text
stringlengths
0
1k
්පාදනය කරනු ලබයි.තෙල් පැස්ටල් - මේවා මෘදු, බටර් වැනි උකුබවක් සහ දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත වෙයි. මෘදු පැස්ටල් මෙන් නොව මේවා කලවම් කිරීම තරමක් අපහසුය. නමුත් තිරකාරකයක් අවශ්‍ය නෙවේ.වතුරේ දියකළහැකි පැස්ටල් - මේවා මෘදු පැස්ටල් වලට සමාන වේ. නමුත් ඒවායේ ග්ලයිසෝල් වැනි ජලයේ දියවන සංයෝගයක් අඩංගුය. එබැවින් ජලය යෙදීම මගින් වර්ණ ලා පැහැ ගන්වා ගත හැක. ඇත්තෙන්ම පැස්ටල් ලෙස සැලකිය හැක්කේ කුමක්ද යන්න පිලිබඳව කලා සංගම් අතර විවාදයක් පවතී. එක්සත් රාජධානියේ පැස්ටල් සංගමය (පැරණිතම පැස්ටල් සංගමය මෙය වෙයි) පැස්ටල් ප‍්‍රදර්ශන සඳහා පිලිගනු ලබන නිර්ණායකය ලෙස පහත නිර්ණායකය ඉදිරිපත්කර සිටියි. ‘තෙල් පැස්ටල්, ගල්අඟුරු පැන්සල්, කොංටේ රටහුණු හෝ වෙනත් ඕනෑම වියළි මාධ්‍යයක්ද ඇතූලත්ව පැස්ටල්’. මෙහිදී අවධාරනය කරනු ලැබ ඇත්තේ වියළි මාධ්‍ය යන්න වුවද සංවාදය අඛණ්ඩවම පවතී.කැන්වස් මාධ්‍යය[සංස්කරණය]අතීතයේ යොදාගත් ලී පුවරු වෙනුවට ආදේශ වූ කැන්වස් තෙල් සායම් සඳහා වඩාත්ම ප‍්‍රචලිත වූ ආධාරකය විය. මරිය මව්තුමිය දේවදූතයින් සමඟින් සිටිනු දැක්වෙන 1410 දී පමණ අඳිනු ලැබූ ප‍්‍රංශ සිතුවමක් කැන්වසය මත තෙල් සායමින් අඳින ලද සිතුවම
් අතරින් ඉතිරිව ඇති පැරණිතම කෘතියක් ලෙස සැලකේ. කෙසේ වෙතත් ඉතාලියේ 16 වන සියවස දක්වා මෙන්ම උතුරු යුරෝපයේ 17 වන සියවස දක්වාත් ලී පුවරු යොදාගැනීම පැවතුනි. කැන්වසය මුලින්ම යොදාගත් අය අතර වෙනීසියේ සිත්තරු ප‍්‍රමුඛ වෙති.කැන්වසය ලී රාමුවක් යොදාගනිමින් තදින් ඇද සකස් කරගනු ලබයි. අනතුරුව සකස් කරගත් ආලේපයක් ආලේපකොට ඇඳීමට සුදුසු තත්වයට පත්කරගනු ලැබේ. මෙම ආලේපය හේතුවෙන් තෙල් සායම් කැන්වසයේ කෙඳි සමග ඍජුව ගැටීම වලකී. සාම්ප‍්‍රදායික ක‍්‍රමයට මෙම ආලේපය සකස්කරගන්නේ ලෙඞ් කාබනේට් සහ හණ ඇට තෙල් සංයෝග කිරීමෙනි. ටයිටේනියම් සුදු වර්ණක සහ කැල්සියම් කාබනේට් එක්කිරීමෙන්ද මෙම ආලේපය සකසාගත හැකි නමුත් එය පතුරු ගැලවීයාමට හෝ ඉරිතැලීමට ලක්විය හැක. වර්තමානයේ විවිධාකාර නෙකැඩෙන සුළු කැන්වස් ආලේපයන් වානිජ වශයෙන් නිෂ්පාදනය කෙරෙන අතර වෙළඳපොළේ මිළදී ගැනීමට ඇත. මෙයින් වඩාත් ජනපි‍්‍රය නිෂ්පාදනය වන්නේ ටයිටේනියම් ඩයොක්සයිඞ් සහ කැල්සියම් කාබනේට් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන සින්තටික් ලේටෙක්ස් ආලේපයන්ය. අමුද්‍රව්‍යයේ විනාශ වී යන ස්වභාවය පැවතියදීත් එය නොසලකා ජැක්සන් පොලොක්, කෙනත් නොලන්ඞ්, ෆැන්සිස් බේකන්, හෙලන් ෆ‍්‍රැන්ක්න්ටැලර්, ඩෑන
් කි‍්‍රස්ටෙන්සන්, ලැරී සොක්ස්, රොනී ලෑන්ඞ්ෆීල්ඞ් වැනි සිත්තරු ‘අමු කැන්වසය’ මත ඇඳීම කරති. අතීතයේ කැන්වස් නිෂ්පාදනය කරනු ලැබූයේ ඉතා ශක්තිමත් දුඹුරු පැහැයක් සහිත ලිනන් රෙදි වලිනි. එය තෙල් සායම් සඳහා වඩාත් යෝග්‍ය විය. 20 වන සියවසේ මුල්භාගයේදී කපු කැන්වස් භාවිතය ආරම්භවිය. තවමත් බෙහොමයක් තෙල් සායම් සිත්තරුන් අතර ලිනන් ජනපි‍්‍රයව පවතී. යාන්ති‍්‍රකව වියනු ලබන කපු කැන්වස් ආර්ථික වශයෙන් ලාභදායී වෙයි. ඇක‍්‍රලික් තීන්ත පැමිණීමත් සමඟ කපු කැන්වස් භාවිතය වඩාත් ප‍්‍රචලිත විය. ලිනන් සහ කපු ලබාගන්නේ එකිනෙකට වෙනස් ගස් දෙකකිනි. එනම් හණ ගස සහ කපු ගසයි. කාඞ්බෝඞ් යොදාගෙන කර්මාන්තශාලාවන්හි නිපදවනු ලබන ‘කැන්වස් බෝඞ්’ ලෙස හඳුන්වන කැන්වස් විශේෂයක්ද වර්තමානයේ වෙළඳපොළට පැමිණ ඇත. මේවා ප‍්‍රමාණයන් කිහිපයකින් පමණක් නිපදවනු ලබන අතර ඒවායේ ආයුකාළය ඉතාම සීමිත වෙයි. ඒවා බොහෝවිට යොදාගනු ලබන්නේ ඉක්මන් අධ්‍යනයන් සඳහාය. ලිනන් මත නියමිත ලෙස ආලේප කිරීම් සිදුකරනු ලැබූ කැන්වස්ද වෙළඳපොළේ පවතී. ඒවා බොහෝවිට වෘත්තීය වශයෙන් සිතුවම් අඳින්නන් විසින් භාවිතා කරනු ලබයි. ඒවා විවිධ බරවලින් නිපදවනු ලැබේ. ඒවා ආලේපනයන් තට්ටු කිහිපයක් ගල්වා
