't Afraid of Anything)". Baltimore City Paper. June 8, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්
‍රවේශය July 3, 2008.↑ Oltsik, Jon (December 3, 2013). "Edward Snowden Beyond Data Security". Network World. April 7, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය December 4, 2013.↑ Winkie, Luke (February 11, 2015). "The Ballad of Rog and Tyrone". The Verge (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය August 16, 2021.↑ බලා සිටිනවා, රෝසි. BBC පුවත් https://www.bbc.co.uk/news/magazine-15359735. සම්ප්‍රවේශය ඔක්තෝබර් 20, 2011. {{cite news}}: Missing or empty |title= (help); Unknown parameter |දිනය= ignored (help); Unknown parameter |මාතෘකාව= ignored (help)↑ Griffin, Andrew (June 1, 2020). "'Anonymous' is back and is supporting the Black Lives Matter protests". The Independent.↑ Molloy, David; Tidy, Joe (June 1, 2020). "The return of the Anonymous hacker collective". BBC."එක්ස්" ග්‍රහලෝක සංකල්පයෙහි නිර්මාතෘ වන පර්සිවල් ලොවෙල්තාරකා විද්‍යාවෙහිදී ‘Planet X’ හෙවත් නොදත් ග්‍රහලොව නමින් සලකනුයේ නෙප්චූන් ග්‍රහලොවට ඔබ්බෙන් වූ න්‍යායාත්මක ග්‍රහ වස්තුවකි. මෙම සංකල්පය ගොඩ නගනු ලැබුයේ වා
යු යෝධයන්ගේ විසංගත හැසිරීම් තර්කානුකූලව පහදාදීම සඳහා විය. ප්‍රධානවම මෙම සංකල්පය මගින් විමර්ශනයට ලක් කෙරුණු ග්‍රහලෝක වූයේ යුරේනස් හා නෙප්චූන්ය. මෙම ග්‍රහලෝකවල කක්ෂවල වූ අපගමනයන් පිළිබඳව නිරාකරණය කරගනු ලැබුයේ 1980 දශකයේ දීය.‘X’ යනුවෙන් අදහස් කරනුයේ රෝම ඉලක්කම්වලින් “10” යන සංඛ්‍යාව නොව “නොදත්” යන අදහසය. මෙම සංකල්පය ගොඩනගන ලද අවධියේ අප දැන සිටියේ ග්‍රහලෝක 8ක් ගැන පමණක් බැවින් එම කාලයේ දී මෙය “නවවන ග්‍රහලොව” නමින් ද හැඳින්වූ අවස්ථාවන් එමටය. එසේම 1930 න් පසු 1990 දී මෙම සංකල්පය ඉවත් වීමට පටන් ගන්නා තෙක්ම “දසවන ග්‍රහලොව” නමින් ද හැඳින්විය. කෙසේ වුවද , අදවන විට ‘Planet X’ යනුවෙන් තාරකා විද්‍යා අයවළුන් සලකනුයේ කල්පිත වස්තුවකි.‘Planet X’ සෙවීමේ ගැඹුරු නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්ලූටෝ සොයාගැනුණද එය ‘Planet X’ ලෙස නොසලකයි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ වාර්ෂික සැසියේදී “එරිස්” ග්‍රහකය ග්‍රහලොවක් ද නැත් ද යන්න පිළිබඳව සලකා තිබුණි. (2006 ග්‍රහලෝක පිළිබඳ නැවත අර්ථ දැක්වීම අනුව) කෙසේ වුවද ජනප්‍රිය සංස්කෘතිය අනුව ‘Planet X’ සලන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සොයා නොගත් ග්‍රහලෝකයක් ලෙසිනි.X ග්‍රහලොව - විෂ
මතාවයේ ආරම්භය[සංස්කරණය]බොහෝ තාරකා විද්‍යාඥයින් 20 වන සියවස ආරම්භයේ සිටම නෙප්චූන් ග්‍රහලොවට එපිටින් තවත් ග්‍රහලෝකයක් පැවතීම පිළිබඳව අනුමාන කළහ. නෙප්චූන් ග්‍රහලොව ගණිතඥයින් වන ජෝන් කව්ච් ඇඩම් (John Couch Adams) සහ අර්බේන් ලෙවෙරියර් (Urbain Le Verrier) විසින් ගණිතමය ගණනය කිරීම් මගින් සොයාගත් අතර ඒ සඳහා යුරේනස් , සෙනසුරු සහ බ්‍රහස්පතිගේ ගණිතමය පෙරයීම් සහ සැබෑ නිරීක්ෂණ අතර පැවති විෂමතා හේතු පාදක විය.නෙප්චූන් සොයාගැනීමෙන් පසුව ඉහත සඳහන් ග්‍රහයින්ගේ කක්ෂවල සුළු වෙනස්කම් දක්නට ලැබූණු අතර නෙප්චූන් ග්‍රහයාගේ ද කක්ෂයේ විෂමතා දක්නට ලැබිණි. මෙය නෙප්චූන්ගෙන් එපිට ද තවත් ග්‍රහලොවක් පැවතිය හැකි බවට සාක්ෂියක් ලෙස පෙන්වා දෙන ලදී.අගහරු ග්‍රහයා මත ඇළ මාර්ග ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් ප්‍රකට වූ “පර්සිවෙල් ලොවෙල්” (Percival Lowell) මෙම කල්පිත ග්‍රහලොව “X ග්‍රහලොව” (Planet X) ලෙස හැඳින්විය. ඔහු මේ ග්‍රහලොව සෙවීමට අසාර්ථක සෙවීම් 2ක් ක්‍රියාවට නැංවූ අතර පළමු වර සෙවීම X ග්‍රහලොව තිබිය හැකි යැයි අනුමාණ කළ ස්ථානය සංශෝධනය කිරීමෙන් 1909 දී අවසන් වූ අතර දෙවැන්න ලොවෙල් විසින් X ග්‍රහයාගේ පරාමිතියේ ගණිතමය කල්පිත ප්‍
රකාශයට පත් කිරීමෙන් පසු 1913 ආරම්භ කර 1915 දී අවසන් විය. එම වසරේ ඔහු තම නිරීක්ෂණාගාරයෙන් ලබා ගත් ජායාරූපවල ප්ලූටෝ ග්‍රහයාගේ දීප්තියෙන් හීන ප්‍රතිබිම්භ සටහන් වී තිබූ නමුත් අවාසනාවකට මෙන් ඔහුට එකල එය සැබැවින් හඳුනාගත නොහැකි විය.හොංකොංහි පාරිභෝගිකයෙක් වෙතින් ඇඳුම් මැසිමට මිනුම් ලබා ගන්නා සන්නාලියෙක්.ඇදුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි. මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇදුම් කබායන් කලිසම් හා ඒහා ආශ්‍රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැදින්වීමට යෙදෙයි. මෙම වදන මගින් හැදින්වෙන්නේ සාම්ප්‍රදායික ජැකට්ටු නිර්මාණය සදහා විශේෂිත අත් හා මැහුම් යන්ත්‍ර හා කූට්ටනය කිරීමේ තාක්ෂණික ක්‍රම කාණ්ඩයක්ය. මසන ලද ඇදුම් බෙදා හරින්නන් ඔවුන්ගේ සහය විවිධ නගර වලට යමින් අන්තර් ජාතිකව ලබාගන්නා අතර එමගින් පාරිභෝගිකයන්ට දේහීය වශයෙන් මිනුම් ලබාදීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි. සාම්ප්‍රදායික මැසුම් කරණය එක්සත් රාජධානියේ දී Besp
oke මැසුම් කරණය ලෙස හදුන්වන අතර එහි වෙළදාමේ හදවත ලන්ඩන්හි සැවයිල් රෝහි පිහිටා ඇති අතර භාවිත (Uuston) මැසුම් කරණයේ හදවත පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ හා හොංකොන්හිය. මෙහිදි මිනුමට අනුව සාදා ඇති ඇදුම් නොව පෙර පැවති රටා භාවිතයට ගනී. බෙස්පෝක් ඇදුමක් සම්ප්‍රර්ණයෙන්ම එම අදාල පාරිභෝගිකයාට අනන්‍ය වේ. ප්‍රසිද්ධ ප්‍රබන්ධ ඇදුම් මසන්නන් අතරට The Emperor’s Clothes හා The Brave little Pailor හි ඇදුම්මසන්නන් ඇතුළත් වෙයි. වඩාත් නූතන මාතෘකාව වන්නේ ජෝන් ලේ කේයාගේ The Tailor of Panama ඇදුම් මැසිම හා සම්බන්ධ වදන්[සංස්කරණය]ඇඳුමක් නිම කිරිමට පෙර සිදුකරන පැලඳ බැලිමක් (ෆිට්ටොන්).ටේලර් මෙඩ් යනු ලෝම හෝ ට්වීඩ් කබායකින් හා කමීසයකින් යුත් කාන්තා ඇදුමකි. මෙම නම භාවිතයට පැමිණියේ එඩ්වර්ඩියානු යුගය අතර තුරදීය.නාම විශේෂණයක් ලෙස ටේලර් මේඩ් යන්න ටේලර් වරයෙකු විසින් නිපද වන ලද ඇදුමක් හෝ ඇදුම් විලාසිතාවක් මෙමගින් ඇග වෙයි. ඒවා වෙන්කර ගත හැක්කේ කැපුම් වල සරළ බව හා උසස් නිමාව මගින්රෝඩියෝ ඇදුම් මසන්නා යන පදය දේශීය හා බටහිර සංගීතඥයන්ගේ ඇදුම් නිපදවන්නන් ගේ වදනක් වන අතර ඒවා වෙන්කොට ගන්නේ අත් වල වු ඉතා විශාල එම්බ්රොයිඩර්, අරුමෝ
සම් දියමන්ති වලින් පොහොසත් වීම හා ඊතල හැඩති පොකට් වැනි කවුබෝයි විස්තර වලිනි.සමහරක් යෙදීම් වලදී ටේලර් යන්න වෙනස් කිරීම්, ඇදුම් මැසීම යන්න ඇඟ වීමටද යෙදේ.මැසුම් වෘත්තීය කරුවෙකු යන මැසීමෙන්, ඉගැන්වීමෙන් මැසීම පිළිබද ලිවීමෙන් හෝ මැසීම් අවශ්යතා විකිණීමෙන් ඔවුන්ගේ ජීවිතය ගෙනයන මිනිසුන්ය. ඔවුන් ඔවුන්ගේ නිවසෙන් පිටත චිත්රගාරයක හෝ සාප්පුවක පුර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව කටයුතු සිදු ක හැක. ඔවුන් පහත දැක්වෙන උප විශේෂිතා එකකට හෝ කිහිපයකට අයත්විය හැක. කස්ටම් ටේලර්වරු - ඔවුන් වරකට එකක් බැගින් ඇනවුම් වලට අනුව ස්වාධීන පාරිභෝගිකයන්ගේ අවශ්යතා සැපිරෙන පරිදි ඇදුම් නිර්මාණය කරයි.කස්ටම් ඇදුම් නිර්මාණ කරුවන් - දෛනික ඇදුම් වෘත්තිය ඇදුම්, හවස් හෝ මංගල ඇදුම් ක්රිඩා ඇතුළත් කාන්තාවන්ගේ ඇදුම් පිළිබද විශේෂඥතාවක් දක්වයි.ටේලර් වරයෙකු ජැකට්ටු හා කලිසම් හෝ සායවල් මිනිසුන් සහ ගැහැණුන් උදෙසා නිපදවයි.වෙනස්කරන්නන් - වෙනස්කරන්නන් යනු සම්පුර්ණ කරන ලද ඇදුම් වෙනස් කරන (සාමාන්යයෙන් නිමි ඇදුම්) හෝ ඒවා වල විලසිතා අලුත් කරන පුද්ගලයන්ය. සියළු” ටේලර්වරුන්ට වෙනස් කිරීම් සිදු කළ හැකි වුවත් සියළු වෙනස්කරන්නන්ට ඇදුම් මැසීම සිදු කළ න
ො හැක.නිර්මාණ කරුවන් - නිර්මාණ කරුවන් අදාල ඇගලුම සදහා රේඛා, කොටස්, වර්ණ හා වයන සංයුක්ත ගැන සීතිම සිදු කරයි. ඔවුන්ට මැසීමේ හෝ රටා නිර්මාණය කිරීමේ හැකියා තිබීම හෝ නොතිබීම සිදුවිය හැකි අතර ඔවුන් විසින් ඇඟලුම් කටුසටහන් ගත කිරීම හෝ සංකල්පනය කිරීම නොකරනු ඇත. ඔවුන්ට ඇඟලුම ඇත්ත වශයෙන්ම තනන්නේ කෙසේ ද යන්න දන්නා පුද්ගලයන් සමග වැඩ කිරීමට අවශ්ය අතර එසේ නොමැති නම් කටු සටහනක් වම පවතිනු ඇත.රටා නිර්මාණ කරුවන් - රටා නිර්මාණකරුවන් ඇගලුමෙහි විවිධ කොටස් වල හැඩ හා ප්රමාණ අත් මගින් කඩදාසි හා මිනුම් මෙවලම් යොදා ගෙන හෝ පරිගණකය මගින් ඔටෝ කැඩ් වැනි මෘදුකාංග භාවිතයෙන් හෝ පතොරමක් මගින් කටු සටහන් ගත කිරීම සිදු කරනු ලබයි. එමගින් නිර්මාණය වන රටා කොටස් වලට ඇඟලුමෙහි බලාපොරොත්තු වන සැලසුම අයත් වන අතර එය අපේක්ෂිත පලදින්නාට ගැලපිය යුතුය.වෝඩ් රෝබ් උපදේශකයා, විලාසිතා උපදේශකයා - යනු සේවා දායකයෙකු සදහා උචිත විලාසිතා හා වර්ණ යෝජනා කරන පුද්ගලයෙකි. බොහෝ විට මොවුන් සේවයෙහි යොදා ගන්නේ නිළියන් හා හෝටිකෝචර් ඇගලුම් පළඳින පුද්ගලයන් විසිනි.සීම්ස්ට්රස් - යනු වාටි එකට වසා තබන පුද්ගලයෙකි. වෙනත් වචන වලින් ද සටහනකින් හෝ සිරුරකට ගැලපෙන
පරිදි ඇදුමක් නිර්මාණය කිරීමට හැකියාවක් නැති කර්මාන් තශාලාවක වැඩ කරන යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු මෙම වදන ඇදුම් නිර්මාණකරුවාට සමානව නොයෙදේ.http://en.wikipedia.org/wiki/Pattern_%28sewing%29මානව ජනගහණ ඝනත්වය[සංස්කරණය]ජනගහන ඝනත්වය (people per km2) ලොකයේ, 2006ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් පමණ වන අතර,[1] පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි.[2] එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප[සංස්කරණය]With population above 1 millionRankරට/කලාපයජනගහනයභූමි ප්‍රමාණය (km2)ඝනත්වය (Pop. per km2)1 සිංගප්පූරුව5,183,70071073012 හොංකොං7,061,2001,10463963 බහරේන්1,234,59675016464 බංග්ලාදේ
ශය152,518,015147,57010345 තායිවානය (R.O.C)23,361,14736,1906466 මොරිෂස්1,288,0002,0406317 කොරියාව, දකුණු50,219,66999,5385058 රුවන්ඩාව10,718,37926,3384079 නෙදර්ලන්තය16,760,00041,52640410 ලෙබනනය4,224,00010,452404With population above 10 millionRankරට/කලාපයජනගහනයභූමි ප්‍රමාණය(km2)ඝනත්වය (Pop. per km2)1 බංග්ලාදේශය152,518,015147,57010342 තායිවානය (R.O.C)23,361,14736,1906463 කොරියාව, දකුණු50,219,66999,5385054{ රුවන්ඩාව10,718,37926,3384075 නෙදර්ලන්තය16,760,00041,5264046 ඉන්දියාව1,210,193,4223,185,2633807 හයිටි10,413,21127,7503758 බෙල්ජියම11,007,02030,5283619 ජපානය127,290,000377,94433710 පිලිපීනය98,678,000300,076329මේවාද බලන්න[සංස්කරණය]ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවලෝක ජනගහනයජනගහනය අනූව ආසියාවේ රටවල් ලැයිස්තුවසටහන[සංස්කරණය]Human_population_density↑ යූ.එස්. ඇන්ඩ් වර්ල්ඩ් පොපියුලේෂන් ක්ලොක්ස්. Census.gov. සම්ප්‍රවේශය 2011-12-10.↑ වර්ල්ඩ් සංරක්ෂණය කළ පි
ටපත 2010-01-05 at the Wayback Machine. සීඅයිඒ වර්ල්ඩ් හෑන්ඩ්බුක්ශ්‍රී ලාංකික නළුවෙක් (1927-2011)සැකිල්ල:SHORTDESC:ශ්‍රී ලාංකික නළුවෙක් (1927-2011)ජෝ අබේවික්‍රම Joe Abeywickramaඋපතගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම1927 ජූනි 22රත්නපුර, ශ්‍රී ලංකාවමිය යාම21 September 2011(2011-09-21) (වයස 84)ජාතිකත්වයශ්‍රී ලාංකිකරැකියාවනළුවාසක්‍රීය වසර1955-2011සංගණ්‍ය වන්නේශ්‍රී ලාංකේය සිනමාවේ කිරුළ පැළඳි දෙවන රජුසංගණ්‍ය කෘතියසාරවිටහි "සාරයියා" පුර හඳ කළුවරහි "වන්නිහාමි" බද්දේගමහි "සිලිඳු"දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම (උපත 1927 ජුනි 22 - විපත 2011 සැප්තැම්බර් 21), හෙවත් ජෝ අබේවික්‍රම, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] 1950 දශකයේ මුල් භාගයේ විකට නළුවෙකු ලෙස මුලදී ප්‍රසිද්ධියට පත් වූ අබේවික්‍රම, විචාරක පැසසුමට ලක් වූ සම්මානනීය නාට්‍ය රංගනයන් කිහිපයක් සමඟින් සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපට නළුවෙකු බවට පත්විය.[2][3][4][5] ඔහු සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මාන 18ක් දිනාගෙන ඇත.[6] අබේවික්‍රම 1999 දී පුර හඳ කළුවර චිත්‍රපටයේ ශෝකයට පත් පිය
ෙකුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම ආසියානු නළුවාට හිමි රිදී තිර සම්මානය දිනා ගත්තේය.[7]ඔහු ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ කිරුළු පැළඳි රජෙකු ලෙස ප්‍රචලිතව සිටින අතර කිරුළු පැළඳි සිනමා වීරයන් තිදෙනා අතරින් මිය ගිය දෙවැන්නා ඔහුය. (මිය ගිය පළමු සිනමා රජු ගාමිණී ෆොන්සේකා වන අතර තිදෙනාගෙන් අවසන් වරට මිය ගියේ ටෝනි රණසිංහ ය.[8] 1966 දී ඔහු ෆිල්ම්ෆෙයාර් සිනමා උළෙල සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නළුවා බවට පත්විය.[9]පෞද්ගලික ජීවිතය[සංස්කරණය]අබේවික්‍රම රත්නපුර ලෙල්ලෝපිටියේ 1927 ජුනි 22 වන දින උපත ලැබූ අතර හැදී වැඩුණේ ග්‍රාමීය ප්‍රදේශයක ය. ඔහු දරුවන් හතර දෙනෙකුගෙන් වැඩිමලා විය. ඔහුගේ වටපිටාව ඔහු තුළ ස්වභාවධර්මය සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ දැඩි ඇගයීමක් ඇති කළේය.[10] ඔහුගේ පියා ජෝන් ඩොයිලි සමඟ සමීප මිතුරෙකු වූ නිසා ජෝට ඔහුගේ නම ලැබුණි. වයස 15දී පමන ජෝ අබේවික්‍රම පනාමුරේ සිදුකල ලංකාවේ අවසන් අලි ගාල සියැසින් දැකඇත. පසුකාලීනව පනාමුරේ අවසන් අලි ගාලේ සැබෑ සිදුවීම පලිබඳව සමාජය දැනුවත් වීම‍ට ඔහුගේ මතකය ඉවහල්විය.ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ලෙල්ලෝ
