summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට , එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත.
නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ. එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම හෙට (දෙසැම්බර් 23) සිට තාවකාලිකව අත්හිටුවන බවය. එංගලන්තයේ සමහර ප්‍රදේශවල නොපැවති දෙයක් මාස කීපයක් ඇතුළත සුලභ වෛරසයක් බවට පත් වී ඇත්තේ කෙසේද? නව ආසාදනය වෙනත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයේ උපදේශකයන්ට ඇත්තේ "මධ්‍යස්ථ" විශ්වාසයකි. වෛරසය සම්බන්ධයෙන් සියලුම කාර්යයන් තවමත් මුල් අවධියේ පවතින අතර දැඩි අවිනිශ්චිතතා සහ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ලැයිස්තුවක් තිබේ. වෛරස් සෑම විටම වෙනස් වීමට භාජනය වන නමුත් වෛරසයේ හැසිරීම වෙනස් වේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රභේදය ගැන සැලකිලිමත් වීමට හේතුව කුමක්ද? මෙයට කරුණු තුනක් බලපා තිබේ: මේ සියල්ලම එකට එකතු වී වඩාත් පහසුවෙන් පැතිර යා හැකි වෛරසයක් ගොඩනැඟෙනු ඇත. කෙසේවෙතත්, අපට කිසිවක් නිශ්චිතව කිව නොහැක. එමෙන්ම, නියමිත වේලාවට සුදුසු තැනක රැදීම මගින් නව වෛරසය වඩාත් ව්‍යාප්ත විය හැකිය. මෑතක් වන තුරුම ලිහිල් සීමාවන් පමණක් ක්‍රියාත්මක වූ ලන්ඩන් වැනි ස්ථානයක එය පැතිරීම පහසු වී ඇත. නමුත් දැනටමත් ප්‍රභේදය පැතිරීම අවම කිරීම සඳහා පැනවූ දැඩි සීමාවන් සාධාරණීකරණය කිරීම සිදු වෙමින් තිබේ. "රසායනාගාර අත්හදා බැලීම් අවශ්‍යයි. නමුත් ඔබට සති හෝ මාස ගණනක් බලා සිටීමට අවශ්‍යද (ප්‍රතිඵල බැලීමට සහ පැතිරීම සීමා කිරීමට පියවර ගැනීමට)? මේ තිබෙන තත්ත්වය මත ඒක කරන්න බැහැ," මහාචාර්ය නික් ලෝමන් පැවසුවේය. රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක සීමා පනවා තිබේ මෙය කොතරම් වේගයෙන් ව්‍යාප්ත වේද? මෙය ප්‍රථම වරට අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේ ලන්ඩනයේ කොරෝනාවෛරස රෝගීන්ගෙන් හතරෙන් එකක පමණ නව ප්‍රභේදය වාර්තා විය. මෙය දෙසැම්බර් මැද භාගයේදී තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය. මිල්ටන් කීනස් ප්‍රදේශයේ සමහර මධ්‍යස්ථානවල පරීක්ෂණ ප්‍රතිඵලවලින් මෙම ප්‍රභේදය කෙතරම් දුරකට ආධිපත්‍යයක් දරන්නේ ද යන්න ඔබට දැක ගත හැකිය. ගණිතඥයෝ විවිධ ප්‍රභේදවල පැතිරීමේ සංඛ්‍යා දත්ත ලබාගනිමින්, සංසන්දනය කර, මේ වෛරසයේ ප්‍රභලත්වය ගණනය කිරීමට උත්සහ කරති. නමුත් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේ හැසිරීම නිසාද නැත්නම් වෛරසය නිසාද යන්න පැහැදිළි කර ගැනීම දුෂ්කර කරුණක් වී ඇත. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළ පරිදි නම්, මෙම ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ ප්‍රවණතාව 70%කි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය එරික් වොල්ස්ගේ ඉදිරිපත් කිරීමක ද මෙම 70% සංඛ්‍යාව ගැන සඳහන් විය. කතාව අතරතුර ඔහු මෙසේ පැවසීය: "එය කීමට ඇත්තෙන්ම කල් වැඩියි… නමුත් අප මෙතෙක් දුටු දෙය අනුව එය ඉතා ඉක්මණින් වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා. එය පෙර පැවති ප්‍රභේදයකට වඩා වේගයෙන් පැතිර යනවා. මේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා." ප්‍රභේදය කොතරම් දුරට බෝවිය හැකිද යන්න "නිශ්චිතව ම" කිව නොහැක. විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් තවමත් සිය වැඩ කටයුතු ප්‍රසිද්ධ කර නොමැති අතර, බෝ වන වේගය 70% ට වඩා ඉහළ මෙන්ම අවම සංඛ්‍යාවක් ද ගත හැකි බවට පරස්පර මත ඉදිරිපත් වී ඇත. නමුත් එය තව දුරටත් සම්ප්‍රේෂණය වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්න ද පවතී. "වෛරසය සැබවින්ම සම්ප්‍රේෂණය වීම වැඩි වී තිබේද යන්න පිළිබඳව ප්‍රබල හෝ ස්ථිර මතයක් දැරීමට පොදුවේ ඇති සාක්ෂි ප්‍රමාණවත් වන්නේ නැහැ," නොටිංහැම් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේය. නත්තල් සමය තුළ සිය ඥාතීන් දැකීමට නොහැකි වීමත් සමග ඔවුන් වෙත පාර්සල් යැවීමට තැපැල් හල් ඉදිරියේ පෝලිම් ගැසුණු පුද්ගලයන් දැකිය හැකිය මෙය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද? මෙම ප්‍රභේදය එක්සත් රාජධානියේ රෝගියෙකු තුළ මතුවී ඇත්ද නැත්නම් කොරෝනාවෛරස වෙනස් වීම් නිරීක්ෂණය කිරීමේ අඩු හැකියාවක් ඇති රටකින් ඇවිත් තිබේද යන්න ගැන පැහැදිළි නැත. නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි නමුත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේය. ලොව පුරා වෛරස් සාම්පලවල ජාන කේත අධීක්‍ෂණය කරන නෙක්ස්ට්ස්ට්‍රේන් හි (Nextstrain) දත්තවලට අනුව ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරසය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. නෙදර්ලන්තයෙන්ද මේ හා සමාන රෝගීන් වාර්තා වී තිබේ. දකුණු අප්‍රිකාවේ මේ හා සමාන ප්‍රභේදයක් මතු වී ඇති නමුත් මේ සමඟ සම්බන්ධයක් නැති බව පැවසේ. මෙය මීට පෙර සිදුවී තිබේද? ඔව්. ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප්‍රථම වරට හමුවූ වෛරසය නොවේ. පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප්‍රභේදය පසුව ලෝකයේ ප්‍රමුඛ වෛරසය බවට පත්විය. A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය. නව ප්‍රභේද ගැන අප දන්නේ මොනවාද? නව ප්‍රභේදය පිළිබඳ මූලික විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වැදගත් වෙනස් වීම් 17 ක් හඳුනාගෙන තිබේ. වෛරසයේ තිබෙන උල් හැඩැති ප්‍රෝටීනයේ වෙනස්කම් සිදුව ඇත - අපගේ ශරීරයේ සෛලවලට ඇතුළුවන දොර ඇරීමට වෛරසය භාවිත කරන යතුර මෙයයි. N501Y නම් එක් ප්‍රභේදයක වෛරසයේ උල් හැඩැති කොටසේ වැදගත්ම අංගය වෙනස් කර ඇති අතර, එය "ප්‍රතිග්‍රාහක-බන්ධන ප්‍රදේශය (receptor-binding domain)" ලෙස හැඳින්වේ. වෛරසයේ උල් හැඩැති කොටස අප ශරීරයේ සෛල මතුපිට සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ මෙහිදීය. වෛරසයට ඇතුළුවීම පහසු කරවන ඕනෑම වෙනස්කමකට එය අවස්ථාව ලබා දෙනු ඇත. "මෙය වැදගත් අනුවර්තනයක් වගේ පෙනෙනවා, දැනෙනවා," මහාචාර්ය ලෝමන් පැවසීය. 'H69 / V70 ඩිලීෂන්' නම් තවත් ප්‍රභේදයක උල්වලින් කුඩා කොටසක් ඉවත් වී තිබෙන අතර, මීට පෙර කීපවතාවක් එය මතුවී තිබේ. මෙය පසුගිය සමයේ ප්‍රසිද්ධ පුවතක් බවට පත් වූ ආසාදිත මින්ක් සතුන් තුළ දැකිය හැකි විය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සිදු කරන ලද පරීක්ෂණ කටයුතු අනුව මෙම ප්‍රභේදය රසායනාගාර පරීක්ෂණවලදී ආසාදනය වීම දෙගුණයකින් වැඩි කර පෙන්වා ඇත. එම කණ්ඩායමේම අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ කුඩා කොටසක් ඉවත් වූ ප්‍රභේදය ශරීරගත වී දිවි ගලවා ගත් අයගේ රුධිරයෙන් ලැබෙන ප්‍රතිදේහවල වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය අඩු බවය. "මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා," මහාචාර්ය රවී ගුප්තා පැවසුවේය. ප්‍රංශ - එක්සත් රාජධානිය දේශ සීමා වසා දැමීමත් සමග විවිධ භාණ්ඩ රැගත් ලොරි 1500කට අධික ප්‍රමාණයක් මායිමේ දින දෙකක පමණ කාලයක් සිර වී තිබේ. මෙය පැමිණියේ කොහෙන්ද? නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත. මෙම තත්ත්වයට ආසන්නතම පැහැදිලි කිරීම නම් වෛරසය පරාජය කිරීමට නොහැකි වූ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගියෙකු තුළ මෙම ප්‍රභේදය මතු වී ඇති බවය. අදාළ ශරීරය වෛරසය වෙනස් වී බිහිවීමේ ස්ථානයක් බවට පත් වී ඇත. මෙය ආසාදනය වඩාත් මාරාන්තික වනු ඇත්ද? එසේ සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් මෙය තවදුරටත් අධීක්ෂණය කිරීමට අවශ්‍ය වේ. කෙසේවෙතත්, බෝවීම වැඩි වීම පමණක් රෝහල්වල ගැටලු ඇති කිරීමට ප්‍රමාණවත් වේ. නව ප්‍රභේදය වැඩි පිරිසකට ඉක්මණින් ආසාදනය වීමෙන් සිදුවන්නේ වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමය. නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ක්‍රියා කරයිද? නිසැකවම එය එසේ වනු ඇත. අවම වශයෙන් දැනට හෝ එය ක්‍රියා කරනු ඇත. ප්‍රමුඛ පෙළේ එන්නත් තුනම දැනට පවත්නා කොරෝනාවෛරසය ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කර තිබීම මෙම ප්‍රශ්නය පැන නැගීමට හේතු වේ. වෛරසයේ විවිධ කොටස් කීපයකට පහර දීම සඳහා, එන්නත් මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන අතර උල් හැඩැති කොටස වෙනස් වී ඇතත්, එන්නත් තවමත් ක්‍රියාත්මක විය යුතුය. "නමුත් අපි එයට තවත් වෙනස් වීම් එකතු කිරීමට ඉඩ දුන්නොත්, ඔබ කනස්සල්ලට පත් වීමට පටන් ගනීවි," මහාචාර්ය රවී ගුප්තා පැවසීය. "මෙම වෛරසය එන්නතෙන් ගැලවීමේ මාවතක ගමන් කරනවා විය හැකියි. එය ඒ සඳහා පළමු පියවර කීපයක් ගෙන තිබෙනවා." වෛරසය වෙනස් වූ විට එන්නතෙන් ගැලවී යාමක් සිදු වන අතර එමඟින් එන්නතෙහි සම්පූර්ණ බලපෑමෙන් මිදී දිගින් දිගටම මිනිසුන්ට ආසාදනය වෙයි. වෛරසයට කුමක් සිදුවන්නේ දැයි යන්න පිළිබඳ වඩාත් සැලකිල්ල යොමුවන මූලිකාංගය මෙය විය හැකිය. අප වැඩි දෙනෙකුට ආසාදනය වෙමින් වෛරසය අඛණ්ඩව අනුවර්තනය වන බව පෙන්වන නවතම ප්‍රභේදය මෙය වී තිබේ. "මේ වෛරසයට බොහෝ විට එන්නත්වලින් මිදී යා හැකි වෙනස් කිරීම් සිදු කිරීමට හැකි වනු ඇත," යැයි ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් රොබට්සන්ගේ ඉදිරිපත් කිරීමක නිගමනයේ සඳහන් විය. මෙය අපව උණ රෝගය හා සමාන තත්ත්වයකට පත් කරනු ඇත. එහිදී එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුය. වාසනාවකට මෙන් අප සතුව ඇති එන්නත් වෙනස් කිරීමට පහසුය. (බීබීසී හි සෞඛ්‍ය හා විද්‍යා තොරතුරු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් පදනම් කරගත් ලිපියකි.) මේ තොරතුරුද කියවන්න:
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමේ තීරණය පිටු පස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්ව සිටින ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කරයි.
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතුයි - සුසිල් ප්‍රේම්ජයන්ත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපා ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ශක්තිමත් රාජ්‍ය පාලනයක් පැවතීම දැකීමට අසතුටු විදේශීය බලවේග මේ පිටුපස සිටින බවයි. ඇමති නිමල් සිරිපාල ද සිල්වා අදහස් දහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් පක්ෂය අත හැර යාම අමුතු දෙයක් නොවන බවයි. කුමන්ත්‍රණකරුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් අදහස් දක්වමින් කියා සිටියේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පක්ෂය ජයග්‍රහණ රාශියක් අත් කර ගෙන ඇති බව සඳහන් කල එම ඇමතිවරු ඒවා ඇතැම් පිරිස්වලට අමතක වී ඇති බවට ද චෝදනා කළහ.
මාලදිවයින තරම් වෙනත් කිසිදු රටක් පාරිසරික තර්ජනයකට මුහුණ දෙන්නේ නැහැ.
මුහුදු පතුලෙන් වැලි ඝන මීටර මිලියන ගණනක් පොම්ප කර කෘත්‍රිම හුල්හුමාලේ දූපත සෑදිණි - වැලි ගොඩ කරමින් තැනෙන දූපතේ ගුවන් දර්ශනයක් එහි ඇති සුඛෝපභෝගී වෙරළ නිවාඩු නිකේතන ලෝක ප්‍රකට වන්නට පුළුවන්. නමුත් 1,200ක් තරම් වූ විසිරී ඇති දූපත් සමූහයෙන් 80% ක් ම මුහුදු මට්ටින් මීටර 1 ට වඩා ඉහළින් පිහිටා නැති නිසා ඒවායෙහි පැවැත්මට, ඉහළ නගින මුහුදු ජල මට්ටම තර්ජනයක් වෙලා. නමුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙරළා සටන් කරන්න මාලදිවයින් වාසීන් තීන්දුවකට ඇවිත්. "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) ලෙස නමින් බෞතිස්ම කෙරෙන 21 වෙනි සියවසේ නගරයක් හුල්හුමාලේ හි කෘත්‍රිම දූපතේ ගොඩනගනවා. භූමිය ගොඩකිරීම හුල්හුමාලේ කෘත්‍රිම දූපතේ අලුතින් ඉදිකෙරුණු ගොඩනැගිලි මුහුදු පත්ලේ සිට පොම්ප කෙරුණු ඝන මීටර මිලියන ගණනක් වූ වැලි උපයෝගී කරගනිමින් ගොඩ කෙරුණු භූමිය තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර 2ක් ඉහළින්. මෙහි පළමු අදියර ආරම්භ වුණේ 1997 දී. 2019 වසර අග වනවිට හුල්හුමාලේ දූපතේ පදිංචි වී සිටි ජනගහනය 50,000 ට අධිකයි. නමුත් අලුත් දූපත කෙරෙහි තැබූ අපේක්ෂාව බොහෝ දුර විහිදෙන්නක්. වඩා සාර්ථක ලෙස කෙරෙන නිර්මාණයකට අනුව 2020 වසර මැද වනවිට 240,000 ක් දෙනාට එහි පදිංචිවීමට හැකි වේ යැයි අරමුණු කෙරුණා. 'දේශගුණ විපර්යාස සිහි තබාගෙන' කළ නිර්මාණයක් 2009 ඔක්තෝබර් මාසයේදී එවක ජානාධිපති මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම මුහුද යට පැවැත්වූයේ දේශගුණ විපර්යාස නිසා මාලදිවයින මුහුණ පෑ ඇති තර්ජනය සිහිගන්වමින් "හුල්හුමාලේ සංවර්ධනය කිරීමේදී, එහි වාස්තුවිද්‍යාත්මක බව හා ප්‍රජාව කෙරෙහි දේශගුණික විපර්යාසයෙන් එල්ලවන බලපෑම ගැන හොඳට හිතා බලලයි." යැයි "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) අධීක්ෂණය කරන නිවාස සංවර්ධන සංස්ථාවේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ අරීන් අහ්මඩ් පැවසුවා. "උතුරේ සිට දකුණට දිශානත වන ආකාරයෙන් තිබෙන්නේ උෂ්ණත්වයෙන් එල්ල වන බලපෑම අඩු කරන්නයි. වාතය හොඳින් සැරිසැරීමට හැකිවන ලෙසත්, වායුසමන යන්ත්‍ර මත යැපීම අඩු කරන්නත් පුළුවන් වන ආකාරයෙන් වීථි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම නිවාස සංකීර්ණවල සිට මීටර 100 - 200 තරමේ ඇවිදින දුරකින් පාසල්, දේවස්ථාන වගේම උද්‍යාන ගොඩ නැගිලා තිබෙන්නේ වාහන භාවිතය අඩු කරන්නයි." යනුවෙන් ඔහු පැහැදිලි කළා. කොරල් දුපත් 1192ක් පුරා මාලදිවයින විහිදී ඇත. බොහොමයක් දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර එකහමාරක් තරම් උසකින් - ෆෙයිධූ ෆිනොල්හු දූපතේ ගුවන් දර්ශනයක් අලුත් නගර සැලැස්මේ කොටස්වලට විදුලි බස් හා පාපැදි සඳහා වූ මංතීරු ඇතුළත්. සූර්ය බලයෙන් බලශක්තිය ජනනය කිරීම හා ජල සුරක්ෂිතතාව ඇති කිරීමට වර්ෂා ජලය රැස් කිරීම ද හුල්හුමාලේ නගරය සැලසුම් කළ අයගේ ඉලක්කයක් වුණා. කොරල් පර වෙනුවට භූමිය? ඒත්, විශේෂයෙන් ම කොරල් පර හා නොකිළිටි සුදු පැහැ වෙරළට ප්‍රසිද්ධියක් උසුලන තැනක කෘත්‍රිම දූපතක් ගොඩ නැගීම ම පරිසරයට හානියක් නොවෙයි ද? භූමිය ගොඩ කිරීමෙන් කොරල් පරවලට තර්ජනයක් එල්ල විය හැක. "භූමිය ගොඩ කිරීම ප්‍රශ්නකාරී දෙයක්" යැයි මාලදිවයිනේ පර්යේෂණවල නිරතවීමේ අත්දැකීම් ඇති කොරල් පර දූපත් පිළිබඳ විශේෂඥයෙකු වන, නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ භූගෝල හා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය හෝලි ඊස්ට් පවසනවා. "කොරල් පර විනාශ කරනවා පමණක් නෙවෙයි, ඉන් නික්මෙන අවසාදිත කොටස් විශාල ප්‍රමාණයක් ඇදී ගිහින් වෙනත් කොරල් පරවල රැඳෙනවා. එයින් සිදුවෙන්නේ ඒවායේ පෝෂණයට, වැඩීමට හා පැතිරීමට බලපෑම් එල්ල කරමින් සූර්ය එලිය පතිත වීම වැළකීමයි" අතිමහත් අපේක්ෂාව නමුත් ඉහළ නගින ජනගහනය හමුවේ භූමිය ගොඩකිරීම මාලදිවයින් ජන ජීවිතයට දැන් සරල කරුණක්. මූහුදු දියේ ගිලී යාම පමණක් නොවෙයි,වෙරළ ඛාදනය හා ස්වභාවික උවදුරුවලට ද මාලදිවයින මුහුණ පා සිටිනවා සැනසීමට ඇති එක් කාරණයක් නම්, 2020 ලෝක බැංකු වාර්තාවට අනුව විශේෂයෙන්ම හුල්හුමාලේ ද ඇතුළු "මහා මාලේ කලාපය" තුළ සැලකිය යුතු ස්වභාවික වාසභූමියක් නැහැ. එහි කොරල් පර ද වියැකී ගිහින්. මූලික වශයෙන් ම මාලදිවයින් වාසීන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීමට හුල්හුමාලේ ඉවහල් වුණත්, දේශගුණික විපර්යාස සිදුවන සමයක මානව වර්ගයාට අලුත් බලාපොරොත්තුවක් බවට පත්වෙන දූපත් ගොඩනැගීමට ද මග විවර කරනවා. (මේ ලිපිය සම්පාදනය කර තිබෙන්නේ බීබීසී ට්‍රැවල් හි පළ වූ ලිපියක් ඇසුරින්. ඉංග්‍රීසි බසින් පළවූ මුල් ලිපියට මෙතැනින් පිවිසෙන්න පුළුවන්.) මෙම තොරතුරුද දැනගන්න:
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි රැළිය අද බ්‍රහස්පතින්දා අම්පාර නගරයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය අද නව මාවතකට පිවිස ඇති බවයි ඔහු පවසන්නේ පස්වරු 3.10 ට පමණ මැයි පෙළපාලිය අම්පාර බ්‍රවුන් හන්දියෙන් ඇරඹිණි. ඉන් අනතුරුව අම්පාර ත්‍රී රෝද රථ ගාලේ දී රැළිය ආරම්භ විය. රජය සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතාව රජයට පිළිතුරු දීමට සුදානම් බව පැවසූ කරු ජයසුරිය සංවර්ධනය මුවාවෙන් විශාල වශයෙන් වංචා හා දුෂණ රට තුළ සිදුවන බවද සඳහන් කළේය. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය. නායකත්ව මණ්ඩලය නිසා එක්සත් ජාතික පක්ෂය අද නව මාවතකට පිවිස ඇති බවද ඔහු සඳහන් කළේය. තිස්ස අත්තනායක, දයා ගමගේ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් මෙම රැළියේදී ජනතාව ඇමතූහ.
'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න 'අවශේෂ වනාන්තර' දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම පරිසරවේදීන් හඳුන්වන්නේ විදේශ සමාගම්වලට ඉඩම් ලබා දීමේ "සටකපට ප්‍රයත්නයක්" වශයෙනි. පරිසරවේදීන් සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වැඩි වශයෙන්ම ගැවසෙන්නේ 'අවශේෂ වනාන්තර' ආශ්‍රිතවය. "මේ හෙක්ටයාර ලක්ෂ පහ නැති වුණොත් අපේ රටේ අලි සම්පතට විශාල හානියක් සිදු වේවි. මොකද අපේ රටේ බහුතරයක් වල් අලි සැරිසරන්නේ මේ අවශේෂ වනාන්තරවල. ඊට අමතරව දවසින් දවස නරක අතට හැරෙන කොටි- මිනිස් ගැටුමත් මේ එක්ක තවත් උග්‍ර වෙනවා. දැනටමත් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ සත්ව කොට්ඨාස දෙකට රජය එල්ල කර තිබෙන්නේ මරු පහරක්," යනුවෙන් සත්ව සුබ සාධන ක්‍රියාකාරිනියක් වන ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය. "ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් හම්බන්තොට අක්කර සිය ගණන් කපනවා. විල්පත්තුවේ තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හම්බන්තොට තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හැබැයි මේ කාරණා දෙකේදී, මිනිස්සු ඒ දිහා බලන්නේ වෙනස් විදිහකට." නොවැම්බර් 09 වෙනිදා සිදුවීමත් සමග 2020 වසරේ මේ දක්වා කොටි මරණ 11 ක් වාර්තා වී ඇති බවට 'Leopocon - Sri Lanka' ෆේස්බුක් පිටුවේ වූ සඳහනක්. "රටක් විදිහට එක් වෙමු" "මේ අවශේෂ වනාන්තර ටික ආරක්ෂා කර ගන්න අපි රටක් විදිහට එකතු වෙමු. ඒකට දේශපාලනය, අපේ වයස, පරම්පරාව ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඒ සියල්ල පැත්තකට දාලා අපි මේ වෙලාවේ එක රටක් විදිහට අපේ පරිසරය, අපේ සත්තු ටික රැක ගන්න එකතු වෙමු. මේ ආණ්ඩුව බලයට ගේන්න සහාය දුන්නු, ඡන්දය දුන්නු 69 ලක්ෂය ඒ සඳහා අඩුම තරමේ සමාජ ජාල හරහා හෝ මේ මොහොතේ යම් විරෝධයක් පෙන්නන්න ඕනි," යනුවෙන් ඉරාකි කොඩිතුවක්කු කියා සිටී. "ඔබතුමාලට අපි ඡන්දය දුන්නා. හැබැයි ඔබතුමාලා කරන හැම වැඩේම පිළිගන්න සූදානම් නැහැ කියන පණිවිඩය ලබා දෙන්න ඕනි. අපි ඡන්දය දීලා ඉවරයි. ඒ නිසා ඕගොල්ලන්ට ඕනි දෙයක් කරන්න පුළුවන් කියන නරක පූර්වාදර්ශය ඔවුන්ට දෙන්න එපා." පැවති "යහපාලන" ආණ්ඩු සමයේ ගත් ඇතැම් හානිකර තීන්දුවලට එරෙහිව ඔවුන්ට සහාය දුන් කණ්ඩායම් පෙළගැසුණු බවත් එවැනි විරෝධතා හමුවේ එවක ගත් බොහෝ තීන්දු හකුලා ගැනීමට සිදු වූ බවත් ඉරාකි කොඩිතුවක්කු සිහිපත් කළාය. 'ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම' 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ තැතක් පවතින බවට පසුගිය අගෝස්තු මස පැවති මහ මැතිවරණයට පෙර කරුණු වාර්තා වූ අතර පරිසරවේදීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය යටපත් විය. පළමු කොරෝනා රැල්ල අතරතුර ගත් එම උත්සාහය අසාර්ථක වුවත් දෙවෙනි කොරෝනා රැල්ල අතරේ "හොර රහසේම" අදාළ චක්‍රලේඛය අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට පරිසරවේදීහු ආණ්ඩුවට චෝදනා කරති. "රජයට අයත් අවශේෂ කැලෑ පරිපාලනය පිළිබඳ 2020 ජුලි 01 වෙනි දින අමාත්‍ය මණ්ඩලය දී ඇති මග පෙන්වීම් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා නීතියකින් රේගුලසියකින් හෝ වෙනත් මොනයම් වූ හෝ ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳ කරන රජයේ දෙපාර්තමේන්තුවකට, ආයතනයකට, අමාත්‍යංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රීක් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකි වන පරිදී කටයුතු කිරීමට මෙයින් ඉඩකඩ ලැබෙනු ඇත," යනුවෙන් අදාළ චක්‍රලේඛ අහෝසි කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම් කේ හරිශ්චන්ද්‍ර නොවැම්බර් 04 වෙනිදා නිකුත් කළ ලිපියේ දැක්වේ. 'අවශේෂ වනාන්තර' යනු මොනවාද? ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගනු ලැබේ. මීට අමතරව ජාතික උරුම වනභූමි පනත නමින් පනතක් ඇති අතර එමගින් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 'සිංහරාජය' ලෝක උරුමය පමණි. මෙසේ ආරක්ෂිත භූමි වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති රජයේ ඉඩම් වලට අමතරව කිසිදු නීතිමය තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්කර නොමැති රජයේ ඉඩම් 'Other State Forests' ලෙස පොදුවේ හැඳින්වේ. එය සිංහලට පරිවර්තනය කිරීමේදී 'වෙනත් රජයේ වනාන්තර' යන නිවැරදි යෙදුම වෙනුවට 'අවශේෂ වනාන්තර' හෝ 'අවශේෂ කැලෑ' යන්න භාවිත කෙරෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "අවශේෂ කියන වචනය දැක්කහම ගොඩක් අයට හිතෙන්නේ ආරක්ෂා කරන්න තරම් වටිනාකමක් නැති, ප්‍රයෝජනයක් නැති පැත්තකට දාල තියෙන වනාන්තර කොටස් කියලා. එවැනි අදහසක් සමාජගත කරන්නත් යම් පාර්ශව උත්සාහ කරනවා. නමුත් 1950 දශකයේ ඉඳලම රක්ෂිත විදියට යෝජිත වෙච්ච විශාල වනාන්තර සංඛ්‍යාවක් මේ අවශේෂ වනාන්තර තුළ තිබෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 'අවශේෂ වනාන්තර' සම්බන්ධයෙන් අවන්ත ආටිගල පළ කළ කාටූනයක් ගංගා ඇලදොළ ආදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, වන අලි සංක්‍රමණ භූමි තීර, ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත භූමි ප්‍රදේශ ද 'අවශේෂ වනාන්තරවලට' අයත් වේ. ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතුවලට භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේදී ඉහත කී භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් "සැලකිලිමත් විය යුතු බව" වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වේ. "සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්ය සහ වන වැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරා ගැනීමට යෝජිත භූමි" සම්බන්ධයෙන් ද "සැලකිලිමත්" විය යුතු බව වැඩිදුරටත් එහි දැක්වේ. එහෙත් ආර්ථික කටයුතු වෙනුවෙන්, වනාන්තර නොවන ප්‍රදේශ තෝරා ගැනීමට අවශ්‍ය නම් අදාළ චක්‍රලේඛ මුලින්ම අහෝසි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පරිසරවේදීන්ගේ තර්කය වී තිබේ. එමෙන්ම තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී, 5/2001 චක්‍රලේඛය හදිසියේ අවලංගු කිරීමට උත්සාහ කිරීම සැකයට තුඩුදෙන බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පෙර අවස්ථාවක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. දිගම්පතාන ප්‍රදේශයේ කසල බුදින අලි රංචුවක් මේ අතර මතභේදයට තුඩු දී තිබෙන ඉහත කී වන භූමි 'අවශේෂ වනාන්තර ලෙස 'ලේබල් ගැසුවත්' ඒවා "අත්‍යවශ්‍ය වනාන්තර" බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් කළ අධ්‍යයන අනුව වැඩිම අවේනික ප්‍රතිශත වාර්තා වී ඇත්තේ කෑගල්ල, රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල පිහිටි 'අවශේෂ වනාන්තරවලින්' යැයි ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "අනෙක් පැත්තෙන් ගත්තොත් අපිට වැඩිම විදේශ විනිමයක් ගෙන දෙන ආකර්ෂණය තමයි අලි ඇත්තු. ඔවුන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නත් මේ 'අවශේෂ වනාන්තර' වැඩි වශයෙන් පිහිටි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්." ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 5,900 ක් පමණ යැයි ඇස්තමේන්තු කෙරේ. 2010-2019 කාලය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂික සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 263 ක් බව වාර්තා පෙන්වා දෙයි. පරිසරවේදී නයනක රන්වැල්ල පවසන පරිදි වැඩි වශයෙන්ම වන අලි ගැවසෙන 'අවශේෂ වනාන්තර' පිහිටි දිස්ත්‍රික්ක: ඉහත කී දිස්ත්‍රික්ක තුළ දැනටමත් අලි-මිනිස් ගැටුම උග්‍රව දක්නට ඇති බව ඔහු පෙන්වා දෙයි. " මේ තීන්දුව හරහා සමස්ත අලි ගහනයෙන් 60% ක පමණ වාස භූමි අහෝසි වෙලා යනවා. ඉතින් ඒ අලි සම්පත 60% කින් ආපස්සට ගෙන යනවද? නැතිනම් මේ වනාන්තර පද්ධතිය රැක ගන්නවද කියන කාරණය රටක් විදිහට අපි හමුවේ තිබෙනවා." වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ හරිශ්චන්ද්‍ර නොවැම්බර් 04 වෙනිදා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළ වූ අදහස් ඊට අමතරව වියලි මෝසම් වනාන්තර, කඩොලාන වනාන්තර, වගුරු වනාන්තර, තෙත් මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර, කටු පඳුරු සහිත වනාන්තර, උප කඳුකර වනාන්තර, ගංගා ධාර වනාන්තර ඇතුළු ශ්‍රී ලංකාවේ දක්නට ඇති සියලුම වනාන්තර විශේෂ අහෝසි කරන ලද චක්‍රලේඛයෙන් ආරක්ෂා වී තිබු බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. "විශේෂයෙන්ම ලංකාවට වැස්ස ලබා දෙන හෝර්ටන්තැන්න, නකල්ස් සහ ශ්‍රී පාද අඩවිය යා කරන භූමි තුළ ඇති වලාකුළු වනාන්තර අයිති වුණේ මේ කියන කලාපවලට. ඒවා නැති වුණොත් මේ රටේ වර්ෂා පතනය නැති වෙනවා. එතකොට මහවැලි, කැළණි. කළු, වලවේ යන ගංගා ඇතුළු ගංගා 103 ටම විශාල බලපෑමක් ඇති වෙනවා." "එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් මේ රටේ කෘෂිකර්මාන්තය නවතිනවා. ජල විදුලිය ආශ්‍රිත බලශක්ති උත්පාදනය නතර වෙනවා. නාය යාමේ අවදානම සහිත ස්ථාන ගණනාවක් රඳවාගෙන සිටින මේ වනාන්තර නැති වීමෙන් ඒ අවදානම ඉහළ යනවා. මේ සියල්ල එකට එකතු කර එක මිටකට බලන විට මේ වනාන්තර තමයි ලංකාවේ තිබෙන අත්‍යවශ්‍ය වනාන්තර. මේ වනාන්තර නැති වුණොත් මේ රටේ මේ ආණ්ඩුවට 2/3 ක් ඡන්දය දුන්නු මිනිස්සු වගේම පළමු වරට, මේ රටෙන් 2/3 ක් පාරිසරික සරණාගතයන් (Environmental refugees) බවට පත්වෙනවා." වනාන්තර නොවන ප්‍රදේශ හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඉහත කී චක්‍රලේඛය මුළුමනින්ම අහෝසි නොකර එය කිරීමේ හැකියාව පැවති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. "මේ අපේ රට මරණය වෙත කැඳවන හෝරාවයි. ඒක කරන්න තමයි මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වෙන්නේ. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය තව දින කිහිපයකින් එළඹෙනවා. එතුමා මේක දිගටම ක්‍රියාත්මක කළොත් වර්තමාන සියවසේ දැවැන්තම පරිසර ඝාතකයා කියන විරුදාවලිය එතුමාට ලැබෙනවා. ඉතින් කරුණාකර ඉන් අත්මිදී රටක හෙට දවස විනාශ කරන කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් නොවෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැනත් කියවන්න:
සැත්කම් විසිහතකට මුහුණ දී ඇති ඇය උසස් පෙළ විභාගය සමත් වූයේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් සමඟිනි.
ජීවවිද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමය. දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා ඉදිරියේ නොසැලී සිය ඉලක්කය කරා ගිය ඇගේ කතාවයි මේ. කැමරාකරණය: චමිල් රූපසිංහ, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා මේ ගැනත් කියවන්න:
දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ ආගමික කටයුතු වලට කොහුවල පොලිසියෙන් බලපෑම් එල්ල වන බව පළාත්වාසීන් සහ පල්ලිවල භාර කරුවන් තමන්ට දැන්වූ බව අමාත්‍ය රිශාඩ් බදියුද්දීන් ප්‍රකාශ කරයි.
අමාත්‍ය රිශාඩ් බදියුද්දීන් මේ සම්බන්ධයෙන් තමන් වැඩබලන පොලිස්පති ගාමිණී නවරත්නට සහ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට දැන්වූ බව පවසන අමාත්‍ය බදියුද්දීන් (බදාදා) පළාත්වාසී මුස්ලිම්වරුන් පොලිසියට කැඳවා සාමකාමිව ගැට‍ළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව එවිට පොලිසිය තමන්ට දැන්වූ බවත් කියා සිටියේය. පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති නමුත් අනාගතයේදී ඇති විය හැකි ගැට‍ළු පිළිබඳව සලකා බලා ආගමික කටයුතු නතර කරන මෙන් උපදෙස් දුන් බව පොලිසියේ කාර්ය භාර නිලධාරියා ඒ පිළිබඳව විමසීමක් කළ ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇතැයිද රිශාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.
විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි. ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි. සමස්තයක් වශයෙන් ගත් කල ආසියානු පුරුෂයන්ගෙන් සියයට විසි පහක් වත් විවාහයේ දී හෝ ඇසුරේ දී කාන්තාවක් දූෂණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි. මෙම සමීක්ෂණය සඳහා පැපුවා නිව්ගිනි, ඉන්දුනීසියාව, බංගලාදේශය, කාම්බෝජය, චීනය සහ ශ්‍රී ලංකාව යොදා ගෙන තිබේ.
යේමනයේ දකුණු දිග කලාපයට අයත් ඇඩෙන් වරාය නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී හමුදා සෙබළුන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
ප්‍රහාරයෙන් තවත් හමුදා භටයන් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත් වාර්තාවල සඳහන් වේ. වේතන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි හමුදා සෙබළුන් ඉලක්ක කොට ප්‍රහාරකයා විසින් බෝම්බය පුපුවරා හරිනු ලැබ තිබේ. යේමන ආරක්ෂක හමුදා සාමාජිකයෙක් ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ආණ්ඩුවක් යටතේ පාලනය වන ඇඩෙන් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාර ගණනාවක වගකීම ඉස්ලාමීය කැරලිකරුවන් විසින් බාර ගනු ලැබ ඇත. ඉරානයේ සහාය ලබන හුති කැරලිකරුවන් යේමනයේ සනා අගනුවරින් පළවා හැරීම සඳහා ආණ්ඩුවට පක්ෂ හමුදා උත්සාහ කරමින් සිටිති. යේමනයේ ආණ්ඩුවට පක්ෂ හමුදා වෙත සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් සන්ධානයේ සහාය හිමි වේ.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අද උදසන මැතිවරණ කොමසාරිස්වරයා වෙන වෙනම මුණගැසුණු අතර ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා හමුවෙන් අනතුරුව මාධ්‍යට පවසා සිටියේ.
එජාප නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසු 'ව්‍යවස්ථාවට අපහාසයක්' " ජනාධිපතිවරණය නොවැම්බර් 20 වෙනිදා කැදවල මැතිවරණය 8 වැනිදා පවත්වන්න යනවා කියල විවිධ ආරංචි පැතිරෙනවා, මේක අපි දකින්නේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් විදිහට, මොකද මැතිවරණයක් අවශ්‍ය බව නිවේදනය කරන්න රජයට පුළුවන් හැබැයි දිනය තීරණය කල යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින්" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. රජයේ අමාත්‍යවරුන්ට මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කිරීමට නීතිමය බලයක් නොමැති බව පැවසූ කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා ට පැමිණිලි කල බවයි ප්‍රකාශ කළේ. 'නීතිමය බලයක් නැහැ' ඊයේ කොලඹ දී මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කලේ ජනාධිපතිවරයාගේ නක්ෂත්‍ර කරුවන්ට අවශ්‍ය පරිදි ජනවාරි මස නව වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් වන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි. 'නැවත තරඟ කරන්න බැහැ' " වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ ව්‍යවස්ථාවට අනුව නැවත තරග කරන්න හැකියාවක් නැහැ අපි ඒක මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන්නා" යනුවෙන් ඔහු පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වසර 4 ක නිල කාලය සම්පුර්ණ වු විට මැතිවරණයක් කැඳවිය නො හැකි බව ද ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන් බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ නවතම මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි නීතිවේදි අතුල රණගල පවසයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරපත් කළ බව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන අතුල රණගල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. 2009 වසරේදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යළි ගොඩ ගැනුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය. හිටපු හමුදාපතිගේ ප්‍රකාශය අදාළ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙනු ලැබූ ප්‍රකාශය අනුව හමුදාවේ එවක බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටි කණ්ඩායමක් පිළිබඳ පරීක්ෂණ කියාත්මක කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින අධිකරණයට දැන්වූ බව නීතිවේදි අතුල රණගල වැඩිදුරටත් සඳහන් කළේය. නඩු විභාගය ජුනි මාසයේ 19 වෙනිදා යළි කැඳවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල කෙරෙමින් ඇති බෞද්ධ ප්‍රචණ්ඩ ප්‍රහාර ඉතාම කණගාටුවට කරුණකැයි ටිබට් බෞද්ධ නායක දලයි ලාමා පවසයි.
ටිබට් බෞද්ධ නායක දලයි ලාමා තම දේශයෙන් පිටමංව ඉන්දියාවේ වෙසෙන නොබෙල් ත්‍යාගලාභී දලයි ලාමා,ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේදී අදහස් දක්වමින්,ආගමේ නාමයෙන් මිනිසුන් මැරීම සිතා ගැනීමට පවා අසීරු දෙයක් බවයි සඳහන් කළේ. තවදුරටත් කරුණු පැහැදිළි කළ උන්වහන්සේ ,මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අශුභාවාදීව සිතන බෞද්ධයන් අමතමින්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සිහියට නඟා ගන්නා මෙන් ඔවුන්ට උපදෙස් දුන්හ. ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ඇතැම් බෞද්ධ භික්ෂූන්ද හවුල් වීම, පසුගිය දිනවල ජනමාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තල බවට පත්වයි තිබුනේ
සමාජයීය සහ දේශපාලනික වෙනස්කම් බොහොමයක් සමඟ 2019 වසර අවසානයට ළඟා වී තිබේ.
