date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-01-09T11:29:11.000Z
රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි
රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි
COLOMBO (News 1st) : රට මේ වන විට තුන්බියකට ගොදුරුවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අද ප්‍රකාශ කළේ ය. 2014 දෙසැම්බර් මාසය අවසානය දක්වා ගත වූ වසර 60 කට අධික කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරිවී තිබූ මුලු ණය ප්‍රමාණය මෙන් 50% කට වැඩි මුදලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගත වූ වසර 4 තුල ලබාගෙන ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ණය ගෙවීමට පමණක් මේවා ලබා ගත්තේ නම් 2015 පසුව සමස්ත ණය ප්‍රමාණය වැඩිවිය නොහැකි බවයි. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී මුළු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු 4 තුළ 50% කින් වැඩිවී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහුගේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ යුද්ධය, ලෝක තෙල්මිල ගණන් ඉහළ යාම ඇතුළු අභියෝග රැසකට මුහුණදී තිබූ තම අවුරුදු 9 ක පාලන කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවී තිබුණේ, රුපියල් 28 කින් පමණක් බවයි. නමුත් ගතවූ අවුරුදු 4 ක කාලය තුළ අප මුදල් ඒකකය රුපියල් 53 කින් අවප්‍රමාණයවී ඇති බවත් 7.4% ක්වූ ආර්ථික වර්ධන වේගට 3% කටත් පහළ තැනකට වැටී ඇති බවත් එහි සඳහන් ය. ඊළග සතියේ ඊළඟ මාසයේ ආර්ථිකයට කුමක්වේ දැයි නොදන්නා තත්ත්වයක අප සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා පාලන තන්ත්‍රය බිදවැටීමේ බියකටද රට මුහුණදී සිටින බව පෙන්වාදෙන ඔහු සඳහන් කරන්නේ අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යාමේ ක්‍රමවේදය මේ මගින් අහුරා ඇති බවයි. මේ නිසා ආණ්ඩු පක්ෂයට තමන්ගේම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්ෂ රාමුවක් තුල රදවා ගැනීම අපහසුවී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාව රට ඉදිරියේ ඇති තවත් බියක් බවයි. මේ කෙටුම්පත් සකස් කළ පාර්ශ්වයම සකස් කළ පළාත් පාලන ඡන්ද ක්‍රමය මේ වනවිට මොනම ඡන්දයකටවත් සුදුසු නොවන බව එය සකස් කළ අයම පවසද්දී අලුත් ව්‍යවස්ථාව ඔවුන් විසින් සකස් කළ හොත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන්වනු ඇතැයි රාජපක්ෂ මහතා පවසයි. මෙම තුන්බියෙන් රට ගලවාගත හැක්කේ තම නායකත්වයෙන් යුත් විපක්ෂ දේශපාලන සන්ධානයට පමණක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2019-01-09T11:20:48.000Z
ඌවට පත්කළ කීර්ති තෙන්නකෝන්ට දකුණට මාරුවක්
ඌවට පත්කළ කීර්ති තෙන්නකෝන්ට දකුණට මාරුවක්
COLOMBO (News 1st) : පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් කීර්ති තෙන්කෝන් මහතා අද රාත්‍රියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යළි දිවුරුම් දුන්නේ ය. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද ඌව පළාත් ආණ්ඩුකාරවයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
2019-01-09T10:13:00.000Z
රටින් පිටව ගිය යානයේ සිටි සිටි විදේශිකයින් කවුරුන්ද?
රටින් පිටවූ යානයේ සිටි සිටි විදේශිකයින් කවුද?
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කදවුරට පෞද්ගලික ගුවන් යානයකින් පැමිණ පිටව ගිය පිරිස අයෝජකයින් පිරිසක් ද වංචනිකයින් පිරිසක් ද ? පසුගිය ඉරිදා ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරට ගල්ෆ් ස්ට්‍රීම් 550 වර්ගයේ පෞද්ගලික ගුවන් යානයක් පැමිණ තිබුණේ, සිංගප්පූරු, චීන හා හොංකොං ජාතික ආයෝජකයින් යැයි කියන පිරිසක් ද සමගයි. හිටපු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සහ ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායම ගෙන්වීම සඳහා මැදිහත්වී තිබිණ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති පැහැදිලි නොවූ කාරණා රැසක් ඇති හෙයින් අප මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ,ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළේ ය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිසම ආපසු මෙරටින් පිටවී යා යුතු බවයි. නමුත් ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් සමග මගීන් 6 දෙනෙකු ජනවාරී 3 වෙනිදා අදාළ ගුවන් යානයෙන් මෙරට පැමිණි නමුත් 5 වෙනිදා මෙරටින් පිටවී යන්නේ මගීන් 5 දෙනෙකු පමණක් බවයි. ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයා මෙම ගුවන් යානයෙන් දිවයිනෙන් පැමිණිය ද යානය පිටව ගොස් ඇත්තේ ඔහු නොමැතිවයි. මෙම පිරිස දින දෙකක් මෙම පිරිස ත්‍රීකුණාමලයේ රැඳී සිට ඇති බව ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළේ ය. ආයෝජන කටයුත්තක් වෙනුවෙන් අදාළ මගීන් පිරිස සිංගප්පූරුවේ සිට මෙරට පැමිණෙන බවත් ඒ සඳහා අවසර ලබාදෙන්නැයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ පිළිබඳ අවසර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව විමසූ බවත් ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. මෙම ගුවන් ගමන සඳහා අවසරය ඉල්ලා ඇත්තේ කලකට පෙර බවත් අදාළ අවසරය ලබාදීමට ඇති හැකියාව පිළිබඳ තීරණය කිරීමට කලක් ගත වූ බවත් එම අමාත්‍යංශය පවසයි. මෙම විශේෂ අවසර ලබාදීමට කල් ගතවූ බව එම නිලධාරියා ප්‍රකාශ කරන්නේ එය එක්වරම ලබාදිය හැකි පහසු තීන්දුවක් නොව විවිධ සංකූලතා ගණනාවක් යටතේ ගන්නට සිදුවන වෙනස් ආකරයක තීරණයක් නිසා නොවේ ද? එම නිලධාරියාට අනුව මෙම ගමන පිළිබඳව සමස්ත වගකීම පැවරෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට පැමිණ පිටව ගිය පෞද්ගලික ගුවන් යානය පිළිබඳව යම් ගැටලුවක් තිබේ ද? යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. ගුවන් යානයක හඳුනාගැනීමේ අංකය වන මෙම කේතය අනුව මෙම ගුවන් යානය පිළිබඳව කරුණු සොයා බැලුවෙමු. ඒ අනුව මෙම ගුවන් යානයේ හිමිකරු වන්නේ හොංකොංහි සෙන්චරි ඕෂන් නම් සමාගමකි. එහි අපූරුම කරුණ වන්නේ එම සමාගම කුප්‍රකට මුදල් සැඟවීමේ සහ බදු වංචා කිරීමේ නිරතවූ ආයතන පිළිබඳ තොරුතරු ඇතුළත්වූ පැනමා ලේඛන ගොන්නේහි නම සඳහන් සමාගමක් වීමයි. මෙම සමාගමේ හවුල්කරුවන් ලෙස චෝ හුංග් පෝල් සහ ජෝසෆ් ලාඕ ලු එන්ග් හොංග් යන නම් පැනමා ලේඛනවල දැක්වේ. බලධාරින් පවසන ආකාරයට මෙය අයෝජකයින් පිරිසකගේ ආගමනයක් නම්, ගුවන් යානය අයිති සමාගම සහ එහි කොටස් කරුවන් පැනමා ලේඛනහි නම් සඳහන් වංචාකරුවන් නම්, මෙම ගුවන් යානයේ පැමිණි විදේශිකයින් කවුරුන් ද , ඔවුන් මෙලෙස නම් සඳහන් වංචනිකයින් ද යන්න පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙළිකළ යුතුයි. https://www.youtube.com/watch?v=eFqyKH0am4s
2019-01-09T07:28:13.000Z
රටින් තුරන් කළ මැලේරියාව යළි හිස ඔසවයි ද?
රටින් තුරන් කළ මැලේරියාව යළි හිස ඔසවයි ද?
COLOMBO (News 1st) : කාලයක් වසංගතයක්ව පැවති මැලේරියාව 2016 වසරේදී මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කෙරිණ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම සහතිකය නිකුත් කර වසර දෙකකට පසු මේ වනවිට යළි මැලේරියාව හිස එසවීමට පටන් ගෙන තිබේ. මැලේරියා රෝගය වැළඳුණු පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව පසුගිය දා වාර්තා වුණේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ඉන් එක් අයෙකු, සියඹලාණ්ඩුව ඇතිමලේ පෞද්ගලික සීනි කර්මාන්ත ශාලාවේ ඉදිකෙරෙමින් පවතින වැඩබිමේ සේවයට පැමිණි ඉන්දිය ජාතිකයෙකි. 45 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෙක් පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ ම සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි. වෛද්‍යවරුන් සැකකරන්නේ ඔහුට අදාළ ඉන්දීය ජාතිකයා මගින් මැලේරියා රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ගෙන් මැලේරියාව යළි ව්‍යාප්ත වී ඇති බවට ප්‍රදේශයේ ජනතාව ද චෝදනා කරයි. ​සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ මැලේරියා රෝගින් දෙදෙනාගේ රුධිර සාම්පල සිංගප්පූරු ජාතික පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි, ජාතික මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය. ඒ, අදාළ ශ්‍රී ලාංකිකයාට රෝගය වැළඳී ඇත්තේ මෙරටදී ද යන්න තහවුරු කරගැනීම සඳහායි. පුද්ගලයෙකු මැලේරියා රෝගයට ගොදුරු වන්නේ, රෝග වාහක ඇනෝෆිලස් මදුරුවෙකු දෂ්ඨ කිරීමත් සමග එම මදුරුවා තුළ සිටින පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළුවීමෙනි. නිරෝගී පුද්ගලයෙකුට මදුරුවා දෂ්ඨ කිරීමෙන් මෙන්ම මැලේරියා රෝගියෙකුට ආසාදිත නොවන මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් පරපෝෂිතයා ඇතුළු වීමත් සමග මැලේරියා රෝගය පැතිර යා හැකියි. මැලේරියාව තුරන් කළ 2016 වසරේ මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 36කි. 2017 වසරේ වාර්තා වූ රෝගීන් 57 දෙනා සහ 2018 වසරේ වාර්තා වූ රෝගීන් 48 දෙනා අතරට, විදේශීය රටවල සංචාරය කර පැමිණි ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ ද ඇතුළත් වුහ. වාර්ෂිකව ලොව පූරා වාර්තා වන මැලේරියාව වැළඳීමෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව ව ලක්ෂ 4 ඉක්මවයි.
2019-01-09T06:59:05.000Z
රථ වාහන සඳහා අලුත් බද්දක්
රථ වාහන සඳහා අලුත් බද්දක්
COLOMBO (News 1st) : මෙම වසරේ ජනවාරි පළමු වන දා සිට රථවාහන සඳහා වන නව කාබන් බද්ද ක්‍රියාත්මක වේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, රථ වාහනවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන බදු අය කිරීම සිදු වන බවයි. 2018 අංක 35 දරණ මුදල් පනතට අනුව කාණ්ඩ තුනක් යටතේ මෙම බදු අය කිරීම සිදුවේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ, අදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී මෙම බදු අය කිරීම සිදු කෙරෙන බවයි. නව බද්ද පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම.... https://www.youtube.com/watch?v=qH4Zwh39kJc
2019-01-09T11:10:21.000Z
කොන්ක්‍රීට් කණුවක් කඩා වටී පාසල් සිසුවෙක් මියයයි
කොන්ක්‍රීට් කණුවක් කඩා වටී පාසල් සිසුවෙක් මියයයි
COLOMBO (News 1st) : හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පාසලක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ සිසුවා පාසලේ පරණ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සවි කර එම කණුවේ එල්ලීමට උත්සාහ කිරීමේදී කණුව හිස මතට කඩා වැටී ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ ගලේවෙල, බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.
2019-01-09T05:57:30.000Z
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පත් කෙරිණ. ඔහු මීට පෙර කටයුතු කළේ, යුද හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්වරයා ලෙසයි. මීට අමතරව ගජබා රෙජිමේන්තුවේ - රෙජිමේන්තු අධිපති - ලෙස ද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළේ ය. කීර්තිමත් හමුදා නිලධාරියෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා 58, සේනාංකාධිපති ලෙස කටයුතු කළ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවට ද අණ දෙනු ලැබී ය. 1984 වසරේ මාර්තු මස 05 වනදා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරී නිලයට පත්විය. 2010 - 2015 අතර කාලය තුළ රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙස සේවය කළේ ය.
2019-01-09T04:24:16.000Z
'පප්පා' මාලිගාවත්තේදී CCD අත්අඩංගුවට
'පප්පා' මාලිගාවත්තේදී CCD අත්අඩංගුවට
COLOMBO (News 1st) කොළඹ අපරාධ කොට්ඨාසය අපරාධ රැසකට සම්බන්ධ 'මොහොමඩ් සල්මාන් රිල්වාන්' සහ 'පප්පා' යන අන්වර්ථ නම්වලින් හඳුන්වන බමුණු ආරච්චිගේ දුමින්ද නමැති සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාවත්තේදී අත්අඩංගුවට පත් වූ 28 හැවිරිදි සැකකරු කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය තෙවන දා අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අධිකරණය අවසර දී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඔහු අපරාධ රැසකට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය පැවසී ය. පසුගිය ජුලි 08 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවිදීය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම, අගෝස්තු 26 වන දා මාලිගාවත්තේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේදී එම යතුරු පැදිය පැදවීම , අගෝස්තු 30 වන දා මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගයේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු ඝාතන හා වෙඩි තැබීම් රැසක් ඒ අතර වේ.
2019-01-09T04:06:06.000Z
තරුණයින් පැහැර ගැනීම: විමර්ශන බොහෝ දුරට අවසන් බව CIDය අධිකරණයට දැනුම් දෙයි
ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ දුරට අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. සෙසු විමර්ශන ද කඩිනමින් අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර නඩුවේ සැකකරුවන් වන කොමදෝරු ඩී.කේ.පී දසානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට, එරෙහිව අධිචෝදනා ගොනුකර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ලබන 23 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද දින සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරිණ. එහිදී පැහැරගැනීමට ලක් වූ තරුණයෙකු වන ජෙගන් නමැත්තාගේ මව සහ සහෝදරියක් නඩුවේ 12 වන සැකකරු වන නායක නැවි උපුල් චමින්ද නමැත්තා හඳුනා ගත්හ. ඒ අනුව ලබන 23 වන දා මොහු නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ය. 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අංඩගුවට ගනු ලැබිණ. මේ අතර අද දින හඳුනා ගනු ලැබු සැකකාර නාවික නිලධාරී වන උපුල් චමින්ද නමැත්තා අන්නච්චි නමින් පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී පැහැර ගත් තමන්ගේ දරුවා ඇතුළු තරුණයන් නිදහස් කිරීම සඳහා කප්පම් ලබා ගැනීමට පැමිණි පුද්ගලයා ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ දෙදෙනා එහිදි හඳුනා ගත්හ.
