comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හැක. එයින් තාරුන්‍යයේ හෙට දවස වෙදනා බර විය හැකි ය. අද ලිපියෙන් මම මේ දැවෙන්නාවූ සමාජ අර්බුධයට හේතු හොයන්නට බලා පොරොත්තු වන්නෙමි.අඩුවෙන් හෝ වැඩියෙන් ඔබ සහ මම සැවොම ප්‍රේමයේ ගොදුරු බවට පත්ව සිටින්නෙමු.. ගෝලීයකරනයත් සමග වත්මන් ප්‍රේමය විටක ආතල් ය. විටක ආතල් නැත. සමාජ වෙබ් අඩවි විසින් වත්මන් ප්‍රේම සබදතා සමග සෙල්ලම් කරනා බොහොමයක් අවස්තා අපි දැක ඇත්තෙමු. මේ එයට පිලියමක් සොයන්නට කාලයයි.කාර්‍යබහුල ජීවන රටාව හමුවේ, තරුන ප්‍රේමයේ අන්තර්ගතය තුල ඇතිකරන්නාවූ ගැටලු බොහෝම ය. ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ඇති කරන්නාවූ භීශනයේ ගැබුර අපි විද ඇත්තෙමු. එදා දිනකට සිය වතාවක් පෙම් හසුන් නිවසේ කොනක් කොනක් ගානේ සගවමින් වින්දා වූ ඒ මානසික ආතතිය අද පෙර යොවුන් වියේ සිටින්නාවූ පාසල් ශිශ්‍යාට ලැබෙන්නෙ නැත. නමුත් ඊට එහායින් වූ අප්‍රමානයක් ගැටලු වලින් වර්තමාන පාසල් ශිශ්‍යයා පෙලෙන්නේ ය.සමාජ වර්චුවල් කරනයත් සමග අත්වන්නාවූ ගැටලු ඉන් ප්‍රමුකස්තානයක් ගන්නේ ය.එදා පෙම්වතෙකුට තම පෙම්වතියගේ සුදු මුහුන දකින්නට සති ගනනක් ඇගිලි ගනින්නට සිදු වී ය. ඇගේ හඩ අසන්නට ද හැමදා ඉඩක් ලැබුනේ නැත.එමනිසා කාලයක් තිස්සේ එකිනෙකා නොදැකීමෙන් උන්ට තනිකමක් දැනුනේ නැත. ඔවුන් තුල මියුචුවල් අවබෝධතාවයක් තිබුනි. නමුත් ලෝකය වෙනස් වී ඇත. අද උන්ට කතා කරන්නට ස්කයිප් ඇත. හසුන් ලියන්නට ෆේස් බුක් චැට් ඇත. නැතිනම් වට්සැප් සහ වයිබර් ඇත. එමනිසා ඔවුන් පෙරටත් වඩා එකෙනෙකා මත ඩිපෙන්ඩන්ට් වී ඇත. අනෙකාගෙන් නොඅසා ලොසින්ජරයක් කෑමට පවා උන් අද බියෙන් තැතිගොස් සිටිති.අද උන්ට තමන්ගේ මිතුරන් සමග වත් කොහේවත් යන්නට ඉඩක් නැත. හොරෙන් ගියද විනාඩි කිහිපයක් තුල මිතුරෙකුගේ පින්තූරයක ටැග් වන්නට ඒ අහින්සක පෙම්වතාට සිදුවී ඇත. ඉන් අනතුරුව සිදුවන්නාවූ දුක්ඛිත තත්ත්වය අපි සැවොම දනිමු.වෙනත් ලමිස්සියක ගේ යමක් ලයික් කලතොත් ඇගෙන් ලැබෙන්නාවූ දඩුවම දඩයක් හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් දක්වා දරුනු විය හැකි ය. මෙවන් අවනඩු වලදී සැකයේ වාසිය හැමවිටම පැමිනිලිකාර පාටියට හිමිවන්නේ ය. මෙය බොහෝ වේදනාකාරක රීතියකි. එම නිසා බොහොමයක් අවස්තාවන් වල නිර්දෝශී පෙම්වතා වැරදි කරු බවට පත්වේ. එවූ දුකින් මත්පැන් පානය කලහොත් ඔහුට සීමානොමැති දඩුවම් ප්‍රමානයක් ලැබිය හැකි ය.එමනිසා කිසිදු සැකයක් ජනිත නොවීමට වත්මන් ප්‍රේමවන්තයා බොහෝ වෙහෙසක් දරයි. මෙම නිසා උදේ ඇස් හැරුනු මොහොතේ සිට රාත්‍රී නිදාගන්නට අවසරයක් ලැබුනහොත් නිදාගන්නා මොහොත දක්වා නොකා නොබී තම කල්කිරියාවන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔහුට සිදුවී ඇත. ශාරීරික අවශ්‍යතාවයක් නිසා උදෑසන මැසේජයක් යැවීමට අතපසු වී දඩුකදේ ලෑ අවස්තාවන් ද බොහොමයකි.කැමැත්තන් හා අකමැත්තන් එකෙනෙකා මත වෙනස් වන්නේ ය. ඇය කැමති දෙයකට මා මුලුමනින්ම අකමැති විය හැකි ය. සම්බන්ධතාවයකට කමිට්මන්ට දීමෙන් පසුව මෙවන් අක්‍රමිකතාවන් පිලිබද අවධානයට ලක්වීම බොහෝ ගැටලු වලට හේතුවයි. යම් සෙයකින් අප මෙයට පිලියමක් ගෙන ඒම මගින් පමනක්, ඩිප්ප්‍රෙශන් සහ ෆ්‍රස්ට්‍රේශන් වැනි බොහොමයක් තරුන ප්‍රශ්න අවම කරවා ගත හැකි ය. මගේ අදහස නම් , සම්බන්ධතාවයකට එලබීමට ප්‍ර්‍රථමයෙන්, සාක්ශිකරුවන් දෙදෙනෙකු අභියස එකගතා ගිවිසුමකට අත්සන් තැබිය යුතු ය. ඉන් දෙදෙනා සතු ඉල්ලීම් සහ කොන්දේසි එකිනෙකාට වහෙන් ඔරව පැවැසීමෙන් තොරව දැනගත හැකි ය. මෙවන් ලේඛනයක ඇති අනික් වාසිය නම් සාදාරණ හේතුවකින් තොරව විටින් විට එක් පාර්ශවයකට පමනක් ගිවිසුමෙන් ඉවත් විය නොහැකි වීමයි. එම නිසා උදේ හවා, "තරහද සුදූ" වශයෙන් ඇසීමේ අව්ශ්‍යතාවයක් ද පැනනොගැනෙනු ඇත. දෙපාර්ශවයේ කැමැත්තෙන් වෙන් වූ අවස්තාවන් වලදී පවා හුවමාරු කරගත් වටිනා ත්‍යාගයන් නැවත රිටර්න් කරගැනීමේ අවස්තාව ද බෝනස් වාසියකි. මෙනිසා මීලගට එලැබෙන්නා වූ ගිවිසුම් වලදී නැවත නැවතත් මුදල් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් ද නොයෙනවා නියත ය.