පිටියට නුදුරු දිප්පිටිගල මිශ්‍ර පාසලෙනි. අනතුරුව ද්විතීයික අධ්‍යාපනය සඳහා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් විය. අධ්‍යාපනයෙන් පසු ලෙල්ලෝපිටිය සමූපකාරයේ කළමනාකරු ලෙස කටයුතු කළේය. 1940 ගණන්වල ඔහු කොළඹ පදිංචි වී සිරිසේන විමලවීරගේ නවජීවන චිත්‍රාගාරයේ වැඩ කිරීමට පටන් ගත්තේය. මුලදී කාර්යාලීය වැඩකටයුතුවලට සීමා වූ අබේවික්‍රම අවසානයේ චිත්‍රාගාරයෙන් රත්නපුරේ තිරගත වූ චිත්‍රපටවලට සම්බන්ධ විය. ඔහු චිත්‍රාගාරයේ සිටියදී චිත්‍රපට කර්මාන්තය අභ්‍යන්තරිකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගත් අතර ඔහුගේ නිවාඩුව මත දේවසුන්දරී චිත්‍රපටයෙහි භූමිකාවක් ලබා ගත්තේය.[11]වෘත්තීය ජීවිතය[සංස්කරණය]අබේවික්‍රම සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යෙනි. 1955 දී එම්.එච්. විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දේවසුන්දරී’’ චිත්‍රපටයේ හාස්‍යමය චරිතයක් සමඟින් ඔහු සිනමා රංගනයට පිවිසියේය. ඉන්දියාවේ සිට චිත්‍රපට තැනූ ශ්‍රී ලාංකිකයෙක් වන මුනාස්.[4] අබේවික්‍රමගේ පළමු කැපී පෙනෙන භූමිකාව වූයේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සරදම චිත්‍රපටයේ කුහුඹුවන් එකතු කරන විකේන්ද්‍රික පොලිස් නිලධාරි ලෙසිනි. ඔහ
ු තම මිතුරිය වූ ෆ්ලොරිඩා ජයලත්ගේ සහය ඇතිව එම චරිතය ලබා ගත් අතර එය ඔහුගේ පළමු සැබෑ භූමිකාව සහ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස සලකයි.[11] "සිරිමලී", "නලගන", "පිරිමියෙක් නිසා", "කොළඹ සන්නිය" සහ "දරුවා කාගෙද" වැනි මුල් චිත්‍රපට සියල්ලේම ඔහු විකට නළුවෙකු ලෙස කැපී පෙනෙන චරිත ඉදිරිපත් කළේය. ඉන්පසුව 1962 දී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රථම වරට රඟපෑ රන්මුතු දූව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනා කරන ලදී.[12] 1956 දී ඔහු ප්‍රේම්නාත් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී 296 චිත්‍රපටයේ "විකට රහස් පරීක්ෂක" ලෙස චරිතයක් කළේය.ඉන්පසු වසරවලදී ඔහු දීපශිකා, සොල්දාදු උන්නැහේ, චණ්ඩියා, ස්වීප් ටිකට්, අල්ලපු ගෙදර, එක්ටැම් ගේ, සහ සාරවිට වැනි විචාරක පැසසුමට ලක්වූ චිත්‍රපට කිහිපයකම නාට්‍යමය චරිත රැසකට පෙනී සිටියේය.[13] 1965 දී ඔහු සාරවිට චිත්‍රපටයේ "සාරයියා" චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේය.[14] 1971 දී ඔහු ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයේ "ගෝරින් මුදලාලි" ලෙස රඟපෑවේය.[15][11] මෙම චිත්‍රපටය දේශීය චිත්‍රපට උළෙලවලදී සම්මාන කිහිපයක් ලබා ගත් අතර එය ශ්‍රී ලංක
ාවේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස සැලකේ.[16][17] ඔහු 1970 දී මහගම සේකරගේ තුං මං හන්දිය' චිත්‍රපටයේ ද රඟපෑවේය. ඔහුගේ අනෙක් කැපී පෙනෙන රංගනයන් ගැටවරයෝ හරහා "සේමනේරිස්" ලෙසත්, සැඩොල් කඳුළු චිත්‍රපටයේ "ගොළු සේවකයා" ලෙසත් සිදු විය. සැඩොල් කඳුළු චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු පසුව හොඳම නළුවාට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය.[18] ඔහු ජාත්‍යන්තර සහ දේශීය සිනමා උළෙලවල් ඇතුළුව සම්මාන හතළිහක් දිනා ගත්තේය.[19]ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද බැද්දේගම චිත්‍රපටයේ ඔහු "සිලිඳු" ලෙස විචාරක පැසසුමට ලක්වූ චරිතයක් නිරූපණය කළේය. 1982 දී එම චරිතය ඔහුට හොඳම නළුවා ලෙස තවත් සරසවිය සම්මානයක් ලබා දුන්නේය. ඔහුගේ දෑස නිසා චිත්‍රපටයේ "නිරුදක" චරිතය ද විචාරක පැසසුමට ලක් වේ. ඔහු පීටර් ඔෆ් ද එලිෆන්ට් සහ ද ත්‍රී යෙලෝ කැට්ස් යන ඉංග්‍රීසි චිත්‍රපට දෙකක ද පෙනී සිටියේය. 2001 දී ඔහු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පුර හඳ කළුවර චිත්‍රපටයේ රඟපෑවේය. මෙම චිත්‍රපටය සිංහල සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන සලකුණක් ලෙස සැලකේ. ඔහු 12 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ චිත්‍රප
ටයේ “වන්නිහාමි” චරිතය වෙනුවෙන්.[18] ඔහුගේ අවසාන චිත්‍රපට භූමිකාව පැමිණියේ සෙල්වම් චිත්‍රපටය හරහාය. ඔහු මිය යන තුරු චිත්‍රපට 172 ක රඟපා ඇති අතර ඉන් 62 ක ප්‍රධාන නළුවා ලෙසත් ඉතිරි 110 ක සහාය නළුවෙකු ලෙසත් රඟපා ඇත. ඔහු ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නළුවා ද විය.[12]සිනමාවට අමතරව, ඔහු මල් යහනාව, බැරි සිල් (1960) සහ කැලේ මල් (1962) වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද පෙනී සිටියේය.[20] ඒ වගේම අඳුරු කොළ, වනස්පති, ගම්පෙරළිය, සකිසඳ එළියස්, ඇසළ කළුවර වැනි රූපවාහිනී කතාමාලා රැසකද ඔහු රංගනයෙන් දායක වුණා. ජනප්‍රිය විකට කතා මාලාවක් වන සබඳ පබිලිස් සඳහා පිටපත ද ඔහු විසින් නිර්මාණය කරන ලදී. එම ටෙලිනාට්‍යයේ එන ප්‍රධාන නළු ඇන්ටන් ජූඩ් විසින් ගායනා කරන ලද "උන පුරුකේ බලු වලිගේ" තේමා ගීතය ද ලිවීය. මේ අතර ඔහු ඔහුගේ රූපවාහිනී නිෂ්පාදනයක් වන තහංචි ටෙලි නාට්‍යයේ “වැල් එළියට” ගීතයද ගායනා කළේය.[21] 2004 දී ඔහු සකිසඳ එළියස් රූපවාහිනී කතාමාලාවේ පිටපත ලිවීය.[22]කර්තෘ කාර්යය[සංස්කරණය]අබේවික්‍රම 1972 දී සිය පළමු නවකතාව "මහ බඹට මුහුද දෙකයි" ප්‍රකාශයට පත් කළේය.[10]උරුමය[සංස්කරණය]2020 සැප්
තැම්බර් 21 වන දින, ජෝ අබේවික්‍රම මහතාගේ 9 වැනි ගුණ සමරුව වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පවත්වන ලදී. එය ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරන ලද අතර සවස 6 ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උත්සවයෙන් පසු ඔහුගේ ජනප්‍රිය චිත්‍රපටයක් වන තුං මං හන්දිය තිරගත විය.[21]චිත්‍රපටකරණය[සංස්කරණය]අවුරුද්දචිත්‍රපටියචරිතය1957සරදමpolice officer1959අවිශ්වාසය1959ශ්‍රී 2961959ගැහැණු ගැට1959සිරිමලී1960නගඟන1960පිරිමියෙක් නිසා1961දරුවා කාගෙද1962රන්මුතු දූව1962දේව සුන්‍දරී1963වෙන ස‍්වර්ගයක් කුමටද1963දීපශිකා1964හෙට ප්‍රමාද වැඩියි1964ගැටවරයෝසෙමනේරිස්1964සුබ සරණ සැප සිතේ1964සිතක මහිම1965චණ්ඩියා1965සතුටු කඳුළු1965සාරවිටසාරයියා1965හිතට හිත1965අල්ලපු ගෙදර1965සත පනහ1965ස්වීප් ටිකට්1965ලඳක මහිමමෝහන්1966සැඟැවෙන සෙවනැල්ල1966මහදැන මුත්තාපොල්බෑමූණා1966සැනසුම කොතැනද1966ඇතුල්වීම තහනම්1966සීගිරි කාශ්
‍යප1966කපටිකම1966පරසතු මල්1967Sorungeth Soru1967[මෙනමාලයෝ]]1967දරු දුක1967සැඩොල් කදුළු1968පුංචි බබාසේන1968අක්ක නගෝ1968ඇමති කමමුදලාලි1968දහසක් සිතුවිලිසාගර1968ආදරවන්තයෝ1968අටවෙනි පුදුමය1969සෙනෙහස1969ඔබ නැතිනම්1969නාරිලතා1969හරි මග1969බඩුත් එක්ක හොරු1969උතුම් ස්ත්‍රී1969ප්‍රවේසම් වන්න1969පාරා වළලු1969Pancha1969Romeo Juliet Kathawa1970ලක්සෙට කොඩිය1970තෙවත1970තුංමං හන්දියඅබිලිං1971සීයේ නෝට්ටුව1971වැලි කතරගෝරිං මුදලාලි1971හාරලක්ෂය1972Chandar, the Black Leopard of CeylonFather1972වීදුරු ගෙවල්1973මාතර ආච්චි1973තුෂාරා1973සදහටම ඔබ මගේ1974කළ්‍යානි ගංගා1974ඔන්න බබෝ බිල්ලෝ එනවාජෝ1974නියගලා මල්1975රත්තරන් අම්මා1975Tharanga1974සූරයා සූරයාමයි1975සිකුරුලියාපෞද්ගලික රියදුරු1975සධානා1975කළු දිය දහර1975දෑස නි
සානිරුදක1976වාසනා1976මඩොල් දූවධර්මසිරි ගුරුන්නාසේ1976කොළඔ සන්නියඅන්දරේ1976The God KingSwami1976උන්නත් දාහයි මළත් දාහයි1976ඔන්න මාමෙ කෙල්ල පැනපි1977හිතුවොත් හිතුවාමයි1977යළි ඉපදේ1977සිරිපාල හා රන්මැණිකා1978ගැහැනු ළමයි1978සිරිපතුල1978සෙලිනගේ වළව්ව1978සාරා1978වීර පුරන්අප්පුගොන්ගාලේ ගොඩබණ්ඩා1978බඹරු ඇවිත්ඇන්ටන් මුදලාලි1978Sally1978කුමර කුමරියෝධර්මෙ1978සද වට රන්තරු1979ජීවන කඳුළුවිමල්1979හිඟන කොල්ලාවයියා/දියතලන් මාමා1979රජ කොල්ලෝ1979වසන්තේ දවසක්1979විසිහතර පැය1979හරි පුදුමයි1980ටක් ටික් ටුක්1980Jodu Walalu1980එක්ටැම්ගේWilson1980සීතා1980ආදර රත්නේ1980සිරිබෝ අයියාසිරිබෝ අයියා1980බඹර පහස1980Dandu Monara1980මුවන්පැළැස්ස 21980පාර දිගේ1980Sinhabahu1981කෝළම් කාරයෝ1981Taranga1981බැද්දේගමසිලිදු1981සයුරු තෙර1981සොල්දාදු උන්නැහේ
යුද භටයා1981සතර පෙර නිමිති1981පිංහාමි1981සතර දිගන්තය1982තණ ගිරවිදොස්තර සිරි1982වතුර කරත්තය1982මේජර් සර්1982කැලෑ මල්දාස1982මලට නොඑන බඹරුසනී1982රේල් පාර1982කඩවුනු පොරොන්දුව1983රන් මිණි මුතු1983සදමලී1983සුමිතුරෝ1983නිළියකට පෙම් කළෙමි1983සමුගනිමි මා සැමියණි1983සුබෝධා1983මුවන්පැළැස්ස 31983මොනරතැන්න 21983Peter of the Elephants1983මුහුදු ළිහිණි1984ශිරාණි1984තාත්තයි පුතයි1984පොඩි රාළහාමිපොඩි රාළහාමි1984සසර චේතනා1984Wadula1984හිම කතර1984සහෝදරියකගේ කතාව1985සුද්දිලාගේ කතාවEx-Village Headman1986මල්දෙණියේ සිමියොන්මල්දෙණියේ සිමියොන්1986දෙව් දුවමොහොමඩ්1986පූජාජේමිස් (අලුගෝසුවා - the excecutioner)1986ආදර හසුනArmy officer (Colonel)1987විරාගයඅරවිනදගේ පියා1988රස රහසක්ව්‍යාපාරික1988අංඟුලිමාලදිසාපාමොක්1990පාළම යටමාමා1991ගොළු මුහුදේ කුණාටුවක්පොඩි මහත්
තයා1991චෙරියෝ ඩොක්ටර්මානසික වෛද්‍ය1991ස්ත්‍රීඅප්පුහාමි1992උමයංගනාමුදලි1994අඹු සැමියෝදොස්තර සිරිල්1995අවරගිරK.B. Sethigala1995චෙරියෝ කැප්ටන්කැප්ටන් ඩොන්සන්1996හිත හොද ගැහැනියක්1996ලොකු දුවපුණ්‍යාගේ පියා1996චෙරියෝ ඩාලිංරෝහල් අධ්‍යයන-ප්‍රධානී සහ ස්නායු-භෞතවේදය හාසංජානන-මනෝවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය1996බිතු සිතුවම්සේනක1997සුදු අක්කාBlacksmith1998විමුක්ති2000සරෝජාIndigenous doctor2001පුරහඳ කළුවරවන්නිහාමි2001අස්වැසුමමහළු ගුණේරිස්2006ධීවරීමුදලාලිසම්මාන*සරසවිය සිනමා සම්මාන[සංස්කරණය]වර්ෂයනිර්දේශිත පුද්ගලයා/කෘතියසම්මානයප්‍රතිඵලය1965ගැටවරයෝකුසලතා සම්මානයදිනාගති [23]1966සාරවිටහොඳම නළුවාදිනාගති[24]1982බැද්දේගමහොඳම නළුවාදිනාගති[25]1983මලට නොඑන බඹරුහොඳම නළුවාදිනාගති1986සිනමාවට දායකත්වයරණ තිසර සම්මානයදිනාගති[26]1987මල්දෙණියේ සිමියොන්හොඳම නළුවාදිනාගති[27]1991පාලම යටහොඳම සහය නළුවාදිනාගති1992ගොළු මුහුදේ කුණාටුවක්හොඳම නළුවාදිනාග
ති1993උමයංගනාහොඳම නළුවාදිනාගති1997බිතු සිතුවම්හොඳම නළුවාදිනාගති1998බිතු සිතුවම්හොඳම නළුවාදිනාගති[28]2001පුරහඳ කළුවරහොඳම නළුවාදිනාගතිජනාධිපති සිනමා සම්මාන[සංස්කරණය]වර්ෂයනිර්දේශිත පුද්ගලයා/කෘතියසම්මානයප්‍රතිඵලය1979බඹරු ඇවිත්කුසලතා සම්මානය [29]දිනාගති1980වසන්තයේ දවසක්හොඳම සහය නළුවා [30]දිනාගති1981සිරිබෝ අයියාහොඳම නළුවා [31]දිනාගති1982බැද්දේගමහොඳම නළුවාදිනාගති1983මලට නොඑන බඹරුහොඳම නළුවා [32]දිනාගතිසිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙල[සංස්කරණය]වර්ෂයනිර්දේශිත පුද්ගලයා/කෘතියසම්මානයප්‍රතිඵලය1999පුර හඳ කළුවරහොඳම නළුවා සඳහා රිදී තිර සම්මානයදිනාගතිසුමති සම්මාන[සංස්කරණය]වර්ෂයනිර්දේශිත පුද්ගලයා/කෘතියසම්මානයප්‍රතිඵලය1999නාට්‍ය සඳහා දායකත්වයයූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය2000ඉමදිය මංකඩහොඳම ටෙලිනාට්‍ය නළුවා [33]දිනාගතිශ්‍රී ලංකා ජාතික ගෞරව[සංස්කරණය]වර්ෂයනිර්දේශිත පුද්ගලයා/කෘතියසම්මානයප්‍රතිඵලය2005නාට්‍ය සඳහා දායකත්වයදේශබන්දු[34]දිනාගතියොමු කිරීම්[සංස්කරණය]↑ "Comedians of Sinhal
a Cinema". Sarasaviya. 29 December 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 August 2017.↑ "Remembering Joe". sundaytimes. සම්ප්‍රවේශය 2021-01-11. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "The struggle of the common man for self-dignity is very profound". World Socialist Web Site. Retrieved December 18, 2006.↑ 4.0 4.1 "Joe Abeywickrama passes away" සංරක්ෂණය කළ පිටපත 2011-10-25 at the Wayback Machine. Daily Mirror (Sri Lanka). Retrieved August 05, 2014.↑ "Joe Abeywickrama the actor extraordinaire" සංරක්ෂණය කළ පිටපත 2014-08-08 at the Wayback Machine. Sunday Observer (Sri lanka). Retrieved August 05, 2014.↑ "Sinhala Cinema database" Films lk.Retrieved August 05, 2014.↑ "Awards for Joe Abeywickrama". Internet Movie Database Inc. Retrieved December 18, 2006.↑ "Trinity of Sinhala cinema". Divaina. සම්ප්‍රවේශය 5 May 2019.↑ "First Sri Lankan to participate Filmfare - ෆිල්ම් ෆෙයාර් උලෙළට ගිය මුල්ම ලාංකික නළුවා". Sarasaviya. සම්ප්‍රවේශය 11 Mar
