comments
stringlengths
1
1.09k
labels
int64
0
4
සිරියානු අර්බුදය පිළිබඳව ජෝර්දානයේ “Seven Stars” නමැති රූපවාහිනී සේවයක විකාශය වූ සජීවී විවාදයකදී ඒ සඳහා සහභාගි වී සිටි ආරාධිතයින් දෙදෙනා අතර ගුටි කෙළියක් ඇති වී තිබේ.
1
මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ, ෂේකර් අල් ජොහාරි සහ මොහොමඩ් අල් ජයෝසි අතර ය.
1
සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැවති මෙම විවාදය පසුව සිරියානු යුද්ධය මෙන් උත්සන්න විය.
1
එහිදී නැගී සිටි ඔවුහු මැදිරියේ තබා තිබූ මේසය ඔසවා එකිනෙකාට පහර දුන්හ.
1
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
1
එන මහ මැතිවරණයේදී තමන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ අගමැති ධුරය සඳහා තරඟ කර ඔහු පරාජයට පත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
1
ඔහු පවසන්නේ 2005 වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය.
1
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් මගින් අදහස් පල කර ඇත.
1
මෙහි දැක්වෙන්නේ එම සම්පුර්ණ නිවේදනයයි.
1
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව..
1
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.
1
නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි.
1
මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත.
1
මහින්ද රාජපක්‍ෂ
1
හිටපු ජනාධිපති
1
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
1
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි.
1
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරැ සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන විට දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතා වූ බවට හැගෙන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් එම පක්ෂය නිවේදනයක් නිකුත්කර තිබේ.
1
පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
1
‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.
1
එම චෝදනා විවිධ මාධ්‍ය ඔසසේ ප‍්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නෙමු.
1
පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි.
1
අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන 10ට ඇණවුම් කළ පරිදි බෙදා දී ඒ බවට මුද්‍රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ.
1
මෙසේ නිසි ක‍්‍රමවේද අනුගමනයකර තිබියදී ඉදිරිපත් කරනු ලබන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මෙම කරුණද මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ මඩ, අවලාද ගොන්නට එක් වන්නක් මිස අන් කිසිවක් නොවේ. මෙවැනි අසත්‍ය කරුණුවලට නොරැවටෙන ලෙස සියලූ ප‍්‍රගතිශිලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.
1
මොහොමඞ් මුසම්මිල්
1
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
1
ප‍්‍රචාරක ලේකම්
1
ජාතික නිදහස් පෙරමුණ
1
20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
1
ගල්ගමුවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණ දිමට තම පක්ෂය සුදානම් බවයි.
1
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිස් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඡන්දයකට යාමට සූදානම් බව ද එහි දී කියා සිටියේය.
1
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.
1
ඔහු පවසන්නේ ඉන් අනතුරුව නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.
1
එජාපය සමග පවුල් කෑම තමනට නම් අරහන යයි ශ‍්‍රීලනිප උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
1
කළුතරදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
1
‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ.
1
මැතිනිය සාමාජිකත්වය මට දෙද්දී කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. යූ. එන්. පී. ය සමග හවුල් ආණ්ඩු වලට යන්න එපා කියලා. මම ඒ අවවාදය අදත් පිළි පදිනවා. ඒකයි මම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිවුවේ කෙලින්ම මම ඔය හවුලට මම විරුද්ධයි. මගේ විරුද්ධත්වය ලිය ගන්න කියලා දොට්ට බැස්සේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
1
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී.
1
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය.
1
එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීරීම ඔවුන් අවස්ථාව ඉල්ලා ඇත.
1
ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි.
1
විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
1
ඔහු පවසන්නේ අගමැතිවරයා එසේ නිහතමානී වන්නේ නැතිනම් පාර්ලිමේන්තු බහුතරයෙන් විශ්වාසභංගය සම්මත කර දැමීමට තම පිරිස සූදානම් බවත් එසේ පන්නා දමන තෙක් ආඩම්බර පුරාජේරු කතා කියමින් සිටිය හැකි බවයි.
1
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
1
ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් 112ක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි.