BLOG
මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්ස‍රහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.."ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා.. "හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට.
BLOG
. . . ...08. 27. 06. . . . .1995. 10. 29. 05. 08.
BLOG
මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් ‍රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,‍රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.මේ රටේදී දිවිනසා ගෙන සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් ‍රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු ‍රැකියාවෙත් වැ‍ටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,‍රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර ‍රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.
BLOG
අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන්‍වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසිනි.
BLOG
සාමාන්‍යයෙන් ෆයිල් එකක් පෝමැට් කරනකොට හාඩ් එක කොටස් 4කට බෙදෙනවා.බූට් සෙක්ටර්ඩිරෙක්ටරි ඒරියාඩේටා ස්පේස්ෆයිල් ඇලොකේසන්ටේබල්බූට් සෙක්ටර් කියන්නේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් විමට අදාලව විධාන සහිත සෙක්ටර් එකයි.දත්ත තැන්පත් කෙරෙන්නේ ඩේටා ස්පේස් තුලයි. පාටිෂන් එකේ ධාරිතාවෙන් සියයට අනූ නවයක් පමන මේ වෙනුවෙන් වෙන් වේ.පාටිෂන් එක මත සේවු කර ඇති ෆයිල් වල ඒවායේ ධාරිතාව යනාදී දත්ත රදවා තැබෙන්නේ ඩිරෙක්ටරි ඒරියා නම් කොටස තුලයි.මෙම ඩිරෙක්ටරියේ කොපී කිහිපයක් බැකප් ලෙස හාඩ් එකේ රැස් වෙනවා.ඊට හේතුව එක් ඩිරෙක්ටරියකට හානියක්සිදු වුවහොත් සම්පූර්න දත්ත ප්‍රමාණයම ලබාගත නොහැකි වීමේ අවදානමෙන් මිදීමටයි.ඒ වගේ වෙලාවට ඔටෝමැටිකලි වෙනත් ඩිරෙක්ටරියකින් දත්ත කියවනු ලබයි. අපි ෆයිල් එකක් පරිගනකයෙන් හෝ උපාංගයකින් මකා දැමූ විට ඇත්තටම සිදු වන්නේ දැනට ක්‍රියාත්මක ඩිරෙක්ටරි ඒරියා එකෙන් ඒ ෆයිල් එක මකා දැමීම පමනි.එහෙත් තවත් ඩිරෙක්ටරි වල එම දත්ත වල පිටපත් තිබේ. ඩේටා රිකවරි මෘදුකාංග වලින් කරන්නේ අමතර ඩිරෙක්ටරි කියවලා ඒවා රිකවර් කර දීමයි.දැන් සිද්ධ වෙන දේ පිලිබද ඔයාලට අවබෝධයක් ඇති නේද@@ මම පල්ලෙන් දෙන ලින්ක් එකෙන් දත්ත සාමාන්‍ය ආකාරයට රිකවර් කර ගන්න බැරි වෙන පරිදි මකලා දාන්න පුලුවන් කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන බලන්න.phpමෙම ලිපියේ අයිතිය www.com සතුවේ.
BLOG
කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි.
BLOG
෴ගුරු පඬුරු ෴පුංචි දිනූෂ පොහොර උරයක් තරම් ලොකු තම පාසල් පොත් මල්ලට අත යවා ඔහුගේ සිහින් ඇගිලි තුඩු එහා මෙහා යවමින් ඒ සුන්දර වස්තුව එහි ඇති බව අවසන් වරටත් ,නැවතත් සැක හැර දැන ගත්තේ, වෙනදාටත් වඩා උදයෙන් පාසල බලා පිටත් වූවේ ය.උදෑසන පාසල් පැමිණී වේලාවේ සිට ම ඔහුගේ විමසිලි පුංචි ඇස් ගුරුවරියන් අතරේ සැරි සැරූ ව ද, මිනිත්තුවෙන් මිනිත්තුව විනාඩියෙන් විනාඩිය , පැයෙන් පැය ගත ව ගොස් පාසල් කාලච්ඡේද සියල්ල ද අවසන් වී ගිය ද ඔහු සෙවූ ඒ රුව එදා පාසල් පැමිණ සිටියේ නැත.“කමක් නැහැ, හෙට බලමු “ හැමදාමත් මෙන් තම පුංචි සිත සනසා ගත් ඔහු ඔහුගේ බෑගයේ වූ ඒ අනර්ඝ වස්තුව ද රැගෙන ගෙදර ආවේ ය.පසු දින ද , ඊටත් පසු දින ද, ඊටත් පසු දිනට පසු දින ද වශයෙන් මෙසේ දින දින ගෙවී ගිය ද , ඔහුගේ ආසාව නොසංසිදුනු නමුත් ඔහු හිතේ වූ පුංචි බලාපොරොත්තු ව කිසිදාක කඩ වුනේ නැත.අවසානයේ දී සතියකට දෙකකට පමණ පසුව ඔහු ගේ සිත සතුටු කරමින් ඔහු සෙවූ ඇය පාසලට පැමිණ තිබුණි. නමුත් පුංචි දිනූෂ ඇයව තනිව හමුවීමට ගත් සියලුම උත්සාහයන් නිර්ථක වී ගියේ කලකින් පාසල් ආ ඇගේ ගුරුතුමිය කාර්ය බහුල වූ නිසා ය.අවසානයේ දී කලකට පසුව දිනූෂගේ සිත්ගත් ගුරුතුමිය පන්තියට ආවා ය.“ ආහ් දිනූෂ . . . කොහොම ද පුතේ .“ සුපුරුදු පරිදිම ඇය ඇසුවා ය.ගුරුතුමියගේ සිතේ විශේෂ ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන් වී තිබෙන්නට ඇත.“ ටීචර් ,එයාගේ අම්ම ඇවිල්ලනේ “ පන්තියේ කටකාරම කොල්ලා ගුරුතිමිය පාසල් නොපැමිණි කාලයේ දී සිදු වූ වැදගත් ම සිදු වීම එසේ හෙලි කලේ ය.මෙතෙක් පොත් මල්ල තුල රැදී තිබූ දිනූෂ ගේ අතැගිලි වලින් තදින් ග්‍රහණය කර ගත් ඒ සුන්දර වස්තුව දෝතින් ගෙන ඔහු ගුරුතුමියගේ මේසය වෙත ගියේ ලෝකයම දිනු පරිද්දෙන් ය.දෑතින්ම එය ගුරුතුමියට දුන් පුංචි දරුවා මදක් ඇය වෙත බලා හිද දණ ගසා ඇයට වැන්දේ ය.තම මව විදෙශ්ගතව සිටි අවදියේ තමාගේ පුංචි තැලුනු සිතට සහනයක් වෙමින් වචනයකින් හෝ ඔහුව සැනසුවේ මේ ගුරුතුමියයි. එවන් ඇයට මේ තුඩුපඩුර ද මදබව දිනූෂ දැන සිටි ය ද, මෙසේ හෝ තම ගුරුතුමියට සැලකීමට ලැබීම ඔහුගේ පුංචි සිතට සහනයකි.“ ටීචර් , දිනූෂ ඕක ගෙනාවේ ගොඩක් දවස් ඉදල. අපිටවත් පෙන්නුවේ නැහැ“ දිනූෂගේ කටකාර මිතුරා ද ගුරුතුමියට දුන් තුති පඬුරේ හවුල්කාරුවෙකු වීමට මෙන් පන්තියටම ඇසෙන්නට කීවේ නොක්කාඩුවක ස්වරූපය ද එයට එක් කරමිනි.තවමත් තමා පාමුල සිටිනා දරුවාගේ හිස අතගෑ ගුරුතුමිය “ බොහොම ස්තූතියි “ යන්න පන්තියටම ඇසෙන්නට පවසා , තම අතේ රැදී තිබුනු කෑමට ගත නොහැකි තරමට නරක් වෙමින් තිබුණු ඒ අනර්ඝ ඇපල් ගෙඩිය දෙස කෘතගුණ පිරි දෑස හෙලා පන්තියේ කළු ලෑල්ලේ සැමට පෙනෙන සේ මෙසේ ලීවා ය.“ රන් ඇපල් “ප.ලි. මා ඇසූ කතාවක් අනුසාරයෙන් ලියන ලද්දකි.