ch 2017.↑ 10.0 10.1 "Meet Joe Abeywickrema, the writer". Sunday Times. 1998. සම්ප්‍රවේශය 2007-05-19.↑ 11.0 11.1 11.2 "Face of a thousand expressions". The Nation. 2006. 2007-09-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-05-19.↑ 12.0 12.1 "Ten years commemoration of Joe". Sarasaviya. 2021-09-22. සම්ප්‍රවේශය 2021-09-24.↑ Thushi. "Joe Abeywickrama: The man who made us laugh - News Features". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2021-09-24.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ "All about Saaravita". Sarasaviya. සම්ප්‍රවේශය 29 February 2020.↑ "All about the film "Welikathara"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-23. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ WIJEKOON, Channa Bandara. "Clash of the masters". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-09-24.↑ "'Weli Kathara' returns to the screen". Lankadeepa. සම්ප්‍රවේශය 2021-01-23. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ 18.0 18.1 "Joe Abey
wickrama: The actor who ennobled the Sinhala cinema". Sunday Observer (ඉංග්‍රීසි බසින්). 2021-07-02. සම්ප්‍රවේශය 2021-09-24.↑ "Joe Abeywickrama the actor extraordinaire". archives.sundayobserver.lk. සම්ප්‍රවේශය 2021-09-24.↑ "Security News: Sundayobserver.lk - Sri Lanka". archives.sundayobserver.lk. සම්ප්‍රවේශය 2021-09-24.↑ 21.0 21.1 "Remembering Joe Abeywickrema". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2021-09-24.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ "BBCSinhala.com". www.bbc.com. සම්ප්‍රවේශය 2021-09-24.↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-09. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-10. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-09. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-09. {{
cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-09. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "Road to Prestige 1964-2018". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-10. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "1979 Presidential Award Winners". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "1980 Presidential Award Winners". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "1981 Presidential Award Winners". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "1981 Presidential Award Winners". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "1979 Presidential Award Winners". Natio
nal Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "National Honours Ceremony". Government of Sri Lanka. 16 November 2005. 10 July 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.බාහිර සබැඳි[සංස්කරණය]අතිවිශිෂ්ට රංගධරයා සංරක්ෂණය කළ පිටපත 2011-09-23 at the Wayback Machineඅම්මා නැත්නම් මං නිකම්ම නිකං ජෝන් සංරක්ෂණය කළ පිටපත 2011-09-27 at the Wayback Machineදේව පාලිත සිල්වාඋපතශ්‍රී ලංකාවනිවහනඑන්ගලන්තයජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹරැකියාවමහාචාර්යසංගණ්‍ය වන්නේප්‍රධාන මහාචාර්ය, එන්ගලන්තය ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලයආගමබෞද්ධමහාචාර්ය දේව පාලිත සිල්වා (ඉංග්‍රීසි: Deva Palitha de Silva) යනු එන්ගලන්තය ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලය ප්‍රධාන මහාචාර්ය වරයායි. දේව පාලිත සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්බුධ, සිකුරු, පෘථිවිය, සහ අඟහරු, හා සෙරෙස් වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවාය
ේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන (ටෙරා සහ ටෙලියුස්) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ භෞතික කලාපයන් හි පැවැතිය හැකි හයිඩ්‍රජන්, හීලියම්, සහ ජලය යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින වායුමය ග්‍රහලෝකයන් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.ව්‍යුහය[සංස්කරණය]සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් ප්‍රාචාරයකින් සහ වැඩි වශයෙන්ම යකඩ වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය මධ්‍යයකි. සඳ සමාකාර වුවද, යකඩ මධ්‍යයක් විරහිත වෙයි. භූමිෂ්ඨ ග්
‍රහලෝක අගාධයන්, ආවාටයන්, කඳු, සහ යමහල් වලින් යුතු වෙති. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ ද්විතීයික වායුගෝල — අන්තහ් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්— වන අතර, මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, ප්‍රාථමික වායුගෝලයන් — මුල් සෞර නීහාරිකාව වෙතින් සෘජුව ඩැහැ ගත් වායුගෝලයන් — වෙති.[1]සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, අංගාරමය කොන්ඩ්‍රොයිට් ග්‍රහකයන් හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂෘණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතිති. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ කාබන් ග්‍රහලෝක (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වෙති. සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක[සංස්කරණය]සෞර ග්‍රහ මණ්ඩලයෙහි, සඳු ඇතුලු භූමිෂ්ඨ ග්‍රහලෝකයන්හී සාපේක්‍ෂ ස්කන්ධයන්පෘථිවියෙහි සෞර ග්‍රහ මණ්ඩලය සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, සහ එක් භූමිෂ්ඨ වාමන ග්‍රහලෝකයක් වන, සෙරෙස්. ඝන පෘෂ්ඨයක් සතු වීම නිසාවෙන්, ප්ලූටෝ වැනි වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වතත්, ඒවා සමන්විත වන්නේ බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙනි (බලන්න අයිස් වා
මනයා). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ (ග්‍රහපිණ්ඩ) පවතින්නට ඇති මුත්, සෞර නීහාරිකාවෙහි ඉතිරි ලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය ජලගෝලයකට හිමි කම් කියන බවට ප්‍රත්‍යක්‍ෂ වී ඇත.ඝනත්ව නැඹුරුතාවන්[සංස්කරණය]සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, සෙරස් සහ ක්ෂුද්‍රග්‍රහයන් අතුරින් විශාලතම ද්වයය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් සූර්යයා සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.වස්තුවමධ්‍යන්‍ය ඝනත්වයඅසම්පීඩිත ඝනත්වයඅර්ධ-මහා අක්ෂයබුධ5.4 ග්‍රෑම්/සෙමී³5.3 ග්‍රෑම්/සෙමී³0.39 නඒසිතුරු 5.2 ග්‍රෑම්/සෙමී³4.4 ග්‍රෑම්/සෙමී³0.72 නඒපෘථිවිය 5.5 ග්‍රෑම්/සෙමී³4.4 ග්‍රෑම්/සෙමී³1.0 නඒසඳ 3.3 ග්‍රෑම්/සෙමී³3.3 ග්‍රෑම්/සෙමී³1.0 නඒඅඟහරු 3.9 ග්‍රෑම්/සෙමී³3.8 ග්‍රෑම්/සෙමී³1.5 නඒවෙස්ටා 3.4 ග්‍රෑම්/සෙමී³3.4 ග්‍රෑම්/සෙමී³2.3 නඒපලාස් 2.8 ග්‍රෑම්/සෙමී³2.8 ග්‍රෑම්/සෙමී³2.8 නඒසෙරස් 2.1 ග්‍රෑම්/සෙ
මී³2.1 ග්‍රෑම්/සෙමී³2.8 නඒමෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ ස‍ඳෙහි ඝනත්වය වන අතර, තම අඩු ඝනත්වයට එය හිමි කම් කියනුයේ එහි අසාමාන්‍ය සම්භවය නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන වග ගැන අනාවැකි පල කෙරුමට සාධක ප්‍රමාණවත් නොවේ.බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක[සංස්කරණය]මෙයද බලන්න: සුපිරි-පෘථිවිය සහ ස්පන්ද ග්‍රහලෝකයමෙම සිත්තර ප්‍රවාචනය පෙන්නුම් කරන ආකාරයේ පෘථිවි-ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට SIM ප්ලැනට්ක්වෙස්ට් නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල වෙවුලුම් ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයන් බහුතරයක් වායුමය යෝධයන් බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සො‍යා ගැනුනේ PSR B1257+12 ස්පන්ද තාරකාව වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසා‍වෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බ
ාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).පළමු භෞමික ග්‍රහයා වන 51 Pegasib තාරකාවක් අවට දි සොයා ගැනුනු අතර එය ඉතා විශාල භෞමික ග්‍රහයකු බවට තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ 51 Pegasib තරම් තාරකාවකට ළඟින් වෙන කිසිඳු වායු යෝධයකුට සිටිය නොහැකි බව විශ්වාස කල බැවිනි. කෙසේ නමුත් HD 2094586 නම් එවැනිම භෞමික ග්‍රහයකුගේ විෂ්කම්භයන් මිනුම් කල විට පෙනී ගියේ මේවා ඇත්තෙන්ම වායු යෝධයින් බවයි.2005 වසරේ ජුනි මාසයේදී ‍‍ Fusing තරුවක් වටා හමුවුනු ප්‍රථම ග්‍රහයා Red dwarf star Gliese 876 වටා භ්‍රමණය වනු දක්නට ලැබුණි. එය පෘථිවි ස්කන්ධය මෙන් 5 සිට 7 ගුණයක් දක්වා වන අතර භ්‍රමණ කාලය පෘථිවි දින 2 කට සීමා වේ.වර්ගීකරණය[සංස්කරණය]කාබන් ග්‍රහලොවක සිත්තර ප්‍රවාචනයසිලිකේට් ග්‍රහලෝක (Silicate planet)යකඩ ග්‍රහලෝක (Iron planet)හර රහිත ග්‍රහලෝක (Core-less planet)කාබන් ග්‍රහලෝක (දියමන්ති ග්‍රහලෝක)(Carbon planet)සුපිරි පෘථිවි (Super-Earth)ආශ්‍රිත[සංස්කරණය]Chthonian planetEarth analogList of potentially habitable exoplanetsPlanetary habitabilityVenus
zoneList of gravitationally rounded objects of the Solar Systemමූලාශ්‍ර[සංස්කරණය]↑ ආචාර්යය. ජේම්ස් ස්කොම්බර්ට් (2004). "ප්‍රයිමරි ඇට්මොස්ෆියර්ස් (තාරකා විද්‍යාව 121: දේශනය 14 ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් ඇට්මොස්ෆියර්ස්)". භෞතික විද්‍යා අධ්‍යයනංශය ඔරිගන් විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය 2009-12-22. {{cite web}}: External link in |author= (help)vteසෞරග්‍රහ මණ්ඩලයසූර්යයාබුධසිකුරුපෘථිවියඅඟහරුසෙරස්බ්‍රහස්පතිසෙනසුරුයු‍රේනස්නෙප්චූන්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්ග්‍රහලෝකභූමිෂ්ඨ ග්‍රහලෝකබුධසිකුරුපෘථිවියඅඟහරුයෝධ ග්‍රහලෝකබ්‍රහස්පතිසෙනසුරුයු‍රේනස්නෙප්චූන්වාමන ග්‍රහලෝකසෙරස්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්වළලුබ්‍රහස්පතිසෙනසුරු (රියා)චරික්ලෝකයිරන්යුරේනස්නෙප්චූන්හවුමේයානුචන්ද්‍රයෝභූමිෂ්ඨචන්ද්‍රයාවෙනත් පෘථිවි ආසන්න වස්තූන්අඟහරුගේෆෝබෝස්ඩෙයිමෝස්බ්‍රහස්පතිගේගැනිමේඩ්කැලිස්ටෝඅයෝයුරෝපාසියල්ල 79සෙනසුරුගේටයිටන්රියාඅයැපුටුස්ඩියෝන්ටෙතිස්එන්සිලේඩස්මීමාස්හයිපීරියන්ෆීබීසියල්ල 62යුරේනස්ගේටයිටේනියාඔබෙරන්අම්බ්‍රියල්ඒරියල්මිරන්ඩාසියල්ල 27නෙප්චූන්ගේට්‍රයිටන්ප්
‍රෝටියස්නේරෙයිඩ්සියල්ල 14ප්ලුටෝගේකෙරන් නික්ස්හයිඩ්‍රාකර්බරෝස්ස්ටික්ස්හවුමේයා ගේහීයාකානමාකාමාකේමාකේ ගේS/2015 (136472) 1එරිස් ගේඩිස්නොමියාExploration (outline)සොයාගැනීම්තාරකා විද්‍යාවකාලරේඛාවඅභ්‍යවකාශ ඒෂණියන්ලැයිස්තුවකාලරේඛාවමිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්අභ්‍යවකාශ මධ්‍යස්තානයන්ලැයිස්තුවජනාවාසකරණයබුධසිකුරුචන්ද්‍රයාඅඟහරුසෙරස්ග්‍රහකකැනීම්ධූමකේතුබ්‍රහස්පතිසෙනසුරුයුරේනස්නෙප්චූන්ප්ලූටෝගැඹුරු අභ්‍යවකාශයSmall SolarSystem bodiesPlanetesimalMeteoroidsMinor planetsmoonsCometsDamocloidsMercury-crossersVenus-crossersVenus trojansNear-Earth objectsEarth-crossersEarth trojansMars-crossersMars trojansAsteroid beltග්‍රහකසෙරස්PallasJunoVestafirst 1000familiesexceptionalKirkwood gapMain-belt cometsJupiter trojansJupiter-crossersCentaursSaturn-crossersUranus trojansUranus-crossersNeptune trojansCis-Neptunian objectsTrans-Neptunian objectsNeptune-crossersPlutoidsKuiper beltPlutinosCubewanosScattered discDetached objectsSednoi
dsHills cloudOort cloudHypotheticalobjectsVulcanVulcanoidsTheiaPhaetonPlanet VFifth giantPlanet XPlanet NineTycheNemesisSubsatellitesලැයිස්තුSolar System modelsSolar System objectsby sizeby discovery dateMinor planetsnamesGravitationally rounded objectsPossible dwarf planetsNatural satellitesCometsOutline of the Solar System ද්වාරසෞරග්‍රහ මණ්ඩලයතාරකා විද්‍යාවEarth sciencesMarsJupiterUranusCosmologyසෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වයEach arrow (→) may be read as "within" or "part of".vteබහිෂ්-සෞර ග්‍රහලෝකවේදයග්‍රහලෝකDefinitionIAUPlanetary scienceප්‍රධාන මාතෘකාබහිෂ් ග්‍රහ ලෝකMethods of detecting exoplanetsPlanetary systemSizesand typesTerrestrialCarbon planetCoreless planetDesert planetDwarf planetIce planetIron planetLava planetMega-EarthOcean planetSub-EarthSu