සකස් කරනු ලබන අතර කෙලින්ම ඇඳීමට ගැනීමට සුදුසු වෙයි. සිය ඇඳීම තමන්ට පාලනය කළහැකිවීම අගය කරන සමහර චිත‍්‍ර ශිල්පීහු තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගත් ආලේප තට්ටුවක් හෝ දෙකක් ඒ මත ආලේපකොට සිය ඇඳීම සිදුකරති. නමුත් වෘත්තීමය වශයෙන් ඇඳීම සිදුකරන බොහොමයක් දෙනා තවමත් සාම්ප‍්‍රදායික ආකාරයට සිය කැන්වස් තමන් විසින්ම නිෂ්පාදනය කරගනිති.නූතන සිතුවම් කිරීමේ ශිල්පක‍්‍රමයන් සහ පැරණි මහා කෘතීන් අතර එක් ප‍්‍රධාන වෙනසක් වන්නේ කැන්වසය සකස් කරන ආකාරයයි. නූතන ශිල්පක‍්‍රමයන් කැන්වසයේ මතුපිට ස්වභාවය සහ සායම්වල ස්වභාවය යන දෙකෙහිම වාසිය ලබාගනිති. ආධුනිකයක සිත්තරකුට සායම් තැවරීමේ පරිචය හැරුනුවිට සාම්ප‍්‍රදායික සිතුවම්වල ස්වභාවය කරා ළගාවීම කළ නොහැක්කකි. පුනරුද යුගයේ චිත‍්‍රශිල්පීහු පවා කැන්වසයේ මතුපිට ස්වභාවයට හානිවීම වැලැක්විම සඳහා බොහොමයක් පියවරයන් අනුගමනය කළහ. මේ සඳහා අමු කැන්වසය මාස ගණනාවක් තිස්සේ සුදු ලෙඞ් සායම් වල ගිල්වා තැබීම, මතුපිට ඔපදැමීම සහ නැවතත් සුදු ලෙඞ් සායම්වල ගිල්වා තැබීම සිදුවිය. අවසන් නිෂ්පාදනය රෙද්දකට වඩා බෙහෙවින් වෙනස්වූවක් විය. එහිවූයේ දීප්තිමත් ලිස්සන සුලූ මතුපිටකි. නූතන සිත්තරකුට මෙය අනවශ්‍ය තරම්
වෙහෙසවන ක‍්‍රමවේදයක් ලෙස පෙනී යා හැකි වුවද එහි අවසන් අපේක්‍ෂාව වූයේ ඡායාරූපයක් මෙන් යතාර්ථවාදී සිතුවමක් නිර්මාණය කිරීමයි. නිසි ලෙස සකසන ලද කැන්වසයක ඇඳීමේදී පින්සල ඉතා පහසුවෙන් කැන්වසය මතුපිට ලිස්සායන බව අත්දැකිය හැක. මෙහිදී තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට පින්සල් පහරවල් යෙදීමේ නිදහස සිත්තරාට හිමිවේ. කැන්වසයක රැලි ඉවත්කිරීම සඳහා කැන්වසය මත තෙත කපු රෙද්දක් අතුරා ඒ මත තරමක් උණුසුම ඇති ඉස්ති‍්‍රක්කයකින් මැදිම කළහැක.කැන්වසය මත ඩිජිටල් මුද්‍රණයන්ද සිදුකළ හැක.කටු සටහන් (ඇඳිම)[සංස්කරණය]කටුසටහනක් යනු අවසානාත්මක කෘතියක් නොව වේගවත්ව සිදුකළ නිදහස් අතින් කළ ඇඳීමකි. බොහෝවිට එහි එකිනෙක මත අතිපිහිත වූ රේඛාවන් විශාල ගණනාවක් පැවතිය හැක. තෙල් සායම්වලදී එය තෙල් සායම් කටුසටහනක් ලෙසින් හැඳින්වේ. කටුසටහන් මඟින් බොහෝවිට පසු අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අදහස් වාර්තාගත කිරීමක් සිදුවේ. කටුසටහන් සඳහා එතරම් මුදලක් වැය නොවන බැවින් කාළය සහ මුදල් වැයවන චිත‍්‍රය හෝ බිතුසිතුවමක් ඇඳීමට පෙර එහි රූප සංයෝජනය සහ අන්තර්ගත කරන විවිධ අදහස් සංකලනය කරමින් විවිධ කටුසටහන් ගණනාවක් ඇඳබැලීමේ අවස්ථාව සිත්තරාට හිමිවෙයි. චිත‍්‍ර ඉග
ෙන ගන්නා ශිෂ්‍යන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අංගයක් ලෙස කටුසටහන් ඇඳීමේ අභ්‍යාසයන් කරවනු ලබයි. අඩු කාළයකදී ඇඳිම කළහැකිවීම හේතුවෙන් පැන්සල් හෝ පැස්ටල් වැනි වියළ මාධ්‍යයක් කටුසටහන් ඇඳීමේදී යොදාගනු ලැබේ. මිනිරන් පැන්සල් සාපේක්‍ෂව නව සොයාගැනීමක් වන අතර පුනරුද යුගයේ චිත‍්‍ර ශිල්පීන් කටු සටහන් ඇඳීම සඳහා යොදාගනු ලැබුවේ මිළ අධික රිදී කූරු විශේෂයකි. ඒවායින් ඇඳීම සඳහා ඒ සඳහාම සුවිශේෂී ලෙස සකස්කළ කඩදාසි විශේෂයක් භාවිතා කෙරුනු අතර පැන්සල් කටුසටහනකට සමාන කටුසටහනක් එමඟින් ලබාගත හැකිවිය. වඩා වියදුම් අඩු ක‍්‍රමවේදයන් ලෙස ගල් අඟුරු, රටහුණු හෝ තීන්ත සහ පෑන් එකල යොදාගනු ලැබිණ.ජනපි‍්‍රය පිලිගැනීම්වලට ප‍්‍රතිවිරුද්ධව යමින් බොහෝවිට චිත‍්‍ර ශිල්පීහු කටුසටහන් ඇඳීමේදී මකනයන් යොදාගනු ලැබේ. රළු රේඛාවන් මකා දැමීමට හෝ අඳින ලද රේඛාවන්හි පැහැය අඩු කිරීමට මෙසේ මකන යොදාගනු ලබයි.ලියනාඩෝ ඩා වින්චි සහ එඞ්ගාර් ඬේගාස් වැනි සිත්තරුන්ගේ කටුසටහන් පොත් පවා කලාකෘති ලෙසින් සැලකෙයි. කෙසේ වෙතත් ඒවායේ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ සැබෑ කටුසටහන් වලට වඩා ඔවුන්ගේ පරිකල්පනීය අධ්‍යනයන්ය. කටුසටහනක් සතු හැඟීම් වේගවත්ව සටහන
් කරගැනීමේ හැකියාව වර්තමාන සංස්කෘතිය තුල විවිධාකාර කාර්යයන් සඳහා යොදාගනු ලබයි. කාටූන් චිත‍්‍ර ශිල්පීහු මූලික වශයෙන් කටු සටහන් අඳින්නෝ වෙති. සැකකටයුතු පුද්ගලයින් හඳුනාගැනීම සඳහා පොලීසිය වැනි ආයතනයන්ද කටුසටහන් භාවිතා කරති. ජනපි‍්‍රය සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථානයන්හි සිටින වීදි සිත්තරුන් අතර විනාඩි කිහිපයකදී ආලේඛ චිත‍්‍රයන්ගේ කටු සටහන් නිර්මාණයකර දෙන්නෝද අනිවාර්යක් ලෙසින්ම සිටිති. ඡයාරූප ශිල්පයේදී කටුසටහන් ඇඳීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ කළුවර කාමරයේ ඡයාරූප විවර්ධකය යොදාගනිමිනි. මෙහිදී ඍණ රූපය කටු සටහන ලබාගත යුතු කඩදාසිය මතට ප‍්‍රක්ෂේපනය කරනු ලැබේ. මුළු කඩදාසියම එකම ආලෝක තත්වයකට එනතුරු සියලූ ආලෝක සෙවණැලි ඉවත් කරනු ලැබේ.‍කටු සටහන් පොත් වර්ග[සංස්කරණය]කටු සටහන් පොත විවිධ හැඩ සහ ප්රවමාණයෙන්ද වවිධ ප්රටමානයේ කවර වලින් ද සහ පිටු සංක්ර‍ම වලින් වනස් වේ. කටු සටහන් පාත් මගින් ඇදීමේ කඩදාසි සපයන අතර එය පොතක පහසුකම ආකාරය වේ. කටුසටහන්පොත අවසන් වැඩ කලකරැවාලෙන් කලාකරැවාට වෙනස්වන අතකර, සමහර ඒවායේ සරල චිත්රස හා විශානල සටහන් සහ සමහර ඒවායේ වැඩකරන ලද ප්රසතිබිස්බ අඩංගු කාලයට අමතරව කලාකරැවන් ප්රහගතිය අංග ඔහු / ඇ