ගෙවී ගිය වසරේ සෑම මසකම බීබීසී සිංහල සේවයේ වඩාත් ජනප්‍රිය වූ ලිපි මොනවාද? ජනවාරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැටුම් 'උග්‍ර අතට': "කණ්ඩායම කල්ලිවලට බෙදිලා" ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව පෙන්වා දෙමින් බීබීසි සිංහල සේවය පළ කළ ලිපියට 2019 ආරම්භයේ දී වැඩිම පිරිසකගේ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැති සිර ගෙයක්" විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැතිව" සිර කර සිටින බව බීබීසී සිංහල සේවය අනාවරණය කළේය. එම පිරිසට අඳින්නට ඇත්තේ එක් කොට කලිසමක් බැගින් වන අතර, උඩුකය වසා ගැනීමට කිසිවක් නොමැති බවත් එහි සිට නිදහස්ව පැමිණි පිරිසක් බීබීසී සිංහල සේවය සමග පැවසූහ. පෙබරවාරි ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි. ශ්‍රී ලංකාව තුළ නිදහසේ 'ආදරය කිරීමට' ඇති බාධා, අයිතිවාසිකම්, නීතිය, මානසික ගැටලු, ප්‍රේමය සහ ලිංගිකත්වය මෙන්ම සමාජ අපවාද පිළිබඳ විස්තර කෙරෙන මෙය පෙබරවාරි මස බීබීසී සිංහල වෙබ් අඩවියේ වඩාත්ම ජනප්‍රිය වූ ලිපියයි. දෙසතියකට වරක් ස්ත්‍රීන් සියයක් සමග යහන්ගත විය හැකි කාල සටහන චීන අධිරාජ්‍යයාගේ මාලිගාවේ සිදුවන බොහෝ දේ තීරණය වී තිබුණේ ද ඉලක්කම් පදනම් කරගෙනය. චීන අධිරාජ්‍යයාට සිය අන්තඃපුර ස්ත්‍රීන් සමග යහන්ගත වීම සඳහා ද කාල සටහනක් ඇති අතර, ඒ ගැන විස්තර කළ ලිපිය ද මෙම මස තුළ ජනප්‍රිය වී ඇත. මාර්තු බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරියගෙන් ලංකාවේ දරුවන්ට උපදෙසක් බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබූ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක වන නිශී උග්ගල්ල පිළිබඳ පළ වූ ලිපියට මාර්තු මස වැඩි අවධානයක් යොමු වී තිබේ. තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය. නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය: තීරුබදු නඩුවෙන් "විනිසුරුවෝ හතක් ඉවත් වෙලා" ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. ඔහුට එරෙහිව මෙන්ම ඔහු විසින් පැවරූ නඩු පිළිබඳ මෙම ලිපියේ සවිස්තරව දැක්වේ. අප්‍රේල් ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුට 'බාධාවක්' වූ රමේෂ් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ දී මඩකලපුව සියොන් දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගත් රමේෂ් පිළිබඳ පළ වූ මෙම ලිපිය අප්‍රේල් මස වඩාත් ජනප්‍රිය විය. බෝම්බයෙන් රමේෂ් මිය ගිය ද ඔහු එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි ගෞරවයට පාත්‍ර විය. දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: මේ දක්වා දන්නා කරුණු මොනවාද? පාස්කු ප්‍රහාරය සිදු වූ දින පළ වූ මෙම ලිපියෙහි ඇසින් දුටුවන්ගේ අත්දැකීම්, මියගිය පිරිස, අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඇඳිරි නීතිය, සමාජ මාධ්‍ය ජාල, විවිධ නායකයන්ගේ ප්‍රකාශ ඇතුළු එදින සිද්ධි එකිනෙක විස්තර කර තිබේ. මැයි ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වී දස වසරක්: අඹුසැමියන් වූ පස මිතුරන් කලෙක එකිනෙකාට ගිනි බිඳ ගත් පසුව අඹු සැමියන් බවට පත් සිංහල සහ දමිළ තරුණ යුවළ ගැන පළ වූ මෙය මැයි මස තුළ වඩාත්ම අවධානයට ලක් වූ ලිපියය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වී දස වසරක් පිරෙන මැයි මස 18 වෙනිදා මෙම ලිපිය බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ විණි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රහාර: මුස්ලිම් පවුල් රැකගත් සිංහල පවුලක් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් පසු දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හමුවේ සුජීවනී චන්දිමාගේ සිංහල පවුල තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු පැවසූ නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමාගේ කතාව ද මෙම මස වඩාත් කිය වූ ලිපි අතර ඉහළින් තිබේ. ජුනි ලෝක කුසලාන ක්‍රිකට්: රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව' ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී එංගලන්ත නායකයා ලෝකයේ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු ලෙස සළකන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට පන්දුවාර 9යකදී ලකුණු 110ක් ලබාදී මෙතෙක් දඟ පන්දු යවන්නේකු එක්දින ක්‍රිකට් තරගයක ලබාදී තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන අමිහිරි වාර්තාව සිය නම ඉදිරියේ සඳහන් කර ගත්තේය. මින් පෙර එම අමිහිරි වාර්තාව සටහන් වී තිබුණේ ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ නම ඉදිරියෙනි. ක්‍රිකට් ලෝක කුසලානය: මහේන්ද්‍ර සිං ධෝනිගේ 'යුද අත්වැස්මට' ICCය හරස් වෙයි ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියේ දී යුද හමුදා ලාංඡනයක් සහිත ආරක්ෂක අත්වැස්මක් පැළඳීම නතර කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා සිටි අතර, එය ඉන්දියානුවන්ගේ බලවත් කෝපයට හේතු විය. ජූලි සැම්සුන් ජංගම දුරකතනය: 'ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණයට' එරෙහිව නඩු සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකතනවල ජල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කරන බව පවසමින් එම සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම ක්‍රියා කළේය. සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල' නව ජීවීන් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ යුවලක් ශ්‍රී ලංකාවේ වාසය කරති. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති. අගෝස්තු ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය, අදහස් සහ උපදෙස් වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි. අගෝස්තු මස වැඩි අවධානයක් යොමුව තිබුණේ, පෞද්ගලික අත්දැකීම්, නීතිය, උපදෙස් මෙන්ම ජ්‍යෝතිෂවේදීන්ගේ අදහස් ද ඇතුළත් මෙම ලිපියටය. හීලෑ අලි විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් අවශ්‍යයි - මහාචාර්ය දංගොල්ල වයෝවෘද්ධ 'ටිකිරි' ඇතින්න මහනුවර පෙරහැරට යොදා ගැනීමට රැගෙන යෑම සහ ඇතින්න මාළිගය පරිශ්‍රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මත සම්බන්ධයෙන් පළ වූ ලිපියකි. සැප්තැම්බර් ලිංගිකත්වය හා කන්‍යා භාවය : "සතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න" සමාජයේ පැවති කන්‍යාභාවය පිරික්සීමේ සම්ප්‍රදායට වටිනාකමක් දීමට ඇතැමුන් ක්‍රියා කළද එය ඒ කාන්තාවගේ ශාරීරික තත්ත්වය ගැන තැකීමකින් තොරව කෙරෙන මානව සබඳතා බිඳ දමන අර්ථ ශුන්‍ය දෙයක් බව ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෛද්‍ය වෘත්තිකයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ද පෙන්වා දෙන කරුණකි. ඉතාලියේ 'මෝදෙනා ආදරවන්තයන්' දෙදෙනාම පුරුෂයන් බව හෙළිවේ 'මෝදෙනාහි ආදරවන්තයන්' ලෙස හඳුන්වන අත් අල්ලාගෙන සිටින යුවළේ අස්ථි පුරුෂයන්ගේ බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඔක්තෝබර් ඉන්දියාව: රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට වතිකානයෙන් පිහිටක් නැහැ කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්‍යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 48ක් එක්වේ මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරවලදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න සොයා බැලීම පිණිස බීබීසි සිංහල සේවය එම මාර්ග ඉදිකිරීමේ නියමුවන් වන ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ කළ සාකච්ඡාවක් අනුසාරයෙන් සැකසූ ලිපියකි. නොවැම්බර් ජනාධිපතිවරණය: අවසන් ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵල ඇතුළු අදාළ සිද්ධි ඇතුළත් මෙම වෙබ් පිටුව නොවැම්බර් මස වඩාත් ජනප්‍රිය විය. "අපේ මිතුරෝ අපිව පාවා දුන්නා" - මැ. කො. සභාපති මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දැනුම් දුන්නේය. දෙසැම්බර් කෲඩියා සිලනිකා: ගම්පහ, දාරළුවෙන් හමුවූ ලෝකයෙන් වඳවූ බව සිතූ ශාකය අධිවේගයට බිලි වෙයි ද? ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ. "දූෂණය වූ ස්ත්‍රිය නැවත නැවතත් දූෂණය වෙනවා" අසරණ වූ ස්ත්‍රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුටම සවිස්තරාත්මකව පැහැදිළි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය. අධිකරණයේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්‍රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්‍රයා ඉදිරියේ විය හැකිය.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා බාහිර කාර්යයන්වල යෙදවීමෙන් රජයට රුපියල් මිලියන හතළිස් එකකට ආසන්න මුදලක පාඩුවක් සිදු කළ බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (ජන.10) කැඳවා තිබිණි. අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
කිසියම් පිරිසක් විසින් සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලය පවසයි.
සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් කොම්පඤඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලද බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලයට අනුබද්ධ නිවුස් ෆර්ස්ට් නාලිකාවේ ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල් බීබීසී සංදේශයට පැවසීය. විශේෂයෙන්ම නිවුස් ෆර්ස්ට් නාලිකාව විසින් පසුගිය සතියේ විකාශය කරන ලද මොරටුවේදී අතුරුදහන් වූ පුද්ගලයෙකු පිලිබඳ ගවේශණාත්මක වාර්තාවට සම්බන්ධ වාර්තාකරු සහ සංස්කාරකවරයාගේ නමින්ම සඳහන් කොට ඔවුන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවට තොරතුරු ලැබුණු බව ද ඔහු පවසයි. මීට පෙරාතුව මෙවැනි ආකාරයේ තර්ජන එල්ල වූ සාම අවස්ථාවකම සිරස/එම්ටීවී මාධ්‍ය ජාලයට ප්‍රහාර එල්ල වූ බව සංදේශයට කියා සිටි ෂෙවාන් ඩැනියෙල්, එවැනි වාතාවරණයක් යටතේ මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව සංදේශයට කියා සිටි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන, අදාළ මාධ්‍යවේදීන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ නම් එම ආරක්ෂාව ලබාදීමට පොලීසිය පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කළේය.
ගෙවුණු පැය විසි හතර තුළ උතුරු දිග සිරියාවේ පැවති ගැටුම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පනස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව තුර්කි හමුදා පවසයි.
අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සිරියානු කැරලිකරුවන් තුර්කි හමුදා සහ ඔවුන්ට සහාය දෙන සිරියානු කැරලි කණ්ඩායම් අයිඑස් බළකොටුවක් වන ඩාබික් නගරය දෙසට ඇදෙමින් සිටින අතර අයිඑස් කැරලිකරුවෝ ඩාබික් නගරයේ බලය රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටිති. තුර්කි සහ කැරලි කණ්ඩායම් විසින් ඩාබික් නගරයට පිටතින් පිහිටි ගම්මාන හතරකට එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයක් අයිඑස් කැරලිකරුවන් විසින් ව්‍යවර්ථ කරනු ලැබ තිබේ. කැරලිකරුවන් අට දෙනකු මරුමුවට පත් වී විසි දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාකරුවෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා හැටියට ඛනිජ තෙල් කටයුතු භාර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පත් කරනු ලැබ ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දීයි එම තීන්දුව ගෙන තිබෙන්නේ. නව මහ ලේකම්වරයා අද (22) උදේ වරුවේ සිය පදවියේ වැඩ භාර ගනු ලැබීමට නියමිතව සිටියේය. එම පදවියේ පුරප්පාඩුවක් ඇති වුණේ සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂ සන්ධානයට එක් වීමත් සමඟයි. නව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
"සහරාන් ගෙ බෝම්බෙන් පස්සේ නැවතුන රටේ සංචාරක කර්මාන්තය යන්තම් හරි ගොඩ එන්න පටන් ගත්තේ ඇල්ල නිසා. ඒත් මේ කාලකන්ණි ටිකදෙනෙක් කරන වැඩ නිසා පරිසරයත් විනාශ වෙලා රටත් විනාශ වෙලා අපිත් හිඟමනට වැටෙනවා".
ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්කම් නිර්මාණ අලෙවිකරන සෝමලතා පෙරේරා ඇල්ල රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් පළ කළේ එවන් අදහසකි. ලොව එක් පසෙක "ඇමසන්" වනාන්තරය දැවෙද්දී ශ්‍රී ලංකාවේ ඇල්ල රක්ෂිතයේ "ඇල්ල රොක්" නමින් හැඳින්වෙන කඳු ශිඛර ප්‍රදේශයේ හටගත් ගින්නද දැඩි කතාබහකට ලක් විය. මිනිස් ක්‍රියාකාරකමක් එම ගින්නට හේතුව බව පොලිසිය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද තහවුරු කළහ. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති කරමින් දෙදිනක් පුරා පැවති ගින්න මේ වනවිට පාලනය කර ඇත. අක්කර 20 ට අධික භූමි ප්‍රමාණයක් මෙයින් විනාශ වී තිබේ. මෙම ආපදාව මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත. පොලිසිය පවසන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවය. ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිත ස්වභාවික ගිනි ගැනීම් සිදුවේද ? ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සමස්ත භුමි ප්‍රමාණයෙන් 29.5% කි. ඝන වනාන්තර නොමැති නිසා ස්වභාවිකව වනාන්තර තුළ හටගන්නා ගිනි හෙවත් ළැව් ගිනි හට ගැනීමේ සම්භාවිතාව ඉතා අවම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පවසන්නීය. ඇයට අනූව ස්වභාවික වනාන්තරයක ස්වභාවික ගින්නක් හටගැනීමට නම් තවත් සාධක රැසක් සම්පුර්ණ කළ යුතුය. වියලි පරිසරය, දැඩි සුළං ප්‍රවාහය මෙන්ම එකිනෙක ස්පර්ශවීමකින් ගින්නක් උපදවිය හැකි විශාල ප්‍රමාණයේ වෘක්ෂ ලතා වලින් පුර්ණ ඝන වනාන්තර මේ අවදානමට නිතර ලක්වන බව පැවසේ. නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි වනාන්තර නොවේ. කෙසේවෙතත්, ගින්නෙන් දැවී නිරාවරණ වූ භූමිය වර්ෂා කාලයේදී අස්ථාවර වී නාය යාමේ අවදානම ඉස්මතුවීම, මහාචාර්යවරිය විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි. " බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල වගේ දිස්ත්‍රික්ක මේ අතරින් විශේෂයි. හේන් වගාව, දඩයම, ඉඩම් අත්පත් කර ගැනීම මේවායේ අරමුණු. මේ හේතුව නිසා සමස්ථ පරිසර පද්ධතියම විනාශ වෙනවා. දැන් මේ විනාශවන අක්කර ප්‍රමාණය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන්න වසර කීයක් ගතවෙයිද? මේ කලාපය ආශ්‍රිතව ජීවත්වන සත්ත්ව ප්‍රජාව මිය යන්නේ තවත් පරම්පරාවකට ජීවය නැතිව. වැස්ස කාලෙට දැඩි අවදානමක් පවතිනවා මේ ආශ්‍රිතව. මොකද මේ ප්‍රදේශ නිතර වර්ෂාව වාර්තාවන පළාත්" ඇය පවසන්නීය. වනාන්තර ගිනිතැබීම් සහ නීති ක්‍රියාත්මක නොවීම මෙවැනි සිදුවීම් පාලනයට විධිමත් මැදිහත්වීමක් නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති. වසරකට මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් අටදෙනෙකු වත් අත්අඩංගුවට ගන්නා බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එළෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට දඬුවම් දීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවෙන බව පරිසරවේදීහු අවධාරණය කරති. "කැලේ ගිනි තියල අක්කර ගානක් විනාශ උනාට පස්සේ ඒ මිනිස්සු අල්ලලා වැඩක් නෑ. ත්‍රස්තවාදය මැඩලන්න වගේ මේකටත් බුද්ධි අංශයේ සහය අවශ්‍යයි. කොච්චර මේ තැන් ගැන දැනුවත් කළත් නීතියට බය නැති පිරිසක් ඉන්නවා. සමහරු මේ වගේ වැඩ කරන්නේ විනෝදෙට. ඇල්ල සංචාරක පාරාදීසයක් බවට පත්වෙලා. මේ සුන්දරත්වය නැති කරන්නේ පිටරටින් එන සංචාරකයෝ නොවෙයි. අපේම මිනිස්සු. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම විනාශ කරගන්නවා," පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඇල්ල රක්ෂිතයේ ගින්න ගැන මෙසේ අදහස් පළකළේය. "හමුදාව, පොලීසිය සහ ගම්වාසීන් එක්ව මේ ගින්න නිවාගත්තා. උපරිම උත්සහ දැරුවා පැතිරීම පාලනය කරන්න. නමුත් එය පහසු කටයුත්තක් නොවෙයි. අපි වසරක් පාසා ඇල්ල රක්ෂිතයේ ප්‍රජාව දැනුවත් කරනවා. දැන්වීම් පුවරු අලවලා තිබෙනවා. මේ මොනදේ කළත් මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑ. ඇල්ල රක්ෂිතයේ පමනක් නොවෙයි හෝර්ටන් තැන්න වගේ ප්‍රදේශ ගැනත් අපි නිතර අවධානයෙන් ඉන්නේ. සමහරු විනෝදෙට මේ දේවල් කරන්නේ. පුදුම කලකිරීමක් දැනෙනවා මේ සිදුවීම් සම්බන්ධයෙන්." මෙලෙස ගිනිතැබීම් වලට ලක්වන බොහෝ ප්‍රදේශ සංචාරක ආකර්ෂණයෙන් අනූන ප්‍රදේශ වේ. කලක් හෝටන් තැන්න ආශ්‍රිතව ද වරින් වර මෙවැනි ගිනි තැබීම් වාර්තාවිය. නමුත් ඒ ආශ්‍රිතව ජනාවාස නොමැති නිසා එහි අසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට දැඩි නීති පැනවිණ. කෙසේ වෙතත් ඇල්ල රක්ෂිත කලාපය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රචලිත බැවින් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා විධිමත් පරිසර ආරක්ෂණ වැඩපිළිවලක අවශ්‍යතාව පවතී. "දැන් හදිසි අනතුරක් නිසා කොයි මොහොතේ ගින්නක් පැතිරෙයිද කියන දේ අපි අවධානයට ගතයුතුයි. එවැනි ගින්නකදී කැලේ ඇතුළේ ප්‍රමිතියෙන් තොරව සංචාරකයින් වෙනුවෙන් ඉදිකර ඇති පැල්පත් වැනි දෑ අවදානම් මට්ටමක තිබෙන්නේ. සංචාරකයින්ට යම් හානියක් වෙන්න තිබෙන අවදානම ඉහළයි. හදිසි ගින්නක් පාලනයට අදාළ පුර්ව ක්‍රියාමාර්ග නොගතහොත් අපි ජාත්‍යන්තරවත් අපකීර්තියට ලක්වෙනවා. පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේය. "ඇල්ල" ප්‍රචලිත වීම ඇල්ල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ඉතිහාසයේ වෙරළබඩ කේන්ද්‍ර කරගනිමින් පැවතිය ද පසු කලෙක රට අභ්‍යන්තරයට විහිදුණි. දැනට දශකයක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රචලිත වූ අතර ඊට හේතු කිහිපයකි. ඇල්ල, කිලෝමීටර් 200 ක් (සැතපුම් 120) කොළඹට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1,041 (අඩි 3,415) ක උසක පිහිටා තිබේ. ජෛව විවිධත්වයෙන් අනූන මේ ප්‍රදේශය විවිධ ශාක හා සත්ත්ව විශේෂ රැසකින් සමන්විතය. භූ විද්‍යාඥයින්ට අනූව ඇල්ල පිහිටා ඇත්තේ සුළං කපොල්ලක් මධ්‍යයට වන්නටය. වලාකුළු, වනාන්තර හා තේ වතුවලින් වැසී ඇති කඳුවලින් වටවී ඇති ඇල්ල නගරය, පහත් බිම්වලට වඩා සිසිල් දේශගුණයකින් යුක්ත වීම එය එක් ප්‍රධාන හේතුවකි . මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20ක තරම් අගයක් ගනී. බෝගොඩ පාලම, ආරුක්කු නවය පාලම, කුඩා ලෝකාන්තය, දෝව විහාරය ඉහළ විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන වේ. ඇල්ල , අධික සුළං මෙන්ම පිරිසිදු වාතාශ්‍රයකින්ද යුක්ත වන අතර උඩරට වියළිකලාපයේ දේශගුණික ස්වභාවයට වඩා වෙනස් කාලගුණ තත්ත්වයක් මේ ප්‍රදේශය ආශ්‍රිතව පවතී. රක්ෂිතය යම් ගිනි ගැනීමකට ලක්වුවහොත් එය පාලනය කිරීමට අපහසු වන්නේද මේ සුළං සහිත ස්වභාවය හේතුවෙනි. මේ සෞම්‍ය පරිසරය නිසා පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය (Ecotourism), ත්‍රාසජනක ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය (Adventure tourism) වැනි සංචාරක ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් රිසි සේ අත්විඳීමට ඇල්ල, කදිම තෝතැන්නකි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අන්තර්ජාලය හරහා දකින විදෙස් සංචාරකයෝ කිසිදු අතරමැදි සංචාරක මග පෙන්වන ආයතනයක සහය නොමැතිව මෙහි පැමිණ නිදහසේ කාලය ගතකිරීමට පෙළඹ සිටිති. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව මෑත භාගයේ දිවයිනේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වූ සංචාරක කළාපය ඇල්ල බවට හඳුනාගෙන තිබේ. ඇල්ල ආශ්‍රිතව දියුණුවන සංචාරක කර්මාන්තය නිසා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් ද බිහිවෙමින් තිබේ. සැළකියයුතු සංචාරක හෝටල් ප්‍රමාණයක් ද මේ ආශ්‍රිතව පවතින අතර අලුතින් ඉදිවන හෝටල් සමූහයක් ද පවතී. ස්වභාවික පරිසර කලාපයක හදිසියේ හටගන්නා ගින්නක් පාලනය කළ හැක්කේ කෙසේද ? "දැන් මේ වගේ සංචරකමය වශයෙන් වැදගත් ප්‍රදේශ මුලින්ම හඳුනාගෙන ඒ සඳහා පිළියම් කරන්න ඕන. ගිනි පටි දැමීම හොඳ ක්‍රමවේදයක්. ගිනි පටි කියන්නේ පැතිරෙන ගින්න අඩාල කරන්න ස්වභාවිකව කළහැකි වගාවක්. වනයේ තැනින් තැන පටියක් ආකාරයෙන් හෙළි කිරීමක් කරනවා. එවිට පැතිරෙන ගින්න එතැනින් එහාට යන්නේ නෑ. දැනුවත් කිරීම් නිතර කළ යුතුයි. ඒ වගේම දඬුවම් දීම ලිහිල් නොකළ යුතුයි. වන ගිනිතැබීම්වලට එරෙහිව පවතින නීති මොනවාද ? "වනසංරක්ෂණ ආඥා පනත සහ වනසත්ත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ ආඥා පනත යටතේ මීට වැරදිකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් කළ හැකියි. වැදගත්වන්නේ මේ දඬුවම් මෙන්ම අය කරන දඩ මුදල වැඩි කළ යුතුයි. දැන් හෝර්ටන් තැන්න ගිනි තැබීමට ඉස්සර දඩය රුපියල් 2500 ක් තිබුණේ. ඉතින් මෙවැනි පියවර ගත්තොත් පරිසරය මෙන්ම සංචාරක කර්මාන්තයත් බේරගන්න පුළුවන්." මහාචාර්ය වරිය පැහැදිළි කලාය. කියවන්න
තායිලන්තයේ අනවසරයෙන් සිටින විදේශිකයන්ට එරෙහිව පියවර ගන්නා බව එරට හමුදා ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් සංඛ්‍යාත කාම්බෝජ සංක්‍රමණිකයෝ තායිලන්තයෙන් පළා යමින් සිටිති.
දේශසීමා කපොලු වෙත පැමිණ සිටින බොහෝ කාම්බෝජ වැසියන්ට තායිලන්තයේ වැඩ කිරීම සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැති බවයි වාර්තා වන්නේ. අනවසර සංක්‍රමණිකයන් කාම්බෝජය වෙත රැගෙන යාමට බස්, ලොරි සහ දුම්රිය සිය ගණනක් යොදා ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය කියා සිටිති. හමුදා පාලනයක් පවතින තායිලන්තයේ රැඳී සිටීමෙන් තමන්ට අත් විය හැකි ඉරණම පිළිබඳ නො දන්නා බැවින් බොහෝ කාම්බෝජ වැසියන් සියරට බලා යන බවයි එම සංවිධානය පවසන්නේ.
යුද්ධය අවසන් වී දොළොස් වසක් ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයයන් අහිමි වූ පවුල් තවමත් ඉන් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහු පවසති.
යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ අය මෙන්ම එයට සෘජුවම සම්බන්ධ නොවූ අයද මේ අතර සිටින බව පෙනේ. යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා ද බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක. යුද ජයග්‍රහණය එක් පාර්ශවයක සතුටට හේතු වන අතරේ උතුරේත් දකුණේත් ඇතැම් පවුල්වලට එය අහිමි වීම පිළිබඳ කතාවකි. යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, තවත් පිරිසකට තම දුදරුවන් සඳහටම අහිමි වී ගොස් ඇති අතර, පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විණ. යුද්ධය, පුනුරුත්ථාපනය, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, යුද සැමරුම් මේ ආදි කාරණා යුද්ධය හා සම්බන්ධ ශබ්දකෝෂයේ නිතර කියැවෙන වදන්ය. යුද්ධය නිමා වී වසර දොළොහක් ගතවු අවස්ථාවේ වසර තිහක කුරිරු යුද්ධයෙන් තම දරුවන් අහිමිවූ මව්වරු සීය දහස් ගණනක් අදත් රටේ විවිධ ප්‍රදේශවල තම දරුවන් නොමැති කමින් දුක් වෙමින් ජිවත් වෙති. ශ්‍රියා ගජසිංහ, කිළිනොච්චි හිදී පැවති සටනකදී තම පුත්‍රයා මරුමුවට පත්වීම නිසා දුකට පත් තවත් එවැනි මාතාවකි. "දැන් මගේ පුතා නැතිවෙලා අවුරුදු විසි තුනක් වෙනවා, එයා රට වෙනුවෙන් එයාගේ යුතුකම ඉටුකලා. මේ කුරිරු යුද්ධය ඉවර වෙච්ච එක ලොකු දෙයක්. තවත් මිනිස්සු මැරෙන්නේ නෑ දැන්. එත් මට මගේ පුතා අහිමි උනා. හමුදාවෙන් අපිව බලාගන්නවා එත් මට මගේ පුතා නැතිවුන පාඩුව මකන්න බෑ. අපි කන හැම බත් කටක් ගානෙම මගේ පුතාව මතක් වෙනවා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග පැවසීය. ශ්‍රියා ගජසිංහ වැනිම දහස් ගණනක් මව්වරු හා බිරින්දෑවරුන් තම පුතා හෝ ස්වාමි පුරුෂයා අහිමිවීමේ වේදනාවෙන් දකුණේ මෙන්ම උතුරේ ද දැඩි ලෙස පීඩා විඳිමින් ජීවිත් වෙති. එමෙන්ම තුවාල ලබා පුනුරුත්ථාපනය ලැබූ විශාල සංඛ්‍යාවක් ද තම ජීවිතය ගොඩ නගා ගැනීමට දැඩි වීරියක් දරනු ලබයි. යුද්ධයට මුහුණ දී පුනුරුත්ථාපනය ලැබු හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් වන තිස් එක් හැවිරිදි සත්‍යනාදන් යශෝදරනි යුද්ධයෙන් බැට කෑ තවත් තරුණියකි. සත්‍යනාදන් යශෝදරනි ඇයගේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඇය යුද්ධයේ අවසන් කාලයේ එල්ටීටීඊ සංවිධානයට එකතු වු බවත් ඇය මෙන්ම උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක් අවසන් අදියරේදී එල්ටීටීඊ සංවිධානයට එකතුවු බවත් ඇතැමෙක් කැමැත්තෙන් එම සංවිධානයට බැදුණු අතර තවත් පිරිසක් බලහත්කාරයෙන් සංවිධානයට එකතු කරගනු ලැබුණු බවත්ය. සත්‍යනාදන් යශෝදරනි "මුලතිව් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වල තමයි අපි නිරතවෙලා හිටියේ. කෙහොමහරි ආමි එක 2009 අවුරුද්දේ මුලතිව් අල්ලාගත්තා. පූරුවේ වාසනාවකට මගේ ජීවිතයට කිසිම හානියක් යුද්ධයෙන් සිද්ධ වුණේ නෑ. මම යුද හමුදාවට භාර වුණාට පස්සේ අපිව පුනුරුත්ථාපනයට යොමු කරා. පුනුරුත්ථාපන කාලය නිමා වුණාට පස්සේ මම ගෙදර ආවා. "පුනුරුත්ථාපනය ඉවරවෙලා ගෙදර එනකොට අපේ ජීවිත ගොඩනඟන්න විවිධ උදවු උපකාර කරනවා කියලා නම් කිව්වා. ඒත් පිරිසකට ඒ උදවු උපකාර ලැබුණා. තවත් පිරිසකට ඒවා ලැබුණේ නෑ. මට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මහන මැෂිමක් දුන්නා. මම පුනුරුත්ථාපන කාලය තුළ මැහුම් පාඨමාලාවක් හැදෑරුවා. ඒක හින්දා තමයි මට මහන මැෂිමක් දුන්නේ," යැයි ඇය පැවසීය. "ඒත් අපේ ගම්වල ජීවත් වෙන්නේ එදාවේල කන්න ජීවිත අරගලයක යෙදෙන මිනිස්සු. එහෙම මිනිස්සුන්ට අපේ ගම්වල ඇඳුම් මහගන්න වත්කමක් නෑ. ඒ හින්දා මහන මැෂිම ගෙදර තියලා මම ගොවිතැන් කරනවා. මගේ මහත්තයා එක්ක එකතුවෙලා අපි දැනට ගෙදර වත්තේ රටකජු වවනවා. එළවළු වගා කරනවා." "දැනට අපි ජිවත්වෙන්නේ තහඩු පැල්පතක. අපිත් ආසයි උළු වහපු ගෙදරක ජීවත්වෙන්න. පුනුරුත්ථාපනය වුණ අයට නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වට අපිට තවම ස්ථිර ගෙයක් ලැබුණේ නෑ. පුනුරුත්ථාපනය වුණ බහුතර පිරිසකගේ ජීවිත තත්වය මේ විදිහට තමයි ගෙවෙන්නේ." පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලදී අතීතය අමතක කිරීමට උපදෙස් දුන් බව බොහෝ හිටපු සාමාජිකයෝ පවසති. එහෙත්, හමුදාව විසින් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම සහ හිටපු සාමාජිකයින් නිරන්තරයෙන් නිරීක්ෂණය හෝ ආවේක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම ඔවුන්ගේ අතීතය අමතක කිරීමට ඉඩ ලබා නොදෙන බව ඔවුහු පැවසූහ. යුද්ධය නිසා ශරීරයේ විවිධ අංග අහිමි වූවන්ද විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් අද ජීවත් වීමට බොහෝ සටනක නිරත වෙයි. වයස අවුරුදු 41 ක් වන රත්නම් ජීවාකරන් එල්ටීටීඊ සංවිධානයේ සිට සිය පාදයක් අහිමි කර ගත් තවත් එවැනි එක තැනැත්තෙක් පමණයි. යතුරුපැදිවලට භාවිතා කොට ඉවත දැමු ටයරකින් නෙළුම් මලේ හැඩයට කැපුමක් සිදුකොට මල් සිටුවීමට මල් පෝච්චි සකස් කරමින් සිටි රත්නම් ජීවාකරන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඔහුට හමුවන ඕනෑම වැඩක් කරන බවත් ඔහුට ස්ථිර රැකියාවක් නොමැති බවත්ය. පරණ ටයර්වලින් මල් පෝච්චි කැපීම, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර අලුත්වැඩියාව සහ තමන් සතු ශබ්ද විකාශන යන්ත්‍රයක් කුලියට ලබාදීම වැනි විවිධ දේ තම ජීවිකාව සරුකර ගැනීමට කරන බව ඔහු පවසයි. "මට අනෙක් අය වගේ කුඹුරු වගා කරන්න බෑ. යුද්දේ කාලයේ මගේ දකුණු කකුලට බෝම්බ කෑල්ලක් වැදුණා. මගේ දණහිසට තමයි බෝම්බ කෑල්ල වැදුණේ. දණිස් පොල්කට්ට කියන දණිස් ඇටය සම්පූර්ණයෙන්ම බෝම්බ කෑල්ලට කුඩුවෙලා ගියා. දැන් දණිස් කටුවක් නැති දකුණු කකුලක් මට තියනවා. යුද්ධය හින්දා මට ඉතුරුවුණේ පණ නැති කකුලක් විතරයි. ඒත් මම ජිවිතය අතහැරියේ නෑ. මගේ දරු පවුල රැක ගන්න මම මොනවා හරි කරන්න එපැයි. ඒ හින්දා මට අහුවෙන මොන මොනවා හරි දේවල් කරනවා." රත්නම් ජීවාකරන් "වෑල්ඩින් වැඩ කරනවා, ගෘහ උපකරණ අලුත්වැඩියා කරනවා, මල් පෝච්චි කපනවා, පින්තූර රාමු කරනවා වගේ වැඩ මම දන්නවා. ඒවා කරලා එදිනෙදා වියදම හොයා ගන්නවා. මට බර වැඩක් කරන්න බෑ. මගේ කකුල අහිමි වෙන්න කලින් අපි හොඳට කුඹුරු වැඩ කරලා ජිවත්වුණා. දැන් ඒවා සිහිනයක් විතරයි." යනුවෙන් රත්නම් ජීවාකරන් පැවසීය. "මම එල්ටීටීඊ සංවිධානයට බැඳුනේ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා. අවුරුද්දක් එකහාමාරක කාලයක් විතරයි මම සංවිධානයේ හිටියේ. යුද්දේ ඉවරවුණාට පස්සේ මම හමුදාවට භාරවෙලා පුනුරුත්ථාපනය ලැබුවා. පුනුරුත්ථාපනය නිමා කරලා ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් දැන් පොඩි වැඩ කරගෙන ජීවත් වෙනවා." "ස්ථිර ආදායම් මාර්ගයක් මට නෑ. අපේ ගෙදරට ළිඳක් නෑ. ළිඳක් කපා ගන්න සල්ලි නෑ. ළිඳක් තිබුණා නම් මගේ පවුලේ අය හරි වගා කරයි. ඒත් ඒවාට ලොකු මුදලක් එකවර ඕනේ. එහෙම එකවර මුදලක් වියදම් කරන්න අපිට සල්ලි නැති නිසා ළිඳක් කපාගන්න බලාපොරොත්තුවෙන් දැන් ජීවත් වෙනවා." "යුද්ධය නිසා අපිට අහිමි වූ දේ බොහෝයි. තියන අඩියක් ගානේ මගේ කකුලේ වේදනාව දැනෙනවා. ඒත් පවුලේ අය ගැන හිතලා මම ජීවත් වෙනවා." ඇතැම් අයට යුද්ධයෙන් ශරීරයේ අංගෝපාංග අහිමිවූ අතර ඇතැමෙකුට සිය මව, පියා හා දරුවන් සදහටම අහිමි කළහ. යුද්ධයේ අවසන් කාලයේ ඇතැම් පවුල් සම්පුර්ණයෙන්ම ජීවිතක්ෂයට පත්වු අතර, ඇතැම් පිරිසකගේ පවුල්වල මව, පියා හා දරුවන්ගෙන් කිහිපදෙනෙකු හෝ අයෙකු බැගින් ජීවිතක්ෂයට පත්විණ. ජීවිතක්ෂයට පත්නොවු ඇතැම් පිරිසක් යුද සමයේ අතුරුදහන් වූ අතර යුද්ධය නිමාවී වසර දොළහක් ගතවුවද අතුරුදහන්වූවන් පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති බවට අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති. යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයක ද නිරතව සිටිති. ඒ තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න දැනගැනීමටයි. "යුද්ධය කාලයේ හා යුද්ධයේ අවසන් දවස්වල අපේ දරුවෝ විශාල පිරිසක් අතුරුදහන් වුණා. දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු දොළොහක් ගතවෙලා තියනවා. අපේ දරුවන්ට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ. දරුවන්ට මොකද වුණේ කියලා රජය පාර්ශවයෙන් කිසිවක් කියන්නෙත් නෑ." යනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කාසිපිල්ලේ ජෙයවනිතා පැවසීය. කාසිපිල්ලේ ජෙයවනිතා "අතුරුදහන් වූ දරුවෝ නැවත අපිව බලන්න එයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපේ ගැටලුව ගැන කිසිවෙකුට දුකක් නෑ. ඒ දුක දන්නේ අපි විතරයි. අපි කියන්නේ අතුරුදහන්වෙලා ඉන්න අපේ දරුවෝ හොයලා දෙන්න කියලා විතරයි." සෑම රජයකටම විවිධ අවස්ථාවන් හිදී තම ගැටලුව ඉදිරිපත් කළත් තමන්ගේ අතුරුදහන්වූ දරුවන් ගැන මේ වන තෙක් කිසිම පිළිතුරක් නොලැබුණු බව ඇය පැවසීය. "යුද්ධය හින්දා උතුරු නැගෙනහිර විශාල පිරිසගේ ජීවිත නැතිවුණා. ඒ අයගේ ඥාතීන් දන්වා ඔවුන්ගේ ඥාතීන් මියගියා කියලා. ඒ හින්දා දැන් හිත හදාගෙන ඉන්නවා. ඒත් අපේ දරුවෝ අතුරුදහන් කියලා විතරයි අපි දන්නේ. දරුවා අද එයි හෙට එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන් මඟ බලාගෙන ඉන්නවා." "අපේ ලෙයින් උපන් දරුවා දවසක් දෙකක් දකින්නේ නැතිව ඉන්නකොට දෙමාපියන්ට මොන තරම් දුකක් දැනෙනවාද? දැන් අපි අවුරුදු 12 ක් ඒ වේදනාව විඳිනවා. අතුරුදහන්වූවන්ගේ ගැටලුවට ජාත්‍යන්තර මැදිහත්වීමක් මත සාධාරණ විසඳුමක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපි මැරෙන්න කලින් අපිට අපේ දරුවෝ දැක ගන්න ලැබුණොත් ඇති." යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයකද නිරතව සිටිති "ඇතැම් දෙමාපියෝ තමන්ගේ දරුවෝ ගැන හිතලා මැරිලා ගියා. ඔවුන්ට සැනසීමේ මැරෙන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ. දරුවෝ සොයා ගන්න බැරිවීම ගැන දුකින් තමයි එයාලා අවසන් හුස්ම හෙලුවේ. අපි වාගේ විශාල පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. අපේ දුක නිවෙන්න අපිට අපේ දරුවෝ හොයලා දෙන්න කියලා තමයි අපි හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ." මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිගා සත්ගුනනාදන් බිබිසී සිංහල සේවය සමග පැවසුවේ පසුගිය රජය සමයේ පශ්චාත් යුධ ක්‍රියාවලියේ සුළු හෝ ප්‍රගතියක් අත්කරගනිමින් තිබුනද එයද අතරමග නතර වූවා පමණක් නොව මේ වන විට එම ප්‍රගතිය ආපසු හරවා ඇති බවය. මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිගා සත්ගුනනාදන් "මා පවසන්නේ අතීතය සමඟ ගනුදෙනු කිරීමේදී අප සාර්ථක නොවූයේ යුද්ධය අවසන් වීමෙන් පසු එල්ටීටීඊය පරාජය කළ රජය, වහාම කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බවට පිළිගැනීමට අපොහොසත් වීමයි. එසේ ප්‍රතික්ෂේප කිරීම දිගටම කරගෙන ගියා විතරක් නෙමෙයි එල්එල්ආර්සීය විසින් කර තිබුණ හොඳ නිර්දේශ පවා ක්‍රියාත්මක කළේ නෑ." ඇය පැවසුවේ ඉන්පසුව බලයට පැමිණි "යහපාලන රජය" අතීතය සමඟ කටයුතු කිරීමට උත්සාහ කළ නමුත් බොහෝ හේතු නිසා එය සාර්ථක නොවූ බවත්, වත්මන් රජය යළිත් වරක් කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බව ප්‍රතික්ෂේප කර ඇති බවය. "අප ලබා ඇති කුඩා ප්‍රගතිය හෝ ආපස්සට හැරී ගොස් ඇති අතර එයට හේතුව ජනවාර්ගික ගැටුමේ මූලික හේතු පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. ජනවාර්ගික ගැටලුවක් පවා පවතින බව රජය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අතීතය සමඟ කටයුතු කිරීම කිසි විටෙකත් සිදු වේ යැයි විශ්වාස කරන්න බෑ. මොකද ඔබ ගැටලුවට හේතුව ප්‍රතික්ෂේප කරන විට, ගැටලුව සමඟ කටයුතු කරන්නේ කොහොමද?" ඇය තවදුරත් පැවසූවේ පසුගිය දා සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධයන හරහා, ලබා ගතව හැකිව තිබු යම් කිසි ප්‍රගතිය හෝ නැවත ආපසු හරවා ඇති බවය. එම සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් කොමිසම වැනි අනෙකුත් කොමිසම් සභාවන් හි ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතුවී ඇති බවය. 'මේ රට අපේ, අපි එකට ගමනක් යමු' යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය විශාකා ධර්මදාස බීබීසී සිංහල සේවය සමග පැවසුවේ දරුවකු අතුරුදහන් වීම ලෙහෙසි පහසු දෙයක් නොවන බවත් එම වේදනාවෙන් එලියට ඒම ඉතාමත් අසීරු බවත් තමා වසර විස්සකට වැඩි කාලයක් තම පුතාට කුමක් සිදුවී දැයි විමසිල්ලෙන් සිටින බවත්ය. "ප්‍රධානම දේ තමයි නැවත යුද්ධයක් ඇති නොවන්නට විශේෂයෙන්ම රටේ දේශපාලකයන් හා ජනතාව වග බලාගන්න ඕන. දේශපාලකයෝ, මිනිස්සු අවුස්සලා ඒගොල්ලන්ගේ ළමයින්ව පරිස්සම් කර ගනී. එත් මිනිස්සු තේරුම් ගන්න ඕන, අවාසනාවට වගකීමක් දරන්නැති දේශපාලකයෝ තමයි ඉන්නේ ලංකාවේ. ඒ ගොල්ලෝ අපිව උසිගන්වලා ඒගොලන්ගේ දරුවෝ පරිස්සම් කරගනී. දැන් බලන්න කොවිඩ් එන්නත්කරණය හොදම උදාහරණය. කාටද එන්නත දෙන්නේ? කිසිම පිළිවෙලක් නෑ," යනුවෙන් ඇය පැවසීය. "ඉතින් එහෙම වගකීමක් අරගන්න බැරි දේශපාලකයෝ ඉන්න රටක ජනතාවක් හැටියට අපි අනිවාර්යයෙන්ම මොලේ පාවිච්චි කරන්න ඕන. මොකද වේදනාව දුක අවසානයේ තියෙන්නේ අපිට පමණයි. සිංහල හෝ වේවා දමිල හෝ වේවා මුස්ලිම් හෝ වේවා වෙනත් ජාතියක් හෝ වේවා මේ රටේ පුරවැසියන් හැටියට අපි 'මේ රට අපේ, අපි එකට ගමනක් යමු' කියන පණිවිඩය තමයි සියලු දෙනාටම දෙන්න ඕන." ආණ්ඩුවේ ප්‍රතිචාරය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවය සමග පැවසුවේ "මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පුද්ගලයින්" හට තම රජය පෙරලා දැමීමේ උවමනාවක් ඇති බවත් රජය විසින් උතුරු නැගෙනහිර පළාත්වල සිදුකල විශාල සංවර්ධය ඔවුන් නොදකින බවත්ය. "මේ යට දේශපාලන උවමනාවල් තියෙනවා. අපි මුකුත් කලේ නෑ කියන ඒ යට කියන්න පුලුවන්ද යහපාලන රජය මොකද කලේ කියලා? ඇයි යහපාලනය කාලයේ ඒ අය කටවහගෙන හිටියේ? මේ අයට ඕන අපේ ආණ්ඩුව වට්ටන්න." "අපේ රජය තමයි ඉතාමත් කෙටි කාලයක් තුලදී ලක්ෂ තුනකට වැඩි සමාන්‍ය ජනතාව නැවත පදිංචි කළේ. අපි 12,000 ක්, අන්තවාදී අදහස්වල එළඹ සිටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර සමාජගත කළා. LLRC වාර්තාව අරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. විශාල සංවර්ධනයක් උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වීමෙන් පස්සේ කලේ අපේ රජය. ඒකේ ප්‍රතිඵල අද බුක්ති විඳින්නේ එහෙ ඉන්න ජනතාව. මේ අය ඒවා මුකුත් දකින්නේ නෑ. මේ අයට දේශපාලන අරමුණු තියෙනවා," යනුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. මේ ගැනත් කියවන්න:
වසර 23කට පසු උතුරත් දකුණත් සම්බන්ධ කරමින් යාල් දේවී දුම්රිය අද කිලිනොච්චිය බලා ධාවනය විය.