2019-01-09T03:56:25.000Z
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක්....
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක්....
COLOMBO (News 1st) : නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු හා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදීයි. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නේ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජි.ආර්. අමරසේකර යන මහත්වරුන් ය. නව අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු කේ. පී ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේ ය.
2019-01-09T01:22:44.000Z
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම: දළ වාර්තාවක් නියෝජ්‍ය කථානායකවරයා අතට
පාර්ලිමේන්තු ගැටුම:දළ වාර්තාවක් නි. කථානායකට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ කළහකාරී සිද්ධීන් පිළිබඳව විමර්ශනය කළ කමිටුවේ දළ වාර්තාවක් අද නියෝජ්‍ය කථානායකවරයා අතට පත් වීමට නියමිත ය. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිද්ධීන් පිළිබඳව වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සහ පාර්ලිමේන්තු කණ්ඩායමක් මේ වන විට නරඹමින් සිටින බව ය. මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වේ.
2019-01-09T01:04:01.000Z
කන්ටේනර් රථයක් පෙරළීමෙන් ගිනිගත්හේන - ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිටී
ගිනිගත්හේන-ලක්ෂපාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිටී
COLOMBO (News 1st) - කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් ගිනිගත්හේන - ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලුයම සිට සම්පූර්ණයෙන් ඇණහිට තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ වරායේ සිට යකඩ ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය. අනතුර සිදු වන අවස්ථාවේ යකඩ ටොන් 28ක් කන්ටේනරය ප්‍රවාහනය කර තිබේ. ගිනිගත්හේන - ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදී අද අලුයම 2.30ට පමණ අදාළ කන්ටේනර් රථය වංගුවක් ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට උපකරණ රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයකි. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට තිබීම නිසා රථ වාහන ධාවනයට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
2019-01-09T00:21:39.000Z
මාර්ගයට පැනිනු ලැබූ සුනඛයා බේරා ගැනීමට තැත් කළ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතයෙන් වන්දි ගෙවයි
පුද්ගලයෙකුට මරු කැඳවූ රිය අනතුර
COLOMBO (News 1st) - මීරිගම, ගිරිඋල්ල - පස්යාල මාර්ගයේ අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය. මීරිගම ගල්අමුණ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ වැලි පැටවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ ත්‍රිරෝද රථය කොළඹ සිට මන්නාරම බලා ධාවනය වෙමින් තිබූ බව ය. මාර්ගයට සුනඛයෙකු පැනීමත් සමග ත්‍රිරෝද රථය සුනඛයා බේරීමට තැත් කිරීමේදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයේ ගැටී තිබේ. අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මිය ගියේ ය. එලෙස මිය ගොස් ඇත්තේ, මොරගොඩ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි වීරසිංහ දයානන්ද නමැති පුද්ගලයෙකි. ටිපර් රථයේ රියැදුරු පොලීසිය අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-01-09T00:08:09.000Z
පේට්ට සිනමා පටය තෙළිඟු ප්‍රාන්තවල තිරගත කිරීමේදී අර්බුධකාරී තත්ත්වයක්
'පේට්ට' දෙමළ සහ තෙළිඟු භාෂාවලින් හෙට සිට
(News 1st) - සුපිරි දකුණු ඉන්දීය නළු රජිණි කාන්ත් ප්‍රධාන චරිතය රඟන පේට්ට සිනමා පටයේ තෙළිඟු ප්‍රතිනිෂ්පාදනය ඉන්දියාවේ තෙළිඟු ප්‍රාන්තවල තිරගත කිරීමේදී අර්බුධකාරී තත්ත්වයක් හට ගනු ඇතැයි බෙදා හැරීමේ සමාගම් පවසයි. තෙලංඟනා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල එම චිත්‍රපටය දර්ශනය කිරීමට තරම් ප්‍රමාණවත් සිනමාහල් නොතිබීම ඊට හේතුවයි. පේට්ට සිනමා පටය දෙමළ සහ තෙළිඟු භාෂාවලින් හෙට සිට ලොව පුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති.
2019-01-08T22:59:19.000Z
කප්පම් ගැනීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී
කප්පම් ගැනීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී
COLOMBO (News 1st) - හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බව ය. කඩුවෙල සහ හෝමාගම ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.
2019-01-08T20:40:39.000Z
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි
SL vs AUS ටෙස්ට් තරග මාලාවෙන් ගුණතිලක ඉවතට
COLOMBO (News 1st) - ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජනවාරි මස 24 වන දා ආරම්භ වේ. පසුගියදා නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙම ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් නැවත වතාවක් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. කුසල් ජනිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා යළිත් වතාවක් කැඳවා ඇත්තේ, පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ය. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මේ දක්වා ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් ලකුණු 657ක් රැස් කර ගෙන සිටින අතර ඊට ටෙස්ට් ශතකයක් හා ටෙස්ට් අර්ධ ශතක 3ක් ඇතුළත් ය. නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකටම සහභාගී වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඉනිම් 4ම ක්‍රීඩා කරමින් රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 16ක් පමණි. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතය සඳහා නම් කර නොමැත. නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ නමුත්, මේ මස 24 වන දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණි. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අතර දිමුත් කරුණාරත්න උප නායකත්වය දරයි. ඒ අනුව ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත පරිදි වේ. දිනේෂ් චන්දිමාල් - නායක දිමුත් කරුණාරත්න - උප නායක ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් සදීර සමරවික්‍රම ධනංජය ද සිල්වා රොෂේන් සිල්වා නිරෝෂන් දික්වැල්ල කුසල් ජනිත් පෙරේරා දිල්රුවන් පෙරේරා ලක්ෂාන් සඳකැන් සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ලහිරු කුමාර දුෂ්මන්ත චමීර කසුන් රජිත ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජනවාරි මස 17 වන දා සිට 19 වන දා දක්වා පුහුණු තරගයකට සහභාගී වන අතර ජනවාරි 24 වන දා බ්‍රිස්බේන්හිදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත ය. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, එළැඹෙන පෙබරවාරි මස පළමු වන දා ය.
2019-01-08T20:17:32.000Z
අමෙරිකානු ආණ්ඩුවේ අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි
අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට වේලාවෙන් අද පෙරවරු 7.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ඒ, අනවසර සංක්‍රමණික අර්බුදය විසඳීමට නම් මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන් කෙරෙන පවුර ඉදිකිරීම අත්‍යවශ්‍ය වන බවට තර්ක ඉදිරිපත් කරමිනි. ජනාධිපති ට්‍රම්ප් එලෙස ජාතිය අමතන්නේ, අමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණ මුල් කර ගනිමින් බව ද එරට උප ජනාධිපති මයික් පෙන්ස් සඳහන් කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා හෙට මෙක්සිකෝ - අමෙරිකානු දේශසීමාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත ය. අමෙරිකාව මෙක්සිකෝවෙන් වෙන් කෙරෙන එම පවුර ඉදිකිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කිරීමත් සමග අමෙරිකානු රජය අර්ධ වශයෙන් අක්‍රීය තත්ත්වයකට පත් විය. එම අර්බුදයට අදට දින 18කි. පවුර ඉදිකිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 5ක් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡා වට කිහිපයක්ම අසාර්ථක විය. රජය අර්ධ වශයෙන් අක්‍රීය වීම හේතුවෙන් අමෙරිකාවේ ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8කට ඉකුත් දෙසැම්බර් 22 වන දා සිට වැටුප් හිමිව නොමැත.
2019-01-08T20:10:26.000Z
ගුරු අත්පොත් ලැබී නොමැති බවට ගුරු සංගම්වලින් චෝදනා
ගුරු අත්පොත් ලැබී නොමැති බවට ගුරු සංගම්වලින් චෝදනා
COLOMBO (News 1st) - පාසල් ගුරුවරුන්ට මේ වසර සඳහා අවශ්‍ය ගුරු අත්පොත් ලැබී නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, ප්‍රාථමික අංශය සඳහා වූ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ග්‍රන්ථ ද මෙතෙක් ලැබී නොමැති බව ය. මේ පිළිබඳව විමසීමට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරිය සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුව ද ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය.
2019-01-08T19:59:21.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. මොරගහකන්ද, කළු ගඟ ජලාශ්‍රයේ ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් ඉදිවූ ලග්ගල හරිත නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඊයේ ජනතා අයිතියට පත් කෙරිණි. 2. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී වසර 10ක් සපිරේ. 3. මේ වසරේ රජයේ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. 4. නව විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දන්වා තිබේ. 5. යටිනුවර විදීයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්න... විදෙස් පුවත් 6. ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් අනපේක්ෂිත අයුරින් සිය ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කළේ ය. ක්‍රීඩා පුවත් 7. අමෙරිකා ක්‍රිකට් ආයතනයට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ.
2019-01-08T19:47:46.000Z
සුරක්ෂා රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ වැඩි කෙරේ
සුරක්ෂා රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ වැඩි කෙරේ
COLOMBO (News 1st) - සුරක්ෂා රක්ෂණ ආවරණය යටතේ ගෙවන ප්‍රතිලාභ මේ වසරේ සිට වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ය. ඒ අනුව ශිෂ්‍යයෙකු රෝහල්ගත වීමේදී ගෙවනු ලබන දෛනික දීමනාව රුපියල් 1000 සිට 3000 දක්වා වැඩි කර තිබේ. බාහිර ප්‍රතිකාර සඳහා ගෙවනු ලබන රුපියල් 10000 දීමනාව ද රුපියල් 20000 දක්වා මේ වසරේ වැඩි කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වන අවස්ථාවකදී ගෙවනු ලබන දීමනාව ද ලක්ෂ දෙකක් දක්වා වැඩි කර තිබේ. මීට පෙර ඒ සඳහා ගෙවනු ලැබූ මුදල රුපියල් ලක්ෂයකි. මව්පිය වියෝවීමකදී ලැබෙන දීමනාව ද රුපියල් 75000 සිට 200000 දක්වා වැඩි කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ය.
2019-01-08T11:26:05.000Z
අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි
අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය
(News 1st) - අමෙරිකා ක්‍රිකට් ආයතනයට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වූ 105 වන රට ලෙස අමෙරිකාව ඉතිහාසයට එක් වනු ඇති.
2019-01-08T10:18:35.000Z
රටේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක් කරමින් නීතිය කැඩූ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?
නීති උල්ලංඝනය කරමින් චීන වරායට ආ ගුවන් යානය...
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට පැමිණ පිටව ගිය පෞද්ගලික ගුවන් යානයක් පිළිබඳව අපි පසුගිය දින කිහිපයේ කරුණු අනාවරණය කළෙමු. සිවිල් ගුවන් සේවා අධිකාරිය අද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ. පසුගිය ඉරිදා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට බොම්බාඩියර් වර්ගයේ පෞද්ගලික ගුවන් යානයක් පැමිණ තිබුණේ සිංගප්පූරු, චීන හා හොංකොං ජාතික ආයෝජකයින් යැයි කියන පිරිසක් ද සමග ය. හිටපු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සහ ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායම ගෙන්වීම සඳහා මැදිහත් වී තිබිණි. අප පෙන්වා දුන්නේ, නියමිත ක්‍රියා පටිපාටියෙන් පිට අනුමත ගුවන්තොටුපොළක් නොවන ස්ථානයක සිට මේ යානය රටින් පිටව ගොස් ඇති බව ය. චීන වරායට පැමිණි මෙම යානය ජාත්‍යන්තර ගුවන් ගමනකදී සිදු කළ යුතු සියලු ම අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව පිටත්ව ගිය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. මෙම ගමනට පෙර අදාළ ආයතනවලින් අවසර ලබා ගැනීම සිදුව තිබූ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රොහාන් මනුකුලසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මනුකුලසූරිය මහතාගේ පැහැදිලි කිරීමේ ලිපිය අප අගය කරන අතර මෙම සිදුවීමේදී ඔබගේ ආයතනයේ කටයුතු නිසි පරිදි සිදුව ඇතැයි අපි ද විශ්වාස කරන්නෙමු. නමුත් අප පළ කළ වාර්තාව වෙනුවෙන් යළි යළිත් පෙනී සිටින අතර අප ප්‍රශ්න කරන්නේ, රටේ නීතිය උල්ලංඝනය කළ හැක්කේ කෙසේ ද යන්නයි. රටේ පවතින ආගමන විගමන නීතියේ 34 වගන්තියට අනුව අනුමත කළ පිටවීමේ තොටුපොළකින් හැර කිසිදු පුද්ගලයෙකුට රටින් විදේශගත විය නොහැකි ය. රටට ඇතුලු වීමේ හෝ පිට වීමේ තොටුපොළක් අනුමත කිරීමට විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළ යුතු වේ. රටේ නීතියට අනුව චීන වරාය මෙවැනි අනුමත තොටුපොළක් නොවේ. මේ ගුවන්තොටුපොළ මෙම ගමනට පෙර අනුමත කළේ නම් විෂය භාර ඇමතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් තිබිය යුතු ය. එවැනි ගැසට් නිවේදනයක් ඇත්දැයි අපි ප්‍රශ්න කරන්නෙමු. අප විමසන්නේ, රටේ පවතින නීතියට පිටින් මෙවැනි ක්‍රියා සිදු වන්නේ මේ යානය තුළ නීති විරෝධී යමක් හෝ නීත්‍යානුකූල නොවන ලෙස ගමන් කළ කිසිවෙකු සිටි නිසා ද? ත්‍රිකුණාමලයේදී යානයෙන් පිටතට පැමිණි පිරිස එහි සාකච්ඡාවකට පවා සහභාගී වන අයුරු දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබේ. කටුනායක ගුවන්තොටුපොළින් චීන වරායට පැමිණි සියලු දෙනාම ආපසු ගියා ද? රේගු හා ආගමන විගමන නිශ්කාෂණ නිසි ලෙස ලබා ගෙන තිබුණා ද? අනුමතව නැති තොටුපොළකින් ගුවන්ගතව රටේ ගුවන් සීමාව හරහා පිටව ගිය මේ යානය සම්බන්ධයෙන් ගුවන් ආරක්ෂක ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකළේ ඇයි? රටේ ස්වෛරීත්වයට, ජාතික ආරක්ෂාවට මෙන්ම අභිමානයට ද මෙලෙස අභියෝග කිරීමට ඉඩ දී බලා සිටින්නන් කවුද? මේවාට සම්න්ධ වූවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?