යගේ රටාව සහ කුසලතා සංවර්ධනය වැදගත් ව්. බෝහේ කලාකරැවන් කවර අලංකාර කිරිනේ ඔවුන්මගේ කටු සටහන් පොත පුද්ගලරෝපණය කරයි. බරවලින් වෙනස්වු (තහඩුවල ඝනත්වට අනුව) සහ දත්ත (මතුපිට ගෝරෝසු බව) භාවිතා කර වෙනස් ක්රෙමශිල්ප සදහා ඉඩ දෙන අතර එය පැන්සල් සිට දියසායම් පාට පැන්සල් පැන සහ තින්ත යනදි වශයෙන් වෙනස්වේ. සමහර කොළ විශේෂ එළතරා මුද්රාාව සදහා වඩාත් සුදුවේ. කටු සටහන් කොළ වවිධ වු වර්ණ සංයෝග කාර වලින් නිකුත් වන අතර ඒවා නියම සුදු පාට සිට කහ සහ අඩුවෙන් ඇති අළු පාටින් ද යුක්ත වේ. කටුසටහන් පොත බොහෝ විට නුතන කලාවන් නිරීපනය කිරිමට මෙන්ම ඓතිහාසික පුකෝක්ෂණ සදහා භාවිතා කරයි. දැනට ඉගි කරන සහ තාවවකාලික වාර්තා සැලසුම්කල අවසන් කල ඇති චිත්ර සිතුවම් හෝ ඇඹිම් වලට වඩා විධිමත් ලෙස දැකිය හැක. මේවාද බලන්න[සංස්කරණය]දේශිය චිත්‍ර කලාව හා එහි මූලිකාංගවිකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details.No reason has been cited for the Wikify tag on th
is article.Please replace HTML markup with wiki markup where appropriate.Add wikilinks. Where appropriate, make links to other articles by putting "[[" and "]]" on either side of relevant words (see WP:LINK for more information) and check that your links work as expected. Please do not link terms that most readers are familiar with, such as common occupations, well-known geographical terms, and everyday items.Format the lead. Create or improve the lead paragraph.Arrange section headers as described at Wikipedia:Guide to layout.Add an infobox if it is appropriate for the article.Remove this tag.2008 වසර උතුරේ උග්‍ර ලෙස සටන් ඇවිලෙමින් තිබූ වසරකි. මහජනයා වෙත තොරතුරු නිකුත් නොකළද සටන වෙනුවෙන් දිවි පිදූ සෙබළු දහස් සංඛ්‍යාත වූවෝය. ජනමාධ්‍යයෙන් ඔබ කිසි දිනෙක අසා නොමැති වූවද, සාමාන්‍ය සෙබලාගේ සිට ඉහලම නිලය දක්වා ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන ජය ගැනීමට දායකත්වය සැපයූවෝ බොහෝ වෙති. තවත් එවැනි එක් විරුවෙකුගේ කතාවක් මෙසේ ඔබ වෙත ගෙන ඒමට මා තීරණය කළෙමි.2008 වසරේ අග භාගය වන විට අති විශාල සංග්‍රා
මයකින් අනතුරුව, අප කෙමෙන් කෙමෙන් කිළිනොච්චියට ලඟා වෙමින් සිටියෙමු. කිලිනොච්චිය නගරාසන්නයේම පිහිටි ගම වූයේ අක්කරායන්කුලම් ගම්මානයය. එය අත්පත් කර ගැනීම සඳහා කළ සටනේ මූලික ඉලක්කය වූයේ අක්කරයාන්කුලම් වැව් බැම්ම හා ඒ ආශ්‍රිත ප්‍රදේශය යටත් කරගැනීමය. මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා යටතේ පැවතුනු 571 සේනාංකය ඒ ඉලක්කය සපුරාගැනීම සඳයා යොදවන ලදුව ඔවුන් විසින් සාර්ථකව සටන අවසන් කරන ලදුව වැව් බැම්ම අල්ලා ගනු ලැබීය. ඉන් පසු ඉලක්කය වූ අක්කරායන්කුලම් ගම්මානය පිහිටියේ කිළිනොච්චිය නගර සීමාවට ගිණිකොන දෙසිනි. ගම්මානය ගැන යම් සඳහනක් කළහොත්, එය 4500-5000 ත් අතර ජනගහනයක් විසූ ගමකි. මහා විදුහලක් සහ දිස්ත්‍රික් රෝහලක්ද මේ තුල පිහිටා තිබුණි. වැව් බැම්ම අත්පත් කරගැනීමෙන් අනතුරුව අක්කරායන්කුලම අත්පත් කරගැනීම සඳහා සටන මීලඟට දියත් කෙරුණි.අක්කරායන්කුලම් හීදී සිදු වූ මෙම සටන කොටින්ට තවත් තීරණාත්මක සටනක් වූවේ නච්චිකුඩා සිට කොටි ඉදිකළ අවසාන ආරක්ෂක වළල්ලේ අවසානය වූයේ එය බැවිනි. එහෙයින් නච්චිකුඩාව රැකගැනීම සඳහා උන් විසින් දරණ ලද්දේ මහත් වෑයමකි. එවන් තත්ත්වයක් යටතේ කොටින්ගෙන් එල්ලවූ අධික ප්‍රතිරෝධය මැඩගෙන කොටි ගසා තිබුණු බං