උතුරු දුම්රිය සේවය අද ආරම්භ වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය සේවය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතා ප්‍රශ්ණ විසඳීම සඳහා මැජික් ක්‍රමයක් නොමැති බවයි. ‘තොප්පියෙන් හාවෙක් ගන්නවා, හාවාගෙන් ගෑණු ළමයෙක් ගන්නවා, ... මම ගෝගියා පාෂා නෙමෙයි.’ ජනාධිපතිවරයා පැවසීය. එහෙත් දකුණේ මෙන් උතුරේ වැසියන්ට සමාන අයිතීන් ලබා දීම සඳහා ණය ලබා ගෙන හෝ රජයේ යුතුකම් ඉටු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති වීමට හේතු වූ, පස් හැවිරිදි ළාබාල දැරිය දූෂණය කරනු ලැබීමේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මකව ඇති ආකාරය මුල්කර ගෙන, පදවියෙන් ඉවත්ව යන මෙන් ඉදිරිපත් වෙමින් ඇති ඉල්ලීම්, දිල්ලි අගනුවර භාර පොලිස් ප්‍රධානී,නීරාජ් කුමාර් (Neeraj Kumar) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර එම දූෂණය ,කුරිරු මානසිකත්වයෙන් යුතුව සිදු කෙරුණ අපරාධයකැයි කියාසිටි පොලිස් ප්‍රධානියා,තමා පදවියෙන් ඉල්ලා අස්වීම මගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි කියා සිටියේ. දූෂණය කෙරුණ දැරියගේ දෙමව්පියන් ඒ ගැන කතා නොකර නිහඬව තැබීම සඳහා ,පොලිස් නිලධාරියකු විසින් ඔවුන්ට අල්ලසක් දෙනු ලැබ ඇති බවට ඉදිරිපත් වෙමින් ඇති ප්‍රකාශ සම්බන්ධයෙන්, තමා පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවයි, පොලිස් ප්‍රධානී නීරාජ් කුමාර් (Neeraj Kumar) පවසන්නේ. පොලිසිය ක්‍රියාකළ ආකාරය එම ළමා දූෂණයට හවුල්ව ඇතැයි සැකපිට පොලිසිය තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවේදනය කෙරිණ. මේ ළමා දූෂණ අපචාරයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරයට එරෙහිව, සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබුන බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. සඳුදාත් ,විරෝධතා ව්‍යාපාර දියත් වනු ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ, දිල්ලි අගනුවර උමං දුම්රිය පොළවල් රැසක් වසා දමනු ලැබ තිබුණි .
සිකුරාදා දින සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කොට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිටිසේනගේ අනුමැතියෙන් ඉදිරිපත්කළ එකක් නිසා එය සම්මත කරගැනීමේ කිසිදු බාධාවක් ඇති නොවන බව තම පක්ෂයේ බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාතික හෙළ උරුමය පවසන ආකරයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව පැවසූ අකිල විරාජ් කාරියවසම් ආමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූ පසු මැතිවරණයට යාම ස්ථිර බවයි කියා සිටියේ. " ව්‍යවස්ථා කුමන්ත්‍රණ වලින් බලය ලබාගන්න අපිට ඕනේ නැහැ, අපි ලගදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ අවශ්‍ය බහුතර බලය ලබාගන්නවා, පාර්ලිමේන්තුව විසුරුවාලිය හැකි පුද්ගලයන්ගෙන් ඒ සදහා අපිට එකගතාවයක් නිමිව තිබෙනවා" යනුවෙන් පැවසීය. මෙම පාර්ලිමේන්තුවෙන් සංශෝධනය සදහා අවශ්‍ය සහයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි පාර්ලිම්න්තුවේදී ඒ අවශ්‍ය සංශෝධන ඉටුකිරීම සදහා ජනවරමක් ලබාගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ.
කොළඹ, මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා බවට හඳුනා ගෙන 2021 මාර්තු 09 වැනිදාට වසරක් සම්පුර්ණ වේ. එම රෝගය වැළදුණු පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම නිසා, පසු කාලීනව වාර්තා වූ COVID -19 රෝගීන්ට වඩා සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට සිදු විය.
''මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' ඒ ගැන ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයේදී සඳහන් කළේ වසරක කාලය තුළ, COVID -19 රෝගය ගැන ජන සමාජය දක්වන ආකල්පය 'අහසට පොළව මෙන් වෙනස් වී' ඇති බවය. ''මට කොරෝනා හැදෙන කාලේ කොරෝනා රෝගියෙක් ඉන්නව නම් ජනේලයක්වත් අරින්නෙ නැතුව, හුස්ම ගන්නත් බයේ මිනිස්සු ජීවත් වුණේ. අද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ජන සමාජය මේක ගණන් ගන්නේ නෑ.'' යනුවෙන් ජයන්ත රණසිංහ කියා සිටියේය. ''පෙත්සම් ගහපු බොහෝ දෙනා ඥාතීන්'' 2020 මාර්තු 03 වැනිදා ඉතාලි සංචාරකයන් සිවුදෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර ඔහුට රෝග ලක්ෂණ මතුවී තිබුණි. සංචාරය අතරතුර ප්‍රතිකාර ගෙන තිබුණ ද සුව නොවීම නිසා පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයට ඇතුළත් වීමෙන් අනතුරුව ජයන්ත රණසිංහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 09 වැනිදා තහවුරු විය. ''මට ලොකු මිසී ඇවිත් කිවුවම හිතාගන්න බැරි වුණා. මම බිරිඳට කතා කරලා කිව්වා මැරුණත් ගෙදරට ගන්න එපා කියලා. මට පුතයි දුවයි දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො කොහොමද ඉදිරියේදී ජීවත් වෙන්න ඕනා කියලත් මම එදා බිරිඳට උපදෙස් දුන්නා.'' යනුවෙන් ඉතා හැඟුම්බරව ජයන්ත අතීතය සිහිපත් කළේය. ඔහුට COVID -19 රෝගය වැළඳී ඇති බව ප්‍රසිද්ධවීමත් සමග බිරිඳ හා දරු දෙදෙනා කෙරෙහි ද සමාජයේ දැඩි අවධානයක් යොමු විය. එහෙත් ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව පසුව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ. ''මට කොරෝනා හැදිලා රෝහලේ ඉන්නකොට නහය වහගෙන තමයි මිනිස්සු අපේ ගේ ළඟ තාප්පේ පහු කරගෙන දුවලා තිබුණේ. අසල්වාසීන් දහනව දෙනෙක් MOH මහත්තයට පෙත්සමක් ගහලා තිබුණා. ඒකෙ හුඟක් හිටියෙ මගේ ඥාති වෙන අයයි. සමහරු උත්සහ කළේ අපිව මෙහෙන් යවන්න.'' යනුවෙන් ඔහු පැවසුවේය. එමෙන්ම ඇතැමුන් විරෝධතා සංවිධාන කිරීමට සුදානම් වුව ද ආරක්ෂක අංශවල මැදිහත්වීම මත ඒවා ව්‍යර්ථවී තිබුණි. කොරෝනා වෛරසය ; ශ්‍රී ලාංකාවේ පළමු රෝගියා COVID 19 නිසා මිනිසුන් ගැන උගත් පාඩම් ''හාර්ඩ්වෙයාර් එකට යනකොට දොර වැහුවා. ගෙදරට යාළුවෝ එන්නෙත් නෑ.'' කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු 2020 මාර්තු 22 වන සඳුදා පස්වරුවේ යළි නිවසට පැමිණියේය. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඔහු නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධායනයට ලක්වී තිබුණි. ඉන් පසුව ද ටික දිනක් නිවසේම රැදී සිටීමෙන් පසු ජයන්ත යළි සිය දෛනික කටයුතු ආරම්භ කිරීමට උත්සහ කළ ද අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. ''මම බොහොම ළඟින් ඇසුරු කරපු කට්ටිය කෝල් එකක්වත් නොදී හිටියා. ඒ කියන්නේ ටෙලිෆොන් එක දිගේවත් කොරෝනා එයි කියලා බයට. මම බයිසිකලේ යන වෙලාවට ළඟින්ම හිටපු යාලුවෝ දැක්කම නතර කරනවා. එතකොට ඒ අය අඩි දෙකක් පස්සට ගිහිල්ලා තමයි කතා කරන්නේ. ඒ තරම් බයක් තිබුණා. මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' යනුවෙන් ජයන්ත සිය අත්දැකීම් විස්තර කළේය. එම කාලය තුළ දරු දෙදෙනා නිවසටම වී කාලය ගත කර තිබුණි. එබැවින් ජයන්ත සහ බිරිඳ පමණක් අත්‍යවශ්‍ය කරුණකට නිවසින් බැහැරව ගොස් තිබේ. ''දවසක් මගේ නෝනා ෆාමසියට ගියා බෙහෙත් ගේන්න. ෆාමසියේ අය අපිව දන්නා නිසා තුණ්ඩුව දීලා යන්න, මම බෙහෙත් ලෑස්ති කරලා තියන්නම්. ඇඳිරි නීතිය දාන්න කලින් ඇවිත් බෙහෙත් ටික ගෙනියන්න කියලා. ඒ පොඩි වෙලාවට එතන හිටපු අය පොලීසියට, PHI මහත්තයට සහ ග්‍රාමසේවක මහත්තයට කෝල් කරලා කියලා අපි කොරෝනා බෝ කරමින් යනවා කියලා.'' යනුවෙන් කියා සිටියේය. ඔහු විස්තර කළ ආකාරයට ගෙවුණු මාස 11ක කාලය තුළ ඥාතීන් සහ හිත මිතුරන් නිවසට පැමිණීම සම්පුර්ණයෙන්ම පාහේ නතරවී ඇත. අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් අසල්වැසියන් කිහිපදෙනෙකු පැමිණ තිබේ. ''මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.'' ජයන්ත වෘත්තියෙන් සංචාරක මග පෙන්වන්නෙකි. COVID-19 රෝගය පැතිරීමත් සමග සංචාරක කර්මාන්තය ද අඩාල වී තිබේ. එබැවින් සිය අදායම් මාර්ගය අහිමිවීම නිසා තමන් සතුව තිබූ වාහනයක් අලෙවි කිරීමට සිදුවූ බව ජයන්ත සඳහන් කළේය. ''මට සුළු උපකාර කීපයක් නම් ලැබුණා. මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.'' යනුවෙන් ඔහු පැවසුවේය. ජයන්ත රණසිංහ පවසන ආකාරයට COVID 19 රෝගය නිසා ඔහුට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. 'හොඳ මිනිසුන්' හමුවීම රෝගී වූ පසු ඇතැම් ළඟම මිතුරන් හා ඥාතීන් හැර ගිය ද ඔහු අපේක්ෂා නොකළ පුද්ගලයන් උපකාර කිරීම සඳහා ඉදිරිපත්වී තිබුණි. නිවාස අසල පදිංචි දෙදෙනෙකු රෝහලට පැමිණ ඔහුට අවශ්‍ය දෑ ගෙනවිත් දුන් අවස්ථාවක් ජයන්ත සිහිපත් කළේය. එමෙන්ම ඔහු කොළඹ, IDH රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩල ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. තමන්ට ආහාර ගැනීමට නොහැකි අවස්ථාවල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය සිය නිවෙස් වලින් කැඳ වර්ග හා අනෙකුත් ආහාර රැගෙනවිත් තමන්ට දුන් බව ඔහු මීට පෙර බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක දී කියා සිටියේය. මේ ගැනත් කියවන්න:
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහායි. ඉහත කී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍යවරයා මාස 6 ක කාලයක් සිදු කළ පරීක්ෂණවලින් සනාථ වූ කරුණු මත පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව සඳහන් කළේය. මේ අතර සිය පුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෙවැනි කටයුතු තුළින් තව තවත් පන්නරය ලබා ඉදිරියට ගමන් කරන බවයි. හිටපු ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.
හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි.
''ශිරන්තිට එරෙහිව පරීක්ෂණ අවසන් වෙලා තිබියදීත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මහින්ද රනිල් ඩීල් එක නිසයි,'' ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර 'ඩීල් එකක්' පවතින බවට ඇතැමුන් චෝදනා කළත් සත්‍ය වශයෙන්ම එවැනි සම්මුතියක් පවතින්නේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු ජනපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව පවතින පරීක්ෂණ යටපත් කිරීමත් 'මහින්ද රනිල් රහස් ගිවිසුමේ' කොටසක් බව ජවිපෙ නායකයා සඳහන් කළේ කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඇතුළු රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන් සමඟ රහස් ගිවිසුමක් පවතින බවට ජවිපෙ එල්ල කරන චෝදනාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරයි. ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම සහ ගමන් බලපත්‍ර එකකට වඩා ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සහ අගමැතිවරයා අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවටත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
යුද හමුදා ඇඳුමින් සැරසුන හඳුනා නොගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් , යුක්‍රේනයේ, ‘ස්ලවියාන්ස්ක්’ නගරයේ නැගෙනහිර කලාපයේ පිහිටි පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අල්ලා ගන්නා ලද බවක් වාර්තා වෙයි.
එම කලාපයේ පොලිස් ප්‍රකාශක ඉහර් දියෝමින් පවසන්නේ, දැඩි ලෙස සන්නද්ධව පැමිණි විස්සක පමණ කණ්ඩායමක් කඳුළු ගෑස් ගසමින් ගොඩනැගිල්ල අල්ලා ගත් බවයි. මේ අතර ෆේස් බුක් වෙබ් අඩවිය මගින් පණිවුඩයක් යවන යුක්‍රේන් අගමැති ආර්සෙන් අෆ්කොෆ්, එම ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි කියා සිටින්නේ. තුන් දහසක පා ගමන ‘දනියෙෂ්'(Donetsk) නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිලි අල්ලා ගෙන සිටින රුසියාවට හිතවත් කණ්ඩායම් වල ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ‘ස්ලවියාන්ස්ක්’නගරයේ පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අල්ලා ගන්නා ලද්දේ ප්‍රදේශවාසීන් විසින් වන බවයි. ‘දනියෙෂ්'(Donetsk) නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ගෙන එමින්,තුන් දහසකට අධික ජනතාව පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දෙසට පෙළපාලියෙන් ගමන් ගනිමින් සිටි බව සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය අභාවකාශගාමී ටීම් පීක් විසින් ජාත්‍යන්තර අභ්‍යාවකාශයේ සිට පටිගත කළ මනස්කාන්ත උත්තරාලෝක ධාරාවන් අඩංගු වීඩියෝවක් එවනු ලැබ තිබේ.
සෑම තත්පරයක දීම එකදිගට ලබාගත් ඡයාරූප රාශියක් එකට අමුණා විසිපස් වාරයක් වේගවත් ව මෙම වීඩියෝව සකස් කර තිබේ. අභාවකාශගාමී ටීම් පීක් "උත්තරාලෝකය අභ්‍යවකාශ මධ්‍යත්නයේ සිට දිස්වන අයුරු, කෙලවරේ දිස්වන චනද්‍රිකා යානා දෙක දුටුවාද?" යනුවෙන් ලියා මෙම වීඩියෝව බෙදාහැර තිබිණි. කොළ පැහැයට හුරු නිල් පැහැයෙන් යුත් උත්තරාලෝකය ඇතිවන්නේ හිරුගෙන් ගිලිහෙන කුඩා අංශු කොටස් පෘතුවියේ වායුගෝලය වෙත මිශ්‍ර වූ විටයි උත්තරාලෝකය සුර්ය උදාවට ඉහලින් පෙනෙන්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවි කක්ෂය වටා යන ආකාරය අනුවයි. එය සඳ නැගීම හෝ හිරු උදාවට සමාන වන නමුත් උත්තරාලෝකය පෘතුවියේ සිට දැකීම අසීරුය. මෙම වීඩියෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනයෙනි
ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ 1987දී ය. ඒ, දෙමළ කොටි සටන්කරුවන් සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිස ගත් සටන් විරාමය බිඳෙන්නට නොදී පවත්වාගෙන යාම සඳහා අතරමැදියන් ලෙස කටයුතු කිරීම සඳහාය. නමුත් එය කුරිරු යුද්ධයක් බවට පෙරැළුණි. මානව හිමිකම් උල්ලංඝනය වූ බවට චෝදනා එල්ල විය. ඉන්දීය සාම සාධක හමුදාව සමඟ 1987 දී ශ්‍රී ලංකාවට ගොඩබට මේජර් ජෙනරාල් ශියෝනන් සිං දැන් විශ්‍රාමික ය. තිස් වසරකට පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. උතුරුකරයේ සංචාරය කරන අතරතුර බීබීසී හින්දි සේවයේ විනීත් ඛාරේ සමඟ ඔහු මතකය අවදි කළේය.
ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණියේ එල්ටීටීඊය නිරායුධ කර සාමය ස්ථාපනය කිරීමට ය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි "පලාතම වෙනස් වෙලා" "මම කවදාවත් හිතුවේ නැහැ ආපහු ලංකාවට ඒවි කියල." පලාලි ගුවන් හමුදා කඳවුර පුරා පවතින හරිත කලාපයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට දෙනෙත් යොමු කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං දොඩමළු විය. ශ්‍රී ලංකා යුද හමුදා සොල්දාදුවෝ මදක් ඈතින් සිට අප දෙස බලා සිටිති. "පලාතම වෙනස් වෙලා. අලුත් ගේට්ටු. ආරක්‍ෂිත දඟර කම්බි. අලුත් ඉදිකිරීම් ඇවිල්ල." ඈතින් පෙනෙන වැට හරහා ඔහුගේ දෙනෙත යොමු වී තිබුණේ ගුවන් යානයකින් තමන් ඇතුළු සිය ගණනක් ඉන්දීය භටයන් බිමටබට ස්ථානයටයි. ඒ 1987දී ය. ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණියේ එල්ටීටීඊය නිරායුධ කර සාමය ස්ථාපනය කිරීමට ය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි. තම හමුදාව ඉදිරියේදී මුහුණ දීමට යන අනතුර පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත සාම සාධක හමුදාව සමඟ එල්ටීටීඊය සටනකට අවතීර්ණ විය. සාම සාධක හමුදාවේ භටයන් 1200කට ජීවිත අහිමි විය. ජීවිත අහිමි වූ ඉන්දීය භටයන් සිහි කිරීම සඳහා ඉදි වූ ස්මාරකයක් පලාලි කඳවුරේ පවතී. ගැටුම් සහිත ඒ දෙතිස් මාසය පුරාම මේජර් ජෙනරාල් ශියෝනන් සිං ද මේ භූමියේ මෙහෙයුම් දියත් කළේය. "අපි ගොඩ බැහැපු ගමන් ලංකාවේ හමුදා භටයෝ අවි බිම තිබ්බ. ඔවුන් හිතුවේ අපි පහර දීමට පැමිණියා කියල. අපි ඔවුන්ට අතට අත දීල කිව්වා අපි ආවේ සාම මෙහෙයුමකට කියල," මේජර් ජෙනරාල් සිං අතීතය සිහිපත් කළේය. තම හමුදාව ඉදිරියේදී මුහුණ දීමට යන අනතුර පිළිබඳව ශ්‍රී ලංකාවේ භූමියට ගොඩ බැසීමට පෙර කිසිදු දැනුවත් කිරීමක් තමන්ට නොලැබුණු බවත් භූ සිතියමක් හෝ බුද්ධි තොරතුරු සේවාවක් තමන් සතුව නොපැවතුණු බවත් ඔහු පැවසීය. "ගැළවුම්කාරයා" "සාම සාධක හමුදාව ආවම ලංකාවේ දෙමළ ප්‍රජාව හිතුවේ ඔවුන් අපේ ගැළවුම්කාරයා කියල" -එන් පරමේස්වරන් එන් පරමේස්වරන් එවකට (1987 දී) සරසවි සිසුවෙකි. "සාම සාධක හමුදාව ආවම ලංකාවේ දෙමළ ප්‍රජාව හිතුවේ ඔවුන් අපේ ගැළවුම්කාරයා කියල. ඔවුන් සාදරයෙන් පිළිගත්තා. දෙමළ මිනිස්සුන්ට දැනුනේ ඔවුන් ශ්‍රී ලංකා හමුදාවෙන් නිදහස් වුනා වගේ." පරමේස්වරන් ප්‍රකාශ කළේය. සිංහල බහුතරයෙන් කොන්වී සුළුතර දෙමළ ප්‍රජාවට දැනුණේ තමන් සිංහල බහුතරයෙන් කොන්වී ඇති බවකි. රාජ්‍ය භාෂාව සිංහල පමණක් කරමින් පනතක් සම්මත වීම රාජ්‍ය සේවයේ නියුතු දෙමළ ජාතිකයන්ට සහ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් විය. එමෙන්ම දෙමළ ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ද දියත් විය. 1983 දී දියත් වූ ප්‍රහාරයන්ට ගොදුරු වීමෙන් 3000ක් පමණ දෙමළ ජාතිකයන් මරණයට පත්විය. ජීවිත අහිමි වූ ඉන්දීය භටයන් සිහි කිරීම සඳහා ඉදි වූ ස්මාරකයක් පලාලි කඳවුරේ පවතී. විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං, මියගිය සගයන්ට සිය ගෞරවය පුද කරමින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය දියත්වෙමින් පවතිද්දී ඉන්දියාවේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් වූ දෙමළ ජනතාව එල්ටීටීඊය දෙස බැලුවේ අනුකම්පා සහගත හැඟීමකිනි. ලංකා භූමියට ඉන්දීය භටයන් රැගෙන ඒම සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනපති ජේ ආර් ජයවර්ධන අතර ගිවිසුමක් ඇතිවීමට එම වාතාවරණය පසුබිම් විය. ශ්‍රී ලංකාවේ ඇතැම් මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් එම ගිවිසුම පිළිබඳව සතුටු වුයේ නැත. ඔවුන් එය දුටුවේ බලවත් රාජ්‍යයක් අසල්වැසි කුඩා රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් ලෙසිනි. සාප්පු සවාරි කෙසේ නමුත් සාම සාධක හමුදාව ලංකාවේ උතුරුකරයේ ස්ථාපනය වීමත් සමඟ ශ්‍රී ලංකා හමුදාව ටිකෙන් ටික එම පලාතෙන් ඉවත් වෙන්නට පටන් ගත්හ. ඉන්දීය හමුදා භටයන් සිතුවේ තමන්ගේ සාම මෙහෙයුම දෙමළ ජනතාවට සහනයක් වනු ඇති බවය. යුද වැදීමට ඔවුන් සිතුවේ නැත. ඉන්දීය භටයන්ගේ සාප්පු සවාරි පිළිබඳව අසන්නට ලැබුණු කතා එමටය. ඉන්දියාවේ දී ඔවුනට මිලදී ගත නොහැකි ඉලෙක්ට්‍රොනික උපකරණ කෙරෙහි ඔවුහු වැඩි කැමැත්තක් දැක්වූහ. "ඔවුන් අපේ කඳවුරු තුළට නිතර ආව ගියා. ඒ අය අපේ කඳවුරු තුළ පවතින සැලැස්ම හොඳින් දැනගත්ත. අපට පහර දෙන කොට ඒ දැනුම ඔවුන්ට විශාල පිටුවහලක් වුනා" "අපේ හමුදා බල ඇණි බොහොමයක් මෙහෙට ආවේ පතුරම් නොමැතිව. සාම මෙහෙයුමකට ඒවා ඕන වෙන එකක් නැහැ කියල හැමෝම හිතුවේ," ශියෝනන් සිං පැවසීය. මුලදී සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර යහපත් සබඳතාවක් පැවතුණි. වසර ගණනාවක පටන් ඉන්දියාව එල්ටීටීඊ භටයන් පුහුණු කළේය. "එල්ටීටීඊය අපට හිනා වෙයි" "ඔවුන් බොහොමයක් දෙනා අපේ නියෝජිත ආයතන මගින් පුහුණුව ලැබූ අය නිසා අපව හොඳින් අඳුනනවා. ඒ නිසා ඔවුන් අපේ කඳවුරු තුළට නිතර ආව ගියා. ඒ අය අපේ කඳවුරු තුළ පවතින සැලැස්ම හොඳින් දැනගත්ත. අපට පහර දෙන කොට ඒ දැනුම ඔවුන්ට විශාල පිටුවහලක් වුනා." ශියෝනන් කියා සිටියේය. ඒ වනවිට පැවති නවීන අවි සහ සන්නිවේදන උපකරණ එල්ටීටීඊ ය සතුව පැවතුණි. "ඔවුන්ගේ අවි ආයුධ අපේ ඒවාට වඩා ඉතාම නවීනයි. අපි අපේ ආයුධ ඔවුන්ට නොපෙනෙන්න සඟවා තබන්න වග බලා ගත්ත. නැත්නම් ඔවුන් අපට හිනා වෙයි. අපේ රේඩියෝ පණිවිඩ යන්ත්‍රවල දුර පරාසය කිලෝ මීටර 10යි 15යි. එල්ටීටීඊ යේ ඒවා කිලෝ මීටර 40ක් 45ක් දුරට වැඩ කරනවා." ශියෝනන් කීවේය. "අපේ හමුදා බල ඇණි බොහොමයක් මෙහෙට ආවේ පතුරම් නොමැතිව. සාම මෙහෙයුමකට ඒවා ඕන වෙන එකක් නැහැ කියල හැමෝම හිතුවේ" කෙසේ හෝ ප්‍රශ්න මතුවෙන්නට පටන් ගෙන ඇත්තේ එල්ටීටීඊය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කළ මොහොතේ පටන් ය. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය සාම සාධක හමුදාව එල්ටීටීඊයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් කරා ටිකෙන් ටික තල්ලු විය. 1987 ඔක්තෝම්බර් මාසය වන විට, එල්ටීටීඊ යේ බලකොටුව වූ යාපනය අල්ලා ගැනීම සඳහා ඉන්දීය සාමසාධක හමුදාව මෙහෙයුමක් දියත් කළේය. තුන් පැත්තකින් වෙඩි මෙහෙයුම ආරම්භවීමට නියමිතව තිබුණේ යාපනේ විශ්වවිද්‍යාල භූමියෙනි. ඉන්දීය හමුදාව තම කඳවුර මායිමේ වූ වන ලැහැබ එළිපෙහෙළි කරන්නට පටන් ගත්හ. අද එම භූමියේ නව ඉදිකිරීම් කිහිපයක් පවතී. "අවුරුදු තිහකට ඉස්සර මේක මූකලානක්. එදා තිබුණු පඳුරු, ගහකොළ ඔක්කොම අද නැහැ." වට පිට බලමින් ශියෝනන් කීවේය. මෙහෙයුම ආරම්භවීමට නියමිතව තිබුණේ යාපනේ විශ්වවිද්‍යාල භූමියෙනි කෙසේ නමුත් ඉන්දීය භටයන්ගේ සැලැස්ම ගැන එල්ටීටීඊයට කල්තියා තොරතුරු ලැබුණි. ඉන්දීය භටයන් මෙහෙයුම ආරම්භ කිරීමට පෙර එල්ටීටීඊය පලාලි කඳවුර තුන් පැත්තකින් වටලා පහර දෙන්නට පටන් ගත්හ. "අර පේන වතුර ටැංකියට එහා තියෙන බිල්ඩිම පැත්තෙන් අපිට වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා." ශියෝනන් පැවසුවේ ඒ දෙසට ඇඟිල්ල දිගු කරමිනි. ඉන්දීය භටයන් ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ එල්ටීටීඊයේ ප්‍රහාරය තවත් දරුණු විය. මේජර් ජෙනරාල් ශියෝනන් සිං, සිය භට පිරිවර සමඟ අවට තිබූ මංමාවත් වෙත දිව ගියේය. ඔවුහු අසල්වාසී නිවෙස් තුළට කඩා වැදුනි. නිවෙස් තුළ සිටියවුන් කාමරයකට දමා දොරගුළු ලා ඉන්දීය භටයෝ එම නිවෙස් තුළ ස්ථානගත වුහ. "කකුල් දෙක වෙන්වුනා" පැය 24ක් පුරා සටන පැවතුණි. ඉන්දීය සාම සාධක හමුදාවට සොල්දාදුවන් 36ක් අහිමි විය. "මුලින්ම වෙඩි වැදිලා මරණයට පත්වුණු මගේ සොල්දාදුවා තමයි ලක්ෂ්මි චාන්ද්. ඒ වෙලාවේ ලංකාවේ හමුදාව හෙලිකොප්ටර්වලින් ඇවිත් වෙඩි තියල අපට සහයෝගය දුන්න. ඒත් අපි ස්ථානගත වුණු එක් නිවසක් මතට එක පාරටම බෝම්බයක් වැටුන. ඒ බෝම්බෙන් උමේෂ් පාන්ඩේ මැරුණා." ශියෝනන් සිං අතීතය සිහිපත් කරමින් කියා සිටියේ එම බෝම්බය පතිත වූ ස්ථානය නිශ්චිතව පෙන්නුම් කරමිනි. "අවුරුදු තිහකට ඉස්සර මේක මූකලානක්. එදා තිබුණු පඳුරු, ගහකොළ ඔක්කොම අද නැහැ" "ගංගාරාම්ගේ කකුල් දෙක වෙන් වුනා. ලේ ගලලා වැඩිවෙලා එතනම මියගියා." ඔහු පැවසීය. වෙඩි වැදී සිදුරු වුණු ගේට්ටුවක් තවමත් එහි දක්නට ඇත. ඒ සටනේ බිහිසුණු බව එහි සටහන්ව තිබේ. යාපනේ ප්‍රදේශය අවට අපි සංචාරය කළෙමු. ඒ සෑම තැනකම පාහේ සිදු වූ යමක් විස්තර කිරීමට හැකි තරමට ශියෝනන්ගේ මතකය තවමත් අලුත් ය. යාපනේ අද තත්වය ඔහු තම කැමරාවට හසුකර ගත්තේ එදා ඔහු සමඟ මේ භූමියේ සටන් කළ සගයන්ට පෙන්වීමට ය. "මෙන්න මේවා ගැනයි අවුරුදු තිහකට කලින් අපට හිතන්න තිබුණේ." ඔහු මුමුනමින් තවත් ඡායාරූපයක් සටහන් කර ගත්තේය. ස්ත්‍රී දූෂණ කෙසේ නමුත් ඉන්දීය සාම සාධක හමුදාවේ ආගමනය පිළිබඳව අඳුරු පැතිකඩක් ද වෙයි. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ දී ස්ත්‍රී දූෂණ, වධ හිංසා පැමිණවීම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට බරපතළ චෝදනා එල්ල විය. ඔහු සමඟ එවකට සේවය කරමින් සිටි තම සමීපතයන් ගැන සිහිපත් කරද්දී දේවේන්ද්‍රම්ගේ නෙතගින් කඳුළු රූටන්නට විය 1987 ඔක්තෝම්බර් 21 වැනිදා සිදු වූ කුරිරු සිද්ධියක් ප්‍රදේශවාසීහු විස්තර කළහ. දෙමළ සමාජ ක්‍රියාධරයෙකු කියා සිටියේ, එදින එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ඉන්දීය හමුදා භට පිරිසකට, යාපනේ රෝහල තුළ සිට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද බවය. මෙය ප්‍රතිප්‍රහාරයක් ඇතිකර ගැනීම සඳහා උපාය මාර්ගයක් ලෙස සාමාන්‍යයෙන් සිදුකෙරෙන පහර දීමක් බව ඔහු පවසයි. මෙවැනි ප්‍රහාරයකින් අනතුරුව සාමාන්‍ය ජනතාව අතරට මිශ්‍ර වන එල්ටීටීඊ ගරිල්ලා සටන්කරුවන් වෙන් කර හඳුනා ගැනීමට ඉන්දීය හමුදාවට නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති. අනතුරුව ඉන්දීය සාම සාධක හමුදාව විසින් බර අවි යොදා ගනිමින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලද බවටත්, ඊට ගොදුරු වී වෛද්‍යවරුන් සහ රෝහල් සේවක සේවිකාවන් ඇතුළු 60 දෙනෙකු පමණ මිය ගිය බවටත් චෝදනා එල්ල වෙයි. දේවේන්ද්‍රම් (වමේ) සමඟ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං එම ප්‍රහාරයෙන් මිය ගිය බව පැවසෙන රෝහල් සේවක සේවිකාවන්ගේ ඡායාරූප තවමත් එම රෝහලේ බිත්තියක ප්‍රදර්ශනය කර තිබේ. ඒ අවාසනාවන්ත දවසේ රෝහලේ සේවය කරමින් සිටි දේවේන්ද්‍රම් අපට හමුවිය. "මම දුවල ගිහින් කාමරයක් අස්සට වෙලා දොර වහගෙන පැය 24ක් හැංගිලා හිටියා." දේවේන්ද්‍රම් පැවසුවේ රෝහලේ පටු කොරිඩෝව කෙළවර ඇති කාමරයක් දෙසට අත දිගු කරමිනි. මළසිරුරු යට සැඟවී "මට වෙඩි සද්දේ ඇහුන. ටික වෙලාවකට පස්සේ කට්ටියක් කෑගහන සද්දේ ඇහුනා. ඒ අය වතුර ඉල්ලලා කෑගහන්න ඇති. ඒ කට්ටියට වෙඩි තියල මරල දැම්ම. වෙඩි තියන්න ආපු මිනිස්සුන්ව මම දැක්ක. ඒ ගොල්ලෝ සීක්. ඉන්දියාවේ හමුදා නිල ඇඳුම් ඇඳල සීක් ජටාව බැඳලා හිටියේ." දේවේන්ද්‍රම් පැවසීය. ඔහු සමඟ එවකට සේවය කරමින් සිටි තම සමීපතයන් ගැන සිහිපත් කරද්දී දේවේන්ද්‍රම්ගේ නෙතගින් කඳුළු රූටන්නට විය. "මම ඇතුළට එනකොට කුණු ලේ ගඳ මට දැනුන. සමහර දොස්තරවරු මට කිව්වා ඒ අය පණ බේරගත්තේ මළසිරුරු යට හැංගිලා ඉඳල කියල" -වෛද්‍ය ගනේශ්මූර්ති ප්‍රහාරය එල්ල වී තෙදිනකට පසු වෛද්‍ය ගනේශ්මූර්ති යාපනේ රෝහලේ සේවයට පැමිණියේය. "මම ඇතුළට එනකොට කුණු ලේ ගඳ මට දැනුන. සමහර දොස්තරවරු මට කිව්වා ඒ අය පණ බේරගත්තේ මළසිරුරු යට හැංගිලා ඉඳල කියල." වෛද්‍යවරයා පැවසුවේය. තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් ප්‍රහාරයට ලක්වූවන්ට පිහිට වීමට ඉදිරිපත් වූ එක් වෛද්‍යවරයෙකුට වෙඩි තබා මරා දමා ඇති බවද වෛද්‍ය ගනේශ්මූර්ති කීවේය. ලැජ්ජාවෙන් ගෙදර යාම ඉන්දීය සාම සාධක හමුදාවේ එවකට සිටි මේජර් ජෙනරාල් ශියෝනන් සිං මේ කතාවට නිහඬව සවන් දෙමින් සිටියේය. "මේ සිද්ධිය ගැන මම දැනගෙන හිටියේ නැහැ. මං හිතන්නේ මේ සිද්ධිය පිළිබඳ තොරතුරු හමුදාවේ ඉහළ නිලධාරීන්ට ලැබිල නැහැ." ශියෝනන් එසේ පැවසුවේ බිත්තියේ එල්ලා තිබෙන ඡායාරූප දෙස බලමිනි. "සිද්ධ වෙලා තියෙන දේ නරකයි කියල විතරයි මට කියන්න පුළුවන්. සාම සාධක හමුදාවට ප්‍රහාරයක් එල්ල වුනාම, ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කාටද කියල ඔවුන්ට තැකීමක් තිබුණේ නැහැ. ඒක හරිම අවාසනාවන්තයි. ඒත් හමුදා මෙහෙයුම් සිද්ධවෙන ඕනෑම තැනක මේ වගේ දේවල් සිද්ධ වෙනවා." ඔහු තවදුරටත් පැවසීය. ඒ වනවිට ඉන්දියානුවන් අතරද සිය කීර්තිනාමය පලුදු වී තිබුණි තවත් මාස 29ක් ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ උතුරුකරයේ රැඳී සිටියහ. නමුත් ලබන පරාජයන් වැඩි වෙමින් තිබියදී ඔවුනට ආපසු ඉන්දියාව බලා යාමට සිදුවිය. ඒ වනවිට ඉන්දියානුවන් අතරද සිය කීර්තිනාමය පලුදු වී තිබුණි. "කොයි හමුදාවත් එකයි" "ඔවුන් ගැන හැම දෙනාම කලකිරුනා. කොයි හමුදාවත් එකයි කියල අපි ඒකෙන් ඉගෙන ගත්ත. ලෝකේ වෙනසක් වෙලා නැහැ." යාපනේ පළවන උදයන් පුවත්පතේ කර්තෘ ටී ප්‍රේමනාන්ත් ප්‍රකාශ කළේය. විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං පවසන්නේ මෙම මෙහෙයුම සතුව කිසිදු දේශපාලනික හෝ හමුදාමය ඉලක්කයක් නොතිබුණු බවය. රජීව් ගාන්ධි ඝාතනය ට පවා හේතු වුයේ ඉන්දීය සාම සාධක හමුදාවක් ශ්‍රී ලංකාවට එවීම ය. එල්ටීටීඊ සංවිධානය විසින් රජීව් ඝාතනය කරනු ලැබුවේ 1991දී ය. උදයන් කාර්යාලය - "කොයි හමුදාවත් එකයි කියල අපි ඒකෙන් ඉගෙන ගත්ත. ලෝකේ වෙනසක් වෙලා නැහැ." යාපනේ පළවන උදයන් පුවත්පතේ කර්තෘ ප්‍රකාශ කළේය තිස්වසක අවෑමෙන් යාපනේට සාමය උදාවීම පිළිබඳව තමන් සතුටුවන බව විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං පැවසීය. නමුත් යුද්ධයෙන් පෑරුණු හදවත් සුව කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තවදුරටත් පියවර ගනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. සබැඳි යොමු:
යමෙකු සතුව මෝටර් රථයක් නොමැති නම්, ගම් ප්‍රදේශයට නිසි මාර්ග පහසුකම් නොමැති නම් නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යාම හෝ දරුවන් පාසල් ගෙන යාම දුෂ්කර කටයුත්තක් වනු ඇත.
