text
stringlengths
5.78k
8k
තාන්දරයද ඕම් ශාන්ති ඕම් යනු දිව්‍යා භාරතී ගේ කතාන්දරයද යන්න සැක හැර දැන ගන්නට ප්‍රේක්ෂකකින් උමතුවෙන් මෙන් වැළලුනු තොරතුරු පීරනු කතුවරයා දැක තිබේ. තමා පිලිබඳ ඇත්ත කතාන්දරය ලියා තබන්නට මෙතුවක් හිත නොනැමුණේ ඒ හෙළිදරව් වීමට ඇති බිය හේතුවෙනි. ඒ කිමද යත් තමාගේ ජීවිත කතාව කිසියම් ප්‍රමාණයකට දන්නා යහළුවන් පොත පළවූ පසු එය කතුවරයාගේම කතාව බව සැකහැර දැන ගන්නවා ඇත. සිදුවූ දේ අනුමාන වශයෙන් දන්නා දෙමව්පියන් එකළ නොකියා සිටි සියල්ල වසර ගණනාවකට පසුව දැන ගන්නවා ඇත. සහෝදරයින්ගේ මුහුණ බලන්නට අසීරු වනු ඇති අතර දරුවන් තම පියාගේ ජිවිතයේ අඳුරු පැතිකඩ දැක ගන්නවා ඇත. සියල්ලටම වඩා බිරිඳ .. ඈ කතුවරයා ගැන සිතා සිටින අන්දම වෙනස් කර ගන්නවා ඇත. ඇත්තෙන්ම මෙය ඇයට කිව හැකි යුගයක්.. ඇය මේවා සම සිතින් පිළිගන්නා යුගයක් ඔවුන් එක්ව පසුකර පැමිණ තිබූ අතර එහිදී කතුවරයා අවංක වී නොතිබිණ. දැන් මේවා හෙළිදරව් වීමෙන් පසු ඇය අසන්නට යෙදෙන ප්‍රශ්න වලට පිළිතුරු කතුවරයා සතු නොවනු ඇත. එක් කලෙක කතුවරයාගේ නමට විදේශයකින් යැවුණ ලිපිවල තිබූ මනස්කාන්ත මුද්දර වලට වශිවුණ පුතු මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කොට ගත්තේ. අදද ඔහුගේ අලංකාර මුද්දර පොතේ මුල් පිටු කිහිපයේ දක්නට ඇති විසිතුර මුද්දර පිටුපස කතාන්දරය ඔහුට දැනගන්නට හරින්නට නොහැක. වසරක් මුළුල්ලේ මසකට එක බැගින් ලෝකයේ නොයෙක් කෙළවර වලින් ලැබී තිබූ ඒවා සහ එහි වූ හද කකියවන පාපොච්චාරණ කතුවරයා හදවතේ සඟවා ගත්තේය. හදිසියේම ඒවා ලැබීම නැවතුන අතර කතුවරයා රහස හදවතේම වල දැම්මේය. දැන් ඒවා ගොඩ ගන්නට නුපුළුවන. නමුත් ඒ වල දැමූ තැනින් ඉපැදී හිතේ පැසව පැසවා තිබූ සිතුවිලි සමුදාය "හැඟුම් ලියකම්" නම් කවි පොතක් වී සුපිරි පොත් සාප්පු වල උණු කැවුම් මෙන් විකිණී ගියේය. ඊටත් වසර කිහිපයකට පෙර දෙසැම්බරයේ සීතල රාත්‍රියක කතුවරයා ඈ සමඟ ඇවිද ගොස් තිබිණ. "දෙසැම්බරයේ දිගු දවසක්" පොතෙහි එම සුන්දර රාත්‍රිය ගැන කතුවරයා එක කොට ඇත්තේ මනරම් විස්තරයකි. දෙසැම්බරයේ දිගු දවසට අනුව ලයනල් වෙන්ඩෙට්හි ගතවූ නාට්‍ය සැන්දෑවකට පසු හරිත මාවතේ අත්වැල් පටලා ඇවිද යන පෙම්වතුන් දෙදෙනෙකි. කුඩා විදුලි එළි නිවෙමින් දැල්වෙමින් එහි වූ අඳුර අඩු වැඩි කරයි. කොහේදෝ සිට පැමිණි ලා පොදයක් රාත්‍රිය තවත් මනරම් කරවයි. එහෙත් එය හරියටම හරිත මාවත නොවන බව කතුවරයා පමණක් දන සිටියේය. එහි තවදුරටත් ඇවිද ගියේ පෙම්තුවන් නොවේ. ගතවූ සැන්දෑවේ ඔහු ලෝකයේ නින්දා සහගතම වංචාව ගැන අසා දැනගත් අතර තමා කේන්තියෙන් වියරු වැටී සිටියේ කා සමගද යන්න හෙළිදරව් කිරීමෙන් වෙන කිසියම් පොතක් නොව පොලිසියේ පොත පිරෙන බව කතුවරයා දැන සිටියේය. මාවතේ ඉදිරියට හමුවූ තුන්වැන්නා ගැන කිසිම කතාවක සඳහන් නොකරන්නට කතුවරයා පරිස්සම් වූයේය . ඒ අවාසනාවන්ත රුව මඟ හැරයන්නට බලවත් ලෙස තමාට ඕනෑකම තිබියදීත් ඇයට නවතින්නට අවශ්‍ය වූ සැටිත් එයින් පසු ජීවිතය උඩු යටිකුරු වූ සැටිත් කතුවරයා වේදනාවෙන් සිහිපත් කළේය. එහි වූ රූස්ස රොබරෝසියා ගස පාමුළ තමා ඒ රාත්‍රියේ අතහැර දමා ආ දේ සොයා පසුව ගිය වෙහෙසකර ගමන් ගැන කතුවරයා තම "මතක රස්තියාදුව" නම් පොතට පරිච්චේදයක් එක් කළේය. "දෙසැම්බරයේ දීගු දවසක්" හි විස්තර කෙරූයේ කතුවරයාට එම රාත්‍රිය ගෙවන්නට අවැසි වූ අයුරු මිස ඇත්තටම ගෙවී ගිය අයුරු නොවන බව මේ ලෝක ජනගහනයෙන් තිදෙනෙකු පමණක් දැන උන්හ. තමාගේ ජිවිතයේ සදහටම වෙනස් වූ ඒ රාත්‍රිය හා තමාගේ බොහෝ කතා වලට වස්තු බීජ සැපයූ ඒ වේදනාව මෙන්ම මැරෙන මොහොත දක්වා රිදුම් දෙන පසුතැවීම උපන්නේ එතැනින් බව ඔහු දැන සිටියද එය එළිදරවු වන්නට හැර තම ආත්මය නිරුවත් කරගන්නට කතුවරයා සූදානම් නැත. එක අතකට ඈ පිලිබඳ කතන්නදරය ලියා තැබුවා නම් සිත සැහැල්ලු වනු ඇත. නමුත් දිනූ ජීවිතය ලන්සු තබන්නට තරම් ඒ "සැහැල්ලුව" වටිනා එකක් ලෙස ඔහුට නොපෙනිණ. තේ කෝප්පය හිස් වෙන්නට ආසන්න වී තිබිණ. තේ බෑගය තව දුරටත් එයට කහට එක් කරමින් සිටියද ඒවා උරාගෙන රසවත් වන්නට තරම් "තේ" තවත් එහි ඉතිරිව නොතිබුණ. ඔහු සැහැල්ලු සුසුමක් හෙළුවේය. කතුවරයා නැඟී සිට බෙස්ට් සෙලින් පොත අතට ගත්තේය. තමාගේ සියළු පොත් අතර "අහංකාරයා" එය බව කලක සිට ඔහුට හැඟී ගොස් තිබූ දෙයකි. කතුවරයා යටි සිතින් සිනාසුණේය. එය හරියටම "උඹට වැඩිය අපූරු කතා තව තියෙනවා" කියන්නාක් වැනිය. කිමද ඔහු එයින් එකක් දැන සිටියේය. හදිසියේම කතුවරයාට වෙනත් යමක් සිහිවිය. ඒ අනෙක් කතුවරුනුත් එසේ විය නොහැකිද යන්නයි. අසරණ ඔවුන්ද මුහුණ පා සිටින්නට ඇත්තේද එකම ඉරණමටය. බාගදා කිසිවෙකු එඩිතර වූයේ නම්, ඒ අතළොස්සක් පමණක්ම විය හැකිය. තමා තවමත් ලෝකයේ "හොඳම කතා" කියවා නැති බව කතුවරයාට ඒ මොහොතේ වැටහී ගියේය.හැබැයි දැන් මට ඇඬෙන්නේ නෑ. CAMPUS, මේ වචනයට මන් කොච්චර දැන් ආසද. දැන්? ඇයි "දැන්" කියන්නේ? මොකද ඉස්සර (ඒ කියන්නේ A/L කාලේ) කැම්පස් යන්න ඕන කියන එක තුන් හිතකවත් තිබ්බ ළමයෙක් නෙවෙයි මන්. හේතුව මට කැම්පස් ගෙන තිබ්බේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි (එක එක්කෙනා කියන කතා ඇහිලා). තව මන් හිතන් හිටියේ කැම්පස් යන්න නම් "සුපිරි මීටරයක්" වෙන්න ඕන, මන් එහෙම කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් කොහොම කොහොම හරි මන් කැම්පස් ආවා. ගෙදර තියෙන්නෙත්, පාසල් ගියෙත් නගරයේ ප්‍රධාන බාලිකා පාසලකට නිසා, ටවුන් එක විතරක් දැකලා තිබ්බ මට නගරයෙන් ටිකක් එපිටට වෙන්න තිබ්බ මේ කැම්පස් ජීවිතය මුලින් කටුකයි වගෙ දැනුනට, ඒ කටුක බව අස්සේ මොකක්දෝ ලස්සන මිහිරක් මන් වින්දා. ඉතින් සමහර කැම්පස් එන්නම හිටපු ළමයි කැම්පස් ආවේ අපරාදේ, කාලය නාස්ති වෙනවා කියලා දුක් වෙනකොට මන් දුක් වුනේ දවසින් දවස කැම්පස් එකේ ඉන්න තියෙන කාලය අඩු වෙන එකට. හරි, දැන් මන් කියන්න ගියේ මේ දේවල් නම් නෙවෙයි. මෙතනින් එහාට තමයි කතාව පටන් ගන්නේ. ******************************************************** + "තමුසේ නම් මහ හිතක් පපුවක් නැති රොබෝ කෙනෙක්" + "තමුසෙගේ ........ රත්තරන් කියලා ද හිතන් ඉන්නේ? ඒකද ඔච්චර සීන් එකේ ඉන්නේ?" + "මොකද උඹේ ඔච්චර ලයින්. හෙන කෑල්ල කියලා ද හිතන් ඉන්නේ?" + "ඕකි තමා ගිහින් සීනියර්ස්ලාට කියලා අපේ බැච් එක පාවාලා දෙන්න ඇත්තේ" ඉතින් හිතවතුනි, මේ මන් සරසවියේදී සමහරුන්ගෙන් අහගත්ත කතා වලින් කීපයක් තමයි ඔය. බහුතර හොඳ අස්සේ සුලුතරය මෙහෙම කිව්වට මොකද මෙතන හැම සමාජ පන්තියේම, ජේෂ්ඨ, සම, කනිෂ්ඨ හැම බැච් එකේම නියෝජනයන් තියෙනවා. කොහොම වුනත් මේ වගේ කතා අහගන්න හේතු මොනවද කියලත් මන් බැලුවා. ඒවාගෙන් ප්‍රධාන දේවල් ටිකක් තමයි ඔය පහලින් තියෙන්නේ. 1. මන් කැම්පස් එකේ අනිත් අයට වඩා කැපී පෙනෙන, සැලකිය යුතු ප්‍රසිද්ධියක් උසුලන බහුතරය පිරිමි ළමයි වූ, දෙතුන් දෙනෙක් ගැහැනු ළමයි වූ ගොඩ අතරේ සිටීම. මේ හේතුව නිසා සැලකිය යුතු ප්‍රමාණයක් මන් වටා සිටීම සහ මගෙ හොඳ දැකීම. (එහෙම වෙන්න හේතුව විවිධ සංගම් වල ඉහල නිලතල දරන ගමන් ඇකඩමික්ස් ටිකත් ගොඩ දාගන්න එක වෙන්න ඕන මගේ දැනුමේ හැටියට නම්) 2. සීනියර්ස්ලාට බය වෙලා ඔලුව නමාගෙන නොසිටීම. (හැබැයි මගෙන් ගෞරවයක් ලැබිය යුතු ජෙෂ්ඨයොන්ට ඒ ගරුත්වය දුන්නා) 3. මට නොගැලපෙන යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම. 4. හරි දේට හරි කියනවා වගේම නරක දේට වැරදි කියන්නත් කොන්ද පන තිබීම. 5. හේතුවක් නැත්තම් කතා නොකර සිටීමත් සමහරක් දැක්කේ "ලොකු සීන්" විදියට. (හැබැයි මගේ inner circle එක දන්නවා මන් කවුද කියලා. මට ඒ ඇති) හරි අපි දැන් ආය කතාවට එමු. ඉතින් ඔයාලා හිතන්නේ මන් ඔය වගේ දේවල් ඇහුවම අළු මතින් නැගිටුන ෆීනික්ස් කුරුල්ලා වගේ නැගිටින්න ඇති කියලා ද? කොහෙත්ම නැහැ. මන් වරු ගනන්, දවස් ගනන් හොඳටම ඇඩුවා. (හිතන්නකෝ ඉස්කෝලේ කාලේ හොඳම විතරක් හැමෝගෙන්ම අහලා, ජීවිතයට නරකක් අහලා නැති "පියරු බබෙක්" එක පාරට මේවා කොහොම දරාගන්න ඇතිද කියලා?) ආහ්! අනිත් හොදම දේ මේවා මේ තනියම කවුරුත් නැති තැන කියපුවා නෙවෙයි හොදද. දෙනෝදාහක් මැද්දේ කියපු කතා. කොහොම හරි අඬලා අඬලා පස්සේ මන් තවත් ශක්තිමත් වෙලා නැගිට්ටා. (තනියම නෙවෙයි, මගෙ inner circle එකේ අය මාව වැටෙන්න නොදී අල්ලන් හිටියා) මන් හිතුවා තව කවුරුත් නිසා ඇයි මන් අඬන්නේ, ඇයි මන් discourage වෙන්නේ කියලා. කොහොම හරි එයාලා ඒ බැනපු බැනුම්, එල්ල කරපු මඩ, කපාගෙන ඉස්සරහට යන්න කරපු දේවල් නිසා මන් මාර විදියට මෝටිවේට් වුනා. මන් වෙනදා වැඩකරනවාට වඩා දෙගුණයක් වැඩ කරා. වෙනදාටත් වඩා ලස්සනට ඇන්දා, ලස්සනට හිටියා. මේ දේවල් නිසා වෙනදාට වඩා තවත් confidence up වුනා. වෙනදාටත් වඩා තවත් අලුත් අලුත් දේවල් වලට සහභාගි වුනා. කිසිම opportunity එකක් මඟහැර ගන්නේ නැතුව තවත් අලුත් දේවල් හඹා ගියා. ඒක පුදුම motivation එකක්! ඉතින් ඒ බැනුම්, කෙනෙහිලිකම් වලින් මන් motivate වුනා විතරක් නෙවෙයි, දැන් අර "පියරු බබා" අත්දැකීම් ගොඩක් එක්ක ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉස්සර "හප්" කිව්වත් අඬන කෙනා දැන් මහ ලොකු සෙනඟක් ඉස්සරහ චෝදනාවට ලක් වුනත්, තමන් නිර්දෝශී කියලා දන්නවානම්, කිසිම ගානක් නැතුව ඉන්න පුළුවන් තරමට පරිනත වෙලා. ඉතින් දැන්නම් මන් සරසවි ජීවිතයට සමුදෙන්න තව ටික කාලයයි. හැබැයි පුදුමේ කියන්නේ මෙච්චර දේවල් වෙලත් මන් තාම "කැම්පස් ජීවිතයට" මාරම ආසයි. (මෙච්චර කිව්වම හිතන්න එපා, අයියෝ ඔච්චරද වුනේ කියලා. නෑ මේවා මේ 5%ක් විතරයි ඔයාලාට කිව්වේ). ඉතින් කතාව ටිකක් දිග වුනාට, ජීවිතයට මුහුණු පොතේ article එකක් දාලා නැති මට මේක ලියන්නම ඕන කියලා හිතුනේ එක්කෙනෙක් හරි මේක කියවලා, තමන් හරිදේ නම් කරන්නේ, දිගටම ඒ දේ කරන්න හයියක් දෙන්න වගේම, තව කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න කලින් සිය දහස් වතාවක් හිතන්න කියන මතක් කිරීමත් කරන්න. සිංහලෙන් මෙච්චර ගොඩක් type කරන්න කම්මැලිකමෙන් හිටපු මගෙ අතින් මේක 'ලියවුනේ', "අදත් ඒ වගේ දවසක්" නිසා. හැබැයි, වෙනදා වගේ නෙවෙයි අද මට මන් ගෙනම සතුටුයි. මොකද, දැන් මට ඇඬෙන්නේ නෑ. ප.ලි.: මේක මගෙ පළවෙනි article එක. අඩුපාඩු කියලා දුන්නොත් මාත
් සතුටින්. © -ශිකූ-බස් කතා .................... මගේ පදිංචිය තිබ්බෙ ගම්පහ ඔරුතොට ඒ කියන්නෙ ගම්පහ ඉදලා මහා ලොකූ දුරක් නෙවේ වැඩිම උනොත් කිලෝ මීටර් 4ක් තියෙන්නෙ ඇති . පයින් ගියාමනම ඒක 3කට විතර අඩු වෙන්නෙ ශෝට් කට් හන්දා. ඒ කාලේ ඒ කියන්නෙ මට මතක තියෙන කාලේ 1997 වගේ ඔරුතොට පාර අද වගේ ලේන් දෙකේ පාරක් නෙවේ තනි තාර පාරක් වාහන දෙකකට එක පාර මාරු වෙන්න බැරි පාලමක් තමා කලු පාලම ලගින් තිබ්බෙ . ඒ උනාට ඔය පාරේ බස් අංක තුනක්.යටතෙ බස් දිව්වා. ගම්පහ පහළයාගොඩ 334 ,ගම්පහ කඩවත 332, ගම්පහ බැලුම්මහර 333/1 , ඔය අතරෙන් ගම්පහ පහලයාගොඩ බස් තුනක් විතර තිබ්බා ඒවා ඔක්කොම ප්‍රයිවට් බස්. එහෙමයි කියලා ලොකූ බස් තිබ්බෙ නෑ. වෙන පාරවල් වල දුවන්නෙ නැති ඉසුසු එල්ෆ් දිග වෑන්, කොම්බි පරණ රෝසා බස් තමා හුගක්ම දියුවෙ. ලංගම බස් නම් ටාටා කොට තමා තිබ්බෙ ලංගම බස් රේල් ගේට්ටුව ගාව නැවත්තුවට ප්‍රයිවට් ඒවා පබ්ලික්.හෝල්.එක ගාව නැවත්තුවෙ. ඇත්තම කතාව උදේට ස්කෝලෙ ඔෆීස් යන වෙලාවටයි හවස ඔෆීස් ස්කෝල ඇරෙන වෙලාවට විතරයි ඔය බස් වලට සෙනග උන්නෙ. නැත්නම් ඔය බස් දුවන එකත් පාඩුයි . අදටත් ඒක එහෙමයි දවල්ට බස් දුවන්නෙ සීට් ගාණටවත් මිනිස්සු නැතිව . 2001 චන්දෙන් එජාපේ දිනනවා ඊට පස්සෙ ලංගම ප්‍රතිව්‍යුහගත උනැයින් පස්සෙ අර ලංගම බස් දෙකම නැති වෙනවා. ඒකෙන් මඩුගහමුල හන්දියෙන් පල්ලෙහාට මොරගොඩ මුදුන්ගොඩ ඉන්න මිනිස්සුත් ඉහලයාගෝඩ , ඉන්න මිනිස්සුත් මාර පීඩාවකට පත් වෙනවා. එක්කො එයාලා බැලුම්මහරට හරී ස්කෝල හන්දියට යන්න ඕන නැත්නම් මඩුගහමුලට එන්න ඕන . ඕං ඔය විදියට යනකොට ඉහළයාගොඩ අයට ගම්පහ ගණේමුල්ල ප්‍රයිවට් බස් එකක් හම්බ වෙනවා. ඒකෙන් සෑහෙන්න සේවයක් වෙනවා. පස්සෙ 2006 දී වගේ පල්ලියේ ෆාදර්ගේ මැදිහත් වීමෙන් ගම්පහ බැලුම්මහර ලංගම බස් එකක් හම්බ වෙනවා ඒක තමා ඔය පල්ලෙහා තියෙන්නෙ. මුලු රූට් එකටම එක බස් එකයි. ඒකේ ඒ කාලේ ඉදන්ම අද වෙනකන් ඉන්නෙ එකම රියදුරු මහත්මයෙක්. ඒ මහත්මයා හරී වෙලාවට කලාවට වැඩ කරන විනීත මහත්මයෙක්.කාලෙන් කාලෙට කොන්දොස්තර මහත්වරු වෙනස් උනත් ඒ මහත්වරුත් හරී සුහදව රාජකාරී කලා. මන් සාමාන්‍ය පෙළ වෙනකන් ස්කෝලේ ගියේ වෑන් එකේ ඒත් හවස පන්ති නිසා හුගක් වෙලාවට උදේට විතරයි වෑන් එකේ ගියේ. හුගක් වෙලාවට හවසට පයින් ආවා නැත්නම් බස් එකේ ආවා. ඔය විදියට ගිහින් ඕලෙවල් වලින් පස්සෙ මන් දිගටම බස් එකේ යන්න ගත්තා.ඔය කාලේ බස් එකේ කොන්දොස්තර උනේ තරුන අයියා කෙනෙක් .එයා සීසන් කියුවම බලන්නෙ නැති නිසා අපි සීසන් කියලා ගියා. හැබැයි පසඑ ආව කොන්දොස්තර මහත්මයා සීසන් එක චෙක් කරලා කපන් නිසා ඒ සෙල්ලම් පස්සෙ බැරි උනා. බස් එක මඩුගහමුල හන්දියට එන්නෙ උදේ 7.05 ට වගේ ඊට කලින් පහල යාගොඩ බස් එකයි ගනේමුල්ල බස් එකයි දෙකම ආවත් අපි සීසන් එකෙන් යන නිසා CTB එකම එනකන් ඉන්නවා . බස් එක පරණ නිසා කැඩුන වෙලාවට ත්‍රී වීල් වලට 10 ගානෙ දීලා පස් දෙනෙක් විතර ගියපු වෙලාවලුත් තියෙනවා. උදේ 7ට මඩුගහමුලින් ගම්පහට යන බස් එකේ වැඩි හරියක් උන්නෙ ස්කෝල ළමයි , පන්ති වලට යන ළමයි ඊට පස්සෙ ගුරුවරු ඊටත් පස්සෙ තමා සාමාන්‍ය ජනයා උන්නෙ. බස් එකේ වැඩිහරියක් උන්නෙ සිද්දාර්තේ සහ සෙන් පීටර්ස් , හෝලි ක්‍රෝස් එකේ ළමයි.ඔය අතරේ ගෝතමී, යශෝදරා බණ්ඩාරනායක වගෙත් ටිකක් උන්නා. වැඩි හරියක් කතෝලික ළමයි තමා බස් එකේ උන්නේ. ආයේ දවල් 2ට ගම්පහින් පිටත් වෙනවා. මේ වෙලාවට බස් එකෙ නැගලා ඉන්න අමාරුයි රස්නේ නිසා . එතකොට අපි පරණ ස්ටැන්ඩ් එකෙ ඉදලා බස් එක අද්දන කොට ඇවිත් නගිනවා. මට මතක විදියට බස් එකටම අපේ ස්කෝලෙන් උන්නෙ මන් විතරයි.ඒත් මට ගෝතමියේ සම්බන්දතා තිබ්බ නිසා මන් උනුත් එක්කම බස් එකේ ආවා ගියා. හෝලි ක්‍රෝස් එකේ ඈයෝනම් වැඩිය සම්බන්දතා පැවත්තුවෙ නැති උනාට සිද්ධාර්තේ යශෝදරා වල ගෑනු ළමයි නම් කිසි පැකිලීමකින් තොරව අපිත් එක්ක සම්බන්ද වෙලා ආශ්‍රය කලා. කොළ පාට ටයි නම් උන්නෙම නෑ. මේ බස් එක හන්දා ඔය පොඩි පොඩි ඩාම් වෙලා ඩූම් වෙච්ච දේවලුත් තිබ්බා. ඒත් ඉතින් ඒවා එහෙම ලොකු කල් තිබ්බෙ නෑ.මොනා උනත් ඉතින් ඒ ඈයොත් අද දැක්කම කතා කරලා හිනා වෙලා යනවා. මේ බස් එක හන්දා ගොඩක්ම මුදුන් ගොඩ පදිංචි අයට සේවයක් උනා වගේම ඔරුතොට පාර මැද්දේ උන්න අපිටත් නුවර පාර ලග උනා.හදිසියට කොළබ යන්න කඩවත යන්න මේකෙන් බැලුම්මහරට ගිහි බස් එකක් ගන්න විතරයි තිබ්බෙ. ඒ වගේම අපේ පැත්තේ හොදම මස් ගන්න කරවල ගන්න බැලුම්මහර පොළට එන්න හොදම ප්‍රවාහන ක්‍රමේ උනේ මේ බස් එක. මේ බස් එක තාමත් දුවනවා , බස් එකේ දුවන එක පාඩු ඇති. ඒත් ඒක දුවන එකෙන් අපි ජීවත් වෙච්ච ප්‍රදේශෙ සංස්කෘතිකව, ආගමිකව, වගේම ආර්ථිකවත් සැහෙන්න කුඩා උනා. කොටින්ම මේ බස් එක හන්දා අවාහ විවාහ එහෙමත් උනා.කතෝලික බෞද්ධ විදියට වෙන් වෙලා සීතල යුද්ධ ගියපු මුදුන්ගොඩ මොරගොඩ ඔරුතොට අතරෙ මිනිස්සු මිශ්‍ර වෙන්න මේ බස් එක මාරම මෙහෙයක් කලා. පහු කාලීනව මගේ ආදර අවනඩුවකුත් මේ බස් එකේම ලියඋනාට පුන්සිරි සොයිසගේ මේ බස් නැවතුම ගීතය වගේම වෙලා බොද වෙලා ගියත් අදටත් බැලුම්මහර CTB බස් එක පාරේ දුවනවා. CTB ය චිරාත් කාලයක් වැජබේවා. ...හැමිලගෙ චාලී ...===මගුල් මුද්ද=== (කෙටි කතාවකි) මං මගුල් ඇඳුම පිටින්ම ගිහිං කමරේට රිංගලා ඇඳ උඩින් ඉඳගත්තා. කාමරයක්ය කිව්වට මේක කාමරයක්ම නෙවෙයි. ඒ පැත්ත හැරිලා මේ පැත්තට හැරෙනකොට වැලමිට දෙක වදිනවා බිත්තියෙ. බිත්ති පුරා ඇලවිලා තියෙන්නෙ බෲස්ලි කියන සටන් කාරයගෙ එක එක සයිස් එකේ පෝස්ටර්. ඒ මනුස්සයා බෲස්ලිමයි කියලා මං දන්නෙත් ජයේ ඒ මිනිහට පිස්සු වැටිලා හිටපු හින්දා. බිත්තයෙ එක තැනක විතරක් සල්මන් ඛාන් ඉන්නවා. මං ඒ පින්තූර දිහා බලාගෙන හිත එකලස් කරගන්න හැදුවත් ඒක ලේසි නෑ. එළියෙ කාලගෝට්ටිය අහගෙන ඉන්ඩ බැරි තරම් සද්දෙට යනවා. කාමරේ තිබුණු ජනෙල් දෙකෙනුත් එකයි අරින්ඩ පුළුහන්. අනිකෙ කොක්ක කැඩිලද කොහෙදෝ ඒක බකට් කම්බි කෑල්ලකින් අමුණලා වහලා දාලා . ආයෙ අරිනවා බොරු. අරින්ඩ පුළුවන් ජනේලෙ විතරක් ඇරලා මං මිදුලට එබුණා. මට දැනුනෙ පණ පිටින් පොළොව පලාගෙන යන්ඩ පුළුවන් තරමෙ ලැජ්ජාවක්. මං ආයෙත් ඇවිත් ඇඳ උඩින් ඉඳ ගත්තා. “දෙයියනේ කියලා උන්නෙ කෙල්ලො දෙන්නයි. එයිනුත් එකෙක් හොර වලකට ගෙනත් ආතරින්ඩ පුළුවන් ද වදාපු අම්මෙකුට" "අනේ අම්මෙ දැං ඇති. අන්තිමට මේවයින් අක්කටනෙ ලැජජජාව. " පොඩ්ඩිගෙ කටහඬ ගෝසාව මැද්දෙ වුණත් වෙන් කරලා අඳුර ගන්න මට අමාරු වුණේ නෑ. "ලැජජජාව.? ලැජ්ජා වුණේ නෑ තාම. හැබැයි මේ හොරුත් එක්ක ලැගලා කවදා හරි පොලෝසි ගානෙ තපින්ඩ වුණාමයි ලැජ්ජා වෙන්ඩ වෙන්නෙ. අන්න එදාට උඹට කාට කාටත් තේරෙයි මේ අම්මා හොද්දෙ දෙහි ඇට හැපෙන්නැහෙ තොපිට කියපු බණේ මොකද්ද කියලා. ඇයි බං ගෑණියෙක් උනාම මිනිහෙක් එක්ක එපැයි යන්ඩ. මුං මිනිස්සුද? යකෝ හා පුරා කියලා මනමාලි ගෙට ගොඩ වෙච්චි දවසෙම ඒකිගෙ අතේ තිවුණ මුද්ද හොරා කන්ඩ තරං තිරිසන්නු ද මුං..නෙද්දකිං!" අම්මගෙ සද්දෙට මගුල් ගෙදර හිටපු නැති අහළ පහළ මිනිස්සු ටිකත් මේ පැත්තට ගාටන්න ගත්තා. මට ජයසාන්ත ගැන නම් පුදුම විදිහට දුකයි. අම්මා හරියට කතා කරන්නෙ ජයසාන්ත මුද්ද හොරාකෑවා වගේනෙ. සමහරවිට දවල් කෑමෙන් පස්සෙ මහ සද්දෙට ජෝතිගෙ සිංදු දාගෙන කට්ටිය එක්ක නටපු වෙලේ මුද්ද වැටෙන්ඩ ඇති. ජයශාන්තගෙ අතේ එල්ලිලා නට නට ඉන්නකොට ග්‍රේස් අක්කත් ඇවිත් අතේ පැටලිලා නටන්ඩ පටං ගත්තනෙ. වැටිලා තියෙනවා දැකලා මොකෙක් හරි අහුල ගන්ඩ ඇති. ⁣අහුල ගත්තු එකා එච්චර වටින මුද්දක් ආපහු දෙයියැ. මොනව වුණත් ඒ මිනිහා මේකට පලියැ. හැදුං කුලියත් එක්ක ඒකට හතළිස් පන්දාහක් ගියා කියලයි එයා කිව්වෙ. ගිය දේ ගියා. උරුම නැති දේ කොයි හැටියට පරිස්සං කෙරුවත් නැති නාස්ති වෙලා යනවා. මුද්දක් නං ආයෙ හදවගන්ඩ බැරියැ. ඒත් අම්මගෙ කෑ ගැහිල්ලෙන් වෙන ලැජ්ජාව? ඒක අකා මාකා වෙලා යන්ඩ කොච්චර කාලයක් යයිද? අනික මං කොහොමද ජයේට උනත් මූන දෙන්නෙ..? මට දිව ගිලෙන්ඩ තරමෙ තිබහක් දැනුණා. ටික වෙලාවකට කලින් අතටම ගෙනත් දීපු සරුවත් වීදුරුවත් මං ජයශාන්තටම බොන්න දුන්නෙ කටේ උලලා තියෙන ලිප්ස්ටික් ටික දිය වෙලා යයි කියන බයට. එහෙම වුණොත් අව්වට පිච්චිලා කළු ගැහිලා තියෙන තොල් දෙක මිනිස්සුන්ට පේන්ඩ පුළුවන් . ඒවා ඉතිං හැමදාම හංගන්ඩ පුළුවන් දේවල් නෙමෙයි තමයි. ඒත් මේ වත්තට පය ගහපු පළවෙනි දවසෙවත් ටිකක් ලකේට ඉන්ඩෙපැයි. මං ආයෙමත් බැලුවෙ දෙවෙනි වතාවටත් පාළු වෙච්චි වෙදැඟිල්ල දිහා. "හරි බං.. මුද්දක් නං හදා ගන්ඩ බැරියැ. අනික මිනිස්සුන්ට ඔහොම ඒවද නැති වෙන්නෙ. නිකං රට්ටු හිනස්සන්නැතුව ගිහිං වාහනේට නැගපං." තාත්තගෙ සද්දෙත් අම්මට දෙවෙනි නෑ. ඒත් තාත්තා කවදත් අම්මට වැඩිය නිවිච්චි චරිතයක් කියලා මං දන්නවා. එහෙම එකේ තාත්තටවත් මේ වෙලාවෙ අම්මව දමනය කරගන්ඩ පුළුවන් වුණොත් හොඳයි. "අනේ මේ.. තමුසෙගෙත් බණ විතරයි. ගෙදෙට්ට ඇවිත් අහපු හැටියෙම ඉන්නෙ කොහෙද අම්මා අප්පා මොකාද කියලා හොයන්නැතුව පැනපු ගමන් කැමති වුණේ අප්පලා දූලනෙ. දැන් හරිද? මං උඹලට කට ගෙවෙනකල් කිව්වා. මේ කොළණිවල එව්වොන්ට අපේ පරම්පරාවෙ ගෑණු දීලා නෑ කියලා." ආයෙමත් පරණ කතාවමයි. ජයශාන්තව මට මුණ ගැහුණෙ කර්මාන්තපුරේ වැඩට යන කාලෙ. ඒ වෙනකොටත් කසාද බඳින වයස පහුකරලා හිටපු මට කොළඹ විශ්ව විද්‍යාලෙට තේරිලා හිටපු නංගිට උගන්නනවා ඇරෙන්ඩ වෙන අරමුණක් තිබුණෙ නෑ .උදේ හවා එක බස් එකේ එකටම ගාමන්ට් ගියපු රේකා යාළු වෙලා හිටිය අජිත්ගෙ යාළුවා විදිහට තමයි ජයශාන්තව මට මුලින්ම මුණ ගැහුණෙ. කාටත් හොරෙන් අජිතුයි රේකයි සැවෝයි එකට රිංගලා චිත්‍රපටියක් බලලා එනකල් එළියට වෙලා කල්පිටි කරවල ගානට වේලුනේ ජයශාන්තයි මායි. දෙන්නත් එක්ක වඩේ මුලක් ගෙනත් කාලා ඔරේන්ජ් බාර්ලී බෝතලයක් හිස් කරන අතරේ ආ ගිය තොරතුරු කතා කෙරුවා ඇරෙන්ඩ ජයශාන්ත කවදාවත් මට මනමාලකම් පාලා නෑ. ඒත් ගහෙන් ගෙඩි එන්නැහෙ මං නිවාඩු දවසක එයා ගෙදරට ඇවිත් අමිමයි තාත්තයි ඉස්සරහදිම මට යෝජනාවක් ගේනකොට මං තක්බීර් වෙලා ගියා. හැබැයි මට එයාට අ
කමැති වෙන්න හේතුවක් තිබුන්නෑ. ගරාජ් බාස් කෙනෙක් වෙච්චි ජයශාන්තට අකමැති වෙන්ඩ තරම් කාරණාවක් තාත්තට තිබුණෙත් නෑ. ඒත් ජයශාන්තගෙ පදිංචිය නුගහෙවණ වත්තෙ කියලා දැනගත්තු ගමන් අම්මා දුම්මල වරම අතට ගත්තා. මාස ගාණක් කියලා කියලා අන්තිමට අම්මව කැමති කරවගන්න මට පැනඩෝල් කාඩ් දෙකක්ම බීලා ඉස්පිරිතාලෙ ලගින්ඩත් සිද්ද වුණා. "මං මෙච්චර වෙලාවක් උඹේ තුප්පහි කතා අහං උන්නෙ බයකට නෙමෙයි. නුගහෙවණෙ ග්‍රේස් කියන්නෙ කවුද කියලා අහපං ගිහිං ටවුමෙං. ඇයි යකෝ.. අපෙත් ඉවසීමෙ සීමාවක් තියෙනවා .අපේ එකා මුංගෙ අත පල්ලෙන් වැටිලද? ⁣" ජයශාන්තගෙ අක්කා ග්‍රේස්ගෙ බැරැන්ඩි හඬ ඊළඟට ඇහෙන්ඩ පටන් ගත්තා. ඉවරයි. දැන් ඉතිං රෙද්දක් ඇඳගෙන මේකෙ වසන්නෙ කොහොමද? අපේ කට්ටිය එක්ක ජීවත් වෙනකොට ඔයාට හරි හරියට ඉවසන්ඩ වෙයි ඉන්දු.. අපේ අක්කා එක්ක වසනවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කන්නැහෙ වැඩක්. හොඳින් උන්නොත් පණ වුණත් දෙයි. හැබැයි ගෑණිට දිරෙව්වෙ නැත්තං හැරුණත් වැරදි.. ජයශාන්ත කිව්වෙ එහෙම. "ඉතිං අරන් පලයව් තොපේ නල්ලමලේ දෝණියැන්දව.. ඇයි යකෝ.. අපේ එකා බලෙන් උස්සං ආවෙ නෑනෙ ඕක. මහ ලොකුවට මාල වළලු හදාගෙන දඟලනකොට මං කිව්වා අපේ ගොනාටත්. අපිට දිරවන ජාතියෙ එකියක් මෙතෙන්ට වැද්දගනිං කියලා.. මහලොකු බංගලාවෙ කුමාරිහාමිලා. අපි දන්නැතුවැයි ලොන්ඩපොතේ නැතුව ඉන්න හැටි. අනිත් එක යකෝ.. නැති වුණේ අපේ එකා දාපු මුද්ද. අපේ එකාගෙ දෙයක් තොපිත් එක්ක ආපු එකෙක් මිසක් අපි හොරා කනවද?" ග්‍රේස් අක්කගෙ සද්දෙ නයෝමිට හපන්. මේ විදිහට අපේ අම්මත් එක්ක කා කොටාගන්න ආවෙ උඩ ගෙදර නයෝමි විතරයි. මං එහෙමම අතේ තිබ්බ මල් බොකේ එක කාමරේ ඇඳ උඩින් තිබ්බා. ඒක තවත් උස්සගෙන ඉන්න බැරි තරම් බරයි කියලා මට මතක් වුණේ දැන්. කොණ්ඩෙ තියෙන මල් ටිකත් ගලවලා දැම්මා නම් ජයේ ආවට පස්සෙ සාරියෙ කටු ටිකත් ගලවලා දාලා ගවුමක් ඇඳ ගන්ඩ පුළුවන් . ඒත් ඊට කලින් අම්මා ඇවිත් මාව ආයෙත් ඇදගෙන ගිහිං වෑන් එකට දා ගනියිද කියලා සාධාරණ බයක් මට දැනුණා. අපේ අම්මා කියන්නෙ එහෙම දෙයක් වුණත් කරන්ඩ බැරි ජාතියෙ ගෑණියෙක් නෙවෙයි. එහෙම වෙනවට වැඩිය මේ ඇඳගෙන ඉන්න සාරියෙන්ම මේ කාමරේ ඇතුළෙම එල්ලිලා මැරෙන එක නම්බුයි. "හරි.. දැං උඹලා මෙතන කෑ කොස්සං ගහන එක තේරුමක් නෑනෙ. නැති වුණ දේ නැති වුණා. මං මගෙ ගානෙ කෙල්ලට මුද්දක් හදවලා දෙන්නං. මේ සිමියොං තනිවචනෙ මිනිහා කියලා උඹලා දන්නවනෙ. කිව්වොත් කිව්වා." ජයශාන්තගෙ තාත්තා දෙපැත්තෙම සද්දෙ වහන්ඩ කතා කෙරුවා මට ඇහුණා. ඒ තාත්තත් අපේ තාත්තා වගේ තමයි. ඇවිලෙන ගින්නට පිදුරු දාන ජාතියෙ මිනිහෙක් නෙමෙයි. මං ආයෙත් ඇ‍ෙඳන් නැගිටලා ජනේලෙ ළඟට ගියේ ඒ කතාවට මගෙ ඇඟට ලේ ටිකක් උනපු හින්දා. ගෑණූ අපි කොහොමත් රත්තරන් වලට හරි පෙරේතයිනෙ. " යකෝ හෙණ ගහන්ඩ වගේ තමන්ටම කියලා දුවෙක් ඉන්දැද්දි තාත්තා මොකටද කොහෙවත් යන බොණ්ඩියෙක්ට..?" ග්‍රේස් අක්කා මොකුත් කියන්ඩ කලින් තාත්තගෙ දකුණු අත ගිහින් අක්කගෙ කම්මුලේ නතර වුණා. මං දැක්කා අක්කගෙ මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙනවා. "කට වහපං. උඹ තමයි මේ සේරටම මුල. හැබැයි උඹ මතක තියාගනිං. මං මේ කෙල්ලට මුද්දක් හදලා දෙනවා විතරක් නෙමෙයි මේ කෙල්ලගෙ මුද්ද හොරා කාපු එකාවත් හොයා ගන්නවා. අන්න එදාට කවුරු කවුරුත් දැනගනියි මේ සිමියොං කියන්නෙ කවුද කියලා.." "තාත්තා එහෙනං අර පරට්ටි හින්දා මට අත ඉස්සුවා. හරි බලාගමු.. මාත් මේක මෙතනිං අතාරින්නෑ.. ඇයි යකෝ.. " ග්‍රෙස් අක්කගෙ සද්දෙ ගෙවල් පේළිය අතරින් පහළට දිය වෙලා යනවා මට ඇහුණා. ගෙට ගොඩ වෙන්නත් කලිං නෑදෑකම් පළුදු වෙච්චි එක ගැන මට දැනුණෙ කියාගන්ඩ බැරි තරම් කම්පාවක් . මං හුඟ වෙලාවක් යනකල් කාමරෙන් එළියට බැස්සෙ නෑ. අම්මයි නංගියි තාත්තායි ඇවිත් අඬලා දොඩලා යන්න පිටත් වුණා. ජයශාන්තගෙ තාත්තා ආයෙ මුද්දක් හදලා දෙනවා කිව්වට පස්සෙවත් අපේ අම්මගෙ කේන්තිය අඩු වෙලා තිබුණෙ නෑ. මුද්ද නැති වෙච්චි එකටත් වැඩිය ග්‍රේස් කියපු දේවල් වලටයි අපේ අම්මට කාලා ඉන්ඩ බැරි වෙලා තිබුණෙ. ඉර බැහැලා ගියා. කට්ටියගෙ සද්දෙත් අඩු වුණා . තහඩු මඩු දෙක ගලවන ස්දදෙයි ප්ලාස්ටික් පුටු ගොඩ ගහන සද්දෙයි එළියෙන් ඇහෙනවා. ඒ අතරෙ ඉඳලා හිටලා විහිළුවක් කරපු ඉලංදාරි දෙතුන් දෙනෙක් මහ හයියෙන් හිනා වෙනවා. ඒත් තවමත් ජයශාන්ත කාමරේට ආවෙ නෑ. මට දැනුණෙ පාළුවකටත් එහා ගිය බයක්. බැරි වෙලාවත් ග්‍රේස් අක්කා කාමරේට රිංග ගත්තොත්. මට හගන්නත් බැරිකමක් නෑ. මං කොහොම හරි දඟලලා කොණ්ඩ මෝස්තරේ අයින් කරලා කොහොම හරි ඔට්ටු වෙලා සාරියත් ගලවලා දාලා රෙදි බෑග් එකේ තිවුණු චීත්තයක් අරන් ඇඳ ගත්තා. වැසිකිලියට යන්න උවමනාව තදින්ම තිබුණත් ඒවා තියෙන තැන් මං හරියට දන්නෑනෙ. ඇරත් අලුත බැඳපු මනමාලිට ඕවා කියලා කරලා දෙන්න කසාද මිනිහා දැනගන්ඩ එපැයි. මගෙ යටි හිතට ජයශාන්ත ගැන පොඩි කේන්තියකුත් ආවා. ඒත් ටික වෙලාවක් යනකොට ජයශාන්ත කාමරේට ආවා. මං බිම බලාගත්තෙ වෙච්චි දේ හින්දා මට එයාගෙ මූන බලන්න හයියක් තිබුන්නැති හින්දා. මගෙනෙ සම්පූර්ණ වැරැද්ද. අනික අපේ අම්මා කියපු දේවල්වල හැටියට කසාද මිනිහට වුණත් කොහොම මූණ දෙන්ඩද? අතට දාපු මුද්ද පරිස්සං කරගන්ඩ බැරි වෙච්චි ගෑණි එක්ක මොන පවුල් ජීවිතයක්ද කියලා ජයශාන්ත වුණත් හිතනවා ඇති. "ඉන්දු.." ජයශාන්තගෙ හඬේ කිසි වෙනසක් නෑ. වෙනදා වගේම ආදරෙන් පිරිලා. "ඕවා ගණං ගන්නෙපා. ⁣අනික මෙහෙ ඉන්නව නම් ඕවට හුරු වෙන්ඩ වෙයි." ජයශාන්ත හෙමිහිට මගෙ ඔලුව අතගෑවා. මේච්චර වෙලාවක් උහුලගෙන හිටපු කඳුළු බිංදු දෙකක් මගෙ ඇස් අගිස්සෙන් කඩා වැටුනෙ ඒ වෙලාවෙ. "අක්කා මාත් එක්ක තරහා ඇති ජයේ. අපේ අම්මා වුණත් නෑයො ඉස්සරහා කතා කරපු විදිහ වැරදියි. මුද්ද නැති වෙච්චි එකට වැරදි මමනෙ. ඔයා දුක් විඳලා හම්බ කරපු සල්ලි." " අපේ අක්කද? එකිට ඕවයෙ ගාණක් නෑ. හෙට උදේට ආයෙ තාත්තෙ කියාගෙන ගෙට රිංගයි. ඔයත් චාටුවෙන් ඉන්ඩ. පොඩ්ඩක් ඉන්ඩකො" ජයදේව නැගිටලා ගිහිං කාමරේ මුල්ලක තිබුණු පොඩි සූ⁣ට්කේස් එකක් එළියට ඇදලා අරගෙන ඇවිත් ඇඳ උඩින් තිබ්බා. "කෝ දෙන්ඩ බලන්ඩ අත " ජයශාන්ත මගෙ මගුල් මුද්ද හිස් වෙච්චි වම් අත ඉල්ලුවා. මං අත ඉස්සරහට පෑවෙ සියළු චෝදනා ඔප්පු වෙච්චි වැරදිකාරියෙක් වගේ. සූට්කේස් එක ඇතුළෙ තිබුණු පොඩ් හතරැස් පෙට්ටියක් එළියට ගත්තු ජයශාන්ත ඒකෙ ඇතුළෙන් ලස්සන මුද්දක් එළියට ගත්තා. කලින් එක වගේමයි. හැබැයි ඊට වැඩිය දිස්නෙ ටිකක් අඩුයි. ජයශාන්ත කතා නැතුවම මගෙ වමතෙ වෙදැඟිල්ලට මුද්ද දැම්මා. "ඔන්න දැනුයි අපි ඇත්තටම මුදු මාරු කරගත්තෙ" ජයශාන්ත මනමාල බැල්මකින් මං දිහා දිහා බලාගෙන හිනා වුණා. ඒත් මම හිටියෙ මොකුත් හිතාගන්න බැරුව. ⁣ජයශාන්තට මෙච්චර සල්ලියක්.? මුදු දෙකක්ම ගන්ඩ තරම්. "මං එච්චර සල්ලිකාරයෙක් නෙවෙයි ඉන්දු.." ජයදේව මගෙ හිත කියෙව්වා වගේ කිව්වා. "එතකොට මේක?" "මේ අපේ මගුල් මුද්ද" "එතකොට අරක? " "ඒක ඉමිටේසන් එකක්. මං දැනං හිටියා අපේ අක්කා ඒකට කෙලින බව" ජයශාන්තගෙ මූණෙ තිවුණෙ මහා ලොකු සටනක් දිනුවා වගේ හිනාවක්. ** ** ** ** 🖊️ කල්පනී කවිරාජදානෙ කඩුල්ල ලඟ.. ගේ ගාව පාරෙ.. ගේ ඉස්සරහ බෝල පිට්ටෙන්නෙ.. තමයි මගේ දවසෙ වැඩි කාලයක් ගෙවුනෙ. අපේ ගෙදරට කවුරුහරි එනව නං මට කලියෙංම පේනවා. කිරි හට්ටියක් වගේ සුදෝ සුදු කොණ්ඩයක් පාර දිගේ හිනාවෙවී එනවා. අපේ ගේ දිහාට. කාරණාව නිච්චි වෙච්චි ගමං ඒ හිනාව පරද්දල මයෙ හිනාව පීදෙනවා. සුදු කොණ්ඩෙට කලියෙං මං දුවනව ගෙදෙට්ට. 'අම්මේ දානෙ කියන්න එනෝ' මං බෙරිහං දෙනවා. අම්ම මිදුලට එනවා. 'මට ඉස්සරිං පණිවිඩේ කිව්ව නේ.. හාමුදුරුවො කිව්වා දානෙ මතක් කරන්න කියලා' හිනාවෙන ගමං ඒ මනුස්සයා තමං ආපු කාරණේ අම්මට කියනවා. 'කී නමක්ද?' අම්ම අහනවා. 'හාමුදුරුවො තුන් නමයි. ගෝලයො දෙන්නයි' සුදු කොන්ඩෙ කියනවා. 'දානෙ ගෙනියන්න මං එන්නද? නැත්තං පන්සලට ගේනවද? ආයෙ අහනවා. 'අපි දානෙ ගේනවා. උදේ දහය වෙද්දි බාස්කට් එකයි සැට් එකයි සෝදල තියන්න. ඇවිත් ගෙනියන්නං' අම්ම කියනවා. ඔය හැම මාසෙම දහසය වෙනිදට පන්සලට අම්මා දීපු දානෙ. මං කිව්වෙ දානෙ කියලා. සලාක දානෙ, මුර දානෙ, පේරු දානෙ කියලත් ගමේ සමහරු කිව්වා. 'අන්න ඇබිත්තයා ඇවිත් දානෙ මතක් කරල ගියා' අම්ම තාත්තට කියනවා. 'ඕන කරන එව්වා ටික ගේමු' තාත්ත කියනවා. පොඩි කොල කෑල්ලකුයි පෑනකුයි කියන්නත් කලියෙං මං අම්මගෙ අතේ තියනවා. දානෙ දාට වෙනදටත් වඩා උදෙන්ම අම්ම අවදිවෙලා වැඩ පටං ගන්නවා. උදේ හය හත වෙද්දි ලොකු අම්මත් එනවා. තාත්තත් උදව්වට එකතු වෙනවා. තාත්තගෙං ඉතිං බලාපොරොත්තු වෙන්නෙ කඩේ දිවීම, පොල් ගෑම, දර පැලීම වගේ ඒවා තමයි. ඕක මං ආසම දවසක්. අපි කොච්චර අඩු පාඩු ඇතුව කෑවත් අම්මලා පන්සලේ දානෙ මගුල් ගෙදරකට වගේ හැදුවා. ඉතිං පෙරේත මට එදාට රජ මගුල්. අනිවාර්‍යෙං රතු බතුයි සුදු බතුයි දෙවර්ගෙම හදනවා. හැමදාම අපිට ලැබෙන්නෙ රතු බත නිසා එදාට මං කන්නෙ සුදු බත්. එලවළු ජාති කීපයක්ම තියෙනවා. බැදුමකුත් තියෙනවා. මාලු ඇඹුල් තියල් හදනවමයි. ඇයි ගොටු කොළ සම්බෝලෙ. ඊට අමතරව කිරි පැණි. කෙසෙල්, ගස් ලබු! 'කට්ටිය ඇඳ ගන්න' උදේ එකොලහ විතර වෙද්දි අම්ම කියනවා. සුදෙං සැරසිලා අම්මයි, ලොකු අම්මයි, තාත්තයි, මමයි පෝලිමේ අතිං කටිං උස්සං පන්සලට දානෙ ගෙනියනවා. බුද්ධ පූජාව බෙදනකං විතරයි මට ඉවසගන්න පුලුවන් වෙන්නෙ. බුද්ධ පූජාව බෙදනකොට අම්මල උයපු කෑමවල සුවඳ එද්දි ඉං එහාට ඉවසනව බොරු. කී දවසක් බුදු සාදුට බඩේ අමාරුව හැදුනද මන්ද? මට ගිලුණු කෙල කන්දරාවට. දානෙ වැඩ ඔක්කෝම ඉවරවෙලත් මට එපා වෙන්නෙ ලොකු අම්මගෙ හාමුදුරුවොත් එක්ක කෙරෙන කතාව. ඉවරයක් වෙන් නෑ. නිස්කාරණේ කියෝනවා. මං ලොකු අම්මව කොනිත්තනවා. ඕං හිනාවෙලා කියනවා 'පුංචියට බඩගිණි වෙලා හාමුදුරුවනේ' කියලා. 'පන්සලේ නැවතුනා නං වෙලාවට කලාවට කෑම් බීම් ටික ළඟටම ලැබෙනවනෙ පුංචි උපාසක මහත්තයෝ' කියලා හාමුදුරුවො හිනාවෙන ගමං කියනවා. මං ඇඹරෙනවා. ඔන්න උන් වහන්සෙට වැඳලා යාන්තං එතනිං එනවා. සමහර දවස් තිබුණා ගිය පයිං ආයෙ එන. ඒ අපි යද්දි තව දානයක් ගෙනත් ති
බ්බොත්. අන්න එතෙන්දි අපේ අම්ම උපාසක තුමියයි, ලොකු අම්ම උපාසක තුමියයි බොහෝම කැළඹිලා ඉන්නෙ. එදාට ඒ දෙන්න තමයි හාමුදුරුවන්ට බණ කියන්නෙ. ආං එදාට මට හරි ජොලි. හුටස් ගාල ගෙදර එත හැකි. ඒ ඇඳුම් පිටින්ම අත් කකුල් සේදුවා. 'අම්මේ බඩගිණී' අම්මා බෙදනවා මං මනාප විදියට. 'රතු බත් දාන්න. මාලු ඇඹුල් තියල්, පරිප්පු, හාල් මැස්සො බැදුම, අල තෙල් දාපුවා' 'ඇයි ළමයො මේ ගොටුකොළ, බටු මෝජු?' ලොකු අම්මා අහනවා. 'හවස බඩගිණ්නෙදි ඒවා කනෝ' මං පිඟානත් අරං සාලෙට දුවන ගමං කියනවා. ඒ අතරෙ අම්මලා ලඟ ගෙවල් දෙක තුනට දානෙ පිඟාන ගානෙ ගෙනියනවා. බුරිය උල්වෙන්න කාපු මං අම්මගෙං කිරි පැණි අහනවා. 'ඕකෙ ඉඩ තියෙනවයි තව?' බඩට ඇඟිල්ලෙං අනින ගමං අම්ම අහනව. කිරි එක බෙදල ඒකටම රතු බත් හැන්දකුත් දාල පැණිත් දාල දෙනවා අම්මා. මං සීනි බෝතලෙං සීනි ඩිංගකුත් හලා ගන්නවා. ඒ හතර කවලම් උනාම හරිම රහයි. ඒ දවසට කොහොමද මන්ද මගෙ බඩට මෙච්චර ඉඩක් එන්නෙ? තාත්ත අමාරුවෙං මහන්සිවෙලා දුම්පාලා ඉදවපු ඇම්බුම් ගෙඩියක් නොකෑවොත් කොහොමෙයි අනේ දානෙ නිට්ටාවට සම්පූර්ණ වෙන්නෙ? 'අපෙ අප්පෝ මේක නං බඩක් නෙමේ බඩ වැටියක්' තාත්ත මං දිහා බලල කියනවා.හපා නොකා ගිලිනු සොඳා,,, කුරහන් තලපා...... පොලා රොඩු හැර ගත්තු කුරහන් අව් පූටකේ වේලලා එලා පිරිසිදු ගෝනි මලු පිට කොළොම්බුවකුත් ළංකළා පලා කළුගල් තනාලා ඇති ගලත් කුරහන් ඔසවලා බලා හරිමැද තැබුයෙ ඒ මත ලන්දු බෝ සේ වෙහෙසිලා එරන් කත හිඳ කොළොම්බුව පිට හදන් සළුපට දෙපා මත්තේ අරන් මිටකට දෙකට කුරහන් මැද සිදුරු කට පුරෝ ගත්තේ වරන් ගත් සේ පොල්ල අත්ලින් තදවැ ගෙන දැඩි කරන් චිත්තේ වැරෙන් ඇදලා කරකවා වට මඩින්නට ඇට පටන් ගත්තේ සිහිනියට මැඩි මැඩී කුරහන ගෝනිය ට පිටි වැටෙන්නේ පෙණේරෙට දා ඇතුල් පතකට පද්ද පද්දා හලන්නේ බුහුටියට පොතු,රොඩු ද ඇතහොත් ගසා ඉවතට දමන්නේ තලපය ට ඇති පමණ ගැනුමට හුණ්ඩු පොඩ්ඩෙන් මනින්නේ දමාලා මහ වතුර කැටියක් හැලිය ලිප ගිනි දැල් නගා හලාලා ගත් පිටි ටිකින් ටික දිය කෙරූවයි හැඳි ගගා බලාලා නිසි පදම හිඳවා බිමට බෑවයි හඬ නොගා ගසාලා ගුලි පසෙක තැබුවයි තනන කල් ආනම නගා නිවිති ,තක්කලි,වට්ටක්ක දළු,කොල්ලු පියලිත් සමගිනා වියලි දඩමස් ඇතොත් එක් කොට ලුනු ද මුසුවෙන් පිසමිනා සියල් තුනපහ,කරපිංච,දෙහි යුස ද මිටිකිරි යොදමිනා පිසන් ආනම,ගුලිය පොඟවා දනෝ තුටු වෙති ගිලිමිනාReplace මානසිකත්වය. ************************* Replace කරන්න බැරි එකෙක් වෙන්න එපා. එහෙම උනාම, උඹ තේ බොන්න ගියාම, බත් කන්න ගියාම, ශෝර්ට් ලීව් ගියාම, බඩේ රුජාවට නිවාඩු දාපුවම "ඒ මහත්තය/නෝනා අද නෑ/ නිවාඩු" කියල මෙරටේ අසරණ මිනිස්සුන්ට අහ ගන්න වෙනවා. මාව replace කරන්න බෑ, මම පොර කියන මානසිකත්වය තමා මේ රටට හෙන ගැස්සුවේ. ග්‍රාමනිළධාරිගේ ඉදන් ජනාධිපති වෙනකං හිතන් ඉන්නෙ එහෙම. අලුතින් එකෙක් ආවම මුල ඉදන් පටන් ගන්න හදන්නෙ ඒ සිතුවිල්ල නිසා. සාමාන්‍ය මිනිහෙක් වෙයං. උඹ නවත්තපු තැනින් ඕන එකෙකුට සතුටින් ඉස්සරහට කරගෙන යන්න පුලුවන් විදියට වැඩ කරන මිනිහෙක් වෙයං. අපි කවුරුත් replace කරන්න පුලුවන් මිනිසුන් බව දැනගෙන ජීවත් වෙයං.. ඒක පට්ට. © අරවින්ද හබක්කලSex ***** ගෑනියෙක් හෝ පිරිමියෙක් විවාහ සහතිකේක අත්සන් කලා කියලා එනයින්ම ඒ දෙන්න ලිංගිකව පෑහෙනව කියල කවුරු හරි හිතනව නම් ඒක ලෝකෙ තියෙන ලොකුම රැවටිල්ල. විශේෂයෙන්ම අපි වගේ සංස්කෘතිය මූලික රටවල් වල කසාද බදින්නෙ ලිංගිකව එක් වෙලා නෙමෙයි. හැබැයි නිදි යහනෙ ඉන්නෙ මේ සාරි වලින් ටයි කෝට් වලින් වැසුන මිනිස්සු නෙමෙයි. අමු නිරුවත් වානරයො. ඒ වගේම එකිනෙකට හෝමෝන වෙනස් උන්. ඉතින් එකිනෙකා ලිංගිකව පෑහෙන්නෙ නැති උනාම, එකා එක්කම එකී එක්කම යහන්ගත වෙලා එපා උනාම ලිංගික ආකර්ෂනය හීන වෙනවා. රෑ වෙනකොට රන්ඩු වැඩි වෙනවා. මිනිහා බේබද්දෙක් වෙනවා. පවුල සසරින් එතෙරෙ වෙන්න පෙරුම් පුරනවා. මිනිස්සු ගෑනු සත්තු වෙන්නෙ ලිංගිකව තව කවුරු හරි එක්ක හැසිරීම නිසා නෙමෙයි ලිංගික නොගැලපීම, ලිංගික ප්‍රතික්ශේපය නිසා මානසික හා ශාරීරික ප්‍රශ්න ඇති කරගැනීම නිසා. ලිංගික ප්‍රතික්ශේපය හා පරදාර සේවනය දරා ගන්න පුලුවන් ගානට මිනිසුන් මානසිකව දියුණු වුන දාට ලෝකෙ තවත් ලස්සන වෙනවා. මේව කියපුවම උල් කරන් එන උන් තමා බස් වල ජැක් ගහන්නෙයි ජැක් දෙන්නෙයි. ©අරවින්ද හබක්කල.රිදුම්.. දුක කියන්නෙ අදුරු මූසල හැගීමක්.ඒ හැගීම හිතට ආවම මිනිස්සු ලෙඩ වෙනව.කරකියාගන්න දෙයක් නැතුව යනව.ජීවිතේ එකම තැනක නතර වෙනව.හරියට ඇන්ජිමේ බකලයක් මතු වෙලා මග නතර වෙච්ච වාහනයක් වගේ මිනිස්සුන්ටත් එහෙම වෙනව.බොරු නම් බලන්න මම දිහා.මගේ පස්ස වාඩි වෙලා ඉන්න ගල් බන්කුවට ඇලිලා ගිහින්..කොච්චර උත්සාහ කරත් මට උන් හිටි තැනින් නැගිට ගන්න බෑ.මුලු ඇගම අබලන් වෙලා.මාව කැරකෙනව.ඇස් වලට නොනවත්වාම කදුලු පිරෙනව.හොදම කතාව ඒකනෙවෙයි.මම ඉන්න ඉසව්වට දොඹෙන් යන්න වහිනව.පොල් ගෙඩි විතර ලොකු වැහි ගෙඩි කැඩිල බිදිලා බිමට විසික් වෙනව.කාර් එලි වගෙ අකුනු ගහනව.පටාස් පාටස් ගාල ගොරවනව.එච්චර දෙයක් වෙද්දිත් මම තාම ගල් බන්කුව උඩ පත බෑවිලා ඈත මුහුද දිහා බලන් ඉන්නව. අර මනුස්සයා නම් එකෙන්ම පිස්සෙක්. අර කෙල්ලට අමු කැවිල්ලට මේ වැස්සෙ තෙමි තෙමි ඉන්නෙ. අඩෝ අරකි හොද බූටක් කාල මොනව උනත් පව් ඒ කෙල්ල. දෙයියනේ අකුනක් වත් ගහවිද ටවුමෙ ඉන්න වැදගත් උදවිය වැස්සෙ තෙමෙන මං දිහා බලාගෙන එහෙම කයි කතන්දර කියනව ඇති.ඔව් මට පිස්සු.ඔව් මට අමු කැවිල.ඔව් මම හොදම එකෙන් බූටක් කාල.ඔව් මම සෑහෙන්න පව්.ඔව් මට හෙනයක් ගහන්න ඕන.කෑගහල එහෙම කියන්න ඕන උනත් එතනදිත් මම කරබාගෙන පාඩුවෙ පැත්තකට වෙලා උන්නා.අනේ මටත් ඒ මිනිස්සු වගෙ කුඩේ ඉහලගෙන ටවුමට යන්න පුලුවන් නම්.මේ මූසල වරුසාවට ටටා බායි කියල ස්ටේසමේ කොනකට වෙලා ඉන්න පුලුවන් උනා නම් කොච්චර හොදයිද.වැස්සෙ තෙමෙන මම මගෙන්ම ඇහුවෙ ඉකි ගගහ අඩන ගමන්.ඒත් මට එහෙම යන්න බැහැ.මට මගෙ සරීස කූඩුව පාලනය කරගන්න බැහැ.අත පය තියා ඇගිල්ලක්වත් මට එහෙක් මෙහෙක් කරන්න බැහැ.එහෙම තමන්ට ඕන හැටියට සරීස කූඩුවෙ පාලනය කරගන්න බැරි වෙන්නෙ තමන්ට තමන් නැති උනාම. තමන්ට තමන් ගැන විස්වාසයක් නැති උනාම.මම අහල තියෙන්නෙ එහෙමයි.එතකොට මට මාව නැති වෙලාද.මම මේ තරම් හෙන ගහන වැස්සක් මැද තනි වෙලා ඉන්නෙ මට මාව නැති වෙච්ච නිසාද. අපි යමු සඳා.දැන් ඔය රිද්දගත්තා හොදටම ඇති.තව ටිකක් ඔහොම හිටියොත් ඔයා ලෙඩ වෙනව.එතකොට මටයි පව් පිරෙන්නෙ. මේ මහ වරුසාවෙ මැද්දෑවෙ උනත් මට ඒ පිරිමි කටහඩ හොදට අදුරගන්න පුලුවන්.එයා ඇවිත්.ඒත් වෙනද වගෙ එයා ලගට ආවහම මගෙ හිතේ සමනල්ලු පියාඹින්න ගත්තෙ නෑ.මගෙ මූනට හිනාකටක් ආවෙ නෑ.සිද්ද උනේ මං හිටියටත් වඩා තව ටිකක් මලානික උන එක විතරයි.. ඔයා යන්න.මට ඔයා එක්ක කතාවක් නැහැ. මගෙ කටහඩ බොල් වෙලා ගිහින්.පාටපහේ කුඩයක් ඉහලන් මං ගාවට වෙලා ඉන්න අනුත්තරටත් ඒ බොල් ගතිය හොදටම දැනෙන්න ඇති. පිස්සු නැතුව එන්න ලමයො. මං හොදටම බිදිල ගිහින් කියල එයා දන්නව. කලියෙන් වතාවටත් වඩා ආදරණීය විදියට මට කතා කරන්නෙ ඒ නිසා වෙන්න ඇති..එයා මේ නොකිය කියන්නෙ දැන් ටිකකට කලින් වෙච්ච හැමදේම අමතක කරල දාල එයා එක්ක කුඩේ යට තනිවෙන්න එන්න කියල නම් මට ඒක කවදාවත් කරන්න බැරි වෙයි.එහෙම කරන්න නම් මම මැරිල ආපහු ඉපදෙන්න ඕන.නැත්තම් මගෙ මතකෙ නැත්තටම නැති වෙලා යන්න ඕන. මට බැහැ අනුත්තර.ප්ලීස් වද දෙන්න එපා. මම මගෙ උත්තරෙ කෙලින්ම කියල දැම්මෙ එතකොටවත් එයා යන්න යාවි කියන බලාපොරොත්තුව ඇතුව.ඒත් උනෙ වෙන දෙයක්.එයාගෙ මූණ ඩින්ග ඩින්ග වෙනස් වෙන්න ගත්තා.කලින් තිබ්බ දයාබර පෙනුම කරුනාවන්ත බැල්ම ඒවා කොහෙටද මන්දා අතුරුදහන් උනා.ඇහේ කලු ඉංගිරියාව අබ ඇටයක් ගානට පුන්චි වෙන්න ගත්තා.ගන ඇහිබැමි කූට්ටම එක පාරටම මම දිහාවට ඔරවන්න පටන් ගත්තා..ඒකෙන් මේකෙන් මම හොදටම දැනගත්තා අනුත්තරට ආපහු යකා වැහීගෙන එන විත්තය. සඳා මං මෙ ගොඩක් හොදින් කියන්නෙ. යමන් බස්සෙකට.අර මිනිස්සු බලන් ඉන්නව .මටත් එක්ක ලැජ්ජයි. මට බැහැ ඔයා යන්න. කිව්වම සැරයක් එනව ඕයි.පව් නොදී. අනුත්තර ඒ ටික කිවේ මගෙ එක අතකින් තදටම අල්ලගෙන.ඒ පිරිමි අත සෑහෙන්න දරදඩුයි.මගෙ අත බොන්චි රෑනක් වගෙ කෙට්ටුයි.එතකොට මෙහෙම තද කරල ඇල්ලුවම මට කොච්චර රිදෙනව ඇත්ද.මම දෙකට කැපිච්ච ගැඩවිලා වගෙ අරහෙට මෙහෙට ඇබරෙන්න ගත්තෙ ඒ වේදනාව දරාගන්නම බැරිම තැන. මට පාඩුවෙ ඉන්න දෙනව.මාව අතාරිනව.කිව්වනෙ සැරයක් මාව අතාරිනව . මං ඔහොම කොච්චර සැරයක් බැගෑපත් උනත් අනුත්තර නෙවෙයි මගෙ අත ලිහල දැම්මෙ.මට දැනුනෙ පුදුම දුකක්.මගෙ නලලෙන් වතුර බේරෙනව.ඊටත් වඩා වේගෙන් ඇස් දෙකෙන් කදුලු බේරෙනව.මගෙ හිත හීනියට ඉකිගහනව.ඒ සද්දෙට උරහිස් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සෙනව.අනුත්තර ඒ ඔක්කොම දේවල් දැක දැකත් මගෙ අත ගලවන්න වගෙ අල්ලන් ඉන්නව. ඔයාට මාව එපාද දගලන දැගලිල්ල බලන් ඉන්න බැරිම තැන අනුත්තර මගෙ ඇස් වලට එබීගෙනම අහනව.ඒ දිග ඇහි පිහාටු මාව වශී කරගන්න වගෙ තාලෙකට නටනව.ඒත් මම අද ඒ නැටුමට අහු උනෙ නැහැ.මට තිබුනෙ පුදුම අප්පිරියාසයක්.මේ මූන දිහා කෙලින් බලන් ඉන්න බැරි තරම් ලොකු අපිපිරියාසයක්.ඒ නිසා මගෙ උත්තරෙ විදියට මම ඔලුව වනල ඔව් කිව්වා.අනුත්තර මම දිහා බලන් හිටියෙ යකෙක් දැක්ක වගෙ බයෙන් . සඳා...ඔයාට මාව එච්චර එපා උනාද ඔව් අනුත්තර ඔව්.මට ඔයා එපාම උනා. ඉතින් ලමයො මම කෑගැහුවෙ දුක වැඩිකමට.ඔයා මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්නෙ නෑ.මැසේජ් සීන් කරල නිකන් ඉන්නව.එතකොට මට පිස්සු හැදෙන්නෙ නැද්ද. පිස්සු හැදුන කියල මාව කාල හරියනවද අනුත්තර.ඔයාට මතකද ඔයා මට කියපු කැත කතා ටික. ඒ දේවල් කීවෙ හිතේ දුකට මිසක් තරහකට නෙවෙයි.අම්මපා මැණික. අනුත්තරගෙත් කඩහඩ ඒ ටිකට බොල් වෙලා ගිහින්.මම මේ ලොකෙ අකමැතිම දේ තමයි ඒ විදියට එයාගෙ කටහඩ බොල් වෙන එක.මගෙ අනුත්තර කවදාවත් අඩන්න හොද නැහැ.එයා හිනාවෙන්නම ඉපදිච්ච කොල්ලෙක්.මම අනුත්තර ගැන හිතන් හිටියෙ එහෙමය
ි.ඉතින් ඒ හිනාව ගේන්න මම නොකරපු දෙයක් නැති තරම්.මම කරපු රස්සාව ගැන හිතන්නෙවත් නැතුව මම පුලුවන් හැමවෙලේම එයාගෙ සතුට දෙන්න උත්සාහ කරා.ඒත් අද මට එයාගෙ බොල් කඩහඩ ඇහුනම මුකුත්ම දැනුනෙ නැහැ.හිස් හැගීමක් එක්ක මම ඔහේ බලන් හිටිය. ඕක අමතක කරල අපි යමු රත්තරන්. එයා ආපහු සැරයක් මගෙ කරට අත දාගන්න උත්සාහ කරනව.මම එයා නතර කරන්න ඕන නිසා අඩියක් දෙකක් පස්සට තියල එක එල්ලෙම මූන දිහා බැලුව. මට මේක කරන්න බැහැ.මගෙ හිත කැඩිල ඉවරයි. ඔයාට මම එච්චර රිද්දුවද කියපු දේවල් අමතක වෙලා ගිහින් වගෙ අනුත්තර මගෙන් එහෙමත් අහනව.මට ඒකට කට කොනින් හිනාවක් ගියා. ඔයා කියපුවගෙන් මට රිදුනද කියලද අහන්නෙ.මේ බලනව මගෙ අත.මේ බලනව මගෙ ඇස් දෙක.මේ බලනව මගෙ පපුව. මම මගෙ වෙවලන අතටයි කදුලු පිරිච්ච ඇස් දෙකටයි ගිඩි ගිඩි ගාල ගැහෙන පපුවටයි අනුත්තරගෙ එක අතක් තියල මට වෙච්ච දේ ඔප්පු කරලම පෙන්නුව. ඔයා මාව නැත්තටම නැති කරා.මොකද්ද අර ඔයා කිව්වෙ මම ඔයාට පව් දීපු එක විතරයි කරේ කියල.මං ඔයාගෙ ඔලුව කන එක විතරයි කරේ කියල. අනුත්තර ඇත්තටම මම ඔයාගෙ ඔලුව කෑවද.එතකොට මීට අවුරුද්දකට කලින් ආදරෙන් පරාද වෙලා මේ බන්කුවෙම අඩ අඩා ඉදපු ඔයා ලග දන ගහගෙන කදුලු පිහුවෙ වෙන කවුරු හරිද.ඔයා පිස්සෙක් වගෙ අරහෙ මෙහෙ යනකොට පස්සෙන් ඇවිත් යන්න ඕන හරි තැන පෙන්නුවෙ වෙන කවුරු හරිද.මට කියන්න එහෙම කරේ වෙන කවුරු හරිද.. ඔයා මොකද්ද එතකොට අර තව කිවෙ දරුවෙක් වගෙ වෙන්න ගිය නිසා මෙහෙම පාච්චල් වෙන්න උනා කියල. මොකද්ද අනුත්තර ඒ හිගන කතාවෙ තේරුම.මම ඔයාට දරුවෙක්ට වගේ ආදරේ කරා .ඒක ඇත්ත.ඔයා මගෙන් දවසක් ඇහුවම ඔයාට කොච්චර ආදරේද කියල මම එහෙම උත්තරයක් දුන්නා.ඒකත් ඇත්ත.ඉතින් මනුස්සයෝ මම කීවෙ ඇත්ත තමයි.තමුසෙ මට දැනුනෙ මගෙ දරුවෙක් වගෙ.හැබැයි මම තමුන්ව පාච්චල් කරල නෑ කවදාවත්.දරුවෙක්ට වගෙ ආදරේ කරනව කියල කිව්වම තමුසෙ හිතුවද මම තමුසෙව පාගගෙන මම ජගතා මම උගතා වෙන්න හැදුව කියල.බලනවකො තමුන්ගෙ හිතේ කැත.ශිට්. ඔව් අනුත්තර ඔයා හරි.මම රෑශ් එකක්.ඔයා එහෙම නේ කීවෙ.ඔයා කියනව නම් මම රෑශ් එකක් වගෙ ඔයාගෙ හදවත තුවාල කරා කියල මම පිලිගන්නම්.වෙන එකෙක් ඔලුව උඩ තියන් ඔයාගෙ හිත තුවාල කරා කියල හිතනව නම් හරි මම ඒකත් පිලිගන්නම්.ඒ ඔක්කොම පිලි අරගෙන මම යන්නම යන්නම්.මොකද මට බෑ ඒ කියපු කතා එක්ක ආපහු සැරයක් ඔයාට හිත පිරෙන්න ආදරේ කරන්න.මමත් මනුස්සයෙක්.මටත් හිතක් තියෙනව.මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව.ඔයා ඒ හිත කඩල දැම්මා.මාව බිත්තරයක් ගානට පොලවෙ ගහල කුඩු කරල දැම්මා.මම මැරුනා අනුත්තර.ඔයාට ආදරේ කරන්න ආපහු සඳා කෙනෙක් අලුතින් හොයාගන්න වේවි. එහෙම කරන්න එපා සඳා.මට ඉන්නෙ ඔයා විතරයි. මෙච්චර වෙලා බිම බලන් මං කියපුව අහන් හිටපු අනුත්තර ඔන්න දැන් ආපහු කතා කරන්න පටන් අරන්.මං දන්නව දැන් එයා නිදහසට කාරනා දාහක් කියයි.ඔයා නැති වෙවි කියන බයට ඔහොම බැන්නෙ.ඔයාට තියෙන ආදරේට ඔහොම බැන්නෙ.ඔයා මගෙ විතරයි.ඔය වගෙ අනම් මනම් කියාවි එයා.ඒත් මම ඒව හිතට දාගන්නෙ නැහැ.මේ කනින් අහල අනිත් කනින් පිට කරනව.ඔව් මම එහෙම කරනව. සඳා අහගෙනද ඉන්නෙ. ඔව්.කියන්න.මට හොදට ඇහෙනව. සඳා ඇයි ඔයා ඇත්තටම මට කෝල් කරේ නැත්තෙ.මම සෑහෙන්න බය උනා. මම කීවෙ මේ මනුස්සයා මාව නවාගන්න දාහක් ජාති කියයි කියල.කිව්ව වගේම ඔය කරන්නෙ අපූරුවටම. මං ඔයාට කී දවසක් කීවද අනුත්තර මම ලොකු ප්‍රස්නෙක ඉන්නෙ.මම කතා නොකරොත් වැඩිය හිතන්න එපා.මට සතියක් දෙන්න.මම ඔක්කොම ඉවර කරන් ඔයාට කියන්නම් කියල.ඔයා ඇහුවද ඉතින්.ඔයාට තියෙන්නෙ සැකේ අනුත්තර.මම වෙන මනුස්සයෙක් එක්ක මගුල් නටාවි කියල ඔයාට තියෙන්නෙ සැකේ.ඕක ලෙඩක්.ඕකට බෙහෙත් නෑ මම දන්න තරමට. සැකයක් නෙවෙයි සඳා.මට බයයි ඔයා මට නැති වෙයි කියල. අනේ ඉතින් ඒ බයට ඔයා මට අච්චර කුනු කතා කියල බැන්නා.එහෙමද අද දවාලෙ උනේ. අනුත්තර මේ ලෝකෙ ඕනම ගෑනියෙක්ට උහුලගන්න බැරි දේවල් ටිකක් තියෙනව.අන්ක එක තමයි තමන්ට වෙන මිනිහෙක් පාව දෙන එක.කසාද බැදල හිටියත් නොබැද හිටියත් ඕනම ගෑනියෙක්ට ඔය ජරා කතාව අහන් ඉන්න තරම් ශක්තියක් නැහැ.ආදරේ කරේ එකෙක්ට විතරයි නම් ආදරේ කරේ මුලු හදවතින්ම නම් ඒ වගේ පාවාදීමක් කලාම ගෑනු විනාස වෙලා යනව.මම ආදරේ කරේ මෙහෙම පිරිමියෙක්ටද.එහෙම ගෑනියෙක්ගෙ හිත අහන්නෙ ඒ ප්‍රශ්නෙ විතරයි අනුත්තර.මගේ හිතත් දැන් පැය ගානක් තිස්සෙ මගෙන් ඒ ප්‍රශ්නෙ අහනව.මතකද දවසක් ඔයා මගෙන් ඇහුව මට වෙන කාට හරි හිත ගියොත් මොකද කරන්නෙ කියල.ඔයාට මතකද මම දීපු උත්තරෙ.වෙන පිරිමියෙක්ගෙ හුලගක්වත් ඕන නෑ කියල ඔයාගෙ අත් දෙකම අල්ලගෙන මම හිනා වෙලා කියපු හැටි .ඔයාට මතකද ඒක.එහෙම කියපු මට ඔයා අද මොකද කීවෙ.මම වෙන පිරිමියෙක් නලලෙ තියන් ඉන්නව.උබ ඌත් එක්කම හිටපන්.තමුසෙ දන්නවද ඒ වචන ටික අහල මට වෙච්ච දේ.ඔෆිස් එකේ වැඩක් කරගන්න බැරි උනා.ලිහා ගත්ත බත් පත කාගන්න බැරි උනා.කෙලින් හිටගෙන ඉන්න බැරි උනා.අන්තිමට මේ මහ වැස්සෙ පිස්සෙක් වගෙ තෙමෙන්න සිද්ද උනා. සඳා මම ඒ දේවල් ගැන එච්චර ලොකුවට හිතල කීවෙ නැහැ.ඇත්තමයි . මගෙ කතාව මැදට පැනල අනුත්තර එයාගෙ පසුතැවිම ප්‍රකාශ කරේ එහෙමයි.එයාගෙ ඇස් දෙකෙන් මට ඒ පසුතැවීම පේනව.ඒත් මට ඒ පසුතැවීමට සමාවක් දීගන්න තරම් හිත හදාගන්න බැරි උනා.මම දයාබර මනුස්සයෙක්.වැරදි කරන මිනිස්සුන්ට දෙපාරක් හිතන්නෙ නැතිව සමාව දෙන මනුස්සයෙක්.ඒත් ඒ සමාව දීපු කිසිම මනුස්සයෙක් මට මෙච්චර රිද්දල නෑ.එයාල කවුරුවත් මට මේ වගෙ කැත කතාවක් කියල නෑ.අනික ඒගොල්ලො හැමෝම මේ අහස යට ඉන්න සාමාන්‍ය මිනිස්සු විතරයි.ඒත් අනුත්තර.ඒ මම උතුරන්න ආදරේ කරපු මනුස්සයා.කසාද කොලේක අත්සන් කරල මගෙ මුලු ජීවිතේම අල්ලෙ තියල පූජ කරන්න බලන් ඉදපු මනුස්සයා.ඒ මනුස්සයා මට මෙහෙම කතාවක් කියද්දි මම කොහොමද හිත හදාගන්න.මම කොහොමද එයා එක්ක පවුලක් පන්සලක් වෙලා ජීවත් වෙන්නෙ. සඳා..ඔහොම බලන් ඉන්නෙපා මැණික.මට බය හිතෙනව බය ..බය වෙන්න ඕන ඔයා නෙවෙයි අනුත්තර. බය වෙන්න ඕන මම.ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම අයි ඩෝන්ට් කෙයා කියල ඉස්සරහට ඇවිදන් ගිහිපු මම අද මනුස්සයෙක් කියපු වචන ටිකකට මෙහෙම පිස්සෙක් වෙලා ඉන්නව.ඉතින් කව්ද බය වෙන්න ඕන.ඔයාද මමද.මේ ඉන්නෙ මම නෙවෙයි.මම මෙච්චර සංවේදී නැහැ.ඔයා මට මේ මොකද්ද කරේ අනුත්තර.කතා කරනව.ඔයා මොකද්ද මේ කරේ? මම කවදාවත් හිතුවෙ නෑ සඳා ඔයා ඔච්චර රිද්ද ගනීවි කියල. අනුත්තර.කට කියන්නෙ රත්තරන් රිදී වගේ අපි සෑහෙන්න පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්.අපි ආදරේ කරන මිනිස්සු ලගදි විශේශයෙන්ම ඒ පරිස්සම ගැන ඕනවටත් වඩා හිතන්න ඕන.මම ඔයාගෙ කව්ද.ඔයා මොනවද ඒ මට කීවෙ.ඔයාට එකපාරක් හිතන්න තිබුනා.මාව උස්සල පොලවෙ ගහන්න කලින් හිතන්න තිබුනා.දැන් මට නැගිටගන්නවත් බෑ.එහෙම ඉන්න ඔයා මගෙන් අහනව හිත රිදුනද කියල.ඔයාට මාව කවුරු වගේද පේන්නෙ අනුත්තර. ඔයාගෙ හිත හදන්න මම මොනවද කරන්න ඕන.ප්ලීස් මට කියන්න.මම ඕන දෙයක් කරන්නම් අනුත්තර.මැරිච්ච ගහකට වතුර දාල වැඩක් තියෙනවද.නැහැ නේද.අපරාදෙ ඒ වතුර ටික .ඒ නිසා නාස්ති නොකර හොදට හැදීගෙන එන ගහකට ඒ වතුර ටික හලන එක තමයි කරන්න තියෙන හොදම වැඩෙ. අනේ සඳා...මට එක පාරක් අවස්තාවක් දෙන්න.ප්ලීස් අනුත්තර මගෙ ඉස්සරහ බැගෑපත් වෙනව මට බලන් ඉන්න බැහැ.මේ මම ආදරේ කරපු මනුස්සයා.ඒත් එහෙමයි කියල ආපහු සැරයක් මට මාව නැති කරගන්න ඕන නැහැ.මිනිස්සු ඉස්සෙල්ලම ආදරේ කරන්න ඕන තමන්ට.තමන්ගෙ ආත්ම ගරුත්වයට.ඒක නැති කරන් තව කෙනෙක්ට ආදරේ කරන්න ගියාම ඕනම කෙනෙක්ට සිද්ද වෙන්නෙ අද මට වෙච්ච දේම තමයි.කවදාවත් ඒ දේ සිද්ද වෙන්න හොද නැහැ.ආදරේ කියන්නෙ ලස්සන දෙයක්.ඒත් තමන්ගෙ ආත්ම ගරුත්වය තරම් ලස්සන දෙයක් නෙවෙයි.මම දන්නෙ නෑ මම හිතන දේ එක්ක අනිත් අය කොහොම එකග වේවිද කියල.මම කීවෙ මට දැනුන දේ. තාමත් හෝ ගාල වහිනව.අනුත්තර කුඩේ යට ඉදන් මම දිහා බලන් ඉන්නව.ඔක්කොම දේවල් කියල දාපු නිසාද කොහෙද මගෙ අත පය ආපහු තිබ්බ විදියට වැඩ කරන බව මට තේරුනා.මම ඉදපු තැනින් නැගිට්ටා. මම යනව.සතුටින් ඉන්න. සඳා.... අනුත්තර මගෙ අතින් අල්ලගෙන.ආපහු සැරයක් එයා මගෙ අතින් අල්ලගෙන.මට ඒ වෙලාවෙ නම් ආවෙ හීන් කේන්තියක්.මම ඒ අත ගසල දෑවෙ පුලුවන් තරම් හයියෙන්. කරුනාකරල මට පාඩුවෙ ඉන්න දෙන්න. සඳා ..එක පාරක් මට චාන්ස් එකක් දීල බලන්න.එකම එක පාරක්. අනුත්තර.මේ හිතේ අයිතිකාරයා මම.වේදනාව දැනෙන්නෙ මට.පීඩනේ දැනෙන්නෙ මට.කලකිරීම දැනෙන්නෙ මට.ඒ ඔක්කොම දේවල් කියද්දිත් ඔයාට හිතෙනව නම් මගෙ හිත හදන්න පුලුවන් කියල බිත්තරයක් පොලවෙ ගහල ආපහු කෑලි ටික එක්කහු කරල හදල පෙන්නන්න.අන්න එතකොට මම සමාව දෙන්නම්. එහෙම කියාපු මම අනුත්තර දිහා බලන්නෙවත් නැතුව වැස්ස මැද්දෙම පාරට බැස්සා.කුඩේ බෑග් එකෙ තිබුනත් මට එක ඉහලන්න ඕන උනේ නෑ.මම මේ අකල් වැස්ස හොදයි.මම මේ අකල් වැස්ස එක්කම මගෙ ආදරෙත් අමතක කරනව.අනුත්තර ,,අපි කවදාවත් ආපහු හමු වෙන්න හොද නැහැ.මම ඔයා අමතක කරනව.තාර පාරෙ ඉස්සරහට ඇවිදන් අයන් ගමන් මම හිතේ කොනක පැලවෙලා ඉදපු අනුත්තරට මගෙ වචන දුන්නෙ එහෙමයි. නිමි.ලව් රංජනා මිස් කෝපයෙන් පුපුරයි.දහය වසරේ සිසුවියන්ගේ බෑග් පරීක්ෂාවෙන් අසු වූ රෝස මල්, චොක්ලට්,ලියුම්, වැලන්ටයින් කාඩ්,විසිතුරු අයිතම තොගයක් ඇය ඉදිරියේ ගොඩ ගසා ඇත.මේ වැලන්ටයින් සමයේ ඉස්කෝලේ බෑග් පරීක්ෂාව රංජනා මිස්ගේම යෝජනාවකි. නමුත් කිසිදා කොල්ලෙක් දිහා ඇහැක් ඇරලාවත් නැතැයි ඇය හිතා උන් කීප දෙනා ද වැරදිකාරයන් අතර සිටීම ඇයට විශ්මයක් මෙන් ම තද කෝපයක් ද ඇති කළේය. "කටේ කිරි සුවඳ යන්න කලින් මුන්ට මගුල් විසේ.දෙමාපියො මේවටද මුං ව ඉස්කෝලෙ එවන්නෙ......ඒ මිනිස්සු බලන් ඉන්නෙ මුං ඒ අටේ නමේ ඒව අරං කැම්පස් යනකල්.හොඳ රස්සා වලට යනකල්.යයි යයි මේං කියල.හහ්.....දැන් ම මෙහෙම නම්........"ඇය තමාටම කියවා ගනියි. මේ දැන් ම රොත්ත පිටින් ම විදුහල්පති කාර්‍යාලයට ගෙන ගොස් උපරිම ම දඬුවම් ලබා දීමට ඇයට අවශ්‍ය වුවත්, කලාප කාර්‍යාලය මගින් පාසලේ ප්‍රධාන ශාලාවේ සිසුවියන් ස
ඳහා සංවිධානය කර ඇති විශේෂ දේශනයකට සහභාගි වන මෙන් සියලු කණිෂ්ඨ,ජේෂ්ඨ අංශ වල ගුරුවරුන්ට ද දන්වා ඇත.අනෙක් ගුරුවරු මේ වෙද්දීත් ගොස් ඇත. ඇයට රැඳෙන්න සිදු වූයේ මේ වැටලීම නිසාය.සියළු නඩු භාණ්ඩ කබඩ් එකට දමා ලොක් කර යතුර ද අතට ගෙන ප්‍රධාන ශාලාවට ඉක්මන් ගමනින් ගියාය. ශාලාව පිරී ඉතිරෙන්න සෙනගය. එය සිදු කරන්නේ රටේ ජනප්‍රිය තරුණ මනෝ වෛද්‍යවරියක වූ සමන්ති මහත්මිය විසිනි. රංජනාටත් ඇයව දැක බලා ගන්න ලොකු කැමැත්තක් තිබුණේය. ඇය යද්දී දේශනයෙන් වැඩි කොටසක් අවසන්ය.ඒ වරදට විත්තිකාර සිසුවියන්ටම හිතින් බනිමින් රංජනා යන්තම් ඉඩ ඇති තැනක ඉඳ ගත්තාය. "මේ වෙනකල් ඔයාලා නැගිටලා ඔයාලගෙ ප්‍රශ්න ඉදිරිපත් කළානේ හැමෝටම ඇහෙන්න.දැන් මං අවස්ථාව දෙනවා එහෙම නැගිටලා අහන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපිට තියෙන වෙලාවත් එක්ක මං කීපයකට හරි උත්තර දෙන්නම්. මං මේ එවන පෙට්ටියට ඒවා ලියල දාන්න.නම් ලියන්න ඕන නෑ. බය වෙන්න එපා ඔය හැම කොළ කෑල්ල ම මං ගෙදර ගෙනියනවා." මුදුනෙන් විවරයක් තැබූ කාඩ්බෝඩ් පෙට්ටියක් අතින් අත යයි.සිසුවියෝ උද්‍යෝගයෙන් ඊට තුනට හතරට නැවූ, රෝල් කළ කඩදාසි කැබලි දමති. "මොනවද අප්පේ මේ කජු කිරි කෙල්ලන්ට ඔයහැටි තියෙන ප්‍රශ්න?" රංජනාගේ හිතේ තිබූ ප්‍රශ්නයම පිටුපස පේළියේ ගුරුවරියක් හෙමින් අසයි. ශාලාවේ සිසුවියන් සියල්ලන්ගේම අතින් අත සමන්ති මහත්මියගේ තියුණු දෙනෙතේ බැල්මත් සමග යැවුණු ප්‍රශ්න පෙට්ටිය වේදිකාව මතට ආවේය.සමන්ති මඳ සිනාවකින් ඉන් කීපයක් අතට ගත්තාය.ඒවා වුවමනාවෙන් කියවා බැලුවාය.සිසු ගුරු සියළු දෙනාම කුතුහලයෙන් හා නොඉවසිල්ලෙන් ඇය දෙස බලා සිටිති. "මං අහඹු විදියට ගත්ත මේ කොළ වල ඔක්කෝම තියෙන්නෙ එකම විදියෙ ප්‍රශ්නයක්! එයිනුත් කෙළින් ම ඒ ප්‍රශ්නෙ අහපු නිර්භීත දුවෙක් ඉන්නවා ........." ඇය එක් කඩදාසි කොළයක් අතේ තියාගෙන කියයි. "ඉස්කෝලෙ යන කාලෙ ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීම ව.ර.දක්ද?" සමන්ති මහත්මිය ඒ ප්‍රශ්නය හඬ නගා කියෙව්වාය. ශාලාව පුරා යම් කසුකුසුවක් ඇරඹෙනු පෙනුනේය.රංජනාට දැනුනේ ඔලුවට පොල්ලකින් ගැ.සු.වා සේය. "දෙයියනේ.........කවුද ඒ ලැජ්ජා නැති කෙල්ල.ව.ර.ද කරනවා මදිවට මේ වගේ කෙනෙක්ගෙන් ප්‍රසිද්ධියේ ඒකෙ හරි වැරැද්ද අහන්නෙ.......ඉවරයි ඉවරයි ඉස්කෝලෙ මුළු නම්බුවම" රංජනා ඇය ඒ කඩදාසිය තියන්නේ කොහේදැයි බැලුවාය.අත් අකුරු වලින් ලියා ඇත්තේ කවුදැයි හොයා ගත හැක. නමුත් සමන්ති එය සුරැකිව තමන්ගේ අත් බෑගයට දමා ගත්තේ දුන් පොරොන්දුව රකින බව පෙන්වමිනි. "හරි මං ඔයාලට කතාවක් කියන්නම්කෝ....... ශාලාවේ උද්‍යෝගයක් පැතිරුණේය. ......ඕ ලෙවල් පන්තියෙ හිටි යෙහෙළියෝ තුන් දෙනෙක්ට ප්‍රේම සම්බන්ධතා තිබුණා අසල්වැසි පිරිමි ඉස්කෝලෙ ඒ ලෙවල් පිරිමි ළමයි තුන් දෙනෙක් එක්ක. ඕක ඉස්කෝලෙට ආරංචි වුණා....... මොනව වෙන්න ඇතිද ඊට පස්සෙ?" ශාලාවෙන් මුණු මුණු හඬින් ගෝසාවක් ඇති වුණේය.සියලු දෙනාම එකවර අදහස් දක්වති. ..........ඔව් ඔයාල ගොඩ දෙනෙක් කියන දේවල් වුණා.වැරදිකාරියෝ ගෙන්නලා, නඩු අහල,ඔප්පු කරල, පන්ති ඔක්කෝම ඉස්සරහ බැණල,අපහාස කරල අවසන් දඬුවම වෙනුවෙන් විදුහල්පතිතුමිය ගාවට යැව්වා. ඒ විදුහල්පතිතුමිය හරි ම සැරයි. දෙයක් කිව්වොත් කිව්වාම තමා.......යාළුවො තුන් දෙනා දැනන් හිටියා මේ තමන්ගෙ ඉස්කෝල ජීවිතේ අවසානෙ බව........එයාල පැත්තකින් තියාගෙන මිස්ලා බොහොම දරුණු විදියට චෝදනාව ඉදිරිපත් කළා. ය.ක්.ෂ මූණක් දාගෙන විදුහල්පතිතුමිය නිහඬව ඒක අහන් ඉන්නකොට ළමයි තුන් දෙනා කලන්තෙ නොදැම්මා විතරයි. ඔක්කෝම අහන් ඉඳලා එතුමිය කිව්වා. "කරල තියෙන වරදෙ බරපතළකම තේරෙනවද?" මේ වෙද්දි හැමෝගෙන්ම බැණුම් අහලා අහලා ඒ ළමයින්ට කවදාවත් කොල්ලෙක් එක්ක යාළු නොවෙන්න තරමට වරද තේරිලා තියෙන්න ඇත්තෙ......... "ඔයාලා නිසා ඉස්කෝලෙ, ඔයාලගෙ, දෙමාපියන්ගෙ නම්බුව ඔක්කෝම විනාස වෙලා තියෙන්නෙ. කරන්න දෙයක් නෑ වරදෙ බරපතළකම නිසා ඉස්කෝලෙන් අස් කරනවා......... ශාලාවෙන් ස්ස්ස්ස්....හඬක් නැගුනේය. රංජනාට නම් එහි පුදුමයක් නැත.ඔව්! එය නිවැරදි ද.ඬු.වමකි!! ..........ඔව් ඔයාලා වගේම තමා......ඒ වෙලාවෙ ඒ තුන් දෙනාටත් හිතුනෙ........ විදුහල්පතිතුමිය දිගටම කතා කළා........එහෙම අස් කරන්නෙ මේ වෙලාවෙ නෙවේ........ඕ ලෙවල් විභාගෙ රිසල්ට්ස් ආව දවසට. ඔය ළමයි තුන් දෙනාගෙන් එක් කෙනෙක්ට හරි ඒ නමයක් නොතිබ්බොත්...........ආං එදාට මං එයාව ඉස්කෝලෙන් අයින් කරනවා. එතකල් මේක අත් හිට වූ ද.ඬුවමක්....... තමන් විනාස කරපු නම්බුව තමන්ම උපයලා පෙන්නන්න ඕන...... ශාලාවෙන් නැවත සැම පැත්තෙන් ම සැනසුම් සුසුම් හෙළුනේය. සමන්ති මහත්මිය ඉතා බලාපොරොත්තු සහගත ව තමන් දෙස බලා සිටින ප්‍රේක්ෂකයන් දෙස මඳ වේලාවක් නිහඬ ව බලා සිටිමින් ඔවුන්ගේ කුතුහලය වැඩි කළාය. "මං දන්නවා දැන් ඔයාලට දැන ගන්න ඕන දේ.......එයාලා එහෙම විභාගෙ පාස් වුණාද කියලනෙ........... ඉස්කෝලෙන් අස් කරාවි,දෙමාපියෝ ගෙන්නලා ද.ඬු.වම් කරාවි කියල හිතාගෙන ඉන්නකොට ඒ වගේ අත් හිටවූ ද.ඬු.වමක් කියන්නෙ ලොකූ අභියෝගයක් වුණාට කොච්චර සැනසීමක්ද?දන්නවද එතන එක ළමයෙක් හිතාගෙන ඉඳල තිබුණෙ ගෙදර නොයා හිස හැරුණු අතේ යන්න. තව කෙනෙක් කෝච්චියට ප.නි.න්න. අනිත් එක්කෙනා කුඹුරට ග.හන්න ගෙනාව කෘමිනාශක බෝතලේ බොන්න.......ඔව් එයාලා ඒ දඬුවම බාර ගත්තා. විදුහල්පතිතුමිය කිව්ව විදියටම ඕ ලෙවල් පාස් වුණා විතරක් නෙවේ ඒ ලෙවල් වලටත් බොහොම හොඳ ලකුණු අරන් එක් කෙනෙක් දැන් ගුරුවරියක්. මට විශ්වාසයි එයා තමන්ගෙ ගෝලයන්ගේ ප්‍රේම සම්බන්ධතා වලදි හොඳ තීරණ ගන්නවා ඇති.තව කෙනෙක් පී එච් ඩී කරන්න රට ගිහින්. එයා ඒ රටේ තරුණ දරුවන්ගෙ හොඳ පැත්ත දවසක තමන්ගෙ රටට ගෙනේවි. අනිත් එක්කෙනා මනෝ වෛද්‍යවරියක් විදියට රට පුරා දේශන පවත්වමින් දෙමාපිය වැඩිහිටි ගුරුවරු දූ දරුවන්ට ජීවිතේ ගැන කියා දෙනවා.......... එක් කොණකින් පටන් ගත් අත් පොළොසන් නාදය තත්පර කීපයකින් මුළු ශාලාව පුරා පැතිරී විනාඩි ගාණක් එක දිගට පැවතුණේය. "ඔය අත්පුඩිය අයිති එදා ඒ වගේ බුද්ධිමත් තීරණයක් ගත්ත විදුහල්පතිතුමියට.එතුමිය නැත්නම් මේ වෙද්දි දෙමාපියන්ට තුන් ගොල්ලකට සදා දුකක් එක්ක ගෙවල් තුනක ළමයි තුන් දෙනෙක් වෙනුවෙන් වාර්ෂික පිංකම් කරනවා..........පාසල් ප්‍රේමය නරක දෙයක් කියන්න මං දකින්නෙ හේතු දෙකයි.එකක් තමා සම්බන්ධයක තියෙන හිනා,කඳුළු,තරහ වීම්,සැක කිරීම් ඔක්කෝම සම සිතින් උහුලගන්න තරම් ඒ වයස මෝරලා නැති නිසා ප්‍රේමයේ හැළ හැප්පීම් එක්ක අධ්‍යාපනයට බාධා වෙන්න පුළුවන්. අනිත් කාරණේ අළුත් දේවල් අත් හදා බලන වයසක ඉන්න තරුණ දරුවන්ට නොදැනුවත්ව හරි ප්‍රේමයේ සීමා පාලනය කර ගන්න බැරි වුණොත් ලංකාව වගේ රටක ආයෙ නිවැරදි කරන්න බෑ කියන වරදක් ජීවිතේටම වෙන්න පුළුවන්. බඩගින්න, තිබහ,නින්ද වගේ ප්‍රේමයත් අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි කන්න බොන්න නිදාගන්න සීමා තියෙනවා වගේ ප්‍රේමයත් සභ්‍ය විදියට නිවැරදි සීමාවෙන් පවත්වාගෙන යනවා නම් කිසිම ප්‍රේම සම්බන්ධයක් වැරදි නෑ........ ශාලාව ගිගුම් දෙන අත්පොළසන් නාදයක් නැගුණේය. රංජනා මිස් නැගිට්ටාය.ඇගේ හිත නිවී තිබුණේය. ඇය සෙමින් සෙමින් ගොස් කබඩ් එකේ දොර හැරියාය. මේ ටික මේසෙ උඩින් තියලා තියනවා.ඕන නම් ගත්තාවෙ..එක අතකට කෙල්ලො කොල්ලන්ට ලව් නොකර නා.කින්ට ලව් කරන්නයැ. -------------Shanika Tennakoon----------------කෙටි කතාවක් ________________ මේ මගේ පළමු උත්සාහය . . _දාහෙ දිනුම_ ටිකට් කාරයා තාම නැද්ද ඒ තාත්තගේ කටින් ඒ වචන ඇහුන දෙවනි වතාව නෑ තාත්තෙ ඒ මගේ කටින් ඒ වචන පිටවුන දෙවනි වතාව කාමරේ ඊයෙ ගනිපු ටිකට් එකක් ඇති, ඒකෙ දිනුම් ඇදපු අංක බලාගන්න ටිකට් කාරයා අවම, මං යනවා කවදත් අපේ තාත්ත අපි එක්ක කතාකලේ බොහොම අඩු වචන ටිකක්, දෙයක් කියන්න ඕනනම් අපිට කියන්නෙ ඒකෙන් බාගයයි, එක්කො අපි ඒකෙ ඉතුරු බාගෙ හිතාගන්න ඕන නැත්නම් අම්මගෙන් අහගන්න ඕන මගේ විදිය තමයි කතාවෙ ඉතිරිය හිතාගන්න එක, හැබැයි ඒ හිතාගන්න කොටස හැමදාම වැරදී අපේ අක්කත් එහෙම්ම තමයි, එහෙම හිතාගන්න යන කොටස නිසා අපේ ජීවිතේ හොදම කොටසක් අපිට මගෑරෙයි කියල ඊට සති තුන හතරක් යනකනුත් අපි දැනගන්නෙ නැහැ කියන එක තමයි මේ හිතාගනිපු කතාවෙ දුකම කොටස "දුක" දුක කියන්නෙ අපිට නුහුරු වචනයක් නෙමෙයි, මොකද අපි නමට මධ්‍යමපාන්තික පවුලක්, ඒත් ඉන්නෙ ඊටත් පහල මම ඊට පහළ තීන පන්තියට කියන නම දන්නෙ නැහැ කොහොම උනත් අපේ තාත්ත අර උදේ වැඩට ගියේ එයා ඊයෙ ගනිපු ටිකට් එකේ දිනුමක් ඇදිලද කියල බලවගන්න කියල නෑ.., ඒ මම කතාව හදාගනිපු හැටි කොහොමහරි තාත්ත ගිහින් පැයකට විතර පස්සෙ ගමේ ඈතින් සින්දුවක සද්දයක් ඇහෙන්න ගත්තෙ මං මිදුල අතුගගා ඉන්නකොට, මං මිදුල අතුගාන එක නවත්තල අක්කට කෑගැහිවෙ ටිකට්කාරයා මිස් උනෝතින් ඒක බැලුවෙ නැ කියල තාත්තගෙන් අහගන්න වෙන කුනු බැනුම් මතක්වෙලා ඒයි අක්කෙ අන්න ටිකට් කාරය එනෝ.. ඉතිම් තමුසෙ මට කියන්නෙ ගිහින් බලන් එනවකො, කවදත් අපේ ගෙදර ඔහොම තමයි බල්ලගෙ වැඩේ බූරුවට පවරල ඇග බේරගන්න එක තමයි අපේ සිරිත තමුසෙනෙ උදේ තාත්ත කියද්දි හා කිව්වෙ තමුසෙම යනවා, මන් වැඩක් මම මගේ පාඩුවෙ ආයෙම මිදුල අතුගාන්න ගත්තෙ අක්ක දිගාත් ඇහැ ගහගෙන, ඇයි ඉතිම් හදිස්සියේවත් ඕකි නොගියොත් මම හරි දුවන්න එපයි. අක්ක මටත් ඔරව ඔරව ටිකට් කාරයා එනමගට යන්න පල්ලම් බහිනව මං මගේ දකුනට කැරකුණු වම් ඇහෙන් යාන්තම් දැක්ක, යන්තම් කට කොනෙන් හිනාවෙන ගමන් මන් සීරුවට මිදුලෙ රටා අදින්න ගත්තෙ සැහැල්ලුවෙන් අක්ක දුවගෙනම වගේ කන්ද නැගගෙන ගෙදර එද්දි මම ටිකක් ඔලුව දාල බැලුවෙ අපේ අක්කගෙ එහෙමට කලබලවැඩ වැඩිය මම දැකල නැතිම නිසා, එයා ආස හිමීට අතගගා වැඩ කරන්න, ඉතිම් එයා අපේ ගෙදරට එන්න තීන කදු පොඩ්ඩ දුවන් එද්දි මට පුදුමයි මේ ඕයි බලනවකො මේ ටිකට් එකට රුපියල් දාහක් ඇදිලා අක්කගෙ වචනවලින් මන් උඩ ගියා ඇයි දන්නවද මේ කාලෙ හැටියට රුපියල් දාහක් කියන්නෙ මහාලොකු ගානක් නොවුනට රුපියල් විස්සකට එහා ලොතරැයි දිනුමක් ඇදිල නැති අපිට දාහක් කියන්නෙ මහගානක් තමයි ඉතිම් සිරාවටම හලෝ
දාහක් තීද , ඔහේ අංක ටික බැලුවද නෑ නෑ ටිකට් කාරය තමයි අංක ටික බලල දාහක් තීනවා කියල දුන්නෙ හා හා තාත්තගෙ කාමරෙන් තියල එනෝ ඒනම් , තාත්තට සතුටු හිතෙයි හ්ම්... කියාගෙන අක්ක මාව පහු කරන් ගියේ වෙන කල්පනාවකින්දෝ කියල හිතුන නිසා මං ආයෙ හැරෙද්දි අක්කත් මන් දිහාම බලාගෙන තාම එතන ඇයි, මොකො අවුල මං ඇහුවෙ අක්කගෙ මුණ හරි නැති නිසා මේ තාත්ත කිව්වෙ ටිකට් බලන්න කියලද , අංකටික අහල තියන්නකියලද? හ්ම් ඒවගේ තමයි, එයා ඉතිම් කරන්න ඕනදේ හරියට කියල යන එකක්ද නෑනෙ හ්ම් අනේ මන්ද බැනුම් අහගන්නවෙයිද දන්නෑ පණ්ඩිතවැඩ කලා කියල හරි හරී එනවිදියක් බලමු, මොකද බැනුම් අහල පුරුදු නෑ කියලද අපිට අක්ක එහෙම කියාගෙන ගෙට ගියේ රුපියල් දාහත් අතේ තියන් එද්දි ඉදපු සතුටෙන්නම් නෙමෙයි කියල එයා දිහාම බලන් ඉදපු මට තේරුනා අපි ටිකට් බලන්නෙ ටීවී එකෙන්, ඒ උනාට බටපොල ඇන්ටනාව නිසා හරියට පැහැදිලිව ඕක බලාගන්න අමාරුයි, ඩොට්වලින් වැහුන තිරෙන් අපිට හය පේන්නෙ අට වෙගේ අට පේන්නෙ තුනවගේ, ඒනිසා අපි ටිකට් විකුනන කෙනා ලියන් එන කොලෙන් ටිකට්කාරයට කියල තමයි ටිකට් බලවගන්නෙ, ඒ මනුස්සය බලල දිනුමක් තීනම් අපිට ඒගාන දීල එයා ටිකට් එක තියාගන්නවා, දිනුමක් නැත්නම් අපිටම ඒක දෙනවා, අනිත් මිනිස්සුනම් ඒ ටිකට් විසිකරල යනවා, අපි නම් එහෙම නෑ අපි ඒ ටිකට් එකතුකරනවා, සෙල්ලම්ගෙදරට ගන්න කොහොම කොහොමහරි ගෙදර වැඩත් එක්ක උදේවුන ටිකට් එකේ සිද්දිය අපි දෙන්නටම අමතක වෙලා ගිහිල්ල තිබුනෙ, ආයෙ ඒ කාරනාව කරලියට ආවෙ තාත්ත වැඩට ගිහින් ආපු ගමන්මයි කෝ ටිකට් එකේ අංකටික අහගත්තද ටිකට්කාරයාගෙන් ඒ තාත්තගෙ ප්‍රශ්නෙ, මම ආයෙම මතක් කලේ උදේ තාත්ත කියල ගියෙත් ඕකමද කියලා, මන් කතා හදාගන්න කෙනා නිසා මට විශ්වාස නෑ මං හිතාගත්ත එක හරිද වැරදිද කියලා කෝ කන් ඇහෙන් නැද්ද කෝ ටිකට් එකයි අංක ටිකයි මං කල්පනාලොවෙන් බිමට බැස්සෙ ඒ වෙලාවෙ, මගේ කරුමෙට අක්කත් නාන්න ගිහිල්ල, උත්තර දෙන්න ඉතුරුවෙලා හිටියෙ මම විතරයි කවද කොහොම උනත් වරදක් කලත් නැතත් තාත්ත දෙයක් අහන්නෙ උසාවියෙ වගේ තමයි, අපි එතකොට කොහොමත් චූදිතයො ඔව් තාත්තෙ, ඒකට රුපියල් දාහක් ඇදිල තිබ්බ, අක්ක ගිහින් අරන් ආවෙ මොන මගුලක් කරනවද යකෝ, තොපි පඩත්තලකමට , තොපිට මං ඒකද කරන්න කිව්වෙ, මේ මොන හෙන ගෙඩියක්ද මේ පහත් උනේ දෙයියනේ, මොකටද මේ මනුස්සය මේ තරමට කෑගහන්නෙ තොපිනම් මාව කන්නම ආපු හැතිකරයක්, හොදවැඩේ තොපිවගේ ගොන්නුන්ට වැඩක් කරන්න කියනවට, දැන් තොපි මට කියහන් රුපියල් දාහක් ගෙනාවෙ අංක බලලද, තොපිවගේ එල හරක් හදපු වෙලේ ඇත්තටම එල හරකෙක් හැදුවනම් හරි මට, දෙයියනේ මෙහෙමත් කාලකන්නි තාත්තගෙ බැනුම් නුහුරු නොවුනට හේතුව නොදැන බැනුම් අහන්න වෙන එකනම් දිරවන්නෙම නැහැ මට, මං හිමින් සීරුවෙ කුස්සියපැත්තට ගිහින් අම්මට හේත්තු උනේ අම්මවත් මේගැන දන්නවද බලන්න අම්මගෙ මූණෙත් තීන්නෙ රැවුමක් බව දැක්ක මං පොඩ්ඩක් පසුබාන්න හිතුවත්, අම්මගෙන් ඇර මේක අහගන්න ආයෙනම් විදියක් නෑ, කතාවෙ මූලය නොදැන මට ඕන ඕන විදියට මේව ගලපගන්නත් බෑ කියල තේරුන නිසා මං අම්මටම කිට්ටු කලා මොකෝ අර ඔයාගෙ ස්වාමිපුරුෂයා දුම්මල වරම අරන් දුම්මලවරම නෙම් තොපිව උල තියයි පේන්න හිටියොත් ඒ අම්මගෙ වචන, ඒ මොනමගුලටද, මෙලෝ දෙයක් තේරෙන්න කියන්නෙත් නෑ මම කිව්වෙ ටිකක් හයියෙන් තාමත් තාත්තගෙ බැනුම් කෑගැහිලි ඇහෙන අස්සෙම මමත් අම්මට පොඩි සද්දයක් දැම්මෙ, හැමෝන්ගෙන්ම හේතුවක් නැතුව බැනුම් අහන නිසා ඇතිවුන කේන්තියට තේරෙන්න කියන්න තොපිට කිසිදෙක් තේරෙන එකක්ද අම්මත් අපි එක්ක ඉන්නෙ තරහෙන් කියල තේරුන නිසා මං අම්ම එක්කත් කතානොකර ඉන්න තීරණය කලා, හැබැයි මම කුස්සියෙන් ගියේ නෑ මම දන්නව බැන බැනහරි අම්ම කතාවම කියාවි කියල ඔය කියන ටිකට් එකට පලවෙනි තෑග්ග තිබුන කියල තමයි තාත්ත කියන්නෙ යකෝ ඒ මොන හතරබීරි කතාවක්ද, ඇයි ඉතිම් ඕක අපිට උදේ කිව්වෙ නැත්තෙ, තාත්තට අපිව සැකද, මුල් දිනුම තීන ටිකට් එක ගැන ඇත්ත කියල යන්න බැරි, මං ඔයටික කිව්වෙ නෑ හිතුව විතරයි මං ඇස් බෝල ජිල් බෝල කරගෙන අම්ම දිහා බලාගෙන හිටියා විතරයි ඊයෙ වැස්සනිසා ඇන්ටනාව කරකවන්න යන්න උනේ නෑනේ, තාත්තට අංක ටික හරියටම පෙනිල නෑ, ඒනිසා තමයි උබලට ඒක බලල තියන්න කියල තීන්නෙ ඉතිම් තාත්තට අංක පෙනිල නැත්නම් මුල් දිනුම තීනව කියන්නෙ කොහොමද තාත්ත මුල් අංක තුනම හරියටම දැකල ලග්නෙත් කියද්දි පෙනිල අවසන් අංකෙ තමයි හරියකට බලාගන්න බැරිවෙලා තීන්නෙ මට ආවෙ දරාගන්න බැරි කලකිරීමක්, අපේ වාසනාවට අපිම පයින්ගහපු මේවගේ වෙලාවල් හතුරෙකුටවත් ලැබෙන්න නම් එපා දැන් මොකද කරන්නෙ අම්මෙ, මං ඇහුවෙ තාත්තගෙ බැනුම් වල කෙලවරක් දකින්න නැති නිසා වගේම අපි කරපු දේ බරපතලකම තේරුන නිසා මොකද කරන්නෙ, අහන ලස්සන යකෝ මටත් කේන්ති යන්නෙ ඕවට තමයි, කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියල දැන දැනම මේ වගේ සිහිකල්පනාව නැති වැඩ කරනවනෙ තොපිත්, අර මනුස්සයට තරහ යන එක හරි අම්මත් තාත්තගෙම පැත්තට කතාකරනවා කියන්නෙ එන පොට හොදම නෑ කියල තේරුම්ගනිපු මම පස්සෙ දොරෙන් එලියට බැහැල ගියේ ආයෙ ගොඩවෙලාවකට අම්ම තාත්ත දෙන්නටම පේන්න එන්නෙ නෑ කියල හිතාගෙන මේ සිද්දිය වෙලා දවස් දෙක තුනක් ගෙවිල ගියත් තාත්තගෙ කේන්තියෙ අඩුවක්නම් පේන්න තිබ්බෙ නැහැ, අපිටත් ඒ සිද්දිය අමතක කරල ඉන්න බැරි උනේ තාත්ත මතක් වෙන වෙන පාරට අපිට බැනපු නිසා, දවස් දෙක තුනක් ගියත් ටිකට් කාරයා ආවෙත් නෑ අපේ පාරෙන්, අපේ පාරෙන් විතරක් නෙමෙයි සති දෙකක්ම යනකම් ටිකට් කාරයා අපේ ගමටම ඇවිත් තිබුනෙ නෑ ලාවට අපේ තාත්තට මේ සිද්දිය අමතක වීගෙන ගියේ ඔන්න ඔය කියන සතිදෙක ඉවරවෙද්දි, ඒත් මගේ හිත කොනක අතුරුදහන් උන ටිකට්කාරයා ගැන තිබ්බෙ කුතුහලයක් ඒ කුතුහලයට තිත තිබ්බෙ ගමේ ඈතකින් ඇහුන සින්දු සද්දෙකින්, ගෙවුන සතියෙත් ඔය වගේම සින්දු දවසට දෙතුන් පාරක් ඇහුන, ඒ ඇහෙන හැමපාරකම මම මොනවැඩේ තිබුනත් පාරපේන තැනකට ඇවිත් බලන් ඉන්නව මේ අපිට දාහක දිනුමක් ඇදුන ටිකට් එක බලපු ටිකට්කාරයාද බලන්න අදත් ඒ වගේම දුවන් යද්දියි මං දැක්කෙ, වෙනද දැකල නැති වාහනයකින් ඇවිල්ල මනුස්සයෙක් ටිකට් විකුනනවා, සාමාන්‍යෙන් අපේ පාරෙ ටිකට් විකුනපු හැමෝම ආවෙ එක්කො පුට්සටිකලයකින් නැත්නම් මෝටර්සයිකලයකින්, අපේ දාහෙ දිනුමෙ ටිකට් කාරය ආවෙත් මෝටර්සයිකලෙන් ඒනිසා මේ අමුතු ජීවියා මට පුදුමයක් මං ටිකක් වෙලා බලන් ඉද්දි වාහනෙන් බැහැල එලියට ආවෙ අපේ දාහක දිනුම ඇදුන ටිකට් එක බලපු ටිකට්කාරයාමයි, නෑ.... මුල් දිනුම ඇදුන ටිකට් එක බලපු ටිකට් කාරයා ඒ අලුත්ම ඩීමෝබට්ටෙ ඉස්සරහ එල්ලපු අලුත්ම දෙහිගෙඩි තුනයි මිරිස් කරල් තුනයි දිහා බලාගෙනම ඉදල මං ගෙට ආවෙ ආයෙනම් මම ජීවිතේට තාත්ත ගන්නටිකට් බලන්නෙ නම් නෑම කියල එකහිතින් හිතාගෙනමයි මිලානි දේශප්‍රියමම අවුරුදු දහනමයක් වෙනකල් බිත්තර බැදල කාල තිබුණෙ නෑ.බැදපු බිත්තර මොන රහද කියලා මම දැනං හිටියෙ නෑ.මොකද හැමදාම අපේ ගෙදර බිත්තර තම්බලා හරි බිත්තර වණ්ඩුවෙ තම්බලා අරන් හොදි හදලා හරි තමා කෑවෙ.වණ්ඩුවෙ තම්බනවා කියන්නෙ බිත්තර බීට් කරලා ලුණු ගම්මිරිස් මිරිස් ළූනු දාලා ඒක කප් එකකට දාල තම්බලා කෑලි කපල හොද්දට දානවා. බිත්තර බදින්නෙ නැත්තෙ කළු කුමාරයා බැල්ම හෙළන නිසාලු.කරවල බැදුමක් හැදුවත් මගෙ පිඟානෙ දෙහි කෑල්ලකුයි ඇනේකුයි තියනවා අම්මා.මම යක්සයා වැහිල දවසක් ඇණේ කටේ දාගෙන කිව්වා ආපහු ඇණ තිබ්බොත් මම ඇනේ ගිලිනවා කියලා .පිඟානෙ ඇණ නැතුව මම කන අහල පහල හරි ඇනේ එල්ලගෙන ආච්චි ඉන්නවා මට මතකයි. කොහොමහරි නෑ ගේදරක ගියත් අනේ බිත්තර නම් බැදල මෙයා කන්නෙ නෑ කියලා අම්මා හැමෝටම කියන නිසා මට බිත්තර බැදලා කන්න හම්බවෙලාම නෑ.ඔහොම යද්දි 19න් රස්සාවට කොළඹ ඇවිත් කඩෙන් කන්න ගත්තම මම දකිනවා ගල්කිස්සෙ රතුකැකුලු බත් කඩේ පිඟානක දාලා මෙන්න මේ වගේ දාපු බැදපු බිත්තර .ඒවා ආප්ප වගේ.සුදු පාටට පිම්බිලා,එහෙම නැත්තං සුදු පාට වටේ ඉතුරු කරල කහමදේ මල වගේ පිම්බිලා ලුණු ගම්මිරිස් ඉහලා මාර ලස්සනයි .රහ පාටයි.බැදපු බිත්තර ෆුල් කෑම එක 110.හාෆ් එක 90.මෙලෝ රහක් නැති එළවලු එක්ක බැදපු බිත්තරේ විතරක් කාල බඩ පුරවගෙන හිටියා ඒ කාලේ .ඒ බිත්තරේ මාරම රසයි.කොහොමහරි මම ගෙදර ඇවිත් අම්මට කිව්වා දැන් මම හැමදාම රෑට කන්නෙ බිත්තර බුල්සයි බත් එකක් කියලා .එතකොට අම්මා කිව්වා ඕවා තනියම කළුවරේ අරන් ඇවිත් කාලා උඹට කලු කුමාරය වැහෙනව බලපංකො නැද්ද කියලා .ඒ කාලේ කලු කුමාරයෙක් හරි එනවනම් කැමති වෙලා මම හිටියෙ .එච්චරට පාලුයි ජීවිතේ . බුල්සයි කාලමද මන්දා කාලයක් යද්දි මට හැදුනා මහ අසාධ්‍ය බඩේ අමාරුවක්.බෙහෙත් වලට සනීප නොවන තැන අම්මා සාත්තරයක් බැලුවම.කියලා කලුකුමාර බැල්ම වැටිල කියලා .එතකොට අම්මා කියලා අපේ ළමයා බිත්තර බැදපුව කනව කියලා හැමදාම රෑට..බඩේ අමාරුව හොඳ වෙන්න නම් කිසිම පුළුට්ටක් කන්නෙපා කියලා මට මතකයි දෙහි කපලා නූලුත් දාලා ඇඹුල් පහ කියලා මක්කරලවත් කටේ තියන්න බැරි පට්ට ඇඹුල් බීමක් බොන්න දුන්නා.ඒ බීලා බෝඩිම ගාවින් බැහැලා බුල්සයි බත් එකක් අරන් ගිහින් කාපු කෙල්ලෙක් තමා මම කෝමහරි බඩේ අමාරුව සනීප උනා.බැන්දට පස්සෙ මගෙ බැදපු බිත්තර කෑමේ ආසාව තේරුම් ගත්ත මිනිසා හැමදාම වගේ බිත්තරයක් බැදල දුන්නා.ඔම්ලට් එකක් තම්බපු බිත්තරයක් කනවට වඩා මෙහෙම බුල්සයි හදල චර චර ගාලා කන්න මම මාර ආසයි. අදටත් ගෙදර ගියත් බිත්තර බදින්නෙ නෑ. තාම බිත්තර බැදපු ව කනවද මැණිකෙ කියලා අම්ම අහනවා.මම ඔව් කියනවා..උඹට කියලා වැඩක් නෑ කියලා අම්ම කියනවා. ඉතිං මේ රෑ නමයයි ගානටත් ගෙදර බිත්තරයක් බැදුනා.වැදුම් ගේ සන්නියට යට වී මව් මැරුණ සුදු හාමිනේ සල්ලාල යක් බෙරේ පදයට පා සලඹ සොලවාමිනේ නෙත් කොනින් සිත් අදින්නිය යස මල් සිනා රැලි පාමි නේ අනෝරා වැස්සකට නාඹර යකුන් වෙත ඉඟි කරමිනේ පෑව සෝබන සබා මැදදිම සළු 'ත් ගත ගිණි තියමිනේ කෝපයෙන් මත් වූ යකින්නක් සාප තිබ්බයි මෙලෙසිනේ ______________________________ "මගෙ මිනිහා උඹ ගත්ත නොවැ වෙද (.......) දහදුරාවියේ දන්නවද උඹ උගේ දරු මේ උ
න්දැ අප්පෙක් වෙච්චියේ ලොකු එකා තව බහතෝරපි අම්මේ අප්පා කොයිබදේ බඩ ඉන්න මූ දන්නෙවත් නෑ උගෙ අප්ප පිට ගිය වගේ උඹේ සුවඳට පාව ඇවිදින් සයනයේ නිදි වැද්දියේ ඌත් එක්කම මකබෑවියන් (........) ගෙරි කලවැද්දියේ " ©✍️දැහැමි චාරුකා නිෂාධි මාඉටිපේ 2023 - 11 - 29 පාසල් චිත්‍ර විෂය නිර්දේශයේ ඇති යකැදුරාගේ දියණිය චිත්‍රය ඇසුරෙන් ලියන ලදී ∞∞∞∞∞∞∞∞∞∞∞∞∞∞∞∞∞∞සිකුරුටි අයියා බැංකුවෙ උන්ට වැඩියෙන් එහි වැඩ දන්න කාටත් පදිරි නෑ හෙන ගැම්මෙන් ඉන්න හිටගෙන නිදාගෙන ආතල්පිට ඉන්න සිකුරුටි බැංකුවේ කොයි කවුරුත් දන්න... හැටකට ආසන්න එනමුදු කොල්ල වගේ බවලත් ඈයෝ දුටුවම මල් පිපුනා වගේ Oසෙනඟ වැඩිදාට නම් වෙසමුණිය වගේ සිකුරුටි නැතිදාට තේරෙයි ඔහුගෙ අගේ.... ඇතුලට එන සැවොම එක ලෙස පිළිගන්නා යායුතු තැන මෙතැන කියමින් මග පෙන්නා සොර සතුරන් ගැනද විමසීමෙන් ඉන්නා බොන දා හැමෝටම වැඩියෙන් ඔහු බොන්නා... දවසක් මරු වැඩක් සිදුවිය අසනු මැණ සිකුරුටි අංකල්ට තියනව කුකුල් උණ කෙල්ලක් ආවා අවුරුදු විස්සක පමණ ඉටිරුව වගේ ඇහැටත් කනටත් පෙනෙන... අංකල් සිනාසී කෙල්ලව පිලිගත්තා කෙල්ලත් සිනාසී ලොබියේ ඉඳගත්තා ලං වී තොරතුරුත් විමසන්නට ගත්තා කොල්ලෙක් ඇවිත් දෙන්නා මැද හිටගත්තා... මේකා නිසාදැයි බොට මං එපා වුනේ කොල්ලා කෑ ගසා එය විමසන්ට වුනේ සික්කා ගැස්සිලා දෙවියනේ මොකෑ වුනේ කෙල්ලගේ මූණ විලියෙන් රතු පාට වුනේ.. පිස්සු ද කසුන් මං ආවේ බැංකුවට බනින්නෙපා මේ අසරණ අංකල්ට තාත්තා වගෙයි අංකල් අනේ මට ඈ යන්නට ගියේ පිසිමින් කඳුලු කැට එතැන් පටන් අංකල් කිවු සැනින්නේ සිකුරුටි අයියාට නම් මල පනින්නේ හොඳ හරුපයෙන් කිවු එකාට බනින්නේ පොඩි කෙල්ලන් දිහා නම් නෑ ඔහු බලන්නේ...What if Davinci met Tesla ? ඩිවින්චිට ටෙස්ලා සම්මුඛවීම...! ලියනාඩෝ ඩිවින්චි සහ නිකොලා ටෙස්ලා කියන්නෙ මානව ඉතිහාසය , ලෝක ඉතිහාසය ඇතුළෙ 'මම දකින' controversialම figures දෙකක්,ලෝක ඉතිහාසයේ ආසම චරිත පෙළගස්වන්න කිව්වොත් උඩහින්ම ඉන්න චරිත දෙකක් ! මේ චරිත දෙකම ඇවිල්ල හරියට අර මහමුහුදේ පාවෙන අයිස්පරයක් (iceberg)එකක් වගේ. අපි දන්නව, අපි අහල තියෙනවා එහෙම iceberg එකකින් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන්නෙ මුහුදේ ජලතලයට පහළින් , මේ චරිත දෙකත් එහෙමයි. එයාල ගැන ලෝකය දන්න , අහල තියෙන කරුණුකාරණා අතිශයින්ම සීමිතයි. ඊටත්වඩා කරුණු කාරණාවන් හැංගිලා තියෙන්නෙ එහෙම නැත්තං හිතාමතාම ලෝකයෙන් හංගල තියෙන්නෙ. උදාහරණයක් විදිහට ඩිවින්චි ගත්තොත් එයාගෙ journals බරගාණක් අදටත් සීමිත පිරිසකට විතරක් access තියෙන වතිකානුවෙ Secret Archivesවල අගුළුදාල තියෙනවා වගෙම ඩිවින්චි secret brotherhoods ගාණකම සාමාජිකයෙක් වෙලා හිටියා වග දන්නෙ සුළුතරයක්. ඔහු විසින් කාලතරණය වගේ සංකල්පයන් ගැන පර්‍යේෂණ කළා කියල conspiracy theories තියෙනව. අපේ අනිත් කතානායකයා වුණු නිකොලා ටෙස්ලා කියන්නෙත් එහෙව් චරිතයක්. ඔහු ගැන ලෝකය දන්න ප්‍රමාණයට වඩා නොදන්න ප්‍රමාණය වැඩියි. ඔහුත් කාලතරණය සම්බන්ධ පරීක්ෂණ කළා , කාලයන්ත්‍රයක් නිර්මාණය කරන්න උත්සාහ කළා කියල conspiracy theories තියෙනව. අපි නිකමට හිතල බැලුවොත් අනන්ත බහුවිශ්වයෙ (multiverse එකේ)කොතැන හරි තැනක කොහේහරි විශ්වයක මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි එයාලගෙ හිතේ තිබ්බ කාලතරණය , කාලයන්ත්‍රය ගැන අදහස යථාර්ථයක් කරගන්න පුළුවන් වුණා කියල. එහෙම වෙලා එයාලා එකිනෙකා හම්බවුණා කියල , එහෙම හම්බවෙලා, සෙට්වෙලා සුහද පිළිසඳරක යෙදෙන අතරවාරයේ කෝපි කෝප්පයකින් , වයින් වීදුරුවකින් සප්පායම් වුණා කියල. අනන්ත විශ්වය ගැන , සොබාදහම ගැන නිරන්තරයෙන්ම කුතුහලයෙන් උන්නු , ඒ දේවල් පිටිපස්සෙ හැංගුණ රහස් හොයන්න උත්සුක වුණ , මානව වර්ගයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ඨ නිර්මාණ සැලසුම් කරපු , බිහිකරපු සිරා මොළ දෙකක් එකිනෙක සම්මුඛවෙන ඒ සම්මුඛවීම කොච්චර නම් අනගිභවනීය , විශිෂ්ඨ සම්මුඛවීමක් වෙයිද ? ඒ පිළිසඳර කොච්චර නම් සාරගර්භ සහ mind blowing පිළිසඳරක් වෙයිද ? හිතාගන්නවත් බෑ...! 🥺 . ~~~~~~~~~✍️ විකුම්... . 📷 - උඩහ අයිඩියා එකට නිකමට වගේ Bing AIවලින් හැදුව ඒවා 😌 . . . . . ❤✍️🌸“ ඒ බන්, උඹට පොඩි දෙයක් කියන්න තියෙනවා. හැබැයි කලබල වෙන්න බෑ “ කියලා දීප්ති මගෙ අත අල්ලගත්තා දීප්ති කියන්නේ මන් පොඩි කාලේ ඉදලම මට හිටපු මගේ හොදම යාලුවා. අපි ගියේ ඉස්කෝල දෙකකට. ඒත් පන්ති ගියෙ එකට. මෙඩිකල් කොලේජ් ගියෙ එකට. එක හොස්පිටල් එකේ වැඩ. මට සහෝදරියක් වෙනුවට දෙවියෝ දුන්න තෑග්ගක් විදිහට මන් දීප්තිව දකින්නේ. එයා මෙහෙම කියද්දි මට නිකමට වගේ හිතුනේ කේස් එක බරපතලයි කියන එකයි. “ නෑ මන් කලබල වෙන්නේ නෑ. උඹ දන්නවනේ. මන් කලබලවෙලා ප්‍රශ්න විසදන කෙනෙක් නෙවීනේ. “ මං කිව්වා “ මං ඒක දන්නවා. ඒත් මේක කිව්වහම කලබල නොවුන උනුත් කලබල වෙනවා “ දිප්ති කියද්දි කේන්තිත් ආවා. “ නෑ බන් මං කලබල වෙන්නේ නෑ. පොරොන්දු වෙනවා “ මං පොරොන්දු උනා. “ මගෙයි සුධිරගෙ වෙඩින් එකට අපි ගියා හෝටලයක් බලන්න. එයාගේ හොදම යාලුවාගේ හෝටලයක් “ දීප්ති කියාගෙන ගියා “ ඉතින් ඕකෙ කලබල වෙන්න තියෙන්නේ මොකක්ද “ “ අපි ඉතින් හෝටලේ ටිකක් බැලුවා. ඒ බලද්දි මං දැක්කා හර්ෂ කවුද ගෑනු කෙනෙක් එක්ක හෝටලේට එනවා. “ “ හර්ෂ “ මගේ කකුල් දෙක වෙව්ලන්න ගත්තා .පුටුවෙ ඇන්දට හේත්තු උනේ මට නොදැනිම. “ උඹට හොදට ම ෂුවර් ද ඒ හර්ෂ කියලා “ මං දීප්තිගෙන් ඇහුවා. “ බන් මට හර්ෂව අදුරගන්න බැයි ද. ඒ ආපු ගෑණු කෙනාවත් මට කොහේදි හරි දැක්කා කියල පොඩි මතකයක් තියෙනවා. ඒත් හරියටම මීටර් නෑ. දැන් පැය භාගෙකට කලින් තමයි දෙන්නා රූම් එකේ ඉදලා ගිහින් තියෙන්නේ. මන් කතා කරලා විස්තරේ දැනගත්තා. උඹට ඕනෙ නම් සීසීටීවී අරන් දෙන්න පුළුවන් “ දීප්ති නැතිව මේ කතාව වෙන කෙනෙක් කිව්වානම් විශ්වාස කරන්නේ නෑ. ඒත් “ උඹ අවුල්වෙන්න එපා. කතා කරලා විසදගනින්. හර්ෂගේ පැත්තෙ කතාව අපි දන්නේ නෑනේ. “ දීප්ති කියද්දි මට ආපු කේන්තිය “ ඇයි බන් කසාද බැන්ද ගෑණි ඉන්දැද්දි වෙන ගෑණියෙක් එක්ක හෝටල් ගානෙ ලගින්න යන්න ලැජ්ජ නැද්ද. මොකක්ද එතන තියෙන කතාව. “ මන් කේන්තිය දීප්තිගෙන් පිට කලේ. “ මන් උඹව අද ගෙදර එක්ක යන්නන්. උඹ වාහනේ හොස්පිටල් එකේ දාලා යන් “ දීප්ති කිව්වා “ නෑ මට එහෙම අවුලක් නෑ. මන් හොද කල්පනාවෙන් ඉන්නේ. මට යන්න පුළුවන් “ මං කල්පනා කලා. “ ඇයි බන් හර්ෂ මෙහෙම කලේ. මන් හර්ෂට කොච්චර ආදරේ කලා ද “ මට දරාගන්න බැරුව දීප්තිගෙ උරහිසට ඔලුව තියන් හොදටම ඇඩුවා. හවස ගෙදර ගියා. පොඩි පුතාගේ මූණ බලද්දි හැමදේම අමතක වෙනවා. “ අම්.... මා “ කියලා අද්දල කියද්දි ඔක්කොම අමතක වෙනවා. හර්ෂ මැසේජ් එකක් දාල තිබ්බා “ යාලුවො එක්ක පොඩි පාටියක්. ඔයා කාල නිදාගන්න මැණික “ කියලා පුතාව නිදා කරලා ඇද උඩට වෙලා කල්පනා කලා. මීට අවුරුදු පහකට කලින් මට ආව ප්‍රොපෝසල් එකට මන් කැමති උනේ නෑ. මන් මුණගැහෙන්නවත් කැමති උනේ නෑ. හේතුව මට හිතාගන්න බෑ. ගාමන්ට් එකක එකවුන්ටන්ට් කෙනෙක් කිව්වහම ෆොටෝ එකවත් බලන්නෙ නැතිව බෑ කිව්වා. ටික දවසකට පස්සේ මාව හම්බවෙන්න කෙනෙක් ආවා “ ඩොක්ටර් අදීෂා “ “ ඔව්, මේ කවුද “ මං ඇහුවා “ මාව දන්නේ නැද්ද “ “ නෑ මන් දන්නේ නෑ “ මං කිව්වා “ එහෙම දන්නෙම නැතිව එකපාරට ම අකමැතියි කිව්වේ කොහොමද “ “ මේ මහත්තයා කවුද කියලා කියනවද, මට වැඩ තියෙනවා. ප්‍රෙහේලිකා විසදන්න කාලයක් නෑ. ඒකයි “ මන් කේන්තියෙන් කිව්වා “ මට ඩොක්ටර් එක්ක විනාඩි දහයක් කතා කරන්න පුළුවන්ද “ “ මං ඇයි එහෙම කතා කරන්නේ. ඔයා කවුද කියලවත් මන් දන්නේ නෑ “ මං කිව්වා “ මං කව්ද කියලා කියන්න තමයි විනාඩි දහයක් ඉල්ලන්නේ. මට පුළුවන් මෙතනට වෙලා ඩොක්ටර් එනකන් ඉන්න. ප්ලීස් විනාඩි දහයයි “ මේක පුදුම වදයක් උනානෙ. දන්නෙවත් නැති කෙනෙක්. වෙන කරන්න දෙයක් නැති කමට ම “ මන් තව ටිකකින් එන්නම්. මෙතනට වෙලා ඉන්න “ මන් එහෙම කියලා ගියා. පේෂන්ට්ලගේ වැඩයි, වාට්ටුවේ වැඩයි එක්ක මේ මනුස්සයාව අමතක වෙලා තිබ්බේ. හවස තේ බොද්දි, “ කවුද බන් අර උඹත් එක්ක කතා කර කර හිටිය හැන්ඩියා “ දීප්ති මගෙන් ඇහුවා “ හැන්ඩියා, කවුද “ මං ඇහුවා. එහෙම අහද්දි මතක් උනේ විනාඩි දහය “ හිටහන් බන් මං ඉක්මනට එන්නම් “ තේ එක බොන එක නවත්තලා මන් යන්න හැදුවා. “ කොහෙද යන්නේ උඹ, කවුද ඒ “ “ විනාඩි දහය “ මං හිනාවේගෙන කියාගෙන ගියා ඉන්න කියපු තැනම වාඩිවෙලා ඉන්නවා. දැක්කහ ම පවු කියලාත් හිතුනා. “ අනේ සොරි, අද ටිකක් පේෂන්ට්ලා වැඩි. ඒකයි “ මං එහෙම කියද්දි “ වොෂ් රූම් එක කොහෙද දන්නේ නෑ නේ. “ එහෙම අහද්දි මට පව් කියලා හිතුනා. දෙන්නා එක්ක කැන්ටින් එකට ගියා. තේ දෙකක් අරන් මන් ගෙනත් දුන්නා. මේ මනුස්සයා කව්ද කියලා මටත් ප්‍රශ්නයක් “ ඩොක්ටර්ට මන් හින්දා කරදරේ නේ ද “ “ මට මේ මහත්තයා කවුද කියලා විස්තරේ කියනවනම් ලේසීයි. “ මං කිව්වා “ ඔව් නේ. මට තියෙන විනාඩි දහයෙන් දැන් එක විනාඩියක් ගිහින්. “ කියලා හිනා උනා. මොනවා උනත් ලස්සන හිනාවක් තියෙනවා කියලා හිතුණා. “ මගෙ නම හර්ෂ, මන් රස්සාව කරන්නේ ගණන් හදන එක. ගාමන්ට් එකක ගණන් හදන එක. මීට මාසයකට කලින් තිබ්බ වෙඩින් එකකදි මන් ඩොක්ටර්ව දැක්කේ. ඒකයි ගෙදරට ප්‍රොපෝසල් එකක් එව්වේ අදුරන ඇන්ටි කෙනෙක් මාර්ගයෙන්. මාව අදුරගත්තෙවත් නැති හින්දා මට හිතුනා මගේ ෆොටෝ එකවත් බලලා නෑ කියලා. ෆොටෝ එකවත් බලන්න බැරි තරමට මන් අවුල් කියල හිතන්නේ නෑ. ඩොක්ටර් එක්ක බලද්දි නම් තැබිලි ගොඩියෙ වහපු කපුටා වගේ ඉන්නවා. ඒක හරි“ හර්ෂ කියද්දි මට හිනා ගියා. “ ඇයි හිනා වෙන්නෙ. ඒක තමයි ඇත්ත. ඩොක්ටර් දැක්ක ගමන් නිකන් හිතට අමුතු ෆීලින් එකක් ආවා. මගේ වගේ හැගීමක්. මන් බොරු කියන්න කැමති නෑ. මට ගැහැණු ලමයි හය හතක් ඉදලා තියෙනවා. ගාන හරියටම මතක නෑ. සමහර සම්බන්ධකම් මන් නැවැත්තුවා. සමහර ඒවා ඒ අය නැවැත්තුවා. ඒ එක සැරේකවත් හේතු අහන්නවත
් හේතු කියන්නවත් මන් ගියේ නෑ. ඒ ඩොක්ටර් බෑ කිව්වාහම මට හේතුව දැනගන්න ඕනේ උනා. මන් දන්නේ නෑ ඒ ඇයි කියලා. “ හර්ෂ කියාගෙන ගියා. “ මං අතීතය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක් නෙවී. අනාගතය ගැන ලොකුවට හිතන කෙනෙකුත් නෙමෙයි. මට ඕනේ වර්තමානය ජීවත්වෙන්න. ඔයා එක්ක. එක දෙයක් අනාගතය ගැන කියන්නම්. ලෝකෙ කනපිට හැරුණත් ජීවත්වෙලා ඉන්නකන් ඔයාව අතාරින්නේ නෑ. අනාගතය ගැන ඒ පොරොන්දුව විතරක් මට දෙන්න පුළුවන්. “ හර්ෂ එහෙම කියද්දි මං ඔහේ අහන් හිටියා. “ ඉතින් “ හර්ෂ ඇහුවා “ ඉතින් කිව්වේ “ මං ඇහුවා “ මොනා හරි කියන්න. තව විනාඩි පහක් තියෙනවා “ හර්ෂ කිව්වා “ ඒ විනාඩි පහ මගේ නෙවීනේ. ඔයාගෙනෙ. ඔයාම කියන්න “ මං කිව්වා “ මාව ආශ්‍රය කරලා ගැලපෙන්නේ නෑ කියලා හිතුනොත් අතාරින්න. සමහරවිට ඔයාගේ ජීවිතේ හොදම තේරීම මන් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. “ හර්ෂ එහෙම කිව්වා “ අවස්ථාවක් දෙන්නෙ නැතිව තීරණයක් ගන්න එපා. ඒක ඉල්ලීමක්. අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන් මේ තීරණයෙන්. “ හර්ෂ අයෙත් කිව්වා. “ මේ තියෙන්නේ මගේ කාර්ඩ් එක. ඩොක්ටර් කැමති නම් කතා කරන්න. අපි අපිට අවස්ථාවක් දෙමු. ඩොක්ටර් බෑ කිව්වොත් මන් වෙන ගැහුණු ළමයෙක් බදීවී. හැබැයි ඩොක්ටර්වව බැන්දට වඩා ඒ තත්වය වෙනස් වෙයි. අපරාදෙ හර්ෂට අවස්ථාවක් දුන්නානම් කියල ඩොක්ටර්ට හිතුනොත් කවදහරි. ඒක හරි අපරාදයක්. ඒකයි. හිතලා බලලා කියන්න “ හර්ෂ කිව්වා. “ මන් හිතන්නේ මගේ විනාඩි දහය ඉවරයි. එහෙනම් මන් යන්නම්. “ එහෙම කියලා හර්ෂ ගියා. දීප්තිට කතාව කිව්වා. දීප්ති ඇස් ලොකු කරන් අහන් හිටියා. “ මට හිතෙන්න උඹ ටිකක් කල්පනා කරනවනම් හොදයි කියලා හිතනවා. බුවාගෙ පොඩි ගතියක් තියෙනවා. අවස්ථාවක් දෙන්න වටිනවා “ දීප්ති කිව්වා “ අනේ මන්දා බන්. විදූෂගේ සම්බන්දෙන් පස්සේ මට පිරිමි ජාතියම එපා උනා “ මං එහෙම කියද්දි “ උඔට පිස්සුද බන්. හැමෝම එකවගේ නෑනේ. හිතලා බලහන්. උඹට ඕකේ වගෙන් නම් ගෙදරට කියහන්. නැත්නම් ගැලපෙන්නේ නෑ කියලා අයින් වෙයන්. එච්චරයි. “ හර්ෂගෙ මගෙයි කතාව පටන්ගත්තේ එහෙම. හර්ෂ එක්ක ආශ්‍රය කරන්න ගත්තහම ජීවිතේ වෙනස් අතකට යනවා කියලා දැනුනා. ජීවිතේ වෙනමම පැත්තක් දැක්කා. එයා එක්ක කතා කරන හැම මොහොතම මට ගෙනාවෙ සතුටක්. හර්ෂ කියන්නේ පුදුම විදිහට කේන්ති යන කෙනෙක් කියලා මට ටික කාලයක් යද්දි තේරුනා. හැබැයි මන් එක්ක කවදාවත් කේන්තියෙන් කතා කරලා නෑ. එයාට කේන්ති යන හැම වෙලාවෙම මට කතා කරනවා. “ ඔයා එක්ක කතා කරද්දි මගේ කේන්තිය නිවෙනවා “ අන්න එහෙමයි කියන්නේ. ලස්සන ගැහැණු ළමයෙක් යන දිහා හර්ෂ බැලුවා. එහෙම එයා බලන එක මං දැක්කා කියලා එයාට ගානක්වත් නෑ. මට කේන්ති ගියා. “ ලස්සනයි නේ.“ මගෙන් ම අහනවා “ ලස්සනයි ඉතින් “ මං කේන්තියෙන් අහද්දි හර්ෂ හිනාවෙනවා “ ඉතින් අදී, ලස්සනට ලස්සනයි කියන එක වැරදී ද. ටිපිකල් ගැහැණු වගේ ඔයා හිතන්න එපා. අනික මගේ හිතට එන ඕනම දෙයක් ඔයා එක්ක බෙදා ගන්න මට පුළුවන් වෙන්න ඕනේ. ඔයාටත් එහෙමයි. ඕනේ ම දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි විශ්වාසය කියන්නේ. ඒ ගෑනු කෙනා ලස්සනයි කියලා හිතුනා. මන් ඒක ඔයාට කිව්වා. එච්චරයි.“ “ මගේ මිනිහා මන් ඉස්සරහා වෙන ගෑනියෙක් වර්ණනා කරද්දි මට කේන්ති යන්නේ නැද්ද. “ මං ඇහුවා ම එයා හිනා උනා “ මේ බලන්න අදී, මේ ලෝකෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නවා. ඒක ඔයාටත් මටවත් නෑ කියන්න බෑ. හැබැයි මට, මේ ලෝකෙ ඔයාට වඩා ලස්සන ගැහැණු ළමයි නෑ. මගේ හිතේ පිරිලා ඉන්නේ ඔයා. මං කිව්වනම් ඔයාට වඩා කවුරුහරි ලස්සනයි කියලා මං වැරදි. මට ඔයාට වඩා ලස්සන කෙනෙක් මේ මිහිපිට නෑ. තේරුම්ගන්න. මං ආදරේ ඔයාට විතරයි. ගෑනු කීයක් එක්ක හිටියත් මං ආදරේ ඔයාට විතරයි. “ ඔක්කොම හරි මට අන්තිමට කියපු එකටනම් .. “ මොකක්ද අර අන්තිමට කිව්වේ. ගෑණු කීයක් එක්ක හිටියානම් කියලා. ඔයා මට ආදරේ නම් මන් ඇරෙන්න වෙන ගෑනු එක්ක යන්නේ නෑ. තේරුණාද “ මං සැරෙන් කිව්වා හර්ෂ නැගිටලා මගෙ නලල ඉබින ගමන් “ මට ඔයා විතරයි. මන් ඔයාට විතරයි ආදරේ. මං ඔයාගේ. හරිද. අපි ඉක්මනට බදිමු. “ එහෙම කිව්වා. අපි කසාද බැන්දා. අවුරුද්දක පුතෙක් ඉන්නවා. තව මාස දෙකකින් අපි බැදලා අවුරුදු පහක් වෙනවා. අපේ ආදරේ මොහොතකටවත් වෙනසක් උනේ නෑ කියලා මට හිතුනේ. අපි දෙන්නා හරි ආදරෙන් හිටියා. හර්ෂ කිවිවා වගේ මගේ ජීවිතේ හොදම තේරීම තමයි එයා. ඒ ගැන කවදාවත් පසු තැවෙන්න මට සිද්ද උනේ නැ. එත් අද, “ ඔයා තාම නිදි නැද්ද. “ හර්ෂ ඇහුවා. අඩ අදුර තිබුණ නිසා මට හර්ෂගේ මුහුණ පෙනුනෙ නෑ. “ නෑ ඔයා බාත් රූම් එකේ දොර වහද්දි මට ඇහැරුණා. “ මං කිව්වා “ මට මහන්සි. මන් නිදාගන්නවා “ හර්ෂ අනික් පැත්ත හැරිලා නිදා ගත්තා. බීලා ආපුවහම එයා ගොඩාක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදාගන්නේ. උදේ හර්ෂ මට මූණ දුන්නේ හරිම අඩුවෙන්. කතා කලෙත් නෑ. කාලා ඉක්මනට කෑම එක අරන් මගෙ නලල ඉබලා “ මන් යනවා “ කියලා ගියා. “ හර්ෂ “ මං කතා කලා, “ ඇයි අදී “ හර්ෂ නැවතුනා “ පොඩ්ඩක් කලින් එන්න පුළුවන් ද “ මං අහද්දි හර්ෂගෙ මූන වෙනස් උනා. “ කීයට වගේ ද “ “ තුනට වගේ “ “ මන් එන්නම් “ හර්ෂ කිව්වා. පුතා එක්ක වෙලාව ගත කලා. ඒත් මුළු ජීවිතේ ම එක තැනක නැවතුනා වගේ දැනුනේ. ඇයි හර්ෂ එහෙම කලේ කියන එකට මට උත්තර තිබුනේ නෑ. අපි දෙන්නා අතරෙ හිස් තැනක් කවදාවත් ඇතිවෙලා තිබුණේ නෑ. මොනා කරන්න ද කියලා හිතා ගන්න බෑ. මොන දේ උනත් හර්ෂ එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුවා. රණ්ඩු කරන් ගහ මරන් ප්‍රශ්න විසදගන්න ඉස්සර ඉදලම මන් කැමති නෑ. කතා කරල විසදගන්න බැරි දෙයක් නෑ කියන මතයේ මන් හැමදාම හිටියේ. හර්ෂ එක්ක කතා කරන්න ඕනෙ විදිහ මන් එයා එනකන් ප්ලෑන්කලා. මේ ප්‍රශ්නය ඔලුවෙන් විසදගන්න ඕනේ කියල මන් මට ම කියා ගත්තා. හර්ෂ තුනහාමාර වෙද්දි ගෙදරට ආවා. හර්ෂ වැඩිය මුණ දෙන පාටක් පෙනුනේ නෑ. “ පොඩ්ඩක් උඩට යන් ද “ දරුවාව සීතාම්මාගේ අතට දෙන ගමන් මන් හර්ෂට කිව්වා. මගෙ පිටිපස්සෙන් හර්ෂ ආවා. හර්ෂට වාඩිවෙන්න කියලා මන් හරියට ම එයාගේ ඉස්සරහින් වාඩි උනා. මොකද මට එයාගෙ මුහුණ පැහැදිලිව ම අදුනගන්න ඕනෙ උනා. එයාගේ මූනෙ හැගීම් කියවන්න ලේසීම තැන මං වාඩි උනා. ඉවසපන් ඉවසනපන් කියලා මන් මගේ ඔලුවට කිව්වා. “ හර්ෂ මට ඔයා එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා. මං හිතනවා ඔයා මට ඇත්ත කියයි කියලා “ මං හර්ෂ දිහා එක එල්ලෙ බලන් කිව්වා. “ ඔයාට මං බොරු කියලා නෑනේ. “ හර්ෂගෙ ඇස් එහෙ මෙහෙ යනවා “ ඒක මන් දන්නේ නෑ. ඒ කියපුවා ඇත්ත කියලා මං පිළිගත්ත නිසා, ඒවායේ ඇත්ත බොරු මන් හොයන්න ගියෙ නෑ. ඒක නිසා ඒ කියපු හැමදේම ඇත්ත කියල මන් හිතුවා. ඔයාගේ හිත තමයි දන්නේ මට කියපු ඇත්ත මොනවද බොරු මෙනාව ද කියල “ මං කිව්වා “ ඔයා ඊයේ කොහෙද ගියෙ “ මන් ඇහුවා “ ඔෆිස් “ “ මන් අහන්නේ ඔෆිස් ගිහින් කොහෙද ගියෙ “ මන් බැලුවෙ එයාගෙ ඇස් දෙක දිහාමයි. එයාට මගේ ඇස් දෙක දිහා බලන් ඉන්න බැරි උනා. එයා පුටුවෙන් නැගිටලා එලිය බලා ගත්තා “ හර්ෂ මන් ඔයාගෙන අහන්නේ “ මට පිටුපාලා හිටපු එයාව මං මගේ පැත්තට හරවගෙන ඇහුවා “ ඔයා දැනගෙන මගෙන් අහන්නේ එහෙම නේද " “ මන් දන්නේ නෑ. ඒත් මට ඔයාගෙන් මේ ගැන දැනගන්න ඕනේ. “ “ මං ඔයාට ගොඩාක් ආදරෙයි. මේ ලෝකෙ කාටවත් මන් එච්චර ආදරේ නෑ. මන් දන්නේ නෑ. මන් ඔයාට කිසි වරදක් කරලා නෑ. එක සැරේට ම හිත ගැස්සුනා. ආදරේ වෙනයි. සමහර වෙලාවට හැගීම් වෙනයි. ඔයා ඩොක්ටර් කෙනෙක්. ඔයාට මේ දේවල් තේරෙන්න ඕනේ. “ හර්ෂ මට කිව්වා. “ මට තේරෙන්න ඕනේ. එහෙම ද. ඇගේ හෝමෝන ක්‍රියාත්මක වෙද්දි ඕනේ ම ගෑනියෙක්ගෙන් ඒ ආශාවන් ඉෂ්ට කරන එක සාධාරණය කරන්න හදනවා. පිරිමින්ට විතර ද හැගීම් දැනීම් තියෙන්නේ. ගැහැණු වෙනස් ද. අපිට හැගීමක් එද්දි ඕගොල්ලො කොයි වෙලාවෙ අපිට සතුටු කරයිද කියලා අපි බලන් ඉන්න ඕනේ. හැබැයි ඕගොල්ලන්ගේ අවශ්‍යතා වල දී ඕනෙ ම ගෑණියෙක් එක්ක හෝටලේකට ගහින් බුදියන් ඉදලා ඇවිත් නිදහසට කරුනු කියන්න පුළුවන්. එහෙම ද“ “ ප්ලීස් අදී, මේක ලොකු ඉෂූ එකක් කර ගන්න එපා. ආයිත් මගෙ අතින් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ හිත පොඩ්ඩක්. මන් ඒ ගැන තාම දුක් වෙනවා. ප්ලීස් අපි මේක අමතක කරමු. “ “ ලොකු ඉෂූ එකක් කර ගන්න එපා. ඔයා කොහොමද එහෙම කියන්නේ. අනික ඔයා මෙහෙම දෙයක් කරයි කියලා මන් කවදාවත් හිතුවෙ නෑ. ආයි ඔයා මෙහෙම දෙයක් නොකරයි කියල මන් හිතන්නෙ කොහොම ද. ඔයා මාව පණපිටින් මැරුවා.මාව පන පිටින් ගිනි තිබ්බා. මන් කවදාවත් ඔයාට සමාව දෙන්නේ නෑ. ආයිත් අපි එක්කෙනෙක් වෙන්නේ නෑ. “ මං එහෙම කියලා පහලට ආවා. මට හර්ෂට සමාව දෙන්න හිත හදාගන්න පුළුවන් උනේ නෑ. මට ඕනේ උනේ හර්ෂව රිද්දන්න. මන් එයාට ආදරේ කල තරමට ම රිද්දන්න මට ඕනෙ උනා. හර්ෂ මට ලංවෙන්න ගොඩක් උත්සාහ කලා. ඒත් මං එයාව ගණන් ගත්තෙ ම නෑ. එකම ගෙදර නන්නාදුනන කෙනෙක් වගේ මන් එයාට සැලකුවා. මම ආයිත් ප්‍රෙග්නන්ට් වෙලා කියලා මට තේරුනේ මේ සිද්ධියෙන් මාස එකහාමාරකට වගේ පස්සේ. ඒත් මන් ඒ ගැන හර්ෂට කිව්වේ නෑ. ඒත් එක දවසක් හැන්දෑවක ලොකු මල් පොකුරක් අරගෙන හර්ෂ මගෙ ලගට ආවා. “ මේ මොකට ද “ මන් එයාව ගණන් නොගෙන ඇහුවා. “ අපි හැමදේම අමතක කරමු. ආයි මුල ඉදලා පටන් ගමු. අපේ අලුත් අමුත්තිය එක්ක. ඇත්තමයි. මන් හොද තාත්ත කෙනෙක් වෙනවා. ඇයි ඔයා මට මේ ගැන කිව්වේ නැත්තේ. මන් එක්ක කතා නොකර ඉන්න එපා. “ හර්ෂ කියවන් ගියා “ ඇයි ඔයා සතුටු වෙන්නේ “ මං ඇහුවා “ ඇයි මන් සතුටුවෙන්නේ කියලා අහන්නේ. මගේ දරුවා. මන් තමයි සතුටු වෙන්න ඕනේ. “ හර්ෂ එහෙම කියද්දි මන් හයියෙන් හිනා උනා. “ කවුද කියන්නේ දරුවා ඔයාගේ කියලා “ මන් එහෙම කියද්දි හර්ෂගේ මූණ අදුරු වෙලා යනවා දැක්කා. මට දැනුනෙ මහ කුරිරු සතුටක්. දැන් උඹ විදවපන් කියලා මං හිතුවා “ විහිලු කරන්න එපා අදී. මේ දරුවා මගේ. මන් දන්නවා ඔයාව. ඔයාට මට එහෙම කරන්න බෑ“ හර්ෂ කියද්දි මන් තව තව හිනා උනා. “ මේ දරුවා මගේ. හැබැයි ඔයාගේ නෙවී. දැන් ඔයාට පුළුවන්නම් මට සමාව දෙන්න. “ කියල
මං හිනා උනා. “ තමුසෙගෙ හිනාව නවත්නවා “ එහෙම හයියෙන් කෑ ගහපු හර්ෂ ගහපු කම්මුල් පාරෙන් මාව විසික් වෙලා ගිහින් වැටුනා. අවුරුදු පහක කසාද ජීවිතේ මුල්ම කම්මුල් පාර. ඒත් මං හිනා උනා. තොල පුපරලා ලේ බේරෙද්දිත් මන් හිනා උනා. මන් හිනා වෙන එක හර්ෂට දරන්න බැරි උනා. එයා ඔලුව බදන් බිම වාඩි උනා. “ ඔයා ඇයි මට මෙහෙම වංචාවක් කලේ. වෙන පලිගන්න විදිහක් තිබ්බේ නැද්ද ඔයාට. කාගෙ ජරාවක් ද මේ බඩේ තියෙන්නේ. කවුද ඌ, මට කියනවා කවුද ඌ “ මගෙ දෙවුර හොල්ලලා හර්ෂ අහද්දි, “ ඇයි දැනගෙන මොනවා කරන්න ද “ මං ඇහුවා “ මං ඌව මරණවා “ කියලා හර්ෂ කෑ ගහුවා. මගේ ගේ සම්පූර්ණයෙන් ගිණිගත්තෙ එදා. හර්ෂ එදා රෑ ගෙදර ආවේ නෑ. දවස් තුන හතරක් යනකන් ගෙදර ආවේ නෑ. මට හොයලා බලන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නෑ. මගේ හිතත් කැඩිලා තිබ්බේ. ටික දවසකට පස්සේ හර්ෂ හොදට ම බීලා ගෙදර ආවා. මන් එයා ගැන බැලුවේ නෑ. පුතාව අරන් එයා එක්ක සෙල්ලම් කලා. එයාව ඉම්බා. කියෙව්වා. ඇඩුවා. අන්තිමට මං ළගට ආවා. “ මට ඩිවෝස් එක ඕනේ. “ හර්ෂ මට කියද්දි මං හිනා උනා. හර්ශ බදින්න කලින් කියපු දේ මතක් උනා. “ ඉතින් මට මොනාද කරන්න කියන්න. ඔයා නඩුවක් දාල ඩිවෝස් එක ගන්න. මට ප්‍රශ්නයක් නෑ. ලෝකෙ කනපිට හැරුණත් ජීවත්වෙලා ඉන්නකන් ඔයාව අතාරින්නේ නෑ කිව්වේ මන් නෙවීනෙ. “ මන් එහෙම කියද්දි හර්ෂ කේන්තියෙන් පිපිරුවා “ ලෝකෙ කනපිට පෙරලුනේ නෑ. ලෝකෙ විනාස උනා.මගේ ගෑණි වෙන එකෙක් එක්ක බුදියන් උගෙන් ළමයෙක් හදන් ඉන්නවා කියලා මන් උඹට නඩුවක් දානව තමයි යකෝ. “ කියල කෑගහල ගෙදරින් ගියා. හර්ෂගේ අම්මා ආව එක දවසක් මාව හම්බවෙන්න. “ මොනවද පුතේ මේ වෙන්නේ. “ මගෙන් ඇහුවා “ මොකක් ගැනද අම්මා අහන්නේ. අම්මා අහන්නේ හර්ෂ ගැනනම් මට කියන්න දෙයක් නෑ “ මං කිව්වා “ කියන්න දෙයක් නෑ කියන්නේ. ඒ ඔය දරුවගේ කසාද මිනිහා. මේච්චර කාලයක් හොදට ඉදලා දැන් මොනාද වෙන්නේ. බීලා හතර ගාතෙන් ගෙදර එන්නේ. ඇයි මට එයා මෙහෙම කලේ අම්මේ කියලා මගෙන් අහන්නේ. මූ පිස්සෙක් වෙලා. සිහියෙන් නෑ. රස්සාවට යන්නේ නෑ. හැමතිස්සෙම බීගෙන දගලනවා. මන් ඔය ළමයාගෙන් මේවා අහන්නේ නැතිව කාගෙන් අහන්න ද “ හර්ෂගේ අම්මා මට කෑ ගැහුවා “ මගෙන් ඩිවෝස් එක ඉල්ලුවා. මන් කිව්වා නඩු දාන්න කියලා. අම්මා එයාගෙන් අනික්වා අහගන්න “ “ මිනිහෙක් නිකන් ඩිවෝස් එක ඉල්ලන්නේ නෑ නේ. හේතුවක් තියෙන්න එපැයි. මන් අහන්නේ හේතුව මොකක් ද කියලා “ අම්මා සැරෙන් ඇහුවා “ ඩිවෝස් එක ඉල්ලන්නේ මන් නෙවීනේ. හර්ෂනේ. හේතුව දන්නෙත් ඒයා. අම්මා එයාගෙන අහන්න. මගෙන් අහන්න එපා..“ මං කිව්වා අම්මා මට බැන බැන ගෙදරින් ගියා. තනියෙන් ජීවිතේට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ නේද කියල මට හිතුණා. හැමදේම හිතුවට වඩා ගොඩක් දුර දිග ගියා. දැන් මේ කිසි දෙයක් ආපස්සට කරකවන්න බැරි තරම් අවුල් වෙලා තිබුනේ. හවසක හර්ෂ ගෙදර ආවා. හිතාගන්න බැරි තරමට හර්ෂ වෙනස් වෙලා. කොණ්ඩය වැවිලා. රැවුල සුමාන ගානකින් කපලා නෑ. ඇදුම් හොදලවත් නෑ වගේ. එයා පිස්සෙක් වෙලා හිටියේ. එක සැරේටම ඇවිත් මගෙ ඔඩොක්කුවේ මූණ තියන් ඇඩුවා. හයියෙන කෑ ගහලා ඇඩුවා. මන් ඔහේ බලන් හිටියා විතරයි. ඊට පස්සේ එයා කදුලු පිහදාන් මගේ අත්දෙක අල්ල ගත්තා. “ අපි හැමදේම අලුතින් පටන් ගමු. මට මෙහෙම අවුල්වෙලා ජීවත් වෙන්න බැ. මට ඔයා නැතිව ජීවත් වෙන්නත් බෑ. ඒක මට මේ මාස දෙකට තේරුණා. ඔයා මොක ද කියන්නේ. අපි ආයිත් පටන් ගමු. මන් ඔයාට සමාව දෙනවා. මේ දරුවගෙ තාත්තා මන් වෙනවා. අපි ආයි හැමදේම අලුතින් පටන් ගමු. ඔයා කැමති ද. මෙහෙම කෑලි කැඩිල වෙන් වෙලා ජීවත් වෙන්න බෑ මට. “ හර්ෂ එහෙම කිව්වේ මගෙ මූණ දිහා එක එල්ලේ බලාගෙන. එයා මට ආදරෙයි කිව්වෙත් මේ විදිහට මගේ මූණ දිහා එක එල්ලේ බලාගෙන. “ ඔයා මොකද කියන්නේ “ කියලා මගෙන් හර්ෂ ඇහුවා. “ මන් මොනවා කියන්න ද. මාත් ඔයාට සමාව දෙනවා. “ එහෙම කියද්දි හර්ෂ මාව කොච්චර තදට බදාගත්ත ද කියනවනම් අපි දෙන්නා එහෙම ගොඩක් වෙලා හිටියා. හර්ෂ කිව්වා වගේම අපිට දුවක් ලැබුණා. හර්ෂ මුලින් ම එයාව අතට අරන් මගෙන් ඇහුවේ “ ඇත්ත කියන්න මෙයා මගේ නේ ද “ කියලා. එහෙම අහන ගමන් එයා පැන්චිගේ නලල ඉම්බා. “ ඔයා සමාව දුන්නනේ. දැන් ඒක වැඩක් නෑනේ “ එහෙම කියද්දි එයා ඔලුව දෙපැත්තට වැනුවේ නෑ වැඩක් නෑ කියලා හිතින් කියන ගමන් මට හිතුනා. දුව හර්ෂගේ ද කියන එක හර්ෂ කවදාවත් ඇහුවේ නෑ.හීනයක්ම වූ හීනයක් ..... ගං මිටියාවතක පිහිටා ඇති නමුත් නුග ගස් දෙකේම අතු ඉති වැඩිනිසා දහවල් කාලයේදීත් එහි වූයේ මන්දාරම් අදුරක් සහිත ගුප්ත ස්වාභාවයකි. ඈතින් දිස් වූයේ ඉතා දුර්ගන්ද මහා කුණු කන්දකි. අපේ අහිගුන්ඨක රැහේ පවුල් 7 ක් මෙතන කූඩාරම් ගසාගෙන අදට තවමත් සතියකි. ළමා ළපටීන් ඇතුලුව අපි 43 දෙනෙකු ජීවත් වන්නෙ වදුරු මාල්ලෙක් කැළෑ නයි හාමියෙක් අල්ලා ඔවුන් පෙන්වා අපි පවත්වාගෙන යන පාරම්පරික ජීවිකාවෙනි. දැන් දැන් ගම් සේම මිනිසුන්ද නාගරීකරණය වීමත් සමග වදුරු නැටුමක් නයි නැටුමක් බැලීමට ජනයා එක් රැස් නොවන්නේ අදික කාර්‍යබහුලත්වත් සමගය. රැහේ කීපදෙනෙක් පාරම්පරිකව උරුම වූ සාස්තර කීම සදහා පිටවත්ව ගියද දැන් දැන් එයද දියාරු වෙමින් පවතින්නකි. වැඩිහිටි උදවිය වේලකින් දවසේ බඩකට පුරවාගෙන දරු පැටවුන්ට අඩුම වේල් දෙකකින්වත් බඩ පිරවීමට උත්සාහ කරන්නෙ ඈතින් පෙනෙන කුණු කන්දෙන් එකතු කරගන්නාවූ යකඩ කැබැල්ලක් , වීදුරු බෝතලයක් විකුණා ගන්නා මුදලකිනි. ස්ථීර වාසස්ථානයක් නොමැති කම නිසා තවමත් අපේ දරුවන්ට අකුරු සාස්තරය ගැටගසා ගැනීමටවත් නොහැකි වී ඇත. උනුත් අපි සේම පාරටම හිලව් වෙච්චි ජීවත වේදෝයි බියක් අපි වැඩිහිටියන් සැවොම නිතිපතා කල්පනා කරන්නකි. රැහේ වැඩිහිටියා මම නිසාත් මා පසුපස ඔවුන් අවුරුදු ගණනාවක් ආ නිසාත් නිතැතින්ම මා ඔවුන්ගෙ නායකයා වී හමාරය. දරුවන්ට අපි ගෙවන ජීවිතයට වඩා දශමයක් හො ඊට වැඩි හොද ජීවිතයක් උරුම කර දීම මිය යාමට පෙර මගේ එකම සිහිනය වී තිබුනද අද වන විට දරුවන්ට වත් තුන් වේල බඩ පුරවා දීමම ගැටලුවක් වී ඇත. කීයක් හෝ මුදලක් සොයා ගැනීමේ අභිප්‍රායෙන් වැඩිහිටි සියල්ලන් උදේ රැයින් පිටත්ව යන අතර මා මෙන්ම මගේ බිරිදත් තවත් රැහේ වයසක දෙතුන් දෙනෙකුත් දරුවන් රැක බලාගෙන තියෙන දෙයක් තම්බා රැකියාවට ගිය වුන් නැවත එනතෙක් පෙර මග බලාගෙන සිටින දසුන වරදින්නෙ නැත. අඩුම තරමේ මෙහි ටිකදොහක් නැවතී සිටියයුතු යැයි සැවොම එකග වී සිටියේ නගරයට ඇති දුර කෙටිවීමත් කුණු කන්දෙන් හෝ ආදයමක් සොයා ගැනීමටත් නගරයෙන් වෙන්ව ඉතාමත් හුදකෙලාව පිහිටා තිබීම නිසාය. සතුටක් නොතිබ්බත් හැමෝගෙම ජීවිතය සාමකාමීව ගලාගෙන ගියද හිගන්නාගෙ පාත්‍රයට හෙනහුරා වැටෙන්නා සේ නුග ගස වටා රාජාලින් වන් ඉතා විශාල පක්ශීන් එකා දෙන්නා පැමිණ ඔවුන් ට වාසස්ථාන හදාගන්නා බවක් දක්නට ලැබීය. ගල්ගසා එළවා දැමීමට උත්සාහ කළ අවස්තාවක ගොරක මද මෙන් ඇස් රතු කරාගෙන උන් දෙදෙනෙකු කූඩාරම් කිට්ටුවට පැමිණියේ මීනීමස් කෑමට ගිජු ළිහිණින් පැමිණෙන්නාක් මෙනි. ඒ මොහොතේ සිට දරුවන් කීපදෙනාව කූඩාරම් තුළම රදවා ගැනීමට මා උපදෙස් දුන්නේ දරුවෙකුට ඔවුන් සමග සටන් වැද ජීවිතය බේරා ගැනීමට ශක්තියක් නොමැති බව මට වැටහී ගිය නිසාය. දිනෙන් දින පක්ශීන් එකා දෙන්නා වැඩිවන බව පෙනුනේ දහවලට ඔවුන් ද කුණු කන්ද වටා රොක් වී කෑම සොයනා බව රැහෙ උන් හවස ගෙදර ආ කල පවසන වචන ඇසීමෙනි. මුලු රාත්‍රිය පුරාම දැන් ඇසෙන්නෙ ඔවුන් කෑගසනා මූසල ශබ්දය පමණි. එක උදෑසනක නැගිට බලන කල දුටුවේ නුග ගස් පාමුල තැන තැන සත්ව කොටස් සමග ලේ වැටී ඇති ආකාරයයි. හැකි ඉක්මනින් මෙතැනින් පිටව යා යුතු යැයි හැගුනේ රැහේ උන්ගේ ජීවිතය හෝ බේරාගැන්මට අවශ්‍ය නිසාය. හිමිදිරියේ පටන් ගත් මූසල වැස්ස භයානක පෙර නිමිත්තක් කියාපාන්නක් මෙන් මුලු පළාතම කලුකරවමින් නොනවත්වා ඇදගැලෙමින් පැවතුනි. ඒකටම තව තවත් භයංකාර කම කියාපාන්නට පක්ශීන්ගෙ ශබ්දයද තත්පරයක් හෝ නතර වූයේත් නැත. එදින කිසි අයෙකුට එළියට නොබසින ලෙස අණකල අතර පුලු පුලුවන් ආකාරයට තමන්ගෙ අඩුම කුඩුම ලැහැස්ති කර ගන්නා ලෙසට පැවසූයේ වැස්ස තුරල් කල පසුවම මෙතැනින් පිටව යාමටය. කෝප්ප පිගන් කීපයක් , වළං කීපයක් සේම ඇදුම් දෙක තුනක් අපේ පොට්ටනිය විය. අවසන් තීරණය වූයේ පසුදින උදෑසනම මෙතැන් පිටත් වීමය. අහිගුන්ඨක ජීවිතයේ අසූවැනි වියේ සීමාවට කිට්ටු මා මැදියම් රැය පසුවෙනතුරුත් සිටියේ නිදිවර්ජිතවය. අලුයම් භාගයේ නින්ද ගිය හෝරා කීයප තුල සිදු වී තිබුනේ ...... " අහෝ දෙවියනේ මේ කිනම් අපරාදයක් ද " මට ඇසුනේ මගේ දරුවන්ගේ අවසාන විලාපයයි... පක්ශීන් විසින් අමු අමුවේ කා කොටා ගනිමින් මගේ දරුවන් ගෙන් ඔවුන්ගේ කුස පුරවා ගැනීම බැලීමට තරම් මා අවාසනාවන්ත නායකයෙකු වී සිටියේය. නුග ගස් යට එකම ලේ විලකි. අමු සොහොනක් සේ දිස් වූයේ පෙර දිනත් අපි ජීවත් වු අපේ කූඩාරම් ය. ඈතින් දුටුවේ එතන මට අමතරව අවසාන ප්‍රාණය වූ මගේ මිණිපිරී ළගට කිට්ටු කරන තවත් පක්ශියෙකි. මා ජීවිතය බිලි දුන්නද ඇය බේරිම මගේ අභිප්‍රාය වූ නිසා අතට අසු වූ සියල්ලෙන් ඔහුට ගසා ඇයවත් රැගෙන ලග තිබූ නුග ගස් බෙණයක් තුළට රිංගීමට මට හැකි විය. ඇයවත් නළවා ගෙන මෙතනම රැය පහන් වනතුරු සිටියේ ජීවිතය බේරා ගැනීමටය. නින්ද ගියේ කීයටදැයි මට මතකයක් නොවීය. හීනෙන් මෙන් ඇසුනු මගේ මායියාගෙ කටහඩින් මා එළියට පැමිණියේ තෝන්තුවෙනි. ඇකයේ උන් දරුවා සොයා හැකි ඉක්මනින් මෙතැනින් පැන යාම මගේ බලාපොරොත්තුවයි. නමුත් එළියට ගිය සැනින් මා දුටුවේ පොලිස් නිලදාරින් දෙන්නෙකි. තවමත් මේ වෙන්නෙ කුමක් දැයි මට පැහැදිලි නිනව්වක් නොමැති වුවද ඈතින් මෙන් ඇසුනේ මෙම ඉඩම වෙන්දේසි කිරීමට කට්ටි කරන බැවින් දින 3 ක් ඇතුළත මෙතැනින් පිටත්ව යා යුතු බවයි. හරි සිහියට ආ සැනින් බැලුවේ රැහේ උන් ආරක්සා කාරී දැයි පමණි. නමුත් මට නිතැතින් උඩ බැලුනේ එම පක්ශීන් නුග ගස් උඩ සිටී යැයි මට හැගුනු නිසාය. " නරක හීනයක් .... " මෙතෙක් මා ජීවිතයේ දුටු නරකම හීනය එය යැයි කිව යුතුමය. දින තුනකින් නොව හැකි ඉක්මනින් හ
ෝ මේ දැන්ම මෙතැනින් පිටවිය යුතු බව කීවෙන් හැකි ඉක්මනින් පොදි බැද ගත් රැහේ උන් එකා පෙළට එකා නැවතත් ගමනට වැටුනේ ජීවත් වීමටත් ජීවිතය ආරක්සා කරගත යුතු හෙයිනි. දින කීයක් ගමන් කිරීමට නොදන්නා ගමනක් නැවතත් ආරම්භ කරේ එලෙසය. නමුත් අහේතුකවම අහම්බෙන් අහස බැලූ මට ඇස ගැටුනේ අපි නැවතී සිටි නුග ගස් දෙසට පියාඹා යන මා හීනෙන් දැකි ඒ පක්ශීන් රංචුවක් යැයි මට ඉදුරාම කිව හැකිය.... හිත කීවේ හීනයක් වූ හීනයක් නිසාවෙන් රැහේ උන් බේරුණු බවයි .කොටස් දෙකක කෙටි කතාවක් 💥 පාපයේ දඬුවම 💥 දෙවන කොටස දහවල් කෑමට නිවසට පැමිණි විගසින් නෑනාගෙන් සිද්ධිය දැනගත් පසු අය්යා හැසිරුණේ වියරුවෙනි.... "උඹ අපිව කෑවා.. තෝ රටම ඉන්නේ නැතුව මඟුල් නටන්න මෙහෙට ආවේ ඇයි? උඹත‍් මහ එකා වගේම තමයි."මෙච්චරයි.... "නංගියේ උඹ දැන්ම මෙහෙන් යන්න ඕනි නැත්නම් ඕවා මගේ කෙල්ලටත‍් බලපානවා.හවස මම එද්දී උඹ ඉන්න බැහැ මෙහෙන් ඕන තැනකට පලයං ඔය අවජාතකයා අරන්." නෑනා ඔහුට යමක් පැහැදිලි කිරීමට උත්සාහ කලද අය්යා ඇයට පහර දීමට ද සූදානම් විය. දෙවියනේ මා මෙවන් දුෂ්ඨ අසත්පුරුෂයන්ටද මෙපමණ කලක් උදව් කලේ යන පැනය මා දවාලිය. අවජාතක දරුවා... හහ්.. ඔවුන් දෙදෙනාද විවාහ වීමට ප්‍රථම දරුවකු පිලිසිද ගත් බව ඔවුන්ට අමතක වී ඇති සැටි... කාමරයට වැදුණු මා දුක නිවෙන තුරු හැඩුවෙමි. මට නංගී සිහි වුණි. මම ඇයට ඇමතුමක් ගත්තේ ඇය මා වටහා ගනී වී යැයි විශ්වාසය මතය. "අය්යා මට විස්තරය කිව්වා. අනේ මේ අපිව ඔය කුණු ගොඩවල් වලට ගාව ගන්න එපා මගේ පවුලත‍් කැඩෙන වැඩක්." මා මෙතුවක් කාලයකට මා වෙනුවෙන් කිසිදු දෙයක් කර ගෙන නොමැත. අසත්පුරුෂයින් හට ජීවිතය දිය කර ඇත්තාක් පමණි. කුස වෙත අත ගියේ ඉබේටම ය.(මගේ රත්තරන් මම කොහොම හරි ඔයාව හදා ගන්නවා.ඔව් ඔයාට කවුරු නැතත් මේ අම්මා ඉන්නවා.) ඉතින් දැන් කල යුතු දෙයක් නොමැත මම ඔහු හා යා යුතුම වේ.අය්යා පැමිණීමට පෙර මා සතු සියලු දේ රැගෙන පිටත් වී ඔහුගේ නිවසට පැමිණියෙමි. සම්පත් මා නොසිතූ ආකාරයට මා පිළිගත් අතර පසුදාම අපි විවාහ වුණෙමු. පතිනියක් වී පෝරුව මත හිඳ සියල්ලන්ගේම ආශිර්වාද මැද යෑමට සිහින මැවූ ගමන ලොවට රහසින් යෑමට සිදුවීම දෛවයේ සරදමකී. විවාහයෙන් පසු මා මගේ නංගීගේ හා අය්යාගේ නිවෙස් වෙත ගිය ද ඔවුන්. මා ප්‍රතික්ෂේප කලෙ දැඩි පිළිකුලෙනි. මා කෙසේ හෝ සම්පත් මේ නරකාදියෙන් ගොඩ ගෙන ජීවිතය සතුටින් ගත කරමි ඒ මගේ එකම ප්‍රාර්ථනාවයි! බලාපොරොත්තුවයි... මුල් දිනවල ඔහු සියලු දේ නවතා මගෙ ඇවිටිල්ලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ද යොමු උනි.දරුවාගේ නාමෙන් හොඳ මිනිසෙකු වන බවට මට පොරොන්දු වුණි.එහෙත් ඔහුගේ පාප මිත්‍රයන් ඊට වඩා ප්‍රබල විය. "බබා මට 1000 දෙන්න මම පඩි ගත්තම දෙන්නම්...." මෙය දැන් නිතරම සිදුවන දෙයක් බවට පත් විය.කිසිදා ඒ මුදල් මට ආපසු ලැබුණේ නැත. මුදල් නොදුනහොත් ඔහුගේ පහර කෑමට ලක්වේ. ඔහුට මා පිළිබඳව දරුවා පිළිබඳව කිසිදු වගක් නොවීය.මගේ අය්යා පැවසුවේ කෙතරම් සත්‍යයක්ද කියා වැටහෙන විට මා ප්‍රමාද වැඩිය. කිහිප වරක්ම අය්යා හා නංගී වෙත ගිය ද ඔවුන් යළි යළිත් මා දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන ලදී. වචනයකට හෝ අනුකම්පා කලේ නෑනා පමණි. ඉතින් මා දැන් අනාථයකු බදුය. එදා මට වෙනදාට වඩා අමුත්තක් දැනුණි මට දරුවා ලැබෙන්නට ආසන්න විය සම්පත් ගෙදර නොසිටි අතර ඔහුගේ මව මා රෝහලට ඇතුළත් කර සම්පත්ට එය දැනුම් දුනි. අපිට හා පැටියෙක් වන් පුතකු ලැබුණි. සම්පත් පුතා දුටු විට ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් බැබැලුනි පුතා තුරුලු කරන් සෑම මොහොතක්ම ගත කෙළේය.මට මෙන්ම ඔහුගේ මවට ද සතුටක් දැනුනේ ඔහු වෙනස් වී ඇති නිසාය. දරුවන් සතර දෙනෙකුට උපන්දා සිට යුතුකම් ඉටු කළ ද අද මගේ දරුවා බැලීමට අය්යාට ද හොරෙන් පැමිනියේ මගේ නෑනා පමණි. මගේ ඉතුරුම් හා රන් ආභරණ හේතුවෙන් කෙසේ හෝ මෙතෙක් දිවි ගෙව්වෙමි. මා දුකසේ උපයා ගත් බොහෝ ගෘහ භාණ්ඩ සම්පත් විකුණා හමාරය. මගේ ඇදුම් පැළඳුම් පාවහන් පවා ඔහු රැගෙන ගියේ සිත් පිත් නොමැත්තෙකු ලෙසය. දුක වේදනාව කදුලු සමග පමණක් දිවි ගෙව්වෙමි. දැන් මගේ පුතු අවූරුදු 3ක දරුවෙකි. සම්පත්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ මව ද අප අතැර සිය දියණියගේ නිවසට ගියාය.මට සිටි එකම හිතවතිය ද එසේ අහිමි විය. සම්පත් ඔහුගේ වැටුපෙන් කුමක් කරන්නේ දැයි මා තවමත‍් නොදන්නෙමි. "සම්පත් පුතාගේ පිටි එක ඉවරයි හවස එද්දී ගේනවද" "කෝ සල්ලි දෙනවා..." "මගේ අතේ නැහැ සම්පත්.." "තමුසෙ හිතුවේ මම සල්ලි ගස් වලින් කඩනවා කියලද ඔය ප්ලේන් ටී දෙනව තමුසෙගේ කිරි දෙනවනේ ඒ ඇති." දෙවියනේ මා කර ඇති කරුමයක මහත. ගෙදර කිසිවක් නොමැත. දරුවා කෙසේ නම් කුසගින්නේ තබම් ද දෙවියනේ මම මොකද කරන්නෙ? මට මෙවන් ජීවිතයක් පුරුදු නැත.තරුණ වියේ සිටම මුදල් ඉපයූ මට මෙවන් ජීවිතයක් කිසිසේත් හුරු නැත. සෑම දරුවෙක්ටම මවක් ලෙස සැලකූ මට අද මගේ දරුවාගේ කුසගින්න නිවීමට හැකියාවක් නොමැත. මා තනි ගැහැණියක් නම් මේ තරම් විදවන්නේ නැත.අනේ මගේ අය්යා හෝ නංගී මට පිහිට වනවානම් දරුවා ඔවුන් වෙත පවරා මා හට විදේශ ගත වන්නට හෝ තිබුණි. එහෙත් අප දෙදෙනාට අප දෙදෙනා පමණි. දරුවා කැටුව හන්දියට ගිය මා ඩයමන් සහිත මගේ කරාබු දෙක මා සතු වූ එකම වස්තුව උකස් කොට මුදල් ගෙන අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන විගස පැමිණියෙමි. ඉතිරි මුදල් සඟවා තැබුවෙමි. "බබා මට 1000 ක් දෙන්න මම ආපහු දෙන්නම්." "අනේ මන් ගාව නෑ සම්පත්" "එතකොට උඹ උකස් කඩේට ගිහින් මොකද කලේ" "මම කරාබු දෙක උකස් කරලා සල්ලි අරන් බඩු ගෙනාවා සල්ලි නැහැ." "ඔහො... එහෙමද හරි අපි සල්ලි හොයමූ උඹ මට උදව් කරපන්" "මොකක්ද සම්පත් මොනාහරි බිස්නස් එකක් ද? "ඔව් බිස්නස් එකක් මහන්සියක් නැතිව හම්බ කරන්න පුළුවන්" මුදල් නොමැතිව අසරණ වී සිටි මට මෙය සුබ ආරංචියක් විය. කවදද අපි පටන් ගන්නේ? සල්ලී කීයක් විතර ඕනිද? "අද රෑ ඉඳන් පටන් ගමු." අවඥා සහගත සිනහවකින් මුව සරසාගෙන ඔහු පැවසීය. කුතුහලය දනවන කරුණක් වුවත් මා ඉවසා සිටියේ කොපමණ නරක කෙනෙක් වුවත් මට හෝ දරුවාට අවැඩක් සිදු නොකරන්නේය යන දැඩි විශ්වාසය නිසාය. රසිකා ඔයාට ජේලර් නෝනා කතා කරනවා. මම මගේ අතීත දැහැනින් මිදුනෙමි. රසිකා මේ මෙන්න මෙයාට ඔයාගෙ ඇදුමක් තියෙනවා නම් දෙන්න. ප්‍රධාන ජේලර්වරිය මා හට දැන්වීය. හිස පහත් කොට එය පිළිගෙන ඈ කැටුව වාට්ටුවට පැමිණියෙමි. ඇප මත නිදහස් වීමට හැකියාව ඇතත් සියල්ල අත් හැර සැකකාරියක ලෙස වසර 12 කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මා හට මෙහි පැමිණ ඇප මත නිදහස් වන කාන්තාවන් ඔවුන් සතු රෙදිපිළි ඇතුළු නොයෙක් දේ මා හට පරිත්‍යාග කරති. මෙහි පැමිනෙන බොහෝ අයෙකු පලමු දින ඉතා අසරණ වේ. එහෙයින් ඔවුන් කවුරු වෙතත් කුමන කරුණක් සදහා සිරගත වුවත් මා ඔවුන්ට එක ලෙස පිහිට වෙමි. මොකද්ද ඔයාගෙ නම... මම දිලිනි.ඔයා රසිකා නේද අක්කේ ඔව් ඇයි ඔයා මෙහෙ ආවේ?? ඒක දිග කතාවක් අක්කේ... කෙටියෙන් කිව්වොත් මම බදින්න හිටපු අය්යා පාතාලෙට සම්බන්ධ කෙනෙක් ඒත් අපි දැනන් හිටියේ නැහැ මගේ වෙඩින් එක ලබන මාසේ.. මෙයා හදිසියේ අපේ ගෙදර කාඩ්බෝඩ් පෙට්ටි වගයක් ගෙනත් දැම්මා පස්සේ ගෙනියන්නම් කියලා. ඒත් ඒ වගේ තිබිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය.. පොලීසියෙන් ආවම අය්යවයි තාත්තවයි බේරලා මම ඉදිරිපත් උනා..ඈ සිනාසුනේ වීර ක්‍රියාවක් කළාක් මෙනි.. පස්සේ විස්තර කියන්නම්කෝ.. අප දෙදෙනා ඉතා කුළුපග විය. මා ඈ හට තෝරා බේරාගෙන මගේ කතාව පැවසුවත් එය නිමා කිරීමට ඉඩක් නොලැබුණි. "අක්කේ අදවත් ඔයාගෙ කතාවේ ඉතුරු ටික කියන්නකෝ " දිගු සුසුමක් හෙලූ මා බන්ධනාගාරයේ බෝ ගස යටට ගියෙමි. එහි දැල්වෙන්නේ පහන් නොව සිරගත වූ කාන්තාවන්ගේ ළය බව මට හැගුණි. මෙහි සිටින කාන්තාවන් සියල්ලන් ගේම දුක්බර කතාවන් වල කොහේ හෝ කෙළවරක පිරිමියෙකු සිටින බව මා ඔබට කියමි. එදා රාත්‍රියේ සම්පත් ගෙදර ආවේ ඔහුගේ යහළුවෙක් ද සමඟිනි.ඔවුන්ගේ හැසිරීම මට මහා අමුත්තක් වූ බැවින් දරුවාද නිදි කර කාමරේ දොර අගුළු දමා මම නිදා ගත්තෙමි. සම්පත් යහලුවා හා අප තනිකොට නිවසින් පිටව යන හඩ මට ඇසුණි මා සිතුවා නිවැරැදිය සම්පත් මා ඔහුගේ මිතුරාට විකුණා ඇත. කාමරය අසලට විත් ඔහු මට කතා කල මුත් මා නිහඩව සිටියෙමි දොරට ගසා බැරි තැන ඔහු පිටව ගියේය. පසුදා පාන්දරින් අවදි වී දරුවාට කිරි සාදමින් සිටි මා අසලට පැමිණ සම්පත් මගේ කෙස් වැටියෙන් අල්ලා ගෙන "මේක හොඳට අහපන් මම උගෙන් 5000 ක් ගත්තා අද රෑ උඹ ලෑස්ති වෙලා ඉඳපන් නැත්නම් මම උබලා දෙන්නම මර$නවා. රට ඉද්දී නටපුවා මෙහෙ නටන්න ලැජ්ජයිද? හිතන්න එපා මම දන්නේ නැහැ කියලා " ඔහු ගිය පසු දරුවා තුරුළු කරන් හඬා වැටෙමින් සිට තිරණයකට පැමිනියෙමි . ඉතින් අප දෙදෙනාට ඉදිරි ජීවිතයම දුකක් පමණි.මා නොමැති වුවත් හොත් මගේ දරුවා අනාථ දරුවෙක් වේ යන්න මා අදහමි. දරුවා ද කැටුව නගරයට පැමිණි මා බනිස් ගෙඩියක් හා වස බෝතලයක් මිල දී ගතිමි. නිවසට පැමිණ දරුවා තුරුළු කරන් හිතේ හැටියට හඬා වැටුණේමී... "මගේ රත්තරන් පුතේ සමාවෙයන්.. මේ කාලකන්නි අම්මට සමාවෙයන්.. ආයේ මේ ලෝකෙට නෑවිත් සුරංගනාවියෝ එක්කම හිටපන් මගේ පුතේ..හ්.." එදා මගේ ළය නොපැලුනේ මන්දැයි මා අදටත් නොදනිමි. මා හඩනා විට පුංචි අත් දෙකෙන් මගේ කදුලු පිසලූ මගේ සිගිත්තාගේ මුහුණ මියෙන තුරා මා දෙනෙත් මත බව මා දනිමි.. මා කල පාපයේ දඩුවම එය බව අදහමි. ඇතිවන තුරු හඩා වැටී ඉනික්බිති වස දැමූ බනිස් අප දෙදෙනා අනුභව කළෙමු.දරුවා හඩන්නට වූ අතර අවසන් වතාවට තන පුඩුව ඒ සිගිති මුවට ලං කලා මතකය. එහෙත් මා පෙර අකුසල් ඊට වඩා ප්‍රබල විය.දරුවා මරු මුවට පත් වුවත් මා තවමත් මැරී මැරී ජීවත් වෙමි. මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරා දැන් වසර 12කී. නඩුව දින නියමයක් නොමැතිව කල් ගියේය. මා තවමත් සැකකාරියක ලෙස බන්ධනාගාර ගත වී සිටිමි. ඇප ලබා ගත හැකි වූවත් ඒ සදහා ඉදිරිපත් වීමට කෙනෙක් නොමැත.ඇප ලැබුණ ද මින් නිදහස් වීමට කිසිදු ආශාවක් නොමැත.මන්ද නපුරු දූදනන් ඇසුරින් මිදී මෙසේ වාසය කිරීම මට සැනසීමකි.
