summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ජනාධිපතිවරයා විසින් රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරනු ලැබීය.
රටේ ඇතැම් කොටස්වල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මේ පියවර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව එහි වැඩිදුරටත් දැක්වේ. අද (මාර්තු 06) උදෑසන ජනාධිපතිවරයා හා අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹිණි. මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා මතුවීමත් සමග රජය මෙවැනි පියවරක් ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය. සමාජ මාධ්‍ය ජාල අවභාවිතය බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජාතිවාදී කලබල මතුවී ඇති වත්මන් තත්වය මැඩ පැවැත්වීම මෙසේ හදිසි නීතිය පැනවීමේ අරමුණු වූ බවය. එසේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද එහිදී තීරණය වූ බව අමාත්‍යවරයා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසු පරිදි මතුවූ සිදුවීම්වලදී පොලිසිය දැක්වූ උදාසීන බව අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. Theldeniya මළසිරුරක් මේ අතර දිගන ප්‍රදේශයක ගිනි තැබු නිවසක තිබී 24 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුර අද උදෑසන සොයා ගැනිණි. "අපි හිතුවා, අපේ ගෙදරට ගිනිතබනකොට එයා පැනලා යන්න ඇති කියල. ඒත් අද උදේ අපි එතනට ආ පසු දැක්කා ඔහුගේ මළසිරුර" යැයි මියගිය අබ්දුල් බාසිත් නම් තරුණයාගේ සොයුරා බීබීසී වෙත පැවසීය. මේ අතර ප්‍රදේශය නියෝජනය කරන පළාත්සභා මන්ත්‍රී හිදයත් සත්තර් පැවසුවේ "දිගන හා තෙල්දෙණිය ප්‍රහාරවලදී දේවස්ථාන 4ක්, නිවාස37 මෙන්ම වෙළෙඳසල් 46 ට හානිවී තිබෙනවා." යනුවෙනි. මේ අතර තෙල්දෙණිය හා දීගන ප්‍රදේශවල හටගත් තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ම බලපැවැත්වෙන පරිදි පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (මාර්තු 06) උදෑසන 6 ට ඉවත් කෙරුණ ද තෙල්දෙණිය හා පල්ලෙකැලේ යන ප්‍රදේශවලට එය යළි පැනවිණි. දිගන ප්‍රදේශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව ද පොලිස් ප්‍රකාශකවරයා නිවේදනය කළේය. තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය. ඒ සමග අදාළ ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර දිගන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස ගණනාවක් ද ප්‍රහාරවලට ලක්වූ අතර ඇතැම් ඒවා ගිනි තබා විනාශ කර ඇත.
ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, ශ‍්‍රී ලංකා මුහුදු සීමාව හරහා පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම පිළිබඳ අගමැති මන් මෝහන් සිංග් සමග සාකච්ඡා කළ බව ද, මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පීරිස් ප්‍රකාශ කළ බව ද දිල්ලියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඇමතිවරයා ගේ ප්‍රකාශය ඉන්දීය ධීවරයන්ගේ කෝපයට හේතු වී ඇති බවයි ඉන්දීය ධීවර සංගම් නායකයෙකු වන එම්. ජේ. බෝස් කියා සිටියේ. ‘අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ඇමති නාරයනස්වාමි අපට කිව්වේ දින පහක් තුල ධීවරයින් නිදහස් කරන බවයි. දැන් ශ්‍රී ලංකා විදේශ ඇමති කියන්නේ හාත්පසින් වෙනස් කතාවක්” ධීවර නායකයා ප්‍රකාශ කරයි. ධීවර සමගිය ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය රජය මගින් අත් අඩංගුවට ගැනීමට එරට ධීවරයින් විරුද්ධ බව ප්‍රකාශ කරන ධීවර නායකයා, දෙ රට ධීවර නායකත්වය එකමුතුව ගැට‍ළු විසඳා ගත යුතු බව ද කියා සිටියි. ‘අපි ශ්‍රී ලංකාවේ ධීවරයින් හා සාකච්ඡා කර ඇති කර ගැනීමට උත්සාහ ගන්නා එකඟතාවට මෙය බාධාවක්. මේ නිවේදනයෙන් හදන්නේ දෙ රටේ ධීවර සමගියට බාධා කරවන්ටයි”. මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය විපක්ෂ නායකයන් හමුව සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මැරඩෝනාගේ ධනස්කන්ධය වතුපිටි දේපොළවලට පමණක් සීමා වී නැත. ඔහුගේ ඡායාරූපයක පවා මුදල් ගලා එන බුද්ධිමය දේපල අයිතියක් සහිතය. උපන් රටින් එපිට පවතින ආයෝජන සහ තැන්පතු ද අමතක කළ නොහේ.
දියණිය ඩල්මා සමඟ 1989 දී මැරඩෝනාගේ නික්ම යාමත් සමඟ ඔහුගේ උරුමය පසිඳලීම සංකීර්ණ වී තිබේ. එමගින් ඔහුගේ සංකීර්ණ වූ පෞද්ගලික දිවිය විදහාපායි. ඔහු මිය යන විට 60 හැවිරිදි විය. පසුගිය දා සැල වූ ඒ මරණය පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළේය. දැන් ඔහුගේ වත්කම් සහ උරුමය පිළිබඳව බොහෝ රාවයන් පැතිරෙමින් පවතී. පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත. නමුත් අන්තිම කැමති පත්‍රයක් පිළිබඳව තවමත් හෝඩුවාවක් නොමැත. එබැවින් නීති විශාරදයන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ උරුමය පසිඳලීම පහසු කටයුත්තක් නොවනු ඇති බවය.මෙය පවුල් ආරවුල්වලින් පිරි, DNA පරීක්ෂණවලින් සමන්විත, පීතෘත්වය පිළිබඳ අවස්ථාවාදී හිමිකම් කියාපෑම් සහිත දීර්ඝ කාලීන උසාවි සටනක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මැරඩෝනා ගේ බූදලයේ සැබෑ වටිනාකම ගණනය කිරීම ද නීතිඥයන්ට ඉතා වෙහෙසකර කටයුත්තක් වනු ඇත. "මගේ අනාවැකිය නම් මේ ක්‍රියාදාමය අවුල්සහගත එකක් වන බවයි. ඒක විසඳන්න සෑහෙන කාලයක් යාවි." ආර්ජන්ටිනාවේ නීතිඥයෙකු වන එලියාස් කියර් ජෝෆේ බීබීසීයට පැවසීය. මැරඩෝනාගේ දරුවන් කවුද? පීතෘත්වය හෙළිදරව් කිරීම මේ පාපන්දු තරුව ගෙවූ විචිත්‍රවත් ජීවිතය පුරා පැවති සාමාන්‍ය තේමාවකි. තම පියාට දාව උපදින දරුවන්ගෙන් පමණක් සමන්විත පාපන්දු කණ්ඩායමක් ඇති කළ හැකිවනු ඇතැයි මැරඩෝනාගේ දියණියක වරෙක ප්‍රකාශ කර තිබුණේ විහිළුවක් කිරීමේ අටියෙනි. මැරඩෝනා විසි වසරක යුග දිවියකින් පසුව ක්ලෝඩියාගෙන් දික්කසාද වූයේ 2003 දීය. මේ දෙපළට ජනීනා (31) සහ ඩල්මා (33) නමින් දියණියන් දෙදෙනෙක් සිටිති. මේ දෙදෙනා හැර, තවත් දරුවන් තමන්ට දාව සිටින බවට පවතින රාවයන් වසර කීපයක් තිස්සේ මැරඩෝනා ප්‍රතික්ෂේප කළේය. ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ අවසානයේ, තමන්ට දාව තවත් දරුවන් හය දෙනෙකු සිටින බව මේ ලෝක කුසලාන ලාභියා පිළිගත්තේය. දියාගෝ ජුනියර් (34) සහ ජානා (24) ද තම දරුවන් බව 2010 වසර මැද භාගය වන විට මැරඩෝනා පිළිගත්තේ තම පෙම්වතියන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියට යාමෙන් අනතුරුවය. 2013 දී උපන් දියාගෝ ෆනැන්ඩෝ (7) ගේ පියා කවුරුන්ද යන වගට නම් එවැනි මතභේදයක් නොපැවතුණි. ඒ මැරඩෝනාගේ දෙවැනි පුත්‍රයා ය. මේ අතරතුර, 2019 දී නිකුත්වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයකි. කියුබාවේ උපන් දරුවන් තිදෙනෙකු තමන්ගේ යැයි පිළිගැනීමට මැරඩෝනා එකඟ වූ බව ඔහුගේ නීතිඥයා නිවේදනය කළේය. කොකේන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවී සිටීම නිසා ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වසර 2000දී මැරඩෝනා කියුබාවට ගියේය. වසර කීපයක් එහි ගත කළේය. එම නිවේදනය මගින් අප යාවත්කාලීන විය. ජනීනා සහ ඩල්මා නමුත්, අවම වශයෙන් තවත් දෙදෙනෙකුවත් සිටිය හැකිය. තමන් මැරඩෝනාගේ පුත්‍රයෙකු බව ආර්ජන්ටිනාවේ සන්තියාගෝ ලාරා (19) පවසයි. එමෙන්ම, ආර්ජන්ටිනා යුවතියක වන මගලී ජිල් (23) ද විශ්වාස කරන්නේ මේ සුපිරි තරුව තම පියා බවය. මැරඩෝනාගේ බූදලයෙන් කොටසක් තමන්ටත් අයිති බව සනාථ කිරීම සඳහා අධිකරණයට යන බව මේ දෙදෙනා ම පවසති. දියාගෝ ජුනියර් සමඟ ලෝක පූජිත මේ ක්‍රීඩකයාගේ දේහය ගොඩ ගෙන DNA පරීක්ෂාවට අවශ්‍ය නියැදි ලබා ගන්නා ලෙසට සන්තියාගෝ ලාරා ගේ නීතිඥයා දැනටමත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. මැරඩෝනා තම පියා බවට ඔප්පු කිරීමට මොවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණත් ඔහුගේ බූදලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුනට හිමිවේදැයි තවමත් පැහැදිලි නැත. දියණිය ජානා (දකුණේ) සමඟ මැරඩෝනාගේ වත්කම කොපමණ ද? මැරඩෝනාගේ වත්කම නිශ්චිතව සඳහන් කෙරෙන විස්තරාත්මක වාර්තාවක් නොමැත. නමුත් ක්‍රම දෙකකින් ගණනය කළ කාල්පනික වාර්තා ඇතැම් මාධ්‍ය ආයතන පළ කර තිබුණි. පළමු වාර්තාවෙන් ගණනය කර තිබුණේ ඔහුගේ මිල අධික නවීන පන්නයේ මෝටර් රථ පටන් රන් ආභරණ දක්වා වූ වස්තු සම්භාරයේ වටිනාකමයි. ආර්ජන්ටිනා මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණු වාර්තා ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 75ත් මිලියන 100ත් අතර වූ වත්කමකි. කිසිදු මූලාශ්‍රයක් නොමැති මෙම ඇස්තමේන්තුව සපයා තිබුණේ, මැරඩෝනාට සමීපව සිටි ආර්ජන්ටිනා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ජුලියෝ චියාපෙට්ටා විසින් ලියන ලද ලිපියක ය. දෙවන ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ මැරඩෝනා මියයන විට ඔහුගේ වටිනාකමෙන් සිය බැරකම් (liabilities) අඩුකර දැක්වීමෙනි. මැරඩෝනා මියයන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් 500,000 බව Celebrity Net Worth වෙබ් අඩවියේ සඳහන් විය. මෙය ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වටිනාකම ඇස්තමේන්තු කරන වෙබ් අඩවියකි. මෙම ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා මූල්‍ය විශ්ලේෂණ, වෙළෙඳපොළ සමීක්ෂණ සහ අභ්‍යන්තර ආරංචි මාර්ග යොදා ගන්නා බව මෙම වෙබ් අඩවිය පවසයි. බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ ජීප් රථය පහත සඳහන් වන්නේ මැරඩෝනාගේ වත්කම් ලෙස මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී ඇති වාර්තාවල දැක්වෙන කිහිපයකි. පාපන්දු ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවකු වශයෙන් මැරඩෝනාට ලැබුණු වැටුප් සහ දීමනාවල මුළු වටිනාකම "ඩොලර් කෝටි ගණනක්" වන බව Celebrity Net Worth වෙබ් අඩවිය පවසයි. ඉන් වැඩිම මුදලක් ඔහු උපයා ඇත්තේ ඉතාලියේ නාපොලි පාපන්දු කණ්ඩායම සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුවෙනි. එහිදී ඔහුට ඩොලර් මිලියන 3ක වැටුපක් සහ තවත් මිලියන 8ක හෝ 10ක දීමනා ලැබුණු බව 1990 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය මැරඩෝනා ගොඩ නැගුවේ ඉතාලියයි. බිඳ දැමුවේ ද ඉතාලියයි. ඉතාලිය මැරඩෝනාට එක් අතකින් දුන් දේ අනෙක් අතින් ආපසු ලබා ගැනීමට උත්සාහ කළේය. ඉතාලිය ඔහු ණයකාරයෙකු කළේය. මැරඩෝනා බදු ගෙවීම් පැහැර හැර ඇති බවට ඉතාලි රජයෙන් නිවේදනයක් නිකුත් විය. ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියන 48.6ක් බව නිවේදනය කළේ නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය දක්වා ආපස්සට ගණනය කිරීමෙනි. අද වනතුරුත්, එම ණය කන්දරාවෙන් අති විශාල ප්‍රමාණයක් පවතින්නේ නොගෙවූ ණය ලෙසිනි. මැරඩෝනා එම ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ජීවත්ව සිටියේ නම් දිගටම එය නොගෙවා සිටීමට ඔහු තීරණය කරනු ඇතැයි සිතිය හැකිය. එය කෙසේ වී නමුදු, තවමත් එම මුදල කවදා හෝ ගෙවිය යුතු ප්‍රධාන ණය බරක් ලෙස පවතී. මැරඩෝනා මිය යන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් ලක්ෂ පහක් වැනි අඩු මුදලකට තක්සේරු කිරීමට Celebrity Net Worth වෙබ් අඩවියට සිදු වී ඇත්තේ මේ සා විශාල ණය මුදලක් පැවතීම නිසා බව පෙනෙන්නට තිබේ. "ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්" ලුවිස් වෙන්ටුරා, ආර්ජන්ටිනාවේ මාධ්‍යවේදියෙකි. ඔහු මැරඩෝනාගේ සමීප මිතුරෙකු විය. එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහු කියා සිටියේ මැරඩෝනාගේ වියදම් කිරීමේ පුරුද්ද, කොහොමටත් සිය බැංකු පොතේ ශේෂයට හිතකර නොවූ බවය. ඔහු එම ප්‍රකාශය කළේ මැරඩෝනා "මිය ගියේ දුප්පතෙකු ලෙසින්දැ"යි ඇසූ පැනයට පිළිතුරු දෙමිනි. "අනිවාර්යෙන්ම දුප්පත්. ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්. කවුරු හරි ඔහුගෙන් සල්ලි ඉල්ලුව නම්, ඔහු ඒක දුන්න." ලුවිස් පැවසීය. බුදලය කෙසේ බෙදා ගනීවි ද? සිය හිටපු සහකාරියන් සහ තම දරුවන් සමඟ මැරඩෝනා ප්‍රසිද්ධියේ මතභේද ඇති කර ගත්තේය. ඔවුනොවුන්ගේ දුක්ගැනවිලි හෝ මැසිවිලි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුනොවුන් ම පළ කළේය. රූපවාහිනී තිරය මතට විත් ප්‍රසිද්ධියේ කතා කළේය. එවැනි අඩදබර ඇතිවන්නට මැරඩෝනාගේ වත්කම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද හේතු විය. මැරඩෝනාගේ දියණියක වන ජනීනා උදාහරණයක් ලෙස දක්වතොත්, 2019 නොවැම්බර් මාසයේ දී මැරඩෝනාගේ දියණියක වන ජනීනා තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය සැලකිල්ල ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ මැරඩෝනා තමන්ගේ බූදලය පිළිබඳව ව්‍යංගාර්ථයෙන් යමක් කියා තිබුණි. "මම ඔබ හැමදෙනාටම කියන්නේ, මම කිසිවක් ඉතිරි කර නොයන බවයි. මම එය දන් දෙනවා." යූටියුබ් මත වීඩියෝවක් පළ කරමින් මැරඩෝනා කියා සිටියේය. කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ නීතියට අනුව, අන්තිම කැමති පත්‍රයක් මගින් දන් දිය හැක්කේ තම වස්තුවෙන් තුනෙන් එක් පංගුවක් පමණි. ඉතිරියේ අයිතිය හිමිවන්නේ දරුවන්ට හෝ බිරිඳටය. දියාගෝ මැරඩෝනා අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. මිය යන විට බිරිඳක් ද නොවීය. එම නිසා ඔහුගේ මුළු වස්තු සම්භාරයම දරුවන් අතර සමානව බෙදී යනු ඇත. මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන් "අන්තිම කැමති පත්‍රයක් ලියන සංස්කෘතියක් ආර්ජන්ටිනාවේ නැහැ. බොහෝ අය එහෙම ලියන්නේ නැහැ." නීතිඥ ජෝෆේ පැවසීය. මැරඩෝනාගේ අන්තිම කැමති පත්‍රයක් හෝ බූදලය පිළිබඳව පවතින ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා බීබීසීය මැරඩෝනාගේ නීතිඥවරයා වන මතියාස් මොර්ලා සම්බන්ධ කර ගත් නමුත් මෙම ලිපිය පළවන මොහොත වන තුරු ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි. අන්තිම කැමැත්තක් නොමැති කල්හි බොහෝ විට සියල්ල විසඳෙන්නේ නීති පොතට අනුවය. මැරඩෝනාගේ තුන්වැනි දියණිය වන ජානා තම උරුමය ඉල්ලා අධිකරණයට ගොස් ඇති බව ආර්ජන්ටිනාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි. කාට කුමක් හිමි වේද යන්න අධිකරණ විනිසුරුවරයෙකු විසින් තීරණය කරනු ඇත. නමුත් මේ සඳහා මාස ගණනක් ගත වනු ඇති බව, බූදල් නඩු පිළිබඳ විශේෂ දැනුමක් ඇති නීතිඥ සෙබස්තියන් ලිමේරෙස් බීබීසීයට පැවසීය. ඒ අතරතුර, "මේ උරුමක්කාරයන් සියලු දෙනා සමගියෙන් ඉඳීවි ද කියල අපට අනාවැකි කියන්න බැහැ." ලිමේරෙස් ප්‍රකාශ කළේය.
නැගෙනහිර යුක්‍රේනයේ දනෙස්ක් හා ලුහාන්ස්ක් ප්‍රදේශවල රුසියානු හිතවාදීන් විසින් සංවිධානය කෙරුණු ජනමත විචාරණ නීති විරෝධී බව බටහිර රටවල් ප්‍රකාශ කරති.
අඩු ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් ඇති වැසියන් අධික ප්‍රදේශ තුල ඡන්දය ප්‍රකාශය කිරීමේ දී දැඩි ව්‍යාකුල තත්වයක් පැවතින එම ප්‍රදේශ යුක්‍රේනයෙන් නිදහස ලැබූ බවට සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම මෙම ජනමත විචාරණවල අරමුණයි. විශාල ඡන්දදායකයන් පිරිසක් වෙසෙන නමුත් ප්‍රමාණවත් ඡන්ද මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශ තුල ඡන්දය ප්‍රකාශය කිරීමේ දී දැඩි ව්‍යාකුල තත්වයක් පැවතුනු අතර ඡන්ද විමසීමේ හා ගණන් කිරීමේ කටයුතු සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරනු ලැබූ බව වාර්තාවේ. ජනමත විමසුම පිළිබඳ අදහස් දැක්වූ යුක්‍රේන වැඩ බලන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක්, ඇතිවී තිබෙන තත්වය ඉතා ශෝක ජනක බව කියා සිටියේය. මේ අතර යුක්‍රේන හමුදා සහ රුසියාවට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතර ස්ලවියාන්ස්ක් නුවර තවදුරටත් ගැටුම් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තබා තිබූ වාර්තාව බිඳ හෙලමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ග්ලෙන් මැස්ක්වෙල් නොදැවී ලකුණු 145 ක් රැස් කළේය ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕවර 20 ඇතුළත කඩුලු 03 දැවී ලකුණු 263ක් රැස් කිරීමත් සමගයි. 2007 වසරේදී කෙන්යාවට එරෙහිව කඩුලු 05 දැවී ලකුණු 260 රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එංගලන්ත පිළ ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වසර දාහතකට පසු පළමු වරට ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229 ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාණු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. දෙවන ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබා ගත් අතර තරඟය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 413 ක ඉලක්කයක් හිමි විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. දිල්රුවන් පෙරේරා ලකුණු 70ට කඩුළු 06 ක් බිඳ දැමූ අතර රංගන හේරත් ලකුණු 74 ට කඩුළු 2ක් බිඳ දැමීය. තරඟයේ පළමු ඉනිමේදී රංගන හේරත්ට කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම හැකි වීමත් විශේෂත්වයක්.
2009න් පසුව බොහෝ දෙනා මගහැරීමට උත්සාහ කරන, එහෙත් යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් තවමත් ඉල්ලා සිටින 'යුක්තිය' පිළිබඳ දකුණේ ජනතාවට සන්නිවේදනය කිරීමේ වෙහෙසකර අභ්‍යාසයක තමන් ඇතුළු පිරිසක් යෙදී සිටින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂක සම්පත් සමරකෝන් පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණු ගැනත් "පශ්චාත් යුද ශ්‍රී ලංකාව - යුක්තිය සහ ජීවිතය" මැයෙන් පැවැත්වෙන ජයාරූප ප්‍රදර්ශනය ගැන අදහස් දක්වමිනි. "මේක යුක්තිය ඉල්ලන ප්‍රදර්ශනයක්. පානම මිනිස්සු සිංහල, මුලතිව් අම්මල දෙමළ, තාමත් ඔවුන් මහපාරේ ඔවුන්ගේ දරුවෝ ඉල්ලලා. පානම මිනිස්සු පාරේ තමන්ගේ ඉඩම් ඉල්ලලා. උමා ඔයෙත් එහෙමයි," සම්පත් සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය. "පානම මිනිස්සු සිංහල, මුලතිව් අම්මල දෙමළ" "මේ ෆ්‍රේම් කරන්න බැරි ජිවිත දකුණට ගෙනල්ල අපි කියනවා අපිට යුක්තිය හොයලා දීපල්ලා කියලා." තවත් කියවන්න: අතුරුදහන්වූ සිය දරුවන් ඉල්ලා මාපියන් කරන අරගලය, සිය ඉඩම් ඉල්ලා මිනිසුන් කරන අරගලය, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා කරන අරගලය, අලුත්ගම ගැටුම, විවිධ විරෝධතාවලට සිදු වූ පහරදීම් යනාදී සිදුවීම්වලට අදාළ විවිධ ඡායාරූප, ජනවාරි 30 සහ 31 දිනවල කොළඹ ජේඩීඒ පෙරේරා කලාගාරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. "අපි දන්නේ නැහැ ඡායාරූපයකින් අපිට යුක්තිය ලබාදෙන්න පුළුවන්ද කියලා, කිලිනොච්චියේ අම්මලට, පානම අම්මලට. නමුත් අපි බලකරන්නේ පාලකයන්ට බලධාරීන්ට මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා." "අපිට පුළුවන් අරගලයේ ස්වරූපයන් හා ජීවත්වීමේ රූප හරහා ජනයාට සම්මුඛ කරන්නට," විකල්ප වෙබ් අඩවියේ කර්තෘවරයා ද වන සම්පත් සමරකෝන් සඳහන් කළේය. පිඩාවට පත්ව ඇති මිනිසුන්ට යුක්තිය ඉටුනොකර ගොඩනැගිලි, මංමාවත් ගොඩ නගා රට දියුණු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු:
පාලක පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීම මගින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇතැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.
පසුගිය 13 වැනි දින ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ඇමතීම 'නීති විරෝධීයි' පසුගිය 13 වැනි දින පදනම් ආයතනයේ පැවැත්වුණු පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාගේ මංගල රැලිය අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රචාරක ව්‍යාපාරයට එක් වුනු බවයි, විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ. උදය ගම්මන්පිල හිටපු පළාත් සභා ඇමතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීම පිළිබඳව තමන් කළ පැමිණිල්ල ගැන අවධානය යොමු කරන බවට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පැවසීය. "අපේ විරුද්ධත්වයක් නෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගි වෙනවට. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂක ලේකම්වරයා එම රැස්වීමට සහභාගි වුනොත් එතන විශාල ප්‍රශ්නයක් තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. රාජ්‍ය සේවයේ ප්‍රබලම නිලධාරියා ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදෙන්නේ නම්, අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන්ද අපක්ෂපාතී සේවයක් බලාපොරොත්තු විය නොහැකි බවයි, පැමිණිල්ල භාර දුන් එජාප නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ. රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරත වීම වරදක් බව මැතිවරණ කොමසාරිස්වරයාද පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.
සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ (සැප්තැම්බර් 24) තීරණය කළේ ඇය සහ ඇවන්ගාඩ් ව්‍යාපාරය හිමි මේජර් නිශ්ශංක සේනාධිපති අතර වී යැයි පැවසෙන දුරකතන සංවාදයක් පිළිබඳ පුළුල් අවධානය යොමුවී තිබෙන පසුබිමකය.
අධිකරණයට අවශ්‍යව සිටින සැකකරුවකු වන ඇවන්ගාඩ් ව්‍යාපාරික මේජර් නිශ්ශංක සේනාධිපති විසින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ දුරකතන සංවාදය ද අඩංගු ප්‍රකාශයක් පසුගිය සතියේ සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබිණි. රෝගී තත්ත්ව හේතුවෙන් තමන් මේවන විට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බව එහිදී පැවසූ නිශ්ශංක සේනාධිපති, තමන්ට අල්ලස් කොමිසම නඩු පැවරුවේ දේශපාලන හේතුන් මත බව පැවසීය. නිශ්ශංක සේනාධිපති නිකුත්කළ හඬ පටයේ සඳහන් කරුණු. සිංගප්පූරුවේ සිටින්නේ යැයි පැවසෙන නිශ්ශංක සේනාධිපති අදාළ හඬ පටයේ ඇත්තේ තමන්ගේ හඬ බව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් තනතුර දරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බැහැර නොකළාය. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එල්ල කර තිබුණේ තමන් සමග කළ සංවාදය විකෘති කළ බවට චෝදනාවකි. සිය ෆේස්බුක් සටහනේ ඇය මතු කර තිබූ ප්‍රශ්න දෙක සඳහා තවමත් නිශ්ශංක සේනාධිපති පිළිතුරු දී නොමැත. කෙසේවෙතත් දිල්රුක්ෂි වික්‍රමසිංහට අදාළ දුරකථන ඇමතුම දී තිබෙන්නේ අමාත්‍ය වජිර අබේවර්ධන බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කර තිබේ. එයට තවමත් අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. මෙම හඬ පටය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සහාවෙන් ඉල්ලීමක් කෙරිණි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි ඇයට චෝදනා එල්ලවී තිබේ. ඇය සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් වරයෙක්ද පත්කර තිබේ. මෙම සිදුවීමෙන් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා එම පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් කරන බව යළිත් තහවුරු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩු හුදෙක්ම පළිගැනීමේ චේතනාවෙන් කළ දේවල් යැයි ඔප්පු වන බවය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙම හඬ පටය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යළි වාග් සංග්‍රාමයක් මතු කිරීම දක්වා ද වර්ධනය විණි. "මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ." යැයි මෑතදී උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. මාස කිහිපයකට පෙර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා අගමැතිවරයා තමන්ට ලිපියක් එවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. "දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. උදේ ඉඳලා හවස 4 වෙනකම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජකාරී කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය සවස 6 පසු අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රාජකාරි කරනවා. එහෙම තමා වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නෑ කියලා. වික්‍රමසිංහ මහත්මියට මම කියනවා ඔය හඬපටයේ කියන මේ ජරා දේශපාලනඥයෝ තමයි මට බල කරන්නේ, උපදෙස් දෙන්නේ කියන කතාවේ දී කරුණාකරලා වික්‍රමසිංහ මැතිනිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබට උපදෙස් දුන්න දේශපාලනඥයන් කවුද කියලා පුළුවන්නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මහත්මියට කියනවා." යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ද දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා නොසිටි බව කියා සිටියේය. "දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි" දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කිසිදිනක අරලියගහ මන්දිරයේ සේවයේ නොකළ බවද අගමැතිවරයා සඳහන් කළේය. මේ අතර ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකු නිදහස් කිරීමට ඊයේ (සැප්තැම්බර් 23) අධිකරණය කටයුතු කළේය. අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අල්ලස් කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් මතුකළ විරෝධතාව අධිකරණය විසින් සළකා බලනු ලැබිණි. ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව මෙම චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බව ද අධිකරණය සඳහන් කර තිබේ. අල්ලස් කොමිසම පැවරු මෙම නඩුවට අමතරව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇත. චෝදනා 7573 ක් යටතේ පවරා ඇති මෙම නඩුව ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.
යම් හෙයකින් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්, එසේත් නැතිනම් ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කිරීම නිසා නිරෝධායනයට යොමු වීමට සිදු වුවහොත් මාධ්‍යවේදියෙකුට අවසර නොමැතිව ඔබේ රුව සහ ඔබේ නිවසේ දර්ශන පටිගත කළ හැකිද?
අවන්ත ආටිගලගේ කාටූනයක් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔබ හෝ ඔබේ ඥාතී, හිතමිතුරන් කළ යුත්තේ කුමක්ද? ඔබේ අයිතිය යම් මාධ්‍යවේදියෙකු විසින් තමන්ගේ රුව හෝ නිවසේ දර්ශන පටිගත කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව නීතිවේදීහු පෙන්වා දෙති. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින නීතිවේදීන් දෙදෙනෙකු කියා සිටියේ පුරවැසියන් වශයෙන් 'අප, අපගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතු' බවය. කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන් ඇසුරු කළ අයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම මගින් ඔවුන් වෙනස් ලෙස සැලකීම මෙන්ම වර්ගීකරණයකට ලක් කෙරෙන බව මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජැමෙයිකාවේ කිංස්ටන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යමෙකුට වෙනස් ලෙස සැලකීම සහ යමෙකු වර්ගීකරණයකට ලක් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවේ අයිතිය උල්ලංඝනය කිරීමක් සේ සැලකෙන බවය. "1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ (2) වගන්ති අනුව නීතිය ඉදිරියේ සැම දෙනාම සමානව ආරක්ෂා විය යුතුයි, කිසිම හේතුවක් නිසා ඔවුන් වර්ගීකරණය කරන්න බැහැ. අබාධිත වෙන්න පුළුවන්, ලෙඩ රෝග තිබෙන අය වෙන්න පුළුවන් එහෙත් ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ඔවුන් වෙනස් පුරවැසියන් කොටසක් වශයෙන් සලකා ඒ අයගේ පිංතූර මාධ්‍යයේ පළ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් නීතිය කඩ කිරීමක්. එසේ ඔවුන්ගේ ඡායාරූප දැමීමෙන් ඔවුන් සමාජය තුළ කොන් වීමක් සිදු වෙන්නේ. කෙනෙකු කොන් කරනවා කියන්නේ ඒ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ යටතේ අදාළ ආයතනවලට එරෙහිව ක්‍රියා කළ හැකියි." යම් අයෙකුගේ අනන්‍යතාව හෙළි වන සේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් පළ කිරීමට මාධ්‍යවේදියෙකුට අවකාශය ලැබෙන්නේ පොදු යහපත (Public interest) මත පදනම්වය. "ඔබ දකිනවා ප්‍රසිද්ධ පුද්ගලයන් අධිකරණයට ගෙන එන කොට, බන්ධනාගාර රථ වෙත ගෙනියනකොට වීඩියෝ කරනවා, ඡායාරූප ගන්නවා. නමුත් මේ කොරෝනා වසංගතයට අදාළව එවැනි අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි සිදු වන්නේ. මේ අය යන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න." යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි. යමෙකුගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ආකාරයේ 'පුද්ගලිකත්වයේ පනතක්' (Privacy Act) ශ්‍රී ලංකාවේ නොමැති වීම විශාල අඩුවක් බවත් ඔහු පෙන්වා දෙයි. ජනමාධ්‍ය වෙනුවට "ජඩමාධ්‍ය" මේ අතර පොදු යහපත වෙනුවෙන් යයි කියමින් කොරෝනා වෛරස් රෝගියෙකුගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කළ හැකිදැයි යන්න මාධ්‍යවේදීන් තම තමන්ගෙන් විමසා බැලිය යුතුව ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාධරයෙකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි වන ලෙස ඔහුගේ හෝ ඇයගේ මුහුණ සහ ඔවුන් වෙසෙන නිවෙස් පෙන්වීමෙන් මහජනයාට වෙන සුබ සිද්ධිය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි. "මගේ මූණ පෙන්නන එකෙන් තිබෙන පොදු යහපත මොකක්ද කියලා මිනිස්සු ප්‍රශ්න කළ යුතුයි. මගේ පුද්ගලිකත්වයට හානි වීම මිස මගේ මුහුණ, මගේ ගෙදර වීඩියෝ කළා කියල වෙන පොදු යහපත මොකක්ද? මේ දේ මිනිස්සු ඇසිය යුතුයි. ඊට විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබෙනවා. මාධ්‍යවේදියෙක් කියලා තවත් අයෙකුගේ පුද්ගලික නිදහසට හානි වෙන අයුරින් වීඩියෝ කරන්න, ඡායාරූප ගන්න ඔවුන්ට බලයක් නැහැ." "තමන් අනවශ්‍ය දෙයකට නිරාවරණය වෙලා, යම් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා තමන්ට බරපතල හානියක් සිද්ධ වෙනවා නම්, පාරේ යනකොට මිනිස්සු ගල් ගහන මට්ටමට පත්වෙනවා නම් එවැනි ක්‍රියාවක් කරන පුද්ගලයාට විරුද්ධ වීම, තමන්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියයි. පුරුද්දක් වශයෙන් අපි අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සමාජයක් වශයෙන් අප ඒ දැනුවත් භාවය ලබා ගත යුතුයි." යනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් පැවසීය. "නීතිඥයෙකු වශයෙන් නැතිව සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස දකිනවා නම් ජඩ මාධ්‍ය කලාවේ ලක්ෂණයක් තමයි අපි මේ දකින්නේ. මේ වසංගත මොහොතකත්, මෙතරම් ව්‍යසනයක් මැදත් තමන්ගේ රේටින්ග්ස් ඉහළ දමා ගන්න මේවා මේ විදිහට පාවිච්චි කරන්නේ ඒ නිසයි. ඒ අර්ථයෙන් ගත්තත් තමන් ඒ අරමුණුවල ගොදුරක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒකට විරුද්ධ වෙන්න. නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පසෙකින් තැබුවත් මිනිස්සු තමන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතුයි," ගත හැකි පියවර මොනවාද? සිය පුද්ගලිකත්වයට හානි වන සේ කටයුතු කරන මාධ්‍යවේදීන් ඉදිරියේ කොරෝනා වෛරස් අසාදිත පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට ගත හැකි මූලික පියවර කිහිපයක් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා යෝජනා කරයි: "ඒ නිසා තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙන්න. මොකද ඔබ පමණක් නෙමෙයි ඔබ සමග ඉන්න පවුලේ අනෙක් අයත් ඔබ විසින් ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් වී සිටිය යුතුයි." යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේය. සමාජ විරෝධය කෝවිඩ්-19 ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරනු ලබන පුද්ගලයන් පිළිබඳ දර්ශන රූගත කර විකාශනය කිරීම පසුගිය දිනවල සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. ඒ හේතුවෙන් කොරෝනා වෛරස් ආසාදිත හෝ ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සෞඛ්‍ය අංශ වෙත ඒ බව දැන්වීමට බියක් දක්වන බවට ද අදහසක් ඉදිරිපත් වේ. "කෝවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන්ගේ පුද්ගලිකත්වයට ගරු කළ යුතු අතර අවසරයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාව, ලිපිනයන්, පවුල් පසුබිම, පුද්ගලික සහ වෛද්‍ය වාර්තා හෙළි කිරීම හෝ ඒ පිළිබඳ ඉඟි පළ කිරීම මෙන්ම රෝගීන්ගේ ඡායාරූප සහ දර්ශන අවසරයකින් තොරව විකාශනය නොකළ යුතු බැවින් කොරෝනා වෛරස් වසංගත තත්ත්වයේදී වගකීම් සහගත මාධ්‍ය භාවිතයක යෙදීමට විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් එකඟ වී ඇති" බව එකී විවේචන මැද ජනමාධ්‍ය අමාත්‍යංශය අඟහරුවාදා (ඔක්තෝබර් 13) නිකුත් කළ නිවේදනයක දැක්වේ. කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරන ආකාරය සමාජ ජාල ඔස්සේ විවේචනයට කොරෝනා වෛරස් ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ශ්‍රී ලංකා පොලිසිය ද අනුමත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ පවසයි. පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් රෝගීන් හෝ ආශ්‍රිතයන්ගේ රහස්‍යභාවය රකින්නේ නම් සෞඛ්‍ය අංශ ඔවුන්ගේ නිවෙස් වෙත යන අවස්ථාවල මාධ්‍යවේදීන් ද එහි ගොස් සිටින්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කළ විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබිණි. එහෙත් "සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයක යෙදීම" මාධ්‍යවේදීන් සතු යුතුකමක් සහ වගකීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 'මාධ්‍ය පමණක් නොවෙයි හමුදාවත් එක් හේතුවක්' මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිත හෝ ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සැඟව සිටීමට මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය මෙන්ම හමුදාවේ මැදිහත්වීම ද බලපා ඇති බවය. "හැංගෙන්න ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. එකක් ජනමාධ්‍යවල භාවිතය. අනෙක ත්‍රිවිධ හමුදාව සම්බන්ධ වීම. මොකද සිවිල් වැසියන් සමග වැඩ කිරීම සම්බන්ධයෙන් සතු අත්දැකීම් එක්ක ඇති වුණු ගැටලු. ඔය කාරණා දෙක නිසා තමයි මිනිස්සු කෝවිඩ් තියෙනවා කියල කියන්නත්, ඒ තොරතුරු අනාවරණය කරන්නත් මැලි වෙන්නේ. මේ කරුණු දෙකම අපි රජයේ අවධානයට ලක් කර තිබෙනවා." කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ සමාජ ජාල තුළ පළ වූ අදහසක් "ජනමාධ්‍යට නිසි මාර්ගෝපදේශ හඳුන්වා දී ආරම්භයේදීම එය නියාමනය කරන්න කවුරුත් කටයුතු කළේ නැහැනේ. ඒක හරියට වුණේ නැහැ. වැලිසර සිදුවීම වෙලාවේ නාවික හමුදාවේ කිසි කෙනෙකුට රටේ කොහෙවත් ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. මිනිස්සු සැකෙන් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ වැඩේම ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ළමයින්ට දැන් වෙලා තිබෙනවා." යනුවෙන් ඔහු පැවසීය. "මිනිස්සුන්ට තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබෙනවා සහ ඒ කාර්යය ජනමාධ්‍ය විසින් කළ යුතුයි. නමුත් සීමාවන්ට, නියාමනයන්ට යටත්ව ඒ දේ සිදු වුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ." කෙසේ නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රෝගීන් හෝ නිරෝධායනයට ලක් කරනු ලබන පුද්ගලයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කළේය. 'සමාජය දැනුවත් කරනවා වෙනුවට බය කරනවා' කොරෝනා වෛරස් වසංගතය පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය සහ මාර්ගෝපදේශ කඩ වීම තුළ මූලික කරුණු තුනක් දෙසට අවධානය යොමු කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන පෙන්වා දෙයි: "එක පැත්තකින් කොරෝනා වෛරස් රෝගීන් හෝ නිරෝධායනයට යොමු වෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව මාධ්‍ය ඔස්සේ හෙළි වෙනවා." "අනෙක් පැත්තට ඒ දේ වාර්තා කරන ආකාරය අනුව සමාජය තුළ ඔවුන් අපරාධකරුවන් වශයෙන් හංවඩු ගැසීමකුත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට, 'මේ අය මෙච්චර ගානකට බෝ කළා' වැනි හෙඩ්ලයින් පුවතකට යොදා ගැනීම. හරියට ඔවුන් චේතනාන්විතව වෛරසය අනෙක් අයට බෝ කළා වගේ. සමහර පත්තරවල සඳහන් වෙනවා, 'කොවිඩ් කත' කියලා. ඒ තුළ යම් ආකාරයක කොන් කිරීමක්, නිශේධාත්මක නාමකරණයක් සිදු වෙනවා වගේම මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමකුත් සිදු වෙනවා," "ඒ වගේම සමහර හෙඩ්ලයින් සඳහා යොදාගෙන තිබෙන පාට. ඒවා යොදා ඇති ආකාරය, වචන, සියල්ල බියක් ඇති කරන ආකාරයට තිබෙන්නේ. ජනමාධ්‍ය විසින් සමාජය දැනුවත් කරනවා වෙනුවට සමාජය බියට පත් කිරීමක්, ත්‍රස්ත කිරීමක් තමයිමේ මොහොතේ සිද්ධ වෙන්නේ." යනුවෙන් දීපාංජලි අබේවර්ධන පැවසීය. මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ කඩ කිරීම සම්බන්ධයෙන් පවතින සංවාදය ඉදිරියට යන අතරේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් එවැනි තත්ත්වයකට තල්ලු වී තිබීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දෙයි. "අපි සානුකම්පිතව බැලුවොත් ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන්ට තෘප්තිමත් වැටුපක් ලැබෙනවා කියල මම හිතන්නේ නැහැ. ඇතැම්විට ඔවුන් සීමිත සම්පත් යොදාගෙන වැඩකරන්නේ. සමහර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන දෙයක් තමයි තමන් දාපු හෙඩින් එක නෙමෙයි පළ කරද්දී වෙන හෙඩින් එකක් දාල කියන දේ. ඒ වගේම පුහුණුවීම් අවම වීම. එහෙම පුහුණුවීම් සංවිධානය කළත් ඒවාට සහභාගී වන ප්‍රමාණය අඩු මට්ටමක තිබීම. එඩිටර්ස්ලා (සංස්කාරකවරු) මේවාට එන්නෙම නැති තරම්. සමහර වෙලාවට ඇතැම් මාධ්‍යවේදීන්ට පුහුණුවක් තිබ්බත් ඉහළ තලයේ සංස්කාරකවරුන්ට එවැනි අවබෝධයක් නැති වෙන්න හෝ අවබෝධයක් තිබුණත් ඒ ගැන තැකීමක් නැති වෙන්න හෝ පුළුවන්." යනුවෙන් දීපාංජලි අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි. ස්වයං නියාමනය මේ අතර විද්‍යුත් මධ්‍ය තුළ වෘත්තීය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ කඩ වීම "රේටින්ග්ස් හඹා යාමේ සංස්කෘතියක" ප්‍රධාන ලක්ෂණයක් බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි. අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය තුළ දැක ගැනීමට ලැබුණු එම තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාවේත් බහුලව දැකිය හැකි බව මාධ්‍යවේදිනියක් වශයෙන් ද කටයුතු කර ඇති ඇය පෙන්වා දෙයි. "ඒ වගේම නිවුස් රූම් එකෙන් (ප්‍රවෘත්ති අංශයෙන්) මාධ්‍යවේදීන්ට මොනවගේ නායකත්වයක් ද ලැබෙන්නේ කියන කාරණයත් ඉතා වැදගත්. රිපෝටර් කෙනෙක් යමක් වාර්තා කරන්න යවන්න කලින් එය ආවරණය කළ යුතු ආකාරය ගැන වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් සිදු වෙනවද? එය කෙතරම් වැදගත් දෙයක් ලෙස සලකනවාද? මේ දකින්න තිබෙන දේවල් අනුව එහෙම දෙයක් නම් පේන්න නැහැ." එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන වෘත්තීය ආචාරධර්ම උල්ලංඝණය කරන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යම් කිසි නියාමනයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව තුළ නිසි යාන්ත්‍රණයක් නොමැති බව ද ඇය පෙන්වා දෙයි. අනෙක් පසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පුද්ගලිකත්වයට හානි වන සේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පසුබිමක් ද පවතින බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්තිගේ අදහසයි. "සමහර බටහිර රටවල් සමග බලන විට ඒ අය පුද්ගලිකත්වය දෙස බලන විදිහත් අපි ඒ දේ දෙස බලන විදිහත් අතර වෙනසක් මම දකිනවා. ලංකාව තුළ සංස්කෘතික වශයෙන් ගත්තත් පුද්ගලිකත්වය සහ පුද්ගල නිදහස ගැන එතරම් සැලකිල්ලක් නැහැ. බොහෝ විට එකට එකතු වෙලා වාසය කරන ප්‍රජාවක් වශයෙන්, මහ ගෙදර සංකල්පය තුළ පුද්ගලිකත්වය සහ පුද්ගල නිදහස කියන කාරණා සම්බන්ධයෙන් සීමා දැකිය හැකියි." කෙසේ නමුත් වසංගතයක්, ස්වභාවික විපතක් හෝ ව්‍යසන අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනය නිසි මගපෙන්වීමක් නොකරන්නේ නම්, පුහුණුවක් ලබා නොදෙන්නේ නම් ඒවායේ සේවය කරන මාධ්‍යවේදීන් ස්වයං නියාමනයක් (Self regulation) ඇති කර ගත යුතු බව ඇය පවසයි. "මෙවැනි අවස්ථාවල මාධ්‍යවේදියා, තමන්ටම පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි (Self testing mechanism). මට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණොත් මම කොයි විදිහටද ඊට ප්‍රතිචාර දක්වන්නේ. අනෙක් අය මාව කොයි විදිහට දකියිද? මාත් එක්ක කොයි විදිහට ගනුදෙනු කරයිද? කියල සිතිය යුතුයි. නමුත් අපි මාධ්‍යවේදීන් වශයෙන් මොහොතක් නතර වී ඒ දේවත් තමන්ගෙන්ම අහල බලන්නේ නැහැ." කොරෝනා වෛරස් වසංගතය පමණක් නොව විපත් හෝ ව්‍යසන මෙන්ම අතිශය සංවේදී කාරණාවලදී ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙතින් ඉහත කී ආකාරයේ හැසිරීමක් දැකිය හැකි බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති වැඩිදුරටත් පැවසීය.
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි.
උතුරේ සංචාරයක් ආරම්භ කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීමට නම් ආණ්ඩුව කොන්දේසි හතරක් සම්පූර්ණ කල යුතු බවයි.
පළමුව උතරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පොලිස්, මැතිවරණ, රාජ්‍ය සේවා, සහ අධිකරණ ස්වාධීන කොමිසන් සභා පත් කල යුතු බවයි, වික්‍රමසිංහ විපක්ෂ නායකයා ප්‍රකාශ කළේ. දෙවනුව නීතියේ ආධිපත්‍යය බිඳ හෙලන ක්‍රියාකාරකම් නතර කල යුතු බව පැවසූ ඔහු ඊට සම්බන්ධ නිලධාරීන් ඉවත් කළ යුතු යැයි පැවසුවේය. සිවිල් ආණ්ඩුකාරවරයකු තුන්වෙනුව, උතුරු පළාත් ආණ්ඩුකාරධුරය සදහා විපක්ෂයට පිළිගත හැකි සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කළ යුතු බවත් සිව්වෙනුව මැතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයන් කැඳවිය යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක්ද ඇතුලත් විය යුතු බව ඔහු කියා සිටියේය. මෙම කොන්දේශි සපුරා උතුරු පළාත් සභා මැතිවරණය නිදහස්ව හා සාධාරණව පවත්වන්නේ නම් එය සෙසු බරපතල ප්‍රශ්න රැසක් විසදීමේ මුල් පියවර වනු ඇති බවයි, විපක්ෂ නායකයා වැඩිදුරත් ප්‍රකාශ කළේ.
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත.
ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට පත්වීමෙන් අනතුරුව 2014දී විනිසකරුවකුට අල්ලස් දීමට තැත් කිරීමක් සම්බන්ධයෙනි. වෙනත් නඩුවකට අදාළ තොරතුරු ලබාදීමට හිලව් වශයෙන් එම විනිසකරුට කීර්තිය සහ ප්‍රතිලාභ සහිත රැකියාවක් සහතික කිරීමට තමාට හැකිබව සර්කෝෂි පවසා ඇත. මෙම නඩුවේ දී සර්කෝෂිට අමතරව තවත් චූදිතයන් දෙදෙනෙක් වූහ. ඉන් එක් තැනැත්තෙක් ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග්(Thierry Herzog) වූ අතර දෙවැන්නා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) ය. ඔවුන් තිදෙනාම අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරුවන් ලෙස තීන්දුකරනු ලැබුණි. මෙම නඩුව කේන්ද්‍රගත වූයේ සර්කෝෂි සහ හර්ෂොග් අතර 2014 වසරේ සිදුව ඇති දුරකථන සංවාදයක් පදනම් කරගෙනය. ප්‍රංශ පොලිසිය විසින් එම දුරකථන සංවාදය රහසින් පටිගත කරනු ලැබ තිබුණි. එම අවධිය වන විට ප්‍රංශ රහස් පරීක්ෂකයෝ සර්කෝෂිට අදාළ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටියහ. සර්කෝෂි 2017 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවධියේ 'L'Oreal' නම් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියන් බෙටන්කෝට් ගෙන් (Liliane Bettencourt) නීතිවිරෝධී මට්ටමින් මුදල් ලබාගත් බව එම චෝදනා මගින් කියැවුණි. එම පරීක්ෂණවල තොරතුරු ලබාදෙන්නේනම්, ඊට හිලව් වශයෙන් විනිසුරු අශිබර්ට් සඳහා 'මොනාකෝ'හි කීර්තිමත් මෙන්ම මූල්‍ය ප්‍රතිලාභ සහිත රැකියාවක් ලබාදීමට කටයුතු කරන බවට සර්කෝෂි සහ හර්ෂොග් කතාකරගත් බව අධිකරණයට ඒත්තු ගැන්වීමට නඩුවේ පැමිණිලි පාර්ශ්වය සමත් විය. ප්‍රංශ පොලිසිය විසින් සර්කෝෂි 2014 වසරේ තාවකාලිකව රඳවාගත් අවස්ථාව හිටපු ජනාධිපතිවරයා සිය නීතිවේදී හර්ෂොග් අමතමින් කළ ප්‍රකාශය ප්‍රංශ මාධ්‍ය විසින් වාර්තාකරණ ලද්දේ මෙපරිද්දෙනි. ''මම ඔහුට උසස්වීමක් ලබා දෙනවා. මම ඔහුට උදව් කරනවා'' සර්කෝෂි හැරුනුවිට සෙසු චූදිතයන් දෙදෙනාට ද අධිකරණය විසින් වසර තුන බැගින් සිරදඬුවම් නියමකරන ලද නමුත් එම දඬුවම් අත්හිටවනු ලැබුණි. එම නඩු තීන්දුවට එරෙහිව සිය සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත්කරනු ඇතැයි සර්කෝෂිගේ නීතිවේදියා පවසයි. එහෙත් එම අභියාචනය ප්‍රතික්‍ෂේප කෙරුණහොත් හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරගත නොකරමින් ඔහුගේ එක් පාදයක විද්‍යුත් බලය සහිත වළල්ලක් සවිකොට නිවාස අඩස්සියේ තබනු ඇත. එම විද්‍යුත් වළල්ල මගින් ප්‍රංශ පොලිසියට ඔහු සිටින ස්ථානය සහ නිවසින් පිටවුවහොත් එම ගමන්බිමන් සියල්ල අධීක්‍ෂණය කළ හැකිය. සර්කෝෂි විවාහවී සිටින්නේ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni) සමඟය. සර්කෝෂි ගේ බිරිඳ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni), සිය සැමියාට එරෙහි නඩු තීන්දුව බැහැර කරන්නීය. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඇය මෙසේ ප්‍රකාශ කළාය. ''මෙය තේරුමක් නැති පීඩා කිරීමක්. අපේ සටන නතරවෙන්නේ නැහැ. අන්තිමේ දී සත්‍යය ජයගනීවී'' සර්කෝෂි ප්‍රංශයේ අධිකරණ ක්‍ෂේත්‍රයට ආගන්තුකයෙන් නොවේ. ජනාධිපති පදවිය අහිමිව යාමෙන් පසු නඩුකර ගණනාවකට මාතෘකාවක් විය. එය දුසිම් භාගයක් තරම් නඩු සංඛ්‍යාවකි. එහෙත් මෙම නඩු තීන්දුව තෙක් ඔහුගේ වාර්තාව පිරිසිදු තත්ත්වයක පැවතුණි. මඩ ගෑවුණු තැන් රාශියක් ඇති නමුත් ඔහු ඒ කිසිවක සිරනොවීමට මෙතෙක් සමත්ව සිටියේය. . එහෙත් ප්‍රංශයේ අධිකරණ මන්දිරයේ (Palais de Justice-Palace of Justice) විනිසුරු ක්‍රිස්තීන් මී (Judge Christine Mée)සිය නඩු තීන්දුව මගින් එකී සියල්ල වෙනස් කළාය. විනිසුරුවරිය ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කිසිවකුට සැඟවිය නොහැකි බව දැක්වෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළාය. සර්කෝෂි, ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) යන තිදෙනාම ඔවුන් සිදුකරමින් සිටි දෙය කුමක්ද යන්න පැහැදිළිව දැනසිට ඇතැයි විනිසුරුවරිය ප්‍රකාශ කළාය. චූදිතයන් ඔවුන්ගේ වෘත්තීය ලාභය සඳහා රහස්‍ය තොරතුරු විකුණමින් කටයුතු කරමින් ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය එය ඕනෑම මට්ටමක අර්ථ විග්‍රහයක් අනුව ''දූෂණ අපරාධයක්'' බවත් සඳහන් කළාය. මෙය මෙම ක්‍රියාදාමයේ අවසානය නොවනු ඇත. සර්කෝෂිගේ අභියාචනය පිළිගනු ලැබුවහොත් එය තවත් වසර ගණනාවක් දිග්ගැස්සෙන නඩු විභාගයකි. ඔහුගේ නීතිවේදී මඩුල්ල මෙය සාවද්‍ය චෝදනා අනුව ගොනු කරන ලද නඩුවක් යැයි තර්ක කරනු ඇත. මිනිසකු ඔහුගේ නීතිවේදියා සමඟ සිදුකළ රහස්‍ය දුරකථන සංවාදයකට රහසින් සවන්දී නිර්මාණය කරන ලද දුර්වල නඩුකරයකැයි විත්තියේ නීතිවේදීහු තර්ක කරනු ඇත. එහෙත් මේවනවිට, ප්‍රංශයේ හිටපු ජනාධිපති සර්කෝෂි පසුගිය සඳුදා (මාර්තු 01) පටන් වෙනත් රූපකායකි. දැන් ඔහු වැරදිකරුවකු ලෙස අධිකරණය විසින් තීන්දුකරනු ලැබ ඇත. පළමු කසාදයෙන් දික්කසාද වී ඉතාලි ජාතික කාර්ලා බෘනි (Carla Bruni)සමඟ විවාහවීමෙන් පසු සර්කෝෂි මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් විය. කියවන්න;
ලබන ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භවන චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී (Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමුවරට ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් සමග සංගක්කාර එම තරගාවලියේදී පළමුවරට විස්තර විචාරයට එක්වන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. Champions Trophy සිය සිත්ගත් විශේෂ තරගාවලියක් බව පවසන කුමාර් සංගක්කාර, එහිදී ලැබූ ජයග්‍රහණ තමන්ට ගෞරවයක් බවත් සඳහන් කරයි. "දැන් විස්තර විචාරකයෙක් ලෙසත් ඒ තරගාවලියේ කොටස්කරුවෙක් වීමට මම මග බලා ඉන්නවා," යනුවෙන්ද ඔහු පැවසීය. ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය ලැබීමේ අවස්තාව තිබෙන බැවින් සති තුනක් මුළුල්ලේ පැවැත්වෙන එය ක්‍රීඩාලෝලීන් ප්‍රමෝදයට පත්කරන තරගාවලියක් වනු ඇති බවටත් කුමාර් සංගක්කාර බලාපොරොත්තු පළ කරයි. චැම්පියන්ස් ශූරතා තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙසද කුමාර් සංගක්කාර නම්කරනු ලැබ තිබේ. සත්කාරක එංගලන්තය බංග්ලාදේශයට එරෙහිව තරග වදිමින් එම තරගාවලිය ජුනි 01 වෙනි දින ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.