ඒ සඳහා උත්තරය පාපැදියක් ද? මේ සැම්බියානු ජාතිකයෝ එසේ සිතති. සැම්බියාවේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනයාගෙන් 83% ක් දිවි ගෙවන්නේ නිසි මාර්ග පහසුකම් සහිත පෙදෙස්වල සිට කිලෝමීටර 2 ට වැඩි දුරකිනි. එබැවින් ඔවුන්ගේ කෘෂි සහ පශු නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යාම දැඩි අභියෝගයක් වී තිබේ. මේ එම අභියෝගය ජය ගනුවස් ආරම්භ කළ වැඩසටහනකින් ප්‍රතිලාභ ලද ගම්වැසියන්ගේ අත්දැකීම් ඇසුරින් සැකසුනු වීඩියෝවකි.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම දිසා මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමට ද බද්දේගම දිසා මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න නියෝග කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බද්දේගම සිට වාර්තා කරන්නේ. සැකකරුට ඇප ලබා දී ඇත්තේ බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළු වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ද සහිතව යි. මෛත්‍රිපාල සිරිසේනගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු පොලිස් භාරයේ සිටියදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බවට නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට චෝදනා එල්ල වූ අතර එම චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් වී තිබියදී රටින් පිට වීමට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූ නමුත් පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
"අලුත් ටෙලිනාට්‍යයකට ගැලපෙනම මුහුණක් මට තියනවා කිව්වා. ඇත්තටම සතුටක් දැනුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එහෙම කිව්වම. පසුව මට තිර පරීක්ෂණයකට එන්න කිව්වා ඇතුල් කෝට්ටේ තැනකට. එදා ඔහුම කැමරාවකුත් අරන් ඇවිත් මගේ ඡායාරුප ගන්න පටන්ගත්තා. එක්වරම ඔහු රස්නෙයි කියලා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වා. ටික වෙලාවකින් තමන් ඇඳ සිටි ඩෙනිම් කලිසමත් ගලවලා ගොඩක් කොට කලිසමක් ඇඳන් ආව. මට දැනුණා ඔහු ඔහුගේ වර්ධනය කරගත් මස් පිඩු මට පෙන්වන්න උත්සාහ කරනවා කියලා. අනවශ්‍ය සමීප වීමක් ඔහුට අවශ්‍ය බවත් තේරුණා. ඔහු සිතුවා ඔහු පිළිබඳව සමාජයේ තිබෙන ආකර්ෂණය නිසා මම ඕන දෙයකට කැමති වෙයි කියා. නමුත් මගෙන් ඊට එකඟතාවක් නැති තැන ඔහු තමන්ගේ උත්සාහය අත්හැරියා. අද වෙනකම් ඒ කියපු චිත්‍රපටිය කෙරුණේ නෑ"
ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සේම නළුවකු ද වන අයෙක් තමන් හමුවේ පළ කළ හැසිරීම නම හෙළි කිරීමට අකමැති නවක ටෙලිනාට්‍ය නිළියක් බීබීසී සිංහල සේවයට එළෙස විග්‍රහ කළාය. සිය හැඩි දැඩි සිරුර සහ සමාජය තුළ කලාකරුවෙකු කෙරේ පවතින පිළිගැනීම උපයෝගී කරගනිමින් ඔහු තමන් අවනත කරගැනීමට උත්සාහ කළ බව එම තරුණිය කියා සිටියාය. කාන්තාවකට ස්වභාවයෙන්ම පිරිමියා ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් පවතින බවට සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ අතීතයේ සිට කියවෙන "මායම්" 64 ක් අනුසාරයෙනි. වර්තමානය වන විට එය විවාදයට තුඩු දෙන්නක් වී ඇති පසුබිමක පිරිමි පිරිමියා කාන්තාවක ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා කෙබඳු පියවරට අවතීර්ණ වන්නේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම වටී. ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොතට අනුව "පිරිමි මායම්" වැන්නක් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ සුමටව අර්ථදක්වා නැත. නමුත් ගෝති‍්‍රක යුගවල සිට පිරිමියා සිය බලය පතුරවමින් කාන්තා සිත උද්දීපනය කිරීමට දැඩි ගිජු කමක් දැක්වූ බව පැහැදිළි වන බවද ඔහු පෙන්වා දෙන්නේය. "පිරිමි මායම් යන වචනය ඉතිහාසයේ භාවිත නොකෙරුනත් සූසැටක් වූ කලා ශිල්ප ප්‍රගුණ කිරීම පෙර ශිෂ්ටාචාරවල පැවතුණා. පිරිමියාගේ ශක්තිය උරගා බැලුණා. වේද ග්‍රන්ථවල පවා මේවා සඳහන් වෙනවා. දැන් බුද්ධ දර්ශනයේ පවා සිදුහත් කුමාරයට යසෝදරාව ඉදිරියේ ශිල්ප දක්වන්න සිදුවුණා ඇගේ සිත දිනාගැනීමට. තමන් ශක්තිමත් පුරුෂයෙක් කියන දේ පෙන්වා දුන්නේ. මේක කාන්තා සිරුරේ ලාලිත්‍යය ඇසුරින් වර්ග කෙරුණා වගේ මායම් ප්‍රමාණයක් නොවේ" ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. ගොවි සමාජයේ පිරිමියා කාන්තා සිත දිනා ගත් හැටි "ගේ ඇතුළේ හැදෙන කැකුළු මල් කල වයස ආවම එළි බහිනවා. ඒත් කලාතුරකින්. බක් මහ සැණකෙළිය තමයි හොඳම අවස්ථාව තරුණ තරුණි දෙපාර්ශ්වයටම. බක් මහේ අවුරුදු ක්‍රීඩා බොහොමයක් පිරිමියාගේ කාය ශක්තිය පිළිඹිබු කරන ඒවා. අංකෙළිය, පොරපොල් , කොට්ටාපොර ක්‍රීඩා ඒ අතර ප්‍රධානයි. පුරුෂ ශක්තිය කාන්තාව දැක්කා. අපි එකට කියන්නේ "බාහු බලය" බලනවා කියලා තරුණයින්ගේ. ගොවිතැන් බත් කරන්න අම්බරුවෝ හේ කරන්න බාහු ශක්තිය අවශ්‍යයි. ගැමි ලියගේ හිත ඇදුනේ ඒකට. අදවගේ ජිම් ගිහින් ඇඟ හදාගත්ත තරුණයෝ එදා හිටියේ නෑ" ඔහු පැහැදිළි කරයි. එලෙස පිරිමියාට ආකර්ෂණය වූ තරුණ කාන්තා සිත වැඩිහිටි පරම්පරාවේ අනුදැනුම මත පසුව අවාහ විවාහ චාරිත්‍ර කෙරෙහි යොමු කෙරිණ. ශක්තිය මත පදනම් වූ පුරුෂයාගේ ආකර්ෂණය යටත් විජිත සමයේ ක්‍රමිකව වෙනස් වූ බව ද ඔහු පවසන්නේය. පිරිමියාගේ බාහිර පෙනුම මෙන්ම රැකියාව එහිදී මූලිකත්වය ගෙන තිබිණ. "සුදු ඒජන්තවරු සමග හරි හරියට ඉංග්‍රීසි බස හසුරවන, ජාතික ඇඳුම වෙනුවට ටයි කෝට් පළඳින සමාජයක් බිහිවුණා. කාන්තාවන්ගේ සිත විනෝදකාමී පිරිමින් කෙරෙහි යොමු වුණා. 60 දශකයෙන් පසු ඉහළ පන්තියේ ධනවත් පිරිසක් රටේ බිහිවුණා. ඒ සමාජය ඇසුරු කළ කාන්තාව ඒ සමාජය ඇසුරු කළ පිරිමියාට ආකර්ෂණය වුණේ වත්කමට සහ බලයට. ලිංගිකත්වය කියන දේ ක්‍රමිකව සමාජය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න ගත්තා. දේශීය දේ අගය නොකරන පිටරට සබන් පවුඩර් සුවඳ විළවුන් පාවිච්චිකරන , පිටරට නළුවෝ විදිහට කොන්ඩේ පීරන සහ ඇඳුම් ආයිත්තම් දරණ පිරිමියාට කාන්තා සිත ඇදී ගියා" ඉතිහාසයේ "පිරිමි උපක්‍රම " වර්ගීකරණය වූ හැටි යටත් විජිත සමයෙන් පසුව 50 දශකයේ සිට අසූව දශකය දක්වා ගැහැණු සිත ආකර්ෂණය කිරීමට පිරිමියා දැරූ යම් උත්සාහ පිළිබඳව ජනශ්‍රැති පර්යේෂකවරයා කරුණු දක්වයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පළකිරීම්වල "පිරිමි මායම්" සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් අර්ථ නිරූපණ දී ඇති අයුරු දැකිය හැකිය. ඇතැම් පළකිරීම්වල කතෘ අඥාත ය. එතුළින් වර්තමාන තරුණයා තරුණිය ආකර්ෂණය කිරීමට උත්සාහ දරන අන්දම විග්‍රහ කෙරේ. මේ කිසිදු දෙයක් අතීත ජන සමාජයේ සිට අද දක්වා වර්ගීකරණයකට ලක්ව පැමිණි මාතෘකා නොවන බව ප්‍රකට දේශකයකු මෙන්ම ගේය පද රචකයකු වන නාරද විජේසුරිය පෙන්වා දෙයි . "මම හිතන්නේ කාන්තාව මායම් වලට කොටු කරන්නේ යම් ද්වේශ සහගත අය. මොකද කාන්තා සිරුරේ ලක්ෂණ තමයි මායම් බහුතරය. නමුත් පිරිමියා මායම් දක්වනවා ආදරය ප්‍රකාශ කිරීම වගේ දේකදී. ආදර සම්බන්ධයක් ඇතුළේ කොච්චර අවස්ථාවක් පිරිමියා ඒක නවත්වන්න උත්සහ කරනවද? තමන්ගේ පෙම්වතිය ප්‍රතික්ෂේප කරනවද. නමුත් යටිහිතින් කැමතියි ඇය තමන්ගේ පස්සෙන් ගෙන්වාගන්න. ඒකෙන් සතුටක් ලබන්න. තමන් හැරගිය පෙම්වතිය තමන් ගැන තවමත් හිතනවා කියා සතුටුවන්න. හැබැයි ගැහැණිය පස්සෙන් නිතර එන පිරිමියාට ඒ ගැහැණිය කැමති නෑ. ඒ වගේම බොහෝ පිරිමි කැමතියි ගැහැණුන් ගණන් නොගෙන ඉන්න. ආඩම්බරය දක්වන්න. මේ වගේ ප්‍රතික්ෂේප කිරීමේ ලක්ෂණ පෙන්වන්නේ අතිශය අවශ්‍ය තැනදී.අන්න ඒවා පිරිමි මායම්. නමුත් ඒවා අහිංසක මායම්" ඔහු පවසන්නේය. "ලිංගිකත්වය සහ කාන්තාව රැවටීම උදෙසා" පිරිමින්ගේ හැසිරීම කාන්තාවක් දිනා ගැනීම උදෙසා සමාජයේ පිරිමියා දැරූ අවිහිංසක උත්සාහය පරයා අයුතු සබඳතා, මුල්‍ය වංචා මෙන්ම ලිංගික අල්ලස් වෙනුවෙන් කාන්තාව යොමු කර ගැනීමට වර්තමානයේ බොහෝ පිරිමින් උත්සාහ දරන බව ක්ෂේත්‍ර කිහිපයක කාන්තාවන් සහ තරුණියන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන්ගේ අදහස් ලෙස ඉදිරිපත් විණි. විවාපත් කාන්තාවන් ඉලක්ක කර අවුරුදු 40 සහ 50 අතර වයස් කාණ්ඩයේ පිරිමි වැඩිදෙනෙක් ඒ සඳහා යොමුව සිටින බව එම තරුණියන් සහ කාන්තාවන් බහුතරයක ගේ අදහස වී තිබේ. ධනය, බලයෙන් යුතුවුවන් පමණක් නොව, සමාජයේ වැදගත් යැයි සම්මත රැකියාවල නියුතු එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් අත්දැකීම් ඇති බව ඔවුහු පැවසූහ. නම හෙළි කිරීමට අකමැති සරසවි සිසුවියක් ඇතැම් කථිකාචාර්යවරු සම්බන්ධයෙන් තම අත්දැකීම් හෙළිකළාය. "නිතර නිතර එයාගේ කාමරයට එන්න කියනවා. මුළින් ආපන ශාලාවේ මුණගැහෙමු කියනවා. පස්සේ එළියට ගිහින් කෑමකට ආරාධනය කරනවා. මේ වගේ දේවල් තුළින් අපේ කැමැත්ත සොයනවා උපක්‍රමිකව. වාර අවසානයේ ලකුණු මෙන්ම පැමිණීමේ ලේඛනය රැදී තිබෙන්නේ ඔවුන් අත නිසා මේ බලපෑම තිබෙනවා සිසුවියන්ට" "සමහර පිරිමි කැමති තමන්ගේ බිරිඳට සළකන ප්‍රමාණය කියන්න. හැබැයි ඒ කතාව ඇතුළේ තියනවා බිරිඳගෙන් ඊට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ කියන කළකිරීම. ඒ වගේම ලිංගිකව කරන ආරාධනය. ඒක හරිම ප්‍රේමනීයව තමන් අතින් වෙන දෙයක් කියල පැවසීම සහ තමන් ඊට අති දක්ෂයෙක් කියලා දැනෙන්න සැළැස්වීම. එහෙම දේකට කැමති උනොත් ඒ රහස පණ වගේ ආරක්ෂා කරනවා කියන දේ නිතර කියනවා. මේක පිරිමින්ගේ මායාවක් නෙවි තක්කඩි කමක්. ලේඛිකාවක මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ශිවන්ති ඒකනායක එලෙස පවසන්නීය. විවාහක කාන්තාවක වූ සොනාලි ජයවීරට ඇත්තේ මීට මදක් වෙනස් අත්දැකීමකි. " පිරිමි වැඩිපුරම මායම් දාන්නේ අවුරුදු 30 ඉක්මවූ විවාපත් කාන්තාවන්ට. මම සෘජුව කියනවා ලිංගික ආශාව මුල් කරගෙන කරන ආරාධනයක් ඒක. මොකද නොදන්නා අයට වඩා අපි හොඳින් ආශ්‍රය කරන අය තමයි මිතුරු වෙසින් ඇවිත් අවසානයේ මේ තත්ත්වයට පත්වෙන්නේ. එහෙම අවස්ථාවක සෘජුව ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ක්‍රමිකව අත්හැර දැමීම තමයි වැදගත් දේ" බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සේවය කරන නම හෙළි කිරීමට අකමැති ගුරුවරියක තමන් මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවය හමුවේ ප්‍රකාශ කළේ "පිරිමි මායම්" කියන වචනයට වඩා උපක්‍රම භාවිත කිරීමේ සූරයන් බව පවසමිණි. "මට දුෂ්කර සේවයට මාරුවක් ලැබුණ. එතකොට මම අවිවාහකයි. ඒ පාසලේ හිටියා විවාහ නොවූ ගුරුවරයෙක්. ඉතින් ඒ ගුරුවරයාව මට ජෝඩු කරන්න සෙසු පිරිසට අවශ්‍ය වුණා. දරුවන් එක්ක යන අධ්‍යාපනික වැඩසටහන් වලට මාව ඒ ගුරුවරයා සමග යොමු කළා. සාහිත්‍ය සංගම් වලදී ඔහු මට පෙනෙන්න දස්කම් දක්වන්න ගත්තා. ළමයින්ට දෙන ආදර්ශ ප්‍රශ්නපත්‍ර වල පවා මම වෙනුවෙන් ආදර වැකි ලියන්න ගත්තා. හැබැයි මේක මාව ආදරයට පොළඹවා ගැනීමට ගත් උත්සහයක් මිස වෙන කාරණයක් නෙවි" ඇය පවසන්නීය. පවුල් ජීවිත තුළ ඇති ගැටලු බලහත්කාරයෙන් විමසා ඊට මැදිහත්ව වෙනත් ප්‍රයෝජන ලබාගැනීමේ චේතනාවෙන් පසුවන පිරිමින් ඇති බව එක් දරු මවක වූ අනුරාධා ලියනගේ පැහැදිළි කරන්නීය. "ගොඩක් පිරිමි කැමැති අනිත් කෙනාගේ පවුල් ප්‍රශ්ණ වලදී උපදෙස් දෙන්න. මුලින්ම සහෝදරයෙක් වගේ උපදෙස් දෙනවා. පස්සේ ක්‍රමයෙන් සැමියාගේ වැරදි අහලා තමන් ඒ වගේ සැමියෙක් නොවෙයි කියන දේ ඒ කාන්තාවට ඒත්තු ගන්වන්න බලනවා. මේක මායමක් නෙවි කපටි කමක්. උපදෙස් දෙන මුවාවෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය එකම පිරිසක් නිතර ගැටෙන ආයතන වල වැඩියි." ඇය පවසන්නීය. ජනමාධ්‍යවේදිනියක මෙන්ම රුපවාහිනී නිවේදිකාවක ද මීට සමාන අත්දැකීමක් හෙළි කළාය. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය ද ඉල්ලා සිටියාය. "මට වඩා වයසින් තුන්ගුණයක් විතර වැඩි මාධ්‍ය ආයතනයක කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියෙක් එයා. ඇත්තටම මගේ තාත්තගේ වයසේ. මුළින් මට නොකළ වරදටත් හැමෝම ඉදිරියේ හැමදාම බනින්න ගත්තා. ඒ මාව බයකරගන්න. මම දුකෙන් ඉන්නකොට සනසන්න කෙටි පණිවුඩ එවනව. මම ආයතනයේ වෙන පිරිමි ආශ්‍රය කරනවට එයා කැමති නැතිබව පෙන්වනවා. මට අදරෙයිලු එයා එක්ක එළියට යන්න ආරාධනය කරනවා . අවසානයේ ඒවාට කැමති නැති උනාම මම ආයතනයේ කළ වැඩට අදාළව බොරුවට බනිනවා" ඇය කීවාය. "පිරිමි මායම්" ගැන පිරිමි අදහස පිරිමින් "මායම්" හෝ උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් වසඟ කරගැනීමට වෙහෙසෙන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීම්වලදී ඇතැම් පුරුෂයින් එය පිළිගත්ත ද තවත් කිහිප දෙනෙකුගේ අදහස වූයේ කාන්තාවන් සිය අවශ්‍යතාව උදෙසා පිරිමියා මත යැපී අවසානයේ ඔහු ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙවැනි චෝදනා ඉදිරිපත් කරන බවය. " අද සමාජයේ කාන්තාව බලන්නේ පිරිමියාගේ ධනය බලය. අමුතුවෙන් පිරිමි අපිට මායම් දාන්න ඕන නෑ. ඔය දෙක තිබෙනවානම් පාලනය කරගන්න බැරිව කාන්තාවෝ ඇඟට එනවා. ඉස්සර රාත්‍රී සමාජ ශාලා යනවා කිව්වම ප්‍රශ්නයක් උනාට අද තරුණ කාන්තාවෝ බලන්නේ සල්ලි තියන කොල්ලෙක් එක්ක එහෙම ගිහින් කාලා බීල එන්න. ඉතින් මොකටද අපි මායම් දාන්නේ මේකයි සමාජේ හැටි" චින්තන පෙරේරා එවැනි අදහසකින් පසුවන්නේය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයෙකු ගේ අදහස මෙසේ විණි. "ගෑනු රවටන පිරිමි නැතුවා නොවෙයි . මට වයස අවුරුදු 57 ක්. මම තේ ව්‍යාපාරිකයෙක්. දැන් මේ 'SUGAR DADDY' කියන දේ ගැන මට හොඳ අත්දැකීම් තියනවා. පාසල් වල පොඩි ගෑනු ළමයි සමාජ මාධ්‍ය හරහා කෙලින්ම අහන්නේ සම්බන්ධකම් පවත්වන්න. අපේ වයස අදාළ නෑ . අපි ඉස්සර වෙන්න ඕනෙත්නෑ. ඔවුන්ට මේ දිගු කාලීන සබඳකම් ඕනේ නෑ. අවශ්‍ය සල්ලි පමණයි. අනික සිසිවන උවන ඇති කාන්තාවෝ දැන් කොහෙද? දැන් කොන්ඩේ දිග කාන්තාවක් හොයාගන්න සෑහෙන්න උත්සහ කරන්න ඕන. කාන්තාවන්ට දැන් මායම් දාන්නත් බෑ. ඒ මායම් වලට අපි අහුවෙන්නෙත් නෑ." නම හෙළි කිරීමට අකමැති වූ ඔහු ද සාකච්ඡාවට තුඩුදෙන තවත් මාතෘකාවක් සපයමින් එසේ සිය අදහස් දැක්වීය. කියවන්න :
පුනරුත්තාපනය ලද එල්ටීටීඊ හිටපු නායකයකු වන රාම් නැමැත්තා සිය භාරයේ පසු වන බව පොලිසිය තහවුරු කරයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ. පුනරුත්තාපනය ලබා නිදහස් වී සිටි එල්ටීටීඊ හිටපු සාමාජික රාම් එවකට එම සංවිධානයේ මඩකලපු ප්‍රදේශයට නායකත්වය ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.
රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තමාට කරන ලද පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය හෙළිදරව් කළාය.
ඇය ඒ බව කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දීයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බව මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකා රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි දෙන’ වශයෙන් තමා හඳුන්වා දෙමින් අපහාස කරනු ලැබීම ඉතා අප්‍රසන්න බවයි, නවී පිල්ලේ කියා සිටියේ. ‘මගේ ඉන්දීය සම්භවය පාදක කර ගනිමින් මෙවැනි ප්‍රකාශ කිරීම සාවද්‍ය මෙන්ම අපහාසාත්මකයි... ඇතැම් පිළිකුල් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැදීම මම අගේ කොට සලකනවා’යි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කීවාය.
දැඩි වේදනාවකින් පෙළෙන එක්තරා පුද්ගලයෙකු රෝහලට රැගෙන විත් තිබිණි. දැඩි හිසරදයට අමතරව උදරයේ සහ ගෙළ ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවකින් ඔහු පෙලුණි. මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට වෛද්‍යවරු යුහුසුළු වුහ.
මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත CT ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. මුත්‍රා පරීක්ෂාව ද සිදු විය. රුධිර පීඩනය මැන බැලීය. සිරුර පුරා පරීක්ෂාවට ලක් කළේ කිසියම් හෝ සැක සහිත බාහිර ලක්ෂණයක් වේදැයි සොයා බැලීමට ය. අවසාන නිගමනය වුයේ මොහු වස පානය කර නොමැති බවය. ඉතා සැර මිරිස් කරලක් කෑමෙන් අනතුරුව මෙම පුද්ගලයා මෙසේ විඳවන්නට පටන් ගෙන ඇත. මෙය පසුගිය වසරේ එක්සත් ජනපදයේ සිදු වූවකි. 34 හැවිරිදි ඔහු මිරිස් කෑමේ තරඟයකට සහභාගී වී ඇත. ඉන් පසුව ඇති වූ ශරීර ව්‍යකුලතා හේතුවෙන් ඔහුගේ මොළයට සිදු වූ හානිය නැවත සම්පුර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීමට තරම් ඔහු වාසනාවන්ත විය. ලෝකයේ වැඩිම සැරක් ඇති මිරිස් වර්ගය (The reaper chilli) මෙය අන්තයට ම ගිය උදාහරණයක් විය හැකිය. නමුත් ලොව පුරා බිලියන ගණනක් ජනයා කෑම මේසය වටා හිඳ ගන්නේ 'කට දැවිල්ල' කෑම වේලක් රස විඳීමට ය. දිවට දැනෙන දැවිල්ල සමනය කර ගැනීමට ඇතැම් විට පානය කිරීමට යමක් සොයන්නෙමු. වරෙක අපට 'බඩ දැවිල්ල' ඇති වෙයි. නමුත් නැවතත් ඒ රසය සොයා යන්නෙමු. මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත. 2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන් මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත. වෙළෙඳපොළ විශ්ලේෂණය කරන IndexBox ආයතනය සපයන දත්තවලට අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස ගත්කල අප හැම දෙනාම පසුගිය වසර තුළ මිරිස් කරල් කිලෝ ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් අනුභව කර ඇති බවය. 'දැවිල්ල - ඉහළ සිට පහළට' : මෙම වගුවේ ඉහළින්ම ඇත්තේ දැවිල්ල වැඩිම මිරිස් කරලයි. ඇතැම් රටවල් මේ 'කට දැවිල්ලට' වැඩි කැමැත්තක් දක්වති. තුර්කියේ එක් පුද්ගලයෙකු දල වශයෙන් දිනකට මිරිස් ග්‍රෑම් 86.5ක් ආහාරයට ගනිමින් ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටී. දෙවැනි තැන හිමි වන්නේ මෙක්සිකෝවට ය. දිනකට බුදින මිරිස් ප්‍රමාණය ග්‍රෑම් 50.95කි. මිරිස් රසට අප මෙතරම් රුචිවන්නේ ඇයි? මෙය බලවත් වූ ප්‍රීතිය සොයා යන මානසිකත්වය පිළිබඳව වන සංකීර්ණ කතාන්තරයකි. 2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන්, මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත සොබා දහමේ රහස දැවිල්ල ගෙන දෙන කැප්සයිසින් රසායනය මිරිස් කරලට පැමිණීමේ පරිනාමවාදී ක්‍රියාවලිය ද තවමත් විවාදාපන්න ය. මෙම පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් පක්ෂීන්ට එය ප්‍රශ්නයක් වී ඇති බවක් පෙනෙන්නට නැත. ක්ෂීරපායීන්ට සහ කෘමීන්ට දැනෙන දැවිල්ල කුරුල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ වගේ... එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයෝ එයට හේතුව සොයා ගත්හ. ක්ෂීරපායී සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් මිරිස් කරලේ ඇති බීජ (ඇට) ජීර්ණයට ලක් කෙරේ. එමගින් බීජය විනාශ වේ. නැවත රෝපණය වීමේ ක්‍රියාවලිය නවතී. නමුත් පක්ෂීන් ගේ ආහාර ජීර්ණය මීට වෙනස් ය. මෙම බීජ පක්ෂියාගේ උදරය තුළ නොදිරවයි. ඊට කිසිඳු හානියක් නොවී මළපහ සමඟ පිට වේ. අනතුරුව එම බීජ නැවත රෝපණය වී පැළෑටියක් බවට පත් වේ. මිරිස් කරලට දැවිල්ල එක් වන්නේ ක්ෂීරපායින්ගෙන් බේරා ගැනීමට නම් මිනිසා ඊට රුචි වූයේ කෙසේද? මිරිස් කෑමේ තරඟ ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී අපේ ආදිවාසී මුතුන් මිත්තෝ පවා මේ මිරිස් කරලේ දැවිල්ලට ආශා කළහ. මිරිස් කරල තුළ දිලීර නාශක සහ බැක්ටීරියා නාශක රසායනයන් පැවතීම නිසා මිනිසා ඊට යොමු වන්නට ඇතැයි යන්න එක් න්‍යායකි. එහි අදහස, මිරිස් අඩංගු ආහාර ඉක්මනින් නරක් නොවන බව මිනිසාට වැටහෙන්නට ඇති බවය. මෙම උපකල්පිතය 1998 දී ඉදිරියට ගෙන එන ලද්දේ කොනේල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයන් වන ජෙනිෆර් බිලින්ග් සහ පෝල් ශර්මන් විසිනි. මොවුන් දෙදෙනා රටවල් 36ක සාම්ප්‍රදායික මාංශ ආහාර වේල් දහස් ගණනක් විශ්ලේෂණය කර බැලූහ. එම ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගෙන ඇති කුළුබඩු බොහෝ විට උෂ්ණාධික රටවල භාවිත කර ඇතිබව ඔවුනට වැටහුණි. එවැනි දේශගුණයක් සහිත රටවල ආහාර ඉක්මනින් නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අප මිරිස් කෑම ආරම්භ කළේ ආහාර විෂ වීම වැලැක්වීම සඳහා ද? තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් කුළුබඩු බහුල වශයෙන් යොදා ගන්නා ලැයිස්තුවේ ඉහළින් සිටින අතර ෆින්ලන්තය, නොර්වේ සහ ස්වීඩන් වැනි ශීතල රටවල් එම ලැයිස්තුවේ පහළින් සිටී. ආහාර පිළිබඳ විද්‍යාඥ කවෝරි ඕ'කොනර් තවත් අදහසක් එක් කළාය. තුර්කිය වැඩියෙන් ම මිරිස් නිපදවන රටවලින් එකකි අයගේ පැහැදිලි කිරීම අනුව, මිරිස් යනු අර්තාපල් සහ උක්ගස් වැනි තවත් ආහාරයට ගන්නා දෙයක් පමණි. වෙනසකට ඇත්තේ සියවස් ගණනක් යනතුරු යුරෝපය ඒ පිළිබඳව නොදැන සිටීමය. "යුරෝපීය ගවේෂකයන් තමයි මිරිස් ලොව පුරා ව්‍යාප්ත කළේ." ඇය පවසන්නීය. අනතුරුව එහි ඇති රසය ලොව පුරා ආහාර වට්ටෝරුවලට මුසු වූ බව ඇයගේ මතය ය. "ඒ වෙනකොට යුරෝපයේ ආහාර ඉතා සෞම්‍ය රසයක් සහිතව තිබුණු බවට අපට හිතන්න වෙනවා. පසු කලෙකදී මිරිස් පැමිණි විට යුරෝපීය ආහාර වේල රසයෙන් ඉහළ ගියා. හරියට සීනි සොයා ගත්තම සිදු වුනා වගේ." කවෝරි ඕ'කොනර් පැවසීය. කෙසේ වෙතත් මිරිස් සමඟ පවතින අපේ සම්බන්ධය විග්‍රහ කෙරෙන තවත් න්‍යායක් පවතී. මෙය ත්‍රාසය සහිත ප්‍රීතිය උදෙසා ගන්නා අවදානම ලෙස හැඳින්වේ. ඉන් යෝජනා කෙරෙන්නේ, නුතන යුගයේ පැරිෂුට් ක්‍රීඩාව හෝ rollercoaster මගින් ලබා ගන්නා ත්‍රාසය මුසු ප්‍රීතිය සොයා යාමකි. මිරිස් පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති වේදනාකාරී පරීක්ෂණය පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් රෝසින් මනෝවිද්‍යාඥයෙකි. මිනිසා හැරෙන්නට මිරිස් රසට රුචි වූ වෙනත් ක්ෂීරපායීන් සොයා ගැනීමට ඇති අපහසුතාව පිළිබඳව ඔහුට කුතුහලයක් ඇති විය. ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමට ඔහු පියවර ගත්තේය. දැවිල්ල අඩු මිරිස් කරලෙන් පටන් ගෙන දැවිල්ල වැඩි මිරිස් කරල දක්වා යමින් ඒවා කෑමට පුද්ගලයන් රැසකට ඔහු ආරාධනා කළේය. දාහය ඉවසා දරා ගත නොහැකි අවස්ථාව වන විට මිරිස් කෑම නවත්වන ලෙස ඔවුනට උපදෙස් දුන්නේය. අනතුරුව ඔවුන්ගෙන් විමසීමක් කළේය. තමන් වැඩියෙන්ම රුචි වුයේ කුමන මිරිස් කරලේ රසයටදැයි ඔවුන්ගෙන් විමසීය. හැම දෙනාගේම පිළිතුර වූයේ තමන්ට වැඩියෙන්ම දැවිල්ල දැනුණු මිරිස් කරලට ප්‍රිය කරන බවය. "තමන්ට දරා ගත නොහැකි මට්ටමේ දෙයක් ප්‍රිය කරන එකම සත්ත්වයා තමයි මිනිසා" මහාචාර්ය රෝසින් පැහැදිලි කළේය. "අපේ ශරීරය විසින් කොයිතරම් ප්‍රතික්ෂේප කරනු ලබන දෙයක් වුනත් එයින් අපට අනතුරක් නොවන බවට තේරුම් ගැනීමට අපේ මනස ඉගෙන ගන්නවා." ඉන් පැහැදිලිවන්නේ අප භයානක හොල්මන් චිත්‍රපටයක් නරඹා විනෝදයක් ලබන්නා සේම මිරිස් කෑමට ද රුචියක් දක්වන බවකි. අප මිරිස් කන්නේ ත්‍රාසය මුසු ප්‍රීතිය විඳීමටද? ස්ත්‍රී පුරුෂභාවය ඇතැම් පුද්ගලයන් අනෙක් කෙනෙකුට වඩා මිරිස් කෑම ප්‍රිය කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති. මෙය ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වන්නේදැයි සෙවීමට ආහාර පිළිබඳ විද්‍යාඥ නාඩියා බයර්න්ස් උත්සාහ කළාය. ස්ත්‍රීන් දැවිල්ල විඳින්නට ප්‍රිය කරන නමුත් පුරුෂයන් අන් අය පුදුමයට පත් කරවීමේ කැමැත්ත මත වැඩි දාහයක් ගෙන දෙන මිරිස් කරලක් කෑමට පෙළඹෙන බව ඇය සොයා ගත්තාය. "උදාහරණයක් හැටියට මෙක්සිකෝව ගත්තොත්, වැඩියෙන් මිරිස් කෑම ශරීරයේ ශක්තිමත් බව - මාංශ පේශී සහිත බව - නිර්භීත බව - පෞර්ෂත්වය හා බැඳීමක් පවතින දෙයක්." නාඩියා බයර්න්ස් පැහැදිලි කළාය. නිශ්චිතවම පෙනී යන එක් දෙයක් වෙයි. ඔබ මිරිස් ආහාරයට ගන්නේ ත්‍රාසය පිරි ප්‍රීතිය විඳීමට විය හැකිය. නැතහොත් සෞම්‍ය රසයක් ඇති ආහාර ප්‍රිය නොකරන නිසා විය හැකිය. එසේත් නැතිනම් ඔබේ මුතුන් මිත්තන් මෙන් ආහාර කල් තබා ගැනීම සඳහා මිරිස් එක් කරනවා විය හැක. ඒ කෙසේ වෙතත්, තවතවත් දාහය වැඩි මිරිස් වැඩි වැඩියෙන් වගා කිරීම නම් දිගටම සිදුවනු ඇත. 'කට දැවිල්ල' ගෙන දෙන ආහාරවලින් නම් අපට අඩුවක් නොවනු ඇත. කියවන්න:
නියමිත බලපත් නැතිව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයන් නෙරපා හැරීමට, සෞදි අරාබි ආණ්ඩුව ගෙනයමින් පවතින මෙහෙයුම නිසා වෙළෙඳ සල් ,ව්‍යාපාරික ආයතන සහ පාසල් ආදිය වසා දැමෙන තත්වයක් උද්ගතව තිබේ.
ජෙඩා වරායේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නන්, ප්‍රාදේශීය මාධ්‍ය ආයතනවලට කියා තිබුනේ, වරාය සේවකයන්ගෙන් පහෙන් හතරක්ම රැකියාවන්ට වාර්තා නොකිරීමත් සමඟ, කල්තබා ගත නොහැකි ආහාර වර්ග කුණු වෙන්නට පටන් ගෙන ඇති බවයි. සෞදි බලධාරීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව නීති රීති යටතේ, විදේශීය ශ්‍රමිකයන්ට අනුග්‍රහ දක්වන හාම්පුතුන් දැඩි කොන්දේසිවලට යටත් කෙරෙන අතර, වීසා බලපත් නැතිව රැඳී සිටින දස දහස් සං ඛ්‍යාත විදේශීය ශ්‍රමික ප්‍රජාවක් අත්අඩංගුවට ගෙන රටින් නෙරපා හරිනු ලැබීමට නියමිතයි. තම වැඩ පිළිවෙලේ අරමුණ විදේශ ශ්‍රමය මත රඳා පැවැත්ම නිම කිරීම සහ දේශීය ජනතාවට වැඩිපුර රැකියා සැපයීම වන බවයි, සෞදි අරාබි බලධාරීන් පැවසුවේ.
තමන්ගේ දුරකතනයට ඔස්ට්‍රේලියාවේ බුද්ධි සේවා රහසේ සවන් දීම පිළිබඳ ව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රමාණවත් ලෙස කනගාටුව පල නො කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ චෝදනා කොට සිටි අතර මෙම දුෂිත ක්‍රියාව වේදනාව ගෙන දෙන්නක් බව පැවසීය.
ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්- ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ සමග පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සමාව ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළේය. ‘මේ පිලිබඳව ඔස්ට්‍රේලියාවේ බුද්ධි තොරතුරු පිළිබඳව හෙළිදරව්වක් කරලා ඒ ගැන සමාව ඉල්ලා සිටීමේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕනෑම ආණ්ඩුවක පළමු වගකීම රට ආරක්ෂා කර ගෙන ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමයි.මේ නිසයි හැම ආණ්ඩුවක්ම තොරතුරු එකතු කරන්නේ. ඒ වගේම තමයි හැම ආණ්ඩුවක්ම දන්නවා අනෙක් ආණ්ඩුව තොරතරු එකතු කරනවා කියලා’ යැයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කළේය. මේ පුවත මුලින්ම වාර්තා කල ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවාවේ මයිකල් බ්‍රිසේන්ඩ්න් කියා සිටියේ මේ සිදුවීම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපෑමක් වෙතත් අප්‍රසිද්ධියේ කෙරෙන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තුලින් ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතරේ ඇති සබඳතා යථා තත්වයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි.
'විම්බල්ඩන්' තරඟාවලියේ මාධ්‍ය හමුවක දී ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරියක වන මරියා ෂරාපෝවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට්ලෝලීහු කැළඹීමට පත්ව සිටිති.
ඇය ක්‍රීඩා කළ තරඟයක් නැරඹීමට පැමිණි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරු ගැන කළ විමසීමකදීයි, මරියා ෂරාපෝවා එම ප්‍රකාශය කර තිබෙන්නේ. පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඉතා හොඳ ක්‍රීඩකයෙකු බව කියා සිටි මරියා ෂරපෝවා, 'ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ සචින් තෙන්ඩුල්කාර් ද ඔබේ තරඟය නැරඹුවා නේදැයි' මාධ්‍යවේදියා විමසූ විට 'සචින් කියන්නේ කවූදැයි' පෙරලා ප්‍රශ්න කළාය. සචින් තෙන්ඩුල්කාර් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ෂරපෝවා දැන නොසිටි අතර ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයේ 'ට්විටර්' මෙන්ම 'ෆේස්බුක්' වෙබ් අඩවියේ ද ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය. ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ කෝපය පළ කළේ ට්විටර් වෙබ් අඩවියෙහි 'මරියා ෂරපෝවා කියන්නේ කවුද?” ආදී ප්‍රශ්න පළ කරමිනි. ඔවුහු ෂරපෝවාගේ ෆේස්බුක් පිටුවේත් සචින් තෙන්ඩුල්කාර්ගේ නම සඳහන් කරමින් විවිධ අදහස් පළ කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමත් සමඟ ජනාධිපති සමාව පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු විය.
ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ටදැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබුණ චෝදනාය. කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ. ජනාධිපති සමාව ලබා දීම 'සාමාන්‍ය' ක්‍රියාවක් ද? ජනාධිපති සමාව යනු කුමක්ද, සහ එය අභියෝගයට ලක් කළ හැකි දැයි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගෙන් විමසූ විට, බහුතරයක් එය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට අයත් සාමාන්‍ය ක්‍රියාවක් ලෙසය. සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි "ඒක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට තිබෙන ගොඩක් බලතලවලින් එකක්. මම නම් හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් ගැන සාමාන්‍ය ජනතාව හැටියට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා. ජනාධිපතිගේ තීරණයකට එරෙහිව අපිට උසාවි යන්න බැහැ නේද?" යැයි ගෘහණියක වන චතුරි විතානගේ පැවසුවාය. "ජනාධිපති සමාව කියන්නේ වෙසක් පොහොය දිනය සහ නිදහස් උත්සවය දවසේ සිරකරුවන් කොටසක් නිදහස් කරන එක කියලයි මම හිතන්නේ. හැබැයි ඒ ගන්න තීරණයට උසාවියකට ගිහින් 'චැලේන්ජ්' කරන්න පුළුවන් කියලා මම දැනුවත් නැහැ," කඩුවෙල පදිංචි රුචිරා කරුණාරත්න පැවසීය. රාජ්‍ය නායකයන් සිරකරුවන්ට සමාව දීම ශ්‍රී ලංකාව තුළ දුරාතීතයේ සිටම පැවැත එන සම්ප්‍රදායකි. රාජාණ්ඩු සමයේ පමණක් නොව, යටත් විජිත සමයේ පවා, බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නිර්දේශය මත, සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරිණි. ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරුන්ගේ නිර්දේශය අනුව සිරකරුවන් නිදහස් කෙරිණි. "අපි දන්න කාලයේ ඉඳන් ජනාධිපති සමාව ගැන ඇහිලා තිබෙනවා. හැබැයි ඒකට අදාළ නීතිමය තත්වය ගැන අපිට අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාව පාලනය කරන පුද්ගලයෙකුට අයත් සාමාන්‍ය වැඩක් ලෙස තමයි අපි මේ ගැන දන්නේ. ඇත්තටම අසරණ සිරකරුවන් නිදහස් කිරීම හොඳ දෙයක් වුණත්, මේ බලය වැරදි විදියට පාවිච්චි කළොත් මුළු රටටම බලපාන මහ ප්‍රශ්නයක් වෙනවා," යැයි හැට හතර වියේ පසුවන එස් ජී සුධර්මා පැවසීය. ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ප්‍රවීණ නීතිවේදියෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ඉතිහාසය තුළ සිරකරුවන්ට සමාව ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් සීමා තිබුණු අතර, වර්තමානයේ දී මෙය අධිකරණයට කරන බලපෑමක් ලෙස දැකිය හැකි බවය. 1883 දී ශ්‍රී ලංකාවේ පිහිටි සිර කඳවුරක චිත්‍රයක් "මේකේ රසවත් ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම තිබුණේ ජනාධිපතිගේ සමාවක් නෙවෙයි. රැජිනගේ සමාව. ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ සමාව," යනුවෙන් ඔහු පැහැදිලි කරන්නට යෙදුණි. "ඉස්සර ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරයාගේ සමාව තිබුණට, නිසි පරිදි නඩු අහල දඬුවම් ලබපු අයව නිදහස් කළේ නැහැ. බණ්ඩාරනායක ඝාතනයට හසු වූ සෝමාරාම නිදහස් කරන්න කියල ඉල්ලීමක් ඉදිරිපත් වුනා. ඒත් නිදහස් කළේ නැහැ." "78 දී ජනාධිපතිවරයාට මේ බලය දාල ලියා ගත්ත. ඒක අධිකරණයට කරන බලපෑමක්," ආචාර්ය මහානාමහේවා තවදුරටත් පැවසීය. ජනාධිපති සමාව යනු කුමක් ද? සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ. කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි. ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. "මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී එම් රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය. "ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය. මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 736 දෙනකු හා සිරකාරියන් 26 දෙනකු වශයෙන් 762 දෙනකු නිදහස ලැබූහ. මේ අතර වැඩි වශයෙන් සිටියේ සුළු වැරදිවලට සිර දඬුවම් ලැබූ පුද්ගලයන් සහ යම් වරදක් හේතුවෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදල ගෙවා ගත නොහැකිව සිටි පුද්ගලයන්ය. මේ තොරතුරුද කියවන්න: "නිර්ණායක නැහැ" ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද? වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී යන සිරකරුවන් පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය. "සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය. "යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය. මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ. 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි. "ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී එම් රණසිංහ පැවසීය. "ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ." අධිකරණයට අපහාස කිරීමේ වරදට ජනාධිපති සමාව දිය හැකිද? ජනාධිපති සමාව ලබා දිය යුතු නිර්ණායක සඳහන් වී නොමැති හෙයින් ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය අනුව අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද ඕනෑම පුද්ගලයෙකු නිදහස් කළ හැකිය. ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මේ වන විට ක්‍රියා කර තිබේ කෙසේනමුත්, "ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දීම, ජනාධිපතිවරයා අධිකරණයට කළ අපහාසයක්" ලෙස ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්වා තිබිණ. 2016 ජනවාරි 25 වැනිදා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවා අවසන් වූ පසු අධිකරණයේ අවසරයක් නැතිව එම ස්ථානයට පැමිණි ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස වන ආකාරයට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කර, රජයේ නීතිඥ දිලීප පීරිස්ට බැන පරිභව කර තිබිණි. මෙවන් '"අශෝභන හැසිරීමකට වරදකරු වූ පුද්ගලයෙකු නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයා ද අධිකරණයට අපහාස කිරීම අනුමත කර ඇති අතර, අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස බලපෑම් කර තිබෙන බව" මාධ්‍ය වාර්තාවල දැක්වේ. කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත. ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී එම් රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය, "අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවත් තොරතුරු:
කළු සල්ලි ජාවාරම සහ බදු මුදල් වංචා කිරීම පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ හුවාන් කාර්ලෝස් රජතුමාගේ බාලම දියණියට වරෙන්තු නිකුත් කොට තිබේ.
ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට චෝදනා අදාළ නඩුවේ සැකකරුවකු ලෙසින් නම් කෙරුණු ක්‍රිස්තිනා කුමරිය ලබන මාර්තු මාසයේ මැයොර්කා දූපතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි. ඇයගේ සැමියා වන ඉනාකි උර්දන්ගරින් විසින් පවත්වා ගෙන යනු ලබන පුණ්‍යායතනයකට ලබා දුන් මහජන මුදල් අනිසි ලෙස භාවිතා කළ බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඔහුට විරුද්ධව වසරකට වැඩි කාලයක් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. තමන් කිසිදු වරදක් කොට නැති බවයි, ඔහු පවසන්නේ. මෙම නඩු විභාගය හේතුවෙන් ස්පාඤ්ඤයේ රජ පවුල ප්‍රබල අපහසු තත්වයකට මුහුණ දී සිටින බව පවසන වාර්තාකරුවෝ, ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට එල්ල වන චෝදනා මෙමගින් තවත් උත්සන්න වී තිබෙන බවද පවසති.
1915 ''සිංහල-මුස්ලිම් කෝලාහලය'' යනුවෙන් ඉතිහාසයට එක්ව ඇති ගැටුමින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දුෂ්කර සහ අභියෝගාත්මක සමාජ උදහසට ලක්වූ ඊලඟ ප්‍රධාන විරසකය ප්‍රදර්ශනය වූයේ 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය සමඟය.