මියෙන තුරා මෙහිම රැදීම මානසික සුවයකි. මුල් කාලයේ රැඳවියන් හා ජේලර් නෝනා වරුන් පවා මා පිලිකුල් කල මුත් දිනක් මගේ කතාවට සවන් දුන් ප්‍රධාන ජේලර් වරිය සියල්ල නිවැරදි කලාය මා බැලීමට මගේ අය්යා හා නෑනා පැමිණි මුත් මා ඒ සියල්ලන් හමු වීම ප්‍රතික්ෂේප කෙළෙමි.මන්ද යත් ඔවුන් මීට කලින් මෙසේ මා වෙත පැමිණියේ නම් හෝ මා අසරණ වී ගිය කල මා පිළිගත්තේ නම් මගේ පුතු අද තරුණ ගැටයෙකී. ඉතින් ඔබ සැම එදා මා වටා සිටි අයවලුන් මෙන් ශාප කරාවි.එහෙත් මා අදටත් විශ්වාස කරන්නේ ඒ මොහොතේ මට ගත හැකි එකම තීරණය එය බවයි. බන්ධනාගාරය තුළ උදේ හවස බුදුන් වැද දරුවාට පිං අනුමෝදන් කරමි. බන්ධනාගාරයේදී සෑම පොහෝ දිනකම මා පෙහෙවස් සමාදන් වන්නෙමි.එහිදී ස්වාමින්වහන්සේලා මෙන්ම දස සිල් මාතාවන් මේ ජීවිතේ ඇති අනියත වටහා දෙන්නෝය.උන් වහන්සේලා පවසන්නේ ලෝකයෙන් වෙන් වී වෙසෙන මේ අවස්ථාවේ අප තව තවත් දහමට යොමු විය යුතු බවයි මා මෙහිදී භාවනා කිරීමට ද යොමු වූනෙමි.අනේ මේ අවස්ථාව මීට පෙර මට ලැබුණේ නම් කෙතරම් වාසනාවක්ද? එහෙත් කර්මයට අප සැවොම යටත්ය.කුසල් වඩා හැකි පමණින් සසර කෙටි කර ගැනීමට උත්සාහ කරමි.මේ මගේ අධිෂ්ඨානයයි එහෙත් මට කර්මයෙන් ගැලවීමක් නොමැත. කවදාක‍ හෝ මා ඒ පාපයේ දඬුවම සතුටින් බාර ගනිමි. .... .... ✒ මිහිදුම් ද්වාරකොටස් දෙකක කෙටි කතාවක් 💥පාපයේ දඬුවම💥 පලමු කොටස වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා සිර කඳවුරේ දැල් කවුළුවෙන් එපිට බලා සිටි මා සිතුවිලි අතීතයට ගියේ මටත් හොරාය.තවමත් මගේ පාලනයෙන් තොර මේ සිතුවිලි මගේ අනාගත ජිවිතයට හුදු බාධාවක්මය.......එහෙත් මගේ සිත නිදහස් කර ගැනීමට මෙසේ වදන් අමුණමි. "තාත්තෙ...... තාත්තේ.... ලොකු නැන්දා එනවො.."දෝනී පැමිණ මහත් වූ සෙනෙහසකින් මා වැලදගත්තාය. දෝනිගේ හඩට අය්යාත් ඔහුගේ බිරිඳත‍් එකවර මිදුලට බැස්සෝය. "දෙයියනේ නංගී.......... අනේ අපි දන්නෙත් නැහැ ඇයි නංගී කිව්වේ නැත්තේ." මගේ හිසේ සිට පහලට සිය සුරත ගෙන යමින් මගේ එකම නෑනා වූ ශාන්තී ඇගේ සතුට ප්‍රකාශ කලාය "ඒකනේ බං.. කිව්වා නම් එයාර් පෝර්ට් එනවනේ.." මා වැලදගෙන මහත් සෙනෙහසකින් හිස අතගාමින් අය්යා පැවසුවේය "මට හිතුණා අය්යේ උබල පුදුම කරවන්න... හා.... හා දැන් මේ බෑග් ටික ගන්නකෝ වාහනෙන්..මෙන්න මේ සල්ලි ගෙවන්න අය්යේ" ගුවන්තොටුපලින් මාරු කරගත් මුදල් අය්යා අත තැබුවෙමි. "නංගී තව ලස්සන වෙලා සුදු වෙලා..." සිතු සේ අතපත ගාමින් ඇදුමෙහි හැඩ වැඩ බලමින් මගේ නෑනා පැවසුවාය. මේ ඇදුම ඈ වෙත තිළිණ කරන්නට මම සිතා ගතිමි. "දැන් ඇති කතා... පස්සෙ පුළුවන් ඕවා නංගිට බොන්න මොනා හරි හදපන්..." ඒ අය්යාගේ ආදරණීය හඩයි. "අක්කේ..... මට රස්නෙන් තේ එකක් හදන්න. කාලෙකින් අපේ රසට තේ එකක් බිව්වේ නැහැ" මම රසිකා එවකට වයස අවුරුදු 32ක් වූ අතර මා දැනට වසර 10ක පමණ කාලයක් ඩුබායි රටේ සේවය කරන්නෙමි. මා තවමත් අවිවාහක වන අතර මගේ සහෝදර සහෝදරියන් සදහා කැප වී සිටිමි. මමත් අය්යා හා නැගණිය වූ අප පවුලේ, අම්මා අප කුඩා කාලයේ මියගොස් ඇති අතර ඒ මරණය අදට ද අභිරහසක් වී ඇත. අම්මා මියගොස් හත්දින දානයෙහි වැඩකටයුතු සදහා අත් උදව්වට ගෙන ආ නන්නාදුනන කාන්තාව අපේ කුඩම්මා වූයේ කෙසේ දැයි සිතන්නට තරම් අප තිදෙනා මුහුකුරා ගොස් නොතිබුණි. පියා දෙවන විවාහයක් සිදුකර ගත් පසු අප හැරදා ගියේ කොළොන්නාව ප්‍රදේශයේ පිහිටියා වූ වත්තක සිටින සියල්ලන් හට පිං සිදු කරවා ගැනීමට යාචක දරුවන් තිදෙනෙක් නිර්මාණය කල පසුය. මවගේ මව වන කිරි අම්මා අප හදා වඩා ගත්තේ "අම්මා නැති කල අප්පා කවර කල" කියන්නා වූ පැරණි වාක්‍යය සත්‍යයක් කරමිනි. මීට වසර දහයකට පෙර ඇයද මෙලොවින් සමුගත්තාය. අප තිදෙනාටම එය දරාගත නොහැකි දුකක් වුණි. වයස අවූරුදු 18 සිට පවුලේ බර කරට ගත්තේ එය මගේ වගකීමක් බව දැනුණු නිසා නොව කල හැකි අන් යමක් නො තිබුණු නිසාවෙනි. මා හම්බ කල දෙයින් ජීවත් වෙමින් මිතුරන් හා දේශපාලුවන් පසුපස ගිය අය්යා රජයේ රෝහලේ සුළු සේවකයෙක් ලෙස සේවය කරන විට වයස විසිහතර ද ඉක්මවා සිටියේය. රැකියාව ලැබී වසරක් යන්නට මත්තෙන් වත්තේ කෙළවර නිවසක සිටි ශාන්ති අප නිවසට පැමිණියේ ඇගේ කුස පිළිසිද ගත් දෝනීගේ පියා අය්යා වූ හෙයිනි විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින අය්යා අද ද විශ්වාස කරන්නේ මා ඔවුන්ගේ සුරභිදෙන ලෙසය. හොදම තැනැත්තිය මට අමතක වූවා නොව කතා කර ඉවරයක් කල නොහැකි චරිතය ඈ වු හෙයින් කොතැනි කෙසේ පටන් ගම්දෝ කියා අදහසක් හෝ මා සතු නොවේ. මගේ කුඩා නැගණිය වයස තිහ පසු කරමින් සිටින අතර අය්යාගේ දේශපාලන ක්‍රියාවලියේ ඵල නෙලා ගත් එකම තැනැත්තිය වූ ඇය ගුරුවරියක් වන අතර විවාහ වී පදිංචි වී සිටින්නේ සැමියාගේ රාජගිරියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකය.ඇය කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඈ සිතන්නේ ඒ දියණියන් මගේ වගකීමක් බවය. "අය්යේ..... සුදුට call එකක් දෙන්න මම ආවා කියලා නැත්නම් මැරෙන්න හදයි කිව්වේ නෑ කියලා.මගේ phone එකට සිම් එකක් දාගන්නත් ඕනි." "මැරෙන්න හදන්නේ උබට ආදරේට නෙවෙයි ගෙනාපු දේවල් ඔක්කොම අපිට දෙයි කියලා... හිටින් මම කියන්නම්" අය්යාගේ වදන් මා හිනැස්වීමට හේතු උනි.උබලා ඔක්කොම එක වගේ තමයි කියා කීමට සිතුනත් මම ඒ වචන ගිලගතිමි. මොන දේ වූවත් ලේ වතුර වලට වඩා ඝනකම බව මා එදා ඇදහූ අතර අද මගේ ලේ වතුර වී ඇති හෙයින් ඒ පිලිබදව අදහසක් හෝ මට නොමැත වයස 32 වුවත් තවමත් අවිවාහක මා පිළිබඳව මොවුන් දෙදෙනාටම වගක් නොවීය. ඔවුන්ට සැමදා අවශ්‍ය වූයේ මගෙන් උපකාර ගැනීම පමණි. ඩුබායි රටේ කිහිප දෙනෙක් මා සරණපාවා ගැනීමට උනන්දු වුවත් ද්වී විවාහය ලංකාවේ තහනම් බව මා දැනුවත් බව ඔවුන්ට ඍජුව ප්‍රකාශ කොට ඔවුන් නිවැරදි කලෙමි සවස නංගී ඇගේ සැමියා හා දියණියන් සමග පැමිණියාය. අපේ නිවස සාජ්ජයක් සිරි ගත්තේය. සැවොම මගෙන් ලද තෑගි බෝග පිළිබඳව සතුටින් කල් ගෙවීය. එහෙත් නොනිමෙන ආශා ඇති මිනිසා කිසිදා නොසෑහෙන බව එදාටත් වඩා අද මට පසක් වේ. මා පමණක් කාමරයේ සිටින අවස්ථාක් බලා නංගී පැමිණ මා අසලින් හිඳගත් අතර ඇය යම් බැරෑරුම් දෙයක් පැවසීමට සැරසෙන බව දැනුණි. "අක්කා මගේ කෙල්ලො දෙන්නා ගෙට වෙන්න ළඟයි දැන්. උන්ට චේන් පොටවල් දෙකක්වත් ගන්න ඕන. මෙහේ එන්න ලෑස්ති වෙද්දිම අර මහ ගෑනී ඔලොක්කුවට වගේ කිව්වා ලොකු අම්මා අම්මට දෑවැද්ද භාගයක් දෙන්න ඇත්තේ ඕගොල්ලන්ට දෙන්න ඕනී නිසා වෙන්න ඇති කියලා" ඈ කතා කලේ සිය දෙනෙත් මා කර මතට යොමු කරමින්. මගේ කෝපය නිම්හිම් නැති වූයේ මොවුන් මා භාවිතා කරන ආකාරය දැනුණු හෙයිනි "උන් තාම පොඩි නේ බං ඒ වෙලාවට බලමු.මේ චේන් පොටක් මෙහෙ ලොක්කීට ගෙනාවේ එකී අද හෙටම ගෙට වෙයි." "දැන් ඉස්සර වගේ නෙවෙයි අක්කා අඩු වයසින් ලොකු ළමයි වෙන්නේ..දෝනී ඉද්දී අපේ ලොක්කි අල්ලන්නත් බැරි නැහැ" "හරි බං හරි..යද්දී එකක් දීලා යන්නම් ඒක විකුණලා පොඩි දෙකක් හදවපන්.." මා කෝපයෙන් පවසද්දී සිනාසුනු නංගී.. "පොඩ්ඩි නම් ඔයා ඊලග පාර එනකල් අල්ලන් ඉදියි..හදීසියක් නැහැ අක්කේ ඕක ලොක්කිට තියමු. ඩුබායි රත්තරන් තමයි හොදම. යමුකෝ කන්න බඩගිනියි" කෙතරම් තෑගි භෝග දුන්නද නංගී ගියේ අමනාපයෙනි. ඒ මා අය්යාට ඇගේ සැමියාට වඩා දෙයක් දී ඇති බව දැනුණු හෙයිනි.මා ඇය විවාහ කර දුන්නේ කුමාරිකාවක් මෙනි.එහෙත් ඇගේ ආශාවන් නිමක් නැත. තම දරුවන් කෙරෙහි මවුපියන් ලෙස ඔවුන් දෙදෙනා ඉටු කළ යුතු යුතුකම් සියල්ල ද මගෙන් බලාපොරොත්තු වේ. රාත්‍රියේ නින්දට පැමිණි මුත් නින්ද අහලකවත් නොමැත.මට මා ගැනම දුක සිති කඳුලක් නෙතින් ගලා ගියේය. මටත් මගේ කියා පවුලක් දරුවෙක් සිටිය නම් කෙතරම් අගනේ ද? ඉතින් මේ සිහිනය සැබෑ වන්නේ කවදාද? එය එසේ සිදු වේද? කුමන මොහොතක නින්දට වැටුණේ දැයි මා නොදත්තෙමි. එහෙත් උදෑසනින් අවදි වූයෙමි. මා මුලුතැන්ගෙට ගියේ නෑනා පිලීබදව විමසීමටයි. "ආ... නංගී නැගිට්ට ද ඉන්න මම ඉක්මනට තේ එකක් හදන්නම්." ඇය මගේ නෑනා වුවත් මගේ සහෝදරයන් දෙදෙනාට වඩා මා පිළිබඳ සිතනා ගැහැණියකි. ඇය ඉතා අහිංසක ගැහැණියකි. බොහෝ විට මා විවාහ විය ‍යුතු බව මා හට සිහිපත් කර දෙන්නී ඈය. "නංගී..... අම්මෝ මොනාද අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ? ආ බොන්න මැණිකේ.." ඒ ආදරණීය බව මවාපෑමක් නොවන් බව මා අත්දැකීමෙන් විද ඇත්තෙමි. මා කිසිත් නොපවසාම තේ එක අතට ගතිමි. "මේ සැරේ ටිකක් වැඩි කාලයක් ඉන්නවා නේද නංගි.." "හ්ම්..ඔව්..මම මාස එකහාමාරක් වගේ ඉන්නවා අක්කේ.." "නරකද නංගි ජීවිතය ගැන හිතුවොත්.. හැමදාම ඔහොම ඉදලා කොහොමද? සැමදා මෙන් සිනාසුනු මා.. "ඉන්නකෝ අක්කේ මෙච්චර කල් මනමාලයෝ හෙව්වේ සාප්පූ වලනේ මේ සැරේ පේමන්ට් එකෙත් හොයමූ" ඉන්පසු වෙනදා මෙන් අප දෙදෙනා සිනාසුනෙමු. "හහ්..නෑනලා කැකිරි පලද්දී අපී ඔටුවෝ වගේ ඉන්න ඕනී.."කියමින් අය්යා පැමිණ ඔහුගේ තේ කෝප්පය රැගෙන ගියේය මා පැමිණ සති දෙකකට පසු නොසිතූ ලෙස අය්යාගේ දියණිය වැඩිවියට පත් වූ අතර අපි ඒ සදහා ලක ලෑස්ති වුණෙමු. එහෙත්..... මේ මගේ දිවියේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් බව කිසිදා නොසිතුවෙමි. සාදය සඳහා අප වෙසෙන වත්තේ අය මෙන්ම අය්යාගේ යහලුවන් කිහිප දෙනෙක් ද පැමිණියෝය. "ආ අක්කේ..මගුලක් කන වියදමක් කරලනේ මේකට..ඔයා ගෙනාපූ ඔක්කොම සල්ලි මේකට යට කලාද? අර අම්මණ්ඩිත් කපටි නෑ නංගී..හුංගී කිය කිය ඔයාව උඩ තියලා කඩා වඩා ගන්නවා.." මා නංගී නිවැරදි කිරීමට නොගියේ ඊටත් වඩා අයෙකු වෙනුවෙන් මගේ නෙත් සිත් කැප වී තිබුණු හෙයිනි. "මේ..මේ..ඊලග පාර ආවම අපේ ගෙදර ඉන්න මෙහේ හිටියොත් ඔයාව හිගන්නෙක් කරයි මුන්." ඊර්ෂ්‍යාවෙන් දෝනී දෙස බලමින් ඈ පැවසුවාය.මට ඒ පිලිබදව හැගීමක් හෝ නොමැත. අය්යා සිය යහලුවන්ට මා ඉතා ආදරයෙන් ආඩම්බරයෙන් හදුන්වා දෙන ලදී. සියල්ලන් මා දෙස බලා ගෞරවය මුසු සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකලේය. එහෙත් එක් නෙත් දෙකක් විවේකයකින් තොරව මා ලුහුබදින බවක් දැනී මා ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙමි. අනවශ්‍ය පරිදි සිනාසෙන්නටත් කතා කරන්නටත් මා පෙලඹුණේ නිදා උන් මා ඉදුරන් අවදි වූ හෙයිනි. ඔහු සම
්පත්......මගේ අය්යා හා රෝහලේ සේවය කරන 36 වියැති කොළොන්නාව ප්‍රදේශයේම පදිංචි කරුවෙක්. ඔහුගේ නෙත් කැල්මන් මා ලුහුබැදි අතර ඊට මගෙන් රුකුලක් විනා අමනාපයක සේයාවක් හෝ නොවිණි. අප දෙදෙනා ඇස් වලින් සිතු සේ කතා කළෙමු.රාත්‍රියේදී පිටව යාමට ප්‍රථම ඔහුගේ දුරකථන අංකය මා වෙත ලබා දුනි. "හොද කෙල්ල වගේ කෝල් කරන්න.. යන්නම් රත්තරන්.. මට නම් පිස්සු වගේ" ඔහු පිටව ගියේ මගේ හදවත ඔහුගේ හදවතට බද්ධ කරමිනි සිත පුරා ඇති මේ හැඟීම මින් පෙර ඇති වී නොමැත.මහ රාත්‍රියේදී ඔහු ඇමතීමට සිතුවත් ඔහු මා පිළිබඳව වැරදි නිගමනයන්ට එළඹිය හැකි නිසා නිහඩ වූනෙමි. මා සිතින් ඔහු හා බොහෝ දුර ගියෙමි. ඔහුගේ දරුවෙකු මාගේ ලමැද උණුසුමට ගූලිවන අයුරු සිහිනෙන් දුටුවෙමි. වරින් වර අවදී වී වේලාව බලමින් කිසිදා නොවන සේ ඔරලෝසුවට දෙස් තැබුවේ එහි ඉබි ගමන හේතුවෙනි.පසුදා පාන්දර හතරට ඔහු ඇමතුවේ තවත් ඉවසිය නොහැකි නිසාවෙනි. දුරකථනය නාද වන හඩ මගේ මුලු වතම හිරිවැටීමට ලක් කලේය. "හෙලෝ..." ඔහුගේ හඬ ඇහෙද්දී මා ගොළු වී ගියේ හදවත වේගයෙන් ගැහෙමිනි.මට කිසිවක් පවසා ගත නොහැකි විය. "රසිකා නංගී කියන්න මැණික.. ම්.. මොකෝ සද්දක් නැත්තේ.. ඊයේ එලිවෙනකල් නිදි නැහැ මම." මත් වූ හඩකින් ඔහු පැවසුවේය මට පුදුම සිතුණි.ඔහු මා හදුනා ගත්තේ කෙසේද? ඒ පුදුමයෙන් මිදීමට අවැසි විය. "අය්යේ..."අපහසුවෙන් කියා ගතිමි. "Good morning බබා මොකෝ මේ පොඩි එකෙක් වගේ බයෙන්...හොර කෙල්ල.. ම්.. මොකෝ ඔච්චර ලැජ්ජා..ළඟ හිටියා නම් දන්නවා කරන දේ" කියමින් ඔහු මහ හඩින් සිනාසුනේය "Good morning අය්යා.. ඔයා කොහොමද දන්නෙ මේ මම කියලා." 'බබා.... මන් ඊයේ රෑ ඉඳන් බලන් ඉන්නේ ඔයා කතා කරන කල්.මේ ෆෝන් එකට නාඳුනන එකම නම්බර් එක ඔයාගේ..' මෙසේ පටන් ගත් අපේ ආදර කතාව සැමට රහසක් වීය.ඒ ඔහුගේ ඉල්ලීමටය. මට සියල්ල අමතක වූයේ මින් පෙර නොවිදි මිහිරක් සිත පුරා වෙලා ගත් හෙයිනි. මගේ අය්යා හට දැඩි කුතුහලයක් වූයේ මා පෙර මෙන් නැවත ඩුබායි රටට යෑමට උත්සාහ නොකල හෙයිනි. "ආ..සුදූ.. කවදද ආපහු උබට යන්න තියෙන්නේ" "මොකෝ උබලට ඔච්චර හදිස්සි.. මම යන්නේ මට හිතිච්ච දවසට" අමනාපයෙන් මා පවසද්දී ඔහු නිහඩ විය. හමුවිය යුතු යැයි පවසමින් සම්පත් දිනපතා මා හා රණ්ඩු කරන්නට පටන් ගත් හෙයින් ඔහු සතුටු කිරීමට මෙන්ම ඒ ආදරය රැකගැනීමට මම තීරණය කලෙමි. අපේ පලමු හමුවීම අද..දෙවියනේ කවදාවත් විඳ නොමැති හැඟුමන් වලින් සිත පිරී ඇත.කණ්ණාඩිය ඉදිරිපස බොහෝ වේලාවක් ගත කලෙමි. විලවුන් හා නොයෙකුත් ක්‍රීම් වර්ග සිරුර පුරා ආලේප කර ගතිමි. එහෙත් සම්පත් දුටු විගසින් මගේ හැගුමන් වියැකී ගියාය ඉරුණු ඩෙනිමක් ටීෂර්ටයක් ඇද රබර් සෙරෙප්පු දෙකක් දමා අපිළිවෙළට පැමිණ සිටි සම්පත් මගේ සිතට කම්පාවක් ලැජ්ජාවක් එක් කලද අකීකරු ආදරය මා මුලා කර තිබුණේ යථාර්ථයේ ඇස කිසිදා විවර කර ගත නොහැකි ලෙසය එහෙත් මා මගේ අකමැත්ත ප්‍රකාශ කලෙමි.. "ඇයි අනේ ඔහොම ආවේ ලස්සනට ඇදලා එන්න එපැයි.. එදා ඔයා හරි ලස්සනට හිටියේ. මොකද මේ හැටි කෙට්ටු වෙලා කලුවෙලා කොණ්ඩේ පිස්සෙක් වගේ..." මහ හඩින් සිනාසුනු ඔහු.. මම ඩුබායි ඉදන් ආවේ නැහැ නේ ඔයා වගේ ජැන්ඩියට ඇඳන් එන්න අනික මම කොහොමත් සිම්පල් මිනිහා.. වාද කිරීම නොසුදුසු හෙයින් ඔහුට ඇදුම් කිහිපයක් හා සපත්තු ජෝඩුවක් අදම තෑගි කිරීමට සිතා ගතිමි. බොරැල්ල හන්දියේ තිබූ හෝටලයකට ගොඩ වෙද්දී එහි මුදල් අයකැමි ඇතුළු සේවක පිරිස මෙන්ම පැමිණ සිටි අයවලුන් පවා යම් අපුලකින් සම්පත් දෙස බලනවා වැනි හැගීමක් දැනුණි දෙදෙනා දහවල් ආහාරය ගෙන අසල ඇති සිනමාහල වෙත ගියෙමු. අදුරු සිනමාහල තුළ දී අපේ සිරකල හැඟුම් තව දුරටත් පාලනය කල නොහැකි විය. අපි අපේ ලොවේ තනි වුණෙමු. සම්පත් කිසිදු ආගන්තුක බවක් ඒ ක්‍රියාවන් හී යෙදීමේදී නොපෙන් වූ බව පසක් වීමට මට වසර කිහිපයක් ගත වුණි. මට ඒ ඇසුර යම් තාක් දුරට අපහසුතාවයක් වූයේ ඔහුගේ දහඩිය ගඳ නිසාවෙන් වුවත් මා මුවින් නොබැන ඉවසුවෙමි. ඔහු මගේ කුළුදුල් ප්‍රේමයයි.කිසිදා පෙම් සුව විඳ නොමැති මා ඔහු හැඟුමන් වලට ඉඩ දී නිහඩ වූයේ මින් මතු ඔහුගේ ඇදුම් පැළඳුම් මෙන්ම පිරිසිදු භාවය පිලිබදව සොයා බැලීමට තරයේ සිතට ගෙනය. සිනමාහලට පැමිණ සිටි බහුතරයක් පෙම්වතුන් වූ අතර ඔවුන් සැම අවට පරිසරය අමතක කොට පෙම් සුව විඳී.එහෙයින් මගේ සිතෙහි වූ කෝල බව තුරන් විය. එහෙත් සිනමාහලෙන් පිටතට පැමිණි පසු ඔහුගේ මුහුණ බැලීමට නොහැකි කෝල බවක් දැනුණි. ඔහුට එය වගක් නොවන බව මට දැනුනෙන් මගේ සිත දෙගිඩියාවෙන් නිදහස් වුණි. දින දෙක තුනක් සිනමා හල් තුල මුණ ගැසුණු අප සිත් සේ පෙම් සුව වින්දෙමු. මා සමග පැමිණෙද්දී හෝ පිලිවෙලට ඇද පැළඳ එන්නට සම්පත් පුරුදු කර ගතිමි "කෙල්ල ප්ලීස් කියන දේ අහන්නකෝ හොද පොට් එකක් මම හොයා ගත්තේ කිසි අවුලක් වෙන්නේ නැහැ එතනට අපි වගේ කපල්ස් තමයි එන්නේ.." දිනක් සිනමාහල තුල මා සිප ගනිමින් සම්පත් පවසද්දී අසීමිත ආශාවන් මා වල්මත් කලාටත් වඩා ඔහුගේ වදන් මා කැළඹුවේය. "අනේ බදින්න කලින් මට ඕවගේ යන්න බැහැ සම්පත් එහෙම උනොත් මට පෝරුවේ නැගලා හොද මගුලක් කාලා ඔයාගේ වෙන්න තියෙන ආශාව හීනයක්ම වෙයි." "අපෝ සුදූ අපි නොදරුවෝ නෙවෙයි නේ..ඕනි තරම් ගෑනූ පෝරුවේ නගිනවා ඕවා දැන් ගනන් ගන්නේ නැහැ ඉස්සර වගේ. අනික කවදා කොහොම කලත් මොකද ඕවා මගේ නේ දැන් කොහොමත් ඇත්ත කියන්න රට ඉද්දී මුකුත් උනේ නැහැ නේද ඔයා මෙච්චර පස්ස ගහන්න. මට ඇත්තටම සැකයි. නැත්නම් මෙච්චර අවංකව ආදරය කරන මා එක්ක එන්න බැහැ කියන්නේ ඇයි? "ඔයාට පිස්සු ද අය්යේ මට මෙච්චර ලං උන එකම පිරිමියා ඔයා..ශිට් මම එහෙම කෙනෙක් නෙවෙයි" ඔහුගේ ඇවිටිලි සලකා බැලූ මා...කෙසේ හෝ ඔහු හා සරණ යෑමට බලා සිටි හෙයින් ඔහුගේ අයිතිය කවදා දුන්නද කම් නැතැයි මගේ වල්මත් වූ සිතට මා දැනුම් දුන්නෙමි. ඉන්පසු අප හමුවූයේ හෝටල් කාමර තුළය.ලොවට රහසේ ඔහු අතින් ගැහැණියක වූ දිනයේ මට මා ගැනම පිළිකුළක් හා දුකක් හට ගැනුණි. එහෙත් ඔහු මගේ නොවේ දැයි සිතා මගේ සිත සනසා ගතිමි.එතැන් සිට රිසි සේ අපේ හැඟුමන් මුදා හැරියේ අපට විරුද්ධ වීමට කිසිවෙක් නොමැති නිසාය. මේ සෑම ගමනක දීම එහි බර පැන දැරුවේ මාය.නිකමට හෝ නැවතී ඒ ගැන විචාරීමට තරම් හෝ නුවණක් නොමැත්තේ නොව ආලයෙන් කාමයෙන් මා මුසපත් වී සිටියෙමි. ඒ මුසපත් වීම හේතුවෙන් අන්ධ වූ මා හට කිසිදු අයුරකින් ඔහු පිළිබඳ සැකයක් ඇති නොවුණි. "නංගී... නංගී එන්න කෑම කන්න..." අය්යා හා ඔහුගේ බිරිඳ සමඟ මා රාත්‍රී ආහාර ගත්තෙමි. මට ඔවුන්ට මුහුණ දීමේ අපහසුතාවයක් දැන් දැන් දැනේ. කෙතරම් පහදා දුන්නද සම්පත් අපේ සම්බන්ධතාවය අය්යාට හෙළි කිරීම තහනම් කලේය. "නංගී... මොකද්ද උබේයි සම්පත්ගෙයි තියෙන සම්බන්ධය." හෙන ගැහුවාක් මෙන් වූ අය්යාගේ පැනය මා නිරුත්තර කලාය. මට වචන අමුණා ගැනීමේ අපහසුතාවයක් දැනුණි "මේ.. මේ ... "මේ.. මේ.. නෙවෙයි අපේ කොල්ලෝ කීපදෙනෙක් මට දැන් මාසෙක කාලෙක ඉදන් කියන්නේ මම ගනන් ගත්තේ නැහැ මෙච්චරයි....එහෙම දෙයක් තියෙනවා නම් අදම ඒක නවත්#තපන්" මගේ කෝපය නිම්හිම් නැති වුණි. "ඇයි මොකටද මම එහෙම කරන්නේ උ#බලා ඔක්කොටම ඕන මගෙන් හම්බ කරන් කන්න විතරයි.උ$බලා එකෙක් වත් මං ගැන හිතුවද? මගේ අනාගතය ගැන හිතුවද? ආහ්...මා පැවසුවේ හඬ හඬාය." "සමාවෙයන් නංගීයේ... මම පිළිගන්නවා අපි වැරදි... අපි ඒ ගැන හිතුවේ නැහැ. හැබැයි ඒ කියලා උ$බට මූ එක්ක යන්න දෙන්නේ නෑ මං..අය්යා ස්ථීර හඩින් පැවසුවේය උ$බේ කැමැත්ත අකමැත්ත මට වැඩක් නැහැ මම සම්පත්ව බඳිනවා එච්චරයි අය්යා පිගන පොලේ ගසමින් නැගිට මා අසලට විත් "ය$කෝ ඒකා කුඩු$කාරයෙක් කියන දේ අහපන්." මට දැනුනේ මගේ කන් අසල බෝම්බයක් පිපිරී ගියා සේය. "ඌ හොරකම් කරනවා පික් පොකට් ගහනවා ලෙඩ්ඩුන්ගේ බඩු හොරකම් කරනවා... ඇමතිගේ එ$කෙක් නිසා කවුරුත් අත තියන්නේ නැහැ. මෙච්චරයි මම හිරේ යන්න හරි ඕකා බා$වනවා උබ ඔය සම්බන්ධය නැවැත්තුවේ නැත්නම්" මම ඔහු සවන් නොදුන්නෙමි. මොවුන් සැමට අවශ්‍ය මියෙන තුරා මගෙන් යෑපෙන්නට පමණි. ඒ මාගේ පිළිගැනීමයි. මට සම්පත් ඇර වෙන මිනිහෙක් එපා..මම එයාව හදාගන්නවා.. කොහොම හරි හදාගන්නවා.. උ$බ ඔය කියන තරම් මට ආදරෙයි නම් අන්න ඒකට මට උදව් කර%පන්..කියමින් මා කාමරයට පැමිණියෙමි. හඬ හඬා මම සම්පත්ට දුරකථන ඇමතුමක් ගත්තෙමි.එහෙත් ඔහු ඊට පිළිතුරු නොදුනි. පසුදා පාන්දරින මම සම්පත්ගේ නිවස සොයා ගියෙමි.වයසක කාන්තාවක් ඉදිරියට පැමිණ "ඇයි ඔය ලමයා කාවද බැලුවේ? සම්පත් ඉන්නවද? "එයා රෑ වැඩ.තාම ගෙදර ආවේ නැහැ එන්නකෝ ගෙට." ඈ කුතුහලයෙන් මා දෙස බලා මගේ වතගොත විමසීය මම ඇගේ ඉල්ලීම මත අප දෙදෙනා ගැන මෙන්ම මා පිළිබඳව ද පැවැසූවෙමි. "ඔය ලමය මෙව්ව අමතක කරන්න මම මේ ඔය ළමයගෙ හොඳට කියන්නේ අපේ එකා නම් හැදෙන එකෙක් නෙමෙය කාගේ උනත් හැදිච්ච වැදගත් අහිංසක ගෑනු ළමයෙක් නිසයි මම මේ කියන්නේ.. නැත්නම් ඕවා අපිටත් ගෙවන්න වෙන පාපකර්ම" ඈ ළය පුරා හුස්මක් ගනිද්දී මා හිර වූ හුස්මෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය පැවැසු දේ මා සිත උමතු කළේය. ඇය මා හා පැවසු දේ..දෙවියනේ මා මෙතරම් අන්ධ වූයේ කෙසේ කියා සිතුණි. දැනටමත් මා ඔහුට විශාල ලෙස මුදල් දී ඇත්තෙමි. මා ඒ පිළිබඳව කම්පා නොවෙමි.එහෙත් මගේ ජීවිතය...මගේ සිහින.. ඉතින් මා කුමක් කරම් ද? අය්යා කෙසේ වෙතත් ඔහුගේම මව පවසන්නේ මුසාවක් නොවීය යුතුය. ඉතින් ඔහු සොරාගත් මගේ ආත්මය අමතක කොට නැවත විදේශ ගත විය යුතුය. කෙසේ හෝ සිත හදාගත් යුතුය.ඉතින් නැවතත් මා මේ රටට නොපැමිණෙමි. සිතට වහල් වී ජීවිතය අදුරු කර ගතනොහැක. සැමදා දුක් විඳ තව දුරටත් දුක් විඳිය නොහැක. ඔළුව විකාර වී නිවසට පැමිණි මා කාමරයට වී හඬා වැටුණේමී. නංගී..... මේ තේ එක බොන්න....... කෝ නැගිටින්න. ඊයේ රෑ ඉදන් මුකුත් කෑවේ බිව්වේත‍් නෑ... "මට එපා අක්කේ" කියා කොට්ටයේ මුහුණ ඔබා ගමින් සිතු සේ හැඩුවෙමි. අක්කා පෙරැත්ත කොට මා හිදුවා තේ කෝප්පය අතට දුනි. තේ එක ගෙන කටට ලං කලා පමණි මට ඔක්කාරයට ආ අතර මා මුලුතැන්ගෙය පිටුපසට දිව්වේම
ි. "මොකද දරුවෝ.. කොහෙද කෑම කෑවේ නැහැ නේ.."යැයි ඈ පවසද්දී මා ඇයට තුරුළු වී හැඩුවේ මේ සිදු වූ දෙය පිලිබදව අනුමාන කොට ගෙනය. අක්කා ද ඉන් අදහසක් ගත් බව දැනුණි නංගී..හ්..රත්තරනේ මොකද්ද මේ කර ගත්තේ කියමින් ඈ මා සනසමින් කාමරයට රැගෙන ගියාය. අප කායිකව එක් වන සෑම මොහොතකම ඔහු උපත් පාලන ක්‍රම අනුගමනය ප්‍රතික්ෂේප කළ අතර නිතර පැවසුවේ බය වෙන්න එපා මුකුත් අවුලක් වෙන්නේ නැත යන්නයි. මගේ වෙනස පිලිබදව කතා කලද ඔහු පැවසුවේ.. "ඕවා ගැන හිතන්න එපා ප්‍රශ්නය ආවම බලමුකෝ" යනුවෙනි මේ පිළිසිඳ ගැනීම සම්මත වුවත් අසම්මත වුවත් හිත පුරා සතුටක් දැනුණි.මගේම කියා කෙනෙක් මේ ලෝකෙට එනවා.දෙවියනේ මගේ දරු පැටියා.මා ආදරෙන් කුස අත ගෑවෙමී. අය්යා, නංගී,සම්පත් සිහි වී මගේ ඒ සතුට ක්ෂණිකව අතුරුදන් වුණි. හමුවෙමු දෙවැනි කොටසින්.. (ගැහැණියක ලෙස මා මෙසේ ලියමි...සම්මත වුවත් අසම්මත වුවත් ගැහැනියකට දරුවෙක් යනු සිය ජීවිතයම වේ.අප කෙතරම් උතුම් පුරවැසියන් උතුම් රටක් ලෙස ලෝකයා හැඳින්වුවත් අපේම මිනිස්සුන්ට අපි උතුම් නොවෙමු.) .. .. ✒ මිහිදුම් ද්වාරසද්ගුණවත් උපාසක "කාන්තියෝ, කාන්තියෝ උක්කුවා එක්ක එකතු වෙලා ඔන්න ඔය කෑම ටික ලොරියට පටවපන් කෝ" සිරිමාවතී හාමිනේ පැවසූවේ ඔසරිය එහෙට මෙහෙට දුවන ගමන් අඳිමිනි. කාලයක පටන් පන්සලේ අඩුපාඩුවක් වුන ධර්මශාලාව ජයසේන මුදලාලි තමාගේ තනි වියදමින් නිම කර එය සඟ සතු කොට පූජා කිරීම අද සිදු කරන නිසා මුදලාලි හාමිනේ වඩා කාර්යබහුල ය. හාමුදුරුවෝ පනස් නමකට දානය නිවසේදීම පිළියෙල කළ යුතු යැයි හාමිනේ කාන්තිට පැවසුවේ ඇය කැටුව පොළට ගිය අවස්ථාවේ අවශ්‍ය අඩුම කුඩුම තෝරන ගමන් කාන්ති දෙස බලා ලෙන්ගතු සිනාවක් ද පාමීනි, එදින පටන් කාන්තිට වැඩ වැඩි විය. තුනපහ සෝදා වේළා කොටා දානයට අවශ්‍ය මූලික වැඩ කිරීමත්, කැවිලි පෙවිලි සෑදීමත්, කප්පරක් වැඩ සිදු කලේ කාන්තීත් ගමේ තව ගෑණු දෙතුන් දෙනෙකුත් එකතු විය. එහිදී සෑම විට ම මූලිකත්වය ලැබුනේ කාන්තිට ය ඒ මුදලාලි හාමිනේ ඇයට තිබූ ලෙන්ගතුකම නිසාම ය. තිලකසිරි චෛත්‍යයේ හුණු පිරියම් කරන්න ගොස් බිම ඇද වැටී කොන්ද කැඩුණු දා පටන් ඇයගේත්, පුතාගේත්, දුවගේත්, ඇඳට වී අසරණව සිටින තිලකසිරිගේත් කුස පිරුණේ හාම්ණේට පින්සිදුවන්නටය. ඇය සිරියාවන්ත කරුණාබර තැනැත්තියක් වූවත් මුදලාලියා නම් ඉච්චී කුණාය, සතෙකුට බත් කටක් දෙන්නේත් ඔහුට ප්‍රයෝජනයක් ඇත්නම් පමණි. ඊටම හපන් වල් කමක් ද නැතුවාම නොවේ, ඒ ගැන ගම පුරා ඕනෑතරම් පතා පැතිරුණා ද මුදලාලිගේ වත් හාමිගේ වත් මුහුණට ඒ බවක් කිසිවකු නොකියන්නේ මුදලාලි නයා වගේ මිනිහා බව දන්නා නිසාය. "අම්මේ, අම්මේ අප්පච්චි කෝල් එකක් දුන්නා" ලොරියට කෑම බඩු පටවා හාමිනේට ඔසරිය අඳින්නට කාන්තී උදව් වෙමින් සිටින විට කාමරේට එබි පැවසුවේ හාමිනේ ගේ පොඩිදුව ය. ලොකු දුව මේ වන විට විවාහ වී පිටරට පදිංචිව සිටී. "මොකද? කිව්වේ" හාමිනේ ඇසුවේ තොල් අතර සිර කරගෙන සිටි ආය කට්ට ගෙන ඔසරි පොටේ ගසා ගන්නා ගමන් ය. " අපිට පන්සලට යන්න කාරෙක පියදාස අතේ එව්වලු, අප්පච්චිගේ ඇඳුම් උක්කුවා අතේ කඩේට එවන්න කිව්වා" කියා ඇය පිටව ගියේ "අම්මෝ අම්මගේ ලස්සන" කියා හාමිනේ ගේ නිකටද මිරිකමිනි. " මේ මිනිහගේ තණ්හාව බලපං කාන්ති, මම කොච්චර කිව්වද අද කඩේ අරින් එපාය කියලා, කොහෙද? මේ මිනිහා ගියා නේ, ඔන්න ඔය උඩ තියෙන ඇඳුම් පාර්සලේ උක්කුවට දියන් කාන්තී" ඇය තව වටයක් කැරකී කණ්නාඩියේන් අඩුපාඩු බලමින් පැවසුවේ පියදාස පැමිණ කාරය නවත්තන හඬත් සමඟය. " උක්කුවා ලොරියෙ නැඟලා ගියානේ හාමිනේ" කාන්ති කීවේ ප්‍රශ්නාර්ථ බැල්මෙන්. " අයියෝ ඒ ටිකට මට ඒක අමතක උන හැටියක්, මමම නේ ඌට කිව්වේ පන්සලට පලයන් කියලා" නළලට අත තබාගෙන පැවසූ හාමිනේ "අනේ කාන්තියේ උඹ ගෙදර යන ගමන් ඕක දීගෙන පලයන්" කියා කාමරෙන් එළියට ගියද එම ඉල්ලීම කාන්තිගේ හිසට අකුණක් ගැසුවා සේ විය. තිලකසිරි ඇඳට වූ දා පටන් මුදලාලි කාන්තිව කොටුකර ගැනීමට මාන බලන බව ඇයට හොදටම තේරුණී, එය වඩාත් තහවුරු වූයේ වරක් හාල් තුනපහ ගැනීමට කඩේට ගිය විටෙක කඩේ බඩු කිරන බණ්ඩා එහෙට මෙහෙට වෙනකම් සිට පස්ස පැත්තට දැමූ තට්ටුවෙනි . එක්වරම සිදුවූ සිදුවීමෙන් කාන්ති උඩ ගියේය. හාල් තුනපහ පැත්තක තබා ඇය පිම්මේ දුවගොස් නැවතුනේ වත්තේ කඩුල්ල ළඟය. තවත් දිනක් හාමිනේ ගේ උවමනාවකට නිවසේ කාමරේට ගිය විට අල්මාරිය මුල්ලේ සැඟවී සිට එකවර පැන ඇය බදා ගත් අවස්ථාව. එය සිහිවී දැනුදු ඇයගේ ඇඟේ හිරිගඩු පිපිණ. "එහෙනෙන් ඒක ගිහින් දිපන්" කියමින් හාමිනේත් බේබිත් කාරයෙන් පිටව ගියේ කාන්තිට කිසිවක් පැවසීමට ඉඩ නොතබමිනි. ඇඳුම් පාර්සලේ අතින් ගෙන කඩේ දෙසට කාන්ති පිය නැගුවේ මරන්න ගෙනියන හරකෙකු පරිද්දෙනි. "ඈත ඉඳන් මේක දීලා අනිත් අතට හැරිලා යන්න ඕනේ, නැත්තම් මේ දෙපා සතා ගෙන් බේරෙනවා බොරු" නොයෙක් උපක්‍රම සිතමින් කාන්ති කඩේ වෙත ලගා වූවද එහි කිසිදු හැල හොල්මනක් නොවීය. කඩේ වසා ඇත. "මුදලාලි, මුදලාලි" කාන්ති හඬ නැගූවද කිසිදු ප්‍රතිචාරයක් නැත, කඩේ පිටුපසට ගිය කාන්ති, පිටුපස දොර අතින් තල්ලු කර බැලුවේ මුදලාලීට කරදරයක්වත් වී දැයි සිතමිනි. දොර වසා නැත එය හායි ගා ඇරුනි. නැවතත් වටපිට බැලූ කාන්ති අඩියක් දෙකක් කඩේ තුළට ගොස් " මුදලාලි, මුදලාලි "මඳක් පහත් හඬින් නැවතත් ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුණු තැන ආපසු හැරුණා පමණය. ඇඟ පුරා මයිල් පිරී තිබුණද හිසේ එකදු කෙස් ගසක් නැති අවුරුදු පණස් පහක් පමණ වූ මුදලාලි තුවාය පමණක් ඉන වටේ දවටාගෙන දොර කඩ අවුරාගෙන සිටි, කාන්තිට" හික්" ගෑවුනාය. මෙතෙක් දවසක් තමා ඩැහැ ගැනීමට මාන බැලූ දඩයක් කරුගෙන් බේරී නොයෙක් පිමි පැන පලාගිය නාඹර මුව ධෙන අද දඩයක් කරුගේ අතටම හසු වී ඇත, බේරී පලායාමට තියා සිහින් කෙඳිරියක් වත් නැගීමට නොහැකිය. එලෙස විලාප තැබීම තමාත් මුදලාලි අතර පමණක් හුවමාරු වන දෙය රටට ලෝකෙට අඬබෙර ගැසීමක් වැනිය. කාන්ති ගැහෙන්නට විය. කලක පටන් කෙළ ගිල ගිල අනුභව කිරීමට සිටි කෑමක් ලද පෙරේතයකු සේ වහා දොර වසා දැමූ මුදලාලි කාන්ති අත තිබූ පාර්සලය පැත්තකට දමා, ඇය බදා වැළඳ ගත්තේ කාන්ති පත්වී ඇති අසරණ බව තමාගේ වාසියට හරවා ගනිමිනි. මුලින් මුලින් විරෝධයක් දැක්වුවද පසුව තමා හොඳටම කොටුවූ බව තේරුම්ගත් කාන්ති කඩේටම අල්ලා සාදා තිබූ කාමරයේ ඇඳ මත මළ කඳක් සේ ඔහේ වැතිරී සිටියේ තම ඇඟ උඩ නැග හති දමන මේ දෙපා සතා ගැන කිසිදු හැඟීමකින් තොරව ය. තම කාරිය අහවර කර ගත් මුදලාලි ඇඳෙන් බැස ගොස් විනාඩි හත අට කට පමණ පසු පැමිණ " හා දැන් ඉතින් පලයන්, මට පරක්කු වෙනවා" යැයි පැවසුවේ කාන්ති බලාගත් අත බලාගෙන තවමත් ඇඳ උඩ සිටි නිසාය. දෑසට නැගි කඳුළු පිටි අත්ලෙන් පිසදමා ඇඳුම සකසා කාමරයෙන් එළියට පා තබන විටම "ආ මේ මල්ලේ අඩුම කුඩුම ටිකක් තියෙනවා අරන් පලයන්" කියා තරමක මල්ලක් කාන්ති වෙත දික් කළේ ඔහුගේ සුපුරුදු කපටි හිනාවද සමඟිනි. පත්ව සිටි අසරණ බව නිසාම මල්ල අතට ගත් කාන්තිගේ නෙත් ඇදී ගියේ අසල තිබූ බිත්තර පෙට්ටිය දෙසටය. හිතට හයියක් ගත් කාන්ති "මුදලාලි මට බිත්තර තුනක් ඕන කොල්ලට බිත්තරයක් දුන්න කාලයක් මතක නෑ " කියා කීවේ මුදලාලි දෙස දැඩි බැල්මක් හෙලමිනි. කාන්තී දෙස මදක් බලා සිටි මුදලාලි සිලි උරයකට බිත්තර දහයක් දමා එය ඇය වෙත දික් කොට "ඔහොම පොඩ්ඩක් හිටපන්" කියා පත්තර පිටුවක එතූ බල කරවල කූරියෙක් ද ඇයගේ මල්ලට දැමුවේ " බල මාළුවලට ගැහැණුන්ගේ පස්ස ආරනවා, අපිට කොහෙන්ද? බල මාලු උඹ ඔය බල කරවල කාපන්. එතකොට උඹේ පස්සත් තව හොඳට ආරයි" කියා ඇයගේ පස්ස මිරිකා වල් හිනාවක් ද පාමිනි. මුදලාලි දෙස රවා බලා " විකාර" කියා ගස්සාගෙන ඇය ගුරු පාරෙන් අඩිය ඉක්මන් කරේ ගමේ මොකෙක් හරි දකින්න කලින් ගෙදරට යෑමේ අරමුණ ඇතිවය. නිවසට ගිය කාන්ති කොන්දට පත්තු බැඳීමට සුනිමල් සමග ගිය තිලකසිරි පැමිණ තද නින්දක සිටීම හොඳ යැයි සිතුවේ ඇයගේ යම් වෙනසක් ඔහුට පෙනේවී යෑයි ඇති වූ දෙගිඩියාව නිසාමය. බඩු මල්ල කුස්සියේ තබා පිළිකන්නට ගිය ඇය දැක දුව ආ පුතා " අම්මේ බඩගිනියි" කියා කිව්වේ අම්මා කෑමට යමක් ගෙනෙන බව දන්නා නිසාය. ලොක්කී වතුර එකක් තියපන් කියා වැලිතලප කොන් කෑලි එකතුකර හාමිනේ දුන් පාර්සලේ දිගහැර දරුවන් වෙත පෑවේ ඕක කාලා තේකක් බීපන් මම ටක් ගාලා උයලා දෙන්නම් කියමිනි. ඇය හාල් හුණ්ඩු දෙකක්ම සෝදා ළිපේ තබා වතුර හට්ටියකට බිත්තර ගෙඩි තුනක්ම දැමුවේ "තිලකසිරි පව්" කියා තමාටම කියා ගනිමිනි. "කෙල්ලේ තේක බීලා ඉවරනම් අර ලිඳ ලඟින් කංකුන් ටිකක් කඩාගෙන වරෙන්කෝ" කියා ආදරෙන් පැවසුවේ පරිප්පු මිටක් දෙකක් පෙගෙන්න දමන ගමන්ය. දානය වළඳා අහවර වී මයික්‍රෆෝන අතට ගත් ලොකු හාමුදුරුවෝ සද්ගුණවත් උපාසක ජයසේන මුදලාලි යන්න පවසනවා කණ වැකුණු කාන්තිට සමච්චල් සිනහවක් නැගුනේ ඉබේමය. අදින් හරියටම අවුරුද්දකට කලින් තිලකසිරි චෛත්‍යයේ හුණු පිරියම් කිරීමට අතගසන දිනද ලොකු හාමුදුරුවෝ කිව්වේ ඔය ටිකමය . සියලු වැඩ අහවරව චෛත්‍යය මුදුනේම තිබූ එකම එක කළු පැල්ලම හාමුදුරුවන් පෙන්නුවෙ ඉනිමන් සියල්ල ගලවා අහවර වූවාටත් පසුවය. තමා භාරගත් වැඩක අං කොන් ඉතිරි කීමට අකමැති වූ තිලකසිරි ගර්භයට හේත්තු කරගත් ඉනිමගක නැග එය පිරියම් කොට ඉන් බැසිමට හැරුනා පමණි, ඉනිමග ලිස්සා තිලකසිරි බිම ඇද වැටී කොන්ද කැඩි එක්තැන් වූ දා සිට උන්නද? මළාද? කියා බැලුවේ නැත ගමේ කිසිවෙකු බැලුවේ නැත දුකට සැපට සැමදා ලඟ උන් මිතුරන් කිහිපදෙනා නොවෙන්නට තිලකසිරිට බෙහෙතක් හේතක් කිරිමටවත් නොහැකි වනවා නිසැකය. පුළුවන් කාලේ තිලකසිරි තරම් කෙනෙක් ගමටම නොවිය. රැයක් දවාලක් නොමැතිව ගමේ හැම වැඩක්ම හොයා බැලුවද ඔහුට බැරිවුන කල එකෙක් නොවිය. එහෙත් කැලේ ගස් ටික හොරෙන් කපා, වෙලේ වැලී ටික හොරාට ගොඩදමා, වන සතුන් මරා මස් ටික ටවුමට පටවා පොසතකු වී, හාල් සේරුව ට සබන් කැටේ ට පරිප්පු දෙසීය පනහට ගෑනුන්ගේ රෙදි ගැලවූ මුදලාලියා හොරකමින් පාදඩ කමින් හොයපු සල්ලි මිටි දෙක තුනකට "සද්ගුණවත් උපාසක වුණා එහෙනම්" කියා තමාටම කියාගත් කාන්ති ක
ුස්සියෙන් එළියට බැස්සේ සිතට දැනුණ අපුලට කාරා කෙළ ගැසීමට ය. නිමි කට්ටියම මේක laik කරලා share කරලා සපෝට් එකක් දෙන්න. එන්. විදුරංග ලොකු ගලප්පත්ති..රාගයෙන් තොර ආදරය පාරිශූද්දයිලු...ඒක ඇත්තටම මාර ප්‍රසිද්ධ කතාවක්නෙ...ඒත් ඇත්තටම ඒක එහෙමමද?කොච්චර දුරට ඒ කතාවෙ ඇත්තක් තියෙනවාද?මට නම් අවංකවම කියනවනම් ඒ කතාවට කොහොමත්ම එකග වෙන්න පුළුවන් කමක් නෑ...මොකද එහෙනම් ඇත්තටම ආදරෙන් ඉන්න මිනිස්සුන්ට කවදාවත්ම ලමයි හදන්න වෙන්නෙ නෑ මොකද ආදරෙ රාගයෙන් තොර වෙන්න එපැයි....theory එක්ක බලන හැම දෙයක්ම සැබෑ ජීවිතයේ ඇත්තක් වෙන්නෙ නෑ... ලිංගිකත්වය කියන්නේ ඇත්තටම ආදරයට අත්‍යාවශ්‍යම දෙයක්...ඒක විවාහයෙන් පස්සෙ කාලයේ වගේම ආදරය කරන කාලයේදිත් ඇති වෙන්න පුළුවන්... කසාද ජීවිතයේ මිනිස්සූ ඇත්තටම හරි ලිංගික සතුටක් විදිනවද? එහෙම වෙනවනම් ඇයි පවුල් ජීවිත මෙච්චරම අසාර්ථක වෙන් නෙ අද කාලේ... ඇත්තටම ඒකට ගොඩක්ම බලපාන්නෙ මිනිස්සුන්ගෙ චර්යාවල තියෙන ප්‍රශ්න...මිනිස්සු ලිංගික සතුට කියන්නේ මොකක්ද කියලා දන්නවද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක්.... ලංකාවේ ගෑනුන්ගෙ න් 90% ජීවිත කාලයටම කවදාවත්ම සුරාන්තයක් අත්විඳිලා නෑ... පිරිමින් ට නම් යන්තම් ඒ අත්දැකීම ගන්න පුළුවන් ස්වභාවයෙන්ම ශරීරය එහෙම හැදිලා තියෙන නිසා.... ඒත් සුරාන්තයක් ලැබීමම විතරද ලිංගික තෘප්තිය කියන්නේ...ඒක ඇතුලෙ කොච්චර ක්‍රම තියෙනවද විදින්න කීයෙන් කී දෙනාද ඒක හරියට දන්නේ....ඒත් මිනිස්සු හිතාගෙන ඉන්නව තමන් හරියට ජීවිතේ විදිනව කියලා... විවාහයෙන් පස්සෙ ටික කාලයක් යනකොට ගෑනු උදවිය හිතන්න ගන්නවා දැන් අපි කොහොම හිටියත් එකයි කියල..ඔන්න ඉතින් ඊට පස්සේ හරියට පිරිසිදුවක් නෑ... ලස්සනට ඇදුමක් අදින්නෙ නෑ.කිසිම sexy ගතියක් නෑ...sex වලට එච්චර උනන්දුවක් නෑ...ඔහේ නිකං ජීවත් වෙනව... ඉතින් තමන්ගේ යුතුකම් හරියට ඉශ්ඨ නොකර මනුස්සයට බැනල වැඩක් තියෙනවද? පිරිමි ගත්තත් එච්චර තමයි ගෑනියෙක්ට ආදරේ කරන්න දන්නේ නැත්තම් ගෑනියෙක්ට දැනෙන්න sex කරගන්න බැරි නම් පවුලේ වගකීමක් හරියට ඉෂ්ට කරන්නේ නැත්තම් ගෑනි පිටයනව කියල ගෑනිට බැනල වැඩක් තියෙනවද? ඒක හරියට මෙන්න මේ වගේ මේ වගේ මිනිස්සුත් ඉන්නව.... නුරා තනපුඩු දිවෙන් තොලගා ඇගේ රහසඟ සෙමින් කිති කවලා සුර ලොවක ඇය අතරමං කර යකෙක් සැනහෙයි වියරු වීලා... හතිවැටී ඇය සුසුම් හෙලලා යක්ෂ ඕජස දිවෙන් තොලගා ඇඳමතම දිග ඇදී හෙමිහිට බලයි ඔහු දෙස දෙනෙත් හරවා... වෙස් මුහුණ උගේ බිමට වැටිලා යක් වෙසින් ඇය දෙසට රවලා තූ කියා කෙල පිඩක් ගසලා ඇඳෙන් බැස්සා සරමේ පිහදා... හැබැයි මේ කිසිම හේතුවක් නැතුව තියෙන වනචරකම නිසා එක එකා ගාවට යන ගෑනු මිනිස්සු දෙගොල්ලොම ඉන්නව ඒක නම් කොහොමවත් අනුමත කරන්නවත් සාදරනිකරණය කරන්නවත් බෑ...මොකද දෙයක් කිව්වම ඒක තමන්ගේ වාසියට හරවගන්න එකත් අපේ මිනිස්සුන්ගේ සිරිතක් නේ... ලිංගික අවශ්‍යතාවය හැමෝටම ඇති වෙනව ඒක හැමෝම විඳින්න ආසයි...4n sex කරත් ඒකත් හෙනම ලොකු වැරද්දක් තමන්ගේ ආත්මයට උන හානියක් විදියට දකින මිනිස්සුත් අපේ රටේ ඉන්නව...ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද?ස්වයංවින්දනයත් සංස්කෘතික අපරාධයක් විදියට අර්ථකතනයකරන මිනිස්සුත් ඉන්නව...තව පිරිමි ස්වයං වින්දනය කරාම ඒක සාමාන්‍ය දෙයක් විදියටත් ගෑනියෙක් එහෙම කරොත් ඒකී බඩුවක් කියන මට්ටමේ එවුනුත් ඉන්නව...මේවට කොහෙන් හිනා වෙන්නද කියල අපිටම තේරෙන්නේ නෑ... ළමයෙක්ට නිසි කාලේ ඉඳන් දෙමාපියන් වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕන...ළමයෙක්ට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් එතකොට නැතුව සිමා මායිම් පනවල නෙමෙයි...තමන්ට නිදහස තියෙන්න ඕන තමන්ට ගැලපෙන දේ තෝරාගන්න ඒකට අවශ්‍ය බුද්ධිය පොඩි කාලේ ඉඳන්ම හදන්න ඕන... හැමදේම අවස්ථාවාදී විදියට පාවිච්චි කරන මිනිස්සුත් මේ සමාජේ ඉන්නව ගොඩක් වෙලාවට ඒක නම් කරන්නේ පිරිමි ගෑනියෙක් තමන්ගේ දුක සමහර විට පිට පිරිමියෙක්ට කියන්න පෙළඹෙනවා ඒක සාමාන්‍ය සිතිවිල්ලක් සමහර විට නොදනිම ඒ මනුස්සයට ලං වෙන්නත් පුළුවන්...සම්බන්දයක් ගොඩ නැගෙන්නත් පුළුවන් ලිංගික සම්බන්ධයකට පවා ඒක හැරෙන්න පුළුවන් වැරැද්ද තියෙන්නේ එතන නෙමෙයි තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ අර ගෑනිව හිටියටත් වඩා අමාරුවේ දාන්න සමහරු පෙළඹෙනවා...අන්න උන්ට නම් තිරිසන්නු කියන එක ඇරෙන්න වෙන වචනයක් ගැලපෙන්නේ නෑ...එහෙම දේවල් නිසා තමයි සමාජීය ප්‍රශ්නත් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ...මගහැරුන පාඩමක්.. හෙට උදේ ඉස්කෝලේ එනකොට බස් එකක් ගෙන එන්න හදලා අපේ ටීචර් එහෙම කිව්වේ පන්තියේ හැම දිහා බලලා ලස්සනට එය කරන්නට මට පුලුවන් නෙ මං බැලුව හිතලා ගෙදර එනකන් නොඉවසිල්ලෙන් හිටියේම කඩිගාය හැදිලා ආපු හැටියෙම ගෙදර සිව් අත කැරකුනා බඩුමුට්ටු හොයලා හොරාටම වැඩ කාමරේ දොර ඇරල බැලුවේ හෙමින් එබිලා මගෙ වැඩේටම හරියනා පොඩි පෙට්ටියක් එහි තිබුන වැටිලා ඒක ලස්සන බස් එකක් මං කලා කොල කප කපා ඔතලා ආච්චිගෙ රතු දෑස් දෙක නම් තිබුනේම මේ දෙසට හැරිලා විනාසයි දැන් කියයි කේලම ආගමන් අප්පච්චි ඇරිලා කෝටුපාරක් වදී පිටමැද උහුලන්න බැරි වේවි රිදිලා උන්නනම් මගෙ අම්මා තනියට නැහැනෙ දුක මේ තරම් දැනිලා ආච්චිගෙ දෙස් දෙවොල් අහලම මගේ කන් දෙක රිදෙයි පිරිලා අරකි වගෙමයි කිය කියා ඇය මූනටම මට බනී රවලා මේ වගෙම කේලම් කියන්නැති අම්ම ගැන බොරු මවා ගොතලා ඉවසගන්නම බැරුව වෙන්නැති ඈ ගියේ අප්පච්චි දමලා විඩාපිරි මුව අතින් අරගෙන එන විටම අප්පච්චි ගෙදරට මට රවාගෙන ගෙදර මිදුලට ආච්චියි දිව යන්නෙ වෙනදට අදත් ගියොතින් කියයි කේලම ගොත ගොතා බොරු දිගට හරහට එහෙම උනොතින් මගේ පිට මැද වයිර පලු මතු වේවි හනිකට අප්පච්චි දුර ඈත එනකොට අතින් බඩු මලු බරට උස්සා නොදැනීම මගෙ පොඩි කකුල් දෙක මාත් ගෙන පෙර මගට බැස්සා මං හැදුව පොඩි පෙට්ටි බස් එක මගේ දෑතට තනිය රැක්කා අනේ මගෙ අප්පච්චි ඒ දැක මගේ මූනට හිනා ඉස්සා අතට අරගෙන හරව හරවා ඒකෙ ඇති අඩු පාඩු හෙව්වා ඒව හංගන හැටි කියාදී තවත් ලස්සන කරමු කිව්වා අම්මනම් මේ වාගෙ වැඩටම උපන් හරි හපනියක් කිව්වා පස්සෙ ඇස් දෙක කදුලු පුරවන් මගෙ දිහා අමුතුවට බැලුවා තුරුලු කරගෙන මාව පපුවට තදට මගෙ හිස් මුදුන ඉම්බා ගොඩක් දුක හිතිලාද කොහෙදෝ අප්පච්චි ඉකි ගගහ ඇඬුවා මගෙ පුතේ අපි අම්මා එක්කන් එන්න යමු දැන් කියල කිව්වා සත්තමයි ඔහු එහෙම කීවම සතුටටම මට හුඟක් ඇඬුනා 🙂 නෙරංජලා කඹකාරගේදෛවය "අද තමයි දවස ..ජයබාහු පරම්පරාවෙ එකම දොස්තර නෝනා අද උපාධි ලෝගුව අඳිනවා.. කොහොමද ඒකහ්.." සුසන්ත වරුණි දිහා බලලා හිනා වුනෙ සතුටින් ඉපිලෙමින් " පුතා ඔයාට පරක්කු වෙන්නෙ නැද්ද " ආයේ සැරයක් උඩ කාමරයක ඉන්න සනූලිට ඇහෙන්න සුසන්ත කෑ ගැහුවා. කෑම මේසෙ ලෑස්ති කරන ගමන් වරුණිගෙ හිත නොදැනීම අතීතයට ගියා. සුසන්තට වරුණිව හම්බ වෙන්නෙ ටිකටින් ඔෆිස් එකේ වැඩ කරන කාලේ, සුසන්ත මාස දෙකකට සැරයක් වත් රට ගියා. ඒ යන්න ටිකට් හදාගත්තෙ වරුණිලෑ ඔෆිස් එකෙන්. ඒ ඇති වුනු දැන හැදුනුම් කම තමයි පස්සෙ ආදරයකට පෙරලුනෙ. සුසන්ත කියන්නේ නුවර පළාතේ සල්ලි තියන රදළ පවුලක පස්වෙනියා. සුසන්තට වැඩිමල් අයියලා හතරක් හිටියා. වරුණි නම් හරිම සාමාන්‍ය පවුලක එකම දරුවා. දෙන්නාගෙ සම්බන්ධය දැනගත්තාම සුසන්තගෙ අම්මා ටිකක් විරුද්ධ වුනා. ඔයිට වඩා සල්ලි තියන ඉහළ පැලැන්තියේ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් කියලා හැබැයි සුසන්තගෙ තාත්තා අකමැති වුණේ නෑ, එයා කිව්වෙ තවත් සල්ලි මොකටද තියන තරම මදෑ, වැදගත්කමයි උගත් කමයි තිබුණාම ඇති කියලා. ඒ දෙක නම් වරුණීට ඕනවාට වඩා තිබුණා. වරුණිගෙ තාත්තා වැඩ කරේ රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු විදිහට. ඒක නිසා වරුණි ට කොළඹ ප්‍රධාන බාලිකා පාසලකට යන්න අවස්ථාව ලැබුනා. වැදගත් කම වගෙම උගත්කමත් ඉහල සමාජයේ සමාජානුයෝජනයත් ඒක නිසා වරුණිට නිකම් ලැබිලා තිබුනෙ. කාසාදෙන් පස්සේ වරුණියි සුසන්තයි පදිංචි වුණේ සුසන්තලෑ කොලඹ ගෙදර. නුවර ලොකු වත්තක් මැද බංගලාවක් සුසන්තගෙ නමට තිබුනාට සුසන්තගෙ බිස්නස් වැඩි හරියක් තිබුනෙ කොලඹ. සුසන්තගෙ අම්මා හිතාගෙන හිටියෙ බඳිනවා කියන්නෙ බබ්බු හම්බ වෙන එකට කියන තව නමක් කියලා. බැඳලා මාසේ යනකොට තාම මුකුත් වෙනසක් නැද්ද මන්තරේ මතුරන්න ගත්තා. මේ කරදරේ නිසාම ඉක්මනට ළමයෙක් හදා ගන්න වරුණිටත් ඕනේ වුණා.ඒත් මොකක්දෝ අවාසනාවකට ඒ බලාපොරොත්තුව දවස ගානේ කල් ගියා. දොස්තරලා කිව්වේ දෙන්නාම නිරෝගී නිසා ඉවසන්න ප්‍රශ්නයක් නෑ කියලා. බැඳලා පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට උදේ හිටං රෑ වෙනකම් සුසන්තගෙ අම්මාගෙන් එන ඇනුම් පද වලින් වරුණි හිටියෙ හෙම්බත් වෙලා. ඒ එන පීඩනය වරුණි ටික ටික සුසන්ත පිටින් අරින්න ගත්තා. අම්මා, වරුණිව විතරක් නෙමෙයි සුසන්තවත් පීඩාවට පත් කරා. එක පැත්තකින් වරුණි අනිත් පැත්තෙන් අම්මා සුසන්ත හිටියෙ පුදුම පීඩනයකින්. ඒක නිසා සුසන්ත ගෙදර රැදෙන ප්‍රමාණය අඩු කරා. ඒ අතර දවස ගාන බොන්න ගත්තා. ඇත්තම කියනවා නම් ඊළඟ මාස හය ගත වුනෙ පවුල කැඩෙයි කියන තරම් අවධානමක. සුසන්ත වගේ ම වරුණිත් හිටියෙ සතුටින් නෙමෙයි. මේ දිහා බොහොම අවධානයෙන් බලාගෙන හිටපු සුසන්තගෙ තාත්තා දවසක් දෙන්නාට කතා කරලා කිව්වේ වෙනසකටත් එකක් ටික දවසකට නුවර යන්න කියලා. බිස්නස් තියෙන්නේ කොලඹ නිසා සුසන්ත මුලදි කැමති නැති වුණත් පස්සේ තාත්තා ඒක තේරුම් කරලා දීලා තිබුනා. දවසකට දෙකකට වඩා නුවර ඉන්න වරුණිත් කැමති නැති වුනාත් තාත්තා කිව්වේ මේ වෙලාවෙ එහෙම දෙයක් නොකලොත් පවුල අනතුරේ, සුසන්ත වුනාත් නරක පැත්තට යොමුවෙයි කියලා. නුවර ඇවිත් සති දෙක යද්දී තාත්තා කිව්වා වගෙ සුසන්ත වෙනස් වුණා. ඉස්සර වගේ ආයෙම වරුණි ගැන බැලුවා. ඔය කාලේ තමයි කවුරුවත් බලාපොරොත්තු නොවුන විදිහට වරුණි ගැබ්ගත්තෙ .සුසන්තට සතියෙ දවස් තුනක් විතර කොළඹ ඉන්න වෙන නිසා වරුණිගෙ තනියටයි ගෙදර වැඩටයි ආවේ සරස්වතී. ඔය කාලෙ සරස්වතීටත් දරුවෙක් ලැබෙන්න ඇවිත් තිබුණෙ. සරස්වතීට නම් ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. ඒ වෙනකොට ඒකි දරුවෝ දොළහක් වදලා හිටියෙ. එයින් ජීවතුන් අතර හිටියෙ නමයයි. කොල්ලෝ හතයි. කෙල්ලෝ දෙකයි. සරස
්වතිගෙ මිනිහා මුණියන්ඩි, කට්ට කලු මහ උස මහත මනුස්සයෙක්, ඒ මිනිහා එළිවුනු පාන්දර ඉදන් හිටියෙ හොඳ සිහියෙන් නෙමෙයි, පැත්ත පළාතක හිටියොත් පැත්තම කසිප්පු ගඳයි ..සරස්වතී කියන්නෙ බැඳලා ආපු කාලේ පුරා ඒ මිනිහාගෙන් කියලා ලැබුනෙ ඔය දරුවෝ ටිකයි පොඩ්ඩ බැරි වෙනකොට ලැබෙන ගුටි පූජාවයි විතරයි කියලා. මුණියන්ඩි එකක් බලද්දි සරස්වතී හරි පොඩි ගැහැණියක්. හැබැයි වතුකරෙ ලැයින් වල ගෑණුන්ට තියෙයි කියලා හිතන්න බැරි පාටක් සරස්වතීට තිබුණෙ. කොටින්ම සරස්වති වරුණීට වඩා පාටයි. ඒක ඇවිත් තිබුනෙ සරස්වතීගෙ අම්මා ගෙන්, කතාවෙ හැටියට සරස්වතීගෙ ආච්චි ඒ කාලේ වත්තෙ හිටිය සුද්දෙක් එක්ක ඇහිහොඳයියක් තිබිලා තියනවා. කොහොම වුණත් සරස්වතීගෙ පාට බින්දුවක් වත් දරු කැලතට නම් ගිහින් තිබුණෙ නෑ. බාලම කෙල්ලට කලින් කොල්ල විතරක් පෝඩ්ඩක් පාටයි. මුණියන්ඩි කෙල්ලන්ට කැමතිම නෑ කියලයි සරස්වතී කිව්වේ. මේ පාර කෙල්ලක් ගෙනාවොත් ඒකීව පොළවෙ ගහාලා උඹවත් එළවනවා කියලා මුණියන්ඩි කියනවා කියලා කෙල්ලක් හම්බ වෙයි කියලා සරස්වතී බයේ හිටියෙ. වරුණි සරස්වතීගෙ හිත හැදුවා, කිව්වාට ඕවා කිව්වාට වෙන්නෙ නෑ කියලා. හැබැයි සරස්වතී කිව්වේම අපේ මිනිහා ගැන නෝනා මාත්තියා දන්නෙ නෑනේ කියලා. දරුවා ලැබෙන්න ආවාට පස්සේ වරුණිව බලාගන්න ආපු වරුණිගෙ අම්මා කිව්ව විදිහට වරුණිට දරුවා පිහිටන්න ඇත්තෙ සරස්වතී නිසා. මාස හතෙදි කරපු ස්කෑන් එකෙන් බොහෝ දුරට දරුවා ගැහැණු දරුවෙක් කියලා කියපු ඒකට නම් සුසන්ත විතරක් නෙමෙයි සුසන්තගෙ තාත්තාත් හිටියෙ හරිම සතුටින්, මොකක්ද ඒ පරම්පරාවෙ කෙල්ලො හරි අඩුයි හිටියෙම නැති තරම් . ඉතින් වරුණි හැම දේම ලැස්ති කරගත්තෙත් රෝස පාටින්. වරුණිට මාස අට සම්පූර්ණ වෙලා සති දෙකක් යද්දී හදිසි බිස්නස් වැඩ වගයකට සුසන්තට රට යන්න වෙලා තිබුණා. ඒකට කමක් නෑ ගිහින් එන්න කියල වරුණීයි වරුණිගෙ අම්මායි දෙන්නාම කිව්වේ දරුවා ලැබෙන්න තව කල් තිබුණ නිසා. සුසන්ත ගිහින් තුන්වෙනි දවසෙ රෑ එක පාර වරුණීට අමාරු වුණා. කරන්න දෙයක් නැති තැන තමයි අම්මා වරුණිව ලගම තියන ඉස්පිරිතාලේට ඇඩ්මිට් කරේ.. පහසුකම් අඩු වුනාට එතන හිටපු දොස්තර මහත්තයා බොහොම කරුණාවන්ත පරිණත අද්දැකීම් ඇති මනුස්සයෙක්. වරුණි දැක්ක ගමන් ඩොක්ටර්ට තේරුණා වරුණීට දරුවා ලැබෙන්න යන්නෙ කියලා .ඉක්මනට ලේබර් රූම් එකට ගත්ත වරුණිට හම්බ වුණේ පුතෙක්...ඒත්...ඒ දරුවාට මේ ලෝකෙ දකින්න පින තිබුණෙ නෑ. පෙකණිය බෙල්ල වටේ ඔතාගෙන සිද්ධවුණු ඒ උප්පත්තිය මළ දරු උපතක්. හැමදේම අවසන් වෙලා සිහියත් අසියත් අතර ලේබර් රූම් එකෙන් එළියට එන වරුණි හීනෙන් වගෙ දැක්කේ හදිසියේ ලේබර් රූම් එකට අරන් යන සරස්වතීව. ඒක මහා කාලකන්නි රැයක් .වරුණි ඒ දවස ගැන හිතන්නවත් කැමති නෑ. ලෙඩ්ඩු නැති වැඩ කරන අය අඩු පොඩි ඉස්පිරිතාලෙයක් වුණු එතන තිබුණෙ මහා මුස්පේන්තු පාලුවක් විතරයි. ඒ රෑ පුරා වරුණි කරේ අඬපු එක. වෙන මොනවා කරන්නද..? වරුණිගෙ අම්මාත් හිටියෙ පුදුම විදිහට අසරණ වෙලා. හෙට ඉදන් කොයි විදිහෙ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයිද කියලා හිතා ගන්න බැරුව. ඒ අතරෙ තමයි දරුවා ලැබෙන්න ගිහින් අසරණ සරස්වතී මැරිලා කියන ආරංචිය එන්නෙ, ඒ පාන්දර දෙකට විතර. එක හෙදියයි එක දොස්තරයි විතරයි මුලු වාට්ටුවටම හිටියෙ. දරුවාව බලලා ආපු අම්මා කිව්වේ රෝසම රෝස පාට ෂෝක් කෙලිපොඩිත්තක් එයා කියලා. වරුණිට නම් ඒවා ඇහුනෙ නැති තරම්. කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු වරුණිට සිහිය ආවේ සරස්වතීගෙ දරුවාගේ ඇඬිල්ලට. ඇයි ඒ අඬන්නේ? වරුණි ළඟින් යන ඩොක්ටර්ගෙන් අහපු බව යාන්තම් මතකයි. "බඩගිනි වෙලා...." ඩොක්ටර් උත්තර දුන්නෙ ඉංග්‍රීසියෙන්. "දෙන්න මම කිරි දෙන්නම්.. " ඒක වරුණිට හදිසියේ ඇති වුනු අදහසක්. පුංචි පැටියා කිරි උරද්දී වරුණිගේ හිතට මහා ලෝභ කමක් එන්න ගත්තා . අපේ මිනිහා කෙල්ලන්ට කැමති නෑ මේ බඩෙ ඉන්න එකා කෙල්ලෙක් වුනොත් පොළවේ ගහානවා කිව්වා....වරුණිට සරස්වතී කියපු දෙවල් මතක් වුනා. වරුණි එක හුස්මට ඒ තීරණය ගන්නවා. දොස්තර වෙන්කටේෂ්සුත් වරුණි වෙනුවෙන් ඒ අවදානම ගන්න කැමති වෙන්නේ දරුවා ගැනත් හිතලා . සරස්වතීගෙ දරුවෝ හතකට උපත දීපු ඩොක්ටර් වෙලාවට මුණියන්ඩි ගැන දැනන් හිටිය එක වරුණිගෙ වැඩේට පහසුවක් වෙනවා. ඒ රෑම ඩොක්ටර් හැම ලියවිල්ලක්ම වෙනස් කරනවා. ගෑණිවයි දරුවයි බලන්න ආපු මුණියන්ඩිට දැනගන්න ලැබුනෙ දරුවා ලැබෙන්න ගිහින් ගෑණියි දරුවයි දෙන්නාම නැති වෙලා කියලා. පොඩි දුකක් පෙන්නුවාට මුණියන්ඩිට ඒක මහා දෙයක් වුනෙ නෑ. දරුවාව අරන් ගෙදර ආපු වරුණි අමාරුකම් යන්තම් හොද වුණ ගමන් කොළඹ ආවා. අදටත් නුවර යන්න වරුණි එච්චර කැමති නෑ විශේෂයෙන් දරුවාව යවන්න කැමති නෑ. ඩොක්ටර් වෙන්කටේෂ් මීට අවුරුදු පහාකට කලින් යාපනයෙදි නැති වෙලා කියලා ආරංචිය සුසන්ත ගෙනාපු දවසෙ වරුණිට ඇත්තටම දුක හිතුනා. වරුණිගෙ අම්මා නැති වෙලත් අවුරුදු දෙකක්. ---------------- වරුණිට එක පාර හෙලුනෙ මහා බර සුසුමක් "අම්මෝ...අම්මාගෙ සුසුමේ ලොකු" පුටුවක් ඇදලා වාඩි වෙන ගමන් සෙනුලි කිව්වා. වරුණි සෙනුලිගෙ පිඟානට කිරි බත් කෑල්ලක් බෙදුවා. "ඔව්...ඔව් බං පරම්පරා තුනකට පස්සේ හම්බ වුන එකම කෙල්ල, කොහොමද ,ඒකත් දොස්තර කෙනෙක්..." ෆෝන් එක කනේ ගහාගෙන සුසන්ත කා එක්කද මන්දා මහා කතාවක්... රසිකා නවරත්න..# දෙඇත් රජ්ජුරු (කොටස් කීපයක කෙටි කතාවක්) 7 කොටස (අවසානයට පෙර) “අපි හැමෝම මේ සංසාරෙ සැරිසරන සත්ත්වයොනෙ උපාසකම්මෙ. එනකොට අරගෙන ආව දේවල් ලැබෙනවා, ගෙවනවා, මේ ආත්මෙදි කරපුවා ඉස්සරහට අරන් යනවා. නිර්වානය ලබනකම් ඔහොම තමයි ඉතින්. මේ ඇත්තො එකතු වෙලා විශාල පාපකර්මයක් කරලා ඇති මේ වගේ ඉරණමකට ලක්වෙන්න. මතු ආත්මෙක මේ වගේ දෙයක් නොවෙන්නත්, මේ ඇත්තන් සුගතියට පත් වෙන්නත් කියලා පින් දෙන්න තමයි දැන් අපට ඉතුරු වෙලා තියෙන්නෙ” සුමනරතන හාමුදුරුවො මා දිහාට හැරිලා කිව්වෙ දානෙට වැඩලා නික්මෙන ගමන්. “වෙච්චි දේවල් වෙලා ඉවරයි පොඩි මහත්තයො. ඊර්ශ්‍යාව කියන්නෙ හොඳ කරන්න අමාරුම රෝගයක්. දැක්කනෙ පොඩි ඊර්ශ්‍යාවක් ජීවිත ගණනාවක් වනසපු හැටි. දැන් ඉතින් වෙච්චි දේවල් වෙලා ඉවරයි. අපි හිත හදාගෙන ඉස්සරහට යමු. ජීවිතේ එහෙම තමයි. ඒකනෙ අපේ බුදුරජානන් වහන්සෙ දේශනා කලේ මේ හැම දෙයක්ම අනිත්‍යයි, ජීවිතේ දුකක් කියලා. හැකි විදිහට පින් දහම් කරලා සහෝදරයටයි, අප්පච්චිටයි, මියගිය අනිත් අයටත් පින් පමුණුවමු මේ සංසාරෙන් මිදෙන්න.” හාමුදුරොවො ඒ කිව්වෙ පොඩීට. දානෙට ආපු එක්කෙනා දෙන්නා හෙමීට හෙමීට ආපහු ගෙවල් වලට යනවා. සේරම දේවල් වෙලා මාස තුනකුත් ගෙවිලා ගිහින්. අන්තිමට සිද්ද වුනේ අවුරුද්දෙ දානෙට කලින් තුන් මාසෙ දානයක් ලෑස්ති කරන්න. එක්කෙනෙකුට නෙමෙයි තුන් දෙනෙකුටම. අපේ හාමුදුරුවො කිව්වා වගේ ජීවිතේ දුකක් තමයි. මීට හරියටම අවුරුද්දකට කලින් ගත කරපු ජීවිතේ එක්ක බැලුවම අද වෙද්දි මොන තරම් දේවල් වෙනස් වෙලාද? “සුදු මැණිකෙ ගෙට යමු. දැන් ඔය මදැයි කල්පනා කලා” මා ළගට ආපු සුමනා කිව්වෙ තුන් වෙනි වතාවට. …………………………………………………………………………………… "සුමල් මහත්තයා, සුමල් මහත්තයා, ඉන්ස්පෙක්ටර් මහත්තයා එන්න කියනවා වැව ගාවට." පොලිස් නිලධාරියා පොඩීගේ කාමරයේ දොරට ගසනු ඇසේ. දොර තවමත් විවරව නැත. මද වෙලාවකට පෙර එම දොර විවරව තිබියදී මම පොඩී පසුපසින් කාමරයට ඇතුලු වුනෙමි. …………………………………………………………………………………… උපාසකම්මට මතකද මන්දා ඒ අපි මහණ වෙන්න කලින් පොඩි මහත්තුරු එක්ක කැලෑ පැනලා නැති ඉසව්වක් නෑ මේක. ඔය පහළ දොලේ, උඩහ කැලේ අපි නටපු තරමක් ලොකු මැණිකෙවත් දන්නෙ නැතිව ඇති. අපේ සුමල් මහත්තයා නම් වස දඟයා. අම්මෝ ඒ කාලෙ කුඹුකෙට නැගලා දොළට පනින්නෙ කරණම් ගහලා. ඔය උරහිසේ තියෙන කැළල හැදුනෙත් කුඹුකෙ ඉඳන් ඇළට පනින්න ගිහින් තමයි. මම එදා චින්තන මහත්තයා එක්කත් කිව්වෙ අපේ පොඩි මහත්තයා වගේ නෙමේ ලොකු මහත්තයා වතුරට බහින්නෙම නැති තරම්. මහත්තයගෙ වැඩේම ගල් ගෙම්බො පන්නන එක" මාස ගණනක් මා දුටු සිහිනයේ මට මග හැරුණු කොටස මා හට සිහිවූයේ දැන්ය. "ඒ කාලෙ මහත්තුරු දෙන්නගෙම වැඩේ ලොකු මැණිකෙව රවට්ටන එක. දෙන්නා ඉතින් අඳුන ගන්න බැරි තරම් එක වගේනෙ. ලොකු මහත්තයා තමයි ඕකට වැඩියම දක්ශයා. පෙළක් වෙලාවට පොඩි මහත්තයට අරන් තියන පංගුවත් ගන්නවා පොඩි මහත්ත්යා වගේ රඟපාලා." පොඩීගේ කුටිය දෙසට යද්දී මට හාමුදුරුවන් පවසනු ඇසිනි. "පොඩී..." මමම් දොරට ගැසුවෙමි. "දොර ඇරලා තියෙන්නෙ" ඇතුලතින් ඇසුනි. "චින්තන පුතාගෙ මිනිය හම්බෙලා වැවේ තිබිලා" මම කීවෙමි. "මම දන්නවා" පොඩී කීවේ තමන්ටම මෙනි. "කකුලේ ගලක් ගැට ගහලලු. ඇඳුම් බෑග් එකක් ඒ එක්කම තිබිලා" "මම දන්නවා" "ඒත් චින්තන පුතාට අමතක වෙලා ගෙදර යද්දි මේක අරන් යන්න" මම දෑත මතවූ කුඩා පෙට්ටිය පොඩී වෙත පෑවෙමි. පෙර දින චින්තක පුතාගේ කුටියේ ඇද පාදයක් අසල තිබී මට හමුවූයේ එයය. අප්පච්චීත් නැතිව දාහක් දුක් විඳ තමන් ලොකු මහත් කල අම්මාගේ ගෙලලා පුදුම කරන්නට මිලදීගත් රන් මාලය චින්තන පුතා අපට පෙන්නුවේ දින කීපයකට පෙරය. නිවාඩු කාලය නිම වෙන්නට පෙර ඔහුට ගෙදර ගොස් එන්නට අවශ්‍ය වූයේත් ඒ නිසාය. පොඩී බිම බලාගත්තා මිස වදනක් හෝ නොපැවසීය. "මේවා කොහොමද වුනේ? ඇයි මෙහෙම වුනේ?" මම ඇසුවෙමි. "ඇයි එක වගේ දෙන්නෙක් ඉපදෙන්නෙ අනිත් මිනිස්සුන්ට හැම තිස්සෙම සන්සන්දනය කරන්න? හැමතිස්සෙම තමන්ගෙ අනිත් බාගෙ තමන්ට ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙනකොට, හැමෝම තමන්ගෙ අනිත් බාගෙ ගැන හොඳ කියනකොට මනුස්සයෙකුට මොනවා හිතෙනවා කියලද හිතන්නෙ?" "මම කවදාවත් ඔය දෙන්නව සන්සන්දනය කලේ නෑ පුතේ. ඔයා ඒක දන්නවා." මම කීවෙමි. "අම්මා විතරයි අම්මෙ. අත්තම්මා, අප්පච්චි, ඉස්කෝලෙ ටීචර්ලා, යාලුවෝ, අපේ හාමුදුරුවො අන්තිමට සුමනාටත් ඕනෙ වුනේ මගෙ අනිත් බාගෙ" "සුමනා...?" "අම්මා දන්නවනෙ අපි පුංචි කාලෙ ඉඳන් හැදුනෙ එකට කියලා. සුමනා ගැන මගෙ හිතේ තිබුනෙ ඒ කාලෙ ඉඳන්මයි. ඒත් සුමනා කැමති වුනේ ඌට. මට ඌව මරන්න හිතුනා අම්මෙ එහෙම වුනාම. අම්මා භාවනාවට් ගියපු දවසක ඌ ආවා. ඌ ආවෙ අ
ප්පච්චිට සුමනා ගැන කියන්න. අප්පච්චිත් බොහොම කැමති වුනා ඒකට. තාත්තගෙ දක්ශ පුතා, උත්සාහවන්ත පුතා, ඌට තමා ඒ වගේ ධෛර්යවන්ත කෙල්ලෙක් ගැලපෙන්නෙ කියලා. ඌ ගියා එදාම. මම එදා රෑ තමයි අප්පච්චිට මගෙ හිතේ සුමනා ගැන තිබුනු දේවල් කිව්වෙ. අප්පච්චි මට බැන්නා. අනුන්ගෙ ගෑණුන්ට කෙල හලනවා කියලා මට බැන්නා. අප්පච්චිගෙ රත්තරන් පුතාටලු සුමනා ගැලපෙන්නෙ. ඒ පුතාලු ගෑණියෙක් ගන්න පුලුවන් විදිහට වැඩ කරලා තියෙන්නෙ. මට හරියට තරහා ගියා අම්මෙ. අප්පච්චිට මම මොනවද කලේ මට එහෙම කියන්න. මට යක්ෂයා ආරූඪ වුනා අම්මෙ. මොකටද මට තව බාගයක් එක්ක උපදින්න වුනේ. මගෙ අනිත් බාගෙ මට වැඩිය හොඳ වුනේ ඇයි අම්මෙ" "ලොකූ දැන් ඇති පුතේ" මම අවසානයේ කියාගතිමි. එයට පිලිතුරක් ලෙස මෙන් පුතා ඇඳ උන් කමිසය ගලවා පසුපස හැරිණි. දහස් වරක් සිහිනෙන් දුටු, සෙනේ නිදාසිටින කාමරයට ස්ක්‍රේපරයක් අතැතිව ඇතුලු වන, තුවාල කැළලින් තොර ලොකූගේ උරහිස මගේ නෙත් ඉදිරියේ විය. "කෝ පොඩී? පොඩීට මොකද කලේ?" වචන ගලපාගත හැකිවූ නිමේශයේ මම ඇසුවෙමි. "එන්න මම පෙන්නම්?" "සුමනා...?" "සුදු මැණිකෙ මට සමා වෙන්න ඕනෙ. මේ ඔක්කොම මම දැනගෙන උන්නා. ඒත් මම බය වුනා පොඩි මහත්තයගෙ ජීවිතේට කරදරයක් වේවි කියලා. පොඩි මහත්තයගෙ ජීවිතේ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ මැණිකෙ" සුමනා පැවසුවේ හඬමිනි. …………………………………………………………………………………… සුමනා කියූ මග ඔස්සේ ගිය පොලිස් කණ්ඩායමට කැලෑ කුට්ටියේ මැදක් වන්නට තිබූ රුක් ගෙයක සිර කර තැබුණු පොඩී සොයාගත හැකි විය. දෑත් දෙපා දම්වැල්වලින් බැඳ සිටි පොඩී වූයේ සිහි මඳ තත්ත්වයෙනි. ඔහු නිහඬකර නිද්‍රෝපගතව තබා ගැනීමට ලොකූ යම් මත් බෙහෙතක් ලබාදුන් බව පැවසුවේ සුමනාය. "ලොකු මහත්තයට ඕනෙ වුනේ මේ ඔක්කොම අයිති කර ගන්න. මේ වත්ත, හෝටලේ, මාව හැම දෙයක්ම පොඩි මහත්තයගෙ නමත් එක්කම. සෙනේ මහත්තයා නැති වෙන්න කලින් දවසෙ පොඩි මහත්තයා හොරණ ගියේ සෙනේ මහත්තයා එක්ක මා ගැන කතා කරන්න කියලා. සුදු මැණිකෙ එක්ක කතා කරන්න බයෙන් හිටියෙ මැණිකෙ අකමැති වේවි කියලා. මහත්තයා කැමති වුනොත් මැනිකෙව කැමති කර ගනීවි කියලා තමයි පොඩි මහත්තයා කිව්වෙ” “එතකොට ඔය සම්බන්ධෙ කොයි කාලෙ ඉඳන්ද?” “සම්බන්ධයක් තිබ්බෙ නෑ මැණිකෙ. මහත්තයා කවුද, මම කවුද. මම හිතුවෙ නෑ සෙනේ මහත්තයාවත් මැණිකෙවත් කැමති වේවි කියලා. ඒ හින්දා තමා මැණිකෙලාගෙන් කැමැත්ත ගත්තොත් මිස මම කැමති නෑ කිව්වෙ. ඒ හින්දා තමයි මහත්තයා ලොකු මහත්තයාගෙන් අහන්න ගියෙ මැණිකෙ නැති වෙලාවෙ.” “පොඩි මහත්තයා එදාම ආවද?” “ඔව් මැණිකෙ. රෑ වෙන්න මෙහෙට ආවා. අපේ අප්පච්චි නරක කෙනෙක් නෙමෙයි, අප්පච්චි කැමැත්ත දුන්නා, අම්මවත් කැමති කරලා දෙන්නම් කිව්වා කියලා හරිම සතුටෙන් හිටියෙ. එදා ඇවිත් හිටපු අයගෙන් සල්ලි ගත්තෙත් නෑ කෑම වලට. චින්තන මහත්තයටත් එන්න කියලා රෑ වෙනකල් ඇළ ගාවට වෙලා සින්දු කිව්වා.” “එතකොට කොහෙන්ද මෙතෙන්ට සිරිදාස පැටලුනේ” “ඉන්නකො මැණිකෙ කියනකල්. පහුවෙනිදා පාන්දර මම ගියා පන්සලට ගිහින් එන්න. පොඩි මහත්තයා එන්නත් ඇහුවට මම කැමති වුනේ නෑ මැණිකෙ කැමති වෙනකල් මහත්තයා මා එක්ක එනවට. ඒ හින්දා මහත්තයා ඉද්දි මම සිරිදාසලගෙ නංගියි, පොඩි උන් දෙන්නයි එක්ක තමා පන්සල් ගියෙ. පන්සලේ මලුවත් අතු ගාලා, මල් ආසන ටිකත් හෝදලා, බෝධි පූජාවකුත් කරලා ආපු නිසා පැයක් හමාරක් ගියා අපි ආපහු එද්දි. මම එද්දි ලොකු මහත්තයා ඇවිත්. පොඩි මහත්තයා මට කිව්වා කෑම හදන්න. උදේම හිටපු ගෙස්ට්ලා ගියපු හින්දා සෙනග වැඩි දාට උයන්න එන අමරපාල උදේම ගෙදර ගිහින් හිටියෙ. ඉතින් මම කුස්සියට ගිහින් කෑම හැදුවා හනි හනිකට. ලොකු මහත්තයත් බඩගින්නෙනෙ එන්න ඇත්තෙ. ලොකු මහත්තයා ගියා නාගෙන එන්නම් කියලා.” ලොකු මහත්තයා ගියා නාගෙන එන්නම් කියලා. “එතකොට පොඩී…?” “පොඩි මහත්තයා හිටියා ඔෆිස් කාමරේ කම්පියුටරේ මොනවා හරි වැඩක් කර කර. මම කෑම ඇරලා කතා කලාම දෙන්නම ඇවිත් වාඩි වුනා. සුමනත් වාඩිවෙන්න අපි එක්ක කන්න කියලා පොඩි මහත්තයා කිව්වා. මහත්තුරු දෙන්නා කන්නකො කියලා මම කුස්සියට ගියා ෆෘට් සැලඩ් එකක් හදන්න කප කප හිටපු පලතුරු ටික කපලා ඉවර කරන්න. ෆෘට් සැලඩ් දෙකත් අරගෙන එනකොට දෙන්නම කාලා එලියටත් බැහැලා. මම ඉතින් ෆෘට් සැලඩ් එක ෆ්‍රිජ් එකට දාලා, කෑම ටිකත් අස් කරලා සිරිදාසලගෙ ගෙදර පොඩ්ඩන්ට කතා කරගෙන ආවා බත් කන්න.” “ඒ ළමයි නිතරම එනවද කන්න” ඇහුවෙ පොලීසියෙ මහත්තයා. “පොඩි උන්නෙ. ගෙදර හදන බත් එලෝලු වලට වඩා ආසයි මෙහෙ හදන ඒවා කන්න. පොඩි මහත්තයා තමයි කියලා තිබ්බෙ කෑම හදද්දි පොඩි උන්ටත් එක්කම හදන්න කියලා.” “ඊට පස්සෙ?” “මම පොඩ්ඩො දෙන්නත් එක්ක කාලා ඔෆිස් කාමරේ වහල මගෙ කාමරේට ගියා. පොඩි මහත්තයා රෑ වෙද්දි ඇවිත් තිබ්බා. ලොකු මහත්තයා ගියා කිව්වා ආපහු. අනේ මැණිකෙ මුලදි මටත් බැරි වුනා අඳුන ගන්න. මැණිකෙත් දන්නවනෙ දෙන්නව අඳුන ගන්න ලේසි නෑ කියලා කාටවත්. මැණිකෙලාටත් කොච්චර පැටලෙනවද? දෙන්නා උවමනාවෙනුත් අපට පටලවනෙ" "ඒ වුනාට දවසක් විතර යනකොට මට තේරුනා. මහත්තයයි මමයි විතරක් දන්න සමහර දේවල් පටල ගන්නකොට මට තේරුනා මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ඒත් මට හේතුවක් තමයි හිතා ගන්න බැරි වුනේ. ඒත් මම නොපෙන්නා හිටියා තේරෙන වග මේකෙ අගක් මුලක් දැනගන්න ඕනෙ නිසා." "දවස් දෙක තුනක් යද්දි මට තේරුනා පොඩි මහත්තයා කොහේ හරි ඉන්නවා කියලා ලොකු මහත්තයගෙ හැසිරීමෙන්. මම එදා ඉඳලා ලොකු මහත්තයා කරන දේවලට ඇහැ ගහගෙන හිටියෙ. ඒ වුනාට ලොකු මහත්තයා හරි දක්ශයි. ඉඟියක්වත් හොයාගන්න බැරි වුනා මට පහුගිය සතිය වෙනකල්.” “ගිය සතියෙ දවක් මම දැක්කා රාත්තිරි ලොකු මහත්තයා කැලේ පැත්තට යනවා හරිම හෝදිසියෙන්. ටෝච් එකක්වත් නැතිව යන්නෙ මොකක් හරි හොර වැඩකට වෙන්න ඇති කියලා මට නිකමට හිතුන හින්දා මාත් හෙමීට හෙමීට පස්සෙන් ගියා. ලොකු මහත්තයා ගියේ කැලේ අස්සෙ තිබ්බ ලී ගස් ගෙදරකට. පොඩි මහත්තයව හංගපු තැන මම හොයාගත්තෙ එහෙම. කරුමෙට මාව ආපහු එද්දි ලොකු මහත්තයට අහු වුනා. ලොකු මහත්තයා මට තර්ජනය කලා කාටවත් කිව්වොත් අප්පච්චිව වගේ පොඩි මහත්තයවත් මරනවා කියලා. අප්පච්චිවත් මැරුවා කිව්වම මම බය වුනා මැණිකෙ?” “එතකොට ඒ කාලෙ පොලීසියෙන් පීරුවනෙ මේ හැම තැනම. කොහොමද අහු වුනේ නැත්තෙ මේවා" පොලීසියෙ මහත්තයා ඇහුවෙ පුදුමයෙන්. "මහත්තයලට සැකයක් තිබුනෙ නෑනෙ අපේ මහත්තයා ගැන. මහත්තුරු හිතුවෙ ඒ සුමල් මහත්තයා කියලනෙ. ඒ මහත්තුරු සුමල් මහත්තයා එක්ක තමා කැලේ පීරුවෙ. ඔය කැලේ අස්සට ගියාම පැත්තක් මග ඇරුනා කියලා තේරෙන්නෙ නෑනෙ නුපුරුදු කෙනෙකුට." "ඉතින් සුමනට තිබ්බනෙ කාට හරි කියන්න" "මම කිව්වා මහත්තයො. මම කිව්වා චින්තන මහත්තයට." "චින්තන මහත්තයට…?” ……………………………………………… අවසාන කොටසින් හමුවෙමු.නියඟලා කැලේ ගස්වල ගෙඩි හැදෙන්නට පොලොවෙ තිබුඒ විස අදින්නට ගියැණ් වෙන්ටැති නියගලා අල විස පුරෝ ගෙන මියැදිලා ගියෙ"උඹ" අම්මි අද සිතුෂ ටීචර්ගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඒ සේවා මුරයකට අනුව සේවය කරන මා ගෙට ගොඩ වන මොහොතේ මාගේ බිරිඳ සුජා සහ පොඩි පුතා නිතිෂ අතර පැවතුනු සංවාදයේ මාගේ කන වැකුණු වැකියයි. ඒ මොකෝ නිති ඒ. සපත්තුවේ ලේස් පටි ලිහිල් කරනා අතරම මාද සංවාදයට හවුල් වූවෙමි. සිතුෂ අද අමල්ට උඹ කියලා කිව්වා, අමල් ඒක ටීචර්ට කිව්වා. ටීච සිතුෂ⁣ට හොඳටම බැන්නා තාත්ති. හැබැයි සිතුෂ අඬ අඬම කිව්වෙ ඒක නෝටි වචනයක් කියලා දන්නෙ නෑ. එයාලගෙ අම්මියි තාත්තියි රංඩු වෙද්දිත් උඹ කියලා ඕන තරම් කියනවා කියලා. ඇත්තටම තාත්ති උඹ කියන්නෙ නරක වචනයක්ද ? අයියෝ නිතී තාත්ති ගෙදර ආවා විතරයිනෙ. චුට්ටක් මහන්සි අරින්න දෙන්නකො. විවහයට පහලොස් වසරක් පිරුණද සුජාට එදා මෙන්ම තාමත් ⁣එලෙසෙම මගේ වෙහෙස ගැන වැටහීම ගැන මම හදවතින් සතුටු වූවෙමි. අනෙක් අතට කලකට පෙර මෙය ඇයගේද රැකියාව බැවින් මෙහි විඩාව ඇය හොඳන්ම දනී. කෙසේ නමුත් මෙවැනි සංවාද දුර දිග ඇඳගෙන යාමට අපේ පවුලේ හතර දෙනාම උපන් හපනුන්ය. ඔව් නිතී, උඹ කියන්නෙ නරක වචනයක්. අපිට තරහ ගියහමවත් කාටවත් ඒ වචන කියන්න හොඳ නැහැ. අම්මෝ එහෙනම් මම නම් කියන්නෙ නෑ ඕවා. නිතී මෙවැනි දේ බැරෑරුම්ව සිතීම එක් අතකින් අපට පහසුවකි. එම හේතුව නිසාම නිතී බොහෝ නිවුනු සන්සුන් ගති ඇති පුතෙකු ලෙස ගොඩ නැඟීම ගැන මමත් සුජාත් බොහෝ අවස්ථාවල සතුටට පත්වී ඇත්තෙමි. ඇත්තටම තාත්ති උඹ කියන්නෙ එච්චරම නරක වචනයක්ද ? සංවාදයට එක් වූයේ දාසය හැවරිදි අපගේ වැඩිමල් දියණිය වූ නිහංසිය. මෙහෙමයි දූ, ඒක එච්චරම නරක වචනයක් නෙවේ. දූගේ වයසට ඒක හොඳටම තේරෙනවා ඇති. ඒත් දූ "උඹ" වගේ පුංචි චවන වලටත් පුළුවන් හිත් බිඳින්න. දුරස් කරන්න. ඒක නිසා නොකියා ඉන්නව නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම තමන් ආදරේ කරන තමන්ගෙ සමීපතමයන්ට. මට ඇහිලා නෑ තාත්ති කවදාවත් අම්මට උඹ කියලා කතා කරනවා. තරහ ගිය වෙලාවකවත්. දුව⁣⁣ට මොකද හිතෙන්නෙ ඒ ගැන. තාත්ති අම්මිට ආදරේ ඇති ගොඩක් ඒක වෙන්න ඇති උඹ කියලවත් කියනවා මට ඇහිලා නැත්තෙ. ඒ වචන කිහිපය තුල මා පියෙකු ලෙස මහා ජයග්‍රහා⁣කයෙකු ලෙස මෙන්ම සෙනෙහෙබර සැමියෙකු ලෙස මටම දිස් වන්නට විය. සුජා මේ සමස්ත සංවාදය මා හිඳ හුන් පුටු පත්තේ හිඳ සාවදානව අසා සිටි අතර එහි අමුත්තක් නොවීය. සැමදා ඇය කතාව අරඹා කතානායකත්වය මට දී අසා සිටියි. සුපුරුදු ලෙසම ඇගේ ඇඟිලි තුඩු පමණක් මගේ විඩාපත් හිස මත එහෙ මෙහේ දුවමින් තිබුණි. වේලාව රාත්‍රී එකොලහට ආසන්නය. දරු දෙදෙනා නින්දට ගිය පසු නින්දට යාම අප දෙදෙනාගේ පුරුද්දයි. නින්ද යාගෙන ආවා පමණය. නිසල් ඔයා නිදිද ?" ඒ සුජාගේ හඩයි. නෑ සුජා කියන්න. මම නැවත නින්ද අතහැර සුජාගේ දෙසට හැරුනෙමි. තරහ ගන්නෙ නැත්තම් දෙයක් අහන්නද ? අනේ මොකද මැණිකෙ මේ, අහන්න. මොන තරහක්ද ? ඔයාට ඇත්තටම මතකද අපි දෙන්නා අන්තිමට උඹ කියපු දවස. සුජාගේ හිස පිරිමදිමින් තිබුණු මාගේ ඇඟිලි තුඩු ගල් වූවා සේ දැනුනි. නමුත් මා ඒ බව නොපෙන්වූවෙමි. මට ඒ දිනයේ සුළං රටාව පවා මතකය. නමුත් ඒ බව කියා සුජාව රිදවීමට මා කිසිසේත්ම කැම
ති නොවීමි. මා මෙලොව ඇති අකමැතිම දෙය නම් සුජාව හැඬවීමයි. මේ වසර පහලොව තුල ඇය මට ඒ තරම් සෙනෙහෙ බර බිරිඳක් වී අවසානය. ම්ම්, මට මතක නෑ ළමයො ඕවා. ඇයි මේ හදිස්සියේ එක පාරටම එහෙම එකක් මතක් වුනේ. නිතී හවස අහපු ප්‍රශ්නෙත් එක්ක මට ඒ දවස මතක් වුනේ නිසල්. ගෑණියෙක් විදිහට මගෙ ජීවිතෙ ඔයා දුන්නු හොඳම සිහිවටනය ඒ දවස. ඒ දවසෙ ඔයාගෙ හුස්ම පවා මට හොඳට මතකයි. ඉතා කලාතුරකින් සිදුවන දෙබස් රහිත වීමේ තත්වයකට මා මේ අවස්ථාවේ මුහුණ දී ඇති බව මට දැනුනි. නමුත් දෑස් පමණක් හොඳන් කතා කරයි. සුජාත් මමත් මුණ ගැසෙ⁣න්නේ මීට වසර දහ අටකට පෙරය. එදා සිටම අප හොඳම මිතුරන් නොවූවත් හොඳ මිතුරන් වූවෙමු. මේ කාලය තුලදී සුජා අසාර්ථක ප්‍රේම සම්බන්ධතා දෙකකින් අනතුරුව යම් දීර්ඝ ප්‍රේම සම්බන්ධතාවයක සිටි අතර මා ගෙවූ කාර්යයබහුල ජීවන රටාව හා සම්බන්ධතාවයකට හිතේ ලොකු ඉඩක් නොතිබීම නිසා ප්‍රේමයකින් තොරව සිටියෙමි. අප දෙදෙනා රොත්තේ සිටි අනෙක් අය සේම "උඹ" මට්ටමේ මිතුරන් වූ අතර නිතර ආමන්ත්‍රණය එසේ විය. මිතුරු කමේ එකම වෙනස වුයේ සුජාත් මමත් අප දෙදෙනාගේ සෑම දේ ගැනම නිතර කතා කිරීමයි. සුජා එකල සුරූපිණියක් වූ අතර ඇය සමඟ සැසදූ කල මා සාමාන්‍ය මට්ටමේ කඩවසම් අයෙකි. සුජාගේ අවසාන ප්‍රේම සම්බන්ධයේ ගැටුම් බහුල එකක් වූ අතර ඒ ගැටුම් වලට නිතරම සුජා මා තුලින් පිලිතුරු සෙවූ කාලයකි. ඒ සම්බන්ධය ඇයට නොගැලපෙන බව සක්සුදක් සේ පෙණුන නමුදු කිසිවෙකුගේ තීරණයකට බාධා කිරීමට මා තුල වූ අකමැත්ත සෑම විටම ඇයට එය කීමෙන් වැලකී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කලේය. එක් හිමිදිරියක සුජාගෙන් දුරකථන ඇමතුමකි. මෙවැනි වේලාවක සුජාගෙන් දුරකථන ඇමතුමක් ලැ⁣බීම ඉතා කලාතුරකින් සිදු වන්නකි. කියන්න සුජා. නිසල් උඹ වැඩක් නැත්තන් මාව ටිකක් හම්බෙන්න එනවද ? වෙට් වෝටර් කැෆේ එකට . හරි බන් පැය භාගයක් දෙන්න. මං එන්නම්. හරි මම වෙනදා ඉන්න තැන ඉන්නම්. එදින මා දුටු සුජාගේ මුහුණ මා කිසිදිනක දැක නැත. ඇය රාත්‍රියක් පුරාවට ඉකිබිඳමින් අඬා ඇති බවට ඇය කීමටත් පෙර ඇගේ දෑස් සහ රතු වූ කම්මුල් සාක්ෂි සපයයි. උඹ හොඳටම අඩලා නේද ඉන්නෙ. මොකද වුනේ. ඇයි බං රත්තරනේ ප්‍රශ්නයක් වුනානම් අඬ අඩ ඉන්නෙ නැතුව ඒ වෙලාවෙම මට කතා කරන්න බැරිද ? හරි , බනින එක නවත්තලා අහපන්කො. කමේෂ් ඊයෙ රට ගිහින් බං. ඌ බැඳපු එකෙක්ලු. වයිෆුයි දරුවයි එක්ක ගියෙ බං. ඌමයි කතා කරලා මේ හැම දේම කිව්වෙ මට. අන්තිමට සමාවෙන්නලු. මට මැරෙන්න හිතිලා තියෙන්නෙ බං. උඹ දන්නවනෙ මං කමේෂ් වෙනුවෙන් මොනවද නොදුන්නෙ. මොනවද නොකලෙ. එකලද මට සුජාගේ ඇඩුම් දරා ගැනීමට අපහසුය. අපහසුතාවය යට කරගෙන මම වචන ගැලපුවෙමි. හරි බං දැන් අඬන එක නවත්තහන්කො. මං ඉන්නවනෙ. ⁣කමේෂ් උඹේ ඉරණම්කාරයා නොවෙන්න ඇති බං. උඹට තේරෙන්නෙ නෑ නිසල්. ⁣කමේෂ් ගිය එක ගැන නෙවෙයි මට දුක. ඌ ගියෙ කරන්න ඕනෙ ඔක්කොම කරලයි. මොකක් ? ඔව් බං, උඹට බොරු කියන්න දෙයක් නෑනෙ. ඌ ගියෙ මාව විතරක් නෙවේ තව ජීවිතයක් අසරණ කරලා. ඒ මොහොත් මගේ ඉහමොල රත් වූ හැටි දැනුදු මට මතකය. නමුත් කලබලය සඟවමින් මා නැවතත් කතා කලෙමි. හරි බං.. දැන් වුන දේ වුනනෙ. එන විදිහක් අපි බලමු. අනික උඹට ඇත්තටම ආදරේ කරන කෙනාව මේ මුණ ගැහුණ දවසට ඔය හැම ප්‍රශ්නෙම විසඳේවි. උඹ ඔය මගෙ හිත හදනවා බං. හැමදාම පිරිමි කරේ මාව රවට්ටපු එක. එකම විස්වාසෙකට ඉන්නෙ උඹ විතරයි. ආයෙ කවුරු මට ආදරේ කරන්නද ? සුජා ඒ විස්වාසෙට ආදරේ නැද්ද උඹ. ? ⁣ඒ විස්වාසෙ ලෑස්තියි උඹ එක්ක මැරෙනකල්ම එකට ඉන්න. ඒ පද පේලිය මගේ තුන් හිතකවත් තිබුණු එකක් නොවේ. නමුත් අද මට දැනෙන පරිදි ඒ පද පේලිය දෙවියන් විසින් ⁣මාගේ මනසට අත් හැරි එකක්ය. මේ මොහොත තුල දෙබස් වලටත් වඩා වේගයෙන් ඇස් කතා කල බව මට තවමත් මතකය. සුජා ඇසූයේ එක් ප්‍රශ්නයක් පමණි. මට උඹව විශ්වාසයි මටත් වඩා. ඒත් අපි දෙන්නගෙ මැද්දට ආදරයක් කොහොමද ගලප ගන්නෙ.. ඒක හරි ලේසියි සුජා. අපි දෙන්නම මේ මොහොතෙ ඇත්තම කතා කරමු. මං ඔයාට ආදරෙයි කියලා ඔයා දැනන් හිටියෙ නැද්ද ? හැබැයි ඔයා මට ආදරෙයි කියලා මම දැනන් හිටියා. ඒක ඇත්ත. ඒක මං නොකියන්න හේතු තිබුණා. මං සම්බන්දෙක ඉන්න ගමන් ඔයාට ආ⁣දරේ කරන එක වැරදි. අනික් අතට ඒක කිව්වම ඔයා මං ගැන කොහොම තේරුම් ගනීවිද ? මට ඉන්න එකම විශ්වාසවන්තයා නැති කරගන්න මම බය වුණා. අපි දෙන්නම දෙන්නට හොරෙන් ආදරේ කරලා වුනත් මේක අපි ගලප ගන්නෙ කොහොමද ? ඒක හරි ලේසියි සුජා. අපි දෙන්නගෙම ශබ්ද කෝෂෙන් "උඹ" කියන වචනෙ අයින් කරලා හිතලා බලන්න. අපි දෙන්නට දෙන්නා කොච්චර ආදරේ කරලද කියලා. ? මගේ මතකාවර්ජනය නැවත පියවී ලොවට ආවේ නළලය ලැබුණු සුජාගේ උණුසුම් හාදුවකිනි. මාගේ මනස දිවූ අතීතාවර්ජනයට ඇය වර්තමානයේ පිලිතුරු සැපයීය. "ගොඩක් පින් නිසල් ඔයාට. මං ප්‍රාර්ථනා කරන්නෙ ලැබෙන හැම ආත්මෙකම එක පාරම ඔයාවම මුණගැහෙන්න කියලා. මේ ආත්මෙටත් වඩා හොඳට, "උඹ" වෙන්නෙ නැතුව එකපාරම ඔයාගෙම මැණික වෙලා. වචන අවැසි නොවීය. පහලොස් වසරකට පෙර අප දෑස් හමුවූ මොහොත සේම තවමත් අප දෑස් ලෙන්ගතුය. ඇතැම් විට ඊටත් වඩා ලෙන්ගතුය. "උඹ" කෙතරම් නරක වුවත් සුජාගෙත් මගෙත් බැදීම මෙතරම් ශක්තිමත් එකක් කලේ "උඹ"මය.. යොහාන් විමුක්තිස්පයිඩර් මෑන්ගේ අම්මා කුස්සියේ ඉඳන් කතා කරනවා ඔහුට ඇහුණේය, "වර මේ කෑම එක කන්න, උයනකම් මැරෙන්න හදනවා බඩගිනී කියල, ඉව්වාම ඒක සීතල වෙලා කූඹි වහනකම් ඉන්නවා" "කූඹින්ට වහන්න පුලුවන් යෑ, ඉන්න ඉන්න එනවා" සරදමක් කරගෙන ස්පයිඩර් මෑන් කුස්සියට දිව්වේය, කොහොම හරි ස්පයිඩර් මෑන්ට හරිම බඩගිනිවී තිබිණි, කලින් දවසේ රෑ යාලුවෝ එක්ක සෙට් වෙලා එද්දී පාන්දර 2පසුවී තිබුණි, අම්මලාට හොරෙන් කාමරේ ජනේලේ ග්‍රිල් එක ගලවලා තියන හින්දා අම්මා පාන්දර ජාමේ ආ බව නොදනී, ස්පයිඩර් මෑන් කාමරේ ග්‍රිල් එක ගැලවීමට තීරණය කිරීමට කලින් හැමදාම දැල දුම් කවුළුවට විද එතනින් එන පුරුද්දක් තිබුණි, ඒත් දිනක් බී පුරුද්දට එලෙස එද්දී අම්මා කෑම පිස ඉවර වුණ හැටියෙම ස්පයිඩර් මෑන් කවුළුවෙන් බැස ඇත, කෙසේ හෝ වෙරි පිට දුම් කවුළුවේ බිත්තිය දිගේ බැහැගෙන එන අතරතුර එහි තිබූ හුණු බදාමේ හයිය නැතුව ගැලවිලා ඇදගෙන ස්පයිඩර් මෑන් ලිපට වැටී තිබිණි, එදා ඔහුගේ පුක පිච්චී තිබූ නිසා සහ තාත්තගෙන් හොඳටම බැනුම් අහපු නිසා ස්පයිඩර් මෑන් කාටවත් කරදරයක් නොවෙන ලෙස ජනේලයෙ ඒමට තීරණය කර තිබිණි. එදා තාත්තා මහා සක්කිලි විදිහට බැන තිබිණි, "බීපිය බීපිය පරයා, කුනුවෙනකම් බීපිය, ඉඳකින් තෝව හැදුවට වඩා හොඳයි අනිප්පැත්ත හැරිලා බුදියා ගත්තානම්" කියා බැන ඇත. කෙසේ හෝ ස්පයිඩර් මෑන් කුස්සියට ගිය පසු මව රතු පාට ප්ලාස්ටික් පිඟානට උණු උණුවේ දුම් දාන කැකුළු බත් එකක් බෙදා ඇති බව දුටුවේය, එයට හොඳට හින්දපු කතුරුමුරුංගා කොල දමනලද දාපු ඉස්සෝ කරිය, උම්බලකඩ දාලා හදන ලද පොල් සම්බෝලය ඉතා සුවඳක් ගෙන ආවේය, ඒවා සමඟ තිබුණ පපඩම් දෙකෙන් එකක බාගයක් ස්පයිඩර් මෑන්, "කරස්" ගාලා හපලා කෑවේය, ස්පයිඩර් මෑන්ට මව විසින් ප්ලාස්ටික් පිඟාන දෙන්නේ ඔහු බී ආ දවසට කම්මැලිකමට දැල විද පිඟාන ගන්න ගිය අවස්ථා දෙකේම පිඟාන බිඳුන නිසාය. -------- එක පාරටම ස්පයිඩර් මෑන්ට එනවා කෝල් එකක්, බැලුවාම මැද කොළඹ ගිනි නිවන ඒකකයෙන්, "හෙලෝ" ස්පයිඩර් මෑන් බත් කට කටේ තියාගෙනම කතා කලා, "ඉක්මනට එන්න පුලුවන්ද මෙතන අල්ටයා ටවර් එකට, මේකේ ගින්නක්" අනික් පසින් කතා කරනවා ඇහෙනවා, "ගිනි නිවන හමුදාවට කියන්න" ස්පයිඩර් මෑන් විහිළුවක් කලේය, "අපි ඒකෙන් තමා කිව්වා, වතුර ඉවරයි, පුලුවන් තරම් ඉක්මනට එන්න" "හරී" ස්පයිඩර් මෑන් බත් එකේ තිබ්බ ඉස්සෝ ටික පොතු පිටින්ම අහුල අහුල කෑවේය, කාලා එලියේ වැලට දිව්වේ ඇඳුම ඇඳ ගන්නය, මොකද කලින් දවසේ ටෝක් විත් ළහිරු එකට ඇන්දට පස්සේ හෝදලා වනලා තිබ්බේ වැලේ, මෑන් කලබලෙන් ආයේ කාමරේට දිව්වේ ජොක්සි දාගන්න, නැත්නම් ඇඳුමේ මැහුම් වාටි වලට ඉකීලි කැපෙනවා ස්පයිඩර් මෑන්ගේ, වටපිට බලලා ඉස්ප දුවලා ගිහින් ඇඳ ගත්තා ඇඳුම, ඇඳලා ගෙදර ඉස්සරහා තිබ්බ අඹ ගහට දැල විදලා එල්ලිලා අනික් කාඹරංකා ගහ බලද්දී ඒක එහා ගෙදර එකා කපලා, එහෙම්මම පාතට පැනපු ඉස්පයිඩර් මෑන් දුවන්න ගත්තා වේගෙන්, "ඇමරිකාවේනම් උස බිල්ඩින් තියනවනේ දැල විද විද යන්න, මෙහේ කොහෙන්ද ඒවා" කිය කියා ලංකාවට ආව එකට හිතින් බැන බැන, "මකුළු පුතේ...." ඉපයිඩර් මෑන්ට තරහාම යන ආමන්ත්‍රණය තමා ඕක, හංදියේ සිල්ලර කඩේ ඇන්ටි ඉස්පයිඩර් මෑන්ට කතා කලා, හදිස්සියට 85 කොට සිගරැට් එකක් හරි ණයට දෙන්නේ ඔය මනුස්ස්‍යා හින්දා තරහා පැත්තක තියලා ඉස්පා‍යිඩර් මෑන්, "ඔව් ඇන්ටී කියන්න" "අනේ මේ රිලා හැත්ත එක්ක බේරෙන්න බෑ, ජංගියේ ඉඳන් ගෙනියන්නේ මුං, වැලේ තිබ්බ ඇඳුන් අරං ගිහිල්ලා, අන්න අර කොස් ගහේ අත්ත උඩ මගේ ඒප්‍රන් එකක් තියනවා, විදලා අරන් දෙන්නකෝ" "හදිස්සියකට යන්නේ ඇන්ටී, එන ගමන් අරන් දෙන්නම්" කියලා කිව්වා, "අනේ කොලුවෝ, මේක අරන් දීලා යන්න" ඇන්ටි ආයෙත් බැගෑපත් වුණා, ස්පයිඩර් මෑන් සුළැඟිල්ල දික් කරලා ඒක ලඟ තියන ඉතුරු ඇඟිලි ටික නමලා දැල විදලා ආන්ටිගේ ඒප්‍රන් එක අරන් දුන්නා, "අනේ අයියේ ඔය ගමන්ම අර වැල ගෙඩිය කඩලා දෙන්න, මම හරි ආසයි වැල කන්න" ස්පයිඩර් මෑන්ගේ අතින් අල්ලලා ඇන්ටිගේ දුව කිව්වා කිව්වා, ඒ සොෆ්ට්ලොජික් ටච් එකට ස්පයිඩර් මෑන්ගේ හිරිගඩු පිපුණා, "අයියෝ... විශාල කරදරයක් වුණානේ" කියලා හිනාවක් දාලා ජෝක් එකක් කරපු මෑන්, "කොයි එකද?" "අර මහ අත්තට යට තියන එක" ආයෙත් අර ගෑල්ලමයා කිව්වා, කොහොම හරි ආයේ විදලා වැල ගෙඩියත් අතට අරගෙන ඒක ඒ ලමයට දුන්න ත් දෙකෙන්ම ස්පයිඩර් මෑන්, "අයියෝ අයියගේ අතේ කොහොල්ලෑනේ, මම ගිහින් පොල්තෙල් බෝතලයක් ගේන්නද" ගවුම හදාගෙන ලඟ තිබ්බ බංකුවේ ස්පයිඩර් මෑන්ගේ ඇස් දෙක දිහා බලාගෙනම ඒ අහින්සකී කිව්වා, ස්පයිඩර් මෑන් දැනගත්තා මේ ලමයා එයාට කැමති බව, "එපා නංගි, වැල කන්නේත් නැතුව කොහොල්ලෑ ගාගන්න එක මට පුරුද්දක් වෙලා" හයියෙන් සිනහාසෙන අතරතුර ස්පයිඩර් මෑන් කිව්වා, ස්පයිඩර් ම
ෑන්ට ආයේ කෝල් එකක් ආවා, එහෙමම කෝල් එක කට් කලා ස්පයිඩර් මෑන්, තාරුගේ සිද්ධි බලන ඔයාලා අහන්න එපා ඌ කොහෙද ෆෝන් එක දාගෙන ගියේ කියලා, ලස්සන රතුපාට ස්පයිඩර් තීම් එකෙන් හදපු සයිඩ් පවුච් එකක් පාවිච්චි කරනවා මෑන්, "මම යන්නම්..." කියූ ස්පයිඩර් මෑන් නැවත දුවන්න ගත්තා, ----- හැමෝම අල්ටයා ටවර් එක වටේ ඉන්නවා, ස්පයිඩර් මෑන් වේගෙන් දැල විද්දා බිල්ඩින් එකේ කනුවකට, විදලා එල්ලිලා ගියා වේගෙන්, ස්පයිඩර් මෑන් පස්සේ දැක්කේ ටෙලිකොම් එකෙනුයි ලංකාවේ ඉලෙක්සිටි බෝඩ් එකෙනුයි පිළිවෙලට කොළඹ අහස සරසලා තිබ්බ වයර් ලයින් ටික, ගිය වේගෙට පැටලිලා කැරකැවුණා ඒක වටේ, මිනිස්සු ඔක්කෝම වැඩ පැත්තක දාලා මේ අකරතැබ්බේ බලාන හිටියා, කොහොම හරි දැන් මෑන් දැල පැටලිලා ඉන්නා ලයිට් වයර් එකේ එල්ලිලා, දැල කඩන්නත් බෑ හරිම හයියයි ඒක, බහින්නත් බෑ, පැටලුම් ඇරගන්නත් බෑ, ඊට හපන් වස නෝන්ඩිය, ස්පයිඩර් මෑන්ට ඇඬිලා හිටියේ, පස්සේ ආයේ අනික් අතින් ලයිට් කනුවකට විදපු ස්පයිඩර් මෑන් දඩයම් දතෙන් හපලා හපලා දැල කඩාගෙන ලයිට් කනුවෙන් බිල්ඩිම පැත්තට වේගෙන් ගියා, ඇතුලේ ගිනි ගන්නවා නොපෙනුනත් මිනිස්සු වටවෙලා ඉන්න එකෙන් තෙරුම් ගත්තා මේක තමා සිද්ධිය කියලා, ලස්සන තරුණ කාන්තාවක් බිල්ඩිමේ ඉඳන් කෑගහනවා දැක්කා කාට හරි කෝල් අරන් බචාවෝ බචාවෝ කියලා, ආ නෑ නෑ, මේ ඉන්දියාවයෑ, "බේරාගන්නෝ බේරාගන්නෝ" කියලා, බිල්ඩිමේ උඩ කනුවට විදපු දැලෙන්ම ගැම්මෙන් ඒ තරුනිය ඉන්න තැනට පනින්න උඩින් යද්දී ස්පයිඩර් මෑන්ට පෙනුනා තව ස්පයිඩර් මෑන් කෙනෙක් එනවා බිල්ඩිම පැත්තෙන්, "මලෞත්තයි, මේකේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක්" කියාගත්තා තමන්ටම ස්පයිඩර් මෑන් ඔලුවේ අත තියාගත්තා, ගිය වේගෙටම ආපහු හැරෙන්න තියා හිතන්නවත් වෙලාවක් නෑ වේගෙන් වීදුරුවේ වැදුණා ස්පයිඩර් මෑන්, ග්ලාස් එක එතනම කුඩු, අර කෙල්ලගේ කකුල් දෙක පාමුල කුම්භාණ්ඩයා පොළොවේ ගැහුවා වගේ ඇදන් වැටුණා ස්පයිඩර මෑන්ව, නහයෙන් කටින් ලේ පෙරාගෙන ස්පා ඩවුන් වෙලා, අර කෙල්ල කතා කලා කතා කලා, මූ දෙපාරක් වම් කකුල හෙළෙව්වා ඇස් පියා ගත්තා, අර කෙල්ල දැන් බය වෙලා ඉන්නේ, මේ මිනිහා මෙතන දෙපාමුල මැරිලා ගියොත් එහෙම, ඒ එක්කම කෙනෙක් ආවා එතෙන්ට කලබලෙන්, "මේ මොකද?" "වීදුරුව කඩාගෙන ඇතුලට ආවා" "මුට කෝමාද? එහෙම වීදුරු කඩන් එන්න?" ඔහු ඇහුවා, "අනේ මන්දා, මම කෝල් එකකින් සැලුන් එකේ අක්කිට කෝල් කරලා කෙස් ගහක් සුදුවෙලා ඒක ගලවන්නද ඩයි කරන්නද කියලා අඬ අඬා කෝල් කර කර හිටියේ, එක පාරට යට ඉඳන් දැල විදලා වයර් එකක පැටලිලා, ආයේ මෙතෙන්ට ආවා වීදුරුවත් කඩාගෙන" "හරිනේ, අනික් ටවර් එකේ අර ගින්නක්ද කොහෙද ඇවිත්නේ, මූට බිල්ඩිම මාරු වෙලා" ඔහු සිනහසෙමින් පැසුවේය, "ඔව් ඔව් වෙන්න ඇති, කොහොම හරි ලයිට් වයර් එකේ එල්ලිලා ඉඳලා මෙතෙන්ට වේගෙන් එද්දී පස්සේ තමා දකින්න ඇත්තේ වීදුරුව, ඔලුවේ අත ගහගෙනමයි හැප්පුණේ" "ඔයා මෙතන ඉන්න, මම බේත් මොනවා හරි දාන්න අරන් එන්නම්" තරුණයා කඩිමුඩියේ පිටව ගියේය, ස්පයිඩර් මෑන් මඳක් වෙව්ලුවේය, "වතුරා....." කෑගැසුවේය, "ඉන්න ඉන්න, කෝ කට අරින්න" තරුණිය ලඟ තිබූ බෝතලයෙන් වතුර ස්වල්පයක් කටට හැලුවේය, එවිගසින් දනිපනි ගා නැඟිට්ට ඔහු, "මාව හයියෙන් අල්ලගන්න, කිසි දේකට බය වෙන්න එපා මම ඉන්නවා, ගින්නෙන් ඔයාට අනතුරක් නැ දැන්, මම ආවේ ඔයාව බේරාගන්න" කියමින් තරුණිය වචනයක් මුවෙන් පිට කිරීමට පෙර ඇයව බදාගෙන පහලට පැන්නේය. #thaaarustoriesමැයි මාර ප්‍රසංගය ගවරවෙල කදු මුදුන සැරසූ රතුම රතු මල් ප්‍රසංගේ කාලයේ සුදු වැලි තලාවේ සැගවුනා රහසේ කරදමුංගුද වසාවාසිද ඔබෙ සුවද ගෙන හමාගෙන ආ සීත කැටිවුන මීදුමේ මාත් සැගවී බලා උන්නා මටත් සැගවූ ආදරේ පුංචියට සැදි අඩිපාර දිග හිමි හිමින් පිය මනිද්දී ඔබත් නොදැන ම ඔබට රහසේ මැයිමාර මල් රතු පලස යට මම රැදී උන්නා ඔබව රස වින්දා රේල් ගැටයෙන් මෙපිට සපැමින ඉහිරෙනා මල් තුහින අතරින් යලිත් පියමැන මා පැමිණි දා ඔබ ගිහින් තිබුනා රතුම රතු මැයි මාර සෙවනේ මම බලා උන්නා ඔබ එතැයි සිතලා සමිධ අයියට පිළිතුරක්...! - මැයි මාර ප්‍රසංගය - Mahinda Prasad Masimbula# දෙඇත් රජ්ජුරු (කොටස් කීපයක කෙටි කතාවක්) 6 කොටස "මහත්තයො මගෙ එකම අයියා. අනේ අපේ අයියා හරි අහිංසකයි මහත්තයො" පොලීසියෙ මහත්තයා පටන් ගත්තෙ සිරිදාසගෙ නංගිගෙන් ප්‍රශ්න කරන්න. "එතකොට සිරිදාස තනියමද හිටියෙ මහ ගෙදර" "ඔව් මහත්තයො. එහා වත්තෙ අපි ගේ හදාගෙන එන්නෙ. අයියා කෑවෙ බිව්වෙ අපේ දිහායින්. ඒත් නිදගන්න මහ ගෙදර යනවා" "එතකොට ඔය කියන දවසෙත් ආවද කන්න?" "ආවා මහත්තයො. රෑටත් කාලා ප්‍රවෘත්තිත් බලලා තමයි ගියෙ" "ඒ කීයට විතරද?" "අට හමාරට නමයට විතර" "එතකොට සිරිදාස සුමනා ගැන හරි වෙන ගෑණු ලමයෙක් ගැන හරි එහෙම නැත්නම් කසාද බඳින්න ඉන්න කතාවක් හරි කියලා තියෙනවද කලින්?" "මොකද නැත්තෙ මහත්තයො. ඒකටනෙ ඔය මහ ගේ අලුත් කරන්න ගත්තෙ. අපේ අයීයගෙ හිතේ සුමනා නංගි ගැන තිබ්බෙ ගොඩ කාලෙක් ඉඳන්. සුමනා නංගිත් තමා වචනයක් නොකියා උන්නෙ. මාසෙකින් දෙකකින් එක්ක එන්න ඕනෙ කියලයි කිය කිය උන්නෙ." "ඒ කියන්නෙ සිරිදාසයි සුමනයි කසාද බඳින්න හිටියෙ ළඟදි.?" පොලීසියේ මහත්තයා ඇහුවේ සුමනා දෙසට හැරෙමිනි. "ඔව් මහත්තයා. ගෙදර වැඩ ඉවර කරගන්න තව වැඩි දවසක් යන්නෙ නෑ, ඉවර උනු හැටියෙම කසාදෙ ලියාපදිංචි කරලා පදිංචියට යමු කියලා තමයි කිය කිය හිටියෙ." "මම අයියට කසාදයක් හොයන්න නෝනාගම කපු මහත්තයට පංගාර්තු කලේ පොසොන් සල්පිල දවසෙ පන්සලේදි. එතකොට අයියා ඒකට අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඊටත් මාසෙකට වගේ පස්සෙ තමයි සුමනා මනාප වෙච්චි විත්තිය කිව්වෙ ආයෙ කසාද හොයන්න ඕනැන්නෙ නෑ කියලා" "මම මෙහෙම ඇහුවට කමක් නැද්ද මන්දා. එතකොට සුමනා කලින් කැමති වුනේ නැත්තෙ සිරිදාසට. සුමනගෙ කලින් මුකුත් සම්බන්ධයක්වත් තිබිලා කැඩුනද?" ඒ ප්‍රශ්නෙට නම් සුමනා කලේ බිම බලාගන්න එක. "එතකොට අයියා එදා රෑට පස්සෙ ආවෙ නෑ" ඒ පාර පොලීසියෙ මහත්තයා හැරුනෙ සිරිදාසගෙ නංගි දිහාට. "නෑ මහත්තයො" "එතකොට හැමදාම එන මනුස්සයා කන්න නාවම හෙවුවෙ නෑ?" "එදා යනගමන් වැඩ ගොඩක් තියෙනවා කිව්වා මහත්තයො. දවස් දෙක තුනකට හොරණ ගිහින් එන්න ඕනෙ කතාවකුත් කිව්වා. පොඩි මහත්තයත් හිටියෙ නෑනෙ මේ ටිකේ. අපි හිතුවා ඉතින් හොරණ ගිහින් ඇති කියලා" "එතකොට වෙනදටත් එහෙම යනවද?" "එක පාරක් නම් හොරණ ගිහින් දවස් තුන හතරක් ඉඳලා ආවා පොඩි මහත්තයා එක්ක. ඒ මිස ගිහින් නම් නෑ" "අපේ මහ ගේ වහලනෙ තියෙන්නෙ අම්මා මෙහෙ ආව දවසෙ ඉඳන්. මම සිරිදාස එක්කන් ගියා අස්පස් කරලා දාන්න. මරණයක් වුන නිසා ගේ කුලියට දෙන්නත් අමාරුයි. අහළ පහළ කෙනෙකුට සල්ලි කීයක් දෙන්නම් කිව්වත් කැමති නෑ සුද්ද කරන්න යන්න" පොඩී එයට උත්තර බැන්දේය. "එන සතිය දිහාටවත් ආයෙ ගිහින් එමු කියලා මම සිරිදාසට කිව්වා තමයි. ඒත් මෙදා පාර නම් මම ගියෙ අලුත් කබානා දෙකට ඕනෙ ෆර්නිචර් ඩිසයින් ගැන කතා කරන්නයි, ඒවට ඕනෙ තව පොඩි පොඩි අයිටම් ටිකක් හොයා ගන්නයි. ගෙනාපුවා තාම ඇති වාහනේ. ෆර්නිචර් නම් එහෙට ඇවිත් තමයි හදන්නෙ. තව සති දෙකක්වත් ඕනෙ කිව්වා දැනට බාර අරන් තියෙන වැඩ ඉවර කරලා එන්න" "එතකොට පෙරේදා තමයි අන්තිමට සිරිදාසව දැකලා තියෙන්නෙ? ඊට පස්සෙ මේ මනුස්සයට මොකද වුනේ" "ඒක තමයි මාත් කල්පනා කරන්නෙ. මේ වගේ අහිංසක මනුස්සයෙකුට මෙහෙම දෙයක් කරන්න කෙනෙක් ... අනේ මන්දා... හිතාගන්න බෑ" "ඒක තමයි. වැව අහලක ගෙයක්වත් නෑනෙ සද්දයක්වත් ඇහුනද අහලා බලන්න. කවුද මුලින්ම මිනිය දැක්කෙ" "මම මහත්තයා" සුමනා කිව්වෙ හෙමිහිට. "සුමනා මොකටද වැව දිහාවෙ ගියෙ මේ වෙලාවෙ" මම ඇහුවෙ පුදුමයෙන්. කලින් චින්තන පුතාගෙ කටහඬ ඇහිලා මම කතා කල වෙලාවෙ සුමනා හිටියෙ නෑ කියලා මට මතක් වුනේ ඒ එක්කම. "මට චින්තන මහත්තයා කතා කලේ වැව ළඟට යන්න" එහෙනම් මට ඇහුනා හරි. චින්තන පුතා තමයි ඇවිල්ලා තියෙන්නෙ. "චින්තන මොනවද කිව්වෙ?" "වැව ගාව මට පෙන්නන්න දෙයක් තියෙනවා කිව්වා." "සුමනා කියපු පමාවෙන් ගියා ඉතින්" "ඔව් මහත්තයො. චින්තන මහත්තයා නරක් දේකට කතා කරන කෙනෙක් නෙමෙයි. හරිම හොඳ මහත්තයෙක්." "ඊට පස්සෙ මොකද වුනේ?" "මහත්තයා මා එක්ක වැව ගාවටම ආවා. වැව අයිනෙ ගැඹුර අඩු හරියක සුදු නෙලුම් ගොන්නක් පිපිලා තිබ්බා. මහත්තයා මට ඒක පෙන්නුවා. සුදු මැණිකෙට හවසට පන්සල් ගෙනියන්න මල් ටිකක් කඩාගන්න සුමනා, මම මැණිකෙ ඇන්ටිගෙන් බාල්දියක් ඉල්ලන් එන්නම් මල් ටික දාගන්න කියලා ඔෆිස් එක පැත්තට ගියා." "ඊට පස්සෙ" "මම මල් කඩන්න බැස්සා වැවට. මලක් දෙකක් කඩනකොට තමා මඩෙන් මතුවෙච්චි අතක් දැක්කෙ. ඒ පාර මම කෑ ගැහුවා. මගෙ කෑ ගැහිල්ලට තමා කට්ටිය ආවෙ." "ඔව් මහත්තයා. මේකි බෙරිහන් දීපු සද්දට අපි ආවෙ. අපි හිටියෙ වැවේ එහා කෙළවරේ කෙමණ අටව අටව" කීවේ ඒ අසල උන් ගැමියෙකි. "එතකොට ඔහේලද මිනිය ඇදලා ගත්තෙ ගොඩට?" "ඔව් මහත්තයො. අපි තුන් දෙනා තමයි. සුමනා කෙල්ල මිනිය ගොඩ දානවත් එක්කම පිස්සුවෙන් වාගෙ දිවුවා හෝටලේ දිහාට" "එතකොට කෝ මේ චින්තන මහත්තයා" "මටත් ඇහුනා චින්තන පුතාගෙ කටහඬ ඈතට. මාත් ගියා පුතා මෙහෙ ආවම ඉන්න කබානා එක දිහාට. දොරත් ඇරලා තිබුනෙ. පුතාව නම් දැක්කෙ නෑ" "සුමල් මහත්තයට හම්බුනේ නැද්ද චින්තන මහත්තයව?" පොලීසියේ මහත්තයා එවර ඇහුවේ පොඩීගෙනි. "මට… නෑ... මට හම්බුනේ නෑ. මම දැන්නෙ ආවෙ. මිනිහා ඉස්කෝලෙ පැත්තට ගියාද දන්නෙ නෑ." ………………………………………………………………………………….. "පෝස්ට් මෝටම් රිපෝට් එකේ කියනවා කියන්නෙ සිරිදාස මැරිලා තියෙන්නෙ වැවේ ගිලිලා නෙමෙයි ඊට කලින් කියලා." පොඩී පැමිණියේ පොලීසියේ මහත්තයා සමඟය. ඒ මරණ පරීක්ශක පැමින ගිය පසුවය. "බෙල්ලෙයි කකුලකයි ලණු ගැටගහලා තියෙනවාලු. හමේ තැලිලි, හීරිලි තියෙනවලු" පොඩී කීවේ මටත් සුමනාටත් පොදුවේ මෙනි. "දැන් මොකද වෙන්නෙ පුතා." "මිනිය ගෙනිච්චා. තව සාම්පල් වගයක් ගන්න ඕනෙලු. ඊට පස්සෙ නිදහස් කරයි. සිරිදාසගෙ මස්සිනා ගියා මිනිය එක්ක. මම මල් ශාලාවට බඳින්න සල්ලි දුන්නා අම්මෙ. හදිස්සියෙ සල්ලිත් නැතුව ඇතිනෙ" "ඒක නම් හොඳයි පුත
ා. පවු අසරණ මිනිස්සු. ඒ මිනිස්සු අතේ ඉතුරුවක් නැතිව ඇති" "අපි හිතුවෙ සුමල් මහත්තයා කිමිදුම්කාරයො දාලා වැව තව ටිකක් බලන්න. අපිට මුකුත් සාක්ශියක්වත් හොයාගන්න පුලුවන් වෙයිද බලන්න." "මේ වැවේ තව මොනවා හොයන්නද මහත්තයා. මේ මඩ ගොඩේ කවුද කැමති කිමිදෙන්න? මම නම් හිතන්නෙ නෑ ගමේ කිසිම කෙනෙක් කැමති වේවි කියලා ඔය ගොහොරුවෙ කිමිදෙන්න. " "ගමේ මිනිස්සු ඕවට කොහොමත් පස්ස ගහනවා කියලා අපි දන්නවනෙ මහත්තයා. මම හමුදාවෙන් ඉල්ලුවා කිමිදෙන්න දෙන්නෙක්. තව ටිකකින් ඒවි. ඒ කොල්ලො කිමිදේවි ඕනෙ තැනක ඕනෙ වෙලාවක් කම්මැලි නැතිව.” "එහෙනම් ඉතින් කමක් නෑ. මම නම් හිතන්නෙ නෑ ඔය වැව කාල් ගෑවා කියලා මොනවාවත් හොයාගන්න පුලුවන් වේවි කියලා. අපරාදෙ නිකම් මහන්සිය" “කලුවර වැටෙන්න කලින් වැඩේ ඉවර කරගන්න තිබ්බ නම් හොඳයි. වාහනයක් ආවා නේද? ආවද කොහෙද? මම එහෙනම් යනවා වැව පැත්තට. මහත්තයත් එනවද?" "මම පොඩ්ඩක් ඉඳලා එන්නම්. ටිකක් මහන්සිත් වගේ. උදේ ආපු ගමන්නෙ තාම. සර් ගිහින් වැඩේ පටන් ගන්නකො එහෙනම්" පොලීසියේ මහත්තයා වැව දෙසට යද්දී පොඩී කාමරය දෙසට පිටත් විය. සුමනා තාම හැඬූ කඳුලිනි. ............................. අඳුර වැටී ඇත්තේ යන්තමට වුනත් කැලෑ මණ්ඩියට යන මග හොඳටම අඳුරුය. ඒ මග ඔස්සේ කැලෑ මණ්ඩිය තුලට ඇවිද යන්නෙකි. දිග කලු වැහි කබායකින් මුලු ගතම වැසී තිබුනත් ගමනේ ලතාවෙන් කාන්තාවක බඳුය. ඇගේ අතේ මොනවාදෝ පිරවූ මල්ලකි. වටපිට බලමින් දැඩි හෝදිසියෙන් කන්ද නගින්නී, විටින් විට වෙහෙස නිසාදෝ නතර වූවාය. මම එක්වරම එය දැක්කෙමි. ඇය පසුපස ඇයට නොපෙනී මුවා වෙමින් කවරෙකු හෝ පැමිණේ. ගසෙන් ගසට මුවා වෙමින් පැමිණෙන තැනත්තා ඇයට නොපෙනෙන්නට ඉතා පරීක්ශාකාරී වෙයි. ඇය කැලෑ මණ්ඩියේ කඳු ගැටය මගක් නැග ගස් අතරට හැරී නොපෙනී ගියාය. ඇය පසුපස යන්නාද ඇය අනුගමනය කලේ දෙදෙනාම ගස් අතුපතර අතර සැඟවී ගියෝය. එක් වරම මහා වර්ශාවක් ඇද හැලෙන්නට විය. ඒ මහා වර්ශාව මැදින් දිව ආවේ සුමනා විය යුතුය. ඇය කන්ද පහලට දිව විත් පහලට බෑවුම්වූ වැව දෙසට හැරුනාය. ඇය පසුපසින් ආවෙකු ඇය බෑවුමට දිවයද්දී ඇද පෙරලා ගත්තේ ඇයට සෙලවෙන්නට නොහැකි ලෙස අත් දඬු දෙකෙන් හිර කරමිනි. ටික වෙලාවකින් සන්සුන්වූ සුමනා ගසක් යට වාඩි වූවාය. ඇය හිර කරගත් තැනැත්තේ ඇගෙන් යමක් අසනුද, ඇය හඬමින් යමක් පවසනුද පෙනේ. සුමනා දිගින් දිගටම හඬයි. ඈ අල්ලාගත් තැනැත්තේ ඇයට යමක් පවසන්නේ තරවටු කරන ඉරියව්වෙනි. සුමනා දෑත් එකකරගනිමින් ඔහුට මොනවාදෝ පවසයි. ඒ අතර මට අහම්බෙන් එය නෙත ගැටුනි. ඒ ටෝච් එලියකි. එලිය වැටුනේ කැලෑ කුට්ටිය ඈතිනි. එකවරම ඇද වැටෙමින් තිබූ වැහි බිඳු රක්ත වර්ණවී ඇද හැලෙන්නට ගත්තේ සුමනාත් අනෙකාත් එයින් නැහැවී ගියෝය. ගැලූ රක්ත වර්ණ වැසිදිය පහලට නොගලා, වැව දෙසට හැරී ගලන්නට විය. එක් වරම වැව දෙසින් මහා ඝෝශාවක් ඇසෙන්නට විය. මම වටපිට බැලුවෙමි. මට යාන්තමට ඇහැ පියවෙන්නට ඇත. එහෙත් සැබවින්ම වැව දෙසින් මහා ඝෝශාවක් ඇසේ. මම යන්ත්‍රානුසාරයෙන් වැව දෙසට පිය මැන්නෙමි. සුමනාද කතා බහක් නැතිව මා පසුපස වැටුනාය. අපට ඉදිරියට හමුවූයේ වත්ත දෙසට එන පොලිස් කොස්තාපල්වරයෙකි. "රාලහාමි මොකද වෙලා තියෙන්නෙ?" මම ඇසුවෙමි. "මොකද වෙලා තියෙන්නෙ කියලා කියන්න තමයි ආවෙ. ඒ පැත්තෙ යන්න ඕනෙ නෑ බවලත් උදවිය. මම යනවා සුමල් මහත්තයට පණිවිඩේ කියන්න. ලොකු මහත්තයා කිව්වා එක්ක එන්න කියලා" "මොකද්ද වෙලා තියෙන්නෙ රාලහාමි" මම නැවතත් ඇහුවෙමි. "වැවෙන් මාලු අල්ලලා ගොඩට ගෙනත්" රාලහාමි එහෙම කියාගෙන ගියේ ඔෆිස් එක පැත්තටය. ඒ හරුපය නොතේරුණු මාත් සුමනාත් රාලහාමිගේ පස්සෙන් වැටුණෙමු. ......................................................................................................................................... 7 කොටසින් හමුවෙමු-චමරියේ නොකී කතා- මළගෙදර යෑම------ මළගෙවල්වලට මිනිස්සු සහභාගී වන විවිධාකාර ක්‍රම තියනවා.. සමහරු නිදි මරාගෙන හත්දවසෙ දානේ වෙනකල්ම මළගෙදර. ඉස්සර කීවේ මළගෙයක් වුනාම ගොක්කොල වේලෙනකල්ම තනි රකිනව කියලනෙ… දැන්නම් ඉතිං ගියා මරනෙ ළඟ තත්පර දහයක් ඉඳල හොඳ හැටියට සප්පායම් වෙලා එන්ටනේ ගොඩක් අය මලගෙදරකට යන්නෙ… ඔෆිස්වලින් මළගෙවල්වල යෑම වෙනමම උපසංස්කෘතියක් වගේ… ළඟපාත මළගෙදරක් නම් ඔෆිස් ටයිම් එකේම ඔලුව දාලා ඒ වගකීමෙන් මිදෙන්ට තමයි බොහෝ අය මාන බලන්නෙ.. මළ ගේ දුරක නම් පිරිමි සෙට් එක හැන්දෑවට “අති විශේෂ” ආකාරයට බොහෝවිට මළගෙදර යන්ට සංවිධානය කරගන්නව.. සංවේගප්‍රාප්ත සෙට් එක දුක තවාගැනීම පිණිසම නිපදවා ඇති අතිවිශේෂ ⁣⁣ඖෂධ, සංගීත භාණ්ඩ සහ හපන්ට අවශ්‍ය ද්‍රව්‍ය එහෙම උපයා සපයාගෙන තමයි ගමනට පේ වෙන්නෙ.. ගමන නොයන බවලතුන් සහ තම බිරින්දෑගෙන් අවසර නොලැබුන අසරණ සැමියන්ගෙන් අවශ්‍ය බර පැන අයකරගන්ටත් මේ අය අමතක කරන්නෙ නෑ… අපේ චමරි වාසීන්ට එ් ආකාරයේ දුරක තිබුණ මළ⁣ගෙයක් සෙට් වුනා එක්තරා සිකුරාදාවක… සිකුරාදා දවල් ආරංචි වුන හැටියට මළගෙදර තිබුනෙ කටුබැද්දෙ… බින්තැන්නෙ උන්නු අපට කටුබැද්ද නතිං වුනාට මේ කටුබැද්ද තියෙන්නේ කොලොම්පුරේනෙ ආයිබෝවන්ඩ… කිත්තා හර්ශයා සහ කුමාර ගමනෙ සංවිධාන කටයුතු බාරගත්තා. මාත් රුකාත් ඩයස් මහත්තයත් දවසේ වැඩ ටික ඉවර කර ගත්තා.. හේරත් මහත්තයගෙ ළඟම නෑදැයෙක් තමයි නැතිවෙලා තියෙන්නෙ.. පොර සෙවන්ඩේස් ලීව්… අපි කෝල් කරල විස්තර ඇහුවා… ගෙදරට යන පාර එහෙමත් අහගත්තා.. අපි පිටත්වෙද්දි හවස හයට විතර ඇති…. "මචං, සමගියෙන් පොතට හයක් ගත්තා. මගදි මදිවුනොත් ගන්ඩ සල්ලි තියාගත්තා…" කුමාර තම හපන්කම අපි එක්ක කීවේ එහෙම.. පොරගෙ ජීවිතේ තියෙන්නෙ එකම එක බයක්. ඒ තමයි මිනිහ වෙරිවෙන්ට කලින් මේ ලෝකේ ඔක්කොම අ/ර/ක්/කු ඉවර වෙයි කියන බය… අපි කුමාරයට බැන්නෙ එච්චර ණය වුනේ මොකද කියල. කොහොම හරි කුමාරයගෙ සැකය ඇත්ත කරමින් කෑගල්ලට යද්දි ඉන්ධන අවසානයි ආයිබෝවන්ඩ.. රංවලින් රීලෝඩ් එකක් දාගෙන අපි ආයෙම ගමනේ. කටුබැද්දට යද්දි කොහොම හරි පාන්දර 4ට විතර ඇති.. සංතෝසෙට කාරණාව තමයි හේරත් මහත්තයගේ ෆෝන් එකෙන් කිසි චාරයක් නැත කියල ඩයලොග් එකේ අක්කා කියනවා… දැං මළගේ හොයාගන්ට බෑ.. හේරත් මහත්තය කිව්වා වාගේ පාරවල් දොලහක විතර අපි ගියා. මළගෙවල් අටක් තිබුනා. ඒත් ඒ අපි හොයන එකද කියල ෂුවර් නෑ…ලොක්කගෙ ෆෝන් බෑය වැඩත් නෑ.. කිත්තා දුරදිග බලන මිනිහනේ පොර අන්තිමට ගිය මළගෙදර ලඟදි කිවිවා "මචං, අර මළගෙදර ඉඳගෙන ඉන්න අංකල් කණනාඩි දාන පොරක්. අපේ හේරත් මහත්තයත් කණ්නාඩි දානවා.. මං හිතන්නේ උං දෙන්නා ඥාති.. ඒක තමයි මළ ගේ. ඒකට යමං…." වටේ ගිහිල්ලා එපා වෙලා හික් ගෑවිලා දෑස පලාගෙන කඳුලැලි එන මට්ටමට ඇවිත් හිටපු ඩයිවර් අයියා සෙනිකව ඇල්ලුවා මළගෙදර⁣ට.. "ඒක පොස් මළගෙයක්. ගේ ඇතුලේ මිනිය විතරයි බලුබල්ලෙක් නෑ.. එලියේ අර හිටපු අංකල්ල දෙන්න විතරයි.. අපිව කවුරුවත් දන්නෙත් නෑ.. අපි කවුරුවත් දන්නෙත් නෑ… මල්ලිගේ ස්ටාෆ් කියල අර කණනාඩිපොර අනිත් එකාට කියනව මට යාන්තමට ඇහුනා.. වෙලාව උදේ හය පහුවෙලා.. අපිට මගුල් ගෙදර බුෆේ එක වගේ තැනකට එක්ක ගිහින් කන්ට දුන්නා… අපිත් සෝමලියාවට අහසිං පරිප්පු දැම්මා වාගේ කෙලල ඇරියා… මොකෙක්වත් අපි එක්ක වැඩි කතාවක් නෑ.. අපිට මොකෝ.. කෝකටත් හේරත් මහත්තයට කියන්ට එපැයි අපි මළගෙදර ආව කියල.. මං ආයෙම කෝල් එකක් ගත්තා… බඩු වැඩ... "හේරත් මහත්තයා, අපි මළගෙදර්" කියල කියද්දිම ලොක්කා කියපි, "මල්ලි, මාමාගේ මරණෙ අපේ අරනායක මහගෙදරට ගෙනාව… ගැවිලිපිටියෙ තමයි තියෙන්නේ…" හුටා… මං ශේප් එකේ කට්ටියට කියල මාරුවෙලා වෑන් එකට ආවා… කුමාරය මගදි කියනවා, "දැක්ක නේද? මං දුරදිග බලල ණයට බඩුගත්ත නිසා ඒ මලගෙදර යන්ටත් සල්ලි ඉතුරුයි…" වෑන් අයියනං එනකල්ම වචනයක් වත් කතා කරෙත් නෑ.. ආයේ අපි එක්ක හයර් ගියෙත් නෑ…හිම කුණාටු , ගුරු ගීතය සහ සදාකාලේ අල්තීන්නාය්ලා ලංකාවේ ඉපදුන අපි හිම ගැන දැන ගත්තේ පොත්පත් වලින් . මුලින්ම මම කියවපු පොතක හිම ගැන සඳහන් උනේ ලස්සන වසීලිස්සා පොතේ . ඒක බොහොම ලස්සන රුසියානු සුරංගනා කතා පොතක් . හිතාගන්නත් බැරි තරම් ලස්සන කුමරියෝ ගැන , ඒ කුමරිය වෙනුවෙන් නොමැරෙන කසෙය් රාක්සය එක්ක පවා සටන් කරන්න ගිය කුමාරය ගැන වගේම නපුරු මායාකාර හිම සීය කෙනෙක් ගැනත් ඒ පොතේ තිබ්බ . ඒ පොතේ තිබ්බ ගොඩක් දේවල් මවාගත්ත දේවල් කියල ඒ පොඩි වයසටත් තේරුන නිසා මම හිතුවේ හිම කියන්නෙත් ඒ වගේම මවා ගත්ත දෙයක් කියල . ගෙදරට කියවන්න පොත් ගෙනාවේ තාත්ත සහ ලොකු අක්ක . තාත්ත වැඩ කලේ ලංගම වේරහැර පරිශ්‍රයේ . ඒකේ මහා විශාල පුස්තකාලයක් තිබුන . තාත්ත ගෙදරට ගේන පොත කොච්චර ලොකු උනත් ලොකු අක්ක , පොඩි අක්ක සහ මම ඒක දවස් 4,5 ඇතුලත කියවනවා. සමහර පොත් තේරෙන්නෙත් නැහැ , එත් කියවනවා . ලොකු අක්ක උසස් පෙළ කෙරුවේ 1990 . ඇයට ගම්පෙරලිය පොත විෂය නිර්දේශයට තිබ්බ එතකොට මට අවුරුදු 9ය් . එත් මමත් ගෙදර තිබ්බ ඒ පොත කියෙව්වා . ලොකුවට තේරුමක් නැහැ , එත් බලදාසල , තිස්සල ගඟේ ඔරු පැදලා වෙක්කුන් අල්ලපු ඒවා කියවද්දී පොඩි ගැම්මක් තිබ්බ . ලය්ස සම්බන්ද කොටස්වලදී ඇඟපුර පොඩි අමුතු හිරියක් වගේ එකකුත් ගිය ! 1992 අවුරුද්දේ දවසක ලොකු අක්ක පොතක් ගෙනාව. බොහොම පොඩි පොතක් . ” ගුරු ගීතය ” ඒ පොත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ , ලංකාවේ පොත් නොකියවන කෙනෙක් උනත් ගුරු ගීතය කියවල තියෙනවා , අඩුම ගානේ අහල තියෙනවා . කවුරුන් හෝ විචාරකයෙක් වරක් පැවසුවා මේ අසීමිත ජනප්‍රියත්වය නිසාම ගුරු ගීතය කියන මේ විශිෂ්ට කෘතියට ලැබෙන්න ඕන තැන ලැබුනේ නැහැ කියල . මේ ලස්සන පොතේ කීප තැනකම එවකට සෝවියට් රුසියාවේ ( දැන් කිර්ගිස්තානයේ ) දරුණු සීතල සහ හිම කුණාටු ගැන සඳහන් වෙනවා . සති අන්තයක මොස්කව් නගරයට යන දුය්ශෙන් ගුරුතුමා එන්න පරක්කු වෙනවා . එදා දරුණු හිම කුණාටුවක් තිබුන දවසක් . තම භක්තිමත් ගුරුතුමා එනකන් අල්තිනය් සිසුවිය බලන් ඉන්නවා . සැරෙන් සැරේ දොර ඇරලා ගේ සීතල කරනවා කියල කුධම්මගෙන් බැනුම් අහ ගන්නවා . අවසානයේ හිම කුණාටුව මැද්දේ වෘකයෝ රන්චුවකිනු
ත් බේරිලා ගුරුතුමා ගමට එනවා . මේ හැමදේම හරිම ලස්සනට ලියල තිබුන . එතකොට අපි ඒ ගැන චිත්ත රුප මවා ගත්ත . එත් කවදාවත් හිම කුණාටුවක් දකින්න ලබෙය් කියල හිතුනේ නැහැ . උප්සලවලදී දරුණු හිම වැටීම් දැකල තිබුනට ඇත්තම හිම කුණාටුවක් දැක්කේ අද . මෙච්චර බර මාවත් විසිවෙන තරමට හුළඟ . හිම කැට මහගම සේකර මහත්තය කිව්වා වගේ මුනට කටු ඇණගෙන කඩා පනිනවා . බලන බලන පැත්තේ සුදු පාටට හිම විතරය් . පුදුම ලස්සනක් . එත් ඒක ලස්සන විඳින්න පුළුවන් වෙලාවක් නෙමෙය් . පුළුවන් ඉක්මනට ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගෙන කෝපි කෝප්පයක් බොන්න දුවන හදීසිය . උදේම බිරිඳගෙන් ඇමතුමක් . අය්යා අපිට හොඳටම හිම වැටෙනවා , පුතාට ඔයාට පෙන්නන්න ඕන කියනවා . කොලු පැටියා ඔක්කොම පෙන්නනවා . මම කිව්වා අපිටත් ගොඩක් හිම වැටෙනවා කියල . එයටත් බලන්න ඕන කිව්වා . මම පෙන්නුවම ඔයාට අපිට වැඩිය් , ඒක සාදාරන නැහැ කියල තරහ උන . එත් අද ගෙදර එනවා කියල දන්නා නිසා පරිස්සමින් එන්න කියලත් කිව්වා . දැන් මම ස්වීඩනයේ උතුරු පළාතේ ඉඳන් ගෙදර එන ගමන් . හිම කුණාටුව ටිකක් අඩු වෙලා , එත් තාම හිම වැටෙනවා . හවස 6 පස්සේ දරුණු හිම පතනය නිසා පොදු ප්‍රවාහන සේවා නවත්තන්න තීරණය කරලා . ඊට කලින් පිට උන නිසා කොහොම හරි දුම්රියට ගොඩ උන . දැන් දුම්රිය ඇතුලේ උණුසුමේ හෙට උදේම කොල්ලවය් බිරින්දවය් දකින ආසාවෙන් එන ගමන් . එදා දුය්ශෙන් හිම කුණාටුව මැද්දේ ගෙදර ආවේ සීතලෙන් බැට කමින් අස්සයෙක්ගේ පිටේ . විදුලි එළියෙන් ආලෝකමත් නොවූ කඳුකර පාරක . ඒ ගමනේ අසීරු කම මට හිතාගන්න පුළුවන් . සමාජවාදී රුසියාවේ අන්ත දිළිඳු , පහසුකම් මුකුත් නැති ගමක . ඊට අවුරුදු සීයකට පස්සේ යුරෝපයේ දියුණුම ලිබරල් ධනවාදී රටක සුවපහසු දුම්රියක යන ගමන දුය්ශේන්ගේ ගමනට කොහෙත්ම සම කරන්න බැහැ. එත් එක සධාතනික දහමක් මේ ගමන් දෙකටම පොදුය් . තමන් එනකන් මග බලන් ඉන්න ගෑනු හිත්දෙකක් ගමන් දෙකේම අනික් කෙලවරේ තියෙනවා . ඒ ගැන මතක් වෙද්දීත් බොන කෝපි කෝප්පෙට වඩා හදවත උණුසුම් වෙනවා . ඒක ලෝකයේ පරණම මානව අවශ්‍යතාවක් කියල මම කොතන හරි කියෙව්වා.අපේ සර් ඉඩ තියෙනවෙලාවක ඇවිල්ලා කිතුල් රා පොඩ්ඩක් බීලා මඤ්ඤොක්කා කෑල්ලක් හපලා යන්න අපේ පැත්තෙන් එන්න... වීරවර්ණ සර්ට පන්තියේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් බොහොම ගෞරවයෙන් ආරාධනය කළා. මේ වගේ දුෂ්කර පළාතක සේවයට එන ඕනි රජයේ නිලධාරියෙක් මේ ගම්වැසියන්ගෙ සත්කාරය නොඅඩුව විඳිනවා. අලුතින් ඉස්කෝලෙට ආපු වීරවර්ණ ගුරුතුමාත් මේ සත්කාරය ඇරයුම බොහොම ඉහළින් පිළිගත්තා. ගමේ නොයන සති අන්තයක මේ සුබ මොහොත එළැඹි අතර මේ සඳහා තවත් ගම් වැසියන් දෙදෙනෙක් ද එකතු වී හිටියා. තමන්ගෙ පන්තියේ ලමයගේ තාත්තා මේ පැත්තෙ ඉන්න හොඳ රා මදින්නෙක් බව එතෙන්දි තමයි දැනගත්තේ. තමන්ට රෙද්දක් එලපු පුටුවක් දීලා අනිත් කට්ටිය බිම් ඉඳගෙන තමයි වැඩේ පටන් ගත්තේ. ගැමියන්ගේ ගෞරවය උපරිමයි.බොහොම බය පක්ෂපාතයි. අලුතින්ම පැහැනු රා මුට්ටියත් හොඳට කොච්චි දැම්ම මඤ්ඤොක්කා කෑල්ලකුත් හපන කොට කොයි තරම් අපූරුද. දැන් සුපිරි රා මුට්ටිය ටික ටික හිස් වෙනවා. සර්ට පන්තියේ ළමයගෙ තාත්තගේ තිබුන භය පක්ෂපාත බවත් ටික ටික අඩු වෙනවා. මුලින් අපේ සර් කියලා කිව්වේ. දැන් සර් වෙලා තව ටිකක් වැඩිවෙනකොට සර් කියලා කිව්ව එක දැන් වීරවර්ණ මහත්තයා බවට පත්වෙලා. මෙහෙම ගිහින් වීරවර්ණ මහත්තයා කියන එකත් වෙනස්වෙලා ආමන්ත්‍රණය ලොක්කා බවට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. රා මුට්ටිය මැදට හිදෙනකොට ලොක්කා කියන එකත් වීරෙ බවට පත් වුණා. අඩිය බලන්ඩ හිටියනං මචං වීරෙ වෙනවා කියලා තේරිච්ච නිසා වීරවර්න මහත්තයා ඉක්මනට හේතුවක් මවාගෙන එතනින් මාරුවෙන්න ලෑස්ති වුණා. අඩේ.. ඇයි මචං දැම්ම යන්නේ .... පන්තියෙ ලමයගේ තාත්තා ඇහැව්වා.. 😂😂😂තක්සලාවට පුතු යැවීමට පට්ට ගැසු එක කලිසමේ වම් තට්ටමක් ඇති ඉරිලා කලු සපත්තුවේ අඩිය අබලන් ගත්ත හැකි එය මහලා කුසේ ගින්දර මගේ කොලුවගේ නිව්වෙ වතුරම ඉහලා අනේ ටීචර් දෙන්න සිප්සත පුතුගෙ අගහිග වහලා _________________________________________ නට්ට ආමිලු (නාට්ටාමි)උබේ අප්පා පට්ට අව්වෙම ඉදලා ලට්ට පට පිරි අත් රියේ ඔහු මුට්ට බර ඇති ඇදලා මට්ටු නැති තණමල් දුමක් ගෙන(ගංජා) නැත්තටම යයි උරලා වෙට්ටූ නොදමා ඉන්න හැදුවත් හිත දුවයි වැට පැනලා _________________________________________ ගොඩක් වැරහැලි උන ඇදුම් වල වලන් දැලි කුනු පිහලා තැනිතලා උස් කදු මුදුන් වල දිග පලල මතු කරලා මෙට්ට ඇතිරුන කට්ට කරුවලෙ හැට්ට පට සලු ලෙහලා රෙද්දෙ තුත්තිරි ගාව ගත්තේ උන්ගෙ හෙට ගැන හිතලා Cmt එකක් දාගෙනම යන්නසුදු මීයා. වංගුව නමනවාත් එක්කම දකුණට බර වැඩි උනු නිසාම සුදු ඉර කපාන ගියා ඒත් එක්කම ඉස්සරහ පොලීසියෙන් දාපන් සාජන් ඕකට අත අත දාලා නැවැත්තුවා. තව මිනිස්සු පාරේ යන්න ඕන දන්නවානේ ? එක් පොලිස් මහතෙකු තරයේ අවවාද දෙමින් දඩ කොලයක් ලිවීමට සූදානම් වන විට වංගුවෙන් නැවත සුදු ඉර කපා වේගයෙන් පැමිණුනේ හොනට් වර්ගයේ යතුරු පැදියකි. බත් කන හරක් යැයි පවසමින් අනෙක් පොලිස් මහතා අත දමා නැවැත්වීමට සංඥා කලද යතුරුපැදිකරු තවත් වේගය වැඩි කොට පලා යන්නට විය. සාජන් මම අරූව අල්ලගන්නවා කොහොම හරි යැයි පවසමින් ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදිය ස්ටාඩ් කිරීමට සූදානම් විය. මා හට දඩකොලය ලියන අතරේ පොලිස්මහතා පණ ගැන්වීමට උත්සහ කරණ යතුරුපැදියේ යතුර ක්‍රියා විරහිත කරමින් ඉවත් කර "සර් කරුණාකරලා උගේ පස්සෙන් යන්න එපා සර් මැරෙයි" මරන්න මාව මෙහාට දීපන් යතුර අනේ සර් මේ සර්ට කියන්නකෝ යන්න එපා කියලා උබ ගුලි කාලද යකෝ තොට බීමතින් රිය පැදවීමටත් දඩ කොලේ ලියනවා බලාගනින් නැවැත්වීමට කොතෙකුත් උත්සහයන් දැරුවද සියල්ල ව්‍යර්ථ විය පොලිස් මහතා යතුරු පැදිය පණගන්වාගනිමින් අණ නොතලා ධාවනය වූ යතුරුපැදිය පිටුපසින් හබා යාම ආරම්භ කරණ ලදි . ගත වූ ඊලඟ මිනිත්තු කිහිපයේදී මා හට දඩකොලයක් ලැබුණු අතර එයද රැගෙන බයිසිකලයට ගොඩ වීමට සූදානම් වූ විට පොලිස්මහතාගේ දුරකථනය නාද විය ඔහු ඇමතුම ලබා ගන්නා විටදී එහි ස්පීකර් ඔන් විය. හෙලෝ "සාජන් ජයවර්ධන" මහත්තයා මම මේ ලේන් එකේ වීල් එකක් හයර් කරණ කෙනෙක් කතා කරන්නේ මේ පෝන් එක අයිති පොලිස්මහත්තයා දැන් ටිකකට කලින් මෝටර්බයිසිකලෙන් වැටිලා ඔලුව හොදටම තුවාල වෙලා මමයි හොස්පිටල් ගෙනිච්චේ ජීවත් වෙයිද කියලත් සුවර් නෑ මුලින්ම තිබ්බ නම්බරේට කෝල් එකක් ගත්තේ ඒක කියන්න. ඇමතුම එලෙස විසන්ධි වන විට මම පොලිස්මහතා දෙසත් ඔහු මදෙසත් විමතියෙන් බලා සිටි ගෙවුනු තප්පරේට ඔහුගේ කාර්‍යසූර අත ක්‍රියාත්මක විය.සැනෙකින් මදෙසට දික් වූ පිස්තෝලයත් සමඟ විධාන නිකුත් විය. අත් දෙක උස්සපන්,බයික්කෙන් බැහැලා දන ගහලා අත් දෙක ඔලුවට තියාගනින් පිස්තෝලය මදෙසට දිගු කරමින් ඇමතුමක් නැවත ලබා ගත් පොලිස්මහතා කණ්ඩායමක් සහිත ජීප් රථයක් අප සිටි තැනට ගෙන්වා මා හට මාංචු දමා පොලීසිය වෙතට රැගෙන ගියා. මාර්ග නීති කඩකීරීමේදී මාව අල්ලාගත් අයුරුත් ජයවර්ධන නැමැති පොලිස් නිළධාරීතුමා අණ නොතකා ගිය යතුරුපැදිය පිටුපස හබායාමත් ඊට ප්‍රථම මා එය වැලැක්වීම ගැනත් බොහෝ සෙයින් ප්‍රශ්න කරන්නට උනේ ඒ වන විටත් එම පොලිස්මහතා මියගොස් සිටි නිසාය. සුළු මොහොතකින් ස්ථානාධිපති වරයා ඇතුළු මුලු පොලීසියම මාව වටකරගෙන අතුරු ප්‍රශ්න විමසමින් පරම්පරා හතක් දුරට තොරතුරු හාරවුස්සමින් සිටී නමුත් පිලිතුරක් දීමට ප්‍රථම නැවත අයෙක් ප්‍රශ්න කිරීම නිසාම මාව නිවැරදි කිරීමේ අවස්ථාව ටිකෙන් ටික මග හැරී යන්නට විය. ඔවුන් සියල්ලකටම පාහේ තිබුණු එකම ප්‍රශ්නාර්ථය මම හරියටම කොහොමද ජයවර්ධන නැමැති පොලිස්නිළධාරීතුමා මැරෙනවා යැයි කියූ කියමනය. බැරිම තැන මුළු පොලිස් බලඇණියම නිහඩ කිරීමට කෑ ගසා මගේ නිර්දෝශී බව පැහැදිලි කරලන්නට විය . මටත් කතා කරන්න දීපල්ලකෝ මහත්තයෝ මම පිටසක්වලයෙක්වත්, අනන්තෙන් ආපු එකෙක්වත් නෙමෙයි මමත් මව් කුසකින් ඇවිල්ලාමසාජ් මස් ලේ වලින් හැදුනු ඔයාලා වගේම එකෙක් මගේ තාත්තා තමයි වින්කල් බංඩා කියන්නේ මම ඉපදිලා ඇවිදින කාලේ ඉදලා බයිසිකල්වල ටයර් ටියුබ් එක්ක තමයි ජීවත් උනේ ඒ වෙලාවේ හොනට් බයික්කේ ගියපු වේගෙට පොලීසීයේ මහත්තයා අල්ලන්න යන්න නැග්ග මෝටර් බයිසිකලේ ටයර් දෙක දිහා මට එක පාරම බැලුණා ඒ ටයර් හුලං අඩුව සෑහෙන කාලයක් දුවලා නිසා වටේටම තැනින් තැන පුපුරලා කට වගේ ඇරිලා පොලීසීයේ මහත්තුරු කොහොමත් තිහට හතලිහට යන නිසා අවුලක් නෑ ඒත් හොනට් බයිල්කේ අල්ලන්න යන්න ඕන වේගෙත් එක්ක ටයර් එක සැනෙකින් රත් වෙලා අර පුපුරපු තැනකින් අනිවාර්‍යයෙන්ම හිල්වෙන්නම බ්ලාස්ට් වෙලා යනවා පිටිපස්සේ ටයර් එක එකපාරම යන වේගෙත් එක්ක එහෙම ගියාම බයික්කේ පාලනය කරගන්න බැරුව යනවා බොහෝ විට ඒ වගේ අනතුරකදී මිනිහෙක්ට ජීවිතය බේරගන්න අවස්ථාවක් නෑ මොකද මම ඒක හොදටම දන්නවා මගේ තාත්තා නැති උනෙත් ඒ වගේ ටයර් එකක් පුපුරලා ගියපු නිසාය. මම කැමති නෑ තවත් පවුලකට ඒ වගේ දේකින් මිනිහෙක් නැති වෙනවට ඒක නිසා තමයි ඒ වෙලාවේ මම උත්සහ කරේ ඒ මහත්තයාව නවත්වන්න ඒත් කොහෙද කරුමේ ලොකු වැඩීනේ ටික වේලාවකට පසු එතනට පැමිණියේ මිය ගිය පොලිස්මහතා වැටුනු තැන පරීක්ෂාකිරීමට ගිය නිලධාරී දෙදෙනාය ඔවුන් දෙදෙනා පැමිණ මා ඉදිරිපිටම ස්ථානාධිපතිවරයා දැනුවත් කරන්නට විය . සර්" සාජන් ජයවර්ධන ගියපු වේගෙත් එක්ක පිටිපස්ස ටයර් එක පුපුරලා බයික්කේ පාලනය කරගන්න බැරුව වැටිලා ඒ වැටෙනකොට හෙල්මට් එක ගැලව
ිලා ඔලුවම වැදිලා,අපි හිතන්නේ සර් මොලේට ලේ බැහැලා එතනදීම නැතිවෙලා ඉදලා තමයි ඉස්පිරිතාලෙට ගිහින් තියෙන්නේ සියලු කරුණු විමසීමෙන් අනතුරුව ලියූ දඬ කොලය ස්ථානාධිපතිතුමා විසින් කැන්සල් කර නැවත නිදහස් කර මා හට පොලීසියෙන් පිටත් වීමට අවසර ලබා දුන්නේ ඔහු ඉතාමත් කාරුණික අයෙක් විය. බොහොම ස්තූතියි ලොකු මහත්තයා නැවත කිසි දවසක පොලීසියට නොයනා චේතනාවෙන් පිට විය . නිමි. අජ්ජාමම අද ලියන්න හිතුවෙ ලංකාවෙ පුද්ගලික අංශයෙ බොහොමයක් ආයතන වල ක්‍රියාත්මක වෙන යල් පැන ගිය මානව සම්පත් කලමනාකරන විධි සහ පොදුවෙ පිරිස් කලමනාකාරනයට යොදා ගන්න වර්තමානයට නොගැලපෙන පරන ක්‍රම ගැන. මම ලංකාවෙ අවුරුදු 10ක් විතර වැඩ කරල තියෙනව. ඒ වගේම ආයතන 2-3ක වැඩ කරද්දි ලැබුනු අද්දැකීම් තමයි මෙහෙම ලියන්නෙ. ඕගොල්ලොත් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක දැන ගැනීම වැදගත් වේවි. ඒ වගේම දැනට රැකියාවක් කරන කෙනෙක් නම් සමහර විට මගේ අද්දැකීම් ඔයාට අළුත් දෙයක් නොවෙන්න පුලුවන්. ඔයා රැකියාවක් නොකරන කෙනෙක් නම් රැකියාවක් කරන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ගැන රසවත් විස්තරයක් විදියට මේක කියවල දැනුවත් උනොත් මගේ උත්සාහය සාර්ථකයි. හරි දැන් මුල ඉඳන්ම විස්තරේ පටන් ගමු. ඕගොල්ලො කලමනාකාරනය කියල ඉගෙන ගන්න ගොඩක් විශයයන් බිහි වෙන්නෙ කාර්මික විප්ලවය පටන් අරන් පෞද්ගලික කර්මාන්තශාලා ආයතන බිහිවෙන්න ගත්ත අවධියෙ කිව්වොත් ගොඩක් දුරට හරි. මේ විශයයන් පලවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය 70-80 දශක පහුකරගෙන නූතන හා වඩාත් නූතන වගේ අවධි පහු කරගෙන ඇවිල්ල තියෙනව. හැබැයි අපි මෙහෙම විශයයන් වශයෙන් මේව ඉගෙන ගත්තට ලංකාව වගේ රටවල ගොඩක් ආයතන පාලනය කරන ඉහල පරිපාලනයෙ අය තමන්ගෙ ආයතනය පාලනය කරන්න යොදා ගන්නෙ තමන්ට වඩා වාසි දායක සමහර විට තමන් ඉන්න ක්ශේත්‍රයට ගැලපෙන ක්‍රමයක් වෙන්න පුලුවන්. මේ කොයි දේ කොහොම උනත් ලංකාවෙ සමහර ආයතන වල ලොකු පුටු වල ඉන්නෙ එක්කො උපතින්ම රිදී හැන්ඳක් කටේ තියා ගෙන ආපු අය. එහෙම නැත්නම් ක්‍රීඩාව, රංගනය, නිරූපනය හෝ වෙනයම් දෙයකින් ප්‍රසිද්ධියක් ආර්ථික වටිනාකමක් ගොඩනගාගත්ත කලමනාකරනය කියන විශයය ගැන දැනුමක් අවබෝධයක් නැති අය. ඒ වගේම තමයි කලමනාකරනය පිලිබඳ දැනුම එකක්, කෙනෙකුගෙ ගතිගුණ, ආකල්ප සහ සිතුවිලි වෙනම දෙයක්. හොඳයි වැල්වටාරම් පූර්වාපර සන්ධි ගැලපුව ඇති. දැන් කතාවට බහිමු. මුලින් බැලුවොත් ආරම්භයෙදි මේ මානව සම්පත් කලමනාකරනය වගේ විශයයන් යොදා ගත්තෙ සේවක සුභසාධනය කොහොම වෙතත් සේවකයො අන්දන්න. ඒ කිව්වෙ ඔයා මනුස්සයෙක් උනාට ඔයා අලියෙක් වගේ ශක්තිමත් කියල නම් ඔයා හිතන් ඉන්නෙ ඔයාව මේ මහත්තුරු නෝනල ගන්නෙ කොටන් අදින්න. ඔයා මොනරෙක් වගේ ආඩම්බරකාර ජේත්තුකාරයෙක් කියමු. මේ ගොල්ලොන්ට ඔයා වගේ අයත් ටික දෙනෙක් ඕන. ඒ පෙරහැරේ යන්න. මනුස්සයො වෙච්ච ඔය දෙන්නගෙ ඇඟේ තරම, ශක්තිය මේකෙ සම්පූර්ණ අනිත් පැත්ත කියමු. ඒකට කමක් නෑ මේගොල්ලොන්ට ඕන ඔයා හිතන විදිය. ඔන්න දැන් මගේ අත්දැකීම. මම මේ කියන ආයතනයෙ මේ රස්සාවට සම්මුඛ පරීක්ෂණයට ගියේ උසේන් බෝල්ට් මීටර් 100 දුවන්න පුරුදු වෙනව වගේ මගේ උපරිම කැපවීමෙන් ඒකට ලෑස්ති වෙලා. එහෙම ගියාම සම්මුඛ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්න ඔහොම මූලික සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ල ඊට පස්සෙ දෙවෙනි සම්මුඛ පරීක්ෂණයට එන්න කිව්ව කියමු. ඒකටත් සිංහ සෙය්යාවෙන්ම මුහුණ දීල අනේ ගෙදර ඇවිල්ල බලං හිටිය හෙට අනිද්දම ඊලඟ පියවර සම්භන්දයෙන් කතා කරනකම්. සුමානයක් ගියා දෙකක් ගියා අනේ කිසිම සද්දයක් නෑ. හැමදෙයක්ම හොඳට වෙලත් ඇයි මේ ගොල්ලො සද්ද නැත්තෙ කියල බලන්න කෝල් එකක් දුන්න. එතකොට කියාපි ඔයාගෙ සුදුසුකම් හොඳයි ඔයා මේ රැකියාවට ගැලපෙනව ඒත් ..... ඔව් මගේ අයදුම්පත්‍රයෙ ජීව දත්ත සහ අත්දැකීම් වල සඳහන් වෙලා නැති අහවල් රැකියා අත්දැකීම තියෙනවද කියල. අනේ ඉතින් මට එහෙම අත් දැකීමක් තිබුන නම් මම ඒක අයදුම්පතේ සඳහන් කරනවනෙ කියල කියන්න හිතුනත් අර හැමෝම අසරණ වෙන නැක් කියල කියන තැනට මමත් ඉතින් පත් උනා. මට කතා කරපු මානව සම්පත් අංශයෙ විධායක ගෑනු කෙනා "ඒකනෙ ගිහාන් ප්‍රශ්නෙ" කියද්දි මෙහෙම තියෙද්දිත් එතකොට සම්මුඛ පරීක්ෂණයට කතා කරල ඒකෙන් තෝරල දෙවෙනි එකටත් එන්න කියල අපි ඔයා ගැන සතුටුයි කියලත් කිව්වෙ අහවල් කෙං ගෙඩියටද කියල අහන්න හිතුනත් එහෙම නොඅහ මං ඇහුවෙ කමක් නෑ ඒ එක්ස්පීරියන්ස් නැතුව අපිට මුකුත් කරගන්න බැරි වෙයිද? කියල. එතකොටම මේකි කියපි "බලමුකො ගිහාන් ඔයා හොඳ කැන්ඩිඩේට් කෙනෙක් නිසා මම අපේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරල බලන්නම්" කියල. මේ පුන්චිම බලාපොරොත්තුවත් එක්ක තව සුමානයක් විතර හිටිය කියමු. මෙන්න කෝල් එකක් එනව "මම ඔයා ගැන මැනේජ්මන්ට් එකට කිව්ව ඒගොල්ලො ඔයාට රස්සාව දෙන්න කැමතියි කාර්‍යලයට අහවල් දවසෙ අහවල් වෙලාවට එන්න. හැබැයි ඔයාට අපි බලාපොරොත්තු වෙන රැකියා පලපුරුද්ද නැති නිසා ඔයාට කියපු වැටුප සහ පහසුකම් නම් දෙන්න වෙන්නෙ නෑ කියල". මොනව කරන්නද වැඩි වැටුප් ගන්න මම විරාත් කෝලිද කියල හිතල මිත්‍රවරුනි ඔන්න මම ගියා රස්සාව බාර ගනන. දැන් හැරිල බලද්දි තමයි තේරෙන්නෙ ඒගොල්ලො පාවිච්චි කලේ bad HR strategy එකක් කියල. මම ප්‍රභල රැකියා අපේක්ශකයෙක් විදියට සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීපු නිසා මේගොල්ලො මගේ ගාන බස්සන්න තමයි අරම ඔයාව අපට ඕන නෑ. ඔයාට අරක නෑ මේක නෑ කිව්වෙ. කොහොම හරි ඉතින් යාලුවනෙ ඔන්න ඔය විදියට අහිංසක මම බූරුවගෙ වැටුපට බල්ලගෙ වැඩේ කරන්න කැමති උනා. දැන් වැඩ කරන තැන පලවෙනි මාසෙ. ඔයාල දන්නවනෙ ඕන රැකියාවක මුල මාස 3 නැත්නම් 6 ප්‍රොබේශන් නැත්තං පරිවාස කාල සීමාව. මේක ආයතනය ලබා දෙන්නෙ සේවකයට එම තනතුරේ වගකීම් දරන්න පුළුවන්ද? සේවකය රැකියාවට සුදුසුද කියල බලන්න. ඔන්න මේ රැකියාව ගත්තොත් රැකියාවෙ වගකීම් හා කාර්‍යයන් කොහොම උනත් මම මේ රැකියාවට සුදුසු නෑ කියල තේරුනේ මටමයි. ඔන්න පලවෙනි දවසෙම මම වැඩ කරන ඉංජිනේරු අංශෙ එක්ක ලඟින්ම වැඩ කරන අනිත් අංශ ප්‍රධානීන්ව මට අඳුන්වල දුන්න (නැත්තම් හදිස්සියෙ විදුලි සෝපානයෙදි වත් හම්බ උනාම සර් කියල හිනාවෙලා දෙකට නැමෙන එකක් නෑ කියල වෙන්න ඇති මම වගේ අහිංසක ඉංජිනේරුවෙක්ට මේ අනිත් අංශවල ලොකු ලොක්කො අඳුන්නල දුන්නෙ.) අනේ ඔන්න මේ හමුවීම් ඔක්කොම ඉවර වෙලා මම දවල්ට කන්න මගේ බත් මුලත් අරං කෑම කාමරයට යනව. ඒ අතරමග මට මූණටම හම්බ උනේ කවුද දන්නවද? බොහොම ජේත්තුවට ඇඳගත්ත පෞර්ශය අතින් ඉහලයි වගේ පේන අලෙවි අංශයෙ ප්‍රධානිය. ටික වෙලාවකට කලින් එයාගෙ කාමරයටම ගිහිල්ල එයාව අඳුන්නල දීපු හින්ද මට එයාව වගේම ඒ මහත්තයට මාවත් හොඳට මතක තිබ්බ. "ගිහාන් පොඩි හදිස්සියක් මෙන්න මේ pen drive එක 4 වෙනි තට්ටුවෙ ඉන්න අහවල් නෝනට ගිහින් දෙන්න පුලුවන් ද?" ඒ එයා හිනා වෙලා මගෙන් කරපු ඉල්ලීම. මේක මගේ පලවෙනි දවස නිසාත්. එයා මෙතන ලොක්කෙක් නිසාත් මට අදාල නැති උනත් නැට්ටටම බඩගින්නෙ හිටිය උනත් ඒ ඔක්කොම අමතක කරල හා කියල pen drive එක ගත්ත. මට lift lobby එකට ගියාම තමයි මතක් උනේ මේ කෑම පැයනෙ කියල. ඉතින් මෙන්න විනාඩි 5 ක් විතර බලං ඉඳල විදුලි සෝපානයෙ නැගල 4 වෙනි තට්ටුවට ගියා අහවල් නෝනව හම්බවෙන්න. මෙන්න එයා ඩෙස්ක් එකට වෙලා මේක්අප් දානව. මම එයා ලඟට ගිහිල්ල මිස් මේක අහවල් මහත්තය දෙන්න කිව්ව කියල pen drive එක දුන්න. එතකොට එයා "ආ ඔයාද අපේ අළුත් junior engineer කියල හිනාවක් දාල අනේ තරහ නැතුව මෙන්න මේ ෆයිල් එකත් ඒ මහත්තයටම දෙන්නකො කියල මට ෆයිල් එකක් දුන්න". මදෑ දැන් අලි මදිවට හරක් කියල ආපහු පලයන්කො මැනේජර් මහත්තය ගාවට. ඔන්න ඔහොමයි මිත්‍රවරුනි තත්වෙ. ඒ අසාධාරණ ඉල්ලීමට එකඟ නොවී ඒක මට අදාල නෑ කියල මුලදිම ජේශ්ඨ අලෙවි කලමනාකාර මහත්තයට කිව්ව නම් රස්සාවෙ පලවෙනි දවසෙම ජේශ්ඨ කලමනාකාරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කර ගන්න තිබ්බ. දෙවෙනි අවස්තාවෙ ආයතන කලමනාකරන අධ්‍යක්ෂකගෙ පුද්ගලික ලේකම්ගෙ ඉල්ලීම අහක දැම්ම නම් "ඇයි ඔය තරම් ආඩම්බර, ඔයා ලොක්කොන්ට විතරද උදව් කරන්නෙ" කියල ඒ නෝනගෙන් අහගන්න තිබ්බ. ලස්සනම වැඩේ අතපය හතරම හොඳට තියෙන මටත් වඩා උස මහත ඒ මහත්තයටවත් මටත් වඩා ලාබාල පෙනුම තියෙන ඒ නෝනට වත් එහෙම උදවු කරන්න තරං මම ඒගොල්ලො දෙන්න ගැනම ඒ තරං දෙයක් නොදැන සිටීම. කොහොම උනත් හම්බ කරං කන්න ඉන්න රස්සාවනෙ කියල හිත හිත මං විදුලි සෝපානෙ එනකං නොඉඳම කෑම එකත් අරං පඩිපෙලෙන්ම පහලට බැස්ස. ඒක මගේ අවස්ථාවත් ඒ ගොල්ලො හිටපු ස්ථානයත් අයුතු විදියට පාවිච්චි කරල මගෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථාවක් නේද කියල පස්සෙ හිතල බලනකොට මට හිතුන. මගේ අත්දැකීමෙ පලමු කොටස තමයි මේ. ඊලඟ කොටස මම ලඟදිම ලියන්නම්. ගිහාන් සමරසිංහඉතාලි කථාවක් . මිලාන් සිට වැනීසිය කරා! ලොව පුරා සංචාරකයන්ගේ වැඩිම අවධානයට ලක්වුණා වූ මෙන්ම ඉහල සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන අතරින් මුල් තැනක වැජඹෙන ඉතාලියේ වැනීසිය කරා යන සිහිනයට පණ ගැන්වෙමින් පවතින බැව් සිහිපත් වෙද්දී දැණුනේ අපූරු සතුටකි. එම කුඩා වුවද එහෙත් මනා පිරිසිදු පෙනුමැති භෝජනාගාරය පිහිටා තිබුණේ Milan නුවර සිට වැනීසිය දක්වා ගමන් කිරීමට නියමිත දඩාර් සයිස් FLIX බසය ගාල් කර තිබුණ Milan නුවර LAMPUGNANO බස් නැවතුමයේ ය. එහි වීදුරු කැබිනෙට්ටු තුල නානාප්‍රකාර පන්නයේ ඉතාලියානු කෑම වර්ග දුම් දමමින් , සුවඳ විහිදුවමින් විරාජමානව වැඩ සිටියේ පාරිභෝගික ජනයාගේ ඛේඨ ග්‍රන්ථි උද්දීපනය කරමිනි. ඇසට හුරුපුරුදු පස්තා හා පීසා වර්ග හැරුණු කොට ඒ සමහරක් නම් කියවීමට අපහසුය. කෙසේ නමුදු තක්කාලිද, සලාද කොලද, හැරුණු කොට තවත් නම් දන්නා මෙන්ම නොදන්නා herbs වර්ග වලින් හැඩ රටා වැටුණු ඒ කෑම දුටුමනතින් සිත් පිනවයි. බඩගින්න වඩවයි. විදෙස් රටකදී අනිවාර්යයෙන්ම එම රටට ආවේනික කෑම රස විඳීම කල යුතුමය. එදින ගමන් කිරීමට නියමිත දුර පෑ වලින් ගතහොත් තුනකි. හිමිදිරියේම අප Milan හි නැවතී සිටි හෝටලයට ආසන්නව පිහිටි එම බස් නැවතුමට ආවේ කෝපි කෝප්ප දෙකක්ද සමගින් පීසා ඇතුළු ඉතාලියානු කෑම ටිකක් මිලද
ී ගැනීමටය. ඒ මේ ගමනට පෑ තුනක් ගතවෙද්දි කෑමක රස විඳීම වෙනස්ම එකකි. වෙනත් රාජකාරි කිහිපයකට ඉතාලියේ Milan බලා පැමිණියත් මේ අපගේ සූදානම වැනීසියට ගොස් තලගොයි එළන්නය. දඹුල්ලේ යද්දී අනිවාර්යයෙන්ම එහෙම කරන්න ඕනෑ වග කියා ඇත්තේ පුරාණ ඉරිසින්වහන්සේලා වන්නට ඕනෑය. ඉතාලියේ ගමනාගමන ගාස්තු මිල අධිකය. විශේෂයෙන් දුම්රිය ගමන් මිල ඉහලය. නමුත් අන්තර්ජාලය හරහා මෙම FLIX බස් ටිකැට්ටු කල්වේලා ඇතිව මිලදී ගැනීමේදී ඉතාමත් ලාභ දායකය. FLIX බස් කොම්පැණිය හරිම හොඳය. අපි ඔවුන්ගේ හොඳ කස්ටමර්ස් ලාය. එංගලන්තයේ දී, ස්කොට්ලන්තයේදී වගේම යුරෝපා ගමන්වලදී අප ඔවුන්ගේ සේවාවන් ලබාගන්නේ පිරිමැසුම්දායක මිල මෙන්ම ඉහල සේවාවක් සලසන බැවිණි. එහෙම regular customer බවට පත්වෙද්දී නැවත් වෙන්කිරීම් කරද්දී සහන මිලට අමතරව ඔවුන් discount code ලබාදී මිල තවත් පහත හෙලයි. එහෙව් වූ සත්ත කරුණාව නිසා මටත් පුත්තරයාටත් Milan සිට වැනීසිය කරා වූ 266 km තරණයට එකක් යුරෝ 11.69 බැගින් වූ ටිකට් දෙකක් ලැබීම වාසනාවකි. FLIX බස් රථ රියදුරු තෙමේ ගමනාරම්භයේදී මගීන් ඇමතීම සිරිතකි. ඉතාලියානු බසින් මෙන්ම ඉංගිරීසියෙන් ආසන පටි තද කර ගැනීම must එකක් බවද ජංගම දුරකතන භාවිතාව අන් මගීන්ට හිරිහැරයක් නොවන ලෙසටද ආදී වශයෙන් කියන වගන්ති අපිට හුරුපුරුදු ය. Milan නාගරික ප්‍රදේශය පසුකරමින් අධිවේගී මාර්ගයට ඇතුළු වූ බසය හැල්මේ දුවයි. ඕනෑම යුරෝපීය රටක හොඳින් හිරුපායා ඇති දිනෙක අධිවේගී මගක ගමන් කරද්දී දක්නට ලැබෙන්නාවූ මනහර දසුන් සිත් පිනවයි. අධිවේගී මාවතට ඈතින් අක්කර දහස් ගණනින් වූ කෙත් වතු, උයන්, ගොවිපොල කුඩා ගම්මාන දිස්වෙයි. කිහිප පොලකදී අධිවේගයෙන් එලියට ගොස් තවත් කුඩා නගර කීපයක මගින් ගොඩ කර ගැනීම්බැස්වීම් කල බසය මේ වෙද්දී පෑ තුනකට ආසන්න ප්‍රමාණයක් ගමන් කොට හමාරය. මේ වෙද්දී එලඹ සිටි සිහියෙන් සිටියේ බසය වෙනීසියට ආසන්න බව ගූගල් කියපු නිසාය. Greater Venice හෙවත් Comune di venezia සහ අයිතිහාසික දූපත් සමූහය ලෙසට වැනීසියේ දෙකොටසකි. ගොඩබිම් කොටස( Main land ) අවසන් පසුවූ වහාම බසය ගමන් කරන්නට වන්නේ වැනීසියානු කලපුව හරහාය. ඒ ගමන අති සුන්දරය. බසය මුහුදක් මැදින් පියඹා යන්නාක් මෙන් හැඟෙයි. දෙපස මීදුමකින් වැසුනාක් වැනි. අනන්තය දක්වා වූ මූදු තීරයයි. ඒ ප්‍රධාන ගොඩබිම හා වැනීසිය යාකරන හැතැප්ම 2.39 දිග වූද පළල මීටර් 22 ක් වු පාලම හඳුන්වන්නේ Ponte della Libertà හෙවත් Liberty Bridge නමිනි. එම පාලම සම්බන්ධ වන්නේ වැනීසියේ Tronchetto ( Isola nuova, New island) සමග වනාතර බසය ඒ වෙත ලඟා වෙද්දී දහවල් යාමයට ආසන්න වෙමින් තිබුණි. මේ දූපතද 1960 වසර වලදී වැනීසියානු කලපුවේ ඉදිවූ කෘතිම දූපතක් වන අතර දැන් භාවිතා වන්නේ වැනීසිය කරා එන්නාවූ සංචාරකයන් ගේ රථවාහන ගාල් කරන රථ ගාලක් ලෙසිනි. සුන්දර වැනීසිය හෙවත් ඉතාලි බාසාවෙන් Venezia යනු උතුරු ඉතාලියානු Veneto Region හි අගනුවර ලෙස සැලකෙන මහා නගරයයි. වැනීසිය මහා පුදුමයක් ලෙස ලෝකයා සලකන්නේ එහි අපූර්වතම පිහිටීම නිසාය. එය ගොඩ නගාඇත්තේ අද්‍රියාතික් මුහුදේ Po හා Paive යන ගංගාවන් මුහුදේ එකක්වන නොගඹුරු එක ලඟින් පිහිටා ඇති පිහිටා ඇති 126 ක් කුඩා දූපත් සමූහයක් ඒකරාශී කිරීමෙනි. එනම් මේ වැනීසිය සම්පූර්නයෙන්ම ජලය මත ඉදි කරන නගරයකි. එහි පාදම නිමවා ඇත්තේ වීශාල ලී කොටන් වලින් වන අතර මඩ සහ වැලි වලින් තැනූ විශේෂිත මැලියම් වර්ගයකින් එම ලී කොටන් දිරා යාම වලක්වා ඇත. මේවා අතරේ කුඩා ඇල මාර්ග රාශියක් ඇති අතර Grand canal නමින් මහා ඇලකි. ඒ ඇල මාර්ග එකට එකතු කරන පාලම් ගතහොත් ගණනින්ම 472 කි. මෙය මහ මුහුදින් ආරක්ෂා වී ඇත්තේ Lido නමැති දිග භුමි කොටසකිනි. වැනීසියට එම නම ලැබී ඇත්තේ ක්‍රිස්තු වර්ශ10 වන සියවසේ දී මෙම ප්‍රදේශ ආක්‍රමණය කල Veneti ජනයාගෙනි. අතීතයේ දී මෙම නගරය වසර සහශ්‍රකයට ආසන්න කාලයක් එනම් ක්‍රි. ව. 810 to 1797 කාලයක් දක්වා the Republic of Venice හි අගනගරය ලෙස කටයුතු කලේය. එය 5 වන හා 15 වන සියවස් කාලවල ප්‍රධාන නාවුක අගනගරය මෙන්ම වෙලඳ මූලස්ථානය ලෙසද තවද 13 ශතවර්ෂයෙ සිට 17වන ශත වර්ශය දක්වා සිල්ක්, ධාන්‍ය, කුළුබඩු හා කලාවන් උදෙසා ප්‍රධාන වූ වෙලඳ අග නගරය ලෙසද ක්‍රියාත්මක විනි. 15 වන සියවස දක්වා වැනිසියට තම බලය පවත්වාගෙන යාමට හැකි විය. නමුත් පසුව ඔටෝමන්වරුන් තමා උපයාගත් දේ සමඟ වැනීසිය අතහැර දැමීමත් සමඟ එහි බලය ක්‍රමයෙන් අඩු වන්නට විය. එහි අවසානය 1797 සටහන් වූඅතර 1866 වසරේදී වැනීසිය ඉතාලි රාජධානියේ කොටසක් බවට පත් විය. වැනීසිය හඳුන්වන්නට නම් රැසකි. La Dominante", "La Serenissima", "Queen of the Adriatic", "City of Water", "City of Masks", "City of Bridges", "The Floating City", and "City of Canals" මේ ඉන් සමහරකි. මෙම කලපුව හා ඓතිහාසික ස්ථාන සහිත කලපුව ආශ්‍රිත ප්‍රදේශ අක්කර 173,410 සියල්ල යුනෙස්කෝ ලෝක උරුකයක් බවට ප්‍රකාශ කෙරුණේ 1987 දීය. වැනීසිය ලෝක සංචාරක පුරවරයකි. එයට හේතුව මෙහි කලා නිර්මාණ , වාස්තුවිද්‍යාත්මක කරුණු ජනයා මන්මත් කරන බැවිනි. 2017 දී කල සංඝනනය කට අනුව දිනකට 6000 ක් සංචාරකයින් මෙනුවර බලා ඇදෙද්දී වසරකට සංචාරකයින් මිලියන 22 ත් 30 ත් අතර ප්‍රමාණයක් වැනීසිය කරා ලඟාවේ. අපිත් මෙදින එම සංචාරක ගොන්නට ඇතුලත් වුවෙමු. Tronchetto වෙත ලඟාවූ අප හට හෝටලය කරා යාමට Cannaregio 30121 Venice වෙත යාමට නියමිත වී තිබිණි. නමුත් ඒ මෙතෙක් දැනසිටි ක්‍රමයකට නොව ලොවෙත් නැති අමුතු ක්‍රමයකට ය. එනම් මින් එහාට ගමනාගමනය බස් කාර් වලින් නොව බෝට්ටු වලින් වැනීසියේ ඇල මාර්ග දිගේය. ස්වයංක්‍රීය ටිකට් යන්ත්‍ර වලින් නිකුත් කරන ලද ටිකැට්ටු දෙකක්ද ලබාගත් අපි ඒ නියමිත බස් බෝට්ටුවට ගොඩ වුණේ ජීවිතේට නොලද අත්දැකීමක් විඳින්නටය. එහි ජනයා පිරී ඇත. ප්‍රධාන ඇල මාර්ග දිගේ ගොස් අතුරු ඇල මාර්ග වලින් හැරි හැරී බෝට්ටුව ගමන් කලේ අපේ ගමේ බස් යන්නා සේමය. අවසානයේ හෝටලය පිහිටා ඇති අතුරු ඇල මාර්ග නැවතුමේ නවත්වන ලදී. හෝටලයේ පිලිගැනීම් අංශයේ කටයුතු නිමා කර කාමරවලට යෑමට සැරසෙද්දී එක්වරම මතුවූයේ ශ්‍රී ලාංකික පෙනුමැති තරුණයෙක් ගේ මුහුණකි. එහෙත් යමක් ඇසීමට තබා සිනාසීමටවත් පෙර ඔහු අන්තර්දාන වී තිබුණේ ඇයිදැයි සිතමින් අපි හොඳට නා කියා වෙහෙස නිවාගෙන සුන්දර වැනීසිය ගවේශනය කිරීමේ චාරිකාවට එක්වන්නට සැරසුනෙමු. තව කොටසකින් හමුවෙමු . ස්තූතියි Bhadhra Piyadigama Koswatteඅත්තෙන් අත්තට අද උදෙත් කූඩුවෙන් යනකොට හොටට හොට තියලයි ගියේ එළිය නොදුටුව පැටව් රැකගෙන මම හිටිය ඔහෙ කූඩුවේ එකා දෙන්නා කියූ කේලම් ඇහුවෙ නෑ මම කිසිදිනේ දුන්න බහ එක හිතින් රැක්කා සත්තමයි මගෙ ආදරේ තවත් නම් මගෙ සමාවක් නෑ ඇහින් දුටු දින උඹෙ රඟේ පැටව් ටික මම බලාගන්නම් දැන්ම පලයන් අලුත් දීගේ... (පින්තූරය අන්තර්ජාලයෙනි)# දෙඇත් රජ්ජුරු (කොටස් කීපයක කෙටි කතාවක්) ## 5 කොටස "අපේ මැණිකේ" ඈත සිට කලබලයෙන් දිව එන්නී සුමනාය. "අනේ අපෙ මැණිකේ. චින්තන මහත්තයා, චින්තන මහත්තයා" දිව ආ මහන්සියටදෝ කෙල්ල බිම ඇද වැටුනි. "සිරිදාස... සිරිදාස... පොඩ්ඩක් මෙහෙට එන්න ළමයෝ. මේ සුමනට කලන්තෙ අල්ලලා වගේ." දිනෙන් දින වැඩිවන කොන්දෙ අමාරුව නිසා මහලු මට සුමනා උස්සා ගන්නත් නොහැකිය. වෙනදාට සුමනා අසලම කැරකෙන් සිරිදාස ඇත්තේත් නැත. මම කෝප්පයකට ගත් වතුර බිඳක් සුමනාට ඉස්සේ වෙන කල හැකි දෙයක් නොවූ නිසාය. මද වෙලාවක් යන්නට ඇත. සුමනා ඇස් ඇරියේ කොහේ ඉන්නවාදැයි නොදන්නා ලෙසිනි. ඇස් කරකවා වටපිට බලද්දී මා දෙස බැලූ සුමනා නැවතත් හඬන්නට වූවාය. "මොකද ළමයෝ වෙලා තියෙන්නෙ. මාව බය නොකර කියන්නකෝ." "අනේ සුදු මැණිකෙ, මං ඉඳලා වැඩක් නෑ මැණිකෙ" "මොනවද සුමනා මේ කියන්නෙ. මොකද්ද වෙලා තියෙන්නෙ කියලා මට කියලා ඉන්නකො තේරෙන විදිහකට. මොකද්ද වෙලා තියෙන්නෙ?" "මට ඉඳලා වැඩක් නෑ මැණිකේ. සිරිදාස අය්යා.... සිරිදාස අය්යා" "මාව බය නොකර කියන්න ළමයො මොකද වුනේ කියලා" "සිරිදාස අය්යා... සිරිදාස අය්යා" "සිරිදාසව මරලා දාලා අම්මෙ. මිනිය වැවෙන් ගොඩ දාලා" මම හැරී බැලුවෙමි. පොඩී එමින් සිටී. "මොනවා. සිරිදාසව මරලා දාලා. පොඩී කොහොමද දන්නෙ. කොයි වෙලේද ආවෙ" "මම එන ගමන්. පාන්දරින්ම කොළඹින් ආවෙ හවස් වෙන්න කලින් එන්න ඕනෙ හින්දා. මම එද්දි වැවගාව සෙනග පිරිලා. මාත් ඉතින් බැහැලා බැලුවා. ඉදිමිලා හොඳටම." "ඉතින් මරලා කියන්නෙ කොහොමද?" "මරලා තමයි අම්මෙ. බෙල්ල ගැට ගහපු වයර් එක තාම එහෙමම" "අනේ දෙය්යනේ. කවුද මෙහෙම අපරාධයක් කලේ මේ මනුස්සයට. කාටවත් කරදරයක් නැතිව තමුන්ගෙ පාඩුවේ හිටපු මනුස්සයා." "ඒක තමයි අම්මෙ. පොලීසියට කිව්වා. තව ටිකකින් එයි. මාත් ඇඳුමක් මාරු කරගෙන ඒ පැත්තට යන්න ඕනෙ. තේකක් වක් කරන්නකො. උදේ ඉඳන් කාලා නෑ" "මුකුත් කාලා යන්නකො" "පිරියක් නෑ අම්මෙ. ප්ලේන්ටියක් හදන්නකො. මම නාගෙන එන්නම්" පොඩී නාගෙන ආපහුත් වැව දෙසට ගියේ පොලීසියෙන් ආ බව ආරංචි වෙනවාත් එක්කමය. සිරිදාසගේ සීයා අපේ අත්තම්මාගේ අසල්වැසියාය. උන්දා මඩ ගොවිතැනෙන් යැපුනු නියම ගොවි රජෙකි. උන්දෑගේත්, උන්දෑගේ පුතා වෙච්චි තමන්ගේ අප්පාගේත් අඩි පාරේම ගිය සිරිදාස වෙලට බැස්සේ කොට කලිසම් ඇඳගෙන ඉස්කෝලෙ ගිය කාලයේදීමය. කුඩා කල සිටම සිරිදාසට සීයාගේ අත්ගුණය එහෙන්මම පිහිටා තිබුනි. සිරිදාස වැවූ කොයිකත් ඵල දරමින් වැඩුනේ ඒ නිසාය. නගා දීගයට දායාද දුන් නිසා ගොඩ මඩින් හරි අඩක් අඩුවීමෙන් සිරිදාස පත්වූයේ අසීරු අඩියකටය. වත්තේ ඉඩමෙන් කොටසක වගාව පොඩී සිරිදාසට පැවරුවේ ඒ කාලයේදීය. වියදම සහ ආදායම සිරිදාසටය. කොන්දේසිය රිසෝට් එකට එන අමුත්තන්ට වගාවේ වැඩට හවුල් වන්නට ඉඩ දීමය. එදා ඉඳන් සිරිදාස පොඩීගෙ පස්සේය. අතිශය හිතෛශීය. "අනේ මගෙ රත්තරං අය්යා මැණිකේ. අනේ හොරු අරන් ගිහින් මැණිකේ" මම කල්පනාවෙන් මිදුනේ සිරිදාසගේ නඟාගේ විලාප හඬටය. "අප්පා වගේ ම
ාව බලාගත්ත අය්යා. අද වෙනකල් සැරෙන් කතා කරලා නෑ. අනේ හවහට මොනාහරි උස්සගෙන එන්නෙ තේ ඩිංගක් බීලා යන්ඩ. අනේ මම කාටද ආයෙ අය්යෙ කියන්නෙ මගෙ අප්පේ" ඈ දිගින් දිගටම විලාප නගයි. පසෙක වාඩිවී සිටින සුමනාද කඳුලින් බත්වී ගොසිනි. සිරිදාස සුමනා ගැන සිතකින් උන් බවත්, සුමනාද ඊට අමනාපයක් නොපෙන්වූ බවත් අපට රහසක් නොවූවා මෙන්ම, උත්සාහවන්ත තරුණයෙකු වූ සිරිදාසවන් තරුණයෙකු කඩිසර සුමනාට ඔබිනම මණමාලයෙකැයි අපිද සිතුවෙමු. සිරිදාස මෑතක් සිට පැරණි ගෙය අලුත් කරමින් සැරසෙන්නේ ඒ සඳහා විය යුතුයැයි අපි සිතුවෙමු. ඉදින් ඒ සිරිදාස මිය ගොසිනි. මිය ගොසින් නොව පොඩී කියන විදිහට මරා දාලාය. ........................... "සුමල් මහත්තයා සිරිදාසව දන්නෙ කොයි කාලෙ ඉඳලද?" සිරිදාසගේ මරණය ගැන ප්‍රශ්න කරන්නට පැමිනි පොලිසියේ මහත්තයා ඇසුවේ පොඩීගෙනි. කට්ට අවුවේ වැව් තාවුල්ලේ ප්‍රශ්න අසන්නට ගිය පොලීසීයේ මහත්තයාව පොඩී රිසෝට් එකට එක්ක ආවේ ගමේ සාක්ශි සඳහා අවශ්‍ය ඕනෑම කෙනෙකු එතැනට ගෙන්වා දෙන පොරොන්දුව පිටය. "පොඩි කාලෙ ඉඳන්. අපි ඉස්සර එනවනෙ නිවාඩුවට අත්තම්මලගෙ දිහා සති දෙක තුනක් ඉන්න. ඒ කාලෙත් සිරිදාසලා ඔය ගෙදරම තමයි හිටියෙ. අපි එක්ක සෙල්ලම් කරන්න නොආවට කතා බහ කරනවා ඉතින්. අපි ආවම එහෙ සීයා කොමඩු එහෙම එවන්නෙ සිරිදාස අතේ." "එතකොට මහත්තයා එක්ක වැඩ කරන්න අරන් කොච්චර කාලයක් වෙනවද?" "අපි මේක පටන් ගත්තෙ අවුරුදු හයකට විතර කලින්" "අපි කිව්වෙ" "මායි අය්යයි. අත්තම්මාගෙ මරණෙන් පස්සෙ මේ වත්ත ලියලා තිබුනෙ අපි දෙන්නට බාගෙ බාගෙ වෙන්න. අපිට හිතුනා ඉඩම වෙන් කරනවට වඩා කෑලි දෙකම එකට තියාගෙන මොනවා හරි කරන්න" "එතකොට සිරිදාස කොහොමද සම්බන්ධ වුනේ" "සිරිදාස ඔය පහළ කුඹුරයි, ඕවිටයි තමා වගා කලේ. මිනිහා හොඳ සරුවට හිටියා. මිනිහගෙ නංගි බඳිද්දි ඔයින් බාගයක් බෙදුනනෙ. ඉතින් මිනිහට ආදායම මදි වුනා. දවසක් මිනිහා මාත් එක්ක ආවා ටවුමෙ ඉඳන්. එදා ලොකූත් හිටියා. එදා මිනිහා තමන්ගෙ අමාරුකම් ගැන කිය කිය ආවෙ. ඉතින් අපි මිනිහට කිව්වා අපේ වත්තෙ වවන්න කියලා. අපිටත් ඇට්‍රැක්ශන් එකක්නෙ ඉතින්" "එතකොට සුමල් මහත්තයා කවදද සිරිදාසව අන්තිමට දැක්කෙ? "මම ඊයෙ නම් මෙහෙ හිටියෙ නෑ. පාන්දරින් කොළඹ ගියා වැඩ වගයකට. පෙරේදා නම් දැක්කා මෑ පාත්ති පැත්තෙ ඉන්නවා. කතා කරන්න වුනේ නම් නෑ. අම්මයි සුමනයි නම් හිටියා මෙහෙ." "අපි එයාලගෙන් පස්සෙ අහමුකො. එතකොට සිරිදාසට කවුරුවත් හතුරො හිටියද? එහෙම නැත්නම් මුකුත් රණ්ඩුවකටවත් පැටලිලා තියෙනවද? එහෙම නැත්නම් ආදර හුටපටයක්වත්" "සිරිදාස රණ්ඩු වලට නම් පැටලිලා ඇති කියලා මම හිතන්නෙ නෑ. පාඩුවෙ ඉන්න මනුස්සයනෙ. අපි එක්කවත් එහෙම වැඩි කතාබහක් නෑ මිනිහගෙ. පොඩි ආදර හුටපටයක් නම් තිබුනා කියලයි අපට හිතුනෙ. ඒත් ඉතින් ඒක නම් මෙහෙම් දෙයක් වෙන්න හේතුවක් වේවි කියලා හිතෙන්නෙ නෑ" "කවුරු එක්කද ආදර හුටපටයක් තිබ්බෙ සිරිදාසගෙ?" "කන්දෙවත්තෙ ගෙදර සුදු හාමිනේ එක්ක වෙන්න ඕනෙ. මිනිහා දවසකට දෙකකට පාරක් එහෙ යනවාම තමා. මම විහිලු කලාට මුකුත් කිව්වෙ නෑ" "ඔය බොරු. සිරිදාස අය්යා එහෙ ගියෙ කන්දෙවත්තෙ මහත්තයට බෙහෙත් කොටලා දෙන්න. සිරිදාස අය්යට බහ දීල හිටියෙ මම." පැත්තකට වෙලා වාඩිවෙලා බලාගත් අත බලාගෙන හිටපු සුමනා කිව්වෙ එක පාරටම. "සුමනා. අපි දන්නෙත් නැතිව" පොඩී කීවෙ පුදුමෙන්. "පුතා නොදන්නවට මට නම් තේරිලා තිබුනෙ සිරිදාස සුමනා වටේ ගැවසෙන වග. ඔය කන්දෙවත්තෙ යන්න ගත්තෙ මහත්තයා වැටුනට පස්සෙනෙ. පොඩීට මතක නැද්ද පොඩීමනෙ සිරිදාසව පන්ගාර්තු කලේ එහෙට." "එතකොට සුමනාට කවද්ද සිරිදාස අන්තිමට හම්බුනේ?" පොලීසියෙ මහත්තයා ඒ පාර ඇහුවෙ සුමනා දිහාට හැරීගෙන. "පෙරේදා රෑ මහත්තයො. වෙනදා වගේ කුස්සිය අයිනට ආවා." "රෑ කීයට විතර?" "රෑ එකොලහට විතර" "රෑ එකොලහට. කොච්චර වෙලා හිටියද?" "විනාඩි පහක් දහයක් විතර. එයා මාව එක්ක යන්න ගේ වැඩ කර කරනෙ හිටියෙ. ඒකට සල්ලියක් හම්බෙන්න තියෙනවා කිව්වා. ඒක ගන්න පහුවෙනිදා පාන්දරින්ම යනවා කිව්වා" "කොහෙටද යනවා කිව්වෙ?" "ඇහුවට කිව්වෙම නෑ. පස්සෙ කියන්නම් කිව්වා." "සුමනා බල කරලා ඇහුවෙ නෑ. ගෑණු සාමාන්‍යෙන් අහනවනෙ." "ඇහුවා මහත්තයො ඇහුවා. අපේ වාසනාව පෑදිලා සුමනො කියලා හිනා වෙවී ගියා මහත්තයො." සුමනා කිව්වෙ ආපහුත් අඬා වැටෙමින්. "වාසනාව?" ................................................................... 6 වන කොටසින් හමුවෙමුමාරයා. එම දුම්රිය මැදිරියේ සිටියේ මා පමණි. සමහර විට එදින සතියෙ මැද දිනක් වූ නිසා සෙනඟ අඩු වන්නට ඇතැයි සිතු මුත් උණුසුම් කළ පළමු මැදිරියක හුදකලාවේ ගමන් කිරීම එක් අතකින් මට මහත් වෙහෙසක් ගෙන දුන්නක් වූ බව කිව යුතුමය. මාගෙ හැඟීම් කෙසේ වූවද ඒ ගැන කෙසේවත් නොතැකූ සීඝ්‍රගාමි දුම්රිය වේගයෙන්ම ඉදිරියට ඇදුණාය. මට දැණුනු කම්මැලිකම සහ පාළුව නිසා තද නිදිමතක් ඇති වුණෙන් මම ලොකු නින්දකට වැටී එක්වරම කුමක් හෝ හේතුවකට ගැස්සී ඇහැරෙන විට මාගෙ ඉදිරි අසුනෙ කළු දිග කබායක් හැඳගත් පුද්ගලයෙකු අසුන් ගෙන සිටියේය. එම දසුන මර නින්දකින් තිගැස්සි ඇහැරුණ මාගෙ හිතෙ තරමක ගැස්මක් ඇති කළද , පසුව එය සතුටකට පරිවර්තනය වූයේ ඇතියාන්තමට මේ පෙට්ටියේ තවත් මිනිසෙක් වාඩිගෙන සිටින නිසාය.! ඔහු කවුළු වීදුරුව හරහා කොහේදෝ නොපෙනෙන ඈතක් බලාගෙන ගැඹුරු කල්පනාවකය. මාගෙ ඔරලෝසුව හවස තුන පසුවී විනාඩි තිස් තුනක් සනිටුහන් කරනවාත් සමඟ මේ ආගන්තුකයා මා දෙසට හැරුණි. " තනියම ? " " ඔව්.. හැබැයි ඔබ දුම්රියට ගොඩ වෙන්න කලින්.." මම සුහද කතාවකට මුල පුරන්නට වෙර දැරුවෙමි. " ඔව් දැන් මම ඉන්නවානෙ.. දැන් අපි දෙන්නා තනියෙන්..." කිසිදු හැඟීමකින් තොරව එසේ පැවසු ඔහු නැවත එළිමහන් වටපිටාවට තම දෑස් යොමු කළේය. මට මහා පුදුමාකාර පාළුවක් සහ අද්භූත ගතියක් දැණුනෙන් ඉක්මණින් ගමනාන්තයට ළඟා වේවා යැයි යටි හිත සමඟ මුමුණනන්නට පටන් ගතිමි. එවිටම ඔහු යළිත් ම දෙස බැලීය. " පියදෝරේ සිල්වෙස්ටර්..." ඇති යාන්තම් ඔහු ඔහුව හඳුන්වා දුන්නේය. මම වහාම මාගෙ දකුණත ඔහු වෙත පා මාව හඳුන්වා දුන් නමුත් ඔහු මට ඔහුගෙ සුරත දිගු නොකටම මද සිනාවක් පෑවේය. මම ඉන් තරමක අපහසුතාවයකට පත් වූ නමුත් එය නොපෙන්වීමට වග බලා ගතිමි. " මම ගායකයෙක්.. කලාකරුවෙක් වීම වෙලාවකට මහා වධයක්...විශේෂයෙන් ප්‍රසිද්ධ කලාකරුවෙක් වීම.." මාගෙ හිතට මහා කැත කුප්ප හිනාවක් ආ නමුත් එය මුහුණින් ⁣නොපෙන්වන්නට වගා බලා ගත්තේ මනුස්සයෙකුගේ හිතක් නිරපරාදේ රිදවීම අපරාධයක් යැයි හැඟුණු බැවින්වය. නමුත් මොහු කියන්නෙ මොහු ප්‍රසිද්ධ ගායකයෙක් කියලද..? හැබෑවටම ? අදමයි ඇහුවෙත් , දැක්කෙත්...! මාගෙ යටි හිත මා සමඟ උපහාසාත්මක සාකාච්ජාවකය. " ඇයි වධයක් කිව්වෙ..? " හිතට ආ දහසකුත් ප්‍රශ්න යටපත් කරවා ගනිමින් මම එම පැනය ඔහු වෙත යොමු කළේ අඩුම තරමින් මේ සංවාදයෙන් මාගෙ පාළුවවත් මකා දැමීමට හැකි වෙන නිසාවෙනි. " මිනිස්සු හිතනවා අපි ජීවත් විය යුතු ඔවුන්ට ඕනි විදියට කියලා.. මිනිස්සු අපි ගැන විවිධ පිංතූර ඇඳගන්නවා. කතා ලියාගන්නවා.. කතා මවාගන්නවා... ඊටපස්සෙ ඔවුන් බලාපොරොත්තු වෙනවා අපි ඔවුන් ඇඳි පිංතූර විදියටම හෝ ඔවුන් ලියූ , මැවූ කතා වල චරිත විදියටම ජීවත් වේවි කියලා...එහෙම නොවුණු වහාම ඔවුන් කිපෙනවා..." " ⁣ඒක ස්වභාවය.. මොනවා වුණත් අවසානයේ දී කලාකරුවන් රැකෙන්නෙ එයාලට ආදරය කරන ප්‍රෙක්ෂකයො නිසා..." " ඒකට මම සියයට දාහක් එකඟයි.. නමුත් සමහර මිනිස්සු මේ සීමාව ඉක්මවා යනවා.... ඒක දරාගන්න බැහැ...ඔවුන් දැනගන්නට ඕනි කලාකාරයෝ කියන්⁣නෙත් මිනිස්සු කොට්ඨාසයක් කියලා....! " ඔහු⁣ගෙ සුදුමැලි මුහුණ නිල් පැහැ වන්නට පටන් ගත්තා. ඔහු තරහකින් මෙන් නැවත කවුළුවෙන් පිටත බැලුවා. ගිරා හොටක් වැනි නහයක් සහ හීනි තොල් හිමි මෙම පුද්ගලයා තුළ අමුතුම ආකර්ෂණීය බවක් තිබූ බව මුලදීම කීමට නොහැකි වීම ගැන මම ඔබෙන් සමාව අයදිමි. ඔව් ඔහු ඇත්තටම කඩවසම්ය..! ඔහුගෙ හිස මත වූ තොප්පියෙන් නළලේ බාගයක් වැසී තිබුණ නිසා ඒ මුහුණට වෙනස්ම ලස්සනක් ඇතිව ඇති බවත් මට හැඟී ගියේය. " මොකක්ද ඔබට වුණෙ..? ඔබ හොඳින්ද..? " " ඔව් මගෙ හොඳම කාලයේදි තමයි මට ඒ දේ සිද්ධ වුණේ.. ලෝරා ඩී සූසා නැමැති තරුණ කාන්තාවක් මට අසීමාන්තිකව ප්‍රේම කරන්න පටන් ගෙන තිබුණා. මට ඇයගෙන් සතියට ලියුම් තුනක්වත් ලැබුණා. අමතරව මා රට පුරා කරන සෑම ප්‍රසංගයකටම ඇය පැමිණෙන්නට පටන් ගත්තා. නැහැ..! ඇයත් මගෙ ප්‍රේක්ෂිකාවක්..පෙම්වතිය නෙමෙයි. ඇය මට උන්මාදයෙන් ආදරය කළ ප්‍රේක්ෂිකාවක්... මට මෙය මුලදි සාමාන්‍ය සිදුවීමක් වුණත් පසු කාලීනව එ⁣හි යම් අස්වාභාවිකත්වයක් දැණුනා. සමහර දින වල දී ඇය මාගෙ නිවහනේ ඉදිරිපසට වී හිටගෙන ඉන්නට පටන් ගත්තා. මාගෙ සේවකයන් අත බ්ලූබරි කේක් , පුඩිං වැනි ඈ අතින්ම සදාගත් රසවත් කෑමත් , විවිධාකාර ලස්සන ගෙත්තමුත් එවන්නට වුණා. ඉතින් මම හිතුවා ඇය මේ දරණ වෙහෙසට , කැපවීමට මා එක්ක කතා කරන්න එක අවස්ථාවක් හෝ ලබා දෙන්න. නමුත් මගෙ පුද්ගලික ලේකම් ඇතුළු බොහෝමයක් දෙනා එයට විරුද්ධ වුණා. // සර් ඇය උමතු එකියක්.. එය අස්වාභාවික කැමැත්තක්.. ඔබතුමා කිසිසේත් මේ මැදුරට ඇයව ගන්න එපා...// ඔවුන් මට නිතරම අනතුරු ඇඟෙව්වා. නමුත් ඔබම කියන්න මට පුළුවන් ද මා වෙනුවෙන් එච්චරටම කැපකීරීම් කරන මනුස්සයෙක්ව මග හරින්න.. ? " " බැහැ...ඔව් හිතට එකඟව ඒක කරන්න බැහැ...එය මානූෂීය නැහැ.. ඔබ හරි...! " " ඔව් ඉතින් එක් දිනක් මම ඇයව මැදුර තුළට ගෙන්වා ගත්තා.. ඇයට ඊට දින දෙකකට කලින් දැනුම් දීමක් කර තිබූ නිසා ඇය අධික සතුටකින් ඇයට පුළුවන් උපරිම පිරිසිදුවට , පිළිවෙලට සහ ලස්සනට ආවා... එදත් සුපුරුදු පරිදිම ඈ තෑගි කන්දක් අරගෙන ආවා.. " එසේ කියූ ඔහු නැවත දීර්ඝ සුසුමක් හෙළා , පෙර පරිදිම නිල් පැහැ වී තරහින් යුතුව කවුළුවෙන් පිටත බැලුවා. ඔරලෝසුව හතරයි හතළිස් හතර සනිටුහන් කරද්දීම අපි ගමනාන්තයට ආසන්න බව මැදිරිය තුළ නිවේදනයක් නිකුත් වුණා. " ඊටපස්සෙ... ?" කු