කතාබහට ලක් වූ පාකිස්තානයේ සමාජ මාධ්‍ය ජාල තාරකාවක් වන කන්දීල් බලෝච් ඇයගේ සහෝදරයා විසින් ඝාතනය කරනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.
පවුලේ ගෞරවය රැක ගැනීමේ අදහසින් ඝාතනය සිදු කොට ඇති බවයි පොලිසිය කියා සිටියේ. නිරූපිකාවක් වූ ඇය විසින් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද 'සරාගී' ඡායාරූප සහ අදහස් දැඩි කතාබහට ලක් විය. නූතන සමාජයේ ස්ත්‍රීවාදියක් ලෙස පෙනී සිටි ඇයගේ හැසිරීම ගතානුගතිකවාදීන් විසින් හෙලා දකිනු ලැබිණ. අවස්ථා කීපයකදී ඇයට මරණ තර්ජන එල්ල වී තිබේ. ඉස්ලාමීය පූජකයකු සමග සමීප ඡායාරූපයකට පෙනී සිටින කවන්දීල් බාලොච් විසි හය හැවිරිදි කන්දීල් බලෝච්ගේ ගෙල සිර කොට මරා දැමූ බවට චෝදනා එල්ල වන ඇයගේ සොහොයුරා නිවසින් පළා ගොස් ඇති බවත් පොලිසිය කියා සිටියි. පවුලේ ගෞරවය රැක ගැනීමේ අදහසින් සිදු වන ස්ත්‍රී ඝාතන පාකිස්තානයෙන් නිතර වාර්තා වේ.
පුරුෂ රූපලාවණ්‍ය ලෝලීන්ගේ ඇහිබැම හැඩ කිරීමෙන් සහ ඔවුන්ගේ ශරීර මත පච්ච කෙටීමෙන් වැළකී සිටින ලෙස ඉරාන කරනවෑමීන් වෙත අනතුරු හැඟවීමක් කර තිබේ.
ඇහිබැම හැඩ ගැන්වීම කාන්තාවන් අතර මෙන්ම මෑත කාලයේදී පුරුෂයන් අතරද ඉතා ජනප්‍රිය වී ඇති නමුත් එය රටේ ඉස්ලාමීය මූලධර්මයන්ට පටහැණි බවයි ඉරාන කරනවෑමීන්ගේ සංගමය සිය සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ. දෑතේ සහ දෙපයේ රෝම ඉවත් කිරීම ඇතුළු බටහිර පන්නයේ යැයි සැලකෙන රූපලාවණ්‍ය කටයුතුවලින් පුරුෂ විලාසිතා ලෝලීන් ඈත් කර වීමට මෑතදී ඉරාන බලධාරීහු කිහිපවරක්ම උත්සාහ කළහ.
එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. "වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය. "පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි." ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි. "ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය. පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි "සැබෑ වීරවරියන්" පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය. "එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය," යනුවෙන් ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. 2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ. ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ. "මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා." 'සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ' වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ දී හැකි උපරිම ලෙසින් එම සතුන් රැක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය. "මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය. "මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ." ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම් වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරයි. 'ඒක සුභසාධනය' සංකල්පය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම වෙනුවට අත්හදා බැලූ විකල්ප තිබෙන බව පෙන්වාදෙන ජගත් සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය, විශේෂයෙන්ම මිනිස් සෛල/පටක, පරිගණක ආකෘති (in silico models), පටක කෘත්‍රිමව නිපදවා පර්යේෂණවලට යොදාගැනීම සහ පර්යේෂණවලට ස්වේච්ඡාවෙන් දායක වන මිනිසුන් එවැනි ක්‍රමවේද බව පෙන්වා දෙන්නීය. එසේ පුහුණු කිරීම් කරන අතරවාරයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලාවට 'ඒක සුභසාධනය' (one welfare) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නාය. ඒ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, "සතුන්ගේ සුබ සාධනය පැත්තෙන් හිතලා, ඇය මෙම ප්‍රගතිශීලී සංකල්පය හඳුන්වා දීම ගැන අපි ආඩම්බර වෙනවා," යනුවෙන් සඳහන් කරන්නීය. මේ අතර සම්මානලාභී පශු වෛද්‍යවරිය පවසන්නේ, වෛද්‍ය සිසු, සිසුවියන්ගේ උද්යෝගිමත් දායකත්වය සිය වැඩපිළිවෙල සඳහා මහඟු රුකුලක් බවය. පියුමි කඳනආරච්චි, ආචාර්ය තෝරදෙණිය යටතේ පුහුණුව ලබන කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. "වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි මිනිස්සුන් ගැන මිසක් සත්තු ගැන හිතන්නේ නෑනේ. ඉතින් මැඩම් තමයි අපිට උගන්නන ගමන් පර්යේෂණවලට ගන්න සත්තු පුනරුත්ථාපනය කරන්න ඕන කියන දේත් කියල දුන්නේ," පියුමි කඳනආරච්චි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "ඇත්තටම මැඩම්ට ඕන වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනවට වඩා අපේ පර්යේෂණ අතරේම සතුන්ගේ සුභසාධනය ගැනත් හිතන්න අපිට පුරුදු කරන්න." "මොකද සත්ත්ව හිමිකම් කීවම බොහෝ දෙනා හිතන්නේ නිවාසවල ඉන්න බල්ලෝ, බළල්ලු වගේ සත්තු ගැන නේ, පර්යේෂණවලට ගන්න සත්තු ගැන හිතන්නේ නෑනේ. මීයෝ, හාවෝ වගේ සත්තු ගැන හිතන්නේ නෑනේ. නමුත් පිටරල්වල එහෙම යොදාගන්න සත්තු රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට පවා යොදාගන්න අවස්ථා තියෙනවා. මැඩම් ඒක තමා අපිට කියල දුන්නේ." පර්යේෂණ පිණිස යොදා ගන්නා සතුන් ඇතැම් රටවල ඉන් අනතුරුව සුරතල් සතුන් ලෙසින් ඇති දැඩි කිරීම පිණිස නිවාසවලට භාරදෙන අවස්ථා ද තිබෙන බවත් පියුමි කඳනආරච්චි සඳහන් කළාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ සුනඛ සුරතලෙක් සංස්කෘතික ලක්ෂණ ඒ අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ආසියානු කලාපීය සමාජවලට ආවේණික වූ ගති ලක්ෂණයක් ගැන ද සම්මානලාභී පශු වෛද්‍යවරිය සිහිපත් කරයි. විශේෂයෙන්ම සත්ත්ව හිංසාවට එරෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සමාජයන්ට සත්ව සුබ සාධනය පහදාදීම පහසු බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය තරංගා තෝරදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපි ඉගෙනගන්න කාලේ අපිට මේක එතරම් දැනුණේ නෑ මොකද පර්යේෂණය ගැන හා ඉගෙන ගන්න එක ගැන නේ වැඩි අවධානය යන්නේ," යනුවෙනි. "නමුත් අපි පෙන්වල දෙනවා නම් අපේ සමාජය මේ කරුණු ගැන ඉතා සංවේදීයි. ඉතින් මම දැක්ක දෙයක් තමා ලංකාවේ අය ගොඩක් අපිට ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාල මේ ගැන තවදුරටත් ඉගෙනගන්න උනන්දුයි." "උදාහරණයක් විදියට කුඩා දරුවන් තුළ සතුන් ගැන ස්වභාවිකවම සහජ ආදරයක් තියෙනවා. අපි කළ යුත්තේ දරුවන්ට සතුන් එක්ක ගැවසෙන්න තියෙන අවස්ථාව වැඩි කරලා ඒ ආදරය, ඒ රැක බලා ගැනීමේ ආසාව තවත් ප්‍රවර්ධනය කරන එක. මෙය සතුන්ගේ සුභසාධනය සඳහා පමණක් නොව මිනිසුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ද ඉතා වැදගත් වෙනවා." සත්ත්ව සුභසාධනය සහ ආචාර ධර්ම පිළිබඳ සංසදයක් (forum) නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික පර්යේෂකයන් සහ විද්වතුන්ට සම්පත් හා දැනුම බෙදාහදා ගැනීම සඳහා මේ හරහා එකම වේදිකාවක එක්විය හැකි බවත් ඇය පවසන්නීය. මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා තමන් සමග අත්වැල්බැඳගන්නා මෙන් සමාන අදහස් ඇති අයට ආරාධනා කරන බවත් ආචාර්ය තෝරදෙණිය පවසන්නීය. සත්ත්ව සුභසාධනය පිළිබඳ පිළිගැනීමට ලක්වූ ඉන්දියාවේ ආචාර්ය විජේ පාල් සිං සමඟ එක්ව ආචාර්ය තෝරදෙණිය නිර්මාණය කළ පදනම හරහා පර්යේෂණ සතුන්ගේ සුභසාධනය පිළිබඳ මෙම සංකල්පය තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම් මාර්ගයෙන් ආසියාවේ වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට ඇය අදිටන් කරගෙන සිටින්නීය. "මම ඇත්තෙන්ම කැමතියි සතුන් යොදා නොගන්නා පර්යේෂණ සංස්කෘතියක් දකින්න," ආචාර්ය තරංගා තෝරදෙණිය මා සමඟ කියා සිටියාය. "එවැනි කාලයක් වන තෙක් මගේ රටේ හා ආසියානු කලාපයේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාර සතුන්ගේ සුභසාධන හා සම්බන්ධ ගැටලු උද්‍යෝගිමත්ව හා විවෘතව විසඳනව දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය සංවාදය නිමා කළේ එලෙසිනි. 'කොරෝනා නිවාඩුවෙන්' සොබාදහමේ මිහිර විඳින අක්කයි නංගියි කියවන්න:
බීජිං, ලොව වඩාත් ම දූෂිත පරිසරයක් සහිත නගරවලින් එකකි. නමුත්, වලාකුළුවලින් තොර පැහැදිලි ආකාශයක් හරහා හොඳින් හිරු රශ්මිය පොළොවට පතිතවන දිනයක් වේනම් ඒ චීනයේ අගනුවර දේශපාලන රැස්වීමක් පැවැත්වෙන දිනයකි; නැතහොත් ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන උත්සවයක් පැවැත්වෙන දිනයකි.
වලාකුළු මත 'බීජ වැපිරීමට' චීනය නිතර මෙවැනි කාලතුවක්කු භාවිතා කරයි මෙය අහඹු ලෙස උදා වූ කාලගුණික තත්ත්වයක් නොවේ. කාලගුණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට චීන පරිපාලනය පටන් ගත්තේ අද ඊයෙක නොවේ. වසර ගණනක් තිස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබුණි. පසුගිය දෙසැම්බරයේ දී මෙහි තවත් පියවරක් ඉදිරියට තබන ලදී. කාලගුණය වෙනස් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එය රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව චීන ආණ්ඩුව නිවේදනය කළේය. 2025 වන විට චීන භුමියේ වර්ග කිලෝ මීටර මිලියන 5.5ක වපසරියක් ආවරණය වන පරිදි කෘත්‍රිම වර්ෂාව සහ කෘත්‍රිම හිම පතනය ඇති කිරීම සඳහා මෙම වැඩසටහන පුළුල් කිරීම චීන පරිපාලනයේ ඉලක්කයයි. මෙම භූමි භාගය සමස්ත චීන භූමියෙන් 60%කට ආසන්නය. නමුත් මෙම වැඩසටහන අසල්වැසි රාජ්‍යයන්ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබේ. ස්වභාවධර්මයට අත පොවන මෙම තාක්ෂණය නිසා අසල්වාසී රටවලට ඉන් ඇතිවන බලපෑම කෙසේ විය හැකිදැයි ඔවුහු ප්‍රශ්න කරති. කලක පටන් චීනය සමඟ මතභේද පවතින ඉන්දියාව ඉන් එක් රටකි. චීනය කාලගුණය වෙනස් කරන්නේ කෙසේද? මෙම ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ 'ක්ලවුඩ් සීඩිං' (cloud seeding) ලෙසිනි. 'වලාකුළු බීජායනය' නැතහොත් වලාකුළු මත බීජ වැපිරීම වැනි අරුතක් එහි ගැබ් වේ. මෙය අනෙකුත් රටවලට රහසක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය පිළිබඳව මනා දැනුමක් සහිතය. මෙහිදී කෙරෙන්නේ 'සිල්වර් අයඩයිඩ්' වැනි රසායන ද්‍රව්‍යයක් වලාකුළු පුරා විසිරීමයි. එමගින් වර්ෂාපතනයක් ඇතිකරවිය හැකිය. මෙය කාලගුණය යම් ප්‍රමාණයකින් වෙනසකට භාජනය කළ හැකි තාක්ෂණික ශිල්ප ක්‍රමයකි. වලා අතර 'බීජ වැපිරීම' නොහොත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ "බොහෝ රටවල් මේ තාක්ෂණය භාවිත කරනවා. චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍රමය යොදා ගන්නවා. ඉන්දියාවත් එය පාවිච්චි කරලා තියෙනවා." ඉන්දියාවේ කර්ණාටකයේ, මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් බීබීසියට ප්‍රකාශ කළේය. "දැඩි නියං ප්‍රශ්න පවතින ඊසාන දිග අප්‍රිකානු කලාපයේ රටවල් වගේම ඕස්ට්‍රේලියාවෙත් මෙම ක්‍රමවේදය භාවිත කරලා තියෙනවා." කෙසේ නමුත්, ඉහත කී රටවල් මේ ආකාරයට කාලගුණයට මැදිහත් වී ඇත්තේ ඉතා අඩු මට්ටමකිනි. ඒ අනුව බලන කළ චීනයේ මැදිහත්වීම බොහෝ සෙයින් වැඩි බව ජයරාම් පවසයි. වලා අතර 'බීජ වැපිරීම' හෙවත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ. එය ආරම්භ වූයේ එකදහස් නවසිය හතළිස් ගණන්වලදී ය. එවක මෙය ප්‍රධාන වශයෙන් භාවිත කළේ ඇමරිකා එක්සත් ජනපදයයි. නමුත් මෙහි ප්‍රතිඵල පිළිබඳව තවමත් විශාල සැකයක් පවතී. "මේකෙන් ඇතිවන බලපෑම පිළිබඳව විද්‍යාත්මක ලිපි ලියැවිලා තියෙන්නේ කීපයක් පමණයි." බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර්, බීබීසීයට ප්‍රකාශ කළේය. "ක්ලවුඩ් සීඩිං කියන ක්‍රමය සංවර්ධනය කරලා තියෙන්නේ කිසිදු ආකාරයක විද්‍යාත්මක වලංගුභාවයකින් තොරව." "තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම ක්ලවුඩ් සීඩිං ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ" ඔහු පවසන පරිදි, 'වලාකුළු මත බීජ වැපිරීම' මගින් කාලගුණය වෙනස් කිරීම චීනයේ සිදු වන්නේ "ක්‍රියාකාරී මෙහෙයුමක්" ලෙසිනි. "ඒක පර්යේෂණාත්මක ක්‍රියාකාරකමක් නොවෙයි. කිසිදු විද්‍යාත්මක පදනමකින් සිදුවන්නක් නොවෙයි. සාමාන්‍යයෙන් එය ප්‍රජා මට්ටමින් ප්‍රාදේශීයව සිදුවන දෙයක්." ආචාර්ය ජෝන් සී මුවර් පැවසීය. බීජිං අගනුවර විශාල උත්සව පැවැත්වෙද්දී මෙය ක්‍රියාත්මක වනු දැකිය හැකිය. වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය වැනි විශේෂ අවස්ථාවන්හි දී පවා මෙම කාලගුණය වෙනස් කිරීම සිදුවේ. ආචාර්ය ජෝන් සී මුවර් පවසන පරිදි, තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම 'ක්ලවුඩ් සීඩිං' ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ. "සාමාන්‍යයෙන් ඝන හිම කැට පතනය වීමෙන් වගා හානි සිදුවීම වලක්වා ගන්නත් මේ ක්‍රමය භාවිත කරනවා. එයින් කෙරෙන්නේ වලාකුළු අනතුරුදායක තත්ත්වයට පත් වීමට කලින් එහි ඇති වර්ෂා ජලය ඉවත් කිරීමයි." ඔහු පැවසීය. නමුත් මෙම විද්‍යාඥයා පවසන්නේ, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය චීනයේ ඵලදායී වී ඇත්තේ "වසරකට මාසයක් හෝ දෙකක්" පමණක් බවය. වලාකුළු මත 'බීජ වැපිරීම' නිසා 2011 දී බීජිං නුවරට හිමපතනය සිදු වූ බව චීනය පවසයි එක්සත් ජනපදය මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල සහිත ලිපියක් 2020 පෙබරවාරි මාසයේ, New Scientist සඟරාවේ පළ විය. 'ක්ලවුඩ් සීඩිං' ක්‍රමවේදය පිළිබඳව මෙම පර්යේෂණය සිදු කොට ඇත්තේ කඳු වටා ඇතිවන වලාකුළු ආශ්‍රිතව ය. මෙම වලාකුළු බිහිවන්නේ, හමන සුළඟ කන්දේ හැපී ඉහළට තල්ලු වීමෙනි. මෙම ක්‍රමවේදය මගින් වර්ෂාපතනයක් ඇති කරවිය හැකි නමුත් එය සිදුවන්නේ 10%කටත් වඩා අඩු මට්ටමකින් බව මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. වැස්ස අයිති කාටද? චීනයේ කාලගුණය වෙනස් කිරීම පුළුල් වශයෙන් දියත්වන බව නිවේදනය කෙරුණේ පසුගිය දෙසැම්බර් 02 වැනිදාය. එම නිවේදනයේ දැක්වෙන්නේ, ස්වභාවික ආපදා තත්ත්වයක දී, කෘෂි නිෂ්පාදනයේ දී සහ ලැව්ගිනි ඇතිවීමේදී මෙන්ම අසාමාන්‍ය පරිදි උෂ්ණත්වය ඉහළ යාමකදී හෝ නියඟයක දී මෙම වැඩසටහන උපකාරී වන බවය. ඒ හැරෙන්නට වැඩි විස්තරයක් එම නිවේදනයේ සඳහන් නොවේ. "මේ නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ 'සංවර්ධනය වෙනුවෙන් අදහසක්' යන මාතෘකාව යටතේ. මෙයින් ගම්‍ය වෙන්නේ මහ ආණ්ඩුව විසින් මෙම වැඩසටහනට අදාළ ආකෘතිය සම්පාදනය කරලා පළාත් පාලන ආයතනවලට ලබාදීමෙන් පසුව එය ක්‍රියාත්මක වනු ඇති බවයි. විවිධ අමාත්‍යංශ සහ ප්‍රාදේශීය පාලනයන් මගින් ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ඉන්පසුවයි සාමාන්‍යයෙන් ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ." බීජිං නුවර සිටින බීබීසී මාධ්‍යවේදී යිට්සිං වැං පැහැදිලි කළේය. මෙම නිවේදනය නිකුත් වූ සැනින් උතුරු චීනයේ ගැන්සු ප්‍රාන්තය "විශාල බලාපොරොත්තු සහිත ඉලක්කයන්" ඇතුළත් නිවේදනයක් නිකුත් කර ඇති ආකාරය ඔහු උපුටා දැක්වූයේය. ඒ සඳහා දැවැන්ත ඩ්‍රෝන යානා ද යොදා ගැනීමට සැලසුම් කර හමාරය. (වලාකුළු බලා යන සමාරම්භක ගුවන් ගමන නිවේදනය කරමින් Xinhua පුවත් සේවය නිකුත් කළ ට්විටර් පණිවිඩය.) 'වලාකුළු මත බීජ වැපිරීම' රට පුරා පුළුල් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවට පළමු නිවේදනය නිකුත් වී මාසයක් ගෙවෙන්නට මත්තෙන් ඒ සඳහා සිදු කෙරෙන සමාරම්භක ගුවන් ගමන Xinhua පුවත් සේවය විසින් පළ කරනු ලැබ තිබුණේ මෙලෙසිනි. මේ සඳහා යොදාගත් ඩ්‍රෝන යානය Ganlin-1 ලෙසින් නම්කර තිබුණි. චීන බසින් ඉන් අදහස් කෙරෙන්නේ "රසවත් වර්ෂාව" යන්නයි. මෙම වැඩසටහන සඳහා චීනය විසින් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනය නතර කිරීමට, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය පිළිබඳව පවතින සැක සංකාවලට හැකියාවක් නොලැබුණි. අසල්වාසී රටවල් සමඟ භූ දේශපාලනික මතභේද වර්ධනය වෙමින් පවතින මොහොතක මේ පිළිබඳව ද බරපතල සැලකිල්ල යොමු වීම චීනයට බාධාවක් නොවීය. "මේ ක්‍රමවේදය පිළිබඳව පවතින එක සැකයක් තමයි ඉන්දියාවේ ගිම්හාන වර්ෂාපතනයට ඉන් බලපෑමක් වේවිද කියන කාරණය. එම වර්ෂාපතනය ඉන්දියාවට පමණක් නොවෙයි, මුළු කලාපයටම බලපාන දෙයක්. ඒත් මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයන් සිදු කරලා නැහැ." කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ, ඉන්දියාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමකින් පැවතුණු අවධියක නම් චීනය විසින් සිදුකරනු ලබන මෙවැනි නිවේදනයක් ඉන්දියාවට ඇස නොගැසෙන්නට ඉඩ තිබුණු බවය. නමුත්, ඉන්දු - චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත. වැස්ස "හොරකම් කිරීම" කාලගුණය වෙනස් කිරීම පිළිබඳව අසල්වාසී රටවල් සමඟ සම්බන්ධීකරණයක් නොතිබීම හේතුවෙන් "වර්ෂාව සොරා ගැනීමක්" පිළිබඳව ඉදිරියේ දී චෝදනා එල්ල වන්නට ඉඩ ඇති බව 2017 දී තායිවාන ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පළ කළ වර්තාවක සඳහන් වෙයි.ආචාර්ය මුවර් පවසන්නේ, ආසියානු මෝසම් වර්ෂා පිළිබඳ තත්ත්වය ඉතා සියුම් වුවද, කාලගුණය වෙනස් කිරීම මගින් ඊට ඇතිවන බලපෑම සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක සාධක තවමත් නොපවතින බවය. අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා පාලනය කරන්නට පටන් ගතහොත්...? "මෝසම් වර්ෂාව තීරණය කෙරෙන එක් සාධකයක් තමයි ටිබෙට් සානුව සහ ඉන්දීය සාගරය අතර පවතින උෂ්ණත්වයේ වෙනස." ආචාර්ය මුවර් පැහැදිලි කළේය. "ඉතින්, සමහරු දැන් සැලසුම් කරන ආකාරයට, ටිබෙට් සානුවේ උෂ්ණත්වයේ සැලකියයුතු වෙනසක් ඇති කළහොත් එයින් අතිශය බරපතල ලෙස බලපෑමක් සිදු වෙන්න පුළුවන්." ඔහු ප්‍රකාශ කළේය. 'මකබාස්ලා' ආචාර්ය මුවර් සඳහන් කරන්නේ, ප්‍රාදේශීය මට්ටමින් සිටින චීන ඉංජිනේරුවන් ටිබෙට් සානුව අවට මහා පරිමාණයෙන් දියත් කිරීමට යන 'ක්ලවුඩ් සීඩිං' ව්‍යාපෘතිය පිළිබඳවය. මෙය මුළු මහත් ටිබෙට් සානුව පුරාම දියත් කෙරෙන නමුත් ඊට ජාතික මට්ටමේ දායකත්වයක් හෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර නොමැති බව ද ඔහු පැවසීය. "මේක හරියට 'මකබාස්ලා' කීප දෙනෙක් එකතුවෙලා අභ්‍යවකාශ යානයක් තනනවා වගේ වැඩක්. මාත් එක්ක වැඩ කරන බොහෝ චීන විද්‍යාඥයන් පවා මේ පිළිබඳව හොඳටම බියට පත්වෙලා ඉන්නේ." නමුත් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම්ගේ අදහස නම්, 'වලාකුළු මත බීජ වැපිරීමට' වඩා එහා ගිය කාරණයක් දෙසට මුළු කලාපයේම බරපතළ සැලකිල්ල යොමු වී ඇති බවයි. අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා කළමනාකරණය කරන්නට හෝ පාලනය කරන්නට පටන් ගතහොත් කුමන තත්ත්වයක් උදා වේදැයි කලාපය සිතන්නට පෙළඹී ඇති බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් මේ වන විට ඉන්දියාව සමඟ පවතින ආකාරයට අසල්වැසි රටවල් සමඟ මතභේද උත්සන්න වූ මොහොතක චීනය එම ක්‍රමවේදයන් කොයි ආකාරයෙන් දියත් කරාවිදැයි ඔහු ප්‍රශ්න කරයි. ඉන්දු - චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත "මම හිතන්නේ නැහැ මෙතන තියෙන්නේ තාක්ෂණය පිළිබඳ අවදානමක් කියල. ඒක ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුළුවන්. හැම රටකටම තියෙනවා තමන්ගේ කලාපය ගැන ස්වෛරීභාවයක්. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ මේවා ඒකපාර්ශවික තීරණ මත කරන්න ගත්තමයි. උදාහරණයක් හැටියට හිතල බලන්න මේ තාක්ෂණයෙන් යම්කිසි වැරද්දක් වුණොත් කවුද ඒ හානියට වන්දි ගෙවන්නේ?" ජයරාම් පවසන්නේ, ඉදිරියේදී ඇතිවිය හැකි විරසක මගහැරීමට නම්, මෙවැනි කටයුතු නියාමනය කිරීම සඳහා ගෝලීය රාමුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව පවතින බවකි. ආචාර්ය මුවර් ද ඊට එකඟය. කෙසේ නමුත් චීනයේ භූ ඉංජිනේරු ශිල්පයට නායකත්වය දෙන ආචාර්ය මුවර් අයැද සිටින්නේ සන්සුන් වන ලෙසයි: "චීනය යහපත් උදවියගෙන් කෙනෙකු වශයෙන් දිගටම පැවතීමට ඉතාම කැමතියි." බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර් සැකහැර පවසයි.
මාස අටකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ බව පැවසෙන දාහතර හැවිරිදි දැරියක් මරණයට පත් වී ඇති බව ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වෙයි.
ලිංගික හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැවති විරෝධතාවක් පළමුවරට දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉහත කී පුද්ගලයා දැනටමත් අපරාධ චෝදනාවලට මුහුණ දී සිටියි. පළමු දූෂණය හා සම්බන්ධ අපරාධ චෝදනා විභාගය ආරම්භ වීමට නියමිතව තිබියදී මැයි මාසයේදී ඔහු විසින් දැරිය පැහැර ගෙන ගොස් සතියක් පුරා නැවත නැවතත් දූෂණයට ලක් කොට ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඇසිඩ් පානය කිරීමට ඇයට බල කොට ඇති බවටත් ඔවුහු චෝදනා කරති. ශරීරයේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ඇය මරුමුවට පත් වූ බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කොට ඇති ආකාරය කාන්තා සංවිධානවල විවේචනයට ලක් වී තිබේ. මීට වසර තුනකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයන් පස් දෙනා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් සිසුවියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.
"කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්ත වේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමි බව රාජ්‍ය පිළිගනි ති ." - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය , 27/1 වගන්තිය.
එහෙත් ලොව පුරා විවිධ රටවල් දරුවන්ට සම්පූර්ණයෙන්ම ඒ අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන්නේ ද? යන්න ගැටලුවකි. විශේෂයෙන්ම දරු, දැරියන් ලිංගික අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට සහ ශ්‍රම සූරාකෑමට ගොදුරුවීම පමණක් නොව අධ්‍යාපනය ඇතුළු බොහෝ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කරනු ලැබීම ද ශ්‍රී ලංකාවේත්, ලොව පුරා වෙනත් රටවලිනුත් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්/වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය (sex education) ද ඒ 'අවම ජීවන තත්වය' සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අනුව දරුවන්ගේ වයසට සරිලන ආකාරයට ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ Relationship and Sex Education - RSE ලෙසිනි. ඇතැම් රටවල ලිංගික අධ්‍යාපනය ඇරඹෙන්නේ දරුවන් ඉතා බාල වියේදීය. කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් පාඨමාලාවක් නොවේ. ඇතැමුන් එහි අවශ්‍යතාව අවධාරණය කරන අතර, එමගින් දරුවන්ගේ "මනස දූෂණය වන" බව පවසමින් තවත් සමහරු එයට දැඩි විරෝධය පළ කරති. ලිංගික අධ්‍යාපනය ඒ පිළිබඳව පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, දිනෙන් දින ඉහළ යන බව පෙනී යන ළමා අපචාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන අතරම, සිය අයිතිවාසිකම් ගැන දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. "පොඩි දරුවන්ට ක්‍රමයෙන් ලිංගික අධ්‍යාපනය ලබාදීල, ඔවුන්ගේ අයිතිවාසිකම් මොකක්ද, ඔවුන්ට නුසුදුසු දේවල් මොකක්ද, ඔවුන් සම්බන්ධයෙන් වෙන පුද්ගලයකු කරන්න හදන නුසුදුසු කම් කොහොමද තේරුම් ගන්නේ කියන අවබෝධය ලබාදීමේ වැදගත්කම තියෙනව," යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඒ පිළිබඳව අදහස් සහ ප්‍රතිචාර පළ වී තිබුණි. 'මනස විකෘති කරනවා' ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනියන් වන ආචාර්ය චාරිකා මාරසිංහ සහ වෛද්‍ය තුෂ් වික්‍රමනායක යන දෙදෙනාම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දරන අදහස අනුමත කරති. බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු උප සභාපතිනියක වන ආචාර්ය චාරිකා මාරසිංහ කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් දරුවන්ට එල්ල කරන හිංසනයන්ගෙන් ආරක්ෂාවීම පිණිස යම් කිසි ලෙසකින් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවක් පවතින" බවය. සිය දියණිය මුහුණ දුන් ශාරීරික දඩුවමකට එරෙහිව "සාධාරණයක් ඉටු නොවීම" හේතුවෙන් 'Stop Child Cruelty' සංවිධානය නිර්මාණය කළ වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, තමන්ගේ සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය හඳුනාගැනීම පිණිස බාල වියේ සිටම, දරුවන්ගේ වයසට ගැලපෙන ආකාරයට, ලිංගික අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව කියා සිටියාය. "ඒ කියන්නේ කොහොමද ලිංගිකත්වය වර්ධනය වෙන්නේ, ඒ වගේම ලිංගික ඕනෑ එපා කම් හඳුනාගැනීම සඳහා මේක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම අවබෝධයක් ලැබුණම දරුවට හඳුනගන්න පුළුවන් සාමාන්‍ය දේ මොකක්ද, අසාමාන්‍ය දේ මොකක්ද කියල." ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් දරුවන්ට උපදෙස් මේ අතර දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිණිස පසුගිය ආණ්ඩුව සමයේ සකස් කරන ලද 'හතේ අපේ පොත' ග්‍රන්ථයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් එම ග්‍රන්ථය විග්‍රහ කළේ දරුවන්ගේ මනස විකෘති කිරීමේ උත්සහයක් වශයෙනි. අභයතිස්ස හිමියන් දැක්වූ විරෝධය හමුවේ එම ග්‍රන්ථය තාවකාලිකව පාසල්වලින් ඉවත්කරනු ලැබ තිබේ. ළමා මනෝ විද්‍යාඥයන් 'අත්‍යවශ්‍යයි' කෙසේ වුවත්, දරුවකු උපත ලැබූ මොහොතේ පටන් වයස අවුරුදු 25 දක්වා සංජානන වර්ධනයක් (coginitive development) සිදුවන බැවින් එය ඉතා ප්‍රවේසම් සහගතව කළ යුතු කාර්යයක් බව ආචාර්ය මාරසිංහ අවධාරණය කරන්නීය. විශේෂයෙන්ම දරුවන්ගේ ළමා කාලයේ සුන්දරත්වය විනාශ නොකරමින්, ඔවුන් දැනුවත් කිරීම පිණිස ඒ සඳහා ළමා මනෝ විද්‍යාඥවරුන්ගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දෙන්නීය. "මේක වෙන කිසිම ක්ෂේත්‍රයකට අයිති දෙයක් නොවෙයි. මේක දරුවාගේ වයසට සහ පරිණත භාවයට සරිලන විදියේ දෙයක් විය යුතුයි. ඒක කරන්න පුළුවන් ළමා මනෝ විද්‍යාඥයන්ට විතරයි." වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදිනී ආචාර්ය චාරිකා මාරසිංහ, "මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුය කියලා," යනුවෙන් ද කියා සිටියාය. "ඒ කියන්නේ එය සිදුවිය යුත්තේ දරුවාගේ වර්ධන අවධිවලට ගැලපෙන විදියට, කායික චිත්ත වේගාත්මක සහ වර්ධනයට ගැලපෙන විදියට." 'පූජක පක්ෂයේ අපයෝජකයෝ' ළමා වර්ධනයේ මෙන්ම ඔවුන්ගේ ලිංගික වර්ධනයේ විශේෂ අවධි (milestone) පවතින බව පෙන්වා දෙන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, එබැවින් ළමා වියේ දී දරුවන් තුළ මතුවන සාමාන්‍ය කුතුහලය යටපත් නොකොට, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාදීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි. "බොහෝවිට ඒ කුතුහලය, හංගගෙන මර්ධනය කරගෙන ඉන්න සිදුවීම නිසා තමා - බොහෝ දෙනා අපයෝජකයන් බවට පත්වෙන්නේ. විශේෂයෙන්ම පූජක පක්ෂය අතින්, ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා." එබැවින් එකිනෙකාගේ පෞද්ගලික මත සහ "ව්‍යාකූල වූ ආගමික මත" සමඟ ප්‍රායෝගික තලයේ දී දරුවා ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙමින් පවතින බව පවසන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, මේ තත්වයට මුහුණදීම පිණිස නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන්නීය. ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේය. වින්දිතයා අපයෝජකයකු වීම විශේෂයෙන්ම අපයෝජකයන් බවට පත්වන බොහෝ වැඩිහිටියන් බාල වියේ දී අපයෝජනවලට ලක්වූවන් බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එබැවින් අපයෝජනයට ලක් වූ දරුවා වැඩිහිටි වියට එළඹීමට ප්‍රථම නිසි මානසික ප්‍රතිකාර ලබා පුනරුත්ථාපනය නොකළොත් ඔහු හෝ ඇය අනාගතයේදී අපයෝජකයකු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව පවසන ආචාර්ය චාරිකා මාරසිංහ, "ඒ නිසා පුනරුත්ථාපනය කියන එක ඉතා වැදගත්," යනුවෙන් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. එහිදී සිය ශරීරය, සිය අයිතිවාසිකම්, තමන් ඇසුරු කරන පුද්ගලයන් ආදීන් සම්බන්ධයෙන් ඔවුන් බලගැන්වීමේ අවශ්‍යතාව (empower) ඇය අවධාරණය කරන්නීය. "ඔයාට මගේ ඇඟ ගැන අයිතියක් නෑ, මට ඔයාගේ 'body' එක ගැන අයිතියක් නෑ කියල දරුවාට කියල දෙන්න ඕනේ. මොකද අපයෝජකයෙක් ඉස්සෙල්ලම කරන්නේ දරුවාගේ විශ්වාසය දිනා ගැනීම. ඒ නිසා දරුවා බලගැන්වීම (empower කිරීම) ඉතාම වැදගත්." "මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුයි කියලා" - ආචාර්ය චාරිකා මාරසිංහ "ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා" -වෛද්‍ය තුෂ් වික්‍රමනායක ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් අපයෝජනයට ලක්වන්නේ නොහඳුනන පුද්ගලයින් අතින් නොව, තමන්ට ඉතා සමීපම පුද්ගලයන් අතින් බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ද පෙන්වා දී තිබිණ. එබැවින් වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ, දරුවන් ආරක්ෂා කිරීම පිණිස නව නීති සම්පාදනය කරන අතරම, දරුවාගේත්, නිවසේත්, සමාජයේත් ආකල්පමය වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බවය. "මුලින්ම ඒක වෙන්න ඕනේ නිවස තුළින්. දරුවාගේ ඒ වෙනස කරන්න පුළුවන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීල. පෙර පාසලේ දරුවන්ගේ ඉඳල තමන්ගේ ශරීරයේ අල්ලන්න පුළුවන් තැන්, එපා තැන් කියා දෙන්න ඕන," යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "උදාහරණයක් විදියට දරුවන් බලහත්කාරයෙන් නෑයෙකුගේ උකුලට යවන්න එපා. දරුවා යන්න කැමති නැත්නම් බලහත්කාරයෙන් යන්න කියන එකෙන් අපි වැළකෙන්න ඕන. 'ඇති, බෑ, නෑ, එපා' කියන වචන පෙර පාසලේ දරුවන්ට කියා දෙන්න ඕන." "කෙනෙක් තමන් අකමැති දෙයක් කරනවා නම් ඒක කරන්න එපා කියන්න දරුවාට කියා දෙන්න ඕන." ආචාර්ය චාරිකා මාරසිංහ පවසන පරිදි, එහි අදහස ශ්‍රී ලංකාවේ පාරම්පරික සංස්කෘතිය බැහැර කොට බාහිර සංස්කෘතියක් වැළඳ ගත යුතුය යන්න නොවේ. "ලෝකෙ හැම සංස්කෘතියකම තියෙනව දරුවන්ට සාධනීය සහ හානිකර දේවල්. ඒ නිසා අපි කළ යුත්තේ ඒ සංස්කෘතියේ සාධනීය දේවල් එකතු කරගෙන දරුවට හානිකර නොවන ආකාරයට පණිවුඩයක් දීම. දරුවාගේ පූර්ණ පෞරුෂ වර්ධනයක් ඇතිකරන්න නම් අපට සම්පූර්ණයෙන්ම අපේ සංස්කෘතිය බැහැර කරන්න බෑ," යනුවෙන් ආචාර්ය චාරිකා මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය. කියවන්න:
"පාලකයා පුද්ගල ස්වාධිපත්‍යයට (Personal autonomy), එනම් මහජනයාගේ ස්වාධීනත්වයට මූලිකත්වය සහ අවශ්‍ය පසුබිම සෑදිය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළ යුතුයි. ඒකයි ජනතාව පාලකයෝ පත් කර ගන්නේ. ඒ කර්තව්‍යය සඳහා ආඥාදායකයෝ අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ නීතියට ගරු කරන සහ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන පුළුල් දැනීමක් තිබෙන පාලකයෙක්."
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් එසේ පැවසුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙක් විය යුතු ද යන්න බීබීසී සිංහල සේවය ඔහුගෙන් විමසු විටය. ශක්තිමත් පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට සහ රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා "සොඳුරු" නොඑසේ නම් "යහපත් ආඥාදායකයෙකු" (Benevolent Dictator) අවශ්‍ය බව සමහරු කියති. "Benevolent Dictator" යනු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට එනම් මහජන ඡන්දයෙන් තේරී පත් වන පොදු යහපත සහ සාමාන්‍ය වැසියාට වැදගත් වන තීරණ ගැනීමට නොපසුබට වන නායකයෙකි, යන්න කියැවේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වන පුද්ගලයාට වර්තමාන සමාජය වෙලාගෙන ඇති දූෂණ, වංචාවලට එරෙහිව කටයුතු කරන රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හැකි විය යුතුය යන්න සමාජයේ ඇති මතයකි. ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගනු ලබන ජනාධිපතිවරණය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතය. එහිදී පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙකු විය යුතු ද යන්න පිළිබඳ කතිකාවක් සමාජය තුළ මේ දිනවල ගොඩ නැගෙමින් පවතී. මේ මොහොත (අගෝස්තු 20) වන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගය තම ජනාධිපති ධූර අපේක්ෂකයන් නම් කර අවසානය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති අතර ඉරිදා (අගෝස්තු 18) 'ජාතික ජනබල බලවේගය' තම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය පාර්ශ්ව මගින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් ගැන පැහැදිලි තීරණ ගෙන නොමැති බව පෙනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ සමාජ මතය: 2015 ජනවාරි 08 වන දා බලයට පැමිණි වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පැමිණියේ "මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ඇති වංචා දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වා අදාළ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා" යන පොරොන්දුව දෙමිනි. "එය හරියට වුණේ නෑ. එම නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ වර්තමාන රජය ඔවුන් රැවැට්ටුවා කියලා. ඒක නිසා තමයි සමාජශෝධනය යන කරුණ ගැන ජනතාව විවිධාකාර විකල්ප ගැන කතා කරන්නේ," එසේ අදහස් දැක්වූයේ නම හෙළිදරව් කිරීමට අකමැති වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. "ඉතිං මිනිස්සු දැඩි තීරණ ගන්න පුළුවන් නායකයෝ ගැන හිතනවා. ඒක ලෝකේ වෙනත් රටවලත් සිදුවෙලා තිබෙනවා." "කෙසේවුවත්, අපේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නායකයන් අසමත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳිලා යයි. එතකොට ඔවුන් ආඥාදායක පාලකයෙකු කියන 'විකල්පය' දෙස බැලීම වැළැක්විය නොහැකියි." මෙවැනි සමාජ මතයක් නිර්මාණය වී ඇත්තේ බලයේ සිටින පාලකයන් වංචාව, සොරකම, දූෂණය වැළැක්වීමට, ආරක්ෂාව සහ නීතියේ ස්වාධීනත්වය බල ගැන්වීමට "අපොහොසත්" වූ නිසා බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. එසේ ම පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව රටේ ආරක්ෂාව පිළිබඳව ඇති වූ නොපැහැදිලි තත්ත්වය නිසා ද 'කෙලින් තීරණ ගන්නා' ජනාධිපතිවරයෙකු අවශ්‍ය බවට ඇති මතය තවත් තීව්‍ර වී තිබේ. "අපි ලොව පුරා උදාහරණ අරන් බැලුවොත් සිංගප්පුරුවේ ලී ක්වාන් යූ, මලයාසියාවේ ආචාර්ය මහතීර් බින් මොහොමඩ් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒ රටවල නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණය සහ සාමාන්‍ය ජනතාවගේ අභිමානය වර්ධනය වුණා. ඒ, එම නායකයෝ බලයට කෑදර නොවුණු නිසා. ඔවුන්ට වැදගත් වුණේ තමන්ගේ රටවල් දියුණු කර ජනතාවට හොඳ සමාජයක් නිර්මාණය කිරීම. ඒ හේතුව නිසා ඔවුන් සාර්ථක වුණා," ආචාර්ය සමරකෝන් පැවසීය. "අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහජන ඡන්දයෙන් තේරී පත් වුව ද බලය ක්‍රියාත්මක කළේ ආඥාදායකයන් ලෙස. ඒක සත්‍යයක්. නමුත් ඔවුන් ට දේශපාලන බල ව්‍යාප්තිය ගැන තිබු ආකල්ප නිසා මහජනයා බලාපොරොත්තු වන සොරකම, දූෂණය නැති කිරීම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීමට ඔවුන් අපොහොසත් වුණා." එබැවින් කුමන ආකාරයක හෝ ආඥාදායක ස්වරූපයක් නුසුදුසු බව ආචාර්ය සමරකෝන් පෙන්වා දුන්නේය. ජාතික ජනබල බලවේගය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය. ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති ගැන ක්‍රියාත්මක වන ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ (Truman National Security Project) ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිනි රැෂෙල් ක්ලයින්ෆීඩ් යහපත් ආඥාදායකයා පිළිබඳව ඇය විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතට සපයන ලද ලිපියක මෙසේ දක්වා ඇත. "සමහර අවස්ථාවල ආඥාදායකයන් ආරම්භයේදී ජනතා හිතකාමියි. ඒ ආකාරයට ජනතාවගේ කැමැත්ත දිනා ගන්නවා. නමුත් කල්යත් ම ඔවුන්ට ජනතාව අමතක වෙනවා. බලය තමයි වැදගත් වන්නේ." රැෂෙල් පවසන්නේ ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ කෘමාස්, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ සහ සිම්බාබ්වේ බලයෙන් පහ කළ ජනාධිපති රොබට් මුගාබේ ඊට උදාහරණ ලෙස දැක්විය හැකි බවය. "මේ නායකයෝ බලයට ආවේ ජනප්‍රියත්වය සමග. ඔවුන් තමන්ගේ රටවල් දියුණු කළා. නමුත් පසුකාලීනව, රාජ්‍ය දූෂණය සහ ප්‍රචණ්ඩත්වයෙන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැම්මා. සමහරු මමත්වය ගැන ප්‍රමුඛත්වය දුන්නා." ශ්‍රී ලංකාවේ තත්ත්වය: 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය තුළ සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. "19 ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර යම් බල තුලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව බලන විට එය මහජනතාවට වාසිදායකයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කුමන හෝ ආඥාදායකයෙක් බිහි වීමේ අවදානම අඩුයි," කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. "දැන් බලන්නකෝ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි අගමැති රනිල් වික්‍රමසිංහයි පක්ෂ දෙකක. නමුත් පවතින බල තුලනය නිසා එකිනෙකාට තමන්ට වාසිදායක කිසි දෙයක් කරන්න බැහැ." නමුත් ඉදිරියේදී බලයට පැමිණෙන ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හරහා 19 ව්‍යවස්ථා සංශෝධනය නිශේධ කළහොත් නැවතත් තනි පුද්ගලයෙකු අතට විධායකය සහ ව්‍යවස්ථාදායකය යන දෙකෙහි ම බලය යෑමට ඉඩ ඇති බවත් එය ආඥාදායක ස්වරුපයේ පාලනයක් බිහි වීමට හේතු විය හැකි බවත් ඔහු පැවසීය. ජර්මනියේ ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණියේ පාර්ලිමේන්තු බලය ලබා ගැනීමෙනි. පසුව ජර්මන් චාන්සලර්වරයා වශයෙන් ඔහු 1933 දී තේරී පත් විය. ඉන් සති කිහිපයකට පසුව එරට පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියෙන් අනතුරුව හිට්ලර් ජර්මනියේ සම්පූර්ණ බලය ඩැහැ ගත්තේය. ප්ලේටෝ "එබැවින් කොමියුනිස්ට්, වාමාංශික, නව ලිබරල් හෝ ජාතිකවාදී ආඥාදායකයෙකු රට තුළ නිර්මාණය වීම "පුද්ගල ස්වාධිපත්‍යය"ට අහිතකරයි. "පුද්ගල ස්වාධිපත්‍යය" සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්," ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසීය. අතීත දාර්ශනිකයෙකු වන ප්ලේටෝ දාර්ශනික-රජ (Philosopher-king) යන සංකල්පය ඉස්මතු කළේ, "තම ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව දන්නා නායකයෙකු අවශ්‍යය" යන මතය ඉස්මතු කරමින් බව රැෂෙල් ක්ලයින්ෆීඩ් පවසන්නීය. "එහෙත් පාරක වළවල් වැසීම, මහාමාර්ග සංවර්ධනය, වීථි ආරක්ෂාකාරී කිරීම, අපගේ දරුවන්ට ගණිතය ඉගෙන ගැනීමට ධෛර්යවත් කිරීම යන කාර්යයක් නියමාකාරයෙන් කර ගැනීම සඳහා දේශපාලනයෙන් පිළිතුරු සෙවීම නිවැරදි නොවේ" යන්න ඇයගේ මතයයි. "දූෂණය, අසමානතා, ජනතාවට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් ලබා දීමට ඇති නොහැකියාව යන කරුණු ප්‍රජාතන්ත්‍රවාදය සහිත දියුණු සහ නොදියුණු රටවල බහුල තත්ත්වයක්." නමුත් ඊට පිළිතුර ආඥාදායකත්වය නොවන බව ක්ලයින්ෆීඩ් කීවාය.
පාප් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් සිරියාවේ සහ ඉරාකයේ සුළුතරයට කෙරෙන වධ හිංසා සහ පකිස්තානයේ පාසැල් ළමුන් සියයකට අධික පිරිසක් මරා දැමුණු තාලිබාන් ප්‍රහාරය හෙළා දකිති.
පසුගිය සතියේ දී පකිස්ථානයේ පෙශාවාර් හි පාසලකට එල්ල කළ ඉහත කී වෙඩි ප්‍රහාරයෙන් පාසල් ළමුන් සහ ගුරුවරුන් එකසිය හතළිහකට අධික පිරිසක් මරණයට පත් විය. පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය තුළින් සියෙරා ලියොන් හි, ගිනි රාජ්‍යයේ සහ ලයිබීරියාවේ ඉබෝලා වසංගතයට ගොදුරු වී සිටින රෝගීන්ටද ආශීර්වාද කළ අතර ඔවුන්ට උපස්ථාන කිරීම සඳහා එහි ගොස් සිටින සහන සේවකයන්ට විශේෂ ස්තුතිය පුද කර තිබේ. ෆ්රාන්සිස් පාප් වහන්සේ සිය පදවි ප්‍රාප්තියෙන් පසු නිකුත් කළ දෙවැනි නත්තල් පණිවිඩය මෙයයි. එලිසබත් රැජින මේ අතරතුර මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින නිකුත් කළ නත්තල් පණිවිඩය මගින්ද ඉබෝලා රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා බටහිර අප්‍රිකාවට ගොස් සිටින සහන සේවකයන් පැසසුමට ලක් විය. ඉබෝලා වැනි වසංගත රෝගවලට ගොදුරු වූවන්ට සහ ගැටුම්වලට මැදි වූවන්ට උපකාර කිරීම සඳහා විදේශ ගත වී සිටින සහන සේවකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරාර්ථකාමී භාවය පිළිබඳව තමන්ට හෘදයාංගම සානුකම්පිත හැඟීමක් ඇති වී තිබෙන බවයි එලිසබත් රැජින කියා සිටියේ.
අගෝස්තු 29 සහ 30 දෙ දින වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ වලින් මැතිවරණ කාර්යාල නවයකට පහර දීම් වාර්තා වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය පවසයි.
පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද වාර්තා විය. එජාපයේ කාර්යාල හතරක්, ජවිපෙ කාර්යාල පහක් මෙලෙස ප්‍රහාරයට සහ ගිණි තැබීම්වලට ලක් වී ඇති බවත් එයින් තුනක් මුඵමනින්ම විනාශ වී ඇති බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද ඔවුන් වාර්තා කර තිබුණි. කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අංක තහඩු රහිත සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ ව්‍යාපාරයන් හි යෙදවීම පිළිබඳ පැමිණිලි තුනක් ඉදිරිපත් කොට ඇත. විපක්ෂයේ මැතිවරණ කාර්යාල වෙත දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සහ ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබදව කැෆේ සංවිධානය කනගාටුව පළ කරයි.
සිරියාවේ අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු මරුවමුට පත් වී ඇති බව එරට සිවිල් ස්වේච්ඡා ආරක්ෂක බලකායක් පවසයි.
ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි දොළොස් වියැති දරුවෙක් මරුමුවට පත් පිරිස අතරට සති දෙකක් වයසැති බිලිඳුන් දෙදෙනෙක් සහ වයස අවුරුදු අටට අඩු දරුවන් හය දෙනෙක් ද අයත් වෙති. අලෙප්පෝ නගරයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බීබීසීයට පැවසුවේ ගුවන් ප්‍රහාරවලට ලක් වී පුද්ගලයන් ගණනාවක්ම මිය ගොස් ඇති බවය. 'අවස්ථා ගණනාවක්ම අපි නින්දෙන් ඇහැරුනා. එක් ගුවන් ප්‍රහාරයකින් මිනිස්සු විසි පස් දෙනෙක් මැරුණා. මුළු නගරය පුරාම පනස් දෙනෙක් පමණ අද මිය ගොස් තිබෙනවා,' ඔහු පැවසීය. සිරියාවේ පැවති තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ ගුවන් යානා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් මරුමුවට පත් වී තිබේ. කැරලිකරුවන් පමණක් සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කයවන බව රුසියාව සහ සිරියානු ආණ්ඩු පවසති.
දේශපාලන රැකවල් පතා ආ හතලිස් හය දෙනකු ඔස්ට්‍රේලියානු රජය විසින් හිතුවක්කාර ලෙස රඳවා තබාගෙන කෘර, අමානුෂික හා ගෞරවය කෙලෙසන අන්දමින් සලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බහුතරයක් ලාංකික දෙමළ දේශපාලන අනාථයන් ගෙන් කැරුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පවසා ඇත්තේ අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධ මානව හිමිකම් ප්‍රඥප්තිය ඔස්ට්‍රේලියාව විසින් උල්ලංඝනය කොට ඇති බවයි. වාර 143ක් රැකවල් පතා ආ සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර නීතිය එකසිය හතලිස් තුන් වතාවක් උල්ලංඝනය කොට ඇතැයි මානව හිමිකම් මණ්ඩලය පවසයි. රඳවා තබා සිටි පිරිස රටේ ආරක්ෂාවට තර්ජනයක් බවයි ඔස්ට්‍රේලියාව පවසන්නේ. එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව නිකුත් වී ඇත්තේ සංක්‍රමණිකයන් කේන්ද්‍රීය සාධකයක් වී තිබෙන ඔස්ට්‍රේලියානු මහා මැතිවරණ ව්‍යාපාරය දියත් වී තිබිය දීයි.
ව්‍යාපාරික 'ගුරුගේ' පවුලට අයත් ඉඩමක සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ඇල මාර්ගය අවහිර කිරීම නීති විරෝධී බැවින් එම අවහිරතා ඉවත් කිරීමට පියවරගත් බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.
2019 නොවැම්බර් 20 දිනය සහිතව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කෙරුණි. ඒ අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ඉඩම සිංහරාජයේ නව මායිමට ආසන්නවන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති. සිංහරාජයේ ජීවත්වන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය ද මේ ඉඩම පිහිටි ප්‍රදේශය හරහා වැටී තිබේ. නෛතික භාවය සහ පරිසර අඛණ්ඩතාව යන සාධක සැළකු විට මෙම ප්‍රශ්නගත භුමිය 'සිංහරාජ අඛණ්ඩ කලාපය' ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි. යාල සහ කුමන ඇසුරින් ඊට පුර්වාදර්ශ ලබා ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි. භාග්‍යා අබේරත්න සිසුවිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසු 'ගුරුගේ ඉඩම' ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය. විවිධ පාර්ශව චෝදනා එල්ල කළ ද තමන් මෙහි වන විනාශයක් සිදුකර නොමැති අතර මෙය නීත්‍යනුකූල අයිතිය හිමි පුද්ගලික ඉඩම් බව 'ගුරුගේ පවුලේ' සාමාජිකයෝ පවසති. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය ලසිත් මාලිංගට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
ලසිත් මාලිංග ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා ක්‍රිකට් විචාරක චන්නක ද සිල්වා සංදේශය සමඟ කළ විශේෂ සාකච්ඡා පැවසුවේ ලහිරු තිරිමාන්න ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීම නිසා දිනේෂ් චන්දිමාල් නැවත කැඳවීමට ඇති ඉඩකඩ බොහෝ අඩු බවයි. කෙසේ වෙතත් ඉන්දියාව අවසාන තරඟයට පැමිණීම ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු ඇති බවද චන්නක ද සිල්වා පැවසීය. ‘ඉන්දියාව සහ ලංකාව දඟ පන්දු යවන්නන් හරහා තරඟ දියත් කරන කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකටම තියෙන්නේ එක හා සමාන තරඟ රටාවන්. ඒ නිසා ශ්‍රී ලංකාවට ඉන්දියාව ලොකු අභියෝගයක් වෙනවා. හොඳ තරඟයක් දැකීමට හැකි වෙයි කියල කවුරුත් බලාපොරොත්තු වෙනවා.’ චන්නක ද සිල්වා ප්‍රකාශ කළේය. අවසාන පූර්ව තරඟයට සහභාගී වූ කණ්ඩායම අවසන් මහා තරඟයට ද යොදවනු ඇති බවයි විචාරකයන්ගේ මතය.