කර 21න් 18ක්ම අල්ලා ගැනීමට හමුදාව සමත් වූවද, ඉතිරි බංකර තුන යටත් කරගැනීමට නොහැකි විය. මේ අවස්ථාවේදී එක් සෙබලෙකු ස්වෙච්චාවෙන්ම ඉදිරිපත්වී, යටත් කරගැනීමට නොහැකිවූ බංකර තුන යටත් කරගැනීමට මෙහෙයුමක් දියත් කිරීමට, සිය ප්‍රධානියා වූ 12වන රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඉන්ද්‍රජිත් බණ්ඩාරගෙන් අවසර ඉල්ලීය.එම සෙබලා නමින් නාමල් උඩවත්තය. අලව්වේ පදිංචිකරුවෙකු වූ ඔහුට ඒවන විට වයස අවුරුදු 31ක් විය. හමුදාවේ සමූහ ප්‍රහාරයන්ට යටත් කරගතහැකි නොවූ මේ බංකර තුන යටත් කරගැනීමේ මාරාන්තික සටනට ඔහු මෙසේ ඉදිරිපත් විය. ඔහුට සටන් කිරීමට අවසර ලැබිණි.මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.තවත් සෙබළු 7 දෙනෙකුද කැටුව කොටින්ගේ බංකර තුන ආසන්නයටම බඩගාගෙන ගිය නාමල් උඩවත්ත මාරාන්තික ප්‍රහාරයක් කොටින්ට එල්ල කළේය. එය දරාගත නොහැකිවූ කොටියෝ පසුබැස පලාගියේ සිංහයන්ගේ ශක්තියට හා ධෛර්ය්‍යට ඔවුන්ට අභියෝගයක් විය නොහැකිබව පසක්කර ගනිමිනි.මෙහෙයුම සාර්ථකව අවසන් කළ ඔහුගේ මේ කියාව පිළිඹඳ දැනුවත් වූ 571 බලසේනාධිපති කර්නල් ජීපී රවිප්‍රිය මහතා වහාම ඔහුව සැරයන් තනතුරට උසස් කළේය.එතැන් පටන් සැරයන් නාමල් උඩවත්ත වන ඔහු නැවත කරළියට එ
න්නේ අක්කරායන්තකුලම් ගම්මානය අල්වාගැනීමේ අවසන් සටනේදීය. 12වන සිංහ හා 9වන ගජබා යන රෙජිමේන්තු සුසංයෝගයෙන් මේ සටන් සිදුවිය. මේ සටනේදී 8දෙනෙකුගෙන් යුක්ත වූ විශේෂ පාබල මෙහෙයුම් භට කණ්ඩායමකට අණ දුන්නේ සැරයන් නාමල් උඩවත්තය. මෙහිදී අක්කරායන්කුලමට ආසන්නයේ කොටි කණ්ඩායමක් සමීපයට, ඔහුගේ අණ දීමෙන් යුක්ත භට පිරිස ලගා වූහ. කොටියෝ පහර දුන්හ. නාමල්ගේ භට පිරිසිද පෙරලා පහර දුන්නෝය. එහිදී කොටියෝ අටකට මරු කැඳවා ඔවුන්ගේ ආයුධද අත්පත් කරගැනීමට හමුදාවෝ සමත්වූහ.මේ වන තුරු ඔබ කියෙව්වේ නාමල්ගේ ජයග්‍රාහී සංග්‍රාම පිළිඹඳවය. දැන් මා සැරසෙන්නේ නාමල්ගේ අවසන් නටන ගැන යමක් ලිවීමටය. ඔහු මිය ගියේද ඒ සටන් බිමේදීමය. සටන් බිමේ කොටි ප්‍රහාර මැද ඉදිරියට ගිය ඔහුගේ පාදයකට තුවාල විය. තුවාලයට තාවකාලික ප්‍රථිකාර ගෙන නැවත ඉදිරියට යෑමට තරම්, මේ විරුවා නිර්භය විය. ඒ අවස්ථාවේ රුදුරු කොටි අවියකින් නිකුත්වූ වෙඩි උණ්ඩයක් ඔහුගේ ළය හරහා ගමන් කළේය. 31 වසරක් වූ ඔහුගේ කෙටිකාලීන දිවියේ වැඩි රට වෙනුවෙන් ගැසුනු හදවත නිසල විය.ඒ අවස්ථාවේදී සැරයන් උඩවත්ත හා සටනට පිවිසි සෙබළ සිසිරට ඔහුගේ මළසිරුර එහි දමා ඒමට සිත් දුන්නේ නැත. නාමල්ගේ සිරුරද කරගහගත්
සිසිර පසුපසට එමින් සිටියදී කොටියෝ යළිත් දැඩිලෙස පහර දුන්හ. ඒ අවස්ථාවේදී සිය දිවි බේරාගැනීමට සෙබළ සිසිර නාමල්ගේ සිරුර සමග ලඟ තිබූ ආරුක්කුවකට පැන්නේය. සති ගණනාවක් පුරා ඇදහැලෙමින් තිබූ මුරුගසන් වර්ශාව නිසා පිටාරගලමින් තිබූ මහා ජල කඳට හසුවූ සෙබළ සිසිරත්, නාමල්ගේ සිරුරත් ගසාගෙන ගියේය. සිසිර පීනා දිවි බේරාගත්තද ප්‍රාණය නික්මගොස් නිසසල වූ නාමල්ගේ සිරුර දිය යට සැඟව ගියේය.ආරුක්කුවේ කිමිදුනු සෙබළුන්ට 2008.12.18 දින අවසානයේදී, නාමල් උඩවත්තගේ සිරුර හමු වියරෝමයරෝමාකොමියුනයරෝමා කපිතාලේඉහළ වම් කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: කොලසියමය, දෙවන   විට්ටෝරියෝ ඉමනුවේලෙ සඳහා ස්මාරකය, කරස්ටෙල් සන්ට්අන්ජලෝ, නගරයේ ඓතිහාසික කේන්ද්‍රෙයහි අහස් දසුනක්, ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෝලාර්ධය, ට්‍රේවී උල්පත, පියාස්සා දෙල්ලා රිපුබ්ලිකා.ධජයඅපනාමය(න්): සදාකාලික නගරය/ලෝකයේ අගනගරයකොමියුනයෙහි බලප්‍රදේශය (රෝමා කපිතාලේ, රතු පැහැයෙන්) රෝම පුරවර නගරය තුල (සිට්ටා මෙට්‍රොපොලිටානා ඩි රෝමා, කහ පැහැයෙන්)රට ඉතාලියප්‍රදේශය ලට්සියොරෝමය යනු ඉතාලියේ අගනුවර වේ.ඉතිහාසය - රෝමය[සංස්කරණය]පුරාවෘත්තයන්ට අනුව රෝමය ස්ථාපනය කරන ලද්දේ වෘක ධේන