තුහලයෙන් යුතුව සිටි මා නැවත ඔහුව කතාවට ඇදගෙන එන්නට උත්සහ කරා. ඔහු මා දෙස හැරුණා. ඔහුගෙ කම්මුලේ මාංශ පේශීන් ගැහෙන්නට පටන් ගත්තා. අත් මිටි මොළවුණා.. මගෙ හිත ඔහුගෙ ඉරියව් වලින් තරමක් නොසන්සුන් වුණා. "ඔව් ඊටපස්සෙ අපි ඇයට දහවල් ආහාර වේලක් ලබා දුන්නා. ඒ වගේම තෑගි බෝග..! ඇයට සතුටට කෑම කාගන්න බැරිවයි හිටියේ.. ඇය උන්මාදයෙන් වගෙ හඬන්න ගත්තා. ඇයට මාව බදාගන්නට අවශ්‍ය බව කිව්වා... මම ඇයට ඉතාම කාරුණිකව සහ ආදරයෙන් පැවසුවා මට එය කළ නොහැකි බව.. ආහ්... දෙයියනෙ.. ඇය එක් වරම කෑ ගැසුවා...පිස්සුවෙන් වගෙ කෑගැසුවා..! // මම හිතුවා , මම හිතුවා , මම හිතු දේ හරියටම හරි... ඔබ ඉතාම වැදගත් මිනිහෙක්.. ගැහැණු මායම් වලට අහු නොවෙන නියම පිරිමියෙක්.. එහෙම පිරිමියෙකුගෙන් මේ වගෙ ආරාධනායක් ලැබීමම මගෙ භාග්‍යයක්.. ඒකත් ඔබ වැනි සුප්‍රසිද්ධ ගායකයෙක්ගෙන්....// ඇය පිස්සුවෙන් වගෙ දොඩවන්න පටන් ගත්තා. මට ඇත්තටම හිනා ගියා. ඇයගෙ කලබලය අඩු වෙනකම් හිටි මම ඇයට නැවතත් කාරුණිකව එයට හේතු පැහැදිලි කරා. // ලෝරා... අහිංසක ලෝරා මම එසේ නොකරන්නෙ මට ආදරණීය පෙම්වතියක් සිටින නිසා.. අවංකවම මම ඇයව හැර වෙනත් කාන්තාවන් ස්පර්ශ කරන්නෙ නෑ. විශේෂයෙන්ම මගෙ ප්‍රේක්ෂිකාවන්ව... මොකද මගෙ පෙම්වතිය මගෙන් ඉල්ලුවේ සහ අදට ඉල්ලන්නෙත් එය පමණයි...// // මොකක් ඔබට පෙම්වතියක් ...? නමුත් මේ පත්තර වල.. සඟරා වල පළවෙන්නෙ ඔබ තනිකඩයි කියලා...// ඇය කළු වෙලා වියරුවෙන් කෑගහන්න පටන් ගත්තා. ඇගෙ හුස්ම වේගයෙන් ඉහළ පහළ ගියා. දෙයියනෙ ඇය ඇය ඒ වෙලාවේ හැසිරුණු විදිය.., ඒ මුහුණෙ රෞද්‍ර බව..! දෙයියනෙ , එක තත්පරයකින් ඇය එහෙම පිටින්ම විරෑපි වුණා..! මගෙ ආරක්ෂකයින් සහ සේවකයින් වහාම මා ළඟට දුවගෙන ආවා. // ලෝරා කලබල වෙන්න එපා... එහෙම තමයි.. ඒවා එහෙම තමයි.. ඒ සියල්ල ව්‍යාපාරික අරමුණු... අනික මම කවදාවත් කියලා නැහැ මම තනිකඩයි කියලා.. නමුත් මට පෙම්වතියක් ඇති බව කියලත් නෑ..ඒකේ වරදක් නැහැනෙ.. අපි හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවා.. අපි මේ ක්ෂේත්‍රය තුළ රැකෙන්න නම් අපේ අනුග්‍රහක භවතුන් කියනා පරිදිත් අපිට ඉන්නට වෙනවා.. ඒ කෙසේ වෙතත් මම කොතනකවත් කියලා නෑ තනිකඩ කතාවක්..ඒක ඔබගෙ සම්පූර්ණ මනස්ගාතයක්.. // මම ඉතාම සංසුන්ව , කාරුණිකව ඇයට පැහැදිලි කරන්න උත්සහ කරා. නමුත්..නමුත් සියල්ල විනාශ වුණා..සියල්ල විනාශ වුණා...එක් මොහොතකින් ඒ සියල්ලම විනාශ වුණා.. " එසේ කියූ ඔහු කෑගහගෙන දත් මිටි කාගෙන නැගිට්ටා.. මට ඒ මොහොතේ ඇති වූ බිය කොහොම නම් ඔබට කියන්නද..? මාව රත්වෙලා දහදියෙන් නෑවෙන්න පටන් ගත්තා. මේ මනුස්සයා පිස්සෙක් ද..?? මොකක්ද මේ වෙන්නෙ..? " මගෙ ආරක්ෂකයින් ඇහිපිය හෙළන සැනින් ඒ යක්ෂණිය මේසය මත තිබූ පිහියක් අරගෙන මා වෙත කඩා පැනලා මගෙ බෙල්ලටම ඇනලා මැරුවා..." ඔහු වියරුවෙන් , වෛරයෙන් , වේදනාවෙන් කෑගැසුවා. ඒ වචන ඇසෙත්ම මට තද හිසරදයක් සමඟ ඔක්කාර ගතියක් ඇති වුණා. දැණුන අධික භියට මුළු ඇඟම පණ නැතිව ගිය බවක් හැඟුණා. මා වටා වූ සියල්ල කැරකෙන්නට පටන් ගත්තා..! දෙයියනෙ...! එතකොට මේ එක්දහස් නවසිය තිස් ගණන් වල ප්‍රේක්ෂිකාවක් අතින් මැරුම් කෑ සුප්‍රසිද්ධ ගායකයාද...? මේ මේ විසි වන සියවසෙත්...?? අනික මගෙ ළඟ...? ඔහු මාගෙ සිත කියෙව්වාක් මෙන් උත්තර දෙන්න පටන් ගත්තා. " මම මෙච්චර කාලයක් හෙව්වා ඒකීව.. මට ඒකීව හම්බුණා.. මම මේ ඒකීව මරන්න හොයාගෙන යන ගමන්..." " ක... ක... වුද ඇය..? කොහෙද...? " මුළු ඇඟම අගුල් වැටී සිටි මා ශරීරය තුළ ඇති වූ ඇටකටු කුඩු වී යන තරමේ දරුණු පීඩනය සමඟ පොර බදිමින් ඔහුව ප්‍රශ්න කළා. ඇත්තටම මගෙ කටටවත් එතරම් හයියක් ආවේ කෙසේදැයි මට හිතාගන්නට බැරි වුණා. " ඒ.. ඒ උඹ...! " ඔහු එසේ පවසමින්ම මා වෙත පැන මාගෙ ගෙල මිරිකා , මාගෙ මැණික් කටුවකින් තදින් අල්ලාගෙන මා හිඳ සිටි ආසනයෙන් ඇද බිම දමා ඇදගෙන වේගයෙන් ඇදෙන දුම්රියේ අගුළු දමා වසා ඇති දොර ළඟට රැගෙන ගොස් දොර විවෘත කොට අසුරු සැනින් මා ඉන් පිටතට තල්ලු කළා..! නමුත් එක් වරම කවුරුන් හෝ මාව නැවතත් දුම්රිය තුළට ඇද ගන්නා බවක් දැණුනේ හීනෙන් වගේ..! මාව එසේ ඇතුළට ඇදගත් පුද්ගලයා මාගෙ කම්මුලට වැරෙන් පහරක් ගසා විසිරි ගිය මාගෙ සිහිය එක් තැනකට ගන්නට උත්සහ කරා. " මොකක්ද කරගන්⁣න හැදුවේ...? හොඳ වෙලාව⁣ට මම මෙතන හිටියෙ.." මැදිරියේ සිටි ගාඩ්වරයා දැඩිව බියපත්ව වේවලමින් කතා කරන්නට වුණා. " මට.. මම... මට...මම ආහ් ඇත්තටම ඇත්තටම මොකක්ද වුණෙ...? " " මිස් ඔයා එකපාරටම මැදිරියේ දොර ඇරගෙන එළියට බඩ ගාගෙන වගෙ ආවා.. ඇත්තටම දනගාගෙන වගෙ ආවේ.. ඊටපස්සෙ , ඊටපස්සෙ මේ කොරිඩෝව දිගෙ ඇදිලා දොර ළඟට ගිහින් දොර ඇරගෙන පනින්න හැදුවා..." ඔහු බයෙන් උත්තර දුන්නා. සිදු වූ සිදු වීම නිසා ගමනාන්ත දුම්රිය ස්ථානයේදි මා හට පොලිසියට කට උත්තර පවා දෙන්නට සිදු වුණා. ඉන් නොනැවතුණු ඔවුන් මා මනෝවෛද්‍යවරයෙක් වෙත ද යොමු කළා. වාසනාවකට මා මානසිකව කිසිදු ගැටළුවක නැති බවට තහවුරු වුණා. තද නින්දේ දී දුටු සිහිනයක් නිසා එය එසේ සිදු වන්නට ඇති බවත්, මා මෑතකදි සමීක්ෂණයක් සඳහා කියවූ සුප්‍රසිද්ධ මිනිසුන්ගේ මිනීමැරුම් සම්බන්ධ ලිපියේ සමහර කාරණා යටි හිතේ තැන්පත්ව තිබූ නිසාත් එය එසේ සිදු වූ බවට ඔවුන් තහවුරු කළා.! මා ප්‍රියාදර මිත්‍රවරුනි...නමුත් , නමුත් ඔවුන්ට එක් දෙයක් පැහැදිලි කරන්නට බැරි වුණා. ඒ නම් මාගෙ ගෙල ව⁣ටා සහ මැණික් කටුව වටා තිබූ තද නිල් පැහැති ඇඟිලි සළකුණු කාගෙද යන වගට..! ඔවුන් මාගෙ සහ දුම්රිය මැදිරි ගාඩ්වරයාගේ ඇඟිලි සළකුණු ද එම සළකුණු සමඟ සසඳා බැලුවත් ඒවා ඒ සමඟ නොසැසඳුණ බවට ද කිව යුතුයි.! සිදුවීම සිදු වී වසර දෙකකට පසුව.. එනම් අද දින ඇඟිලි සළකුණු සටහන් කාර්යාලයේ මාගෙ සමීපතම හිත මිත්‍රයෙක් මා හට කතා කොට පැවසු දෙය මම මෙසේ සටහන් කර තබමි. " මම මේක දිගටම හෙව්වා.. අන්තිමට මට නිකමට හිතුණා අර මැරිච්ච එකාගෙ ඇඟිලි සළකුණු හොයාගන්න.. ඒක ලේසි වුණෙ නෑ. නමුත් ඒ කාලේ මොකක් හෝ හේතුවකට ඒ මනුස්සයාගේ අත් දෙකේ නිල් පාට තීන්ත වර්ගයක් ගාලා සුදු රෙද්දක ඒ අත් සළකුණු තියපු සැමරුමක් වැනි දෙයක් කෞතුකාගාරයක තිබිලා මට අහම්බෙන් වගේ හමු වුණා. ඔව්.. ! සම්පූර්ණ අත් දෙකේම ප්‍රින්ට් එක එකේ තිබ්බා. ඒකෙන් මම මේක සැසඳුවා. ඔව් ඇත්තටම ඒක අමාරු වැඩක්.. ඒත් ඒක කෞතුකාගාරයේ පැත්තකට දාලා දූවිලි ගොඩක තිබ්බේ. මුරකාරයාට ගාණක් දුන්නම ඒක අමාරු වුණෙ නැහැ.. නමුත් සංසදනයේදි සමහර අවස්ථා වල දී අමාරු වුණා.. හැබැයි ඔව්.. කොහොම හරි උඹේ බෙල්ලේ සහ මැණික් කටුවේ තිබුණ සළකුණු ඒ සළකුණු සමඟ ගැළපුණා..! " පූර්ණිමා චාරුණි බණ්ඩාර.The railway men 2023 Netflix mini series මේක මාව ගෙනියනව වෙනම තැනකට. මං දවසක යාලුවෙක්ගෙ බෙස්ට් මන්ට හිටිය. එදා අදාල ඇඳුම ඇඳගෙන බ්ලේසර් එක දාන්නැතුව ගියා ෆ්ලවර් ඩෙකෝස් බලන තැනට. ඒක මේ රත්නපුර පැත්තෙ තියෙන වංගුවක් තියෙන තැනක කඩයක්. මං එලියට වෙලා හිටිය අයිති අක්කල වැඩේ ලෑස්ති කරනකල්. එකපාරම වංගුව දිගෙ කෙලගෙන ආපු බයික් එකක් ඉස්සරහින් ආපු වාහනේක වැදිලා බිම දිගෙ හූරගෙන ඇවිත් අනිත් පැත්කෙ තිබුනු බෝක්කුවෙ වැදුන. වැදුනු වාහනේ යන්න ගියා. මගෙ ඇස්දෙක ඉස්සරහ. මේක වුනේ පාන්දර 4ට 5ට විතර නිසා පාරෙ මොකෙක්වත් නෑ. මං අර දෙවනි මනමාල ඇඳුමෙන් ඉන්නෙ. මොනා කරන්නද. පැන්නා පාරට. බිමදිගේ ඇදගෙන ගිය පාර දිගෙ දුවන් ගිහිං උස්සල බලද්දි ලේ ගලනව. වට පිට බැලුව. යන වාහන වලට අත දැම්මා. මොකෙක්වක් නැවැත්තුවෙ නෑ. ඒ ලේ පෙරෙන කොල්ලව පැත්තක තියල මං පාරට පැනල යන වාහන වලට අත දැම්මා. හෙන වෙලාවකට පස්සෙ කොහෙදෝ යන වීල් එකක් ඇවිත් නැවැත්තුව. ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර් ඇවිත් මාත් එක්ක කොල්ලව ඉස්සුව. දැම්මා ත්‍රීවිල් එක පිටිපස්සට. තව අංකල් කෙනෙක් එතන හිටිය. ලේ බේරෙන මනුස්සයෙන් එක්ක ත්‍රීවීල් එක ඉගිල්ලුනා. මං මල් කඩේ පඩිපෙලේ වාඩිවෙලා හිටිය වෙලාව මට මතක නෑ. ඒකෙ අක්කා ඇවිත් මට කතාකරල කිව්වා දැං යන්න වෙයි වෙලාව හරි කියල. ලේ තැවරුනු අත්දිග ලා කහ ෂර්ට් එකට උඩින් හොටෙල් එකේදි දීපු බ්ලේසර් එක ඇන්දා. ඒක මට තවදුරටත් වෙඩින් එකක් නෙවෙයි. ඒ පොඩි සිද්දිය මාව කොච්චර ෂොක් කලාද කියල මට කියාගන්න බෑ.. බෝපාල් වලත් මේ වගේ කතා දාහක් ඇති. ඒ දාහෙං හතරක් පහක් එක්ක මේ ගහපු මැජිකල් සිනෙමැටොග්‍රැෆ්‍රි ගේමනං වචන වලට පෙරලන්න බෑ මචං. එක පැත්තකින් මේක බේරගන්න දඟලන ස්ටේෂන් මාස්ට කෙනෙක්, අනික් පැත්තෙන් රෙස්කියු ටීම් එකක් එවන ඉහළ නිළධාරියෙක්, දේශපාලන කඹ ඇදිලි එක්ක පොරබදින කාන්තාවක්, කොමන් සෙන්ස් එක්ක වැඩ කරන වැඩකරන කොල්ලෙක්, හැමදේම හෙලිදරව් කරන්න ට්‍රයි කරන මාද්‍යවේදියෙක්, හොරකමේ යන අවංක හොරෙක්. මේ සේරම එකට හැප්පෙද්දි ආයි බෝපාල් වල ඉතුරුවෙන්න දෙයක් තියෙයිද. මේක ඇත්ත කතාවක්. හැම රූපරාමුවකටම උං වගකියන හැටි මරු. මේවා තමයි ෆිල්ම්. cinematography 100% plot twists 100% character buldup 100% curiosity 100% metaphors 100% narrative 100% acting 100% music 100% story 100% බැලුවෙ නැත්තං වැඩක් නෑ..පෙම් හසුන නිසල රැයක, 2002.03.14 මගේම ආදර මාලතී නංගී ට, ඔයා දන්නවද මේක ලියන්න පටන් ගනිද්දීම මට උන වැඩක්. අද අපිට සිංහල වලට රාජකාරී ලිපි ලිවීම ගැන ඉගැන්නුවා. ඔයා දන්නවනේ මම ඉගෙනගන්න දෙයක් දවස තිස්සෙම මෙනෙහි කරකර ඉන්න බව. ඉතිං උදේ රාජකාරී ලිපි ලියපු එකේ පුරුද්දට මගෙ අතින් ඔයාට ලියන ලියුමෙත් උඩින් මාතෘකාවක් දාලා තිබුනා “සෙනසුරාදාට ගවුමක් ඇන්දවීම” කියලා. මේක රාජකාරී ලියුමක් නොවෙන නිසාත්, ඒක මාතෘකාව විදියට දැම්මොත් ඔයා මම ගැන වැරදියට හිතන්න ඉඩ තියෙන නිසාත් මම ඒ කොලේ ඉරලා විසි කලා. කොල්ලෝ මට ඔයා ගැන එකේක නරක ආරංචි අරන් ආවට මම ඒවා විස්වාස නොකරන බව ඔයා දන්නවා. ඔයා ඉස්කෝලේ ඇරිලා එකයි හතලිස් පහට එන සෙනඟ අඩු බස් එකේ යන්නේ නැතුව දෙකයි කාලට එන සෙනඟ වැඩි බස් එකේ යන්න ඕන නිසා හැමදාම හවසට පන්ති
ය අතුගාන්න නතර වෙනවා කිව්වට මම ඒ කතා විස්වාස කරන මෝඩයෙක් නෙවෙයි. අනික ඔයාගේ තනියට මන්ජු ත් හවස ඔයා එනකන් නතර වෙන නිසා මට ඔයාගේ පරිස්සම ගැන බයක් නෑ. දොලහ වසරේ “ජින්තුවා” ඔයාගේ පස්සෙන් එනවා කියලා මට ආරංචි උනා. එයා ඔයාට කැන්ටිම ළඟදී එක එක කතා කියද්දී ඔයා හිනාවෙලා යන්නේ එයා ඔයාට වඩා වැඩිමල් කෙනෙක් නිසා තියෙන ගරුත්වය නිසා මිසක් කැමැත්තකට නෙවෙයි කියන එක තේරුම් ගන්න මට පුළුවන්. මට නම් උගේ වයස අදාල නෑ. ඒත් මිනිහගේ තාත්තා පොලිසියේ නිසා ඉවසලා ඉන්නවා. ලංකාවේ අවසාන රජතුමා “රාවණා රජු” කිව්වා කියලා සමාජ අධ්‍යයනය සර් ඔයාට ගැහුවා කිව්වම මගෙ ඇස් වලට කඳුළු ආවා. ඒකට හරි උත්තරේ “පන්ඩුකාභය” කියලා ඔයාට ළඟ ඉඳන් කියලා දෙන්නවත් මට විදියක් නැති එක ගැන ඇත්තටම මට දුකයි. හැමෝටම මට වගේ ඉගෙනගන්න බැරි එක ඇත්ත. ඒත් එහෙම උනා කියලා ගහන්න ඕන නෑනේ. අනික අපි කසාද බැඳලා ළමයි හදපු කාලෙක ඔයා බබාලා බලාගන්න එකනේ කරන්නේ. ඉතිං ඔයාට ඒකට රජවරු ගැන දැනගත්තා කියලා ඇති වැඩක් නෑ කොහොමත්. අපේ අක්කා බැඳලා ඉන්න අයියගේ, ලොකු තාත්තගේ පුතා බැඳලා ඉන්න අක්කාගේ දෙවෙනි අයියගේ නෝනගේ අයියා පෝන් එකක් අරගෙන. අපේ අල්ලපු ගෙදර ඉන්න; ගමේ අය “හතලිහේ කෑල්ල” කියන ඇන්ටිව කසාද බඳින්න බලන්න ඒ අයියා හෙට එනවලු. ඔයාලගේ ගෙදර පෝන් එකක් තිබුනා නම් මට එයාගේ පෝන් එකෙන් කෝල් එකක් අරන් කට් කරන්න තිබුනා. එහෙම කලාට සල්ලි කැපෙන්නෙත් නැතිලු. එහෙම උනා නම් මට ගෙදර ඉද්දිත් ඔයාව මතක් වෙනවා කියලා ඔයාට දැනගන්න තිබුනා. අද උදේ විද්‍යාගාරේ ළඟින් යනකොට මම නිකමට ඒ පැත්ත බැලුවා. අර එක එක වර්ග වල බෙහෙත් වර්ග කවලම් කරන්න තියෙන නලයක් අරගෙන උසස් පෙළ කොල්ලෝ වගයක් ඒක ගින්දරකට අල්ලලා ගිණි තියන්න හදනවා. ඇතුලෙන් දුමකුත් ආවා. හැබැයි ඒ නලේ ගිනිගත්තේ නෑ. ඇත්තටම ඇයි එයාල⁣ට ඉස්කෝලේ දේවල් ගැන කැක්කුමක් නැත්තේ කියලා මට හිතුනා. ඔය නලේ ගිනිගත්තා නම් ආය අළුතින් එකක් ගේන්න එපැයි. පඩිපෙළ ළඟදී විද්‍යාගාරය බාර සර් හම්බුන වෙලාවේ නලේ ගිණි තියන්න හදපු විස්තරේ මම කිව්වා. එයා යාන්තමට හිනාවක් දාලා ගියා. මට ඒක ඇල්ලුවේ නෑ. එයත් මේ වැඩේට හවුල් කියලා මට හිතෙනවා. ඒක නෙවෙයි. අපිට මේ සෙනසුරාදා පාක් එකේ දී හම්බෙනවා නේද. මට නම් ඔව්වා පුරුදුත් නෑ. ඔයා ට ටිකක් දැනුම් තේරුම් තියෙන නිසා හොඳයි. මම තැපැල් හැඳුනුම්පතත් කලින්ම අරන් තියාගත්තා. ඔයත් අමතක නොකර අරන් එන්න. ජලා කිව්වා ඔයාට එනකොට ගවුමක් ඇඳන් එන්න කියන්න කියලා. ඒ ඇයි කියලා මම ඇහුවා. ඒකට හේතුව ඔයා දන්නවා ඇති කියලා ඌ කිව්වා. නොකිව්වත් ඔයා අනිවාර්යයෙන් ගවුමක් ඇඳන් එයි කියලා එයා කිව්වා. උ⁣ට පිස්සු. ඒත් ඔයා ඩෙනිම් අඳිනවට වඩා ගවුමක් ඇඳන් සංවර විදියට ඉන්නවට මම ආසයි. ඒක නිසා ගවුමක් ඇඳන් එන්න. මම ඔයාටත් එක්ක කෑම එකක් අරන් එන්නම්. ඔයා වතුර බෝතලයක් අරන් එන්න. අපි බංකුවක වාඩි වෙලා කතා කර කර ඉමු. බඩගිනි ආවම කෑම එක කාලා ආයෙත් කතා කර කර ඉමු. ඔයා මට අර කියන්න තියෙනවා කියපු වැදගත් දේත් එතකොට මට කියන්න. “වැරදි වෙන එක මනුස්ස ගතියක්, සමාව දෙන එක දේව ගතියක්” කියලා ඒ වෙලාවේ ඔයා කියපු වචන ටික මගෙ පපුව පසාරු කරගෙන ගියා. වැරදි නැති මිනිස්සු නෑ. ගණන් වගයක් වැරදිලා මම ඊයෙත් ගණන් සර් ගෙන් ගුටි කෑවා. පහ වසරේ විවිද ප්‍රසංගේ දී “ පුංචි බංඩෝ” සිංදුව වැරදියට කියලා ටීචර් ගෙන් ගුටි කාපු හැටි මට තාම මතකයි. එහෙම බලපුවාම ඔයාගේ අතින් උනා කියන “සුළු වැරැද්දට” මට සමාව දෙන්න බැරිකමක් නෑ. ඔයාව ගෙදරින් තනියම කොහෙවත් යවන්නේ නැති නිසා ඔයා නෑදෑ වෙන අයියා එක්ක ටවුන් එකට ආවට කමක් නෑ. මම පාක් එකට හැරෙන තැන මයිල ගහ යට ඉන්නම්. ඒ ගහේ කාක්කෝ නම් ඉන්නවා තමයි. ඒත් කමක් නෑ. මම ජරාවක් වැටෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් ඉන්නම්. ඔයා නෑදෑ වෙන අයියත් එක්ක පරිස්සමෙන් ටවුන් එකට ඇවිත් එයාව යවලා මයිල ගහ ළඟ හන්දියෙන් පාක් එක පැත්තට හැරෙන්න. පාක් එකෙන් කපල් ඇතුලට ගන්නේ නැති නිසා ඔයා කිව්වා වගෙ අපි ඇතුලෙදී එකතු වෙමු. කියන්න නම් දේවල් ගොඩයි. අපි ඒ දේවල් සෙනසුරාදාට කතා කරමු. මතක ඇතුව තැපැල් හැඳුනුම් පතයි, වතුර බෝතලෙයි, ගවුමකුයි අරන් එන්න. *(“ගවුමකුයි” යන කොටස පෑන් ඉරි වලින් කපා හැර ඇත). මෙයට, විශ්වාසි, S.H අයියා. Sherlock Holmsවියෝ ******** පිල උඩ ඈඳිගත් සියදෝරිස් ඔහේ බලා උන්නා. මැගිලිගේ මුහුණ දෙස බැලූ ඔහුට එය දරාගන්න බැරි වුණා. රාස්සිගේ අව්ව රබර් ගස් අස්සෙන් එබුණා. වෙනදාට වඩා රතුවෙලා . ගිනි කන පාටක්. නිරුවත් උඩ කයේ අයිතිය හොයන මදුරුවෝ. සියදෝරිස්ගේ දැහැන බිඳින්න උත්සාහ කළා. අතක් හොලවන්නත් තරම් පණක් ඔහුට තිබුන්නෑ . නෑ නෑ ඒ හිතේ දුර්වලකමක් . ඒ ශක්තිමත් බාහුවල වෙනසක් නම් පෙනුණේ නෑ . පැය ගානකට කලින් කෙටූ බුලත් විඩ තාම කටේ. කට හොලවන්නවත් උනන්දුවක් නෑ . සියදෝරිස් ඔහොම නිසොල්මන්ව උන්නේ අවුරුදු ගානකට පස්සෙ.මතක හැටියට ඔහු මෙහෙම තාන්තුවාවෙන් උන්නේ අම්මා මැරිලා හත් දොහේ දානෙත් දුන්නට පස්සෙ. දවස් තුනක් යනකම් උගුරෙන් පල්ලෙහාට කෑමක් නෑ .දොළ ළගට ගිහුම් වතුර වැටෙන තාලේ දිහා බලාන උන්නා. හීනියට කඳුළක් ඇවිත් . හීන් බංඩා හරක් ටික තණ කවන්න ගෙනියද්දී දැකල තියෙන්නේ . ඒ තමයි ඇස් තෙත් වෙච්චි දවස. ඒ ඇස්වලින් කඳුළු ආවේ කලාතුරකින් . වේලිච්ච පපුවක් නිසා නෙවෙයි . පපුවෙන් උඩට දුකට එන්න ඉඩ නුදුන් නිසා . පර්වතයක් වගේ තද කොරන් හිටපු හින්දා . අපේ ඉතින් සියදෝරිස්ට දුකක් තේරෙන එකක්යැ. ගල් හිතක්නේ අම්මපා ඒක . සිසිලියා තරුණ කාලේ සේරෝම වන්නම් පෑවා. මේකගේ නෙවෙයි පපුව තෙත් වුණේ. අනේ අනිච්චං . උන්දැට තියෙන්නේ හදවතක් නෙවි මයෙ හිතේ. එහෙම කියන්න එපා බොලව්. උන්දැගෙන් කාටෙයි වරදක් වෙලා තියෙන්නේ . හා කියහල්ලා බලන්න . හ්ම්ම් ඒක නම් සත්ත බොලව්. කුරාකූඹියෙක් මරනව ද මං අහන්නේ. මැගිලිට පණ ඇරලා ආදරේ ඔය මනුස්සයා. උඹ නොදෝකින් කියලා කියනවත් මම අහලා නෑ . අම්ම්පා ඒක නම් ඇත්ත. ඒක පුදුම ළෙන්ගතුකමක් . සියදෝරිස් ගැන ගමේ උදවියේ කතා කොළේ ඔහොම . ගමේ මොන සංගෙඩියක් වුණත් සියදෝරිස් එතැන . කතා නැති වුණාට වැඩ. ආයේ උන්දැ එක්ක අතපය හොලවන්න ජගතෙක් ඒ අහල ගම් හතක නෑ . මුවන්පැලැස්සේ කදිරා වාගේ කියලා ගම්මු කියන්නේ . මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමී මහරාජා වගේ මේ ගමේ කාටත් උදව් කරලා ගල් පිළිමෙකට පණ ආවා වගේ. සියදෝරිස් නැඟිට්ටේ මෙලෝ සිහියක් නැතුව. සිමියොන්ගේ ගෙදරට දිව්වේ කඟවේනෙක් වගේ. තොට අමු කැවිලා ද මිනිහෝ. හිච්චගේ කම්මුල හරහා සියදෝරිස්ගේ ශක්තිමත් දකුණත ගමන් කළා. ඒ පාරවල් දරාගන්නට හිච්චට බැරි වුණා.කෙහෙල් කඳක් වැටෙන්නැහේ ඌ බිමට කඩා වැටුණා. හා හා සියදෝරිස් මොකෝ මේ. උඹට ඔල්මාදෙද .අහිංසක පුංචි එකාට තඩි බාන්නේ. මම මරනවා ඕකා. මගේ රන්කඳ .. බූරු ඇඳ උඩට කඩා වැටුණු සියදෝරිස්ගේ මහ හයියෙන් අඬන්න ගත්තා . සිමියොන්ගේ තරහත් කොහෙන් ගියා ද මන්දා . රේඩියෝ එක වැහුවා. සිමියොන් සියදෝරිස්ට ළංවුණා. හෙමින් ඔළුව අතගෑව. සියදෝරිස්ගේ ... ඔහුගේ ඇඬුමෙ අඩුවක් නෑ . කොල්ලා හිතලා කොරපු දෙයක් නෙවෙයි ඒක . අත්වැරදීමක් . අනේ මගේ මැගිලි... ඔහුගේ දෙනාසාපුටයෙන් සොටු වැක් කෙරුණා. දුක වාවගන්න තරම් ශක්තියක් නෑ . හිච්චා මෙහේ වර... වැඳලා සමාව ගනින්.. ඔහු ළඟට එන්න බය වුණා. ආයෙත් ගහවි කියලා හිතුණා බය නොවී මෙහේ වර.. කොල්ලා හෙමින් එතැනට ආවේ අප්පොච්චාට තියෙන බය හින්දා මිසක් කැමැත්තෙන් නෙවෙයි . උගේ හිතෙත් වෙච්ච වැඩේට පසුතැවීමක් තිබුණා . හා හා වැඳලා සමාව ගනින් දැන් . හ්ම්ම් හ්ම්ම් විජහට . හිච්ච සියදෝරිස්ගේ කකුල් ළඟ වැටිලා වැන්දා . සියදෝරිස් මොකුත් කිව්වේ නෑ . ඔය ඉතින් කොල්ලා වැන්දනේ. සමාව දීපං ඉතින් . මොකුත් නොකී සියදෝරිස් කඳුළු පිසදාමින් යන්න ගියා. කොහෙද උඹ යන්නේ... මේ රෑ වෙච්ච වෙලේ... කිසිත් නොකී ඔහු කරබාගෙන දෙවැට දිගේ ඔහේ ගියා. ඔහු ඈත නොපෙනී යනකම් ම සිමියොන් බලා උන්නා. අම්මා මැරිච්ච දවසේ ඉඳලා සියදෝරිස් ආදරේ කළේ මේ ගහකොළට ඇරුණා ම ඔය බැල්ලිට. ඒක දරාගන්න බැරුවැති . මැගිලිගේ බෙල්ල තුවාල වුණේ තමන්ගේ අතින් කියලා මතක් වුණ හිච්චටත් මහා සෝකයක් දැනෙන්න ගත්තා . මැගිලිගේ සිරුර සියදෝරිස්ගේ පිල උඩ. මැස්සො එකා දෙන්න මරණෙ ආරංචි වෙලා හිමීට රිංගන්න පටන් ගත්ත. මනෝජ් ප්‍රසන්න🌳🌳🌳🌳🌳🌳🌳 කිරි දියාරු අම්බලම අසලින් අල්ගම බසයෙන් බැසගත් දාබරේ කොන්දොස්තර, සැතපුම් දෙකක දුර අඩිපාරේ එක හුස්මට අවුත්, කාකි කෝට් එක ගලවා හාන්සි පුටුවේ ඈඳි ගත්තේය. රබර් වත්ත පුරා රාස්සිගේ අව්ව වැටී ඇත. අඩහෝරාවක් යන්නට මත්තෙන් මූසල අඳුර රබර් ගස් වෙලාගනු ඇත. රැහැයි හඬට මුසුවෙමින් අක්කර වත්ත කොළනියෙන් කඳුමුදුන සිසාරා පැතිරෙන බටලී හඬ වෙනදා මෙන්ම ඇසේ . සුරුට්ටුවක් දල්වාගෙන දෙ රස විඳින්නට ඔහුට අද සිතක් නැත. " ......බොල පඳු...යෙ තොට.... පුළු..... බඩ පුම්බ.... විතරයි , ....එකා වාලා ..... කඹුරනවා දෙයියනේ"....... යටිගිරියෙන් බෙරිහන් දෙන මැයියම්මාගේ ගේ සුපුරුදු ගෝරනාඩුව සුලං පහර ගිලගනී .එයටනම් කන්දිය යුතුමය . හේ වහා නැගිට මිදුල මායිමේ කුරුකොස් ගහ අසලට ආවේය. බංගලා මිදුලට සම මට්ටමේ එහා කන්දේ ඇති අක්කරවත්ත කොලනියේ නිවෙස් කීපයකි. ඒවා පැහැදිලවම දර්ශනය වන්නේ පැළ කෑල්ලටය. නමුත් එතැනට ගියහොත් තමාවද ඔවුන්ට පෙනෙනු නියතය.එ බැවින් මිදුලටම වී සිටියේ වැඩි ආරක්ෂා වටය. ජනපදයක් හා ගමක් මායිම්ව ඇති පිංතැන්න රබර් වත්තේ පාලකයා වූ දාබරේ දකුණු පලාතෙන් ආවෙකි. "හිට්ලර් කට්" උඩු රැවුලෙන් මුහුණට සැරපරුෂ බවක් ආරෝපණය කරවීමට තැත් කලද පපුව තුල වූ මුදු මිනිස් ගුන වසාලීමට තරම් එය සමත් නොවුනි. මුහුණ පුරා වැවුනු රැවුලක් ඇතිව පිං තැන්නට පා තැබු දාබරේ ට, චේගුරා කල්ලි කාරයෙක් යැයි පටබඳිමින් වූ කසු කුසුව නිසාම පාලකයාගේ භුමිකා නිරූපණය , උඩු රැවුලට පමණක් සීමා කිරීමට සිදු විය. පිංතැන්න වත්තේ අධිකාරිත්වයට පත්ව වසර දහය
ක් ගතවීමටත් ප්‍රථමයෙන් වත්තේ මෙන්ම සේවකයන් ගේද අභිවෘද්ධිය වෙනුවෙන් ඔහුගේ කැපවීම බොහෝ දුරට සාර්ථක වී තිබිණි. කිරි කට්ටි තිහකටත් වැඩි පිංතැන්න රබර් වත්ත , අද්වකාත්වරයෙකු සතු දේපලකි . සම්පූර්ණ වගකීම දාබරේ වෙත පවරා ඇති වත්තට, අයිතිකරුගේ පුත්‍රයා හෝ එන්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා පමණි. පාසල් නිවාඩු සමයේ දරුවන්ට රබර්වත්ත පරාදීසයක් වුවත් බේබිලාට බංගලාවේ ගත කරන්නට ලැබෙන්නේ සතියක් හෝ දෙකකි . ගරා වැටෙමින් වුවත් තවමත් පෞඪත්වය සුරැකුණු මේ බංගලාවේ මුළුතැන්ගෙය ට යාබද ඔෆීසි කාමරය කොන්දොස්තර මහතාගේ කාර්යාලය හා නිදන කාමරයද විය. " අහ් මේ තියෙන්නෙ චූටි බේබිගෙ බෝනික්කා , හැම තැනම හෙව්වනෙ,.... සිරිලාල් ගෙ ළමයි එක්කනෙ බේබිල සෙල්ලම් කලේ උන්දැල දන්නෑ මේක ගස් බෙනේ රිංගෙව්වෙ ,..... බේබි ගියෙත් අඬ අඬා පව්" දාබරේ මහතා වැට අයිනේ කුරු කොස්ගහ පාමුල හැංගිමුත්තන් බෙනයේ සඟවා තිබු බෝනික්කාව පිස දමමින් ඔෆීසි කාමරය දෙසට ආපසු හැරිනි. "වතුරත් රත්වෙලා... මූණ සෝදලා ම තේ බොනවද මහත්තයා" ඒ බයාදු වුවත් ගොරෝසු කටහඬට, ඔහු සැනින් ආවේගශීලීව ඉද්ද ගැහුවා මෙන් නැගී සිටියේය. මෙතෙක් යටපත් කරගෙන සිටි කේන්තිය පුපුරා යාමට ආසන්නය. නමුත් සේවකයා දෙස රවාබලමින් කිසිත් නොදොඩා සිටියේ වතුපාලකයාට හුරු සංයමයෙනි. අප්‍රසන්නතාවය මුසුවූ කෝපය, ඔහුව, ඊ ළඟ මොහොතේ දී හාන්සි පුටුව වෙතම තල්ලු කලේය . වත්තේ මුරකරුවා මෙන්ම තමාගේ සහායකයා, ආරක්ෂකයාද වූ සැන්ටිං, වතු අයිතිකරුවන්ගේ ඔත්තුකරු භුමිකාවද මැනවින් රංගනය කලේය. දැලි පිහියෙන් කිරි කෑම පහසු නැතිබව දත් නිසා ම කට පරිස්සම් කරගැනීම වඩා වටනේය. දිවා ආහාරයත් නොගත් නිසාදෝ දාබරේ ට දැඩි වෙහෙසක් හා පිපාසයක් දැනිනි.එනිසාම වහා නැගිට නාන කාමරයට ගොස් ඇඟපත සෝදා ගත්තේය. මේසය මත වූ තේ කෝප්පය පානය කරමින් ඔෆීසි බරාඳයේ වූ හාන්සි පුටුවේම වාඩිගත්තේය. ගම්බාර දෙවියන් සඳහා වූ පහණ දැල්වීමට සැන්ටිං මිදුලට බසින විට දාබරේ ට සිහිපත් වූයේ දවසේ නිමා නොකල රාජකාරියන්ය . තවමත් කනප්පුව මත ඇති චෙක්රෝල් පොත අතට ගන්නවාත් සමගම වහා පැමිණි සැන්ටිං , බිත්තියේ සවිකර තිබූ නොම්මර හතලිහේ චිමිනි ලාම්පුව ගලවා කනප්පුව මත තැබීය. "පැට්‍රෝමැක්ස් එක පත්තු කරන්නෙයි අද " ඒ විමසීම වෙනදා නොමැති ගෞරවය කිනි. " ගේට්ටුවට ඉබ්බ දාලා දුම්ගෙට තව දර කොටයක් දාල එනව, වතුපාලකයා සාමාන්‍යයෙන් දවස නිමාකරන්නෙ එම නියෝගයනි. නමුත් අද එම නිවේදනය ද නොකල ඔහු සේවකයා දෙස මුහුණ ඔසවා බැලුවේ "වහා ඉවත් වනු" යන අභිනයෙනි. ජයසේකරත් නැති හින්දා රෝල කරකවන්න කවුරු ත් නෑ ඒකත් කලා ... දර යාරයක් විතර පැලුවා.. පොරව පනපොවන්න ඕන... නැත්නම් දර ගොඩ ඉවරකරනව..." සැන්ටිං ගේ වැඩි වැඩ පයිසෙකට මායිම් නොකර දාබරේ මහතා කිසිත් නො ඇසුනා සේ සිටියේය. හතලිහ ඉක්මවූවද තවමත් කණ්නාඩි නොපළදින දාබරේ, පහනේ තිරය ඔසවා චෙක්රෝල පිරිසක්සන්නට පටන්ගති. යහපත් කාලගුණයක් තිබූ නිසා පසුගිය සතිදෙක පුරාම කිරි කපා ගැනීමට හැකි විය. එ නිසාම කොටු සම්පූරණ වූ චෙක්රෝල් පිටුව ඔහුට යම් අස්වැසිල්ලකි. නමුත් හෙට දින සිට ජයසේකරගේ සහ සිරිලාල්ගේ නම් ඉදිරියේ ඉරි වැටෙනු ඇත. ජයසේකරගේ උදරයේ වූ තුවාලය බරපතල නොවූවත් අතේ තුවාලයේ මැහුම් කැපීමට සතියක් වත් ගතවනු ඇත. සිරිලාල් ට ඇප ලැබෙන දිනය, ජයසේකර ගේ ටිකට් කපන දිනයම වනු නිසැකය. මැයියම්මා දොස්දෙවොල් තබමින් පොලිසියටත් ඉස්පිරිතාලෙටත් දුවනු මිස කිරිකට්ටිය පලාතේ නොඑනු ඇත. ගොයම් කැපීම පටන්ගත් නිසා ගමේ ගොයියෝ කිරි කැපීම අමතක කිරීම සිරිතකි. හොඳ කිරි ආදායමක් පෙන්වීමට තිබු මාසයක් නිකරුනේ නාස්ති වීම ගැන නැවත දාබරේ පාලකට ඇති වූයේ කේන්තියකි. "නොදකිං මේ ඌරාගෙ ජඩ වැඩ"යැයි තමාටම පවසා ගත්තද සැන්ටිං ට වහා කතා කලයුතුය යන්න සිතට නැගිනි . බ්‍රහ්මදණ්ඩනය ගෘහ පාලනය ට මිස වතු පාලනය උචිත නොවන බව හේ දනී. " තමා හෙට කොහොම හරි ෂීක්කු කපන්න තුන්දෙනෙක් හොයන්න ඕන" යැයි සැන්ටිංට නිකුත් කලේ ආඥාවකි. "මං කොහෙන් හොයන්නද" ඒව මන්දන්නෑ . මෙහෙම ගියොත් පාලු අල්ලන්න හම්බවෙන්නේ නෑ මෙදා පොටේ. ජයසේකර හිටියනං කට්ටි දෙකක් කප්පවන්න තිබුණා.අනික මිනිහ කැපුව කියල දෝෂ කියන්නෙත් නෑ කවුරුවත්, මැයියත් කපනව කොහොම හරි කට්ටි දෙක , ලාල් නං කවදාවත් එක පැයක් පරක්කු වෙන්න කැමතියැ.. "ඒක හැබැයි කිරිලාලට සිරියානිගෙ කොන්ද අතුල්ලන්න පරක්කු වෙනවනෙ ඩබල් කපන්න ගියොත්......" "මගෙන් අහගන්න එපා ...සිරියානිට.. අතුල්ලන්න ගිහිං කොරගත්ත හරිය.. "යැයි ගිගිරුවේ සැන්ටිං වහා නිහඩකරමිනි. සැන්ටිං හා සිරිලාල් අතර වූ ආරෝව සිරියානි කැන්දාගෙන එන්නටත් පෙර සිට පවතින්නකි. රාජකාරි සීමාවට පරිභාහිර ව සේවකයන් ගේ හැසිරීම් දන්නා නොදන්නා ලෙස සිටීම දාබරේ පාලක තැන ගේ පුරුද්දකි. එයින් මෙවැනි විපතක් වත්තට වේවි යැයි ඔහු කිසිදින නොසිතුවේය. මැයියම්මාගේ එකම පුත්‍රයා වූ සිරිලාල්ට දාබරේ පාලක තැන හැර හැමෝම අමතන්නේ කිරිලාල් හෝ කිරියා කියාය. පහේ පන්තියටවත් නොගිය සිරිලාල් ,මවත් සමග විත් රබර් ගස් යටම තම ළමාවිය ගෙවා දැමූ ගොබ්බඩයෙකි. සිරිලාල්ගේ මුහුනේ වූ මෝඩ පහේ පෙනුම හා කතා විලාසය නිසාම සැමගේ උසුලු විසිලුවලට ලක්වූවෙකි. ඒවාට ශුද්ධ සිංහලෙන් පිළිතුරු දී කොල්ලා රැකගත් මැයියම්මා කෙසේ හෝ ලේලි කෙනකුද සොයා ගත්තාය ය. නාවර පෙරුනු ඇඳුම් කැඩුම් නොතිබෙන්නට සැලකියයුතු රූ සපුවක් සිරියානි සතු වූවාය. අනුන්ගේ දරුවෙකුද රැගෙන දීග ආ මුත්, සිරිලාල් පන දෙවැනි කොට ඇයට ආලය කලේය. ඒ කෑදරකම කොතෙක් ද යත්, වසර පහක් වනවිට සිරිලාල් ට දාව තවත් දරුපැටවුන් තුන්දෙනකු ඈ සතුවූවාය. ඒ අතරතුර කාලයේදී සිරියානි නිවසින් බැහැරව දරට ,දියට හෝ ගිය මොහොතක කවුරුන් හෝ නොහොබිනා කමක් සඳහා ඉව ඇල්ලුවද සැනකින් කිරියා එතැනින් මතුවන්නේ භූතයෙකු සේය. සිරිලාල්ගෙ බොළඳකම වත්තට හිසරදයක් වූයේ මැයියම්මා කැපූ කිරි කට්ටියට ඇතිවූ පොරයෙනි. කොළනිය මායිමේම වූ "එකේ කට්ටිය" මැයියම්මාට පවරා තිබුනේ වසර ගනනාවකට පෙර සිටය. නිවසට ඉතා ආසන්න "නොම්මර එකේ කට්ටිය" ඉල්ලා අම්මා සහ පුතා අතර වූ හබයට මැදිහත් වීමට කොන්දොස්තරවරයාට සිදු විය. එකේ කට්ටියේ අලුත් ගස් වල මැයියම්මාගේ කැපුම් පට්ටයේ වැරදි පෙන්වා සිරිලාල් ට එම කට්ටිය පවරාදීම ට කටයුතු කලේ සිරිලාල් කිරි කැපීමට අති දක්ෂයෙක් වූ බැවිනි. ඉන් නොනැවතුණු සිරිලාල් දෙවැනි රවුමේ ඇති ජයසේකරගේ කට්ටියද ඉල්ලා කලබගෑනි කරන්නට වූයේ එතැන් සිටය. ඒ එහා කන්දේ වූ තම නිවස හොඳින් දර්ශනය වන කිරි කට්ටිය වූයේ ජයසේකරට පවරා තිබූ නොම්මර පාලහේ කට්ටියයි. එතැනදී ද දැනුම් තේරුම් ඇති ජයසේකර අමනාපයෙන් වුවත් "නොම්මර පාහලොව" පරිත්‍යාග කලේ මේ බොළඳ මිනිසා පිනවීමට වෙන කිසිත් නොකලහැකි බැවිනි. නමුත් මේ කරච්චලය දාබරේ කොන්දොස්තරට කන්දොස්කියාවක් වීම නම් එතැනින් නොනැවතිනි. විනෝදයට කැමති ජයසේකර හා එකතුවූ කපටි සැන්ටිං, දිනපතා පාහේ කුමක් හෝ උගුලකට සිරිලාල් ව හසුකලේය. කිරි වක්කර ඉවරවන තුරු මේ ජවනිකාව සිරිලාල් හැර සැමට ලබා දුන්නේ අපූරු හාස්‍යකි. ගමපුරා ගෙවල්වලට රිංගන සැන්ටිං ගේ හවුල්වීම නම් විනෝදය සඳහා ම නොවන බව වටහාගත් පාලක තැන කීප වතාවක් ඔහුට අවවාද කලේය. මේ වත්තේ කැපුම් කරුවන් උනන්දු කරවීමට වැඩි කිරි වලට ගෙවීම ආරම්භකලේ මෑතක දීය. එනිසාම කිරි කපන්නන් අතර ආරම්භ වූ නිහඩ තරගකාරිත්වය නම් පාලකයාට යහපත් වූයේ නැත. සිරිලාල්ගේ නම ඉදිරියෙන් වැඩිම කිරි ප්‍රමාණය සටහන් වනවිට සැවොම පෙලුනේ සියුම් ඊශ්‍යාවකිනි. සැන්ටිං කීවේ කිරිලාල් ඇලෙන් වතුර දමා කිරි ප්‍රමාණය වැඩිකරගන්නා බවයි. මීටරයෙන් පෙන්වූ කිරි බර අන් අයගේ කිරි වලට සමාන වූ නිසා ඒ චෝදනාව බැහැර කිරීම ට දාබරේට සිදු විය. "කිරා, ඇලෙන් වතුර දානව, මම දැක්ක. ඒ හින්දමයි කිව්වෙ... බෝලෙට අහුවෙන්නේ නැති පදම ඌ දන්නවා" " පච ඇද බාන්නේ නැතුව ඉන්නවා, ගෑනු පලහිලව්වලට මිනිස්සු ගෙන් පලිගන්නෙ නැතුව" යැයි පාලක තැන කියන විට සැවොම එදින ඔලොක්කුවට සිනාවූයේ සැන්ටිංටය . නානාප්‍රකාර චරිත සමග වතු ජවනිකාව පවත්වාගෙන යා හැක්කේ එකිනෙකාගේ දන්නා අඩුපාඩු නොසලකා හැර, සේවකයන් සියල්ල රැකියාවේ රඳවා ගැනීමට දරන උත්සාහය මත බව, මේ වතුපාලක වරයා ගේ මතයයි. එබැවින් කවුරු කේලම් කීවද තම ඇස් දෙකෙන් දකින තුරු කිසිවක් විශ්වාස නොකළේය. " ටාං ටාං ටාං ටාං ටාං.ටාං ටාං ටාන්....ගංගා රාත්‍රී අටේ සිට පටන් ගන්නා මනියේ හඬ සැන්ටිං ස්ටෝරුවට ගොස් ඇති බව පවසයි. මනියේ හඬත් සමග පාන්දර හතරට අවදි වූ දාබරේ ට , කලබල කාරී අද දවස මේ තරමින් හෝ ගෙවී යාම ගැන සියුම් සතුටකි. උදෑසනම වතු අයිතිකාර මහත්වරු, නිවාඩුව නිමා කොට දරුවන් සමඟ පිටත්ව යෑමට සූදානම් වීම නිසා බංගලාව පුරාම තිබුණේ කලබලකාරී වාතාවරනයකි. සතියක කාලයක් පුරා වත්තේ ළමුන් සමග කෙළිදෙලෙන් ගත කොට ආපසු යාමට බේබිලා දක්වන නොකමැත්ත ඔවුන්ගේ පමාවීම් වලින් මනාව පෙන්නුම් කලේය. යාන්තම් අට හමාර පමණ වනවිට ඔවුන් පිටත්ව ගියද ඒ වනවිට නැග එමින් තිබූ වැහි කළුව වතුපාලකයාගේ කනස්සල්ලට හේතුවිය. කිරි කපා අවසන් වනතුරු වැසි නොවැටුණු බැවින් ඉක්මනින් ම කිරි ඇකිළීම සඳහා තේ බොමින් සිටි කිරිකරුවන්ට අණ ලබා දුනි . ඒ අස්වැසිල්ලේත් සිරිලාල් නිවසට ගොස් තිබූ නිසා හූවක් තබා කැඳවීමට සැන්ටිං ට කීවද ඔහු හීන් ඇළ පැත්තට ගියේ සිරි ලාල්ව අඬගා කැඳවීමටය. තරමක් ප්‍රමාද වී පැමිණි සැන්ටිං වෙනදාටත් වඩා කඩි මුඩියේ කිරි මැනීමේ ආම්පන්න සූදානම් කලේය. ස්ටෝරුව ළඟම කට්ටිය කපන ජයසේකර රැගෙන ආ කිරි බාල්දිය හිසෙන් බිමට ගැනීමට ද සැන්ටිං හවුල් විය. "අද ටිකක් කිරි වැඩියි වාගෙ බෙල්ලත් ඇමෙට්ටි වුනාද මන්ද" ජයසේකර කීවේය. "වැහි බීරුම තිබුණානෙ උකු ගතියො අඩුවක් නෑ නේද" කියමින් සැන්ටිං, කිරි බාල්දියට ඇඟිල්ල පෙවීය. අනෙක් කට්ටිකාරයෝ පැමිණි පිළිවෙලට බාල්දි තියා කිර දීසි තෙමා ස්ටෝරුව තුල අතුරන තෙක් සිරිලාල් ගේ පැමිණීම ප්‍රමාද විය. "අද
සිරියානි උදේම දොලට ආවද දන්නෑ කිරිලමය ගෙ ප්‍රමාදෙ" ජයසේකර, පොතේ ගුරා ගේ කොටස පටන් ගත්තේය. "හන්-අක්, මාත් දැක්ක කිරි පැටව් , ඇලේ නටනව කිරිල්ල නං නෑ හිටියෙ.. කිරා ගෙට රිංගල පැටව් ඇලට පැන්නුවද දන්නෑ..හොහ් හොහ් " .ඒ සැන්ටිං ය. "හා හා කතා නවත්තල කිරිටික මනිනවා" කතාව දිග්ගැස්සීමට පෙර නියෝග දුන් වතුපාලකයා දෛනික ලේඛන පොත දිග ඇරියේය. හතලිහේ සල්ලඩයෙන් කිරි පෙරා මැනුම් භාජනයට වත් කරන්නේ කිරිනේලිස්ය. භාජනයේ ඇතුල් පැත්තේ වූ පිත්තල කෝදුව පිස දමමින් පාඨාංකය මහ හඩින් කියන්නේ සැන්ටිංය. "ජයසේකර ... පයින්ට් විසි අටායි..." පාලක තැන එය පොතේ සටහන් කරගනී . එසැනින් ම කුඩා කෝප්පකයට කිරි සාම්ලයක් ගෙන බම්බුවට දමා වතුර කොටස් දෙකක් ද එකතු කරන්නේ ජයසේකරය. බෝලෙ එකසිය දහයයි. සැන්ටිං ඇස් හීන්කර බලන්නේ දැඩි සුපරික්ෂාකාරීව ය. සුමනපාල..... තිස් දෙකායි. බෝලෙ සීයයි.. බාල්දි අනු පිළිවෙලින් කිරි මැනීම සිදුවෙමින් පැවතිණි ප්‍රමාද වූ සිරිලාල් ගේ අවස්ථා ව එනවිටත් ඔහු සිටියේ කිරි පිහිය පිරිසිදු කරමින් ය. කවුරු හෝ සිරිලාල්ගේ කිරි බාල්දිය ඔසවා සල්අඩය වෙත වක්කරන විට සියල්ලෝම එක්වර පිටිපසට පැන්නේ සර්පයෙකු දුටුවා මෙන්ය. වහා එතැනට ගිය දාබරේ මහතා දුටුවේ සල්ලඩ දැල මත තවමත් පනගැහෙන මාළු පැටව් කීපදෙනකි. සියල්ලෝම තුෂ්නිම්භූත ව බලා සිටින අතරතුර සැන්ටිං කිසිවක් නොදුටුවාක් මෙන් සල්ලඩය ඉවත් කොට පෙන පිරී ඇති භාජනය පිස දමමින් පිත්තල පටිය පාදා " සිරිලාල් " පයින්ට් තිස් අටයි ඇලේ වතුරත් එක්ක හැබැයි" කොක්හඬ ලමින් කෑගෑවේය. " දියාරුවට තියෙන කොට මම හිතුව අදත් දීල වැඩේ කියල" ඕං කොන්දොස්තර මහත්තය සාක්කිත් එක්කම" යැයි කීවේ දාබරේ මහතාගේ මූනට අනින නියාවෙනි. කිසිත් නොකියූ දාබරේ මහතා ආපසු හැරී පිරිස දෙස බලන විට ඔහු දුටුවේ කෝපයෙන් වියරුව සිටි සිරිලාල් ය. ඒත් සමගම ජයග්‍රාහී ලීලාවෙන් කිරි සාම්පලය කෝප්පයට ගෙන බම්බුවට දමා මනිමින් " යකෝ ඒත් සීයට උඩින්.... සිරියානිගෙ තනේ කිරිත් කලවමට දානවද මන්ද උකු වෙන්න"... කිව්වා පමනි. එතෙක් වේලා අතේ තිබූ කිරි පිහිය උලුක් කරගනිමින් සිරිලාල් සැන්ටිං දෙසට කඩා පැන්නේය. වහා ක්‍රියාත්මක වූ ජයසේකර පෙරට පැන සිරිලාල් ව බදා ගත් අතර ඒ අවසරයෙන් සැන්ටිං අහකට පැන්නේය. ජයසේකරගේ පොලිස් ගැටයට, සිරිලාල් ගේ ජවය මෙල්ලකල නොහැකි විය. වහා ආපසු හැරුනු සිරිලාල් කිරි පිහිය ජයසේකර ගේ පපුවට එල්ල කලේය .ඒ පහර යාන්තමට පපුවේ වැදී අත් ගොබයට කිඳා බැස්සේය. ජයසේකර ගේ විලාපයත් සමග බියට පත් සිරිලාල් දෙසට දාබරේ පාලක පැන බිම හොවාගත්තේය . ඒ සැනකින් සැවොම පැමින සිරිලාල්ව කඹයකින් වෙලා ස්ටෝරු කාමරයට දමා දොර වැසුවෝය. චිත්‍රපට ජවනිකාවක් වැනි ඒ සිදුවීමෙන් පසු සියල්ලන්ටම දෙස් දෙවොල් තබමින් දාබරේ කොන්දොස්තර වාහනයක් රැගෙන ඒමට ගම්මානය දෙසට දිවගියේය. කොට පටවමින් තිබූ දොරේ මුදලාලි ගේ ලොරිය රැගෙන ඒ වහාම ස්ටෝරුව දෙසට ආවේය. ඒ වනවිටත් ගම්මුන් පිරිසක් ස්ටෝරු මිදුලට එකතුවී සිටියේය. ඇතුලේ බෙරිහන් දෙමින් බැනවැදෙන සිරිලාල් ගේ හඬ යටපත් කරමින් සිරියානි හා මැයියම්මා විලාප දෙමින් සිටියායෝය. සිරියානිගේ අතේ ළදරුවෙකු සිටි අතර ලොකු කෙලී ඒ අසළම විය. පිරිමි ළමුන් දෙදෙනා බංගලා මිදුලේ වී එදෙස බලා සිටියෝය. ලෙඩා රෝහල් ගත කිරීමටත් සිරිලාල් පොලීසියට බාර දීමටත් දොරේ මුදලාලි වගකීම බාරගත් අතර ඔහුගේ සහයට සැන්ටිං පිටත් කලේය. දාබරේ මහතා ඔවුන් සමඟ නොගිහින් රැඳී සිටියේ කෙතරම් කලබගෑනියක් වුවත් වත්තේ දෛනික කටයුතු අඩාල කල නොහැකි බැවිනි. ලොරිය පිටුපස මද දුරක් දිවගිය සිරියානි ආපසු හැරී ළමුන් දෙදෙනා සිටින බංගලා මිදුලට දිව ආ බව කිරිගනන් ලියමින් ස්ටෝරුවේ සිටි කොන්දොස්තර දුටුවේය. වහ වහා කිරි වක්කිරීමේ කටයුතු නිමාකල දාබරේ මහතා බංගලාව දෙසට දිව ආවේය. ඔහු එනතුරු බංගලා මිදුලේ රැඳී සිටි සිරියානි " අනේ බුදු සර් මගෙ මිනිහ බේරල දෙන්න...හිරේ විලංගු වෙ දාන්න එපා .. යැයි කියමින් යාදිනි කරන්නට වූයේ දාබරේ මහතා ගේ දෙපා මුල දැවටෙමිනි. බොහෝ වෙහෙසකින් ඇඬියාව පරක් කර සිරිලාල් අදම ආපසු රැගෙන එන බව පවසා ඇයව මැයියම්මා සමග නිවසට පිටත්කරවාලීමට සූදානම් විය. ළමුන් දෙදෙනා ගේ නම් කියමින් මැයියම්මා කීප විටක්ම කතා කල පසු ඔවුන් දෙදෙනා දිව ආවේ බංගලාවේ ඉදිරි මිදුලේ සිටය. "තොපි ඔහෙ මක්කරනවද වරෙව් යන්න"... මැයියම්මා තරහ පිටකලේ නොදරුවන් ගෙනි. ," බේබිල ඉන්නවද බැලුවෙ" බේබිල උදේම ආපහු ගියා දාබරේ මහතා ළමුන් ට පිළිතුරු දීමට කාරුණික විය " එහෙනම් එතකොට සැන්ටිං මාම අපෙන් මාලු පැටව් ඉල්ලුවෙ උදේ බේබිලට දෙන්න කියලා. මොකක්....! දාබරේ මහතා කලබල විය. "අපි අල්ලපු මාළු පැටව් ටික සැන්ටිං මාම ගොට්ටකට දාගෙන ආව..බේබිලට දෙන්න කියලා "කොයි වෙලාවෙද" තාත්තා පාවුලේ කිරි එකතු කරන කොටනෙ ... එසේ කියු දරුවන් "අපිට තව ලස්සන මාළු පැටව් ටිකක් අහුවුනා මේ ඉන්නේ ," යැයි පවසමින් වතුර පිරවූ ටින් එක වතුපාලක වෙත පෑවේය. "ආ හරි හරි දැන් ඔය ළමයි යන්න බේබිල ආවම දෙන්න ටැංකියට දාන්නම් "යැයි පවසමින් ළමුන්වද පිටත් කලේය. "ගොංතඩි ඌරා... !සැන්ටිය අහුවෙන්නේ නැතෑ මට " කියමින් පොලවේ අඩි හප්පා ඔෆිස් කාමරයයට පැමිණ පොලීසිය ට යාම සඳහා කාකි කෝට් එක ඇඳගත් වතුපාලක දාබරේ, උඩ බොත්තම්ද පියවූවේ යටට ඇඳි සුදු මේස් බැනියම වැසෙන පරිදිය.ගැහැණු මෝඩයි කුවේණි එහෙමයි පාවලා දුන්නා සනුහරය උලව් ප්‍රේමෙට .... විජය දක්ෂයි පන්නලා කුවේණියව ඒකයි ගෙනාවෙ ගෑණියෙක් හදන්නට පරපුරක් වංශවත් හැබැයි මනමේ කුමරි චපලයි.. කඩුව දුන්නා වැද්දාට බැඳිලා හිත ඒ සිරුරට පවු.... මනමේ කුමරුන් දිවි පිදුවා අකලංක ප්‍රේමයේ නාමෙට කන්නගී හොඳයි...මාධවී නරකයි .... කෝවලන් පිරිමියෙක් ඌට කෝකත් එකයි වැරදි මාධවීමයි දාලා හැට හතරම ඇල්ලුවා අහිංසක කෝවලන් යකෝ මේ කතන්දරය.... ගොතන ලස්සන හැමදාම... දඬුකඳේ ගහලා ගෑණුන්වම රසිකා නවරත්න# දෙඇත් රජ්ජුරු (කොටස් කිහිපයක කෙටි කතාවක්) 3 කොටස "අපි යමුද මැණිකෙ දොළ දිහාට ගිහින් එන්න" සුමනාට ඕනෙ වෙන්න ඇත්තෙ මාව කල්පනා කර කර ඉන්න එකෙන් පොඩ්ඩක් ඈත් කරන්න වෙන්න ඇති. පොඩීත් දවල් දවසම රිසෝට් එකේ වැඩ. අමුත්තො ඉන්න දාට රෑටත් දකින්න නෑ. ඉතින් මේ මළ පාලුවෙ කල්පනාකරනවා ඇර මම මොනවා කරන්නද? "ඒ මොකටද සුමනා දොළ පැත්තෙ යන්නෙ?" මම ඇහුවෙ නිකමට. "පොඩි මහත්තයා කිව්වා මැණිකෙ හෙට වෙද්දි රවුම් දොළ ගල් ටිකක් එකතු කරලා තියන්න කියලා මොකද්ද චින්තන මහත්තයගෙ මෝස්තරේකට ගන්න. ඒකට යන්න හැදුවෙ" "යමුකො එහෙනම් ඒ පැත්තට පාලුව යන්නත් එක්ක" දොළ පාර තියෙන්නෙ කබානා වලින් පහලට වෙන්න. අපේ අත්තම්මට අයිතිව තිබුණු මේ වත්ත නේචර් රිසෝට් එකක් කරන අදහස මුලින්ම ආවෙ අපේ ලොකූට. හැබැයි වැඩේට බැහැලා කරන්න උනන්දුවයි, උත්සාහයයි වැඩියම තිබුනෙ පොඩීට. දෙන්නත් එක්කම එකතු වෙලා මුලින්ම පටන් ගත්තෙ කබානා දෙකකින්. දැන් කබානාම දහයක්. මේ දවස්වල හදන අලුත් දෙකත් ආවම දොළහක්. වත්තෙ මැද හරියෙ බෑවුමට වෙන්න තියෙන දොළ පාරයි, දොළ ඉහත්තාවෙ කැලෑ රොදයි, තැන තැන තියෙන ගල්කුළු, බෑවුම් ටිකයි එකතු කරගෙන නේචර් ටුවරිසම් ඇඩ්වෙන්චර් ටුවරිසම් එක්ක එකතු කරන අදහසත් දුන්නෙ ලොකූ. ඒකට ඕනෙ කරන දැනුම වගේම නිපුණතාවය ලබාගන්න ලොකූ පොඩී දෙන්නම ආමි කමාන්ඩර් කෙනෙක් ගාව මාස ගානක් පුහුණු වුනා. රිසෝට් එකට වැඩි හරියක් ආවෙ පිට රටවල අය. දොළ දිගේ ඇවිදින්න, දොළ පහළට බෑව වෙන දිය ඇල්ල දිගේ ලණුවක එල්ලිලා පහලට බහින්න, වැඩි ගැඹුරක් නැති හීතල දොළේ බැහැලා නාන්න ඒ අයගෙ තිබුනෙ පුදුම ආසාවක්. දොළ හරහා එක කන්දක ඉඳන් අනිත් කන්දට යන්න කේබල් එකක්, දොළ හරහා යන්න අතුරු කීපයක් වගේම සංගිලි පාලමක්, කැලෑ කුට්ටියේ ගස් වල උඩ මට්ටමින් ඇවිදගෙන යන්න හදපු ස්කයි වෝක් පාත් එකක් වගේම කැලේ තැන තැන උස් ගස් අල්ලලා හදලා තියෙන පුංචි ගස් ගෙවල් රිසෝට් එකට දුන්නෙ වෙනමම අගයක්. වත්තෙ අක්කරයක් විතර වෙනමම වෙන් කරලා තිබුනෙ එළවළු වගාවට. මේ කෑල්ලෙ අයිතිකාරයා සිරිදාස. රිසෝට් එකේ නතර වෙන ඕනෙමකෙනෙකුට මේ වගාවට එකතු වෙන්න වගේම ඵලදාව නෙලන්නත් ඕනෙ වෙලාවක අවසර ලැබුනා. එළවළු කොටුවට මායිම් වෙලා තිබුනු සිරිදාසගෙ නංගිලට අයිති කුඹුරු යායෙ පොළොව හාන්න, පෝරු ගාන්න, වතුර බඳින්න, වී ඉහින්න, පැල හිටවන්න, වල් උදුරන්න, ගොයම් කපන්න වගේ ඒ ඒ දවසෙ යෙදෙන කොයි දේටත් අමුත්තන්ට සහභාගිවෙන්න අවසර ලැබුනා. ඒ කුඹුරු යායෙ වවපු දේශීය වී වගේම, වත්තෙ වැවුනු ගම්මිරිස්, කහ කුඩු ඉඟුරු කුඩු, මිරිස්, තල, මුං වගේ කටුසර මිලදී ගන්න කඩ පොඩ්ඩකුත් වත්තෙ ඔෆිස් එක එක්කම හදලා තිබ්බා. තමන් වවන අල බතල, එළවළු වගේම පොල් කටු, මැටි, ඇට වර්ග, තුන්හිරියා පන් එකතු කරගෙන හදන එක එක නිර්මාණ මේ පුංචි කඩේට ගෙනත් දීලා සල්ලි කර ගන්නත් ගමේ ඈයො පුරුදු වෙලා හිටියා. මෙයින් වැඩිහරියක් ලොකූගෙ අදහස්. ඒත් ලොකූ කම්මැලියා. වැඩිය කැමති වුනේ මහ ගෙදරට වෙලා ඉන්න. පොඩී තමයි වැඩි දවසක් වත්තට වෙලා රිසෝට් එකේ වැඩ බලාගෙන හිටියෙ. වත්ත දෙන්නටම අයිති නිසාත්, රිසෝට් එක ටික ටික දියුණු කරන්න දෙන්නගෙම අදහස් මහන්සිය වගේම, අතේ තිබුණු සල්ලිත් යොදවපු නිසාත්, රිසෝට් එකේ ආදායම දෙන්නා තමන් අතරෙ බෙදාගත්තෙ දෙන්නම එකතු වෙලා ගානක් ආයෝජනයත් කරන ගමන්. ටුවරිසම් ජාල ගණනාවක් එක්කම හදාගෙන තිබුණු යාලුකම් නිසාත්, වෙනස්ම තැනක් නිසාත් රිසෝට් එක පාඩුවට දුවපු මාසයක් නැති තරම්. ඒ නිසාම පොඩී වගේම ලොකූත් අගහිඟයකින් පෙලුනු දවසක් නැති තරම්. "පොඩි මහත්තයත් චින්තන මහත්තයත් එක්ක ඉන්නවා වගේ මැණිකෙ. චින්තන මහත්තයා චිත්‍රයක් අඳිනවද කොහෙද?" කල්පනාව මැද්දෙ දොළ ගාවටම ඇවිත්. "අම්මා, සුමනා එක්ක ඇවිදින්න ආවද? ටිකක් එළියට ආව එක නම් හොඳයි ගෙටම වෙලා ඉන්නෙ නැතිව. අම්මා ඉතින් පහුගිය ටිකේම හිටියෙ කටුව අස්සට රිංගපු ඉබ්බා වගේනෙ" පොඩී කිව්වෙ හිනා වෙමින්. "සුමනට දොළ ගල් අහුලන්න ඕනෙ කිව්වා
පුතේ. මාත් ඉතින් ආවා ඔහේ. චින්තන පුතා කෝ බලන්න චිත්‍රෙ?" මම ච්ත්‍රෙ බලන්න එබෙනකොට සුමනත් අනිත් පැත්තෙන් එබුනෙ චිත්‍රෙ දිහා බලන්න. "කවුද මහත්තයො මේ මුල්ලෙ ඉන්න කොලු පැටියා" සුමනා ඇහුවෙ චිත්‍රෙ ඉන්න කොලු පැටියා ගැන. "ඒ කොලු පැටියා දැන් ලොකු වෙලා සුමනා. ඒ වුනාට ගල් ගෙම්බො පැන්නිල්ල නම් තවම අත ඇරලා නෑ." චින්තන පුතා කිව්වෙ හිනා වෙවී. ........................................ ඒ මේ දොළ පාරමය. වෙනසකට ඇත්තේ ඇළ ඉවුර ඇති උණ පඳුරු ගාල මීට වඩා අඩු වීමත්, ඇළේ වතුර මට්ටම ඩිංගක් ඉහල ගොස් තිබීමත් විතරය. දොළ ඉවුරේ කොලු පැටවුන් තුන් දෙනෙකි. එකෙක් ගලක් මත හිඳ ගල් ගෙම්බන් පන්නද්දී, අනෙකුන් දෙන්නා ඇළට මායිම්වු කුඹුක් අත්තකට නගිමින් ඇළට කරණම් ගසති. නැවත නැවතත් කරණම් ගසති. හදිසියේම එකෙක් සමඟම කුඹුක් අත්ත දියට කඩා වැටුණි. අසරණ කොලුවා ගල් පතුරක් මත්තට වැටී සීරෙමින් ගොස් ගඟට පෙරලුනේ, දියෙන් ගොඩ එන විට උන්නේ ඒ මදිවාට උර පත්තේ කෝටුවක්ද ඇනී ලේ ගලන තුවාලයක් ඇතිවය. එක වරම කොලුවාගේ තුවාලයෙන් ගඟක් ගලන්නා සේ ගලන්නට පටන් ගත් ලෙයින් දොළ දියම ලේ පැහැ ගැන්විනි. ගලක් මතට වී ගල් ගෙම්බන් පන්නමින් උන් කොල්ලා ඒ ලේ දොළ මතින්ද ගල්කැට පන්නමින් උන්නේය. මම රෑ මැදියම දුටු සිහිනයෙන් තිගැස්සී ඇහැරුනෙමි. එවර තවත් සිහිනයකි. මේ සිහින කිසිවක් හෝ මට පවසන්නට තැත් දරතැයි මට සිතේ. එහෙත් හිතට තෝරා බේරා ගත නොහැකිය. ................................ "අපි චෛත්‍ය ගල මුදුණට යමු. එතෙන්ට ඇවිත් ඉස්සර අපි වාඩිවෙලා කතා කර කර ඉන්නවා පැය ගණන්. අන්න අර පැත්තෙන් පැලට් එක තියා ගමු. එතෙන්ට ඉර බහිනවා පේනවා ලස්සනට. මට ඕනෙ බැහැගෙන යන හිරු එලියත් එක්ක අන්න අර පහල පේන කුඹුරු යායෙ චිත්‍රයක්." සුමල් චින්තනට විස්තර කලේ තමන්ට ඕනෙ ඊළඟ චිත්‍රෙ. අලුත් කබානා දෙකේ බිත්ති වලටත්, දොළ අද්දර හදන්න හිතාගෙන ඉන්න කෑම ශාලාවෙ බිත්ති වලටත් චිත්‍ර ඇඳලා දෙන්න චින්තන පොරොන්දු වුනේ යාලු කමට. කොහොමත් චින්තන ඇඳපු චිත්‍ර තමයි හැම කබානා එකකම එල්ලලා තිබුනේ. චින්තන ගමට ආපු අලුත් ඉංග්‍රීසි ගුරුවරයා. දවසක් සුමල්ට චින්තක මුණ් ගැහුනෙ ගමේ වැව් තාවුල්ලෙ ඉඳගෙන චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නකොට. අවුරුදු ගානකට කලින් එදා පටන් ගත්තු යාළුකම තමයි අද වෙද්දි ආසා දේ අහලා චිත්‍ර ඇඳලා දෙන තරමට, එහෙම නැත්නම් ආසා දේ කියලා අන්දවාගන්න තරමට වැඩිවෙලා තියෙන්නෙ. "කන්ද මුදුනෙ ඉඳන් ඉර බහින දිහා බලාගෙන ඉන්නෙ කොල්ලො දෙන්නෙක් අඳින්න තමයි මට නම් හිතුනෙ" චින්තන කිව්වෙ හිනාවෙවී. "දෙන්නෙක් නෙමේ චින්තන මහත්තයො. කොල්ලො තුන්දෙනෙක්" එහෙම කිව්වෙ එතනට ආව සුමනරතන හාමුදුරුවො. "අපේ හාමුදුරුවො සද්ද නැතිවම වැඩලනෙ" චින්තන කිව්වෙ හාමුදුරුවන්ට වඳින්න පහත් වෙන ගමන්. "අපි ඉතින් බුද්ධ පුත්‍රයොනෙ මහත්තයො. සන්සුන්ව තමා වඩින්නෙ.” සුමනරතන හාමුදුරුවො කියද්දි සුමල්ගෙ මූණෙ ඇඳුනෙ හිනාවක්. "ඔබ වහන්සෙ ඒ කාලෙ හිටපු විදිහට මෙහෙම ශාන්තව ඉඳීවි කියලා හිතාගන්නත් බෑ අපේ හාමුදුරුවනේ" සුමල් කිව්වෙ හිනාවෙමින්. "චින්තන දන්නෙ නෑ. ඉස්සර අපි එනවනෙ නිවාඩු හම්බවුන ගමන් ආච්චත්තම්මා එක්ක ඉන්න වත්තට. අපේ හාමුදුරුවොත් ඒ කාලෙ ඉතින් ගෙදරනෙ. අපි තුන්දෙනා අඩිය නොතියපු තැනක් මේ ගමේම නැතිව ඇති" සුමල් කිව්වෙ හිනා වෙවී. "අපේ හාමුදුරුවන්ට මතකද අපි ඉස්සර මෙතෙන්ට වෙලා වාඩි වෙලා පැය ගණන් ඉන්නවා. අන්තිමට ඇබිත්ත මාමගෙන් තියෙන දෙයක් ඉල්ලගෙන කාලත් තමයි ආපහු යන්නෙ" "ඒ කාලෙ අර පැත්තෙ තිබුනා චින්තන මහත්තයො ඇඹුල් පේර ගස් දෙකක්. ඔය ගහේ එක ගැටයක්වත් ඉදෙනකල් තිබුනෙ නෑ ඒ කාලෙ." "අම්මෝ මතක් වෙනකොටත් කටට කෙල උනනවා හාමුදුරුවනේ. දැන් කෝ ඒ ගස්?" "ඒවා මැරිලා ගියා ටික කාලෙකට කලින්. අර ලැගුම් ගේ පහල හැදිලා තියෙන්නෙ ඒවගෙ ඇට වලින් පැල වුනු ගස් තමයි. ඒක නෙමෙයි චින්තක මහත්තයා ගිහින් තියෙනවද සුමල් මහත්තයාලගෙ දොළ ඉවුරට?" "අපොයි ඔව් හාමුදුරුවනේ, පහුගිය ටිකේම එහෙ තමා හිටියෙ. මේ සුමල්ට චිත්‍ර වගයක් ඇඳලා ඕනෙ කිව්වනෙ. නිවාඩු කාලෙ වෙනකල් බොහොම අමාරුවෙන් කල් ඉල්ලගත්තෙ. චිත්‍රයක් අඳිනකොට නිවී සැනසිල්ලෙ අඳින්න ඕනෙ හාමුදුරුවනේ. නැත්නම් හිතට ඕනෙ විදිහට එන්නෙ නෑ." "මහත්තයා මේ නිවාඩුවෙ ගෙදර යන්නෙත් නැතිව ඇති එහෙනම්." "අනේ ගිහින් එන්න යන්න ඕනෙ හාමුදුරුවනේ. අම්මාගෙන් හරි අමාරුවෙන් මේ සතියත් ඉල්ලගත්තෙ. හෙට දිහාට ගිහිල්ලා සතියක් විතර ඉඳලා ආයෙ එන්න හිතන් ඉන්නෙ ඉතිරි චිත්‍ර ටික ඉවර කරන්න. සුමල්ට ඕනෙ දොළේ චිත්‍ර ටික නම් ඊයෙ ඉවර කර ගත්තා." "සුමල් මහත්තයට මතකද අපි ඉස්සර දොළේ පැනලා නටනවා. ලොකු මැණිකෙ දන්නෙවත් නෑ ඒ කාලෙ අපි දොළේ නටපු තරම්. මගෙයි සුමල් මහත්‍තයාගෙයි වැඩේ කුඹුකෙ ඉඳන් ඇළට පනින එක තමා. ඒකට අපේ දුමල් මහත්තයා. ගල් ගෙම්බො පන්න පන්න වරුවක් ඉඳීවි. අපේ සුමල් මහත්තයට නම් බෑ වැරදිලාවත් ගල් ගෙම්බො පන්නන්න. දුමල් මහත්තයා ඒ කාලෙ කී පාරක් නම් උගන්නන්න බැලුවද" "චින්තන අපි එහෙනම් කලුවර වැටෙන්න කලින් ආපහු යමු නේද? උඹට හෙට උදෙන්ම යන්නත් ඕනෙ කිව්වනෙ. අම්මත් බලාගෙන ඇති දැන් අපි කොහෙට වුනාද කියලා." සුමල් චින්තනත් එක්ක පිට වුනේ සුමනරතන හිමියන්ගෙන් සමු ගනිමින්. ..................................... දවල් කෑමෙන් පස්සෙ පොතක් පෙරලෙගෙන නිදි කිර කිර උන්නු මගෙ අඩ නින්ද කැඩුණෙ "සුදු මැණිකෙ කවුද මන්දා ඇවිත් සුමල් මහත්තයා අහනවා" කියාගෙන සුමනා කෙල්ල ආපු සද්දෙට. "කවුද සුමනා" මම ඇහුවෙ ඔෆිස් කාමරය දිහාට යන ගමන්. "කිව්වෙ නැද්ද සුමල් මහත්තයා කොලඹ ගිහින් කියලා. ආයෙ එන දවසක් කිව්වෙත් නෑනෙ" "කිව්වා මැණිකෙ. ඒ පාර තමයි වෙන කවුරුවත් නැද්ද ඇහුවෙ." ඔෆිස් කාමරය අසල බරාඳය අසල සිටියේ තලතුනා පිරිමි කෙනෙකි. සුදු සරමින් හා ලා කහ පාට කමිසයකින් සැරසුනු අහිංසක ගැමියෙකි. "කවුද?" මම ඇසුවෙමි. ## 3 කොටස ## ## 4 කොටසින් හමුවෙමු## දෙඇත් රජ්ජුරු (කොටස් කිහිපයක කෙටි කතාවක්) 4 කොටස ඔෆිස් කාමරය අසල බරාඳය අසල සිටියේ තලතුනා පිරිමි කෙනෙකි. සුදු සරමින් හා ලා කහ පාට කමිසයකින් සැරසුනු, අතින් කුඩා ගමන් මල්ලක් ගත් අහිංසක පෙනුමැති කෙනෙකි. "කවුද?" මම ඇසුවේ බරාඳය දිහාවට යමින්. "සුමල් මහත්තයා..." ඔහු ඇහුවේ පැකිලෙමිනි. "සුමනා කිව්වා නේද පුතා නෑ කියලා. අද හෙට ඒවිද නම් දන්නෙ නෑ. වැඩ ගොඩක් දාගෙන යනවා කිව්වෙ එක පාර කරගෙන එන්න" "මේ නෝනා, මහත්තයගෙ අම්මද?" ඔහු නැවතත් ඇහුවේ පැකිලෙමිනි. "ඔව්." "නෝනා මම මල්කඩුවාවෙ. මෙහෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නන්න ආවෙ.... චින්තන ළමයා... මහත්තයා අපේ අක්කගෙ කොලුවා" "ආනේ මේ චින්තන පුතාගෙ මාමද? එන්න වාඩිවෙන්න. චින්තන පුතා නම් පෙරේදා පාන්දරින්ම ගියා ගෙදර යන්න. ඒ වෙනකල් නම් නිවාඩු කාලෙ වැඩි හරියක් මෙහෙ තමයි හිටියෙ. චිත්‍ර වගයක් ඇන්දනෙ" "ඒක තමයි නෝනෙ මම ආවෙ. දවස් දෙක තුනකට කලින් ඉස්කෝලෙ ගෙදරට කතා කරලා පණිවිඩේ එවලා තිබ්බා විසි එක් වෙනිදා පාදරින්ම එනවා කියලා. පෙරේදා නෙමැයි ඉතින්. දවස් දෙකම බලා ඉඳලා ආවෙ නැතෙයි කියලා අපේ අක්කා ඇහැක් පියවන්නෙ නෑ. පෝන් එකත් වැඩ නෑ කියනවනෙ ඉස්කෝලෙ ගෙදරින්. ඒකයි මේ හොයාන ආවෙ." "ඉතින් මෙහෙටම ආවෙ" "මෙහෙට නෙමෙයි නෝනෙ ඉස්කෝලෙට ආවෙ. ලොකු මහත්තයගෙ හාමිනේ කිව්වා හෝටලේ මහත්තයත් එක්ක පංසලේ ඉන්නවා දැක්කා කියලා. ඒ පාර පන්සලට ගියා. පොඩි හාමුදුරුවො තමයි මෙහෙට එන්න පාර කිව්වෙ. කලින්දද මන්දා පන්සලට ආවයි කිව්වා" "පොඩ්ඩක් ඉන්නකො බලන්න. ලොකු උන්නැහෙ වාඩි වෙන්නකො. මම බොන්න මුකුත් එවන්නම්. පුතාට කතා කරලා බලමු. සුමනා.... සුමනා.... මේ මහත්තයට බොන්න මොනවා හරි ගේන්න මම පොඩි මහත්තයා එක්ක කතා කරලා එනකල්." කීප පාරක්ම ගත්තත් ලේසි වුනේ නෑ පුතාව අල්ලගන්න. වෙනදට නම් ෆෝන් එක අතේමයි කස්ටමර්ස්ලා කතා කරනවා කියලා. අනේ මන්දා මේ ටිකේ සිහියක් නෑ මේ ළමයට. අන්තිමට පොඩීම තමයි ආපහු ගත්තෙ මට. "කවුද? චින්තනගෙ මාමා කෙනෙක්. මිනිහා පෙරේදා පාන්දර ගියා කියලා කිව්වෙ නැද්ද?" පොඩී ඇහුවෙ මම විස්තරේ කිව්වම. "මම චින්තනට අරන් බලන්නම්. පාන්දරම යනවා කියලා කිව්වෙ.... යනවා නම් දැක්කෙ නෑ.... කොහොමත් පාන්දර යන හින්දා කූද්දන්නෙ නෑ කිව්වා.... යතුර දොරේ තියලා ගිහින් තිබුනෙ.... මට කතා කලේ නම් නෑ ඊට පස්සෙ.... මම මේ එන සතියෙ එනකම් බලාගෙන හිටියෙ චිත්‍ර ටික ඉවර කරගන්න.... බලමුකො කතා කරලා.... මේ වෙද්දි ගිහින්ද දන්නෙත් නෑ.... ළඟ ගෙදරක නොම්මරයක් තියෙනවා කිව්වා නේද?.... ඒකට අරන් බලන්න කියන්න ආයෙ පාරක්.... මූට මොනා වුනාද?.... වෙන කොහෙවත් යන කතාවක් කිව්වෙ නෑනෙ...." පොඩිත් කලබල වෙලා. "අර ළඟපාත ගෙදරක නොම්මරයක් තියෙනවා කිව්වා නේද? ඒකට කතා කරලා බලමුද? මේ වෙද්දි ඇවිත්ද දන්නෙ නෑනෙ" මම ඒ නිවසට ඇමතුවෙමි. නැත. චින්තන පුතා තවමත් පැමිණ නැත. චින්තන පුතාගේ අංකයෙන්ද ප්‍රතිචාරයක් නැත. "මම එහෙනම් යන්නම් නෝනෙ. රෑ වෙන්න කලින් ආපහු යන්න ඕනෙ. අනේ නෝනෙ ආරංචියක් තියේනම් ඔය නොම්මරේට කියන්ට. අපේ අක්කා ඇහැ පියවන්නෙ නෑ බයට." බත් ඩිංගක් නොදී මනුස්සයෙක් බඩගින්නෙ යවන්නෙ කොහොමද මේ දවල්. "ලොකු උන්නැහේ බත් ටිකක් කාලම යන්න. රෑ වෙනකල් යන්න එපැයි. සුමනා... කෑම ටික මේසෙට අරින්න" සුමනා කොහොමත් වැඩිපුර කෑම පිස තිබුනේ සිරිදාසගේ නංගිලෑ දරුවන් දෙන්නාටත් එක්කමය. නිවාඩු කාලෙදීත්, පාසල් ඇරී ආ පසුවත් කොල්ලන් දෙන්නා වැඩිපුර ගැවසෙන්නේ මගේ ඇසුරේය. ජීවිතෙන් අඩකටත් වඩා මා තුටින් තැබූ සෙනේගේ වියෝගයත්, අදටත් අතුරුදහන් ලොකූගේ මතකයත් යාන්තමින් හෝ මකා දමන්නේ පොඩි වුන් දෙන්නා සමග ගෙවන කාලයයි. ඇරත් පොඩි උන්ට මේක රජ දහනකි. එකල මගේ කොල්ලන් වගේමය. ................................. "සුදු මැණිකෙට ලැබිලා ඉන්නෙ දළ ඇත්තු දෙන්නෙක්" එකල එතනම්මා කියන්නට පුරුදුව උන්නාය. ඒ අපේ අත්තම්මාගේ වචනමය. "දළ ඇත්තුනම් ඉතින් අනින්න එපැයි" කියමින් එවිට කොල්ලන් දෙන්නා එතනම්මාට අනින්නට සැරසෙති.
එතනම්මා කොහොමත් කොල්ලන්ගේ හුරතලයට මනාපය. අත්තම්ම්මා කියන පමාවට කොල්ලන්ට ඕනෑ දේවල් උස්සාගෙන එන්නේ ඒ නිසාය. එතනම්මාට හිටියේ එකම දුවෙකි. ඒ දුවටද දුවෙකි. සුමනා.. පොඩි කෙල්ල කාලේ සිට හැදුනේ එතනම්මාගේ පැල්කොටේය. සුමනාගේ පියා කන්දේ මී කඩන්ට ගොස් කන්දපල්ලේ මියෑදුනේ සුමනා කිරෙන් ඇරෙන්නටත් පෙරමය. යාන්තමින් කිරෙන් ඇරුණු සුමනා තම මව ළඟ තබා සුමනාගේ අම්මා හවුස්මේඩ් වැඩකට ගියා ගියාමය. ඉතින් හීන් කෙල්ලක කාලෙ ඉඳන් සුමනා හැදුනේ එතනම්මා එක්කය. අත්තම්මාට අසනීප වී එතනම්මාට ළඟටවී න් කරන්නට වූ විට, සුමනාද එතනම්මා සමග අත්තම්මාගේ තනියට නැවතුනේ තවත් නම් ඉස්කෝලේ යන්න බෑ කියාය. ඉතින් අත්තම්මා මියෑදුණු පසුවත්, එතනම්මා මියැදුණු පසුවත් වත්තේ නිල නොලත් භාරකාරිය වූයේ සුමනාය. ඉතින් මා කියමින් උන්නේ මගේ දළ ඇත්තු දෙන්නා ගැනය. පොඩී පවුලේ චන්ඩියාය. කඩිසරයාය. කුමකට අත ගැහුවත් එය අවසන තෙක් ගෙන යන්නට සුහුරුය. ලොකූ ඊට හාත්පසින්ම වෙනස්ය. අදහස් දාහක් ඇතත් වැඩිම මනාපය විවේකව ඉන්නටය. සෙනේට මෙන්ම මට මවුපියන්ගෙන් උරුමවූ වතුපිටිවලින් කිසිවක් නොකලත් ජීවත් වන්නට ප්‍රමාණවත් ආදායමක් ලැබුණු නිසාම රැකියාවක් කරන අදහසක් ලොකූට නොවීය. අනුන් යටතේ ඔලුව නමන්නට අකමැතියෙකු වූ නිසා තමන්ගේ කියා යමක් කරන්නටැයි කියා පටන්ගත් කටයුතු මහා ගානකි. කලෙක ඔහු අත්තම්මාගේ වත්තේ කොටසක කාබනික වගාවක් ඇරඹීය. වරෙක හරිතාගාරයක් තනා මල් වැවීය. පසුව මල් ස්ට්‍රෝබෙරි වගාවක් ල්. ගමේ කාන්තාවන් ලවා වරෙක රෙදි වියඇහ්ට්වීය. කීයක් නම් කලාද? එහෙත් මෙයින් එකක්වත් සාර්ථක නොවීය. වත්ත කබානා හදන්න නම් හොදයි යැයි මුල්ම අදහස ආවේද ලොකූටය. හැමදාම ලොකූගේ අදහස් වලට හිනාවෙන පොඩී ඒ අදහස නම් තරයේම හිතට ගත්තේ අත ඉතිරිව තිබූ මුදල් යොදා කබානා දෙකක් තැනවූයේ ඇළ අද්දරමය. කබානා සාදා තිබුනේ කටුමැටු ගසා බිත්ති කිරි මැට්ටෙන් පිරිමැදීමෙනි. වහලය හෙවිල්ලා තිබුනේ පිදුරු වලිනි. ගස් ගොන්නකින් වැසී ඇති වත්තේ ගස් අස්සෙන් පුංචි කබානා පොඩ්ඩ පේනවිට ඇත්තටම ලස්සනය. "ඔය මැටි ගෙවල්වල ඉන්න එන්නෙ කවුද හලෝ. ඕක අඩු ගානෙ ලී වලින්වත් හදනවකො." වෙලාවකට ලොකූ පොඩීව මඩවයි. "තමුසෙ ඉන්නවකො මම කරලා පෙන්නන්න" ඒ වෙලාවට පොඩී කියයි. කිව්වා වාගේම පොඩීගේ මැටි කබානාවලට වූයේ ඉහළ ඉල්ලුමකි. ටුවරිස්ට් ගයිඩ්ලා කිහිප දෙනෙක් හරහා දුන් ප්‍රසිද්ධිය නිසා දිනෙන් දින දියුණුවෙන රිසෝට් එක පොඩීගේ සිහිනය විය. ටිකින් ටික දියුණු වන රිසෝට් එකටත් පොඩීටත් හිනාවෙමින් සිටි ලොකූ පොඩීට උදවු කරන්නට ගත්තේ මේ මෑතකය. ඒත් උපදෙස් හා අදහස් වලිනි. ලොකූ ඒ තරම් කම්මැලියෙකි. ................................................ මා සිටියේ අඩ නින්දේ විය යුතුය. එක් වරම මට චින්තන පුතා ඈත සිට කතා කරන හඬ ඇසිනි. "සුමනා.... චින්තන මහත්තයා ආවද?" අසාගෙන දොරකඩට ගියත්, කී වරක් කතා කලත් සුමනා ඇසෙන මානයක නොවීය. ඒ නිසාම මම හෙමි හෙමින් චින්තන පුතා නතරවී ඉන්නට පුරුදුව සිටි ගඟ අද්දර තිබූ කබානාව දෙසට ගියෙමි. මේ තරුණ ළමයින්ට ජීවිතේ වගක් නැත. අම්මා බයෙන් බලා ඉන්න බවත්, හොයා බලන්නට මාමා එවූ බවත් කියා අවවාද කල යුතුය. "චින්තන පුතා... චින්තන පුතා.... " කාමරයේ දොර හැර තිබේ. චින්තන පුතාගෙන් සද්දයක් නැත. "චින්තන පුතා...." මම කාමරය සිසාරා බැලුවෙමි. කාමරය අලුතෙන් සැකසූ විට මෙන්ය. වෙනසකට ඇත්තේ චිත්‍ර අඳින්නට ගන්නා හිස් පුවරු කීපයකුත්, බාගෙට ඇඳ අවසන් කල සහ කටු සටහන් ඇඳි සිතුවම් පුවරු කීපයකුත් තැන තැන සිටවා තිබීම හාල් පින්සල්, පාට පිරවූ පෙට්ටියකුත් කන්නාඩි මේසය මත තිබීමයි. මම නිකමට මෙන් ඩ්‍රෝවරය ඇර බැලුවෙමි. නැත. චින්තන පුතා පැමිණ නැත. ඩ්‍රෝවරය මුලුමනින්ම හිස්ය. මා සිහිනයක් දකින්නට ඇත. මම ආපසු කාමරයට යන්නට හැරුනෙමි. එක් වරම ඇඳ පාදයක් අසල වූ නුහුරු යමක් මා නෙත ගැටුනි. නැත. එය නුහුරු යමක් නොවේ. මා හොඳින් දුටු යමකි. මට දිනෙක පෙන්වූ යමකි. 5 කොටසින් හමුවෙමු.සදාචාර නියෝජිතයෝ (කෙටි කතාව) ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය. පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි. “ඇන්තනි, ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා?” ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය. ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය. “අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ.” ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප්‍රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි. අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා. “ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා. ආපහු එන්න හිතුනේ ඇයි?” ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා. “මට සල්ලි උවමනා කරලා තියෙනවා. නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත්” ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප්‍රතික්ෂේප කරමින්. මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතයක්. දැන් සියල්ල වෙනස්. ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත. “ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි? අපි ඔයාව නිතරමට හොඳින් බලාගත්තා නේ” ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත. ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා. “ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඒත් අන්තිම වුන දෙයින්.....” ඔහු වාක්‍ය අවසන් කලේ නැත. අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා. ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා. ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා. ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන. එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක්. කොතරම් අහිංසක ජීවිත ද? ඔහුට සිතුනා. “දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා” ඔහු ඔහුටම කියාගත්තා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි. පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත. සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත. “හුස්ම ගන්න, ඇන්තනි. හුස්ම ගන්න” මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත. ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි. එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා. ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා. ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා. “සමාවෙන්න, දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා. මම බෙහෙත් අරගන්නවා. ඉක්මනට හොඳ වෙයි” ඇය ඔහුදෙස බලා හිස වැනුවා. තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි. පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යමක් තිබුනේ නැත. ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි. නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ. එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත්‍රාත් කිහිපයක් ගැන විස්තර පමණි. ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි. ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ්‍යයි. “ඇයි?” ඇය ඔහු දෙස බලා සියුම් සුසුමක් හෙළුවා. ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා. තවත් ගායනා තරඟයක්. සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා “ඔයා දන්නවනේ අපේ ආයතනයේ, සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව. ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ. නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම්” කීය. ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා. “මේ මනුස්සයා මහ නරුමයෙක්. නරුමයෙන්ගෙත් නරුමයෙක්. මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න.” ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ. මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ. ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා. නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ. පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා. එහි සිටියේ මවක්. ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ. ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා. මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින්. වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා. එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ. ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා. ‘මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ’ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින්. තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි. ඔහු නිවස ඉදිර
ිපසටගොස් දොර අසල සිටගත්තා. ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා. වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ. ඔහු පිටුපස හැරී බැලුවා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා. නැවත හැරීමක් නැහැ. ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා. කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ. ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා. ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා. පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා. “ටිකක් ඉන්න මම එනවා” ඒ පිරිමි කෙනෙක්. ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා. වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි. කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ. ඔහු තමන්ටම කියා ගත්තා. දොර නිවස තුලට විවෘත වුනා. ඇන්තනීට කෑගසනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ. මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි. පිට්ටනියේ අයිස්ක්‍රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක්‍රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා. වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා. ගත වූයේ මොහොතයි. නිවස සිට් පුද්ගලයාගේ ග්‍රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා. ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි. ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසුනා. ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙනුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ. ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි?” ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි. “අපි සදාචාර නියෝජිතයෝ” ~ ඩියෝන් මිතිල ප්‍රනාන්දු ~සුරූපා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දඹරැල්ල ප්‍රදේශයේ කුඩා පාසලක් වෙත පත්වීම් ලැබ පැමිණි මා මුහුණ දුන් පළමු ගැටළුව වූයේ නතරවීමට සුදුසු නවාතැනක් සොයාගැනීමය. පාසලට ගුරු නිවාසයක් නොතිබීම හා විදුහල්පතිතුමාගෙ නිවසද පාසලේ සිට සැතපුම් දෙකක පමණ දුරකින් පිහිටීම මා තවත් අසරණ කරලීය. කෙසේ හෝ විදුහල්පතිතුමාගෙ මැදිහත්වීම මත නවාතැනක් සොයාගැනීමට මට පළමු දිනයේදීම හැකි විය. පාසල පෙනෙන මානයේ පිහිටි ජයතිස්ස මහතාගේ නිවසෙහි මට නවාතැන් සකස් වූයේ මේ ආකාරයටය..විශ්‍රාමික ලිපිකරුවකු වූ ඔහු තම බිරිද සහ දියනිය දීපා සමග විවේකී ජීවිතයක් ගත කරමින් සිටියේය..දීපාගේ නිවුන් සොහොයුරිය මීට වසර දෙකකට පමණ පෙර සර්පයකු දෂ්ට කිරීම නිසා මිය ගොස් තිබුණි.. "මහත්තයා ගාල්ලේ ඉදලා මේ වගේ පැත්තකට ආවම ටිකක් ආගන්තුක වගේ ඇති නේද..?" රාත්‍රි ආහාරයෙන් පසු මා සමග පිලිසදරක යෙදී සිටි ජයතිස්ස මහතා විමසුවේය.. "එහෙමමත් කියලා නැහැ ජයතිස්ස මහත්තයෝ. මට තිබුණු ලොකුම ප්‍රශ්නේ මෙි විදියට විසදිච්ච එක තමයි ලොකුම දේ."මම පිළිතුරු වශයෙන් පැවසුවෙමි. "ඔව්..මේ පැත්තේ නතරවෙන්න කියලා තැන් ඇත්තෙම නෑ වගේ..මම මහත්තයා නතර කර ගත්තේ ඉස්කෝලේ ලොකු මහත්තයගේ කීම අහක දාන්න බැරි නිසා. විදුලි බලය නොමැති මෙම ප්‍රදේශයේ බහුල ලෙස චිමිනි ලාම්පු සහ කුප්පි ලාම්පු භාවිතයට ගැනුණි.අප කතාකරමින් සිටි ආලින්දයේ තබා තිබූ චිමිනි ලාම්පු ආලෝකය මට නැවුම් අත්දැකීමක් විය. ජයතිස්ස මහතා සමඟ මද වේලාවක් කතාකරමින් සිටි මා හිදගෙන සිටි පුටුවෙන් නැගිට්ටේය. "හෙට උදෙන්ම අලුත් ඉස්කෝලේ වැඩ භාරගන්නත් ඕනනේ..මං එහෙනම් නිදාගන්න යන්නම්..වෙලාව නවයත් පහුවුනානේ.." "හොදයි මහත්තයෝ..අපිත් තව ඩිංගකින් නිදාගන්නවා.." මා කාමරය තුළට ගිය විට මැටි පහනක් මේසය මත දල්වා ඇති ආකාරයක් දුටුවෙමි..කාමරයේ දොර වසා දැමූ මා පහනද නිවා දමා ඇද මත හාන්සි විය.. මොහොතකට පසු කාමරයේ දොරට ගසන ශබ්දයක් සමග ජයතිස්ස මහතාගේ කටහඩ ඇසෙන්න විය. "මහත්තයෝ දොර පොඩ්ඩක් ඇරියනම්.." මා දොර විවෘත කොට ජයතිස්ස මහතා දෙස බැලීය. "මහත්තයෝ,කාමරේ පහන නිවන්න එපා..ඒක තියෙද්දි නිදාගන්න..ඒක අපේ ගෙදර සිරිතක්.." මා අතට ගිනි පෙට්ටියක් දෙමින් ඔහු කීවේය. ජයතිස්ස මහතාගෙන් ඒ පිළිබද කිසිවක් විමසීමට නොගිය මා පහන දල්වා ඇද මත දිගාවුණෙමි..ගමන් වෙහෙස නිසා මා ඉක්මනින්ම නින්දට වැටෙන්න ඇත.කෙසේ හෝ මා එක්වරම තිගැස්සී ඇහැරුණි. සිනාහඬක් මාගේ නින්දට බාධා කළාක් මෙන් මට හැගුණි..මා කිසිවක් සිතාගත නොහැකිව බලා සිටින විට සිනා හඬ ස්වප්නයක් නොවන බව අවබෝධ විය. සිනා හඬ සමග පියවර හඩක්ද කාමරයේ ජනේලය අසලින් ඇසෙමින් තිබුණි..මා ඇද මත වාඩි වී එම හඬ දෙසට අදුරේම කන් යොමා සිටියෙමි. "සමහරවිට ඒ දීපා වෙන්න ඇති.."මා මටම පවසා ගනිමින් ඇදෙහි දිගා වුණෙමි. පසුදින උදෑසනින්ම පාසල වෙත ගිය මා විදුහල්පතිතුමා හමු වුණෙමි. "අලුත් නවාතැන හොදයිද?"ඔහු මා දුටු විගස විමසුවේය. "වරදක් නැහැ..ගෙදර අය නම් හරි හිතවත්.." "ජයතිස්ස මහත්තයව මම කාලෙක ඉදලා දන්නවා.ඔය දීපයි නැතිවුණ රූපයි දෙන්නටම මම උගන්නලා තියෙනවා." පාසල මට ඉතා ප්‍රියමනාප ස්ථානයක් බවට පත් විය.ගුරු මණ්ඩලය සහ සිසුන්ද මට ඉතා කුළුපග වූහ. රාත්‍රි ආහාරයෙන් පසු පෙරදින මෙන් මම ජයතිස්ස මහතා සමග ආලින්දයේ වාඩි වී කතාබහ කරන්න වූවෙමි..මෙම නිවසේ සෑම කාමරයකම පහනක් පත්තු කර තිබීම මා තුළ දැඩි කුහුලක් ඇති කරවීය. "මං මේක ජයතිස්ස මහත්තයගෙන් ඇහුවට කමක් නැද්ද මන්දා.." "මොකද්ද මහත්තයෝ ?"ජයතිස්ස මහතා විමසුවේ මා දෙස පුදුමයෙන් බලමිනි. "ඇයි මේ ගෙදර හැම කාමරේකම රෑට පහනක් පත්තු කරන්නේ..?මං මේ අහන එක වැරදියට හිතන්න එපා.."මම කීවෙමි.. "අපොයි නැහැ.."ජයතිස්ස මහතා සිනාසෙමින් කීය.."මේ හරියේ සරුපයෝ ඉන්නවා..උන් එළි තියෙන තැන්වලට එන්න බයයිනේ..නැත්තන් උන් මේකේ රිංගනවා..ඒකයි මං මහත්තයට පහන නිවන්න එපා කියලත් කිව්වේ.." ජයතිස්ස මහතාගේ පැහැදිලි කිරීම තුළ යමක් සැගවීමට දරන උත්සහයක් මට විද්‍යාමාන විය.නමුත් මා මෙම මාතෘකාව ඉදිරියට රැගෙන නොගියෙමි. මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක පෙරදිනයේ මෙන් කාන්තා සිනහ හඬක් සමගින් අඩි ශබ්දයක් මාගේ කාමරය අසලින් ඇසෙන්නට විය..මා ඇදෙන් නැගිට ගොස් ජනේලය හැර බැලුවත් කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැත. පසුදින පාසල අවසන් වී පැමිණි මා හට දීපාව මිදුලේදී මුණගැසුනි. "දීපා මට පොඩි දෙයක් දැන ගන්න ඕන.." "මොකද්ද මහත්තයා..?" ඇය පුදුමයට පත් හඬින් විමසුවාය. "ඇයි ඔයා හැමදාම රෑට හිනා වෙවී මිදුලේ ඇවිදින්නේ..?" මාගේ පැනයට පිළිතුරක් නුදුන් දීපා ලැජ්ජාශීලි මදහසක් පා මා අසලින් ඉවතට දිව ගියාය. මෙලෙස සතියක පමණ කාලයක් ගතවිය.දිනක් මා ළිද අසළ මුහුණ සෝදමින් සිටින විට ජයතිස්ස මහතා මා අසලට පැමිණියේය. "මහත්තයො,අපි අනිද්දා අනුරාධපුරේ වන්දනාවේ යනවා..පන්සල ළග වෙලත් එක්කම තියෙන ගෙදර ඉන්නේ මගේ මස්සිනා.අපි නැති දවස් දෙකේ කෑම බීම ටික අපි එහාට පංගාර්තු කළා..මහත්තයා එහෙට ගිහින් කෑම කාලා එන්න.." "ආ..ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ.."මා මදහසක් පාමින් කීවෙමි. නිවැසියන් අනුරාධපුර වන්දනාවේ ගිය දින සවස මා රාත්‍රි ආහාරය ගැනීම සදහා ජයතිස්ස මහතාගේ මස්සිනාගේ නිවෙසට ගියෙමි..ඉතා ප්‍රනීත ලෙස සකසා තිබූ රාත්‍රි ආහාරය භුක්ති විදි මා යළි ජයතිස්ස මහතාගේ නිවෙස වෙත පැමිණියෙමි..වේලාව රාත්‍රි හත පමණ වුවත් පරිසරය පැවතියේ අන්ධකාරයෙ වෙලීය. මා වත්තට ඇතුළු වන විටම නිවසෙහි ඉදිරිපස පඩිය මත ⁣අයෙකු වාඩි වී සිටින අන්දම දුටුවෙමි. "කවුද ඔය..?"මම ඈත සිටම විමසුවෙමි. මාගේ පැනයට පිළිතුරක් නොපැමිණියත් හිදගෙන හුන් රුව සිට ගන්නා අන්දමත් ඒ කාන්තාවක බවත් මම දුටුවෙමි. "මොනවා ගෑනු කෙනෙක්..අනික මේ අවේලාවේ..ගෙදර ඉන්නෙත් මම විතරයි.."මා තනිවම සිතුවෙමි. එම කාන්තා රුව මා දෙසට ඇවිද එන්න වූවාය. "මේ දීපනේ..ඇයි මේ.?වන්දනාවේ ගියේ නැද්ද..?කො අම්මලා.?" මා ප්‍රශ්න වැලක් ඇය ඉදිරියේ දිග හැරියෙමි. මට පිළිතුරක් නුදුන් කාන්තා රුව අත් දෙකද ඉදිරියට දිගුකරමින් මා වෙත පැමිණෙමින් සිටියාය. "ම්..මේ දීපා නෙවෙයි..අ.අර පොටෝ එකේ හිටපු කෙනා නේද..ඒ.ඒත් එයා සර්පයෙක් කාලා මැරුණ කිව්වනේ.." මා අඩියෙන් අඩිය පිටුපසට ගොස් එක්වරම අනෙත් පසට හැරී වේගයෙන් ඉදිරියට දිවයන්න වූවෙමි.මා සිහි විකල්ලෙන් මෙන් ජයතිස්ස මහතාගේ මස්සිනාගේ නිවෙසට දිව ගොස් සිහිසුන්ව බිම ඇද වැටී තිබුණි. සිහිය පැමිණි පසු මා සියලු විස්තර ඔවුන් සමග පැවසුවෙමි. මා ඉදිරියට පැමිණ ඇත්තේ රූපා බවත් ඇය මෙලෙස රාත්‍රියට පැමිණ නිවැසියන් බිය කරන බවත් ආලෝකය ඇති ස්ථාන වලට රූපා නොපැමිණෙන බවත් මට පසුව දැනගත හැකි විය. මා පළමුව මාගේ නවාතැන මාරු කරගත් අතර අනතුරුව ගාල්ලේ පාසලකට ස්ථාන මාරුවක් ද ලබා ගතිමි. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි..)BRAKE පාරක් කරපු හදියක්. මා සිටියේ මරණ බියෙනි. කොයි මොහොතක හෝ රියදුරු දෑතින් බසය පාලනයෙන් මිදී අනතුරක් වේවිදෝ, යන බිය මා සිතෙහි විය. බසය වේගයෙන් ඉගිලී යන්නේ යැයි කීවොත් නිවරැදිය. මිනිසුන්ගේ ජීවිත ගැනද කිසිදු වගකීමක් නැති තරමය. පිටි පසින් පැමිණෙන ලංගම බසයට යාමට ඉඩ නොදී පාර මැදට වන්නට බසය නවත්වන්නට විය. ජීවත් වීමේ ආසාව අතහැර දැන් බසය තුල ගමන් කල යුතුව ඇත. මා ඉදිරිපස නැවතුමෙන් බැසිය යුතුය. ඒ නිසා අසුනෙන් නැකිට්ටෙමි. ඉදිරිපස දොරටුවට ලංවෙත්ම රියදුරු තදින් තිරිංග පාගා බසය නතර කර වුයේ පාර හරහා පැන ගිය හරක් රංචුවක් නිසාය . ඒ සැනෙන්ම පිටුපස සිටි යුවතියක් මා සිරුරේ වදිමන් නවතින්නට විය. කිසිවෙකු අපේක්සා නොකල අවස්තාවක් නිසා, ඈ අසරණව මා දෙස බලා, සොරි අයියා යැයි පවසාලීය. මා මදක් සිනාසි, කිසිවක් නොපැවසුවේමි. මා නැවතුමෙන් බැස නිවස බලා ගියෙමි. මා පැමිනෙනෙ තුරු දූලි ජනෙල් තිරය ඈත් කර පාර බලා සිටින්නට විය. ඈ වෙනදා මෙන්ම දොර හැර මා පිලිගත්තේ සෙනහසිනි. ඈ අතින් සෑදු රස කැවිල්ලක කා උණු උණු තේකක් බී මෙන් පසු මා නාන කාමරයට වැදුනෙමි. දවස පුරාම ලබන වෙහෙස මහන්සිය ඇගේ සෙනෙහස තුලින් අතුරුදහන්ව යන්නේ ය. අම්මෝ තියෙන සනීපයක්,
මා දුලී දෙස බලා පැවසුවෙමි. වහින්නට ආසන්න අහස මෙන් ඇගේ මුහුණ අඳුරුය. මොනවා හෝ සිත ඇතුලෙහි සිරකරගෙන ඈ සිටින්නේය. මොකෝ දුලී ... ඔයාගේ මුන වෙනෙස්... ඇයි සනීප නැද්ද? මා ඇයට තුරුලුවන්නට ඈ අසලට යද්දී මගෙන් ඈත්ව යන්නට විය. මොකද මේ මා පුදුමයෙන් ඇසුවෙමි. මා බොහෝ දවසකින් ඈ සමග රාත්‍රී ආහාරය ගැනීමට එළියට නොගිය නිසා ඇගේ ඉරියව් මෙසේ වෙනස්ව ඇතැයි මා සිත පවසන්නට විය. අපි එහෙනම් අද එළියට යමු. ඩිනර් එක එළියෙන් ගමු. මට බෑ... ඈ පැවසුවේ එපමනකි. ගැහැණුන් තේරුම් ගැනීමට අපහසුය. එහෙත් ඈ කුමක් හෝ දෙයකට ඉව අල්ලන බවනම් නොරහසකි. මා දුලී සමගින් විවාහ වුයේ වසර ගන්නක ප්‍රේම සම්බන්දතාවයකින් පසුවය. මා තේරුම් ගත් කාන්තාවන් ඇත්නම් ඒ අම්මාත් දුලීකාත් පමණි. මාගේ සියුම් වෙනස්කම් පවා ඔවුන් දෙදෙනාම හොදින් දන්නේය. එහෙත් දුලීකා තේරුම් ගැනීමේ හැකියාවක් මට නැත. පිරිමිව උපන් අපගේ අවසනාව එය විය යුතුය. අප අතර කිසිදු කතා බහක් නොවිය. ඈ මගෙන් කිසිවක් ඇසුවේද නැත. මා සිතට වේදනාවය. වෙනදාට තොර තෝංචියක් නැතිව කියවන ඇය අද ගොළුය. මුලු නිවස පුරාම ඇත්තේ තද මූසල බවකි. ඒ මූසල බව මට පමනක් නොව ගෙදර සුරතලයට ඇති කරන කුඩා බලු පටියාටද දැනී ඇතැයි සිතුනි. මා දෙසත් දුලිකා දෙසත් බලමින් ඌ සාලයේ මැදට වන්නට නිදිය. මොකද්ද දුලී මේ පිස්සුව... මොනවා හරි තියෙනවා නම් කියනවකෝ මනුස්සයෝ... මාගේ ඉවසීමේ සීමාව ඉක්මාවා ගිය පසු මා පැවසුවෙමි. ඈ කිසිවක් පවසන්නේද නැත. ඒ නිසාම මා සිතෙහි. තද කේන්තියක්ද දුකක්ද මිශ්‍ර හැගීමක් විය. මිට මොලවු දෑතින් මා මේසයට දමා ගැසුවේ ඇයට පෙනෙන්නෙටය. එහෙත් ඇය නිෂ්ශබ්දය. රාත්‍රී කෑම මේසයද අද හිස්ය. වෙනදාට කොත්තු, ඉදිආප්ප, ආප්ප , නූඩල්ස්, බත් ව‍ර්ග ආදී විවිද කෑම වර්ගයකින් අලංකාර වන කෑම මේසය වෙනුවට, පාන් පෙති කිහිපයක් සහ බටර් තසිම මේසය මත විය. ඈ රාත්‍රි ආහාරයට පාන් තබනවානම් සුප් කෝප්පයක් වරදින්නේ නැත. මා ආහාර නොගනම නින්දට ගියේමි. ඈය ද ආහාර නොගත්තාය. රාත්‍රී යාමය පුරාම ඈ කල්පනාවකය. මදි යම් රැයෙහි මාගේ දුරකතනය ගෙන ඈ මොනවාදෝ බලන්නට විය. මා නිදි සේ සියල්ල බලා සිටියේ මා අතෙහි කිසිදු වරදක් නොවු නිසාය. ඇයට දුරකතනය තුල මොනවා සෙවුවාදැයි මා නොදනිමි. දුරකතනය ගලවා නොබැලුවා පමනි. මාගේ මුදල් පසුම්බියත් සියල්ල හිස්වනතුරු කොලයෙන් කොලය බලන්නට විය .මා නිදි සේ හිදිමින් ඒ සියල්ල බලා වුනෙමි. මා මේ සියල්ලෙන් එක් නිගමනයකට පැමිණියෙමි. ඒ ඇයට මා ගැන සැක යක් ඉපදී ඈති බවය. ඇගෙත් මගෙත් ප්‍රේමය පිවිතුරුය. මා ඇයව සේම ඈ මටද අවංකය. අප මුන ගැසුණුදා සිට මේ මොහොත දක්වාම අප අතර කිසිදු ගැටලුවක් ඇතිව නැත. මා ඇයවත් ඇය මාවත් සැක කර නැත. කිසිදු සිත් රිදීමක් හෝ බහින් බස් වීමක් සිදුව නැත. ජීවිතයේ මා ලැබු වටිනාම ත්‍යාගය මාගේ බිරිද දුලීකාය. අපේ ආදරය සමකිරීමට තවත් පෙම්වතුන් සිටීදයි මා නොදනිමි ඒ නිසාදෝ මා නිතර දයාරත්න රනතුංගයන්ගේ රාමා සීතා සාලියා මාලා... කිසිලෙසකින් හෝ නොවෙමු අපි.. ගීතය මුමුනමින දුලී තුරුලු කරගන්නෙමි. එහෙත් මේ සිදුවු කිසිවක් මට පැහැදිලි නැත. උදෑසන ඇදෙහි මා අවදිවන විට දුලී නොසිටියේය. මේසය මත මගේ දිවා ආහාරයත් උදෑසන තේ කෝප්පයත් විය. මා දෑසට කඳුළු එන තරමට වේදනාවය. එහෙත් ....... වෙනදාට මා නිවසින් පිටව යන විට, දූලී එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න. මම යනවා රත්තරං. මා දුලීගේ නලල සිබ නිවසින් පිටවන්නෙමි. බුදු සරණයි පරිස්සමෙන්. ඈ පවසා මා නොපෙනී යන තෙක්ම අත වනන්නේය. එහෙත් අද ඈ සාලයෙහි පුටුවකට වී කල්පනාවකය. ඇයගේ සිතෙහි කුමක් ඇද්දැයි මා නොදනිමි. මා සේවා ස්තානයට පා තැබුවේද සියල්ල එපාවු මිනිසෙකු ලෙසය. මොකද බං. මා දුටු මාගේ හොදම මිතුරා සාලිය මා දෙස බලා ඇසුවේය. ඔලුව රිදෙන්න ගත්තා... මා කිසිවක්ම නොපැවසුවෙමි. ඒ සමගම සාක්කුවෙහි වු දුරකතනය නොනවත්වා නාද වන්නට විය. මොකද්ද පුතේ මේ කාරනාව, මොකද්ද අම්මා... ඔයාගේ කමිසේ පිට පැත්තේ ලිප්ස්ටික් පැල්ලමක් තිබුනා කියලා දුව කීවේ. ලිප්ස්‍ටික් පැල්ලමක්, එහෙම වෙන්නේ කොහොමද අම්මා, ඉතිං ඒක මම දන්නවද? මම ඔයාගෙන් අහන්නේ ඒක තමා. දරුවා හොදටම අවුල් වෙලා ඉන්නේ. උදේ කතා කරෙත් අඬ අඬ... මොනවද පුතේ මේ දාගන්න ප්‍රශ්න. අනේ අම්මා.... මම දුලීට වැරැද්දක් කරලා නෑ අම්මා. මා අම්මාට දස අතේ දිවුරා පැවසුවෙමි. අම්මා ඒ සියල්ල අසා අනතුරුව මට වට්ස්අප් පණිවිසයකින් ජායාරූපයක් එවා තිබුනි. එහි තිබුනේ ඊයේ මා කාර්‍යාලයට ඇද ගිය කමිස යෙහි පිටු පස වු තද රෝස පැහැ ලිප්ස්ටික් සලකුනකි. කොහොමද ෂර්ට් එකට පැල්ලමක් ආවේ. මා කල්පනා කලෙමි. “සොරි අයියා....” දෙවියනේ, එහෙනම් ඒ නංගි සොරි කීවේ ඒකට, මා මතකයට ආවේ දුලීය. ඇගේ වෙනස්වීමට හේතුව සාදාරණය. මා දුරකතන ඇමතුමක් ගෙන අම්මාට සියල්ල පැහැදිලි කලෙමි. දුලීගේ මවත් ඇයත් මිතුරියන් මෙන් සුහදය. ප්‍රශ්නය විසදීමට ඇති හොඳම ක්‍රමය අම්මාය. අම්මා සියල්ල අසා සිනාසී , මෝඩ කෙල්ල.... පුතා ගෙන් අහන්න තිබුනනේ එයාට. ඔව් අම්මා, ඊයේ රෑට මට කන්න දුන්නෙත් නෑ... මා පොඩි එකෙකු මෙන් නෝක්කාඩු පැවසුවෙමි. ඈ... සිනාසී.... හරි පුතා මම දුවට කතා කරන්නම් යැයි පවසාලීය. මා නිවසට ගියේ දුලීගේ ප්‍රතිචාර කෙසේ වේදැයි සිතමිනි. මා එනතුරු ඈ ජනේලය ලග නොසිටි නමුත් ජනෙල් රෙද්ද සෙලවී වැසීයන අයුරු මට දිස්විය. දොර බාගයට ඇරී තිබුනි. දුලී පේන්නට නොසිටියේය. මේසය මත වැලි තලප කැබලි කිහිපයක් සහ දුම් දමන තේ කෝප්පයක් විය. නිහඬ බව බිදිමින් දුලිකාගේ කටහඩ ඇසෙන්නට විය. ඒ මා සමග නොව සුරතලයට ඇතිකරන් බලු පැටවා සමගය. බූලෝ... මහත්තයට කියන්න බස්වල එද්දි එක එක ගැනුන්ගේ ලිප්ස්ටික් උලාගෙන ආයි ගෙදර එන්න එපා කියලා. බුලෝ ... නෝනට කියපන් මාව ඔහොම අවිශ්වාස කරන්න එපා කියලා. මේ පපුවේ කොටලා තියෙන්නේ නෝනාගේ නම විතරයි කියලා. අද රෑ කෑමට එළියට යන්න ලෑස්ති වෙන්න කියන්න. මා සතුටින් පැවසුවෙමි. මා දුලී දෙස හොරහින් බලමින් නාන කාමරයට වැදුනෙමි. ඇයද මා දෙස බලා ලැජ්ජාවෙන් ඉවත බලන්නට විය. මා සිතට දැනෙන සතුට අපමණය. රාමා සීතා.. සාලිය මාලා....මා ගී පද මිමිනුවේ හිතට ඇතිවු සතුට දරාගෙනය. -------------- ලිමන්ති මාධවී සේනාරත්න.කෙටි කථා අංක- 02 #පර_පීඩක තේ පඳුරු මැද්දෙන් කොරගගහා බැහැගෙන ආපු සෙල්ලම්මා බංගලාව පැත්ත බලලා කාරලා කෙළ පාරක් ගැහුවෙ තොහ් ගාලා. කැඩුණු බාටෙ ගලවලා අතට අරගෙන, හැට්ටෙ බාගෙට ගහලා තිබ්බ කටුවක් ගලවගෙන අමුණගත්ත බාටෙ තවත් අමුණන්න බැරි තරමට කැඩිලා තිබුණට ඒකෙ වගක් සෙල්ලම්මට තිබ්බෙ නෑ. හැට්ටෙ අස්සෙ ගහගෙන හිටපු රුපියල් දෙදාහට සෙල්ලම්මගෙ මූණට එළියක් ගේන්න පුළුවන් වුණේ අද රෑට කටට රසට කන්ඩ පුළුවන් හින්දා. ලයිමෙ සීලන්ගෙ පෙට්ටි කඩෙන් හාල් තුනපහ එක්ක කුකුල් මස් කෑල්ලක් ගත්තෙ කෙල්ලට ඉඳ හිටලා වත් බත් ටිකක් රහට කන්ඩ දෙන්ඩ පුළුවන් එකේ සතුටෙන්මයි. සෙල්ලම්මගෙ දුව භානු. ඇහැට කනට පේන කෙල්ලෙක් වුණ භානු දාහතර පනිනකොටම වැඩිවිය පත්වුණා. දැන් භානුට දාසයක්. පිරුණු ඇඟපත එක්ක ලස්සන තලෙළු පාට හමක් තිබ්බ භානුව එක එකාගෙ ඇස් වලින් වහං කොරගන්ඩ සෙල්ලම්මා සෑහෙන දැඟලුවා. භානු ට හොඳට උගන්නන්ඩ සෙල්ලම්මට ඕන වුණත් හතරෙ පංතියට විතරක් ගිය භානු ගෙදර නැවතුණේ ලයිමෙ හුඟක් අය විදිහටමයි. ------"-------"------"------"--------"------"--------"---------- මුත්තු එක්ක දීග ඇවිත් සෑහෙන දොහක් ගෙවිල ගියත් බඩ පිරුණෙ නැති එක ගැන ඈ උන්නෙ විස්සෝපෙන්. වත්තෙ බංගලාවෙ අප්පොගෙ ඇහැ සෙල්ලම්මා දිහාවට පාවෙන්ඩ ගත්තෙ මේ කාලෙ. අප්පො තනිකඩයා. හැබැයි ඊට කලියෙන් ජයට මඟුල් කාලා කැන්ඳගෙන ආපු නෝනලා කීප දෙනාම අප්පො අත් ඇරලා යන්ඩ ගියා. ඊට පස්සෙ අප්පො හැරුණෙ ලැයිමෙ ගෑණු දිහාවට. ඇඟපත ඩිංගක් තියෙන කිසි ගෑනියෙකුට අප්පොගෙන් ගැලවෙන්ඩ බැරි වෙද්දි සෙල්ලම්මට වුණෙත් ඒ ටිකමයි. මේවා ලැයිමෙ කාටවත් රහසක් වුණේ නෑ. හැබැයි කාටවත් අප්පොට එරෙහි වෙන්න හයියක් තිබ්බෙ නෑ. තිබ්බත්, හම්බකරන හැම සොච්චම ම කසිප්පු වාඩියට පුදලා, කටගොන්නක් බීගෙන පවුලක් තියෙනවද වත් නොදන්නා හවසට ගුටි ඇනගෙන බුදියන්ඩ විතරක් ලැයිම් කාමරේට එන පිරිමින්ටවත්, සැනසීමක් කියලා නාමයක් ජීවිතේටවත් නොලබපු ගෑනුන්ටත් එහෙම වුවමනාවක් තිබ්බෙත් නෑ. අප්පොට මොන පීඩකද කාමුකත්තෙද මොකද්ද ලෙඩක් තියෙන බව වත්තෙ කංකානි කෙනෙක් රහසින් කියලා තිබුණෙ සීලන්ගෙ කඩේ ළඟදි. ඇත්ත වෙන්ඩැති. අප්පො ගේ වලව්වට දවස ගානෙ හින්න වෙන ගෑණු පරාණ ඇඟේ පතේ රුදාව, උණ හින්දා පහුවදා දළු කඩන්ඩ වත්තට ගියෙ නෑ. අප්පො තමන්ට කොරාපු නොහොබිනාකම්, දීපු වද කන්දරාව කෑගහලා නොකිව්වට ලැයිමෙ හුඟක් ගෑණු දැනගෙන හිටියා. හැබැයි අප්පොගෙන් අත මිට මෙළවෙන සල්ලි කොළ වලට ඒ වේදනා සේරම යට වුණා. බීගෙන ගෙට රිංගන නාමික පිරිමි හිටපු ලැයිම් කාමර වලට නම් ඒ සල්ලි කොළ මහ මෙරක් වුණා. හිටපු ගමන් බඩ ඉස්සරහට එනකොට ළමයා මුත්තුගෙ නොවෙන වග සෙල්ලම්මා දැනං උන්නත්, ලැයිමෙ හුඟක් ගෑණු වගේ අන්නාසි ගැට හොය හොයා ලඳු පීරුවෙ නැත්තෙ බඩේ දඟලන්නෙ පෙරුම් පුරාන හිටපු, මුත්තුගෙන් කවදාවත් ඉටු නොවෙන හීනයක් හින්දා. ළමයා තමන්ගෙ හැඩ හුරුකම් නොවිච්ච කොට කසිප්පු වලින් හොඳට සප්පායං වෙලා ගෙට ගොඩවෙච්චි මුත්තු, සෙල්ලම්මගෙ කෙහෙ වැටියෙන් අල්ලාන තඩි ගහන්ඩ පටන් ගත්තෙ දුකට වඩා ලැජ්ජාවට කියලයි ලැයිමෙ ඈයො කිව්වෙ. සෙල්ලම්මට විතරක් නෙවෙයි, භානුටත් නමට අප්පා වෙච්ච මුත්තුගෙන් ආදරේ කෙසේ වෙතත් ගුටි බැට නම් අඩු නැතුව හම්බවුණා. භානු ළමිස්සියෙක් වෙලා, ඇඟපත ආරලා එද්දි ගමේ කාක්කන්ගෙන් ආරස්සා කරගන්න ඕන නිසා ඈව තමන්ගෙ ඇස් මානෙම තියාගන්ඩ සෙල්ලම්මට ඕන වුණා. ගමේ හැම ගෑනියෙක්ටම අත්වෙච්ච ඉරණම භානුටත් අත්වෙනවට සෙල්ලම්මා කැමති වුණේ නෑ. ඈට ඕන වුණේ භානුට යහපත් අනාගතයක් හදලා දෙන්ඩ. ඕං අපි කතාවෙන් සෑහෙන පිට ගියා නොවැ. පෙට්ටි කඩෙන් බඩු ගත්ත සෙල්ලම්මා ගෙට ගොඩවෙනකොට ඇඳිරි වැටිලා. භානු වහලා තිබ්බ දොර පැළැල්ල ඇරියෙ ආවෙ අම්මා කියලා ඉන්තේරුවෙන්ම දැනගත්
තට පස්සෙ. "කෙල්ලෙ..., මට හරි මාන්සියි මයෙ අම්මා... මේකෙ කුකුල් මස් වගයක් ඇති. උඹ මනාපයි නෙව... හදලා ගනින්කො...." කන කර පාළුවට ගිය භානුගෙ හඳක් වගෙ මූණ ඒ කතාවෙන් එළිය වැටෙන හැටි සෙල්ලම්මගෙ දුක, මහන්සිය නිවා දාන්ඩ හේතුවක් වුණා. "උඹට තේ කහට ඩිංගක් වක් කොරන්ඩද අම්මා...?" " හා හෙනං වක්කොරාන්කො.... බීලම ඇඟපත තෙමාගන්ඩ යන්ඩ...." "ව...ස්සී...ග්ගරා........ එන්..... නෙ...න්ජි...නික්ක...." "තුහ් නො.දකින්... ආං අ.රූ අදත් පැලිලා එනවා.. කෙල්ලෙ ඔය ටික උයලා ගනිං... මං ඇඟ තෙමාන එන්නං...." සෙල්ලම්මා සිය දියණියට කීවේ ඈතින් මුත්තුගේ රාවය ඇසෙන විටය. කුකුල් මස් සමඟ බඩ පිරෙන්නට බත් කෑ මුත්තු එදා නම් සුපුරුදු ගෝරිය නවතා නිහඬව නිදාගත්තේ කෑම වේල හොඳ නිසා විය යුතුය. -------"---------"--------"--------"---------"--------"--------- සුපුරුදු එදිනත් සැන්දෑ යාමයේ අඳුරත් සමඟ ගෙට ගොඩ වූ සෙල්ලම්මාට වෙනදා දැල්වෙන කුප්පි ලාම්පු එළිය නොපෙනුනේ භානුගේ සියුම් ඉකියක් දෙසවනට බරු ගහද්දී. "දුවේ....මයෙ දුවේ..... මොකදැ මේ.....?" ලෑලි කාමරේ මුල්ලක ඉකිගහන භානු දැකපු සෙල්ලම්මා හෝස් ගාලා පත්තු වෙලා ගියා. "භානූ.....කතා කරපං දුවේ....මොකදැ උඹට වුණේ.....?" "අ..ර.. ම..ධුකරන් අණ්ණා.... ම..ට.. කරදර කරන්න...එ..නවා අම්මා...." "මොනවා....?" "...දවස් ගානක් ඒ...කා... මයෙ පස්සෙ කැරකුණා.... අද ගේ අස්ස..ටම රිංගලා.. මට කර..දර.. කරන්න හැදුවා....." භානු ඉකිගහන ගමන් කැඩෙන වචන අමුණ අමුණ කිව්වා. "ආඩවනේ..... ඉතින්....?" "...බැරිම තැන.... මං දොර පොල්ල ඇන්න පතබෑවා පිට මැද්දෑවටම.....අනෙ මට බයයි අම්මා...." "ආඩවනේ.....මුරුගා...." සෙල්ලම්මා වෙව්ලන්න ගත්තා. ඈ භානුව තරයේ වැළඳ ගත්තා. පිරිමින්ගෙන් හැමදාමත් බැ.ට කාපු නාසිවත්තෙ ගෑණු ඒක තමන්ගේ දෛවය කියලා හිතන්න පුරුදු වෙලා හිටියට තමන්ගෙ ජීවිතේ ට වෙච්ච අපරාදෙ තමන්ගෙ එකම ගෑණු දරුවටත් වෙනවට සෙල්ලම්මා පොඩ්ඩක් වත් මනාප වුණේ නෑ. ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් කාගෙ හරි ඇඟකට යට වෙන්න සිදුවෙන එක සහ ලැයිමෙම එකෙක් එක්ක පැලකට කූට්ටු වෙන එක මේ නාසිවත්ත ලැයිමෙ නුහුරු නුපුරුදු දෙයක් නොවුණට තමන්ගෙ පණ ඩිංග තමන්ගෙ දියණිය ඒ නරා වලට වැටෙනවට සෙල්ලම්මා සෑහෙන බය වුණා. මධුකරන් නාහෙට නාහන එකෙක් වුණත් භානුට අකටයුතු කම් කරන්න ආපු එක නම් සෙල්ලම්මා ඉහිලුවෙ නෑ. ඈ ඇඳිවත තද කරගෙන මධුකරන් ලගෙ පැල් කොටේ දිහාවට හයියෙන් හයියෙන් ගියෙ ගමටම ඇහෙන්න කෑ ගහගෙන. "ඕ..යි.. මධුකරන්.... වරෙං මෙහාට...." සද්දෙට එළි බැස්සෙ මධුකරන් ගෙ අම්මා මහේෂ්වරී. ඈත් රෙද්ද තද කරගෙන රණ්ඩුවට සැරසුණා. "මොකද ය...කෝ... මේ කෑ ගහන්නෙ..?" සුපුරුදු විදිහෙ බයිස්කෝප් එකක් බලන්ඩ ලැයිමෙ සෙනඟ වටේට රැස්වුණා. "කොයි තොගෙ අර නො.සණ්.ඩාලයා...? එන්න කියා.පිය ඕකට.." "ඇයි..ඒකා තොගෙ මොකක් කෑවටද....?" "ඈ යකෝ.... තොගෙ පුත්තරයට අව.ලමේ යන්ඩ ඕනෑ නං ගෑනියෙක් ගෙනත් දී.පිය.. මයෙ අහිංසකීට වින කොරන්ඩ මේකා අපේ පැල් කොටේ ට රිංගලා.... තොගෙ එකාට කියා.පිය ආයෙ ඒ පැත්තට රිංගලා තිබුණොත් ආයෙ ඒකගෙ අහ.වල් එක කපලා තමයි එවන්නෙ දැන.ගං..." "ආ.... පත්තිනි අම්මා.... ඇයි තොගෙ කෙල්ලගෙ රත්තරං ද? ඔච්චර ආරස්සා කොරන්නෙ...? තෝ මතක තියා.ගං තෝ ඔය කුමාරිහාමි ව ගේ අස්සට දමාන කොච්චර රැක්කත් ඕකිට යන්ඩ වෙන්නෙත් මේ නාසිවත්තෙ එකෙක් එක්කම තමා...." "දෙන්නෑ යකෝ මේකෙ එකෙ.කුට.... ඒකි ක.පලා මූදෙ දානවා...." "මහලොකු පත්තිනි අම්මා............." එතැන් පටන් ඇරඹුණු එකිනෙකාගේ පට්ටන්දර දිග හැරීම් ගමේ වැඩිහිටියෙක් විත් සමථ කරන තුරු හෝරාවකටත් අධික කාලයක් තිස්සේ පැවතුණි. කෙසේ නමුත් භානුව නිවසේ තනිකර දමා යාම අනාරක්ෂිත බව හැඟුණ සෙල්ලම්මා එතැන් පටන් දළු කඩන්නට යන විට ඈවද කැටුව යාමට පුරුදු වූවාය. හුරුබුහුටි යුවතියක වූ ඈ අම්මා සේම දක්ෂ ලෙස ඇඟිලි හසුරුවමින් දළු කඩන්නට උගත්තාය. ලැයිමේ ගැහැණුන්ගේ ආදරය ට මෙන්ම ඊර්ෂ්‍යාව ටද භානු ලක්වූවාය. --------"--------"---------"----------"----------"------------ ඒ වත්තේ උඩ කොටසේ දළු කඩන්ඩ සෙල්ලම්මට පැවරිලා තිබිච්ච දවසක්. අප්පො දළු කෑල්ලෙ කැරකි කැරකි හිටපු හන්දා සෙල්ලම්මා භානු දිහාවෙ ඇහැ ගහගෙන ම ඉන්ඩ වග බලා ගත්තා. තමන්ගෙ ඇස් මායිමෙන් එහාට නොයන විදිහට භානුට උපදෙස් දුන්නා. දවල් වෙද්දි එකතු වෙච්ච දළු ගෝනි ටික අරගෙන පහළ ෆැක්ටරි මිදුලට යන්න සෙල්ලම්මටත් සිද්ධ වුණා. අකමැත්තෙන් වුණත් ඈ ගියෙ භානුට කොහෙවත් නොයා එතනම ඉන්න කියලා. හුරුබුහුටි, පියකරු දැරිවියක වූ භානු අප්පොගෙ ඇහැ ගැහුණෙ අහම්බෙන්. ඈ හිටපු තැනට ආපු අප්පො දැකලා තිගැස්සුණ භානු බයටම බිම බලා ගත්තා. "උඹගෙ නම මොකක්ද කෙල්ලෙ..?" "බ්...භානු...." "ම්... ලස්සන නමක් නෙව..... උඹ තනියමද ආවෙ....?" "නෑ.... අම්මා එක්ක...." "කෝ අම්මා.....?" "පැට්ටරියට ගියා මාත්තයා....." "උඹට කියලා කරගන්ඩ පොඩි වැඩක් තියෙනවා.... වරෙං.කො බංගලාවට...." අප්පො යන්න හැරුණා. ඒත් භානු බයටම හිටපු තැන ගල් වෙලා. අම්මා කොහෙවත් යන්න එපා කියපු කථාවත් ඇගේ සිහියට ආවා. "මොකද කෙල්ලෙ උඹ භාවනා කරනවද....? ව.රෙං ඉක්මනට එන්ඩ පුළුවන්. මං උඹව ගිලින් නෑ..." අප්පොගෙ ගෝ.රණාඩුවට බය වුණ භානු බයටම අප්පොගෙ පස්සෙන් ඇදුණෙ අප්පොව කේන්ති ගස්සන්න බය නිසාමයි. අප්පොගෙ පස්සෙන් භානු ගාටන හැටි දළු කඩ කඩා උන්න කීප දෙනෙක් දැක්කත් ඒක කිසිකෙනෙකුට ඒ හැටි ගානක් නොවුණෙ අප්පොට තියෙන බයටම තමන්ගෙ රාජකාරියට අවධානය දීලා හිටපු හින්දයි. -------"--------"---------"--------"-------"---------"---------- හිතුවටත් වැඩිය වෙලාවක් ගියපු හින්දා සෙල්ලම්මා උඩට ආවෙ දුවගෙන වගෙ. ඉන්ඩ කියපු තැන භානු නැතිවෙනකොට සෙල්ලම්මට ඇතිවුණේ එසේ මෙසේ බයක් නෙවෙයි. "අඩී.... තංගම්මා....කොයි අපේ භානු....?" "මං දැක්කෙ නෑ බං...., ඒ..යි... මීනච්චී උඹ භානුව දැක්කද.....?" "දැන් ටිකකට කලියෙන් අප්පො එක්ක කතා කොර කොර ඉන්නවා දැක්කා....ඊට පස්සෙ නං දැක්කෙ නෑ....." සෙල්ලම්මට ගිනි පත්තු වුණා. ඉහින් කනින් දාඩිය දාපු සෙල්ලම්මා ගල් මුල් වල හැප්පි හැප්පි බංගලාව පැත්තට දුවන්ඩ ගත්තා. මගදි හම්බවුණ සෙල්වම්ගෙ ඇඟේ ඈ හැප්පුණේ සෙල්වම් ට යකා ආරූඪ කරමින්. "කොහෙද ය..කෝ... කුලප්පු වෙච්ච වැස්සියෙක් වගේ දුවන්නෙ....?" "ආඩවනේ... සෙල්වණ්ණා... භානුව දැක්කද....?" "භානූ....... මං දැක්කෙ අප්පොගෙ පස්සෙන් වැටිලා බංගලාව පැත්තට යනවා..." නක්කලේට වගේ සෙල්වම් කියපු කතාව සෙල්ලම්මට ඇහුණෙ හීනෙන් වගේ. සියොලඟම ඇවිලී ගිය සෙල්ලම්මා අසිහියෙන් වගේ බංගලාව පැත්තට දුවන්ඩ ගත්තා. "ආඩවනේ.... මුරුගා.... මයෙ කෙල්ල බේරලා දෙන්ඩ....." දුවන ගමන් අහසට දෑත් ඔසවා ඇය දෙවියන්ට කන්නලව් කරා. ඒ මොරගසන මාතෘ ප්‍රේමය දිව්‍ය භවනේ වැඩ වසන දෙවියන්ට ඇසුණාද මා නොදනිමි. වැටහිර ගස් පාහින්නට ගෙනවිත් ගසක අමුණා තිබූ දිගු මිටක් සහිත මන්නා පිහිය ගලවා අතට ගත්තේ ඒ වෙව්ලුම්කන මාතෘ ප්‍රේමය නිසා වන්නට ඇත. තමාට සුපුරුදු බංගලාව පිටිපස්සෙ කාමරේ පැත්තට සෙල්ලම්මා හීන් සීරුවෙ ගාටන බව අප්පො දැනගෙන හිටියෙ නෑ. "ආ....ඩ....ව....නේ.... මාත්තයා.....එපා..... අනේ....එප්පා.... අ....නේ.... අ....ම්මා....." කැඩුණ සිංහලෙන් වචන ගැට ගහමින් හඬා වැටෙන භානුගේ වෙව්ලන හඬ සෙල්ලම්මා ගේ ගැහෙන හදවත පුපුරවා දැමීමට සමත් වුණා. පෙරුම් පුරාගෙන සිට උපන්න දා ඉඳලා දහදුක් විඳ උස්මහත් කළ, පණ ඩිංග වගේ ඇහේ තියාගෙන හැදූ තමන්ගේ දියණිය, තමන්ගේ ඉදිරිපිටම, ඒ දියණිය ජාතක කළ පා.ප.තර පියාටම බි.ල්.ලක් වෙනු දැකීම මවකට ඉහිලිය හැකිද..? මන්න පහරින් අගුල කැඩී විසිවී විවර වූ දොරින්, කාමරේ මුල්ලක නි.රු.වතින් වැටී අනුකම්පාව අයදින භානුත්, අළුත් ගොදුරක් ලැබුණ බඩගිනි වූ ව්‍යාඝ්‍රයෙක් ලෙසින් බඳ පටිය ළෙලවමින් භානුට පහර පිට පහර එල්ල කරන අප්පොත් වියරු වැටුණ සෙල්ලම්මා ගේ නෙතට හසුවුණේ එක් ක්ෂණයකට. බැට කෑමටම උපන් සමාජයක ඉපදී සිටි සෙල්ලම්මා ඇතුළු ගැහැණුන් එයින් මිදී යාමට නොදැන සිටියත්, සිය දියණිය හෝ මේ නරා වළෙන් ආරක්ෂා කරගෙන ඇයව ඉහළින් තැබීමට නූගත් ගැහැණියක වූ සෙල්ලම්මාට උවමනා වී තිබුණා. නමුත් ජීවිතයෙන් හැකි තරම් පීඩා විඳි ගැහැණුන් ඒ වේදනා නිසාම දිනෙක මුවහත් වන බව බොහෝ පීඩකයන් නොදන්නා රහසක්. එසේ මුවහත් වූ ගැහැණියකට අසීමාන්තික ශක්තියක් හිමි වන බවත් රහසක්. රන් කන්දක් සේ රැකගත්, ප්‍රාණ සම දියණිය සතු සියළු වත්කම් තමා ඉදිරිපිටම සුනුවිසුනු වී යද්දී, ඈ විඳින වේදනාව දරා ගත නොහැකි වූ සෙල්ලම්මාගේ හදවතේ ගැඹුරේ, සිය දියණිය වෙනුවෙන් උපන් මහා ධාරක ප්‍රේමය දෝරෙ ගලා යන මොහොතක, අවතැන් සිතේ එක් රැස් වී තිබූ සියළු වේදනාවන්, අව්‍යාජ මාතෘ ප්‍රේමයේ හා ස්ත්‍රීත්වයේ වේදනාව අත රැඳි මන්න පිහිය දිගේ ගලා විත් පිට පිට ම දෙවරක් අප්පොගෙ ගෙල මතට පතිත වීමට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයක්.... ස්තුතියි ❤️ ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතා වෙනුවෙන් පිටුවේ ඉඩ ලබාදෙන ඇඩ්මින් තුමා/තුමියට වගේම ඔයාලගෙ ආදරණීය අදහස්, යෝජනා, චෝදනා මේ හැම එකකටමත් ගොඩක් ස්තුතියි ❤️ කතෘ අයිතිය සුරකින්නපොඩ්ඩාගේ කොලම 3 දවසක් අපේ තාත්තා මුන ගැසීමට පැමිණියේ රටේ කවුරුත් දන්නා මංත්‍රී මාමා කෙනෙක්ය. ඒ මාමා අපේ තාත්තාගේ පරණ යාලුවෙකි. “බලන්නකො අපේ ලොක්කා යන යන තැන පුදුම පිළිගැනීමක්නෙ තියෙන්නේ .වැඩිපුරම කාන්තා පක්ෂයෙන් තමයි.දැක්කම වට කර ගන්නවා “ ඒ මාමාට ලොක්කා ගැන ඇත්තේ ඊරිසියාවකි. “ඉංග්‍රීසියෙන් කතා කරන නිසාද?” මාමාට සැකය. “වෙන්න පුලුවන් “තාත්තාද ඉංග්‍රීසිය උස්සා තැබුවේය. “මං මොනාද කරන්න ඕනෙ.කියල දෙන්න බැරිද කතා කරන විදිය? හැබැයි කඩ්ඩෙන් තමයි “ “නෑ ඉතින් වැඩි යමක් නෑ.හොඳට හිනා වෙලා Are you married ? How many children ? වගේ ප්‍රශ්න අහන කොට ගෑනු කට්ටිය හරි කැමතියි නෙ” අපේ තාත්තා අවවාද අනුශාසනා කළේ එලෙසින්ය. මංත්‍රී මාමා කවදත් කළබළය.චංදය
දවසට මෙන් වැඩේ කරගත් පසු එතැන රැදෙන්නේ නැත .මං පස්සෙ දවසක එන්නම් කියා විගහට යන්නට ගියේය .අපේ අම්මා කේන්තීයෙන් “කඩි කුලප්පුවද කොහෙද හැදිල “ කියා බැන්නේ ඒ මාමාට විය යුතුය . වැඩි දවසක් ගියේ නැත .අර මංත්‍රී මාමා කඩාගෙන ආවේය .මුහුනද හොඳ නැත. කම්මුල් දෙකම රතු පාටවෙලාය. “ හරි වැඩේනෙ.ඔයා කියල දීපු විදියට කතා කලා පාටි එකකදි .ආපු නෝනල දෙන්නෙක් එක්ක” “ඉතින්” “මං එක ගෑනු කෙනෙක්ගෙන් ඇහුවා Are you married කියල “ “එතකොට “ අපේ තාත්තාටද ඉවසිල්ලක් නැත. “ඒ මනුස්සයා No කිව්වා “ “ඊට පස්සේ “ “ඊට පස්සෙ මං උන්දැගෙන් ඇහුව How many children කියල.මේ කම්මුල රතු වෙන්න හම්බ උනා” “”අනික් එක රතු උනේ කොහොමද “ තාත්තාට ඇත්තේ පුදුම කුතුහලයකි. “ඊලග පාටි එකේදි මං නෝන කෙනෙකුගෙන් ඉස්සෙල්ලාම ඇහුව How many children කියල. එයා උත්තර දුන්න two කියල.මං ඊට පස්සේ තමයි ඇහුවෙ Are you married කියල.ගිය පාර වගේ ගුටි කන්න බැරි හින්දා.ඒ උනාට මේ අනික් කම්මුල” බලාගෙන යන විට එදා අපේ තාත්තා මංත්‍රී අංකල්ට ඉංග්‍රීසි වාක්‍ය දෙක කියා දුන්නාට එහි සිංහල තේරුම කියා දීලා තිබුණේ නැත. එය දැනගැනීමට තරම් ඉස්පාසුවක් ඒ අංකල්ට එදා තිබිලා නැත.නොදන්නා බව පෙන්වීමටද කැමති නැති වූ නිසා ඒ වෙනුවට ලැබුනේ මරු තෑග්ගක්ය. “ඔය යකාට ඔහොම හරි හොඳ කම්මුල් පාරවල් දෙකක් දීගන්න හම්බවෙච්ච එකත් ලොකු දෙයක්” මංත්‍රී මාමා ගේට්ටුවෙන් එලියට යනතුරු බලා සිටි අපේ අම්මා කීවාය. තවත් දවසක් බොඩිගාඩ් මාමලා වටකර ගෙන තාත්තා හමුවීමට පැමිණියේ ප්‍රසිද්ධ ඇමති මාමා කෙනෙකුය.ඒ මාමාගේ අමාත්‍යාංශයේ උත්සවයක පිලිගැනීමේ කතාව පැවරී තිබුණේ එතුමාටය.රටේ නායකතුමා, පිටරටවලින් එන අංකල්ලා ඇන්ටිලාද සිටින නිසා ඒ කතාව ඉංග්‍රීසියෙන් ලියල දෙන්න කියලා තාත්තාට කීවේය . තාත්තා ලියුම ලියා දෙන ගමන් ඇමති අංකල්ට කිව්වේ අකුරු පැහැදිලි නැත්නම් ටයිප් කර ගන්නා ලෙසටය.උත්සවයට අපටද ආරාධනා කල නිසා තාත්තා ගියේ මා සමගය. උත්සවය තිබුණේ කොලඹ ලොකු හෝටලේකය.ඇමති මාමා තාත්තාගෙ කතාව පටන් ගත්තේ හරිම උජාරුවටය. Your excellency the President …Distinguish guests I welcome ….. එසේ පටන්ගෙන සියලු දෙනාම පිලිගත් එතුමා දැන් කතාව කර ගෙන ගියේය.කතාව කලේ විනාඩි කීපයකි.නැවතත් ඇමති මාමා Your excellency the President…Distinguish guests I welcome ….. කියා අර කතාවම නැවතත් කියා ගෙන යන්නට විය.අමුත්තන් මුහුනට මුහුන බලා ගනිද්දී නිලධාරී අංකල් කෙනක් පැමින ඇමතිතුමන්ට කුමක්දෝ රහසින් කියා ලියුම පරීක්ෂා කොට කොල කීපයක් අයින් කර ගෙන ගියේය . වෙලා තිබුණේ නියම වැඩකි.ඒ කාලෙ තිබුණේ ටයිප් රයිටර් ය. ටයිපිස් ඇංටි තාත්තාගේ ලියුම ටයිප් කර තිබුණේ කාබන් කොපියක්ද සමගය.ඇය හෝ කවුරුන් හෝ උවමනාවෙන්ම වාගේ ඒ කාබන් කොපිය අයින් කර තිබුණේ නැත.තමාගේ වරදක් නොවන නිසා අපේ තාත්තා පෙත්තක් දිව යටින් තබා ගෙන සැනසුම් සුසුමක් හෙලුවේය. තවත් දවසක තාත්තාට යාලුවෙක්ගෙන් ආරාධනාවක් ලැබුණේය.ඒ යාලුවා අපේ තාත්තාගේ ඉංග්‍රීසි පංතිය ගැන දන්නා අතර බොහෝ වේලාවට එහි අඩුපාඩු සෙව්වේ තාත්තාට වඩා තමාට ඉංග්‍රීසි දැනුමක් තිබෙනවා යයි සිතා ගෙනය. සාදයක් උනත් තවත් ආරාධිතයන් වූයේ තුන් දෙනෙකු පමණක් බවත් ඒ තුන් දෙනාම අපේ අංකල්ගේ ඔෆීසියේ ලොක්කො තුන් දෙනා බවත් අංකල් තාත්තා සමග කිව්වෙ මහ උජාරුවටය.අපි කල් වේලා ඇතිව පාටියට ගොස් හිටියත් පැය භාගයක් පැයක් පමණ යනතුරුත් අංකල් කිවූ ලොක්කෝ කවුරුවත් ආවේ නැත.පැය දෙකක් පමන යනවිට අංකල්ගේ මුහුන අප්සට් වූයේය. “ඔයාට විශ්වාසද එයාලට ඉන්විටේශන් එක පැහැදිලිව කලා කියල” “ ඔව් ඔව් මිස්ටර් මං තුන්වැනි ලොක්කගෙ ඉදලා ලොක්කන්ට ඉන්වයිට් කලේ යූ කම් , යූත් කම් යූ මස්ම කම් කියල “ “ඔයා ඔය විදියටමද ඉන්විටේශන් එක කලේ” අපේ තාත්තා සාවදානව අංකල්ගෙන් ඇසුවේය. “ඔව් මිස්ටර් .ලොක්කාට ටිකක් බර දාලත් කිව්වෙ “කියා කියන විට තාත්තා ඇස පුංචි කර මං දිහා බැලුවේය. තවත් දවසක් අපේ තාත්තා හමුවීමට පැමිණියේ පලාතේ දේශපාලන ලොකු අංකල් කෙනෙකුගේ ලේකම් යයි කියා ගන්නා අංකල් කෙනෙකි.පිං අතේ වැඩක් යයි කියූ හන්දා තාත්තා එම වැඩේට අය කළේද නැත.තමාගේ ධන පරිත්‍යාගයෙන් ලොකු අංකල් අපේ පංසලේ ඉදි කරන සැතපෙන පිළිමය විවෘත කලාට පසු ඒ අසලින් ඒ අංකල්ගේ නම සහ ගුණ සදහන් කරමින් ඉංග්‍රීසියෙන් ලියනු ලබන විස්තරය ඇතුලත් ඵලකයකි.එම විස්තරය තාත්තා ලවා ලියවා ගැනීමටයි ලේකම් අංකල් ආවේ.සැතපෙන පිළිමයක් බැවින් තිරස් අතට සිටින සේ තාත්තා එතුමාගේ ගුණ වරුනාව ලියලා දුන්නේය.වැඩේ කර ගෙන ගියාට පසු ලේකම් අංකල්ව අප දුටුවේ නැත .කණින් කොනින් ආරංචි වූයේ ආරම්භ කරන දිනට පෙර දින පලමු වරට පංසලට පැමිණි ලොකු ඇමති අංකල් මුළු ප්‍රදේශයටම පේන ලෙස පිලිමය හිටි පිළිමයක් සේ කෙලින් කරන මෙන් ගෝරණාඩු දමා ඇති බවය. අපි පසුව පංසල් ගොස් පිලිමය වන්දනා මාන කළෙමු.දැන් එහි ඇත්තේ හිටි පිලිමයකි. අපේ තාත්තාගේ විස්තරය කියවීමට අවශ්‍ය කෙනෙක් එය කියවිය යුත්තේ නම් සැතපිලාය. බන්දුල පෙරේරාකවීෂා. " මතකද අර මල් ගඟ..? " " හූම්..." " ඉස්සර අපි එතනට කොච්චරවත් යනවා.. මල් දානවා.. හිනා වෙනවා.. අනේ ඒ කාලේ... කොච්චර සුන්දර ද , මොන තරම් මිහිරි ද..." " ඔව් ඇත්තටම... එකාතකට අපි සතුටු වෙන්න ඕනි.. අඩුම තරමේ අපිට එහෙම කාලයක් තිබුණානෙ..." හිමාෂ් උණු චොක්ලට් උගුරක් බොන ගමන් කවීෂා ට එහෙම කිව්වෙ හිමාෂ්ගෙ බැල්කනියට පේන මීදුමෙන් වැහුණු කඳු පන්තිය දිහා බලන ගමන්. ඒත් එක්කම හදිසියෙන් වගෙ ඔහුට යමක් මතක් වුණා. " ඇත්තටම මම අහන්නම හිටියෙ කවීෂා.. ඔයා ග්‍රැජුවේෂන් එකෙන් පස්සෙ කොහෙද අතුරුදහන් වුණෙ..? අපි කොච්චර ඔයා ගැන හෙව්වද..? " කවීෂා⁣ගෙ නම කවීෂා විතරයි. ඇය කවදාවත් ඇගෙ උප්පැන්න සහතිකයෙ තිබ්බ වාසගම පාවිච්චි කරේ නෑ. ඇගෙ දෙමව්පියන් කවීෂා ට වයස අවුරුදු දහයෙදි දික්කසාද වුණා. ඒ දෙන්නම විවාහ වෙලා රටවල් දෙකකට ගියා. එදා ඉඳලා කවීෂාව බලාගත්තෙ කවීෂාගෙ අත්තම්මා. නමුත් මුදල් එව්වෙ ඇගෙ දෙමව්පියන් , ඒ නිසා කවීෂා ට මුදලින් අඟහිගයක් තිබුණෙ නෑ. නමුත් කවීෂා විශ්ව විද්‍යාලයට ආපු පළමු වසරෙදි කවීෂා ගෙ අත්තම්මා අන්ත්‍රා වුණා. ඊටපස්සෙ කවීෂා තනි වුණා. නමුත් ඇය ඒ හුදකලා ජීවිතයට අසීමාන්තිකව ප්‍රේම කළා. " මම ගියා අම්මව බලන්න , ඊටපස්සෙ තාත්තව බලන්න.." ඇය බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නා. ⁣" කොහොමද මම ඉන්න තැන හොයාගත්තෙ..? " කවීෂා තමන්ගෙ අපාට්මන්ට් එකේ දොර ගාව හිටගෙන ඉන්නවා දැක්ක වෙලාවෙ ඉඳලාම හිමාෂ් ඇගෙන් අහපු ප්‍රශ්නය නැවතත් ඇහුවේ කුතුහලය පිරි දඟකාර හිනාවක් සහිතවයි. " මට ඒ දවස් වල ඉඳලම විශ්වාස කරන්න පුළුවන් ආදරණීය යාළුවෙක්ට හිටියේ ඔයා විතරයි හිමාෂ්.. ඒකයි මම ඔයාව කොහොම හරි හොයා ගත්තෙ....මම ඔයාට ආදරෙයි...! " ඇය කිව්වා. ඒ කතාවට හිමාෂ් සතුටු විය යුතුව තිබුණත් ඔහුගේ හිත තරමක් ගැස්සුණා. නමුත් ඔහු ඒ සියළු හැඟීම් යටපත් කරගෙන හිනා වෙලා ඈත බැලුවා. හිමාෂ් කාලයක් උත්සහ කරා කවීෂා එක්ක සමීප සබඳතාවයක් ගොඩ නගාගන්න. කැම්පස් එකේ හිටිය ගොඩක් පිරිමි කවීෂාව දැක්කෙ ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩයක් විදියට. ඒකට එක් හේතුවක් වුණෙ ඇයගෙ සුඛෝපභෝගී , නිදහස් ජීවන රටාව. උන්ට ඒක අදහාගන්න බැරි ,දරාගන්න බැරි කාරණයක් වුණා. ගොඩක් ගැහැණු ඇය එක්ක දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළුණා. කවීෂා ඒ ගැන වධ වුණෙ නැහැ. ඇය ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ඇඳුම් ඇන්ඳා. බ්‍රෑන්ඩඩ් බෑග්ස් , ඔරලෝසු , පර්ෆියුම් වර්ග පාවිච්චි කරා. තමන්ගෙ වාහනයෙන් තමන්ට හිතුණ වෙලාවක හිතුණ තැනක ගියා. ඒ වගේම හොඳටම ඉගෙන ගත්තා. ඉතින් ඇයගෙ සාර්ථකත්වය දකින බොහොමයක් ගෑණුන් සහ ඇයව හිමි කරගන්න උත්සහ කරලා බැරි වුණ පිරිමින් ඇයට වෛර කරා , අපහාස කරා. නමුත් කවීෂා නිහඬවම තමන්ගෙ ගමන ගියා. මේ සංවාදයෙන් පහුවදා " මල් ගඟෙ " පාවි පාවි තිබ්බ මිනියක් දැකලා ගම්මු වහාම පොලිසියට දැන්වූවා. ගිලිලා මැරෙන්න තරම් ජල කඳක් නැති ගඟෙ නීරෝගි ශක්තිමත් පිරිමියෙක් මැරුණෙ කොහොමද.? කවුරුත් මරලා දාලත් නෑ.! " සර්, පහුවුණ අවුරුදු හතරක කාලය තුළ මල් ගඟෙ හම්බුණ හතර වෙනි මළකඳ මේ.. හරිම අමුතුයි.. එකම දවසකනෙ මෙහෙම වෙලා තියෙන්නෙත්.. බිළි ගන්නවද මන්දා..." " අනේ මන්දා බං..කෝකටත් අර මීට කලින් මැරුණු තුන්දෙනාගෙ විස්තර අරගෙන එමු බලන්ඩ.. මටත් ටිකක් සැකයි වගෙ..." " මේ හතර දෙනාම එකම වයසේ සර්.. මේ පිරිමියා එක්ක දැන් පිරිමි දෙකයි , ගෑණු දෙකයි. මේ හතර දෙනාම එකම විශ්ව විද්‍යාලයක එකම බැච් එකේ.. නමුත් විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සේ මේ මැරුණු හතර දෙනා සමීප සබඳතාවයක් තිබිලාම නැහැ.." " මේ මැරිච්ච හාදයාගෙ ගෙදර එවුන් ආවද ? අඳුන ගත්ත ද ? " " ඔව් ඔව්... ආන් මරලතෝනි දි දි මිනිය අරගෙන ගියා. එක ගෑණියෙක් අහනවා ඔයාලා දවස් දෙකක්ම අපේ පුතාගෙ මිනිය තියන් මොකද කරේ කියලා. කියන්න කටට කුණුහරප ගොන්නක් ආවත් ඒවා හිර කරගෙන හිටියා සර්..." " හ්ම්ම් , අපි පොලිස්කාරයො ඉවසන ඉවසීමට බං බුදු වෙනවා දවසක...හරි කවුද දැන් මේ මැරිච්ච එකා..?" " සමන් පත්බෙරිය , විවාහක එක් දරු පියෙක්. අකවුන්ටන්ට් කෙනෙක්.. " " මිනිහගෙ⁣ වටිනා දේපළ එහෙම නැති වෙලාද..? " " නෑ සර් ඔය මැරුණු හතර දෙනාගෙම මුකුත්ම නැති වෙලා නෑ.. උන්ට විශේෂ තරහ කාරයොත් නෑ.. සුවිසයිඩ් කියලා කේස් ක්ලෝස් කරමු සර්..." " බෑ ජගත්... මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.. දොස්තර කියනවා මිනිහෙක්ට පිහිනලා යන්න පුළුවන් මට්ටමක වතුරක එහෙම මැරෙන එක අස්වාභාවිකයි කියලා... ඒත් මරපු බවට සාක්ෂිත් නෑ... මුන්ට පිහිනන්න බැරිද..? " " ඒක හොයලා බලන්ඩ ඕනි සර්..." " හරි අපි හිතමු මැරෙන්ඩම ඕනි කියලා.. ඇයි මේ ගඟම තෝරගන්නෙ..? ඔය සමන් කියන මනුස්සයා ගම්පහ කියලා නෙ කිව්වෙ.. මොකටද නුවරටම එන්නෙ..? මැරුණු එක කෙල්ලෙක් නම් නුවරමනෙ..ඒකි හරි කියමු.. අනිත් එවුන්..? " " අනිත් දෙන්නමත් කොළඹ සර්.. ඒ කීවේ නුවරින් පිට.."
" හ්ම්ම්... මෙතන වෙන සිදුවීමක් තියෙන පාටයි...දොස්තර කියනවා මිනිමැරුමක් නම් නෙමෙයිලු.. එහෙම ගිල්වලා මරපු බවක් හෝ මරලා ගිල්වපු බවක් පේන්නෙ නැහැලු.. මාර ප්‍රශ්නයක්. ඒත් ඩොකාටත් ප්‍රශ්නයක් ඇයි පිහිනන්න පුළුවන්කම තියන් එහෙම කරේ කියලා... " " සුවිසයිඩ් සර්..ඕක සුවිසයිඩ්..." ජගත් කෙසේ කීවත් ඕ.අයි.සි දිලිප්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහු හෙමි හෙමින් මේ සම්බන්ධව හොයන්න ගත්තා. ඔහුට මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය හොයන්න සෑහෙන්න වෙහෙසක් දරන්න වුණා. " හිතාගන්න බෑ මචං ඔය සිදුවීම් ගැන.. මම උන්ට පහළ බැච් එකේ හිටියෙ.. උන් හරි ෆිට් එකේ හිටි සෙට් එකක්.. තව තුනක් ඉතිරියි... ඔය සෙට් එකට පිටින් ආවා කවුරුහරි , අන්න ඒ හාදයා ආවට පස්සෙ ඔතන ප්‍රශ්න ඇති වෙන්න ගත්තා..." "කවුද ඒ සෙට් එක..? මැරුණු හතර දෙනාට අමතරව ?" " හතරක් නෙමේ ඔය සෙට් එකේ පහක් මැරුණා..." " පහක්...? " " ඔව් මුලින්ම කවීෂා.. කවීෂා මළාම තමයි සෙට් එක දෙදරලා ගියෙ. කවීෂා මැරුණෙ නම් නිදිපෙති ගොඩක් බීලා ගඟට පැනලා..ඒත් ඇත්තටම ඒකිට එහෙම කරගන්න කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ...ඒ සිද්ධිය උන් සෙට් එකට ලොකු කම්පනයක් ඇති කරා. කවීෂා එක්ක කැම්පස් එකේ බහුතරයක් ඉරිසියයි. නමුත් ඔය සෙට් එක මාර ෆිට්.. උන් උන්ව ජජ් කරේ නෑ. එකමුතුව හිටිය සෙට් එක කවීෂාගෙ සිද්ධියෙන් පස්සෙ වෙන් වෙලා ගියා. ඊටපස්සෙ අපිට අවුරුද්දක් පාසා මරණ ආරංචි වුණා. මල් ගඟේම.. අපි හිතුවෙ කවීෂා බිලි ගන්නවා කියලා.. එච්චරයි..." ඕ.අයි.සී දිලිප්ගෙ මිත්‍ර⁣යෙක් පැවසූ ඒ තොරතුරු අනුව මේ කතාවට තරමක ආලෝකයක් ලැබුණා. " කවුද අර පිටින් ආපු හාදයා..?" " පොර මෙඩිකල් ෆැකල්ටියෙ.. මෑන්ස් කවීෂාට පට්ට ලව්.. ඒත් කවීෂා කැමති වුණෙ නෑ..ඊටපස්සෙ මිනිහා හෙමින් සැරේ එතන සෙට් එකෙන් ඈත් වුණා.. ඌ සෙට් වෙලා හිටි කාලෙ ඔය සෙට් එක අතරේ ගැටුම් තිබුණා.. මොකක්ද හේතුව කියලා දන්නෙ නෑ..." " අර ඉතිරි තුන් දෙනා කොහෙද කියලා දන්නවද..?" " තුන්දෙනා ගැනම නම් දන්නෙ නෑ.. එකෙක් නම් මෙහේ බැංකුවක වැඩ.. ඌව සෙට් කරලා දෙන්නම්..! " ඒ අනුව දිලිප්ට සඳුන්ව මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණා. " අපි ඒ කාලෙ හරිම සතුටින් හිටියෙ.. ඒ සතුටට ප්‍රධාන හේතුව කවීෂා , ඒ කාලේ අපේ අතේ සල්ලි නෑනෙ..ඉතින් කවීෂා හැමදාම අපිටත් එක්ක වියදම් කරා. මාරම හිත හොඳ කෙල්ලෙක්. අපි ටියුෂන් කරලා හම්බ කරන කාලෙ වියදම් කරන්න හැදුවත් කවීෂා ඒක නැවැත්තුවා , හැමදාම ඒකි කිව්වෙ උඹලට ප්‍රශ්න , වගකීම් , බැඳීම් තියෙනවා , මට එහෙම නෑ ඒ නිසා මම ඒ වියදම් බලාගන්නම් කියලා..කවීෂා අපිට ලෙංගතු වුණෙත් අපි කවීෂාට ඉරිසියා නොකරපු නිසා , අපි කවීෂා වෙනුවෙන් පෙනී හිටියෙ කවීෂා අපිව දන්නෙවත් නැති කාලෙ. ඒකෙන් අපි මාරට සෙට් වුණා.. කවීෂා අපිටත් අපි කවීෂාටත් ආදරේ කරා. ඔහොම ඉද්දි අපිට අහම්බෙන් සෙට් වුණා හිමාෂ් ව.. මෙඩිකල් ෆැකල්ටි ඩයල් එකක්..." දිලිප් බිබි හිටිය බීර උගුර පපුවෙ හිරවෙනවා වගෙ දැණුනා...! " මොකක්...? හිමාෂ්...? සම්පූර්ණ නම කියපන්..." " හිමාෂ් විජේතුංග.." " යකො.. මේ කියන්නෙ දොස්තර හිමාෂ් විජේතුංග ? දැන් ඉන්න අධිකරණ වෛද්‍ය නිළධාරි..???? ආහ්...? " පොලිස් නිළධාරියාගෙ හැසිරීමට සඳුන් කලබල වුණා.. "ඇයි ඉන්ස්පෙක්ටර්..? මොකක්ද ප්‍රශ්නය..? " " ප්‍රශ්නය දැන් තමයි නිරාකරණය වුණෙ සඳුන්.. තැන්කියු සෝ මච්..." සඳුන් කිසිවක් සිතාගත නොහැකිව සිටියදි දිලිප් විදුලි වේගයෙන් දිව ගියේ හිමාෂ්ව කොටු කරගන්න. නමුත් ඔහු ඒ වන විටත් ප්‍රමාදයි. හිමාෂ් මල් ගඟෙ පාවෙමින් හිටියා. නමුත් ඔහු අපූරු කතාවක් ලියා තිබුණා. ".... මම කවීෂා ව දැක්කෙ අහම්බෙන් , එදා ඉඳලම මට එයා ගැන ලොකු වුවමනාවක් ආවා. මම ඊටපස්සෙ එයාගෙ ටීම් එකට එකතු වුණා. නමුත් එකේ හිටි ගෑණු දෙන්නෙක්ටයි , පිරිමි දෙන්නෙක්ටයි මාව දිරෙව්වෙම නෑ. උන් කවීෂා ට හැම වෙලාවෙම කිව්වා මාව කවීෂා ට ගැළපෙන්නෙ නෑ කියලා. කවීෂා බැ ල්ලිත් උන් කියපුවා විශ්වාස කරා. මම හැම වෙලාවකම උත්සහ කරා කවීෂා ව උන්ගෙන් වෙන් කරගන්න. ගලවගන්න.. ඒකට මම ගොඩක් වෙලාවට බොරු කියලා , කේලම් කියලා උන්ව කෙටෙව්වා. ඒවගෙන් උන් අතර ප්‍රශ්න ඇති වුණත් මම හිතුව තරම් ප්‍රථිපලයක් ආවෙ නෑ. මම පොඩි කාලේ ඉඳලම මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් හිටියෙ. ඒ ගතිය මේ සිදුවීම් වලින් උග්‍ර වුණා. ඒ අතර තුර කවීෂා වෙන එකෙක් එක්ක යාළු වෙන්න තීරණය කරා. මට හිමි නැත්තම් කාටවත් ඕනි නෑ කියන මතය මගෙ ඔළුවෙ තිබුණා. ඒ අතරතුර කවීෂා රට ගියා. දවසක් එයා මාව හොයාගෙන ආවා. එයා ඇවිත් කිව්වා අපිව වෙන් කරන්න හදපු එවුන්ව මරමු කියලා . මම කවීෂා කියන දෙයක් නොකරන එකෙක් නෙමෙයි. ඉතින් මම ළඟට ගිහින්ම අරුන්ව එක්කරගෙන ආවේ සෑහෙන බොරු කියලා. ඒක කරගන්න ම⁣ට ගොඩක්ම වාසි වුණෙ උන් එකිනෙකා අතර සම්බන්ධතා නොතිබීම. කවීෂා තමයි මට හැමදාම ඇවිත් කිව්වෙ එයා විශ්වාස කරන්නෙ මාව විතරයි කියලා.. එයාට දැණුනෙ මාව විතරයි කියලා. එයා අවුරුද්දකට පාරක් මාව හොයාගෙන ආවේ කොහොමද මන්දා.. මම කොහේ හිටියත් එයා ආවා. එයා ආවම අපි හැමදාම එකම දේ එකම විදියට කතා කරා. ඒ කතා බහින් මම කවදාවත්ම හෙම්බත් වුණෙත් නැහැ. මම මරපු එවුන්ගෙ පශ්චාත් මරණ පරීක්ෂණයත් මටම කරන්න හම්බුණාම මට තවත් සතුටු හිතුණා. මම පොලිසියට සැක නොහිතෙන්න රඟපාපු අවස්ථාවනුත් තිබුණා. පළමු එකාව කපද්දිත් මට හරිම හරිම හරිම සතුටක් ආවා. කවීෂා කිව්වා හතර දෙනාම ඉවර කරනකම් මට ඒ ඉස්පිරිතාලෙම ඉන්ඩ කියලා. ඒත් දෙවනි එකේදි මට මාරුවීමක් හම්බුණා. නමුත් දන්න අඳුරන හැමෝගෙම මාර්ගයෙන් මම ආපහු මේ ඉස්පිරිතාලෙටම ආවා. හැමදේම හරිම ලස්සනට හොඳින් වුණා. එහෙම ඉද්දි මට හම්බුණා කැම්පස් කාලෙ මට හිටි පරණ යාළුවෙක්. මිනිහා දන්නවා ඒ කාලෙ මම කවීෂාට ලව් කියලා. මිනිහා ඉතින් පරණ කතා කිය කිය ආ ගිය තොරතුරු කතා කරද්දි එකපාරටම කිව්වා.. // මචං උඹේ පරණ ලව් එක , කවීෂාගෙ අවතාරේ යාළුවන්ව බිලි ගන්නවලු නේද..? උඹත් පරෙස්සමින් , ඒකිට පාළු නිසා උඹවත් අරගෙන යයි...// // මොකක්ද ?? අවතාරේ ? පිස්සු ද උඹට..? // // මමත් ඔය බහුබූත නම් විශ්වාස කරන්නෙ නෑ බං. නමුත් එතන මහ අමුතු දෙයක්නෙ වෙන්නෙ.. ඒකියෙ හොඳම යාළුවො හතරක් ඒකි මැරුණු දවසෙම එතනම ගිලිලා මැරෙන එකේ නැද්ද අමුත්තක් ? ඒකි මැරිලා අවුරුදු දෙක යද්දි සිද්ධිය පටන් ගත්තෙ..! // මගෙ යාළුවා එහෙම කියද්දියි මම දැනගත්තෙ කවීෂා මැරිලා කියලා. එතකොට මගෙ ගාවට ආවේ කවුද..? මට කවීෂා නැතිව බෑ..මමත් එයා ගිය තැනටම යනවා.." " මූ මහ පි ස්සු හු....ක්නෙ ජගත්... මේකා තද සයිකො කාරයෙක්..." " ඒකනෙ සර්... මාර මගුලක් නෙ.. මෙව්වා මම දැක්කෙ දෙමළ චිත්‍රපටි වල විතරයි..." නමුත් කතාව ආපහු වෙනස් වුණා. ඒ හිමාෂ් ගෙ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පස්සේ. හිමාෂ් සියදිවි හානිකරගෙන තිබුණෙ නැහැ. හිමාෂ්ව මරලා තමයි ගඟට දාලා තිබුණෙ. මේ සිද්ධියෙන් පස්සේ දිලිප්ට වැඩ රාජකාරි වැඩි වුණා. දිලිප් නැවතත් පිස්සුවෙන් වගෙ තොරතුරු පසු පද හඹා ගියා. එතකොටයි දැනගන්න ලැබුණෙ කවීෂා ඒ කාලේ යාළු වෙන්න හිටි පෙම්වතා ගැන.. ඔහු සුදේශ්. " මම දැනගත්තා කවීෂා කවදාවත් සුවිසයිඩ් කරගන්නෙ නැති බව.. මම එදා ඉඳලම ඔය පිස්සා ගැන අවධානයෙන් හිටියෙ. මිනිහා කවීෂා ගෙ මළ ගෙදර ආවෙත් නෑ. ඌ කවීෂා ⁣ගෙ මරණයෙන් පස්සේ සමහර තැන් වල කියලා තිබුණා කවීෂා ඇවිත් ඌ එක්ක කතා කරනවා කියලා. ඒ නිසා මම දැනගත්තා මිනිහට පිස්සු උග්‍ර වෙලා කියලා. ඒ වගේම මට තේරුණා කවීෂා ගෙ යාළුවො හතර දෙනාගෙම මිනීමැරුම් පිටිපස්සෙ ඉන්නෙත් මිනිහා බව. මම ඉතින් මිනිහව හොයාගෙන ගියා. ඕකට මම ගුටි ගැ හුවා.. ඇති වෙන්න ගැ හුවා මිනිහා මට පාපොච්චාරණයක් කරා. දෙයියනෙ සර් ඌ හිතලා තියෙන්නෙ කවීෂා තාම ජීවත් වෙනවා කියලා. ඌ කියනවා කවීෂා රට ගියාලු.. මූ මොකෙක්ද සර්...? කවීෂා ඇවිත් ඌ එක්ක කතා කරන ඒවත් කියනවා. මට ඇත්තටම මාර බයක් ආවා මෙි පි ස්සා ගැන. නමුත් මම ඌ ලව්වම උගෙ පාපොච්චාරණය ලියවලා කවීෂා ගිය තැනින්ම ඌවත් යැව්වා...මම එහෙම නොකරන්න තව ගොඩක් අපරාධ වෙනවා..." " සුදේශ් ඔයා ඔච්චර මඟුලක් කරන්න කලින් අපිට කිව්වා නම් ඕකාව අපි එල්ලුම්ගස් යවනවා.. නිකං අපරාධයක් ඔයා මේ කරගත්තෙ...!" " සර් ඒක වෙන්නෙ නැති වැඩක්..කෝ සාක්ෂි ? ඌ ඕනි තරම් වියදම් කරලා ගැලවෙයි. දැන් මට වුණත් නඩු දැම්මට සර්ලට සාක්ෂි තියෙනවද..? හයිකෝට් ඇපයක් එනකම් රිමාන්ඩ් වෙන කාලෙ විතරයිනෙ සර්.. !" දිලිප් සහ ජගත් මූණට මූණ බලාගත්තා. මේ සිද්ධිය සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරා. සමහරු වෛද්‍යවරයා මිය යෑම සම්බන්ධව සතුටු වුණා. සමහරු දොස් කිව්වා. සමාජ මාධ්‍ය ජාලා වල කවීෂා සහ සුදේශ් ගෙ ආදරය ගැන කවි රචනා ලියවුණා. සුදේශ්ව සමහරු වීරයෙක් ලෙස ඇදහුවා. සුදේශ් මාසයක කාලයක් රිමාන්ඩ් භාරයෙ සිට ඇප මත මුදාහැරුණා. ඉන්පසු කිසිවෙකුට ඒ සිදුවීම් ගැන හාංකවිසයකවත් මතකයක් නැති වුණා. " සමහර දේවල් තියෙනවා ජගත් කොහොමද විසඳන්නෙ , කොහොමද උත්තර දෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි...ඇත්තටම මිනිස්සුන්ට සමහර අහිමිවීම් දරාගන්න බැරි තරම්. මිනීමරන්න තරම් බලපාන්නෙ ඒ සිදුවීම් , දේවල් නැත්තම් ඒ පුද්ගලයින්ගෙ තියෙන වටිනාකම් නිසාද , එහෙමත් නැත්තම් ඒ මිනිහගෙ පෞරුෂ හීනත්වය හෝ දුර්වලකම නිසාද..?" " හීන පෞරුෂය සහ දුර්වලකම සර්. ශක්තිමත් මිනිස්සු දේවල් කොහොම හරි දරාගෙන ඉන්නවා. කාටවත් හානියක් නෑ...මේවට දෙන්න මටත් උත්තර නෑ..! නිකං අපරාධෙ ජීවිත කීයක්ද..? මිනිස්සු මාස හයකට කෙසේ වෙතක මාස් පතාවත් ශාරීරික රෝග පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ගත්තා නම් වටිනවා. ශාරීරිකව විතරක් නෙමෙයි. තමන්ගෙ මානසික නිරෝගි භාවය ගැනත්...! " පූර්ණිමා චාරුණි බණ්ඩාර.ඉක්මනට වැඩටික ඉවර කරගත්තේ හවස මීටින් එකට කලින් ඔෆිස් එකට යන්න හිතාගෙන. ටයිම් ශෙඩියුල් එක බලද්දී තව විනාඩි 15න් කෝච්චියකුත් තිබ්බ හින්දා කොටුව ස්‍ටේශන් ලගින් බැහැලා, කුරුණෑගලට ටිකට් එකක් අරන් ඉක්මනට 4 වෙනි
ෆ්ලැට්ෆෝම් එකට ආවේ ශීට් එකක් අල්ලන්න හිතාගෙන, ඒත් තාම කෝච්චිය වේදිකාවට ඇවිත් තිබ්බේ නෑ. විනාඩි 5ක් විතර යද්දී මෙන්න එනවා අහන්න අකමැතිම එනවුස්මන්ට් එක " කරුනාවෙන් සවන්දෙන්න කොටුව දුම්රිය ස්තානයේ සිට අනුරාධපුර බලා ගමන් කරන සීග්‍රගාමි දුම්රිය විනාඩි 30ක් ප්‍රමාද වී දාවනය වන බව කරුනාවෙන් සලකන්න" අදාල බලදාරියො ගැන ඇතිවුනේ වචනෙන් කියන්න බැරි තරමේ ආදරයක්. දැන් ඉතින් මොනවා කරන්නද ටිකටුත් අරන්, ආයේ රිටන් කරන්නැයි. නිකන් විනාඩි 30ක් ඉන්නවා කියන්නේ පැය 30ක් ඉන්නවා වගේ. ෆොන් එකේ බැට්‍රිත් නෑ, තිබ්බනම් මූනු පොතේ උඩට පහලට හරි යන්න තිබ්බා. ඉඳගෙන හිටපු බංකුවේ අනිත් කෙලවරේ හිටියේ අවුරුදු 50ක විතර මාම කෙනෙක්, මූන කෙට්ටු ටිකක් ඇදිලා ගියපු පෙනුමක් තිබ්බේ. "මාමා කොයි පලාතෙද " " ගම්පහ " " ආ ගෙදර යනගමන් " " නෑ මේ කුරුණෑගල යනගමන් " " කුරුණෑගල කොහෙද " " ගල්ගමුවේ" " අපරාදෙ ගම්පහින් නගින්න තිබ්බේ" " මම වැලිකඩ ඉදන් එනගමන්" " ඒ කියන්නේ වැඩ කරන්නේ වැලිකඩ" "ප්‍රිසන් එකේ ඉදන් එන්නේ, අවුරුදු 18ට පස්සේ" මදැයි කාලේ ගෙවාගන්න අංකල් එක්ක පොඩි චැටක් දාන්න හිතුවා, පොඩ්ඩක් සයිලන්ට් උනේ ඩයල් එක කොහොම කෙනෙක්ද දන්නේ නැති හින්ද. පෙනුමේ තිබ්බ නිවිච්චි ගතියෙන් නම් කියන්න බෑ අපරාධ කාරයෙක් කියල. " මොකද මල්ලි බන්දනාගාරේ ඉදන් එන්නෙ කිව්වම බය උනාද" " ආ නෑ නෑ " ඇත්තටම බන්දනාගාරේ ඉදන් එනවා කිව්වට පොඩ්ඩක් අවුල් ගියා හැබැයි ඊටත් වඩා අවුල් ගියේ "මල්ලි" කීවම. " බයවෙන්න එපා මාත් මනුස්සයෙක් " " නෑ මම කල්පනා කලේ පෙනුමෙන් නම් කියන්න බෑ එහෙම කෙනෙක් කියල " " කාලේ ගියාට රටේ නම් වෙනසක් නෑ නේද මල්ලි , මීට අවුරුදු 18කට කලින් තිබ්බෙත් මේ කෝච්චියි මේ පාරවල්මයි. එදා වගේම තමයි ඒ පරක්කුවත්" " මේවා වෙනස්වෙන ඒවා නෙමෙයි " " අපේ මිනිස්සුන්ගේ වැරැද්ද , ටකරමට උදලු තලේට රැවටිලා හොරුන්ට චන්දෙ දෙනවා උන් හොඳට හම්බකරගන්නවා" "ඒක ඇත්ත" "බන්දනාගාරවල වැඩි හරියක් ඉන්නේ කවුරුහරි දේශපාලකයෙක්ට සම්බන්ධ අය තමයි" " දේශපාලකයට පාතාලේ නැතුවත් බෑ පාතාලෙට දේශපාලකයො නැතුවත් බෑ" " මල්ලි මත් වෙන දේවල් එහෙම පාවිච්චි කරනවද" " ඉදලා හිටලා බියර් එකක් නම් බොනවා" " අරක්කු බියර් නෙමෙයි මම කියන්නේ ගංජා කුඩු ටැබ්ලට් හෙරොයින් වගේ දේවල් " ඒ පාර මූ මොකාටද එන්නේ කුඩු බිස්නස් කාරයෙක් වත්ද, මම ඔලුව වැනුවෙ නෑ කියන්න. " එහෙනන් හොඳයි , කවදාවත් අත්හදාබලන්නවත් එපා" " ඇයි , එකපාරටම එහෙම ඇහුවේ" " ඒවල විපාක හොඳට අත්විදපු කෙනෙක් මම" " ඒ කිව්වේ " " මල්ලි හිතන්නේ මම මොනවා කරලා හිරේ යන්න ඇති කියලද" " මම අහන්නත් හදලා හරි නැති හින්ද ඇහුවේ නැ" " මගේ ජීවිතේ විනාශ වුනේ කුඩු හින්දා" " ම්ම්ම්ම්" " මගෙ නම කසුන් මට හොඳට ඉගෙන ගන්න පුළුවන් , ඒ වගේම ටිකක් සෙල්ලක්කාරයි. මම ගියේ ගම්පහ ප්‍රදාන ඉස්කෝලේකට. තාත්ත බිස්නස් කලේ අම්මනම් ජොබ් එකක් කලේ නෑ. මම පවුලේ එකම දරුවා . ඒ ලෙවල් කරන කාලෙයි මගේ ජිවිතේ වෙනස් උනේ" .................................................... "කස්සා අර බලපන් අරකි උඹට ලයින්" " ඔහොම කන්න වගේ බලන්න එපා යකො" සශිනි, අපේ ක්ලාස් එකට එයා ආවේ කලාස් පටන් අරන් මාස 4ට විතර පස්සේ. මගේ යාලුවා සමීර, වූ දැක්කේ කෙල්ල මගෙ දිහා බලන එක විතරයි. උන් කව්රුත් දැනන් හිටියේ නෑ දැන් මාස දෙකක් ඉදන් මම එයාට ට්‍ර්‍යි කියල. සමීරට වැඩේ මීටර් වුන හින්දා උගෙන් උදව්වක් ගන්න තීරනේ කලේ ඌ ඒවට එක්ස්පර්ට් හින්දා. " සමීරයා මේ මට ඒකි එක්ක කතාකරන්න ඕනේ බන්" " හරි වැඩේ කෙරුනා කියල හිතාගනින්" කලාස් ඉවරවෙලා යද්දි කිව්වා වගේ සමීර එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි හැමෝටම හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ. එයා දීලා තිබ්බේ ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක. " හෙලෝ" " හෙලෝ කවුද මේ" එහා පැත්තේන් ආවේ ගොරෝසු පිරිමි කටහඩක්, කෝල් එක කට්කලා නෙමෙයි කට්වුනා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ කෝකටත් ආයේ ගත්තේ සශිනි ආන්ස්වර් කරයි කියල " හෙලෝ" "හෙලෝ " "ආ හෙලෝ මම කසුන් " " ආ කසුනි කියන්න" " කසුනි නෙමෙයි මොඩියේ කසුන් " " මගෙ කන් ඇහෙනවා, ඇයි කෝල් කලේ" " හෙට පංති එනවනේ" "ඔව් හෙට එනවා කසුනි" ටිකක් වෙලා කතාකරද්දියි තේරුනේ ගෙදර කවුරුහරි ලග ඇති කියල. එහෙම පටන්ගත්ත අපේ කතාව ගොඩක් දුර ගියා. අපි දෙන්නගේ සම්බන්දෙ ටික කාලයක් යද්දී ගොඩක් ශක්තිමත් උනා. අපි දෙන්නට දෙන්න නැතුව බැරිඋනා. ඇත්තටම එයා මට ගොඩක් ආදරේ කලා. එයාගේ ටාගට් එක උනේ කැම්පස් ‍යන්න. අපි හම්බුනා, කතාකලා ඒත් පාඩම් වැඩ වලට බාදාවක් කරගත්තේ නෑ. ඔය අතරේ මට සමීර මගෑරුනා, ඌ ටිකක් වෙනස් වෙලා කියල දැනුනත් ලොකුවට ගනන්ගත්තේ නෑ. අපි දෙන්න ඉදලා හිටලා ගෙවල් වලට හොරෙන් බියර් එකක් බොන්න පුරුදු වෙලා හිටියේ. සශි එක්ක යාලූනාට පස්සෙ ඒකත් පොඩ්ඩක් නැවතුනා. අපේ අම්මලා ටිකක් දුරක මලගෙදරක ගිය දවසක සමීරට අපේ ගෙදර එන්න කිව්වේ පාඩම් කරන්න, එතකොට විභාගෙට තිබ්බේ මාස 4ක් විතර. පාඩම් කරන්න කිව්වට පාඩම් විතරක් නෙමෙයි කාලෙකින් සෙට් වෙන්නත් බැරිවුන හින්ද. " මචං සුපිරි බඩුවක් තියෙනවා මොකද කියන්නේ ට්‍ර්‍යි කරලා බලමුද" ඒ වෙද්දිත් අපි දෙන්න බියර් බෝතල් දෙක තුනක් විතර හිස්කරලා හිටියේ . "මොනාද කෝ ගනින් බලන්න" " සුපිරි බඩු බන් ශොට් එකක් ගත්තම ආයේ ඉතිං දිවිය ලෝකේ තමයි" " පිස්සු ද යකෝ ඔය කුඩු නේද, තෝ විනාශ වෙන්නද හදන්නේ ? උඹ ඕවටත් පුරුදු උනාද" " නෑ නෑ බන් මම එක පාරයි පාවිච්චි කරේ පොඩ්ඩක් අත් හදා බලන්න වගේ. ට්‍ර්‍යි කරලා බලමු අදට විතරයි ආයේ නෑ" අහලා තිබ්බට එදා තමයි මම ජීවිතේ පලවෙනි පාරට හැබැහින් කුඩු දැක්කේ. සමීර කියපුවා ඇහුවට පස්සේ මටත් පොඩි ආසාවක් ආවා අත් හදා බලන්න. එදා එක ශොට් එකයි ගත්තේ ඇත්තටම ඒකේ තිබ්බේ අමුතුම ෆීලිං එකක් . ඒ විදියට අපි දෙන්න පුළුවන් වෙලාවට ශොට් එකක් දාන්න පුරුදු උනා. විභාගේ ලංවෙද්දි පංති ඉවරවුන හින්දා සශීටයි මටයි එච්චර හම්බෙන්න උනේ නෑ. පුළුවන් වුන වෙලාවට කෝල් කලා. එයා පාඩම් වැඩ ගැන අහද්දි එයාට බොරු කිව්වා. ඇත්තටම ඒ වෙද්දි පාඩම් කරන්න පුළුවන් මානසික තත්වයක් තිබ්බේ නෑ. මුලදි සතියට දවසක් දෙකක් පාවිච්චි කරාට මාස දෙකතුනක් යද්දි ඉන්න බැරි වුනා දවසට සැරයක් වත් පාවිච්චි කරන මට්ටමට ආවා. ඒත් එහෙම කරන්න සල්ලි තිබ්බේ නෑ. පුළුවන් විදියට විභාගේ ලිව්වා. විභාගෙන් පස්සෙ තාත්තගේ බිස්නස් එකට සම්බන්ධ වුනේ එයාගේ බලකිරීමටත් වඩා මට සල්ලි ඕනෙ උන හින්ද. කොච්චර කන්ට්‍රෝල් කරන්න හැදුවත් ඇඟ ඒක ඉල්ලන මට්ටමට ඇවිත් තිබ්බේ. තාත්ත නැතිවෙලාවට බිල් නොදා බඩු දීල ඒ සල්ලි මම ගත්තා, හාඩ්වෙයාර් එකේ බඩුගොඩක් තිබ්බ හින්ද තාත්තට අහුවුනේ නෑ. ඔය අතරේ විභාගේ ප්‍රතිඵල ආවා සශි එයාගේ හීනේ හැබෑ කරගෙන තිබුනා ඒත් එයා දුකින් හිටියේ මගෙ ප්‍රතිඵල අඩුවුන එකට. එයා විතරක් නෙමෙයි අපේ අම්මයි තාත්තයිත් හිතාගෙන හිටියෙත් මම කැම්පස් යයි කියල. මගෙ ජීවිතේ ඇබ්බැහි වීම් දෙකයි තිබ්බේ ලොකුම ඇබ්බැහිවීම සශි අනික කුඩු. මේ වැඩේ ලොකු කාලයක් හොරෙන් කරන්න පුළුවන් වුනේ නෑ මුලින්ම අහුවුනේ තාත්තට, මම එන්න එන්න කෙට්ටු උනා මගේ ඇතිවෙලා තිබ්බ වෙනස්කම් හින්දා තාත්තට සැක හිතිලා. එයා ඒ ගැන හොයලා. ඒ දැනගත්ත පවෙනි දවසේ එයා ගහපු විදිය මට තාම මතකයි. එයා කොච්චර සැර කෙනෙක් උනත් ඊට කලින් මට අතක් උස්සලා තිබ්බේ නෑ. එදා තමයි මම ඉස්සරලම එයා අඬනවා දැක්කේත්. පොඩි වැරද්දටත් ගහපු අම්මා එදා ගැහුවෙ නැ, හැබැයි එයා කියපුවා ඇහෙද්දි අඬපු විදිය දකිද්දි නම් හිතුනා ගැහුවනම් හොඳයි කියල. ඒ දවස් කීපේ ගෙදර හරියට මලගෙදරක් වගේ. මම කාමරෙන් එලියට ආවෙත් නෑ අම්මයි තාත්තයිත් වෙනදාවගේ කතා කලේ නෑ. එයාලට පොරොන්දු උනා ආයේ කුඩු නොබී ඉන්න. ඒත් ඒ පොරොන්දුව රකින්න පුළුවන් වුනේ දවස් කීපයයි. ඇගේ අමුතු දෙයක් වෙනවා වගේ දැනුනා, හරියට ලෙඩක් හැදිල වගේ. ඒ අස්සෙ කුඩු හින්ද හම්බුන යාලුවො නිතර කෝල් කරා, උන් කියපු දේවල් වලින් උනේ කුඩු බොන්න ආසාව ඇති වුන එක. අවසානෙට ආයෙත් කුඩු බොන්න පුරුදු උනා. අපේ සම්බන්දෙ ගැන සශිගේ ගෙදරින් දැනගෙන. ගුරුවරයෙක් උන සශීගේ තාත්ත මම ගැන හොයලා. එයාට කවුරුහරි කියල මම කුඩු බොනවා කියල. දවසක් මම සශීට කතාකරකර ඉද්දි රිසීවර් එක උදුරලා ගත්ත සශීගේ තාත්තා බැනගෙන බැනගෙන ගියා, එයා කිව්වෙ අපිට සම්බන්දෙ නවත්තන්න කියල . ඒ බැනපුවට වඩා මට ඇහුනේ සශී අඩනවා. එදායින් පස්සේ මම හම්බෙන එක මට කතාකරන එක සශීට තහනම් වුනා. මම එයාට කතාකරන්න නොගත්ත උත්සාහයක් නෑ ඒත් කතාකරන්නම බැරිවුනා. එයාගේ ආදරේ නැතුව එක විනාඩියක් ඉන්න බැරි තරමට එයාට ඇබ්බැහිවෙලා හිටියේ. එයාගේ කටහඩ අහන්නේ නැතුව දවස් 5ක් විතර ගියා ඒ දවස් 5හ දැනුනේ අවුරුදු 5ක් වගේ. මට දැනුනේ නිකන් මගේ ඉස්සරහම ලෝකේ කඩන්වැටෙනවාවගේ. " මචං මට සශීට කතාකරන්න ඕනේ, මට එයා නැතුව බෑ බන්" " කලබල නැතුව හිටපන්කෝ අපි කොහොමහරි පනිවිඩයක් යවමු" " දැන් කොච්චර ට්‍ර්‍යි කලාද, දවස් 5න් කෙල්ලගේ කටහඩ ඇහුවෙ නෑ. සමීරයා උඹ දන්නවා මේච්චර කාලෙකට අපි දෙන්නා එක දවසක්වත් කතා නොකර ඉදලා නෑ" " හරි දැන් උඹ මොකද්ද කරන්න කියන්නේ කියපන්කෝ" " අපි එයාගෙ ගෙදර යන්" " උඹ හිතනවද ඒ ගෙදර මිනිස්සු උඹව ගෙට වැද්දගනීද කියල " " මට කියපන් උඹ එනවද නැද්ද කියල, උඹ ආවත් නාවත් මම එහෙ යනවා" පහුවදා උදේ සමීරයි මායි සශීලගෙ ගෙදර ගියා, මගෙ වෙලාවෙ තිබ්බේ නරක කමට ඉස්සරහ හිටියේ සශීගේ අම්මයි තාත්තයි " ඇයි මේ දරුවො කවුරු හම්බෙන්නද " " සශීනිව හම්බෙන්න අම්මා " " එතකොට ඔයාලා ? " " අපි එයාගේ පංතියේ යාලුවො " " එයාගෙ ඉස්කෝලේ පිරිමි ලමයි නෑනේ" " නෑ නෑ අපි එක කලාස් එකකට ගියේ" " අපේ මහත්තයා පොඩ්ඩක් මෙහෙ ආවනම් , මේ දරුවො දෙන්නෙක් ඇවිත් ලොකු ලමයා හම්බෙන්න" සශි කියල තිබ්බ විදියටම අම්ම කරුනාවන්ත කාන්තාවක්, සශි එයාගේ කපාපු පලුව. සශිගේ තාත්තා ගේ ඉදන් ආවේ එයාගේ වයසෙම තවත් කෙන
ෙක් එක්ක. " කවුද මේ ලමයි" " සශීනිගේ යාලුවො " " එතකොට කවුද දෙන්නගෙන් කසුන් කියන්නේ ?" " මම තාත්තේ" " තාත්ත ? එතකොට දැන් ආවේ දුව ඉල්ලන්න වෙන්න ඇති" "නෑ එයාට පොඩ්ඩක් කතාකරන්න ඕනෙ " " එයා කැමති නෑ ඔය ලමයත් එක්ක කතාකරන්න" " සශී මට ඔයත් එක්ක කතාකරන්න ඕනෙ " " දැන් කිව්වනේ ඔය ලමයා යන්න ප්‍රශ්න ඇති නොකර. මේ සම්බන්දෙ ඉවරයි, ආයේ එයාට කතාකරන්න එයාව හම්බෙන්න එපා" " ඒක මම එයත් එක්ක බලාගන්නම්" " දැන් කිව්වනේ එකපාරක් යනවා මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. කුඩු කාරයොන්ට දෙන්න අපි ලමයි හදලා නෑ" මට තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා… ගේ ඇතුලට යන්න හදද්දි සශීගේ තාත්ත මාව නැවැත්තුව, ඒත් එක්කම අනිත් කෙනත් ආවා එයාගේ උදව්වට. සමීර ඒ මනුස්සය එක්ක පොරබදිද්දි මම තාත්තව එහාට තල්ලු කරලා ගෙට ගියා. ඒත් සශී කාමරෙන් එලියට ආවේ නෑ. පිස්සුවෙන් වගේ සශීට එලියට එන්න කියල කෑගහද්දියි සමීර ඇවිත් කලබලෙන් වගේ මාව එලියට ඇදන් ගියේ. මම තල්ලුකරපු පාරට තාත්තා විසිවෙලා ගිහින් ඔලුව කනුවක වැදිලා, එලියට ඇවිත් බලද්දි එකම ලේ ගොඩක්. අම්මගේ විලාපෙ ඇහිලා අහලපහල අය ඒ ගෙදරට එද්දි අපි දෙන්න පැනලා ආවේ තවත් හිටියනන් ගුටි කන්න වෙන හින්ද . එහෙමම හාඩ්වෙයාර් එකට ඇවිත් වැඩ කලේ කිසිදෙයක් නොවුන ගානට. කොච්චර හිත හදාගන්න හැදුවත් මතක්වුනේ ලේ ගොඩක් මැද්දේ වැටිලා හිටපු තාත්තව. වේගෙන් ආපු පොලිස් ජිප් එක නැවැත්තුවේ හාඩ්වෙයාර් එක ඉස්සරහ. ඒත් එක්කම ජිප් එකෙන් පැනලු යුනිෆෝම් ඇදගත්ත නිලදාරියො කීපදෙනෙක් මාව අල්ලගත්තේ මට හිතන්නවත් වෙලාවක් නොතියා. ඇවිත් හිටියේ තාත්තා හොඳට අදුරන අය. " ඇයි එස් අයි මහත්තයා " " මුදලාලි පුතන්ඩියා මිනීමැරුමක් කරලා" " මොනවා , මිනීමැරුමක්" " ඔව් මිනිහෙක් මරලා, ඇහින්දුටු සාක්ෂි තියෙනවා" මාංචු දාල මම ජිප් එකට නංගද්දි තාත්තා ඒ දිහා බලාගෙන හිටියේ හරි අසරන විදියට . එයාට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නෑ. සශීගේ තාත්තා නැතිවෙලා තිබ්බේ ඉස්පිරිතාලෙදි. නඩුව මාස ගානක් ගියා. ඒ හැම නඩුවාරෙකටම අම්මයි තාත්තයි උසාවියට ආවා. සශිත් වාර කීපයකටම ආවා , උසාවියෙදි එයා මාව දැක්ක පලවෙනි දවසෙ සශී මට සාපකපු විදිය තවමත් දෝංකාර දෙනවා. මම තාත්තව මරන්න හිතාගෙන තල්ලු කලේ නෑ කියල කෑගහල කිව්වත් එයා විස්වාස කලේ නෑ" "ඉතිං අය්යගේ ලෝයර් කිව්වේ නැද්ද උසාවියට ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි කියල " "ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනාටත් මාව විස්වාස නෑ කියල දැනුනට පස්සෙ ආයේ සටන්කරලා වැඩක් නෑ කියල හිතුනා.මම වැරැද්ද පිලිගත්ත.අවසාන නඩු වාරෙ නඩුකාරයා අවුරුදු 25ක හිරදඩුවමක් නියමකරද්දි මගෙ අම්ම වැටුනේ සිහිය නැතිවෙලා. අවසානෙට මට ඉතුරු උනේ රත්තරන් අම්මයි තාත්‍තයි විතරයි. එයාලා මාව විස්වාස කලා, මොන වැරැද්ද කලත් ඒවගේ දෙයක් මම නොකරන බව ඒ දෙන්න දැනන් හිටියා. බන්දනාගාරෙට කීප සැරයක්ම මාව බලන්න ඒ දෙන්න ආව. " වෙන කවුරුත් ආවේ නැද්ද එතකොට , යාලුවො නෑදෑයො එහෙම" "මේ අවුරුදු ගානට හිටපු යාලුවො නෑදෑයෝ කවුරුත් ඇහැටවත් දැක්කේ නෑ" "එතකොට සමීර ? " "සමීරට හම්බෙලා තිබ්බේ පොඩි දඩුවමක් එයා ගෙනිච්චෙ වෙන බන්දනාගාරෙකට, ඌත් අවසානෙට දැක්කේ එදා උසාවියෙදි.සමීරටත් ලෝයර් කෙනෙක් අල්ලලදීල වියදම් කරලා තිබ්බෙත් අපේ තාත්තමයි" "අවුරුදු 18ට පස්සේ එලියට ආවා කියල නේද කිව්වේ" " ඔව් යහපත් කල්ක්‍රියාව හින්දා පොදු සමාව හම්බුනා" " බන්දනාගාරේ ඇතුලෙත් බඩු තියෙනවා කියල කට්ටිය කියන්නේ, ආයෙ පාවිච්චි කලේ නැද්ද" " තියෙනවා ඒත් ඒවා සෑහෙන ගානක් වෙනවා" " එත්කොට ආයේ පාවිච්චි කරන්න හිතුනේ නැද්ද " " හිතුනා , මට මාවම පාලනේ කරගන්න බැරිවුනා. ඉවසන්න බැරිම තැන මම දෙපාරක් ජීවිතේ නැතිකරගන්න හැදුවා. පස්සේ පුනුරුත්තාපන කදවුරකට දැම්මා එතෙන මහත්තුරුන්ට පිංසිද්ද වෙන්නයි අද මෙහෙම ඉන්නේ" " දැන් මොකද හිතෙන්නේ ඒකාලේ ගැන" " ලොකු කලකිරීමක් විතරයි තියෙන්නේ. මගේ ආදරේ නැතිවුනා, මට පනවගේ ආදරේ කරපු අම්මටයි තාත්තටයි ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න වුනා.මගෙ හොඳම කාලේ ගෙවුනේ බන්දනාගාරෙ ඇතුලේ. මෙහෙම විකෘති වෙලා වයසක පෙනුමක් තිබ්බට මට තවම වයස 37යි, ඉස්සර මම හරි ලස්සනට හිටියේ දැන් කන්නාඩියකින් මූන බලන්න හිතෙන්නේ නෑ" " එතකොට ඇයි දැන් අම්මලව බලන්න ගෙදර නොගිහින් ගල්ගමුවෙ යන්නේ" " අම්මා අවුරුදු කීපෙකට උඩදි නැතිවෙලා, තාත්තා ගල්ගමුව පැත්තේ ආරාමෙකලු ඉන්නේ, එයා දැන් මහන වෙලාලු" " කවුරුත් බලන්න ආවෙ නැත්නම් කොහොමද ඔච්චර විස්‍තර දන්නේ" " බන්දනාගාරෙ ජේලර් මහත්තුරු මාත් එක්ක හරි හිතවත්. ඒ මහත්තයෙක් තමයි විස්තර කිවේ" විනාඩි 30ක් පරකුවෙලා එනවා කිව්වට කෝච්චිය ආවේ විනාඩි 45ට පස්සේ. එකපාරටම වේදිකාවට කොච්චිය ආපු හින්දා ඉක්මනට ගිහින් නැග්ගේ අර මනුස්සයට යන්නං කියන්නෙවත් නැතුව.අද මම කියන කතාවත් මම දන්න සත්‍ය සිදුවීමක් ගැන මම කලකට පෙර ලියපු කතාවක්. මම මීට පෙර අඩයාලමට ලියපු මගේ සමහර අත්දැකීම් කියවපු කීපදෙනෙක් තවත් ඒ වගේ අත්දැකීම් ගැන ලියන්න කියල ඉල්ලල තිබුණ නිසා ඒක ඔයාලටත් කියවන්න අඩයාලමට ලියන්න හිතුන. පහුගිය දවසක මුහුණු පොතේ ෂෙයාර් උන එක්තරා පෝස්ට් එකක් දැකල මට මතක් උනේ මීට වසර දහයකට විතර කලින් මගෙන් ඉගෙනගත්ත මගේ ශිෂ්‍යාවක්. ඇයගේ ජංගම දුරකථනයේ ඉන්බොක්ස් එකට මම දැකපු ඒ පෝස්ට් එක යොමු කරාම විනාඩි කීපයකින් ඇගෙන් පිලිතුරු ලැබුණ. එහෙනං මුලින්ම මම ඒ සංවාදය ඒ විදිහටම පහතින් කොපි පේස්ට් කරන්නං. "අම්මෝ සර්" … 😁😁 "මතකද..?" "ඒ පාඩම මට ජීවිතේ හැමදාම මතක තියෙයි සර්...ඊයෙත් මං අපේ මල්ලිට කිව්වා වැඩ කරන තැනට ආදරෙන් වැඩ කරන්න කියලා..මල්ලි මේ මාසෙ මුල එයා වැඩකරන තැන පර්මනන්ට් කලා..අවුරුදු 5ක් කන්ට්‍රැක් බේසිස් හිටියේ.." "Good." "ඔයාට උනදේ මට දවසක ලියන්න හිතෙනව නම් ගම් නොදා.." "ලියන්නද.?" "ලියන්න සර්..තව එක්කෙනෙක් හරි ඒ පාඩම ඉගෙන ගනී ඒකෙන්…" ඉතිං දැන් කතාවට එමු. ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න ඕන නිසා ඇගේ නම මම වෙනස් කරල ලියන්න කැමතියි. අපි මෙතැන් සිට ඇයට විනීතා කියල කියමු. විනීතා දක්ෂතා ඇති දරුවෙක්. ඇයට මුලින්ම සේවය කරන්න ලැබෙන්නෙ අගනුවර තරමක් ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක. එහෙම සේවය කරන අතරතුරත් ඇයට උවමනා උනේ තවදුරටත් තමුන්ගෙ ඉගෙනීම් කටයුතු ඉදිරියට කරගෙන යන්න. නමුත් සේවයට බැඳුණු මුල් කාලයේ නිසාවෙන් ඇයට ලබාගතව හැකිව තිබුණේ ඉතා සීමිත නිවාඩු ප්‍රමාණයක් පමණයි. කොළඹින් තරමක් දුරබැහැර ප්‍රදේශයක පදිංචි වී සිටි ඇයට වැඩිදුර අධ්‍යාපනය සහ ඇගේ වෙනත් පුද්ගලික කටයුතු සදහා කාලය වෙන්කරගැනීම ඉතා අපහසු කාරණයක් උන බව මම දන්නව. දවසක් උදේ පාන්දරම ඇගෙන් දුරකථන ඇමතුමක්.. "සර්.. ඊයෙ මට කොම්පැනියෙන් ඉල්ලා අස්වෙන්න කිව්ව සර්." "ඒ මොකද..?" "සර් මම යුනිවර්සිටි එකට ගියා කරපු කෝස්වර්ක් එකක් බාර දෙන්න." "ඉතිං..? ඒකට ඔයාව අස්කරන්නෙ ඇයි." "නිවාඩු ගන්න අමාරු නිසා මම එයාලට කිව්වෙ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙ යන්න ඕන කියල" "බොරු කිව්ව නේද කියල මාව HR එකට ගෙන්නල ඇහුව. හරියටම ගිය තැනත් කිව්ව. " "ඉතිං එයාල කොහොමද දැනගෙන තියෙන්නෙ ඔයා ගියේ ඉස්පිරිතාලෙ නෙවෙයි කියල. " " සර්.. කොම්පැනියෙන් මට දීල තිබුණ මොබයිල් ෆෝන් එකේ ට්‍රැකින් ඔන් කරල තමයි ඒ අය ඒක මට දීල තිබිල තියෙන්නෙ. " "හරියටම කටට උත්තරේ දීල ඇහුව ඔයා ගියේ ඉස්පිරිතාලෙ නෙවෙයි.. ඇයි ආයතනයට බොරු කරේ කියල" " මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ සර්.. මම අස්වීමෙ ලියුම දීල ගෙදර ආව.. " කතාව ඉවර නෑ.. ඇයට දැන් රැකියාවක් නෑ. තව බාල සහෝදර සහෝදරියන් සිටින ඇයට වැඩිදුරටත් ඉගෙනගන්න යන වියදම ඇගේ පවුලේ අයට තව දුරටත් දරන්න අමාරුයි. ඊට සතියකට විතර පස්සෙ නැවතත් විනීතගෙන් දුරකථන ඇමතුමක්. "සර්.. සර්ට පුලුවන් නං මට පොඩි හරි රස්සාවක් හොයල දෙන්න.." "එතකොට ගෙදරට බරක් වෙන්නෙ නැතුව ඒකෙන් මගේ ඉගෙනගන්න යන වියදමවත් පිරිමහගන්න පුළුවන් නේ." ඇය දක්ෂ දරුවෙක් නිසාත් තව දුරටත් ඉගෙනගන්න ඈ තුල තිබුණ ආසාවත් නිසා මගේ මිතුරෙකුගෙ උදව්වෙන් මම ඇයට පානදුර පැත්තෙ තිබුණ පොඩි ආයතනයක රැකියාවක් හොයල දුන්න. ඈ තුල තිබූ දක්ෂතාවය නිසාම එහි ප්‍රධානිය සහ ඔහුගේ බිරිඳ ඇය ගැන හිටියෙ පැහැදීමකින්. එහෙම ඉන්නකොට ආයෙමත් ඇයගෙන් දුරකථන ඇමතුමක්…. "සර්.. මෙතන මට පහුගිය මාසෙ පඩිය දීල හෙට වැඩට එන්න එපා කිව්වනේ.." "කවදද එන්න ඕනෙ කියල ඇහුවද" "ඔව් සර්.. ඇහුව. ආයෙ ආවෙ නැතත් කමක් නෑ කිව්වෙ.." "පඩිය හරියට දුන්නද.." "ඔව් සර්.." "ඔයාගෙන් වචනෙකින් හරි මුකුත් වරදක් උනාද.." "නෑ සර් මම දැනුවත්ව නං එහෙම උනේ නෑ.." "මැඩම් උනත් මට හරි ආදරෙන් හිටියෙ හොදට වැඩ කරනව කියල. ඒත් අද මම එනකොට එයා කතාකරන්නවත් එලියට ආවෙ නෑ. මට හරි දුකයි ඒ ගැන". " මම හරියටම වැඩ ටික කරන් හිටිය සර්.. " " හරි මම බලන්නං" එහෙම කියපු මම ඇයට ඒ රැකියාව හොයල දුන්න මගේ මිතුරාට කතා කලා. " ඔයාගෙ යාලුව අර ගෑනු ළමයට ආයෙ වැඩට එන්න එපා කියල තියෙන්නෙ ඇයි.. " " ඔව් එයා මට කිව්ව. " " ඇයි මොනවද ඒ ළමය කරල තියෙන වරද..? " " වැඩවල වරදක් නෙවෙයි.. වැඩ ටික නං හොඳට කරාලු.. " " එහෙනං.? ." "එයාල ඒ ළමයට ගොඩක් ආදරෙන් ඉදල තියෙන්නෙ." " එහෙනං වෙන පටලැවිල්ලක්ද.. " " ඔව්.. " " මොකක්ද.. " පසුව ඔහු සියලු විස්තර මා සමඟ පවසා සිටි අතර ඇයගේ වරද ඇයට පෙන්වාදෙන ලෙසත් කරන ලද ඉල්ලීම නිසා ඇයට මම නැවත දුරකථන ඇමතුමක් ගත්ත. " වීනීතා.. ඔයා කරපු වරද එයාල මට කිව්ව " " අනේ සර්.. මොකක්ද.. " " ඔයා එතන හොඳටම වැඩකරා කියලත් කිව්ව.. " " එහෙනං මට අස්වෙන්න කිව්වෙ ඇයි.." "ඔයාට වැඩකරන්න කොම්පියුටර් එකක් දීල තිබ්බද." "ඔව් සර්.. තිබුණ කොම්පියුටර් දෙක එතන වැඩකරන තව අක්ක කෙනෙකුටයි අයිය කෙනෙකුටයි දීල තිබුණ නිසා මට වැඩ ටික කරන්න කියල බොස්ගෙ අලුත්ම ලැප්ටොප් එක මට දීල තිබ්බෙ. " " ඒකෙන් ඔයා වැඩ කරනවට අමතරව මොනවද කරේ.. " මම නං මොනවත් ක