2019-01-08T09:32:39.000Z
පරාජයන් පරාජය කර ඒවාගෙන් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලය තුළ කැප වෙනවා - ජනපති
"පරාජයන් පරාජය කර ජයග්‍රහණය කරන්න කැප වෙනවා"
COLOMBO (News 1st) - මොරගහකන්ද, කළු ගඟ ජලාශ්‍රයේ ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් ඉදිවූ ලග්ගල හරිත නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් අද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, අදට යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ සිව් වන සැමරුමට සමගාමීව ය. මොරගහකන්ද කළු ගඟ ජලාශ්‍ර ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරමින් කළු ගඟ ජලාශ්‍රයට යට වන ලග්ගල නගරය වෙනුවට මෙම නව නගරය ඉදිකෙරිණි. ලග්ගල හරිත නගරය සැලසුම් කර තිබෙන්නේ, අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් හා නව නාගරික සංකල්පයක් වන උද්‍යාන නගර සංකල්පයට අනුව ය. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4500කි. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක වපසරියකින් යුක්ත ය. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමුපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, මහජන පොළක් ඇතුළු තවත් ගොඩනැගිලි 112 කින් නගරය සමන්විත වේ. නගරය තුළ ස්ථාපිත කර ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව 26කි. නව නගරය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරුඵලකය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව නව නගර භූමියේ රුක් රෝපණයකට ද එක්විය. කළු ගඟ ජලාශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා එහි වැඩ කටයුතු අවසන් කිරීම සංකේතවත් කරමින් එහි සමරුඵලයක් ද විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ජලාශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට ද එක්වූහ. අනතුරුව ලග්ගල නව නගරයට පැමිණි ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ ලග්ගල නව ප්‍රාදේශීය රෝහල විවෘත කළේ ය. මේ අතර අද පස්වරුවේ ලග්ගල ද්විතීයික පාසල ද ජනතා අයිතියට පත් කෙරුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
2019-01-08T09:11:05.000Z
හිටපු ජනපතිනිය හමු වූ විජයමුණි
හිටපු ජනපතිනිය හමු වූ විජයමුණි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ. සැමරුම් උත්සවය අද පැවැත්වුණේ, කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ ය. උදෑසන එහි පැමිණි ජනාධිපතිතුමා බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ලග්ගල නව නරගරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වීම සඳහා පිටත්ව ගියේ ය. පසුව ආරම්භ වූ සමරු උත්සවයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීහු සහභාගී වූහ. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණ සිටි දේශපාලනඥයින් සමග සුහද කතාබහක ද නිරත වනු දක්නට ලැබිණි.
2019-01-08T06:13:46.000Z
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10යි
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10යි
COLOMBO (News 1st) - දස වසරකට පෙර අද වැනි දිනක අපේ රටේ මාධ්‍ය නිදහසට එල්ල වූ ප්‍රහාරයක අඳුරු මතකය යළි අවධි කිරීමක් මේ... 2009 ජනවාරි 8 වන දා හිරු උදාවී හෝරා කිහිපයකින් වාර්තා වූ අනපේක්ෂිත පුවතින් කියැවුණේ, සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ය. නිවසේ සිට කාර්යාලයට යමින් සිටි වික්‍රමතුංග මහතා ලුහුබැඳ ආ සාහසිකයින් ඔහුට ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබිණි. විනාඩි කිහිපයක් තුළ ලසන්ත වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කළත් ඔහුගේ ජීවිතය නැවත ලබා දෙන්නට නොහැකි වී තිබිණි. වංචාව, දූෂණය ගැන කිසිවෙකුටත් කිසිවකටත් බිය නොවූ ලසන්ත වික්‍රමතුංගගේ පෑන ඒ වන විටත් බොහෝ දෙනෙකුට අභියෝගයක්ව තිබිණි. ඒ හඬ නිහඬ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන්නැයි හඬ නැගූ සියලු දෙනා ඉල්ලා සිටි යුක්තිය තවමත් ඉටු කිරීමට නොහැකිව තිබේ. වෙඩි ප්‍රහාරයකින් ඝාතනය සිදු කළ බව ප්‍රකාශ කළත් මෑතකදී සිරුර යළි ගොඩගෙන සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, තියුණු ආයුධයකින් ඇණ වික්‍රමතුංග මහතාගේ ජීවිතය අහිමි කර ඇති බව ය. ඝාතනය සිදු වී මාස කිහිපයක් ගත වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන් පිළිබඳව තීරණාත්මක අනාවරණයක් කරමින් ජේසුදාසන් නමැත්තෙක් නුවරඑළියේදී අත්අඩංගුවට ගත්තේ ය. නමුත් මේ සැකකරු ද පසුව බන්ධනාගරය තුළදී මිය ගියේ, තවත් අභිරහසක් ඉතිරි කරමිනි. පසුව වික්‍රමතුංග මහතාගේ මරණය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඉවත් කළේ ය. සුප්‍රකට ජනවාරි 8 විප්ලවයේදී ප්‍රජාතන්ත්‍රවාදය උදාකරණ බවට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා පොරොන්දු වූයේ බලයට පත් වූ වහා ලසන්ත වික්‍රමතුංග ඝාතකයින් නීතිය හමුවට පමුණු වන බව ය. එහෙත් විමර්ශන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමත්, කොළඹ කනත්තේ වළ දමා තිබූ ඔහුගේ දේහය යළි ගොඩ ගෙන පරීක්ෂණ කිරීමත් හැරෙන්නට සෘජුව සම්බන්ධ වූ කිසිවෙකුත් තවමත් අනාවරණය කිරීමට නොහැකි වී තිබේ. යුද හමුදාවේ හා පොලීසියේ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් කිසිවෙකුත් මේ මරණයට සෘජුව සම්බන්ධ බවට අධිකරණයේ කරුණු ඉදිරිපත් නොකෙරිණි. එදා මෙන්ම දශකයක් ගත වන අදත් කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග මහතා මිහිදන් කළ ස්ථානයේ සිට ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට සිදුව තිබේ. මේ අතර සිය පියාණන්ගේ වියෝවෙන් 10 වසරකට පසු ලසන්තගේ දියණිය අද පුවත්පත්වල සංවේදී සටහනක් ඒක් කර තිබිණි. පියා අහිමිව ගෙවූ දස වසර තුළ තම පවුල මුහුණ දුන් කටුක අත්දැකීම් ඇය මෙහිදී සිහිපත් කර තිබුණේ, ඝාතකයින්ට ද හිතන්න බොහෝ දේ ඉතිරි කරමිනි. අවසානයේ අප සිහිපත් කරන්නේ එක් දෙයක් පමණි. "සත්‍යයේ ගමන දීර්ඝ වුවත්, එහි අවසානය යුක්තියයි." - මාටින් ලූතර් කිං
2019-01-08T05:11:18.000Z
අයවැයට කැබිනට් අනුමැතිය: රජයේ වියදම බිලියන 4000 ඉක්මවයි
අයවැයට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - මේ වසරේ රජයේ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. එම වියදම් ඇස්තමේන්තුවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය. රජයේ ලේඛනය සම්මත කර ගැනීමේ පළමු පියවර වන්නේ, වසරේ රාජ්‍ය වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව ඊයේ ඉදිරිපත් වූ විසර්ජන පනත් කෙටුම්පතෙන් රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 2,200ක්ම වෙන් කර ඇත්තේ ණය ගෙවීම් වෙනුවෙනි. මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බව මුදල් අමාත්‍යංශය පවසයි. 2019දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වනු ඇති බවට මුදල් අමාත්‍යංශය ඇස්තමේන්තු කර තිබේ. මෙම වියදම් ඇස්තමේන්තු ඇතුළත් අයවැය පළමු වර කියවීම හෙවත් 2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-01-08T04:52:03.000Z
ගාල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 14ක පළතුරු වගා කිරීමට සැලසුම්
ගාල්ලේ හෙක්ටයාර 14ක පළතුරු වගා කිරීමට සැලසුම්
COLOMBO (News 1st) - දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ වාණිජ පළතුරු වගා සංවර්ධන වැඩසටහන යටතේ, ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම වසරේ හෙක්ටයාර 14ක පළතුරු වගා කිරීමට තීරණය කර තිබේ. මේ යටතේ හෙක්ටයාර 10ක අන්නාසි ද හෙක්ටයාර 3ක පැපොල් ද හෙක්ටයාර 1ක රඹුටන් ද වගා කිරීමට සැලසුම් කර තිබේ. අන්නාසි වගාව සඳහා රුපියල් 1800000ක් ද පැපොල් වගාව සඳහා රුපියල් 265000ක් ද රඹුටන් වගාව සඳහා රුපියල් 20000ක් ද ඇස්තමේන්තු කර ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කර සිටියේ ය.
2019-01-08T02:51:05.000Z
මහින්ද විපක්ෂ නායක බව කතානායක පාර්ලිමේන්තුවට දන්වයි
මහින්ද විපක්ෂ නායක ලෙස පිළිගනී
COLOMBO (News 1st) : නව විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දන්වා තිබේ. කතානායකවරයාගේ එම නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි. මේ අතර ශාන්ත බණ්ඩාර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ, ඊයේ රාත්‍රීයේ ය. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහායි.
2019-01-08T02:03:40.000Z
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක්
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක්
COLOMBO (News 1st) : අඛණ්ඩව සිව්වන වරටත් එක්දින තරගාවලියක අමිහිරි පරාජය විඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද සිදුවිය. ඒ තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා -නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කන්ඩායම සමත් වීමත් සමගයි.. අද පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 115 කිනි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය. අද තරගයේදී දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවා තිබිම විශේෂත්වයකි. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසනායේ කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් රැස් කළේ ය. එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ, නෙල්සන් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ ලකුණු 21 ක් රැස් කළ නායක කේන් විලියම්සන් සිය එක්දින දිවියේ 35 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කල ලකුණූ සංඛ්‍යාව 55කි. නායක කේන් විලයම්සන් හා රෝස් ටේලර් නවසීලන්ත ඉණිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණූ 116 ක සබඳතාවක් ගොඩනැගීය. ශ්‍රී ලංකා කණ්ඩායම නායක ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභින් අතර 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර වැඩිම කඩුලුලාභි වේග පන්දු යවන්නන් අතර 7 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණියේ ය. නවසීලන්ත ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝස් ටේලර් සිය 20 වන එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 131 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස් කළේ ය. රෝස් ටේලර් හා හෙන්රි නිකොල්ස් නවසීලන්ත ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 154කි. එය වාර්තා අතරට එක්වුණේ, නවසීලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගු ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. නොදැවී කඩුල්ලේ රැඳ සිටි හෙන්රි නිකොල්ස් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 80 කදී රැස් කළ ලකුණු සංඛයාව 124කි. ඔහු වාර්තා අතරට එක්වුණේ, නවසීලන්තයට එරෙහිව 7 වන වේගවත් ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 365 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා ශ්‍රී ලංකා ඉණිම අරඹමින් පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහා ධනංජය ද සිල්වායි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 66කි. ධනංජය ද සිල්වා ලකුණු 36 ක් රැස් කළේ ය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සබඳතාවක් ගොඩනැගු අතර නිරෝශන් දික්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 46කි. කුසල් මෙන්ඩිස් අද ලකුණු රැස් කර ගැනීමට පෙර දුවද්දි දැවී ගියේ ය. දසුන් ශානකට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණි. අනතුරුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉණිමේ හයවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 101 කි. තිසර පෙරේරා සිය එක්දින දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කරමින් අද ලකුණු 80 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 6 ලකුණු 249 ක් තුළ බිඳ වැටී තිබූ මොහොතක අවසන් කඩුලු 4 බිඳ වැටුණේ, ශ්‍රී ලංකා ප්‍රධාන ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට පෙරයි. පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් කඩුළූ 4 ක් හා ඉෂ් ෂෝදි කඩුළු 3 ක් දවා ගත්තේ ය
2019-01-08T00:07:35.000Z
මෙරට මුහුදට ඇතුළු වූ ධීවරයින් 4ක් අත්අඩංගුවට
මෙරට මුහුදට ඇතුළු වූ ධීවරයින් 4ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : මෙරට මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
2019-01-07T23:38:03.000Z
ලග්ගල නව නගරය ජනපති අතින් ජනතා අයිතියට
ලග්ගල නව නගරය ජනපති අතින් ජනතා අයිතියට
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව් වන පදවි ප්‍රාප්තිය මුල් කරගනිමින් ලග්ගල නව නගරය අද අයිතියට පත් කෙරිණ. මොරගහකන්ද- කළු ගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළු ඟග ජලාශයට යටවූ පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පූර්ණව ඉදි කෙරුණේ නව ලග්ගල පල්ලේගම නගරයයි. ජනාධිපතිවරයාගේ උපදෙස්මත ලග්ගල, හත්තොට අමුණු අකරැහැඩිය ප්‍රදේශයේ ඉදි වූ මෙම නව ලග්ගල නගරය මේ වන විට අංග සම්පුර්ණ නගරයක් ලෙසින් ඉදි වී තිබේ. මෙහි නව පොලිස් ස්ථානයක් ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, ප්‍රාදේශිය සභාවක් , ඇතුළත් ය. ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය හා හානි වූ සෙසු පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, තැපැල් ස්ථානය ආදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක් ද සියලු පහසුකම්වලින් සමන්විතව නවීන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි. නව නගරයේ රාජ්‍ය ආයතන 26 ක් ඉදි කර ඇති අතර නව ගොඩනැගිලි 112 කින් ද සම්න්විතයි. මේ අතර ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව රටට සෙත්පතා ඊයේ රාත්‍රී යේ ජනාධිපති කාර්යාලයේදී සර්ව රාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්විණ.