නව යොවුන් දැරියක පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ වරදට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය එක් පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලෙසත් තවත් විසි තුන් දෙනෙකුට වසර දහතුනක් දක්වා වූ සිර දඬුවම් ලබා දෙන ලෙසත් නියෝග කළේය.
ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක් මෙම පිරිස විසින් පැහැර ගෙන යන ලද ඉහත කී දහසය වියැති පාසැල් ශිෂ්‍යාව මාසයකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බව අධිකරණයේ දී ඔප්පු වී තිබේ. එම කාලය ඇතුළත බොහෝ අය සමඟ ලිංගිකව එක් වීමට ඇයට බල කර ඇති අතර මේ පිරිස අතර ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ විශ්‍රාම ලත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. මෙම දැරිය පැහැර ගැනීම සිදු වූයේ වසර 1996 දී. මෙම අපරාධය සම්බන්ධයෙන් පළමු වරට පැවති නඩු විභාගයකදී තිස් පස් දෙනෙකුට දඬුවම් නියම කළ නමුත් 2005 දී ඉදිරිපත් කළ අභියාචනයකින් එක් පුද්ගලයෙකු චෝදනා වලින් නිදහස් විය. නමුත් මේ පිළිබඳව අලුතින් නඩු විභාගයක් පවත්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී නියෝග කළේය.
ධූරයෙන් පහ කරන ලද මියන්මාරයේ නායිකා අවුං සාන් සූ චී බදාදා (මාර්තු 24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පසුගිය මස හමුදා කුමන්ත්‍රණය දියත් වූ දින සිට, ඇයට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් වී ඇත. නීතිවිරෝධීව 'වෝකි-ටෝකි' පණිවුඩ යන්ත්‍ර ආනයනය කිරීමේ සිට කොවිඩ් නීති උල්ලංඝනය කිරීම දක්වා වූ චෝදනා ඒ අතර වේ. දූෂණ සිදු කර ඇති බවට ද හමුදා පාලනය ඇයට චෝදනා කරයි. එකී චෝදනා පදනම් විරහිත බව ඇයගේ ආධාරකරුවෝ පවසති. මේ ගැනත් කියවන්න:
'ලක් මවගේ හරිත සළුව' ලෙස හැඳින්වෙන ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරයේ වටිනාකම මුදලින් තක්සේරු කළ හැකිද යන්න කිසිවෙකු ඔබෙන් විමසීමක් කළහොත් ඔබ ඊට ලබා දෙන පිළිතුර කුමක් ද? සිංහරාජයේ ආර්ථික වටිනාකම සඳහා අපට නිශ්චිත මුල්‍යමය අගයක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ඉන් ලැබෙන සේවාවන් කිහිපයක ආර්ථික ලාභය ගණනය කිරීම තුළින් අපට සිංහරාජයේ ඇති මුල්‍යමය වටිනාකම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.
සිංහරාජයේ ගබඩාවී ඇති කාබන් වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ගණන් බලා තිබේ. දේශීය හා විදේශීය විද්‍යාඥයන් එක්ව, පාරිසරික ආර්ථික විද්‍යාවේ දැනුම භාවිත කර සිංහරාජයෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක ආර්ථික වටිනාකම දැනටමත් තක්සේරු කර තිබේ. ඒ අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජ වනාන්තරයට හිමි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය. ''රවුසර් සහ ස්මෝල් (Rausser and Small) කියන විද්‍යාඥයින් දෙදෙනාගේ ගණනය කිරිම් අනුව සිංහරාජයේ ශාක, සතුන් සහ පස් වලින් ලබා ගන්නා ක්ෂුද්‍ර ජීවින් මගින් අනාගතයේ ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම රුපියල් බිලියන 20ක්. මේක අනාගත අගයක් විදියට අපි දකින්නේ. මේ ප්‍රයෝජනය අපිට අනාගතයේ ගන්න ලැබෙන්නේ සිංහරාජය සංරක්ෂණය වෙලා තිබුණොත් තමයි.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය. සිංහරාජයේ නව විශාලත්වය අනුව ඉහත වටිනාකම ගණනය කර ඇත. රවුසර් සහ ස්මෝල්ගේ ගණනය කිරීම් වලට අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ පළමු තැනට පත් වන්නේ බටහිර එක්වදෝරයේ වනාන්තර වේ. සිංහරාජයේ කාබන් ගබඩාව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අද ලෝකය හමුවේ ඇති ප්‍රබල පාරිසරික අභියෝගයකි. ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 280ක් මට්ටමේ පැවැතිය යුතු වුව ද මේ වන විට එම අගය 416ක් දක්වා ඉහළ ගොස් තිබේ. දේශගුණ විපර්යාස සඳහා හේතු වන වායුගෝලයේ කාබන් තිර කිරීම වනාන්තර මගින් සිදු කරන ඉතා වටිනා සේවාවකි. දැනට සිදුකර ඇති ගණනයන්ට අනුව සිංහරාජයේ ගබඩාවී ඇති කාබන්වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට තක්සේරු කළ හැකි බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පෙන්වා දුන්නාය. එම ගණනය සිදු කර තිබෙන්නේ සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 11,000ක් ලෙස යොදා ගෙනය (පැරණි භුමි ප්‍රමාණය). එහෙත් 2019 නොවැම්බර් 20 දිනැති අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කර ඇත. එබැවින් සිංහරාජයේ ගබඩා වී ඇති කාබන්වල ආර්ථික වටිනාකම තවත් ඉහළ යනු ඇත. සිංහරාජය ; අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජයට සිංහරාජයේ නව මායිම් සීමා සිංහරාජයේ නව මායිමක් කළුතර දිස්ත්‍රික්කය සමග ද සම්බන්ධ වේ. ඒ පාලින්දනුවරට අයත් රූනකන්ද සිංහරාජයට ඇතුළත් කිරීම නිසාය. සිංහරාජයේ නව මායිම් වලට පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතරක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් අයත් වේ. 01. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රිකයට අයත් කලවාන, ගොඩකවෙල, නිවිතිගල, කහවත්ත සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 03. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සිංහරාජයේ පෝෂක චක්‍රීකරණය පිළිබඳ සේවාව වනාන්තර පරිසර පද්ධතියක සිදුවන තවත් වැදගත් සේවාවක් වනුයේ පෝෂක චක්‍රීකරණයයි. ''වැටෙන කොළරොඩු, දිරා යන මළ සිරුරු, සතුන්ගේ අපද්‍රව්‍ය මේ සියල්ලම නැවත පරිසර පද්ධතිය තුළට ඇතුල් කරන්නේ මේ චක්‍රීකරණය තුළින්. මෙම චක්‍රීකරණයේ වටිනාකම සිංහරාජයට අදාළව ගණනය කිරීමක් කළා. ඒ අගය වසරකට රුපියල් බිලියන තුනක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය. 2020 වසරට අදාළව ඉහත අගය ගණනය කර තිබෙන්නේ සිංහරාජයේ පැරණි භුමි ප්‍රමාණය අනුව ය. සිංහරාජය නිසා ලබන සතුටේ වටිනාකම සිංහරාජය ලෝක උරුමය නැරඹීම සඳහා සංචාරකයන් විසින් ප්‍රවේශ පත්‍ර මිළදී ගත යුතුය. දේශීය වැඩිහිටියෙකුගෙන් සිංහරාජය නැරඹීම සඳහා රුපියල් 32.00ක් සහ විදේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 700.00ක් අය කරනු ලැබේ. එහෙත් තමන් මිළදී ගනු ලබන ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් සංචාරකයන්ට දැනෙනු ඇත. මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන අධ්‍යනය කර තිබේ එම පාරිභෝගික තෘප්තිමත්භාවය, ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් ලැබෙන අදායම සහ වෙළෙඳපොළ වටිනාකමේ අගය ආර්ථික විද්‍යාවේ සඳහන් පාරිභෝගික අතිරික්තයක් සමග ගණනය කළ හැකිය. සිංහරාජය උදෙසා එම වටිනාකම 2019 වසර සඳහා රුපියල් බිලියන 14.8 ක් බවට ගණනය කර ඇති බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය. සංචාරකයන් පැමිණීම ඉහළ යෑම සහ මිනිසුන්ගේ අදායම් මට්ටම ඉහළ යෑම මත මෙම වටිනාකම වසරින් වසර වැඩිවේ. අධ්‍යාපනික වටිනාකම සහ හුදු පැවැත්ම සඳහා ඇති වටිනාකම සිංහරාජය යනු පර්යේෂකයන්ට සජීවී විද්‍යාගාරයක් වේ. එබැවින් දේශීය හා විදේශීය විද්‍යාර්ථින්, පර්යේෂකයන් විශාල පිරිසක් සිංහරාජයට ගොස් නොයෙකුත් පර්යේෂණවල යෙදෙති. එම පර්යේෂණ ගැන නිශ්චිත තොරතුරු නොමැති බැවින් එම වටිනාකම මේ ගණනයට ඇතුළත් කර නැත. මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම පිළිබඳ අධ්‍යනය කර තිබේ. ඇය 1996 දී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක ජනතාවගේ අදහස් ලබා ගෙන කළ ගණනයන්ට අනුව දේශීය ජනතාව සිංහරාජයේ අධ්‍යාපන වටිනාකම සඳහා ලබා දෙන ආර්ථික වටිනාකම වසරකට රුපියල් මිලියන 174කි. සිංහරාජයට යෑමට අපේක්ෂාවක් නොමැති පුද්ගලයෙකු වුවද සිංහරාජය විනාශ නොවී පවතිනවාට කැමැත්තක් දක්වයි. ඒ තුළින් ඔවුන් සතුටක් ලබයි. ''ඔවුන් ලබන සතුට අපි ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගණනය කළා. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා ඇති ආර්ථික වටිනාකම 2020 සඳහා රුපියල් මිලියන 586ක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන විස්තර කළාය. ඉහත දක්වා තිබෙන්නේ ලාංකික ජනයා ලබා දෙන වටිනාකම වේ. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා විදේශිකයන් ලබා දෙන වටිනාකම් ද ඇතුළත් කර ඉහත ගණනය සිදු කළ හොත් ලැබෙන අගය තවත් ඉහළ යයි. මේ ගැනත් කියවන්න:
"සිදුහත් කුමාරයාගේ චරිතය මාර්ටින් වික්‍රමසිංහයන් 'බව තරණය' ලෙස එළිදක්වනවා. ඒ වගේ ම නීති ශිෂ්‍යයෙක් ලියපු තවත් පොතක සිදුහත් කුමාරයා 'දඩබ්බරයා' ලෙස හඳුන්වා තිබෙනවා... මේ සෑම පොතක ම ආශ්චර්යවත් සිදුහත් කුමාරයෙක් ගැන වෙනුවට බොහොම සාමාන්‍ය කුමාරයෙක් ගැන කියවෙන්නේ."
"සමහරුන්ට මේ දෙයින් සිත් රිදීමක් ඇති වෙන්න පුළුවන්. නමුත්, ඊට එහා ගිය වෛරයක් නැත්නම් භීෂණයක් ආගම ගැන ඇති වෙන්න අවශ්‍යයි 'ICCPR' පනත ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීම් සිදු කරන්න." "මිනිස් අයිතිවාසිකම් ගැන අපි සාපේක්ෂව බලන්න ඕනේ. ඕනෑ ම පුද්ගලයෙකුට තිබෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය," ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. මොකක්ද මේ 'ICCPR' පනත? 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR), සිවිල් යුද සමයේ මෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක් වූ පනතකි. මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ, "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි," යනුවෙනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ. තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ, යුද්ධ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. 2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ. 1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශවයක් ලෙස එක් විණි. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනීක් ලබා දීම සිදු විය. මින් පෙර, ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා නොදුන් ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සරිලන නීති සම්පාදනය කිරීම සඳහා රජයට මතු වූ අවශ්‍යතාව ICCPR පනතේ ආරම්භය ලෙස දැක්විය හැකිය. ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැනුණු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබා දීම මෙන් ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙන් සිදු විය. මෙම පනතෙන් ජනතාව පීඩනයට පත් කළ හැකි ද? පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි. දෙදරු පියෙකු වන ශක්තික සත්කුමාර ඔහු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඒ අතර, රහීම් මසාහිනා ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විණි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අදාළ පනත 'ජනතාව මර්දනය' කිරීම සඳහා ක්‍රියාත්මක වන්නක් ලෙස හඳුන්වා තිබිණි. එමෙන් ම, අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද මෙම පනතෙන් ලැබෙන බවට සමහරු මත පළ කර තිබිණි. පනතේ 3 (1) වගන්තියේ අන්තර්ගතය බොහෝ විට මෙම මතවාදවලට තුඩු දිණි. ඉහත සඳහන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේ ද මෙම වගන්තිය යටතේ සැපයෙන නීති අර්ථකථනය කිරීමෙන්ය. 3 (1) වගන්තිය අනුව, "කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය." එමෙන් ම, 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය," යනුවෙන් සඳහන් වී තිබේ. ඒ අනුව, 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදු කළ තැනැත්තෙකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි. ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ. "මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයෙකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්" "මේ වගන්තියට පුළුල් සහ පටු අර්ථ විවරණ දෙකක් දෙන්න පුළුවන්. එසේ අර්ථ විවරණය කරන කොට පනතේ තිබෙන අනෙක් දේ සමග කියවා බැලීම අවශ්‍යයි," ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය. "මෙහි පළමු වගන්තියේ තිබෙන්නේ 'යුද්ධය පැතිරවීම'. නමුත් ඉන් පසු සඳහන් වෙන එදිරිවාදිකම් සහ වෛරය ඇති කිරීම යන දේවල් ද අර යුද්ධයක් ඇති කිරීමේ මට්ටමට ළඟා වන තරමේ ක්‍රියාකාරකම් වෙන්න ඕනේ." "උදාහරණයකට, මම කිව්වොත් මගේ බුදු දහම තමයි ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම ධර්මය කියලා, පනත අනුව ඒකත් වරදක් විදියට යම් කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් එය 'වෛරය පැතිරවීම' මට්ටමට ළඟා වෙන්නේ නැහැ," ඔහු පැවසුවේය. පනත පුළුල් ලෙස විග්‍රහ කළ විට එහි අරමුණ අයිතීන් මර්දනය කිරීම නොව අයිතීන් වඩාත් තහවුරු කිරීම යැයි නීතිඥවරයා තවදුරටත් පැවසීය. රහීම් මසාහිනාගේ ඇඳුමේ තිබූ රූපයක් නිසා අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දැක්වූ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ, "බෞද්ධයෙක් වශයෙනුත් මම මේ සිද්ධිය දැඩි කනගාටුවෙන් හෙළා දකිනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මුලින් ම, මේ ඇඳුමේ තිබෙන්නේ ධර්ම චක්‍රයක් නෙමෙයි, පැහැදිලිව පෙනෙනවා ඒක නැවක සුක්කානම කියලා," යනුවෙනි. හිටපු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ බුදු රුවක් තබා ගෙන සිටින අතර, මාධ්‍ය සාකච්ඡාවකදී එය පෙන්වා සිටියේය "මම දැක්කා බෞද්ධ කොඩිය මහපු කමිස වෙළෙඳපොළෙහි විකුණන්න තිබෙනවා. කොඩිය වෙනුවට ධර්ම චක්‍රය දැම්මා නම් ඒකත් වැරද්දක් වෙන්න ඕනේ. නමුත්, කාන්තාව මුස්ලිම් වීම මත අත්අඩංගුවට අරගෙන රඳවා ගත්තා. මිනිස්සු ධර්ම චක්‍රය කමිසවල වගේ ම පළඳනාවක් විදියටත් භාවිත කරනවා. එහෙම බැලුවොත් ඒ සියලු දෙනා වගේ ම ඒවා විකුණන අයත් වැරදිකාරයෝ වෙන්න ඕනේ." 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතට අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසා ඇත්තේ පුද්ගල අයිතීන් සුරැකීම සඳහා හඳුන්වා දුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සිවිල් නිදහස සීමා කිරීමට යොදාගෙන ඇති බවය. ශක්තික අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස සීමා කිරීමක් වන අතර, රහීම් මසාහිනාගේ සිද්ධිය පනතේ කරුණු අනිසි ලෙස යෙදවීමක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. මේ තොරතුරුද කියවන්න: 'ICCPR' ක්‍රියාත්මක වූ විශේෂ අවස්ථා මොනවා ද? 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය. හදිසි නීති මෙන් ම මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස වරින් වර ඇති වූ යුද්ධමය තත්ත්වයන් සහ කලහකාරී සිදු වීම් යටතේ අත්අඩංගුවට පත් වී තිබේ. කෙසේ වෙතත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතින් විවිධ ආකාරයේ අයිතිවාසිකම් ආවරණය කර ඇති අතර, 4(1) වගන්තියෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ අයිතිවාසිකම් ගැන පවා සඳහන් කර තිබේ. නයෝමි කෝල්මන් නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි. "කොහොම වුණත්, මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයෙකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්," යැයි ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය. 3(1) වගන්තිය යටතේ නඩු පැවරූ විට මහාධිකරණයෙන් ඇප ඉල්ලීමේදී 'විශේෂ කරුණු' ඉදිරිපත් කළ යුතුය. නමුත්, එම විශේෂ කරුණු මොනවා ද යන්න නීතිය තුළ අර්ථ නිරූපණය කර නොමැත. මේ අනුව, නඩුවලදී විනිසුරුවරුන්ට අතිවිශේෂ කරුණු යන්න විග්‍රහ කිරීමට පුළුල් නිදහසක් හිමි වේ. මූලික අයිතිවාසිකම් යටතේ නඩු ශක්තික සත්කුමාර මෙන් ම ෆාතිමා නුශ්රා සාරූක් ද මේ වන විට සිය මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. 1978 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ද පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් ගැන දක්වා තිබේ: "ශ්‍රී ලංකා වාසී ජනතාවගේ මතු පරම්පරාවල ද ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නා වූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝක වාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ෂණීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…" ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ එමෙන් ම, ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ: "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප‍්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ. එමෙන් ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑ ම ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද හිමි වේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයෙකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑ ම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ. කෙසේ නමුත්, මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ද සුරැකෙන ආකාරයෙනි. පුද්ගල අයිතිවාසිකම් සීමාව ඉක්මවා භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ පනත් සහ නීතිවලින් නොයෙකුත් සීමා පනවා තිබේ. තවත් තොරතුරු:
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි.
2011 නත්තල් දින කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ, සැකකරු සිටින ස්ථානය සොයා බැලීම පිණිස විමර්ශන කණ්ඩායමක් දැනටමත් යවා තිබෙන බවද සඳහන් කළේය. කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගය ඊයේ කැඳ වූ අවස්ථාවේ සැකකාර සභාපතිවරයා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ. සිය සේවාදායකයා අසනීපයෙන් පසු වන බව සම්පත් විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දුන් නමුත්, ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. සැකකරු ගාල්ල රෝහලට ඇතුලත් කොට ඇතැයි නීතිවේදියා පැවසූ බවත් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේය. කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට දින දෙකකට ඉහත දී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි, හේමාස් රෝහලේ බලධාරීන් පවසන්නේ.
"මේ වගේ පිරිත් පිංකමකට පන්සලට ආපු පළමු වතාව. මගේ මහත්තයා තමයි අද පළමු පිරිකරේ පූජා කළෙත්. ඒ වගේම පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාව සිහිකරලා පන්දමක් දල්වන්න මටත් හැකිවුණා," පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ගුරුවරියක වන ෆාතිමා නුස්රත් පැවසුවාය.
ඇය සිය පවුලේ අය සමග කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණ සිටියාය. අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව තුන් මසක් සපිරෙන ඊයේ දින (ජූලි 21) රටපුරා විවිධ ආගමික වතාවත් සංවිධාන කර තිබිණි. කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ද ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ආගමික වතාවත් පැවැත්විණි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය බහුතරය කතෝලිකයන් වුවත් එහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු අතර එහි පැමිණ සිටි පිරිස සර්ව රාත්‍රික පිරිත් සහ දානමය පිංකමක ද යෙදුණහ. පිරිත් පිංකම ආරම්භ කිරීමට පෙර පාස්කු දින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකර පන්දම් දල්වනු දක්නට ලැබිණි. මේ සදහා සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්වී සිටීම විශේෂත්වයකි. "අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්" "සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්ව සිටියා" "අපේ ආගමේ කියලා තියනවා පිරිමි ගැවසෙන ස්ථානවල කාන්තාවන් ඉන්න හොඳ නැහැ කියලා. ඒ නිසයි අපි විශේෂ අවස්ථාවක හැර අපේ පල්ලියට නොයන්නේ . නමුත් අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි . නීතියට වඩා ජාතික සමගිය වැදගත් වෙනවා. "මේ පුද බිමේ අද සියලු ආගමිකයන් එකතු වෙලා ඉන්නවා . අපි ජාතික සමගිය, ජාතින් අතර සුහදතාව වර්ධනය කරන ඕනෑම වැඩකට එකතු වෙන්න දෙවරක් හිතන්නේ නැහැ. මගේ මහත්තයා පිරිකර පූජා කරන්න පෙර එය අරගෙන ජනතාව අතරට ගියාම මට ලොකු සතුටක් දැනුනා .මම හිතනවා ඒ අයටත් ඒ සතුට දැනෙන්න ඇති කියලා" යැයි ෆාතිමා නුස්රත් පැවසුවාය. පසුව ඇය වඩාත් බැරෑරුම් හඬකින් පැවසුවේ, "සමහර විට අපේ අය කීප දෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මට විශ්වාසයි ඒ කීප දෙනත් වැඩි කල් නොගොස් අපිට එකතු වෙනවා කියලා. මොකද අපිට දැන් අවශ්‍ය ජාතික සමගියයි," යනුවෙනි. "අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි" - ගුරුවරියක වන ෆාතිමා නස්රත් කල්පිටියේ බහුතරය ආර්යන්ගේ එකමුතුවේ කැදවුම්කරු සහ කල්පිටිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරස්ථානාධිපති බැඳිවැව දියසේන හිමියන් මෙම ආගමික වතාවත් සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබිණි. මේ සඳහා කල්පිටියේ පදිංචිකරුවන් බහුතරයක් සහය දුන් බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. "කල්පිටියේ බහුතරයක් ඉන්නේ කතෝලික හා මුස්ලිම් ආගමික බැතිමතුන්. මම අවුරුදු දහයක් මේ ප්‍රදේශයේ ජිවත් වෙනවා. මේ දෙපාර්ශවය එක්කම කටයුතු කර තිබෙනවා." "අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ." "මම අද මේ වැඩපිළිවෙළ සංවිධානය කළෙත් මේ හැමෝම එකතු කරන්නයි. මොකද මේ වසරේ පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයෙන් බලන්න ගත්තා .මේ තත්ත්වය රටකට අහිතකරයි .ගැටලුවක් ඇත්නම් කතාකර විසදාගත යුතුයි," පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ. "මේ අවුරුද්දේ පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලිය ඉලක්ක කරගෙන. නමුත් මිට වසර ගණනාවකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ මුළු රටම ඉලක්ක කර ගෙනයි. " "අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ." "මේ ප්‍රහාර දෙකේම මහා මොළකරුවන් ඉන්නේ පිටරටවල . එදා අපි ජපන්නු එක්ක ජන්මාන්තර වෛරයක් ඇතිකරගත්තේ නැහැ. නමුත් මේ පාර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අපේ ඇතැම් ජනතාව මුස්ලිම් ජනතාව එක්ක ජන්මාන්තර වෛරයක් ඇති කර ගත්තා . මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගත්තා." "ඔවුන්ගේ ඇදුම් පැළදුම්වලට තහනම් නියෝග දාන්න කිව්වා. මුස්ලිම් විරෝධී රැල්ලක් ක්‍රියාත්මක වුණා. අපි මේ උත්සාහ කරන්නේ මේ රැල්ල ඉදිරියට එන්න නොදී පසු පසට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එකයි. මේ සිදු කළේ පුංචි දෙයක් . නමුත් මෙවැනි පුංචි දේ කිරීම තුළ විශාල වෙනසක් සිදුවෙනවා," යැයි පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් තවදුරටත් පැවසූහ. තෙමස සපිරෙන දා කාදිනල් හිමි ප්‍රකාශය මේ අතර ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඊයේ යළි විවෘත කෙරුණි. "මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි" - කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේය. මෙහි දී සිය අදහස් ප්‍රකාශ කරමින් කාදිනල් හිමියන් පැවසුවේ, "මේ ප්‍රහාරය නොමග ගිය තරුණයන් පිරිසක් අල්ලාගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහන්න, මේ රට අස්ථාවර කරන්න, ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගන්න, කෝලාහලක් ඇතිකරන්න සිදු කළ ප්‍රහාරයක්," යනුවෙනි. මියගිය අයගේ නම් කොටා ඇති පුවරුවක් පල්ලිය ඉදිරියේ ස්ථාපිත කර තිබේ "මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ අය වැඩ කරන්න ඕනේ. විදේශීය බලවේගවලට මේ රටට අත පොවන්න දෙන්න බැහැ.. මේ භූමියේ සශ්‍රීකභාවය ශක්‌තිමත් කරන්න නායකයෝ අපිට උදව් කරන්න ඕනේ," උන්වහන්සේ තවදුරටත් පැවසූහ. බලධාරීන් සිය වගකීම ඉටු කළ ආකාරය ගැන ද උන්වහන්සේ සිය දේශනය තුළදී වැඩි දුරටත් අදහස් පළ කළේය. "ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් තිබුණේ නැහැ. මේ ලැබුණු ඔත්තු මඟ හැරලා අත හැරලා දැම්මා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ." "ඔබ හොඳට ඇවිදගෙන ගිහින් හොඳට ජීවත් වෙච්ච අය දැන් මේ රෝද පුටුවකට, ඇඳකට සීමා වෙලා තියෙන්නේ හිතුවක්කාර, දඩබ්බර, කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා, දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියන්න." යැයි ද උන්වහන්සේ කියා සිටියේය. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගී වූහ මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව ක්‍රියා කළ ආකාරය ගැන පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ද සිය ප්‍රසාදය පළ කළහ. කාදිනල් හිමිපාණන්ගේ නායකත්වය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ තවත් එක් අවස්ථාවක් බව ද පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ. "අද ලංකාව ලෝකය ඉදිරියේ මේ තත්වයෙන් ඉන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියා කළාපය නිසයි . එක වචනයකින් මුළු රට ගිනි තියන්න තිබුණා .නමුත් එතුමා සෑම විටම කිව්වේ මේ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ කියලයි. ඒ ප්‍රකාශය තුළ ලෝකය ඉදිරියේ උසස් ජනතාවක් වුනේ කතෝලිකයන් පමණක් නොවෙයි සමස්ත ජාතියයි." ප්‍රහාරයෙන් තෙමසකට පසු යළි විවෘත කළ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මේ තොරතුරුද කියවන්න: අමිහිරි අත්දැකීම කල්පිටියේ පැවති ආගමික වතාවත්වලට එක්වූ බ්‍රහ්ම ශ්‍රී සෝමසුන්දරම් ත්‍යාගරජා කුරුක්කල්තුමා පැවසුවේ තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාව රටේ කොතැනක සිටියත් "කොටි " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බවය. "එදා අපි යාපනේ හිටියත්, කොළඹ හිටියත්, වතුකරේ හිටියත් කොටි ඒ කියන්නේ එල් ටී යීලේබලය ඇලෙව්වා . අද මුස්ලිම් ජනතාවටත් තියෙන්නේ ඒ වගේ තත්වයක් තමයි. එහෙම තත්වයක් තුළ මෙවැනි කටයුතු ඇත්තටම අගය කළ යුතුයි." සර්ව රාත්‍රික පිරිත් පිංකමක "දේශපාලනඥයන් සහ මාධ්‍ය" දේශපාලකයන් විසින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාව පොළඹවනු ලැබීම හේතුවෙන් රටේ ජනවාර්ගික සහ ආගමික ගැටලු නිර්මාණය වූ බව සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසුවාය. ඇය සිය දරු දෙදෙනාද සමග පිරිත් පිංකම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මේ විහාරස්ථානයට පැමිණ සිටියාය. "අද බලන්න රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන දේශපාලකයන් ඉන්නවද කියලා .ඒ වගේම තමයි මාධ්‍යයත්. එකක් එක්කෙනෙකුට කඩේ යද්දී ,තව එකක් තව කෙනෙකුට කඩේ යනවා ." සුලෙයිමාන් ෆවුසුල් රමිෂා "දේශපාලකයා, මාධ්‍යය මේ දෙක නිවැරදි පාරට අවොත් අන්න එදාට මේ ප්‍රශ්ණ ඉවරයි. නමුත් අපිට බලන්න ඉන්න බැහැ. අඳුරට රජ කරන්න දෙන්න බැහැ. අපි අද කළේ එක ඉටිපන්දමක් හරි දල්වන එක තමයි . එය මේ අඳුර මකන්න මදි වෙන්න පුළුවන් නමුත් අපි උත්සාහයක් ගන්නවා" යැයි සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසීය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඇති දැඩි සත්කාර ඒකක මේ වනවිට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 600 -700 අතර අගයක පවතී. කොවිඩ් රෝගීන් මෙන්ම වෙනත් රෝගීහු ද එම දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති. දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාවනැල්ල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සහෝදරයෙකු මිය යෑමේ සිදුවීමක් අප්‍රේල් 25 දින වාර්තා විය. කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් එකසිය තිස්ගනණක් වෙන්කර ඇති අතර දැනට පවතින අඩුපාඩු සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියාය. මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් පැතිරී යන කොරෝනා වෛරසය එංගලන්තයේ දක්නට ලැබෙන B 1 7 ප්‍රභේදය බවට පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. කොරෝනා වෛරසයේ සාමාන්‍ය ප්‍රභේදයට වඩා එමගින් මරණ සිදුවීම 55% දක්වා ඉහළ අගයක පවතී. එමෙන්ම කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින "X-PRESS PEARL" නෞකාව නාවික සැතපුම් 50ක් පමණ දියඹට ඇදගෙන යෑම වඩාත් යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යෝජනා කර තිබෙනවා.
ගිනි ගැනීම් සහ පිපිරීම් නිසා නැවේ තිබූ බහාලුම් 10ක් පමණ මුහුදට වැටී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය. නෞකාවේ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් තිබේ. වරාය අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන මේ පිළිබඳව ක්‍රියා කරමින් සිටී.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අඟහරුවාදා (සැප්තැම්බර් 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සමගි ජන බලවේගය ඊට දැඩි විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ "අද දිනය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දිනයක්" බවය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලු පටි පැළඳ, සභා ගැබ මැදට පැමිණ ''20 එපා'' කියද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද සභා ගැබ මැදට පැමිණ ''19 එපා'' කියමින් විරෝධය පළ කළහ. මේ ගැනත් කියවන්න:
මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වෑකන්ද ප්‍රදේශයේ වාමාංශික රැස්වීමකි.
ගාලුමුවදොර පැවති වාමාංශික රැළියක් එවක වාමාංශික දේශපාලන වේදිකාවේ ඉතා ජනප්‍රිය කථිකයකුව සිටි එච්.ජී.එස්.රත්නවීර එම රැළිය අමතා කතා කරමින් සිටී. කථිකයා විස්තර කරමින් සිටින්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කරනු ලැබීම මගින් අනාගතයේ ඇතිවිය හැකි අනතුර පිළිබඳවය. සිංහල සහ දමිළ භාෂා දෙකම රාජ්‍යභාෂා බවට පත්කළ යුතුය යන්න ඔහුගේ ස්ථාවරය විණි.. එම රැස්වීම පෙරට යමින් තිබෙන අතරවාරයේ කථිකයාගේ අදහස් අනුමත නොකරන "සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය" යන මතයේ සිටින තැනැත්තෙක් හදිසියේම වේදිකාව අසලට පැමිණ දිගින් දිගටම ඔහුට බාධා කරයි. එම ක්‍රියාව දෙස මඳ වේලාවක් බලා සිටි ශ්‍රී ලාංකික මැලේ කාන්තාවක් වහා ඉදිරිපත්ව එම බාධාකරන්නා අල්ලා මෙල්ලකොට නෙරපා හරින්නීය. රැස්වීමට සවන් දෙමින් සිටි ජනතාව "මයිමූන්සහෝදරියට ජයවේවා!"යි(Maimoon) හඬ නගති. එහෙත් ස්වල්ප වේලාවකින් සිය සහායක කණ්ඩායමක් ද කැටුව එහි ළඟා වූ ඉහත කී පුද්ගලයා රැස්වීමේ සිටි පිරිසට පහර දී එය කඩාකප්පල් කරයි. එම ගැටුම "මයිමූන්සහෝදරිය" ලෙස ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ හඳුන්වන ලද කම්කරු කාන්තාවගේ සටන්කාමිත්වය ප්‍රදර්ශනය කෙරුණු එක් අවස්ථාවක් බව ඉහත කී රැස්වීමේදී ඇය ක්‍රියාකරන ලද ආකාරය ගැන මතක සටහනක් තැබූ එවක වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කළේය. වෘත්තීය සමිති ක්‍රියාධාරිනියන් දෙදෙනෙක් පෙළපාලියක.චිත්‍රානි පෙරේරා (වමේ) සහ මේ(May) වික්‍රමසිංහ කාන්තාවන් දේශපාලන වේදිකාවල කතා පැවැත්වීම පමණක් නොව අඩුතරමින් එවැනි වේදිකාවක හිඳ ගැනීම පවා බෙහෙවින් දුර්ලභ කාලයක 'මුස්ලිම් කාන්තාවක්' වූ ඇය ඉහත කී පරිදි දේශපාලන රැස්වීමක කථිකයන් ආරක්ෂා කිරීම සඳහා සටන්කාමීව ඉදිරිපත්වීම ඉතාම දුර්ලභ දසුනක් විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි සිංහල නොවන වෙනත් ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් කාන්තාවන් අතරින් කම්කරු හෝ වෙනත් දේශපාලන සටන්වලට හවුල් වී ඇති සංඛ්‍යාව ස්වල්පයකි. විසිවෙනි සියවසේ තුන්වෙනි දශකයේ (1930) පටන් වාමාංශික දේශපාලනයට සහ කම්කරු සටන්වලට සම්බන්ධ වූ 'මයිමූන්' එවැනි සටන්කාමී අතලොස්සක් කාන්තාවන් අතර එක් චරිතයකි. 'මයිමූන්' දේශපාලනමය වශයෙන් නැගී සිටියේ දහනව වැනි සියවසේ අගභාගයේ පටන් පුබුදුවෙමින් පැවති මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරය මගින් සකස් කරන ලද සමාජ චින්තනයේ ආභාෂයෙනි. හෙන්ඩර්සන්ස් (Hendersons) සමාගමේ කම්කරු කාන්තාවක් වූ ඇය, කොම්පඤ්ඤ වීදිය,වෑකන්ද ප්‍රදේශයේ මැලේ ප්‍රජාව අතරින් බිහි වූ සටන්කාමී කාන්තාවක් වූ අතර, දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ පටන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වෘත්තීය සමිති සහ දේශපාලන අරගලයන්හි නිරත වූවාය. ජීවිත අරගලයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඔරාබි පාෂා සහ සිද්දි ලෙබ්බේ දහනව වැනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ සිදුවීම් කිහිපයක් එවක ලංකාවේ (Ceylon) ජීවත් වූ 'මුසල්මාන්' ප්‍රජාව අතර එක්තරා දේශපාලන ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවිය. එයින් පළමුවැන්න ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලද ඔරාබි පාෂාගේ (1839 -1911) සම්ප්‍රාප්තියයි. ඊජිප්තු යුද හමුදාවේ කර්නල්වරයකු වූ 'අහ්මඩ් ඔරාබි පාෂා' එම හමුදාවේ ඉහළ පදවි තුර්කි ජාතික ඒකාධිකාරියක් වීමට එරෙහිව කැරලිගැසීම සහ 'ජාතිකවාදී සංවිධානයක්' ගොඩනැගීම ඔහු එරටින් පිටුවහල් කිරීමට හේතු වී ඇත. පළමුව, යුද හමුදා අධිකරණයක් මගින් ඔහු මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබුවද අනතුරුව එහි වෙනසක් සිදුකරමින් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබිණි. ඔරාබි පාෂා 1883 දී ලංකාවට ළඟාවූ අතර, 1901 දී ආපසු සියරට බලා යනතෙක් කොළඹ සහ මහනුවර නගරවල ජීවත් විය. කොළඹ සහිරා විද්‍යාලය එම කාලය ඇතුළත ඔහු කොළඹ සහ මහනුවර ජීවත්වී ඇති අතර ලංකාවේ සිටිය දී මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් සිය අවධානය යොමුකර ඇත. මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කොට ඇති කොළඹ සහිරා විද්‍යාලය (1892) එම දිරිගැන්වීමේ එක් ප්‍රතිපලයක් වේ. සහිරා විදුහල ඉතිහාසගත වී තිබෙන්නේ දහනව වෙනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ දී ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳ මතවාදය දැල්වූ නායකයකු ලෙස සැලකෙන 'සිද්දි ලෙබ්බේ' (මොහොමඩ් කාසිම් සිද්දි ලෙබ්බේ) සහ ඔරාබි පාෂාගේ ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙනි. මෙයින් වසර 127 ට පෙර 1897 දී සහිරා විද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවයට පවා ඔරාබි පාෂා සහභාගී වී ඇත. එම වකවානුවේ සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් ඔරාබි පාෂා නමින් කොළඹ නගරයේ මාවතක් ද නම්කරනු ලැබ ඇත. සිංහල බෞද්ධ සහ දමිළ හින්දු නායකයන් මෙන්ම ඉහත කී මුස්ලිම් නායකයන් ස්වීය වූ බුද්ධිමය ප්‍රබෝධයක අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ තිබෙන්නේ යටත්විජිත ලංකාවේ කිතුනු පාලන බලය, තමන්ගේ ආගමික සම්ප්‍රදායයන් ආක්‍රමණය කරන්නේය යන තේරුමෙනි. ජාතික නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන් අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ, ආරුමුග නවලර් සහ පොන්නම්බලම් සහෝදරයන්ගේ හින්දු පුනර්ජීවන මෙන්ම සිද්දි ලෙබ්බේ සහ ඔරාබි පාෂා විසින් නායකත්වය දෙන ලද මුස්ලිම් බුද්ධිමය ව්‍යාපාරය පසුකාලීන ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයට සරුපස සකස් කරන ලදැයි ආචාර්ය කුමාරි ජයවර්ධන තක්සේරු කරන්නීය. (ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම - කුමාරි ජයවර්ධන) එහෙත් අධ්‍යාපන වරප්‍රසාදය සහිත පිරිමි දරුවන් කෙසේවෙතත්, මෑතක් වනතෙක් කාන්තාවන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් ඈත්කර තැබූ පරිසරයක, විධිමත් අධ්‍යාපන පසුබිමක් නොමැති 'මයිමූන්' වැනි මුස්ලිම් කාන්තාවක් වෘත්තීය සමිති සහ දේශපාලන කටයුතුවලට සක්‍රීය ලෙස මැදිහත්වීම ඇතැමුන් තුළ ඇති කරනු ලැබ තිබෙන්නේ එක්තරා කුතූහලයකි. 'මයිමූන්' වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක මෙන්ම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක් ද වූවාය. 1940 දශකයේ පටන් දේශපාලන කටයුතුවල නිරතවෙමින් සිටි මයිමූන්, 1956 බණ්ඩාරනායක රජය විසින් සිංහල රාජ්‍යභාෂා පනත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන ලද "භාෂාද්වයට සමතැන් දීමේ" පිළිවෙත වෙනුවෙන් සටන් වැදුණාය. "එක භාෂාවක් රටවල් දෙකක්- භාෂා දෙකක් එක රටක්"යන වාමාංශික සටන්පාඨය වෙනුවෙන් පෙනී සිටි 'මයිමූන්' එම මතවාදයට එරෙහි කණ්ඩායම් සමඟ ශාරීරික වශයෙන් ගැටෙමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පවා එඩිතර විනැයි ලංකාවේ වාමාංශික සහ කම්කරු සටන් ඉතිහාසය පිළිබඳව ලියන ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කරයි. 'මයිමූන්' එම අවධියේ වෙනත් කම්කරු සටන්වලට සහභාගී වෙමින් සහ ඒවාට නායකත්වය දෙමින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය. දේශපාලන කැපවීම විශේෂයෙන්ම පාර්ලිමේන්තු සහ කොළඹ නගරසභා මැතිවරණවලදී 'මයිමූන්' වාමාංශික දේශපාලනඥයන් වෙනුවෙන් පාරට බැස ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරතවූවාය. එපමණක් නොව, මයිමූන්ගේ දේශපාලන ජීවිතය අගය කරන්නන් සිහිපත් කරන ඇය සතුවූ සුවිශේෂී කුසලතාවක් වන්නේ, දේශපාලන වේදිකාවලට නැග සිංහල සහ දමිළ භාෂාවෙන් ඇය ව්‍යක්ත ලෙස මහජනතාව ආමන්ත්‍රණය කළ අපූරු වාග් විලාශයය. 'මයිමූන්' අභීත සහ වේගවත් කථිකත්වයක් සහිත කාන්තාවක්(A daring and dynamic speaker) ලෙස ද අගය කරනු ලැබ ඇත. 'මයිමූන්' ඉහළ පාසල් අධ්‍යාපනයක් ලැබ නැතත්, ආකර්ෂණීය වාග්මාලාවක් භාවිත කරමින්,මහජනයා බැඳ තබා ගනිමින් අදහස් දැක්වූ වේගවත් චතුර කතා ශෛලියක් සහිත කාන්තාවක් විනැයි" ඇයට සවන් දුන් වාමාංශික නායකයෝ පවසති. යුද්ධය නිමවීමෙන් අනතුරුව කොළඹ නගරය ආශ්‍රිතව දියත් කෙරුණු වැඩවර්ජනවලදී පුරෝගාමී කාන්තා චරිත දෙකක් සෙසු කාන්තාවන් අභිබවා පෙරට පැමිණ ඇත. ඉන් එක් කාන්තාවක් 'පොන්සිනාහාමි' වන අතර දෙවැන්නිය 'මයිමූන්'ය. 'මයිමූන්' ඇය රැකියාව කළ කර්මාන්තශාලාව තුළ සහ කොළඹ නගරයේ වැඩ කරන ජනතාව කෙරෙහි පමණක් නොව 'වෑකන්ද' ප්‍රදේශයේ සිය ප්‍රජාව කෙරෙහිත් විශාල දේශපාලන බලපෑමක් සහිත චරිතයක් ද වූවාය. 'පොන්සිනාහාමි'සහ 'මයිමූන්' යන දෙදෙනාගේම තවත් විශේෂත්වයක් වී තිබෙන්නේ, ඔවුන් මාක්ස්වාදී දේශපාලන පන්තිවලට සහභාගී වෙමින් සිය දේශපාලන දැනුම වර්ධනය කර ගැනීමට යොමුවීම යයි ආචාර්ය කුමාරි ජයවර්ධන පවසයි. 'මයිමූන්'ගේ දේශපාලන සහභාගිත්වය කරුණු දෙකක් නිසා සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජයට නව පණිවුඩයක් විය. එක් අතකින් ඇය පෙරට එන්නේ පොදුවේ කාන්තා දේශපාලන සහභාගිත්වය අවම සමාජ පරිසරයක් තුළය. දෙවනුව, ඇය කාන්තාවන්ගේ සමාජමය සහභාගිත්වය සීමා කරනු ලබන තමා අයත් මුස්ලිම් සමාජයේ දෘෂ්ටිමය පසුබිමට අභියෝගයක් වූවාය. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දොළොස් දෙනා අතර අඩුතරමින් එක් මුස්ලිම් කාන්තාවක්වත් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තා සහභාගිත්වය තවමත් පවතින්නේ ඉතාම පහළ මට්ටමකය. නිදහසින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙක් (ෆේරියල් අෂ්රෆ් සහ අන්ජාන් උම්මා) පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දොළොස් දෙනා අතර එක් මුස්ලිම් කාන්තාවක හෝ නැත. කියවන්න;
අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව නිදහස් කල එල්ටීටීඊ සැකකරුවකු නැවත ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි.
දැනට රිමාන්ඩ් භාරයේ පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචි රාගවන් සුරේෂ් නමැති සැකකරුවා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේ. පෙත්සම්කරු පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේදී තමා අත් අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කල බවයි. පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එක් වසරක කාලයක් පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව තමා නිදහස් කෙරුණු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව ත්‍රස්ත මර්ධන කාර්යාංශය 2011 වසරේදී තමා නැවත අත් අඩංගුවට ගත් බව පවසන පෙත්සම්කරු, එසේ අත් අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට පොලීසිය අසමත් වූ බවට ද චෝදනා කළේය. දැනට නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ පසුවන තමා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විභාග කාල වකවානුව මානසික ආතතිය අධිකව ඉස්මතු කරවන යුගයකි. මෙම පීඩනය විශේෂයෙන් ම නැඟෙනහිර ආසියාවේ ප්‍රබල ව දක්නට ලැබෙන්නකි.
වාසනාව ගෙනෙන බළල්ලු සංස්කෘතික විවිධත්වයනට අනුව මේ විභාග පීඩනය ජය ගැනීම සඳහා විවිධ විශ්වාස හා ඇදහිලි අනුව ක්‍රියා කරන්නට විභාගයට මුහුණ දෙන සිසුවෝ පෙළැඹෙති. වාසනාව ගෙන දෙන ගීතයක් ගායනා කිරීම, විශේෂ අහරක් අනුභව කිරීම හෝ වාසනාවන්ත ඇඳුමක් ඇඳීම මේවා අතර වෙයි. මේ විභාග උමතුවෙන් කටයුතු කරන ආසියාවේ ඇතැම් සිසුන් තමන් මුහුණ දෙන විභාගවලින් ජය ලබනු පිණිස අනුගමනය කරන ඇතැම් ක්‍රමවේදවලින් පිලිබඳ සංක්ෂිප්ත සටහනකි මේ. 'කිට් කැට්' හි අරුත නිසැක ජය බවයි පැවසෙන්නේ 1.වාසනාව ගෙනෙන 'කිට් කැට්' විභාගයට පෙර දිනයේ හෝ විභාගය පැවැත්වෙන දිනයේ හෝ ජපාන සිසුන් පුරුදුව සිටින්නේ 'කට්සුදොන්' (Katsudon) නම් සාම්ප්‍රදායික ආහාරය අනුභවයට ය. එය සකසන ලද බිත්තරයකින් වසන ලද උණුසුම් බත් කෝප්පයකින් හා ගැඹුරු තෙලේ බදින ලද ඌරුමස් සහිත කට්ලටයකින් සමන්විත වේ. මෙම ආහාරය හැඳින්වෙන "katsu" යන නමේ අර්ථය වන්නේ 'ජයග්‍රහණය' යන්නයි. මේ සාම්ප්‍රදායික ආහාරය අනුභව කිරීම තුළින් තමන්ට වාසනාව ගෙන දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. 'කිට්කැට්' චොකලට් ද වාසනාව ගෙන දෙන තවත් අහරක් ලෙස ජපන් වැසියෝ අදහති. 'කිට්ටෝ කට්ටෝ' යනුවෙන් උච්ඡාරණය කෙරෙන 'කිට්කැට්' චොකලට්වල නම 'කිට්ටෝ කට්සු' යන යෙදුමට සමාන යැයි පැවසේ. 'කිට්ටෝ කට්සු' යන ජපන් යෙදුමේ තේරුම 'නිසැක ජය' යන්නයි. 'කිට්කැට්' අහරට ගැනීමෙන් වාසනාව උදා කරවන විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට මුහුණ දීමට හැකි යැයි විශ්වාස කෙරේ. හොංකොං සිසුවන්ට ජය ගෙන ඇපල් 2. දවසකට ඇපල් ගෙඩියක් විභාග කාල වකවානුවල විවිධ අයුරින් සැකසූ ඇපල් හා ඇපල් ඇතුළත් ආහාර හොංකොංහි සරසවිවල අලෙවි කෙරේ. 'ඇපල්වලට චීන බසින් පවසන්නේ 'පින්ග් ඹ් ' යනුවෙන්. ඒකෙ තේරුම තමයි ආරක්ෂාව යන්න. ඉන් කියැවෙන්නේ ඔබ ඉතා ආරක්ෂිතව විභාගය සමත් වන බව' යැයි චීනයේ නාන් ජිං පළාතේ වැසියකු වන චොන්ග් වෑන් පවසයි. විභාගයට පෙර නෑම අගුණද? 3.නෑමෙන් වළකින්න විභාගයට මුහුණදීම සඳහා කලබලයෙන් වැඩ කරන අයකුට දිය නෑම පිළිබඳ ඇතැම්විට අමතක වන්නට පුළුවන. එහෙත් ඔබ කොරියානු සිසුවෙක් හෝ සිසුවියකනම් නොනා සිටීම ඔබට ගැටලුවක් නොවන්නට පුළුවන. දකුණු කොරියාවේ බොහෝ සිසුන් සිතන්නේ විභාග සමයේ ඔබ ස්නානය කිරීමෙන් හිස සේදීමෙන් ඔබ තුළ වන දැනුම ද සම්පූර්ණයෙන් ම සේදී යන බවකි. 'අපේ පන්තියේ ළමයෙක් හිටියා. අනිත් දවස්වලට එයා බොහොම පිරිසුදුව ඉන්නවා. එයා විභාගෙ දවස්වලට නම් නාන්නෙ නෑ. විභාගෙ දවස්වල එයා අනුගමනය කරන මේ 'නො නාන ව්‍රතය' ගැන දන්න අය ඒ දවස්වලට නම් එයා ළඟට යන්නෙ නෑ.' යි මේ සිසුවා ගේ පන්තියේ ම සිටින තවත් සිසුවෙක් පවසයි. විභාගය 'කජු කනවා' වගේ වීමට නම්... 4. විභාග දිනවල පිස්සු නැටීම විභාගය ආසන්නවත්ම හොකොං සිසුවන් ගෙන් වැඩි දෙනකු ගේ කාලය ගෙවෙන්නේ සමාජ ශාලා, යම් කුඩා කණ්ඩායම් ලෙස එක්ව කාලය ගත කරමින් හෝ පොදු නිවාසවල එක් රැස් වෙමින් නානා ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමිනි. මේ එක් රැස්වීම්වල අරමුණ වන්නේ 'සුපිරි සාමාර්ථයක්' හෙවත් "superpass" ලබා ගැනීම ය. නොඑසේනම් විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගෙන සමත් වීම ය. ඒ සඳහා අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික "superpass" ක්‍රියාකාරකම් ගණනාවකි. "superpass" ක්‍රියාකාරකම්හි පළමු වැන්න වන්නේ චීන අවන්හලක ගන්නා රාත්‍රී ආහාර වේල ය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ඌරු මස් කුට්ටි සමඟ කජු අනුභව කිරීම විශේෂත්වයකි. 'කජු' සඳහා යෙදෙන චීන වදන 'සමත් වීම සඳහා වන කැමැත්ත" යන්නට සමාන වේ. 'ඌරු මස් කුට්ටි' යන්නට යෙදෙන චීන වචනය සමාන වන්නේ 'විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට ඇති අපේක්ෂාව' යන්නයි. 6. වාසනාව දෙපලු කිරීම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සූදානම් කර ඇති බදින ලද සුවිසල් ඌරකු දෙපළු කිරීම සිසුනට පැවරෙන තවත් අභියෝගයකි. සහභාගී වන සැම කෙනකුට ම ඌරා දෙපළු කිරීම සඳහා එක් අවස්ථාව බැගින් ලැබේ. තමන්ට ලැබෙන පළමු වතාවෙන් ම ඌරා දෙපලු කරන තැනැත්තා පෙනී සිටින පළමු වතාවෙන් ම සියලු ම විභාගවලින් සමත්වේ යැයි විශ්වාස කෙරේ. එසේ නොහැකි වන අයට නැවත වතාවක් විභාගයට ලියන්නට සිදු වෙතැයි විශ්වාස කෙරේ. යාඥා වෙන් විභාග ජය පැතීම 6.සාර්ථකත්වය උදෙසා යාඥාව නැඟෙනහිර ආසියාවේ බොහෝ සිසුනට තමන් කැමති වුව ද නොකැමැති වුව ද විභාගය සමත්වීම සඳහා ඔවුන් ගේ මා පියන් ගේ ද සහාය ලැබේ. 'සමහර ළමයින්ගේ මවු පියන් විභාග ශාලාවෙන් පිටට වෙලා ඉඳගෙන තම දරුවන් විභාගයෙන් සමත් වේවා යැයි සිතමින් යාඥා කරනවා. මගේ අම්මත් මං ඉගෙන ගන්න කාලෙ මෙහෙම කළා. ඒත් මගේ විභාග ප්‍රතිඵල බය උපදවන සුලු අන්දමේ එකක් වුණා' යි කොරියානු ගුරුවරයකු වන යොයුන් ජන්ග් කියයි. ඇතැම් බෞද්ධ මාපියන් තම දරුවා ගේ විභාගයට දින සියයකට පෙර සිට බෞද්ධ විහාරාරාමවලට ගොස් දරුවන් විභාගයෙන් සමත් වේවා යි පතමින් ආගමික කටයුතුවල යෙදෙති. දැනුම සේදී යන මුහුදු පැලැටි සුප් ? 7. මුහුදු පැළැටි සුප් හා වාසනාවන්ත ඔරලෝසු විභාග සමයේ දී මුහුදු පැළැටි වලින් සාදන ලද සුප් පානය කිරීම සටහන් පරිශීලනයෙන් ඔබ ලබා ගත් සියලු ම දැනුම අහිමි වන්නටත් ඔබ උමතු වන්නටත් හේතු වනු ඇති බව දකුණු කොරියාවේ සිසුන් අතර පැතිර පවත්නා තවත් මතයකි. 'විභාග, සම්මුඛ පරික්ෂණ වැනි වැදගත් කටයුතු යෙදිල තියෙන කොට මං මුහුදු පැළෑටි සුප් පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං දන්නෙම නැතුව ඒවා කැවුණොත් මං ඒ ගැන වැඩියෙ වද වෙන්නෙත් නෑ' යි ජි - යොයුන්ග් කියයි. චීන ජාතික චොන්ග් වෑන්ග් පවසන්නේ විභාග දිනවල උදෑසන ආහාරය ලෙස නූඩ්ල්ස් අනුභවය තම සිරිත බව යි. 'නූඩ්ල්ස් කියන වචනේ චීන තේරුම හැම දේ ම සුමටව සිදුවෙනවා කියන එකයි. ඒ වාගෙම මං මගේ වාසනාවන්ත ඔරලෝසුව ගෙනියන්නත් අමතක කරන්නේ නෑ.' යි වොන්ග් පවසයි. මොලය වඩන කුකුළු සුප්? 8. කුකුළු යුෂේ බලේ සීනි ටිකක් කෑමෙන් අපේ ශරීර ශක්තිය ඉහළ යන බව හැම දෙනම පිළි ගත් සත්‍යයකි. නමුත් බොහෝ දකුණු කොරියානුවන් විශ්වාස කරන්නේ සීනි සහිත රස කැවිලිවල විභාග සමත් වීමේ බලයක් ඇති බව ය. කොරියානු සාම්ප්‍රදායික රසකැවිල්ලක් වන යෙයොට් Yeot ඔබේ ශක්ති වර්ධනයට මනා පිටිවහලක් සපයන බවයි කොරියානුවන් විශ්වාස කරන්නේ. බොහෝ දෙනා වැදගත් විභාග හා විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ඇතුළත් වීමේ විභාග සඳහා පෙනී සිටීමට පෙර මේ රස කැවිලි අනුභව කරති. 'යෙයොට් Yeot ඇලෙන සුලු රස කැවිල්ලක්. 'ඇලෙන සුලු' යන කොරියන් වචනයත් 'ඇතුළත් වීමේ විභාගය සමත්වීම' යන වදනත් ශබ්දය අතින් එක සමානයි.' ජි යොයුන් පහදා දෙයි. 'ඔබ කුකුළු මස් යුෂ පානය කළොත් එය ඔබේ මොළයේ වර්ධනයට දායක වෙනවා.' යි ද ඔහු පවසයි. මැලේසියාව, සිංගප්පූරුව හා චීනයේ සිසුන් විභාගයෙන් සමත්වීම සඳහා කුකුළු මස් යුෂ පානයට පෙළැඹී සිටියි. බොහෝ දෙනා විභාගය දවසේ උදෑසන ම කුකුළු මස් යුෂ පානය කරති. 'මේක අන්ධ විශ්වාසයක් නෙමේ. මං විභාගෙ දවසෙ උදේට කුකුළු මස් සාරය පානය කරනවා. එය මානසික ඒකාග්‍රතාව හොඳින් පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා. සිංගප්පූරුවේ සිසුන් බොහෝ දෙනා අතර මේ පානය ජනප්‍රියයි' යැයි ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ ඉගෙනුම ලබන සිංගප්පූරු සිසුවකු වන ඩිලාන් ලී සූන් යූන්ග් පවසයි. වාසනාව ගෙනෙන රතු පැහැය 9. රතු පැහැති යට ඇඳුම් රතු පැහැය චීනයේ සැලකෙන්නේ වාසනාවන්ත වර්ණයක් ලෙසිනි. විභාගය සඳහා සහභාගි වන දිනයේ රතු පැහැති ඇඳුමකින් සැරසී යාම විශේෂයෙන් ම රතු යට ඇඳුමක් ඇඳීම වාසනාව ගෙන දෙන්නක් ලෙස ඔවුහු විශ්වාස කරති. භෞතික සැප සම්පතින් හා ධනයෙන් යමකු ඉහළ තැනක සිටින්නේ නම් ' ඔබ අඳින්නේ රතු පැහැති යට ඇඳුමක්දැයි' විමසීම චීන ජන සම්ප්‍රදායයේ අංගයකි. සීනු දෙවියන් උදෙසා... 10. 'සීනු හැඩැති දෙවියා'ගේ දයාව 'සීනු හැඩැති දෙවියා' යනු සිංගප්පූරු ජාතික සරසවි සිසුන් ගේ ශ්‍රේණි ගත කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය හා සබැඳි සංකල්පයකි. එහිදී සිසුන් ගේ විෂය ක්‍රියාකාරකම් මෙන් ම එකිනෙකා අතර වන සබඳතාවන් ගේ තරම ද මැන බැලෙන්නකි. එම ක්‍රමය ප්‍රස්ථාර ගත කළහොත් එහි හැඩය සීනුවක ස්වරූපය උසුලයි. විෂය සාමාර්ථය ලැබූව ද 'සීනු හැඩැති' ප්‍රස්ථාරයේ අපේක්ෂිත සාධන මට්ටම ළඟා කර ගත නොහැකි වුවහොත් එය ගැටලුවකි. 'සීනු හැඩැති දෙවියා' වෙනුවෙන් සිංගප්පූරු ජාතික සරසවියේ පිළිම ද තිබේ. 'දෙවියන්' වෙනුවෙන් සිසුන් විසින් ආහාර පූජා කිරීම මෙන් ම මෙන් ම ඉටි පහන් දැල්වීම ද සිදු කරනු ලබයි. එයට අමතරව 'සීනු හැඩැති දෙවියන්' ගේ නමින් වෙබ් අඩවියක්ද, ෆේස් බුක් පිටුවක්ද, ට්විටර් ගිනුමක් ද අරඹා තිබේ. ඒ සිසුන්ට ඉලෙක්ට්‍රොනිකව දෙවියන් යැදීම පිණි ස ය. ඔහු ගේ දයාව අයැදීම පිණිස ය. 'සිසුවන් වන අප සීනු හැඩැති දෙවියන් ගේ සර්වබලධාරිත්වයට හා ගුප්ත බවට යටයි. අපේ ශ්‍රේණි තීරණය කෙරෙන්නේ ඔහු ගේ අභිමතය මතයි' යැයි සිංගප්පූරු ජාතික සරසවියේ සිසුවකු වන ඩිලාන් ලී සූන්ග් යුන් කියයි.
මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද (බදාදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ චෝදනා ඉදිරිපත් කිරීම හෝ සංශෝධනය කිරීම නීතිපතිවරයාගේ කාර්යයක් වන බවයි.
2008 වසරේ මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසට ආගමික නිදහස කඩ කිරීමේ චෝදනා නඩුවටඇතුල් කරන්නැයි අගතියට පත් පාර්ශවය විසින් කෙරුන ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරින. සාක්ෂි ලබා දුන් නාලිනි හෙන්රිකස් කියා සිටියේ 2008 වසරේ ජුනි මස 6 වැනිදා උදෑසන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් තම දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී සංගීත භාණ්ඩ සහ දේපල විනාශ කල බවයි. මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම නඩුව නොවෙම්බර් මස දහ අටවෙනිදාට කල් තැබින.
ඒකාබද්ධ විපක්ෂයට බොරු චෝදනා එල්ල කොට ජනතා ප්‍රශ්න යට ගැසීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
ඔහු ඒ බව කියා සිටියේ සොරුන් රැකීමට පාද යාත්‍රාවේ යෙදෙන බවට ආණ්ඩුවේ ඇතමුන් කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි. මෑත කාලයේ සිදු වූ බව පැවසෙන ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පිරිස් එකිනෙකාට චෝදනා කර ගන්නා ස්වභාවයක් දක්නට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ විමසීමකදී. ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට චෝදනා එල්ල වුවත් ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් වී නොමැති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොලිස්පතිවරයා ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව කටයුතු කරමින් සිටින බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේය. පසුගිය ආණ්ඩු සමයේ මෙන් පොලිසිය දේශපාලන උවමනාවන් මත කටයුතු නොකරන බවයි පොලිස්පතිවරයා පසුගියදා කියා සිටියේ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වනවා," ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති හමුව සම්බන්ධයෙන් සතුට පළ කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සමීප මිත්‍රත්වය අගය කරයි. බ්‍රික්ස් - බිම්ස්ටෙක් (BRICS - BIMSTEC) සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෝවාහීදී හමු වූ බව ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය කාර්යාලය පවසයි.
''මම මේ අවුරුද්දට හරියට බැලුවොත් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මාස දෙකක් විතරයි. නොවැම්බර් අග වනතෙක් කොවිඩ් පැවතුණොත් අවුරුද්දෙම පාසල් අධ්‍යාපනය මාස දෙකකට සිමා වෙනවා," එසේ බීබීසී සිංහල සේවය සමග පැවසූ ඕෂදී අකල්කි පුංචිහේවා මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.
ඕෂදී අකල්කි පුංචිහේවා සිසුවිය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබමින් මාර්තු මාසයේ පැමිණි කොරෝනා පළවැනි රැල්ල අගෝස්තු මුල වන තුරු රටේ පැවතීම හේතුවෙන් පාසල් එම මාර්තු ,අප්‍රේල් ,මැයි ,ජූනි ,ජූලි යන මාසවලදී වසා තැබිණි. සාමාන්‍යයෙන් අප්‍රියෙල් නිවාඩුවෙන් පසු දෙවෙනි වාරය සදහා අප්‍රේල් මස අග පාසල් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වය වුව ද කොවිඩ් හේතුවෙන් පාසල් නැවත ආරම්භ කෙරුණේ අගෝස්තු මාසයේදීය. නමුත් කොරෝනාවෛරසය පැතිරීම යළි හිස එසවීමත් සමග නැවතත් ඔක්තෝබර මාසයේ සිට පාසල් වසා දැමිණි. "අගෝස්තු දෙවැනි වාරය පටන් ගනිද්දී පළමුවැනි වාරයේ සිලබස් එකේ සමහර ඉගැන්වීම් සිදුකර තිබුණෙත් නැහැ. තුන්වැනි වාරය පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේ. සැප්තැම්බර් මාසයේ පටන් ගත්තු ඉස්කෝලේ නැවත ඔක්තෝම්බර් 04 වැනිදා වසා දැමුණා. අවුරුද්ද ඉවරවෙන්න තව මාස 2යි තියෙන්නේ. ලබන මාසේ නැවත පාසල් ආරම්භ කෙරුණත් දෙසැම්බර් නිවාඩුවට පාසල් වසා දැම්මොත් අපි ඉස්කෝලේ ගිහිං හෝ යන්න තියෙන්නේ හරියට බැලුවොත් මාස දෙකයි." නමුත් බොහෝ පාසල් විසින් ළමුන්ට දුරස්ථව අන්තර්ජාලය හරහා ඉගැන්වීමට පටන්ගෙන තිබුණ ද ඕෂදී පවසන්නේ අන්තර්ජාලය හරහා නැතහොත් ඕන් ලයින් (online) අධ්‍යාපනය ඉතා දුරස්ථ බවත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් ප්‍රායෝගික නොවන බවත්ය. ''ඉස්කෝලේ 10 වසර පංති හතරක් තිබුණා, අවම වශයෙන් පංති හතරේ ළමයි 140 කට වැඩිය හිටියා. කෝවිඩ් ආපු පළමු අවස්ථාවේ පාසලේ ඇතැම් ගුරුවරු සමාජ මාධ්‍ය ගෘප් (groups) හදල පැවරුම් දැම්මා. නමුත් ඕන් ලයින් හිටියේ ළමයි 60 ක් විතර. නැවත පාසල් ආරම්භ කරද්දී ළමයි බහුතරයක් පැවරුම් කරලා තිබුණේ නැහැ. මම කළෙත් නැහැ. ඇත්තටම අපි දන්නේ නැහැ ඒවා කරන්නේ කොහොමද කියල. ඔක්කොම තියරි. ඒවා අපි ඉගෙන ගෙන තිබුණේ නැහැ," ඇය පැවසීය. ඇය වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික ගුරුවරුන් කිහිප දෙනෙකු හරහා ඇය දුරස්ථව "ඔන්ලයින්" ක්‍රමයට ඉගෙන ගන්නා බවය. එම අන්තර්ජාල පංතියේ ළමයින් හැටක් පමණ සිටින බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් ගුරුවරයා දකින නමුත් බොහෝවිට සිදුවන්නේ ශබ්දය පමණක් ක්‍රියාත්මක කර ගුරුවරයා පවසන දෙය පමණක් අසාගෙන සිටීම බවත් ඇය කියා සිටී. "ඇත්තම කියනවනම් ප්‍රශ්නයක් අහන්නවත් ළමයෙක් ඉදිරිපත් නොවෙන තරම් මේ ක්‍රමයට. එකක් අපිට විෂය බද්ධ කරුණු අවබෝධයක් නැහැ. මං හිතන්නේ හුඟක් ළමයි ගෘප් එකේ හිටියට පාඩමේ ඉන්නවම කියල හිතන්න අමාරුයි. එතැනින් නැගිටලා ගියත් කව්රුවත් දන්නේ නැහැ. හැබැයි පංති කාමරයේ අධ්‍යාපනය එහෙම නෙමෙයි. අපි ගුරුවරයා දකිනවා ඔහු උගන්වන රටාව මනසට කා වැදෙනවා. අපි ඔහු හෝ ඇය සමග සෘජුව ප්‍රශ්න අසනවා. වෙනත් ළමයි අසන ප්‍රශ්න සමග අපි අපේ දැනුම පරික්ෂා කරනවා. මාස ගණනාවක් පාසල් අධ්‍යාපනය නොලබා සිටීම තුළ මේ අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනස තදින්ම දැනෙනවා. එක්කෝ මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය මීට වඩා හොඳ ක්‍රමයකට ක්‍රියාත්මක වෙන්න ඕනේ," ඕෂදී සිසුවිය වැඩි දුරටත් පැවසීය. ගෝලීය කොරෝනා වසංගතය සමග පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසු පරපුරට එල්ලවී ඇති අභියෝග බොහෝය. ඇතැම් සිසුන් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිස සිටින නමුත් එම වරප්‍රසාදය සම දෙනාට එක සේ භුක්ති විඳිය නොහැකිය. සිසුන් පුද්ගලිකව අන්තර්ජාල මාර්ගගත (online) අධ්‍යාපනයට යොමු වීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික හා සමාජ මට්ටමද බලපාන අතර විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේදී ඔන්ලයින් අධ්‍යාපනය තිබෙන්නේ සතුටුදායක තත්ත්වයක නොවන බවත් විශේෂයෙන් ගම්බද පාසල් වල සහ නගර වලින් පිට බොහෝ පාසල් වල මෙම තත්ත්වය සුලබ බවත් විශ්ලේෂකයෝ පවසති. කුමන හෝ අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොවන පසුබිමක අන්තර් ජාල අධ්‍යාපනය පැවතීම සාධනීය කරුණක් වන නමුත් එහි පවතින අනෙකුත් ගැටලු ඇතැම් දරුවන්, ගුරුවරුන් පමණක් නොව මව්පියන් තුළ ද ඇති කර තිබෙන්නේ ව්‍යාකුල තත්ත්වයකි. කොරෝනා සහ පාස්කු ඉරුදින ප්‍රහාරය කොරෝනා වසංගතය සමග අධ්‍යාපනය අඩාලවීමේ බලපෑම තදින් දැනුණු තවත් සිසු කණ්ඩායමක් වනුයේ මෙවර උසස් පෙලට පෙනී සිටි සිසුන් ය. ඔවුන් කොරෝනා රැල්ල පමණක් නොවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් අධ්‍යාපනයට ඇතිවූ එල්ල වූ බලපෑමට ඉතා තදින් මුහුණ දුන් පිරිසක්. ''මම උසස් පෙලට කළේ තාක්ෂණ වේදය. ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණවේදය සදහා විද්‍යාව යන විෂයන් ඉගෙන ගත්තා. 2019 වසරේ පාසල් දෙවැනි වාරය ආරම්භයත් සමගම සහාරන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා පාසල වසා දැමුණා. නැවත පාසල පටන් ගත්තේ මාස දෙකකට පස්සේ. ඊට පසුව 2020 පෙබරවාරි ඇඩ්මිෂන් දෙනකං පාසල් පැවැත්වුණා. මාර්තුවල කොරෝනා ඇවිත් පාසල නැවත වසා දැම්මා," යනුවෙන් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ ඩී එන් සී සහන් නිමේෂාන් සිසුවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. ඩී එන් සී සහන් නිමේෂාන් "ඇඩ්මිෂන් දුන්නට එක්සෑම් වෙනකං පාසල් යන්න ඕනේ. මොකද ප්‍රයෝගික පරීක්ෂණ තියෙනවා. අපිට ඉංජිනේරු තාක්ෂණයට ප්‍රැක්ටිකල් 64 ක් තිබුණා. නමුත් කළේ ඉන් හතරක් විතරයි. ඊට පස්සේ නැවත පාසල් පටන් ගත්තේ ඔක්තෝම්බර් විභාගෙට මාසයක් තියල, ඒ වෙනකොට සිලබස් කවර් කරලා තිබුණේ නැහැ. අවරුදු දෙකම ගත්තහම මාස 8 කට වැඩිය ඉස්කෝලේ යන්න බැරිවුණා. විභාගය අමාරු වුණා." මෙවර උසස් පෙලට මුහුණ දුන් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ දසුන් වන්නිනායක සිසුවා බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන් නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බවය. පළමු වතාවෙන්ම විභාගය සමත් වීම අරමුණු කරගෙන තමන් තාක්ෂණ වේදය හැදෑරු බවත් එම අරමුණ ගිලිහී ගිය බැවින් ඉදිරියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු නොවී වෘත්තිය අධ්‍යාපනයකට යොමුවන බවද ඔහු පැවසුවා. මේ අතර කොරෝනා වසංගතය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට මුලදී යම් බලපෑමක් එල්ල කළ නමුත් අන්තර්ජාල අධ්‍යාපනය මගින් එය යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුහු පවසති. රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ් අල්පොන්සු ''කුමන හෝ අධ්‍යාපනයක් නොලබා පැවති තත්ත්වය මත යුජීසී (UGC) එක මැදිහත්වෙලා ඔන්ලයින් එඩියුකේෂන් පටන් ගත්ත එකේ වරදක් නැහැ. නමුත් අපේ කැම්පස් එකේ ගත්තහම හැමෝටම මේ ක්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් නැහැ. ළමයි මේ වෙනකොට ඉන්නේ ගෙවල්වල. හැමෝගෙම මානසික මට්ටම, ආර්ථික හා සමාජ මට්ටම එක හා සමාන නැහැ, සමහර ළමයින්ට පාවිච්චි කරපු පරිඝනක උපකරණයක් ගන්නවත් වත්කමක් නැහැ. තවත් කාරණයක් තියෙනවා මේ සිස්ටම් එකේ එරස් (errors) ගොඩක් තියෙනවා. සයන්ස් ෆැකල්ටි එකේ ගත්තාම ඔන්ලයින් ටෙස්ට් තියෙනව. නමුත් නිශ්චිත කාලයකදී මේ ටෙස්ට් වලට සන්නිවේදන පහසුකම් නැතුව සහභාගී වෙන්න ළමයින්ට හැකියාවක් නැහැ. මේක ළමුන් පිට බලෙන් පටවන තැනකට යන්න හොඳ නැහැ,'' යැයි රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ් අල්පොන්සු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් එලෙස පැවසීය. කොළඹ කේන්ද්‍ර කරගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන එච් එම් පවිත්‍රා සෙව්වන්දි බීබීසී සිංහල සේවයට පැවසුවේ කාර්ය සම්පාදනය හා ප්‍රවාහන කළමනාකරණ උපාධිය හදාරන තමන්ට සතියේ දින හතරක් හෝ පහක් සිය අධ්‍යාපන ආයතනය විසින් අන්තර් ජාලය ඔස්සේ දේශන සදහා සහභාගී වීමට ඉඩ සලසන ලද බවය. දේශීය සිසුන් හා විදෙශීය සිසුන් වශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස මෙම ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන බවද ඇය පැවසුවා. නව සාමාන්‍යකරණය (new normalcy) හා මංගත අධ්‍යාපනය (online educataion) කොවිඩ් වසංගතය හමුවේ මෙරට අධ්‍යාපනය නව ස්වරූපයකින් හැඩ ගැසිය යුතු බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය. ඔහු පවසන්නේ ගුරු භූමිකාව මෙන්ම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නව තත්ත්වය හමුවේ වෙනස් විය යුතු බවයි. ''අපේ රටේ දරුවන් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලැබුවේ පන්ති කාමරය තුළ. ගුරුවරයා පන්ති කාමරයේ උගන්වනවා ඊට ළමුන් අනුගත වෙලා වැඩ කරනවා. නමුත් දැන් කොවිඩ් ඇවිත් මේ චර්යාවට ඇටෑක් (Attack) කරලා තිබෙනවා. මේ ඈටක් එක අපිට එකවරම දරාගන්න අමාරුයි. මොකද අපි මෙවැනි ප්‍රහාර වලට සුදානම් වෙලා හිටියේ නැහැ." ආචාර්ය ප්‍රභාත් ඒකනායක පැවසීය. "අපි අතර මනෝභාවයක් තියෙනවා ඇතුළත මැවුන දේ පිළිගන්නා පිටත දේ පිළිනොගන්නා මනෝ සංස්කෘතියකට. ගුරුවරයාගේ භූමිකාව මේකයි, ළමයාගේ භූමිකාව මේකයි කියලා අපි ඇඳගත්ත චිත්‍රයක් තියෙනවා. ඒක වරදක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අපි හුරුවට ගෙනා දෙයක්. ඒ හුරුව පුරුදු කර ගත්ත අපි online education දාපු ගමන් පීඩාවට පත්වුණා. අපි කතාවට කියනවා තාක්ෂණය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. දැන් කොවිඩ් ඇවිල්ලා අපිට කියනවා උඹලා ඉගෙනගන්න තාක්ෂණය පාවිච්චි කර පල්ලා කියලා." ආචාර්ය ප්‍රභාත් ඒකනායක ආචාර්ය ඒකනායක පවසන්නේ මෙම නව සාමාන්‍යකරණය සමාජය සෘණාත්මකව නොගෙන ධනාත්මක වැළඳගත යුතු බවය. විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ මෙයට අනුගතවීමට සමාජය මැලිකමක් දක්වන බව කී ඔහු තවදුරටත් පැවසුවේ නව ක්‍රමය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම අවිශ්වාසය ගොඩනැගී ඇති බවකි. මෙම තාක්ෂණය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම තුළින් දරුවන්ට ගුරුවරුන්ට පමණක් නොව මවුපියන්ටත් ගැටලු විසඳාගැනීමට අවස්ථාව උදා වන බව ඔහු කියා සිටී. යම් ගැටලුකාරී අවස්ථාවක දී ක්‍රියා කළයුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තාක්ෂණය තුළම විසඳුම් තිබෙන බවත් මෙම උපකරණ සමග ගනුදෙනුවේදී අවභාවිත සිදුවන්නේ නම්, ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්න මතුවන්නේ නම්, නැතහොත් ළමයිගේ අධ්‍යාපනයට තවත් ළමුන් කොටසක් බාධා කරනේනම් ඒ සදහා මුර පද භාවිතය, මියුට් (mute) කිරීම් වැනි උපක්‍රම භාවිතා කළහැකි බැවින් දෙමාපියන් මේ පිළිබද බිය විය යුතු නැති බව ද අචාර්ය ඒකනායක කියා සිටියේය. "ඊළඟ කාරණය ගුරුවරුන් නිර්මාණශීලී විය යුතුයි. අපි දන්නවා පන්තිකාමරයේ ඉගැන්නුවත් නිර්මාණශීලීත්වය නැති ගුරුවරු ඉන්නවා. නමුත් සමහර ගුරුවරු එහෙම නෑ නිර්මාණශීලියි. දරුවන්ගේ අධ්‍යාපනයය වෙනුවෙන් කැපවෙනවා. තමන්ගෙ නිර්මාණශීලීත්වය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා." කෙසේවෙතත්, ආචාර්ය ප්‍රභාත් ඒකනායක තවදුරටත් පවසන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීමේදී ගැටලු රැසක් තිබෙන අතර පාසල් මට්ටමෙන් නව තාක්ෂණයට යාමට අවශ්‍ය අවම පහසුකම් වත් තිබේද යන්න ගැටලුවක් බවය. නව මාධ්‍ය භාවිතයේදී අත්‍යාවශ්‍ය උපකරණ තිබෙන බවත් ඒවා රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් ඔහු කියා සිටී. "රජය මැදිහත් විය යුත්තේ මෙන්න මේ කාරණයේදී. අඩුම තරමින් ටැබ් එකක් වත් දරුවෙකු සතුව තිබිය යුතුයි. ඒ වගේම පහසු ගාස්තුවකට ලබාගත හැකි අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතුයි. සේවා සපයන ආයතනවලට ගහන බදු අඩු කරල මේ පහසුකම් සෑම දරුවකුටම ලබාදෙනවා නම් අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශ වෙන්න බාධාවක් නැහැ. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ මේ වෙලාවේ එම කටයුත්තයි. මගේ අදහස නම් සෑම දරුවකු සතුව අඩුම තරමින් ටැබ් එකක් තිබිය යුතුයි. බහුතරයක් මව්පියන්ට ඒ වෙනුවෙන් මුදලක් වෙන්කිරීමට හැකියාවක් නෑ." "ඇයි ටැබ් එකකට ස්මාර්ට් ෆෝන් එකකට මේ පෙළපොත්වල තියෙන පාඩම් නව ස්වරූපයකින් දාන්න බැරි. මෙම පහසුකම් රජය විසින් සකස් කර දීම අනාගත ආයෝජනයක්. අපි දන්නවා අධ්‍යාපනයේ සිද්ධාන්තයක් තියෙනවා කනට ඇහෙන දෙයින් සියයට 10 යි මතකයට නැගෙන්නේ කියලා. ඒ වගේම ඇහැට දකින දෙයින් සියයට හතළිහයි මතකේ තියෙන්නේ. සියයට 80 ක් මතක තියෙන්නේ කණින් අහල, ඇහෙන් දැකල, අතෙන් මනසෙන් කරපු දේට කියල. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වැඩි ප්‍රමාණයකට ගෝචර වූ දෙයක් වැඩියෙන් මතක තියෙනවා." ආචාර්ය ප්‍රභාත් ඒකනායක වැඩිදුරටත් පැවසීය. පුර්ව ළමා අධ්‍යාපනය ළමා අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කුඩා ළමුන්ගේ අධ්‍යාපනය ගැනද අවධානය යොමුකිරිම අත්‍යාඅවශය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මුල් ළමාවිය පිලිබඳ අධ්‍යාපන විද්වතකු වන මුල් ළමාවිය පිළිබඳ ආසියා පැසිෆික් ජාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එච් එම් වසන්ත හේරත් මහතා පැවසීය. ''කුඩා ළමයෙක් වයසින් වැඩෙන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහු වැඩෙනවා මෙන්ම ඔහු තුළ ගොඩ නැගිය යුතු ආකල්ප, කුසලතා, හැකියාවන් තියෙනෙවා. විශේෂයෙන් පාසල් යන්නට පෙර ළමයින්ට ලබා දෙන පුර්ව ළමා අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමක්. ඒ තුළින් තමයි දරුවා පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මුලික හුරුව ලබා ගන්නේ. මේ කාල වකවානුවේදී දරුවෙකුගේ සියුම් මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් තිබෙනවා. අපි ළමයිට මැටි අනන්න දෙන්නේ, කඩදාසි බෝල පොඩි කරන්න දෙන්නේ අත්වල තියෙන, ඇඟිලිවල තියෙන සියුම් මාංශ පේශි වර්ධනය කරවන්න. මේවා නිසි පරිදි වර්ධනය නොවුණොත් අඩුම තරමින් අකුරක් ලියන්න පැන්සල අල්ල ගන්නවත් දරුවෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ." "කොවිඩ් කියන්නේ ආපදා තත්වයක්. අපි දන්නවා අපේ රටේ හදිසි ආපදා තත්ත්වයකදී ඉස්සරලාම කරන්නේ පාසල් වහන එක. ගං වතුරක් ගැලුවත්, නාය යාමක් සිදුවුණත් පාසල් වසා තබනවා. සමහරවිට විපතට පත් අයට නවාතැන් දෙන්නෙත් පාසලේ. මේ වෙලාවේ පාසලත් විපතට පත්වෙලා තියෙන්නේ. අපි කොච්චර කාලයක් මෙහෙම වහල තියන්නද? මම කියන්නේ මේ රටේ ගුරුවරුන් ඉන්නවා දෙලක්ෂ තිස්පන්දහසක්. මේ අය එක්කෝ දරුවන් එක්කෙනා දෙන්නා හෝ පාසලට කැඳවල නිරෝධායන නීති රැකලා අධ්‍යාපනය ලබා දිය යුතුයි. එහෙම නැතිනම් ගුරුවරු නිවෙස් කරා ගොස් අධ්‍යාපනය ලබා දිය යුතුයි. මොකද මේ ගුරුවරුන් වැටුපක් ලබනවා. එම වැටුප් ගෙවන්නේ මහජනතාව." එච් එම් වසන්ත හේරත් "කොවිඩ් හෝ වෙනත් උපද්‍රවයක් හේතුවෙන් ගුරුවරයෙකු නිහඬ වීම අනුමත කරන්න බැහැ. මොකද ඔහුගේ කාර්යභාරය විශාලයි. ගුරුවරුන් නිදා ගත්තොත් අනාගතයේ ජාතියක් නිදා ගනීවි." වසන්ත හේරත් තවදුරටත් පැවසුවේ කුඩා දරුවන්ට online education ක්‍රමය සාර්ථක අත්දැකීමක් ලෙස හැදින්විය නොහැකි අතර තවත් අතකට පාසල් ළමුන් මෙම ක්‍රමය තුළ අසීරුතාවට මුහුණ දෙන බවය. "online education නරක දෙයක් නෙමෙයි. නරක ඊට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්නේ නැතුව එය ළමුන් පිට පැටවීමයි. අනෙක් පැත්තෙන් මේක දැන් ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවක් බවට පත්වේගෙන යනවා. දෙමව්පියන්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. සද්භාවයෙන් කරන එම කැප කිරීම ඇතැම් පුද්ගලයින් භාවිත කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න." එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරෙන බවය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම තත්ත්වය කළමනාකරණය කළයුතු අතර ඔවුන් කුමක් කරන්නේ ද යන්න සමාජ ගත කළයුතු බවය. එමෙන්ම නිර්මාණශීලිව මේ ගැටලුවට පිළියම් සෙවීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් නව ප්‍රවේශ හදුන්වා දිය යුතු බව ද ඔහු කියා සිටී. "ජනමාධ්‍ය මේ වෙනුවෙන් පුළුල් ලෙස භාවිත කල යුතුයි. නමුත් අධ්‍යාපන නාලිකා හෝ තිබෙන ජාතික නාලිකාවල ගුවන් කාලය භාවිත කරන්නේ කළු ලෑලි ඉදිරිපිට සම්ප්‍රදායික විදිහට උගන්වන ගුරුවරයෙකුගේ ක්‍රියාව වීඩියෝ කරලා ඒක ප්‍රචාරය කරන්න. මෙය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක්ද? මේක නව මාධ්‍ය භාවිත කිරීමක්ද? නැහැ." එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ "අපි on line education මේ වෙලාවේ සාර්ථක ක්‍රම වේදය කියල හඳුනාගෙන තියෙනවා නම් මං කියන්නේ එය පටන්ගත යුත්තේ පාසැල් ගුරුවරුන්ගෙන්. ඒකට අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම. ඇත්ත වශයෙන්ම කොවිඩ් හමුවේ අපි නිද්‍රශීලි ප්‍රතිපත්තියක ඉන්නේ. ඉස්සරලම මේ පිළිබඳව විද්වත් කතිකාවතක් ආරම්භ කළ යුතුයි. ඊට අධ්‍යාපනවේදීන්, විද්වතුන්, ප්‍රවීණයින් සහභාගී කරවා ගත යුතුයි. ඒ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කරන තුරු අපි අඳුරේ අතපත ගෑමක් විනා අන් යමක් සිදු නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතුයි." මෙම තොරතුරු ද දැනගන්න:
ඔබේ එදිනෙදා ජීවන රටාවට හෝ ඔබේ තාක්ෂණ මෙවලම්වලට ගැලපෙන අයුරින් වඩාත් හොඳ දේ ඔබ වෙත ගෙන ඒම BBC ජනමාධ්‍යවේදයේ අපේක්ෂාවයි.
වඩාත් වැඩිදියුණු ප්‍රවෘතිමය අත්දැකීමක් සඳහා ඔබේ මෙවලම්වල හැකියාවට සහ ඔබගේ අන්තර් ජාල සම්බන්ධතා වේගයට ඉබේම අනුරූපවන අන්දමින් නව ප්‍රතිචාරාත්මක නිපැයුම සකස් කර තිබේ. ඔබ ජංගම දුරකථනයකින්, මේසය මත තබන පරිඝණකයකින් හෝ ටැබ්ලට් උපකරණයකින් පුවත් විමසා බැලුවද වඩාත් වැඩිදියුණු ප්‍රවෘතිමය අත්දැකීමක් විඳගැනීමට නොකඩවාම අවකාශ ලැබෙනු ඇත. පෙර පැවති ආකෘතියේ සිට අලුත් ආකෘතියට මාරුවීම තවමත් සම්පූර්ණවී නැත. ඔබට අවශ්‍ය දෑ සොයා ගැනීම දුෂ්කරනම් හෝ ඔබගේ යෝජනා වෙතොත් මේ යොමුව මගින් දැනුම් දීමට නොපැකිලිවන්න.
අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) නිකුත් කළ නවතම දත්ත අනුව ලෝකය පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙක් සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනයට ලක් වෙති.
"කාන්තාවක් ඝාතනයට ලක් වීමේ වැඩිම අවදානමක් ඇති ස්ථානය සිය නිවස," යැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ. වාර්තාවලට අනුව, 2017 වර්ෂයේ දී මියගිය කාන්තාවන් 87,000 අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇත්තේ සිය හිතවතුන් අතිනි. 30,000 ක් පමණ කාන්තාවන් සිය සහකරුවන් විසින් ඝාතනය කර ඇති අතර, තවත් 20,000 පමණ කාන්තාවන් පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වී තිබේ. බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහන යටතේ මෙම කාන්තාවන් පිළිබඳ එක් රැස් කරගත් වැඩි දුර තොරතුරු මෙම ලිපියට ඇතුළත් වේ. කෙසේනමුත්, වසරකට ඝාතනයවන පුරුෂයන් ගණන තවමත් ඉතා ඉහළ අගයක් ගනී. අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල දත්ත අනුව පෙනී යන්නේ, "සිතාමතා සිදු කරනු ලබන ඝාතනවලට ලක්වන පුරුෂයන්ගේ ගණන කාන්තාවන්ට වඩා හතර ගුණයකට වඩා වැඩි" බවය. ලෝකයේ සිදුවන සෑම මිනීමැරුම් දහයකින් අටකට වගකිව යුත්තේ පුරුෂයන් බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවල දැක්වේ. එමෙන්ම, සිය සහකරුවන් අතින් ඝාතනයවන සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුට වඩා කාන්තාවන් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. "සහකරුවන් ඇතිකරන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩි වශයෙන් විඳවන්නේ කාන්තාවන්" යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ කාන්තා ඝාතන ශ්‍රී ලංකාව තුළ ද සිය සහකරුවන් හෝ ඥාතීන් විසින් කාන්තාවන් ඝාතනය කළ අවස්ථා බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය තුළ අසන්නට ලැබිණි. ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා එක්තරා පුද්ගලයෙකු කාන්තාවක් ගෙල සිර කර මරා දමන වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබිණ. එම කාන්තාව අදාළ පුද්ගලයාගේ පෙම්වතිය බව මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි. ඉතිහාසය පුරා මෙවන් අපරාධ විශාල ප්‍රමාණයක් සිදු වී ඇති අතර, සමහර නඩු තවමත් විභාග වෙමින් පවතී. මේ අතරින්, සිය පෙම්වතා විසින් 1959 වසරේ දී විල්පත්තුවේ දී ඝාතනය කරන ලද ඇඩ්ලින් විතාරණ නම් තරුණිය පිළිබඳ බොහෝ පොත්පත් සහ සිනමා කෘති පවා බිහි වී ඇත. එම අපරාධය සිදු කළ සාහසික ආකාරය එයට හේතුවක් ලෙස දැක්විය හැකිය. තිඹිරිවැව ගම්මානය ආසන්නයේ විල්පත්තු අභය භූමියට හැරෙන ස්ථානයේ දී සිය පෙම්වතිය වූ ඇඩ්ලින් විතාරණ මෝටර් රථයකට යට කර මරා දමනු ලැබුවේ වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ජයලාල් ආනන්දගොඩ විසිනි. ජයලාල් ආනන්දගොඩ තමන් සිදු කළ අපරාධයට දඬුවම් ලැබූ අතර, 1962 වසරේ බෝගම්බර දී ඔහු එල්ලා මරා දමනු ලැබිණ. මේ තොරතුරුද කියවන්න: බීබීසී සොයාගත් කරුණු අනුව, 2018 ඔක්තෝබර් 1 රටවල් 21 ක කාන්තාවන් 47 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතරින් බොහෝ අපරාධ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. මේ අතරින් කාන්තාවන් පස් දෙනෙකුගේ ඝාතන පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මේ සියලු තොරතුරු අදාළ රටවල්වල නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, මාධ්‍ය වාර්තාවල ද පළ වී තිබේ. කෙන්යාවේ විසූ විසි දෙහැවිදිරි ජූඩිත් චෙසැන්ග් ඔක්තෝබර් පළමුවෙනි දින ජූඩිත් චෙසැන්ග් සහ ඇයගේ සොහොයුරිය වන නැන්සි සුපුරුදු ලෙස වගාබිම්වල වැඩ කරමින් සිටියහ. ජූඩිත් චෙසැන්ග් තිදරු මවක වන ජුඩිත් චෙසැන්ග් ඉන් ටික කලකට පෙර සිය සැමියා, ලබාන් කමුරෙන්ගෙන් වෙන් වී නැවත සිය දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇත. දෙසොහොයුරියන් තම පවුලට අයත් වගාබිමේ වැඩ අරඹා මොහොතක් ගත වන විට එම ස්ථානයට කඩා වැදුණු ලබාන් කමුරෙන්, ජුඩිත්ට පහර දී ඝාතනය කළේය. පසුව ගම් වැසියන් එකතු වී ලබාන් මරා දමා ඇති බව එම ප්‍රදේශයේ පොලීසිය පැවසීය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව අප්‍රිකානු කාන්තාවන් සහකරු හෝ ඥාතියෙකු අතින් ඝාතනය වීමේ වැඩි අවදානමක් පවතී. කෙසේවෙතත්, 2017 වර්ෂයේ දී සහකරුවන් සහ ඥාතීන් විසින් ඝාතනය කළ කාන්තාවන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ආසියානු කලාපයෙනි. ඒ එවැනි අපරාධ 20,000කි. ඉන්දියාවේ වාසය කළ දහඅට හැවිදිරි නේහා ෂරාඩ් චවුදුරි නේහා ෂරාඩ් චවුදුරි ඝාතනය කර ඇත්තේ "පවුලේ නම්බුව රැකීම සඳහා" දැයි සැක මතු වී තිබේ. ඇය පෙම්වතා සමග නිවසින් බැහැරව සිය දහඅට වෙනි උපන්දිනය සමරා ඇත. ඇයගේ දෙමාපියන් මෙම පෙම් සබඳතාවට විරුද්ධ වී සිටි බව පොලිසිය බීබීසීය වෙත තහවුරු කළේය. නේහා ෂරාඩ් චවුදුරි නිවස තුළ දීම මියගොස් සිටි නේහා ෂරාඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් දෙමාපියන්ට සහ තවත් පිරිමි ඥාතියෙකුට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පෙම් සබඳතා හෝ පවුලේ අකමැත්ත මත විවාහ වීම නිසා වසරකට සිය ගණනක් මිය යති. මෙවන් අපරාධ බොහොමයක් ලෝකයට හෙළි නොවන බැවින් නිවැරදි දත්ත සහ තොරතුරු ලබා ගැනීම අපහසුය. ඉරානයේ විසූ විසිහතර හැවිදිරි සෙයිනබ් සේකාන්වන් සිය සැමියා ඝාතනය කළ වරදට සෙයිනබ් සේකාන්වන් එල්ලා මැරීමට ඉරාන බලධාරීහු තීන්දු කළහ. කුර්දි සම්භවයක් ඇති සෙයිනබ් ඉරානයේ දිළිඳු පවුලකට දාව උපත ලැබුවාය. විවාහ වී වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඇය තරුණ වියේ දී නිවසින් පලා ගියාය. සෙයිනබ් සේකාන්වන් සෙයිනබ් නිරන්තරයෙන් සිය සැමියාගේ වධහිංසාවලට ලක් වූ අතර ඔහු දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පැවසීය. එමෙන්ම, පොලිසිය ඇයගේ පැමිණිලි කිසිවක් භාරගෙන නොමැත. සැමියා ඝාතනය කිරීමේ වරදට 17 හැවිරිදි වියේදී ඇය අත්අඩංගුවට පත් වූවාය. සැමියා ඝාතනය කළ බව පාපොච්චාරණය කරන ලෙසට තර්ජනය කරමින් පොලිසිය සෙයිනබ් දරුණු වධහිංසාවලට ලක් කර ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඇතුළු ඇය වෙනුවෙන් හඬ නගන්නෝ පවසති. සිය සහකරුවන් ඝාතනය කරන කාන්තාවන් දීර්ඝ කලක් "දරුණු ශාරීරික වධහිංසාවලට ලක් වූවන්" බව අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ. බ්‍රසීලයේ වාසය කළ 39 හැවිදිරි සැන්ඩ්‍රා ලුසියා හැමර් සැන්ඩ්‍රා ලුසියා හැමර් වයස 16 දී Aguiar Ribeiro සමග විවාහ විය. ඇය ඝාතනය වන විට සැමියාගෙන් වෙන් වී පස් මසක් ගත වී තිබිණි. සැන්ඩ්‍රා ලුසියා හැමර් ගෙල ප්‍රදේශයට එල්ල වූ පිහි ඇනුම්වලින් ඇය මියගොස් ඇති බව එරට පොලිසිය බීබීසී වෙත තහවුරු කළේය. පොලිසිය සොයාගත් ජංගම දුරකතන වීඩියෝවක සැන්ඩ්‍රා ඝාතනය ගැන සැමියා සිදු කරන පාපොච්චාරණයක් සටහන් වී තිබිණි. වෙනත් පුරුෂයෙකු සමග නව සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තමන්ට වංචාවක් සිදු කළා යැයි හැඟී ගිය නිසා සැන්ඩ්‍රා මරා දැමූ බව සැමියා සිදු කළ පාපොච්චාරණයේ සඳහන් වේ. දෙදෙනාම එකට "දෙවියන් ළඟට" යන නිසා ඔහු අත්අඩංගුවට පත් වන්නේ නැති බව ද වීඩියෝවේ සටහන් වී තිබේ. පසුව ඔහු ඔවුන් දෙදෙනා කලක් ජීවත් වූ කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියේය. සැන්ඩ්‍රාගේ ඝාතනය වැනි අපරාධ "ඝාතනය ක‍ර - සිය දිවි නසා ගැනීම" ලෙස හඳුන්වයි. යම් පුද්ගලයෙකු සිය දිවි තොර කර ගැනීමට පෙර තවත් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු ඝාතනය කිරීම මෙයින් හැඟවෙයි. ප්‍රංශයේ විසූ 36 හැවිදිරි Marie-Amélie Vaillat Marie-Amélie Vaillat ගේ සැමියා වන Sébastien Vaillat ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇත. වසර හතරක විවාහ ජීවිතයකින් පසු මෙම යුවල වෙන්ව ජීවත් වී තිබේ. Marie-Amélie Vaillat Marie-Amélie Vaillat ට පිහි ඇනුම් තුවාල සිදු කර මරා දමා ඔහු පොලිසියට භාර වී තිබේ. නමුත් දින කීපයකට පසු ඔහු සිරමැදිරිය තුළ දී සිය දිවි හානි කර ගෙන ඇත. මෙම කාන්තාවන් ඇතුළු 47 දෙනෙකු එක් දිනක් තුළ ලෝකයේ රටවල් 21 ක දී ඝාතනයට ලක් වී තිබේ. බොහෝ අපරාධවලට හේතු අපැහැදිලි වන අතර, අපරාධකරුවෝ හඳුනාගෙන නොමැත. "කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ බොහොමයක් අදාළ නිලධාරීන්ට වාර්තා වෙන්නේ නැහැ, තවත් විශාල ප්‍රමාණයක් සැඟවී යනවා" යැයි අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ. තවත් තොරතුරු:
යුද සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සොයා බැලෙන ජාත්‍යන්තර පරීක්ෂණය වෙනුවට විකල්ප මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති උපදේශක ජයන්ත ධනපාල ජිනීවා නුවර බලා පිටත්ව යයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට රට තුළ සිදු කෙරෙන දේශීය පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා ගැනීම දැනට යෝජනා වී ඇති එක් විකල්පයක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවකට එක් වෙමින්. අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය පසිඳලීම සහතික කිරීම සඳහා නව රජය කැප වී සිටින බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. ‘ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට වැඩිම පීඩනයක් එල්ල වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලියෙන් බව රහසක් නොවෙයි’ විදේශ අමාත්‍ය මංගල සමරවීර පැවසීය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී වොෂින්ටනය බලා යෑමටද නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයට යුරෝපා හවුල පනවා ඇති තහනම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර බ්‍රසල්ස් නුවරට ගොස් සිටියි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කොට පළාත් පාලන ආයතන වෙත කොඩි කණු බෙදා දුන් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණය වෙත රැගෙන ආවේ ගිලන් රථයකිනි. තම සේවාදායකයාට මහාධිකරණයෙන් ඇප ඉල්ලා ඇති බව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේය. අදාළ ඇප අයදුම්පත ලබන 08 වනදා සලකා බැලීමට නියමිත අතර එදිනටම නඩු විභාගය යළි කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝගය කළේ.
කොවිඩ්-19 වසංගතයට මැදිව සිටින ඉන්දියාව තවත් රෝග ව්‍යසනයකට ගොදුරුවෙමින් ඇති බවට වාර්තා ලැබෙයි.එම රෝගය හඳුන්වනු ලබන්නේ කළු දිලීර("black fungus") ආසාදනය යනුවෙනි.එම ව්‍යසනයට ගොදුරු වූ රෝගීන් නව දහසකට ආසන්න සංඛ්‍යාවක් මේවනවිට වාර්තාවී ඇත.