BLOG
168.1.1 255.255.255.
BLOG
..ඒ සසර පුරා ඔබ මට අහසත් මුළු ලොවක්ම වෙන්නට ඇති අම්මේහදවතේ දෙවියන් වැඩ සිටිති යි මම දනිමීමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්Pagli hai duniya, rab ko manaaneMandir mazaaron, tak jaati haiGhar mein hi mere, hota hai teerathMujh ko nazar jab, maa aati haiලොව සැවොම දෙවියන් සොයාකෝවිල් දෙවොල් වෙත පියමනී..නමුදු මගේ අම්මා සිටින කල නිවසේදෙවියන් හා සමයිමාගේඅම්මාJanam janam meri ardaas maaJanam janam tu mera ehsaas maaSach ka pata dil mein hi hai par mujh ko ye pataMere dil mein rehti, bholi bhali meri maaසංසාර ගමණ පුරාවට ඔබ මගේ යැදුමයි අම්මේ...ඒ සසර පුරා ඔබවයි මගේ සිතුමන් පැතුම් අම්මේ...හදවත ගැඹුරේ සත්‍ය සැඟව තියේළුමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්Bachpan se ab tak maa se kya seekhaaMain ye jahaan ko batlaaungaJab naaz hogaa, tum ko bhi mujh peWo din yakeenan, main laaungaකුඩාවිටම තේරුම් ගත්තා මගේ අම්මේමම කවදා හෝ ලෝකය ජයගන්නා විටඔබ මා ගැන ආඩම්බර වන බවJanam janam houn tera vishwaas maaJanam janam rahoon main tere paas maaIn khwahishon in koshishon se pehle to magarMere dil mein rehti, Bholi bhali meri maaසංසාරය පුරා ඔබේ විශ්වාසයයි වන්නට ඇති මම අම්මේසංසාරය පුරා ඔබ හා ජීවත් වන්නට ඇති මම අම්මේමගේ හැමදේකටම පලමුවත් ඔබයි අම්මාමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායිගීතය බාගත කරන්න | Download Song (Film Version)චිත්‍රපටය :Phata Poster Nikla Heroගීතය‍: ජනම් ජනම්ගායනය : අතීෆ් අස්ලාම් සමඟ සුනිධී චෞහාන්පද : ඉර්ෂාඩ් කමිල්සංගීතය : ප්‍රීතම්අධ්‍යක්ෂණය : රාජ් කුමාර් සන්තෝෂ්රංඟනය : ශාහිඩ් කපූර්, පද්මිනි කොල්පුරේ, ඊලියානා ඩී සූzස්.
BLOG
වෙනසක් ඇති කරමු. මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු. මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොටලියනවා වෙනුවට ලියැවෙන දේවල්ඇති කොටඅඬනවා වෙනුවට ඇඬෙන දේවල්ඇති කොටපැමිණෙන්න අපි කතා කරමුසීතල කුණාටුවකදිත්පන්නරය ලබන හැටි වානේඑන්න, අපි කතා කරමුමිතුරනි, පුවත්පත් කරනාකොතරම් දුක්ඛිතද ඔබේ අකුරුව්‍යාජයන් පසුපස හඹා යන කලසොයා ගත නොහැකි තරමටගනඳුරක්ද හදවතහඬා වැළප ගෙවුණු යුගවලසිටි නමුත් ඉන්නක් මෙන් සිටගෙන නොසැල එක දිගටදියාරුව යන්ට නොදෙනෙක හදවතමොනතරං අපහසුද දුෂ්කරදමල් පවා නැවී ගඟ දියටපෙති විසිර යන කල දිය සැඩටආදරය සෙනෙහස පවා රිදුම් දෙනවැති මිතුරදුයිෂෙන්ලා එලවලා ඈතටරජවෙලා පල්හොරුන් ගුරු ගෙයඉහළ අස්සනින් තටු ලැබකවරක් උගන්නන්නෙහුදසොරකම පටන්ගන්නා 'යුරුදකුණාටුවක් වෙලා වත් අපටපුළුවන්ද ශුද්ධ කරන්නටතැන තැන ලෙය පිරුණුකිණිසි තුඩු විසිරි බිමඑන්න, අපි කතා කරමු මිතුරPicture -Ikenaga Yasunari (Japanese, Contemporary, b.
BLOG
එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.මේ ඒකෙ දෙවෙනි කොටස.ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිටනිමිලගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුනකාර්‍යභාරයක් ඉතිරි කරමින්.මෙයිට වසර කිහිපයකටපෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මිකමහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහුඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.ඒ වඩු මහත්තයාතමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාටනොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භකල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.මේ සාකච්චාවටදැන් ප්‍රවීණ වඩු මහත්තයාගේනිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.නිවසේ තිබුණවාඩි වීමට හැකි සියලු දේඅවසන් වූ පසුපන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවාසාමාජිකයින් පෙළඹුණා.මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින්ඉමහත් ජනාදරයට පත් උනා.කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි වුණුගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටුසාජ්ජේ වෙනකල්වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයටඑරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීමසදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේනිවසේ සාකච්චාවපැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා. . .