per-EarthGaseousChthonian planetEccentric JupiterGas dwarfHelium planetHot JupiterHot NeptuneIce giantMini-NeptuneSuper-NeptuneSuper-JupiterOther typesBrown dwarfCircumbinary planetDouble planetEyeball planetMesoplanetPlanemoPlanet/Brown dwarf boundaryPlanetesimalProtoplanetPulsar planetSub-brown dwarfUltra-cool dwarfUltra-short period planets (USP)Formationand evolutionAccretionMerging starsNebular hypothesisPlanetary migrationSystemsExocometExomoonInterstellar cometMean-motion resonancesRetrograde planetRogue planetTitius–Bode lawsTrojan planetHost starsABBinary starBrown dwarfsExtragalactic planetF/Yellow-white dwarfsG/Yellow dwarfsHerbig Ae/BeK/Orange dwarfsM/Red dwarfsPlanets in globular clustersPulsarRed giantSubdwarf BSubgiantT TauriWhite dwarfsYellow giantDetectionAstrometryDirect imaginglistMicrolensinglistPolarimetryPulsar timinglistRadial velocitylistTransit methodlistTransit-timing variationHabitabilit
yAstrobiologyCircumstellar habitable zoneEarth analogExtraterrestrial liquid waterHabitability of natural satellitesSuperhabitable planetCataloguesCatalog of Nearby Habitable SystemsExoplanet Data ExplorerExtrasolar Planets EncyclopaediaNASA Exoplanet ArchiveNASA Star and Exoplanet DatabaseListsExoplanetary systemsHost starsMultiplanetary systemsStars with proplydsExoplanetsLists of exoplanetsDiscoveriesExtremesFirstsNearestLargestMost massiveTerrestrial candidatesKeplerPotentially habitableDiscovered exoplanets by yearbefore 20002000–2009201020112012201320142015201620172018OtherCarl Sagan InstituteExoplanet phase curvesNexus for Exoplanet System SciencePlanets in science fictionSudarsky's gas giant classificationDiscoveries of exoplanetsSearch projectsvteපිටසක්වල ජීවයEvents and objectsShergotty meteorite (1865)Nakhla meteorite (1911)Murchison meteorite (1969)Viking lander biological experiments (1976)Allan Hills 77005 (1977)Alla
n Hills 84001 (1984)Yamato 000593 (2000)CI1 fossils (2011)Signals of interestMisidentifiedCP 1919 (misidentified pulsar)CTA-102 (misidentified quasar)StarsKIC 8462852 (unusual light fluctuations)EPIC 204278916 (unusual light fluctuations)VVV-WIT-07 (unusual light fluctuations)HD 164595 signal (unknown origin)OtherSHGb02+14a (radio source)Wow! signal (inconclusive)Fast radio burst (unknown origin)BLC1 (radio signal)Life in the UniverseEarliest known life formsPlanetary habitability in the Solar SystemLife on VenusLife on MarsLife on TitanPlanetaryhabitabilityCatalog of Nearby Habitable SystemsCircumstellar habitable zoneEarth analogExtraterrestrial liquid waterGalactic habitable zoneHabitability of binary star systemsHabitability of natural satellitesHabitability of neutron star systemsHabitability of K-type main-sequence star systemsHabitability of red dwarf systemsHabitability of yellow dwarf systemsHabitable exomoonHabitable exoplanetList of potent
ially habitable exoplanetsPlanetary habitabilitySuperhabitable planetTholinSpace missionsBeagle 2Biological Oxidant and Life DetectionBioSentinelCuriosity roverDarwinDragonflyEnceladus ExplorerEnceladus Life FinderEuropa ClipperExoMarsRosalind Franklin roverExoLanceEXPOSEFoton-M3Icebreaker LifeJourney to Enceladus and TitanLaplace-PLife Investigation For EnceladusLiving Interplanetary Flight ExperimentMars Geyser HopperMars sample-return missionMars 2020Northern LightOpportunity roverPerseverance roverSpaceX Red DragonSpirit roverTanpopoTitan Mare ExplorerVenus In Situ ExplorerViking 1Viking 2InterstellarcommunicationActive SETIAllen Telescope ArrayArecibo messageArecibo ObservatoryBerkeley SETI Research CenterBracewell probeBreakthrough InitiativesBreakthrough ListenBreakthrough MessageCommunication with extraterrestrial intelligenceGauss's Pythagorean right triangle proposalAstrolinguisticsLincos languageNIROSETIPioneer plaqueProje
ct CyclopsProject OzmaProject PhoenixSERENDIPSearch for extraterrestrial intelligenceSETI@homesetiQuestVoyager Golden RecordWater holeXenolinguisticsTypes of alleged extraterrestrial beingsEnergy beingsGrey aliensInsectoidsLittle green menNordic aliensReptilian humanoidsExhibitionsThe Science of AliensHypothesesCosmic pluralismDirected panspermiaDrake equationExtraterrestrial hypothesisFermi paradoxHypothetical types of biochemistryInterplanetary contaminationKardashev scaleMediocrity principlePanspermiaFermi paradox solutionsAestivation hypothesisBerserker hypothesisDark forest hypothesisFirstborn hypothesisGreat FilterHart–Tipler conjectureNeocatastrophismPlanetarium hypothesisRare Earth hypothesisZoo hypothesisRelated topicsAncient astronautsAstrobiologyAstroecologyBiosignatureBrookings ReportExotheologyExtraterrestrials in fictionExtremophileHemolithinMERMOZNexus for Exoplanet System ScienceNoogenesisPlanetary protectionPotenti
al cultural impact of extraterrestrial contactPost-detection policySan Marino ScaleTechnosignatureUFO religionXenoarchaeologyද්වාර: තාරකා අභ්‍යවකාශ පියසැරි අභ්‍යවකාශය නවීන විද්‍යාවA drawn heart is a international icon of love.ආදරය යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.[1] ආදරය යනු චිත්තෙව්ගාත්මක භාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහකම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්ථ දැක්වීම්වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක බන්ධනයද ආදරය ලෙස සළකයි.තවත් අවස්ථාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක.ආදරය අර්ථ දැක්වීම්[සංස්කරණය]The Kiss by Gustav Klimt.ආදරය යනු අනේකාගේ සතුට
වෙනුවෙන් කරන පරිත්‍යාගයයි.ඔබ ආදරය කරන පුද්ගලයා හට ඔබෙන් යමක් නොලැබේනම් එය ලබා ගත හැකි අයෙක් ළගට යෑමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතියක් ඇත.එය වටහාගෙන ඔබේ සතුට නොව ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් කල හැකි යම් පරිත්‍යාගයයක් වේද එය ආදරය නම් වේ.ඔහු හෝ ඇය ඔබ නැතිව අන් අයෙක් සමග සතුටින් සිටීනම් ඒ දෙස බලා සතුටූ වීම් සබෑ ආදරයේ ප්‍රතිමූර්තියයි. උදාහරණයක් ලෙස මවගේ ආදරය සලකා බලන්න.ඇය තම දරුවන් ගේ සතුට වෙනුවෙන් තම සතුට පරිත්‍යාග කරනු ලබයි.පුද්ගල බද්ධ නොවන ආදරය[සංස්කරණය]පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්‍යාත්මකව මෙය වියෝග කාන්සාවෙ
න් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්‍රයෝගයන් ලෙස හදුන්වයි.භෞතික වස්තුවක් මෙන්ම සතුන් කෙරේ ඇතිවන ආදරයද පුද්ගල බද්ධ නොවන ආදරයක් ලෙස හදුන්වයි.අදාල සත්වයාගේ දක්නට ලැබෙන යම් ආකර්ශනීය සාධකයක් නිසා හෝ එම සත්වයා හා පුද්ගලයා අතර ඇතිවන භාවාත්මක චිත්තවේගී බැදීම් නිසා සතුන් කෙරේ ආදරය ඇතිවේ.අන්තර්පුද්ගල ආදරය[සංස්කරණය]අන්තර් පුද්ගල ආදරය යනු පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැදීමකි.මෙහිදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සතු යම් ලක්ෂණයක් මුල්කරගනිමින් ආදරය ඇතිවේ.මෙම ගණයේ ආදරයට උදාහරණ ලෙස පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ආදරය මිතුරු මිතුරියන් අතර ඇතිවන ආදරය හා විරුද්ධ ලිංගික සහකරුවන් අතර ඇතිවන ආදරය දැක්විය හැක.අන්තර් පුද්ගල ආදරය පිළිබද විවිධ ආගම් හා දර්ශනයන් විසින් විවිධ මත පළකර ඇත.20 වන සියවස ආරම්භයත් සමග ඇතිවූ මනෝ විද්‍යාාවේ දියුණුවත් සමග මෙම සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කරන්නට හැකිවිය.පසුව මානව විද්‍යාව හා ජීව විද්‍යව මෙයට එක්විය. අදවන විට පුද්ගලබද්ධ ආදරයට විද්‍යාත්මක නිර්වචනයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව සමත්වී ඇත. කවුරුත් නොදත් ඒත් කවුරුත් අතර ඇතිවන ආදරයේ ජීව විද්‍යාත්මක පදනම[සංස
්කරණය]ජීව විද්‍යාත්මක ව ආදරය යනු කුසගින්න පිපාසය මෙන් ජීව විද්‍යාත්මක ප්‍රේරණයක් බව ජීව විද්‍යාඥයන් තර්ක කරයි.විශේෂයෙන් ක්ෂීරපායී කාණ්ඩයට අයත් සතුන් අතර මෙය සුලබ ය.ආදරය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුල නිපදවන හෝමෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාත කරගෙන ඇත.සත්ව ලොකය තුල පවතින මාතෘ දාරක ස්නේහයට මූලික වන්නේ ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනයයි.මෙම හෝමෝනය විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර බහුලය.අන්තර් පුද්ගල ආදරය අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමයයි.මේ සදහාද හෝමොනවල මැදිහත්වීම බහුලව පවතී.ස්ත්‍රි පුරුෂ සම්භන්දතා පිළිබද වසර 30 පුරා විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවෙමින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබද වඩාත් විද්‍යත්මක සොයාගැනීම් සිදුකළ විද්‍යාඥයින් අතර මහාචාර්‍ය හෙලන් ෆිෂර් නම් මානව විද්‍යාඥවරිය ප්‍රමුඛය.ඇය ස්ත්‍රී පුරුෂ ආදරයේ අවධි 3 දක්වයි.අනුරාගයආකර්ෂණයබැඳීමඅනුරාගය හෙවත් ලිංගික අශාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මූලිකම අවස්තාවයි.සිරුර තුල නිපදවන ලිංගික හෝමොන මගින් ලිංගික පාමේගයන් ඇතිකරයි.මේ සදහා විශේෂයෙන් ටෙස්ටස්ටෙරෝන් හා ඊස්ටුජන් හෝමොන දායකවේ.පුරුෂයන්ගේ
දිවීලිංගික ලක්ෂණ පාලනය කරන ප්‍රධාන හෝමොනය වන ටෙස්ටස්ටෙරෝන් හෝමොනය මගින් පුරුෂයන්ගේ ලිංගික අසාවන් වර්ධනය කරයි.මෙම හෝමොනය මගින් පුරුෂයන්ට ස්ත්‍රීන් කෙරේ ලිංගික ආකාර්ෂණය ඇතිකරයි.ටෙස්ටස්ටෙරෝන් වැඩි ප්‍රතිශතයක් නිපදවීම පුරුෂයන් තුල ස්ත්‍රීන් කෙරේ ලිංගික අශාව වැජිවීමටත් අඩුවෙන් නිපවීම මගින් ලිංගික ආශාවන් අඩුවීමතටත් හේතුවේ.මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්ට පුරුෂයන් කෙරේ ලිංගික ආකර්ෂණය ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමොනය දායකවේ.ආකර්ෂණය ඇතිවීම කෙරේ සෙරටීන් ඩොපමීන් නොරිෆිනේෆ්රින් ඔක්සිටොසීන් වැසොප්‍රිසීන් යන හෝමොනවල බලපෑම වැදගත්ය.මෙම හෝමොන මගින් හද ගැස්ම වේගවත් කිරීම නින්ද අඩුවීම කෑම රුචිය අඩුවීම ආදිය සිදුවේ.මෙම හෝමොන මගින් සතුට සංවේදී මොළයේ කොටස් උත්තේජනය කරයි.දුකට අදාල මොළයේ කොටස් වලට අයත් ස්නායු තාවකාලිකව අක්‍රීය කරයි.ආකර්ශන යේදී යම් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයා කෙරේ දැඩි චිත්තවේගී පෙළඹවීමක් ඇති කරයි.අනෙකුත් පුද්ගලයන්ගෙන් විශේෂිතව හදුනා ගනී.මෙයාකාරයෙන් ඉහත සදහන් ඩොපමීන් වැනි හෝමොන ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන පෙම්වතුන් අතර ප්‍රබල බන්ධනයක් ඇති කරයි.නිතර එකිනෙකා දැකීමට ඔවුනොවුන්ගේ හඩ ඇසීමට හා ශාරීරික ස්පර්ෂයන් ලැබීමට
පෙළඹවීම මෙම හෝමෝන බලපෑමෙන් සිදුවේ.බොහෝවිට මෙම අවධිය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වර්ණමය අවධිය ලෙස සැළකිය හැකිය.මෙම කාලය සාමාන්‍ය වශයෙන් වසර තුනක් දක්වා පවතී.ඉන් පසු උදාවන්නේ බැඳීම අවධියයි.ඇතැම් මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට ආකාර්ශන අවධිය ස්ත්‍රීන් හා සම්භන්ධව ගත් කල දීර්ඝ කාලයක් වන අතර පුරුෂයින්ට එය කෙටි කාලයකි.මෙම ජීව විද්‍යාත්මක වෙන්කම හේතුවෙන් ස්ත්‍රීන් තුල පුරුෂයන් කෙරේ විශ්වාසය අඩුවී කාංසා තත්වයන්ට පත්වන අවස්ථා ඇත පෙර පරිදී තමා අසල රැදී සිටීමට තමාහා දොඩමළු වීමට ආදරය දැක්වීමට නොපෙළඹෙන්නේ පුරුෂයා වෙනත් සුත්‍රියක කෙරෙහි ආකරශනය වී ඇතැයි ස්ත්‍රීන් විශ්වාස කරති.මෙමයට හේතුව ඩොපමීන් සෙරටීන් වැනි හෝමොන ස්‍රාවය පුරුෂයන්ගේ ක්‍රමයෙන් අඩුවීමයි.මේ ආකාරයට අනුරාගය ආකර්ශන යන අවධි වලින් පසු එකිනෙකා අතර ඇතිවන අනුරක්තිය හෙවත් ලිංගික ආකර්ශනය අඩුවී යයි.මේ නිසා තවදුරටත් ඔවුන්ට තම සම්න්ධතාවය ඉදිරියට ගෙනයාමට සිදුවීමේ දී ලිංගික ආකර්ශනයකින් යුතු අනුරක්ත ප්‍රේමය යටපත්වී එය දයානුකම්පිත ප්‍රේමයක් බවත ක්‍රමයෙන් පරිවර්තනයවේ.මීට කලින් එකිනෙකා මුනගැසීමේ දී කතාබහ කිරීමේ දී සිරුර තුල නිපවන හෝමෝන වෙනදාමෙන් සිදුනොවේ.