ගැටුමක් මැද මුස්ලිම් ජනයා සතු දේපොලක් ගිනිබත් කර තිබුණ අවස්ථාවක් ''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති එම ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන්නේ ඉස්ලාමීය අන්තවාදී බලවේගයන්ටයි. ප්‍රහාරයේ වගකීම කවර හෝ අන්තවාදී සමූහයකට පැවරෙන නමුත් ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිමුන් යයි හඳුනාගනු ලැබීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස මිත්‍රශීලී නොවන ඇසකින් බැලීම සමාජයේ ස්වභාවික නැඹුරුව විය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනු ලැබීමෙන් වසර දෙකකට පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව දරන ආකල්පය පිළිබඳව විමසීමක් කිරීම කාලෝචිතය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරා දැමුණ ජනතාව වෙනුවෙන් පැවැත්වුන ආගමික මෙහෙයන්ට මුස්ලිම් ජනයාත් එකතු විය මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලක කිරීමට පෙරසිටම වසර කීපයක තිස්සේ මුස්ලිම් විරෝධී සමාජ මතවාදයක් දල්වනු ලැබීමට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙමින් පැවති බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. සිය ප්‍රජාව ඉලක්ක කරගත්, වඳ පෙති,වඳ කොත්තු සහ වෙනත් ආහාර ආදියේ පටන් වඳ සැත්කම් තෙක් එම වාර්තාකරණය විහිද ගියබව සමස්ත ලංකා මුස්ලිම් සංගමය පවසයි. අන්තවාදීන් පිරිසක් විසින් මාවනැල්ලේ බුදුපිළිම විනාශකරනු ලැබීම මගින් එම ගින්නට පිදුරු එක් කෙරුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් එහි කූඨප්‍රාප්තිය ලකුණු කළ බවත් එකී සියල්ලේ එකතුව වූයේ සමස්ත සමාජය තුළ මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් රෝපණය කිරීම බවත් සමස්ත ලංකා මුස්ලිම් සංගමය පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරයත් සමඟ මුස්ලිම් ජනයා සතු දේපොළ ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර කීපයක් වාර්තා වූ අතර මීගමුව අසල පෝරුතොට නගරයේ වෙළෙඳසල් දෙකක් විනාශ කරමින් එක් ත්‍රිරෝද රථයකට ගිනිතැබීමේ පුවතක් හමුදා බුද්ධි අංශය උපුටා දක්වමින් CNN පුවත්සේවය වාර්තා කළේය. එම තත්ත්වය යටතේ ''අන්තවාදීන් අතලොස්සකගේ ක්‍රියාවක් හේතුවෙන් සමස්ත මුස්‌ලිම් ජනතාවට එරෙහිව ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ කිතුනු ආගමික නායකත්වයට සිදුවිය. වෙරළාසන්න නගරයක මාවතක මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු, කඩා බිඳ හෙලන ලද දේපොළ ආදියේ සුන්බුන් විසිර ඇති ආකාරය සහ පොලුමුගුරු ආදිය රැගත් මිනිසුන් සහිත දර්ශන CNN රූපවාහිනිය මගින් ප්‍රදර්ශනය කළ අතර, මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් විසින් මත්පන් අලෙවිසල් වසාදමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි. ''මත්පැන් බිව්වාම මිනිස්සු ඇතැම්විට හැසිරෙන්නේ තිරිසනුන්ට සමානවයි'' උන්වහන්සේ ප්‍රකාශ කළහ. ''මරණ රාශියක් සිදුව ඇතත් සන්සුන්ව ක්‍රියාකරන ලෙස මම මහජනයාගෙන් ඉල්ලා සිටිනවා. බෞද්ධයන්ට, හින්දූන්ට සහ මුස්ලිම් ආගමික නායකයන්ට ස්තුති කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇතැම් කණ්ඩායම් ආගමික ගැටුම් ආරම්භ කිරීම සඳහා වාර්ගික වෛරය ඇවිලවීමට උත්සාහ දරමින් සිටිනවා'' මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ එවක පෙන්වා දුන්හ. ''මෙයින් වසර දෙකකට පෙර 2019 අප්‍රියෙල් 21 දිනට යෙදුන පාස්කු ඉරිදා පාන්දර අන්තවාදී කණ්ඩායමක ප්‍රහාරයට ලක්වූ අහිංසක ජනතාව වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව කණගාටුවන'' බව සඳහන් කළ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, එම ප්‍රහාරය මුස්ලිම් ජනයාගේ සංවිධානාත්මක ක්‍රියාවක් ලෙස අර්ථගැන්වීම යථාර්ථය විකෘති කිරීමක් බව කියා සිටියේය. ''ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ප්‍රචණ්ඩ ප්‍රහාර අනුමත කරන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයට ජාතියක් හැටියට කිසිම සම්බන්ධයක් නැහැ. අපි එය තරයේ හෙලා දුටුවා විතරක් නොවෙයි, ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුගේ මළසිරුරක් වත් පල්ලියකට ගෙනැවිත් අවමඟුලක් සිදුකිරීම පවා අපේ ආගමික නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණා.'' ''ශ්‍රී ලංකාවේ මුස්‌ලිම ජනතාව හැමදාමත් සෙසු ජාතීන් සහ වෙනත් ආගමික කණ්ඩායම් සමඟ සුහදවයි සිටියේ. නමුත් 2009 දී යුද්ධය නිමවීමෙන් පසුව මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ගිංතොට සහ අලුත්ගම ප්‍රහාර පෙන්වාදෙන්න පුළුවන්. එම මුස්ලිම් විරෝධී මතවාදයේ කූඨප්‍රාප්තිය අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පසුව දකින්න ලැබුණා.'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පෙන්වා දුන්නේය. ''පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ප්‍රජාවක් හැටියට බරපතල දුෂ්කර තත්ත්වයකට පත්කෙරුනු'' බවත් හිල්මි අහමඩ් පවසයි. ''අපි දැන් පසුවෙන්නේ හරියට යුද්ධකාලේ ජීවත්වුණා වගේ බියකින්. ගෙදරින් බැහැර වුණොත් ආපසු එනතෙක් බියක් පවතිනවා. නිදහස් මනසකින් වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මානසිකත්වයක් නැහැ. බයක් තියෙනව'' මුස්ලිම් ජනයාට සහයෝගය සහ ආරක්‍ෂාව සඳහා බෞද්ධ භික්‍ෂූන් මුස්ලිම් පල්ලියකට වැඩම කළ අවස්ථාවක් එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් ''2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය අපි දැඩිලෙස හෙලා දකිනවා. නමුත් අපට එම සිද්ධියෙන් ඉගෙනගන්න හොඳ පාඩමක් තියෙනව. ඒක තමයි ''එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් පෝෂණය වෙනවාය'' කියන කාරණය'' තිහාරිය ඊබ්‍රාහිම් මුස්ලිම් ප්‍රධාන පල්ලියේ මවුලවි සහ කල්එලිය අරාබි කාන්තා විදුහලේ කථිකාචාර්ය මුනීර් මුලාෆර් බීබීසී සිංහල අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේය. 2019ට පෙර පටන්ම රට තුළ මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් පතුරුවා හරිමින් තිබුණු බව සඳහන් කළ මවුලවි මුනීර් මුලාෆර් ''ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් අනතුරුව ඊළඟ ඉලක්කය වන්නේ මුස්ලිම්වරුන් විය හැකි බවට තම ප්‍රජාව අතර බියක් පැතිරයමින් තිබූ බවත් සඳහන් කළේය. ''2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ සංවිධාන කීපයක් කෙලින්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් විවිධ සාවද්‍ය ප්‍රචාර ගෙනයමින් තිබුණා. ඊළඟට ගිංතොට, දිගන සහ අලුත්ගම ඇතුළු ස්ථාන කීපයක ප්‍රහාර එල්ල කෙරුණා. එය මුස්ලිම් ජනයා තුළ බියක් පමණක් නොවෙයි- බලවත් වේදනාවක් ඇති කළා. ඒ නිසයි,මම කියන්නේ එක ජාතිවාදයක් විසින් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවාය කියල'' එවැනි ප්‍රවණතාවක් තිබුණත් ඒවා පාලනයට ආණ්ඩුව පැත්තෙන් කිසිදු පියවරක් නොගත් බවත් මවුලවි මුලාෆර් පවසයි. 2019 ප්‍රහාරය බලපෑ හැටි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාම්ප්‍රදායික මුස්ලිම් ජන ජීවිතය කඩා වැටුණු බව හිල්මි අහමඩ් මෙන්ම මවුලවි මුලාෆර් ද දීර්ඝ වශයෙන් විස්තර කළේය. 'ව්‍යාපාරික අංශය පමණක් නොවෙයි, මුස්ලිම් දරුවන්ගේ ආගමික අධ්‍යාපනයත් කඩා වැටුණා. දවසට 'පස්වේල' ආගමික කටයුතුවලට සහභාගී වෙන ජන කොටසක් විධියට අපි අපේ දරුවන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ ආගමික අධ්‍යාපනය ලබාදෙන්නේ මද්‍රාසා පාසල් මගින්. මේවනවිට එම ආගමික පාසල් ඉගැන්වීම අඩාලයි'' ''මම මට බලපෑ පෞද්ගලික කාරණයක් කියන්නම්.මට උවමනා කළේ මගේ පුතා සිංහල පාසලකට ඇතුල්කරමින් ඔහුට අධ්‍යාපනය ලබාදීම. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවූ වාතාවරණය නිසා මගේ එම සිහිනය බිඳ වැටුණා'' මවුලවි මුනීර් මුලාෆර් බීබීසියට පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් මුස්ලිම් සංවිධාන තහනම මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අත්සනින් යුතුව පසුගියදා නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුස්ලිම් සංවිධාන එකොළහක් තහනම් කිරීමට පියවර ගත්තේය. එලෙස තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුව මෙලෙස දැක්වෙයි. ''මේ වගේ සංවිධාන බිහිවුණේ කුමන පරිසරයක් යටතේද කියන කාරණය වටහාගත යුතුව තියෙනව. ඇතැම් සංවිධාන මුස්ලිම් විරෝධී මතවාදයක් ගෙනයාම තමයි,විවිධ සංවිධාන බිහිවීමට හේතුව වුණේ. හැබැයි, එම ජාතිභේදවාදී හැඟීම් බෝවීමට හේතුවූ සංවිධාන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් කිසිදු තහංචියකින් හෝ බාධාවකින් තොරව නිදැල්ලේ කටයුතු කරනවා'' මවුලවි මුලාෆර් පවසයි. එහෙත් මෙවැනි අසාධාරණ තත්ත්වයන් දකින නමුත් මුස්ලිම් සමාජයේ බොහෝදෙනෙක් ආණ්ඩුවේ බලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් ඒවා ප්‍රශ්න නොකරන බවත් මවුලවිවරයා පවසයි. මේ අතර පසුගිය ඉරිදා(අප්‍රියෙල් 18) ප්‍රකාශයක් කළ මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමන් ''පාස්කු ඉරිදා ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක් නොවන අතර එය දේශපාලන ඉලක්කයක්" බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආගම උපකාරී කරගත් බවත් කියා සිටියහ. 'පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් වීම නිසා එම ප්‍රහාරය මුස්ලිම්වරුන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් විධියට අර්ථ ගන්වන්න පුළුවන්කම ලැබුණා. නමුත් මුස්ලිම් ජනතාවට කිසිම කිතුනු කණ්ඩායමක් සමග ආරාවුලක් තිබුනේ නැහැ. ඇත්තෙන්ම තවත් එහාට ගිහින් බැලුවොත් ඇතැම් බෞද්ධ අන්තවාදී සංවිධාන එක්ක මත ගැටුමක් තිබුණත් කිතුනු ජනතාවත් එක්ක එවැනි මත ගැටුමක් තිබුණේ නැහැ. දැන් කාදිනල්තුමාත් කියනවා මෙය ආගමික අන්තවාදී ක්‍රියාවක් නොව දේශපාලන ඉලක්කයක් තිබුණ ප්‍රහාරයක් කියල. මේක තමයි ඇත්ත තත්ත්වය'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ උප සභාපති හිල්මි අහමඩ් සඳහන් කළේය. ''මුස්ලිම් ජනයා පැත්තෙනුත් අඩුපාඩු තියෙනවා. පූජකවරයෙක් විධියට මම එම අඩුපාඩු පිළිගන්නවා. අපි ආගමික නායකයන් හැටියට අපේ අඩුපාඩු හදා ගැනීමට නිහතමානී වෙන්න ඕන. පූජකයන් කියන්නේ සාමයක් නැති තැන සාමයක් ගොඩනැගීමට කැපවෙන කණ්ඩායමක්'' මවුලවි මුනීර් මුලාෆර් පෙන්වා දෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන දර්ශනයක් ''දැන් බලන්න අපේ සමාජයේ කුඩු ජාවාරමට ජාතියක් ආගමක් නැහැ. කුඩු ජාවාරම් කරන අය සමහර වෙලාවට සිංහල, මුස්ලිම් කිසිම භේදයක් නැතිව එකට එකතුවෙලා ඒ අපරාධය කරගෙන යනවා. නමුත් කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුනොත් ඇතැම් මාධ්‍ය එය වාර්තාකරන්නේ ඔහුගේ ජාතියත් පටලවල. කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුණා කියල. නමුත් සිංහල කෙනෙක් කුඩුත් එක්ක අහුවුණොත් සිංහල ජාතිකයෙක් අහුවුණා කියල වාර්තා කරන්නේ නැහැ. එම වෙනස තුළම එක ජාතියක් පීඩාවට පත් කරනවා'' හිල්මි අහමඩ් සඳහන් කළේය. ''ඒ අදහසත් සමඟ මමත් එකඟ වෙනවා. දැන් බලන්න, සමහර රූපවාහිනී නාලිකා පවා ඒ වැඩේ කරනවා. එතකොට අපි සියලු දෙනාම අපරාධකාරයෝ කියන හැඟීමක් සමාජයට දෙනවා. සමාජ මාධ්‍ය ජලයේ පළකෙරෙන ප්‍රකාශනවල තත්ත්වයත් ඒකමයි. මම දැක්කා සමහරු නබිනායක තුමාට පවා අපහාස කෙරෙන ප්‍රකාශන පළකරලා තිබුණා'' මවුලවි මුලාෆර් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් තුළ රටහැර යාමේ මානසික තත්ත්වයක් ද වැඩෙමින් පවතින බවත් මවුලවිවරයා පවසයි. ''මුස්‌ලිම් ජනයා දෙස වපර ඇසින් බැලීම නතරවෙන්න ඕන. එපමණක් නොවෙයි, ආණ්ඩුවේ රැකියාවල නිරතවෙලා ඉන්න මුස්ලිම් නිලධාරීන් පවා කටයුතු කරන්නේ එක්තරා බියකින්'' බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක් කියවන්න;
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ හමුදා කඳවුරකට ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජ්‍යේෂ්ඨ ඇමතිවරු අතර හමුවක් පැවැත්වේ.
පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ කෝපය පළ වන බවයි ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂක රාහුල් බේඩි පවසන්නේ. පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය. මෑත වසර කීපය තුළ ඉන්දීය කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කොට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි. ගිනි අවි සහ අත් බෝම්බ රැගත් ප්‍රහාරකයන් හමුදා කඳවුරට කඩා වැදී ප්‍රහාර එල්ල කොට තිබේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ඉන්දීය ආණ්ඩුව කියා සිටියේ තහනම් කරන ලද පාකිස්තානයේ ක්‍රියාත්මක ජයිෂ්- එ-මොහම්මද් නමැති කැරලි කණ්ඩායමට අයත් පුද්ගලයන් විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. ත්‍රස්තවාදයට අනුබල දෙන බවටත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා පාකිස්තානයට චෝදනා කළේය. එහෙත් එම චෝදනාව පාකිස්තාන ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ලොව බිහි වූ කලා නිර්මාණ අතරින් වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය කුමක්ද?
'මහා රළ පෙළ' එසේ ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වී ඇති කලා කෘතිය ලෙස සැලකෙන්නේ ජපාන ජාතික කට්සුෂීකා හොකුසායි විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි. 'මහා රළ පෙළ' නමැති සිතුවම ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ 1830 ගණන්හි මුල් භාගයේදීය. ඒ සිතුවම් මාලාවක එක් කොටසක් වශයෙනි. "මහා රළ පෙළ සිතුවම් මාලාවක කේන්ද්‍රයයි. එය ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ සිතුවමයි. මෙය මීට පෙර දැක නැහැ කියා මිනිස්සු හිතුවත් ඔවුන් එය කොහේ හෝ දැක තිබිය යුතුයි" SOAS විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙකු වශයෙන් කටයුතු කරන ඇන්ගස් ලොක්යර් කියා සිටියේය. සබැඳි යොමු:
ජනාධිපති වික්තර් යනුකොවිච්ට සහ යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටින විරෝධතාවාදීන් සිය ගණනක් යුක්රේනයේ කියෙෆ් අගනුවර නගර සභා ගොඩනැගිල්ලට කඩා වැදුනහ.
මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය නිකුත් කළ නියෝගයක්ද නොතකා හරිමින් 'කියෙෆ් අපේ' යනුවෙන් හඬ නගමින්, ගොඩනගිල්ලේ වීදුරු කඩා එහි ඇතුළු වූ උද්ඝෝෂකයෝ, එහි ජනේලයක යුක්රේන ජාතික කොඩිය එස වූහ. පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් ගොඩනැගිල්ල පිටුපස රැස් වී සිටින බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, ප්‍රදේශයෙන් දුම් ගඳක් මතු වන බවද ප්‍රකාශ කරයි. උද්ඝෝෂකයන් සමඟ සිටි විපක්ෂයේ පීතෘ භූමිය පක්ෂයේ නායක අර්සේනි යත්සේනුක්, සිය සටනට සහාය දෙන මෙන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. "මම මේ ආණ්ඩුවයි, ජනාධිපතියි හොඳින්ම දන්නවා. බලයේ රැඳිල ඉන්න ඔවුන් පුළුවන් හැම දෙයක්ම කරාවි. කැරලි මර්ධක පොලිසියයි, හමුදාවයි යොදා ගෙන ඔවුන් ඒක කරන බව දැනටම පෙන්නල දීල තියෙනව," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා තහවුරු කරයි.
ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ අද (සිකුරාදා) පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම් කමලේෂ් ශර්මා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර, 2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය පල කිරීම සඳහා සංවිධාන කළ විරෝධතාවක් ද පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
හේලීස් ව්‍යාපාර සමූහයේ අත් වැසුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුන රතුපස්වල වාසීන් ට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට හත් දෙනකු මිය ගොස් ඇති බව ප්‍රධාන විපක්ෂය පවසයි.
තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහලේදී මිය ගිය බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි "වතුර ටිකක් ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්," ආණ්ඩුව මියගිය සංඛ්‍යාව ද වසන් කරමින් සිටින බවයි, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. හමුදා ප්‍රහාරයේදී වෙඩි වැදුණු අකිල දිනේෂ් පාසල් ශිෂ්‍යයා බ්‍රහස්පතින්දාම මියගිය අතර, තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහලේදී මිය ගිය බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ජනමාධ්‍යවලට පවසා තිබේ. 'මළසිරුරු තුනයි' වැලිවේරියේ රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තබන මෙන් නියෝග කළේ කවුද යන්න මෙන්ම හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසත් ආණ්ඩුව හෙළි කළ යුතු බව ආණ්ඩුව අවධාරණය කරයි. "ඒ අණ දුන් බලවතා රාජපක්ෂ අයියාද, නැතිනම් මල්ලීද?" යන්න දැන ගැනීමට සමස්ත ලෝකයම බලා සිටින බවත් නිවේදනයේ සඳහන්. එම චෝදනා පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගරත්න කියා සිටියේ, තමන් දන්නා තරමින් මේ වනතුරු භාර දී තිබෙන්නේ මළසිරුරු තුනක් පමණක් බවයි. එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් පාර්ශවයන් විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරන බව පැවසූ ඔහු, ඔවුන්ට එම තොරතුරු ලැබුනේ කෙසේ දැයි තමන් නොදන්නා බව ද කියා සිටියේය.
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පෙළ ගැසී සිටින්නේ එරට සාමාන්‍ය වැසියන්ය.
වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගී වෙති ඔවුන්ගේ දැවැන්ත විරෝධතාවන්ට එරෙහිව හමුදා පාලනය දක්වන්නා වූ මර්දනකාරී ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතින අතරේ එරට සාමාන්‍ය වැසියන්ට දුෂ්කර වූ තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත. පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මියන්මාර හමුදාව, එරට පාලන බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 01 වෙනිදාය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලද සිය ආණ්ඩුව, හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ගේ තේරීම වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි පෙබරවාරි 01 වෙනිදා සිට, විරෝධතා අතරතුර මරණයට පත් පිරිස අවම වශයෙන් 149 කි. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි වෙතැයි විශ්වාස කෙරේ. පහත දැක්වෙන්නේ නොනැවතී, විරෝධතාවන්ට සහභාගී වන ජනයා තමාගේම වචනයෙන් විස්තර කළ අත්දැකීම්ය. සිය දියණියගේ හෙට දවස වෙනුවෙන් සටන් වදින මවක් නව්, ජාතීන්ගෙන් සැදුම්ලත් මහා වර්ජන කමිටුවේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. වඩාත් හොඳ අනාගතයක් උරුම කර දෙනුවස්, දොලොස් මස් වියැති සිය දියණියගේ නාමයෙන් වර්ජනයන්ට සහභාගී වන බව ඇය කියා සිටී. මම 'කරෙන්' (මියන්මාරයේ සුළුතර වාර්ගික කණ්ඩායමක්) සාමාජිකාවක්, ඉතින් විරෝධතා කියන දේ මට අලුත් දෙයක් නොවෙයි. රාජ්‍ය අනුශාසක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් ම්යින්ට් නිදහස් කරන ලෙසත් 2020 ඡන්ද ප්‍රතිඵල, යළි සොයා බලා සහතික කරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. එහෙත් සුළුතර වාර්ගික ජන කණ්ඩායමක් වශයෙන් අපිට බලවත් ඉල්ලීම් තිබෙනවා. මියන්මාරයට අයත් සියලුම ජාතීන්ගේ එකතුවෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ සංගමයක් ස්ථාපනය කිරීම අපේ ඉදිරි දැක්මයි. හමුදාව වසර ගණනක් රට පාලනය කලේ බෙදා, යටත් කර ගැනීමේ උපායමාර්ගය යොදාගෙනයි. එහෙත් දැන් සියලුම ජාතීන් එක්සත් වෙලා. මට අවුරුද්දක පොඩි දුවෙක් ඉන්නවා. මම කරන දේවල් නිසා ඇය විඳවනවා දකින්න මට ඕන නැහැ. මම උද්ඝෝෂණවලට සම්බන්ධ වුණේ මගේ දුව වෙනුවෙන්, මොකද මම වගේම ඇයත් ඒකාධිපති පාලනයක් යටතේ උස්මහත් වෙනවා දකින්න මම කැමති නැහැ. උද්ඝෝෂණවලට සම්බන්ධ වීමට පෙර මම මගේ සැමියා එක්ක ඒ ගැන සාකච්ඡා කළා. විරෝධතා අතරතුර මා අත්අඩංගුවට පත් වුණොත් නැතිනම් මළොත්, අපේ දරුවා රැක බලාගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න කියලා මම සැමියාගෙන් ඉල්ලා සිටියා. අපේ දරුවන්ට භාර නොකර, අපිම මේ විප්ලවය අවසානයක් කරා ගෙන යනවා. දොස්තරවරුන්ට පැන යාමට උපකාර කරන වෛද්‍ය නිලධාරියා නන්ඩා* ම්යෙයික් නගරයේ රෝහලක සේවය කරයි. මියන්මාර වෛද්‍ය සේවකයෝ, හමුදා පාලනයට එරෙහි විරෝධතාවන්හි පෙරමුණේ පසු වූහ. එහෙත් හමුදාව විසින් තමා රැගෙන යනු ඇතැයි බියෙන් ම්යෙයික් හි වෛද්‍ය සේවයකයන්ට සැඟ වී සිටීමට සිදු වූ බව නන්ඩා පවසයි. එදා මාර්තු 07 වෙනිදා රාත්‍රියේ, ඇඳිරි නීතිය දාන්න පැය කීපයකට කලින්. මම වීදුරු අඳුරු කරපු කාරයක් පදවමින් සිටියේ. මම, අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙක්, කායික වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ සහ පවුලේ අනෙකුත් අය කාරයට ගොඩකර ගත්තා. අඳුරට මුවා වෙලා ඔවුන්ගේ බෑග් මළු කාර් එකට දාගෙන ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගියා. හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද හෙදියන්ගේ නාම ලේඛනයක් තමා වෙත ලබා දෙන ලෙස ආණ්ඩුවේ බලධාරීන්, ම්යෙයික් හි රෝහල් වෙත ඊට දිනකට පෙර දන්වා තිබුණා. අපිට බයක් දැනුණා. ඔවුන්ට මේ නම් අවශ්‍ය ඇයි? බලධාරීන් විසින් කැඳවනු ලැබුවහොත් ඔවුන්ට කුමක් වේවිද? තමන් අල්ලා ගනු ලැබුවහොත් කුමක් වේවිදැයි බියෙන් රජයේ රෝහල්වල සේවය කරන සියලුම වෛද්‍යවරුන් සැඟව සිටින්න තීරණය කලා. සමහර වෛද්‍යවරුන්ට පැන යාමට උදව් කිරීමේ කාරිය මට පැවරුණා. අපේ කාරය ඇතුළේ තිබුණේ විශ්වාස කරන්න බැරි, කලකිරෙන සුළු තත්ත්වයක්. "ඔවුන් කැමති දේ කරන අතරේ අපි වැනි මිනිස්සුන්ට (වෛද්‍යවරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල), අපරාධකරුවන් වගේ සැඟව සිටීමට සිදුව ඇත්තේ ඇයි?" යනුවෙන් කායික රෝග වෛද්‍යවරිය ප්‍රශ්න කළා. මට අප්පිරියාවක් දැනුණා. වරදක් නොකළ, වෛද්‍යවරු හංගන්න මට සිදු වෙයි කියලා කිසිදාක සිතුවේ නැහැ. ඉදිරි දිනවල ම්යෙයික් හි ජනතාවට ඔවුන් ගැන බලන්න ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකු පමණයි. හමුදාවේ පහරදීම්වලට ලක් වෙන විරෝධතාකරුවන් වගේම ළඟ පාත සිටි අයගේ කැඩුණු ඇඟිල්ලක්, අතක්, හිස්කබලක් හරිගස්සන්න ප්‍රමාණවත් ශල්‍ය වෛද්‍යවරු නොසිටීවි. ම්යෙයික් හි කාන්තාවන්ට දරු ප්‍රසූතියේදි උපකාර කරන්න ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරු නොඉඳීවි. වෛද්‍ය සේවකයන්, මේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් සහ අත්‍යවශ්‍ය කොටසක්ව සිටියා, එහෙත් ඔවුන් දැන් නැහැ. කැමරාව පිටුපස සිටි මිනිසා මවුන්ග්, යැන්ගුන් හි වෙසෙන චිත්‍රපට ශිල්පියෙකි. හමුදා පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ විට, එම ව්‍යාපාරයේ ගමන් මග දෛනිකව වාර්තා ගත කර තැබීමට ඔහු ඉටා ගත්තේය. පෙබරවාරි 28, අමතක නොවෙන දිනයක්. යැන්ගුන් හි බර්ගයා වීදියේ, බැරියර්වලට පිටුපස පෙරමුණේ මා සිටගෙන සිටියා. මම, ෆෝන් එකෙන් දර්ශන පටිගත කරමින් සිටියා. විරෝධතාකරුවන් සිය ගණනක් සටන් පාඨ කියමින් බෝතල් සහ කෑන් හප්පමින් හඬ නැගුවා. එක පාරටම සීයක පමණ පිරිසක් අප දෙසට ගමන් කළා. ඔවුන් පොලිසියෙන්ද නැතිනම් හමුදා භටයන්ද කියා මම දන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් නොකරම, ඔවුන් අපට වෙඩි තියන්න පටන් ගත්තා, ගෑස් බෝම්බ ගැහුවා. දර්ශන පටිගත කරන්න උත්සාහ කරන අතරේ, පැන යා හැකි, කලින්ම සොයා ගෙන තිබූ පාරක් වෙත මා දිව ගියා. අපි බොහෝ දෙනෙකුට පැන යන්න හැකි වුණා. දැන් මා විරෝධතා වෙත යන විට, හෙල්මටයක් සහ උණුසුමට ඔරොත්තු දෙන අත්වැසුම් රැගෙන යන්න වෙලා. ඉඩක් ලැබුන හැටියේ, කඳුළු ගෑස් අඩංගු බෝතල්, යළි දමා ගසන්න අපි උත්සාහ කරනවා. බොහෝ විට, ඒ බෝතල් නිෂ්ක්‍රිය කරන්න. අපි ඒවා තෙත රෙදිකඩකින් වහනවා, ඒ මතට වතුර දමනවා. ගෑස්වල බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වී සිටීමට නොහැකි, ලාබ මුව ආවරණ බොහෝ දෙනෙකු පළඳිනවා. අපේ මුහුණෙන්, කඳුළු ගෑස් හොඳින්ම සෝදා හරින්න පුළුවන් කොකා-කෝලාවලට බව අපි සොයා ගත්තා. චිත්‍රපට ශිල්පියෙක් සහ උද්ඝෝෂකයෙක් වශයෙන්, සෑම දිනකම විරෝධතාවන්ට සහභාගී වෙන්නත් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් මම හිතා ගත්තා. දැන් ඒ වීඩියෝ දෙස යළි බලන විට, මේ ප්‍රතිරෝධය, සාමකාමී විරෝධතාවක සිට අපේ ජීවිත අනතුරේ තබා කෙරෙන විරෝධතාවක් දක්වා වෙනස් වී ඇත්තේ කෙසේදැයි කියා මට යළි අත්විඳිය හැකියි. වෙන කිසිම චිත්‍රපටයකට වඩා මෙය බෙහෙවින් අසාමාන්‍ය එකක්. හමුදාවට කොටු වූ කාන්තාවක් පර්යේෂිකාවක් වන පියෝ*, යැන්ගුන් නගරයේ සැන්චාවුන්ග් හි විරෝධතාවකට සහභාගී වූ දෙසීය දෙනෙකු අතරින් එක් අයෙකි. පිටව යාමට නොහැකි වන පරිදී තම කණ්ඩායම හමුදාව විසින් කොටු කරනු ලැබ ඇති බව ඔවුන්ට වැටහිණි. අවම වශයෙන් හතලිස් දෙනෙකුවත් එහිදී අත්අඩංගුවට පත් විය. එදා මාර්තු 08 වෙනිදා හවස දෙකට පමණ ආරක්ෂක හමුදා ඇවිත් අප කොටු කළා. ගෙවල්වල මිනිස්සු ඔවුන්ගේ දොරපියන් ඇරලා, අප ඒ වෙත ඇතුළු කර ගන්න අතෙන් සංඥා කරන හැටි අපට පෙනෙන්න පටන් ගත්තා. අපි පිටතට එනතෙක් ආරක්ෂක අංශ එලියට වී සිටියා. අපි හිටපු ගෙදර හත් දෙනෙක් සිටියා, කාන්තාවන් හය දෙනෙකු සහ එක් පිරිමියෙක්. නිවෙස්වල අයිතිකරුවන් ඉතාම කරුණාවන්තයි, අපිට කෑමවලින් සත්කාර කළා. පැය කීපයකින් පිටතට යාම ගැටලුවක් නොවෙනු ඇති බව සිතුවත් හවස 06:30 ට පමණ අපි ටිකක් කලබල වුණා. ආරක්ෂක හමුදා එතනින් පිටව නොයන බව අපට වැටහුණා. පැන යාමේ සැලසුමකට යන්න අපි තීරණය කළා. ආරක්ෂා සහිතව සැඟව සිටිය හැකි පාරවල් සහ වෙනත් තැන් ගැන, අපිට සත්කාර කරපු නිවෙස්වල හිමිකරුවන් අපිව දැනුවත් කළා. අපේ සියලුම දේවල්, සත්කාර කළ පළමු නිවසේ දමා ගියා. ඒ ගම් පළාතේ කෙනෙකු ලෙස පෙනෙන සේ සරමක් ඇඳ, මම ගෙදරින් පිට වුණා. මගේ ෆෝන් එකේ තිබුණු ඇප්ස් ගණනාවකුත් ඉන් ඉවත් කළා, වැඩිපුර සල්ලි ටිකක් අතේ තියා ගත්තා. අපි මුළු රෑම ගත කළේ තවත් ආරක්‍ෂිත ස්ථානයක. උදේ වෙනකොට ආරක්ෂක හමුදා තවදුරටත් පිටත නොමැති බව අසන්න ලැබුණා. බීබීසී නිවුස් හි Yvette Tan සහ Eaint Khai Oo විසින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරෙනි. රූප නිර්මාණය බීබීසියේ Davies Surya විසිනි. *ආරක්ෂක හේතුන් මත නම් වෙනස් කර ඇත. මේ ගැනත් කියවන්න:
2021 සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතරේ මුළු වියදම රුපියල් බිලියන 3,525ක් වන බැවින් රුපියල් බිලියන. 1,564ක ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව ආණ්ඩුව පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමුවෙනි අයවැය අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැටකෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන යෝජනා ඉදිරිපත් කරන බවය. මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙතෙක් සිය පාර්ලිමේන්තු කාලය තුළ ඉදිරිපත් කරනු ලබන ඔහුගේ 14 වන අයවැය වන අතර රටේ 75 වන අය වැය වාර්තාව ය. ඒ අනුව සිය අයවැය කතාව සමාප්ත කරමින් ඔහු පෙන්වා දුන්නේ, "මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. එය "සෞභාග්‍යයේ දැක්ම" යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස්කළ අයවැයක්. ගෝලීය ආර්ථිකයක් තුළ තරඟකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකය තරඟකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපවිය යුතුයි.රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි," යනුවෙනි. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අගමැතිවරයා, "බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා." "දේශීය හා විදේශීය ගෙවීම් වලදී කල් පිරුණ ණය දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි," ඔහු පැවසීය. මෙම අයවැය මගින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරික, සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙනුත්, ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ වශයෙනුත් එකිනෙක ගැලපෙන සංවර්ධන යෝජනා මගින් ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීමට හැකි වන බව ඔහු තවදුරටත් පැවසීය. "2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5.5ක් වන අතර එය සියයට 6 ඉක්මවන වර්ධන වේගයකට යොමු කිරීමත් සමඟ රාජ්‍ය ආදායම් වර්ධනය දැනට පවත්නා සියයට 9.7 සිට සියයට 14.1 දක්වා ඉහළ නංවා ගැනීම සිදු කිරීම අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදි කාලීන දැක්ම බව අවධාරණය කරනවා." "2025 වන විට අයවැය හිඟය සියයට 4කට ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්, රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා," යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය. අගමැතිවරයා තම අසුනේ සිට අයවැය ප්‍රකාශය කරමින් වියදම් වෙන් කිරීම මේ අතර රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ශ්‍රී ලංකාව තුළින් හා ඉන් බැහැරින් ණය ලබා ගැනීමට යෝජනා කෙරිණි. 2021 වියදම් වෙන් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ දශම කිහිපයකින් ඉහළ නැංවූ වියදමකි. 2021 වසර සඳහා ඊට රුපියල් බිලියන 159.57 ක් වෙන්කර ඇති අතර එය 2020 වසරේ දී දැක්වුණේ රුපියල් බිලියන 159.48 ක් ලෙසිනි. නමුත් 2019 දී සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබිණි. විශ්ලේෂකයන් පවසන්නේ ගෝලීය වසංගතයක් පවතින තත්ත්වයක් තුළ රජය සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් කෙරෙහි අඩු අවධානයක් යොමු කර ඇති බවකි. මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2021 දී රුපියල් බිලියන 330 ක් වෙන්කර ඇත. එය 2020 වසරේ දී රුපියල් බිලියන 244.8 වූ අතර 2019 දී වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 176 කි. එනයින් ගත් කළ පෙන්නුම් කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණයට වඩා මාර්ග ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවකි.. 2021දි සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 2900ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙය 2020 වසරේ රුපියල් බිලියන 2650ක්ද 2019 දී රුපියල් මිලියන 2200 ද විය. පවතින බදු ප්‍රතිපත්තිය දිගට ම අගමැතිවරයා තම අයවැය කතාවේදී පැවසුවේ රජයේ සාර්ව ආර්ථික ගමන්මග "සෞභාගයේ දැක්ම" සමාජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බවය. 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන බව ද අයවැය යෝජනාවලදී කියැවිණි. සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර මත්පැන්, දුම්වැටි, රථවාහන, සූදු, දුරකථන සේවා සඳහා නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ. ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කළ අතර විශේෂ බදු අභියාචනා අධිකරණයක් පිහිටුවීමට ද ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ද යෝජනා කෙරිණි. අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති ගෙනෙන බවටත් බදු වංචා සඳහා සහය දෙන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමටත් යෝජනා කෙරිණි. ඉදිරි වසර පහ තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් කරන බවත් රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවත්වා ගැනීමටත් මුදල් ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා විසින් යෝජනා කරනු ලැබීය. නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස් කරන බව ඔහු පැවසීය. අගමැතිවරයා කියා සිටියේ ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍ය බවය. විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන බවත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බවත් දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවන බවත් ඔහු පැවසීය. ආරක්ෂක අංශයට සහන මීට අමතරව පොලිස් සේවය ශක්තිමත් කරන බවත් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කරන බව කී අගමැතිවරයා සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව දෙන බවද කීය. එසේම තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක් වෙන්කරන බවත් ඔහු පැවසීය. අධ්‍යාපනය ඉහළ නැංවීමට බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරන බවත් කී අග්‍රාමාත්‍යවරයා ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන පහක් ඇති කිරීමට, හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කිරීමට හා සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.. දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ලබාදීමටත් දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සළකා ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරෙන බවත් ඔහු පැවසීය. නව ව්‍යවසාකයින් සඳහා සියයයට හතරක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක ණයක් ලබාදීමට ද ඔහු යෝජනා කළේය. රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක් පිහිටුවීමට ද යෝජනා කළ අගමැතිවරයා එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහළොවක පමණ පිරිසක් විදේශීය රැකියාවල නිරතව සිටිති. එම පිරිස සඳහා තමන් 2013 දී කළ යෝජනාව අනුව දායක විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව 2021 අයවැය කතාව ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. එමෙන්ම විදේශ රැකියාවල නිරත වන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශීය විනිමය මුදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයට රුපියල් දෙක බැගින් අමතරව ගෙවීමට ද යෝජනා කරන ලදී . ගොවීන්ට සහන වී සඳහා පොහොර නොමිලේ සැපයීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 1500 ක මිලකට ලබාදීමටත් සහතික කරන බව අගමැතිවරයා පැවසීය . වගා නොකරන පුරන්කුඹුරු සහ නොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරිදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට ද යෝජනා කෙරිණි. කහ සහ ඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම බෝග නිෂ්පාදන ඉහළ නැංවීමට පොල් හා රබර් වතුවල අතිරේක බෝග වගාවන් වගා කිරීම සඳහා වගා ආධාර ක්‍රමයක් ද යෝජනා කර තිබේ. කිරි ගොවීන්ට 'සහන' කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300 (රුපියල් බිලියන 55 පමණ) කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. ඒ යටතේ කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත . වතු කම්කරු වැටුප වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහින්ද රාජපක්ෂ යෝජනා කළේය . රාජ්‍ය සේවකයින් සඳහා 'සහන' රාජ්‍ය සේවකයන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරිම සඳහා සූර්ය බල විදුලි පහසුකම් ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ . රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශවලට අදාළ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමටද යෝජනා කර ඇත. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමට ද යෝජනා කරන ලදී. රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට ද අගමැති මහින්ද රාජපක්ෂ යෝජනා කළේය. අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නොවන බව අගමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටක් වන අතර පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබේ. කාන්තාවන් සඳහා අඩු වයසක් ක්‍රියාත්මක වේ. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා නිෂ්පාදන ආර්ථිකය ඉහත කී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් එක්සත් ජාතික පක්ෂයට එක් වෙයි.
මේ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් ‘සිරිකොත’, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද, බදාදා පැවැත්වුණු අතර එහිදී පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලය පිහිටුවා ගන්නා ලදී. හුනයිස් ෆාරුක් මන්ත්‍රීවරයා ද මේ අවස්ථාවට එක් විය.
ඇය සිංගප්පූරුවේ මහා ධන කුවේරයකුගේ නිවසෙහි මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවකි. මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600කි.