1
එම යෝජනාවට හොර අත්සන් ගසා ඇතැයි මුදල් ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනාවට මන්ත‍්‍රිවරයා කියා සිටියේ එසේ නම් ආණ්ඩුවට ඇත්තේ නොබියව විශ්වාසභංගයට දින නියම කර ඒ සඳහා ඡුන්ද විමසීමක් පැවැත්වීම බවයි.
1
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.
1
අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් 81 දෙනාගෙන්ද 15 දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි.
1
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන විට විශ්වාසභංග ගෙන එන බවටද ඒ මහතා එහිදී චෝදනා කළේය.
1
පාර්ලිමේන්තුව විසුරුවා හැරි වහාම අපේක්‍ෂකයන් තේරීමේ නාමයෝජනා මණ්‌ඩල පත්කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
1
ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශාල පිරිසක්‌ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කිහිපදෙනකු මහ මැතිවරණයේදී රාජපක්‍ෂ මහතාට සහාය දීමට සූදානමින් සිටින නිසා ඔවුන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.
1
හිටපු ජනාධිපතිවරයාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයට තරග කරන පක්‍ෂය හා එහි සලකුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම කීය.
1
මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක්‌ සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක්‌ සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය.
1
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරි දින පහ තුල ඇතුලත් කිරීමට හැකිවනු අතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
1
අනතුරුව ඉක්මනින් එය විවාදයට ගන්නා දිනයක් නම් කල හැකි වනු ඇතැයිද ඒ මහතා කියයි.
1
ආණ්ඩුව මේ වන විට ඉන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක සිර වී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල් පීරිස් මහතා පවසයි.
1
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කලේය.
1
‘ගිය මාස 9 තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස 05 ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා.
1
රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර 10ක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන 650ක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
1
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානය නියෝජිතන් හමුවේදී මේ පිළිබඳ සාකච්චා වී ඇත.
1
එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාස භංගයක්ද ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් පාර්ලිමේන්තුව ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවත් පෙර එකඟතාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්ය.
1
20 වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.
1
ඊට පෙර සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂන පවත්වමින් 20 වන සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ඉල්ලන් බවටද එකඟ වී ඇති අතර අනතරුව ජනාධිපතිවරයාද ආණ්ඩුවද විසින් සිවිල් සංවිධානවල ඉල්ලීම යයි පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇත.
1
යහපාලකයන් තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කියමින් කරන්නේ ජරා වැඩ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
‘අලූත් පාර්ලිමේන්තුවකට ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමේ බලය දිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට පත් කරන අය ගැන තවමත් අපෙන් අහලා නැහැ. එහෙම එකගතාවයක් නැතිව නියෝජිතයන් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට කැදවීම මුදල් නාස්තියක්.
1
ලොකුම විහිළුව තමයි මේකට පත් කළා කියලා පත් කරපු අයවත් දන්නේ නැති එක. ඒ ගොල්ල තෝරලා අපට අනුමත කරන්නලූ. ප‍්‍රජානත්ත‍්‍රවාදයට තරු පහ දෙනවා කියලා කරන්නේ බලූ නොවටිනා වැඩයි.
1
20 වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය.
1
එජාපයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සඳහා නාම යෝජනා පත‍්‍රය සමඟ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට කැපවන බවට වන ප‍්‍රතිඥාවකටද අත්සන් තැබීමට කටයුතු සූදානම් කර ඇත.
1
පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක‍්‍රියාත්මකය.
1
එජාපය පෙන්වා දෙන්නේ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීම සදහා දිවි හිමියෙන් ඇපකැප වන බවට ප‍්‍රතිඥා දී අත්සන් තබන අපේක්ෂක අපේක්ෂිකාවන්ට මහජන මුදල් දේපල සහ සම්පත් අවභාවිතය කිරීමට ද මැර ක‍්‍රියා ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීමට කිසිසේත්ම අවකාශ නොලැබෙන බවයි.
1
පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කළේය.
1
මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව අප ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
1
පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.
1
මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳුදා වෙන කොට මමත් නඩුවක්‌ දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය.
1
ISIS ත‍්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විනාශ කිරීමට ඇමරිකානු ප‍්‍රහාරක යානා සමත්ව ඇතැයි වාර්තා වේ.
