text
stringlengths
0
1k
ිරීම. නැන්දම්මාගේ ආදරේ වගේ -දිනෙන් දින හීනවන ආදරය. 2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍• අපි කන හැටි ලිපා දනී - අග හිඟකම් වැඩි බව • අටුව කඩා පුටුව හැදුවා වෙගේ - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම. • අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.• නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ - නුසදුස්සෙකුට කාර්යයන් පැවරීම • කබලෙන් ලිපට වැටුණා වගේ - කරදරය පිට කරදර එලඹීම.↑ උඩ පැන්නොත් බිම වැටේ කානෝ චක්‍රය යනු තාපගතික චක්‍රයකි. මෙය නිකොලස් ලෙනාඩ් සාඩි කානෝ (Nicolas Leonard Sadi Carnot) විසින් වර්ෂ 1824 දී හඳුන්වාදෙන ලදි. බර්නුවා පෝල් ඒමිල් ක්ලැපේහොන් (Benoit paul Emile Clapeyron) විසින් එක්දහස් අටසිය තිස් ගණන් හා හතලිස් ගණන් වලදී එය තවදුරටත් වැඩි දියුණු කරනු ලැබීය. කා‍නෝ තාප එන්ජිම යන කල්පිත ආකෘතිය මත පදනම් වූවකි.සෑම තාපගතික පද්ධතියක්ම කිසියම් අවස්ථාවක පවතී. තාපගතික චක්‍රය ලෙස හැඳින්වෙන්නේ පද්ධතිය මෙම මුලාරම්භක අවස්ථාවේ සිට විවිධ අවස්ථාවන් හරහා අවසානයේ දී නැවත මුලාරම්භක අවස්ථාවට රැගෙන ඒමේ දී ය. මෙම ක්‍රියාවලියේ දී පද්ධතිය අවට පරිසරය ම
ත යම්කිසි කාර්යයක් කරමින් තාප එන්ජිමක් ලෙස ක්‍රියා කළ හැකි ය.තාප එන්ජිමක් අවකාශයේ ඇති උණුසුම් කලාපයක සිට සිසිල් කලාපයකට ශක්තිය ලබාදේ. එම ක්‍රියාවලියේදී එම ශක්තියෙන් කොටසක් යාන්ත්‍රිය කාර්යය බවට පරිවර්තනය කරයි. එමෙන්ම මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුකරමින් චක්‍රය ප්‍රතිවර්ත කළ හැක. පද්ධතියට බාහිර බලයක් යොදා ඇති අවස්ථවක දී මෙම ක්‍රියාවලිය හරහා සිසිල් පද්ධතියක සිට උණුසුම් පද්ධතියකට තාප ශක්තිය මාරු කළ හැක. එවිට පද්ධතිය තාප එන්ජිමක් නොව, තාප පොම්පයක් ලෙස ක්‍රියා කරයි. කානෝ චක්‍රය, යම්කිසි තාප ශක්ති ප්‍රමාණයක් කාර්යයක් බවට පත්කිරීමට හෝ යම්කිසි කාර්යය ප්‍රමාණයක් භාවිත කරමින් සිසිල් කිරීමේ කටයුතු කිරීමට ද, දැනට පවතින කාර්යක්ෂම බවින් ඉහළම චක්‍රය වේ.කානෝ චක්‍රය තාප එන්ජිමක් ලෙස ක්‍රියාකිරීමේ දී එය පහත පියවර වලින් සමන්විත වේ.උෂ්ණත්ව එන්ට්‍රෝපික අවස්ථාවේ ඇති තාප එන්ජිමක් ලෙස ක්‍රියාකරන කානෝ චක්‍රය මෙහි දැක්වේ. මෙම චක්‍රය ක්‍රියාකරනු ලබන්නේ ඉහළ උෂ්ණත්වයේ (TH) ඇති තාප නිධිය හා පහළ උෂ්ණත්වයේ (Tc) ඇති තාප නිධිය අතරය. සිරස් අක්ෂරයෙන් උෂ්ණත්වය දැක්වෙන අතර, තිරස් අක්ෂරයෙන් එන්ට්‍රෝපිය දැක්වේ.1. ඉහ
ළ උෂ්ණත්වයක දී (TH) වායුවේ සිදුවන ප්‍රතිවර්ත්‍ය සමෝෂ්ණ ප්‍රසාරණය (සමෝෂ්ණ, තාපය එකතු වීම)මෙම පියවරේදී (1 රූප සටහනේ A සිට B දක්වා) ප්‍රසාරණය වන වායුව හේතුවෙන් පිස්ටනය මඟින් අවට පරිසරය මත කාර්යයක් සිදුකරයි.මෙහිදී වායුවේ ප්‍රසාරණය සිදුවන්නේ ඉහළ උෂ්ණත්වයේ ඇති නිධියෙන් අවශෝෂණය කරගන්නා තාපය මඟිනි.2. වායුවේ සමඑන්ට්‍රොපික (ප්‍රතිවර්ත්‍ය ස්ථිරතාපී) ප්‍රසාරණයමෙම පියවරේදී (1 රූපසටහනේ B සිට C දක්වා ) පිස්ටනය සහ සිලින්ඩරය තාප පරිවරණය කර ඇතැයි උපකල්පනය කරන අතර, එබැවින් තාප අව‍ශෝෂණයක් හෝ හානියක් සිදු නොවේ යැයි සැලකේ. අවට පරිසරය මත කාර්යයක් සිදුකරමින් වායුව දිගටම ප්‍රසාරණය වේ. මෙම වායු ප්‍රසාරණය ‍හේතුවෙන් පද්ධතියෙහි උෂ්ණත්වය, පහළ උෂ්ණත්වය (Tc) අඩු වේ.3. ප්‍රතිවර්ත්‍ය සමෝෂ්ණ, පහළ උෂ්ණත්වයේ (Tc) ඇති වායුවේ සම්පීඩනය (සමෝෂ්ණ තාප ඉවත් වීම)(1 රූප සටහනේ C සිට D දක්වා) මෙහිදී අවට පරිසරය මඟින් වායුව මත කාර්යය කරනු ලබන අතර, එබැවින් තාපය වායුවේ සිට පහළ උෂ්ණත්වයේ ඇති පෙදෙසට (තාප නිධියට) ගලා ගෙන යයි.4. වායුවේ සමඑන්ට්‍රොපික සම්පීඩනය(1 රූපසටහනේ A සිට D දක්වා) මෙහිදී නැවතත් පිස්ටනය හා සිලින්ඩරය තාප පරිවරණය ක
ර ඇති බවට උපකල්පනය කෙරේ. මෙම පියවරේදී අවට පරිසරය වායුව මත කාර්යයක් කරන අතර, එය සම්පීඩනය කරමින් උෂ්ණත්වය (TH) දක්වා ඉහළ නන්වයි. මෙහිදී වායුව පළමු පියවරේ ඇති අවස්ථාවටම පත් වේ.ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝඋපත4අප්‍රේල් 1943ශ්‍රී ලංකා විපත2013 සැප්තැම්බර් 27කොළඹ, ශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයTitleවිහාරාධිපති කිරිවෙහෙර කතරගමආගමබෞද්ධආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ (ඉංග්‍රීසි: Aluthwewa Soratha Nayaka Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම වන්නාහ. චරිතාපදානය[සංස්කරණය]සංක්‍ෂිප්ත විස්තරය[සංස්කරණය]ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය]ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවානන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්එකෙන් පටන් විට ද්‍රව්‍ය ගණන් කිරීමට යොදා ගත් වචන මූලය එක යන්නෙන් ආරම්භ විය. අමූර්තනයෙහි මුල්ම ප්‍රධාන ප්‍රගමනය සංඛ්‍යා නිරූපණය සඳහා සංඛ්‍යාක භාවිතයත් සමඟ ආරම්භ විය.
ඒ සමඟම විශාල සංඛ්‍යා සටහන් කිරීම සඳහා ක්‍රමවේද බිහි විය. උදාහරණයක් ලෙස බැබිලෝනියානුවන් ප්‍රධාන වශයෙන් 1 සහ 10 වැනි සංඛ්‍යා ඇසුරින් බලවත් ස්ථානීය - අගය පද්ධතියක් නිර්මාණය කරන ලදී. 1,10 සහ මිලියනය දක්වා වූ 10 බලය සඳහා එකිනෙකට වෙනස් ද්වි අක්ෂර සහිත සංඛ්‍යාංක පද්ධතියක් ආදී ඊජිප්තු ජාතිකයන් සතු විය. ක්‍රි.පූ.15000 පමණ අයත් දැනට පැරීසි ලොවියර් හි තබා ඇති කාර්නක්වලින් සොයාගත් ගල් කැටයමක 276 නිරූපණය කර ඇත්තේ සියයේ ඒවා යුගලක්, දහයේ ඒවා 7 ක් සහ එකේ ඒවා 6 ක් ලෙසය. එහි 4622 ද එලෙසම නිරූපණය කර ඇත. වෙනමම සංඛ්‍යාංකයක් සහිත සංඛ්‍යාවක් ලෙස ශුන්‍යය පිළිබඳ සංකල්පයේ වර්ධනය අමූර්තනයේ පසුකාලීන ප්‍රගමනයක් විය. ක්‍රි.පූ.700 තරම් අතීතයේ පවා බැබිලෝනියානුවන් සිය ස්ථානීය අගය අංකනයන්හි දී ශුන්‍ය සංඛ්‍යාකයක් භාවිතා කළහ. නමුත් එය නිරූපිත සංඛ්‍යාවේ අවසාන සංකේතය වන කල්හි සටහන් නොකර අත් හරින ලදී. ක්‍රි.පූ. 1 වැනි සියවස තරම් ඈත අතීතයේ දී ඔල්මෙක් සහ මායා ශිෂ්ටාචාරවල ශුන්‍යය වෙනමම සංඛ්‍යාවක් ලෙස භාවිතා විය. මෙය ඉහත ශිෂ්ටාචාර තුළ බාහිර බලපෑමකින් තොරව දියුණු වූ ක්‍රමවේදයක් ලෙස සැලකේ. නමුත් මෙම ක්‍රමයේ භාවිතය මධ්‍යම ඇමරිකාව
ඉක්මවා පැතිර නොගියේය. මෙම සංකල්පයේ නූතන ආකාරය ක්‍රි.ව. 628 දී ඉන්දියානු ගණිතඥ බ්‍රහ්මගුප්ත විසින් හඳුන්වාදෙන ලදී. කෙසේ නමුත් මධ්‍යතන යුගයේ සිට ආගණකකරුවන් (ඊස්ටර් සමය ගණනය කරන්නවුන්) ක්‍රි.පූ. 25 ඩයෝනිතියස් එක්සිගස් ගේ පටන් ශුන්‍ය සංඛ්‍යාවක් ලෙස භාවිතා කිරීමට පුරුදු වුහ. එය ලිවීම සදහා රෝමානු සංඛ්‍යාංකයක් භාවිතා කරනු වෙනුවට ඔවුහු ලතින් බසින් “කිසිවක් නැත” යන අරුත දෙන “nullus” යන වදන භාවිතා කළහ. අමූර්තනයන් (එනම් අමූර්ත භූතාර්ථ ලෙස) ලෙස මුල්වරට ක්‍රමානුකූලව සංඛ්‍යා පිළිබඳ අධ්‍යයනය කිරීමේ ගෞරවය ග්‍රීක දාර්ශනිකයන් වන පයිතගරස් සහ ආකිමිඩීස්ට හිමි වේ. නමුත් සමකාලීනව හා ඔවුන්ගෙන් ස්වායත්තව චීන ඉන්දියානු සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවල ද මේ හා සමාන අධ්‍යයනයන් සිදු විය. 19 වැනි සියවසේ දී ප්‍රකෘති සංඛ්‍යා සඳහා කුලකමය සෛද්ධාන්තික අර්ථ කථනයක් නිර්මාණය විය. මෙම අර්ථ කථනයත් සමඟ ශුන්‍යය (අභිශුන්‍ය කුලකයට අනුරූප) ප්‍රකෘති සංඛ්‍යා අතරට එක් කිරීම වඩාත් පහසු විය. ශුන්‍ය ප්‍රකෘති සංඛ්‍යාවලට අයත් ලෙස සැලකීම කුලකවාදීන්, තර්ක ශාස්ත්‍රඥයන් සහ පරිගණක විද්‍යාඥයන් අතර පොදු සම්මුතියක් බවට පත්ව ඇත. නමුත් සංඛ්‍යාවාදීන්
වැනි අනෙකුත් ගණිතඥයින් 1 පළමු ප්‍රකෘති සංඛ්‍යා ලෙස සැලකීමේ පැරණි සම්ප්‍රදාය පිළිපදිති.සටහන්[සංස්කරණය]References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Natural_number#History_of_natural_numbers_and_the_status_of_zeroමෙම ලිපිය හෝ ලිපි කොටස අංගම්පොර සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක්අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්රමය භාවිතා කළා. ක්රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශ්රාස්ත්රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්ය ග්රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්රාස්ත්රය අතර සම්බන්ධය කෙතරම් ප්රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්ර කියා ආශි
ර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය .මූලිකාංගඅංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරවමායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකිය.ක්ෂණිකව මරණයට පත්වෙන්න නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිලස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්රතිවාදියා ගොළු වෙන්න එසේත් නැත්නම් බිහිරි වෙන්න පහරදීම, සිහිනැතිවන්නට නිලවලට පහර එල්ල කිරීම හා මළමුත්රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්රය වැනි දියුණු
සටන් ක්රම හැදෑරීමේදී එය විදේශීය ආක්රමණවලදී හැර තම පෞද්ගලික ප්රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන කෙනා දිවුරා පොරොන්දු විය යුතුය.ශාරීරික ශක්තියඅංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ළෙලිගැසීම, අතින් පොල් මිරිකීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, ගස් ඇද පෙන්වීම, සුළු වෙලාවක් සටන්කොට සතුරා පරාජය කරපෙන්වීම, විශාල ගල්,ගස් කදන් ඈතට විසි කිරිම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම, මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැදගෙන කිහිපදෙනෙකු සමඟ සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.පරදේ
සක්කාර අභියෝගසිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය."ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්රත්යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....""සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්රදර්ශනය කරනලද්දේ ඉන්ග්රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැ
නින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි ....." (සිංහල ත්රාසජනක ක්රීඩා: දැරණියගල)යටත්විජිත තහනමට ලක්වීමමේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.මර්දනයඉංග්රීසින්ගේ මර්දන ක්රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය
ඉංග්රීසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”වැඩිදුර කියවීම්http://www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machineඅංගම්පොරකොරතොට අංගම්පොර සම්ප්රදායhttp://realangampora.blogspot.com/http://www.angampora.infoඅන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.රහස්යතාවය • වැඩතලයමූලිකාංග[සංස්කරණය]අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නි
ලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ක්ෂණිකව මරණයට පත්වෙන්න නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිලස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්‍රතිවාදියා ගොළු වෙන්න එසේත් නැත්නම් බිහිරි වෙන්න පහරදීම, සිහිනැතිවන්නට නිලවලට පහර එල්ල කිරීම හා මළමුත්‍රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්‍රය වැනි දියුණු සටන් ක්‍රම හැදෑරීමේදී එය විදේශීය ආක්‍රමණවලදී හැර තම පෞද්ගලික ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන කෙනා දිවුරා පොරොන්දු විය යුතුය.ශාරීරික ශක්තිය[සංස්කරණය]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ළෙලිගැසීම, අතින් පොල් මිරිකීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, ගස් ඇද පෙන්වීම, සුළු වෙලාවක්
සටන්කොට සතුරා පරාජය කරපෙන්වීම, විශාල ගල්,ගස් කදන් ඈතට විසි කිරිම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම, මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැද‍ගෙන කිහිපදෙනෙකු සමඟ සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.පරදේසක්කාර අභියෝග[සංස්කරණය]සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය."ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....""සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බි
හිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි‍ ....."(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)යටත්විජිත තහනමට ලක්වීම[සංස්කරණය]මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්‍යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්‍
රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.මර්දනය[සංස්කරණය]ඉංග්‍රීසින්ගේ මර්දන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉංග්‍රීසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”වැඩිදුර කියවීම්[සංස්කරණය]http://www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machineඅංගම්පොරකොරතොට අංගම්පොර සම්ප්‍රදායhttp://realangampora.blogspot.com/http://www.angampora.infoබර්ලිනයජර්මානු ජනපදයධජයCoat of armsLocation within යුරෝපියානු සංගමය and Germanyබර්ලිනයShow map of Germanyබර්ලිනයShow map of EuropeLocation within Germanyඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E / 52.52
000; 13.40500ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E / 52.52000; 13.40500Countryජර්මනියරජය • Governing MayorKlaus Wowereit (SPD) • Governing partiesSPD / CDU • බුන්ඩස්රාට්හී ඡන්ද ගණන4 (69ක් අතුරින්)සරිය • Total891.85 කිමී2 (344.35 සතරැස් සැත)උන්නතාංශය34 මී (112 අඩි)ජනගහණය(31 December 2011)[1] • Total3,501,872 • ඝණත්වයBad rounding here3,900/කිමී2 (Bad rounding here10,000/වර්ග සැත) • පුරවර5,963,998වේලා කලාපCET (UTC+1) • ගිම්හානය (DST)CEST (UTC+2)Postal code(s)10001–14199Area code(s)030ISO 3166 කේතයDE-BEවාහන ලියාපදිංචියB (for earlier signs see note)[2]GDP/ Nominal€ 94.7 billion (2010) [3]NUTS RegionDE3වෙබ් අඩවියberlin.deView over central Berlin. Unter den Linden in foreground and skyscrapers of Potsdamer Platz up to the right.බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Br
andenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්‍රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.ආශ්‍රිත↑ "Bevölkerungsstand in Berlin am 30. November 2011 nach Bezirken" (PDF). Amt für Statistik Berlin-Brandenburg (German බසින්). 31 October 2011. සම්ප්‍රවේශය 3 March 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ Prefixes for vehicle registration were introduced in 1906, but often changed due to the political changes after 1945. Vehicles were registered under the following prefixes: "I A" (1906– April 1945; devalidated on 11 August 1945); no prefix, only digits (since July t
ill August 1945), "БГ" (=BG; 1945–1946, for cars, lorries and busses), "ГФ" (=GF; 1945–1946, for cars, lorries and busses), "БM" (=BM; 1945–1947, for motor bikes), "ГM" (=GM; 1945–1947, for motor bikes), "KB" (i.e.: Kommandatura of Berlin; for all of Berlin 1947–1948, continued for West Berlin until 1956), "GB" (i.e.: Greater Berlin, for East Berlin 1948–1953), "I" (for East Berlin, 1953–1990), "B" (for West Berlin as of 1 July 1956, continued for all of Berlin since 1990).↑ "Bruttoinlandsprodukt (nominal) in BERLIN seit 1995" (PDF) (German බසින්). 30 March 2010. සම්ප්‍රවේශය 15 May 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)කරන්දෙණිය ගාලු දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත.කරන්දෙණියට වර්ග සැතැපුම් 64 ක් පමණ අයත් වේ. කරන්දෙණිය නමින් හදුන්වනුයේ එම සමස්ථ ප්‍රදේශයම වන අතර මෙහි ප්‍රධාන නගර ලෙස මහේදණ්ඩ, කුරුදුගහ හැතැප්ම, ඌරගස්මං හන්දිය යන නගර අයත් වේ. කරන්දෙණිය ප්‍රධාන ආර්ථිකය කුරුඳු වන අතර අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම යන ප්‍රාදේශීය සභා සීමාවන්ට මැදිව පිහිටා ඇත.