පාර්ති සිය හාම්පුතා වන ලීව් මුන් ලියොන්ග් නිවසේ වසර කීපයක් ම සේවය කළාය ඇයගේ හාම්පුතා වන ව්‍යාපාරිකයා සිංගප්පූරු ව්‍යාපාරික සමාජයේ මහා කුළුණක් තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම,රටේ සමාගම් කීපයක අධිපතිවරයා ද වෙයි. එක්තරා දිනයක, පාර්ති ලියනි (Parti Liyani) නම් ඉහත කී ගෘහසේවිකාවට සිය ජීවිතයේ කනගාටුදායක දෙයකට සවන්දීමට සිදුවිය. එනම්, නිවසේ වූ භාණ්ඩ කීපයක් සොරකම් කර ඇති බවට ගෙහිමියන් විසින් ඇයට චෝදනා කරනු ලැබීමය. එතැනින් නොනැවතුනු ගෙහිමියෝ ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළහ. මිල අධික සුඛෝපභෝගී කාන්තා අත් බෑග්, DVD යන්ත්‍රයක් පමණක් නොව ඇඳුම් පවා සොරකම් කරන ලද බවට ඉදිරිපත් වූ චෝදනා ඇතුළත් එම නඩුව සිංගප්පූරු සමාජයේ බෙහෙවින් කතාබහට ලක්වූ නඩු විභාගයක් බවට පත්විය. එහෙත් දීර්ඝ නඩු විභාගයක් අවසානයේ පාර්ති ලියනි, ගෘහසේවිකාව ඇයට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි. ''මට හරිම සතුටුයි. අන්තිමේ දී මම නිදහස්!'' පරිවර්තකයකුගේ සහයෝගය ඇතිව මාධ්‍යවේදීන් අමතමින් ඇය සඳහන් කළාය. ''මේ අවස්ථාව ලබාගන්න මම අවුරුදු හතරක් පුරා සටන් කළා'' ඇය කියා සිටියාය. 'පාර්ති' ඇය මුහුණදුන් චෝදනාවලින් නිදහස ලද නමුත්, එම නඩු විභාගයත් සමඟ සිංගප්පූරු අධිකරණයේ පිහිට ලබාගැනීම අතින් පවතින අසමනතාවට අදාළ ප්‍රශ්න රැසක් එම නඩුකරයත් සමඟ සමාජය ඉදිරියට පැමිණ ඇත. 'පාර්ති' සිය හාම්පුතා වූ 'ලීව් මුන් ලියොන්ග්' (Liew Mun Leong) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් එම නිවසේ රැකියාව ආරම්භකර තිබෙන්නේ 2007 වසරේදී ය. ගෙහිමියාගේ පුත්‍රයා වන 'කාර්ල්' ද ඇතුළුව පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් එම නිවසේ වාසය කරති. 2016 මාර්තු මාසයේ දී කාර්ල් ලීව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ සිය ''මහගෙදරින්'' ඉවත්ව වෙනත් නිවසක පදිංචියට ගියහ. පාර්තිට එරෙහි නඩු විභාගයේ දී එකින් එක කරුණු දිගහැරෙමින් තිබියදී අනාවරණය වූ කරුණක් වූයේ අවස්ථා කීපයක්ම එම ගෘහසේවිකාව කාර්ල්ගේ නිවසත් පිරිසිදු කිරීමට යොදවා ඇති බවය. එය සිංගප්පූරුවේ නීතිය අනුව වරදකි. ඒ සම්බන්ධයෙන් පාර්ති කලින් පැමිණිලි කරනු ලැබ ඇත. එයින් මාස කීපයකට පසු ලීව් පවුල ඇය සේවයෙන් ඉවත් කරන ලද බව පාර්තිට දැනුම් දුන්හ .ඔවුන් එවැනි පියවරක් ගෙන තිබුණේ පාර්ති ඔවුන්ගේ නිවසේ භාණ්ඩ සොරකම් කරන ලදැයි සැකයෙනි. කාර්ල් ලීව් ඔවුන්ගේ තීරණය දැනුම්දුන් මොහොතේ ඇය මෙසේ ප්‍රකාශ කරන ලද බව 'Straits Times' පුවත්පත වාර්තාකර තිබුණි. ''මම දන්නවා - ඔබ එවැනි පියවරක් ගන්නේ ඇයි කියල. ඔබ මාත් සමඟ තරහයි.මොකද මම ඔබගේ වැසිකිලිය පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි-ඔබේ තීරණයට හේතුව'' සිය බඩු භාණ්ඩ පෙට්ටි කීපයකට අසුරා ගැනීම සඳහා පාර්තිට පැය දෙකක් කල්දුන් ගෙහිමියෝ ඒවා ඉන්දුනීසියාවට එවන බව දැනුම් දුන් අතර, ඒ අනුව ඇය එදිනම සිය මව්රට බලා පිටත්ව ගියාය. එපරිද්දෙන් එම නිවසින් පිටත්ව යාමට පෙර සිය බඩු අසුරමින් සිටියදී ප්‍රකාශයක් කළ පාර්ති ''කාර්ල්ගේ නිවස පිරිසිදු කරන ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන්ට පැමිණිලි කරනවා'' යැයි 'ලීව්' පවුලට අනතුරු අඟවා ඇත. පාර්ති පිටත්ව යාමෙන් පසු ලීව් පවුලේ සාමාජිකයෝ ඇය තබා ගිය පෙට්ටි පරීක්ෂා කිරීමට තීන්දු කළහ. ඒවා විවර කරමින් *පරීක්ෂාකළ ඔවුහු තමන්ට අයත් භාණ්ඩ කීපයක් පාර්තිගේ ඇසුරුම් අතර තිබී සොයාගන්නා ලද බවට පොලිසියට පැමිණිලි කළහ. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලීව් සහ ඔහුගේ පුත් කාර්ල් විසිනි. පාර්ති කියාසිටින්නේ එවැනි අනුන් සතු භාණ්ඩ කිසිවක් ගැන තමා නොදන්නා බවය. ඉහත සඳහන් කළ පරිදි ඉන්දුනීසියාවට ගිය පාර්ති ඉන් සති පහකට පසු වෙනත් නිවසක රැකියාවක් ලැබ එය භාරගැනීම සඳහා සිංගප්පූරු ගුවන්තොටුපොළට ළඟා වූවාය. එහෙත් ඇය ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබුණි පාර්තිට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබුනේ අපරාධ නීතිය යටතට ගැනෙන චෝදනා ය. එබැවින් ඇයට යළි සිංගප්පූරුවේ රැකියාවක් කළ නොහැකි වූ අතර සංක්‍රමණික කම්කරුවන් රඳවනු ලබන ස්ථානයකට යවනු ලැබුණි. නඩුව විභාගයට ගැනෙමින් පවතින අතරවාරයේ ඇයට මූල්‍යාධාර මත යැපීමට සිදුවිය. ඇඳුම් සහ කුඩා පොකට් පිහියක් ලීව් නිවසේ භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්තිට චෝදනා කෙරිණ. එම භාණ්ඩ අතරට ඇඳුම් කට්ටල 115ක්, මිලෙන් අධික සුඛෝපභෝගී කාන්තා අත්බෑග්, DVD යන්ත්‍රයක් සහ 'Gerald Genta' වර්ගයේ අත් ඔරලෝසුවක් ද ඇතුළත් විය. එකතුව ගත්විට එම සමස්ත භාණ්ඩවල වටිනාකම සිංගප්පූරු ඩොලර් 34,000කි. අධිකරණයේ දී පිළිතුරු දුන් පාර්ති කියා සිටියේ තමා විසින් සොරකම් කරන ලදැයි පවසන එම භාණ්ඩ එක්කෝ තමාට අයත් දේවල්, හෝ ඉවත දමන ලද භාණ්ඩ විය හැකි අතර ඊට අමතරව තමා විසින් එම පෙට්ටිවලට ඇතුළත් නොකළ දේවල් ද වියහැකි බවය. කෙසේවුවද, 2019 වසරේ දී පළමු අධිකරණයේ විනිසකරු පාර්ති වැරදිකාරිය යයි තීන්දු කරමින් වසර දෙකකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කළේය. එහෙත් තම නිවැරදිභාවය ඔප්පුකිරීම සඳහා එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට පාර්ති තීන්දු කළාය. එම අභියාචනය විභාග කළ සිංගප්පූරු මහාධිකරණ විනිසුරුවරයා පසුගිය මාසයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පාර්ති නිවැරදි යයි ප්‍රකාශයට පත්කළේය. සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ මහාධිකරණ විනිශ්චයකාර චෑන් සෙන්ග් ඔන් (Justice Chan Seng Onn)පෙන්වා දුන්නේ පාර්තිට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ලීව් පවුල ''සිතාමතාම අසද්භාවයෙන්'' කටයුතු කර ඇති බවය. එපමණක් නොව, පාර්ති සම්බන්ධ පැමිණිල්ලේ දී පොලිසිය සහ නීති නිලධාරීන් කටයුතු කර තිබෙන ආකාරය සහ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයා එම නඩුව හසුරුවා ඇති ආකාරය පිළිබඳවද කරුණු කීපයක් මහාධිකරණ විනිසුරු විසින් ඉස්මතුකර දක්වන ලදී. තමා කාර්ල්ගේ නිවස පිරිසිදු කිරීම සඳහා සිංගප්පූරු කම්කරු නීතියට පටහැනිව යෙදවීම සම්බන්ධයෙන් පාර්ති විසින් පැමිණිලි කරනු ලැබීම වලක්වාලීම ලීව් පවුලේ උවමනාව වී ඇති බව මහාධිකරණය තීන්දු කර ඇත. පාර්ති විසින් සොරකම් කරන ලදැයි චෝදනා කෙරෙන බොහෝ භාණ්ඩ අබලන්ව ඇති ඒවා බව මහාධිකරණ විනිසුරුවරයා සටහන් කර ඇත. අදාළ අත් ඔරලෝසුවේ පතුලේ පියන නැත. ජංගම දුරකථන දෙකක් (iPhones) වූ අතර ඒවා ක්‍රියා නොකරයි. එවැනි අබලි ද්‍රව්‍ය සොරකම් කිරීම සාමන්‍යයෙන් සිදුවිය නොහැකි බව විනිශ්චයකාරවරයාගේ තීන්දුව විය. නිදසුනක් වශයෙන් එම භාණ්ඩ අතර වූ DVD යන්ත්‍රය ක්‍රියා නොකිරීම නිසා ලීව් පවුල විසින් ඉවත දමන ලද්දක් බව පාර්ති අධිකරණය ඉදිරියේ සඳහන් කළාය. පාර්ති කියාසිටියේ මෙම DVD යන්ත්‍රය අබලව ඉවතදමන ලද භාණ්ඩයක් යයි තමා විශ්වාස කළ බවය මහාධිකරණය ඉදිරියේ පැවැත්වුණු විභාගයේ දී අදාළ DVD යන්ත්‍රය අබලන් උපකරණයක් බව තමන් දැනසිටි බව පැමිණිල්ලේ නීති නිලධාරීහු පිළිගත්හ. එසේ දැන සිටියත් එය නඩුවට අදාළ භාණ්ඩයක් වූ හෙයින් ඒ බවක් අනාවරණය නොකළ බවද ඔවුහු සඳහන් කළහ. පැමිණිලි පාර්ශ්වය විසින් එම යන්ත්‍රය ක්‍රියාත්මක වන බවක් අධිකරණයට අඟවා තිබුණේ උපායශීලීවය. එම හැසිරීම මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. විශේෂයෙන්ම එම හැසිරීම අගතියක්ය යන්න විනිසුරු ප්‍රකාශය විය. එපමණක් නොව, මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් කාර්ල් ලීව් කෙරෙහි තැබිය හැකි විශ්වාසය පිළිබඳවත් විනිසකරු ප්‍රශ්න කළේය. කාර්ල් ලීව් නඩු විභාගයේ දී සාක්ෂිදෙමින් කියා සිටියේ තමා 2002 වසරේ දී එක්සත් රාජධානියේ දී මිලට ගෙන සිංගප්පූරුව කරා ගෙනැවිත් තිබූ කුඩා පොකට් පිහියක් ද පාර්ති විසින් සොරකම් කරනු ලැබ තිබුණු බවය.එහෙත් එය 2002 ට පසු නිෂ්පාදනය කරන ලද්දක් බවත්, 2002 වසර වනවිට එය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කර නොතිබුණ බවත් පිළිගැනීමට කාර්ල්ට සිදුවිය. කාර්ල් ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ, පාර්තිගේ ඇසුරුම් අතර තිබූ කාන්තා ඇඳුම් ද ඇතුළු විවිධ ඇඳුම් කට්ටල තමා සතු ඒවා වන බවය. එහෙත් ඉන් සමහර ඇඳුම් තමාගේදැයි සිහිපත්කර ගැනීමට ඔහු අපොහොසත් විය. එම ඇඳුම් අතර වූ කාන්තා ඇඳුම් ''තමා තබාගත්තේ කුමකටදැයි'' විමසූ විට ''තමා පුරුෂ ඇඳුම් මෙන්ම කාන්තා ඇඳුම්ද ප්‍රියකරන'' බව කාර්ල් සඳහන් කළේය. එහෙත් මහාධිකරණ විනිසුරු චෑන් එය ''කෙසේවත් ඇදහිය නොහැකි'' බව තීන්දු කළේය. මෙම නඩුවේ දී පොලිසියේ ක්‍රියාකලාපයත් විනිශ්චයකාරවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්විය. පළමු පොලිස් වාර්තාව පිළියෙළ කරනු ලැබීමෙන් සති පහක කාලයක් ගතවෙන තෙක් පොලිසිය නඩු නිමිත්ත සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ගොස් නොතිබුණි. එසේම ඉන්දුනීසියානු භාෂාව කතාකරන පාර්ති සඳහා භාෂා පරිවර්තයකුගේ සහාය ලබාදීමටත් පොලිසිය පියවර ගෙන නැත. ඒ වෙනුවට පොලිසිය යෝජනාකර තිබෙන්නේ පාර්ති නොදන්නා 'මැලේ' භාෂා පරිවර්තකයෙකි. ''එපරිද්දෙන්, මේ නඩුවේ දී පොලිසිය කටයුතු කරනු ලැබ තිබෙන්නේ ඉතාම කණගාටුදායක ආකාරයට'' යැයි සිංගප්පූරු කළමනාකරණ සරසවියේ මහාචාර්ය එයුජින් ටෑන් (Eugene Tan) බීබීසී සමග ප්‍රකාශ කළේය. පොලිසියේ සහ පැමිණිල්ලේ නීති පාර්ශ්වයේ ඉහත සඳහන් කරන ලද ඌණතා සැලකිල්ලට ගැනීමට අසමත්වීම හේතුවෙන් පළමු නඩු විභාගයේ දී දිස්ත්‍රික් විනිශ්චයකරු පාර්තිගේ අවාසියට සිය තීන්දුව දී ඇති ආකාරයක් දක්නට ලැබේ. ඩේවිඩ් සහ ගොලායාත් සටන බඳු සටනක් (ඩේවිඩ් සහ ගොලායත් (Goliath) සටන යනු අතිශයින් ප්‍රබල තැනැත්තකුට එරෙහිව කුඩා දුබලයා ජයගැනීම පිළිබඳව උදාහරණයක් ලෙස ගනු ලබන බයිබලයේ එන කතාවකි) පාර්තිට එරෙහි නඩුකරය සිංගප්පූරු සමාජය තුළ දැඩි සංවේදීභාවයක් ඇති කිරීමට හේතු වූ අතර, බොහෝ දෙනාගේ කෝපය එල්ලවුණේ ලීව් සහ ඔහුගේ පවුල කෙරෙහිය. බහුතර ජනතාව විසින් එය තේරුම්ගන්නා ලද්දේ ''පොහොසත් ප්‍රභූ තන්ත්‍රය විසින් තමන්ගේම නෛතික රාමුව තුළ වාසය කරන කිසිදු සමාජ බලයක් නොමැති දුප්පතුන්ට එරෙහිව සිදුකරන හිරිහැර සඳහා නිදසුනක්'' ලෙසිනි. අධිකරණය අවසානයේදී එහි උත්තරීතරභාවය රැකගත් නමුත්, එරට අධිකරණයේ සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් දිගුකලක් පැවති විශ්වාසය පිළිබඳ ඇතැම් සිංගප්පූරු වැසියන් සලිත කිරීමකට මෙම නඩුව හේතුවිය. ''මෑත ඉතිහාසයේ මෙවැනි මතකයේ රැඳෙන වෙනත් නඩුවක් නැහැ'' යි මාහාචාර්ය ටෑන් ප්‍රකාශ කළේය. ''මෙම නඩුවේ එකිනෙකට සම්බන්ධ අකාර්යක්ෂමතාවන් මහජන නොසන්සුන්තාවයකට හේතුවුණා. බොහෝදෙනකුගේ මනසේ වූ ප්‍රශ්නය වූයේ ''මම පාර්ති වුනානම්,මට අත්වෙන ඉරණම කුමක්ද?'' යන්නයි.''සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?'', ''අපක්ෂපාතී තීන්දුවක් ලැබේද?'' වැනි ප්‍රශ්න මහජනයා අතර මතුවුණා'' එල්ලවෙමින් පැවති මහජන විරෝධය හමුවේ තීන්දුවක් ගත් ලීව් මුන් ලියොන්ග් ඉතා කීර්තිමත් සමාගම් කීපයක තමා උසුලන සභාපති තනතුරුවලින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. ලීව් මුන් ලියොන්ග් නිකුත්කළ ප්‍රකාශයක් මගින් ඔහු කියාසිටියේ, තමා මහාධිකරණ තීන්දුවට ගරුකරන අතරම සිංගප්පූරු නෛතික රටාව කෙරෙහි විශ්වාසය තබන බවය.එහෙත් පොලිසියට කළ සිය පැමිණිල්ල ඔහු සාධාරණීකරණය කරයි. ''යම්කිසි සැකකටයුතු වැරදි ක්‍රියාවක් සිදුවූ බව මම අවංක ලෙසම විශ්වාස කරනවා. එවැනි දෙයක් සිදුවුණාම පොලිසියට පැමිණිලි කිරීම අපේ පුරවැසි යුතුකමක්'' බව ඔහු පවසයි. එහෙත් කාර්ල් ලීව් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර නිහඬබව රකියි. මේ අතරම, සිංගප්පූරු පොලිස් සේවය සහ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාදාමය නැවත අධීක්ෂණය කළ යුතුව ඇත යන අදහසත් මෙම නඩුව මගින් ඉස්මතු කරනු ලැබ ඇත. ''එකිනෙකට බැඳුනු ක්‍රියාවලිය තුළ යම්කිසි වැරැද්දක් සිදුව ඇති '' බව සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතුභාර ඇමති කේ.ෂන්මුගම් (K.Shanmugam) පිළිගනියි. 'ඊළඟට ආණ්ඩුව කරන්නේ කුමක්දැයි දැඩි අවධානයකින් විපරම් කෙරෙනු ඇත. ඉහළ මට්ටමේ වගවීමක් සහ ආයතනගත සාධාරණභාවයක් සඳහා රටවැසියන්ගෙන් කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට අසමත් වුණොත්,එමගින් සිංගප්පූරු සමාජයට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන් ස්ථානගත වී ඇත යන වේදනාබර හැඟීම පෙරට පැමිණීමට ඉඩ ඇත'' යනුවෙන් සිංගප්පූරුවේ ප්‍රකාශකයකු වන ඩොනල්ඩ් ලෝ ( Donald Low) සිය අලුත්ම ලිපියක සඳහන් කරයි. ''උණුසුම් විවාදයක් පවතින අතරවාරයේ ප්‍රභුත්වවාදය සෙමෙන් සමාජ ක්‍රමය අභ්‍යන්තරයට කාන්දුවීද? යන ප්‍රශ්නය පැනනැගුන අතර,ඒ සමඟ රටේ සදාචාර සම්ප්‍රදායේ පිරිහීමක් අනාවරණය වූ බව'' තවත් ප්‍රකාශනයක් මගින් හිටපු මාධ්‍යවේදියකු වන පී.එන්.බල්ජි (PN Balji) පවසයි. එපමණක් නොව,පාර්ති ගේ නඩුකරය මගින් ඉස්මතු වූ තවත් කරුණක් වන්නේ සංක්‍රමණික කම්කරුවන්ට යුක්තිය ඉටුකර ගැනීමේ දී මුහුණදීමට සිදුවන තත්ත්වයයි. පාර්තිට සිංගප්පූරුවේ රැඳී සිටීමට සහ ඇයගේ පැමිණිල්ල වෙනුවෙන් සටන් කිරීමට හැකිවූයේ 'Home' නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහ නීතිවේදී අනිල් බාල්චන්දනීගෙන් (Anil Balchandani) ලද සහයෝගය මතය. එම නීතිවේදියා මහජන යහපත වෙනුවෙන් මෙන්ම අඩු මුදලකට මෙම නඩුවේ දී පෙනී සිට ඇත. එසේ නොවීනම්, නීතිඥ ගාස්තුව සිංගප්පූරු මුදලින් ඩොලර් 150,000 ක පමණ වනු ඇත. නීතිවේදී අනිල් බාල්චන්දනී(Anil Balchandani) සහ පාර්ති යුක්තිය වෙනුවෙන් වසර කීපයක අරගලයක නිරත වූහ. සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නෛතික පහසුකම් සලසන නමුත්, එම ශ්‍රමිකයන් ඔවුන්ගේ පවුල්වල එකම ආදායම් මාර්ගය වන නිසාත්, ආදායම් මාර්ගයකින් තොරව ඔවුන්ට මාසවලින් නොව අවුරුදු ගණන් ගතවෙන නඩුවල පැටලීමේ හැකියාවක් නොමැති නිසාත් නීතිමය ගැටලුවලට මුහුණදෙන අයගෙන් බහුතරය තම ප්‍රශ්න වෙනුවෙන් සටන් නොකරන බව 'Home' රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙයි. තම වාසියට ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ පාර්ති තමා ආපසු ඉන්දුනීසියාවට යාමට තීන්දු කළ බව පවසයි. ''දැන් මගේ ප්‍රශ්නය අවසානයි.මට ඉන්දුනීසියාවට යාමට අවශ්‍යයි'' ඇය මාධ්‍යයට කියා සිටියාය. ''මම මගේ හාම්පුතාට සමාව දෙනවා. ඒවගේම, මට සිදුවූ දෙය වගේ අවස්ථාවකට වෙනත් කිසිම ශ්‍රමිකයකුට මුහුණදීමට සිදු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා'' (බීබීසී නිව්ස් හි ඉවෙට් ටෑන් සකස් කළ ලිපියක් ඇසුරිණි) මේ තොරතුරු ද දැනගන්න;
දහස් ගණනක් ජනතාව හමුවේ 2009 දී ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවට භාර දුන් හිටපු එල්ටීටීඊ නායකයකු වන තම සැමියා මෙන් ම සාක්ෂි කරුවන් දෙදෙනකු ද අතුරුදහන් වී ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිධරන් ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රකාශ කළාය.
කිලිනොච්චියේ දී කොමිසම හමුවේ ඇය පවසා ඇත්තේ තම සැමියා වෙනුවෙන් යුක්තිය පතා අධිකරණය හමුවට යාමෙන් අනතුරුව තමනුත් තර්ජනයට ලක් වී සිටින බවයි. එසේ හෙයින් කොමිසමින් තමන් ආරක්ෂාව ඉල්ලා සිටි බව ද උතුරු පළාත් සභා මන්ත්‍රී වරිය බීබීසී යට කියා සිටියාය. එලිලන් 2006 ත්‍රිකුණාමල යේදී ආනන්දි සසිදරන්ගේ සැමියා වන්නේ වවුනියාව, ත්‍රිකුණාමල දෙ පලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නදුරෙයි සසිදරන් හෙවත් එලිලන්. ඔහු භාර දීමේ සාක්ෂියට රජයේ හමුදාව විසින් කැඳවනු ලැබූ කතෝලික පූජක වරුන් දෙ පල ද ආ ගිය අතක් නැති බවයි මන්ත්‍රී වරිය කොමිසමට පවසා ඇත්තේ. 'පුනරුත්ථාපන සැලසුම්' මීට අමතරව, තමන් එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමේ සැලසුම් පිළිබඳ ව දේශපාලකයන්, නිලධාරීන් හා ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් පළ කොට ඇති පුවත් පත් වල පිටපත් ද කොමිසමට භාර දුන් බව ආනන්දි සසිධරන් බීබීසී යට කියා සිටියාය. අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු සොයා බලන ජනාධිපති කොමිසම පවසන්නේ උතුරේ විමසීම් ආරම්භ කළ සෙනසුරාදා පටන් 200ක් පමණ ජනතාව තමන් හමුවට ආ බවයි. මේ වන විට සාමාන්‍ය වැසියන් අටදහසක ගේත්, සොල්දාදුවන් පන්දහසක ගේත් ඥාතීන් තම සරණ පතා සිටි බවයි කොමිසම පවසන්නේ.
ඉන්දියාවේ මී ළඟ මහ මැතිවරණයේදී සිය අගමැති ධූර අපේක්ෂකයා වන්නේ නරේන්ද්‍ර මෝඩි බව භාරතීය ජනතා පක්ෂය විසින් නිවේදනය කරනු ලැබුණි.
දැඩි මතධාරී හින්දු ජාතිකවාදියකු වන නරේන්ද්‍ර මෝඩි මහත් විවාදයට මාතෘකාවක් වූ දේශපාලනඥයෙක්. බහුතරය මුස්ලිම් ජනයා වූ දහසකට අධික ජීවිත විනාශයකට හේතු වුන 2002 වාර්ගික ගැටුම් නතර කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝඩි බලවත් විවේචනයට ලක් වූ දේශපාලනඥයෙක්. මූඩිගේ ආධාර කරුවන් ඔහු ශූර ව්‍යාපාරිකයකු හැටියටයි සලකන්නේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඕස්ට්‍රේලියාව වර්ජනය කළ යුතු බව ශ්‍රී ලංකාවේදී රඳවා ගනු ලැබීමෙන් අනතුරුව යලි සියරට පැමිණ සිටින ලී රියනන් සෙනෙට් සභිකාව ප්‍රකාශ කරයි.
'පැය තුනකට මගේ නිදහස පැහැර ගත්ත එක ගැන මගේ අවධානය පළ වෙලා තිබුනේ' ඇය සහ නවසීලන්ත ජාතික ජෑන් ලොගී මන්ත්‍රීවරිය ඉරිදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබියදී රඳවා ගත් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීහු පැය තුනකට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළහ. ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම රටවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරන ලී රියනන් සෙනෙට් සභිකවරිය, කෙසේ නමුත් තමන් ශ්‍රී ලංකාවේදී කිසිදු වරදක් නොකළ බව අවධාරණය කරයි. "මම හිතන්නේ මට සලකපු විදිය වැරදියි. ඇත්තටම මට බයක් දැනුනේ නැහැ, නමුත් පැය තුනකට මගේ නිදහස පැහැර ගත්ත එක ගැන මගේ අවධානය පළ වෙලා තිබුනේ." මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටින බවයි, සෙනෙට් සභිකවරියගේ චෝදනාවට පරතිචාර දක්වන ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප් කියා සිටියේ.
මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) නීති විරෝධී ලෙස ඩොලර් මිලියන ගණනක මුදලක් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කිරීමට ගත් තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය බව එරට දුෂණ විරෝධී නියෝජිත ආයතනය පවසනවා.
ඔහු චෝදනාවෙන් නිදහස් කිරීම බොහෝ දෙනෙකු විසින් අනුමත කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ අඟහරුවාදා මැලේසියානු නීතිපතිවරයා පැවසුවේ අගමැතිවරයා විසින් නීතිය උල්ලංඝණය කර ඇති බවට කිසිදු සාක්‍ෂියක් සොයා ගෙන නැති බවයි. 2013 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නජීබ් රසාක් සෞදි අරාබි රජ පවුලෙන් ඩොලර් මිලියන 700 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම චෝදනාව හේතුවෙන් අගමැතිවරයා ඉවත් කළ යුතු බවට ජනතා රැල්ලක් ද පැන නැගුණු අතර අගමැතිවරයා චෝදනාවෙන් නිදහස් කිරීම දෙස බොහෝ දෙනෙකු සැක මුසු ලෙස බලන බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.
ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් බොහෝ දෙනෙක් මේ වන විටත් තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කර ඇත. ඒවායේ විවිධ පොරොන්දු ඇතුළත්ය. ඒ අතරින් ආරක්ෂාවට ප්‍රධාන ස්ථානයක් හිමිව තිබෙන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශන පරිශීලනය කළ විට පැහැදිලි වේ. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. සහරාන් හෂීම් නායකත්වය දැරූ මුස්ලිම් අන්තවාදී ජාතික තවුහීද් ජමාත් සාමාජිකයන් පිරිසක් කතෝලික දේවස්ථාන සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර අප්‍රේල් 21 වෙනිදා එල්ල කළ එම ප්‍රහාර මාලාවෙන් 270 කට අධික පිරිසක් මරණයට පත්වූහ. මීට වසර 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ වසර තිහක් පමණ පැවති සිවිල් යුද්ධය නිම වීමෙන් පසු නැවත වරක් ජනතාව තුළ බියක් ජනිත කිරීමට එම මරාගෙන මැරෙන ප්‍රහාර හේතු වූ බව විශ්වාස කෙරේ. එම ප්‍රහාර එල්ල කිරීමට 'ජාතික ආරක්ෂාව' සම්බන්ධයෙන් රට තුළ ඇති අඩුපාඩු හේතු වූ බවට ද විවිධ මත පළවිය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක් වූ කොච්චිකඩේ දේවස්ථානය "ඕක බලය පිළිබඳ හදාගත් මතයක්. ඩීප් ස්ටේට් (Deep State) සංකල්පයක්. ඒවගේම මේක සිංහල බෞද්ධ ආධිපත්‍යය සඳහා හදාගන්න මතවාදයක්. ඔය කතා කරන බොහෝ දෙනෙක් ගාව ජාතික ආරක්ෂාව ගැන නිර්ණායකයක් වත් නැහැ. ජාතික ආරක්ෂාව කියන්නේ කාගේ ආරක්ෂාව ද? ඕක හුදු දේශපාලන ස්ලෝගන් එකක්. රටක් හැටියට මේ රටට වෙන රටවලින් තර්ජනයක් නැහැ," යනුවෙන් ජාතික ආරක්ෂාව යන මතවාදය ගැන සිය අදහස් පළ කරමින් ප්‍රකට දේශපාලන විචාරක කුසල් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. මේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනෙක් 'ජාතික ආරක්ෂාව' පිළිබඳව සාකච්ඡා කර ඇති කරුණු ගැන කෙරෙන විග්‍රහයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ "රට හදන සෞභාග්‍යයේ දැක්ම" නම් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔක්තෝබර් 25 වෙනිදා එළි දැක්විය. ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන බව ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවසයි. "ජාතික ආරක්ෂාව රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. රටක සාමය සහ සුරක්ෂිත බව නැතිනම් මානව නිදහස අහිමි වන නිසා එය එදිනෙදා ජීවිතයේ පටන් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කටයුතු දක්වා බලපැවැත්වේ. දේශීය සහ විදේශීය ආයෝජකයන් දිනා ගැනීමට නම් රටේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට ස්ථීර විශ්වාසයක් තිබිය යුතුය. රටක ජාතික ආරක්ෂාව බිඳවැටුණු විට ආර්ථිකය බිඳවැටේ. එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම අසීරුය. එම නිසා ජාතික ආරක්ෂාව අප ආණ්ඩුවේ පළමු වගකීම බවට පත් වේ." ඊට අමතරව, එහි මෙසේ ද දැක්වේ. * ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යන අතර ඊට එරෙහිව කටයුතූ කිරීමට කිසිවෙකුට හෝ ඉඩක් තබන්නේ නැත. * මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැති අතර සෑම පුරවැසියෙකුට ම බියෙන් සහ සැකෙන් තොර ව ජීවත් වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරේ. * ආරක්ෂක බුද්ධි යාන්ත්‍රනය නැවත සක්‍රීය කර දක්ෂ නිලධාරීන්ට නැවතත් මෙම වගකීම් පැවරීම. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සතු බුද්ධි අංශ සියල්ල ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන, බලතල සහිත බුද්ධි අංශ ප්‍රධානියෙකු යටතට ගෙන අදාළ අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරනු ලැබේ. * විදේශ බුද්ධි සේවා සමග මනා සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම. * රටේ හමුදාමය ආරක්ෂාව මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව ද සහතික කරන අතර අපරාධ, මත්ද්‍රව්‍ය, මුදල් විශුද්ධිකරණය, සහ දූෂණයන්ගෙන් රට බේරා ගැනීම. * රටේ සියලුම රටවැසියන්ට විශේෂයෙන් ම කාන්තාවන්ට සහ දරුවන්ට නිදහසේ තම ජීවිත ගත කිරීමට අවශ්‍ය රැකවරණය පවත්වා ගෙන යාම. * දෙස් විදෙස් ආයෝජකයන්ට බිය සැක රහිතව තම ආර්ථික කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය පරිසරය සැකසීම. අප්‍රේල් 21 වෙනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ "ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සමාජ පසුබිමක් රට තුළ ගොඩනැගී තිබීම ඊට හේතුව බවය. එබැවින් අන්තවාදය පෝෂණය කරනු ලබන සියලු ම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුලාලීමට අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන" බවය. ජාතික ජනතා පක්ෂය - ජෙනරාල් මහේෂ් සේනානායක හිටපු හමුදාපති මහේෂ් සේනානායක, ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුනි. ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔක්තෝබර් 24 වෙනිදා ඉදිරිපත් කෙරිණි. එහි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වෙන්නේ මෙසේය. "ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ආරක්ෂක උපායමාර්ගය සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික මිලිටරි වැරදි, නාගරික ගරිල්ලා යුද්ධ, සහ වෙනත් ආකාරයේ අස්ථාවර කිරීම් වැනි රාජ්‍ය සහ රාජ්‍ය නොවන තර්ජන වෙත සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ජනගහනය, එහි ස්වෛරීභාවය, එකමුතුකම, භෞමික අඛණ්ඩතාව සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහාය." ජාතියේ ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා, "අතථ්‍ය හා සම්ප්‍රදායික නිරීක්ෂණ සඳහා දැනුම සහ තාක්ෂනයන් ලබා ගැනීම සහ බුද්ධි රැස්කිරීම, විශ්ලේෂණය, සැකසීම, තක්සේරු කිරීම සහ බෙදාහැරීම් මගින් ජාතියේ ආරක්ෂක හැකියාවන් විශේෂයෙන් වැඩිදියුණු කෙරෙනු ඇත." ඵලදායී ආරක්ෂක සහ ආරක්ෂක සයෝගිතා උපායමාර්ග තුළින් කලාපීය සහ ගෝලීය බලවතුන් අතර ඉන්දියානු සාගර කලාපයේ බලය ක්‍රියාත්මක කිරීමේ බලපෑම අවම කිරීම කෙරෙහි කටයුතු කරන බව ද ජෙනරාල් සේනානායක සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පවසයි. අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා අන්ත ජනවාර්ගික සහ ආගමික අන්තවාදයට සහ රැඩිකල්කරණයට ගොදුරු විය හැකි ස්ථාන සහ කොටස්වල පොදු ජනතාවගේ සහයෝගය සුරක්ෂිත කිරීම, ජාතික සංහිඳියාවට ප්‍රමුඛත්වය දීම සහ ජනතාව අතර සමගිය ප්‍රවර්ධනය කිරීම මෙන්ම දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු සම්පාදනය කරන බව ද ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ. ආරක්ෂක ව්‍යූහය ද ප්‍රතිසංවිධානය කරන බව එහි දැක්වේ. ඒ, "ව්‍යවස්ථානුකූල නීතියක් විසින් ජාතික ආරක්ෂක සභාවක් සහ ආරක්ෂක අමාත්‍යවරයා සමන්විත කමිටුවක් ස්ථාපිත කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය සහ ජාතික බුද්ධි සංවිධානය ප්‍රතිසංවිධානය කර ප්‍රතිසංස්කරණය," මගිනි. "අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ජාතික ආරක්ෂාව ගැන කතා කරන විට මේ ත්‍රස්තවාදී ප්‍රහාරය වගේ දෙයක් පිළිබඳව. නෑ එය විශාල පරාසයක් සහිත දෙයක්. දූපත් රාජ්‍යයක් ලෙස අපි මේ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි," යනුවෙන් මහේෂ් සේනානායක සඳහන් කර තිබුණි. ජාතික ජන බලවේගය - අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකයා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය "දිනන රටක ගමන" යනුවෙන් නම් කර තිබේ. එම ලියවිල්ලේ ජාතික ආරක්ෂාව ගැන සඳහන් වන්නේ මෙසේය. "වසර 30ක යුද්ධය හා මෑත කාලයේ වරින් වර ඇති වූ ආගමික ගැටුම් නිසා ජාතික ආරක්ෂාව යනු ශක්තිමත් යුද යාන්ත්‍රණයක් ඇතිකිරීම යන පටු නිර්වචනයට ලඝුවී ඇත. එම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින සීමිත හා පටු සංකල්පීකරණය පෘථුල කරගැනීමේ අවශ්‍යතාව අප හමුවේ පවතී." ජාතික ජන බලවේගයට අනුව, ජාතික ආරක්ෂාව යනු ,"බාහිර යුදමය හා අනෙකුත් උපාය මාර්ග මැදිහත් වීම්වලට එරෙහිව පියවර ගනිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමත් අභ්‍යන්තර ගැටුම්වලට ඉඩ නොතබමින් මහජනයා එහි ගොදුරු බවට පත්වීමට ඉඩ නොතබමින් පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්ය." ඔවුන් පවසන්නේ මෑත කාලයේදී ජාතික ආරක්ෂාව උපක්‍රමිකව භාවිත කරනු ලැබුවේ ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම්වල බලය තහවුරු කර ගැනීමටත් ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දුර්වල කිරීම අරමුණු කරගෙන බවය. ඒ අතරම විරුද්ධ පක්ෂවල ඇතැම් කණ්ඩායම් ආණ්ඩුබලය ලබා ගැනීමේ කෙටි උපක්‍රමයක් ලෙස ජාතික ආරක්ෂාව යන සංකල්පය අවභාවිත කිරීම දක්නට ලැබුණු බව ද ඔවුහු පවසති. අරමුණු: • යුදමය, ආර්ථික සහ අනෙකුත් උපක්‍රමික විදේශීය මැදිහත් වීම්වලට එරෙහිව කටයුතු කරමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම • රටේ සියලුම ජාතිකත්වයන් ආගමික හා වෙනත් විවිධත්වයන් සහිත ජනකොටස්වලට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් එකිනෙකා අතර විශ්වාසය හා අවබෝධය සහිතව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගීම • ජාතික හා මහජන ආරක්ෂාවට අදාළ සියලු යාන්ත්‍රණයන් මහජනයාට වගකියන ආයතන බවට පරිවර්තනය කිරීම ක්‍රියාමාර්ග: • ගෝලීය දේශපාලනයේ කිසිම බල කඳවුරකට ගැති හෝ පක්ෂග්‍රාහී නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් • රටේ ස්වභාවික සම්පත් හෝ භූමිය කිසිදු අයුරකින් විදේශීය රටකට හෝ ආයතනයකට පැවරීමෙන් හෝ තනිව දීර්ඝකාලීන බදු දීමෙන් වැළකීම • ඕනෑම බාහිර හෝ අභ්‍යන්තර බලවේගයකින් එල්ල විය හැකි යුදමය තර්ජනයකට මුහුණ දිය හැකි පරිදි ආරක්ෂක හමුදා සහ අනුබද්ධ ආයතන ශක්තිමත් කිරීම සජිත් ප්‍රේමදාස - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ය. ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය "ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු." ලෙස නම් කර තිබේ. එය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 31) ජනගත කරන ලදි. "ශක්තිමත් දේශයක් තහවුරු කිරීම" යන මාතෘකාව යටතේ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රකාශනයේ "ජාතික ආරක්ෂාව" පිළිබඳ කතා කරයි. "ශක්තිමත් සහ මැනෙවින් ආරක්‍ෂිත දේශයක් සඳහා නිසි නායකත්වයක් අවශ්‍ය ය. අපගේ ආරක්ෂක ප්‍රතිපත්ති බුද්ධිමත්, නම්‍යශීලී සහ දූරදර්ශී එකකි. ජාතියට ඇතිවන තර්ජන කල් තබා හඳුනාගෙන යෝග්‍ය ප්‍රගාමී මූලෝපායන් සංවර්ධනය කරනු ලැබේ. ඒවා අවශ්‍ය විටදී ක්‍රියාවට නංවනු ඇත. අපි නිසි පුද්ගලයා නිසි තැන පිහිටුවන්නෙමු. අපගේ දේශයට යුදමය ආරක්ෂාව පමණක් නොව ආර්ථික, දේශපාලනික, සමාජ සහ පාරිසරික සුරක්ශිතතාව ද අවශ්‍ය ය." "ජාතියේ ශක්තිය මනිනු ලබන්නේ සතුරන්ගෙන් ආරක්ෂාවීමේ හැකියාවෙන් පමණක් නොවේ. ශක්තිමත් ජාතියක් විසින් සිය පුරවැසියන්ගේ අයිතීන් සහ නිදහස ද ආරක්ෂා කළ යුතුය," යනුවෙන් සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙන්වා දෙයි. "දැනට පවතින ජාතික ආරක්ෂක රාමුව සහ ප්‍රතිපත්ති විවරණය කිරීමෙන් අනතුරුව ජාතික ආරක්ෂක මූලෝපායන් සංවර්ධනය කරනු ලැබේ. එහිදී ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සහ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමට දැඩි අවධානයක් යොමු කරනු ලැබේ." නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාතික ආරක්ෂාව ගැන සඳහන් වෙනත් විශේෂ කරුණු: * ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම * ක්ෂේත්‍රයේ සිටින විශේෂඥයන් විසින් ආරක්ෂක මූලෝපායන් නිර්මාණය කිරීම * ආරක්ෂක ප්‍රතිපත්ති නිර්මාණයට සහ ජාතික ආරක්ෂාව ගැන තීරණ ගැනීමට ජාතික ආරක්ෂක කවුන්සිලයක් පිහිටුවීම * නව ජාතික ආරක්ෂක උපදේශක තනතුරක් ඇති කිරීම * ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය ශක්තිමත් කිරීම * ආරක්ෂක හමුදා නවීකරණය කිරීම * ඒකාබද්ධ බුද්ධි ජාලයක් රට තුළ මෙන් ම විදේශයන්හී ද ස්ථාපනය කිරීම මේ තොරතුරුත් කියවන්න:
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් මාධ්‍ය ආයතන වලට දැන්වීමෙන් අනතුරුව යම් කිසි පුද්ගලයකු තමාට දුරකතනයෙන් කතා කර ප්‍රවෘත්ති සාකච්ඡාව නොපවත්වන ලෙස මරණීය තර්ජන කළ බවයි සුනිල් ජයසේකර පවසන්නේ. ඉරණම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම එල්ටීටීඊ ඩයස්පෝරාවට හා ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදයට කරන අනුග්‍රහයක් ලෙස හඳුන්වා ඇති තර්ජනය කළ පුද්ගලයා වැඩි දුරටත් කියා ඇත්තේ සාකච්ඡාව පැවැත්වුවොත් රටින් පිටවීමට පෙර අනෙකුත් මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ඔහුටත් අත් වනු ඇති බවයි. මාධ්‍ය හමුවෙන් අනතුරුවත් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බව සුනිල් ජයසේකර සංදේශයට කියා සිටියේය. තර්ජනය කර පැමිණි දුරකථන ඇමතුම් හා ඒවායේ දුරකථන අංක ඇතුළුව මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් පොලිස්පතිවරයාට ලබා දෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර වැඩිදුරටත් පැවසුවේය.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එකතු වීම සඳහා බටහිර යුරෝපීය රාජ්‍යවලින් කාන්තාවන් පන්සිය පනහක් පමණ ඉරාකයට සහ සිරියාවට ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් වෙනුවෙන් මුදල් රැස් කළ බවට චෝදනා ලත් ජර්මානු ජාතික කාන්තාවක් උසාවියේදී ජිහාඩ් කැරැල්ලට එක් වුණු කාන්තාවන් ගැන ස්වාධීන ආයතනයක් (Institute for Strategic Dialogue) සිදු කළ ප්‍රථම සමීක්ෂණය මෙය බවට විශ්වාස කෙරෙයි. තම ජීවිතය අවදානමක තබමින් බටහිර යුරෝපීය කාන්තාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙම සමීක්ෂණය තුළින් ප්‍රශ්න කර තිබේ. පෞද්ගලික මැසිවිලි සහ ජිහාඩ් කැරලිකරුවෙකු විවාහ කර ගැනීමට ඇති රුචිය ඇතුළු විවිධාකාර හේතූන් මත මෙම කාන්තාවන් එම තීරණයට එළැඹ ඇති බව ඉහත කී වාර්තාව සඳහන් කරයි. පවතින අවදානම පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට බොහෝ කාන්තාවන් අපොහොසත් වී ඇති නමුත් ඔවුන්ට යළි සිය රට බලා පැමිණීමට නොහැකි තත්වයක් පවතින බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
2012 දී මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වරි නමැති කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනය නොවැම්බර් මස 23 වෙනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් එම තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන අභියාචනය දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ. නීතිපතිවරයා සිය අභියාචනයෙන් පෙන්වා දී සිටින්නේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය. මේ හේතුවෙන් මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව අහෝසි කොට එම විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා සිටියි. සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණ මේ අතර අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන දඬුවම පිළිබඳ තීන්දුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට කිරීමට නියමිතය. 2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි. තවත් කියවන්න: එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ නිගමණය වී තිබේ. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ. හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින් බ්‍රහස්පතින්දා උදෑසන ඥානසාර හිමියන්ට නියම කරන දඬුවම ප්‍රකාශ කරනු ලැබීමට නියමිතය. ඒ වෙනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය. තවත් ලිපි:
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සන්ධානයේ ආධාරකරුවන්ට හිංසා පීඩා සහ පහර දීම් සිදු කර ඇති බව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (ඉරිදා) අම්පාර නගර සභා තානායමේ පැවති මාධ්‍ය හමුවකදීයි. දෙහි අත්ත කණ්ඩියේ දෙදරු මවකට තර්ජනය කර ඇති බවත් සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයාට පහර දී ඇති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටද තර්ජනය කර ඇති බවත් නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත සභා මන්ත්‍රී ඉනය භාරතී කියා සිටියේ තමාට දෙමළ ජාතික සන්ධානයේ ආධාර කරුවන්ගෙන් හිංසා පීඩා සහ තර්ජන එල්ල වුනු බවයි. මේ පිළිබඳව විමසා බැලීමට අම්පාරේ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක විය. තම නිවසට පැමිණි උදවිය දැක්වෙන වීඩියෝ පටයක්ද පළාත් සභා මන්ත්‍රී ඉනය භාරතී මාධ්‍ය හමුවට ඉදිරිපත් කර තිබේ. මෙම වීඩියෝ පටයේ නිරවද්‍ය භාවට තවම සනාථ වී නැත.
ජනමාධ්‍යවලට තොරතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අහුරා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් කටයුතු කරන බව ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත කිහිපයක කර්තෘවරු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට චෝදනා කරති.
ආණ්ඩුවේ කටයුතු ගැන 'සංවාදයකට ඉඩ දෙන්න' අගමැති මෝදිගේ පරිපාලනය අමාත්‍යවරුන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට බාධා කරන බවයි, ඉන්දියාවේ කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී ඉහල මට්ටමේ බලධාරීන්ගේ හඬට පමණක් අවස්ථාව සලසන බව කර්තෘ සංසදයේ තවත් චෝදනාවක්. මීට වඩා විවෘතභාවයකින් කටයුතු කරමින්, ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් රට තුල විවාදයකට සහ සංවාදයකට ඉඩ සැලසිය යුතු යයි කර්තෘවරු ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සමරිසි ප්‍රජාව කෙරෙහි දක්වන ලද ආකල්පය සම්බන්ධයෙන් කතෝලික සභාව සමාව ඉල්ලා සිටිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
ආමේනියාවේ සංචාරය නිම කොට නැවත පැමිණෙමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ මාධ්‍යවේදීන් අමතා ඒ බව ප්‍රකාශ කළේ ආර්මේනියාවේ සිට ගුවන් යානයකින් නැවත පැමිණෙමින් සිටින අතරතුරදී. "මම පළමු සංචාරයේ කියන ලද දේ නැවත කියා සිටිනවා. මම කතෝලික සභාවේ ධර්ම සංවාදය මගින් පැවසෙන දේ නැවත අවධාරණය කරනවා," උන්වහන්සේ පැවසූහ. "එයින් කියවෙන්නේ ඔවුන් කොන් නොකළ යුතු බව. ඔවුන්ට ගරු කළ යුතු බව." ශුද්ධෝත්තමයන් වැඩිදුරටත් අවධාරණය කළේ සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් විනිශ්චයකට පැමිණීමට කතෝලික සභාවට කිසිදු බලයක් නොමැති බවයි. සමලිංගිකයන් සම්බන්ධයෙන් දක්වන සාධනීය ආකල්පය හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමරිසි ප්‍රජාවගේ ප්‍රසාදයට ලක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වලට සාධනීය විසදුමක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාගෙන් ම මෙතෙක් ප්‍රකාශ නො වීම නිසා දෙමළ ජාතික සන්ධානයත්, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් සහාය පළ කරන්නේ කා හට දැයි යන්න ස්ථිරව ම තීරණය කොට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 6 වෙනි දා දහවල් වවුනියාවේ දී පැවසීය.
අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම 06 වෙනිදා දහවල් වවුනියාවේ ස්වර්කා හෝටලයේ දී පවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ලේකම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළුව උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරණ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සියලු ම නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. තවදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ වැසියන් මුහුණ පා සිටින, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් නොවීම, ඉඩම් ප්‍රශ්නය නොවිසදීම, ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් පිළිබදව සාකච්ඡා නොකිරීම යන හේතූන් මත මේ අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයට ද කවර අපේක්ෂකයාට සහාය දෙන්නේ ද යන්න තීරණය කිරීමට නොහැකිව සිටින බවයි. කෙසේ වෙතත් අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිට දෙමළ ජාතික සන්ධානය ද සමග එක්වී අවසන් තීරණයක් ගන්නා බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගියදා නාඳුනන පිරිසක් විසින් හානි කරන ලද ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොන මුස්ලිම් ප්‍රජා නායකයන් විසින් යළි ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ.
පිළිසකර කෙරුණ සාන්තුවරයාගේ සොහොන පසුගිය අප්‍රේල් මාසයේ කිසියම් පිරිසක් එම සොහොන වටා තිබුණු බීරළු වැට කඩා දමා තිබුණි. යුද හමුදා කඳවුරක් ආසන්නයේ ආරක්‍ෂිත භූමියක පිහිටා ඇති එම සොහොන සියවස් ගණනක් පමණ පැරණි බව විශ්වාස කෙරෙන අතර, සාලිහ් වලියුල්ලාහ් සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති. මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් (සාන්තුවරයා) ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාව විශ්වාස කරති. සාන්තුවරයා සිහිකිරීමේ වාර්ෂික උත්සවය මේ වසරේ මැයි 21 වෙනි දින පැවැත්වීමට නියමිත බැවින් ගාල්ල කොටුව මුස්ලිම් සංස්කෘතික සංගමය විසින් සොහොනේ විනාශ වූ බීරළු වැට ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. සොහොනට හානි කර තිබුණ ආකාරය ශ්‍රී ලංකා යුද හමුදාවද එම උත්සවයට පූර්ණ අනුග්‍රහය දක්වන බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පවසති. සොහොනට හානි කිරීම පිළිබඳව මුස්ලිම් සංස්කෘතික සංගමය පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව ගාල්ල පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන "ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබෙනවා," යැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න බීබීසී සිංහල සේවය වෙත යොමු කළ නිවේදනයක දැක්වේ. මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත. කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද? කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු: ඉහත දැක්වෙන කරුණුවලින් පහත සඳහන් කරුණු අනාවරණය වේ: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සමයේ කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා නැවත පත් කරන ලදී. මේ තොරතුරුද කියවන්න:
යුක්‍රේනයට සපයන ගෑස් මිල දැනට පවතින තත්වයට වඩා දෙගුණයකට ආසන්න මට්ටමකින් වැඩි කිරීමට රුසියාව ගෙන ඇති තීන්දුව යුක්‍රේන් අගමැති අර්සේනියි යත්සෙන්යුක් විසින් බලවත් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.
යුක්‍රේන් අගමැතිවරයා චෝදනා මුඛයෙන් පවසන්නේ රුසියාව ආර්ථික ආක්‍රමණයක නිරත වෙන බවයි. රුසියානු හිතවාදී හිටපු ජනාධිපති වික්තර් යනුකොවිච් නායකත්වය දුන් යුක්‍රේන් ආණ්ඩුව පසුගිය මාසයේ නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, රුසියාව දැන් තම රටට දඬුවම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි අගමැති අර්සේනියි යත්සෙන්යුක් පවසන්නේ. දේශපාලන අවියක් රුසියාවේ ගෑස් ඒකාධිකාරය හිමි ‘ගාස්ප්‍රොම්’ ව්‍යාපාරය මේ සතියේ සිදු කල මිල වැඩි කිරීම් අනුව වෙනත් යුරෝපීය ගැනුම් කරුවන්ගෙන් අය කරන මිලට වඩා වැඩි මිලක් ඔවුහු යුක්‍රේනයෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. දේශපාලන අවනතභාවය දිනා ගැනීමේ ආයුධයක් හැටියට බලශක්ති මිල පාවිච්චි කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් ඊයේ සිකුරාදා රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.
ග්ලාස්ගෝ නුවර අසල අධිවේගී මාර්ගයක පාපැදිවලින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු පොලිසිය විසින් නතර කරනු ලැබිණ.
එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී ට්විටර් ජාලයට එක් කළ ඡායාරූපයක් ඔවුන් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කොට ඇති බැවින් වහාම සිය පාපැදිවලින් බසින මෙන් උපදෙස් දුන් බවයි, ස්කොට්ලන්ත පොලිසිය පවසන්නේ. "එම ස්ථානයට ලඟා වූ පොලිසිය ඔවුන්ට උපදෙස් සහ උපකාර ලබා දුන්," බව පොලිසිය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනා අධිවේගී මාර්ගයේ පාපැදිවලින් ගමන් කළ ආකාරය ඡායාරූපගත කළ එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී, එය ට්විටර් ජාලයට එක් කොට තිබිණ. 2002 දී මැන්චෙස්ටර් නුවර පැවැත්වුන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අධිවේගී මාර්ගයක සැතපුම් 17 ක් පාපැදිවලින් ගමන් කළ කෙන්යානු ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු බෝල්ටන් ප්‍රදේශය අසලදී පොලිසිය විසින් නවත්වනු ලැබිණ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි පකිස්තානයට ලඟා විය.
ඉන්දු -පකිස්තාන් නායකයන් මෝඩි පසුගිය වසරේ අගමැති පදවියට පත් වීමෙන් පසු පකිස්තානයේ සිදු කරන පළමු සංචාරයයි මේ. අගමැති මෝඩි ඉතා හදිසියේ සිදු කෙරුණ සිය පකිස්තාන් සංචාරය පිළිබඳව හෙළි කරන ලද්දේ ‘ට්විටර්’ පණිවුඩයක් මගිනි. පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් මුණ ගැසීම සඳහා තමා ලාහෝර් නගරයට ‘ගොඩ වදින’ බවයි අගමැති මෝඩි සිය ‘ට්විටර්’ පණිවුඩයේ ලියා තිබෙන්නේ. ඉන්දියානු නායකයා ලාහෝර් නගරයට ගොඩ බැස්සේ ඇෆ්ඝනිස්තානයේ සිට ආපසු සියරට බලා යමින් සිටින අතරයි. ඇෆ්ඝන් සංචාරයේ දී ඔහු කාබුල් පාර්ලිමේන්තුව අමතා දෙසුමක් ද කළේය. ඉන්දු උප මහාද්වීපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය අතර සාම සාකච්ඡා යළි පණ ගැන්වීම සඳහා ගනු ලබන අලුත්ම ප්‍රයත්නය අගමැති මෝඩි ගේ ලාහෝර් ගමනයි. කාබුල් නගරයේ දී උණුසුම් පිළිගැනීමක්. දෙරටේ අගමැතිවරුන් දෙදෙනා පසුගිය දා පැරිස් නගරයේ පැවැත්වුන ජගත් දේශගුණ සමුළුව අතරවාරයේත් මුණ ගැසුන අතර ඔවුන් අතර කෙටි සංවාදයක් ද සිදු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කෙරුනේ. අද (25) ලාහෝර් හමුව සිදු වුණේ පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ගේ උපන් දිනයේ යි.
කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ''බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්'' බවය. සඳුදා (මැයි 10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එම අදහස් පළ කළේය. මේ අතර පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා, හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද මාධ්‍යයට අදහස් පළ කළේය. ඔහු කියා සිටියේ පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී දින තුනක් තුළ අදාළ වාර්තා ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.
"මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය. "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. "ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.
සිය වම් අතේ තුවාලයට මැහුම් හයක් දමා තිබුණත් ධෛර්යෙන් යුතුව පිටියට පිවිසි බවයි ඔහු පවසන්නේ. ''ඊයේ මැහුම් 6 දැම්මා මගේ අතට. ඊට පස්සේ නෙට් එකට ගිහිල්ලා බැට් එක අතට ගත් විට අපේ පළමු කඩුල්ල බිඳ වැටුනා. පුහුණුකරු ඇහුවා දැන් පිටියට යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම යන්නම් කියලා" ඔහු පැවසීය. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 08 ක් දැවී ලකුණු 312 රැස් කර ගෙන සිටියි. පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 355 රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 379 ක් රැස් කළේය.
සාගර පතුලේ දක්නට ලැබෙන විශ්මිත ලෝකය රැක ගැනීම සඳහා වැඩිහිටියන් මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව, වයස අවුරුදු 10දී අන්තර්ජාතික කිමිදුම් සහතිකයක් (PADI -Professional Association of Diving Instructors) හිමි කරගත් ඇම්බර් රෝස් මාතරගේ දැරිය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තාය. එම ප්‍රවීණතාව ලබාගත් ශ්‍රී ලංකාවේ 'ළාබාලම' දැරිය ඇය බව තමන් විශ්වාස කරන්නේ යැයි ඇගේ පුහුණුකරු ෂර්ලි කෝරලගේ බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී පැවසුවේය. ඒ පිළිබඳව කළ විමසීමකදී PADI ආසියානු-පැසිෆික් ප්‍රාදේශීය කළමණාකරු රොබට් ජේ ස්කැම්මෙල් කියා සිටියේ ලාබාල අවධියේදී විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය දිනාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනා අතරින් ඇම්බර් රෝස් මාතරගේ එක් අයෙකු වන බව තමන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ හැකි බවය. ''සාගර ලොවේ සන්නාම තානාපතිවරුන් වීම සඳහා කිමිදීම ඉගැනීමට උනන්දුවක් දක්වන දරුවන් ඔවුන්ගේ ප්‍රජාවන් තිරසර අනාගතයක් සඳහා පෙළඹ වීම ගැන අපි අතිශයින්ම සතුටු වන්නෙමු.'' යනුවෙන් රොබට් ජේ ස්කැම්මෙල් වැඩිදුරටත් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. නිෂ්පාදනය/කැමරාකරණය/වාර්තාව: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.
කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම ද මාස ගණනාවක් පුරා කරුණු පරීක්ෂා කරමිනි සිටිති. මෙවැනි ව්‍යාජ කරණු අඩංගු පුවත් බොහොමයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙන නමුත්, දිනපතා විවිධ දේ පළ වෙමින් තිබේ. පුවත: "එන්නත ලබා ගත් පසු නොර්වේහි 23 දෙනෙකු මිය ගිහින්." ෆයිසර් කොවිඩ් 19 එන්නත ලබා ගැනීමෙන් පසු නෝර්වේහි වැඩිහිටි පුද්ගලයින් 23 දෙනෙකු මිය යාම ගැන ඇමරිකාවේ 'ප්‍රධාන ධාරාවේ මාධ්‍ය' නිහඬව සිටි බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් විශාල ලෙස සංසරණය වේ. මෙම ෆේස්බුක් සටහන 2021 ජනවාරි 16 වෙනි දින ප්‍රථමයෙන් පළ කර තිබේ. මෙම සටහනේ වැඩිදුර තොරතුරු පළ වී නොමැත. බරපතල නිධන්ගත රෝග පවතින පුද්ගලයන් ද ඇතුළුව සත්කාර නිවාසවල පදිංචිකරුවන්ට නෝර්වේ සෞඛ්‍ය අංශවලින් එන්නත ලබා දෙමින් තිබේ. නොර්වේ හි සාත්තු නිවාසවල සහ දිගු කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් සතියකට පුද්ගලයින් 400 ක් පමණ මිය යති. මෙම පුද්ගලයන්ගෙන් සමහරු එන්නත ලබා ගැනීමෙන් පසු ඒ හා සම්බන්ධ නොවූ හේතූන් නිසා මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත. එම ආයතනයේ ප්‍රධානී කැමිලා ස්ටොල්ටන්බර්ග් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, "මොවුන් ඉතා වයස්ගත, දුර්වල හා බරපතල රෝග ඇති අයයි... මේවා හදිසියේ සිදු වූවක් හෝ වැඩිපුර සිදු වූ මරණ ලෙස ගණනය කරන්න බැහැ." පුවත: "කොවිඩ් -19 එන්නත් අපගේ ජාන වෙනස් කරයි" මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් සහිත වීඩියෝවක් ප්‍රථමයෙන්ම සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේ කැරී මාඩෙජ් නම් කාන්තාවක් වන අතර එය ජූලි මස අවසානය වන විට අන්තර්ජාලය හරහා සංසරණය වීම ආරම්භ විය. එහි දී ඇය පවසන්නේ එන්නත් නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ ජාන වෙනස් කිරීමට බවය. "එන්නත ලබා දෙන්නේ අපව ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් බවට පත් කිරීමට සහ අප සියල්ලන්ම කෘතිම බුද්ධියකට සම්බන්ධ කිරීම සඳහායි," ඇය එම වීඩියෝව මගින් පවසයි. මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති අතර, දැනට මිනිසුන් සම්බන්ධ කරගෙන සිදුකරන එන්නත් අත්හදා බැලීම් අතුරින් කිසිවකුත් මිනිස් ජාන වෙනස් කිරීමට නිර්මාණය කර නොමැත. එමෙන්ම අප සියල්ලන් කෘත්‍රිම බුද්ධියකට ඇතුළු කළ හැකි තාක්ෂණයක් ඒවා සතුව නොමැත. අසත්‍ය ප්‍රකාශ ඇතුළත් මෙම වීඩියෝව ප්‍රථමයෙන් ජුනි මාසයේදී යූ ටියුබ් වෙත මුදා හරින ලද අතර 300,000 කට වැඩි වරක් නරඹා තිබිණි. එය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ද ඉතා ජනප්‍රිය විය. මෙවැනි නොමග යවන සුලු තොරතුරු හේතුවෙන්, ලැබුණ අවස්ථාවේ දී පවා මිනිසුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි වෛද්‍යවරු කනස්සල්ලට පත්ව සිටිති. පුවත: "කොවිඩ් -19 එන්නත් මගින් මිනිසුන්ගේ ශරීරයට 'මයික්‍රොචිප්ස්' ඇතුළත් කරනවා." එන්නත් පර්යේෂණ සඳහා අරමුදල් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ රූපවාහිනී සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් ෆෝමියුලා 1 ජයග්‍රාහිකයෙකු වන ලුවිස් හැමිල්ටන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබිණි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් 19 එන්නත සමග මයික්‍රොචිප් ශරීරයට ඇතුළු කරන බවට සිදු කරන පදනම් විරහිත ප්‍රකාශයන් මෙම සාකච්ඡාවේ දී බිල් ගේට්ස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. නමුත් සමාජ මාධ්‍ය ජාලවල පළවුණු මෙම වීඩියෝ පටය සංස්කරණය කර සිනාසෙන ඉමොජියක් යොදා "මගේ පළමු බොරුව පැවසූ හැටි මට මතකයි" යන වචන ද එකතු කර 'කිංබැක්' නමින් තිබෙන ගිණුමකින් ප්‍රථමයෙන් මුදා හැර තිබිණි. අනුගාමිකයන් මිලියන 18ක් සිටින ලුවිස් හැමිල්ටන්ගේ ගිණුමේ බෙදාගෙන තිබුණු මෙම සංස්කරණය කරන ලද වීඩියෝව ලොව පුරා ඉතා වේගයෙන් සංසරණය වන්නට විය. නමුත් පසුව ඔහු කියා සිටියේ තමා බිල් ගේට්ස්ගේ එම ප්‍රකාශය දැක නැති බවත්, තමන් එන්නත් විරෝධී නොවන බවත්, එම වීඩියෝව මකා දැමූ බවත්ය. මයික්‍රොචිප් ගැන තොරතුරු දිගින් දිගටම මතුවෙමින් තිබෙන අතර ගේට්ස් පදනම එය 'අසත්‍ය' තොරතුරක් ලෙස හඳුන්වා තිබේ. පුද්ගලයෙක් යම් කොවිඩ් 19 එන්නතක් ලබාගෙන තිබේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ගබඩා කළ හැකි තාක්‍ෂණයක් පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම මෙම පදනම් මඟින් සිදු කරයි. නමුත් මෙයට මයික්‍රොචිප්ස් ඇතුළු කර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ලුහුබැඳීම ඇතුළත් නොවන බව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයෝ පවසති. පුවත: "ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත අත්හදා බැලීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙක් මිය ගිහින්." ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත අත්හදා බැලීම පිටුපස සිටින කණ්ඩායම සිදු කරන ලද යාවත්කාලීන ඉතා කඩිනමින් සිදු කිරීම නිසා එය අනාරක්ෂිත යැයි කියමින් අදහස් හා සටහන් පළ වී ඇත. සාමාන්‍ය එන්නත් පර්යේෂණයට වඩා වේගයෙන් මෙම සායනික අත්හදාබැලීම් ඉදිරියට යන බව සත්‍යයකි. ඔක්ස්ෆර්ඩ් එන්නතේ අත්හදා බැලීම්වල පළමු අදියර දෙක වාර්තාගත වේගයකින් සම්පූර්ණ කළේය. එයට හේතු වන්නේ කොරොනාවෛරසය ගැන දැනට පවතින දැනුම, පෙර නොවූ විරූ ලෙස ලැබුණු අරමුදල් සහ විශාල පිරිසක් සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමය. ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධානී මහාචාර්ය ඇන් පොලාර්ඩ් ජූලි මස අවසානයේදී බීබීසී සේවයට පැවසුවේ එන්නතේ ආරක්ෂාව ගැන දැඩි පරීක්ෂාවන් සිදු කර ඇති බවය. නමුත් මේ ගැන කටකතා නතර වී නැත. අත්හදා බැලීම්වල දී පළමු ස්වේච්ඡා සේවකයා මියගොස් ඇති බවට පැතිර යන ව්‍යාජ පුවත පවා නතර වී නොමැත. බීබීසී සෞඛ්‍ය සංස්කාරක ෆර්ගස් වොල්ෂ් සත්‍ය වශයෙන්ම මෙම ස්වේච්ඡා සේවකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ ද මෙම කටකතාව අසත්‍ය බව තහවුරු කිරීමටය. පුවත: "කොවිඩ් -19 එන්නත ගැනීමෙන් විශාල පිරිසක් මිය යන බව බිල් ගේට්ස් විශ්වාස කරයි." එන්නත සම්බන්ධයෙන් බිල් ගේට්ස් ජනප්‍රිය ඉලක්කයක් බව පෙනේ. 45,000 කට අධික වාරයක් බෙදා ගෙන ඇති එක්තරා ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ "එන්නත ලබාගැනීමෙන් පුද්ගලයන් 700,000 ක් මැරෙන බවට සැකයක් නැහැ" යනුවෙන් බිල් ගේට්ස් සඳහන් කළ බවය. ලොව පුරා එන්නත් විරෝධීන්ට බිල් ගේට්ස් ප්‍රධාන මාතෘකාවක් වී ඇත මෙය ඔහු මෙතෙක් කිසිම අවස්ථාවක පැවසූ දෙයක් නොවේ. වැඩිහිටි පුද්ගලයින්ට එන්නත් කෙතරම් දුරකට සාර්ථක වේද සහ ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමේ අවදානම පිළිබඳ බිල් ගේට්ස් සාකච්ඡා කරන වීඩියෝවක් මෙම ට්වීට් පණිවිඩයේ දැක්වේ. ලොව පුරා කොපමණ පිරිසක් අතුරු ආබාධ අත්විඳිය හැකිද යන්න පිළිබඳව ඔහු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කර තිබිණි. "අපට අතුරු ආබාධ 10,000 න් එකක් තිබේ නම්, තවත් ආකාරයකින් ... එයින් 700,000 ක් දෙනා දුක් විඳින්න පුළුවන්." මෙහිදී ඔහු මරණ ගැන කතා නොකරන නමුත් එන්නතකින් 700,000 ක් මිය යන බව "පිළිගනී." එන්නත පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ රැසක ඉලක්කය බිල් ගේට්ස් වී ඇත. බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම මැයි මාසයේ සිට ඒවා නිරීක්ෂණය කරමින් සිටිති. පුවත: "ස්පාඤ්ඤ උණ රෝග එන්නතෙන් මිලියන 50 ක් මිය ගිහින්." 1918 ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබඳ මේ හා සමාන අසත්‍ය කථා 'මීම්ස්' ලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ. එම වසංගත කාලයේ මිලියන 50ක මරණ සඳහා එන්නත් වගකිව යුතුයි යන්න අසත්‍යයකි. එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථාන සනාථ කරන්නේ එකල ස්පාඤ්ඤ උණ රෝගය සඳහා එන්නතක් නොතිබූ බවය. බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයන් මූලික අවධියේ බැක්ටීරියා එන්නතක් අත්හදා බලා තිබේ. නමුත්, ඉතිහාසඥයෙකු සහ කතුවරයෙකු වන මාක් හොනිංස්බෝම් පවසන පරිදි ඒ කිසිවක් වර්ථමානයේ අප දන්නා එන්නත් හා සමාන නොවේ. මෙයට හේතුව ලෙස මාක් හොනිංස්බෝම් පවසන්නේ "ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බව එකල කිසිවෙකු දැන නොසිටීමය." වෛරසයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු තරලයෙන් පිරී තිබීම සහ උණ රෝගය එම වසංගතය තුළ මරණයට ප්‍රධාන හේතු දෙකක් වී තිබේ. මේ තොරතුරුද කියවන්න:
වැසිකිලි ගණනාවක් එක් කොට ගණිකා නිවාසයක් සකස් කොට තිබුණු සාප්පු සංකීර්ණයක් වැටලූ බව හොංකොං පොලිසිය ප්‍රකාශ කරයි.
ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් තිබෙන්නේ සාපරාධී කල්ලියක් විසින් අසූවකට වැඩි පිරිසක් එම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර එයින් පනස්‌ එක් දෙනකුම කාන්තාවන්. පසුගිය මාස දහය මුළුල්ලේ සාපරාධී කල්ලියක් විසින් එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවයි, පොලිසිය පවසන්නේ. අත් අඩංගුවට ගැනුණු කාන්තාවන් ගෙන් වැඩි දෙනා චීනයේ සිට පැමිණ සිටි අයයි.
මීට සියවස් ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ කතෝලිකයන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සහ 'බෞද්ධයන් මරා දමමින්' බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි.
කතෝලික පූජකවරුන්ට එරෙහි ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටියහ ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටිනු දකින්නන්ට තමන් කැමති බවයි, සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ. කොළඹදී විදේශීය මාධ්‍ය ජාලවල වාර්තාකරුවන් හමුවුන බොදු බල සේනා දූත පිරිස තවදුරටත් කියා සිටියේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ කරන ලද විනාශය සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ගත යුතු බවයි. පාප් වහන්සේ බ්‍රිතාන්‍ය වැසියෙක් නොවන බව සහ බ්‍රිතාන්‍යයේ බහුතරයක් අදහන්නේ කතෝලික දහම නොව එංගලන්ත සභාවේ ධර්මය නොවේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට ඥානසාර හිමියන්ගේ ප්‍රතිචාරය වූයේ, පාප් වහන්සේ බ්‍රිතාන්‍ය නොවුනත් 'තීන්දු ගත්තේ එහෙන් නේද' යනුවෙන්. ලොව පුරා කතෝලික පූජකවරුන්ට එරෙහිව එල්ල වී තිබෙන ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මීට ඉහතදී සමාව ඉල්ලා සිටියහ.
දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ජා කිරීමකින් තොරව කෙරෙන වෙනස්කම් වලට තමන් එරෙහිවන බව මුස්ලිම් කොන්ග්‍රසය කියා සිටී.
මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් බී සී සංදේශයට කියා සිටියේ මේ පිළිබඳව තමන් ජනාධිපති වරයාට දැන්වීමට කටයුතු කොට ඇතිව බවයි. මේ අතර වාරයේ .දහතුන් වෙනි සංශෝ ධනය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම පිණිස ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වන්සේ ඉදිරිපත් කළ යෝජනාවට සහයෝගය ලබා ගැනීම සඳහා ජාතික හෙළ උරුමයේ නියෝජතයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ මුන ගැසුනහ. යෝජනාව අධ්‍යනය කොට තම ප්‍රතිචාරය පළ කරන බව විපක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ තමන්ට දැන්වූ බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ බී සී සංදේශයට කියා සිටියේය. ආණ්ඩුව අවතැන් වූ ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම සඳහා හදිසි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තමන්ගේ නම් ලියා පදිචි වී නැති බව කියමින් අධිකරණයට ඉදිරිපත් කෙරෙන පෙත්සමක් හරහා උතුරේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඉඩ ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කොළොඹ දී ප්‍රකාශ කළේය.
යුධ ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස පැවැත්වෙන දීප ව්‍යාප්ත සංගණනය පිළිබඳව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන් පැවසුවේ මරණයට පත් වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දැන ගැනීම වැදගත් වන බවයි.
මේ අවස්ථාවේ දී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවත් සංගණනය කෙරෙන පදනම හෝ එය ක්‍රියාත්මක කෙරෙන පදනම පිළිබඳව තමන් නොදන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවසීය. සාමාන්‍යය වැසියන් යුධ මුක්ත කලාපය යනුවෙන් හඳුන්වා දුන් ප්‍රදේශ වලත් මරණ සිදුවී ඇති අතර එම කලාපයෙන් පිටතට පැමිණි දෙලක්ෂ අසු දහසත්-අනු දහසත් අතර පිරිසට අමතරව අනෙක් අයට කුමක් සිදු වුනේ දැයි සොයා ගත යුතුව ඇති බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වන්නි කලාපය තුල තුන් ලක්ෂ හැට දහසකට වැඩි පිරිසක් කොටු වී සිටි බවට වාර්තා පලවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේය. මේ අයගෙන් වැඩි පිරිස සාමාන්‍යය වැසියන් බවත්,කොටි සංවිධාන සාමාජිකයින් ද ඒ අතරේ සිටි නමුත් ගැටලුව වන්නේ මරණයට පත් වූ සාමාන්‍යය වැසියන් ගේ ගණන දැන ගැනීම බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. නිවැරදි තොරතුරු මේ පිළිබඳව බී සී තමිල් ඕසෙයි වැඩසටහන කල විමසුමකට කල පිළිතුරු දුන් ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී බී අබේකෝන් කියා සිටියේ මෙම සංගණනය දෙස ශුභවාදීව බැලිය යුතු බවයි. මෙම සංගණනය හේතුවෙන් යුද්ධයයේදී මිය ගිය පිරිසේ ගණන් හිලව් පිළිබඳව තොරතුරු රහිතව කෙරෙන ප්‍රකාශ වෙනුවට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව පී බී අබේකෝන් පෙන්වා දුන්නේය.
දැඩි මතභේදයට තුඩු දුන් රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ තරුණියක මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර තරුණයකුට පනවා තිබූ වසර 14 ක සිරදඬුවම අහෝසිකළ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරයි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි. 2005 වසරේ දී එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එම තරුණිය මරා දැමීමේ චෝදනාවට වරදකරු කළ, 21 හැවිරිදි ජූඩ් ජයමාන්න නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් වසර 14 ක සිරදඩුවමක් පනවා තිබිණ. එම තීන්දුව දෙමින් එවක මහාධිකරණ විනිසුරුවරයාව සිටි අයි.එම්.අබේරත්න පැවසුවේ මිනීමැරීමේ චෝදනාවට වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. එම දඩුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා පෙත්සමක් ගොනුකළ අතර එහි තීන්දුව දෙමිනුයි අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව වෙනස් කරමින් මරණ දඩුවම නියම කළේ. තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරුන් පැවසුවේ මරණීය දණ්ඩනය පැනවීමට තරම් සාක්ෂි තිබියදී ඒ පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා අවධානය යොමු නොකිරීම මවිතය දනවන කරුණක් බවයි.
ප්‍රංශයේ නීස් නගරයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා හා සබඳතා පැවැත්වූ බවට විශ්වාස කෙරෙන පස් දෙනකු පොලිස් රැඳවුම් භාරයේ සිටින බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනයක් වෙත සිය ට්‍රක් රථය ධාවනය කළ Mohamed Lahouaiej-Bouhlel නමැති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය. ට්‍රක් රථයට යට වීම හේතුවෙන් අසූ හතර දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. ට්‍රක් රථය ධාවනය කරන ලද පුද්ගලයා සිය අනුගාමිකයකු බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය කියා සිටියි. නීස් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලබන ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් හදිසි තත්වය මාස තුනක් දක්වා දීර්ඝ කොට තිබේ.
කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.
කුණු කන්ද සිය ප්‍රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ. ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්‍යාපාරය සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මගින් රෝගය පැතිරීම ඉතාමත්ම දරුණු වන අතර තරුණ අයට ද දරුණු රෝග ලක්ෂණ මතුවන බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය.
එමෙන්ම රෝග ලක්ෂණ මතුවන අයගේ ප්‍රතිශතය ඉහළ යන බව ද සිකුරාදා (අප්‍රේල් 23) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඇය කියා සිටියාය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දැනට පවතින තත්ත්වය හමුවේ රට 'ලොක් ඩවුන්' කිරීමට හෝ වෙනත් දැඩි පියවරක් ගැනීම සිදු නොකරන බවය. කෙසේ වෙතත් දීර්ඝ සති අන්තයක් එළඹෙන බැවින් හැකිතාක් සංචරණයන් සීමා කර සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඔබ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන අයෙක්ද ?
රට පුරා සුළු ජන කොටස් සහ අනාගමික පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන ඝාතන නැවත්වීම සඳහා සිය ආණ්ඩුව හැකි උපරිම පියවර ගන්නා බව බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසිනා පවසයි.
අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ අග්‍රාමාත්‍යවරිය ඒ බව කියා සිටියේ බංගලාදේශයේ ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර ගනිමින් පොලිස් මෙහෙයුමක් දියත් කොට දිනකට පසුවයි. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ඉහත කී මෙහෙයුම දියත් කොට ඇති අතර මේ දක්වා සැකකරුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති. කෙසේ වෙතත් ඒ අතර සාමාන්‍ය අපරාධකරුවන්ද සිටින බවයි පැවසෙන්නේ. දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කිරීම සඳහා ඉහත කී පොලිස් මෙහෙයුම යොදා ගන්නා බවට විපක්ෂය නියෝජනය කරන බංගලාදේශ ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් පැදවීමට තවම ඔබට අවස්ථාවක් නොලැබුණා විය හැකියි. විදුලි මෝටර් රථයක් මිල දී ගැනීමට මෙතෙක් ඔබට සිතුවිල්ලක් හෝ පහළ නොවූවා විය හැකියි. එවැනි තත්ත්වයක් යටතේ මේ අනාවැකි දෙස ඔබ සරදම් බැල්මක් හෙළන්නේනම් එය පුදුමයක් නොවේ.
ජගුවාර් මෝටර් රථ සමාගම සැලසුම් කර ඇත්තේ 2025න් පසු විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට ය හෙන්රි ෆෝර්ඩ් විසින් 1913 දී මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව මෝටර් රථ ලෝකයේ සිදු වෙමින් පවතින විශාලතම විප්ලවය දැන් සිදුවෙමින් තිබේ. එය ඔබ සිතුවාට වඩා ඉක්මණින් සිදුවන හැඩක් පවතී. පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි වාහන නැගී සිටීම දැනටමත් ආරම්භ වී හමාර බව මෙම කර්මාන්තය දෙස විමසිල්ලෙන් සිටින ඇතැම් විශේෂඥයෝ පවසති. මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයන් දරන මතය ද එයමය. ජගුවාර් මෝටර් රථ සමාගම සැලසුම් කර ඇත්තේ 2025න් පසු විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට ය. වොල්වෝ සමාගම 2030න් පසු විදුලි වාහන පමණක් අලෙවි කරනු ඇත. ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ලෝටස් සමාගම ද කියා සිටියේ 2028න් පසුව තමන් ද ඒ අඩි පාරේ ගමන් කරනු ඇති බවය. මේ පියවර ගෙන ඇත්තේ ලොව මිල අධික මෝටර් රථ නිපදවන්නන් පමණක් නොවේ. 2035 වසරේ පටන් විදුලි වාහන පමණක් නිෂ්පාදනය කිරීමට ජෙනරල් මෝටර්ස් සමාගම (GM) තීරණය කර තිබේ. ෆෝර්ඩ් සමාගම ප්‍රකාශ කළේ 2030න් පසුව යුරෝපා රටවල අලෙවි කරන සියලුම ෆෝර්ඩ් වාහන විදුලි බලයෙන් පමණක් ක්‍රියා කරනු ඇති බවය. 2030න් පසුව තම නිෂ්පාදනයෙන් 70%ක් විදුලි වාහන වනු ඇති බව වොල්ක්ස්වැගන් (VW) සමාගම ද නිවේදනය කළේය. මෙය ස්ව කැමැත්තෙන් සිදුවන්නක් ම නොවන බව සැබවි. ඔව්; පෙට්‍රල් සහ ඩීසල් වාහන තහනම් කිරීම සඳහා ලොව පුරා රටවල බොහෝ ආණ්ඩු ඉලක්ක නිවේදනය කිරීමෙන් මීට තල්ලුවක් ලැබුණි. ක්‍රියාවලිය වේගවත් විණි. නමුත් ඉන්ධන දැවී යන එන්ජිමට තිත තැබීමට නම් තාක්ෂණික විප්ලවයක් ඇති විය යුතුමය. ඒ තාක්ෂණික විප්ලවය ඉතා වේගයෙන් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. මෙය විදුලි වේගයෙන් සිදුවන විප්ලවයක් වනු ඇත අන්තර්ජාලය පිළිබඳව මදක් සිතන්න. 90 දශකයේ හෝ 2000 වසර ආරම්භයේ දී අන්තර්ජාලය පිළිබඳව තිබුණේ ද මෙවැනිම කතාබහකි. ගතවූයේ කෙටි කලකි. පරිගණක අතර සන්නිවේදනය සිදුවන මේ විශ්වකර්ම අන්තර්ජාලය එකවරම ලොව පුරාම ව්‍යාප්ත විය. ජෙෆ් බේසොස් විසින් ඇමසන් නමැති අන්තර්ජාල වෙළෙඳපොළ පිහිටවනු ලැබිණ. ආස්ක්, ජීව්ස්, සහ යාහූ පරයා යමින් ගූගල් තම අධිපත්‍යය පිහිටුවා ගත්තේය. අන්තර්ජාලය පදනම් කොටගත් බොහෝ ආයතනවල වටිනාකම අදහාගත නොහැකි තරමින් ඉහළ ගියේය. අන්තර්ජාලයේ ව්‍යාප්තිය දැක්වෙන ප්‍රස්ථාරය ආරම්භ වන්නේ 1969 ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රී 10.30ට ය අදටත් අන්තර්ජාලය භවිත නොකරන්නන් සිටීම එහි ව්‍යාප්තියට අදාළ කාරණයක් නොවීය. ඒ සියල්ල අවසානයේ අප අතට ජංගම දුරකථනය ලැබිණ. ලොව ජයගත් බොහෝ තාක්ෂණයන්ට කලින් සැලසුම් කළ ගමන් පථයක් විය. නමුත්, ලෝකය ජය ගැනීම සඳහා කලින් සැලසුම් කළ ගමන් මාර්ගයක් අන්තර්ජාලයට නොවීය. එය ලොව පුරා ක්‍රමානුකුලව සිදු වූවක් ද නොවේ. එය එකවර පුපුරා ගියාක් වැනිය. ඇතැම් විට, එවකට පැවති බොහෝ දේට බාධා ගෙන දෙමින් එය වේගයෙන් ව්‍යාප්ත විය. පැවතුණු ව්‍යාපාර පොඩිපට්ටම් කර දැමුණි. අප කරන කියන සෑම දෙයක්ම වෙනස් වුණි. මෙය අලෙවිකරණ විෂයේ දී 'S නැම්ම හෝ S වක්‍රය' (S-curve) ලෙස හැඳින්විය හැකිය. ප්‍රස්ථාරයක ආරම්භයේ දී මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර, එකවරම ශීඝ්‍ර වර්ධනයකට අවතීර්ණ වී නැවතත් පෙර පරිදි ස්ථාවර වීම මෙහිදී දැකිය හැකිය. එම වක්‍ර ප්‍රස්ථාරය ඉංග්‍රීසි හෝඩියේ S අකුරේ හැඩය ගනී. අන්තර්ජාලයේ S නැම්ම මෙය ඇත්ත වශයෙන් ම දිගටි හැඩයක් ගත් S අකුරකි. එහි තේරුම මෙසේ සරලව විග්‍රහ කළ හැකිය. නවෝත්පාදන ආරම්භ වන්නේ ඉතා සෙමින් ය. විදුලි වාහන ද අද පවතින්නේ S අකුරේ පහළම නැම්මේ ය. අන්තර්ජාලයේ ව්‍යාප්තිය දැක්වෙන ප්‍රස්ථාරය ආරම්භ වන්නේ 1969 ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රී 10.30ට ය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණකයක් ඊට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තිබූ පරිගණකයක් සමඟ සම්බන්ධතාවක් ඇති කර ගත්තේ ඒ මොහොතේ ය. මේ පර්යේෂකයන්ට සටහන් කළ හැකි වූයේ L, O සහ G යන අකුරු තුන පමණි. "login" යන වචනය සම්පුර්ණ කිරීමට පෙර පද්ධතියේ සම්බන්ධතාව බිඳ වැටුණි. එවක් පටන් දශකයක් ගෙවී ගිය ද මෙම ජාලයට සම්බන්ධ වී තිබුණේ පරිඝනක සිය ගණනක් පමණි. නමුත් එම තාක්ෂණය වෙනස් වෙමින් පැවතුණේ ඉතා වේගයකිනි. 90 දශකයේ මුල් අවධිය වන විට තාක්ෂණික මෙවලම් භාවිතයට ඇල්මක් දක්වන බොහෝ පිරිසක් පරිගණක මිලදී ගන්නට පෙළඹුණි. වෙළෙඳපොළ වර්ධනය වීමත් සමඟ පරිගණකයේ මිල ද පහළ බසින්නට විය. නමුත් පරිගණක තාක්ෂණය ඉතා වේගයකින් දියුණු වන්නට පටන් ගත්තේය. ඉන් ධෛර්යමත් වූ තව තවත් පිරිස අන්තර්ජාලයට සම්බන්ධ විය. දිගටි හැඩයක් ගත් S අකුරේ තීව්‍ර බෑවුමක් සහිත නැම්ම ඉහළට ගමන් කරන්නට පටන් ගත්තේ මෙතැන් පටන් ය. ඇදහිය නොහැකි මට්ටමින් මෙය වර්ධනය විය. 1995 වනවිට අන්තර්ජාලයට සම්බන්ධවී සිටි පිරිස මිලියන 16ක් විය. 2001 වන විට එම පිරිස මිලියන 513ක් දක්වා වර්ධනය වී තිබුණි. දැන්, ලොවපුරා බිලියන තුනක ජනතාවක් අන්තර්ජාලයේ සැරිසරති. මේ වන විට S අකුරේ අවසන් නැම්ම තිරස් අතට නැමී පවතී. ටෙස්ලා සමාගමේ අයිතිකරු ඉලෝන් මස්ක් ගේ විශ්වාසය ද එයමය දැන්, වර්ධක අනුපාතිකයේ වේගය අවම වී ඇත. සරලව කියතොත් අන්තර්ජාලයේ අවශ්‍යතාව ඇති සියලු දෙනාම පාහේ දැන් ඊට සම්බන්ධ වී හමාරය. ජංගම දුරකථන, ඡායාරූප ශිල්පය සහ ප්‍රති ජීවක ඖෂධ පිළිබඳව ද වෙළෙඳපොළ වර්ධනය සටහන් වූයේ මෙවැනිම වූ ප්‍රස්ථාර හැඩයකි. මන්දගාමී ආරම්භයකින් පසු අධිවේගී වර්ධනයක් පෙන්නුම් කර නැවතත් වේගය අඩු විය. ඉන්ධන දවාලන එන්ජිම ද පසුගිය සියවස ආරම්භයේ දී මෙවැනිම ගමන් පථයක් පෙන්නුම් කළේය. වාෂ්ප එන්ජිම සහ මුද්‍රණ යන්ත්‍රය ද එසේම විය; විදුලි වාහන ද එසේම වනු ඇත. පළමු අසම්පුර්ණ විදුලි වාහනය නිෂ්පාදනය කරන ලද්දේ ස්කොට්ලන්ත ජාතික රොබට් ඇන්ඩර්සන් විසිනි. ඒ එක්දහස් අටසිය තිස් ගණන්වලදී ය. නමුත් එවකට පැවති තාක්ෂණය අනුව ඊට අධික වියදමක් දරන්නට සිදු වීම හේතුවෙන් තරඟකාරී වෙළෙඳපොළට එය අවතීර්ණ නොවීය. විදුලි බලයෙන් දිවෙන මෝටර් රථයේ කාර්යක්ෂමතාව පිළිබඳව මුල් වකවානුවේ දී බොහෝ දෙනෙකු දැක්වුයේ අප්‍රසාදයකි. නමුත් එහි තාක්ෂණික වර්ධනය පිළිබඳව ප්‍රසාදය දිනා ගැනීමට එතරම් කාලයක් ගත නොවුණි. තවදුරටත් එය වේගයෙන් වෙනස් වෙමින්, දියුණු වෙමින් පවතී. සැතපුම් දශ ලක්ෂයක් ධාවනය කළ හැකි නව බැටරියක්! වඩාත්ම සිත්ගන්නාසුලු වෙනස සිදු වී ඇත්තේ විදුලි වාහනයක් වෙනුවෙන් වැයවන මුදලට ය. "මීට දශකයකට පෙර කිලෝවොට් පැයක බැටරි බලයක් සඳහා ඩොලර් 1000ක් වැය වුණා. දැන් ඒකට වැය වෙන්නේ ඩොලර් 100යි." පිරිසිදු බලශක්ති සඳහා එක්සත් ජනපදයේ පවතින පර්යේෂණ ආයතනයක් වන RMI ආයතනයේ මැඩලින් ටයිසන් පැවසුවාය. ඉන්ධන සහ නඩත්තු සේවා සඳහා යන වියදම ගත්කල විදුලි වාහනයක් වෙනුවෙන් වැයවන මුදල ඉතා අඩු බව ද ඇය පෙන්වා දුන්නාය. ඉන්ධන දැවෙන වාහනයකට වඩා ඇතැම් විදුලි වාහනවල මිල ද දැනටමත් අඩුවී ඇත. එමෙන්ම විදුලි වාහනයක පවතින බැටරියක ගබඩා කළහැකි බලශක්ති ප්‍රමාණය ද එන්න එන්නම වැඩි වෙමින් පවතී. එහි කල්පැවැත්ම ද වැඩි වෙමින් පවතී. සැතපුම් දශ ලක්ෂයක් ධාවනය කළ හැකි නව බැටරියක් හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය වසරේ දීය. ඒ CATL නමැති චීන සමාගමක් විසිනි. වාහන විශාල සංඛ්‍යාවක් සහිත උබර් වැනි සමාගම් විදුලි වාහන සඳහා ඉක්මණින් නැඹුරුවෙමින් සිටින්නේ සැතපුමකට වැයවන මුදල අවම කර ගැනීමෙන්, ලැබිය හැකි ලාභය ඉතා විශාල බැවිනි. මැඩලින් ටයිසන් තවදුරටත් කියා සිටියේ මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතින හෙයින් සාමාන්‍ය ජනතාව ද විදුලි වාහනවලට නැඹුරු වනු ඇති බවය. කෙතරම් ඉක්මණින් මෙය සිදුවේ ද? විදුලි කාර්: ගෝලීය අලෙවිය ඉහළට 90 දශකයේ දී අන්තර්ජාලය ව්‍යාප්ත වූ ආකාරයෙන් ම විදුලි වාහන වෙළෙඳපොළද අධිවේගී මට්ටමින් වර්ධනය වෙමින් පවතී. කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය මෝටර් රථ අලෙවිය පස් ගුණයකින් පහත වැටුණු නමුත් විදුලි මෝටර් රථ නිෂ්පාදන තරඟය 2020 දී ඉදිරියට ගියේය. ප්‍රතිශතයක් වශයෙන් එය 43%ක වර්ධනයක් පෙන්නුම් කළේය. එය සමස්ත මෝටර් රථ අලෙවියෙන් 5%ක් පමණක් වුවද ඉන් පෙන්නුම් කෙරෙන්නේ, ප්‍රස්ථාරයේ S අකුරේ තීව්‍ර සිරස් නැම්ම කරා දැනටමත් අප පැමිණ ඇති බවය. 2025 වන විට ගෝලීය වශයෙන් සමස්ත මෝටර් රථ අලෙවියෙන් 25%ක් ම විදුලි වාහන වනු ඇති බවට UBS ආයෝජන බැංකුව ඇස්තමේන්තු කර ඇත. එය 2030 වන විට 40% දක්වා වැඩි වන බවත් 2040 වන විට ලොව පුරා අලෙවිවන සියලුම වාහන විදුලි බලයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් UBS බැංකුව පවසයි. යමක් වැඩි වැඩියෙන් නිෂ්පාදනය වන තරමට එහි ගුණාත්මකභාවය ඉහළ යන අතර එහි මිලගණන් අඩු වනු ඇත. පරිගණකයක් මිලදී ගැනීම මෙන්ම මුළුතැන්ගෙයට අවශ්‍ය කරන උපකරණයක් මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුණේ එබැවිනි. පෙට්‍රල් සහ ඩීසල් වාහන ද සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වූයේ ද එබැවිනි. "තීරණාත්මක තැනක" විදුලි වාහන සඳහා අවශ්‍ය වන බැටරියක මිල පහත වැටීම හේතුවෙන් අදාළ වාහනයේ මිල ද පහත වැටුණි. "අපි ඇවිත් ඉන්නේ තීරණාත්මක තැනකට." කැලිෆෝනියාවේ සින්ගියුලැරිටි විශ්වවිද්‍යාලයේ බලශක්ති හා පාරිසරික අංශයේ සම ප්‍රධානි රමේස් නාම් පැවසීය. ඔහු විශ්වාස කරන්නේ පොසිල ඉන්ධන දහනය වන වාහනයක් සඳහා වැයවන මුදලට විදුලි වාහනය තරඟකාරී වූ වහාම තරඟය ආරම්භවන බවය. ටෙස්ලා සමාගමේ අයිතිකරු ඉලෝන් මස්ක් ගේ විශ්වාසය ද එයමය. "විදුලි වාහන පිළිබඳව පාරිභෝගිකයාගේ අවබෝධයේ විශාල වෙනසක් ඇතිවෙමින් පවතිනවා. ඒ සඳහා මෙතෙක් නොවූ මට්ටමේ ඉල්ලුමක් දැන් පවතිනවා." ඔහු පවසා තිබුණි. කෙසේ වෙතත් පෙට්‍රල් සහ ඩීසල් වාහන සම්පුර්ණයෙන් ම මහා මාර්ගයෙන් ඉවත්වීමට පෙර තව කළයුතු දෑ බොහෝය. වැදගත්ම දෙය වන්නේ තමන්ගේ වාහනයේ බැටරිය ආරෝපණය කර ගැනීමේ පහසුකම සියලු දෙනාටම ලැබීම ය. එය ලාභදායී විය යුතුය. ඒ සඳහා ඉදිකිරීම් සහ ආයෝජන අවශ්‍ය වනු ඇත. නමුත් එය සිදුවනු නියතය. මීට සියවසකට පෙර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා ලොව පුරා ඉන්ධන පිරවුම් හල් ඉදිවීම අධිවේගයෙන් සිදුවිය.
