comments
stringlengths
1
1.09k
labels
int64
0
4
එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.
1
01.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල්
1
සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රු.100,000 දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද?
1
02. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද?
1
03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද?
1
04. යහපාලනයේ මුවාවෙන් සිදුකෙරෙන මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නේද?
1
05. සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය මගින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද? නොඑසේනම් ඒ මන්ද?
1
06. 8300 ක් පමණ වූ මුල් සේවා කාලය ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ද අලුතින් සේවයට බඳවාගත් සේවකයින් වෙනුවෙන් ලබාදිය යුතු පාරිතෝෂික මුදල්ද මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති මෙතෙක් ලබා නොදුන් යතුරුපැදි කාන්තා සමෘද්ධි නිලධාරීන් සඳහා ලබාදීමට කටයුතු කරන්නේද? නොඑසේනම් ඒ මන්ද?
1
විපක්ෂ නායකවරයා විසින් නඟන ලද ඉහත ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරි සභා වාරයේදී පිළිතුරු ලබාදෙනු ඇත.
1
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(03) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
1
එම විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
1
එම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි.
1
ව්‍යවස්ථාදායක සභාව සඳහා කාන්තා නියෝජයක් මෙන්ම වතු කම්කරුවන් සම්බන්ධ නියෝජනයක්ද අවශ්‍ය බව හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
1
එසේම කිසිදු වලංගුතාවයක් නොමැතිව නව මුදල් නෝට්ටුවලට අත්සන් තැබීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණය වෙත යෑමටද තමන් ඇතුළු පිරිස බලාපොරොත්තු වන බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
1
තවද පපුගිය මාස හය ඇතුළත රටේ ආර්ථිය පහළ බැස ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ දින දෙකක කාලයක් ලබා ගන්නා බවත් හෙතෙම ‍වැඩිදුරටත් කියා සිටියේය.
1
එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු සඳහා නැවත යටත් නොවන බවයි.
1
එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
1
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
1
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් මෙන්ම ප්‍ර දේශවාසීන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
1
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට දිනයේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට දැනුම්දී ඇති බව සඳහන්ය.
1
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් දැනුම්දිමක් සිදුකර ඇති බවයි.
1
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන් 43න් දෙනෙකුට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී අදාළ චෝදනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
1
පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
1
පාර්ලිමේන්තුව යනු දේශපාලන වේදිකාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
1
තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර නොමැති බව ඔහු සඳහන් කරයි.
1
තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.
1
පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය.
1
“අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එවන්නම්.” විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය.
1
නව මැතිවරණ ක‍්‍රමයට ජවිපෙන් යෝජනාවක්...
1
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්ය. එමෙන්ම ජවිපෙ නව යෝජනාවක් ඉදිරිපත් කරයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 7වැනි ලක්ෂණය ලෙස තිබෙන්නේ ‘නාම යෝජනා භාරදීමේදී දිස්ත‍්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස සඳහා නාම යෝජනා කළ යුතු අතර ඡන්ද ප‍්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් නිශ්චිතව සඳහන් කළ යුතු’ බවය. ඒ අනුව ජවිපෙ කියා සිටින්නේ ”දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ කේවල ඡන්ද ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් තරග කරන අපේක්ෂකයාගේ නම පමණක් ඡන්ද දායකයාට තෝරාගැනීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ ඉදිරිපත් කිරීම අසාධාරණ බවය. එසේ වන විට දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ අතිරේකව තරග වදින එනම් ඡන්ද ප‍්‍රදේශයක් නියෝජනය නොකරන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් නොවන අතර ඔවුන්ගේ නම් ඇත්තේ නාම යෝජනා පත‍්‍රයේ පමණි. ඔවුන් සඳහා වන තමන්ගේ කැමැත්ත සලකුණු කිරීමේ හැකියාවද ඡන්දදායකයින්ට අහිමි කෙරෙනු ඇත.