මෙම පොතට අනුව කෙනෙකුගේ ජිවිතයෙ තිබිය යුතු පුධාන අරමුණු දෙකකි . එනම්, 01. ඔබ යමි කිසි වෘතියකට අති දක්ෂයකු විම.02. ඔබ ධනවතෙකු විම ,යන්නය.ඔබට ලොක්කෙකු විමට, ධනවතෙකු විමට පිළීපැදිය යුතු නීතී 15 ක් ඇත. [1]නැපෝලියන් හිල් (Napolean hill) විසින් රචිත “The Law of success” පොතේ දක්වා ඇත. ඒ ගතිගුණ නැතිනමි ධනවතෙනකු විමට ඒවා වර්ධනය කර ගත යුතුය.මෙම ගතිගුණ නෝමැතිව කවදාවත් ලොක්කෙකු , ධනවතෙකු විමට නොහැක. පහත දැක්වෙන්නේ එම නීතී පහළවයි.[1]01. ඔබට ලොක්කෙකු විමට ධනවතෙකු විමට පුධාන අරමුණක් තිබිය යුතුය.02. ඔබට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුය .03. ඉතිරි කිර‍මේ පුරුද්දක් ඔබට තිබිය යුතුය .04. යමි වැඩක් කෙනෙකු කියන තුරු නොසිට තනියෙන් හිතලා වැඩ කිරිමේ හැකියාව හා ඕනැකමක් ඔබට තිබිය යුතුය .05. ඔබ රැකියාව කරන කේෂත්‍රය සමිබන්ධව ඔබේ සිතේ අලුත් ,අලුත් අදහස් ඇති විය යුතුය. ඔබේ සිතේ අලුත් අදහස් ඇති කරගත යුතුය. එමෙන්ම ඔබ තෝරාගත් ‍ කේෂත්‍රයේ ඇති පරණ අදහස් පරණ ක්‍රම නවිකරණය කරගත යුතුය.06. ඔබ වැඩ කරන වේලාවට ප්‍රබෝධමත් මුහුණක්, ප්‍රබෝධමත් ඇස් , ප්‍රබෝධමත් කථාව , ප්‍රබෝධමත් ගමනක් ති
බිය යුතුය.07. ඔබව පාලනය කරගැනිමට හැකිවිය යුතුයි. එනමි ඔ‍බේ වචන , ඔබේ හැගිම් ඔබ කරන දෙවල් ඔබ විසින්ම පාලනය කරගත යුතුයි.08. සමාජයේ හෝ රැකියාවෙන් ඔබට පවරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් නිතරම වැඩ කල යුතුයි.09. ප්‍රසන්න පෙෳරුෂයක් ඔබට තිබිය යුතුය.10. යම් දෙයක් ගැන නිවරැදිව සිතිමේ ශක්තියක් ඔබට තිබිය යුතුය.11. ඔබ‍ට යමක් ගැන යම් අරමුණක් ගැන අවධානය යොමු කරගෙන සිටිමේ හැකියාව සහ පළපුරුද්ද තිබිය යුතුය.12. අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරිමේ හැකියාව ඔබට තිබිය යුතුය.13. ඔබ ලබන පරාජයන් හා නින්දාවලින් ප්‍රයෝජන ගතයුතුය .එනම් පාඩමක් ඉගන ගත යුතුය.14. ඔබ නෝපිළිගන්නා මතයක් වුවත් අකමැති දෙයක් වුවත් සමාජයෙදි අමාරුයෙන් හෝ ඉවසන්න පුරුදුවිය යුතුය.15. ඔබට ලෝක්කෙකු ධනවතෙකු විමට අවශ්‍ය නම් ඉහත ජයග්‍රරහනයේ රහස් (නීතී) ඔබ වැඩ කරන වේලාවට හෝ සමාජයේ ගැවසෙන විට යෙදිය යුතු වේ.References[සංස්කරණය]↑ 1.0 1.1 නැපෝලියන් හිල් (Napolean hill): Law of successදර්ශීය ලෝහයක් වන සින්ක්, දර්ශීය අම්ලයක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ය ප්‍රතික්‍රියා කරමින්අම්ලයක් යනු,
එහි ජලීය ද්‍රාවණ, ඇඹුල් රසය, නිල් ලිට්මස් රතු කරලීමේ හැකියාව සහ, භෂ්ම සමග සහ සමහරක් ලෝහ (කැල්සියම් වැනි) සමග ප්‍රතික්‍රියා කොට ලවණ තැනීමේ හැකියාව යන ගුණාංග සහිත.රසායනික ද්‍රව්‍යයයකි. අම්ල වල ජලීය ද්‍රාවණයන්හී pH අගය 7 ට අඩු අගයයක් ගනියි. Ph යනු අම්ල හා භස්ම හදුනාගැනීමට විද්‍යාගාරයේ භාවිත දර්ශකයකි. Ph අගය 7 ට වැඩිනම් භාස්මික වන අතර, එසේම ද්‍රාවණයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය ඉහළ අගයයක පවතින බවය. අම්ලයක ගුණාංග සහිත වන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රව්‍යය හෝ, ආම්ලික යැයි හැඳින්වෙති.විවිධ ආර්ථිකයන්හී ශක්ති තීව්‍රතාව මෙම ප්‍රස්තාරය දක්වන්නේ තෝරා ගත් රටවලට එජ $ එකක දජානි නිපැයීමට වැයවන්නාවූ ශක්තියයි. දජානි පදනම්ව ඇත්තේ 2004 ක්‍රය ශක්ති සාම්‍යයය සහ 2000 උද්දමනය සඳහා ගැළපුණු ඩොලර වෙයි. මූලාශ්‍රය: ශක්ති තොරතුරු පරිපාලනයශක්ති තීව්‍රතාව යනු ජාතියක ආර්ථිකයෙහි ශක්ති කාර්යක්ෂමතාවයෙහි මිණුමකි. එය ගණනය කෙරෙණුයේ දදේනි ඒකකයක් සඳහාශක්ති ඒකක ලෙසිනි.ඉහළ ශක්ති තීව්‍රතාව තුලින් ඇඟවෙන්නේ ශක්තිය දදේනි බවට පෙරැලීමට අධික මිලක් හෝ වැයක් හෝ ඇවැසි බවකි.පහළ ශක්ති තීව්‍රතාව තුලින් ඇඟවෙන්නේ ශක්තිය දදේනි බවට
පෙරැලීමෙහි අඩු මිලක් හෝ අඩු වැයකි.ශක්ති තීව්‍රතාව යන්න, ඒකක වර්ග ප්‍රමාණයක ශක්ති භාවිතය නැංවීමෙහි මිනුමක් වන ශක්ති භාවිත තීව්‍රතාව (EUI) හා සමගින් පටලවා ගත යුතු නොවේ.සමාලෝචනය[සංස්කරණය]ශක්ති තීව්‍රතාව විවිධ හේතුන් මත රදා පවතී. උදාහරණයක් ලෙස ජනතාවගේ ජීවන රටාව ගත හැකිය. ජීවන රටාව උසස් තත්ත්වයක පවති නම් එම රටේ ශක්ති තීව්‍රතාව ඉහළ අගයක පවතී.එසේම නිෂ්පාදන කර්මාන්තයේ ශක්ති තීව්‍රතාව, මෝටර් රථ වල ඉන්ධන භාවිතය, ධාවනය වන දුර , ප්‍රවාහන සේවයේ නව ක්‍රමෝපාංග, ශක්ති සලකනය මත රදා පවතී.කොක(ර්) ස්පැනියල්සුරතල් නාමයරොටී රොට්විශේෂ ලක්ෂණපිරිමිසෙ.මී. 61-69 (අඟල් 24 - 27)ගැහැණුසෙ.මී. 56-63 (අඟල් 22 - 25)වර්ගීකරණ සහ සම්මුතීන්ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)"කොක(ර්) ස්පැනියල්" සුනඛයන් යනු ස්පැනියල් වර්ගයෙහි සුනඛ කොට්ඨාෂ දෙකකි. ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සහ එංගලන්ත කොක(ර්) ස්පැනියල්නම් වන මොවුන් සම්භවය වූ රටවල් තුල පොදුවේ "කොක(ර්) ස්පැනියල්" යන නාමයෙන් හඳුන්වයි. 20වන සියවස මූලාරම්භයෙදී කොක(ර්) ස්පැනියල් වර්ගයට, කුඩා දඩයම් ස්පැනියල් සුනඛ
යින් පවා අයත් වුණි.කොක(ර්) ස්පැනියල් සුනඛයින් මුල් වරට මහා බ්‍රිතාන්‍යය තුල දඩයම් සුනඛයින් ලෙස ඇති කරනා ලද අතර, යුරෝ-ආසියානු වටුවන් නම් පක්ෂි විශේෂය දඩයම් කිරීම සදහා ඔවුන් ප්‍රයෝජනවත් වූ නිසාවෙන් "කොක(ර්)" යන නාමය පටබඳිනා ලදි. මෙම සුනඛ විශේෂය ඉන්පසු ඇමෙරිකාවට රැගෙන ආ බවද, එහිදී වෙනස් සුනඛ සම්මතයකට අනුව මොවුන්ව ඇති කළ බවත් ඇමරිකානු වටුවන් දඩයම් කිරිමේ හැකියාව මොවුන්ට ප්‍රගුණ කෙරුණු බවත් පැවසේ. 20වන සියවස මුල් භාගයේදී එක්සත් රාජධානියෙහි මෙම සුනඛයන් හට අමතර ශාරීරික වෙනස්කම් ඇති කරවන ලදි. ස්පැනියල් සුනඛයන් ගැන මුල්වරට හැඳින්වීමක් සදහන්වී ඇත්තේ 14 වන සියවසේ දී Gaston III of Foix-Béarn විසින් රචිත, ඔහුගේ නිර්මාණයක් වන දඩයම් කෘතිය තුලය. 19 වන සියවසේ දී මොවුන් කෙත්බිම් හෝ වියලි භුමිවල වෙසෙන ස්පැනියල් සුනඛ කාණ්ඩයක් වුණි. 1901 වර්ෂයට පෙර, කොක(ර්) ස්පැනියල් සුනඛයින් 'ෆීල්ඩ් ස්පනියෙල් හා ස්ප්රින්ගර් ස්පනියෙල් නම් ස්පැනියල් විශේෂයන්ගෙන් වෙනස් වූයේ ශරීර බරින් පමණි. සුනඛයන් දෙදෙනෙකු නූතන කාණ්ඩ දෙකෙහි පැටවුන් බෝ කිරීමෙහි ලා මූලිකවූ පිරිමි සතුන් ලෙස සැලකෙන අතර, එංගලන්ත කාණ්ඩය සම්මානලාභී ඕබෝ Ch. Ob
o ගෙන් පැවත එන ලෙසත්, ඇමරිකානු කාණ්ඩය ඔහුගේම පැටවෙක් වන ඕබෝ II (Ch. Obo II)ගෙන් පැවත එන ලෙසත් සැළකේ. 1946 පටන් ඇමරිකා එක්සත් ජනපදයෙහි බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් සුනඛයන් ස්වදෙශීය සුනඛ විශේෂයෙන් වෙන්කොට සලකන ලද අතර, 1970 පටන් බ්‍රිතාන්‍යයෙදී ඇමෙරිකානු ස්පැනියල් වර්ගය වෙනස් කාණ්ඩයක් ලෙස සලකන ලදි. තවද බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් වර්ගයෙහි දෙවෙනි කුලයක් සම්මුතියක් යටතේ නොවූවද, වැඩ කිරිමේ හැකියාව මත වැඩගන්නා සුනඛ වර්ගයක්ද සිටියි. කෙසේ වුවද ඉතා අල්ප වෙනස්කම් කිහිපයක් හැරුණුවිට, ඉහත සඳහන් සුනඛ කොට්ටාශ දෙකම සමාන ලෝම වර්ණ වලින් සහ සමාන සෞඛ්‍ය ගැටළු වලින් යුක්ත වෙයි.ඉතිහාසය[සංස්කරණය]1859 දී ජෝන් හෙන්රි වොල්ෂ්ගේ (ස්ටෝන්හෙන්ජ් නම් අන්වර්ථ නාමය යටතේ) නිර්මාණයක් වූ The Dog in Health and Disease හි, එංගලන්ත හා වෙල්ෂ් කොක(ර්) සුනඛයන්ගේ සිතුවමක්.මොවුන්ගේ මූලාරම්භය නොදන්නා නමුදු 14 වන සියවසේ ලියවිලි තුල "spaynels" (ස්පැයනෙල්ස්) යන නම සදහන් වී ඇත.[1] පොදුවේ මොවුන් ජනිත වූයේ ස්පාඤ්ඤයේ යැයි උපකල්පනය කරන අතර 15 වන සියවසේදී එඩ්වඩ් නො(ර්)විච්, යෝර්ක්හි දෙවන ආදිපාදවරයා ඔහුගේ කෘතියක් වන The Master of
Game හි මොවුන් ව හදුන්වා දෙන්නේ ‘Another kind of hound there is that be called hounds for the hawk and spaniels, for their kind cometh from Spain, notwithstanding that there are many in other countries’ ලෙසය.[2] The Master of Game යනු 14 වන සියවසෙහි මුල් කාලයෙදී Gaston III of Foix-Béarn ගේ පැරණි ප්‍රංශ නිර්මාණයක් වන දඩයම් කෘතියේ.[3] හි ඉංග්‍රීසි පරිවර්තනයක් බවද සැළකේ. 1801 දී සිඩෙනම් එඩ්වර්ඩ්ස් විසින් සයිනොග්‍රෆියා බ්‍රිටනිකා හි සදහන් කොට ඇත්තේ ලෑන්ඩ් ස්පැනියල් සුනඛයින් කොට්ටාශ දෙකකට බෙදෙන බවය. එනම් නාමිකව: hawking, springing/springer spaniel සහ cocking/cocker spaniel.[4] කොක(ර්) යන පදය සුනඛයන් සතු, වටුවන් වැනි කුරුළු විශේෂයක් (Woodcock) දඩයම් කිරිමේ හැකියාව නිසා ඔවුන්හට පටබඳිනා ලදි.[5]19වන සියවස තුලදී කොක(ර්)ස්පැනියල් යනු කුඩා ෆීල්ඩ් ස්පැනියල් වර්ගයේ සුනඛයෙක් විය. එවකට මෙම නාමය නෝෆෝලික් ස්පැනියල්,සසෙක්ස් ස්පැනියල් සහ ක්ලම්බර් ස්පැනියල් යනාදී විවිධ ගණයේ දඩයම්ස්පැනියල් විශේෂ හැඳින්වීමට යොදගන්නා ලදි. තවද සසෙක්ස් කොක(ර්) හෝ ක්ලම්බර් කොක(ර්) ලෙස නොවූවද වේල්ස් කොක(ර්) හා ඩෙවොන්
ෂයර් කොක(ර්) ලෙස සුනඛයන් වෙසෙනා ලදි. [6] 1903 දක්වා වේල්ස් හා ඩෙවොන්ෂයර් දෙවර්ගයම කොක(ර්) සුනඛ ගණයට අයත් ලෙසත් ඉක්බිතිව කෙනල් සමාජය(The Kennel Club) විසින් ඔවුන්ව වේල්ස් ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙසත් හදුන්වාදෙන ලදි.[7]ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ප්‍රතිෂ්ඨාපනය කිරීමට මුලිකවූ පිරිමි සත්වයා වූ ඕබෝ II (Ch. Obo II)සුනඛයන් අභිජනනය කරන්නන් විසින් කිංග් චාර්ල්ස් ස්පැනියල් නම් වූ කුඩා ස්පැනියල් කුලයක සුනඛ වර්ගයෙන් මොවුන් ව වෙන් කොට දැක්වුවද,1870 ට ප්‍රථම "කොක(ර්) ස්පැනියල්" ලෙස වර්ග වීමට සුනඛයෙක් සතු විය යුතු අවශ්‍යතාව වුයේ බර රාත්තල් 25 (කිලෝ 11) ට වඩා අඩුවිය යුතු වීමය. [8]මෙම උපරිම බර සීමාව කොක(ර්) ස්පැනියල් සුනඛ විශේෂය මත 1901 වසර දක්වා පවතින ලද අතර එහෙයින් ව්ශාල සුනඛයින් ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙස වර්ග කරන ලදි.[9] වේල්ස් හා ඩෙවොන්ෂයර් කොක(ර්) දෙවර්ගයෙහිම වර්ණ, ජෝන් හෙන්රි වොල්ෂ් විසින් ඔහුගේ කෘතියක් වන The Dog in Health and Disease (ද ඩෝග් ඉන් හෙල්ත් ඇන්ඩ් ඩිසීස්) හි විස්තර කර ඇති ආකාරයට, ස්ටෝන්හේන්ජ් යන අන්වර්ථ නමින් හැඳින්වූ අක්මාවේ වර්ණයට වඩා ගැඹුරු පැහැයක් දරයි.[10] 1873 දී
එක්සත් රාජධානියෙහි කෙනල් සමාජය ආරම්භ වීමෙන් අනතුරුව, අභිජනනය කරන්නන් විසින් කොකර් හා ස්පැනියල් දෙවර්ගයේම පෙළපත් තොරතුරුගත කිරීමේ ප්‍රයත්නයක් දරනා ලදි. 1982 දී කෙනල් සමාජය විසින් බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් හා බ්‍රිතාන්‍ය ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙස සුනඛයින් ව දෙවර්ගයක් ලෙස වෙන්කරන ලදි.[11]වර්තමාන කොක(ර්) ස්පැනියල් වර්ග දෙකෙහි ප්‍රතිෂ්ඨාපනය වීමට දායක වූයේ යැයි සැලකෙන සුනඛයින් දෙදෙනකි. සුනඛයන් අභිජනනය කිරීමට ලැදිකම් දක්වන පිරිස් විසින් ඕබෝ(Ch. Obo) නම් සුනඛයා බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් විශේෂයේ පියා ලෙස සළකන අතර එම සුනඛයාගේම පැටවකු වන ඕබෝ II ඇමෙරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ආරම්භකයා ලෙස සැළකේ. [12] ඕබෝ සුනඛයා 1879 දී ඉපදී ඇති අතර එම කාල වකවානුවේදී කොක(ර්) සුනඛයකු ලෙස ලියාපදිංචි වීම පෙළපත මත නොව හුදෙක් ශරීර ප්‍රමාණය මත පමණක්ම රඳා පැවතී ඇත. ඔහු සසෙක්ස් ස්පැනියල් සුනඛයෙකුගේ හා ෆීල්ඩ් ස්පැනියල් සුනඛයකුගේ පැටවකු විය.[7] ඕබෝ යනු එංගලන්ත සුනඛයකු වුවද ඕබෝ II ඇමරිකානු වෙරළ තීරයේ ඉපදුන සුනඛයෙකු බව වාර්තා වෙයි. එම සුනඛයාගේ මව පැටවුන් ලැබීමට ආසන්න වකවානුවේදී ඇමරිකා එක්සත් ජනපදයට නැව්ගත ක
ර ගෙනගොස් ඇත.[12] වෙළද දැන්වීම් වල වාර්තාගතවී ඇති අන්දමට ඕබෝ II යනු, ඔහුගේ ජිවන කාලය තුල ඇමෙරිකාවේ විසු සියළුම ත්‍යාගලාභී කොක(ර්) සුනඛයකයන්ගෙන් බහුතරයකගේ මුතුන් මිත්තෙකු බවය.[13]නූතන වර්ගයන්[සංස්කරණය]ඇමරිකානු හා එංගලන්ත කොක(ර්) සුනඛයන්ගේ උස සහ හැඩයෙහි වෙනස පිළිබිඹු කරන ප්‍රස්ථාරයක්.ඇමරිකානු කොක(ර්) ස්පැනියල්එංගලන්ත කොක(ර්) ස්පැනියල්නූතන කොක(ර්) ස්පැනියල් වර්ග දෙකක් වේ. එනම් එංගලන්ත කොක(ර්) ස්පැනියල් හා ඇමරිකානු කොක(ර්) ස්පැනියල්ය.[14] ඔවුන්ව gun dogs ලෙස ඇතිකර ඇත්තේ ඉව ඇල්ලීමේ දක්ෂතාවය යොදාගනිමින් හසුරුවන්නා අසල ඇති පහත් බිම් ආවරණය කොට, එමඟින් වෙඩි තැබීම පිණිස කුරුල්ලන් අහසට එළවීමටත්, ඉන්පසුව දෑස් හා ඉව යොදාගනිමින් බිම වැටුණු කුරුල්ලන් වැටුණු ස්ථානය නිර්ණය කරවා ගැනීමටත්, ඉක්බිතිව දඩයම් වූ කුරුල්ලන්ව මෘදුව මුවින් අල්ලාගෙන පැමිණිමටත් ඔවුන් සතුව තිබු හැකියාවන් නිසාවෙනි.[15]එංගලන්ත හා ඇමරිකානු ප්‍රභේද දෙකෙහි ඇති මූලික වෙනස්කම වන්නේ ඇමරිකානු සුනඛයා ප්‍රමාණයෙන් කුඩාවන අතර මිටි පසුපසක්, ගෝලාකාර හිසක් සහ කොට හොම්බකින් යුක්ත වීමයි. එංගලන්ත සුනඛ ගණය ප්‍රමාණයෙන් උස් වන අතර පටු හිසකින් හා