BLOG
(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාදය කීව ද දෙක ම එක ම ය. වචන දෙකක් වුව ද, වචන දෙකෙන් ම කෙරෙනුයේ එක ම ක්‍රියාවලිය යි. එ බැවින් මේ සාකාච්ඡාවේ දී මින් ඉදිරියට අනුවාදය යන වචනය පමණක් මම භාවිතා කරමි. වඩා ප්‍රචලිත ව ඇත්තේ ඒ වචනය වන හෙයිනි.මේ තාක් දුරට, මට දකින්ට ලැබී ඇති පරිදි නම්, විදේෂීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ සිංහලයට නඟන අනුවාදකයන් පරිවර්තනය හා අනුවාදය යන වචන දෙක, එකම අර්ථයක් ඇති වචන දෙකක් ලෙස, නැත හොත් එකම ක්‍රියාවලියක් හඟවන වචන දෙකක් ලෙස, පාඨකයන්ට හඳුන්වා දීමේ සියුම් ප්‍රයත්නයක යෙදී සිටින බව කිව යුතු ව ඇත. ඔවුන් වචනයෙන් මේ පිළිබඳව කිසිවක් නො කියුව ද, ඉඟියෙන් හා ඇතැම් විට ව්‍යංගයෙන් පරිවර්තයත් අනුවාදයත් යන දෙක එකක් ම ය යන අදහස පාඨකයන්ට දී ඇති බවක් ද, දැනුදු එසේ දෙන බවක් ද මට පෙනේ. පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර අහසට පොළොව මෙන් පවත්නා අතිමහත් වෙනස ගැන අනුවාදකයන් දනිතත්, ඔවුහු ඒ වෙනස පාඨකයන්ට නම් දැන ගැනීමට ඉඩක් නො තබති: එ මෙන් ම, එය ඔවුන්ට පැහැදිලි කර දීමට ද අදහස් නො කරති. එ සේ පැහැදිලි කර දීම ඔවුන්ට පාඩුවකි: එයින් ඔවුන්ට සිදු වන්නේ අලාභයකි. එය ඔවුන් පැහැදිලි කර නො දෙන්නේ ඒ නිසා ය. ඒ නිසා ම, පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර පවත්නා බලවත් වෙනස නො දන්නා සාමාන්‍ය පාඨකයා, පරිවර්තනය යැයි කිව ද, අනුවාදය යැ යි කිව ද, දෙක ම එකක් ලෙස සිතති. මේ වචන දෙක ම යෙදෙන්නේ, එක ම ක්‍රියාවලිය සඳහා යැ යි විශ්වාස කරති. එහෙත් මේ ක්‍රියාවලීන් දෙක අතර ඇත්තේ ඉතා බලවත් වෙනසකි.පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර ඇති බලවත් වෙනස මෙ සේ සම්පිණ්ඩනය කර දැක්විය හැකි ය:1. පරිවර්තනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟිය යුතු ය.2. පරිවර්තනයේ දී, මුල් කෘතියේ කිසි ම කොටසක්, යටත් පිරිසෙයින් එක ම අනුච්ඡේදයක් වත්, සිංහල පරිවර්තනයෙන් ඉවත් නොකළ යුතු ය.3. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම, සිංහල පරිවර්තනයේ දී ඉදිරි පත් කළ යුතු ය.4. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින් ම සිංහල පරිවර්තනයේ යෙදිය යුතු ය: ඒවා වෙනස් කිරීමක් හෝ විකෘත කිරීමක් නොකළ යුතු ය.5. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාෂා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්තනයේ තිබිය යුතු ය. මුල් කෘතියේ කතුවරයා, දීර්ඝ වාක්‍යවලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා, රූපක, අනුප්‍රාසාදියෙන් බහුල ආලංකාරික රචනා ශෛලියක් තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද තිබිය යුතු ය. කෙටියෙන් කියතොත්, මුල් කෘතියේ අදහස මෙන් ම, රචනා ශෛලිය ද සිංහල පරිවර්තනයෙන් පිළිබිඹු විය යුතු ය.6. පරිවර්තනයේ දී, මුල් කෘතියේ අදහස සම්පූර්ණයෙන් ම සිංහලයට නැඟිය යුතු ය.7. පරිවර්තනයේ දී, මුල් කෘතියෙන් සිංහල පරිවර්තනය වෙනස් විය යුත්තේ භාෂාවෙන් පමණි.8. පරිවර්තකයාට අනුවාදකයාට තිබෙන නිදහස නැත.
BLOG
(by Charith Randika)මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී."හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි."අය වැය බැලුවේ නැද්ද. ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි." දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි. මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ."මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය."එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි."හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා. ""මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ""අහ් එහෙමද. එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති.""පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි."ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය." ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද." එවර මට නොපැන සිටීමට නොහැකි විය." නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා"මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය." ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු""ඉතිං . "" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ.""දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ.""මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ. කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ. අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද. අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි""මොන මගුල හරි"මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි."වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත."ඇයි මචං .""බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ""කොහොමද බන් දැනගත්තේ"ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි."උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ.".
BLOG
4pt 0in 5.5 cm... 92 to go.".
BLOG
මෙය ටිවී අසහී(TV ASAHI) රුපවාහිනී චැනලය විසින් ගෙන එන ලද ප්‍රවෘත්තී විකාශයේ සිංහල පරිවර්තනයකි.අග්‍රමාත්‍ය අබේ මහතා අද, ශ්‍රි ලංකා ජනධිපති රාජපක්ෂ මහතා සමඟ හමුවේදී ඉන්දියානු සාගර ආරක්ෂක සහයෝගිතාවයකට එකඟතාවය පළ කලහ.අබේ අග්‍රමාත්‍ය: ශ්‍රී ලංකාව සහ අප රට අතර තිබේන සම්ප්‍රදායික මිතුරු සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්、 නාවුක රාජ්‍යන් වශයෙන නව සබඳතාවයක් ගොඩනඟා ගැනිමට අප මේ මඟින්  බලපොරොත්තු වේනවා....මේම රාජ්‍ය නායක හමුව තුලදී අබේ අග්‍රමාත්‍ය විසින් ශ්‍රී ලංකාවේ වෙරල ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම සඳහා මුර සංචාරක යාත්‍රා ලබාදීමට කටයුතු කිරීමට හැකි බවත්, ආදී ලෙස, දෙරට අතර නාවුක ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය.තවද ලංකාවේ රුපවාහිණී විකාශනයන් ජපානයේ ඩිජීට්ල් තාක්ෂණයට යවත්කාලීන කිරිමට ගත් සැලැසුම අගය කළ අබේ අගමැති ඒ සඳහා යෙන් බිලියන 14ක ණයක් ලබාදීමට ක්‍රියා කරනබව පැවැසුහ.ශ්‍රි ලංකාවේ යුධ වාතාවරණය නිමා වු 2009 වසරේ සිට ලංකාවට වැඩිම ණය ලබදෙන (ODA)රට බවට චීනය පත්ව සිටියි.චීනය විසින් The String of Pearls හඳුන්වන චීන නාවුක සහ වෙළඳ වැඩපිළිවෙළ යටතේ ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දියානු සාගර රටවලට ආර්ථික ආධාර සහ වාරය සවර්ධන කටයුතු වළට ශක්තිය යොදවා තිබේ.මෙවර සංචාරය ජපානයට ඉන්දියානු සාගර සැපයුම් මාර්ග නිරවුල්ව තබා ගැනීම සඳහා, ශ්‍රි ලංකාව චීනය වෙත යොමු වීම අවම කර තබා ගැනීමත් ඉලක්ක වේ.jp/ann/සිංහල උපසි‍රැසි සමඟ විඩියෝව.