මෙය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ ඝනයේ ආසාදනය වීමකි. එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ 'මියුකොමයිකොසිස්' (mucormycosis)යනුවෙනි. දිලීර (පුස්) වර්ගයක් හේතුවෙන් හටගනු ලබන එම රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ගෙන් 50%ක් පමණ මරණයට පත්විය හැකි බව ඇස්තමේන්තු කොට ඇති අතර රෝගියකු බේරා ගැනීමට හැකිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇසක් ඉවත්කරනු ලැබීම මගින් පමණක් බවද පැවසෙයි. එය දුර්ලභ ව්‍යාධියක් වන නමුත් මෑත මාසවල ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුවී සුවය ලද සහ සුවපත්වෙමින් සිටින රෝගීන් අතර එම කළු දිලීර ආසාදනයට ගොදුරුවූවන් දහස් ගණනක් පිළිබඳ තොරතුරු ලැබුණි. වෛද්‍යවරුන්ට අනුව කොවිඩ් වෛරසය මැඩලීමට ශාරීරික උත්තේජක ඖෂධ දෙනු ලැබීම සහ දියවැඩියාව සහිත රෝගීන් ඉහත කී කළු දිලීරය ආසාදනය වීම අතර සම්බන්ධයක් දක්නට ලැබෙයි. එම වෛද්‍යවරුන් වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට සඳහන් කළ පරිදි '' කොවිඩ් වෛරසය ආසාදිතව ඉන් සුවය ලැබීමෙන් දවස් දොළහත්-දහ අටත් අතර කාල සීමාවක් තුළ පුද්ගලයකුට එම කළු දිලීරය අසාදනය වීම සිදුවිය හැකි බවක් දක්නට ලැබෙයි. ඉන්දියාවේ මෙතෙක් වාර්තා වී ඇති 'කළු දිලීර' ආසාදිතයන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බටහිර ඉන්දියාවේ ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත දෙකෙනි. ඒ හැරුණුවිට තවත් ආසාදිතයන් අටත් -නවසීයත් අතර සංඛ්‍යාවක් වෙනත් ප්‍රාන්ත පහළොවකින් වාර්තා විය. එපරිද්දෙන් රෝගීන් වාර්තාවීමත් සමඟ එම රෝගය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය ප්‍රාන්ත විසිනවයට දැනටමත් පවසා ඇත. එම දිලීරයට ගොදුරුවෙන රෝගීන් වෙනුවෙන් වෙන්කරන ලද රෝහල් වාට්ටු ඉතා ඉක්මණින් පිරීයමින් ඇතැයි වෛද්‍යවරු පවසති. 'මියුකෝර්' පුස් බහුලව දක්නට ලැබෙන්නේ පස, ශාක, පොහොර සහ දිරාපත් වන පලතුරු සහ එළවළු ආදියෙහිය මධ්‍යම ඉන්දීය නගරයක් වන 'ඉන්ඩෝ' (Indore) හි ඇඳන් 1,100ක් සහිත රජයට අයත් 'මහාරාජා යෂ්වන්ත්‍රාවෝ' ආරෝග්‍ය ශාලාවේ සතියකට පෙර දිලීරය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පස්දෙනකු වූ නමුත් එය පසුගිය සෙනසුරාදා (ජූනි 22) වනවිට 185ක් තෙක් ඉහළගොස් තිබුණි. එම රෝගීන්ගෙන් 80%කට අධික සංඛ්‍යාවක් වහාම සැත්කම් සඳහා යොමුකිරීමට සිදුවූ බව එම රෝහලේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය වී.පී. පාන්ඩේ බීබීසියට පැවසීය. කළු දිලීරය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සිය රෝහලේ වාට්ටු එකොළහක ඇඳන් 200ක් සූදානම් කර ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි. ''මේ රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව අනපේක්‍ෂිත මට්ටමින් ඉහළයමින් පවතිනවා'' වෛද්‍යවරයා සඳහන් කළේය. 'ඉන්ඩෝ' (Indore) රෝහලේ පමණක් කළු දිලීර ආසාදිත රෝගීන් 400ක් වත් හඳුනාගනු ලැබ ඇතැයි වෛද්‍ය පාන්ඩේ සඳහන් කළේය. "කළු දිලීර ආසාදනය දැන් කොවිඩ් -19 ට වඩා දැඩි අභියෝගාත්මක වී තියෙනව. රෝගීන්ට නිසි වේලාවට විධිමත්ව ප්‍රතිකාර කළේ නැත්නම් මරණ අනුපාතය 94% දක්වා ඉහළ යන්න පුළුවන්. ප්‍රතිකාරවලට යන වියදමත් අධිකයි. ඖෂධ සැපයුමකුත් සිදුවන්නේ `නැහැ''වෛද්‍ය පාණ්ඩේ වැඩිදුරටත් පැවසීය. "මීට පෙර අවුරුද්දකට අපට වාර්තාවුනේ කළු දිලීර රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් විතරයි'' 'මියුකොමයිකොසිස්' (Mucormycosis) යනු ඉතා දුර්ලභ ආසාදනයකි.පස්,ශාක වර්ග,පොහොර සහ නරක් වූ පලතුරු හා එළවළු ආදියේ එය බහුලව දක්නට ලැබෙයි. ''කළු දිලීර ආසාදිතව ඇතැයි රෝග විනිශ්චය කෙරුණ පුද්ගලයන්ට සති අටක පමණ කාලයක් දිනපතාම ''ඇම්ෆොටෙරිසින්'' බී (amphotericin B) හෝ "ඇම්ෆෝ-බී"("ampho-B") නියම කරනවා. එම ව්‍යාධිය සඳහා ඖෂධ වර්ග දෙකක් ඇත. එනම්,ප්‍රමිතිගත 'ඇම්ෆොටෙරිසින් බී ඩියෝක්සිකෝලේට්''(amphotericin B deoxycholate) සහ ''ලිපොසෝමල් ඇම්ෆොටෙරිසින්''(liposomal amphotericin) යන ඖෂධ දෙවර්ගයයි. තම නගරයේ රෝහල් හතරක රෝගීන් 201ක් දෙනකුට අදාළ තොරතුරු තමා සතුව ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි. එම රෝගීන්ගෙන් වැඩිදෙනා කොවිඩ්-19 වෛරසය ආසදිතව සුවය ලද්දෝ වෙති. එසේම වැඩිදෙනා පිරිමින් වීමත් විශේෂත්වයකි. ඔවුන්ට කොවිඩ් ආසාදිත සමයේ ශාරීරික උත්තේජන ඖෂධ දී ඇති අතර දියවැඩියාවෙන් පෙළෙන්නන් ලෙස ද හඳුනාගනු ලැබ ඇත. මීට අදාළ තවත් සමීක්‍ෂණයක් සිදුකරනු ලැබ ඇත. ඉන්දීය වෛද්‍යවරුන් හතරදෙනකු විසින් සිදුකරන ලද එම අධ්‍යයනයේ දී කොවිඩ්-19 ආසාදිතව පසුව 'මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ සියයකට අධික පිරිසක් විමර්ශනය කරනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් හැත්තෑ නවදෙනෙක්ම (79) පුරුෂයෝ වූහ. එම රෝගීන් අතර අසූතුන් දෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙන බව ද අනාවරණය විය. 'මුම්බායි'නගරයේ රෝහල් දෙකක කළු දිලීර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනකු (45) යොදාගනිමින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් ඔවුන් සියලු දෙනාම දියවැඩියා රෝගීන් හෝ දියවැඩියාව වැළඳීමට ආසන්න තත්ත්වයක සිටින බව අනාවරණය විය. ඔවුන් සැම කෙනෙකුගේම රුධිරයේ සීනි ඉතා ඉහළ මට්ටමක විය. "මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක නැහැ " අක්ෂි ශල්‍ය වෛද්‍ය අක්ෂේ නායර් බීබීසීයට පැවසීය. 'මියුකොමයිකොසිස්' කියන්නේ කුමක්ද? 'මියුකොමයිකොසිස්' (Mucormycosis) යනු ඉතා දුර්ලභ ආසාදනයකි. පස්,ශාක වර්ග,පොහොර සහ නරක් වූ පලතුරු හා එළවළු ආදියේ එම දිලීරය බහුලව දක්නට ලැබෙයි. ''මේ දිලීරය හැම තැනකම පවතින්න පුළුවන් දෙයක්. එය පසෙහි සහ වාතයේ මෙන්ම නිරෝගී මිනිසකුගේ නාසයේ හෝ සෙම සොටු ආදියෙහි පවා තියෙන්න පුළුවන්'' මුම්බායි නගරයේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ආක්ෂේ නායර් පවසයි. එම දිලීරය 'සෛනස්' (sinuses) තත්ත්වයන්ට,මොළයේ සහ පෙනහළුවල ආසාදනයවීම් කෙරෙහි හේතුවිය හැකිය. එපමණක් නොව, දියවැඩියා හෝ පිළිකා රෝගීන්ට සහ HIV ඒඩ්ස් රෝගය නිසා ශාරීරික ප්‍රතිශක්තිය හීනවූ තත්ත්වයක සිටින පුද්ගලයන්ට මෙම දිලීරය ආසාදනය වීම මාරන්තික අනතුරකි. මුම්බායි වසංගතය විශාල වශයෙන් පැතුරුන කලාපයකි ශ්‍රී ලංකාවේත් 'කළු දිලීරය' තිබෙනවාද? කොවිඩ්-19 වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ අම්පාර ප්‍රදේශයෙන් කළු දිලීරය ආසාදිත රෝගියකු හමුවූ බවක් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ ශ්‍රී ලංකාව තුළත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී. මේ අතර කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවන'' බව පෙන්වා දුන්නාය. එහෙත් ලංකාවේ කොවිඩ් ආසාදනය වූ කිසිවකුට 'කළු දිලීරය' ආසාදනය වීමක් වාර්තා වී නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි. "මියුකොමයිකොසිස්' (mucormycosis) යනුවෙන් හඳුන්වනු ලබන කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. උදාහරණයක් විදිහට 1919 වර්ෂයේ දී අපට කළු දිලීර ආසාදනය වීම් 42ක් වාර්තා වී තිබෙනවා. 2020 වසරේ දී 24 දෙනකුත් මේ වර්ෂයේ දී මේ දක්වා 24 දෙනකුත් වාර්තා වී තිබෙනවා. එහෙත් ඒ කිසිම රෝගියකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැහැ. අදාළ පරීක්‍ෂණ සිදුකෙරෙන්නේ වෛද්‍ය පර්යේෂණායතනය මගින් වීම නිසා අපට නිසැකවම කියන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන්ට "මියුකොමයිකොසිස්'(mucormycosis) කියන රෝග තත්ත්වයක් ඇති වී නැති බව'' ශ්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටි රටක් නිසා ඒ දිලීරය ලැබීමට අවශ්‍ය සියලු පරිසර සාධක ලංකාවේ ඇති බව පවසන වෛද්‍යවරිය එම දිලීරය රටේ පස්වල පවතින බවත් සඳහන් කළාය. තවදුරටත් කරුණු පැහැදිළි කළ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''මේ දිලීරය අසාදනය වන්නේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට'' බවත් පැවසුවාය. ශ්‍රී ලංකාවෙන් 'කළු දිලීර' රෝගීන් හමුවූ බවට ලැබෙන වාර්තා ශ්‍රී ලංකා රජය මගින් බැහැර කරනු ලැබ ඇත. ''අම්පාර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියාට කළු දිලීරය ආසාදිත බවට පැතිරෙන තොරතුරු අසත්‍යයක්'' බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු භාර රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍යසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. ගංගා නම් ගංඉවුරේ කොවිඩ් මළසිරුරු ආදාහනය කෙරෙමින් පවතින ආකාරය තවත් තොරතුරු;
හැකි ඉක්මණින් රට විවෘත කළ යුතු බවත් කොරෝනා උවදුර හේතුවෙන් දීර්ඝකාලයක් රට වසා තබාගත නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවැති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ "මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න." ජනාධිපතිවරයා පැවසීය. "කොවිඩ් රෝගීන් සමග සෘජුව සම්බන්ධතා පවත්වන සෞඛ්‍ය අංශ නිලධාරීන් කොවිඩ් රෝගයට ගොදුරු නොවන්නේ ඇයි. ඒ අය හරියට මාස්ක් එක දානවා. නිවැරදිව අත් හෝදනවා. නිවැරදි ක්‍රම අනුගමනය කරනවා. මේක තමයි අපි සමාජයට දෙන්න ඕනේ. මේවා කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව රට දුවන්න පුළුවන්. ජනතාව අවධානයෙන් ඉන්නවා නම් රටක් දුවන්න හැකියි," ඔහු වැඩිදුරටත් පැවසීය. බස්නාහිර පළාතට දැනට පනවා තිබෙන නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා (නොවැ. 9) උදෑසන 5.00 වනවිට ඉවත් කිරීමට කෙසේ හෝ පියවර ගන්නා ලෙස තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (නොවැම්බර් 5) මාධ්‍ය හමුවේ සදහන් කළේය. "මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝණත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා," ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. "ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. " යුද හමුදාපතිවරයා තවදුරටත් පැවසීය. කොරෝනා වෛරසය වාර්තා වූ අවසන් මරණ හතම කොවිඩ් වැලඳීමෙන් සිදු වූ මරණ බවට තහවුරුව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුවය. ඒ අතර බ්‍රහස්පතින්දා (නොවැම්බර් 5) වාර්තා වූ මරණ පහෙන් තුනක්ම නිවෙස් වලදීම සිදුව තිබේ. එම තත්වය හමුවේ රට නැවතත් මේ අවස්ථාවේදී සම්පුර්ණය්යෙන් විවෘත කිරීම කෙතරම් සුදුසුද යන්න සෞක්‍ය විශේෂඥයන් ප්‍රශ්ණ කරයි. මෙම තත්වය හමුවේ සෞඛ්‍ය විශ්ලේෂකයන් පවසන්නේ රට විවෘත කිරීමට බලධාරීන් ඉක්මන් වුවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බවකි. නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගෙන රට විවෘත කිරීම ඉතාමත් භයානක බවට ඔවුහු පවසති. වෛද්‍ය නිල්මිණි විජෙමුනිගේ "මම හිතන්නේ අපට පූර්ණ විවරයක් කළ නොහැකියි. මගේ හැඟීම නම් ඔවුන් "විවෘත" කරනු ඇති නමුත් බොහෝ ආසාදිතයින් ඇති ප්‍රදේශ දැඩි සීමාවන් සහිතව තබා ගනී. ඔවුන් කෙසේ හෝ විවෘත කිරීමට පෙර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතුයි. එසේ නොමැතිනම් විශාල පොකුරු නැවත වර්ධනය වීමේ අවදානමක් අපට තියෙනවා," යැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෛද්‍ය නිල්මිණි විජෙමුනිගේ බීබීසී සිංහල සේවය සමග පැවසීය. සෞඛ්‍ය ප්‍රතිපතති කේන්ද්‍රය සෞඛ්‍ය පද්ධති පර්යේෂණ, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ආර්ථික විද්‍යාව වැනි දේ පිළිබඳ කටයුතු කරන ලාභ නොලබන පර්යේෂණ ආයතනයකි. "මෙල්බර්න් හි ඔවුන් සීමාවන් ලිහිල් කළේ දිනපතා හමුවන නව ආසාදිතයන් ගණන 0 කට ආසන්න වන තෙක් ඔවුන් එම නගරය විවෘත කලේ නැහැ. අපට දිනකට 200-400 වඩා වැඩි නව ආසාදිතයන් ප්‍රමාණයක්හමුවෙනවා. පරීක්ෂණ පුළුල් නොකර අපි සම්පූර්ණයෙන්ම විවෘත කළහොත්, වියට්නාමය, නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි පාලනයක් අපට කිරීමට හැකි වේ යැයි මම හිතන්නේ නෑ." "ජනාධිපතිවරයා සිය වීඩියෝ පටයේ සඳහන් කර ඇත්තේ පරීක්ෂණ සහ වෛද්‍ය අංශ වැඩිදියුණු කර විවෘත කළ යුතු බවයි. අපට කාලයක් ඉතිරිවී නෑ ඒ නිසා ඔවුන් කලින් කළ දේ ඉතා ඉක්මණින් කරනු ඇතැයි මම සිතනවා. එසේ වුවහොත් අපට හමුවන නව රෝගීන් ගණන ඉක්මණින් යටපත් කළ හැකිවෙයි. තවමත් පරීක්ෂණ තිබෙන්නේ දිනකට 12,000 කටත් අඩු ප්‍රමාණයක," වෛද්‍ය විජේමුනිගේ පැවසුවාය. මිණුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් විහිදීමට පටන්ගත් කොරෝනා රෝගීන්ගේ පොකුර ආරම්භවී දැනට මාසයක් ගතවී ඇති බවත් එම කාලය තුළ රෝගීන් 8500 කට අසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. මිණුවන්ගොඩ පොකුර ආරම්භවන විට රට තුළ රෝගීන් 3500 කට අඩු ප්‍රමාණයක් සිටියත් මේ වන විට කොරෝනා වෛරසය රටේ සියලුම දිස්ත්‍රික්කයන් හි ව්‍යාප්තවී ඇති බව ද එම සංගමය සියා සිටී. "පළමු මාස නවයට ම රෝගීන් 3500යි එක මාසයකට රෝගීන් 8500 යයි. එතකොට මේ මිණුවන්ගොඩ-පෑලියගොඩ පොකුරු රට තුළ කොතරම් තදින් ව්‍යාප්තවෙලා තියනවද කියන්න වෙන සාධක අවශ්‍යවෙන්නේ නෑ. සමස්ත රට තුළ ම කොරෝනා රෝගීන් ඉන්නවා," රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍යයට පැවසීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ රෝගීන් සංඛ්‍යාව දිනපතාම සිය ගණනින් වාර්තා වීමත් සමගම දැනට රට තුළ පවතින තත්ත්වය යම් බරපතල ස්ථානයක ඇති බවය. "ප්‍රධාන පොකුරු දෙක වන බ්‍රැන්ඩික්ස් පොකුර සහ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර අශ්‍රිතව ඇති වුන අනු පොකුරු වලින් අශ්‍රිතයින් විශාල ප්‍රමාණයක් වාර්තාවෙනවා. මෙම තත්ත්වය ඉක්මණට ම පාලනය කරන්න ඕන, මොකද එහෙම පාලනය කරේ නැති වුණොත් සෞඛ්‍ය අංශවල ධාරිතාවට මේ තත්ත්වය දරාගන්න බැරිවෙයි," මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය. "හැබැයි මෙහිදී දිගින් දිගටම ඇදිරිනීතිය දමමින් පවත්වාගෙන යන්න බැහැ. මීළගට අවශ්‍ය වෙන්නේ සංචරණය සිමා කරමින් රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන අතර රටේ ජනතාව නව සාමාන්‍ය තත්ත්වයට හුරු කිරීම. මේ තත්ත්වය යම් ආකාරයකින් පාලනය කළත් නැවතත් අර පරණ විදිහටම නොසලකා හරින මට්ටමකට ආවොත් නැවත වරක් දරුණු මට්ටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්." මහාචාර්ය ඉන්දික කරුණාතිලක තවදුරටත් පැවසුවේ රට තුළ මේ වන විට මතුවී තිබෙන තත්ත්වය ඉතා ඉක්මණින් පාලනය කර ගැනීමට හැකි යැයි තමන් විශ්වාස නොකරන බවය. "මේ වයිරසය කලින්ට වඩා වැඩි වේගයෙන් පැතිරෙනවා. මේ ව්‍යාප්තියත් එක්ක බැලුවම මේ තත්ත්වය ඉක්මණට පාලනය කරන්න පුළුවන් වෙයිද කියල හිතන්න බෑ. යම් කාලයක් යයි මේක හරියට පාලනය කරන්න. ඉතින් මෙය පාලනය කර ගන්න බැරි උනොත් තත්ත්වය දරුණු වෙන්න පුළුවන්. ඒ තත්ත්වය නිසා සංචරණය සිමා කරන්න වෙනවා, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන අතර." මහාචාර්යවරයා පැවසුවේ මුලින්ම එකවර රෝගීන් 700ක් 800ක් හමුවන විට සෞඛ්‍ය අංශ ලොකු අභියෝගයකට මුහුණ දුන් නමුත් මේ වන විට එම සෞඛ්‍ය අංශයේ තිබෙන සුදානමත් සමග එම තත්ත්වය පසුගිය සතියේදී සැහෙන දුරකට හොද මට්ටමකට ගෙන ඇති බවය. "හැබැයි දැන් වුණත් අභියෝග තියෙනවා. දවසකට රෝගීන් 300-400ක් වැඩි වෙන නිසා රෝහල් පද්ධතිය තියෙන්නෙ අභියෝගාත්මක මට්ටමක," මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය. "අනිවාර්යයෙන්ම රට විවෘත කළ පසු සංචරණය වැඩිවුණොත් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ හැකියාවක් තියෙනවා. නැත්තේ නැහැ. ඒ අහියෝගයට ලැහැස්තිවෙලා ඉන්න වෙනවා. රටක් හැටියට තියෙන අහියෝගය තමයි නව සාමාන්‍ය කියන තත්ත්වයට පුරුදු වෙන එක. දැන් මේ තියෙන වෛරස් ප්‍රභේදය ඉක්මණින් පැතිරෙනවා නම් කලින්ටත් වඩා වැඩියෙන් පරිස්සම් වෙන්න වෙනවා." "මේක සෞඛ්‍ය අංශයටම පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ තීරණ ගත යුත්තේ සෞඛ්‍යය අංශයේ නායකත්වය යටතේ. ඒක ඉතාමත් වැදගත්. සෞඛ්‍ය අංශවලින් රට වහල තියන්න කියල ඉල්ලලා නැහැ හැබැයි සංචරණය පාලනය කරන්න කියල නම් ඉල්ලලා තියෙනවා. රට අරින්න කියන කාරණාවේදී අර කලින් තිබුන විදිහට සම්පුර්ණයෙන්ම ඇරලා කිසිම දෙයක් සලකන්නේ නැතිව ඉන්න බැහැ. යම් සීමාවන් පනවන්න වෙයි මේ තත්ත්වය පාලනය කර ගන්න. අත්‍යවශ්‍ය සේවාවන් ආර්ථික කාරණාවන් පවත්වාගන්න වෙනවා, නැතුව දිගටම මේ තත්ත්වයෙන් ඉන්න හැකියාවක් නැහැ." රට අගුළු දැමීමේ අනෙක් පැත්ත එනම් අඩු ආදායම්ලාභී නිවැසියන්ට ඇති බලපෑම, දෛනික ආදායම්ලාභීන්ට හා ස්වයංරැකියාවන් හි නිරත වුවන්ට ඇති බලපෑම ආදිය සහ ඔවුන් ලද සහයෝගය කෙබඳුද යන්න රටට වැටහෙන නමුත් පවතින තත්ත්වය පාලනය නොකර රට විවෘත කිරීම ඉතාමත් භයානක බවට ප්‍රජා වෛද්‍ය හා දේශපාලන විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ. ඔවුන් පවසන්නේ මෙයට පිළිතුර රට විවෘත කිරීමට හදිසි වනවාට වඩා රජය මේ අවස්ථාවේදී වැඩි අවධානයක් දිය යුත්තේ වෛරස ව්‍යාප්තිය වලක්වගැනීමට හා අඩපණ වී ඇති ආර්ථිකය නව සාමාන්‍ය තත්ත්වය යටතේ සංචරණ සීමාවන්ට අනුව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවය. ඒ අනුව අඩු අදායම් ලාභීන්ගේ හා ස්වයං රැකියාවල නිරතවුවන්ගේ ආර්ථිකය පිළිබදව නිසි තීරණ ගත යුතු බව ඔවුහු පවසති. වැලිකඩ බන්ධනාගාරය තුළින් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමුවීම පිළිබද ට්විටර් පණිවුඩයක් තැබූ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මෙවැනි ඉල්ලීමක් කළේය. "ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ, වසංගතයට ගොදුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාල ජනාකීර්ණ හා අපිරිසිදු බන්ධනාගාර තවත් විශාල පොකුරක් බවට පත්විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බන්ධනාගාර ප්‍රජාව බේරා ගැනීම සඳහා වේගයෙන් ක්‍රියා කළ යුතුයි." මෙම තොරතුරු ද දැනගන්න:
වෙනම ආණ්ඩුවක් පිහිටුවන මෙන් අගමැතිනි යින්ග්ලුක් සිනවත්ගෙන් ඉල්ලා සිටියත් රට දෙකඩ කිරීමේ සැලැස්මක් නැතැයි තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් කියා සිටියි.
රතු කමිස ආධාර කරුවෝ තායිලන්ත රතු කමිස හමුදාවේ නායකයකු වන වෙන්ග් තොජිරකන් ප්‍රකාශයක් කරමින් තම ව්‍යාපාරයේ අරමුණු සහ ක්‍රියාමාර්ග යුදමය එකක් නොව දේශපාලන පදනමක් සහිත වූවක් වන බවයි කියා සිටින්නේ. එසේම රට දෙකඩ කිරීමට සිය සංවිධානයේ ශක්තිය නො යෙදූ බවයි රතු කමිස නායකයා පවසන්නේ. ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් සහ වෙඩි හුවමාරුවකින් අනතුරුව අගමැතිනි යින්ග්ලුක් සිනවත් අගනුවරින් පිටව ඇයගේ බල ප්‍රදේශයක් වන උතුරු තායිලන්තයට මේ සතියේ ගොස් සිටින බවත් වාර්තා වෙයි. එම ගැටුම් වලදී පස් දෙනකු මරණයට පත් වූ බවත් ප්‍රකාශයට පත් කෙරිණ. තායිලන්තයේ මුල් බැස ගත් ප්‍රභූ සමාජය, යුද හමුදාව සහ රටේ වෙනත් ප්‍රධාන ආයතන වලින් සහයෝගය දිනා ගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ මාස කීපයක් ම ආණ්ඩුවේ ආයතන වට ලා සිටිති.
එකට වැඩ කිරීමට හැකියාව තිබියදී එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ගැනීමට නොදෙන බව කියා සිටි පිරිස් දැන් එක්සත් ජාතික පක්ෂය හා එක්වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න පැවසුවේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීම බවයි. එක්සත් ජාතික පක්ෂයට කිසිදිනක එක් නොවන බවත් කිසිදිනක බලය ලබා ගැනීමට නොදෙන බව පැවසූ ජාතික හෙළ උරුමයේ චමිපික රණවක ඇමතිවරයාත්, කවරදාකවත් එක්සත් ජාතික පක්ෂයට එක නොවන බව පැවසූ අතුරලියේ රතන හිමියෝත් එක්සත් ජාතික පක්ෂයට එක්වී සිටින බවයි ඔහු පැවසුවේ. පක්ෂ ගණනාවක් එසේ එක්වී සිටියත් එම පක්ෂවල ප්‍රතිපත්ති පරස්පර විරෝධී නිසා එවැනි පක්ෂ එක්ව හදන රජයක් කිසිදිනක ස්ථාවර නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට විශාල පිරිසක් එක්වී සිටින බව පැවසූ ඔහු සඳහන් කරන්නේ කිහිප දෙනකු පමණක් නොහැකියාව පල කරන්නේ කුහකකම සහ පෞද්ගලික හේතු මත බවයි .
දෙසිය පනහකට අධික මිනිස් ජීවිත මිනිස් බෝම්බ මාලාවකට ගොදුරු වී දෙවසරක් ගතව ඇත. එදින දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත පැමිණ සිටි කිතුනු භක්තිකයන් සහ විදේශිකයන් එම ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය විය. එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි යැයි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්ව තිබුණු නමුත් ඉහත කී සාමාන්‍ය වැසියෝ ඒ පිළිබඳ නොදැන සිටියහ. දැන සිටියා නම් ඒ සියලු දෙනාටම හෝ අඩුම තරමේ ඉන් පිරිසකට හෝ දිවි බේරා ගැනීමට හැකිවනු ඇත.
පහත දැක්වෙන්නේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් විසින් 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇතැයි පැවසුනු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ පසු විපරමකි. සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳ පළමුවරට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ 2019 අප්‍රේල් මස ආරම්භයේදීය. පහත දැක්වෙන්නේ එතැන් පටන් අප්‍රේල් 21 දක්වා ඒ පිළිබඳ නිකුත් කෙරුණු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ ගමන් මගය. (මූලාශ්‍ර: පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව) 2019 අප්‍රේල් 04 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ 'WhatsApp' හරහා මුල්ම පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වෙනිදා ඔහුට ලිඛිතව ලැබී තිබේ. 2019 අප්‍රේල් 07 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එම තොරතුර ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී ඇත. 2019 අප්‍රේල් 08 ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එම ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබේ. 2019 අප්‍රේල් 09 පොලිස්පතිවරයා විසින් එම ලිපිය: යන නිලධාරීන් වෙත යොමු කරනු ලැබ තිබේ. 2019 අප්‍රේල් 10 තමා වෙත අදාළ තොරතුර ලැබීමෙන් පසු සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පවසයි. සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. 2019 අප්‍රේල් 11 ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ මෙදින ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවට මාධ්‍ය වාර්තා (ප්‍රහාරයෙන් පසුව). 2019 අප්‍රේල් 14/15/16 සහරාන් හෂීම් සහ ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට ඇත. 2019 අප්‍රේල් 16 කාත්තන්කුඩි ප්‍රදේශයේ දුරබැහැර ස්ථානයක යතුරු පැදියක් පුපුරා ගොස් තිබිණි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ. 2019 අප්‍රේල් 18 කාතාන්කුඩි ප්‍රදේශයේ පිපිරීම සහරාන් හෂීම් විසින් සිදු කරන ලද බවත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි. 2019 අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි සේවය විසින් හමුදා බුද්ධි අංශ වෙත එම බුද්ධි තොරතුරු දන්වනු ලැබ ඇත. රාජ්‍ය බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා දැනුවත් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. (පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව) "අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන 19/04/20 දින සවස 05:00 ට පමණ ඇමතුමක් ලබා දී ප්‍රහාරයක් සිදුවන බව දන්වා සිටියේය. ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශය රැස් කරගෙන ඇති බුද්ධි තොරතුරු මොනවාදැයි පොලිස්පති ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වෙතින් විමසීය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ එය විදේශ ප්‍රභවයෙන් ලැබෙන තවත් තොරතුරක් යන්නයි," (පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පරිදි) 2019 අප්‍රේල් 20 පස්වරු 07:30 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා අමතා එළඹෙන දිනය භයානක බවත් යමක් සිදුවිය හැකි බවත් පවසා තිබේ. පොලිස්පතිවරයා එම අනතුරු ඇඟවීම අදාළ සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වා තිබේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් 2019 අප්‍රේල් 20 වෙනි දින තමන්ට ද එවැනිම තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටි බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. "මම පොලිස්පතිවරයාට කතා කළා. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් ඔහුටත් එම තොරතුරු දැනුම් දී තිබුණා," 2019 අප්‍රේල් 21 පෙරවරු 06:45 එදින භයානක දෙයක් සිදුවනු ඇති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා නැවතත් කියා තිබේ. පොලිස්පතිවරයා නැවතත් අදාළ කණිෂ්ඨ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී ඇත. 2019 අප්‍රේල් 21 පෙරවරු 08:27 "ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්." රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී ඇති අවසන් බුද්ධි තොරතුර එයයි. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් කිහිප දෙනෙක් දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් එල්ල විය. 2019 අප්‍රේල් 22 පාස්කු ප්‍රහාරයෙන් පසු පළමු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2019 මැයි බස්නාහිර සහ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාවක් දියත් විය. ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් පල්ලියක් ප්‍රහාරය ගැන දන්වන ලද පාර්ශව කවුරුන්ද? පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව තුළ එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් අප්‍රේල් 11 වෙනිදා නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. එවක ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කීපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය: මේ අතර හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද තවත් ලිපියක දැක්වුණේ ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය. ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ද එම ලිපියේ පැහැදිලිව දැක්විණි. "ත්‍රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් විය. මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් විය. රනිල් - මෛත්‍රී බල අරගලය අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු ජනාධිපතිවරයා දැනුවත් කර නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය 2019 මැයි 30 නිකුත් කළ නිවේදනයක සඳහන් විය පාස්කු ප්‍රහාරය වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවක ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප පාර්ශවය වගකිව යුතු බවට චෝදනා එල්ල විය. ප්‍රහාර එල්ල වී වසර දෙකක් ගතව ඇතත් එය වළක්වා ගැනීමට නොහැකි වූයේ කාගේ දුර්වලතාව හේතුවෙන් ද සහරාන් ඇතුළු පිරිස මෙහෙය වූයේ තෙවන පාර්ශවයක් විසින්ද එසේ නම් ඒ පිටුපස සිටි මහ මොළකරු කවුරුන්දැයි යන්න තවමත් පැහැදිලි වී නොමැත. 2018 වසරේ ඔක්තෝබර් 26 දා මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ එම ධුරය සඳහා පත් කරනු ලැබිණි. එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ යලි අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබිණි. පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි පාස්කු ප්‍රහාරය එල්ල වී දින අටකට පසුව (2019 අප්‍රේල් 29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ. නමුත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පහත දැක්වෙන්නේ එම පෙත්සමේ අඩංගු වූ මූලික කරුණු කිහිපයකි. පෙත්සමට අනුව: 2019 අප්‍රේල් 29: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය. එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය එවක පැවසීය. ප්‍රහාරයට පසු (අප්‍රේල් 23) ජාතිය අමතා අදහස් දැක්වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, "එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප‍්‍රධාන නිලධාරීන් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," යනුවෙනි. මේ ගැනත් කියවන්න:
මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි බදාදා (අප්‍රේල් 28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට හමුදා ආධාර ලබාදීම තහවුරු කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ, චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50 ක හමුදා ආධාර ලබාදෙන බවකි. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ සම්බන්ධයෙන් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නොකළ මුත් විශ්ලේෂල්කයන් පවසන්නේ ශ්‍රී ලංකාව හා චීනය අතර මේ වන විට එතරම් යහපත් බැඳීමක් නොමැති බැවින් එය වර්ධනය කරගැනීමේ අරමුණ මෙම අමාත්‍ය සංචාරය පසුපස විය හැකි බවය. "ඔබ අපගේ පැරණි මිතුරෙක්" යනුවෙන් ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි අගමැති වරයා හමුවීමෙන් අනතුරුව පැවසීය. "චීන ජනාධිපති ෂි ජින් පින් ගේ අනුමැතිය ඇතිව මෙම ව්‍යසනය අතර තුර සිදුකරන මෙම සංචාරය ඉතාමත් වැදගත් සහ අප දෙරටට ඉතාමත් වැදගත් වේ. මගේ මෙම සංචාරයේ අරමුණ නම් අපගේ රාජ්‍යයන් දෙක අතර ඇති කර ගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. මම විශ්වාස කරනවා මාගේ සංචාරය අප දෙරටේ සහයෝගීතාව හා මිත්‍රත්වය වර්ධනය කරයි කියලා." "අපි ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වනවා තායිවානය, ටිබෙටය, සින්ජිඔන්ග් සහ හොං කොං වැනි කාරණාවන් හිදී චීනය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන්. හොඳ සහකරුවකු සහ මිතුරකු ලෙස චීනයද ශ්‍රී ලංකාවට මානව හිමිකම් හා සහජීවනය ඇතිකිරීමේදී නිරන්තරයෙන් උදව් කිරීමට සැරසී සිටිනවා." යැයි ජෙනරල් වෙයි ෆෙන්ග්හි අග්‍රාමාත්‍යතුමා හමුවීමෙන් අනතුරුව පැවසීය. සාකච්ඡාවන් හිදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධය කිරීමට එකඟ වූ බවත් චීනය හා ශ්‍රී ලක්ව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවත් වර්ධය කර දෙරටේ මිත්‍රත්වය වර්ධය කිරීමට සුදානම් බවත් ඔහු තවදුරටත් පැවසීය. චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්" මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ ආරක්ෂක විශ්ලේෂකයකු වන අසංග අභයගුණසේකර පැවසුවේ ඉන්දියානු කලාපයේ වර්ධනය වන මෙම චීන ව්‍යාප්තවාදය කෙරෙහි නවදිල්ලිය විශාල සැලකිල්ලක් දක්වනු ඇති බව බවය."ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියෙදී නිලධරයන් සහ උපදේශකයින් භූ-දේශපාලනික අවශ්‍යතා පැහැදිලිව වටහාගත යුතුයි. ඉදිරිපස දොරෙන් 'ඉන්දියාවේ පළමු' ප්‍රවේශය යනුවෙන් කියවෙන කතා වලට පමණක් සීමා නොවී, පිටුපස දොරෙන් 'චීනයට කැමති' ප්‍රවේශය සාදරයෙන් පිළිගැනීම ඉතාමත් හයානකයි" යැයි ඔහු පෙන්වා දුණි. "බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටින හා මානව හිමිකම් ගැටලු වලට මුහුණ දෙන වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයට චීනය ඉතා වැදගත් ආරක්ෂක හවුල්කරුවෙක්. මෙම සංචාරය එම වැදගත්කම සහතික කිරීම සංකේතාත්මකව පෙන්වීමක්," බව භූ දේශපාලනය, ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂක අසංග අභයගුණසේකර බීබීසී සිංහල සමඟ පැවසීය."මෙම සංචාරය චීන-ලංකා උපායමාර්ගික ආරක්ෂක සබඳතා ශක්තිමත් කරනු ඇති අතර විශේෂයෙන් ආරක්ෂාව, බුද්ධි අංශ, නාවික, 5 ජී තාක්ෂණය සහ දැනට පවතින වරාය නගර අවශ්‍යතා පිළිබඳ විවිධ ව්‍යාපෘති සමඟ ඉදිරියට යාමට උපකාරී වෙයි, වරාය නගරය චීනයට ඉතා වැදගත් භූගෝලීය සාධකයක්." යනුවෙන් ද ඔහු පැවසීය. මහාචාර්ය ජි ඇල් පිරිස් මාධ්‍ය හමුවේ පැවසුවේ ජෙනරල් වෙයි ෆෙන්ග්හි චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා පමණක් නොව ඔහු චීනයේ ඉහළම දේශපාලන නායකත්වයට සම්බන්ධ රාජතාන්ත්‍රික කවුන්සිලයේ සාමාජිකයකු බවය. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය නිරත වන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක බව ද ඔහු කියා සිටියේය. මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ට පැවසුවේ චීනයේ ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සමග සම්බන්ධතා නොපවත්වන අතර "ඒ වගේ ප්‍රබල කෙනෙක් මේ වෙලාවේ ඇයි අපේ රටට ආවේ කියන එක ගැන ප්‍රශ්ණයක් අපටත් තියෙනවා." යනුවෙනි. "එහෙම මොකක් හරි විශේෂිත මොකක් හරි තියෙනවද? මොකද ඒගොල්ලෝ නිකන් රවුම් ගිහිල්ලා, අර අපේ ලංකාවේ නායකයෝ පිටරට ගියහම ෂොපිං යනවා ටොපි චොකලට් ගන්න යනවා වගේ. නිවාඩුවට යනවා වගේ කරන්න පුළුවන් අය නෙමෙයි චීනයේ ආරක්ෂක ඇමති කිව්වහම. ඒ වගේ කෙනෙක්ට පිටරට ගියහම පැයක්වත් ඉන්න වෙලාවක් නෑ. ඒවගේ කෙනෙක් මේ වගේ වෙලාවක මෙහෙට එන්න විශේෂ හේතුවක් තියෙන්නම ඕන. ඒ විශේෂිත වූ හේතුව මොකක්ද කියන එක අපිටත් ප්‍රශ්ණයක්," යනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. පසුගිය දා චීනයට අයත් න්‍යෂ්ටික විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවක් නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් තාක්ෂණික කටයුත්තක් සඳහා හම්බන්තොට වරායට ඇතුළු කෙරිණි. එහිදී නැවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට සඳහන් නොකිරිම නිසා එම නෞකාව වහාම එම වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දීම තුළ ශ්‍රී ලංකාව හා චීනය අතර මේ වන විට ඇති සම්බන්ධතාව කෙසේදැයි පිළිබිඹු වන බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි සමයේ ඇමරිකාව හා ඉන්දියාවේ දැඩි විරෝධය හමුවේ වුවද කොළඹ වරායට චීන යුද සබ්මැරින් යාත්‍රා කිසිදු අවහිරයකින් තොරව පැමිණියද අද තත්ත්වය එයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බවකි. විශ්ලේෂකයන් තවදුරත් පවසන්නේ චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලක්ෂ හයක ප්‍රදානයක් ලැබී තිබියදීත් මේ වනතෙක් තවමත් එම එන්නත ශ්‍රී ලංකාවේ මහජනතාවට දීමට අනුමැතිය නොලැබීම, චීනය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මෙන් මෙම රජයට මුල්‍යමය ආධාර හෝ පහසුකම් සැපයීමට ඉදිරිපත් නොවීම වැනි කරුණු මත දෙරට අතර පවතින සම්බන්ධතාව මනාව පැහැදිලිවන බවය. එවන් තත්ත්වයක් තුළ මෙලෙස චීනයේ ඉහළ නිලධාරීන් පැමිණීම මගින් දෙරට අතර සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට චීනයට දැඩි ඕනෑකමක් ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඔවුහු පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසිවේ චීනයේ සිටින දෙවෙනි ඉහළම මිලිටරි පුද්ගලයාගේ මෙම සංචාරය මුලික හේතුන් තුනක් මත වැදගත් වන බවය. "එනම් වරාය නගර ව්‍යාපෘතිය බොහෝ විට සමබන්ධ වී තිබෙන්න පුළුවන්. චීනයට ඕන කරලා තියෙනවා මේ වරාය නගරය හරහා ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ චීනයේ අභිලාෂයන් සුරක්ෂිත කරගන්න ඒක තමයි මුලික හේතුව මේ සංචාරයේ දෙවෙනි හේතුව විදිහට මම දකින්නේ මේ වෙනකොට ඉන්දියාවේ ඇතිවෙලා තියෙන කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ කලාපීය සහ ගෝලීය හෙජමනික තත්ත්වයට යම්කිසි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ තර්ජනය තියෙද්දී චීනය උත්සහ කරනවා ඉන්දියාවට ආසන්න අසල්වැසි රජයන් හරහා තවදුරටත් ඉන්දියාවට ප්‍රතිරෝධයක් එල්ල කරන්න. මේක තමයි මේ සංචාරයේ දෙවෙනි අරමුණ." "මේකට හේතු දෙන්නේ චීනයේ මුලිකත්වයෙන් දකුණු ආසියාවේ කොවිඩ් වසංගතය මැඩලීම සඳහා වූ මාර්ගගත සමුළුවක් පැවැත්වුවා. මේ සමුළුවට ඉන්දියාවට ආරාධනා කළා. ඉන්දියාව ප්‍රතික්ශේප කළා එකට සහභාගී වෙන්න. මේ හරහා චීනය උත්සහ කරනවා දකුණු ආසියාව තුළ විශේෂයෙන් ඉන්දියාවේ අසල්වාසි රාජ්‍යන් තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න එක තමයි මම හිතන්නේ දෙවෙනි හේතුව විදිහට." යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය. "තුන්වෙනි හේතුව තමයි ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සම්බන්ධතාව වර්ධනය කරගැනීමට හොඳ අවස්ථාවක් තමයි මේ කොවිඩ් වසංගතය දැනට පවත්නා වූ ලංකාවේ ආර්ථික තත්ත්වය මත මේ දේවල් අරගෙන තමයි චීනය බලාපොරොත්තු වෙන්නේ ලංකාව සහ චීනය අතර දැනට තියෙන උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට." "ලංකාව සහ චීනය අතර තියෙන උපායමාර්ගික සහයෝගී තාවයක්, ඒක ද්විපාර්ශවික වලට වඩා ටිකක් උඩින් තියෙන්නේ. අන්න ඒ උපායමාර්ගික සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගන්න චීනය බලාපොරොත්තු වෙනවා. බොහෝවිට චීනය උත්සග කරනවා මේ උපාය මාර්ගික සයෝගිතාවය වර්ධනය කරගැනීමට සහ ඉන්දියාව කලාපීය වශයෙන් පීඩාවකට ලක් කරන්න." ඔහු තවදුරත් පැවසුවේ මහින්ද රාජපක්ෂ සමයට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ පාලන කාලයේදී ඇමරිකාව, ඉන්දියාව හා චීනය යන බලවතුන් තිදෙනාම තුලනය කිරීමේ උත්සහයක් දරන බවය. "අපි දැක්ක 2007 න් පස්සේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාව චීනයට බර ප්‍රතිපත්තියක් නැත්තම් අපි කියනවා ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙදී චීනයට ඇදීයාමක් සිද්ධ වුණා. 2014-2015 අවසන් වෙනකොට සම්පුර්ණයෙන්ම අවසන් වුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ පාලන කාලය තුළ ඒක නැවතත් චීනය, ඇමරිකාව සහ ඉන්දියාව යන තුන අතර තුලනය කරන්න උත්සහ කරනවා." "මම නම් දකින්නේ ලංකාව ඒ පාර්ශව තුනටම ප්‍රතිලාභ අරන් දෙනවා. මේ සංචාරය හේතුවෙන්නේ ඒ මූලෝපායික සම්බන්ධතාව තවත් වර්ධනය කර ගන්න. බොහෝවිට ශ්‍රී ලංකාව සහ චීනය අතර ආරක්ෂක ගිවිසුමක් හම්බන්තොට වරාය හරහා ඉන්දියානු සාගරය පිළිබඳ ආරක්ෂක ගිවිසුමක් නුදුරු කාලයේදීම අපිට මේ හරහා දකින්න හම්බවේවි," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය. මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි ඊයේ (අප්‍රේල් 28) ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංගලාදේශයේ සංචාරයක යෙදෙමින් එරට ජනාධිපති අබ්දුල් හමීඩ් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේ ද්වීපාර්ශ්වික හමුදා සහයෝගීතාව ඉදිරියට ගෙන යන බව යැයි චීනයේ නිල පුවත් ආයතනය වන ෂින්හුවා පුවත් සේවය පැවසීය. චීනයේ සහ බංග්ලාදේශයේ හමුදා අතර තවදුරටත් ඉහළ මට්ටමේ සංචාර වැඩි කිරීමටත්, හමුදාවන්ගේ උපකරණ හා තාක්ෂණික සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, විශේෂිත ක්ෂේත්‍රවල හුවමාරු පුළුල් කර සමීප සබඳතා ගොඩනඟා ගැනීමටත් එකඟ වූ බව වැඩිදුරටත් කියවිණි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිලසංචාරයේ අරමුණ සහ විස්තර සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොමැති අතර ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසිය යුතු බවය. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ ජනාධිපතිවරයා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී වූ අතර දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බවය. සිය සංචාරය තුළදී කොළඹ නිදහස් චතුරශ්‍රය සහ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව නැරඹූ ඔහු අද (අප්‍රේල් 29) පෙරවරුවේ රටින් පිටව ගියේය. මේ ගැනත් කියවන්න: චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය නිමවී පිටව යාමත් සමඟම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්ෂ හමු විය. "එතුමා (මහකොමසාරිස්) විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේදී ඉන්දියාවට සහයෝගය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත විය. සියලු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශවික සබඳතා තවත් ඉහළ නැංවීමට ගරු අගමැතිතුමාගේ මඟපෙන්වීම අපේක්ෂා කරන බව එතුමා (මහකොමසාරිස්) පැවසීය," යනුවෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ට්විටර් සටහනක් තබමින් පෙන්වා දෙන්නට යෙදුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනාවෛරස මර්දන 'කොවැක්ස්' එන්නත්කරණ වැඩපිළිවෙලට ඇමරිකාව දී දායකත්වය හරහා ශ්‍රී ලංකාවද ප්‍රතිලාභ ලබන බවකි.
ඊයේ, බ්‍රහස්පතින්දා, මුම්බායි නගරයේ දී සාපරාධී කල්ලියක් විසින් මාධ්‍යවේදිනියක දූෂණය කරනු ලැබීමේ සිද්ධියට හවුල් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශයට පත් කොට ඇත.
එම සමූහ දූෂණයට හවුල් වී ඇති තවත් හතර දෙනකු ඉතා ම ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. විසි දෙ හැවිරිදි මාධ්‍යවේදිනිය සමූහ දූෂණයට ගොදුරු වුනේ පාවිච්චියට නොගන්නා ඇඟලුම් කම්හලකට පිවිස එහි ඡායාරූප ගනිමින් සිටියදී. එම අවස්ථාවේ ඇයත් සමඟ සිටි ඇයගේ වෘත්තීය සගයකුට පහර දුන් දූෂකයන් ඔහු බැඳ තබා තිබුණ බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. පසුගිය වසරේ දිල්ලි අගනුවර වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක් වූ අවස්ථාවේ මෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉන්දියාව පුරා විශාල මහජන කෝපයක් පළ වෙමින් පවතින බවත් වාර්තා වෙයි. සමූහ දූෂණයට ගොදුරු වූ මාධ්‍යවේදිනිය රෝහල්ගත කරනු ලැබුණ අතර, ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් ඇති බවත් නිවේදනය කෙරිණ.
ජපාන ජාතික පහළොස් වියැති තරුණියක ඇයගේ පෙම්වතා යැයි පවසන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගෙන් ගැබ් ගෙන ඇතැයි සඳහන් පුවතක් ශ්‍රී ලාංකාවේ ප්‍රධාන මාධ්‍යවල පළ වීමත් සමග ඒ ගැන සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතා බහක් ඇති වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බහුලව සංසරණය වූ ඡායාරූපයක් මේ සිද්ධියත් සමග විවාහ, ළමා අපචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතියේ හිඩැස් පිළිබඳ සාකච්ඡාවක් මෙන්ම, "නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවෙකු සමග මවක් තනි කළ යුතු දැයි" තර්ක ගොඩනගන බොහෝ පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැක ගත හැකිය. සිද්ධියට සෘජුවම අදාළ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහයන් කිසිවක් සාර්ථක නොවීය. කෙසේනමුත් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි කීපයක මෙම සිද්ධිය වාර්තා කර තිබිණි. ඔවුන් අත්අඩංගුවට ගත් පසු ලබාගත් ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වනු දැකිය හැකිය. අදාළ යුවළ අත් පටලාගෙන සිටින අයුරු දැක්වෙන එම ඡායාරූපය මුල් කරගත් ප්‍රේමණීය කවි පද ලියැවී ඇතිවා සේ ම 'ළමා අපචාරයක්, ස්ත්‍රී දූෂණයක්' සිදු කළ බවට අදාළ පුද්ගලයාට දැඩි චෝදනා ද එල්ල කර තිබිණි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටි විසිහතර හැවිදිරි ශ්‍රී ලාංකිකයෙකු මෙම ජපන් තරුණිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත ඇය රහසේ ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබූ බව එම වෙබ් ලිපිවල සඳහන් වී තිබිණි. මේ සම්බන්ධයෙන් තරුණියගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව, පොලිසිය මෙම යුවල සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. නීතියට පටහැනිද? මෙහිදී කාන්තාවන්ට එරෙහිව සිදුකරන දරුණුතම ගණයට අයත් වන 'ලිංගික අපරාධයක්' මෙන්ම ළමා අපචාරයක් පවා සිදුව ඇතැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ නීතිඥවරු පැවසූහ. "නීතියට අනුව අදාළ පුද්ගලයා වැරදි ගණනාවක් සිදු කර තිබෙනවා. ඔහු වැඩිහිටි පුද්ගලයෙක් බව පැහැදිළියි. එහෙම කෙනෙක් බාල වයස්කාරයෙකු සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම වැරදියි. මෙයට බරපතල නීති තර්ක අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් තිබෙන මැදිහත් පුද්ගලයෙකුට වැටහෙන්න අවශ්‍ය කාරණයක්," නීතිඥ නිලුපුල් ගුණතිලක පැවසුවාය. "මේ සිද්ධිය සමාජයේ බොහෝ දෙනෙක් වෙනත් විදිහකට දකින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මීට වඩා බරපතල ඛේදනීය සිද්ධි මේ ලංකාවේ අධිකරණවල ඕනා තරම් ඇහෙනවා. හැබැයි අනික් අතට මේ කතිකාව ගොඩනැගුණු එක නීතියේ යම් හිඩැස් පුරවන්න තල්ලුවක් වෙනවා," නීතිඥවරිය තවදුරටත් පැවසීය. කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව මෙසේ වර්ගීකරණය කර තිබේ: අදාළ ලිංගික ක්‍රියාව කිනම් අපරාධයක් යටතේ අර්ථ නිරූපණය කළ යුතුද යන්න තීරණය කිරීමේදී කරුණු කීපයක් සැලකිල්ලට ගනු ලැබේ. අපරාධයට අදාළ සිද්ධිමය කරුණු මෙම කරුණු ලිංගික අපරාධය සම්බන්ධයෙන් පවත්වන පොලිස් විමර්ෂණවල සිට නඩු විභාගය දක්වා සියලු කාරණා සඳහා වැදගත් වේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි නීතියේ හිඩැසක් ද? ජපාන - ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ බීබීසී සිංහල සේවයට සිය අදහස් පළ කළේය. "මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් පවතින නීති වෙනස් විය යුතු බවයි. එක්සත් රාජධානියේ මේ හා සම්බන්ධ නීතිවල වයස අවුරුදු 13ට අඩු අය හෝ වයස 13ත් 16ත් අතර අය හෝ 16ත් 18ත් නැත්නම් 18ට වැඩි වයසේ පසුවන දෙදෙනෙක් අතර ලිංගික සම්බන්ධතා ගැන වෙන් වශයෙන් පැහැදිලි කර තිබෙනවා. නමුත් අපේ නීතියට අනුව ගැහැණු දරුවා 16ට අඩුනම් පිරිමි කෙනාගේ වයස අදාළ නැහැ. මේ නිසා නීතිය වෙනස් වෙන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා" "හැබැයි නීති වෙනස් වුණා කියලා 16ට අඩු කෙනෙක් සමග වයස 18ට වැඩි පුද්ගලයෙක් ලිංගිකව එක් වන එක සම්බන්ධයෙන් නීති වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද මේ තියෙන නීතිය නිවැරදියි. අදාළ පුද්ගලයා වැඩිහිටියෙක් කියන කාරණාව මෙහි දී සැලකිල්ලට ගැනෙනවා." සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය කාන්තාවකට සිදුවන බරපතල හිංසන නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් සුළු කොට තැකිය නොහැකි අතර, එයට උපරිම නීති සම්පාදනය කර ඇත්තේ 'දැන හෝ නොදැන' සිදුකරන අපරාධවලට නිසි දඬුවම් ලබා දීමටය. තමන්ට සිදුවන්නේ අපරාධයක් යැයි තීරණය කළ නොහැකි වයසක සිටින ගැහැණු දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා වයස් සීමා සහිතව නීති පනවා තිබේ. ශ්‍රී ලංකාවේ මෙවැනි අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති පවතින්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයේය. දූෂණයට ලක් වූ තරුණිය වයස අවුරුදු 16ට අඩු නම්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ. 1995 අංක 20 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 වගන්තියට අනුව, දැරියගේ කැමැත්ත ඇතුව හෝ නැතුව යන මූලික නෛතික සිද්ධාන්ත දෙක මෙහි දී අදාළ නොවේ. අවුරුදු 16ට අඩු තරුණියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකු ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ වරදකරු වනු ඇත. "දැන් එතකොට මේ කතාවේ හරය වන්නේ ' වැඩිහිටියෙකු, බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔබ ඇයව ගැබ් ගැන්වීමට වග බලා ගන්න' කියන එක ද?" අවුරුදු හතකට නොඅඩු අවුරුදු විස්සක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදට දඬුවම් ලෙස දක්වා ඇත. අදාළ නීතිය ව්‍යවස්ථාපිතව නැතහොත් යම් පනතක් මගින් පනවනු ලබන නීතියක් බැවින් මෙම වරද ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නමින් හැඳින්වේ. මේ අතර, ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය ලෙස අර්ථ දක්වමින් 1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ කරුණු පැහැදිලි කර තිබේ. ස්ත්‍රිය අවුරුදු දහසයට අඩු වන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මෛථුනයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස 363 වගන්තියේ (ඉ) අනු වගන්තියේ ද සඳහන් වේ. කෙසේනමුත්, බහුවිධ නීති පද්ධතියකින් යුත් ශ්‍රී ලංකාව වැනි රටක සාමාන්‍ය නීතියට අමතරව, ආගම, උපන් ප්‍රදේශය වැනි නිර්ණායකයන්ට යටත්ව විශේෂ නීති ද ක්‍රියාත්මක වේ. උඩරට නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලාමෙයි නීතිය මෙයට උදාහරණ වේ. හිඩැස් සහිත එකිනෙකට පරස්පර නීති නිසා ලිංගික අපරාධ සම්බන්ධ නඩු තීන්දුවලින් යුක්තිය ඉටු නොවුණු අවස්ථා ද ඉතිහාසය පුරාවට අසා ඇත. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි අදාළ නීතිය පදනම් කරගෙන ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් ගැන නීතිඥ තිෂ්‍ය වේරගොඩ පැහැදිලි කළේය. "එහිදී සිදු වුණේ, බිරිඳ විදේශයක සිටින විට සැමියා ඇයගේ බාලවයස්කාර නැගණිය සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා. එයින් නැගණිය ගැබ් ගත්තා. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පැවරුවා." "එම නඩුවේ කාරණා සැලකිල්ල ගෙන චූදිතයාට ලැබුණේ අත්හිටවූ සිරදඬුවමක්. ඔහු මේ වන විට ඒ දරුවා රැකබලා ගනිමින් දරුවාටද අවශ්‍ය දේ සපයනවා. ඔහු අපරාධයක් කර තිබුණත් ඔහුට තවදුරටත් දඬුවම් නොකළ යුතු බව අධිකරණය පැවසුවා. අවුරුදු 10 ක් සිර දඬුවම් දුන්නොත් දරුවාට පියෙකු අහිමි වීම මෙහිදී සැලකිල්ලට ගත්තා," ඔහු තවදුරටත් පැවසීය. "ජපාන දැරිවියගේ සිද්ධියේ දී ගැටලුව වෙන්නේ, වැඩිහිටි පුද්ගලයෙක් තමන් කරන ක්‍රියාව නීතිවිරෝධී බව දැන දැනම බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබීමයි. එම නීති විරෝධී ක්‍රියාවෙන් තරුණිය ගැබ් ගෙන ඇති නිසා දැන් ඔහුට නිදහස් වෙන්න අවසර දෙන්න කියනවා." "කාන්තාව ගැබ් ගත්තේ නැත්නම් තවත් ළමා අපයෝජකයෙකු විදිහට සමාජය ඔහුව හෙළා දකිනවා. නමුත් දැන්, සමාජය ඔහුට අවස්ථාවක් දීමට කැමැත්තෙන් සිටින්නේ ඔහු පියෙකු නිසා." "දැන් එතකොට මේ කතාවේ හරය වන්නේ ' වැඩිහිටියෙකු, බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔබ ඇයව ගැබ් ගැන්වීමට වග බලා ගන්න' කියන එක ද?." "සදාචාරය කියන්නේ මෙය නොවෙයි. සමාජය සහ අධිකරණ පද්ධතිය දිරිමත් කළ යුත්තේ ද මේ දේ නොවෙයි," නීතිඥවරයා තවදුරටත් පැවසීය. "දරුවා පව්" ජපාන-ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් රටේ පවතින නීතිය නොව "මානුෂීය දෘෂ්ඨි කෝණයකින් බලන්න" යැයි තවත් බොහෝ පිරිසක් සිය අදහස් ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සිරගෙවල්, මාතෘ නිවාස, පරිවාස හා ළමාරක්ෂක සේවා "සෑහීමකට පත් විය නොහැකි" මට්ටමේ තිබෙන හෙයින් මෙම යුවල මෙන්ම උපදින දරුවා ද විවිධ දුක් ගැහැට විඳිනු ඇතැයි සමහරුන්ගේ මතය වී තිබිණි. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි බොහෝ දෙනෙකු මෙම කතාවේ ඇතුළාන්තය නොදැන, මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් මත සිය හැගීම් ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබිණි. එමෙන්ම අදාළ ශ්‍රී ලාංකික පුද්ගලයා "වීරයෙකු" ලෙස හුවා දැක්වීමට ද සමහරු උත්සහ කර තිබිණි. "දැන් වුණ දේ වුණා, එයා දැන් අම්මා කෙනෙක්. ඒ ගැන හිතලා නීතියෙන් සමාවක් දෙන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව මේ වගේ රටක තරුණ අම්මා කෙනෙක් කොහොම ද ජීවත් වෙන්නේ. අපේ පරිවාසවල තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ළමයා මහා දුකක් විඳියි ඉස්සරහට. මට පේන විදිහට එයා කළ එකම වරද ආදරය කරපු එක," ව්‍යාපාරික කාන්තාවක වූ දෙහිවල පදිංචි ධනංජි සේනාරත්න පැවසුවාය. මේ අතර, හෙදියක වූ උදාරා පැවසුවේ, "දරුවා බිහිකරන්න සහ හදා වඩා ගන්න එයාට ශක්තිය ඕනේ. ඒකට දරුවාගේ තාත්තා ඉන්නම ඕනේ. මොන දේ වුණත් ඒ පිරිමි කෙනා ගැහැණු කෙනාගේ අත තදින් අල්ලාගෙන ඉන්න විදියෙන්ම පේනවා ඒ ආදරයේ තරම. මිනීමරුවෝ පාර්ලිමේන්තු ගිහින්, මේ තාත්තා බන්ධනාගාර වෙනවා කියන්නේ නීතිය වැඩක් නැහැ කියන එක." "ආදරය සුන්දර වරදක් කියනවනේ," ඇය තවදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි කෙසේනමුත්, මෙම සිද්ධියට ලැබෙන සමාජ ප්‍රතිචාර ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වයට මුහුණ දෙන දැරිවියන්ට නොලැබෙන්නේ මන්දැයි තවත් සමහරු ප්‍රශ්න කරති. "අපේ රටේ දරුවෝ මේ වගේ ප්‍රශ්නවලට සෑහෙන මුහුණ දෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක්, දැනුමක් නොමැති කම නිසා වගේම, ලිංගික බලහත්කාරකම් නිසාත් ගැබ් ගැනීම් සිද්ධ වෙනවා. හැබැයි මේවා මාධ්‍යයේ පළ වුණත් මේ තරම් කතිකාවක් ඇති වෙලා නැහැ," නීතිවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන ප්‍රමෝදා සෙනෙවිරත්න පැවසුවාය. "හැම කෙනාම වැදගත්, නමුත් චිත්‍රපටියක් හා සමාන කතාවක් අදාළ සිද්ධියට පසුබිම් වුණාම එයට සෑහෙන ප්‍රචාරයක් ලැබෙනවා. මෙතන සිදුවිය යුත්තේ රටේ නීතියට අනුව කටයුතු කිරීමක් මිස, මේ වගේ වැරදිවලට අනුබල දීමක් නෙමෙයි. තමන්ගේ දරුවා වැරදි පාරේ ගිය දවසට තමයි මේ සිද්ධියේ බරපතලකම තේරෙන්නේ," ඇය තවදුරටත් පැවසුවාය. පවුල් සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ගැබ් ගැනීම්වලින් 6.1%ක් සිදුවන්නේ වයස අවුරුදු 13-19ත් වන තරුණියන් අතරය. දත්ත අනුව, නව යොවුන් ගැබ් ගැනීම්වලින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පහළ ස්ථානයක සිටිය ද, බොහෝ දුෂ්කර පළාත්වලින් අනුවේදනීය කතා රාශියක් අසන්නට ලැබේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල නව යොවුන් වියේ ගර්භණීභාවය බහුලව දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවල සඳහන් වේ. නමුත් කොළඹ වැනි නගරබද ප්‍රදේශවලින් වාර්තා වන්නේ සුළු පිරිසකි. විවාහ වෙන්න බැරිද? දෙදෙනාම එකඟත්වයෙන් ඇති කර ගත් ලිංගික සම්බන්ධතාවක ප්‍රතිඵලයක් වශයෙන් ගැබ් ගැනීමක් සිදු වුවද, අවුරුදු 18 වන තෙක් අදාළ යුවළට විවාහ වීමට අවසර නොමැත. එයට හේතුව නම්, ශ්‍රී ලංකාවේ පවුල් නීතියට අනුව විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 වීමය. එපමණක් නොව, රියදුරු බලපත්‍රය ලබා ගැනීම, බැංකු ගනුදෙනු සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාවලට ද අවම වයස දහඅටය. තාර්කික තීරණ ගැනීමට දහ අටට අඩු පුද්ගලයෙකුට නොහැකි වීම මත මෙම සීමා පනවා තිබේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි කෙසේනමුත්, අපරාධ නීතිය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අදාළ වන්නේ අවුරුදු 16න් පහළ දැරිවියන්ටය. එයින් ගම්‍ය වන්නේ වයස 16ට වැඩි දැරිවියකට ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම ගැන ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාවක් ඇති බව නීති සම්පාදකයින් තීරණය කර තිබීමය. තම ලිංගික ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගත හැකි නමුදු, අදාළ තරුණිය විවාහපත් වීමට වයස අවුරුදු 18 සපිරෙන තෙක් සිටිය යුතුය. මේ අවස්ථා දෙකේදීම අදාළ තරුණයාට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ නඩු පැවරීමට ඉඩ ඇත. එමෙන්ම දෙපාර්ශ්වයටම අවුරුදු 18ට වැඩි වන තෙක් විවාහ වීමට ද අවසර නැත. මෙහි දී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් යටතේ නඩු පැවරීමක් සිදු නොවේ. දෙපාර්ශ්වයටම වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ පසු විවාහ විය හැකිය. මේ තොරතුරුද කියවන්න:
හදි හූනියම්, කොඩිවින ආදී අන්ධ මිථ්‍යා විශ්වාස වලට එරෙහිව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටි ක්‍රියාධරයකු මරා දමනු ලැබීම සම්බන්ධයෙන් බටහිර ඉන්දියාවේ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මරා දැමුණ නරේන්ද්‍ර දභෝල්කාර්ගේ දේහයට උපහාර දක්වන අනුගාමිකයන්. නරේන්ද්‍ර දභෝල්කාර්(Narendra Dabholkar) නම් එම ක්‍රියාධරයා වෙඩි තබා මරා දමනු ලැබීමෙන් මාස තුනකට අධික කාලයකට පසුවයි, එම අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුනේ. නරේන්ද්‍ර දභෝල්කාර්ට වෙඩි තබනු ලැබුණේ, ඔහු ‘පූනා’ නගරයේ මාවතක සුපුරුදු පරිදි උදෑසන ඇවිදීමේ නිරතවෙමින් සිටියදී. කට්ටඩියන් සහ තමන්ට අද්භූත බලයක් ඇතැයි පවසන ඉන්ද්‍රජාලිකයන්ගේ මවා පෑම් වලට එරෙහිව දශක කීපයක් ම අභියෝග කරමින් සිටි නරේන්ද්‍ර දභෝල්කාර්, ආගමික චාරිත්‍රයක් හැටියට සත්ව බිලි පූජා පැවැත්වීමට ද එරෙහිව කටයුතු කළ ක්‍රියාධරයෙක්.
කොරෝනා වෛරස් වසංගතය පැතිර යාම ආරම්භ වී වසරක් ඉක්ම යමින් තිබියදී බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව එහි උපරිමයකට ළඟා වී තිබේ.