රේ නෑ සර්.. අර අක්ක නං එයාට දීල තියන කොම්පියුටර් එකෙන් නිතරම ගේම් ගගහ හිටියෙ." "මම නං එහෙම ඒව කරේ නෑ.." "ඔයා වෙන කරපු දෙයක් මතක නැද්ද.." "නෑනේ සර්.." "ඔයා ඒ ලැප්ටොප් එකෙන් ඔයාගෙ CV එකක් හැදුවද" " ඔව් සර්.." "ඊට පස්සෙ ඒකට මොකද කරේ.." "ඒ CV එක මම වෙන මෙතනට වඩා ලොකු කොම්පැනි වල තිබුණ ජොබ් වේකන්සි වලට දැම්ම.. " " එතනම රස්සාව කරන ගමන් එයාලගෙ කොම්පියුටර් එකෙන්ම CV හදල ඒඅයගෙ ඉන්ටනෙට් පාවිච්චි කරල එහෙම කරපු එක හරිද.." " වැරදියි සර්.. " " දන්නවද.. ඒ ලැප්ටොප් එකේ ඔයා කරපු දේවල් ඔක්කොම ලොග් වෙලා තිබිල. " " ඔයා ඒව ඩිලීට් කරාට හරියටම හොයන්න බැරිවෙන්නම හිස්ට්‍රි ඩිලීට් කරල නෑ. " " බොස් චෙක් කරනකොට ඔක්කොම දැකල හරියට කළකිරිල." " විශේෂයෙන්ම එයාගෙ වයිෆ්. " " ඔයාට දවල්ට කෑම එකක් ගන්න ලඟ පාත තැනක් නැති නිසා එයා හැමදාම ඔයාට ගෙදරින් බත් එකක් ගෙනත් දුන්නත් ලු නේද.." " ඔව් සර්… " " දැන් ගියදේ ගියා.. මීට පස්සෙවත් එහෙම වැරදි කරන්නෙ නෑ කියල මට පොරොන්දු වෙනවද.. " " ඔව් සර්.. පොරොන්දු වෙනව.. මීට පස්සෙ එහෙම දෙයක් මම කරන්නෙ නෑ.. " පසුව රාජ්‍ය සේවයට ඒක්වී ඇය එදා පොරොන්දු වූ පරිදිම අවංක රාජ්‍ය නිලධාරිනියක් ලෙස සේවය කරන අතරතුර අර්ධ ශිෂ්‍යත්වයක් ලැබ දැනට යුරෝපා රටක විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන ඇය ගැන ගුරුවරයෙක් හැටියට අද මම සතුටු වෙනව. ඒත් මේ කතාවෙන් මට කියන්න ඕන උනේ රැකියාව කරන තැනින් දෙන මොබයිල් ෆෝන්, ලැප්ටොප්, සහ විශේෂයෙන්ම "රියදුරු සමඟ" වාහන කියන්නෙ සමහරවිට උගුලක් වෙන්නත් පුළුවන්. පරිස්සමින්. මොහාන් දිසානායක ✍️පළවෙනි රස්සාව. මට අවුරුදු 8ක් විතර වෙනකොට නංගිට 5යි. ඒ කාලෙ අපි දෙන්නා අපිටම කියල මුදලක් උපයපු පළවෙනි ජොබ් එක ජයමංගල ගාථා කීම. රුපියල් දහයක්, විස්සක් විසිපහක් හම්බවෙනවා එක පාරකට. ජයමංගල ගාථා කියන්නෙ අපේම නෑදෑ නැන්දා මාමලගෙ වෙඩින් වල. පිළිගැනීමේ ගීතය කියන්න තිබුනොත් තව කවරයක් හම්බවෙනවා. අපේ ආච්චිට අක්කලා දෙන්නයි. එක්කෙනෙක් ට දරුවො දහයක් සහ තව කෙනෙක් ට දහතුනක් හිටියා. ඒ මාමලා, නැන්දලා, මම්මලා ගොඩක් අය බඳින දවසට ජයමංගල කිව්වෙ අපි දෙන්නා. මං වෙඩින් කීයක් කවර් කලාද කිව්වොත් මංගලා කියල නමකුත් වැටුනා. අදටත් මාවරමණ්ඩියෙ ලොකුම ලොකු මාමා මාව දැක්කොත් "ආ... මංගලා....." කියල පටන් ගන්නෙ. ගොඩක් මඟුල් ගෙදරමයි ගත්තෙ, පොල් අතු වලින් ගොක් අතුවලින් මෝස්තර දාපු මඟුල් ම‍ඬු, යට කොටසයි වහලෙයි ටකරන් තහඩු වලින් හදලා උඩ කොටස සුදු කොළවල කැටයම් කපලා මෝස්තර දාපු මඟුල් මඬු තිබුනා මතකයි . සමහර ඒවයෙ පොල්කොට ස්ටේජ් හදලා ඒවාත් සරසලා තිබුනා. ඒ සංගීත කණ්ඩායමට. නාරාහේන්පිට ශාලිකා හෝල් එකේ, කිරිබත්ගොඩ වයි එම් බී හෝල් එකේ පළවෙනි දවසෙ වෙඩින් ගත්ත අයත් හිටියා. ඒත් හෝම් කමින් එක හරි ගමටම කියල ගෙදර ම තමයි. ආච්චිලාට ඉතින් හරි වැඩ. මඟුල් බුලත් දෙන්න ලොකු ආච්චියි ලොකු සීයයි ඇවිල්ල ආච්චිගෙ පිත්තල හෙප්පුව හිස් කරලා ඉල්ලාගෙන සුදු ලේන්සුවෙන් වහලා බුලත් දෙනවා. "නංගියෙ, ගමනටත් එක්ක බුලත් ගනින්කො,... මහත්තයා පුතාටත් ගමනට කියනවා..... සුදාට ඉතින් දුර වැඩිනෙ, ඇඹිලිපිටියේ ඉඳලා එන්න එපැයි. ලියුමක් දාන්න ඇඩ්ඩස් එක දීපන්, අපේ ලොකු පුතා බැංකුවෙන් ටැලිපෝනුත් කරයි... බුලත් යවනවා ලියුම එක්කම. මැණිකේ, ඒ පැත්තෙ වරෙන් වැඩ වලට උදව්වෙන්නත් එක්ක. ළමයි දෙන්නා ඉස්කෝලේ ගිහින් ආවහම චූටි දුව ළඟට යවපන් ජයමංගල ගාථා එහෙම පුරුදු වෙන්න......." ඔන්න ඔහොමයි ආරාධනාව. " දැන් අක්කෙ කවදාද තෙල් වළං ලිප තියන්නෙ?" අපේ ආච්චි පටන් ගන්නෙ එතනින්. ඊට පස්සෙ තේ බොන ගමන් කතා, කෝකි ගෙන්වන්නෙ කොහෙන්ද, ගමනට කීදෙනක් යනවද? ( බොහෝවිට ගමනට කියන්නෙ කාර් හිමි කට්ටියට) කෝකි දෙන ලිස්ට් අනුව මිරිස්, සූදුරු කොත්තමල්ලි ගෙනත් වේලලා මෝලට ගෙනියලා කොටලා තියන්න ඕනෙ. ඒගොල්ලන්ට අත් උදවු දෙන්න ගමේ ගෑණු අයටත් කතා කරගන්න ඕනෙ. එළවළු මස් මාළු ඒ ඒ ප්‍රමාණ වලින් ගෙන ඒම, කෙසෙල් කැන් හොයා ගැනීම ඉදවීම මාමලගෙ වැඩ. තෙල් වළං ලිප තියන දවස කිට්ටුව ගෙදර කර්මාන්තශාලාවෙ ලී වංගෙඩි වල දෙමෝලෙන් පිටි කොටන හඬ, ඊටත් පස්සෙ කැවුම් සුවඳ ගමටම පැතිරෙනවා. අවට ගෙවල් වල හිතවත් කාන්තාවන් ට ටිකක් මතක් කලාම ඇවිල්ල උදව් වෙන්න එනවා. වරින් වර තේ බිබී ගමේම ඕපාදූප කිය කියා කැකිරි පලන මේ කට්ටිය මුංඇට කැවුම් තුනී කරන්න රෝලින් පින් විදිහට ගන්නෙ හෝර්ලික්ස් බෝතල්. අතිරස වලට කැඳ දාල අත් ගහනව කියල එකකුත් කට්ටිය වටවෙලා කරනවා. අතිරස වඩලා පස්සෙ බදිනකල් තෙල් ගාපු කෙසෙල් කොළවල පේළියට තියනවා. කොණ්ඩ කැවුම් පැත්තට කිට්ටුවෙන්නෙ ඉතින් ඒ පිළිබඳ විශේෂඥයෝ පමණයි. ඔය අතරෙ කලින් දවසක නැකතට පොළොවෙ හිටවපු මිටි කොස් කණුවක ලෙලි පොල් දෙකකුයි, පොල් මලකුයි ගැටගහලා තිබුන තැනක කනු හිටවලා මඟුල් මඩු හදන්න මාමලා ටික පටන් ගන්නවා ගමේ පිරිමි කට්ටිය අත් උදව්වට කතා කරගෙන එහෙම. අමු පොල් අතු වහලක් එක්ක වටේ කවර් කරපු පොල් කොට ස්ටේජ් එක හැදෙන්නෙ ගේට්ටුව කිට්ටුවෙන් මල් වැට ළඟ පාරට මුහුණ දාලා. අපි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල හවස මඟුල් ගෙදරට ගිහින් චූටි නැන්දා එක්ක, ජයමංගල ගාථා පුරුදු වෙනවා. ජයමංගල කියන්නෙ නැන්දා කෙනෙක් හරි පුංචි කෙනෙක් හරි බඳිනකොටනෙ. මාමා කෙනෙක්ගෙ නම් හෝම් කමින් එකට පිළිගැනීමේ ගීත කියන්නෙ අපිම තමයි . අපි පොඩි හින්දා ගොඩක් වෙලා කවි කියන්න බෑ කියල හිතලා හරි, ජෝඩුව පෝරුවෙ ඉන්න වෙලාව අඩුකරගන්න හිතලා හරි අපිට කියන්න උගන්වන්නෙ අවසර ගන්න කවියයි ජයමංගල ගාථා දෙකයි අවසන් කරන කවියයි විතරයි. නැත්නම්; සුද්දසුන් නිරි..ඳුන්ට දා...වූ... එසිද්දත් කුම...රුන් උතුම්.... මැද්ද මණ්ඩල... කිඹුල්වත් පුර.... නුවර ඉපදුන අනුහසින්... යුද්ද කරලා.... පැරදි වසවතු... ගියේ දස පෙරු... මන්... බෙලෙන්..... බුද්ද.. රත්නයෙ.... අනුහසින් වෙයි... මොවුන් හට ජය... මංගලම්.... කියල අතේ තියෙන පීරිසියෙන් කුඩු ටිකක් පෝරුව දිහාට ඉහින්න ඕනෙ. එඩ්නා චොක්ලට් වල පාට පාට ඊයම් කොළ, තව ඔය සරුව පිත්තල කොළ, මොනවා හරි චූටියට තුන් හුලස්වට කපලා පීරිසි වල දාලා අපේ අතට දෙනවානෙ. අපි දෙන්නාට කලින් කලට තව අක්කලා, චූටි පුංචිලා කවුරු හරි දෙන්නෙකුත් එකතු වෙනවා. ඒගොල්ලො ඉතින් මඟුල් ගෙදරින් ගෙදර ට වෙනස් වෙනවා, ජයමංගල කියන ස්ථිර කණ්ඩායම අපි දෙන්නා තමයි. ඇයි ජයමංගල ගාථා වලට ඉස්සර වෙලා අපි මනමාල බාප්පා පිළිගන්න කවි කියන්නත් එපැයි. එතකොට නම් අපි දෙන්නා විතරයි ඉන්නෙ. පිළිගැනීමේ ගීය ලියලා තියෙන්නේ මනමාල බාප්පාගෙ නමත් පදිංචි ප්‍රදේශයත් එක්ක. ඒවා කවුරු ලිව්වද කියල නම් මතක නෑ. ඒත් ගයන්න පුරුදු කලේ නම් ඒ කාලෙ සෞන්දර්ය විශ්ව විද්‍යාලෙ ඉගෙන ගනිමින් හිටි නැන්දෙක්. ඒවායෙ වචන නම් දැන් එකක් වත් මතක නැති තරම්. අපි අඳින්නෙ දහම්පාසල් අඳින සුදු ළමා සාරිම තමයි . දෙන්නාම කොණ්ඩා කපලා නිසා පැත්තට පීරලා පෝන්ස‍ ඉත්තකට මිදුලෙ රෝස ගහකින් මලක් කඩලා එකට තියලා කළු පාට කොණ්ඩ කට්ටකින් ඇහැට උඩින් ඔලුවෙ ගහනව. අපි ඉතින් අපිට එන්න කිව්වාම ඉස්සරහට ගිහින් සීරුවෙන් හිටගෙන, පිළිගැනීමේ කවි, ජයමංගල ගාථා එහෙම කියල ඔලුව නමලා මනමාල මාමා කෝට් සාක්කුවෙන් අරන් බෙදන ලියුම් කවරෙත් අරන් පැත්තකට වෙලා හිටගන්නවා. රුපියල් දහය, විස්ස, විසිපහ හම්බවෙලා තියෙනවා. අම්මලා පස්සෙ සල්ලි තැපැල් කන්තෝරු පොතේ මුද්දරයක් කරලා දාල තියෙනවා. මනමාලයා පිළිගැනීමේ ගීයට වෙනමත් දෙවෙනි දවසෙ ජෝඩුවම පිළිගැනීමේ ගීත කිව්වාමත් කවර හම්බවෙනවා. ඒක තමයි අපේ පළවෙනි ජොබ් එක. අධ්‍යාපන කන්තෝරුවෙ වැඩ කරපු රාණි මම්මාගෙ, මහජන බැංකුවෙ චන්ද්‍රිකා චූටි මම්මාගෙ, රක්ෂණ සංස්ථාවෙ වැඩ කරපු බේබි මම්මගෙ, නිමල් මාමගෙ, ගාමිණී මාමාගෙ මඟුල් ගෙවල් වල අපේ කණ්ඩායම ට හොඳ ඉල්ලුමක් තිබුනා මතකයි. අපි දෙන්නා මාමලාගෙ යාළුවෙක් හෝම්කමින් එකට ගෙදර යද්දි අතරමඟ පිළිගැනීමකත් කවි කියල මල් මාලා දාලා තියෙනවා. අපිටඑර්කෙනුත් සල්ලි දාපු ලියුම් කවරත් හම්බවුනා.අපේ ලොකි ආච්චිගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ පාරට පේන විදිහට ඇඳි පුටු දෙකක් තියලා, පොඩි ටීපෝ එකකට සුදු රෙද්දක් දාලා රතු ඇන්තූරියම් එක්ක කේන් ෆාම්ස් කොළ අතු දාපු පිත්තල මල් පෝච්චියක් තියලා, ඔරෙන්ජ් බාර්ලි වෙන්නැති තැඹිලිපාට බීම බෝතල් දෙකකුත් එක්ක වීදුරු දෙකක් තියලා පිළිගැනීම ලෑස්ති කරලා තිබුනෙ. මනමාල මාමාගෙ ගේ තිබුනෙ ඊට ගෙවල් දහයකට විතර එහා. දයාරත්න අන්කල් කියල අපි කිව්වෙ. හවස පහට විතර කාර් පේළිය එනකොටම පාර මැද්දට පැනලා එක මාමා කෙනෙක් මඟුල් පෙරහැර නවත්ත ගත්තා. ඊට පස්සෙ රතිඤ්ඤා පිපිරුනා. අපි දෙන්නාව කලින් පුහුණු කරපු විදිහටම පිළිගැනීමේ ගීය කිව්වා. තව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ද කොහෙද හිටපු චූටි නැන්දා කෙනෙක් වයලීන් එකක් වාදනය කලා. මම ඒ මාමට කඩදාසි මල් මාලයක් දැම්මා, නංගි ඒ නැන්දා ට අර මේසෙ උඩ මල් පෝච්චියෙ වගේම ෆාම්ස් අතු එක්ක හදලා තිබුන රතු ඇන්තූරියම් කළඹක් දුන්නා. ඒවා ඔක්කොම අහළ පහළ මිදුල් වලින් හොයාගත්ත ඒවා වෙන්නැති. පාරෙ බස් යනකොට ඒවායෙ හිටිය අය ඔලු එළියට දාගෙන බල බලා හිනාවෙවී ගියා. (ඒ පාරෙ බස් එකක් යන්නෙ පැයකට එකක් විතර) ඊට පස්සෙ අපේ මාමලා කතා ත් පැවැත්තුවාද කොහෙද? මනමාලි රතු යි රත්තරන් පාටයි දිලිසෙන ඔසරිය ඇඳලා තුන් තැල්ල දාලා, මාල හතක් දාලා හිටියා මතකයි. පළවෙනි රස්සාව ඔන්න ඔහොමලු. (පින්තූර දෙක නම් ජංජාලෙන් බාගත කරගත්තෙ ටිකක් හොයලා බැලුවා නම් අපේ නැන්දා මාමලගෙ මම්මා පප්පලාගෙ ඇල්බම් වලින් අපේ පින්තූරත් හොයාගන්න තිබුනා )ලංකාවේ එවරස්ට් මිනිසා එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කන්ද. එවරස්ට් එවරස්ට් වෙන්න කලින් කඳු පාමුල හිටපු නේපාලයේ ගම්මු මේ කන්දට කිව්වේ සාගර්මාතා කියලයි. හිමාලය කඳුවැටියේ මහාලන්ගූර් හිමාල් කලාපයේ පිහිටලා තියෙන මේ කන්දට අසල්වැසි ටිබෙට් අය කිව්වේ "චොමොලුන්ග්මා " කියලයි. තුක්ලා දුර්ගය එතරම් ප්‍රකට
නමක් නොවුනත් එය හමුවෙන්නේ එවරසට් මූල කඳවුරට (Base camp ) යන අතරතුර. තුක්ලා නැරඹුම් ස්ථානය ( Viewpoint ) මනස්කාන්ත තැනක් වුවත් එය තරමක් දුක්බර තැනකි. තුක්ලා පහු කරන් එවරස්ට් තරණය කරන්නට ගොස් මිය ගිය අය සිහිකරන්නට සිහිවටන මේ තුක්ලා වේ ඉදිකොට ඇත.ඒ කුඩා ගල් පුවරු වලින් හෝ ගල් පුවරු වලිනි. ඒ පුවරු ඉදිකොට ඇත්තේ සරල ලෙසටය. පරිසරයට හානිය අවම ලෙසටය. මේ තුක්ලා දුර්ගයේ ලංකාවේ කෙනෙකු වෙනුවෙන්ද කුඩා සැමරුම් පුවරුවක් ඉදිකොට ඇති බව අසන්නට ලැබුණහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඒ අජිත් ජයසේකර වෙනුවෙනි. කවුද මේ අජිත් ජයසේකර. අජිත් ජයසේකර 1957 ජූලි 24 දා උපත ලබන්නේ මහනුවරදී. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අජිත් ජයසේකර ජනාධිපති බාලදක්ෂයෙක්. පසුකලෙක ඔහු දිස්ත්‍රික් සහකාර බාලදක්ෂ කොමසාරිස් වරයෙක් ලෙසත් සේවය කරන්නට ලැබුණා. පදක්කම් රාශියකට උරුමකම් කියූ මේ පුංචි මිනිසා ලංකාවට වැදගත් වන්නේ මේ කිසිවක් නිසා නොවෙයි. සිතියම් පොත්වලින් පමණක්දැක තිබූ, පොත්පත් වලින් පමණක් කියවා තිබූ විශාල රහස් සමූහයක් සඟවා ගෙන සිටින හිමාලය කඳුකරයට ඔහු ගවේෂණයක් සඳහා පිටත් ව යන්නේ ලංකාවේ කවුරුත් ඒ ගැන නොසිතූ යුගයකදීය. ඒ 1982 තරම් ඈත යුගයකදීය. ඒ සඳහා ඔහුට කිසිදු මඟ පෙන්වීමක් හෝ සැලකිය යුතු සහයක් ලැබී නොතිනුණි. නමුත් එවකට ධර්මරාජෙ විදුහල්පති ඒ.පී .ගුණරත්න මහතාගේ ආශීර්වාදය නම් ඔහුට ලැබෙන්නට ඇති බව නම් මා අනුමාන කරන්නේ මා ගුණරත්න විදුහල්පති තුමා ගැන බොහෝ දේ අසා ඇති නිසාය. ඔහු 1982 දී ගිය ඒ ගමනත් රසවත් ය. ඒ කාලයේ මහනුවර සිට කෙලින්ම මදුරාසියට යන්නට දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගත හැකිව තිබුණි. ඒ අතරතුර තලෙයිමන්නාරමත් ඉන්දියාවේ රාමේස්වරමත් අතර ෆෙරියකින් යා යුතු ගමමනක් ද ඇත. ඒ ප්‍රවේශපත්‍රයේ වටිනාකම එවකට ඉන්දියානු රුපියල් 108 කි. එතැනින් තවත් රුපියල් අටක ප්‍රවේශපත්‍රයක් ලබාගෙන ඔහු බංගලාදේශයේ 'ජෙස්සෝ ' වෙත යන්නේ එහි සිටින ' හරි ප්‍රසාද් ' නම් ඔහුගේ මිත්‍රයෙකු හමුවෙන්නටයි. මේ කියන හරිප්‍රසාද් ගේ මාමා එවකට හිමාලයානු කඳු නගින්නන්ගේ සංගමයේ සභාපති වරයාය. හරි ප්‍රසාද් ද සමග ඔහුව හමුවූ අජිත් ජයසේකර එහිදී කඳුනැගීමේ පුහුණුව ලබා ගැනීමට ඔහුට ඇති ආශාව පවසා කෙසේ හෝ ඔහුගේ අනුමැතිය ලබාගෙන ඩාජිලිං හි කඳු නගින පාසලට ඇතුලත් වෙන්නට සමත් විය. එහිඳී කඳු නැගීම, අයිස් ශිඛර තරණය,උපකරණ භාවිතය, ආහාර ගැන මෙන්ම කඳුනගින්නන්ගේ රෝගයට මුහුණ දෙන අයුරු පිළිබඳවද පුහුණුවක් ලැබීය. ඔහුගේ පළමු හිමාලය ගමන ඔහුට නව ලෝකයක් විවර කරවන්නට සමත්ව තිබිණ. ඔහුගේ ඒ ගමන ඔහුට පමණක් නොව සමස්ථ ලංකාවාසීන්ටම අළුත් දෙයක්විය. බාලදක්ෂ නායකයෙකු වශයෙන් ඒ වන විටත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කටයුතු කරමින් සිටි අජිත් ජයසේකර පළමු ධර්මරාජ බාලදක්ෂ කණ්ඩායමක් සමග නැවතත් හිමාලය තරණය කරන්නට ගියේ 1985 වර්ෂයේදීය. 2015 නොවැම්බර් 25 දා ඔහු අකාලයේ මිය යන විට වැඩිම වාර ගණනක් හිමාලය තරණය කරන්නට ගිය ලාංකිකයා වශයෙන් ඔහු වාර්තාවක් පිහිටුවා තිබුණි. එවරස්ට් යන මාර්ගයේ තුක්ලා නැරඹුම් තැන්නේ අජිත් ජයසේකර මහතා වෙනුවෙන් ඔහුගේ ඡායාරූපයද සහිතව පුවරුවක් ඉදිකොට ඇත්තේ මේ හිමාලය මිනිසා සිහි කරන්නටය. එවරස්ට් තරණය කරන්නට ගොස් කඳු අතර සැඟවී ගිය ප්‍රකට ෂර්පා කඳුනගින්නන් වූ බාබුචිරි ෂර්පා සහ තවත් කඳු නගින්නන්ගේ සැමරුම් පුවරු ඉදිකොට ඇත්තේ මීට නුදුරිනි. අජිත් ජයසේකර ගැන මගේ මතකය ඈතට ඇදී යයි. මා මහනුවර ධර්මරාජයේ නේවාසිකාගාරය ඇතුල් වූයේ 1987 දීය. ලංකාවේ බොහෝ පළාත්වලින් ශිෂ්‍යත්ව විභාගය සමත්වී ධර්මරාජයට ඇතුලත් වූ මා වැනි සිසුන් බොහොමයක් දෙනාට ලැගුම් ගන්නට ලැබුණේ ' සී' ඩෝමැට්‍රියේය. එතරම් උස නැති අපූරු කුඩා මිනිසෙක් ඩෝමැට්‍රියේ කුඩා කාමරයක ලැගුම් ගෙන සිටියේය. හැමෝම ' අජිත් අයියා ' නමින් ඇමතූ ඔහුට විටෙක අපේ පොඩි පොඩි ප්‍රශ්ණ විසඳා දෙන්නටත් හැකි විය. පාසලේ බාලදක්ෂ සමූහයට විටෙක ඔහු සහෝදරයෙකු විය. විටෙක පියෙකු විය. අපිට අජිත් අයියා ගැන වැඩිදුර දැනගන්නට ලැබුණේ 1987 වර්ෂයේදීත් බාලදක්ෂ කණ්ඩායමක් සමඟ හිමාලය තරණය කරන්නට ගොස් පැමිණි නිසාය. වැඩිදවස් යන්නට කලින් ගුණරත්න විදුහල්පති තුමාට කොළඹ ආනන්දයට යන්නට සිදුවූ අතර අජිත් අයියාත් ඔහු සමගම ආනන්දයට ගියේය. මෙය අපව සසල කල සිදුවීමක් විය. ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් ද හිමාලය තරණයට පිටත්ව යන්නේ මේ අජිත් අයියාගේ මඟපෙන්වීම නිසාය. අජිත් අයියාගේ මතකය කෙමෙන් කෙමෙන් අමතකව යද්දී අපේ මිතුරන් කණ්ඩායමක් තුලිනුත් හිමාලය තරණය කරන්නට අදහසක් පහල විය. ඒ 1994 දීය. ඒ කාලයේ අන්තර්ජාලය, බුකිං ඩොට් කොම්, අගෝඩා ඩොට් කොම් , අලිබබා කෙසේ වෙතත් පරිගණක වලට වොන්ඩෝස් පවා පැමිණ නොතිබූ කාලයයි. හිමාලය ගැන විස්තර සොයන්නට අපිට පිහිට වූයේ බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්තකාලය යි. ඒ අතර තුර අපට සිහිවූයේ ආනන්දයේ සිටින අජිත් අයියායි. ඔහුව ඇමතීමට දුරකථන පහසුකම් පවා නොතිබූ අතර අප මිතුරන් කිහිප දෙනෙක් අජිත් අයියාව හමු වීමට කොළඹ ආනන්දයට ගියෙමු. ආනන්දයේ සිසුන්ගෙන් ඇසූ විට ඔවුන් අපව ' අජිත් සර් " ගේ නිල කාමරයට අපව කැන්දාගෙන යන ලදී. කවදත් සිනහමුසු මුහුණින් සිටින පොඩි මිනිසා අපව පිළිගෙන අපිට වාඩිගන්නට සැලැස්වීය. " කත්මන්ඩු වලින් නම්චේ බසාර් වලට ගිහින් එතැනින් තමා ෂර්පා ගම්මාන මැදින් ගමන පටන් ගන්නේ. මුලින්ම හම්බුවෙන්නේ ටිංගබුජේ, ඊළඟට පැංගබුජේ ආපහු ඩිංගබුජේ, ඊළඟට තුක්ලා පහුකරන් ගිහින් ලොබුජේ " කියමින් අජිත් අයියා අපේ සටගන් පොතක් ගෙන එහි අපි පසුකරගෙන යා යුතු මාර්ගය සරහන් කරන්නට විය. " ලොබුජේ හරියෙදි පරිස්සම් වෙන්න. මිදුනු වතුර පාරවල් හමුවේවි. හිම තට්ටුව කඩාගෙන ගියොත් අනතුරු වෙන්න පුළුවන් . " " හොඳට මතක තියා ගන්න ' චං' වගෙ නොදන්නා බීම වර්ග නම් බොන්න යන්න එපා " " යන අතරමග හම්බුවෙන දුප්පත් මිනිස්සු කරන පොඩි කඩ හම්බුවෙනවා. ඒවයින් බිස්කට් එකක් වත් හොරකම් කරන්න නම් එපා. සමහරු කාපු බීපුවගේ ගණන් එකතු කරන්න දෙන්නෙත් ඔයාලටමයි. කිසිම වෙලාවක හොර කරන්න එපා " ඒ ඔහු අපට දුන් රන් හා සමාන ඔවදන් ය. තවත් ඉන්දියාව හරහා යන්නට ඇති දුම්රිය ගමන් ආදී බොහෝ දේ අපට අජිත් අයියාගෙන් දැනගන්නට ලැබිණි. ඒ අජිත් අයියා හමු වූ අවසන් වතාවයි. 2015 නොවැම්බර් 25 දා මේ විශිෂ්ඨ මිනිසා මෙලොව හැරයන විට ඔහු සිය ජීවන ගමනේ පසු කර තිබුණේ වසර 58 කුත් මාස කිහිපයක් පමණි. සංජය දොළමුල්ලනියර අයිනෙන් වැටුන පාරේ සුළඟිල්ලෙ නුඹෙ එල්ලිලා... එකක් පිට තව එකක් ගැටළුම ඇහුව හැටි මට සිහිවුනා... වී ඇටේ හම්බුනේ කෝමද තාත්තේ මන් අහ අහා කුඹුර ගැනමයි ඇහුවෙ යනකම් මතකෙ ඇත තව ගැබ්වෙලා... ගොයම් ගහකින් තමයි වස්තුවෙ වී ඇටේ මුල් වරට හැදුනේ.. කියල දෙන්නට වෙහෙසුනා ඔබ පිලිගන්න මට බැරිවුනේ.. මන් අහන්නේ ඒ ගොයම් ගහ පැලවෙන්න කලියෙන් අනේ.. කියල දෙන්නකො තාත්තේ මට මේව මට මහ බරක්නේ... දරුවො මන් නම් දන්නෙ නෑ ඔය ප්‍රශ්නෙ ගැනනම් උත්තර... කට වහන් යනවනම් යමු දැන් එහෙම නැතිනම් නවතිමූ.. ගිරවි වාගේ කියව කියවා නුඔත් එක්කම ගැවසුනේ.. තාත්තේ මන් අද උදෙත් ආපහු ගියා ඒ මග දිගේ.. හිතෙන් විතරයි ගියේ කියලා දන්නෙ මන් විතරයි අනේ... කාලයේ මඟ හරස් කරලා යන්න ආසයි ඒ මඟේ..... ඒත් නුඹ නෑ මමම විතරයි මටත් මහ තනියක් දැනේ.. ආයෙමත් භවයකදි නුඹේ අත අල්ලාගෙන නියරක් දිගේ... යන්න මට පුලුවන් ද දවසක සැබෑවන සිහිනය දිගේ බොල් නොවුන වී ඇට වගේ පිරෙනු ඇත මගෙ ජීවිතේ .... කරල් බරවී බිමට බරවුන තාත්තා කුඹුරක් වගේ මඩින් ඉහළට මාව එසවූ.. ඒ නියර මම මට හිතේ.... 🌻 සංජී කාරියවසම් .....🖋️ෆාරුක් සහෝදරයා අබ්දුල් මාමා ගැන මළිදු කුමාරසිංහ ලියු කතාවක් දැක්කම ෆාරුක් සහෝදරයා මතක්වුණා. ෆාරුක්, සුබේයිදා ජෙම්ස් මුදලාලිගේ පුතා. කටපුරා නැදෑකම් කියලා කතාබහ කරන,ඔහුව නොදන්න කෙනෙක් මතුගම හිටියේ නැති තරම්. 90 දශකයේ දී අපි අසල්වැසියෝ. ෆාරුක්,ඔහුගේ බිරිඳ, පුතා ෆේරාස්, වයසක සුබේයිදා මුදලාලි සහ ෆාතීමා එක්ක අපි ජීවත්වුණේ එක මිදුල බෙදාගෙන. හවසට ඕපදූප කියෙව්වේ, අවුරුදු කාලේදී කැට ගැහැව්වේ, නෝම්බි කාලේදී කැඳ කෝප්ප හිස් කළේ අපේ පොදු මිදුලේ දි. නැකතට අකුරු කියවන්න කලින්ම, මගේ පුතාට පාඩම් කියා දුන්නේ ෆාරුක් ගේ පුතා ෆේරාස්. ඒත් මේ හැමදේටම වඩා ෆාරුක් සහෝදරයා අමතක කරන්න බැරි සිද්ධියක් මගේ හිතේ ලියැවිලා තියෙනවා. මේ සිද්ධිය, මගේ පියාගේ මළගම හා සම්බන්ධ නිසා මතක්වෙන හැමවිටම කඳුළු උනනවා. නොසිතු වෙලාවක තාත්තාගේ හදවත නැවතුණ දා අහළ පහළ කවුරුත් විස්සෝප වුණා. කවුරුත් අපේ ගෙදරට රොක්වුණා. ඔය කළබල අතරේ,තාත්තාගේ දේහය සුදානම් කරන මල්ශාලාවෙන් තාත්තට අන්දවන්න සූට් එකක් ඉල්ලුවා. සුදුසු ඇඳුමක් හොයාගන්න අපි එහාට මෙහාට දුවද්දි, ෆාරුක් සහෝදරයා එයාගේ මඟුල් ඇඳුම ගෙනල්ල දුන්නා තාත්තා ට අන්දවන්න. “ඕක ඔයාගෙ මඟුල් ඇඳුමනේ, ඒක එපා අයියේ”, අපි කිව්වා. “අපි කවුරුත් මැරෙන මිනිස්සු, මේක තාත්තාට අන්දවන්න" ඔහු උත්තර දුන්නා. අන්තිමේදී, ෆාරුක් අයියගේ මඟුල් ඇඳුමෙන් සැරසලා අපේ තාත්තා අවසන් ගමන ගියා. සිංහල, මුස්ලිම් මතබේද මතුවෙන හැම මොහොතෙම මට මේ සිද්ධිය මතක් වෙලා පපුව හිරවෙනවා. තරංගා ද සිල්වාදැං මට අවුරුදු විසි එකක් වෙන තරුණ කොල්ලෙක් නිසා මට ගොඩක් දේවල් මානුෂික විදියට දකින්න පුළුවන් වයසක ඉන්නවා කියලා මටම තේරෙනවා මගේ වටපිටාවේ වෙන සිදුවීම් එක්ක. අපිට මනුස්සයෙක් දිහා මනුස්සයෙක් විදියට බලන්න කොහෙදිවත් පුරුදු කරන්නෙ නැති වුනත් අපිට පුළුවන් වෙන්න ඕන හැම මනුස්සයෙක් ම ඉන්න තත්ත්වය හෝ ඒ මිනිස්සුන්ට පැවරිලා තියෙන වගකීම් වලින් ඇහැ ඈතට අරගෙන ඒ හැමදේම අස්සෙ ඉන්න මනුස්සයා දිහා බලන්න. මට අවුරුදු දහ නමයක් විතර වෙන කාලෙදි එක දවසක රෑක අපේ අම්මයි තාත්තයි මට දෙයක් කිව්වා. ඒ කියපු වෙලාවේ මට මුලින්ම දැනුනේ "එතකොට මං ? " කියන තනිවීමක ප්‍රශ්නාර්ථය. අම්මයි තාත්තයි නීතියෙන් වෙන් වෙන්න ත
ීරණය කරා කියලා කිව්වහම ඕනම දරුවෙකුට දැනෙන පෙර කිසිදාක නොදැනුන හැඟීම මටත් ඒ මොහොතේ දැනුණා. අම්මලා මට තේරුම් කරලා දුන්නා ඒ දෙන්නගෙ පුද්ගලික ජිවිතය එහෙම් පිටින්ම අමතක කරලා දාලා මේ ගෙවුන අවුරුදු ගාන නොගැලපෙන දෙන්නෙක් ගැලපෙනවා විදියට මං ඉස්සරහ මගේ අනාගතය වෙනුවෙන් කැප කරපු බව. මං අම්මලගෙන් ඇහුවා ඇයි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ කියලා. එතකොට අම්මලා කිව්වෙ "අපි මේ තීරණය අරගෙන ගොඩක් කල් ඔයා තේරුම් ගන්න පුළුවන් වයසට එනකම් අපි බලාගෙන හිටියා" කියලා. අවුරුදු දහ නමයක ඉන්න මට අම්මලා කියන දේ පැහැදිලියි. ඒත් මේ ඈත් වෙන්නෙ පුද්ගලයන් තුන් දෙනෙක් විතරක්ම නෙවෙයි හැඟීම් කන්දක් තුන් පැත්තකට නාය යනවා වගේ දෙයක් ඒක අම්මලාට නොතේරෙන්න විදියකුත් නැහැ. මං ඇහුවා අම්මලගෙන් ඔයාලා වෙන් වෙනවා කියලා ඔයාලා මට කියනවද නැත්තම් ඔයාලා මගෙන් අහනවද කියලා. එතකොට තාත්තා කිව්වා "අපි මේ ඔයාට අපි වෙන් වෙනවා කියලා කියනවා. හැබැයි ඒ වෙන් වෙන්නෙ ඔයයි අම්මයි මමයි අතර තියෙන බැඳීම නෙවෙයි මමයි අම්මයි අතර තියෙන බැඳීම, ඇත්තටම එතන වෙන් වෙන්න හරි බැඳීමක් බැඳිලා තිබුණ නම් ඒ ඔයා නිසා ම විතරයි" කියලා. වෙන් වුණාට පස්සෙ මං කොහෙද ඉන්නෙ ඔයාලා කොහෙද ඉන්නෙ කියන ප්‍රශ්නය මං ඇහුවේ ඇස්වල කඳුළු පුරෝගොන. ඉස්සර මට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාවට දෙන්නම මං ලඟට එනවා වගේම දෙන්නම මං ලඟට ඇවිත් "ඔයාට පහසු කෙනෙක් ළඟ කැමති විදියට කැමති කාලයක් ඉන්න පුළුවන් ඒත් අපි දෙන්නම ළඟ එකට ඉන්න ඕනෙයි කියන ඉල්ලීම අපෙන් කරන්න එපා "කියලා අම්මා කිව්වෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. අම්මලා එහෙම කිව්වට පස්සෙ ආයෙත් මට ඒ ඉල්ලීම කරන්න තරම් හයියක් තිබුණෙත් නැහැ. ප්‍රශ්න ගලාගෙන එන තරමටම කඳුලුත් ගලාගෙන අවා. ඒවා මං ම පිහදගෙන එදා රෑ නින්දට ගියා. _____________________ පහුවදා උදේ ගමනක් යන්න තියෙනවා කියලා අම්මා උදේ මං ඇහැරුන වෙලාවේ කිව්වා. උදේට කාලා එහෙම අපි තුන්දෙනා ඒ කිව්ව ගමන යන්න තාත්තගේ වාහනේ පිටත් වුනා. වාහනේ යන ගමන්වත් ඊයේ රෑ කියපු දේවල් ආයෙත් කතා කරේ නැහැ. වෙන වෙන දේවල් කතා කරකර අපි ගමන ගියා. අපි ගියේ අපේ ගෙවල් දෙකක් දීලා තිබුණා කුලියට ඒ ගෙවල් දෙක බලන්න. මං හිතන්නෙ මං ගියේ අවුරුදු ගානකින් ඒ ගෙවල් දෙක බලන්න. මං ඉස්සර එනකොට තිබුණු විදියට නෙවෙයි දැං ඒ ගෙවල් දෙක තිබුණේ ලස්සනට අලුත්වැඩියා කරලා. ඒ වෙනකොට ඒ ගෙවල් දෙකේ කවුරුත් කුලියට නැහැ කියලා දැනගත්තෙත් මං ඒ ගෙවල් දෙකට ගියාට පස්සෙ. ඒ ගෙවල් දෙක තියෙන්නෙ ගම් දෙකක එකකට එකක් වාහනේක යනවනම් පැයක විතර දුරක් තියෙනවා. ඒ ගෙවල් දෙකට ගියාට පස්සෙයි ආයෙත් ඊයේ කතා කරපු මාතෘකාව ගැන අම්මලා කතා කරේ. එහෙදි මට කිව්වා එයාලා දෙන්න ඉන්න තීරණය කරලා තියෙන්නෙ මේ ගෙවල් දෙක කියලා. ඒ ගෙවල් දෙක හරි ලස්සනයි සහ ඒ ගෙවල් දෙකේ ඇතුලේ තියෙන්නෙ ඒ දෙන්නා කැමති කැමති දේවල්. තාත්තා ඉන්න තීරණය කරපු ගෙදර නම් එහෙම් පිටින්ම ඇන්ටික් බඩු පිරිච්ච ගෙයක් ඒ තාත්තා ආස විඳිය. අපි තුන්දෙනා හිටපු ගෙදරත් ඔය එහෙම ඇන්ටන් බඩු තිබුණා. අම්මා ඉන්න තීරණය කරපු ගෙදර ගොඩක් ම තිබුණේ මල් පැලයි පැත්තකට වෙන්න පුංචි එළවළු කොටුවකුයි තව මගේ ඇස් හොඳටම නැවතුන තැන කුස්සිය, ඒක නම් වෙනස්ම විදියට හදපු ලස්සන පුංචි කුස්සියක්. ඔය ගෙවල් දෙකේම එකම සමාන කමක් තිබුණා පුංචි පුංචි පොත් රාක්ක තිබුණා තැනින් තැන. ඒ දේවල් දකිද්දි මට තේරුම් ගියා ඒ දෙන්නා ජිවත් වෙලා තියෙන්නෙ වෙනම ම ලෝකවල් දෙකක මං නිසා එකම ලෝකෙක අමාරුවෙන් ජිවත් වෙලා කියලා. අපි හවස් වෙලා ගෙවල් ආවා. අම්මලා මාව ගෙවල් දෙකට එක්කගෙන ගිය ඇත්තෙත් එයාලා ජිවත් වෙන ලෝකවල් වෙනස් කියලා පෙන්නන්න වෙන්න ඇති. __________________ අම්මලා වෙන්වෙලා දැං අවුරුදු දෙකක් විතර වෙනවා. මේ ගෙවුන අවුරුදු දෙක ඇතුලේ මං ඒ දෙන්නා ලඟම අඩු වැඩි වශයෙන් දවස් සති ඉඳලා තියෙනවා. ගොඩක් දවස් මං ඉන්නෙ අපි තුන්දෙනාම හිටපු ගෙදර තනියම. ඉස්සර හිටපු නෑදෑයෝ එහෙම ගොඩක් දැං අඩුයි අම්මලගෙ වෙන් වීමෙන් පස්සෙ එයාලා නම් අම්මලට තාමත් බනිනවා. දැං මට අම්මයි තාත්තයි දිහා දකිද්දි දැනෙන්නෙ වෙනස්ම දෙයක්. ඒ දෙන්නා දැං අම්මයි තාත්තයි විදියට පේනවට වඩා නිදහස් මනුස්සයෝ දෙන්නෙක් විදියට ජිවත් වෙනවා මට පේනවා. ඒ මූණූ වල වෙනදා මං නොදැකපු එළියකින් ජිවිතයම පිරිලා කියලා තේරෙනවා. ඇත්තටම ඒක හරි ලස්සනයි මං එයාලා දිහා මනුස්සයෝ දෙන්නෙක් විදියට බලනකොට. ඒත් මං ඒ දෙන්නා දිහා ඒ මගේ අම්මයි තාත්තයි විදියට ගැඹුරින් බලනකොට දැනෙන්නෙ වෙනස්ම හැඟීම් එකතුවක් ඒක දැනෙනවට මං කැමති නැහැ මොකද ඒ හැඟීම් එකතුව ඇතුලේ එයාලා මාව දාලා ගියාට එයාලා වැරදිකාරයොත් වෙනවා. ඒත් මං කැමති නැහැ එයාලා වැරදිකාරයෝ කරන්න. ඒ නිසා මං උත්සාහ කරනවා හැමතිස්සෙම ඒ දෙන්නා දිහා නිදහසේ ජිවත් වෙන මනුස්සයෝ දෙන්නෙක් විදියට දකින්න. Pubudu Udatiyawala 2023/11/26කසාද උගුල කසාද බැදපු එවුන්ට කසාද නොබැදපූ එවුන්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවද කියල අහල තිබුන පෝස්ට් එකක් FB එකේ තියෙනව දැක්ක... ඒකට ගොඩක් බැදපු මිනිස්සු දීල තිබුන උත්තරේ තමයි අපෝ බදින්න නම් එපා තනිකඩව ඉන්න කියන එක.. ඒකෙන් කියවෙන්නෙ ඒ මිනිස්සු කසාද ජීවිතේ ගැන ඉන්නෙ සන්තෝෂයෙන් නෙමෙයි කියන එකනෙ...ඕක තමයි ඇත්තටම ලංකාවෙ මිනිස්සු බහුතරයකගෙ තත්වෙ...ඇයි ඉතිං එහෙම වෙලා තියෙන්නේ හැමෝම කසාද බඳින්නෙ සතුටින් ඉන්නනෙ... වැරැද්ද තියෙන්නේ කසාදෙ නෙමෙයි කසාද බදින මිනිස්සුන්ගෙ...හරියට අවබෝධයක් නැතුව බදින එකෙන් තමයි සේරම ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නෙ... බඳින්න කලින් බදින්න ඕන ඇයි කියල දැනගන්න ඕන මොකද ඒක සංකීර්ණ වැඩක්...ආසාවට බැන්දට ඒ ජීවිතේ ගෙනියන්න ඕන කොහොමද කියල අවබෝදයක් තියෙන්න ඕන...ඒකට ලව් කරන්නේ කොහොමද සෙක්ස් කරන්නේ කොහොමද ආර්ථිකේ balance කරනේ කොහොමද,ළමයි හදන්නේ කොහොමද මේ සේරම වගකීම් ගන්න ඒවා හරියට ඉෂ්ට කරන්න පුළුවන් තරම් පරිනත වෙන්න ඕන..ඔන්න ඕව හරියට බැලන්ස් කරගන්න බැරි නිසා තමයි මිනිස්සුන්ට කසාදෙ එපා වෙන්නේ මම මේ කියන දේට මම හිතන්නේ ඔයාල එකඟ වෙයි..කසාද ජීවිතයක් නිතරම අලුත් වෙන්න ඕන ඕනෑම දෙයක් එකම විදියට කරනවා නම් ඒක කොහොමත් එපා වෙනවා ඒක මිනිස්සුන්ගේ හැටි...පොඩි පොඩි දේවල් වලින් ජීවිතේ අලුත් කරගන පුළුවන්...ඒක අලුත් කෑමක් වෙන්න පුළුවන් පොඩි outing එකක් වෙන්න පුළුවන්...අලුත් සෙක්ස් position එකක් වෙන්න පුළුවන්...මොකුත්ම නැත්තම් ආදරණීය කතා බහක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ පොඩි දේකින් පුළුවන් ජීවිතේ අලුත් කරන්න මහා ලොකු දේවල් ඕන නෑ කසාදයක් ඇදගෙන යන්න...ප්‍රශ්න ඇති වෙනව කොහොමත් ඒවා කතා කරලා විසඳගන්න එක තමයි ජීවිතේ කියන්නේ... මුලින් දවසට දෙතුන්පාර සෙක්ස් කරන ජෝඩු අවුරුදු 2,3ක් යනකොට මාසෙට සැරයයි දෙසරයයි සෙක්ස් කරන්නේ දෙන්නගේ ඕන එපාකම් ගැන අවබෝධයක් නෑ...දෙන්න දෙන්නට සතියට සැරයක්වත් ආදරෙයි කියන්නේ නෑ...හැමදේම ඇත ඇරලා දානව...වැඩ ගැන විතරක්ම හිතනවා ළමයිගේ වැඩ රස්සාවේ වැඩ..ආර්ථික ප්‍රශ්න ඕව ගැනම හිත හිත ලතවෙනවා...ඉතින් කසාදෙ එපා වෙන එක අහන්න දෙයක්ද...තමන් ආස විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැතුව අමුතු මනුස්සයෙක් වෙන්න හදනව...තමන්ට තමන්ව මතක නැති වෙනවා... ඔන්න ඊට පස්සේ තව ලෙඩක් සමහරුන්ට වෙන ගෑනු මිනිස්සුන්ට හිත යනව..මොකද ඒක සාමාන්‍යයි මම කලින් පොස්ට් එකකින් ඒක ගැන කතා කරා... තමන්ගේ යුතුකම් කරන්න වගකීම් ඉෂ්ට කරන්න එත් තමන් තමන්ගේ ජීවිතේ අමතක කරන්න එපා...පුලුවන්කල් enjoy කරන්න...ලමයි එක්ක යාළුවො වගේ ඉන්න...ළමයිට ජීවිතේ විඳින්න කියල දෙන්න..ආදරේ උගනන්න...ගෑණියෙක් නම් 45 ක් උනත් 25 කෙල්ලෙක් වගේ විසයක් තියාගන්න..මිනිහෙක් නම් ගැනිට 45ක් උනත් 25 කෙල්ලෙක් කියල හිතන් සෙක්ස් කරන්න...අන්න එතකොට කසාද බඳින්න එපා ඕක උගුලක් කියා කිය අනිත් එවුන්ට කියන්න වෙන එකක් නෑ... කරන්නම දෙයක් නැත්තම් විකල්ප තෝරාගන්න මම ඒකට දොස් කියන්නෙත් නෑ..මොකද තමන්ට සාදාරණයක් නොවෙනවා නම් අනිත් කෙනාගෙන් ජීවිතකාලෙම විඳවල මැරෙන්න ඕන කියල මම කොහොමවත් හිතන්නේ නෑ... වෙනස් වෙන්න වෙනස් කරන්න අන්න එතකොට කසාදෙ ලස්සන වෙයි....කෙටි කතාවක්...... මා සොයා අසම්මතයට.... බොහෝ කලකින් සාප්පු යෑමට නොහැකි වූ හෙයින් සමාධි දහවල් නිවසට යන අතරතුර කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි සුපිරි වෙලද සංකීර්ණය අසලින් බැස එතුලට ගියේ අවශ්‍ය නිසාම නොවේ දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් වූ සමාධි ඉතා කෙටි කලකින් තම ව්‍යාපාරය ලංකාවේ හොදම ව්‍යාපාර අතරට ගෙන ඒමට සමත් විය Gucci බෑගය දකිද්දී සමාධිට තම සොලොස් හැවිරිදි දියණිය සිහිපත් වී එය මිලදී ගත්තේ ඇය විශ්මයට පත් කරනු පිණිසය සුප්‍රසිද්ධ සුපිරි වෙලද සංකීර්ණයෙන් පිට වූ සමාධි තම රියදුරා අමතා වාහනය දොරටුව අසලට කැදෙව්වේය.. මැඩම් ගෙදරට ද? "ම්..ම් ඔව් ගෙදර ගිහින් කෑම කාලා කොහුවලට යන්න ඕනී රත්නසිරි අංකල්.." ඒ ඇගේ නිවසේ පරණම රියදුරු මහතාය කොළඹ නගරය කඩි ගුලක් මෙන් ඇවිස්සී ඇත...වාහන තදබදය අධික ලෙස වැඩි වී ඇත්තේ පාසැල් අවසාන වී ඇති හෙයිනි...වාහනය එකම තැන බොහෝ වේලවක් රැදී ඇත...එක්තරා සිනමා පටයක ප්‍රචාරක දැන්වීමක් සමාධිගේ නෙත ගැටුනි...එහි ප්‍රධාන නිලිය දුටු ඈගේ මුවග අපහාසාත්මක ද නැතහොත් ජයග්‍රාහී ද යන්න කිව නොහැකි මන්දාස්මිතයක් විය... ඒ සිනහව තුලින්ම ඇගේ අවසරයෙන් තොරවම සිත අතීතයට දිව ගියේය... "සමාධි මම කියන දේ අහන්න ඩියර් මේක කවදාවත් කිසිම කෙනෙක් දැන ගන්නේ නැහැ අනික මේක කරන්නේ අර... මධුරංගි සමරතුංග.." කේශිනී සුප්‍රසිද්ධ නිලියකගේ නමක් සදහන් කලේය.. "එයාගේ එපාර්ට්මන්ට් එකක වෙන්නේ පොලීසිය දැන ගන්නෙත් නැහැ අනික කෙල්ල...එතනට එන්නේ ඔක්කොම ලොකු මිනිස්සු උන් මේවා ලීක් කරන්නේ නැහැ මලාට..උ--න්-ට ඕනී අපි වගේ අය ඒ කියන්නේ වෘත්තීය විදිහට නොකරන අපි වගේ හවුස් වයිෆ්ලා..." "අනේ බැහැ කේශී වරුණ දැනගත්තොත් මාව මරයි... අනික.... අනික.... මම එහෙම කෙනෙක් නෙවෙයි" "පිස්සු ද ඔයාට... ඔයා නරක කෙනෙක්
නම් මම කොහොමත් කතා කරන්නේ නැහැ අනික වරුණ එහෙම දැනගන්නේ නැහැ ටිකක් හිතන්න කෙල්ලේ.." "වරුණ කොච්චර ලොකු සල්ලී කාරයෙක් උනත් ඔයාට හරියට සලකනව ද? ඔයාලා දෙන්නව උදේට මෙතනින් බස්සලා යනවා ඔයා නර්සරි ඉවර උනාම දරුවා අරන් ටැක්සි එකක ගෙදර යනවා...අඩුම ගානේ ඔයාට පොඩි කාරෙකක් අරන් දෙනවද? ඔයාව සැලුන් ගෙනියනවද?? ෂොපින් ගෙනියනවද?? මොකද්ද සමාධි විදින්න තියෙන ජීවිතය විදවන එකනේ ඔයා කරන්නේ..." "ඔයාට ඩිග්‍රියක් තිබ්බත් ජොබ් එකක්වත් කරන්න නැහැ නේ.. ඔයා වහලියක් වගේ ඉන්නවා...හිතන්න ටිකක් ඔයාට ඔයාගේ දරුවා ඉල්ලන දෙයක් අරන් දෙන්න අතේ සතපහක් නැහැ... ඔයාගේ කෙල්ලටත් වෙන්නෙ ඔයා වගේම දුකින් පිරිච්ච සීමිත ලෝකෙක හිරවෙලා දුක් විදින්න.. හිතන්න කෙල්ලේ.." ඇයගේ වදන් සමාධි අතීතයට ගෙන ගියේය..වරුණ දිනක් යහනේදී කියූ වදන් අදද ඇගේ දෙකනේ රැව් පිළිරැව් දේ "මොකද්ද සමාධි පොඩ්ඩක් ඇක්ටිව් වෙනවකෝ මලමිනියක් වගෙ ඔහේ උඩුබැලි අතට ඉන්නවා... තමුන් ලගට ආවම තියෙන ෆීලින්ග්ස් ටිකත් නැති වෙනවා ශිට්....මේක මගේ කරුමේ..." කියමින් ඔහු සමාධිගෙන් ඉවත් විය... "අනේ වරුණ මට උන ගන්න වගේ සොරි අනේ කියමින්" ඈ ඔහුගේ ලමැද හිස තියන්නට සැරසුනත් ඔහු වහා අනෙක් පසට හැරී.... "අනේ මේ.... අයින් වෙනවා මට පව් නොදී තමුන් කොහොමත් ඔහොමයී තමුන්ව නඩත්තු කරන එකත් පාඩුයි" කියමින් ඔහු කාමරයෙන් ද පිට විය සමාධිට තමා ගැනම ආත්ම අනුකම්පාවක් ඇති විය.. (දෙවියනේ මම මහා කාලකන්නි ගෑනියෙක්... මම මැරිලා යන එක මීට වඩා හොදයි එහෙත්... සිගිති දියණිය..... කමක් නැහැ කෙල්ල වෙනුවෙන් ඉවසනවා... අනික කොහේ යන්නද?කාට කියන්න ද? විදවන ජීවිතය කේශි කියන්නා සේ විදින්නටත් සිතුණි... වරුණ හා යුගදිවියට පිවිස සතුටින් සිටියේ දියණිය ලැබෙන තුරු පමණි...ඉන්පසු ටිකෙන් ටික දෙදෙනා නොදැනුවත්වම ඈත් විය...වරුණට තම ව්‍යාපාර තරම් කිසිවක් වැදගත් නොවීය.සමාධි දරුවා තමාගේ මුළු ලෝකයම කරගනිද්දී බිරිදක ලෙස වරුණට නිදි යහනේදී විය යුතු යුතුකම් ටිකෙන් ටික ගිලිහී ගියේය.. "සමාධි.....සමාධි..හ්... නිදි ද? කනවා බොනවා නිදියනවා...මොකද්ද මේ කරුමේ පොඩ්ඩක් ගෑනියෙක් විදිහට අනිත් ඒවටත් උනන්දු වෙනවකෝ" කියමින් ඈ රළු ලෙස සිපගන්නට පටන් ගත්තේය "ආහ් අනේ...හ් රිදෙනවා වරුණ." ඉවසන්න කෙල්ලේ මට ඕනී ප්ලීස්" කියමින් වරුණ විසින් සමාධි තම අභිරුචිය පරිදි පාවිච්චි කිරීමට පටන් ගත්තේ යැයි කිවහොත් නිවැරදිය.... කිසිදු ආදරයක් නොමැති ඒ කායික එක්වීම් සමාධි පීඩාවට පත් කිරීම පමණක් වන හෙයින් සමාධි හිතාමතාම වරුණ මග හැරියාය (මාත් මනුස්සයෙක් ආස දෙයක් කන්න නැහැ අදින්න නැහැ මොකද්ද ඇත්තටම මේ ජීවිතය.) අනියම් පුරුෂයන් වුවත් ඔවුන් කේශි හා දුරකථනයෙන් කතා කරන ආකාරය ඇසී ඇති හෙයින් එම ඇසුරන් සතුටින් ආදරයෙන් ගෙවී යයි... (ඔව් මාත් මනුස්සයෙක් මටත් උවමනා ආශාවන් තියෙනවා... ටික කාලෙකට කරලා බලනවා....නරක නම් කේශි මෙච්චර සතුටින් ඉන්නේ නැහැනේ) සමාධි ඒකමතිකව තීරණය කලාය.. එහෙත් මුදල් ලැබුණේ කෙසේදැයි වරුණ ප්‍රශ්න කල හැකිය.. වාසනාවට කේශී ලග ඊට පිලිතුරක් විය.. "ඔයා කියන්න ගෙදර ඉදන් කරන්න ඔන් ලියින් ජොබ් එකක් සෙට් උනා කියලා අපේ අක්කා ඒකත් හදලා දෙනවා අවශ්‍ය උනොත් ගෙදර අයට සැක නොහිතෙන්න පෙන්වන්න... හරිනේ එහෙනම්.... මම අක්කට කියනවා සදුදා ඉදන් එනවා කියලා.." සමාධි හිස වනා ඔව් යැයි පැවසුව මුත් වරුණ සිහිවෙද්දී බියක් ද දැනුනි... එහෙත් ඒ සෑම වෙලාවකම ඇය ඔහු පවසනා රළු වදන් සිහිකර ඔහුගෙන් රහසේ හෝ පලිගැනීමට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවට තම සිතට පිලිවදන් දුන්නාය.. "ශා..හ්..කේශී පට්ට ලස්සන කෙල්ලෙක් නේද?? මරු ෆිගර් එක ගැමි ලුක් එකකුත් තියෙනවා නේද? කේශී තම ජංගම දුරකථනයෙන් සමාධිගේ චායාරූපයක් පෙන්වන අවස්ථාවේදී මධු පැවසීය "ඔව් අක්කේ හරි අහිoසකයි... මාස ගානක් කට්ට කෑවා බිලි බාගන්න.. හොදම දේ කියන්නේ කෙල්ලට යාලුවෝ නැහැ මම තමයි මුලින්ම අල්ල ගත්තේ.... හොදට අන්දන්න පුලුවන් මෙලෝ හසරක් දන්නේ නැහැ ඔන්න මට හොදට සලකන්න වෙයි" "අම්මෝ ඔව් කෙල්ලේ අනිවාර්යයෙන්ම......මේ මරු මිනිහෙක් ඔලුවට ආවා හොද ගානක් කඩා ගමු.. ඉන්නකෝ.." "හෙලෝ මිස්ටර් වික්‍රමසිංහ බිසී ද?" "බිසී නම් තමයි ඒත් ඔයාට බිසී නැහැ එනි ටියිම් එනි වෙයා ඉතින් මොකෝ ම්..මාව මතක් උනා ද?ම්.." "ඔව් ඔව් ඔය විසේ නම් අමතක වෙන්නේ නැහැ.... ඔන්න හොද චාන්ස් එකක් තියෙනවා ගන්නවා නම් මම මේ මිනිස්ටර් ට ගන්න හදලා හිතුවා ඔයාගෙන් ඉස්සෙල්ලා අහන්න" කියමින් කේශි දෙස බලා ඇහැක් ගැසීය.. "ම්...මට තේරුණා ඔයා මට කැමතියි කියලා.... මහ හඩින් සිනාසුනු ඔහු.. " මොකද්ද කෙල්ලේ කියන්න ගියේ?" "මේ ෆස්ට් ටයිම් එන හවුස් වයිෆ් කෙනෙක් මරු ෆිගර් එක මොකෝ කියන්නේ.." "කෝ පික් එකක් එවන්නකෝ අගේ නොකර " "මේ..මේ ඒවා බැහැ පෞද්ගලිකත්වය රකින්න ඕනී ඒක මතක ඇතිනේ නේද??? ආවට පස්සේ එයාගේ කැමැත්තෙන් ඕනී දෙයක් කරගන්න අපෝ...හ්..හා හා හරි... මේ පිස්සු හැදිලා හිටියේ තෑන්ක්ස් කෙල්ලේ.... මම තව පැය බාගෙන් ඔතන මොනාද ගේන්න ඕනී ඔයාට සුදූ.... හෝව් හෝව් සදුදා තමයි එන්නේ... මොකෝ ඔයා ගන්නවද නැත්නම්... මේ මේ කීයක් ගියත් මට ඕනී මේ වැඩිපුර වෙලාවක් ඕනී හොදද?? හරි ඕකේ එහෙනම් මම තියනවා... දුරකථනය තබමින් කේශී වෙත ඇසක් ගසා..... වැඩේ හරි ඕකා දැන් ඉල්ලන ගානක් දෙනවා.... කවුද අක්කේ මන් දන්න එකෙක් ද?? මැරිඩ් එකෙක් ද???? "නැහැ ඔයාට සෙට් උනේ නැහැ මම හිතන්නේ.......මාර ගෑනු පෙරේතයා මිනිස්ටර් එක්ක එන්න යන්න පටන් ගත්තේ.. හැබැයි දැන් තනියමත් එනවා... බැදලා නැද්ද මන්දා ගෑනියෙක් දැක්කම පිස්සෙක් වගේ...වැඩියෙන්ම මාධවී තමයි හැන්ඩ්ල් කලේ මටත් සෙට් උනා... අම්මෝ මාර විසේ මට බය මේ කෙල්ලට එක දවසින් එපා වෙයි ද දන්නේ නැහැ...කියමින් හඩ නගා දෙදෙනාම සිනාසුනේය ඒ සති අන්තය සමාධිට මහත් වූ පීඩාකාරී නොඉවසිලිමත් එකක් විය. තමා වරුණට ද්‍රෝහි වන්නේ යැයි සිතෙන සෑම විටම ඇයගේ අවශ්‍යතාවන් පවසනා විට පවසන ඔහුගේ කුරිරු වදන් හා යහනේ දී කරන අපහාසාත්මක වදන් සිහි කරමින් සිත හදාගත්තේය. ඉරුදින රාත්‍රීයේ නිදන ඇදේදී සමාධි වරුණ ඇමතීය.. "වරුණ ඔන්ලයින් ජොබ් එකක් හම්බ උනා මම හෙට ඉදන් ඒක කරන්න හිතන් ඉන්නේ කමක් නැහැ නේද?" "ඕන මගුලක් කරගන්නවා...ඔව් ඔව් නිකන් කකා බිබී ඉන්නවට වඩා ඒක හොදයි මොකෝ ඉතින් තමුන් ඇදේ කරන දේවත් හරියට කරලා මාව සතුටු කරන කෙනෙක් නෙවෙයි නේ..... මම නිසා හොදයි වෙන මිනිහෙක් නම් එක්කෝ හොර ගෑනියෙක් අරන්.." නැත්නම් තමුන් දික්කසාද කරලා... ඕක නොවෙන්නේ මේ කෙල්ලයි මගේ දෙමව්පියන්ගේ නම්බුවයි නිසා. ඔහුගේ වදන් මා තව තවත් වරදට යොමු කලේය. මා දිරිමත් කලේය.. ඔව් මොහුට බරක් නොවී කේශි කියන්නාක් මෙන් මා ජීවිතය විදිය යුතුය.... සදුදා ඉතා තීරණාත්මක දිනයක් විය.මා වෙනදාට වඩා කැඩපත ඉදිරියේ හැඩ වැඩ උනෙමි..සුවද විලවුන් නොමැති නිසා දියණියගේ කලෝන් බෝතලය හලා ගතිමි...... කේශි විසින් ලදරු පාසල අසලින් මා නංවාගෙන කිරුලපන දෙසට වාහනය පැදවීය... "අද කෙල්ලගේ ලස්සන....අම්මෝ එන එකා ගෙදර අරන් යයි වගේ" "අනේ නිකන් ඉන්න මට බයයි අනේ... මට ඕක කරන්න පුලුවන් වෙයි ද බයයි අප්පා.." බය වෙන්න එපා කෙල්ලේ පුරුදු වෙයි ඔයා දන්නවද මගේ මේ කාර් එකේ ලීසින් එක පවා ගෙවන්නේ මගේ පලවෙනි කස්ටමර් මාර සල්ලි කාරයෙක් හැබැයි ගොඩයෙක් හොදට අන්දන්න පුලුවන් .... කියමින් මහ හඩින් සිනාසෙයි..... ඔන්න කෙල්ලේ අපි ආවා... අනේ මට බැහැ කේශි ප්ලීස් අපි යමු "අපෝ.. මොකෝ මේ??? දාඩියත් දාලා. බයවෙන්න එපා කෙල්ලේ මෙහෙට එන එවුන් ගෙදර ගෑනිට වඩා අපිට ආදරෙයි අපිට සලකනවා... ඔයා අකමැති කිසිදේකට ඉඩදෙන්න එපා... ටිකක් හුරතල් කරලා ගත්තම අපේනටන්නේ.... කියමින් සිනාසුනේය කේශිගේ වදන් වලින් දිරිමත් වී ඈ සමග සුපෝඛභෝගී නිවාස සංකීර්ණයක නිවසකට අප ඇතුළු වුවෙමු.. "අක්කා..." කියමින් කේශි සුරූපී නිලිය වැලදගත්තාය ඇගෙන් ඉවත් වු නිලිය හෙවත් මධු අක්කා මා බදාගෙන.... "අම්මෝ..හ්... මගේ කෙල්ලගේ ලස්සන මට සීයට සීයක් විශ්වාසයි අර යකා ඔයාව ගෙදර ගෙනියයි...මේ හොද සල්ලී ගහක්....ඕක හොලවලා අපිටත් සලකන්න හොද ??කියමින් හඩ නගා සිනාසුනි කෝ මිනිහා ආවද??? "තාම නැහැ මග ඉන්නේ කිව්වා...මම කිව්වා අපි ඔක්කොටම බ්‍රෙක්ෆස්ට් ගේන්න කියලා දැන් එයි නත්තල් සීයා වගේ" කියමින් මහ හඩින් සිනාසුනි "කෙල්ලේ..රූම් එකට ගිහින් චේන්ජ් කරගන්න කේශී කියලා දෙන්න මම ඇදුමක් රෙඩි කරලා ඇති.." "ඔන්න කෙල්ලේ කාමරය... හොදට නාගන්න... මේ ක්‍රීම් පර්ෆියුම් පාවිච්චි කරන්න...මේ ඇදුම අදින්න රත්තරන් ඕල් ද බෙස්ට් ආ..... කියමින් ඇසක් ගසා ඈ පිටව ගියේය . ඇදුම අතට ගත් මට ලැජ්ජාවක් ඇති විය ඉතා කෙටි ශෝර්ටයක් හා ස්කිනියකි... මා කෙදිනකවත් මෙවැනි ඇදුම් ඇද නොමැත... හොද හුස්මක් ගෙන ලය සැහැල්ලූ කර එන දේකට මුහුණ දීමට සිතා ගතිමි.. මා නානකාමරයට වැව්දී උණුවතුරින් සිත් සේ නා ගතිමි.... ඉන්පසු නිරුවත්ව කැඩපත අසල සිට ගතිමි... දෙවියනේ මා මීට පෙර මගේ රූ සොබාව මෙලෙස දැක නැත...මට මා අමතක වී ගොස් තිබුණි..... කේශිට ස්තුති වන්නට මට මා මුණගැසිණි.. විවාහයෙන් පසු තවමත්... මා රූමත් කාන්තාවක් බව මට මා නෙත ගැටුනු පලමු අවස්ථාව මෙයයි... මා මේ කරනා දෙය නිවැරදි දැයි මගේ හෘද සාක්ෂිය මගෙන් විමසා සිටියි.... මා අතීතයට නික්මුනේ මාද නොදැනුවත්වමය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වැරුණගේ ආයතනයට බැදී සේවය කරද්දී අප දෙදෙනා පෙමින් වෙළුනි.. මුලින් මගේ දෙමාපියන් කුල ප්‍රශ්නයක් මත විරුද්ධ වෙද්දී වරුණගේ පාර්ශවය දෑවැදි ප්‍රශ්න මත එරෙහි විය.. දෙපාර්ශවයටම හොර රහසේ විවාහ වී දෙපසට වී සිටි අප පසුව කෙසේ හෝ ඔවුන් කැමති කරවාගෙන උත්සවාකාරයෙන් විවාහ මංගල්‍යය පවත්වා එක වහලක් යටට උනි... වරුණගේ බලවත් ඉල්ලීම මත සමාධි රැකියාවට සමු දුන්නේය ....මුලින් ඔවුන් දෙදෙනා සාර්ථක විවාහ ජීවිතයක් ගෙන ගියේය ..විවාහ වී වසරකට පසු
දියණිය පිලිසිද ගත්තේය...වරුණ හැසිරුනේ රටක් රාජ්‍යයක් ලැබුණස් සේය...ඉපදුනු මුල් කාලයේ දියණිය ඔහුගේ ලෝකයම උනි..එයවෙනස් වූයේ කවදාද කෙසේද යන්න අදටත් සමාධිට වැටහීමක් නැත කිසිවෙකු දොරට ගසන හඩ ඇසුණි..සමාධි ඉක්මනින් කොණ්ඩය හා ඇග පිසදා ඇදුම් ඇදීමට සැරසුනත්..... ";එක්වරම... ඉන්න වස්තුවේ මාත් එනවා කියමින් දොර විවර විය... දුටු රුවින් මා තිගැස්සී ගියෙමි.... "උ--ඹ..හ්... උ--ඹ... සමාධී...බැ@# උ--බ--ව මර@##$ මම....කියමින් වරුණ හැකි උපරිමයෙන් නිරුවත් සමාධිට පහර දෙන්නට විය... සමාධි මහ හඩින් කෑගැසුවේය... මද වේලාවකින් චායාවක් සේ කේශී හා මධු අක්කා පැමිණ වරුණ වැලැක්වීමට උත්සාහ දැරීය... සිදු වූ පහර දීම් හා කම්පනය මත සමාධි සිහිසුන් විය...වරුණ කෝපයෙන් මෙන්ම ලැජ්ජාවෙන් පිටව ගියේ තිදෙනාටම පාඩමක් උගන්වනවා යැයි තර්ජනය කොටය #දෙවියනේ කොහොමද මෙහෙම උනේ අනේ..හ් කේශී වැලපෙයි අක්කා ද බිය පත් වී සිටියි....සමාධි පියවි සිහිය ලද්දේය කෝ වරුණ? කේශී කෝ වරුණ... ඈ හඩමින් විමසුවෙමි ඔවුන් දෙදෙනාම නිහඩව වික්ෂිප්ත වී බලා සිටියි... "කේශි අර යකා කේන්තියෙන් ගියේ.. මොනා කරයිද දන්නේ නැහැ ප්ලීස් ඔයා මෙයාවත් අරන් දැන්ම මෙහෙන් යන්න..මේකා තරහට පොලීසියට ගියොත්....මම ඉවරයි..... මාත් ටික දවසක් එහෙට මෙහෙට වෙලා ඉන්නම්" "අනේ දෙවියනේ අක්කා... මට තේරෙන්නේ නැහැ අනේ...හ්# කේශී බියපත්ව හඩයි "නංගි ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න දැන් මෙහෙන් යන්න අපි පස්සේ බලමු මොකද කරන්නේ කියලා.... මදැයි වෙච්චි දේ...අක්කා සමාධිගේ හිස අතගාමින් පැවසීය සමාධි..හඩ හඩා කේශි සමගින් ලදරු පාසල වෙත ආවේ දියණිය ගැනීමටයි... දෙවියනේ මම කොහේ යන්න ද මොනා කරන්න ද... වරුණට දෙමාපියන්ට නෑදෑයින්ට සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? සමාධි සිතුවිලි අතර හඩමින් තනි උනේය "කොහොමද කෙල්ලේ මෙහෙම උනේ ඔහ්හ් ගෝඩ් මොකද්ද දැන් අපි කරන්නේ# "අනේ කේශි මට ගෙදර යන්න නම් බැහැ වරුණ මාව මරයි...අපේ ගෙවල් වලටත් කියයි...දෙවියනේ මීට වඩා හොදයි මම මැරුණ නම්..." "හරි...හරි ඉන්නකෝ අඩන්නේ නැතුව ඔයා මගේ ගෙදර ඉන්න අපි හෙමිහිට කල්පනා කරමු හොදද ? එකෙනෙහිම සමාධිගේ දුරකථනය නාද වුණි.....නොදන්නා නොම්මරයකි... සමාධිගේ සියොලගම ගැහෙන්නට විය "ඕක ආන්සර් කරන්න කෙල්ලේ බය වෙන්න එපා ෆෝන් එකෙන් මුකුත් කරන්න බැහැ නේ..ගන්න දරුවෝ.." ඇගේ වදනින් මා දුරකථනය හා සම්බන්ධ වුනෙමි.... "හෙලෝ...මේ මිසිස් වික්‍රමසිංහ ද? ංඔව් මේ..හ්...මේ කවුද?" අපි රෝහල් පොලීසියෙන් පුලුවන් තරම් ඉක්මනට කොළඹ ඉස්පිරිතාලෙට එන්න මිස් ඇක්සිඩන්ට් වෝඩ් එකට ඔයාගේ මහත්තයා වරුණ වික්‍රමසිංහ දැන් ඉන්නේ හොස්පිටල් එකේ " අනේ...හ්...අනේ හරි මම දැන්ම එන්නම්..කියමින් දුරකථනය තැබූ සමාධි කේශි හට විස්තරය කීවේය කේශි සමගින් රෝහලට පැමිණි සමාධි හඩමින් විමසීම් කවුන්ටරයට ගියේ විස්තර දැන ගැනීමටය.. "ආ එයා ICU...ඔයා එතනට යන්න.." සමාධි හා කේශි එහි ගොස් විස්තර විමසුවේය "ඔයාලා කවුද එයාගේ හෙදියක් විමසද්දී ... සමාධි වහා ඉදිරිපත් වී.. " මිස් මම එයාගේ වයිෆ්...අනේ එයාට කොහොමද ????ල් හෙදිය බිම බලාගත්තාය.. මිස් කියන්නකෝ..කියමින් සමාධි ඇගේ අතේ එල්ලුනේය එයාව ගේනකොටත් එයා නැතිවෙලා.. සමාධිට මතක එපමණය.. ඉතින් වරුණ හදිසි හෘදයාබාධයකින් මිය ගොසිනි..වාහනය පදවමින් සිටියදීම සත් ගුණවත් දානපති සුප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරික වරුණ වික්‍රමසිංහ මහතා මිය ගොසිනි... ඉතින්... සමාධිට දැනුනේ එල්ලා මැරීමට සූදානම් වූ චූදිතයෙක් තොණ්ඩුවෙන් ඉවත් කර අභය දානය දුන්නාක් වැනි හැගීමකි.. හිත පතුලේ කුරිරු සතුටක් සගවාගෙන පිස්සියක මෙන් හඩා වැලපුනෙමි... දෙවියනේ මා ගැලවී ඇත... දෙවියනේ... හිතට දැනෙන සැහැල්ලූව කියා නිම කල නොහැකිය සමාධි තනිව එසේ ඇතුලාන්තයෙන් සතුටද පිටතින් දුකද දක්ෂ රංගන ශිල්පිනියක සේ රඟ දැක්වූවාය එහෙත් එක්වරම මතක් වූ දෙයක් හේතුවෙන් රෝහලේ බරාදයේ වික්ෂිප්ත වී සිටින කේශි වෙත ගිය සමාධි .... කේශි....මේක දන්නේ අපි තුන්දෙනා විතරයි... ඒක නිසා කටවල් වැහෙන එක හැමෝටම හොදයි...මධු අක්කටත් මම මතක් කලා කියන්න.... කියමින් ඈ නැවතත් හඩමින් තාත්වික රංගනයක් යෙදුනේය..තමා මෙතරම් කුරිරු ගැහැණියක වූයේ කෙසේ දැයි ඈ ද නොදත්තේය වරෙක ඈ තමාටම දොස් පවරා ගත්තේය මලගෙදරට පැමිණි සියලු දෙනා මා හා දියණිය වෙනුවෙන් දුක් වෙයි.... අනේ දෙවියනේ හොද මිනිස්සු ඉක්මනින් යනවා...පවු මේ අහිoසක කෙල්ලයි දරුවයි...කෙනෙක් ශෝකයෙන් පවසයි.... අනේ ඔව් අක්කේ...හ් මගේ රත්තරන් කොල්ලා..හ්.... දෙන්නා පුදුම ආදරයකින් සමගියකින් ජීවත් උනේ... අපේ පුතාගේ පනත් හරි සමාධි දුවයි දෝනිත් හරි....ඒ වරුණගේ මවගේ හඩයි සැවොම මා අසලට විත් දුක බෙදාගනී. හිස අත ගා සැනසිලි වදන් තෙපලයි.. කෙනෙක් දියනිය වඩා ගනී කෙනෙක් ඇගේ හිස අතගායී...අනේ කිරිසප්පයා මොනා කරන්න ද හිත හදාගන්න මහත්තයා වෙනුවෙන් දරුවා හොදට හදාගෙන බිස්නස් එකත් බලාගෙන ඉන්න හිතට හයිය ගන්න ඔයා නූගත් ගෑනියෙක් නෙවෙයිනේ ඔයාට පුලුවන්.. හත්දවසින් පසු සියලු දෙනා පිටව ගියේය... වරුණගේ දෙමාපියන් ඇතුළු පවුලේ පිරිස ව්‍යාපාර කටයුතු සදහා මැදිහත් වීමට උත්සාහ දැරුවත් මා ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටියේ තවදුරටත් දුක් විදිය නොහැකි සේම මගේ දියණියගේ අයිතිවාසිකම් සුරැකීම මගේ යුතුකමක් සේ සලකාය ඉතින් අද ද මට සිතාගන්නට බැරිව ඇත්තේ මා ස්තුති කල යුත්තේ මගේ දෛවයට ද කේශිට ද සුප්‍රසිද්ධ නිලි අක්කාට ද කියාය... සිද්ධියෙන් පසු ඔවුන් මා මග හරීන්නට විය... දුරකථන ඇමතුම් වලට පවා පිලිතුරු නොදෙයි... "මැඩම් බහින්න" රත්නසිරි අංකල්ගේ හඩින් පියවි සිහිය ලදිමි... "අම්මා.... ගුඩ් නිව්ස් එකක් තියෙනවා... මම කිව්වොත් මට මොනාද දෙන්නේ? දියණිය මා වැලදගෙන විමසීය "ම්ම්..ම්....මන් ලගත් සර්ප්‍රයිස් එකක් තියෙනවා.." "Wow...එහෙනම් ඔයා තමයි ෆස්ට් කියන්න ඕනී" කියමින් දියණිය සිනාසුනාය "No....no...ඔයා කියන්න මම ඒකට ඔයාට තෑග්ගක් දෙනවා" "Ok.... අම්මා වෙස්ටර්න් මියුසික් එක්සෑම් එකෙන් මම අයිලන්ඩ් ෆස්ට් උනා.." "අනේ...රත්තරනේ ඇත්තද? congratulations මගේ පැටියෝ" මා ඇය වැලද ගනිද්දී මට හැඩුණි "හෝව්....හෝව්....අම්මා අඩන්න ඔට්ටු නැහැ ප්ලීස් අම්මා ඔයා තමයි මේ ලෝකේ හොදම අම්මා..... ආදරෙයි මම ගොඩක් ඔයාට " මා කදුලූ පිසදමමින් මගේ අත වූ බෑගය ඈ අත තැබුවෙමි "Ohh..wow..අම්මා..... මාර ලස්සනයි ආදරෙයි ඔයාට ගොඩක්" කියා මා වැලදගත්තාය.... මට මා ගැන සතුටක් ආඩම්බරයක් දැනුනි...කෙසේ නමුත් වරදට පෙලඹී ලොවට රහසේ වරදේ බැදී...මා ගත කරන්නට පෙරුම් පිරූ ජීවිතය අද මා විදින්නේ සමාජයේ ගරු බුහුමන් මැද්දේය .. මා තරම් පතිවත රැකි තවදුරටත් රකින ගැහැණියක් මේ සක්වලේ තවත් නොමැති බවට මගේ මව ඇතුළු සමීපතයන් සපථ වෙයි... මට චකිතයක් ඇති වුවත් එහෙත් එහි සත්‍යයක් නැත්තේද නොවේ...මන්ද යත් අසම්මත බැදීමක් ඇති කර ගනු වස් උත්සාහ කල පලමු උත්සාහයේදීම මගේම ආදර සැමියා නිසා එය ව්‍යර්ථ වී ගියේය... ඉතින් සිතින් වරදට පෙළඹුන ද ගතින් නොබැදුනෙමි... තව ද වරුණගේ වියෝවෙන් පසු මට අවැසි ජීවිතය ලැබුණු හෙයින් මා සිතින්වත් සිහිනෙකුදු හෝ අන් පුරුෂයෙකු හා නොබැදුනෙමි... දියණිය හා සතුටින් ජීවිතය විදිමින් සිටිමි.... වරුණ කෙරෙහි මට ඇත්තේ වෛරයක් හා කලකිරීමක් පමණී..ඔහු මා රවටා ඇත.. මා ඔහු ඉවසා දරාගත්තේ කුමක් උවත් ඔහු අනාචාරයේ නොයන්නේ යන උපකල්පනයෙනි.... එහෙත් ඔහු සැමට හොර රහසේ සල්ලාල ජීවිතයක් ගෙවා ඇත... එහෙත්............. මම ද ලෝකයා ඉදිරියේ සත්ගුණවත් වුවත් මගේ හෘද සාක්ෂිය ඉදිරියේ මගෙයි අභිසාරිකාවකගෙයි වෙනසක් නොමැත යැයි කියා මා මට දොස් පවරා ගනිමි.... වරෙක මට වඩා ඔවුන් උතුම් යැයි සිතෙන්නේ ඔවුන් වීදී බසින්නේ බොහෝ දුරට තම දරුවන් මා පියන් පෝෂණය කරනු වස්‍ ය... එහෙත් මා? මා සංවේගයට පත් වන්නේ මගේ දියණිය ඉදිරියේ පමණි...මන්ද යත් කිසිදු වරදක් නොකොට ඇගේ දෛවය ඇයට අකාරුණික වී කුඩා කලදීම ඇගේ පියා ඇයට අහිමි කල හෙයිනි....ඉතින් මා මියෙන තුරා සිතින් ඇගෙන් සමාව යදිමි.. එහෙත් කිසිදා තම ස්වාමිපුරුෂයා ඉදිරියේ හෝ හිස නැමීමට නොහැකි වන සේ ඇයව අධ්‍යාපනයෙන් හා ධනයෙන් පරිපූර්ණ ගැහැණියක කරමි.. වසර දහතුනක් මා ගෙවුයේ අති කාර්‍ය් බහුල ජීවිතයකි...ඒ අපගේ ව්‍යාපාර සාර්ථක ලෙස පවත්වාගෙන යාමටයි... ඒ මගේ දියණිය වෙනුවෙනි... මා සෑම වසරකට වරක් වරුණ සිහිකොට පිංකම් සිදු කරන්නේ ලොවට පෙනෙන්නට නොව මේ ඔහුගේ ධනය මෙන්ම ඔහු මාගේ දියණියගේ පියා ද වන හෙයිනි... මා කිසිදා ආදර්ශමත් බිරිදක් නොවෙමි මන්ද ගතින් අන් පුරුෂයෙකු හා නොබැදුනත් මා මගේ ස්වාමියා ඉක්මවා යෑමට උත්සාහ හෝ කල බිරිදකි...... එහෙත් මා මේ වසර දහතුන මුලුල්ලේ මගේ දියණියට ආදර්ශමත් මවක් වූයේ මා සිතැගි අමතක කොටය...එනම් මා විසින් මා අතැර දැමුවෙමි.....එහෙත් මා......... මා සොයා අසම්මතයට යෑම කිසිසේත් අනුමත නොකරමි... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 3✒️ මිහිදුම් ද්වාරමේ සිද්ධිය මීට අවුරුදු කීපයකට කලින් මට වුනු දෙයක්. හාස්‍යකටත් වඩා මේ වගේ සිදුවීම් වෙන වෙලාවක ගැහැණු ළමයින්ට හරි වටිනා කතාවක් වේවි. මම සාමාන්යෙන් වයසට වඩා අඩු පෙනුමක් තියෙන කෙනෙක්. පොඩි ශරීර කූඩුව නිසා නොදන්නා බොහෝ දෙනෙක් පාසල් වයස කියලා හිතනවා. මේ සිද්දිය මට අවුරුදු 25 න් වගේ වුන දෙයක්. මේකයි කතාව, මගේ උවමනාවකට මම කුරුණෑගල යන්න පුත්තලම් කුරුණෑගල බස් එකකට නැග්ගා. නැගලා බස් එකේ ඉස්සරහම ඉදන් තුන්වෙනි සීට් එකේ දොර පැත්තේ සීට් පේළියේ ඉදගත්තා. ඒ ඉදගන්නකොට ඒ දෙකේ සීට් එකේ පිරිමි කෙනෙක් ඉදගෙන හිටියා. වයස අවුරුදු 38 ක 40 ක වගේ. පිටිපස්සට වෙන්න තව සීට් වල ඉඩ තිබ්බත් බහින්න ලේසියට මම මේ මනුස්සයා හිටපු තැනින් ඉද ගත්තා. බස් එකෙත් වැඩි සෙනගක් හිටියේ නෑ. හිටපු හැමෝම ඉදගෙන හිටියා. තවත් හිස් සීට් ඉතුරු වෙලත් තිබුණා. පෙනුමෙන් මේ මනුස්සයට කෙසග සිරුරක් තිබුණේ. ස
ාමාන්‍ය ටී ශර්ට් එකක් හා ඩෙනිමක් ඇදගෙන සැහැල්ලු බෑගයක් ඔක්ක උඩ තිබුණා. ඉතින් මමත් ඉදගෙන මගේ පාඩුවේ යනවා. මගේ ගාව තිබුණා ඒ වෙද්දී ස්මාර්ට් පෝන් එකක් වගේම නොකියා පොඩි බට්න් පෝන් එකක්. ටිකට් කැඩුවේ නැති නිසා මම ජනේලයෙන් එලිය බලාගෙන මගේ පාඩුවේ ගියා. නිකවැරටිය පහු වෙනවත් එක්කම මෙන්න මේ මිනිහා රග දක්වන්න පටන් ගත්තා. හෙමින් ඒ මිනිහගේ ඔක්ක උඩ තිබුන බෑග් එක පොඩ්ඩක් සයිඩ් එකට කරලා ඉතින් අතගානවා. සම්පුර්ණයෙන් නිරුවත් නොවුණත් කලිසම උඩින් මට පේන්න හෙමින් හෙමින් අදාල තැන අතගානවා. මම ඇස් කොනින් සිද්දිය දැක්කත් නොදැක්ක ගානට හිටියා. කවුද ඉතින් දන්නේ හදිස්සියේ කැසිල්ලක් ඇල්ලුවද දන්නේ නෑනේ. එතකොටම කොන්දොස්තර මහත්තයා ටිකට් කඩන්න ආව නිසා අර මිනිහා දඩි බිඩි ගාලා බෑග් එක ආයෙත් හරියට ඔක්ක උඩින් තියා ගත්තා. ඒ වෙලේ මට මේක ගැන කොන්දොස්තර මහත්තයාට කියන්න හිතුනා. නැගිටලා හයියෙන් කෑ ගහලා බස් එකටම ඇහෙන්න කියන්නත් හිතුනා. නැගිටලා වෙනම තැනකට යන්නත් හිතුනා. ඉඩත් තිබුනනේ බස් එකේ. එත් එක්කම මට ඔලුවට අවේ මේ වගේ දේවල් කරොත් මේ මිනිස්සුන්ගේ මේ වැඩ නවතීද? අනිත් එක්ක මම කෑ ගැහුවම අර මිනිහා වැරදි උනත් හොරෙන් හොරෙන් මිනිස්සු මටත් හිනා නොවෙයිද? මොකද අපේ සමාජේ ජිවත් වෙන මිනිස්සු වරද කාගෙ උනත් සිද්දියට අදාල හැම දෙනාටම හිනා වෙන්න නෝන්ඩි කරන්න බලන් ඉන්නවා. අනික මම එහෙම කෑ කෝ ගහන චරිතෙකුත් නෙවෙයි. මේ සිද්දිය මට 17න් 18න් උනානම් වෙව්ලලා කදුළු එනවා. එත් මේ වයසත් එක්ක එහෙම දෙයක් උනේ නෑ. වැඩේ කියන්නේ කොන්දොස්තර මහත්තයා ගියාට පස්සේ ආයෙත් පොර වැඩේට බැස්සා. මට දැන් ඇස කොනින් හොදට පෙන්වා. කොහොම හරි ටිකකින් අර සූටිං මාටිං එකේ බල්බ් එකක් පත්තු වෙලා නුවණක් පෑදෙනවා වගේ මට ආවා අදහසක්. මගේ නොකියා බට්න් පෝන් එක අරගෙන මම තිබ්බ එලාම් එක කෝල් රින්ගින් ටෝන් එකම දාලා. එලාම් එක තිබ්බේ විනාඩි දෙකෙන් දෙකට වදින්න. තුන් පාරකට වදින්න එලාම් එක තිබ්බා. තියලා මම ඉතින් දැන් ඉන්නවා. නිකවැරටිය අයියනායක දේවාලේ පාස් වෙද්දීම ඔන්න වදිනවා පළවෙනි එලාම් එක. වටේ මිනිස්සුන්ට ඇහෙන්නේ කෝල් රින්ගින් ටෝන් එකනේ. ඉතින් මම පෝන් එක අරන් එලාම් එක කට් කරලා තියාගත්තා කනේ. තියාගෙන මෙහෙම කිව්වා පෝන් එකට. 'හෙලෝ කවුද? නෑ නදීෂා නම් නෙවෙයි. කාටද කතා කරන්න ඕනේ. නෑ නෑ මම නදීෂා නෙවෙයි. රෝන්ග් නම්බර්' මෙහෙම කියලා පෝන් එක කට් කරන ඇක්ටින් එකක් දීල ඉස්සරහා බලාගෙන හිටියා. අර අනංගයත් මගේ කෝල් එක අහගෙන අදාල රාජකාරිය දිගටම කරගෙන ගියා. මිනිහත් ෆුල් හැපි එකේ ඉන්න ඇති. මගෙන් බාධාවකුත් නෑ. කාටවත් කිව්වෙත් නෑ. වෙන තැනකට ගියෙත් නෑනෙ. හැබැයි මිනිහා මගේ ඇගට ඇගිල්ලක්වත් තිබ්බෙත් නෑ. තනියම සෙල්ලම් කර කර ඉන්නවා මට පේන්න. ඔහොම යද්දී ආයේ විනාඩි දෙකකින් ආයෙත් ඔන්න වදිනවා එලාම් එක. ඒ පාරත් මම අර විදියටම ඇක්ට් එක දාල මෙහෙම කිව්වා. 'හෙලෝ, කවුද? නෑ නෑ මම කිව්වනේ රෝන්ග් නම්බර්. මොනවද කියන්නේ. පිස්සුද? මට උවමන්වක් නෑ කතා කරන්න. නම්බර් එක චෙක් කරලා බලන්න. පිස්සුද මනුස්සයෝ තියනවා පෝන් එක' කියලා කට් කරන විදියට ආයෙත් ඇක්ට් එක දැම්මා. ඊට පස්සේ මම සෙල්ලමේ හිටපු මේ මිනිහා දිහා බලලා හිනා වෙලා මෙහෙම කිව්වා. 'බලන්නකෝ අප්පා ෆෝන් එකට වැරදිලා ඇවිත් තියෙන්නේ කෝල් එක. දන්නේ නෑ කිව්වට කිව්වට ආපහු ගන්නවා. පුදුම අසහන කාරයෝ තමයි දැන් ඉන්නේ. කෙල්ලෙක් දකින්න බෑ, පෝන් එකකින් කෙල්ලෙකුගේ කටහඩක් ඇහෙන්න බෑ. කොන්ද පන නැති අසහනකාර පිරිමි. බලන්නකෝ ඉතින් මාමේ තනියම යන්න එන්නත් බයයි දැන් කාලේ මේ විදිහට නේද? කියලා. මිනිහා හෙමිට අත උඩට අරගෙන බෑග් එක හරි ආකාරයෙන් තියා ගන්න ගමන් මට කියනවා ඕ ඕ ඕ ඒක තමයි කියලා උගුරෙන් වගේ. මට මාර හැපී. ජනේලේ හොදට ඇරලා තිබ්බත් මිනිහගේ මූණේ දාඩිය බින්දු මතු වෙලා. එතනින් විනාඩි දෙකකින් අයෙත් එලාම් එක වදිනවා. අන්තිම එලාම් එකනේ. එකත් අර විදියටම අරගෙන මෙහෙම කිව්වා. 'තමුන්ට සිංහල තේරෙන්නේ නැද්ද. අනුන්ට කරදරයක් වෙන්න එපා මනුස්සයෝ. මගේ අප්පච්චි වාරියපොල පොලිසියේ වැඩකරන්නේ. මම දැන් ඉන්නෙත් වාරියපොල පාරේ. මම මේ යනගමන් පොලිසිය ලගින් කතාකරලා මේ නම්බර් එක දෙනවා. තමුන්ට කරන්නම් මම හොද වැඩක් කියලා. අයෙත් කට් කරන ඇක්ට් එක දැම්මා. මෙන්න මේ මනුස්සය හිටියටත් වඩා පිළිවෙලට ඉදගෙන බලාගත්ත ජනේලෙන් එලිය ආයේ නිකමටවත් මගේ පැත්ත නම් බැලුවේ නෑ. හොදම දේ ඒක නෙවෙයි. කුරුණෑගලට ටිකට් ගත්ත මනුස්සයා අවුලේගමින් බැහැලා ගියා. ඔන්න සිද්දිය. එදායින් පස්සේ මම හිතුවා අපිත් නෝන්ඩි නොවී බේරෙන්න මේ වගේ උපක්‍රම හරි හොදයිනේ කියලා. හැම තැනටම හරියන්නේ නැතත් පුළුවන් තැන වලදී හරිම සහ හොදම විදියට මොලේ පාවිච්ච් කරාම කොච්චර හොදයිද නේද? ගැහැණු ළමයින්ට එක ගොඩක් හොද වේවි කියලා හිතනවා. (ඇත්තටම මගේ අප්පච්චී වැඩ කරන්නෙ පොලිසියේත් නෙවෙයි). මම ජායාමා පියමැන්නේ කෝපි අවන්හලක් වෙත ය. මට නිදහසේ කල්පනා කරන්නට අවශ්‍ය වීය.අතීතයට ගොස් ආත්මයෙන් මා වෙත නඟන දෝශාරෝපණයන් පිළිගැනීමට අවශ්‍ය ය.එබැවින් අවන්හලට ගොඩ වැදුණු මා ඈත කෙළවරේ මේසයක් තෝරාගෙන කෝපි ඇනවුම කළෙමි.....මෙතනදීද අතීතය පපුව සූරයි... .................... "නුවී...ඔයා tea person or coffie person?" "......ම්ම් කොෆී....ඔයා" "මං නම් ප්ලේන් ටී.කෝපි හොඳයි.ඒත් කෝපි එක්ක ගැලපෙන්නෙ නැති ගොඩක් දේවල් චූට්ටක් සීනි වැඩි වුණ ප්ලේනි ටී එකක තියනවා" " ඒ වුණාට හැමෝටම නොගැළපෙන දේ ඇතුළෙ අගේ වැඩී" "පිස්සු අනේ.... හැම දේටම ගැළපුණාම ජීවිතේ ලේසී...හරියට තේකකට කේක් නැත්තම් බිස්කට් ගැලපෙනවා වගේ....නැත්තම් රොටී...ම්ම්ම් පැටිස් ,......වඩේ.....ආ...තව...." "ඇති ඇති කෝච්චිය........ඔයා තේ බොන්න මං කෝපි බොන්නම්.......හරිනෙ එතකොට....." "ම්ම්ම්ම්.හරි ඒත් තේ වගේ හැමෝටම මාව ගැලපෙන්නෙ නෑ නුවී....., හැමෝටම ගැලපෙන්න යන හැම වෙලේම මට මාව නැතිවෙනවා වගේ.මගෙ ඇතුළෙ ඉන්න කෙනා මැරිලා වගේ........" "දුමී, ඇයි මේ සතුටු හිතෙන හැම තප්පරේම අන්තිමට වේදනාවක් එකතු කරන්නෙ.මම ඉන්නවනෙ ඔයාට .ඇයි මේ" "ඔයා ඉන්න එක තමයි නුවී මට තියෙන එකම හයිය.ජීවිතේ අතාරින්න තරම් හේතු තියෙන මට ජීවත් වෙන්න තියෙන එකම එක හේතුව.මුළු ලෝකෙම එක්ක තරහින් හිටපු මට ආදරේ ඉගැන්නුවෙ ඔයා.ඔක්කොටම වඩා මටම ආදරේ කරන්න ඉගැන්නුවෙ ඔයා.අන්තිමට මටත් වඩා මට ආදරේ කළේ ඔයා.. ඇය එදා කෙතරම් විශ්වාසයකින් මා සමඟ පියමැන්නාදැයි මට වැටහීමක් නොතිබුණි. ඇය මා හට ආදරය කළ බව දැනුණා විනා මේ මා විසින් රැක ගත යුතු රත්‍රන් පලිහක් බව මට එදවස නොවැටහුණි. සැබැවින්ම ඇය පලිහක් මෙනි.මා සමඟ කෝලකම් කළද මා අසල ලොව කුඩාම බිළිඳිය ලෙසට හැසිරුණද ලෝකය හමුවේ ඇය නිර්භීත කාන්තාවකි.අසාධාරණය තුළ , ලෝකයාගේ ශෝකය වේදනාව තුළ දරුණු කායික හෝ මානසික ප්‍රහාර තුළ ඈ හඬ නැගුවාය.එවන් විටෙක උස් මිටි තැන්වල වෙනසක් ඇය නොදුටුවාය. අසාධාරණය හමුවේ හඬ නැඟූ ඇයගේ දෑසේ එකඳු කදුලක්වත් සමාජය ඉදිරියේ බිමට නොදමන්නට ඈ වගබලා ගත්තීය.එහෙත් කුඩා තැන්හි පවා හරබර තැන් බොහෝ සිතන ඇය පිටතින් හමන බොහෝ සැඩ සුළං වලට නොසැලී හිඳිමින් මා අභියස දරාගත් කඳුළු වාන් හරින්නට ඉඩ දුන්නාය. එවිට මා ඉදිරියේ සිටිනුයේ මගෙන් හිස පිරිමැදීමක් පමණක්ම බලාපොරොත්තු වෙමින් මා අසලම තුරුලුව හිදින කුඩා ළඳැරියක් පමණි. ලෝකයක් ඉදිරියේ නැඟිටින්නට ඇයට සිටි හයිය මා විය.එහෙත් මා ඇයට වාරුවක්වත් නොවූ බව මට දැන් සිතේ.එහෙත් මා එසේය යැයි ඇගේ සිතේ තිබූ හැඟීම ඇය සවිමත් කරන්නට ඇත. එකළ එතරම් මා ඇය ගැන තැකීමක් නොකළ බව දන්නේ මා පමණි.අද ඒ හැඟීම නිසාම මා පසුතැවෙන බව දන්නේද ම පමණි. "නුවී දන්නවද අම්මා තාත්තා නැති මං කොච්චර දුක් වින්දද එක එක ළමා නිවාසවල.ඒක හතුරෙක්ටවත් දැනෙන්න ඕනි දෙයක් නෙමෙයි නුවී .මට ඕනි මේ පුංචි බබාලට එහෙම නොවෙන්න.ඒකයි මං මේ තරමට දගලන්නෙ.ඒ ළමයින්ට ඉස්කෝලෙයක් ඕනිමයි.ළමා නිවාසෙක ඉන්න නිසා ටවුමෙ ඉස්කෝලෙට ඇතුළත් වෙන්න නොදෙනවා කියන්නෙ එයාලට කවද්ද හෙටක් තියෙන්නෙ නුවී.ඒක වෙන්න දෙන්නෙ නෑ මං කොහොම හරි ඒ ළමයින්ව ඉස්කෝලෙට දානවා" මටම පමණක් අහිංසකාවිය වූ, බොළඳ ප්‍රේමවන්තිය වුූ ඈ කොයිවේලෙත් එසේමය.ඇගේ ඒ සමාජ සේවය කල්‍ යත්ම මට රිද්දන්න විය.ඒ බාහිර බලවේග හමුවේ ඈ නැතිවෙයි යන බියට වඩා ලෝකය ඈ පිළිගන්නා අයුරු බලන්නට බැරි ලෙස සිත ඊර්ෂ්‍යා කළ හෙයින් යැයි මට සිතේ.ඔව් දැන් මගේ හෘද සාක්ෂිය වසන් කළ නොහැක.එවන් සිතකට පිටු පෑ වරදට මා විසින් මටම ලබා දෙන දඬුවම් ලෙසට මේ පාපොච්චාරණය මම දකිමි. ඇය කිසිදු විටක ඇගේ රැඩිකල් හෝ ඍජු ප්‍රතිපත්තීන් මා වෙතට රැගෙන ආවේ නැත.මා අසල සිටියේ බොහෝ ආදරය වුවමනා කළ බොළඳ ප්‍රේමවන්තිය පමණි.එහෙත් එකළ මට එය වැටහුණේ නැත. ඇතැම් විට මට අවශ්‍ය වන්නට ඇත්තේ මා පසුපසින් පැමිණ මා කියන දේම අනුමත කරන මා කියන දේ පමණක්ම කරන කෙල්ලක වන්නට ඇත.එහෙත් ඇය එසේ නොවේ.මා කැමති දේට අකමැතී නම් එය කියන්නට ඈ දෙවරක් නොසිතයි.මා කරන්නේ වැරදි යමක් එයද හිස් මුදුණින් පිළිගන්නා තැනැත්තියක නොවේ ඇය. ඇය එය පෙන්වා දෙයි.එහෙත් කිසිදු විටක මාගේ කැමැත්ත ඇය පහත් කොට සලකනවා හෝ නොසලකා හරිනවා මා දැක නැත. සියල්ල මා කෙරෙහි ආදරයෙන් පෙන්වා දෙයි.වරෙක මා " දුමී දන්නවද මං ආසම මුහුදට.....'" "ම්ම්ම්ම් නයිස්" "ඇයි ඔයා ආස නැද්ද" "මං ආස කදු නගින්න.මුහුදට එහෙම විශේෂ ආසාවක් නෑ" "අය්යෝ එතකොට අපි බීච් යන්නෙ නැද්ද දැන්" "නුවී අහන්නකො....මං ආස නෑ කිව්වට මං කිව්වද මුහුද පෙන්නන්න බෑ කියලා.අපි බීච් යං.මං කිව්වෙ ඔයා තරම් මුහුදට ඇබ්බැහියක් නෑ කියලා.ඒත් අපි යං " සාම්ප්‍රදායික පිරිමි ගතිය මෙන් මෙවැනි ගති ක්‍රමයෙන් මට නොරුස්සන්නට විය.මට අවශ්‍ය වූයේ මා කැමති නිසා සියල්ල අතහැර මා කැමති දේට කැමති වන පෙම්වතියකි.මේ නිසාම ඇය අතහැර දමන්නට පවා දරුනු සිතිවිලි පැමිණි රාත්‍රීන්වල මා කලේ ඈ කෙරෙන් දුරස් වීමට සිතියම් මැවීම පමණි. ටිකෙන් ටික කතා බහ අඩුවන විට දුර
කතන ඇමතුම් මඟහැරෙන විට ඈ සියල්ල උපේක්ෂාවෙන් දරා ගත් අයුරු මට මතකය. "නුවී ඇයි ඔයා මේ.මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි නුවී" "කියන්න මට වැඩ" "ඔයාට මොකද වෙලා තියෙන්නෙ.ඇයි මාව් තේරෙන්නෙ නැත්තෙ.මට ගොඩක් පාලුයි "ඉතින් කියන්න" "මට ආදරේ නැද්ද දැන්" "ඔයා මට ආදරේ කරන්න එපා .....මම වැඩක් .මං තියනවා" ඇගෙන් හේතු හෝ පිළිතුරු නොසොයාම මා දුරස් වීමි.සියල්ල එසේ අහවර වූ කළ මට මහා නිදහසක් දැනුණි. එහෙත් ඇය ම හා කතා කරන්නට බොහෝ උත්සහ දැරුවාය.සියල්ලටම මගෙන් එල්ල වූයේ බැනුම් පමණි.හරි හේතුවක් නොතිබුණු නමුත් ඇය මට නුවමනා වීය. එකම එක දිනක් දුරකතන ඇමතුමක් ගෙන බොහෝ හැඩූ ඇය මොන මොනවදෝ බොහෝ කීයා දුරකතනය විසංධි කළා ය. ඉතින් ඉවරයි ඒක යන්තම්.මම සැනසුම් සුසුමක් හෙළුවෙමි..... කල් යත්ම ඈ ගැන නිනව්වක් හෝ නොමැති වූ තරමටම ඇය නිහඬ වූවා ය. ඈ ගැන නිතර අසන්නට හෝ දකින්නට නොලැබුණු අතර මටද වගක් නොවීය. නමුත් හිතේ කොනක කියා ගන්නට නොතේරෙන හිස් හැඟීමක් ඇති බව වැටහුණේ මා අසා හිඳින්නට ,මගේ දුකක් දරාගන්නට දුර්වල තැන්හි මා අල්ලා හිඳින්නට ඈ තරම් කෙනෙකු මා සමීපයෙහි නැති බව වැටහුණු බැවිනි.එහෙත් මට ආපසු හැරිය නොහැකිය.තනිව දරාගත්තා විනා මා තුළ සිටි ඒ උද්දච්ච පිරිමියා යළි ආපසු හැරුණේ නැත.එහෙත් ඈ කොහිදැයි මම නොදනිමි. ඈ සොයා යන්නට අවශ්‍ය වුවද ඇගේ දැඩි නිහඬ බව මාගේ දෙපා යතුරු ලා ඇත. ඈ හමුවන මිනිසා නම් සැබෑම වාසනාවන්තයෙක් වේවි.... මෙවැනි දිනවල බොහෝ සිතිවිලි අවසානයේ මගේ හෙම්බත් වූ සිතට සිතෙන්නේ එපමණකි.# **දෙඇත් රජ්ජුරු** (කොටස් කිහිපයක කතාවක්) 2 කොටස හීන් සැරේ ගලා බහින දොළ පාර විටෙක ගල් පරයක වැදී කැලඹෙන්නේ තරංග නංවමිනි. සිරි සිරි හඬක් නගමින් අත් සොලවන උණ පඳුරු යායට වැටුණු බැසයන හිරුගේ රක්තවන් රැස් දිය පහර මත පාට පාටින් රටා මවයි. දොළ පසෙක දොළ දෙසටම යොමුවුනු ලී සඳැල්ලකි. ඒ මත හුන් තරුණයන් දෙදෙනාගෙන් එකෙක් අතේ තෙලි තුඩකි. ඔහු අසලවූ සිතුවම් ඵලකය මත අඩක් නිමවුණු දොළපහරක සිතුවමකි. අනෙකා පසු වූයේ දොළ දිය මත ගල් ගෙම්බන් පන්නමිනි. "තාම මුකුත් ආරංචියක් නැද්ද?" සිතුවම අඳින තරුණයා අනෙකා දෙස බැලුවේ ඔහුගේ අසාමාන්‍ය නිහැඬියාව නිසාමය. "ම්හු" "පොලීසියෙන් මොකද කියන්නෙ?" "ගෙදර අයගෙ ඇර ෆින්ගර්ප්‍රින්ට් නෑලු වෙන. ස්ක්‍රේපරේ තියෙන්නෙ අප්පච්චිගෙ ඩී.එන්.ඒ. විතරලු. දොරවල් කඩලත් නෑලු. යතුරකින් ඇරලා වගේලු පේන්න තියෙන්නෙ. අම්ම එද්දි නැතිවෙලා පැය දෙකක්වත් වෙන්න ඕනෙලු. ලොකූව සැක කරන්නෙ එදා තාත්තා ඇර ගෙදර හිටියෙ ඌ හින්දයි, එදා ඉඳලා ඌ අතුරුදහන් හින්දයි. සාක්ශි තියෙනවට නෙමෙයි" "උඹ හිතනවද ලොකූ ඔහොම දෙයක් කරාවි කියලා. මිනිහා අංකල් එක්ක ශේප් නේද?" "මෑන් අම්මා එක්ක වලි දාගත්තට අප්පච්චි එක්ක ශේප්. අම්මත් ඉතින් මිනිහගෙ මගෝඩි වැඩ අප්පච්චි එක්ක කියන්න යන්නෙ නෑ. මොනවා කරත් මිනිහා මේක කරන්න ඇති කියලා නම් මට හිතෙන්නෙ නෑ." "මිනිහා අතුරුදහන් එකනෙ වැඩේ. මම මේ සිරාවටම අහන්නෙ. උඹටවත් කතා කලේ නැද්ද ඊට පස්සෙ?" "නැහැනෙ මචං. ඒකයි මටත් පුදුම. කිඹුහුමක් ගියත් මට කියන එකා. අඩු ගානෙ දවසකට පාරක්වත් වෙනදට කෝල් එකක් දෙනවා. මටත් හිතාගන්න බෑ මොකද්ද මේ වුනේ කියලා" "අංකල් එක්ක මුකුත් අවුලක් තිබ්බද පහුගිය කාලෙ? මතක් කරලා බලපන්. කෙල්ලො හුටපටයක්වත් තිබ්බද ගෙදරින් කැමති නැති? උඹ එක්ක කියනවනෙ ඔක්කොම. මතක් කරලා බලපන් ටිකක්" "පිස්සුද මචං. තාත්තට ඔහොම දෙයක් කරන්න තරම් දෙයක් මට නම් මතක් වෙන්නෙ නෑ." "උඹ එක්ක එන්නෙ නැතිව මිනිහා මොකද එහෙ හිටියෙ?" ""මිහිහා කොහොමත් කම්මැලියා. හැබැයි මිනිහට තියෙන්නෙ ටොප් අයිඩියාස්. මිනිහා ඉතින් වැඩි හරියක් කරන්නෙ එහෙට වෙලා ඉන්න එක තමයි. මෙහෙ ආවත් රැයයි දෙකයි ආපහු යනවා. මම නම් ඉතින් මගෙ කැලේට වෙලා ආතල් එකේ ඉන්නවා මෙන්න මෙහෙම." තරුණයා පැවසුවේ තවත් ගල් ගෙම්බෙක් වතුරට යොමු කරමිනි. "උඹේ කැලේ?" "හරි හරි ආච්චත්තම්මගෙ තමයි ඉතින්. මම ඉතින් උරුමකරුවො දෙන්නගෙන් එක්කෙනෙක්නෙ. අපේ ලොකූ නම් එන්නෙ නැහැ මෙහෙ මලාට හැමදාම ඉන්න. ඉතින් මම තමා රජ්ජුරුවෝ" "ඔන්න මේක හරි. උඹට ඕනෙ විදිහටම ආවද බලපන් මේක" සිත්තරා පැවසුවේ සිතුවම් පුවරුවෙන් ඉවත් වෙමිනි. සිතුවම් පුවරුව මත සිතුවම්වූ දිය පහරත්, ඒ මත සටහන්වූ නේක වර්ණ උණ පඳුරු සෙවනැලිත් මතින් දිය බිඳු විහිදවමින් ගල් කැටයක් ගෙම්බන් පනිනු එහි අගේට සිත්තම් වී තිබිනි. …………………………………………………………………………………… මම නැවතත් එම සිහිනයම දකිමින් පිබිදුනෙමි. මේ මා මේ සතියට මේ සිහිනය දකින තුන් වන දවසයි. මෙයින් මා මුදා ගන්නැයි කියමින් මනෝ වෛද්‍ය ප්‍රතිකාරයට මාස්පතා යොමු වුවත් මා හට අත්වූ සෙතක් නැත. මගේ දයාබර සැමියා මියගොසිනි. ලොකු පුතා අතුරුදහන්ව ගොසිනි. එසේම සැමියාගේ මරණයට ප්‍රධාන සැකකරු මගේම දරුවාය. එදා සෙනේගේ කාමරයේ අඩවල්ව තිබූ දොර හරින විට දුටු දසුන කිසිදාක මගේ මතකයෙන් ඉවත්ව යනු නැත. දොර දෙසට මුහුණ යොමු කරගෙන නිදා උන් ඉරියව්වෙන්ම සෙනේ ඇඳ මට උන්නේ සුදුමැලි වීය. ගෙල හරහා ඇඳුනු රතුම රතු ඉරකින් ඇරඹි ලේ දහරාවක් කොට්ටයේ කොනක සිට ඇඳ ඇතිරිල්ල තෙක් ගලා රතු පැල්ලමක් ඇති කර තිබුණි. මම කෑ ගැසුවෙමි. ගිරිය යටින් කෑගසමින් සිහි නැතිවී වැටුනෙමි. නැවත සිහිය ලැබෙන විට මා සිටියේ ලොකූගේ ඇඳමතය. අසල්වාසී කාන්තාවන් කිහිප දෙනෙක් මා අසලට වී පවන් සලමින් උන්නෝය. "අක්කා පොඩ්ඩක් ඔහොම ඉන්න. අපි පොලීසියට පණිවිඩේ දුන්නා. දැන් ඒවි. කාමරේට කාටවත් යන්න බැරි වෙන්න විල්සන් අය්යා රැකගෙන ඉන්නවා." මා ඇස් හරිනු දුටු එහා ගෙදර නංගී කීවාය. "ලොකූ, පොඩී..." "කතා කලා. ලොකූගෙ ෆෝන් එක වැඩ නෑ. පොඩීට කිව්වා. පොඩීට කිව්වා ලොකූටත් පණිවිඩේ දෙන්න කියලා. පොඩී දැන්මම එනවා කිව්වා" පිලිතුරු දුන්නේ ඉස්සරහා ගෙදර චනිඳු පුතාය. පැය දෙක තුනක් යනවිට පොඩී ආවත් ලොකූ ආගිය අතක් නැති විය. මාස ගණනක් යනතුරු දවසින් දවස ගෙවෙමින් ගියේ සිහිනයක් මෙනි. නයනා නංගිගේ බලයට කුසයට වැටුනු මොනවා හෝ නොවන්නට අද වනවිට මා නොඉන්නට පවා ඉඩ තිබුනි. පොඩී සතියට දවසක් දෙකක් මා බලන්නට ආවත් රිසෝට් එකේ වැඩ නිසා මා සමග නතර වීමට ඉඩක් නොවීය. අවසන මතකයන් සමග නිවස වසා දමා පොඩී සමග යන්නට සිදු වූයේ ඒ නිසාය. නැවත නැවතත් දකින සිහිනය තුල මා හට මග හැරී ඇති යමක් ඇතැයි මට සිතේ. සෙනේගේ නිදාසිටින ඉරියව්වේ වෙනසක් නැත. ඇඳ සිටින්නේද ඔහු ප්‍රිය කරන සැහැල්ලු කමිසයක් හා සරමකි. පුරුදු ලෙස තුවායද ඇඳ විට්ටමේය. සෙනේගේ කාමරයේ මේසය මත ඔහුගේ ඩයරිය වෙනදා පරිද්දෙන්ම තබා තිබේ. එය කිසිවක් ලියන්නක් නොව ලස්සනට තබා ගන්නකි. අහලක පහලකට යනවිට, මාසෙකට වරක් සුපුරුදු බැංකු වන්දනාව යනවිට ගමන් සගයා මෙන් රැගෙන යන්නකි. "අප්පච්චිට ඩයරියක් ඕනෙ ගමන් යනකොට වැඩ්ඩා වගේ අරන් යන්න. ලොකු මහත්තයා වගේ" ඒ දවස්වල ලොකූ හෝ පොඩී හිනාවෙන්නේ සෙනේ ගමනක් යන්නට හැඳ පැළඳ ඩයරිය අතට ගන්නා විටය. "ඉතින් මොකද? අප්පච්චි ලොකු මහත්තයෙක් නේන්නම්" එවිට මම සෙනේ ගාවින් හිට ගනිමි. "උඹලට නාකි මාව අගේ නැති වුනාට මගෙ මැණිකෙට තාම මාව අගෙයි" එවිට මගේ හිස අතගා සෙනේ කියයි. "නාකි හුරතල්. අපි නරක් වෙයි ඕවා දැකලා" කොල්ලෝ දෙන්නා උඩ පැන පැන හිනාවෙයි. "කවුද නාකි. අපි තාම හිතෙන් තරුනයි. නැද්ද මැණිකෙ?" සෙනේ අසන විට මම බොරු තරහක් ගෙන අහකට යමි. මා ගෙදර නොමැති නිමේෂයේ මා හැර ගියේ එවන් ස්වාමියෙකි. ඔහු හා ගෙවූ පසුගිය වසර විසි හතරම මා ගෙවූයේ ප්‍රීතිමත් බිරිඳක ලෙසිනි. සෙනේ මා හට හමුවූයේ මංගල යෝජනාවකිනි. පාසල් නිමවීමෙන් පසු මා කාන්සිය මකා ගන්නට ස්වේච්ඡාවෙන් ඉගැන්වූ මගේම පාසලට අලුතින් පත්ව ආ ඉංග්‍රීසි ගුරුවරයා සෙනේය. උසටම හරියන මහත දෙහෙත ඇති තලෙලු ශරීරයත්, උකුස්සෙකුගේ වන් තියුණු දෙනෙතත්, කූරු ගැහුනු කොණ්ඩයත් සෙනෙවිරත්න මහත්තයාට ගෙන ආවේ ඔහුගේ ලයාන්විත හැසිරීමට නොගැලපෙන පෙනුමකි. සැබවින්ම ඉතා ඉවසිලිවන්ත හා සෞම්‍ය මිනිසෙකු වූ සෙනෙවිරත්න මහත්තයාට ප්‍රිය නොකල කෙනෙක් පාසලේ හෝ ගමේ නොවීය. ස්වේච්ඡාවෙන් උගැන්වූවත් මාස ගණනකට පෙර පාසලේම සිසුවියන් වූ අප, පන්තියක් නොමැතිවිට තෝරා ගත්තේ ගුරු කාමරය වෙනුවට පුස්තකාලයයි. ගුරු කාමරයේ ඕපදූප කතා නොරිස්සූ නිසාදෝ සෙනෙවිරත්න මහත්තයාද පන්තියක් නැති වේලාව වැඩි හරියක් ගෙව්වේ පුස්තකාලයේ පොත පත අතරයි. "කොහොමද චූටි ටීචර්ලා?" කියමින් ඔහු දිනක අපට විශය නිර්දේශයට අමතර කියවීම් පොතක් සොයා දෙයි. ගමේ ගොස් එන විට ගෙන එන වැලි තලප හෝ එවැනි කැවිල්ලක කොටසක් අප වෙනුවෙන්ද වෙන් කර තබයි. ඉඳ හිට දවසක අප පාසල් ඇරී නිවසට යද්දී කඩමණ්ඩිය තෙක් අප හා කතා කරමින් එයි. එදා පාසලේ අමතර පාඩමක් සඳහා නතරවී මා නිවසට එනවිට අඳුර වැටී තිබුනි. පුදුමයකට මෙන් වෙනදා මගට එන අප්පච්චී එදා මගට විත් නොවූයෙන් මා නිවසට ඇතුලු වූයේම ඒ ගැන දොස් පවරමිනි. "කෝ අම්මා අප්පච්චි. අද මොකද ආවෙ නැත්තෙ මාව ගන්න. මම තනියම ඇවිල්ලා මුකුත්...." "තනිය මකන්න අවසර ගන්නකෙනෙක් ආවනෙ. ඒකයි අප්පච්චිට එන්න බැරි වුනේ" මා ගොලු කරමින් අප්පච්චි හා කතා කරමින් සිටි සෙනෙවිරත්න මහත්තයා කීවේ සිනාසෙමිනි. මම ලැජ්ජාවෙන් කුස්සියට දිව ගියෙමි. "උඹ ගැන අහන්න මහත්තයා ඇවිල්ලා තියෙන්නෙ?" කුස්සියේ දොර රෙද්ද පසුපසට වී අම්මා සිටියේ සාලයේ වෙන කතා බහට කන් දෙමිනි. "දෝණි මොකද කියන්නෙ, අවුරුදු හත අටක් වැඩිමල් වුනාට මහත්තයා හොඳ වැදගත් තාලෙට හැදුනු ළමයෙක්. පවුලත් වරදක් නෑ, ගුරු පවුලක්. පවුලෙත් තනි පුතා, සහෝදරිත් දීග ගිහින් ඉන්නෙ. අප්පච්චිගෙයි මගෙයි නම් අකමැත්තක් නෑ. ලොකු හාමුදුරුවො කිව්වලු වේලපත්කඩෙත් හොඳටම සීහෙනවා කියලා." අම්මා ඇහුවෙ මහත්තයගෙ ඒ ගමනින් සතියකට විතර පස්සෙ. "හොඳ වැදගත් පරම්පරාවක් මිනිස්සු. දූ දීග දීලා තියෙන්නෙත් වලව්වකට" අත්තම්මත් එකඟ නම් ඉතින් මට කොහෙන්ද තේරිල්ලක්. කොහොමටත් ඉතින් මහත්තයා ගැන අකමැත්තක් නම් තිබුනෙ නෑ මගෙ, වැඩිමහලු කෙනෙක් එක්ක දීග යන්න තිබ්බ බය මිසක්. ඊට දෙසතියකට විතර ප
ස්සෙ මහත්තයගෙ ගෙදරින් නෑගම් ආවෙ. නංගි නම් මගෙ වයසෙම වාගෙ. ඕනෙ නම් අවුරුද්දක් දෙකක් වැඩිමල් ඇති. මහත්තයා වාගෙම තලෙලුයි. ඒත් හීන්දෑරියි. හිනාවෙන්නෙ ඇස් දෙකෙන්. දැක්ක ගමන්ම එයා තමයි මගෙ හිතට ඇල්ලුවෙ. නංගි ගාවම වාඩිවෙලා හිටියෙ මහත්තයගෙ අම්මා. උල්පට ඔසරියක් ඇඳලා, කොණ්ඩෙ ගෙඩියට බැඳලා, පෙති මාල, කූරු වලින් සැරසිලා හිටපු අම්මා හරි ගාම්භීර පාටයි. නංගිගේ මහත්තයා නම් හිටියෙම පොඩ්ඩා එක්ක මිදුලෙ. දෙපාර්ශවේම කැමැත්ත ලැබිලා මාස හයක් වෙනකොට අපේ කසාදෙ කෙරුණෙ මහත්තයා මට වඩා වැඩිමල් හින්දා තමයි වැඩියෙන්ම. කසාද බැඳලා අවුරුදු පහක් වෙනකොට ඇත් පැටවු වගේ කොල්ලො දෙන්නෙක්ගෙ අම්මෙක් වෙන්නත්, ඒ අතරෙම ඉගෙනීම නතර නොකර උපාධිධාරී ගුරුවරියක් වෙන්නත් මට හයියක් වුනේ මහත්තයා. මහත්තයාම තමයි මහත්තයා මහත්තයා කිය කිය හිටපු මාව සෙනේ කියන තරම් කිට්ටු කරගත්තෙ. ඇත්තටම සෙනේ මට වඩා වැඩිමහල් වුනාට, ගුරුවරයෙක් වගේම පස්සෙ කාලෙක විදුහල්පති කෙනෙක් වුනාට, අපි එක්ක ගෙව්වෙ තරුණ කොල්ලෙක් වගේ සැහැල්ලු ජීවිතයක්. කොල්ලො දෙන්නටත් අය්යා කෙනෙක් වගේ. වෙලාවකට පොඩී කියන්නෙ අපේ ලොකු අය්යා කියලා. "එහෙම හිටපු පවුලකට වෙච්චි දෙයක් බලන්න සුමනො" මට හීල්ලුනා. "නරක කාලෙට විශ්ණු දෙවියන්ටත් බටකොල කන්න වුනාලු මැණිකෙ. දැන් මැණිකෙ ඕවා නොහිතා ඉන්නකෝ. ලොකු මහත්තයා ඒවි. අපි යමුද මැණිකේ දොළ දිහාට ගිහින් එන්න" "ඒ මොකටද සුමනා....?" ........................................................... 3 කොටසින් හමුවෙමුමතට තිත . ගෑණුන් ට ' ඉව' තිබෙන බව අපිට කීවේ කසාද බැදීම ට පෙර කිතුණු අපට පවත්වනු ලබන "විවාහාපේක්ෂක උපදේශණ" පාධමාලාවේදීය. අදටත් කිතුණු විවාහය කදී මේ පාධමාලාව අනිවාර්යය වේ. එදා දින දෙකක් පුරා පැවැති මේ උපදේශන පාධමාලා වේදී ඉගැන්නූ බොහෝ දෑ අමතක වී ඇතත් "ගෑණුන්ට ඉව තියෙනවා " කී පාඩම මට අදටත් මතක් වේ. මා මේ මොහොතේදී සිහිපත් කරන්නාවූ පාඩම ද , එයමය. මීට සති කීපයකට පෙර අප සැලසුම් කලේ රාත්‍රී තුනක් පොලොන්නරුවේ ගත කරන ගමනකට ය. අපේ පුතා මානවසම්පත් අභිවර්ධන උපදේශක වරයෙකු ලෙසද පුද්ගලීක අංශයේ සමාගම් වලට සිය සම්පත් දායකත්වය ලබා දේ. ඔහුට මෙවර ආරාධනාවක් ලැබුනේ පොලොන්නරුවේ දියුණුවෙමින් පවතින සමාගමකය. ඒ ගමනට පුතා මටත් ආරාධනා කලේය . මං මගේ සෙවැනැළි මිත්‍රයා වූ කීර්ති අමරසේකර ද ගමනට සම්භන්ද කරගතිමි . කීර්ති තෙවැනි ඇසින් ලෝකය දකින රසවතෙකි. පොලොන්නරුව යනු කියවා ඉවරයක් කරගත නොහැකි ඉතිහාස කතා පොතකි. පුතා සිය රාජකාරිය කරන අතර වාරයේදී අපි අතීත ශ්‍රී විභූතියේ නටඹුන් අතර සිත් සේ සැරිසරා හවස ට මී විතද සමගින් අතීතාවලෝකනයක යෙදීම මාගේ අරමුණු ය. මේ ගැන මා කීවේ සුදර්මා ටය. " අම්මෝ ඔයාල දවස් තුනේම බොන්ඩද හදන්නෙ?" ඔන්න ඇයට " ඉව" වැටුනු හැටි . "පිස්සුද ළමයො අපි එහෙම බොනවද?" පිත්ත සහ පා ආවරණය එක ලග තබා ගෙන මා ආරක්ෂිත පියවරක් අනුගමනය කලත් , ඇය යලිත් පන්දුව පිරිමදින්නට වූයේ , ""අපොයි ඔව් මේස හැන්දෙන් දෙකක් කෑමට පෙර " මං මුකුත් නොකියා චැනලය මාරුකලා පමණක්‍ ය. ඉන්පසු මේ ගැන හෝ අපේ ගමන ගැන හෝ අපි අතර විශේෂ සාකච්ඡාවක් නොවීය . දිනය අත ලගටම ආවේය . ගමන පිටත්වීමට පෙරදා උදේම සුදර්මා මට කීවේ "අල්ලපු ගෙදර මෙලානිලා ඊයෙ කෝවිඩ් බූස්ටරේ ගහගෙන, විහාරමහදේවි පාක් එකේදි , ආමි එකෙක් ලු ගහන්නෙ, කිසිම කරදර ක් නැතිලු.අපි ත් අදම යං.",කියාය . මා ද දෙවරක් නොසිතාම ඊට කැමැත්ත පල කලෙමි. ඇය වහාම ගමනට අපේ නැන්දා කෙනෙකුද ලෑස්ති කරගත්තාය. කීවා වාගේම කිසිම රස්තියාදු වක් නැතිව ඒ වැඩෙත් කෙරුනේය. කිසිම අපහසු තාවයක් අප කාටවත් ඇතිවුනේ නැත. මම සැලසුම් කල පරිදි ඊට පසුවදා පොලොන්නරුව බලා පාන්දර 3.30 යේ ක්ණිසමට පිටත්වීමී. පොලොන්නරුව ට අප ආ දා දවස පුරා ම වැස්ස ය. පුතා සිය රාජකාරි ය ට පිටත්ව ගියේය . මාත් කීර්තිත් දවසම "මහ නුගේ" හෝටලයේ කාමරේය. දහවල් මාගේ ආදරණීය දරුවෙක් හා සමාන කැළණි කේබල්ස් සමාගමේ ගබඩා කළමණාකාර , නිශාද් හෙට්ටිආරච්චි මට කතා කලේ සුදර්මා ගේ පණිවුඩය කට අනුව ය. " මිස්ට විජේසිංහ මං ඩොක්‍ටර් අර්ජුන ගෙන් ඇහැව්වා ,ඊයේ ෆ යිසර් බූස්ටර් එක ගැහැව් ව නං අඩු තරමේ දවස් 14ක් යනකල් බියර් එකක් වත් බොන්න එපා කිව්වා "" කියා ය. මට පෙනුනේ, ලකුණු අතර සිටිය යුතු අති දක්ශ ක්‍රීඩයෙකු ලකුණු නොලබාම ක්‍රීඩා ගාරය වෙත ආපසු හැරීයන ශෝචනීය විලාසය යි. ඊලග ට ඇමතුම ආවේ සුදර්මා ගෙන්‍ ය. "නිශාද් ඔයාට කතා කලාද? " ඇය කසාද බැදින්න පෙර තිබූ සිනාවෙන්ම මා විමසන්නීය. "හ්ම්හ්...දැන් හරි සතුටුයි නේද ?" පිලිතුරක් නැති ඇය ගේ සිනාව මට ඇසේ.. ඊලග ට කතා කරන්නේ අපේ චූටි දුවය. "තාත්තෙ, කොහොමද අම්මගෙ ටිකිරි මොළේ ?" මං හරියට වෙල මැද තනිවුන රාජ සිංහයෝ වාගේය. ""උඹල මහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරියෝ" උං හූ කියමින් සිනාසෙද්දී මං ඇමතුම විසන්දි කෙරුව්මි. කීර්ති යා "චියර්ස් " කියනු මට ඇසේ. මම ඒ දෙස නොබලමි. තොටුපොළ අයිනේ කව්ද අතවන්නනේ? මේ විපත්ති ය කියන්නට කිසිවෙකු ද නැති තැන,උන්ගේ බ යිට් උංටම කන්න ඉඩදී මගෙ දුක මං " අඩයාලමට " කෙටුවේ මෙසේය. ජයන්ත විජේසිංහ . පොලොන්නරුවේ ., "මහ නු ගේ"හෝටල යේදී යැ. .සමා වෙන්න සිරී මං හිතන්නේ පුතා එන්න ඇති ඔයා ළඟට.අන්තිම මොහොතේ එයා නවතින්නේ නෑ කියලා තේරුණාම මං මගින් මගටම කිව්වෙ ඔයා ළඟට යන්නම කියලා.ගහන්න බනින්න යන්න එපා සිරී දරුවට.මගේ දරුවා නිසා කියනවා නෙවෙයි ඒකගේ අතේ ඇත්තටම වරදක් නෑ.ඒක මං සහසුද්දෙන් දන්නවා.ඒ වෙලාවේ මං එතන හිටියා සිරී ඒත් අනේ කරුමෙට පුතාව මට නවත්ත ගන්න බැරි උනා.මං පොලිසියට කිව්වා උනත් මං දෑහින් දැක්ක දේ.එයාලා පුතාට සමාවක් දෙන්න ලෑස්තියක් තිබුනේ නෑනේ. ඔයා නොදන්නවට සුදූ කොහොමත් නහයට නාහන එකී.ඔයා වගේ නෙවෙයි මං වගෙත් නෙවෙයි අනේ මන්ද කොහෙන් ආව ඇට්ටර කමක්ද කියල.පොඩි කාලේ හිටංම අයියා එක්ක කෙක්ක වගේ පැටලෙනවා.අනේ කොල්ලා අහිංසකයා.ඒකා පණ ඇරලා නංගි පොඩ්ඩට ආදරෙයි.ඒකිගේ හැම කෙනෙහිලිකමක්ම ඔහේ ඉවසනවා.සුදූ ඉස්කෝලෙ යනකොටත් පොඩි හරි අඩු පාඩුවක් උනොත් ගෙදර අඩි පොලවේ හප්පනවා.ඒකට කොල්ලා කකුලේ ඇඟිලි දහයෙන් අටක්ම එලියේ තිබුනත් සපත්තු දෙක දාගෙන යනවා හූම් නොකියා.ඔහෙත් ඉතින් උන් හිටි ගමන් අපිව අත් ඇරලා ගියහම මං අසරණ උන හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඉන්නකං කෑවා බිව්වා මිසක් ඉතුරුවක් කර ගන්න තරං උවමනාවක් තිබුනේ නෑනේ. ගෙදර තිබුණ මැසිමේ දූවිලි පිහලා එලියට අරං කුලියට ඇඳුම් මහලා තමයි දරුවෝ දෙන්න මං ලොකු කර ගත්තේ.ඒ කාලේ නං අර ඔයාගේ බඩ බැඳ ගත්ත යාලුවංගෙන් උදව් එමට තිබුනා.පස්සෙන් පහු හැමදාම බිං කලුවරත් එක්ක මෙහෙ හක්කලං කරන්න ගන්න කොට මං ඒ උදව් වලින් කමක් නෑ කියලා හොඳ දෙකක් කථා කරා එයාලට.ඊට පස්සේ නං ජීවිතේ හරී අමාරු උනා සිරී.බොරු මොකටෙයි කෑවට වඩා නොකාපු දවස් තමයි වැඩි.දරුවෝ දෙන්නට කන්න දීලා ඇල්වතුර බීලා රෑ එලි කර ගත්ත දවස් එමටයි. "අපේ අම්මා ලස්සනට සාරි හැට්ට මහනවා ටීච" ඉස්කෝලෙ ගිහින් පුතා දීලා තිබුන පණිවිඩේට ටීචර්ලා ගොඩක් මට ඕඩර් එවලා තිබුනයින් යාන්තං ඔලුව උස්ස ගත්තා.හන්දියේ සැලුන් එකෙනුත් මඟුල් සාරි හැට්ට මල් කුමාරි ගවුං වගේ ඕඩර් ආවේ ටීචර්ලගේ කටින් කට ගිය වචන වලට පිං සිද්ධ වෙන්න.අනේ රෑ තිස්සේ මං මහනකං ඈනුං ඇර ඇර මයේ පුතා ඉන්නවා සිරී මට තනි රකින්න.බොත්තං අල්ලන්න හක් අල්ලන්න එහෙමත් හරි හරියට මට උදව් කරා.පංගුවක් දාට මට මැසිමෙන් ඔලුව අහකට ගන්න බැරි තරං වැඩ ආවම කොල්ලා බතක් මාලුවක් උයලා ගන්නත් පුරුදු උනා.ඒකා ඔය සේරම කරන කං සුදූ පුටුවක් උඩ දපාගෙන ටීවී එකට ඇහැ දී ගෙන ඉන්නවා.මං ඒකිට බැන්නම කොල්ලා මට බනිනවා "නංගී තාම පුංචි එකී අම්මේ" කියලා.කොහොමින් කොහොම හරි පුතා විස්ස විද්‍යාලෙට යනකොට කෙල්ලත් ඒ නවයක් අරං මහ ඉහළින් සාමාන්‍ය පෙළ පාස් උනා.ඊට පස්සේ ඉතින් ඒකිට ඕන උනා ටවුමේ ඉස්කෝලෙට යන්න. "අයියා කැම්පස් ගියෙත් ඔය ඉස්කෝලෙ ඉඳන් වෙච්චි.උඹ මොකටද උසස් පෙළට ටවුමේ ඉස්කෝලෙ ට යන්න ම ඕන කියන්නේ" "අම්මේ අයියා කරේ කොමස්.මට කරන්න ඕන සයන්ස්" පුරුදු විදියටම ඒකි යකා නටන්න ගත්තා.පුතා ඒ වෙනකොට අමතර පංති කරලා එයාගේ වියදම හොයා ගත්ත නිසා තමයි මං ඒකිව ටවුමට යවන්න හිත හදා ගත්තේ.අනේ ඔයාට මොකට බොරු කියනවද සිරී ඕකි ටවුමට ගියා කියලා උදේ හවස පස්සේ වැටිලා පරිස්සං කරන්න මට යන්න නං බැරි උනා මේ වැඩ කන්දරාවත් එක්ක.ඒත් ඉතින් ආ පස්සට හැරිලා කල්පනා කරලා බලද්දී මේ වෙච්ච සන්තෑසිය මට නවත්ත ගන්න තිබුනා කොහොම හරි වෙලාවක් හොයන් ඒකි පස්සේ වැටිලා හිටිය නං කියලා දැන් හිතෙනවා.මක් කරන්නද මේක අපි සේරගෙම කරුමේ. උසස් පෙළ පංතියේ දෙවනි අවුරුද්ද වෙනකං ඒකි ඉගෙනීම් වැඩ හොඳටම කරගෙන ගියා.පංතියේ මුලට හිටියා.මට නොතේරුනත් පුතා ආව දවසට පොත් පත් සේරම පෙරල පෙරල හොයනවා නංගී පොඩ්ඩගේ වැඩ වල තරම.ආඩම්බරෙන් හිනා වෙවී "අම්මේ මේ යන විදියටම ගියොත් නංගී දොස්තර නෝනා කෙනෙක් වෙන එක ඉර හඳ වගේ විස්වාසයි" කියලත් කිව්වා එහෙම දවසක.ඒත් මේ පහුගිය දොහක පුතා ගෙදර ආවේ මාරුවිකල්ලෙන් වගේ.මං කවදාවත් දැකලා නෑ එහෙම කේන්තියක්.කෙලින්ම ගියේ නංගිගේ කාමරේට.සුදූගේ කොන්ඩෙන් ඇදගෙන ආවේ මා ළඟට. "අම්මා අහන්න මේකි පෙරේදා පංති යනවා කියලා ගියේ කොහෙද කියලා" මට තේරුනා පුතා කියන්න යන කාරණය.ඉන්තේරුවෙන්ම කෙල්ල කා එක්ක හරි යාලු වෙලා ඇති.ඕවා මෙහෙම ගහල බැනලා විසඳ ගන්න බෑනේ. "පුතේ ඉස්සර වෙලා නංගිව අත අරින්න.කෑ කෝ ගහලා රට්ටු හිනස්සන්නේ නැතුව අපි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගමු." "රට්ටු හිනස්සන්න දෙයක් තව ඉතුරු නෑ අම්මේ මේකි අපේ මූණේ දැලි ගාලා ඉවරයි" ඉකි ගහ ගහ අඬන කෙල්ල දිහා බලාගෙන පුතා ගුගු
රනවා. "කියාපන් උඹේ මහ ලොකු ප්‍රේමවන්තයා ගැන අම්මට" පුතා තාමත් නිවිලා නෑ.අනේ මන්ද සිරී ඒ වෙලාවේ මක් කරන්නද මට තේරුනේ නෑ. "අම්ම දන්නවද මේකි පොලිස් කාරයෙක් එක්ක දීග යන්න ඉන්නේ.නිකං එකෙක් නෙවෙයි බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න එකෙක්" අනේ සිරි මට වටේම කලුවර වෙනවා විතරයි මතක.සිහිය නාවා නං හොඳයි කියලමයි හිතුනේ ඇහැ ඇරුනම. "මොකද්ද දරුවෝ මේ කර ගත්තේ." මං ඇහැව්වේ කථා කර ගන්න පුළුවන් උන පලවෙනි තප්පරේ. "එයා නෝනව දික්කසාද කරලා මාව බඳිනවා කිව්වා අම්මේ..." කියලා කියනකොටම පුතා පැනලා සුදූට ගැහුවා කම්මුල් පාරක් ඇඟිලි පාර හිටින්න.ඒක කොල්ල නොගැහුවනං මං ගහන පාරක්.එදා රෑ රාත්තිරියේ කෙල්ලගේ පොලිස් පෙම්බරා ආව නඩු අහන්න කාකි සූට් ඇන්දම ලොකු කමක් ඉහට ගහනවනේ සමහරුන්ට.අනේ සිරී මේකි හවස වෙච්ච සේරම ඒකගේ කනේ තියලා. "මං ආවේ මාධවී එක්ක යන්න" කිව්වාම පුතා මැද්දට පැනලා කිව්වා "කසාද බැඳපු එවුන්ට දෙන්න මෙහේ ගෑනු නෑ" කියලා.මහ හයිරංකාරයෙක් වගේ ඒ පාර ඒකා අත පය උස්ස ගෙන ආවම අපේ කොල්ලා ගහපු එක පාරට උන්දෑ වීසී වෙලා ගිහින් ගෙට ගොඩ වෙන පඩියේ ගැට්ටේ ඔලුව පිටි පස්ස වැදුනා.ඉස්පිරිතාලේ ගෙනියන කොටත් වෙන්න ඕන දේ වෙලා ඉවරලු සිරී.පොලීසියෙන් ඇවිත් මයේ අහිංසකයා කුදලගෙන ගියා.අනේ ජීප් එක ඇතුලේ ඉඳන් පුතා මං දිහා බලපු බැල්ම ඔයා නොදැක්ක එකමයි හොඳ සිරී.යන මග ආරංචි උනා කොල්ලා පැනලා යන්න හැදුවය ඒ නිසා වෙඩි තිබ්බය කියලා.මං ඉස්පිරිතාලේ යනකං මයේ රත්තරං පුතා පණ ගැට ගහගෙන හිටියා සිරී.එදා පපුවේ අමාරුව හැදිලා ඔයා මා දිහා බලපු බැල්මෙන්ම මං දිහා බලං ඉඳලා මයේ කොලූ ඔයා ළඟට එන්න ආවා සිරී.මාත් ඒ පිම්මේ එනවා ඒත් මක් කරන්නද අපි දෙන්නගේ ලෙයින් ගැට ගැහිච්ච තව පරාණයක් ගෙදර ඉන්නවනේ.මට අපේ දරුවෝ පරිස්සම් කර ගන්න බැරි උනා,අනේ සමා වෙන්න සිරී. නිමි. (සේයාරුව මුහුණු පොතෙන්)🌸🌸🌸පශ්චාත් ගර්භනී🌸🌸🌸 සුසිනිදු අත් පා නිදහසේ දිග ඇරගෙන නිදාගෙන ඉන්න පුතුගේ නලළ මත මම තවත් හාදුවක් තිබ්බා. ඔව් මගෙයි රහල්ගෙයි පුතා. අපේ රජ කුමාරයා. අදට අපි ලගට ඇවිත් හරියටම සතියයි. සතුට මැදින් දුක් ගගක් ගලාගෙන යද්දි මගෙ කොලු පැටියා සුව නින්දක. ඔය මූණ දිහා බලාගෙනම මුලු දවසම ලගට වෙලා නම් ඉන්න බැරිවෙයි පුතේ. ඊයේ රෑ පාවිච්ච් කරපු රෙදි ටික පුතා ඇහැරෙන්න කලින් සෝදලා වේලෙන්න දාන්න ඕන නිසා විගහට නාන කාමරේට දිවුවා. රහල් අද වැඩට ගියා. පුතා හම්බ උනාට පස්සේ දවස් පහක්ම එක දිගට එයා නිවාඩු ගත්තා. අපේ අම්මාත් ඊයේ උදේම ගමේ ගියා. ගියා නෙවෙයි යවාගත්තද කියලත් හිතෙනවා. පවු. මමත් හොදටෝම බැන්න බොරුවට අඩලා මගේ මගුලත් කඩලා දාන්න කියලා. අනේ ඒ ඇස් වල තිබුන වේදනාව. කමක් නෑ අම්මා ගියපුදෙන්. තනියම මම මේ සේරම කරලා පෙන්නන්නම් අම්මේ. මගේ හිත හදාගන්න මම කියාගත්තා. පුතාගේ කමිස රෙදි ටික වෙනමයි නැප්කින් රෙදි ටික වෙනමයි බේසම් දෙකට දාගත්ත මන් බoකුවත් අරගෙනම බාතෲම් එකට ගියා. රහල්ගේ අම්මයි අක්කයි රෙදි වේලෙන්න දානවා එලියේ. පුතා ඇහැරියොත් එයාලා බලයිනේ කියලා රෙදි බේසමට ටැප් එක ඇරියා. බoකුව බිම තියලා බාතෲම් එකේ බිත්තිය අල්ලගෙන හෙමීට වාඩි උනා. මැහුම් තාම වේලිලාත් නෑ. වේදනාව නැත්තෙත් නෑ. ඒත් හෙමින් හෙමින් පහසු විදියට වාඩි උනා. වතුර පිරුණ රෙදි බේසම ලගට අරන් පුතාගේ රෙදි වල හෙමින් හෙමින් සබන් ගෑවට මගේ හිත තිබ්බේ ගොඩාක් ඈත. පුතා හම්බ වෙන්න අපි ගියේ පිලිගත්ත පෞද්ගලික ‍රෝහලකට. රහල්ගේ අම්මත් මාත් එක්ක ආවා. මාව බලපු ඩොක්ටර් කිවිවේ අදම පුතා නෝර්මල් හම්බ වෙයි කියලා. කොච්චර අමාරු උනත් ඒ වේදනාව හරිම ආදරණීයයි. හවස් වෙනකොට අම්මයි අප්පච්චියි දෙන්නත් රහල්ගේ ගෙදරට ඇවිත් තිබුනා. ඒ දෙන්නට කෑම හදන්න ඕන නිසා රහල්ගේ අක්කා ආවේ නෑ. අම්මයි රහලුයි නතර උනා මා එක්ක . උපත් බරින් පෝසත් නිරෝගි පුතු පැටියෙක් මගේ අතට ආවා. ආදරෙයි පුතේ මේ ලෝකේ අන්තිම කෙළවරටත් දශමයක් වැඩියෙන්. පහුවදා අම්මි අප්පච්චි ආව නිසා රහල්ගේ අම්මා ගෙදර ගියා. මගේ රෙදි ටිකත් අරන් සෝදන්න. සාමන්‍ය දරු උපතක් නිසා එදා හවසම මට ගෙදර යන්න පුලුවන් උණා. චුටි මැනිකව ගෙදර ගෙනාවේ මොර සූරන, අකුණු ගහන වැස්සක. එයාව ගෙදර අයට දීලා මම ගියා ඇග සෝදගෙන එන්න. වතුර මලෙන් වැටෙන වතුර සීතල උනාට මට ඉක්මනටම පුතා ගාවටයි යන්න ඕන උනේ. එයාව තුරුල් කරන් චුට්ටක් නිදාගන්න. ඇග සෝදන් එනකොට අපේ අම්මගේ මූණ කලු වෙලා. මන් ඇහුවා ඇයි කියලා. " මේ වැස්සේ ඇල් වතුරෙන් ඇග සේදුවාද" . "ඔව් අම්මා, සනීපයි ඇගට" "අනේ අම්මා සීතලේ ඔහොම ඇග සෝදන් නෑ දරුවෝ හම්බ උනාම, බෙහෙත් කොල ටිකක් තම්බලා උනු වතුරෙන් සෝදන්න ඕන" කාමරේ දොර රෙද්දෙන් ඔලුව දාන් ඉන්න රහල්ගේ අම්මව මන් කණ්ණාඩියෙන් දැක්කා. " ඒ ඉස්සර අම්මා, දැන් එහෙම එකක් නෑ. බය නතුව ඉන්නකෝ. මන් මේ හොදට ඉන්නේ" රහල්ගේ අම්මා හෙමීට කාමරේ ඇතුලට ආවා. "ඇයි සදුනි.." "නෑ නන්ගී මේ ඊයේ දරුව හම්බ වෙලා මේ වැස්සේ ඇල් වතුරෙන් ඇග සෝදලානේ, උනු වතුර ටිකක් දෙන්න බැරි උනානේ." "ආහ්හ් අපේ දුව සීසර් කරලා ඇවිල්ලත් ඇල්වතුරෙන් තමයි සේදුවේ..," රහල්ගේ අම්මා එහෙම කියාගෙන ගියා. අපේ අම්මා අඩනවා. "මගේ අම්මා ඕවා දන්නේ නෑනේ, සීතලට ඇගේ අමාරුවට උනු වතුර ටිකක් ඇගට වැටුනානම් සනීපයි. අනික මේ මහ රෑනේ. කිවුවානම් මම වතුර ටිකක් රත් කරලා දෙනවනේ. පුදුම මිනිස්සු" අපේ අම්මා ඔහේ කියවනවා. ඔව් මන් දන්නවා අපේ ගෙදර හිටියානම් අපේ අම්මා ඔය ටික කරයි. අපිට දර තියෙන්වනේ. බෙහෙත් කොල මුට්ටි දහයක් උනත් තම්බන්න පුලුවන්. මෙහේ හැමදේම කරන්නේ ගෑස් ලිපේනේ. රහලුයි මමයි ඇල් වතුරෙන් නෑවට රහල්ගේ අම්මා අක්කා ලමයි සේරම නෑවේ ඇග සේදුවේ උනු වතුරෙන්. එයාලට ඇල් වතුරෙන් සේදුවම හෙමිබිරිස්සාව හැදෙනවලු. ලොකු ගෑස් එකක් උපරිම සති තුනයි. ඒ අස්සේ පුතා හම්බ උනා කියලා මටත් උනු වතුර ඉල්ලුවොත් කතා සීයක් අහන්න එපැයි. ඇගේ අමාරුව වගේම හිතේ අමාරුවත් මට උපරිමේටම. පුතාගේ අත අල්ලන් අඩන අම්මව දැක්කම මට කේන්තියි. "අම්මා අත සෝදලාද පුතාව අල්ලන්නේ.." මන් හිතලා ඇහුවා නෙවෙයි මට එහෙම කියවුනා. අම්මා පුදුම වෙලා මගේ දිහා බලන් ඉන්නවා. "අම්මත් දැන් ඉස්පිරිතාලේ ඉදන්නේ ආවේ මාත් එක්ක. ඇග හෝදගෙන පුතාව අල්ලන්න. ඇගේ විෂබීජ තියෙනවා" මේ ඉස්සර හිටලු මන් නෙවෙයි. අනේ මගේ අතින් එහෙම ඇහුනා. අඩ අඩ හිටිය අම්මගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ. අපේ කාමරේ කෙලවරක තිබ්බ අම්මලාගේ ඇදුම් මල්ලෙන් ඇදුමකුත් අරන් යන අම්මව දැක්කම මටත් ඇඩුනා. "ඇයි සදුනි අර ඔයාලගේ අම්මා අඩන්නේ" රහල්හේ අක්කා ඒ ගමන. " සතුටට අක්කා. මමයි පුතයි දෙන්නම සනීපෙන් ඉන්න එකට" "ආහ්හ්හ් ඒක මිසක්, පුතාගේ බර කීයද සදුනි?" දරුවෙක් හම්බ වෙලා ආව කෙනෙක්ගෙන් අහන පලවෙනි ප්‍රශ්නේ ඔන්න. පුතා දැක්ක ගමන් බර අහන්නේ මේ අධිබර ලමයෙක් කියලා හිතලද දන්නේ නෑ. හැමදේම මට පෙනුනේ දැනුනේ නුහුරට. " බර හොදයි කිවුවා අක්කා,ඩොක්ටර් බැලුවානේ. එනගමන් ලේ එකකුත් දීගෙන ආවේ." "නෑ උපත් බර කීයද?" සදුනි ඔයාට කොහොමද, මැහුම් රිදෙනවද, අමාරුද, ඕවා නේද අහන්න ඕන. මේ යසට ඉන්න කොල්ලගේ බර අහන්නේ. "කිලෝ තුනයි හයසිය පනහයි අක්කේ, ඩොක්ටොර් කිවුවා බර හොදටම හොදයි කියලා" අහක බලාගෙන මම කියලා දැම්මා. එතනින් එහාට මුකුත් කිවුවෙත් නෑ ඇහුවෙත් නෑ. ටිකක් වෙලා ඉදල යන්න ගියා. ඇග සෝදගෙන ආව අඔඒ අම්මා අප්පච්චිගේ ඇදුමකුත් අරන් යනවා මන් ඇහේ කොනට දැක්කා. පව් දෙය්යනේ අච්චර දුර ඉදන් මන් වෙනුවෙන් ඇවිත්නේ මේ අඩ අඩා ඉන්නේ කියලා හිතුනම මටත් ඇඩුනා. පුන්චි කාලේ ඉදන් ලේ කිරි කරලා දීලා, අත පය කඩන්නේ නැතුව හදලා, ලස්සනට අන්දලා, පලන්දලා, උගන්නලා මාව මේ තැනට ගෙනාව අම්මාගෙන් නේද ඇහෙන් කදුලක් වැට්ටුවේ කියලා මට දුකයි. ඒත් මොකක්දෝ එකකට මට අම්මව රුස්සන්නේ නැතුව ගියා ඒ දවසේ. ටිකකින් අම්මයි අප්පච්චියි කාමරේට ආවා. මම අඩනව දැක්කම ඒ දෙන්නත් අඩනවා. "අඩන්න එපා දෝණි අම්මා. ඔය පුතත් බයවෙයි." අප්පච්චී ඔලුව අතගාන ගමන් කියනවා. අනේ මට ඒ උනාට දුකයි ඒ හිත් රිදවපු එකට. මට සමාවෙන්න කියල කට ඇරලා කියන්න බැරිඋනා. පහුවදා උදේ ඇහැරෙනකොට අප්පච්චි යන්න ලෑස්ති. අම්මා ඉන්නවා කිවුවා. අප්පච්චිගේ කකුල් දෙක අල්ලලා වැදපු මට ආයෙත් ඇඩුනා. පුතා නිදිකරලා කුස්සියට යනකොට අම්මා රහලගේ අම්මා එක්ක කතාවක්. "රතු හාල් ටිකක් මම ලිපේ තියන්නම් නන්ගී" "නෑ අක්කේ මේ සුදු ඒවා හදලා තියෙනවනේ "දෝණි කයිද දන්නේ නෑ නන්ගි. කලින් ඉදලම කෑවේ නෑනේ, තියෙන්නෙ කොහෙද කියන්නකෝ. හාල් මිටක් මම ලිපේ තියන්නම්" දෙන්නගේ කතාව රතු හාල් ගැන. පුතා හම්බ වෙන්න ආවට පස්සේ මට සුදු හාල් බත් කන්න හිතුනෙම නෑ.කිරි පිටි බොන්න හිතුනෙත නෑ.රතු හාල් බත් වලටයි, එලකිරි වලටයි මම කැමති උනේ .ඒ දවස් වලත් බත් මුට්ටි දෙකක් ලිපේ තිබ්බේ නොකර බැරිකමට. "ඒ බබා හම්බ වෙන්න ඉන්නකොටනේ. දැන් හම්බ වෙලා නිසා සුදු ඒවා කයි" රහල්ගේ අම්මගේ හඩ ආයේ ඇහෙනවා. "අම්මා මන් සුදු බත් ටිකක් කන්නම්. මාස ගානකින් කෑවෙත් නෑනේ." අපේ අම්මගේ මූන දිහා බලන්නේ නැතුවම මම කිවුවා. අපේ අම්මා පුතාගේ රෙදි සේදුවේ පුදුම තරම් ආදරේකින්. භක්තියකින්, මිරිකන්නෙ නැතුව හොදට ගසලා රෙදි වේලෙන්න දාන දිහා මන් කාමරේ ජනේලෙන් බලන් හිටියා. පුතා නිදි නිසා කාමරේ අස් කරලා නාන්න හදනකොටම ඔන්න ආයේ අපේ අම්මා. " දෝණි, පොඩ්ඩක් ඉන්න උනු වතුර එකක් තියනකම්. මට කිවුවානම් මන් බෙහෙත් කොල ටිකක් වත්තෙන් කඩාගෙන එනවනේ. මෙහේ කොහේවත් හොයාගන්න නැද්ද" මැල්ලුම් කොලයක්වත් හොයාගන්න නැති මෙහේ බෙහෙත් කොල කොහෙන්ද අහන්න හිතුනත් මන් ඇහුවේ නෑ. "ඕන නෑ අම්මා. පුතා නැගිටින්න කලින් මන් නාගෙන එන්නම්. අව්ව තියෙන නිසා කොන්ඩේ වේලෙයි ඉක්මනටම" නාගෙන එනකොට ඔන්න අපේ අම්මා ආයේ එකක් පටන් ගෙන. තැම්බුන් හොද්දක් හදන්න. රහල්ගේ අම්මගන් අහනවා බඩු තියෙන්නේ කොහෙද කියලා. අම්මගේ තැම්බුන් හොදි එක පුදුම රසයි. කරපින්චා, පහේ ටික ගලේ අඹරලා සුදු ලූනු, රතු ලූනු, සියබලා යහමින් දාලා හදන එයින් එකක්
බොන්න තිබ්බනම් හොදයි කියලා මටත් හිතුනා. ඒත් මෙහේ කොහෙද ගලක්. බ්ලෙන්ඩර් එකේ දාලා තමයි අඹරලා ගන්න වෙන්නේ. "අනේ ඒවා ඕන නෑ අක්කේ . මෙතන කඩේ තියෙනවා රසම් එකක්. ඒක උනු වතුරට දාලා දියකරලා බොන්න විතරයි තියෙන්නේ. අපේ දුවටත් දුන්නේ ඒවා" අම්මා ආයේ කාමරේට ඇවිත් කම්මුලේ අත ගහගෙන කල්පනා කරනවා. දවස දවස ඔහොම ගෙවුනා, පුතා හම්බ වෙලා පස්වෙනි දවසේ අපේ අම්මා ගෙදර යනවා කිවුවා .මන් ඇහුවා ඇයි අම්මා කියලා. ඒත් මුකුත් කියන්නේ නැතුවම අඩ අඩා ඔසරිය අදිනවා. ඇයි ඇහුවට කියන්නෙත් නෑ. "මගේ දෝනි අම්මා, ඉක්මනටම පුතත් එක්ක ගෙදර එන්න. නිවාඩු ඉවර වෙනකම් එහේ ඉමු. අප්පච්චිත් තනියමනේ. මන් යන්නම්. මගේ අම්මට රෙදි ට්ක රහල් පුතා සෝදලා දෙයිනේ. පරිස්සමට ඉන්න. බුදු සරනයි" කියලා මගෙයි පුතාගෙයි නලල් ඉඹලා අම්මා ගියා. "ඇයි සදුනි අම්මා ගියේ, අපෙන් මුකුත් වැරැද්දක්වත් උනාදා" කියලා අම්මා ගිය ගමන්ම රහල්ගේ අම්මා ඇහුවා. "නෑ අම්මේ අප්පච්චිත් තනියමනේ, ඒ නිසා ගියා" "ආහ් ඒක මිසක් අපි හිතුවා අපෙන් මුකුත් වැරැද්දක්වත් වෙලාද කියලා" ඊයේ අම්මා ගියා. ඊයේ පුතාගේ රෙදි ටික රහල් සේදුවා. අද රහල් වැඩට ගිය නිසා මන් සෝදන්න ගත්තේ, කදුලු වැලක් රෙදි සෝදන වතුර එක්ක නිදහසේ ගලාගෙන යනවා. "සදුනි සදුනි, අර ලමය ඇහැරිලා.." රහල්ගේ අම්මා කතා කරනවා. "ඇහෙන්නේ නැද්ද ඔයාට, ගොඩක් වෙලා ඉදන් අඩනවා," "වතුර සද්දෙට ඇහුනේ නෑ අම්මා." අත් දෙක සෝදගෙන කාමරේට යනකොට මගේ කොල්ලා අඩනවා. අනේ චුට්ටක් වඩාගත්තානම් මොකද වෙන්නේ. " චූ දාගෙනද කොහෙද සදුනි" රහල්ගේ අක්කා කියනවා. චූ දාගෙන නම් නැපියක් අන්දලා වඩා ගන්න බැරිද චුට්ටක්. මම හිතෙන් කියනවා. නැපිය මාරු කරලා තෙත ගවුම පිටින්ම පුතාව වඩා ගත්තා. චුට්ටක් එලියට අරන් ගියාම ඔන්න නැලඋනා. බඩගිනි වෙලා ඉන්න ඇත්තේ. කිරි දෙන්න කලින් ටක් ගලා පුතාව ඇදේ තියලා ගවුමක් ඇදගත්තා. "රෙදි ටික සෝදලා ඉවරද සදුනි," "ඔව් අම්මේ, වේලෙන්න දාන්න විතරයි තියෙන්නෙ" මම හිතුවා අම්මා වේලෙන්න දායි කියලා. ටිකකින් පුතා ආයේම නිදි. අදට සතියයිනේ. පුතාව නාවන්න උඩහ ගෙදර ඇන්ටි කෙනෙක් ආවා.රහල්ගේ අක්කගේ ලමයි දෙන්නවම නාවලා තියෙන්නේ ඒ ඇන්ටි. මාස ගානක් යනකම්ම. රහල්ගේ අම්මට බයයිලු. රහල්වයි අක්කවයි නාවලා තියෙන්නේ රහල්ගේ අම්මගේ අම්මා. ඒ නිසා එයා පොඩි අය නාවලාම නෑලු. අක්කත් පුරුදු වෙනකම් කියලා තමයි ඒ ඇන්ටි ඇවිත් තියෙන්නේ. අදත් ඇන්ටි ඇවිත් පුතාව නාවන්න. "කෝ සදුනි ....රෙදි සෝදනවද" ඇන්ටි අහනවා. "නෑ රෙදි ටික සෝදලා ඉවරලු. බබාට කිරි දෙනවා" "සෝදලා ඉවරනම් මේ රැක් එකේ තියෙන්න එපැයි" "බබාට කිරි දීල ඇවිත් වේලෙන්න දායි" "ඉතින් ඔයට පුලුවන්නේ වේලෙන්න දාන්න." ඇන්ටිටත් කට තියාගෙන ඉන්න බෑනේ. මට හිනත් ගියා. පුතා නිදි නිසා රෙදි බේසමත් අරගෙන එලියට ආවා. "අපෝ සදුනි බර උස්සන්න හොද නෑ. දොස්තර කිවුවේ නැද්ද" "මෙහේ වැඩකාරයෝ නෑ, තම තමන්ගේ ඒවා තම තමන් කරගන්න ඕන" රහල්ගේ අම්මා කියාගෙන ගියා. "අනේ මේක එච්චර බර නෑ ඇන්ටී. පුතා නිදි. වතුර එකත් තාම උනු වෙනවා. මන් මේ ටික වේලෙන්න දාල එන්නම් ඇන්ටී. ඊට පස්සේ පුතා නාවමු" ක්‍රීම්, ඕඩිකොලොන්, ඇදුම් තුවාය සේරම ලෑස්ති කරලා, උනු වතුර එකත් බේසමට දාලා ගත්තා. පුතාව නාවන ගමන් ඇන්ටි කතාව. "ඇස්වහක් කටවහක් නෑ. කොල්ලා හොදට ඉන්නවා. සමහර ලමයි හම්බ උනාම අතට අල්ලන්න බෑ බයයි රිදවෙයි කියලා. මේ කොල්ලා හොදට ඉන්නවා. මතකද ලොකු බබා නාවනකොට. අපි කොට්ටයක් උඩ තියාගෙනනේ සබන් ගෑවේ." ඇන්ටි ඔය කියන්නේ රහලගේ අක්කගේ ලොකු බබා ගැන. වතුරේ කකුල් දෙක ගහන පුතා දිහා මම පැත්තකට වෙලා බලන් හිටියා. "සදුනි ලමයා හම්බ වෙනකොට කෑවේ නෑනේ. වමනේ දැම්මනේ. ඒ නිසා බබා ලොකු වෙලා." ඈහ් මොකක්ද ඒ. අම්මා කෑවේ නැති උනාම හරි නම් ලමයා පොඩි වෙන්න එපැයි. කෑම යන්නේ ආමාශෙට, ලමයා හැදෙන්නේ ගර්භාශේ. ඕකේ මම නොදන්න මොකක් හරි විද්‍යාත්මක සම්බන්ධයක් ඇති රහලගේ අම්මා දන්න. "ඒ ලමයා මුල් මාස දෙක තුනේ නොකෑවට ඊට පස්සේ යසට කෑවනේ" ඇන්ටී ආයේ කියනව.. "අපි දෙන්නම උස මහතයිනේ ඇන්ටි. ඒක නිසා වෙන්න ඇති" රැවුලයි කැදයි දෙකම බේරගන්න උත්තරයක් මම දුන්නා. පුතා බලන්න එන හැමෝටම රහල්ගේ අම්මා කිවුවේ මම මුල් මාස කීපය නොකාපු නිසා ලමයා ලොකු වෙලා කියලා. පුතා බලන්න ආව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි මිස්ටත් කිවුවා මන් කෑවේ නැතිය. ඒකයි ලමයා ලොකු වෙලා තියෙන්නේ කියෙන්නේ කියලා. "සදුනිට බබාව එක පාර නලවගන්නත් බෑ, ලමයා අඩනවා අඩනවා" "කිරි ටික හරියට දෙන්න දන්නේ නැතුවද කොහෙද, මිස් චුට්ටක් කියලා දෙන්න එයාට." මදි පාඩුවට රහල්ගේ අක්කත් කිවුවා. ඒ මිස් රහල්ගේ අක්කා දිහා හොදට බැලුවා. " එයා කිරි දෙන්න දන්නේ නෑ තමයි. එයාගේ පලවෙනි ලමයනේ, ඒකයි අපි ගෙයින් ගෙට ගිහින් එයාලට කිරි දෙන විදිය කියලා දෙන්නේ. ඉස්පිරිතාලෙනුත් එයාලට කියලා දෙනවා. ඒත් අපිත් ගෙවල් වලට ගිහින් බලනව." "අම්මා එහෙම කියන්න එපා කාටවත්. ඔයාට දැන් ලමයි දෙන්නෙක් ඉන්න නිසා ඔයා දැන් දන්නවා කිරි දෙන විදිය. ඔයාටත් පලවෙනි ලමයා හම්බ උනාම මේ වගේ කියලා දුන්නා නේද?" අම්මටයි දුවටයි දෙන්නටම එක උත්තරයක් දුන්නා. දවසින් දවස ගෙවුනා. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න මම පුරුදු උනා. අම්මයි අප්පච්චියි දවස ගානේ ගෙදර එන්න කියන නිසා පුතාට මාස දෙක වෙන්නේ හෙටයි කියලා මම මගේ ගෙදර ගියා. මගේ කියන අයට මගේ පුතාව පෙන්නන්න. දුවෙක්ට කොච්චර ආදරණීය සැමියෙක් ලැබුනත් අප්පච්චී තරම් හදවතට දැනෙයිද කියලා මන් දන්නේ නෑ. වත්ත වටේ ගිහින් බෙහෙත් කොල හොයාගෙන එනවා තම්බලා නාවන්න. එලියේ ලිපක් බැදලා වතුර මුට්ටියක් තියෙනවා බෙහෙත් කොල ටිකත් දාලා තැම්බෙන්න. කෙකි හදාගෙන කිරි කොස්, පොලොස් කඩාගෙන එනවා උයන්න කිරි එරෙන්න කියලා. තකහනියේ පොලේ යනවා කරවිල ගේන්න. පුතාගේ අත්තම්මා පුතාගේ නලලේ තියන්න මොට්ටු හදනවා. සව් ඇට වගයක් ගෙනල්ලා ලිපේ තියලා කලු උනමා හොදට සූරපු පොඩි පොල් කට්ටට දාලා. නාවලා ඉවර උනාම වෙද ඇගිල්ලෙන් ලස්සන පුන්චි මොට්ටුව්ක් තියෙනවා. කන්න කැමති කෑම උනු උනුවෙන්ම ඇද ලගටම ගෙනත් දෙනවා. අර රසම රස තැම්බුන් හොදි එක දවස ගානේ හම්බ වෙනවා. ගෙදර හිටපු ඒ මාස තුන තමයි මන් ආසම කාලේ. රහල්ගේ අක්කට දුවෙක් හම්බ උනා කියලා උදේම රහල් කතා කලාම කිවුවා. එයාලා කලින් බැලුවේ නෑ ස්කෑන් එකෙන් කවුද එන්න ඉන්නේ කියලා. අක්කට කතා කරන්න අමාරු නිසා මම අම්මට ගත්තා. "අම්මේ අක්කට කොහොමද,,?" "ආහ් එයාලා දෙන්නම හොදින්. රෝස මලක් වගේ කෙල්ලෙක්, අක්කා බබාට කිරි දීලා ඉවරයි. බබාට ගුඩුස් යවන්න ඕන. සීසර් කරලා නිසා පොඩ්ඩක් අමාරුයි එයාට." "හරි අම්මේ මන් පස්සේ ගන්නම්" හ්ම්ම්ම් එයාට අමාරු ඇති. ඊයේ රෑනේ හම්බ උනේ. දවලේ රහල් ගිහින් තිබ්බ පොඩි එක්කෙනා බලන්න. බබා අඩනවලු හොදටෝම. අක්කට කිරි නෑලු. "රහල් උදේ අම්මා කිවුවනේ අක්කා බබාට කිරි දෙනවා කියලා" "ඒක කටේ ගහන් හිටියට කිරි තිබිලා නෑ. දැන් ඩොක්ටර් ඇවිත් කිරි එරෙන්න බෙහෙත් එකක් දීලා ගිහින්" "අනේ ඇත්තද.....ඒකට කිරි එරෙයි රහල්" බබාට දෙන්න කිරි එරුනත් අක්කා කිරි දෙන්න බෑම කියනවලු. එයා පුදුම තරම් මානසිකව වැටිලා මේ සැරේත් දුවෙක් කියලා. දොස්තරලා වගේම උපදේශන අයත් ඇවිත් එයාට කියන්න උත්සාහ කලාට එයා බෑම කිවුවලු. බැරිම තැන එහා ඇදක අම්මා කෙනෙක්ගෙන් කිරි ටිකක් ඉල්ලන් පොඩි එකාගේ බඩ පුරවලා. දවස් දෙකකින් අක්කා බබත් එක්ක ගෙදර ඇවිත් තිබුණා. එදා රෑ රහල් කතා කරලා මට ගෙදර එන්න පුලුවන්ද ඇහුවා. "සදූ, බබා මම මෙහෙම කියන එක සාධාරණ නෑ ඒත් ඔයාට මෙහේ එන්න පුලුවන්ද, අක්කගේ පොඩි එකීට කිරි නෑ. අක්කා දෙන්න බෑම කියනවා. ඩොක්ටර් පිටි එකක් ලියලා තිබ්බා. කෙල්ල ඒක කටේවත් තියන්නේ නෑ." "රහල් මම පොඩ්ඩක් බලලා හෙට කියන්නද?" මොකද පොඩි බබා කිරි බොන්නේ නෑ කියලා රහල් මට ගෙදර එන්න කිවුවට මම කිරි දෙන්නද කියලා මට හිතුණා. අම්මා අප්පච්චිගෙනුත් අහලා ඊලග දවසෙම රහල් එක්ක මම ආපහු රහල්ගේ මහගෙදර ආවා. මගේ පුතාට එතකොට මාස පහක්. අක්කා කොණ්ඩේ පීරලත් නෑ. මූන කට සෝදලත් නෑ. අක්කගේ මහත්තයා පියල් අය්යත් රැවුලවත් කපලා නෑ. ලොකු ලමයි දෙන්නගේ සේරම වැඩ ටික් කලේ පියල් අය්යා. රහල්ගේ අම්මා අක්කාට කන්න බොන්න දීල මුලු දවසම චූටි බබාට කිරි එක පොවාගන්න ඔට්ටු උනා. අම්මෝ ඇත්තටම මට හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා. අම්මා කොච්චරවත් අක්කට කියනවා දරුවට කිරි ටිකක් දෙන්න කියලා. ඒත් අක්කා ඔරවගෙන බලාගෙන ඉන්නවා. වෙලාවකට මහ හය්යෙන් අඩනවා.තව වෙලාවකට හිනාවෙනව, ඇත්තටම බලන් ඉන්න දුකයි. "සදූ පුතා නිදිද" රෑ මැද රහල් අක්කගේ චූටි බබත් අරන් ඇවිත් මට කතා කලා. මෙච්චර වෙලා දගල දගල ඉදන් දැන් තමයි නිදාගත්තේ, ආයේ උදේ වෙනකම් මේ නින්ද නිදාගන්නවා. "ඔව් රහල් ඇයි" "චූටි බට්ටිච්චෝ මොකද මේ මහ රෑ ඇහැරන් කරන්නේ..බෝතල් කුක්කු රස නෑ පැන්චිට...." රහල් කෙල්ලව අතේ තියන් ඉද්දී මන් චූටි අතෙන් අල්ලන් ඇහුවා. "සදූ, ඔයා ගාව කිරි තියෙනවද.." මට හිනත් ගියා. කිරි නැත්නම් මෙච්චර වෙලා මගේ කොල්ලා බිවුවේ මොනාද. "අනේ විහිලු කරනවද රහල්. මේ තියෙන්නේ පිරිලා.." "අනේ මැනික එහෙනම් චුට්ටක් මේ කෙල්ලටත් දෙනවද. නින්ද යන්නෙ නැතුව ඇති බඩගින්නට. මූන බලන්නකො අඩලම හේබාලා ගිහින්, " "අනේ රහල් ඔයාලගේ අම්මා අක්කා දැන ගත්තොත් මට විසුමක් වෙන්නේ නෑ" "එයාලට කියන්නේ කවුද දැන්.සේරමලා නිදි, ඔයා අකැමැත්තක් නැත්නම් චුට්ටක් දීලා බලමුද" "අනේ පියල් අය්යා උනත් මොනා හිතයිද රහල්.එයාගේ දරුවට මගේ කිරි දෙනකොට" "පියල් අය්යා මුකුත් කියන්නේ නෑ.ඒක මම බලාගන්නම්. ඔයා දෙන්න කැමතිද" රෝස පෙත්තක් වගේ සිනිදු රහල්ගේ අක්කගේ චූටි දුව එදා රෑ ඉදන්ම අඩන අඩන සැරේට මගේ ලගට අරන් ආවා. මුලදි රහල් හොරෙන් හොරෙන් ගෙනාවට ඊලග දවසෙම පියල් අය්යට කියලා තිබ්බා. පියල් අය්යා හොදටෝම බැන්නලු අපේ කොල්ලගේ කිරි ටික දෙන්න එපා කියලා. පස්සේ හය්යෙන් ඇඩුවලු. එයත් ඉදලා තියෙන්නේ කිරි ටිකක් දෙන්න කියලා මට කියාගන්න බැරුව
. පස්සේ පස්සේ රහල්ගේ අම්මම දරුවා අඩනකොට මගේ ලගට අරන් ආවා. "සදුනි බබා හම්බ වෙන්නෛන්න කාලේම බිවුවේ එල කිරිනේ. ඒක නිසා හොදට කිරි තියෙන්වා.අපේ දුව බිවුවේ පිටි කිරිනේ" ඒකටත් කතාවක් කිවුවා. රහල්ගේ අක්කට ඒ වෙනකොට මානසික වෛද්‍ය ප්‍රතිකාර පටන් ගෙන තිබුනා. මුලුන් මුලින් බලෙන්ම එක්කන් ගියත් අදියර කීපයක් යනකොට අක්කා නාලා කරලා කාලා බීලා ටික ටික හොද උනා. මාස හතරක් පහක් යනකොට අක්කා සුව උනා. චූටි දවට අමතර කෑම කවන්න පටන් ගත්තා. මගේ කොල්ලටත් කෑම හුරු කරපු නිසා දෙන්නටම ඇතු වෙන්න කිරිත් තිබ්බා මන් ගාව. අක්කා හොදටෝම හොද උනා. අනෙක දුවලා දෙන්නට වගේම චූටි දුවටත් ආදරේ උනා.මන් දැන් වැඩට යනවා. මුලින් මුලින් රහල්ගේ අම්මා ගාව පුතා තියලා ගියාට පුතාට අවුරුද්දයි මාස දෙක වෙනකොටම අපි එයාව හොද ඩේකෙයා එකකට දැම්මා. කාගෙන්වත් කතාවක් අහන්න ඕන නෑනේ. ඉස්සෙල්ලා දවස්වල නම් මමයි පුතයි දෙන්නම අඩනවා එයාව දාලා එනකොට. එයා එතනට හුරු උනා, එතන කාර්‍ය මණ්ඩයලත් පුදුම තරම් හොදයි. දෙවෙනි තෙවෙනි දරුවෝ හම්බ වෙනකොට අපි වෙනම ගෙදරකට ගියා. පුතා හම්බ වෙන්න ඉද්දී වෙනම යන්න හදනකොට රහල්ගේ අම්මා අක්කා කියපු දේවල් මට මතක් උනා. "තාත්තත් නැතුව මන් මේ දරුවෝ දෙන්නා හැදුවේ. මගෙ පෙට්ටියටවත් කර තියන්න ඉන්න කොල්ලා. මගෙන් උදුරගෙන යනවට ඔයාට හොදක් වෙන්නේ නෑ සදුනි" රහල්ගේ අම්මා රහල් වැඩට යනකම් ඉදලා අඩ අඩා කිවුවා. "මට ඉන්න එක සහෝදරයා, සහෝදරකම් නැති කරන්නද ඔයා ආවේ, ඔයාට ඉතින් කාත් කවුරුත් නෑනේ.සහෝදරකම් කොහේ දන්නවද" රහල්ගේ අක්කත් කිවුවා. ඉතින් නිලාන් අය්යගේ යාලුවගේ ගෙදරට කුලියට යන්න හිටපු ගමන අපි නැවැත්තුවා.මම යන්න බෑ කිවුවා.මහ ගෙදරම හිටියා. අපි වෙනම ගියාම කැමති දෙයක් හදන් කෑවා. ඇති වෙන්න නිදාගත්තා.අම්මා අප්ප්ච්චිව එක්කගෙන ආවා. රහල්ගේ අම්මා උනත් ඇවිත් ගියා.දැන් දරුවෝ තුන් දෙනාම ඉස්කෝලේ යනවා. ආපහු හැරිල බලනකොට දුකයි. ඒ මතක අස්සට හිත ගියාම මම ඉක්මනට ආපහු දුවලා එනවා. පුතා හම්බ වෙලා අපේ අම්මා ගෙදර ගිය දවසේ උදේ රහල්ගේ අම්මා කිවුවලු "අක්කා ගෙදර ගියානම් හොදයි නේද" කියලා. එයාගේ දුව සීසර් කරලත් සතියෙන් රෙදි ටික සෝදගත්තා කියලා. එයාටත් පුතාගේ රෙදි ටික සෝදන්න පුලුවන් කිවුවලු. එහෙම කිවුවම අපේ අම්මට ඉන්න හිතිලා නෑ. පුතාට අවුරුදු දහයක් උන දවසේ අපේ අම්මා කිවුවේ ඔය කතාව. පල නොකියා පළා බෙදනකොට ඉන්නේ කොහොමද කියල හිතුනලු. පියල් අය්යට එයා වැඩ කරපු ආයතනයෙන් වෙනත් රටකට යන්න අවස්තාව ලැබුණා. එයා ගිහින් අවුරුදු තුනකින් අක්කත් දුවලා තුන් දෙනා එක්ක ඒ රටේ පදින්චියට ගියා.යන්න කලින් එයා ගොඩක් ඇඩුවා. අදටත් සතුටින් ඉන්නේ මම නිසා කිවුවා. චූටි දුවට මොනා හරි උනානම් පියල් අය්යා කවදාවත් එයාට සමාව දෙන එකක් නෑ කිවුවා. එයාගෙඅ වරදක් උනන්නම් සමා වෙන්නත් කිවුවා රහල්ගේ අම්මා දැන් ඉන්නේ අපේ ගෙදර. අපිත් එක්ක. ලෙඩට දුකට හැමදේටම එයාට අපි ඉන්නවා දැන්. මගේ දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස් වරුවට ඉන්නේ රහල්ගේ අම්මා එක්ක...මේ දවස් වල දඹදිව ගිහින්. ගමන් යන්න එලියට බහින කොටත් අම්මා මගේ අත් දෙක අල්ලන් හොදටෝම ඇඩුවා. " ලේලියෙක් නෙවෙයි පුතේ මේ. මගේම දුවෙක්. ජාති ජාතිත් පින් මයේ අම්මා. ඇස් දෙක පියවෙන්න කලින් බුදුන් උපන් රට මගේ අස් දෙකට දකින්න තරම් මම පින්වතයි. මන් ගිහින් එන්නම් පුතේ. මගේ මේ දරුවෝ හතර දෙනාම මන් එනකම් බලාගන්න. මයේ අම්මත් පරිස්සමෙන් ඉන්න මන් එනකම්. රත්නත්තරේ පිහිටයි. රහල්ගේ අම්මා ගුවන්තොටුපොලට යන මගදිත් මට කිවුවා. එච්චරයි.ඔන්න ඔහොමලු උනේ ඉතින්🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2023.11.25 ප.ලි. කිසිවක් නොලියමි. ඒ ඉඩ ඔබට තබමි.🌸🌸🌸"අම්මා වයසට ගිහින් " අම්මා මට පෝන් එකෙන් ටික දවසක ඉදලා කිය කිය හිටියා දතක් ටික ටික කැක්කුමයි කියලා. මට ඉක්මනට අම්මට බේත් අරන් දෙන්න උවමනාව තිබුනත් , මගේ ඔෆිස් වැඩත් එක්ක ඒ වැඩේ කරන්න දවස් දෙකක් විතර කල් ගියා . කොහොමහරි සිකුරාදා හවස බේත් ගන්න වෙලවක් දාගත්තා. අම්මයි අප්පච්චී ඉන්නේ මහ ගෙදර තනියම.අපි හැමෝම විවාහ වෙලා තැන් තැනවල පදිංචි වෙලා හිටියේ. ගොඩක් වෙලවට අම්ම, අප්පච්චී ගමනක් ගියත් ,අසනිපයක් උනත් අනිවාර්යයෙන්ම අපි ( අක්කා අය්යා මම) කවුරුහරි එක්ක වාහනේක තමයි එක්ක ගියේ. මොකද දැන් එයාලා වයසයි. තනියම බස් වල ගියේම නෑ . ඒත් මේ පාර අම්මාට බේත් ගන්න ගෙදර ඇවිත් එක්ක එන්න යන්න අපිට තිබුන රාජකාරි වැඩත් එක්ක බැරි වෙන තත්ත්වයක් තිබුනේ. අම්මට ඒක කියලා අපිට පුලුවන් දවසක් දාගන්න හැදුවත්, අම්මා කිව්වේ එපා පුතේ මට බස් එකේ එන්න පුලුවන් කියලා. මම අයෙත් ඇහුවා අම්මාට පුලුවන්ද බස් එකේ එන්න කියලා. පුලුවන් කිව්ව නිසාත් , දත් කැක්කුම කල් දාන්න බැරි නිසත්,හා එහෙනම් අම්මා පරිස්සමට එන්නකෝ කියලා, මම ටවුන් එකේ අම්මා දන්නා කඩයක නමක් කියලා එතනට හවස 4 වෙද්දි ඇවිත් ඉන්න කිව්වා. මම 4 ට ඇවිත් අම්මාව එක්ක යන්නම් කියලා මම පෝන් එක තිබ්බා. කොහොමහරි මම ඔපිස් වැඩ් ටික ඉක්මනටම ඉවර කරන්න හැඩුවේ, කොහොමහරි 4 වෙද්දි අම්මාව ගන්න ඕන කියන කල්පනාවෙන්. ඒත් තිබ්බ වැඩත් එක්ක හවස 4.30 විතර උනා අම්මා ආව තැනට යන්න. මම අම්මා ලගට යන්න යනකොට මට ඈත පේනවා අම්මා මම ඉන්න කිව්ව කඩේනුත් එලියට ඇවිත් පාරට වෙලා, හරි සෝදිසියෙන් කලබලයෙන් පාරේ යන එන අය දිහා බලනවා. ඒ මාව නේද හොයන්නේ කියලා හිතෙද්දි, මගෙ පපුව පිච්චීලා ගියා. අම්මා දැනට උනත් අපි කොච්චර ලොකු උනත්, අම්මට කියලා තිබ්බ වෙලාවට වඩා අපි පරක්කු උනොත් හරියට කලබල වෙනවා.හරියට හොයනවා. අපිට මොකක් හරි කරදරයක් වෙලාද කියලා. අම්මාගේ ආදරේ වචන වලින් පැහදිලි කරන්න අමාරුයි නෙවෙයි පැහදිලි කරන්න බෑ.. මම අම්මා ලගට එනකොට මට හිතුනේ අනේ අම්මා දැන් හුගක් වයසට ගිහින් නේද කියලා . මුණ ඇදිලා ගිහින්, හම රැලි වැටිලා. එහෙම හිතෙද්දී මගේ පපුවට ලොකු බරක් දැනුනා. කකුල ඉක්මන් කරලා අම්මා ලගට දුවගෙන ගියා. එතකොට අම්මාගේ මුනේ ඇදුන හිනාව අනේ… …. මට උන් හිටි තැන් අමතක කරා. 🥲🥲 අනේ අම්මේ වැඩ හින්දා පරක්කු උනා කියගෙන අම්මවත් එක්කගෙන ඉක්මනට ටවුමේ උමගෙන පාර මරු උනා. අම්මා කියනවා ආ…. මේ උමග තියන එක කොච්චර හොදයිද පාර මරු වෙන්න කියලා.මම ඔව් කිව්වා. අම්මා එතකොට මට කියනවා, අප්පච්චී මගින් මගට කිව්වලු බස් එකේ පරිස්සමට යන්න, පාර මාරු වෙද්දී හොදට පාර බලලා මාරු වෙන්න කියලා.මට මම ගැනම පුදුම විදියට දුක් හිතුනා අම්මාව බස් එකේ එව්ව එක ගැන. ඉස්සර කොහේ ගියත්, අම්මයි අප්පච්චී එකටමයි ගමන් ගියේ බස් එකේ. දැන් අප්පච්චීට වයසයි. අවු. 80 ක්. අප්පච්චිට ඇවිදින්න අමාරුයි. ඒ හින්දා දැන් අප්පච්චීට බස් වල යන්න බෑ. ඒ දෙන්නගේ බැදීම ගැන මට මාර විදියට ආදරේ හිතුනා. ❤❤😍 අම්මායි මායී පාර මාරු වෙලා බේත් ගන්න යන තැනට පයින් ගියා. ලොකු දුරක් නෑ මීටර් 300 විතර. ඒ වෙලවේ අම්මා මට කියනවා මට මේ පාර මතක නෑනේ කියලා. මම අම්මට කිව්වා ඇයි අම්මලා අපි පොඩි කාලෙත් හැමදාම බේත් ගන්න එක්ක ආවේ මේ තැනටනේ කියලා.දැන් වයසත් එක්ක අම්මට පාරවල් මතක නෑ. අම්ම්ලා වයසට යන්වත් එක්කම එයාලගේ මතකයත් ගිලිහිලා ගිහින් නේද කියලා මට හිතුනා. අම්මයි මායි ආවා බේත් ගන්න තැනට. මගේ මහත්තයත් ආවා එයගේ වැඩ ඉවර වෙලා. කොහොමහරි ගොඩක් වෙලා ගියා අම්මගේ දත පෙන්නන්න. අම්මා ඒ අතරේ තොරතෝන්ංචියක් නැතිව මා එක්ක, එයා එකතු කරගත්ත එක එක විස්තර කියවනවා. මමත් ඔෆිස් වැඩයි ගෙදර වැඩත් එක්ක මාර මහන්සියෙන් හිටියේ. ඒ හින්දා මට පුටුවෙ වෙලාවකට නින්දත් ගියා. ඒත් අම්මා හෝගාලා විස්තර කියනවා. ඒත් මම අමාරුවෙන් හරි අම්මගේ එක එක විස්තරවලට හූමිටි දුන්නා. මට පව් කියලා හිතුනා එයලා මේවා තමන්ගේ දරුවන්ට නැතුව වෙන කාට කියන්නද කියලා. කොහොමහරි ඩොක්ටර් ඒ දත් ගලවන්න ඕන කිව්වා නිසා දත ගැලෙව්වාට පස්සේ අම්මා ටික්ක අමාරුවෙන් හිටියේ. බේතුත් අරන් අපි ගෙදර එන්න පිටත් උනා. මම අම්මට කිව්වා අපි රෑට කෑම මොනාහරි අරන් යමු කියලා. එතකොට අම්මා කියනවා, එපා පුතේ,මම රෑට බත් උයලා තියලා අවේ කියලා. අනේ මගේ අම්මා………. 🥲 එයාට රෑට කන්න නැතත් අපි ගැන හැමදාමත් හිතනවා නේද කියලා හිතුනා. මේ සිදුවීම ඊයේ මට වෙච්ච සත්යය සිදුවීමක්. ඒ සිදුවීම මගේ හිතට තදින්ම දැනුන නිසයි මේ විදියට අකුරු කරන්න හිතුනේ. අම්මෙකුගේ ආදරේ ගැන කියන්න වචන මදි මට. ඒ තරම් ආදරයක් මේ ලොකේ අපිට කොහෙන්වත් හම්බ වෙලා නෑ. හම්බ වෙන්නෙත් නෑ. ඒක අමිල ආදරයක් .ඒ ආදරේ රැක බලා ගන්න එක අපේ වගකීමක්. ✍️ වින්‍යා ජයමහසර් ඕක ගන්නම ඕන කෝල් එකක්..තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඕක ආන්සර් කරන්න... මල්දෙනියගෙ පෝන් එක අතුලගෙ පෝන් එක ලේකම් ගෙ පෝන් එක යන පෝන් තුනම රින්ග් වෙයි.මල්දෙනිය පෝන් එක ආන්සර් කරයි.එතැන් පටන් කතාව...... මල්දෙනිය පෝන් එක ආන්සර කර පෝන් එක කනේ තබාගනියි.ඔහු හලෝ කියා අමතන්නටත් පෙර "මල්දෙනිය ඔහොම ඉන්න ජෙහාන් කියනනෙ මගේ මිනිහෙක් හදිසි වෙන්න යන්න එපා මන් ඔතනට එනගමන් ඉන්නෙ දැන්. අපි වැඩි වේදනාවක් නැතුව මේ ගේම් එක ඉවර කරමු යැයි පැවසූවේ දුරකථනය අනික් පසින් ඇමතූ තැනැත්තාය. ( මල් දෙනියට එතනම බිම ඉන්දුනි ජෙහාන් දෙස බලා සුසුමක් පිටක කල ඔහුට කිසිත් කතා කරගත නොහැකිව ගොලු වූවෙක් මෙන් සිටියේය. එවිට කට කොනෙන් සිනාවක් පෑ ජෙහාන් නැගිට ගේම් එක දන්න සර්ට මන් ගේම් එකේ රෑල්ස් කියල දෙන්න ඕන නෑනෙ සර් යැයි පවසා බිම දනගා සිටිදි ඇගේ හා අත්වල තිබූ දූවිලි ගැසුවේය. එවිට ටොයොටා ප්‍රාඩෝ වර්ගෙයේ මොඩිෆයි ජීප් එකක් ඇවිත් නැවත්වීය...) එලියට බැස ගත්තේ අතුලට මෙන් සමාන කලු උස මහත මිනිස්සු දෙදෙනෙකි ඔවුන් වාහනයේ පිටුපස දොර ඇර දිගු බොටම් එකක් ඇද තොප්පියක් හා සපත්තු දෙකක් දමා සිටින මල්දෙනිය මෙන් වයසක පුද්ගලයෙකු බැස්සවීය... ඔහු බැස මල්දෙනිය දෙසට ආවේය.. කොහොමද මල්දෙනියයැයි පවසාය. එවිට මල්දෙනියයගේ ලේකම් ඔහුට සර් යැයි පවසා ලේන්සුව ගෙන මුහුනේ දාඩිය පිස දාන්නට විය. ඉතින් මල්දෙනිය කොහොමද
අද පාර්ලිමේන්තුවේ දැක්ක කෙනා නෙමේනෙ දැන් මෙතන ඉන්නෙ. ම්ම් ඉතින් ජෙහාන් ඔයා මේ වැඩේට මල්දෙනියට අවුරුදු 4 ක් වැඩ කලාට මට මේ වැඩේ කරන්න ජෙහාන් අවුරුදු කීයක් වැඩ කලාද කියල දන්නෙ මායි ජෙහානුයි විතරයි අඩුම තරමෙ මගෙ පුතාවත් දන්නෙ නෑ යැයි ප්‍රාඩෝ එකේ ආ අමුත්තා පැවසීය. එවිට මල්දෙනියට සියල්ල වැටහීය මන් දන්නව සර් උන හැමදේම මන් ලග බැලුව විතරයි මට දුර බලන්න බැරි උනා මන් හිතුවේ මේ හැමදෙයක්ම අහම්බෙන් සිද්ද වෙච්ච දේවල් කියල මට ජෙහාන්ව හම්බු උනේ මන් ජන්දෙ දින්නට පස්සෙ දුන්න පාටි එකේ ඔස්ටින්ල එක්ක ඉද්දි මන් එදා ජෙහාන්ව දැක්ක ඔස්ටින්ලා එක්ක අමුතු කෙනෙක් වගේ ජෙහාන් මන් එදා ඇත්තටම හිතුවේ මේම අහම්බෙන් මුන ගැහීමක් කියල හිතුවෙ නෑ මේක අවුරුදු ගානක ප්ලෑන් එහෙක මුන ගැහීමක් කියල යැයි මල්දෙනිය පැවසීය..... ජෙහාන් කටහඩ අවදි කලේය... නෑ ගරු අගමැතිතුමා මේක ඇත්තටම අහඹු හමුවීමක් නෙමේ මේක අවුරුදු ගානක කැපකිරීම් ඉවසීම් වල මුනගැහීම්. ඔබතුමාට මම අවුරුදු 4 ප්ලෑන් එකක් ගැහුවට මම මෙතුමාව ගරු ජනාධිපතිපති තුමාව කරන්න මගෙ කැම්පස් ජීවිතෙන් පස්සෙ මේ දක්වා මගෙ මුලු ජීවිතේම කැප කලා මල්දෙනිය මහත්තයොයැයි ජෙහාන් පවසා කටකොනින් හිනාවක් පැවේය. මල්දෙනියගේ ලේකම් එවිට මැද්දට පැන මොකක්ද සර් මේ වැඩ මොනවද මේ මෙතන වෙන්නෙ අපබ්‍රංශ වැඩනෙ සර් මේවා.ගරු ජානාදිපති සර් මට මේ කිසිදෙයක් තේරෙන්නෙ නෑ මොකාද සර් මේ මූ යැයි ලේකම් ජෙහාන් දෙසට අත දිගු කර පැවසුවේය. එවිට ජනාදිපති පැවසුවේ ඔයාට විතරක් නෙමේ ලේකම් තුමා ඔයාගෙ හාම්පුතාටත් මේක හිතාගන්න බැරුව ඉන්නෙ.වැඩිය වේදනාවක් නැතුවම අපි මේක ඉක්මනට ඉවර කරමුයැයි ජනාධිපති පවසා ජෙහාන්ට පැවසුවේ සියල්ල කියන ලෙසය.......... ම්ම්ම් ජෙහාන් සිය කටහඩ අවදිකලේය.......... මල්දෙනිය මහත්තයො ඔබතුමාට මතකද 2002 ඒ කියන්නෙ අපෙ ජනාධිපතිපතිතුමායි ඔබතුමායි මහ මැතුවරනෙට තරග කලා පක්ෂ 2 කින් නේද. ඔබතුමාගෙ පක්ෂෙට ආසන 10 ක් ලැබුනා ඒකෙනුත් ඔබතුමා තමා වැඩිම මනාම ගත්තෙ පක්ෂෙන් නේද???? මල්දෙනිය මහත්තයෝ... යැයි ජෙහාන් පැවසුවේය. වැඩි වැල්වටාරම් නොකියා මාම කතාවට එන්නම්කො මල්දෙනිය මහත්තය. මම කැම්පස් එකේ ඉන්න කාලෙ ඒ කියන්නෙ 2000 දි මගෙ බැජ් එකේ හිටිය මගේ යාලුව තමා මේ අපේ ගරු ජනාධිපතිපතිතුමාගෙ එකම පුතා ප්‍රදීප් චමුදිත රාජකරුනා ඉතින් මන් නිතරම අපෙ ජනාධිපතිපති තුමාගෙ ගෙදර ගිහින් තියෙනව මීටින් වලට ගිහින් තියෙනව. ඒ කාලේ 2000 දි මෙතුමාගෙ පක්ෂෙ තමා ආණ්ඩු බලය තිබ්බේ ඔබතුමා හිටියෙ විපක්ෂෙ මල්දෙනිය මහත්තයා. ඉතින් අපෙ ජානාදිපතිතුමා ඒ කාලේ ධීවර ඇමති එතුමාගෙ පක්ෂෙන්. ඔය කාලෙදි මෙතුමට ආවා ලොකු චෝදනාවක් විපක්ෂෙන් ඒ කියන්නෙ ඔබතුමාගෙ පක්ෂෙන් හෙරොයින් ජාවාරමක් සම්බන්දව මතකද ඔබතුමත් මේකට මූලික වුනා ඔබතුමාගෙ පක්ෂෙන්. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් උඩු දිවුවා මීඩියා කාරයොත් මේක ලොකුවට ඇද්දා. ඉතින් මේක ලොකුවටම ඇදගෙන දැගලුවෙ ඔබතුමාලගෙ පක්ෂෙ කරන්නාගොඩ විතාරන මහත්තයා ඔබතුමාට මේව මම අමුතුවෙන් මතක් කරන්න ඔනෙ නෑනෙ මල්දෙනිය මහත්තයා.ඉතින් ඒක අපෙ ජනාධිපතිපතිතුමාට ඒ කාලෙ ලොකු හිසරදයක් උනා මේ ප්‍රශ්නෙ මට මේක කියුවෙ මගෙ යාලුව මෙතුමගෙ පුතා.මේක අපෙ ජනාධිපතිපතිතුමාලගෙ පවුලට ලොකු හිසරදයක් වෙලා තිබ්බේ එවලෙ මම මෙතුමාට කියුව මම මේක විසදලද දෙන්නම් කියල ඒක කියුව විතරයි මෙතුමා මට හිනා උනා නේද ජනාධිපතිපතිතුමා මට තාම මතකයි ඔබතුමාගෙ ඒ හිනාව. එවලේ ජනාධිපතිපති අද මම මට හිනා වෙනව ජෙහාන් එදා ඒ ඔයාට හිනා උනාට යැයි පැවසුවේය. එවිට කට කොනෙන් සිනාවක් පෑ ජෙහාන් ඉතින් මම හොදට දැනන් හිටියා කරන්නාගොඩ මන්ත්‍රී කාරයා ගෑනු පෙරේතයා කියල ඌ වැඩියෙන්ම ආස කල එක ගෑනියෙක් හිටියා ඒ තමා ඌගේ පෞද්ගලික ලේකම් වසුන්දරා විජේසුන්දර ඒ ගෑනි තමා මුගේ හොරගෑනි වෙලා හිටියේ ඒක ඒකාලේ මේ හැමෝම දැන්නන් හිටි දෙයක් ඉතින් මට ඕන උනේ වසුන්දරා ලවා කරන්නාගොඩව මේ ප්‍රශ්නෙන් අයින් කරලදාන්න. කර්න්නාගොඩ ඒ වෙනකොට සාක්ෂි එකතු කරමින් හිටියෙ මෙතුමාට විරුද්ධව හෙරොයින් සම්බන්දව කොහොමත් මිනිහ මේ ගැන හොයාගන්නව කියල අපි දන්නව ඒක නිසා මම කලේ වසුන්දරාට HIV AIDS හදන එක මට ඕනෙ උනේ කර්න්නාගොඩයව මුලු සමාජෙන්ම කොන් කරල දාන්න අපේ කැම්පස් එකේ කොල්ලෙක් හිටිය පිටකොටුවෙ ගණිකාවො ආශ්‍රය කරන මේ කොල්ලට HIV හැදිලා ගොඩක් මානසිකව වැටිල හිටියෙ. ඉතින් මම මේ කොල්ලව පාවිච්චි කලා මේ වැඩේට මල්දෙනිය මහත්තයා මම ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ ඔබතුමාට ඔබතුමාල ඒ කාලේ මීඩියා හරහා ප්‍රචාරය ඇරියේ කර්න්නාගොඩ මන්ත්‍රී තුමා හාර්ට් ඇටෑක් එකක් හැදිලා නැති උනා කියලනෙ .ඒත් අපි තමා දන්නේ කරන්නාගොඩ මන්ත්‍රීතුමා මැරුනේ මොන ලෙඩේ හැදිල විදවලද කියල . මහත්තයො තමන්ගෙ කුණු තියාගෙනෙ අනුන්ගෙ කුණු අදින්නෙ විදවල මැරෙන්නෙ ආස උන්. දැන් බලන්නකො ඔබතුමාත් මගෙන් වැඩක් කරන් අන්තිමට මට කෙලවන්න ආවා මල්දෙනිය මහත්තයො මෙච්චර දෙයක් කරල ආණ්ඩු පෙරලපු මට ඔබතුමා මට මෙහෙම කරයි කියල දැනෙනයි කියල හිතන්න ඔබතුමාට හිතන්න පොඩි හරි මොලයක් තිබ්බෙ නැද්ද... ජනාධිපතිපති කටහඩ අවදිකරමින් පැවසුවේ ඉතින් මල්දෙනිය 2000 ඉදන් මම දින්න මේ හැම මැතිවරණයක්ම පිටිපස්සෙම ජෙහාන් හිටියා ජෙහාන් කියන්නෙ මගෙ ජනාධිපතිපති උපදේශක නිල නොලත් උපදේශක යැයි පැවසුවේය. ජෙහාන් මේක මල්දෙනියට ඉක්මනට කියල දාන්න මේතන ගොඩක් වෙලා ඉන්න බෑ ජෙහාන් දැන් හොදටම කාලේ ගෙවිලා ගියා. හරි ජනාධිපතිපතිතුමා මන් මල්දෙනිය මහත්තයට ඉක්මනට කියන්නම්.ඉතින් මල්දෙනිය මහත්තයො ඔබතුමා කර්න්නාගොඩ මන්ත්‍රී තුමාගේ මරනෙන් පස්සෙ ඔබතුමා ඒ තැන ගත්තා. ඉතින් අපිට තේරුනා ඔබතුමා කරන්නාගොඩ වගේ නෙමේ වෙනස්ම චරිතයක් කියල ඔබතුමාගෙ වීක් පොයින්ට්ස් කිසිම දෙයක් තිබ්බේ නෑ ඉතින් අපි දැනැන් හිටිය ඔබතුමා අපේ ජනාධිපතිපති ඒ කියන්නෙ සජිත් රාජකරුණා මහත්තයට ලොකු බලපෑමක් කරනව කියල ඉදිරි කාලෙදි මෙතුමාට ඕනෙ උනා ඔබතුමාව දේශපාලන ගමනින් ඉවත් කරන්න ඔබතුමාට ආයි දේශපාන ජීවිතේට එන්න බැරි වෙන්නම හැබැයි ඒකෙදි මල්දෙනිය මහත්තයගෙ ජීවිතේට කිසිම කරදරයක් කරන්න එපා කියල මට මෙතුමා කියුව. ඉතින් ඔබතුමාට ලන් වෙන්න තමා මන් එදා ඔස්ටින් අයියගෙ රේස් බුකියෙ තුන්ඩු ලියන්න ගියෙ මොකද ඔබතුමාගෙ ඔක්කොම ජඩ වැඩ මැර වැඩ කරන්නෙ ඔස්ටින් කියල අපි දැනන් හිටියා ඉතින් මට ඕනෙ උනේ ඔස්ටින්ට ලන්වෙලා ඒ හරහා ඔබතුමාට ලන්වෙන්න ඉතින් ඒ ක ඉක්මන් කලේත් ඔබතුමාම තමා මන් ඔස්ටින් අයියාවත් මේ ගේම් එකෙන් අයින් කරල දැම්මේ ඒක නිසා. ඔස්ටින් අයියා දැනන් හිටියා ලාවට බැරල් සුනිල් ගැන ටිකක් ටිකක් . මිනිහා අල්ලන් ඉන්නෙ ලොකු අත්තක් කියල දැනන් හිටියත් ඔස්ටින් දැනන් හිටියෙ නෑ ඒ ලොකු අත්ත අපේ ජනාධිපතිපති කියල ඒ දේ දැනගෙනෙ වැඩේ කෙලවන්න කලින් තමා මන් ඔස්ටින්ට ගේම දුන්නෙ මල්දෙනිය මහත්තයො. තව දෙන්නෙක් ඉන්නව මට මේ වැඩේට උදවු කල පොඩ්ඩක් ඉන්න ඒ දෙන්නවත් මෙතනට ගෙන්නනකම් මල්දෙනිය මහත්තයො කියා ජෙහාන් ජංගම දුරකතනය ගෙන කතා කර වරෙන් වරෙන් යැයි පවසා කට් කර සාක්කුවේ දමාගත්තේය. ඉන්පසු ඉසුසු කැබ් රථයක් පැමින ඉන් දෙදෙනෙක් බැසගත්තේය.වරෙන් ප්‍රියන්ත වරෙන් ආනන්ද යැයි පැවසුවේය.මේ ඉන්නෙ මට මේ වැඩේට උදවු කල ප්‍රදාන පුරුක් දෙක ප්‍රියන්තනම් කිසිම දෙයක් නොදැන තමා මේ වැඩේට සම්බන්ද උනේ. ඒත් ආනන්දව මන් කැම්පස් එකේ ඉද්දිමයි කම්කරු එක්සත් පෙරමුනට දැම්මේ මොකද මන් දැනන් හිටියා මේ වැඩේට මට මේ පක්ෂෙ උදවු ඔනෙ වෙනව කියල ඒත් මන් ඒ පක්ෂෙන් උදවු ගන්න හිතුවෙ මගේ මිනිහෙක් ඒ පක්ෂෙටදාල ආසනයක් දීල ඒමනුස්සය හරහා පක්ෂෙ මන් කියවන විදිහට නටවන එක ඉතින් ආනන්ද සහෝදරයා ඒක හොදට කලා මන් ප්‍රියන්තව දාල කරන්න ගියෙත් පක්ෂෙ තීරන මුන්දෙන්න ලවා මට ඕන විදිහට කරගන්න එක.ඒත් මල්දෙනිය මහත්තයා බහුතරේ ගන්න මට මේ පක්ෂෙ කැමත්ත අරන් ඉල්ලල මට මේ වැඩේ ලේසිකලා.ඇත්තටම මල්දෙනිය මහත්තයො මට ඔබතුමටා අවුරුද්දකින් මේ වැඩේ කරල දෙන්න තිබ්බා මන් මේකට අවුරුදු 4 ක් ගත්තේ අනික් පක්ෂෙටත් කෙලල ඒකෙන් ඉස්සරහට වෙන්න තියෙන කරදරේ ඉවරකරල දාන්න ඔබතුමා මට පොටක් පාදල දුන්න නිසා. මල්දෙනිය මහත්තයො ඒකට තමා කියන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාවනව කියල. ඉතින් මල්දෙනිය දැන් ජෙහාන් ඔයාට සේරම විස්තර කියුවනේ ඔයාට ඊලගට වෙන්න ඕන මොකක්ද කියල කියන්න ඕන නෑනේ අපි ලග ඔයා අගමැති කම ගන්න ජෙහාන්ට කම්කරු එක්සත් පෙරමුණේ කැමැත්ත ගන්න මේ වැඩේ බාරදුන්න එකේ ඉදන් මේ දක්වා කරපු සියලු වැඩ වල සාක්ෂි තියෙනව. ඉතින් මල්දෙනිය ඔයා අගමැතිකමෙන් ඉල්ලා අස්වෙලා දේශපාලන ගමනෙන් ඉවත්වෙමු ඔයා දේශපාලනේ ඉන්න එක මගෙ ඉදිරිගමනට බාධාවක්. මන් දවස කියන්නම් මන් මල්දෙමියට ඇඩ්මිට් වෙන්න හොස්පිටල් එහෙකුත් ලෑස්ති කලා සින්ගප්පූර් වල ජෙහාන් කියපු විදිහටම. ඉතින් මල්දෙනිය මල්දෙනියට මේ දේ කරන්න වෙනව මන් මල්දෙනියගෙ අගමැතිකම මගේ මල්ලිට දෙන්න ඉන්නෙ ඒ කට ජෙහාන් සෙරම ලෑස්ති කරල තියෙන්නෙ සියලු පක්ෂ වල කැමැත්ත ගන්න එක. ඉතින් ප්‍රියන්ත ඔයා අද ඉදන් ආණ්ඩු පක්ෂෙ ඔයාගෙ සීට් එක මන් රෙඩි කරල තියෙන්නෙ.ඉතින් ආනන්ද ඔයා තමා හෙට ඉදල එක්සත් කම්කරු පෙරමුණේ නායකයා. එහෙනම් මල්දෙනිය මන් මේක වැඩි වේදනාවක් නැතුව ඉවර කලා යැයි ජනාධිපතිපති පැවසුවේය................. නිමි කතාව :- මධුෂික හංසජිත්. අත කඩාගෙන ලියුවා ඔන්න ඔයාල සේරටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ කෝල් එක කාගෙන්ද ආවේ. මගේ දේශපාලන දැනුමනම් බින්දුවයි ඒක නිසා කතාව ටිකක් ගොබ්බ ඇති ඒත් හිතල උපරිම ලියුව හොදනම් ලයික් එක්ක කොමෙන්ට් එකක් දාලා යන්න. අවුල්නම් 😕 බැනල යන්න .ජයවේවා!!!!!**ආදරණීය හැඟීම් ඇති කාරුණික අයකු වන්න.....** **හොඳින් සවන් දෙමු** බොහෝ දෙනෙකුට ප්‍රිය, ඇසුරට කැමති වන ආදරණීය අයෙක් වීමට අප තුල තිබිය යුතු තවත් ගුණාංගයක් වෙන්නේ **හොඳින් සවන්දීමයි.** යමක් කනට ඇසෙන නිසා අසාගෙන සිටීමත්, කෙනෙකුට හොඳින් සවන් දීමත් යනු සම්පූර්ණයෙන්ම වෙ