එසේම ඔවුනොවුන් තවදුරටත් එකිනෙකා නිතර මුණගැසෙමින් නිරන්තර සම්භන්ධතා පැවැත්වීම සිදුවුව හෝත් ඔවුනොවුන් අතර ඇතිවන ජීව විද්‍යාත්මත ආකර්ශනයන් තවදුරටත් දුර්වලවෙයි.මෙම හේතුව නිසා බොහෝ පෙම්වතුන් විවාහයට පෙර ඉතා චිත්තවේගී භාවාත්මක සභදතා පවත්වන අතර විවාහයෙන් පසුව එම ආකර්ශනය අවමවී යයි.පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි දීර්ඝ කාලයක් ඉතා සාමකාමී යහපත් විවාහයන් ගතකළ අඹු සැමියන් අතර නිරන්තර අදහස් හුවමාරුව කායික සම්භන්ධතාවයන් අවම ව්ශයෙන් පවතින අතර අනොන්‍ය අවබෝධය ඉහළ මට්ටමක පැවත ඇත.එසේම මෙවන් සාර්ථක පෙම්වතුන් හා අඹු සැමියන් අතර සමාන පෞරුෂ ලක්ෂණ පැවතීම හා සමාන බුද්ධි මට්ටමක් තිබීමත් දක්නට ලැබ‌ෙන බව පර්යේෂකයන් සනාථකර ඇත. සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.මනෝවිද්‍යාත්මක පදනම[සංස්කරණය]මනෝවිශ්ලේෂණවාදයේ දී ප්‍රේමය කෙරේ ලිංගිකත්වයේ ඇති පදනම විස්තර කරයි.මව්පිය දූදරු සබධතාවයටද අවිඥානගත ලිංගික ආකර්ශනය බලපාන බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.මනෝ ලිංගික සංවර්ධන අවධීන්ට අයත් ලිංග රූප අවධියේ ඇතිවන මනෝ විද්‍යාත්ම වෙනස්කම් මෙහිදී ප්
‍රමුඛව අවධානයට යොමුවේ.පරිණාමවාදී පදනම[සංස්කරණය]මානව විද්‍යාඥයන් සදහන් කරන්නේ ස්ත්‍රින් හා පුරුෂයන් එකිනෙකට වෙනස් අයුරින් පරිණාමය වූ බවයි.අතීතයේ පිරිමින් දඩයම් කරමින් කෑමසොයා ගිය අතර ගැහැනුන් ගල් ගුහාවලටවී ආහාර පිසීයˌදරුවන් බලාගත්හˌඵලවැල එකතු කළහ.අතීතයේ සිටම පුරුෂයන් ස්ත්‍රින්ට වඩා කාය ශක්තියෙන් ඉහලින් සිටියහ.මානව පරිණාමයේ එක් අවධියක්වන නිරූපණය කරන ඔස්ට්‍රලෝපිතකස් අර්ධ මානවයාගේ පිරිමි වානරයා ස්ත්‍රී වානරයාට වඩා ශරීර ප්‍රමාණයෙන් දෙගුණයක්විය.ඒ අනුව අතීතයේ සිටම පුරුෂයා ස්ත්‍රියට වඩා ශක්ති සම්පන්නවිය.එබැවින් ප්‍රේමය ලිංගිකත්වය ආදී කරුනු වලදී පුරුෂයා මුල්තැන ගත්හ.අතීතයේ සිටම පිරිම්න්ගේ කැමැත්තට අවනතවීමට ස්ත්‍රියට සිදුවිය.පරිණාමවාදීව ගොඩනැගුන ආකල්ප වර්ධනයට සංස්කෘතියද හේතුවිය.ගැහැණුන් සතු සියුමැලි භාවයටත් පිරිමින් සතු හැඩිදැඩි භාවයටත් හේතුව පරිණාමය බව පැහැදිළිය.මෙසේ ගැහැනු පිරිමි වෙනස්ව පරිනාමයට ලක්වීම නිසා ඇතැම්විට ප්‍රේම සබදතා හා විවාහ දිවිය ගත කිරීමේදි එකිනෙකා හා ගැටුම් ඇතිවන අවස්ථා ඇත.මෙමග්න් ඔවුනොවුන් අතර ඇති ආදරය බිදවැටීම් වලට ලක්වේ.අවසානයේ ආදර සබදතා දුක්බරලෙස අවසන්වේ.ආදර සම්භන්ධතා වල
දී ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට හරස්වන පරිණාමයෙන් උරුමවූ ලිංගික වෙනස්කම් කිහිපයක් ඇත.අතීතයේ පිරිමින් තම ආර්ථික කාර්‍ය ලෙස දඩයම් කළ අතර ස්ත්‍රීන් නිවෙස්වල දරුවන් බලා ගත්හ.දඩයක්කරුවකුට ගොදුරක් දෙස එක එල්ලේ බලා සිටීමට සිදුවේ.එබැවින් වර්ථමානයේද පිරිමින් තමා සිත්ගත් ස්ත්‍රියක් අමා අසලින් යනවිට එක එල්ලේ ඇයදෙස බැලීම සිදුකරයි.එබැවින් ඕනෑම අයකුල පුරුෂයෙකු ස්ත්‍රියක් දෙස බලන බව පැහැදිළිව දිස්වේ.එහෙත් එදා ස්ත්‍රීන් සිදුකලේ දරුවන් බලා ගැනීම ආහාර පිසීම වැනි එකිනෙකට වෙනස් කාර්‍ය සමූහයකි.එබැවින් ස්ත්‍රීන්ට එකවර වැඩ කිහිපයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.එබැවින් ගැහැණියකට පුරුෂයෙකු දෙස එක එල්ලේ බැලීමට අවශය නොවේ.අවට ඇති කිසි කෙනෙකුට නොදැනෙන ලෙස පුරුෂයෙකු දෙස බැලීමට ඇයට හැකිය.එබැවින් ගැහැනුන් දෙස බලන පුරුෂයන් නිතර තම සහකාරියගේ දෝෂාරෝපණයට ලක්වේ.තවද ගැහැනුන් සතු බහුකාර්‍ය හැහියාව නිසා නිවසේ වැඩ කිහිපයක් එකවර සිදුකරයි එහෙත් පුරුෂයාට කලහැක්කේ එකවරකට එක වැඩක් පමණි.පුරුෂයන් බොහොවිට එක් වැඩක් කරනවිට ඔහුට බාධාවන අනෙකුත් බාධක ඉවත්කර එය සිදුකිරීමට බලන අතර එසේ නොවූවිට කෝපයට පත්වේ.තවද පිරිමින්ට වඩා ගැහැණුන් සංවාදශීලිවෙයි.නි
රන්තරයෙන් අන් අයසමග විවිධ දේවල් කතා කරමින් සිටීමට කැමතිය.එහෙත් පුරුෂයන් බොහොවිට නිහඩබව අගය කරයි.ගැහැනුන් තම පෙම්වතා තොරා ගැනීමේදීද ඔහුගැන අන්අය කියන කතා.ඔහුගේ කතා විලාසය ආදිය ගුරුකොට ගනී.එහෙත් පුරුෂයන් බොහොවිට කතාවෙන් නොව ගැහුනුන්ගේ රූපස්වභාවය කෙරේ ආකර්ශනය ඇතිවේ.ප්‍රේමය බිඳවැටීම[සංස්කරණය]ප්‍රේමය බිඳවැටීම හෙවත් විරහව පුද්ගලයාට බලවත් මානසික කම්පනයක් ඇති කෙරෙන සිදුවීමයි.කෙසේ වෙතත් ප්‍රේමය බිඳවැටීම ක්ෂණිකව සිදුවන දෙයක් නොව ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක ප්‍රථිපලයකි.ආදර සබදතාවක් බිඳවැටීම කෙරේ බාහිර බලපෑම් ඍජුවම දායකවේ.මෙසේ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා පෙම් සබදතා බිඳවැටීම එම පුද්ගලයන්ට බරපතල මානසික කම්පනයන් ඇතීවීමට හේතුවේ.දෙමාපිය වැඩිහිටියන්ගේ අකමැත්ත හා සමාජ සංස්කෘතික බාධක මේ අතර ප්‍රමුඛය.මෙසේ ඇතිවන බිඳවැටීම් හමුවේ මානසික සෞඛ්‍ය දර්වලවීම හා ඇතැම්විට සියදිවි නසාගැනීමටද පෙළඹේ.විශේෂයෙන් ආගමික හා සංස්කෘතික බලපෑම් වැඩි පෙරදිග සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කෙරෙහි ප්‍රබල බාධක පැනනගී.එබැවින් එවන් රටවල තරුණ තරුණියන් අතර ඇතිවන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධාන සාධකයවී ඇත්තේ ප්‍රේමය බිඳවැටීම
්ය.ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි.ආදරය ප්‍රතික්ෂේප කිරීම[සංස්කරණය]ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැන
ි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංග
ික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ. සංස්කෘතික දෘෂ්ටිය[සංස්කරණය]බොහෝ සංස්කෘතීන් තුල පුරාණයේ ස්ත්‍රි පුරුෂ ප්‍රේමය කෙරෙහි තහංචි පනවා තිබිණ.අදටත් ඇතැම් සංස්කෘතීන් තුල ප්‍රේමය මුල්කරගත් විවාහ තහනම්ය.අතීත මිනිසා තම ආදරය ලෙංගතුකම තම විරුද්ධ ලිංගිකයන්ට නිදහස්ව ප්‍රකාශ කළහ.එහෙත් මිනිසා ක්‍රමයෙන් ශීෂ්ටාචාරගතවීමත් සමඟ ගොඩනගාගත් සංස්කෘතිය මගින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට තහංචි දමාගත්හ.එබැවින් බොහෝ සාම්ප්‍රධායික සමාජවල විවාහ සහකරුවන් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දෙමාපියන්ගේ උවමනාව මතය.එහිදී විවාහයට විවාහ අපේක්ෂිතයන්ගේ කැමැත්ත අනිවාර්‍ය නොවීය.තමා කැමති වුවද අකමැති වුවද තම දෙමාපියන් හා වැඩිහිටියන් යෝජනා කරන සහකරු සමග විවාහපත්විය යුතුවිය.පුරාණ ග්‍රීසිය[සංස්කරණය]ආගමික මත[සංස්කරණය]ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ප්‍රබල ලෙස තහංචි පැනවීම් සිදුවීමට බලපා ඇත්තේ ආගමික මතයන්ය.බොහෝ ආගම්වල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සීමා කරන තහංචි දක්නට ලැබේ.බෞද්ධ[සංස්කරණය]බුදු දහමට අනුව ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන ශෘංගාරාත්මක බැඳීම පරම විමු
ක්තිය වන නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධා පමුණුවයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වැනි ලෞකික සැප සම්පත් බුදු දහම තුල පෙන්වා දෙන්නේ තාවකාලික සැපයක් ලෙසයි.බුදු දහම තුල ආදරයට වඩා මෛත්‍රිය උතුම් බව පෙන්වා දෙයි.බුදු දහම බැඳීම් වලට වඩා අත්හැරීම සුදුසු බව පෙන්වා දෙයි.සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා. ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද? ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද? ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද?දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු කාරණා කීපයක් කියන්නම්කෝ.අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම්...එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම්... එ
යම ආදරය යැයි කියමින් සැනසෙනවා නම්...ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑ... තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑ, තමන්ට ආදර වදන් කියන්නේ නෑ, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑ කියලා තැවෙනවා නම්...ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම්... ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම්...එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම්...දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව?ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි. ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි. එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ.මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ ක
ැමතිද? ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද?එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද? එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද? මම නම් කැමති නෑ. ඇයි? තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද? ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද?මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම
වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා.දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක් නොවේද? අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක් නොවේද? ඉතින් ඇයි ඔබ මෙච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න!ක්‍රිස්තියානි[සංස්කරණය]ක්‍රිස්තියානි ආගමට අනුව ආදරය යනු දෙවියන් ගේ මැවීමකි.දෙවියන් වහන්සේ විසින් මුල්ම මිනිසා වන අාදම් මවා ඔහුගේ ඉල අැටයකින් ඒව මැවීමෙන් අදහස් කරන්නේ ස්ත්‍රීය පුරුෂයාට සමාන වූ ත් පුරුෂයාට හෘදයාංගම වූ ත් මැවීම ක් බවයි.එවිට මිනිසා කතා කොට,"දැන් ඉතින්,මාගේ අැටවලින් ගත් අැටය වන,මාගේ මාංසයෙන් ගත් මාංසය වන,මැය මිනිසාගෙන් ගත් හෙයින්,අෑට ස්ත්‍රී කියා කියනු අැත".යි පැවසීය.මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාව ය බැදෙන්නේ එබැවින් ය.මෙලෙස ඔවුහූ එක් මාංසයක් වන්නෝය. ශුඬ බයිබලය උත්පත්ති2:23/25ක්‍රිස්තියානි ධර්මයට අනුව අාදරය කරන දෙදෙනෙක්
අාත්මිකව බැදෙන්නේ දේව කැමැත්ත නිසා වන අතර විවාහය දේව වරප්‍රසාදයකි.කතෝලිකයන් පිරිසිදු අාදරයට උදාහරණයක් ලෙස මරිය තුමී හා ජුසේ තුමා අතර අාදරය ගන්නා අතර අනෙකුත් ක්‍රිස්තියානින් එයට උදාහරණයක් ලෙස ජාකොබ් හා රාකෙල් අතර අාදරය ගනී.මරිය තුමී හා ජුසේ තුමා අතර පැවතියේ රාගයෙන් තොර අාදරයක් වන අතර ජාකොබ් අවුරුදු හතක් රාකෙල් වෙනුවෙන් සේවය කර අැත.ඔහු අැයට අාදරය කල නිසා ඔහුට එය ස්වල්ප දවසක්් මෙන්‍ වූ බව බයිබලය පවසයි.බොහෝ රටවල අාදරයේ නාම සාන්තුවරයා ලෙස සාන්ත වැලන්ටයින් සැලකුවත් සැබවින්ම අාදරයේ නාම සාන්තුවරිය සාන්ත ඩිවින්වෙන් හෙවත් ඩොරති වේ.දේශපාලන මත[සංස්කරණය]19 වන සියවසෙන් පසු බටහිර ලෝකයතුල පැවති සාම්ප්‍රධායික ආගමික සංස්කෘතිය අභියෝගයට ලක්කරමින් විද්‍යාත්මක චින්තනය බිහිවිය.ඒ සමග පැවති රාජාණ්ඩු පාලනය බිදවැටී ප්‍රජාතන්ප්‍රවාදී ආණ්ඩු බිහිවිය.ඒ සමග සෑම පුද්ගලයෙකුටම පාලනතන්ත්‍රය කෙරේ බලපෑම් ඇති කිරීමට හැකිවිය.ඒ සමග සමාජයතුල නිදහස් මතදාරීන් බිහිවිය.ඔවුන් විසින් පැවති සාම්ප්‍රධායික මතිමතාන්දර විවේචනය කරමින් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කලහ.එහි ප්‍රථිපලයක් ලෙස පැවති ඇතැම් සංස්කෘතික හා ආගමික තහංචි ඉවත්කර ගැනීම
ට ඔවුන්ට හැකිවිය.බටහිර සමාජය තුල ගණිකා වෘත්තිය නිතිගත කිරීම සමලිංගික විවාහ නීතිගත කිරීම නිදහස් ආලය නීතිගත කිරීම මෙම අරගලයන්ගේ ප්‍රථිපල ලෙස දැක්විය හැකිය.නිදහස් ආලය[සංස්කරණය]නිදහස් ආලය යනු විවාහ වීමේ චේතනාවෙන් තොරව ඇතිකර ගන්නා ප්‍රේම සබදතාය.මෙම පෙම් බැඳුම් තුල ලිංගික සම්බන්දතා බොහෝවිට පවතී.බොහෝ සමාජයන්හි විවාහයෙන් පිට සිදුවන ලිංගික සබඳතා අනුමත නොකරයි.එහෙත් නිදහස් ආලය මගින් අවිවාහකව සිට ලිංගික සබදතා පැවැත්වීමේ නිදහස නීතිමය වශයෙන්ද තහවුරු කර ඇත.මෙහිදී පෙම්වතුන් උපත්පාලන ක්‍රම අනුගමනය කරමින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවෙයි.අවිවාහක යුවලකට දරුවන් බිහිකිරීමට නොහැකිවීම මීට හේතුවයි.මෙම සංකල්පය බිහිවීමට 18 වන සියවසයේ බිහිවූ කාන්තාවාදී අරගල හේතුවිය.දාර්ශනික මත[සංස්කරණය]ආශ්‍රයන්[සංස්කරණය]↑ Oxford Illustrated American Dictionary (1998) + Merriam-Webster Collegiate Dictionary (2000).බාහිර සබැඳි[සංස්කරණය]ආදරය ගැන කතිකා කරන ගූගල් කණ්ඩායමvteහැඟීම් නාමාවලිය (Emotions list)Acedia · Affection · Ambivalence · Anger · Angst · Annoyance · Anticipation · Anxiety · Apathy · Awe · Boredom · Cal
mness · Compassion · Compersion · Confusion · Contempt · Contentment · Courage · Curiosity · Depression · Desire · Disappointment · Disgust · Doubt · Ecstasy · Embarrassment · Empathy · Emptiness · Enthusiasm · Envy · Epiphany · Euphoria · Fanaticism · Fear · Frustration · Gratification · Gratitude · Grief · Guilt · Happiness · Hatred · Homesickness · Hope · Hostility · Humiliation · Hysteria · Inspiration · Interest · Jealousy · Kindness · Limerence · Loneliness · Love · Lust · Melancholia · Mono no aware · Nostalgia · Optimism · Panic · Patience · Passion · Pessimism · Pity · Pride · Rage · Regret · Remorse · Repentance · Resentment · Righteous indignation · Sadness · Saudade · Schadenfreude · Sehnsucht · Self-pity · Shame · Shyness · Suffering · Surprise · Suspicion · Sympathy · Weltschmerz · Wonder · Worryදෙවැනි උඩරට යුද්ධය ආසන්න සමයේ ඉන්දියන් උප මහාද්වීප‍යේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ බව පෙනුණි. උඩරට රාජ්‍යය අභ්‍යන්තර කඳුකරය ට සීමා වී පැවතුනේය.