පපුවකින් සමන්විත වෙයි.[14]කොක(ර්) ස්පැනියල් සුනඛයන්ගේ ලෝම කළු, රතු හා රන්වන් වර්ණ ඇතුළු විවිධ ස්ථිර වර්ණයන්ගෙන් යුක්ත වේ.[16]මීට අමතරව කළු සහ දුඹුරු වර්ණ හා අක්මාවේ වර්ණය හා දුඹුරු වර්ණය මිශ්‍ර වර්ණ වලින් මෙන්ම, ඇතැම්විට ඉහත කී ස්ථිර වර්ණ මිශ්‍රිත සුදු දුඹුරු, සුදු දුඹුරු මිශ්‍රිත තද දුඹුරු, ත්‍රි වර්ණ සහ ස්ථිර වර්ණ සමග අමතර සුදු වර්ණ සලකුණු ඇති ලෝමාවරණයන්ගෙන් යුක්ත වන අවස්ථාද ඇත.[17][18]ඇතැම් අවස්ථවලදී අනපේක්ෂිත ලෙස දුර්ලභ වර්ණද හටගත හැක. උදාහරණයක් ලෙස සුදු වර්ණයෙන් යුතු සුනඛයෙකු බිහි කිරීම ලා රන්වන් පැහැති කුලයක සුනඛයන් දෙදෙනෙකු තෝරාගෙන මුසු කල යුතු වුවද, ඉතා තද වර්ණ වලින් යුතුවන සුනඛ යුගලකට දාව එවන් පැටවෙක් බිහිවීමේ සිද්ධිද අහඹු අවස්ථා වලදී සිදුවනු දක්නට ලැබේ. මේ හා සම්බන්ධ අවධානයකට තුඩු දුන් සංසිද්ධියක් ලෙස 1943 දී වෙස්ට්මිනිස්ටර් කෙනල් සමාජයේ සුනඛ සංදර්ශනයේදී 1940 හා 1941 දී හොදම සුනඛයා වූ My Own Brucie නම් සුනඛයාගේ පැටවෙකුට දාව තනි සුදු පැහැති පැටවකු බිහිවීමේ සිද්ධිය නම් කල හැකිය.[19]2009 දී තම ජන්ම භුමිය වන එක්සත් ජනපදයේදී, ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ජනප්‍රියතම සුන
ඛ වර්ග අතර 23න් වන ස්ථානයෙහි පවතින බව ඇමරිකානු කෙනල් සමාජයේ ලියාපදිංචි දත්ත වලට අනුව වාර්තා වූ අතර එය, 1999 දී 13 වන ස්ථානය ලබාගන්නා ලද මොවුන්ගේ ජනප්‍රියතාවයේ සැලකිය යුතු අඩු වීමකි.[20] පුරා වසර 25ක් ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමෙරිකාවේ ජනප්‍රියම සුනඛ වර්ගය විය. එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනස් වර්ගයක් ලෙස හදුන්වාදීමට පෙර, මුල්වරට 1936 දී ජනප්‍රියතාවයෙන් මුල් තැනට පත් වූ අතර ඉන්පසුව 1952 දී බීගල් සුනඛයින් ජනප්‍රියතම සුනඛයින් බවට පත්වන තෙක්ම ප්‍රථම ස්ථානය දරනා ලදි. නැවත වරක් 1983 දී මොවුන් ප්‍රථමස්ථානයට හිමිකම් කියූ අතර 1990 තෙක් එම ස්ථානයේම පසුවන ලද බවද වාර්තා වේ.[21] 2009 දී එක්සත් රාජධානිය තුල ඇමරිකානු කොක(ර්) ස්පැනියල් වර්ගය ඔවුන්ගේ එංගලන්ත වර්ගයේ සුනඛ විශේෂය හා සංසන්දනාත්මකව ලියාපදිංචි 322 කට, එංගලන්ත කොක(ර්) විශේෂයේ ලියාපදිංචි 22,211 හමුවේ සාපේක්ෂව ඉතා අඩු ජනප්‍රියත්වයකට උරුමකම් කියන ලදි.[22]එංගලන්ත කොක(ර්) ස්පැනියල්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: එංගලන්ත කොක(ර්) ස්පැනියල්සංදර්ශන කුලයට අයත් රන්වන් පැහැ එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයෙක්මහා බ්‍රිතාන්‍ය තුල සරලව මොවුන් ක
ොක(ර්) ස්පැනියල් නමින් හැදින්වන අතර,[23] 1892 දී කෙනල් සමාජය The Kennel Club (KC) විසින් මුලින් හැදිනාගත් වර්ගයද වේ.[11]ඇමෙරිකානු කෙනල් සමාජය American Kennel Club (AKC) විසින් එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනත් සුනඛ වංශයක් ලෙස හදුන්වන ලද්දේ 1946 දීය.[14]කෙනල් සමාජයට අනුව, එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ශරීර ප්‍රමාණය උරිස් ඇට අතර නාරටිය, පිරිමි සතුන්ගේ දිගින් අඟල් 15.5–16 (සෙ.මි. 39–41) වන අතර ගැහැණු සතුන්ගේ එය අඟල් 15–15.5 (සෙ.මි.38–39) දිගින් යුක්ත වේ. සංදර්ශනයක නිරත කරනා සුනඛයකුගේ බර රාත්තල් 28–32(කිලෝ 13–15) වේ.[23]එංගලන්තයේ ජනප්‍රියතම සුනඛ සංදර්ශනය වන ක්‍රෆ්ට්ස් සංදර්ශනයේ හොදම සුනඛයා සම්මානය ලබාදීම 1928 දී ආරම්භ කල අතර එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින් එය 7 වරක් ජයග්‍රහණය කරමින් සංදර්ශනයෙහි සාර්ථකම සුනඛ විශේෂය බවට පත්වුණි. මෙයට මුලිකම හේතුව වූයේ එච්.එස්.ලොයිඩ් නම් සුනඛයන් අභිජනනය කරන්නාගේ H.S. Lloyd's Ware Kennel කණ්ඩායමට අයත් සුනඛයන් විසින් සංදර්ශනයේ හොදම සුනඛයාට හිමි සම්මානය 1930 සිට 1950 දක්වා අවස්ථාව 6 කදී දිනාගැනීමය.[24] කෙනෙල් සමාජයේ සංඛ්‍යාලේඛන වාර්තා වලට අනු
ව 2009 දී, එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින් ලියාපදිංචි 22,211 හමුවේ එංගලන්තය තුල ජනප්‍රියත්වය අතින් දෙවැනි ස්ථානයට පත්වන්නේ, ලියාපදිංචි 40,943 කින් සමන්විත වන ලැබ්රඩෝර් රිට්‍රීවර් සුනඛ විශේෂය හමුවේය. මෙහිදී තෙවැනි ස්ථානය ලියාපදිංචි වාර්තා 12,700කින් යුක්තව එංගලන්ත ස්ප්‍රින්ගර් ස්පැනියල් සුනඛ විශේෂයට හිමි විය.[25] 1999 පටන් එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ජනප්‍රියතාවය ඇමරිකා එක්සත් ජනපදයේදීද ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර එවිට ඇමරිකානු කෙනල් සමාජයේ ලියාපදිංචි වාර්තා අතර 76 වන ස්ථානයේ පසුවූ මොවුන් 2009 වන විට 66 වන ස්ථානයට පත්වන ලදි.[20]බ්‍රිතාන්‍යයේ සංදර්ශන කුලය හා කාර්මික කුලය අතර ශාරීරික වෙනස්කම් පවතී. සංදර්ශන කුලය අනුවර්තනය වන සම්මතියකට අනුව සාදන අතර, කාර්මික කුලය හුදෙක් වැඩෙහි යෙදීමේ හැකියාව සදහා යොදාගන්නා බැවින් ඔවුන්ගේ විවිධ ශාරීරික වෙනස්කම් මතුවී ඇත. වැඩ කිරීම සඳහා යොදාගන්නා සුනඛයින් ප්‍රමාණයෙන් විශාල වන අතර මට්ටම් වූ හිසකින් සහ කෙටි කන් යුගලකින් සමන්විත වේ. ඔවුන්ගේ ලෝම පවා සංසන්දනාත්මකව කෙටි හා සිනිඳු වන අතර අඩු පැතිරීමකින් යුක්ත වේ. තවද කාර්මික කුලයේ සුනඛයින් සංදර්ශන ගණයේ
සුනඛයින්ට සාපේක්ෂව කඩිසර වේ.[26]ඇමරිකානු කොක(ර්) ස්පැනියල්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ඇමරිකානු කොක(ර්) ස්පැනියල්අලුතින් හැඩ කරන ලද ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයෙක්කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමරිකානු කෙනල් සමාජය විසින් 1878 දී හදුනාගන්නා ලදි. සාමාන්‍යයෙන් එංගලන්ත විශේෂයට වඩා මොවුන් කුඩා වන අතර, 1935 දී ඇමරිකාව තුල මෙම දෙවර්ගය වෙනස් කාණ්ඩ දෙකකට වෙන් කිරීමද, 1938 දී ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සමාජය විසින් මෙම දෙවර්ගය අතර අභිජනනය අධෛර්යමත් කිරීමද කර ඇත.[14] 1970 දී ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය බ්‍රිතාන්‍යයේදී, කෙනල් සමාජය විසින් වෙනම සුනඛ විශේෂයක් ලෙස හදුන්වාදෙන ලදි.[27] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමරිකා එක්සත් ජනපදය තුල කොක(ර්) ස්පැනියල් යන නමින් හදුන්වනු ලබයි.[14]ඇමරිකානු වුඩ්කොක් නම් වටවුන් වැනි කුරුලුවංශය ඔවුන්ගේ යුරෝපියානු කුලයට වඩා කුඩා වන අයුරින්ම ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ද ඔවුන්ගේ යුරෝපියානු විශේෂයට වඩා කුඩා වෙයි. 20 වන සියවසේ මුල භාගයේදී මෙම විශේෂ දෙකෙහි බාහිර පෙනුම මද වශයෙන් වෙනස් වන්නේ, ඇමරිකානු අභිජනනය කරවන්නන්ගේ මනාපය වැඩි මෝස්‌තර ශීලී පෙනුමක් කරා ය
ොමු වූ නිසාය.[7] ඇමරිකානු කෙනල් සමාජයට අනුව පිරිමි සතුන් සඳහා සම්මත ප්‍රමාණය, උරිස් ඇට අතර නාරටියේ දිග අඟල් 14.5–15.5 (සෙ.මි. 37–39) තුල වන අතර ගැහැණු සතුන් සඳහා අඟල් 13.5–14.5 (සෙ.මි. 34–37)අතර වේ.[28] තවද මෙම වර්ගයෙහි බරෙහි සාමන්‍යය රාත්තල් 24-30 (කිලෝ 11-14) අතර අගයක් ගනී.[29]ඇමරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විතම සුනඛ සංදර්ශනය වන වෙස්ට්මිනිස්ටර් කෙනෙල් සමාජයේ සුනඛ සංදර්ශනයෙදී,[30] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයන් සංදර්ශනයේ හොදම සුනඛයාට හිමි සම්මානය, 1907 දී ප්‍රථමවරට සම්මානය ලබාදීම ආරම්භ කල අවස්ථාවේ පටන් අවස්ථා හතරකදී දිනාගෙන ඇත. සාර්ථකම සුනඛ වර්ගය ලෙස වයර් ෆොක්ස් ටෙරියර් විශේෂය 13 වරක් නම් කරන ලදි.[31] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයන්, ඇමරිකානු කෙනල් සමාජයේ රෙගුලාසි වලට අනුව වෙනස් පංති 3ක්; "කළු", "වර්ණ දෙකක් හෝ ඊට වැඩි " හා "කළු හැර වෙනත් ස්ථිර වර්ණයක්" යටතේ විනිශ්චය කරනු ලැබේ.(ASCOB)[32]සුලභ සෞඛ්‍ය ගැටළු[සංස්කරණය]කොක(ර්) ස්පැනියල්බ්‍රිතාන්‍ය කෙනල් සමාජයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයින්ගේ මද්‍යස්ථ ආයු කාලය අවුරුදු 10 මාස 4ක් පමණ වන අතර, [33] එ
ංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින්ගේ මද්‍යස්ථ ආයු කාලය අවුරුදු 11 මාස 2ක් පමණ වේ.[34] මෙම සමීක්ෂණයට අනුව, සුනඛ දෙවර්ගයෙහිම මරණයට ප්‍රධානතම හේතු කාරකය ලෙස පිළිකාව ද, මහලු වයස දෙවෙනි හේතු කාරකයද විය.[33][34] මෙම නූතන සුනඛ දෙවංශයම විවිධ සෞඛ්‍ය ගැටළු කිහිපයකට යටත් වේ. දෙවර්ගයටම පොදු ගැටළු ලෙස ශ්‍රවණ ආසාධන හා විවිධ අක්ෂි ආසාධන සැලකිය හැක. සුනඛ වංශ ගණනාවක්ම උකුල් ඇටය විස්ථාපනය වීමේ hip dysplasiaරෝග තත්වයට ගොදුරු වෙයි. සතුන් සදහා වන විකලාංග පදනම Orthopedic Foundation for Animals කල සමීක්ෂණයකට අනුව, ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය සත්ව විශේෂ 157ක් හමුවේ 115 වන ස්ථානය දරන්නේ, dysplasia රෝගය සඳහා 1 යනු වැඩිම ප්‍රතිශත ප්‍රවනතාවය ද, 157 යනු අඩුම ප්‍රතිශත ප්‍රවනතාවය ද වන අයුරින්ය. එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය මෙහි 129 වන ස්ථානය දරයි.[35]Otitis externa (බාහ්‍ය ශ්‍රොත්‍රදාහ ආසාදනය)[සංස්කරණය]කොක(ර්) ස්පැනියල් සුනඛයකුගේ ශ්‍රවණ නාලය විශාලව ඉදිමී වැසී ඇති අවස්ථාවක්, මෙය උග්‍ර otitis externa තත්වයකි.කොක(ර්) ස්පැනියල් මෙන්ම දිගු, පැද්දෙන කන් යුගල් ඇති සුනඛයින් අනෙක් සුනඛ විශේෂ මෙන් නොව ශ්‍රව
ණ ආබාධ සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මෙම සුනඛයින්ගේ කනෙහි ඇති නැම්ම හේතුවෙන් කන තුලට වාතය ගලා ඒම වලකන අතර එමගින් වෙනත් ජීවීන්ට වාසය කල හැකි උණුසුම්, තෙතමණය සහිත වාතාවරණයක් නිර්මාණය වේ. Otitis externa යනු ශ්‍රවණ නාලයෙහි ඇතිවන ඉදිමුම් තත්වයක් වන අතර ඒ සඳහා පරපෝෂිතයින්, ක්ෂුද්‍රජීවීන්, ආගන්තුක වස්තූන්, පටකවල අසාමාන්‍ය වැඩීම්/ගෙඩි හා මතුපිටට යටින් සමෙහි ඇතිවන රෝග වැනි හේතු කාරක රාශියක් වේ.කන් කීඩෑවන්,බලු මැක්කන් හා කිනිතුල්ලන්ට පවා සුනඛයාගේ ශ්‍රවණ මාර්ගයෙහි වාසය කල හැකි නිසාවෙන් එමඟින්ද ඔටිටිස් එක්ස්ටර්නා තත්වය ඇතිවිය හැක.[36]සුනඛයන් සම්බන්ධ සුලභ කන් අසාදන සඳහා ක්ෂුද්‍ර ජීවීන්, විශේෂයෙන් යීස්ට් ආසාදන හේතු කාරක වේ. මෙහි සුලභම උපවර්ගය Malassezia pachydermatitis වේ. මෙහි රෝග ලක්ෂණ සුනඛයා නිතරම හිස සෙලවීම හා කන් කැසීමය.ශ්‍රවණ නාලය ඉදිමී ඇති ලෙස දිස්වන අතර, ඇතැම් අවස්ථා වලදී සැරව වැනි ද්‍රව්‍යයක් විසර්ජනය වීමද සිදුවිය හැකි අතර, බහුතර අවස්ථා වලදී කණ තුලින් සැර සුවඳක් නැඟේ. සුනඛයන් අතර වන මෙම otitis externa රෝගයෙහි සුලභ හේතු කාරක සඳහා පිළියම් වශයෙන් ප්‍රතිබැක්ටීරීය ද්‍රාවණයක් යොදාගනිමින් කන්
සේදීම කළ හැක. ඇතැම් අවස්ථා වලදී ඉදිමුම් වලක්වන බෙහෙත් පවා නිර්දේශ කල යුතු වේ. තෙතමනය ඇති පරිසරයක විසීම හා නිතරම පිහිණීම්වල නිරත වීම හෝ ස්නානයෙන් පසු සැලකිලිමත් ලෙස කන් වියලීම නොකිරීම වැනි හේතු මෙවැනි කන් ආසාධන හටගැනීමට ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙවැනි කන් ආසාත්මිකතා කන් වල ඇති ලෝම කොට කිරීම මඟින් තුරන් කරවා ගත හැක.[36]අක්ෂි ආසාදන[සංස්කරණය]ක්‍රමයෙන් වැඩිවන දෘෂ්ටි ක්‍ෂීනතාව Progressive retinal atrophy (PRA) යනු සුනඛයකුගේ දෘෂ්ටිකත්වයට බලපාන හා ඒ හරහා සුනඛයාව අන්ධ භාවයට යොමු කරවන රෝග සමුහයකි. මෙය ඇමරිකානු හා එංගලන්ත කොක(ර්) ස්පැනියල් වංශ වල මෙන්ම සුනඛ වංශ රාශියක වාර්තාගත වී ඇති තත්වයකි. කෙසේ වුවද කොක(ර්) ගණයේ සුනඛයින් මෙම PRA හි එක් රෝග ආකාරයක් වන Progressive rod-cone degeneration (PRCD) ට මුහුණපාන අතර රාත්‍රී අන්ධතාවය එහි රෝග ලක්ෂණයක් වන අතර, එම තත්වය වයස අවුරුදු 3 - 5 කාල පරාසයක් තුල පූර්ණ අන්ධතාවය කරා ද යොමුවිය හැක.[37] PRCD යනු සුනඛයින් අන්ධභාවයට යොමු කරවන, ඉතා පුළුල් ව පැතිරෙන ආවේණික අක්ෂි රෝගයකි.[38]Canine glaucoma සුනඛ නීලකාචය යනු අන්ධභාවයට තුඩු දෙන තවත් එක් ප්‍රධාන හේතුවකි. ම
ෙය සුනඛයාගේ ඇසෙහි පීඩනයේ වැඩිවීමක් වන අතර නිසි පිළියම් නොකිරීමෙන් දෘෂ්ටියෙහි අඩු වීමක් හා අවසානයේදී දෘෂ්ටිය නැතිවීයාමටද හේතුවිය හැක. මෙම තත්වය ආවේණික ('Primary glaucoma') එසේත් නැත්නම් වෙනත් පටකවල අසාමාන්‍ය වැඩීමක්/ගෙඩියක් හෝ lens luxation වැනි වෙනත් අක්ෂි ආසාත්මිකතා කිහිපයකටම හේතුවන ද්විතීක තත්වයක්ද විය හැක.[39] තවද, මෙම සුනඛ වර්ග දෙකටම බලපෑම් එල්ලවන, බාල වියේදී ඇසෙහි සුද මතුවන (juvenile cataracts) තත්වය වයස අවුරුදු 4ක් වන තෙක් ඇතිවිය හැක. මෙහි රෝග ලක්ෂණ අතර කණිනිකාවෙහි දුර්වර්ණ වීමද, ප්‍රතිකර්ම අතර ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම් ද අන්තර්ගත වේ.[40]යොමුව[සංස්කරණය]Footnotes↑ Sucher (1999): p. 7↑ York (1909): p. 119↑ York (1909): p. xii↑ Smith, A.C. (1932). Gun Dogs - Their Training, Working and Management. London: Seeley, Service & Co. p. 89.↑ Case, Linda P. (2005). The Dog: Its Behavior, Nutrition, and Health (2nd ed.). Ames, Iowa: Wiley-Blackwell. p. 32.,ISBN 978-0-8138-1254-0↑ Walsh, John Henry (1906). The Dogs Of Great Britain, America, And Other Countries. Their Br
eeding, Training, and Management in Health and Disease. New York: Orange Judd Company.↑ 7.0 7.1 7.2 "The Cocker Spaniel: Fine Feathered Friend". Dog & Kennel. 1999. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ Sucher (1999): p. 8↑ Kolehouse, Bobbie. "Dusting Off History to Look at Cocker Hunting Tradition". Spaniel Journal. සම්ප්‍රවේශය 26 April 2010.↑ Walsh (1887): p. 109↑ 11.0 11.1 Palika (2009): p. 19↑ 12.0 12.1 Palika (2009): p. 21↑ "Obo II Stud Card" (PDF). American Spaniel Club. සම්ප්‍රවේශය 26 April 2010.↑ 14.0 14.1 14.2 14.3 14.4 Riggsbee, Nikki (2008). Training Your Cocker Spaniel. Hauppauge, New York: Barron's Educational Series.,ISBN 978-0-7641-4035-8↑ "Cocker Spaniel". National Gundog Association. සම්ප්‍රවේශය 26 April 2010.↑ "Colours and Markings". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.↑ "Colours and Markings Page 2". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.↑ "Colours and Markings Page 3". The Cocker
Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.↑ "White Cocker: "Brucie" grandson is rare color". Life. 13 December 1943. p. 40. සම්ප්‍රවේශය 25 April 2010. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ 20.0 20.1 "AKC Dog Registration Statistics". American Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.↑ "AKC Registration Statistics Fact Sheet". American Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.↑ "Quarterly Registration Statistics for the Gundog Group" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.↑ 23.0 23.1 "Spaniel (Cocker) Breed Standard". The Kennel Club. December 2008. 2 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 April 2010.↑ Jackson, Frank (1990). Crufts: The Official History. London: Pelham Books. pp. 198–200.,ISBN 0-7207-1889-9↑ "Top Twenty Breeds in Registration Order for the Years 2008 and 2009" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.[භින්න වූ සබැඳිය]↑ "Frequently Asked Cocker Questions". The Cocker Spaniel Clu
b. සම්ප්‍රවේශය 26 April 2010.↑ Quelch, John (1988). The Early Days of the American Cocker Spaniel in the United Kingdom. American Cocker Spaniel Club of Great Britain. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)↑ "AKC Meet the Breeds: Cocker Spaniel". American Kennel Club. සම්ප්‍රවේශය 25 April 2010.↑ Palika, Liz (31 August 2007). The Howell Book of Dogs: The Definitive Reference to 300 Breeds and Varieties. Hoboken, New Jersey: John Wiley & Sons. p. 206. සම්ප්‍රවේශය 25 April 2010.,ISBN 978-0-470-00921-5↑ Del Rosario, Ron (17 February 2010). "Westminster Dog Show 2010 Results : Best in Show Results". The Daily Inquirer. 20 February 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 April 2010. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ "Best-in-show Winners". Westminster Kennel Club. සම්ප්‍රවේශය 25 April 2010.↑ "2010 Breed Judging Results". Westminster Kennel Club. 16 February 2010. සම්ප්‍රවේශය 25 April 2010.↑
33.0 33.1 "Summary results of the Purebred Dog Health Survey for American Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.↑ 34.0 34.1 "Summary results of the Purebred Dog Health Survey for English Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.↑ "Hip Dysplasia Statistics". Orthopedic Foundation for Animals. December 2009. සම්ප්‍රවේශය 1 May 2010.↑ 36.0 36.1 Thomas, Dennis W. "An Ear Full of Auditory Advice". Working Dogs.com. සම්ප්‍රවේශය 2 May 2010.↑ Smith, DVM, Marty. "Progressive Retinal Atrophy/Degeneration in Dogs". PetEducation.com. සම්ප්‍රවේශය 1 May 2010.↑ Acland, Gregory M (2 January 1998). "Linkage analysis and comparative mapping of canine progressive rod–cone degeneration (prcd) establishes potential locus homology with retinitis pigmentosa (RP17) in humans". UK PubMed Central. සම්ප්‍රවේශය 1 May 2010. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)[භින්න වූ සබැඳිය]↑ "What is glaucoma?". Cani
ne Inherited Disorders Database. 28 March 2002. සම්ප්‍රවේශය 1 May 2010.↑ "What are cataracts?". Canine Inherited Disorders Database. 29 December 2004. සම්ප්‍රවේශය 1 May 2010.BibliographyWalsh, John Henry (1887). The Dog in Health and Disease. London: Longmans & Green.Edward, Second Duke of York [in ඉංග්‍රීසි] (1909). The Master of Game. London: Chatto & Windus.Sucher, Jamie (1999). Cocker Spaniels. Complete Pet Owner's Manual (2nd ed.). Hauppauge, New York: Barron's Educational Series. ISBN 978-0-7641-1034-4.Palika, Liz (2009). Cocker Spaniel: Your Happy Healthy Pet (2nd සංස්.). Hoboken, New Jersey: Howell Book House. ISBN 978-0-470-39060-3.බාහිර සබැඳුම්[සංස්කරණය]American Cocker Spaniel සංරක්ෂණය කළ පිටපත 2014-04-10 at the Wayback Machineat DMOCEnglish Cocker Spaniel සංරක්ෂණය කළ පිටපත 2014-04-10 at the Wayback Machineat DMOCරුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේරුවන්වැලි මහා සෑයවිස්තරසංස්ථාපනයදුටුගැමුණු මහා රජතුමාපිහිටුම් තොරතුරුරටශ්‍රී ලංකාවපිහිට
ීමඅනුරාධපුර, ශ්‍රී ලංකාව ද්වාරය:බුද්ධාගමරුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.සුවිශේෂීත්වයගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.මෙතුල දඹ රන් පිරිනිවන් පානා ආකාරයේ පිලිමයක් ඇත.භෞතික ලක්‍ෂණඋසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.අන්වර්ථ නාම☆මහාථූප (පාලි භාෂාවෙන්)☆මහා ස්ථූපය☆මහා ථූපය☆මහා සෑය☆රුවන්වැලි මහා සෑය☆රුවන්මැලි මහා සෑය☆රත්නමාලි මහා සෑය☆රතනමාල
ි මහා සෑය☆හේමමාලි මහා සෑය☆අසදෘශ මහා සෑය☆ස්වර්ණමාලී මහා සෑයශාරීරික ධාතුසම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි.ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ.ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට න
ැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී. "ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත න
ිදන් කෙරිණි.වන්දනා ගාථාවසයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලීති පතිතනාමංවන්දාමහං ථූපවරං මහග්ඝංඉදිකිරීමඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීමපුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.ඉදිකිරීම ඇරඹීමරුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුමදුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. අඩිතාලම
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.භූමිය සමතලා කරන ලදී.එය රියන් හතක ගැඹුරට සාරන ලදී.එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.ගල් මිටියෙන් කඩන ලදී.ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී.ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ
තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය
කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.ස්ථූපයට ආශීර්වාද කිරීමසිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වය
ටත් පත් විය.දුටුගැමුණු රජුගේ මරණයඅද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.සද්ධාතිස්ස රජුගේ මරණයදුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.මහා රජුඅනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.ප්‍රතිසංස්කරණ20වන සියවසේ ප්‍රතිසංස්කරණය19 වන සියවසේ අග භාගයේ දී, නාරංවිට සුමනසාර හිම
ියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය..සේයා රූ එකතුවරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි සෑයේ කොතරුවන්වැලිසෑය වටා 20වන සියවසේ ඉදිකල නව ඇත් පවුරඛණ්ඩාංක: 7°02′00″N 80°01′00″E / 7.0333°N 80.0167°E / 7.0333; 80.01672008 වැලිවේරිය බෝම්බයස්ථානයවැලිවේරිය, ශ්‍රී ලංකාවදිනයක්‍රි.ව. 2008 අප්‍රියෙල් 6 (UTC+5:30)ප්‍රහාර මාදිලියබෝම්බ ප්‍රහාරයමරණ15[1]තුවාලකරුවන්90සැකකෙරෙන අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටිවැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු ක්‍රි.ව. 2008 වසරේ අප්‍රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්‍රස්තවාදියෙකු විසින් ශ්‍රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු
ජීවිතක්ෂයට පත්වූහ.[2] මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ. ප්‍රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ.[3][4][5] ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානයට චෝදනා එල්ල කරන ලදී.[1]මේවාද බලන්න[සංස්කරණය]දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුවExplosion caught on tapeමූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 Blast kills Sri Lankan minister, BBC↑ Sri Lankan MP among 10 killed in blast, CNN↑ Suicide blast kills Sri Lankan minister, CNN↑ Jeryaraj killed in Gampaha blast↑ Colonel Udayadeera lays his life in the Suicide attack සංරක්ෂණය කළ පිටපත 2008-04-11 at the Wayback Machine Ministry of Defencevteදෙමළ ඊළාම් විමුක්ති කොටිනායකයෝමියගිය නායකයෝවේළුපිල්ලේ ප‍්‍රභාකරන්පොට්ටු අම්මාන්ශංකර්මහත්තයානඩේසන්එස්. පී. තමිල්සෙල්වන්සුසේයිබාල්රාජ්කිටූත්‍රස්ථවාදය අතහැරි නායකයෝකුම
රන් පද්මනාදන්කරුණා අම්මාන්වත්මන් නායකයෝනෙදියවන්සන්තෝෂම් මාස්‌ටර්අංශචාල්ස් ඇන්තනී සේනාංකයකළු කොටිමුහුදු කොටිගුවන් කොටිජෙයන්තන් සේනාංකයඉම්බ්‍රාන් පන්ඩියන් සේනාංකයශිරත්ත පුල්ලි සේනාංකයමයුරන් ස්නයිපර් සේනාංකයමාලති ගෘප් සෝදියා සේනාංකයතිලකා සේනාංකයජයන්තන් බ්‍රිගේඩිතුන්නේ පඩෙයි සේනාංකයජොන්සන් මෝටාර් ගෘප් ඉම්බ්‍රාන් පන්ඩියන් සේනාංකයකුට්ටි ශ්‍රී මෝටාර් සේනාංකයකිට්ටු ආර්ටි සේනාංකයමක්කලෙයි පඩෙයි සේනාංකයවිජයකාන්ත් සේනාංකයවිනෝදන් සේනාංකයරෝජා සේනාංකයප්‍රහාරසාමාන්‍යසිවිල්වැසියන්මරාදැමීම්1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරයහැව්ලොක් බෝම්බ ප්‍රහාරය1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරයවැලිවේරිය බෝම්බ ප්‍රහාරයඅකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරයකැබිතිගොල්ලෑව සමූලඝාතනයකාත්තන්කුඩි මුස්ලි
ම් පල්ලියේ සමූලඝාතනයශ්‍රී මහා බෝධි සමූලඝාතනයපල්ලියගොඩැල්ල සමූලඝාතනයඅරන්තලාව භික්‍ෂු ඝාතනයගෝනගල සමූලඝාතනයගෝමරන්කඩවල සමූලඝාතනයමහවිලච්චිය සමූලඝාතනයමහගොඩයාය සමූලඝාතනයකෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතනකල්ලරාව සමූලඝාතනයකෝකිලායී සමූලඝාතනයබණ්ඩාරනායක ගුවන් තොටුපළ ප්‍රහාරයලයන්එයාර් 602 පියාසැරියඑයාර් ලංකා යූඑල්512 පියාසැරිය2009 කොළඹ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයහමුදා1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය2008 වව්නියාව බෝම්බ ප්‍රහාරයෆෝ ෆෝ බ්‍රාවෝඝාතනයන්රජීව් ගාන්ධිරණසිංහ ප්‍රේමදාසලක්ෂ්මන් කදිර්ගාමර්ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගාමිණී දිසානායකරන්ජන් විජේරත්නසරෝජිනී යෝගේස්වරන්ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පාඒ අමිර්තලිංගම් ක්ලැන්සි ෆෙර්නාන්දු නීලම් තෙරුචේල්වම් සී වී ගුණරත්න පාරමි කුලතුංග කේ යෝගනතන් ඒ ත්‍යාගරාජා එස් ජේ මුත්තයියා වී ධර්මලිංගම්කේ අලලසුන්දරම් එස් විජයානන්දන් වී යෝගේෂ්වරම් එස් තම්බිබුත්තු ඩබ්ලිව් කේ යෝගසංගරී පී කිරුබාකරන් ටී ගනේෂලිංගම් ටී ජෙයරාජා තෝමස් ඇන්ටන් ඒ තන්ගතුරයි එස් සම්මුගනාදන් පී සිවපාලන් පී කන්දසාමි වී ගුණරත
්නම් නීලන් තෙරුචේල්වම් කුමාර් පොන්නම්බලම් ඒ එන් සුන්දරනායගම් කේ රාජනානගම් ජේ පරරාජසිංහම් නඩරාජා රවිරාජ් ත්‍රස්තවාදස සහඊට එරෙහි ක්‍රියාමාර්ගඅවධිඊළාම් යුද්ධය Iඉන්දියානු මැදිහත්වීමඊළාම් යුද්ධය IIඊළාම් යුද්ධය IIIඋතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම්සටන්වඩමාරච්චි මෙහෙයුමපූනරින් සටනඅලිමංකඩ පළමු සටනරිවිරැස මෙහෙයුම1996 මුලතිව් සටනජයසිකුරුයි මෙහෙයුමඅලිමංකඩ දෙවන සටනසාම්පූර් සටනතොප්පිගල සටනපුදුකුඩිඉරුප්පු සටනඅනුබද්ධ සංවිධානබ්‍රිතාන්‍ය දෙමළ සංගමයදෙමළ පුනරුත්ථාපන සංවිධානයගෝලීය දෙමළ සංසදයකැනේඩියානු දෙමළ කොංග්‍රසයදෙමළ තරුණ සංවිධානයදෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව - අ.එ.ජ.මිලින්ද පීරිස්මේජර් ජෙනරල් මිලින්ද පීරිස් RWP, RSP, USP, ndc, pscසේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාවපදවියමේජර් ජෙනරල්රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාවඅණදීම්ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී උප කුලපති / කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයසටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඕමන්තායි / වාලච්චේනිප්‍රදානරණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානයමේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි.මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරු හොබවයි.[1][2]මේජර් ජෙනරල් මිලින්ද පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.ආශ්‍රිත[සංස්කරණය]මේජර් ජෙනරල් මිලින්ද පීරිස්යන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්Nalanda College Colombo RANAVIRU UPAHARA ' 16ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machineමම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවාවිශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරයයුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්මිලින්ද පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙයියුද හමුදාවේ දෙවැනියා මේජර් ජනරාල් මිලින්ද පීරිස්ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් මිලින