1
ඇමරිකානු ගුවන් සංග‍්‍රාම විධානයේ ප‍්‍රධානි ජෙනරාල් හර්බට් හෝක් කාලයිල් පවසා ඇත්තේ එම මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ස්ථානය සොයාගත්තේ ISIS සටන්කාමියකු විසින් සමාජ මාධ්‍ය තුළ පළ කළ ඡයාරූපයක් ඇසුරෙන් බවයි.
1
වොෂින්ටනයේ පැවති ගුවන් හමුදා සංගමයේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඡයාරූපය පළවීමෙන් පැය 22කට පසු අදාළ මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීම විශිෂ්ට ක‍්‍රියාවක් බවයි.
1
මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන 361වන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ.
1
ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් 4200ක් මගින් එල්ල කළ බෝම්බ 14000කින් සතුරු සටන්කාමීන් 13000ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ.
1
ත‍්‍රස්තවාදීන්ට අයත් රථ 1000ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 50ක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත.
1
පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි.
1
මේ හේතුවෙන් අපේක්‍ෂක අයදුම්පත් භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කර ඇත.
1
කෙසේ වෙතත් මේ දක්වා ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලයක් ද පිහිටුවා නැත.
1
සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩයමක් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති කොමිෂන් සභාව සදහා පත්කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
1
මෙම කණ්ඩායමට තවත් පොලිස් නිලධාරීන් අට දෙනෙකු එක් කිරීමට නියමිත අතර ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් ලෙස අනුයුක්ත කෙරෙනු ඇත.
1
සූරියවැව මත්තල ගුවන්තොටුපල හදන්න මොනරුන් සිය ගණනක් මරා දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
1
මැදරිගිරියේ පසුගියදා පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රටට, ජනතාවට සමහර මහා පරිමාණ ව්‍යාපෘතිවලින් විශාල හානියක් සිදුවූ බවයි.
1
කෙසේ වෙතත් එසේ හානි කල අය කවුදැයි තමන් නොකියන්නේ ඔවුන්ගේ හිත් රිදෙන නිසා යයිද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කලේය.
1
විල්පත්තුවට කර ඇති මහා විනාශය ගිය රජයේ අනුවන තීරණයක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
1
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය විසින් මුද්‍රණ්‍ය කරනු ලැබ ඇති ‘මේ ගැනත් සිතන්න.. පක්‍ෂය රැකගන්න’ පොත් පිංච සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පක්ෂයේ සියලූ දෙනා දන්නා බව ඇමති එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
1
ඔහු පෙන්වා දෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා වටේ නොගොස් ඍජුවම තමන්ට චෝදනා එල්ල කළේ නම් එය වඩා ශීලාචාර බවයි.
1
පොත් පිංච මුද්‍රණයට පෙර මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එහි බොහෝ කොටස් කියවා තිබූ බවද පවසන ඇමති දිසානායක ඒ සම්බන්ධවෙන් අදහස් පළ කිරීමට පෙර පක්‍ෂ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද සඳහන් කරයි.
1
ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාවගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමට රජයේ මුදල් සතපහක්වත් බැර කර නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
1
ලංකාවේ සුළුතර ප‍්‍රජාවන් මුහුණදෙන අසාධාරණයන්ට විසඳුම් ලබාදී සාමය ගොඩනැගීමට අවශ්‍ය වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලියට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
1
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් අදාළ ආධාර මුදල ලබාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව පැවසේ.
1
ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ලබාදීමට නියමිතය.
1
මේ යටතේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා විශ්වාසනීය යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ අතුරුදන් වූවන්ගේ පවුල් ආදී ගැටුම් වලින් පීඩාවට පත් ප‍්‍රජාවන් සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සහන සැපයීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය හා එක්ව ක‍්‍රියාකිරීමට නියමිතය.
1
නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.
1
සියලූම අවතැන්වූ ජනතාව සඳහා ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් විශේෂඥ සහය පිරිනැමීමට ශ‍්‍රී ලංකා රජය හා එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවද ඇය පවසා ඇත.
1
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
1