නස් ක්‍රියාවන් දෙකක්. උදාහරණයකට කෙනෙක් ඔහුගේ බිරිඳ කියනා දේවල් අසා සිටින බව පෙන්වමින් රූපවාහිනියේ ක්‍රිකට් තරගයක් නරඹන අවස්ථාවක් ගත හැකියි. ඒ වෙලාව තුල ඇය කියූ කිසිම දෙයක් හිතට නොගෙන සම්පූර්ණ අවදානය ක්‍රිකට් තරගය මත පවත්වා ගනියි. නමුත් ඇය කියන දේ ඔහුට ඇසෙයි. ඔහුම රාත්‍රී ආහාර ගනිද්දී බිරිඳ කියන දෙය ආහාර ගැනීමද නවත්වා ඕනෑකමින් අසා සිටියි. තේරුම් ගැනීමට ඉඳහිට ප්‍රශ්නයක්ද අසයි. ඔහුගේ මුහුණේ ඉරියව්ද එම කතාව අනුව වෙනස් වේ. මෙය හොඳින් සවන් දීම කියාත් පෙර අවස්ථාව, ඇසුන නිසා අසාගෙන සිටීම ලෙසත් වර්ග කරන්න පුලුවන්. හොඳින් සවන් දීම වැදගත් වන්නේ ඒ තුලින් අපට වඩා හොඳ සන්නිවේදකයන් වීමට ඉඩ ලැබෙන නිසාත්, අන් අයව වඩා හොඳින් තේරුම් ගැනීමට හැකි වන නිසාත්, අපට නිවැරදි තීරණ ගැනීමටත්, තවත් කෙනෙකු මානසික අවපීඩන තත්වයට පත් වන්නට නොදී ගලවා ගැනීමට ඒ හරහා අපට පුලුවන් වන නිසාත්ය. ඇත්තෙන්ම හොඳ සවන් දෙන්නන් අප අවට සිටී නම් විෂාදය නිසා සිය දිවි නසා ගන්නන්ගේ ප්‍රමාණය බොහෝ අඩු වෙනු ඇත. ඒ වගේම සමහර විට ඔබත් අත් විඳ ඇති මා කියන්නට යන මේ සිදුවීම. අපට යම් ප්‍රශ්නයක්, හිතට වද දෙන දෙයක් ඇති වී ඒ ගැනම හිත හිතා දුක් වෙවී ඉන්න වේලාවට කවුරු හරි ලැබුනොත් එය කියා ගන්න, ඒ පුද්ගලයා හොඳින් අහගෙන ඉන්නවා නම් ප්‍රශ්නය කියාගෙන යද්දි හුඟක් වෙලාවට අපට උත්තරය අපේ හිතෙන්ම එළියට එනවා. අඩුම තරමින් හරියටම පිළිතුරක් නැතත්, ඒ තරම් දුක් විය යුතු දෙයක් නොවෙයි කියා අපටම හිතෙනවා. එහෙම වෙන්නේ පිළිවෙලක් නැතිව මනස පුරාම එකතු වෙලා තියෙන පැටලුනු නූල් බෝලයක් වගේ සිතුවිලි, අපි ඒ දේ කාට හරි විස්තර කරලා කියන්න නම් හිත ඇතුලෙන් පිළිවෙලකට පෙල ගස්වාගන්න නිසා. ඒ විදියට පිළිවෙලකට අපේ හිත් ඇතුලෙම කරුණු පෙල ගැහුනාම අපටම හිතන ආකාරය යම් දුරකට පැහැදිලි වෙලා ඒ දෙස වෙනස් විදියකට බලන්න පුලුවන් වෙනවා. ඉතින් අර අපි කතාව කියන්න තෝරා ගත්ත තැනැත්තා තවම අපට වචනයක්වත් කියලා නැති වුනත් අපටම සම්පූර්ණයෙන් උත්තරයක් නැතිවුනත්, යම්කිසි විසඳුමක් හිතට දැනෙනවා. ඇහුම්කන් දීමට සූදානම් වීමම ලොකු උදව්වක් නැත්නම් සහනයක් වෙන්නේ මේ නිසයි. හොඳින් සවන් දෙන්නෙකු වීමට නම් අපතුල මේ ගුණාංග පිහිටිය යුතුයි. · සම්පූර්ණ අවධානය කතා කරන තැනැත්තාට ලබා දීමට හැකි වීම · කතා කිරීමට අවශ්‍ය වේලාව වෙන් කර ගැනීමට පුලුවන් වීම · වාචික නොවන සන්නිවේදනයේ ඇති දක්ෂතාවයන් (ඇස් දෙස බලා කතා කිරීමට හා තේරුම් ගැනීමට හැකිවීම, සිරුරේ ඉරියව්වලින් අනෙක් තැනැත්තා කියන දේ තේරුම් ගැනීම සහ ඒ බව ඉඟි කිරීමට හැකිවීම වැනි දේ) · අපේ අදහස් විවේචන ඉදිරිපත් කිරීමට ඉක්මණ් නොවී, කතාවේ ගලා යාමට බාධා නොකර ඉවසීමෙන් අසා සිටීමට හැකිවීම · කතා කරන පුද්ගලයා වචනවලින් නොකීවත් මුහුණෙන් පෙන්වන හැඟීම්වලින් සහ අනිකුත් අංග චලනයන් ගෙන් කියැවෙන කතා තේරුම් ගැනීමට ඇති හැකියාව · අපැහැදිලි තැන් වඩා හොඳින් තේරුම් ගැනීමට කතාවට අදාලව නිසි ප්‍රශ්න ඇසීමේ දක්ෂතාවය · පරණ සිදුවීම් හෝ වෙනත් අයකුගේ මේ කතාවට සමාන වෙනත් සිදුවීමක් හෝ පිළිබඳව කතා නොකර විවෘත මනසකින් සවන් දීමට හැකිවීම · මුලු කතාවම හිතෙන් ඉක්මණින් සාරාංශගත කර ගැනීමට හැකිවීම · ඇහුම්කන් දුන් කතාව පිළිබඳව සමබර අදහසක් ප්‍රකාශ කිරීමට, නිවැරදි උපදෙසක් දීමට හැකිවීම ඉහතින් දැක්වූ ගතිගුණ ඔබ සතු නම් දැනටමත් ඔබ, සවන් දීමේ කලාව ප්‍රගුණ කළ අයෙක්. එසේ නම් අන් අය ඔබ සමග සැහැල්ලුවෙන් කතා කිරීමටත්, ඔබ හා කාලය ගත කිරීමටත්, ඔවුන්ගේ ජීවිතවල ඇති යම් පුද්ගලික කාරණා ඔබ සමග කීමටත් පෙලඹෙනු ඇති. හොඳින් සවන් දීමෙන් අපටත් අන් අයටත් ලැබෙන හොඳ ප්‍රතිඵල වන්නේ: · අපවටා සිටින අය එනම් පවුලේ සාමාජිකයන්, මිතුරු මිතුරියන්, රැකියා ස්ථානයේ එකට සිටින කණ්ඩායමේ සාමාජිකයන්, අසල්වාසීන්, නෑදෑයන් වැනි හැම දෙනාම සමග පවත්වන සම්බන්ධතා වඩා විශ්වාසනීය සහ ශක්තිමත් බැඳීම් බවට පත්වීම. · ප්‍රශ්න විසඳීම පහසු වීම හෝ ප්‍රශ්න ඇති නොවන ලෙස වැඩ කිරීමේ හැකියාව ලැබීම · ඉදිරියේදී සිදුවිය හැකි ප්‍රශ්නයක් හෝ අවදානය දිය යුතු සිද්ධියක් පිළිබඳව කල් තියාම දැන ගැනීමට හැකි වීම · අපගේ දැනුම, බුද්ධිය, රසඥතාවය වැඩි දියුණු කර ගැනීමට හැකි වීම සහ අනෙක් අයටද එසේ දියුණු වීමට අවස්ථාව ලැබීම · රැකියා කරන ස්ථානයේ දී හෝ සමාජයේදී වඩා හොඳ නායකයෙක් හෝ නායිකාවක් ලෙස පිළිගැනීම අපට බොහෝ වෙලාවට අන් අයව තේරුම් ගැනීමට නොහැකි වී ප්‍රශ්න ඇති වන්නේ ඔවුන් කියනා දේට නිසි ලෙස ඇහුම්කන් නොදෙන නිසයි. එසේ වන්නේ අප යමක් අසා සිටින්නේ ඒ දෙය තේරුම් ගැනීමට වඩා ඊට පිළිතුරු දෙන්නේ කොහොමද කියා සිතමින් ඉන්නා බැවින්ය. ඉතින් අපේ මනස වෙනත් කාර්යයක, එනම් කතා කරන තැනැත්තාට දිය යුතු පිළිතුර සිතේ ගොඩ නගමින් සිටින නිසා, කියූ කතාවෙන් වැඩි කොටසක් අපේ මනසට ඇතුල් වෙන්නෙ නැහැ. අප වටා සිටින අයගේත් අපේත් ජීවිත වඩා යහපත් වන්නට සුන්දර වන්නට හොඳින් සවන් දීම පුරුදු පුහුණු වෙමු. එතනින් නොනැවතී අන් අයද මේ පුරුද්ද ඇති කරගැනීමට පොලඹවා ගනිමු. එවිට මේ සමාජය සුන්දර කිරීමට අපත් දායක වූවා කියා සතුටු වන්නට හැකි වෙනු ඇත. යමුනා සරෝජනී ගුණවර්ධනහැමෝම වගේ කතාවේ ඊට පස්සේ මොකද උනේ කියලා අහලා තිබ්බා. ඉතින් මේ බොහොම කෙටිකරලා ලිව්ව ඉතිරි ටික. මනමාල පාර්ශවේ ගියාට පස්සේ එදා යාළුවගේ තාත්ත යාළුවාව කාපු නැති ටික විතරයි. බනිනවා බනිනවා 'දරුවෝ අපිට සලකන විදිය හරිම හොදයි, පන පිටින් මාව පිච්චුවා ය' කිය කියා එකම යමතයයි. අපේ අයියත් ආවාට පස්සේ වෙච්ච සන්තැසිය අයියට කිව්වා. අයියනම් ෂේප්. මාව මැරුවත් හොයාගත්ත සල්ලාලයෙක් නම් බදින්න දෙන්නේ නෑ කියලා තාත්ත අඩි හප්පනවා. යාලුවා හොටු පෙර පෙර අඩනවා. අම්මත් එහෙමයි. පස්සේ කොහොම හරි අපේ අයියා තත්ත්වේ සමනය කරලා අංකල් මේවා මෙහෙම විසදන්න පුළුවන් එව්වා නෙවෙයි කියලා තත්ත්වේ සමාදාන කලා. දැන් එකම පිස්සුවයි. ගෙදර මිනිස්සු තුන්දෙනා එකිනෙකාට රවා ගන්නවා. මුලු තුනකට වෙලා ඉන්නවා. මේ විදියට මේ තුන්දෙනා දාලා යන්නත් බැරි නිසා අයියා මම තියලා යන්නයි හිතුවේ. යාළුවා අයියා දිහා බලාගෙන ඉන්න බැල්ම නිකන් 'අනේ ඉදපන් මගේ අයියේ අයියා ගියාම අයෙත් පටන් ගනී' වගේ එකක්. ඒ උනාට අයියට ඉන්න බැරි නිසා මාව තියලා තමයි අයියා ගියේ. කොහොමින් කොහොම හරි තුන් දෙනාගේ වාද විවාද ගෙරවිලි ඉවරයක් නෑ. හොද්දට හිදෙනකන් කොහේ ගියත් ඉන්න හොද නෑය කියනවනේ. මම ඉතින් පහුවදාම ආවා. එද්දී අම්මයි අයියයි ඉස්සරහම පුටු දෙකක ඉදගෙන. ගෙදරට අඩියක් තියන්න හම්බුනේ නෑ අපේ අම්ම අහපි 'ඈ චූටි මනමාලයා හැඩද කියලා'. මට ඉතින් නෝන්ඩියයි හතර විලි ලැජ්ජාවයි ඇරෙන්න වෙන අර්බුදයක් නම් නෑ. එහෙම උනාට යාළුවගේ ගෙදර යුධ වාතාවරණය එහෙමමයි. මොකා එක්කද නටන්න තියාගත්තේ කියලා අර කොල්ලගේ ගෙදරත් ගිහින් ශුද්ද සිංහලේ සියුම් වචනින් පවා සංග්‍රහ කරලා ආවා. නොසන්ඩාලයන්ට මගේ කෙල්ල දෙන්නේ නෑය, ගඟේ මුහුදේ දැම්මත් කෙල්ල දෙන්නේ නෑය, මම ජිවත් වෙලා ඉන්නකන් වෙන්න දෙන්නේ නෑය, කියල පොළොවේ පස් කාලා ඇවිත් තිබුනා. ඒ අස්සේ අර මනමාල කුරුල්ලා අයියගෙන් විස්තරේ දැනගෙන, මගේ වයසත් අහලා. බලන් ගියාම ඉතින් ඒ පුරුෂයා වැරදිත් නෑ. හෙප්පුව අරන් ආව කෙල්ලටනේ ලයින් කරන්නේ. තනිකඩව හිටපු මට සියුම් කිචියක් නොආවම නෙවෙයි. හැබැයි පෙන්නුවේ නෑ. කාලයත් එක්කම කොහොමින් හරි ගොඩක් දේවල් වෙනස් උනා. යාළුවගේ තාත්තගේ දරදඩුකම් තරමක් දුරට අඩු වුනා. ටික ටික වයස යනවත් එක්ක සමහර දේවල් වෙනස් වෙන්න ඇති. ඉතින් හරියටම ඊට අවුරුදු හතරකට පස්සේ මුල්ම වතාවට යාළුවගේ ගෙදරට පය තිබ්බ අර මනමාල කුරුල්ලා දෙවෙනි වතාවටත් ගොඩ උනා වෙඩින් කාඩ් එකක් අරන් මගෙත් එක්කම. ඒ යද්දී කියන්නත් දුකයි, පැත්තක තිබුණු ටැප් එකක් ගාව 'නොසන්ඩාලයන්ට මගේ කෙල්ල දෙන්නේ නෑය, ගඟේ මුහුදේ දැම්මත් කෙල්ල දෙන්නේ නෑය, මම ජිවත් වෙලා ඉන්නකන් වෙන්න දෙන්නේ නෑය,' කිව්ව යාළුවගේ තාත්තා, යළුවටයි සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයටයි දාව උපන් දහඅට මැසති හීන් ගැටයෙකුගේ පස්ස හෝදනවා. අතීත විත්ති සිනමාවක් වගේ මැවෙද්දී මමයි මනමාල කුරුල්ලයි එදා මනමාල කුරුල්ලා ඉදගත්ත සොෆාවේ කොනකට බර දුන්නේ තනි ඇහැකට කදුලක් පිරෙද්දී. UK Jayakodi (ජායා)පුතාගෙ කවිය.. අපි වෙමු දරුවන් මල් වගෙ ලස්සන සෙල්ලමටම හිත යන්නෙ තිස්සෙම මව්බස ගණිතය පරිසර ආගම අමතක වෙනවා ගුරුතුමි නැතුවම චක්කරෙ නැත්නම් ගණිතය ලේසිය පරිසරෙ තියෙනවා ලෝකෙම ඔක්කොම ඉංගිරිසිනම් කජු වගෙ ලේසිය රචනා කියන්නෙ කරවිල වාගෙය. පාසල් බෑගය පිටලා ගත්තම සඳ ගමනට යනවා වාගෙලු මම වැඩිකල් නොගිහින් අද හෙට ලගදිම සීයෙක් වාගේ කුදු වේදෝ මම පාසල් ඇරිලා හවසට එනකොට හෙටනම් බෑ කියලා හිතුනත් මට පාසල් යන එක මට මහ සැපතකි අම්මට තාත්තට ඇති වැඩ දැක්කම අසංක දිලූෂාරමූසිල හෙක්ටර් ගෲප් ඔෆ් කම්පැනීස්හි අලුත් ශාඛාවට කළමනාකරුවෙක් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය පැවතියේ ගිය සතියේය.ආයතන ජාලයේ හැම ආයතනයකින් ම පරිණත නිලධාරීන් එයට පෙනී සිටියහ.ඉල්ලා තිබූ සුදුසුකම් වලට ජේෂ්ඨත්වය ඇතුළත් නොවූයෙන් නවක නිලධාරීන් කීප දෙනෙක්ගේ මුහුණු ද ඒ අතර දක්නට ලැබීම සමහරුන්ගේ උපහාසයට ලක් ව තිබිණි.සඳුදා සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වූයේ බොහෝ දෙනෙක්ට විස්මයක් වෙමිනි. "ආරංචිද?" "ඇත්තමද?" "මාර වැඩක් නේද?" "කොහොමද එහෙම වුණේ?" "ඕක නම් මොකක් හරි මගඩියක් තමා" "ලොකු සර් හිටියා නම් කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.නවෝජ සර් වැඩ බාර ගත්තයින් පස්සෙ තමා මේ අලුත් පැටන්" කටින් කට හැමතැනම කියවුණේය. මේ සියල්ලට හේතුව වූයේ අදාල තනතුරට තෝරාගත් කෙනා නිසාය. ඒ, සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අඩුම පළපුරුද්දක් ඇති නිලධාරියා වූ අකලංකය. "අපි හැමෝම ඕකාට වැඩ කරන්න කියා දීලා තියෙනවා.මිස්ට සිල්වා කොච්චර නම් හොඳට හැම වැඩක්ම කියල දීලා තියෙනවාද?එද්දි යන්තම් ඩේටා ටිකක් එන්ටර් කර ගන්න විතරයි දැනන් හිටියෙ" "හහ්......අපෙන් ඔක්කෝම වැඩත් ඉගෙනගෙන අපිවම කපාගෙන ඌ
මුදුනා වෙලා.රජ කාලේ විතරක් නෙවේ දැනුත් ඉන්නවානෙ මූසිලයෝ." "ඇත්තම තමයි අකලංකයා නම් නියම මූසිලයෙක්" "මං නම් කියන්නෙ මිස්ට සිල්වාට කෙළින්ම මැනේජ්මන්ට් එකෙන් ගිහින් අහන්නයි තියෙන්නෙ.වැඩිම සර්විස් එකක් තියෙන කෙනා වෙලා ඒ මනුස්සයාට නොදී වැඩට ඇවිත් අවුරුදු දෙකක් නැති,ඊටත් මිස්ට සිල්වාගෙ යටතෙ හිටිය කෙනෙක් කොහොමද එයාට වඩා හොඳ වුණේ?" මෙවන් මති මතාන්තර උපදෙස් ද එහා මෙහා වූයේය. "දවල් ලොකු සර් එනවලු........ස්පෙෂල් මීටින් එකක්!!"නොනිල ආරංචි ගොඩ අතරට නිල නිවේදනයක් විදුලි වේගයෙන් ආවේය. "අනිවා සර්ට ආරංචිය ගිහින් ඇති. ලොකු සර් මේවා බලන කාලෙ නම් ඔහොම දේවල් වුණේ නෑ." "යස වැඩේ මූසිලට.බලමුකෝ"එවර තවත් ප්‍රතිචාර ලැබුණේය. ඒ කිවු ලෙසින් ම දවල් විවේකයේ දී විශේෂ රැස්වීමක් කැඳවා තිබුණේය. හෙක්ටර් මහතාගේ දකුණින් නවෝජ මහතා අසුන්ගෙන සිටියේය. වමින් අකලංක ඉඳගෙන සිටියේ බොහෝ දෙනෙක්ගේ රැවුම් ගෙරවුම් ලබමිනි. හෙක්ටර් මහතා කෙලින් ම කතාවට බැස්සේය. " පුතාට මෙහෙ මැනේජ්මන්ට් එක බාර දුන්නට පස්සෙ මම සතියට දවස් කීයක් මෙහෙ එනවද කාටද කියන්න පුළුවන්?" හැමෝම එකිනෙකාගේ මුහුණු බැලූහ. මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට පවා බොහෝ වේලාවට ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වන ඔහු මාසෙකට සැරයක්වත් මෙහි ආ බව කිසිවෙක් දැක නැත. ".......කීයටද මෙහෙ එන්නෙ?......" ප්‍රශ්නය තවත් අමාරු විය.එහෙත් පිළිතුරක් දන්නෙක් හෝ දෙන්නෙක් නැත. ටික වේලාවක් බලා සිට ඔහු ම කතා කළේය. ........ඔව් ඔයාලා දැන ගන්න විදියක් නෑ. සතියකට දවස් දෙකක්වත් මං මගෙ හැම ආයතනයකටම යනවා.......... මෙහෙට එන්නෙ රෑ හයත් අටත් අතර.........ඇයි ඒ?? .........ඔයාලට මේක සතියෙ දින පහේ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කරලා පඩි ලබන ආයතනයක් විතරක් වුණාට මේ මම අවුරුදු ගානක් දුක් මහන්සියෙන්,වෙර වීරියෙන් ගොඩ නගපු මගෙ දරුවෙක්. .....සෙකියුරිටි ඔෆිසර්ලාටත් මග ඇරුණ අගුල් දාන්න අතපසු වුණ දොරක්, ජනේලයක්,බාගෙට වහපු ටැප් එකක්, ඕෆ් කරන්න අමතක වුණ බල්බ් එකක්, ෆෑන් එකක් තිබුණොත් ඒ ඇති බිස්නස් එකක් කඩා වැටෙන්න...... එහෙම එන හැම දවසෙම මුළු ආයතනයම අඳුරේ තිබුණත් දෙවෙනි තට්ටුවේ තුන් වෙනි කැබින් එක රෑ අටටත් බල්බ් පත්තු කරන් වැඩ........ සියලු දෙනා එහා මෙහා බලති.කාගෙද ඒ කැබින් එක?මිස්ට සිල්වගෙ නේද??" මතුරති. "මේක මං එන දවස් කලින් දැන ගෙන වෙන දෙයක් ද කියල මං සීසීටීවී බැලුවා......නෑ මං නොඑන දවසටත් ඒ කැබින් එකේ තවත් රෑ වෙනකලුත් වැඩ......... කාර්‍යාලයේ සීසීටීවී දර්ශන ඔහුට නිවසේ සිට නැරඹිය හැකි බව අමතක වී සිටි පිරිසට වායු සමීකරණය ඇතුලේත් සියුම් දාඩියක් නැගුණේය. ........කවුද මෙහෙම වැඩ කරන්නෙ" හෙක්ටර් මහතා අසද්දී සියල්ලෝ අනේ අපි නම් එහෙම කරන්ට් නාස්තියක් කරන්නෙ නෑ........කියන්න ලෑස්තියෙන් සිටියහ. "ඒ තමයි මේ අකලංක" එවර සියළු ඇස් මෙතෙක් ඔහුගේ වම්පසින් ඉඳගෙන සිටි අකලංක වෙත යොමු විය. "මොනවද අකලංක ඒ තරම් රෑ වෙනකල් කරපු වැඩ?" ඔහු එවර අකලංකගෙන් ඇසුවේ අනෙක් අයගේත් හිත් වල තිබූ ප්‍රශ්නයකි. "ඔෆිස් එකේ වැඩ තමා සර්" අකලංක මුල් වතාවට කතා කළේය. "ඔෆිස් ටයිම් එකේදි ඉවර කරන්න බැරි තරම් වැඩ මෙහෙ තියෙනවද?කවුද අකලංකගෙ ඉමීඩියට් බොස්?" "මම සර්......"එවර සිල්වා මහතා හඬ අවදි කළේය. "මෙයා මෙහෙම රෑ කරන්ට් නාස්ති කරන් වැඩ කරන්නෙ ඔෆිස් ටයිම් එකේ වැඩ කරන්නෙ නැද්ද? වැඩ කරන වේගය මදිද?......නැත්නම් සීනියර්ලා දෙන වැඩ ප්‍රමාණය වැඩිද?" සිල්වා මහතා පිළිතුරක් සොයා එහා මෙහා බැලුවේය.ඇත්තම හේතුව තුන්වන කාරණය බව ඔහු දනියි.අනිත් අතට ප්‍රධානියා යමක් අහන්නේ උත්තර නොදැන නොවේ. "අකලංකට මොනවද ඒ ගැන කියන්න තියෙන්නෙ?" "මං........ඔෆිස් ටයිම් එකේ වැඩ නොකර ඉන්නෙ නම් නෑ සර්" එවර ප්‍රධානියා තම පුතා දෙස බැලුවේය. "මං කාලයක් නෝට් කළා සීනියර්ස්ලා වැඩ උගන්වන මුවාවෙන් ජූනියර්ස්ලාට ඉවර කර ගන්න බැරි තරම් වැඩ කන්දක් දෙනවා.ඩෙඩ්ලයින් එක වෙනකල් අමතක වුණ වැඩ, කවුරුත් බාර ගන්නෙ නැති ඇදි ඇදී යන එපා කරපු වැඩ, ........ජූනියර්ස්ලා මහ රෑ වෙනකල්, නිවාඩු දවස් වල පවා ඒ වැඩ කරලා බාර දුන්නම ක්‍රෙඩිට් එක ගන්නෙ සීනියර්. අර ජූනියර් කෙනා ගැන කිසිම සඳහනක් ස්තූතියක් නෑ....... අකලංකටත් වුණේ ඒක.හැබැයි ඒකෙන් අකලංකට යහපතක් වෙලා තිබුණා. ඉන්ටවීව් ආව එයාට වඩා සීනියර් අය සෙක්ෂන් එකක් ගැන විතරක් අවුරුදු ගානක පළපුරුද්දක් තියාගෙන එතනින් සෑහීමට පත් වෙලා ඉන්දැද්දි අකලංකට හැම සෙක්ෂන් එකක් ගැන ම ප්‍රමාණවත් හැකියාවක් සහ තවදුරටත් කැපවීමෙන් ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන බව ඔප්පු කරලා තියෙනවා. බ්‍රාන්ච් එකක් බාර දෙන්න අපිට ඕන හැම සෙක්ෂන් එකක් ගැනම දැනුමක් තියෙන මැනේජර් කෙනෙක්. ඉතිං ඒ පෝස්ට් එකට සුදුසුම කෙනා කවුද?" සියලු දෙනා මුහුණෙන් මුහුණ බලා ගත්හ. අපි හැමදාම ඇහුවෙ ගුත්තිලගෙ කතාව විතරයි.ඒත් මූසිලටත් කතාවක් තිබිල තියෙනවා. ඒ මූණු වල එවැන්නක් ලියවී තිබුණේය. ----------Shanika Tennakoon--------------------මේ ලංකාවේ කොයි දිසාවකට මාරුව හම්බවුණත් මම වැඩ කළේ දරුවො වෙනුවෙන්. පිටිපන ටිකක් ඇතුළට වෙන්න කලපුව ලගට වෙන්න තිබුනු මිශ්‍ර පාසලේ ගණිතය විෂය උගන්වන්න මට බාර වෙනකොට මම ගුරු වෘත්තියට ඇවිල්ලා අවුරුදු පහක්වත් වෙලා තිබුණෙ නැහැ.කලින් ඉගැන්නුව ඉස්කෝලේ විදිහටම මේ ඉස්කෝලේ ළමයින්ටත් උගන්න ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ගියා වුණාට මගේ ජීවිතයේ කණපිට හැරෙන්න දෙයක් සිද්ධවෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. විදුහල්පතිතුමා මට බාර දුන්නේ දහය වසරෙ පන්තිය. ගණන් විතරක් නෙමෙයි පන්තිභාර කමත් මට බාර දුන්නා. සරනි මිස් මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට.. ඔයාට භාර දීල තියෙන්නෙ නම් මුළු ඉස්කොලෙටම එපා වෙච්ච පන්තිය. මේ ඉස්කෝලේ වැඩිපුරම ඉන්නේ මාළු රස්සාව කරන දෙමවුපියන්ගේ දරුවෝ.ඒ හුඟක් දෙමව්පියෝ මුහුදු යනවා. මාදැල් අදිනවා. මාළු විකුනනවා.බෝට්ටු රෙපයාර් කරනවා.ඒ මිනිස්සුන්ගෙ දරුවො නම් හුඟක් වෙලාවට හරි අහිංසකයි. හැබැයි ඔය දහය වසර පන්තියේ ඉන්න බහුතරයකගේ දෙමව්පියෝ බෝට්ටු අයිති කාරයෝ. ඕන තරම් සල්ලි තියෙනවා.ඔය ලමයින්ගේ ඔලු කාලා තියෙන්නේ උන්ගේ දෙමවුපියෝ තමයි. උන්ට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ.එන එන ගුරුවරයාට අරියාදු කරලා ඉස්කෝලෙන් අරිනවා.අරින්න දෙයක් නෑ සති දෙකක් උගන්වන ගුරුවරු තමන්ම මාරුව හදාගෙන මාරු වෙලා යනවා. විදුහල්පතිතුමාගේ කාර්යාලයෙන් එලියට බහිනකොටම මාව අල්ලගත්තු ජේකොබ් සර් කියවගෙන ගියා.. මං හිනා උනා.හිතුවට වැඩිය පන්තිය බරපතළ ඇති කියලා මට හිතුණා. ආපු ගමන්ම පන්තිභාර කමකුත් දෙනෙකුට මට ඒත් එකපාරටම හිතාගන්න බැරුව ගියා.පස්සෙ තමයි තේරුනේ කිසිම ගුරුවරයෙක් 10 වසර පන්තිය බාර ගන්න කැමැති නැති බව. මම පන්තියට යනකොට මම කියල කෙනෙක් පන්තියට ආවා ද කියලවත් දැනෙන්නෙ නැති විදිහට ළමයි සේරම තම තමන්ගේ ඕපදූප කථා කර කර රොකට් ගගහා විසිල් පිඹ පිඹ හිටියා. ආයුබෝවන් දරුවනේ..... පී...............ක්......... එක කොලුවෙක් තමන්ගෙ කටේ තිබුනු විසිල් එකෙන් තමයි මට ආයුබෝවන් කියලා කිව්වේ. මම ටික වෙලාවක් පන්තිය දිහා බලාගෙන හිටියා. ළමයි ටික හිතන්න ඇති මෙච්චර කාලයක් ආපු ගුරුවරු වගේම මමත් සති දෙකකින් යයි කියලා.මම බලාගෙන ඉන්නවා කියලා කිසිම හැඟීමක් නැතුව ළමයි මම එනකොට හිටපු විදිහටම කෑ ගගහා දඟල දඟල හිටියා.ගෑනු ළමයි කීප දෙනෙක් විතරක් පිටිපස්සෙ ඉඳගෙන හිටියා.මම වචනයක්වත් කතා කරන්නේ නැතුව පිටිපස්සෙම පේලියට ගිහිල්ලා ගෑණු ලමයින්ගේ පොත් ඉල්ලගෙන පෙරල පෙරලා බලන්න පටන් ගත්ත. ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ගේ විතරක් සටහන් ලියාගෙන තිබුනට ගොඩක් ළමයින්ගේ පොත් වල සමහර පිටු හිස් වෙලා තිබුණා. මම කිසිම කතාවක් නැතුව ගෑණු ලමයින්ගේ පොත් බලනවා කියල දැක්ක පිරිමි ළමයි ටිකෙන් ටික තමන්ගේ පුටු වල ඉඳ ගන්න පටන් ගත්තා. මගේ ඇස් කොනින් දැක්කේ හිමින් ළමයි දෙන්නෙක් පංතියෙන් පිටවෙලා යන්න හදනවා කියන එකයි. පුතේ..ඔයාලා දෙන්න මේ පන්තියෙ ළමයි නෙමෙයිද.. මේ පන්තියේ තමයි ටීචර් .. එහෙනම් කොහෙද මේ යන්නේ.. ටොයිලට් එකට.. ටීචර් පන්තියේ ඉන්නකොට අහන්නේ නැතුව ද යන්නේ.. ඕව ඉතින් ආයිත් අහලා කරන වැඩ ඈ... කොල්ලා දීපු උත්තරේට මුළු පන්තියම හිනා උනා. දැන් එළියට යන්න බැහැ . ඇවිල්ල ඉදගන්න. ගෑනු ළමයි ඉස්සරහ කොල්ලට ලොකු ලැජ්ජාවක් දැනෙන්න ඇති.කොල්ලො දෙන්නාගේ මූනු තරහවෙන් පිරෙනවා කියලා මම දැක්කා. මේ පීරියඩ් එක ඉවර වෙන්න තව පැයක් තියනවා. දරාගෙන ඉන්න බැරි තරම් වැසිකිලි අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. දරාගෙන ඉන්න බැරි තරම් අමාරුයි නම් යන්න පුළුවන්.හැබැයි එක්කෙනෙක් ගිහිල්ලා ආවට පස්සේ අනිත් කෙනා.ඒකත් අද විතරයි.මීට පස්සෙ මම එන්න කලින් ඒ අවශ්‍යතා ඉවර කරගෙන ඉන්න ඕනේ. කොල්ලො දෙන්නා වැසිකිළි යන්න නැගිට්ටේ නැහැ. පුතේ.. මම දන්නෙ නැහැ ඕගොල්ලන්ගේ හිත් වල මොනා තියෙනවද කියන්න..මොකද මට හිත් කියවන්න තරම් බලයක් නැහැ. හැබැයි මට වගකීමක් තියෙනවා ඔයාලට පාඩම් වගේම ජීවිතය කියලා දෙන්නත්. මෙච්චර දවසක් ආපු ගුරුවරු ඕගොල්ලො දැක්කෙ තරහකාරයෝ හැටියට .. මම ඕගොල්ලන්ගේ යාලුවෙක් වෙනවා..මේක මටත් අභියෝගයක්.. ඕගොල්ලන්ටත් අභියෝගයක්.. හෙට ඉඳන් අපි පුංචි වැඩක් පන්තියෙ පටන් ගන්නවා. ඔයාලා දෙන්නා දෙන්නා එකතුවෙලා මොන හරි අලුත් දෙයක් නිර්මාණය කරලා පන්තියේ ඉස්සරහා පෙන්නන්න ඕනෙ . ඒක අනිවාර්යයෙන් කරන්නම ඕනේ. පිරිමි ළමයි ... ඒක නොකර ඉඳලා ගැහැණු ලමයි ඉස්සරහ ලැජ්ජ වෙන්න එපා.ගැහැණු ළමයි ඒ දේ නොකර ඉඳලා තමන්ගෙ තත්වෙ පල්ලෙහාට දා ගන්නත් එපා.. පන්තියේ දොර ගාවින් ගුණරත්න සර් එබෙනවා මම දැක්කා. සමහරවිට කවදාවත් නැතුව දහය වසර පන්තිය පොඩි නිහඬතාවයකින් තියෙන්නේ ඇයි කියලා බලන්න වෙන්න ඇති. මාත් එක්ක පොඩි හිනාවකින් හිනා උන ගුණරත්න සර් ආපහු යන්න ගියා. අත්ගුනයා... කට හැකර කොල්ලෙක් පන්තිය අස්සෙන් කිව්ව. ගුණරත්න සර් දොඹ ගෙඩි තරම් ලොකු වෙච්ච ඇස් දෙකකින් රවලා පන්තිය දිහා බැලුවා. ආවට වඩා වේගයෙන් පහල පඩිප
ෙල බැහැගෙන ගුණරත්න සර් යන්න ගියා.මුළු පන්තියම කිචිබිචි ගාලා හිනා වෙන්න පටන් ගත්තා. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ තරහක්. මම පන්තිය දිහාවට හැරුණා. ඇයි එහෙම කිව්වෙ ... ඇත්තටම මම ඇහුවෙ තරහින්.. එයා බැදලා නෑ.... කියලා ආපහු පන්තිය මැද්දෙන් මවාගත්තු ගෑනු ලමයෙකුගේ කටහඬකින් කොල්ලෙක් කිව්වේ මුළු පන්තියම හිනා ගස්සවලා. අත්ගු‍ණයා කියන නමේ තේරුම මට ඒ වෙනකම් හිතාගන්න බැරුව හිටියට නසරානි කොල්ලා ඒ විදිහට කිව්වහම කොච්චර උත්සහ කළත් මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. ඒ වගේ දෙපිට කැපෙන වචනෙකට මීට කලින් ගුරුවරුන්ගෙන් මුළු පන්තියම ගුටි කෑවට අලුත් ටීචර් ඒකට බඩ අල්ලගෙන හිනා වෙනවා දැක්කහම කොල්ලො කෙල්ලො මං දිහා පුදුමෙන් බලාගෙන හිටියා. මට එක දෙයක් විතරක් කියන්න ළමයි..ඇත්තටම ඒ නම ඔයාලා නිර්මාණය කරපු දෙයක්ද..නැත්තං ගොඩ කල් ඉඳන් ඉස්කෝලේ තිබිච්ච නමක්ද.. ඇපී.... ඇපී.... කියලා අර මවාගත්තු ගෑනු කට හඬ ආපහු පන්තිය මැද්දෙන් ඇහුණා. පුතේ... කිසිම කෙනෙකුට නම් හදන එක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ උනාට ඒ නමේ....ඔයාලගේ භාෂාවෙන්ම කියනවනම්...මම දැක්කා පට්ට නිර්මාණශීලී බවක්..මම හිතුවට වඩා ඕගොල්ලන්ගේ ඇඟවල් ඇතුලේ හොඳ කලාකාරයො ටිකක් ඉන්නවා. අපි හෙට ඉඳලා වැඩේ පටන් ගමු.අද ඔගොල්ලන්ගෙ ලස්සන නම් ටික මට කියන්න.. විහිලු නම් උසුළු විසුළු මැද කොල්ලො කෙල්ලො තමන්ගෙ නම් ටික කියන කොට තම තමන්ට නිර්මාණය වෙලා තියෙන ඔච්චමත් තමන්ටම කියන්න කියලත් මම කිව්වහම කොල්ලො කෙල්ලො ටික පුදුම වුණා. මීට කලින් මේ පන්තියෙන් ගියපු ගුරුවරු හුඟක් දෙනෙක් ගෙදර යන්න ඇත්තේ ඊළඟ දවසට බයෙන්..අකමැත්තෙන්.. හැබැයි මගේ කතාව ඊට වඩා වෙනස් වුණා.පහුවදා වෙනකං මම ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියේ... පහුවදා නෝනිස් ඊඩිත් එක්ක මැන්ඩලීන් එක ගගහා දැල් කවියක් මාර ලස්සනට ඉදිරිපත් කළා.. සන්තානම් පල්ලි යන්න.. යේ ලකඩි ලේ ලෝ පාලවියෙන් හැරිලා යන්න .. යේ ලකඩි ලේ ලෝ... ඒ දෙන්නා මාර විදිහට හාර්මනී පාර්ට්ස් අල්ලනකොට මට හිතාගන්න බැරුව ගියා.. මේ නසරානි දඟකාරයන්ගේ ඇඟ ඇතුලේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දක්ෂතාවයක් හැංගිලා තියෙනවා කියන එක මට හිතුනා. පල්ලිය ආශ්‍රය, ගීතිකා ආභාශය, ධීවර ජන ජීවිත අත්දැකීම් ....මාරයි... ඒගොල්ලන්ට මුල ඉඳන්ම වගේ ගණන් මග ඇරිලා තිබුණා.සතියක් විතර මට ලමයින්ගේ ඔලුවලට කතා කරන්න සිද්ධ වුනා.සාමාන්‍ය පෙළට තව අවුරුදු එකහමාරක් වගේ තියෙන හින්දා මම ඒගොල්ලන්ට මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්නම් කියල ඒගොල්ලන්ට ගණන් වෙනුවෙන් කැප වෙන්න පුලුවන්ද කියන එක මම එයාලගේ කටින්ම එළියට ගත්තා. මුලින් මුලින් ඒගොල්ලො අකමැති උනාට පස්සේ පස්සේ බොහොම සරල විදිහට ගණන් කියලා දෙන්න පටන් ගන්නකොට ගොඩාක් ගුරුවරු වගේ වේවැල පාවිච්චි කරන්නේ නැතුව විදුහල්පතිතුමා ගාවට නඩු ගෙනි යන්නේ නැතුව අම්මට තාත්තට ඉස්කෝලෙට එන්න කියන්නෙ නැතුව ළමයි එක්කම කතා කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට ළමයින්ට ඉබේම මං ගැන විශ්වාසය ඇති වුණා. තව දවසක් ජුඩිත් ජෝශුවා එක්ක මෝටර් බෝට්ටුවක ප්ලාස්ටික් ආකෘතියක තියෙන විවිධ උපාංග සහ ඒවා ක්‍රියාත්මක කරවන විදිහ ගැන මාර ලස්සන ඉදිරිපත් කිරීමක් කළා.ඒක බලාගෙන හිටපු මගේ ඇස් දෙකට කඳුළු ආවා. ජෝෂුවා තාක්ෂණික කොටස්වලින් සිද්ධ වෙන ක්‍රියාවලිය විස්තර කළේ හරියට ඉංජිනේරුවෙක් වගේ.ජුඩිත් ඒ කොටස් හැදිලා තියෙන විදිහ විස්තර කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වගේ. මට මෝටර් බෝට්ටුව මැජික් එකක් උනාට ඉපදිච්ච දා ඉදන් අතපත ගාන මෝටර් බෝට්ටුව ඒ ළමයින්ට ලොලිපොප් වගේ... ඒත් ඒක මාර පැහැදිලි කිරීමක්... ත්වරණය , ප්‍රක්ශේපනය, විචල්‍ය හරය ලවය, මහා පොදු සාධකය, කුඩා පොදු ගුණාකාරය... ඊට පස්සේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔළුවලට දාන්න මට එච්චර අමාරු උනේ නැහැ.. විශයට ඉස්සරවෙලා ගුරුවරයාට ලමයිව කැමැති කරවාගෙන ඉන්න වෙනවයි කියන එක මම ඉගෙන ගත්තේ ඒ කාලෙදි තමයි.. කහ පාටයි ලා රෝසයි එක්වී සෑදුන පාටයි හැන්දෑවේ වර්න හතයි වයිරෝඩිය නුබ වාගෙයි මහමුහුදේ දෙවනි රලේ හෙමිහිට නැගි පෙන අහුරේ රේන්දයකි නුබ වාගේ පාන්දර ට අහස වගේ... වැදුනම වැහි බිදු මුහුනේ ඇස අකුලන හැටි රහසේ හැකිනම් ඉන්නට නුබ ගේ කම්මුල මැද හිනාවලේ... රූත් තනියම කවි පන්තියක් එයාගේ දවසෙදි ඉදිරිපත් කළා. රූත් තව ගෙදරදි තනියම ලියලා තිබිච්ච මාර ලස්සන කවි පේළි ඊට පහුවෙනිදා මට ගෙනල්ලා පෙන්නුවේ එදා පන්තියේදී මම එයාව පුදුම විදිහට අගය කරපු හින්දා. තවම රූත්ගේ අම්මා වත් මේ කවි පන්ති දැකලා නැති බව මට තේරුනා. හඩාවැටුමට බොහෝ දේ ඇත බලා එලවමු ඉක්මනින් ..... සිනාසෙන්නට හේතු කුමකට හොය හොයාගමු අත් දෙකින් කදුලු එන්නට හිනාවෙමු අපි වැලදගෙන හරි ආදරෙන්.. මහා තුරු මඩු තනිව උන්නට සෙවන දෙනවා හොද හිතින් වරක් අත දී බලන් කෙනෙකුට දැනෙන තුටු හිත ඉස්තරම් මහපොලව හැම දේම දී හිද දරාගන්නවා මෙත් සිතින්.. හිතේ හිරවුනු මහා බලයකි ලොවක් දිනුමට හැකි එයින් නුඹ නොදන්නා නුඹට පුලුවනි සොයනු අද මේ දැන් ඉදන් මං කෙල්ලගෙ අත් දෙක ඉම්බා.. රූත්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා. උගන්වන අස්සේ අපි මාසයක් විතර මහන්සි වෙලා රූත් ගෙ ලස්සන ම කවි පන්ති හතළිහක් විතර තෝරලා පොතක් හැටියට එළිදැක්වූවා.ඒකට සිංහල ටීචර් ගොඩක් උදව් කලා.රූත් ගෙ තාත්තත් මාළු බෝට්ටු අයිතිකාරයෙක්. ඒ හින්දා පොත ප්‍රකාශනයට පත් කරගන්න එක එච්චර කරදර වැඩක් වුණේ නැහැ. පොඩි උත්සවයකුත් තියලා අපි ඉස්කෝලේ පුස්තකාලයටත් පොතක් පරිත්‍යාග කළා. මේ අස්සෙ මම ළමයි ව කොහොම හරි නම්මගත්තා අනෙක් විෂයන් උගන්නන්න ගුරුවරු පන්තියට ආවහම ඒගොල්ලන්ට සහයෝගය දීලා වැඩ කරන විදිහට ඉන්නවා කියන එකට... මාස පහකට විතර පස්සෙ ළමයිව මට සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන් වුණා. ඊට පස්සෙ හැමදාම හවස පන්ති දාලා හය වසරේ ඉඳලා තියෙන ගනිතය විෂය නිර්දේශය කරන්න පටං ගත්තා . ගණිතය විෂයට ගොඩක් දුර්වල වෙලා හිටපු ලමයි සේරම වගේ සෑහෙන තරම් ලකුණකට තල්ලු කරගෙන එන්න මට පුළුවන් වුණා. ටිකෙන් ටික උන් මට වේලපු කරවල නොම්මර එකේ උම්මලකඩ උස්සන් එන්න පටන් ගත්තා. පව් අහින්සකයො.. ලමයින්ගේ දෙමව්පියන් ඊට පස්සේ පෞද්ගලිකව මාව හම්බ වෙලා රෑටත් ගණන් පන්තියක් කරමුද කියන යෝජනාව කලා.මාව ගෙදරටම ගිහින් දාන්න එක දවසට එක දෙමව්පිය ගානෙ බාරගත්තා.ඉස්කෝලේ වැඩත් කරලා හවස පන්තිත් කරලා ආපහු දවස් තුනක් රෑටත් පන්ති කරන්න පුදුම මහන්සියක් උනාට මට ඒක කරන්න බැහැ කියලා කියන්න හිතුනේ නැහැ. හිතාගන්න බැරි තරම් වේගයෙන් කාලෙ ගෙවිල ගියා.සාමාන්‍ය පෙළ විභාගයට ළමයි ටික බොහොම හොඳින් මුහුණ දුන්නා.ප්‍රතිඵල එන්න මාස තුනක් විතර යන හින්දා කොල්ලො කෙල්ලො ගෙවල් වල නිකන් නට නට ඉන්න හින්දා ඒගොල්ලන්ව ගෙන්නගෙන 6 වසර ඉඳලා 11වසරට යනකම් ළමයින්ට ගණිත වැඩමුළු තියන්න එයාලා උදව් කර ගත්තා. ජූඩ් , ජෝශුවා, රූත් , ජෙරම් , ජුඩිත්... තව ගොඩක් අය මට පුදුම විදිහට උදව් වුණා.ප්‍රතිඵල එනකම් හැමෝම මඟ බලාගෙන හිටියේ.. සඳුදා ගණිත වැඩමුළු තිබ්බෙ නැති නිසා එදා මම 11 වසර ළමයින්ව ගෙන්නුවේ නැහැ.එදා දවල් දොලහට විතර මගේ මුළු ගුරු ජීවිතයම කණපිට පෙරලපු දවසක් වුණා. එදා ඉස්කෝලේ වැඩ තිබුනේ නැති නිසා ජූඩ් ගෙවල් ගාව ළමයි එක්ක මුහුදේ නාන්න ගිහින් තිබුණා. ඉපදිච්ච දා ඉදලා මුහුද ගැන දන්න කියන ජූඩ් වෙරළාරක්ෂක ස්වෙච්ඡා කණ්ඩායමක සාමාජිකයෙක් වෙලත් හිටියා.දෛවය අපි හැමෝටම නපුරුකම් කරලා හිතාගන්න බැරි විදිහට ජූඩ්ව මුහුද ඇතුලටම අරන් ගිහිල්ලා තිබුණා. මීගමුව ඉස්පිරිතාලෙ ජූඩ්ගෙ මිනිය මෝචරියේ තියෙනකොට පහේ වාට්ටුවෙ එක ඇඳක මමයි අනික් ඇදේ ජූඩ්ගේ අම්මයි හිටියා. මට අදටත් හිතාගන්න බැහැ මම ඒ දරුවන්ට කොයි තරම් ආදරය කළාද කියලා.ඊට සති දෙකකට පස්සේ ප්‍රතිඵල ආවහම ඒ සාමාර්ථ ගොඩේ ජූඩ්ගේ නමත් තිබුණා.එදා තරම් මම අඬපු දවසක්...මම බෞද්ධයෙක් වුනත් මම රූත් ගේ අත්දෙක අල්ලගෙන අනේ පුතේ උඹලගෙ දෙවියන් වහන්සේ මේ ටීචර් අම්මගෙ පපුව මේ තරම් හාරන්නේ ඇයි කියලා කෑ ගහලා ඇඬුවා.. හදන්න බැරි මිනිසුන්ව ... කරුණාව දයාව ඇහුම්කන්දීම අගය කිරීම මගින් කොයිතරම් දුරට කතා ගන්න පුළුවන්ද කියන එක ඒ දරුවො ටික මට කියලා දුන්නා.ඊට පස්සේ ඒ ඉතුරු ළමයි හුග දෙනෙක් ඒ පළාතෙම ටිකක් ලොකු ඉස්කෝල වලට මාරු වෙලා ගියෙ උසස් පෙළ කරන්න. මට පෙරේදා ජෝෂුවා හම්බවුණා ලංකා බැංකුවට ගියපුවෙලේ.. කොල්ල දැන් ඒකෙ මැනේජර්... අහ්..හොඳම කෑල්ල ඒක නෙවෙයි.ඌ බැඳලා තියෙන්නේ රූත්ව.. හොර ගෙඩියා මට කිව්වේ වත් නෑ..එහෙම කියලා මම උගෙ කන මිරිකනකොට බැංකුවේ හුඟක් අය හිනා උනා...මම රස්සාවකට යන්න තීරණය කළේ මගේ හිත හදාගන්න ඕන වුණු හින්දාමයි. කලින් හිටපු ගෙදර විකුණලා දාලා අම්මයි මමයි මේ ෆ්ලැට් එකට පදිංචියට ආවා. මෙහෙ පදිංචියට ආපු එක දාහෙන් සම්පතයි .ඒ උනාට අම්මා තමයි මේ හැම විකාර වැඩකටම වගකියන්න ඕනේ .එක අතකට මම එහෙම කියන එකත් පව්. අම්මා කියලා කියන්නෙත් මනුස්සයෙක් .අම්මගේ ඇග ඇතුලෙ තියෙන්නෙත් සාමාන්‍ය ගැහැනියකගේ ම තියෙන හැඟීම් දැනීම්ම තමයි .තාත්තත් එක්ක ඉන්න බැරි වුණා යි කියලා තාත්තව අතහැරලා රන්ජන් අන්කල් එක්ක අම්මා ගියේ නිකං නෙමෙයි මාවත් අරගෙනමයි .අම්මා ඉස්කෝලේ කාලේ යන කාලෙ ඉඳලම රංජන් අංකල් එක්ක තමයි යාලු වෙලා ඉදලා තියෙන්නේ . ඒ උනාට ගෙවල් වල අකමැත්තෙන් කසාද කෙරෙන්න බැරි හින්දයි අපේ තාත්තව බැඳලා තියෙන්නේ .අකමැත්තෙන් සිද්ධ වෙච්ච කසාදයක ප්‍රතිඵලය මම වුණාට මම කියන සාදකය කසාදය රැඳිල තියෙන්න හේතුවක් වුණේ නෑ .මට අවුරුදු දහයක් වෙනකොට අම්මා මාවත් අරගෙන රංජන් අන්කල් ගාවට ගියා .රන්ජන් අන්කල් මුල් අවුරුදු කිහිපයේදී මට බොහොම හොඳින් සැලකුවා .ඒ උනාට මම වැඩිවියට පත් වුනාට පස්සේ මගේ කොන්ඩෙ දික් වෙන්න ගත්තට පස්සේ අනික් හැම ගැහැණු ළමයෙක් වගේම මගෙත් ඇඟපත හොඳින් වැඩිලා ලස්සන වෙන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා රන්ජන් අංකල් වෙනස් වෙනවා කියලා .එක දවසක් මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඇඳුම් මාරු කරන කොට මට තේරුණා කවුරුහරි මගේ දොරෙන් එබුනයි කියලා .මට වෙන කියන
්න කෙනෙක් හිටියේ නෑ. ඒ හින්දා මම අම්මා හවස ගෙදර එනකන් ඉදලා අම්මට විස්තරේ කිව්වා. එදා ඉඳලා අපේ ගෙදර ඉස්සර වගේ ම රණ්ඩු සරුවල් පටන් ගත්තා .අන්තිමේදී රන්ජන් අංකල් මගේ මූණටම බනින්න ගත්තා. උඹ හින්දා තමයි මේ ගෙදර සමාදානය නැතිවුනේ... මහා ලොකු පත්තිනි අම්මා.... උඹ ඉස්කෝලේ ගිහිල්ලා කරන නාඩගම් අපි දන් නැහැයි කියලා හිතුවද..... තෝව මම මරනවා....... වගේ වචන වලින් මට දමලා ගහන්න පටන් ගත්තා .ආපහු සැරයක් ඉස්සර වගේම අම්මා මාව බදාගෙන අඬන්න පටන් ගත්තා .එතකොට මම සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකං ගෙදර ඉන්න කාලේ .රන්ජන් අංකල්ගෙ කරදර එන්න එන්නම වැඩි උනා. ඒ හින්දා අම්මා රංජන් අංකල් ගෙනුත් වෙන්වෙලා මාව අරගෙන ඇනෙක්ස් එකකට ගියා . ඉස්සර අපේ තාත්තාගෙන් වෙන්වෙලා අම්මා ඇවිල්ල මාස හතරකට විතර පස්සේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා නැති වුණා .ඒ හින්දා දික්කසාද නඩුව අහෝසි වුණා .අපේ ආච්චිනම්...ඒ කිව්වේ අපේ තාත්තගේ අම්මා පරසක්වල ගැහුවෙ ඒක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි රන්ජන් හිතා මතා කරවපු ඇක්සිඩන්ට් එකක් කියලා .ඒ උනාට ආච්චි උනත් කොයි වෙලාවකවත් එළිපිට ඒ කතාව කිව්වේ නැහැ .මාත් එක්ක විතරක් එහෙම කියලා අඬපු වාර අනන්තයි . ඇනෙක්ස් එකට ඇවිල්ලා මාසෙකට විතර පස්සේ රන්ජන් අංකල් ට හාට් ඇටෑක් එකක් ආවා .ඉස්කෝලෙ කාලෙ ඉදලා ආදරේ කරපු රන්ජන් ට අසනීපයක් වුණා කිව්වහම සමහරවිට අම්මට ඒක දරාගෙන ඉන්න බැරි වෙන්නැති .අපි ආපහු ඇනෙක්ස් එකෙන් බඩු පටවගෙන රන්ජන් අංකල්ගෙ ගෙදර පදිංචියට ගියා .අම්මා පුළුවන් තරම් මාව රන්ජන් අංකල්ගෙන් වෙන් කරලා තියන්න උත්සාහ කළා . හ්ම්........ දැන් ඒ හැමදේම... ඒ හැම දේම වෙලා ඉවරයි. දැන් ඒ සිද්ධිය වෙලා අවුරුද්දකට ත් වැඩියි. තාමත් මේ විකාර නඩුව ඉවරයක් නෑ .ඔව්... නඩුව කොයි විදියට දිනන්න හැදුවත් මගේ හිත දන්නවා මමයි රන්ජන් අංකල්ව මැරුවේ කියලා .එදා රෑ ඔවු..... මොරසූරන වැස්සේ අම්මා ගෙදර එන්න තව පැයක් තියෙන කොට රන්ජන් මට කරදර කරන්න කාමරයට ආවා .ඉවසගන්න බැරි තරම් තරහින් මම තමයි රංජන් ව උඩ තට්ටුවෙන් බිමට තල්ලු කලේ .අම්මා ගෙදර එනකොට මම උඩ තට්ටුවෙ පඩිපෙළ උඩ ඉඳගෙන අඬ අඬා හිටියා. රන්ජන් පඩිපෙළ පාමුල ලේ විලක් මැද නිදාගෙන උන්නා .අම්මා ගල් ගැහිලා මං දිහා බලාගෙන හිටියා . වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණා රන්ජන් අධික ලෙස මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියයි කියලා .අම්මා මගේ අත් දෙක අල්ලගෙන දහස් වාරයක් ඉල්ලලා හිටියා රන්ජන් පඩිපෙළින් බිමට වැටුනයි කියලා කියන්න කියලා .මම මිනී මැරුවා කියලා ඔප්පු කරන්න පොලිසියට බැරි වුණා .ඒ උනාට රංජන්ගේ අක්කා පොලිසියට පැමිනිලි කළා මේක මිනීමැරුමක් කියලා .අම්මගෙනුයි මගෙනුයි දහ පාරකට වැඩිය ප්‍රශ්න කළත් අපි දෙන්නම දුන්නේ එකම උත්තරය .කොයි තරං සැකයක් එතන ඉතුරු උනත් මිනීමැරුම කළේ මමයි කියන එක පොලිසියට ඔප්පු කර ගන්න බැරි උනා .එතකොට මට වයස අවුරුදු විසි එකයි .අම්මා රස්සාවෙන් අයින් වුණා .ඒ වෙනුවට මම රස්සාවක් හොයාගෙන යන්න ගත්තෙ මේ අතීතය අමතක කරන්න ඕන හින්දයි .මට කිසිම පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න වත් හිතුනෙ නැහැ .සේරම පිරිමි එක වගේ කියලා හිතුනා .අම්මා නං හැම තිස්සේම මගේ හිත හැදුවා .උඹ මිනී මරුමරුවෙක් නෙමෙයි පුතේ උඹ ආරක්ෂා වෙන්න ඕන හින්දයි ඒ කාලකන්නියව තල්ලු කළේ කියලා.ඒ උනාට අම්මා කිසිම වෙලාවක කැමති වුණේ නෑ ඒ කතාව උසාවිය ඉස්සරහ කියනවට. කෝ ..... ඒයී......කොහෙද හලෝ පාර පනින්නේ ....ඉන්නේ හදේද..... ශික් යකෝ මිදුලේ යනවා වගේනේ... කාගෙදෝ ගෝරනාඩුවකින් මම ආපහු පියවි ලෝකයට ආවා .මම අතීතය ගැන හිත හිතා පාර පනින්න ගිය වෙලාවේ කාගෙදෝ වාහනයකට හැප්පෙන්න ගිහිල්ලා.. මම දන්නෙත් නෑ . ලස්සන ජීප් එකක්.ජීප් එකට වඩා ලස්සනයි ඇතුලේ හිටපු පිරිමි ළමයා . ආරෝහ පරිණාහ දේහයක් තිබිච්ච මේ පිරිමි ළමයා චවි වර්නයෙන් පිරිලා උන්නා. උඩු රැවුලක් වවලා හිටපු හින්දා වඩා කඩවසම් විදිහට පෙනුනා . අඩි 6කට වඩා උස පිරිමි දේහය.... කොයිතරම් හිත දුක් වේදනාවලින් මගේ පිරිලා තිබුණත් තත්පර ගනනකට ඒ සේරම අමතක කෙරෙව්වා. අහ්..... අනේ ..... සොරි...මං දැක්කේ නෑ... තමුසෙලාට නම් මොකද.... තියෙන දුක් කරදර ප්‍රශ්න විකාර සේරම හිත හිතා හිත පාරෙ යනවා.... අහිංසක අපි තමයි අන්තිමේදී වැරදිකාරයෝ වෙන්නේ ...බලන්න තිබුන තමුසෙව පොඩ්ඩක් හරි මේකෙ වැදුනනම් අද වටේ පිටේ උන් එකතුවෙලා මාව කුඩු කරන්න හදන හැටි ....... ඒ මනුස්සයාගේ සද්දේ ඇහිලා වටේ පිටේ අය ඔක්කොම එක්රැස් වෙන්න ගත්තා. මට එතකොට නම් ලැජ්ජ හිතුනා . හරි හරි ....දැන් මුකුත් උනේ නෑ නේ ...මම ඔයාගෙන් සමාවත් ඉල්ලුවනේ.... එහෙම කියපු මම ඉක්මනට බිම බලාගෙන එතනින් පාර පැනලා අනිත් පැත්තට ගියා .ඊට දවස් දෙකකට පස්සෙ ආපු සෙනසුරාදා මම මහජන පුස්තකාලයට ගියේ ගෙදර ඉන්න කම්මැලි හින්ද කියවන්න මොකුත් හොයා ගන්නයි .තෝරගත්තු පොත් හතරක් පහක් අතේ පුරෝගෙන තවත් පොතකට අත දික් කරන්න යද්දිම එතනින් යන්න ආපු හදිසි කාරයෙක් එකපාරටම මගේ ඇඟේ හැප්පුනා .මහා විශාල ශබ්දයක් නගාගෙන මම අල්ලගෙන හිටපු පොත් හය හත ම බිම වැටුණා .මමත් බය වුනා වගේම පුස්තකාලෙ හිටපු කිහිප දෙනෙකුත් ගැස්සිලා අපි දිහා බැලුවා .මම එතකොටයි දැක්කේ ...එදා වාහනය එලවගෙන අහපු කෙනාම තමයි අද පුස්තකාලේ ඇතුලේ දී පිස්සෙක් වගේ මගේ ඇඟේ හැප්පුනේ කියලා ... ඔන්න ...අද නම් මම නෙමෙයි වැරදි... අද ඔයයි හැප්පුනේ ...කියලා මම ඉක්මනට කිව්වේ නැත්තං අදත් මම වැරදිකාරයා ට දාලා ඒ මනුස්සය කතා කරයි කියලා හිතපු හින්දා . අහ්... හරි හරි සොරි සොරි..... එහෙම කියපු එයා ඉක්මනට මගේ පොත් ටික අහුලල දුන්නා . පොත් ටික අහුලල දීපු එයා ඊට පස්සේ කොහේදෝ රාක්කයක් අස්සෙ අතුරුදහන් වුණා .මේ හැමදේම එපා වෙලා හිටපු මම නඩුව ඉවර වෙච්ච ගමන්ම ඉක්මනින්ම රට යන්න හිතාගෙනයි හිටියේ .සැකකලා කියලා නිශ්චිතවම ඔප්පු කරගන්න බැරි වෙච්ච නිසා නඩුව තව වාරයකින් දෙකකින් ඉවර වෙයි කියලයි නීතිඥයා මට කිව්වේ .ඒ හින්දා අම්මා මට කිව්වා ඉක්මනින්ම පාස්පෝට් අරවා මේවා හදලා තියාගන්න කියලා .නඩුව ඉවර වෙච්ච ගමන්ම ස්වීඩ්න් වල ඉන්න මගේ නැන්දා ගාවට යන්න තමයි මම හිතාගෙන හිටියේ . එදා මම පාස්පෝට් කන්තෝරුවේ පෝලිමේ පුටුවක ඉඳගෙන ඉන්නකොට හිතුවෙවත් නැති විදිහට එදා පුස්තකාලයේදී හම්බවෙච්ච ඒ පිරිමි ළමයා මගෙ ළඟ එහා පැත්තේ පුටුවේ ඉඳගෙන හිටියා .ඉස්සෙල්ලම මාව දැකලා හිනා වුනේ එයා. අම්මෝ ඔයාව දැක්කහමත් බය හිතෙනවා ...එහෙම කියලා එයා හිනා උනා .... මමත් ඒකට හිනා උනා. එයත් ඇවිල්ල හිටිය පාස්පෝට් හදන වැඩේට තමයි .එදා දවසේ වැඩි වෙලාවක් අපි දෙන්නා එකට ගත කරන්න හම්බුනා .එයා ඇඟලුම් ආයතනයක අයිතිකාරයෙක් බව දැනගන්න ලැබුණා .ඒයා ඇවිල්ල හිටියෙ පාස්පෝට් එක හදන්න නෙමෙයි පාස්පෝට් එක අලුත් කරන්න .එදා දවල් වෙද්දි අපේ වැඩ ඉවර උනත් ජීවිතයේ මිනිස්සුන්ට අලුත් පාරවල් පෙන්නනවා කියන කතාව ඇත්ත වෙලා තිබුණා .මාව ගෙදරට ගෙනල්ලා දැම්මෙත් මධුවර්ණ ම තමයි .මධුවර්ණ නයන කුමාර රාමවික්‍රම මාසයක් විතර යනකොට මධූ විදිහට කෙටි වෙලා තිබුණා . මුකුන්දා ...... හරි ලස්සනයි ඒ නම .... හ්ම්.... මගේ තාත්තා අවුරුදු ගානක් ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ .....එයා නැවතිලා හිටපු බෝඩිම තිබිලා තියෙන්නේ ක්‍රිශ්ණා ට කැප වෙච්ච දේවාලයක් ගාව ....උදේ හවස එයාට ඇහුණේ මුකුන්දා මුකුන්දා ක්‍රිශ්ණා මුකුන්දා කියනවලු.. හම්බවෙච්ච ළමයා දුවෙක් කියලා දැන ගත්තහම තාත්තා තමයි මුකුන්දා කියලා නම දාල තියෙන්නෙ . මුකුන්දා කියන්නේ දෙවියන්ගෙන් සතුට ඉල්ලීම වගේ තේරුමක් කියලයි තාත්තා කිව්වේ... අපි පලවෙනියෙන් හම්බුනේ මුහුද පෙනෙන ලස්සන කෝපි ශොප් එකක.... එදා අපි ගොඩක් දේවල් කතා කළා . මධුවර්නගේ කතා රටාව හරි ලස්සනයි.එයා ලෝකේ ගොඩක් රටවල්වල සංචාරය කරපු කෙනෙක් ... එයත් එක්ක කතා කරනකොට මට මගේ හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා . භූගෝලය පාඩමක් වගේ අක්ශාංශ දේශාංශ එක්ක එයාගේ සංචාර වාර්තා කියනකොට මං හිනාවෙලා බැනුනුත් අහපු වෙලාවල් තිබුනා. මෝඩි...... දැන් යන්නනේ ඉන්නේ....ඉතිං අහගන්නවා කියලා මධු මට කියන්නේ එයාගේ සුදු මූන රතු කරගෙන .එතකොට මට තවත් හිනා යනවා. ඒ විදිහට අපි ගොඩක් දවස් හම්බුනා. අපිට නොදැනීම අපේ කාලෙ ගෙවිල ගියා .මම හවස් වෙලා වැඩ ඇරෙන දවස් වලට මධුවර්නගේ වාහනය මගේ ඔෆිස් එකේ ඉස්සරහ නතර වෙලා තිබුණා.මට ලබන්න වෙලා තිබුණු අත්දැකීම් එක්ක මම පිරිමියෙක් කියන කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන තැනක හිටියේ නැහැ .ඒ උනාට මධූවර්ණ කියන්නේ පිරිමි ජාතියෙන් උසස්ම පිරිමියෙක් කියලා මට ඒ ආශ්‍රය කරපු ටික කාලෙදි තේරුණා .කොයිම වෙලාවකවත් වචනයෙන් මට ආදරේ නොකිව්වත් මධුවර්ණ මට ආදරෙන් ඉන්න බව මට තේරුණා .මම කෑවද බිව්වද කොහෙද ගියේ මොකද කරන්නේ මේ හැමදේම දැනගන්න එයාට ඕන වුණා .මගේ සම්පූර්ණ පඩියම මට ඉතුරු කරන්න එයා නිදහස දුන්නා .ඔයා පොත් කියවන්න කැමති නම් ඔයාගේ පඩියෙන් ඔයා පොත් ගන්න .ඔයාගේ ඇඳුම් පැළඳුම් ක්‍රීම් සපත්තු මම අරගෙන දෙන්නම් .... එහෙම කියලා එයා පොඩි ළමයෙක් වගේ හිනාවෙනවා. ඒ වගේ ආරෝහ පරිණාහ දේහයක් තියෙන උස මහත ජවසම්පන්න පිරිමියෙක් ඒ විදියට හිනා වෙනකොට ආත්මයක් උනත් ඒ මූණ දිහා බලන් ඉන්න පුළුවන් කියල මට හිතුනා .මධු වර්ණ වැඩිපුරම කැමති කෙටි චිත්‍රපට බලන්න.එයා ලෝකය පුරා ගිය ගමන් වලදී දීර්ඝ ගුවන් කාල ගත කළේ කෙටි චිත්‍රපටි බල බල කියන එක එයා මට කියලා තියෙනවා .එයා එහෙම බලපු ලස්සන කෙටි චිත්‍රපටි මට පෙන්නනවා .සමහර නිවාඩු දවස් මුහුදු වෙරළවල් වල අපි ඔහේ ගතකලා. එහෙම දවස් වලට කෙටි චිත්‍රපටි විස්සක් විසිපහක් විතර අපි දෙන්න බලනවා .මම එයාගෙ උරපත්ත ට හේතු වෙලා එයාගෙ උණුහුම විඳ විඳ ඒ කෙටි චිත්‍රපටි බලනවා. චිත්‍රපටිය බලනවට වඩා මම ආසා වුණේ මධූගේ උණුහුම විඳින්නයි .තේරෙන නොතේරෙන ගානට එයා මගේ කම්මුල හෙමින් ඉඹිනවා.මට මුලු ලෝකෙම ඉන්න හමුදාව මගේ මූණ ඉස්සරහ ඉන්නවා තරම් ආරක්ෂාවක් එතකොට මට දැනෙනවා . අනිද්දා මගේ නඩුවේ අන්තිම දවස .අ
වුරුද්දකට වැඩි කාලයක් අපි ආශ්‍රය කරලා තිබුණත් එයා කවදාවත් මගේ අතීතේ ගැන අහල තිබුණෙ නෑ .මමත් ඒක කියන්න බයෙන් හිටියේ .ඒ උනාට මම යන්නෙ කොහෙද කරන්නේ මොනවද කියලා හැම දෙයක්ම එයාට කියන්න පුරුදු වෙලා හිටපු හින්දා අනිද්දා නඩුව ගැන එයාට නොකියා ඉන්න බැරි වුණා . නඩුවක් ඇයි ඒ....... මධූ මට සමාවෙන්න...සමහර විට මේ විස්තරය දැන ගත්තහම ඔයා මාව දාලා යයි... ඒ උනාට මං කවදාවත් ඔයත් එක්ක තරහ වෙන්නේ නෑ .....මට වෙලා තියෙන දේවල් වල හැටියට .....අනේ මන්දා ...... එහෙම කියපු මම එදා මුහුද දිහා බලාගෙන හීල්ලුවා. මධු වචනයක්වත් මගෙන් අහන්නේ නැතුව හරිම සනීපෙට මගේ ඔළුව අත ගාන්න ගත්තා. ඕනම දෙයක් හිතේ හිර කරගෙන ඉන්නකොට ඒකෙ වේදනාව වැඩියි .අපි දැන් ආශ්‍රය කරන්න පටන් අරන් කොච්චර කල්ද..ඇයි ඔයාගේ වේදනාව තවත් ඔයා හිරකරගෙන ඉන්නේ ...ඒක කියලා හිත නිදහස් කරගන්න ඔයාට උවමනා නැද්ද ...එන ඕන දේකට මුණ දෙන්න මම සූදානම් මුකුන්දා ..... උත්තර වල ස්වරූපය වෙනස් වුණාට හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා .... එහෙම කියපු මධූ මාව හෙමින් සිපගත්තා. මධූගේ වචන මාව තවත් ධෛර්යමත් කළා .අම්මත් එක්ක තනිවෙච්ච ලෝකෙ පිරිමින්ව තිත්ත වෙලා හිටපු ලෝකෙ මධූ මට දෙවි කෙනෙක් වුණා .අවුරුදු ගාණක් අඬපු මගේ ඇස් වල ඒ වෙනකොට කඳුළු තිබුණෙ නැහැ .එදා පැය දෙකක් පුරාවටම මගේ ජීවිත කතාවේ ඇත්ත කතාව මම මධූට කිවුවා . වචනයක්වත් කතා කරන්නේ නැතුව මධූ ඒ සේරම මගේ ඔළුව අත ගගා අහගෙන උන්නේ පුදුමාකාර සෙනෙහසකින් කියන එක නම් මට තේරුණා . කතාව ඉවර වෙනකොටත් මගේ ඇස් වල කඳුළු තිබුණෙ නැහැ . කාටවත් නොකියපු... රංජන්ව මම තල්ලු කරපු කතාව ...මම හිතුවේ ඒක මට කවදාවත්ම කාටවත්ම කියන්න බැරි වෙයි කියලයි .ඒ උනාට....... ඒ උනාට මධූ ගාව තනි වෙච්ච ඒ මොහොත..... මට ලොකු සැහැල්ලුවක් ගෙනල්ලා දුන්නා .මෙච්චර කාලයක් හිතේ හිර කරගෙන හිටපු ඒ වේදනාව ඒ වරදකාරී හැඟීම ...ඒ හැම දෙයක්ම ඇත්ත විස්තරය මධූට කිව්වට පස්සේ හිත නිදහස් වුණා . මට තේරෙන්නෑ මධූ... මම සමහරවිට වැරදි ඇති ..එදා ඕන තරම් මට රන්ජන්ගෙන් ගැලවිලා යන්න ඉඩ තිබුණා .ඒ උනාට මොන හේතුවක් නිසාද මම දන්නෑ පොඩි කාලේ ඉඳලම රන්ජන් ගැන මට තිබුණේ ලොකු වෛරයක් .මගේ අම්මා තාත්තා වෙන්කලේ ඒ මිනිහා . ඇහැට දැකල නැති උනත් මම තදින්ම විශ්වාස කරනවා මගේ තාත්තව ඇක්සිඩන්ට් කලේ ඒ මිනිහයි කියලා .. සමහරවිට මම හිතලම වෙන්න ඇති රංජන් උඩ තට්ටුවෙන් තල්ලු කරන්න ඇත්තේ.... අවුල් වෙලා තිබිච්ච මගේ කෙස් මුහුදු හුළඟට බුසු බුසු ගාලා පස්සට ගහගෙන යනවා කියලා මට තේරුණා . හෙට නඩුව ඉවර වෙයි.මම ඊට පස්සේ රට යනවා...... එහෙම කියලා මම මධූගේ මූණ දිහා බැලුවේ මාත් එක්ක ඔයත් යන්න එනවා නේද වගේ දෙයක් අහන්නයි . මධූගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා .වචනයක්වත් කතා නොකරපු මධූ කවදාවත් නැතුව මාව තද කරල තුරුල් කරගෙන මගේ හිස මුදුන තද කරලා ඉබගත්තා . කිසිම කෙනෙක් තේරුම් නොගත්තු .... කිසිම කෙනෙක් තේරුම් නොගන්න.... මගේ අතීතය මේ තරම් සංවේදී විදිහට මධු තේරුම්ගත් එක කොයිතරම් ලොකු දෙයක් ද කියලා කියලා මට දැනුනේ පුදුම සැහැල්ලුවක් . එදා උසාවියට අම්මයි මමයි දෙන්නම ගියා .මගේ නීතිඥයා හිටියේ සතුටුදායක මුහුණකින් . මිසිස් රනවීර....බයවෙන්න එපා ඔන්න මම කොහොම හරි වැඩේ ගොඩ දාල දෙනවා ....මට හොඳටම විශ්වාසයි අද මේක ඉවරයක් වෙයි ... එහෙම කියලා නීතිඥයා කියනකොට අවුරුදු ගානකට පස්සේ අම්මගේ මුහුණේ සැහැල්ලු හිනාවක් තියෙනවා මම දැක්කා . එදා නඩුව පටන් ගන්න කොට පුරුදු විදිහට මාව තමයි සාක්කියට කැඳෙව්වේ .අවුරුද්දකට වැඩිය නැග්ග කූඩුව මට එදා අලුත් දෙයක් වුණේ නැහැ .ඒ උනාට කවදාවත් නැතුව මේ වෙලාවේ මධු මගේ ලග හිටියා නම් කොයි තරම් හොදයිද කියලා මට හිතුනා . මෙහි සාක්ෂි සියල්ල කැඳවා අවසන් ද ......කියලා විනිසුරුතුමා උසාවියෙන් ඇහුවා . එසේය ..... කියලා මගේ නීතිඥයා නැගිටලා විනිසුරුතුමාට හිස පහත් කලා. objection my lord ...... රංජන්ගේ අක්කගේ නීතිඥයා මුළු උසාවියට ම ඇහෙන්න එහෙම කෑ ගහනකොට මට හිතාගන්න බැරි වුනා . ස්වාමීනි මගේ උගත් මිත්‍රයා හිතනවා ඇති මේ සිද්ධිය මෙතනින් ඉවරයි කියලා..මිනීමැරුමක් කරලා ඒක හංගන්න පුළුවන් නම් ....හැඟෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් .....නැත ස්වාමීනි නැත ....... මගේ අසරණ විත්තිකාරිය මුකුන්දා..... අද තමයි කරමුලටම අහු වෙච්ච දවස .... ස්වාමීනි මේක සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම ලබපු විශාල ජයග්‍රහණයක් ... මේ ඉන්නේ අවුරුද්දක් පුරාවට ම මුකුන්දා රණවීර පස්සේ ගිහිල්ලා අති දුෂ්කර කාල පරිච්ඡේදයක් නිමා කරලා අවසාන මොහොතේ ඉතා ප්‍රබල සාක්ෂියක් හොයාගත්තු අපේ පොලිස් රහස් පරීක්ෂක අංශයේ අංශ ප්‍රධානී නාමල් වනිගසූරියයි... ගරු ස්වාමීනී එතුමාව මෙම උසාවියට කැඳවීමට මට අවසර දෙන්න ... අවසර ලැබෙනවා .... හින්දි චිත්‍රපටියක වගේ උසාවියේ පැත්තෙ දොරෙන් ඇතුලට ආවේ සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇන්ද කළු කලිසමක් ඇඳලා දිලිසෙන්න මැදපු කළු සපත්තු දෙකක් දමා ගත්තු මධු වර්ණයි .තත්පර ගනනකට මට හිතුනා මම දකින්නේ හීනයක් කියලා . පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි ජාතියක් කියන එක එදා මධු වර්ණ ඔප්පු කළා . එදා මුහුදු වෙරලේ මං කතා කරපු හැම දෙයක්ම මධූ රෙකෝඩ් කරලා තිබුණා . එදා මුළු උසාවියට ම රෙකෝඩ් එක ඇහෙන්න සැලැස්සුවා .මට ඉදිරියෙන් තිබිච්ච විත්ති කූඩුවේ නැගල හිටපු මධූ දිහා මම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. මධූ මගේ මූණ දිහා කෙලින් බැලුවා. ඒ මූණෙ වෙනදා තිබුණු තේජාන්විත බව තිබුණේ නැහැ. පලවෙනි දවසෙ තමන්ගේ දරුවකු මොන්ටිසෝරියට දාලා යන්න වෙන තාත්තෙකුගේ මූණක් මම ඒ ඒ මූණෙන් දැක්කා . මගේ නීතිඥයා ඔලුව නමාගෙන ඉඳගෙන හිටියා . සියලු සාක්ෂි විමසා බලා මුකුන්දා රනවීර මෙම ඝාතනයේ වරදකරු හැටියට නීතිය පිළිගන්නවා. විනිසුරු තුමා එහෙම කියද්දි මදු ... මදු... ඇයි ඔයා එක පාරක් හරි මේ මිනිස්සුන්ට කිව්වේ නැත්තේ රංජන් ආවේ මාව දුෂණය කරන්නයි කියලා ..... ඇයි ඔයා එක පාරක් හරි මේ මිනිස්සුන්ට කිව්වේ නැත්තේ රන්ජන් තමයි මගේ තාත්තා මැරුවේ කියලා .....මධූ ....ඇයි ඔයා එක පාරක් හරි කිව්වේ නැත්තේ ........මං ඔයාට ආදරෙයි කියලා.......... කතාකරන්න මධූ..... ඕඩර්.. ඕඩර්... ඕඩර්......"පැහැසර, අද ශනායා ගෙ බ'ත්ඩේ පාර්ටි එක. මම හවස එළියට යනවා. එන්න ටිකක් රෑ වෙයි" "මොන විකාරයක්ද ශිරෝෂි මේ. හැමදාම පාර්ටි කියයි අරවා කියයි මේවා කියයි. උදේ පාන්දර යනවා මහ රෑ බීගෙන බේ.බ.ද්.දි.ය.ක් වගේ ගෙදර එනවා. ත.මු.සෙ පාර්ටි පාර්ටි ගගා මොන මොන ගුබ්බෑයං අස්සෙ රෝ.න්.දෙ ගහනවද, කොහේ ම.ක.බෑ.වෙ.න.ව.ද කියලා මම දන්නවද. මම ගැන නෙවෙයි, අර දරුවො දෙන්නා ගැන හිතලවත් පොඩ්ඩක් හැදෙන්න බලනවා ඕ.යි. මොන විකාරයක්ද මේ. ත.මු.සෙ. ගෑනියෙක් නේද? මටනම් දැන් ත.මු.සෙ.ව ඇති වෙලා තියෙන්නේ අප්පා, ශික්. මගෙත් කරුමෙ. අපේ අම්මයි අප්පච්චියිත් මගේ කරේ එල්ලුවා එකක්" හිතට ආපු ආවේගයට අඩිය පොළොවෙ ගහපු මම වචන වලින් පිට කරලා දැම්මෙ හිතට දැනුන කේන්තියයි වේදනාවයි. "අනේ මේ පැහැසර. අදත් පටන් ගත්තද උදේ පාන්දර. ත.මු.සෙ වගේ ගොඩයෙක්ව කසාඳ බැඳගෙන ළමයි දෙන්නෙක් වදපු පළියට මට බෑ මගේ ජීවිතේ නාස්ති කරගන්න. මේ මගේ ලයිෆ් ස්ටයිල් එක. මම ජීවත් වෙන්නෙ මට ඕන විදියට. ළමයි බලාගන්නයි ගෙදර වැඩ කරන්නයි තමයි සර්වන්ට්ලා ඉන්නෙ. මට ඕන මගේ ජීවිතේ විඳින්න. එහෙම නැතුව විඳවන්න නෙවෙයි. එන්ජෝයි ඊස් එව්රිතින්ග්" මම කේන්තියෙන් පුපුර පනින ඇස් වලින් බලාගෙන හිටියෙ මට ගස්සගෙන තරප්පු පේළියේ උඩට නැගගෙන යන ශිරෝෂි දිහා. හැමදාම වගේ අදත් දවස පටන් ගත්තෙ රණ්ඩුවකින්. ඇත්තමයි මේකනම් මහ කරුම ජීවිතයක්. දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් මගේ සතුට කැප කරගෙන කරගත්ත කසාඳයක්. මගේ සිතුම් පැතුම් හැඟීම් දැනීම් වලට නොදැනෙන සංකර ජීවන රටාවකට හුරු වෙච්චි උද්දච්ච ගෑනියෙක්. ඇවිදින සැලෝන් එකක්. දරුවො කියන බැඳීමට හිර වෙලා ලෝක මාන්නෙට විතරක් ගත කරන පවුල් ජීවිතයක්. "අනෙක අපේ මමීගෙනුයි ඩැඩීගෙනුයි ත.මු.සෙ.ට ලැබුන ඩවුරි එක මදි වෙලාද ආහ්. කෝටි ගානක ගේයි වෙහිකල් එකයි. ත.මු.සෙ.ගෙ අම්මයි අප්පච්චියිනෙ ඕ.යි අපේ සල්ලි වලට වහ වැටිලා ත.මු.සෙ.ව මගේ කරේ එල්ලුවේ. ත.මු.සෙ.ල.ගෙ අර ගරා වැටෙන මහලොකු වලව් පරම්පරාවෙ නම්බුව ආරක්ෂා කරගන්න ඕනවට. හරියට දැන් කතා කරන්නෙ මම බලෙන් ත.මු සෙ.ගෙ කරේ එල්ලුනා වගේනෙ. ඕහ් ශිට්. අර #හිඟන්නි, ඒකිවම බැඳගෙන පාඩුවේ හිටියනම් අද මමත් නිදහසේ ඉන්නවනෙ. නොන්සන්ස්" මොන හේතුවකට රණ්ඩුව පටන් ගත්තත් සුපුරුදු පරිදි අදත් ඒක අවසන් වුනේ #අරලියාගෙන්. හැමදාම වගේ ශිරෝෂි අදත් විඳින්න බැරිව විඳව විඳව, හිර වුන ජීවිතයක අතරමං වෙලා ඉන්න මාව මීට කාලෙකට කලින් විඳපු ලස්සන සරල සුන්දර අතීතයේ මතකයන් අතර අතරමං කලේ පිහි තුඩවල් වගේ තියුණු වචන වලින් හදවතේ ගැඹුරුම තැන් කීතු කීතු වලට ඉරා දමමින්. මගේ හිත නතර වුනේ මීට අවුරුදු අටකට පෙර අතීතයේ. #හිඟන්නි, ශිරෝෂි ඒ විදියට හැඳින්නුවේ #අරලියා ව. මම මේ ලෝකෙ දැකපු ලස්සනම අහිංසකම ඇස් දෙක, කාරුණිකම හදවත. මාව මං විදියටම දැකපු මාව මං විදියට තේරුම් ගත්ත ⁣මේ ලෝකෙ එකම කෙනා. අරලියා. "අපූරුයි, විජේවර්ධන පරම්පරාවෙ හාමු මහත්තයගෙ එකම පුතණ්ඩියගෙ හපන්කම්" "මොකද මොකද සුදු මැණිකෙ මේ කෑ ගහන්නෙ" "කෑ ගහන්නෙ, කෑ ගහලා මදි, මහත්තයා දන්නවද, මේකා කරලා තියෙන අසික්කිත වැඩේ. මේකා අර යසවතීගේ මිණිබිරී, අරලියා කියන උඩැක්කිය එක්ක පටලැවිල්ලක් හදාගෙන. අපි උඹව දුක් මහන්සි වෙලා හදලා වෛද්‍ය විද්‍යාලෙ යවලා ඉගැන්නුවෙ මේ ගමේ ඉන්න හිඟන හැ.ත්.ත එක්ක නෑකම් හදාගන්න ද. අපේ ඉඳුල් හෝදපු එවුන්. ඕකිගෙ අම්මා අප්පා මැරිලා ගියෙත් ඕකියෙ තියෙන මූ.ස.ල කමට. ඒ තරම් කා.ල.ක.ණ්.ණි කෙල්ලෙක් ඔය අරලියා කියන එකී" "අනේ අම්මෙ මේ, ඒ අහිංසක කෙල්ලට නිකරුනේ දෙස් දෙවොල් තියන්නෙ නැතුව ඉන්නවද, ඇයි අම්මලා මිනිස්සුන්ට ඔච්චර දුෂ්ඨකම් කරන්නෙ" "පෙනේද, පෙනේද මහත්ත
යා ඔහේගෙ පුතණ්ඩියාගෙ තරම. අර කොහෙවත් යන හිඟන කෙල්ලෙක් ලොකු කරගෙන වදාපු අම්මා වෙච්චි මා එක්කත් එකට එක කියාගෙන එනවනෙ" තහඩුකට බොරළු ගහන්න වගේ අම්මගෙ කටින් පිටවෙන වේගවත් වචන හමුවේ මම දැඩි ලෙස අසරණ වුනා. වලව් පෙළපතකින් පැවතගෙන එන, වංශක්කාරකමෙන් හිස උදුම්මාගෙන ඉන්න අම්මා කෙනෙක්ගෙත් අප්පච්චි කෙනෙක්ගෙත් එකම දරුවා විදියට මේ ලෝකෙට ඉපදුන මට පොඩි කාලෙ ඉඳන් හැදෙන්න වුනේ එයාලගෙ රූකඩයක් අනුව මිසක් මට ඕන කරපු නිදහස් ජීවතය අනුව නෙවෙයි. හැබැයි මොනා වුනත් මගේ අදහස්, ආකල්ප, සිතුම් පැතුම් ගතිපැවතුම් නම් අම්මටයි අප්පච්චිටයි වඩා හාත්පසින්ම වෙනස් වුනා. "පුතා, අරලියා ළමයා ගැන පුතාගෙ හිතේ අදහසක් තියෙනවා නම් දැන්ම ඒක හිතින් අයින් කර ගත්තොත් හොඳයි. විජේවර්ධන පරම්පරාවෙ එකම උරුමක්කාරයට අපේ ඉඳුල් හෝදපු එකියක් ලේලි කරගගන්න මමවත් අම්මවත් කවදාවත් ඉඩ දෙන්නෙ නෑ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගත්තොත් කාට කාටත් ඉස්සරහට ගොඩක් දුක් විඳින්න වෙයි" කියන දේ කරන කරන දේ කියන දරදඬු මනුස්සසයෙක් වෙච්චි අප්පච්චිගෙ දඩබ්බර වචන වලිනුත් රෞද්‍ර ඉරියව් වලිනුත් මගේ පපුව ගැහෙන්න වුනේ වෙන මොකුත් නිසා නෙවෙයි. අහිංසක අසරණ පවුලක් වෙච්චි අරලියායි එයාගෙ ආච්චිටයි අප්පච්චි අතින් කරදරයක් වෙයිද කියලා. 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 "අනේ පැහැසර මහත්තයා. මහත්තයයි අපේ අරලියා කෙල්ලයි අතර මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා නම් දෙයියන්ගෙ නාමෙන් ඒක නතර කරන්න. අපි හරි අහිංසක මිනිස්සු පැහැසර මහත්තයා. අනේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. විජේවර්ධන මහත්තයා අපිව මරලා හංගයි" "මේ මොකද අරලියාගෙ ආච්චි අම්මෙ. නැගිටින්න නැගිටින්න. මගේ කකුල් දෙක පාමුල වැටිලා මටත් පව් පුරෝනවනෙ. ආච්චි අම්මා බය වෙන්න එපා. අරලියාටවත් ආච්චි අම්මටවත් කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. මම ඉක්මනින් අරලියාව කසාඳ බඳිනවා. කවුරු මොනා කිව්වත්. එතකොට කාටවත් බෑනෙ මට මොකුත් කරන්න" "පැහැසර මහත්තයගෙ ඔළුව හොඳ නැද්ද, අපිට බෑ කළු ගලේ ඔළුව ගහගන්න. කෙල්ලට මම කටයුත්තක් බලලා තියෙන්නේ අපිට ගැලපෙන තැනකින්. හෙට අනිද්දම ඒකිව කසාඳ බන්දලා දෙනවා" "මො... මොකක්... නෑ... නෑ... ඒක වෙන්න බෑ. අරලියා ට බෑ මාව දාලා යන්න. අරලියා ට කවදාවත් බෑ මාව දාලා යන්න" "බොරුනම් කෙල්ලගෙන්ම අහගන්නකො පැහැසර මහත්තයා. ඕං කෙල්ලත් එනවා. කෙල්ලෙ. කියාපං උඹේ කටින්ම පැහැසර මහත්තයට අර කාරණාව ගැන" "ඔව් පැහැසර අයියෙ, ආයෙත් මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මම හෙට අනිද්දම කසාඳ බඳිනවා. ආයෙත් මට කරදර කරන්න එපා. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයාට පිං සිද්ධ වෙයි" ඇස් දෙක බිමට නැඹුරු කරගත්තු අරලියා දෑත් එකතු කරලා එහෙම කිව්වෙ ආයාචනාත්මක හඬකින්. "අරලියා.... ඔයාමද මේ, මේ ඔයාමද, ඔයාට පුළුවන් ද මට ඔහොම කරන්න. ඔයාට පුළුවන් ද ඔය විදියට ලේසියෙන් මාව දාලා යන්න. මැරෙන මොහොතෙත් මගේ මූන දිහා බලාගෙන මැරෙන්න ඕන කියපු ඔයාමද මේ" මගේ හිතට දැනුන අසරණකම වේදනාව වචන විදියට මුවින් පිටවුනේ වැහිබර වෙලා තිබුන අහස දෙදරරලා යන්න. සටපට ගාලා වැහි බිංදු වැටෙද්දි හිත කිව්වෙ ඒ වැටෙන්නෙ වැස්ස නෙවෙයි, මගේ කඳුළු කියලා. අදටත් ගං ඉවුරෙ තියෙන වැලි කැටයක් කැටයක් ගානෙ සාක්ෂි දරයි මගේ කඳුළු කොච්චර බරද කියලා. හෙන පුපුරන අහස සාක්ෂි දරයි ඒ අහසට වඩා වේදනාවක් මේ පපුව වින්දා කියලා. ඊට දවස් දෙක තුනකට පස්සෙ මට ආරංචි වුනා අරලියා කසාඳ බැඳලා එයාගෙ ආච්චි එක්කම ගමෙන් ගියා කියලා. ගෙදරින් ලැබුන පීඩනය නිසාත් අරලියායි ආච්චියි පිංසෙණ්ඩු වෙලා එයාලගෙන් ඈත් වෙන්න කියපු නිසාත් එයාලගෙ පස්සෙන් ගිහින් රිදිලි පෑරිලා පුපුරු ගහන හිත ආයෙ ආයෙම පාර ගන්න මට උවමනාවක් තිබුනෙත් නෑ. කඳුළු පේළියක් දෑස් වලින් රූරා වැටුනෙ ආයෙ ආයෙමත් ඒ දුක්බර මතක අළුත් වෙද්දි. ඇයි අරලියා ඔයා මාව දාලා ගියේ. ඔයා මාව තේරුම් ගත්ත තරමට. මම ඔයාව තේරුම් ගත්ත තරමට මේ ලෝකෙ වෙන කාටද පුළුවන් වුනේ අපිව තේරුම් ගන්න. ඔයා මගේ වුනානම් මම ඔයාගෙ වුනානනම් අද අපි කොච්චර සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ විඳිනවද. 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 "මහත්තයා.... මහත්තයා....." හොස්පිට්ල් එකට යනගමන් වාහනේ පාර අයිනෙ නතර කරලා ATM එකෙන් සල්ලි අරගෙන කළබලෙන් සල්ලි ටික පර්ස් එකට දාගෙන පර්ස් එක සාක්කුවට දාගන්න ගමන් ආයෙත් වාහනේට එන්න ආපු මම එකපාරටම නතර වුනේ පොඩි දරුවෙක් නොනවත්වා කෑ ගහන සද්දෙට. අවුරුදු පහක හයක පොඩි එකෙක් මගේ දිහා බයාදු දෑසින් බලාගෙන ඉන්නෙ මගේ පර්ස් එකත් මගෙ දිහාවට දික් කරගෙන. නාවර පෙරුනු මුහුණ, අපිරිසිදු ඇඳුම් නිසා ඒ වීදි දරුවෙක් කියලා තේරුම් ගන්න මට අමාරු වුනේ නෑ. මට ඒ ⁣දරුවව දකිද්දි එකපාරටම මතක් වුනේ මගේ ලොකු පුතාව. මේ වයසම මේ සයිස්ම ඇති මගේ දරුවත්. "මහත්තයා සාක්කුවට දාගන්න යද්දි පර්ස් එක වැටුනා" මම පර්ස් එක අතට ගනිද්දි පොඩි එකා කිව්වෙ බයාදු හඬකින්. මම කෝකටත් පර්ස් එක ඇරලා පරීක්ෂා කරලා බැලුවෙ පික් පොකට් කාරයො පර්ස් උස්සලා ආයෙත් පොඩි ළමයි අතේ මේ විදියට එනවනෙ. ඒ නැතත් මේ සමහර හිඟන පොඩි එවුන් හරි කපටියි. ට්‍රැපික් පෝලිමේ ඉද්දිත් ජනේලෙට තට්ටු කර කර සල්ලි ඉල්ලනවා. මිනිස්සුන්ගෙ අනුකම්පාව මාකට් කරන්න උං හරි දක්ෂයි. ඔය දේවල් හිත හිතා මම පර්ස් එක පරීක්ෂා කලත් එක රුපියලකවත් අඩුවක් තිබුනෙ නෑ. පුංචි එකා තාමත් බයාදු ඇස් වලින් මං දිහා බලාගෙන ඉන්නවා. මොනවා වුනත් හොරයක් බොරුවක් වංචාවක් නැති අවංක පොඩි දරුවෙක්. මගේ හිතට පොඩි එකා ගැන ලොකූ පැහැදීමක්, අනුකම්පාවක්, ආදරයයක් දැනුනෙ සිහින් හිනා රැල්ලක් මුවගෙ ඇඳෙද්දි. "ආ පුතේ, මේක තියාගෙන මොනා හරි කන්න" ආපිට පර්ස් එකෙන් රුපියල් දාහක් ඇඳලා පොඩි එකාට දික් කරත් ඌ අතින් ඒක එපා කියලා සංඥා කරලා දුවගෙන ගියේ අම්මා කියලා හිතන්න පුළුවන් කාන්තාවක් ලඟට. මූනත් එක්ක වැහෙන්න කොන්ඩෙ කඩාහෙලාගෙන අපිරිසිදු ඇඳුම් ඇඳලා හිටපු ඒ ගෑනු කෙනාගෙන් පෙනුනෙ මානසික රෝගී කාන්තාවකගෙ හැසිරීම් රටාවක්. යන ගමන නතර කරලා ආපහු ෆුඩ් සිටියට ගිය මම රුපියල් පන්දාහක් විතර වියදම් කරලා පොඩි දරුවො කන්න ආස විදියෙ කෑම වර්ග ටිකකුයි රයිස් දෙකකුයි ගිහින් ඒ අයගෙ ලඟින් තිබ්බෙ අවසරයකින් තොරවම. ඈතට එන මං දිහා පොඩි එකා දිලිසෙන ඇස් වලින් බලාගෙන ඉන්නවා මම දැක්කෙ වාහනේ ලඟට ඇවිල්ලත් ආයෙත් ඒ පැත්ත හැරිලා බලද්දි. 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 ඊට පස්සෙ එතනින් යන එන හැම දවසකම ඒ අම්මගෙයි පුතාගෙයි කුස පිරෙන්න දෙයක් වගේම ඒ පොඩි දරුවගෙ දිව පිනවන දෙයක් දීලා යන එක මගේ දින චර්යාවෙ කොටසක් වුනා. පොඩි එකත් හැමදාම වගේ මගේ හමුවීම බලාපොරොත්තුවෙන් හිටියා. අවුරුදු හත අටකට වැඩි කාලයක් තිස්සේ රිදීම් බිඳීම් පසුතැවීම් විඳවීම් වලින් හෙම්බත් වෙලා තිබුන මගේ හිත එක මොහොතකින් සනසන්න මේ කොහේවත් ඉඳන් ආපු වීදි දරුවෙක් සමත් වුනා. මගේ ජීවිතයට නැවුම් බවක්, ප්‍රබෝධයක් ගෙනාවෙ ඔහු. අවුරුදු ගානකට පස්සෙ මම සැහැල්ලුවෙන් හිනා වෙලා කතා කරන්නෙ ඒ දරුවා එක්ක. "පුතාට වෙන කවුරුත් නංගිලා මල්ලිලා නැද්ද, කෝ පුතාගෙ තාත්තා" "මට ඉන්නෙ අම්මා විතරයි මහත්තයා. තාත්තා ඉස්සර හැමදාම කු.ඩු. බොන්න සල්ලි ඉල්ල ඉල්ල අම්මට කරදර කර හිටියා. එකපාරටම තාත්තා ගෙදර එන්නෙ නැතුව ඇරියා. මට දැන් ඉන්නෙ මගේ අම්මා විතරයි මහත්තයා" පොඩි එකාගෙ කතාවෙන් මගේ පපුව හත් කඩකට පැලුනා වගේ වේදනාවක් මට දැනුනෙ. දෙයියනේ මේ ඉන්නෙ ත් මගේ ලොකු පුතාගෙ වයසෙම දරුවෙක්. ඒ ළමයි මහා මන්දිර වල සැප සම්පත් විඳිද්දි මේ වගේ අහිංසක දරුවො කී දෙනෙක් නම් පාරක් පාරක් ගානෙ දුක් විඳිනවද. දෛවය ඇයි මෙච්චර අකාරුණික. "පුතේ, මට මහත්තයා කියන්න එපා. අංකල් කියන්න" "බෑ බෑ මහත්තයා, අම්මා මට කියලා තියෙන්නේ ලොකු ලොකු මහත්තුරුන්ට මහත්තයා කියලා කතා කරන්න කියලා. අනෙක මහත්තයා දොස්තර මහත්තයෙක් නේද?" මම කොච්චර ඇවටිලි කලත් පොඩි එකා මගේ යෝජනාවට එකඟ වුනේ නෑ. 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 එක දවසක් මම සුපුරුදු පරිදි පොඩි දරුවවව බලන්න යද්දි එතන මහා කළබලයක්. මිනිස්සු වට වෙලා. මමත් කිට්ටු කරලා බැලුවෙ මොකක්ද මේ කළබලේ කියලා. "අනේ මහත්තයා, මගේ අම්මා වාහනයකට යට වෙලා මැ.රු.නා මහත්තයා. මට දැන් අම්මත් නෑ තාත්තත් නෑ" මාව දැකපු පොඩි එකා මගේ ලඟට දුවගෙන ඇවිත් මගේ කකුල බදාගෙන අඬ අඬ එහෙම කියද්දි මාව ගොළු වෙලා ගියේ පපුව වාවන්නෙ නැතුව යද්දි. "අනේ පව් මහත්තයා අහිංසක කෙල්ල. ඔහොම නිරපරාදේ මැරිලා යන්න ඕන එකියක් නෙවෙයි ඕකි. මීට අවුරුදු හත අටකට කලින් කළු සමන්තයව බැඳලා මෙහෙට එද්දි මේකි හරි ලස්සන කෙල්ල. ඈත ගමක දුප්පත් කෙල්ලෙක්. යාළු වෙලා ඉඳලා තියෙන්නේ ගමෙන්ම පෝසත් වලව්කාර පුතෙක් එක්ක. දෙන්නගෙ සම්බන්දෙ කොහොමටවත්ම නතර කරන්න බැරි තැන වලව්වෙ මහ අම්මණ්ඩි මේකිට කියලා මේකිගෙන් පුතාට අපලයි කියලා. කේන්දරේට කියවෙනවා කියලා මේකිගෙ අපලෙ නිසාම බැඳලා අවුරුද්දක් යන්න කලින් එක්කො කොල්ලා එක්තැන් වෙනවා නැත්නම් මැරෙනවා කියලා. වලව්වෙ මැණිකෙම තමයි මේකිට ඔය කළු සමන්තයව යෝජනා කරලා දීලා තියෙන්නේ. මේකි මේ කසාඳයක් බැඳගෙන විඳෙව්වෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි. වලව්වෙ පුංචි මහත්තයට තිබුන ආලවන්තකම නිසා. කළු සමන්තයා කු.ඩු කාරයනෙ. ඒකා කු.ඩු ගහන්න සල්ලි හම්බ කලේ හිඟමන් යැදලා. පස්සෙ කෙල්ලවයි දරුවා හම්බ වුනාට පස්සෙ දරුවවයි දෙන්නවම හිඟමනේ යැව්වා. යවලා හැමදාම කන්න නැතත් ඌට කුඩු ගහන්න සල්ලි ටික ඕන. ටිකෙන් ටික කෙල්ලගෙ ඔළුව අවුල් වෙන්න පටන් ගත්තා. දැන් ඔය නාවර පෙරාගෙ කළු ගැහිලා දැරහැව වගේ හිටියට ඉස්සර ඕකි බලන්න එපැයි. #අරලියා මලක් ම තමයි" දෙයියනේ... එතන හිටපු එක ගෑනු කෙනෙක්ගෙ කතාවට මම ඇහුම්කන් දුන්නේ අවසිහියෙන් වගේ. එතකොට.... එතකොට මේ ඉන්නෙ මගේ අරලියාවත්ද, මීට අවුරුදු අටකට කලින් අතුරුදහන් වෙච්චි මගේ අරලියාද.... මම පිස්සුවෙන් වගේ ගිහින් ඒ මුන වහලා තිබුන රෙද්ද අයින් කලේ මගේ ඇස් එච්චර අවාසනාවන්ත වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්. ඒත් මට වැරදු
නා. ඒ හිටියෙ මගේ අරලියා. මීට අවුරුදු අටකට කලින් අතුරුදහන් වෙච්චි මගේ අරලියා. හැබැයි, එදා රෝස පාටට පිම්බිලා තිබුන ඒ කම්මුල් අද කළු ගැහිලා වැහැරිලා, ඒ ලස්සන දිග කොන්ඩෙන් හතරෙන් පංගුවක්වත් නෑ අද. ඒ ලස්සන සියුම් සමේ තැනින් තැන සනීප නොවුන තුවාල, තුවාල කැලල්. කතාකරන හිනාවෙන ඒ ලස්සන ඇස් පියවිලා ගිහින්. හැබැයි එදා රෝස පාටට තිබුන ඒ තොල් පෙති අතර කවදත් වගේ සියුම් සිනා රැල්ලක් අදත් තියෙනවා. "#අරලියා........... දෙයියනේ මං වෙනුවෙන් ද හැමදේම කැප කරලා ඇවිත් මේ අපායකට වැටුනෙ අරලියා. අනේ ඇස් අරින්නකො අරලියා. ඉස්සර වගේ පැහැසර අයියෙ කියලා මාත් එක්ක දඟකාරකමට හිනා වෙලා කතා කරන්නකො අරලියා. අරලියා..... අනේ ඇයි මට මෙහෙම කලේ. පණ පිටින් ඉද්දිම මට මැරි මැරී ඉපදෙන්න ජීවිතයක් උරුම ක⁣⁣ලේ ඇයි අරලියා. අනේ එකපාරක් ඇස් ඇරලා කතා කරන්නකො අරලියා. අනේ කතා කරන්නකො...." මගේ වේදනාව වචන වෙලා පිටට ආවෙ කොළඹ අහසම කම්පා කරමින්. වටේපිටේ මිනිස්සු වගේම පොඩි එකත් මං දිහා වික්ෂිප්ත වෙලා බලා ඉද්දි. "පුතේ, මොකක්ද පුතාගෙ නම?" "පොඩි එකා ලඟ දණගහපු මම දරුවව මගේ පපුවට තුරුළු කරගෙන ඇහුවෙ ඇස් වලින් නොනවත්වා කඳුළු බේරෙද්දි" "#පැහැසර" කොල්ලා අහිංසක විදියට මම අහපු දේට උත්තර දුන්නේ මගේ වේදනාව දෙගුණ තෙගුණ වෙලා යද්දි. පොරොන්දු වෙච්චි විදියටම අවසාන මොහොත වෙනකංම ඔයාගෙ හිතේ හිටියෙ මම නේද අරලියා. බලාපොරොත්තු වෙච්චි විදියටම ඔයාගෙ මරණය සිද්ධ වුනෙත් ඔයාගෙ දෑස් මානෙ මං ඉද්දි නේද, "පුතේ, අද ඉඳන් මම තමයි ඔයාගෙ තාත්තා. මීට පස්සෙ මට මහත්තයා කියන්න එපා. මට තාත්තා කියලා කතා කරන්න. මීට පස්සෙ පුතාට කවුරු නැතත් පුතාගෙ හැම දේකටම මේ තාත්තා ඉන්නවා. එන්න පුතේ යමු අපේ ගෙදර" "තාත්තෙ" දහසක් බලාපොරොත්තු තියාගෙන මම කොල්ලගෙ ඇස් දිහා බලාගෙන මගේ හැඟීම් වචන කලේ කොල්ලගෙ කටෙන් මොන වගේ උත්තරයක් ලැබෙයිද කියන දෙගිඩියාවෙන්. ඒත් අවසාන මොහොතෙ කොල්ලා මට ඒ පදවියේ උරුමය ලබා දුන්නේ ලේ බැඳීමක් නැතත් ඒ ආත්මීය බැඳීමෙ වටිනාකම, උරුමය, කැක්කුම, සෙනෙහස මගේ පපුවෙන් දෝරෙ ගලද්දි. සමාප්තයි... 💝💝 මමත් පියෙකි පුත නුබ වැනි දරුවෙක් ගේ... මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ... බලා හිදිමි මම නුඹ නලවන්නට.... පොඩි හිස අතගා සුරතල් පුතේ කියා... පියෙක් ඉඳී පුත නුඹටත් කොතැනක හෝ... පිනක් නැතිද ඒ සෙවනෙ ඉන්න අහෝ... සිනාසියන් පුත කිරි දත් පෙන්නා.... මා අමතන විට සුරතල් පුතේ කියා.... වීදී කොනේ මාවත අද්දර.... හඩනා කිරි දරුවෝ.... කවදා හෝ නුබ වියපත් වූ දා.... පියා කොහේදැයි මවගෙන් අසනු එපා.... 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 හිතට ආපු පුංචි අදහසක් කෙටි කතාවක් විදියට අකුරු කලා. කියවලා බලලා ඔයාලගෙ අදහස් කියාගෙන යන්න කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා💖දෛවයේ සරදම්. ලතිකාකුමාරි වලව් ඉස්තෝප්පුවේ සිංහපුටුවේ වාඩිවෙලා දැන් පාර බලාගෙන පැය භාගයක් විතර. සිංහ පුටුව කිව්වේඒ පුටුවේ අත් , කකුල්,ඇඳි ,පතු ඔක්කොමසිංහ කැටයමින් අලංකාර කරලා තිබුන නිසා. මේ අරුක්ගොඩ මහ වලව්වේ ගාම්භීරකම සෞභාග්‍යය කැටයම්, ලියකම් සහිත වඩිම්බු ගැසූ , කැටයම් වැද්දූ මහා කණු වලින්බර දරා සිටින සිංහලඋලු හෙවිල්ලූ වහලිනුත් , මනාව නඩත්තු කල ඔස්ට්‍රේලියානු තණ පලසෙන් යුතු ගසෙන් ගස ඉතා සැලකිල්ලෙන් තෝරා ඒවාට නියමිත සුදුසුමතැන පැල කල මලින් , පලතුරෙන් බරවූ ගස් වැල්වලින් හෙවනවුනු අක්කර භාගයකට පමන වුන වලව්වත්තෙනුත් , වලව්වත්තේ හතර මායිම පනින්නටපඅවසරය ඇති ඕනෑම කෙනෙකුටඇස්පනාපිට දකින්නට ලැබුනා. වලව්වටඉදිරි පසින් ගොඩවෙන්නට අවසරය ලැබූ ඕනෑම කෙනෙකුට වලව්වේ ශ්‍රී විභූතිය එහි තබා ඇති මනරම් ගෘහභාන්ඩ වලින්ම මැනගන්නට පුලුවන්. අරුක්ගොඩ මහ වලව්ව එහිපෞරානික බව එලෙසින්ම රැකගනිමින් නවීන තාලයට අනුරූපව නඩත්තු කොට තිබුනේ එහි නිවැසියන්ගේ ධනවත්කම කැපී පෙනෙන අයුරින්. ලතිකාකුමාරි පාර බලන් හිටියට , ඇත්තටම හිටියේ සියුම් නොඉවසිල්ලකින්. අද උදේ කිරිහාමි උයන ගෙයි වැඩටඅලුතින් එක්ක ගෙන ආකෙල්ල , සමන්මලී ඇගේ සිත නොසන්සුන්කර තිබුනා. අනේමැනිකේ මේ මගේ නගාගේකෙල්ල, ඕකි ඉගෙන ගන්නහපනී, ඒත් ඉතින් මුන්නෙ අම්මට පැටව් අට දෙනෙක් නොවැ, පොත්පත්තොලට විය හියදං දරන්නමුන්නේ අප්පාට බැරිය කියන්නේ, මැනිකෙට කියාලා මේ උයන ගෙයි උදව්වට ගන්න බලාන්ට මම මේකිට කියැව්වා වර යන්න මා එක්ක්ලා කියලා. කෙල්ල දන දිගට කඩා හැලෙන කොන්ඩයකින් , ඇත් දල පැහැ සමකින් යුතු වයස අවුරුදුදහ අටක විතර සුන්දරඑකියක්. ලතිකා කුමාරි ගෙ ඇස් විදුලිවේගයෙන් කෙල්ලගෙ ඇඟේ ඉහලට පහලටගියා, මොකක්දනම කියැව්වෙ මේකිගෙ ? සමන්මලී , මැනිකේ , කෙල්ල බොහොම යටහත් පහත්ව උත්තර දුන්න. බොහොම අගේ ඇති නමක් නොවැ , හහ් , සමන්මලී ...., බොලැයි මහවුන්ට ඔයිට වැඩිය බරසාරනමක් තිබ්බෙම නැත උඹට නම්තියාන්න... කිරිහාමියො , බොට කියන්නේ .. මේකිට මලී කියාපිය, උඹත්දැන් බැරි බැරි ගානෙනිසා මේකි අත් උදව්වටකාරි නෑ. හැබැයි උඹේඇස් මානෙන්ම තියා ගනිං.ඔන්නමම නොකීවයි කියන්න එපා. ඒ කෙල්ලව දැක්ක වෙලේ ඉඳන් ලතිකාකුමාරිගේ හිතට හරි නෑ. දැන් මේ ඇය වාඩිවෙලාඉන්න පුටුවටත් කෙල්ල තණකොල පලසේ දමපු පැදුරකවී වනනවා පේනවා. උක්කුටියෙන් වාඩිවෙලා ඉන්න ඇගේ පුලුලුකුලත් , පාත්වී වී තුනී කරද්දී පෙනෙනඇගේ සුන්දර පියොයුරුත් , වී වනද්දී බිමගෑවෙන නිල් ඝන කලු කෙස් වැටියත් වාත්තු කලා වැනිවූ උල්නහයත් ,නිකටත්, පිරුනු තොල් සඟලත්, දිගුඇස් පිහාටුත් ලතිකා කුමාරිට බොහෝ කලකට පෙර අමතක වූ කෙනෙක් මතක්කරනවා.. - - ලතියා.... ඈත අතීතයෙන් කවුරුදෝ අඬගහනවා ඇහෙනවා.. ලතියා.. ඔව් ඇයත් මේ මලීවැනිමයි .. රූපයෙන් නම් මලීටත් වඩා ඉදිරියෙන් දුප්පත්කමිනුත් එහෙමමයි. පාරේ ගල් පාටියේවැඩ කරන්න ලතියා අම්මා එක්ක ගියේ මලීටත්වඩා පොඩි වයසකදි. ගල් එක්කඔට්ටු වුනත් ඇගේ මල් වැනි අතපය ඒ සියුමැලි කම එහෙමමපතියා ගත්තා, ඇය දිනෙන් දින රුවින් වැඩුනා. පාටියේ ඉන්ජිනේරු මහත්තයාගෙ නෝනා හාමුගේ ඇහැගැටෙනකම්ම ලතියාගේ ජීවිතය එහෙමම ගල් පාටියටයි ,දුප්පත්පැලටයි ගෙවුනා. නෝනාහාමු ලතියාගේ අම්මට මාසෙකට පඩියක් ගෙවන පොරොන්දුවට ලතියව කොලඹ ගෙනියන්න කතා කරගත්තේ නෝනාහාමුගේ දූ ගේ තනිනොතනියට කියලා. ලතියට නම් හිතුනේ බඩගින්නේ හරිඅම්මයි, නංගිලා දෙන්නයි එක්ක ගුලිවෙලා ඉන්නතිබුන නම් කියලා. ඒත් පඩි සල්ලි ගැන නෝනා හාමු කියන කොට දිලිසුන අම්මගේඇස් දැකල ලතිය තීරනයකලා නෝනා හාමු එක්කකොලඹ යන්න. අම්මවයි , නංගිලාවයි දාලා යනකොට නම් ලතියට දරා ගන්නම බැරිඋනා. ඇගේ ඉකි බිඳිල්ලනෝනා හාමුගෙ කාරෙක කොලඹටත් ඇවිත් විසාල බංගලාවක් ඉස්සරහා නවතනකුනුත් නැවතුනේ නෑ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් වෙන , වියයුතු ලෙසට ලතියත් අලුත්ජීවිතේට හුරුවුනා, මම නිසා අම්මලගේ ජීවිතේ පහසු වෙනවනේ කියනසිතුවිල්ල ඇයට දුක දරාගන්නඋදව් කරා. නෝනාහාමු අම්මට කිව්ව විදිහට නෙමෙයි අන්තිමේ ලතියා බේබි හාමුගේ තනිනොතනියට ඉන්න එක ඇර ඒ විසාල බංගලාවේ අනෙකුත් සියලු කටයුතු පහිනිපත් කරා. ඉව්වා , රෙදිහේදුවා,බංගලාව අස් පස් කරා.. අතු පතු ගෑවා. මහගෑනියක් වගේ මේ සියලුවැඩ කරත් ලතියගේ සුන්දරත්වය නම් දිනෙන් දින වැඩි දියුනුවුනා. . දුටුවන් පිනවන සුලු වුනා. ලොකුහාමු ඒ කියන්නේ ඉංජිනේරුමහත්තයා නම් කොලඹට ආවේගියේ කලාතුරකින් .නෝනා හාමුත් බංගලාවේ වැඩ ටික හරියට වෙන නිසා ලතියට කරුනාවෙන් සැලකුවා.. චූටි හාමු ඒකිව්වේ පරාක්‍රම බේබි ලතියට හරිකරුනාවයි , කිසිම වෙලාවක ලතියට ඇල්මකින් බැල්මකින්වත් වරදක් නෑ, නමුත් බේබිහාමු නම් උපන් ගෙයි යස්සනී වගේ.. ලතිය හැරුනත් වැරදියි. ලතිය බැලුවත් වැරදියි ලතිය කෑවත් වැරදියි ලතියාමොනවා කරත් වැරදියි. . ලතියෝඋඹ මගේ පව්ඩර් හොරකම්කරා නේද? එහෙමනැත්නම්.. ලතියා මෙහෙ වර උඹ මගේ මේ ස්කිර්ට් එකෆිට් ඕන් කරා නේද? ඔය වගේ බොරු චෝදනාඕන තරම්. ඇත්තම කතාව නම් බේබි හාමු ඉන්ද්‍රා ලතියාට ඉරිසියාවයි! අම්මගෙන් ගමෙන් ඒ කියන්නෙ පැල්මඩුල්ලෙන් එන ලියුම් නිසා ලතියා ඉවසුවා. ලියුම් ලියන්නේ නංගිලා ,දැන් ලතියාගෙ පඩි සල්ලි නිසා උන් ඉස්කෝලෙත් යනවා. ඉතින් ලතියට සතුටේ බෑ. ලතියට පුලුවන් යාන්තමට අකුරක් කියවාගන්නයි , ලියන්නයි විතරයි . ඒත් බොලේ මෙන්න නංගිලා දැන් ඉංගිරිසිත් ඉගෙනගන්නවලු . ඒ ඔක්කොම ඉතින් ලතියට පින්සිද්ද වෙන්න තමයි. ලතියාදවසක් බංගලාවෙ පිලිකන්නේ පොල් අතු වගයක් අහිනවා . ලතියට තේරුනා කවුරු හරි තමන් දිහා බලං ඉන්නවා වගේ හැඟීමක්. ගෑනුන්ටඔවැනි කාරනා වලදි ඉවක් තියනවානේ. හනික හැරිලා බලද්දි චූටි හාමුගේ යාලු මහත්තයෙක් කන්න වගේ බලන් ඉන්නවා. ඒ මහත්තයා ඇස්මානපු දිහාව තේරුන ලතිය ඉක්මනින් හැට්ටේකර උස්සා ගත්තා. ලතියා උඩු කයට හැට්ටකෑල්ලක් දා ගත්තට ඉන් යටට මුකුත්ම ඇඳ තිබුනේ නෑ. අර මහත්තයා ඔක්කොම දකින්නැති කියල හිතුනම ලතියගෙකම්බුල් රතුවෙලා , කන් වලින් දුම්දානව වගේ දැනුනා. ලතිය පොල් අතුයි පිහියයි බිම දාල හනිකට බංගලාවෙ කුස්සියට දිව්ව. එදයින් පස්සේ හැමදාම වගේ චූටි හාමුගෙ ඒ යාලු මහත්තයා බංගලාවටආවා ගියා. ඒ හැමවිටම ඒමහත්තයාගෙ ඇස් තමන් ලුහු බඳින වග ලතියට තේරුන. ලතියගෙ පපුවත් ඒ මත්තය දුටුවම ඩක් ගානව ඩික් ගානව වගේ වුනා .ඇඟ පුරා විදුලියක් දුවග කකුල් පන නැති වෙනව වාගේ වෙනව. ඒ මහත්තැන්ට තේදෙනකොට අතත් වෙව්ලනවා. නමුත් ලතියා මේ අලුත් හැඟීමට ආසා කරා. කවදවත් තමන්ට මෙහෙම දැනිල නෑනෙ කියලා හිතුනා. කොහොමින් කොහොම හරි චූටි හාමුගෙ කතාවලින් ලතියා ඒ මහත්තයාගෙ නමත් අල්ල ගත්තා . සුදර්මන් . . අපෙ අප්පෝ හරිම අපූරු නමක්නොවැ. ලතියට හිතුන. ඇඳුම්ගැන පෙනුම ගැන මෙලෝ සැලකිල්ලක් නොදක්වපු ලතියා දැන් තියෙන ඇඳුම්ටික වෙනදට වඩා පිලිවෙලට අඳිනවා, කොන්ඩෙ පීරල බැඳල සේපාලික හරි පිච්ච මලක්හරි ගහනවා. බේබි හාමුගෙ පව්ඩර්සුවඳ ගහන පිනිදිය දැන්නම් ලතියා ඇත්තටම හොරකම් කරනවා. කවුරුවත් කීවොත් කතා වල තමයිමෙහෙම ලියැවෙන්නේ කියලා , මේකත් ඇත්තම කතාවක් තමයි. සමහර දේවල් තියනවා වෙන්නම ලියැවෙන. ඉතින් ලියන්නම වෙනවා. අන්නඒ දෛවෝ
පගත දවස උදාවුනේ ඒ විසාල බංගලාවේ ලතියව විතරක් තනිකරලා. වෙන්නම ලියැවිලා තිබුන විදිහට ඒ ධාරානිපාත වැස්සේ බංගලාවෙ දොරකඩ සුදර්මන් මහත්තයා එකපාරට පෙනීසිටියාම අසරණ ලතියාගෙ හුස්මටික නැවතුනේ නැතුවා විතරයි. ගින්දරයි පුලුනුයි ලං උනාම ගිනි ගන්නාඑක අහන්නත් දෙයක්ද? , සුදර්මන් ඒ ලස්සන කෙල්ලගෙ සුන්දරත්වය තමන්ගේ ඇස් වලින් විඳගත්තා, සිනිඳු සිරුරේ සුවය,රස,පහසතමන්ගේ කරගත්තා. අවාසනාවට ලතියාට වෙච්ච දේ තේරෙන කොටවුනු දේවල් වෙලා ඉවරයි. අනේ මහත්තයා . අසරණමාව තනි කරන්න එපායි කියමින් හඬා වැලපෙන්න විතරයි ලතියාට පුලුවන් වුනේ. සුදර්මනුත් ඇගේ හිත සනසන්නනොයෙක් දේ කිව්වා. ඇත්තටමසුදර්මන් මේ අහිංසක කෙල්ලට කැමතියි , ඇගෙන් ලැබූ සුවය ඔහුටත් නැවුම් අත්දැකීමක් වුනා. නමුත් ඈ තනි නොකිරීමට පොරොන්දු වෙන්න තරම් ඔහු බොලඳවුනේ නෑ.ඔහු දැනසිටියා පවුලේ එකම පුතු වූ තමාට පරපුරෙන් පැවරී ඇති වගකීම. කොහොමත් නෝනා හාමු උදේ වරුවට බංගලාවේ රැඳුනෙම නැති තරම්. බේබිහාමු ඔය කේක් පංතියි පියානෝ ගහන්න ඉගෙන ගන්නයි යනවා. චූටි හාමු ක්‍රිකට් ගහන්නඔය මොකක්දෝ සමාජෙකට බැඳිලානේ ඉතින් කොයි වෙලෙත් පිත්තයි බෝලෙයි අරං යනවා , එන්නේ රෑට රෑ වෙලා. බොහෝවිට බංගලාවේ ලතියා තනි වෙනවා. . ඉස්සර මේ තනි විල්ලට ලතියා අකමැති උනත් දැන්නම් බලන් ඉන්නේ කොයි වෙලේ දෝ තනියමඉන්නේ කියලා. තනියම කිව්වට තනියම නෙවේ ඉතින් තනියම කන්න එන කෙනා එක්ක. සුදර්මන් එක්ක තනිවෙන එක, පෙම් සුවවිඳින එක ලතියගෙ ජීවිතේ ප්‍රියතම කර්තව්‍ය වෙනකොට වෙන්න ඕන ඒවා ඔක්කොමවෙනවා. එහෙම තමයි ලියැවිලා තිබුනේ . එදා තමයි ලතියා අම්ම කෙනෙක් වෙලා සුදර්මන් තාත්තා කෙනෙක් වෙන්න යන බව ලතියා සුදර්මන්ට කියූ දවස. ලතියගේ හිතේ ගැස්මක් තිබ්බා තමයි සුදර්මන් මේක කොහොම පිලිගනීදකියලා. නමුත් කතාව අහපු සුදර්මන්ගෙ හිතේ ඇතිවුන ගැස්ම තරම් නම් නෙමෙයි. සුදර්මන්දැනගන හිටියා මේ ගෙවෙන්නේ තමන් කොලඹ ගතකරන අවසන් දින කීපය බව, තමන්ට තව දින කීපෙකින් එංගලන්තය බලා වැඩිදුර ඉගෙනගන්න යන්න වෙන බව. ඒවගේම එංගලන්තේ ඉඳන් ආපු ගමං වත්සලා මැනිකේව කැන්දන් එන්න වෙන බව. වත්සලා මැනිකේ සුදර්මන්ගේ ලොකු නැන්දම්මාගේ එකම දුව. පවුලේ දේපොල පිට නොයන්නනේ මේ විවාහය මේ දෙන්නා පොඩිකාලේදීම පවුලේ වැඩිහිටියෝ සම්මත කරගෙන තිබුනේ. ඉතින් සුදර්මන් ට හරිම කනගාටුයි මේවුන දේට , ෂි ...මා අතින් වස වැරද්දක් වුනේ ..ෂි ...මා අතින් වස වැරද්දක් වුනේ සුදර්මන්කීපවාරයක් හිතින් හිතුවත් කීවේ නැහැ ලතියාට. සුදර්මන්ට මේ වෙලාවේ තිබුන එකම උවමනාව මේ කරදරයෙන තමන්ගේ නම සුද්ද කරගන්න එක. ලතිය මේඅහපං, කිසිම කෙනෙකුට , මම කියන්නේ කිසිම කෙනෙකුට මේ බව කියන්නඑපා. මගේ නම කිසිමකෙනෙකුට කියන්න බෑ හොඳේ. මම උඹව අතරමං කරන්නෙ නෑ. හැබැයි මගේනම නොකිව්වොත් තමයි ඒ. සුදර්මන් කියාගෙන කියාගෙන ගියේ ආවේගයෙන් ලතියාගෙ උරහිස් හොලවමින්. ඉතින් ලතියා , අනේ අසරණ ලතිය හඬා වැලපෙමින් උනත් පොරුන්දු වුනා ඔහුගේ ගෙ නම මේකිසිවකට නොගාවන බවට, එදායින් එදාමයි ලතියා ආයේ කවමදාවත් සුදර්මන්ව දැක්කෙ නැහැ. ලතියා කොපමන දවසක් දෑස් දල්වා බලාහිටියත් ඔහු ආවේ නැහැ. කවම කවදාවත්ම. ආදරයයි කැස්සයි හැංගුවත් කොහොමද දිනෙන් දින මෝරා එනකුසක් හංගන්නේ. ලතියට කෑම කන්නතියා ඒ සුවඳ වත්දරන්න බැරි උනා. වැඩපල කරගන්න අමාරු උනා. ලස්සන මූනකට සුදුමැලි වෙලා පිපිහලු උනා. ප්‍රියජනක හිනා පිරුනු දෑසේකඳුලු පිරී තිබුනා. ලතියගෙමේ වෙනස මුලින්ම ඉවවැටුනේ නෝනා හාමුගේ පලපුරුදුදෑසට. ඉන්පස්සේ ලතියට ලැබුනු අවලාද ගුටි බැට නිමක්නෑ.ඈ නොමරා මැරුවා විතරයි. නෝනා හාමු හිතුවෙමමේ අපරාදෙට වග කියන්න ඕන චූටි හාමු කියලා. මොකද ලතියා මොන තරම් ගුටිබැට කෑවත් මේ දරුවගේ පියාගැන වචනයක්වත් නොකියපු නිසා ,ඇය බයවුනා ලතියා ඇගේ සැකය තහරුවු කලොත්වෙන විනාසේ ගැන. ඒ නිසා ලතියාගෙක් ඉක්මනට නිදහස් වෙන්නයි නෝනා හාමුට ඕනඋනේ. දවසක් නෝනා හාමු ලතියාට පරනසූට්කේස් කබලක් දීලා කිව්වා ඇගේ සබ්බ සකලමනාව ඒකටඅහුරගන්න කියලා. යන්නෙ කොහෙද කියලවත් නොකියා ලතියව කාරෙකට ඇදගෙන ගිය නෝනා හාමු රථය බංගලාවේ සීමා මායිම් වලින්ඈතට පදවන් ගියා.. පිටිපස වීදුරුවෙන් ආපසු හැරී බැලූ ලතියා දුටුවේ පිටවීවන රථය දෙස දුකින් බලා සිටිනා චූටි හාමුයි. ඒ බංගලාවෙ අසරණ ලතියාට අනුකම්පාවක් දැක්වු එකම මිනිස් ප්‍රාණියා ඔහුයි . ඉතින් ලතියාගෙ ජීවිතේ තවත් එක් පරිඡ්චේදයක් මෙසේ නිමවුනා.. . නෝනා හාමුගේ රථය නගර පුරවරපසු කරමින් මහා විසාල මංදිරයක් ඉදිරිපිට නවත්තනකං ලතියා හිටියේ අන්දමන්ද ස්වභාවයෙන්. මොකද වුනේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න ඈට බැහැ. රථයෙන් බට ඔවුන් ඉදිරියට පැමිනියේ මඳක් වියපත් නමුත් පෞරුෂයෙන් අගතැන්පත් පියකරු කාන්තාවක්. ඔසරියකින් සැරසී, ඉතා අලංකාර අභරනාදියෙන්සැරසී සිටි ඇගෙන් උසස් වංශවත් බව ඉස්මතුවී පෙනුනා. නෝනා හාමුවත් ලතියාවත් හොඳින් පිලිගත් ඇය ලතියාව රැගෙන බංගලාවේ ඇතුලට ගියා. ඇතුලට ගිය ලතියා දුටුවේඇය වැනිම වූ කාන්තාවන් , බඩදරු කාන්තාවන් , කුඩා දරුවන් ඇකයේ හොවාගත් කාන්තාවන්, අඬන දරුවන් නලවන , කවන පොවන, නිදි කරවන කාන්තාවන්. ලතියා පසුව දැනගත් පරිදිමේ අසරණ වූ කාන්තාවන්ට රැකවරණ සලසන මන්දිරයක්. මෙහි වැඩි පිරිස ඈ වැනි ම වූ පියෙකු නොමැති දරුවන් කුස දරාගත් කාන්තාවන්. ඉතා කුඩා වයස් වලසිට මැදි වයස තෙක් අසරණ වූ වීදි සරන්නියන්ගේ සිට ඉතා ඉහල පවුල්වලට අයත් අසරණ ගැහැණු. ලතියාඉතා ඉක්මණින් මේ අලුත් පරිසරයට හැඩගැසුනා. මේ පරිසරයට ඇයප්‍රිය කලා. මෙහි බොහෝ කාන්තාවන් ඇය හා මිතුරු වුනා. ඔවුන් එකිනෙකාට උදව් උපකාර කරගත්තා. මේ පරිසරයේ ඔවුන් හැමෝම ඔවුන් පැමිනි පවුල් පසුබිම් නොතකා එකම අවාසනාවන්ත ඉරණමක කොටස් කාරයෝ වුනා. ලතියාව වඩාත්ම ප්‍රියකලේ මේ මහා මන්දිරයෙහි හිමිකාරිය වූ ලොකු හාමුනමින් සැවොම හැඳින්වූ කාන්තාව. ලතියාගේ පිරිසිදු , පිලිවෙල වැඩත් , පියකරු පෙනුමත් , විනීත ඉරියව් කතා බහත් මේ ලොකු නෝනාහාමුගේ හිත ගත්තා , එනිසා ඇය ලතියාට විශේෂ සැලකිල්ලක් දැක්වූවා. කාලයඉක්මනින් ගෙවුනා. එක සුන්දර සඳුදාවක උදයේ ලතියා රන්වන් සමින්, ඝන කලු කැරලි කොන්ඩයකින් සහ වටකුරු දෑසකින්යුතු රෝස මලක් වැනිපුතෙකුට උපත ලබා දුන්නා. මවත් පුතත් ඉතාම නිරෝගි සුවෙන්. මේ උපතත් සමඟම ලතියාටත් බිලිඳුපුතාටත් මන්දිරයේ අන් කාන්තාවන් වෙසෙන කොටසින් වෙන්ව , ලොකු හාමු සිය දැසි දැස්සන් හා වෙසෙන කොටසට උසස් වීමක් ලැබුනා. පුතු පැටියාගේ පින , ලතියා සිතුවා. පුතාට ලතියා සඳරුවන් යයි නම් තැබුවා. සුදර්මන් ගේ අනුරුවක් වැනිවූ පුතු නිරෝගී ව ,මවගේ නොමද ආදරයට ලක්වෙමින් ,ගුණෙන්ද, නුවණින්ද වැඩුනා. හැමෝම මේ දරුවාටත් මවටත් ආදරය කලා. ලතියා ට දැන් හැමෝම කතා කරන්නේ ලතා කියලා. මෙහෙම කතා කරන්න පටන්ගත්තේ ලොකු නෝනා හාමුයි. මංදිරයේ නිවැසි අනෙකුත් කාන්තාවනුත් ලොකු නෝනා හාමු අනුව යමින් ලතියා ට සැලකිල්ලක් දැක්වුවා. ලතියා දැන් ලොකු නෝනා හමුගේ කෑම බීම, ඇඳුම් , බෙහෙත් හේත් පිලියල කරනඇගේ සමීපතම සේවිකාව වගේ. පුතාට අවුරුදු තුනක් පමන වුනා. ඉතාම හුරුබුහුටි බුද්ධිමත් දරුවෙක්. එක්තරා දවසක ලතියා ලොකු නෝනා හාමුගේකෑම බීම ගැන කෝකියට උපදෙස් දී එනවිට ,සඳරුවන් සුදු යුවලක් තුරුලේ ඉන්නවා දුටුවා. සුදු ජාතිකයන් මේ මංදිරයේ නිතර ගැවසෙන එකත් , ඔවුන් සඳරුවන් හුරතල් කිරීමත් ලතියාට ඉතාම සාමාන්‍ය දෙයක්වුවත්, මේ දසුන නම්ඇගේ සිත්ගත්තේ නෑ. අනියත බියක් ලතියාට දැනුනා. ලොකු හාමු නෝනාගේ කැඳවීමත් ඒ සමගම ලැබුනාම ඇගේ ඒ බය තවත් තීව්ර උනා. ඇගේ සැකය සනාථ කරමින් ලොකු නෝනා හාමුකීව දෙයින් ලතියාගේ කකුල් පන නැති උනා. ඒ සුදු යුවල ලතියාටත් ලොකු නෝනා හාමුටත් විසාල මුදලක් දී සඳරුවන් දරුකමටලහදාගැනීමට ඉල්ලා තිබුනා. හිතාපන් දරුවා ගැන , ලමයගේ ජීවිතේ කොච්චර යහපත් වෙයිද ඒ වගේ දෙමාපියො ලැබුනම . . ලමයට අවුරුදු පහ ලැබුවාම කොහොමත් මෙහේ ඉන්න බැහැනේ. උඹට ලතා ඒ මුදලින් උඹේ ඉදිරි ජීවතය ලස්සනට ගොඩ නගාගන්නත් පුලුවන්නේ. ඒ සල්ලි අරන් පලයං ගමට,ගිහින් කසාදයක් එහෙම බැඳලා ලස්සන ජීවත් වෙයං. අනේබැහැ ලොකු නෝනා හාමු ,මගේ දරුවා මගේ පණ. මමදෙන්නෑ මගේ දරුවව කිසිකෙනෙකුට. ලතියා කෑ ගසමින් විලාපදුන්නා. නමුත් ඉතින් එහෙම වුනාට වැඩක්වුනාද ? නෑනේ. ලොකු නෝනා හාමුට උවමනා විදිහට තමයි හැමදේම සිද්දවුනේ. ඒ සුදු ජෝඩුව හැමදාම ආවා සඳරුවන් බලන්න. සඳරුවනුත් ඒ දෙන්නාට බොහොමකිට්ටු වෙනවා දැකලා ලතියාගෙ හිත දුකින් බරවුනා. ලතියාට තේරුනා තවත් මේ මංදිරේහිටියොත් ඇගේ ජීවිතේ වටිනාම වස්තුව ඇයට අහිමි වනබව. ඉක්මන් තීරනයක් ගත යුතුව තිබුනා. ලතියා දහ අතේ කල්පනා කලා . .මොකද කරන්නේ ... මොකද කරන්නේ .. ලතියාට එකපාරටම මතක් උනා රවිකුමාරව. රවිකුමාර අම්පාර පැත්තේ ඉඳන් ලඟදි ලොකුනෝනා හාමු ලඟ වැඩටආපු රියැදුරා. ආපු දවසේ ඉඳන්මලතියා ගැන ලොකු සැලකිල්ලක් දැක්වුවා. ලතියාවත් දරුවාවත් බාර ගන්න කීපවිටකදීම අහග තිබුනා. නමුත් වරක් ගිනි පෑගූ ලතියා මෙවර ගිනි පෙනෙල්ලටත් බව වුනා. ඒනිසා ලතියා රවිකුමාර ගේ යෝජනාව සිනාවකින් ඉවත දැම්මා. නමුත් දැන්නම් ලතියාට පෙනෙන හොඳම විසඳුම රවිකුමාර. අවලංගුකාසියක් වෙච්ච මට තවත් මොනවාකියලා වෙන්නද මගේ දෙයියනේ. මගේ දරුවව මට ලැබුනොත් ඒ ඔක්කොම මට උහුලතෑකි. ලතියා හිතුවා. ලතියායි රවියි සඳරුවන් අරගෙන මංදිරයෙන් පැනල ආවෙ අන්තිමට බංගලාවේ නෝනා හාමුගේ දුරින් නෑදෑ වෙන නෝනා කෙනෙක්ගෙ ගෙදරට. ඒ ගෙදර මිනිස්සු ලතියාට බංගලාවේ ඉන්දැද්දිත් ආදරය, අනුකම්පා කරපු අය. ලතියාගෙ මුලු කතාවම ඇහුවට පස්සේ අනේ ඒ මිනිස්සු ලතියාටයි දරුවටයි අනුකම්පා කරලා ඒගොල්ලන්ගෙ ඒවිසාල ගෙදර කාමරයක් දුන්නා ජීවත් වෙන්න. මේක කාමරයක් කිව්වට ඇත්තටම පරන ගබඩා කාමරයක්. අස් පස් කරලා , ඒනෝනා දුන්න ඇඳ කබලයි , මේසයයි, හැලි වලන් , පිඟන් කෝප්ප ටිකයි තියාගත්තම ඉතින් මේ කාමරය යාන්තම් ජීවත් වෙන්න සුදුසු තැනක් උනා. ලතියාගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක්
මෙසේ ඇරඹුනා. ලතියාට ජීවිතේ ලේසි පාසු උනේ නෑ. රවිට අලුතින් රැකියාවක් හොයා ගන්න වුනා ලැබුන පඩිය යාන්තම් තුන් දෙනාට කෑමට බීමට විතරක් සෑහුනා. රවී සඳරුවන්ට වෙනසක් නොකලත් ආදරය කලෙත් නෑ. නමුත් ලතියාගේ නොමද ආදරය මැදසඳරුවන් සඳක් සේ වැඩුනා. ලතියා ජීවිතේ ගැටගහගන්න නොකරපු දෙයක් නෑ. කඩවලට කෑමහදලා දැම්මා, ගෙවල් වල උයන්න , පිරිසිදුකරන්න ගියා. බෙහෙත් කඩවලට කලාඳුරු අල පවා සැපයුවා. ලතියා ජීවත් වුන ඒ විසාලගෙදර වත්ත කලාඳුරු පිරිලාතිබුනා. පොඩි සඳරුවන් මේහැම වැඩකටම පොඩි පොඩි අත්උදව් දුන්නා. ජීවිතේ සතුටු සාගරයක් නොවුනත් ලතියටයි , දරුවටයි කරදරයක් නැතිව ජීවත් වෙන්න ලැබුනා. රවිත් නරක මිනිහෙක් උනේනෑ. ඒ ගෙදර හිටපු බබාලා තුන් දෙනත් සඳරුවන් සමග මිතුරු වුනා. ඒ ගෙදර නෝනාගේ උදව්වෙන් ලතියා කොහොම හරි සඳරුවන් ව ලඟ පාත ඉස්කෝලෙකට දා ගත්තා. ලතියට හරිම සතුටුයි ඒ ඇයට නොලැබුන අධ්‍යාපනය දරුවට දෙන්න පුලුවන් වුන එකට. ජීවිතේ මෙහෙම ගලාගන ගියා, නැවතත් එක්තරා අඳුරු දවසක් ලතියාගේ ජීවිතේඋඩු යටිකුරු කරන තෙක්. ඒදවසේ උදේ වැඩට ගිය රවී නැවත ගෙදර පැමිනියේ නෑ. ලතියා කොපමන උත්සාහ කරත් ඔහු ගැන කිසිම ආරංචියක් ලබුනේ නෑ. ඔහු නැති වුනාටත් වඩා ලතියාට දුක ඔහුට කරදරයක් වුනාද කියන එක. කොහේ හරි හොඳින් හිටියොත් ඒ ඇති , මටමගේ ජීවිතේ උදව් කල එකම මිනිහා . .ලතියා රවී ගැන හිතුවේ එහෙමයි . නමුත් ලතියා ඇගේ හිත හදාගත්තා. බොහෝ දහිරිය සම්පන්න ගෑනු එහෙමයි. ලෝකේ කඩක් වැටුනත් තමන්ගේ ගමන යනවා. ලතියා වෙනදටත් වඩා මහන්සියෙන් වැඩකලා. ඒ ගෙදර නෝනා , මහත්තයා , ලමයි වෙනදටත් වඩා කරුනාවෙතන් ලතියටයි , දරුවටයි සැලකුවා. අනේ ඉතින්සත පහක් වත් ලතියගෙන් නොගෙන මෙච්චර අවුරුදු ගානක් ඉන්න හිටින්න දුන්න එකම මදැයි . එක දවසක් ඉස්කෝලේ ඉඳන් ආපු සඳරුවන් කියපු දෙයකින් ලතියාගේ හිත ආයෙත් සසලවුනා. ලස්සනට ඇඳ පැලඳපු නෝනා කෙනෙක් සඳරුවන් බලන්න ඉස්කෝලෙට ආවලු. දෙයියනේ ලොකු නෝනා හාමු ආයෙත් මගේ ලමයා කාටවත් දෙන්නහොයාගෙන ඇවිල්ලද ? ලතියාට හීන් දාඩිය දැම්ම. ලතියා ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල් මහත්තායගෙන් මේ ගැන විමසුවේ, එහෙම කොහොමද ඉස්කෝලේ ලමයි ඉස්කෝලේ වෙලාවේපිට මිනිස්සු මුනගැහෙන්නේ , ලමයි ඉස්කෝලෙ ආවම ප්‍රින්සිපල් ගෙ වගකීම නෙ කියලා ගෙදර නෝන ලතියාව දිරිමත් කරපු නිසා. ඒ නෝනා මහා දානපතිනියක්, මේ ඉස්කෝලෙට ආධාර කරන්නයි ආවෙ, නමුත් සඳරුවන් ගැන තමයි ඇහුවෙ , ඉතින් මට දරුවව පෙන්නන්නවුනා, දරුවා දැකල බදාගෙන ආදරය දැක්වුවේ . පුදුමේ කියන්නේ මේ දරුවව දරුකමට හදාගන්නත් ඇහුවනේ ලතෝ . ප්‍රින්සිපල් මහත්තයා එහෙම කිව්වම ලතියාට පුදුම තරහක් ආවේ. ඇයි හත් දෙය්යනේ මේකෙ වුන්ට මගේ දරුව හැර වෙන එකෙක් නැද්ද දරුකමට , මගේ අහිංසකයවම හොයන්නේ. ප්‍රින්සිපල් මහත්තයෝ , ඔන්න කිව්වා ආයෙත් ඔය අම්මන්ඩි ආවොත් එහෙම මගේ දරුව එහෙම පෙන්නනවා නොවෙයි ඕං. ලතියා ප්‍රින්සිපල් ටත් පොඩි තර්ජනයක් දැම්මා. . ලතියා බොහොම විමසිල්ලෙන් හිටියත් , බයෙන් හිටියත් ඉන්පස්සේ ඒ කාන්තාව ගැන කිසිම තොරතුරක් නැතුව මාසගානක් ගෙවිලා ගියා. ඉන් පස්සෙ ලතියාගෙයි සඳරුවන්ගෙයි ජීවිතෙ ආයෙත් සාමාන්‍ය වුනා. ලතියාට ඒ දවසේ කිසිම විශේෂත්වයක් තිබුනේ නෑ. නමුත් එදා වෙන්න ලියැවිලා තිබුන දේවල් ඒ විදිහට වෙන ඒ දෛවෝපගතදවස. ලතියාගෙත්, සඳරුවන්ගෙත් ජීවිත සැබෑලෙසම වෙනස් කරන ලෙසට ලියැවී තිබුන විදිහට අති නවීන කාරයකින් බැහපු ඉතා කඩවසම් පුද්ගලයෙක් , පාසැල ඇරිලා යාලුවෝ සමග පාර අයිනටවෙලා එන සඳරුවන්ගෙන් , පුතා ඔයාගෙ නම සඳරුවන්ද , කියල ඇහුවා . . සඳරුවන් ඔව් මහත්තයා කියල කිව්වා. . ඉතින් එච්චරයි , මෙන්න ඒ මහත්තයා මේ මහ පාර කියලවත් හිතන්නෙ නැතිව සඳරුවන් බදාගෙන ඉකිබිඳින්න ගත්තා. සඳරුවන් ට හිතා ගන්නබෑ මේ කවුද , මේමොනවද වෙන්නේ කියලා.. නමුත් මෙන්න ටික වෙලාවකින් සඳරුවන් මහත්තයාගේ කාර් එකේ නැගලාගෙදර යනවා.. සමහර බැඳීම් තියෙනවනේ නමින් නොකීවාට හදවතට දැනෙන, නේද ? සඳරුවනුයි , මහත්තයයි ගෙදර යනකොට ලතියා පිටිපස්ස වත්තේ බර වැඩක්. ගෙදර නෝනා එලියේ හිටපු නිසා එයා මේමහත්තයා එයාට ඔක්කොම විස්තර කිව්වා. නෝනා මොකද කරන්නේ මහත්තයා ට වාඩි වෙන්න කියලා බොහොම ප්‍රීතියෙන් , කලබලෙන් දුව ගිහින් ලතියාට; අනේ ලතියො ඔන්න පොඩ්ඩක් මූනකට හෝදන් රසට තේ එකක් හදන් එන්නකෝ , මගේ මේ යාලුවෙක් ඇවිත් , මම කතා කරන්නයනවා කියල නොපෙනී ගිය. ලතියත් ඉතින් අනේ ඒ විදිහට පොඩ්ඩක් ලක ලෑස්ති වෙලා තේ එකකුත් හදන් සාලෙට යනකොට නෝනා නම් නෑ , ඒත් මෙන්න සඳරුවන්ව තුරුල් කරගෙන විස්තර අහන මහත්තයෙක් නම් ඉන්නවා. මහත්තයා කව්ද කියලා දැක්ක ගමන් ලතියා ගෙ අතින් තේ බන්දේසිය බිම වැටෙනවා. මුලු ලෝකෙම කලුවරවෙලා කං ඇතුලින් හෝහෝ ගානවා. ඊලඟ මොහෙතේ ලතියාට සිහිය එනකොට ඇය අර මහත්තයාගේ තුරුලේ . .සඳරුවන් මේ දෙන්නාවම බදාගෙන , හරියට බයිස්කෝප් එකක දර්ශනයක් වගේ. මේ මහත්තයා ඉතින් පිටරට ගිය සුදර්මන් මිසක්වෙන කවුද? ලතියා තමන්ගේ දුකට , කේන්තියට ටිකක් හඬා වැලපුනාට මොකෝ මේ තුන් දෙනාව දැකපු ඕනම කෙනෙකුට ඇඬෙනවා සතුටට. තුන් දෙනාම රූපයෙන්බොහොම ප්‍රියජනකයි , හරියට එකිනෙකාට ගැලපෙන්න මහා බ්‍රහ්මයා මවලා වගේ . මේ කතාව ඇත්ත වෙන්නපුලුවන්ද ? නමුත් සුදර්මන් මේ ගෙදර නෝනාට කියලු විදිහට ඔහු විවාහ උන නෑනන්ඩිය වත්සලා කුමාරිහාමි ට දරුවෝ නෑ. අර සඳරුවන් බලන්න ඉස්කෝලෙට ආවෙ ඈ තමා. පරම්පරාවෙ නම ගෙනියන්න ලමයෙක්ඕන උන නිසාත් , වත්සලාට ඒ දරුවා දෙන්න හැකියාවක් නොතිබුන නිසාත් ඈ සුදර්මන්ගෙන් නීතියෙන්වෙන් වෙලා වැඩිදුර ඉගෙනගන්නකියලා රට යනවා. සුදර්මන් ලතියා ගැන වත්සලාට කියා තිබූ නිසා තමයි රට යන්න පෙර ඈ සඳරුවන් ගැන විස්තර හොයලා සුදර්මන් ට දෙන්නේ. වත්සලා කියන්නේ තමන්ට නොලැබුන සතුට කවදාවත් නොදුටු ගෑනියකට සහ ඇගේ දරුවාටඋරුම කරලා තම දෛවය සතුටු සිතින් භාරගත් උතුම් ගැහැනියක්. සුදර්මන් තම දරුවත් ඔහුගේ මවත් එදා ඔහුගේ අති අලංකාර රථයෙන් බොහොම ආඩම්බරයෙන් එක්ක ගියේ ඔහුගේඒ විසාල වලව්වට. ඉතින් කොහොමද අපේ ලතියා ලතිකා සඳකුමාරි මැණිකේ වුනේ .. ඒ සුදර්මන් ඈ නීතියෙන් විවාහ කර ගනිද්දි දුන්න නම. ලතියගෙත් සඳරුවන්ගෙත්නම් සුදර්මන්ගේ කුල ගොත් එක්කවෙනස් වුනා.සඳරුවන් දැන් සඳරුවන් කැලුම්ශ්‍රී අරුක්ගොඩ. ලතිකා කුමාරි ගෙන් සුදර්මන් සියදහස් වාරයක් සමාව ඉල්ලන්න ඇති ඈ දාලා යන්න ගියාට , ඔහු එහෙම කලේ ඇයට ආදරය නැතුවාට නොවේ , නමුත් පරම්පරාවේ සිරිත් රකින්න වුන නිසා බව කියමින් . නමුත් තමන්ගේ පුතාට පිය උරුමය දුන් මේ සෙනෙහෙවන්ත මිනිසා ගැන ලතිකා කුමාරිගේ හිතේ කිසිම කහටක් ,කැලලක් තිබුනේ නෑ. එදා වාගේම පිරිසිදු ආදරයම මිස. ඔවුන්ගේ ආදර කතාව අවුරුදු කීපයක් පමාවී හෝ භාධාවකින් තොරව ඇරඹුනා . දැන් ඔවුන් විවාහා වී අවුරුදු ගණනාවක් , සඳරුවන් දැන් ඉතාමත් කඩවසම්දක්ශ තරුණ නීතිඥ වරයෙක්. ඔහු තම පියාහා ඔවුන්ගේම නීතිඥ සමාගමක වැඩ. ලතිකා කුමාරි මේ පාර බලන් ඉන්නේ පියත්, පුතත් පංසලට ගිහින් එනතෙක්. හදිසියේම යමක් මතක් වූවා සේවාඩිවී සිටි සිංහ පුටුවෙන් නැගිටපු ලතිකා කුමාරි ඉක්මන් ගමනින් උයනගෙට ගියා. කිරිහාමියි, අර කෙල්ල සමන්මලියි බරටම වැඩ. මැනිකේ දුටු ඔවුන් කරමින් සිටි වැඩේ නවත්වා ගරුසරුව නැගීහිටියා. සමන්මලී , කෙල්ලෙ , උඹ ආයෙත් ඉස්කෝලෙ පලයං. උඹට ඉස්කෝලෙට විතරක්නෙමේ විස්සවිද්ද්‍යාලෙ ට උනත් මමවියදම් කරන්නම්. මේ වලව්වේ වැඩට ඔය ඕනතරම් මහ ගෑනු ඉන්නේ. උඹ ඉගෙනීමට හපන් එකේ ඉහලටම ඉගෙන ගනිං කෙල්ලේ.. උඹවත් උඹෙ අසරණ පවුලගොඩදාපං. ලතිකාකුමාරි , සමන්මලී ගේ හිස අතගාමින් පැවසුවෙත් , සමන්මලී ඇගේ දෙකකුල් මතවැඳ වැටී හඬා වැලපුනෙත්එක මොහෙතෙමයි. ඇ දෙවුරෙන් අල්ලා නැගිටින ගමන් ලතිකා කුමාරි , මං විඳි දුකම උරුමවුන අසරණ එකියක් එදුකින් ගලවාගත්තෙමි සිතමින් ඇස නැගි කඳුලක්හෙමින් පිහිදාගත්තා. නිලූසේනාධීර 25.11.23 (පින්තූරයඅන්තර්ජාලයෙනි. එහි හිමිකම සිත්තරා සතුය)-නොසැලෙන පෙම- ****************** කෝල් එක එනකොට කුමුදු හිටියෙ මල් ගස් වලට පෝර දමමින්. ලෑන්ඩ් ලයින් එකට කෝල් කරලම පණිවිඩය දෙන්න වුනේ මොබයිල් එකට පස් පාරක් කථා කරලත් ආන්ස නොකරපු නිසා කියල හිරන්‍යා කිව්ව. " අනේ ... ඔයා දැං යනවද මාවත් එක්කගෙන යන්න මෙහෙං එන්න. මං ටක් ගාල ලෑස්ති වෙන්නම් ... " කුමුදු පිස්සුවෙන් වගේ අතට අහු වෙච්ච ඇඳුමක් ඇඳගෙන ගෙදරින් එළියට පනිද්දිත් හිරන්‍යාගෙ කාරෙක ගෙදර ගේට්ටුව ගාව. වාහනයක් එළවගෙන යන්න පුලුවන් තරමෙ මාණසිකත්වයකින් නෙමෙයි කුමුදු කොහොමත් ඒ වෙලාවෙ හිටියෙ. දනිපනි ගාල ලෑස්ති වෙලා පොඩි හෑන්ඩ් බෑග් එක කරේ දා ගද්දි , ලොකු දුව සවින්දි අනුකම්පාවෙන් තමන් දෙස බලං හිටිය වගේත් මතක් වෙනවා දැං. " අනේ හිරු... කොහොමද ඒක වෙලා තියෙන්නෙ.." කුමුදු වෙව්ලන ස්වරයෙන් ප්‍රශ්න කරද්දි හිරන්‍යා පාර දෙසම බලාගෙන උත්තර දුන්නෙ වේග මාපකය 80 සීමාව පසු කරද්දි " හරියටම දන්නෙ නෑ ... මටත් කිව්වෙ කමල්. එයා අඬ අඬා කෝල් කරේ. යාළුවො සේරම දැං පිටත් වෙලාලු. සමහර විට සේරටම කලිං අපිට නවලෝකෙට යන්න පුලුවන් වෙයි... අයියෝ කොහොම විශ්වාස කරන්නද මේක. තවම වයස 49 යි. ගිය සතියෙ අපේ ගෙදර ආපු වෙලාවෙ කමල් එක්ක කියනව මට ඇහුනා නිසල් අයියට පණහ පන්නන්න බැරි මාරකයක් තියෙනව කියල. ඒත් මට හිනාත් ගියා ඔච්චර මොඩ'න් මිනිහෙක් ඔය වාගෙ දේවල් විශ්වාස කරණවද කියලත්... " මිනිත්තු විස්සට නාරාහේන්පිට ඉඳල නවලෝකෙට එන්න පුලුවන් උනේ දවල් වෙලාව නිසා. ඉස්කෝල නිවාඩු නිසා කොහොමත් වාහන අඩුයි. යාලුවො දෙන්න පණ කඩාගෙන දිව්ව නවලෝක රෝහලේ අධි සුඛෝපභෝගී කාමර අතරින් නිසල්ගෙ සුවිට් එක හොයාගෙන. හිරන්‍යා පසුපසින් කුමුදු දිව ගියේ කිසිම හැඟීමක් දැනීමක් නැතිව. ඒ වෙලාවෙ හිත නිකං හිස් සුදු කඩදාසියක් වෙලා තිබුණෙ. කාමරේ ඇතුලෙ කීප දෙනෙක්ම හිටියත් අඳුනන මුහුණු තිබුණෙ නෑ. තවම කට්ටිය මග එනව ඇති. හිරන්‍යායි කුමුදුයි දෙන්නම එකවර කාමරේ තිබුණු ඇඳ වෙත දිව ගියා.... හිරන්‍යා අත්
දෙකෙන්ම ඔලුව අල්ලගෙන " අනේ නිසල් අයියේ..." කියල විලාප දුන්නා... කුමුදු නිසොල්මනේ ඒ නිසල රුව දෙස බලා හිටියා. නිසල්ගෙ මුහුණයි ඔලුවයි තද වෙන්න පටියක් ගැට ගහලා. උඩු කය නිරුවතින්.බඩ ගාව ඉඳල විතරයි රෙද්දක් පොරවලා තිබුණෙ. හිනා වෙලා ඉන්නව වාගෙයි පේන්නෙ... කුමුදු හෙමින් ලංවෙලා මුහුණයි ඔලුවයි දෝතින්ම පිරිමැද්දා නිසල්ගෙ... බෙල්ලයි පපුවයි හිමිහිට අතගෑවා පපුව රිදෙනව නම් සනීප වෙන්න වාගෙ. කොයි තරම් නම් අතගාපු , ඔලුව ඔබාගෙන හිටපු පපුවක්ද... හිරන්‍යා ඇස් දෙක එළියට පනින්න තරං ලොකු කරගෙන තමන් දෙස බලං ඉන්නව නෙත් කොනෙන් පෙනුනත් කුමුදුට ඒකෙ වගේ වගක් තිබුණෙ නෑ...ඇය දිගටම නිසල් අයියගෙ මුහුණ පපුව පිරි මැද මැද ඔහුට කියා ගන්න බැරුව හිතේ ගුලි කරං හිටපු සේරම දේවල් නිසල්ගෙ නිසල මුහුණට මුමුණන්න වුනා. " අනේ නිසල් අයියේ...මේ නංගිට සමාවෙන්න ඔයා ලඟ ඉන්න බැරි වුනාට. ලබන ආත්මෙවත් මගේම වෙන්න මගෙ අයියේ...." මොන තරම් දේ කණට කෙඳිරුවත් කුමුදුගෙ ඇස් දෙකින් එක කඳුලක් වත් වැටුණෙ නෑ... ඇයටම හිතා ගන්න බැරි වුනා ඒ ඇයි කියල. කුමුදුට නිසල් අයියගෙන් සමු ගන්න ලැබුණෙ ටික වෙලාවයි... සාත්තු සේවකයින් දෙදෙනෙක් ඇවිත් මළ සිරුර මෘත ශරීරාගාරයට ගෙනියන්න සූදානම් වෙමින් හිටියා. හිරන්‍යා ලඟට ඇවිත් ඉතාම හිමිහිට කිව්වා " කුමූ.... ඔය ඇති. මෙයාලට ඉඩ දෙන්න බොඩි එක අරං යන්න.." කියල පියවි සිහියට ඇවිත් කුමුදු පසු පසට වුනා. ඇටෙන්ඩන්ල දෙන්න හරීම අනුකම්පා සහගතව කුමුදු දෙස බලමින් , නිසල්ගෙ මළ සිරුර ට්‍රොලියක තබාගෙන තල්ලු කරමින් ඈතට ගෙන ගියා. කුමුදු වගේම දුක්මුසු මුහුණකින් ඈත යන ට්‍රොලිය දෙස බලාගෙන හිටියත් හිරන්‍යා නෙමෙයි වැරදිලාවත් ඇස් කොනින්වත් කුමුදු දිහාවෙ බැලුවෙ... " නරිනාටක..... මෙයා හොඳ සමයමක් නටල වගෙයි නිසල් අයියත් එක්ක... චිහ්ඃ මොන තරං කැතයිද... මෙච්චර ලඟිං හිටපු මංවත් දැනං හිටියෙ නැහැනෙ මේ දේවල්... හයියෝ අර මහසෙන් අයිය එහෙම දන්නව නං මේ ගෑණිට වෙඩි තියල ඌත් වෙඩි තියා ගන්නව... චිකේ චිකේ... " හිරන්‍යා ගෙ සිතුවිලි තව දුර ගමන් කරන්නට පෙර ඇගේ සැමියා වූ කමල් , කුමුදුගෙ පුංචි අයියා ලහිරුත් එක්ක පණ දාගෙන හඬමින් කාමරේට ඇතුලු වුනා. --------------------------------- නිසල් කියන්නෙ කුමුදු ගෙ පුංචි අයියගෙ පොඩි කාලෙ ඉඳලම හොඳම යාළුව. අනිත් යාළුව තමයි කමල්. පහේ පංතියෙ ඉඳලම මේගොල්ල කොළඹ තියෙන ලොකුම පිරිමි පාසලේ එකට ඉගෙන ගත්තෙ. කුමුදු විවාහ වෙච්ච මහසෙන් , ලොකු අයියගෙ හොඳම යාළුවා. ඒ කට්ටිය සේරම එකම ඉස්කෝලෙ නිසා පුංචි කාලෙ ඉඳලම හොඳ යාළුවො. ක්‍රිකට් ගැහුවත් ට්‍රිප් ගියත් වෙන ගමන් ගියත් කට්ටියම එකට. එකිනෙකාගෙ ජීවිත වල කිසිම දෙයක් අනිත් අයට රහසක් වුනෙත් නැහැ. මේ කට්ටියගෙන් නිසල් ඇරුණම අනිත් සේරම ධනවත් පවුල් වල ව්‍යාපාරික පියවරුන්ගෙ දරුවො. නිසල්ගෙ දෙමව්පියො මධ්‍යම පාංතික ගුරුවරු නිසාම ඉහලම ලකුණු අරං පහේ ශිෂ්‍යත්වය සමත් වුනු නිසල්ව රටේ උසස්ම පාසලට දමා ගන්න සමත් වුනා. සමාජ මට්ටම් කෙසේ වෙතත් යාළුවො සේරම බඩ බැඳගෙන ඇසුරු කළේ සහෝදරයො වාගෙ. කුමුදුටත් මේ කිසිම කෙනෙක් අමුත්තො උනේ නෑ කුඩා කළ පටන්ම. කොටින්ම ඇගේ පාසල් මිතුරිය වුනු හිරන්‍යා විවාහ වුනෙත් පොඩි අයියගෙ අනිත් මිතුරා වුනු කමල් එක්ක. මේ යාළුවො සේරම අතරින් ඇගේ හිත කුඩා කාලයේ සිටම දිනාගෙන හිටියෙ නිසල් අයියා. ඒ අවිහිංසක ගති පැවතුම් නිසාත් ,තමුන්ට වඩා අඩු සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරපු නිසාත් , ඉගෙනීමට ගොඩක් දක්ෂ වුනු නිසාත් වෙන්න ඕනෙ.... නමුත් ඒ කැමැත්ත ලෙංගතු කම කිසිදා ආදරයක් බවට නොහැරුණේ දෙදෙනාම තමන් අතර තිබූ පරතරය නිහඬවම අවබෝධ කරගෙන සිටි නිසාම වෙන්න ඇති. ලෙංගතු සහෝදර බැඳීමක් තිබුණ වුනත් කුමුදු , නිසල් අයියා එක්ක වැඩි කථා බහකට පෙළඹුනෙත් නෑ සමහරවිට යටිහිත අවවාද කරන්න ඇති එහෙම ඉන්න කියල ... තමුන් මහසෙන්ව බඳින දවසෙ ගොයිං අවේ සාරියෙන් සැරසිලා කට්ටිය අතරින් මහසෙන්ගෙ අතේ ඉල්ලීගෙන එළියට එද්දි නිසල් අයිය ටිකක් ඈත ඉඳං දුක්බර මුහුණකින් බලං ඉන්නව දැක්කම කුමුදු ගැස්සිලා ගියා... අයියගෙ අනිත් යාළුවො සේරම ලංවෙලා හිනැහෙමින් ප්‍රීතිවෙමිනුයි හිටියෙ. ඒ නිසාම නිසල් එතන නැති එක කාටවත් තේරුණේ නැහැ. ----------------------------------- කාලය ගත වුනා. කුමුදු දුවල දෙදෙනෙකුගෙ මවක් වුනා. මහසෙන් ඔහුගෙ පියාගෙ ව්‍යාපාර භාර අරගෙන අතිශය කාර්යබහුල වුනා. අනිත් අයත් තම තමුන්ගෙ දේවල් ගොඩ නගා ගත්තා. නිසල් ඉහළටම ඉගෙන ගත්තත් රැකියාවක් නොකර තමුන්ගෙම ව්‍යාපාර කීපයක් ආරම්භ කරල ලොකු ධනවතෙක් බවට පත් වුනා. ලස්සනට ගෙවල් දොරවල් හදල අම්මට තාත්තට සැපෙන් ඉන්න සලස්සල දුන්නා. එකම නංගිව අමෙරිකාවට යවල උසස් අධ්‍යාපනය ලබා දුන්නා. යාලුවන්ගෙ ඕනෙම දේකදි නොපැකිලව ඉදිරිපත් වුනා විතරක් නෙමෙයි , යාලුවන්ගෙ යාලුවන්ට පවා තමන්ට හැකි උපරිම ලෙස උදව් කළා. පවතින රජයේ මුල්ම පුටුවෙ හිටි කෙනාට නමින් අමතන්න තරම් ප්‍රබල තත්ත්වයක් සහ බලයක් ගොඩ නගාගෙන හිටියත් නිසල් විවාහ වෙලා නම් හිටියෙ නැහැ. තනිවම අධි සුඛෝපභෝගී තට්ටු නිවාසයක තමයි ඔහු ජීවත් වුනේ. ඔහුගේම අවන්හල් වලින් ඔහුට කෑම සැපයුනා. හැම රෑකම මැති ඇමති ගොල්ලො පිරිවරාගෙන පවත්වන සාද නිසා මහ දෙගොඩහරි ජාමෙ ගෙදර ගිහිං වයසක අම්මව අවදි කරණවට වඩා තනියම ඉන්න එක නිදහස් බවයි ඔහු හිතුවෙ. නමුත් හැමදාම හවස හතරට අම්ම තාත්ත බලන්න ගෙදර ගියා. ආපහු එන ගමන් ඔහුගෙ තරු හතේ රෙස්ටොරන්ට් එකටත් ගොඩ වදිනව හැමදාම... ලොක්ක අවධානෙන් ඉන්න බව අඟවන්නත් එක්කල. විවාහයෙන් අවුරුදු දහයක්ම ගත වුනත් කුමුදුට නිසල් මුණ ගැහුනෙ නෑ... කුමුදු කාලයක්ම මහසෙන් එක්ක නවසීලන්තයේ පදිංචි වෙලා ඉඳල තමයි ලංකාවට ඇවිත් පාක් රෝඩ් එකේ , මහසෙන්ගෙ මහ ගෙදරට අල්ලපු ඉඩමෙ ගෙයක් හදාගෙන පදිංචි වුනේ. කුමුදුට ආරංචි වුනා නිසල්ගෙ දියුණුව... අනේ හරි සතුටක් ඇති වුනා හිතේ... නොබැඳ ඉන්නෙ ඇයි කියල කුතුහලයකුත් ඇති වුනා. මොනවයිං කියල අඩුවක්ද...!!! මධුරි ඩික්සිත්ව උනත් බැඳ ගන්න බැරියැ. නිතරම ඉංදියාවෙත් යනවලුනෙ බිස්නස් වලට. මාසෙකට සැරයක් කොහේ හරි රටකට යනවාමනෙ. දිගු කාලෙකට පස්සෙ කුමුදුට නිසල්ව මුණ ගැහුනෙ පොඩි අයිය ලහිරුගෙ ගෙදර තිබ්බ පුතාගෙ උපන්දින සාදයෙදි. මහසෙන් ට නම් ඊට කලිං ගොඩාක් සැරයක් හම්බ වෙලා තිබුණ විවිධ ප්‍රියසාද වලදි. කුමුදුගෙ මිතුරියකගෙ අක්ක කෙනෙකුගෙ දුවක් විශාඛාවට දම්මව ගන්න උදව්වක් ගන්න තමයි මුලින්ම නිසල් අයියගෙ මොබයිල් එකට කෝල් කරන්න සිද්ද වුනේ... නොම්මරේ ඉල්ල ගත්තෙත් මහසෙන් ගෙන්. අනේ එදා ඒ කෝල් එක නොගෙන හිටිය නම් දෙවියනේ.... යාළුවගෙ වැඩේට කරපු කථාව එතනින් නැවතුනේ නෑ... දිගටම කෙරෙණ කථාවක් බවට පත් වුනා ඒක. හැමදාම රෑට පැයකටත් වඩා ටෙලිෆෝන් එකෙන් මේ කථා බහ සිදුවුනා. මහසෙන්ට මේ කිසි දෙයක් දැනුනෙවත් නෑ. ඔහු කංතෝරු කාමරේට වෙලා ව්‍යාපාර වැඩ කරලා , පත්තර කියවලා , සමහර දාට යාළුවො එක්ක ක්ලබ් එකටත් ගිහිං එද්දිත් අර දෙන්නා කථාව. ඇරත් කුමුදුට රට පුරාම යාළුවො නිසා රෑට ටෙලිෆෝන් එකේ එල්ලිලා ඉන්න එක අරුමයක් වුනේ නෑ. කථාවෙන් විතරක් සෑහීමට පත් වෙන්න බැරි උනාම තමයි මහසෙන් බිස්නස් වැඩකට ඕස්ට්‍රේලියාවට යන දවසක නිසල් මහ රෑ කුමුදුලගෙ ගෙදර ආවෙ. එදා දෝරෙ ගැලුව දෙන්නගෙ ආදරේ.... දෙන්නම දෙන්නට මුලු හදවතින්ම ආදරය කරන්න පටන් අරන් තිබුණා කරන්නෙ ලොකු වරදක් බව දැන දැන වුනත්. ආයෙමත් ගෙදරට එන්න නිසල් අකමැති වුනු නිසා දෙන්න මුණ ගැහුනෙ නිසල්ගෙ ක්‍රෙස්කැට් අපාට්මන්ට් එකේ... අල්ලපු වැටේ නැන්දම්මලත් ඉන්න නිසා ඒකට කුමුදුත් කැමති වුනා. මාසෙකට වරක්වත් මහසෙන් පිටරට යන නිසා කුමුදුට නිසල් හමුවෙන එක කිසිම ගැටළුවක් වුනේ නැහැ. නිසල් කියල තිබ්බෙ ගෙදර කාරෙකෙන් වත් එන්න එපා කියල. කාර් එකේ මගට ගිහිං වීදුරු කලු කරපු කැබ් එකක් ගෙන්වාගෙනයි කුමුදු ඒ ගමන ගියේ හැමදාමත්. ‍යන හැම තැනකම අයියලගෙ , මහත්තයගෙ යාළුවො... ඇරත් නිසල් කියන්නෙත් ප්‍රසිද්ධ චරිතයක්නෙ. දෙන්න ගොඩාක් පරිස්සම් වුනු හිංදා අවුරුදු හතක්ම මුලු ලෝකෙටම හොරා මේ ආදරය අරං ගියා කඳුලැලි හසරැළි මැදින්.... නිසල්ගෙ හිතේ ලොකු කම්පාවක් පසුතැවීමක් තිබුණා මහසෙන්ව කැත විදිහට රවටන එක ගැන. අනික අර අහිංසක කෙල්ලො දෙන්නා... නිසල්ගෙ පපුව ඇවිලෙනව ඒ මුහුණු දකිද්දි... ඒ කිසිම දේකටත් වඩා පුංචි කාලෙ ඉඳලම තමුන්ට සහෝදරයෙක් වගේ සලකපු හොඳම යාළුවා ලහිරුගෙ නංගිගෙ ජීවිතේ නේද මේ තමුන් විනාශ කරන්නෙ කියල හිතෙන කොට මේ සම්බන්ධය නතර කරල දාන්න හිතුන වාර අනන්තයි. ඒත් හිත හදාගෙන ඉන්න පුලුවන් උපරිම දවස් දෙකයි. ආයෙත් සුපුරුදු විදිහට දෙන්නම අඬ අඬා කථා කරණවා. නිසල් තමුන්ගෙ පැත්තෙන් මේ රහස උපරිමයට රැක්කත් කුමුදු... ලෝකෙන්ම තව එක පුද්ගලයෙකුට විතරක් මේක කියල තිබුණා...හිතේ බර තනිවම දරාගෙන ඉන්න බැරි නිසාම. ඒ තමයි නවසීලන්තයෙදි ඇසුරු කරපු හොඳම මිතුරිය අවන්තිකා. ඇය මේකට කිසිම අනුබලයක් නොදුන්නත් කුමුදුගෙ දුක අහං හිටියා. නිසල් තරහ වුනාම ඔහුට ටෙක්ස්ට් කරන්න කුමුදුට කවි ලියල යැව්වා. ඇරත් නිසල් පිටරට සවාරි ගියාම ගෙනත් දෙන වටිනා සුවඳ විලවුන් , ඔර්ලෝසු , හෑන්ඩ් බෑග් එහෙම අවන්තිකා එවන ඒව විදිහට තමයි මහසෙන් ප්‍රශ්න කළොත් එහෙම අඟවන්න සූදානම් කර ගත්තෙත්.... හැබැයි සල්ලි හම්බ කරන්නම කැප වෙලා හිටපු මහසෙන්ට ඒවගෙ වගක් තිබුණෙ නෑ. මේ සම්බන්ධෙ නිසා තමනුත් ඉමෝෂනලි අනවශ්‍ය බැඳීමක කොටස් කාරයෙක් වගේ අවන්තිකාට දැනුනත් ... යාළුව කෙරෙහි තිබුණ ආදරය සහ අනුකම්පාව නිසාම ඇගේ කරදර ඉවසුවා. මහ පාන්දර දෙකට තුනට උඩ විසීවෙලා ඇහැරවගෙන ලංකාවෙන් එන කුමුදුගෙ දුරකථන ඇමතුම් උනත් මැදිහත් සිතින් ඉවසමින් ඇගේ දුක් අඳෝනා අහගෙන හිටියෙත් ඒ නිසාමයි. " මොකද්ද ළමයො... මේ කුමුදුට වෙලාවෙ වෙනසත් අමතක වෙලාද... දවාලක කථා කරන්න කියන්නකො... මොන කරදරයක්ද... " මහ රෑ නින්ද කැඩීම නිසා කනු කුනු ගාන සැමියාට නිදා ගන්න ඇරල අවන්තිකා පහළ තට්ටුවට ගිහි
ං එළිවෙන තුරු කුමුදු එක්ක කථා කරමින් ඇය සනසනවා. " ඔය නිසල් අයියට කසාදයක් බැඳ ගන්න කියන්න... එතකොට ඕක ඔහොමම මග ඇරිලා යයි. " දවසක් අවන්තිකා කිව්ව. " එයා කියනවනෙ මං වෙනුවෙන් තනිකඩව ඉන්නව කියල. මාත් කැමතියි එයා බැඳල ලස්සනට ඉන්නවට.." කුමුදු හිතට හොරා කථා කරණ බව දැන හිටපු නිසා අවන්තිකා ට බකස් ගාල හිනා යන්නත් ආවා. ---------------------------------- මළ ගෙදරට මහසෙන්ට එන්න බැරි වුනා ඉතාලියට ගිහිං හිටපු නිසා. නමුත් වරින් වර කෝල් කරමින් විස්තර අසමින් අවශ්‍ය හැම දේටම කැප වෙන්න කියල කුමුදුට උපදෙස් දුන්නා නිරතුරුවම. දවස් තුනක් නිසල්ගෙ දේහය මහගෙදර තිබුණා. ඒ මුලු කාලයේම කුමුදු ගෙදර ගිහිං එන්න ගියේ මිනිය උස්සන්න කලින් දවසෙ රෑ විතරයි. එදා රෑ දුවල දෙන්නවත් එක්කගෙනම ගියා පහුවදා අවසන් කටයුතු වලටත් නවතින්න බලාගෙනම. නිසල් අයියගෙ අම්මට සිහියක් පතක් තිබුණෙ නෑ. තාත්තාත් බලා ගත් අත බලං හිටියා. කුමුදු තමයි වදෙන් පොරෙන් අම්මාට කෑම දෙකටක් කවා ගත්තෙත්. මුලු මළ ගෙදරම කදුලක් නොහලපු කෙනෙක් හිටියෙ කුමුදු විතරයි ... අයියලා , අනික් යාළුවො , එයාලගෙ නෝනලා , තමුන්ගෙම අම්ම තාත්ත පවා ඉකිබිඳ බිඳ හැඬුවත් කුමුදුට ඇඬුනෙ නැහැ.ලොකු දුවත් ඇස් වල කඳුළු පුරවගෙන හිටපු ගමන් තමන් දෙස ලොකු අනුකම්පාවකින් බලන වග තේරිලා තිබුණ මේ කරදර අස්සෙත්. හිරන්‍යා නම් වැරදිලාවත් කුමුදු දිහා බැලුවෙ නෑ. බැරිවෙලා මුලිච්චි වුනාමත් රෞද්‍ර මුහුණකින් අහක බලා ගත්තා... " අනේ මට මොකද... එයාට හොඳ නං. මෙච්චර හරියක් වෙච්ච මට තව මොනව නැති වෙන්න කියලද.. " අමෙරිකාවෙ හිටපු නිසල්ගෙ නංගියි , රාජ්‍ය නායකයයි එකටම වාගෙ තමයි මළ ගෙදරට ආවෙ. ගුණ කථන රැසකට පස්සෙ අවමංගල පෙරහැරේ කුමුදු දුවල දෙන්නත් එක්ක ගමන් කරණ ගමන් මතක් උනා නිසල් අයියත් එක්ක ඇති වෙච්ච අන්තිම කථා බහ... ඒ ඔහුගෙ අකල් මරණයට දවස් තුනකට කලිනුයි. " නංගි මේ.... මට එපා වෙනව ඔයාගෙ මේ සීමාවක් නැති වැඩ වලට අප්පා.... ඔයා දුවල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් නේද...??? නිකං 18 කෑලි වගේ තොඳොල් වෙන්නෙ නැතුව පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්නකො... අර කෙල්ල මේ පාර ඕ ලෙවල් ලියනව. ඔයාට ඒ ගැන කිසිම ගානක් තියෙනවද... අච්චර ලස්සන අහිංසක දරු දෙන්නෙක් ඉද්දි මේ නිකං පිට මිනිස්සු එක්ක දොංත නොවී පොඩ්ඩක් ඒ දරුවො ගැන බලන්නකො නංගි. මළ වදයක්නෙ මේක... මං මේ වැදගත් මීටිං එකක හිටියෙ චීෆ් මිනිස්ටත් එක්ක... ඔයාට වගේ වෙලාවක් අවේලාවක් නැතුව මල් කඩන්නයි ලව් කරන්නයි මට බෑනෙ නංගි. මට වැඩ තියෙන මිනිහෙක්... " තව මොනවද මොනවද කියනව ඇහුනත් කිසි දෙයක් ඔලුවට ගියේ නෑ කුමුදුගෙ. මීට කලිනුත් ඔය වගේ ඇනුම් බැනුම් අහල හොඳ හැටි පුරුදු වුනත් ... අර දහ අටේ කෑල්ල කථාව නම් පිහිපාරක් පපුවට ඇනුන වාගෙයි දැනුනෙ. දඩස් ගාල ටෙලිෆෝන් එක තියලා මිනිත්තු දහයක් ගල් ගැහිල ඉඳල එහෙම්මම මහ හඬින් හඬමින් අවන්තිකාට කෝල් කළා සුපුරුදු විදිහටම. එදා රෑ නිසල් සමාව ඉල්ලල කෙටි පණිවිඩ හයසිය ගානක් එවල තිබුණ කුමුදු ෆෝන් එක ආන්ස' නොකරණ නිසාම. පහුවදාත් ගෙවුනෙ ඒ විදිහටමයි.... " අනේ නංගි මට සමාවෙන්න... මට හරියට කේන්ති ගියා වැදගත් වැඩක් අස්සෙ කථා කරද්දි ..." " ඒ කියන්නෙ මගෙ නංගිට පුලුවන් නේද නිසල් අයිය එක්ක කථා නොකර ඉන්න... පුදුමයි ගෑණුන්ගෙ හැටි ගැන " ඔය වගේ පණිවුඩ බල බලා කුමුදු හොඳ හැටි හිනැහෙමින් හිටියෙ තවත් දවසක් ඔහොමම ඉඳලා අවන්තිකාට කියල ලියව ගත්තු ලස්සන කවිය යවලම ආයෙත් යාළු වෙන්නයි. එහෙම ඉන්නකොට තමයි හිරන්‍යගෙ කෝල් එක ආවෙ. --------------------------------- මළ ගෙදර සේරම වැඩ නිම වෙලා ගෙදර ඇවිත් ළමයි දෙන්නට කන්න දීල නාගෙන ඉවර වෙලා තමයි කුමුදු අවන්තිකාට කෝල් එකක් ගත්තෙ... අවන්තිකා විශ්වාස කළේම නැහැ ඒ කිව්ව දේ... නමුත් විඩියෝ කෝල් එකක් නිසා කුමුදුගෙ විලාසෙ දැක්කම ඒ කියන්නෙ ඇත්ත කියල පිළි නොගෙන බැරි වුනා. මෙතෙක් දවසක් ඇස් වලින් නොවැටී හිර වෙලා තිබුණ කුමුදුගෙ කඳුළු ගංගාව විලාප දෙමින් අවන්තිකා ඉදිරියේ දිග හැරෙද්දි ... නොදුටු නිසල් වෙනුවෙන් ඇගේ දෙනෙතත් තෙත් වුනා. --------------------------------- කුමුදු හඬ හඬා අවන්තිකාට කිව්ව කථාවෙ අන්තිම හරිය මේකයි... එදා ඉස්පිරිතාලෙදි නිසල්ගෙ නිසල සිරුර ඈත තල්ලු කරං යන දිහාවෙ බලං හිටපු කුමුදු ඒ දර්ශණය නොපෙනී ගියාට පසුව රෝහල් කාමරයේ සිදුවෙන දෙය වෙත නිතැතින්ම අවදානය යොමු කළා... ඒ වෙද්දි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ලස්සන තරුණ කාන්තාවකගෙන් ස්ටේට්මන්ට් ගනිමින් හිටියා. ඇය තරමක් පිරිපුන් හැඩ වැඩ ඇති කොංඩය පාට කරපු කෙනෙක්. ඇඳගෙන හිටියෙත් හිර ගවුමක්. කුමුදුටත් කලින් හිරන්‍යා එතනට ලං වුනේ කන් දෙක දික් කරලා විස්තරේ අහ ගන්නයි... කාන්තාව ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටියා... " ඔව් සර්... මහත්තය සති දෙකකට සැරයක් වගේ මාව ගෙන්න ගන්නව එපාට්මන්ට් එකට... ඔව් සර් අද උදේ නමයට තමයි මට කෝල් කරල එන්න කිව්වෙ... මං නමයමාර වෙද්දි ගියා. ..... ..... ..... ..... ඔව් සර් .... හිටගෙන තමයි. මහත්තය එක පාරටම හොස් හොස් ගාල හති දාල පපුව අල්ලං ඇඳේ වාඩි වුනා. ඊට පස්සෙ සිහිය නැති වෙලා වගේ ගල් ගැහුනම මං හොඳටම බය වෙලා ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා මහත්තයව ඉක්මනට හොස්පිටල් අරං ආව සර්.... " -ලසන්ති කොඩිකාර-කළු කබාය - කෙටි කතාව තිමිර පට දෙපසින් විවර වී...වේදිකාව විදුලි එළියෙන් ආලෝකමත් වෙනවත් එක්කම ... මියුරු සංගීත රාවයක් ශාලාව පුරා ගලාගෙන ගියා. පාසැලේ ගුරුවරුන්.. සිසු සිසුවීයන්.. දෙමව්පියන්.. මේ හැමදෙනාගේ අත්පොළසන් මැද වේදිකාවේ පෙනී හිටියේ මගේ දුව අනීතා . ඇගේ සුමිහිරි හඬින් ළයාන්විතව කෙරෙන ගායනය.. සියල්ලන්ම අසා සිටියේ වශී වෙලා වගේ. දෝනි ගායනා කලේ පිය ගුණ ගීතයක් .මට අයෝනි දිහා බැලුනේ ඉබේටම වගේ. ඇයටත් මට වගේම දරුව ගැන සියුම් ආඩම්බරයක් දැනෙන්න ඇති. අයෝනි හිටියේ මටත් වඩා උද්දාමයකින් කියලයි මටනම් හිතුනේ . "කොහොමද දුවගෙ හපන්කම්.. ? අනීතා සංගීතයට උපන් හපන්කම් තියෙන දරුවෙක් ..." පාසැලේ සාහිත්‍ය උත්සවය අවසානයේ පංති භාර ගුරුතුමිය කියද්දී අයෝනි කිව්වෙත් තාත්තගෙ උනන්දුව,උත්සාහය තමයි කියල. ඒ කතාව ඇත්ත... දෝනි ඉපදුනාට පස්සේ මගෙ ජීවිතේ හුඟක් වෙනස් වුනා. වගකීම කියන දේ මගෙ හිතට දැනෙන්න ගත්තෙ ඉන් පස්සෙ. එදා ඉඳන් අනිත් හැම තාත්තෙක් වාගෙම මං එයාගෙ හැකියාවන් , එයාගෙ ලැදියාවන් අඳුනගෙන හැම තිස්සෙම කලේ ඒ දේවලට දිරි දුන්නු එක. අනීතා වේදිකාවෙන් බැහැල ඇවිත් කලේ මාව වැළඳගත්තු එක . "ඔයා හරිම ලස්සනට සිං කළා.. විශ් යූ ඕල් ද බෙස්ට් මයි ඒන්ජල්...." පාවෙවී තිබුනු මගේ ජීවිතේ එක තැනකට කරල... නැවුම් ජීවිතයක් දුන්නේ මගේ දුව.. අනීතා ම තමයි . අයෝනි එක්ක මීට අවුරුදු පහළොවකට විතර ඉස්සරින් අළුත් ජීවිතයක් පටන් ගත්තත් එයාගෙයි මගෙයි හදවත් අතර තිබුනේ විසල් පරතරයක් . මට විවාහ වෙලත් විවාහකයෙකු විදිහට ඒ ජීවිතේට අනුගත වෙන්න කාලයක් ගතවුනා. මොකක්දෝ නොගැලපීමක් අපි අතරෙ තිබුනා .අදටත් තියෙනවා . ඒත් අනීතා .. අපි දෙන්නා අතර වූ පරතරය එකට බැඳ තබන යදමක් මෙන් වුනා . අද ඉරිද දවසක්. කාලෙකින් ගෙදර ඉන්න ලැබුන හින්දද මන්ද මගෙ ගතට විරාමයක් දැනුනත් හිතට දැනුනේ මහ කාන්සියක්. බැල්කණියට වෙලා කෝපි කෝප්පයක් තොලගාන ගමන් ඈත පේන තාර පාර දිහා බලාගෙන උන්නට මුළු පරිසරයම මන්දාරමින් වැහිලයි තිබුනේ . කඳු ටික අතුරුදහන් වෙලා මුළු අහසම පොළවට පහත් වෙලා වගෙයි . ඒ තරමට මීදුම .... ඈත ඇවිදගෙන යන පෙම්වතුන් යුවළක් ..? පුදුම ආදරේකින් උන් දෙන්න එක කුඩයක් යටින් ඇවිදගෙන යන්නේ..ආදරේ කියන්නේ දේදුන්නක් වගේ සුන්දර ආශ්චර්යයක් කියල ඒ දෙන්නට හිතෙනව ඇති. අනේ මන්ද ... ඒ වගේ පාට පාට ආදරේ පිරුණු දේදුණු වලට අන්තිමේදී මොනා වෙනවාද කියල ...? කසාද බැඳල ටික දවසක් ගියහම දේදුන්න ආකාසේ පෑල දොරින් පලා ගිහින් අකුණු පාරවල් වලට පරිවර්තනය වෙනවා . ",මමත් ඔහොම ගිය හැටි මතකයි ... මට හොඳ හැටි මතකයි .... " අමරදේවයන්ගේ ගීතයක පදපේළි ටිකක් මට මතක් වුනා. අපොයි ...ඒ කාලෙ කරපු කියපු දේවල් හුළඟටම ගහගෙන ගියාවේ. ඒව ආපහු ආවොත් එන්නේ මහ විනාසයක් අරගෙන ... චණ්ඩ මාරුතයක් වෙලා . ඇත්තටම මටත් දැන්නම් මේ ජීවිතේ හරි මහන්සියි...දැන් දැන් එහෙම හිතෙන වාර අනන්තයි. ඒ කාළෙ ගත කරපු සැහැල්ලු සමණළ් ජීවිතේ සොඳුරු මතකයන් විතරක් අද ශේෂ වෙලා. මොනා වුනත් එහෙම කාලයක් තිබුන එකත් හොඳයි... ජීවිතේ සොඳුරුම තැනුත් තිබුනා කියන්න . හවස ටවුමට ගියාම අයෝනිගෙන් සැරින් සැරේ එන කෝල් වලට උත්තර දීලම ඉවරයක් නැතිවුනා . "හෙලෝ..සුරේ... අර බඩු ටික මතක් කරල ගේන්න හොඳේ... දෝනිගෙ උපන් දිනේට ඕන කරන කේක් බඩු ටික.. හොඳට තෝරල බලල ගේන්න ..." අයෝනි අන්තිම වතාවටත් කෝල් කරල කිව්වා... හරියට විධානයක් වගේ. හැන්දෑවේ පුරුදු සීතල මීදුමෙන් බේරෙන්න මං වැහි කබායත් දාගෙන යතුරු පැදියට නැග්ගෙත් අයෝනි දුන්නු බඩු ලැයිස්තුව ගැන හිත හිත ...මේ ටික රුපියල් හත් අට දාහකින් වත් ෂේප් වුනොත් ඇති. මං ෆුඩ් සිටිය ගාවින් බයික් එක නතර කරල පඩිපෙළ නැග්ගෙත් ඒ කල්පනාවෙන්. දෝනිගෙත් ආසාවනෙ... එයාට ඕන උපන් දිනේට යාළුවො ටිකට හොඳ සංග්‍රහයක් කරන්න. අපිට කියා දහයක් ඉන්නවයැ. එයා ඉල්ලන දෙයක් කරල දෙනව මිසක. යන ගමන් ෂෙඩ් එකෙන් තෙල් ටිකක් ගහගන්නත් ඕන. මේ දවස්වල කාර් එක එළියට ගන්නත් බෑ...වියදම් වැඩියි. "නමදාස් තුන්සීයයි...." බඩු වල බිල් එක දෙමින් වෙළඳ සේවිකාව කිව්වම මට හීං දාඩිය දැම්මා. මදැයි .. මට හෙට එන්න වෙන්නෙ බස් එකේ තමයි . ආයි කොහෙ තෙල් ගහන්නද... ? එක පාරටම මගෙ ඇඟේ හැප්පුනු කෙනෙක් නිසා අතේ තිවුන මළු දෙකකුත් "ඩකස්"ගාල බිමට වැටුන. ඇඟේ හැප්පුනු ගෑනු ලමයගෙ අතේ තුබුනු කළු පැහැ කබායත් ඒ එක්කල බිමට වැටෙනව මං දැක්ක. "Sorry...!!!" දෙන්නටම සොරි කියවුනේ එකටම. ඇය මෘදු හිනාවකින් මට සංග්‍රහ කරල මූණත් රතු කරගෙන එතනින් ඉවත් වුනා. මට මේ කෙල්ල කොහේදි හරි දැකල පුරුද
ුයි. මං කල්පනා කලත් මතකෙට ආවෙ නෑ. "අයියෝ... සුරේ...! ඔයා මේ මොනාද ගෙනත් තියෙන්නේ ...? මම කියපු වර්ග වලින් නෙවෙයිනේ .කෑම වල කොලිටි එක වෙනස් වෙනවා .. කෝ බලන්න බිල් එක...? " "අනේ..මේ මට ටවුන් එකේ බයික් එක කරකව කව ඉන්න වෙලාවක් නෑ අයෝනි . ඔය වෙලාවට ටවුන් එකේ සෙනඟ . මේ වගේ බඩු ගන්න මින් පස්සෙ ඔයා යන්න. අද බයික් එකට තෙල් ගහගන්නත් බැරිවුනා ..." මං ඔහොමම නාන කාමරේට ගියේ මොකක්ද මේ ජීවිතේ කියල හිත හිත. ඉස්සර නං ඉ‍ඳල හිටල හරි මාසෙ අන්තිමට යාළුවොත් එක්ක සෙට්වෙලා පොඩි පහේ විනෝදයක් ගන්නව. අවුරුද්දකට වතාවක් දෙකක් පික්නික් එකක් යනව. අම්මල ගෙදර හැම සති අන්තෙකම යනව. දැන් ඒ කිසි දෙයක් නෑ. උදෙන්ම රස්සාවට යනව... හවස ආපහු එනව. අයෝනි තම්බල තියෙන දෙයක් කනව... එච්චරයි . රෑ බෝ වෙලා ඈත කඳු වැටිය දිහා බලන් ඉන්නකොට අන්ධකාරෙයි මීදුමයි හීං පොද වැස්සයි එක්ක නුවරඑළියට සුපුරුදු සීතල පාළුව හිතට දැනෙන්න ගන්නවා . අයෝනි තාමත් කුස්සියේ... උදව්වට කියල ගමෙන් ගෑනු ලමයෙකුත් ගෙනත් නතර කලේ එයාට තනියම වැඩපළ කරගන්න බෑ කියල කණු කුණු ගානව අහන් ඉන්න බැරිතැන . "ඔයාගෙ වයිෆ් ගෙදරම ඉන්න එකේ සර්වන්ට්ලට වියදම් කරන එක හරිම අපරාධයක්. අපි මේ ජොබ් කරන ගමන් ගෙදර වැඩටිකත් කොහොම හරි කරගන්නවනේ... නේද මංජුලා...? " "ඔව්... ඔයාට ඔළුව උස්සගන්න බැරි ඒකයි" ඔෆිස් එකේ උන් එහෙම කියනකොට මටත් හිතෙනව ඒක . ඒත් ඉතින් අයෝනිට ඕව තේරුම් කරල දෙන්න බෑ. ඉතිරි ටිකත් ඔහොමම ඇදගෙන යනවා. මේ දවස් වල එක දිගට ඇද හැලෙන වැස්සත් එක්ක අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් කෙරෙන ක්ෂේත්‍ර පරික්ෂණත් වැඩිවෙලා .කොහේහරි නාය යෑමක් ගංවතුරක් වාර්තා වුනු ගමන් කියන තැනකට යන්න වෙනව. වැඩියක්ම ගෙදර අයගෙ තනි නොතනියට ගමෙන් දයාවතී එක්ක එන්න හේතුවත් මගේ රස්සාවේ අවිවේකී කමයි. සුපුරුදු ඉරිද නිවාඩුවේ යන්තමට තියෙන වැස්ස හින්ද මං බයිසිකලේ තියල කාර් එකේ ටවුමට ගියේ වැඩ කප්පරක් දාගෙන . දෝනිව බැඩ්මින්ටන් ක්ලාස් එකට...ඊළඟට දෝනි එක්ක සැලෝන් එකට... එයාව එතනින් ක්ලාස් එකට දාල පොළට යන්න ඕන . අයෝනිගෙ අම්මට යවන්න බෙහෙත් වගයක් ගන්න ඔසුසලට.. ඊට පස්සෙ ආයිත් කෙල්ලව ක්ලාස් එකෙන් ගන්න ඕන . කොහොමත් දෝනිව තනියෙන් කොහෙවත් යවන්න මගෙ හිත ඉඩ දෙන්නෙ නෑ.. දුවෙකුට ඉන්න ලොකුම ආරක්ෂකය තාත්ත කියනවනේ.කෙල්ලො ආදරෙත් වැඩිපුරම තාත්තටනේ. ඒකනම් ඉතින් අපේ ගෙදරත් තියෙන දෙයක් . "ඔයාට ආදරෙයි ...ඒත් තාත්තිට ගොඩක් ආදරෙයි ..." දෝනි අයෝනිට ඔය ටික කියන්නේ පුංචිම කාලෙ ඉඳලා. මටත් ඉතින් මගෙ ලෝකෙම වුනේ අනීතා තමයි . මං පොළට යන අතරෙ පොද වැස්සට තෙමි තෙමී... ඉක්මන් ගමණින් යන කාන්තාවක් .. මම වාහනේ ස්ලෝ කළේ එයා අසරණ වෙලා දන්න අඳුනන වාහනයක්ද කියල බලපු නිසා. පහුවෙලා මම ආයිත් රිවර්ස් කලේ මට දවසක් දෙකක් මුණ ගැහුනු... ඒ ගෑනු ළමය කියල අඳුනගන්න පුළුවන් වුනු හින්ද . නා කපන වැස්සෙ විශාඛාව ගිය විදිහට නම් අපේ ගෑණුන්ට යන්න බෑ.. මේ හිරිපොද වැස්සටත් වෙව්ලනවා. "නගින්න... " මාව අඳුනගෙන වෙන්න ඇති ඇය වාහනේට ගොඩවුනා. ඇගේ සුන්දර මන්දස්මිතය මාව මොහොතකට කොහෙදෝ ඈත ලෝකෙක අතරමං කලා වගේ. මෘදු ,නිල්වන් දිගු කෙහෙරැළි , සිහින් ඇස්, රෝස තොල් පෙති.. ඊටත් වඩා මට ඇය කෙරෙහි තේරුම් ගන්න බැරි තරම් අමුතු හැඟීමක් ... ? කොහේදි හරි දැක පුරුදු ... හරිම හුරු බවක් මට හැඟුනා. අයෝනි හමුවෙන්න කළින් නම් ආදරේ , බැඳීම් කියන දේවල් මට හිතුනේ මහ බොරුවක් ,විහිළුවක් විදිහට . කොහොමත් මට තාමත් ඒ ගැන හිතෙන්නේ ඒ විදිහටම තමයි . කසාදයක් කියන්නේ නීතිමය බැඳීමක් ... ඒත් ඉතින් හිත කියන එක එක තැනක බලහත්කාරෙන් බැඳල තියාගත්ත පුළුවන් දෙයක් නෙවෙයිනෙ .. අයෝනියි මායි විවාහ වුනේ බොහොම කෙටි කාලෙක ඇසුරකින් පස්සෙ යෝජිත විවාහය කින්. තවමත් අපි දෙන්නට දෙන්නා ඉන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගන්න අසීරු ඉමක. විවාහ වෙලා අවුරුදු පහළොවක් ගත වෙලත්... අනේ මන්ද . "ඔයා කොහෙටද යන්නේ...? මං ඩ්‍රොප් කරන්නම්..." ඇය නිහඬ චරිතයක් . ඒ තරම් වයසක් නැති පුංචි කෙල්ලක්...? නගරයට මදක් ඈත පල්ලියකට යා යුතු බව කියා වික්ටෝරියා පාර්ක් එක ලඟින් ඇය රියෙන් බැහැ ගත්තා . ඉන් පස්සෙ ටික දවසක් මට ඇය හමුවුනේ නෑ. ඈ පිළිබඳ මතකය කෙමෙන් තුනී වෙලා යයි කියල හිතුවත් වුනේ එහි අනිත් පැත්ත. අයෝනිට කාලෙක ඉඳන් තියෙන ඉසරදය නිසා හුඟක් වෙලාවට මං ගෙදර යනකොට බේත් බීල අයෝනි නිදි. ගෙදර වැඩපල වැඩි හරියක් කෙරුනේ දයාවතී අතින් . මගේ ජීවිතේ මටම පාලනය කරගත නොහැකි විදියට අප බැඳ තබන සම්මත රීතීන් වලින් ඔබ්බට යන වගක් මට හැඟුනා. බැරිම තැන මම ඉරිදාවක අර පාළු පල්ලිය ආසන්නයට ගිහින් වාහනේ නතර කරගෙන මද වෙලාවක් බලා හිටියා .පල්ලියේ පූජාවට ඇවිත් යන අය ඇරෙන්න ඇයගේ ඡායා මාත්‍රයක්වත් මට දැකගන්න ලැබුනෙ නෑ. හීං පොද වෑස්ස එන්න එන්නම වැඩිවෙනවා . හැඟීම් වලට වහල් වෙලා මේ ආව නිරර්ථක ගමන ගැන පශ්චාත්තාප වෙමින් කාරය පණ ගන්වද්දී කළු කබායක් ලාගත් රුවක් පල්ලියට මදක් ඈතින් පිහිටි සුසානයේ සිට සෙමෙන් පාර දෙසට ඇවිද ආවා. මොකක්දෝ නොපෙනෙන බලවේගයක් විසින් මාව මේ නන්නාඳුනන යුවතිය වෙත ඇද බැඳ තියන්න හදන වගක් මට හැඟෙනවා .ඈ දැකීමේ සතුටත් ඉන් ඔබ්බට ගිහින් මා තුල ඇතිවූ කුතුහලයත් හින්දම මම වාහනයෙන් බැහැ ගත්තේ නිරායාසයෙන් වගේ. පයිනස් යාය පිහගෙන එන සීතල හුළං එක්ක පොරබදන කෙහෙරැළි අතින් සකසමින් ඈ මා දිහා බලල මද සිනා පෑවෙ මහත් ආයාසයකින් වගෙයි . "අංකල්.... මෙහේ...? " මට උතුර දකුණ නැතිවුනේ එයා මාව ආමන්ත්‍රණය කල විදිහට . මට දැනුනේ මහ ලැජ්ජාවක් . ඒ ගැන කියන්න වචන නෑ. ඒත් මම ඒ හැඟීම් යටපත් කරගෙන ඈ වෙත මද සිනාවකින් ප්‍රති පිළිතුරු දුන්නා . "ඔයාට මොකුත් කරදරයක් වගේ.....? ඇයි මේ..?" "මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ..." "මොනවා...? " ඇගේ නම අරුන්දතී . අරුන්දතී විවාහ ගිවිසගෙන උන්නු තරුණයා මිය ගිහින්.. ඇය තනියෙන් සොහොනට ඇවිත් ඉටිපහන් දල්වන්න... මට ඇයත් එක්ක කතා කරන්න ,ඇගෙන් අහන්න හුඟක් දේවල් තිබුනත් ඒකට මෙය වෙලාව නෙවෙයි . සුපුරුදු විදිහට අරුන්දතී වික්ටෝරියා පාක් එක ගාවින් බැහැගත්තා . අද නම් මහ මුඩුම දවසක්... මේ කෙල්ලගෙ ජීවිතේ සුන්දරම දවස් මේ විදිහ ඉරණමකින් විසඳුනු එක...කොහොම දරාගන්නද? මම එයා ගැන හුඟක් දුර දිග හිතුව එක මගෙ වැරැද්දක්..මට එයා අංකල් කියල කතා කරපු එකම... ඒ වැරැද්ද ගැන ආයි ආයිත් මට සිහිපත් කර දුන්නා . මට මා,ගැනම මහ කළකිරීමක් ඇතිවුනා. මං කණ්ණාඩියෙන් මගෙ මූණ දිහා බැලුවේ වෙනදාටත් වඩා තියුණු ලෙස... සුපරික්ෂාවෙන් ... ඔව්..මට අංකල් නොකිය ඉඳීවි යැ. මට දැන් හතළිස් තුනක්.. හැමදාම ඉහ,පීරලත් මට නොපෙනුනු නර කෙස් ටික මට ඔච්චම් කරනව වගෙයි.. හැමදාම මූණ බලලත් මට නොපෙනුනු ඉදුණු රැවුල් කෙටි.. රැළි වූ නළල.. විඩාපත් ඇස්...? මම දෑස පියාගෙන ටික වෙලාවක් ඔහොමම හිටියා. ඒත් මට අරුන්දතී මගෙ ඇස් මානයේ ඉන්නව,වගේ පේනව. "තාත්ති... හෙට කොලේජ් එකේ පේරන්ට්ස් මීටිං එක.. මම කිව්ව හෙට තාත්ති එනව කියල ..අපේ එග්සෑම් ල‍ඟ නිසා කොහොම හරි එන්න කිව්ව.." දෝනි මා ගාවට ඇවිත් කිව්වම මට හිතුනේ දරුවගෙ ස්කෝලෙ වැඩ ගැන පහුගිය කාලෙ මට හොයල බලන්න බැරිවුනා නේද කියල . පහුවදා මං මුළු දවසම නිවාඩු දැම්මා. ඉන් පස්සෙ ස්කෝලෙ රැස්වීමට ගිහින් ඒක ඉවර වුනාම බාබර් සාප්පුවකට ගියා. කාලයයි මුදලුයි දෙකම වැයවුනා තමයි .ඒත් බාබර් සාප්පුවෙන් එළියට ආවෙ ඉස්සෙල්ල හිටිය මමමද,කියල මට හිතුනා . තෘප්තිමත් හිතින් යුතුව මං අරුන්දතී වැඩ කරන පෞද්ගලික ආයතනය ළඟට ගිහින් බලා ඉඳිද්දී.. සුපුරුදු වෙලාවට ඇය පිටතට ආවා. මාව දැක්කත් අඳුනගන්න බෑ වගේ ටික වෙලාවක් බලාගෙන හිටියා. "අනේ මට අඳුනගන්න බැරිවුනා . මම මේ ටික පයින් යන්නම් අංකල් ..." "නෑ මාත් ඒ පැත්තට යන්නේ.. ප්ලීස් එකක් කියන්නම්. මට අංකල් නොකියා ඕන විදිහකට කතා කරන්න .මගේ නම සුරේන්..!!සුරේන් අත්තනායක " මට කියවුනා . ඇය මං දිහා බැලුවේ සමාව අයදින්න වගේ. "මම සෙමට්‍රි එකට යන්නේ. අදට ... යොහාන් අන්ත්‍රාවෙලා අදට හරියටම මාසයයි ..." අපි සොහොනට ගිහින් ඉටිපන්දම් පත්තු කළා .. ඒත් අපි දෙන්නා කතා කලේ හුඟක් අඩුවෙන්. ඇය මාව වැඩිහිටියෙක් වශයෙන් හුඟක් විශ්වාස කරනවා කියල මට හිතුනා . ඒ විශ්වාසය පළුදු වෙන යමක් ඉඟියකින් වත් නොකර ඉන්න මමත් ගොඩක් පරිස්සම් වුනා . වැරැද්දක් ... ඒ බව දැන දැනම මං ඒ වැරැද්දට ආශා කලා. ඒත් මා තුල තියෙන්නේ අරුන්දතී කෙරෙහි අනුරාගී ඇල්මක් නෙවෙයි කියන එක මම දන්නවා. ඒත් ඒ ඇල්ම මොකක්ද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. අරුන්දතී මට කිට්ටු වුනේ බොහොම හිමින්. ඇයගේ ජීවිත කතාව ටිකෙන් ටික මට කියන්න ගත්තේ ඉන් පස්සේ. "මගේ අම්මා...නගර සභාවේ කම්කරු රස්සාවක් කරන්නේ මහත්තය . මාව උස් මහත් කරන්න ... උගන්නන්න මගෙ අම්මා නොවිඳිනා දුක් වින්දා.. කුණු කරත්තෙ තල්ලු කරගෙන වීදියක් වීදියක් ගානෙ කකුල් ගෙවෙනකල් ඇවිද්දා .. අම්මගේ ලොකුම හීනෙ වුනේ එයා වින්ද දුක් වලින් අංශු මාත්‍රයක්වත් මට නොදී ඉන්න . ඉතින් මට මේ පුංචි රස්සාව වුනත් ලැබුනේ එයාගෙ කැපවීම,දාඩිය ,කඳුළු නිසා " "තාත්තා...? " "ඒ ගැන නම් මං කියන්න කැමති නෑ .එයා කළුද සුදු ද කියන්නවත් මම දැනං හිටියෙ නෑ. ඒත් අම්ම නං කියන්නේ එයා හොඳ සැපවත් ජීවිතයක් ගත කරන වග විතරයි. මගෙ ජීවිතේ එහෙම කෙනෙක් ඉන්නව කියල මං කවදාවත් හිතන්නෙ නෑ සුරේන් මහත්තයා " "යොහාන් බේබද්දෙක් .සල්ලාලයෙක් වග මං දැනගන්නකොට මං හුඟක් පරක්කුයි .ඒත් මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මම ඒකට එකඟ නූන නම් මටයි අම්මටයි පාරට බහින්න වෙනවා. ඒක දිග කතාවක්.. මතක් කරන්නවත් අකමැති තරම් නීරස..." "අගහිඟකම් එක්ක වෙස් වළාගෙන එන්නේ තවත් දහසකුත් තැලීම්,පෙළීම්,හිත් රිදීම් විතරයි . මම රස්සාවකට ගියෙත් මගෙ අම්මට අස්වැසිල්ලක් දෙන්න. මගෙ ජීවිතේට කවදාවත් පිරිමියෙකුගෙ රැකවරණයක් ලැබුනෙ නෑ.. ඒ දේ මම අත් විඳල නෑ. මම දාක්කෙ ගෑණියෙකුගෙ ජීවිතේ අඩු
පාඩු , හිදැස් අස්සෙන් රිංගල අයුතු ප්‍රයෝජන ගන්න බලන පිරිමි රොත්තක් විතරයි .මගේ අඟහිඟකම් මං වහගත්තේ හුඟක් වෙලාවට මේ කළු කබායෙන් මහත්තයා . හරියට ඉබ්බ ඉබි කට්ට ඇතුලට රිංගනව වගේ..." මට හිතාගන්නත් බෑ...අරුන්දතී දැක්කම කාටවත් එහෙම හිතෙන්නෙත් නෑ... "මම කිසිම මිනිහෙක් විශ්වාස කරන්නෙ නෑ. නන්නාඳුනන කෙනෙක් කතා කරපු පළියට වාහනවලට නඟින්නෙත් නෑ. මගෙ ආත්ම විශ්වාසය ශක්තිමත් . ඒ...මට මාව විශ්වාස නිසා .ඒත් මම මහත්තයට මේ දේවල් කියන්න හිතුවේ හේතුවක් ඇතුව..." ඇය කිව්වත් ඒ හේතුව මොකක්ද කියල මං අහන්න ගියෙ නෑ. "ඒ වැරැද්ද කරපු මිනිහා ... සමාජෙට මූණ දෙන්නේ කිසිම හිරිකිතයක්වත් චකිතයක් වත් නැතුව . ඒකට හේතුව ඒ වැරැද්දේ අංශු මාත්‍රයකවත් කැළලක්වත් මිනිහෙකුට බලපාන්නෙ නැති හින්දා . සමාජය පිළිකෙව් කරන්නේ නැති හින්දා .ඒත් ගෑණියෙක් තමන් ඒ මිනිහව විශ්වාස කල වරදට මුළු ජීවිත කාලෙම නින්දා අපහාස වලින් වන්දි ගෙවනවා. ඊටත් වඩා තාත්තෙක් නැති හිස්තැන ..? ඒ දරුව ඉගෙනගන්න ඉස්කෝලෙ ඉඳන් සමස්ථ සමාජෙන්ම කොන්කරල දාන්න ඒක හේතුවක් කරගන්නවා.. කිසිම වරදක් නොකර අදටත් මම ඒ හිස්තැන හින්ද ඉබේටම කොණකට, මුල්ලකට තල්ලු වෙනව සුරේන් මහත්තයා ..." මං වාහනේ පාර අයිනකට කරල නැවැත්තුවා .. රම්බොඩ කඳු වැටිය ලා නිල් පාටට ඈතින් දිස් වෙනවා.සුදු පාට මීදුම් ගුලි දුමාරයක් වගේ කඳුවැටි වටේ එතෙනවා. ඒත් කොයිතරම් වෙලාවකටද.. හිරු දුටු සැනින් ආයිත් ඒ මීදුම ඈතට පාවෙලා යනවා. හරියට අපේ ජීවිත වගේ. "ඔයාට අළුත් ජීවිතයක් ගැන ආයිත් හිතන්න පරක්කු නෑනෙ ..? ඔයා තාම පොඩි කෙල්ලක්. යොහාන් වගේ මිනිහෙක්ගෙන් ඔය විදිහට හරි ගැලවෙන්න ලැබුන එකම ලොකු දෙයක් ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවට වැඩිය." "මට ආයිත් හිතන්න ජීවිතයක් යොහාන් ඉතුරු කරල ගියෙ නෑ මහත්තයා ... මේ සුළු කාලෙදි මාව තේරුම් ගන්න උත්සාහ කළාට ගොඩක් පින්..." අරුන්දතී මගෙන් සමුගෙන බස්‍ රියකට නගින්න උත්සාහ කලත් මා එය වැළකුවේ ඇයව නිවසටම ඇරලවන සිතුවිල්ලෙන්. සමහර විට යළි කිසිම දවසක අරුන්දතී මට මුණ නොගැහෙන්නත් පුළුවන් .ඇගේ කතාවෙන් ඒ වගක් මට හැඟුනේ වරක් දෙවරක් නොවේ. පුංචි කාළෙ ඉඳල දෑසින් දැකපු.. ජීවිතේ අත් විඳපු ...දේවලුත් එක්ක පිරිමියෙක් විශ්වාස කරන්න තරම් , හිතේ පළුදු පිරියම් කර ගන්න තරම් ශක්තියක් ඇගේ ළාමක හිතට නැතුව ඇති . "මේ තියෙන්නෙ අපේ පුංචි පැල්පත තමයි මහත්තයා . අර ඉන්නෙ වයසටත් වඩා දුක් කන්දරාවක් විඳපු...ආදරේ අඳුනන්නෙ නැති වංචාකාරයෙක් නිසා තමන්ගෙ දරුවට වුනු කැළල ගැන අදටත් විඳවන මගෙ අම්මා... නර්මදා ...!! " මට හිතාගන්නත් බෑ... නර්මදා..!! ඔව්...ඒ තමයි නර්මදා....අවුරුදු විස්සකට විතර පස්සෙ තමයි, අතීතයේ එක් දවසක මා අතින් සිද්ද වුනු වරදක... පාපකර්මයක බරපතලකම මට තේරුනේ... නර්මදා . ! අයෝනි ..! මගෙ දුව අනීතා...! ඊටත් වඩා තාත්තෙක්ගෙ රැකවරණය හීනෙන්වත් අත්විඳපු නැති ... ඒ හිස්තැනින් දිගින් දිගටම බැටකද්දී මුළු සමාජයෙන්ම වහන් වෙන්න සිද්ද වුනු ...මගේම ලෙයින් උපන් ... අරුන්දතී ..!! ඇය ...ඇගේ පුංචි ගෙපැලට යන්න කලින් තවත් වරක් හැරිල මා දිහා බැලුවා . ඒ බැල්මේ තිබුනේ "තාත්තේ... මං තරහ නෑ" කියන්නා වගේ හැඟීමක් .. කළු කබායෙන් වැසුනු ඇගේ රුව මගේ දෑස මානයෙන් කෙමෙන් බොඳ වී ගියා . ඊයම් බරුවක් මගෙ පපුව මැද්දෙන් කිඳා බහිනව වගේ තියුණු වේදනාවක් මට දැනුනා මම සුක්කානමේ මුහුණ ඔබා ගත්තේ මගෙ මුළු ජීවිතයම ඉටිපන්දමක් වගේ දැවී දැවී .. දියවී යන සෙයක් හැඟුනු නිසා. මෙතෙක් වැළලී තිබූ යටගියාව විසින් සඟවා තැබි ඒ කළු කබාය මා කෙරෙන් ගිලිහී මා නිරුවත් වූ බවක් ඊටත් වඩා මට හැඟුනු නිසා. ආරක්ෂාව, ආදරය, රැකවරණය ,නිරතුරුවම මා කෙරෙන් ලබන මගෙ දුව අනීතා... සහ... ඒ සියළු දේ මගේ වරදින් අහිමි වූ මගේ දුව අරුන්දතී අතර වූ පරතරය... හුඟක් ඈතයි. ඔව්... ඇත්තටම ඒ වරද ඒ තරමටම බරපතල හින්දා . "මට සමාවෙන්න රත්තරන් දුවේ..." නිමි (සේයාරුව අන්තර්ජාලයෙනි )කෑම කඩේ ලැජ්ජාව. මේ දවස් වල අපේ දෝනියැන්ද ඉන්නෙත් මෙහෙ කටාර් වලමනේ. එයා වැඩ කරන්නේ වෙනම ආයතනයක. කලින් නම් එයා වැඩ කලේ ඒ ගොල්ලන්ගෙ ප්‍රධාන කාර්යාලයේ. ඒ ඔෆිස් එකත්, ඒ වගේම එයා නතර වෙලා හිටපු තැනත් තිබුනේ මම ඉන්න ඉසව්වේම තමා. දෝහා වල, 'මතාර්කදීම්' කියන ප්‍රදේශයේමයි. මං ඉන්න තැන ඉඳලා (වාහනයක) විනාඩි 5-10 ක වගේ දුරකින්. ඒ නිසා අපි දිනපතාම වගේ හමු වුනා. සතියක් හැර සතියක්වත් සති අන්තයේ (ඒ කියන්නේ මෙහෙ බ්‍රහස්පතින්දා, සිකුරාදා) එයා මගෙ නවාතනට එනවා. අනිත් සති අන්ත වල මගෙ මෙහෙ (ඉන්දියන්) යාලුවෙක් 'ස්ටෙලා' වෙන්න එනවනේ. ඒත් දැන් මාස 2-3 ක වෙලේ ඉඳන් වගේ ඒ ආයතනයේම වෙන බ්‍රාන්ච් ඔෆිස් එකකට දුවව මාරු කරලා. ඒ සම්බන්දව එයා මුලින් තරමක් නොසතුටින් හිටපු නිසාත්, කලින් වගේ අපි අතර දිනපතා වගේම මුණ ගැහීමක් දැන් සිදු නොවෙන නිසාත්, ඒ නිසාම එයා උයපුවා මටයි, මම උයපුවා එයාටයි වශයෙන් අපි උයාගන්න අමුර්තය කලින් මෙන් හුවමාරු නොවෙන නිසාත් මම සතියකට දෙතුන් වතාවක් වගේ ඩිනර් එකකට එයත් එක්ක රෙස්ටුරන්ට් වලට යනවා. කතාවට ප්‍රස්තුත වුන සිදුවීම උනේ, පසු ගිය සති අන්තයේ මම එයාව මගේ නවාතැනට එක්කන් එන ගමන්, මම ඉන්න ඒරියල් එකේම රෙස්ටුරන්ට් එකකට ගිය වෙලාවේ. මෙහෙ ගොඩක් රෙස්ටුරන්ට් වල ෆැමිලි වලට ඒ කියන්නේ ලේඩීස්ල ඉන්නව නම් කස්ටමර්ස්ලට ඇරේන්ජ් කරන්නේ අප්ස්ටෙයා එකේම ටේබල් එකක්. රෙස්ටුරන්ට් එකක ඉහල මාලයේ එහෙම වෙන්කරපු මේස තියෙනවා. පසු ගිය සති අන්තයේ මම දුවව එක්කන් එනකොට රෑ නමයත් පහු වෙලා. අතර මැදදි වැස්සක පෙර නිමිති. මතාර් කදීම් වලට එනකොට තරමක වැස්සක්. මේ තමයි කටාර් රාජ්‍යයට අවුරුද්දටම වැටෙන තුන්වෙනි වැස්ස. ඔය තුන්වෙනි වැස්සෙන් පස්සේ තමයි මෙහෙට ශීත ඍතුව පටන් ගන්නේ. එහෙම තමයි මෙහෙ රට්ටු කියන්නේ. (ඒත් දැන් වෙනකොට මෙහෙ දේශගුණික තත්ත්වය ටික ටික වෙනස් වෙලා. වැස්සේ ප්‍රමාණයත් දැන් ඉස්සරට වඩා වැඩියි. වාර සංඛ්‍යාවත් තුන් පාරකට වඩා වැඩියි වගේ). ඔන්න දැන් අපි දෙන්නා මතාර් කදීම් වලට ආවා. (මතාර් කදීම් කියන්නේ අරාබි බසින් Old Airport කියන එකලු. එනමින් දෝහා වල පැරණි ගුවන්තොටුපළ අවට ප්‍රදේශයක්මත් නම් කරල තියෙනවා). 'අල් වුකේර්' පැත්තේ ඉඳන්, 'අල් වක්‍රා' එහෙම පාස් කරගෙන, 'එයාපොර්ට් රෝඩ්' එකේම දෝහා අන්සාර් ගැලරිය දිහාට එන්කොට දැන් තරමක් සැරට වහින්න පටන් අරන්. අපි එහෙම්මම අන්සාර් ගැලරි එක පැත්තට යූ ට(ර්)න් එකක් අරන්, ඒ පැත්තේ පාක් කරන්න ඉඩ තිබුණු රෙස්ටුරන්ට් එකක් ලඟ වාහනේ පාක් කරල රෙස්ටුරන්ට් එක ඇතුලට ඉක් ඉක්මනට පැන ගත්තා. රෙස්ටුරන්ට් එකේ අයගේ මග පෙන්වීමත් අනුව අපි දෙන්නා ඉහල මාලයේ ටේබල් එකක් තෝරගෙන ඉඳගත්තා. වේටර් කොලු තැන අපිට මෙනු පත් දෙකක් ලබා දීල අපේ ඇනවුම අපේක්ෂාවෙන් ඒ අසල ගැවසෙනවා. මෙහෙ කටාර් වල ලංකාවේ අය කරන ආපනශාලා හරිම අඩුයි. මතාර් කදීම් පාරේම නම් එහෙම දන්න තැන් දෙක තුනක් තියෙනවා. එකක් 'ලංකා රෙස්ටුරන්ට්' කියලා. අනික 'සලාමාත්' කියල. ටිකක් මෑතක ආරම්භ කරපු තව එකක් තියෙනවා 'වෙල් ඔන්' කියල එකක්. අනිත් ගොඩක් තැන් ඉන්දියන්. ඉන්දියාවෙත් කේරලයේ කට්ටියගෙ තමා වැඩිමනත් ඒ වගේ බිස්නස් කඩ. ඒවායේ ගොඩක් නේපාල් කට්ටිය එහෙමත් වැඩ කරනවා. අපි මේ ගිය රෙස්ටුරන්ට් එකත් ඉන්දියන්. අපිට ස(‍ර්)ව් කරන්න හිටිය මේ 'බෝයිය' නේපාල් පෙනුමැති කෙනෙක්. නේපාල් එවුන් පිලිපීන එවුන් තරම්ම නොවුනත් ලංකාවේ අය, බංග්ලාදේශ් අයට වඩා ඒ අයගේ හම සුදුයි. අපි තෝරගත්‍ත මේසෙ කිට්ටුව ස්ප්ලිට් ඒසී දෙකක් තිබුනා. ඒ දෙකෙන් අසාමාන්‍යය විදිහට දුමක් පිටවෙමින් තිබුනා. වැහි වෙලාවේ නිසා ඒකෙ ටිකක් ගතියකුත් නොතිබුනා නෙමෙයි. ඒත් ඒක අසාමාන්‍යය නිසා 'ෆයර් ත්‍රෙට්' එකක බයකුත් ඇති වුන නිසා අපි අර නේපාලි කොලුවගෙන් ඒ ගැන ඇහුවා. අපේ දුව තමා ඒ ගැන ඇහුවේ. නේපාලියෙක් නිසා දුව ඉංග්‍රීසියෙන් තමා ඇහුවේ. මේකා බිරන්තට්ටු වෙලා වගේ හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. ඔය මැදපෙරදිගට රැකියා වලට එන හැමෝටම ඉංග්‍රීසි පුලුවනෑ. අනික මෙහෙ මවු බස අරාබි උනාට ඊටත් වඩා භාවිතයේ තියෙන්නේ හින්දි බස. ඒත් අපිට ඒක බෑනේ. දැන් අපි අහපු ඒවා මොකවත් පොරට නොතේරුන වග විතරයි අපිට තේරුනේ. මෙනු එක පෙන්නලා අහන, ඉල්ලන දේවල් ගැන නම් වේටර්ට රෝලක් ගහගන්න පුලුවන් ඇති. ඒසී එක ගැන, ඒකෙන් දුමක් පිටවෙන හේතුව ඇහුවට ඒවා පොරගෙ සිලබස් එකේ නැතිව, අපි අහපු ඕන්නැති 'වයිවා' ප්‍රශ්නනෙ. ඒ පාර මෑන්ට නොතේරෙන්න අපේ දුව මං එක්ක සිංහලෙන් කිව්වා, "මූට අහපු මෙලෝ දෙයක් තේරුනේ නැද්ද කොහෙද" කියලා. තව මොන මොනව හරිත් අරූට නොතේරෙන්න සිංහලෙන් මං එක්ක කිව්වා. මෑන් ලඟ හිටිය කියල ආයෙ ඌට ආයෙ අපි කතා කරන සිංහල තේරෙනව කියලයෑ. ඊට පස්සේ අපි 'වයිවා' එක, පොරගෙ සබ්ජෙක්ට් එක වෙච්ච මෙනු එකෙන් අහල, අපේ ඕඩරෙත් දීල, පොරව 'වයිවා' එකෙනුත් ගොඩදැම්මා කියමුකෝ. දැන් ටික වෙලාවක් යනකොට කුනාටු වැස්සක් වගේ තදටම හුලඟත් එක්ක වහිනවා. රෙස්ටුරන්ට් එකේ ඉහල මාලයේ පාර පැත්තට වෙන්න උස වීදුරු ජනෙල් තිබුනේ. ත්‍රාස ජනක අත්දැකීම වුනේ පාරෙන් අනිත් පැත්තේ, එයාපෝට් එක පැත්තේ අහසේ දීප්තිමත් විදුලි කෙටීම් ගණනාවක් කෙටි කලයක් තුල ඇතිවීම. එක දිගට අහසේ ඇඳුනු ව්දුලි රේඛාත් එක්ක ඇතිකළ අකුණු ශබ්ද ඇත්තටම අපිට බිය උපදවන්නක් වුනා. දුම් දාන ඒසී එකක් තියෙන කාමරයකනේ ඔය සේරම දර්ශන. ඔය වෙලාවේ අපේ මේසයට පිටු පස, සයිඩ් එකකින් තිබුණු මේසයකට තවත් කස්ටමර් කෙනෙක් ඇවිත්. අපිට සර්විස් එක දුන්නු, අපි ඉස්සරහ ගොලුවෙලා හිටපු අර නේපාලි වේටර් ඒ කස්ටමර් එක්ක ජයටම කතාව. ඒ කස්ටමර්, රෙගිලර් කස්ටමර් කෙනෙක් වෙන්න ඇති. ඒ කතා කලෙත් කටාරයට වැටෙන මේ නුහුරු වැස්ස සහ විදුලි කෙටීම් ගැන. දැන් හිතුන නේද උන් හිංදියෙන් කතා කරපුව අපිට තේරුනා කියල. නෑනෙ. උන් දෙන්නා කතා කළේ අපිට හොඳටම තේරෙන සිංහලෙන් කියපන්කෝ. මට ආපු හිනහව නතර කර ගන්න බෑ මිත්තොරුනි. කටට ගත්ත ඒවා ඉස්පොල්ලෙත් යන තරම්. දුවටත් එහෙමය