ුවක් විසින් ඇති දැඩි කල රෝමියලුස් සහ රීමස් විසින් ක්‍රි.පු. 753 දීය.පුරාවෘත්තයන්ට අනුව ඒනිස් නම් ත්‍රෙජන් කුමරුවාගෙන් පැවතුණු රෝමියුලස් සහ රිමුස් යන නිවුන් දරුවන් විසින් රෝමයේ ක්‍රි.පු. 753 අප්‍රෙල් 21 වන දින ස්ථාපනය කෙ‍රිනි ඇල්බාන් ලොන්ගාහි ලතින් රාජ්‍යයා වු නියමිටර් ඔහුගේ කෲර සොහොයුරා වු ඇමුලියස් විසින් සිහිසුනෙන් ඉවත් කල අතර නියුමිටර්ගේ දියණිය වු රියා සිල්වියාට දාව රෝමියලුස් සහ රිමුස් උපත ලැබුහ. රියා සිල්වියා වෙස්ටේලියානු කාන්තාවක් වු අතර මාස් විසින් දුෂණය කරනු ලැබ ඒ හේතු කොට නිවුන් දරුවන් අර්ධ දේවත්වයට පත්විය. රෝමියුලස් සහ රිමුස් විසින් ඔවුන්ව නැවත අයත් කර ගන්න යැයි බියට පත් වු නව රජු ඔවුන් දියේ ගිල්විමට කටයුතු සකස් විය. වෘකදේනුවක් විසින් (සමහර වාර්ථා අනුව ගොප්පලකුගේ බිරිදක් විසින් ) ඔවුන් බේරාගෙන ඇති දැඩි කල අතර ඔවුන් නිසි වයසට පැමිණිමෙන් පසු ඇල්බා ලොන්ගාහි ඔවුන්ව නියුමිටර්ට ලබා දුන්හ. නිවුන් සොහොයුරන් විසින් ඉන්පසු ඔවුන්ගේම නගරය බිහිකර අතර රෝමයේ රජකම සදහා දෙදෙනා අතර වු සටනේදි රෝමියලස් විසින් රීමස් ඝාතනය කරන ලදි. ඒ අනුව නගරයෙහි නමෙහි ‍මුලාශ්‍ය වුයේ රෝමියුලස්ය. පුරාවෘත්තයන්ට අනුව
නගරයේ කාන්තාවන් නොසිටි හෙයින් ලැටින්වරු උත්සවයක් සදහා සේබයින්වරුන්ට ආරාධනය කල අතර ඔවුන් අතර සිටි අවිවාහක කාන්තාවන් ‍සොරකම් කලහ. එමගින් ලැටින්වරුන් හා සේබයින්වරුන්ගේ ඒකාබද්ධ විමක් සිදු විය. රෝම නගරය ටයිබර් ගගෙහි ජල පහරක් අසල පිහිටි ප්‍රවාහන හා වාණිජ කටයුතු වලින් යුක්ත වු ජන වාසයකින් වර්ධනය විය පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව රෝම ග්‍රාමය ක්‍රි.පු 8 වන සියවසෙහි කිසියම් කාලයකදි ඇතිවුවා විය හැකිය. කෙසේ වුවද එය ක්‍රි.පු. 10 වෙනි සියවසෙහි ඉතාලියේ ලතින් ග්‍රෝත්‍රක සමාජකයින් විසින් පැලටයින් කදු මුදුනේ පිහිටුවාද විය හැකිය. ඉන් පෙර එඩ්නරියා වලින් උතුරෙහි පදිංචිව සිටි එඩ්රැස්කන්වරු වංශවත් හා රාජකීය ප්‍රභූ පන්තියක් ස්ථානය කරමින් ක්‍රි.පු. 7 වන සියවසෙන් පසු භාගයේදි එම කලාපය තුල දේශපාලන බලය පිහිටුවා ගත් බව පෙනේ. ක්‍රි.පු. 6 වන සියවසේ පසු භාගය වන විට එඩ්රැස්කන්වරුන් වෙතින් ප්‍රදේශයේ බලය ගිලිහි ගිය බව පෙනේ. මෙම අවස්ථාවේදි මුල් ලතින් හා සැබයින් ගෝත්‍රකයින් පාලකයන්ට සිය බලය පාවිච්චි කිරීමට‍ ඇති ඉඩකඩ වඩාත් සිමාකර සමුහාණ්ඩුවක් නිර්මාණය කරමින් යලි ඔවුන්ගේ පාලනය පිහිටුවුහ.අධිකාරී පාලනය සාමාන්‍යVIAF23
4WorldCatජාතික පුස්තකාලSpainFrance (data)CataloniaGermanyItalyIsraelUnited StatesJapanCzech RepublicAustraliaGreecePolandVaticanවෙනත්FASTHistorical Dictionary of SwitzerlandMusicBrainz areaNARAIdRefTroveමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "සාම ගිවිසුම්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)දෙපිරිසක් අතර ඇතිවූ මොනයම් හෝ ගැටුමක් එම දෙපිරිස එක්වී සම්මත කරගත් ගිවිසුමක් මත සමථයකට පත්කරගනීනම් එම ගිවිසුම සාම ගිවිසුමක් ලෙස හැඳින්වීම සම්මතයයි.එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකික අපට "සාම ගිවිසුම්" යන්න හුරුපුරුදු වදනක් බවට පත්කරන්නට හේතු භූත විය.සාම ගිවිසුම් සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]<font="1">අතීතයේදීද විදේශීයරටවලින් කෙරුණු ආක්‍රමණමෙන්ම රට අභ්‍යන්තරයේ රජවරු අතර කෙරුණු ආක්‍රමණද හිඟනොවිණි.මෙවන් පසුබිමක්තුළ"සාමගිවිසුම්"අ
පට අද ඊයේ සිට ඇසුණු වදනක් පමණක්ම නොවන බව සිතන්නට පමණක්නොව ප්‍රත්‍යක්‍ෂකොට දැනගැනීමට අවශ්‍ය සාධකද අපගේඉතිහාසය අපටඋරුමකර දී තිබේ.මෙහිදී "සෙල් ලිපි" වෙනත් බොහෝ කරුණුකාරණා හෙළිකරදීමට සමත් වන්නාක් මෙන්ම ඉහත කී සාධකයද සනාථ කරන්නට අවශ්‍යයෙන්ම හේතුප්‍රත්‍යවේ.පැරණි සෙල් ලිපියක්රාජකීය සාම කතිකාවත[සංස්කරණය]<font="1">සංගමු විහාර සෙල් ලිපිය12වන ශතවර්ශයේ දී දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු රජවරුන් විසින් ලියවා පිහිටුවනලද සංගමු විහාර සෙල් ලිපිය පැරණි අභිලේඛන අතර වැදගත් තැනක් හිමිකරගත්තකි.එයට හේතුව මෙය වංශාගත කරුණක්ද සනාථකරවණු ලබන රාජකීය සාම කතිකාවතක් වන හෙයිනි.කුරුණැගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ගමින් සැතපුම් දෙකක් ඊසාන දෙසට ගියවිට හමුවන උඩබුලත්ගම ප්‍රදේශයේ සංගමු විහාර සෙල් ලිපිය පිහිටා තිබේ.මෙය දිගින් අඩි 4ක් හා පළලින් අඩි 3ක් හා අඟල්භාගයකින් ද යුක්ත වේ.කොටවා ඇති අකුරක්අඟල්2ක්පමණ උසය.සංගමුව විහාර ලිපියේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් දක්වා තිබෙන අදහස සිංහල පෙළට නැගූවිට ඉස්මතු වනුයේ පහත දැක්වෙන ආකාරයේ අදහසක් වේ."ස්වස්ති ශ්‍රී මහා සම්මත පරම්පරාවෙන් නොපිරිහී පැවති ආ සත්‍යධන වූ ගජබාහු