BLOG
4pt 0cm 5. දිනපතාපුවත් පත් තුනක සඳහන් ප්‍රධාන සිරස්තල කිහිපයක්පහත දක්වා ඇත.කෝටි 15 ඉතාලි වන්දිය වංචාකළැයි පියාට නඩුදායාරත්නහිමිටත් වරෙන්තුබිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයිගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේසමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයිමැතිවරණ ප්‍රකාශනයට එරෙහි පෙත්සම් විභාගයටටී.එන්.ඒ.නායකයන් උසාවි කැඳවයිගොවීන්ට දස ලක්‍ෂ 50 ක මුදලක්‌හිඟ තබා මණ්‌ඩලය පොලොන්නරුවේ වී ගැනීමඅත්හිටුවයිවී... විකුණා ගන්න විඳින දුකක්දරුවාට දඬුවම් කළැයිකිපීසමෘද්ධි නිලධාරියා විදුහල්පතිට පහරදෙයිමැතිවරණනීති කැඩීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා 534 ක්‌වීඅලෙවි කරගත නොහැකිව උහනගම්මානරැසක ගොවීන් අසරණ වෙලාලිංගික අල්ලස් ඉල්ලූ කොට්ටාවේ විදුහල්පතිට ඇපතරුණ දියණියන්නිසා ඇප ලබා දෙනවාකොළඹප්‍රධාන මහේස්ත්‍රාත් සබරගමුව සරසවියේනවකවදයට හවුල් සියලු දෙනාට දැඩි දඬුවම්* නවකවදය සරසවි බිමෙන් අතුගා දැමීමට ගත් තීරණයක්* සිසුන්ට දැඩි ශාරිරික මෙන්ම මානසික පීඩා* සිසුන් නිරුවත් කළ ජ්‍යෙෂ්ඨ සිසුන් 19දෙනකු හඳුනාගෙනඅනුරපුරේ සක්විත්තෝ දෙදෙනෙක් කොටු වෙති මොහොතක් සිතන්න. අපි මේ දකිනුයේ එදිනදා සිදුවන දේ හි අල්පයකි. එහෙත්මිටත් වඩා භයානක, දුක හිතෙන, පසුතැවෙන බොහෝ දේ මේ රට තුල සිදුවෙමින් පවති. ඇයි මේව්‍යසනයන්. කුමක් අරඹයාද . ඉපදුණා නම් මැරෙන තෙක් සතුටින් ජිවත් විය යුතුය. එහෙත් ඒසැපත ළඟා කර ගත් යුත්තේ තවත් කෙනෙකුට දුකක් දී නොවේ. එසේ නුනහොත් යන ගමනේ කෙළවරවනුයේ දුකින්ය. වරදක් කර ලබා ගන්නා සතුටක්නැත. එහි ඇත්තේ දුක, භය සහ නොසන්සුන්කම පමණි. ලෝකයාට පෙන්න සුදු ඇඳගෙන කළු චරිතයක්ජිවමාන කරන මිනිසුන් සිටින යුගයක අපි දැන් සිටින්නේමු. ජිවිතය විඳින්න අවශ්‍යය. එහෙත්ජිවිතය සැපවත් කර ගත යුත්තේ අන් අයට පිඩාවක් අසාධාරණයක් නොවන අයුරින්ය. එවැනි තවත්කෙනෙකු පිඩාවක් නොවන අයුරින් සැප විඳින මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ සිටිති. අපිඑවැනි ජිවිත වලට සුභ පැතිය යුතුය. තවද තමන් ගේ ජිවිතය සැපවත්වන්නේ තව කෙනෙකුගේ දහාඩිය මහන්සියෙන් නම් ඊට සාධාරණයක් ඉට කළ යුතුය. තමන්ට පැවරිඇති රාජකාරිය නිසියාකාරව ඉටු කළ යුතුය. මේ පිළිබඳව බොහෝ දුරට රාජ්‍ය සේවකයින්දැනුවත් විය යුතුය. මිට අමතරව ව්‍යාපර අධිපතින් තම යටතේ සිටිනා සේවකායේ ශ්‍රමය ලබාගන්නවා සේම සහ ඔවුන්ගෙන් වැඩි දායකත්වයක් බලාපොරොත්තු වනවාසේම ඔවුන්ගේ අවශ්‍යතාවන්කෙරෙහිද විශේෂ අවදානයක් යොමුකර එම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට උපකාරි කළ යුතුය.එවිට අවශ්‍ය දායකත්වය සේවකයා නොපිරිහෙලා ඉටු කරති. ඔවුන් ලබා දුන් ශ්‍රමයට සරිලනනිසි දිමනා ලබා දිය යුතුය. සේවකායද තමන්ගේ තරම දැන ඉටු විය යුතු සේවාව තම ප්‍රධානීයාවෙත අවංකව ලබා දිය යුතුය. තමන්ගේ දක්ෂතා, දැනුම, බුද්ධිය සහ උගත්කම මතහිමි ස්ථානයක් ලැබි ඇත්නම් ඒ රේඛාවේ සිට වගකිම් ඉටුකළ යුතුය. තමන් වටා සිටිනපුද්ගලයින් සැප පහසු ලැබුවාට තමන් ඒ සැපත බලනේ හෝ තව කෙනෙකුට හිරිහැර කර ලබා ගැනිම මනුෂ්‍ය ගතියක් නොවේ. සැපත ලඟා කර ගත යුත්තේතමන්ගේ මහන්සියෙන් මිස තව කෙනෙකුට අයිති දෙයක් බලහත්කාරයෙන් ලබා ගනිමින් නොවේ. මේ සැවොම එකිනෙකාට ගෞරව කළයුතුය .අභිමානය යනු සෑම සත්වයෙකුට උරුම දෙයකි. මම ගෞරවය ලබන්න කැමති සේම මා ඉදිරියේඇත්තාද එම ගෞරවය ඒ ආකාරයෙන්ම බලාපොරොත් වේ. ඒ ගෞරවය ලබා දෙන්නේ නම් එය පෙරලාතමන්ටද ලැබේ.එවිට සතුටින් ජිවිත් වි සතුටින් මිය යා හැකිය.
BLOG
ආරම්භය =2012-07-25 දින සිට............. මම මේ වගේ blog අඩවියක් පටන් ගන්න ප්‍රධාන හේතුව අපි ඉන්නේ පිරිහෙමින් පවතින සමාඡයක ඉතින් මට හිතුනා මගේ හදවත තුල දෝරගලන හැගීම් ඹබට කියන්න.....එහෙනම් ඉතින් පළමු ලිපියෙන්ම හමු වෙමු.