පළමු උඩරට යුද්ධය අවසානයේ හා දෙවැන්න අතර වූ අවුරුදු 10 ක කාලය තුළ සිදු වීම් කෙසේද කියතොත් දෙවැනි යුද්ධයේ ස්වරූපය පළමුවැන්නට වඩා සෑහෙන වෙනසක් ගත්තේය. 1805 දී බ්‍රිතාන්‍යයට උඩරට සතුරු රදළවරු රාශියක් සමග මත ගැටුම් ඇති කර ගැනීමට සිදු වූ නමුදු 1815 එම රදළවරුම උඩරටට පැමිණෙන ලෙස බ්‍රිතාන්‍යයින්ට ඇරයුම් කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට උදව් ද කළහ.එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මේට්ලන්ඩ් මහා පරිමාණ වශයෙන් නීතිමය හා සාමාජයීය වශයෙන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය බලය ආරක්ෂා කිරීමට හා වැඩි කිරීම උදෙසාය. දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීමද, කුල නීතිය පදනම් කර ගත් ලාංකික මහාධිකරණයක් ආරම්භ කිරීම ද ඊට ඇතුළත් විය. ලන්දේසි පල්ලිවලට තිබුණු වරප්‍රසාද නැති වූ අතර කතෝලික ප්‍රජාවට ඡන්ද බලය හිමි විය. මේට්ලන්ඩ් බෞද්ධ අධිකාරී බලයට රහසින් පීඩා කළ අතර යුරෝපීයයන්ට අක්කර 4000 ක බිම් කොටස් දෙන බව පැවසීමෙන් ඔවුන් දිවයිනට අද්දවා ගැනීම අපේක්ෂා කළේය. ඔහුගෙන් පසු පැමිණි රොබට් බ්‍රවුන්රිග් ද මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය.1807 දී සාදා නිම කරන ලද නුවර වැවෙහි අලංකාරය
හැරෙන්නට එම ව්‍යාපෘතිය ජනතා ප්‍රසාදයට ලක් නොවීය. ඊට හේතු වූයේ එයින් ප්‍රායෝගික වශයෙන් සේවයක් සිදු නොවීමයි. සාම්ප්‍රදායික වශයෙන් එවැනි විශාල වාරි කර්මාන්ත තැනවීමේ ප්‍රධාන අරමුණ වූයේ කුඹුරුවලට ජලය සැපයීම වුවත් මැද සෙංකඩගල කුඹුරු තිබුනේ නැත. 1810 දී රජු විසින් පිළිමතලාවේ දරමින් සිටි ප්‍රධාන ඇමති ධූරයෙන් ඉවත් කරන ලදී. ඊළඟ වසරේ පිළිමතලාවේ කැරළි ගැසුවේය. නුවර ප්‍රධානීන් බියටපත්කරමින් ඔහු මරණයට පත් කරනු ලැබුවේය. රජු තවදුරටත් බලවත් බෞද්ධ සංස්ථා සතු ධනය හා ඉඩම් බලහත්කාරයෙන් ලබා ගෙන අන් සතු කළේය. මේ කාලය මුළුල්ලේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලි සිංහල රදළවරු කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. ඔව්හු නායක රජ පෙළපතකට වඩා බ්‍රිතාන්‍ය පාලනය වඩා හොඳ යයි සිතූහ.එරික් බැනාBana at the 2009 premiere of Love The Beastඋපතඑරික් බැනාදිනොවික්9 අගෝස්තු 1968 (1968-08-09) (වයස 55)මෙල්බන් , ඕස්ට්‍රේලියාවරැකියාවනළුවෙකිසක්‍රීය වසර1993 – අද දක්වාකලත්‍රයා(යන්)රෙබෙකා ගිලිසන් (Rebecca Gleeson) (1997 – අද දක්වා)1968 අගෝස්තු 09 වෙනි දින උපන් එරික් බැනා විවිධ රගපෑම් ආභාෂය ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපට
සහ නාට්‍ය නළුවෙකි. ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය වල තම රංගන ජීවිතයෙන් හරි අඩක්ම ගත කර එරික් බැනා තම රංගන හැකියව දියුණු කරගනිමින්, හොලිවුඩ් පුරවරයට ප්‍රථම වතාවට පිවිසුණේ 2001 දී "බ්ලැක් හැක් ඩෝව්න්" (Black Hack Down) චිත්‍රපටයේ ඇමරිකන් ඩෙල්ටා ෆෝස් හි සැරයන් නොම් "හුට්‌" (Norm "Hoot") හෝටන් ලෙස රගපාමින්ය. පසුව ඔහු 2003 දී ඈන් ලී නිෂ්පාදනය කළ "හල්ක්" (Hulk) චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පණ පෙවූ අතර , ඊට පසු 2004 දී "ට්‍රෝයි" (Troy) චිත්‍රපටයේ හෙක්ටර් ලෙසද, 2005 දී ස්ටීවන් ස්පිහිල්බර්ග් ගේ "මුනිච්" (Munich) චිත්‍රපටයේ ප්‍රදාන භූමිකාව නිරුපනය කළ අතර, 2009 දී විද්‍යා ප්‍රබන්දන චිත්‍රපටයක් වන "ස්ටාර් ට්‍රැක්" (Star Trek) හි "නීරෝ" යන දුෂ්ට චරිතය නිරුපනය කෙරන ලදී. ඉතා ප්‍රවීන නාට්‍ය නළුවෙක් සහ විකටයෙක් වූ ඔහු, තම "චොපර්" (Chopper), "ෆුල් ෆ්රෝන්ටෝල්" (Full Frontal) සහ "රෝමුලස්‌, මයි ෆාදර්" (Romulus, My father) යන චිත්‍රපට සදහා දැක්වූ විශ්ෂ්ට රංගනයට ඕස්ට්‍රේලියානු උස්සස්ම චිත්‍රපට සහ නාට්‍ය දායකත්ව සම්මානය (Australia's highest film and television awards) දිනා ගන්න ලදී. තවද, එරික් තම රංගනය විවි
ධ ගනයේ නිර්මාණ එනම්, චිත්‍රපටයක මුඛ්‍ය භූමිකාව, අඩු පිරිවැයකින් කළ නිර්මාණ, විචිත්‍ර හාසය උප්පාදවන චිත්‍රපට වල සහ නාට්‍ය හා ක්‍රියාදාම චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියට ගියේය. මුල් අවිධිය සහ පවුල[සංස්කරණය]එරික් බැනා (එරික් බැනාදිනොවික්)වික්ටෝරියා ජනපදේ මෙල්බර්න් නගරයේ උපත ලැබූ අතර; ඔහු තම පවුලේ බාලයා විය; ඔහුට එක සහෝදරයෙක් වූ අතර ඔහුගේ නම ඇන්ටෝනි විය. ඔහු තම පියාගේ පරම්පරාවෙන් "ක්රෝටියන්" (Croatian) බව උරුම කරගත් අයෙකි. එරික්ගේ පියාගේ පියා එනම් ඔහුගේ සීයා වන "මැට් බැනාදිනොවික්" (Mate Banadinović), දෙවෙනි ලෝක යුද්ධයේන් පසුව ආජන්ටීනාවට ගිය අතර ඔහුගේ අත්තම්මා ජර්මනියට විගමනය කර පසුව කළෙක නැවතත් තම පුතා අයිවන් සමග (බැනාගේ පියා) ඔස්ටෙලියාවට ගියාය. එහිදී ඔහුගේ පියා "කාටර්පීලර් සංස්ථාවේ" (Caterpillar Inc.) ප්‍රවර්ධන කළමනාකරුවෙක් ලෙස රාජකාරි කළ අතර ඔහුගේ මව වන "එලනොර්" කොන්ඩ විලාසිතා සකසනියක් විය. එරික් බැනා ජීවත් වුයේ මෙල්බන් නගරයේ "Tullamarine" හි බටහිරට ආසන්නව පිහිටි ගුවන් තොටුපොලට ආසන්නවය. "ද මේල් ඉන් සන්ඩේ" (The Mail in Sunday) සගරාව සදහා ඔහු කතෘ "ඇන්ටෝනෙලා ගම්බෝට්ටෝ- බ්රුක්" එහිදී
ඔහු මුහුණු දුන් වර්ගවාධ ගැටළු ගැන මෙසේ ප්‍රකාශ කළේය: "Wog is such a terrible word; have always been proud of my origin, which had a big influence on my upbringing. I have always been in the company of people of European origin which had a big influence on my upbringing. I have always been in the company of people of European origin".ඉතා කුඩා කාලයේ සිටම (එනම අවුරුදු 06 - 07 සිටම) එරික් තමාගේ හැකියාවන් මුලින්ම ප්‍රයෝජනයට ගත්තේ තම සියාගේ ගමන් විලාසය, කතා විලාසය අභිරුපනය කිරීමටය. ඒ මගීන් ඔහු තම පවුලේ සැමදෙනාගේම අවධානය දිනා ගත්තේය. එතනින් නොවතුනු ඔහු පාසල් අවිධ්යේද කරදර වලින් බේරීම සදහා තම ගුරුවරුන් අභිරුපනය කෙළේය. තරුණ වියේදී, එනම් 1979දී තිරගත වූ මේල් ගිබ්සන්ගේ "මැඩ් මැක්ස්" (Mad Max) චිත්‍රපටය නැරභිමෙන් පසුව එරික් විසින් තම ජීවිතය රංගනය ඔස්සේ ගෙන යාමට ප්‍රථම වතාවට තීරණය කරන ලදී. නමුත් 1991 වන තෙක් රංගනයට නොපිවිසුණු ඔහු, 1991 දී "මෙල්බන් කාසල් ආපන ශාලාවේ " (Melbourne's Castle Hotel) මත්පැන් හල් සේවකයෙක් ලෙස වැඩ කෙරන ලදී. එහිදී ඔහුව පලවෙනි සෑරේට "stand-up comedy" හී රගපෑමට බලෙන්ම නම්මවා
ගත්තේය. වෘත්තිය[සංස්කරණය]ආරමිභය[සංස්කරණය]1993 "ස්ට්ව් වීස්අඩ්" (Steve Vizard) ගේ "ටූ නයිට් ලයිව්" (Tonight Live) යන වැඩසටහනින් ප්‍රථම වතාවට එරික් බැනා රුපවාහිනීයට අවතීර්ණය වුණේය. එහිදී ඔහුගේ රගපෑමට ආකර්ශනය වුන "ස්කෙච්-කොමඩි" (Sketch Comedy) මාලාවේ සහ "ෆුල් ෆ්රෝන්ටල්" චිත්‍රපටයේ නිෂ්පදකවරු, එරික්ට එම වැඩසටහනට රචකයෙක් සහ රගපන්නෙක් ලෙස දායක වීමට ආරාධානා කළහ. එහි රගපෑ අවුරුදු 04 තුල, එරික් විසින් තමාගේම නිර්මාණ කිහිපයක් එලි දැක වූ අතර එම නිර්මාණ බොහොමයකටම තම පවුල සහ එහි සාමාජීකයන් පදනම් කරගත්තේය. ඔහුගේ නිර්මාණ අතරින් කොලොම්බෝ (Columbo),Arnold Schwarzenegger, සිල්වෙස්ටර් ස්ටෑලෝන් (Sylvester Stallone), සහ ටොම් කෘස් (Tom Cruise) පදනම් කෙරගෙන කළ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය. එම සාර්ථකත්වයත් සමග ඔහු "ඔයුට්‌ ඔෆ් බොව්න්ඩ්"(Out of Bound) නම් හාස්‍ය උපදවන ඇල්බමයක් තැටි ගත කළ අතර ඔහු විසින් නිර්මාණය කළ "එරික්" නම් රුපවාහිනී වැඩසටහන 1996 දී විකාශනය කෙරන ලදී. " ද එරික් බැනා ශෝව්" (The Eric Bana Show) එදිනෙදා දකින චරිත වල දළ සටහන් වලින් නිර්මාණය කළ හාස්‍ය රසයෙන් යුක්ත එකක් විය. කෙසේවුවත්,
1997 දී එරික් බැනා "ද මොස්ට්‌ පොපුයලර් කොමඩි ප්‍රසනැලට්" (The Most Popular Comedy Personality) ලෙස තේරී පත්වීමෙන් "ලොජි" (Logie) සම්මානය දිනා ගත්තේය. එම වර්ෂයේදීම ඕස්ට්‍රේලියානු සිනමා නිර්මාණයක් වූ "ද කාසල්" (The Castle) චිත්‍රපටයේ මංගල දර්ශනයද පැවැත්විය; එම චිත්‍රපටයේ කතාවට පාදක වුයේ මෙල්බන් ගුවන් තොටුපොළේ තම ගෙදර පවත්වාගෙන යාමට අරගල කරන පවුලක් වටාය. එරික් බැනා මෙම චිත්‍රපටයේ සහාය චරිතයක් වන "Con Petropoulous" සදහා තොර ගන්නා ලදී. මෙම චිත්‍රපටයට අනුව Con Petropoulous, "කික්-බොක්සිං" ගණකාධිකරුවෙක් වන අතර, ඔහු කතාවට අනුව ගෙදර ස්වාමියාගේ බෑනාද වේ. "ද කාසල්" චිත්‍රපටය ඕස්ට්‍රේලියානු ඩොලර් 10,326,428ක සාර්ථක ආදායමක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉහල බොක්ස් ඔෆිස් වාර්තා කරන ලදී.1997-2005[සංස්කරණය]1997 වර්ෂයේදී එරික් බැනාගේ නාට්‍යම හැකියාවන් දියුණු නොවූ අවුරුද්දක් වුවත්, 2000 වසරේදී අප්‍රසිද්ධ අපරකරුවෙක් වූ "චොප්ර් රීඩ්" (Choper Read) පාදක කරගනිමින් නිර්මාණය වූ "චොපර්" (Chopper) චිත්‍රපටය සදහා අධ්‍යක්ෂක "ඇන්ඩ්රිව් ඩොම්යිනීක්" (Andrew Dominik) එරික් බැනාව තෝරා ගන්නා ලදී. ඩොම්යිනීක් තම "චොපර්"
චිත්‍රපටය සදහා අවුරුදු 05ක් සමීක්ෂණ පැවැත්වූ අතර ඒ සදහා සුදුසු නළුවෙකු සොයාගැනීමට වෙහෙස දැරුවේය. නමුත් ඩොම්යිනීක් හට තමාට අවශ්‍ය පුද්ගලයාව තෝරා ගැනීමට නොහැකි වූ අතර ඒ අවස්ථාවේදී අපරාධකරු චොප්ර් රීඩ් විසින්ම ඩොම්යිනීක්ගේ චිත්‍රපටය සදහා "එරික් බැනාව" යෝජනා කෙළේය; චොපර් රීඩ්, එරික් බැනාගේ රූපවාහිනී වැඩසටහන් වල රසිකයෙක් විය.මෙම චරිතය සදහා එරික් කොතරම් මහන්සි වුනාද කිවහොත් ඔහු චොප්ර් රීඩ් චරිතය සදහා තම මුළු කොන්ඩයම කැපු අතරම ඔහුගේ බර පවුම් 30කින්ද වැඩි කරගත්තේය. ඊට අමතරව, එරික් බැනා විසින් චොපර් ර්ඩ් සමග සම්පුර්ණ දවස 02 ක් රැදී ඔහුව අනුකරණය කළ යුත්තේ කෙසේද යන්න පෞද්ගලිකව වෙහෙස වී හොදින් ඉගෙන ගත්තේය. තවද, චිත්‍රපටය තිරගත කීරීම පටන්ගත් පසුවද , රුගත කරන ස්ථානයට පාන්දර 04ට යන එරික් බැනා පැය 05ක් පුරා චොපර් රීඩ්ගේ සිරුර පුරා ඇති පච්ච තම සිරුරේත් ඇදගැනීම සදහා නොසෙල්වී සිටිය. මෙම චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ සහ තවත් සීමිත රටවල් කීහිපයක පමණක් ප්‍රදර්ශනය වූ අතර එම චිත්‍රපටයහි තම රගපෑම් සදහා එරික් බැනාහට විශේෂ ඇගයුම් හිමිවිය. ඒ අතරින් ඇමෙරිකානු චිත්‍රපට විචාරකයෙක් වූ "රොජර් එබොට්" (Roger Ebort) එරික්
බැනාගේ රගපෑම් ගැන මෙසේ ප්‍රකාශ කර ඇත: "නිෂ්පාදකවරුන් විසින් සොයා ගන්නා ලද එරික් බැනා නම් හාස්‍ය නළුවා දැනටමත් අනාගතයේ සිනමා තරු අතර බැබළේන තාරකාවක් වන බවට දැන් සිටම පෙර නිමිති පෙන්වයි. ඔහු අන් නළුවන් ළග නොමැති, කිසිම නාට්‍ය පාසලක උගන්නේ නැති අතිවිශේෂ රංගන හැකිය වලින් පරිපුර්ණ අයෙක්වේ.ඔහුගේ රගපම ඕනෑම කෙනුකුට ඇසපිය නොගෙසා බලාසිටීමට පලුවන්ය" මෙම ප්‍රකාශනය සනාථ කරමින් "චොපර්" චිත්‍රපටය අදායම් අතරින් ඉතා සාර්ථක චිත්‍රපටයක් වූ අතර 2001 වර්ෂයෙදි "ඕස්ට්‍රේලියානු ෆිල්ම් ඉන්ස්ටිටියුට් අවොර්ඩ්" (Australian Film Institute Award) උළෙලදි හොදම චිත්‍රපටය සදහා නිර්දේශ විය. තවද,"චොපර්" චිත්‍රපටයහි රගපෑම සදහා "හොදම නළුවා" සම්මානය එරික්හට එම සම්මාන උළෙලේදිම පිරිනමනලදී.ඉන්පසුව 2001වසරේදී, නැවතත් එරික් බැනා ඇමෙරිකානු සොල්දාදුවෙක් ලෙස "බ්ලැක් හැක් ඩෝව්න්" (Black Hack Down) යන චිත්‍රපටයේ "රිඩ්ලි ස්කොට්"ගේ (Ridley Scott) ආරාධනය මත පෙනී සිටියේය. ඒ වන විටත් එරික්ගේ රගපෑම් ගැන පැහැදී සිටිය ස්කොට්ස්චොට්, ඔහුව තම චිත්‍රපටය සදහා කිසිදු කුසලතා පරීක්ෂණයක් නොමැතිව තෝරාගන්නා ලදී. එම චිත්රවපටියේ බැනා සුපිරි ඩෙල්ටා බලකා