පරාක්‍රමබාහු දෙසුරුබඩු වම්හ.අප කළ සන්ධානයට ජීවිතාන්තදක්වා විග්‍රහයක් නොකරම්හ.ඔවුනොවුන් අයාමයෙහි පළමුවකෙනෙකුන්ගෙ.......පසුවූවන් අත්පත්වන්න..........එක්කෙනෙකුන්......වැ...මෙ....රාජ්‍ය වී ලුප්තවන නියායෙන් ........අප දෙදෙනා කෙරෙන් එක් කෙනෙකුන් හට සතුරු වූ රජ දරු කෙනෙක් ඇත්නම් දෙදෙනාටම සතුරහ.මෙයට විරුද්ධයක් කළොමො නම් තුණුරුවන් ආඥා මැකූවම්හ.නරකයෙන් මුක්ත නොවුවම්හ".ඉහත දක්වා ඇති සිංහල පෙළ බ්‍රාහ්මීය අක්‍ෂර එලෙසින්ම සිංහලයට නැගූවකි සංගමු විහාර ලිපිය ස්භාවික උපද්‍රවයනට ලක්වීමෙන් එහි ඇතැම් අක්‍ෂර මැකීගොස් ඇති අතර ඇතැම් කොටස් කියවා ගැනීමදඅසීරු වෙයි.මේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ"එපිග්‍රැපියා සෙයිලනිකා-Epigraphia Zeylanica"යනග්‍රන්ථයේ දැක්වෙන ඡායා අනුපිටපතින්ද පැහැදිළි වෙයි.ඉහත සිංහල පෙළින් නැගූ අදහස සංක්‍ෂිප්ත කොට මෙසේ ලිවිය හැකිය."යහපතක් වේවා,ශ්‍රීමත් මහා සම්මත රාජ පරම්පරාවෙන් නොසිඳී පැමිණ සත්‍යයම ධනය කොට ඇති අපි ගජබාහු පරාක්‍රමබාහු ඥාතිසොහොයුරෝ(දෙමස්සිනෝ)වෙමු.අප කළ මේ පොරොන්දුවට අනුව අප දෙදෙනාගෙන් පළමුව මැරුණකුගේ රාජ්‍යය නොමැරී ජීවත්වන්නාටඅයිතිවේ.එක්කෙනෙක් මේ රාජ්‍යය වැනසෙ
න අයුරින්(කටයුතු නොකළ යුතුය).......අප දෙදෙනාගෙන් එක්කෙනෙකුට සතුරුවූරජකෙනෙක් ඇත්නම් ඔවුහු අප දෙදෙනාටම සතුරුය.මෙය(ගිවිසුමට)විරෝධයක් (විරුද්ධයමක් )අප කළොත් තුණුරුවන්ගේ ආඥාව කඩකළෝ(ඉක්මවූවෝ)වෙමු.අපායෙන්ද නොමිදුණෝ වෙමු"මේ සෙල්ලිපිය අවසානයේදී සංස්කෘත ශ්ලෝකයක්ද සඳහන්කර තිබේ.එහි දළඅදහසමෙසේය."අනුන්ගේ යහපතම ධනය කොටඇති අප දෙදෙනගේ මේ ලියවිල්ල සඳහිරු පවත්නාතුරු ලොව ආරක්‍ෂාකෙර්වා".ඉහත පරිදි සංගමුව විහාර සෙල් ලිපියෙන් දැක්වෙනුයේදෙමස්සිනාවරුන් වූ ගජබාහු සහ පැරකුම්බා යන රජවරුන් විසින් ගැටුම් සහගත යුධමය අවස්ථාවක් මඟහරවා ඇතිකරගනුලැබූ සමඟි සමාධාන ගිවිසුමක් හෙවත් "සාම ගිවිසුමකි".සාම ගිවිසුමට හේතු වූ වියවුල[සංස්කරණය]<font="1">මහා වංශයේද සංගමු විහාර ලිපියෙන් දැක්වෙන වියවුල එහි70වන පරිච්ඡේදය මඟින් සවිස්තරව දක්වා තිබේ."කීර්ති ශ්‍රී මේඝ රජුගෙන් පසු දක්‍ෂිණ දේශයේ බලය අත්පත් කරගත් පරාක්‍රමබාහු රජු ලක්දිවම යටත්කරගැනීමේ අරමුණින් තම මස්සිනා වූ ගජබාහු රජුගේ යටතේ පැවති පොළොන්නරුව ලබා ගැනීමේ අරමුණින් සටන් කළේය.මේ සටනින් ජයගත් පරාක්‍රමබාහු රජු ඉතා පහසුවෙන් පොළොන්නරුව තමන් යටතට පත්කරගන්නා ලදී.රජුගේ
සේනාව ගජබා රජු අල්ලා මාළිඟයෙහිම සිරකොට තැබීය.එමෙන්ම මේ සේනාවෝ සිය ජයග්‍රණයෙන් උදම් වී පොලොන්නරු නගරය කොල්ලකන්නට වීය.මේනිසා පොළොන්නරුවේ වැසියෝ ඉතාම පීඩාවට පත්විය.මේනිසා ඔවුන් ඇමතිවරුන් සමඟ කතිකාකොටගෙන තමනට සිදුවූ විපත දන්වා තම රට වන පොළොන්නරුව බේරාගැනීමට උදව්වන ලෙස රුහුණේ රජකළා වූ මාණාභරණ රජුගෙන් ඉල්ලා සිටීය.මෙතෙක්කල් පොළොන්නරුව දෙස ඇස ගසාගෙන සිටි මානාභරණ රජුට මෙය අඟනා අවස්ථාවක් විය.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු පොළොන්නරුව බේරාදීමේ මුවාවෙන් යුද කර පොළොන්නරුව අත්පත්කර ගත්තේය.එසේකොට අවසානයේ ගජබා රජු දඟගෙයි දම්මවා මරන්නට සැරසුණි.මෙයින් භියටපත්වූ ගජබා රජු පැරකුම්බා රජුට පණිවුඩයක් යවමින් "පින්වත හැර මට අන් ආරක්ෂාවක් නැත.දුක්ඟින්නෙන් තැවෙන මා ඔබ වහන්සේගේ කරුණා ජලය ඉස සනසනු මැනවි."යනුවෙන් ඉල්ලාසිටියේය.පැරකුම්බා රජුද හෙතෙමේ මා නිසා දුක් වින්දේය.ඔහු දුකින් මුදාගැනීම මගේයුතුකමය"යයි සිතා මාණාභරණ රජු සමඟ බිහිසුණු සටනක් කොට ඔහුව පන්නා හැරීය.ඉන්පසුව ගජබා රජුව නිදහස් කිරීමට සැරසෙද්දී ඔහුගේ මිත්‍රද්‍රෝහී සෙනෙවියෝ පැරකුම්රජු කෝපකරවා රජු මරන්නට සිතා පැරකුම් රජුගේ භටයන්ට පහර දුනි.එය