2019-01-07T22:53:45.000Z
යටිනුවර විදීයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
යටිනුවර විදීයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
COLOMBO (News 1st) : මහනුවර, යටිනුවර විදීයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව් වන මහල්වල අද උදෑසන 7,15 ට පමණ ගින්නක් හට ගත්තේ ය. ගොඩනැගිල්ලේ එක් මහලක දරුවන් තිදෙනෙකු සමග සිය ව්‍යාපාරය පවත්වාගෙන ගිය යුවලක් පදිංචිවී සිටි අතර ඔවුන් ගින්නට කොටුවී තිබුනේ අනපේක්ෂිත අයුරිනි. වහා ක්‍රියාත්මකවූ පියා සිය දරුවන් තිදෙනා ඉහළ මහලේ සිට මුදා හැරියේ පහළ රැස්ව සිටි ජනතාවගේ සහය ඇතිවයි. අනතුරුව බිරිඳ ද ආරක්ෂිතව මුදාගත් ඔහු තනිවම ඉහළ මහලේ සිට පහළට පැමිණියේ ය. එහිදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් මේ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු වහා ක්‍රියාත්මකවීම නිසා ජීවිත පහක් බේරා ගැනීමට හැකිවූ අතර අවට රැස්ව සිටි ජනතාවද ඊට උපරිම සහයවූ අයුරු දක්නට ලැබිණ. . පසුව මහනුවර පොලිසියේ ජිවිත ආරක්ෂක කණ්ඩායම, නාගරික ගිනි නිවිමේ ඒකකය මෙන්ම , යුද හමුදා නිලධාරින් ද පැමිණ ගින්න නිවා දමා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2019-01-07T22:44:10.000Z
ලෝක බැංකු සභාපති ධුරයෙන් ඉවත් වෙයි
ලෝක බැංකු සභාපති ධුරයෙන් ඉවත් වෙයි
COLOMBO (News 1st) : ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් අනපේක්ෂිත අයුරින් සිය ධූරයෙන් ඉවත්වන බව නිවේදනය කළේ ය. ඔහුගේ ඉල්ලා අස්වීම ලබන පෙබරවාරි පළමු වන දා සිට බලාත්මක වනු ඇති. 2017 වසරේ දෙවන වරටත් ලෝක බැංකුවේ සභාපති ධූරයට තේරී පත්වූ 59 හැවිරිදි ජිම් යොන්ග් කිම්ගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ, 2022 වසරේදීයි. ඔහු ආයතනයකට සම්බන්ධ වී සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේ ය. ප්‍රකාශයක් නිකුත් කරමින් ජිම් යොන්ග් කිම් ප්‍රකාශ කළේ, ලෝක බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවයි. සිය ඉල්ලා අස්වීමට හේතුව ඔහු ඉදිරිපත්කර නොමැත. ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මින්පසු ලෝක බැංකුවේ අන්තර්වාර සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
2019-01-07T20:35:05.000Z
පාසල් 4 ක් අද සිට 17 තෙක් වසා තැබේ
පාසල් 4 ක් අද සිට 17 තෙක් වසා තැබේ
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් අද සිට 17 වැනි දින දක්වා වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් අද සිට වසා තැබෙන බවයි. මේ අතර ඇගයීම් මධ්‍යස්ථාන සඳහා තවත් පාසල් 21ක් යොදා ගන්නා අතර එම පාසල්වල කොටසක් පමණක් යොදාගනිමින් ඇගයීම් කටයුතු සිදුකරන බව ද කොමසාරිස්ජනරාල්වරයා සඳහන් කළේ ය. ඇගයීම් මණ්ඩල 257කට අනුයුක්තව පරීක්ෂකවරු 3500ක් මගින් ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත වේ. විභාග කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, 15 වන දාට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් දෙමළ මාධ්‍ය ඇගයීම් මණ්ඩල සඳහා නිවාඩු ලබා දී ඇති බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදු කෙරිණ. සමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දා සිට 16 වැනිදා දක්වා පැවැත්විණ.
2019-01-07T20:30:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් COLOMBO (News 1st) 1. ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්...: ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ ඊයේ පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් හටගැනිණ. 2. නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති : නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්හ. 3. ජනපතිගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභයි : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට බලකරන මැන්ඩමූස් රීට් ආඥාවක් කොටුව පොලිස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ. 4. CCD අත්අඩංගුවට පත් මන්ත්‍රී කුලතිස්ස රිමාන්ඩ් : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී ඩබ්.කේ. කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට ඇමති ඉරාන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් : ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රතිසංවිධානයට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරිණ. 6. අංගොඩ වෙඩි තැබීමක් : මුල්ලේරියාව අංගොඩ මංසන්ධියේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ. 7. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදෙස් පුවත්.... 1. ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටෙයි: පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට : ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ක්‍රීඩා පුවත්.. 1. ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී : ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ඊයේ ජය ගත්තේ ය.
2019-01-07T19:33:23.000Z
ගාස්තු වැඩි නම්, ප්‍රවේශපත් නැති නම් 1955 අමතන්න
ගාස්තු වැඩි නම්, ප්‍රවේශපත් නැති නම් 1955 අමතන්න
COLOMBO (News 1st) : නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ 55ක් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇතැයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, ඉන් පැමිණිලි 27ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. පැමිණිලි 25කට අදාළව එම බස් රථවල සේවකයින්ට අවවාද කර නිදහස් කළ බව ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර නියමිත ගාස්තු ඉක්මවා මුදල් අයකිරීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි අතුරින් 3ක් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් ලැබී තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, එම පැමිණිලි විමර්ශනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත යොමු කළ බවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු වැඩියෙන් අයකරන බස් රථ සේවකයින් කැඳවා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. මේ අතර වැඩිපුර මුදල් අයකිරීම් සම්බන්ධයෙන් 1955 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද එම කොමිසම මහජනතාවට දැනුම් දෙයි. කොමිසම සඳහන් කළේ, ඒ සඳහා බස් රථ මඟින් හිමිවන වලංගු ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කිරීමට ද කටයුතු කළ යුතු බවයි. මේ අතර නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ වැටලීම් සඳහා අඛණ්ඩව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසී ය.
2019-01-07T19:51:32.000Z
අංගොඩ වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරු පැදිය කැලණි ගඟේ
අංගොඩ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය කැලණි ගඟේ
COLOMBO (News 1st) : මුල්ලේරියාව, අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස් වැසුම් දෙකක් ද සමග වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟේ තිබියදී එම යතුරුපැදිය හමුවී ඇති බවයි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ග ආශ්‍රිතව ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි. අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, මියගිය තරුණයා ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවේ සිටි අයෙකු බවයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබිණ. ඝාතනය සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක අතර කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා තිබේ. මේ අතර පසුගිය වසරේ කොළඹ දිසාවේ සිදුවු වෙඩි තැබීම් 13 කින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. 2018 වසරේ කොළඹ දිසාවේ සිදුවූ වෙඩිතැබීම් 7 කදී 15 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද , පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම වෙඩි තැබීම්වලින් වැඩි ගණනක් හෙරොයින් ජවාරම් සම්බන්ධයෙන් ඇතිවු ආරවුල් මත සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීම්වලින් මියගොස් ඇත්තේ ද, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසකි. මියගිය පිරිසෙන් කිහිපදෙනෙකු පමණක් මහමඟ ගමන් කරමින් සිටි සමාන්‍ය පුද්ගයින් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිදුවීම්වලින් 90%ක පමණ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
2019-01-07T19:09:46.000Z
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
COLOMBO (News 1st) : නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර, පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද සිට සාමාන්‍යය පරිදි විවෘත කිරිමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පාසල් සිසුන්, අමුත්තන් සහ විශේෂ ආරාධිතයින් සඳහා පාර්ලිමේන්තුවේ ගැලරි විවෘත වන බවයි. රට තුළ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරයත් සමග පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන්, පාර්ලිමේන්තු රැස්වීම් පැවති අවස්ථා කිහිපයකදී මහජන ගැලරි වසා දැමීමට පියවර ගැනිණ.
2019-01-07T10:09:27.000Z
ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට
ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත්වීමෙන් හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහායි.
2019-01-07T09:42:50.000Z
අංගොඩ වෙඩි තැබීමක් : තරුණයෙක් මරුට
අංගොඩ වෙඩි තැබීමක් : තරුණයෙක් මරුට
COLOMBO (News 1st) : මුල්ලේරියාව අංගොඩ මංසන්ධියේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ. ඝාතනය සිදුකල පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
2019-01-07T09:38:36.000Z
චාලි මහේන්ද්‍රන්ට නොතේරෙන සත්‍යය මෙන්න
චාලි මහේන්ද්‍රන්ට නොතේරෙන සත්‍යය මෙන්න
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර වංචාව සම්න්ධයෙන් එවක අධිපතිවරයාට පැවරෙන වගකීමෙන් නිදහස් විය නොහැකි බව විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද නිව්ස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. ඉරිදා පුවත්පතකට ලිපියක් යොමුකරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතා තම පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණ. ඔහු එම ලිපියේ විමසා තිබුණේ, එසේ සිදුකිරීමට ඇති සාක්ෂි මොනවා ද යන්නයි. ප්‍රශ්නය : විගණකාධිපතිතුමනි දැන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ගත්ත වැරදි තීන්දු නිසා ඒ වෙලාවේ වෙච්ච අලාභය ඔබතුමා ගණනය කළා එතුමාගේ පියා ලිපියක් දාලා තියෙනවා මේ චෝදනා කරන්නේ එතුමාගෙන් යම්කිසි විදිහකට ද්වේශ සහගතව දේශපාලන පක්ෂයකට චෝදනා කරන්න එතුමාව උපයෝගි කරගෙන කියලා.එහෙම අනුව ඔබතුමත් එතුමට යම් චෝදනාවක් කළ අයෙක් ඔබතුමාට පිළිතුරක් තියෙනවද ? විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊට ලබාදුන් පිළිතුර පහතින්... "විගණකාධිපතිවරයා හැටියට මට කියන්න තියෙන කාරණය තමයි යම් කිසි ආයතනයක කොතනක හෝ මූල්‍ය අවභාවිතයක් තියෙනවනම් ඒකේ ප්‍රධාන වගකීම යන්නේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයාට . ඒ නිසා සෙන්ට්‍රල් බෑන්ක් එකේ සිද්ධ වෙන වැරදි සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයාට යනවා .නමුත් දැන් මේ සිද්ධිය ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා , ඕක කතා නොකළ යුතු ප්‍රශ්ණයක් මොකද ,අවශ්‍ය දේ සාක්ෂි සහිතව ඔප්පුවෙලා ඉවරයි .ඉතින් ඒක නීතිය ඉදිරියේ ඔප්පුවෙයිද නැද්ද කියලා වචනයක් මට ප්‍රකාශ කරන්න බැහැ .නමුත් මගේ පරීක්ෂණ හැටියට ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයා සෘජුවම මේකට වගකිව යුතුයි කියන එක තමයි කියන්න තියෙන්නේ" විගනකාධිපතිවරයාගේ මේ ස්ථාවරය බැඳුම්කර වංචාව පිළිබඳව විගණන වාර්තාවේ ද පැහැදිලිව පෙන්වාදී තිබේ. මේ උපදේශය චාලි මහේන්ද්‍රන් මහතාට නොතේරෙන්නේ ඇයි? https://www.youtube.com/watch?v=mzIx66Q7Bvg
2019-01-07T07:23:07.000Z
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි
COLOMBO (News 1st) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. පුරප්පාඩු වී ඇති උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් පිළිබඳව අද ව්‍යවස්ථා සභාවේ මූලික අවධානය යොමුවූ බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවු බව එම නිවේදනයේ සඳහන් ය. එමෙන්ම, පුරප්පාඩු වී පැවති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් මින් පෙර නිර්දේශ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද අද දින රැස්වීමේ දී යළි තහවුරු කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා නව පත්වීම් සිදු කිරීමට නියමිත බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2019-01-07T06:57:09.000Z
ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට ඇමති ඉරාන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට කමිටුවක්
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රතිසංවිධානයට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් අද පත් කෙරිණ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එම කමිටුවට ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත් ,මහාචාර්ය ඩී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න යන මහත්වරුන් ඇතුළත් වන බවයි. ඊට අමතරව මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරු වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද කමිටුවට ඇතුළත් වෙති. ශ්‍රීලංකන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳව පසුගිය 04 වන දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට අනුව අද දින මෙම කමිටුව පත් කෙරිණ. ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් අද සිට මෙම කමිටුවට භාරදීමට සියලු පාර්ශවවලට අවස්ථාව හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සති දෙකක කාලයක් තුළ කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම නිර්දේශ සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි තීන්දු තීරණවලට එළැඹෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2019-01-07T05:46:18.000Z
CCD අත්අඩංගුවට පත් මන්ත්‍රී කුලතිස්ස රිමාන්ඩ්
CCD අත්අඩංගුවට පත් මන්ත්‍රී කුලතිස්ස රිමාන්ඩ්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී ඩබ්.කේ. කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකාර මන්ත්‍රිවරයා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පසුගිය ඔක්තොම්බර් 28 වන දා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජනරාජ්‍ය යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. එම ස්ථානයේදී ගැටුමක් ඇති වීමට මූලිකවම බලපා ඇත්තේ සැකකාර නාගරික මන්ත්‍රිවරයාගේ ක්‍රියාකාරකම් බව පෙන්වා දෙමින් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය හා අගතියට පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. සැකකාර නාගරික මන්ත්‍රීවරයා අවිආයුධ සහිත තවත් පිරිසක් සමග සංස්ථා මූලස්ථාන භූමියට ඇතුළු වන අයුරු හා අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහර දෙන අයුරු සී.සී.ටී.වී දර්ශන අනුව තම අධිකරණයට පැහැදිලිව දැක ගන්නට ලැබුණු බව මහෙස්ත්‍රතාත්වරිය එහිදි පෙන්වා දුන්නා ය. සැකකාර නාගරික මන්ත්‍රීවරයා සමග එදින කලහකාරි ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් එහිදි අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔවුන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරින්ට නියෝග කළේ ය.
2019-01-07T05:30:56.000Z
දියණිය මරා වළ දැමූ බවට මව සහ තවත් අයෙක් අත්අඩංගුවට
ඝාතන අභිරහසක තතු හෙළිවෙයි
COLOMBO (News 1st) : හාලිඇල, කන්දෙගෙදර මහතැන්න ප්‍රදේශයේදී 9 හැවිරිදි දැරියක ඝාතනය කර වළ දමා ඇත බවට සැකපිට ඇගේ මව සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි 12 වන දා මෙම ඝාතනය සිදුව ඇති අතර ඊයේ පස්වරුවේ ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාව සහ 31 හැවිරිදි සැකකරු අදාළ දැරිය සමග කන්දෙගෙදර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට තිබේ. දැරියගේ සිරුර යළි ගොඩගැනීමට නියමිත අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=PX4DE9sPwPA
2019-01-07T03:37:35.000Z
නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් දිවුරුම් දෙති
COLOMBO (News 1st) - නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්හ. ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදු වූ අතර ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා දිවුරුම් දුන්නේ ය. ඔහු මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධක්ෂක ධුරයේ ඇතුළු සිවිල් සංවිධාන රැසක කටයුතු කළ අයෙකි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ මහජන ප්‍රතිපත්ති අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාර්යවරයෙකු ලෙස කටයුතු කරන ධම්ම දිසානායක මහතා ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේ ය. ආචාර්ය සුරේන් රාඝවන් මහතා දිවුරුම් දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම පර්යේෂකයෙකු ද වන අචාර්ය සුරේන් රාගවන් මහතා විශ්වවිද්‍යාල කථිකාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. මේ අතර නව ආණ්ඩුකාරවරුන් ලෙස පසුගිය දා දිවුරුම් දුන් සරත් ඒකනායක මහතා සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහත්වරු ද අද සිය ධුරයන්හි වැඩ භාරගත්හ.