යේ පළමු පංතියේ සැරයන් නෝම් “හුට්‌” ගිබ්සන් ලෙස රගපාන ලදි. සෝමාලියාවේ මොගදීපු නුවරේදී, යුධයෙකදී, යුධකම්යෙකුගේ පැනයන ලුතිනන්වරු 02කු අල්ලා ගැනීමේ මෙහුයුම අසාර්ථක වීම නිසා පැනයාමකි එම සිද්ධිය. එරික් බැනා සොල්දාදුවෙක් ලෙස මෙහි රගපෑම සදහා තම "චොපර්" ච්ත්‍රපටය සදහා වැඩි කෙර්ගත් සිරුරේ බර නැවතත් අඩු කරගන්නා ලදී. ඊට අමතරව, "ඩෙල්ටා ෆොස්හි මෙහෙයුම් ස්ථානය වූ "ෆෝට් බ්‍රරැග්" (Fort Bragg) වලට ගොස් වෙනම අවි ආයුධ භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගත්තේය. 2002දි "ද නගට්" (The Nugget) සිනමා පටය එරික් බැනාගේ ඊළග අඩු පිරිවැයකින් නිමවූ ව්‍යාපෘතිය විය. මෙම චිත්‍රපටයේ කතාවට පාදක වුනේ "සාමාන්‍ය කාර්මික පුද්ගලයන් 03දෙනෙකුට හදිසි ධන ලාභයක් හිමිවූ විට ඊළගට ඔවුන් කුමක් වේද?" යන්නයි. මෙම කතාව ඕස්ට්‍රේලියාවේ මධ්‍යම අධයමක් ලබන්නට සමත් විය. එරික් බැනා තම "චොපර්" චිත්‍රපටය තිරගත්විමෙන් පසුව "ද නගට්" චිත්‍රපටයේ තිර කෘතිය කියවද්දී එම කතාවේ සහ තම ජීවන කතාවේ අති කිට්ටු සම්බන්ධතාවය "ද නගට්" චිත්‍රපටය තෝරා ගැනීමට හේතුවූ බව ඔහු මාධ්‍යට ප්‍රකාශ කොට ඇත. මෙම චිත්‍රපටයේ තිරගත කිරීම් සිදුවූ කාලය තුල එරික් විසින් ප්‍රසිද්ධ විකට කාට
ුන් කතාවක්වූ "ද එන්කෙරෙඩ්බල් හල්ක්" (The Incredibal Hulk) පාදක කෙරගෙන නිපදිවමට බලාපොරොත්තුවූ චිත්‍රපටයේ "Bruce Baneer" ප්‍රධාන චරිතය සදහා එරික්හට ආරාධනා කෙළේය. නමුත් එම ආරාධනාව ඔහු පිළිගත්තේ අධක්ෂක ඈන් ලී (Ang Lee) එම ව්‍යාපෘතියට දායකවූ පසුවය. ඔහු තම චිත්‍රපටයක් වූ "ද අයිස් ස්ටෝම්"හි (The Ice Strom) ලීගේ දායකත්වය සම්බන්ධයෙන් ඇතිවූ පැහැදීම නිසා "හල්ක්" චිත්‍රපටයේ රගපෑම සදහා අවසාන තිරපිටපත ඉවරවීමට ප්‍රථම කැමති විය. තවද, "Bruce Baneer" චරිතය තුල ඇති "නාට්‍යමය අන්තර්ගතයත්". "ඔහු ගතානුගතික වීරයෙක් නොවීමත්" එරික් බැනා මෙම චරිතය තෝරා ගැනීමට හේතුවිය. 2003වසරේදී තිරගතවූ "හල්ක්" චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර ලබාගනිමින්, මධ්‍යම සාර්ථකත්වයක් ලබකරගත්හ. නමුත් එහි බැනාගේ රගපෑම ගැන සැවෝම අගය කළහ. නිව්යෝර්ක් ඩේලිනිව්ස් සගරාවේ කතෘ ජැක් මැතිවි, එරික් බැනා Bruce Baneerගේ චරිතය "ඉතා හොද අවොබෝධයකින්" කළ බව වාර්තා කරනලදී. තවද, බැනා විසින් "Cinescape Genre Face of the Future" චිත්‍රපටය සදහා "Academy of Science Fiction, Fantasy & Horror Films" සදහා නිර්දේෂවිය. 2004 අවුරුද්ද තුළ, එරික් බැනා විසින් අධික වියදමක් දර
ා නිම කළ "ට්‍රෝයි" චිත්‍රපටයේ "බ්‍රරැට් පිටි" සමග රගපාන ලදී. මෙම චිත්‍රපටයේ ඔහු පෙනී සිටියේ ග්‍රීක රණශුරයෙක් වූ "අකිලිස්ට" (Achilles) විරුද්ව "ට්‍රෝජන්" හමුදාවේ නායකයා වූ "හෙක්ටර්" කුමාරයා ලෙසය. අධක්ෂකවරයා වූ Wolfgang Petersen විසින් ඔහුට මෙම චරිතය ලබා දුන්නේ බ්‍රරැට් පිටි මුණගැසීමෙන් පසුවය, ඔහු චොපර් චිත්‍රපටයේ රසිකයෙක් විය. මෙම චිත්‍රපටිය ජාත්‍යන්තරය වශයෙන් සාර්ථකවූ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 364ක දළ ආදායමක් ලබාගත්තේය. නමුත් උතුරු ඇමෙරිකාව තුළ එම චිත්‍රපටය සාර්ථක නොවූ අතර, එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 133ක අඩු දළ ආදායමක් උපයගත්තේය.2005 - අද දක්වා[සංස්කරණය]Bana at the premiere of Lucky You in May 2007එරික් බැනාගේ "හල්ක්" සහ "ට්‍රෝයි" චිත්‍රපට වල අසාර්ථකත්වයත් සමග, විචාරකයන් එරික් බැනාගේ රගපෑම අධික පිරිවැයක් වැයකර නිපදවූ චිත්‍රපට සදහා සුදුසුද යන්න ප්‍රශනයක් ඇතිවිය. මෙම ප්‍රශ්නවලට "එම්පයර්" සගරාව ඔස්සේ පිළිතුරු ධුන් එරික් බැනා ප්‍රකාශ කලේ: "මම හිතන්නේ නැහැ "හල්ක්" චිත්‍රපටය අසාර්ථකයි කියල. කෙනෙක් දීර්ඝ කාලයක් තිරගත කිරිමික යෙදෙනවා නම් එය ඔහුගේ දීර්ඝකාලින ආයෝජනයක්වේ. මම කරපු හැම චිත්‍
රපටයකම අවසානය නරක නම් මම බලවත් ලෙස අපහසුතාවයට පත්වෙනවා; නමුත් හැම අවස්ථාවෙදිම මම අවසානයේදී ලැබුණු ප්‍රතිපලය ගැන සතුට පත්වුණා. "ට්‍රෝයි" ඩොලර් මිලියන 50ක් අඩුවෙන් උපයන්න ඇති එත මම ඒ ගැන දුක්වෙන්නේ නැහැ".පසු අවුරුද්ද තුළ, එරික් බැනා ස්ට්වන් ස්ෆිල්බර්ග්ගේ (Steven Spielberg) "මුනිච්" (Munich) චිත්‍රපටයෙහි ඩැනියෙල් ක්‍රිග් සහ ජෙහ්රි රෂ් සමග රගපාන ලදී.ඔහු එහි රගපාන ලද්දේ “අවනර්” (Avenar)චරිතයවේ. චිත්රහපටයට අනුව අවනර් “මොසාඩ්” (Mosad) ඒජන්තවරයෙක් වන අතර ඔහුට පවිරි තිබුනේ, 1972 ගිම්හාන ඔලිම්පික් තරගයට සහභාගී වූ එශ්රානයල් (Israeil)ක්රිතඩා කණ්ඩායම ඝාතනය කළ “කළු සැප්තැම්බර්” (Black September)ත්රුස්තවාදීන්ව විනාශ කිරීමටය. මෙම චිත්රිපටය අතිශයෙන් සාර්ථකවූ අතර “ඇකඩම් අවෝඩ්” සම්මාන 05ක් 2006දී දිනා ගන්නා ලදී. ලොස්ඇන්ජලීස් ටයිම්ස් සගරාව” අනුව ඔහ්ගේ රංගනය අතිවිශිෂ්ඨය. 2006දී එරික් බැනා සිනමා අක්ධිමියට බැදීමට ආරාධනා කෙරන ලදී. “ලකී යු” (Lucky you) චිත්ර)පටය 2007 ප්දර්සනය විය. එහි ඔහු “හුක් චිවර්” (Huck Cheever) නම් වුර්තිය සුදු අන්තුවෙක්ගේ චරිතය රග පෑවේය. ඔහුගේ ඊලග චිත්ර්පටය වූ “රෝමුලුස්, මයි ෆාධර්” (Ro
mulus, My Father) ව්ය. එහි කතා වස්තුව වූයේ කරධර මැද පුතා හදාවඩා ගත් පවුලක් වටා ගෙතී ඇත. චිත්රsපටය සාර්ථකවිය. ඒ සදහා ඔහුට ඔසට්රූලියාවේ චිත්රහපට ආයතනයක හොදම නළුවා සම්මානය හිමි කරදෙන ලදී. බනාගේ ඊලග ව්යාපපෘතිය එනම් චිත්ර පටය “ද අදර් බෝලින් ගර්ල්” (The other Boleyn Girl)(2007) විය. එහි ඔහු “ස්කාලට් ජොන්සන්” (Scarlett Jonson) සහ “නටාලි පොර්ට්මන්” (Natali Portman) සමග එංගලන්තයේ අටවැනි හෙන්රි රජු ලෙස රගපාන ලදී. මෙකි චරිතය ලැබීමෙන් පසු ඔහු පුදුමයට පත්විය. වෙන නමකින් ඉදිරිපත් කෙරුවේ නම් ඔහු එය ප්ර තික්ෂේප කිරීමට ඉඩ තිබු බව ඔහු කියා සිටියේය. ඊලග වසරේදී ඔහු “ක්රිමස් පයින්” Chris Pine) සහ Zachary Quinto හා එක්ව" ස්ටාර් ට්‍රැක්" (Star Track) විද්යාර ප්ර්බන්ධන්යේ රගපවේය. තමාගේ ලෝකය සහ එහි වැසියන් විනාශ කල “ස්පාර්ක්” නමතාගෙන් පලිය ගන්නා “නීරෝ” නමැති නැව් කපිතගේ චරිතය ඔහු එහි රගපවේය. චිත්රුපටය සාර්ථක විය. ලැබූ අදායම ඩොලර් මිලියන 380 කී.පෞද්ගලික ජීවිතය[සංස්කරණය]Bana posing with fans at the 2009 Tribeca Film Festival1995 වර්ෂයේදී එරික් බැනා "ෆුල් ෆ්රෝන්ටල්"හි රගපාන අතර තුර ඔහු රෙබෙකා ගිලිසන්, ඇය "
සෙවන් නෙට්ව්ක්"හි අන්තරජාතීය නීති ලේකකයෙක් වූ අතර නව වේල්සයේ අගවිනිසුරු සහ අභාවප්‍රත්‍ර ඕස්ට්‍රේලියානු අගවිනිසුරු මුරේ ගිලිසන්ගේ (Murray Gleeson) දුව වුවාය. එරික් බැනා ඇයට ඇමෙරිකාවේදී තමා විවාහ කරගන්නා ලෙස යෝජනා කල අතර ඔවුන් 1997දී විවාහ විය. ඊට කලින් වර්ෂයේදී (එනම් 1996 දී) ඔහු "වසරේ හොදම තනිකඩයා" ලෙස "ක්ලියෝ" සගරාවෙන් නම් කෙරන ලදී. එරික් බැනා සහ ගිලිසන්හට දරුවන් දෙදෙනෙක් ඇති අතර, ඔවුන් පිළිවෙලින් පුතා "කලුවූස්" (Klaus) (උපන් දිනය අගෝස්තු මස 1999) සහ දුව "සොපියා" (Sophia) (උපන් දිනය අප්‍රේල් මස 1999) වේ. ඔවුන් සියලු දෙනා මෙල්බන් වල ජීවත්වේ. එරික්, බැනා ලෙස සැවෝම හැදින්වුවත්, ඔහුගේ සියලුම නීති ලියකියවිලි වල ඔහුගේ වාසගම "බැනාදිනොවික්" (Banadinović) ලෙස සදහන් වේ. ඒරික් බැනා තමා පෞද්ගලික ජීවිතයදී "මොටෝර් රේසින්" ලෝලියෙකු වන අතර ඔහු ඕස්ට්‍රේලියාවේදී මොටෝර් රථ ධාවන තරග වලට සහභාගිවේ. ඔහු මොටෝර් රථ ධාවනයට කොතරම් කැමතිද කිවහොත් ඔහුට අවුරුදු 14දී පුර්ණකාලින මොටෝර් රථ කාර්මික ශිල්පයෙක් වීමට ආසාවක් ඇතිව්ය. නමුත් එයට අකමැතිවූ ඔහුගේ පියා තමාගේ විනොදන්සය තමාගේ රැකියාව කරනොගන්නා ලෙස අවවාද කරන ලදී. න
මුත් එරික් තම පළමු මොටෝර් රථය මිලිදී ගනු ලැබුවේ තමාට අවුරුදු 15දීය, එය "1974 XB Ford Falcon coupé" මෝටර් රථය විය. ඔහු එය ගනු ලැබුවේ ඩොලර් 1100කට ආසන්නවය. ඔහුගේ ප්‍රථම මොටෝර් රථ ධාවන tharagaya සදහා ඔහු මෙම රථය භාවිත කළ අතර එය Tasmania දුපත වටා සතියක් පැවතුනි. (බැනා තම මෝටර් රථය අවුරුදු 25ක් භාවිතා කරන ලදී. 2009 වසරදී ඔහු විසින් තම පළමු ලේඛනගත චිත්‍රපටය වන "ලව් ද බිස්ට්" (Love The Beast) නිකුත් කළේය. විචාරක සමීක්ෂණ අනුව මෙම චිත්‍රපටිය මෝටර් රථ ධාවනය තරග වටා සහ එරික් බැනාගේ සමීප මිත්‍රයන් වටා ගෙතුණු එකක් විය.) 2004 වර්ෂයේදී, "Australia's Porsche Challenge" තරගය සදහා තරග වැදීම සදහා ඔහු විසින් "Porsche 944 මෝටර් රථය මිලිදී ගනු ලැබිය. තරුණ වයසේදී බැනා ප්රසිද්ධ පාපන්දු ලෝලියෙකි. ඔහු තරුණ වයසේදී තම සියා සමග නිතරම පාපන්දු තරග බැලීමට St Kilda Football Club වලට රැගෙන ගිය කාලයේ සිට පාපාන්දු තරග වලට ඔහුගේ ඇල්ම ඇතිවුනේය. එය ඕස්ට්රේදලියාවේ පපන්දු ක්රීඩා සංගමයේ ප්රිරයතම පපන්ධු ක්රීඩා සමාජය විය. නිවාඩු සමයේ හෝ චිත්රනපට පචාරක කටුයුතු වලිදී නිතරම පාපන්දු ක්රී ඩා තරග වලදී ඔහු දැක ගත හැකි විය. St Kilda Fo
otball Club හි කළ තිරගත කීරීම් “Funny People” (2009) චිත්රපටයේද දැක ගත හැක. එමෙන්ම NBC Late Night with Jimmy Fallon වැඩසටහන තුලදීද එවැනිම එරික් බනාගේ රගපෑම් දැක ගත හැක. 2010 දී එරික් බැනා නම් කෙරන ලද්දේ ප්රැවේශ පත්රැ දරන නොම්මර එකේ සාන්තුවරයා ලෙසය.සුභ සාධක කටයුතු[සංස්කරණය]Bana with American service personnel in Kuwait during a screening of Star Trekනිවහනක් නොමැති විදි දරුවන්ට කැපවූ පුජ්ය ක්රි්ස් ර්යිලිස්ගේ පුණ්යැ සමාගමේ එරික් බැනා තනොඅති කෙනෙක් විය. 2008 පුජ්යව ක්රිූස් (Father Chris Riley) සමග එම කටයුතු සදහා දන්විමිකටද පෙනී සිටියේය. එරික් බැනා විසින් ඕස්ට්රේකලියාවේ මානසික රෝග සංවිදානයේ ක්රි්යාකාරී සාමාජිකයෙක් විය. තවද, ඔහු ඕස්ට්රේලියාවේ ළමා පදනමේ ඇට මිදුළු පරිත්යාරග කිරීමේ සංවිධානයේ සාමාජිකයෙකුද විය. 1995 සිට මෙල්බන්යතුරුපැදි ධාවකයින්ගේ සංවිධානයේ නත්තල් උත්සවයට දිලිදු ළමුන්ට තෑගි දීම සදහා මුදල් රැස් කිරීමේ කටයුතු සදහා එරික් බැනා සහබග්හි විය. 2005 දී වදවීමේ තර්ජනයට ලක්වී ඇති “Terrors of Tasmania” සතා පිළිබද වාර්තා චිත්රතපටයක් සදහා එරික් විසින් විස්තර කතන්දරයක් කරනු ලැබිය. එය “Mang
aninnie” නම් Terrors of Tasmania ගැහැණු සතාගේ කතාව විය. මෙකි සතුන්ගේ ජීවිතයට අවධානම් මුහුනේ ඇතිවන පිළිකාවන් පිළිබද එයින් විස්තර කෙරේ. ඔහු “Royal society for the Prevention of Cruelty of Animals” හි වැඩ කේර ඇති අතර සත්ව ආරක්ෂාව සදහා ආරක්ෂණ නිවහන් තැනීමට මුද්ල් පරිතාගය කර ඇත. චිත්‍රපටකාර්ය ලයිස්තුව[සංස්කරණය]වසරමාතෘකාවචරිතයසටහන්1997ද කාසල්Con Petropoulousඕස්ට්‍රේලියානු ෆිල්ම් ඉන්ස්ටිටියුට් අවොර්ඩ් හි හොදම නළුවා2000ද චොපර්චොප්ර් රීඩ්2001බ්ලැක් හැක් ඩෝව්න්නොම් "හුට්‌" හෝටන්2002ද නගට්ලොටො2003හල්ක්Bruce Baneer2004ට්‍රොයිහෙක්ටර්නිර්දේශ විය – MTV Movie Award for Best Fight (with Brad Pitt)2005මුනිච් Avner Kaufmanනිර්දේශ විය – Australian Film Institute International Award for Best Actor2007ලකී යු Huck Cheever2007රොමුයුලස්, ම්යි ෆාදර්RomulusAustralian Film Institute Award for Best Actor in a Leading Roleනිර්දේශ විය – Film Critics Circle of Australia Award for Best Actor2008The Other Boleyn GirlHenry VIII of Englandනිර්දේශ විය
– Australian Film Institute International Award for Best Actor2009මේරි ඇන්ඩ් මැක්ස් Damien (voice)2009ලව් ද බිස්ට්ඔහු විසින්මවාර්තා චිත්‍රපටයකි , ඊට අමතරව නිෂ්පාදනය හා අධක්‍ෂණය.2009ස්ට්‍රා ට්‍රරක් Nero2009The Time Traveler's WifeHenry DeTamble2009ෆනී පීපල්Clarke2011හානාඑරික් හෙලර්2012බ්ලැක් බඩ්Addison2012Elvis & NixonElvis PresleyTo be the directional debut of Cary Elwes“නැම්මට උඩින්” යන පුවත් පතක් මුල් පිටුවේ ඉහල කෙලවරේ වැදගත් ප්‍රවෘත්තියක් හෝ ඡායා රූපය පලකිරීමේ ග්‍රැෆික් සැකසුම පිළිබඳ සංකල්පයකි. බොහෝ පුවත්පත් පාරිභෝගිකයාට ලැබෙන්නේ දෙකට නමා බැවින් ඒවායේ මුල් පිටුවේ ඉහල භාගය පමණක් දර්ශනය වේ. එමනිසා “නැම්මට උඩින්” කොටස කතුවරයින් සලකනු ලබන්නේ පාරිභෝගිකයාට පුවත්පත මිලදී ගැනීමට පොළඹවන කොටස ලෙසය. එයින්ම එය කතුවරයාට අනුව එම දිනයේ වැදගත්ම ලිපිය වන බව ප්‍රත්‍යාවේෂණය කරයි. එමෙන්ම නැම්මට උඩින් ලෙස හැදින්වෙන ප්‍රදේශය පුවත්පත් රාක්ක වල පවතින විට වඩා මතුවී පෙනෙන බැවින් එහි වෙළද දැන්වීම් ප්‍රචාරකයින්ගේ දැන්වීම් පල කිරිමට කැමති ප්‍රදේශය වේ.