ින් කෝපයට පත් පැරකුම්බා රජු යළිත් ගජබාහු රජුව අල්ලාගැනීමට සේනාව මෙහෙය වීය.මෙසේ ඇතුළතින් හා පිටතින් පොළොන්නරුවට පහර දෙන්නට වූ කලගජබා රජු ත්‍රෛයිනිකායික භික්‍ෂූණ්වහන්සේලා වෙත ගොස් පිහිට ඉල්ලා සිටියේය.මහා සංගයාද ගිරිතලේ සිටි පැරකුම්බා රජු හමුවී බණ දේශනා කරන ලදී.එහිදී ගජබා රජු මහලු බවත්,සොහොයුරෙකු හෝ පුතෙකු නොනැති බවත් එහෙයින් මැරෙනතුරු ඔහුට රජකම් කිරීමට ඉඩදිය යුතු ඉවත් කියා සමඟි සන්ධානයක් (සාම ගිවිසුමක්)ඇති කළහ."සංගමුව විහාර සෙල්ලිපිය පිහිටුවන ලද්දේ මේ ගිවිසුම මුල්කරගනිමිනි.පසුකාළීනව ගජබා රජුද මැදිරිගිරි විහාරයේ වූ ගලක "රජ රට මා විසින් පැරකුම්බා රජුට දෙන ලද්දේය"යනුවෙන් ගිවිසුම අනුදක්නා තවත් ලිපියක් කොටවන ලදී.ඉපැරණි සාම ගිවිසුමේ වැදගත්කම[සංස්කරණය]<font="1">මේ ලිපිය ඉපැරණි සාම ගිවිසුමක් පමණක් නොව සිංහල රජුන් පිළිබඳව මහා වංශයේ වන තොරතුරුද සනාථකරවන්නකි.එයනම් සිංහලයේ ප්‍රාදේශීය රජුන් අතර පැවති අභ්‍යන්තරික යුද ගැටුම් ආදිය බෞද්ධාගම හා මහා සංඝයාගේ අනුදැනීම පිට සමථයකටපත්කොට සාමය උදාකරලීමට සිංහල රජවරුන් ක්‍රියාකළ බවය.මේ ලිපිය පිළිබඳව ඇතිවන තවත් ගැටලු සහගත කාරණාවක් කෙරේ පිළිතුරු ස
ැපයීමේදීද මේබව සනාථ වෙයි.එම ගැටලුවනම් මේ රජුන් දෙදෙන මේ ගිවිසුම් ලිපිය තම රාජ්‍යයන්හි නොපිහිටුවා සංගමුව හා මැදිරිගිරිය යන විහාරයන්හි පිහිටවූයේ ඇයිද? යන්නයි.මහාචාර්ය පරණවිතාන මහතා මෙයට දෙන පිළිතුර වනුයේ "සාම ගිවිසුම ඇතිකරන්නට මුල්වූයේ මහා සංඝරත්නය නිසා සංගමුව හා මැදිරිගිරිය විහාරයන්හි ප්‍රධාන හිමිවරුන් ඉදිරිපිට මේ සෙල්ලිපි කොටවා එහිම පිහිටුවීම ගිවිසුමේ ස්ථීරත්වයට හා හිතවත්කමට වඩා යෝග්‍යයැයි සිතුවා විය හැකිය"යන්නයි.අනෙක් අතට බලනකලද තත්කාලීන රජවරුන් මහ ජනයා ගැවසෙන විහාරාමවල මේ ගිවිසුම් ස්ථාපිත කරවා ප්‍රසිද්ධ කිරීමෙන් මහා සංඝසා හා බෞද්ධාගම කෙරෙහි වූ භක්තිය ප්‍රදර්ශනය කොට යුද ගැටුම් නිසා අප්‍රසාදයෙන් පසු වූ මහජනතාවගේ ප්‍රසාදය යළි ලබාගත්බවද සිතිය හැකිය.මෙසේ මේ සංගමුව විහාර ලිපිය කිහිපාකාරයකින්ම අතීතයේ තොරතුරු අප වෙත ගෙන එන සන්දේශකයෙකු වී තිබේ.ඒ සියලු කරුණු කාරණා යටපත් කරලමින් මෙහි වැදගත්කම වඩ ඩාත් ඉස්මතු වනුයේ,බෙහෙවින්ම විහාරාරාම පූජාදියට සීමිතව පවත්නා සෙල්ලිපි අතර රාජකීය සමඟි සන්ධානයක් ස්වදේශීයව සඳහන් වූ සෙල් ලිපියක් ලෙස' ඇත්තේ මේ සංගමුව විහාර සෙල් ලිපිය පමණක් වනහෙයිනි."මේ
නිසා මේ සංගමුව විහාර සෙල් ලිපිය"සාම ගිවිසුම්"අතර "ඉපැරණි සාම ගිවිසුමක්"ලෙස අපගේ අතීත උරුමයන් තුළ බබළමින් අනාගතයේද පවතිනු ඇත".මූලාශ්‍ර[සංස්කරණය]"දිවයින බදාදා අතිරේකය",දිවයින,2002,ඔක්තෝබර් 02වන බදාදා,ලේක්හවුස්,කොළඹ 10.විශේෂ සටහන[සංස්කරණය]<font="1">ශ්‍රී ලංකාව හා බැඳුනු සාම ගිවිසුම්හි ඉතිහාසය දෙස බලනවිට, 12වන ශතවර්ශයේ ලියූ සෙල් ලිපියක්, "ඉපැරණි රාජකීය සමඟි සන්ධානයක් පිළිබඳ හෙවත් දැනට සොයාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ ඉපැරණිම සාම ගිවිසුම" පිළිබඳ තොරතුරු හෙළිකර දීමට සමත්වී තිබෙන අයුරු ඉහත කරුණු මඟින් පැහැදිළිකරදෙයි.ඔබට ලෝකයේ සාම ගිවිසුම් සහ සාමය සම්බන්ධ තොරතුරුද ශ්‍රී ලංකාවේ සාම ගිවිසුම් සහ සාමය සම්බන්ධ තොරතුරුද පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් කිරීමට අවශ්‍යනම් කරුණාකර පහත දැක්වෙන ‍වෙනත් පිටු සහ අඩවියෙන් පිටත පිටු වෙත යොමුවෙන්න.මේ පිටුත් බලන්න[සංස්කරණය]ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමඑක්සත් ජාතින්ගේ මෙහෙවරඅඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]සාමය පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2006-01-12 at the Wayback Machineඑක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියසහශ්‍රවර්ෂය:1 ව
න සහස්‍රවර්ෂයසියවස්:ක්‍රිපූ  1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවසදශක: ක්‍රිපූ  20ගණන්  ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  – 0ගණන් –  10ගණන්  20ගණන්  30ගණන් වසර:ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4 – ක්‍රිව 5 – ක්‍රිව 6 ක්‍රිව 7 ක්‍රිව 8වසර 5 (V) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, මෙස්සල්ලාගේ සහ කින්නාගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 758 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 5 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.මාස් එක්ස්ප්ලොරේෂන් රෝවර් යානය අඟහරුගේ වායුගෝලයට ඇතුල් වීම (චිත්‍ර ශිල්පියෙකුගේ නිරූපණය)වායු ගෝලයට ඇතුල්වීම යනු බාහිර අභ්‍යවකාශයේ ඇති වස්තුවක් යම් ග්‍රහලෝකයක හෝ ස්වභාවික චන්ද්‍රිකාවකගේ වායුගෝලය තුලට ඇතුල් වීමයි. උල්කාපාත, අභ්‍යවකාශ සුන්බුන් වැනි පාලනයකින් තොරව චලිත වන වස්තූන් මෙන්ම, පාලනය කළ හැ