ි. ඇතිවුනු ලැජ්ජාවට තමා අපිටම හිනා යන්නේ. මම හිමීහිට අපේ දුවට කිව්වා, "හරිනේ දැන්, සනීපයිනේ?" කියලා. දුවත් එයාට වෙච්ච දේට ලැජ්ජාවට හිනාවෙන ගමන් මට විතරක් ඇහෙන ගානට කියනවා... "මුගෙ ආච්චිට හාල් ගරන්න, මූ සද්දම නැතුව හිටියනේ. නිකංවත් ඇඟෙව්වේ නෑනෙ මේකා ලංකාවෙ එකෙක් කියලා". හමේ පාටට, අපි නේපාලියෙක් කියල රැවටිලා තියෙන්නේ හොඳට සිංහලත් පුලුවන් ලංකාවේම එකෙකුටනේ. කටට බ්‍රේක් නැති එකට ළමයිටත් බැනලා වැඩක්යැ. සමහර දේවල් ජාන වලිනුත් එනවා කියනවනේ. මොනවා කරන්නද? කෑම කාලා ඉවර වෙලා, වෙච්ච ලැජ්ජාව 'ටිප්' එකකින් වහලා තියලා අපි එන්න ආවා. ආනන්ද රණසිංහ.සම්පූර්ණ කෙටි කතාව ________________________ " අන්කල් ඔයාට පුළුවන් නේද ආර්ට් එක ඉවර කරලා ලබන සතියේ අඟහරුවාදා වෙද්දී මට දෙන්න....." " ඔව් මට පුළුවන් දුව.....මේ පින්තූරේ ඉන්නේ දුවගේ අයිය ද ......" " නැ අන්කල් ඒ මම ආදරේ කරන කෙනා!...." " මම බැළුවා මෙච්චරටම දුවගේ ඇස් දිස්නේ දෙන හේතුව ඒත් මොකද්ද කියලා......." " එයාගේ බර්ත්ඩේ එක අඟහරුවාදා අන්කල්.....මගේ ආදරේ එයාට කියන්න කියලා හිතාගෙන ඉන්නේ කැම්පස් එකේදී එදාට....." " ම්හු....! මගෙන් සුභ පැතුම්.... මටත් ඒ කාලේ ලස්සන ආදරයක් තිබුණා , මගේ තරුණ කාලේ මගෙ ළමයෝ.....අදටත් ඒ ඇස් තරම් ලස්සන මුණගැහීමක් අදටත් නැ මේ ජීවීතේ ඇතුළේ......." " අන්කල් ඔයා එයාවමද විවිහා කර ගත්තේ....." " හැම ප්‍රේමණීය හමුවීමක්ම එක්වීමකින් ඉවර වෙන්නේ නෑ දුවේ.....මම මේක අඟහරුවාදා වෙද්දි අහවරයක් කොරලා තියන්නම්......" " හරි අන්කල් එහෙනම් මම ගිහින් එන්නම්....." මාර්ගයේ එක් පසෙක සිතුවම් ඇදීම තම රාජකාරිය කරගත් ඒ තරමක් හිස කේ පැසුණු පුද්ගලයා සිටි ස්ථානයෙන් මා පිට වූයේ ආදරණීය සිනහවක් එක්ක.ජීවීතේ මම ජයවර්ධනපුර සරසවියට ආ දවසේ පටන් ඔහු එතැන සිතුවම් ඇදීමෙහි නිරතවී සිටියා.ඒත් කවමදාකවත් හිතුණේ නැහැ මමත් ඔහුගෙන් සිතුවමක් ඇද ගනීවි කියා. මගේ හදවතේ හැම රුධිර කේශ නාළිකාවක්ම පාහේ දන්නා ඒ පිරිමි රූපය ඇත්තටම මගේ හදවතේ නොමියෙන ප්‍රේමණීයම සිතුවමක්.ඔහුගේ මුහුණු පොතෙන් බහාගත් රූපයක් ගෙන එය පැහැදිලිව තරමක් විශාල රූපයක් සේ මා ස්ටූඩියෝවකින් සකසා ගත්තෙමි.එම රූපය අතට ගත් වහාම සිපුමක් දීමට ආ ආශාව මැඩගත් අයුරු ඇත්තෙන්ම ගෙන ආවේ තරමක දගකාරී හසරැල්ලක්. ඒ නොසෑහෙන තරම් කඩවසම් පිරිමි රූපය තුළ තිබෙනා හැම අංග ලක්ෂණයක්ම මගේ ඇස් බෝල ඕනාවටත් වඩා විදින්න ආස කරන්න ඇති.මම හිතන්නේ ප්‍රේමයක් තුළ තිබෙන තෘෂ්ණාව මට දැන් නුහුරු දෙයක් නෙවෙයි වගේ. ස්ටූඩියෝවෙන් ලබා ගත් රූපය මාර්ගයේ එකත් පසෙක සිතුවම් අදිනා පුද්ගලයාට ලබා දුන්නේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් තිළිණ කිරීමටයි.ඒ වගේම ඔහු මගේ හිත හොර රහසේම පැහැර ගත් බව ඔහුට කීමටයි.ජීවීතේ කොයිම කාලෙකවත් " ආදරය " මෙය යැයි මම නොදැන සිටියා විය හැකියි.නමුත් ඔහුගේ ඝන ඇහි බැමි යටින් තිබෙනා දුඹුරු පැහැ බළල් ඇස් ප්‍රේමය මෙය යැයි මට කියා දුන්නා විය යුතුයි. ආයෙම ආයෙමත් ඒ රූපයම සොයනා මගේ අක්ෂි කාචයන් විඩාවට පත් වන්නේද , ඔහු ඉදිරියේ ගොළුවෙකු සේ වචන හිර වී යන්නේ ද , හීන සිහිනමය ලෝකවල මා සැරිසරන්නේද ඒ නිසාම වෙන්න ඇති.මුළු විශ්ව විද්‍යාලයක් පුරාම එකම පිරිමි රූපයක් මා සොයන්නේ මන්දැයි මම නොදන්නා නමුත් සැබවින්ම මා රහසේම ඔහු හා බැදී සිටියා.ඇත්තෙන්ම මම ඔහු හා ආයාසයකින් තොරවම හදවතින් බැදී සිටියා.නමුත් කවමදාකවත් මම ඔහුට ආදරේ බවත් ඔහු මට ආදරේ බවත් වචන වලින් කියා නොතිබිණි.ඇත්තෙන්ම ඔහු මට ආදරේද දැයි ද මා නොදන්නෙමි.නමුත් මා ඔහුට තදින් බැදී සිටියෙමි. සිතුවම් අදින්නාගෙන් නික්මී පුංචි මාර්ගය දිගේ මා ඇවිද ආවෙමි.පේන මානයෙන් තිබුණේ මා කවදත් එන්න ආස කරපු ඒ නවාතැන.ආදරණීය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.ප්‍රධාන දොරටුවෙන් ඇතුළ් වූ මා විශ්ව විද්‍යාලයට පිවිසිලා හිමින් හිමින් සීරුවට ඇවිදගෙන ගියේ නිස්කලංක බංකුවක් අසළට.විශ්ව විද්‍යාලය පුරාම නෙක විද තැන්හී තිබෙනා නිස්කලංක ස්ථානයන්ට මා බොහෝ ප්‍රිය කළා කීවොත් නිවැරදියි. අනෙක් කාර්තූන්හීදී වගේ නෙවෙයි එක් කාර්තුවකදී මුළු ජ ' පුර විශ්ව විද්‍යාලයම රොබරෝසියා මල් වලින් ගහන වෙලා යන්නේ මහ පුදුම තරම් ලස්සනක් එකතු කරලයි.කොයිම අයුරකින්වත් ඒ සුන්දරත්වය වචන කරන්න බැහැ.ඒ තරම් ලස්සනක් . මුළු පරිසරයම රොබරෝසියා මල් සුගන්ධයෙන් ධූප වෙලා ගිහින්. " රොබරෝසියා මම ආසම මලක් මේ...." අසළ බංකුව දිගේ වැටී තිබුණත් තවමත් ප්‍රාණවත්ව තිබෙනා එක් රොබරෝසියා පුෂ්පයක් අතට ගෙන මම හිද ගත්තේ බංකුව මතින්.නිල් පාට සහ සුදු පාට ඉරි ගිය ගවුමේ සමනළ හැඩේට මසා තිබූ අත් සුළඟට ඔහේ පැද්දෙනවා.කොණ්ඩය ලිහිල්ව උරහිස් දෙපැත්තෙන් ඉදිරියට දමා විත් තිබූ මා රොබරෝසියා මලට හාදුවක් දුන්නා.ඇත්තටම මොන හැගීමකින් එහෙම කරාද කියන්න දන්නේ නැති උනත් මේ දැනෙන හැගීම මම උපරිමයටම වින්දා. " මල් වලටත් කිස් දෙන කෙල්ලෙක් දැක්කමයි.....මෙච්චර කොල්ලෝ ඉන්න රටේ ඉලව්වකට මල් කිස් කරනව ද ?....." දෙවියනේ මම ඇස් පියාගෙන රොබරෝසියා මලට දුන් හාදුව තවකෙකු දැක්කද.ජීවීතේ පණ පිටින් ඉන්න මිනිස්සු අතරෙ ආදරේ කියන හැගීම සංසරණය වෙන්නේ මොන විදියටද කියලයි මට හිතා ගන්න බැරි.මොකද කියනවනම් මම දකින්න විදින්න ආස ඒ පිරිමි රූපය මගේ ඉදිරිපිට. " කවීශ්වර අයියේ ඔයා......" " හ්ම්...අපි තමා මොකද මල් කිස් කරන්නේ ආ.....කාවද මතක් උණේ....." කියන්න පුළුවන් උනා නම් මේ හාදුව රහසින් ඔයාගේ නළලෙ තිබ්බා කියලා , ඇත්තමයි මම කියනවා.ඒත් ඒකට කොහෙන්ද මට අයිතියක් දැන්මම.ඒ ඇස් මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නේ ඒ ඇස් දිහා එක එල්ලේ බලා ඉන්න තරම් හයියක් මට නැති වෙද්දි.ඒ කඩවසම් පිරිමි ඉරියව් මාව නොසන්සුන් කරද්දි මම ඉබේම බිම බලා ගත්තා. " ඔය රොබරෝසියා මල තියෙන්න ඕන මෙතන....." ඒ පිරිමි දිගැටි ඇගිලි ඇවිත් මගේ අතින් රොබරෝසියා මල අරගෙන ඒක තිබ්බේ කෙහෙරැළි අතරේ කන අසළින්.කන අසළ දැවටුණ රොබරෝසියාව ඇත්තටම මොන වගේ තියෙන්න ඇතිද , මට උවමනා උනේ ඒක මේ දැන් කැඩපතෙන් බලා ගන්න. බොළඳයි කියලා කියන්නේ මේ හැගීමට ද එතකොට.ඒ පිරිමි ඇගිලි වල උණුසුම මගේ කන් පෙති වල වදිද්දී ඇත්තමයි මට මේ දැන් " මම ඔයාට ආදරෙයි අයියේ " කියලා කියන්න හිතුණා.ඊට පස්සේ ඒ පිරිමි පපුවේ ගුළි වෙන්න ඕන කියලා හිතුවා.ඒත් ඒවට තවම මට අවසර නැති බව මම මගේ හිතට මතක් කරලා දුන්නා. " ලෙක්චර්ස් වලට යන්නේ නැද්ද....පහන්මී නංගි අද.....?" " යනවා අයියේ....." " ලස්සනයි ......" " කවුද....? " " ඔයා.." චුට්ටක් බෙල්ල ඇල කරලා එයා එහෙම කිව්වේ මගේ ඇස් වල ඒ ඇස් දුවවන ගමන්.ඒ පිරිමි ඇස් වල තිබ්බ දිස්සනයත් ,කඩවසම් බවත් මගේ මුළු හිත පුරාම සිතුවම් වෙද්දි.නහරයක් නහරයක් පුරා ප්‍රේමයේ හිරියක් ගමන් කරන්න ගත්තා.මගේ මේ අප්‍රකාශිත ආදරය කෙතරම් දැයි ඔහු දැන ගත්තා නම් ඔහු මා සිපගන්නේ නොනවත්වායි මම සිතුවා.ඒක මගේ මතකයක් සමහරක් විට ඔහු එසේ නොකරන්නත් පුළුවන් මම මගේ හිතට කිව්වා. " යමු වැස්සක් එන්න යන්නේ....." " මට අද ලෙක්චර්ස් යන්න බෑ වගේ අයියේ මමත් බෝඩිමට යනවා....." " මමත් යන්නේ ඒ පැත්තෙන්....යමු...හැබැයි මැනේජ්මන්ට් ෆැක්ලටිය පැත්තට යන්න ඕන මට...." " මාත් එන්න ද ?...." " හ්ම්...යමු...." වාඩිගත් බංකුවෙන් හිටගත් මම කන අසළට හස්තය රැගෙන ගියේ රොබරෝසියා මල ඉවත් කරන්න.ඒත් මගේ අත ඒ කඩවසම් දරදඩු අත ඇවිත් අල්ල ගත්තා. " එපා ඒක එහෙම තිබ්බදෙන්....." උගුරෙන් වගේ ඒ කඩවසම් කටහඬ පිටවෙද්දී මම බිම බලා ගත්තා.අයිතියක් නැතිවම එයා මාව එයාට සින්න කරගෙන. දෙවියනේ ඉක්කමනට එයාගේ උපන් දිනය දවස එනව නම්.මගේ මේ අප්‍රකාශිත ආදරය එයාට කියන්න. " යමු...." මමත් එයා එක්කම එතැනින් පිටවුණේ ඔහුගේ පිටු පසින්මයි.ඔහුගේ පිටුපසින් ඒ පිරිමි ඉරියව් ග්‍රහණය කර ගනිමින් ඉදිරියට ගිය මා ඔහුගේ පිරිමි ඉරියව් හදවතින්ම වින්දා.ඇතම් වෙලාවල් වලට ඔහු දිගට තිබෙන කමිස අත වැලමිට ගාවට නවමින් ඇවිදගෙන යනවා.මමත් ඒ ඉරියව් ඒ විදියටම අනුකරණය කළා.ඔහු ගාම්භීරව තියන අඩි ඒ විදියට තියන්න ගිහින් තව පොඩ්ඩෙන් මම ඇදගෙන බිම වැටෙනවා.අනේ මන්දා මෙහෙම ගියොත් මට පිස්සන් කොටුවේ තමයි ඉන්න වෙන්නේ. පුංචි පුංචි වැහි කෝඩ දැන් සීරුවට රළු වෙනවා වගේ.අපි ඉක්මනින් විශාල මැයි ගහක් අසළට ගියා.අතු විදාගෙන ගොස් රූස්සෙට වැඩී ඉන්න මැයි ශාක මිත්‍රයා පුදුම තරම් තේජවන්තයි කියලා මට හිතුණා.එකපාර රළු උණ වැහි කෝඩය එක්ක අපි මැයි ගසටම තුරුල් උනේ වැස්සෙන් තෙමෙයි කියන බයට වගේ.මැනේජ්මන්ට් ෆැක්ලටියට තව ටිකක් දුර යන්න තිබුණත් අපි මැයි ගසටම මුවා වෙලා හිටියා. " වැස්ස ටිකක් බාල උනාම අපි යමු...." " හා අයියේ...." අළු පාට වළාකුළු අතරින් අකීකරුව බිම ඉඹින හිරිකඩ පාරක් හැර මා අසළින් දැනෙන ඔහුගේ උණුසුමට බාධාවක් වෙන්න දැන් කවුරුත් මෙතන නැහැ.මම බැළුවේ අහස දිහා ඒක හරිම ලස්සනයි කියලා මට හිතුණා.මේ දැන් ඇදහැළෙන වර්ෂාව මට නම් සුපෙම් පර්ෂාවක්.ඒත් මේ ජයවර්ධනපුර අහස යට ඉන්න හැම මනුස්සයටම එකම විදියට වැස්ස පේන්නේ නැතුව ඇති.මුළු අහසම ඒකාලෝක කරමින් වැදී ගිය සැර අකුණු හඬ ඔහුව නොසන්සුන් කළා.ඒ නිසාම වෙන්න ඇති මගේ උරහිස වටින් අත දාලා ඒ විසල් පපුවට තුරුළු කර ගත්තේ. " මොකද....ඔහොම බලන්නේ...." " අයි...යේ අපි යමු....ද...." " මේ වැස්සේ....." " හ්ම්...." " කුඩයක් තියෙනවා ද ......" මම ගාව කුඩයක් තිබුණා ඒත් මොකක්දෝ හේතුවකට මම " නැහැ!" යන පිළිතුරින් හිස දෙපසට වැණුවා. " එහෙනම් යන්නේ කොහොම ද...." " වැස්ස මැදින් දුවලා යමු...." " පිස්සුද තමුසෙට ආ....." එයා එහෙම කිව්වත් මම වැස්ස මැදින් වේගයෙන් දුවන්න ගත්තා.ඒත් එක්කම ඔහුත් මගේ පිටුපසින් දුවගෙන එනවා.ඇත්තමයි කොච්චර කාලයක් ඒ මූණේ තියෙන ඒ කඩවසම් හිනාව තියේවිද දන්නේ නැ.ඒ තරම් කඩවසම් පිරිමි හිනාවක් දැන් එයාගේ මුහුණේ තියෙනවා . ඔහේ වැටෙන වැහිකෝඩ ඔහුවත් මාවත් රිසි සේ තෙමලා.ඔහු ඇවිත් මගේ වම් අතින් අල්ල ගත්තේ ඔහුට මගේ සි
රුර සිරවෙලා යද්දි. " පිස්සි....." " පිස්සා...." එයා ආයෙම මගේ අත අල්ලගෙන දුවගෙන ගියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක පැත්තට.එයාවයි මාවයි දෙන්නවම වැහි වතුරෙන් දියවෙන්නම තෙමිලා.වැස්ස මැදින් දුවන ගමන් එයා සැරින් සැරේට මගේ දිහා බලනවා.ඇත්මයි මම ඒ ඇස් කියවන්න උත්සහා කළා. මොනා කොහොම සිද්ධ උනත් මම ඒ ඇස් වලින් දැක්කේ ආදරේම විතරයි.අපි මැනේජ්මන්ට් ෆැකල්ටිය අසළට ආවා. " අයියේ මම යන්න ද !....." " ඔහොම ඉන්නවා මම දාන්නම්....මම ඇතුළට ගිහින් මගේ ටියුට් ටික අරගෙන එන්නම්....මෙන්න මේකෙන් ඔය ඔළුව පිහා ගන්නවා....! පිස්සෙක් වගේ වැස්ස මැද්දේ දිව්වා...." " ම්ම්ම්...! " එයා එහෙම කියලා දිගු කළේ කොළ පැහැයට හුරු පිරිමි ස්කාෆ් එකක්.මම ඒක අතට අරගෙන මුහුණ පිහා ගත්තා.ඔහු ෆැකල්ටිය ඇතුළට යද්දි මම ඇස් පියාගෙන ඒ ස්කාෆ් එකේ තැවරිච්ච පිරිම සුවඳ ආග්‍රහණය කරලා වින්දා.ඉතින් ආදරේ සුවඳ මේක වෙන්න ඇති මම නිගමනය කළා.හිතන්න පුළුවන් වේවිද මගේ මුළු ආත්මයේම ඒ පිරිමි සුවඳ තැවරිච්ච වග.ඈතින් ඔහු එනවා. " යමු මගේ බයික් එක අතන...." ඔහු පෙන්වූ ස්ථානයේදි ඔහුගේ මෝටර් බයිසිකලයට නැග ගත් මා ඔහුගේ උරහිස් වලින් අල්ල ගත්තා.ඒත් මට මේ දැනෙන හැගීම හරිම නුහුරුයි.මම ඔහුගේ උරහිස තදින් අල්ල ගත්තා. " හයියෙන් අල්ල ගන්න හරිද....පස්සෙ කියන්න එපා බයිසිකලෙන් බිම හිටියා කියලා....." ඔහු එහෙම කියලා වේගයෙන් මෝටර් බයිසිකලය රැගෙන ගියා.ඇත්ටම මේ හැගීම විස්තර කරන්න අමාරුයි.ඔහුගේ උණුසුම මට ළගින්ම දැනෙනවා.ඒ පිරිමි සුවඳ මගේ නාස් පිඩු තුළින් ඇතුළටම රිංගනකොට පුංචි රත්තරං නූලක් පපුවේ ඉහළට ගමන් කරනවා වගේ දැනෙනවා.හිරිවැටෙන හැම හැගීමක්ම ඔහුව මගේ හදවතේ පතුළට රැගෙන යනවා.එකවර තිරිංග තද උණා. මම ඔහුගේ බඳ වටේ අත් රැගෙන ගිහින් ඔහුටම තුරුළු වෙළයි සමබරතාවය රැක ගත්තේ. " නංගී ඔයා හොදින් නේද....එකපාර කොහෙද යන එකෙක් පාර හරහා දැම්මනේ.....පිස්සු යක්කු !......" " මට අවුලක් නැ....සො...සොරි...." ඔහුගේ බඳ වටේ දමා සිටි අත් මා ගලවා ගන්නට තැත් කළේ සමාව අයදිමින්මයි. ඒත් ඔහු ඒ අත් තදින් අල්ලලා වැළක්වූවා. " ඔහොම අල්ලගෙන ඉන්නවා....නැත්නම් ආයේ බ්‍රේක් කළොත් තමුසේ බිම ඉදියි !...." " හ්ම්..." මම ඔහුගේ පිටට හිස තියා ගත්තා.මම දන්නවා ඔහු පැති කණ්ණාඩියෙන් මා දෙස බලා සිටිනවා ඇති දැන්.කමක් නැ මම ඔහුව තුරුළු කරගෙන මේ හැගීම එක්කම ඉතුරු ටික යනවා.තෘෂ්ණාව!...හ්ම් මේක තමයි ප්‍රේමයේ තෘෂ්ණාව !...... " අපි ආවා නංගි...." එසැනින් මා මෝටර් සයිකලයෙන් බැස ගත්තා.ඔහුගේ දෑස් දෙස ඕනි තරම් වෙලා බලා ඉන්න පුළුවන් උවත් මේ ඒකට වෙලාව නෙවෙයි. " අයියේ මම යනවා....! " " ලබන සතියේ මගේ බර්ත් ඩේ එක තියෙනවා....ඔයා එනවා නේද....!" " එන්නම්...." මම එහෙම කියලා බෝඩිමට යන පුංචි කෙටි දුර දිව ගියේ මහ පුදුම තරම් සතුටකින්.බෝඩිමේ ද්වාරය අසළට ගිය මා නැවත මදක් හැරී බැළුවේ මෝටර් සයිකලය මත හිද සිටින ඔහු දෙස.ආකර්ශනීය හසරැල්ලකින් ඔහු මා දෙස බලා සිටිනවා.විදින්න නොතේරෙන හැගීම් ගොන්නක් මගේ පපුවේ ඉහළට ඇදිලා යනවා කියලා මට තේරුණා. ඔහු ඇස් වලින් මගෙන් " ඇයි !.." යනුවෙන් විමසද්දී , මම " නැත !.." යන පිළිතුරින් හිස දෙපට වනා බෝඩිමට තුළට දිව ගියා.වේගයෙන් මගේ බෝඩිමේ තරප්පු පෙළ නැග බැල්කෙනියට ආවේ ඔහු ඉන්නවාද බලන්න.ඔව් ඔහු ඉන්නවා.බැල්කෙනිය දෙසම බලාගෙන ඔහු ඉන්නවා. අමුතු කඩවසම් හිනාවකින් සංග්‍රහ කරලා ඔහු " යන්නම් " යනුවෙන් ප්‍රතිචාර දක්වා මෝටර් රථය වේගයෙන් රැගෙන ගියා.මම බැළුවේ අහස දිහා. අද අහසේ වැඩිය තරු නැ.ඒත් දීප්තිමත් තරුවක් සිසි ගාවින් සාරවත්ව දිළෙනවා.ඒ දර්ශණය හරිම චමත්කාරයි.ඉතින් මම හිතුවේ මෙහෙම. " මටත් සංසාරේ පුරාවට ඔයා ගාවින්ම මේ විදියට දිළෙන්න තිබුණ නම් හොදටෝම ඇති....! " __________________________ සතියක කාලයක් ගෙවී ගියේ හී සරක වේගයෙන්.මම මගේ විශ්ව විද්‍යාලය මාවතේ පිය නගමින් ඉන්නේ පුදුම තරම් උද්යෝගයකින් යුතුවයි.අද ඔහුගේ උපන් දිනය.මාර්ගයේ එකත් පසෙක සිටිනා සිතුවම් කරු දෙසට මා දිව ගියේ වේගයෙන්.අද මම මගේ ආදරේ ඔහුට කියනවා.ඔහුත් මට ආදරේ ඇති මම හිතුවා.ඔහුගේ ඇස් වලින් කියූවේ ඒ නොසෑහෙන්න ආදරයමයි.මම ඒ ඇස් වලින් කෙරූ ප්‍රකාශය මත විශ්වාසය තබනවා. " අන්කල්...මගේ ආර්ට් එක ඉවරද....! " " ඉවරයි ළමයෝ....ෆ්‍රේම් කරලා පැයකින් දෙන්න පුළුවන්......" " හා...අන්කල් ඊට කළින් මට ආර්ට් එක චුට්ටකට දෙනව ද......! " " අහ්!...ළමයෝ....මෙන්න ගන්න....." ඒ කඩවසම් ඇස් මේ ඝන කඩදාසියේ හරි ලස්සනට සිතුවම් වෙලා.ඒ සිතුවම් මුහුණ පුරා මගේ ඇගිළි තුඩු රැගෙන ගියේ අමුතුම සෙනෙහසකින්.මම කඩදාසියේ පිට පැත්ත හැරෙව්වා.මගේ බෑගයෙන් ගත් දම් පාට වර්ණයෙන්‍ යුත් පෑනකින් මම යමක් එහි ලියා තැබුවා.නමුත් මෙය ෆ්‍රේම් කලායින් පසුව කිසිමදාක ඔහුට මෙය දැකීමට නොහැකි වේවි.නමුත් මම එහි සටහනක් තැබුවා. " මේන්න අන්කල් මට පැයෙන් දෙන්න පුළුවන් නේද.....මම මේක රැපින් කරන්න කොළ අරගෙන එන්නම්...." " හරි ළමයෝ..." එය අලංකාරව සැරසීමට කොළ රැගෙන මා පැයකට පසුව පැමිණියා.පසුව එම ඡායාරූපය අලංකාරව රැපින් කර මා සිතුවම් කරුට මුදල් ගෙවා විශ්වවිද්‍යාලය තුළට පැමිණියේ ඔහුගේ උපන්දින ත්‍යාගය ළයට තුරුළු කර ගන්න ගමන්.ඒත් එක්කම ඇමතුමක් ආවේ ඔහුගෙන්. " නංගි ඔයා කොහෙද !.....ස්කයි කැන්‍ටින් එකට එන්න පුළුවන්ද .....මගේ බර්ත්ඩේ එක නිසා මගේ යාළුවන්ට ට්‍රිට් කරන්න හිතුවා......" " හරි අයියේ මම එන්නම්...." මම සිහින් හසරැල්ලක් එක්කම පා තැබුවේ ස්කයි කැන්ටින් එක පැත්තට. ස්කයි කැන්ටින් එක තිබුණේ බිල්ඩිමක ඉහළම මාලයේ.එතනට මුළු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයම පේනවා.හරියට චිත්‍රයක් වගේ.ඉතින් ස්කයි කැන්ටින් එකට යන්න මම විදුළි සෝපානය භාවිතා කළා.ස්කයි කැන්ටින් එක අසළට ගොස් විදුළි සෝපාන ද්වාරය විවිර වෙද්දි ඒ හා එක එල්ලේ තිබූ වෘත්තාකාර මේසයේ ඔහු හිද සිටියා.නමුත් ඔහු හිද සිටි අයුර දුටු මාගේ හුස්ම ගල් වෙලා ගියේ , පපුව හිරවෙලා වචන මුවේ නැතිවෙලා යද්දි. ඔහු තවත් සුන්දර යුවතියක් සමගින් එකම බීම වීදුරුව බට දෙකකින් පානය කරමින් සිටියා.ඇත්තමයි මගේ කකුල් පණ නැති වෙලා යන්න මහ වෙලාවක් ගියේ නැහැ.ඔහුත් එම යුවතියත් ඔවුන්ගේ නාස් පිඩු ගෑවෙන නොගෑවෙන දුරින් ඔවුන්ගේ දෙනෙත් වල කිමිද එය පානය කරමින් සිටියා.ඔවුන්ගේ හුස්ම වල ආවේණික සුවඳ ඔවුනොවුන්ට දැනෙන තරමින් ඔවුන් ළංව සිටියා.මගේ ඇස් කෙවෙණි කඩාගෙන කදුළු පල්ලම් බහිද්දි විවිර වූ විදුළි සෝපාන ද්වාරය වැසී ගියේ මා ස්වයංක්‍රීයව නැවත පහළ මාලයට යද්දි.හිත දැඩි කර ගත් මා නැවත ඉහළ මාලයේ ස්කයි කැන්ටින් එක අසළට විදුලි සෝපානයේ ස්විචය සක්‍රිය කළා. ආපනශාලව තුළට ගියා මා දුටු වෘත්තාකාර මේසයේ හිද සිටි ඔහු නැගී සිටියා. " එන්න නංගී....." " සුභ උපන්දිනයක් අයියේ.....මේක ඔයාට....." හිද ගල් කරගෙන එහෙම කිව්වෙ පපුව හිර වෙනවා වගේ හැගීමක් දැනෙද්දි. මොකද මම කණ්ණාඩිය ඉස්සරහා පුරුදු උනේ " සුභ උපන් දිනයක් අයියේ .....මම ඔයාට ආදරෙයි....." කියලා කියන්න උනත් මට කියන්න පුළුවන් උනේ මෙහෙම. " ස්තූතියි නංගි ! " " අයියේ මට හදිසි ලෙක්චර් එකක් තියෙනවා අපි පස්සේ හම්බෙමු...." එහෙම කියලා අඩියට දෙකට එතනින් එන්න ආවේ තරපු පෙළ දිගේ පහළ මාලයට.සගාවාගෙන සිටි කදුළු කැට ඔහේ රූරා වැටෙද්දි මා මගේ සුපුරුදු හුදකළා බංකුව අසළ දිව ගියේ දෙපා පණ නැති වෙනවා වගේ දැනෙද්දි.අදත් රොබරෝසියා මල් හැමතැනම වැටිලා හුදකලා බංකුව මත තියෙනවා. මම ඉකියක් එක්කම වැටෙන කදුළු එක්ක හිද ගත්තේ බංකුව මතින්... " මමයි වැරදි....නොකියම ආදරේ කරපු මම තමයි වැරදි......" ජීවීතේ ආදරේ කියන්නේ මොකද්ද කියලා නොදැණුවත්වම සිටි මා ආදරේ කියන හැගීම හදුනා ගත්තා.නමුත් අප්‍රකාශිත හැගීමක් කෙතරම් වේදනාකාරීද යත් එය මරණීය වේදනාවක් බව මා දැන ගත්තේ අදයි.ඒකපාර්ශ්විය ආදරයක රළු පරළු බවත් එහි කැටිව ඇති වේදනාවත් මෙය යැයි මා හදුනා ගනු ලැබුවා. අසළ බංකුව මත වැටී තිබූ රොබරෝසියා මලක් මා හස්තයට මැදි කරගෙන ළයට තුරුළු කර ගත්තේ කදුළු වලට ඔහේ රූටා යන්න ඉඩ දීලා.බෑගය තුළ තිබූ ඔහු එදා මට දුන් ඒ පිරිමි ස්කාෆ් එක ගෙන මගේ බෑගය තුළ තිබූ දින පොතේ පිටු අතර මැදි කළේ රොබරෝසියා මලකුත් සමගින්මයි. නැවත වරක් දිනපොත හැර ඒ පිරිමි ස්කාෆයෙහි තැවරී තිබූ පිරිමි සුවඳ මම වින්දා.නැවත දින පොත වසා දමා අහසේ ඔහේ ගමන් ගන්නා මේඝයන් දෙස බලා සිටියා.ඒත් එක්කම මට හිතුණේ මෙහෙම. " ඔයාගේ ස්කාෆ් ලේන්සුවේ ඒ කඩවසම් පිරිමි සුවඳ තියෙනකම් මට ඔයාව අමතක වෙන එකක් නැ.....ඒ වගේම හැම කාර්තුවකම පිපෙන රොබරෝසියා මල් මට ඔයාව මතක් කරාවි......ඉතින් ඔව් දැනුණේ කොච්චරක්ද ඒ තරම්ම රිදෙනවා......" අප්‍රකාශිත හැගීමක සුන්දරත්වයත් රළු පරළු බවත් මා අද හදුනා ගත්තා.නමුත් අප්‍රකාශිත හැගීමක් යනු මෙතරම්ම මරණීය වේදනවක් බව මම දැන් දන්නවා.නමුත් එකම එක පාරක දෙයක් මම අහන්න ද ? " එකම එක පාරක්වත් ඔය හිතින් මට ආදරේ කළේ නැද්ද....එකම එක පාරක්වත් ආදරේ නාමෙන් මට ආදරේ හිතුණේ නැද්ද......? " මම පහන්මී ! ____________________ ( වසර හතකට පසු ) මේසය මත තබා තිබුණේ අලංකාරවත් පිරිමි සිතුවමක්.එදා තරම්ම නොවුණත් ඒ පිරිමියා අදත් ඒ තරම්ම කඩවසම්.නමුත් එකම එක් කාරණාවකට ඇත්තේ ඔහු තවමත් අවිවාහක වීමයි.ඔහු අතින් හදිසියේ අත වැදී තමාට ත්‍යාගයක් සේ ලැබී තිබූ සිතුවම් ඡායාරූපය බිදී ගියා. ෆ්‍රේමය බිදී ගියාවෙන් පසුව ඝන කඩදාසිය ඔහු අතට ගත්තා.වසර හතක් පුරාවට ඔහු නොදුටු යම් සටහනක් එහි පිටුපස ඇති බව ඔහුගේ දෑසට හසුවුණා.ඔහුගේ දෑස් වේගයෙන් එය කියවද්දි ඒ පිරිමි හදවත බිදී ගිය අයුරට දෙපා පණ නැතිව ටයිල් පොළෙවේ හිද ගත්තා. වසර හතක් පුරාවට අමතකව නොවූ ඒ ඇස් , ආයේ ආයේත් සෙවූ ඇස් නැවත මතකයට එද්දි , ඔහු දුරකථනයෙන් ඇමතුමක් ගත්තේ මෙලෙස සදහන් කර තිබූ අංකයකටයි. " Pahanmi " නමුත් එහා පසින් ඇසුණේ සුපුරුදු වචන පේළියයි. " මෙම දුරකථන අංකය භාවිතය
ේ නොමැති බැවින් කරුණාකර පරික්ෂාකර බලා පසුව අමතන්න !......" දුරකථනය ගෙන වේගෙන් පොළෙවේ ගැසුවේ කැබිළි සී සීකඩ යන අයුරින් ඔහුයි. ඔහු නැවත කියවූයේ ඒ සිතුවම පිටුපස දම් පැහැයෙන් ලියා ඇති ඒ වචන පේළියයි.එහි මෙසේ සදහන්ව තිබුණා වෙන්නට ඇති. බර පිරිමි කදුළු ටයිල් පොළව ඔහේ සිප ගත් අයුරු නම් උහුලන්න බැරි වේවි කිසිවෙකුටත්. """ නිස්සාර නොවුණ ප්‍රේමයක් ඔය ඇස් වලින් මම දුටුවා රොබරෝසියා මල් වලින් මගේ හිත නුඹ අරගෙන ගියා දැණුන තරමින් රිදෙන ආදරයක වර්ණය කියා නුඹේ ළය අහසේ සරුසාර සඳ දෙව්ළිය වෙන්නද මා ? ඔය පිරිමි ළය අහස්වෙ සරුසාර සඳ දෙව්ළිය වෙන්නද මා ? කවිශ්වර අයියේ මම ඔයාට ගොඩක් ආදරෙයි .....! මම පහන්මී """ ඉතින් අප්‍රකාශිත හැඟීම් කෙතරම් නම් වෙදනාකාරිද යත් , ගිනි ශිකරයක් තුළ ලාවා ජාලාවක් බුර බුරා නැගෙනවා සේ වේදනා බරයි.එතරම්ම දැවෙන්නේ ය. එතරම්ම පිළිස්සෙන්නේ ය. එතරම්ම රිදුම් දෙන්නේ ය. නිමි ! සාත් Sathsara Arachchiකොළඹ ගමන ------------------------ මං පුංචි කාලෙ එක එක ඕනෑ එපාකම්වලට කොළඹ යන්න එන්න වුණා. මේ මං කියන්නේ 1999 - 2002 කාලේ. ඒ කාලේ කොළඹ යනවා කියන්නේ මට නම් මහා ලොකු ගමනක්. හෙට යනවානම් අද රෑ අම්මා අපේ ඇඳුම් ඔක්කොම ලෑස්ති කරනවා. බොන්න වතුර බෝතලයක්, බිස්කට් පැකට් එකක්, කුඩයක්, ලොකු ලේන්සුව, ෂොපින් බෑග් දෙක තුනක් එක්ක බාගෙට සිදුරු කරපු දෙහි ගෙඩියක් දාපු බෑග් එකක් නම් ඒ ගමනට වරදින්නේ නෑ. යන්න කලින් දා හවස ටවුමේ ෆාමසියෙන් අම්මා වමනේ පෙති ගෙනත් දෙනවා. අම්මා දන්නවා මට අඩි දහයක් යන්න බෑ කියලා. දැන් නම් ඒ පෙතිවලට කියන නම් දන්නවා වුණාට ඉස්සර මං ඒවට කිව්වේ වමනෙ පෙති කියලා. ඒ පෙත්ත එක්ක මගේ ලොකු විශ්වාසයක් තිබුණා. කොළඹ යන දා උදේ පාන්දර හතරට විතර නැගිටලා පයින්ම පාරට යනවා බස් එක අල්ල ගන්න. කලවානේ හිටපු අපිට කොළඹ යන්න ලේසිම මතුගම පැත්තෙන්. ඉතින් අපි බස් එකේ නැගලා කොළඹ එනවා. උදේට කන්න හම්බ වුණත් ඒ කොහෙන්ද කියලා මට ඒ හැටි වගවිස්තරයක් මතක නෑ. ඒ කොළඹ ගමන උදේට එච්චර සුන්දර එකක් වුණේ නෑ. සමහර දාට රෑ පෙති බිව්වත් කටට ෂොපින් බෑග් අල්ලන් ගිය දවස් ඕනි තරම්. ඉතින් ඔය විදියට කොළඹ ගිය ගමනේ සතුටුම තැන වුණේ ගෝල්ෆේස් එකේ ටිකක් නිදහසේ ඇවිද්දම. මං හරි ආසයි ගිනි ගහන අව්වේ වුණත් ඇඟට වදින මුහුදු හුළඟට. රස කර කර කන අයිස් ක්‍රීම් එකට. රෝස පාටට දිලිසි දිලිසි තියෙන බොම්බයි මොටයිවලට.ඒ කාලේ ඉස්සෝ වඩේ එක්ක ආත්මීය බැඳීමක් තිබුණා කියලා මට මතකයක් නෑ. කොහොම වුණත් උදේ අට නවය වෙද්දි කොළඹට ළඟා වෙනකොට ටිකක් තෙහෙට්ටුයි. කරන්න ආපු රාජකාරි ටික කරගෙන ආයේ අපි යන්නේ කන්න. කෑවෙ කොහෙන්ද කියලා මතක නැති වුණාට දවසක් අපි කාපු කඩේකින් කන්න කලින් පොඩි පිත්තල කෝප්පවලට දාලා දුඹුරු පාට මොනවාහරි බොන්න දුන්නා. අනිත් අය බිව්වත් මට නම් ඒ රහ ඒ තරම් හිතට ඇල්ලුවේ නෑ. පස්සේ තමයි දන්නේ ඒ රසම් එකක් කියලා. අදටත් මම ඒ තරම් රසම් ලෝලියෙක් නෙවෙයි. එළවළු බත්, පරිප්පු,පපඩම්, මස්, තව මොනවද සලාද, නම දන්නේ නැති එක එක කෑම ගොඩක් තියෙනවා මට තාම මතකයි. කෑමෙන් පස්සේ හවසට බස් එකේදි කන්නත් බනිස්, කිරි පැකට්, ටිපිටිප් වගේ මොනවහරි මල්ලක් මගේ අතට හම්බ වෙනවා. ඕක නිකම් පූජා භාණ්ඩයක් වගේ දෝතින්ම පරිස්සම් කරන් මං පස්සෙන් එල්ලිලා යනවා. ඒ යන ගමන් පොතක්, පොඩි නලාවක්, හුළං පුරවන තාරාවෙක්, බෝලයක් වගේ පොඩි පොඩි දේවල් ටිකකුත් මට හම්බ වෙනවා. අම්මෝ ඉතින් ඒවා මට සෑහෙන්න වටින දේවල්. ආයේ ගෙදර එන්න බස් එකට නගින්න කොටුවට යන්න ඕනි කියලා අහලා තිබුණ නිසා මම සමහර දවසට කොටුවක් හෙව්වා. ඒත් කොටුව කියන්නේ එක්තරා ස්ථානීය නාමයක් කියලා දැන ගනිද්දි මම ටිකක් ලොකුයි. උදේ එද්දි නිදි මරගාගේ කොළඹ ආපු මම කොළඹ හැඩ බල බල යන්නේ ආපහු ගෙදර යද්දි. කොළඹ කියද්දි ඉස්සර මට මතක් වෙන්නේ ළඟ ළඟ තියෙන ලොකු බිල්ඩින්, ඉන්න බැරි තරමට දැනෙන රස්නේ, මුහුද වගේ බොහොම සීමිත දේවල් ටිකක්. ඒත් අදටත් මගේ ඉස්සර කොළඹ ගමන් සිහි කරන තැන් දෙක තුනක් තියෙයි. එකක් කොළඹ කැම්පස් එක, අනිත් එක වැල්ලවත්තේ සැවෝයි එකට ටිකක් මෙහායින් තියෙන ලොකු බුදු පිළිමේ. අනිත් එක මොරටුව පහු කරලා එද්දි හම්බ වෙන එගොඩ උයන.එගොඩ උයන කියන්නේ අපි කොළඹට ළඟයි කියලා මං මතක තියාගෙන ඉන්න ලෑන්ඩ්මාර්ක් එකක්. ඒ ලෑන්ඩ්මාර්ක් එක අදටත් එහෙම්මමයි. ඉස්සර අම්මලා නග්ගන බස් එකට නැගලා, ජනේලේ අයිනේ සීට් එකක වාඩි වෙලා එක එක ප්‍රශ්න අහ අහ වට පිට බල බල රෑ වෙලා ගෙදර එන එක තමයි මට තිබුණ ලොකුම විනෝදේ. පහුවදා ඉස්කෝලේ ගිහින් කියන්න විස්තර ගොඩක් එකතු කරන් ඇඟිලි ගැන ගැන ඉන්නේ හරි ආසාවෙන්. මතුගමින් බැස්ස ගමන් ඊළඟට හම්බ වෙන්නේ ලොකු උස වීදුරුවකට දාපු සැලඩ් එකක්. පොඩි දවස්වල සැලඩ් එක උඩට හරි ලස්සනට බෝල කරපු අයිස්ක්‍රීම් දාන්නේ කොහොමද කියලා මට හරි ප්‍රශ්නයක්. ඒත් ඒවට උත්තර හිතද්දි දන්නෙම නැතුව සැලඩ් එක ඉවර වෙලා. ඒ රහ නම් තාම මතකයි. ගෙදර ගිය ගමන් ඇඟ සෝදලා නින්දට වැටෙන්නේ ගමන් මහන්සියට. අපි කොළඹ යන්නේ සතියේ දවසක නම් අම්මා ගුරු දෙගුරු පොතේ ලියලා දෙනවා ඊයේ ඉස්කෝලේ ආවෙ නැත්තේ කොළඹ ගිය නිසා කියලා. මං කලින් දවසේ කොළඹින් ගත්ත පොත් ටිකත් බෑග් එකේ දාගෙන ඉස්කෝලේ ගිහින් යාලුවන්ට ගමනේ විස්තර කියනවා. හරි උජාරුවෙන් අර පොත් පෙරළලා කියනවා මේවා කොළඹින් අම්මා අරන් දුන්නේ කියලා. ඇත්තටම ඒ මතක හරි සුන්දරයි. අම්මලගේ මොකක් හරි රාජකාරී වැඩකට ඉඳලා හිටලා කොළඹ ගියාට මොකෝ 2014දි මට කොළඹ පැලපදියම් වෙන්න වුණා. ඒ අර මං කලින් කිව්ව කොළඹ මට මතක් වෙන තැනක මගේ ඉරණමේ කොටසක් ලියැවිලා තිබුණ නිසා. 2014දි මං කොළඹ කැම්පස් එකට එන්නේ. ඉඳලා හිටලා කොළඹ ආපු මම හැම සතියක් ගානෙම ගෙදර ඉඳලා කොළඹ එන්න පුරුදු වුණා. තනියම ආවත් මොකෝ, තනියම ඉන්නත් වුණා. ඉස්සර අම්මල නගින්න කියන බස් එකට නැගලා ඔහේ වාඩි වෙලා ආපු මං එක එක බස් හොයාගෙන නැගලා යන්න පුරුදු වුණා. කොළඹ අහස යට නන්නාඳුනන මිනිස්සු ගොඩක් එක්ක හරි හරියට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුරුදු වුණා. කැම්පස් එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. ජීවිතේ වැටුණ තැන් තිබුණා, ගොඩ නගා ගත්ත තැන් තිබුණා. මේ ඔක්කොම කොළඹ ගමනත් එක්ක සම්බන්ධයි. මේ ලියවිල්ල සටහන් කරන්න හිතුණේ අදත් කොළඹ ඉඳලා එනගමන් එගොඩ උයන හරියේ ඈතින් පේන බහින ඉර දිහා බලන් බස් එකේ වීදුරුවට කම්මුලක් හේත්තු කරන් එන ගමන්. අද ආවෙත් අර මං කලින් කිව්ව වැල්ලවත්තේ ලොකු බුදු පිළිමේ පහු කරන්. දැන් වෙලාව හවස 6.30 ත් පහු වෙලා. තාම කළුතර. තව පැය දෙකක විතර ගමනක් මට තියෙනවා. පොඩි දවස්වල මාස තුන හතරකට වතාවක් කොළඹ ආපු මම අද දවස ගානේ කොළඹ යනවා එනවා. ඒත් දැන් ඒ කාලේ වගේ කොළඹ ගමන දුරයි කියලා දැනෙන්නේ නැ. ජීවිතේ ගියපු ලොකුම ගමන කියලා දැනෙන්නෙත් නෑ. ඒ තරම් මහන්සියක් දැනෙන්නෙත් නෑ. අපේ ජීවිතේ එක එක කාර්තුවල අපි කොච්චරක් වෙනස් වෙනවද කියලා හිතෙනවා. ඒත් අර ඉස්සර අම්මලගේ අතේ එල්ලිලා බෙල්ල හරව හරව වට පිට බල බල කොළඹ ගිය පුංචි කෙල්ල මගෙ හිත අස්සේ ඉඳන් පිනුම් ගහනවා. -සවින්දි- 2023.11.25 දින ප.ව.06.31ට# **අපිරිසිදු වාතයේ මාරාන්තික පිරිවැය** කොවිඩ්-19 ලෝකය පුරාම පැතිරෙන්න ගනිද්දි Francesca Dominici ට හිතෙන්න ගත්ත වායු දූෂණය කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩිවෙන්න හේතුවෙනව කියල. ඒක තමයි අපිරිසිදු වාතය ගැන ගැන විද්‍යාඥයෝ දැනන් හිටිය හැමදෙයක්ම සහ මේ අළුත් කොරෝනා වයිරසය ගැන ඒ අය ඉගෙනගනිමින් හිටපු හැමදෙයක්ම සැලකිල්ලට ගත්තට පස්සෙ ඔවුන් එළඹුණු තාර්කික නිගමනය. අපිරිසිදු වාතාශ්‍රයක් තියෙන ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සුන්ට නිදන්ගත ලෙඩ රෝග වැළඳෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව බොහෝ වැඩියි. ඒ හින්ද එහෙම රෝගීන්ට කොවිඩ්-19 ලේසියෙන්ම බෝවෙන්න පුළුවන්. මෙතන තියෙන ඊටත් වඩා බරපතල සෞඛ්‍ය ගැටළුව තමයි වායු දූෂණය හින්ද ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන එක සහ එයින් ඔවුන්ගේ ඔවුන්ගේ ශ්වසන මාර්ග inflame වෙන හින්ද ඔවුන්ගේ ශරීරවලට ශ්වසන වයිරසයක් එක්ක සටන්කරන්න පුළුවන්කම අඩුවෙන එක. ගොඩක් මේ සම්බන්ධ විශේෂඥයෝ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය දැක්ක. නමුත් Harvard T.H. Chan School of Public Health එකේ ජීවසංඛ්‍යානය පිළිබඳ ආචාර්යවරියක් වුණු Francesca Dominici කියන්නෙ මේක හරියටම test කරන්න විශේෂඥ දැනුම, අත්දැකීම සහ සුදුසුකම් තිබුණ කෙනෙක්. ඇය සහ ඇගේ සගයන් එකතුවෙලා අවුරුදු ගාණක් තිස්සෙ දත්ත එකතු කරල හදපු සුවිශේෂ data platform එකක් තිබුණා. ඒකෙදි මේ අය 2000 අවුරුද්දෙ ඉඳන් මිලියන ගාණක් ඇමෙරිකානුවන් දිනපතා ආශ්වාස කරන වාතයේ තත්වය ගැන හැම දවසකම දත්ත එකතු කරගෙන ඒව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය සමග ගලපල බලන්න පුළුවන් විදිහට හදල තියෙනව. හැම අවුරුද්දකම Dominici, Medicare වලට ලියාපදිංචි වෙලා ඉන්න දළ වශයෙන් මිලියන 60ක් පමණ වයස්ගත ඇමෙරිකානුවන්ගෙ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජන වර්ගය, සිප් කේතය (zip code), ඔවුන්ගේ මරණ සහ රෝහල්ගත කිරීම් සම්බන්ධයෙන් වන දින සහ diagnostic codes ගැන granular (නමුත් නිර්නාමික) දත්ත මිළදී ගන්නව. මේ දත්ත ඇයගේ data platform එකෙන් බාගයක්. අනිත් බාගෙ ගැන කතා කරනව නම් ඇත්තටම ඒක හදපු එකම විශාල ජයග්‍රහණයක්. ඇයගේ සහ හාවඩ් සරසවියේ වසංගත රෝග විශේෂඥයෙක් වුණු Joel Schwartz ගෙ නායකත්වය සහ මගපෙන්වීම යටතේ සිය ගාණක් විද්‍යාඥයො එකතු වෙලා මුලින්ම මුළු ඇමෙරිකා එක්සත් ජනපදයම කිලෝමීටර එකක් (හැතැප්ම 0.62 ක්) පළල square grid එකකට බෙදනව. ඊළඟට මේ අය machine learning program එකක් train කරනව දිනපතා pollutant level එක ගණනය කරන්න, අවුරුදු 17ක් පුරාම, මේ හැම square එකකම- ඒවගේ pollution monitor එකක් තිබ්බත් නැතත්. මේ නිඹුල් දත්ත සෙට් දෙකත් එක්ක, Dominici ට සහ ඇගේ සගයන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හැම තැනකම වායු දූෂණයේ බලපෑම වඩා පුළුල්ව අධ්‍යන
ය කරන්න අවස්ථාව ලැබුණ. හැබැයි මේ අධ්‍යනයන් තුළින් ඔවුන් එළඹුණු නිගමන සතුටුවෙන්න පුළුවන් දේවල් නෙවෙයි. 2017 අවුරුද්දෙ ඔවුන් කරපු අධ්‍යනයක සොයාගැනීම් තුළින්, වාතය ජාතික ප්‍රමිත මට්ටමේ (national standard) තිබුණු තැන්වල පවා වායු දූෂණය මරණ අනුපාතය වැඩිවෙන්න දායක වෙන බව ඔවුන් නිගමනය කරනව. Dominici පැහැදිළි කලා මේ national standard එක ආරක්ෂිත නොවන බව. ඊට අවුරුදු දෙකකට පස්සෙ ඔවුන් වාර්තා කරනව වායු දූෂණය ඉහළ යන හැමවෙලාවෙම වකුගඩු අකර්මණ්‍යතාවය සහ septicemia වගේ රෝග ගණනාවක් සඳහා රෝහල්ගත කිරීම්ද වැඩිවෙන බව. ඇත්තටම ඊට කලින් වායු දූෂණය සහ මේ රෝග උත්සන්නවීම අතර සම්බන්ධය ගැඹුරින් අධ්‍යනය කරල තිබුණෙම නැති තරම්. ඔවුන්ගේ මේ සොයාගැනීම් මයික්‍රෝමීටර් 2.5කට වඩා කුඩා, ඒ කියන්නෙ අපේ කෙස් ගහකින් 1/30 එකක් තරම් පුංචි PM2.5 කියන particulate matter එකේ භයානකකම පෙන්නන සාක්ෂි කන්දක්ම එකතු කලා. මේ සමහර particles වලට, උදාහරණයක් විදිහට අළුවල (soot) වගේ, අපේ ඇඟේ ලේ දහරාවට (bloodstream) ඇතුල් වෙන්න පුළුවන්. විද්‍යාඥයො මේවා සහ මීටත් වඩා කුඩා (ultrafine) particles අපේ හදවත ඇතුළෙ, මොළය ඇතුළෙ සහ වැදමහේ තිබිල සොයාගෙන තියෙනව. කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙනවත් එක්කම Dominici සහ ඇයගේ සගයින් ඔවුන්ගේ දීපව්‍යාප්ත වායු තත්ව දත්ත ජෝන් හොප්කින්ස් සරසවියේ county එකෙන් county එකට ගන්න කොරෝනා මරණ ගණන එක්ක හරස් යොමු (cross-reference) කරල බලනව. ඇත්තටම, PM2.5 වැඩි තැන්වල කොරෝනා මරණ අනුපාතය සාපේක්ෂව වැඩිවෙලා තිබුණ. මේකට හේතුව තමයි ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ගේ ශරීර දශක ගණනාවක් තිස්සෙ අපිරිසිදු වාතයට නිරාවරණය වීම හින්ද ඔවුන්ගේ ශරීර කොරෝනා වයිරස් රෝගයට වඩා susceptible වීම. මේ පර්යේෂක කණ්ඩායම 2020 දෙසැම්බර් මාසයෙදි වාර්තා කරනව ලොව පුරා කොරෝන මරණ වලින් 15% ක් පමණ ප්‍රතිශතයකට particle pollution දායක වෙලා තියෙනව කියල. ඊටත් වඩා වායු දූෂිත නැගෙනහිර ආසියානු රටවල මේ ප්‍රතිශතය 27% තරම් වැඩි අගයක් අරන් තිබුණ. මේ නව දත්ත, සොයාගැනීම් සහ නිගමන මේ ගැන නොදන්න අයව දැඩි කම්පනයකට පත්කලා. මේ ගැන පත්තරවල TV වල සිරස්තල පළවුණා. Dominici කියනව ඇය එයින් පුදුමයට පත් නොවුණ බව. ඒක සම්පූර්ණයෙන්ම ගැළපෙනව කියල ඇය කිව්ව. ඇය ඒ වෙද්දිත් දැනන් හිටියා බොහෝ දෙනෙක් නොදන්න දෙයක් - ඒ කියන්නෙ ඇය දැනන් හිටියා අපිරිසිදු වාතය මේ අළුත් කොරෝනා වයිරසයට වඩා ජීවිත ගොඩක්, ඊට වඩා නිතිපතා බිලිගන්න බව. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන විදිහට ලෝකය පුරාම වායු දූෂණය හින්ද අවුරුද්දකට මිලියන 7ක් පමණ අකල් මරණ සිද්ධවෙනව. මේ සංඛ්‍යාව මත්පැන් අවභාවිතය හින්ද වසරකට ලොවපුරා සිද්ධ වෙන මරණ ගණන වගේ දෙගුණයකටත් වැඩියි. ඒ වගේම ඒක ලොවපුරා වසරකට රථ වාහන අනතුරු වලින් සිද්ධවෙන මරණ ගණන වගේ පස් ගුණයකටත් වැඩියි. (මේ සම්බන්ධ සමහර නව සමීක්ෂණවල pollution toll එක WHO ඇස්තමේන්තුවටත් වඩා ඉහළ අගයක් ගන්නව කියල දක්වල තියෙනව) මේ මරණවලින් වැඩි හරියක් සිද්ධ වෙන්නෙ සංවර්ධනය වෙමින් පවතින රටවල - ඇත්තටම මේ මරණවලින් භාගයක් විතර සිද්ධ වෙන්නෙ චීනයේ හා ඉන්දියාවෙ - ඒත් සංවර්ධිත රටවලත් මේ විදිහට වායු දූෂණය හින්ද අකාලයේ මිනිස්සු මැරිල යනව. ඒ හින්ද ඒ රටවලටත් මේක සංකීර්ණ ගැටළුවක්. ලෝක බැංකුව කියන විදිහට මේ මරණවල ගෝලීය ආර්ථික පිරිවැය අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 05ක් විතර වෙනව. ඇමෙරිකා එක්සත් ජනපදයේ, Congress එක Clean Air Act එක pass කරල අවුරුදු 45 කට පස්සෙත්, American Lung Association එක කියන විදිහට, ඇමෙරිකානුවන්ගෙන් 45% කටත් වැඩි පිරිසක් තාමත් ආශ්වාස කරන්නෙ අපිරිසිදු වාතය. අපිරිසිදු වාතය හින්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ තවමත් වසරකට අකල් මරණ 60000 කට වැඩිය සිද්ධවෙනව. ඇත්තටම මේ සංඛ්‍යාවට අපිරිසිදු වාතයට වසර ගාණක් තිස්සෙ නිරාවරණය වීම හින්ද කොරෝනා වයිරස් රෝගයට පහසුවෙන් ගොදුරුවෙලා එයින් මැරුණු ගණන එකතු කරල නෑ. වායු දූෂණය සැඟවුණු ඝාතකයෙක්; ඒක මරණ සහතිකවල සඳහන් වෙන්නෙ නෑ. සමහරවිට මේ අවුරුද්දෙ (2021) ඒක භයානක අළුත් තර්ජන - සීඝ්‍රයෙන් පැතිරෙන වයිරස් එකක් සහ ලැව්ගිණි - එක්ක ඡේදනය වීම හින්ද අවුරුදු ගාණක් තිස්සෙ වායු දූෂණය අපේ සෞඛ්‍යයට එල්ල කරන තර්ජනය මීට වඩා මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ලට ලක්වෙයි කියල Dominici විශ්වාස කරනව. ඒත් පහුගිය (2020) දෙසැම්බර් මාසෙ, ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ ආයතනය (U.S. Environmental Protection Agency ) PM2.5 සම්බන්ධයෙන් ජාතික air quality standards tighten නොකර ඉන්න තීරණය කරපු වෙලාවෙ ඔවුන් Dominici ගෙ වගේම ඔවුන්ගෙම විද්‍යාඥයන්ගෙත් සමීක්ෂණ සහ සොයාගැනීම් නොසලකා හැරල තිබුණ. ඔවුන් ගණනය කරල තිබුණ annual standard එක 25% කින් අඩු කලොත්, අවුරුද්දකට ජීවිත 12000ක් බේරගන්න පුළුවන් කියල. ***මෙම ලිපිය National Geographic සඟරාවේ 2021 අප්‍රේල් කලාපය සඳහා Beth Gardiner ලියූ The Deadly Cost of Dirty Air නම් ලිපියේ මුල් කොටසේ සිංහල අදහසයි.***ආදම් ආදම් හිටියේ නුරුස්නා සහගතව ය. " පිස්සුනේ .දෙවියන්ට තිබුනේ මං පාළුවෙන් කාන්සියෙන් ඉන්නවා දැක්කම මගේ ඉල ඇටයක් ගලවලා ගැනියෙක් මවන්න නෙවි. මට හිතට එන ඕන මගුලක් කතා කරන්න පුළුවන් , එකතු වෙලා වැටෙන කන් බොන්න පුළුවන් , බය නොවී අවදානම් වැඩ කරන්න උඩ ගෙඩි දෙන යාළුවෙක් ඒ කිව්වේ මං වගේම පිරිමි පරාණයක් මවන්න. .." පිපිඤ්ඤා පෙත්ත කටේ දමා විශාල බ්ර උගුරක් ගිල දැමු ඔහු කීවේය. "මගේම ක්ලෝනයක් හදන්න ." ඔහු නැවත ඊට ඇතුළු කළේය. කොහොමත් පළමු මිනිසා විදිහට ඔහු සෑහෙන්න ආත්මාර්ථකාමීය. ඔහු වැඩිපුරම ආදරේ ඔහුට ය. "ඉතින් ඔය ටිකම උඹ ඔය කියන ගෑනි එක්ක කරනවකෝ. " සාතන් කීවේය. හැමදාමත් බී ගත්තම දුක කියන ආදම්ගේ කතාව අහනවා විනා අලුත් පාපකර්ම හඳුන්වා දෙන්නට විදිහක් ඇත්තේම නැත. " පිස්සුද ඕයි.. මං කිරිල්ලියක් ලස්සනයි කිව්වොත් මට වඩා ලස්සනද අහනවා . බොන්න හැදුවොත් සීමාව පනින්න ඔන්න මෙන්න තියද්දී දැන් ඇති කියනවා . මොනවා හරි කරන්න යද්දි අඥේ පරිස්සමින් . ඔයාට මොනවා හරි උනොත් මට ජීවත් වෙන්න බෑ කියනවා . මොන ඇඩියාවක්ද ?* මෙවර සාතන්ට කියන්නට කිසිත් තිබුනේ නැත. එහෙනම් ආදමි ව පාප කර්මයන්ගෙන් මුදවන්නේ ඇය ය. " අනික බං . මේ අපි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා මං අඬ බෙර ගහන්න ඕනෑ ද ? මේ මගුලේ ඉන්නේ අපි දෙන්නා විතරනේ . ඔය කුරුල්ලන්ට ,සත්තුන්ට , වළාකුළුවලට, සුළඟට මං කියන්න ඕනෑ ද මං ඒකිට ආදරේ කියලා : ඒකිගේ කනට කරලා කිව්වම මදෑ . " " හ්ම්" සාතන් හුම්ටි තැබුවේය. " මං ආදරේ නැලු බං . ඒකි කියන දේ නාහ හිටියම පහුවදාට බ්‍රම්ම ගන්නවා. දවස ඉවරයි. එදාට උඹ එක්ක කියව කියව ඉන්න වෙනවා . " ආදමිට සෑහෙන්න දුකය . ඒත් කෝපයකින් ඔහු දුක වසා දැම්මේය. "පුදුම ප්‍රදර්ශන කාමයක්නේ මේක . මුළු සක්වලටම මං කියන්න ඕනද අපි ගැන" එවර බීර උගුරින් පහලට ගියේ අසැබි වදනක් සමගිනි. සාතන් කල්පනා කළේය. ඇය බොහෝ පරිස්සමින් ජීවත් වෙනවා විය යුතුය . තමාගේ ඇහැට ඇය හසු නොවුයේ එබැවිනි. හැංගුනු ජීවිතයක් . හුම්. තාමත් තමා ව ඇහැට දැක නැති බැවින් , ඒ ජීවිතය පාරිශුද්ධ කැත කුණු නැති ආත්මයක් විය යුතුය. " ඇත්තටම බං . මං අහන්න හිටියේ . මං උඹව දන්නවා . උඹ හෙන පොරනේ . මේ සක්වල මුල්ම සහ එකම මිනිහා උඹ. මං කියවලා තියේ උඹ පාලුවට ගොතන කවි සීපද. හිඳලා හිටලා ගහන ගිටාර් පාරත් ඇහිලා තියෙනවා . ඒත් බං මං උඹ කියන ඔය ගෑනිව දන්නෙම නෑනේ. උඹ කොහේ හංගන් ඉන්නවද මන්ද" සාතන් ඇසුවේය. ඒ අතරතුර ගූගල් එන්ජිම ඔබමින් ඔහු සෙවීම ක්‍රියාත්මක කළේය. මෙවර ආදම් සාතන් දෙස පුදුමයෙන් බැලීය. "උඹ කියන්නේ උඹ ඒවාව දන්නේ නැ කියලද ? " දෙවියන්ගේ උද්‍යානයේ සියලු රහස් දන්නා ඔහු ඇය නොදුටුවේ කෙසේදැයි සිතමින් ආදම් ඇසී ය. " නෑ නේන්නම් බං . නමක් තියෙනවා . රූපයක් නෑ.. උඹේ ඉල ඇටයෙන් මැව්වා කියලා උඹම කියනවා ..උඔව පාලනය කරනවා වද දෙනවා . හෙනම ටොක්සික් කියලත් උඹ කියනවා. ඒත් බං උඹ ඔය පාඩුවේ ස්වර්ගය පුරාම කරක් ගහලා දේව දුතියෝ දිහා අතිමිස ලෝචන කරලා මගේ එක්ක එකතු වෙලා බීර ගහලා කියෙව්වට කෝ බං ඔය ඒවා කියන එකී ? මං වත් දැකලා නෑනේ . උඹට කොච්චර නිදහසක් දීලා ද? එහෙව් එකේ ඒකිට මොන ප්‍රදර්ශන කාමයක්ද ? " සාතන් කීවේ ඇත්තටම ය. අනික ආදම්ගේ පුරුෂාධිපත්‍යය සෑහෙන්න බලවත් බැවින් එලෙස හුදෙකලා ව තෝරා ගන්නේ ඇය එතරම් අහිංසක නිසා විය නොහැකිද ? ඇයට තවම ආදම්ගේ සිතුවිලි ගැන සැකයක් නැති නිසා විය නොහැකිද ? සාතන්ට පිරිසිදු ආත්ම අත්පත් කර ගැනීමේ දොළ දුකක් ඉපදුනි. මෙවර ආදම් බ්ර වීදුරුව පසෙක තබා ඉල ඇට ගැන්නේය. එකක් අඩුය . එනිසා මේ කියවන්නේ තමාගේ හිතළු නොවේ. ඒත් දැන් මොනවා කරන්නද ? සාතන් කියන්නේ සාතන්ටය. ඔහුද පිරිමියෙකි. ඔහුට තම සොඳුරිය ඒවා ව පෙන්වීම කළ නොහැක්කකි. ඇය ලස්සනය . සුකුමාලය . අහිංසකය. තමා පෙන්වන ලෝකය මිස කිසිවක් නොදකී. තමාගේ පෙම් බස් වලට ඇ නම්මා ගත්තා නම්, තමාගෙන් ලැබෙන ආදරය මදි බවට දොස් කියන ඇයව සාතන්ට නම්මා ගත නොහැකි වනු නොවේ. ඇය ගැහැණියකි. දෙවියන් කියු පරිදි දුර්වල කුඩා ආත්මය කි. සාතන් පෙන්වූ විජ්ජාවන්ට තමාද වශී උන බැවින් එය විය නොහැක්කක් නොවේ. " මට බිරිඳක් නෑ නේන්නම්. කොටින්ම මට ගෑනු ප්‍රශ්න නැහැ. මං විතරයි මේ මගුල් සක්වල ඉන්නේ ඉතිං මට මොන ප්‍රශ්නද ?."මෙවර ආදම් කොලේ වසා ගැසුවේය. "මේ ඉතිං පොඩියට හඳට ගියාම මට දෙවියෝ මවනවා කියු ගැහැණිය ගැන මතක් වෙලා කියන ඒවා නේ. " ඔහුගේ ගිමහිර තරම් ශීතල ව තිබූ හදවත ඇය ගැන හැඟුම්න් සීරුම් කෑවේය. මෙවර සාතන් සිනා සීය . "නැ උඹට ඉන්නවා ." ආදම් මෙවර සාතන් දෙස බැලුවේ කිසිවක් සිතා ගත නොහැකිව ය. මෙතෙක් ඇය ගැන කී විට පිළි නොගන් සාතන්ට එකවර මක් විද ? "උඹ නැම කියන්නේ මොනවා හරි තියෙන නිසා. නැති එකෙක් ගැන නෑය කියන්න ඕන නෑනේ. . උඹ වගේ එකෙක්ට අගයක් නැති නම් ඒකිව ඔන්න ඔහේ නිදහස් ක
රපන්කෝ . " සාතන් කීවේ සැබැවටමය. "උඹ නිකන් බල්ලෙක් වගේනේ . උඹ පිදුරු ටික සතුටින් කන්නෙත් නැ . කන ගොනෙක්ට දෙන්නෙක් නෑ. "පපුව පුරා වැඩුණු රෝම කූප පිරිමදිමින් සාතන් කීවේ තොල කට ලෙව කමිනි. මේ නම් තමාට ඇය අහිමි වන පොටකි. බීර බිව්වා ඇතිය. " මං යන්න ඕන " ඔහු හදිසියේ කීය. " උඹ දැනටම පරක්කුයි ආදම් . මං ඇපල් ගෙඩියක් ඌබර් දාලා යැව්වා. දැනටමත් ඒකි ඇමය කාලා ඇති." " ඇපල් ?" ආදම් මිමිණී ය. ඇය එදාත් තහනම් ගස ගැන යමක් කීවා මතකය. " මීට පස්සේ උඔත් උඹේ පරම්පරාවත් ආදරේ නාමයෙන් දුක් විඳීවි. ස්වර්ගයේ හිඳලාත් තිබුනු සමිපත් තියාන සතුටින් ජීවත් වෙන්න බැරි උනු උඹ මින් පස්සේ නොලැබෙන දේවල් පස්සේ පන්නමින් දුක් විඳි වි. අහිමි උන ආදරේ සොයමින්." සාතන් පිළිතුරු දුන්නේ ය. ඉල ඇටය තිබු තැන වේගයෙන් රිදුම් දෙද්දී ආදම් දිව්වේය. තම සොඳුරිය ඒවාව සොයමින් දිව්වේය.. ඔහු තවමත් තමාගේ අහිමි වු ඉල ඇටය සොයමින් දුවමින් සිටින්නේ ය. ෂා 21. 09 . 2023 .පලිගැනීම.. වේලු වරෙන් ඡන්ද ප්‍රතිඵල අහන්න. සේනාරත්න මුදලාලි තමන්ගේ කඩේ ගෝලයාට ආරාධනා කළේය. සේනාරත්න මුදලාලි බොහෝ බලාපොරොත්තු තබාගෙන තමන් උදව් කළ පක්ෂයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටී යි. කඩේ ගෝලයා වන වේළු මුදලාලිගේ විරුද්ධ පක්ෂයට ඡන්දය ලබා දුන්නේ මුදලාලි සමග පැවති පැරණි තරහක් පිට කර ගැනීමටය. තම නිවසේ ඇති ජර්මනියේ සිට ගෙන්වන ලද ගෘන්ඩික් ගුවන්විදුලි යන්ත්‍රයට අලුත් බැටරි යොදා ඒරියල් වයර් ඉහළින් ගැටගසා බාධාවකින් තොරව රාත්‍රිය පුරාම ඡන්ද ප්‍රතිඵල ඇසීමට මුදලාලි හවසම කටයුතු කළමනා සූදානම් කර ගත්තේය. එකල මෙදා මෙන් නොව සන්නිවේදන කටයුතු ඉතාම දුර්වල අවදියක් වූ බැවින් තොරතුරු සන්නිවේදනය කළ හැකි එකම ක්‍රමය ගුවන් විදුලි සේවය පමණි. නිවසේ සෑම තැනම ගුවන්විදුලිය ක්‍රියාත්මක කළ නොහැකි බැවින් සාලයේ නිශ්චිත තැනක ගුවන්විදුලි යන්ත්‍රය තබා එතැන හාන්සි පුටුවක හොඳින් ඇලවී ඡන්ද ප්‍රතිඵල ඇසීමට සේනාරත්න මුදලාලි හරිබරි ගැසුණේ ය. වේලු උඹත් ඔතනින් ඉඳගනින්. මුදලාලි කෝපි බොමින් විස්කෝතුවක් හපමින් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි. ගීත ප්‍රවෘත්ති වැනි දෑ අසමින් සිටියදී කෙමෙන් මධ්‍යම රාත්‍රියට ළං විය. මැතිවරණ තේමා වාදනයත් සමගින් පලමු චන්ද ප්‍රතිඵලය නිකුත් විය. මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. නුවරඑළිය දිස්ත්‍රික්කය වලපනේ ආසනය .... ගුවන් විදුලියේ හඬ වැඩි කර ගත් සේනාරත්න මුදලාලි හොඳින් ඇහුම්කන් දුන්නේය. ප්‍රතිපල තමා බලාපොරොත්තු නොවූ ලෙස වෙනස් වන බව දැනේ. දැන් දැන් තමන් ඡන්දය දුන් පක්ෂය අන්ත පරාජයකට ලක් වෙයි. එකින් එක ප්‍රතිඵල නිකුත් වන විට මුදලාලිට තමන් ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහණ නොකරන බව වැටහිණි. නමුත් වේලු ට ඉතා සතුටුය. ඔහු ඡන්දය දුන් පක්ෂය දිගින් දිගටම ආසන ජයග්‍රහනය කරයි. මුදලාලිට රිදීම වේලුට සතුටුය. සෑම ඡන්ද ප්‍රතිඵලයක් ම නිකුත් වීමේදී මුදලාලිගේ පක්ෂය පරාජය වූ විට මුදලාලි සිටි පුටුව පිටි පස බිම හිඳගෙන සිටි වේළු කට ඇද කර මුදලාලිට දිව දික් කරයි. මුදලාලිට පසුපස නොපෙනෙන බවට විශ්වාස නිසා වේළුට කිසි භයක් නැත. තමන්ට කළ රිදවීමට වේළු පලි ගත්තේ එලෙසය. එයින් ඔහු ලැබුවේ සතුටකි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන විට උදෑසන හිරු එළිය ද හොඳින් වැටී තිබුණි. සේනාරත්ත මුදලාලි ගේ පක්ෂය පැරදී ඇත. තමයි ඉඳගෙන සිටි පුටුවෙන් නැගී සිටි සේනාරත්න මුදලාලි වේළුට අඬ ගැසීය. වේලු මෙහෙ වරෙන්.. ඇයි මුදලාලි.. වේළු බොහොම බය පක්ෂපාතව විමසීය. මේ මම ඉඳගෙන හිටිය පුටුවේ ඉඳ ගනින්. අයියෝ ඒක හරි නෑනේ.. මගෙන් ගුටි නොකා ඉඳගනින්.. වේළු බොහොම යටහත්ව පුටුවේ කොනක ඉද ගත්තේය. දැන් බලපං ඔය රේඩියෝ එක ගාව තියෙන මේසේ කන්නාඩිය දිහා. එසේ කියමින් මුදලාලි රාත්‍රිය පුරා වේළු ඉඳගෙන හිටිය තැන ඉඳගෙන වේළු කළ ලෙසම වේළුට දිව දික් කළේය. වේළුට එතනින් පැන දුවන්නට සිත් විය.ඒකනෙ බං මං උඹට වැඩේ බාර දෙන්නේ. දැන් ඔය ජගා ලකා බීරලුවා හිටියට වැඩක් නෑනේ .උන් පොඩි පොඩි ගේම් විතරයි දෙන්නේ. කුරුන්ජි අයියා... උඹ කියන්නේ මට හෙටක් නැති හින්දා මං මේ වැඩ කරනවා කියලද .. ඔන්න ඔන්න උඹට තරහ ගියා .එහෙම නෙමෙයි බං.මේ වගේ ගේම් එකක් කරන්න පුළුවන් හරියට ඔලුවක් තියෙන මිනිහෙකුට විතරයි .කොයි වෙලාවක හරි ගේම් එක පත්තු වුනොත් සැනින් පිටවෙලා යන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ .ගෑනි ගැන බලන්නයි ළමයා ගැන බලන්ඩයි ගියොතින් සුනේ සුන්.. මට එන ගමන් කුරුන්ජි ගේ කටහඬ රැවි දිදී ඇහුණා .මට කවදාවත් අනවශ්‍ය බැඳීම් වලට එකතු වෙන්න ඕනෙ වෙලා තිබුණෙ නැහැ .නංගිගෙ මංගල්‍යය ලස්සනට කරලා දුන්න නම් මම නිදහස් .අපේ උන් හිතාගෙන ඉන්නේ මං කොළඹ කොම්පැනියක වැඩ කරනවා කියලා .කුරුන්ජි අයියා මට හම්බවෙන කොට යන්තං අවුරුදු දාසයයි .මේ අවුරුදු 10 පුරාවටම මං කොච්චර දේවල් ඉගෙන ගත්තද .රණසිංහ ආරච්චිලාගේ ක්‍රිශාන්ත වනිගසූරිය .හහ්. කවුද ඕවා දන්නේ .පැලස් ක්‍රිශා කිව්වොත් නං ඉතින් කවුද නොදන්නෙ . මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ 322 ගෙදරට කවුද බය නැතුව තට්ටු කරන්නේ .එහෙම තට්ටු කරපු කී දෙනෙකුට තට්ටු වෙලා තියෙනවද . ක්‍රාරාස්. ශික් . මම ගහපු බ්රේක් පාරට මගෙම කන් දෙක කීං ගෑවා. මොකක්ද ඒ .මම දන්න හොඳම කුණුහරපයක් කියාගෙන ජිප් එකේ දොර ඇරගෙන එළියට බැස්සේ මේ මහරෑ වාහන වලට පනින ගෑනි කවුද කියලා බලන්නයි .ඒ මෝහිනි නං මම කට පියාගෙන ආපහු ඇවිල්ල වාහනයට නගිනවා .මොකද පැලස් ක්‍රිශාගේ බ්‍රේන් ගේම් ඒකිට තේරෙන්නෑ .ඇරත් මට කමසිරියාවක් නැතුව අඩන පොඩි එවුන්ව පෙන්නන්න බෑ .පොඩි එවුන්ව වඩාගන්න එක මට ඊට වඩා පෙන්නන්න බෑ . ගෑනුන්ට රෙදි ඇන්දිල්ල මට ඊටත් වඩා පෙන්නන්න බෑ . ඕයි. තමුසෙට පිස්සුද .මේ මහරෑ මිනිස්සුන්ගේ වාහන වලට පනින්නේ .මම එහෙම කිව්වේ මම දන්න හොඳම කුණුහරප දෙක තුනකුත් කිව්වට පස්සේ .ඒ උනාට ඒ ඇස් දෙක කඳුළු වක්කර වක්කර මන් දිහා බලාගෙන ගෙන හිටියේ අත් දෙකත් වැඳගෙන .ඔය වගේ වැඳගෙන ජීවිතය යදින මූණු මම කීයක් දැකලා තියෙනවද .කවුද ඕව ගණන් ගන්නේ . අනේ අයියේ පින් සිද්දවෙයි මාව බේරගන්න .මාව ඉක්මනට ඔයාගේ වාහනයට දාගන්න .ඔයා හිතන විදිය නරක කෙනෙක් නෙමෙයි මම .මට ලොකු කරදරයක් වෙලා . මම ඒ මල හොල්මන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා .ඒකි වෙස් වලාගත්ත පොලිස් කාරියෙක් නෙමෙයි කියලා මට තේරුනේ ඒ වගේ බයාදු කටහඬක් කොයිතරම් පළපුරුදු රඟපාන්න දක්ෂ පොලිස් නිලධාරිනියකට උණත් පිහිටන්නේ නැහැයි කියලා අත්දැකීමෙන්ම දැනගෙන හිටපු හින්දයි. මූණ පුරහම දාඩියයි කඳුළුයි වක්කරගෙන ඇඳුම් බෑග් එකකුත් පපුවට තුරුලු කරගෙන බයෙන් ගැහෙන මේ කෙල්ලගෙ මූනේ මහා ලොකු කතන්දරයක් ලියවිලා තියෙනවා කියලා මට නිකමට හිතුනා . වචනයක්වත් කතා නොකරපු මම ඔලුවෙ පැත්තක් විතරක් නිකං ගස්සලා ඇස් දෙකෙන් ජීප් එක පෙන්නුවාම එක හුස්මට කෙල්ල දුවගෙන ගිහිල්ලා ජීප් එකට නැග්ගා . මොන හේතුවක් ද මම දන්නේ නැහැ .මේ මහා රෑ ඒකිව මට පාර මැද්දේ දාලා යන්න හිතුනෙ නෑ. මට නංගිවමයි මතක් උනේ. අනේ අයියේ .අපේ ගෙදර අය මාව බලෙන් මිනිහෙකුට බන්දන්න යනවා . ඒ මිනිහා අපේ පුංචි අම්මගෙ නෑදෑකෙනෙක්. මගේ අම්මා නැහැ .ඉවසන්න බැරිම තැන මයි මම ගෙදරින් පැනලා ආවේ. මගේ ගම මීගමුවේ .කාටත් නොපෙනෙන්න මම රෑ තමයි කොළඹ බස් එකේ නැගලා ආවේ . මම දන්නෑ අයියේ මම කැලණිය හරියෙන් බැස්සා .ඊට පස්සේ කාගේද ලොරියක පිටිපස්සේ හොරෙන් නැඟලා මේ හරියට එනකං ආවා.ඒ මනුස්සයා ලොරිය නවත්තලා කොහාටද ගියා . ඒ වෙලාවේ තමයි මම ඒකෙන් පැනලා ඉස්සරහට දුවගෙන ආවෙ . එහෙම කියපු ඒ කෙල්ල දකුණු පැත්තෙ උරපත්ත උස්සලා ඇහැ පිහාගත්තා. මම කුරුන්ජි අයියත් එක්ක හුගදවසකින් එකට කෑම කෑවෙ මාස ගානක් ප්ලෑන් කරලා දවස් තුනක් නිදිමරලා නූලට ගානට අරුනෝද ඇමතියට දුන්නු ගේම බඩේ බත් වගේ සෙන්ටිමෙන්ටල් වෙච්ච සතුට සමරන්නත් එක්කයි. තමුසේ කාලද... මං අහපු දේට වචනෙකින් උත්තර නොදී ඒ කෙල්ල දෙපැත්තට ඔලුව වැනුවේ නෑ කියන්න ද ඔව් කියන්න ද කියන එක මට තේරුනේ නෑ .අපේ ෆැලැට් එකේ වාහන පාර්ක් ඒකේ වාහනය දාලා මං බහින්න කලින් ඒකිගෙ මූන දිහා බැලුවා . බය පිරිච්ච ඇස් දෙක ඒ විදිහටම ඉතුරු වෙලා තිබුණා . කඳුළු විතරක් වේලිලා තිබුණා . මම තමුසෙට නවාතැන් දෙන්නෙ අද විතරයි .තමුසේ සී අයි ඩී එකෙන් නම් තමුසෙට පුළුවන් මාව අල්ලන්න . හැබැයි වැඩක් වෙන්නේ නැහැ . ඒ උනාට මං ඒ ගේම් එකට හරි ආසයි . ඒ කෙල්ල බයවෙලා වගේ මං දිහා බලාගෙන හිටියා . ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මේ මොන තැනකටද මාව පාත් උනේ වගේ මූනකින් ඒකි මං දිහා බලාගෙන හිටියා .වචනයක්වත් නොකියපු මම ජීප් එකෙන් බැහැලා මගේ ගේ පැත්තට ඇවිදගෙන යනකොට කෙල්ල පිටිපස්සෙන් දුවගෙන එන සද්දේ මට ඇහුණා .දවස් ගානක මහන්සියත් එක්ක මට ඕනෙ වෙලා තිබුණෙ එලි වෙනකම් නිදාගන්න .මම ඒකිවත් ඇතුලට අරගෙන ගෙදර දොර වහලා මගේ කාමරේට ගිහිල්ල දොර වහගෙන එලිවෙනකන් නිදාගත්තා .කීයටවත් ඒකි පොලිසියේ වත් සී අයි ඩී එකේ වත් නෙමෙයි කියලා මට තේරුනේ කොයි වෙලාවකවත් ඒකිගෙ කකුල් දෙක තනි කෙළින් තියාගෙන ඇවිදින්න බැහැයි කියල පෙනිච්ච හින්දයි . කොයිතරම් වෙස් වලා ගත්ත එවුන් මාව අල්ලන්න ආවත් මගේ ඉවෙන් ගැලවෙන්න උන් එකෙකුටවත් මෙච්චර කාලෙකට පුළුවන් වුණේ නැහැ . මම උදේ නැගිටිනකොට 10 විතර වෙලා තිබුනා.කොහොමත් මම ගෙදර කළේ තේ හදන එක විතරයි .මම එලියට එනකොට නන්නාදුනන්නි නාලා කොන්ඩෙ කඩා දාගෙන බැල්කනියෙන් එළිය බලාගෙන උන්නා .මාව දැක්ක ගමන් අහ් අයියේ නැගිට්ටා ද.. ඉන්න මං තේ ගේන්නං . කියලා පිම්මේ කුස්සියට දිව්වා. තප්පර ගානකින් මම දැක්කේ මගේ කාමරය ඇරෙන්න මුළු ගේම මේ කෙල්ල අස්කරලා අතුගාලා කියලයි . මගේ අලුත්ම ශොට්ගන් එක හැමදාම මම තියාගන්නේ මගේ කොට්ට යටින්. ඒ හින්දා ඒකිට ඒක අහූඋනේ නැති එක මට සහනයක් උනා. තමුසගේ නම මොකක්ද . මම එහෙම ඇහුවේ මගේ කාමරේට ගිහිල්ලා මගේ ගන් එක ඉනේ ගහ ගත්තට පස්සෙයි. හෙලනි... හෙලනි එහෙම කිව්වේ තේක මගේ අතට දෙනගමං. මොකද තමුසෙට ඊයෙ උනේ.
තමුසේ බඩුවක්ද? හහ්....මොක උනත් තේකනම් පොල්පොට් ඈහ්.....ඉතිං කියනවා. මොකද උනේ.. මං ඇහුවේ මගේ පුරුදු දිග පුටුවේ හාන්සිවෙන ගමං. පුන්චි අම්මා මාව ලමයි දෙන්නෙක් ඉන්න මිනිහෙකුට දෙන්න හදනවා. ඒ මිනිහා සීයෙක්. මට ගෙදර ඉන්න බැරිම තැනයි පැනලා ආවේ.. එහෙම කියපු හෙලනි බිත්තිය ට හේත්තු වෙලා මං බඩුවක් නෙමෙයි .. ඒත් මෙතනින් එලියට ගියොත් නං ඒකත් වෙයි ,කියලා කුටු කුටුවෙන් කිව්වම මට දුකත් හිතුනා . ඒවයින් වැඩක් නෑ... අද හවස් වෙද්දී තමුසේ වැනිශ් වෙන්න ඕනේ. හරී..... එහෙම කියපු මං ජිම් එකට යන්න එලියට ගියා . තමුසෙට දවල්ට බත් එකක් ගෙනල්ල දේවි.බත් එක ගත්තා . ක්ලෝස් ද ඩෝ කලා . හරි . නෝ කතා නෝ සිනා. බත් එක කෑවා. වැනිශ් උනා. මං එහෙම කියද්දි හෙලනි බිම බලාගෙන උන්නා. නෙලුම් කුලුන පැත්තෙන් ආපු හුලගක් හෙලනි ගේ බාගෙට වේලිච්ච කොන්ඩෙ අවුස්සන් ගියා. එලිසබෙත් අක්කට මං කියං ගියා අපේ නංගී ඇවිල්ලා ඉන්නවා බත් එකක් ගිහින් දෙන්න කියලා . ක්‍රිශා....පුතා.. ටිකක් පරිස්සමෙන් .උබ ගැන ඉවක් ගිහිං තියෙනවා . කුරුන්ජි අයියා කියද්දි මං උන්නේ ට්‍රෙඩ් මිල් එකේ කිලෝමීටර් ගානක් දුවන ගමං. ආපහු ගෙදර ආවෙ ඇමතියගේ මරනේ උනුහුම අඩු වෙනකං පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් වෙන්න කියලා කුරුන්ජි බොසාගෙන් ඔපිනියන් පාරක් ඔන්දස්පොට් වෙච්ච හින්දයි . ගේ ඇතුලේ කවදාවත් නැති අමුතු පිලිවෙලක් තිබුනා . හෙලනි ලස්සන ගවුමක් ඇදලා උන්නා . මං ගේ ඇතුලට ආවා කියන්න වත් නොදැන උන්නු හෙලනි පිටිපස්සේ බැල්කනියෙන් අහස බලං උන්නා . එහා ගෙදර ෆරීනාගේ රේඩියෝ වේ ඉන්දියානු සංගීත රටාවක් බොහොම හෙමින් ඇහුනා. නෙලුම්කුලනේ පුන්චි එලි එලි විසිරිලා තිබුනා . හෙළනිට වචනයක්වත් කතා නොකරපු මම ලොක් කරල තිබිච්ච මගේ කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගිහිල්ලා මගේ රිවෝල්වරය පුරුදු පරිදි කොට්ටේ යට තියලා නාන්න ගියා. මම නාල එලියට එනකොට මගේ කාමරය සම්පූර්ණයෙන්ම සුද්ද කරල තිබුණා .හෝටල් කාමරයක වගේ ඇඳ පිලිවෙලට හදලා තිබුණා . මේසේ උඩ බඩු හැමදෙයක්ම පිළිවෙළට ලස්සනට අහුරලා කාමරය අතුගාලා තිබුණා .අපිලිවෙලට විසිරිලා වැටිලා තිබුණු ඇඳුම් හැම එකක්ම නමලා ඇඳුම් රාක්කය පිළිවෙලට දාලා තිබුණා . මම කාමරය ඇරගෙන ඇතුලට ගිහින් නාන කාමරයට ගිය ටිකට මේ සේරම වෙලා තිබුණා .මට යක්ෂයා ආරූඪ වුණා .මගේ කාමරයට කවුරුත් එනවට මම කැමති නැහැ .තාම ඇවිල්ලා පැය හතළිස් අටක් වත් ගියෙ නැති ගෑනි කාමරයට රිංගලා ඒක අස් කරල තියෙන හැටි දැක්කහම මට යකා ගියා . හෙලනි . තමුසෙට කිසිම අයිතියක් නැහැ මේ කාමරයට රිංගන්න .පොඩ්ඩක් ඔලුව දාගන්න දුන්නහම එනවා සම්පූර්ණයෙන්ම රිංගන්න. දැන්මම යනවා, දැන්මම යනවා මේ ගෙදරින් . මම තමුසෙට කිව්වනේ මම ගෙදර එනකොට ගිහිල්ලා ඉන්න ඕනේ කියලා .දැන්මම යනවා දැන්මම ,. මම පිස්සෙක් වගේ කෑ ගහනකොට හෙලනි කඳුලු පිරිච්ච ඇස්වලින් මං දිහා බලාගෙන හිටියා . තමුසෙට වඩා කඳුළු වක්කරන ගෑනු මම දැකලා තියෙනවා . එහෙම කියපු මට ඕන වුනේ හෙළනිගෙ කොන්ඩෙන් අල්ලලා එළියට දාන්න . ඩං ඩං ඩං. ක්‍රිශාන්ත , දොර අරිනවා . අපි පොලීසියෙන් .බොරුවට පැනලා යන්න හදන්න එපා, අපි වට කරලයි තියෙන්නෙ . මං හෙලනි දිහා බලං හිටියේ දත්කූරු කන මූනෙන්මයි. හෙලනි බයෙන් බිරාන්ත වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා . මම ගිහිල්ල දොර අරිනකොට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙක්ම හරියට නිකං එයාලගේ චන්ඩි කමින් දොර ඇර ගත්තා වගේ මාව තල්ලු කරගෙන ගේ ඇතුලට ආවා . ක්‍රිශා. තමුසේ ගැන ලොකු ඔත්තුවක් ඇවිල්ලා තියෙනවා .අපි ආවේ තමුසෙගේ ගෙදර සර්ච් කරන්න . එහෙම කියපු පොලිස් නිලධාරින් පිස්සු බල්ලො වගේ මුළු ගේම අනිත් පැත්ත හරවන්න පටන් ගත්තා .මගේ පිටකොන්ද සීතල වෙලා ගියේ උන් මගේ කාමරය ඇතුලේ කොට්ට මෙට්ට හැම දෙයක්ම අදින්න පටන් ගන්න කොටයි . මම බය වෙලා හිටියත් ඒ බය මූණෙන් නොපෙන්වා ඉන්න උත්සාහ කරා .පුදුමයකට වගේ මගේ කාමරයේ ඇතුලෙන් මගේ රිවෝල් එක පොලීසියට අහු වුණේ නැහැ . යකඩ කුරකින් බිත්ති වලටයි පොළොවටයි වහලේ කොන්ක්‍රීට් එකටයි ඇන ඇනා මගේ ආයුධය ගේ පෙරළ පෙරළ පොලිස් නිලධාරීන් හෙව්වා .මටත් හිතාගන්න බැරි විදිහට ඒක ඒගොල්ලන්ට හොයාගන්න බැරි වුණා . ආහ් ක්‍රිශාන්ත . මේ කවුද මේ .බ්‍රෑන්ඩ්නිව් බඩුවක් උස්සලා වගේ. හෙළනිව පෙන්නලා එහෙම කියපු උසස් පොලිස් නිලධාරියා හිනා උනා . මුළු ගේම අනිත් පැත්ත පෙරළුවත් තුවක්කුව හොයාගන්න බැරිවෙච්ච නිලධාරීන් ගෙයින් පිට වෙලා ගියේ දඩයම වැරදිච්ච බලු රෑනක් වගේ .පොලිස් නිලධාරීන් ගිය ගමන් ගෙදර දොර වහපු මම පැනපු ගමන් හෙළනිගේ කොන්ඩෙන් අල්ල ගත්තා . ඇත්ත කියපං, මගේ කොට්ටෙ ලඟ තිබිච්ච තුවක්කුව කොහෙද උඹ දැම්මෙ .අර යක්කු ගේ පීරලාත් හොයා ගන්න බැරි වුණේ කොහොමද ? හෙලනි කඳුලු බේරෙන ඇස් වලින් මම අයියගෙ ඇඳ අස් කරනකොට කොට්ටෙ යට තිබිලා තුවක්කුව හම්බවුණා .මම ඒක අයිය ඇදන් ගිය කලිසමට දාලා ඇඳුම් වැටෙන් නමලා තිබ්බා . තුවක්කුව කොට්ටෙ යට තියාගෙන නිදා ගන්න බය නැද්ද .ඒක පත්තු උනොත් එහෙම .ඒකයි මම ඇඳුම් වැටෙන් දැන්මේ . තප්පර කීපයක් මම හෙලනිගේ මූන දිහා බලාගෙන හිටියා . විදුලි වේගයෙන් හෙළනිව අතහැරපු මම පොලිස් කාරයෝ පයින් ගහපු ඇඳුම් වැටේ සීසීකඩ බිම වැටිලා තිබිච්ච මගේ කලිසම අරං බලනකොට ඇත්තටම තුවක්කුව සාක්කුව ඇතුලෙ තිබුණා . මට හිතාගන්න බැරිවුනා.වාසනාවට හෝ අවාසනාවට මාව නූලෙන් බේරිලා තිබුණා . පොලිස්කාරයෝ හීනෙන්වත් හිතපු නැති තැනක මගේ තුවක්කුව සුරක්ෂිතව රැඳිලා තිබුණා .දහඩියෙන් පෙඟුණු මම ලොකු හුස්මක් ඇරලා පිටිපස්ස බලනකොට හෙළනි ඇඳුම් පොට්ටනියත් තුරුල් කරගෙන මං දිහා බලාගෙන හිටියා . මට හිතාගන්න බැරි වුණා . හිමින් සීරුවෙ මම නැගිටලා හෙළනි ගාවට ගියා . එක අතක් හෙලනිගේ ඔළුවට තියලා හෙමින් අතගැවා .මම කුරුන්ජි අයියට ඇමතුමක් ගත්තා . කුරුන්ජි අයියේ . දැන් ගෙදරට පොලිසියෙන් පැන්නා .වෙලාවට මුකුත් අහු වුණේ නැහැ .එහෙනම් අනිද්දා ට මාව මැලේසියාවට අරින්න . කුරුන්ජි අයියේ . ට්කට් දෙකක් ඕනේ .. ඔව් දෙකක් . ඔව් ඔව් දෙකක් .# ** දෙඇත් රජ්ජුරු** (කොටස් කිහිපයක කතාවක්) 1 කොටස "මම කිව්වෙ පොඩි නැන්දෙ අම්මත් යමු කියලා මාත් එක්ක වත්තට. තාත්තයි මල්ලියි නැතිව අම්මට තනියම ඉන්න බෑනෙ මෙහෙ. අනික අම්මට හිතටත් අමාරුයි මෙහෙ ඉද්දි. මේවා දැක දැක පහුගිය දේවල් මතක් කර කර ඉඳලා අම්මා ලෙඩ වේවි අන්තිමට" පොඩි පුතා නයනා නංගිට කියනු ඇසේ. "දැන් ඔය මදැයි පොඩි නැන්දෙ. මාස තුනක්ම හිටියනෙ. පොඩි නැන්දටත් හැමදාම මෙහෙ ඉන්න බෑනෙ. මමත් මේ ටිකේ එහෙ මෙහෙ වෙවී හිටියෙ රිසෝට් එකේ වැඩ ඔක්කොම සිරිදාසට ඕනෙ හැටියට කරගන්න දීලා. ඒවා අත ඇරලත් බෑනෙ එහෙම. අලුත් කබානා දෙකේ වැඩත් නතර වෙලා තියෙන්නෙ මම යනකල්." "පොඩි නැන්දා පොඩ්ඩක් කියන්නකො අම්මට. අම්මා මෙහෙට වෙලා ඉද්දි මටත් සැනසීමක් නෑනෙ. අම්මා මා ගාව හිටියොත් මටත් හිතට හයියයි. අම්මටත් තැන වෙනස් වෙන එකත් හොඳයිනෙ මේවා අමතක වෙලා යන්න" පොඩි පුතා මට ඔහුත් එක්ක යන්නැයි එන්න කියන්නට වී දැන් සති ගණනකි. ඒත් තාමත් මට මේ සියල්ල අතහැර යන්නට හිත හදාගන්නට අමාරුය. …………………… අදට එය සිදුවී තුන් මසකි. තුන් මහේ දානයට පැමිණ සිටි නෑදෑයන්ගෙන් වැඩි හරියක් මේ වනවිට පිටව ගොස් ඉතිරිව ඇත්තේ නයනා නංගී ඇතුලු තවත් පස් හය දෙනෙකු පමණි. නයනා නංගී නම් පහුගිය තුන් මාසයේම මා සමග උන්නාය. ඇය නොහිටින්නට මා මේ වනවිට පිස්සු වැටී සිටිනු නොඅනුමානය. එහෙත් ඇයටත් සෑමදාම ඇගේ කටයුතු මගහරිමින් මා හට තනි රැකිය නොහැක. පොඩි පුතාටද ගිරිතලේ සිට නිතර නිතර හොරණ ඒම අපහසුය. මා තීරණයක් ගත යුතුමය. මා කලින් කීවා මෙන් අදට එය සිදුවී තුන් මසකි. නයනා නංගී සහ ලොකු නංගී සමග තුන් දිනක භාවනා වැඩසටහනකට සහභාගිවී මා ගෙදර එද්දී බොහෝ රෑ වී තිබින. එහෙත් මා පුදුම කර්මින් මුලු නිවසම තිබුනේ දැඩි අඳුරක ගිලීය. මගේ සැමියා සෙනේ මෙන්ම පුතු දුමල්ද අන්දකාරය ප්‍රිය නොකරන්නන්‍ වන අතර ලා අඳුරේත් විදුලි පහන් දල්වන්නන්ය. මා නැති අතර දෙදෙනා කොහේ හෝ යන්නට ඇතැයි සිතූ මම මා සතු අමතර යතුර ගෙන දොර අරින්නට තැත් කලෙමි. නැත. යතුර දොර අගුල තුලය. ඔවුන් දෙදෙනා නිවස තුල සිටිය යුතුය. හඬ නගා කොතෙක් කතා කලත්, දොරට කොපමණ ගැහුවත් පිලිතුරක් නොවීය. දොර සීනුව ක්‍රියාත්මක නොවන්නේ වසර ගණනක සිටය. මම නිවස වටෙන් ගොස් සෙනේගේ කාමරයේ ජනේලයෙනුත්, ලොකු පුතාගේ කාමරයේ ජනේලයෙනුත් කතා කලත්, තට්ටු කලත් පිලිතුරක් නොවීය. අවසන මම පිලිකන්නේ දොර වෙත ගියෙමි. නොසිතූ ලෙස එය විවරය. දෙදෙනාම නිදි විය යුතුය. නැතහොත් කොහේ හෝ ළඟ පාතකටවත් ගිහින් විය යුතුය. හැමදාම තාත්තලා පුතාලාගේ වැඩ මෙහෙමය. "අනේ ඇත්තට මේ ගෙදර මිනිස්සුන්ට මක් වෙලාද? හැමදාම කියනවා ගෙවල් දොරවල් වහගෙන පරිස්සමින් ඉන්න කියලා. අර පිටිපස්සෙ දොර හායි ගාලා ඇරලා. හොරෙක්වත් ආවානම් එහෙම. දවස් තුනයි මම නැතිවුනේ. පුතාට සිහිය නැතත් අප්පට වත් තියෙන්න......" මගේ හෑල්ල එහෙම්ම නතර වූයේ සෙනේගේ කාමරයේ දොර අරිනවිට දුටු දසුනෙනි. …………………………. "අම්මට මෙහෙත් ගෙදර වගේ ඉන්න පුලුවන්. මේක ඉතින් අම්මට නුහුරු තැනක් නෙමෙයිනෙ. ආච්චත්තම්මලාගෙම ඉඩමක්නෙ ඉතින්. අම්මා පොඩි කාලෙ ඇවිත් ඇතිනෙ." අකමැත්තෙන් වුනත් මට වුනේ ගේ වහලා දාලා පොඩී එක්ක ගමේ වත්තට එන්න. මේ වත්ත දෑවැද්දට හම්බෙලා තියෙන්නෙ අපේ අත්තම්මට. අපේ අත්තම්මා දීග ඇවිත් තියෙන්නෙ අවුරුදු දාහතරෙන්. ඒක හින්දම අපේ පුතාලත් ඉලන්දාරි වෙනවා දකින්න තරන් ජීවත් වෙච්චි ඈ මෑතකදි ඇස් පියගන්නකල්ම හිටියෙ වත්තෙ මහ ගෙදර තනියට සිරිදාසගෙ එතනා ආච්චිත් එක්ක. ඒකාලෙ පොඩියි ලොකුයි දෙන්නම ආසයි වත්තෙ මහ ගෙදර එන්න. එයාලා කියන විදිහට ආච්චත්තම්මගෙ දිහා කැලෑ පනින්න. එහෙම දාට ආත්තම්මගෙ පෙට්ට්ගම පිරෙන්නෙ නිමක් නැතිව හදන කැවිලි වලින්. වේලපු බත් බෝල, බැදලා පැණිදාපු කොස් ඇට, දෙල් පෙති, කොකිස් වැලි තලප එදාට අත්තම්මයි, එතනා ආච්චියි හදන්නෙ තරඟෙට. අපේ අත්තම්මාගෙ නම "රත්වත්ත මුදලිලාගේ ඇඩ්ලින් ඉසබෙලා කුමාරිමැණික
ේ රත්වත්ත". උඩරට පරම්පරාවකින් පැවත ආපු ඈ ගෙදරටත් උන්නෙ ඔසරි ගෙඩි මාල පලඳගෙන. ළමා කාලෙම දීග ආපු ස්වාමි පුරුශයා අඩු වයසෙන්ම මියැදෙද්දි ඇගේ එකම දරුවා වෙච්චි අපේ අම්මා ඉඳලා තියෙන්නෙ. හතරෙ පන්තියෙ. ඒ දෝණිගෙ එකම දූ වෙච්චි මගෙ පුත්තු දෙන්නා තමා අත්තම්මගෙ ඇත්තු දෙන්නා. "මේ ඉන්නෙ මගේ ඇත් රජ්ජුරු" අත්තම්මා කිව්වෙ එහෙම. එහෙම තමා ඇගේ ඈටම ආවේණික වචන. ඇත්තුම තමා, මම නම් කීවෙම ඌරො දෙන්නෙක් කියලා ඒ කාලෙ වත්තෙ ආවම මඩ නාපු හැටියට. ගමේ වත්තෙ ඇවිත් වල් වැදුනම දෙන්නා හොයාගන්න වෙන්නෙ ඉතින් දැල් දාලම තමයි. වත්තෙ ඉඩම තිබුනෙ එක පැත්තකින් ඇළකට බෑවුම් වෙලා. ඇල ඉහත්තාවෙ ඉඳන් සීරුවට උඩට නගින කැලෑ රොදත් මේ ඉඩමටම තමයි අයිති වුනේ. අක්කර ගානක්. අතපය හයි වෙච්චි ඉලන්දාරි කාලෙ ඉඳලම ආත්තම්මගෙ ඇත් රජ්ජුරු දෙන්නා නිවාඩුවක් ආපු ගමන් ගෙදරින් පනින්නෙ ආත්තම්මා බලන්නත් වඩා වල් වදින්න. "ඔන්න ඉතින් අම්මා පටන් ගත්තා මනෝ ගහන්න." "අය්යා මතක් වුනා පුතේ. කොහේ ඉන්නවද දන්නෙ නෑ. කොච්චර නහයට අහන්නැති වුනත් අය්යට එහෙම කරන්න බෑ පුතේ." "මටත් හිතාගන්න බෑ අම්මෙ. ඒත් මම කල්පනා කරන්නෙ මොකටද මිනිහා පැනලා ගියෙ කියලා. අද වෙනකල් ආර‍ංචියක් නෑනෙ. කොහෙ හැංගුනත් මටවත් කතා කරන්න තිබ්බනෙ" පොඩී කොහොමත් ලොකූට එකතුයි. දෙන්නා හැදුනෙ එකටමනෙ ඉතින්. මට තාමත් හිතාගන්න බැරි ඇයි මෙහෙම දෙයක් වුනේ කියලා. …………………………. මුලු ගෙදරම නිහඬය. ලොකූ සාලයට වී පොතක් කියවයි. සෙනේ කාමරයටවී නින්දේය. ලොකූ එක වරම නැගිට කාමරයට ගොස් නැවත සාලය හරහා සෙනේගේ කාමරයට ඇතුලු වේ. හවස්වී ඇති නිසා කාමරයේ ඇත්තේ මද අඳුරකි. කාමරයට පිවිසෙන ලොකූ කාමරයේ දොර වසාදමනු පෙනේ. මද වෙලාවක් ගත වන්නේ නිහඬවමය. ලොකූ කාමරයේ දොර හරිමින් එළියට පිවිසේ. ලොකූ අතේ ස්ක්‍රේපරයකි. ලේ තැවරුනු........ "අය්යෝ, අනේ........" "ඇයි ඇයි සුදු මැණිකෙ. අදත් හීනෙන් බය වුනාද? තුණුරුවන් සිහිකරලා ඉතිපිසෝ ගාථාව කියමු නෝනා" සුමනා කොහොමත් මම ආව දවසේ ඉඳලා නිදා ගත්තෙ මගෙ කාමරේ පැදුරක් දාගෙන. පහුණුකාලෙ වෙච්චි දේවල් නිසා සමහරවිට මාව තනියම තියන්න පොඩී බය වෙන්න ඇති. "ඇයි අම්මා?" මගෙ සද්දෙට පොඩීත් ඇවිත්. "මම ආයෙමත් අර හීනෙ දැක්කා පුතේ" "අම්මව මම මෙහෙ එක්ක ආවෙත් ඒකමයි. අම්මා දවස තිස්සෙම ඕක ගැනමනෙ හිත හිතා ඉන්නෙ. ඒකයි ඔය එක එක විකාර හීන පේන්නෙ." "අනේ පුතේ හවහට මම සුමනත් එක්ක පන්සලට ගිහින් එන්නද? අප්පච්චිට පින් දීලා එන්නත් එක්ක" "අම්මා ගිහින් එන්න. මට නම් එන්න වෙන්නෙ නෑ අද. අලුත් කබානා දෙකේ චිත්‍ර ටික ඩිසයින් කර ගන්න චින්තන එනවා කිව්වා හවසට. මම සිරිදාසට කියන්නම් අම්මලව එක්ක යන්න කියලා" …………………………. "සෙනෙවිරත්න මහත්තයාට යන්න වුනේ නොහිතපු වෙලාවකනෙ උපාසකම්මෙ. අන්තිම මොහොතෙ හිතට ආව දේ තමා අපි ගෙනියන්නෙ. සමහර විට තාම පින් මදිව ඇති. උපාසකම්මා පුලු පුලුවන් විදිහට හැමදාම පින් දෙන්නකො. දැන් මාස ගානක් පහුවුනා මගෙ හිතේ" සුමනරතන හාමුදුරුවො කවදත් අපේ පවුලට හිතවත්. සුමනරතන හාමුදුරුවො සිරිදාසගෙ පොඩි මලයා. උන්වහන්සෙ පොඩි කොල්ලා කාලෙ කැලෑ පනින්න බලා ඉන්නේ අපේ දෙන්නා එනකල්. කොහොමත් කැලේ කොලේ හැදුණූන්වහන්සේට අපේ දෙන්නට වඩා වත්තෙ හැම අහුමුල්ලක් ගැනම තිබුනෙ පුදුම දැනුමක්. අම්මා අප්පා නැතිව වයසක අත්තම්මට සින්න වුනාට අනිත් අය්යලා දෙන්නටම වැඩිය උන්වහන්සේ ඉගෙනීමට හපන්. ඒ හින්දම අපේ අත්තම්මත් උන්වහන්සේට සැලකුවෙ තමන්ගෙම මුණුබුරෙකුට වගේ. දඟකාරව හිටපු පොඩි කොල්ලා කාලෙත් එක්ක බොහොම තැන්පත් දරුවෙක් වෙච්චි, මහණ වෙන්න ඕනෙ බව මුලින්ම කියලා තිබ්බෙත් අපේ අත්තම්මා එක්ක තමා. උන්වහන්සේ මහණ වුන ගමේ පන්සලට මායිමේ වත්තෙ කෑල්ලම අත්තම්මා පන්සලට පූජා කලේ උතුරා යන සර්ධාවෙන්. "මාස හතත් පහු වුනා පොඩි හාමුදුරුවනේ. ජනවාරි හතනෙ. අවුරුද්ද පිරෙනකොට මහ ගෙදරට වඩම්මලා සාංඝික දානයක් කරන්න හිතාගෙන ඉන්නෙ. මහත්තයට පින් සිද්ධ වෙන්න කියලා ඉස්කෝලෙට පුස්තකාලෙකුත් හදලා දෙන්න හිතේ තියෙනවා." "ඒවා නම් බොහොම පින් වැඩ උපාසකම්මේ. මේ දරුවන්ට කියවන්න පොතක් පතක් ලැබෙනවා කියන්නෙ කොයි තරම් දෙයක්ද. මට මතක් වුනේ අපේ දුමල් මහත්තයා. කැලේ පැන්නත් බෑග් එකේ පොතක්නෙ. මට නම් තාමත් හිතෙන්නෙ නෑ දුමල් මහත්තයා ඕකට සම්බන්ධ ඇති කියලා. මහත්තයා දඩබ්බර වුනාට සෙනෙවිරත්න මහත්තයට බොහොම ආදරයක්නෙ තිබුණෙ. පහුගිය දවසක සුමල් මහත්තයත් එක්ක මෙහෙ ඇවිදිල්ලත් ගියානෙ වත්තට ආපු ගමන්. මා එක්ක ඉස්කෝලෙ විස්තරත් කතා කරලා ගියෙ." "අනේ ඔව් අපේ හාමුදුරුවනේ. ලොකූට තමයි ඉස්කෝලෙට පුස්තකාලයක් හදන්න ඕනෙකම තිබුනෙ. පහුගිය දවස් ටිකේම අපේ මහත්තයා එක්ක කතා කර කර හිටියෙත් ඔය ගැන තමයි. ලොකූ ගාව පොත් දාස් ගානක් තියෙනවනෙ අපේ හාමුදුරුවනේ. ඊවත් පුස්තකාලෙටම දෙනවා කියලා තමයි කිය කිය හිටියෙ. ඒකයි මටත් හිතාගන්න බැරි." "සුමල් මහත්තයා එක්කවත් මුකුත් කියලා නැද්ද දුමල් මහත්තයා. මුකුත් බහින්බස් වීමක්වත්.." "පොලීසියෙනුත් ඕකම තමයි ආයෙ ආයෙමත් ඇහුවෙ අපේ හාමුදුරුවනේ. පොඩී එක්කත් මොකවත් කියලා නෑ. අඩුම ගානෙ ඉන්න දිහාවක්වත් හොයා ගත්තානම්. කොහේ ඉන්නවද, මක් වුනාද දන්නෙ නෑනෙ අපේ හාමුදුරුවනේ...." "උපාසකම්මා අඬන්න එපා. හැමදේම හොඳින් විසඳෙන්න කියලා හිතලා මල් පහන් පූජා කරන්නකො. දුමල් මහත්තයා කොහේ හරි ඉඳලා ආපහු ඒවි කියලා අපි ප්‍රාර්ථනා කරමුකෝ." 2 කොටසින් හමුවෙමු........සුසාන යට පෙම්බැදි මිනිසා ! කිරිමැටියාගාරේ නියුටන් මල්ලී! කිරිමැටියාගාරේ නියුටන් මල්ලී පල්ලියේ ගැවැසන අහිංසක චරිතයකි. ඔහුට පල්ලියේ යාම් ඊම් වැඩි වීමට හේතුව පල්ලියේ ස්වාමි සන්ක්‍රිස්තියන් වැඩේ බාර දීම නිසාය . මුලින්ම නියුටන් ගේ විෂය වූ යේ කාටවත් කරදරයක් නැති මිනිසුන් ගේ බිම් කඩ බලාකියා ගැනීම සහ නඩත්තු කිරීමය. සුවාමි තණකොළ කපන මැෂිම ක් අරං දුන්නේ ය. මාසයක් යෑමට පෙර නියුටන් මල්ලී කනත්ත පාක් එකක් කලේය . මළවුන් හා නියුටන් මල්ලීගේ ලෙන්ගතු ඇසුර කොයිතරම් ද කියනවානම්, ඉදහිට අඩියක් ගහපු දාට කොහේ නොගියත් වේලාව ,අවේලාව ගැන නොසලකා නියුටන් මල්ලී කනත්තට යයි. .කනත්ත මැද මීනිවලක තනියට සිටවූ කොන්ක්‍රීට් කුරුසියේ හරස් බාර් එක දෙපැත්තෙන් කකුල් දෙක දමාගෙන සිරස් බාර් එක දෑතින්ම බදාගෙන ඒ මිනීවලට පිටුපා ඔහු මළ ගිය ඇත්තෝ දෙස බලා හිදී. එක් දිනක් නියුටන් මල්ලීගේ මිතුරෙකු ගේ දරුවෙකු විවාහ වූදා ඊට සහභාගි වී කණ පාත්වෙන්න වෙනිවැල්ගැට බිව් දවසක ඒ මගුළ් සූට් එක පිටිංම ගොම්මං කරුවළ වැටෙන හෝරාවේ නියුටන් මල්ලී ගියේ කනත්තට ය. ඔහුගේ ආතල් එක එතැන ය. එදාත් ඔහු කුරුසෙ බදාගෙන වෙරි හිදෙන තුරු සිටියේ කනත්තේය. මේ අහිංසක යාට ඊලගට ලැබුණු උසස් වීම වූයේ සන්ක්‍රිස්තියන් තනතුර ය. ඊට අදාල රාජකාරි අතර ,සැමදෑම උදේ හයට, දහවල් දොළහට සහ සවස හයට පල්ලියේ මහ සීනුව ගැසීම ද වේ. වසර 100කට වඩා පැරණි ඒ ප්‍රංශ මහසීනුව ගහන්න මාමයිට් එකක් බොන්න ඕනෑය. දැවැන්ත කඹයක් කිසියම් රිද්මය කට අනුව පහළට ඇද්දවිට පල්ලියේ මොගොප්පුවේ සවිකොට ඇති මහ සීනුව ලතාවකට පැද්දෙමින් නගන රාවයේ දෝංකාරය අහල ගම් හතකට වුවද ඇසේ. ඊට අමතර ව මළ සීනුව කියා තවත් සීනුවක්ද සීනු කූඩුවේ ඇත . එය ගසන්නේ අවමංගල්‍ය කටයුතු වලදීය. ගමේ කෙනෙක් මිය ගිය බව මරණ සහතිකයේ පිටපතක් සමග පල්ලියේ පියතුමා ට දැනුම් දුන්විට මළ සීනුව මුල්වරට ශෝකී රිද්මයකට ගසනු ලබයි. ඒ ගමේ කෙනෙක් මියගිය පුවත ගමට දැනුම් දීමටය . ඉන්පසු භූම්දාන කටයුතු අවස්ථාවේදී ද මළ සීනුව හැඩවේ. මේවා සන්ක්‍රිස්තියන් ගේ රාජකාරි ලැයිස්තුවේ ඇත . ඊට අමතර ව පූජා වට අවශ්‍ය දෑ පූජා උදව් දරුවන් ට ලබාදීම .පල්ලිය ඇරීම වැසීම සහ පිරිසිදුව ට තබා ගැනීම ද ,පූජා ව පැවැත්වෙන වේලාවන් හීදී මහ සීනුව අවස්ථානුකූලව ගැසීමද නියුටන් ගේ රාජකාරි වේ. මේ අතර ඉකුත් කොරෝනා සමයේදී නියුටන් ගේ ආදරණීය බිරිඳ මියගියාය. එදාත් ගමේ හැමෝම පුදුමය ටත් දුකටත් පත්කරමින් පල්ලියේ මළ සීනුව ගැහුවේ නියුටන් මල්ලීය. ඔහු සිය බිරිඳ ගේ දේහය සිය ආදරණීය යන් පල්ලියේ සිට කනත්තට රැගෙන යද්දී එය ඔසවා ගෙන යනවා වෙනුවට පොඩි දරුවෙකු සේ හඩවැටෙමින් නියමිත රිද්මයට මළ සීනුව ගැසූ අයුරු දුටු ගෑණු පිරිමි සැමගේ දෑස් ඉරාගෙන කදුළු ගැලූ සැටි මට තාම මතකය. නියුටන් මල්ලී ගැන යලි ගමේ කතා බහක් ඇතිවී තිබේ . ඒ කතා ව ඊයේ (16.11.23) ෆීලික්ස් මල්ලීගේ නිවසේදී පැවැති අපේ "සුන්දර් රාත් " හීදී කීවේ ෆීලික්ස් මල්ලී සහ සුදාය. නියුටන් මල්ලී මුදල් ටිකක් එකතුකරගෙන මෙදා මළවුන් ගේ අව්රුද්දට තම දයාබර බිරිඳ මිහිදන් කල තැන කොන්ක්‍රීට් කුරුසියක් සවිකිරීමට කල්පනා කලේය . එසේම ඒ කුරුසියේ මැද තම බිරිඳ ගේ චායරූපයක්ද ඇතුළු කිරීමට ඔහු සැලසුම් කලේය . නියුටන් ඒ සදහා සුදුසු තනි චායරූපය ක් සෙවීමුත් ලැබුණේ නැත . ඔහු කලේ ඔවුන් දෙදෙනා සිටි චායරූපය ක් කුරුසියේ නිර්මාණ කරුවට දී බිරිඳ ගේ චායරූපය ඊට ඇතුළු කොට වැඩේ සම්පූර්ණ කරන්න කියාය . කෙසේමුත් පසුවිපරමක් නොවීම සහ සංනිවේදන දුබල තාවයක් නිසා කුරුසියේ නිර්මාණ කරුවා ඒ චායරූපය දුන්නු විදිහට ම කුරුසියට ඇතුළු කොට කුරුසිය සම්පූර්ණ කලේය . හැමෝම නියුටන් ට උපදෙස් දුන්නේ නියුටන් ඉන්නා පැත්ත ස්ටිකර් එකකින් වසා දමා මීනිවල මත සිහිවටන කුරුසිය සිටවන්න කියාය . එහෙත් නියුටන් ඔවුන්ට කියා ඇත්තේ , "ඔහෙ කමක් නෑ . ඔහොම්මම තිබුනා වෙ. මාත් එන්නෙ ඔතැන්ටනෙ" කියාය . දැං කිරිමැටියාගාරේ සුසාන භූමියේ නියුටන් ගේ
බිරිඳ මිහිදන් කල තැන වූ සිහිවටන කුරුසියේ නියුටන් ද සිය බිරිඳ සමග එකම චායරූපය ක සිටී. ඇතැම් විට ජීවතුන් අතර සිටින මිනිසෙකු මළවුන් හා සමග සුසාන භූමිය ක ඉන්න ලෝකයේ ඇති එකම චායරූපය අහිංසක නියුටන් මල්ලීගේ චායරූප වියහැක . කුරාකූඹි මිනිසා . 17.11.23කෙටි කතාවක් #අත්තම්මා පොද ගහන සීතල රෑට වගේම, හොදට පායන මහ රෑටත් ඉහ අද්දරට වෙලා රැළි වැටුනු ඇගිළි තුඩු කෙස් අස්සෙන් යවා ඔළුව අතගානවා අද වගේ මතකයි. සමහර වෙලාවට උළුවස්සෙ හේත්තු වෙලා කවි පදයක් නැත්තන් ගාථාවක් මුමුණන ගමන් ඉදිකඩෙන් එහා ඔහේ බලන් ඉන්නවා හරියට කවුරු හරි එනකන් වගේ. අනෝරා වැස්සෙත්, ගිණි ගහන අවුවෙත් වෙනසක් නැතුව වෙලේ ළිදට ගිහින් හැමදාම නානවා. දෙයියන්ගෙ පිහිටෙන් ඉහෙන් බහින ලෙඩකුත් නෑ. හිනාවෙන්න ගත්තම අල්ලපු ගමටත් එක්ක හිනාවෙනවා කැකිරි පැලෙන්ඩ. ඒ හිනාව මතක් වෙද්දි මගේ මූණටත් හිනාවක් එනවා මටත් නොදැනීම. ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️ අත්තම්මා,,,❤️❤️❤️ සංසාර ගමනේ පිං පලදුන් කාලයක, මගේ ලගින් හිටිය ආදරණීය හෙවනැල්ලයි ඇය. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ "හා හා මට මේ පොල් ගෙඩි වගේ මල් තියන රෙදි එපා...😡😡" වයසට ගියාට මොකද හරි හැඩකාරි. 😁 අතට අහුවෙන රෙද්දක් පටලගන්නවා වෙනුවට හෙව්වෙම පොඩි පොඩි මල් වැටුන ලස්සන චීත්ත. කොයි චීත්තෙටත් ඇන්දෙ තනි සුදු හැට්ටෙ. තෙල් ගාලා, රොද තියලා, පොඩි පුවක් ගෙඩියක් වගේ කොණ්ඩ ගුලියක් බදිනවා. ඒ කොණ්ඩ ගස් දෙකෙන් කොහොම ඒක බදිනවාද මන්දා අප්පා... "අත්තම්මේ..." "ඇයි මයෙ අම්මා.." "අත්තම්මගෙ කෙල්ල කාලෙ නම මොකද්ද? " කට එහෙම ඇද කරලා මගෙ දිහා බලන අත්තම්මා සුපුරුදු පරිදි නම කියන්ඩ කට හදනවා ඔන්න. " අක්කර වික්කර වීර සුමක්කර, ජයගත් හේරත් මුදියන්සේලාගේ.....කමලක සොදිනා..විමලක දේවී...දේව දිවාකර පුබ්බා...ත්ත යන මල් එතනා " ඒක කියන්නෙත් හරි තාලෙට. කවියක් වගේ.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නම කියලා ඉවර වෙනකන් මම දත කට පූට්ටු කරන් ඉන්නෙ හරි අමාරුවෙන්. නම කියලා ඉවර වෙන්ඩ කලින් මගෙ හිනාව එළියට පනී කියන සැකේට. 😂😂 කියලා ඉවර කරනවත් එක්කම බඩ අල්ලගෙන හිනාවෙන මන් දිහා අත්තම්මා ආඩම්බරෙන් බලලා හිනාවෙනවා. අත්තම්මගේ නම උනේ මල් එතනා. ඒ උනාට මම නම අහන හැම වෙලාවකම ඇය කීවෙ ඔන්න ඔය පතරංග නම. ගොඩක් පුංචි කාලෙ මම ඒ කතාව විශ්වාස කලාට ටිකක් ලොකු වෙනකොට අත්තම්මගෙ හිනාව මට කීවෙ ඒක විහිළුවක් කියලා. මමත් ඒක ආය ආය අහන්ඩ ආසාවට නිතරම අහනවා නම මොකද්ද කියලා. දැන් මටත් ඒක හොදට කට පාඩම්. 😅 " අත්තම්මේ.....අත්තම්මේ.... අත්තම්මේ......" දවසේ වැඩි හරියක් මගේ කටින් කියවෙන වචනයක් තමයි ඔය. දවල්ට ඉතින් අත්තම්මව අල්ලන්ඩනම් වෙල් ගානෙ කැළෑ ගානෙ දුවන්ඩ ඕන. වයසට ගියාට තාම හයි හත්තිය හොදට තියනවා. හැන්දෑ වෙනකොට ඔන්න කොහේ හරි ඉදන් අත පිරෙන්ඩ පලා වර්ග හොයන් ගෙදරට එනවා. අත්තම්මගෙ අතින් හදන හීනියට ලියන කවලන් මැල්ලුමයි වැව් මාළු ව්‍යංජනේටයි ගහන්ඩ තරු පහේ හෝටලේකවත් කෑම වේලක් මටනම් නැති තරම්. හැන්දෑවෙනකොට නාගෙන කරගෙන මල් වට්ටියක් ලෑස්තිකරන් බුදුන් වදින අත්තම්මා පැය බාගයක් විතර වැදගෙන මොනවා කියෝනවද මටනම් තේරුනේම නෑ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 " ගෑණු දරුවෙක් උනාම කෙස් ගස් ටික ඉනෙන් පාතටවත් තියෙන්ඩ ඕනෑ. එක එක විකාර කොරන්ඩ නෙමෙයි මේක තියෙන්නෙ. කොණ්ඩෙ කියන්නෙ කෙල්ලක්ට ආභරණයක්" හැන්දෑවට මගේ ඔළුවෙ තෙල් ගාලා පීරන ගමන් කියන කතා අහන් ඉන්ඩත් වෙනවා ඉතින්. ඊට හපන් පුරාජේරුව දොඩවන්ඩ ගියාම. " ඒකටත් එක්ක ඒ කාලෙ අපේ කොණ්ඩා. උඹලෑ මේ තුත්තිරි ගස් වගේ ඈ...බලන්ඩ එපැයි කිතුල් රෑන් වගේ. බේන් මෙහෙම (අත් දෙකෙන් පෙන්නනගමන් ) එක මිටට ගන්ඩ බෑ කෙස් ගස් එළියට පයිනවා. " ඕවා බලන්ඩ ඉතින් අපි හිටියා ඈ..මම හිතින් කියාගන්නවා. 😁 පුරාජේරුව ඉවර වෙද්දි මම ලෙඩ කපුටෙක් වගේ...😒😒 තෙල් නාවලම ගන්ඩ දෙයක් නෑ... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 පෝය අටටම සිල් ගන්න අත්තම්මා පහුවදාට ගෙදර එන්නෙ සිල් දානෙට දෙන දෙයක් මටත් ඉතිරු කරගෙන. ගෙදර කොච්චර කන්ඩ දේවල් තිබුනත් අත්තම්මා ගෙනත් දෙන ටොපියක් පවා මම කෑවෙ හරි පෙරේතකමෙන්. අත්තගෙ පෙන්ෂන් පඩිය ආවම එදාට ඉතින් මට අවුරුදු වගේ...ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීලා තව අතටත් කීයක් හරි දෙනවා. ඒක ඉතින් යන්නෙත් අම්මා අතට 😒😒 " මයෙ අම්මා ලොකු උනාම අම්මා ඕවා ඉතිරි කරලා තියලා දෙයි " අත්තම්මා කීවෙ එහෙමයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මම ලොකු ළමයෙක් උන දවසෙ ඉදන් ඇහේ තියන් මාව බලාගත්තෙ මගෙ අත්තම්මා. නාවන කරන චාරිත්‍ර ඉදන් සේරම ඇගේ අතින් කරලා අම්මටත් උපදෙස් දුන්නා මතකයි. " ඉර බහින වෙලාවට ගෑණු දැරිවියෝ වැලි පාගන් නෑ. මෙහෙ වරෙන් ගෙට " ඔන්න එතනින් පස්සෙ අත්තම්මගෙ දැඩි නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙන්ඩ ගත්තා. " ලමිස්සියක් උනාම ඉසකේ කඩා දාගෙන ඉන් නෑ. ඕක ගැටගහගනින් " " ඔය අත පය ලගට අරන් වාඩි උනානම් නරකද කුමාරිහාමි. ඕවා තියෙන්නෙ එහෙ මෙහෙ විසි කොරලා ඉදගන්ඩ නෙමේ.." " හොදටම වැඩී දහංගලේ..ලමිස්සියක් නේද දැන්.." " මොකද්ද බොල ඔය ඇදුම, ඇදපන් ඇග වැහෙන්ඩ සන්වර ගවුමක්" " බැහැපිය ගහෙන් මම පොල් පිත්තක් අරන් එන්ඩ කලින්. අම්මපා යසයි ලමිස්සියක් හැදෙනවා " 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ දෙවියනේ අපරාදෙ ලමිස්සියක් උනේ හිතුන වාර අනන්තයි. 😂 අම්මත් අත්තම්මට එකතු උනාම මම ඉතින් ඉදලා හමාරයි. පොඩ්ඩක් විතර කට සැර උනාට, අත්තම්මා මට තරවටු කලේ මගේම හොදට කියලා මම දැනගෙන උන්නා. හැමවෙලේම හොද දේවල් කියා දීපු අත්තම්මා,, ශක්තිමත් ගැහැණියක් විදියට සමාජෙට යන්න උගන්වපු මගේ අත්තම්මා දවසක් හිටි හැටියෙම පපුව රිදෙනවා කියලා ඇදට බර උනා මතකයි. " මේ පොඩි පපුවෙ ඇම්මක් මයෙ අම්මා..බය වෙන්ඩ දෙයක් නෑ. ඔය බෙහෙත් තෙල් එක අරන් ටිකක් ගාපන්කෝ...එතකොට ඇරිලා යයි " හැට්ටකටු පන්නලා රැලි වැටුන නිරුවත් පපුවේ එල්ලා වැටුන පියයුරු මැදින් මම බේත් තෙල් ටික ගානකොට අත්තම්මගෙ හීන් කෙදිරියක් එනවා මට යන්තමට ඇහුනා. ටික වෙලාවකින් ටික ටික සීතල උන පපුව තවත් තෙල් ගාලා අතුල්ලනකොට අත්තම්මා ඇස් දෙය පියාගෙනම උන්නා. "නින්ද ගියා" එදා මගෙ පුංචි හිතට හිතුනෙ එහෙමයි. තෙල් බෝතලේ වහලා තියලා කාමරෙන් එළියට ආව මට ටික වෙලාවක් යද්දි ලොකු සද්දයක් ආවා. " අම්මේ.....අනේ...මගේ අම්මේ...." අත්තම්මගෙ කාමරේ ලගට අඩියට දෙකට මම යද්දි, දැක්ක දෙයින් මම ගල් උනා. අම්මා අත්තම්මගෙ ඇද ලග වාඩි වෙලා අත්තම්මව බදාගෙන අඩනවා. මගෙ කකුල් වෙව්ලන්ඩ ගත්තා. අත් පණ නැති වේගෙන ආවා. ඇස් වලින් කදුළු සට සට ගාලා වැටෙන්ඩ ගත්තා. ඒත් එක අඩියක්වත් ඉස්සරහටවත් පස්සටවත් ගන්න මට ශක්තියක් නෑ...මාව හිර වෙලා වගේ මට දැනුනා. අහල පහල අය දුවගෙන එද්දි මාවත් තල්ලු වෙලා එහාට මෙහාට උනාට මම තවමත් ඉන්නක් ගැහුවා වගේ දොරකඩ ලග හිටගෙන. අම්මා මගේ ලගට ඇවිත් අඩාගෙන මට බර වෙද්දිම මට මතකයි මුළු පරිසරයම කළුවර උනා.. මට සිහිය එනකොට තාත්තත් ඇවිදින් ඇඩූ කදුළින් එහෙට මෙහෙට දුවනවා මම දැක්කා. ඇත්තටම මොකද උනේ?? එතකොට අත්තම්මා මාව දාලා යන්නම ගියාද? මගේ හිත තෝන්තු වෙලා. කෑ ගහලා අඩන්ඩ හදනවා ඒත් මට කෑ ගහගන්ඩ බෑ. මට මොනවදෝ වෙලා වගේ මට දැනෙනවා. අත්තම්මගෙ පපුවෙ ගාපු බෙගෙත් තෙල් වල සුවද තාම මගේ අතේ එහෙම්මයි. මම එක පාරක් අත ඉඹිනකොටම හිර වෙලා තිබ්බ ඇඩුම හයියෙන් එලියට පැන්නා.. " අත්තම්මේ....." 😭😭😭 💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧 පෝයට සිල් රෙද්ද ඇන්දම ඒ තිබුන දිස්නෙ දැනටත් එහෙම්මයි. තෙල් ගාලා පිලිවෙලට පීරන කොණ්ඩෙ අද වෙන අය ඇවිත් ලස්සනට පීරලා තියලා ගිහින්. මූණෙ ඇදුන සිරියාව තාමත් එහෙම්මයි. ඒත් කෝ ඒ හිනාව? කෝ ඒ කතාව? 😰 " ඇයි අත්තම්මෙ ඔයා මෙහෙම ඉන්නෙ? ඇයි ඔයාගෙ සුදු අම්මට කතා කරන් නැත්තෙ? " අත්තම්මා දිහා බලාගෙන මට හෙමීට මිමිණෙනවා. " දැන් කවුද මගෙ ඔළුවෙ තෙල් නාවන්නෙ? කවුද මට ගහන්ඩ පොල් පිති හොයන්නෙ? කවුද පෝයට සිල් දානෙට දෙන දේවල් මටත් එක්ක ඉතිරි කරන් මට ගෙනත් දෙන්නෙ? 😭😭 මගෙ අත්තම්මෙ,,,ඇයි මෙහෙම යන්න ගියේ..." මගේ මුළු ලෝකෙම අදුරු වෙලා ගියා වගෙ හරි මූසල හැගීමකින් මාව රිදවද්දි ඒ නිසල දේහය කිසි ගානක් නැතිව කාන්තියෙන් බැබලුනා. " මයෙ අම්මා ඇයි මෙ අඩන්නෙ ? " හීනියට වගේ මට එහෙම ඇහෙනවා අත්තම්මේ. අදටත් මම අඩනව. ඒත් ඔයා මේ වෙනකන් මගෙන් එහෙම ඇහුවෙ නෑ මගෙ අත්තම්මෙ. වෙල් දෙණිවල, කැලෑ ගානෙ පලා හොයපු නුඹව තවත් මම ඒ තැන්වල හොයනවා. මිදුලේ හතර කොනේ, ගෙයි අස්සක් මුල්ලක් නෑර අදටත් ඔයාගෙ රූපෙ කොහේ හරි ඇති කියලා ඇස් හොයනවා. ඔයාගෙ සුවද පිරුණ ඒ කාමරේ ඔයාගෙ ලස්සන චීත්ත ඉඹ ඉඹ ඒ උණුසුම ඒ සුවද මම විදිනවා. තාමත් බෙහෙත් තෙල් වල සුවද හීනියට දැනෙනවා. දැන් දැන් ඒ සුවදත් නැති වී ගෙන යනවා අත්තම්මෙ. මට පුළුවන්නම් මම ඔයාගෙ සුවදවත් නතර කර ගන්නවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 😓😓😓😓😓😓😓😓😓😓 උදේ නැගිටිනකොට, රෑට නිදාගන්නකොට තාමත් ඔය උණුහුම මම හොයනවා අත්තම්මෙ. මේ සංසාරෙ ආය කවමදාවත් ඔය සෙනෙහස මට උරුම නෑ කියලා දැනෙනකොට හිර කරන් ඉන්න කදුළු ආය ආයම අනවසරෙන්ම තාමත් නුඹේ නමින් කඩන් වැටෙනවා අත්තම්මෙ. පුබ්බාත්ත යන මල් එතනෝ,,,😓❤️ තේරෙන් නෑ...මට නුඹට නිවන් පතන්නද, ආයෙත් නුඹව ඉල්ලන්නද ??? නෑ නුඹ නිවන් දකින්න ඕන පිංවන්ත ගැහැණියක්. ඉතින් ආය කිසිම සසරක මුණ නොගැසුනාට කමක් නෑ අත්තම්මේ...නුඹ නිවන්ම ගොස් ඒ නිවනින්ම සැනසේවා....🙏 ~ නිමි ~ ඔයාගෙ අත්තම්මා තාමත් ඔයා එක්ක ඉන්නවානම් සතුටු වෙන්න. ඔයා හරි වාසනාවන්තයි. ❤️ එයාව ආදර
ෙන් බලාගන්න. 🙏 නිපූ❤️හාමු මෙන්න ලියුම... අවුරුදු පහලවක් මම බැදලත් ඒත් බැන්දෙනම් නෑ අපෙ අක්කා මගේ ගෑණිගෙනුත් පද අහගෙන උහුලාන ඉවසීමේ වතම රැක්කා ගිය සතියෙ ගිහින් ආවත් වලව්වට ආවෙ ආපහු තඩිච්චි වුනු මූණකින් හිතාගන්න බැරි ද මට පෙනුන දේ කදුලු අස්සේ පෙනුන වියරු හිනාවකින් බලෙන් වලව්වෙ ඇදට ඇද්දයි කීවත් ගණන් ගත්තෙ නෑ මං හිටිය නෑහුන වගේ පරණ රස්සාව අතෑරලත් ඇවිල්ලා මගෙ හිතේ දැන් මාස හත අටක් වගේ නොකිව්වෙ ලැජ්ජ හින්දයි ගමට ඵලක් වුනෙ නෑ කලත් කොච්චර බේත් වකුගඩු අමාරුවකින් නෙමෙයි මලේ අම්මපා අක්කට හැදිල තිබුනෙ ඒඩ්ස් එහෙව් රස්සාවකට වල කපපු මිනිහාට දෙන්ටයි කීව මේ ලියුම අවසන් තප්පරේ හාමු මහත්තයා දැන් ගියෝතින් හොදා ලියල ඇති ඔය ලියුමෙ සේරම විස්තරේ වත්සලා බාලසූරියකුකුළු කූඩුවට මොකද වුණේ? මාස ගණනාවක් තිස්සේ ගමේගොඩේ, සිදාදියේ, කැම්පස් එකේ අනුන්ගේ ඕපාදූප සෙවීමට හපන් සුවහසක් මා සහෘදයන්ට පැවති රුසියානු-යුක්‍රේන අර්බුදයටත් වඩා අර්බුදයක් ව පැවති අප නිවසේ කුකුළු කූඩුවෙ වත්මන් තත්ත්වය පිළිබඳ මාස ගණනාවක නිහැඬියාවකට පසු පිළිතුරු දීමට ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය අවසන යොදා ගැනීමට මම තීරණය කළෙමි. ඉතින් සහෘදයනි, අදවත් ඔබලාට සාමකාවී ව නිදාගත හැකි ය. පළමුවතාවට මම අප නිවසේ කුකුළු කූඩුවේ සැබෑ ජවනිකා විස්තර කළ පසු අපේ කුකුළන් හා කිකිළියන් සෙලිබ්‍රිටි කැරැක්ටර්ස් බවට පත් වූ බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. කුකුළන් දැකබලා ගැනීම හා බිත්තර මිලදී ගැනීම සඳහා කොළඹ උන්දැලා වන්දනා ගමන් එන්නාක් සේ බස් පිටින් ගමට ආහ. එයින් අපේ නිවසට පැමිණෙන පාරේ සඳෙහි ආවාට තරම් ප්‍රමාණයේ වළවල් පවා සැදිණි. පැමිණෙන අයගේ බඩවල් පිරවීමට නිවස ඉදිරිපිට කඩල කරත්ත, අයිස්ක්‍රීම් වෑන්වලින් පටන් ගත් කුඩා වීදි ආහාර අලෙවිසැල් අවසානයේ මහා පරිමාණ කොත්තු කඩවලට පරිවර්තනය විය. ඉල්ලුමට සැපයුම අප නිවසෙන් පමණක් සෑහුනෙ නැති හෙයින් මුළු ගමම කුකුළු ෆාම් දමා ගත්හ. දැන් අපේ ගමේ මිනිස්සු කෑම කා අතපිස දමන්නේත් මොනර කොළවලිනි. ආසියාවේ ආශ්චර්ය එක් ලියමනකින් මා අප ගමට ගෙනාවේ ආන් එලෙසිනි. ගමට එලෙස අස්වැසුම හා සමෘද්ධිය යන දෙකම එකවර ලබා දුන්නාක් හා සමාන ජනසරණක් මවිසින් ගෙන ආවා ද කතාව මගේ පැත්තෙන් අවසන් වූයෙ ට්‍රැජඩියකිනි. මෙව්වා කියන්නත් ලැජ්ජාසහගත සිද්ධීන් ය. එහෙත් මාගේ නම්බුව ලඩ්ඩුවක් විසින් අනුභව කරන ලද බව මගෙ මුල් ම කතාව කියෙව්වා නම් ඔබ දැනටමත් දන්නවා ඇත. (කියවා නැත්නම් කියවීමට ආදරයෙන් ආරාධනා කර සිටිමි. එයත් මෙයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද තහවුරු කර සිටිමි.) එසේ හෙයින් මම මාගේ අවාසනාවට ඇත්ත කතාව මෙසේ හෙළි කර සිටිමි. මගේ මුල් කුකුලු කතාවෙන් පසු එහි වූ මැර කුකුළා කොයි වෙලෙත් "ගනු කඩුව, එනු සටනට" විලාසයෙන් මගෙන් ගේම ඉල්ලන්නට පටන් ගත්තේ ය. දුටු තැන වෙඩි තැබීමට ආඥාවක් ලැබූ සෙයකින් ඒ මැරයා මට කොටන්නට පනියි. මෙය මම කූඩුව පැත්ත පළාතේ නොයන්නට වැඩ සැලසිණි. මේ අස්සේ මගේ විශ්වවිද්‍යාලයේ පළමු සෙමෙස්තර විභාගයත් පැමිණිණි. කෙසේ හෝ ඒ දිනවල දවල් වරුවේ නිවසේ ඉතිරි වූයේ මා පමණක් නිසා අකැමැත්තෙන් හෝ කුකුලු කූඩුව ඇරීම, වැසීම, බිත්තර එකතු කිරීමට මට සිදු විය. එලෙස එක් දිනක් දහවල මම කුකුලු කූඩුව අසලට ගියේ බිත්තර තිබේ දැයි සර්ච් කිරීමට ය. එය රාහු කාලය විය යුතු ය. ගෙදරින් එලියට බසිද්දී හූනෙක් චික් චික් ගෑවා විය යුතු ය. මගේ සෙනසුරු ඒරාෂ්ඨකය උච්ච වූ අවස්ථාව විය යුතු ය. එක් වර ම කුකුලු කූඩුව යට සිට "ඉදා තොට" ටෝන් එකක් සමඟ මැර කුකුලු රාජයා අත්තටු විහදාගෙන අඩුපඩු පුප්පාගෙන මගේ කකුලට පැන්නේ ය. කුකුළා කකුලට කෙටුවේ ය. ස්මයිල් ඉන් පේන් නො ව සහතිකෙන් ම එය හෙන වේදනාකාරී ය. කෙටූ ක්ෂණයෙහි මම තප්පර කිහිපයකට භ්‍රාන්ත වීමි. මොළෙ කීවේ තව ගුටි නොකා දුවපන් කියා ය. ඉතින් මම ගෙට ම දිව්වෙමි. ලැජ්ජාවට කරුණ නම් ඔලුවට ෆූජියාමා ගිනිකන්ද කඩන් වැටුනත් නාඬන වර්ගයේ එකියෙකු වූ මා මේ කොහෙවත් යන කුකුළෙකුට බය වී හැඬීම යි. හඬමින් ම අම්මා ඇමතූ මම වෙච්ච අලකලංචිය ලුහුඬින් පැවසුවෙමි. මා සැනසීමට හෝ කුකුලු කූඩුව කෙරෙහි ඇති කෝපය පිට කිරීමට හෝ වේවා අම්මා මැර කුකුළාට අමතර ම මැර කුකුළාගෙ අයිතිකරුවන් ද, කුකුළාව කූඩුවට වද්දාගන්නා කිකිළි උඩැක්කියන් ද, කූඩුව ගෙනා අපේ තාත්තාව ද, බිත්තර මිල ඉහළ දැමූ ෆාම් අයිතිකරුවන් ද, වෙළඳ ඇමති ද ඇතුළු කැබිනට් මණ්ඩලය ම සිහිපත් කළා ය. ඉන් මදකට වේදනාව අමතක කළ මම ද මැර කුකුළාට එවේලෙහි ම මා යනු කවුරුන්දැයි වටහා දීම වැදගත් බව තේරුම්ගෙන යලිත් කූඩුව පේන මානයට ගොස් මැර කුකුළාගෙ ඔලුවටම දෙකේ දෙකේ ගලක් පතබෑවුවෙමි. සත්ත්ව ප්‍රේමීන් මෙකී කතාව කියවා අනේ පව්ව්ව් ඌ, පව් වැඩ කරන්න එපා, එහෙමත් සත්තුන්ට ගසනවා දැයි විමසීමට නොපැමිනෙන්න. මන්ද යත් ඌ මට ද කිසි ම හේතුවක් නැතුව ගැසුවේ ය. මම ද සත්ත්වයෙක්මි. මාත් පව් ය. මා හුදු ඇසට ඇස, දතට දත නියමය ක්‍රියාත්මක කළා පමණි. කුකුළාට ගලක රසය පහදා දී යලි නිවසට පැමිණි මට වැටහුනේ කකුලේ වේදනාව කෙමෙන් කෙමෙන් වැඩි වන බවකි. ගත වූයේ පැයකි. දනිස්ස දොඩම් ගෙඩියක් සේ ඉදිමිනි. ඇවිදින්නට තබා කකුල එහෙමෙහෙ කිරීමටත් නොහැකි වන සේ වේදනාවක් දැනවිනි. කෙසේ හෝ සවස් වන විට තුවාලවලට බෙහෙත් දමා ගැනීම අත්‍යවශ්‍ය බව වැටහී ගිය හෙයින් බැරිබැරි ගාතේ දොස්තර ළඟට යාමට සූදානම් විණි. අවසන ඇවිදීමට බැරි නිසා දොස්තර හමු වීමට ගියේ අම්මාගෙ කරමතිනි. එහෙමත් වේදනාවක්. වේදනාවෙ ප්‍රමාණය මා ඊට පසුදින තිබූ පළමු වසර පළමු සෙමෙස්තර විභාගයේ අවසන් විෂය සඳහා සහභාගී නොවීම යන කරුණ මතින් මැන ගන්නා ලෙසට මම ඉතාම කාරුනිකව ඉල්ලා සිටිමි. මේ ඇබැද්දිය ආරංචි වූ සැවොම පැවසූවේ එක් දෙයකි. මම ද දැන් එය විශ්වාස කරමි. කුමක් ද යත් මගේ පළමු කුකුලු කතාව මැර කුකුලා කියවා ඇත. ඉන්තීරුවෙන් ම ඌට එෆ්බී ෆේක් ප්‍රොපයිලයල් තිබී ඇත. ඌට සිදු වී ඇති සයිබර් බුලින් එකට තද වී මට ලයිව් ඇටෑක් කර ඇත. අන්තිමේදි හද්දා වන්නියේ සිටිනා හඩු කුකුළෙකුට පවා ස්මාර්ට් ජංගමයෙක් සිටිනා තරමට රට සමෘද්ධිමත් වී ඇති බව තහවුරු වුනෙමි. එසේ වුවද ගලකින් ඔලුවට පහර දීමෙන් පලි ගැනීම අවසන් කිරීමට මගෙ සිත නැමුනේ නැත. ඌට ද හොඳට ම රිදෙන්න වැඩක් කළ යුතු ය. වැඩි වෙහෙසක් නොදරාම වැඩි කලක් නොගොස් ම ඌට හොඳට ම රිද්දන්න මට හැකි විය. එය මා විසින් කරන ලද්දක් නොව මාගේ පියාණන් විසින් ම කරන ලද්දකි. ඒ කුමක්ද පැවසුවහොත් මැර කුකුළාගේ සොඳුරියන් වී සිටි අපේ කුකුළු කූඩුවේ කිකිළියන් සෙට් එකම අපේ තාත්තා ඔහුගේ මිතුරෙක්ට විකුණා දැම්මේය. නිවසේ ඉතුරු වූයේ කුකුලු කූඩුව පමණකි. දැන් මැර කුකුළාට පේම විප්පයෝගයෙන් විරහ වේදනාවෙන් අනේක විදවයි. දවස් කිහිපයක්ම දෝනි කෝ කෝ කියා කුකුළු කූඩුව වටේම සොයමින් හැඬලූ ඔහු දැන් කූඩුව පැත්තවත් නොලබයි. දෝණි නැති ජීවිතය කුමන ඵලක් දැයි සිතන්නාක් මෙන් දැන් ඌ උදේට හඩලන්නේවත් නැත. අනේ සාධු ය. පේමතො ජායතී සෝකෝ කියන්නෙ ඕකට ය. කුකුළා වුනත් හැප්පුනේ වැරදි මනුස්සයා සමඟ බව වටහා ගත යුතු ය. මෙව්වා කාටකාටත් හොඳ පාඩම් ය. ඉතෙකින් මගේ කුකුළු චැප්ටර් එකද ක්ලෝස් විණි. අපේ පියාණන් තවත් අලුත් වික්‍රමයක් සිදු කළහොත් එය ද රැගෙන ඉක්මනින් ඔබ හමුවට ඒමට මම ඇප කැප වී සිටිමි. ✍️𝕀𝕤𝕦𝕣𝕒𝕟𝕘𝕚 𝕌𝕕𝕒𝕣𝕒🐾 ✨__පෘථිවි අපලෙ__ " මචං අද හවස පොඩි මීටින් එකක් " එහෙම කිව්වෙ සෙනසුරු " හයියො යකො..ගිය සතියෙත් තිබ්බනෙ මීටින් එකක් " අගහරු තරහින් කිව්වා "ඔව් ඔව් බන්..ඒත් එදා අපි අටදෙනාමනෙ ...අද අපි හත් දෙනා විතරයි...අරූට අද නම් ගේමක් දෙන්නොනි " " කාටද බන් ... පෘථිවියා ට ද...ඕකා තමා බන් අපිව පාවලා දෙන්නෙ...ඕකාගෙ ඔක්සිජන් නිසා ඕකගෙ ඔළුවෙ මිනිස්සු පැටව් ගහලා.....උන් මගෙ උඩටත් ආවා බන් පැලපදියන් වෙන්න.... " අගහරු රතු පාටට හැරිලා කේන්තියෙන් කිව්වා... " සිරාවටම ඈ...ඕකගෙ එක පැත්තක් නම් අපිට කතා හදන්නැ බන්...ඒත් ඕකගෙ යට පැත්තෙ පොඩි ලපයක් තියෙ...ඔන්න ඔය ලපේ ඇතුලෙ ඉන්නෙ මිනිස්සු ටික තමා බන් කතා හදන්නෙ " බ්‍රහස්පති කිව්වා " ඒ මොනාද ඒ ? " එහෙම ඇහුවෙ සිකුරු " මම මාරක අපල ගේනවා කියලා ඕකා එකපාරක් කතාවක් හදලා තිබ්බා...මහ පුදුම ග්‍රහලෝකයක් බන් ඕකා...ඕකාගෙ අනිත් ඔක්කම හොදයි ඔය ලපේ ඉන්න මිනිස්සු හැර....මම කෝමද බන් ඔය මිනිස්සුන්ව එකා එකා ගානෙ අදුරන්නෙ...උන්ගෙ ඔළුවල ඉන්න උකුණො කියන සත්තු වගෙ උන් පෘථිවියාගෙ උඩ ඉන්නෙ...අපි මොකටද ලිස්ට් හදල ඔකුන්ව මරන්න ප්ලැන් ගහන්නෙ... ඇත්තටම අපිට මොන ඇරියස්ද උන් එක්ක...වැඩක් නැනෙ බන් " සෙනසුරු කිව්වා " ඒ උනාට බන් ඒ මිනිස්සු අපේ ඉර ලොක්කට ගරු කරනවානෙ...උත්සවත් තියනවා..." බුධ කිව්වෙ ඔය මෙලො මගුලක් නොතෙරුන හින්දයි " ඒක එහෙම තමයි බන්...උන් හරි හොද මිනිස්සු...ඒත් බොරු කතා හදන එකනෙ වැඩෙ...මම අහගෙන ඔය එකෙක් දවසක් කියනවා ඌට සිකුරා ලබලලු...මම උන්ට මුකුත් කලෙ නැ බන්.." " මගෙ මෙ වළල්ල පල්ලා බන්...මම නම් ඕකුන්ට අපල ගෙනාවෙ නැ...මට වෙන වැඩ තියෙ කරන්න...එක අම්මා කෙනෙක් මම දැක්කා මගෙ නම ලියලා අපල දුරුවෙන්න කියලා අරූගෙ ඔළුව උඩ තිබ්බ ගහක එල්ලනවා " සෙනසුරු කිව්වෙ කලකිරීමෙන් වගෙ " ඒ ඇත්තමයි බන්..මෙ ප්ලූටෝ කොහෙද ? එතකොට ඌගෙන් විතරද බන් අපල නැත්තෙ " බුධ ආයෙමත් ඇහුවා " මාව හොයාගත්තෙ අලුතෙන් නිසා උන්ට මාව ගානක් නැ බන්..අනික මගෙ නමත් ටිකක් පොශ්නෙ... " ප්ලූටො කිව්වෙ ආඩම්බරෙන් " ඇයි ප්ලුටො විතරක් නෙමෙ බන්...ඔය මිනිස්සු ඔක්කටම වෙන දේවල් වෙන්නෙ පෘථිවියා උඩදි...ඒත් උන් පෘථිවියා ගෙ අපල කියන්නැනෙ බන්...අහක ඉන්න අපිවමයි මෙව්වට ඈදගන්නෙ...අනෙ මන්දා ඉතින්... " බ්‍රහස්පති කිව්වෙ ටිකක් කල්පනා කරන ගමන් " ඉතින් මොකක්ද බන් අද මීටින් එකෙ මාතෘකාව ? " අගහරු සෙනසුරුගෙන් ඇහුවා " පෘථිවියා ගේ ලපේ අපලෙන් අපි බේරෙන්නෙ කොහොමද ? ඕක තමා බන් මාතෘකාව " සෙනසුරු එහෙම කිව්වෙ පෘථිවියා ගෙ ලපේ ගැන ඇත්තටම ඇති වෙච්ච බයකින් Th
arushi Ranasinghe _ThAරූ__වරදට සමාව ඉස්කෝලේ පහ වසරෙදී සර් පන්තියේ ඉඳපු නැති වෙලාවක මමයි, යාළුවයි එකතු වෙලා මගෙ කවකටු පෙට්ටියට තට්ටු දදා ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබුන “සෙබලාණෙනි” සිංදුව කිය කිය හිටියා. සර් පන්තියට එනකොට එයාට අපි සින්දුව කියපු සද්දේ ඇහුනේ නැති උනත් කවකටු පෙ⁣⁣ට්ටියට ගහපු සද්දේ ඇහිලා තිබුනා. මගේ පෙට්ටියට ත⁣ට්ටු දදා ඉඳපු යාළුවා ඒක ඉක්මන⁣ට මගෙ පැත්තට තල්ලු කරලා ඒ වැඩේ කලේ මම කියලා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා බොරුවට කිව්වා. 3 - C පන්තිය බාරව හිටියේ යාළුවගේ අම්මා නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම නොකරපු වරදකට මම දඬුවම් වින්දා. හිතේ පොඩි කහටක් ඉතුරු උනත එදායින් පස්සෙත් ඒ මගේ හොඳම යාළුවා. පොඩි කාලෙදී ඉගෙන ගන්න සෑහෙන දුරකට අදක්ෂ මම අන්තිම වාරෙදී පන්තියේ තුන් වෙනියා උනා. ඒක ළමයෙක් ගිහින් සර් ට කිව්වම මගෙ රිපෝර්ට් එක ගෙන්න ගත්ත සර් තුනේ ඉලක්කමට ඉස්සරහින් දෙකේ ඉලක්කමක් දාලා මම පන්තියේ විසිතුන් වෙනියා කලා. ඇත්තටම මම පන්තියේ තුන්වෙනියා වෙලා තිබුනේ වැරදීමකින් උනත් ළකුණු මට්ටම බැලුවාම මම පන්තියේ නව වෙනියා වෙන්න ඕන. ඒත් මගේ සාමාන්‍ය ඉගෙනුම් රටාව ගැන උපකල්පනය කරපු සර් විසි තුනේ; දෙකේ ඉලක්කම ලියවිලා නැතුව මම තුන් වෙනියා වෙන්න ඇති කියලා හිතලා මාව විසිතුන කලා. හතර වසරේ ඉඳපු ටීචර් වගේ මට අමානුෂික වැඩ නොකරපු නිසා මාව විසි තුන කලත් අදටත් පහ වසරේ සර් ගැන මගේ හිතේ ගෞරවයක් තියෙනවා. ජොබ් එකට ගිහින් කාලයක් ගතවෙලා එතන පරිනත වෙමින් ඉන්න කාලේ එතනට අළුතින් ආපු, විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉඳපු පෙරේරා කියන මනුස්සයට ආයතන ප්‍රධානියා උහුලන්න බැරි තරම් වැඩ පටවද්දී ඒ මනුස්සයාගේ අමාරුකම් ගැන කියලා මගේ කටේ බලෙන් වගේ වැඩ ටිකක් අඩු කරලා දුන්නා. “මල්ලී තමයි මට මෙතනට ආපු ගමන් මට උදව් කරපු පළවෙනි මනුස්සයා, මම කවදාවත් ඒක අමතක කරන්නේ නෑ, මෙහෙම කියපු මේ මනුස්සයා මම නිවාඩු ගිහින් ඉඳපු දවසක මගෙ අතින් උන, හරිගස්සන්න පුළුවන් වැරැද්දක් ලොක්කට ගිහින් කියලා අවුස්සලා මට විනය පරීක්ෂණයක් තියන තැනට පත් කලා. “මිස්ටර් පෙරේරට මෙතනට ආපු ගමන් උදව් කරපු පළවෙනි මනුස්සයට ඇවිත් මාස දෙකක් යන්නත් කලින් @@@ නේද..” කියලා දකුණු අතේ ඇඟිලි දෙකක් රවුම් කරලා, ඒ දෙක මැද්දෙන් වම් දඹරගිල්ල ඉහළ පහළ යව යවා ඔෆිස් එකේ හැමෝම ඉස්සරහම ඇහුවම මනුස්සයට ඒකට වස ලැජ්ජාවක් දැනුන බව පෙනුනා. ඒත් පස්සේ ඒකත් ගිහින් ලොක්කට කියලා තිබුන නිසා එක විනය පරීක්ෂනය දෙක උනා. මොකක්දෝ වාසනාවකට ජොබ් එක ඒත් ඉතුරු උනා. එහෙම කරපු මනුස්සයටත් පෙන්ෂන් යන දවසේ කිසිම අහිතක් හිතේ තියා නොගෙන ඒ මනුස්සයට සමුදීමේ උත්සවේට රුපියල් දෙදාහක් දීලා, යන මොහොතේ සුබ පතලා ආවා. ආදරේ ගැන අංශු මාත්‍රයක බරපතල හැඟීමක් නැති කාලෙක මට එයාව හම්බුනා. නාදුනන දෙන්නෙක් විදියට මුනගැහිලා, කතා බහ කරලා යාළුවෝ වගේ ඉඳලා ඊට කිසිම දවසකට කලින් නොදැනුන තරමේ ගැලපීමක් දැනුන නිසා අපි ආදරේ කලා. ආදරේ දිගේ යන්න පුළුවන් උපරිම දුර ගිහින් ජීවිතේ හැමදේම බෙදාගෙන අපි පුදුම සතුටකින් ජීවත් උනා. කාලයත් එක්ක එයාට එක පාරටම ආදරේ කියන හැඟීම වෙනස් විදියකට දැනෙන්න ගත්තා. “ඇත්තටම අපි ආදරේ කරලා නෑ. අදහස් වල තිබුන අසීමිත ගැලපීම නිසා ඔයා මටත්, මම ඔයාටත් ආකර්ශනය උනා. ඒ ආකර්ශනය අපි ආදරය විදියට පටලවා ගත්තා. ඇත්තටම කිව්වොත් අපි අතරේ තිබුනේ හැඟීම් නිසා ඇති උන අසීමිත ආකර්ශනයක් විතරයි” කියලා එයා කිව්වා. ආදරය කියන වචනේ නිර්වචනය මොකක්ද කියලා මම ඒ වෙලාවේ කල්පනා කලා. ඇත්තටම “හැඟීම් වල තියෙන අතිශය සමානකම් නිසා ඇති වෙන ආකර්ශනය තමයි මට නම් ආදරය ගැන දෙන්න තියෙන හොඳම නිර්වචනය” කියලා මට ඒ වෙලාවේ තේරුනා. ඒත් එයා ආදරයට දෙන නිර්වචනය මොකක්ද කියලාවත් මට අහගන්න උවමනා උනේ නෑ. ආදරයයි, ආකර්ශනයයි පටලවාගත්තා නම් ඒ දෙකේ වෙනස අඳුනගන්න බැරුව අවුරුදු දෙකකට වැඩි කාලයක් අඳුරේ අතපත ගාපු කෙනෙක් ඇත්තටම මට වැඩක් නැති බව මම තේරුම් ගත්තා. රිද්දන, රවට්ටන තරමට මිනිස්සුන්ට වෛර කරන්න ගියා නම් අපිට කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැරි වෙනවා. මිනිහෙකුට රිද්දපු රවට්ටපු මනුස්සයෙකුට ඒක ජීවිතේටම මතක තියෙනවා. එහෙම මනස්සයෙකුට සමාව දීපු කෙනෙකුටත් ඒක හැමදාටම මතක තියෙනවා. ජීවිතේ මේ රැවටුන ප්‍රමාණයට වඩා තව අනාගතේ රැවටෙන්න නියමිත බව මම දන්නවා. පෘතග්ජන මනුස්සයෙක් උන මම අනෙකාට සමාව දීම තමයි රිද්දන්න පුළුවන් හොඳම විදිය කියලා දන්න නිසා ජීවිතේ අමාරුම තැන් වලදිත් සමාව දෙනවා. ඒ මම හොඳ මනුස්සයෙක් නිසා නෙවෙයි. බොහොම නරක මනුස්සයෙක් නිසා කියලත් මම දන්නවා. Sherlock Holmsනීනා. " ඈ බං උඹට තියෙන්නෙ දිෂ්ටි වෙන්න විතරනෙ කරමුද වැඩේ..? " " මට ඔය මලකෝලම් තේරෙන්නෙ නෑ යකො.. දිස්ටි වෙලා පච කෙළිනිනත් බෑනෙ.. ඇයි ද බං... යකෝ එහෙම වුණොත් එන එවුන් මට ගහලා මරයි.." " තොට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ නීනා.. මම ඒ ටික කරනවානෙ..මම උඹට තොරතුරු දෙනවා , උඹ ඇඟට හිරට තද වෙන්ඩ ටිකක් දුහුල් රෙද්දකින් සාරියක් ඇඳලා , මූණෙ පාට ඩිංගක් උලාගෙන ආවේස වෙලා නටපන්.." සුදාගෙ අදහසට නීනයි , ගොතයයි , සුදයි , ඇන්ටි නංගියි සාස්තර පොළක් අටෝගත්තා. වයස හැට පහක් වූ ඇන්ටි නගා ගම පුරාත් , වැල්ල පුරාත් පැතිරුවා නීනාට දෙයියො වැහිලා කියලා. " ආහ් නීනගෙ දෙයියා පල් වෙලා ද , ඇන්ටි නගා.." මාළු පීතර මහ කැත විදියට ඇහුවා. " නීනට නම් පල් වෙන්ඩ දෙයියෙක් නෑනෙ බම් පීතර.. තොගෙ දෙයියා නම් පල් වෙලා කියලා බියට්‍රිසුත් කිව්වා ම⁣ට.. ඉදකිම්..." " ආහ් ඇත්තෙයි , වරෙන් පෙන්නන්ඩ පල් වෙලාද කියලා පට්ට වේ සි..." මහ කාලගෝට්ටියක් වෙන්ඩ ගිය ඒ කතාව සමථයක් කරේ සුදිකරන්. ඒකා නොවෙන්න ඇන්ටි නගා වලේ , පීතරයා හිරේ. ඒ රණ්ඩුව නිසා සාස්තර පොළ ගැන වැඩි වැඩියෙන් කට කතා පැතිරුණා. සුදා ගමේ හිටි හැම එකාගෙම හොර වැඩ , පල් වැඩ සේරම ගැන ඇහැ ගහගෙන ඉඳලා නීනට විස්තර කිව්වා. සාස්තර පොළ බලාන ඉද්දි සස්‍රීක වුණා. " යකො අරකි මාර කීමක් නෙ බං කියන්නෙ..බලා ඉන්නවා වායෙ කිව්වනෙ බං..." " මම නම් ගියේම ඒ කඳ බලන්ඩ යකො.. සමීරා වායෙනෙ නැටිල්ල බම්.." " ඒ කවුද බම් ..? " වාඩියෙ හිටපු සේරෝම කල්පනා කොරා මේ වැල්ලෙ උන් නොදන්න සමීරා කවුද කියලා. " නෑ නෑ ⁣යකො අර වැද්දි වායෙ නටන සුද්දි... සමීරා සමීරා ඕ බයිබි අම් සෝ සෑ ටෝ ගගා නටන්නෙ බං පු ක වන වන..." එහෙම කියපු පොඩි සයිමා ඒකා වාඩි වෙලා හිටපු බැරල් එකෙන් බිමට පැනලා සරම කිරිජ්ජ පල්ලට වෙන්ට උස්සලා ඒකායෙ තඩි බඩ නටවන්න ගත්තම වාඩියෙ ඇයො සේරම හිනා වුණා. ඒත් උන්ට නිච්චියක් නෑ කවුද මේ සමීරා කියලා. " තොපි ඉතින් දන්නෙ මූදු යන්නයි , මාළු කපන්නයි විතරනෙ.. යකො ඔය පොඩ්ඩක් ලෝකෙ රටේ වෙන එව්වත් බලාපල්ලා. යූටූබ් එකේ ගහපන් සමීරා සමීරා කියලා.. " " අඩේ උඹ ඔය කියන්නෙ ශකීරා ගැන නේද...? " ඔන්න ඒ පාර සේරම බඩ පපු අල්ලන් , බිම පෙරළිලා , වැල්ල කාගෙන හිනා වෙන්ඩ ගත්තා. පොඩි සයිමාට යකා ආවේස වුණා. එතනත් වෙන්ඩ ගිය මිනිමැරුම නවත්ත ගත්තෙ සුදීකරන්. ඉතින් පිරිසක් නීනාගෙ තඹ පාට හම බලන්ඩත් , තවත් එව්වො ටිකක් ඒකියේ ඉනයි , බඩයි , බුරියයි බලන්ඩත් , ගෑණු ටික දෙනෙක් සාස්තර බලනඩත් ආවා. හැම එකාගෙම ජීවිත ⁣වල කොහේ හරි කුණු කන්දලයක් අල්ල ගත්ත නීනායි සුදයි එන එවුන්⁣ගෙ රට පටලෝලා පච කෙළලා , උන්ගෙ ඔළු කචල් කොරවලා , සල්ලිත් කඩාගෙන අතෑරියා. නීනා මෑණියො මුළු වැල්ලෙම ප්‍රසිද්ධ වුණා. සමහර ගෑණු නම් වෛර බැඳගත්තා. " ඈ බං මේ බොන්ඩි හොඳට කාලා බීලා හම තෙල් පාට වෙලා අර බඩ ගෙඩිය පෙන්නන් දඟලද්දි අපේ එවුන්ට නළියන්නෙ නැතුං තියේද.. මේ වේ සා පිරිමි ටික දවසේම හම්බ කරන එව්වා එතනට පුදලා එනවානේ හවසට.. යකො ඒක සාත්තර පොළක්ද , නාඩගම් පොළක් ද..? " සුදාට කනින් කොනින් ඔය කතාවත් ආරංචි වුණා. සුදාට යස කල්පනාවක් ආවා. පොට්ට අඹේට කිව්වා සාස්තර පොළ පිටිපස්සෙන් කසිප්පු පොළක් දාපම් කියලා. දැන් ඉතින් යස පහට බිස්නස් එක යනවා. නීනා බාගෙට හෙළුවෙන් නටන හැටි බලන්ඩයි , කසිප්පු බොන්ඩයි සාස්තර පොළට එන එවුන් දවස ගානෙ වැඩි වුණා. නීනයි , සුදයි , ඇන්ටි නංගියි , ගොතයයි බලන් ඉද්දි සල්ලිකාරයො වුණා. ඕන් ඔහොම ඉද්දි දවසක් නීනා අතුරුදහන් වුණා.! තමන්ගෙ ධන නිධානය අතුරුදහන් වෙච්චි දුකෙන් සුදයි , ගොතයයි , ඇන්ටි නංගියි පිස්සු වැටුණා. පොලිසි ගියා. ගමම ඇවිස්සිලා ගියා. ගමේ සමහර ගෑණු නම් අපමණ තුටු වුණා. " එදාට පහුවදා සෙනසුරාදා දවසක්.. වැඩ වැඩිම දවස සෑර්. හොඳටම බිස්නස් තියන දවස. ඒ නිසා අපි සිකුරාදා වැඩ කරන්නෙ නෑ. අඟහරුවාදාත් නිවා⁣ඩු බදාදාත් එච්චරටම වැඩ. සිකුරාදා හවස් වරුවෙ අපි හොඳට කාලා බීලා නැටුවා. නෑ නෑ වැල්ලෙ තියෙන ගොතයාගෙ ගෙදර තමයි පාටි පොඩ්ඩ පොඩිවට ලාවට සීන් වුණෙ සෑර්. නීනාත් වෙනදා වගේම අඩියක් ගහලා , නටලා රෑ දහය වෙද්දි ඒකියෙ ගෙදරට යන්ඩ ගියා. ඒකියෙ ගෙදර තියෙන්නෙ නම් සුමිතුරු වාඩිය පැත්තෙ. සල්ලි හම්බෙද්දි ඒකි ගියා ටවුමේ කාමරේකට. ඒකෙ පෑන් තියේ , ඇඳන් තියෙ රජ සැප. වාඩිය පැත්තෙ ගෙදර හිටියෙ ඒකියෙ අම්මායි , අම්මගෙ තුන් වෙනි කසාද මිනිහයි , උන්ගෙ පොඩි එකයි විතරයි. එදා හැබැයි අම්මගෙ ගෙදර ගිහින් උන්ට සල්ලි ටිකක් දීලා එනවා කියලා තමයි නීනා එහේ ගියෙ. පහුවදා නවය වෙද්දිත් මේකි නැති හන්ද මම යැව්වා ඇන්ටි නංගිව එහෙට. උන් කියලා නීනා ගෙදර ආවේ නැහැ කියලා. ඒ පාර එවුනුත් කලබල වෙලා වැල්ලෙ එවුන් එක්කලා නීනාව හෙව්වා. කිසිම හෝඩුවාවක් නෑ සෑර්..." නීනා මොබෑයිල් පෝන් පාවිච්චි කරලත් නෑ. එහෙමටම කියලා කාවවත් ඇසුරු කරලත් නෑ. තරහ කාරයොන්ට හිටියෙත් ගමේ ඉරිසියාකාර ගෑණු ටික විතරයි. මොකක් වුණාද කියලා පොලිසියට හිතා ගන්න බැරි වුණා. ගොතයාගෙ ගෙදර ඉඳලා නීනාගෙ අම්ම⁣ලයෙ ගෙදරට යන හැම පාරකම , හන්දියකම , වාඩියකම , කාණුවක , අගුවක පවා පොලිසිය නීනා ගැන හෝඩුවාවල් හෙව්වා. ඒත් ඒ කිලෝමීටර් දෙක ඇතුළෙවත් නීනා ගැන කිසිම හෝඩුවාවක් පොලිසියට ලැබුණෙ නෑ. පොලිසිය සුදා
ටයි ගොතටයටයි ඉස්ම බේරෙන්ඩ නෙලුවා. අනේ ඒත් උන් දෙන්නා නීනාගෙ අතුරුදහන් වීම සම්බන්ධව හැබෑවටම අහිංසකයි. ඇන්ටි නංගිටත් කන පැලෙන්න දෙක තුන වැදුණා. ඒත් ඒ සෙතේමයි. වයස අවුරුදු 22 ක් වූ , උස අඩි පහයි අඟල් දෙකක් උසැති රූමත් නීනා ගැන සතියක් යනතුරුත් හෝඩුවාවක් තිබ්බේ නැහැ. සාස්තර පොළ වැහිලා ගියා , පොට්ට අඹේගෙ කසිප්පු බිස්නස් ලොස් වුණා. සුදයි , ඇන්ටි නංගියි , ගොතයයි බලාගත්තු අතේ බලාගෙන හිටියා. වැල්ලෙ පිරිමි ටික උන්ට පුළුවන් හැම තැනකම උන්ගෙ සුරංගනාවියව හෙව්වා. මුළු වැල්ලම පාළුව⁣ට ගියා. පස්සෙං පහු හැමෝම තම තමන්ගෙ දෛනික වැඩ රාජකාරි වලට යොමු වුණා. ඔහොම ඉද්දි එක දවසක් ගම් දෙකකට එහා ගමකින් පණිවිඩයක් ආවා. ඒ ගොඩ ගහපු මිනිය බලන්ඩ මේ ගමේ හිටි හැම එකාම පිස්සුවෙන් වගෙ දිව්වා. පිරිමි ටික නම් ඇත්තටම කම්පා වුණා , නීනාට ඉරිසියා කරපු ගෑණු ටික වැල්ලේ වැලි කකා අඬන්න ගත්තා. සුදාට විනාඩි පහෙන් පහට කලන්ත වුණා. අඳුරගන්න බැරි ඒ මළකුණ පරීක්ෂණ වලට අරගෙන ගියා. මරණ පරීක්ෂණයේ දී හෙළි වුණා ඒ පිරිමියෙක්ගෙ මළ කඳක් කියලා. හැම පොලිසියකටම මැසෙජ් එක ගියා. ළඟකදි අතුරුදහන් වුණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙ පුතකුගෙ ⁣දෙමව්පියන් පිස්සන් වගෙ මෝචරියට කඩාගෙන ආවා. තවත් පරීක්ෂණ දෙක තුනකට පස්සෙ ඔප්පු වුණා ඒ ඔවුන්ගෙම පුතා කියලා. " අපේ පුතා මීට දවස් නවයකට උඩදි වෙනදා වගේම හවස හයට විතර වාහනයත් අරගෙන ගියා යාළුවො හම්බෙන්න යනවා කියලා. කොහේ ගියාද මොනවා වුණාද කියලා අපි දන්නෙ නෑ ඉන්ස්පෙක්ටර්.. අයියො මේ මොන අපරාධයක් ද දෙයියනෙ..." මරණ පරීක්ෂණ වලින් හෙළි වුණා සඳකැළුම් මුහුදුට වැටෙන්න කලින්ම මිය ගොස් හිටියා කියලා. තවදුරටත් පරීක්ෂණ කරද්දි දැනගත්තා උන්දැව මරලා කියලා. " බෙල්ලෙ බල නහරයක් හපා කාලා ලේ ගලලම මැරිලලු..." ඕන් ⁣වැල්ල පුරා පැතිරුණා නීනා මෝහිනියක් වෙලා පිරිමියෙක්ගෙ බෙල්ල කාලා ලේ බීලා කියලා. සුදා වහාම තම තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා නීනාගෙ පිළිරුවක් හදලා සාස්තර පොළ ආයෙම පටන් ගත්තා. නීනා දැන් මළ යක්සනියක් වෙලා කියලා හිතපු ගම්මු ටික බයටම මේ කෝවිලට ඇවිත් වැඳලා යන්ඩ පටන් ගත්තා. පොලිසිය මිය ගිය තරුණයා සම්බන්ධව හොයන්න පටන් ගත්තා. සඳකැළුම් මිය ගිය දවසේ ඔහු කිසිම මිත්‍රයෙක්ව මුණගැහිලා තිබුණෙ නෑ. රොශාන් කියලා එක් මිත්‍රයෙක්ට කතා කරලා කියලා තිබුණා හවසට එනවා සෙට් වෙමු කියලා. නමුත් සඳකැළුම් එනවා කියපු වෙලාවටත් වඩා ප්‍රමාද නිසා මිත්‍රයා ඇමතුම් ගත්තා. නමුත් ඒ වෙද්දිත් සඳකැළුම් ගෙ දුරකතනය ක්‍රියා විරහිත වෙලයි තිබ්බේ. පොලිසිය සඳකැළුම් ගෙ ජංගමයාට අවසාන වශයෙන් සංඥා ලැබිලා තියෙන ප්‍රදේශය ගැන හොයලා බැලුවා. හරියටම නීනාගෙ වාඩිය සහ ගොතයාගෙ ගෙදර අතර ප්‍රදේශයේ තිබුණ , ඒ කියන්නෙ වැල්ල පැත්තට ජාල සබඳතා සැපයු කුළුණකින් තමයි සඳකැළුම්ගෙ සිම් පතට අවසන් වතාවට සංඥා ලැබිලා තිබුණෙ. දැන් දැන් පොලිසියට මේ සිදුවීම් දෙකේ සම්බන්ධයක් පෙනෙන්න පටන් ගත්තා. ඔවුන් වහාම ක්‍රියාත්මක වුණා. නැවතත් වැල්ල පුරා හිටි හැම සැක සහිත මිනිහෙක්ටම පු කවල් පැලෙනකම්ම නෙළුවා. ඒත් හෝඩුවාවක් නැහැ. දවසක් පොලිසිය දවල් දෙකට වගෙ වැල්ලට බහිද්දි වැල්ලෙ හිඟා කකා හිටි එකෙක් බයෙන් වගේ දුවන්න ගත්තා. අනේ ඉතින් බොරුවට වෙලාගෙන හිටි අත පය ඇත්තටම වෙලාගන්නකම් ම මහා ධාවන ශූරි ඒ හිඟන මහතා අම්බානෙටම ගුටි කෑවා. " බුදු සෑර් මම කියන්නම්... මම කියන්නම්.. ඕ ජීසස් අම්මෝ බුදාම්මෝ සෑර්.. අයි නෝ ද කේස් සෑර්... සෑර් එදා ඔය කියන දවසේ රෑ මම ජොයින්ට් එකක් ගහන්න වැල්ලට ආවා.. ඕහ් ජීසස් මයෙ පිට රිදෙනවා සෑර්.. ඇත්ත කියන්නම්... ඔව් ඊටපස්සෙ සෑර් මම දැක්කා කවුරුහරි ගෑණු කෙනෙක් ඈතින් එනවා. මම හිතුවේ බ ඩුවක් කියලා. මාත් රෙඩි වුණා. ඒත් මම ඒ පැත්තට කිට්ටු කරද්දිම දැක්කා ජෙන්ටල් මෑන් කිට ගහපු බුවෙක් පොඩි ගෑණු ළමයෙක්ව වඩාගෙන , වට පිට බල බල වැල්ලෙ අඳුරු පැත්තකට යනවා. මට සීන්ස් එක ඇල්ලුවේ නෑ සර්. මාත් හතර පැත්ත බැලුවා. මොකෙක්වත් නෑ. එතකොටම මම දැක්කා අර ඈතින් ආපු ගෑණි ටිකක් වේගෙන් ඉස්සරහට එනවා. මම ලොකු හෙවනැල්ලක⁣ට මුවා වුණා. සිද්ධ වෙන දෙයක් හිතා ගන්න බැරි වුණා. අරු දැක්කෙ නෑ ඒ ගෑණිවවත් මාවවත්. මට තේරුණා මූ ළමයට කරදර කරන්න හදන එකෙක් කියලා. උගෙ තිබ්බ වේ ස කමට ඒකා වැඩිපුර වටපිටක් නොබලා අඳුරු තැනකට ගිහින් අර දරුවව වැල්ලෙ හාන්සි කෙරෙව්වා. ඊටපස්සෙ උගෙ කලිසම පාත් කරද්දිම අර ගෑණි හිතා ගන්න බැරි විදුලි වේගෙන් ඇවිත් මූට සට පටාන් ගාලා නෙලුවා. මූ වැටි වැටි දුවන්න පටන් ගත්තා. සද්ද වලට අර පොඩි දරුවා ඇහැරුණා. පෙනුමෙන් හිඟන දරුවෙක්. අර ගෑණි අරු පස්සෙන් තිත්ත කුණුහරප කිය කිය පැන්නුවා. මම එතකොටයි දැක්කෙ ඒ නීනා කියලා. මම අර අඬන දරුවවත් උස්සන් නීනාගෙ පැත්තට දිව්වා. අර පර යා නීනට ගලකින් ගැහුවා. නීනා එතන බිම අත පත ගාලා මොකක්ද මන්දා අතට අරන් අරුට කෙළියා. ඌ ඒ පාර වළක්වලා දිව්වා. දිව්වෙ කාලි කෝවිල පැත්තට. නීනත් දිව්වා.. සෑර් සෑර් අනේ මාව විස්වාස කරන්න සෑර්.. කෝවිල ගාවදි අරු ඇදගෙන වැටුණා. එතකොටම නීනාගෙ කටේ දත් උල් වෙලා දික් වුණා. කොණ්ඩේ විසිරිලා ගියා. නීනා ඉස්සරහට පැන්න ගමන් අරූව තනි අතින් බෙල්ලෙන් උස්සලා අරගෙන බෙල්ලම කාගෙන හිටියා. ඌ දඟලලා දඟලලා මළා.." " තමුසේ එච්චරක් වෙනකම් මොකද කරේ..? " " මට රෙ විලා හිටියෙ සෑර්.. මට ඒ වෙද්දි ඒ වෙච්ච කිසිම දෙයක් හිතාගන්ඩ බැරිව ගියා සෑර්. අර පොඩි එකා ඒවා දැකලා බය වෙලා කලන්තෙ දැම්මා. මයෙ කකුල් අත් ලොක් වෙලා වායෙ මම හිටියෙ. ඊටපස්සෙ නීනා අරූගෙ හැකිළිලා ගිය මළ කඳ අරගෙන මුහුදට ගියේ කඩමාල්ලක් උස්සන් යනවා වාගෙ. මමත් නිකන් මැසිම වායේ ඔහේ ඇවිදගෙන ගිහින් මූදු වතුරින්ම පු ක හෝදාන එද්දි නීනාත් නෑ දරුවත් නෑ.. අනේ අම්මපා මේ ඇත්තමයි බුදු සෑර්.. සත්තයි..." පොලිසිය කොතරම් හෙව්වත් , බැලුවත් , උත්සහ කරත් අලුත් යමක් හොයාගන්න බැරි වුණා. නඩුව වැහුණා. වසර 15 ක් ගත වුණා. වැල්ලට වී තවමත් හිඟා කමින් සිටින නීනාගේ සිදුවීම් වල ඇස දුටු සාක්ෂිකරුව හොයාගෙන වයස අවුරුදු 22 ක අතිශය රූමත් තරුණියක් ආවා. ඇය යාචකයාට ගොඩක් ස්තුති කරා. ඊටපස්සෙ අවුරුදු 55 ක් වයසැති ඒ යාචකායට යමක් කිව්වා. යාචකයා පුදුම වෙලා කට ඇරගෙන බලාගෙන හිටියා. " මගෙ අම්මා තාත්තා කවුද කියන්න මම දන්නෙ නෑ. මාව හදාගත්ත මිනිස්සු මාව පෙන්න පෙන්න හිඟා කෑවා. මාවත් හිඟමනට දැම්මා. මට හරියට ගුටි තැලුවා. වධ දුන්නා. කන්න බොන්න දුන්නෙම නෑ. කලන්ත වෙලා වැටෙන නිසා ඉඳහිට කෑම ටිකක් දුන්නා..ඔහොම ඉද්දි දවසක් මට ඇහුණා ඒ අය කතා වෙනවා කාටද මාව විකුණන්න. දිනපතාම එහෙම කාටහරි දීලා සල්ලි ගන්න හැටිත් , බෙදාගන්න හැටිත් කතා වුණා. එදා මාව නාවලා පරණ ඇඳුමක් දුන්නා අඳින්න. ඊටපස්සෙ මට රසම රස බර්ගර් එකක් කන්න දුන්නා. මට එච්චරයි මතක. ඊටපස්සෙ මම හිටියෙ වැල්ලක. ඊටපස්සෙ ඔයා ඇවිත් මාව පරෙස්සමින් වඩා ගෙන දිව්වා. කවදාවත් කවුරුත් මාව ඒ වගෙ පරෙස්සමට , කාරුණිකව අල්ලලා තිබුණෙ නෑ. ඊටපස්සෙ මට මතකයි මගෙ නීනා අම්මාට මොකක්ද වෙනවා. ඊටපස්සෙ මිනිහෙක්ගෙ බෙල්ල කනවා. ඊටපස්සෙ මට මතකයි නීනා අම්මා මාවත් වඩාගෙන දිව්වා. අර මිනිහගෙ වාහනේ යතුර නීනා අම්මා ගාව තිබ්බා. උගෙ සල්ලි පර්ස් එකත්. නීනා අම්මා ඒ වාහනෙ අරන් ඉගිල්ලුනා. ඇත්තටම නීනා අම්මාට අදටවත් වාහනයක් පදින්න බෑ. ඒ නිසා අදටවත් මට ඒ සිදුවීම් හිතාගන්න බෑ. ඇය සෑහෙන ඈතකට , සෑහෙනම ඈතකට ගිහින් වාහනෙ ලොකු ප්‍රපාතයකට දාලා මාවත් අරන් සාස්තර කිය කිය එදා වේල කකා ගමින් ගමට ගියා. නීනා අම්මාගෙ අදහාගන්ඩ බැරි සාස්තර කීම මුළු ගමේම ප්‍රසිද්ධ වුණා. අපි බලන් ඉද්දි පෝසත් වුණා. ඇය මාව ඉස්කෝලෙකට දැම්මා. හොඳට කන්න අඳින්න දුන්නා. නීනා අම්මා අදටත් තනිකඩයි. එයා මං වෙනුවෙන් ඒ තරුණ ජීවිතයම කැප කළා. මම දැන් වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්නෙ. නීනා අම්මා මට මෑතක ඉඳලා නිතරම කිව්වා මාමා තාමත් ඉන්නවා , ඉක්මණින් ගිහින් එක්කරගෙන එන්ඩ කියලා. " යාචකයා ඉකි ගගහ හැඬුවා. ඔහු තරුණිය සමඟ නීනාව මුණගැහෙන්න ගියා. නීනා යාචකයාට දියණියව භාර කරා. " මේකි දීග යනකම් උඹ පණ වගෙ බලාගනින්. උඹට හැමදාම කොහොම හරි සල්ලි හම්බෙයි.." එහෙම කියපු නීනා එකපාරටම හස් ගාලා හුස්ම ටික පහළට දාලා යන්ඩම ගියා. තරුණ වයසෙදිම ඇගේ ඒ නික්ම යාම කාටවත්ම දරාගන්ඩ බැරි වුණා. යාචකායා තරුණියව රැක බලාගත්තා. සති දෙකක් ගිය තැන යාචකායාට තරුණිය ගැන හැඟීම් පහළ වුණා. යාචකායා දවසක් තරුණිය නිදා සිටි කාමරයට හොරෙන්ම ගිහින් නින්දෙන් එහෙ මෙහේ වී තිබුණ ඇගෙ ඇඳුම් අතරෙන් අත දා කකුළක් අල්ලන්න හැදුවා. එතාකොටම තරුණිය නැගිටලා යාචකයාගෙ බෙල්ල අනිත් පැත්තටම හැරෙව්වා. ඒ සිද්ධියෙන් පස්සේ තරුණිය එකපාරටම සාස්තර කියන්ඩ පටන් ගත්තා. නීනාඅම්මාගෙ හඬින්ම ඇය සාස්තර කිව්වා. ඇය බලා සිටියදි ධනවත් කාන්තාවක් වුණා. වසර කීපයකින් ඇය රූමත් , ධනවත් වෛද්‍යවරියක් වගේම අදහාගත නොහැකි අනාගත වාක්‍ය කියන තැනැත්තියක් වුණා. ඇයගෙ අත පතා විවිධ තරාතිරම් වල දහසකුත් පිරිමින් ආවත් ඇය ඔවුන්ව ප්‍රතික්ෂේප කරා. ඇය අලුත් රාජකාරියක් අරඹලා තිබුණා. ඒ රාජකාරියේ ප්‍රථිපල විදියට ඒ නගරයේ සිටි ළමා අපයෝජකයින් දෙදෙනෙක්ගෙ ශිෂ්න අහිමි වී තිබුණා. තවත් ළමා අපයෝජකයින් පස් දෙනෙකුගෙ අංශක 360 ටම හැරී ගිය හිස් සහිත මළ කඳන් හමු වුණා. මේ සියළු සිදුවීම් සාක්ෂි රහිත සිදුවීම් වුණා. අකරතැබ්බයට මුහුණ දුන් හැම පිරිමියාම කියූ අපබ්‍රංස කතා අසා මේ යක්කුන්ට පිස්සු යැයි පොලිසිය නිගමනය කරා. අවසානයේ දි ඒ නගරයේ පිරිමින් තමන්ගෙ බිරිඳ නොවන සෑම ගැහැණියක් දිහාම ඉතාම ගරුත්වයෙන් බලන්න පටන් ගත්තා. ඒ නගරයේ ගැහැණුන් හෙළුවෙන් ඇවිද්දත් උන්ගෙ අනවසරයෙන් උන්ට ඇඟට අතක් තියන්ඩවත් කිසිම පිරිමියෙක් ඉදිරිපත් නොවෙන්න වග බලා ගත්තා. ඒ නගරය ඉතාම ශිෂ්ට සම්පන්න හොඳම නගරය බවට පත් වුණා. නීනා වෙනුවෙන් ඇගෙ පිළිරුව සහිත දෙවොලක් ඉදි වුණා
. පූර්ණිමා චාරුණි බණ්ඩාර.ලොකු සර් මට දොලහ වසර පන්තියේ පන්ති බාර කම බාර දුන්නා. ඒ මම මීගමුවේ ප්‍රදාන පෙලේ ඉස්කෝලෙකට පත්වීම බාරගත්ත අලූතමයි .ගුරු විවේකාගාරයේ දී මං නිශාන්ති එක්ක කිව්වේ දොලහ ඒ පන්තිය මට දුන්නා කියලයි... ආ....ෂෝක්..... ඕක නං ඔයාට රැග් එකට දීපු වැඩක් .....දොලහ ඒ පන්තියේ තමයි පුණ්ඩරික ඉන්නේ .....කිසිම ගුරුවරයෙක් ඒ පන්තිය බාර ගන්න කැමැති නෑ...විශේෂයෙන්ම පුණ්ඩරික ඉන්න හින්දා ... මට හිතාගන්න බැරිවුනා. ගුරුවරයෙක් පන්තියක් භාර නොගන්න තරම් අමාරුකාර ළමයෙක් .... ඒ මොකද ඒ ..... අම්මෝ පුණ්ඩරික ඉන්න පන්තිය තමයි හැමදාම මොකක් හරි ජරමරෙකට අහුවෙන්නේ .... මහ ගල් ආඳා.......ඒ ළමයගෙ දෙමව්පියෝ බොහොම වැදගත් උදවිය .....මූ නම් ගම කනවා ...එහෙම කියපු නිශාන්ති හිනා උනා ... මම පන්තියට යනකොට ළමයි තිස් අට දෙනාගෙන් තිස් හත් දෙනෙක්ම වාඩිවෙලා උන්නා .එක පුටුවක් හිස් වෙලා තිබුණා . ළමයින්ට මාව අඳුන්වලා දුන්නා ඉන්පස්සෙ මට ඕනෙ වුණා ළමයින්වත් අඳුනගන්න . කාගේ පුටුව ද පුතේ මේ හිස් වෙලා තියෙන්නේ ..අද ඒ ළමයා ආවේ නැද්ද .... කතාව පටන් ගන්න ඕන හින්ද මම එහෙම ඇහුවා . ඔතන ඉන්නේ පුණ්ඩරික ටීචර් ..... .එයා අද ආවේ නැද්ද ...... පන්තියේ ළමයින්ගෙන් මුනු මුනුව විතරයි මට ඇහුනේ ...කවුරුවත් මට ඇහෙන්න උත්තර දුන්නේ නැහැ ... මම හිතුවා ළමයි දන්නේ නැතුව ඇති කියලා ...මම පාඩම පටන් අරගෙන පැය බාගෙකට විතර පස්සේ සුදු වයසට අනුව උස තියෙන බොහොම සිරියාවන්ත ඒ උනාට ටොම් සෝයර්ගේ පෙනුම තියෙන දඟ පාට කොල්ලෙක් බිත්ති කන්ඩිය උඩින් එබුනා . ඔයා කවුද පුතේ .... ටීචර් මම පුණ්ඩරික....හිස් වෙලා තියෙන පුටුව මගේ .... කොල්ලගෙ උත්තර දීම... මට ටිකක් හිතන්න සිද්ධ වුණා ...... ආ ඔයා ද පුණ්ඩරික කියන්නේ .....කොහෙද මෙච්චර ගිහිල්ලා හිටියේ ..... අනේ ඔන්න මම මෙච්චර වෙලා ප්‍රින්සිපල් ගාව දන ගහගෙන හිටියෙ ...මේ බලන්නකො ඕන්නං.... දනිස් වල තාමත් මඩ... ඉකෝන් පීරියඩ් එකේ ඉදලා මම දන ගහගෙන හිටියෙ ...දැන් තමයි මට යන්න දුන්නේ ... පුණ්ඩරික එහෙම කිව්වේ දනිස් වල වැලි පිහදාන ගමන්මයි ...කොල්ලා උත්තර දීපු විදිහට මට හිනා යන්නත් ආවා.පන්තියේ අනික් උන් නම් හිකි බිකිස් ගාද්දිම මගේ සැර ඇස් බැල්මට බය වෙලා නිහඬ උනා.කිසිම බයක් හැකක් නැතුව තමන්ට වෙලා තිබුණු ඇබැද්දිය ගැන කිසිම ලැජ්ජාවකුත් නැතුව නිර්භීතව උත්තර දීපු එක ගැන මට හිතාගන්න බැරි වුනා . ඒ මොකද ලොකු සර් ඔයාව දණගැස්සුවේ... දන්නැද්ද.... එහෙම කියපු නසරානියා නසරාණි විදිහටම මන් දිහා බලල හිනා උනා. පුණ්ඩරිකට එයාගේ පුටුවෙ වාඩි වෙන්න මං ඉඩ දුන්නා .හවස ඉස්කෝලෙන් පස්සේ පුණ්ඩරිකව නවත්තගෙන මම එයාගේ පොත් බැලුවා . ඔයා ගෙදර යන්නේ බස් එකේද...... මම එහෙම කොල්ලාගෙන් ඇහුවේ පාසල් සේවයක යනවනම් කොල්ලා අතරමං වෙන හින්දයි . මිස් යන්නේ මොකේද..... මම නම් ඉතින් බස් එකේ තමයි .... හා ....... ආ......... එහෙනම් එච්චරයි ......අපි දෙන්නට ජෝඩු දාලා යන්ට බැරියෑ .... කියලා කට කොනකින් හිනා වෙච්ච පුණ්ඩරික අතින් පුටුව අනිත් පැත්තට හරවල පුටුවෙ පත්ත තමන්ගේ පපුවට හේත්තු වෙන විදිහට වාඩි වුණා . පුණ්ඩරික ......ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම ..... ඇයි මිස් දන්නේ නැද්ද .... මම දන්නවා ඔයා දන්නවද කියන්නකො ..... ඔහොම කියන්නේ තේරුම දන්නේ නැති අය ......හා පුලුවන්නම් කියන්න බලන්න පුණ්ඩරික කියන එකේ තේරුම ..... කොල්ලා මට කිව්වේ කට උල් කරලා. මට හිතුනා ඒ සමවයසෙ කෙල්ලෙක් එතන හිටියනං පුණ්ඩරික ගෙ මුහුණ හරිම හුරතල් විදිහට පෙනෙයි කියලා . මට මේ නසරානියා ගේ කතාවට හිනා ගියා . ඔයාගේ මූණත් ටොම් සෝයර් වගේමයි ..... දැන් බලාගෙන ගියාම කතාව ත් ඒ වගේමයි ..... මම කිව්වේ හිනාවත් එක්කමයි .මට මාක් ට්වේන්ගේ ටොම් සෝයර් කතාව මතක් උනා . ඒ කතාවේදීත් ටොම් සෝයර් මහා ගජබින්න අතාරින්ට ගිහිල්ලා එයාගේ නම අමතක වෙනවා. අමතක වුණයි කියලා කියන්න බැරි හින්දා ඔය විදිහ කපටිකම කින් ආපහු අදාල පුද්ගලයාගෙන් ම එයාගේ නම අහගන්නවා . ටොම් සෝයර් ඒ කවුද ඒ.......මිස්ලගෙ ගෙවල් ළඟ ළමයෙක්ද ...... හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ ඔයා පුණ්ඩරික කියන එකේ තේරුම දන්නවද කියන්නකො .....කියල මම ඇහුවා . මගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටපු පුණ්ඩරික ... බොහොම ස්ථාවර වැදගත් ගැඹුරු කටහඬකින් පුණ්ඩරික කියලා කියන්නේ නෙළුම් මලට මිස් .....ඒක සංස්කෘත භාෂාවේ වචනයක් .....මහායාන බුදු දහමේ ප්‍රසිද්ධ පොතක් තියෙන්නේ සද්දර්ම පුන්ඩරිකය කියලා .... එහෙම කියපු නසරානියා එක කකුලක් හොලවන්න ගත්තා. .පුණ්ඩරික ගෙ ඇස් දෙක වීදුරු දෙකක් වගේ දිලිසුනා .එච්චර දෙයක් දන්න කොල්ලෙක් ටොම් සෝයර් නොදැන ඉන්න බැහැයි කියල මට ඒ වෙලාවේ හිතුණා. මුගෙ ආනාදි කම මට හිතාගන්න පුළුවන් උනා . මම මුකුත් නොකියා හිනාවෙලා පුණ්ඩරික ගෙ පොත් පෙරළලා බැලුවා .ඒ පොත් වල වැඩ කිසිම පිළිවෙලක් තිබුණෙ නැහැ .ගොඩක් සටහන් ලියලා තිබුනෙත් නෑ. ඇයි මේ පිටු හිස් තියලා ....ඇයි මේ පොත් වල වැඩ කරලා නැත්තෙ....... මං ඇහුවෙ පොත් බලන ගමන්මයි . පිටු හිස් තිබ්බේ ඕවල ලියන්න ඕන හින්දා ..... හරි ඉතින් ඇයි මෙච්චර හිස් තියලා තියෙන්නෙ ..... අර ප්‍රින්සිපල් මට එන්න දෙන්නෑ නේ පන්තියට... හැමතිස්සේම දණගස්සවා ගන්නවනේ ..... මිස් දන්නවද... එයාට මාව හරි හැන්සම් විදිහට පේනවා ඇති .ඒකනේ වරු ගානක් දන ගස්සගෙන මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ ..... පුණ්ඩරික පුතේ .....මම දැන් ඔයාගේ පන්තිභාර ටීචර් .....මට ඔයා ඇත්ත කියන්න ඕනේ....ඇයි හැමතිස්සෙම ඔයා ප්‍රින්සිපල් දණ ගස්සවලා තියන්නේ ..... එක ඇහැක් වහලා කට කොනකින් හිනාවෙච්ච පුන්ඩරික ...... ප්‍රින්සිපල් ගේ දුව.... අයෝද්‍යා.... ලස්සනයි .... මං එයා දිහා පොඩ්ඩක් බලනවා... ඒකට ඔය...... මං ආසයි මිස් දනගහන් ඉන්න ...... මං ඉන්න තැනට කෙලින්ම අයෝද්‍යා ගේ ඩෙස් එක පේනවා. මං එයාට එයාගේ හදවත ගැලවිලා බිම වැටෙන විදිහට බලං ඉන්නවා . මිස් දන්නවා ද..... එයා කදුලු පිහිදනවා මට පේනවා...... පුන්ඩරික ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයේ වගේ නියම තැන හඩ උස් පහත් කර කර ඇස් වලින් දුර ඈතක් බලාගෙන පුදුම ලස්සනට ඒ දෙබස් ටික මට කිව්වේ මාව සීතල කරන ගමන්. ග්‍රීක වැසියනි .......නුඹලා සොල්දාදුවන් ය .....කියලා අනෝජා වීරසිංහ මේ දැන් ඒ දෙබස කියනවා වගේ මට ඇහුණා. පුටුවෙන් නැගිට්ට කොල්ලා මගේ ලගට ඇවිත් මහා ගැබුරු කටහඩින් රහසින්.... මිස් දන්නවා ද...... ප්‍රින්සිපල් රිද්දන්නේ මට නෙමෙයි....... කිව්වා . මට හිනායන්න ආවේ උගේ ඇක්ශන් වලට. මොකද්දෝ දෙයක් කොල්ලා ගේ ඇගේ හැංගිලා තියෙනව කියලා මට හිතුනා . හරි..... ඔයාගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ ..... මං ඇහුවා. චහ්.... ගාලා කටෙන් සද්දයක් දාපු කොල්ලා හයිරංකාර විදිහට .. දැං ඒ ප්‍රශ්නෙ කොහොමද මෙතනට අදාල වෙන්නේ..... කියලා ඇහුවා. අදාල වෙන්නෙද...... අදාල වෙන්නේ .... ඔයා එයාලගේ පුතා හින්දා ..... ඔයා මේ විදිහට ඉස්කෝලේ වැඩ මග අරින්නේ ඇයි කියලා දැනගන්න ..... සමහර දෙමව්පියෝ ලමයි ගැන සැලකිලිමත් නෑ..... සමහර දෙමව්පියෝ උගත් නෑ.. දරුවා තේරුම් ගන්න දරුවගේ ගෙදර පරිසරය දැනගන්නම ඕනේ.. මගේ මූන දිහා බලාගෙන හිටිය කොල්ලා ගේ ඇස් වල කදුලු පිරුනා. හැබැයි කදුලු එලියට ආවේ නෑ... බිම බලාගත්තු පුන්ඩරික ආයාසයෙන් හිනා උනා.. මගේ පපුව පිච්චිලා ගියා. මම සැක කරපු විදියටම පුණ්ඩරික ගෙ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතුනා.මං නැගිටලා කොල්ලා ගාවට ගියේ පත්තු උනු පපුවෙන්. මේ වගේ හැඩි දැඩි කොල්ලෙක් කදුලු පුරොගෙන වචනෙන් කියන්න බැරි හැගීම් අහුරක් පුරවගෙන ඉන්නවා බලං ඉන්න මට බැරි උනා. ඇයි පුතේ..... බය නැතුව කියන්න ..... මං කාටවත් කියන්නේ නෑ.... එහෙම කියලා මම බොහොම හෙමින් පුණ්ඩරික ගේ ඔලුවත් අත ගාලා කිව්වේ මගේ වචන වලින් එයාට මං ගැන විශ්වාස උපරිමයෙන් දැනෙන්න ඕන හින්දයි ... පුණ්ඩරික වචනයක්වත් කතා නොකර දිලිසෙන ඇස් වලින් මන් දිහා බැලුවා . තප්පර දහයක් විතර මගේ මූන දිහා කෙලින් බලාගෙන හිටපු පුන්ඩරික ප්‍රෙෂර් එක වැඩි වෙච්ච වායු බැලුනයක් වගේ බකාස් ගාලා මහ හඬින් හිනා වුණා . මට බය හිතුනා .මාව පස්සට විසි වුණා .එකපාරටම මට හිතුනා මම කතාකරන්නේ මානසික රෝගී දරුවෙක් එක්ක කියලා .මගේ බය වෙච්ච මූන දිහාවට ඇඟිල්ල දික් කර කර පෙන්න පෙන්න පුණ්ඩරික දෙකට නැවී නැවී හිනා උනා . මිස්... ස්... මිස්.... හ්‍යියෝ.. යෝ.....හ්..මිස්.. මට හිතාගන්න බැරි මූනකින් මං බලං උන්නා . මිස්.... රැවටුනා නේහ්..... කෝමද...... පුන්ඩරික කාන්ගේ ඇක්ටීටීටීන්....... ආහ්...... කියලා කියපු කොල්ලා තමන්ගේ කොලර් එකේ පැත්තක් උස්සන් යංතං හිනාව නවත්ත ගත්තා . මිස්..... මගේ අම්මයි තාත්තයි දෙන්නම බාගෙට දැනුම ලබා ගත්ත මිනිසුන්ව සම්පූර්ණ කරනවා .....ඔය ඉතිං මිස් මූණ ඇද කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා ... ඒ දෙන්නම කැම්පස් එකේ ලෙක්චර්ස් ලා.... මට හරි පුදුම හිතුනා. කථිකාචාර්යවරුන් දෙන්නෙක්ගේ දරුවෙක් ඇයි මේ විදියට හැසිරෙන්නෙ කියලා....එක අතකට බැලුවහම පුණ්ඩරික ගේ හැසිරීමේ වරදක් නැහැ .... අමුතු නාහෙට අහන්නේ නැති දාංගල ගතියක් නම් තිබුණා .. ඇයි පුතා නාට්‍ය හා රංග කලාව කළේ නැත්තේ....ඇයි කොමර්ස් තෝරගත්තෙ ...මං ඇහුවා . ටොක්සිඩ් පේරන්ට්ස්...... ටොක්සිඩ් ....... පුන්ඩරික බොහෝම ශාන්ත දාන්ත විදිහට කිව්වා. ඇයි අම්මලා තාත්තලට එහෙම කියන්නේ.... දෙමව්පියෝ විස සහිත නෑ..... මං කිව්වේ ටිකක් තදින්....... නෑ මිස්.... මට ඕනේ නාට්‍ය හා රංගකලාව කරන්න .....අම්මලගෙ බල කිරිල්ලට තමයි කොමර්ස් කළේ . එදා දවස මට ගතකරන්න අමාරු ගතියක් දැනුනා. ඔලුව කැරකැවෙන ගතියක් දැනුනා .අපි හැමෝම තේරුම් නොගත්ත මොකක්දෝ අමුතු දෙයක් පුණ්ඩරික ගේ තියෙනවා කියලා මට හිතුනා .මෙච්චර දවසකට හැමෝම ඒ ළමයා දිහා බලලා තිබුනේ නසරානි යෙක් අන්ඩපාලයෙක් විදිහටයි . ඒ උනාට පුණ්ඩරික ගේ ඇඟ ඇතුලෙන් මොකක්දෝ ලොකු කලාකාමී