“නැම්මට උඩින්” යන යෙදුම සාමාන්‍යයෙන් වැදගත් හා මතුකර පෙන්වන ඕනෑම කොටසක් හැදින්වීමට යෙදිය හැක. විචල්‍ය[සංස්කරණය]අනුචලනයට උඩින් (Above the Scroll) යනු වෙබ් පිටුවක උඩම කොටස වේ. එනම් මවුසරය අනුචලනය නොකර දර්ශනය වන කොටස වේ. සමහර වෙබ් අලෙවිකරුවන් මෙය පුවත්පත්වල පරිදි නැම්මට උඩින් ලෙස හඳුන්වයි. නැම්මට යටින් ඇති ලිපි හා තොරතුරු “නැම්මට යටින්” ලෙස හඳුන්වනු ලැබේ.ගරුසොලොමන් සිරිල්පාමMember of the ශ්‍රී ලංකාවේ Parliamentfor යාපනය දිස්ත්‍රික්කයතනතුර දරමින්2008–2010පූර්වප්‍රාප්තිකයාකේ. සිවනේසන්, TNAපුද්ගලික තොරතුරුඋපතඅගෝස්තු 14, 1942 (1942-08-14) (වයස 81)රැකියාවරජයේ සේවක, විශ්‍රාමලත්සොලොමන් සොසයිපිල්ලේ සිරිල් යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.දේශපාලන ජීවිතය[සංස්කරණය]අප්‍රේල් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිල් යාපනය දිස්ත්‍රික්කය සඳශා අපේක්ෂකයෙකු වූ නමුදු තේරී පත්වීමට සමත් නොවීය. කෙසේවෙතත්, 2008 අප්‍රේල් හිදී සිරිල් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2008 මාර්තු මාසයේදී පාම කේ. සිවනේසන් ඝාතනය කෙරුණු විටය.[1]දෙමළ ජාතික සන්ධානය විසින් අප්‍රේල් 2010
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් සිරිල් තෝරා නොගැනුණි.[2]ආශ්‍රිත[සංස්කරණය]↑ "ටූ නිව් පාර්ලිමෙන්ටේරියන්ස් ස්වෝර්න් ඉන්". ටැමිල්නේට්. 9 අප්‍රේල් 2008. http://www.tamilnet.com/art.html?catid=13&artid=25253. ↑ ඩීබීඑස් ජෙයාරා (17 අප්‍රේල් 2010). "ටී.එන්.ඒ. පර්ෆෝර්ම්ස් ක්‍රෙඩිටබ්ලි ඉන් පාර්ලිමෙන්ටර් ඉලෙක්ෂන්ස්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/opinion1/8325.html. පුද්ගලදත්තනමසිරිල්, සොලොමන්විකල්ප නම්කෙටි විස්තරයඋපන් දිනය14 අගෝස්තු 1942උපන් ස්ථානයමියගිය දිනයමියගිය ස්ථානයආන්තර වර්ධක සංකේතය අපවර්තක සහ අනපවර්කත ප්‍රදානයන් වෙන් වශයෙන් හැඳින්වෙන්නේ "−" සහ "+" සංකේතයන් (පිළිවෙලින්) වර්ධක ත්‍රිකෝණය තුල බහාලීමෙනි. Vs+ සහ Vs− යනු බල සැපයුම් වෝල්ටීයතාවයන් වෙති; සරලීකරණය තකා මේවා සමහරවිටෙක රූපසටහනෙහි සඳහන් නොකොට අත්හරිනු ලබතත්, නියම පරිපථයෙහි අනිවාර්යයෙන්ම තිබිය යුත්තේමය.ආන්තර වර්ධකයක් වනාහී, ප්‍රදානයන් ද්වයය අතර වෙනස කිසියම් නියත ගුණාකාරයකින් (ආන්තර ලාභය) වර්ධනය කරන්නාවූ ඉලෙ
ක්ට්‍රොනික වර්ධක වර්ගයකි.සිද්ධාන්තය[සංස්කරණය]බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණයන් තුල අභ්‍යන්තර වශයෙන් ආන්තර වර්ධකයන් භාවිතා වෙති.පරිපූර්ණ ආන්තර වර්ධකයක ප්‍රතිදානය පහත අයුරින් දැක්විය හැක:Vout=Ad(Vin+−Vin−){\displaystyle V_{\text{out}}=A_{\text{d}}(V_{\text{in}}^{+}-V_{\text{in}}^{-})}මෙහි Vin+{\displaystyle V_{\text{in}}^{+}} සහ Vin−{\displaystyle V_{\text{in}}^{-}} යනු ප්‍රදාන වෝල්ටීයතා වන අතර Ad{\displaystyle A_{\text{d}}} යනු ආන්තර ලාභය වෙයි.කෙසේවතුදු, සිරිත් ප්‍රකාර, ප්‍රදානයන් ද්වයයට ලාභය එක් අගයයක් නොවෙයි. මෙයින් හැ‍‍‍ඟෙනුයේ, නිදසුනක් ලෙස, Vin+{\displaystyle V_{\text{in}}^{+}} සහ Vin−{\displaystyle V_{\text{in}}^{-}} සමාන නම්, පරිපූර්ණ අවස්ථාවෙහිදී මෙන්, ප්‍රතිදානය ශුන්‍ය නොවන බවයි. ආන්තර වර්ධකයක ප්‍රතිදානය සඳහා වඩාත් යතාර්ථනිරූපිත ප්‍රකාශනයකට දෙවන පදයක් ද ඇතුළත් වෙයි.Vout=Ad(Vin+−Vin−)+Ac(Vin++
Vin−2){\displaystyle V_{\text{out}}=A_{\text{d}}(V_{\text{in}}^{+}-V_{\text{in}}^{-})+A_{\text{c}}\left({\frac {V_{\text{in}}^{+}+V_{\text{in}}^{-}}{2}}\right)}Ac{\displaystyle A_{\text{c}}} හැඳින්වෙන්නේ වර්ධකයෙහි පොදු-ප්‍රකාර ලාභය ලෙසිනි.කේ. එන්. ඕ ධර්මදාසඋපතශ්‍රී ලංකාවනිවහනශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹරැකියාවමහාචාර්ය (ඉමෙරිටස්)සංගණ්‍ය වන්නේහිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා අංෂය පීඨය ප්‍රධානීආගමබෞද්ධමහාචාර්ය (ඉමෙරිටස්) කේ. එන්. ඕ ධර්මදාස (ඉංග්‍රීසි: K N O Dharmadasa) යනු හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා ආශයෙහි පීඨ ප්‍රධානී හා වර්තමාන සිංහල ශබ්දකෝෂයෙහි ප්‍රධානියාද වෙයි.කේ. එන්. ඕ ධර්මදාස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2011 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.ආශ්‍රිත[සංස්කරණය]මහාචාර්ය (ඉමෙරිටස්) කේ. එන්. ඕ ධර්මදාසගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්නාලන්දියයන්ගේ ආඩම්බ
රය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානයමූලික ලිපිය: ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයදෙවන ඊළාම් යුද්ධයශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ හි කොටසකි Improvised armored bulldozer of Liberation Tigers of Tamil Eelam used in First Battle of Elephant Pass. Today, it is one of the Sri Lankan Civil War memorials.දිනය1990–1995පිහිටුමශ්‍රී ලංකාවප්‍රතිඵලයIndecisiveයුද්ධාවතීරයන් ශ්‍රී ලංකාවේ හමුදාවදෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයආඥාපතියන් සහ නායකයන්රණසිංහ ප්‍රේමදාස (1989–93)ඩිංගිරි බණ්ඩා විජේතුංග (1993–94)චන්ද්‍රිකා කුමාරතුංග (1994–1995)වේළුපිල්ලේ ප‍්‍රභාකරන්vteශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයපළමුවනඉසාසාහ මැදිහත්වීමදෙවනතෙවනසතරවනBattles and operationsBombings and terrorist attacksOther military attacksසමූහ මීනීවලChemmaniDuraiappaMirusuvilසූරියකන්දසමූහඝාතනකළු ජූලිය1985 ValvettituraiKumudiniAkkaraipattuPrawn farmEastern University1990 Batticaloa1991 KokkadichcholaiJaffna lagoonNavalyNagerkovil-AllaipiddyVankalaiMutturකෙන්ට් සහ ඩොලර් ෆාම්අනුරාධපුරඅරන්තලාවකාත්තන්කුඩිපල්ලියගොඩැල
්ලකල්ලරාවOctober 1995ගෝනගලකැබිතිගොල්ලෑවJaffna Hospital1989 Valvettituraiශ්‍රී ලාංකික ගැටුම1976 - 2009පසුබිමශ්‍රී ලංකාව · ශ්‍රී ලංකාවේ ඉතිහාසයසිවිල් යුද්ධයේ මූලෝපත්තීන්සිවිල් යුද්ධයේ මූලෝපත්තීන් · ශ්‍රී ලාංකික දෙමල ජාතිකවාදය · සිංහල බෞද්ධ ජාතිකවාදය · කෝලාහල · කළු ජූලියප්‍රධාන වාක්‍ය ඛණ්ඩපළමුවන ඊළාම් යුද්ධය  · ඉන්දියානු මැදිහත්වීම · ඊලාම් යුද්ධය II · ඊලාම් යුද්ධය III · ඊලාම් යුද්ධය IVදෙඊවිකොදෙඊවිකො · කළු කොටීන් · ප්‍රහාර · මුස්ලිම්වරුන් පලවා හැරීමශ්‍රී ලංකාවේ හමුදාවශ්‍රී ලංකාවේ හමුදාව · පහරදීම්ප්‍රධාන නායකයන්එම්. රාජපක්ෂ · වී. ප්‍රභාකරන් · කරුණා · එස්. චන්ද්‍රකාන්තන් · ජී. රාජපක්ෂ · සරත් ෆොන්සේකාඉන්දියානු ඇලලීමපූමාලෙයි ක්‍රියාන්විතය · ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම · ඉන්දියානු සාම සාධක හමුදාව · පවන් ක්‍රියාන්විතය · රජීව් ගාන්ධි · RAWමෙයද බලන්නසටන් · ආබාධිතයන් · මානව අයිතිවාසිකම් · ලමා සොල්දාදුවෝ · රාජ්‍ය භීෂණය පිළිබඳ චෝදනා · සංගණ්‍ය ඝාතනයන් · අතුරුදහන්කිරීම් · දෙමළ අවිගත් කණ්ඩායම් (ලැයිස්තුව) · TMVP · 2009 දෙමළ විසිරිතයේ විරෝධතාමෙම ක
ොටුව: නරඹන්නසාකච්ඡාවසංස්කරණයසිවිල් වැසියන් ඝාතනය වීම[සංස්කරණය]පල්ලියගොඩැල්ල සමූලඝාතනය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: පල්ලියගොඩැල්ල සමූලඝාතනයසාගර ඉංජිනේරු විද්‍යාවArgonaute නැමැති ප්‍රංශ සැපයුම් නෞකාවේ එන්ජින් කාමරය.සාගර ඉංජිනේරුවා නැමැති යෙදුම නාවික යන්ත්‍ර සූත්‍ර නිර්මාණය හා ගොඩ නැගීමෙහි විශේෂඥ දැනුමක් ඇති නිමාණකරුවන් හැඳින්වීමටද සමහර අවස්ථා වල නාවික නිර්මාණකරණයේ සහ නැව් තැනීම් හි විශේෂඥ වූ පුද්ගලයින් හැඳින්වීමටද යොදාගැනේ.සාගර ඉංජිනේරුවන් යනු නැවක ප්‍රචාලනය(propulsion) හා නැවෙහි පවතින අනෙකුත් පද්ධති ක්‍රියාකරවන හා නඩත්තු කරන නාවික පිරිසෙහි සාමාජිකයන් ය. සාගර ඉංජිනේරුවන් නැවේ හෝටල් පහසුකම්, මලාපවහනය, ආලෝකනය(lighting), වායු සමනය සහ ජල පද්ධති සම්බන්ධවද කටයුතු කරනු ලබයි. තවද ඉන්ධන තොගය මාරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඔවුන් ගිනි නිවීම් කටයුතු පිලිබඳ හා ප්‍රථමාධාර පිලිබඳ පුහුණුවක්ද ලබා තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම නැවේ තිබෙන බෝට්ටු හා අනෙකුත් නාවික කටයුතු සම්බන්ධව, විශේෂයෙන්ම නැව් බඩු පැටවීම හා බඩු බෑම සඳහා අවශ්‍ය උපකරණ සහ ආරක්ෂක පද්ධති පිලිබඳ (නැවේ බඩු බෑම සම්බන්ධ කාර්යයන් නැවේ තට්ට