කි හෝ පෙරදී සැළසුම් කරන ලද පථයක ගමන් කරන අභ්‍යවකාශ යානා ද, වායුගෝලයට ඇතුල් වන වස්තූන් ට උදාහරණ වේ.වායුගෝලයකට ඇතුලු වන වස්තූන් මත වායුගෝලීය ප්‍රතිරෝධයක් ඇතිවේ. එමගින් වස්තුව මත යාන්ත්‍රික ආතතීන් ඇතිවන අතර වස්තුව ඉදිරිපිට ඇති වාතය සම්පීඩණයට ලක්වීම නිසා අධික තාපයක් ද නිපදවේ. මෙම බලයන් නිසා වස්තුව ක්‍රමයෙන් ගෙවීයෑමට ලක්විය හැකි අතර, ඇතැම් කුඩා වස්තූන් කැබලි වලට වෙන් වීමට හෝ පුපුරායාමට ද ඉඩ ඇත.Venera – 3 ඒෂණිය 1966 මාර්තු 1 දින සිකුරු මත ගොඩ බස්වන ලදී. එය මිනිසා විසින් නිපද වු වෙනත් ග්‍රහලෝකයක වායු ගෝලයට ඇතුල් වී මතු පිට ගැටුණු ප්‍රථම වස්තුවයි. එසේ වුවත් එහි සන්නිවේදන පද්ධතිය ග්‍රහෙලා්කය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීමට පෙර ඇන හිටුණි. 1967 ඔක්තෝබර් 18 දින Venera – 4 වායුගෝලයට සාර්ථකව ඇතුල් වී විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක යෙදවීමෙන් මිනිසුන් රහිත ඒෂණියක් දෙවන වරට සිකුරු තුළට ඇතුල් විය. Venera – 4 මතුපිට උෂ්ණත්වය Mariner – 2 මගින් ගණනය කළ 5000C ට වඩා උෂ්ණාධික බව පෙන්වා දුනි.එමෙන්ම වායු ගෝලයේ 90% - 95% දක්වා කාබන් ඩයොක්සයිට් පවතින බවද පෙන්වා දුනි. Venera – 4 සම්පාදකයන් අපෝහනය කළ ප්‍රමාණයට වඩා සික
ුරු වායු ගෝලයේ ඝණත්වය අධික විය. එබැවින් පැරෂුට අවරෝහණය අපේක්ෂිත මට්ටමට වඩා හෙමින් සිදු වු අතර මතුපිටට ලඟා වීමට පෙර කෝෂ විසර්ජනය විය. අවරෝහණයේදී විනාඩි 93 ක දත්ත ලබාගැනීමෙන් පසු Venera – 4 අවසාන පීඩන කියවීම 24.96 km උසකදී බාර් 18 ක් විය. 1968 ඔක්තෝබර් 19 දින තවත් ඒෂණියක් සිකුරු තුළට ඇතුල් වුයේ Mariner – 5 වළාකුළු මුදුන් වලට 4000 km දුරකට පියාසර කිරීමත් සමගය. Mariner – 5 විශේෂයෙන් නිර්මාණය කළේ අඟහරු හා සම්බන්ධ Mariner – 4 හි අනුරුවක් ලෙසය. නමුත් මෙහෙයුම සාර්ථක වු විට ඒෂණිය සිකුරු මෙහෙයුම් සදහා යළ එකලස් කරන ලදී. එහිදි Mariner – 2 ට වඩා සන්වේදී උපකරණ කට්ටලයක් යොදා ගත් අතර රේඩියෝ අන්තර්දාන පරීක්ෂණ වලින් සිකුරු වායු ගෝලයේ පීඩනය ඝනත්වය හා සංඝටක පිළිබද දත්ත ලබාදෙන ලදී. Venera – 4 හා Mariner – 5 දත්ත එකමුතු වෙන් සෝවියට් ඇමෙරිකානු සුසංයෝගී කණ්ඩායමක් විශ්ලේෂණය කොට ඊළඟ අවුරුද්දේ දී අභ්යවකාශ සහයෝගීතාවයට නිදසුන් ලබාදුනි. Venera – 4 න් ලබාගත් පාඩම් හා දත්ත වලින් සන්නද්දව සෝවියට් සමුහාණ්ඩුව Venera – 5 හා Venera – 6 යන නිවුන් යානා ද්විත්වය 1969 ජනවාරි මාසයේ පස් දින මෙහෙයුමකට යොදවන ලදී. ඒවා සිකුරු කරා
ලඟා වුයේ එම වසරේ මැයි 16 හා මැයි 17 දිනයන් වලදීය. වායු ගෝල 25 ක පීඩනයක් දරා සීටිමට හැකි පරිදි ඒවායේ කබොල්ල සවිගන්වා තිබුණි. එමෙන්ම වේගවත් අවරෝහණයක් ලබා ගැනීමට කුඩා පැරෂුට සවිකොට තිබුණි. එතැන් සිට වර්ථමානය දක්වා සිකුරුගේ වායුගෝල ආකෘති වායු ගෝල 75 හා 100 අතර මතුපිට පීඩනයක් අපේක්ෂා කළ අතර මතුපිට දී ඉතිරිවීමට කිසිවිටකත් බලාපොරොත්තු නොවීය. මිනිත්තු 50 කට වඩා වායු ගෝල දත්ත ලබාගැනීමෙන් පසු කිලෝමීටර් 20 ක් පමණ උන්නතාංශයකදී සිකුරුගේ රාත්රි ප්රදේශයේ මතුපිටට ලඟා වීමට පෙර යානා ද්විත්වයම විනාශ විය. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Venus#Atmospheric_entryමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)නුයින් තියෙට් ෆ්‍රොම් වන්Thành phố Vinhපළාත්බද නගරයකුයෙට් කඳු වෙතින් වන් නගරයෙහි දසුනකිවියට්නාමය තුල ප්‍රාදේශීය නගරයෙහි පිහිටීමරට වියට්නාමයපළාතනේ ඈන් පළාතසරිය • මුළු105 කිමී2 (41 සතරැස් සැත)ජනගහණය • මුළු303,714වන් ( සවන් දෙන්න) යනු, වියට්න
ාමයේ පිහිටි නගරයකි. එය පිහිටා ඇත්තේ රටේ උතුරු භාගයේ වන අතර, එය නේ ඈන් පළාතේ අගනුවර වෙයි. දේශපාලනිකව, වන් යනු, නේ ඈන් පළාත තුල පිහිටි පුරවර ප්‍රදේශයකි.