ගතියක් හැංගිලා තියෙනවා කියලා මට හිතුනා . පහුවෙනිද උදේ මම ඉස්කෝලෙට යනකොට පුණ්ඩරික තවත් පිරිමි ළමයි දෙන්නෙකුයි කාර්යාලය ඉස්සරහ හිටගෙන හිටියා . අපෝ අදත් ජංජාලයක් වගේ ..මගේ හිත මටම කිව්වා . අනික් පිරිමි ළමයි දෙන්නා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්නකොට පුණ්ඩරික මන් දිහා බලල එක ඇහැක් ගහලා නසරානියා ක් විදිහට කට පැත්තෙන් හිනා උනා.උඹ නං කවදාවත් හදන්න බෑ පුතේ වගේ කියමනක් මං මූනෙන් කියන ගමන් මම ඔලුව දෙපැත්තට වනා ගෙනම කාර්යාලය ඇතුළට ගියා . මම යනකොට විදුහල්පතිතුමා උන්නේ කාට හරි දුරකථනයෙන් කතා කර කර . බලන්න මිස් තේජානි .....පුණ්ඩරික ඔයාගේ පන්තියෙ නේද .....මූ කරල තියන වැඩේ .... අම්මට කතා කරලා කිව්වහම කියනවා ඉස්කෝලෙට එන්න විදිහක් නැහැලු.. කැමති දඬුවමක් දෙන්න කියලා ... මොකක්ද සර් මෙයා කරලා තියෙන වැඩේ .... අර මැත්ස් සෙක්ශන් එකේ ඉස්සරහ හදලා තියෙන්නේ පයිතගරස් ගේ පිලිමයක්. මෙයා ගිහිල්ලා ඒ පිළිම කටට කඩල පුරෝලා ඇවිල්ලා . විදුහල්පතිතුමා කොයිතරම් බැරෑරුම් මුහුණකින් ඒක කිව්වත් මට ,පුණ්ඩරික ගිහිල්ලා පයිතගරස්ගේ කටට කඩල පුරෝන හැටි මැවිලා පෙව්නා. මට හිනා යන්න ආවට මම ඒක තද කරගත්ත . නැත්තම් මටත් ගුටි කන්නයි වෙන්නේ... එතකොට අනිත් පිරිමි ළමයි දෙන්න කවුද ... ආ.... ඒ ඔත්තු බලපු දෙබාන.... පුණ්ඩරික ගේ අති ජාතයෝ... බලන්න මිස් මේ ලමයගේ අම්මයි තාත්තයි බොහෝම වැදගත් මිනිස්සු ... මේ ලමයා ඒ මිනිස්සුන්ට දෙන වදයක්.... දැන් දැන් අපි කම්ප්ලේන් කලාට ගෙදරින් එන්නෙත් නෑ.... මට පුණ්ඩරික ගැන දුක හිතුනා . පුණ්ඩරික ගේ අවශ්‍යතාවය ගැන ගෙදරින් මීට වඩා තේරුම් ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා . මම එදා විදුහල්පතිතුමාට පොරොන්දු උනා ආයිත් පාරක් පුණ්ඩරික අතින් වරදක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැයි කියලා .මම එහෙම පොරොන්දු වෙච්ච හින්දා විදුහල්පතිතුමා පුණ්ඩරික ට පන්තියට යන්න අවසර දුන්නා . ශෙහ්...... මිස් ඔයා ඇයි එහෙම ප්‍රින්සිපල් ට කිව්වේ... බලන්නකෝ මං අයෝද්‍යා දිහා නේ බලාගෙන හිටියේ .... මට හිනා ගියා . ඒ අවුරුද්දේ මාස තුන හතරක් යනකොට පුණ්ඩරික මට ගොඩක් ලං වුනා .දරුවෙක්ට වගේ මම පුණ්ඩරික ට ආදරය කරන්න පටන් අරන් තිබුණා .ඒ දඟකාරකම් ඒ මැරකම් මාව අමුතුම ලෝකයකට ගෙනිහින් තිබුණා .අනිත් ගුරුවරු මොනව කියල බැන්නත් ගැහුවත් මට පුණ්ඩරික ට වචනයක්වත් කියන්න හිතුනෙ නෑ ...පුණ්ඩරික ගෙ නසරානි වැඩ ඇත්තෙන්ම මගේ යටි හිත කුල්මත් කළා .මට ආපහු මගේ තරුණ කාලය මතක් කළා .විදුහල්පති ධර්මසේන මහත්මයා එයාගෙ දුව අයෝධ්‍යාව වෙන ඉස්කෝලයකට මාරු කළා .අයෝධ්‍යාව වෙන ඉස්කෝලයකට මාරු කරන බව පුණ්ඩරික දැනගෙන තිබුණෙ නැහැ .පුන්ඩරික ඒක දැනගත්තු දවසෙ උදේ වචනයක්වත් කතා නොකර සුදු කම්මුල කපාගෙන තද කොළ පාට නහරයක් මතුකරගෙන ජනේලයෙන් එළිය බලාගෙන ජනෙල් කූරු තදකරගෙන අල්ලගෙන හිටපු හැටි මට තවමත් මතකයි .ගිණුම්කරණ කාලච්ඡේද දෙක අවසානයේදී මම පන්තියෙන් එලියට ගියේ ඊළඟ පන්තියට යන්නට තිබුණු හින්දයි . එකපාරටම විදුහල්පතිතුමාගේ කාමරය ඇතුලෙන් ඇහුනේ ඩෝං.. ගාන සද්දෙකුයි.හරියටම ඒ වෙලාවේ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා විදුහල්පතිතුමා හම්බවෙන්ඩ ඇවිල්ලා විශේෂ සාකච්ඡාවක් කරමිනුයි හිටියෙ .උනේ මොකක්ද කියලා තෝරා බේරගන්න බැරි වෙච්ච මන්ත්‍රීතුමාගේ ආරක්ෂකයින් හතර වටේට දුවන්න ගත්තේ කවුරුහරි වෙඩි තිබ්බා කියලා හිතලයි .කලබලයක් සිද්ධ වෙච්ච නිසා ඒ ළඟම හිටපු මමත් ඉක්මනටම දුවලා ගියේ කාර්යාලය පැත්තට .කාර්යාලය ලඟම තියෙන මල් පැලය අස්සේ හඳුන්කූර ක ගැටගහලා තිබුණු රතිඤ්ඤා කරලක් හරි ගානට වෙලාවට පුපුරලා තිබුණා .මේක කවුද කළේ කියලා හොයාගන්න විදිහක් නැති වුණාට ඉන්තේරුවෙන්ම මේක කළේ පුණ්ඩරික බව මම දැන ගත්තා .මම පන්තියට ආපහු ගියා. යනකොට කිසිම දෙයක් නොවුන විදිහට පුන්ඩරික තමන්ගෙ ආසනයේ ඉඳගෙන හිටියා. මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටපු පුණ්ඩරික බිම බලා ගත්තා .වචනයක්වත් කතා නොකරපු මම එනවා යන්න කියලා පුණ්ඩරික වත් ඇදගෙන ආපන ශාලාවට ගියා .පුණ්ඩරික ට ඇතිවෙන්න කන්න රෝල්ස් පැටිස් එක්ක කිරි තේත් අරගෙන දුන්නා . ඒත් පුණ්ඩරික ඒවාට අත තියන්නේ වත් නැතුව අඬන්න පටන් ගත්තා .කන රත්වෙන්න මගෙන් පහරක් හම්බෙයි කියලා බලාපොරොත්තුව හිටපු පුණ්ඩරික ට මගේ සත්කාරය ඉවසගන්න බැරි උනා. හැබැයි ඒ ඇඬිල්ල නම් ඇත්තටමයි කියලා මට තේරුණා . පුතේ ගෑනු ලමයෙක් වෙනුවෙන් පිස්සෙක් වෙන්න හදන්න එපා ....ඔයාව දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වෙයි.... ඒ උනාට ඔයා යන්න ඕනේ පාර මම ඔයාට පෙන්නන්නං....ඒ පාරෙ හරියට යමං .....උඹට වරදින්නේ නෑ බයවෙන්නේ නැතුව ඒ පාරේ පලයන් පුතේ.... මොනව හරි දෙයක් කරගන්න ඕන නම් උසස්පෙළට අඩු තරමේ සාමාන්‍ය පාස් තුනක් වත් ගන්න ඕනේ බව මම කොල්ලට කියලා දුන්නා. නාට්‍ය හා රංග කලාවේ මූලික පදනමට අයිති පොත් කට්ටලය මම ඉස්කෝලේ පුස්තකාලයෙන් පුණ්ඩරික ට හොයල දුන්නා .ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව කරන සර්ගෙ පෞද්ගලික පන්තියකට පුණ්ඩරික ව යොමු කෙරෙව්වා .ඒ අතරෙ මම ඌට නොවඳිනා වැඳුම් වැන්ඳ කොහොමහරි උසස් පෙළට සාමාන්‍යය පාස් තුනක් වත් ගන්න කියලා .ඒ අතර ලයනල් වෙන්ට් වල නාට්‍ය හා රංග කලා පුහුණු පාඨමාලාවකටත් යොමු කළා. මම මේ විදිහට දිගටම උදව් කරනවා කියලා පුණ්ඩරික කවදාවත් කිසි කෙනෙක් එක්ක කිව්වේ නැහැ .පුණ්ඩරික බය වුණා එයාගේ අම්මයි තාත්තයි මට දොස් කියයි කියලා .කොහොමහරි බොහොම අමාරුවෙන් කොල්ලා සාමාන්‍ය පාස් තුනක් අරගෙන විෂයන් තුන ෆේල් කරගන්නේ නැතුව බේරුණා . ඊට පස්සේ මට පුන්ඩරික ව මග ඇරුනේ මගේ මහත්තයට ඇමරිකාවේ රස්සාවක් ලැබුණු නිසා මටත් මහත්තයත් එක්ක යන්න සිද්ධ වුණු හින්දයි .ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ඇමරිකාව ප්‍රධාන පත්තරේක ලස්සන ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා . මෙවර අන්තර්ජාතික කෙටි චිත්‍රපට තරගාවලියේ දී හොඳම නළුවා ලෙස ශ්‍රී ලංකාවේ පුණ්ඩරික ධර්මදාස සම්මානයට පාත්‍ර වේ.. කියලා තිබුණා .මගේ අත් දෙක මටම පාලනය කරගන්න බැරුව වෙව්ලන්න ගත්තා .මට හිතාගන්න බැරි වුනා .ඉස්කෝලේ කාලෙට වඩා පුණ්ඩරික ගොඩක් ලස්සනයි .ජෙල් තලියක් ගාලා කොණ්ඩේ උඩට කරල තිබුණා .කනේ කරාබු තුන හතරක්ම දාලා තිබුණා .රතු පාට ෂර්ට් එකට උඩින් කහපාට කෝට් එකක් ඇඳල හිටිය .රත්තරන් පාට දිලිසෙන සම්මානයක් උඩට කරගෙන හිනා වේගන ඉන්න රූපයක් තිබුණා ..ලිපියේ එක තැනක තද කළු අකුරින් පුණ්ඩරික ගෙ වචනයක් උලුප්පා තිබුණා . Actually, I am not the real owner of this award..Tejani Teacher who showed me the right way ..... මම අඩලා තිබුනා. .පුදුමයි කසීවා හර්ෂණී කෝ පුතේ අම්මා මිදුලට වෙන්න මඩ ගොඩක් අනමින් සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු හතරක් වූ සිහින පුතුගෙන් එලෙස විමසන්නට උනේ හර්ෂණීගේ පාසල් මිතුරියක් වූ පුෂ්පාය. සාලයේ දොරින් එලියට පැමිණි හර්ෂණී, මොකද බන් වෙනදට දොරත් ඇරන් ගෙට එන එකී බයික්කෙම ඉදන් ආ නෑ බන් පොඩි බඩුවගයක් ගන්න මාර්කට් එකට ආවා උබවත් බලලා යන්න ආවේ ඉක්මනට යන්න ඕන . ආ පොඩි එකා අද එක්කන් ඇවිල්ලා තියෙන්න පුෂ්පා මෝටර්බයිසිකලෙන් බහින ගමන් අද අම්මා පන්සලට යන්න ඕන කියලා ගියා බන් කොල්ලවත් එක්කන් ආවා ඒක නිසා, හරි හරි වරෙන්කෝ ගෙට මොකද බන් පුතා අර මඩ ගොඩක් අණාන කරන්නේ ? ඊයේ මම ගියා අලුතින් හදන ගෙදරට මැටි ගඩොල් වගයක් බලන්න කියලා පුතාත් එක්ක ගියේ ගඩොල් හදනවා දැකලා ආසා හිතිලා ඊයේ ආව වෙලේ ඉදලා කියෝවනවා එයාටත් එහෙම මැටි පාගලා ගඩොල් හදන්න ඕන කියලා බැරිම තැන මිදුලෙම පස් ටිකක් කපලා දුන්නා උබත් අනේ මන්දා හර්ෂණී අම්මා මාත් අයියා සෙල්ලම් කරණවා බලන්නද "? පුෂ්පාගේ පුතාද හර්ෂණීගේ පුතාද එකම වසරේ උපන් අය උනත් හර්ෂණීගේ පුතා මාස කිහිපයකින් වැඩිමල්‍ ය හැබැයි මඩ ගාගෙන තිබුණොත් අම්මාගේ හැටි දන්නවානේ එහෙම පවසමින් සිහින පුතු සිටිනා තැනට තම පුතුවත් යවමින් හර්ෂණී සමග නිවස ඇතුලටම ගොඩ විය . අයියා ගිහින් දැන් අවුරුදු දෙකත් පහු වෙලා නේද බන් පුෂ්පා ,හර්ෂනීගෙන් විමසන්නට විය . ඔව් බන් ඊයෙත් කතා කරා තව ටික දවසක් යයි කිව්වා වීසා ගහගන්න උනේ නෑ කියලා කොහොමත් මේ මාසේ අන්තිම වෙනකොට එයි ඒක නෙමෙයි බන් තේ බීලා ආවෙත් නෑ කිරි එකක්වත් හදාන්කෝ ඈ බන් උබ දැන් තකහනියම මාර්කට් එකට යන්න ඕන කියලා නේද බයික්කේ ඉදන් කිව්වේ එහෙම තමයි බන් ගෙදර ගියත් පොඩි එකා එක්ක ඉන්න එපා වෙනවා දෙදෙනා වල් පල් දොඩවමින් එක එකාගේ ඇද කුද කියවමින් නැන්දම්මලාගේ ගුණ වයමින් සිටි අතර එක පාරම දෑතේ මඩත් තවරා ගෙන ගෙට පැමිණියේ පුෂ්පාගේ දරුවා ලහිරුය . මං දැන් කිව්වා නේ මොකද මේ මඩ ගාගෙන උන් හිටි තැන් අමතක වෙලා පුෂ්පා කෑ ගහනකොට හර්ෂනී කියන්නට උනේ ළමයට කෑ ගහන්න එපා බන් පුතා ගිහින් අයියා එක්ක සෙල්ලම් කරන්න යන්න පුතේ " සෙල්ලම් කරන්න අයියා නැගිටින්නේ නෑ නැන්දේ එක පාරම මඩට වැටුනු අයියා ඇග හොලවලා මූණත් මඩේ හංගාගෙන ඉන්නවා මම නැගිට්ට........"!! පුතාට කියන්න හම්බුණේ එච්චරයි හර්ෂණී ඇහිපිය ගහන සැනින් නිවසින් එලියට පැන තම පුතු සිටි දෙස බලමින් ඒ වන විටත් පුංචි සිහින පුතු මඩ ගොඩේ වැතිරී නිසොල්මන්ව සිටී පුතේ ....!!!! හර්ෂණී කෑ ගසමින් මඩ ගොඩෙන් ඔසවාගත් ගත් පුතු දෑත් අතර හිර කරගනිමි පාර පැත්තට දිව යන්නට උනේ උදව්වට වාහනයක් හෝ නතර කර ගැනීමටය. ඒත් උනේ හර්ෂනී පාරට පනිනවාත් එක්කම අයිනෙන් වේගයෙන් පැමිණි බස් රථයක ගැටීමත් එක්කම රියදුරු බස් රථය නතර කලද සිදු වීමට වූ සියල්ල සිදු වී හමාර වී තිබුණි . ඒ වන විටත් එම බස් රථයේම රෝදයට හර්ෂණීගේ හිස යට වී හර්ෂණීද මරණයට පත්ව ඇත..... ___________________ මල්ලී අනුරාධපුරට යන්න කොහොමද ගාණ "? සර් යමු සර් අවුලක් නෑ සර් කැමති විදිහකට කිලෝමීටර් ගානටනම් එහෙම ගාණක් කතා කරන් යනවානම් එහෙම අනුරාධපුර ටවුන් එකේ ඉදලා ගොඩක් දුරද "? අපොයි නෑ මල්ලී ටවුන් එකේ ඉදලා කිලෝමීටරයක් විතර තියෙන්නේ දහයකට යමු සර් ගාණ රවුම්නේ ......... හරි .... ගුවන් තොටුපලින් කුලී රථයක නැගි
පසිඳු වසර දෙකකට පසු තම බිරිද හා දරුවා බැලීමට ඒමට පිටත් විය .... සර් කොහෙද රට "? සර් කෑල්ල හලපන් මල්ලී ඉතාලි හිටියේ ..උබ සිගරට් බොනවාද "? නිකං දෙනවානම් අපිට දෙමළ පත්තරෙත් බලනවා අයියේ ... එල්ලාගෙන සිටි කුඩා පැති බෑගයේ සාක්කුවට අත දමා සිගරට් පැකැට් දෙකක් එලියට ගෙන මේ පැකැට් එක උබ මාව දාලා යනකොට ගහන්න තියාගනින් එක් පැකැට්ටුවක් වෑන් රථයේ රියදුරුට දෙමින් අනෙක් පැකැට්ටුව කඩා සිගරට් දෙකක් පත්තු කර එකක් රියදුරුට ලබා දී කිහිපවරක් උරමින් දුම් යවමින් ගොඩක් වෙලා යයිද බන් යන්න "? අපොයි නෑ අයියේ ට්‍රැෆික් එකත් එක්ක ගියත් පැය පහට දාන්නම් ...... ඔයා එන ගමන් කියලා ගෙදර අයට මැසේජ් එකක් දාන්න තියෙන්නේ එතකොට එයාලත් බලාගෙන ඉන්නවානේ ..... පිස්සුද මල්ලී මම එන වගක්වත් කිව්වේ නෑ පොඩි සප්‍රයිස් එකක් දෙන්නත් හිතාන නොකියම යන්නේ ........ රියදුරු සමග කතා බහේ යෙදෙමින් වර්ථමාන දේශපාලන ආර්ථික , ක්‍රීඩාව ආදීන් විශ්ලේශණය වාර්ථා කියවමින් දෙදෙනා පැය පහකට ආසන්න කාලයක් ගත කරමින් උදෑසන එකොලහ වන විට අනුරාධපුර ටවුමට ඇතුල් විය . මල්ලී වටරවුමෙන් වමට දාලා පලවෙනියටම හම්බෙන දකුණට තියෙන කාපට් පාරේ මීටර් තුන්සීයක් විතර යනකොට වමට වෙන්න ලොකු සියඹලා ගහක් එක්ක ගල් අල්ලපු පාරක් තියෙනවා ඒකේ දාලා වමේ තුන්වෙනි ගෙදර , පසිඳු පැවසූ ආකාරයටම වාහනය හසුරවමින් ඉදිරියට ඇදුනද සියඹලා ගහ පාරට දමා තිබූ සුදු රෙදි තොරණ යටින් වාහනය ඇතුල් කර අදාල නිවස ඉදිරිපිට නතර කරන්නට විය. වාහනය නතර කරනවාත් එක්කම දොර ඇරගෙන බැහැපු පසිඳු ගෙට ඇතුල්වීමට පුදුමයෙන් මෙන් බලා සිටියෙදී අසල සිටි පුෂ්පා පසිඳු වෙතට දිව එන්නට විය ..... " අයියේ........ අනේ පසිඳු අයියේ....... මගේ යාළුවා මාව දාලා ගියා අයියේ ..... විලාප මැදින් ගෙට ඇතුල් වූ පසිඳුට දැකගන්නට උනේ සාලේ මැදට වෙන්න සුදු සාරියෙන් සැරසූ පෙට්ටිය මත නොසෙල්වී සිටින හර්ෂණී ගේ දේහයයි ඒ අසල වූ කුඩා පෙට්‍ටියේ තම සිව් හැවිරිදි සිහින පුතුය. ඔහු තවමත් සිනාසෙමින් පසිඳු සාලය පුරා ඇස් යවමින් යමක් කීමට උත්සහ ගත්තද ඔහුට මුව සෙලවීමටවත් අපහසු විය. පියවර තැබීමට උත්සහ කළද එයද නොහැකි විය . ක්ලාන්තය සැදී බිම වැටී ගියේය. හර්ෂණීගේ සහ පුංචි සිහින පුතුගේ අවසන් කටයුතු සියල්ල සිදු වී හමාරය සත් දවසේ දානේ වැඩ කටයුතුද නිමා විය . ඒ වන විට පසිඳු ලෝක ස්භාවය තේරුම් ගැනීමේ මානසිකත්වයට පැමිණ තිබුණි. මලගෙදරට පැමිණි සියල්ලෝම පිටව ගොස් හමාරය එක් අයෙක් ඇරුණාම ඒ රියදුරුය . මල්ලී උබ තාම ගියේ නැද්ද ? යන්නේ කොහොමද අයියේ ? අනේ සමාවෙයන් මල්ලී උබේ හයර් එක සාක්කුවෙන් පර්ස් එක ඇද රුපියල් විසිදාහක් එලියට ගෙන රියදුරු අත තබමින් " හයර් එකයි වැඩිපුර දහදාහකුත් තියෙනවා " පිස්සුද අයියේ මගුලක් කියෝවනවා මම තාමත් පුදුම වෙලා ඉන්නේ ඔයාට යන්නේ කොහොමද කියලාවත් කියාගන්න බැරිව ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ අයියේ ? " මගේ පුතා ඉපදිලා පැයක් යනකොට පිට්ටෙක හැදිලා තිබුණා ඊට පස්සේ ආයේ කවදාවත්ම හැදුනේ නෑ පහු ගිය දවසක එයා ගඩොල් හදනවා දැකලා නෝනට කියලා මඩ ටිකක් අණලා එයත් ගඩොල් හදන්න ඒ වෙලාවේ නෝනගේ යාලුවෙක් ඇවිල්ලා ඒයාගේ පුතත් එක්ක ළමයි දෙන්නට එලියේ සෙල්ලම් කරන්න දීලා දෙන්නා ගේ ඇතුලේ කතා කර කර ඉදලා තියෙන්නේ පුතාට ආපහු පිට්ටෙක හැදිලා මඩ ගොඩේම වැටිලා නාස් පුඩුවලින් මඩගිහින් හිර වෙලා මැරිලා ඒක අනිත් පුතා ඇවිල්ලා කියනකොටත් පරක්කු වැඩි වෙලා නෝනා කලබලේට පුතාව මඩෙන් උස්සගෙන පාරට දුවන් එනකොට වේගෙන් ආපු බස් එකක වැදිලා බස් එකේ රෝදෙටම නෝනගේ ඔලුවම යට වෙලා නෝනත් එතනම මැරිලා ජීවිතේ හැටි ඔහොම තමයි මල්ලී දැන් තමයි හිතෙන්නේ කන්න නැතත් මට එයාලා දෙන්නා ගාව ඉන්න තිබුණේ කියලා . නිමි.මහල් නිවසේ දැරිය. තරප්පු පෙල නැගී එන හැමවිටම මතකයට එන්නේ අතීතයේ අඳුරු මතක පමණි. මා කවදත් සිතුවේ ඔහු ,එනම් ශෙහාන් යනු ආදරය යන විශයෙහි නොවෙනස් වන ජීවියෙකු බවය. එහෙත් ඔහු ඒ සිතුවිලි සියල්ල පුස්සක් බවට පත්කල අයුරු හොඳහැටි මට මතකය. එහි ප්‍රතිවිපාක අද ඔහු අත් විඳිමින් සිටියි. ඔව් ඔහුට වෙනදා මෙන් මාගේ අත් අල්වා ගෙන තරප්පු පෙල නැගිය නොහැකිය. මා දෙස නොබලා ,මා පසු පස ඒම පමණක් ඔහුට කල හැකිය. මා සිටින්නේ මහල් නිවසේ සිව්වන තට්ටුවේය. විදුලි සෝපානයට වඩා තරප්පු පෙල සිතට ලඟය. මා පසු කර යන සියල්ලන්ගේම මුහුණුද, ඔවුන්ගේ සිතුවිලි ද අධ්‍යනය කිරීමද මගේ ප්‍රියතම රාජකාරි වලින් එකකි. නිවසේ බඩු මුට්ටු තැබු පිලිවෙලටම ඇති බව දැකුම සිතට සහනයකි. "ඔව් ඉතින් ලමයි බමයි ඉන්නවා කියලයැ අදින්න නේද?" වරෙක කවුරුන් හෝ කී ඒ අමන කතාව තවමත් සිතට වේදනා ගෙන දෙන්නකි. මේ කතාවට පාදක වූයේද එම කතාවමය.විවාහයෙන් වසර පහක් ගෙවී ගියද දරු සුරතල් බැලීමට මට නොහැකි විය. සිනාමුසුව මා හා කතා කල සියල්ලන්ම මා නොමැති කල ඇමතූවේ "වඳ ගැහැණිය" ලෙස බවද දැන හුන්නෙමි. ලෝකයා කෙසේ කීවද සැමියා එසේ නොකියන බව සිතුවෙමි. ශෙහාන් ,ඔව් මා ආදරයෙන් බැ‍ඳුන ඒ සුන්දර මිනිසා වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර කෙනෙකි. දෙවරක් හැරී බලන තරම් පිරිමි පෞරුෂයක් ඔහුට විය, අනෙක් අතට ඔහු විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නෙකි. නවතම මාදිලියේ වාහනයක්ද, සුඛෝපභෝගී මහල් නිවසකද ජීවත් වන ඔහුට අඩුවට ඇත්තේ දරුවෙක් පමණක් බව මටද සිතී ඇත. නමුත් ඔහු එසේ සිතීමට ඉඩ නොතැබුවේය. "චාරු, අනික් මිනිස්සුන්ගේ කතා මට වැඩක් නෑ.ලමයි ඕන හින්දා නෙමේ මන් කසාදයක් කරගත්තේ.මට ගැලපෙන, මන් හිතන විදියටම හිතන, ඕනෙම දෙයක් මන්වගේම ප්ලෑන් කරන එකම කෙනා ඔයා කියලා තේරුණ නිසා" කනට මීපැණි වත්කරන්නාක් මෙන් ඔහු තෙපලූ වදන් නිසා මා ලෝකයාගේ කතා ගනන් ගත්තේද නැත. පසුගිය මාසයේද අද වන් දිනක් වන තුරුම ඔහුගේ වශී බන්ධනයට හසුවී සිටියෙමි. කාර්‍යාලයේ වූ රාත්‍රි සාදයකට මා කැටුව ගිය ඔහු සමග සතුටු සාමිච්ජියේ යෙදෙමින්, වේග රිද්ම සංගීතයට නැලවෙමින් හිඳ වෙහෙසට පත් වූ මම තරමක් ඈතින් වු පුටුවකට කඩා වැටුනෙමි. ඔහු තවමත් ඉන්නේ නටමින්ය. මා පුටුවේ බව ඔහුට නොපෙනේ. කිටි කිටියේ හිරකර ගත් සායක් හැඳි යුවතිය මා ඈත් තියාම හඳුනා ගතිමි. නටාශා, මාගේ සැමියාගේ තුරුලට යනු දැක මම ගැස්සී ගියෙමි. "මෙච්චර ලස්සන කොල්ලෙක්ට දෙයියෝ හරි හමන් ගෑනියෙක් මවපු නැති එකයි මට දුක" යන වදන් ඇයගේ මුවෙන් පිටවත්ම කෝපයට පත් ශෙහාන් ඇගේ කම්මුල හරහා පාරක් ගසනු ඇතැයි මම සිතුවෙමි. "ඒකටනේ ඔයා ඉන්නෙ". මගේ සැමියාගේ මුවින් ඒ වදන් නික්මෙත්ම සංගීතයද නැවතිනි. මීයට පිම්බාක් මෙන් නිහඬ වූ ශාලාවේ වික්ශිප්තව ලැජ්ජාවෙන් මිරුකුනු ඔහුගේ මුහුණත් කෝපයෙන් දැවෙමින් තිබු මගේ දෑසත් එකට යාවිනි. "චාරු, චාරු ඔහොම නවතින්න". වාහනයේ මා සමගම නැගි ඔහු බොහො දේ පවසන්නට විය. ඔව් ,නටාශා සමග ඔහුගේ සම්බන්ධය බොහෝ දුර ඈඳුනක් බවත් නමුත් මා හට අදත් එදා මෙන්ම ආදරේ බවත් ඔහු පුන පුනා කීවේය. සියල්ල අසා නිශ්චලව සිටීම පමණක් මම කලෙමි, ඔව් ඒවා වෙනදා මෙන් මීපැනි ලෙස හැඟුනේ නැත.සියල්ල එදා රැයින්ම වෙනස් විය. ඔහු මෙන්ම මා ද එකිනෙකාගෙන් පලිගත්තෙමු. අප නිවසේ ඉදිරිපස සිටියේ පුං‍චි පවුලකි. නිතරම අඩ දබර කරගන්නා සමාජයේ උසස් යැයි සැලකුනු පැලැන්තියේ මා පිය යුවලත් ඔවුන්ගේ කුඩා දියණියද එහි වාසය කලහ. පුංචි වීදුරු බෝල මෙන් දිලිසෙන ඇගේ දෑසුත්, කොන්ඩය තරම්ම කාල වර්ණ වූ ඇගේ සමත් නිසාම ඇයට යාලුවෝ සිටියේ අතලොස්සක් බව මම අනුමාන කලෙමි. අඩ දබර කර ගන්නා ඒ නොසැලකිලිමත් දෙමාපියන් මේ කුඩා දියණිය මහල් නිවාසයේ තනිකර රැකියාවට ගියේ වරක් දෙවරක් නොව. වරක් තරප්පුවෙන් වැටී ඔලුවේ පැලැස්තරයක් දැමීමෙන් පසුව පවා එම නරක පුරුද්ද එය අත් හැර ගත්තේ නැත. කීමට අමතක වූ යමක් ඇත, ශෙහාන්ගේ සිදුවීමෙන් පසු මා මෙන්ම ඔහුත් නැවත ඔෆිසියට පා තැබුවේ නැත. උදේ වරුවම මම ගෙවා දැම්මේ අර අසරණ කුඩා දැරිය සමගය. සිය මව ඇගේ කොණ්ඩය පීරන්නේ නැති බවත් ගැට ගැසුනු කොන්ඩේ නිසා ඇගේ කුඩා දෑතින් එය පීරිම අසීරු බවත් ඇය මැසිවිලි නගන්නීය. මා ඇගේ නිවසට යාම නුසුදුසු බව හැඟුනද, මෙවෙලෙ ඇය හැරුණු විට කාටත් මා ගැන හැඟීමක් නොමැති නිසා එහි යාම මට පහසුවක් විය. කබඩයේ කෙලවරක වූ බේබි ඔයිල් ඇගේ හිසේ ගල්වා කොන්ඩය පීරන සැටි ඇයට කියා දුන්නෙමි. රතු පැහැ පීත්ත පටි ගැට ගැසූ පසු ඇය බෝනික්කියක් මෙන් දිස් විය. ඇඟ සෝදා අලුත් ඇඳුමකින් සැරසුන ඇය සිය දෙමාපියන් එනතුරා බලා සිටියේ නොඉවසිල්ලෙනි. "අදවත් අම්මා මන් ලස්සනයි කියයිද දන්නෙ නෑ". ඇගේ හුරතල් දැක මට ඇය ගැන ඇති වූයේ ලෝභකමකි. විදුලි සෝපානයේන් බැසගත් ඇගේ මව දුටු දැරිය දුව ගියේ විදුලි වේගයෙනි. "අම්මා මන් ලස්සනයි ද?" අපගේ නිවස පසුකර ඉක්මන් ගමනින් අඩිය තියා යන එම ගැහැණිය සිය දියණියගේ කෑගැසිල්ල නොඇසුනා සේ ඇවිද ගියේ දුරකථනයෙන් කවුරුන් හෝ අමතමිනි. කෙසෙ හෝ විනාඩි කිහිපයකට පසු ඇය සිය දියණිය දෙස බැලුවාය. "අද මොකෝ මේ අලුත් ගවුමක් ඇඳගෙන? අප්පා වගේම නැතෑ නාස්තිකාරකම.ශික් විතරක්" දැරිය හැඬීමට ආසන්නය. "අර ආන්ටි තමා මට උදව් කලේ. මන් ලස්සනයි කියලත් කිව්වා" ඇය මා සිටි ඉසව්ව පෙන්වමින් සිය මවට කිව්වාය. අප නිවස දෙස කලබලෙන් බැලු ගැහැණිය සිය දියණියගේ අතින් අල්ලා නිවසට දමා දොර දඩාස් ගා වසා දැමුවාය. බොහෝ කාලයකට පසු පලමු වරට ඔවුන්ගේ අඩදබරය ඇසුනේ නැත. අද ඔවුන්ගේ මාතෘකාව වූයේ මා ගැනය. "නෑ අර ගෑනි ආවා කියලා කිව්වම මාත් ශොක් වුනා. ගේ ඇතුලටම ඇවිල්ලාලු ලමයට උදව් කරන්න" ගැහැනිය කියයි, "ඔය ලමයගේ බොරු වෙන්න ඇති. කෝකටත් නිවාඩුවක් දාලා බලනවකෝ හෙට" ඒ ඇගේ සැමියාය. ඇය දියණිය එලියට එව්වේ නැත. මා දවසම ගෙවා දැම්මේ ඔබ මොබ සැරිසරමිනි. රාත්‍රියේ අඟුල පන්නාගෙන එලියට එන පුංචි දැරියගේ අඩි ශබ්දය මා හට ඈත තියාම ඇසිනි. ඕනෑම මොහොතක මා හමු වීමට හැකි බව මම ඇයට කියා තිබුනි. තරප්පුවෙ වාඩිවු අප දෙදෙන සිනහ වෙමින් සිටියේ එකිනෙකා දුටු සතුටටමය. "ඔයා ඇයි ආවේ නැත්තේ? මට පාලුයි අම්මා එක
්ක ඉන්න. අපේ ගෙදරම ඉන්නකෝ ඔයා. මගේ අම්මා ඔයා උනා නම් කොච්චර හොඳද?. ඇය නෝක්කාඩු කියයි. ශෙහාන් ඈතට වී බලා හිඳිනු මට පෙනේ. ඔව් ඔහුටද උවමනා වූයේ දරුවෙකි, ඔහු මා අතැර නටාශා වෙත ගියේද ඒ වෙනුවෙනි. අන්තිමේදි ඔහුට මා ද නැත ඇයද නැත. විදුලි පන්දමක් දල්වා ගෙන නිදන ඇඳුම පිටින් අප දෙසට දිව එන්නේ දැරියගේ මව බව මුලින්ම දුටුවේ කුඩා දැරියයි. කල්පනා සයුරේ ගිලි සිටි මට ,තවදුරටත් සැඟව සිටීම නුසුදුසු බව දැනිනි. "පොඩි එකී ඉපදිලා ඉන්නෙම මාව කන්නමයි. කොහෙද මේ රෑ තිස්සේ ඇවිදින්නෙ." දැරියගෙ කන මිරිකමින් ඇය කෑගැසුවාය. "මන් ආන්ටි බලන්න ආවේ. මට ආන්ටි ආදරෙයි. මන් කියනවා අම්මා මට ගැහුව කියලා. ආන්ටි මේ බලන්නකෝ" ගැහැණිය ගල් ගැසී ගියාය. ඇගෙ නලල දහඩියෙන් පෙඟෙන අයුරුත්, ඇය භීතියෙන් මුසපත් වනුත් දැකීමෙන් මට කුරිරු සතුටක් දැනිනි. ඔව් අවසානයේ ඇයටත් මාගේ ජායාව පෙනෙන්නට සැලැස්සුවෙමි. "බේරගන්න" කියා ඈ කෑගසන විටම මම ඇයව තරප්පු පේලිය දිගේ ඇදගෙන ගියෙමි. ඇය කෑගසනා හඬ අසා මහත් සතුටක් අත් වින්දෙමි. "උඹ ..උඹ කොහොමද ආයේ ආවේ....උඹ මැරිලා..අයියෝ මන් මේ දකින්නේ හීනයක්ද..මිනිහාව මරලා වහ බීපු ගෑනි නේද මේ..අයියෝ මාව බේරගන්න.." ඇය විලාප දෙන්නේ වේදනාවට වඩා බියට බව මම දනිමි..අවසානයේ ඇය සිහි නැතුව ඇද වැටුනාය. මින් පසුව දියණියට අත් එසවිමට තබා සැරෙන් වදනක් පවා නොකියනු ඇත. මා නික්ම ගියෙමි. එක දරුවෙක්ට හෝ උදව් කලාය යන හැඟීම මට සැනසීම ගෙන දෙනු ඇත. එදා රාත්‍රියේ සිදුවූ පලිගැනීමේ කතාව පමණක් කීමට ඉතිරිව ඇත. ශෙහාන් ගේ ද්‍රෝහිකම නිසා ඔහුගෙන් අයින් වන්නට මම තීරණය කලෙමි. එහෙත් මා නිදි යැයි සිතා මගේ කිරි එකට වස මිශ්‍ර කරනවා දුටු පසු , ඔහුව අතාරින්න තරම් මම දැහැමි ගැහැනියක් නොවුනෙමි. මා එල්ල කල පිහිතුඩ ඔහුගේ පපුව පසාරු කර ගිය පසු ඔහු ඇද වැටිනි. "ච්චාරූ..." ඔහු තවමත් සිහියෙන්ය. "ඔයාට ගැලපෙන, ඔයා විදියටම හිතන , ඕනෙම දෙයක් ඔයා වගේම ප්ලෑන් කරන එකම කෙනා මම විතරයි ශෙහාන්" මම කීවේ වස මිශ්‍ර කල කිරි වීදුරුව ගිල දමමිනි. ශෙහාන් සමගම මාද අවසන් ගමන් ගියේ එලෙසිනි. එතැන් පටන් ඔහුට මා පසු පසම එන්නට සිදුවිය. එහෙත් අද මගේ ආත්මයට සැනසීම ලැබී ඇත. ඉතින් මින් පසුව ඔහුට මා සදහටම නොලැබීයනු ඇත. නිමි.සමන්තී ෆෝ එවර්...❤🙄😔🎶⚡ පුස්ගඳ ගහන අපිලිවෙල මඩුවක්වන් කාමර කෑල්ලක මදුරුවන් තලමින් නීතීඥ මහතා බලාපොරොත්තුව සිටින මට ඔහුගේ සේයාවකුදු දකින්නට නැත. "නංගී මහත්තයා එන්න පරක්කුවෙයිද" කිහිප වරක් ලෝයර්ගේ හැඩකාර ලිපිකාරිනියගෙන් ඇසූ ප්‍රශ්නය නැවත අසන්නට බියවූයේ අවසන් වරට එය අසනවිට මා දෙස බැලූ නොමනාප බැල්ම නිසාවෙනි. කෙට්ටු සමන්තීගේ දික්කසාදය සදහා මා ඉතා විශාල මුදලක් වියදම් කලද තාමත් එය ඉවරවෙන පාටක් නැත. මේ සියල්ල කලු සමන්තී නිසා යැයි සිහිවන හැමවිටම මරාගෙන මැරෙන සිතිවිලි සිතේ උපදී.. දඟකාර කලු සමන්තී මට හමුවූයේ මා යොවුන් වියෙන් ටික ටික ඉවතට ඇදෙමින් සිටි කාලයේදීයි. පෙම් සබඳතා කීපයක් බිඳවැටී නැවත ප්‍රේමයක් ගැන නොසිතා හිටපු කාලයක ඇයව හමුවුනේත් අහම්බෙකින් වගේ. හැඩකාර තද කලුපැහැ ලඳක් වූ ඈ නිතරම කොක්හඩලා හිනාවෙන ක්‍රියාශීලී තරුණියක්. බලාපොරොත්තු නැති වෙලාවක මට ආදරෙයි කියල කිව්වෙත් එයාමයි. "දැන් ඉතිං වෙනකුමක් කරන්නද..ආදරය කරනු මිස" කියල මටත් හිතුන නිසා ආදරේ දලුදාංඩ ගත්ත . දවසින් දවස ගෙවෙනකොට මට කලු සමන්තීට වඩා කෙනෙක් හිටියෙ නෑ. ඔන්න ඔය ගොංකම හින්දම තමා මේ දැං මෙතන මදුරුවෝ කකා තැපල ඉංඩ වෙන තැනට වැඩ රාජකාරි සිද්ද උනෙත්. ඒකිට තිබ්බ ආදරේ හිංද අඩියක් ගහල පෙම මෝරල හිටපු වැලන්ටයින් දවසක හැන්දෑවෙ පච්ච කොටන තැනකට ගිහින් රුපියල් අටදාහක් දීල උරහිසේ ඉදන් වැලමිටට වෙනකං "සමන්තී ෆෝ එවර්" කියල ලොකුවට ටැටූ එකක් ගහගත්තේ අවංක හදවතිං ඒකිව සතුටුකරන්නමයි. ඒක එයාට පෙන්නපු දවසේ හාදු වැස්සක් මටදීල "අයි ලව් යූ ෆෝ එවර් ටූ අයියේ" කියපු ඒකි තව මාස තුනකට පස්සෙ වෙන එකෙක්ව සතුටුකරල හොරෙංම මාවදාල ඌත් එක්ක පැනල ගියේ "සමන්තී ෆෝඑවර්" ටැටූ එක විතරක් මගෙ අතේ ඉතුරුකරල. මීට පෙරත් විරහ වේදනා ගොන්නක් තනියම දරාගත්තු මට මේ වේදනාව දරාගන්න අපහසු නොව්නත් ෆෝ එවර් සමන්තී ටැටූ එක දකිනකොට ඕකුං දෙන්නවම හොයංගිහිං කම්බස් කරංඩ හිතුනා. කේන්තිය දෙගුන උනේ මගේ යාලු මිත්‍රයොත් ෆෝ එවර් සමන්තී කියල මට විහිලු නමක් පටබැඳපු නිසා. තැන් කීපයකටම ගියා මේ ටැටූ එක මකල දාංඩ පුලුවංද බලන්න උං ඔක්කොම කිව්වෙ අමාරුයි කියල. ලේසර් වලින් පිච්චුවොත් විරූපී වෙංඩත් පිලිකා එංඩත් ඉඩතියනව කියල කිව්ව. ඔහොම ඉන්නකොට තමා මට එකපාරටම ගණදෙවි නුවණ පහලවුනේ. "සමන්තී කියන නම තියන තව කෙල්ලෙක් හොයාගත්තනං මේක ගොඩ දාගංඩ පුලුවන් නේද.".....? "ඔව් ටැටූ එක මකනවට වඩා ලේසියි ඒක" එහෙම සිතිවිල්ලක් ආවට වැඩේ ලේසි උනේ නෑ. අතේ ටැටූ එකත් හංගගෙන සෑහෙන කාලෙක උත්සාහයකින් පස්සෙ තවත් සමන්තී කෙනෙක් හොයාගත්තා. හැබැයි එයා සුදුයි මහතයි. එයා සුදු සමන්තී. එයාගෙ පියයුරු විශාල බෝල පැනිකොමඩු ගෙඩිදෙකක්වගේ හැට්ටෙන් එලියට පනින්න බලාගෙනමයි ඕනෙ වෙලාවක හිටියෙ, ඒමදිවට පියයුරු දෙක මැද්දෙන් පැල්මක් වගේ හැඩේකුත් තියනවා .හරිම සෙක්සි පාටයි.මම හිතෙන් ඒ හිඩැස මැද්දෙන් ඇතුලටත් කිමිදුනා. එයාට මගෙ හිත යංඩ එක හේතුවක් උනේම ඒ ලස්සන පපුව. ඒක ඉතිං මටත් අමතර වාසියක් විදිහටයි මම හිතුවේ. පුදුමෙකට වගේ මගේ යෝජනාවට ඒකි එකපයින් කැමතිත් උනා.. මුල් කාලෙ ඒකිව බලන්න ගියෙ කලු සමන්ති වෙනුවෙන් ගහපු ටැටූ එක වැහෙන්න අත්දිග ටී ශර්ට් ඇදගෙන මාස දෙකක් විතර ගිහිල්ල කලු සමන්තී ට ගහපු ටැටූඑක මෙයා වෙනුවෙන් ගැහුවෙ කියල ගිහිං පෙන්නුවා. එයාට ඒක අදහගන්න බැරිවුනා. "අනේ හොරා ඔයා හරි නරකයි මට නොකියම මගේ නම ටැටූ එකක් ගහගත්තා නේද.? මට එච්චරටම ආදරෙයිද ඔයා" ඔන්න ඒ ප්‍රශ්නෙ ඉවර උනේ ඇයගේ උනුසුම් හාදුවකුත් එක්ක. ඔහොම හිමි හෙමින් දවස් ගෙවිල ගියා.. ඒත් මේ ඔක්කොම කනපිට පෙරලුනේ දවසක් හවසක මම ඒකිව හම්බවෙන්න එයාගෙ ගෙදරට ගිය වෙලාවෙ සුදු සමන්තී නයිටියක් පිටින් එලියට එනව දැක්කමයි. ඇත්තම කියනවනම් මම උඩ විසිවෙලා බිමට ආවෙ සංසාරෙත් කලකිරිලා. මං වශී උන අර බෝලගෙඩිවගේ එලියට පනින්න ලෑස්තිවෙලා උන්න මේකිගෙ රණතිසරු වැටකොලු වගේ බඩිනුත් පහලට එල්ලෙනවා. දැක්කම අජූතයි. යාලුවෝකීපදෙනෙක් මේකි ගැන හිනාවෙවී කියපු කුප්පකතාත් මට එකදිගට මතක්වෙන්න ගත්තා. ඒත් ඉතිං මේ ටැටූ නවනිංගිරාවෙන් ගැලවෙන්නනම් කලබලවෙලා බෑ මේකිවම කොහොමහරි තියාගන්න වෙනනිසා මම වෙනසක් නොපෙන්වා ආපසු ඇවිත් ඊට පහුවෙනිදා ඕක ගැන ඇහුවා. "මොකෝ සමන්තී ඔයාගෙ තං නිකං තෝසෙ වගේ" ඔයා ඒව උස්සල බෝලකරල පෙන්නල තිබ්බ තාලෙට මං රැවටුනානෙ. "වීහිලු කරංඩ එපා අයියේ" කියමින් තොදොල් වෙවී එයා කිව්වේ. "අයියේ මේ අපේ ආරෙ හැටි අම්මගෙත් ඔහොමයි නංගිගෙත් ඔහොමයි අයියෙ"කියල පස්සෙ එයා යෝජනාවක් කලා ඩොක්ට කෙනෙකුට මේක පෙන්නල හදාගමු කියල. පියයුරු හදන දොස්තර කෙනෙක් ලගට ගිහින් එයාව චැනල් කරල අටෝ රාශියක් පරීක්ශන කරල, සිලිකන් දාල සර්ජරියක් කරල ඉවරවෙනකොට රණතිසරු නියමතැනට ඇවිල්ලතිබ්බ. බලන්න ලස්සනේ බෑ. ඇත්තටම මට එදා හිතුනෙම ඒව මියා කලීෆගෙ වගේ කියල. පොඩි ආඩම්බරේකුත් ඇති නොව්න නෙමේ. ඒ ලස්සන පියයුරු දැක්කම මගෙ අතින් වියදම් උන ලස්ස හතරත් අමතක උනා.. ම..ගේ..නෙ.... ඒ ප්‍රශ්නෙ විසදගෙන ඉන්නකොට තමා මේකි එකපාරටම අතුරුදහන් උනේ.ඒකිට කරදරයක්දෝ කියල හිතල පනදාගෙන හතරවටේ හොයනකොට තමයි ආරංචි උනේ ඒකි තව එකෙක් එක්ක මං ලස්සගානක් වියදම්කරල හදල දුන්න රණතිසරුත් අරං ඩුබායි වලට පැනල ගිහින් කියල. සමන්තී ෆෝ එවර් ටැටූ එකත් එක්ක මං ආයෙත් තනි උනා. මං විස්සෝප උනේම ඕකිට වියදම්කරපු ලස්ස පහ ගැන. ලිඳට වැටුන එකා ලිං කටෙංම ගොඩ එන්න ඕනෙ කියල හිතාන ආයෙත් තව සමන්තී කෙනෙක් හොයන්න ගත්තත් ඒක ලේසි උනේ නෑ. තවත් මාස එකොලහකට පස්සෙ තමයි මට කෙට්ටු සමන්තී හම්බවුනේ.. මේකි කියංඩ තරං ලකයක් ඇති එකියක් නෙමේ.කතාවක් තියනවනේ දඩයං බැරි එකාට අන දුන්නත් කංඩ ඕනෙ කන දුන්නත් කංඩ ඕනෙ කියල. මේකිගෙනං තිසරු දෙහිගැටවගේ ඒත් හිත හොද එකී. පරණ සමන්තිලව අමතකකරල මේකි එක්ක එකවහලයක් යටට වෙලා මේ ප්‍රශ්නෙ ගොඩදාගන්න මම හිතාගත්ත. ඒත් ප්‍රශ්නෙකට තිබ්බෙ ඒකි මිනිහගෙන් වෙන්වෙලා තිබ්බට නීත්‍යානුකූලව දික්කසාද වෙලා තිබ්බෙ නැති එක. ඒකට වියම්කරන්න එයාට සල්ලි නෑ කියලයි කිව්වෙ. ඒකත් වැටුනෙ මගේ කරපිට. ඉතිං ඒ ජරමරේ ඉවරකරංඩ මේ ලෝයර් ඇල්ලුවා දැං නඩුවාර කීපෙකුත් ගියා මගෙ අතින් අනූදහක් විතර දැනට ගිහින් තියනවා ඒත් වැඩේ එකලාසයක් වෙනපාටක් නෑ තාම. මට දැන් මේ වැඩේ අතෑරල දාන්ඩත් හිතිල තියෙන්නෙ ඇත්තටම. "අයියේ අයියේ මෙන්න ඔයාට සර් කතාකරනවා" කියමින් ලෝයර්ගෙ ඔෆිස්සෙකේ හැඩකාර කෙල්ල මගේ අතට ෆෝන් එක දුන්නෙ මගේ දැහැන බිඳිමින්. "මිස්ටර් ඔතන ඔෆිස් එකේ ඉන්න සමන්තීට ඊලග වාරෙ නඩුගාස්තුව බැඳල ඔයා යන්න. මම එන්න පරක්කුවෙනවා ඒ ගෑනිගෙ මිනිහා ඩිවෝස් එක දෙංඩ කැමති නෑ කියනවනෙ.වැඩේ ඇදෙයි වගේ ලබන නඩුවාරෙදිවත් මොනවහරි කරන්න බලමු " "ඕකේ සර්" මං ෆෝන් එක තිබ්බෙ හිතට ආව කැලඹීමත් එක්ක.. සමන්තිට සල්ලි බඳින්න.....? එතකොට ඔෆිස් එකේ ඉන්න මේකිත් සමන්ති කෙනෙක්ද.....? "නංගී ඔයාගෙ නමත් සමන්තීද" "ඔව් අයියේ." "බැදලද ඔයා" "පිස්සුද අයියේ තාම නෑ" "කොල්ලෙක් ඉන්නවද" "අනේහ් විහිලු කරන්න එපා අයියා තාම නෑ.." එහෙම කියල පෑනෙ කොනක් එයාගෙ චූටි කටින් හපාගෙන මමදිහා ඇස් පොඩිකරල බලනකොට කෙට්ටු සමන්තිගෙ දික්කසාද නඩුවට ආයෙත් සල්ලි බඳිනවද නැද්ද කියන උභතෝකෝටිකයේ මම හිරවුනා. © Dhammika Wickramaarachchiආදරණීය මිනිසා ! සෑම මිනිසෙකු ගේම පිළිසිදීම අහඹු වක් නොවේ. වතුර පාරක ගසාගෙන ආ ශුක්‍රාණු වක් කාන්තාවකගේ යෝනී මාර්ග ය දිගේ ගොස් ඉන්පසු පැලෝපීය නාලය දිගේද ගමන් කොට ඩිම්බයක් සමග සංසේචනයවී ගර්භාෂයේ මාස නමයක් වැඩී මිනිසෙකු සේ මොලොවට ආවාද නොවේ. මොන අවස්ථාවක
කොහොම සිද්දවුනත්( බලහත්කාරයෙන් වූ සිදුවීමක් නොවේ නම්) ගැහැණියක හා මිනිසෙකු ආදරණීය ආදරයේ උපරිම තැනක සිටියදී අසිරිමත් මිනිස් ජීවිතය පිළිසිදීම සිදුවීය යන කාරණාව ඔබට බැහැර කල හැකිද? ගැහැණියක සහ මිනිසෙකු කෝපයෙන් සහ වෛර යෙන් රමණයේ යෙදී මෙලොව ට බිහිකළ දරුවන් ලෝකයේ කොහේ සිටිනවාදැයි කුරාකූඹි මිනිසා ට නොතේරේ . සැබැවින්ම අළුත් මිනිසෙකු හැදෙන්නේ ආදරණීය ආදරය නිසාමැයි. පෙරුම්පුරා විවාහ ජීවිතය ට ඇතුළු වන නව යුවලකගේ සතුට කොයිතරම් ද? එවන් දිනෙක ඒ මනාලිය සහ මනාලයාගේ ඇස්වල පිරී උතුරන්නේ ආදරයම නොවේද? විවාහ දිනයේ කෝපයෙන් වෛර යෙන් පසුවූ මනාලියක සහ මනමාලයෙකු තවම මා දැක නැත . ඔවුන් බොහොමයක් සිය ළැබැදියන් නෑසියන් පිරිවරා හැකි පමණ සතුට බෙදා හදාගෙන සැමගේ ආශිර්වාදය මැද අලුත් ජීවිතය ක් අරඹන්නේ ආදරෙන් නොවේද? එතැන වෛරී සිතුවිලි නැත . මේ සියලු කාරණාවල කූධප්‍රාප්තිය ආදරණීය මිනිසෙකු ලොවට බිහිවීමය. එසේනම් ගැහැණිය ක සහ මිනිසෙකු විසින් ආදරය නිසාම ලොවට බිහිකළ දරුවා ආදරයේ ජීවමාන සංකේත යක් නොවන්නේද? සැබැවින් ම මේ ලොවේ කොතැනක ඉපදුනත් ඒ උපන් සෑම දරුවෙකු ම ආදරණීය දරුවෙකි. ලෝකය ට ආදරය ගෙනියන දරුවෙක්‍ ය. එසේනම මේ මුළු ලෝකය ම ආදරණීය මිනිසුන් ගෙන් පිරී පැවැතිය යුතුය . නුමුත් මහපොළ වේ යථාර්ථය එය නොවේ. ගෙවී යන සෑම පැයක් ඇතුළත ලෝකයේ කොතැනක හෝ මිනිසුන් එකිනෙකා හා වෛර යෙන් මිනිමරා ගන්නවා ඇත. ගෙවී යන සෑම දවසකම අඩ දබර නිසා ගැහැණුන් ,මිනිසුන් සහ දරුවන් මිය යනවා ඇත . මේ මොහොතේ පවා ගසා තීරයේ යුද ගිණි ඇවිලෙන්නේය. යුද්ධය නිසා යුක්ක්‍රේනයේ මිනිසුන් මැරෙන්නේය. ආදරණීය මිනිසුන් ට මේ සිදුවූයේ කුමක්ද? ආදරණීය ආදරය නිසා මිනිසා පිළිසිද ගත්තේ ය. ලොවට බිහිවුනේ ය. මවගේ ලෙය කිරට හැරුනේ ආදරය නිසාමය. ඒ කිරිබී වැඩුනු සෑම දරුවෙකු ගේම සිරුර පුරා සෑම නහරකම දිවයන්නේ ආදරයයි. එසේනම් වෛරී සිතුවිලි මිනිසා තුලට ආවේ කෙසේද? කෝපය, ද්වේශ ය ,ඊර්ෂ්‍යාව මිනිසා තුලට ආවේ කෙසේද? තමන් අසීමිත ව ආදරය කල වස්තුව කට අසීමිත ව වෛර කල මිනිසුන් ගැහැණුන් ලෝකය තුල සිටින්නේ කෙසේදැයි කුරාකූඹි මිනිසා ට නොතේරේ . එය සිදුවිය නොහැක්කකි. ඔබ යමෙකුට ආදරය කලේ සැබෑවටම නම් කිසිදාක කිසිවිටක ඔහුට හෝ ඇයට වෛර කිරීමට ඔබට නොහැකි ය. ඔබ කාට ආදරය කලත් ඒ ආදරය සැබෑ ආදරයක් නම් අවංක සිතින් ආදරය කලේනම් එවැනි ආදරය ක් කෙතරම් දුරස්වූවත් එතැන ශේෂ වී ඇත්තේ ද ආදරය මැයි. මිනිසා සහ වෙනත් සුරතල් සතුන් අතරද මෙවන් සබඳතා මා අසා තිබේ . කුඩාකල සිට ආදරයෙන් රැකබලා ගත් සිංහ ධේනුවක යලි වනයට මුදාහල වනජීවි නිළධාරී යෙකු වසර ගනනාවක ට පසු ඌ ගැවසෙන කැලෑබද ප්‍රදේශයට ඌ සොයා යන්නේ සෙස්සන් ගේ අවවාද ගනන් නොගෙනය. ඔහුගේ උරුහන් බෑම ඇසුනු රැළේ හුන් සිංහ ධේනුව ඉන් මිදී හඩ ආ දෙසට එයි. ටිකෙන් ටික එසේ විත් මොහොතක් එක එල්ලේ වන ජීවී නිළධාරී යා දෙස බලාසිටින ඈ වේගයෙන් දිවැවිත් ඔහු බදා වැළැදගෙන මුහුණ පුරා ලෙවකන්නේ ඒ අසිරිමත් ආදරය දකින සැමගේ දෑස් තෙත් කරමින්‍ ය. මිනිසා සහ නපුරු යැයි කියනු ලබන සතුන් අතරේ පවා ඇතිවන්නාවූ ආදරණීය බැදීම්වල සවිය එසේවීනම් මිනිසා ,මිනිසා සමග ඇති කරගන්නාවූ ආදරණීය බැදීම් ගිලිහී යන්නේ කෙසේදැයි කුරාකූඹි මිනිසා ට නොතේරේ . රාජ්‍ය සම්මාන ලාභී කෙටිකතා කරුවෙකු වූ අජිත් තිලකසේන සූරීන් ලියූ එක්තරා කාව්‍ය සංග්‍රහය ක වූ අපූරු කවියක් මට මතක් වේ. එහි කියැවෙන්නේ මිනිසෙකු ට අහම්බෙන් ඔහු ගේ දික්කසාද වූ බිරිඳ දකින්න ට ලැබීම ය. ඔහු නිසා ඇගේ මුහුණේ ඇදී ගිය සිහින් සිනා රේඛාව ඔහුගේ ඇස ගැටීමය. තත්පර කීපයක් ඇතුළත ඔහුට බොහෝ දෑ මතක් වේ. අවසාන යේ ඔහුට සිතෙන්නේ , තමාගෙන් දික්කසාද වූ ඇය කෙරේ ආයෙමත් සැරයක් තම සිතේ ආදරය ක් ඇතිවෙලා කියලාය. කව්රු කෙසේ කීවත් මිනිසා ආදරය නිසාම උපන් , ආදරය කිරීමට උපන් ආදරය ලැබීමට අතීශයින්මැ ලෙන්ගතු ආදරණීය සත්ත්ව යෙකි. ඔබත් ආදරණීය මිනිසෙකු වන්න. කුරාකූඹි මිනිසා ."අම්මේ..." ඒ මගේ ලොකු පුතා.. උදේ පාන්දර ඇද උඩට වෙලා නිදිමතේ ඇස් දෙක පිහින ගමන්.. සීරුමාරුවට සාරියේ රැලි තිය තිය ඉන්න මගෙන් ප්‍රතිචාරයක් නැති නිසා කොල්ල ආයෙම කෑ ගහනවා.. "අම්මේ..හ්...".. සද්දේ ඉස්සරට වඩා වැඩියි.. "ඇයි පැටියෝ".. ඒ ගමන ඇදෙන් බැහැලා මගේ වටේ කැරකිලා හැඩ බලනවා.. හැමදාම උදේට සාරියේ පාටට ගැලපෙන්න සාරි කටු, කොණ්ඩ කටු තෝරන රාජකාරිය කරන්නේ එයා.. "අම්මි අද ඉස්කෝලෙ ට එන්නේ නැද්ද?".. වෙනදා වගේ කටු තෝරලා දෙන්න ඕනකමක් නෑ වගේ අද.. "ඒ මොකටද..?" ඉණට අත් දෙකත් තියන් මගේ දිහා බලන් ඉන්න එයාගෙන් මං ඇහුවේ සාරිය අදින වැඩේ පැත්තක තියලා.. "ඇයි අනේ අම්මිට මතක නැද්ද...? ටීචර් කිව්වනේ පන්තියේ හැමෝගෙම අම්මලාට අද ඉස්කෝලෙ ට එන්න කියලා.." "අප්පටසිරි.." පුතාගේ ඉස්කෝලෙ පන්තියේ whatsapp group එකට ටීචර් මොකක් හරි message එකක් දාලා තිබුන වග දැන්නේ මතක් උනේ.. මොකක් හරි රැස්වීම ක් වෙන්න ඇති.. "ඉති‍ං ඕකට යන්නම ඕනෙද..?" මං ඇහුවේ කොල්ලගේ මූණ දිහා නොබලා. "ඔව්.. අම්මලාට එන්නම කිව්වා. ඒක කිව්වේ ටිකක් සැරෙන් වගේ කියලා මට තේරුනා.. කොහොම උනත් අද මට නිවාඩු දාන්නම බෑ.. වෛද්‍යවරියක් විදියට මං සේවය කරන ප්‍රදේශයේ දුශ්කර ගම්මානයක පාසලක අද ලොකු වැඩසටහනක්.. "පුතේ ..අද නම් අම්මිට නිවාඩු දාන්නම බැහැ.. මං ටීචර් ට call කරලා කියන්නම් අම්මිට එන්න වෙන්නෙ නෑ කියලා.." මං කිව්වේ කොල්ල ඉස්සරහ දණ ගහගෙන.. උරහිසෙන් අල්ලගෙන පුංචි සුදු මූණට එබිලා..හරියට එයාගෙන් සමාව ඉල්ලන්න වගේ.. "එහෙනම් මටත් බෑ අද ඉස්කෝලෙ යන්න.." ම්හ්.. කිසිම සමාවක් නැති පාටයි.. "අම්මලාට බැරිනම් අප්පච්චිලාට හරි එන්න කිව්වා.." ඒක හරියන්නෙත් නෑ.. හදිසියේම ව්‍යාපාර කටයුතුවලට යන්න උන නිසා මහත්තය හිටියෙත් ගෙදරින් පිට... මගේ ඊලග ගැලවුම් කාරයා උනේ චූටි පුතාවත් වඩාගෙන අපි දිහා බලාගෙන ඉන්න මගේ අම්මා.. "මං කොහොමද දරුවෝ මේ පොඩි එකාවත් අරන් ඕවට යන්නේ ..?" අහන්නත් කලින්ම මගේ බැල්ම තේරුම් ගත්තා එයා.. "බස් එකට පරක්කු වෙනවා..අම්මි ගිහින් එන්නම්.. පුතා ඉස්කෝලෙ යන්නකෝ..මං ටීචර් ට කියන්නම්".. මං කිව්වේ තේ එකේ බිස්කට් එකක් පොගවගෙන කන කොල්ලගේ මූණ ඉඹින ගමන්.. ගේට්ටුව ලගදි හැරිලා බලන කොට මං දැක්කා එයා ඇස් පිහදානවා.. "කොල්ලා අඩනවා වත් ද?.." "නෑ... නිදිමතේ වෙන්න ඇති.." මං මටම කියාගත්තේ මගේ හිත රවට්ට ගන්න.. ගෙදර ඉදන් බස් හෝල්ට් එකට පයින් යන අතරෙත් මට ඒ පුංචි සුදු මූණ මැවී මැවී පේන්න ගත්තා.. හිතේ පිරීගන ආව දුක වහගන්න මං කරේ අද වැඩසටහනේ මට කරන්න තියෙන දේශනයට කරුණු මතක් කර ගන්න එක.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරියක් විදියට මං සේවය කරන පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති දුශ්කර ගමක පොඩි පාසලක අද ලොකු වැඩසටහනක් .. දේශීය ආහාර හා පෝෂණය ගැන මගේ දේශනයක් පැය දෙකක් පුරාවට ම කරන්න උනා.. දෙමාපියන් නොදැනුවත්කම හා නොසැලකිලිමත් කම නිසා දරුවන්ට ලබාදෙන විවිධ කෘතිම රසකාරක , වර්ණ කාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර පාන නිසාවෙන්ම දරුවන් කුඩා කාලයේ සිටම දියවැඩියාව , පිළිකා වැනි රෝගවලට ගොදුරු වන ආකාරය මං හොඳටම පැහැදිලි කරලා දුන්නා.. ඒ අතරම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ත් එක්ව ජංගම සායන ඇතුලු සුභසාධක කටයුතු රැසක් පවත්වනවා.. ඒ දේවල් අතරේ පාසලේ සියලුම දරුවන්ට අද දේශීය ආහාර වේලක් ලබා දෙනවා.. මේ සියලු කටයුතු සදහා සියලුම දරුවන්ගේ දෙමව්පියන්ට අද දිනයේ පාසලට පැමිණීම අනිවාර්ය කර තිබුනු බව විදුහල්පති තුමා මා සමග පැවසුවේ මගේ දේශනය අවසන් වෙලා මට ස්තූති කරන අතරතුරයි.. ප්‍රාථමික පාසලක් නිසා මුලු පාසලටම හිටියේ දරුවෝ 250 ක් විතර.. එයිනුත් එක වසරට ම හිටියේ පොඩි එවුන් 42 යි.. "අපේ පුතාගේ ඉස්කෝලේ නම් එක පන්තියකම ඉන්නවා හතලිහක් විතර.." එක වසර භාරව හිටපු ගුරුතුමිය එක්ක මං එහෙම කිව්වේ පන්තියට එබෙන ගමන්.. "ඩොක්ටර්.. මේ කෑම එක නම් හොඳටම තියෙනවා .. බබාලා ආසාවෙන් කනවා.." ටීචර් මට එහෙම කිව්වේ වාඩිවෙන්න පුටුවක් ලගට දුන්න අතරේ.. ඇත්තටම .. පොඩි එවුන් ආසාවෙන් කනවා.. සාම්ප්‍රදායික එලවලු බත් වෙනුවට මුරුංගා කොල .. වට්ටක්කා.. දාලා හදපු බත් එකක්.. දෙමව්පියොත් ලගම ඉදන් එයාලට අඩු පාඩු බෙදනවා.. හැමෝගෙම අම්මා හරි තාත්තා හරි ලග ඉන්නවා.. පන්තිය පුරාම දුවපු මගේ ඇස් හදිසියේම නතර උනේ මගේ ලොකු පුතාගෙම මුහුණුවරක් තිබුනු පොඩ්ඩෙක් ගාව.. කොල්ල කන්නෙ නෑ.. "හොරගෙඩියා.." පොඩ්ඩක් සැර කරන්න හිතාගෙන මං පුටුවෙන් නැගිටලා එයා ලගටම ගියා.. "අනේ අම්මපා.. ලගට දෙන කෑම එක කන්නේ නෑනේ මේ ළමයි.. මෙහෙමවත් කන්න නැති ළමයි කොච්චර ක් නම් ඉන්නවද.. " කොල්ලා කෑම එක දිහාවත් නොබලා බිම බලන් කල්පනාවක.. ඒත් මගේ අඩි සද්දෙට ඔලුව උස්සලා බැලුවා එයා.. දෙයියනේ .. පුංචි ඇස් වල කදුළු.. "ඇයි පුතේ කන්නෙ නැත්තේ.. බලන්නකෝ මේ යාලුවො හැමෝම හොදට කනවනේ.. ඇයි රස නැද්ද කෑම.." මට උත්තර දෙනවා වෙනුවට කොල්ල කරේ මහ හයියෙන්ම අඩන්න ගත්ත එක.. "මං මේකට අඩන්න තරම් දෙයක් කිව්වද..?" මං අහගත්තේ මගෙන්ම.. දැන් වටේ පිටේ අම්මලා තාත්තලත් සිද්ධිය බලන් ඉන්න වග මට තේරුනා.. "ඇඩෙව්වනම් දැන් නලවගන්නත් එපැයි.." මං තව ටිකක් එයාට කිට්ටු උනා.. එතකොට යි මට දැනුනේ මෙයාගෙ අම්ම වත් තාත්තාවත් ලග නෑ නේද කියලා.. "කෝ පුතේ අම්මා.. කොහෙටද ගියේ.." මගේ කටින් ඒ ටික පිට වෙද්දී කොල්ලග
ේ ඇඩුම් සද්දේ දෙගුන තෙගුණ උනා. "මෙයාගේ ගෙදරින් කවුරුත් ම ඇවිත් නෑ අද ඩොක්ටර්.... " ටීචර් කොහෙද ඉදන් දුවගෙන ඇවිත් ඒ අස්සේ.. "අනේ ඇත්තටම .. කිසිම වගකීමක් නැති දෙමව්පියෝ..මේ වගේ දවසක ට වත් එන්න බැරි නම් වැඩක්ද?...ළමයි අසරණ වෙනවනේ එහෙම වෙලාවට ...." වටපිටාවෙන් කසු කුසුවක් ඇහෙනවා.. මගේ හිතෙත් පුංචි නොරිස්සුමක් ඇති නොවුනාම නොවෙයි.. "පුතේ.. අද අම්මට එන්න කියන්න බැරි උනාද?...." මං ඇහුවේ කොල්ල ලග දණ ගහගෙන ඔලුව අත ගාන ගමන්.. ඇඩුම් සද්දේ ටිකක් අඩුයි දැන්.. "මෙයාගේ අම්මා නර්ස් කෙනෙක්.. මේ දවස් වල වැඩකරන්නේ ළමා වාට්ටුවේ.. නිවාඩු ගන්න අමාරුයි කියලා උදේ මට කෝල් කලා ඩොක්ටර් ..." පොඩි එකා වෙනුවට උත්තර දුන්නේ ටීචර් .. "පව්.. මියැදෙන්න ට නොදී කාගේ හෝ පුංචි ජීවිතයක් රැක ගන්න ඇය මේ මොහොතේ වෙහෙසෙනවා ඇති..." කිසිදා නොදුටු ඇය වෙනුවෙන් මගේ හිතේ ඇති වූ නොරිස්සුම පහ වෙලා ගිහින් පහළ උනේ ලෙංගතු කමක්.. "එතකොට තාත්තා?..." මං ඇහුවේ ටීචර් ගෙන්.. "තාත්තා ඉන්නේ හමුදාවේ ටීචර් ..." ඉකි ගහන අතරේ උත්තර දුන්නේ පොඩි එකා.. එයා හිතන්නේ මාත් ටීචර් කෙනෙක් කියලා.. කොහොමත් පාසල් වැඩසටහන් වලට ගියාම පොඩි උන් කතා කරන්නේ ටීචර් කියලා.. වෛද්‍ය වෘත්තිය ඇරුණා ම මමත් දෙවනියට ආසම රස්සාව තමා ඒක.. නැතත් ප්‍රජා සෞඛ්‍ය කියන්නෙම ටීචින් වගේ දෙයක්.. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය ගැන මුලු මහත් සමාජයක් දැනුවත් කරන එක සෙල්ලමක් නෙමේ .. "මට අම්මා නැතුව දුකයි ටීචර්...අනිත් හැමෝගෙම ඉන්නවා.. මං විතරක් තනියෙන්.." කොල්ලා ආයෙත් ඉකිගහනවා.. මගෙ පපුව පිච්චිලා ගියා.. ඒ අතරේ මගෙ හිතේ විදුලියක් වගේ ඇදුනේ මගේ ලොකු පුතාව.. දෙයියනේ .. මං ඉක්මනින් මගේ ජංගම දුරකතන ය අරන් බැලුවේ පුතාගේ ටීචර් එවලා තිබුණු පණිවිඩය .. "2023/11/16 දින පාසලේ පැවැත්වෙන දේශීය ආහාර සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුළුව සදහා සියලුම දෙමාපියන් අනිවාර්යයෙන් සහභාගි වෙන්න.." ඒක කියවලා ඉවර වෙන්නත් කලින් මට ඇඩෙන්න ආවා පොඩි එකාටත් වඩා සද්දෙන්.. මගේ පුතත් මේ වගේම පන්තියේ අනික් දරුවොයි දෙමව්පියොයි මැද්දේ අසරණ වෙලා ඉන්න හැටි මැවිලා පෙනුනා මට.. වේගෙන් ඇසිපිය ගැහුවේ මගේ කදුළු අනිත් අය දකීවි කියන බයට.. "මගෙ පුතේ.. මං ඔයා ලගට වෙලා ඉන්නම්.. පුතා කන්න ඕන හැබැයි .." පුංචි ඇස් දෙකේ කදුලු වේලිලා ගිහින්.. "හා ටීචර් ..." ඔන්න එයා කන්න පටන් ගත්තා.. ඒ අතරේ මට මතක් උනේ අපේ ගෙදර.. හැමදාම හවසට අම්මා කෑ ගහනවා පුතා ඉස්කෝලේ අරන් යන කෑම එක ඉතුරු කරන් එනවා කියලා.. මගේ හිතේ ඇති වුනේ එසේ මෙසේ දුකක් එහෙමනම් නෙමේ.. "ඕන දෙයක් වෙච්චදෙන්.. දානවා හෙටයි අනිද්දයි දෙකම නිවාඩු .." එහෙම හිතන අතරෙම මං දුරකතන ඇමතුමක් ගත්තෙ මගේ ආයතන ප්‍රධානියා ට.. "හෙලෝ සර්.. මට හෙටයි අනිද්දයි නිවාඩු ගන්න වෙනව.. හදිසි වැඩ වගේකට.. duty covering වලට අනිත් doctor ඉන්නවා සර්.. මං තියන්නම් සර්.." ඔහුගේ ඇනුමැතියක් ලැබෙන්නත් කලින්ම මං ඇමතුම විසන්ධි කරා.. "ඔයා හොදට වැඩ කරන දරුවෙක්..." ඔහු මගේ සේවය අගයලා ප්‍රශංසනාත්මකව කතා කිරීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්.. ඒ නිසා කිසිම වෙලාවක රැකියාවේ වගකීම් පැහැර හරින්නෙ නැති වග ඔහුට විස්වාස බව මං දන්නවා.. "ටීචර් ..මේ.." ම‍ං පියවි ලෝකෙට ආවේ පොඩි එකාගේ සද්දෙට.. ඒ පුංචි ඇස් ආදරෙන් දිලිසෙනවා.. "අනේ.. විස්වාස කරන්න.. ඒ කෑම පෙට්ටිය හිස්.. " පහුවෙනිද උදෙත් ම‍ං සුපුරුදු විදියටම කණ්ණාඩිය ඉස්සරහ හැඩ වෙනවා.. හැබැයි ඒ සුපුරුදු සාරියෙන් නෙමේ.. සැහැල්ලු ගවුමකින්.. පුරුදු විදියටම මගේ ලොකු පුතා ඇහැරිලා ඇද උඩ ඉදන් ඇස් පිහ දානවා.. "අම්මි අද වැඩට යන්නෙ නැද්ද..." එයාට මගේ වෙනස තේරිලා වගේ.. "නෑ... අද අම්මි නිවාඩු..." එයා ඇස් ලොකු කරන් බලනවා.. "එහෙනම් මේ ලෑස්ති වෙන්නේ කොහේ යන්නද..." ඇදෙන් බැහැලා මගේ වටේ කැරකි කැරකි හැඩ බල බල උන්නු කොල්ලව මං ලගට අරන් බදා ගත්තා.. "අද අම්මි එන්නම් පුතාව ඉස්කෝලෙට දාන්න.. ඊයේ රෑ අම්මි එද්දී පුතා නිදිනේ.. කියන්න හම්බුනේ නෑනේ මට.." කොල්ලගේ හිනා කටයි.. මාව බදාගෙන මූණ ඉඹගෙන ඉගිල්ලුනා bathroom එකට.. එයාව ලෑස්ති කරන අතරේ school van එකත් ඇවිත්.. මං දුවගෙන ගියා පාරට.. පරක්කු නිසා van එකේ මල්ලී horn කරනවා.. "අද පුතා එන්නෙ නෑ මල්ලී.." "ඇයි දම්සත්ට සනීප නැද්ද අක්කා..?" කටින් එහෙම ඇහුවට එයාගේ හිතේ තියෙන්නේ "ඇයි වදේ... එන්නේ නැත්තං කලින් කියන්න එපෑ..." වගේ දෙයක්.. "අනේ එහෙම දෙයක් නෙමේ මල්ලී ... මං අද නිවාඩු නිසා පුතාව එක්ක යන්න ඉන්නේ......" කොල්ලා මගේ දිහා බැලුවේ ජීවිතේ පලවෙනි වතාවට දැක්ක කෙනෙක් දිහා බලනවා වගේ.. "මල්ලිට පරක්කු වෙනව නේද..? " එයා කටත් ඇරන් කල්පනාව.. "එතකොට හවසට..." එයා ආයෙම අහනවා.. "හවසටත් මං එක්ක එන්නම් .." එයා ගියේ මං කියපු ඒවා අදහ ගන්න බැරුව බව මට තේරුනා.. මං පුතාව වාහනේට නග්ග ගෙන සීට් බෙල්ට් දාන අතරේ දැක්කේ පොඩි එකා මං දිහාම බලන් ඉන්නවා.. එක පාරටම මං ලගට පැනලා බෙල්ල බදාගත්තා.. "මං අම්මිට ගොඩාරියක් ආදරෙයි.... " එයා එහෙම කිව්වට එයාගේ ඇස් වල තිබුනේ වෙනම කතාවක් .. " ඔයා තමා මේ ලෝකේ හොඳම අම්මා ..." ඉස්කෝලෙට යන අතරමග කොල්ලා එක තත්පරයක් කට වැහුවේ නෑ.. එයාගේ යාලුවන්ගේ ගෙවල්.. අදුරන අයගේ ගෙවල්.. කදු.. ඉර.. වලාකුළු.. පාරේ ඉන්න බල්ලො පූසෝ... ගස් වැල්.. මහවැලි ගග.. යාලුවන්ගේ ඉස්කෝල.. පාරේ යන ලස්සන බස්.. එයා ඒ හැමදේම මට පෙන්නුවා.. ඒවා ගැන කතා කරා.. අවුරුදු ගානක්ම නුවර පාරෙ යන මට ඒවා අරුමයක් නෙමේ.. ඒ පුංචි හිතේ තෙරපෙන දේවල් කියාගන්න නැතුව එයා කොයිතරම් පාලුවෙන් ඉන්න ඇතිද..? එයාව ඉස්කෝලෙට දාලා දවල් වරුවේ නුවර ටවුමේ ටිකක් ඇවිදලා ඉස්කෝලෙ ඇරුනම එයත් එක්ක දළදා මාලිගාව ට ගිහින් එන ගමන් එයා ආස දේවල් කන්න බොන්නත් අරන් දීලා ගෙදර එද්දී හවස් උනා.. "පුතාට මහන්සිද?..." මොන.... ඒ මූණේ හද පායලා වගේ.. ගෙදර ඇවිත් කොල්ලගෙ ඇග සෝදන අතරේ අපේ අම්මා කුස්සියේ ඉදන් කෑ ගහනවා... "පුතේ .. ඉක්මනට එන්නකෝ.. මේ බලන්නකෝ ..." "එකත් එකටම සර්පයෙක් වෙන්න ඇති.." පෙරේදා එහා වත්තේ සර්පයෙක් හිටියා කියලා අම්මමයි කිව්වේ.. මං කුස්සියට දිව්වේ විදුලි වේගෙට.. "මං අම්මට හැමදාම කියනවා හවස් වෙද්දි මේ දොර වහලා තියන්න කියලා.. කෝ අහන් නෑනේ.... කෝ.. සර්පයා කොහෙටද ගියේ..?" "මෙහේ ආව මොකෙක්වත් නෑ අනේ.. මේ බලන්නකෝ..." අම්මා අතේ තියන් ඉන්නේ පුතාගෙ ඉස්කෝලේ අරන් ගිය කෑම පෙට්ටිය .. විස්වාස කරන්න.. ඒක හිස්.. ඒත් මගේ ඇස් පිරුණේ අපිරිමිත දරු සෙනෙහසට දිය වෙලා ගිය සතුටු කදුළු වලින්.. 😊😊😊😊😊😊😊😊😊 අංජු❤️ Dr Anuja Herathනිසසල ආලයක් ❤️ හැමදාම නුඹ ඇන්දෙ එක වාගේ ඇඳුමක් සැඟවිලා තිබ්බේම යුනිපෝන් පෙනුමක් නුඹෙ ගමන වෙලා මට දැන් පුරුදු දසුනක් නැති දාට දැනෙන්නෙම මහ පාලු ගතියක් කෝච්චියෙන් බැස දුවන නුඹෙ නිවුනු ගතියක් දැක්කා මං හැමදාම, නෑනෙ කිසි කතාවක් අහගන්න නුඹේ හඬ මං බලපු වාරයක් කොන්දාවත් ඇහුවෙ නෑ බහින තැන වතාවක් උස මහත ගලපලා දීලා රැලි කොණ්ඩයක් ඔහු මවලා තිබුනේම දෙවියො ගෙන කාලයක් නැතිවාට කොහොමටත් අපගේ කතාවක් ඒ රූපෙ දැකීමත් මට භාව නාවක් කල් යවා වැඩක් නෑ සිතා තව වතාවක් ඇහුවා මම *වැහි නේද* පුරන්නට කතාවක් මගෙ හිතේ ඇඳි සේම දීලා මල් හිනාවක් දෑඟිලි රඟා කීවේ දුක හිතෙන කතාවක් දුන්නාට හිත හිතා අපූරුම රූපයක් දෙවියන්ට බැරිවෙලා මවන්නට කට හඬක් මැව් හීන දින ගනන්, සුනු විසුණු උනු හැඩක් දරනු බෑ රෑ තිස්සෙ නෑ මෙමට නින්දක් ඇත්තටම මොකකටද ආලයට කතාවක් මගේ හිත හැඳිනුවෙත් ඒ හිතේ තාලයක් මවන්නට ලෝකයේ නිසසලම ආලයක් හෙට හවස අහනවා "ආදරෙද" වතාවක්අපි හාවෝ කට්ටියට විවිද ආතල් තියෙනවා මගේනම් ආසම සීන් එකක් තමයි මනා සේ දැනගෙන ගොනා සේ ඉදීම සමහරු ආසයි වෙච්චි මොකක් හරි සීන් එකකට තමන් වීරයා කරගෙන කතාව ප්‍රතිනිර්මානය කරන්න. නැවක කාමරයක වෙච්චි ගිනිගැනීමක් නිවපු කතාවක් මම අහලා තියෙනවා. 5 දෙනෙක් විතර කියලා තියෙනවා අනිත් අය කවුරුත් ආවේ නෑ උදවුවට, බයේ හැංගුනා, මමයි තනියම ගිහින් නිමුවේ කියලා. බලනකොට ඇත්තටම නිමලා තියෙන්නේ වෙනමම එකෙක්. තව නැවක වෙච්චි මිනීමැරුමක් ගැන කතාවක් අහලා තියෙනවා 50දෙනෙක් විතර ඇහින් දුටු සාක්ශි වගේ කතාකරනවා. හැබැයි ඒ හැමෝමත් ඒ කතාව අහගෙන තියෙන්නෙ තව කෙනෙක්ගෙන්. සීන් එක ඇත්තටම උන වෙලාවේ කතාව කියන ඈයෝ එක්කෙනෙක්වත් හත්ගවුවකවත් ඉදලා නෑ. තව සමහරුන්ගේ ආසම කතාවක් තමයි මම එතන හිටියනම් ඕක ඔහොම වෙන්න දෙන්නේ නෑ කියලා පම්පෝරි ගහන එක. හැබයි ඉතින් එයා එතන හිටියත් වෙන්නේ ඒකම තමයි. සමහර විට ඊටත් වඩා සොරි ඩොට් කොම් වෙන්න ඉඩ තියෙනවා. තවත් ආසම සිද්දියක් තමයි ණයට ඉල්ලනකොට කියන බොරු. ලබන සුමානේ ලෝන් එකක් පාස් වෙන්න තියෙනවා, ගොවිසෙතක් ඇදෙන්න තියෙනවා, මැණිකක් හම්බවෙන්න තියෙනවා, මැරෙන්න ඉන්න සීයගේ දේපලක් ලැබෙන්න තියෙනවා, දෑවැද්දෙන් ඇඩ්වාන්ස් එකක් ලැබෙනවා. අදුනන නැන්දා කෙනෙක් සල්ලි වගයක් දෙනවා කිවුවා. ඔය වගේ හරි සුන්දර සුරංගනා කතා කියන්නේ. ඒ ටික ඔක්කොම අහගෙන ඉදලා ගන්න පුලුවන් වෙනමම ලල් එකක්. හැබැයි ඉතිං බොරුබව දැන් දැනත් තාමත් අහුවෙන වෙලාවල් නැතුවමත් නෙවෙයි. ණය දුන්නා වගේ නෙවෙයි, ආඔඅහු සල්ලි ඉල්ලනකොට අහගන්න වෙන කතා ගැන වෙනමම පොතක් අච්චු ගහන්න ඉන්නේ, ඒ නිසා ඒ ගැන මෙතන කතානොකර ඉමු. එච්චරකට විචිත්‍රයි ඒ කතා. ඔය ඔක්කොම බොරු අහගෙන ඉදලා රැවටුනු බූරුවෙක් වගේ රගපාන එක වෙනමම කලාවක්. හැමෝටම ඒක කරන්නත් බෑ. ඒකට සෑහෙන ඉවසීමක් තියෙන්නත් ඕනී. හැබයි ඉතිං ඒ ඔක්කොම කරන්න පුලුවන් ඔය කෙබර වලින් අපිට හානියක් නැත්නම් විතරයි. උදාහරනයක් විදිහට දන්න අදුනන කෙනෙක් එක-ගමනක් යනවා කියලා වෙන-ගමනක් ගියාට අපිට මොකෝ, ඒකෙන් අපිට ගැටලුවක් නෑනේ. දැනගත්තත් නොදන්නවා වගේ ඉන්න පුලුවන්. කවුරුහරි ඇහුවත් දන
්නේ නෑ කියලා ෂේප් වෙන්න පුලුවන්. හැබැයි ඒ ගිය කෙනා හෝ ගිය ගමන අපිට බලපාන එකක් නම් ප්‍රතිචාර දක්වන්න වෙන්න වෙනමම විදිහකට. නැත්නම් වෙන්නේ අර නිවට කරනවෑමියා දැක්කම රැවුල පාන එලුවගේ සීන් එක වගේ එකක්. ඒ අස්සේ අපි බොරුකියන්නේ නැද්ද ? මමනම් කියන්නේ ඉදලා හිටලා බොරුවක් කියන්නේ නැතුව පවුල්-සංස්ථාව රැකගන්න අමාරුයි. වෆිෆ් උදේ වැඩට යනකොට මට වැඩ ටිකක් කියලා ගියා කියන්නකෝ, ඔන්න දැන් ඉතිං 10ට විතර කෝල් කරලා වැඩේ කලාද අහනවා. නෑ කිවුවොත් කේස්, ඉවරයි කිවුවොත් තව වැඩක් පටවන්න ඉඩ තියෙනවා, නිසා දෙකෙන්ම ශේප් වෙන්න මෙහෙමයි කරන්නේ. වැඩේ පටන් අරගෙන තියෙන්නේ, තව ටික වෙලාවක් යයි ඉවර වෙන්න. ඔන්න ඔහොමයි උත්තරේ දෙන්නේ, හැබැයි ඇත්තටම මම තවම ඇදේ - එක්කෝ නිදි, නැත්නම් ෆෝන් එක ඔබනවා. කොහොමහරි හැබයි එයා ගෙදර එන්න කලින් ටාගට් එක කවර් කරලා තියනවා. එතකොට සැපයි, සනීපයි. එහෙම කාටවත් කරදරයක් නැති බොරුවක් ඉදලා හිටලා කියන්න වෙනවා. තව හරිම කොමන් බොරුවක් තමයි කඩේ ගිහින් ආවට පස්සේ මොනාහරි ගේන්න අමතක උනාම - හැමතැනම හෙවුවා පැටී, එත් ඒක තිබ්බේ නෑ අනේ කියල එක. එහෙම නැත්නම් ඒ කඩේ අද වහලනේ කියන එක. මමනම් කියන්නේ ඒ වගේ චූටි චූටි බොරු අපිට ජීවිතේදී කියන්න වෙනවා යහතින් ඉහගහගන්නනම්. එයාලත් ඕවා බොරු කියලා නොදන්නවා නෙවේ. ආදරෙට ඉන්නවා නොදන්නවා සේ. හැබයි ඉතිං වයිපරේ ඇස් දෙක දිහා බලාගෙන මොනාහරි කෙලින්ම ප්‍රස්නයක් ඇහුවොත් ඒකටනම් ඇත්තම උත්තරේ දෙන්න ඕනී, මොකද ඒ අහන්නේ එයා නොදන්නා කමට නෙවෙයි, මොකක්ද අපි දෙන උත්තරේ කියලා ඩබල් චෙක් කරන්න. ඒ නිසා ඇත්තම කියලා ජීවිතේ බේරගන්න එකතමයි නුවනට හුරු. මේ සේරම මතක් උනේ අද වෙච්ච සීන් එකක් නිසා. ගේවල් ගාව ඇන්ටි කෙනෙක් ආවා දවලේ. ඒ වෙලාවට ගෙදර ඉන්නේ මම විතරයිනේ. (කලබල වෙන්න එපා, ගොඩක් වයසයි එයාට). වෙනදටත් වයිෆ් ඉන්න වෙලාවට ඇවිත් පොඩි පොඩි ගනුදෙනු කරගෙන යනවා ඇත්තම කියනවනම් ඒවා ගනු විතරයි, දෙනු නෑ. දැනටත් ඒ වගේ පොඩි පොඩි ගනන් ටිකක් තියෙනවා අය වෙන්න. ඇවිත් ඕපාදූප කියවනවා. මමත් බලන් ඉන්නවා කීයට හරි ආපු කාරනාව කියයිනේ කියලා. ටිකක් ඔහොම රවුමේ ගිහින් ගිහින් පස්සේ මොකක්ද බෙහෙත් තුන්ඩුවක් දීලා කියනවා බෙහෙත් වගයක් ගන්න තියෙනවලු, අරන් දෙන්න පුලුවන්ද, ගොඩක් පිං ලැබෙනවලු. වයසක මනුස්සයෙක් ඇවිල්ලා බෙහෙත් ටිකක් ගන්න උදවුවක් කරන්න කියපුවම බෑ කියන්න පුලුවන්ද. අපේ වැඩක් පස්සට දාලා හරි අනිවාර්යයෙන් කරනවනේ. මම ඇහුවා කීයක් විතර යයිද කියලා, රු හාරදාස් ගානක් යනවලු සුමාන දෙකකට. මෙහෙ ටවුමේ නෑලු, වෙන කොහෙන්ද ගෙන්නන්න ඕනිලු. ඒකටත් රු 500ක් යනවලු වීල් එකකට. අපි ඉතිං හැමතිස්සෙම සල්ලි අතේ තියාගන්නේ නෑනේ. තිබුන සල්ලි වලිනුත් කීයක්ද වයිෆ් අරන් ගියා, ලමයින්ටත් ඉස්කෝලේ වැඩකට සල්ලි දුන්නා, රු 200-300කට වඩා පර්ස් එකේ තිබුනේ නෑ, ඇන්ටී කියන විදිහට එයාගේ වැඩේට අඩුම රු 5000ක් වත් යයි වගේ. පස්සේ මම කිවුවා ඇන්ටී බෙහෙත් තුන්ඩුව තියලා යන්න. මම ඒ ටික හවසට අරන් දෙන්නම් කියලා. එයා ඒකට වැඩිය කැමති නෑ වගේ. අර කොහෙදෝ තැනක විතරලු ඒ බෙහෙත් තියෙන්නේ. ඉතිං දෙයියනේ සල්ලි අතේ නැත්නම් මොකෝ කරන්නේ. මම කොහොම හරි තියෙන තැනකින් බෙහෙත් ටික ගෙනල්ලා දෙන්නම්, ඇන්ටී යන්නකෝ කියලා පිටත් කරගත්තා. හවස ඒ බෙහෙත ගේන්න ෆාමසි ගියා කියමුකෝ. ඒක අවුරුදු දෙකක විතර ලමයෙකුට කෑස්සට බෙහෙත් ගත්තු තුන්ඩුවක්. අපිට දොස්තර අකුරු කියවන්න බෑනේ. බලන්කොට මේ ගෑනී සල්ලිගරාගන්න බොරුවක් කරලා තියෙන්නේ. වයිෆ්ගෙන් සල්ලි ඉල්ලල්ලා ඉල්ලල්ලා නය වෙලා තවත් ඉල්ලන්න බැරිකමට මගෙන් සල්ලි කඩාගන්න ගහපු උප්පරවැට්ටියක්. මම බෙහෙත් ගේන්න ෆාමසි යන එකක් නෑ, අනුකාම්පාවට සල්ලි දෙයි කියලා හිතන්න ඇති. පස්සේ එයාට බෙහෙත් තුන්න්ඩුවත් දීල කියන්න ඕනි ටිකත් කියලා ආවා. කෙලින්ම ඇත්ත කියලා සල්ලි ඉල්ලුවනම් වයසට ගරු කරලා හරි, සල්ලි මම දෙන්නත් ඉඩ තිබ්බා. ඒත් ඔන්න ඔය ජාතියේ බොරුවයි ප්‍රෝඩාවයි තමයි දිරවගන්න බැරි. ආයෙනම් පණයන්න කිට්ටුයි කියාගෙන සල්ලී ඉල්ලුවත් සත 5ක් වත් දෙන්න හිතෙන එකක් වත් අනුකම්පාවක්වත් දැනෙන එකක්වත් නෑ. සමහරු හිතන් ඉන්නේ අපි කැරට් කන හාවෝ කියලා. මනුස්සමකමට හිනා වෙලා කතා කලාම ගෝනි නැතුව කරේ නගින්නයි හදන්නේ. ඒ නිසා මීටරෙන් ඉමු. ඔබට ජය ! (ෆොටෝ එක අදාල නෑ. ඒක අන්තර්ජංජාලයෙන් බාගත්ත එකක්)මේ හා සමාන කතාවක් පහු ගිය දිනවල සමාජ මධ්‍යයේ මම දැක්කා. හැබැයි මේක ඊට වෙනස්. මේක මගේ අත්දැකීමක්.මේක මෙහෙම ලියන්න හිතුනෙත් මට විතරක් නෙවෙයි කාටත් මෙහෙම වෙනවනේ හිතලා. මගේ හොදම යාළුවා බලන්න මනමාලයෙක් එනවා කියලා මාසෙක විතර ඉදන් මට කනක් ඇහෙන්න නෑ. රෑ දවල් නැතුව ලව් කරන සිගිත්තෙක් වගේ මට හැමදාම එකම බනේ අහන්න වෙනවා. ඒ වෙද්දී යාලුවා යාලු වෙලා හිටියේ අපේ බැජ් වල හිටිය කොල්ලෙක් එක්කමයි. ඒ ලව් එක ගෙදරට කියන්න නැතුව මේ යෝදි මගෙත් එක්ක දුක කියනවා. එතන පොඩි සාදාරණ හේතුවකුත් තිබුණා. මගේ යාළුවගේ තාත්තා නීතිකාරයා. ' ඒ නීති පොතේ විදියට යෝජනාවකින් බැදෙන්නෝ සදාකාලික වන අතර අනිත් සියල්ලෝ තාවකාලිකයි.' හමුදාවේ හිටපු ලොක්කෙක් හින්දද කොහෙද කිව්වොත් කිව්වා. ඉතින් මේ විකාර ඔක්කොම හින්ද අර වාදක බාරී දුක කියන්නේ මට. කොහොමින් කොහොම හරි එදාට මමත් එන්න පොරොන්දු වෙලා වෙන දෙකට මූන දෙමු කියලා හිත හදාගෙන හිටියා. ඔය අස්සේ පිළිකා රෝහලට කොන්ඩේ දෙන්න ආසාවක් ඇතිවෙලා මගේ කොන්ඩේ මම කපලයි හිටියේ. යාලුවත් කැමති උනාට මොකද තාත්තා අකමැති නිසා පාඩුවේ හිටිය. ඉතින් කොහොම හරි මනමාලය එන දිනේට කලින් දවසේ මම අම්ම හදලා දුන්නු කොකිස් මුලත් අරන් යන්න ලෑස්ති උනා. අම්මත් යාළුවගේ ගෙදර මිනිස්සු පවා දන්නා නිසා හිස් අතින් මාව යැව්වෙත් නෑ. හන්දියට ගිහින් දාහන් කියල අයියට කිව්වට ඒ උත්තමයත් යාලුවෙකුගේ වැඩකට යන්න ඕනේ කියල ලෑස්ති වෙන නිසා මම පයින්ම ඇදලා හන්දියට ඇවිත් බස් එකේ ඇද්දා. ගිහිල්ලත් නිවනක් නෑ. මේ අංගනාව මාව කාමරේට දාගෙන අඩනවා දොඩනවා සියදිවි නැතිකරගන්න කතාව. ඒ අස්සේ ඉතින් ගෙදර වැඩවලටත් උදව් කරගෙන මේ වැලහින්නවත් නලෝගෙන දෙපැත්ත බැලන්ස් කරන්න උනේ මට. යාළුවගේ අම්ම සීන් එක දැනගෙන හිටියත් තාත්තගේ නීතියට ඔක්කොම යටයි. කොහොමින් කොහොමින් හරි දවස උදා උනා. කට්ටිය නැගිටලා හෝ ගාල වැඩ. ඒ අස්සේ යාළුවා යාලු වෙලා ඉන්න සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයා කෝල් කර කර 'හෙප්පුව නම් දෙන්න එපා වෙන උන්ට" කියලා එකම යමතයයි. එහෙන් මනමාල පාර්ශවේ ගෙට ගොඩ උනා. මමයි යාළුවයි කාමරේ. මෙහෙන් මේ වහන්තරාව තාත්තගේ නීතිය ඒකනම් නම් මගේ නීතිය මේකයි කියලා දෙකක් දෙසන්ට සාලෙට යන්න හදනවා. ඔය ගැම්ම කලින් ආවානම් මොකද? දැන් එකම යමතයයි. එහෙන් සාලේ කතා බහ ඇහෙනවා. අපේ දුවගේ කොන්ඩේ දිගයිලු. දිගට අදිනවලු, එකම වර්ණනාව. ඇත්ත ඉතින් මම ටිකක් කොටට ඇදුම් ඇන්දට යාළුවා දිගට ඇන්දා. කපු කම කරපු නැන්දා උනත් යාළුවාව කලින් දැකල තිබුනේ නෑ කොහොම කෙනෙක්ද කියලා. කොහොමින් හරි මනමාලි එක්කන් එන්න කියද්දී මෙන්න මේ කෙල්ල නැගිටලා යක්ෂනි වගේ පනින්න හැදුවා සාලෙට. මමයි යාළුවගේ අම්මයි කොහොමින් හරි අල්ලාගෙන කාමරේට ඇදලා ගත්තා. හෙප්පුව සාලේ පැත්තට ගහන්න යද්දී බොහොම අමාරුවෙන් ඒක මම අල්ල ගත්තා. ඒ එක්කම හරි සන්තෝසයි කපු බවලතා ඇවිල්ල දොර රෙද්ද ඈත් කරපි. යාළුවා ඇද උද ඉදගෙන. මම හෙප්පුව අරන් දොර ලග. යාළුවගේ අම්ම මට පිටිපස්සේ. 'පරක්කු මොකද කියලා බලන්න අවේ', කියලා මගේ උඩ ඉදන් යටට බලලා 'යමු පුතේ' කියලා කපු නැන්දා මාව එක්කන් සාලෙට ගියා. හීනෙන් වගේ සාලෙට ගියා මතකයි. හෙප්පුව අතේ. යාළුවගේ තාත්තගේ ඇස් කටේ. මාව දැන් වෙවුලනවා. ඒ අස්සේ මනමාලයාගේ අම්ම කියපි, 'අපි සාරි අදින්න කැමති උනාට මොකද අද කාලේ ළමයි සාරි අදින්න කැමති නෑ. එකට නම් මොකද ඉතින්, හැබැයි කොන්ඩේ දිගයි කිව්වට දිගම නෑ නේද' කියලා. ඒත් එක්කම ගැඹුරු කටහඩකින් 'පිළිකා රෝහලට දෙන්න ඇති' කියලා ඇහුනා. හුරුවට වගේ පිටිපස්ස බලද්දී දැක්කේ මනමාලයට එහා පැත්තෙන් අපේ අයිය ඉදගෙන ඉන්නවා. ඒ වෙලාවේ දාපු හීන් දාඩිය ගැන විස්තර කරන්න අදටත් හරි අමාරුයි. කොහොම හරි කවලා පොවලා මනමාල පාර්ශවේ පිටත් කරලා ගිය සැනින් අයියා අවා. හරි විස්තරේ නොකියන්න අදටත් මට දත් ටික නෑ. මම (UK Jayakodi) ජායාඑක රොටියක් හොඳටෝම ඇති. ( සිර්ෆ් ඒක් රොටී ) ( ඔරු රොට්ටි මතී - මලයාලම් ) මට කේරලයේ යාළුවෙක් ඉන්නව. ටිකක් අමුතු චරිතයක්. පැසුණු කෙනෙක්. එයා හොඳ දේශකයෙක්. ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. කේරලයේ ඉන්දියාවේ වගේම ලෝකේ පුරාම යාළුවෝ ඉන්න මිත්‍රශීලී චරිතයක්. නොදන්න ක්ෂේත්‍රයක් නෑ. ඇඟ පුරාම මොලේ කිව්වත් වැරදි නෑ. ආශ්‍රය කරන්න වටින චරිතයක්. එයාගේ හොඳම යාළුවා කේරලයේ කැඩුම් බිඳුම් පිළිබඳ බටහිර වෛද්‍යවරයෙක්. එයා යුද්ධ තියන රටවල් හොයාගෙන හිහින් යුද්ධයෙන් පීඩා වුන අයට වෙදකම් කරන කෙනෙක්. අද කොහේ හරි යුද ගැටුම් තියන අප්‍රිකානු රටක ඉන්න මෙයා ඊළඟ මාසේ ගාසා තීරයෙන් එහෙමත් නැත්නම් යුක්‍රේන් වලින් මතුවෙනවා. අවුරුදු කීපයකට කලින් දෙන්නාම ලංකාවට ආපු වෙලාවේ මම දෙන්නව මුනගැහෙන්න කල්පනා කලා. දකුණු පළාතේ වෙරළබඩ හෝටලයකත් දවස් කිහිපයක් ගතකල මගේ මිත්‍රයින් දෙන්නා ත්‍රිවෙන්ද්‍රම් වලට යන්න කලින් නැවතිලා හිටියේ වැල්ලවත්තේ හෝටලයක. " මගෙත් එක්ක ඔහොමම නුවර යමු " මම යෝජනා කලේ ලංකාවේ අසිරිය දෙන්නට පෙන්වන්න. " හරි මම කැමතියි. මට විනාඩි දහයක් දෙන්න . මම ආපහු කතා කරන්නම් " විනාඩි දහයක් යන්නත් කලින් ආපහු මට ඇමතුමක්. " මම එක පයින්ම කැමතියි නුවර යන්න. මගේ යාළු ඩොක්ටර් ගේ ඉල්ලීමක් තියනවා. එයත් කැමතියි ගමනට එකතු වෙන්න. " " හරි යමු " එදා සෙනසුරාදාවක්. හවස් ජාමේ වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එකෙන් මිත්‍රයින් දෙන්නව එකතු කරගත්තු මම ඉස්සෙල්ලම යන්නේ ගංගාරාමේ පංසලට . ඊළඟට මැරයින් ඩ්‍රයිව් එක හරහා කොළඹ කොටුවට. "සුද්දගේ කාලේ ලංකාවෙයි දකුණු ඉන්දියාවෙයි ගොඩනැගිලි
කොන්ත්‍රාත් කරලා තියෙන්නේ එකම කොම්පැනි වගේ " මගේ මිත්‍රයා කියන්නේ කොටුවේ කාර්ගිල්ස් මිලර්ස් වගේ පරණ ගොඩනැගිලි දිහා බලමින් . " කෙන්‍යාවේ මොම්බාසා වල පරණ ටවුමෙත් මේ වගේ ගොඩනැගිලි තියනවා. " ලෝකේ පුරාම කරක් ගසා ඇති දොස්තර මහත්මයා කියයි. " ඒක හරි අපූරු කතාවක්. මීටත් කලින් අහල නැති දෙයක් තමා මොම්බාසා වල පරණ ටවුම . " හැබැයි නැගෙනහිර අප්‍රිකාවේ රේල් පාරවල්, පාරවල් ගොඩනැගිලි ඉදිකලේ ඉන්දියාවෙන් ගිය අයකියල නම් අහල තියනවා " මමත් කතාවට එකතුවුනේ යමක් දන්න බව පෙන්නමින්. " ඉන්දියන් අය තමයි සුද්දන්ගේ හොඳම කීකරුම සේවකයෝ. සුද්දන්ගේ කපටි කම් දක්ෂ කම් ඔක්කොම එයාලා ටක් ගාලා අල්ල ගත්තා " කොළඹ ටවුමේ හවස් වෙනකම් කරක් ගහපු අපි තුන්දෙනා කටුනායක අධ්වේගයට එක් වුනේ කටුනායක නිට්ටඹුව හරහා නුවර යන්න . " මේක මරු හයි වේ එකක් නේ " සිය නිකෝන් කැමරාව මීගමු කලපුව දෙසට මානමින් මගේ මිත්‍රයා කීවා. " කොළඹට එනකොට මේකෙන් නෙමේද ආවේ ? " " අපි ත්‍රිවෙන්ද්‍රම් වලින් ආවේ උදේ. මෙහෙට එනකොට දවල් වෙලා. අපේ ඩ්‍රයිවර් කිව්වා සාමාන්‍ය පාරේ යමුකියලා " " වෙනසක් නෑ ගස්කොලන්, පොල් රුප්පාවල් , මිනිස්සු ඔක්කොම කේරලේ වගේ. කාරණා දෙකක් කියන්න ඕනෑ. ලංකාවේ පාරවල් හොඳට හදලා, පාර දෙපැත්තේ අපේ රටේ වගේ කුණු නෑ..සුපර් " දොස්තර මහත්මයා කතාවට එකතුවුනේ මිනුවන්ගොඩත් පහුවෙද්දී. " මේ හරිය නම් අපේ අලිපේ වගේ " මේ කොරෝනාවලටත් කලින් තරමක් පාරේ තදබදය තිබුණු කාලේ. අඹේපුස්සේ අවන්හලෙන් කිරි අලුවා සහ උඳුවැල් කා කිරි තේ බීම ඔවුන්ට විනෝදයක් වී තිබුණා. " ජලේබී නේද ? " " නෑ මේක ලකාවේ කෑමක්. උඳුවැල් " " උන්ඩුවැල් ...උන්ඩුවැල් " ඔවුන් අමාරුවෙන් උච්චාරණය කරන්නට වුනා. කොහොම හරි නුවරට යන කොට රෑ අටත් පහුවෙන්න ඇති. " මගේ මිත්‍රයින් දෙදෙනෙක් එන බව ආරංචි වූ නිසා මගේ බිරිඳගේ මව ඉඳිආප්පත් රොටීත් හදා තිබුණේ තව වෑංජන දෙකතුනකුත් එක්ක. එකක් කලුපොල් මාලුවක්. මගේ මිත්‍රයා ඉඳිආප්ප වලටත් වඩා කැමතිවුනේ රොටී වලට. මගේ මිත්‍රයා එක රොටියක් කා අවසන් කලා. " තව කමු.. ඉඳි ආප්පත් කමු " මගේ නැන්දම්මා පෙරැත්ත කලා. " ඇති හොඳටෝම ඇති. වයස පනහ පැන්නම වැඩිය කන්න හොඳනෑ. යන්තම් පන ඩිංග ගැට ගහ ගන්න කෑවම ඇති . මම ඉන්දියාවෙදි කන්නෙත් එක රොටියයි . නැත්නම් චපාති එකයි . දොස්තර මහත්මයා නම් කයි . එයා තාම තරුණයි. ": " යෙස් යෙස් " කියමින් දොස්තර මහත්මයා ඉඳිආප්ප කිහිපයක් තම පිඟානට දාගන්නට විය. මේ මගේ මිත්‍රයා කේරලයේදී කනවා යැයි කියන එකම එක රොටිය. සංජය දොළමුල්ලHelsinki Diaries - 1 හෙල්සින්කි දිනපොත -1 හෙල්සින්කි පුස්තකාලේ..... ================ හෙල්සින්කි ඩයරි කියලා ලියලා තිබුනට මුලින්ම කියන්න ඕන මේක මගේ දිනපොතක් ලිවීමක් නොවෙන විත්තිය.කාලෙකට පස්සෙ විවේකී කාලසීමාවක් ආපු නිසාත් අලුත් රටක වාසයට ඇවිත් අලුත් අත්දැකීම් ගොඩකුත් දිනපතා එකතුවෙන නිසත් ඒ අත්දැකීම්වලින් ලියන්න තරම් වටිනවා කියල හිතෙන දේවල් ගැන ලියන්න හිතුනා.බ්ලොග් කෙරුවාවට සමුදීලා අවුරුදු 10 ක් විතර වෙන්නත් ආවා.බ්ලොග් ලිවිල්ල නිසා හමුවුන පාඨකයෙක් ජීවන සහකරු වුන නිසා බ්ලොග් ලිවිල්ලත් එහෙම්මම නැවතුනා.බලන්න නයනී ඒකෙත් හැටි..... ලියවිල්ල නිසාම හමුවුනු සහකාරියත් එක්කලා වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා මේ මාසෙ මුල ෆින්ලන්තෙට ආවා.දැනට ඉතින් වාසදේසය ෆින්ලන්තයේ අගනුවර හෙල්සින්කි දිහාවේ තමා.තාම ඇවිල්ල සති දෙකයි.මේ සති දෙකට ගොඩක් අලුත් අත්දැකීම් ලැබුවා.ඒ අතරින් එකක් ගැනයි මේ ලියන්නේ. මම ආසම ජාති දෙකක් ගැන මගේ යාළුවෝ දන්නවා.ආන්න එයින් එකක් මෙහේ හරිම සුලභයි.ඕන තරම් හොයාගන්න තියනවා.අනිත් එක අර තරම්ම නැතිවුනත් හොයාගන්න තියනවා.හැබැයි ටිකක් ගනන්.කොච්චර ගනන්ද කිව්වොත් මුළු යුරෝපෙන්ම සාපේක්ශව ගණන් වැඩි මෙහේලු.ඕක මම කලින් දැනගෙන හිටියේ නෑ සිරාවට.ගනන් වැඩි හොයාගන්න අපහසු එක ගැන කියන්න කලින් හොයාගන්න ලේසි දේ ගැන කියල හිටින්නම්කෝ.... ඒ තමයි පොත්.... පොත් පිස්සුව කොච්චරද කියනවනම් මෙහේ ඇවිල්ල දෙවෙනි දවසෙම Second Hand shop එකක තිබිලා Agatha Christy ගේ A murder is announced පොත ගත්තා.මෙහේ Second hand shop කියන්නේ පොත් විතරක් නෙවෙයි.ලී බඩු , විදුලි උපකරණ , ඇදුම් ආයිත්තම් , පොත් , DVD එකී මෙකී නොකී සියල්ලම වගේ තියෙනවා.ඒව ගැන වෙනම ලියන්න ඕන.රයිටෝ...නැවතත් මාත්තුරුකාවට එමු.පොත්... මෙහේ භාශාව Finnish නෙ.හැබැයි Finnish බැරිනම් ෆිනිශ් වෙන්නෙනම් නෑ.මොකද මෙහේ අයට (හෙල්සින්කි) English නුත් පුලුවන්.පොත්කඩ වැහිවැහැලා ගානට ඇති නමුත් අදෝමැයි English පොතපතනම් ඉතා අඩුයි තමා මම දැනට දෑක්ක විදිහට වැඩියෙන් තියෙන්නෙ Finnish භාශාවෙන් ලියවුනු පොත්.ප්‍රසිද්ධ English පොත් ගොඩාක්ම Finnish වලට පරිවර්තනය වෙලාත් තියනවා දැක්කා.කෝමින් කෝමහරි මේ සති දෙකට English පොත් තුන හතරක් ගත්තා.අපි ඉතින් මෙහේ ස්ථිර පදිංචිකාරයො නෙවෙයිනෙ ආයුබොවන්ඩ.ඒක නිසා ඉන්න තැන කාරිය වැඩිය පොතපත ගොඩගහගන්න ඉඩක් නැතුවා.අලුතින් පොත පත ගන්න ඕනවට වඩා බජෙට්ටුවෙන් මුදල් වෙන්කරන්නත් මුදල් ඇමැතිනිය අකමැති වෙච්චි මේ පුරවැසියා කුමක් කරම්දැයි කල්පනා කරන්නේය... එකල්හි යටගිය දවස සිරිලකැ රුහුණු දේසයේ මාතර පුරවරයේ පුස්තකාලන්හි කාලය ගතකල බව මේ මානවකයාගේ සිහියට නැගෙනේයැ.හෙතෙම එළඹි සිහියෙන් යුතුව අන්තර්ජාලය පිරික්සැන්නේ පින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදැ පුස්තකාල 37 ක් ඇතිබවත් එම පුස්තකාල එකම ජාලයක් බවත් දැනගන්නේය.තවදුරටත් පවත්නම් මෙසේයැ... පුස්තලකාල වලින් ලොකුම එක හෙල්සින්කි වල පිහිටලා තිබුනට අපේ ගමෙත් (ඇවිල්ල සති දෙකට අපේ ගම වුන හැටි....) එක පුස්තකාලයක් තියෙනවා කියලා දැනගත්‍තා.ගෙදර ඉදල මීටර් 500 යි.අද දවල් කෝල් එකක් දීලා විස්තර ඇහුවා.බොරු කියන්න ඕන නැහැනෙ.ඉස්සෙල්ලම ඇහුවෙ English පොත් තියනවද කියලා.නැත්නම් ඉතින් රූපපොත් විතරනේ බලන්න වෙන්නේ.පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව් වුන නිසා දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා.කීය වෙනකල් පුස්තකාලේ විවෘතද කියලා.රෑ 8 වෙනකල් ඉන්නවයි කියල කිව්වෙ ඔය බොලන්.මෙහේ මේ කාලෙට ඉර බහින්නේ රෑ නමයහමාරට විතර නිසාද දන්නේනම් නෑ. ඉතින් අද හැන්දෑවරුවේ 7ට විතර පුස්තකාලෙට ගියා.ගියපු ගමන් ගමරාල සිල්ගත්තා වගේ වැට අයිනටවෙලා නෙවෙයි පලවෙනි පොත් රාක්කේ ගාවට වෙලා ඉන්නකොට පුස්තකාලෙ ලොකුමිස් ඇවිත් ඇහුවා මොකෝ මේ බැහෑරක්ද කියලා.දැන් තොපි හිනාවෙන්න එපා.ඒ මනුස්සයා එහෙම තමා ඇහුවේ.පොත් බැහැර දෙනවට කියන්නේ Lending කියලානේ.ඉතින් මම ඔව් කිව්වට පස්සෙ මගේ මෙහේ අයිඩෙන්ටිය අරගෙන මගේ විස්තර පුරවගෙන Library Card එකක් දුන්නා.ඒක තමයි ඔය තැබිලි පාටට පින්තූරේ තියෙන්නෙ.ඊට පස්සෙ මාව English පොත් තියන තැනට එක්කගෙන ගිහිල්ලා විස්තර කියලා දුන්නා.බැහැර ගෙනියන පොතක් මාසයක් තියාගන්න පුලුවන්.වැඩි ඉල්ලුමක් තියෙන අලුත් පොත්නම් සතිදෙකයි.පොත්වලට අමතරව චිත්‍රපටි සහ සංගීත තැටිත් බැහැර ගෙනියන්න පුලුවන්.මේ ඕනම දෙයක් බැහැර ගෙනියන්නත් ආපහු බාරදෙන්නත් Self service Terminals තියෙනවා.ඒ කියන්නේ පොත් හෝ වෙනත් දෙයක් අරගෙන යන එකත් නැවත බාරදෙන එකත් අපිඅපිම තමා කරගන්න ඕන.අවංකකම මේ රටේ ඉහලින්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඊට අමතරව පරිගණක පහසුකම් තියෙනවා අධ්‍යයන කටයුතු වලට.මම යන වෙලාවෙත් පොඩි එවුන් 10ක් විතර පොත් කියවන ගමන් සහ පරිගණකවල වෑඩ කරනගමන් හිටියා.ගේම් ගහගහ නම් නෙවෙයි.අධ්‍යාපන වැඩ කටයුතු.මේ කිසිදු දේකට අයකිරීමක් නම් නෑ.ඔක්කොම නොමිලේ.මෑතක් වෙනකල් ඡායාපිටපත් සහ Printout නොමිලේ සැපයූවත් ඒකට පමණක් දෑනට මුදලක් අයකරනවා කියලා එයාලගේ Web එකේ තිබ්බා.Web එකෙන් මම බැහැර ගෙනියපු පොත් ගැන වගේම අවශ්‍ය පොත් තියෙන Library එක හොයාගන්නත් පුලුවන්ලු.App එකකුත් තියෙනවා.කාඩ් එක ගත්තෙ ගමේ පුස්තකාලෙන් වුනාට අර මම කලින් කිව්ව පුස්තකාල 37න් ඕනම එකකින් පොත් ගන්න පුලුවන් කිව්වා.App එකෙන් වගේම Web එකෙනුත් ඕන පොත් ඕඩර් කලොත් වෙන පුස්තකාලෙක තිබ්බත් ඒක ගමේ පුස්තකාලෙට නොමිලෙම ගෙනල්ල දෙනවැයි කියලත් කිව්වා.ඒකත් හොදයි මොකද ගමේ පුස්තකාලේ ලොකු English පොත් එකතුවක්නම් නෑ.ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් අල්ලපු ගමේ පුස්තකාලේත් බලන්න නැත්නම් Helsinki ලොකු පුස්තකාලෙ බලන්න කියලා ගමේ පුස්තකාලේ මිස් කිව්වා.ඔය ඔක්කොම අහගෙන කියාගෙන පුස්තකාලෙන් එලියට බහිනකොට ඒ දොර ගාව එලියෙත් තියනවා දැක්ක පොඩි පොත් රාක්කයක්.ඒ මොකක්ද කියලා පුස්තකාලෙ බාර මිස්ගෙන් ඇහුවම කිව්වේ ඒක පොත් හුවමාරු රාක්කය කියලා.ඒ කියන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ ගාව තියන තමන්ට වැඩක් නැති පොත් ගෙනල්ලා එතනින් තියන්නත් තමන්ට ඕනැයි කියල හිතෙන පොතක් එතන තිබ්බොත් ඒක අරගෙන ගිහිල්ලා ගෙදර තියාගන්නත් පුලුවන්ලු.පුස්තකාලෙනුත් අයින්කරන පොත් ඒ රාක්කෙට දානවා කිව්වා.මම කැමති පොත් එහෙම එතන තිබ්බොත් අරගෙන යන්න කිව්වා. දැනට ඔහොමයි තොරණේ විස්තරේ.පින්තුරෙ තියෙන්නෙ අද අරගෙන ආපු පොත.දැන් ඉතින් කියවන්නයි ලේස්තිය.... ආ...හෝව් හෝව් පොඩ්ඩක්.අර මම කලින් කැමතිම කිව්ව ඒත් මෙහේ ගණන් දේ ගැනත් වචනයක් ලියල මේක ඉවරකරන්නම්.නැත්නම් ඔහෙල එක එකේවා හිතාගනීවි. ඒ හොයාගන්න අමාරු දේ තමා බන් අරක්කු....ඒව මෙහේ ගිණිගනන් ඕයි..... එහෙමනම් ගෙහුන් එන්නම්. nähdään myöhemmin ( මේ ලියලා තියෙන්නෙත් English වලින්නම් ගෙහුන් එන්නම් කියලා සිංහලෙන්නම් See you later කියලා) ප.ලි. - මේක ලියලා දැන් ටික කාලයක්.මේ ලිපි පෙල මේ Group එකත් එක්ක බෙදාහදාගන්න එක හොදයි කියලා හිතුන නිසා පලකලා.ප්‍රතිචාර අනුව ඉදිරි ලිපි ටිකත් පලකරන්නම්ජීවත්වෙන ඇමරිකාව ගැන කතා ලීවට මං සාමාන්‍යයෙන් මම සංචාරය කල රටවල් ගැන විස්තර ලියන්න යන්නේ නෑ. මොකද බොහෝ දෙනා ඒ ඒ රටවල් පිලිබඳ බොහෝම ලස්සන​, වැදගත් තොරතුරු ලියනවා නොවැ. ඒත් මේ සැරේ මා ගිය රට ගැන ටිකක් ලියන්න හිතුනා. ඒකට හේතුව මේ සැරේ මම ගිය රටේ සංචාරය කරන්න බොහෝ දෙනෙක් බය
යි. ඒ නිසා මේ රට ගැන ලියවෙනවා අඩුයි! මොකක්ද රට​? කොලොම්බියාව! මගේ ඉන්දියානු යාලුවෝ කියන විදිහට ඉන්දියන් ජාතිකයින් හරියට අල වගේ! ඇයි එහෙම කියන්නේ? ඔවුන් හැම තැනම​.නැති තැනක් නෑ. කොයි රටකට ගියත්, කොයි තැනකට ගියත් එතැන ඉන්දියන් ජාතිකයින් ඉන්නවා. ඒත් කොලොම්බියාවේ මා ගිය කිසිම තැනක මට ඉන්දියන් ජාතිකයෙක් මුණ ගැහුනේ නෑ. බොහෝ සංචාරකයින් කොලොම්බියාවට නොයන්නේ ඇයි? බොහෝදෙනා කොලොම්බියාව සලකන්නේ ලතින් ඇමරිකාවේ වඩාත්ම භයානක රටවලින් එකක් විදිහට. "යන්න වෙන රටක් ඇත්තෙම නැද්ද?" මම කොලොම්බියාවට යනවා කියනකොට මගේ ලතින් ඇමරිකානු යාළුවෝ පවා ඇහුවා. අපරාධ සහ ත්‍රස්තවාදය වගේම සිවිල් නොසන්සුන්තා සහ පැහැරගැනීම් නිසා බොහෝදෙනා සංචාරය සඳහා කොලොම්බියාව තෝරාගැනීමට පැකිලෙනවා. සමහර ප්‍රදේශවල අවදානම් වැඩියි තමා. ඉහළ මට්ටමේ අපරාධ ඇති පලාත් තියනවා.කොකේන් පේරු, බොලිවියාව, ආර්ජන්ටිනාව සහ ඉක්වදෝරයේ වගේම කොලොම්බියාවෙත් නීත්‍යානුකූලයි.(ඉතිං ඒකටම යන අයත් ඉන්නවා.) කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහොමයිලු!අවධානම වැඩිලු! ඒත් ඒ එකකටවත් මගේ කොලොම්බියානු සංචාරය වලක්වන්න පුලුවන් වුනේ නෑ. ඇයි මම කොලොම්බියාව තෝර ගත්තේ? කොලොම්බියාව යනු සාගර දෙකක්, දේශගුණික පරාසයක්, සංකීර්ණ භූ විෂමතා රටාවක්, විවිධාකාර වන සතුන් ඇති ලෝකයේ වඩාත්ම විස්මිත රටවලින් එකක්! ඒ වගේම කොලොම්බියානු කෝපි ලෝකයේ හොඳම කෝපි කියලයි කියන්නේ. "දකුණු ඇමරිකාවේ දොරටුව" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කොලොම්බියාව ලතින් ඇමරිකාවේ පස්වන විශාලතම රටයි.ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන විශාලතම ජනගහනයක් සිටින රටවල් අතරින් දෙවන තැනට සිටින්නේ කොලොම්බියාව.ලංකාව හා සසඳන කල කොලොම්බියාව ලංකාවට වඩා 17 ගුණයක් පමණ විශාලයි. කොලොම්බියානු ජාතිකයින් ජීවිතය ගැන බොහෝම සැහැල්ලුවෙන් හිතන ජාතියක්. ඔවුන් කනස්සල්ලක් නැතිව, තියන විදිහට සතුටින් ජීවත්වීමට බලන ජාතියක්!ඕනෑම ප්‍රශ්නයක් පහසුවෙන් ගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ. 'No worries! Take it easy!' ඒ වගේම ඔවුන් බොහෝ විනෝදයෙන් ජීවත් වන ජාතියක්. නිවාඩු දවස් බොහෝම විනෝදයෙන් සමරනවා. නිවාඩු දිනවල රෑට වර්ණවත් විදුලි ආලෝකයෙන් හැඩවුන බස්වල නැගී ගී ගයමින් නටමින් යන පිරිස ඕනෑ තරම්! ලෝකයේ වැඩිම කුරුලු විශේෂයන් සිටින රට කොලොම්බියාවයි.කුරුලු විශේෂ 1,900ක් වාර්තා කළ පළමු රට! මේ කුරුලු විශේෂ සෑම වසරකම වැඩි වෙමින් පවතිනවලු. සංක්‍රමණික විශේෂ 200 ක්, තර්ජනයට ලක් වූ පක්‍ෂීන් 87 ක් සහ ආවේණික 78 ක් ඇතුළුව ලොව මුළු කුරුළු විශේෂවලින් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් කොලොම්බියාවේ ජීවත් වෙනවා. මුළු ලෝකයම ගත්තත්, කොලොම්බියාව ඒකක ප්‍රමාණය අනුව වැඩිම සත්ත්ව විශේෂ අනුපාතයක් ඇති රටක්. කොලොම්බියාවේ වනජීවීන් දැකගැනීමට ඇති අවස්තා අපමණයි. සංචාරකයින්ට බොහෝ උත්සාහයකින් තොරවම ලෝකයේ අනෙක් රටවල කලාතුරකින් දකින්නට ලැබෙන සතුන් කොලොම්බියාවේදී දැක බලා ගන්න පුලුවන්! අපිත් කීප සැරයක්ම අතේ දුරින් ස්ලොත්ලා දැක්කා.ටුකෑන්ලාත් දැක්කා. අපේ රටේ වගේම තමා, මේ සතුන්ටත් තියන ලොකුම තර්ජනය නීතිවිරෝධී වනජීවී ජාවාරම්කරුවන්!අද එය මේ රටේ තුන්වන විශාලතම නීති විරෝධී ආර්ථිකය බවට පත්වෙලා! වනජීවි සම්පත ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න රජය බෙහෙවින් වෙහෙස වෙනවා අපි කොලොම්බියාවේ මුඩුක්කු පරිසරය බලන්න ගියාට ගැමි පරිසරය බලන්න යන්න බැරිවුනා. සාමාන්‍ය වගාවන් දැක්කට වගාබිම් බලන්න ගියෙය් නෑ. මම හිතා හිටියේ තැඹිලි තියෙන්නේ ලංකාවේ විතරයි කියලා. ඒත් මෙහේ ඕනෑ තරම් තැඹිලි තියනවා.මෙහේ ආතා පුදුම ලොකුයි. මුරුංගා ගස්වල කරල් පිරිලා වේලිලා ගිහින්. මෙහේ අය කන්නේ නැතිව ඇති. දැනගන්න විදිහක් නෑ. බොහෝ දෙනෙත් ඉඞිරීසි වචනයක්වත් කතා කරන්නේ නෑ. භාෂාව නිසා අපිට සෑහෙන අපහසුතා ඇතිවුනා. කොහොම වුනත් සන්නද්ධ ගැටුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හේතුවෙන් දශක ගණනාවක් අවදානම් මට්ටමක සිටි මෙම දකුණු ඇමරිකානු රට අද එම අඳුරු දශකවලින් ඔබ්බට ගිහින් කියලයි මටනං හිතෙන්නේ! අද ඉතිහාසයේ එම අවදානම් පරිච්ඡේදය පසුකොට, ත්‍රාසජනක සහ විස්මිත ගමනාන්තයක් ලෙස ඉස්මතු වන කොලොම්බියාව ලතින් ඇමරිකාවේ වඩාත්ම භයානක රටවලින් එකක් ලෙස නොව, සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස ඒත්තු ගන්වන්නට නුදුරු දිනක හැකිවේවි. එතෙක් අදහසක් ගන්නට පින්තූර ටිකක්! -ශ්‍රීපාලිසාමාන්‍යයෙන් ගොඩක් ගෙවල්වල නෝනටයි මහත්තයටයි කියලා වෙන් උනු වැඩ කොටසක් තියෙනවා ගෑස් ඉවර උනාම ගෑස් එක ගේන්න නිවාඩු දවසට වත්ත පිටිය සුද්ද කරන්න බල්බ් එකක් පිච්චුනොත් අලුත් එකක් දාන්න වතුර බටයක් කැඩුනොත් ඒක හදන්න සාමාන්‍යයෙන් ගෙවල්වල අපි පුරුදු වෙලා ඉන්නෙ ඒවා පිරිමින්ගේ වැඩ කියලා ඒක එයාලට කියලා කරවගන්න. ඒවා පිරිමින්ගේ වැඩ කියලා අපි කියන්නෙ ගොඩක් වෙලාවට අපි පොඩි කාලෙ අපේ ගෙවල්වල ඒ දේවල් කරේ අපේ තාත්තලා නිසා. හැබැයි හස්බන්ඩ් රට නම් ඉන්නෙ එක්කො දුරක ඉඳන් ජොබ් කරනවනම් අනිවාර්යයෙන්ම ගොඩක් වයිෆ්ලා ඒ දේවල් තනියම කරගන්න පුරුදු වෙලා ඉන්නවා. මං මේ කියන්නෙ ඒ අයට නෙමෙයි. එහෙම නැතුව මට බනින්න එපා මහත්තයා ගෙදර නැතුවත් අපි ලමයිනුත් බලාගෙන ඒ දේවලුත් තනියම කර ගන්නවා කියලා. මං මේ කියන්නෙ සාමාන්‍යයෙන් හස්බන්ඩ් හැමදාම ගෙදර ඉන්න අයගෙ ගෙවල්වල වෙන දේවල්. අපේ ගෙදරත් එහෙමයි හැබැයි බැඳපු අලුත මම- ගෑස් එක ඉවරයි මොකද කරන්නෙ එයා- ආ එහෙනම් මං ආවම එකක් ගේමු මං එද්දි කෑම එකකුත් අරන් එන්නම් මම- මේ කුස්සියෙ බල්බ් එක පිච්චුනා මොකද කරන්නෙ එයා- ආ මං ඇවිත් මාරු කරලා දෙන්නම් ඔයා ඕවා අල්ලන්න ගිහින් කරන්ට් එකවත් වද්ද ගනී මම- මේ මිදුලෙ ගැරඬියෙක් ඉන්නවා අප්පා මොකද කරන්නෙ එයා- දොර ජනෙල් හොඳට වහගෙන ඉන්න එලියට බහින්න එපා ඌ කොහෙට හරි යයි හැබැයි දැන් අපේ ගෙදර ගෑස් එක ඉවර උනොත් මම- මේ ගෑස් එක ඉවරයි මොකද කරන්නෙ එයා- මං එන්න පොඩ්ඩක් රෑ වෙයි ඔයාට බැරිද වීල් එකක් අරන් ගිහින් ගෑස් එකක් අරන් එන්න මම- මේ බල්බ් එකක් පිච්චිලා අනේ මොකද කරන්නෙ එයා- පුටුවක් තියලා හරි බල්බ් එක මාරු කරගන්නකො මං එනකම් නැත්තම් කලුවරෙනේ මම- කුස්සියෙ වහලෙ උඩ ගැරඬියෙක් ඉන්නවා අනේ මොකක්ද කරන්නෙ එයා- ලීයක් අරන් වහලෙට තට්ටුවක් දාන්න ඌ යයි ගැරඬියෙක් ඉන්නවා කියලා ඔයා එලියට වෙලා ඉන්න එපා ඌ ගේ අස්සට රිංඟුවොත් කොහෙට යයිද දන්නෙ නෑනෙ ගොඩාක් ගෙවල්වල තත්ත්වෙ මෙහෙමද දන්නෙ නෑ හැබැයි අපේ ගෙදර තත්ත්වෙ නම් මෙහෙමයි. ඊයෙ හස්බන්ඩ් මගෙන් ඇහුවා මාස 3,4කින් අපේ ගෙදර ගෑස් එක ඉවර උනේ නෑ නේද අනේ කියලා මං එතකොට කිව්වෙ ගෑස් එක ඉවර උනේ ගිය සතියෙ මං එවෙලෙම ගෑස් එකක් ගෙනාවා ගිහින් කියලා අපේ ගෙදර ලයිට් බිල් වගේම අනිත් දේවල්වල තත්ත්වෙත් ඔය වගේම තමයි බිලක් ආවම මං ගිහින් ඒක ගෙවනවා බටයක් කැඩුනොත් මං කොහොමහරි ඒකත් අටව ගන්නවා. මොකද මං දන්නවා එයා නිවාඩු දවසට ඕවා කරන්න හිටියොත් එදාටත් ගේ ඇතුලෙ මකුළු දැල් කඩන්න කිව්වොත් එලියෙ වහිනවා කියලා අපේ මනුස්සයා ඕක නොකර ඉන්නවා. ඒක කම්මැලිකමත් නෙමෙයි එයා දන්නවා මං මොන ලෝකෙන් හරි ඔය වැඩ ටික කොහොමහරි කරගන්නවා කියලා. හැබැයි එයාගෙ වැඩ කරන තැන නම් රාජකාරිය දේවකාරිය වගේ කරනවා. මගෙ සමහර යාලුවො අහනවා අපේ මනුස්සයා ගෙදර මෙලේ වැඩක් කරන්නෙ නෑ බං උඹේ මනුස්සයත් එහෙමද මං කියන්නෙ නෑ උඹේ මනුස්සයා හොඳයි අපේ මනුස්සයා ඊට වඩා අන්තයි😑 (ඔය පහල තියෙන්නෙ අපේ මනුස්සයා රාජකාරිය දේවකාරිය කරන් පාන්දර 3.30ට නැගිටලා පැය 2ක් තිස්සෙ මල් කඩලා බස් එක ලස්සන කරන විදිය)අපි තුන්දෙනාම පළවෙනි වතාවට එකට බිව්වා. අප්පච්චියි මායි ඉඳලා හිටලා බියර් හරි වෙන මොනවා හරි ජාතියක් හරි දෙන්නත් එක්ක බිව්වට චූටි (නංගි) ට ඒ වෙනකොට අවසර තිබුණේ නෑ බියර් උගුරක්වත් කටේ තියන්න. ඒ වුණාට ඒකි නහයෙන් අඬලා අඬලා මං බොන බියර් කෑන් එකෙන් අප්පච්චිගෙ ඇස් වහලා බීපු දවස් තිබුණා. මායි අප්පච්චියි ඔහම සෙට් වෙන වෙලාවට චූටි අපිත් එක්ක ඉන්නේ අප්පච්චි හදන රස බයිට් ටික ඉවර කරන්න බලාගෙන. ඔය අතරතුර අප්පච්චි එහා මෙහා වෙනකම් ඉඳලා තමයි චූටි මගේ බියර් කෑන් එක කටට හලාගෙන කට බෙරි කරගන්නෙ. මං ඒ වෙලාවට කියනවත් එක්ක බොන්න බැරි නම් නොබි හිටපිය කියලා. එතකොට චූටි කියන්නෙ "මේ මොහොත අපරාදේ කරගන්න බැහැ" කියලා. චූටි ට අවසර ලැබුණු දවසේ අප්පච්චි බියර් හතරකුයි තව බෝතලයකුයි ගෙනවා. එදා තමයි චූටි ඒලවල් ලියලා ඉවර වුන දවස. චූටි හවස ඉඳලම ලෑස්තිය රෑට සෙට් වෙන්න. මට එදා නම් පවු කියලත් හිතුනා කෙල්ල ගැන. මොකද මෙච්චර උනන්දු වෙලා මේකී මේ කරන දේවල් දැක්කහම. වෙනදා බයිට් මොනවා හරි අප්පච්චි හදන්නෙ එදා මටවත් අප්පච්චිටවත් කුස්සිය පළාතේ එන්න නොදි මොනවද මොනවද හැදුවා. රෑට කෑමත් චූටිම හදලා කෑම මේසෙන් වෙනම තියලා, සාලෙට අපිට සෙට් වෙන්න වෙනම ටේබල් එකක් එක එක දේවල් වලින් පුරෝලා ලස්සනට තිබුණා. අප්පච්චි කෝල් කරලම අහලා තිබුණා චූටිගෙන් බොන්න කැමති මොනවද කන්න ඕන මොනවද කියලා. අප්පච්චි ඒ කියපු ජාතියේ බෝතලයකුයි චීස් පෙට්ටියකුයි දෙළුම් ගෙඩියකුයි තව මොනවද ගෙනත් තිබුණා. අප්පච්චි ගෙනාපුවයි චූටි හදපු දේවලුයි ඔක්කොම ටේබල් එක උඩ ලස්සනට තියලා තමයි අන්තිමට මටයි අප්පච්චියි කතා කරා දැං එන්න කියලා. අපේ චූටිගේ වැඩ හැමදේම ලස්සනට චූටි කරන්න පුරුදු වෙලා හිටියේ. හැමදේම ලස්සන වුණාට "උයන දේවල් වලදි ලස්සනට වඩා රස වැදගත්" කියලා මම චූටිගෙන් ඉගනගත්ත පාඩමක්. වතාවක් චූටි රෑට කන්න හදන්නම් කියලා කන්න හදලා තිබුණා හරි ලස්සනට. ඒ කෑම ටික කෑම මේසෙට ලස්සනට තියලා හැමදේම පිළිවෙළට කරලා තිබුණා. කෑම කොච්චර හොඳට තිබුණද කියනව නම් කොහම හරි එදා රැ අපි කඩෙන් කොත්තු ගෙනත් කෑවේ. චූටි එදා කොත්තු කෑවේ අඬ අඬ අප්පච්චිට තේරුම් කරන ගමන් එයා උයපු විදියෙ වරදක් නෑ කිය කිය. චූටි ටේබල් එක ලෑස්තියි කියලා මට කතා කරන කොට මම හිටියේ උඩ අප්පච්චිගෙ කාමරේ. අප්පච්චි චූටිට තෑග්ගක් ගෙනල්ලා තිබුණා අලුත් ෆෝන් එකක් ඒක බල බල. අප්පච්චි කොහමත් එයාට හිතුනහම ඔය මො
නවා හරි පුංචි පුංචි තෑගි අපිට ගෙනත් දෙන පුරුද්දක් තිබුණා. මායි අප්පච්චියි දෙන්නම එකට උඩ ඉඳලා පහළට ආවා. තැග්ග ගෙනාවේ නෑ රෑ වෙලා දෙනවා කියලා අප්පච්චි කියපු නිසා. _____________________ ටේබල් එකේ තුන්දෙනා වාඩිගෙන ඉන්නකොට චූටි අප්පච්චිගෙන් ඇහුවා "අප්පච්චි මං මේ බෝතලේ කඩන්නද" කියලා. අප්පච්චි කිව්වා "බෝතලේ කඩලා අල්ලට වක්කරගෙන බොන්න බැරි නිසා හොඳ මැණික වගේ වීදුරු තුනකුත් අරගෙන එන්න" කියලා. මං දැනගෙන හිටියේ චූටි අතගහපු තැනක් කොච්චර ලස්සන වුනත් මොකක් ම හරි අඩුපාඩුවක් තියෙන එක අනිවාර්ය බව. චූටි වීදුරු තුනක් ගෙනල්ලා එයාම බෝතලෙත් කඩල වීදුරු තුනට දැම්මා. චූටිගේ මූනේ තිබුණේ ලොකු ජයග්‍රහණයක් ලැබුණා වගේ සතුටක්. ඇත්තටම සමහරවිට මට ඒක ඒ විදියට නොදැනුනාට චූටි ට ඒක ලොකු සතුටක් වෙන්න ඇති. වීදුරු තුන අතට අරගෙන චීයර්ස් කරලා චූටි සාලේ තියෙන අම්මගෙ ෆොටො එක පැත්තට හැරිලා "මිස් යු කමනි" කියලා කිව්වා. ඇත්තටම අම්මා හිටිය නම් මෙතන වීදුරු හතරක් තියෙනවා. පළවෙනි ශොට් එක තුන්දෙනාම ගත්තේ සංවේදී බවක් එක්ක මතු වුන හිස් කම පිරෙන්න කියලා හිතුනා අම්මව මතක් වුන නිසා. ටිකෙන් ටික සංවේදී බවෙන් මිදිලා සිනහ මූණු වලට අපිට එන්න තව ශොට් දෙකක් විතර ගන්න වුනා. චූටි තුන් වෙනි ශොට් එක දාගන්නකොට අප්පච්චි කිව්වා මැනිකේ පුරුදු නැති නිසා වැඩිය එපා කියලා. එතකොටම මී හරකි කියපිය "පුරුදු වෙන්න බොනවා නෙවෙයි අප්පච්චි ඔයාගේ ඇස් වහලා ඔයාගේ සුදු පුතා මට දීලා තියෙනවා" කියලා. මට පොළව පලාගෙන යන්න හිතුනා ඒ වෙලාවෙ නම්. මං අප්පච්චිට නොපෙනෙන්න චූටිට පයින් ඇනලා කතාව වෙන පැත්තකට ඇදලා ගත්තේ චූටිගේ තෑග්ග ගැන අප්පච්චිට ඉඟි කරලා. අප්පච්චිත් ඉඟි දුන්නා ඒක අරගෙන එන්න කියලා. මං උඩට ගිහින් ෆෝන් එක අරගෙන ඇවිත් අප්පච්චිට දුන්නා. අප්පච්චි ඒක චූටි ට දුන්නහම චූටි අඬන්න ගත්තා. මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා මටයි ඉන්නෙ කියාගෙන. මං ඒ වෙලාවේ ම කිව්වා "අප්පච්චි මේකිගේ ඔය බටර් වලට අප්පච්චි හැමදාම අහු වෙනවනේ ඉතින්" කියලා. චූටි මට රවලා අප්පච්චි ලඟට ගිහින් අප්පච්චිව බදාගත්තා. චූටි කිව්ව කතාව මං අප්පච්චිට නොකිව්වට ඒ කතාව ඇත්ත. අපේ අප්පච්චි කියන්නෙ හරි ලස්සන මනුස්සයෙක්. අප්පච්චි හැමතිස්සෙම කියන කතාවක් තමයි "අපේ ජිවිත වලට මොන තරම් ප්‍රශ්න ආවත් අපි ජිවත් වෙලා ඉන්න නිසා ඒ ජිවත් වීම ම ඇති අපිට ජිවත් වීම සමරන්න" කියලා. සමහරවිට මේ සමරන්නෙත් ජීවත් වීමේ ප්‍රීතිය වෙන්න ඇති. චූටි ආයෙත් ඇවිත් හිටපු තැනින් වාඩි ගත්තේ බෝතලයක් තනියම ගහපු වෙරි පිට වගේ. ඒ ආපු පිටම බෝතලේ අරගෙන ආයෙත් ටිකක් එයාගේ වීදුරුවට දාගෙන දෙළුම් ඇට ටිකක් අතට ගත්තම මාත් දෙළුම් ඇට ටිකක් අතට අරගෙන ඇහුවා දෙළුම් ඇයි ගෙනාවේ කියලා. එතකොට චූටි ආයෙත් අම්මගෙ ෆොටො එක පැත්තට හැරිලා "කමනි මැඩම්ගේ ආසම කෑමනේ බොස් එයත් මෙතන ඉන්නවනේ ඒකයි" කියලා කිව්වා. අපේ අම්මගෙ ආසම කෑමක් තමයි දෙළුම්. අම්මා නැති වුණාට පස්සෙ අපේ ගෙදර වැඩිය දෙළුම් ගෙනාවේ නැහැ ඔය ඉඳලා හිටලා ගෙනාවොත් ඇරෙන්න. චූටි අද දෙළුම් ගෙනල්ලා තියෙන්නෙ මේ මොහොතෙදි අම්මත් මෙතන ඉන්නවා කියලා දැනෙන්න වෙන්න ඇති. ____________________ අප්පච්චිට පුරුද්දක් තිබුණා පොඩි අඩියක් ගැහුවත් නටන්න ඕන වෙන. ඒකට හැමදාම සහය දෙන්නෙ චූටි තමයි මට නටන්න බෑ පොළව ඇදේට පේන තරමට මාව වැනෙන නිසා. ඔන්න දෙන්නා නටන්න පටන් ගත්තා මට කිව්වා අප්පච්චි සිංදුව දාන්න කියලා. අප්පච්චිට මුලින්ම ඕන සිංදුව තමයි "නියරේ පිය නගලා" සිංදුව ඊට පස්සෙ ජාතික ගීය දැම්මත් අවුලක් නෑ නටනවා. චූටිත් ඇඳගෙන හිටිය දිග ගවුම කැහැපට ගහගත්තා. දැං දෙන්නා නටනවා මං බලාගෙන ඉන්නවා. චූටි නම් අද ජීවත් වීමේ ප්‍රීතිය උපරිමය සමරනවා කියලා තේරෙනවා. මට බය තිබුණේ මේකිට වැඩි වෙලා මේකි මගේ හොර වැඩ එහෙම අප්පච්චි ඉස්සරහ වමාරයි ද කියලා. දෙන්නා හති වැටිලා සෙටිය උඩින් හාන්සි වුනා. අප්පච්චිට ලොකුවට වෙරි තිබුණේ නැති වුනත් චූටිට වැඩියි වගේ තේරුන නිසා දැං කාලා ඉමු කියලා කිව්වා චූටිගේ රස කෑම සීතල වෙනවා කියලා ඒකිවත් වර්ණනා කරන ගමන්. අදිමදි කරලා කොහම හරි දෙන්නත් එක්ක කෑම මේසෙට ආවා. වෙනදට වඩා හොඳට ඇත්තටම කෑම තිබුණු නිසා මං චූටිට විහිලුත් කරා "මොන කඩෙන්ද කෑම ගෙනාවේ" කියලා. බත් කටවල් දෙක තුනක් කාලා ඉවර වුනා විතරයි කාපුවා හිර වෙන කතාවක් චූටි වැමෑරුවා. "අප්පච්චි ඔයා දන්නවද ඔයාගේ සුදු පුතා ඔයාට හොරෙන් සිගරැට් බොනවා කියලා" අප්පච්චි මුකුත්ම කිව්වේ නැහැ ඇහුණේ නැති ගානට හිටියා. අප්පච්චි ගෙදර නැති වෙලාවක තමයි මං එහෙම සිගරැට් එකක් බොන්නෙ ඔය මං ගෙදරදි සිගරැට් එකක් බොනවනම් ඒකට පුංචියට හරි සහයෝගය දෙන්න චූටි එනවා. චූටි සිගරැට් බොන්නෙ නැති වුණාට මං බොන වෙලාවක එතන හිටියොත් සිගරැට් එක අරගෙන රඟනවා කොයි වෙලෙත් සිගරැට් බොන මනුස්සයෙක් ගානට. චූටිට තියෙන්නෙ මේ ගතවෙන මොහොතවල් ලස්සනට ගෙවාගන්න ඕන කමක්. එකෙදි චූටි මාවයි අප්පච්චිවයි දෙන්නව ලඟින්ම තියාගන්නවා. එයා කැමති නැහැ අපි එයාගෙන් දුරස් වෙනවට චූටිට ඕන අපි ගත කරන හැම මොහොතකම එයාව අපි ළඟින් තියාගන්න. ඒක අඩියක් ගහන තැනදි වේවා මං සිගරැට් එකක් බොනකොට වේවා ඔය අපි ගත කරන හැම මොහොතකම. අපි රෑට කාලා ඉවර වෙලා නිදාගන්න ආවා අප්පච්චිගෙ කාමරේට තුන්දෙනාම අප්පච්චිගෙ ඇඳේ නිදාගන්න හිතාගෙන. අප්පච්චි නිදා ගන්නකොට සද්දෙ අඩු කරලා සිංදු අහනවා. ඒ සිංදු ඇහෙන්නෙ අප්පච්චිගෙ කාමරේට ආවොත් විතරයි. අපි ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට චූටි එයාගේ ඉස්කෝලේ බොරු කතා වගයකුත් කිව්වා ඒ අතරතුර අප්පච්චි පුරුදු සිංදු ටික දැම්මා. ඔය සිංදුයි චූටිගේ කතා ටිකයි අහගෙන මං කල්පනාවක හිටියේ කොයි වෙලාවේ නින්ද ගියාද කියලා මතකයක් තිබුණේ නැහැ. ඒ ඇහෙන සිංදු අතරතුර සැරින් සැරේ චූටි කිව්වා මතකයි "මේ අම්මා කැමති සිංදුවක්නෙ" කියලා. තාත්තා රෑට අහන්නෙ අම්මා කැමති සිංදු කියලා මම එදයි දැනගත්තෙ. අපේ ජිවිත ඇතුලේ තියෙන සමහර හිස්තැන් කොච්චර ලොකුද සහ ඒ හිස්තැන් කොච්චර බරද කියලා අපිට හිතාගන්න බැහැ. සමහරවිට අපි නොදැන වුනත් අපි කරන ගොඩක් දේවල් වලින් අපි උත්සාහ කරන්නෙ ඒ හිස්තැන් පුරෝගන්න වෙන්න ඇති. අම්මා කියන්නෙ අපිට හිස්තැනක් ! මගේ හිතේ එක දෙයක් තදින් තියෙනවා. අප්පච්චි කියන විදියට "මොන ප්‍රශ්න කොහම තිබුණත් අපි ජිවත් වෙලා ඉන්න නිසා ඒ ජීවත් වීම සමරන්න ඕන" චූටි කියන විදියට "මොහොතවල් අපරාදේ කරගන්නෙ නැතුව මොහොතවල් ලස්සනට ගෙවා ගන්න ඕන" Pubudu Udatiyawala 2023/11/22"ආයුර්වේදේ ලගින් බැහැගන්න..." "කෝ.. ඔය බහින අයට ඉඩ දෙන්න...." මට ඇහැරුණේ කොන්දොස්තර තරුණයාගේ සද්දෙට.. දෙයියනේ ... බහින තැනටම ඇව්ත්... දඩි බිඩියේ නැගිටලා බස් එකෙන් බහින්න දොර ගාවට යද්දී කොන්දොස්තර තරුණයා සුපුරුදු හිනාව මවා ගත්තා... " මං දැක්ක මැඩම්ට හොඳටම නින්ද ගිහින් කියලා... තව ටිකක් බලලා ඇහැරවන්න හිටියේ... මැඩම් වෙලාවට ඇහැරුණා.." "අනේ එහෙමද මල්ලී.. මං එහෙනම් යන්නම්.." බස් එකෙන් බැහැල පාර මාරු වෙන ගමන් මට මතක් උනේ ගෙදර... ඊයේ හවස ගෙදර යන කොට චූටි පුතාට හොඳටම අසනීපයි.. ගිනි රස්නෙට උණ... අමාරුව වැඩි කමටම කොල්ලට කන්න බොන්නත් බෑ හරියට... මුලු රෑ පුරාම හරියට නින්දක් නැතුව අපි දෙන්නම ඇහැරගෙන... පාන්දර තමා එයාට ටිකක් නින්ද යාගෙන ආවේ... "අම්මි අද වැඩට යනවද..." අමාරුවෙන් ඇස් ඇරන් කොල්ලා අහනවා.. "ඔව් පැටියෝ.. අම්මි ගිහින් ඉක්මනට එන්නම් හොඳ ද... මගේ පුතා අම්මම්මා එක්ක පරෙස්සමින් ඉන්න... "එතකොට අප්පච්චී...." මහත්තය බැලුවේ මගේ මූණ දිහා... "අප්පච්චී අයියව ඉස්කෝලේ එක්ක ගිහින් ඉක්මනටම එයි හොඳ ද..." ලෙඩේ අමාරුවටත් වඩා කොල්ලට තියෙන්නේ හිතේ අමාරුව කියලා නොතේරුනා නෙමේ මට.... එයාට උදේ වරුවම ගෙවන්න වෙන්නේ තනියම කියලා එයා දන්නවා... ඒත් මගෙ අම්මා ඇස් දෙක වගේම එයාව බලා ගන්නවා කියන්නත් මම දන්නවා.. පාර මාරු වෙලා බෙහෙත් ශාලාවට යන කොට පොද වැස්සකුත් කඩන් වැටුණා.. ඇතුලේ ඉඩ මදි නිසා ලෙඩ්ඩු මිදුලෙත් ඉන්නවා තෙමි තෙමීම.. රජයේ රෝහල් වලට තරම් ම ආයුර්වේද රෝහල් වලට පහසුකම් හිමි නොවීම ගැන හිත හිතාම මම ගියේ වෛද්‍ය විවේකාගාරයට.. අද සායන දිනයක්.. ලෙඩ්ඩු ගොඩයි... මගේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයාද අද නිවාඩු නිසාවෙන් මං අනිවාර්යයෙන් සේවය කල යුතු දිනයක්... "අද ඉතිං ඇදපන්කෝ තනියම.." "ගුඩ් මෝනිං මැඩම්... " ඒ මගේ attendent.... සෙව්වන්දී.... "ගුඩ් මෝනිං සෙව්වන්දී ..." මවා ගත්ත හිනාවකින් මං කිව්වේ තෙහෙට්ටුව මැද්දෙන්... "මැඩම්ට මහන්සි පාටයි... බබාට දැන් කොහොමද මැඩම්... " ඊයේ රෑ හදිසියේ කතා කරපු අතරේ මං පුතා ගැන කිව්වා නේ.. මට බැරි උනා එයාට බොරු කරන්න.. අවුරුදු ගානක්ම එකට වැඩ කරන නිසාවෙන්ම මගේ පුංචිම වෙනසක් උනත් මගේ සේවකයෝ දන්නවා.. "දැන් අඩුයි ටිකක්.. " "මැඩම් තුණ්ඩු දීලා තියෙන්නේ .. මැඩම් උදේ ට කාලම ඉන්න... අද ලොකු සර් ත් නැති එකේ මැඩම්ට දවල්ට වත් කන්න වෙන්නේ නෑ නැත්තං... " ලෙඩ්ඩු බලන කාමරේට යද්දී ඇය මගේ පස්සෙන් ආවේ කියවගෙන... පාන්දර හතර ට හිස් බඩම ගෙදරින් පිටත් වෙන මට උදේ 8 වෙද්දී බඩගිනි නොවුනොත් තමා පුදුම.. "බඩගිනි නෑ සෙව්වන්දී .. ලෙඩ්ඩු ටිකක් බලලා ඉවර කරලම කමු තව ටිකකින්" සියුම් කුසගින්නක් දැනුනත් මං එහෙම කිව්වේ වාඩිවෙන්න පුටුවක් නැතිව පෝලිමේ හිටගෙන මගේ චූටි පුතාගෙ වයසෙ දරුවෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙක් දිහා බලාගෙන.. පොඩි එකාට කැස්ස හොඳටම... "හ්ම්.. මං තේ එකක් හදන් එන්නම් එහෙනම්..." සෙව්වන්දී එහෙම කියන් ගියේ මගේ සිතුවිලි අදුන ගත්ත හින්දා කියලා මං දන්නවා.. එක එක වයස් මට්ටම් වල නා නා ප්‍රකාර රෝගියෝ... කාලයක් තිස්සේ බෙහෙත් ගන්න මාව අදුරන අය සුභ පතනවා.. "ගුඩ් මෝනිං ඩොක්ටර්" ඒ අතරෙම සමහරු හීනීයට මැසිවිලි නගනවා ඇහෙනවා.... "අපි උදේ ඉදන් ඇවිත් මෙතන රස්තියාදු වෙනව.. කාල බීලත් නෑ.. බඩගින්නේ වේලෙනවා..." වයස්ගත සන්ධි රෝගියෝ.. අංශභාග රෝගියෝ..
.බලන්නත් පිලිකුල් ඇග පුරාම විසිරෙච්ච කුශ්ට ඇති රෝගියෝ... තුවාල තියෙන අය...අත් කකුල් කඩාගත්ත අය... පොඩිම දරුවෝ... රත කල්කේ ගන්න අලුත ඉපදිච්ච දරුවෝ වඩා ගත්ත අම්මලා.. සතර පෙර නිමිති දැක්ක සිදුහත් කුමාරයගේ ඉස්සරහට හම්බුනේ මොන ලෙඩෙක්ද දන්නේ නෑ... එහෙම හිත හිතම මං කාමරේට ගිහින් වාඩි උනා... කහින සද්දේ... හොටු හූරන සද්දේ.. පොඩි එවුන් අඩන සද්දේ... ඒ අතරේ කවුද බැනගන්නවා... කවුරු හරි පෝලිම් පැනලා... ට්‍රීං........ ට්‍රීං.... ඒ මගේ මේසේ උඩ තියෙන බෙල් එකේ සද්දේ... "මැඩම්... මේ අද බෙහෙත් ලිස්ට් එක... ඒ අපේ dispenser.. ලක්මාල්... " සමහර ඒවා නම් ‍‍pharmacy එකේ නෑ .. පිටින් ගන්න ලියන්න වෙයි.." රජයේ රෝහල් වලින් නොමිලේ දෙන බෙහෙත් ගන්න පෝලිමේ පොරකන ලෙඩ්ඩුන්ට සල්ලි වලට පිටින් ගන්න බෙහෙත් තුණ්ඩු ලියුවම අපේ හත් මුතු පරම්පරාවටම බැනුම් අහන්න වෙන බව නොදන්නවා නෙමේ... "කෝ ඔය පලවෙනි ලෙඩා එන්න මැඩම් ලගට... නොම්මර පිලිවෙලට ඇතුලට යන්න..." මගේ ඉස්සරහට ආවේ හුරුපුරුදු මූණක්.. අධි රුධිර පීඩනය ට කාලයක් තිස්සේ බෙහෙත් ගන්න වයසක තාත්තා කෙනෙක්.. ගතේ මහන්සිය හිතේ දුක... ඔය මොන තරම් දේවල් දැනුනත් ඒ සේරම දේ අමතක කරලා ලෙඩ්ඩු ඉස්සරහ සතුටින් උද්‍යෝගයෙන් ඉන්න වෛද්‍යවරියකගේ වේශයක් මවා පාන එක අරුමයක් නෙමේ මට.. "වාඩිවෙන්න තාත්තේ.." මං කටපුරා හිනාවක් දාගෙන කිව්වේ ඔහු මගේ මේසේ උඩින් තියපු ලොකු මල්ල දිහා බලන ගමන්.. "අපේ දොස්තර නෝනට ..." "මේ මොනවද " "මේ අපේ අලුත් එලවළු කොටුවේ පලවෙනි අස්වැන්න.. නෝනට පිං සිද්ද වෙන්න මට දැන් ටිකක් මහන්සි වෙලා වැඩ කරතෑකි.. " "මේ ඊයේ ගත්ත ලේ රිපෝට් එක".. ඔව්.. තත්වය යහපත්... කාලයක් තිස්සේ අධි රුධිර පීඩනයට යි කොලෙස්ටරෝල් වලටයි සාර්තකව ප්‍රතිකාර කරලා කෑම බීම ඇවතුම් පැවතුම් ගැනත් කියලා දීලා මේ තත්වෙට ගන්න මගෙන් වගේම ඒ තාත්තගෙනුත් ලොකු දායකත්වයක් ලැබුණේ.. ලෙඩක් සනීප වෙන්න නම් වෛද්‍යවරයා, රෝගියා, ඖෂධ හා උපස්ථායකයා කියන මේ චතුස්පාදයේම ගුණ හරි විදියට සම්පූර්ණ වෙන්න ඕනේ.. ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කරන ගමන් මං හිතුවේ එහෙම... " ප්‍රෙශර් එකත් හොඳ යි තාත්තේ.." "නෝනට පිං සිද්ද වෙනව..." ලිව්ව බෙහෙත් තුණ්ඩුව අරන් නැගිටලා යන ගමන් තාත්තා කිව්වේ අත් දෙක එකතු කරලා ඔලුව පාත් කරන ගමන්... ජීවත් වෙලා හිටියනම් මගේ අප්පච්චිත් ඒ වයසේ ඉදී.. "ඊලග ලෙඩා එන්න.." ඇස් දෙක බොද වෙලා යන්න පටන් ගද්දීම පිහ ගන්න උනේ සෙව්වන්දී ගේ සද්දෙට ... දිලිසෙන විච්චූර්ණ ඇදුමකින් සැරසිලා.. ඕනෙවටත් වඩා මුහුණේ ආලේපන තවර ගෙන.. රත්තරන් ආභරණ පැලදගෙන.. ටකස් ... ටකස්.... ගාලා අඩි උස සපත්තුවෙන් සද්දේ මවන අමුතු ගමන් රටාවකින් ආවේ මැදිවියේ කාන්තාවක්... "වෙඩින් එකකට යන ගමන් වැරදි ලා මෙහෙට ඇවිත් වගේ.." කුටු කුටු ගාලා කියවන් එලියට ගියාට මට තේරුනා සෙව්වන්දී ගේ වචන.. "වාඩිවෙන්න... මොකක් ද අසනීපේ.. " "අනේ ඩොක්ටර් .. මගේ මේ hand එකෙයි fingers වලයි පොඩි pain එකක් තියෙනවා අනේ... හ්... මට බෑ ඉන්න... " මෙන්න යකෝ මෙච්චර වෙලා හොදට හිටපු ගෑනි වැලපෙනවා... "මොකද උනේ .. අතට" "අනේ ඩොක්ටර් .. මට dogs ලා දෙන්නෙක් ඉන්නවා.. දෙන්නම boys ලා.. හරිම cute.." එකපාරටම එහා මේසේ බෙහෙත් ලිස්ට් එක හද හද උන්නු ලක්මාල් කහිනවා... උදේ හොදට හිටපු එකාට මොකද උනේ දැන්... හිනාවෙන්න බැරි කමට කට තද කරන් ඉන්නවා කියලා තේරුණේ මූන බැලුවම.. "ඊයේ හවස bathroom එකෙන් ඒ දෙන්නව wash කරන් එද්දී මාව ලිස්සලා වැටුනා floor එකට.. hand එක hit උනා wall එකේ අනේ.. හොඳටම hurt උනා..." "එතකොට dogs ලා... ඒ boys ලා දෙන්නට hurt උනේ නැද්ද....?" මං අත බලන අතරේ ලක්මාල් අහනවා... ගෑනි රවනවා... "අනේ ඩොක්ටර් .. මගේ අත break up වෙලාද?... surgery කරන්න වෙයිද..... ? මට ඊයේ night හරියට sleep කරන්න වත් බැරි උනා... " කියන තරම් අමාරුවක් නැති බවත් වැටීමෙන් ඇතිවූ තැල්මක් පමණක් තියෙන බවත් බැලූ බැල්මට මට තේරුණා.. "එතකොට yesterday night එකට cook කරේ කවුද දන්නෙ නෑ නේද මැඩම්.. අර dog boys ලා දෙන්නත් බඩගින්නේ ම sleep කරන්න ඇති නේද ..?" " ලක්මාල් .." මං සැරවුනා.. තව ටිකක් හිටියොත් මටත් කැස්ස හැදෙනවා.. "එලියට ගිහින් සෙව්වන්දි ට එන්න කියන්න..." අතේ තෙල් ගාලා කරන්න ඕන ප්‍රතිකාර ටික කරන අතරේ ගෑනිට දාඩිය දාලා හොඳටම .... තෙල් ගානකොට fan දාන්න බෑනේ.... " අම්මෝ මට faint වෙන්න වගේ ...හොඳටම hot නේද.. ? මට a/c නැතුව ඉන්නම බෑනේ.." "දැන් ඉවරයි.. අත තෙමා ගන්නේ නැතුව තියා ගන්න..." මං කිව්වේ bandage එක දාන ගමන්.. "ඔයා මේ පලාතේ කෙනෙක් නෙමේද..." සෙව්වන්දී ඇහුවේ ගෝස් , පුලුන්, බැන්ඩේජ් , කතුරු අස් කරන ගමන්.... "මෙහෙම තමයි..ගලෙන්බිඳුනුවැව ..." නා නා ප්‍රකාර ලෙඩ්ඩු එක එක්කෙනා ඇවිත් යනවා.. පෝලිමේ භාගෙකට වඩා ඉවරයි වගේ.. ඒ එක එක්කෙනාට අනුව අපේ mood එකත් වෙනස් වෙනවා. වෙලාව 1 ත් පහු වෙලා.. දැන්නම් බඩගිනි හොඳටම .. උදේටවත් කන්න බැරි උනා කියලා මතක් වෙන කොටම ආවෙ මං හොඳටම දන්න කියන විශ්‍රාමික විදුහල් පතිවරයෙක්... "එන්න තාත්තේ..." "කොහොමද පුතේ.." ඩොක්ටර් හරි දොස්තර නෝනා හරි කියනවට වඩා දුවේ පුතේ කියලා කතා කරනවනම් ආසයි මම.. "පුතා එක්ක කතා කලත් ලෙඩේ සනීපයි මට.."ඔහු කියන්නෙ එහෙමයි "කාලෙකින් පුතාව බලන්න ආවේ..." ඔහු කියන්නේ අසනීපෙට බෙහෙත් ගන්න ආව බව කෙලින්ම නොකියා.. මං හරිම කැමතියි වයසට ගියත් එහෙම හිතන මිනිස්සුන්ට..හැමතිස්සෙම තමන්ගේ අසනීප දුර්වලකම් කියවන මිනිස්සුන්ට වඩා.. "ඉතිං දැන් කොහොමද තාත්තේ .. දරුවෝ එහෙම සනීපෙන් ඉන්නවද... කතා කරාද ලගදී" දරුවෝ හතර දෙනෙක්ගේම තාත්තා උන ඔහු බිරිඳ මිය ගියාට පස්සේ ජීවත් වෙන්නේ තනියම.. දරුවෝ සේරම පිටරට..වෛද්‍යවරයෙක්.. මෘදුකාංග ඉංජිනේරු වරයෙක්... ගුවන් නියමුවරයෙක්... පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂ වරයෙක්.. තමන්ගේ දරු මුණුබුරෝ ගැන ඔහු තරම් ආදරෙන් කතා කරපු තාත්තෙක් වෙන දැකලා නෑ මං.. "පුතේ මං සති දෙකකට කලින් වැටුනා.. කකුල තුවාල උනා... " "කෝ බලමු.." කකුලේ තුවාලෙ පැසවලා හොඳටම .. "ඇයි මෙච්චර කල් හිටියේ" මං ඇහුවේ දරන්න බැරි දුගඳක් වහනය උන තුවාලෙ පිරිසුදු කරන ගමන්.. "බෙහෙත් ගන්න එන්න කෙනෙක් නැතුව උන්නේ.. three wheel එකක එන්නවත් මං ගාව සල්ලි තිබුනෙත් නෑ.." ඔහු පුරුදු විදියටම හිතේ හැගීම් මං ඉස්සරහ දිය කරා.. ඒත් එක්කම ඇස් දෙකෙන් කදුළු දිය වෙනවත් මං දැක්කා.. සල්ලිකාර උගත් දරුවෝ හිටියට ඔහු ජීවත් වෙන්නේ තමන්ගේම විශ්‍රාම වැටුපෙන් කියන එක රහසක් නෙමේ මට.. "තාත්තා දවල්ට කාලද..?" මං ඇහුවේ බොන බෙහෙත් ටික තුන්ඩුවේ ලියන අතරේ.. "උදේ ම මෙහේ එන්න බස් එක අල්ලගන්න ඕන උන නිසා උයන්න උනේ නෑ.. දැන් රෑටම ගිහින් මොනා හරි උයා ගන්නවා..." මේ කකුලත් එක්ක අද රෑටත් ඔහුට ඉන්න වෙන්නේ බඩගින්නේ ... "සෙව්වන්දී...මගෙ කෑම එක අරන් එන්න..." මං එහෙම කිව්වේ මගේ බඩගින්නට නොවෙන වග එයා දන්නවා.. "මං මැඩම්ට කඩෙන් කෑම එකක් ගෙන්නලා තියන්නම්.." එයා කෑම එක ගෙනත් තාත්තා අතේ තියන අතරේ මං බැලුවේ මගේ පර්ස් එක.. තියෙන්නේ රුපියල් 2500 ක් විතරමයි.. "බස් එකේ යන්න එපා three wheel එකක යන්න..." මං කිව්වේ රුපියල් 500 කොලයක් ඔහු අතේ තියන ගමන්... "පුතා ඊලග ආත්මේ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න ඕන.." පෝලිමේ හිටපු අවසානම රෝගියත් බලලා ඉවර වෙලා ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතෙන කොටම කාමරේට කඩාවැදුනා දෙන්නෙක්... එක්කෙනෙක් මං හොඳටම දන්න කියන කාලයක් තිස්සේ පොතුකබර රෝගයට ප්‍රතිකාර ගත්ත දැන් ලෙඩෙන් 90% ක ට ත් වඩා සුව වෙච්ච අම්මා කෙනෙක්.. අනෙකා මීට පෙර නොදුටු තරුණයෙක් .. "ඇයි අම්මේ ..... බෙහෙත් ටික ඉවර උනාද..?" මං ඇහුවේ අවසාන වතාවට පසුගිය සතියෙත් ඇවිත් ප්‍රතිකාර ලබා ගත් ඇය පිලිබඳ මතකයෙන්.. ඇයගේ ඉදිරි ප්‍රතිකාර පද්ධතිය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මා ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයා සමගින් සාකච්ඡා කොට උපදෙස් ලබා ගෙන තිබුනා.. ලෙඩේ හොඳටම සනීප වෙලා තිබුනත් තව මාසයක් පමණ ඇයට ලබා දිය යුතු බවට යි අප තීරණය කොට තිබුණේ .. "අම්මා ආයේ මෙහෙන් බෙහෙත් ගන්නේ නෑ" තරුණයා ඒ වචන ටික මගේ මූණටම දමලා ගැහුවේ මවා ගත්ත උජාරුවකින් කියලා මට තේරුණා.. "ඇයි ගිය පාර බෙහෙත් වලට වැඩි උනාද?.." කොච්චර බෙහෙත් බිව්වත් කෑම බීම ඇවතුම් පැවතුම් වල වෙනස්කමක් සිද්ද උන විගසින් චර්ම රෝගයක් උත්සන්න වෙන එක අත්දැකීමෙන් දන්නා කරුණ ක්.. "නෑ නෝනා.. දැන් මට හොඳටම සනීප......" අම්මා කියලා ඉවර වෙන්න ත් කලින් මූ ආයේ කඩන් පනිනවා.. "අම්මට මේ ගොඩේ බෙහෙත් හරි යන්නේ නෑ..." ඒ පාර මැදින් පැන්නේ අම්මා... "නෝනා මේ මගේ පුතා.." සමේ රෝගය වැලදීමෙන් පසුව තම එකම පුතා තමා ව පිලිකුල් කල අයුරුත් ඇයව නිවසේ තනිකර දමා බිරිඳ සමගින් කොළඹ ප්‍රදේශයේ පදිංචියට ගිය අයුරුත් ඇය මට පවසා තිබුනේ බොහෝ කාලයකට පෙරයි.. තම මුණුපුරන් ඇල්ලීම පවා තහනම් කරමින් ඔහු මැයගෙන් දුරස් වූ අන්දම මතක් කරමින් උවද කිසි දින ඔහුට වෛර නොකල බවද මට සිහි උනා .... "මං අම්මව කොළඹ එක්ක යනවා.. එහෙ ලොකු private ඉස්පිරිතාලෙක ලොකු දොස්තර මහත්තයෙකුට අම්මව පෙන්නලා බෙහෙත් ගන්න යන්නේ..." ඔහු එසේ කියමින් පිටව ගියේ "මේ වගෙන් බේත් කරලා හරියන්නේ නෑ.." මුමුණමින්.. "අම්මපා මූට දෙන්න හිතෙනවා....." සෙව්වන්දී අතට ගත්තේ ප්‍රෙශර් මීටර් එක... "නෝනා.. පුතාට හදිසියේම සල්ලි වගයක් ඕන වෙලා.. ගෙදර යි ඉඩමයි විකුණලා දෙන්න කියලා කරදර කරා.. මාව කොළඹ එක්කං ගිහින් එහේ නැවතිලා බේත් ගමු කිව්ව.. " ඇයගේ කතාව අතරින් කම්මුල් දිගේ රූටන කදුළු නොදැක්ක නෙමේ මං... "ඒක තමයි මේ හදිසියේ අම්මා ගැන සත්ව කරුණාවක් පහල වෙලා තියෙන්නේ .." සෙව්වන්දී කිව්වේ ඇගේ හිස පිර
ිමදිමින්.. "යන්න කලින් නෝනව බලලා යන්න ආවේ ..මට සනීප උන හින්දනේ පුතා මෙහෙමවත් මං ගැන බලන්නේ.." මං බලන් හිටියේ හිස් බවක් හිතේ තියන්.. කවදහරි අපිට ඉතුරු වෙන්නේ ආත්ම තෘප්තිය විතරයි.. "පරෙස්සමින් ගිහින් එන්න අම්මේ.." එතකොටම නාද වෙච්ච මගේ දුරකතන යේ දිස් උනේ මගේ නිවසේ දුරකතන අංකය .. දෙයියනේ .. පොඩි එකාට අමාරු වෙලා වත්ද.. "හෙලෝ අම්මී... මට දැන් සනීපයි..අම්මී ඉක්මනට එන්න.."👶👶👶 හිස් වෙච්ච මගේ හිත ආදරයේ උණුසුමින් පුරවන්න ඒ පුංචි කටහඬ සමත් උනා.. කවුරු කොහොම කරත් අපේ ජීවිතේ ලගම අය හැමදාම අපි එක්ක ඉන්නවා නේද කියලා මට හිතුණා.. මහන්සි නොබලා ඉස්සරහට යන්න ඒ ආදරණීය බලාපොරොත්තුව හොඳටම ඇති... අ‍ංජු❤️ Dr Anuja Herathඔයා ඩොක්ටර් කෙනෙක් නේද? කාලෙකින් බබාගේ බර කිරන්න යනවා... අඩුයි හොදටම.. කෑම කන්නේ නෑ හරියට............ "අපොයි! ඔයා ඩොක්ටර් කෙනෙක් නේද ? .. මොකද මේ.. මෙහෙම ද ළමයි බලාගන්නේ" පවුලේ කෙනෙක් ට අසනීපයක් වෙනවා.. " අපෝ! ඩොක්ටර් කෙනෙක් ගෙදර ම ඉදලත් ගෙදර අයට අසනීප වෙනවනේ.." කාලෙකින් ආසාවට කඩෙන් කනවා... " අපෝ ඔයා ඩොක්ටර් කෙනෙක් නේද ? ඕවා කන්න හොඳ ද" හැමදාම අදින සාරියෙන් මිදිලා සැහැල්ලු කොට ඇදුමක් ඇදන් පාරේ යනවා.. "චික්.. ඩොක්ටර් කෙනෙක් නේද? ලැජ්ජා නැද්ද ඔහොම අදින්න .. fb එකේ ලස්සන පොඩි track out ගතියක් තියෙන post දෙක තුනක් share කරනවා... "ඩොක්ටර් කෙනෙක් නේද?.. මොනවද අර share කරන post?.." බබාට අසනීප නිසා short leave දාලා කලින් ගෙදර එනවා.... අතන මෙතන ගිහින් එක එක බෙහෙත් බීලා ලෙඩේ කුරුවල් කරන් ආපු, අමාරුවෙන් බෙහෙත් කරලා සනීප උනාට පස්සේ " දොස්තර නෝනා බුදු වෙන්න ඕන... හැදූ වැඩූ අම්ම තාත්තා ට ත් පිං " කියපු ලෙඩෙක් එනවා ඒ වෙලාවෙම බෙහෙත් ගන්න... " අපෝ... මේ දොස්තරලගේ පරම්පරාවටම හෙණ ගහන්න ඕන... අහිංසක ලෙඩ්ඩු රස්තියාදු කරනවට.. අපේම බදු සල්ලි වලින් ඉගෙන ගෙන".. බස් එකෙන් බැහැලා කලුවර වැටෙන්න කලින් ගෙදර දුවන් එද්දී හම්බෙනවා ගමේ ඇන්‍ටි කෙනෙක්.. "දැන්ද ගෙදර එන්නේ ළමයෝ.. තාම දුර නේද වැඩ.. ඕකනේ මං අපේ ළමයවත් ඔය කැම්පස් යැව්වේ නැත්තේ.. ඕවගේ ගිහින් කාටද හරි ගියේ?... ඒක නෙමේ දුවේ... මට අර කලින් පාර ගෙනත් දුන්න තෙල් ටිකක් ආයෙ ගෙනත් දෙනවද?.ඒක ගෑවම කකුල් කැක්කුම අඩු වෙලා සනීපෙට නින්ද යනවා.... සැපට නිදන් ඉද්දී රෑ 12 ට විතර phone එක ring වෙනවා.. "අනේ ඩොක්ටර් ... මගේ බබාට සනීප නෑ.. හෙට එද්දී බෙහෙත් ටිකක් ගෙනත් දෙනවද...." ඔලුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිලා ඉන්න වෙලාවක කාලෙකින් කතා නොකරපු යාලුවෙකුගෙන් call එකක්... "හෙලෝ මචං.. උඹ වැඩද.. මේ මං අර අහවල් ලෙඩේට youtube එකෙන් බලලා බෙහෙතක් හදලා ගෑවා.. දැන් තිබුනට වඩා අමාරුයි කියහංකෝ.. උඹ ඉතිං ඩොක්ටර් නේ.. මං දැන් මොකක් ද කරන්නේ කියහංකෝ ..." ඔය සේරමත් ඉවසුවෑකි.. ඒත් අසනීප වෙලා මැරෙන්න තරම් වැටිලා ඉද්දී නිවාඩුත් නොගෙන වැඩ කරන්නත් උනාම ලගම හිතවත් කෙනෙකුට කියනවා ... " මට සනීප නෑ... හොඳටම අමාරුයි..." කියලා.... "ආ එහෙම ද? ඔයාට නම් මොකද? ඔයා ඉතිං ඩොක්ටර් නේහ්.. බෙහෙත් ගැනත් දන්න එකේ කොහොම කරගන්න බැරිද ඔයාට නම්...." දොස්තර උනත් බෙහෙත් කොච්චර තිබුනත් ඒ වෙලාවට කෙනෙකුට ඕනේ... ආදරණීය සොයා බැලීමක්... ආදරණීය සැනසුම් වදනක් අංජු❤️ Dr Anuja Herathමිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ මමයි උඹේ අත්තම්මා අඳුනන්නට බැරිද දුවේ උඹේ කතුර නැති නිසයි වැවුණෙ දිගට නියපොතු ඉස්සර වගෙ කපා ගන්න උඹෙන් උදව් ගත යුතු මිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ මමයි උඹේ අත්තම්මා හැංගෙන්නට එපා බියේ උඹයි බුලත් විට කොටා දුන්නේ මට හැපුමටා එහෙම උදව් නැති හින්දයි උල් දත් මේ තරමටා මිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ සීනි බෝල ඇත මල්ලේ උඹ ආසයි නොවැ කෙල්ලේ තබා සැවුල් පා දෙකක් හැදුවා සෙල්ලම් ගෙයක් හවසට අම්මා එන කල් කරමු දුවේ සෙල්ලමක් මී පැණි හැළියකට හොස්ස පෙවූ වලස් තැනට කැස්ස බේරා ගන්නයි ගෙනාවෙ ඕක් මිටෙන් තනපු කොස්ස මිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ සවාරියක් යමන් දුවේ නැගලා මේ වංගෙඩියේ වලා සුඹුළු අතු ගගා උසුළු විසිළු හඬ නගා වනන්තරේ උඩින් යන්න ආසනෙ උඹ රඟ රඟා මිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ එදා පටන් මං විතරයි උඹේ සතුට දැන සිටියේ කැලෙන් මොනර තටු අරන් බිම්මල් කූඩෙට කඩන් වරුවක් ඔරුවක් පැද එමු ගොම්මන් අඳුරට කලින් මිනිබිරියේ මිනිබිරියේ වසිලිස්සා මිනිබිරියේ රෑ හීනෙන් දැක්කා මං ඇයි උඹ අඬමින් හිටියේ ? දැන්වත් එනවද ටිකක් රෑ වෙන්නට බෑ හුඟක් සුරලොව හරි දුරයි දුවේ මට යා යුතු වෙයි උදක් - සංජය වික්‍රමාරච්චි -මේක කතාවක් නෙමෙයි , පුංචිම පුංචි සටහනක් මං හොදටම අත් විදපු දෙයක් තමයි මනුස්සයෙක්ගෙ ගතිගුණ , හැසිරීම් අනිවාර්යයෙන්ම එන්නෙ ඒ කෙනා පොඩි කාලෙ ඉදන් ඉන්න පවුල් පරිසරයත් එක්ක...... එක දවසක් ගෙදර බත් රොස් උනා මම එතකොට දෙක වසරෙ වගෙ.... එදා මම අම්මට කිව්වා බත් රොස් වෙන ගඳයි කියලා...අම්මා මට කියලා දුන්නා කවදාවත් කෑමකට ගඳයි කියන්න එපා කියලා... තව දවසක් දූරියන් ගෙනල්ලා මම ඒකට ඊයා කිව්වා...එදා අම්මා මට කියලා දුන්නා කිසිම දවසක තමන් අකමැති උනත් කිසිම කෑමකට ඊයා කියන්නෙපා මෙ ලෝකෙ පොඩි දෙයක්ව කන්න නැතිව මැරිලා යන මිනිස්සු දහස් ගානක් ඉන්නවා කියලා... එදා ඉදන් මම කෑම තේරුවෙ නෑ මම පුරුදු උනා හැම කෑමකටම ගරු කරන්න ඒ වගේම හැම කෑමක්ම කන්න.. එක දවසක් අපේ ගෙදරට ආවා මාළු විකුණන කෙනෙක් අම්මා මට කියලා දුන්න ඒ මනුස්සයට මාළු මාමා කියන්න...අනිත් පොඩි ළමයි මාළුකාරයා කියද්දි මම පුරුදු උනා මාළු මාමා , ලියුම් මාමා , පත්තර මාමා කියන්න.... මම තෙරුම් ගත්තා හොරකම් කරලා මිනි මරල හම්බකරන්නැතුව අතපය වෙහෙසල පවුල් නඩත්තු කරන හැම මනුස්සයෙක්ම ගරු කරන්නොනි මනුස්සයෙක් කියන එක.. මම අදුරන එක ගෑණු ළමයෙක් හිටියා...එයා පුරුදු වෙලා හිටියා මම එයාට වැරැද්දක් නොකරත් මම කරන හැමදේටම තැන තැන ගිහින් එක එක කතා කියන්න..ඒවා ආරංචි වෙලා මගෙ හිත ගොඩක් රිදුනාම අම්මා මට කියලා දුන්නා මිනිස්සුන්ගෙ හැටි තේරුම් අරන් හිනාවකින් සංග්‍රහ කරලා ශක්තිමත්ව ඉන්න... ජිවිතේ ගොඩක් තැන් වල ප්‍රතික්ශේප වෙනකොට අම්මා මට පුරුදු කලා ආයෙ ආයෙමත් මම වෙනුවෙන්ම ගොඩ නැගෙන්න... මට මතක ඇති කාලෙක ඉදන් අපෙ අප්පච්චි ලෙඩ වෙන්න කලින් හැමදම මාසෙ පඩියෙන් ලොකු බිස්කට් පෙට්ටියක් අරගෙන පාරවල් වල ඉන්න බල්ලන්ට කන්න දෙන්න පුරුදු වෙලා හිටියා... ඉතින් මම පුරුදු උනා කොච්චර දුප්පත් උනත් යන්තම් තියන සල්ලි ටිකකින් බඩගින්නෙ ඉන්න සතෙක්ට කන්න මොනා හරි අරන් දෙන්න... ඉස්සර මට මතකයි හැමදම හවසට...මගෙ අප්පච්චි මාව අරගෙන වෙල ලඟ තියන පුංචි ඇලට ගියා ඉර බහින හැටි මට පෙන්නන්න...මමත් පුරුදු උනා ඒ විදිහටම අහසෙ ලස්සන , පොළොවෙ සිසිලස විදින්න... ඇත්තටම මට මෙ ජිවිතෙ ගොඩක්ම සතුටු වෙන්න තියන එකම හෙතුව ඒක.... පොඩි කාලෙ ඉදන් ලැබුණ ඒ අත්දැකීම් එක්ක මට පුලුවන් උනා ඇත්තටම ආදරණීය වගේම මනුස්සකම පිරුණු මනුස්සයෙක් වෙන්න... මනුස්සයෙක්ගෙ ජිවිතේ මූලික අඩිතාලම වැටෙන්නෙ අනිවාර්යයෙන්ම පවුල ඇතුළෙන්...ඉතින් , මට සතුටුයි මගෙ ආදරණීය පවුල මට ලැබුන එක ගැන ❤️ මේ සටහන , මගේ පවුලට මගෙන් Tharushi Ranasingheවිවාහ රහස් අපි දෙන්නගේ විවාහ සන්වත්තරේ ළඟ හින්ද මෙච්චර කල් කසාදෙ රැකුන හේතු ටික මම හෙව්ව..ඔය අස්සේ මෙන්න මේ දෙබස් ටික රෙකෝඩ් කරලා තිබිල හම්බුනා.ඕව තමයි ඉතිං විවාහ රහස් ඈ.. මම : ඔයා නම් මහ වදයක් අප්ප.අල්මාරිය ඇරියොත් රෙදි ටික කොටනව. කිසි පිළිවෙලක් නෑනේ වැඩවල. මීට පස්සේ ඔයාගේ ඇඳුම් ටික ඔක්කොම් අර පරණ කබඩ් එකේ දානව..අල්මාරිය මගේ..අනිත් එක ඔය ඇඳුම් කෑලි දෙක තුන දාන්න ඒකත් වැඩි.. එයා : හ්ම්.. මම : මෙලෝ රහක් කලාවක් නෑ ඔයාගේ වැඩවල. අනේ ඇත්තටම පොඩ්ඩක් ලස්සනට පිළිවෙලට වැඩක් කරන්නම බැරිද..කවදා ඉගෙන ගනීද මන්ද.. එයා : හ්ම්ම්ම් මම : මගුල් ගෙදර හිටිය හැමෝම කිව්වේ මගේ මේකප් එක හරිම ලස්සනයි කියල. සාරියත් ලස්සනයි කිව්ව. කීප දෙනෙක් මගෙන් ඇහුව ඔය මගේ තාත්තද කියලත් අනේ.. එයා : උන් කණ්නාඩි දාල නෙමෙයිද හිටියේ ඒ වෙලාවේ?? මම : මං උයන කෑම පුදුම රසයි නේද..ඔය එක එක තුනපහ ජාති නොදැම්මට මට නම් ඕන දෙයක් රසට උයා ගන්න පුළුවන්. අනේ මන්ද මගේ කෑම තරම් රස නෑ මට කාගේවත්.රසයි නේද.. ඈ?? එයා : පරිප්පුවට ලුණු නැති උනාට කරෝල කෑල්ල අනා ගත්තම අවුලක් නෑ.. මම : ඇත්තටම මං වගේ කෙනෙක් හම්බ උනේ නැතනම ඔයාට මොනවා වෙයිද නේද..මොනවා උනත් ඔයා හරි වාසනාවන්තයි.. මං වගේ වයිෆ් කෙනෙක් ලැබුන එකට..ඔය ඉස්සර යාලු වෙලා උන්න කෙල්ලෝ බැන්ද නම් ලොවෙත් නෑ ඔයා.. එයා : ඒ දවස්වල උන් කිව්වෙත් ඔහොම තමා.. මම : අර කඩේ ගෑනු එක්කෙනා එක්ක එහෙම වැඩි බජනෙට යන්නේ නෑ ඔන්න. පපුව හිරට හිරේ ඒ මදිවට තඩි පස්ස පේන ගවුම ඇඳල බැල්ම දාන්නේ ඔයාල වගේ අය අල්ල ගන්න.ඒ මදිවට පූසෙක්ගෙ පච්චේකුත් කොටලා අතේ..ඊය.. කොන්ඩේ දැක්කද.. නූඩ්ල්ස් පිඟාන වගේ..ගාල තියන හෙයාර් කලර් එක..හරිම ගොඩේ.. එයා : එතකොට බිත්තර ගෙන්න හන්දියට යන්න වෙනවද දැන්?? මම : මට දැන් මේක එපා වෙලා තියෙන්නේ..ඇත්තමයි යන එක යනවමයි මං කොහේහරි.. ආයේ හොයන්න හිතන්න වත් එපා..මං කිව්වොත් කිව්ව.. එයා : ඔහොම කියපු එකොලොස්දාස් පන්සීය පනස් තුන් වෙනි වතාව.. කොහොම උනත් දෙන්න තාම එකට ඉන්නව. ඉතුරු පෝය හත අටත් මෙහෙමම ඉන්නව කියල තමා එයා නම් කියන්නේ.. ඔය අතරේ මේ වගේ කතාබහත් ඇතිවෙනව.. එයා : එතකොට ඒ මිනිහ හොරෙක් බව තේරිලත් එතන හිටපු කාටවත් කිව්වෙ නැද්ද.. අඩුගානේ බයික් එකේ නොම්මරෙවත් මතක තියා ගත්තද.. මම : ඒක මට මතක නැතිඋනානේ.. හොරෙක් උනාට ඒ කොල්ල හරි වැදගත් පාටයි අප්ප.. එයා : දැන් ඔය තුනපහ බෝතලේ මූඩිය අරින්නම බැරිද? මං නැත්නං මොකක්ද ඔයා කරන්නේ.. හැ
ම එකටම කෝල් කරන්නේ.. මම : බෑ අනේ.. ඔයා එන්නකෝ.. එයා : පොඩ්ඩක් ඉනිමග තියල වත් ඕක ගන්න බැරිද. මං එනකම්ම ඉන්න ඕනෙද.. මං දැන් ඉන්නේ හොරොව්පතානේ.. මම : පිස්සුද ඕකෙන් වැටිලා මගේ කොන්ද කැඩුනොත් එහෙම..ඔයා එන්නකෝ.. එයා : පුදුම කම්මැලිකමක් නේ කෑම ටිකක් උයන්න කිව්වම තියෙන්නේ ඔයාට..ආයේ නම් කඩ කෑම කන්න කතා කරන්න එපා.. මගේ බල්ලවත් එන්නේ නෑ.. මම : අර අළුතින් දාපු කඩේ බිරියානි එක ශෝක් කියල ඉස්සරහ ගෙදර අක්ක කිව්ව.. අපි යමුකෝ.. එයා : අර බල්ලෝ බුරනව ඇහෙන්නේ මොකද.. පොඩ්ඩක් බලන්න.. මම : බල්ලෝ නම් හැමවෙල්ම බුරන්නේ. ඔයා ඇවිත් බලන්නකෝ.. එයා : %$***% රොෂනිසදදෝන්කාර ඒ වෙද්දි හතර වටේටම කලුවර පතබෑවිලා ඉවරයි. මේක වෙන්නෙ අනුරාධපුර පූජා නගරයට බොහෝම ආසන්නයේ තියෙන පුංචි ගමක. මගේ එක්තරා ව්‍යාපෘතියක් වෙනුවෙන් දවස් කිහිපයක් මට ඔය ගමේ සැරිසරන්න සිද්ධ වුනා. මේ හරියටම මම ඒ ගමෙ ගත කරපු දෙවෙනි රාත්‍රිය. වෙලාව හරියට කීයද කියන්න මතකයක් නැති වුනත් රාත්‍රී නවය පහු වෙලයි තිබුනේ. මෙ සිදුවීම වෙන කාලය වෙද්දි ඒ පාර දිගටම ලයිට් තිබුනේ නෑ. දැන් කොහොමද කියන්න මා දන්නෙ නෑ. හද එලියක්වත් ඒ පාර එලිය කරන්න ඉදිරිපත් වුනේ නෑ. එතනින් යන අන්තිම බස් එකත් ඉවර වෙන්නේ හවස හය හමාරට කියලා මම පස්සේ දැනගත්තේ. පාරෙ යන වහනයක උදව්වෙන් වත් ටික දුරක් යාගන්න හිතුවත්, ඒ පාරේ ඒ හැටි වාහන ගියෙත් නෑ. පුලු පුලුවන් විදිහට පාර දිගේ ගාටගෙනා ආපු මට යන්තමට හරි සහනයක් දැනුනේ ගරාවැටුනු බස් හෝල්ට් එකක් ලග කහ පාටට දිලිසෙන ලයිට් එලිය නිසා. ඒ හතර දිබ්බාගෙටම තිබුන එකම ලයිට් කණුව. මලකඩ කාපු බස් හෝල්ට් එකට හෙත්තුවක් දාගෙන මම බලන් හිටියේ වාහානයක ලයිට් එලියක් වැටෙනකන්. ලයිට් කනුවෙන් කඩන් වැටෙන එලියට මේ ඝන කලුවර කපා දාන්න තරම් ශක්තියක් තිබුනේ නෑ. ඒ නිසා මගේ වටේට තිබුන අඩි කිහිපය ඇරෙන්න එතනින් එහාට තද ගුප්ත බවකින් ගිලිලා. කළුවරටම මුහු වෙච්ච රැහැයියන්ගේ කන්දොස්කිරියාව ඒ ගුප්ත බව තීව්‍ර කලා. මම බලන් හිටියා. ආසන්න වශයෙන් පැයක්වත්.ඒ වෙද්දි මම ලග තිබුනේ නොකියා වර්ගයේ බට්න් ෆෝන් එකක්. මේ පැය පුරාවටම මගේ පාලුවට හිටියේ ෆෝන් එක ඇතුලේ ඉදන් සිංදු කියන අජිත් මුතුකුමාරණ. කම්බි දැල් ඇදපු ස්පීකරේ නිසා අදට වඩා එදා ඒ සිංදු වල අමුතුම පාලු ගතියක් තිබ්බා. මගෙ මතකේ හැටියට ඒ වෙද්දි ප්ලේ වුනේ හවස පන්තියට. " මගේ හිතේ තිබුන ලෙන්ගතූ... ආදරයේ රතු මල් පොකුරූ... " වැඩි වෙලා යන්න කලින් මට තේරුනා සිංදුවට අදාල නොවන මොකක්දෝ වෙනස් සද්දයක් ටික වෙලාවක ඉදන්ම මට ඇහෙනවා කියලා. මම සිංදුවේ සද්දේ ටික ටික අඩු කරලා ඒකට කන් දුන්නා. " හසුන් පතක ලියවුනා මුතූ... අමතක වෙන්නෑ ඔයා සුදු... " සිංදුවේ සද්දේ අඩු වෙද්දි අර ඇහුන අමුතු හඬ මට ටිකක් වැඩියෙන් ඇහුනා. ඒක වතුර බිංදු වැටෙන සද්දයක්. බිංදුවෙන් බිංදුව එකම රටාවකට බිමට හෝ වතුරටම වැටෙනවා. සද්දේ හැටියටනම් වැටෙන්නෙත් වතුරට. මම වටපිට බැලුවා. එහෙම වතුර වැටෙන තැනක් මට පෙනුන අඩි දහය තුල තිබුනේ නෑ. අහස දිහා බැලුවත් හිරිකඩක්වත් වැටෙන පාටක් තිබුනේ නෑ. එත් ඒක ඒ තරම් සැලකිය යුතු සද්දයක් නොවන නිසා මම සිංදුව ආයෙම වැඩි කලා. " පලා අදුර නැගෙන සදක් වී... සෙනෙහස ඔබ අරගෙන යාවී... " කලින් මට ඇහුන සිහින් සද්දෙට වඩා ටිකක් වැඩි සද්දෙකින් දැන් දැන් වතුර බිංදු වැටෙන සද්දේ මට ඇහෙන්න ගත්තා. මා සිංදුව බිංවටම අඩු කරලා හොදින් ඇහුන්කන් දුන්නා. සද්දය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන හැටි මට ඇහෙනවා. වැඩි වෙලා යන්න කලින් මට තේරුනා සද්දය වැඩි වෙනවා නෙමෙයි. ඒ සද්දේ එන්න එන්න මට ලන් වෙනවා කියලා. නොකිව්වට මේ වෙද්දි මගේ හිතේ අමුතුම බයක් හටගෙනයි තිබුනේ. ඒක මහ භයන්කාර සද්දයක් නොවුනට ඒ රිද්මයේ මහ මොකක්දෝ අමුත්තක් තිබුනා. මම ලයිට් කනුවට වඩ වඩාත් ලන් වෙලා සද්දය ලං වෙන දිහා බලාගෙන හිටියා. හරිහැටි නොතේරුනත් ඒ සද්දය මට වඩා කොච්චර දුරින් ඉන්නවද කියල එක මට චිත්ත රූප මැවුනා. කලුවර දිගේම ඒ සද්දය මගේ දිහාවට එන හැටි මට දැනුනා. මගේ දැනීමේ හැටියට දැන් ඒ සද්දේ නැවතිලා තියෙන්නේ ලයිට් එකෙන් එලිය වැටෙන අවසානම කෙලවරේ. තව දශමයක් ඒ සද්දේ ඉස්සරහට ආවොත් මට ඒක බලාගන්න පුලුවන්. මගේ හිත බොහොම වේගයෙන් ගැහෙන්න ගත්තා. ඉහලට ගත්ත හුස්ම පහල නොහෙලම මම බලන් හිටියා. තව ක්ෂණිකයකින් ඒක මට පෙනේවී. වතුර බිංදුවක් වැටුනා. ගනනය කිරීම් වලට අනුව ඊලග වතුර බිංදුව වැටෙන්න ඕනේ මට පේන සීමාවට. ඔව්. වතුර බිංදුවක් වැටුනා. ඒත් ඇත්තටම වතුර බිංදුවක් වැටෙනවා මම දැක්කේ නෑ. මට ඒ සද්දේ ඇහුනා. වතුර බිංදුවක් වැටුනම පොලොව තෙත් වෙන විදිහට එකම එක තැනක් පොඩියට වල ගැහී තෙත් වෙලා තිබුනා. ඉහල තිබුන හුස්ම හෙලනවත් එක්කම මම පොලව දිහාවෙන් ඔලුව උස්සලා බැලුවා. මුකුත්ම නැහැ. මුකුත්ම. ඝන කලුවර විතරයි. ඡායාවක්වත් නෑ. ඒ වතුර බිංදුවෙන් පස්සේ සද්දෙ ඇහෙන එක නැවතුනා. ඇත්තටම ඒ සද්දෙටත් වඩා එක පාරටම ආපු නිහඩ බවට මම බය උනා. නැවත් හුස්මක් ගන්නවත් සීරු මාරු වෙන්න මට හිතුනෙ නෑ. මම ඒ දිහාම බලාගෙන හිටියා. මගේ පිටුපසින් කුමක්දෝ ඡායා මාත්‍රයක වෙනස් වෙන බව මට තෙරුනා. ඒත් එකවරම ඒ දිහා බලන්න මම බය වුනා. ඒත් නොබල ඉන්න එක ඊටත් වඩා බය වෙන්න හේතුවක්. කිසිවක් කරගන්න බැරි අසරණ මම දශමයෙන් දශමය පිටිපස්ස හැරිලා බැලුවා. ලයිට් එලියේ කෙලවරම යාන්තමට පේන්න නොපෙනෙන්න කවුදෝ හිටගෙන හිටියා. ඒ ගෑනු ලමෙක්. මම ඇයගේ මූන දැක්කේ නෑ. ඒත් සුදුපාට මල් වැටුන් කහපාට සහා කලු පාට මිශ්‍ර වුන චීත්ත ගවුම දැක්කා. උසේ තරමට වයස දාහතර ඉක්මවපු ළැමේ හැටියට වයස දාසය නොඉක්මවපු කෙල්ලෙක් කියලා කියන්න පුලුවන්. ගොතාගෙන ඉදපු කොණ්ඩ කරල් දෙක ඇගේ ළැම මතින් පහලට වැටිලා තිබුනා. එතනි උඩට ලයිට් එලිය නොවැටුනු නිසා මට හරියට පෙනුනෙ නෑ. ඇගේ අතේ නෙලුම් මල් දෙකක් තිබුනා. ඇය නෙළුම් මල් දණ්ඩෙන් තද කරගෙන අල්ලගෙනයි හිටියේ. දණහිසට උඩින් වැටිලා තිබුන ඒ ගෑනු ලමයගෙ ගවුම අගිස්ස තෙත් වෙලා. ඒ එක් අගිස්සකින් නූල් පොටක් ලිහිලා ටිකක් පහලට ඇදිලා. ඒ නූල් පොට දිගේ වතුර බිංදුවෙන් බිංදුව බේරිලා බිමට වැටෙනවා. මට මෙච්චර වෙලා ඇහුන සද්දෙ මූලාරම්භය එතන කියලා තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා. ඒත් ඒක හරිම අසාමන්‍යයි. පොලවට වැටෙන වතුර බිංදුවක් ඒ තරම් ශබ්ධයක් නගන භෞතික විද්‍යාව මා දැනන් හිටියේ නෑ. කොහොම වුනත් ඒ දර්ශණය මට දැනුන සහනයක්ද, එහෙම නැත්තන් මාව තව තවත් බයට පත් කරපු දෙයක්ද කියලා මට හිතාගන්න බෑ. මම අදුර මැද්දෙන් ඒ ගෑනු ලමයගෙ මූණ දකින්න උත්සහ කලා. ඡායාවක් මිසක කිසි දෙයක් මට පේන්නෙ නෑ. මට ලයිට් කනුවෙන් එහාට යන්න හිතුනෙත් නෑ. ඒ කෙල්ලගෙත් කිසිම සෙලවීමක් තිබුනේ නෑ. ඒ තප්පර කිහිපය තුල සිද්ද වුන එකම දේ තමයි වතුර බිංදුවෙන් බිංදුව බිම වැටෙන එක. ඒ සද්දේ දැන් කලින්ටත් වඩා දෝන්කාර දෙනවා. වතුර බිංදු වැටිලා ඒ පොලොව යන්තමක් හෑරිලා. මට කතා කරන්න ඕනවුනත් භයටම මාව ගොලු වෙලා. මම භය වෙන්නෙ මොකටද කියලා මටම තෙරෙන්නෑ. උගුර කට වේලිලා. එ ගෑනු ලමයගේ නොසොල්මන මාව වෙහෙසට පත් කරනවා. ඒත් මම අපේක්ෂා නොකල මොහොතක එක දෙයක් වුනා. ඒ කෙල්ල නෙලුම් මල් දෙක අල්ලගෙන ඉදපු අත එක පාරටම මගේ දිහාට දිග් කලා. ඒක වුනේ ක්ෂණිකයෙන්. ඒ ක්ෂණික බවට බය වුන මම ලයිට් කනුවට හේත්තු කෙරුනේ ඉබේමයි. දැන් ඒ ලමයා අත සම්පූර්ණයෙන්ම දික් කරගෙන නෙලුම් මල් දෙක මට දෙන්න වගේ අල්ලන් ඉන්නාවා. තාමත් ඇයගේ මූණ පේන්නේ නෑ. නමුත් නිකට හරියට යාන්තමට එලිය වැටිලා. මම තාමත් ලයිට් කණුව අල්ලගෙන. කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ. ඇත්තමයි මාව වෙව්ලන්න ගත්තා. වතුර බිංදු ඉස්සෙල්ලටය්හ් වඩා ටිකක් වේගෙන් වැටෙනවද හියලා හිතෙන්න ගත්තා. මල් දෙක ගත්තොත් මේ ප්‍රශ්ණ් ඉවර වෙයි කියලා මට දැනුනා. ඒත් ඒකට හයියක් තිබුනේ නෑ. ආයෙත් අත පොඩ්ඩක්වත් හොල්ලන් නැතුව ගල් පිලිමයක් වගේ බලාගෙන ඉන්නාවා. කරකියා ගන්න දෙයක් නැති මම අසරණයි. මේ කලුවට පුදුම පීඩනයක් හැටියට මට දැනුනා. ඒ අස්සෙන් වතුර බිංදුවල සද්දෙ දෝන්කාර දෙනවා. තවත් මට මේක ඉවසන් ඉන්න පුලුවන්කමක් නෑ. මම මල් දෙක ගන්න තීරනය කලා. මගේ වෙව්ලන අත ඉස්සරහට දික් කලත් එයා ලගට ඇවිත් මල් දෙක දුන්නෙ නෑ. ඒකෙන් තේරුනේ මාව ඇය ලගට ගන්න ඇය උත්සහ කරන බව. මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. මම මගේ කකුල් පොලව දිගේ ඇදහෙනම වගේ ටිකෙන් ටික ඒ දිහාවට ගියා. ලයිට් එලිය මගේ ඇගෙන් ටිකෙන් ටික අඩු වෙලා මාවත් අදුරටම ගිල ගන්නවා වගේ මට දැනුනේ. මම අත දික් කරගෙනම ඉස්සරහට ගියා. ඇගේ ලගට ලං වෙද්දිවත් මට අමුතු සීතලක් දැනුනා. ඒත් ඒ සීතල ඇතුලේ මොකක්දෝ උණුහුම් ගතියක් තිබුන බව තේරුනා. ඒක විස්තර කරන්න නොතෙරෙන දැනීමක්. මගේ අත දැන් ඈ නෙලුම් මල් දෙක දිගු කරන් ඉන්න අතට ආසන්නයි. ගෑවෙන නොගෑවෙන ගානයි. ඒත් මගේ වෙව්ලන අත් වලට ඒ පියවර පනින්න බැරිකමක් දැනුනා. නමුත් ඒ හැර විකල්පයක් මට නෑ. මම ඇගේ ලගින් අල්ලගත්තා. මීලග තප්පරය තුල පැයක පමණ සිදුවීම් එකවර සිද්ද වුනා. මුලින්ම දෝන්කාර දෙන වතුර සද්දෙ නැති වුනා. ඇගේ ඇගිලි වල ගෑවෙන මගේ ඇගිලි මහපට ඇගිල්ල හා දඹරගිල්ල හිරි වැටෙන්න ගත්තා. ඇගේ හම සීතල වෙලා. මගේ ස්පර්ශයට ඒ හම දිය වෙලා මගේ අතේ ඇලෙයිදෝ වගේ හැගීමක් දැනුනා. මට අත ඇදලා ගන්න ඕන වුනත් මට ඒක කරගන්න බැරි වුනා. මේ සේරම දේවල් සිද්ද වුනේ එක තප්පරයක් ඇතුලේ. ඊලග තපරයේ මම මේ ලෝකේ දැකපු අමතක නොවනම ඡායාව දැක්කා. විදුලි වේගයෙන් ඒ කෙල්ලගේ මූණ ඉස්සරහට ඇදුනා. ඒ මුණ හටි හැටි බලාගන්න තරම් වෙලාවක් මට ලැබුනේ නෑ. ඡායාවේ හැටියට ඇයට තිබුනේ පෙඟී ඉරි තැලුන සුදුපාට තොල්. මුහුනේ හම දිය ගතියක් තිබුනා. මට දැනුනු විදිහට ඇය හිනාවෙලයි හිටියේ. ඒත් ඒ හිනාව තුල සතුටක් තිබූ බව මට දැනුනේ නෑ. ඇය ඉදිරියට පැමිණි ක්ෂණික වේගයෙන්ම මම ඉවතට පැනලා දුවන්න ගත්තා. ඒත් ඒ දිවිල්ලෙ මෝඩකම මට තේරුනේ. ලයිට් කණුවේ එලියෙන් එලියට පැනගත්ත මොහොතෙම‍යි. ඝණ කලුවර ඇතුලේ මම අතරමන් වුනා. මට වඩාත් අනාරක්ෂිත බවක් දැනුනා. එක
තහවුරු කරමින් වතුර බිංදු වල දෝන්කාරය මට නැවත ඇහෙන්න ගත්තා. ඒක මගේ පස්සෙන් එන බව මට තේරුනා. මම ඝණ කලුවරෙම හති වැටෙනකන් දුවන්න ගත්තා. ඒත් මෙ නිශ්ඵල උත්සහයෙ ප්‍රථිපල නැහැ කියලා තේරෙද්දි මම ඉබේටම නතර වුනා. එත් දෝන්කාරය නතර වුනේ නෑ. මගේ දැන් ඒ සද්දේ මගේ වටේටම ඇහෙන්න ගත්තා. ඒ සද්දේ මාව වට කරගෙන. කන් දෙක තදින් වහගෙන බිමට නැවෙනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනේ නෑ. කන් වහගත්තත් එ සද්දෙ ඇහෙන එක නතර වුනේ නෑ. ඇත්තටම මට ඇඩුනා. ඒත් එක්කම ලොකු ලයිට් එලියක් මගේ වදින හැටි පෙනුනා. ලොරියක සද්දයක් අනිත් සේරම සද්ද කපාගෙන ඇහෙන්න ගත්තා. ලොරිය මහ වේගෙන් මගේ දිහාවට ආවා. ලොරියෙන් වැටුන ලයිට් එලියෙන් මගේ වට පිටාව පේනවා. ඒත් කිසිම තැනක කිසිම කෙනෙක් හිටියේ නෑ. ඒත් මම ඉදපු සීමාව වටේටම පොලවේ පුංචි පුංචි සිදුරු හැදුන පැල්ලම් තිබුනා. විදුලි වේගයෙන් ලොරිය මාව පහු කරගෙන ගියා. මම මහ හයියෙන් කෑගගහා ඒ පස්සෙන් දිව්වත් ලොරිය නැවැත්තුවේ නෑ. ආයෙමත් මා ඝණ කලුවරේ තනි වුනා. නමුත් පෙර පරිදි කිසිම සද්දයක් මට ඇහුනේ නෑ. මම පයින්ම ඉදිරියට ඇදුනා. ඇත්‍තටම එතන ඉදලා මා නැවතිලා හිටපු තැනට යනකන්ම වෙච්ච කිසි දෙයක් මට මතකයේ නෑ. ඒ සේරම හීනයක් කියලා මම හිතුවා. ඒත් හීනයක් නොවන බය ප්‍රත්‍යක්ෂයෙන්ම මම දැනගෙනත් හිටියා. පහුවදා හවස් වෙනකන්ම මම හිටියේ තද නින්දක. ඇහැරුනාමයි මම දැක්කේ. මගේ දඹරගිල්ලෙයි මහපට ඇගිල්ලෙයි හම පිච්චිලා. දිය පට්ට ඇවිත්. සමහර තැන් තුවාල වෙලා. එදා හවසම මම ප්‍රොජෙක්ට් එක නවත්තලා ගෙදර ආවා. සිද්ධ වෙච්ච දේ කාගෙන්වත් අහන්නවත් කියන්නවත් මට සිහියක්වත් ඕනකමක්වත් තිබුනේ නෑ. අත යම් තරමකට හෝ සුව වෙන්න මාස කිහිපයක් ගියා. ඒත් කැලැල් මැකිලා ගියෙ නෑ. පලි - පසු සොයා බැලීම් වලට අනුව මට දේවල් කිහිපයක් හම්බුනා. ඒත් ඒවා හා මේ සිදුවීම අතර කොයි තරම් සම්බන්ධයක් තියෙනවද කියලා මම දන්නෙ නෑ. මෙ සිදුවීම වෙන්න අවුරුදු කිහිපයකට කලින් ඒ ප්‍රදේශයේ වැවකින් ගැහැණු ලමයෙකුගේ මල සිරුරක් හම්බ වුනා. ඇයගේ මවගේ රැකියාව වුනේ පූජා නගරයේ මල් විකිණීම. මල් නෙලන්න ගිය මොහොතේ වැවේ ගිලිම නිසා මිය ගියා කියලයි සිරුර සොයාගන්න වෙලාවේ කියලා තිබුනේ. ඒත් පසු පරීක්ෂණ වලින් ඒක ඝා_නයක් කියලා ඔප්පු වෙලා. ඒ නිව්ස් එක තිබුන පුවත් පත මට හම්බ වුනා. ඒකෙ ඇගේ සිරුර සුදු රෙද්දකින් වහලා තියෙන ඡායාරූපයක් තිබුනා. සුදු රෙද්දෙන් ඉවතට පැමිණි ගවුමෙන් කොටසක් ඇපැහැදිල් ලෙස දැකගන්න පුලුවන් වුනා. එහි සුදු පාට මල් පෙත්තක් වටේට කලු හා කහ පාට පැතිරිලා තිබ්බා. කලාතුරකින් හෝ අදටත් මට ඒ දෝන්කාරය ඇහෙනවා. සමහර දාට උදේ ඇහැරෙන කොට පොලවේ වතුර බිංදු කිහිපයක් පේලියට වැටී වේලී ගිය ලකුණු පේනවා. ඒ හැම දවසකම තුවාලය නැවත නැවත පෑරෙන එක පුදුමයක්. - කලි -රෑට වහින වැස්ස තමයි ලස්සනම........ මේ යන්නේ වහින කාලයක්නෙ. අපේ පැත්තෙ නම් දැන් දිගටම වහින්න පටන් අරගෙන මාසයක් විතර . උදේම වහිද්දි නැගිටින්නත් කම්මැලි ,දවසෙ වැඩ ටික කරන්නත් කම්මැලි , මහ මූසල ෆීලින්ග් එකක් එන්නේ. උදේ පාන්දර පටන් අරගෙන දවල් දවස තිස්සේ වහින වැස්ස හරි කරදරයි. ඒ හින්දමයි රෑට වහින වැස්ස ලස්සන . දවසෙ වැඩ ටික ඉවර වෙලා හවස ගෙදර ආවට පස්සේ නම් කොච්චර වැස්සත් අවුලක් නෑ. තේ එකක් එහෙම බොන ගමන් රිලැක්ස් එකේ වැස්සත් එන්ජෝයි කරන්න පුලුවන් . අවුරුද්දේ මං වැඩියෙන්ම ආස කාලේ ජුනි-ජූලි මාස . ඒ කාලේ වෙද්දි වැහැලා ඉවර වෙලා, අපේ පැත්තට නම් ගංවතුරත් දාලා ඉවර වෙලා ඇගට සනීප හුලඟක් හමාගෙන යනවා. අනුරාධපුර ,පොලොන්නරුව පැති වල වගේ හමන වියලි හුළං වගේ ඒ හුලඟ වෙනම වයිබ් එකක්. හැබැයි මේ අවුරුද්දේ ඒ විදිහට හුළං ඇල්ලුවෙ නෑ. එකම එක දවසක් පොඩි හුළඟක් ගියා එච්චරයි. අද ,දැන් නම් වහින එක නතර වෙලා පොඩි පොදයක් යන්නේ.ඒ අස්සේ හොඳ හුලඟකුත් හමනවා අර ජුනි -ජූලි කාලේ වගේ. ඈත තියෙන ගිනිකූරු ගස් වැටියත් කළුවර අස්සෙන් හෙල්ලෙනවා පේනවා. ජනේලේ ඇරලා හින්දා පොඩියට හිරිකඩ ඇවිත් ලියලියා ඉන්න මේසේ පැත්තකුත් තෙමෙනවා. කලින් වැස්සට පොඩියට පිරිච්ච වතුර වළවල් එහා ගෙදර කහ පාට බල්බ් එලිය වැටිලා දිලිසෙනවා. හෙඩ්ෆෝන් එකේ ප්ලේ වෙන Lootera ෆිල්ම් එකේ Ankahee සිංදුවත් මේ වෙලාවෙ තියෙන සීතල වයිබ් එකට මැච් වෙනවා. මේ මම මගේ ග්‍රිල් ගහපු , හැබැයි ඇරලා තියෙන ජනේලෙන් දැකපු දේ. ඔයත් ඔය වහලා තියෙන ජනේලෙ ඇරලා බලන්න. සමහරවිට මීටත් වඩා ලස්සන දර්ශනයක් සොබාදහම ඔයා වෙනුවෙන් මවලා ඇති. කොච්චර බිසී වුනත් පරිසරය විඳින්න අමතක කරන්න එපා. ප.ලි. 1 :- කලින් අවුරුද්දක හොඳට හුළං අල්ලන කාලෙක රෑ 1ට විතර ජනෙල් පඩිය උඩ වාඩිවෙලා සිරි නරඹ නරඹ ඉද්දි අම්මට අහුවෙලා අම්බානෙක බැණුම් ඇහුවා. ග්‍රිල් දැම්මෙ ඊට පස්සෙ. ප.ලි. 2 : - ෆොටෝ එක අන්තර්ජාලයෙන්*** සහෝදරයෙකුගේ නික්මයාම *** යුද්ධයේ දී මුහුණ දුන් ජයග්‍රහණයන් සේම මානසික කඩාවැටීම් අතර දෝලණය වුනු අවස්ථා කොපමණද. විටෙක එම සිදුවීම් කෙලෙස පෙළගස්වන්නේදැයි සිතේ. වරෙක මා නිවාඩු ලැබ ආයේ මගේම සම පුහුණු පාඨමාලාවේ මුත් පසුව අධිකාරී නිළයක් දැරූ මිත්‍රත්වය අභිබවා ගිය සහෝදරයෙක් සමගය. නමුදු ඔහුට පැවරී තිබුණේ රාජකාරි ගමනකි. ඒ අපගේ රෙජිමේන්තු මූලස්ථානය වූ සාලියපුර (අනුරාධපුරය) වෙතින් කරගත යුත්තකි. එදවස අප සිටියේ කයිට්ස් දූපතේ කඳවුරු දෙකක බැවින් දෙදෙනාටම එදින සුහද රාත්‍රියක්ම විය. මන්ද අපට දූපතේ සිට කරෙයිනගර් දක්වා යාමට ප්‍රථම, පෙරදින සවස ඒ සඳහා යෝජිත ස්ථානයක ලැගුම් ගත යුතු බැවිනි. පිටවීමට පැමිණ සිටියේ අප පමණක් වූ බැවින් පසුදින උදාවනතුරු නිදහසේ කතා කිරීමට බොහෝ දේ තිබිණි. කතාව අතරතුර ඔහු මගෙන් දෙවරක් හෝ තුන්වරක් ඇසූ කරුණකි... ඒ "අපි මැරෙයිද බන්..?" යනුවෙනි. මා එයට ප්‍රතිවිරුද්ධව කරුණු දැක්වූ මුත් ඔහු එයින් සෑහීමකට පත් වූයේද යන්න සැකයෙකි. එලිවුන උදයේ අපි පළමුව ඩිංගි බෝට්ටුවකින් කරෙයිනගර් නාවුක කඳවුරටත්, එතැන් සිට ට්‍රෝලර් බෝට්ටුවකින් KKS(කන්කසන්තුරය) දක්වාත් ඉන්පසු පලාලි දක්වා ට්‍රක් රථයෙනුත් පැමිණි අතර එදිනට අවසන් ගමන් වාරයට පෙර වාරයේ ඇව්රෝ යානයෙන් අපි දෙදෙනාම අනුරාධපුරයට පැමිණියෙමු. ඉන්පසු අපි අපගේ ගමනාන්ත කරා වෙන්වූයේ නැවත ඉක්මනින් හමුවීමේ අටියෙනි. සවස් වී මා නිවසට ළඟාවූ අතර, ඊට පසුදා උදෑසන මා හිතවතෙකු මුණගැසීමට බූස්ස කඳවුරට ගිය පසු පෙරදින අපට පසු අවසන් ගමන් වාරයේ ඇව්රෝ යානය කඩාවැටී ඇති බැව් දැන ගන්නට ලැබිණි. ඉන් අනතුරුව මා හමුදා සොහොයුරු නිවසට ගොස් තොරතුරු කතා කර ඔහු නිරුපද්‍රිත බවත් දින කිහිපයක් අනුරාධපුර නැවතී සිටින බවත් දන්වා ඉන් පිට වූයෙමි. ඉන් පැය කිහිපයකට පසු ගාල්ල පොලීසියෙන් පැමිණ ඔහු අනතුරකට ලක් වී ඇති බැව් දන්වා ඇත. තවත් දිනකට පසුව කුඩා ජාතික ධජයකින් වැසූ භස්මාවශේෂ අළු හැන්දක් සහිත කුඩා සෙම්බුවක් ඔහු නිවෙසට ගෙනෙන ලදි. සිදුවී තිබුණේ ඔහු පසුදාම පළමු යානයෙන්ම පලාලි යාමට සිටි අයෙකුගේ නමද ඉවත්කර පිටත්වී ඇති බවයි. එම යානය පලාලි ගුවන් පථයට මිනිත්තු දෙකකට ප්‍රථම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වී විනාශ වී ඇති බවකි. ඉන් පසුව හමුදා අධිකාරිය විසින් ත්‍රස්තවාදීන් අධි උෂ්ණත්වය හඹායන මිසයිල යානා ද්විත්වයටම පළමු වරට භාවිතා කර ඇති බවට තීරණය කරන ලදි. (අධික උෂ්ණත්වය හඹාගොස් යානයේ එන්ජිම තුලට කඩාවැදීම එහි ක්‍රියාවලියයි.) යානය තුල සිටි සියල්ලන්ම බූට් සපත්තු ගලවා සිට ඇත්තේ කපිතාන් විසින් ඒ බැව් දන්වා ඇති බැවිනි. කෙසේ වුවත් මට අදටත් ඔහු පිළිබඳ ඇත්තේ කම්පනයකි. ඔහුගේ මරණය ගැන හෝරා කිහිපයකට මත්තෙන් මට කීවේ කෙසේද..? ඔහුගේ හර්දයංගම සොයුරෙකු ලෙස අවසන් පැය කීපයේදී මා බැරෑරුම් ලෙස එය නොගත්තේද..? මාහට අදටත් ඒ සඳහා පිළිතුරක් නොමැත....! 😔 (ප.ලි: මා ලියන්නට යෙදුණු මාගේ සහෝදරයෙක් වන් මිතුරු ඔහුගේ චායාරූපයක් මා හට සොයා ගැනීමට හැකි වූ අතර, ඔහුට කරන්නාවූ ගවුරවයක් වශයෙන් එය මෙයට ඇමුණුමක් ලෙස යෙදීමට සිතුවෙමි...! 💝💐🙏)ටිපිටිප් එකක් තිබුණා නම් ! ටිපිටිප් එකක් ඉස්සර මට හම්බවෙන්නෙ මාසෙකට සැරයයි.මගෙ අසනීපෙකට මාසෙකට වතාවක් අම්මා මාව වාද්දුවට එක්කගෙන යනවා.වාද්දුවෙන් තමයි බෙහෙත් කළේ.අසනීපෙ ඉතාම තිත්තයි.කිසිම පොඩි දරුවෙක්ට හැදෙන්න හොඳ නැති ලෙඩක්.අසනීපෙ සතුට තමයි අම්මා තාත්තේ හෙට මැණිකෙව වාද්දු එක්ක යන්න වෙනවා.බෙහෙත් ඉවරයි කියලා ආතට කිව්වම ආතා සීයෙ කොළ ටිකක් මිට මොළවන එක ( අනේ මගෙ ආතා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ.අද ජීවත් වෙන්නෙ ඒ මනුස්සයා නිසා ) ආතේ ටිපිටිප් එකකුත් මට ඕනේ කියලා මම කැරකෙනවා.සමහර දාට බෙහෙත් ගොඩක් දුන්නම ටිපිටිප් අරන් දෙන්න අම්මට සල්ලි නෑ.එහෙම දවසක අම්මා ටිපිටිප් එකක් අරන් නොදි ස්වීප් ටිකට් එකක් ගත්තාම මම මතුගම ටවුමේ කකුල් හප්ප හප්ප ඇඬුවා.ඕක ඇදෙන්නෙ නෑ මට ටිපිටිප් ඕනේ කියලා .මේක ඇදුනොත් ටිපිටිප් කඩයක් දානවා කියලා අම්මා ස්වීප් ටිකට් එක ගත්තා. කොහොමහරි ලොකු වෙද්දි ටිපිටිප් ආසාව ගියෙ නැතත් ටිපිටිප් එකක් කනවට වඩා කරන්න දේවල් තියෙනවා කියලා මම දැනං හිටියා.රස්සාවල් තුනක් කරන කාලෙ ත් ටිපිටිප් එකක් කනවට වඩා තව ගානක් දාල බඩ පිරෙන්න රයිස් එකක් කනවා කියලා හිතුවා.ඉඳහිටක කාලා කට අවුස්සගත්තත් නිතරම කන්න හිතුනෙ නෑ.මාසෙට වතාවක් අලචිප්ස් බොට්ල් එකක් ගත්තා. ඒත් කසාද බැඳලා ආවට පස්සෙ මොනවහරි කඩෙන් ගේන්න ඕනෙද කියලා දවසක් මිනිසා ඇහුවම මම කිව්වේ ටිපිටිප් .එහෙම අහපු ඇහිල්ල අවුරුදු හතක් තිස්සේ එහෙමමයි.දැන් නම් අහන්නෙ නෑ.හැබැයි රෑ කීයට හරි මේසෙ උඩ ටිපිටිප් පැකට් එකක් තියෙනවා . දවසක් කවුන්සලර් කෙනෙක් හමුවෙන්න ගිහින් වෙන්වෙන්න හේතු ලියන් යද්දි එයා ඇහුවා මොකක් හරි හොඳක් තියෙනවා ද කියලා එයාගෙ ඔයාට දැනෙන.මම කිව්වා ටිපිටිප් ගෙනත් දෙනවා කියලා .පුංචි කාලෙ මට මග ඇරුණු ටිපිටිප් කතන්දරේ මම කවුන්සලර්ට කිව්වා .එයා මගෙ දිහා බලාගෙන හිටියා.ඊට කලින් දවසෙත් වචනයක්වත් කතා නොකර බුම්මගෙන හිටපු අඳුරු දවස් කීපෙකත් වෙනසක් නැතුව