්ද පීරිස්[permanent dead link]යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ සංරක්ෂණය කළ පිටපත 2016-02-16 at the Wayback Machineයුධ හමුදාවේ ඉහලම තනතුරු සඳහා නව නිලධාරින් [permanent dead link]↑ දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී↑ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කරා යන ගමනට බාලදක්‍ෂ ව්‍යාපාරය දායක කරගමු[permanent dead link]ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວSathalanalat Paxathipatai Paxaxon LaoකොඩියEmblemඋද්යෝග පාඨය: ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດທະນາຖາວອນ"Peace, independence, democracy, unity and prosperity"ජාතික ගීය: Pheng Xat LaoLao National Anthemඅගනුවරසහ විශාලතම නගරයවියෙන්තියාන්නිල භාෂා(ව)ලාඕOfficial scriptsLao scriptජනවාර්ගික කණ්ඩායම් (2005)55% Lao11% Khmu8% Hmong26% othersaජාති නාම(ය)LaotianLaoරජයMarxist–Leninist single-party state[b]• President Choummaly Sayasone• Prime Minister Thongsing Thammavong• General Secretary(Party) Choummaly Sayasone• President of theNational Assembly Pan
y Yathotu• President ofConstruction Sisavath Keobounphanhව්‍යවස්ථාදායකයNational AssemblyIndependence from France• Autonomy 19 July 1949• Declared 22 October 1953වර්ග ප්‍රමාණය• සම්පූර්ණ236,800 km2 (91,400 sq mi) (84th)• ජලය (%)2ජනගහණය• 2012 ඇස්තමේන්තුව6,500,000[1] (104th)• 1995 ජන සංගණනය4,574,848• ඝණත්වය26.7/km2 (69.2/sq mi) (177th)දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව• සම්පූර්ණ$19.158 billion[2]• ඒක පුද්ගල$3,004[2]දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව• සම්පූර්ණ$9.269 billion[2]• ඒක පුද්ගල$1,320[2]ගිනි (2008)36.7[3]මධ්‍යමමාසද (2013)0.543[4]පහළ · 138thව්‍යවහාර මුදලKip (LAK)වේලා කලාපයUTC+7රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය+856ISO 3166 codeLAඅන්තර්ජාල TLD.laIncluding over 100 smaller ethnic groups.ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.[1] රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක
දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.[5]ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.ලාඕසය ඒක-පාර්ශ්වික සමාජවාදී ජනරජයකි. එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු කොමියුනිස්ට් දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර ලාඕ බස රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 "Background notes – Laos". US Department of State. සම්ප්‍රවේශය 20 January 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Background notes - Laos" defined multiple
times with different content↑ 2.0 2.1 2.2 2.3 "Report for Selected Countries and Subjects". World Economic Outlook Database. International Monetary Fund. October 2012. සම්ප්‍රවේශය 22 January 2013.↑ "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.↑ "2013 Human Development Report Statistics" (PDF). Human Development Report 2013. United Nations Development Programme. 14 March 2013. සම්ප්‍රවේශය April 10, 2013.↑ "ලාඕසය: මානව සංවර්ධන දත්ත". සම්ප්‍රවේශය 19 ජූලි 2013.හේගුම්වර්ගීකරණයතත් වාද්‍ය භාණ්ඩසමානඅර්හූඅර්ශ්‍යැන්‍සෝහේගුම්කොරියානු නාමයhangul해금hanja奚琴Revised Romanization=haegeumMcCune–Reischauerhaegŭm'හේගුම්'යනු වීණාවක හැඩැති,සාම්ප්‍රදායික ‍කොරියානු තත් වාද්‍ය භාණ්ඩයකි. කංකංයී යනු එයට ජනප්‍රිය නමකි. එයට කූරක් වැනි ගෙලක්, හිස් දැවමුවා ශබ්ද පෙට්ටියක් හා සේද තන්තු දෙකක් තිබෙන අතර, වාදකයාගේ දණහිස මත තබා අළුවකින් වයනු ලබයි.හේගුමය කොරියානු සංගීතයේ බහුලව භාවිතා වන වාද්‍යභාණ්ඩයකි.හේගුමය රාජකීය සංගීතය හා මාදංනෝරි (යටත් වැසි)සංගීතය යන දෙවර්‍ගයටම භාවිතා වෙයි. එයට තත් දෙකක් පම
ණක් තිබුණද,ශෝකාන්තයේ සිට හාස්‍යය දක්වා වූ නාද ගණනාවක් ඉන් නිපදවිය හැක.හේගුමය අමුද්‍රව්‍ය අටකින් සාදනු ලබයි: රන්,පාෂාණ,නූල්,උණබට,අලාබු,පස්,හම් හා දැව. එමනිසාම එයට පාළුම්(අෂ්ට සර) කියා ද කියයි.ජුං සූ-න්‍යුන් හේගුම් සන්ජෝ වයමින්‍සෝහේගුම් (소해금) තත් සතරකින් යුත් නවීකරණය කළ වීණාවක් වන අතර, භාවිතය උතුරු කොරියාවහි පමණි.photo[permanent dead link]ඉතිහාසය[සංස්කරණය]හේගුමය පළමුවෙන් කොරියාවට හඳුන්වාදුන් ආකාරය ගැන නිසැක වාර්‍තා නොමැත. සමහර මූලාශ්‍රවලට අනුව,‍හේගුමය ගැන සඳහන් ගොර්යෝරාජවංශයේ හන්ලිම්බ්‍යොල්ගොක්(රාජකීය විශාරදයින්ගේ එළිසමය ‍නොමැති පදවැල් හා ගීත) වල අඩංගු වන බැවින්,හේගුමය ඒ කල සිටම වැයෙන්නක් බවට නිගමනය කළ හැක.චෝසොන් රාජවංශයේදී,හේගුමය රාජකීය මුතුන්මිත්තන් ගේ වත් පිළිවෙත්,පෙළපාලි,උත්සව හා හ්‍යන්ගක්(කොරියානු සංගීතය) යනාදී බොහෝ අවස්ථාවල යොදා ගැනිණි.හේගුමය වයන ආකාරය ද චෝසෝන් රාජවංශයේ සිට මහත් වෙනසකට භාජනය වී ඇත. අතීතයේ දී වාදකයින් හේගුමය සුසර කරත් දී තත් අදිනු ලැබුවද,එකලින් පසු ඔවුහු වයද්දී නාද රටා විවිධ අයුරින් හැඩ ගැන්වීමටද තත් අදිනු ලබති.හේගුමයේ ධ්වනික කුසලතාවය ඔප්නැංවීම සඳහා,1960සි
ට නේකවිධ සංස්කරණ හඳුන්වාදෙමින් පවතී. 1965දී, පාක් හුන්-බොං හා කිම් බුන්-ගී විසින් අඩු-තාල හේගුමයක් ද,1967දී කිම් ගී සූ විසින් කුඩා හේගුමයක්ද නිපදවන ලදී.[1]මෙවැනිම ප්‍රතිඵල[සංස්කරණය]අර්හූහූචින්සාම්ප්‍රදායික කොරියානු වාද්‍ය භාණ්ඩකොරියානු සංගීතයපිටත වෙබ් අඩවි[සංස්කරණය]Haegum photo සංරක්ෂණය කළ පිටපත 2009-06-14 at the Wayback MachineTraditional Korean Instruments සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine↑ 장악원, 우주의 선율을 담다, 송지원 지음Manuel Rivera-Ortiz:දුම්කොළ අස්වැන්න නෙළීම, කියුබාව,2002සාමාන්‍යයෙන් වාර්තාමය ඡායාරූප කරණය එක්තරා ආකාරයකට වෘත්තීය ඡායාරූප පත්‍රකලාවේදයේ එක් ආකාරයකි. නමුත් ඇතැම් විට ආධුනිකයින් හෝ ශිෂ්‍යයින් හෝ පවා මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක විය හැකිය. සාමාන්‍යයෙන් ඡායාරූප ලබාගන්නා තැනැත්තා උත්සාහ කරනුයේ කිසියම් වස්තුවක (බොහෝ විට මෙහිදී පුද්ගලයින්ගේ ඡායාරූප ලබාගැනේ). සත්‍ය ඉලක්ක ගත කරන ලද සහ අවංක ඡායාරූපයක් ඉදිරිපත් කිරීමටයි. සාමාන්‍යයෙන් ඡායාරූපයෙන් එය ලබාගත් තැනැත්තාගේ කිසියම් චින්තන පැතිකඩක් නිරූපණය කරයි.මෙවැනි ඡායාරූප ප්‍රකාශයට පත් කිරීම අරමුණු කොට ගෙන
ලබා ගැනීම ප්‍රමුඛවෙයි. නමුත් ඇතැම් විට කලාගාර, ප්‍රදර්ශන හෝ වෙනත් පොදු අවස්ථාන්හිදි ඉදිරිපත් කිරීම සදහා පමණක් අරමුණු කොට ගෙන ලබා ගැනෙන අවස්ථාද පවතී. ඇතැම් විටෙක කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් එහි ක්‍රියාවලීන්හි වාර්තාමය ඡායාරූප ලබාගැනීම සිදු කරන නමුත් එම ඡායාරූප එම ආයතන වල පෞද්ගලික ලේඛනාගාර වෙත පමණක් යොමු කෙරේ.ග්‍රහණිය යනු, ක්ෂීරපායීන්, උරගයන්, සහ පක්ෂීන් ඇතුළු බොහෝ උසස් පෘෂ්ඨවංශීන්ගේ, ක්ෂුද්‍රාන්තයෙහි පළමු කොටසයි. මත්ස්‍යයන්ගේ ක්ෂුද්‍රාන්තය කොටස් වලට බෙදීම එතරම් පැහැදිලි ලෙස නොදැක්වෙන අතර, ග්‍රහණිය යන පදය වෙනුවට පූර්ව අන්ත්‍රය හෝ අවිදුර අන්ත්‍රය යන නම් භාවිතා වෙයි.හිමගෝලය හා එහි විශාල කොටස් පිළිබඳ සමාලෝචනය, එජා පරිසර වැඩසටහනෙහි අයිස් හා හිම සඳහා ගෝලීය දෘෂ්ටිය වෙතින්.හිමගෝලය යනු, මුහුදු අයිස්, විල් අයිස්, ගංගා අයිස්, හිම ආවරණය, ග්ලැසියර, අයිස් වැස්මන් සහ අයිස් තලාවන්, සහ මිදුණු භූමිය (නිත්‍යතුහින ද අඩංගු) යන දේ අඩංගු, පාථිවි පෘෂ්ඨයෙහි ඝන ආකාරයෙන් ජලය පවතින ස්ථාන. සඳහා භාවිතා වන නමකි.ව්‍යුහය[සංස්කරණය]පෘථිවියෙහි පෘෂ්ඨය මත, මිදුණු ජලය ප්‍රාථමික වශයෙන් දක්නට ලැබෙන්නේ,
හිම ආවරණය, විල් සහ ගංගා වල මිරිදිය අයිස්, මුහුදු අයිස්, ග්ලැසියර, අයිස් තලාවන්, සහ මිදුණු භූමිය සහ නිත්‍යතුහින (ස්ථීර ලෙස මිදුණු භූමිය) ලෙසිනි. එවැනි හිමගෝලීය උප-පද්ධතීන්හී, ජලයේ අධිවාස කාලය පුළුල් ලෙසින් විචලනය වෙයි. හිම ආවරණය සහ මිරිදිය අයිස් අනිවාර්යයෙන්ම සෘතුමය වන අතර, මධ්‍යම ආක්ටික් ප්‍රදේශයේ අයිස් හැර, අනෙකුත් බොහෝ මුහුදු අයිස්, සෘතුමය හෝ වසර කිහිපයක හෝ පැවැත්මක් සහිත වෙයි. කෙසේවෙතත්, ග්ලැසියර, අයිස් තලාවන්, හෝ භූමි අයිස් වල, කිසියම් එක් ජල අංශුවක් වසර 10-100,000 ප්‍රමාණයක් හෝ ඊට වැඩි කාල සීමාවක් මිදී පැවතිය හැකි අතර, නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ කොටස් වල ගැඹුරු අයිස් සතුව වසර මිලියන 1 කට කිට්ටු වයසක් තිබිය හැක.ලෝකයේ අයිස් පරිමාවෙන් බොහෝ ප්‍රමාණයක් ඇන්ටාක්ටිකාවේ සහ, ප්‍රධාන වශයෙන් නැගෙනහිර ඇන්ටාක්ටිකා අයිස් තලාවෙහි පිහිටයි. කෙසේවෙතත්, සත්‍ය වපසරිය අරභයා සැලකූ කළ, උතුරු අර්ධගෝලයෙහි ශිශිර හිම සහ අයිස් වපසරිය විශාලතම භූමි ප්‍රදේශය තුල පැතිර ඇති අතර, ජනවාරි මාසය තුලදී අර්ධගෝලීය පෘෂ්ඨ වර්ග ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් 23% ක ප්‍රමාණයක් දරයි. මුහුදු අයිස්[සංස්කරණය]මුහුදු ජලය මීදීම
ෙන් ඇති වුණු මුහුදු අයිස් ධ්‍රැවීය සාගර වැඩි ප්‍රම‍ාණයක් ආවරණය කරයි. අර්ධ ගෝල දෙකෙහිම මුහුදු අයිස් ආවරණයන්හි සෘතුමය ප්‍රාදේශීය හා අන්තර් වාර්ෂික සැලකිය යුතු මට්ටමේ විචලනයක් 1970 මුල් භාගයේ සිට චන්ද්‍රිකා දත්ත මගින් ආනාව‍රණය කෙරේ. සෘතුමය වශයෙන් දක්ෂිණ අර්ධ ගෝලයේ මුහුදු අයිස් ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වර්ග කිලෝමිටර මිලියන 5 සිට 3 – 4 අවමයක් දක්වා සිට සැත්තැම්බර් මාසයේ වර්ග කිලෝමීටර් මිලියන 17 සිට 20 දක්වාත් උපරිමයක් දක්වාත් විචලනය වේ. සෘතුමය විපර්යාසය උත්තර අර්ධ ගෝලයේදී අවම වන අතර ආක්ටික් සමුද්‍රයේ ඉහළ අක්ෂාංශයන් හා ස්වභාවය මගින් එහිදී ඇතිවන සීමාවීම තරමක් විශාල විටපීය අයිස් ආවරණයක් ඇති කරයි. එමෙන්ම වටවූ භූමිය ශීත සෘතුවේ අයිස්වල සමකය දෙසට ඇති ප්‍රමාණය සීමා කරයි. එබැවින් උත්තර අර්ධ ගෝලයේ සෘතුමය විචලනය සැත්තැම්බර් මාසයේ වර්ග කිලෝමිටර් මිලියන 7 සිට 9 දක්වා අවමය දක්වා මාර්තු මාසයේ වර්ග කිලෝමීටර මිලියන 14 සිට 16 උපරිමයක් දක්වා විචලනය වේ. අර්ධ ගෝලීය විචලනයට වඩා ප්‍රදේශීය පරිමාණයේ අන්තර් වාර්ෂික විචලනය වඩාත් වැඩිපුර අයිස් වැස්ම විසින් දක්වනු ලැබේ. උදාහරණයක් වශයෙන් ජපානයේ හා Okhotsk මුහුදුවල ප්‍
රදේශයන්ගේ උපරිම අයිස් ප්‍රමාණය 1983 වර්ග කිලෝමීටර් මිලියන 1.3 සිට 1984 වර්ග කිලෝමිටර් මිලියන 0.85 ක් දක්වා අඩුවිය. එය 35% ක අඩුවීමකි. යලිත් ඊළඟ වර්ෂයේදී වර්ග කිලෝමීටර් මිලියන 1.2 දක්වා එම ප්‍රමාණය වැඩිවිය. ප්‍රාදේශීය උච්චාවචනයන් අර්ධ ගෝල දෙකෙහිදීම වසර කිහිපයක චන්ද්‍රිකා වාර්තා කාලයක් සඳහා සැලකීමේදී ඇතැම් ප්‍රදේශවල අයිස් වැස්මේ අඩුවීමක් පෙන්වන අතර ඇතැම් ප්‍රදේශවල වැඩිවීමක් දක්වයි. අක්‍රීය ශුද්ධ තරංග වාර්තාවලට අනුව විස්තර කෙරෙන සමස්ත නැඹුරුව 1978 සිට 1995 දක්වා පෙන්වන පරිදි දශකයකට 2.7% ක ප්‍රමාණයෙන් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවේ. (johanness enetal 1995) චන්දිකා අක්‍රීය ශුද්ධ තරංග දත්ත සමග සිදුවුණු අපරාපරිය වැඩ කටයුතුවල miracles ට අනුව 1978 ඔක්තෝබර් අගභාගයේ සිට 1996 අගභාගය දක්වා දශමයකට 2.9% කින් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවී ඇති අතර ඇන්ටාටික් මුහුදු අයිස් ප්‍රමාණය දශකයකට 1.3% කින් වැඩි වී ඇත. (cavalieri et al 1997) විල් අයිස් සහ ගංගා අයිස්[සංස්කරණය]සෘතුමය ශීත වීමට ප්‍රතිචාර ලෙස ගංගා හා විල්වල අයිස් ඇති වේ. මීට අන්තර්ගත වන අයිස් දේහවල ප්‍රමාණය බලපැවැත්වීමට ඉතා කුඩා වන අතර එය
ප්‍රාදේශීය දේශගුණික ආචරණයන්ට වඩා අඩුවෙන් බලපායි. කෙසේ නමුත් මිදීමේ හා දියවීමේ ක්‍රියාදාමයන් ප්‍රාදේශීය කාලගුණික සාධක හමුවේ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. එබැවින් අයිස් ඇති වීමේ හා නැතිවීමේ දිනවල සැලකිය යුතු අන්තර් වාර්ෂික විචලනයක් පෙන්වයි. විල් අයිස්වල දිග ශ්‍රේණියක් ප්‍රමුඛ දේශගුණික වාර්තා ලෙස නිරීක්ෂණය කළ හැක. එමෙන්ම මිදීමේ හා දියවීමේ නැඹුරුතාවයන් මතු කිරීමට උචිත ඒකාබද්ධ වීමක් හා දේශගුණික විපර්යාසයන්ගේ සෘතුමය විශේෂිත දර්ශකයක් සපයයි. ගංගා අයිස් තත්ත්වයන්ගේ තොරතුරු දේශගුණික මූලිකයන්හිදී අඩුවෙන් ප්‍රයෝජනවත් වන්නේ අයිස් සෑදීම ගංගාව ගැලීමේ ආදිපත්‍යයට නතු වී ඇති බැවිනි. එය වර්ෂාපතනයේ බලපෑමට ලක්වේ. හිම දියවීම හා දියබස්නාවේ ගලායාම අගල්ඔස්සේ ගලායාම විකිරණය කරන බැවින් මානව අතුරු මුහුණතට විෂය වී ඇත. එසේ නැත්නම් එය භූමි පරිහරණ ව්‍යවහාරයන් වෙත අතිරික්ත මගින් වක්‍රව බලපෑම් කරයි. විල්වලදී මිදීම විලෙහි තාපධාරිතාවය මත රඳා පවතී. එබැවින් එහි ගැඹුරේ සීඝ්‍රතාවයේ ඕනෑම ඇතුල් ගැලීමක උෂ්ණත්වය හා ජල වායු ශක්ති ස්‍රාවයන්ගේ බලපෑම මත රඳා පවතී. බොහෝ විට විලේ ගැඹුර පිළිබඳ දත්ත ලබාගත නොහැක. කෙසේ නමුත් ඇතැම්