1
මෙසේ වන විට යම් දිස්ත‍්‍රික්කයක් වෙනුවෙන් සමානුපාතික ලයිස්තුව යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මැතිවරණයේදී කාර්යභාරයක් නොමැති වීමද ඔවුන් එකම දිස්ත‍්‍රික්කයක අසමාන තරගකරුවන් වීමද වැළැක්විය නොහැකි වනු ඇති බව පෙන්වා දෙන ජවිපෙ එහෙයින් ඡන්දදායකයින්ට එම අපේක්ෂකයින් සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවට යෝජනා කරයි.
1
ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය. එම නීරීක්ෂණ චාරිකාවෙන් පසුව නැවතත් විල්පත්තු වන සංහාරය පිළිබඳව කතාබහ උණුසුම් වන්නට පටන් ගත්තේය. මේ අතරතුර ශ‍්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය. එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නොමග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇතුළු විවිධ මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමුකිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය.
1
“යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කිසිදු ජාතිකත්ව භේදයක් අවශ්‍ය නොවේ. ජනතාවට උපරිම සහන ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එදා සිටම අප පක්ෂය සිටි බව නොරහසකි. නමුත් දේශපාලන බලය පාවිච්චි කරමින් වන රක්ෂිත නැවත පදිංචි කිරීමට යොදා ගැනීම ගැටලූ සහගතය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවිද්‍යා ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි පාරිසරික නීති රීති නොසලකා මෙම ජනාවාස සඳහා එළිකිරීම් සිදුවෙමින් තිබේ. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ ස්ථාවරයේ සිටය.
1
ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජාතිවාදී මඩ ගොහොරුවලට නොවැටෙමින් ඉතිහාසය පුරා කටයුතු කළ අයුරින්ම ඉදිරියටද අන්තවාදයකට හෝ ජාතිවාදයකට නොවැටෙන බවත් කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමකට තම පටු අරමුණු වෙනුවෙන් ජ.වි.පෙ. නොමඟ යැවිය නොහැකි බවත් සහතික කරමු. එසේම කිසිදු විටක අප ප‍්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.” අනුර දිසානායක තම ලිපියෙන් අවධාරණය කළේය.
1
අයි.එස්.සටන්කාමින්ගේ ග්‍රහනයට ලක්වු ඉරාකයේ රමාඩී නගරය දින කිහිපයකින් යළි අත්පත් කර ගත හැකිවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය හෙයිදර් අල් අබාඩ් පවසයි.
1
එහෙත් ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය වන බව හෙතෙම පවසා ඇත.
1
අමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ආරම්භයේදී ඉරාක හමුදාව සටන් කිරීමට අකමැත්තක් දැක්වු බව පෙනී යන බවයි.
1
මේ අතර සිරියාවේ අයි.එස්.සහ සුන්නි සටන්කාමින් හේතුවෙන් ලෝකය බලාපොරොත්තු නොවු අවදානමකට මුහුණ දී සිටින බව ලෙබනන් ජාතික ශියා හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබේ.
1
ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ.
1
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී අදාළ නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්කරගෙන ඇති බවයි.
1
අදාළ නගරයේ ලෝක උරුමයන් ලෙස සැලකෙන නටඹුන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
1
අයි .එස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර වලින් හට්රා සහ නිමරුඩ් යන පෞරාණික ස්ථාන ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ.
1
2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි.
1
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.
1
අගමැතිවරයා ඇතුළු ඉන්දීය දූත පිරිස අද උදෑසන චීනයට ළඟා වී ඇත.
1
චීනයේ ශියෑන් ගුවන්තොටුපළ වෙත පැමිණි නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස චීන රජය විසින් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ඇති බව සඳහන්ය.
1
චීන සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ශි ජින් පින් ඇතුළු රජයේ ඉහළපෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
1
එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1
චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දකුණු කොරියාවේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
1
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.”