2019-01-07T01:42:54.000Z
අන්තරේ සිසුන් කොළඹදී විරෝධතාවක
අන්තරේ සිසුන් කොළඹදී විරෝධතාවක
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඒ, සබරගමුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට බාහිරින් බඳවා ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව කප්පාදු කර ඇති බවට චෝදනා කරමිනි. ශිෂ්‍යයින් පා ගමනින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කිරීමෙන් පසු මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් වෝඩ් පෙදෙස ඇතුළු අවට මාර්ග රැසක රථ වාහන ධාවනයට බාධා මතු ව ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළහ.
2019-01-07T01:12:39.000Z
ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්...
ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්..
COLOMBO (News 1st) - ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ දින කිහිපයක සිට පැවති සේවක විරෝධය අද තවදුරටත් උත්සන්නවීමයි. ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු අද උදෑසන ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ සේවක පිරිසක් ඊට දැඩි විරෝධය පළකළහ. ස්වාධීන රූපවාහිනි සේවයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් දින කිහිපයක සිට එම ආයතන සේවක පිරිස විරෝධය පළ කරනු ඇති. ඒ අතරින් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පසුගිය දින පියවර ගෙන ඇත. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එම ස්ථානයට පොලීසිය හා කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති බවයි.
2019-01-07T01:19:55.000Z
ජනපතිගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ජනපතිගේ මානසික සෞඛ්‍ය පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට බලකරන මැන්ඩමූස් රීට් ආඥාවක් කොටුව පොලිස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කර තිබේ. ඒ, අදාළ පෙත්සම පදනම් විරහිත පෙත්සමක් බවට නිගමනය කරමිනි. පෙත්සම ගොනුකර තිබුණේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නැමැති කාන්තාවකි. එම පෙත්සම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය පෙත්සම් පාර්ශවයට නියෝග කළේ, වග උත්තරකරුවන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ ය.
2019-01-07T00:34:48.000Z
තෙල් සංස්ථා පරිශ්‍රයේ වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
තෙල් සංස්ථාවේ සිද්ධිය: මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - දෙමටගොඩ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අයුතු ජන රාශියක සාමාජිකයෙකුවීම, කලහකාරි ලෙස හැසිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකාර මන්ත්‍රීවරයා අද අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වැනි දා තෙල් සංස්ථා පරිශ්‍රය තුළ මෙම කලහකාරි තත්ත්වය ඇතිවිය.
2019-01-07T00:22:36.000Z
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පට්ටිකා හිඟයක්...
රුධිර පට්ටිකාවල හිඟයක්...
COLOMBO (News 1st) - රුධිර පට්ටිකා හිඟවීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගතවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව මහත්මිය සඳහන් කළේ, සතියකට පමණක් රෝගීන් සඳහා රුධිර පට්ටිකා සංඛාව 1500 ක් පමණ අවශ්‍ය වන බවයි. පවතින හිඟය හේතුවෙන් එම ප්‍රමාණය ලබාදීම කෙරෙහි ගැටලු මතු ව ඇතැයි ඇය පැවසුවා ය.
2019-01-07T00:11:15.000Z
පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නවා - නිදහස් පක්ෂ මහ ලේකම් කියයි
"පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නවා"
COLOMBO (News 1st) - පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ, ඒ පිළිබඳ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ මහනුවර ප්‍රදේශයේ කළ සංචාරය කළේ ය. එහිදී මාධ්‍යවේදීන් නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ප්‍රශ්න කිහිපයක් ද යොමු කළේ ය.
2019-01-06T22:53:51.000Z
ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙසයි.
2019-01-06T20:53:27.000Z
ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටෙයි: පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටී 30 දෙනෙකු මරුට
ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. බඩක්ෂාන් ප්‍රාන්තයේ ගම්වාසීන් රන් සෙවීමේ අරමුණින් මීටර් 60 ක් පමණ ගැඹුරට කැනීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් තව ත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ කම්කරුවන් 13 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වූ බවය. ඇෆ්ගනිස්ථානය තුළ ඛනිජ සම්පත් විශාල වශයෙන් පැවතිය ද ඛනිඡ සම්පත් පවතින භූමි ප්‍රදේශවල නඩත්තු කටයුතු පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2019-01-06T20:38:56.000Z
"මේ ඒකාධිපතිකම එක්සත් ජාතික පක්ෂයේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ" - විදුර වික්‍රමනායක
"එ.ජා.පයට අද ඇතුළෙත් අර්බුද පිටතත් අර්බුද"
COLOMBO (News 1st) - හොරණ නගර මධ්‍යයේ පිහිටි බෝධින් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් වෙළෙඳ ප්‍රජාව විසින් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක දැක්වූවේ මෙවන් අදහසකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, විදුර වික්‍රමනායක, මේ රජය අද බරපතළ අපහසුතාවයකට පත්වෙලා තියෙනවා අද දොලපිදේනී දීම සඳහා. ඒ එක දොලපිදේනියක් තමයි ව්‍යවස්ථාව. දෙවනි දොලපිදේනිය තමයි ඇමතිකම්. ඉතින් මේවා දීලා රටක් ගෙනියන්න බෑනේ. අපි කාටද හරිනම් වගකියන්න ඕනේ? වගකියන්න ඕනේ ජනතාවට. එක්සත් ජාතික පක්ෂයට අද ඇතුළෙත් අර්බුද පිටතත් අර්බුද. ඒ හින්දා තමයි ඡන්දවලට යන්න බය. ඒ හින්ද තමයි ඔය ඇමතිකම් ඉල්ලලා ප්‍රසිද්ධියේ අද ඇමතිවරු කීදෙනෙක් කියනව ද මට තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි, මේ ඇමතිකමේ තිබිච්ච කෑළි ටික ගලවලා වෙනතැනකට දීලා. ඔය ආදී වශයෙන් කීදෙනෙක් මැසිවිලි කියනව ද? මේ ඒකාධිපතිකම එක්සත් ජාතික පක්ෂයේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ
2019-01-06T20:19:56.000Z
"අපේ හොරා අපිට හොඳයි" - අනුර කුමාර දිසානායක
"අපේ හොරා අපිට හොඳයි" - අනුර කුමාර දිසානායක
COLOMBO (News 1st) - ජනතාවාදී පාලනයක් වෙනුවෙන් විද්වත් පෙළගැස්ම මැයෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත් විය. ඒ, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක, අධ්‍යාපන අමාත්‍යංශය බැලුවොත් අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රමුඛතාවය තියෙන්නේ අධ්‍යාපනයේ තියන ගුණාත්මකභාවය වර්ධනය කරන්න නෙමෙයි, මොන විශ්වවිද්‍යාලයේ ද හොස්ටල් එකක් හදන්නේ, කොතනද ටොයිලට් එකක් හදන්නේ. හදන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. හදන තරමට තමයි ඒගොල්ලන්ට ගාන එන්නේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට බිල්ඩින් එකක් හදන්න යනවා බිලියන 20යි කෝටි 2000 ක්. විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් කෝටි 100 ක් වෙන් වෙන්නේ නැහැ. හැබැයි බිල්ඩින් එක කෝටි 2000 යි. ගම්වල කියමනක් තියනවා පුංචි අම්මාගේ තරමට තමයි බාප්පා. ජනතාවට ගැලපෙන පාලකයෝ. මේ ජනතාව කොතනද ඉන්නේ. මොනතරම් අගතිගාමී අදහස්වලද ඉන්නේ. රනිල් මහත්තයා බැඳුම්කර හොරකමට වගකිව යුතු බව ඔප්පු වී තිබියදීත් එක්සත් ජාතික පාක්ෂිකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් විදිහට සලකන්නේ නැහැ. අපේ හොරා අපිට හොඳයි. මහින්ද රාජපක්ෂ බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ඉදිරිපත් කළ කොමිසන් සභා ඇතු‍ළේ මහින්ද රාජපක්ෂ වරදකරුවෙක් කරලා තියනවා. හැබැයි මහින්ද රාජපක්ෂගේ හොරකම් ඒ කඳවුරට අපේ හොරා අපිට හොඳයි. ඉතින් මේ ජනතාවත් එක්ක රටක් හදන්න පුළුවන්ද ?
2019-01-06T20:04:03.000Z
අම්පාරේ මුද්‍රණාල සේවකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම...
අම්පාරේ මුද්‍රණාල සේවකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම
COLOMBO (News 1st) - අම්පාර නගරයේ මුද්‍රණාලයක සේවය කළ සේවකයෙකු පසුගිය දා අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණු දුන්නේ ය. ඒ, මුද්‍රණ යන්ත්‍රයක සිය දකුණු අත සිරවීමෙනි. පසුගිය 28 වන දා පස්වරුවේ මෙම අනතුර සිදු විය. අම්පාර ප්‍රදේශයේ ඇති මහා පරිමාණ මුද්‍රණාලයක සේවයෙහි නිරත පුද්ගලයෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබුණි. අනතුරුව මුද්‍රණාලයේ හිමිකරු විසින් අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙකු එම ස්ථානයට ගෙන්වා හදිසි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබු අතර ඒ වන විටත් අනතුරට පත් පුද්ගලයගේ දකුණු අතින් අධික ලෙස රුධිරය වහනය වී තිබුණි. පසුව අම්පර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හා ගිලන් රථ ප්‍රතිකාර කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අනතුරට පත් පුද්ගලයාගේ අත යන්ත්‍රයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. පැය කිහිපයකට පසුව යන්ත්‍රය දෙකට කපා අත ඉන් ඉවත් කෙරුණු අතර අනතුරට පත් පුද්ලගයා වහාම අම්පාර මහ රෝහලට රැගෙන ගිය අතර ඉන් පසු ඔහු මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබුණි. ඔහු මේ වනවිට මහනුවර මහ රෝහලේ 24 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද අප වාර්තාකරු පැවසුවේ ය. එම මුද්‍රණාලයේ ඇති විශාලතාම යන්ත්‍රය වන මෙම යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රයක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කොටි 15 ලක්ෂයක් පමණ වන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
2019-01-06T19:43:05.000Z
රුපියල් කෝටියකට අධික හෙරොයින් සමග සැකකරුවෙකු ආමර් වීදියේදී අත්අඩංගුවට
හෙරොයින් සමග සැකකරුවෙකු ආමර් වීදියේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - ආමර් වීදිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එහි වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික බවයි. එහි සම්පූර්ණ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 640 කි. ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ මිරානියා වීදියේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි. පසුගිය වසරේ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 275 යි ග්‍රෑම් 263 ක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම බලකාය සඳහන් කළේ, හෙරොයින් සම්බන්ධයෙන් පමණක් වැටලීම් 926 ක් සිදුකර සැකකරුවන් 951 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් වැටලීම් 2030 ක් සිදුකර සැකකරුවන් 1786 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. ගංජා සම්බන්ධයෙන් වැටලීම් 224 ක් සිදුකර සැකකරුවන් 225 දෙනෙකු අත්අඩංගුංවට ගෙන ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට පත් වූ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 213 යි ග්‍රෑම් 244 කි. කේරල ගංජා කිලෝග්‍රෑම් 1056 යි ග්‍රෑම් 569 ක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 315 ක්.
2019-01-06T19:21:57.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රටට ඇතුළු වූ විදෙස් ගුවන් යානයක් නිසි අවසරයකින් තොරව යළි රටින් පිටව යයි: විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. 2. සිරසට එල්ල වූ මැර ප්‍රහාරයට දස වසරයි - ප්‍රහාරකයින් තවමත් නිදැල්ලේ...: මාධ්‍ය නිදහස පිළිබඳව සමාජයේ යළිත් තියුණු කතාබහක් ඇතිව තිබියදී ශ්‍රී ලාංකික ජනතාවට කිසිසේත් අමතක නොවන එක්තරා සිද්ධියකට ඊයේ දස වසරක් සම්පූර්ණ වේ. ඒ, සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ මැර ප්‍රහාරයයි. 3. අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියා චාලි මහේන්ද්‍රන්ට සිහි කැඳවීමක්: හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පියාණන් වන චාලි මහේන්ද්‍රන් මහතා දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් යොමු කරමින් සඳහන් කළ ඇත්තේ ඔහුගේ පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේ ද යන්නයි. 4. සුනිල් ශාන්තට හිරෙන් පනින්ට අනුබල දුන් සැකකරු රිමාන්ඩ්: සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළායාමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි: ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වූ එස්. අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත විය. විදෙස් පුවත් 6. අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථකයි: අර්ධ අක්‍රිය තත්ත්වයට පත් ව ඇති අමෙරිකානු ආණ්ඩුව යථා තත්ත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඊයේ පැවති සාකච්ජා අසාර්ථක වී තිබේ.
2019-01-06T09:57:08.000Z
සිරසට එල්ල වූ මැර ප්‍රහාරයට දස වසරයි : ප්‍රහාරකයින් තවමත් නිදැල්ලේ...