ටිපිටිප් පැකට් එකක් කුස්සියෙ මේසෙ උඩ තිබුණා නේද කියලා මට මතක් උනා. අම්මාට පොඩි කාලේ ටිපිටිප් අරන් දුන්නෙ නැද්ද ආච්චියෙ.තාත්තා හැමදාම ටිපිටිප් පැකට් දෙකක් ගේනවා.අම්මා ටක් ගාල එයාගෙ එක කාලා මගෙනුත් තව ඉල්ලනව කියලා මහී දවසක් අපේ අම්මට කිව්වා. මම කන්නෙ නෑ ටිපිටිප් ආපහු .මහී ටිපිටිප් කෑම නැවැත්තුවා. පුතා කන්නෙ නැත්තං මම ආපහු ටිපිටිප් ගේන්නෙ නෑ. මහීගෙ තාත්තා මහීට කිව්වා. ඇද්ද ඇද්ද ආයෙ ඔයාට ටිපිටිප් නෑ හූ හූ මහී මට ඇදකලා. එදා රෑ මේසෙ උඩ ටිපිටිප් පැකට් එකක් තිබුණා. මේ දැනුත් මට හිතෙනවා ටිපිටිප් එකක් කන්න.තව ටිකකින් ඔන්න කියලා උඩ ඉඳලා ටිපිටිප් පැකට් එකක් ඔඩොක්කුවට වැටෙනවා කියලා මම දන්නවා# නිතර නිතර පරිපාලක සාමාජිකයන්ට යොමුවන ඉල්ලීම් නිසා, සමූහය ආරම්භකල දිනයේ සිට කරදරකාරි ලෙස හැසිරීම නිසා සමූහයෙන් ඉවත්කල සියලුම දෙනාට සමූහයට පිවිසීමට ඇති අවහිරතාවය ඉවත්කරන අතර අවශ්‍යතාවයක් ඇති අයෙක් වේනම් සමූහයට එක්විය හැක. ලැබුන අවස්ථාව බුද්ධිමත්ව සමරන්න. # ඔයාව අපිට නැතුව බෑ කියලා හිතාගන නං ආයේ එන්න එපා, සානුකම්පිතව කල්පනා කරලා මෙහෙම කලේ, ආයෙත් පාරක් රූල්ස් කියවලාම එන්න, අපිට කරදර කලොත් ආයෙත් එලියට දානවා.ඔක්කාරය (බමනය යාම ) මේකත් මම මාර්කටින් කරන කාලේ වෙච්ච දෙයක් හොදේ.. කතා වේ කතා නායකයෝ තාම සියල්ලෝම යහතින් ලංකාවේ හොදම තැන්වල ඉන්න නිසා නම් පමණක් මන :කල්පිතය්.. හොදේ..ටිකක් දිගයි.. නැත්නම් රහ මදි.. ඒ කාලේ මම වැඩ කලේ නමගිය සෝයා මීට් වර්ගයක්,එලවලු තෙල්. සහ මාර්කට් එකේ නොම්බර 1 වෙච්ච යිස්ට් සහ තවත් කනබොන දේවල්. බේකරි බඩු තියන ලංකාවේ සුප්‍රසිද්ද කොම්පැනි එකක.. මේකේ රෙප් ලා වර්ග තුනයි.. නෝමල් ලොරියේ යන. තොග කඩ විතරක් බලන. සහ බේකරි රෙප්... මම වයසිනුත් පුංචි ලොරි රෙපා.. ( අපි ඉන්න තැන කට පුරා මහත්තයෝ කිව්ව‍ ට ගොඩක් උන් කිව්වේ රෙපා කියලා තමා.) මේකත් මගේ ඒරියා 1 කොළඹ ප්‍රදේශයක්..සේල් එක සුපිරි කොහොමත් මම මොන කොම්පැනි යේ හිටියත් 25 වෙද්දී ටර්ගට් ගහල ආතල් එකේ ඉන්නේ.. අපේ ලොක්කො තාමත් මට ආදරේ ඒකයි.. ඉතින් මට බේකරි බඩු වික්කට ඉන්සෙන්ටිව් නෑ.. වොලයුම් එක විතරයි.. ඉතින් අපේ බේකරි බලන අය්යලා සෙට් එක ටර්ගට් අඩු පාඩු උනාම මට කතා කරලා උදව් ඉල්ලන්න.. මම පටගාල උදව් මොකෝ උන්ට සෙල්ෆ් ඩ්‍රයිව් වාහන.. උන් වෙනිවැල් ගැට බොන්න යනකොට මාව අමතක කරන්නේ නෑ.. මේකේ හිටිය එක දේවාදත්තයෙක් මාත් එක්ක අවුල් ඇයි ඉතින් කට හොද නෑනේ...ඌ කෙහතාගේ අපලේ වගේ ලස්සනයි..අපි සුජිත් කියලා කියමුකෝ ලොක්කන්ට පට්ට ගොට්ට..ලොක්කන්ගේ ගෙවල් වල වැඩ ත් කරනවා.. මාත් එක්ක අවුල එතුමා පිටකොටුවේ තොග කඩ බලන්නේ..කොන්ෆර්ස් දවසට අපේ ඒරියා මැනේජර් මහත්තය සුජිත් ට තමයි දෙන්නේ ඊ ළග මාසයේ ටර්ගට් බෙදන්න කියලා.. මොකෝ සුජිත් සීනියර්.. හොදේ.. මෙයා මොකද කරන්නේ අපි මේ මාසේ කරපු සේල් 1 බල බල අපිට ඔක්කොම ටික පටවල අඩුවෙන් ම එයා ගන්නවා.. ඔහොම ගිහින් මෙයා සුපැවැසර් කෙනකුත් උනා මගේ කරුමේ මගේ ඒරියා එකත් එතුමාට.. ඔන්න ඔහම ඉන්න කොට අපේ බේකරි රෙප් කෙනෙක් ප්‍රොමට් උනා.. ඒරියා එක වේකන්ට්.. ඔන්න පුතේ අර මම උදව් කරුපු අය්යලා මාව තමයි රෙක්මන්ඩ්.. උන් මටත් කතා කරලා කිව්ව‍.. මගේ හීන පත්තු වෙන්න යන්නේ.. ඔන්න කොන්ෆර් ස් ආව.. මම නෙමෙයි වෙන කෙනෙක් මගේ හොද යාළුවෙක් ප්‍රෝමට්.. අද එයා ලංකාවේ ලොකු කොම්පැනි යක බලගතූ කෙනෙක්.. අවුල් තමා.. ලොකු වට නෑ පොඩි වයස නේ... හවස පාටි එකේදී කතාව ආයි ඇදිල ආව උන් මට ආදරේ නේ.. මාව මොර්ටිවේට් කලා ඊ ළග එකට ට්‍රයි කරන්න කියලා.. Ok. වෙනිවැල් ගැටත් නිකන් නේ හම්බ වෙන්නේ එදාට.... මමත් තරමක හිටියේ ගියා පපුව ඉස්සර හා දාල ඒරියා මැන්ජෙර් උතුමාණන් ලගට ඇහුවා (චී තෙත් ළග හිටය )සර් මට ප්‍රෝමසන් 1 නොලැබෙන්න මගේ තියන අඩුපාඩු ව මොකද.... රෑ කෝල් 1 ක් එනවා ඔයා ට්‍රාන්සර් රත්නපුර යට...සනීපයි.. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ ..ජොබ් 1 එපා උනා ඒත් යමක් කරලා යන්න ඕනි.. ගියා . ඇහැලියගොඩ ඉදන් උඩ වලවට.. උඩින් හපුතලේ ගාවට.. මේ ඒරියා 1 කරපු කෙනාට අපි ආදරේ ට දිසා කියමුකෝ.. අද වෙනත් බිස්නස් කරගෙන ජයට ඉන්නවා..ඒරියා 1 දෙකට බෙදල අපි දෙන්නට දුන්න ඒ කියන්න දිසාට සහ මට. පැල්මඩුල්ලේ න් උඩ ටික මම . ඒජන්සි යේ කොම්පැනි ගොඩයි.. අපි 3 යි.. දිසා, මම, දුලිප් අය්යා මගේ අදටත් සුන්දර යාලුවෙක් දැන් සේල්ස් මැනේජර් කෙනක්.. බෝඩිමේ 3යි..මම රන්න.. ඒක ඉතින් මගේ නම අනිත් නම මට හුරුත් නෑ ගුරුවරු ඇරෙන්න කවුරුත් රන්න තමයි.. (රනිල් කියන නමට මම කැමති නැත්තේ මගේ අම්මා චන්දේ කාලෙට අසනීප වෙන නිසා.. ඇයි හැමෝම රනිල් ගේ අම්මට හොද කියනවනේ ) කතාව ට එමු.. අනිත් ඩබල. කැන්ඩ (කැන්ඩෝස් කොම්පැනි )මැලිය (මැලිබන් ) පට්ට ම ආතල් කාලයක් මාස 3 යි.. කතාවේ බමණය කියලා දාල තියෙන්නේ ඇත්තටම අපි වමනයට කිව්ව‍ ඔය නම කොහෙ කිව්වත් අවුලක් නෑනේ.. මට ටර්ගට් එක 1මිලයන් .. දැන් වගේ නෙමේ ලොකු ගානක් හොදේ.. පලවෙනි මාසේ ලක්ෂ 13 යි. දෙවනි මාසේ 17. යි. තුන්වෙනි මාසේ 21.. රිටං චෙක්.. ණය බිල් මුකුත් නෑ.. හතර වෙනි මාසේ බායි බායි වෙන කොම්පැනි යක වැඩ බාරගත්ත.. ඔය මාස 3නේ වෙච්ච දේවල් පොත් 5ක් විතර ගහන්න පුළුවන්.. දැන් පුතාලට අර නම් ටික මතකද.. දුලිප් අය්යා. කැන්ඩ. දිසා, මැලිය. මම.. මේ කියන කලේ රත්නපුර යේ තායි හොටෙල් වැහි්වහලා.රොබා, කළු අක්කා . පට්ට රස කෑම.. පස් දෙනා එකටමයි.. අදත් රත්නපුර හරහා ගියොත් කාල යන තැන්.. තියෙනවා.. දුලිප් අය්යා මම දැක්ක පට්ට ම වැඩ්කාරයෙක් හෙනම පස්නරලිටි තියෙන එකෙක්.. හෙන උසයි වෙස්ට් ඉදියන් බෝල්ර් කෙනකුත් හිටිය ඒ වගේ..සේල්ස් නම් ඉහලම වැඩ්ඩෙක්...දුර්වල කම 5 වන සිල්පදය දන්නේ නෑ.. මට දුන්න ගිය මාසේ පොඩි රුග් එකක්.. මට ගිය ගමන් ඒරියා එකේ P R නෑනේ.. උන්ගේ ගම් නේ.. මගේ කඩ 3 කට බඩු දාල තිබ්බ.... පහුවෙනිදා යිස්ට් කේස් 50 ක් පටවන් ගිහින් උගේ කඩ 3 කට දාල චෙක් අරගෙන ඇවිත් සද්ද නැතුව හිටිය...සිරාවට ම කිව්වේ මල්ලි උඹ එල කොල්ලෙක්.. කියලා.. එදායින් පස්සේ ඒ කරදර නෑ..හරිම සුන්දර මිනිහෙක්.. රත්නපුර ටවුමේ වටයක් ගියොත් ටර්ගට් කවර්.. මාරම කන්ටැක්.. ඉතින් සතියේ දවස් 5 ම සෙට් තමයි.. සල්ලි ප්‍රශ්න නෑ.. ෆ්‍රී ඉසු තියෙන්නේ ඒවා කඩවල් වලට ම දෙන්න කියලා නෑ නේ මල විකාර.. දුලිප් අය්යගේ නෝනා ටීචර් අක්කෙක්..දැන් ටවුමේ ඉස්කෝලේ ක උගන්වන්නේ..අක්කා අය්යගේ ඉස්කෝලේ කාලේ කරුපු ලව් ඒක.. ඒ කාලේ සිරිපාගමට පහලින් තියනවා වෙව්ලවත්ත කියලා ගමක ඉගන්නුවේ.. ගුරු නිවසේ නැවතිලා.. ඔතන තමයි අපේ කතාවේ තැන..මාරම ලස්සනයි පුංච් ඉස්සකොලේ.. යන පාරත් එහමයි.. දිය ඇලි....අපි රතපුරෙන් යන්නේ කීමි 25ක් විතර හැමදාම රැ 10 පස්සේ වෙනිවැල් ගැට බෝතල් 4 ක් විතර අනුමත වෙලා.. දුලිප් අය්යා පට්ට ඩයිවර් ඒ.. හෙලේ පෙරලුනානම් හත් දවසේ දානේ දෙනකම් රෝල්.. වෙනෝ.. හිතා ගනින් කොහොමද.. කියලා. ඉතින් අපි යනකොට අක්ක බැන බැන මොනවා හරි රසට උයලා තියෙනවා..අපි නිදා ගන්නේ ගුරු මේස වල.. අක්කා කොට්ටයක් රෙද්ද ක් දෙනවා..ගුරු නිවස වල කාමර 1 තියෙන්නේ.. දැන් මතක් වෙන කොට හිතා ගන්නත් බෑ හීතලේ කොහොම නිදා ගත්ද කියලා උදේම නැගිටලා බෝඩිමට එනවා ඒ වාහනේම නානවා වැඩට යනවා හවස අර විදියට.. ඔන්න එක දවසක දිසා ට වැඩි වෙලා බමනෙට ඇවිත් දැම්ම කියහන්කෝ පන්තියක් මැද්දේ.. අක්කා අඩනවා හෙට ප්‍රින්සිපල් ට මුහුණ දෙන්නේ කොහොමද කියලා.. එතන එක විකාරයයි.. දිසා ත් අවුල් ගිහින් අපිට හිනා.. ඉතින් මේකේ හෝදන්න එපයි.. අපිතුන් දෙනා ගියා වතුර ගේන්න..මෙන්න දුලිප් අය්යත් එනවා උඹ ලා මට හොරෙන් ගහන්න හැදුවේ නේද කියන්.. ඔව්නේ කැනබි සුවදක් තියෝනෝ.. ඉතින් අපි වතුර අරන් එනකොට දිසා නැගිටලා අක්කට කතා කරලා බමනේ දාපු තැන පෙන්නවා අක්කේ හේදුව ට වඩා හොදට තියනවා කියලා.. අපි ගිය අතරේ ඉස්කෝලේ පුරා ඇවිදලා බල්ලෝ 3 න් දෙනක් ටකල් කරන් ඇවිත් උන්ට ඒක කන්න දීලා.... ඔව් ඇත්තටම හේදුවට වඩා හොදයි...... රන්න..🌸🌸🌸පූර්ව ගර්භනී🌸🌸🌸 මී අඹ ගහේ අත්තකට වෙලා ගිරා ජෝඩුවක් උදේ ඉදන්ම ආදර කතාවක්. කාමරේ ජනේලෙන් එලිය බලාගෙන හිටපු මට හිනාවකුත් ගියා. මෙච්චර ලoවෙලා මොනවා කියවනවද කියලත්. ආදරේ කරන්න සත්තු මිනිස්සු කියලා නෑනේ. දාහක් ඒවා ඇති දෙන්නට කතා කරගන්න. "සදූ, ඔයා ලෑස්ති නැද්ද ලමයෝ තාම? අන්න මන් සාරියත් අයන් කලා ඔයාට ලේසියට" රහල්. මගේ මහත්තයා. අවුරුදු හයක ආදරේ. මේ අවුරුද්දේ මැයි මාසේ අපි දෙන්නා කසාද බැදලා රහල්ගේ මහ ගෙදර පදිoචියට ආවේ. රහල්ගේ අම්මා වගේම අක්කයි එයාගේ මහත්තයයි ලමයි දෙන්නත් හිටියේ එහේ. රහල්ගේ තාත්තා නැතිවෙලා. අක්කගේ මහත්තයා අලුතෙන් ගෙයක් හද හදා ඉන්න බෑ, හදපු හොද ගෙයක්ම සල්ලි වලට ගන්නවා කියලා බැදපු දවසේ ඉදන්ම මෙහේ ඉන්නේ. අවුරුදු අටකටත් කිට්ටුයි මගේ හිතේ. ලොකු දුවට අවුරුදු හතක්. පොඩි දුවට අවුරුදු පහක්. රහල්ගේ අම්මා වගේම අක්කත් රස්සාවක් කරපු අය නෙවෙයි. වැඩ ටික කරගෙන, ලමයි බමයි බලාගෙන ගෙදර ඉන්න අය. ඒ නිසා රහල්ලගේ ගෙදර පුදුම තරම් පිලිවෙලයි. ලොකූ ගෙදරක් නොවුනට පිලිවෙලයි පිරිසිදුකමයි ඕනවට වඩා තිබුනා. දවසට විසි තිස් සැරයක්වත් ගේ අතුගානවා. මිදුලට ගහකින් කොලයක් වැටෙන වැටෙන ගානේ අතුගානවා. උදේ වරුවම මිදුල අතුගාන්නයි ගේ අතුගාන්නයි. ඒකේ වැරැද්දක් නැති උනත් රජයේ රැකියාවකට යන මට මේක හරිම අමාරු දෙයක්. උදේම උයලා පිහලා උවර වෙලා ගෙදර මිදුල අතුගාලා දාලා වැඩට යන්නයි මට ඕන. උදේ 8.30 කලින් ඇගිල්ල තියන්නත් එපැයි. කසාද බැදලා මාරුවීමකුත් හදාගෙන නටාගෙන ආවට දැන් තමයි අම්මා අප්පච්චි ගාව ඉන්න තිබ්බේ කියලා හිතෙන්නේ. උයන පිහන ගෙදර දොරේ වැඩ මට හුරු උනාට මට ඕන දෙයක් උයාගෙන පිහාගෙන කන්න බෑනේ. හදන දෙයක් එයාල කියනකම් ඉන්න ඕන. ඒකත් උදේට රහල්ගේ අක්කගේ ලොකු දුව ඉස්කෝලේ යවලා ඉන්න ඕන ඉස්සෙල්ලම. එයාගේ කෑම හදනක්ම් ඉන්නලු උදේට උයන්න. ඊට පස්සේ ඒ ලමයා ගියාම පොඩි ලමයගේ මොන්ටිසෝරි කෑම ටික හදනකම් ඉන්න ඕන. ඒවා ඉවර වෙනකම්
ඇදට වෙලා හිටියත් දඩන් බඩන් ගාල එක එක සද්ද. ඔන්න සේරම ඉවර වෙල කුස්සියට ගියාම පොල් ටික ගාලා දෙන්නලු, එලවලු ටික කපලා දෙන්නලු. ලූණු තෙල් දාන්න කපන්න ඕන මේ අතටලු, උයන්න කපන්න ඕන අනෙක් අතටලු. ඔය ටික කරලා භාජන ටික සෝදනකම් අම්මයි දුවයි දෙන්නා මම කපපු කොටපු ඒවා ලිපේ තියනවා. ඉතින් මම කුස්සියත් අතුගාලා කුණු ටිකත් අස් කරලා ඇග සෝදගන්න යනවා. දඩ බඩ ගාලා සාරියත් ඇදගෙන කුස්සියට ආවත් අක්කගේ මහත්තයා කනකම් කෑම බෙදාගන්න විදියක් නෑ. උදේට කන්න නැතත් දවල්ට කන එක ඔතාගෙන යන්න එපැයි. අනේ ඉතින් මස්සිනාගේ උදේ කෑම එක බෙදලා දවල් කෑම එකත් එතුවට පස්සෙ තමයි රහල්ට උනත් කෑම බෙදන්නේ. දින සති ගෙවිලා මන් රහල්ලගේ ගෙදර ඇවිත් තුන් වෙනි මාසේ අපි අහන්න ආසවෙන් මග බලන් හිටපු ඒ ආරoචිය අපිට ලැබුනා. රහල්ගේ අම්මා එදා පුන්චි අම්මා කෙනෙක්ගේ ගෙදරක දානෙකට ගිහින්. අපේ අම්මා අප්ප්ච්චිටවත් කියන්නේ නැතුව රහල්ගේ අම්මට ඉස් ඉස්සෙල්ලම කියන්න හිතුවේ තාත්තත් නැතුව අම්මා තමයි දරුවෝ දෙන්නා මෙච්චර දුර අරන් ආව නිසා. "අම්මේ.. අම්මට කියන්න දෙයක් තියෙනවා.." "ආහ් මොකක්ද සදුනි..." "අම්මා ආයේ ආච්චි කෙනෙක් වෙන්න යනවා." "ආහ් අක්කට කිවුවද?" "නෑ අම්මේ අම්මට තමයි මේ ඉස්සෙල්ලාම කිවුවේ.අපේ ගෙදරටවත් කිවුවේ නෑ තාම" "හා හා. අක්කටත් කියන්නකෝ.කියලා හොද දෙයක් කරන්න" සතුට මැදින් ලොකුම ලොකු කදුලු බින්දු දෙකක් එලියට පැන්නා. අක්කට ඉස්සෙල්ලා කියන්න මොකද එයා මගේ අම්මද. අනෙක හොද දෙයක් බලලා කරන්න කියන්නේ... අම්මයි අප්පච්චියි තමයි සතුටු උන එකම දෙන්නා. පුලුවන් ඉක්මනට මාව බලන්න එනවා කිවුවා. දවසින් දවස් උදේ නැගිටින එක මට පුදුම තරම් අපහසු උනා. වමනේ, කලන්තේ. කන්න බැරි එක මුල් මාස තුනම සම්පූර්ණයෙන්ම මාව වෙනස් කලා. කන්න කැමති කෑමක්වත් ගෙදර හදාගන්න බැරි උනා.එයාලා කන්න හදන දෙයක් කන්න උනා. "අම්මේ අපි ඉඹූල් කිරි බත් හදමුකෝ..." "අය්යෝ සදුනි මම බත් ඉවුවනේ.හෙට හදමු" "අම්මේ අද ඉඹුල් කිරිබත් හදමුද" "අක්කගෙන් අහන්න ඕන සදුනි..මට පැනි පොල් එක හරියට හදාගන්න බෑ.." "අම්මේ ඉඹුල් කිරිබත්.." "අක්කා මුන් කිරි බත් හදලා උදේට පොඩි දෙන්නා කන්න ආසයි කියලා" අනේ මගේ පුතේ, ඉඹුල් කිරිබත් ඔයාට කන්න ආස උනාට මට දෙන්න විදියක් නෑ මැණික. ඉන්නකෝ මේ සතියේ සෙනසුරාදා අම්මා ඔයාට හදලා දෙන්නම්. ඉදිරියට නෙරාගෙන එන කුසට අත තියලා මන් හෙමින් කිවුවා. උදේ ඔෆිස් එකට ගියත් මගේ හිතට මාර දුකයි. ලග හිටියේ අනෝජ අක්කා. මගේ මූණ දැක්කම වෙනස කියන්න තරම් එයා පරිණතයි දැන්. "ඇයි සදූ...ඔයට අමරුද...?" දවස් ගානක් හිර කරන් හිටපු දුක අනෝජා අක්කගේ උරහිසේ ඔලුව තියන් කියලා ඉවර කලා.ඉඹුල් කිරිබත් කතාවත් නොකියා බැරි උනා. ඊලග දවසේ උදේ ඔෆිස් එකට යනකොට පැත්තම සුවදයි. කෙසෙල් කොලේ ඔතපු උණුම උණු ඉඹුල් කිරිබත් කැට දහයක් විතර මගේ මේසෙ උඩ. දුකට නෙවෙයි සතුටට ඇඩුණා මට. එදා දවසම මම කෑවේ ඉඹුල් කිරිබත්. පුදුම රසක්. අනෝජා අක්කාගේ අම්මා හදලා තියෙන්නේ. වැඩ ඇරිලා ගෙදර ගියාම මට ගෙදර උයපු කෑම කන්න බැරි උනා. ඒවගේ සුවද රස මට කෑම රුචියක් ගෙනාවේ නෑ. කෑම රස ඇති. ඒත්මට කන්න අමාරුයි. ගොඩාක් දවස් වලට පැලවත්ත පාලම් තුන හන්දියේ අලුතින් දාපු ඉන්දියන් කෑම කඩෙන් රහල් එක එක ජාතියේ කෑම ගෙනාවා මට කන්න. සමහර දවස් වලට වර්ග තුන හතරක් මේසේ පුරාම. ඉතින් අක්කයි අම්මයි අරහෙන් රවනවා මෙහෙන් රවනවා. රහල්ට නෙවෙයි මට. හරියට මන් ගේන්න කිවුවා වගේ. ඒ ගේන සේරම මම කන්නේ නෑ.හරිම ටිකයි කන්නෙත්. එක ජාතියකින් විතරක්. කොයි එකෙන් කයිද කියලා දන්නේ නැති නිසයි රහල් වර්ග කීපයකින්ම ගේන්නෙ. අක්කගේ පොඩි උන් දෙන්නත් මේසේ වටේ කැරකෙනවා එතකොට. රහල් පොඩ්ඩෝ දෙන්නත් මේසෙන් වාඩි කරවනවා එතකොට. "යෙහන්සා, ගෙහන්සා දෙන්නම යනවා කාමරේට. අම්මා මේ උයනවා පේන්නේ නැද්ද, මාමා ඕව ගෙනත් තියෙන්නේ සදුනි නැන්දට කන්න." අනේ...ඉතින් මන් මේ සේරම කනවද.පොඩි දෙන්නට ටිකක් දුන්නට මොකද වෙන්නේ. කන්න හිතෙන දේවත් කන්න හිතෙන්නේ නෑ එතකොට. පොඩි දෙන්නා බිම බලාගෙන කාමරේට යනවා. පවු. රහල් ඇග සෝදන්න යනකම් ඉදලා අම්මා ලහට එනවා. "ගෑනු උනාම දැන් ගන්න ඕන එක දෙයක් ගේන්න කියන්න. අනේ අප්පේ කීයක් යන්න ඇතිද මේ ටිකට. ඔය කෑම කඩේ කෑම හරි ගනන් කියලා උඩහ ගෙදර අක්කා කිවුවා.." කම්මුලේ අතත් තියාගෙන හූල්ලන රහල්ගේ අම්මා දැක්කම මටත් හීල්ලෙනවා. මන් රහල්ට ගේන්න කිවිවෙත් නෑ. එයා ගෙනාවේ එයාගෙ දරුවගේ අම්මටනේ. රහල් එනකොට ඉක්මනට කුස්සියට යනවා. අත සෝදගන්න කුස්සියට ගියාම අම්මයි දුවයි කුටු කුටු ගානවා ඔන්න. රහල්ලගේ ගෙදර හවසට මම ගියාට පස්සෙත් මිදුල අතුගානවා. ලොකු මිදුලක් නැතත් කාර්‍යාලයේ වැඩ කරලා ගිහින් මිදුල අතුගාන්න මට ඇගට පණ නෑ. චුට්ටක් නිදාගන්නමයි හිතෙන්නේ. කලුල් දෙක දිග ඇරගෙන හාන්සි වෙන්න නැත්නම් පොතක් කියවන්න. එදත් රහල්ගේ අම්මා ලොකු අම්මා කෙනෙක්ගේ ගෙදර ගිහින්. රහල්ගේ අක්කා මිදුල අතුගානවා. අතුගානවා නෙවෙයි මිදුලේ ගල් වැලී හාරනවා ඉදලෙන්. පොඩි දෙන්නා නිදි. රෑ හතට විතර රහල් ආවා මූනත් කලුවෙලා. කවදාවත් නැතුව අපේ වෙඩින් එකේ යාලු මනමාලයාට හිටපු නිලාන් අය්යත් ඇවිත්. "සදූ, පොඩ්ඩක් එලියට යමුද..?" රහල් ඇහුවේ හරිම හෙමින්. මේ තත්ත්වෙත් එක්ක එලියට යන්න කම්මැලි මට එහෙම කිවුවම මොකක් හරි ඇති කියලමයි හිතුනේ. ගේට්ටුවෙන් එලියේ නවත්තලා තිබ්බ නිලාන් අය්යගේ කාර් එකට නගින්න නිලාන් අය්යම දොර ඇරියා. රහලුත් ඇවිත් වාහනේට නැග්ගම නිලාන් අය්යා කතා කලා. "නන්ගී උබලා දෙන්නා කැමතිද වෙනම යන්න.. මගේ යාලුවෙක්ගේ තැනක් තියෙනවා. දැන් උනත් ගිහින් බලන්න පුලුවන්." අහසෙන් ගෙඩි වැටෙනවා වගේ මොකක්ද මේ කියන කතාව කියලා මන් බැලුවා. රහල් ඇස් දෙක පියාගෙන සීට් එකට ඔලුව තියන් ඉන්නවා. මට ඇඩුණා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරි උණා. 🌸🌸🌸 ඊට පස්සේ සතියක් යනකම් මන් රහල්ගේ අක්කා එක්ක කතා කලේ නෑ. තරහකට නෙවෙයි දුකට. කට ඇරල කිවුවානම් මිදුල අතුගාන්න කියලා මන් කොහොම හරි අතුගානවනේ. එයා අතුගාන නිසා මන් නිකන් හිටියේ. වෙනදට රහල්ගේ අම්මා අතුගාන්නේ. ඕකට පන්ගු පේරුවක් තියෙන්න ඕනද. අපේ ගෙදර අක්කර කාලක් විතර මිදුල, පාර දිගට දවස ගානේ මන් අතු ගෑවා. අතුගාන එක මහලොකු දෙයක් නෙවෙයි.ඒත් මේ දවස් වල මගේ අතින් ඒක මග ඇරුනා. රහල්ගේ අම්මට කෝල් කරලා අක්ක හොදටම ඇඩුවලු.මන් මිදුල අතුගාන්නේ නෑ ඇද උඩට වෙලා පොත් කියවනවා කියලා. රහල්ගේ අම්මා ගිහින් ඉදපු ගෙදර ලොකු අම්මා රහල්ට කතා කරලා හොදටෝම බැනලා. "උඹ ගෑනු ගෙනාවේ ඇද උඩට වෙලා පොත් කියවන්නද ...?" ඇහුවලු. ඇද උඩ ඉදන් හරි ඇද යට ඉදන් හරි ගෑනු පොත් කියවන එක වැරැද්දක් නෙවෙයි කියන එක කියවන ගෑනු දන්නවා. එදා ඉදන් ඔෆිස් එකෙන් ගෙනාව පොත් මම කියෙව්වේ ඇදෙන් එහා බිම වාඩිවෙලා.කොට්ටයක් ඇතුලේ හන්ගගෙන. පොත් කියවන එකේ තෘප්තිය කියවලාම බලන්න ඕන. කන්න බොන්න නිදාගන්න කොටින්ම මූන කට සෝදන්න නාන්නවත් හිතෙන්නේ නෑ පොත් කියවලා ඉවර වෙනකම්. කාලේ ඔහොම ගෙවුනා. ආසියා මහද්වීපයේ ඉදන් උතුරු ඇමරිකා, දකුනු ඇමරිකා, රුසියානු මහද්වීපේ වෙනකම්ම ඉන්න රහල්ගේ නෑයෝ නොනෑයෝ දන්නවා මන් කන්නේ නෑ, වමනේ දානවා කියලා. බබලා හම්බ වෙන්න ඉද්දී වමනේ දාන්නේ පවටලු. කන්න බැරි වෙන්නේ පවටලු. "අනේ මමත් දරුවෝ දෙන්නෙක් හැදුවා. එක කෙල බින්දුවක් දැම්මේ නෑ...." ගෙදරට එන එන අයට රහල්ගේ අම්මා කිවිවා. "අපේ දුවටත් දෙපාරම ඔහොම වමනේ ගියේ නෑ.හොදට කෑවා බිවුවා..." "අපේ දුවට කෑම පාර්සල් හැටක් හමබ උනා..."දවස ගානේ කිවුවා. එකී මෙකී නොකී කතා දාහක් අස්සේ මගේ පුතා බඩට ඇවිත් හතර වෙනි මාසේ පටන් ගත්තා.පුදුම සැහැල්ලුවක්. හැම දවසක්ම අලුත්. හරිම ලස්සනයි. සාරි වගේම ගවුම් ලස්සනට ඇදලා කාලා බීලා වැඩටත් ගියා. හැමදාම ඔෆිස් එකේ මේසේ පුරවලා. අමාත්‍යාoශ ලේකම්තුමාගේ ඉදන් අතු ගාන ඇන්ටි වෙනකම් හැමෝම දවස ගානේ එක එක ඒවා ගෙනත් දුන්නා. පුදුම ලස්සන දවස් ඒ. දවසක් උදේ නැගිටිනකොට රහල්ගේ අම්මයි අක්කයි කුටු කුටු ගානවා. රහල් කුස්සියට ගියාම රහල්ගේ අම්මා කිවුවා. "ඔන්න ඔයා ආයෙත් මාමා කෙනෙක් වෙන්න යනවා" කියලා රහල් අක්කට සුබ අතනකොට මමත් එයාට හදවතින්ම සුබ පැතුවා. "අක්කේ මේ කොල්ලෙක් ගේනවා හොදද. නැත්නම් මගේ කොල්ලට සෙල්ලම් කරන්න වෙන්නෙ මේ කෙල්ලෝ දෙන්නා එක්ක." රහල්ගේ මූණ හිනාවෙන් පිරිලා.මටත් සතුටුයි. ඒ දවසුත් ඔහොම ගෙවිලා ගියා. රහලගේ අක්කට උදේට නැගිටගන්න බැරි උනා. ඇගට අමාරුයි පන නෑ කියලා. රහල්ගේ අම්මා සේරම වැඩ ටික කලා..රහලගේ අක්කගේ, එයාගෙ මහත්තයාගේ යට ඇදුම පවා සේදුවේ රහල්ගේ අම්මා.හරිම භක්තියෙන්. "දුවට අමරුයි.තුන් වෙනි පාරනේ මේ..." යන එන අයට කිවුවා. "බලන්නකෝ සදුනි අක්කට වමනේ ගියානේ ..උදේ ඉදන්ම මුකුත් කාලා නෑ පවු මගේ කෙල්ල.." එක හැන්දෑවක රහල්ගේ අම්මා කිවුවා. ඇත්තටම මට කියන්න දෙයක් නැති උනා. මුල් මාස තුනම වගේ මම හිටියෙත් දවසටම මුකුත් නොකා. ඔව් මම "රහල්ගේ අම්මට මගේ කෙල්ල "නෙවෙයිනේ. එයාට දැනෙන්න නැතුව ඇති. ඊලග දවසේ උදෙන්ම මන් ඉඹුල් කිරිබත් හැදුවා. මට කන්න නෙවෙයි රහල්ගේ අක්කට. "ආහ්හ් සදුනි ඉඹුල් කිරිබත් හැදුවද..." "අක්ක නම් ඕවා කන්නේ නැතිවෙයි. ඔයා කනවානම් කන්න. අක්කට මට වෙන මොනා හරි හදන්නම්" හිතට දුකක් දැනුනේ නෑ. ලස්සනට ඉඹුල් කිරිබත් ටික හදල කෙසෙල් කොලේක ඔතලා මට හම්බ උන අනෝජා අක්කගේ ඉඹුල් කිරිබත් වගේම මන් මේසේ උඩ වහලා තියලා ඔෆිස් ගියා. "අනේ සදුනි, ඉඹුල් කිරිබත් එක ගොඩාක් රසයි. අද දවසම මම කෑවේ ඒවා. රෑටත් කන්න හිතෙනවා." එදා හවස රහල්ගේ අක්කා කාමරේට එඹිලා කිවිවා. මම හිනා උනා විතරයි.කියන්න දෙයක් තිබ්බේ නෑ. එදා ඉදන් ඔෆිස් එකේ මට හම්බ වෙන ඒවගෙනුත් චුට්ටක් හරි මම හවසට අරගෙන ගියා රහල්ගේ අක්කට. පොඩි දෙන්නට. සමහර පලතුරු ජාති ඒ පොඩි උන් දෙන්නා කවදාවත් අහලා තිබ්බෙත් නෑ. දැකලා තිබ්බෙත් නෑ. "සදුනි නැන්දේ ටීචර් අද මට හොදයි කිවුවා. ටීචර් ඇහුවා පැනි මොර කාලා තියෙන්නේ කවුද
කියලා. මම අත ඉස්සුවා.එදා නැන්දා ගෙනාවේ ඒවනේ. මන් අනෙක් අයටත් කිවුවා ඒවා හරිම රසයි කියලා" ලොක්කී යෙහන්සා කියාගෙන කියාගෙන යනවා. "හා පුතේ ඊලග දවසෙත් මන් ගේන්නම්කෝ ඔයාලට" "සදුනි, ඔයාලගේ ඔෆිස් එකේ පුස්තකාලෙන් මට පොත් දෙක තුනක් ගෙනත් දෙනවද කියවන්න. ඇගට අමාරුයි නැගිටල ඉද්දී. මේ ගොල්ලෝ ගියාම මට කියවන්න පුලුවන්." රහල්ගේ අක්කගේ වචන වලට මට හිනා ගියේ නෑ. ඇත්තටම මුකුත් හිතුනෙත් නෑ. "හවසට ගේන්නම් අක්කේ..." කතාව එච්චරයි. 🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2023.11.11අහිංසක ගැමියා.....😔😔😔 "මොනවා කරංඩද මහත්තයා බඩුටික ගෙනැල්ල කාර් එක හදංඩ වෙන්නෙ සඳුදටනෙ අද හෙනහුරාදනෙ ඔන්නොහෙ මෙහාට වෙලා පුලුවං විදිහට පිරිමහගම්මු" කර්කශ ප්‍රදේශයක දිවි ගෙවන මේ අහිංසක ගැමියාගේ ආගන්තුක සත්කාරය ගැන මට දැඩි සතුටක් මෙන්ම දුකක්ද ඇතිවිය.ජීවිතය කොතරම් දුශ්කර උවත් මනුස්සකම් තවමත් ඔව්න් කෙරෙන් පලාගොස් නොතිබීම ගැන මට ඇතිවූයේ විශාල සතුටකි.. මොන මට්ටමේ ආර්ථික ප්‍රශ්ණ වලට මුහුණ දුන්නත් නගරේ මිනිසුන්ට වඩා ගුණධර්ම අතින් ගම තවමත් ඉදිරියෙන් බව මගේ හිත හඬගා පවසන්නට උනා. හබරණ පහුකරල ත්‍රිකුනාමලේ බලා යනකොට පාර ඉද්ද ගැහුව වගේ තියන කැලෑබද ප්‍රදේශයකදී තමා කාර් එක ලෙඩ දෙන්න ගත්තේ එංගලන්තේ ඉදං ආපු සංචාරකයෝ දෙන්නත් එක්ක මං වැටුනෙ හරිම අමාරුවක.හබරණ ඉන්න දන්න කියන යාලුවෙක්ට කතාකරල මෝටර් රථ කාර්මිකයෙකු ගෙන්නල බැලුවම තමයි තරු විසිවුනේ. "මහත්තය ක්ලච් පොම්පෙ පුපුරල. මේක මැස්ඩ කාර් එකක් නිසා මෙහේනම් බඩු හොයංඩ හම්බවෙන්නෙ නෑ ලොවෙත්, දඹුල්ලෙ නැත්නම් කුරුණෑගල, එහෙත් නැත්නම් ඉතිං කොලඹ යන්න වෙනවා.හැබැයි හෙට ඉරිදා" ඊට පස්සෙ තමා වෙන වාහනයක් හොයල සුද්දො දෙන්නව ත්‍රිකුනාමලේට යැව්වෙ. වාහනය නැවතුණු මේ වනාන්තර ප්‍රදේශයේ පාර දෙපස තැනින් තැන කැලය කපා සාදාගත් කුඩා නිවාස දැකිය හැකි වූ අතර නිවාස පිටුපසට වන්නට ඇත්තේ ඝන වනාන්තරයයි. මාර්ගය දෙපස ඝන වනාන්තරය කපා නිවාස සාදා ඇතිබව පැහැදිලිව දැකිය හැකි අතර සමහර තැනක විශාල ඉඩම් කොටස් එලිපෙහෙලිකොට ඇතත් කිසිවෙකු පදිංච් බවක් නොපෙනෙයි. අනිවාර්‍යෙන්ම මේ නම් අනවසර පදිංචි කරුවන් බව මේ පරිසරය දකින ඕනෑම කෙනෙකුට පසක්වේ.වනාන්තරය එලිපෙහෙලි කරමින් මිනිසුන් කරන විනාශය ගැන කේන්තියක් ඇතිවුවද මේ අහිංසක අසරණ ගැමියන්ගේ දුක්ඛිත මුහුණු දකින විට අනුකම්පාවක්ද උපදී. කෙසේ නමුත් වාහනය මේ කැලෑබද පෙදෙසේ සිරිසේන අයියාගේ නිවස ඉදිරිපිටම ලෙඩදීම හා ඔහු මගේ උදව්වට පැමිණීම මට මහත් සහනයක්ම විය. "සිරිසේන අයියේ බලංඩකෝ පුදුම විනාසයක්නෙ මේ වනාන්තරේට කරල තියෙන්නෙ මේ පාර දිගටම කැලේ කපල මිනිස්සු ඉඩං අල්ලගෙනනෙ බලංඩකෝ අලියෙක්ටවත් මේ හරියෙං පාර මාරුවෙංඩ බෑනේ .." "ඒකනම් එහෙම තමා අපේ මහත්තයෝ එහෙමයි කියල අපි කොහේ කියල යංටයෑ. අපි අහිංසක දුප්පත් මිනිස්සු වෙච්චි. මෙතන හිටියා කියලා අපි ගහට කොලට සතා සීපාවට හානියක් කොරන එකක්යෑ අපිත් මේ මහ කැලේට බොහොම ලෙංගතුයි මහත්තයා" අව්වටම පිච්චුනු සිරිසේනගේ මුහුණේ ඇත්තේ අසරණ බලාපොරොත්තු සුන් වූ බැල්මකි.මගේ විමසිල්ල ඔහුගේ කනස්සල්ලට හේතුවූවාද..? "අපිත් මේ කැලේ පොඩ්ඩක් කොටාන බඩඉරිගු කරලක් වත් වවාගන්නෙ මෙවුන්ගේ බඩකට පුරවංඩ නොවැ." කාලවර්ණ සිරුරකින් සහ ගිලීගිය ඇස්දෙකකින් යුතු අසරණකමේ ප්‍රතිමූර්තියක් බදු මේ ගැමියා ගැන මට ඇතිවූයේ අපමණ දුකකි. ඔවුන්ට දෝශාරෝපණය කිරීමට පෙර ඔවුන්ගේ ජීවිත පිලිබද සොයා නොබැලීම ගැන පසුතැවිල්ලක් ඇතිවින. ප්‍රදේශයේ නියං සමයේ කටුකත්වය මේයැයි කියන්නාක් මෙන් මාර්ගය දෙපස ගහකොල වියලීගොස්ය හූ.ඌ...හූ ඌ හඬ නගමින් වේගයෙන් හමන සුලංප්‍රවාහයට අධික හිරු රශ්මිය මෙල්ලකල නොහැක්කාක් මෙනි. මුලු ගතම දහඩියෙන් පෙඟීයයි..වනාන්තරය පමණක් තවමත් කොලපාටින් බැබලෙයි. "ඉතිං මේ පොඩි ඉඩං කෑල්ලෙ වවන බඩ ඉරිගු ටික ඇද්ද ජීවිතේ ගැටගහගන්න." "මොනවා කරංඩද මහත්තයා මේක ඉතිං අපි ලබා උපං හැටි තමා." කටුමැටි වලින් සෑදූ නිවෙස්තුල එහෙමට ලකයක් නැත. ජීවිතය අප සිතනවාට වඩා දුශ්කරය...ඇත්තටම කොපමණ වාරයක් මෙතන පසුකර ගියත් මා කිසිමදාක මේ ජීවිතවල යථාර්ථය දුටුවේ නැත.එය දකින්නට අප උත්සාහ ගන්නේද නැත. ජීවිතය නිරන්තරයෙන් අපට දුකම හිමිකරදෙන්නේද නැත.දහවල කොතරම් දුශ්කර උවත් රාත්‍රිය එතරම් නරක නැත හූ.. ඌ.. හූ... ඌ හඩ නංවමින් දාහය නිවමින් දැඩි සුලං රැලි හමායන්නේ මුහුදුවෙරලක පරිද්දෙනි. ඉදහිට යන මෝටර් රථයක හඩ හැරෙන්නට කිසිදු ශබ්දයක් නැත හාත්පස ගුප්තබවකින් වෙලී ඇත. කැලඹුණ සිත සන්සුන් කලහැක්කේ මීවිතකටම පමණි. "සිරිසේන අයියේ බෝතලයක් තියනවා කාර් එකේ ගහමුද අඩියක්." "මහත්තයගෙ මනාපයක් ඕං.." වඩි දෙක තුනක් සප්පායං වෙද්දී සිරිසේන අයියා මා සිතුවාට වඩා මීවිතට පුරුදු කාරයෙකියි මට සිතිණි.. "ගෑනියේ ඕක ගෙනෙං විජහට" යැයි ලද විධානයෙන් මොහොතකට පසු ඔහුගේ කෙසඟ බිරිඳ විසින් ගෙන එන ලද්දේ දුම් දමන මස් ව්‍යාංජනයකි. "අපේ මහත්තය කාල බලංඩ පංකාදු මුවමස්." "මුව මස්..කොහෙංද මුව මස් ? මා වික්ශිප්ත වීමි." "ඒව බැරියෑ පස්සේ කතිකාකොරංට මහත්තයා.. කාල බලංටකෝ අපේ ගෑනිගේ උයමන" සිරිසේන හොද පදමට පැමිණි පසු ඔහුගේ හදවත මේ ආගන්තුක මිතුරා වෙනුවෙන් විවර විය. "මහත්තය මං කොහෙද කිංද මංද..ඇයිදෑ මේ මූකලානේ දුක් විදින්නේ කියල කීපසැරයක් ඇහුවනේ... ඕං අහගංඩකෝ විස්තරේ.. "මහත්තයා මගේ ගම් පලාත හබරණ කිට්ටුව. අපිට එහේ ඉඩකඩම් ගේ දොර තියනවා එහෙත් වගා කොරනවා.." "එහෙනං මෙහෙ මොකටද දුක් විදින්නේ." "හිටිංටකෝ කියනකං.." සිරිසේන තවත් මත්පැන් වීදුරුවක් කටේ හලාගෙන මුවමස් කෑල්ලක් කටේ ඔබාගනිමින්ම නැවතත් කතාවට මුලපිරීය. "ඔය ඉඩං අල්ලගෙන ඉන්න ගොඩක් මිනිස්සුන්ට ගම්වල ඉඩම් තියනවා. හැබැයි මේ කැලේ අද්දර පාරෙ දෙපැත්තෙ ඉඩංවල වටිනාකම කියලා නිමකොරංඩ බෑ ඉස්සරහට. ඒකයි අපි මේ ඉඩං කොටාගත්තේ." "ඉතිං වනජීවියෙං වනසංරක්ශන එකෙං සිරිසේනලට ප්‍රශ්න දාන්නෙ නැද්ද.." "ඒකට කෙරේමයක් තියනවා අපිට උදව් කරන්නෙ ධර්මසේන මහත්තයා." "ඒ කව්ද ධර්මසේන කියන්නෙ." "ධර්මසේන කියන්නෙ ධර්මසේන ඇමතිතුමා..අපි වැඩ කරන්නේ එයැයිටනේ ඔය වනජීවී, කැලෑමහත්තුරු ඔක්කොම එතුමට බයයි..හෙහ් හෙහ් හෙහ්" "සිරිසේනලා මාර මිනිස්සුනේ..එතකොට මේ බලෙං අල්ලගෙන හිටියට ඉඩම් වලට ඔප්පු ලැබෙන්නෙ නෑනෙ " "ඒකටත් කෙරේමයක් තියනවා මහත්තයෝ අපේ ඇමතිතුමා දැං දෙතුංසැරයක් මේක කවුන්සලේදී කතා කොලා ලගදීම අපිට ඔප්පු ලැබෙයි." ජිනරතන උන්නාන්සෙත් අපිට උදව් කොරනවා. පංසලක් හදංඩත් අපි ඉඩමක් අල්ලල තියෙන්නෙ බෝදීන්වහන්සේ නමකුත් නමෝ විත්තියෙං රෝපනේ කොලා ඕං ගිය මාසෙ. බුදුසරණිං ඉක්මනට ඔප්පු ලැබෙයි. "ඊට පස්සෙ" "දැනටමත් මහත්තයෝ මේ ඉඩම් කොලඹ ඉන්න සල්ලිකාර මහත්තුරු ඉල්ලලයි තියෙන්නෙ.සමහර ඉඩං අතනිං අල්ලංඩ මෙතනිං අල්ලංඩ කිව්වෙත් උන්නැහැලම තමයි.අපිට සාදාරණ ගානක් දුන්නොත් අපි ඉඩම් විකුණනවා උන්නැහේලා මේව ගන්නෙ හෝටල් ගහංඩ නෙව.අපේ ඇමති තුමාටත් අපි ඉඩං කෑලි හයක්ම අල්ලල දීල තියනවා." "දැං මේ ඉඩං අල්ලන වැඩේට කව්රුත් විරුද්දවෙලාම නැද්ද?" "අහිංසක අපිව එකසැරයක් එලවංඩ ආවා වන සංරක්ශනෙං. ඇමතිතුමා පයිංඩේ යවලද කොහෙද පත්තර ටීවී මහත්තුරු ඔක්කොම මෙහෙ ආවා. රෑ ටීවී එකේ පෙන්නුවා අහිංසක අපිට කරන හිරිහැර.මිනිස්සුන්ව එහෙම තලංඩ පෙලංඩ එලවංඩ මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නෑ මහත්තයා මේක බුදුන්නෙ රට" "මම කවදාවත් මෙතනින් යනකොට ස්කෝලෙකට යංඩවත් ලමයි පාරෙ ඉන්නව දැකල නෑ..එහෙමට කොරන වගාවකුත් පේංඩ නෑ. දැං එතකොට සිරිසේන මෙතන බොරුවට වගාකරනවා වගේ රඟපානවද." "එහෙමම නෑ මහත්තයා.. අපි ඉතිං ඔය බඩ ඉරිඟු ටිකක් මිරිස් ටිකක් කාරිය වවනවා.ලමයි ස්කෝලෙ කාරිය යන්නෙ හබරණනේ මේ මූකලානෙ මොන ඉස්කෝලද " සිරිසේනගේ මුහුණේ මුලින් දුටු අහිංසක අසරණ පාට බොඳවෙමින් ගොස් කපටි කයිරාටික මුහුණක් මා ඉදිරියේ මැවෙන්නේ ඇයි.අප විස්වාස කරනා දේ මොහොතින් මොහොත වෙනස්වීමම චමත්කාරජනක දෙයක් නොවේද... කිසිවකු වට පිට නැතත් විමසිල්ලෙන් වට පිට බලමින් වෙන කිසිවෙකු නොමැතිබව සැකහැර දැනගත් වෙරිමතින් සිටින සිරිසේන තවත් කුමක්දෝ කියන්නට කැසකවයි.. "මහත්තයා අපි ඉතින් කැලේට ගිහිං ගෝනෙක් මුවෙක් එහෙමත් එලාගන්නවා. මේ මුවා එලාගත්තේ ඊයෙ හවස." " සිරිසේන තමුං මාර මිනිහෙක්නෙ..මස් කංඩ මුවොත් මරනවද.." "පිස්සුද මහත්තයා.. මේ හෙන මස් පතයක් අපි කොහෙ කංඩද ටව්මෙ රෙස්ටුරන්ට් දෙක තුනක් තියනවා උංට පනිවිඩේ දුන්නු ගමන් ඇවිත් ඇන්න යනවා. අහිංසක අපිත් කීයක් හරි හොයාගංඩ එපෑ සර්" "ඒ කියන්නෙ තමුසෙල සත්තුත් මරල සල්ලි හොයනවා." සල්ලි හොයංඩම නෙමේ මහත්තයා අම්මපා සේවයක් වසයෙන් ඒක කරන්නේ.මිනිස්සු මුවමස් කෑල්ලක් ගෝන මස් කෑල්ලක් කංඩ මනාපයිනෙ මහත්තයා.හැමදාම හැමතැනම නැති දෙයක්නෙ ආයිබොවංඩ, විස්සාස නිසා කියන්නෙ මහත්තයත් යමින් එමිං ගමන් මට කෝල් එකක් දෙන්න බඩු තිබුනොත් දෙන්නම්" අපි කැලේ ගිහින් මීත් කඩනවා ඒව තමා ඔය විකුනංඩ දාලතියෙන්නේ මහත්තයට මීපැණි ඕනෙනං ඒත් කියන්න" "මේව හොඳ පැණිද?" විකුනංඩ තියන පැණි නං අපි වෙන කෙරේමෙකිං හදන එව්වා සීයෙට සීයක් හොදයි කියංඩ බෑ ..මහත්තයට ඕනෙනං කියංඩකෝ හොඳ මීපැණි ඩිංගක් දෙන්නං" "මේවගේ වැඩ කරනවනං යහමින් සල්ලි හොයනව ඇතිනේ" "අනේ මහත්තය ඕව කොරල ඇතෑ දැංකාලේ වියදමට. මං කැලේට ගිහිං හිමීට ගස් ටිකකුත් කපනවා දරට විකුන ගන්න. ඔය ඉස්සරහ පලල හට්ටි ගහල තියෙන්නෙ ඒ දර තමා.." "තමුසෙලානං මාර බඩු ඕයි..කැලෙත් කපනවා ඉඩනුත් අල්ලනවා සත්තුත් මරනවා මං හිතුවේ තමුසෙල හරි අහිංසක මිනිස්සු කියල." "අනේ මහත්තයා අපි ගැන එහෙම අහිතක් හිතංඩ එපා.. අපේ අසරණකමින් මිනිස්සු පොරෝජං ගන්නවා. දැං බලංඩ ඔය ඇමතිතුමාට ඕනෙ කිව්ව නිසා අපි සතිගානක් රැකල දල ඇතෙකුටත් ගිනි බිංද..මොකෝ අරක්කු බෝතල් දෙකතුනකුයි හාරපන්දහකුයි ඇරෙන්න වෙන මොනව හම්බවෙනව කියලද එයාලටනං ලස්ස ගනං වටින දල" "තමුසෙලා වගේ පව්කාරයෝ..දැං තමුසෙ මේකට ඔප්පු හම්බ උනාම මේක විකුණල සල්ලි අරගෙන ගමට
යනවද.." "පිස්සුවක් ඇතෑ සර්...මේ පාර දිගට දෙපැත්තෙ තව කොච්චර කැලේ තියනවද..අහිංසක අපිත් කීයක් හරි හොයාගංඩ එපෑයැ" තවදුරටත් ඔහු හා කතාව මට රුචි නොවීය මම කතාව වෙනතකට යොමුකලෙමි. "ඒකත් එහෙමද..තමුසෙට ලමයි කීදෙනෙක් ඉන්නවද" "මගේ ලමයි දෙන්නම බැදල සර් ගෑනිට පොලඟෙක් ගහල මලා. ඊටපස්සෙ තමයි මිනිහ දාලගිහින් කෙල්ලත් එක්ක තනියෙං හිටපු මේ ගෑනිව අව්රුදු හතරකට ඉස්සෙල්ල එක්කාන ආවෙ" "ඉංඩකෝ මහත්තයට බඩ්ඩක් පෙංනංඩ" "මල්ලිකා ආ..වරෙංකො මයේ මැනිකේ.." සිරිපාල බෙරිහං දෙන්නට විය. සිරිපාල ඉදිරියට ලැජ්ජාවෙන් ඇඹරෙමින් පැමිණියේ වයස පහලොවක් පමණ කිවහැකි දැරිවියකි.. "මේකි මං ලගට එනකොට අව්රුදු දොලහක පොඩි කෙල්ල දැං මේකි ලමිස්සී මයේ පණ" කියමින් සිරිපාල වෙරි මතින් දැරිවියව තදින් වැලඳ ගනිමින්ම දැරියගේ ලපටි පියයුරුවක් මිරිකනු බමනමතින් හිටියත් මම හොදහැටි දැක්කා.🙄 © Dhammika Wickramaarachchiදෙලොවක තනි වී--- "මේක හැමදාම කරන්න බෑ නිහාල්… කවුරු හරි දැනගත්තොත් වහ බොන්නනේ වෙන්නේ…." නිහාල්ගේ නි/රු/ව/ත් පපුව මත හිස තබාගෙන අනෝමා කීවේ නිහාල් දෙස නොබලමින්ම ය.. "හ්ම්ම්ම්ම් …" නිහාල්ගේ සුපුරුදු පිළිතුර වූ ඒ සුසුම අනෝමාට හොදටම හුරු ය… "හැමදාම ⁣ඔහොම හුම් හුම් ගාලා හරියනවද අනේ…" ඈ ඔහු දෙස ⁣හිස ඔසවා බලමින් ඇසුවේ නොරිස්සුම් ස්වරයෙනි… "ඔයාම කියන්ටකෝ මොකද කරන්නේ කියල…" "සුධර්ම ඩිවෝස් එක දෙන්නෑ.. දරුවොන්ගේ අනාගතයට බලපායි කියල… මං නඩු දාලා ළමයින්වයි ඒ ගෑනිවයි උසාවි කූඩුවේ නංගල මඟුල් කන්න ද ඔයා කියන්නෙ…" "එතකොට මම හොරගෑනි හැටියට හැමදාම එක එක ගුබ්බෑයම් ගානේ ඇවිත් තමුසේ එක්ක නි/දි/ව/දින්න ද මට කියන්නේ.." කෙස් වැටිය ගුලියක් බැඳගෙන ඇඳ කෙළවරේ වූ සිය ඇඳුම් තමන් දෙසට අදිමින් අනෝමා ඇසුවේ දැඩි කේන්තියකිනි… "මගේ වරද මං අනාගතේ ගැන හිතුවේ නෑ… අන්තිමේ මං නගරසෝබනියක් ගානට වැටුනා…ඔයාට මගෙන් ඕනා සුධර්මගෙන් නොලැබෙන ටික විතරයි…දැන් දන් මට හිතෙනවා ඔයාට අපි දෙන්නම ඕන වෙලා වගේ කියලත්…" "ඔයාට මං කොච්චර කියල ඇත්ද අනෝමා, සුධර්මයි මායි අතරේ එහෙම දේවල් වෙන්නේ නෑ… එයාට දරුවන්ගෙන් තොර ලොවක් නෑ… සුධර්මට තියන එකම ප්‍රශ්නය දරුවෝ ලැජ්ජාවට පත්වෙනව වැඩිහිටි අපි මේ කරන දේවල් නිසා.. ඒකයි මට ඕනා එකක් කරන්ට අතෑරල එයා ඒ විදියට ඉන්නේ…" "එතකොට මට මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ…?" "මං විසඳන්නම් මට පොඩි කාලයක් දෙන්ට…" ******* මිදුලේ වාඩිවී අහස පොළව ගැට ගසනා නිහාල් දෙස සුධර්මා බැලුවේ අනුකම්පාවකිනි… "කෑම මේසෙට ඇරල තියෙන්නේ" සාලයේ සිටම ඈ උස් හඬින් කී නමුත් නිහාල්ට ඇසුන බවක් සුධර්මාට නොදැනුනා ය… නැවතත් ඈ උළුවස්ස අසලට පැමිණ කතාකලෙන් නිහාල් ගේ දැහැන බිඳුනි… "අ ආ…. හ… හරි.. හරි…" සිය ඉරියවුව වෙනස් නොකරම නිහාල් කීය… සුධර්මා උළුවස්සට බර දී තවත් ටිකක් වෙලා නිහාල් දෙස බලා සිට දරු දෙදෙනා ගේ පාඩම් වැඩ බැලීමට ඔවුන් දෙසට ගියේ සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගනිමිනි….. **** නිහාල් තීරණයකට පැමිණියේ රෑ දොළහත් පසූවී ය…. කුස්සියට ගිය ඔහු වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියේ ය… තවමත් සීතල වෙමින් තිබුන ඔහුගේ රෑ කෑම දෙස නොබලාම කාමරයට වැදුන ඔහු දිනපොතෙන් කඩදාසියක් ඉරාගෙන මේසය අසල පුටුවේ වාඩි විය.. හේ ලියමක් ලියන්නට විය… "සුධර්මා…, මං මේ මගේ ජීවිතේටම ලියන පළවෙනි ලියමන.. ඒවාගේම අවසාන ලියමන… මට සමාවෙන්ට.. ඔයා පුදුම ගැහැනියෙක්.. තමන්ගේ මිනිහට වෙන සම්බන්ධයක් තියනව කියල දැන දැනත් කවදාවත් රන්ඩු නොකරපු එක මට අදටත් පුදුමයි.. ඒ නිසාම මගේ හිත වද දෙනවත් වැඩියි… අපි යෝජනාවකින් බැඳපු නිසාද මන්ද අපිට අපිව ගලපගන්ට බැරිවුනා… ඔයාගේ යම් යම් සීමා වීම් එක්ක අපි දුරස් වුනා… ඒකේ ප්‍රතිඵලය තමයි මේ… මට අමනයෙක් වගේ දරුවෝ අනාත කරන්ට බෑ.. ඔයාටත් අනෝමටත් තවදුරටත් වදයක් වෙන්ටත් බෑ.. මට වෙන කරන්න දෙයක් නෑ…ඒ නිසා මං යනව… මට වෙන විකල්පයක් නෑ… දරුවෝ දෙන්නට මං හොඳ තාත්තෙක් වුනේ නෑ… එයාලගෙනුත් මම සමාව ඉල්ලුවා කියන්ට. තෙරුවන් සරණයි ! මීට නිහාල්.." ලිපියයේ බරට දිනපොත තැබූ නිහාල් ජංගම දුරකථනය ගෙන වට්ස්ඇප් පනිවුඩයක් ටයිප් කරන්නට විය.. "ආදර අනෝමා, මම යනවා. මට වෙන කරන්ට දෙයක් නෑ.. මේ හැමදේටම වරදකාරය මං… මට වෙන විකල්පයක් නෑ… මතක තියාගන්ට මම ඔයාට හැමදාම ආදරෙයි.." *******- පාන්දර එක පසුවීත් විදුලි බුබුලු දැල්වී තිබෙනු දුටු සුදර්මාට අමුත්තක් දැනින… නිහාල් ගේ හැසිරීමත් වෙනදාට වඩා වෙනස් බව ඇයට වැටහී තිබුනි.. ඈ සෙමෙන් අඩි තියා නිහාල්ගේ කාමරය වෙත ගියා ය.. අගුළු නොදැමූ දොරෙන් එබුණු සුධර්මාට නිහාල් යමක් ලියනු පෙණුනි…ලියා අවසන් කළ කඩදාසිය පසෙකින් තබා ඒ මත දිනපොත තබා දුරකතනය අතටගෙන යමක් ටයිප් කරන්නට නිහාල් සූදානම් වෙද්දී සුදර්මා සෙමින් නිහාල් අසලට ආවා ය.. කැළඹුන මනසින් සිටි නිහාල්ට ඈ එනු නොඇසිනි…….. නිහාල්ගේ කරට උඩින් එබිකම් කර නිහාල් ලියන දේ කියවූ සුධර්මා….. "අනේ දෙයියනේ… " කියා මහ හඬින් හැඬුවා ය… ඇය එලෙස හඬන අයුරු නිහාල් එතෙක් දැක නොතිබුනි… නිහාල් නිහඬව ඔහේ බලා උන්නේ ය… පැය බාගයක් පමණ ඇය හැඬුවා ය.. නිහාල් නොසෙල්වී ඉඳියේ පීළිමයක් මෙනි… එකවරම හැඬුම නතර කළ සුදර්මා නිහාල් දෙස බැලුවා ය… "මං ඔයාට ඩිවෝස් එක දෙන්නං… හෙට උදේම අපි යං ලෝයර් හම්බවෙන්න…. ඔයා නිකරුනේ මැරෙන්න ඕනා මනුසයෙක් නෙමෙයි නිහාල්… මගේ අඩුපාඩු ඇති ඒකයි මේ හැම දේම… ඔයා නිදහස් වෙන්න නිහාල්… මං ඩිවෝස් එක දෙන්නම්…." නිහාල් දුරකතනය ගෙන ටයිප් කල සියල්ල මැකුවේ ය. යළි යමක් ටයිප් කරන්නට විය….. පණිවුඩය යවා දුරකථන සුදර්මා අතට දුන්නේ ය… එහි, "මට සමාවෙන්ට අපි මේක නවත්තමු…" යනුවෙන් පණිවුඩයක් අනෝමාට යවා තිබෙනු සුධර්මා දුටුවා ය… "ඒ ගෑනිත් පව්" සුදර්මා කීවේ සුසුමක් හෙලමිනි… නිහාල් අඳේ දිගා විය… සුදර්මා විදුලි බුබුල නිවා දොර අගුලු ලා පැමිණ නිහාල් අසල ඇලවූවා ය…. ----නිමි-----පොඩි එකාගේ රචනාව …. ක්‍රිකට් මගේ ප්‍රියතම ක්‍රිඩාව ක්‍රිකට් ය..තාත්තා නිතර ටීවී එකේ බලන නිසා බලන්නට පුරුදුවූ පසුව මිදුලේ සෙල්ලම් කරන්නට පුරුදුවූ ක්‍රිකට් වලට මම ගොඩක් කැමතිය…විලමැද වැඩිහිටි නිවාසයේ සීයලාට අයවැය තියා අවයව ගැනවත් මතක නැතිව ගිරිය පලාගෙන කෑගහ්නට තරම් වැදගත්වූ ක්‍රිකට් අපේ අම්මාටම නම් වහකදුරුය… ඒකට අම්මාට හේතු තිබේ.. අපි මිදුලේ ක්‍රිකට් ගැසීම නිසා අම්මා⁣ ලොව සෑම තැනකන්ම අතුකඩාගෙන ඇවිත් පැල කරපු මල් පැල විනාස වෙනවාය.. මැච් තිබ්බ දවසට තාත්තා දවසම ටීවී බලන නිසා අපි ඉපදෙන්ටත් පෙර සිට ආච්චීත් අම්මාත් බලන මෙගා නාට්ටිය මිස් වේ… එකේ ලේලි⁣ නැන්දම්මාට කියන එකම එක වැදගත් දෙබස අසාගන්නට නොහැකි වේ… ඒ මදිවාට තාත්තාගේ යාලුවෝ ආවොත් තේ බොන්ට එක එක ජාති බැදල හදල දීමටත් සිදුවේ.. ඒක නිසා අම්මා පමණක් නොව ආච්චීත් ක්‍රිකට් එක්ක ඇයි හොඳයියක් නැත.. දැංනං අම්මා නොවෙයි ලෝක පොලිසියෙන්ද කොහොදෝ ක්‍රිකට් තහනං කරලලු.. ඒ නිසා අපිටත් ක්‍රිකට් ගහන්ටත් බලන්ටත් තහනම්ය.. තාත්තා වෙලාවකට හොරෙන් පෝන් එකෙන් මැච්එක බලයි..තාත්තාව පෙලීසියෙන් අල්ලයි කියා මා බය වෙමි.. ඇමති මාමාද ක්‍රිඩාවල හොරකං වෙනවා යැයි අපට කීවාය…හැම පස්නයක්ම මැද එව්වාට විසඳුම් හොයන්ට වෙන්නේත් අපිටය.. ඒමාමාට තියෙන්නේ කියන්ට පමණය… තහනං වුනාට අපේ කණ්ඩායම ගැනනං මට බයක් නැත… අපේ තාත්තා කියන විදයට අපේ ක්‍රිඩකයින්ට ක්‍රිකට හැර අනික් හැම දේම ගහන්ට හැකිය.. පහුගිය ටිකේ ඒක ඔප්පු කරලම පෙන්නුවා ලු… ඒ නිසා ක්‍රිකට් නැතිවාට වෙන දෙයක් එයාලා ගහනු ඇත.. තාත්තාත් මාත් වෙනත් සෙල්ලමක් සොයාගත යතුව ඇත… තාත්තා කීවේ අපි බර ඉසිලීම තෝරාගැනීම සුදුසු බවයි.. දැනට සෑහෙන ජීවන බරක් උසුලන අපිට අමතර පුහුනුවක් උවමනා නොවන නිසා ඒක පහසුලු… වෙන එකක් තියා ඊයේ පෙරේදා ඉපදුන චූටි මල්ලිත් ඉපදුනේ අර සීයලා කරේ තිබ්බ ණය බරක් උස්සාගෙනලු…"යමුකෝ..." තරුණ අම්මාවයි තාත්තාවයි පාසලේ 8 වසරේ වගේ වයස පුතා ඇදන් එනවා මහරගම P & S එකට මම දකිනවා, දෙමාපියෝ දෙන්නත් බොරු අකමැත්තකින් වගේ වුණත් එනවා ඇතුලට මේ ලමයගේ බල කිරිල්ලට වගේ, ------ ඇවිත් මේ පුතා ඉල්ලනවා එග් බන් එකයි චිකන් පේස්ට්‍රියයි, මට මතක් වුණා අපිත් හරි ආසයි නේද ඉස්සර ඒවා කන්න කියලා, අම්මා ගිහින් ඒ දෙක අරන් දීලා අයිස් කොෆී එකකුත් අරන් දෙනවා පුතාට, හරිම ආසාවෙන් පුතා කනවා සහ මම දකිනවා මේ අම්මයි තාත්තටයි කන්න ගන්නේ නෑ, එයාලා පුතා කන දිහා බලලා සතුටු වෙනවා, මට හිතුණා සමහරවිට ලමයා වෙනුවෙන් මෙතන වියදම් වුණ රුපියල් 500ක වගේ මුදල එයාලා දෙන්නත් කෑවොත් 1500 ඉක්මවා යන හින්දා ඒ නොකා ඉන්න ඇත්තේ කියලා, ඇත්තටම දැන් අපේ මිනිස්සු තමන් වියදම් නොකරම බැරි දේවල් වලට විතරයි සල්ලි වියදම් කරන්නේ, ඇත්තටම අර අම්මටයි තාත්තටයිත් බඩගිනි තියෙන්නත් ඇති, ඒත් රටේ ආර්ථික මට්ටම නිසා එයාලගේ බඩ පුරවාගන්න වත්කමක් නැතිවෙන්න ඇති, මට මාර කලකිරීමක් ආවා මේ රට ගැන, ඇත්තටම අපි එහෙම වැටෙන්න ඕනේ මිනිස්සුද? රටේ ස්වභාවික සම්පත්ම කොච්චර තියද? ඒ ගැන මම මගේ තාරුගේ සිද්ධි පේජ් එකේ කොච්චර ලියලා තියද හිතුණා අවංකවම, ------- කොහොම හරි අර පුතා කාලා ඉවරවුණා, හැබැයි මම කල්පනා කලේ, එච්චර අම්මයි තාත්තයි බඩගින්නේ ඉන්න වෙලාවක මේ දරුවට තිබුණා පොඩි කෑල්ලක් හරි දෙන්න අම්මලට, ඒත් ඒ දරුවා එහෙම කලේ නෑ, දැන් කාලේ හැදෙන දරුවොත් දෙමාපියන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැති තත්වෙට මේ සමාජය පිරිහිලා නේද කියලා කල්පනා වුණා, මේ සමාජය හැදෙන්න ඕනෙ පොඩි ළමයාගේ ඉඳලා, අන්න එතනයි සමාජය හැදීමේ මූලාරම්භය කියලා මට හිතුණා, -------- ඊට පස්සේ තාත්තා නැඟිටලා ගියා කැශියර් එකට තව මොනවා හරි ගන්න, ලමයට මදි වෙලා ඉල්ලුවද කියලා හිතුණා, ගිහින් මේ තාත්තා පර්ස් එකේ සල්ලි හෙව්වා වගේ දැක්කා, මම හිතන්නේ අතේ තිබුණ මුදල ප්‍රමාණවත් වෙන්න නැතුව ඇති ගෙවන්න, "මම කාඩ් එක ගෙනත් නෑ" දරුවගේ තාත්තා දරුවාගේ අම්මට කියනවා ඇහුණා, "ඔ
යා හැමදාම ඔහොමයි, කොහේ හරි ගියොත් කාඩ් එක නෑ පර්ස් එක නෑ, මමද වියදම් කරන්නේ එතකොට? අපි දෙන්නටත් එක්ක ගන්න කෑම" ඒ කාන්තාව ටිකක් සිනහසෙමින් නමුත් තදින් කිව්වා, මම කල්පනා කලා තමන්ගේ දරුවා ඉස්සරහා මේ විදිහට දරුවගේ තාත්තට කතා කරන එකෙන් ඒ තාත්තගේ අභිමාන කොච්චරක්නම් පාතට වැටෙනවද නේද කියලා, ඒ ගෑනු කෙනා හරි වැරදියි ඒ කතා කරපු විදිහ කියලා මම කල්පනා කලා, මෙහෙම ගෑනුත් ඉන්නවනේ කියලා හිතුණා, ඊට පස්සේ අර තාත්තා ලැජ්ජාවට පත්වුණ බවක් පෙන්නලා ආයේ සාක්කුවට අත දැම්මා, අත දාලා රුපියල් 5000 කොලයක් අරගත්තා, "කාඩ් එක නොගෙනාවට සල්ලි ගෙනල්ලා" ඔහු අහින්සක ලෙස මුදල් පෙන්නමින් මඳ සිනහවක් පාමින් පැවසුවා, "ඔව් මම කෑගැහුවේ නැත්නම් ඔය සල්ලි එන්නේත් නෑනේ" දරුවගේ අම්මා නෝක්කාඩුවට හිනා වෙමින් කිව්වා, මම කල්පනා කලා ඇත්තටම ඒ දරුවගේ තාත්තා සල්ලි වියදම් වෙනවට රඟපෑමක්ද කලේ කියලා, සමහර මිනිස්සු ඉන්නවා කපටිකමෙන් ජීවත් වෙන, ඒක තමන්ගේ රැකියා ස්ථානයේද පවුලේද අදාල නැතුව හැසිරෙන පහත් මිනිස්සු ඉන්නවා නේද කියලා මම කල්පනා කලා, ------- ඊට පස්සේ ඒ තාත්තා ආයේ කැශියර් එකට ගිහින් තව චිකන් පේස්ට්‍රි දෙකකුයි එග් රෝල්ස් දෙකකුයි පාර්සල් අරන් අයිස් කෝපි දෙකකුත් ගත්තා, මම කල්පනා කලා කොච්චර ආර්ථික ප්‍රශ්ණ තිබුණත් මිනිස්සූ වියදම් කරනවා නේද කියලා, සමහරවිට ඒ මනුස්සයා අතේ තිබ්බ 5000 මේ මාසෙම වියදම් කරන්න තිබ්බ සල්ලි වෙන්න ඇති කියලා මට හිතිලා මාර දුකක් ආවා හිතට, ඇත්තටම මිනිස්සු දැන් ජීවත් වෙන්න ඕනෙවට ජීවත් වෙනවා නේද කියල හිතුණා සහ අතේ සතේ නැතත් සමාජයට පේන්න වියදම් කරනවා නේද හිතුණා, ------ ඊට පස්සේ තාත්තයි අම්මයි පුතාලයි එලියට ගියා P &S එකෙන්, එහෙම ගිහින් ඒ තාත්තා එතන තිබුණ රතු පාට CHR එක දිහා බල බලා අත දික්කර කර ගියා මම දැක්කා බොහෝම ආසාවෙන් තුන්දෙනාම, මම කල්පනා කලා තමන්ට අයිතිකරගන්න ආසා දේවල් කොච්චර තියෙනවද ඒත් මේ තත්වේ අනුවයි අයිතිකරගන්න බැරි කියලා, මම මහා කලකිරීමක් එක්ක කල්පනා කලා, ඒට් එතනින් පස්සේ මම දුටු දෙයින් ඒ මට මාර වේදනාවක් ආවේ, මට වීදුරුවෙන් එළියේ පේනවා ඒ තාත්තා දරුවයි බිරිඳයි එක්ක ඒ CHR එකේ දොර අල්ලන්න වගේ ලඟට යනවා, හරිම වේදනාවක් ආවා ඒ ආශාව දැකලා, සමහරවිට වසර ගණනාවක සිට හොඳ වාහනයක් ගන්න පෙරුම් පුරන් ඉන්න ඇති සහ බැරිවෙන්න ඇති, ඊට පස්සේ මම දැක්ක දෙයින් මම පුදුම වුණා, ඒ තාත්තා බිරිඳයි ලමයිනුයි එක්ක ඒ CHR එකේ නැඟලා යන්න ගියා විදුලි වේගෙන් දූවිළි නඟමින්, මම කල්පනා කලා මේ සමාජේ අතේ යහමින් මුදල් ගැවසෙන පිරිසකුත් ඉන්නවා නේද කියලා මේ දුක් විඳින මිනිස්සු අස්සේ, ඒත් එක්කම මම කල්පනා කලා ඇයි මේ මිනිස්සු වාහනවල හයියෙන් යන්නේ කියලා, රටේ මරණ වලින් 60%ක්ම රිය අනතුරු, එහෙව් එකේ දරුවෙකුත් ඉන්න තාත්තෙක් හැසිරෙන විදිහක්ද කියලා මම කල්පනා කලා, වේගෙන් යන එකෙන් ලැබෙන්නේ මොනවද? පුහු ආත්ම තෘප්තියක් ලැබෙන එක විතරයි නේද මම කල්පනා කලා, ඊට ඒ කලකිරීමත් එක්ක මම බැලුවා මම ගත්ත නෙස්කැෆේ එක, ඒක නිවිලා හොඳටම, මම කල්පනා කලා අනුන්ගේ කොටහළු මඟුල් හොය හොයා කාලේ නාස්ති කරන් කල්පනා කරනවාට මටයි උඹලටයි හොඳ වැඩේ නේද කියලා තත්පර භාගයක්වත් තව කල්පනා නොකර, "ගුඩුස්" ගාලා නිවුණ නෙස්කැෆේ එක ගහලා නැඟිට්ටා, අඩියේ මැරුණ මැස්සෙක් හිටියා, thaaarustories Follo thaaarustories තාරුගේ සිද්ධි= මාල හොරකම = දයා අක්කාගේ කසිප්පු තිප්පොලෙන් හොදින් සප්පායම් වු ජයසිරි, සරම තද වන්නට ඇද ගත්තේය. තම ගජ මිතුරා වන සෝමේ, තමාට කරන්නේ වංචාවක් බව පුන පුනා යටි සිත පවසන්නට විය. මනස බොහෝ වියවුල් ය. වෙනදාට තමා සමග අඩියක් ගැසීමට එන සෝමේ තමා මඟ හැර සිටීම සැකය තහවරුවන්නට තවත් හේතුවක්ද විය. “මූ මට කොලේ වහනවද කොහෙද? ඒ මාලේ ඉමිටෙෂන් මාලයක් වෙන්නේ කොහොමද? ගෑණිගේ කරේ තිබුන මාලේ මම මනේ ගලෝලා ඌට දුන්නේ. චී.. අපරාදේ මට තිබුනේ මමම විකුණන්න. වැඩි හොදටනේ ඌට දුන්නේ ” ඔහු තවත් රුපියල් දෙසීයක කසිප්පු ගෙන ටිකෙන් ටික තොල ගාන්නට විය. “අද මම ඕකව මරනවා.” ජයසිරිගේ අවසන් තීරණය සිතට දැනුම් දුන්නේය. ඔහු අල්මාරියෙහි වු ලාච්චුවක් හැර කුඩා කිනිස්සක් අතට ගත්තේය. ඉස්කෝලේ මහතාගේ හත්දවසේ දානේ දින, කාමරයක අල්මාරි ලාච්චුවකින් හොරෙන් පන්නාගත් කිනිස්සෙහි මිට රිදී පැහැයෙන් බබලන්නට විය. එයත් ඉනෙහි ගසාගත් ජයසිරි සෝමේ සොයා අඩිපාර දිගේ ගමන්කලේ අද දෙකෙන් එකක් බේරාගන්නා සිතුවිල්ලෙනි. මීට මාස හතරකට පෙර තමා අතින් මියගිය ලංසි නෝනාගේ ගෙලෙහි බැදි රන් මාලය ඉමිටේෂන් මාලයක් වීම කිසිසේත්ම ජයසිරිට විස්වාස කල නොහැක්කක් විය. ඈ ලංසි නෝනා වන්නේ හමේ ඇතිවු රෝගයකින් සුදු පැහැවු නිසාය, දැන් එවැනි ලෙඩක් ඈට තිබුනා දැයි ගම්මුන්ට මතකක්වත් නැත. ඒ පැහැය ඇයට ලස්සනය. කොන්ඩය තඹ පාට නිසා ඇය ලංසි නෝනා නමින් ගමේ මිනිසුන් අමතන්නට විය. ඩුබායි රටෙහි වසර දහයක් සේවය කර පැමින, දුරින් නෑ වන පුතෙකු සමග තනියම නිවසෙහි වසන්නේය. ජම්බු ගෙඩියක් වන් සුන්දර ලංසි නෝනා අදින්නේ පලදින්නේත් කොට ගවුම් ය. මීට වසරකට පෙර හමා ගිය සුළි කුණාටුවෙන් ලංසි නෝනාගේ ගෙදර කොස් ගස කඩා වැටුනි. ජයසිරිත් සෝමේත් කොස් ගස කපා අස්කිරීමේ වගකීම බාරගත්තේ හන්දියේ ලී මඩුවේ මුදලාලිගේ ඔඩ‍රයක් මතය. ලංසි නෝනා මුලින්ම මුණ ගැසෙන්නේ එදාය. ඇගේ ගෙලෙහි බැදි රත්තරන් මාලය තුන් හතර වතාවකම ජයසිරිගේ නෙත් ගැටුනි. පෙනුමින් එය බොහෝ වටිනා එකකි. වසර ගනනාවක් විදෙස් ගතව සිට පැමිනි නිසා එය ඩුබායි රටෙන් මිලට ගත් බව දිනක ඈ හා කතා කල තවත් කාන්තාවක් හා පවසනවා ජයසිරිට ඇසින. මම ඉතිං ගෙයින් පිට යන්නේ නෑනෙ නංගියේ, එලිය්ට යද්දිත් බෙල්ලවටේ සෝල් එකක් දාගෙන වහගෙනනේ යන්නේ, මේක ඩුබායි වලින් ගත්තේ. අල්මාරිවල දාලා පරිස්සම් කරලා වැඩක් තියෙනවද? මම මේක බැංකුවේ තියලා ලක්ෂයක් ලේසියෙන්ම ගන්නවා. ලංසි නෝනාගේ පුරාජේරු කතා වලට ජයසිරි සවන්දුන්නේ තවත් අදහසක් සිතෙහි ගුලි කරගෙනය. දවස පුරා අතපය වෙහෙසකර ලබාගන්නා සොච්ච්ම් මුදලට වඩා එක හොරකමකින් සතියක් නිදහසේ ජීවත්වීමට පුලුවන. ජයසිරි සිතුවේය. කොස් ගස කපා අවසන්කර දෙමිතුරෝ දයා අක්කාගේ තිප්පොලෙන් හොදින් සප්පායම්ව සලසුම් ඇන්දේ මාලයටය. වීදුරුවෙන් වීදුරුව හිස් වෙද්දී , විවිද අදහස ගලා එන්නට විය. ගෑණි දවල් දවසම තනියම, බයකරලා මාලේ ගන්න පුලුවන්. යෝජනාව ගෙනාවේ ජයසිරිය. අම්මෝ... උබට පිස්සුද? ඔය ගැනිව බය කරන්න. කිනිස්සක් පෙන්නලා බය කරාම මාලේ දේවි. මොන පිස්සුද බං. නිකන් කතා කරද්දිත් ගන්ටාරේ වගේ, ඒකි කෑගැහුවොත් ගමම පිරේවි. අනික වට පිට පිරිමි ඔක්කොම ඒකිට ලව් බං, ඇහැ ගහගෙන ඉන්නේ. පිලිස්සූ කරෝල කෑල්ලක් රස විදිමින් මත් වතුර බොමින් සිනා සෙමින් පවසන්නට් විය. උබ වරෙන්කෝ මගේ තනියට. මම වැඩේ කරන්නම්. මට ඕනේ ඒකිගේ කට වහන්න එකෙක්. අනික ඒකිව මට තනියම මෙල්ල කරන්න අමාරුයි. මගේ ලඟ හොද භාන්ඩෙකුත් තියෙනවා මම ඒකත් අරගෙන එන්නම්. ඒක බෙල්ලට තිබ්බනම් ඇති ගෑනි බයවෙන්න. අඳුරගනියිද....? මොන මූන වහගෙන යමු. ජයසිරිගේ යෝජනාවට සෝමේ කැමති වුයේ අදිමදි කරමින්‍ ය. ලන්සි නෝනා සමග කුලුපහ වු දෙමිතුරෝ කොස් ගස ඉවත් කරන තුරු ගෙදර විස්තර සොයා බැලුවේය. ලංසි නෝනා සමග බොහෝ හිතවත් විය. ඒ හිතවත් කම තුලින් අවස්ය විස්තර ලබාගත් දෙමිතුරෝ ඥාති පුත්‍රයා සිකුරාදා දින රාත්‍රී දෙළහා පසුවී නිවසට පැමිනෙන බවද සොයා ගත්තේය. ජයසිරිටනම් බොහෝ පවුල් ප්‍රශ්නය. බිරින්දෑවරු දෙදෙනෙකු නඩත්තු කිරීම මේ කාලයේ ඉතා අසීරුය. නීත්‍යානුකූල බිරිද කෙසේහෝ තමගේ අඩුපාඩු දරාගත්තද නිත්‍යානුකූල නොවන බිරිදගෙන් බේරීමක් නොවන්නේය. තමා කරගත් වැරැද්ද දැන් නිවරැදි කිරීමටද නොහැක. “ජයසිරි මාව සෙල්ලමකට ගන්න එපා, මේ රේනුකාගේ හැටි දන්නවනේ. මටයි දරුවටයි හරියට සලකුවේ නැතිනම් මම ගෙදර ඇවිත් නවතිනවා” හරි හරි බං. මම ගෙදර වුන්ට අඩුපාඩු කලත් උබට එහෙම කරන්නේ නෑනේ. රේනුකා එක වචනයක් පමනක් දමන්නේය එවිට ජයසිරි කොහෙන් හෝ මුදල් සොයාගත යුතුය. ජයසිරි පබගාලකය. රේනුකා ගෙන් ගැලවීමක් ඇත්තේම නැත. තමන්ට පණ ඇරගෙ න සිටින සමන්තිට කල වැරැද්දට දෙවියන් දුන් දඩුවමක් ලෙස සිතා දැන් සිත් හදාගෙන ඔහු ජීවත් වන්නේය. සෝමේ අවිවාහකය. අම්මා සමග ජීවත්වන නිසාත් එතරම් වියදමක් නොවුනත්, ලගපාත ජීවත්වන තම අක්කාගේත් දරුවාගේත් ඕන එපාකම බැලීමට සිදුව් ඇත්තේද ඔහුටය. මින් පෙර ගසක ගෙඩියක් උදලු තලයක් පිහියක් ආදිය සොරකම් කලද මෙවැනු සොරකමකට යෙදෙන පලමු අවස්තාව මෙය විය. ලංසි නෝනාගේ ගෙලෙහි බැදි මාලය ලකෂ ගානනක් වටිනාවා ඇත. එකවර ලොකු මුදලක් ලැබුනුවිට අක්කාගේ නිවසෙහි තෙමෙන වහලය සදා දිය හැකි යැයි සෝමේ සිතුවේ පොඩිවුන් ගැන සිතමින්ය. මෙහෙයුම් දින උදාවිය එදින දයා අක්කාගේ තිප්පලට ඔවුන් ගියේ නැත. අමාවක් දිනක සද එළියද නොවින. සිකුරාදා දිනයක් නිසා ලන්සි නෝනාගේ පුත්‍රයා නිවසට පැමිණෙන්නේද රෑ බෝවීය. ලන්සි නෝනා ඉන්දියානු ටෙලි කතා බලන බැවින් රුපවාහිනි යන්ත්‍රයේ ශබ්දයද වැඩිය. ඒ නිසාම ලේසියෙන්ම පිටුපස දොර හැර නිවසට ඇතුලු වන්නට හැකියාව ලැබින. කතාවේ ගැහැනියක් මරලතෝනි දෙන්නේය. සෝමේ පැන ලංසි නෝනාගේ මුව තදින් වසාගත්තේය.ජයසිරි මාලය කැඩීමට ලංවෙද්දීම ඈ පොර බැද ජයසිරි මුහුන වසා සිටි රෙදි පට ඉවත් කලේය බල්ලෝ... තොපි. ඈ පැවසුවේ එපමනකි, ජයසිරි අත වු කිනිස්ස ඇගේ ගෙල හරහා ඇදී ගියේය. කබයක් වනි මාලයත් පදක්කමක් වැනි පැන්ඩනයත් රැගෙන ඔවුන් කළුවරේම නොපෙනී ගියේය. දෙමිතුරෝ කිසිවක් නොවු ලෙස දයා අක්කාගේ තිප්පලෙන් සප්පායම් විය. මාලය රැගෙන සෝමේ පිටව ගියේ මාලය විකුනා මුදල දෙකට බෙදන පොරොන්දුව පිටය. උබ මේක ගෙනියහන්, මට මේ මාලේ ගෑනු දෙන්නගෙන් බේරගන්න බෑ බං. ලන්සි නෝනා ලේ විලක් මැද වැටි සිටින අයුරු නිවසට පැමිනි ඥාති පුතා දුටුවේය. ඔහු එකසිය දහනමයට අමතා පොලීසිය කැදවීය. නැන්දාගේ ගෙලෙහි මාලය අතුරුදහන් බවත් එය කඩාගෙන ඇති බවත් ඔහු සදහන් කලේය. එහෙත් එය රත්තරන් මාලයක් නොව ඉමිටේසන් මාලයක් බව කට උත්තරයේ සදහන් විය. “මේ ගෑනු නිකන
් මැරුම් කනවා. අපරාදේ මිනිස්සුන්ගේ ජීවිත. මොන කෙහෙල්මලකටද ඉමිටෙෂ්න් මාල දාගෙන් ඉන්නේ ” පොලිස් නිලදාරීන් කතාවින. මාසයක දෙකකට වඩා වැඩි කාලයක් ගතව ගියේය. අපරාද කාරයන් සෙවීමට තවමත් පොලිසියට හැකියාවක් නොවින. ලංසිනෝනා මරා රන් මාලය කඩාගත් බව ගම පුරාම ප්‍රචාරය විය. ජයසිරිට රේනුකාගෙන් බේරිමක් නැත. ඇයට විවිද වු ඕනෑකම් ය. මෙවර ඇ මුදල් ඉල්ලන්නේ ව්‍යාපාරයක් පටන් ගැන්මටය. ගාමන්ට් වලින් ඉවත ලන රෙදි කැබලිවලින් කුඩා දරුවන්ගේ ඇඳුම් මසන්නට ඈ කීප වතාවක්ම යෝජනා කලේය.එය්ට සල්ලි අවශ්‍ය බවද පැවසීය. ස්තීර රස්සාවක් නති තමා මුදල් සොයන්නේ කෙසේදැයි ඈ කල්පනා කරන්නේද නැත. බිරිදට පිටුපාමේ විපාක ඔහු විදින්නේය. මේකිනම් මහ කරුමයක්. එහෙත් ජයසිරිට ඈ නැතුවත් බැරිය. එකිට ඕනේ සල්ලිය. බල්ලන් මරාදමා හෝ එකිට ඕනේ සල්ලිය. ජයසිරි කල්පනා කලේය. ජයසිරිගේ ඔලුව පිරෙන්නට ප්‍රශ්නය. ප්‍රශ්න වලට හේතුව මුදල්‍ ය. ලංසි නෝනාගේ රත්තරන් මාලය සෝමේ රැගෙන ගියේය. ගෑණු දෙදෙනෙකුගෙන් මාලයක් සගවා මුදල් කරගැනිමේ හැකියාවක ජයසිරිට නොවින. ඒ නිසා ඒ කාර්‍යා සෝමේට පැවරුවේය. එහෙත් සෝමේ මිත්‍රත්වයට නිගා කරමින් තමාට වංචාකරන්නේය. කැඩුවේ රන් මාලයකි. ජයසිරි කේන්තියෙන් ගුගුලන්නට විය. මාලය විකිනීමට රැගෙන ගිය සෝමේට තැන් කිහිපයකින්ම පැවසුවේ එය වටිනා කමක් නැති මාලයක් බවය. එහෙත් ඒ බව ජයසිරි පිළිගන්නේම නැත. එන්නේ රන්ඩුවටමය. ජයසිරිට මෙය කෙසේ පහැදිලි කරදිය යුතුදැයි සෝමේ නොදන්නේය. නගරයේ උගස් කඩයට ගොස් බසයෙන් බැස ගුරුපාර දිගේ, සෝමේ පැමිනියේ ජයසිරි සොයාගෙනය. ඈත තියා එන මිත්‍රයා දුටු සෝමේ සිනාසීගෙන ඔහුවෙත යද්දී , යකා අවේශව සිටි ජයසිරි දැක, මාව විස්වාස කරපන් ජයසිරි, මේ ඇත්තමයි කියන්නේ ඒ මාලේ රත්තරං මාලයක් නෙමේලු. අනේ පල සෝමේ... තෝ මාව අන්දන්න, මම දන්නේ නැද්ද ප## උබේ හැටි. උබ මාලේ විකුණගෙන ඉමිටේෂන් මාලයක් කියලා මට කොලේ වහනවා. මේ බලපං, මේ උබ මට විකුනන්න කියලා දීපු මාලේ බං. උබ මාව අන්දන්න හිතුවා මදි බල්ලෝ, ගෑනිගේ කරේ තිබුන මාලේ රත්තරං. ඒ ගෑනි ඒක උගස් තියලා සල්ලිත් ගන්නවා කීවා, මගේ මේ කනට ඇහුනා. තෝ මට බොරු කරන්න. ඔහු අත වු කිනිස්ස සෝමේගෙ පපුව පසාරු කර සිරුර තුලට බසින්නට විය. කෙසෙල් කඳක්මෙන් කඩා වටුනු සෝමේ අතවු මාලය බිමට විසි වින. පසුපස නොබලා කිනිස්සද අතැතිව දිව යන ජයසිරි ගමේ බොහෝ දෙනා හැදින ගත්තේය. සෝමේ රෝහලටත්, ජයසිරි පොලිස් කූඩුවටත් යැවින. අනේ බුදු සර්, මම ඇත්තම කියන්නම්. ඌ මගේ මාලේ හොරකම් කරා. මාලේ, මොන මාලයක්ද මිනිහෝ....., අර බංගලා හන්දියේ, දෙවෙනි පටුමගේ ලංසි නෝනගේ මාලේ...., ලංසි නෝනාගේ මාලේ කතාන්දරය එකින් එක එළිවිය. ඒක ඉමිටේෂන් මාලයක් මනුස්සයෝ.... ඔහු වටා සියල්ල කරකැවෙන්නට විය. ලංසි නෝනාත් සෝමේත් මවි මැවී පෙනෙන්නට විය. මනුස්‍ය ඝාතන දෙකක් කිරීමේ චෝදනාව ඔහුට එල්ලවී බරපතල වැඩ ඇතිව සිරගත විය. ------- ලිමන්ති මාධවී සේනාරත්න.ඔව් මම කිඹුලෙක්.... මං කිඹුලෙක් වුණේ අපේ අය්යා නිසා. අය්යා නොහිටින්න මං කිඹුලෙක් නෙවෙයි. අපේ අය්යත් කිඹුලෙක්. අපි දෙන්නා උපන්නෙ එකම දවසෙ . ඒ නිසා අපේ යාළුවො කිව්වෙ එයාලා කිඹුල්ලු කියලා. අපේ පන්තියේ හිටියා අපි වගේම කිඹුල් ජෝඩු හතරක්. එයාලා එකම වගේ කිඹුල්ලු. ඇස් කන් නාසා කඳ බඩ සේරම එකම වගේ.දත් කුට්ටම් එකම වගේ. වල්ග වුණත් එකම වගේ. ඒත් අපේ අය්යයි මමයි වෙනස් කිඹුල්ලු. එහෙම වුණ එක දාහෙන් සම්පතයි කියලා මට හිතුණ වාර අනන්තයි.මොකද නැත්තන් මගේ කිඹුල් අය්යා කරපු කියපුවාට මාව මාට්ටු වෙන්න තිබ්බා. මං ඉතින් " මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා " කියලා කට ඇරලා කියන්න පුළුවන් ජාතියෙ කිඹුලෙක්. අපේ අය්යා නම් මිනී විතරයි නොකෑවෙ. උන්දැ සංහිඳියාව මහ ඉහළින් අගේ කරපු කෙනෙක්. හැම ජාතියකින්ම එකියක් ගාණෙ හරි සෙට් කර ගත්තා ඒ කාලෙ. කිඹුලියො නෙවෙයි නරලියො. අපේ අම්මයි තාත්තයි කිඹුලො නෙවෙයි.අපේ අම්මා ඉස්සර අපිට තඩිබෑවට , කිඹුලන්ට පණ බයයි. ඒ දෙන්නා දෙමහල්ලො හිතන් ඉන්න ඇති කිඹුල් පුතාලා දෙන්නා දවසක කිඹුල් ලේලිලාම දෙන්නෙක් කැන්දන් එයි කියලා. ඒත් ඒක වුණේ නෑ.එහෙම නොවුණ එකමයි හොඳ. නැත්තම් වෙන වින්නැහිය හිතද්දිත් මාව හිරිවැටෙනවා. මං නම් තාම තනිකඩ කිඹුලෙක්. කිඹුලන් කන්න මං ගොඩක් ආසයි.ඉස්කෝලෙ කැන්ටිමේ නානාප්‍රකාර ජාති අතරෙ ඇහැ යන්නෙම කිඹුලන්ට.පිටේ සීනි කැට වැඩිපුර තියෙන කිඹුලෙක්ම පෙන්නලා මේක මේක කියලා ඉල්ලනවා... අපේ අය්යත් කිඹුලන්ට ආසයි. අය්යා සමහර දාට එයාගෙ පොඩි උන් තුන්දෙනාට කියලා කිඹුලන් දුසිමක් විතර ගේනවා. දුසිමෙන් තුනක් උන් තුන්දෙනාට දීලා අනිත් කිඹුල්ලු සේරම විනාඩියෙන් දෙකෙන් බඩට දාගන්නවා. කිඹුලන් කොයි තරම් රසද. කිඹුලා ටීෂර්ට් අඳින්න මං ආස නෑ. ඇයිද මන්දා. ඒවා ගන්න හිතෙන්නෙ නෑ. අපේ ගෙදර තිබුණා කිඹුලා උදැල්ලක්. කපන්න කපන්න මුවහත ගෙවුණ එකක්.ආන් ඒ වගේ අපට දුකක් කරදරයක් වුණාම කිඹුල් කඳුළු හෙලන අය ඕන තරම්. එයාලා පව්. දැන් මේ මගේ කාඹරේ බිත්තියෙත් ඉන්නවා පොඩි පහේ කිඹුලෙක්. චුක් චුක් චික් චික් ගගා කියන්නෙ දැං උඹ ලයිට් නිවලා නිදහන් කියලා වෙන්ටැති.ඌටත් නිදන්ඩ ඕනෑ ඇති.එහෙනම් good night 😁 🐊 - සංජය වික්‍රමාරච්චි -මේ මගෙ පළවෙනි කතාව, Kirineliya Gamage Ananda මහත්මාගේ ගෞරවනීය ඉල්ලීමකට අනුව මෙහි පල කරමි. "සුපුන් කියන ලමයට විදුහල්පති කාමරයට එන්න කිවුවා..."විවේක කාලයෙන් පස්සෙ එළඹුණු ලලිතා මිස්ගෙ රසායන විද්‍යාව පංතියෙ අධ්‍යන කටයුතු අතරෙ හදිසියෙම ගොඩ වැදුණු උපාලි මාමා මිස්ට කියනව ඇහුනෙ හීනෙන් වගේ..... අලුත් පාසලට ඇවිල්ල මාස හයක් යන්නටත් කලියෙන් මගේ නම කියලම කතා කරේ මොකටද කියල හිතා ගන්න බැරිව පංතියෙ උනුත් උඩ බිම බලනව.😮 නම වැරදිලා වෙන්න ඇති කියල හිතල මම බොහොම තැන්පත්ව ඊළඟට මොනව වෙනවද කියල හිතාගන්න බැරිව දෙලොවක හිර වෙලා ඉන්න වෙලාවෙ ,හරි පුතේ අද උඹට බඩු හරි කියල පිට රත් වෙන්න ජනාතය පහරක් ගහනකොට වේවැල් පාරක් කෑව හා සමාන බයක් දැනෙන්න ගන්නව.. "හරි පුතේ ඔයා යන්න සුපුන්" .... කියල ලලිත මිස්ගෙන් අවසරය ලැබුනත් මට යාගන්න බැරිව අත පය අගුලු දමල වගේ මහා භයානක හැඟීමක් දැනුනෙ ඒ වෙනකන් මම විදුහල්පති ඉදිරියට ගිහින් නොතිබුණු නිසාම වෙන්න ඇති , කලින් කුමාරතුංයේ සුමනපාල විදුහල්පති තුමාගෙන් එකම එක වරක් පමණක් පස්සා පැත්ත රතු වෙන්න මුලු පංතියම හවුලේ කෑ ගුටිය හැරෙන්නට සා/පෙ දක්වා වෙනයම්ම හෝ දඬුවමකට ලක් වූ අවස්ථාවක් ඉතිහාසයේ නොමැති මට විජිතයට පැමිණ මාස හය ඉක්මයන්නටත් මත්තෙන් වැටුණු ගිනි ගෙඩිය කුමක්දැ සිතාගත නොහැකිව ගල් ගැහෙනව.. රංජිත් සර්ගෙ උදැසන විනය කමිටුවේ පරීක්ෂාවන්ට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හසුවෙන අතර අපේ උන් බේරීම සඳහා සහ ෂෝටි ලීවී දැමීමට අධ්‍යාපනේ හෝ කැලේ දොරටුව භාවිතා කිරීම සිරිතක්,උනත් සුපුරුදු පරිධි ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට ආපු මම හසු වූ එකම වරද වුනේ තාත්තාගේ කාකි පැහැ අමතර පොලිස් මේස් දෙකක් පැළඳීමම පමණි... නමුත් එදින රංජිත් සර්ට වගේම ජයදේව සර්ටත් නෙත ගැටුණු නමුත් පාසලට ඇතුලු වීමට එය බාධාවක් නොකර යන්න දෙනව සැබැවින්ම එවන් කුඩා දෙයකට මා ව්දුහල්පති කාමරයට ගෙන්වන්නේ නම් එය ව්හිලුවකි..... "අඩෝ උඹ අර පොඩි කෙ⁣ල්ලොන්ට ටෝක් කරනවා කියල බොසාට ආරංචි වෙලා උඹට දඬුවමක් දෙන්න වෙන්නැති" කියල ජෝතියා කියන⁣කොට හිතේ තිබ්බ බය එක පාරටම අතුරුදහන් වුනේ පන්තියම එක වර හිනා වෙන නිසයි... මානසිකව පීඩාකාරී බහුතර සම කාලීනයන් පිරිසක් සමග ස/පෙ දක්වා ආ කටුක පාසල් සමයට සමු දී විජිතයට පැමිණීම මා ලද විශාල ජයග්‍රහණයක්ම වන බව මෙවන් අවස්ථා වලදී යලිත් පසක් කරමින් ජෝතිගේ විහිලුවෙනුත්, තිසරගේ ,රවිඳු ඇතුලු සියලු දෙනාගේ අස්වැසීමෙනුත් මම ලද සුවය සපත කරවනව...... "පලයන් බං , මොකක් හරි කතා කරන්න වෙන්න ඇති, බය නැතිව පලයං" ....යන අස්වැසිල්ලෙන් ලද පන්නරයත් සමග ගැඹුරු හුස්මක් ගෙන ගමන් ආරම්භ කර මට කාර්යාලයට යාමට තප්පර දෙක තුනක් වත් නොයන්නට ඇති..... කාර්යාලය අසලටම ගොස් නැවත හැරී බලන්නට සිදු වූයේ ඉන් පසුව කල යුත්තක් ⁣සිතා ගත නොහැකිවය.... තෝල්කයා වන් උපාලි මාමා තවමත් රසායන විද්‍යාගාරයෙන් කැන්ටිම දෙසට බහිනව (මෙම කතාව ලියනා විටදී ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක පාසලේම කාමරයක සිටිනා බව කණගා⁣ටුවෙන් යුතුව ප්‍රකාශ කල යුතුය.) උපාලි මාමාගේ පිට පොට ගිය අතින් කරන ලද සනින් කියවුනේ විදුහල්පති කාරියාලයට මා යා යුතු බව නමුත් එක වර ඇතුල් වීමට ඇති බිය නිසාම දොරටුවෙන් අඩක් පමන වන තෙක් ඇතුළතට පෙනෙන විදිහට හිට ගන්නව....... ඒ ක්ශණයෙන් හුරු පුරුදු කටහඬකින් "එන්න සුපුන් , අපි ඔයා එනකන් තමයි බලන් හිටියෙ" කියල බොහොම උද්යොගයෙන් කවුවෙ කෘෂි විද්‍යා ඒකකය භාර සේපාල සර් කියල අඳුරගන්න මට වැඩි වෙලාවක් යන්නෙ නෑ...එතැන තව බයෝ උගන්නන පතිරණ සර්,පංති භාර මුණසිංහ සර් ශ්‍රේණි සහ ව්ශය භාර රංජිත් සර් එක්ක සෙනෙවිරත්න සරුත් ඉන්නව..... "සුභ උපන්දිනයක් වේවා පුතේ".. මගෙ ෆයිල් එකත් අතේ තියාගෙන එහෙම කිවුවෙ ජයදේව ව්දුහල්පති තුමා...මට හිතාගන්නත් අමාරුයි මේ මොකක්ද වෙන්නෙ කියල... "අද පුතාගෙ උපන්දිනය නේද " සර් ආයෙත් කතාව ඇරඹුවා.ඒ කියනකම් උපන්දිනය ගැන මතකයක් මටවත් තිබුනෙ නැති එක ගැන හරි පුදුමයි ... "ඔව් සර් " "සුපුන් ඔයා ලොකු වැඩක් කරල තියෙනව ,අපි ඔයාව ගෙන්නුවෙ ඒකට, අපිට ඒක පෙන්නන්න පුලුවන්ද ...?"ජයදේව සර් එහෙම ඇහුවත් මට එක පාරටම හිතාගන්න බැරි වුනා මොකක්ද මේ කියන්නෙ කියල.... "පුතේ ඔයා උදේ ගෙනාව tissue culture කරපු පැලේ පෙන්නන්න " කියල සේපාල සර් කියනකම් අංදුං කුංදුං වෙලා හිටපු මම එක පාරටම"හරි සර් " කියල කඟවේනෙක් වගේ පංතියට දිවුවෙ මාස ගානක ප්‍රතිපලයක් විදිහට සාර්ථක වුන පටක රෝපිත අර්ථාපල් පැලය අරගෙන පෙන්නන්න..... මගේ ඉහේ මලක් පිපුනා වගේ...අවුරුදු ගාණකට පස්සෙ ගමේ ගිහින් මහඉලුප්පල්ලම farm එකේ කෘෂි ප්‍රකාශන අලෙවි කුට්යෙන් "නිවසේදීම පටක
රෝපණය "කියන පොත අරගෙන මම මේක කොහොම හරි කරනව කියල පිස්සුවෙන්වගේ හැමෝම ඉස්සරහ මම කිවුව හැට් අදටත් හොඳට මතකයි...කිවුව වගේම ඊට මාස තුනකට පස්සෙ මගේ අත්හදාබැලීම සාර්ථක වෙනව......ඒ අසාර්ථක වුන පටක දහ තුනකට පස්සෙ..... පංති යන්න දෙන සල්ලි වල ඉතිරිය, පොල් ඉරටු සුද්ද කරල ගන්න සල්ලි, කුඹුරෙ වැටුණු වී කරල් වලින් එකතු කරල ,කඩේට තෝසෙ හදල හොයාගත්ත සල්ලි වලින් යන්තං වැඩේ කරගන්න සල්ලි හොයාගත්ත, මදි වෙන ගාන අම්ම කොහොම හරි කරල දෙනව.එදා විද්‍යගාරයක් විදිහට මගේම අතින් හදාගත්ත ඒ පුංචි කාමර කෑල්ල මාව පෙදරේරුවෙක් වගේම වඩු කාර්මිකයෙක් කරා... . අන්තිමේදී සාර්ථක වුන පටක රෝපිතයත් අරගෙන උදෙන්ම ගියේ වර්ණසිරි පතිරණ සර්ව හම්බ වෙන්න,සර්ගෙන් හොඳක් අහන එක ගලෙන් පට්ටයක් ගන්නවටත් වඩා අමාරු දෙයක් වුනත් අඩු ලුහඬුකම් ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම හොඳට කියල දෙන්න තරම් ඒ සර් නිහතමානී වුනා.... ඊ ලඟට ගියේ සේපාල සර් ලඟට ,සර් දැක්ක ගමන් පුදුම උණා, සර්ට ගොඩක් සතුටුයි ඒ පටක රෝපිත භාජනය දැක්කම.සේපාල සර් තමයි මේක විදුහල්පතිතුමාට කියල තියෙන්නෙත්...⁣ ඒත් එක්කම ⁣සර්ට ලොකු පොටක් පෑදෙනව...ඒ සියලුම පහසුකම් වලින් සමන්විත කෘෂි විද්‍යාගාරය භාවිතයට ගන්න... සර්ගෙ ප්‍රධාන විශය වන මෘදු තාක්ෂණවේදයට පාසලෙන් වෙලාවක් වෙන් නොකිරීම නිසා විශ්‍රාම යන්න ආසන්නව හිටපු සේපාල සර් හරිම කනස්සල්ලෙන් හිටියෙ....හැබැයි මේ පුංචි පටකය නිසා කෘෂි විද්‍යාගාරය ගැන ගොඩක් අයගෙ අවධානය යොමු වුනා...පසුකාලීනව තාක්ෂණ විශයධාරාව විජිතයට ගෙන්නත් හේතුවක් විදිහට මේ සිද්ධිය මුල් කොට දැක්වුවා.ඒ වෙනුවෙන් තාක්ෂණ විශයධාරාව ආරම්භක දිනයේ මටද ඒ කෙටි උත්සවයට ආරාධනාවක් ලැබුණා.... ඉගෙනගන්න ආසවක් මගේ හිතේ නැතත් අලුත් අලුත් දෙවල් කරන්න මගේ තිබුණ පිස්සුව නිසාම සමහර හොඳ දේවලුත් උනා කියල මතක් වෙද්දිත් හරි සතුටක් දැනෙනව... "අන්තිමට පටක රෝපණය සාමාන්‍යකරණය " තමයි මගේ කේවල ව්‍යාපෘතිය වුණෙත්,මාස ගාණක් මහන්සි වුණත් වැඩේ සාර්ථක කරගන්න බැරිවුණා....දවසක් ගෙදරටත් හොරෙන් පංතියක් කට් කරල තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය හොයාගෙන යනව පටක රෝපණය ගැන දැනගන්න.බස් කීපයකම අතරමං වෙලා යන්තං තැන හොයාගත්තත් මට ලැබුණෙ අත්පත්‍රිකා කිහිපයක් විතරයි, එදා ඒ නිලධාරීණිය නැහැලු. ආයි එන්න බලනකොට තෙලිජ්ජවිල ඉඳල මාතරට එන්න රුපියල් 20 ක් විතරයි අතේ තිබුනෙ , මහත්මා ගති ඇති කොන්දොස්තර මහතෙක් නිසා යන්තම් ගෙදරටම එන්න පුලුවන් වුනා...❤️2013 තෙලිජ්ජවිල කෘෂි ප්‍රදර්ශනය බලන්න ආවෙත් ඒ වගේ පංති 2ක් කට් කරල,දවසෙම ඇවිදල මට අවශ්‍ය තොරතුරු ටික වගේම අමුද්‍රව්‍ය වගේම free samples වගයකුත් ලැබෙනව... අවශ්‍ය පො⁣හොර සහ හෝමෝන හොයන්න මාතර පුරා අැවිද්ද හැටි මතක් වෙනකොටත් පිස්සු වගේ,ඒ අතරෙ තමයි මාතර ඇග්‍රො සෙන්ටර් එකේ සමන් අයියව මුණගැහෙන්නෙ, ඒ කාලෙ හක්මන පාරෙ පුංචි කඩයක් එයාට තිබුනෙ ,එයා මට හැමදෙයක්ම හොයල දෙන්න මහන්සි වුනා,"මල්ලි වැඩේ පටන්ගන්න..හදන පැල ඔක්කොම උනත් මං ගන්නම්" කියල...නිතර නිතර කෝල් කර අහනව "මල්ලි කොහොමද වැඩේ , සාර්ථකද ?" කියල.,....කම්මැලිකාරයෙක් උන මට ඒ වදන් නිසා මේක කොහොම හරි කරන්න ඕන කියන අදහස ආවා... කම්පියුටරයක් ඔන් කරන්නවත් දන්නෙ නැති මට ව්‍යාපෘතියෙ පිටකවරෙ හදල දුන්නෙ Pulsara Wishmin ❤,පිරිත් මණ්ඩපයක කැටයම් කපල හම්බ වුන රුපියල් 750න් chip readerයකුයි memory chip එකකුයි අරගෙන තමයි පිට කවරෙ print කරන්න document එක අරගෙනාවෙ... මුලින් මම පිස්සෙක් කියල දැකපු ගොඩක් අය පස්සෙදි පුදුම වෙන්න ගන්නව... "උඹ නං යකෙක්නෙ.උඹට ඉගෙනගන්නත් ඔය වගේ උනන්දුවක් තිබුන නං...." තංගල්ලෙ පංතියෙදි හමුවෙන සූරියවැවේ යාළුවෙක් මගේ ව්‍යාපෘතිය බලල එහෙම කියනව...මම කවදාවත් පංතියෙ අවදානෙන් නැති වගත් පාඩම් කරන්නෙ නැති වගත් මිනිහ දන්නව..😁 ව්‍යාපෘතිය භාර දිය යුතු කාලය ලං වෙනව, ඒත් මට අවසන් කරන්න බැරි වෙනව, මොකද ඒ දක්වා ව්‍යාපෘතියට අදාල මගෙ අත්හදාබැලීම් සියල්ල අසාර්ථක වෙනව, පස්සෙ කරන්න දෙයක් නැති තැන ව්‍යාපෘතිය අසාර්ථක බවත් ,අසාර්ථක වීමට හේතුත් සඳහන් කරල ව්‍යාපෘතිය භාර දෙනව...මගේ අකුරු හකුරු වගේ..මට හරියට වරදිනව, කැපිලි කෙටිලි හැම තැනම,ඉතිං වාර්තාව සමහර තැන් වල රතු පෑනෙන් වැරදි සටහන් වෙනව....සාමාන්‍ය කුසලතාවයක් ලෙස ඇගයුම ලැබෙනව.... අනුන්ගෙන් හොරකම් කරපු ව්‍යාපෘති වලට ලැබුණු ඇගයුමක් තරමටවත් නුසුදුසු වෙනව...😔 පටක රෝපණ ස්වයං රැකියාවක් තුලින් රටම බබලන්න හීන මවපු මට ඒ අදහස අදටත් වහ කදුරු වෙනව...ඒ ව්‍යාපෘතියත් කොපියක් කියල හිතන්න ඇති සමහර විට කොහොම උනත් ඒ ඉගනගත්තු දැනුමේ වටිනාකම කියල නිම කරන්න බෑ...ඉගෙන ගැනීම සහ ස්වයං අධ්‍යනය කියන වචන දෙකේ තේරුම හරියට දැනගත්තෙ මේ සිද්ධියෙන් පස්සෙ.....අද මේ දක්වා ආ ගමනේ ලද සෑම ජයග්‍රහණයකටම මෙවන් ඉතිහාසයක් තුලින් ලද අත්දැකීම් ඉවහල් වූ වග නම් නොසඟවා කිව යුතුමය.....හැන්දෑව අම්ම දවස තිස්සෙම නා නා ප්‍රකාර වැඩ. තාත්ත උදේ ඉඳං මැරිල මැරිල ගෙදරට එන්නෙ හවස් වෙලා. අයියල තුන් දෙනාට දවස තිස්සෙ රෝන්දෙ ගහල හවස් වෙද්දි ගෙදර මතක් වෙනවා. මට නෑනෙ ඔයාකාර වැඩ. ඒ හිංදා මං උදේ ඉඳං රෑ වෙනකං ගෙදරමයි ඉන්නෙ. කොහේ කියල යන්නද? ගියත් උපරිම එහා ගෙදරට ; දයා නැන්දගෙ ගෙදරට තමයි. එතනිං එහාට අඩියක් තියන්න තහනං. ඔය කාලෙ මට අවුරුදු පහක් හයක් ඇති. ගමේ ගොඩාක් ගෙවල්වල උදවියගෙ දවසේ හැසිරීම අපේ ගෙදර අයගෙ වගේම තමයි. උදේ ඉඳල හිස්වෙලා තිබුණු ගෙදර හැන්දෑ වෙද්දි ආයෙ පිරෙනවා. පිරිල ඉතිරිලා යනවා හවස හය හයාමාර වෙද්දි. කවියක් කියාගෙන .. 'දුවා' කියලා අඬ ගහගෙන මං ආසම තල් අරඹෙ ආච්චි කඩුල්ල පැනල එනවා. 'අම්මේ තල් අරඹෙ ආච්චි ආවා' ආච්චිගෙ හඬටත් වඩා හයියෙං මං කෑ ගහනවා. මට කෑ ගැහෙනවා. ඒ මං දකින්න ආසම කෙනෙක් නිසා වෙන්නැති. හැමදාම හවසට එයා අපේ ගෙදර. ඒත් මට ඇති වෙන් නෑ. එයා ආපු වෙලේ ඉඳං සතුටු ගඟ පිටාර ගලනවා. ආච්චි හොඳ කපුවෙක්. කපුකමෙං ජීවිතේ ගැට ගහ ගතිපු අහිංසක මනුස්සයෙක්. අකුරු බෑ. ලියන්න කියවන්න බෑ. කේන්දර කොපි උස්සං එන්නෙ අපේ ගෙදරට. ගෙනැල්ලා අම්මගෙං තමයි අදාල කෙනාගෙ නම ගම අහගන්නෙ. එක පාර කේන්දර කොපි තුන හතරක් ගෙනල්ලා අම්මගෙං අහගන්නවා. එක පාරයි කියන්නෝනෙ. ආයෙ වරදින් නෑ. ආච්චිට හොඳම හොඳ මතකයක් තිබුණා. ඉතිං ඔතන මනමාලියෙක්ගෙ කේන්දරයක් තිබ්බොත් අපේ අයියලගෙං බේරෙන්න බෑ. මනමාලිට නෙමේ.. තල් අරඹෙ ආච්චිට. ආච්චිව කොලොප්පමට ගන්නවා. ආච්චිත් ලෑස්තියි. සද්දෙ වැඩි වෙද්දි අහල පහල ගෙවල්වල අයියලගෙ යාලුවොත් එකා දෙන්නා අපේ ගෙදර. 'නැන්දේ ඔන්න අපිත් ආවා අදවත් මගුලක් කර ගන්න' කියලා අපේ අම්මට කියනවා. 'කර දඬු උස් උනා විතරයි. මෙතන මගුල් විසේ' අම්මා හිනාවෙන ගමං වාඩි වෙන්න පුටුවක් හරි බංකුවක් හරි හොයා දෙනවා. 'තල් අරඹෙ ආච්චි දෑවැද්දට මොනවයි දෙන්නෙ?' අයියල අහනවා. ආච්චිත් ඔහේ කියෝගෙන යනවා. 'හරි දෑවැද්දෙං ඇඩ්වාන්ස් එකක් ගන්න බැරි වෙයිද? එහෙම පුලුවන් නං හෙටම බලන්න යං' අයිය කෙනෙක් අහනවා. ආච්චිට කේන්ති යනවා. 'මුදලාලිගෙ කඩෙං බඩු ගන්නෝ වගේද ගෑණු ගන්නෙක' ආච්ච් තරහෙං අහනවා. 'කඩේ තියෙනව නං ඔහේගෙං අහනවයැ' අයියල උත්තර දෙනවා. ඒ අස්සෙ හොඳ ඉඟුරු පුසුඹක් නාහෙට කුචි කවනවා. අම්මගෙ කේතලේ දුං දානවා. වට මේස සාකච්ඡාවට අම්මා තේ පැං සංග්‍රහ කරන්න ලෑස්ති වෙනවා. 'හැලප ගෙඩි දෙක තුනක් තිබ්බා. මං ඇන්න එන්නං' ආච්චි ගෙදර දුවනවා. දෙක තුන .. හතර පහක් වෙලා ආච්චි එද්දි. ආච්චි හැමෝටම සමානව බෙදා දෙනවා. ඉගුරු තේ එකයි .. හැලප කෑල්ලයි .. මා ප්‍රිය කල්ලියයි .. කවදාවත් අමතක කරන්න බෑ. ඒ ඇඳිරි වැටිච්චි හැන්දෑවෙ බූමිතෙල් ලාම්පු එලියෙං බූරු ඇඳේ ඈඳිගෙන එක එකාගෙ ඇඟේ ගෑවී ගෑවී හිනාවෙවී කාපු බීපු ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ. ඒ ආච්චිලා ආයෙ හම්බෙන්නෙ නෑ. සතුටු සාමීච්චියට කීං ගාගෙන එන මදුරු උන්දැල බාදා කරනවා. චටස් පටස් ගාලා මදුරුවො කම්මුතු කරන සද්දෙ දෙතුන් පාරක් ඇහෙද්දි තාත්තා දුම් හට්ටිය පත්තු කරනවා. පොල් ලෙලි ටික දුම් ගහගෙන පත්තු වෙද්දි ඒ හට්ටියටම මදුරුතලා කොළ ටිකකුත් තාත්තා දානවා. මදුරු හප්පල ටික ටික අතුරුදහන් වෙනවා. 'ආච්චියෙ ඵොටෝ නැද්ද? තිබ්බා නං වැඩේ මාර ලේසීනේ. එතකොට ඔහෙට බෑ නංගි පෙන්නල අක්ක දෙන්න' 'කවද්ද මං එහෙම කරේ? මොන එකාද? මොන එකීද උඹලට එහෙම කිව්වෙ? දැං එක්ක වරෙං අගිස්සවන්න' ආච්චි කේන්තියෙං කෑගහනවා. 'අනික රූප සුන්දරියො හොයන්න උඹලා ජෝතිලා ගාමිණීලද? මගෙං හොඳවයිං දෙකක් අහගන් නැතුව හිටහල්ලා' ආච්චි පරල වෙනෝ. 'රූපෙට වහ වැටෙන්නෙපා ළමයො. ගති ගුණේ බලන්නෝනෙ. කෙලේගුණේ බලන්නෝනෙ' ආච්චි අවවාද කරනවා. 'වැඩක් නෑ ආච්චියෙ. කෙලේ ඇති ගුණේ මොකද්ද? ගඳ මිසක්කා. ගඳ ගෑණු එක්ක මක් කරන්නද?' 'කියන බිබික්කම තේරෙන් නෑනෙ මුංට. උපහැරණයක් තේරුං බේරුං කර ගන්න බැරි උඹල කොහොමෙයි පවුල් කන්නෙ?' ආච්චිගෙං කඩයිම් ප්‍රශ්ණයක්! 'හොඳට තියෙන පවුල් කන්නෙ ඔහෙල වගේ හොර කපුවො තමයි' අයියල උත්තර බඳිනවා. 'මං කිව්ව කියල හිතා ගනිල්ලා' ආච්චි යන්න නැගිටිනවා. 'හෝව් හෝව් නැන්දෙ. ඔහොම ටිකක් ඉන්න. මට පොඩි කාරණාවක් තියෙනවා අහන්න' ආච්චිව නවත්තගන්න ගමං තාත්ත කියනවා. 'නැන්දෙ ඔහෙට බැරිද මට අවුරුදු තිහ හතලිහෙ ඉටි රූපෙ වගෙ ගෑණු පරාණයක් හොයල දෙන්න?' තාත්තා අහනවා. 'අර මොකටෙයි පහං පත්තු කරන්නෙයි' ආච්ච් ඔරෝනවා. 'නෑ නෑ පහන නිවෝ ගන්න' අයිය කෙනෙක් පැනල උත්තර දෙනවා. හක හක ගාලා හැමෝම හිනාවෙනවා. ඕකෙ මක්කයි අනේ හිනාවෙන්න තියෙන්නෙ? අපේ සද්දෙ වැඩි වෙද්දි පහල ගෙදර තුංගසිරි මාමාත් හීං සැරේ අපට එකතු වෙනවා. එයා නොදන්න දෙයක් නෑ. කියලයි එයා හිතන්නෙ. එයා එන්නෙ රේඩියෝ එකේ හයේ ප්‍රවෘත්ති අහල ඉවරවෙලයි. ටැං ටැංට ටුං ටුංට ... කියල මියුසික් එක ගිහිල්ලා 'මෙන්න සන්ද්‍යා ප්‍රවෘත්ති. ප්‍රකාශය රම්‍යා වනිගසේකර' කියන ගැඹුරු හඬිං හවස හයට වෙළඳ සේවෙ ප්‍රවෘත්ති කියන්න පටං ගන්නවා. එයා ලස්සනට ගාම්බීර ව
ිදියට කියෝගෙන යනවා. මෙලෝ හසරක් නොතේරුණත් ඒක ඉවරවෙනකං අහං ඉන්න මං හරී ආසයි. 'ඔය ඉලත්තට්ටුව ගමුකො ගුණරත්න' තුංගසිරි මාමා අපේ තාත්තට අණ කරනවා. තාත්ත බුලත් විට නොකෑවත් ගෙදරට එන යන උදවිය වෙනුවෙන් එයා ඒක මේන්ටේන් කෙරුවා. ගමේ හැම ගේකම වගේ ඉස්තෝප්පුවෙ කණප්පුවක් උඩ ඕක තියල තිබුණා. බුලත්, පුවක්, හුණු, දුං කොළ, එනසාල්, ඉඟුරු පියළිය ඕකෙ පිරිල තිබුණා. පැත්තකිං ගිරයත් තියල තියෙනවා. විට කන කෙනාට පුවක් කපාගන්න. ඉඟුරු පියළිය නං අඩු උනේම මම සැරින් සැරේ කාලා. පුංචි දැවිල්ලකුත් එක්ක හරිම රසයක් එයාගෙ තියෙන්නෙ. මාමා විඩිං විඩේ සබාවෙං නැගිටලා පැත්තකට ගිහිල්ලා තොල් දෙක මැදට ඇඟිලි දෙක තියලා චිරිස් ගාල කෙල ගහල එනවා. ඒක නං මට පේන්න බැරි වැඩක්. අපේ අම්මට ඒකට තරහ යන්නෙ පහුවෙනිදා උදේට. මිදුල අතු ගාද්දි. ඔහොම ඔහොම හත විතර වෙද්දි තවත් කාණ්ඩයක් එනවා. නිකම්ම නෙමේ. පස්සෙ ලයිට් පත්තු කරගෙන. රංචුවක්ම. කලුවර ඇඳිරියෙ ඒගොල්ලො කැපිල පේනවා. එහෙට මෙහෙට පාවෙන කහ පාට බල්බ් වැල් ගොඩක් මට කතා කරනවා. මං බෑ කියන් නෑ. පස්සෙං පන්නනවා. පන්නන ගමං අල්ලගන්න උත්සාහ කරනවා. කම්මැලි කණාමැදිරියෙක් මට අහුවෙනවා. අතේ ගුලි කරං ඉඳලා උඩට වීසි කරනවා. 'පවු වැඩ කරන්නෙපා පුංචි පුතා' අම්මා බාද කරනවා. ඒකෙං මෙල්ලවෙන මම ආපහු ගෙදෙට්ට පල්ලම් බහිනවා. පුරුද්දට වගේ අතේ සුවඳ බලනවා. කණාමැදිරි ගඳයි. හීං සැරේ කලිසමේ අත පිහිදගන්නවා. 'පුංචි පුතා ගිහිං අත හෝදන්න' අම්මගෙං බේරෙන්න බෑ! අම්මා රෑට උයන ගමං හැමෝටම කන් දීගෙන ඉන්නෙ. හැමෝටම ඇහ ගහගෙන ඉන්නෙ. එහෙමයි කියල එයා අතිං ඉදෙන කෑමක රහ අඩු උනේ නෑ. ගොඩක් වෙලාවට රෑට අම්ම අතිං හැදුනෙ රතු බත්, පොල් සම්බෝල, කරවල තෙල් දාලා. තව පරිප්පුයි. මගේ බලවත් ඉල්ලීමට සමහර දාට පපඩම් බැදෙනවා. රවුම් පපඩම කෑලි වලට කඩන්නෙ මම. අමු පපඩමෙං එන උඳු පිටි සුවඳට මං ආසයි. ඉබේටම අමුවෙන්ම කෑල්ලක් කටට යනවා. අම්මා බණිනවා. 'අම්මෝ නැන්දෙ සුවඳ' අයිය කෙනෙක් කෑ ගහනවා. 'රෑට කාලම යමු පුතේ' අම්මා කියනවා. 'අම්මේ අපි ගාල්ලෙ ආත්තලයි ගෙදර යනවා. ඇවිල්ල කන්නං' අපෙ අයියල කියනවා. අයියල රංචුව පාරට බහිනවා. ටී වී බලන්න යන්න. ඒ ගමන මට කැප නෑ. 'පුංචි පුතා එන්න බත් කවන්න' අයියල ආපහු එද්දි මං නිදි.දුක! මා අසා ඇතිපරිදි මහගම සේකර ශූරීන් මිය යන විට සිය ආචාර්ය උපාධිය සදහා නිබන්ධනයක් පිළියෙළ කරමින් සිට ඇත . ඒ කියවුණු විදිහට මාතෘකා ව අකුරු හතර ක තනි වචනයක් වූ විශ්මිත එකකි . ඔහුගේ පර්‍යේෂණ නිබන්ධනය ' රිද්මය ' යි. කල්පනා කර බලතොත් මුළු මහත් විශ්වයේත් මනුෂ්‍ය ජීවිතයේ ත් පැවැත්ම රිද්මය යි. අපේ හදවත ගැහීමේ "ලබ් " "ඩබ් " හඩ එන රිද්මය වෙනස්වීම මරණය ට හේතු වක්‍ ය. ලෝකයේ චලිතයෙ රිද්මය වෙනස්වීම ලෝක විනාශය කි. එසේම යම් හෙයකින් මේ කාලයේදී අප මහා තථාගතයාණන් වහන්සේ ජීවත් වැ සිටියේ නම් , උන්වහන්සේ එක්කෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දි නැතිනම් ජපුරේ හෝ කැලණි යේදී සිය ආචාර්ය උපාධිය සදහා ප්‍රර්‍යේෂණ නිබන්ධනය ලෙස නිසැකවම තෝරා ගන්නා වූ නිබන්ධනයේ නම අකුරු දෙකක වචනයක් වනු ඇතැයි කිතුණුවෙකු වූ මට සිතේ. "දුක" යනු ඒ පර්‍යේණ කෘතිය යි. මා එසේ පවසන්නේ දුක පිළිබඳ ව හොදම විශ්ලේෂණය මේතාක් සිදුකොට ඇත්තේ උන්වහන්සේ නිසාය . දුක ඇතිවීමට හේතු වත් දුක නැති කරගැනීමේ මාර්ගයත් සමස්ථ ලෝක වාසීන්ට පෙන්වාදුන් වෙනත් ආගමික ශාස්තෘවරයෙක් නැති බව මගේ වැටහීමයි. "නිර්මල ථේරවාදී බුදු දහම නොනැසී පවතින රටකි "යන සන්නාම ය අපේ ය. එහෙත් අප බොහෝ දෙනෙක් දුක නැති කරගැනීමට විවිධ මාර්ග සොයා යන බව පෙනේ. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඇත . නිදසුනක් ලෙස පට්ට බේබද්දෙක් කියන්නේ තමා බොන්නේ දුක නැති කර ගැනීමට කියාය. ගොළු හදවතේ සුගත් බිව්වේ දුක නැති කරගැනීමට ය. එහෙත් එදා මෙදා තුර බීමෙන් දුක තව වැඩි වුනා මිස නැති වුනේ නැත . ඇමෙරිකාවේ වෙසෙන කිතුණුවෙකු වූ මගේ ආදරණීය පාසැල් මිත්‍රයා , රිචඩ් රත්නායක දීර්ඝ කාලයක් තිස්සේ බුදු දහම ගැඹුරින් හදාරන අයෙකි. ඒ සම්භන්ධ පත පොත බෙහෙවින් පරිශීලනය කොට සේම ලෝ ප්‍රකට යතිවරුන්ගේ සද්ධර්ම දේශනා වලට සවන් දී ඇති කරගත් ජීවිතාවබෝධය නිසා හේ ඉතාමත් සතුටින් ජීවිතය ගතකරයි . ඇතැම් විට පැය ගනන් ඔහු හා මා කල සාකච්ඡා වලදී අපි දුක නැති කරගැනීම ගැන කතා කරන්නෙමු . මා එය ඔබ සමග බෙදා ගැනීමට කැමැති ය. ඔහු කියන පරිදි කිසිම බාහිර පුද්ගලයෙකු ට අපට දුකක් ඇති කල නොහැකිය . සත්‍ය වශයෙන් ම ඔහු හෝ ඇය පිළිබඳ ව දුක ඇති කරගෙන තිබෙන්නේ අපි ය. බුදු දහමට අනුව ඒ පිළිබඳ කෙරෙන විග්‍රහය හරි අපූරු ය. ඕනෑම වස්තුව ක් පිළිබඳ ව පූර්ව නිගමනය ක් නැති නම් කිසියම් සැකිල්ලක් හෝ ' ෆ්‍රේම්' එකක් අපේ සිතේ ඇදගෙන එය ඔලුවට දාගන්නේ අපි ය. මිනිසුන් කළු සුදු වශයෙන් වර්ග කරන්නේ අපි ය. විවිධ හේතු කාරනා මත අප තවෙකෙකුට ලංවීමත් එසේම දුරස් වීමත් බොහෝවිට සිදුකරමු. තවද ආදරය සේම වෛරය ද සිතේ රදවා තබාගෙන සිටිමු. පුදුමය නම් මේ කිසිවකට අදාල වස්තුව හෝ පද්ගලයා සම්භන්ධ නොවීමයි. සැබැවින් ම මේ සියළුම සිතිවිලි අපේ ය.ඔවුන් ගේ නොවේය . අපි ඒවා අල්ලාගෙන සිටින ආකාරය යි. ඇත්තටම අප පිළිබඳ කිසිම උනන්දුවක් නැති , හැගීමක් නැති අයෙක් පිළිබඳ අපේ සිතේ මවාගෙන සිටින චිත්‍ර යක් හෝ අප හිසට දමාගෙන සිටින "ෆ්‍රේම්" එකක් දෙස බලන්න. අපි සිතන්නේ ඔහු හෝ ඇය අපි ට අතීශයින්ම ආදරේය කියාය . ඒ නිසා අපේ දුක සැප සොයා බලන්නේ ය, සුබ පතන්නේය . කන බොන දේ විමසන්නේය නැති නම් ගෙනැවිත් දෙන්නේය කියාය . එහෙත් ඒ තැනැත්තා ගේ පැත්තෙන් බැලූවිට ඒ ඕනෑම තැනැත්තකු අරඹයා ඔහු හෝ ඇයගේ ස්වභාවය යයි.. එහෙත් ඉතාමත් ලෙන්ගතුව සිනා සෙන ,කතා කරන ඇතැම් විට සිපවැළද ගන්නා ඔබේ මිතුරා හෝ මිතුරිය තුල ඔබ සිතනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සිතුවිල්ළ ක් හෝ වෙනස් අදහසක් හෝ ඔබ ගැන තිබිය හැක. මේ නිසා ඒ ස්වභාවය අනුව පසු කලෙක ඒ තැනැත්තා හෝ තැනැත්තිය තවත් අයෙකු සමග විවාහ වීමටද පුළුවන. එවිට ඔබ මහත් සේ දුකට පත් වේ. මෙතැනදී හැබෑවටම පෙර කී තැනැත්තා ඔබට කිසිම අනර්ථයක් සිදුකොට නැත .හරියට බැලුවොත් සිදුවී තිබෙන්නේ ඔබ විසින් ඔබවම දුකට පත් කර ගැනීම වේ. මෑතකදී එක්තරා උසස් රැකියාවක නියුතු ඉතාමත් ප්‍රියමනාප තරුණ යෙක් මට ඔහුගේ දුක කීවේ ය. සාමාන්‍ය යෙන් පෘථක්ජන යෙකුට ඉවසාදරාගෙන සිටීමට අසීරු කථාවකි ඒ. එකම ආයතනය ක සම නිළයක එකට සේවය කරන මේ පෙම්වතුන් යුවල අතර වසර කීපයක ඇසුරක් තිබුණේ ය එහෙත් විවාහ වෙමුයි කියන සෑම අවස්ථාවකම ඇය ඔහු මග හරී. අන්තීමෙදී දෙදෙනා සබදතාවය අත් හලහ. එය සාමකාමී බුද්ධි මත් වෙන්වීමක් ය. පසුව මේ තරුණ යාට මංගළ යෝජනාවක් ආවේය. ඔහු ඊට කැමැති විය. ඒ අනුව දෙපාර්ශවයේම එකගතාවය මත විවාහය සිදුකිරීමට පොරොන්දු දී මුදුමාරුකර ගෙන ඇදුම් පවා සූදානම් කරගෙන සිටියදී ඔහු සිය කාර්‍යාලයේ මිතුරු මිතුරියන් සමග විනෝද සවාරියක් ගොස් ගන්නා ලද සමූහ චායාරූප යක් මුහුණු පොතේ පලවීම නිසා ඊට අහේතුකව විරුද්ධ වූ විවාහ බස් දී සිටි තරුණිය ඔහුව අත් හැර දැම්මේය .ඊට ඇයගේ මාපියන් ද කැමැති වූහ. මේ අලකලංචි මැද යලි හිත නිවාගෙන සේවයට ආ ඔහුට කොහිල කටු ඇනෙන්න වූ යේ කාර්‍යලයේ දීය. ඔහුගේ කලින් පෙම්වතිය ඉංජිනේරු වරයෙකු හා විවාහ වීමට සූදානම් වැ සෑම විටම මොහුට ඇහෙන්නට සිය අළුත් පෙම්වතාගේ වරුණය සිය යහළු යෙහෙළියන් සමග ඔහුට ඇසෙන්නට පවසන්නීය . ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නාසේ වූ මේ පීඩාව ඔහු මට පැවසුවේ හිතනිවා ගැනීමටය. මා මගේ ඇමෙරිකානු මිත්‍රයා මට පෙන්වාදුන් දුක නැති කරගැනීමේ බුදු දහමේ සරල උදාහරණ ය ඔහුට පෙන්වාදුන් නෙමි. එය හරියට ම වැදුනේය. මේ අවස්ථා දෙකේදීම දුක ඇතිකරගැනීමට මුල්වී ඇත්තේ ඔහුගේ ම සිත මිස අර ගෑණු ළමුන් දෙදෙනා නොවන බව මේ තරුණ යා පිළිගත්තේ මට පිං දෙමින්‍ ය. මා ඔහුට කීවේ ඉරණම් කාරී හමුවෙන තෙක් අතහැර දැමූ ආචාර්ය උපාධිය කරන්න පටං ගන්න කියාය . දැං ඔහු ඉතාමත් ප්‍රිතියෙන් රැකියා ව කරමින්ම සිය ආචාර්ය උපාධිය ට සූදානම් වෙමින් සිටී. ඒ පිළිබඳ ව කුරාකූඹි මිනිසාට ඇත්තේ ලොකු සතුටක්‍ ය. ජයන්ත විජේසිංහබිරිඳ සමග කොල්ටේල්.🍷🍸🍹🥂🍻💃 හිසෙහි තුවාලයෙන් දරාගැනීමට බැරි වේදනාවක් දැනෙන මුත් එය පරයා ලජ්ජාව නිසා සිතෙහි ඇතිවන වේදනාව නැගඑයි. වාට්ටුවේ දොස්තරගේ නර්ස් නෝනාගේ සිට ඇටෙන්ඩන් දක්වා සියලුදෙනාම මාදෙස බලනුයේ වනචර අපරාධකරුවෙකු දෙස බලන්නාක් මෙනි. අද දහවල් මා බැලීමට පැමිණ සිටියේ මාගේ එක් හිතවතෙකු පමණයි. මේ සියල්ලටම හේතුව ෆේස්බුක්හි අලුතින් ආරම්භ වූ මත්පැන්පානය කරන්නන්ගේ ගෲප් එකක් බව කටක් ඇර පවසන්නේ කෙසේද. මත්පැන් පානයකරන විනෝදකාමී පුද්ගලයන්ගෙන් පිරි ෆේස්බුක් ගෲප් එකටට බැදී ටික කලක් යත්ම විශාල යහලු මිත්‍රයන් පිරිසක් හදුනාගැනීමට හැකිවිය. අපේ සතුට සහ උද්‍යෝගය වැඩිකිරීමට හේතුපාදක වූ තවත් දෙයක්නම් මේ ගෲප් එකෙහි වයින් ටිකක් බියර් පොඩියක් විශ්කි වඩියක් තොලගානා සුන්දර කතුන්ද සිටීමයි. යුරෝපයේ සහ එමිරේට්ස් ආදී රටවල රැකියාවල නියුතු මොවුන් ඉතා සුහදශීලී නිදහස් විනෝදකාමී ජීවිතයක් විදින්ණියන් ලෙස මම වටහාගෙන සිටියෙමි. මත්පැන් පානය කරන්නන් බොහෝදෙනෙක් බිරිඳගෙන් එය සඟවන්නෝය,එසේ නැතහොත් යහලුවන් සමග පිට ස්ථානවල විනෝදවී අවසන හිමිහිට නිවසට පැමිනෙන්නෝ වෙති බොහෝ බිරින්දෑවරුන් සැමියා මත්පැන් ටිකක් පානය කරනවාට කැමති නැත නව පරපුරේ යුවතියන් මත්පැන් ත
ොලගෑවාට අපේ යුගයේ එහෙම එකක් තිබුනේත් නැත. මේ නවනිංගිරාවට මූලික අඩිතාලම වැටුනේ ගෲප් එකේ මිතුරෙකු තම බිරිඳ සමගින් එකට මත්පැන් පානයකරන අවස්ථාවක ජායාරූපයක් පලකල පසුය.. බිරිඳ සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඩ්‍රින්ක් එකක් දැමීම වෙනම ලෙවල් එකක විනෝදයක් ගෙන එන බවත් ආදරය අවබෝධය පව්ලේ සමගිය එයින් වැඩිවෙන බවත් ගැහැනුන් මත්පැනින් මත්වූ විට ආදරණීය බවත් ශෘංගාරාත්මක බවත් ලිංගික කාර්‍යටත් එය මහා පිටිවහලක් බවත් ඒ සමග ලියා සදහන් කොට තිබිණි. ඉන් පසුව එකා පසුපස එකා මෙන් බොහෝ සාමාජිකයින් බිරිඳ සමග එකට බියර් එකක් පානය කරන අයුරු දෙදෙනා එකතුව කොක්ටේල් සාදා පානය කරන අයුරු දැක්වෙන චායාරූප ගෲප් එකෙහි පලකරන්නට විය. සමහර අවිවාහක ප්‍රේමවන්තයින් පවා මෙසේ චායාරූප පලකරන්නට වින. මගේ සිතේ ඒ සුන්දර සිතිවිල්ල පහලවෙංඩ ගත්තෙ ඔන්න ඔය දේවල් දැක්කට පස්සෙ. අඩේ මටත් පුලුවන්නෙ පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න නෝන එක්ක කියල. අදහස හිතේ මේරුවට පස්සෙ මම ඉතින් ඕකට හොරගල් අහුල අහුල තමා හිටියෙ ගිය ඉරිදා තමයි මම පොඩි පුතාව බොරුවක් කියල නෝනගෙ මහගෙදර යැව්වෙ එහෙ ඉදල පහුවදාට එංඩ කියල. මම උදේ ඉදංම වැඩේට සූදානම් උනා හොද වොඩ්කා බෝතලේකුයි කොක්ටේල් එකක් හදන්න අවශ්‍ය පලතුරු කලමනා ඔක්කොමයිත් අරගත්ත.ඉතින් බැබෑරුම්ම දේ නෝනාට මේ යෝජනාව කරන එකනේ එයා අරක්කු බොනවා තියා බොන තැනක ඉන්න කැමතිත් නෑ. හවස මම පලතුරු එහෙම කපල ජූස් එක හදල වැඩේට ලෑස්තිවෙනකොට තමා නෝන මේගැන ඇහුවෙ. "මොනවද ඔයා මේ පලතුරු කපාගෙන කසිප්පු බෝතලේකුත් තියාගෙන කරංඩ හදන්නෙ" "කසිප්පු...නිකං සවුත්තු කතා කියංඩ එපා හලෝ..කසිප්පු නෙමේ මේ වොඩ්කා රුසියන් කාරයෝ බොන්නෙ මේව තමා,මම මේ කොක්ටේල් එකක් හදන්න යන්නේ ඔයාටත් ටිකක් දෙන්නම්කෝ" "අනේ මගෙ බල්ලටවත් එපා ඔය කසිප්පු" ලෝකේ ඉහලම විශ්කි වර්ගය බිව්වත් ඈ උපහාසයෙන් පවසන්නේ කසිප්පු බොනවා යනුවෙනි. මට ගණදෙවි නුවන පහවන්නට ඒ හැටි වෙලා ගතවූයේ නැත.හොදින් කලවම්කල මිශ්‍ර පලතුරු වීදුරුවට වොඩ්කා යම් පමණකට දමා ඇයට කතාකලෙමි. "හලෝ මේ... මේ කොක්ටේල් මිනිස්සු බොන්නෙ තමංගෙ නෝනලත් එක්ක,මේක පලතුරුවලට මිශ්‍රකරල පොඩ්ඩයි බොන්නෙ.මගේ යාලුවෝනම් බොන්නෙ එයාලගෙ නෝනල එක්ක හරිම රසයි ඇගපතත් ලස්සනවෙනවලු මේව බිව්වම" "ආ..ඔයා ගෑනු කීදෙනෙක් එක්ක ඔහොම බීල තියනවද..." බිරිඳට මෙය වටහා දීම ලේසි නැත. "හරි හරි විකාර දොඩවන්නෙ නැතුව මේ ජූස් එක බොනවකෝ..." මේකටත් කසිප්පු දාල නේද තියෙන්නේ" "පිස්සුද අනේ ඕකෙ තියෙන්නෙ පලතුරු යුශ." පලවෙනි පලතුරු යුශ වීදුරුව බී සුලුවේලාවකින් ඈ දොඩමලු වන්නට විය. "මගෙ ඔලුවත් කැරකෙනවද මංද ඔයා මේකට අර කසිප්පු දැම්ම නේද.." "පිස්සුද අනේ ඔයාට මාව සැකද ආ මේං මේක බොන්නකෝ මේ වෝටර් මෙලන්." මා නැවතත් හොරෙන් වොඩ්කා දැමූ කොමඩු ජූස් එකක් ඈ අතට දුනිමි. මෙසේ සුලු වේලාවක් ගතවීමෙන් අනතුරුව බිරිඳ හොදහැටි මත්වී ඇති සැටි දුටු මට ලොකු සතුටක් දැනෙන්නට විය. ගෲප් එකට දැමීම සදහා චායාරූප කිහිපයක්ද ගතිමි. හොදහැටි මත්වී සිටි ඇයගේ මුහුනේ වෙනදා නොදුටු ලස්සනක් ඇතැයි මට සිතිණි..කම්මුල් රත්පැහැ ගැන්වී ඇත හිස්කෙස් රොඳක් මුහුනට වැටී එයට අමුතු සරාගී බවක් එක්කොට ඇත අද ආ මේ දකින ඇගේ අඩවන්වූ දෙනෙත්වල සුන්දරත්වය මා මෙතුවක් කල් නොදුටුවේ මංද... කොක්ටේල් වඩි කීපයකට පසු ඈ බඹන මතින් ටිකක් ආක්‍රමණකාරී ලෙස හැසිරෙන්නට විය.මිතුරන් බොන ගෲප් එකෙහි විස්තර කල ඔවුන්ගේ බිරින්දන් මෙන් මැය ආදරණීය හෝ සරාගී නොවීය. තවත් වීදුරුවක් පානය කරවීමෙන් ටික වේලාවකට පසු ඈ දත්මිටි කමින් මට බැනවදින්නට විය. "තමුසෙ අරකිත් එක්කත් මෙහෙම බොනව ඇති ඒක මතක්වෙලා තමයි තමුසෙ මේකට මාව අල්ලගන්න හැදුවෙ... මං තමුසෙගෙ සෙල්ලං දන්නෙ නෑ කියලද හිතේ,තමුසෙ කරන වැඩ මට හිතාගන්න පුලුවං තමුසෙ ඉස්සර යාලුවෙලා හිටපු අරකි එක්ක තාම කතාකරනව නේද..මම දන්නව සේරම." "ඔයාට පිස්සුද අනේ" "තමුසෙ මාව රවට්ටන්න හිතුව මදි ...,මම මෝඩයි කියලද හිතන්නෙ." යැයි කියමින් තදින්ම බැනවදින්නට විය පාසල් සමයේ මා හා ප්‍රේම සම්බන්දයක් පැවැත්වූ ගමේම යුවතියක් සම්බන්ධකොට අභූත චෝදනා නගමින් ඈ කෑ ගසන්නට වින. "මගේ එහෙම එකක් නෑ ඔය මගතොටදි දැක්කොත් කතාකරනවා එච්චරයි " "එතකොට ලගදි දවසක තමුසෙ ඒකිව කාර් එකේ දාගෙන ගියෙ නැද්ද" අප්පට සිරි මෙයා කොහොමද ඒක දැනගත්තෙ...ඇයව ලඟදී පාසල ලගට ගෙනගොස් බැස්වූ බව සත්‍ය උවත් එහෙම නරක සම්බන්ධයක් අප අතර දැන් නැත කිසිවෙකු එය බිරිඳගේ කනේ තියා ඇති හැඩයි. "ඕව බොරු කතා" මම පිලිතුරු දුනිමි බොරුකතා..බොරුකතා..කියමින් ඇය එක්වරම යක්ශාවේශයෙන් මා වෙත කඩා පනිමින් මගේ බෙල්ල අල්ලා මිරිකන්නට විය. "උඹ එක එක වේ...එක්ක නටංඩ නේද... උඹ දන්නෙ නෑ මගේ හැටි" හුස්ම හිරවී මරු විකල්ලෙන් සිටි මා ඇගෙන් ගැලවෙනු වස් ඉවතට පනිනවාත් සමගම ස්ටූලය බෝතල් වීදුරුත් පෙරලාගෙන හඬ නගමින් බිම පතිතවන්නට විය. ඒ සමගම බිම ඇදවැටුනු ඇගේ නලල කොහේ හෝ වැදී ලේ ගලා එන්නට වින. එය දැකීමෙන් වියරු වැටුනු ඈ.. "ආ උඹ මට ගැහුව නේද...මට ගැහුව නේද..මං දන්නව උඹට ඕනෙ මාව මරල අරකිත් එක්ක මගුල් නටංඩ හිටපං උබට..." බඹන මතින් කෑ ගසමින් ඈ මුලුතැන්ගෙය පැත්තට විසි වෙවී ගමන් කරන්නට වූයේ.මා ඇයට පහරදුන්නායයි බෙරිහන් දෙමිණි. මේ මගුලේ ගෲප් එකක තිබ්බ රෙද්දක් කරන්නට ගොස් මා කරගත් මෝඩකම ගැන පසුතැව්නෙමි... බිරිඳට හොදටම මත්වී ඇත අනිත් ගැහැනුන් බිව්වම රොමෑන්ටික් වනබව කීවාට මේ ගෑනී යස්සනියක් බවට පත්වී ඇත. පරන දේවල් ඇදගෙන රංඩුවටම සැරසෙයි. "උඹ මට ගැහුව නේද.... උඹ මට ගැහුව නේද... හිටපං උඹට" කියමින් මුලුතැන් ගෙයි තිබූ රෝලින් පින් එක අතැතිව මට පහරදීමට ඉදිරියට පනින්නට විය. බීමතින් උවත් ඈ ප්‍රථමයෙන් එල්ලකල වේගවත් පහරින් මට ගැලවීමට නොහැකි විය. ඒ පහර මාගේ නලල පුපුරවා දැමීමට තරම් වේගවත් විය. ඇගේ දෙවෙනි ප්‍රහාරය වලකන්නට ඈ වෙතට පනිනවාත් සමග ඈද පෙරලගෙන නැවත බිම පතිත වූයෙමි ඇගෙන් බේරීමට මා තැත්කල අතර මොන කරුමෙකට හෝ මට අසුවුයේ ඇගේ බෙල්ලයි. "මෙන්න මූ මාව මරණවෝ....ඕ..බේරගංඩ කව්රුත් නැද්දෝ...ඕ... මේකා මාව මරංඩ හදනවෝ.." ඇය බමනමතින් කෑ මොර දෙන්නට විය . මා ක්ශණයෙන් නැගිට වටපිට බලනා විට අසල නිවෙස් කීපයක බාල මහලු සියලුම දෙනා මා ඉදිරිපිට දිස්විය. "ධම්මික අයියේ මොන ප්‍රශ්න තිබ්බත් නෝනට ගහන එක හරි නෑනෙ." එකෙකු නොමනාපයෙන් කියන්නට විය. "එකට ඉන්න බැරිනං ඩිවෝස් උනානං ඉවරනේ ගැනුංට නොගහා." තා එකියක් මුමුණනු ඇසේ. "ඔයාල හිතන ජාතියේ දෙයක් මෙතන උනේ නැ." මම පැවසීමී "අපි සෑහෙන්න වෙලා ඔයාලගෙ ආගියුමන්ට් එක අහගෙන හිටියෙ දම්මික අපිට ඔක්කොම ඇහුන...චී චී කැතයි මේ වැඩ." අසල්වැසියන් විසින්ම කැදවූ 1990 ගිලන් රථයකින් එවෙලෙහිම මා හා බිරිද රෝහල් ගත කෙරිණි. දැන් සියලුදෙන සැක කරනු ලබන්නේ මාහට අනියම් සම්බන්දතාවයක් ඇතිබැවින් ඒ ගැන ඇතිවූ බහිම්බස්වීමකදී මා බිරිඳට බීමතින් පහරදී ඇති බවයි. මා ඇගේ බෙල්ල මිරිකාගෙන සිටිනු දුටුබවට අසල් වැසියෙකු බිරිඳගේ දෙමාපියන්ටද පවසා ඇති අතර. තවත් අසල්වැසි ගැහැනියක බිරිඳ හා මා අතර මාගේ පෙර ප්‍රේමවන්තියක් අරභයා බහින්බස්වීමක් සිදුවූ බව ගමෙහිම පතුරා ඇත. මෙයින් ගැලවීමේ මගේ එකම බලාපොරොත්තුව වූ බිරිඳටද මත්පැන් පානය නිසා පෙරදින සිදුවූ කිසිවක් මතක නොමැති අතර ඇයටද මතක තිබෙන්නේ මා ඇයට පහරදුන් බව පමනකි. සත්‍ය දන්නේ මා පමණකි.නමුත් එය ඇසීමට කිසිවෙකු හෝ සූදානම් නැත. ඇත්ත කිව්වොත් ලොකුමහත්තයට කියා සහනයක් ලබාදිය හැකිබව ටිකකට කලින් පැමිණි රෝහල් පොලීසියේ සාම් මහත්තයා පැවසූ අතර දවස් දෙකකට පසු මා බලන්නට පැමිණි එකම පුද්ගලයා වූ ගමේ මිතුරෙකු පැවසුවේ "අයියේ මේ බුරියානි එක කාපං මම ටක්ගාල යනව උබව බලංඩ ආව කියල මගේ ගෑනිට ආරංචි උනොත් මාත් ගෙදර වසලා හමාරයි යනුවෙනි." 😔😔😔 © Dhammika Wickramaarachchiඒ 1966 වර්ෂයයි. මහාචාර්ය සිරි ගුණසිංහ මහතා තමන් විසින් පලමු වරට අධ්‍යක්ෂණය කරන්නට නියමිත සිංහල චිත්‍රපටය සදහා නවක නළු නිළියන් සොයන්නට පුවත් පත් දැන්වීම් පල කරන්නට යෙදුන කාලයයි. පාසැල් වියේදීම සාහිත්‍යට ලැදි සහ මහාචාර්ය සිරි ගුණසිංහයන් විසින් රචිත සාහිත්‍ය කෘති කියැවීමෙන් ඒවාට නිබඳවම ඇල්මක් දැක්වූ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් නමුත් වැඩිදුරටත් අධ්‍යාපනය ලබාගන්නට තරම් වත්කමක් නොවුනු ශිෂ්‍යාවකට මේ දැන්වීම නෙත ගැටනි. එයට ඉල්ලුම් පත්‍රයක් යොමු කළ ඇයට සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට කොළඹ ලිපිනයක් සහිතව පිලිතුරු පතක් ලැබිණි. තමන් මෙතෙක් නවකතා පොත් මගින් පමණක් දැනසිටි මේ දැවැන්ත මිනිසා දකින්නට සහ කතාකරන්නට ආශාවකින් පෙලුන ඇය තම මිතුරියකගේ මවකට අයත් සාරියක්ද පටලවාගෙන කොළඹ යන්නට පිටත්වූයේ ගෙදරටත් නොකියාමය. නමුත් එහි ගිය විට ඇයට දකින්නට ලැබුණේ නේක වර්ණ විසිතුරු සාරි, ගවුම් වලින් සැරසී මුහුණේ ආලේපන ගාගෙන සම්මුඛ පරීක්ෂණය සදහා එතනට පැමිණ සිටි රූමත් තරුණියන් සමූහයකි. තමුන් සැරසී සිටි පරණ සාරියත් තම මූණේ ආලේප තබා පියරු ටිකක් වත් උලා නොගෙන පැමිණි ඇයට ඇති උනේ ලැජ්ජාවක් සහ මා මෙතනට නොසුදුසු යැයි හැගීමක්. නමුත් සිත දැඩිකරගත් ඇය තමුන්ගේ වාරය පැමිණි පසු ගොස් වාඩිඋනේ මහාචාර්යවරයා ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරිපිටයි. ඇයගේ හිසේ සිට පාදාන්තය දක්වා නිරීක්ෂණය කළ ඔහු ඇයගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. " ඔය ළමය තාම පාසැල් යන වයසේ ඉන්න දරුවෙක්. ඇයි මේ නිළියක් වෙන්න මෙහෙට ආවෙ..?" "නෑ.. මට නිළියක් වෙන්න ඕන නෑ." "එහෙනං මොකටද මෙහෙ ආවෙ..? " ඒ ප්‍රශ්නය නැවත ගුණසිංහ මහාචාර්යතුමාගෙන්. "මම ඔබතුමාගේ පොත් ඉස්කෝලෙදි කියවල තියනව." "ඒත් ඔබතුමා කව්ද.. මොනවගේද කියල පින්තූරෙකින්වත් දැකල නෑ" " ඉතින් මම ආවෙ රඟපාන්න බලාගෙන නෙවෙයි.. ඔබව බලල ඔබත් එක්ක කතාකරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න" මොහොතක් ඈ දෙස බලාසිටි ගුණසිංහයන්ට තේරුනේ ඔහු මෙතෙක් සොය සොයා සිටි සත්සමුදුරේ සෝමා අද ඔහුට
මුණගැහුණු බවයි. ස්වර්ණා මල්ලවආරච්චි නම් දක්ෂ චරිතාංග නිළිය ලාංකික සිංහල සිනමාවට ප්‍රවිශ්ඨ වන්නේ ඒ ලෙසින්. නිකන්ම නොවේ.. පසුකලෙක රටේම ජනප්‍රිය වූ සහ අදටත් මිනිස්සු කතාකරන සත්සමුදුරේ ප්‍රධාන නිළිය ලෙසයි. එතැන් පටන් ඈ සිංහල සිනමාවේ දිගු ගමණකට මුල පුරන්නී, හන්තානේ කතාව, තුන් මං හන්දිය, අහස් ගව්ව, ආදී චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කරන්නට තෝරාගනු ලැබිණි. සිය පවුල් සංස්ථාව, අනියම් පෙම්වතා සහ නීතිය අතර දෝලනය වෙන මිරැන්ඩා වැනි අහිංසක ගැහැනියගේ චරිතයෙන් පසු අප ඇයගේ වඩාත් ප්‍රිය කළ චරිතාංග රංගන කෞශල්‍ය වූ පිරිමි ආධිපත්‍යයට නොබියව අභියෝග කල සිනමා චරිත පෙලගැස්ම ඇරඹෙන්නේ වර්ෂ 1984 දී වසන්ත ඔබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුන "දඩයම" චිත්‍රපටයෙන් බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇති. එතැන් පටන්.. මායා, සුද්දිලාගේ කතාව, ඩොරීන්ගේ සයනය, මල්දෙනියේ සිමියොන්, කැඩපතක ඡායා, අයෝමා, අනන්ත රාත්‍රිය, චන්න කින්නරී, සහ තව බොහෝ එකිනෙකට වෙනස් චරිත රංගනයෙන් සමාජයේ පවතින ඕනෑම සැබෑ චරිතයකට සිනමාරූපීව ජීවය දීමට ඇයට තිබූ සහජ දක්ෂතාවය ඇය විසින් මොනවට පෙන්නුම් කර ඇත්තේය. රංගනය වෙනුවෙන් ඇය ලැබූ සම්මාන නම් මෙවැනි ලිපියකින් ලියා ඉදිරිපත් කරන්නට අතිශයින් දුෂ්කර කාර්යයකි. නමුත් ඇයට ගෞරවයක් ලෙස එයින් අතලොස්සක් වත් සදහන් නොකිරීම ලිපියේ අඩුපාඩුවක් ලෙස පෙනිය හැකි නිසා අල්පයක් පහත ලියා තබමි. 🎞️ සරසවිය සම්මාන 1983 - හොඳම නිළිය - දඩයම 1985 - හොඳම නිළිය - සුද්දිලාගේ කතාව 1888 - හොඳම නිළිය - සාගර ජලය 1997 - හොඳම නිළිය - බවදුක 1998 - හොඳම නිළිය - චන්න කින්නරී 2014 - සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් ලැබෙන සරසවි සම්මානය. 🎞️ OCIC සම්මාන උළෙල 1982 - හොදම නිළිය - රිදී නිම්නය 1983 - හොඳම නිළිය - දඩයම 1984 - හොඳම නිළිය - මායා 1985 - හොඳම නිළිය - සුද්දිලාගේ කතාව 1988 - හොඳම නිළිය - සාගර ජලය 1989 - හොඳම නිළිය - කැඩපතක ඡායා 1996 - හොඳම නිළිය - අනන්ත රාත්‍රිය 1997 - හොඳම නිළිය - බවදුක 1998 - හොඳම නිළිය - චන්න කින්නරී 2017 - හොඳම නිළිය - ඇගේ ඇස අග 🎞️ ජනාධිපති සම්මාන උළෙල 1981 - හොඳම නිළිය - හංස විලක් 1986 - හොඳම නිළිය - සුද්දිලාගේ කතාව 1997 - හොඳම නිළිය - බවදුක 1998 - හොඳම නිළිය - චන්න කින්නරී 2017 - හොඳම නිළිය - ඇගේ ඇස අග 2017 - සිංහල සිනමාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ජනාධිපති සම්මානය. "මං තිරිසනෙක් නම් ඇයි උඹට මාව බඳින්න ඕනෙ..?" "බඳින්නෙද.. බඳින්නෙ අපේ පව් දරුවගෙ පිටින් යවන්න බැරි නිසා" " මොකද.. බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ" "එක්කො උං වෙඩි තියල මරල දාන්න ඕන. එහෙම නැත්තං අල්ලල බඳින්න ඕන… ඒ නිසා මං උඹව බඳිනව.." "කව්ද යකෝ බල්ල..? " " කරපු මිනිහ දන්නව ඇතිනේ.. " ඈ නමින් ස්වර්ණා නොහොත් දඩයමේ රත්මලීය. මොහාන් දිසානායක ✍️දෙවියන්ට පාඩමක්. කුවණ්නාගෙ වයස අවුරුදු දහසයයි. අද වගෙ නෙමෙයි මම මේ කියන කාලෙ දහසය කියන්නෙ ලොකු වයසක්. දරුවෙක් ඉන්න ඕනි වයසක්. ඉතින් හැමෝම ඇගෙ විවාහය ප්‍රමාද බව ඇයට මතක් කරා. සමහරු ඇයට කිව්වෙ කටරොළු මල කියලා. ඇය තරමක් නිල් පැහැතියි. නිල් කිව්වෙ කළු ඇත්තටම. නීල වර්ණය වැඩි නිසා කළු වෙලා..! කුවණ්නාගෙ හම කළු වුණාට දිලිසෙනවා. ඇස් දෙක..! ඔව් ඇයගෙ ඇස් දෙක බලන්න ලස්සනයි. දුඹුරුම දුඹරු ඇස් දෙකක්. මට නම් ඇය රූමත් එකියක්. නමුත් ඒකියෙ ගමේ එවුන්ට ඒකි හැඩ නැහැ.! කුවණ්නාට කොල්ලො කවුරුත් කැමති නැහැ. ඒ නමටත් සමහරු බය වුණා. සමහරු කුවණ්නාව මූණට මුලිච්චි වෙන්ඩත් අකමැති වුණා. කුවණ්නාට ගමේ මඟුල් ගෙවල් , කොටහළු ගෙවල් වලට ආරාධනා ලැබුණෙත් නෑ. දවසක් මේ කෙල්ල ගියා කැලෑවට. කැලෑවේ මැද තියෙනවා කැඩපතක් වගෙ දිලිසෙන වතුර පොකුණක්. ඇය ඒ පොකුණ ළඟට ගිහින් තමන්ගෙ වස්තර සේරම ගලවලා දැම්මා. ඊටපස්සෙ අර වතුරෙන් ඇය ඇගෙ ඇඟ දිහා බැලුවා. ඇත්තටම ඇයට ඒ ශරීරයේ කිසි අඩුවක් පෙනුනේ නැහැ. ගැහැණියකට තිබිය යුතු සියළු අවයව මනාව අපූරුවට පිහිටලා තිබුණා. නමුත් ඇයි ඇයට පිරිමි අකමැති. ඇය කල්පනා කරා..! ඇත්තටම එදා ඇයගෙ ඒ නිරුවත දැක්කෙ ඇය විතරක්ම නෙමෙයි. මේ පොකුණට අධිපති භූතයෙක් හිටියා. උන්දා මේ දර්ශනයෙන් තරමක් වෙව්ලා ගියා. භූතයා වහාම මේ ගැන කියන්න ගියා ගම්භාර අප්පච්චිට. ඔව් මේ භූතයා උන්නාන්සේගෙ ආවතේව කාරයෙක්. ගම්භාරයන්ට හරිම පුදුම හිතුණා. මේ ගම් දනව් වල තමන් නොදුටු පුද්ග⁣ලයෙක් කොහොමද හිටියේ..?! " පස්වාන් දහසක⁣ට සමාවෙන්ඩ දෙවියන් වහන්ස.. මට නම් ලැජ්ජා හිතුණා ඕන්..." භූතයා ඇඹරිලා කිව් විදියට ගම්භාර දෙවියන්ට හිනා ගියා. " ඇයි ද බොල..? හැඩ ගැහැණියක් තම⁣න්ගෙ කැමැත්තෙන්ම නිරුවත් වුණාම තොට ලැජ්ජා හිතෙන්නෙ මොකටද..? " භූතයාට තව ලැජ්ජා හිතුණා. ගම්භාර දෙවියන් තීරණය කරා තමන්ම ගිහින් මේ තැනැත්තියව දැක බලාගන්ඩ. භූතයා නම් මේ වැඩේට එච්චරටම මනාපයක් නැති වුණා. ගම්භාර අප්පච්චි කිය කිය කිව්ව⁣ට මොකද බොලව් උන්නාන්සේග තාම තරුණ හාදයා. උස මහත , හමේ පාට..! යස පිරිමි පෙනුම.! දේවතාවියන් උන්නාන්සේව දැක්කමත් උණු වෙලා යන තරම්.! උන්නාන්සේගෙ තියුණු දිලිසෙන ඇස් දෙක යටින් බලද්දි සමහර දේවතාවියන් රත් වෙලා යනවා. උත්තුංග දේහදාරි මේ දේවතාව තමන්ගෙ මනුස්ස වේසයට ආවමත් ගාම්භීරත්වය අඩුවක් නැහැ.! රජෙක් වුණත් වෙව්ලා යන ඒ රූපය එතරම්ම කදිමයි.! ඉතින් ඔන්න උන්නාන්සේ භූතයා එක්කලා කුවණ්නාගෙ ගමට ගියා. එදා පුර පෝය දවසක්. කුඹුරු මැද්දෙ තිබ්බ විසාල කළු ගල් තලාවක ඉදිවුණු ගමේ රජ මහා විහාරයට උඩින් පායපු චන්ද්‍රයා ගමටම විශාල ආලෝකයක් දුන්නා. රජ මහා විහාරයේ විසාල පිංකමක්.! විහාරයට යනකම්ම පාර දෙපැත්තේ පොල් කෝම්බ පහන් වැටි. පන්සලට ගියාම මල් පහන් තෙල් සුවඳ දුම් වල සුවඳ ..! සුදු වතින් සැරසුණ ගැහැණු පිරිමි දෙහොත් මුදුන් දීගෙන ලොකු හාංදුරුන්ගෙන් පන්සිල් ගන්නවා. ගම්භාර උන්නාන්සේ පන්සලේ කෙළවරක තිබුණ විසාල රතු අරලිය ගහේ හෙවනට ගියා. එතනට ගිහින් හතරාත බැලුවා. දෙයිහංදුරුනේ...! පෙර භවයකදි උන්නාන්සේට බිරිඳක් වුණ පානිමේලාව අද කුවණ්නා නමින්...! ආහ්..! " ඒකි පෙර භවයක වරදක් කරා.. මට වංචාවක් කරා.. ඒකයි අද ඔහොම.." ගම්භාරයන්ට කියවුණා. භූතයා අන්දුස් කුන්දුස් වුණා. " ඈ දෙයිහංදුරුනේ...? මොකක්ද..?" " ඇයි බොට ඇහුණෙ නැද්ද මම කියූ එක..? ඒකි පෙර භවයකදි මගෙ අඹුව..මම නැති අතර වෙන මිනිහෙක් එක්ක හාද වෙලා මට වංචා කරා. මම එදා ඒකිට කළ සාපයටයි ඔය..බලපන් අච්චර ලස්සන වෙලත් කාටවත් ඒ ලස්සන නොපෙනෙන හැටි.. ඇයව කොන් කරන හැටි..." " ඒකනෙ.. මටත් පුදම හිතුනෙ ඒකයි..එච්චර හැඩ ගැහැණියක්ව ගන්න මිනිහෙක් නැති එක නම් පුදුමයක්..! " " ඒ මගෙ සාපය...! මම ඒකිව ඒ සාපයෙන් මුදවනවා..මට ඒ මුහුණ දැක්කම දුකයි..." ඉතින් ගම්භාර අප්පච්චි පිංකම වෙලාවෙම ඇයව ඒ සාපයෙන් මුදවගත්තා. එදා පටන් කවදාවත් නැතිව මිනිස්සු කුවණ්නාට ආදරේ වෙන්න පටන් ගත්තා. කුවණ්නාටත් පුදුමයි..! ඒත් මොකක්ද හේතුවකට කුවණ්නාට කිසිම මනුස්සයෙක් ගැන හිතක් පහළ වෙන්නෙම නැතිව ගියා.. කුවණ්නාට ඒ ගැනත් පුදුමයි. මෙච්චර කාලයක් මිනිහෙක් නැති එකට දුක් වුණ කුවණ්නා දැන් මිනිස්සු ආවමත් මඟ හරිනවා..! " ඇයි ද දෙයියො අරකිට දැන් අරම වෙලා තියෙන්නෙ..?" භූතයා හොඳටම අන්ද මන්ද වෙලා ඇහුවා. " ඒකත් මම කරේ..." තරුණ දඟකාර ගම්භාරයන් මහ හයියෙන් හිනා වෙලා කිව්වා. භූතයාට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. " ඒක තවත් සාපයක් නෙ දෙයිහාංදුරුනෙ...? " " ඔව්... ඇත්තටම තවත් සාපයක්.." ඉතින් ඇත්තටම භූතයාට මේ මොකක්ද කියලා හිතාගන්නම බැරි වුණා. ඔහොම ඉද්දි දවසක් හවසක නාලා පිරිසිදු වුණ කුවණ්නා සේපාලිකා මල් ටිකක් කඩාගන්න කැලෑව පැත්තට වෙන්න කිට්ටු පාළු වත්තකට ගියා. ඇය මල් නෙළමින් ඉද්දි එකපාරටම එතනට හරිම කඩවසම් මනුස්සයෙක් ආවා. කුවණ්නා ගැස්සිලා ගියා. මල් ටික විසිරුණා. ඒ මනුස්සයා කුවණ්නාව ඒ මනුස්සයා ළඟට ඇදලා ගත්තා. කුවණ්නා කෑ ගැහුවා. නමුත් ඒකියෙ කටින් සද්දය පිට වුණෙ නැහැ. ඒ පාර මේ මනුස්සයා කුවණ්නාව ඇදලා අරගෙන , තමන්ගෙ වම් උරයට රෙදිකඩ මාල්ලක් දාගන්නා දාගෙන කැලෑවට ගියා. දියෙන් ගොඩගත් මාළුවෙක් වගෙ ගැහෙන කුවණ්නාගෙ අත් දෙක හිර කරගත්ත මේ මනුස්සයා ඒකියෙ වස්තර ගලවලා දාලා ඇති තරම් රමණයේ යෙදුනා. ඊටපස්සෙ කුවණ්නා ඒ මිනිහව විවාහ කරගත්තා. මොකද කුවණ්නාට කවදාවත් නැති තරම් සතුටක් ජවයක් ඒ සිදුවීමෙන් ඇති වුණ නිසා. ඒත් තවමත් කුවණ්නාට තමන්ට සිද්ධ වෙච්ච කිසි දෙයක් ගැන හිතාගන්න බැරිව ගියා. ඇය එදා පටන් ඒ මිනිහට පණ දීගෙන ආදරය කරන පතිනියක් වුණා. ගම්භාරයන්ටත් ඒ කතාව අහලා පුදුම හිතුණා. තමන්ගෙ සාපය බිඳ දමන්න තරම් ශක්තිමත් ඒ මිනිහා ගැන හොයන්න හිතුවා. ගම්භාරයන් මිනිස් වේසය අරගෙන ඒ මනුස්සයාව හොයාගෙන ගියා. " මට ඒකි ගැන හිතක් පහළ වුණෙ පන්සලේ පිංකමක දි දැකලා. මම එදා අපේ අම්මයේ කීමටමයි මේ ගමට ආවේ. අම්මාගෙ සහෝදරයෙක් තමයි ඒ පන්සලේ දැන් පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේගෙ ආරාධනය අහක දාන්න බැරිකමට මාව එව්වෙ අම්මා ඒ දවස් වල හොඳටෝම අසනීප වෙලා හිටි නිසා. ඉතින් එදා ඒ දවසේ ඒකිව දැක්කෙ වෙලාවේ ඉඳලම මම ඒකිගෙ පස්සෙන් ගියා. ආයාචනා කරා..! නමුත් කිසිම හේතුවක් නැතිව ඒකි මාව මග හැරියා. මම ඒකි ගැන හොයා බැලුවා. ඒකිට පෙම්වතෙක්වත් නෑ. රහසින් පෙම් කරන එකෙකුත් නෑ. ඉතින් මම කල්පනා කරා මට ඒකිට කන්න අඳින්න දෙන්නත් පුළුවන් නම් , ඒකිට මාව එපා කියන්න තරම් හේතුවකුත් නැත්තම් , මම මොකටද තවත් ඒකිගෙ අවසරයක් පතන්නෙ කියලා..ඒකයි මම එහෙම කරේ.. මට තේරුණා ඒකි මොකක් හෝ දෙයක හිර වෙලා කියලා. ඉතින් මම ඒක කළා..මම ඒකිට හැබෑවටම ආදරෙයි.." එදා ගම්භාර උන්නාන්සේ දැනගත්තා මේ මිනිහා පෙර භවයකදි තමන්ගෙ අඹුව එක්ක එකතු වෙලා තමන්ට වංචා කරපුම එකා කියලා. " හත්දෙයියනෙ අපේ හාංදුරුනෙ.. ඕකාට සාප කරන්ට එපැයි..." භූතයා කිව්වා. " නැහැ
භූතයෝ.. අද මම උන්ගෙන් පාඩමක් ඉගෙන ගත්තා.. මනු ලොව මනුස්සයාගෙ අධිෂ්ඨාන ශක්තිය අපේ හැම බලයකටම වඩා ප්‍රබලයි කියලා ඉගෙන ගත්තා.. ඒ වගේම ඒ මනුස්සයෙක්ට දෙයක් අවශ්‍යම නම් , ඒ අවශ්‍යතාවය සාධාරණ නම් සහ කාටවත්ම හානියක් නොවන දෙයක් නම් දේව සාපයකටවත් ඒ අවශ්‍යතාවය නැති කරන්න හෝ එයට බාධා කරන්න බැහැ කියලා ඉගෙන ගත්තා. තමන්ට ඕනිම කියලා හිතුණ ගෑණිව ගන්න දේව සාප පවා තඹේකට මායිම් නොකරපු නියම කොන්ද ඇති පිරිමියෙක්ට සාප කරන්න මම අමනයෙක් නෙමෙයි. අනික ඒ සාපයන් ඵලකුත් නෑ. මගෙ සාපය එතරම් ප්‍රබලත් නෑ.. මම ආයෙමත් කියන්නෙ අද මම ඉගෙන ගත්තා මනු ලොව මිනිස්සුන්ගෙ අධිෂ්ඨාන ශක්තිය හැමට වඩා ප්‍රබලයි කියන දෙය.. අවශ්‍යයයි නම් අනිවාර්යයෙන්ම ඒ පිරිමි ඒක ලබාගන්නවාමයි..මට එයට අභියෝග කරන්න පුළුවන් වෙන්නෙ ඒ ගැහැණිය එතනදි අකමැති නම් විතරයි. උඹට තේරුණා ද...? " පූර්ණිමා චාරුණි බණ්ඩාර.අද නියම දවසක්. ජගාගෙ පලවෙනි මූවි එක රහස් කියන කඳු එලියට දාලා දවසයි. බලන්නම එපැයි. ඉතිං හොයල බැලුව කොහෙද තියෙන්නෙ කියල. මං ඉන්නෙ රත්නපුර. රත්නපුර කිව්වට ඊට පොඩ්ඩක් මෙහා. පොඩ්ඩක් කිව්වට ඇඹිලිපිටියට කිට්ටුව. රත්නපුරේ තමයි යංතං ෆිල්ම් එකක් ෆිල්ම් එකක් විදියට බලන්න පුලුවන් ඩ්‍රැකියුලා වෙන්නැති හෝල් තියෙන්නෙ. හොයල බැලුව. රත්නපුරේ බඩු නෑ. බූපති ලොක්කා ෂෙයා කරපු හෝල් ලිස්ට් එකක තිබිල ඇඹිලිපිටියෙ බඩු තියෙනව කියල දැනගත්තම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා. මං යනව කියපු වෙලේ ඉඳං ගෑණි බර බරේ ජගත්ගෙනං මාත් එනවා යං කිය කිය. පොඩි උං උස්සං යන්න පුලුවන්ද බලන්න ගත්ත හෝල් එකේ නම්බරේට කෝල් එකක්. ආ මේ රහස් කියන කඳු තියෙනවද. ඔව්. 2.30ට තියෙන්නෙ. සුන්දර ලලනාවක් උත්තර දුන්න. එල. ළමයින්ට එහෙම බලන්න අමාරු ඇති නේ.. ගෑණිට ඇහෙන්න මං ඇහුව. අනේ ටිකක් අමාරු වෙයි. ඕකේ ඕකේ.. තෑන්ක්ස්. මං තිබ්බා. ගෑණිගෙනුත් පස්මහ බැනුම් අහල එලිබැස්සෙ අදනං මේක බලල දෙනව ජගාට දොඹෙං යන්න කියල හිතාගෙන. කි. මී. තිහකට එහා බස් එකේ බඩගාලා හෝල් එකට ගිහිං මං දැං වීරයා වගේ ටිකට් අරං ඇතුලට ගියේ මාර සතුටිං. පෝලිමෙත් තුන හතරක් ඉඳපු නිසා මට ජගා ගැන මාර ලව් එකක් ආවෙ. ඇතුලට ගිහිං වාඩිවෙලා බලද්දි ලමයි බමයි වඩාගෙන උකුලෙ තියං සෙට් දෙක තුනක්ම ඇවිත් හිටිය. මං උන්ට බැන්නෙ මේ වගේ ඒව ලමයින්ට පෙන්නල ළමයින්ව නරක් කරන උඹලටනං හොඳක් වෙන්න එපා කියල හිත හිත. හැබැයි මේක ගැණිට කිව්වොත් බලු බැනුං අහගන්න වෙන හිංද කෝකටත් මේක හෝල් එකෙං පිටට නොගිහිං ඉන්න මං තීරණය කලා. හිත යටිං හොඳ වැඩේ තොපිට කියලා හිතාගෙන කටේ තියන්න බැරි ශ්‍රී වික්‍රමද මොකද්ද බඩකඩිත්තුවක ට්‍රේල එකත් බලල එද්දාස් නමසිය බරගනන්වල නමක් තියෙන බිමල් ඉන්න ෆිල්ම් එකකයි ට්‍රේල එක බැලුවෙ අප්පිරියාව ඉවසගෙන. ඕන්න දැං තමයි වෙලාව. ෆිලුම පටන්ගන්න යන්නෙ. ආලන්කුලම ෆිල්ම්ස්. ටිකක් දැකලත් පුරුදුයි වගේ. බලං හිටිය. මෙන්න යකෝ කතුරු මිතුරු පටන්ගත්ත. අම්මට සැමන් කවන්න.. මල අතේ. මට පුටුවෙන් නැගිට්ටුනා. දිව්වා දොර පැත්තට, ඕම් ශාන්ති ඕම් එකේ ශාරුක් වගේ ගැම්මට ගැහුවා දොරට, පැන්නා එලියට, ඈ බං අයියෙ. කෝ රහස් කියන කඳු.. ඒකනෙ තියෙන්න ඕන.. ආ ඒක මේ ඊයෙ රෑ පෙන්නල නැවත්තුව. එච්චර හොඳ නෑ ඒක. ඒකයි.. හෑ.. එතකොට ෂෙඩුල් කරල දාලා තිබුනනෙ. රෑ විතරයි පෙන්නුවෙ. මුගෙ අප්පට කියාගෙන මං ටිකට් කවුන්ටරේට ගියා. අංකල් මට මේ අටමගල ආයිත් බලන්න බෑ. අනික හිත හදාගෙන දෙපාරක් බලන්න පුලුවන් මගුලකුත් නෙවෙයිනෙ. මට සල්ලි දෙන්න. ඔයාලා දාලා තිබුනෙ රහස් කියන කඳු පෙන්නනව කියලනෙ. කෝ ඒක.. ආ.. නෑනෙ. ඒක රෑ 10.30නෙ. ඒක එච්චර හොඳ නෑ. ඒ නිසා රෑ ෂෝ එක විතරයි මටනං මේක ආයි බලන්න බෑ මට සල්ලි දෙන්න. මෙන්න ටිකට් එක.. සල්ලි ගත්තා මං ආවා. එනගමන් ගෑණිට කතා කරල සිද්දිය කිව්වම සර්වාංගෙංම හිනාවුන විදියට අම්මප ත්‍රීවිල් එකකට පැනල මැරෙන්න හිතුන. ඒත් බෑනෙ. රහස් කියන කඳු බලල ජගාට දෙකක් කියලම මැරෙන්න ඕන නිසා අදහස අතෑරියා. ගේට්ටුව අරිද්දිම.. ආ පුතාලා, තාත්තා අද තනියම ෆිල්ම් එකක් බලල කලින්ම ගෙදරත් ඇවිත්.. හරිම ෂෝක්.. කිව්වා.. මගෙ මූණ මෙහෙක් වෙලා ඤොරොක් වෙලා ගියා.. මොකාද වගේ ගේ ඇතුලට ආපු ගමන් තමයි මේ ටික ලිව්වෙ.. Better luck next time ප.ලි. රෑ 10.30ට ඇඹිලිපිටියට යන්නනං අලි වෙඩිත් අරං යන්න වෙනවා..**මියගිය ගැහැනියගේ රහස** සිය ජිවිත කාලය තුළ කිසිවෙකුගේ දෝෂාරෝපණයට ලක් නොවූ ගැහැනියක ලෙස කිසිදු වේදනාවකින් තොරවම සහ නිසලවම ඈ මෙලොව අතහැර ගොස් සිටියාය. සිය සයනය මත නෙත් පියාගෙන නිසලව උඩුබැලිව වැතිර උන් ඇගේ දිගු සුදු පැහැති කෙස් කළඹ මිය යන්නට මිනිත්තු දහයකට පෙර පීරා සීරුවෙන් සකස් කර ඇති සෙයක් දිස්විණි.ඇගේ සුදුමැලිව ගිය මුහුණේ කිසිදු හැඟීමක ජායාමාත්‍රයක් හෝ නොවූ අතර ඇය කෙතරම් නිසලව මරණයට මුහුණ දී සිටියේ ද යත් එය ඇය සිය ජීවිතය යහපත් ලෙස සහ සාමකාමිව ගෙවූ බවට සාක්ෂියකි. ඇගේ පුත්‍රයාත් දියණියත් ඇගේ සයනය අසළ දණ ඔබාගෙන හදවත් පැලී යන තරම් වූ සොවින් වැළපෙමින් සිටියහ. ඉතා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ පුත්‍රයා මහේස්ත්‍රාත්වරයෙකු වූ අතර මාගරිට් නම් වූ දියණිය යුලලි කන්‍යා සොයුරිය නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඈ සිය දරුවන් කුඩා කල සිටම දැඩි අචාර ධර්ම පද්ධතියකට යටත් කොට හදාවඩා ගත් අතර ආගම මෙන්ම වගකීම් පිළිබඳවද ඔවුන්ට උගන්වනු ලැබිණි. ඇගේ පුත්‍රයා විනිශ්යකාරයෙකු බවට පත්ව සිටි අතර කිසිදු අනුකම්පාවකින් තොරවම මිනිසුන්ට පහර දීමට නීතිය ආයුධයක් කර ගත්තේය. දැඩි අචාර ධර්ම පද්ධතියකට යටත්ව හැදුණු දියණිය කිසිවෙකු සමග පෙමින් වෙළීමට හෝ විවාහවීමට තිබු නොකැමැත්ත නිසා ම කන්‍යා සොයුරියක වශයෙන් පැවිදි දිවියට එළඹ සිටියාය. ඔවුන් සිය පියා පිළිබදව දැනගෙන සිටියේ අල්ප මාත්‍රයකි. පියා සිය මව ඉතා ඛේදනීය තත්වයකට පත් කළ බව මිස වෙනත් කිසිම දෙයක් කිසිවෙකු විසින් හෝ ඔවුනට කියා නොතිබිණි. දේවගැතිවරිය මියගිය ගැහැනියගේ අතක් තදින් සිප ගනිමින් සිටියාය. ඒ අත සයනයක තබන ලද විශාල කුරුසි සුරුවමක පැහැය මෙන් සුදු පැහැයක් ගත්තේය. දිගු මළ සිරුරේ අනෙක් පස වූ අනිත් අත, පණ නළ වා තලයට මුසු වෙද්දී ඇඳ ඇතිරිල්ල ග්‍රහණය කර ගත් ආකාරයටම පැවතිණි. සදාතනික නිසලතාවට පත්වීමට පෙර වූ අවසන් චලනයන්ගේ මතක සටහන් ලෙසින් ඇඳ ඇතිරිල්ලේ කුඩා රැළි ඉතිරිව තිබිණි. ආලෝකා ධාරා කිහිපයක් දොර මත පතිත වූ අතර ඉකි බිඳිමින් සිටි දෙදෙනා හිස් ඔසවා පූජකයා දෙස බැලූහ.ඔහු රාත්‍රී අහාරය ගත් වහාම මෙහි පැමිණ සිටියේය. ගත වුණු රාත්‍රීන් කිහිපයකම විඳී වෙහෙස මගහරවා ගැනිමටත් දැනුදු නිදි වැරිමට සිදුවන නිසාත් ඔහු කෝපි සහ බ්‍රැන්ඩි මිශ්‍ර යමක් පානය කර සිටියේය. එය ආහාර ජීරණයට බාධා ගෙන දුන් බැවින් පුජකවරයා රත් පැහැයෙන් යුක්තව හුස්ම ගැනීමට පවා අසීරුවෙන් සිටියේය. ඔහු ශෝකයෙන් පසුවන බවක් පෙනිණි. ශෝකය ආරෝපණය කරගත් පුජකයාට යමෙකුගේ මරණය ආදායම් මාර්ගයකි.ඔහු සිය නළල හා පපුව මත කුරුසිය සටහන් කොට සිය වෘත්තිමය කාර්යය සඳහා ප්‍රවිෂ්ට විය.“මාගේ අසරණ දරුවනි, මෙම ශෝකී පැය කිහිපය ගත කිරීමට ඔබට උපකාරී කිරීම සඳහා මම මෙහි පැමිණ සිටිමි.” යැයි පූජකවරයා පැවසුවේය. “ස්තුතියි පියතුමනි, ඒත් මමයි මගේ සහෝදරයයි ඇය සමග තනිව සිටීමට කැමතියි.මේ අපට ඇය දකින්නට ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා අපේ පුංචි කාලේ වගේ අපි....අපි.... තුන්දෙනා විතරක් මෙහෙම එකට ඉන්න කැමතියි. අනේ ..අපේ අම්මා.......” ශෝකය සහ කඳුළු නිසා ඇයට තව දුරටත් කතා කිරීමට නොහැකි විය. පුජකවරයා මොහොතක් නිශ්ශබ්දව සිට ඔහුගේ නිදි යහන ගැන කල්පනා කරමින්ම හිස නමා අචාර කළේය. “ඔබේ කැමැත්තක් මාගේ දරුවනි.” ඔහු දණ ගසා සිය ළය මත කුරුසිය සටහන් කොට යාඥා කොට නැගී සිට “ඇය සාන්තුවරියක්” යැයි මුමුණමින් සෙමින් එළියට ගියේය. මිය ගිය ගැහැනිය සහ ඇගේ දරුවෝ තනි වුහ.සෙවණැලි අතර සැගවුණු ඔරලෝසුවේ “ටික් ටික්” හඬ වඩාත් පැහැදිලිව ඇසෙන්නට විය. විවර වූ කවුළුව තුළින් පිදුරු සහ වන වදුලේ සුගන්ධය සුළඟට මුසුව සෞම්‍ය සඳ කිරණ සමගම කුටිය තුළට ඇදී ආවේය. කලාතුරකින් ඇසෙන ගෙම්බන්ගේ නාදයත් සමහර කෘමින්ගෙන් නැගුණු සිහින් නාදයත් හැරුණු කොට වෙනත් කිසිදු ශබ්දයක් නොනැගිණි. මිය ගිය ගැහැනියගෙන් පළ වූ අසීමාන්තික සන්සුන් බවත් ,උත්තරීතර ශෝකයත්, ඇගේ අභ්‍යන්තරයෙන්ම පැන නැගී සොබා දහම සනසන්නාක් මෙන් විය. තවමත් බිම දණ ඔබාගෙන ඇඳ ඇතිරිලි අතර හිස හොවාගෙන සිටි විනිසුරුවරයාගේ කට හඬ ඇඳ ඇතිරිලි අතරින් ඇදී ආවේය. “අම්මා..අම්මා .. අම්මා...” ඒ කට හඬ ශෝකය නිසාම වෙනස් වී තිබිණි.ඔහුගේ සොහොයුරිය ද වියරුවෙන් මෙන් අසළ වූ ජනේලයේ හිස ගසමින් ද අපස්මාර රෝගියෙකු මෙන් වෙවුලමින් ද “ජේසුනි...ජේසුනි අපේ අම්මා.. ජේසුනි .”යනුවෙන් විලාප නැගුවාය. ශෝකයේ සුළි කුණාටුවෙන් කම්පනයට පත්ව සිටි ඔවුහු දෙදෙන හුස්ම ගැනීමට පවා අසීරුව සිටියහ. ශෝකයේ උච්චතම අවස්ථාව සෙමින් සෙමින් පහව ගිය අතර කුණාටුවකට පසු මහා සයුර සන්සුන් වෙන්නාක් මෙන් ඔවුහු නිසලවම වැළපෙන්නට පටන් ගත්හ. ටික වෙලාවකට පසුව ඔවුහු නැගිට සිය මිය ගිය මව දෙස බැලූහ. දිනෙක ඉතා ආදරණිය වූ ද තවත් දිනෙක පීඩාකාරී වූ ද ,වරෙක අමතක වූ ද ,තවත් වරෙක ඉතාමත් ළෙන්ගතු වූ ද මතක සැමරුම් සමුදායක් ඔවුන්ගේ සිත්සතන් තුළට ගලා ආවේය. එම මතක සැමරුම් මිය ගිය ගැහැනියට යළි ජිවය දෙන්නට තරම් ප්‍රබල විය. තව දුරටත් ඔවුන් හා දොඩමළු විය නොහැකි සිය මවගේ වදන්, මද සිනහව, කට හඬ ආදී සෑම දෙයක් පිළිබඳවම ඔවුහු සිය මතකය අවදි කළහ. සිය මිය ගිය මව නැවතත් නිසලව සහ ප්‍රීතියෙන් සිටින බව ඔවුහු දුටහ. නිතර දෙවේලේ ඇය භාවිත කළ වදන් ඔවුන්ගේ දෙතොලට නැගුණු අතර වැදගත් යමක් අවධාරණය කිරීමට ඇවැසි වූ විට ඇය ඇයටම සුවිශේෂී වූ ආකාරයකින් සිය අත් චලනය කළ අයුරුත් ඔවුහු සිහිපත් කළහ. වෙන කවරදාකටත් වඩා ඔවුහු ඇයට ආදරය කළහ. ඔවුන් කෙතරම් ශෝකයට පත්ව සිටින්නේද යන්න ඔවුන් වටහා ගත් අතර ,ඔවුන් කෙතරම් තදින් සිය මව වෙත බැඳ
ි සිටියේද යන්නත් මින් මතුවට ඔවුන් කෙතරම් හුදකලා බවකට පත් වන්නේද යන්නත් ඔවුහු වටහා ගත්හ. ඈ ඔවුන්ගේ අත්වැල විය.; මාර්ගෝපදේශකයා ද විය; ගෙවී ගිය ප්‍රීතිමත් අතීතයේ සහ තාරුණ්‍යයේ වඩාත්ම ආදරණීය චරිතය ද විය. ඔවුන්ගේ ජිවිත එකිනෙක යා කළ පුරුක ද මුතුන් මිත්තන් සමග ඔවුන්ගේ බැඳීම ඇති කළ පුරුක ද ඈ ම විය. ඔවුන්ගේ ආදරණීය මව මෙතැන් පටන් ඔවුන් සමග නොමැත.මින් මතුවට ඔවුන් දැඩි ලෙස හුදකලා වනු ඇති අතර නැවත බැලීමට තරම් කිසිම් දෙයක් මේ මිහි පිට නොතිබෙනු ඇත. “ඔයා දන්නවද අම්මා හැම වෙලාවෙම පරණ ලියුම් වගයක් කියවනවා.ඒවා ඔක්කොම එයාගේ ලාච්චුවේ තියෙනවා. අපි ඒවා ආයෙත් අරගෙන කියවමු. අද මුළු රෑ ම අම්මගේ ළගින් ඉඳගෙන එයාගේ මතක , අත්දැකීම් හැම දෙයක්ම එයාට ආයෙත් ගෙනත් දෙමු. ඒකෙන් අපිට පුළුවන් වෙයි අපි කවදාවත් දැනගෙන හිටියේ නැති එයාගේ අම්ම ගැන , ආච්චිලා සීයලා ගැන වගේම ඒ ලියුම් කාගේද , එයා අපිත් එක්ක හැම වෙලාවෙම කතා කළේ කා ගැනද කියල දැනගන්න. ඔයාට මතකද? “ දේවගැතිවරිය ඇගේ සොහොයුරාට කිවුවාය. ඔවුහු කහ පැහැති කඩදාසි මිටි දොළහක් පමණ ලාච්චුවෙන් පිටතට ගත්හ. ඒ සෑම කඩදාසි මිටියක්ම ඉතා පරිස්සමට ගැට ගසා අසුරා තිබිණි. ඔවුහු මේ සිහිවටන සයනය මත අතුරා “තාත්තා” යනුවෙන් සටහන් කර තිබූ කඩදාසි මිටියක් තෝරා ගෙන කියවීමට පටන් ගත්හ. එය පැරණි නිවෙස් තුළ වූ ලියන මේසවල දැකිය හැකි වූ ඉතා පැරණි අකුරුවලින් සමන්විත වූ අතර වෙනත් සියවසකට අයත් බවක් හැඟවිණි. පළමු වැනි ලිපිය “මගේ සුරතලි ” යනුවෙන් ද දෙවැන්න “මගේ ලස්සන පුංචි කෙල්ල” යනුවෙන්ද අනෙක් ලිපි “මගේ ආදරණීය දරුවා” යනුවෙන්ද “මගේ ආදරණිය දුව” යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබිණි. එක් වරම දේවගැතිවරිය එම ලිපි හඬ නගා කියවීමට පටන් ගත්තාය. මිය ගිය ගැහැනියගේ අතීතය සහ සොදුරු මතක සටහන් ඇය වෙනුවෙන් දේවගැතිවරිය කියෙවුවාය. සිය මවගේ මුහුණ දෙස බලාගෙන ඇඳට හේත්තු වී සිටි විනිසුරුවරයා අසාගෙන සිටියේය. ප්‍රාණය නිරුද්ධ සිරුර පවා සතුටු වන සෙයක් පෙනිණි. යුලලි කන්‍යා සොයුරිය එක්වරම කියවීම නවතා “අපි මේවා අම්මගේ මිනි වලටම දාන්න ඕනෑ.ඒවා එයත් එක්කම තිබීම තමයි හොඳ.”යයි කිවුවාය. ඉන්පසු ඈ තවත් ලියුම් මිටියක් ගත්තාය. එහි කිසිදු සටහනක් දක්නට නොලැබිණි. ඈ උස් හඩින් කියවීමට පටන් ගත්තාය. “ මගේ ප්‍රියාවිය, ඔබ කෙරෙහි මගේ ප්‍රේමය අසිමාන්තිකයි. ඊයේ පටන් ඔබ ගැන මතකයන්ගෙන් මම දැඩි ලෙස ශෝක වෙමින් සිටිමි. ඔබේ දෙතොල් මගේ දෙතොල් මත රැදෙනු මට දැනෙයි. ඔබේ නෙත් මගේ නෙත් හා ගැටෙනු මට දැනෙයි. ඔබේ සිරුර මගේ සිරුර හා වෙලෙනු මට දැනෙයි.මම ඔබට ප්‍රේම කරමි.මම ඔබට ප්‍රේම කරමි. ඔබ මා උමතු කර ඇත. ඔබ නැවතත් මගේ තුරුලට ගැනීමට මම දෑත් විහිදා මහත් ආසාවෙන් බලා සිටිමි. මගේ මුළු සිරුරම ඔබට නැවත අඩගසයි.ඔබේ හාදුවල රසය මම මගේ මුව තුළම රඳවාගෙන සිටිමි.” විනිසුරුවරයා නැගී සිටියේය. දේවගැතිවරිය කියවීම නැවැත්වුවාය. ඔහු ඇගෙන් ලිපිය උදුරාගෙන ලිපියේ අත්සන සොයන්නට පටන් ගත්තේය. එහි කිසිදු අත්සනක් නොවීය. එහෙත් “ මේ ඔබට ප්‍රේම කරන” “හෙන්රි” යනුවෙන් සඳහන් විය. ඔවුන්ගේ පියාගේ නම රෙනේ විය, එහෙයින් මේ ඔහු නොවේ. විනිසුරුවරයා වෙවුලන ඇඟිලිවලින් තවත් ලිපියක් පිටතට ගෙන කියෙවුවේය. “මට ඔබේ පහස නොමැතිව තව දුරටත් ජිවත් විය නොහැකියි.” නැගී සිටි විනිසුරුවරයා වරදකට දඩුවමක් නියම කරන්නා වූ බරපතළ විලාසයෙන් මියගිය ගැහැනියගේ අජීවී මුහුණ දෙස බලා සිටියේය. දේවගැතිවරිය පිළිමයක් මෙන් නිසලව සිටියාය. අගේ නෙත් කෙවෙනි අගින් කදුළු බිදු කඩා හැලෙමින් තිබිණි. ඇය සිය සහෝදරයා දෙස බලා සිටියේ කළ යුත්තේ කුමක්දැයි ඔහු කියන තුරුය. ඔහු සෙමින් සෙමින් කුටිය හරහා කවුළුව වෙත ගොස් දැඩි කල්පනාවක නිමග්නව රාත්‍රී අඳුර දෙස බලා සිටියේය. ඔහු ආපසු හැරෙන විට යුලලි කන්‍යා සොයුරිය ඇඳ අසළ සිට බිම බලාගත්වනම සිටියාය. ඇගේ දෙනෙත්වල කඳුළු බොහෝ දුරට වියළි තිබිණි. ඔහු බිම තිබී අහුලා ගත් ලිපි ලාච්චුව තුළට විසි කොට සයනය වටා වූ තිරය ඇද දැම්මේය. අරුණළු උදාවෙත්ම ඉටිපන්දම්වල ආලෝකය මලානික වූ අතර ,පුත්‍රයා ඉඳගෙන සිටි ඇඳි පුටුවෙන් නැගී සිටියේය. සිය මව හෙලා දුටු ඔහු ඔවුන්ගෙන් ඈත් කළ සිය මව දෙස නැවත වරක් නොබලාම “මගේ නැගණිය , දැන් අපි එළියට යමු.” යැයි පහත් හඩින් පැවසුවේය. ***සැනෝජි රුවිනිකා පෙරේරා.*** ***ගී ද මෝපසං ගේ “ A Dead Woman’s Secret” නැමැති කෙටි කතාවේ පරිවර්තනයකි.***මට තාමත් අම්මා නැති අඩුව තදින්ම දැනෙනවා. සමහර වෙලාවට හිත හිටියත් හදාගෙන, මේ ජීවිතයේ ස්වභාවයනේ ඉපදෙන අපි හැමෝම මැරෙන එක නියත දහමනේ කියලා, සමහර විටෙක ඒ හිතම හඬා වැලපෙනවා. මම හිතුවට මම ඔබට ලියන්නේ ,අපි කතා කරන්නේ සතුටු දේවල් විතරයි කියලා, අද මට මගේ දුක ඔබ සමග බෙදා ගැනීම කරන්නම ඕන වුනා. අද මට මගේ අම්මාව මතක් වෙනවා හරියට. ඇගේ අසනීපය දැනගත්ත වෙලේ සිට මම ඇය ලඟම හිටියත් , දිනෙන් දින දුර්වල වෙන අම්මව දැක දැක හිත ශක්තිමත් කරගෙන ඉන්න එක ලේසි උනේ නෑ. අන්තිම දවස් වල අම්මා හුස්ම ගත්තා විතරයි, ඇහැක් වත් ඇරියේ නෑ. අන්තිමට ඇඳට කූඹිත් ආවා, කොච්චර පිරිසිදු කරත් , අනේ ඉතින් අපි නොදන්නවා උනාට එහෙම වෙනවලු කෙනෙක් ගෙ ජීවිතේ අන්තිම දින කීපයේදි. ඉතින් ඒ වෙලාවේ මට දැනුන හැඟීම යි මේ.. අනේ කූඹියනි කන්න එපා!! අතපය අවසඟව අසරනයව ඔහේ ඇඳේ වැතිර අදද හෙටද කියා නැති මගේ ආදර අම්මාව කන්න එපා මුත්‍රා ගඳ නොඑන ලෙස හොඳින් සෝදා කරන පිරිසිදු මුහුනද අත පයද නොඑන ලෙස ඇඳ බිබිලි පියර දමා සුවඳ පිනි ඉස ගවුමක් පටලවා නැපි අන්දවා මාරු කල අලුත් ඇතිරිල්ලේ ඈ නිදයි දැන් උපන් බිලිදඳකු සේ කතාවද අහිමිව ඇසුත් නොඅරින වතුර උගුරක් පමන බොන අහිංසක අම්මා මගේ නෑ දන්නෙ නුඹ ඈ කෑවත් ඇඳ අසලටම වී නිදි කිරන මැස්සන් මදුරුවන් එලවන ඉඳහිට පිරිත් කියමින් ඇගේ සුවයම පතන එකා දෙන්නා පෙනෙයි එක පේලියට එයි විටෙක පන්සිල් අමතකය මට එවිට මේ පලමු අවවාදයයි නුඹට කන්න එපා මගේ අම්මාව කූඹියනි !!! පින්තූරය අන්තර්ජාලයෙනි .කෑම! "මේහ්, මෙන්න මෙහෙ එනවද දෙන්නම ඉක්මනට, වටපිට සමයං නොබලා" "මු. න් මිනිස්සු ද සත්තුද අම්.මපල්ලා." එහෙම කිය කියා රකු.සු මූණකුත් හදාගෙන හෝටලෙන් පිටවෙලා දික් අඩි තිය තියා දුවන සිදත් පිටිපස්සෙන් ජයමිණි , ජයමිණි පිටිපස්සෙන් මම. එහෙම දුවන ගමන් මම කල්පනා කලේ සිදත්ට ඒ ඩිංග ට වැහුණු ය. කා මො. කාද කියලා. "මෙයාට ඩෝං ගිහින් මොකෝ අනේ ?" එහෙම කියපු මම ජයමිණිට ඇඟිල්ලෙන් ඇන්නා. එයාට හිචිස් ගාලා හිනාගිය පාරට පස්ස බලපු සිදත් "අනේ මෙහ්, දෙන්නා හිනාව නතර කරලා කරුණා කරලා වාහනේට නගිනවද" කියලා දත් කූරු කකා දුවලා ගිහින් වාහනේට නැග්ගා. ඩ්‍රයිවින් සීට් එකට බරදීපු සිදත් වාහනේ ස්ටාර්ට් කරලා බ්‍රාස් ගාලා ඉස්සරහට ගත්තේ අපි සීට් වල තැන්පත් වෙන්නත් ඉස්සෙල්ලා. ජයමිණි ඉස්සරහා සීට් එකේ මම පස්ස සීට් එකේ. වාහනේ ගැස්සිච්ච පාර තව ටිකෙන් හොම්බ කටත් සමතලා වෙනවා. මහා සද්දෙන් මීගමු පාරට වාහනේ දාගත්තු සිදත් පෑගුවා පෑගිල්ලක්. එදා පාරත් පාළුයි . හේතුව ඒ එක්තරා චන්දෙ දවසක දවල් වරුව වෙච්චි නිසා. සාමාන්‍යයෙන් ඒ කාලේ චන්ද දවස් කියන්නේ අනියමාර්ත නිවාඩු දවස් වගේ. කොයි වෙලේ ක. ළුවර නීති වැටෙයිද නොදන්නා කාලයක්. පාරවල් හිස් නිසා ඕනෑ හැටියේ පාගතෑකි. ඒත් එහෙමයි කියලා අවදනමක් ගන්නේ මොටද? "හරි හරි පරිස්සමින් යමු. අපි හලාවත ගිහින් ආයෙ කොලඹ එන්නත් එපායෑ. ඔයා පස්සෙ හිමීට කියන්නකෝ මොකද ඒ වුණේ කියලා " මම කියද්දි " චැහ්. අනේ ඇත්තට මේ රටකට ගිය කල" කියලා සිදත් තනියෙන්ම කථා කලා මිසක් කෑම තියා ආයෙ තේකක් බොන්නවත් නතර කලේ නෑ හලාවත ටම එනකං. මේ කියන කාලයේදී මම ලංකාවේ විශ්ව විද්‍යාලයක අනුබද්ධව පිටරට විශ්ව විද්‍යාල ව්‍යාපෘති වගයක් වෙනුවෙන් සේවය කලා. ඊට අදාල සමහරක් කාර්ය වෙනුවෙන් සම්බන්ධ වෙච්චි සමාගමක් තිබුණා. මේ සිදත්, ජයමිණි ඔක්කොම සේවය කලේ ඒ සමාගමේ. මටත් ඔවුන් හා කිරීමට නියමිත රාජකාරි තිබුණු නිසා අපි බොහොම හොඳ යාළුවෝ වෙලා තිබුණා ඒ වෙද්දී . මට සතිපතා කොලඹින් පිට ගාල්ලෙ හා පේරාදෙණි යන්නත් තිබුණු නිසා සමාගමෙන් ඊට රියදුරෙක් සමග වාහනයක් ලබා දීලා තිබුණා. රියදුරා ඔය හොරණ පැත්තේ මනුස්සයෙක්. උන්නැහේ නිවාඩු ගිය දවස්වලට මාත් එක්ක ‍රාජකාරී ගමන් යන්න කොම්පැණීයෙන් සිදත්ව ලබාදුන්නේ ඔහු කොම්පැණීයේ හොඳ නිලයක් දැරූ අපිට වඩා අවුරුදු 6,7 ක් වැඩිමල් පුද්ගලයෙක් වීම වගේම බොහොම වැදගත් කෙනෙක් වීමත් ලංකාව පුරාම පාරවල් හොඳින් දැන හිටීමත් නිසා. මේ කියන කාලේ ඔය පාරවල් පෙන්නන ගූගල් අයියලා, ඇපල් අක්කලා හිටියෙත් නෑ. අනෙක සිදත් එක්ක ගමන් යන්න ගෙවල් වලිනුත් අපිට අවසර ලැබී තිබුණේ ඔහු බොහොම වැදගත් කෙනෙක් විදිහට පිලිගත්තු නිසා. කොටින්ම මේ ඔක්කොම අපේ හැටන් ගෙදරත් ගිහින් නතරවෙලා විනෝද වුණු අය. මේ කියන දවස ලංකාවේ මැතිවරණයක් පැවැත්වුණු දිනයක්. ඔය ජයමිණි ඇවිල්ලා හලාවත දිහා ගෙවල්. එයාගේ තාත්තා ගේ බල කිරීම නිසා එයාට එදා චන්දෙ දාන්න ඕනම කීවත් උදේ වරුවේ කොම්පැණී හදිසි වැඩ ගොඩක හිරවෙලා හිටියේ. අන්තිමට දවල් වෙද්දී මට කීවා ඉක්මනින්ම ගිහින් චන්දය දාලා ආපහු කොලඹ එමුද කියලා . ඒත් කරුමෙට රියදුරා එදා නිවාඩු නිසා අපි අදාළ අවසර අරගෙන සිදත්වත් ඇදගෙන ඒ චන්දෙ දාන්න යනගමන් තමා හිටියේ. එයා එක්ක මලගෙදරක ගියත් මාරම ආතල් ට්‍රිප් එකක් නිසා අපි හරිම ආසයි ඩ්‍රයිවර් හලලා සිදත් එක්ක ගමන් බිමන් යන්න. කොහොමත් ඒ කාලෙත් අද වගේම කන බණේම වෙච්චි අපි දවල්ට කාලාත් නැති නිසා සිදත්ට මග දිගටම කරදර කරා. "අපිට ඕන ෆ්‍රයිඩ් රයිස්" "අපිට ඕන ඉස්සෝ බැදුම්" "අපිට ඕන බැටර්ඩ් දැල්ලෝ" කිය කියා. මෑන් එක්ක අපි ඒවගේ ව්‍යාපෘති සෑහෙන්න කරලා තිබුණේ ඒ වෙද්දී . " චැහ් බොලා වගේ බඩජහරි ගෑනු " කිය කියා පොරත් තදටම පෙරේ. ත නිසා මීගමු පාරේ හෝටල් කීපයක් ම බැළුවත් දවසේ වැරැද්ද ද මන්දා ඔක්කොම
වහලා තිබුණේ. ඔහොම කෑගගහා යද්දී මීගමුවට ආසන්න වෙද්දී මූද පැත්තට හෝටලයක් ඇරලා වගේ පෙනිච්චි නිසා අපි පෙරලගෙන බහිද්දී සිදත් කීවා "ඕගොල්ලෝ ඔහොම ඉන්න මම ගිහින් අහලා එන්නම්"කියලා. ඒත් අපිත් හෝටලේ දිහාට ඇවිදං ගියා. මමයි ජයමිණි යි දැක්කා සිදත් ගිහින් අහනවා වගෙම හෝටල් සේවකයින් දෙන්නෙක් මොනවාහරි අතින් පයින් පෙන්න පෙන්නා කියනවා. විනාඩියක් යන්න කලින් ගියාට වඩා වේගෙන් ඊගහක් වගේ දුවන් ආ සිදත් යක්සාවේසෙන් වාහනේ එලවන්න ගත්තේ අපිට ලොකු ප්‍රශ්ණාර්ථයක් ඉතුරු කරලා. සිදත් ඉතින් කොම්පැණීයේ ලොකු නිලයක් දැරුවට අපේ බොහොම හිතවතා නේ. අපි දිගටම එයාට කරදර කරා. "අනේ පීස් කියන්න හලෝ, අර හෝටලේ උන් මොනවද ඔයාට කීවේ? මොකෝ ඔයාට එච්චර ඩොං ගියේ" "කා. ලකන්ණි හැති. කරෙඒ. අනේ ඕ.යි ලා, තමු. සෙලෑ මූණු බල බල මට නං ඕක කියන්න බෑ" සිදත් ජරබර ගාලා දත්මිටි කෑවා "හාං කෙලින් කියන්න බැරිනම් වටෙන් ගොඩින් හරි. කියනෝයි. "මමත් ඇතෑරියෙ නෑ. "හරි, ඔයාට මතකද දැනට මාසෙකට විතර උඩදී ඔයාට කොල්ලුපිටියෙදි වෙච්චි හුටපටේ? අන්න ඒකෙම වෙන එකක් මේ" ඔන්න සිදත් ආසන්න වශයෙන් ම කීවා. මමයි ජයමිණියි හූ කිය කියා හිනාවෙන්න පටන් ගත්තේ ඒ කොල්ලුපිටිය වැඩේ මතක් වෙලා. ඒ කියපු දවසේ මම හොඳට ඔසරියක් ඇඳලා තැන්පත් වෙලා හිටියේ විශ්ව විද්‍යාලයට යන්න නියමිත වෙලා තිබුණු නිසා. ඒ යන ගමන් කොල්ලුපිටියෙ මුහුද පැත්තට ඇති පටුමගක ඇති කන්තෝරුවකින් ලියුමක් ගන්න නියමිත වෙලා තිබුණා වගේම ඊට ටිකක් එහා ඔෆීසියකින් පර්‍යේශණ උපකරණ වගයකුත් එකතු කරගන්න වෙච්චි නිසා මම රියදුරා ට කීවා මම ලිපිය අරන් ගාළු පාරේ හිටගෙන ඉන්නම් ඔහුට ගිහින් අර නියමිත උපකරණ ත් අරන් එන්න කියලා. ලිපිය ගත්තු මම කථා කරගත් විදිහටම ගාලු පාරේ හිටගෙන වාහනේ දැන් එයිද දැන් එයිද බල බලා නොඉවසිල්ලෙන් ඉද්දී මට තේරුණා මගේ ආසන්නයෙන්ම ත්‍රීවීලරයක් නතරකල බව. " කොහේටද යන්න ඕන? එන්න එන්න" ඒ ත්‍රී වීලර් කාරයා. මහා එක්තරා පාටක මිනිහෙක් නිසා මම එරෙව්වා ඒ ඩෝග් ට. "නෑ අවශ්‍ය නෑ" කියලත් කීවා. මොන, " යං යං අපි යං. ඕන තැනකට යං" ආයෙත් කියනවා. "අනේ යං කෝ, යං කෝ" මගේ කෝපේ අසූහාරදාහට නැගගෙන ආවා. කෑගහන්නත් බෑ. ඩ්‍රයිවරයා පේනතෙක් මානෙකත් නෑ. මූ නං දීයම කා.පිය. මම කේන්තියේ වෙව්ල වෙව්ලා කල්පනා කලා. "එනවද එනවද යංද යංද" අපි හැමෝටම වගේ මගෙත් ඉවසීමේ, විනීත කමේ, වැදගත් සීමාවක් තියෙනවා. ඊටත් එහාට ගියාම එන කෝපෙන් ඕනම එකක් කරන්න මං හරිම ආසයි. ඒ නිසා මගේ ලස්සන බලි කට ඇරලා ත්‍රී රෝද රථ උතුමාණන් ගේ මෑණියන් වහන්සේත් මතක් කරලා තවත් ලස්සන මරියක. ඩේ හරුප වචන ටිකක ඔතලා හෙන ටිං බෙලෙක්ක සද්දෙන් ඩෝං ගාලා වීසි කරද්දි ගාලු පාරේ එවෙලේ එතැනින් ගිය කීපදෙනෙක් ම වටවුණා. "මොකෝ ඩොහ් මොකෝ වෙන්නෝන" කියලා තුන්‍ රෝදේ එක්ක සටනට එන්ටර් වෙද්දී පොර හිමීට ලිස්සලා ගියා. "හනේ කාලේ වනේ වාසේ" කියලා මාත් මගේ රාජකාරියට ගියාට මටත් ලොකු කණස්සල්ලක් ආවා. මෙච්චර ලස්සනට වැදගත් තාලෙට ඇඳලා පැලඳලා හිටි මට එහෙම කියන්න තරම් මූලා වන්. චර වුණේ කොහොමද කියලා . "හරි හරි කොල්ලුපිටියෙ කථාව වෙනයි. දැන් මේ හෝටලේ කොල්ලො දෙන්නා ඔයාට මොකද කීවේ?" මොකෝ උන් අපිව හරියට දැක්කෙවත් නෑනේ" සිදත් දත්කූරු කෑවා. "කීවෙද? ආහ් කීවෙද? තමු. සෙලා දෙන්නට ඒක අහගන්න ආසම නං කියන්නං." "සර් සර් කෑම නං නෑ. පැය දෙක තුනකට කාමරයක් නං දෙන්න පුළුවන් තුන්දෙනාට" "දැන් තේරුණාද තමු.සෙලා දෙන්නට." මේක දැනට අවුරුදු ගණනාවකට කලින් වෙච්චි සිද්ධියක්. ඒ වගේ කාරණා සලකා බලද්දී මේ වෙද්දී නම් කථාකරන්නවත් දේවල් ඉතුරුවෙලා නෑ නේද මේ පින් බිමේ. ඔයාලාගේත් මෙහෙම හිං. සාකාරී අත්දැකීම් මේකේ කමෙන්ට් කරනවා නම් සතුටුයි . නිමි. Bhadhra Piyadigama Koswatteසිස්සත්තෙ... මං ඇවිල්ලා බුකියෙ හෙන ඇක්ටිව් පොරක්.උඩට පහලට යන ගමන් රටේ ලෝකෙ හැම බහුබූතයක්ම කියවන ගමන් හිතට වැදුනු පෝස්ට් වලට ලයික් කරන එක,ඒවට කමෙන්ට්‍රි ලියන එක ඒවට ශෙයා පාරක් දාන එක මං සෑහෙන්න කාලෙක ඉදල කරන කටයුත්තක්.රස්සාව කොයි තරම් බිසී උනත් කොයි පත්තුවෙ කොයි ඉසව්වෙ හිටියත් මං ඔය දේවල් කරන්න වලට පොඩියට පොඩියට හරි වෙලාවක් හදාගන්නව.ඉතින් අදත් මම වෙනද වගේම ෆ්බී පැත්තට ඔලුව දාල බැලුව. හැමදාම මොකක් හරි සිද්දියකින් කැලඹිලා යන බුකිය අද කැලඹිලා ගිහින් තිබුනෙ සිස්සත්තෙ විභාගෙ ප්‍රතිපල වලින්.ලිස්ට් එකෙ ඉන්න දන්න නොදන්න ගොඩක් උන්ගෙ ලමයි බමයි සිස්සත්තෙ ලියල.සමහර අය ඉහලින්ම පාස්.සමහර අය යන්තම් පාස්.තවත් සමහර අයටට එක ලකුනක් මදි.තවත් සමහර අයට ලකුනු දහය පහලොව මදි. තමන්ගෙ දරුව ලකුනු වලින් දුර්වල නිසා රිසාල් පත්තරේ අප්ලෝඩ් කරගන්න බැරි උන ඇත්තොත් ඔය අස්සෙ ඕන තරම් ඉන්නව ඇති.අද කතාව ඒ බැරි උන ඇත්තො ගැන. මං සිස්සත්තෙට ඉගන ගත්තෙ හද්ද පිටිසර ගොඩේ ඉස්කෝලෙක.ඒ ඉක්කෝලෙ සිස්සත්තෙ පන්ති තිබ්බෙ එකයි.ලමයි හිටියෙ විසි තුනයි.ඒ ඔක්කෝමලා නැති බැරි පන්තියෙ.උන් අම්මා අප්පා කියල කතා කරේ එදා වේල හම්බකරන් කාපු වැස්සකටවත් ඉක්කෝලෙකට නොගිහිපු අහින්සක මිනිස්සුන් කට්ටියකට.මේ සිද්දිය වාර්තා කරන මටත් මේ කතාවෙ ලොකුම චරිතෙ වෙන අකලංටත් කිසි වෙනසක් තිබ්බෙ නෑ.අපි දෙන්නා හිටියෙත් ඒ නැති බැරි පන්තියෙ.අපේ අම්මල අප්පලත් මෙලව හසරක් නොතේරෙන හෙන නූගත් මිනිස්සු.රස්සාව අතින් ගත්තොත් මගෙ අම්මා කරේ අක්කර විස්සෙ කෑල්ලෙ උදැල්ලෙන් පොලව කොටාපු එක.අකලංකගෙ අම්මා කරේ ඒ වත්තෙම තේ දලු කඩාපු එක.මගෙ අම්මයි අකලංකගෙ අම්මයි ගජ යාලුවො.උදේට වැඩට යන්නෙ එකට.හවහට වැඩ ඇරිල එන්නෙ ගෙදර.වත්තෙදි බත් එක ලිහන් කන්නෙ එකට.තිබහට කහට වක්කරන් බොන්නෙ එකට.ඒ දෙන්නා එහෙම වෙනකොට උන්දැලාගෙ ලමයි වෙච්ච අකලංකයි මමයි ගැන කවර කතාද.අපි දෙන්නත් අම්මල දෙන්නට හපන්.ඉක්කෝලෙ ගියේ එකට.ඇරිල ආපහු ආවෙ එකට.සිස්සත්තෙට කියල අමතර පන්ති ගියෙ එකට.ගෑණු පිරිමි කියල වෙනසක් පොඩි කාලෙ තිබ්බෙ නැති නිසා අපි පන්තියෙ වාඩි වෙලා හිටියෙත් එකට.අනිත් ලමයි ගැහුවම අඩාගෙන ගිහින් කිව්වෙත් ඌට.ඒක පුදුම බැඳීමක්. ඔය කියන අකලංක සුදු හීන්දෑරි කොලු ගැටයා.ඌට තිබුනෙ අව්ව ඩිංගක් වැටුනත් රතු පාට වෙන අමුතු පහේ හම් පොත්තක්.ඔය හම්පොත්ත ගිනි රතුවෙන්න ගුටි කන එක අකලංකගෙ ජීවිතේ කොටසක් උනා.අකලංක කන තරමක් ගුටි කෑවෙ සිංහලයි පරිසරයයි උගන්නනකොට.මිනිහගෙ අකුරු ඉරටු කෑලි වගෙ.ගැට නෑ.ඉස්පිලි පාපිලි නෑ.වෙදාගෙ අකුරු තව හොදා.එච්චරක් නම් බැරිය.එයාට අග මුල ගලපල රචනාවක් ලියාගන්නත් බෑ.කොච්චර කියල දුන්නත් මිනිහා ලියන්නෙම මම මල් කඩමු, අපි මල් කඩමි කියල.ඉතින් හැමදාම පේපර් එකේ රචනාවට හයෙන් බින්දුවයි.පරිසරයත් එහෙමයි.වත්තෙ පිටියෙ හැදෙන ගහකොල ගැන සතා සිව්පාවා ගැන කුස්සියෙ බඩු බාණ්ඩ ගැන අකලංකට මෙලෝ දැනීමක් තිබ්බෙ නෑ.ඒත් එයා සෑහෙන්න දක්ස එක පැත්තක් තිබුනා.අකලංකයා ලොකු ගනන්කාරයෙක්.ඒකට තිබ්බෙ පයිතගරස්ගෙ මොල ගෙඩියද කොහෙද. ඒ අන්සෙන් එයාට කිට්ටු කොරන්න අපි කාටවත් බැරි උනා..ඒකා එහෙම දක්ස උනාට අපේ පන්ති භාර මිස්ට අකලංකව සෙට් උනේම නෑ.පේපර් වල ගනිත ගැටලු පහටම හරි වැටිල තිබුනත් අපේ මිස් අකලංකට තඩි බෑව .පේපරේ තිබ්බ සිංහල පරිසරය වැරදි ගොඩ පෙන්න පෙන්න තඩි බෑව.සිස්සත්තෙ පේපරේට ගණිත ගැටලු පහක් විතරක් දීලා අනිත් ඔක්කෝම ප්‍රස්න සිංහල පරිසරය පාඩම් වලින් හදපු එකයි ඔය තරම් තඩි බාන්න හේතු උනෙ.සිස්සත්තෙ පාස් වෙන්න ගනන් හදල විතරක් බැහැලු .අනික්වත් හොදටම කරන්න ඕනලු.අපේ මිස් අකලංකට තඩිබාන ගමන් හැමදාම කීවෙ ඔහොමයි. එතකොට මට ඕකෙ අනිත් පැත්ත.මට සිංහලයි පරිසරයයි හොදටම පුලුවන් උනාට ගනන් හැදිල්ල කවදාවත් හරියට කරගන්න බැරි උනා.ගනිත ගැටලු පහෙන් මට හැමදාම හදාගන්න ඇහැක් උනෙ එකයි.අනිත් හතරම හිස්තැන් විතරයි.මගෙ වාසනාවටද අකලංකගෙ කරුමෙකටද මන්දා අපේ මිස් මට කවදාවත් ඒ හිස්තැන් පෙන්නල තඩි බෑවෙ නැහැ.රචනාවයි අනිත් ප්‍රස්න ටිකයි හරි නිසා මාව මුරුංගා අත්තෙ තියලම කතා කරා.ඒ අතරෙ අකලංකගෙ පලු ඇරියා.ඔය කොයි දේ උනත් අකලංක මං එක්ක තරහ උනේ නෑ.මිස් පිට පාත් කරල ගහන වෙලාවට අකලංකගෙ ඇස් වලින් කදුලු බෝල පිටවෙලා ඒවා කුඩු වෙලා කම්මුල දිගේ වැක්කෙරෙනව.ඒත් එයා ඊලගෙ මිනිත්තුවෙද් ඒ කදුලු ගෙඩි පිහදාගෙන මං දිහා බලාගෙන අහිංසක විදියට හිනා වෙනව.මට මතකයි පහ වසරෙ හිටියා කියල නෑ අකලංක ඉක්කෝලෙ ආවෙ ලේන්දුවක් තුන්හුලසක් වගේ නවල යතුරු කට්ටකින් කොලර් එකට තියල අමුණගෙන.එයා අඩල අඩල නහයෙ හොටු පිරුනම ඒ ලේන්සුව නහයට කිට්ටු කරල හුරුස් ගාල උඩට අදිනව.මට ඒ වෙලාවට කැතක් හිතුන්නෑ.ඒත් මට සෑහෙන්න දුක හිතුනා.මිස් පන්තියෙ නැති උනාම මං අකලංකගෙ පොත අරන් බැරි ප්‍රස්න ටික ලියල දෙනව. ඔහොම දවස් ගෙවිලා ගියා.සිස්සත්තෙ ලියල ප්‍රෙතිපලේ එන දවස උදා උනා.එදා අම්මයි මමයි ටවුමට ගිහින් බැලුවහම මං සිස්සත්තෙ පාස් වෙලා තිබුනා.අපේ අම්මා මාව ඉබල කඩේකට එක ගිහින් මට ලොකු මාලුපාන් ගෙඩියකුත් අරන් දුන්නා.තව අලියා බීම බෝතලේකුත් අරන් දුන්නා.මගෙ හපන්කම සමරල අපෙ ගෙදර පොඩියට පැදුරු පාටියකුත් තිබුනා.ඕවත් එක්ක මට අකලංකව අමතක වෙලාම ගියා. සතියකට විතර පස්සෙ ආතල් ගැනිල්ල ඉවර කරල මං ආපහු ඉක්කෝලෙ ගියා.මගෙ පුටුවට එහා පුටුවෙ ඉදපු අකලංක දැක්කහම තමයි මට එහෙම යාලුවෙක් ඉන්නවද කියල මතක් උනෙත්.ඒ තරම් මගෙ සිස්සත්තෙ පාස් වීමේ සතුට ඉහවහා ගිහින් තිබුනා.අකලංක..එයා මං දැක්කහම මං දිහා තප්පර ගානක් බලං හිටියා.ඊලගට මට සුබ පැතුව.පොඩි ලමයින්ගෙ බාසාවෙන් කරපු ඒ සුබ පැතිල්ල අහල මට මං ගැන ලැජ්ජ හිතුනා.අනෙ මට එයා මග ඇරුනු හැටි.මං බිම බලාගෙනම හිටියා.මං එහෙම හිටියට එයා නං හිනා වෙනව. මට ලකුනු සීයයි. එයාම කියනව.එයාට නෑ කිසි දුකක්.අඩුම ගානෙ මූනවත් බෙරි වෙලා ගියේ නෑ එච්චර ලකුනු අඩු වෙලා තිබිලත්.එදා ඉක්කෝලෙ ලොකු උත් සවයක් තිබුනා.ඒ උත්සවේදි පාස් වෙච්ච ලම