වඩාත් බරපතලම කාරණය වන්නේ ඒ හේතුවෙන් මියැදෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාවයි. කෝවිඩ්-19 නිසා ලොව වැඩි වශයෙන්ම දරුවන් මිය යන රට බ්‍රසීලයයි. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඒ හේතුවෙන් මරණයට පත් වයස අවුරුද්දට අඩු දරුවන් සංඛ්‍යාව 1,300 ඉක්මවයි. වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න. මේ ගැනත් කියවන්න:
චීනය, 'කැප්ටන් ඇමෙරිකා' චරිතය මෙන් වූ තමන්ගේ ම මාදිලියක් නිර්මාණයට උත්සාහ දරනවා ද? ඇමෙරිකානු බුද්ධි තොරතුරු නම් කියා සිටින්නේ එවැන්නක්. නමුත් අතිශයෝක්තියෙන් ඔබ්බට ගිය විට, 'සුපිරි සෙබළෙක්' නිර්මාණය කිරීමේ හැකියාව එතරම් අමුත්තක් නොවන අතර ම ඒ සඳහා උනන්දුව දක්වන්නේ චීනය පමණක් ම නොවේ.
අන්‍යයන්ට වඩා උසස් තැනකට ඒම වෙනුවෙන් ලෝකයේ හමුදා නව තාක්ෂණික අත්හදා බැලීම්වලට නිතර යොමුවනවා. උදාහරණයකට 'ඩක්ට් ටේප්' (duct tape) නමින් හැඳින්වෙන වෙලුම් පටිය දෙස හැරෙමු. එය ඇමෙරිකාවේ ඉලිනොයි හි පිහිටි යුද්ධෝපකරණ කම්හලක සේවිකාවක ගෙනා යෝජනාවක ප්‍රතිඵලයක්. දෙවෙනි ලෝක යුද සමයේදී ඇයගේ පුතුන් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියා. ඒ කාලයේදී පතුරම් පෙට්ටි මුද්‍රා තැබීමට යොදා ගත් වහා කැඩී යන සුලු කඩදාසි පටි නිසා, වෙඩි ප්‍රහාර මැද සෙබළුන් අපහසුතාවලට ලක්වෙනු දැක කණස්සලු වූ වෙස්ටා ස්ටවුඩ්ට් හට විසඳුමක් හමුවුණා. ඒ, ජලයට ඔරොත්තු දෙන රෙදි පටියක්. තමන්ගේ යෝජනාවට සිය වැඩ පරීක්ෂකයින්ගෙන් සහයෝගයක් නොලැබෙන බව දුටු තැන ඒ ගැන ජනාධිපති රූස්වෙල්ට් වෙත දන්වා යැවුවා. එහි ප්‍රථිඵලය වුණේ වෙස්ටාගේ අදහස යථාර්ථයක් බවට පෙරලන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබීමයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා 2014 වසරේ දී නව වැඩපිළිවෙලක් ගැන නිවේදනයක් කරමින් "අපි 'අයන් මෑන්' (Iron Man) නිර්මාණය කරමින් සිටින බව ප්‍රකාශ කරන්නයි මෙතැනට ආවේ" යි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා. එහිදී සිනහ මතුවුවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතල වූවක්. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව ඒ වනවිටත් වැඩ ආරම්භ කර තිබුණා. ඒ, 'ටාලෝස්' (Talos - Tactical Assault Light Operator Suit) නමින් හැඳින්වෙන ආරක්‍ෂිත ඇඟලුමක්. එය ඇඟලු පුද්ගලයෙක් සතුරු ස්ථානයකට ඇතුලුවෙන ආකාරය හා ඇඳුමේ සන්නාහයේ වැදී ඉවතට වෙඩි උණ්ඩ යන ආකාරයක් නිරූපණය කෙරෙන වීඩියෝ ක්‍රීඩාවක් වැනි ප්‍රවර්ධනාත්මක දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරුණා. 'අයන් මෑන්' බිහිවන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත් වසර 5 කදී එම වැඩපිළිවෙල හමාර වෙද්දී එහි නිර්මාපකයින්ගේ අපේක්ෂාව වූයේ අදාළ ඇඟලුමේ කොටස් අනාගතයේදී වෙනත් ආකාරයකින් භාවිත කෙරෙනු ඇති බවයි. එක්සත් ජනපදය සිහින මැවූ සිය 'ටාලෝස්' නම් බාහිර සැකිල්ල ප්‍රවර්ධන වීඩියෝවකින් පෙන්වූ ආකාරය සිය සෙබළුන්ගේ ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා බාහිර සැකිල්ලක් ගැන අවධානය යොමු කිරීම, හමුදා විසින් සොයමින් සිටින එවැනි අපේක්ෂා සහගත තාක්ෂණික ක්‍රමවේදවලින් එකක් පමණයි. මේ ආකාරයේ වැඩිදියුණු කිරීම් අලුත් තත්ත්වයක් නොවේ. අවි, ඇඟලුම් හා පුහුණුව ආදිය සම්බන්ධයෙන් අතීතයේ සිට ම කෙරුණු වැඩිදියුණුව හමුදාවන්ට ලැබුණු රුකුලක්. නමුත් අදවනවිට, වැඩිදියුණු කිරීමේ අර්ථය හුදෙක් සොල්දාදුවෙකුට වඩා හොඳ ගිනි අවියක් දීමෙන් ඔබ්බට යන දෙයක් වෙන්නට පුළුවන්. එහි අර්ථය, ඒ සෙබළා වෙනස්කමකට ලක්කිරීමක් වෙන්නට පුලුවන්. "න්‍යෂ්ටික බෝම්බයකට වඩා දරුණු" දෙයක් ඉතා ඉක්මණින් නිර්මාණය කරන්නට මානවයා පියවර ගනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් 2017 දී අනතුරු ඇඟවූවා. "කිසියම් ලක්ෂණ දෙමින් මිනිසකු නිර්මාණය කරන්නට මිනිසාට පුළුවන් යැයි කෙනෙකු හිතන්නට පුළුවන්. ඒ න්‍යායාත්මකව විතරක් නොවෙයි, ප්‍රායෝගිකවත්. ඒ මිනිසා අති දක්ෂ ගණිතඥයෙක්, සංගීතඥයෙක් හෝ සොල්දාදුවෙක්, එනම් බියෙන්, අනුකම්පාවෙන්, පසුත්වීමෙන් හෝ වේදනාවක් නොදැනී සටන් කරන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන්." එක්සත් ජනපදයේ හිටපු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් පසුගිය වසරේදී චීනයට බාල ගනයේ චෝදනාවක් එල්ල කළා. "ජීව විද්‍යාත්මක වශයෙන් දියුණු කළ හැකියාවන්ගෙන් පිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ අරමුණින්, මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් මත චීනය මානවීය පරීක්ෂණ කර තිබෙනවා." යැයි ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවතේ ලිපියක් පළකරමින් පවසා තිබුණා. එම ලිපිය "බොරුවලින් යුත් මිශ්‍රිතයක්" බව චීනය පැවසුවා. ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ තනතුරට අලුතින් පත් කෙරුණු ඇව්රිල් හේන්ස් දරන්නෙත් ඇයගේ පූර්වගාමියාගේ මතයමදැයි කළ විමසීමේදී ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ඇගේ කාර්යාලය පැවසුවත් චීනෙයන් එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් ඇය කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ ප්‍රකාශනයක් දෙස යොමු කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ න්‍යාය පත්‍රයේ වූ බොහොමයක් ඉවත ලෑමට බයිඩන් පරිපාලනය ක්‍රියා කලත්, පෙනෙන්නට තිබෙන්නේ චීනය සමග උණුසුම් තත්ත්වය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස ඉදිරියටත් පවතින බවක්. අපේක්ෂාවට එදිරි යථාර්ථය සිය නිලයන් අතර සුපිරි සෙබළෙකු සිටීම හමුදාවකට හිරිහැරකාරී අපේක්ෂාවක්. වේදනාව, අතිශය ශීතල හෝ නින්දක අවශ්‍යතාවට එරහිව යන සෙබළෙක් ගැන සිතන්න. නමුත් 'අයන් මෑන්' කෙනෙකු තැනීමේ ඇමෙරිකානු උත්සාහයෙන් පෙනෙන්නේ, ඒ සඳහා ඇති තාක්ෂණිකමය අවහිරතාව විසින් අපේක්ෂාව යටපත් කරන බවක්. 2019 දී ඇමෙරිකානු විද්‍යාර්ථීන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පත්‍රිකාවකින් කියැවුණේ ජාන සංස්කරණය, බාහිර සැකිලි හා මිනිස් - යන්ත්‍ර සුසංයෝගයක් වැනි තාක්ෂණ පිළිබඳ චීන හමුදාව "ක්‍රියාකාරීව ගවේෂණය" කරන බවයි. එහි එක කර්තෘවරියක වන එල්සා කානියා, රැට්ක්ලිෆ් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක පළ කළා. "චීන හමුදාව සාකාච්ඡාවේ යෙදෙමින් හා යථාර්ථයක් කිරීමේ අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න අවබෝධ කරගැනීම වැදගත්. නමුත් ඒ අපේක්ෂා මෙන්ම තාක්ෂණය මේ වන විට තිබෙන්නේ කොතැනද යන්න අතර පරතරය හඳුනාගැනීමත් වැදගත්." යැයි නව ඇමරිකානු ආරක්ෂාව පිළිබඳ ආයතනයක සාමාජිකාවක් වන කානියා පැවසීය. "ලොව පුරා හමුදාවන්, සුපිරි සොල්දාදුවන් තැනීමේ හැකියාව ගැන විශාල අරමුණක සිටිනවා විය හැකි වුණත්... අවසානයේ විද්‍යාව තුළ ඇති හැකියාවට අනුව, මායිම් ඉක්මවා යන කවර හෝ පාර්ශවයකට අවහිරතා මතුකරනවා. රැට්ක්ලිෆ් මහත්මයා කතා කළේ වැඩිහිටියන් මත කරන පරීක්ෂණ ගැන. ජාන සංස්කරණය භාවිත කර වැඩිහිටියන් තුළ ඇති සමහර ලක්ෂණ වෙනස් කරද්දී, කළල වල ඩී එන් ඒ වෙනස් කිරීමෙන් "සුපිරි සෙබළෙක්" කරා යා හැකි බොහෝ ව්‍යාජ මාර්ග වලින් එකක්." මෙය කළ හැකිද යන්නට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට විද්‍යාඥයින් පෙළඹේද යන්න බව යැයි ලන්ඩන් යුනිවර්සිටි කොලිජියේ අණුක ජාන විද්‍යාඥයකු වන ආචාර්ය හෙලන් ඕ'නීල් පැවසුවා. "ජාන සංස්කරණය මෙන්ම ආධාරක ප්‍රජනනයකින් සමන්විත වූ එහි සංයෝගයෙන් යුතු වූ තාක්ෂණයන්, සංක්‍රාන්තිජාන හා කෘෂිකර්මාන්තය ආදියෙහි සාමාන්‍ය භාවිතයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සංයෝගය මානව භාවිතයට ගැනීම දැනට සදාචාරාත්මක නොවන බව පෙනෙන්නට තිබෙනවා." චීන විද්‍යාඥයෙකු වන හේ ජියන්කුයි 2018 දී වැදගත් නිවේදනයක් කළා. ඒ, එච්අයිවී වැළඳීමෙන් වැළක්වීම සඳහා නිවුන් දැරියන් දෙදෙනෙකුගේ කළල තුළ ඩීඑන්ඒ සාර්ථකව වෙනස් කිරීමට තමා සමත් වූ බවයි. මෙයට එල්ල වූයේ දැඩි විරෝධයක්. එවැනි ජාන සංස්කරණය චීනය ඇතුළු රටවල් බොහොමයක තහනම් කෙරුණා. එය සාමාන්‍යයෙන් ඉවතලන කෘතීමව සාරවත් බවට පත් කළ (IVF) කළල වලට පමණක් සීමා වී ඇති අතර, ඒවා වහාම විනාශ කර දරුවෙකු බිහි කිරීමට භාවිතා නොකළ යුතුය. ඔහුගේ පර්යේෂණ වෙනුවෙන් විද්‍යාඥයින් පෙරට ආවත් ආණ්ඩුවේ තහනමට පිටින් යාම නිසා ඔහුට සිරගත කෙරුණා. ඇතැම් විශ්ලේෂකයින් චීනයේ උත්සාහය දකින්නේ ඇමෙරිකාවට දැක්වූ සෘජු ප්‍රතිචාරයක් ලෙසයි. 2017 දී ගාර්ඩියන් (The Guardian) පුවත්පතේ පළවූ වාර්තාවකින් කියැවුණේ ආක්‍රමණික විශේෂ අතුගා දැමිය හැකි ජාන නෂ්ට තාක්ෂණයක් වෙනුවෙන් ඇමෙරිකානු හමුදා අංශයක් විසින් ඩොලර් දසලක්ෂ ගණනක් ආයෝජනය කර ඇති බවයි. ඊට හමුදා යෙදවුම් ද අයත්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ද අනතුරු අඟවූවා. වාසිදායක තත්ත්වයක් බලාපොරොත්තු වන්නේ චීනය හා ඇමෙරිකාව පමණක් ම නොවේ. "වැඩි දියුණු කළ සෙබළුන්" නිර්මාණය සඳහා ප්‍රංශ සන්නද්ධ හමුදාවලට ද අනුමැතිය දී තිබූ තිබුණේ එම පර්යේෂණ සඳහා සකස් කෙරුණු ආචාරධර්ම පිළිබඳ සීමා ද සමගයි. "අපි කරුණුවලට මුහුණ දෙන්න ඕනෑ. හැම දෙනාම අපි වගේ සැක සංකා ගැන තකන්නේ නැහැ. අනාගතයේ වෙන දේට අපි සූදානම් වෙන්න ඕනෑ" යැයි ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි සඳහන් කළා. දුෂ්කර පරිසර තත්ත්වයන්ට හොඳින් මුහුණ දීමට සෙබළුන්ට සහය දීම සඳහා ජානමය වෙන්සකම්වල සහය අපේක්ෂා කෙරෙනවා පුද්ගලානුබද්ධතා වැඩිදියුණු කිරීම ආරක්ෂිතව ඉටුකිරන්නට විද්‍යාඥයින්ට හැකිවුණත්, හමුදා ක්ෂේත්‍රයේ එය භාවිතයට ගැනීමේදී ඊටම අවේනික වූ ගැටලු මතු කළ හැකියි. උදාහරණයක් ලෙස, හමුදාවේ විධාන ව්‍යුහය තුළ අවදානම් සහිත විය හැකි කාර්යයක් සම්බන්ධයෙන් එකඟනොවීමට තරම් නිදහසක් සෙබළෙකුට ලැබේවිද? චීනය මෙන්ම රුසියාවද සිය හමුදා ආශ්‍රයෙන් කෝවිඩ් එන්නත් අත්හදා බලන ලද බව වාර්තා වුණා. "හමුදාවක් පවතින්නේ සෙබලාගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට නොවෙයි. එය පවතින්නේ උපක්‍රමික වාසියක් ලැබීමට හෝ යුද්ධයක් දිනන්නටයි," යැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාරධර්ම පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ජුලියන් සවුලෙස්කු කියා සිටියා. "සොල්දාදුවන් මත පැටවිය හැකි අවදානම්වල සීමාවක් තිබෙන නමුත් ඒවා සාමාන්‍ය සමාජය මත පැටවුණු දේට වඩා අඩුයි." කවරෙක් සඳහා වුණත්, වැඩි දියුණු කිරීමකින් ලැබෙන වාසියට වඩා අවදානම කිරා මැනීම වැදගත් බව මහාචාර්ය සවුලෙස්කු ගේ අදහසයි. "නමුත් ඇත්තෙන්ම" යැයි තවත් එකතු කිරීමක් කළ ඔහු, "හමුදාව තුළ මෙහි තිබෙන්නේ වෙනස් තත්ත්වයක්. තනි පුද්ගලයින් අවදානම් දරුවත් බොහෝවිට ඔවුන්ට ප්‍රතිලාභ ලබන්නේ නැහැ." යැයි පැවසුවා. මේ ගැනත් දැනගන්න: සෙබළුන්ව තබන්නේ ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කෙරෙනවා නම් වැඩිදියුණු කිරීම් පිළිගැනීමට ලක්වේවි යැයි සිතන්නට හැකියි. නමුත් එය එතරම් ලෙහෙසි දෙයක් ලෙස, කැලිෆෝර්නියා පොලිටෙක්නික් ප්‍රාන්ත සරසවියේ දාර්ශනිකයෙකු වන මහාචාර්ය පැට්‍රික් ලින් නොසලකයි. "හමුදා වැඩිදියුණු කිරීම් යන්නෙන් අදහස් කෙරෙන්නේ පර්යේෂණ කිරීම හා තමන්ගේ පුරවැසියන් අවදානමේ හෙලීමයි. ඉතින්, වැඩිදියුණු කරන ලද සොල්දාදුවන් කොතරම් දුරට ආරක්‍ෂිත ද යන්න පැහැදිලි නැහැ. සිද්ධවෙන්නේ එහි අනෙක් පැත්තයි. ඔවුන්ව වඩා අනතුරුදායක මෙහෙයුම්වල යොදවාවි. නැතිනම් වැඩිදියුණු නොකළ අය නොගන්නා තරමේ වැඩි අවදානම් තත්ත්ව භාරගැනීමයි" 'කැප්ටන් ඇමෙරිකා' තවමත් පෙනෙන මානයක නැහැ. නමුත් පුදුමය දනවන නිර්මාණයක් කිරීමේ හැකියාව සැමවිටම තිබෙනවා. "හමුදාව තුළ යම්දේ මතුවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාවට නැගීම දුෂ්කරයි. ස්වභාවයෙන්ම, ජාතික අරමුණු ආරක්ෂාකිරීම වෙනුවෙන් වූ රහස්‍ය භාවයක් මෙන්ම පුද්ගලිකත්වයක් ඊට තිබෙනවා," යැයි මහාචාර්ය සවුලෙස්කු පවසනවා. "ඉතින්, සදාචාරත්මකව ගත්විට එය දැඩි වූවක්. හැමදේම සාමාන්‍යයෙන් විවෘත නිසා මේ කාලයේ විද්‍යාව හෝ වෛද්‍යමය ක්ෂේත්‍රවල සැලකිය යුතු දැඩි බවක් තිබෙනවා." මෙම ක්ෂේත්‍රය නියාමනය කරන්නට කළ හැකි හෝ කළ යුතු දේ සැලකීමේදී මහාචාර්ය ලින් සඳහන් කරන ආකාරයට "පවතින ප්‍රධාන අභියෝගයක් නම් මෙය ද්වී භාවිත පර්යේෂණයකට සමීප බවයි. උදාහරණයක් ලෙස සැලකුවොත්, බාහිර සැකිලි පිළිබඳ පර්යේෂණයේදී මුලින් අවධානය යොමු කළේ සෞඛ්‍යමය තත්ත්වයක සිටින පුද්ගලයන්ට උදව් කිරීම හෝ සුව කිරීමයි. ඒ අංශභාග තත්ත්ත්වයට පත් රෝගීන් නැවත ඇවිද්දවීම වැනි දෙයක්." මනසින් පාලනය කළ හැකි මේ බාහිර සැකිල්ල, අංශභාගයෙන් පෙළෙන මිනිසකුට යළි ඇවිද යාමට සලසයි "නමුත් මේ චිකිත්සක භාවිතය පහසුවෙන් ම අවියක් බවට පෙරලන්නට පුළුවන්. එය සිදුවීම වැළක්විය හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැති අතර එයින් කියවන්නේ, චිකිත්සක පර්යේෂණ ද කළකිරවන තරමේ පුළුල් නියාමනයකින් තොරව මෙය නියාමනය කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැහැ. " ආචාර්ය ඕ'නීල් ට අනුව ජානමය පර්යේෂණ අතින් චීනය දැනටමත් ඉදිරියට ගිහින්. අනෙක් රටවල් තමන් ම අවාසිදායක තත්ත්වයකට ගෙන ගිහින්. "මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දැන් පවතින යථාර්ථය ගැන අවධානය යොමු කරනවාට වඩා, සදාචාරාත්මක බව පිළිබඳ තර්ක විතර්ක මැද අපි කාලය අපතේ හැරලා." ඇය පවසනවා. "අනුමාන හා දුෂ්පෝෂණය සම්බන්ධයෙන් ඕනෑවට වඩා ශක්තිය වැය කරලා. තාක්ෂණය යොදා ගැනීම වගේම සැබෑ අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් බොහෝ ශක්තියක් වැය කළ යුතුයි. එතකොටයි අපට එය හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. මොකද කීවොත්, එය වෙනත් තැනක සිද්ධ වේවි. ඒ වගේම මේ වෙනකොටත් වෙනත් තැනක එය සිදුවෙනවා. එය වරදින්න පුළුවන් කොතැනද කියා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අඛණ්ඩ පර්යේෂණවලින් පමණයි " (බීබීසී පුවත් හි තොම් පූල් සකස් කළ ලිපියක් ඇසුරිණි)
පෙන්තකොස්ත සභාවට අයත් ක්‍රිස්තියානි දේවස්ථානයක දේව මෙහෙය පැවැත්වෙද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් පහර දුන් බවට ලැබුණු චෝදනාවක් විභාග කරමින් සිටින බව පොලිසිය පවසයි.
තමනට පහර දී බඩු බාහිරාදිය ට හානි පැමිණ වූ බව බැතිමත්හු පවසති මීගොඩ කජුගහයට දෙනියේ ‘ජීවන දිය’ සභාවට අද පහර දුන් බවට චෝදනා ලබන සැක කරුවන් කිසිවකු මේ තාක් අත් අඩංගුවට ගෙන නැත. කෙසේ වෙතත් මේ පිළිබඳ විමර්ශන තොරතුරු හෙට දිනයේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන බවයි පාදුක්ක මූලස්ථාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා ප්‍රකාශ කරන්නේ. ඉරිදා දේව මෙහෙය ආරම්භ වී පැයකින් පමණ දේවස්ථානයට පැමිණි පිරිස් තමනට පහර දී බඩු බාහිරාදිය ට ද හානි පැමිණ වූ බව බැතිමත්හු පවසති. ඔවුන් පවසන පරිදි තුවාල ලද ඒ කේ ප්‍රියන්ත දේවගැතිවරයා සහ ඔහුගේ මෑණියන් මේ වන විට සිටින්නේ රෝහල් ගත වයි . පහර දුන් කලහකාරීන් වාහන වලින් පැමිණි බවත් ඔවුනට නායකත්වය සැපයු බවට සැක කැරෙන භික්ෂූන් වහන්සේ නැවත හඳුනා ගත හැකි බවත් ජීවන දිය සභාවේ දායකයෝ පවසති.
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිසර විද්‍යා සහ පාරිසරික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මේ වන විට නව මකුළු විශේෂ 104ක් ලොවට හඳුන්වාදී තිබේ.
තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වාදීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් කරමින් ඔහු හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ 104 අතරින්, විශේෂ 82ක් සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වෙනත් රටවලින් හඳුන්වාදී ඇති මකුළුවන් විශේෂ ගණන 22කි. ඉන්දුනීසියාව (07), බ්‍රසීලය (04), මැලේසියාව (03), ඉන්දියාව (04), මැඩගස්කරය (01), ටැන්සානියාව (02) යන රටවලින් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් (01) එම නව මකුළු විශේෂ හඳුන්වා දී තිබේ. තවත් ලිපි:
සිය සන්නද්ධ අරගලය උත්සන්න කරමින් කොටි සංවිධානය විසින් ඊට දිනකට පෙර සේවයට වාර්තා කළ සොල්දාදුවන් දහ තුන් දෙනකු මරා දමනු ලැබුවේ හරියටම වසර තිහකට පෙර ජූලි විසි තුන් වැනිදාවක. ඊළඟ දින කිහිපය තුළ සිංහල මැර කණ්ඩායම් එයට පළි ගත්තේ රට පුරාම වෙසෙන දෙමළ ජාතිකයන් හාර සියයත්, තුන් දහසත් අතර ඝාතනය කරමින්. වසර විසි හයක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක් මේ.
කොළඹ අගනුවරත් රට පුරාමත් දෙමළ ජනතාව සොයමින් පහර දුන් සහ ඝාතනය කළ මැර කණ්ඩායම් ආණ්ඩුවේ දේපොළ ද විනාශ කළහ (AP photo) කොළඹ අගනුවර ඔරලෝසු කණුවක හවස තුනේ කණිසම වැදෙද්දී, වයෝවෘද්ධ කාන්තාවක් තිස් වසරකට එපිට අතීතය මෙනෙහි කරමින් සිටියාය. "යකඩ පොලු වගේ දේවල් ගත්තු අසූවක විතර තරුණ කල්ලියක් තමයි ඉස්සෙල්ලම ආවේ. උන් ආවේ උමතුවෙන් වගේ, පැහැදිලිවම හොඳටම බීල - උන් ඇවිල්ල සේරම කඩා බිඳලා දැම්මට පස්සේ ඒව කොල්ල කන්න අනිත් කල්ලිය ආව," යනුවෙන් ඇය සිය මතකය අවදි කළාය. අගනුවර මෙන්ම ලංකාව පුරා බොහෝ නගර පුරාම උමතුවෙන් මෙන් දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වූ ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන් (සිය අනන්‍යතාවය හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටි බැවින් මෙය සැබෑ නම නොවේ) සිහිපත් කරන්නීය. ප්‍රහාරයට ලක් වූ බොහෝ දෙනා ට උතුරේ සිදුවෙමින් පැවතියේ කුමක් ද යන්න පිළිබඳව හාංකවිසියක හෝ අවබෝධයක් නොවීය. අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සෙයක් සිය මව, පුතා සහ සිංහල ජාතික අසල්වැසියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී නිවස පිහිටි මාර්ගයේ කඩ සාප්පු ගිනි ගන්නා ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන්ට දැක ගන්නට ලැබිණ. මැර කණ්ඩායම් සිය නිවස දෙසට ද එමින් සිටින බව ඇය අවබෝධ කර ගත්තාය. තත්වය සන්සුන් වන තුරු වහාම මීටර 300ක් ඈතින් පිහිටි සිය නිවසට යමුයි සිංහල අසල්වැසියා යෝජනා කළේය. ඔවුහු ප්‍රියාගේ නිවසින් පළා ගියහ. "එදා අපි ගෙදරින් පැනල ගියේ අන්තිම වතාවට කියල අපිට නිකමට වත් හිතුනේ නෑ," ඇය මතකය අවදි කළේ හැඬුම්බර හඬකින්. ඒ මාර්ගයේ වෙසෙන සිංහල වැසියන් සහ දෙමළ වැසියන් කවුරුන්ද යන්න සඳහන් ලේඛන අතැතිව පැමිණ සිටි කලහකාරී කල්ලි සිය නිවස කොල්ල කෑ ආකාරය අසල්වැසි නිවසේ සිට ඇය අසා සිටියාය. "අපිට හරියට ඇහුනේ අපේ අල්ලපු කාමරේ කඩල දානවා වගෙයි. පැයකට, දෙකකට විතර පස්සේ අපේ ගෙදරින් ලොකු දුමාරයක් මතු වුනා. "මටයි, මගේ දරුවටයි, මුළු පවුලටම ඒක බලා ගෙන ඉන්න බැරි වුනා. හවස් වෙනකම්, ඊට පස්සේ මුළු රෑම අපි දෙවියන්ට අපේ දුක කියමින් හිටිය. අන්තිමට උන් ආයෙත් රෑ වෙලා ඇවිල්ල ඉතිරි වෙලා තිබුණු අන්තිම ටිකටත් ගිනි තියල ගියා." ඇයට එදා අහිමි වුනේ මොනවාද? "සේරම දේවල්. කිසිම දෙයක් ඉතිරි වුනේ නෑ. එතන ගෙදරක් ඉතිරි වෙලා තිබුනේ නෑ. එතන තිබුනේ කලුම කලු අළු ගොඩක් විතරයි. එච්චරයි මට මතක," යන්න ඒ ප්‍රශ්නයට ඇගේ ප්‍රතිචාරයයි. 'දිවි බේරුනේ සිංහලයන් නිසා' වෙනත් බොහෝ දෙමළ ජාතිකයන් ගේ මෙන්ම තමාගේත්, සිය පවුලේ සාමාජිකයන්ගේත් දිවි බේරා ගත්තේ සිංහල ජාතික අසල්වැසියන් බව ප්‍රියා බාලචන්ද්‍රන් පවසන්නීය. කලු ජූලිය නිසා උතුරු නැගෙනහිර ජන සංයුතිය 'සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණා' එහෙත් තවත් සිංහල ජාතිකයෝ දෙමළ ජාතිකයන්ට විවිධ දේ පෙන්වමින්, එහි සිංහල නම කියන මෙන් ඔවුන්ට බල කරමින් දෙමළ ජනතාව මරා දමමින් සහ ඔවුන්ගේ දේපොළ කොල්ලකමින් සිටියහ. එදා මැර කණ්ඩායම් තමන් ගමන් කළ බස් රථය නැවැත්වූ ආකාරය සිංහල ජාතික චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරට තවමත් මතකයි. "බස් එකේ පිටි පස්සෙන් සද්දයක් ආව මට ඇහුන. මැර කල්ලි කෙනෙක්ව බස් එකෙන් බස්ස ගත්ත," ඔහු පැවසීය. "එයා දෙමළ කියල උන් අඳුන ගත්ත. ඊට පස්සේ බස් එක ඉස්සරහට ගියා. ඒ මනුස්සයට මොනව වුනා ද කියල මම දන්නේ නෑ." ඉන් අනතුරුව අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සැටියක්. මෝටර් රථ තුලම ජනතාව පුළුස්සා මරා දැමෙද්දී සහ බොහෝ දෙනා නිරුවත් කෙරෙද්දී, අගනුවර සහ අනෙක් ප්‍රධාන නගරවල සොල්දාදුවෝ බලා සිටියා මතු නොව ඇතැම් කලහකාරීන්ට ගිනි තැබීම පිණිස පෙට්‍රල් පවා සම්පාදනය කළහ. ආණ්ඩුවේ අනුබලය මේ සියල්ලට ආණ්ඩුවේ අනුබලය ලැබුනා පමණක් නොව, මැර කණ්ඩායම් ඇතැම් දැඩි මතධාරී ඇමතිවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ක්‍රියාත්මක වූ බවයි, මානව හිමිකම් සංවිධාන පවසන්නේ. දින හතරකට පසුව, ජූලි 27 වැනිදා ජනාධිපති ජේආර් ජයවර්ධන පළමු වරට ජාතිය ඇමතුවේ දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම පිළිබඳව කණගාටුව හෝ පළ නොකරමින් පමණක් නොව සිංහල ජනතාවගේ ගැටළු පිළිබඳව පමණක් අවධාරණය කරමින්. ඉන් අනතුරුව ද ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙමින් තිබුණි. ජූලි 31 වැනි දා ප්‍රචණ්ඩ ක්‍රියා හමාර වන විට, දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත්වලට හෝ විදේශවලට හෝ පලා ගොස් සිටියහ. සිය අරගලයට තරුණයන් බඳවා ගැනීම පිණිස කලු ජූලිය දෙමළ සන්නද්ධ කණ්ඩායම් වලට සරු බිමක් වූවා පමණක් නොව, ලක්ෂයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් දශක ගණනාවක් දිග ඇදුනු යුද්ධයට ශ්‍රී ලංකාව තල්ලු කරනු ලැබුවේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්. විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් විදේශවලට පලා යාම නිසා එම පළාත්වල ජන සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බවයි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ. "ඒකත් එක්කම විශාල බුද්ධි ගලනයක් ඇති වුනා. නීතිවේදීන්, දොස්තරවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවෝ මේ සේරම ලංකාව අත් ඇරලා ගියා. රට දාල යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ," යනුවෙන් ද දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ කරන හිටපු විනිසුරුවරයා කියා සිටියේය. "තමන්ට රට දාල යන්න සිද්ද වුනේ 1983 නේ ඝාතන සහ විනාශය හේතුවෙන් නිසා විදේශගත දෙමළ ජනතාවට තවමත් ඒව අමතක කරන්න බැහැ." අනෙක් අතට දිවයිනේ විශාල දෙමළ ජනගහනයක් වාසය කළ ප්‍රදේශ පවා අත් හැර දමා යාමට දෙමළ ජනතාවට සිදුවීම වෙනම දෙමළ රාජ්‍යයක් පිලිබඳ අදහස තවත් ශක්තිමත් කිරීමට තුඩු දුන් සාධකයක්. 1983 පටන් මේ දක්වා, අගනුවර හැරුණු විට දකුණේ අනෙක් බොහෝ ප්‍රදේශවල දෙමළ ජනතාව සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවයි, විශ්‍රාමික විනිසුරුවරයා පවසන්නේ. යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාවේ තවදුරටත් "සුළු ජාතියක් නැති" බව නිවේදනය කළ ආණ්ඩුව, එවක් පටන් සියලු ශ්‍රී ලංකාවාසීන් සමානයන් බව පැවසීය. එහෙත් දැන් යලිත් වරක් සිංහල ජාතිකවාදී හැඟීම් සහ ජාතිකත්වය හුවා දක්වන දේශනයන් ද උත්සන්න වෙමින් තිබේ. දෙමළ ජාතිකයන් මතු නොව මුස්ලිම් සුළු ජාතිය ද එයින් අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටිති. බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීහු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින් සිටිති. සමාව ඉල්ලීම දෙමළ කොටි සංවිධානය මර්දනය කොට, දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත්වී යුද්ධය හමාර වීමෙන් අනතුරුව දෙමළ ජනතාවට බලය බෙදා හැරීමේ විධිවිධාන ද අඩු කරන මෙන් දැඩි මතධාරී ඇමතිවරු උද්ඝෝෂණයක නිරත වී සිටිති. කලු ජූලිය නාසිවාදයට සමාන කළ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය. කලු ජූලිය නාසිවාදයට සමාන කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය කලු ජූලියේදී දෙමළ වැසියන් 1000 ක් මරුමුවට පත්ව 700,000 ක් රටින් පලා ගිය බවයි, ඇය විසින් පත් කරනු ලැබුන කොමිසමක නිගමනය වූයේ. වාර්තා නොවූ තවත් බොහෝ සිදුවීම් තිබිය හැකි බව ද ජනාධිපතිවරිය පිළිගත්තාය. වාර්ෂිකව කලු ජූලිය සමරන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර අදින් ඇරඹෙන 'සැමරිය නොහැකි සැමරුම' ප්‍රදර්ශනය සඳහා සැරසෙමින් සිටියි. රටේ අධිකරණ ක්‍රියාදාමය ඔහුගේ ප්‍රදර්ශනයේ තවත් මාතෘකාවක්. ජනාධිපතිනි කුමාරතුංග සමාව ඉල්ලා සිටියත්, කලු ජූලියේ ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ඔහු පෙන්වා දෙයි. "ඒ වගේ ආකල්පයක් මේ වගේ බරපතල ප්‍රශ්න විසඳන්න කොහෙත්තම ගැලපෙන්නේ නෑ," ඔහු පවසයි. "එහෙම සංහිඳියාවක් ඇතිවෙන්න බෑ. අපි ඒ ගැන කථා කරන්න ඕනේ. අපි ඒ තුවාලේ ඇරලා, ඒක සුද්ද කරලයි ඒක සුව කරන්න ඕන." මේ අතර සිය නිවස ගිනි බත් වනු දුටු ප්‍රියා බාලචන්ද්‍රන් මට ඇගේ පවුලේ ඡායාරූප ඇල්බමය පෙන්වයි. කොල්ලකරුවකු ලෙසින් පෙනී සිටි අසල්වැසියෙක් ඒ ඡායාරූප බේරා ගෙන තිබේ. සිංහල ජාතිකයෝ ද අදත් ඇගේ සමීප මිතුරන් අතර සිටිති. ජාතීන් අතර සම්බන්ධතා ගැන ඇගේ මතය කවරක් දැයි මම ඇය විමසීමි. "එහෙම දෙයක් ආයෙත් නොවේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය පවසන්නීය. "මොකද මම හිතන්නේ දෙපැත්තම හොඳට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ." "අවුරුදු තිහක යුද්දේ දෙපැත්තටම එක හා සමානව පාඩමක් ඉගැන්නුවා කියල මට හිතෙනවා. දෙගොල්ලොම ඇති වෙන්න දුක් වින්ද," ඇය අපේ සංවාදය නිමා කළේ එලෙසින්.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ''ඇමෙරිකාව ප්‍රමුඛ''("America First") වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය.
ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය මෙන්ම නොමග යවන සුලුය. එවැනි පිළිවෙතක් තීන්දුවී තිබෙන්නේ ට්‍රම්ප්ගේ පෞද්ගලික හැඟීම් සහ නායකයන් සමඟ පවත්වනු ලබන සම්බන්ධකම් මෙන්ම ඔහුගේ 'ට්විටර්' ප්‍රතිචාර මගින් මෙහෙයවනු ලැබීම මගිනි. ජෝ බයිඩන්ට අනුව, ජාත්‍යන්තර ආයතන පාදක කරගත් සම්ප්‍රදායික ඇමෙරිකානු කාර්යභාරය සහ අභිලාෂයන්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සහ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව පිහිටුවන ලද ජාත්‍යන්තර ආයතන මත පදනම් වෙයි. එය ජාතික සීමාවන්ගෙන් පිටත සිට එල්ලවෙන තර්ජන මැඩලීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිදහස් ජාතීන්ට නායකත්වය දෙනු ලැබීමේ එක් ජගත් සන්ධානයකි. එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය භාර ගැනීමට නියමිත ජෝ බයිඩන් පරිපාලනය යටතේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද? දැනටමත් එවැනි වෙනස්කම් කීපයක් දක්නට ඇත. සිය මිතුරු රටවල් කෙරෙහි සමීපවීම,දේශගුණ විපර්යාස සහ මැද පෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ඉන් කීපයකි. පැරණි සගයන් සමඟ යළි මිතුරුවීම ජනාධිපති ට්‍රම්ප් ඒකාධිකාරීන් අගය කිරීමට ලක්කළ අතර ඇමෙරිකානු සගයන්ට අවමන් කළේය.එවැනි පරිසරයක පදවියට පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන්ට පැවරෙන කාර්ය ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එම පිරිහුණ සබඳතා යළි යථා තත්ත්වයට ගෙන ඒමය. විශේෂයෙන්ම,නේටෝ යුද හවුල තුළ සබදතා සවිමත්කර ගනිමින් ලෝක මට්ටමේ ඇමෙරිකානු සගයන් සමඟ යළි හවුල්වීම ජෝ බයිඩන්ට පැවරෙන ප්‍රමුඛ කාර්යයක් වෙයි. ඒ අතරම,ජෝ බයිඩන් පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ යළිත් හවුල්විය හැකි අතර, කොරෝනාවෛරස් වසංගතය මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ගෙනයන ක්‍රියාමාර්ගයක් සඳහා නායකත්වය දීම කෙරෙහි අවධානය යොමුකරනු ඇත. . ජගත් ආයතන සමඟ කටයුතු කිරීමට ජෝ බයිඩන් අපේක්ෂා කරයි බයිඩන් කඳවුරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ තේමාවක් වූයේ ට්‍රම්ප් පාලනය තුළ හානියට පත් ඇමෙරිකානු ප්‍රතිරූපය යළි ස්ථානගත කරනු ලැබීමය. එසේම වේගයෙන් වර්ධනය වෙමින් පැවැති බල අධිකාරීවාදී රැල්ලක් ලෙස ඔවුන් දුටු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකමුතු කරනු ලැබීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් සටන් පාඨයක් වී තිබුණි. එහෙත් එකී මතවාදය අභියෝගය ලක්කරන 'ඇමෙරිකානු ව්‍යාපාරික කටයුතු පිළිබඳ අධ්‍යයනායතනයේ' ඩැනියෙලා ප්ලෙට්කා (Danielle Pletka) පවසන්නේ, එම ප්‍රචාරක අවි යථාර්ථයට වඩා මෝස්තරයක විලාශයක් ගත් බවය. ට්‍රම්ප් පරිපාලනය ජගත් මට්ටමින් පෙරට යාමක් ද සහිතව බොහෝ ජයග්‍රහණ ලද බවට ඩැනියෙලා තර්ක කරන්නීය. දේශගුණ විපර්යාස සිය පාලනය දේශගුණ විපර්යාස පාලනය කර ගැනීමේ සටනට ප්‍රමුඛස්ථානය දෙන බව පවසන ජෝ බයිඩන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතහැර දමන ලද 'පැරිස් පරිසර සම්මුතිය' සමඟ යළි එක්වෙන බව ද කියා සිටියි. 'පැරිස් පරිසර සම්මුතිය'ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද ජාත්‍යන්තර සම්මුතිවලින් එකකි. ජනාධිපති ට්‍රම්ප් සෙසු රටවල් සහ ආයතන යටපත් කර පෙරට යාමේ ප්‍රයත්නයක නිරතවිය එම කාරණය අතින් ඇමෙරිකානු නායකයන් දෙදෙනා සිටින්නේ සහමුලින්ම දෙපැත්තකය. මිහිතලයේ උණුසුම පාලනය කිරීම සඳහා පියවර ගැනීම ඇමෙරිකානු ආර්ථිකයට තර්ජනයක්ය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ තේරුම්ගැනීම වෙයි. ඔහු පොසිල ඉන්ධන දහනය දිරි ගන්වයි. දේශගුණ විපර්යාසයන්ට සහ පරිසර සංරක්ෂණමය ක්‍රියාමාර්ග අතින් ලබා ඇති ජයග්‍රහණ ආපසු හරවයි. මේ අතර පරිසරයට හානිකර විෂවායු විමෝචනය ජගත් මට්ටමින් මුදුන්පත් කරගැනීමේ සැලසුම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් සැපයීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ජෝ බයිඩන් බලාපොරොත්තු තබා ඇත. එවැනි සැලැස්මක් මගින් පරිසර හිතකාමී ආර්ථිකයක් නිර්මාණය කළ හැකි අතර, එමගින් දශලක්ෂ සංඛ්‍යාත රැකියා උත්පාදනයක් ද සිදුවෙන බව ඔහුගේ බලාපොරොත්තුව වෙයි. ඉරානය ජනාධිපති ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද තවත් ජාත්‍යන්තර ගිවිසුමක් වන්නේ, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි පණගැන්වීමට පියවර ගන්නා බව ජෝ බයිඩන් පවසයි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතියේ පරිමාව අවම කරනු ලබන්නේනම්, ඊට හිලව් වශයෙන් එරටට එරෙහි ආර්ථික සම්බාධක ළිහිල් කිරීමට එම ගිවිසුම මගින් බැඳී ඇත. ජනාධිපති ට්‍රම්ප් 2018 වසරේ දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හැර දමන ලද්දේ ඉරානය විසින් එල්ලකරනු ලබන තර්ජනය සමඟ පොරබැදීම අතින් එම අවි පාලන ගිවිසුම ප්‍රමාණාත්මක නොවන බව පවසමිනි. එසේම අදාළ කාලසීමාව ඇතුළත න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමාකරනු ලැබීම අතින් ගිවිසුම දුර්වලය යන්න ට්‍රම්ප්ගේ අදහස විය. ජනාධිපති ට්‍රම්ප් විසින් ගන්නා ලද තීන්දුව පරිදි ඉරානයට එරෙහි සම්බාධක යළි ක්‍රියාත්මක වූ අතර,එරටට එරෙහි ආර්ථික බලපෑම දැඩිකරනු ලැබුණි. එපමණක් නොව, ඉරානයේ මූල්‍ය අංශය සහමුලින්ම මෙන් ''කළු ලැයිස්තුගත'' (blacklisting) කිරීමට ද ට්‍රම්ප් පාලනය මෑතදී පියවර ගනු ලැබුණි. ඉරානය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ සිය න්‍යෂ්ටික බලාගාර අධීක්ෂණය සම්බන්ධයෙන් එක්තරා මට්ටමක තහංචි පනවමිනි. ජෝ බයිඩන් පවසන පරිදි ඉරානය කෙරෙහි ''උපරිම බලපෑම්'' එල්ලකෙරෙන ට්‍රම්ප් පිළිවෙත අසාර්ථක ක්‍රියාමාර්ගයකි. එම ක්‍රියාමාර්ගය නිසා දෙපාර්ශ්වය අතර ගැටුම්කාරීභාවය විශාල මට්ටමින් උත්සන්න වූ බවත් බයිඩන් අවධාරණය කරයි. ගිවිසුමට හවුල් වූ සෙසු පාර්ශ්වයන් ද ට්‍රම්ප්ගේ තීරණය ප්‍රතික්ෂේප කරන අතර ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා ඉරානය න්‍යෂ්ටික අවි නිපදවනු ලැබීම අතින් බොහෝදුර ගමන්කර ඇත. ඉරානය දැඩි මට්ටමින් ගිවිසුමට අනුගත වන්නේනම්, ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් එම ගිවිසුමට එක්වෙන බව ජෝ බයිඩන් පවසයි. එහෙත් එතෙක් ඉරානයට එරෙහි සම්බාධක ඉවත්කිරීමට බයිඩන් පරිපාලනය පියවර නොගනු ඇත. ඒ අතර නව ජනාධිපති බයිඩන් ජනාධිපති ට්‍රම්ප් විසින් මතුකරනු ලබන මැසිවිලි සම්බන්ධයෙන් විසඳුම් සොයාගැනීමේ සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත. යේමනයේ යුද්ධය සෞදි අරාබියේ සහයෝගයෙන් ක්‍රියාත්මක යේමන් යුද්ධයට සහයෝගය දීමත් ජෝ බයිඩන් පාලනය යටතේ නතරකෙරෙනු ඇත. අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කෙරෙමින් පවතින යේමන් යුද්ධයට ඇමෙරිකා එක්සත් ජනපදය හවුල්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාම බලවේගය කෙරෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර,එම මතයේ සිටින කොංග්‍රස් සභිකයන්ගේ සංඛ්‍යාවත් වැඩිවෙමින් පවතී. සෞදි අරාබිය ඇමෙරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කිට්ටුම මිතුරු රාජ්‍යය වෙයි සෞදි අරාබිය ජනාධිපති ට්‍රම්ප්ගේ කිට්ටුතම මිතුරු රාජ්‍යයකි. සෞදි අරාබිය ඉරාන විරෝධී ප්‍රධාන කේන්ද්‍රයකි. විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජෝ බයිඩන් සෞදි අරාබි රාජාණ්ඩුව විවේචනයකින් තොරව වැළඳ ගනු ලැබීමේ ට්‍රම්ප් පිළිවෙතින් බයිඩන් බැහැරවිය හැකි බවය. ''මැද පෙරදිග ගත්තොත් බයිඩන් පාලනය යටතේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි මම හිතනවා'' ඩැනියෙලා ප්ලෙට්කා පවසයි. ''එය වැඩිවශයෙන් ඉරානයට පක්ෂපාත පිළිවෙතක්.එසේම එය ස්ථිරවම,සෞදි අරාබියට අඩු පක්ෂපාතීභාවයක් සහිත පිළිවෙතක්'' අරාබි-ඊශ්‍රායෙල් අර්බුදය ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීරය අතර පසුගියදා ඇතිකරගත් ජනාධිපති ට්‍රම්ප්ගේ ගිවිසුම නව ජනාධිපති ජෝ බයිඩන්ගේ ද පිළිගැනීමට ලක්වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ පැරණි පරපුර අනුව යමින් ජෝ බයිඩන් ඊශ්‍රායලයේ දැඩි හිතවතකු මෙන්ම එම රාජ්‍යය ආරක්ෂා කළ යුතුය යන මතයේ සිටියි. ඊශ්‍රායලය ''පලස්තීන භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්නේය'' යන වචන ඩිමොක්‍රටික් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති අංශයේ දක්නට නැත. එහෙත් ජෝ බයිඩන් ''බටහිර ඉවුර අල්ලාගැනීමේ ඊශ්‍රායල් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයේ ප්‍රතිපත්ති මත රඳා පවතින ආකාරයක් දක්නට නොලැබෙයි. ට්‍රම්ප් පිළිවෙතට ඊශ්‍රායලයේ නව ජනපද පිහිටුවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවන බව පැවසෙන ප්‍රකාශනයක් ඇතුළත්ය. එම ප්‍රකාශනය අනුව බටහිර ඉවුරේ කොටස් ඊශ්‍රායලය විසින් ඒකපාර්ශ්වීය මට්ටමින් අල්ලාගනු ලැබීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවේ. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශය කලින් වසරවලට වඩා වැඩි දියුණු කරන ලද සහ බලපෑම් සහගත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර,පලස්තීනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ලකරමින් ඇත. ජෝ බයිඩන් ඊශ්‍රායලය ආරක්ෂාකර ගත යුතුය යන මතයේ සිටියත්,බටහිර ඉවුර සම්බන්ධයෙන් ඔහු ට්‍රම්ප්ට වඩා වෙනස් මතයක සිටියි ''පලස්තීන ජාතිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ උපදේශකයන්, පලස්තීන ඇමෙරිකානුවන් සහ අරාබි ඇමෙරිකානුවන් ශක්තිමත් බැඳීමක් තිබුණා කියල මම හිතනවා. එපමණක් නොවෙයි, ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලාගැනීම අවසන් කළයුතුය යන්න එක්සත් ජනපද විදේශ පතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක් විය යුතුබව යුදෙව් ඇමෙරිකානු කණ්ඩායම් විසිනුත් පිළිගන්නවා'' මෙවර ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය දිනාගැනීම සඳහා ජෝ බයිඩන් සමඟ තරඟ වැදුන බාර්නි සෑන්ඩර්ස් ගේ විදේශ ප්‍රතිපත්ති උපදේශක මැට් ඩුස් (Matt Duss) පවසයි. ජනාධිපති ට්‍රම්ප්ට මෙන්ම ජෝ බයිඩන්ට ද ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ සඳහා සදාකාලිකව මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැත. බයිඩන් ගේ උවමනාව වනු ඇත්තේ ත්‍රස්තවාදය සමඟ සටන්වැදීම සඳහා කුඩා හමුදා සේනාංක එම රටවල රඳවා තැබීම පමණි. එසේම, පක්ෂයේ වාම බලවේගයේ බලපෑම නොතකා බයිඩන් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) වැය ශීර්ෂය කප්පාදු නොකරනු ඇත. භූදේශපාලන එදිරිවාදීකම් පෙරට පැමිණි විට ලෝකය බලාපොරොත්තු වූ තරම් වෙනසක් ඇතිවිය නොහැක යන්න එහි තේරුමය. රුසියාව මේ අතර ඉහළ රාජ්‍ය සබඳතා නියත ලෙසම වෙනස්වීමකට භාජනය වනු ඇත. රුසියාවේ නායක ව්ලදිමීර් පුතින් ගේ ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරන සුළු හැසිරීම සම්බන්ධයෙන් නිතරම දක්නට ලැබුණේ ජනාධිපති ට්‍රම්ප් විසින් පෞද්ගලික මට්ටමින් ඔහුට සමාවක් පිරිනමනු ලබන ආකාරයකි. එහෙත් ට්‍රම්ප් පරිපාලනය සම්බාධක පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රුසියාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් ද අනුගමනය කළේය. මිශ්‍ර පණිවුඩයකින් තොරව, එම පිළිවෙත බයිඩන් පාලනය යටතේත් වෙනසකින් තොරව ඇතැම්විට ක්‍රියාවට නැංවෙනු ඇත. ජෝ බයිඩන් පාලනය තුළ රුසියාව සම්බන්ධ එක්සත් ජනපද ප්‍රතිපත්තියේ මඳ වෙනසක් සිදුකෙරෙනු ඇත තමා රුසියාව "සතුරකු'' ලෙස විශ්වාස කරන බව හිටපු උප ජනාධිපතිවරයා (බයිඩන්) CNN සේවයට කිසිම පාලනයකින් තොරව කියා ඇත. එපමණක් නොව,ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපෙවීම සම්බන්ධයෙන් ද බලපෑමක් එල්ලකරන බවට ප්‍රතිඥාවක් දී සිටින ජෝ බයිඩන්, ඇෆ්ඝනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවන් ඉලක්ක කොට පහරදීම සඳහා තාලිබාන් ව්‍යාපාරයට මුදල් සපයා ඇති බවට රුසියාවට චෝදනා කර ඇත. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නැත. ඒ අතරම, න්‍යෂ්ටික අවි ගබඩා නිරෝධායනයට අදාළ අවි පාලන ගිවිසුම් සුරක්ෂිත කරගැනීමට මොස්කව් බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමාට අවශ්‍යකරන බවත් ජෝ බයිඩන් විසින් පැහැදිළිව සඳහන් කරනු ලැබ ඇත. ජනාධිපති ට්‍රම්ප් රුසියාව සමඟ එළැඹ තිබුණු එවැනි ගිවිසුම් දෙකකින් ඉවත්විය. ඔහු එවැනි පියවරක් ගත්තේ රුසියාව ඒ සම්බන්ධයෙන් වංචාකරන බවට චෝදනා කරමිනි. මේ අතර ලබන වසරේ පෙබරවාරි මාසයේ කල් ඉකුත්වෙන තුන්වෙනි අවි ගිවිසුමක් රුසියාව සමඟ දීර්ඝකර ගැනීමේ උත්සහයක් ද පවතී. තමා ජනාධිපති පදවියට තේරී පත්වුනොත් කොන්දේසි විරහිතව එම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා කැපවෙන බව බයිඩන් පවසා තිබේ. චීනය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් 2017 වසරේ දී ප්‍රකාශයක් කරමින්, තමා සහ චීන ජනාධිපති ෂි ජින්පින් චොකලට් කේක්වලට කොතරම් ආශා කරන්නේදැයි කියා සිටියත්, එම මිත්‍රත්වය පරදුවට තබමින් කොරෝනාවෛරසය පැතිරවීම සම්බන්ධයෙන් ඔහු චීනයට චෝදනා කිරීමත් සමඟ දෙදෙනා අතර මිත්‍රත්වය දැන් අලුත් සීතල යුද්ධයක් බවට හැරී පවතී. වෙළෙඳාම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් චීනය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා දුර්ලභ ගණයේ අන්තර් පක්ෂ ගිවිසුමක් සඳහා පියවර ගනිමින් ඇත. ප්‍රශ්නය වී තිබෙන්නේ උපායමාර්ග ගැනය. චීනයේ ''ආක්‍රමණශීලී ආර්ථික භාවිතයන්'ට'' එරෙහි ට්‍රම්ප් ප්‍රතිපත්තිය ජෝ බයිඩන් ද දිගටම අනුගමනය කරනු ඇත. එහෙත් එය සිදුකෙරෙනු ඇත්තේ ට්‍රම්ප් මෙන් ඒකපාර්ශ්වීය මට්ටමින් වෙළෙඳ ගිවිසුම් කරා යාමේ අභිලාශයෙන් තොරව මිතුරු රාජ්‍යයන් සමඟ සන්ධානගතවය. චීනයේ සන්නිවේදන තාක්ෂණය වර්ජනය කිරීමක් සඳහා ජගත් සහයෝගය සාර්ථකව දිනාගැනීමට ට්‍රම්ප් පරිපාලනය සමත්විය. එය පෙරමුණු කීපයකින් බේජිං පාලනය පසුබස්වාලීමට එක්සත් ජනපදය විසින් ගන්නා ලද ප්‍රයත්නයේ එක් කොටසකි. එම තත්ත්වය ඔවුන් අතර සබඳතා දශක කීපයක් ඇතුළත දක්නට ලැබෙන පහළම අඩියට වැටීමට මුල්විය. ජනාධිපති ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද එම චීනය දඩයම් කිරීමේ ව්‍යාපාරය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ මූලෝපායී තරඟකාරිත්වයක් යනුවෙනි. එහෙත් මූලෝපායික ගැටුම වන්නේ ඇතැම් විශ්ලේෂකයන් විසින් එම පිළිවෙත විග්‍රහකරන ආකාරය අනුවය. ජෝ බයිඩන් නැගී සිටිමින් පවතින චීනයක් සමඟ සහයෝගී සම්බන්ධතා පැවැත්විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි සක්‍රීය මට්ටමින් අවධානය යොමුකරනු ඇත. ''තමාට ඇමෙරිකානු නායකත්වය නැවත පණගැන්වීමට අවශ්‍ය' බව' ජෝ බයිඩන් කියාසිටී. එහෙත් පසුගිය වසර හතරක කාලය ඇතුළත දැඩි මහා බල තරඟයක් යළි කැඳවමින් ලෝකය බෙහෙවින් වෙනස් වී ඇත. මෑතදී පැවැත්වුන මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඇමෙරිකානු ජනාධිපති පදවිය භාරගනු ලබන ජෝ බයිඩන් විසින් නායකත්වය දීමට බලාපොරොත්තු තබනු ලබන ඔවුන්ගේ වෙනස් නොවෙන මිතුරු සගයන් වන රටවල පවා ඇමෙරිකානු කීර්තිය විශාල වශයෙන් පිරිහී ඇති බවකි. (ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ BBC වාර්තාකාරිනී, බාබරා ප්ලෙට් උෂර් ගේ විශ්ලේෂණයක පරිවර්තනයකි) ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන තවත් තොරතුරු;
විනිසුරුවරයෙකුගේ වැඩ කටයුතු විවේචනය කළ නීතිවේදීකුට එරෙහිව ගෙන ඇති පියවරනතර කරන්නැයි හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවීධානය සවුදි අරාබියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
අධිකරණයට අපහාස කීරීම සහ රට අපකීර්තියට පත් කිරීමේ චෝදනා, අබු -අල් -කහීර් නම් මෙම නීතිවේදීයාට එරෙහිව ගොනු කොට තිබේ. මානව හිමිකම් සංවීධානය කියා සිටින්නේ මෙම නීතිවේදියා හුදෙක් තම අදහස් පළ කිරීමේ අයිතිය භාවිතා කළ බවයි. අබු -අල් -කහීර් නීතිවේදීයා පවසන් නේ, පියා අතින් දුෂණය වූ කාන්තාවකගේ නඩුවක් ඇසු විනිසුරුවරයෙකුගේ වැඩ කටයුතු පිළිගත නොහැකි වූ බැවින් ඒ පිළිබඳව තමන් විවේචනයක් ඉදිරිපත් කළ බවයි.
ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් යුරෝපා සංගමය සම්බන්ධයෙන් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය කිසිසේත්ම පිළි ගත නොහැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කරයි.
ඇන්ජෙලා මර්කල් සහ වික්ටෝරියා නුලන්ඩ් යුක්රේනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ක්‍රියා කරන ආකාරය විවේචනය කරමින් තමන් කරන ලද ප්‍රකාශයක් අනාවරණය වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියාය. ඇයගේ දුරකථන සංවාදයට රහසේ සවන් දී එය පටි ගත කොට තිබෙන හැඩකුයි, දක්නට ලැබෙන්නේ. එවැනි ප්‍රකාශයක් කළ බව එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කොට නැත. පහත් හැසිරීමක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ඇන්ජෙලා මර්කල් ගේ ප්‍රකාශිකා ක්‍රිස්ටියන් විර්ට්ස් පැවසුවේ; “එම ප්‍රකාශය කිසිසේත්ම පිළි ගත නොහැකි බව තමයි චාන්සලර්වරියගේ අදහස. කැතරින් ඈශ්ටන් ආර්යාව ඉතාමත්ම ඉහල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්න බවත්, යුක්රේනයේ තත්වය සන්සුන් කිරීම පිණිස යුරෝපා සංගමය දිගටම උත්සාහ දරන බවත් චාන්සලර්වරිය යලිත් වරක් අවධාරණය කරනවා.” යනුවෙන්. රුසියාව විසින් එම දුරකථන සංවාදය පටි ගත කොට ඇති බවට ඉඟි කරන එක්සත් ජනපදය එය විග්‍රහ කළේ රුසියාවේ පහත් හැසිරීමක් ලෙසින්.
ගතව ගිය වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබද්දී, ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ හොඳම ක්‍රීඩකයා වීමේ සම්මානය හිටපු නායක මහේල ජයවර්ධනට හිමි වී තිබේ.
සංගක්කාර - වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිදෙන එම සම්මාන ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබියදී නිවේදනයක් නිකුත් කරමින්. මහේල - ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ වසරේ හොඳම ක්‍රීඩකයා වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් තේරී පත් වී සිටී. ගතව ගිය වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මීට ඉහතදී ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනුණු අතර, ඉන්දීය කණ්ඩායමේ චෙතෙශ්වාර් පුජාරා වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබයි. නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා සුසී බෙට්ස්, වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වසරේ හොඳම එක් දින කණ්ඩායමට තේරී සිටින නමුත්, වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුලත් වී නැත.
දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අද සෙනසුරාදා පැවැත්වුන මැතිවරණයේ ඡන්ද ගණන් කෙරෙමින් පවතින බව බීබීසී සංදේශය වාර්තාකරු අෂාම් අමීන් පවසයි.
මහජනතාව පළාත් සභා නියෝජිතයන් 155 ස් දෙනා තෝරා ගැනීමට මධ්‍යස්ථාන 4252 කදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයෝ උදෑසනින්ම ඡන්දය දුන් බවයි මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදමුලන රාජපක්ෂ මහ විදුහලේදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ තර්ස්ටන් විදුහලේදීද ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිය ඡන්දය පාවිච්චි කළේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ පෙර පාසල් භූමියේදී. ඇතැම් ප්‍රදේශවලින් ගැටුම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළහ. රාත්‍රී නවය වනවිට තැපැල් ඡන්ද ප්‍රතිපල ද ඇතුළුව පළමු ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කොට තිබුණි. මනාප ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම හෙට දවස තුළ සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.
විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය, සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විශ්ව විද්‍යාල වසා දැමීම ගැන විරෝධය පල කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලය මේ අතර වාරයේ සෙසු විශ්ව විද්‍යාල දින අටක් පමණක් වසා දැමීමට තීරණය කරද්දී , යාපනය විශ්ව විද්‍යාලය නොවැම්බර් මාසය පුරා වසා දැමීම පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමය තම විරෝධය පල කොට සිටී. මහා විරු සැමරුම නොවැම්බර් මස 27 දාට යෙදෙන මහා විරු සැමරුම යාපන විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වතිය යන බියෙන් බලධාරීන් විසින් මේ පියවර ගෙන ඇති බවයි ශිෂ්‍ය සංගම් ප්‍රකාශයෙක් කියා සිටියේ. පසුගිය වසරේ දී යාපනය විශ්ව විද්‍යාලය තුල මහ විරු දිනය සැමරීම නිසා ඊට සම්බන්ධ වූ සිසුන් එකොළොස් දෙනකු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ ඔහු අවසානයේ එම සිසුන් නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයාගේ සහය ලබා ගැනීමට සිදුවූ බවත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සිරගත ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජයේ මැදිහත් වීම ඉල්ලා තමිල්නාඩුවේ සහ පුදුච්චේරියේ ධීවර නායකයෝ දිල්ලි අගනුවර උද්ඝෝෂණයක නිරත වුහ.
අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයෝ තමන් විඳින ගැහැට ඉන්දීය රජය විසින් නො තකා හිඳින බවට චෝදනා කළ ඔවුන් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා කොළඹ යාම තමන්ගේ කලකිරීමට හේතු වූ බවයි සඳහන් කළේ. ධීවර නායකයෙක් වන මන්ගයාර් සෙල්වන් බීබීසී තමිලෝසෙයි දෙමළ සේවයට කියා සිටියේ ඉන්දියාවේ අනික් පළාත් වල ධීවර ජනතාව ද තම ඉල්ලීම් වලට සහාය දක්වන බවයි.
වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් ඉදිවුණු මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථවල ගැටී මරණයට පත් හෝ බරපතල තුවාල ලැබූ වන සතුන් පිළිබඳ ඡායාරූප වර්තමානයේ දුලභ නොවේ. එවැනි අනතුරුවලින් වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව විවිධ රටවල් ගෙන ඇති විකල්ප ක්‍රමවේද පිළිබඳ ඡායාරූප ද බොහෝ විට සමාජ ජාල තුළ දැකිය හැක. උරගයින් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් ගත් අපූරු පියවරක් පිළිබඳ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන්නේ ඒ අතරතුරදීය.
උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද "පරිසර හිතකාමී පාලම" ඉන්දියාවේ කඳුකර ප්‍රාන්තයක් වන උත්තර්ඛන්ද් හි කාර්යබහුල අධිවේගී මාර්ගයක් හරහා එහා මෙහා යා හැකි පරිදි උරගයින් සහ කුඩා වන සතුන් එනුවෙන් පාලමක් ඉදිර්කිරීමට එරට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද "පරිසර හිතකාමී පාලම" අඩි 90 ක් දිගින් යුක්තය. ලොව ඇති ඒ ආකාරයේ එකම පාලම එය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ නයිනිතල් වෙත වැටී ඇති මාර්ගය ඔස්සේ මෝටර් රථ වේගයෙන් පැමිණෙන අතර ඒවා බොහෝ සතුන් මතින් ධාවනය වෙයි. පාලම වෙත සතුන් ගෙන්වා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් මේ වන විට ඒ මත වැල් සහ තෘණ වර්ග වැවීමට පියවර ගනු ලැබ ඇත. "උරගයින් සහ අනෙකුත් සතුන් බොහෝ දෙනෙක් මේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන සංචාරක මෝටර් රථවල ගැටී මිය යනවා," යනුවෙන් ප්‍රාන්තයේ වනජීවී නිලධාරියෙකු වන චන්දර් ශේකර් බීබීසිය වෙත කියා සිටියේය. සතුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා පාලම දෙපස කැමරා සවි කරනු ලැබ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරඟයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීමට ද පාලම උපකාරී වනු ඇති බවට වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති මේ වන විට අදාළ පාලම ද සංචාරකන්ගේ ආකර්ෂණයට ලක්ව තිබේ. එය පසුකර යන බොහෝ දෙනෙක් එහි ඡායාරූප සහ 'සෙල්ෆි' ලබා ගැනීමට සිය මෝටර් රථ ඒ අසල නවත්වති. ඉක්මනින්ම වන සතුන් ද පාලම වෙත ආකර්ෂණය කර ගැනීමට හැකි වෙතැයි වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති. "මෙය ඝන වනාන්තරයක්. අලි ඇතුන්, දිවියන්, මුවන් සහ ගෝනුන් මේ අවට සැරිසරනවා.රියදුරන්ට ඔවුන් ඈත තියා දැකලා වේගය අඩු කරන්න හෝ මෝටර් රථ නවතා ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙත් සර්පයන්, කටුස්සන්, තලගොයි වැනි සතුන් සහ ලේනුන්ට ඔවුන් එසේ කරන්නේ ඉතා අඩු වශයෙන්." යනුවෙන් වනජීවී නිලධාරියෙක් 'ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පතට පවසා තිබිණි. එම ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරගයින් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීමට ඉහත කී පාලම උපකාරී වනු ඇති බවට වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති. මේ ගැනත් කියවන්න:
උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ( Kim Jong-Un ) ගේ ඉතා බලගතු මාමා වන ජැන්ග් සොං තායෙක් (Jang Song Thaek) මරා දමනු ලැබූ බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.
රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඔහු ඊට වරදකරු බවටත් විශේෂ යුද හමුදා අධිකරණයක් විසින් තීන්දු කරන ලදී . මෙම ප්‍රවෘත්තියත් සමඟ න්‍යෂ්ටික ශක්තියෙන් බල සම්පන්න කොමියුනිස්ට් රාජ්‍යයේ ස්ථාවරභාවය පිළිබඳව ජාත්‍යන්තර අවධානය තීව්‍ර වී තිබේ. උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ බලය තහවුරු කිරීම සඳහා බියකරු පාලනයක් ගෙන යමින් සිටින බවට දකුණු කොරියානු ජනාධිපති පාක් ගන් හේ (Park Geun-Hye) උතුරු කොරියාවට චෝදනා එල්ල කළේය. දෙරට අතර සම්බන්ධතා අස්ථාවර වනු ඇති බවට ඇය අනතුරු අඟවා සිටියාය. උතුරු කොරියාවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන චීනය පැවසුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර කටයුත්තක් බවයි. නමුත් උතුරු කොරියාවේ ස්ථාවරත්වය පවතිනු ඇති බවට ඇය බලාපොරොත්තු පල කළාය.
X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර බීබීසී සිංහල සේවයට පැවසීය.
පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළෙන් මේ වනවිට අපද්‍රව්‍ය කන්ටේනර් 12ක් එකතුකර ඇත. වෙරළ පිරිසිදු කිරීම අවසානයේ එම අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් සංඛ්‍යාව 30ත් 40ත් අතර සංඛ්‍යාවක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. මෙම සිදුවීමෙන් පරිසර පද්ධතියට වී ඇති හානිය ගණනය කිරීම විද්වත් කමිටුවක් හරහා සිදු කෙරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳුදා (මැයි 31), නැවේ කපිතන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය. ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් වෙරළ පිරිසිදු කිරීම සිදු කෙරේ.
ජර්මානු නාසි හමුදා විසින් රත්රන් පිරවූ බවට සැක කෙරෙන දුම්රියක් වසර 70 කට පසු පෝලන්තයෙන් සොයා ගෙන ඇති බවට පළවී තිබෙන වාර්තා පිළබඳව විමර්ශන ආරම්භ වී තිබේ.
අතුරුදහන් වූ දුම්රිය රත්තරන්,මැණික් සහ තුවක්කු ප්‍රවාහනය කරමින් තිබුන බව කට කථා පැතිර තිබුණි . පෝලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ බලධාරියකු කියා සිටියේ පොළව යට බංකරයක සිරවී ඇති මෙම දුම්රිය රේඩාර් ඡායාරූප වලට හසු වූ අතර එය නාසි රත්තරන් දුම්රිය ලෙස විශ්වාස කළ හැකි බවයි. නිධන් සොයන්නෝ නිධන් හොයන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් කරන පෝලන්ත බලධාරීන් කියා සිටින්නේ මෙම දුම්රිය තුළ බිම් බෝම්බ අටවා තිබිය හැකි බවින් ඒ අසළට ලං නොවන ලෙසයි. මෙම දුම්රිය විෂ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යෙදවූ එකක් වීමටත් ඉඩ තිබෙන බව පෝලන්ත බලධාරීහු කියා සිටිති. 1945 දී අතුරුදහන් වූ දුම්රියක් හොයා ගත් බව පුද්ගලයින් දෙදෙනෙක් මේ මාස මුලදී ප්‍රකාශ කළහ. ඉන් පසුව නිරිත දිග පෝලන්තයේ වොල්බ්ර්ච් නගරය අශ්‍රිතව නිධන් හොයන්නන් දැඩි උනන්දුවකින් කටයුතු කරන්නට පටන් ගත්හ.
වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර පවතින අපූරු මිතුදමක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
චීනයේ යිචුන් නගරයේ ගොවිපළකින් හමු වූ වඳුරු පැටවා එළුවෙකු පිට නැගී එළු රංචුව සමග සංචාරයේ යෙදෙන අයුරු කැමරා කාචයේ සටහන් විය. වඳුරු පැටවා සත්වෝද්‍යානයකට ගෙනගොස් උස්මහත් වූ පසු වනයට මුදා හරින බව ප්‍රාදේශීය වනජීවී නිලධාරීහු පවසති.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල සිදුව ඇති අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විභාග කරන කොමිසමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගෙන ඇත.
කොමිසම යාපනයේදී කරුණු විමසමින් මේ අනුව ලබන අගෝස්තු මාසයේ දොළොස් වෙනි දින තෙක් අදාළ විභාග පෙරට ගෙන යාමට ජනාධිපති කොමිසමට බලය පැවරෙයි. අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණිලි 16000 ක් පමණ කොමිසමට ලැබී ඇති අතර මහජනතාවගෙන් විවෘත මට්ටමින් කරුණු විමසීමේ එහි පළමු වටය පසුගිය ජනවාරි 18 පටන් 21 තෙක් කිලිනොච්චියේ දී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරනු ලැබුණේ උගත් පාඩම් සහ සංහිඳියා (LLRC) කොමිසමේ නිර්දේශයක් අනුවයි. 1999 ජුනි දහනව වෙනිදා පටන් 2009 මැයි දහනව වෙනිදා අතර කාලය ඇතුළත සිදු වී ඇති බවට පැමිණිලි කෙරෙන පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් සොයා බලා වාර්තා කිරීමටයි මෙම ජනාධිපති කොමිසමට පැවරෙන්නේ.
තවමත් විසඳුම් නොමැති තේ අර්බුදයට තාවකාලික විසඳුමක් වශයෙන් අමු තේ දලු කිලෝවකට පසුගිය සන්ධාන රජයෙන් නියම කළ රුපියල් හැත්තෑවවත් ලබා දෙන ලෙස ඉල්ලා බලංගොඩ නගරයේ විරෝධතාවක් පැවැත්වින.
''තේ වගාකරුවන්ට දෙන බවට පොරොන්දු වූ සහන කෝ?'' ජනපතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවෙන් විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ පැවති වර්ෂාව නොතකා බලංගොඩ බස් නැවතුම් පොල ඉදිරිපිටට එක් රැස් වූ විරෝධතාකරුවෝ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුනහ. කුඩා තේ වතු හිමියන් ඇතුළු සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් ද එක් උද්ඝෝෂණයට එක් වී සිටියහ. ''තේ වගාකරුවන්ට දෙන බවට පොරොන්දු වූ සහන කෝ?'' ජනපතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවෙන් විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ.
ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා - කමිටු සභාපති ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් පසුගිය සතියේදී අදාළ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී. කෝවිඩ් -19 යනු SARS-CoV-2 මගින් ඇතිවන උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හදුන්වා දී කමිටුව, එය ප්‍රධාන වශයෙන් පෙනහළු හා ශ්වසන මාර්ගයට බලපාන බවට පෙන්වා දී ඇත. SARS CoV-2 වෛරසය ආවරණය කරන ලද වෛරසයක් වන අතර එය ආවරණය නොකරන ලද වෛරසයක් සමඟ සසඳන විට අහිතකර පාරිසරික තත්ත්වයන් මගින් වඩා වේගයෙන් විනාශ වේ යැයි ද කමිටුව පවසයි. හුස්ම ගැනීම, කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශ්වසන ස්‍රාවයන් මගින් බිඳිති බැහැර කරන විට ජීවත්වන, ආසාදිත පුද්ගලයින් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබේ යනුවෙන් කමිටුව සකස් කළ වාර්තාවේ දැක්වේ. ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එහි සඳහන් ය. ඇතැම් ආසාදිත පුද්ගලයින්ගේ මළ මූත්‍ර වලින් ද ආසාදනය විය හැකි බව ඉන් කියැවේ. විශේෂඥ කමිටු නිර්දේශවලින් කොටසක් විශේෂඥ කමිටුවේ සාමාජිකයින් සමහර රෝගීන්ගේ ප්ලාස්මා සහ සේරමය (plasma and serum) තුළ අඩු වෛරස ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවා ආසාදනය විය හැකි බව පෙන්නුම් කෙරෙන්නේ යැයිද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. "වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ," යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය. "තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ." "එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත." "කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය." යැයි එහි කියැවේ. එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ SARS-CoV-2 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුර ආසාදනයට ඉඩ තැබිය හැකි බැවින් එම මෘත ශරීරය සමඟ සමීප සම්බන්ධතා ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ දේහය බැහැර කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් ය. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවය. පුද්ගලයෙකු මියගිය පසු පීසීආර් පරීක්ෂණයෙන් කෝවිඩ්-19 වෛරසය ශරීරගත වී ඇති බවට කියවුනද දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඒවා නම්, කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව අතර කොවිඩ්-19 ආසාදිතයින්ගේ මළ මූත්‍ර ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බවත් ඉන් පෙන්වා දෙයි. වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනයවීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටී. ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද පවසන වෛද්‍ය සංගමය, ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බවද සඳහන් කරයි. මෙම විශේෂඥයන්ගේ නිර්දේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසීමට බීබීසී සිංහල සේවය ගත් උත්සාහය සාර්ථක නොවීය. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසා බීබීසී සිංහල සේවයට පසුව දැනුම් දෙන බවකි. මේ අතර අදාළ විශේෂඥ මතය විවේචනය කරමින් භික්ෂුන් වහන්සේ කිහිපනමක් මාධ්‍ය වෙත නිවේදන නිකුත්කර තිබුණි. මේ අතර නිවේදනයක් නිකුත් කරන සිවිල් සමාජ සංවිධාන 29 ක් සහ ක්‍රියාධරයන් විශාල පිරිසක් පවසන්නේ, ශ්‍රී ලංකාවේම වෛද්‍ය ප්‍රජාව කෝවිඩ්-19 මෘතදේහ භූමදානයට සහය දක්වන වාතාවරණයක් තුළ "ශ්‍රී ලංකාවේ ආගමික සුළුතර ප්‍රජාවට වෙනස්කොට සැලකීමක් වන 'ආදාහනය පමණකි' ප්‍රතිපත්තිය රජයට තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති," බවය. එබැවින් විශේෂඥ කමිටුවේ උපදෙස් සහ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් නිකුත් කළ නිවේදන ප්‍රකාර කොරෝනාවෛරසය ආසාදිත බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වහාම වෙනස්කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් ආචාර්ය රාධිකා කුමාරස්වාමි, අතුරුදහන් වූ මාපිය දූදරු සංගමයේ විශාකා ධර්මදාස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්ජුන රණවන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ක්‍රිස්තියානි බිෂොප්වරුන් ඇතුළු පූජකවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු ක්‍රියාධරයන් 89 ක් ලිපියට අත්සන් තබා තිබේ. ලෝ ප්‍රකට වෛරස් රෝග විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් මෙන්ම වෛරස් රෝග විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ ද රජයේ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වන ආකාරයෙන් කරුණු පහදා දී තිබෙන බව ද නිවේදනයේ දැක්වේ. "ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතිව රජය විසින් අනුගමනය කරනු ලබන බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ඇතැම් ආගමික ප්‍රජාවන්ට පීඩාවක් හා වේදනාවක් ගෙන දී ඇති බැවින් එය වහාම නතර කළ යුතුය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ. මේ ගැනත් දැනගන්න:
අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.
අවසන් වරට ගමන් ගත් පථය යානය සොයා සිදු කෙරෙන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ. හඬා වැළපෙන ඥාතීන් සොරා ගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇති දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම දෙදෙනා ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ එකම වේලාවේදී බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළි විය. මගීන් 239 ක් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යද්දී. අතුරුදහන් වූ යානය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ගුවන් යානා විසි දෙකක් සහ නැව් හතළිහක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.
2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් මෙවර මැතිවරණයෙන් ආණ්ඩු බලය ලබාගැනීම මෙන්ම ප්‍රධාන විපක්ෂය බවට පත්වීමත් හේතුවෙනි.
සිය 74 වන සංවත්සරයට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂය තම මැතිවරණ ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය අත්කරගනිමින් මෙවර මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් හිමිකරගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය අලුතින් ලිවීමක් බවටව පත්ව ඇත. එහෙත් එක්සත් ජාතික පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී තැනූ සමගි ජන බලවේගය මාස කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ග්‍රහනය කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයට ඉතා ආසන්න සුවිශේෂී ජයක් අත්කරගැනීමට හැකිවීම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තවදුරටත් ශක්තිමත් වීමක් දක්නට හැකිවන බව විශ්ලේෂකයෝ පවසති. සමගි ජන බලවේගය මාස කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ග්‍රහනය කරගැනීමට සමත් වී ඇත 2019 ජනාධිපතිවරණයේදි සුලු ජාතීන්ගේ සහය නොමැතිව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි බව පෙන්වූ ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ මෙම මහ මැතිවරණයේදී ඡන්ද 6853693 ලබාගෙන ආසන 145 ක් තහවුරු කර ගැනීම හරහා ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගැනීම තුළින් මෙතෙක් කල් පැවති සුළු පක්ෂ වලට තිබූ කේවල් කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇති බව ද ඇතැම් විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ. මෙවර මහ මැතිවරණයේදී තරග කළ, බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ අපේ ජන බලවේගය පක්ෂයත්, පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ මූලිකත්වය ඇතිව තරග වැදුනු ටී එම් වී පී (තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල්) පක්ෂය සහ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නායකත්වය දෙන ටී එම් ටී කේ (තමිල් මක්කල් තේසිය කුට්ටනි) පක්ෂය එක් අසුන බැගින් හිමිකර ගැනීම විශේෂත්වයකි. මෙම ප්‍රවණතාවත් සමගම රට නව දේශපාලන දිශානතියකට යොමු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති. "ප්‍රධාන පක්ෂ දෙක එකතුවී පසුගිය රජය ගෙනයෑමෙන් ජනතාවට කිසිදු බලාපොරොත්තු වූ සහනයක් නොලැබීමෙන් ජනතාව හිටියේ බොහෝ කළකිරීමෙන්. පාස්කු ප්‍රහාරය නිසා ආරක්ෂාව පිළිබඳවත්, ආර්ථිකය පිළිබඳවත් ජනතාව විශාල කලකිරීමකින් සිටීම තුළ මෙම මැතිවරණය එය ප්‍රදර්ශනය කරන්න උදව්වක් කරගෙන තිබෙනවා," ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සිරිවර්ධන බී සී සිංහල සේවයට පැවසීය. ඇය තවදුරටත් පැවසුවේ ප්‍රධාන විපක්ෂයේ බෙදීම නිසාත්, 2015-2019 රජයේ තිබුණු අඩුපාඩු නිසාත් ජනතාව මෙවර මැතිවරණයේදී මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවකි. දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට පෙර කිහිපවිටක්ම අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වු බව වාර්තා වුවත් දෙමළ ජාතික සන්ධානය රජයට සහය පළ කරන්නේදැයි මෙතෙක් ප්‍රකාශ වී නැත. මේ අතර මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පසුබෑමකට ලක්වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. පාස්කු ප්‍රහාරයෙන් ද බැටක් කෑ ආර්ථිකය ගෝලීය කෝවිඩ් වසංගතය හමුවේ සෘණ අගයකට ළඟාවී ඇති බැවින් කඩා වැටුනු ආර්ථිකය ගොඩනැගීම නව රජයට පැවරෙන පළමු හා ඉතාමත්ම අභියෝගාත්මක කාර්යභාරය වනු ඇත. එහීදී විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත්වන බැවින් චීනය හා ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගන්නා ආකාරය රටේ අනාගතය කෙරෙහි බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇත. ජනපති ගෝඨාභය පත්වීමත් සමඟම ලබා දුන් බදු සහන, කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පසුබෑ සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ මෙන්ම ඇඟලුම් වැනි නිර්යාත ආදායම් අහිමිවීම හමුවේ නව රජය ජනතාවට සහන ලබාදෙමින් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම වැනි දුශ්කර අභියෝග ජයගන්නේ කෙසේදැයි ජනතාව විමසිලිමත් වනු ඇත. කියවන්න:
"ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර පාසලක දැරිවියක් උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා."
"මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක්... නමුත්, ඉතිහාසයේ කිසිම දවසක ජාත්‍යන්තර පාසල්වල සිසුන් පෙනී සිටින විභාගවල ප්‍රතිඵල සමස්ත රටේ දරුවන් පෙනී සිටින ප්‍රතිඵල සමග කලවම් කරලා නැහැ," යනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනවාරි පළමුවෙනිදා පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ඉහත ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාවගේ දැඩි විවේචනයට බඳුන් වී තිබේ. "මම අභියෝග කරනවා අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ වෙනත් ඕනෑම නිලධාරියෙකුට පුළුවන්නම් පෙන්නන්න කියලා, මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් සමග මුදල් ගෙවා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල තත්වය සමාන කරපු අවස්ථාවක්." බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළේ අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් ගැන ජාතික පුවත්පත්වල පළවූ ඡායාරූප පෙන්වමිනි. "මේ දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ මම ඉන්න කාලේ රජයේ අයදුම්කරුවන් විදියට," ඔහු තවදුරටත් පැවසීය. එමෙන්ම, මෙවර උසස් පෙළ ප්‍රතිඵල එලෙස නිකුත් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ලෙස තමන් දකින බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න: "මේ දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ මම ඉන්න කාලේ රජයේ අයදුම්කරුවන් විදියට" නැවතත් ජනවාරි දෙවෙනි දා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කෙතරම් විවේචන එල්ල වුවද තම පාර්ශවය රජයේ පාසල් සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බවය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය "පිළිකුල් සහගත" බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබිණ. රට තුල සිටින සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය හැදෑරීමේ සම අයිතිය ගැන ද අමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබිණි. එමෙන්ම, ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන පාසලක අධ්‍යාපනය හැදෑරුව ද ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම පුරවැසියෙකුට ඕනෑම විභාගයට පෙනී සිටීමට කිසිදු බාධාවක් නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ. කවුද මේ බන්දුල ගුණවර්ධන? බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහත කී ආකාරයේ ප්‍රකාශයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවට සමාජ ජාල ඔස්සේ ඇතැමෙක් තර්ක කරති. දේශපාලනයට පිවිසීමට පෙර උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කළේය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපත ලැබූ බන්දුල ගුණවර්ධන රෝමානු කතෝලික පාසලකින් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේය. කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය. පසුගිය වසරේ දී ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමිණි අධ්‍යාපන අමාත්‍යධුරය දරන කාලයේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් සම්බන්ධීකරණය කිරීමේ අංශයක් පවත්වාගෙන යෑමට ඔහු කටයුතු කර තිබේ. එමෙන්ම, ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් ද පාසල් මට්ටමේ කඩඉම් විභාගවලට පෙනී සිට ඉහළ ස්ථාන හිමිකර ගැනීමට සමත් වී ඇති බව නිලධාරීන් තහවුරු කර ඇතැයි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ. කෙසේ නමුත් බන්දුල ගුණවර්ධන විසින් දේශපාලන වේදිකාවේ පළ කරන ලද ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මතභේද හටගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ බන්දුල ගුණවර්ධන වරක් රුපියල් 2,500කින් මාසයක් ජීවත් විය ආකාරය ගැන මිල සූත්‍රයක් ඉදිරිපත් කළේය. නමුත්, ජනතාවගෙන් සහ විපක්ෂයෙන් ඒ අවස්ථාවේ ඔහුට දැඩි විවේචන එල්ල විය. තවත් තොරතුරු: bandhula එමෙන්ම පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී ඔහු කළ ප්‍රකාශයක් සාවද්‍ය බව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී තහවුරු විය. වරාය නගරය චීන සමාගමට සින්නක්කරව පැවරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව එකඟ නොවූ බව ඔහු 2017 වසරේ ජනවාරි මස 10 වෙනි දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එවැන්නක් සඳහන් ගිවිසුමක් වේනම් එහි පිටපතක් තමන්ට සපයන ලෙසත් එය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ද වැදගත්වන බවත් මන්ත්‍රීවරයා එදින ප්‍රකාශ කළේය. ඉන් දින කීපයකට පසුව පැවති මාධ්‍ය හමුවේ දී බීබීසී වාර්තාකරු විසින් අදාළ ගිවිසුමේ පිටපතක් බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අතට පත් කළ අතර එහිදී ඔහු කියා සිටියේ වරාය නගරය චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තීබීයැයි තමන් දැනගත්තේ එදින බවය. ඔහුගේ ප්‍රකාශය හරිද? වැරදිද? ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය නිවැරදි බව පවසමින් ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය අදහස් පළ කර තිබේ. පොදුවේ ගත් කළ එම අදහස්වලින් මතු කරන කාරණය නම්, පෞද්ගලික පාසල්වල ළමුන් සහ රජයේ පාසල්වල ළමුන් විභාග ප්‍රතිඵලවලින් එක පෙළට තැබුවේ කෙසේ ද යන්නය. එමෙන්ම, පෞද්ගලික පාසලේ නම සඳහන් කරමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි විවේචන එල්ල කර තිබේ. පෞද්ගලික අයදුම්කරුවන් පිළිබඳ ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිර්දේශවල සඳහන් වන්නේ මෙසේය: "පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉල්ලුම් කළ හැක්කේ පාසලෙන් අස්වීමේ සහතික ලබා ඇති අයදුම්කරුවන්ට පමණි. පාසලේ ඉගෙන ගනිමින් ම පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ සපුරා තහනම් වේ. එසේ පෙනී සිටීමක් අනාවරණය වුවහොත් විභාග ප්‍රතිඵල අවලංගු කොට ඉදිරි විභාග සඳහා පෙනී සිටීම ද තහනම් කරනු ලැබේ." සෑම දරුවෙකුටම එක සමාන සැලකුම් නමුත්, මානව හිමිකම් අනුව රටක ඕනෑම පුරවැසියෙකුට අධ්‍යාපනය හැදෑරීමේ සම අයිතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක තුළ ද අන්තර්ගත වී තිබේ. ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන පාසලක අධ්‍යාපනය හැදෑරුව ද ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම පුරවැසියෙකුට ඕනෑම විභාගයට පෙනී සිටීමට කිසිදු බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිකුල් සහගත බව සඳහන් කරමින් වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ එමෙන්ම, එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල, ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් නොමැති බව සහ විභාග පැවැත්වීමේ දී සහ ප්‍රතිඵල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුවට එවැනි අකටයුතුකම් සිදු කිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය. මානව හිමිකම්වලට පටහැණි ද? හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක දී අදහස් දැක්වූ නීතිවේදිනී නන්දිතා මාධවී ජයවීර කියා සිටියේ "ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය අනුව, අධ්‍යාපන ලැබීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස හඳුනාගෙන තිබෙනවා" යනුවෙනි. "ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය අනුව, අධ්‍යාපන ලැබීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස හඳුනාගෙන තිබෙනවා" "දරුවෙකුට පෞද්ගලිකව හෝ පාසල් හරහා විභාග වලට පෙනී සිටීමට අයිතිවාසිකම් තිබෙනවා. එය පවතින රජයේ වගකීමක්. ව්‍යවස්ථාවේම ස්ථාපිත කරන ලද අයිතිවාසිකම් ගැන මෙසේ කථා කිරීම විහිළුවක්," යැයි ඇය තවදුරටත් පැවසීය. ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයට විරුද්ධ මත පළ කර තිබිණි. මේ අතර, කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලෙන් 2008 වර්ෂයේ දී අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් ට්විටර් පරිශීලකයෙකු තම විභාග ප්‍රතිඵල වාර්තාව දක්වමින් පණිවිඩයක් නිකුත් කර තිබිණි. "මෙම දැරියගේ අයදුම්පත අධ්‍යාපන සභාව පිළිගෙන තියෙනවානම්, ඇය අන් දරුවන් සේම දේශීය විෂය නිර්දේශයට එකම වේලාවක දී මුහුණ දුන්නේනම්, ඇයගේ මේ ජයග්‍රහණය අවතක්සේරුවට ලක් කිරීම සහ වැරදි ලෙස අර්ථ නිරූපනය කිරීම හරිම කුහක කමක් සහ හාස්‍යජනකයි," නීතිවේදිනිය පැවසුවාය. "මේ වගේ ප්‍රකාශ කිරීමෙන් දැනට අධ්‍යාපන ලබන දරුවන් අතර අනවශ්‍ය ගැටලු හා ගැටුම් ඇති වෙනවා." තවදුරටත් අදහස් දැක්වූ නීතිවේදිනී නන්දිතා මාධවී ජයවීර, "පෞද්ගලික පංති පැවත්වූ හිටපු ගුරුවරයෙක් සහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් ⁣කරන මෙවැනි කුහක ප්‍රකාශ ගැන ඇත්තේ හුදෙක් කලකිරීමක්" යනුවෙන් ද සඳහන් කළාය. මෙරට දරුවන්ට රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම පාසලක අධ්‍යාපන හැදෑරීමට අයිතිවාසිකමක් තිබෙන අතර, එය අභියෝගයට ලක් කිරීමට හෝ ඒ මග අහුරාලීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවාගේ ඉදිරි පාසල් ගමන සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත් වී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුන් කීපදෙනෙක් එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවාගේ නිවසට ගොස් තොරතුරු විමසූහ. එම අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 'ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව' දරුවාගේ මවට ප්‍රකාශ කළ බවයි බීබීසී සංදේශය ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න කියා සිටියේ. 'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය. හය හැවිරිදි දරුවා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ව රස කැවිලි සහ පලතුරු හුවමාරු කර ගනිමින් ඒවා අනුභව කළ බවත් එම අවස්ථාවේ අසල්වැසියන් එහි රැස් වී සිටි බවත් ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න වැඩිදුරටත් සඳහන් කරයි.
යුධ සමයේ කැඩී බිඳී විනාශ වී ගිය භෞතික සම්පත් යළි ගොඩනැගීමට හැකි නමුත් බිඳුණු සිත් යළි ගොඩ නගා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මාතර නගරයේ සංවිධානය කළ රණවිරු සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම සිය රජය පැහැදිලි ලෙස භාර ගන්නා බවයි. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට කැප වූ සියලු ආරක්ෂක අංශ සාමාජිකයන් අනුස්මරණය කිරීම පිණිස මෙම රණවිරු සැමරුම සංවිධානය කර තිබුණි. උත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සංවර්ධනය තුළීන් පමණක් සංහිඳියාව පිළිබඳ වූ පරමාර්ථ ඉටු කර ගත නොහැකි බවයි. ‘අපි නව රජය ලෙස පැහැදිලිව කියන්න ඕනේ, අපේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාවයි. භෞතික සංවර්ධනය තුළ ජාතීන්ගේ සංහිඳියා පිළිවෙතක් සම්බන්ධයෙන් ප්‍රමුත්වය ලැබුණේ නැහැ’ ජනාධිපතිවරයා පැවසීය. සංහිඳියා පිළිවෙතක් තුළ සත්‍ය ගවේෂණය, යුක්තිය ඉටු කිරීම, සියලු ජාතීන් අතර බිය සැක අවිශ්වාස නැති කිරීම වැනි කාරණා ඉටු කළ යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේ අත්දැකීම් සමග විශේෂයෙන්ම සංහිඳියා වැඩපිළිවෙළක තිබෙන්නා වූ ප්‍රමුඛතාවය තේරුම් ගැනීමට අවශ්‍ය වන බවයි.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ආකාරයක වෙනස්කමකට ලක් කරනු ලැබීමට විරෝධය පළ කරන බවත්, යෝජිත සංශෝධන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව තම පක්ෂය ඡන්දය දීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කරයි.
ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගන්නේ ද යන්න පිලිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ලබන සතිය දක්වා කල් දැමීමට තමන් සහ වාසුදේව නානායක්කාර ඇමතිවරයා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි මුස්ලිම් කොන්ග්‍රස් නායකයා පවසන්නේ. මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක් රජයේ ප්‍රයත්නය, දැනට විමධ්‍යගත කොට ඇති බලය ආපසු මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වා දෙන රවුෆ් හකීම් ඇමතිවරයා, රජයේ පාර්ශව කරුවන් ලෙස දිගටම කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුව ඉදිරිකාලයෙහි ගන්නා පියවර අනුව සලකා බැලීමට සිදුවන බවයි වැඩිදුරටත් කියා සිටියේ. මෙවැනි තත්වයක් යටතේ තවදුරටත් රජය තුළ රැඳී සිටින්නේදැයි ප්‍රශ්නයක් යොමුකළ විට ඇමතිවරයා කියා සිටියේ,රජයේ පාර්ශව කරුවෙක් ලෙස ක්‍රියා කිරීම, එමෙන්ම රජය හා කටයුතු කිරීමට රජයේ වත්මන් ක්‍රියාකලාපය හාණිකර බලපෑමක් සිදුකරන බවයි.
ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම එකමුතුව සහ ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි නිවේදනය කළහ.
අද (අප්‍රේල් 24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුව ගත් බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය. වෘත්තීය සමිති විසින් වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරමිනි. හෙටින් (අප්‍රේල් 24) ආරම්භ වන සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය. අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව මත වර්ජනය අවසන් කළ බව එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.
වසංගතයකට මුහුණ දීම සඳහා පූර්ව සුදානමක් සහිත රටවල් ලැයිස්තුගත කෙරුණු ලෝක ශ්‍රේණිගත දර්ශකයට අනුව 2019 වසරේ දී ඉහළින් ම සිටියේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යි. යම් වසංගත කාලයක දී වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලැබිය හැකි පරමාදර්ශී රටවල් දෙකක් ලෙස එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙහිදී හඳුන්වා දී තිබුණි.
ඒ වන විට, නවසීලන්තය, වියට්නාමය සහ චීනය මෙම ලෝක දර්ශකයේ සටහන් වී තිබුණේ එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට වඩා බොහෝ පහළ තැනක ය. නමුත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මෙම ලෝක දර්ශකය සැකසීමේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට කොහේ හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව වැටහෙන්නේ කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සිටින ලෝකයට 2021 ලබද්දීය. මේ වන විට එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පවතින වසංගත තත්වය හඳුන්වා ඇත්තේ පාලනයෙන් ගිලිහී ගිය තත්වයක් ලෙසිනි. වසංගතයට එරෙහිව චීනය දැක්වූ දැඩි ප්‍රතිචාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබේ. නවසීලන්තය ආදර්ශවත් වී ඇතැයි වර්ණනාවට ලක් විය. මිලියන 95ක ජනගහනයක් සහිත වියට්නාමයෙන් වාර්තා වූයේ කෝවිඩ් මරණ 35ක් පමණි. මෙයින් පෙනී යන්නේ, වසංගතයට කලින් ඊට මනා සුදානමක් සහිත බවට පත්‍රිකාවක සඳහන් වූ රටවල් වසංගතයක් පැමිණි පසු හොඳින් කටයුතු කර නොමැති බවකි. එමෙන්ම, ඉතා හොඳ සුදානම සහිත යැයි සැලකුණු රටවලට වඩා පහළින් සිටි ඇතැම් රටවල් කෝවිඩ් ඉදිරියේ වඩා හොඳින් ක්‍රියා කර ඇති බවකි. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? සංසන්දනයේ අභියෝගය "ලෝකයේ හැම දෙනාම මුහුණ දෙන්නේ එකම වෛරසයට. ඇයි එහෙනම් එක රටවල් වෙනස් විදියකට ප්‍රතිචාර දක්වන්නේ?" එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එලිසබත් කිං ප්‍රශ්න කරන්නීය. තම තමන්ගේ සාර්ථකත්වය මැනීම සඳහා විවිධ ජාතීන් විවිධ මිනුම් දඬු පාවිච්චි කරන හෙයින් අන්තර්ජාතික වශයෙන් එය සංසන්දනය කිරීම අතිශය දුෂ්කර වූ අභියෝගයකි මහාචාර්ය කිං, 2020 වසරේ මුල් භාගයේ ඇරඹුණු කොරෝනාවෛරස් පළමු රැල්ලට එක් ජාතීන් ප්‍රතිචාර දැක්වූ ආකාරය විශ්ලේෂණය කෙරෙන අලුත් ම ග්‍රන්ථයේ සම සංස්කාරකවරියකි. ආසියානු, අප්‍රිකානු, ඇමරිකානු සහ යුරෝපීය රටවල් 30ක වෙසෙන විද්වතුන් 60 දෙනෙකු පමණ මෙම ග්‍රන්ථයට ලිපි සපයා ඇත. තම තමන්ගේ සාර්ථකත්වය මැනීම සඳහා විවිධ ජාතීන් විවිධ මිනුම් දඬු පාවිච්චි කරන හෙයින් අන්තර්ජාතික වශයෙන් එය සංසන්දනය කිරීම අතිශය දුෂ්කර වූ අභියෝගයකි. උදාහරණයක් හැටියට බෙල්ජියම ගතහොත්, කෝවිඩ් 19 වැළඳී මියයන්නට ඇතැයි සැකකෙරෙන මරණ පවා ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට එක් කොට ඇති බැවින් එරට සමස්ථ මරණ අනුපාතිකය අනෙකුත් රටවලට වඩා වැඩියෙන් පෙන්නුම් කෙරේ. ජර්මනිය සහ ප්‍රංශය හැමවිටම වැඩිහිටි නිවාස තුළ පවා සිදුවූ කෝවිඩ් මරණ දෛනික මරණ සංඛ්‍යා ලේඛනයට ඇතුළත් කොට නිවේදනය කරද්දී එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය තුළ සිදුවූ කෝවිඩ් මරණ සංඛ්‍යාව පමණක් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ බවට පත්විය. එක් රටවල වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය සංසන්දනය කිරීම ඊට වඩා අපහසු කාර්යයකි. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ වැඩියෙන් කරන තරමට වැඩියෙන් ආසාදිතයන් වර්තාවනු ඇත. ඒ සඳහා විවිධ රටවල සිදු කෙරෙනු පරීක්ෂණ ප්‍රමාණය සහ ඒ සඳහා ලබා දී තිබුණු ප්‍රමුඛතා ලැයිස්තු විවිධාකාරය. විවිධ රටවල පවතින ජනවිකාශන සංයුතිය ද එකිනෙකට වෙනස් ය. ඉතාලියේ මුළු ජනගහනයෙන් පහෙන් පංගුවක් වයස අවුරුදු 65ට වැඩි ය. එම ජන කණ්ඩායමට කෝවිඩ් 19 වඩා අනතුරුදායක වේ. නමුත් අප්‍රිකාවේ පවතින්නේ තරුණ ජන සංයුතියකි. ලෝකයේ තරුණ ජනගහනය වැඩිම රටවල් විස්සෙන්, දහනවයක්ම අප්‍රිකානු මහාද්වීපයේ පවතින රටවල් ය. ඒ කෙසේ වී නමුදු, අවසන් ප්‍රතිඵලය යැපී ඇත්තේ පළමු රැල්ලේ දී ආණ්ඩුව කළේ කුමක් ද, කෙතරම් ඉක්මනින් එකී පියවර ගත්තේ ද යන්න මත බව පෙනී යයි. කෝවිඩ් 19 සහ දේශපාලනය බීබීසී රුසියානු සේවය කළ විමර්ශනයකින් හෙළිදරව් වුයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවයි අවසන් ප්‍රතිඵලය සංසන්දනය කිරීමෙන් ඔබ්බට ගොස්, මහජන සෞඛ්‍යය සඳහා බලපාන වෙනත් කාරණා බොහොමයක් පිළිබඳව තේරුම් ගැනීමට මහාචාර්ය කිං සහ ඇයගේ කණ්ඩායමට අවශ්‍ය වී තිබුණි. රාජ්‍ය පද්ධතියේ ස්වභාවය (ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඒකාධිකාරී), නිල දේශපාලනික ආයතනවල ස්වභාවය (ෆෙඩරල් පාලනය හෝ ජනාධිපති මූලික පාලනය ආදී වශයෙන්), සෞඛ්‍ය පද්ධතිය සහ මහජන පරිපාලන කෙරෙහි රජය සතුව පවතින ධාරිතාව යන කාරනා අනුව ද එක් ආණ්ඩු කෝවිඩ් 19ට දැක්වූ ප්‍රතිචාරය වෙනස් වී තිබේ. වුහාන් ප්‍රාන්තයේ සිටි මිලියන 50ක් වූ ජනතාව වටලා හුදෙකලා කිරීමට 2020 ජනවාරියේ දී චීනය ගත් දැඩි පියවර සලකා බැලීමේදී ඇතැමුන් තර්ක කරන්නේ, කෝවිඩ් 19 වැනි වසංගත තත්වයකට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා ඒකාධිකාරී රෙජිමයක් පැවතීම වාසිසහගත විය හැකි බවය. නමුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ද ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වීමත් සමඟ එම තර්කය තුනී වී යන බව ඇතැමුන්ගේ අදහස විය. කෝවිඩ් 19 හමුවේ ලොක්ඩවුන් ක්‍රමවේදය මුලින් ම ක්‍රියාත්මක කෙළේ චීනයයි දේශපාලනික ක්‍රමවේදයන් ඒකාධිකාරී පාලන තන්ත්‍රයකින් පැනවෙන සීමා හෝ නීතිවලට එරෙහිව එතරම් ජනතා විරෝධයක් මතු නොවීම වෙනම කාරණයකි. ඒකාධිකාරී පාලනයකට වුව තම ජනතාව පිළිබඳව පවතින ආත්ම විශ්වාසය දිරාපත් වී ගිය එකක් වන්නේ නම් මෙම ක්‍රමවිධි වැඩි කාලයක් පවත්වාගෙන යා නොහැකි වන බව මහාචාර්ය එලිසබත් කිං විශ්වාස කරන්නීය. "තොරතුරු ගලා යාම, ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය, ආයතන කෙරෙහි පවතින විශ්වාසය තමයි වැදගත් වෙන්නේ." වසංගතය හමුවේ රුසියාවේ ක්‍රියාදාමය පීඩාවට පත්වූයේ නිසි සංඛ්‍යා ලේඛන නොමැති වීම නිසා බව ඇය පෙන්වා දෙන්නීය. නමුත් මෑතකදී පටන් රුසියානු ආණ්ඩුව තොරතුරු ගලා යාම වැඩි දියුණු කළ බවත් වසංගතයේ බලපෑම අඩුකරලීම සඳහා ශක්තිමත් සමාජ ප්‍රතිපත්ති හඳුන්වා දුන් බවත් ඇය පැවසුවාය. කෙසේ නමුත් බීබීසී රුසියානු සේවය කළ විමර්ශනයකින් හෙළිදරව් වුයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවයි. කෝවිඩ් 19ට එරෙහි රුසියානු එන්නත පිළිබඳව ජනතා විශ්වාසය අඩු වීමට ද එය හේතුවක් විය. "වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රසීලය ඉතා හොඳ මට්ටමක හිටියා. නමුත් අවාසනාවකට අසමත් වුනා" "නිසි පරිදි තොරතුරු ගලා යාමක් සිදු නොවූ ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් පවා අපට දකින්නට ලැබුනා." මහාචාර්ය කිං පැවසුවාය. ඇය උදාහරණයක් හැටියට පෙන්වා දුන්නේ බ්‍රසීලයයි. බ්‍රසීල ජනාධිපති බෝල්සොනාරෝ විසින් කරනු ලැබූ ඇතැම් ප්‍රකාශයන්, එරට මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වූ බවට චෝදනා එල්ල විය. ඉහත කී ග්‍රන්ථයේ තවත් සම සංස්කාරකාරිකාවක වූ මහාචාර්ය එලිස් මසාඩ් ද ෆොන්සේකා FAPESP පුවත්සේවයට කියා සිටියේ ජනාධිපති බෝල්සොනාරෝ "වෛද්‍ය විද්‍යාවට අවමානයක්" කළ බවය. "වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රසීලය ඉතා හොඳ මට්ටමක හිටියා. නමුත් අවාසනාවකට අසමත් වුනා," ඇය පැවසුවාය. බ්‍රසීලයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියේය. නමුත් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහිත රටවල සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රාන්ත ආණ්ඩුවලට වැඩි බලයක් පවතී. එමනිසා වෛද්‍ය උපකරණ හෝ එන්නත් මිලදී ගැනීමටත් තම බල ප්‍රදේශය තුළ අවශ්‍ය කලාපයන් ලොක්ඩවුන් කිරීමටත් එම පළාත් පාලන ආයතනවලට ස්වාධීන හැකියාවක් පවතී. වසංගතය පාලනය කිරීම සඳහා නිසි පියවර නොගත් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද චෝදනා එල්ල විය. ගත යුතු පියවර පිළිබඳව ඔහු ප්‍රාන්ත ආණ්ඩු සමඟ මතභේද පවා ඇතිකර ගත්තේය. කොරෝනාවෛරසය ආසාදනය වී තුන් රැයක් රෝහල්ගතව සිටීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම රෝගය හැඳින්වූයේ සාමාන්‍ය උන හෙම්බිරිස්සාවක් ලෙසිනි. එය රට වසා දැමීමට තරම් රෝගයක් නොවන බවට ද ඔහු අවධාරණය කළේය. ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීම වියට්නාමය ඊට කදිම නිදසුනකි. ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ රටවල සාර්ථක වී ඇත වසංගත තත්වය දරුණු වන තුරු බලා නොසිට "අප්‍රමාදව ප්‍රතික්‍රියා දැක්වීම මගින්" දුර්වල සෞඛ්‍ය පහසුකම් සහිත ඇතැම් රටවල් සාර්ථකව කෝවිඩ් අනතුරට මුහුණ දී ඇති බව මහාචාර්ය කිං පවසන්නීය. "මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරථභාවය වැනි සීමා පනවන අතරතුර ආසාදිතයන් සොයා ගොස් අවශ්‍ය සහාය ලබා දෙන්නට ශක්තිමත් ක්‍රමවේදයක් දියත් කිරීමට ඔවුන් ක්‍රියා කළා." ඇය ප්‍රකාශ කළාය. වියට්නාමය ඊට කදිම නිදසුනකි. ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ රටවල සාර්ථක වී ඇත. එමෙන්ම, මිල අධික වුවද ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මහා පරිමාණයෙන් වෛද්‍ය පරීක්ෂණ දියත් කිරීම ද සාර්ථක බව දකුණු කොරියාව ඔප්පු කර ඇත. දකුණු අප්‍රිකාව: දෙවන රැල්ල පැමිණීමත් සමඟ වෛරසයේ නව මාදිලියක් ව්‍යාප්තවීම නිසා එරට වසංගතය අතිශය දරුණු තත්වයකට පත් විය ඉබෝලා වසංගතයෙන් පීඩා විඳි බටහිර අප්‍රිකානු රටවල් සිය ප්‍රජා සෞඛ්‍ය ජාලය යොදා ගනිමින් කොවිඩ් අනතුරට මුහුණ දුන්හ. ඒඩ්ස් රෝග මර්දනයේදී "ඉතා වැරදි ලෙස" ප්‍රතිචාර දැක්වූ දකුණු අප්‍රිකාව මීට පෙර වසංගත වලදී උගත් පාඩම් සමඟ දියත් කළ මෙහෙයුම්, කොවිඩ් පළමු රැල්ල පාලනය කිරීමට උදව් වූ බව මහාචාර්ය කිං පැවසුවාය. නමුත් දෙවන රැල්ල පැමිණීමත් සමඟ වෛරසයේ නව මාදිලියක් ව්‍යාප්තවීම නිසා එරට වසංගතය අතිශය දරුණු තත්වයකට පත් විය. අවසාන වශයෙන්, තනි පුද්ගල වශයෙන් පිළිපැදිය හැකි සහ කුඩා ව්‍යාපාර සඳහා ඔරොත්තු දෙන ශක්තිමත් සමාජ පිළිවෙත් සමුදායක් පිහිටවීමෙන් තොරව ඉහත කී කිසිදු උපාය මාර්ගයක් සර්ව සාර්ථක නොවන බව මහාචාර්යවරිය පවසන්නීය. සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පවතින පහසුකම් සලකා බැලීමේදී සහ නිවසේ රැඳී සිටීමට ඇති හැකියාව එකිනෙකාගේ රැකියාව මත රඳා පවතින බැවින් මෙම කොවිඩ් වසංගතයේ දී සමාජ අසමානතාවන් මතු වී පෙනුණි. සමාජය තුළ බෝවන රෝගයකට ගොදුරු වීමට ඇති ඉඩකඩ නිර්ණය කිරීමේ දී එක් පුද්ගලයාගේ දරිද්‍රතා මට්ටම, ස්ත්‍රී පුරුෂභාවය, රැකියාව සහ සංක්‍රමණික තරාතිරම යන සාධක තදින් ම බලපානු ඇත. මෙම වසංගත අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩු දියත් කර ඇති සමාජ ප්‍රතිපත්ති සහ ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා දියත් කෙරෙන ප්‍රවර්ධනයන් එකිනෙකට වෙනස් ය. උදාහරණයක් ලෙස දක්වතොත්, පාසල් අධ්‍යාපන කටයුතු නිවසේ සිට සිදු කෙරෙද්දී ඒ සඳහා දරුවන් වෙනුවෙන් කැපවීමට සිදුවන දෙමාපියන්ට අමතර නිවාඩු ලබා දී ආණ්ඩුවෙන් වැටුප් ගෙවීමට ජර්මනිය පියවර ගත්තේය. නමුත් මෙවැනි තීරණවලට වඩා චීනය ගත් අතිශය දැඩි තීරණවලින් ඔවුන්ගේ ශක්තිමත් ප්‍රවේශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව මහාචාර්ය කිං ගේ අදහසයි. "තමන් ගත් දැඩි තීරණ නිසා සමාජය කුසගින්නේ නොතැබීමට චීනය පියවර ගත්තා. නමුත් ඒ රටේ පවතින ඒකාධිකාරී පාලනය නිසා එය පැවසීම ඉතා අවදානම්. විශේෂයෙන් ජර්මනිය සහ නවසීලන්තය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා ඒ කටයුතු සාර්ථක කරගත් බව අපට පෙනෙන්නට තිබෙන නිසා." කාලය තීරණාත්මකයි! "පමාවී කටයුතු කිරීම, උදාසීනව ක්‍රියා කිරීම, උවමනාවට වඩා සංකීර්ණ සහ අස්ථාවර වූ ක්‍රමවේද නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙනවා" කෝවිඩ් 19 ඉදිරියේ එක් රාජ්‍යයන් විවිධ කාරනා පෙරදැරි කරගනිමින් සිය ප්‍රතික්‍රියා දියත් කර ඇති නමුත් "එහි සාර්ථකත්වය අර්ථකථනය වන්නේ" තම මූලෝපාය කෙතරම් ඉක්මනින් දියත් කළේ ද යන්න මත බව මහාචාර්ය කිං පවසයි. පමා වී තීරණ ගැනීම මගින් ජීවිත වැඩි ගණනක් අහිමි වීම සහ ශක්තිමත් සෞඛ්‍ය සේවාවකට පවා දරාගත නොහැකි රෝගීන් ප්‍රමාණයක් එකවර දරන්නට සිදුවීම යන කාරනා සමඟ ද ඇයගේ නිරීක්ෂණය සමපාත වේ. මෙය විශාල වසංගතයක් වන බව මුලදී පැහැදිලිව පෙනුණු බවත් මේ මට්ටමින් හෝ මරණ අනුපාතිකය පවත්වාගෙන යාමට හැකිවීම වාසනාවක් බවත් එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් බේට්මන් පැවසීය. "කෝවිඩ් නිසා ගෙවන වන්දිය මරණය පමණක් නොවෙයි. දීර්ඝ කාලීනව පවතින සෞඛ්‍ය බලපෑම් නිසා එය ආර්ථිකයටත් බලපානවා. ඒ නිසා මෙතැනදී තමන්ගේ වාසනාව උරගා බලන්නට යාම හරි ක්‍රමයක් නොවෙයි." ඔහු බීබීසීයට ප්‍රකාශ කළේය. "පමාවී කටයුතු කිරීම, උදාසීනව ක්‍රියා කිරීම, උවමනාවට වඩා සංකීර්ණ සහ අස්ථාවර වූ ක්‍රමවේද නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙනවා; රෝගීන් වැඩි වෙනවා; වියදම වැඩිවෙනවා; ආර්ථිකයට වන හානිය විශාල වෙනවා."
දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස දීප ව්‍යාප්ත සංගණනයක් පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
දශක තුනක යුද්ධයේදී උතුරේත් දකුණේත් විශාල පිරිසක් මිය ගොස්, තවත් බොහෝ දෙනා තුවාල ලැබූහ මාස හයක කාලයක් ඇතුලත අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන සංගණනය නොවැම්බර් 28 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. යුද්ධයේ හානිය තක්සේරු කිරීම පිණිස සංගණනයක් පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ප්‍රධාන නිර්දේශයක්. ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ එකාබද්ධව පවත්වන මෙම සංගණනයේදී 1983 සිට 2009 දක්වා කාලය ඇතුලත මිය ගිය පිරිස, අතුරුදහන් වූ සංඛ්‍යාව, තුවාල ලැබූ සහ/හෝ ආබාධිත වූ පිරිස සහ දේපොළ හානිය සොයා බැලීමට නියමිතයි. නිලධාරීන් 16,000 ක් යොදා ගෙන ග්‍රාම සේවා වසම් 14,022 ක සංගණනය පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩීසීඒ ගුණවර්ධන ප්‍රකාශ කළේය.
ආරක්ෂක අංශ විසින් ඉහළ පෙළ සන්නද්ධ කණ්ඩායම් නායකයකු මරා දමනු ලැබීමත් සමග ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීන් විසින් ශ්‍රීනගර්හි ප්‍රදේශ ගණනාවක ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.
සිකුරාදා මරා දැමුණු විසි වන වියේ පසු වූ බුර්හන් වානි කලාපයේ ක්‍රියාත්මක විශාලතම සන්නද්ධ ව්‍යාපාරවලින් එකක් වන හිස්බුල් මුජහිදීන් සංවිධානයේ නායකයෙකි. සෙසු තරුණයන්ට සිය කණ්ඩායමට බැඳෙන ලෙස ඉල්ලා සමාජ ජාල තුළ පළ කරන ලද වීඩියෝ දර්ශනවල පෙනී සිටි අයකු ලෙසත් බුර්හන් වානි ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. ඔහුගේ උපන් ගම වන ශ්‍රීනගර්හි උතුරු කලාපයේ පැවති අවමංගල්‍ය සඳහා සිය ගණනක පිරිසක් එක් වී සිටි අතර එහි ආරක්ෂාව තර කොට තිබේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් වමත් දඟපන්දු යවන්නා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් අද (මාර්තු 11) වාර්තා පොතට එක්විය.
ඔහු එම වාර්තාව තැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ කඩුලු තුනක් දවා ගැනීමත් සමගය. ලෝකයේ සාර්ථකම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වීමේ වාර්තාවට මෙතෙක් හිමිකම් කියන ලද්දේ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි විසිනි. තමා ලද ජයග්‍රහණය සහ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිළිබඳව රංගන හේරත් බීබීසී සිංහල සේවයට පළකළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
ජාත්‍යන්තර සහ මුල් පෙලේ ක්‍රිකට් තරඟවලින් වහාම සමු ගන්නා බව ලොව ප්‍රධාන පෙලේ දඟ පන්දු යවන්නකු වන ග්‍රේම් ස්වෝන් නිවේදනය කළේය.
ග්‍රේම් ස්වෝන් අනපේක්ෂිත ලෙසින් සමු ගැනීම නිවේදනය කළේ සංචාරයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදී එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නාගේ එම අනපේක්ෂිත නිවේදනය කෙරුනේ ඔහු අළු බඳුන තරඟාවලිය වෙනුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියදී. එංගලන්තය දැනටමත් තරඟාවලියෙන් පරාජය වී තිබෙන නමුත්, තවත් ටෙස්ට් තරඟ දෙකක් ඉතිරිව තිබේ. ග්‍රේම් ස්වෝන්, ටෙස්ට් තරඟ හැටකට සහභාගි වී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු දෙසිය පනස් පහක් (255) දවා ගෙන තිබේ.
පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
කොරෝනා වෛරස් අවදානම මුල් කර ගනිමින් වවිරෝධතාවක යෙදුනු වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ. එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ. 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත. අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම් තුනකි: බන්ධනාගාර තුළ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය බන්ධනාගාර වාට්ටුවල තත්ත්වය: එක් සිරකරුවෙකු සඳහා ඇති ඉඩ, වාතාශ්‍රය, ආලෝකය සහ උෂ්ණත්වය සම්බන්ධයෙන් පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගත නොවන බව අධ්‍යයනයෙන් හඳුනා ගෙන තිබේ. එමෙන්ම බොහෝ විට වාට්ටු මනුෂ්‍ය වාසයට නුසුදුසු මට්ටමේ පවතින බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ. සෑම බන්ධනගරයකම පවතින අධික තදබදය පමණක් නොව දශක ගණනාවකට පෙර ඉදි කරන ලද බන්ධනාගාර ජරාවාස තත්ත්වයේ පැවතීම ද ඊට හේතු වී ඇති බවත් එමගින් පෙන්වා දෙයි. රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පැරණි බන්ධනාගාර තුළ පමණක් නොව අලුතින් ඉදි කරන ලද බන්ධනාගාර තුළ ද දක්නට ඇති බව හඳුනාගෙන තිබේ. "වාට්ටුවල පවතින අධික තදබදය හමුවේ නිදා ගැනීමට ඉඩක් නොමැතිකම හේතුවෙන් අලුතින් පැමිණි රිමාන්ඩ් සිරකරුවන්ට රාත්‍රිය පුරා සිටගෙන සිටීමට සිදු වේ, නැතහොත් වැසිකිලි අසල හෝ ඒවා ඇතුළත නිදා ගැනීමට ඔවුන්ට සිදුවේ," මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව නිකුත් කළ අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි ඒ වන විට රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එම බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව හෙළි වේ. "සිද්ධිය සිදු වූ දින දහවල් කාලයේ කොවිඩ්-19 වැළඳුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට රැඳවියන්ට දැන ගැනීමට ලැබී ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති දැඩි තදබදය නිසාත් රැඳවියන් අතර උණ රෝගය පැතිරී තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන් ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ," යනුවෙන් අදාළ කමිටු වාර්තාවේ සඳහන් වේ. "නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ," යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ. ආහාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ අධ්‍යයනයේදී අනුරාධපුර බන්ධනාගාරය හැර සෙසු සියලුම රිමාන්ඩ් බන්ධනාගාරවල සිටි රැඳවියෝ තමා ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එම ආහාර "රසක් නැති සහ දියාරු" බවින් යුක්ත අතර බොහෝ විට පිසුණු නැති බත් ලබා දෙන බවත් ඔවුන් පවසා තිබේ. සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි කටයුතු සඳහා යොදවන ලද සිරකරුවන්ට ආහාර පිසීම සම්බන්ධයෙන් පෙර අත්දැකීම් නොමැති බව මානව හිමිකම් කොමිසමට දැන ගැනීමට ලැබී ඇති අතර ඒ හේතුවෙන් ආහාරවල ගුණාත්මකභාවයට අනිවාර්ය බලපෑමක් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. පවතින නීතියට අනුව මුළුතැන් ගෙය සෞඛ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට භාජනය විය යුතු වුව ද එය එසේ නොවන බවත් එබැවින් ආහාර සැකසීමේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් නොවන බවත් අධ්‍යයන වාර්තාවේ දැක්වේ. මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අතර: "දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව" දක්වා තිබේ. ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදුභාවය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවන්ට ලක් කර ඇත බන්ධනාගාරවල පවතින දැඩි තදබදය මෙන්ම දැනට සිටින රැඳවියන් සංඛ්‍යාවට සරිලන පරිදි නිර්මාණය නොවුණු යල් පැන ගිය ගොඩනැගිලි, රැඳවියන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට සහ සනීපාරක්ෂක පහසුකම් වෙත පිවිසීමට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යනයෙන් පෙන්වා දෙයි. "රාත්‍රී කාලයේ සිර මැදිරි අගුළුලන අතර ඒවා තුළ වැසිකිලි පිහිටා නොමැත. එබැවින් සිරකරුවන්ට ශරීර කෘත්‍ය සිදු කිරීමට පිටතට යෑමේ හැකියාවක් නොමැති බැවින් ඔවුහු ඒ සඳහා ප්ලාස්ටික් බකට්ටු සහ පොලිතින් මළු භාවිත කරති. එම බකට්ටු හෝ මළු රාත්‍රිය පුරා සිරමැදිරි ඇතුළත තබා ගැනීමට සිදු වේ. එක් සිර මැදිරියක වාසය කරන රැඳවියන් එක් බකට්ටුවක් හවුලේ භාවිත කරන අතර බොහෝ විට අලුතින් පැමිණෙන රැඳවියන්ට පසුදා උදෑසන ඒවා පිරිසිදු කිරීමේ කාර්යය පැවරෙනු ඇත." තවද ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමේ පහසුකම්, ඥාතීන් ඇතුළු බාහිර සමාජය සමග සන්නිවේදනය, සිරකරුවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර සම්බන්ධය, විනය සහ දඬුවම් ලබා දීම, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කරන ලද අධ්‍යයනයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වේ. අදාළ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතරට: සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි මේ අතර මහර බන්ධනාගාර සිදුවීමත් සමග ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් මතුව ඇති සංවාදයට එක් වෙමින් හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු සහ නීති ප්‍රවීණයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ බන්ධනාගාර සංකල්පය වෙනුවට විශෝධනාගාර (Correction Centres) සංකල්පය වෙත ලෝකය යමින් තිබෙන බවය. එහිදී වරදකරුවෙකු හෝ අපරාධකරුවෙකුට දඬුවම් ලබා දෙනවා වෙනුවට ඔහු හෝ ඇය යළි සමාජ ගත කළ හැකි පරිදි පුනරුත්ථාපනය කෙරෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බවට වන සංවාදය ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පවතින බව ද ඔහු සිහිපත් කරයි. "ඒ වගේම අපි බන්ධනාගාර අරින එක නෙමෙයි කරන්න අවශ්‍ය, බන්ධනාගාර ඇති නොවෙන තත්ත්වයට වැඩ කටයුතු කිරීමයි කළ යුත්තේ." කෙසේ වුවත් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය අවම කර ගැනීම සඳහා මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මූලික කරුණු තුනක් යෝජනා කරයි. "මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලද සිරකරුවන් අවුරුදු හතළිහක් පනහක් තිස්සේ ඉන්නවා. ඔවුන්ට විවිධ රෝගාබාධ තිබෙනවා. ඉතින් මානුෂීය අතින් බලලා ඒ අය නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි." "ඊළඟට දඩ ගෙවන්න බැරි අය ඉන්නවා. ඇතැම් වෙලාවට රුපියල් තුන්සීයක විතර වරදක් කරලා නම් ඒ අය නඩත්තු කරන්නම රජයෙන් ඊට වඩා විශාල මුදලක් වියදම් කරනවා. ඒ වගේ අයව කොහොමද පුනරුත්ථාපනය කර සමාජයට නිදහස් කරන්නේ කියන කාරණය." "අවසන් වශයෙන් ඇප දීමේ ක්‍රියාවලිය. බොහෝ රටවල් ගත් විට ඇප ලබා දෙනවා, ඒ වගේම සෙනසුරාදා ඉරිදා පොලිසියේ පෙනී සිටීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ නිසා ඇප දීමේදී බොහෝ වෙලාවට අපි මීට වඩා ලිහිල් (Liberal) පටිපාටියකට අනුගත වීමේ අවශ්‍යතාව තිබෙනවා," යමෙකුට අධිකරණයෙන් දඬුවම් ලබා දුන්න ද බන්ධනාගාර ගත කෙරුණු පසු එම දඩුවම එලෙසම ක්‍රියාත්මක නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා, ඔවුන් යහපත් පුද්ගලයන් කර සමාජ ගත කිරීමට බන්ධනාගාර ආඥා පනත යටතේ නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බව අවධාරණය කරයි. "ඒ සඳහා අවශ්‍ය ආගමික, විද්‍යාත්මක වැඩපිළිවෙල තිබෙනවා. අපි තාම බොහොම පරණ තැනක ඉන්නේ. එතනින් මිදෙන්න අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම අපි බන්ධනාගාර අරින එක නෙමෙයි කරන්න අවශ්‍ය, බන්ධනාගාර ඇති නොවෙන තත්ත්වයට වැඩ කටයුතු කිරීමයි කළ යුත්තේ." විශේෂයෙන් කොරෝනා වෛරසය වැනි වසංගත තත්ත්වයකදී බන්ධනාගාරවල පවතින දැඩි තදබදය මගහරවා ගැනීමට වහාම පියවර ගත යුතු බවත් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ ගැනත් කියවන්න:
මීට සිව් වසරකට පෙර උතුරේ , මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහස් ගණන් සිය නෑසියන් වෙනුවෙන් ශෝක වෙන පිරිස් දහස් ගණනක් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයකට සහභාගිවූහ.
පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සහ බ්‍රිතානයේ චාර්ල්ස් කුමාරයා සහ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමුළුවට සහභාවීමට තමන් විරෝධය පල කරන බව ඔවුහු කියා සිටියහ. දෙමළ ඩයස්පෝරාව කරන ඉල්ලීම්වලට බ්‍රිතාන්‍ය රජය කන් නොදෙන බව තමන් දන්නා බව පැවසූ උද්ඝෝෂකයෝ එසේ වුවත් තම විරෝධය ලොවට කියා පෑ යුතු බව කියා සිටියහ. පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාවීමට බකිංහැම් මාලිගය සහ බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ගැන කණගාටුවන බව පැවසූ උද්ඝෝසණය සංවිධානය කළ, BritishTamil Forum සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සෑම් ක්‍රිෂ්ණා පැවසුවේ බ්‍රිතාන්‍යයේ දෙමළ ජනතාව ඊට දැඩි විරෝධය පල කරන බවයි
"ඒ පොලිස් කණ්ඩායම් හය හොයන්ඩ තවත් පොලිස් කණ්ඩායමක් දාල තියෙනවා. මේවා නරනාටක මේවා නරනාටක. එච්චරයි. නරනාටක මහත්තයෝ. රවී කරුණානායකවත් හෙව්වා රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන් කාටද මේ විහිළු සපයන්නේ අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිළු හැටියට නෙමෙයි ගණන්ගන්නේ. හැබැයි තීන්දුව දෙයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණයේ දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්චදේ අපිටත් වෙන්න පුළුවන්," මේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගියදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකි.
රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීම ගැන සමාජ මාධ්‍යවල පළ වූ අයුරු හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම ඔහුගේ එම ප්‍රකාශයට පදනම් විය. ශ්‍රී ලංකා පොලීසිය හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම සමාජ මාධ්‍ය මෙන්ම පොදු සමාජය තුළ ද විශේෂ කතාබහකට ලක්විය. නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා වහාම පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා ඔක්තෝබර 15 වෙනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහට නියෝග කළේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ජනමාධ්‍යයට පවසා තිබිණි. හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවට කැඳවූ නීතිපතිවරයා එම දැනුම් දීම කළ බව ඇය සඳහන් කළාය.. නිශාරා ජයරත්න තවදුරටත් පැවසුවේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් මිස මහජන විශ්වාසය බිඳී යන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත් යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාද වීම මගින් යුක්තිය අහිමි වීමක් සිදුවන බවද එහිදී පෙන්වා දුන් බවය. රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවුවකි. කෙසේවෙතත්, පොලිසියේ විශේෂ මෙහෙයුමකින් අනතුරුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ඔක්තොම්බර 19) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රකාශ විය. "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කරනු ලැබුවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට අද දින අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා," පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය. "ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒවගේම අදාල විමර්ශණ කටයුතු වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා." ඔහු තවදුරටත් සඳහන් කළේය. බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීමේ පසුබිම මත ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ නිලධාරින් දේශපාලන බලවතුන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පසුගිය දිනවල කතා බහට ලක්වීමට පටන් ගැනිණි. පසුගිය වසර කිහිපය තුළ මෙවැනි දේශපාලන බලවතුන් අත්අඩංගුවට පත්වූ ආකාරය මෙසේ හඳුනාගත හැක. රාජිත සේනාරත්න 2019 දෙසැම්බරයේදී ආන්දෝලනාත්මක "සුදුවෑන් පිළිබඳ මාධ්‍ය හමුව" සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කොට පැය 48 ක් ගෙවී ගිය ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ බව වාර්තා විය. ඔහුගේ නිවාස කිහිපයක් දින දෙකක් තුළම පරික්‍ෂා කළ ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සොයා ගැනීමට නොහැකි බු බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැන්වූ බවද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පළමු ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. පසුව දෙවෙනි සහ තුන්වෙනි ඇප අයැදුම්පත් ද රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරනු ලැබිය. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දින ගණනක්ම කොළඹ, බේරුවල සහ වාද්දූව ප්‍රදේශවල පිහිටි රාජිත සේනාරත්නගේ නිවාස පරික්‍ෂා කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැන්වූහ. නමුත් පසුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදුව එම රෝහලේම බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිණි. ගාමිණී සේනරත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බවට 2017 නොවැම්බර මාසයේදී පොලිසිය විසින් අධිකරණයට දන්වනු ලැබිය. හිටපු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් බේරී සිටින අතර, ඔවුන්ගේ නිවෙස් වෙත ගිය එවක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩී) නිලධාරීන්ට සැකකරුවන් ඉන්නා තැන් පිළිබඳ කිසිදු විශ්වාසදායක තොරතුරක් හෙළි කරගැනීමට නොහැකි වී ඇති බව එම නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ. නමුත් රජයේ ඇමතිවරයෙක් සෙනරත්ට රැකවරණය සපයන බවට මාධ්‍යවල වාර්තා වී තිබිණ. කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකිරීමේ නාමයෙන් රුපියල් මිලියන ගණනක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණු අතර මොවුන්ට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් අදාළ හෝටල් ව්‍යාපෘතියට මුදල් දී ඇති බවට චෝදනා එල්ල වී තිබිණ. එෆ්.සී.අයි.ඩී නිලධාරීන් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට සොයන අතර තුර එසේ අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නමුත් 2019 අගෝස්තු මාසයේදී විශේෂ මහාධිකරණ විනිශ්චය සභාව විසින් රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි මොවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබිය. රවී කරුණානායක 2015 පෙබරවාරි සිට මාර්තු දක්වා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන. අර්ජුන මහේන්‍ද්‍රන් ඇතුළු සැකකරුවන් දසදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා 2020 මාර්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හතක් පැය 24 පුරා සිය විමර්ශන මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවන් සෙවීම සඳහා යොදවා ඇති කණ්ඩායම් ඔවුන්ගේ නිවාස සොදිසි කළද ඔවුන් එහි නොසිටි බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මාධ්‍ය වෙත කියා සිටියේය. එක් සීඅයිඩී කණ්ඩායමක් සැකකරුවන් සොයා ගැනීම සඳහා පරිගණක තාක්ෂණය භාවිත කරන අතර අනෙක් කණ්ඩායම භෞතික සෝදිසි මෙහෙයුම්වල යෙදෙන බව ද ඔහු කියා සිටියේය. නමුත් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හදිසි රෝගාබාධ ඇති වූ බව කියමින් රෝහල්ගත වීමට ක්‍රියා කළ ද ඔවුන් නියත වශයෙන් ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක පදිංචි කෝට්ටේ පිහිටි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අවස්ථා කිහිපයක්ම දැඩි පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවද ඔහු එහි නොවීය. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් පදිංචි කොළඹ මල් පාරේ පිහිටි නිවස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරික්‍ෂාවට ලක්වුවත් සැකකරු එම නිවස අතහැර පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය. මේ අතර අත්අඩංගුවට ගැනීමට නියමිත මෙම සැකකරුවන් සැඟවී සිටිනු ඇතැයි සැක කරන තවත් ස්ථාන රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂාවට ලක් වුවද ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි නොවීය. එහෙත් රවි කරුණානායකව හැර අර්ජුන ඇලෝසියස් සහ අනෙකුත් සැකකරුවන් පසුව අත්අඩංගුවට ගැනිණි. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ සිංගප්පුරුවේ ඔහු සිටින ස්ථානය සොයාගැනීමට පොලිසියට හැකිවී නැත. උදයංග වීරතුංග ඇමරිකානු ඩොලර් මිලියන 6.8 ක වංචා චෝදනා මත, රුසියාවේ හිටපු ශ්‍රී ලාංකික තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා 2016 ඔක්තෝම්බර් මාසයේදී එවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. වීරතුංග යුක්‍රේනයේ පදිංචිව සිටින බවට විශ්වාස කළ පොලිස් මුල්‍ය අපරාධය කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) ඔහු ශ්‍රී ලංකාවට ගෙනයාමට සහ පිටුවහල් කිරීමට යුක්‍රේන බලධාරීන්ගේ සහාය අපේක්ෂා කළේය. කෙසේ නමුත් පසුව මැදපෙරදිග සිට පිටුවහල් කෙරුණු උදයංග වීරතුංග පසුව ඇප මත නිදහස් කිරීමෙහි දක්නට වූයේ නාටකීය ස්වරූපයකි. වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන්නේ 2008 වසරේ සුදු වෑන් භාවිත කරමින් කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 667 ක් යටතේ ය. නමුත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය පෙබරවාරි 24 වෙනිදා නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ 14 වන විත්තිකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ නිවසේ නොමැති බැවින් සිතාසි භාරදීමට නොහැකි වූ බවකි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින හතර වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩට සිතාසි නිකුත් කළේ ය. එහෙත් කිහිප විටක්ම අද්මිරාල් කරන්නාගොඩ ප්‍රසිද්ධ ස්ථානයන් හි රාජ්‍ය උත්සව වලදී පවා දැක ගැනීමට හැකි යැයි ඔහුගේ චායාරුප ද සමගම මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනුණු බවක් වාර්තා නොවිණ. රවින්ද්‍ර විජේගුණරත්න 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන 'නේවි සම්පත්' හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන් බවට එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබිණි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය භාර එවක ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබුණි. රටේ ඉහළම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝගය දී දින ගණනාවක් ගතවී තිබුණත් එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද්මිරාල්වරයාව කැඳවා තිබුණු නමුත් එසේ නොකොට එදින ඔහු රටින් පිටව ගොස් ඇති බවට ඇති බව පොලීසිය මාධ්‍යයට පැවසීය. පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනුණද ඇපමත නිදහස්කෙරිණ. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අගෝස්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පෞරාණික වටිනාකමක් ඇති දෙවෙනි බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල වීම හේතුවෙනි. අදාළ වරෙන්තු නියෝගය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් නියෝග කර තිබිණි. ඊට හේතුවූයේ, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් හයක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ යොදවා තිබෙන බවටත් දින ගණනක් ගතවුවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවූ බවටත් අධිකරණය වෙත කරන ලද දැනුම් දීමය. කෙසේ වෙතත්, අනතුරුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් ගොනු කර ඇති පෙත්සම් පහ විභාගයට ගෙන අවසන් තීන්දුවක් දෙන තුරු එම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවය. මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ වරෙන්තු නියම කර දින 12 ක් තිස්සේ සැඟවී සිටි වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප‍්‍රදේශයේ සිටියදී මීගමුව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් තවත් එක් සිද්ධියකි. සැකකාර අනුරුද්ධ සම්පායෝ නමැත්තා ඔහු පදිංචි නිවස වසා දමා බිරිඳ හා දරුවන් සමඟ පලාගොස් ඇති බවඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට දන්වා තිබිණි. කෙසේවෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කි‍්‍රයාත්මක කළ සූක්‍ෂම මෙහෙයුමකින් පසු සැකකාර අනුරුද්ධ සම්පායෝ සැඟවී සිටි ස්ථානයෙන් පිටතට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බවට පොලීසිය මාධ්‍යයට පැවසීය. සැකකරු කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයකුගේ රැකවරණය ලබමින් සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සිටි නමුත් එසේ සැඟවී සිටින ස්ථානය හඳුනාගත් විශේෂ පොලිස් කණ්ඩායම සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඔහු කුරුණෑගල නගරය වෙත ගෙන්වාගෙන පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙය නාටකයක් බවය. එවැනි සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක වී නොමැති බව එම නිලධාරීහු පැවසූහ. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලු සැප පහසුකම් ලබාදුන් බවට මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනකු වෙත චෝදනා එල්ල වී තිබිණි. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ. රණවීර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ, දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 30ක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට නීතිපතිවරයා ගොනු කර තිබූ චෝදනා සැලකිල්ලට ගනිමිනි. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගැනුණද එසේ අත්අඩංගුවේ සිටි කාලය පුරා රෝහල්ගතව සිටියේය. ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවති නඩුවේදී ඔහු කිහිපවිටක්ම විදේශගතවූ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාගැනීම සඳහා අධිකරණය මගින් ම ලබාගත් නියෝග හරහා අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටියේය. කිහිපවිටක් ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ තමන්ගේ මැදිහත්විම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකු හා ආරක්ෂක අංශ හිටපු ප්‍රධානින් අත්අඩංගුවට ගැනීම වැළකුණු බවකි. මේ, බොහෝ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හිතවතුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්වීමත් සමග අතුරුදහන්වීම හෝ අත්අඩංගුවට පත්වූ සැණින් රෝගාතුරවීමේ ඉතා සුලභ සිදුවීම් අතරින් කිහිපයකි. මේ තොරතුරු ද කියවන්න:
බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති.
'Holey Artisan Bakery' නමැති ආපන ශාලාවට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ දහතුන් දෙනකු ආරක්ෂක අංශ විසින් බේරා ගත් බවයි හමුදා ප්‍රකාශකයකු කියා සිටියේ. ආරක්ෂක අංශ විසින් එහි සිටි ප්‍රහාරකයන් හය දෙනකු මරා දැමූ බවත් ඔහු සඳහන් කළේය. අයිඑස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබ ඇති අතර ප්‍රහාරකයකු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට පත් වී තිබේ. ප්‍රාණ ඇපයේ සිට බේරා ගනු ලැබූ ඉහත කී පිරිස අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ද සිටින බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති. මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනකු ජපාන සහ ඉතාලි ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
දකුණු කොරියාවේ මහජන මුදල් ගසා කෑම පිළිබඳව වැරදිකරු වී සිටින හිටපු හමුදා පාලක චුන් දෝ හුවාන් ඩොලර් මිලියන එකසිය පනහක් ආපසු ගෙවීමට කැමැත්ත පල කොට ඇත.
මේ මුදල් වලින් වැඩි කොටසක් චුන් දෝ හුවාන් ගේ දරුවන් විසින් ලබාදීමට නියමිතයි එක දහස් නමසිය අසු ගණන් වලදී චුන් දෝ හුවාන් දකුණු කොරියාව පාලනය කල සමයේ දරුවන්ගේ රහසිගත ගිණුම් වල මුදල් සැඟවූ බව චෝදනා නැගී තිබුණි. හිටපු හමුදා පාලක චුන් දෝ හුවාන් දුෂණ චෝදනා වලට වැරදිකරු වීමෙන් අනතුරුව ඔහුට මරණීය දණ්ඩනය නියමවූ අතර පසුව ඔහුට සමාව ප්‍රධානය කෙරුනා. පුවත් පත් හමුවක් ඇමතු ඔහුගේ පුතා ජාතියෙන් සමාව ඉල්ලා සිටියා.
ඉරාකයේ දෙවන විශාලතම නගරය, මෝසුල් හි පාලන බලය අත් පත් කරගත් ඉස්ලාමීය අන්තවාදීහු නගරයේ පිහිටි ඉරාක ආණ්ඩුව සතු ප්‍රධාන ගොඩනැගිලි සියතට ගත්හ.
මොසුල්හි ඉරාක ආණ්ඩුව සතු ප්‍රධාන ගොඩනැගිලි ඉස්ලාමීය කැරලිකරුවන් අතට පත්ව තිබේ. මේ වන විට ප්‍රාදේශීය ගුවන් තොටුපළේ පාලනය නතු කර ගෙන සිටින ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය සටන් කරුවන් බන්ධනාගාර රැඳවියන් සිය ගණනක් මුදා හැර තිබෙන බව බලධාරීහු පවසති. හමුදා සහ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් වී ඇති අතර දහස් ගණනක් වූ නගර වැසියන් නගරය අත්හැර යමින් සිටිති. මේ වන විට පළාත් ආණ්ඩුකාරවරයා ද නගරය හැර ගොස් සිටින බව විශ්වාස කෙරේ. මොසුල් නගරයේ පූර්ණ බලය ත්‍රස්තවාදීන් අතට ගෙන ඇති බව පවසන ඉරාක පාර්ලිමේන්තුවේ කථානායකවරයා, හැකි ඉක්මනින් ඉරාක හමුදා මොසුල් නගරය වෙත යවන මෙන් ඉල්ලා සිටියේය.
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද?
"කායික සහ මානසික විඩාවෙන්" ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැක අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද? ගෙදරදොරේ "වැඩ කන්දක්", "කොච්චර කළත් කෙළවරක් නැහැ" වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද? එසේ නම් "කායික සහ මානසික විඩාවක්" (Emotional burnout) දෙසට ගමන් කරනවා විය හැක. නමුත් ඒ ගැන බිය විය යුතු නැත. යළි සුපුරුදු ජීවිතයට පිවිසීම සඳහා අවශ්‍ය වටිනා ඉඟි කිහිපයක් නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් සතුය. "කායික සහ මානසික විඩාව" හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඊට ඇතුළත් වේ. එබැවින් යළි හිටි හැටියේ දරා ගත නොහැකි පීඩාවක් ඇති වීමට පෙර ඔබට ඒ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකි වනු ඇත. "කායික සහ මානසික විඩාව" යනු කුමක්ද? නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් "කායික සහ මානසික විඩාව" යන යෙදුම පළමු වරට භාවිත වී ඇත්තේ හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර් විසින් 1974 වසරේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකය. යමෙකුගේ වෘත්තීය ජීවිතය සමග "තමාගේ හැකියාවන් ඔප්පු කිරීමට බල කිරීමක්" ඇතුළුව අදියර ගණනාවක් හේතුවෙන් ඇති වන තත්ත්වය ඔහු විසින් "කායික සහ මානසික විඩාව" ලෙස හඳුන්වනු ලැබ ඇත. වෛද්‍ය රාධා මොද්ගිල් පවසන පරිදි වර්තමානයේ කායික සහ මානසික විඩාව ලෙස අප සිතන්නේ "අධික සහ දිගින් දිගටම පවතින ආතතියයි" (Stress). ඒ හමුවේ අපට "ජීවිත අභියෝගවලට මුහුණ දිය නොහැකි හැඟීමක්" දැනෙන බව ඇය පෙන්වා දෙයි. හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර්ගේ විග්‍රහයෙන් ඔබ්බට යන වෛද්‍ය මොද්ගිල්ගේ විශ්වාසය වී ඇත්තේ, වෘත්තීය ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල තවත් බොහෝ පැති මෙවැනි ආතතීන් සඳහා හේතු වන බවය. එය දැනෙන ආකාරය "කායික සහ මානසික විඩාව" බැස ගිය දුරකතන බටරියකට සමානය - තව දුර යාමට කිසිඳු ශක්තියක් නොමැති ආකාරයේ හැඟීමකි වෛද්‍ය මොද්ගිල් විසින් "කායික සහ මානසික විඩාව", අපගේ ජංගම දුරකතනයක "බැටරිය බැස යාම" හා සසඳනු ලබයි. "තවදුරටත් ඉදිරියට යා නොහැකි ලෙස ටැංකියේ තෙල් නොමැතිව, ජීවිතයෙන් හෙම්බත් වී ඇති බවක් දැනෙන්න පුළුවන්," යනුවෙන් ඇය විස්තර කරයි. ඇතැම්විට, ඔබ සේවා ස්ථානය තුළ දැඩි ආතතියක් සහිත සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයේ පුද්ගලයෙකු වුවත් මේ මොහොතේ දුෂ්කර අඩියක සිටිනවා විය හැක. එය, ඔබ සතු "මානසික බකට්ටුවක" ඇති තෙල් සිඳී යමින් පවතින බවට සංඥාවක් විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පවසයි. "ඒ ගැන මෙහෙම හිතන්න. ඔබට ඔබේ රැකියාවට බකට්ටුවකුත්, ගෙදර වැඩවලට තව බකට්ටුවකුත් තිබෙනවා. මේ එක බකට්ටුවක තෙල් ඉවර වෙමින් ගියත්, අනෙක් බකට්ටුවට හොඳින් තෙල් තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හැකි වේවි." "නමුත් මේ බකට්ටු දෙකම හිඳී යමින් ඇති නම්, ඔබට තවත් තෙල් ඉතිරි වී නැති නම්, අන්න එතනදී ගැටලු මතු වෙන්න පුළුවන්," ඊට හේතු වන්නේ කුමක්ද? එකම විටකදී සේවා ස්ථානයේ සහ නිවසේ තත්ත්වය අයහපත් නම් "කායික සහ මානසික විඩාවකට" හේතු විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි "ඔබේ ෆෝන් එකේ බැටරිය වගේම, අපේ මේ මානසික බැටරිය ගැනත් සැලකිලිමත් විය යුතුයි" යනුවෙන් ඇය අවධාරණය කරයි. "මම මේක යළි 'චාර්ජ්' කරන්නේ කොහොමද: ඒ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි," "ජීවිතයේ සුවිසල් වෙනසක් හෝ සිදුවීමක්", "කායික සහ මානසික විඩාවකට" ආධාර විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි. ආර්ථික අපහසුකම් සම්බන්ධයෙන් ඇති වන බිය සහ මානව සබඳතා සම්බන්ධයෙන් පවතින ගැටලු ඇය ඊට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරයි. පදිංචිය වෙනස් වීම, රැකියාව අහිමි වීම හෝ විභාග වැනි පීඩනයක් සහිත ආතතීන් ද ඊට ඇතුළත් ය. එසේ නම් "කායික සහ මානසික විඩාවන්ට" තිත තබා අපට දැරිය නොහැකි මට්ටමකට නොගොස්, ඉන් මිදී සිටින්නේ කෙසේද? "කායික සහ මානසික විඩාවෙන්" මිදී සිටීමට උපදෙස්... යහළු යෙහෙළියන් මුණ ගැසීම, ව්‍යායාමවල යෙදීම සහ සතුටක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අපට සහනයක් ගෙන දිය හැක වෛද්‍ය මොද්ගිල් පවසන පරිදි: සිය ඉඟි සහ උපදෙස් "කායික සහ මානසික විඩාවන්ගෙන්" ගැලවී සිටීමට උපකාරී වනු ඇති බවට වෛද්‍ය රාධා මොද්ගිල් බලාපොරොත්තු පළ කරයි. ජංගම දුරකථන බැටරිවලට මෙන් අපගේ "මානසික බටරිවලට" ද දිනපතා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් සමස්තයක් වශයෙන් අපගේ මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්මේ වර්ධනයක් දැකිය හැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි. මේ ගැනත් කියවන්න:
තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය අවසන් වන්නේ 2020ද, නොඑසේනම් 2021 දැයි විවිධ දේශපාලන පක්ෂ ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේය. 2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ. ලබන ජනවාරි 14 වෙනි දින හෝ ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙන බැවින් ඒ පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා (ජනවාරි 11) විවෘත අධිකරණයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය. ඒ අනුව අදාළ විවාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙන මෙන් අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියම කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඩාවෝස් නුවරදී සබැඳි යොමු:
යුද සමයේ සිදුවීම් විභාග කිරීම සඳහා විදේශ විනිසුරන්ගෙන් සමන්විත අධිකරණ ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව තමා කියා තිබියදීත් ඇතැම් මාධ්‍ය එවැනි සහභාගිත්වයක් පිළිබඳව වාර්තා කරමින් ජනතාව නොමග යවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පේරාදෙණියේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජාතික පුවත්පතක පළ කරන ලද ශීර්ෂ පාඨයකට සිය ප්‍රතිචාරය පළ කරමිනි. 'යුද අධිකරණය තව මාස නවයකින්. විදෙස් විනිසුරුවෝත් එති' යනුවෙන් එම පුවත්පතේ පළ කොට තිබූ වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි එම පුවත්පත පෙන්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ. 'මේ ප්‍රවෘත්තිය මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පිට රටින් විනිසුරුවරු ගෙනත් නඩු අහන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිම ඉඩක් නැහැ. එසේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. ඒකට මම එකඟ වෙන්නේ නැහැ' ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙවැනි පුවත් පළ කිරීමෙන් මහජනයා නොමඟ යැවීමක් පමණක් නොව සමාජය තුළ නොසන්සුන්කාරී බවක් ඇති වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 'අවම වශයෙන් අපට දුරකතන ඇමතුමක් දීලා මෙහෙම දෙයක් තියනවද කියලා ඇසිය යුතුයි. ඒක තමයි මාධ්‍ය සදාචාරය' ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වුණ සුර්ශන පැණිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අදාළ පර්යේෂණ කණ්ඩායම සහ මේ හා සම්බන්ධ තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග බීබීසී සිංහල සේවය සාකච්ඡාවක නිරත විය.
පර්යේෂණාත්ම මට්ටමේ පවතින සුදර්ශන පැණිය මොකක්ද මේ සුදර්ශන පැණිය? "සුදර්ශන පැණිය කියන්නේ පැණියක්ම නෙමෙයි ඇත්තෙන්ම." "ආයුර්වේදයේ පැණියක් කියන්නේ සීනි කලවම් කරලා හදන දෙයකට. නමුත් මේක ඇත්තටම ක්‍රියාකාරී ශාකමය ඖෂධ සහ මී පැණි යොදා සාදන ලද සස්පෙන්ෂන් (Suspension) එකක්. සුදර්ශන චූර්ණයක් කියලා ඖෂධයක් ආයුර්වේදයේ තියෙනවා. ඒක සෑහෙන කාලයක් තිස්සේ උණට දෙන බෙහෙතක් ලෙස ආයුර්වේදයේ පවතිනවා," ඖෂධ පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය කමල් පෙරේරා පැවසීය. හීං බිංකොහොඹ වැනි දේ යොදාගෙන නිෂ්පාදනය කරන සුදර්ශන චූර්ණය දීර්ඝ කාලයක් පුරා උණ රෝගවලට ආයුර්වේදයේ භාවිත කළ ඖෂධයකි. මෙම ඖෂධීය චූර්ණය පාදක කරගෙන රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ ආචාර්ය සරෝජා වීරකෝන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කමල් පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය දුලානි ගුණසේකර සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් එක්ව වසර ගණනාවක් පුරා මෙම සුදර්ශන පැණිය පිළිබඳ පර්යේෂණ සිදු කරති. පර්යේෂණ කණ්ඩායම: ආචාර්ය සරෝජා වීරකෝන්, ආචාර්ය කමල් පෙරේරා, මහාචාර්ය දුලානි ගුණසේකර සහ මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් "මෙය උණ රෝගය සඳහා ආරම්භ කළ පරීක්ෂණයක්. පර්යේෂණ ආරම්භය වුණේ 2013 වර්ෂයේ මම ඇතුළු තවත් මහාචාර්යවරු දෙදෙනෙක් එකතු වෙලා. ආයුර්වේද ළමා රෝග පිළිබඳ වෛද්‍යවරියක් මෙන්ම කථිකාචාර්යවරියක් වන සරෝජා වීරකෝන්ගේ ආචාර්ය උපාධිය සඳහා තමයි මෙම පරීක්ෂණ ආරම්භ කළේ," වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. "දරුවන්ට මේ සුදර්ශන චූර්ණය දෙන්න බැහැ මොකද එය බොහොම තිත්ත නිසා. ආයුර්වේද පොත්වලට අනුව ශීත ජලය හෝ සුදුසු අනුපානයක් විදිහට මී පැණි එකතු කරලා තමයි බොන්න කියන්නෙ. නමුත් රෝගීන් හරි මාත්‍රාවට කලවම් කර බෙහෙත ලබා ගන්නේ නැහැ. එතකොට ඖෂධයේ ගුණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ. මේ හේතු නිසා අපි මේ සුදර්ශන ඖෂධය අවලම්භක ද්‍රාවණයක් (Sudarshana Suspension) ලෙස හැදුවේ." "මේ නිෂ්පාදනය තබා ගත හැකි කාලය පිළිබඳ, එහි සංයෝග මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන අපි පර්යේෂණාත්මකව සෙවීම් සිදු කළා," පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කළහ. මේ ඖෂධය සුදර්ශන කියා හඳුන්වන්නේ ඇයි? "මේක ඉන්දියාවේ පාවිච්චි කරපු ඖෂධයක්. විෂ්ණු දෙවියන්ගේ අතේ තියනවා චක්‍රයක් වැනි දෙයක්. ඒකෙන් ඕනෙම දෙයක් නසන්න පුළුවන් වැනි අර්ථයක් තමයි දෙන්නේ. ඒ තුළින් තමයි මේ සුදර්ශන කියන නම හැදිලා තියෙන්නේ." "මේ සුදර්ශණ කුඩ පාවිච්චි කිරීමෙන් ඕනම රෝග උවදුරකින් බේරෙන්න පුළුවන් කියන අර්ථය තමයි දෙන්නේ," යැයි පර්යේෂණ කණ්ඩායම පැවසූහ. අත්හදාබැලීම් සිදු කර තිබේ ද? ආයුර්වේද ඖෂධ සායනික අත්හදාබැලීම්වලින් තොර බවට චෝදනා ඇත. කෙසේනමුත්, සුදර්ශන පැණිය සතුන් සහ මිනිසුන් මත අත්හදාබැලීම් සිදු කර තිබෙන බව පර්යේෂණ කණ්ඩායම පැවසීය. "මේ අත්හදාබැලීම්වලින් අපි බැලුවේ මේ ඖෂධයෙන් යම් හානියක් සිදු වෙනවා ද කියලා. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික ක්‍රම අනුගමනය කර තිබෙනවා. 'Rat model' (මීයන් යොදාගෙන සිදු කරන පරීක්ෂණ) ලෙස හඳුන්වන එවන් එක් ක්‍රමයක දී අපි සතුන්ට උණ හදවනවා. ඉන් පසු මේ ඖෂධය ලබා දී නිරීක්ෂණය කරනවා උණ අඩු වෙනවා ද කියලා." සුදර්ශන පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූවක් "එහි දී අපි පරාමිතිය ලෙස පැරසිටමෝල් ද ලබා දීලා බලනවා. මේ පරීක්ෂණයේ දී අපට දැක ගත හැකි වුණා අපේ ඖෂධයෙන් සැලකිය යුතු ලෙස උණ අඩු වෙනවා. ඒ වගේම ආසාදන තත්වයන් සම්බන්ධයෙන් ද අපි මේ හා සමාන පරීක්ෂණයක් සිදු කර තිබෙනවා (පරාමිතිය ලෙස Diclofenac, Celecoxib ලබා දීලා). එහිදී ද අපිට සැලකිය යුතු ප්‍රතිඵල දැකගත හැකි වුණා." එමෙන්ම, මෙම ඖෂධයේ ප්‍රති ඔක්සිකාරක ගුණය, වේදනානාශක ගුණය මෙන්ම ආසාත්මිකතා ගැන ද සතුන් යොදාගෙන පරීක්ෂණ සිදු කළ බව පර්යේෂණ කණ්ඩායම තවදුරටත් පැවසීය. එහිදී සුදර්ශන ඖෂධයෙන් සතුටුදායක ප්‍රතිඵල නිරීක්ෂණය වූ බව ද ඔවුහු පැවසූහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සායනික අත්හදාබැලීම් ද සිදු කර ඇති අතර, එහි පළමු පියවර ලෙස නිරෝගී පුද්ගලයන් මත පරීක්ෂණ සිදු කර තිබේ. "මෙහි දෙවෙනි පියවර ලෙස අපි උණ රෝගයෙන් පෙළෙන දරුවන් මත මෙය අත්හදා බැලුවා. හැබැයි ඩෙංගු උණ හැදුන අය අයින් කළා. සෙම්ප්‍රතිශ්‍යාවත් එක්ක වගේ හැදෙන උණ තිබුණ අය තමයි තෝරා ගත්තේ." "සතුන් හෝ මිනිසුන් මත මේ පරීක්ෂණ කරද්දී සාමාන්‍ය ක්‍රියාවලිය තමයි පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් අනුමැතිය ලබා ගැනීම. අපි ඒ අනුමැතිය ද ලබා ගත්තා," පරීක්ෂණ කණ්ඩායම පැවසීය. ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයෙන් ක්‍රියාත්මක වන පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාල පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් ද අදාළ අවසරය ලබා ගත් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත ශ්‍රී ලංකාවේ සායනික අත්හදාබැලීම් ලියාපදිංචි කිරීමේ ලේඛනයට ද (Sri Lanka Clinical Trial Registry) ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. සුදර්ශන පැණිය කොරෝනාවෛරසයට එරෙහි බෙහෙතක් ද? මෙය කොරෝනාවෛරසයට එරෙහිව සොයාගත් ඖෂධයක් නොවන බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෝ කියා සිටියහ. "අපි මේ පර්යේෂණ සිදු කරන්නේ අවුරුදු හතකට පෙර ඉඳන්. මේ ඖෂධය වෛරස් රෝගවලට ප්‍රතිචාර දක්වන බව නිරීක්ෂණය වෙලා තිබෙනවා. මේ බෙහෙත් වට්ටෝරුවේ තියෙනවා ද්‍රව්‍ය 53ක්, ඉන් වැඩි කොටසක් තිබෙන්නේ හීං බිංකොහොඹ. අනිකුත් ද්‍රව්‍ය 52ට කහ, ගම්මිරිස් වගේ වෛරස් නසන ගුණය තිබෙන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ හා සමාන ද්‍රව්‍ය කොරෝනාවෛරසයට අදාළ ලෝකයේ අනිකුත් පර්යේෂණවලටත් යොදා ගන්නවා කියලා අපි දැනගත්තා." කෝවිඩ් 19 පැතිරීමත් සමග එයට එරෙහිව යම් ඖෂධයක් නිර්මාණය කර වැඩි දියුණු කළ හැකි නම් එය ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය මෙම පර්යේෂණ කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබිණි. ඔවුනට ඒ සඳහා ණය මුදලකට අනුමැතිය ලබා දී තිබූ බව ද පර්යේෂණ කණ්ඩායම පැවසීය. "මෙය කොරෝනාවෛරසයට එරෙහිව සොයාගත් ඖෂධයක් නොවේ" "මෙය කොරෝනාවෛරසයට බෙහෙතක් විදිහට ඉදිරිපත් කරලා නැහැ. නමුත් ඒ මට්ටමට මෙය වැඩි දියුණු කළ හැකිද කියා බලන්න අපට ඉල්ලීම් ලැබුණා. අපි සුදර්ශන බෙහෙත ගැන ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මණ්ඩලයක් ඉදිරියේ විස්තර කර සිටියා. එතන දී පිළිගත්තා මෙය උණ රෝගයට හොඳ ඖෂධයක් බව," වෛද්‍ය කමල් පෙරේරා පැවසීය. "මෙය කොරෝනාවෛරසයට එරෙහි ඖෂධයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණවලට ප්‍රතිපාදන සහ පහසුකම් ලබා දෙන ලෙස අපි ඉල්ලීම් කළා. මෙයට මහාචාර්ය චන්න ජයසුමන සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් එය පිටතට ගොස් තිබුණේ වෙනස් විදිහකට." මෙය කෝවිඩ් 19ට එරෙහි ඖෂධයක් ලෙසට පළ වූ ප්‍රකාශවලට පර්යේෂණ කණ්ඩායමේ කිසිදු සම්බන්ධයක් නොමැති නමුත්, එය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තමන් යෙදී සිටින බව ඔවුහු පැවසූහ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රකාශ නවීකරණය කරන ලද සුදර්ශන පැණිය කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇති බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පැවසූ බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල සහ පුවත් වෙබ් අඩවිවල මුල් පුවතක් ලෙස පළ විය. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් සහ බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල්වල භාවිතයට ගැනීමට ද යෝජනා වී ඇති බව එම පුවත්වල අන්තර්ගතයෙහි සඳහන් වී තිබිණි. මාධ්‍ය මඟින් ලැබුණු පුළුල් ප්‍රචාරයත් සමග, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම පැණිය පිළිබඳ විශාල කතා බහක් ඇතිවිණි. ගූගල් ඔස්සේ ද සුදර්ශන පැණිය ගැන බොහෝ දෙනෙකු සොයා බැලූ බව දත්ත අනුව පෙනී යයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ දේශීය බෙහෙත් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු පැවසුවේ පසුගිය දින කීපය තුළ තම සාප්පුවට පැමිණි බොහෝදෙනෙකු "අර කොරෝනාවලට දෙන සුදර්ශන පැණිය විකුණන්න තියෙනවා ද?" කියා ඇසූ බවය. කොරෝනාවෛරසය පැතිර යාමත් සමග, රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළා බව පැවසෙන එම ප්‍රකාශය ඉතා කෙටි කලක් තුළ දැඩි ලෙස සමාජගත විය. කෙසේනමුත්, මේ පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ, බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවය. වසර දහස් ගණනක් පැරණි ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය. "මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්‍ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ. ඒ සඳහා තවත් අදියර කීපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් විදිහට ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්‍ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා. ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නැහැ," රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන් විරෝධතාවක් ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පැවසුවේ සුදර්ශන පැණිය බටහිර රෝහල්වල භාවිත කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් බවය. එයට හේතුව බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකක් වීම නිසා මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පැවතීමය. මේ අතර, සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබිණි. ව්‍යාජ නිෂ්පාදන සහ ව්‍යාජ පුවත් "සුදර්ශන පැණිය නම් බෙහෙතක් තවමත් වෙළෙඳපොළට නිකුත් කර නැහැ. යම් සාප්පුවක එය මිළදී ගන්න ඇත්නම්, එය අනිවාර්යයෙන්ම ව්‍යාජ නිෂ්පාදනයක්. මෙය පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක්. එය වැඩිදියුණු කර පිටතට දෙන්න තව කාලයක් යයි. නමුත් මෙය කොවිඩ් සඳහා නිපදවන ඖෂධයක් නෙමෙයි. අපි මෙය හදන්නේ උණ රෝගයට ප්‍රතිකාරයක් ලෙස. ඉන් පසු තමයි කොවිඩ් සඳහා අදාළ පරීක්ෂණ පවත්වන්න වෙන්නේ," වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. සුදර්ශන පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූ ව්‍යාජ පුවතක් ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා ද සුදර්ශන පැණිය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි. මේ අතර, සුදර්ශන ඖෂධය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් බොහොමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරය ද දැකිය හැකිය. "දේශීය වෛද්‍ය විද්‍යාව ක්‍රමානුකූලව ගොඩනැගුණු පද්ධතියක්. මේවා ව්‍යාජ බෙහෙත් නෙමෙයි. නිසි අත්හදාබැලීම් සිදු කරලා, ඒවා පොත්වල සටහන් කරලා නිසි පිළිවෙලට ගොඩනැගුණු වෛද්‍ය ක්‍රමයක් මේක. අපි වගේ පර්යේෂකයන් අධෛර්යට පත් වෙනවා මේ වගේ ව්‍යාජ තොරතුරු පැතිරීමත් සමග," සුදර්ශන පැණිය පිළිබඳ පර්යේෂණ පවත්වන කණ්ඩායමේ සාමාජිකයෝ පැවසූහ. මෙම තොරතුරු ද දැනගන්න:
උපත් පාලන සහ පවුල් සැලසුම් සඳහා යොදා ගනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් වන සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමට පාකිස්තාන බලධාරීහු කටයුතු කරති.
ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රටවල් අතර පාකිස්තානය හය වන ස්ථානයේ පසු වේ එවැනි දැන්වීම් හරහා දරුවන්ගේ කුතුහලය ඇවිස්සෙන බවට ලැබුණු පැමිණිලි මත ඉහත කී තීන්දුව ගත් බවයි එරට රූපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය නිවේදනය කළේ. ඒ අනුව උපත් පාලන සහ පවුල් සැලසුම් සඳහා යොදා ගනු ලබන නිෂ්පාදන සම්බන්ධ සියලු දැන්වීම් විකාශය කිරීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතන වෙත දන්වා තිබේ. එක් කොන්ඩම් වර්ගයක් වෙනුවෙන් ප්‍රචාරණය කරන ලද වෙළඳ දැන්වීමක් සදාචාර සම්පන්න නොවන බව පවසමින් පසුගිය වසරේදී තහනම් කෙරිණ. කෙසේ නමුත් සමාජීය වශයෙන් ගතානුගතික රටක් වන පාකිස්තානය තුළ උපත් පාලන ඖෂධ සම්බන්ධ වෙළඳ දැන්වීම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ දුර්ලභ වශයෙන්. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රටවල් අතර පාකිස්තානය හය වන ස්ථානයේ පසු වේ. පාකිස්තාන ජනගහනයෙන් තුනෙන් එකකට උපත් පාලන පහසුකම් නොමැති බව එක්සත් ජාතීන් පවසයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ පැල්මඩුල්ලේ මහජන රැළියට ගල් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් දෙදෙනෙක් ජනවාරි දොළොස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හවුපෙ එම් ජයසිරි නියෝග කරයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් වන වියේ සහ තිස්තුන් වන වියේ පසු වූදෙදෙනෙකුයි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනවාරි දෙවනදා රාත්‍රි අටට පමණ පැල්මඩුල්ල නගරයේ බස් නැවතුම් පොළ අසල පැවති මහජන රැළියක් අමතමින් සිටියදී මෙම ගල් ප්‍රහාරය එල්ල විය. එහිදී ගල් ප්‍රහාරයට ලක් වූ හැටපස් හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු තවමත් පැල්මඩුල්ල ග්‍රාමීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය. ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ තම කැමරා උපකරණවලට හානි සිදු වූ බවට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා වාර්තාකරුවකු පොලීසියට පැමිණිලි කර තිබේ.