සිරසට එල්ල වූ මැර ප්‍රහාරයට දස වසරයි
COLOMBO (News 1st) : මාධ්‍ය නිදහස පිළිබඳව සමාජයේ යළිත් තියුණු කතාබහක් ඇතිව තිබියදී ශ්‍රී ලාංකික ජනතාවට කිසිසේත් අමතක නොවන එක්තරා සිද්ධියකට අද දස වසරක් සම්පූර්ණ වේ. ඒ, සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ මැර ප්‍රහාරයයි. ඉන්පසු ඇරඹුණු සිදුවීම් මාලාව මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරනු ලැබුවේ, ප්‍රබල තර්ජනයකි. එහෙත් අද වන තෙක්, ඊට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. 2009 වසරේ ජනවාරි 06 වැනිදා... සිරස මාධ්‍ය ජාලයේ දෙපානම මැදිරි සංකීර්ණයේ මාධ්‍යෙව්දීහු, නිලධාරීහු ඇතුළු සියලු දෙනා සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියහ. අලුයම 2.10ට පමණ හදිසියේ ම අංක තහඩු රහිත සුදු වෑන් රියකින් පැමිණි සන්නද්ධ මැර කල්ලියක් මැදිරි සංකිර්ණයට කඩා වැදුණේ ය. මැර කල්ලිය පළමුවෙන්ම ආරක්ෂක කුටියේ නිලධාරීන් මෙන්ම එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත් අතර ප්‍රධාන පාලක මැදිරිය මැරයින්ගේ පළමු ඉලක්කය විය. ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකින් සමන්විත එය සැලකුණේ දකුණු ආසියාවේ අති නවීන රූපවාහිනී පාලක මැදිරිය ලෙසයි. ප්‍රහාරය එල්ල කෙරුණේ එය විවෘත කර සති කිහිපයකිනි. මේ මැර ප්‍රහාරය එල්ල කෙරුණේ ක්ලේමෝ බෝම්බ පවා අටවමින් බව හෙළි විය. ප්‍රහාරයෙන් පසු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ කිලෝ ග්‍රෑම් 08ක ක්ලේමෝ ‍‍බෝම්බයක් ප්‍රධාන පාලක මැදිරිය තුළ පුපුරුවා හැරීමට මැරයින් උත්සාහ ගෙන තිබූ බවයි. නමුත් සොබාදහම ඊට ඉඩ නොදුන් අතර එම ක්ලේමෝ ‍‍බෝම්බයෙන් පුපුරා ගොස් තිබුණේ කොටසක් පමණක් බව පසුව අනාවරණය විය. සියල්ල අළු දූලි බවට පත්ව තිබියදීත්, පැය කිහිපයක් තුළ යළිත් අප ජනතාව හමුවට පැමිණියේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ නිදහසට අභියෝග කිරීමට ක්ලේමෝ බෝම්බවලට නොහැකි බව මනාව පසක් කරමිනි. අධෛර්යට පත් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම අප නොබියව නැගී සිටියේ මහජනතාව අප සමග සිටි නිසා බව පැහැදිලි සත්‍යයකි. මේ අතර දෙපානම මැදිරි සංකීර්ණයට මේ ප්‍රහාරය එල්ල වී පැය 48 කට පසුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරිණ. මේ ප්‍රහාරය සිදුවී අදට වසර 10 ක් වුවත් ඊට වගකිවයුත්තන් කවුරුන් ද යන්න දන්නේ ප්‍රහාරය දියත් කළ වූවන්ගේ හෘද සාක්ෂිය පමණි. https://www.youtube.com/watch?v=20dd12qHEaE
2019-01-06T09:43:03.000Z
අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියා චාලි මහේන්ද්‍රන්ට සිහි කැඳවීමක්...
අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියාට සිහි කැඳවීමක්...
COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පියාණන් වන චාලි මහේන්ද්‍රන් මහතා දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ ඔහුගේ පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. අදාළ ලිපිය ඔස්සේ චාලි මහේන්ද්‍රන් මහතා ප්‍රශ්නයක් යොමු කර තිබේ. ඉන් ඔහු විමසා ඇත්තේ සිය පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට ඇති සාක්ෂි මොනවා ද යන්නයි. එමෙන්ම අර්ජුණ මහේන්ද්‍රන් වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කරන බව ද චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන චාලි මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කරුණු කිහිපයක් දක්වා තිබේ. එනම්, *පිටිපන කමිටු වාර්තාව, ශ්‍රේෂ්ඨාධිකරණය හා කෝප් වාර්තාව අර්ජුණ මහේන්ද්‍රන් කිසිදු වරදක් කළ බවට සඳහන් කර නොමැති බව. *බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ස්ථාපනය කළේ ඉන් අනතුරුව වීම. *අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි දිවයිනට පැමිණිය හොත් එය විශාල දේශපාලනික කරුණක් බවට පත්වීම. නිදහස් සැමරුම දා අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම ඔස්සේ ද මෙහි දේශපාලනික කාරණා මතු වන බව චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසා තිබේ. දේශපාලන හසුරුවන්නන් සිය මාධ්‍ය සගයින් සමග අර්ජුන් මහේන්ද්‍රන්ව සිව් වසරක් පුරා මන්ත්‍රයක් ලෙස දේශපාලන පක්ෂයකට දූෂණ චෝදනා එල්ල කිරීමට භාවිත කරන බව ද හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියේ දක්වා තිබේ. නමුත් සැබෑව මීට හාත්පසින්ම වෙනස් නොවන්නේ ද.? චාලි මහේන්ද්‍රන් මහතා පවසන පිටිපන කමිටුව නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයට සෘජුව සම්බන්ධ නීතිඥයින් තිදෙනෙකුයි. කෝප් කමිටුවට ඇඟිල්ල දිගු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ඇත්තේ කරුණු එක් රැස් කිරිමේ බලයක් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක බැඳුම්කර නිකුතුව පිළිබඳ නඩු කටයුත්තක් විමසා නොමැති බව රට ම දන්නා කරුණකි. චාලි මහේන්ද්‍රන් මහතා පුවත්පතකට මෙලෙස පැවසුව ද එතුමාගේ ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බව ජනාධිපති කොමිසම් වාර්තාව පරිශීලනයේදී සනාථ වේ. - උපුටා ගැනීම - අපි ප්‍රකාශ කරනවා පර්පචුවෙල් සමාගම ලබාගත් මුළු මුදලෙන් කොටසක් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමෙන් හා වෙළඳපොළ කෘතිමව වෙනස් කිරීමෙන් ලබාගත් මුදල ආසන්න වශයෙන් මිලියන 8529කි. - උපුටා ගැනීම අවසන් - 2015 වසරේ පත්වූ රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා අදටත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත්තේ මෙරට අධිකරණය ස්වාධීන හා ශක්තිමත් එකක් බවයි. එහෙව් ශක්තිමත් හා ස්වාධීන අධිකරණයකට අර්ජුණ මහේන්ද්‍රන් මහතා ඔහුගේ පිය පවසන ආකාරයට බිය වන්නේ ඔහු වරදකරුවෙකු නිසා ද.? නිවුස් ෆස්ට් ඇතුළු පෞද්ගලික මාධ්‍ය ආයතන දිගින් දිගටම වෝහාරික විගණනයක් මේ සම්බන්ධයෙන් කළ යුතු බව පෙන්වා දුන්නේ ය. බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදීයි. වසරකට අධික කාලයක් ගතව තිබියදීත් මෙම බරපතළ මූල්‍ය වංචාවට වෝහාරික විගණනය සිදුව නොමැත. ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළ උදෑසන සාකච්ඡාවල සිටම මෙම වංචාව සංවිධානාත්මකව සිදුවූ බව මේ පිළිබඳ නිරීක්ෂණ කළ සැම දන්නා කරුණකි. චාලි මහේන්ද්‍රන් මහතා පුවත්පත් වාර්තාවක් හරහා මවා පාන්නට උත්සහ කරන කරුණුවලට වඩා සත්‍ය හාත් පසින්ම වෙනස් බව යළි යළිත් සහතික වන්නේ ජනාධිපති කොමිසමේ සඳහන් කරුණු අනූව සිදූවූ පාඩුවෙන් රුපියල් මිලියන 688ක මුදලකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතුයි. මාධ්‍යයට චෝදනා කරන අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතාට සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් බේ. දූෂිත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තවමත් කරළියට පැමිණ ඇත්තේ ජනාධිපති කොමිසම් වාර්තාව පමණි. රටම ඉල්ලූ වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී රට හමුවේ ඉදිරිපත් වීමට නියමිතයි. එම නිසා මාධ්‍යයට චෝදනා කිරීමට පෙර සිය පුතණුවන් සහ ඔහුට හිතවත් දේශපාලනඥයින් එක්ව ළල මේ දූෂිත ගනුදෙනුව පිළිබදව යථාර්ථය අවබෝධ කර ගත යුතුව තිබේ.
2019-01-06T06:17:30.000Z
රටට ඇතුළු වූ විදෙස් ගුවන් යානයක් නිසි අවසරයකින් තොරව යළි රටින් පිටව යයි
විදෙස් ගුවන් යානයක් අවසරයකින් තොරව රටින් පිටව යයි
COLOMBO (News 1st) : විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් සහිතව ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබස්වා තිබිණ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරයකට අනුවයි. අනතුරුව අදාළ යානය මෙරට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් මෙරටින් පිටව ගොස් තිබේ. මෙරට ආගමන - විගමන නීතිය සහ සිවිල් ගුවන් සේවා නීතියට අනුව විදේශිය ගුවන් යානයකට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් රටින් පිටවීමට අවසරයක් හිමිනොවේ. ඒ අනුව අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇත්තේ නිසි අනුමැතියකින් තොරවයි. ආගමන - විගමන දෙපාර්තමේන්තුවෙන් රටින් පිටවීම සඳහා නෞකාවලට ලබාදෙන අවසරයක් ලබා ගනිමින් අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇති බව ද නිවුස් ෆස්ට් වෙත වාර්තා විය.
2019-01-06T05:21:30.000Z
සුනිල් ශාන්තට හිරෙන් පනින්ට අනුබල දුන් සැකකරු රිමාන්ඩ්
සුනිල් ශාන්තට පැන යාමට අනුබල දුන් සැකකරු රිමාන්ඩ්
COLOMBO (News 1st) : සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පලායාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනිද්දා (8) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද පෙරවරුවේ අලුත්කඩේ අංක -2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 05 වන දා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. සුනිල් ශාන්ත නමැත්තාට බන්ධනාගාරයෙන් පලායාමට ඔහු සහය වී තිබුණේ බන්ධනාගාර නියාමකවරයකුගේ වෙස් ගනිමිනි. මොහු වැඩ තහනමකට ලක් වූ හමුදා සෙබළෙකු බව ද පොලීසිය පැවසී ය.
2019-01-06T04:14:09.000Z
ශ්‍රීලනිප නව මහලේකම් දළඳා සමිඳුන් වැඳපුදා ගනී
ශ්‍රීලනිප නව මහලේකම් දළඳා සමිඳුන් වැඳපුදා ගනී
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේ ය. ජයසේකර මහතා අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
2019-01-06T03:12:38.000Z
නව වසරේ තව ත් 231,229 කට ඡන්ද අයිතිය
නව වසරේ තව ත් 231,229 කට ඡන්ද අයිතිය
COLOMBO (News 1st) - 2018 ඡන්ද හිමි නාම ලේඛනය අනුව නව ඡන්ද දායකයින් 231,229 ක් ලියාපදිංචි වී තිබේ. මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, මෙවර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ 92, 096 ක් ලියාපදිංචි වී ඇති බවය.
2019-01-06T02:55:23.000Z
වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක
වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක
තරග 4 කින් සමන්විත ඉන්දීය - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද සිව්වන දිනටත් සිඩ්නි නුවරදී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම කඩුලු 7 ක් දැවී ලකුණු 622 ක් රැස් කරගෙන සිටියදී අත්හිටවුවේ ය. සිය ටෙස්ට් දිවියේ 18 වන ශතකය වාර්තා කළ චේතේස්වර් පුජාරා ලකුණූ 193 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි රිශාබ් පාන්ට් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 ක්. පන්දු යැවීමේදී නේතන් ලයන් ලකුණු 178 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 300 ක් පමණි. සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණූ 79 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් කඩුලු 5 යි. ඉනිමක පරාජයෙන් බේරිම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6 කි. ඔස්ට්‍රේලියාව සිය මව් රටේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයකදී ඉනිමක පරාජයෙන් බේරීමට සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරන්නේ වසර 30 කට පසුවවීම විශේෂත්වයකි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ලකුණු 316 ක් පිටුපසින් සිටි.
2019-01-06T02:30:39.000Z
හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට මැතිවරණ කොමිසම සුදුස්සෙකු ඉල්ලයි..!
හිස්බුල්ලා වෙනුවට පාර්ලිමේන්තු යන්නේ කවු ද?
COLOMBO (News 1st) - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරස්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුස්සෙකු යෝජනා කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලීමක් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඊට අදාළ ලිපිය හෙට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා වෙත යොමු කරන බවය. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුව ඇති බව ජාතික මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ පසුගිය සිකුරාදායි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් සුදුසු නමක් ලබාදීමෙන් එය ගැසට් කෙරෙනු ඇති. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරධූරයට පත්වීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
2019-01-06T02:12:36.000Z
ආදරවන්තයින්ගේ දිනයට සිනමා තිළිණයක්
ආදරවන්තයින්ගේ දිනයට සිනමා තිළිණයක්
සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන රන්වීර් සිං සහ ආලියා භාත් රඟන 'ගුල්ලු බෝයි' චිත්‍රපටය මේ වසරේ ආදරවන්තයන්ගේ දිනට සමගාමීව එළිදැක්වීමට එහි නිෂ්පාදකයින් සුදානම් වෙති. සෝයා අක්තර් අධ්‍යක්ෂණය කරන මෙහි රන්වීර් සිං පණපොවන්නේ හිප් හොප් ගායකයකුගේ චරිතයකටයි. මුම්බායි නුවර වීදි රැප් සංගීතඥයන්ගේ ජීවිතය පදනම් කරගත් 'ගුල්ලු බෝයි' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය දා එළිදැක්විය.
2019-01-06T00:43:32.000Z
නාවික හමුදාපති දළදා සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාපති දළදා සමිඳුන් වැඳපුදා ගනී
COLOMBO (News 1st) - නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී. නාවික හමුදාව සඳහන් කළේ, නාවික හමුදාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි. එහිදී මහ නා හිමිවරුන් නව තනතුරේ රාජකාරී මැනවින් ඉටු කළයුතු ආකාරය පිළිබඳ නාවික හමුදාපතිතුමන්ට කෙටි අනුශාසනාවක් ද සිදු කළේ ය. නාවික හමුදාපතිවරයා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවුයේ ඉන් අනතුරුවය.
2019-01-06T00:09:52.000Z
ගෑස් මිල ඉහළ යයි ද?
ගෑස් මිල ඉහළ යයි ද?
COLOMBO (News 1st) - ගෑස් මිල කිසිදු අයුරකින් ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මිල ඉහළ දමන්නැයි සමාගම් ඉල්ලීම් කර ඇති බවයි. අදාළ ඉල්ලීම් මේ වන විට ජීවන වියදම් කමිටුවට යොමු කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ඊට හේතුවී ඇත්තේ පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පහළ යාමයි. එම තත්ත්වය තුළ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නොදෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. මේ අතර තොග සඟවා සිටින ගෑස් අළෙවිකරුවන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත වැටලීම් ඉහළ දමා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය.