1
සුනිල් හඳුන්නෙත්ති මුලතිව් ප‍්‍රදේශයේ සංචාරයක නිතර විය. ඒ අතරතුර වැලිඔය ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මානවලද ජීවත් වන ප‍්‍රදේශවාසීන් හමුවීමට ගියේය. සපුමල්පුර, නාමල්පුර, හංසවිල, මොණරවිල වැනි ප‍්‍රදේශවල සංචාරය කිරීමට සුනිල් හඳුන්නෙත්තිට හැකිවිය.
1
“මන්ත‍්‍රීතුමා අපි හොඳට ජීවත් වුණු මිනිස්සු අපිට ගෙවල් දෙනවා ඉඩම් දෙනවා කියලා අපිව මෙහෙ ගෙනත් දැම්මා. ගෙවල්වලට උඩින් ලයිට් කණු යනවා. අපි කුප්පි ලාම්පුවෙන් තමයි කාලේ ගෙවන්නේ. සමහර අය බදුල්ලේ, මහියංගනේ අය ඉන්නවා. නිමල් සිරිපාල මහත්තයා තමයි ගෙනත් දාලා තියෙන්නේ.” ගම්වැසියෙක් හඳුන්නෙත්තිට දුක්ගැනවිල්ලක් කීවේය.
1
“වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය.
1
“අපි ඇවිත් අවුරුදු දෙකහමාරක් වෙනවා. තාම මන්ත‍්‍රී කෙනෙක් ආවේ නෑ අපිව බලන්න. ආවේ ජේවීපී එකෙන් විතරයි. අපි ආයේ කාටවත් ඡන්දේ දෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න. අපිට අපේ ගම්වලට යන්න බැහැ ලැජ්ජයි. සමහරු එහෙ ගම්වලින් සල්ලි ගෙනත් මෙහෙ ජීවත් වෙනවා. ගෙනාපු ඇඳුම් ටික ඉවර වුණාම ඇඳුම් නැතිව තමයි අපිට ඉන්න වෙන්නේ” තවත් තරුණයෙක් කෝපයෙන් මෙන් කියාගෙන ගියේය.
1
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.” සුනිල් හඳුන්නෙත්ති ගම්වැසියන් අස්වසාලමින් කීවේය. විදුලිය ලබාදීම සඳහා ගෙනා උපාංගවලින් එම ගම්වල කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයද මන්ත‍්‍රීවරයාටද දැකගැනීමට හැකිවිය.
1
අනතුරුව මන්ත‍්‍රීවරයා දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ එම ප‍්‍රදේශයේ මහවැලි ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළේය. අනතුරුව එම පළාත් බාර විදුලි අධිකාරීවරයාටද දුරකථනයෙන් අමතා විදුලිය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරවීය.
1
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේදී යි. ඒ වගේම ඔහු හෙට දිනයේ උදෑසන දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
1
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.
1
ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:
1
#1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.
1
උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.
1
#2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.
1
“Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.
1
#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:
1
ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.
1
#4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි.
1
ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.
1
#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.
1
මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.
1
“Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:
1
#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.
1
මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ.
1
#7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි.
1
ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.
1
මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.
1
#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත.
1
#9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත.
1
#10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත.
1
#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.
1
මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.
1
#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.
1
#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.
1
#14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක.
1
#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.
1
ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.
1
#16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්.
1
#17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර
1
අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.
1
#18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.
1
#19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.
1
#20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.
1
ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්)
1
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
1
යම් යම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
1
එම සංශෝධන කෙටුම්පතේ ඉදිරි කටයුතු ඊළඟ පාර්ලිමේන්තුවේදී තවදුරටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවක් ලෙසද බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.
1
එසේම දින සියය තුළ ආණ්ඩුව විසින් සිදු කිරීමට තිබු සියල්ල අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් නොමැති බවත්, ආණ්ඩුවේ ස්ථාවරයද පාර්ලිමේන්තුව විසිරුවාහැරීම බවද ඒ මහතා අද දෙරණට සඳහන් කළේය
1
එමෙන්ම විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යොමු කරන ලද විශ්වාසභංග යෝජනාව ඉතාමත් අඥාදායක ක්‍රියාවක් බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
1