BLOG
දිවිනැඟුම වැඩ සටහනට සමගාමීව දිවයිනේ සියලුම පාසල්වල හා විද්‍යා පීඨවල කෘෂිකාර්මික ගොවිපළ බැගින් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.දරුවන්ට වඩාත් හොඳ හෙටක් ගොඩනැඟීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට තාක්ෂණික විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදි විෂය යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය, ගොවිපළ කෘෂිකර්මය යන විෂය පාසල් 251 ක දැනටමත් ආරම්භ කර ඇත. පාසල් තුළ කෘෂිකාර්මික ගොවිපළ පිහිටුවීම මඟින් මේ විෂය හදාරන ශිෂ්‍යයන්ට හොඳ අවබෝධයක් ලබාදීම අරමුණ වී තිබේ.සුභාෂිණී ජයරත්නhttp://www.lk/2014/11/16/_art.fn=aa1411164.
BLOG
ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්න‍ෙ.මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න.[8MB] )මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD එක Boot කරන්න. දැන් මෙහි රුසියන් අකුරු වගයක් සමග ඔයාගෙ පරිගණකයේ ඇති OS එක වැටෙයි. Dual Boot දාල තියෙන කට්ටියගෙ තමා මෙහෙම වැටෙන්නෙ. ඊට පස්සෙ Operating System එකේ තියෙන User Accounts , Administrator ඔක්කොම වැටෙනව. දැන් ඔයාට එතනින් Passsword Remove කරන්න පුළුවන්. පහත පින්තූරය මගින් ඔබට මෙය පැහැදිලි කරගත හැක.මෙම Softwear එක වැරදි ආකාරයට භාවිතා කරන්න නම් එපා.
BLOG
දැන් දෙන්න යන්නෙ මොකක්ද දන්නවනේ. හොදයි කට්ටිය ගාවඇතිනේ ස්මාර්ට් පෝන් එහෙම මේ ඇන්ඩ්‍රොයිඩ්පෝන් වල සීක්‍රට් කෝඩ් සෙට් එකක් තමයි දෙන්න හදන්නෙ. මේ සීක්‍රට් කෝඩ් වලින් අපිටනිකන් කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුලුවන්. බලමු මොනවද කරන්න පුලුවන් කියල. ඔය පහලින් දාල තියෙන්නෙ කරන්න පුලුවන් දේවල්වලින් ටිකක්. බලන්න. පෝන් වර්ග එකින් එකට වෙන වෙනම කෝඩ් ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල්එකේ තියෙනව. වැඩි කතා ඕන නෑ පහලට ගිහින් බලන්න.SAMSUNGHTCMicromaxLG ChinaAndroid Phone Motorola ZTE ***මෙතන ඔයාගෙ පෝන් එකේ වර්ගය තියෙනවනම් සීක්‍රට්කෝඩ් තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.ඔය පහලින් තියෙන්නෙ මේ කෝඩ් වලින්කරන්න පුලුවන් දේවල් වලින් ටිකක්..ඔයාගෙ අදහසත් කියලම යන්න... මෙම කෝඩ් ලබාගත්තේ විශ්වාස වන්තස්ථාන වලිනි. කුමක් හෝ වරදක් සිදුවුවහොත් එයට අප වගකියනු නොලැබේ.
BLOG
නොවැලැක්විය හැකි හේතුවකින්වැලැක් වූනු යමක් වේදඒ අපගේ ආදරයම හැර අන් කිම.
BLOG
“අඟර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි..හේයි...අඟර දඟර පොඩි හාමිගේ වත්ත...“ ජංගම දුරකතනය අපූරුවට නාද වේ. නොදන්නා අංකයකි. සැකමුසු ගතියක් අංකයේ ඇත. ඒත් කෝල් එක ගත්තෙමි.“ආයුබෝවන්..කව්ද මේ..““මේ ජනා පුතාද...“අප්පට සිරි ගජ..හුරු පුරුදු කටහඬකි..ඒත් කව්ද කියා නිනව්වක් නැත..බරපතලම කාරණයනම් මගේ කෙටි නමද හොඳාකාරව දන්නා පොරකි..දැන් කකුල් දෙක ජපන් මැන්ඩලින් ගසමින් රා රා රා බොම්බියේ ගීතය ගයති.“ඔව්..ඔව්..එයා තමයි..““ජනා පුතා..මම මෛත්‍රී මාමා..““මෛත්‍රී මාමා කිව්වේ...““ඇයි පුතා අඳුරගන්න බැරිද..මම මෙත්‍රීපාල සිරිසේන..සෞඛ්‍ය ඇමතිතුමා...හි හි හිටපු...නිදහස් පක්ෂේ ලේකම්...ඇයි පුතා තව පොදු අපේක්ෂකයා මමයි..“මල කෙලියයි අල ලොරියයි කිව්වලු..ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහින්ද මාමට ගුලි බස්සපු මෛත්‍රී මාමා මේ පාන්දර අහිංසක මට මොනවට කතා කරනවද කියලා මම බයවුණා.“ඇ...ඇයි...ඔබතුමා කතා කරන්නේ..මේ හදිස්සියේ..“මෛත්‍රීපාල මැතිතුමා දිගු සුසුමක් හෙලයි..සුසුමේ පවා ජනාධිපති අපේක්ෂක ආඩම්බරයක් ගැබ්ව ඇත.“නෑ පුතා..මම මේ දෙයක් කියන්න කතා කලේ..““මොකක්ද මැතිතුමා..“දැන් නම් බයේ බැරිය. හදිස්සියේවත් දිස්ත්‍රික් සංවිධායක කමවත් බාරගන්න කිව්වොත්. එක පැත්තකින් මංගල උන්නැහේය, අනික් පැත්තෙන් ජස්ටින් ගලප්පත්ති උන්නැහේය, ඒ මදිවට බුද්ධික පතිරණ ද ඇත..මුන් සමග දිස්ත්‍රික්කය සංවිධානය කරන්නටනම් මට බැරිය..අනික් පැත්තෙන් ගහ මරා ගන්න වෙන්නේ ඩලස්,ලක්ෂ්මන් යාපා, මහින්ද යාපා, ජයසූරිය වගේ පතෝල පොරවල් එක්කය..ඒක නිසා මටනම් දිස්ත්‍රික් සංවිධායක කම තියා බල්ලාවත් එපාය.“මම ඊයේ ගත්ත තීරණය ගන්න කලින් උඹේ බ්ලොග් එක බැලුවා..““මොකා...““ඔව් පුතා...