2019-01-06T00:01:25.000Z
අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 07 දෙනෙකු පොලීසියට කොටු
මැණික් ගැරූ පුද්ගලයින් 07 දෙනෙකු පොලීසියට කොටු
COLOMBO (News 1st) - අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 07 දෙනෙකු බගවන්තලාව, කොටියාගලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 22, 24, 28, 35, 76 යන වයස්වල පසුවන ඔවුන් කොටියාගල පදිංචිකරුවන් බවයි. ලබන 08 වැනි දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඔවුන්ට ඇප ලබාදුන් බව පොලීසිය පැවසුවේ ය. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
2019-01-05T23:52:20.000Z
සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට
අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුව, රුක්ගහවිලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සත්කයේ තිබි ජීව අත්බෝම්බයක් ද සොයාගත් බවයි. කිසියම් අපරාධයකට සැකකරුවන් සූදානමින් සිටි බව පොලීසිය පවසයි. ඔවුන් 26, 30, 31, 33 සහ 36 හැවිරිදි උදුගොඩ සහ රුක්ගහවිල පදිංචිකරුවන් ය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-01-05T23:43:23.000Z
කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි
එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වූ එස්. අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලංකා කම්කරු කොංග්‍රසය සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කෙරුණු අරුල්සාමි මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 59 කි. 30 වසරක කාලයක් සක්‍රීය දේශපාලනයේ නිරත වූ එස්. අරුල්සාමි මහතා මධ්‍යම පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යධූරය සහ හින්දු සංස්කෘතික අමාත්‍යධූරය ද හොඹවනු ලැබුවේ ය. ඊට අමතරව ඔහු වෘත්තීය සමිති කිහිපයකම උසස් නිලතල දැරූවෙකි.
2019-01-05T23:11:59.000Z
අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථකයි
අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා
අර්ධ අක්‍රිය තත්ත්වයට පත් ව ඇති අමෙරිකානු ආණ්ඩුව යථා තත්ත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඊයේ පැවති සාකච්ජා අසාර්ථක වී තිබේ. අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි සඳහන් කළේ, සාකච්ඡා අසාර්ථකවීම හමුවේ අක්‍රිය වූ රජය යළි පනගැන්වීමට අදාළ නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ලබන සතියේදී ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් ප්‍රයත්න දරනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙක්සිකෝව, අමෙරිකාවෙන් වෙන්කර ඉදිකෙරෙන පවුරට, අයවැයෙන් ඩොලර් බිලියන 5. 6 ක අරමුදල් වෙන්කිරීම ප්‍රතික්ෂේප කළ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන්, පවුරට අරමුදල් වෙන් කිරීමෙන් තොරව රජය යළි ක්‍රියාත්මක කිරීමට අදාළ පනතක් පසුගිය දා සම්මත කිරීමට පියවර ගත්තේ ය. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් පවසන්නේ අමෙරිකාව, මෙක්සිකෝවෙන් වෙන් කෙරෙන පවුර ඉදිකිරීමට අරමුදල් වෙන් කරන තෙක් පනත් කෙටුම්පතට අත්සන් නොතබන බවයි. කොංග්‍රසයේ අනුමැතියෙන් තොරව, මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කෙරෙන පවුර ඉදිකිරීම ජාතික හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශයට පත් කළ හැකි බවට ද ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවූවේ ය. ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, දැනට පවතින ආණ්ඩුවේ අර්ධ අක්‍රිය තත්ත්වය වසර ගණනාවක් පැවතුන ද තමන් ඊට සූදානම් බවයි. අමෙරිකානු ආණ්ඩුවේ අර්ධ අක්‍රිය තත්ත්වය හේතුවෙන් ෆෙඩරල් රාජ්‍ය සේවකයන් ලක්ෂ අටකට පමණ ඉකුත් දෙසැම්බර් 22 වන දා සිට වැටුප් ලැබී නැත.
2019-01-05T21:01:51.000Z
ලංකාවේ දේශපාලනය ගැන මුරලි යළි හඬ අවධි කරයි - ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවත් මුරලි කලකිරීමෙන්
ලංකාවේ දේශපාලනය ගැන මුරලි යළි හඬ අවධි කරයි..
COLOMBO (News 1st) - හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්විය. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති පාසල් 22 ක සිසුන් 850 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරුණේ, මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව ඔහු මාධ්‍ය හමුවකට ද එක්විණි. මාධවේදී ප්‍රශ්නය, මුරලි අද රට මේක බැලුවාම කියයි මුරලි නිහඬව ඉඳලා එක පාරටම එන්නෙ මේ දේශපාලනයට එන්න ද කියලා ? හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්, නෑ එහෙම නෑ. මම ළඟදි බැලුවා මේ රටේ ඉන්න 45% ක් ඩොලර් 2 ක දවසේ වැටුප හැටියට ඩොලර්, 200 ක් කියන්නේ දැන් වෙද්දි 370 ක් වෙන්න පුළුවන්. ඒ කාලෙදි 350 යි. 350 කින් මිනිහෙක්ට ජීවත් වෙන්න බෑ. දෙන්නෙක් වැඩ කරත් අමාරුයි. රුපියල් 20,000 ක්වත් අතට එන්නෙ නෑ. ඉතින් එහෙම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. ඉතින් මිනිස්සුන්ව කොහොමද අපි ගොඩගන්නෙ කියලා බලන එක තමයි අපේ බලාපොරොත්තුව.දේශපාලනයට එන්නම ඕනෙ නෑ වැඩ කරන්න. ඒ කියන්නෙ හදවතින් ඇත්තටම වැඩක් කරන්න ඕනෙනම් දේශපාලනය ඕනෙ නෑ. ඉතින් මම අදහසක් වශයෙන් කියන්නේ මේක මිනිස්සු හිතනවනම් මේ දේශපාලනේ හරි නෑ කියලා ඒගොල්ලන් ඒගොල්ලොම හිතලා බලන්න ඕන දේශපාලනයව පත් කරන්නෙත් මිනිස්සුනේ මාධවේදී ප්‍රශ්නය, අපේ ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ තියන තත්ත්වය ගැන ඔබ සෑහීමකට පත්වෙනවා ද ? හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්, නැහැ මාධවේදී ප්‍රශ්නය, ඇයි ඒ ? හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්, ඉතාමත් දැවැන්තම කණ්ඩායමක් විදියට අවුරුදු 20 ක් අපි හිටියා. ඒ විස්සේ තියපු එක දැන් අපිට නැතිවෙලා තියෙන්නෙ. අපිට කොලිෆිකේෂන් එකක්වත් ගහන්න වෙනවා කොලිෆයි කරන්න වර්ල්ඩ් කප් එකකට. ඒ තත්ත්වෙට වැටිලා තියෙන්නෙ. මම කියන්නෑ දක්ෂ ක්‍රීඩකයෝ නැත්තෙ කියලා. ඒක මොන හේතුවක් හින්දා කියලා ඒක ගැන මම බලන්න ගියෙත් නෑ. මේකට අපි සුදුසු කට්ටිය දාලා තියෙනවනේ. ඒගොල්ලො තමයි පිළිතුරු හොයන්න ඕන ඇයි මෙහෙම උණේ. මේවලට විසඳුම් හොයන්න ඕනෙත් ඒගොල්ලන්. අපිට එළියේ ඉඳන් විසඳුම් දෙන්න අමාරුයි. ඇතුළට ගිහින් බලන්න ඕන මොකද වෙලා තියෙන්නෙ කියලා. මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් විතරක් දොස් කියන්න බෑ. ප්ලේයර්ස්ලගෙත් මදිකමක් පේනවා.
2019-01-05T20:48:04.000Z
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් නියෝග තාවකාලිකව අත්හිටුවයි
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් කල් දැමේ
COLOMBO (News 1st) - පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට ලබාදුන් ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පසුගිය 04 වන දා සිට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලීසිය පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඒ අතර වන බවයි. ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් පරීක්ෂකරුවන් සංඛ්‍යාව 45 ක්. පොලිස්පතිවරයා නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
2019-01-05T20:30:24.000Z
සා/පෙළ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් අනිද්දා සිට වසා දැමේ
සා/පෙළ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් වසා දැමේ
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් අනිද්දා සිට 17 වැනි දින දක්වා වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් වසා තැබෙන බවයි. මේ අතර ඇගයීම් මධ්‍යස්ථාන සඳහා තව ත් පාසල් 21 ක් යොදා ගන්නා අතර එම පාසල්වල කොටසක් පමණක් යොදා ගනිමින් ඇගයීම් කටයුතු සිදු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඇගයීම් මණ්ඩල 257 කට අනුයුක්තව පරීක්ෂකවරු 3500 ක් මගින් ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත වේ. විභාග කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, 15 වන දාට යෙදෙන තෛපෝංගල් දිනය වෙනුවෙන් දෙමළ මාධ්‍ය ඇගයීම් මණ්ඩල සඳහා නිවාඩු ලබාදී ඇති බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වැනි දා සිට 31 වැනි දා දක්වා සිදු කෙරුණි. සමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනි දා සිට 16 වැනි දා දක්වා පැවැත් විය.
2019-01-05T20:16:48.000Z
පාර්ලිමේන්තු ගැලරිය අනිද්දා සිට මහජනතාවට විවෘතයි
පාර්ලිමේන්තු ගැලරිය අනිද්දා සිට මහජනතාවට විවෘතයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු ගැලරි ලබන 08 වන දා සිට සාමාන්‍ය පරිදි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ අනුව පාසල් සිසුන්, අමුත්තන් සහ විශේෂ ආරාධිතයින් සඳහා පාර්ලිමේන්තුවේ සියලු ගැලරි විවෘත වන බවයි. රට තුළ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරයත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවති අවස්ථා කිහිපයකදී ගැලරිය වසා දැමුණි. මේ අතර ගැටුම් හේතුවෙන් හානි වූ පාර්ලිමේන්තු දේපොළ යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට සිදුවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
2019-01-05T20:07:10.000Z
මාතර - බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් අද ඇරඹේ
මාතර - බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් අද ඇරඹේ
COLOMBO (News 1st) - අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කෙරේ. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ අද පෙරවරුවේ එම කටයුතු සිදු කිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ අදියර තුනක් යටතේයි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48 ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39 ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම ද දක්වා වේ. ලංකාවේ දිගම දුම්රිය උමග ද පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ ආසන්නය දක්වා පිහිටි එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615 කි. මීට පෙර දිගම දුම්රිය උමග වූයේ සිංගිමලේ උමගයි.
2019-01-05T19:51:12.000Z
වැලි ගොඩ දැමීම් හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවලට තර්ජන
කැලණි, දැදුරු සහ මා ඔයේ වැලි ගොඩ දැමීම තහනම් !
COLOMBO ( News 1st) - වැලි ගොඩ දැමීම් සහ කසළ බැහැර කිරීම් හේතුවෙන් ගංඟා ආශ්‍රීතව ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එහි ජල විද්‍යා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් ක‍ළේ, මෙවැනි ක්‍රියා හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් මුහුදු මට්ටමට වඩා මීටර් 5 කට අධික ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවය. ගංඟාවල ඇතැම් ස්ථාන මීටර් 15 ඉක්ම වූ සීමාවලින් පහළ ගොස් ඇතැයි ද ඇය පෙන්වා දෙයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/06-01-JANAKI-MEEGASTHENNA-01-ED.wav"][/audio] පවතින මෙම අවදානම හේතුවෙන්, ගංඟා ආශ්‍රිත වැලි ගොඩ දැමීම් අත්හිටුවීමට හෝ සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසුවේ, මේ වන විට කැලණි, දැදුරු සහ මා ඔයේ වැලි ගොඩ දැමීම සම්පුර්ණයෙන් තහනම් බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/06-01-JANAKI-MEEGASTHENNA-02.wav"][/audio]
2019-01-05T19:31:19.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ: ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස මාතලේ අලුවිහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. 2. සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට: මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. අගමැති දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිහ මහතා ඊයේ දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල නිරත විය. 4. අලි මෙල්ල කිරීමට උත්සහ කළ අයෙක් එම අලියාගේම ප්‍රහාරයෙන් මරුට: තමන්ට අලින් මෙල්ල කළ හැකි යැයි පවසා පුද්ගලයෙක් වන අලියෙකු අසළට ගමන් කරන අවස්ථාවක් සහ අලියා සැණෙකින් ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් දක්නට ලැබේ. 5. ජෝතිර්වේදී සුමනදාසට රජයේ ගුවන් සමාගමකින් වාහනයක් ලැබුනේ ඇයි ?: ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බවයි. විදෙස් පුවත් 6. බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන් ඉල්ලයි: දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වීම හමුවේ බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
2019-01-05T11:12:10.000Z
ජෝතිර්වේදී සුමනදාසට රජයේ ගුවන් සමාගමකින් වාහනයක් ලැබුනේ ඇයි ?
සුමනදාසට රජයේ ගුවන් සමාගමකින් වාහනයක් ලැබුනේ ඇයි?
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බවයි. ඒ සම්බන්ධව අද ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සිය අදහස් මෙලෙස පළ කළේ ය. ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී, සුමනදාස අබේගුණවර්ධන, ශ්‍රීලංකන් එයාලයින් මං වැඩ කලේ නැහැ. මං ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා විදිහට වසර 8 ක් පමණ වැඩ කළා. 2007 ජුලි මාසයේ දවසක් අතිගරු ජනාධිපතිතුමා උදේ මට කතා කරලා කිවා අන්න සුමිත් මහත්තයාට වහනයක් තියෙනවා අරන් යන්න කියලා. ඒහේම කිවට පස්සේ මට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ළඟම හිටිය ආරක්ෂක නිලධාරියා නේවිල් වන්නියආරචිච මහත්තයා තමයි. මං ඉතින් වහනය අරන් ගියා. මේ ලොකු වහනයකුත් නෙවෙයි. එන් 16 න් කියන වහනයක්. ඒ වේලාවේ මං ළඟ බෙන් කාර් අවුඩි කාර් පොජො කාර් මගේ ගොඩක් වහන තිබුණා. ඒ වගේම එන් එස් බි බැංකුවෙනුත් මට වහනයක් ලැබිලා තිබුණා. ආණ්ඩු වෙනස් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයේ 15 වගේ මට මතක මං කතා කරලා මං වහනය භාර දුන්නා. මාධවේදී ප්‍රශ්නය, ඔබතුමා ශ්‍රී ලංකා එයාලයින් එකේ වැඩ කරන්නේ නැතුව වාහනයක් ගත්තේ කොහොම ද? ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී, සුමනදාස අබේගුණවර්ධන, ඒ ප්‍රශ්නය මගෙන් අහලා වැඩක් නැහැ ඒ ප්‍රශ්නය අහන්න ඕනි ජනාධිපතිතුමාගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් තමා අහන්න ඕනි එතුමානේ වහනය දුනේ.. කවුද අප්පා වහනයක් දෙනකොට එපා කියන්නේ කවුද අප්පා වහනයක් දෙනකොට බැරියේයි කියන්නේ.
2019-01-05T07:31:39.000Z
අගමැති දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල
අගමැති විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිහ මහතා අද දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල නිරත විය. දෙවිනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුලින්ම දෙවිනුවර රජමහා විහාරයේ ආගමික වතාවත්වල නිරත වූ එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් ව සිටියහ. අනතුරුව අගමැතිතුමා දෙවිනුවර විෂ්ණු මහා දේවාලයේ පූජාවන් සඳහා එක් විය. අනතුරුව දෙවිනුවර රජමහා විහාරාධිපති ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ද හිමියන්ගෙන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පිටතට පැමිණෙන අවස්ථාවේ පාසල් සිසුවෙකු තමන් විසින් අඳින ලද අග්‍රාමාත්‍යවරයාගේ සිතුවමක් පිළිගන්වා ඇත.