ආක්ටික් සාගරයේ පිහිටි නොගැඹුරු විල්වල ශීත සෘතුව අගභාගයේදී වසර රේඩාර් ප්‍රතිරූපයන් මගින් මෙන්ම ගිම්හානයේදී අභ්‍යවකාශචර ප්‍රකාශ ප්‍රතිබිම්භයන්ගෙන් ද යම් ඉඟියක් ලබාගත හැකිය. දිය‍වීමේ කාලය අයිස්වල හිම ගැඹුර මෙන්ම අයිස් ගනකම හා ඇතුළට ගලන නැවුම් ජලය මගින් විකිරණය වේ.වසර 1950 දී චර්යාවාදය සහ මනෝ විශ්ලේෂණය යන මාතෘකා සඳහා ‍ප්‍රතිචාරයක් ලෙස විශාල වශයෙන් අනුභූතී දර්ශනවාදය සහ ජින් -පෝල් සාත්‍රේ සහ සෙරේන් කර්ත්ගාර්ඩ් වැනි රචකයින්ගේ දායකත්වය නිසා මානවවාදී මනෝ විද්‍යාව බිහිවිණි. සංසිද්ධි විද්‍යා, අන්තර් ආත්මීයතාව, උත්තම පුරුෂ කාණ්ඩ වැනි දෑ යොදා ගනිමින් මාන‍වවාදී ප්‍රවේශණය මඟින් පෞරුෂත්වය සහ ප්‍රජානන ක්‍රියාවලියේ කොටස් ලෙස මුළු පුද්ගලයාම අධ්‍යයනය කිරීමට වරම් ලබා දේ. මානව වේදය මූලික වශයෙන් අද්විතීය මිනිස් ක්‍රියා සහ ස්වයං - හැදිනීම, මරණය, තනිකම, නිදහස, අර්ථය වැනි මූලික ජීවිත ක්‍රියාකාරකම් කෙරේ සලකා බලා ඇත. මෙම චින්තන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස මිනිස් අවශ්‍යතා, ධූරාවලිය නිර්මාතා ඒබ්‍රහම් මාස්ලොව් ද පුද්ගල -කේන්ද්‍ර ප්‍රතිකාරකයේ නිර්මාතෘ කාල් රොජර්ස්ද, ගෙස්ටල්ට් ප්‍රතිකර්මයේ නිර්මාතෘ ප්‍රිට්ස් පර්
ල් ද හඳුන්වාදිය හැක. චර්යාවාදයට සහ මනෝ විශ්ලේෂණයට පසු මනෝ විද්‍යාව බලපැම් කළ හැකි තුන්වන පාර්ශවය ලෙස මෙය හඳුන්වා දිය හැක.ප්‍රජානන වාදය[සංස්කරණය]පරිගණක තාක්ෂණයේ නැඟී සිටීමත් සමඟ තොරතුරු සැකසීම මානසික රූපකයන් ද ප්‍රචලිත විය. මෙය විද්‍යාත්මක ප්‍රවේශණය හා අනුබද්ධව මනස සහ අභ්‍යන්තර මානසික විශ්වාසයන් අධ්‍යයනය යොදා ගැනීම නිසා සංජනනය මනසේ ප්‍රසිද්ධ අකෘතියක් ලෙස පැන නැඟිනි.ප්‍රජානන මනෝ විද්‍යාව ඊට පෙර පැවති මනෝ විද්‍යාත්මක පරියාලෝකනයන්ගෙන් ආකාරය 2කින් පැහැදිලිව වෙනස් වේ.එය විද්‍යාත්මක ක්‍රමය පිළිගන්නා අතර, සාමාන්‍යයෙන් අන්තරාවලෝකනය පිළිගත් ගවේශනය හෝ පර්යේෂණ කිරීමේ ක්‍රමයක් ලෙස ප්‍රතික්ෂේප කරයි. (ප්‍රොයිඩ්ගේ මනෝගතික විද්‍යාවේ මෙය පිළිගත ක්‍රමයකි)එය චර්යා වාදය මෙන් නොව විශ්වාසයන්, ආශාවන්, අභිප්‍රායන් වැනි අභ්‍යන්තර මානසික තත්වයන් පැවතීම ප්‍රබලව පිළිගනී.චාර්ලිස් සෙරින්ටන් සහ ඩොනල්ඩ් හෙබ්ගේ මානව පර්යේෂණ ක්‍රියාවලීන් නිසාද මොළයේ ආබාධ (අනතුරු)වලට ලක්වුවන් ආශ්‍රිතව කරන ලද අධ්‍යයන නිසා ද මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට ඉඩ සැලසී ඇත. මොළයේ ක්‍රියාකාරීත්වය නිර
වද්‍යව මැනීමේ තාක්ෂණය දියුණු වීමත් සමඟම නූතන මනෝ විද්‍යාවේ වඩා ක්‍රියාකාරී ක්ෂේත්‍ර ලෙස ස්නායු මනෝ විද්‍යාව සහ ඥාණාත්මක ස්නායු විද්‍යාව පත්වී ඇත. දර්ශන වාදය පරිගණක විද්‍යාව , හා ස්නායු විද්‍යාව වැනි අනෙකුත් ක්ෂේත්‍රයන් ද මනස අධ්‍යයනය ගවේෂණය සඳහා යොමු වීම වැඩි වී ඇති අතර ඥාණාත්මක විද්‍යාව මෙම ගවේෂණයන් ක්‍රමානුකූල ලෙස සකසා ගැනීමට පදනමක් වී ඇත.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Psychology#Existential-humanist_movementසයිබර් අවකාශයේ මානව විද්‍යාව වූකලි සත්‍යාන්ති‍්‍රක පාලන පද්ධතීන් මිනිසා සහ තාක්‍ෂණය අතර වන සංස්කෘතිකව දන්නා අන්තර් සම්බන්ධයක් වන සමාජසංස්කෘතික මානව විද්‍යාවේ කුඩා උප අනුශාකාවකි. මෙම අන්තර් සමබන්ධතාවයන්ට මිනිසා සහ අනෙකුත් ජීව විද්‍යාත්මක ඵෙන්ද්‍රයිකයින් සහ අනෙකුත් තාක්‍ෂණික භාණ්ඩ, මිනිස් සමාජය සහ සංස්කෘතිකව හැඩගැසුනු පරිසරයන් සංයෝජනය කිරීම සඳහා දරන්නාවූ උත්සාහයන් ඇතුලත් වෙයි.ගෝලීයකරණය සහ තොරතුරු යුගය/ තොරතුරු සමාජය විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයන් වැනි රූපකයන් වටා නිර්මාණය වන්නාවූ සංවාදයන් සමඟ මානව විද්‍යාවද ඒ කෙරෙහි අවධානය යොමුකොට ඇත. සංකීර්ණ
‘මිනිස් වර්ගයා සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයින්’ ප‍්‍රධාන අංශ 3 ක් තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ වැදගත්කම හෙළිදරවුකොට ඇත.1. සමාජ සංස්කෘතික මානව විද්‍යාඥයින්ගේ ඉගැන්වීම් සහ පර්යේෂණයන්හි උපකරණයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය. - පරිඝණකය යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම, මාර්ගගත දත්ත ගබඩාවන් හා නාමාවලීන් භාවිතා කිරීම සහ/ හෝ නිර්මාණය කිරීම, හවුල්කරුවන් සමඟ සන්නිවේදනය සහ අන්තර්ජාලය හරහා තොරතුරු සෙයායාම, දැනුම්දීම් කළයුතු තැනැත්තන් වෙත මාර්ගගතව හිඳිමින් දැනුම්දීම් සිදුකිරීම, න්‍යාය පදනම් කරගත් නව ආකාරයේ මානව විද්‍යාත්මක දැනුම උත්පාදනය ආදී විවිධාකාර සම්බන්ධතාවන් රාශියක් මේ තුල නිර්මාණය වී ඇත. 2. ක්ෂේත‍්‍රය තුල තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය විශේෂිත සමාජයන් සහ/ හෝ කණ්ඩායම් වෙත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හඳුන්වාදීමේ ප‍්‍රතිඵල පිලිබඳ සමාජ සංස්කෘතික මානව විද්‍යාත්මක නිරීක්‍ෂණ විශ්ලේෂණය සහ අර්ථනිරූපනය මෙහි වැදගත් කොටසකි (මෙහිදීද විශේෂයෙන් කිව යුත්තේ මීට දැනුම් පද්ධතියේ සාම්ප‍්‍රදායික ක්ෂේත‍්‍රයන් පමණක් නොව සම්පූර්ණ ලෝකයම අයිති බවත්ය) ‘තාක්‍ෂණයේ සංස්කෘතික අනුයෝජනය’ සහ ‘කෘතීන්හි මානව වං
ශ ලේඛයන්’ වැනි සංකල්පයන් මෙම කාර්යයේදී අත්හැරිය නොහැක.3. ‘සයිබර් අවකාශය’ - ක්ෂේත‍්‍රයක් ලෙස පරිගණක මාධ්‍යකොටගත් සන්නිවේදනය, අන්තර්ජාල යටිතල පහසුකම් සහ සමස්ථයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හේතුකොටගෙන සයිබර් අවකාශය තුල නිර්මාණය වන්නාවූ සමාජසංස්කෘතික සංසිද්ධීන් සමාජසංස්කෘතික මානව විද්‍යාත්මක නිරීක්‍ෂණ විශ්ලේෂණ සහ අර්ථනිරූපනයනට භාජනය කිරීම මෙහිදී අදහස් කෙරේ මීට ජාතික හා පාරජාතික මාර්ගගත කණ්ඩායම් මෙන්ම 'Open Source' වැනි ව්‍යාපාරයන්ද ඒ අනුව පැනනගින සමාජීය ආර්ථික සහ අධිකරණ ප‍්‍රයුක්තීන් හා ගැටළුද අයත්වෙයි.මෙම අංශයන් තුන කෙතෙක් දුරකට බලපෑම් සහගත වන්නේද හෝ වෙන්කළ නොහැකි වන්නේද යන්න තීරණය වන්නේ විශේෂිත පර්යේෂණ ව්‍යාපෘතීනහි යොදාගනු ලැබූ ක‍්‍රමවේදයන් සහ අවශ්‍ය වන්නාවූ අවබෝධය යන කාරණාවන් මතය.ඉහතින් සඳහන්කළ තේරුම්ගැනීම් සඳහා සමාජසංස්කෘතික මානව විද්‍යාව සතු සුවිශේෂී විභවතාවය ක‍්‍රමක‍්‍රමයෙන් හෙළිවෙමින් පවතී. මෙම විභවතාවය ඊට ආසන්නයෙන් පවත්නා අනෙකුත් දැනුම් පද්ධතීන් විසින්ද හඳුනාගනු ලබමින් පවතී. මෙහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ සමාජසංස්කෘතික මානව විද්‍යාවේ ගණීය ක‍්‍රමවේදයක් වන ‘මානව වංශ ලේඛ’ සමාජව
ිද්‍යාව, මධ්‍ය අධ්‍යනයන් සහ වෙනත් ශාස්ත‍්‍රාලීය දැනුම් පද්ධතීන් විසින් යොදාගනු ලැබීමයි. පසුගිය දශකය තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ මැදිහත්වීම් තරමක් දුරකට දුර්වලව ඇති නමුත් එය විසින් ඇතිකළ ප‍්‍රවණතාවය ක‍්‍රමයෙන් ඉදිරියට යමින් පවතී.ටොලමිගේ ජියොග්‍රාෆියා ( 150 පමණ) වෙතින් 15වන සියවසෙහිදී ප්‍රතිස්ථාපනය කෙරුණු, "තැප්‍රොබේන්" (ශ්‍රී ලංකාව, පමණට වඩා විශාල) සහ "අවුර්යා කර්සනීස්" (අග්නිදිග ආසියානු අර්ධද්වීපය) ට ඔබ්බෙන් දකුණටම වන්නට "සයිනේ" (චීනය) දක්වන ටොලමිගේ ලෝක සිතියමටොලමිගේ ලෝක සිතියමෙහි නැගෙනහිර සහ අග්නිදිග ආසියාව පිළිබඳ විස්තර දැක්වෙන අයුරු. වමෙහි ගංගා බොක්කද (බෙංගාල බොක්ක), මධ්‍යයෙහි අග්නිදිග ආසියානු අර්ධද්වීපයද, දකුණෙහි "සයිනේ" (චීනය) හා සමගින් දකුණු චීන මුහුද ද දැක්වෙයි.ටොලමිගේ ලෝක සිතියම යනු ක්‍රිව දෙවන සියවස වන විට බටහිර සමාජයට ඥාත ලෝකයේ විස්තර දැක්වුනු සිතියමකි. ක්‍රිව 150 වන විට ලියැවුනු ටොලමිගේ ජියොග්‍රාෆියා නම් ග්‍රන්ථයෙහි එන විස්තර පදනම් කොට ගෙන මෙම සිතියම නිමවා තිබුණි. යථාභූත සිතියම් කිසිවිටෙක සොයා නොගත්තද, පැරණි ලෝකයේ විවිධ ප්‍රදේශ පිළිබඳ, බොහෝ විට ඛණ්ඩාංකද සහ
ිතව, දහස් ගණනක් ආශ්‍රිත ජියොග්‍රාෆියා වෙත තිබූ අතර, එම නිසාවෙන්ම ක්‍රිව 1300 පමණ වන විට අත්පිටපත යළි සොයාගත්විට ටොලමිගේ ලෝක දැක්ම යළිතැනීමට සිතියම් විද්‍යාඥයින්ට අවකාශ සැලසිණි.ටොලමිගේ හා ඔහුගේ සිතියම් වල ඉතාමත් වැදගත්ම දායකත්වය වන්නට ඇත්තේ අක්ෂාංශක හා දේශාංශක රේඛා භාවිතයද භෞමික ස්ථානයන් අවකාශ නිරික්ෂණයන් අනුසාරයෙන් දැක්වීමද ප්‍රථමයෙන් සිදු කිරීමය. 9වන සියවසෙහිදී ඔහුගේ ජියොග්‍රාෆියා ග්‍රන්ථය ග්‍රීක බසින් අරාබි බසටද ඉක්බිතිව 15 වන සියවස ආරම්භයේදී බටහිර යුරෝපයේදී ලතින් බසටද පරිවර්තනය වූ විට, ගෝලීය ඛණ්ඩාංක පද්ධතියක් පිළිබඳ අදහස විසින් මධ්‍යතන ඉස්ලාමීය සහ යුරෝපීය භූගෝල විද්‍යාත්මක චින්තනයේ විප්ලවකාරී වෙනසත් සිදු කොට එය විද්‍යාත්මක හා සංඛ්‍යාත්මක පදකමකට යොමු කලේය.අන්තර්ගතය[සංස්කරණය]සිතියම විසින් විශාල ආවෘත ප්‍රදේශ දෙකක් පැහැදිලි ලෙසින් දක්වන අතර ඉන් පළමුවැන්න මධ්‍යධරණිය වන අතර, දෙවැන්න වන්නේ නැගෙනහිරින් දකුණු චීන මුහුද (මැග්නස් සයිනස්) දක්වා විහිදෙන ඉන්දියානු සාගරය (ඉන්ඩිකම් පෙලාගුස්) වෙයි. ප්‍රධාන භූගෝලීය පරිස්ථානයන් වන්නේ යුරෝපය, මැද-පෙරදිග, ඉන්දියාව, ශ්‍රී ලංකාව (තැප්‍රොබේන්
), මලයානු අර්ධද්වීපය (අවුර්යා කර්සනීස් හෝ "රන් අර්ධද්වීපය") සහ එයින් ඔබ්බට චීනය (සීනේ) වෙයි.[1]ආශ්‍රිත[සංස්කරණය]↑ ක්‍රොවර්, නෝමන් ජෝසප් විලියම් (1999). මැප්ස් & සිවිලිසේෂන්: කාටොග්‍රෆි ඉන් කල්ච ඇන්ඩ් සොසයිටි. චිකාගෝ විශ්වවිද්‍යාල මුද්‍රණාලය. ISBN 0226799735. ගාමිණී හත්තොටුවේගමගාමිණී කල්‍යාණදර්ශ හත්තොටුවේගම (1939 නොවැම්බර් 29 - 2009 ඔක්තෝබර් 30) ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නළුවෙකි, විචාරකයෙකි, රංග කලා ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නූතන වීදි නාට්‍යයෙහි පීතෘවරයා වශයෙන් පුළුල් ව සම්භාවනාවට පත් ව සිටි ඔහු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ ගමන් මග කෙරෙහි වඩාත් ම බලපෑ නාට්‍යකරුවන්ගෙන් කෙනෙකි. 1974 මැද භාගයේ සිට මිය යන තුරු ම ශ්‍රී ලංකා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමෙහි නියමුවා වශයෙන් කටයුතු කළ හෙතෙම වේදිකා හා සිනමා නළුවෙක් ද විය.1938 නොවැම්බර් මස 29 දින ගාල්ල, “රිච්මන්ඩ් විව්” නිවසේදී උපත ලැබූ ගාමිණී හත්තොටුවේගම මහතා ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ විප්ලවීය චරිතයක් විය.නාට්‍ය හා සිනමා විචාරකයකු ද, ඉංගශ්‍රීසි බසින් ලියැවුණු නාට්‍යයන් සිංහලට පරිවර්තනය කරලීමේ වියත් ඉං
ගී‍්‍රසි කථිකාචාර්යවරයකු හා රට පුරා නාට්‍ය ශිල්පීන් රැසක් බිහිකළ ප්‍රවීන නාට්‍යවේදියකු ලෙසින් ද ඒ මහතා ප්‍රකට ව සිටියේය. ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳව විද්වතකු වූ ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා මෙරටට වීදි නාට්‍ය කලාව හඳුන්වා දෙමින් 1974 දී වීදි නාට්‍ය කණ්ඩායම් බිහි කිරීමේ ගෞරවය හිමිකර ගත් කලාකරුවෙකි.ආර්ථික හෝ වෙනත් බොහෝ හේතු නිසා සිය සමකාලීනයින් සහ ශිෂ්‍යයින් වෙනත් ලාභදායී ක්ෂේත්‍ර කරා සංක්‍රමණය වුවත් සිය මුළුමහත් ජීවිතයම නාට්‍යකරණයටත් එය ඉගැන්වීමටත් කැපකළ හත්තොටුවේගම සූරීන් 2009 ඔක්‌තෝබර් 30වන සිකුරාදා අලුයම මිය යන විට 69 වියෙහි පසු විය.ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු ඔහුගේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බහුතරය අපේක්ෂා කළ සම්මත ජීවන රටාවකට අවශ්‍ය සියල්ල නොතකා හැරියේය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිණත දැනුමැති විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විය. එහෙත්, ඉංග්‍රීසි භාෂා දැනුම නිසා උදුම්මා ගත හැකිව තිබුණු
හිස ඔහු නිහතමානීත්වයෙන් පුරවා ගත්තේ ය. ලෙහෙසියෙන්ම විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු දක්වා විදග්ධ මහේශාක්‍යත්වයක් ලබා ගන්නට ඉවහල් වන ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය සැපයීම වසරින් වසර කල් පසුකර පසුව සදාකාලිකවම එය අමතක කර දැම්මේ ය. සාක්කුවේ සතේ නැති වන තුරු වියදම් කළේ ය. හිසට සෙවණක් ගැන නොසිතුවේ ය. තම ශරීර සෞඛ්‍යය ගැන හෝ ජීවිතය ගැන නොතැකුවේ ය. ඔහු මේ සියලුම කැප කිරීම් කළේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙනි. වීදි නාට්‍ය කලාව ඔස්සේ ආමන්ත්‍රණය කළ පීඩනයට පත් වන ජනතාව වෙනුවෙනි.අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]වීදි නාට්‍ය කලාව ඉදිරියටම ගෙනයා හැකි නව පරපුරක්‌ මම බිහිකළා....ඒ සතුට මගෙ මුලු ජීවිතයටම ඇති සංරක්ෂණය කළ පිටපත 2009-11-11 at the Wayback Machineප්‍රබුද්ධයාණ: ඇදූරාණ: මිතුරාණ සංරක්ෂණය කළ පිටපත 2009-11-17 at the Wayback Machineගාමිණී හත්තොටුවේගම සංරක්ෂණය කළ පිටපත 2009-11-03 at the Wayback Machine පුරාතන ශිෂ්ටාචාරයන්හී, (මිනිස්) ශිෂ්න ඉවත්කිරීම සමහරවිට භාවිතා වූයේ උසස් බව විදහා පෑමටය: හමුදා විසින් ඔවුන්ගේ සතුරන්ගේ ශිෂ්න කපා ඉවත් කළේ මරණයට පත්වූවන් ගණනය කිරීමට මෙන්ම, ජය ස්මාරක වශයෙන් එකතු කිරීමටය.