මම බැලුවා“නයි කයිද මෛත්‍රී කිව්වලු. මගේ බ්ලොග්එක ගෙදර එවුන්වත් නොබලන්නේ එහි මා ලියන දේ අපේ තාත්තාගේ දේශපාලන දර්ශනයට විරුද්ධ බැවින්ය. එබැවින් අපේ තාත්තා මගේ බ්ලොග් එක පැත්තවත් බලන්නේ නැත. ඉඳහිට ලොක්කාගේ ඡයාරූප තිබෙන ලිපි ලියනවා දැක හොම්බ දමා බැලුවත් ඒ ලිපිවලින් පවා ලොක්කාගේ පලු අරින බව දැක හෙමිහිට මාරුවේ, අපේ අම්මා සහ සහෝදරියන් ස්වාධීන මතවාද දරන්නන් නිසා ඉඳහිට බ්ලොග් එක කියවන බව අසන්නට ලැබේ. ඒත් පොදු අපේක්ෂකයා මගේ බ්ලොග් එක කියවන එක මට මාර ආඩම්බරය.“බොහොම ස්තූතියි ඇමතිතුමා..සොරි හිටපු ඇමතිතුමා..ඉතින් ඇයි ඔබතුමාගේ තීරණයට මගේ අහිංසක බ්ලොග් එක ගාවගත්තේ..දැන් ඕක ප්‍රසිද්ධියේ එහෙම කියන්න එපා..මගේ බ්ලොග් එකත් බ්ලොක් කරයි ලොක්කා..“මෛත්‍රීපාල මැතිතුමාට හක හක ගා හිනා ගියේයි. ඊයේ උදේ පටන් උන්නැහේ සැරටම හිනාවෙන්නේය.“ඇයි පුතා අර දවස් කීපයකට කලින් ලියපු මෛත්‍රීපාල සිරිසේනයන් දුටු හීන 4ඕක අපේ දුව දැකලා මටත් කිව්වා බලන්න කියලා..ඇත්ත පුතා සහතික ඇත්ත..කොහොම වුනත් පුතා ලස්සනට ලියලා තිබුණා ඒක..මගේ තීරණය ස්ථීර කරන්න පුතාගේ ලිපියත් එක හේතුවක්..“දැන්නම් වැඩේ බරපතලය. මටත් මගේ බ්ලොග් එකටත් අබ සරණය..මම වහාම අන්තර්ජාල සබඳතාවය අත්හිටුවා දෙහිඅත්තකණ්ඩිය පැත්තට ගිහින් කුඹුරු කොටන්නට හිතා ගත්තෙමි.“අනේ ඇත්තද...ඔබතුමාට හොඳක් උනානම් එච්චරයි..““එහෙම කියන්න එපා පුතා..මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා පුතා මගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරාවි කියලා..ඉස්සරහටත් පුතා මගේ ගැන ලිපි ලියන්න..මම බොහොම කැමතියි ඒකට..“අලි මදිවට හරක් සේය. දැන් දැන් වැඩේ දෙල් වේගෙන එන පාටක් ඇත. coming colour not good කියා හොරව්පාතන පැත්තේ අංකල් කෙනෙක් කිව්වා වගේ මටත් දැන් දිරා මාරු වෙන එක හොඳය.“හරි හරි මැතිතුමා..එහෙනම් ඔබතුමාට ජයවේවා..““අනිවාර්යයෙන් පුතා..මම පොරොන්දු වෙනවා මම ජනාධිපතිවෙලා දවස් 100 ක් ඇතුලත පුතාගේ බ්ලොග් එක ජාතික මට්ටමේ වැදගත්කමක් ඇති බ්ලොග් එක කියලා නම් කරනවා කියලා..ජයවේවා පුතා..මම තිබ්බා“මගේ කකුල් දෙක පණනැතිවිය, අක්මාව අක්‍රීය විය, ඇස් දෙක නිලංකාරවී පෝන් එක බිම වැටේදැයි බය විය. මුන්නැහේ ජනාධිපති වෙලා ඒ කියපු එක කරොත් මම රටේ වාසය කර හමාරය. දැනටමත් ගමේ එවුන් මගේ බ්ලොග් එක හරහා උන්ට වදින කණේ පාරවල් වලට මට මරණ තර්ජනය කර ඇත, ඒවා ජාතික මට්ටමට ගියහොත් ෂුවර් ඇන්ඩ් ෂොට් උන් මාව නැති කරන බව විශ්වාසය. එබැවින් මෙවර ඡන්දය තීරණාත්මකය.
BLOG
සිතු ඉස්කෝලේගියේ කෝච්චියේ. සිතූලගේ ගෙදර ඉඳන් ස්ටේෂන් එකට යන්න විනාඩි පහළවක් විතර ඇවිදන් යන්නඕනේ. ඔය උදේ පාන්දරම නැගිටිනවා කියන නරක පුරුද්ද සිතූට කවදාවත් තිබ්බේ නැති නිසා සිතූහැමදාම ගෙදරින් එළියට බහින්නේ කෝච්චිය එන්න ඔන්න මෙන්න තියලා. ඉතින් සිතූට සිද්ධ වෙනවා අර විනාඩි පහළවේ දුර විනාඩි පහෙන් අද්දන්න.කොහොමින්කොහොමහරි ඉතා වේගෙන් රන් එකක් දීලා සිතුවා ස්ටේෂන් එකට් එනකොට කෝච්චිය අද්දලත් ඉවරයි.ඉතින් මහා බයානක විදියට අද්දන කෝච්චියේ ෆුට් බෝඩ් එකේ එල්ලෙන්න සිතූට සිද්ධ වෙනවා.ඊට පස්සේ ස්ටේෂන් දෙක තුනක් යනකම් සිතූට වෙන්නේ කෝච්චියේ යන ඇන්ටිලගෙන් බැනුම් අහන්න.මට බනිනවා විතරක් නෙවෙයි ඒ කේලම් ඔක්කොම හැරෙන තැපෑලෙන් අපේ අම්මගේ කනේ තියන්නත් මේඇන්ටිලා ටික පසුබට වෙන්නේ නෑ. ඉතින් හැමදාම හවසට බැනුම් වැස්සක තෙමෙන්න වුණා.දැන්නම්සිතූ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වුණාට (දන්නෝ දනිති) ඒ දවස් ගැන නම් කියලා වැඩක් නෑ.ටියුෂන් ක්ලාස් වලදි ඉගෙන ගන්න එක ඉතාම කලාතුරකින් කරපු වැඩක්. ඒවටම හරියන යාළුවෝ සෙට්එකකුත් හිටියා. පන්තියේ හිටපු හැම ළමයටම ගෑණු පිරිමි භේදයක් නැතුව නම් දාන එක අපේ ප්‍රියතමවැඩක්. මේ වැඩේ නම් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් වෙලා තියනවා කැම්පස්එකේදිත්. අපි කාටහරි දාපු නමක් ඊට පස්සේ අපේ මුළු බැච් එකම පාවිච්චි කරන්න පටන් ගන්නනිසා අපිට ඒ නම් වෙනස් කරන්න වෙන වාර අනන්තයි.ඒ ලෙවල්ක්ලාස් වලදි නම් අපේ පාඩම් වලට අදාල වෙන නම් තමයි දැම්මේ. ආත්‍රපෝඩා, වොට්සන් සහ ක්‍රික්වගේ අපේ පාඩම් වලට ඕනේ වෙන නම් තමයි දැම්මේ. ඒත් දැන් නම් නම් තැබීමේ ඉහළටම ගිහින්නිසා අනිවාර්යයෙන්ම අපි දාන නම් වලට නිධාන කතාවක් තියෙනවා. එ දවස්වල ඉන්ටවල් එකක් දෙනකන්ඉන්නේ පන්තියෙන් එළියට පැනගන්න. හදිස්සියේවත් ඉන්ටවල් දෙන්න පරක්කු වුණොත් එහෙම ඉන්ටවල්ඉල්ලලා උද්ගෝෂණ කරන්නත් අපි පසුබට වුණෙ නැහැ. ඒ දවස් වල මිස් කියපු දෙයක් තමයි ඒ පන්තියේහිටපු කොල්ලෝ ටික හොඳයි කියලා අපිට වඩා. ඉන්ටවල් එකෙන් පස්සේ පන්තියට එන්නේ හැමතැනමරවුම් ගහලා විනාඩි දහයක් විතර පරක්කු වෙලා. ඒ වෙද්දි කොල්ලොත් ඔක්කොම පන්තියට ඇවිත්.