2019-01-05T10:48:31.000Z
අලි මෙල්ල කිරීමට උත්සහ කළ අයෙක් එම අලියාගේම ප්‍රහාරයෙන් මරුට
වෙහෙරගලදී අලි මන්තරේට වැඩ වැරදුණු හැටි...
COLOMBO (News 1st) - පුද්ගලයෙක් වන අලියෙකු අසළට ගමන් කරන අවස්ථාවක් සහ අලියා සැණෙකින් ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙලෙස මියගොස් ඇත්තේ යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ සැරිසරන අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය තරුණයෙකි. ඔහු මෙලෙස ජීප් රථයෙන් බැස ගොස් ඇත්තේ, තමන්ට අලින් මෙල්ල කළ හැකි යැයි පවසමිනි. අලියාගේ ප්‍රහාරයෙන් මිය ගියේ කතරගම, වල්ලිමාතාගම පදිංචිව සිටි එල්. ඒ. සුසන්ත නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. අප කළ විමසීමකදී යාල වනෝද්‍යානයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි. සුසන්ත මීට පෙර වන අලින් අසළට යන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ද සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.
2019-01-05T06:57:09.000Z
ඉන්දීය 'ජමුනා' නෞකාව ගාලු වරායට
ඉන්දීය 'ජමුනා' නෞකාව ගාලු වරායට
COLOMBO (News 1st) - ඉන්දීය නාවික හමුදාවට අයත් 'ජමුනා' නෞකාව ගාල්ල වරායට සේන්දු වී තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩ සටහනට සහභාගිවීම සඳහා එම නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු වී ඇති බවයි. ඉන් අනතුරුව නෞකාව ගාල්ල වරායට පැමිණ ඇත්තේ, කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු තීරය සමීක්ෂණය කරමිනි. ගාලු වරායට සේන්දු වූ නෞකාව සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව පිළිගත්තේ ය. ජමුනා නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එච්. ඒ. හාර්ඩස් මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවුණේ දකුණු නාවික විධාන මූලස්ථානයේදීයි. ජමුනා නෞකාව පසුගිය දෙසැම්බර් 20 වැනි දා කොළඹ වරායට සේන්දු විය.
2019-01-05T06:30:13.000Z
සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළායාමට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
සුනිල් ශාන්තට පළායාමට ආධාරදුන් පුද්ගලයෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළා යාමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. සුනිල් ශාන්ත නැමැත්තාට බන්ධනාගාරයෙන් පළායාමට ඔහු සහාය වී තිබුණේ බන්ධනාගාර නියාමකවරයකුගේ වෙස් ගනිමිනි. ඔහු වැඩ තහනමකට ලක් වූ හමුදා සෙබලෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සුනිල් ශාන්ත නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු පළාගොස් තිබුණේ පසුගිය නොවැම්බර් මස 07 වැනිදායි.
2019-01-05T05:54:58.000Z
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාපති හමුවෙයි
චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ. ජියෑන්වෙයි මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. ඒ, නාවික හමුදා මූලස්ථානයේදීයි. එහිදී නව නාවික හමුදාපතිවරයාට චීන ආරක්ෂක උපදේශකවරයා සිය සුභාශිංසන පිරිනමා තිබේ. ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ ඔවුන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2019-01-05T05:42:49.000Z
'සේනා' දළඹු ව්‍යාප්තිය වංසගතයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්
'සේනා' වංසගතයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්
COLOMBO (News 1st) - 'සේනා' දළඹු ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ් වීරකෝන් මහතා සඳහන් කළේ, බඩ ඉරිඟු වෙළෙඳාම් කරන ජංගම වෙළෙඳ කුටි ඊට ප්‍රධාන හේතුවක්වී ඇති බවයි. අදාළ වෙළෙඳුන් ඉවතලන බඩ ඉරිඟු කොටස්වල සිටින සේනා දළඹුවන් අනෙක් භෝගවලට ව්‍යාප්තවීමත් සමග එය වසංගයක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. බඩ ඉරිඟු වගාවෙන් 50% ක පමණ මේ වන විට සේනා දළඹු ව්‍යාප්තිය සිදු ව ඇතැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ් වීරකෝන් මහතා සඳහන් කළේ ය.
2019-01-05T00:52:20.000Z
බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන් ඉල්ලයි
බංග්ලාදේශ මැතිවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි
(News 1st) - දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වීම හමුවේ බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පැවති ඉඩ ප්‍රස්ථාවන් අහිමි කරමින් සහ නීතියේ ආධිපත්‍යයට බලපැම් වන පරිදි සමස්ත මැතිවරණ ක්‍රියාවලිය දියත් වූ බවට විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ය. පසුගිය 30 වන දා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ඒ අනුව තුන්වැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වූ ශෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281ක් ජයග්‍රහණය කළේ, මීට පෙර එම පක්ෂය ලබා ගත් මැතිවරණ ජයග්‍රහණය ද ඉක්මවා යමිනි. කෙසේ වෙතත් මෙය දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ මැතිවරණයක් බවට චෝදනා කරමින් විපක්ෂ නායක කමල් හොසේන්, මෙම ප්‍රතිඵල අවලංගු කර නව මැතිවරණයක් පවත්වන ලෙස ද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ ය. මැතිවරණය පැවැත්වුණු ඊයේ දින තුළ පමණක් පාලක පක්ෂය සහ විපක්ෂ ආධාරකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
2019-01-05T00:31:14.000Z
සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
සුනඛයෙකු ගිනි තබා මරා දැමීම: අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මීගමුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු ප්‍රදේශයේ කුලී කම්කරුවෙකු ලෙස සේවය කරන්නෙකි. සුනඛයා සිටි කූඩුවට භූමිතෙල් ගසා එලෙස ගිනි තබා තිබුණේ පසුගිය 31 වන දා රාත්‍රියේයි. ඉන් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛයා පසුගිය පළමු වන දා මිය ගියේ ය. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. අදාළ සුනඛයා ගිනි තබා මරා දැමීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්නැයි ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව 071 859 16 30 හෝ 071 859 16 26 යන දුරකතන අංකවලට ඒ පිළිබඳව දැනුම් දිය හැකි ය.
2019-01-05T00:18:49.000Z
සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ කිරි පිටි මිනිස් පරිභෝජනයට වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක්
සත්ත්ව කිරි පිටි මිනිස් පරිභෝජනයට නිකුත් කළ ජාවාරම
COLOMBO (News 1st) - සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ කිරි පිටි තොග අලුතින් ඇසුරුම් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට කොළඹ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීහු සමත් වූහ. ඒ, වේවැල්දෙණිය තැනිහෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ය. එහිදී කිරි පිටි කිලෝග්‍රෑම් 14000ක් හා ඇසුරුම් කරන ලද කිරි පිටි ග්‍රෑම් 400 පැකට් 2250ක් ද කොළඹ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. මෙම කිරි පිටි විශේෂය අයර්ලන්තයේ නිෂ්පාදිත කිරි පිටි වර්ගයක් ලෙස කාලයක් තිස්සේ වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු අත්ඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇති අතර එළැඹෙන ජනවාරි 07 වන දා තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දන්වා තිබේ.
2019-01-04T23:44:07.000Z
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
COLOMBO (News 1st) - ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙරුණි. ඒ, මාතලේ අලුවිහාරයේ පැවැති ජාතික උත්සවයේදීයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරුණු ඓතිහාසික විහාරස්ථානයේදීම මෙම විශේෂ උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් අනුනාහිමිවරුන් ප්‍රමුඛ දෙදහසකට අධික මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියහ. උත්සවය පැවැත්වුණේ මැති ඇමතිවරුන්, නිලමේවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සන්නස් පත්‍රය ජනාධිපතිතුමාගේ සුරතින් මහා සංඝරත්නය වෙත පිළිගැන්විය. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.
2019-01-04T23:36:28.000Z
මාතර - බෙලිඅත්ත අතර මංගල දුම්රිය ගමන හෙට
මාතර - බෙලිඅත්ත අතර මංගල දුම්රිය ගමන හෙට
COLOMBO (News 1st) - අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු වරට දුම්රියක් ධාවනය කිරීම හෙට සිදු කෙරේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ හෙට පෙරවරුවේ එම කටයුතු සිදු කිරීමට නියමිත ය. මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර 3ක් යටතේ ය. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද වේ. ලංකාවේ දිගම දුම්රිය උමග පිහිටා ඇත්තේ ද මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ ආසන්නය දක්වා පිහිටි එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමග වූයේ සිංගිමලේ උමගයි.
2019-01-04T22:18:59.000Z
වැලිගම්පිටියේදී කන්ටේනර් රථයක් කරනම් ගසයි: දෙදෙනෙකු මරුට
වැලිගම්පිටියේදී කන්ටේනර් රථයක් කරනම් ගසයි
COLOMBO (News 1st) - මීගමුව - කොළඹ මාර්ගයේ වැලිගම්පිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, මීගමුව දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථයක ගැටී පෙරළීමෙන් අද අලුයම 2.30ට පමණ අනතුර සිදුව ඇති බව ය. අනතුරින් මාර්ගයේ ගමන් කළ පදිකයෙකු සහ කන්ටේනර් රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පදිකයා මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 32 හැවිරිදි මොරවක ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනතුරින් මිය ගිය තවත් අයෙකු කන්ටේනර් රථය තුළ සිර වී සිටින අතර පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවසීන් එක්ව ඔහු මුදා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2019-01-04T20:01:23.000Z
2017ට සාපේක්ෂව 2018 වසරේ වාහන ලියාපදිංචිය ඉහළට
2017ට සාපේක්ෂව 2018 වසරේ වාහන ලියාපදිංචිය ඉහළට
COLOMBO (News 1st) - 2018 වසරේදී 2017 වසරට සාපේක්ෂව වාහන ලියාපදිංචිය 29000කින් ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, පසුගිය වසරේදී වැඩිම ප්‍රතිශතයක් ලියාපදිංචි වී ඇත්තේ, යතුරු පැදි බව ය. බස් රථ ලියාපදිංචියේ අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ බව ද ඔහු සඳහන් කළේ ය.
2019-01-04T19:54:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 2. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම වළක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා වෙත ඊයේ නියෝගයක් නිකුත් කළේ ය. 3. 2019 අයවැය ක්‍රියාවලියේ මුල් පියවර වන විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 4. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබා ගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. වසර 10කට පසු කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ අඩුම අගය ඊයේ වාර්තා විය. විදෙස් පුවත් 6. ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
2019-01-04T19:45:12.000Z
හික්කඩුවේදී 11 හැවිරිදි දැරියකට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
දැරියකට තියුණු ආයුධයකින් පහරදුන් සැකකරු අත්අඩංගුවට
COLOMBO (News 1st) - හික්කඩුව, නලාගස්දෙණිය ප්‍රදේශයේදී 11 හැවිරිදි දැරියකට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි සැකකරුවෙකි. පොලීසිය පැවසුවේ, දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පහර දීම සිදුව ඇති බව ය. බෙල්ල ප්‍රදේශයට තුවල සිදු වීම හේතුවෙන් දැරිය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-01-04T11:35:21.000Z
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන අදහස් ප්‍රකාශ කිරීම වළක්වමින් නාමල් කුමාරට අධිකරණ නියෝගයක්
නාමල් කුමාරට අධිකරණ නියෝගයක්
COLOMBO (News 1st) - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම වළක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා වෙත අද නියෝගයක් නිකුත් කළේ ය. ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි. නාමල් කුමාර මහතා විටින් විට ඒ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ තම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට බාධාවක් වී ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.
2019-01-04T11:01:54.000Z
වසර 10කට පසු කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම වාර්තාගත ලෙස පහළට
කොටස් වෙළෙඳපොළ පිරිවැටුම වාර්තාගත ලෙස පහළට
COLOMBO (News 1st) - වසර 10කට පසු කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ අඩුම අගය අද වාර්තා විය. අද එය සටහන් වූයේ, රුපියල් මිලියන 68.8ක් ලෙසිනි. මීට පෙර අවසන් වරට අඩු අගයක් වාර්තා වූයේ, 2009 වසරේ අප්‍රේල් 28 වන දා ය. එදින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 64.3කි. අද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ ප්‍රධාන මිල දර්ශක අගයන්හි දක්නට ලැබු‍ණේ ඉහළ යාමකි. සමස්ත මිල දර්ශක අගය ඒකක 6067.66 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 9.18 ක ඉහළ යාමකි.
2019-01-04T10:40:48.000Z
ගම්මැද්ද බලන්න අමෙරිකාවෙන් ආ පිරිවර...
ගම්මැද්ද බලන්න අමෙරිකාවෙන් ආ පිරිවර...
COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩපිළිවෙළ අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. ඔවුහු අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයට පැමිණ ගම්මැද්ද වැඩසටහන පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්හ. වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මෙම සිසුන් පිරිස ගම්මැද්ද වැඩසටහන තම පර්යේෂණය සඳහා යොදා ගෙන තිබේ. එහි සිසුන් 24 දෙනෙකු අද උදෑසන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයට පැමිණියේ, ඊට අදාළ දැනුම වර්ධනය කර ගැනීම සඳහා ය. සිසුන් සහ අධ්‍යයන අරමුණ පිළිබඳව පැහැදිලි කළේ, මේ පිරිස සමග පැමිණි මහාචාර්ය මාර්ක් මොඩිකා මහතා ය. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලක් බණ්ඩාර මහතා ගම්මැද්ද වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී භාවිත කළ විද්‍යාත්මක ක්‍ර‍මවේදය පිළිබඳව එම වර්ජිනියා විශ්වවිද්‍යාලයේ සිසුන් දැනුවත් කළේ ය. කාලයක සිට නොවිසඳුණු ජනතා ගැටලු රැසකට විසඳුම් දීමට ගම්මැද්ද වැඩසටහනට හැකි වූ අතර කල්පිටිය සින්දාත්‍රි මාතා ප්‍රාථමික විදුහලේ දරුවන් නොතෙමී අකුරු කරන්නේ ද ගම්මැද්ද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි. අද සින්දාත්‍රි මාතා ප්‍රාථමික විදුහලේ දරුවන් ද පැමිණ සිටීම විශේෂත්වයකි. වර්ජිනියා විශ්වවිද්‍යාල සිසුන්ට ගම්මැද්ද වී ෆෝස් ගෞරවනීය සාමාජිකත්වය ද මෙහිදී පිරිනැමිණි.