ව්‍යාකූල තත්වයක් පවතින ඉන්දීය කාශ්මීරයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා හැටියට පර්වේෂ් රසූල් (Parvez Rasool) ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි .
විසිහතර වැනි වියේ පසුවෙන මුස්ලිම් ජාතිකයකු වන පර්වේෂ් රසූල් , ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මී ළඟ සිම්බාබ්වේ සංචාරයට එක්වීමට නියමිතයි. මෙයින් අවුරුදු හතරකට පෙර බැංගලෝර් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අසල එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් පර්වේෂ් රසූල්ගෙන් ඉන්දීය පොලිසිය ප්‍රශ්න කළත් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙරින. තමාට අවශ්‍ය කරන්නේ තමා ක්‍රිකට් ක්‍රීඩකයකු මිස ත්‍රස්තවාදියකු නොවන බව පෙන්නුම් කිරීම යයි පර්වේෂ් රසූල් කියා සිටී. පර්වේෂ් රසූල් ඉන්දීය ජාතික ක්‍රිකට් පිලට තෝරා ගනු ලැබීම මගින් කාශ්මීරයේ තරුණයන්ට ඔවුන්ගේ රට නියෝජනය කිරීමේ අවස්තාවක් තිබේය යන පණිවුඩය දෙන බවයි ඔහුගේ ක්‍රීඩාලෝලීන් පවසන්නේ.
"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"
බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය. ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි. කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති. මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නි‍යෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ. පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට 60%ක් කාන්තාවන් ගොදුරු වී තිබේ. එමෙන්ම, ඔවුන් අතුරෙන් 82%ක් වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ. රජයේ ආයතනයක උසස් තනතුරක් දරන අනුෂිකා කඹුරුගමුව පැවසුවේ, "මමත් පාසල් යන කාලයේදී පොදු බස්රථයක් තුළ ලිංගික හිංසනයට මුහුණ දීලා තිබෙනවා. ඇත්තටම ප්‍රශ්නය වන්නේ අපි කව්රුත් මේ ගැන කතා කරන්න අකමැති වෙන එකයි. ආසියාතික රටවල්වල කාන්තාවන් පාරේදී, ගෙදරදී හෝ කාර්යාලයේදීවත් තමන්ට සිදු වූ හිංසනය ගැන කතා කරන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය තුළ ගැහැණු කෙනෙක් යම් හිංසනයකට ලක් වෙනවානම් ඒ ගැන හඬ නගන්න ඕනෙ. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එකක්, කාන්තාවන් ලැජ්ජයි මේ ගැන කතා කරන්න. ඒ වගේම මේ ගැන හඬ නැගුවත් බොහෝ විට කව්රුත් සොයා බලන්න නැහැ. පිහිට වෙන්න එන්නෙත් නැහැ. අඩුම තරමේ තමන් හිංසනයට ලක් කරන පුද්ගලයා බස් රථයෙන් බස්සන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ" යනුවෙනි. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සැකසූ වාර්තාවට අනුව හිංසනයට ලක්වන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන්, තරුණියන් මෙන්ම මහලු කාන්තාවන්ද මෙම හිංසනයට ගොදුරු වේ. මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය. යම් අවස්ථාවක 'ඔබ හිංසනයට ලක්වන්නේ නම්' එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. මේ අතරතුර එම සිද්ධිය පිළිබඳ අවට සිටින පිරිස දැනුවත් කිරීමද අවස්ථානුකූලව කළ යුතුය. පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඉන්පසු ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත. "අපි දවසේ වැඩ ඉවර වෙලා බස් එකට නගින්නේ නිදහසේ යන්න. ඒ වගේ වෙලාවට සමහරවිට මහන්සියට නින්ද යන්නත් පුළුවන්. මෑතක දී දවසක් මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වෙලාවකින් මට තේරුණා මගේ අනෙක් පස සිටින පුද්ගලයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනවා කියලා. මම එක පාරක් ඔහු දිහා රවල බැලුවා. නමුත් ටික වෙලාවකින් ඔහු ඒ දේ ආපහු කරන්න පටන් ගත්තා. ඉවසන්න බැරිම තැන මම තදින් බැණ වැදුනා. ඔහු ඊළඟ නැවතුමෙන් බැස්සා. වැරදි හිතකින් නෙමෙයි නම් එහෙම බස් එකෙන් බැහැල යන්න ඕනෙ නැහැනෙ" යැයි කේශිකා රණසිංහ පැවසීය. "අද රටේ කාන්තාවන් වන අපට බස් රථයකට හෝ කෝච්චියට නැග්ගාම හොඳට වටපිට බලල තමයි අසුන් ගන්න වෙලා තිබෙන්නේ. සමහර පුරුෂයන් ඉන්නවා කාන්තාවක් බස් රිය ඇතුළේ ඉන්නවා ජනේලයෙන් දැක්කාම ඒ බස් එකට නගිනවා. ඊට පස්සේ නොයෙක් කරදර කරනවා. ඒ වගේම තවත් සමහරු බස් රථය තුළ ඕනෑ තරම් හිස් ආසන තිබුණත් කාන්තාවක් ඉඳගෙන ඉන්නවා දැක්කම, ඒ ආසනේටම ඇවිත් වාඩි වෙනවා. ඊට පස්සේ නොයෙකුත් හිරිහැර කරනවා. නැත්නම් අපහසුතාවට පත්වන විදියට බලාගෙන ඉන්නවා," ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද දැනගන්න: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය. මේ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති පරිදි නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත. යම් පුද්ගලයෙක් හිංසනයට ලක් වන්නේ නම් එය ඔහු හෝ ඇයගේ මානව හිමිකම් කඩවීමකි. වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස එකී වගන්තියේ සඳහන් වේ. මේ අනුව, පොදු ප්‍රවාහන තුළදී එල්ලවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් අදාළ චූදිතයන්ට බරපතළ දඬුවම් නියම වනු ඇත. "අතවරයට ලක්වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ" මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන්ම සමාජ හැසිරීම පිළිබඳ අධ්‍යනයේ යෙදෙන කෞශල්‍යා හේරත් සිය අදහස් දක්වමින් පැවසුවේ, "බොහෝ කාන්තාවන් ලිංගික අතවර කියලා සිතන්නේ ශාරීරිකව සිදුවන අතවර විතරයි. නමුත් පොදු ප්‍රවාහන සේවයේ දී සිදුවන මානසික අතවර බොහොමයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කියලා අපි දන්නේ මිනිසුන් පිරිලා තද වුණ බස් සහ කෝච්චි. ඒ නිසා කාන්තාවන් පුරුදු වෙලා තිබෙනවා මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න. ඔවුන්ට වාචිකව සිදුවන අතවර පමණක් නොවේ ශාරීරිකව සිදුවන අතවරත් මේ නිසා ගණන් නොගෙන ඉන්නවා. අනිත් දේ තමයි අතවරයකට එරෙහිව කතා කරන්න ගියොත් වැරදිකරු කෙසේවෙතත් අපි දිහා මිනිස්සු බලන තත්ත්වයක් තිබෙන්නේ." යැයි ඇය සඳහන් කළාය. මේ තත්ත්වය් වෙනත් අතුරුඵල ගෙන එන බව ඇය පැහැදිලි කළේ, "මමත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කෙනෙක්. මම දස වතාවක් පොදු ප්‍රවාහන සේවය භාවිත කළොත් ඉන් නව වතාවක් හිංසනවලට ලක්වෙලා තිබෙනවා. මේ දේ මග හරින්න මම කරන්නේ වායුසමනය කළ බස් එකක නගින එක. නමුත් එයින් හිංසා වෙන එක නවතින්නේ නැහැ. හැබැයි, සුවපහසුවට ඉඩ ඇතුව ඉදගෙන යන නිසා හිංසා වෙන්න තිබෙන අවස්ථා අඩු වෙනවා. සමහර වෙලාවට මම ආරක්ෂාව ගැන හිතලා කුලී රථයක ගමන් කරනවා. මේ හැමදෙයින්ම වෙන්නේ, අපිට ලැබෙන මාසික පඩියෙන් වැඩි කොටසක් ප්‍රවාහනයට වියදම් කරන්න වෙන එක. මෙය පොදු ප්‍රවාහන සේවයේ සිදුවන ලිංගික අතවරවල අතුරු ප්‍රතිඵලයක්" යනුවෙනි. තවත් තොරතුරු: "අපි පුරුදු වෙලා නැහැ යම්කිසි අතවරයකට එරෙහිව පැමිණිලි කරන්න, ඒවාට විරුද්ධව කතා කරන්න. පොඩි කාලේ ඉදන් අපේ රටේ ගැහැණු ළමයෙකුට පුරුදු කරන්නේ දරාගෙන ඉන්න. මේ නිසා අපිට ප්‍රශ්නයක් වුණාම බලන්නේ මග හරින්න. මේ දේවල් නිසා දවසින් දවස අතවර සිදුවන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. නමුත් අපේ ආකල්ප වගේම නීතියෙත් විශාල දුර්වලතා තිබෙනවා. කාන්තාවන් මෙවැනි දේ ගැන පැමිණිලි කරන්නේ කාටද කියලා දන්නේ නැහැ. එහෙම පැමිණිලි කළත්, නීතිය ක්‍රියාත්මක වෙන්න ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා." "කෙසේවෙතත්, කෙටි කාලයකින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි. ඒ වගේම අපි සමාජමය වශයෙන් දැනුවත් වීම අවශ්‍යයි. අතවර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි, ඒ දෙයට විරුද්ධව කතා කරන්න සහ නීතියේ සහාය ලබා ගන්න අපි කුඩා කළ ඉදන් පුරුදු කරන්න ඕනෙ. ඒ සඳහා පාසල්වල මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි." ඇය තවදුරටත් පැවසීය. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වේ. මේ අනුව කාන්තාවන් බොහෝ දෙනෙකුට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට සිදු වන අතර, ඔවුන්ට නිරන්තරයෙන් සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වේ. මේ හේතුවෙන් සිය රැකියාව හෝ අධ්‍යාපන කටයුතු සඳහා නිරවුල් මනසකින් යොමු වීමට අපහසු බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සියලු කාන්තාවෝ පැවසූහ.
ජපන් මුහුදේ ඩොල්පින් දඩයම පරිසරයට අන්තරායකාරී තත්වයකට පත්ව ඇති අතර එය එම කලාපයේ ඇතැම් ජීවීන් වර්ග විනාශ වීමට හේතුවක් වී ඇතැයි පරිසර සංවිධානයක් පෙන්වා දෙයි.
පරිසර ගවේෂක ආයතනය නම් සංවිධානය පෙන්වා දෙන්නේ, දහසය දහසක් ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට දී ඇති වාර්ෂික කෝටාව එම ජීවීන්ගේ සංඛ්‍යා සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිතක්සේරුවක් පදනම් කර ගනිමින් නිර්මාණය කෙරෙන්නක් වන බවයි. ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට හිමි වෙන වාර්ෂික කෝටාව තීන්දු කරනු ලබන්නේ අවුරුදු විස්සක් තරම් පැරණි දත්ත තොරතුරු පදනම් කර ගෙන බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ජපන් මුහුදේ ඩොල්පින් සහ තල්මසුන්ගේ සංඛ්‍යාව මහා පරිමාණයෙන් අඩු වී ඇති බවත් පරිසර ගවේෂක ආයතනය පවසයි.
චැම්පියන්ස් කුසලානය සඳහා සූදානම් බව පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
ජුනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවීමට නියමිත චැම්පියන්ස් කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (අප්‍රේල් 24) කොළඹ ක්‍රිකට් ආයතනයේ දී ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියා සිටියේ තමන් "සියයට සියයක් යහපත් ශරීර යෝග්‍යතාවෙන්" පසුවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා ඇති බවය. 2015 වසරේ නොවැම්බර් සිට ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වී නොමැති අතර අවස්ථා කීපයකදීම ඔහු ආබාධවලට ලක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පළ කළ අදහස් සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය එහිදී ප්‍රතිචාර පළ කළේය. චැම්පියන්ස් කුසලාන ශ්‍රී ලංකා සංචිතය අතිරේක ක්‍රීඩකයන්: ඩිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක
ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ දී පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් පොලිසිය විග්‍රහ කරන සිදුවීමේදී කාන්තාවක ද මරුමුවට පත් වී තිබේ.
වෙස්ට්මින්ස්ටර් පාලම මතදී ඕනෑකමින්ම පදිකයන් වෙතට සිය රිය පදවාගෙන ගිය බව සැලකෙන ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇත. එහිදී අවම තරමින් සිව් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තාවල දැක්වේ. ඉන් අනතුරුව සිය රථය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළේය. වෙඩි හඬ ඇසෙත්ම, අගමැතිනි තෙරේසා මේ ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ආරක්ෂිතව පසුවන බව අගමැති කාර්යාලය පවසයි. බකිංහැම් මාලිගයේ ද ආරක්ෂාව තරකර තිබෙන අතර, සිදුවීම සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැත. වෙඩි ප්‍රහාර තුනක් හෝ හතරක් තමන්ට ඇසුණු බව මන්ත්‍රීවරු පවසති. සිය කාර්යාල තුලම රැඳී සිටින ලෙස පාර්ලිමේන්තුවේ සේවකයන්ට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා ඇති අතර, වෙස්ට්මින්ස්ටර් ප්‍රදේශයට පැමිණීමෙන් වලකින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"මේක වෙන කොට අපේ ගෙදර එකොළොස් දෙනෙක් හිටියා. අපේ ලොකු දුවත් ඇවිත් හිටියා. එයාට බබා හම්බ වෙලා ඒ වෙන කොට දවස් 15 යි. අපේ ගේ ඉස්සරහෙන් කීප දෙනෙක් කෑ ගහහෙන දිව්වා මුහුද එනවා කියලා. අපි ඉතිං විශ්වාස කළේ නැහැ. කවුද හිතන්නෙ මුහුද ගොඩට එයි කියලා. අපේ ගේ වටේට තාප්පෙ නිසා අනිත් අයට වතුර එද්දිත් මුලින් ටික ආපු වතුර පාර අපිට ආවෙ නැහැ. ඒත් තවත් අය කෑ ගහගෙන යනකොට මම එළියට බැස්සා. ඒ වෙන කොට මගේ අඩි දෙකක් විතර උසට වතුර.මම ඒ වෙලාවේ නෝනාට කිව්වා දරුවො ටිකත් අරන් දුවන්න කියලා. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි."
'මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ.' 2004 වසරේ දෙසැම්බර් 26 වනදා තමා ඇතුළු පවුලේ සාමාජිකයන් සුනාමියට ගොදුරු වූ අයුරු සිහිපත් කරමින් ඒපී සෝමදාස සිය මතකය අවදි කළේ එලෙසින්. එවකට තංගල්ල කුඩාවැල්ලේ පදිංචිව සිටි හැටහතර හැවිරිදි ඒපී සෝමදාස කලක් කුඩාවැල්ල සමූපකාරයේ කළමනාකරු ලෙස සේවය කළ අයෙක්. පසුව නිවසේම වෙළඳසැලක් පවත්වාගෙන යමින් යහමින් ජීවත් වූ ඔහුගේ පවුලට හිටි හැටියේ සිදු වූයේ කිසි කලෙකත් නොසිතූ විපතක්. සුනාමි ව්‍යාසනයට හසු වූ ඒපී සෝමදාසගේ නිවස පිහිටි ස්ථානයේ වර්තමාන තත්ත්වය "බබා ලැබිලා උන්නු දුව ඒ බබාවත් අරන් දිව්වා. මගේ නෝනයි පුතාගේ නෝනයි එයාලගේ බබාලා දෙන්නයිත් දිව්වා. මගේ ලොකු දුව කිව්වා මට යන්න බැහැ කියලා. එයා ඔපරේෂන් කරලයි හිටියේ. එතකොට ආයෙමත් රැල්ලක් ආවා. මට දැනුනා ලොකු දුව නැහැ කියලා. ඒ එකක්ම එතන තිබ්බ තාප්පෙ කඩාගෙන වැටුනා. ලොකු දුවගේ දුව මගේ බෙල්ලේ එල්ලුණා. අපි ගිහින් ඉස්සරහා තිබුණ පියස්සක එල්ලුණා. ඒත් පියස්ස කැඩුනා. ඒපාර අපිව ගහගෙන ගියා. යාන්තං පොල් අත්තක් පහත් වෙලා තිබුණා. ඒක අල්ල ගද්දි පොල් අත්ත කැඩුනා. ඒ වෙලේ දුවව අත ඇරුනා. මම කෑ ගැහුවා දුවා දුවා.. කියලා. එතකොට දුව ඊට පහලින් පොල් ගහක ඉඳන්කෑ ගැහුවා සීයේ මම මෙහේ කියලා." මගේ ඇගේ ඇඳුමක් වත් තිබුණේ නැහැ. ගහගෙන ආපු රෙදි කෑල්ලකින් විලි වහගෙන මම දුව ළඟට ගියා. මට හරි හමන සිහි කල්පනාවකුත් නැහැ. වතුර අඩු උනාට පස්සේ මම යාළුවකුගේ මොටර් සයිකලේකින් පවුලේ අය ගහගෙන ගිය පැත්තට ගියා. මට හම්බ උනේ ලොකු දුවව විතරයි." තමන්ගේ බිරිඳ, වැඩිමහල් දියණිය සහ ඇයගේ පස් වියැති දරුවා සහ දින පහළොවක් වියැති බිලිඳු දරුවා, බාල දියණිය සහ ඇයගේ මාස අටක දරුවා සුනාමි ව්‍යාසනයෙන් සෝමදාසට අහිමි විය. තමාගේ වෙර වීරියෙන් ජීවිතය සරි කර ගනිමින් කාටත් බරක් නොවී ජීවිතය ගෙන ගිය සෝමදාස අද වන විට ජීවත් වන්නේ සුනාමි ගම්මානයක පිහිටි නිවසකයි. එම සුනාමි ගම්මානයේ ජීවත් වන්නේ කුඩාවැල්ල ප්‍රදේශයේ සිට ආපදාවට පත් පවුල් කීපයකි. සෝමදාස සුනාමියෙන් පසු ජීවත් වන නිවස "මේ පැත්තේ දොස්තර කෙනෙක් හිටියා. එයාගේ පවුල ගහගෙන ගියා. ඒ දුකට එයා වහ බිව්වා. ඒ එක එක්කෙනොගේ දරා ගැනීමේ හැකියාවනේ. මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ. දැන් කතා කරනකොට පොඩි පැටලිල්ලකුත් එනවා. මම හිත හදාගත්තා. හිත හයිය කරගත්තා. මට ආයෙම රස්සාව හම්බ උනා. ඒත් මම ගියේ නැහැ. මම කාට හම්බකරන්නද. දැන් මම තී‍්‍රවිල් එකක් එළවනවා. පවුලේ පස්දෙනෙක් නැති වෙලත් අදටත් මම හිතේ හයියෙන් ජීවත් වෙනවා." සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය. තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ. ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000කට ආසන්නයි.
මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් විශාල පිරිසක් මුලතිවු කේපාපිලවු ගම්මානය ඉදිරිපස සහ වෙනත් ස්ථානවල විරෝධතාවල නිරතව සිටියහ.
ඔවුන් එසේ විරෝධතාවක නිරත වූයේ මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු පුදුකුඩීරිප්පු ඇතුළු ගම්මාන රැසක ඉඩම් ආපසු ලබාදෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ විරෝධතාවට සහාය දැක්වීම සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ද පාසල් ඉදිරිපසත් මහාමාර්ගවලත් උද්ඝෝෂණවල නිරතව සිටියහ. විරෝධතා හේතුවෙන් අඟහරුවාදා මුලතිවු හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල කිසිදු පාසලක ඉගැන්වීම් කටයුතු සිදු නොවූ අතර, සියළුම සිසුන් විරෝධතාවලට එක් වී සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසීය.
කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටු කොළ හා කෝප්ප කොළ ද අවශ්‍ය නම් ආහාරයට ගතහැකි යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් අද (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ සිය අමාත්‍යංශයේ අයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් මුලින් ම අදාළ පුද්ගලයාට ක්‍රෝටන් කොළ කවන බවය. මේ අතර හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රජයේ තනතුරු හොබවන බවට එල්ලවන චෝදනා මෙන්ම ලබන 27 වෙනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පළකළ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න.
ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බවයි, යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන්නේ. ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ. ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය විසඳීම පිණිස දැනටමත් ඩොලර් කෝටි ගණනක් වියදම් කොට තිබෙන නමුත් තවමත් එයට විසඳුම් ලැබී නැති බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති. කෙසේ නමුත් බංග්ලාදේශය සහ වියට්නාමය මේ වන විට එළිමහනේ වැසිකිලි යාම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට සමත් වී තිබෙන බවද ඔවුහු පවසති.
කොවිඩ්-19 රෝගය වැළඳීම තුළින් තමන්ට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
''දැන් ඉස්සර වගේ අපේ ගෙදරට කවුරුවත් එන්නේ නෑ. ඥාති, හිතමිතුරු බැඳීම් ගැන මේ මාස 11ට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බුදු දහම අනුව ජීවත් වෙන මම මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලනවා'' යනුවෙන් ඔහු පැවසුවේය. තමන් මෙන්ම බිරිඳ මුහුණදුන් අත්දැකීම් ද ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට විස්තර කළේය. කොරෝනා-19 රෝගය ඔහුට වැළඳී ඇති බව 2020 මාර්තු 09 වැනිදා තහවුරු විය. කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයේ ප්‍රතිකාර ලැබූ ජයන්ත සුවය ලැබීමෙන් අනතුරුව 2020 මාර්තු 22 වැනි දා යළි නිවසට පැමිණ තිබුණි. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
නීතිය පමණක් නොව ජනතාවගේ ආකල්ප සහ චර්යාවන් වෙනස් කිරීම, දූෂණය සහ වංචාව පිටුදැකීමට ඉවහල් වන බව ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.
දූෂණය සඳහාවූ දර්ශකයේ රටවල් එකසිය හැත්තෑ හතකින් අනූ එක්වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන්නේ වසර විස්සක් වංචා අල්ලස් දූෂණ නීතිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් බවයි එම ආයතනයේ කළමනාකාරිනී සසී ද මෙල් කියා සිටින්නේ. ස්වාධීනත්වය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය යටපත්වීම දූෂණය වර්ධනය වීමට ඉවහල්වී ඇති බවත් ඇය පැවසුවාය. ‘’රාජ්‍ය සේවයට ගොඩක් දේශපාලන බලපෑම් ඒමත් සමගම ඒක ලොකු ප්‍ර ශ්නයක් බවට අපි හඳුනාගෙන තියනවා. ඒවාගේම දකුණු ආසිතික කලාපය ගත්තහම ශ්‍රී ලංකාව තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය නැති එකම රට,’’යනුවෙන්ද ඇය පැවසුවාය. පුද්ගලීක අංශයද අද දූෂණයෙන් වෙලී ඇතැයි පවසන ඇය පෙන්වාදෙන්නේ අල්ලස් ගැනීම පුද්ගලික අංශයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියි.
දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂයට තනි ආණ්ඩුවක් ඉන්දියාවේ පිහිටුවිය හැකි ලකුණු පෙනෙන්නට ඇති බවයි ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල සඳහන් වන්නේ. මේ වන විට ආසන 460ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එයින් ආසන 231කම බලය හිමිව තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයටයි. කොංග්‍රස් පසු බසී පාලක කොංග්‍රස් පක්ෂය මේ මොහොත වන විට දිනාගෙන ඇත්තේ ආසන 48 ක් පමණි. ඉන්දීය ලෝක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල අද සවස නිකුත් කරනු ලැබීමට නියමිතයි. භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ලද දැවැන්ත ජයග්‍රහණය සැමරීම සඳහා භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ කටයුතු සුදානම් වන බව එහි සිටින බිබිසි වාර්තාකරු පවසයි.
ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා ඉතිහාසයේ ශක්තිමත්ම අවදිය වර්තමානයේ දක්නට ලැබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන් අනුගමනය කරමින් දෙරට පොදු ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාත්මක වන බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසයි.
ඇය ඒ බව කියා සිටියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රතිසංස්කරණ උදා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා න්‍යාය පත්‍රය අතින් ශ්‍රී ලංකාව ස්ථීර සාර පියවර ගනිමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි එහිදී සඳහන් කළේය. 'ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් භාර මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් සමග සමීපව කටයුතු කිරීම අපි දැඩි ලෙස අගය කරනවා' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය, වසර එක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතිහාසයේ පැවති ඉහලම මට්ටමට ගෙන ඒමට දෙරට සමත් වී තිබෙනවා' මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් බදාදා උදෑසන විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමු වී සාකච්ඡා කොට තිබේ.
මෙතෙක් නිකුත් වී ඇති ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලවලට අනුව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ඉදිරියෙන් සිටියි. මෛත්‍රිපාල සිරිසේන 51.28% ඡන්ද6,217,162 මහින්ද රාජපක්ෂ 47.58% ඡන්ද 5,768,090 08.45
පොලොන්නරුව දිස්ත්‍රික්කය මින්නේරිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,744 (50.22%) මහින්ද රාජපක්ෂ 31,747 (48.69%) 08.42 කොළඹ දිස්ත්‍රික්කය රත්මලාන මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 29,554 (55.76%) මහින්ද රාජපක්ෂ 23,144 (43.66 08.38 නුවරඑලිය දිස්ත්‍රික්කය වලපනේ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,340 (50.59%) මහින්ද රාජපක්ෂ 30,354 (47.48%) 08.35 යාපනය දිස්ත්‍රික්කය නල්ලුර් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 24,929 (79.87%) මහින්ද රාජපක්ෂ 5,405 (17.32%) 08.33 මඩකලපුව දිස්ත්‍රික්කය මඩකලපුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 97,779 (80.39%) මහින්ද රාජපක්ෂ 21,473 (17.65%) 08.31 කළුතර දිස්ත්‍රික්කය බේරුවල මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 53,280 (56.96%) මහින්ද රාජපක්ෂ 39,424 (42.15%) 08.14 ගාල්ල දිස්ත්‍රික්කය රත්ගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 36,209 (60.57%) මෛත්‍රිපාල සිරිසේන 23,038 (38.54%) 08.12 ගම්පහ දිස්ත්‍රික්කය කැලණිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 37,884 (53.16%) මහින්ද රාජපක්ෂ 32,856 (46.11%) 08.09 මහනුවර දිස්ත්‍රික්කය හේවාහැට මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 28,049 (52.84%) මහින්ද රාජපක්ෂ 24,167 (45.53%) 08.06 කුරුණෑගල දිස්ත්‍රික්කය බිංගිරිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 37,574 (54.28%) මෛත්‍රිපාල සිරිසේන 31,166 (45.02%) 08.04 මොනරාගල දිස්ත්‍රික්කය වැල්ලවාය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 76,069 (62.87%) මෛත්‍රිපාල සිරිසේන 43,678 (36.1%) 08.01 ගාල්ල දිස්ත්‍රික්කය බද්දේගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 43,369 (56.57%) මෛත්‍රිපාල සිරිසේන 32,347 (42.19%) 07.52 කෑගල්ල දිස්ත්‍රික්කය රඹුක්කන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 27,400 (54.12%) මෛත්‍රිපාල සිරිසේන 22,690 (22,690) 07.46 මහනුවර දිස්ත්‍රික්කය හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 71,533 (57.69%) මහින්ද රාජපක්ෂ 51,156 (41.26%) 07.43 කුරුණෑගල දිස්ත්‍රික්කය දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 28,010 (53.45%) මෛත්‍රිපාල සිරිසේන 23,847 (45.5%) 07.38 කොළඹ දිස්ත්‍රික්කය උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 51,537 (75.07%) මහින්ද රාජපක්ෂ 16,423 (23.92%) 07.32 ගම්පහ දිස්ත්‍රික්කය දිවුල්පිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 45,813 (52.91%) මෛත්‍රිපාල සිරිසේන 40,112 (46.33%) 07.29 කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 33,384 (51.22%) මහින්ද රාජපක්‍ෂ 31,591 (48.47%) 07.24 නුවරඑලිය දිස්ත්‍රික්කය නුවරඑලිය - මස්කෙලිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 171,578 (73.01%) මහින්ද රාජපක්ෂ 57,718 (24.56%) 06.30 ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 06.28 කොළඹ දිස්ත්‍රික්කය නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 35,167 (67.45%) මහින්ද රාජපක්ෂ 16,601 (31.84%) 06.25 මාතර දිස්ත්‍රික්කය කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 40,084 (63.06%) මෛත්‍රිපාල සිරිසේන 22,939 (36.09%) 06.23 මහනුවර දිස්ත්‍රික්කය කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 41,238 (55.06%) මහින්ද රාජපක්ෂ 32,930 (43.97%) 06.20 බදුල්ල දිස්ත්‍රික්කය ඌව පරණගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 25,337 (51.74%) මෛත්‍රිපාල සිරිසේන 22,894 (46.75%) 06.17 ගාල්ල දිස්ත්‍රික්කය හබරාදූව මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 38,028 (58.86%) මෛත්‍රිපාල සිරිසේන 25,932 (40.14%) 05.55 මඩකලපුව දිස්ත්‍රික්කය පදිරුප්පු මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 44,485 (81.76%) මහින්ද රාජපක්ෂ 8,216 (15.1%) 05.52 යාපනය දිස්ත්‍රික්කය උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 18,137 (78.68%) මහින්ද රාජපක්ෂ 3,937 (17.08%) 05.49 ගාල්ල දිස්ත්‍රික්කය අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 32,871 (55.15%) මෛත්‍රිපාල සිරිසේන 26,187 (43.93%) 05.44 ගාල්ල දිස්ත්‍රික්කය බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 42,015 (59.08%) මෛත්‍රිපාල සිරිසේන 28,287 (39.78%) 05.41 පොලොන්නරුව දිස්ත්‍රික්කය පොලොන්නරුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 72,875 (62.86%) මහින්ද රාජපක්ෂ 41,961 (36.19%) 05.38 පොලොන්නරුව දිස්ත්‍රික්කය මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,875 (53.89%) මහින්ද රාජපක්ෂ 27,623 (45.28%) 05.35 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සේරුවාවිල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 26,716 (51.12%) මෛත්‍රිපාල සිරිසේන 24,833 (47.52%) 05.32 කළුතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ 14,830 (53.15%) මෛත්‍රීපාල සිරිසේන 12,962 (46.46%) 05.29 කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ 12,856 (51.19%) මෛත්‍රීපාල සිරිසේන 12,160 (48.42%) 05.27 අනුරාධපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 23,032 (53.72%) මහින්ද රාජපක්‍ෂ 19,643 (45.82%) 05.18 යාපනය දිස්ත්‍රික්කය කයිට්ස් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 8,144 (55.48%) මහින්ද රාජපක්ෂ 5,959 (40.6%) 05.15 මාතර දිස්ත්‍රික්කය වැලිගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 40,715 (55.36%) මෛත්‍රිපාල සිරිසේන 32,247 (43.85%) 05.11 හම්බන්තොට දිස්ත්‍රික්කය තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 78,546 (59.99%) මෛත්‍රිපාල සිරිසේන 50,977 (38.93%) 05.08 මාතර දිස්ත්‍රික්කය දෙවිනුවර මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 35,795 (59.32%) මෛත්‍රිපාල සිරිසේන 24,092 (39.93%) 05.03 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මුත්තූර් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 57,532 (87.54%) මහින්ද රාජපක්ෂ 7,132 (10.85%) 05.00 රත්නපුර දිස්ත්‍රික්කය කලවාන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 32,336 (61.5%) මෛත්‍රිපාල සිරිසේන 19,508 (37.1%) 04.57 මහනුවර දිස්ත්‍රික්කය පාතදුම්බර මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 37,840 (57.79%) මහින්ද රාජපක්ෂ 26,762 (40.87%) 04.54 නුවරඑලිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 6,699 (52.37%) මහින්ද රාජපක්‍ෂ 6,057 (47.35%) 04.48 ගාල්ල දිස්ත්‍රික්කය අක්මීමන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 39,604 (52.77%) මෛත්‍රිපාල සිරිසේන 34,807 (46.38%) 04.46 හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 52,202 (64.58%) මෛත්‍රිපාල සිරිසේන 27,601 (34.14%) 04.42 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 49,650 (79.11%) මහින්ද රාජපක්ෂ 12,056 (19.21%) 04.40 මොනරාගල දිස්ත්‍රික්කය මොනරාගල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 50,408 (61.69%) මෛත්‍රිපාල සිරිසේන 30,381 (37.18%) 04.33 ගාල්ල දිස්ත්‍රික්කය බලපිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 23,283 (58.45%) මෛත්‍රිපාල සිරිසේන 16,196 (40.66%) 04.10 යාපනය දිස්ත්‍රික්කය කිලිනොච්චිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 38,856 (72.11%) මහින්ද රාජපක්ෂ 13,300 (24.68%) 03.56 යාපනය දිස්ත්‍රික්කය චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 23,520 (77.23%) මහින්ද රාජපක්ෂ 5,599 (18.38%) 01:20 මාතලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :8,483 (50.13%) මෛත්‍රීපාල සිරිසේන :8,394 (49.60%) 01:19 හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :10,295 (64.45%) මෛත්‍රීපාල සිරිසේන :5,620 (35.18%) 01:11 පොලොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :4,309 මෛත්‍රීපාල සිරිසේන :9,480 01:10 මාතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ : 113,270 (55.87%) මෛත්‍රීපාල සිරිසේන :10,382 (43.71%) 01:08 කෑගල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :14,976 (51.21%) මෛත්‍රීපාල සිරිසේන :14,163 (48.43%) 01:02 ගාල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ : 16,116 (53.49%) මෛත්‍රීපාල සිරිසේන : 13,879 (46.06%) 23:50 2015 ජනාධිපතිවරණයේ ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වශයෙන් රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි. මහින්ද රාජපක්ෂ ඡන්ද 11,864 ක් ලබා ඉදිරියෙන් සිටින අතර මෛත්‍රීපාල සිරිසේනට හිමිවී ඇත්තේ ඡන්ද 9053 කි. මහින්ද රාජපක්ෂ: 56.56% මෛත්‍රීපාල සිරිසේන: 43.16%
එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් හැත්තෑඅටදෙනෙක් අද නිදහස ලැබුවා. මේ පිරිස නිදහස් කරන ලද්දේ වසර දෙක හමාරක් පමණවූ යුද හමුදා පුනරුත්තාපන වැඩසටහනකින් පසුවයි.
අද නිදහස ලැබූ කණ්ඩායම සමග හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් 11,000 සමාජ ගත කොට ඇති බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. දිසානායක පැවසුවා. මීට අමතරව තවත් 700 දෙනකු පුනරුත්තාපන මධ්‍යස්ථාන හතරක සිටින බව සදහන් කල ඔහු එම පිරිසද නොබෝ දිනකින් සමාජ ගත කරන බව ප්‍රකාශ කළා. බන්ධනාගාරගතව සිටින 600 පමණ සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විට අදාල අමාත්‍යංශ සහ නීතිපතිවරයා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවද බන්ධනාගාර සහ පුනරුත්තාපන අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. දිසානායක පැවසුවා. එම පිරිස මාසයක් පමණ කාලයක් තුලදී පුනරුත්තාපනය සදහා යොමුකරන බවත් හෙතෙම ප්‍රකාශ කළා.
ලිච්ඡවි රජ දරුවන් ඉන්දියාවේ විශාලා මහනුවර පාලනය කළ සමයේ මෙන් සාමයෙන් සහ සමාදානයෙන් සාකච්ඡා කොට රටේ ගැටළු විසඳා ගන්නා මෙන් රාමඤඤ නිකායේ මහනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.
අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් එම ප්‍රකාශය කළේ මල්වතු, අස්ගිරි සහ අමරපුර මහා නායක හිමිවරුන් සමඟ එක්ව අධිකරණය සහ විධායකය අතර මතුවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේදී. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කතානායක වරයාට භාරදෙන ලද දෝෂාභියෝගය සම්බන්ධයෙනුයි මහනායක හිමිවරුන් ජනාධිපති රාජපක්ෂ වෙත එම ලිපිය යොමුකොට තිබෙන්නේ. "මහානායක හිමිවරුන් කියන්නේ අපේ ජනතාව පිළිබඳව ඔවුනොවුන් හා නොගැලපීම් එනවිට සමථයකට, සාමයකට, සාමදානයකට යොමු කිරීම මහා සංඝයා සතු කාර්යයක්," බව උන්වහන්සේ පැවසූහ. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත් අවස්තාවේත් මහනායක හිමිවරුන් මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කළත්, ජනාධිපතිවරයා එම ඉල්ලීමට කන් නොදුන්නා නොවේදැයි පෙන්වා දුන් අවස්ථාවේ අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් පැවසුවේ ජනාධිපති රාජපක්ෂ මහ නාහිමියන්ගේ හඬට නිරන්තරයෙන් කන් දෙන බවයි. සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින කාන්තා ශූරතාවලියේ පිට පිටම තුන් වැනි තරගයත් ජයග්‍රහණය කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශූරතාවලියේ ජයග්‍රහණය අත්කර ගත්හ.
එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 161 කට දැවී ගියහ. ඉන් අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින. තවත් පන්දු ඕවර 20 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කයට ළඟා වූ එංගලන්ත කාන්තාවෝ, කඩුලු පහකින් තරගය ජයග්‍රහණය කළහ. පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි එක් දින තරගය ජයග්‍රහණය කිරීමත් සමග එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබූහ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිවු වැනි එක් දින ජාත්‍යන්තර තරගය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.
රෝමානු කතෝලික සභාවේ ප්‍රධානී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු කොරියාවේ සියාවුල් අගනුවරදී කොරියානු අර්ධද්වීපයේ සාමය හා සමාදානය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත් වූහ.
එකිනෙකාට සමාව දී එකම පවුලක එක් ජාතියක් ලෙස සමගි වන මෙන් බෙදී සිටින කොරියනුවන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියි. සිය ප්‍රථම ආසියානු නිල සංචාරය නිමා කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. උතුරු කොරියානු බලධාරීන්ට දේව මෙහෙය සඳහා ආරාධනා කර තිබූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි පැවසෙන්නේ. පාප් වහන්සේගේ සංචාරය සිදු වන අතරතුර දකුණු කොරියාව හා ඇමරිකානු හමුදා අතර යුද හමුදා පුහුණුවක් පැවැත්වේ. එම හමුදා පුහුණුව උතුරු කොරියාව විසින් හෙලා දැක තිබේ.