සින්ක් ඔක්සයිඩ්හඳුන්වනයන්CAS අංකය1314-13-2 YPubChem14806ChemSpider14122EC අංකය215-222-5ChEBI36560ChEMBLCHEMBL1201128 YRTECS අංකයZH4810000ATCvet කේතයQA07XA91InChIInChI=1S/O.Zn YKey: XLOMVQKBTHCTTD-UHFFFAOYSA-N Yගුණාංගඅණුක සූත්‍රයZnOමවුලික ස්කන්ධය81.408 ග්‍රෑ/මවුලපෙනුමසුදු ඝණගඳගඳ රහිතඝණත්වය5.606 ග්‍රෑ/සෙමී3ද්‍රවාංකය1975 °C (වියෝජනය වෙයි)[1]තාපාංකය1975 °C (වියෝජනය වෙයි) ද්‍රාව්‍යතාව in water0.16 මිග්‍රෑ/100 මිලී(30 °C)කලාප අන්තරය3.3 eV (direct)වර්තනාංකය (nD)2.0041තාපරසායනවිද්‍යාවසම්මත උත්පාදනඑන්තැල්පිය ΔfHo298-348.0 කිජූ/මවුලසම්මත මවුලිකඑන්ට්‍රොපිය So29843.9 J·K−1මවුල−1උපද්‍රවMSDSICSC 0208EU සූචිය030-013-00-7EU වර්ගීකරණයපරිසරයට අනතුරුදායකයි (N)R-වාක්‍යාංශR50/53S-වාක්‍යාංශS60, S61NFPA 704120Wජ්වලන අංකය1436 °Cආශ්‍රිත සංයෝගඅනෙකුත් ඇනායනසින්ක් සල්ෆයිඩ්සින්ක් සෙලිනයිඩ්සින්ක් ටෙලියුරයිඩ්අනෙකුත් කැටායනකැඩ්මියම්
ඔක්සයිඩ්මර්කරි(ll) ඔක්සයිඩ්වෙනත් ආකාරයකට සටහන් තබා නොමැති නම්, ද්‍රව්‍යයන් සඳහා දත්ත දෙනු ලබන්නේ ඒවායේ සම්මත තත්ත්වය (25 °C, 100 kPa දී) සඳහාය.N verify (මෙය කුමක්ද YN ?)Infobox referencesසින්ක් ඔක්සයිඩ් යනු රසායනික සූත්‍රය වන Zno අකාබනික සංයෝගයකි. සුදු පැහැති කුඩක් වන සින්ක් ඔක්සයිඩ් අකාබනික සංයෝගයකි. සුදු පැහැති කුඩක් වන සින්ක් ඔක්සයිඩ් ජලයෙහි අද්‍රාව්‍ය වන අතර ප්ලාස්ටික්, සෙරමික්, වීදුරු, සිමෙන්ති, ලිහිස්සි තෙල්, තීන්ත, ආලේපන,[2] මැලියම්, කාන්දු වලක්වන ද්‍රව්‍ය වර්ණක, ආහාර (සින්ක් පෝෂක මුල් කරගත්), බැටරි, ෆෙරයිට්, ගිනි නිවීමේ ද්‍රව්‍ය සහ ප්‍රථමාධාර පටි ආදී විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා පුළුල් ලෙස යොදා ගැනෙයි.[3]ද්‍රව්‍ය විද්‍යාවේදී සින්ක් ඔක්සයිඩ් II-VI අර්ධ සන්නායක කාණ්ඩයේ ඔක්සිජන් ආවර්තිතා වගුව VIA කාණ්ඩයට (6 වැනි ප්‍රධාන කාණ්ඩය වර්තමාන l6 වන කාණ්ඩය වේ.) අදාළ මූලද්‍රව්‍යයක් වූ නිසා සහ අන්තරික ලෝහයක් වන සින්ක් වර්තමානයේ දොළොස්වන කාණ්ඩය වන IIB කාණ්ඩයේ සාමාජිකයෙකු වූ නිසා) අර්ධ සන්නායකයේ නිසග මාත්‍රණය (හේතු තවමත් අණාවරණය කර නොමැති වේ) n-වර්ගයට අයත් වේ. රසායනික ගුණ
[සංස්කරණය]ZnO සුදු පැහැති කුඩක් ලෙස පවතියි. සින්සයිට් ඛණිජය සාමාන්‍යයෙන් කහ පැහැය රතු පැහැයට හරවන්නා වූ මැන්ගනීස් සහ වෙනත් අපද්‍රව්‍යවලින් සමන්විත වේ.[4] තාපය හමුවේ වර්ණ් විපර්යාස සිදු කරගන්නාසුළු ස්ඵටිකරූපී සින්ක් ඔක්සයිඩ් රත් කළ විට සුදු පැහැයේ සිට කහ පැහැයට හැරෙන අතර වාතය හමුවේ සිසිල් කරන විට නැවත සුදු පැහැයට හැරේ. මෙම වර්ණ විපර්යාසය සිදු වන්නේ ඉහළ උෂ්ණත්ව වලදී Zn1+xO (ස්ටොයිකියෝමිතික නොවන) සාදාගැනීමේදී පරිසරයේ සිදුවන කුඩා ඔක්සිජන් හිඟයක් හේතුවෙනි.[5]සින්ක් ඔක්සයිඩ් යනු උභයගුණී ඔක්සයිඩයකි. එට බොහෝදුරට ජලයේ අද්‍රාව්‍ය වන නමුත් හයිඩ්‍රොක්ලොරික් අම්ලය වැනි බොහෝ අම්ල තුළ ද්‍රාව්‍ය වේ.[6][7]ZnO + 2 HCl → ZnCl2 + H2Oභෂ්ම ද ජලයේ ද්‍රාව්‍ය සින්කේට ලබා දීමට ඝනය පහත හෙළයි:ZnO + 2 NaOH + H2O → Na2[Zn(OH)4]ZnO, ඔලේට සහ ස්ටීරේට වැනි අනුරූප කාබොක්සිලේට සෑදීමට තෙල් තුළ ඇති මේද අම්ල සමඟ සෙමෙන් ප්‍රතික්‍රියා කරයි. ZnO ජලීය සාන්ද්‍ර සින්ක් ක්ලෝරයිඩ සමඟ මිශ්‍ර කළවිට සින්ක් ක්ලෝරයිඩ් ලෙස හදුන්වන නඩාමවලට බදාම වැනි ඵලයක් සාදයි.[8] මෙය දන්ත වෛද්‍ය විද්‍යාවේ ප්‍රයෝජනයට ගැනිණි.[9]හෙපටයිට ස්ඵ
ටිකZnO පොස්පරික් අම්ලය සමඟ පිරියම් කළවිට ද බදාමවලට හුරු නිෂ්පාදනයක් සාදයි. මේව වෛද්‍ය විද්‍යාවේදී යොදා ගැනේ.[9] මෙම ප්‍රතික්‍රියාවෙන් සෑදුනු සින්ක් පොස්පේට බදාමයේ ප්‍රධාන සංඝටකයක් වන්නේ හෙපටයිට්, Zn3(PO4)2·4H2O.සින්ක් ඔක්සයිඩ් සම්මත ඔක්සිජන් පීඩනය යටතේ සෙන්ටිග්‍රේඩ් අංශක 1975ක පමණ උෂ්ණත්වයේදී සින්ක් වාෂ්පය සහ ඔක්සිජන් බවට වියෝජනය වේ. කාබන් සමඟ රත් කිරීමේදී (තරමක් පහළ උෂ්ණත්වයකදී(සෙන්ටිග්‍රේඩ් අංශක 950ක් පමණ වූ) මෙම ඔක්සයිඩය සින්ක් වාෂ්පය බවට පෙරළේ.[10]ZnO + C → Zn(වාෂ්ප) + COඇලුමිනියම් සහ මැග්නීසියම් කුඩු සමඟ ද ක්ලෝරිනීකෘත රබර් හා සින්ක් ඔක්සයිඩයට ගිනි සහ ස්ඵෝටන උවදුරු ඇති කරමින් ඉතා සීඝ්‍ර ප්‍රතික්‍රියාවල යෙදිය හැක. [11][12] මෙය හයිඩ්‍රජන් සල්ෆයිඩ සමඟ ප්‍රතික්‍රියා කොට සල්ෆ්යිඩය ලබා දේ. ZnO කුඩු යොදා ගනිමින් H2S ඉවත් කිරීමේදී මෙම ප්‍රතික්‍රියාව වාණිජමය වශයෙන් භාවිතයට ගැනෙයි. (උදා: දුර්ගන්ධ නාශක ලෙසින්) ZnO + H2S → ZnS + H2OZnO සහ ජලය අඩංගු ආලේපන විලීන වී පාරජම්බූල ආලෝකයට නිරාවරණය වූ විට, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිෂ්පාදනය වේ.[7]භෞතික ලක්ෂණ[සංස්කරණය]වර්ට්සයිට් ස්ඵටිකසින්ක් අණු
වේ ව්‍යුහයව්‍යුහය[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් ෂඩාස්‍රාකාර වර්ට්සයිට් වර්ට්සයිට් ස්ඵටික ව්‍යුහය[13] සහ ඝනකාකර සින්ක් බ්ලෙන්ඩ් යන ප්‍රධාන ආකාර දෙකක් යටතේ ස්ඵටික සාදයි. වර්ට්සයිට් ව්‍යුහය බොහෝ තත්ත්ව යටතේ වඩාත් ස්ථායීව පවතින නිසා ඉතා සුලභ ලෙස පවතී. සින්ක් බ්ලෙන්ඩ් ආකාරය ස්ථායී තත්ත්වයට ගෙන ආ හැක්කේ ඝනක දැලිස් ව්‍යුහයක් සහිත උපස්ථරයක් මත සින්ක් ඔක්සයිඩ් සෑදීමෙනි. මෙම අවස්ථා දෙකෙහිදීම සින්ක් සහ ඔක්සයිඩ කේන්ද්‍ර Zn(II) සඳහා වඩාත්ම ලාක්ෂණික ජ්‍යාමිතික ආකාරය වන චතුස්තලීය වේ. වර්ට්සයිට් සහ සින්ක් බ්ලෙන්ඩ් බහුරූප ආකාරවලට අමතරව ZnO සහිඳ ලුණු හමුවේ 10GPa පමණ සාපේක්ෂ ඉහළ පීඩනයකදී ස්ඵටික තත්ත්වයට ගෙන ආ හැක.[14]වර්ට්සයිට් සහ සින්ක් බ්ලෙන්ඩ් යන බහුරූපී ආකාර සඳහා ප්‍රතිලෝම සමමිතියක් නොමැත. මෙය සහ අනෙකුත් දැලිස් සමමිති ලක්ෂණවල ප්‍රතිඵල ලෙස ෂඩාස්‍රාකාර සහ සින්ක්බ්ලෙන්ඩ් ZnO හි පීඩවිද්‍යුතය ද ෂඩාස්‍රාකාර ZnO හි තාපවිද්‍යුතයද හැඳින්විය හැක.ෂඩාස්‍රාකාර ව්‍යුහයේ ලක්ෂ්‍ය කාණ්ඩ ය 6mm (හර්මාන්-මෝගුයින් අංකනය අනුව වේ) හෝ(ස්කෝන්ෆ්ලයිස් අංකනය අනුව) C6v ලෙස දැක්විය හැකි අතර අවකාශ කාණ්ඩය P63mcහෝ C6v4 ලෙස දැක්විය
හැක. දැලිස් ව්‍යුහයේ නියත වන a=3.25Å සහ c=5.2Å වේ. ඒවායේ අනුපාතය c/a~1.60යන අගය ෂඩාස්‍රාකාර කුටීරයක නියම c/a=1.633 අගයට ආසන්න ලෙස පවතියි.[15] බොහෝ ll-Vl කාණ්ඩවලට අයත් ලෝහයන්ගේ මෙන් සින්ක් ඔක්සයිඩ් තුළ ද බන්ධන බොහෝ සෙයින් අයනික(Zn2+–O2–) වේ. ඒවායේ අරීය දුර පිළිවෙලින් Zn2+, 0.074nm සහ O2-,140nm වේ. මෙම ගුණය සින්ක් බ්ලෙන්ඩ් වලට වඩා වර්ට්සයිට් නිර්මාණය වීමේ කැමැත්ත මෙන්ම සින්ක් ඔක්සයිඩ්හි වන දැඩි පීඩවිද්‍යුතයට හේතුකාරක වේ. ධ්‍රැවීය Zn-O බන්ධන හේතුවෙන්, සින්ක් සහ ඔක්සිජන් තුල විද්‍යුත් වශයෙන් ආරෝපිතව පවතී. විද්‍යුත් උදාසීනත්වය පවත්වා ගැනීමට මෙවැනි බොහෝ ලොහ එම තල පරමාණුක මට්ටමින් නැවත ප්‍රතිනිර්මාණය වන නමුත් ZnOවල එසේ සිදු නොවේ. එහි පරමාණුක වශයෙන් සමතල සහ ස්ථාවර පෘෂ්ඨ කිසිදු ප්‍රතිනිර්මාණය වීමක් නොපෙන්වයි. ZnO හි මෙම විෂමතාවය තව ද සම්පූර්ණ පහදා දී නැත.[16]යාන්ත්‍රික ගුණ[සංස්කරණය]ZnO යනු මෝ පරිමාණයට අනුව දළ වශයෙන් 4.5ක දැඩි බවකින් යුතු සාපේක්ෂව මෘදු ද්‍රව්‍යයකි.[2] එහි ප්‍රත්‍යාස්ථතා නියත GaN වැනි අනෙකුත් lll-V අර්ධසන්නායක වලට වඩා කුඩා වේ. ZnO හි ඉහළ උෂ්ණත්ව ධාරිතාවය, තාප සන්නායකතාවය,
පහළ තාප ප්‍රසාරණතාවය සහ ඉහළ ද්‍රවාංකය පිඟන් කර්මාන්තය සඳහා ප්‍රයෝජනවත් වේ.[17] ZnO වල වඩාත්ම ස්ථායී අවස්ථාව වර්ට්සයිට් වීමෙන් 10K උෂ්ණත්වයේ 133ps පමණ ඉහළ ආයුකාලයකින් යුතු ඉතා දිගු කාලීන ප්‍රකාශ පෝනෝනයක් ප්‍රදර්ශනය කරයි.[18]චතුස්තලීය බන්ධන සහිත අර්ධ සන්නායක අතර ZnO ඉහළම පීඩවිද්‍යුත් ආතානකය හෝ අවම වශයෙන් GaN සහ AlN වල එම ගුණයට සංසන්දනීය වන බව ප්‍රකාශ කර ඇත. මෙම ගුණය නිසා ඉහළ විද්‍යුත් යාන්ත්‍ර ඈඳුමක් අවශ්‍යවන බොහෝ පීඩවිද්‍යුත් යෙදීම සඳහා එය තාක්ෂණික වශයෙන් වැදගත් ද්‍රව්‍යයක් බවට පත්ව ඇත.විද්‍යුත් ගුණ[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් කාමර උෂ්ණත්වයේදී ~3.3eV සාපේක්ෂ වශයෙන් විශාල ඍජු කලාප අන්තරයක් ZnO සතු වේ. විශාල කලාප අන්තරයක් තිබීමේ වාසි අතරට ඉහළ බිඳ වැටුම් වෝල්ටීයත තිබීම, විශාල විද්‍යුත් ක්ෂේත්‍රවල පැවතීමේ හැකියාව, පහළ ඉලෙක්ට්‍රෝන ඝෝෂාව සහ ඉහළ-උෂ්ණත්ව සහ පහළ-උෂ්ණත්වවල පැවතීමේ හැකියාව ඇතුළත් වේ. ZnO හි කලාප අන්තර තව දුරටත් (මැග්නීසියම් ඔක්සයිඩ හෝ කැඩ්මියම් ඔක්සයිඩ යොදා ගනිමින්) ~3-4eV දක්වා සුසර කළ හැක.[14] බොහෝමයක් ZnO වලට අභිප්‍රායික මාත්‍රණ නොමැතිව වුවද n-වර්ගයේ ලක්ෂණ මූලාරම්භය වන න
මුත් එම විෂය විවාදාත්මකව පවතියි. මෙයට බලාපොරොත්තු නොවූ හයිඩ්‍රජන් අපද්‍රව්‍ය ආදේශන හේතුවන බවට සෛද්ධාන්තික ගණනය කිරීම් පදනම් කොටගත් එක් විකල්ප පැහැදිලි කිරීමක් යෝජනා කර ඇත.Vll කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන ක්ලෝරීන් හෝ අයඩීන් සමඟ ඔක්සිජන් ආදේශ කිරීමෙන් හෝ Al,Ga,In වැනි lll කාණ්ඩයේ මූලද්‍රව්‍ය මගින් Zn ආදේශ කිරීමෙන් පාලනය කළ හැකි n-වර්ගයේ මාත්‍රණයක් පහසුවෙන් ලබා ගත හැක.විශ්වාසදායී p-වර්ගයේ මාත්‍රණය කිරීම් දුෂ්කර වේ. මෙම ගැටලුවේ මූලාරම්භය වනුයේ p-වර්ගයේ මාත්‍රණයන්ට යොදා ගන්නා ද්‍රව්‍යවල මඳ ද්‍රාව්‍යතාව සහ n-වර්ගයේ අපද්‍ර මගින් ඒවා හාණිපූරණය කිරීමයි. මෙම ගැටලුව GaN සහ ZnSe සමඟ අධ්‍යයනය කෙරෙයි. "ස්වභාවයෙන්ම" n-වර්ගයේ වන් ද්‍රව්‍ය තුළ p-වර්ගයේ ලාක්ෂණික බව මැනුම, සාම්පලයන්හි අසමජාතීත්වය හේතුවෙන් සංකීර්ණ බවට පත් වී තිබේ.p-වර්ගයේ මාත්‍රණ සඳහා වන වර්තමාන සීමා, සාමාන්‍යයෙන් n-වර්ගයේ සහ p-වර්ගයේ ද්‍රව්‍යවශයෙන් l වන කාණ්ඩයේ Li, Na, K යන මූලද්‍රව්‍ය, V වන කාණ්ඩයේ N, P යන මූලද්‍රව්‍ය මෙන්ම සිල්වර් සහ කොපර් ආදිය හඳුන්වා දිය හැක. ඩෙසේ වෙතත්, මේ අතුරින් බොහෝමයක් උච්ච ප්‍රතිග්‍රාහක වන අතර සැලකිය යුතු මට්
ටමක p-වර්ගයේ සන්නයනයක් කාමර උෂ්ණත්වයේදී ඇති නොකරයි.[14]ZnO හි ඉලෙක්ට්‍රෝන සචලතාව උෂ්ණත්වය සමඟ බොහෝ සෙයින් වෙනස් වන අතර 80K උෂ්ණත්වයේදී ~2000cm2/(v.s) යන උපරිම අගයට පැමිණේ.[19]නිෂ්පාදනය[සංස්කරණය]මේවාත් බලන්න: සින්ක් උණු කිරීමකාර්මික අවශ්‍යතා සඳහා ZnO වසරකට ටොන් 105 [4]පමණ විවිධ මට්ටම්වලින් ප්‍රධාන ක්‍රියාවලි 03ක් යටතේ නිෂ්පාදනය කෙරෙයි.[17]වක්‍ර (ප්‍රංශ) ක්‍රමය[සංස්කරණය]ලෝහමය සින්ක් ග්‍රැෆයිට් කෝවක් තුළ විලීන කොට 907 °C ට වඩා ඉහළ උෂ්ණත්වවලදී වෂ්පය බවට හරවයි. (නියමානුකූලව 1000 °C පමණ වූ) සින්ක් වාෂ්පය එහි උෂ්ණත්වය සහ සංදීප්තිය සමඟ වාතයේ ඔක්සිජන් හා අනුබද්ධ වෙමින් ප්‍රතික්‍රියා කොට ZnO ලබා දේ. සින්ක් ඔක්සයිඩ් අණු සිසිලන නළයක් හරහා පරිවහනය කෙරෙන අතර වාෂ්පයන්ගෙන් ඝ්න වෙන් කරගන්නා කුටීරයක් තුළ රැස්කර ගැනෙයි. මෙම වක්‍ර ක්‍රමය 1844 දී ප්‍රංශ ජාතික ලී ක්ලෙයාර් විසින් ප්‍රථම වරට සිදු කරන ලදී. මෙහි නිෂ්පාදන සාමාන්‍යයෙන් මධ්‍යක තරම 0.1 සිට ම්යික්‍රොමීටර කිහිපයක් වූ ස්න්ක් ඔක්සයිඩ් සමූහයක් වේ. ලෝකයේ බොහෝමයක් සින්ක් ඔක්සයිඩ් සාදනු ලබන්නේ ප්‍රංශ ක්‍රමය උපයෝගී කොට ගෙනය.ඍජු(ඇමරිකානු) ක්‍රමය
[සංස්කරණය]ඍජු ක්‍රියාවලිය ආරම්භ වන්යේ සින්ක් ලෝපස හෝ ලෝහය උණු කිරීමට ගන්න අමුද්‍රව්‍ය වන අපද්‍රව්‍ය සහිත සින්ක් සංයෝගවලිනි. සින්ක් වාෂ්පය නිෂ්පාදනය කර ගැනීම සඳහා ඇන්ත්‍රසයිට් වැනි කාබන් මූල සමඟ සින්ක් පූර්වර්ග දුර්වල (කාබොතර්මල් ඔක්සිහරණය) කෙරෙයි. පසුව එම සින්ක් වාෂ්පය වක්‍ර ක්‍රියාවලියේ ඩාකාරයටම ඔක්සිකරණය වේ. ව්ක්‍ර ක්‍රමය සමඟ සසඳා බලන විට මූල ප්‍රභවයන්ගේ අපිරිසිදු බව නිසා, ඍජු ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන අවසාන ඵලවල තත්ත්වයද පහළ මට්ටමක වේ.තෙත රසායනික ක්‍රමය[සංස්කරණය]කාර්මික නිෂ්පාදන අතුරින් කුඩා ප්‍රමාණයක් තෙත රසායනික ක්‍රියාවලිය යොදා ගනී. පිරිසිදු කරන ලද සින්ක් ලවණවල ජලීය ද්‍රාවණයන්ගෙන් ආරම්භ වන මෙම ක්‍රමය මගින් සින්ක් කාබනේට හෝ සින්ක් හයිඩ්‍රොක්සයිඩ අවක්ෂේප කරයි. පසුව එම අවක්ෂේප පෙරා, සෝදා, වියළා 800 °C පමණ උෂ්ණත්වයක පුළුස්සා ගනී. පර්යේෂණාගාර සංශ්ලේෂණය[සංස්කරණය]ගොනුව:Synthetic Zincite Crystals.jpgSynthetic ZnO පළිගු. රතු සහ කොළ වර්ණ ලැබෙනුයේ විවිධ ප්‍රමාණයන්ගෙන් ඔක්සිඡන් මිශ්‍ර විම හේතුටකොටගෙනය .[20]විද්‍යාත්මක අධ්‍යයනයක් සහ අදාළ යෙදීම් සඳහා යොදා ගැනෙන ZnO නිෂ්පාදනය කිරීම සඳහා
විශේෂිත ක්‍රම විශාල ප්‍රමාණයක් පවතී. මෙම ක්‍රම වර්ගීකරණය කිරිම සඳහා විශේෂිත වූ ක්‍රම විශාල සංඛ්‍යාවක් පවතී. මෙම ක්‍රම වර්ගීකරණය කිරීමේදී ඵල වශයෙන් ලැබෙන ZnO හි ස්වරූපය (රාශියක්, තුනී පටල, නැනෝ ප්‍රමාණයේ) උෂ්ණත්වය (කාමර උෂ්ණත්වයට ආසන්න "පහත" මට්ටමේ හෝ T~1000°C වූ "ඉහළ මට්ටමේ"), ක්‍රියාවලි ආකාරය ( වාෂ්ප තැන්පත් කිරීම හෝ ද්‍රාවණයේ සිට වර්ධනය කර ගැනීම) යනාදී වශයෙන් වර්ග කළ හැක.විශාල තනි ස්ඵටික (ඝන සෙන්ටිමීටර විශාල ප්‍රමාණයක්) සාමාන්‍යයෙන් වාෂ්ප පරිවහනයේදී (වාෂ්ප අවස්ථාවේ තැන්පත් කිරීමෙන්), හයිඩ්‍රොතර්මල් සංශ්ලේෂණයේදී හෝ විලීන කිරීමේදී ලබා ගත හැක.[16][20][21] කෙසේ වෙතත්, ZnO වල ඉහළ වාෂ්ප පීඩනය හේතුවෙන් විලීන කර වර්ධනය කර ගැනීම ගැටලු සහගත වේ. වාෂ්ප පරිවහන ක්‍රමය මගින්ද වර්ධනය පාලනය කර ගැනීම අපහසු වන අතර වඩාත්ම යෝග්‍ය ක්‍රමය වනුයේ හයිඩ්‍රොතර්මල් ක්‍රමයයි. තුනී පටල වශයෙන් නිපදවාගැනීමේදී, රසායනික වාෂ්ප තැන්පත් කිරීම, කාබන් අඩංගු ලෝහ සංයෝග වාෂ්ප අවස්ථාවේ ස්ඵටිකරූපී උපස්ථරයක් මත වර්ධනය කර ගැනීම, විද්‍යුතාවසාදනය, ස්පන්දිත කිරණ තැන්පත් කිරීම, පේෂණය, සොල්-ජෙල් සංශ්ලේෂණය, පරමාණුක ස්ථර තැන්පත් කිර
ීම, ඉහි තාපවිච්ඡේදනය ආදී ක්‍රම විශේෙෂ වේ.සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී සින්ක් ඇනෝඩයක් මගින් සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් සින්ක් ඔක්සයිඩ් සුදු පැහැති කුඩක් ලෙස ලබා ගත හැක. මෙහිදී සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව නිපදේ. සින්ක් හයිඩ්‍රොක්සයිඩ් රත්කිරීමේඩී සින්ක් ඔක්සයිඩ්වලට වියෝජනය වේ.Zn + 2 H2O → Zn(OH)2 + H2Zn(OH)2 → ZnO + H2Oනැනෝ අවස්ථාවේ ZnO[සංස්කරණය]නැනෝ ප්‍රමාණයේ සින්ක් ඔක්සයිඩ් මගින් නැනෝ-අණු, නැනෝදඬු, නැනෝපටි, නැනෝවයර් ආදී රූප විද්‍යාත්මක ආකාර රැසක් නිපදවාගත හැක. නැනෝව්‍යුහ ලබා ගැනීමට නිෂ්චිත තත්ත්ව යටතේ එම තාක්ෂණික ක්‍රම වාෂ්ප-ද්‍රව-ඝන ක්‍රමයද යොදා ගත හැක.[16][22] දඬු ආකාරයේ ZnO හි නැනෝ ව්‍යුහ ජලීය ක්‍රම යටතේ නිෂ්පාදනය කළ හැක. එය කාරණා රැසක් හේතුවෙන් වඩාත් ආකර්ෂණීය වී ඇත. අඩු පිරිවැය, උපද්‍රව සඳහා අඩු අවදානම එමනිසා පරිමාණයේ පහසුව, වර්ධනය වීම ආරම්භ වනුයේ සාපේක්ෂ පහළ උෂ්ණත්වයකදී වීම, නම්‍යශීලී කාබනික උපස්ථරවලට අනුකූල වීම, ලෝහමය උත්ප්‍රේරක අවශ්‍ය නොවීම සහ එම හේතුවෙන් අතිදියුණු සිලිකන් තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව ආදිය ඒ අතර ප්‍රධ
ාන තැනක් ගනී. මීට අමතරව, අවසාන ඵලයේ ගුණ සහ රූප විද්‍යාත්මක සාධක වඩාත් ඵලදායීව පාලනය කිරීම සඳහා පරාමිතීන් රැසක් සැකසිය යුතු වේ. තෙත රසායනික ක්‍රම, ඒක දෛශික ZnO නැනෝ ව්‍යුහ වර්ධනය කරගැනීමට ඉතා ප්‍රබල සහ පහසු ලෙස යොදා ගත හැකි බව පෙන්වා දී ඇත. මෙම සංශ්ලේෂණය 90 °C පමණ උෂ්ණත්වයක් යටතේ සින්ක් නයිට්‍රේට් සහ හෙක්සැම්මීන සමමෞලික ද්‍රාවණයක් තුළ සිදු කරයි. මෙහිදී හෙක්සැම්මීන් යොදාගනුයේ අවශ්‍ය පරිසරය සාදා දීමටයි. ZnO හි නැනෝවයර්වල දර්ශනානුපාතය වැඩි කිරීමට පොලීතිලීන් ග්ලයිකෝල් හෝ පොලීතිලිනිමයින් වැනි ආකලන සමත් වේ.ඉතිහාසය[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් ඉතා ඈත අතීතයේ සිට මිනිසුන් විසින් විවිධ ක්‍රියාවලිවලට භාජනය කිරීම සහ නොකිරීම යටතේ වර්ණක හෝ ලෙඩ සුව කිරීමට ගන්න ආලේපන (නමුත් මේවායේ සංයුතිය කෙබඳුදැයි නොදනී) ලෙස භාවිතා කරන ලද හෙයින් එහි ප්‍රථම භාවිතය පිළිබඳව නිශ්චිතව කිව නොහැක. ක්‍රි.පූ. 500 හෝ ඊට පෙර සිට ඉන්දියානු ලේඛනයන්හි "චාරක සම්හිත" යනුවෙන් සඳහන් වන ඇස්වල සහ තුවාලවල සඳහා භාවිතා කළ ආලේපයක් වන "පුෂ්පාන්ජන" තුළ සින්ක් ඔක්සයිඩ් අඩංගු වූ බවට සැක පළ කෙරෙයි.සින්ක් ඔක්සයිඩ් ආලේප පිළිබඳ ක්‍රිස්තු වර්ෂ පළමු
වැනි සියවසේදී ග්‍රීක භෞතික විද්‍යාඥ දියස්කොරයිඩීස් විසින් සඳහන් කර ඇත. මුස්ලිම් දාර්ශනික අවිසෙන්නා විසින් "කැනෝන් ඔෆ් මෙඩිසින්" හි (Canon of Medicine) ක්‍රිව 1025 දී ප්‍රකාශ කර ඇති පරිදි සින්ක් ඔක්සයිඩ්, චර්ම පිළිකා ආදී සම පිළිබඳ ලෙඩ රෝග රැසක් සුව කිරීමට භාවිතා කර ඇත. සින්ක් ඔක්සයිඩ් තවදුරටත් චර්ම පිළිකා සඳහා භාවිතා නොවුන ද තවමත් බිලිඳු පුයර, ඩයපෙර් කුෂ්ඨ, චර්මාලේප, හිස් සම පිළිබඳ වෙනත් තත්ත්ව ඉස් හොරි නැති කිරීමට යොදාගන්නා ෂැම්පූ, ප්‍රතිනාශක ආලේපන ආදී සම පිළිබඳ වූ වෙනත් තත්ත්ව සඳහා යොදා ගැනෙයි.ක්‍රිපූ 200 පමණ සිට රෝමානුවන් විසින් සබැඳීමේ ක්‍රියාවලියක් යොදා ගනිමින් සැලකිය යුතු මට්ටමකින් පිත්තල (කොපර් සහ සින්ක් හි මිශ්‍ර ලෝහයක් වූ) නිෂ්පාදනය කරන ලදී. මෙම සින්ක් ඔක්සයිඩ් කුලුණක් ආකාරයේ උඳුනක් තුළ් සින්ක් රත් කිරීමෙන් සාදාගන්නා ලද බවට සැලකේ. මෙලෙස විනිර්මුක්ත ලෝහමය සින්ක් වාෂ්පය දුම් ලෙස නැගී ඔක්සයිඩය බවට ඝනීභූත විණි. මෙම ක්‍රියාවලිය දියස්කොරයිඩීස් විසින් ක්‍රිව. පළමුවන සියවසේදී විස්තර කරන ලදී. ක්‍රිපූ. පළමු සහස්‍රයේ අග භාගයේදී සින්ක් ඔක්සයිඩ් ඉන්දියාවේ සවාර් (Zawar) සින්ක් පතල්වලින් ලබ
ාගන්නා ලද බවට සාක්ෂි ඇත. මෙයද ඉහත සඳන් කළ ක්‍රමයටම ලබා ගෙන ඇති බව කියැවේ12 සහ 16 වන සියවස්වල සිට සින්ක් සහ සින්ක් ඔක්සයිඩ් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරුණු අතර එය ඍජු ක්‍රමයේ ප්‍රාථමික ආකාරයක් විණි. 17 වන සියවසේදී ඉන්දියාවේ සිට සින්ක් නිෂ්පාදන් චීනය දක්වා ව්‍යාප්ත විණි. 1743දී ප්‍රථම යුරෝපීය සින්ක් විරවුම්හල බ්‍රිතාන බ්‍රිස්ටල්හි (Bristol) ඉදි කෙරුණි.සින්ක් ඔක්සයිදි (සින්ක් වයිට්) ප්‍රදාන භාවිතය වූයේ වර්ණක සහ ආලේපන සඳා ආකලන ලෙසය. සින්ක් වයිට් දියසායමක් ලෙස යොදාගැනුණද ඒවාඅ තෙල් සමඟ හොඳින් මිශ්‍ර නොවිණි. මෙම ගැටලුව ඉතා ඉක්මණින් ZnO විශ්ලේෂණය මගින් විසඳන ලදී. 1845දී ප්‍රංශයේ ලීක්ලයර් තෙල් සායම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ අතර 1850දී සින්ක් වයිට් යුරෝපය පුරා නිෂ්පාදනය විණි.සින්ක් වයිට් හි සාර්ථකත්වය පාරම්පරික සුදු ලෙඩ්වලට වඩා වාසිසහගත විය. එවා අතර හිරු එළියේ ස්ථාවරව පැවතීම, සල්ෆෙර්සහිත වාතය හමුවේ කලු පැහැ නොගැනීම, විෂ රහිත වීම,සහා වඩා ලාබදායී වීම වේ. සින්ක් වයිට් ඉතා "පිරිසිදු" නිසා අනෙක් වර්ණ සමඟ අනුවර්ණක සෑදීමේදී ඉතා වටිනාකමක් තිබේ. කෙසේවෙතත් එය අනෙකුත් වර්ණ සමඟ බිඳෙනසුළු වියළි පටලයක් සාදයි
.උදාහරණයක් ලෙස, 1890 සහ 1900 මුල් කාඅලවල ඇතැම් චිත්‍ර ශිල්පියෝ සින්ක් වයිට් සිය තෙල් සායම් සිතුවම් වලට යොදා ගත්හ. නමුත් ඒ සියලුම සිතුවම් කල්ගතවීමත් සමඟ පලුදු වීම්වලට බඳුන් විණි.මෑත කාලයේ බොහෝමයක් සින්ක් ඔක්සයිඩ රබර් කර්මාන්තය සඳා යොදා ගැනිණ. 1970දී සින්ක් ඔක්සයිඩ් හි දෙවන් විශාලතම නිෂ්පාදනයවන ඡායාපිටපත්කරණය සඳහායි. ඉහළ තත්ත්වයේ ZnO ප්‍රංශ ක්‍රියාවලිය මගින් නිපදවා ගැනුණු අතර ඒවා ඡායාපිටපත් කඩදාසිවල පිරවුමක් ලෙස යොදා ගැනිණියෙදීම්[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් කුඩුවල යෙදීම් විවිධාකාර වේ. ඉන් ප්‍රධාන එවායේ සාරාංශයක් පහත දැක්වේ. බොහෝමයක් යෙදීම් වෙනත් සින්ක් සංයෝග සඳහා උත්ප්‍රේරකයක් ලෙස සින්ක් ඔක්සයිඩයේ ප්‍රතික්‍රියතාව යොදා ගනියි. ද්‍රව්‍ය විද්‍යාත්මක යෙදීම් සඳහා සින්ක් ඔක්සයිඩ්වලට ඉහළ වර්තනාංකයක්, ඉහළ තාප සන්නායකතාවක්, බන්ධන හැකියාව, ප්‍රතිබැක්ටීරීය සහ පාරජම්බූල කිරණවලින් ආරක්ෂා කිරීම ආදී ගුණ වැදගත් වේ. සාමාන්‍යයෙන් මෙය ප්ලාස්ටික්, ආලේප, සෙරමික්, වීදුරු, බදාම, රබර්, ලිහිස්සි තෙල්, වර්ණක, මැලියම්, කාන්දු වළක්වන ද්‍රව්‍ය, සායම්, ආහාර, බැටරි, ෆෙරයිට්, ගිනි නිවීමේ ද්‍රව්‍ය ආදී නිෂ්පාදන සඳහා භාවි
තා කෙරේ. පවතින අතර.රබර් නිෂ්පාදනය[සංස්කරණය]50% සහ 60% අතර ප්‍රතිශතයක ZnO රබර් කර්මාන්තය තුළ භාවිතා වේ. සින්ක් ඔක්සයිඩ් ස්ටියරික් ඇසිඩ් සමඟ රබර් වල්කනයිස් කිරීමේදී යොදා ගැනේ. සින්ක් ආකලය පාරජම්බූල ආලෝකයෙන් සහ දිලීරවලින් රබර් ආරක්ෂා කරගැනීම ද සිදු කරයි.පිඟන් කර්මාන්තය[සංස්කරණය]පිඟන් කර්මාන්තයේ සින්ක් ඔක්සයිඩ් සැලකිය යුතු මට්ටමකින් භාවිතා කෙරෙයි. මෙහිදී සෙරමික් ඔපඩැමීමේ සහ අර්ධ විලීන ද්‍රව්‍ය සංයුති විශේෂ වේ. සින්ක් ඔක්සයිඩ්වල සාපේක්ෂ පහළ ප්‍රසාරණතා සංගුණකය හා බැඳුනු තාප සන්නායකතාව සහ තාපස්ථායීතාව, සාපේක්ෂ ඉහළ තාප ධාරිතාව සෙරමික් නිෂ්පාදනයේදී විශේෂ වේ. ඔප ඩැමීමේ ද්‍රව්‍ය සඳහා භාවිතයේදී ZnO එම ඔපදමන ද්‍රව්‍යයෙහි ද්‍රවාංක වලට සහ ප්‍රකාශ් ගුණවලට බලපෑම් ඇති කරයි.ප්‍රසාරණතාව අඩු සහ ද්විතියික ස්‍රාවයක් ලෙස සින්ක් ඔක්සයිඩ් දුස්ස්‍රාවීතාවයේ වෙනස පහත දැමීමෙන් ඔපදැමීමේ ද්‍රව්‍යවල ප්‍රස්ත්‍යාස්ථතාව ඉහළ දමයි. ඔප ඩැමූ සහ කාන්තිමත් පෘෂ්ඨ නිර්මාණයේදී සින්ක් අල්ප වශයෙන් භාවිතා වේ. කෙසේනෞමුත්, මධ්‍යම මට්ටමේ සිට ඉහළමට්ටම් දක්වා එය දළ ලෝහ සහ විනිව්ද පෙනෙන මතුපිටවල් සාදයි. වර්ණ සම්බන්ඳයෙන් සින්ක්ව
ලට ඇත්තේ සංකීර්ණ බලපෑමකි. මෙයට නිල්, දුඹුරු, කොළ, රෝස ආදී වර්ණ වර්ධනය හෝ හානි කිරීමට හැකි අතර කොපර්, යකඩ හෝ ක්‍රෝමියම් අඩංගු වර්ණක සඳහා නිර්දේශ නොකරයි.කොන්ක්‍රීට් කර්මාන්තය[සංස්කරණය]සිමෙන්ති කර්මාන්තය සඳහා සින්ක් ඔක්සයිඩ් බහුල ලෙස යොදා ගැනෙයි. ZnOක් කිරීම පිරිසැකසුම් කාලය ඉහළ දමන අත්‍ර ජලය සමග සිමෙන්තිවලට ඇති ප්‍රතිරෝධීබව ඇති කරයි.වෛද්‍ය[සංස්කරණය]0.5% ප්‍රමාණයකින් අයන්(lll)ඔක්සයිඩ් (Fe2O3) සමඟ මිශ්‍රිත සින්ක් ඔක්සයිඩ්, කැලමයින් ලෙස නම්වන අතර කැලමයින් දියර සෑදීම්ට යොදා ගැනේ. සින්සයිට් සහ හෙමිමෝෆයිට්(hemimorphite) යනුවෙන් අතීතයේ කැලමයින් ලෙස නම් කෙරුණු තවත් ඛණිජ දෙකක් වේ. ඉයුජිනෝල්, සින්ක් සමඟ මිශ්‍ර වූ විට ලිගන්ඩ් වර්ගයට අයත් සින්ක් ඔක්සයිඩ් ඉයුජිනෝල් නිපදෙයි. මෙය දන්ත වෛද්‍ය විද්‍යාවේ ශක්තිජනක ඖෂධයක් ලෙස භාවිතා කරයි.සින්ක් ඔක්සයිඩ්වල ප්‍රධාන ගුණ අතර දුගඳ නැසීමේ සහ ප්‍රතිබැක්ටීරීය ගුණවන අතර එම නිසා මෙය පුළුන් රෙදි පිළි නිෂ්පාදනය, රබර් සහ ආහාර ඇසුරුම් ආදියට යොදා ගැනෙයි.ප්‍රතිබැක්ටීරීය ගුණ වර්ධනය කිරීම සඳහා කුඩා කොටස්වශයෙන් ZnO මෙන්ම සිල්වර් වැනි වෙනත් ලෝහ වලද භාවිතා වේ. එම කුඩ
ා කොටස්වල වැඩි මතුපිට ප්‍රමාණයක් තිබීම ඊට හේතුවයි.සින්ක් ඔක්සයිඩ් විවිධ සම් රෝග සඳහා යොදා ගැනේ. මේවා අතර බිළිඳු පුයර, ඩයපර් කුෂ්ඨ සුව කිරීමට ගන්නා ආලේප, කැලමයින් ආලේප, ඉස් හොරි නැසීමේ ෂැම්පූ සහ පූතිනාශක ආලේප විශේෂ වේ. මාංශ පේශි ආරක්ෂා කර ගැනීමට බැන්ඩේජ ලෙස ක්‍රීඩකයන් විසින් භාවිතා කරන් ලබන ටේප් පටි වලටද ("සින්ක් ඔක්සයිඩ් ටේප් පටි") ලෙස හැඳින්වෙනා සින්ක් ඔක්සයිඩ් යොදා ගැනේ.සින්ක් ඔක්සයිඩ් ආලේප, ක්‍රීම් වර්ග, හිරු එළියෙන් සහ අනිකුත් දෑ වලින් සම ආරක්ෂා කරගැනීම සඳහා යොදා ගන්නා ලෝෂණ ආදියට යොදා ගැනෙයි. එය UVA සහ UVB පරාවර්තකයේ පුළුල්ම වර්ණාවලිය එය වන අතර FDA මගින් හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට යොදා ගන්නා ආලේපයක් ලෙස සනාථ කර ඇත. හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට යොදා ගන්නා ආලේපයක් ලෙස භාවිතයේදී සින්ක් ඔක්සයිඩ් සම මතුපිට පමණක් රැඳෙන අතර සම තුළට අවශෝෂණය නොවන අතර පාරජම්බූල ආලෝකයේ UVA(320–400 nm) සහ UVB (280–320 nm) කිරණ අවහිර කරයි. සින්ක් ඔක්සයිඩ් (සහ අනෙක් වඩාත් භාවිතයට ගැනෙන ටයිටේනියම් ඩයොක්සයිඩ්) සම තුළට අවශෝෂණය නොවන නිසා ඒවා අතුරු ආබාධ රහිත ආසාත්මිකතා ඇතිනොකරන සුළු වේ. නැනෝ ප්‍රමාණය
ේ සින්ක් ඔක්සයිඩ් කොටස් (ටයිටේනියම්හි නැනෝ ප්‍රමාණයේ කොටස්ද යොදා ගන්නා අතර මීට හේතුව කුඩාකොටස් ආලෝකය නොවිහිදීමත් එමනිසා සුදු පැහැයෙන් දිස් නොවීමත්ය. මේවා සම තුළට අවශෝෂණයවන බවට සොයා ගැනීම් කර ඇති අතර 2010 දී පළ වූ අධ්‍යයනයකට අනුව හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට සඳහා මිනිස් සමට ආලේප කරන ලද නැනෝ ප්‍රමාණයේ ZnO කොටස් ශිරා රුධිර සාම්පල සහ යූරීන් සාම්පලවලින් ඒ බව හඳුනා ගත හැකි බව සොයා ගෙන තිබේ.මීට වෙනස් ආකාරයෙන්, වෛද්‍ය සාහිත්‍යය පිළිබඳ කල විස්තරාත්මක පරීක්ෂණයක් පෙන්වා දෙන් පරිදි ශරීර හෝ අවයව පද්ධතිය සම්බන්ඳ කිසිදු අවශෝෂණය වීමක් පිළිබඳ සාක්ෂි නොමැති බව පෙන්වා දී තිබේ.සින්ක් ඔක්සයිඩ් නැනෝ ප්‍රමාණයේ කොටස්වලට සිප්‍රොෆ්ලොක්සැසින්වල(Ciprofloxacin) ප්‍රතිබැක්ටීරීය ක්‍රියාකාරීත්වය ඉහළ නැංවිය හැකිබව කියැවේ. මධ්‍යක වශයෙන් 20 nm සහ 45 nm අතර ප්‍රමාණයක විශාලත්වයකින් යුතු නැනෝ ZnO වලට බැක්ටීරීයා විශේෂවන ස්ටැෆිලොකොකස් ඕරියස්( Staphylococcus aureus ) සහ විට්‍රෝහි එස්චෙරිකියා කෝලි( Escherichia coli) ආදියට එරෙහි සිප්‍රොෆ්ලොක්සැසින්වල ප්‍රතිබැක්ටීරීය ක්‍රියාකාරීත්වය ඉහළ නැංවිය හැකි බව කියැවේ. මෙවායේ
ක්‍රියාකාරීත්වය එක් එක් පරීක්ෂණත්මක මතවලට අනුව වෙනස් වේ. මෙම බලපෑම හේතු දෙකක් නිසා වේ. ඉන් පළමුවැන්න නම්, නැනෝ ප්‍රමාණයේ සින්ක් ඔක්සයිඩ් කොටස්වලට නෝවා ප්‍රෝටීන සමඟ බලපෑම් ඇතිකළ හැකිවීමය. නෝවා යනු බැක්ටීරියා ප්‍රතිරෝධකත්වයට සහ සෛල තුළ ජලකාමී ෆ්ලුරොක්විනොලෝන්( hydrophilic fluroquinolones) පරිවහනයට හේතු වන ප්‍රෝටීනකි. දෙවැන්න නම් නැනෝ ප්‍රමාණයේ සින්ක් ඔක්සයිඩ් කොටස්වලට Omf ප්‍රෝටීන සමඟ බලපෑම් ඇතිකළ හැකිවීමය. Omfයනු තුනී පටල ආකාරයේ ප්‍රෝටීනයක් වන අතර සෛලතුළට ක්විනොලෝන් පැතිරවීමට හේතු වේ.දුම්වැටි පෙරන[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ්, දුම්කොළ දුමාරයේ තෝරාගත් කොටස් ඉවත් කිරීමට යොදාගන්නා සාධකයක් වේ. සින්ක් ඔක්සයිඩ් සහ අයන් ඔක්සයිඩ්වලින් සැදුනු දුම්වැටි පෙරනයක් සැලකිය යුතු ප්‍රමණයක HCN සහ H2S දුම්කොළවලින් (එහි රසය වෙනස් නොකොට)ඉවත් කරයි.ආහාර ආකල[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් බොහෝ ආහාර නිෂ්පාදන වලට සින්ක් මූල පෝෂ්‍ය පදාර්ථයක් ලෙස යොදා ගැනේ. සින්ක් සල්ෆේට ද මේ කාර්යය සඳහා යොදා ගැනේ. ඇතැම් පෙර ඇසුරුම්කරන ලද ආහාරවල (පෝෂකයක් ලෙස නොසැලකුව ද ) ZnO අඩංගු ප්‍රමාණය සලකුණු කෙරෙයි. වර්ණක[සංස්කරණය]සින්ක් වයි