මිස් පාඩම් පටන් ගන්න අපි එනකම් බලන් ඉන්නවා. මොනවා වුණත්අපේ සෙට් එකේ හැමෝම අන්තිමට කැම්පස් සිලෙක්ට් වෙච්ච එක ගැන නම් අදටත් අපි හැමෝම ගොඩක්සතුටුයි. මොන පිස්සු වැඩේ කරලා හරි අන්තිමට ඉගෙන ගන්න වැඩෙත් හරියට කරපු නිසා. ඒත්පාසල් දෙකක් අතර සිදු වූ වලියක් මැද්දට පැනීම වගේ බරපතල වැඩත් ඒ කාලේ කරලා තියෙනවා.ඒ දවස් වල මමයි මගේ යාළුවයි මොන තරම් කලබල කරලා තියනවද කියලා කියනවා නම් දවසක් අපිදෙන්නා පහළට යනකොට අපිව දැකලා බය වෙච්ච පාර එක ළමයෙක් උණු තේ එකක් ඇඟෙත් හලා ගත්තා.කෝච්චියේෆුට් බෝඩ් එකේ යන එකයි අර කෝච්චි පෙට්ටි දෙකක් මැද්දෙන් එහා පැත්තට වැඩිම වාර ගණනක්යන එකයි තමයි ඒ කාලේ මගේ ප්‍රියතම වැඩේ. ඒ වගේම සීට් අල්ල ගන්න ප්ලැට්ෆෝම් එක නැතිපැත්තෙන් කෝච්චියට නැගීම, ජනේලෙන් පැනීම වගේ දේවලුත් කරන්න වෙනවා. ඒත් ඔය හැම දේකටමතිත තියන්න වුණේ ඒ ලෙවල් විබාගෙට මාස දෙකක් තියලා ඔය වගේ වීර වික්‍රමයක් කරන්න ගිහින්අතකුත් කකුලකුත් කඩා ගැනීම නිසා. දැන් වුණත් අද්දන කෝච්චියකට නගින්න ගියාම වැටිච්චහැටි මතක් වෙන නිසා කෝච්චිය නවත්තන කල් ඉඳලා තමයි කෝච්චියට නගින්නේ. ඒ දවස්වල වගේ දුවලා පැනලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද. ඒත් දැන් නම් ඉතින්අපි හිතන්නවත් බැරි තරම් වෙනස් වෙලා.
BLOG
ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි. මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද. එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි. මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න" මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද. දෙවියන්ගෙ සැබෑ කාර්‍යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද. දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද. දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .මහමෙව්නා සදහම් ප්‍රකාශනමහමෙව්නා භාවනා අසපුවවඩුවාව, යටිගලොලුවදුර/ෆැක්ස් 037-037-2244602ඊ මේල් asapuwa1@sltnet.lkවෙබ් :www.
BLOG
2400.00...
BLOG
කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :) පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද . :(මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද . ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.
BLOG
දිනයක් නැතත්නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...දිවියම කැපයිනුබේ සෙනෙහස පුරා රැදි...කවදාවත් නොසිතුවේමිමම, නුබසිර කරනටකවි පදයක් තුල...සෙනෙහසක බර දරන්නට කවි පදක බරමට මදි නිසා...පන්හිඳක් ලග ලඟු කරනු නුබ මගේසිත ඇකමැති උනා... "අම්මේ නුබයිසෙනෙහස් නිම්නයේ ආදර දිය දහර...ජිවිතේ අඳුරු කතරඅස්වැද්දුව....."වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේආදරේ බැදි දිය දහර...වාන් දොරකින් කෙලෙස බෙදනු ඒ ස්නේහයේ රැදි දිය දහර.
BLOG
ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ.එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි.එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත් ක්‍රියාත්මකවිය යුතු බවට තර්කයක් නැත.එය එසේ වුවද ලෝකයේ වෙනත් රටවල් ඉදරියට ගමන් ගන්නා යුගයක එයට සාපේක්ෂව පසුපසට ගමන් ගන්නා රටක්ව තිබෙන සහා විධායකයේ ඒකාධිපතිත්වයට ගොදුරුවූ "ගොබෙල්ස්" න්‍යායෙන් පාලනය වන රටක එසේ නිතිය සර්ව සාධාරණව,අපක්ෂපාතිව ක්‍රියාත්මක වේයයි සිතීම මුලාවක් වුවත් පාලකයින් විසින් නාමිකව හෝ පවතින නිතිය පාලනය කිරීමට තැත් කිරීම කිසිසේත් සුදුසු නොවේ.එසේ වුවද ජනාධිපතිවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නීතිපති සරත් පාලිත ප්‍රනාන්දු විසින් පසුගිය 09 දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති ස්ත්‍රි දුෂණ නඩුවකට මැදිහත් වෙමින් නීතිපතිවරයා දැනුම් දී තිබුණේ එම ස්ත්‍රි දුෂණ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ව නිදහස් කරන ලෙසටය.නමුත් මෙහි ගැටලුව වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට විරුද්ධව ප්‍රමණවත් තරම් සාක්ෂි තිබියදී සහා මෙම දුෂණයෙන් පසු එම තරුණියට දරුවකු ලැබී තිබියදීත් එමෙන්ම එම දරුවාගේ පියා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බවට DNA වාර්තාවකින් තහවුරුවී තිබියදීත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ පවා තරුණිය දූෂණය කිරීමකට ලක්ව ඇති බව හෙළිදරව් කර තිබියදී මෙම නිදහස් කිරීම සිදුකිරීම ඉතාමත්ම පිළිකුල් සහගත මෙන්ම නරක පුර්වාදර්ශයක්ද වේ.මේ නිදහස් කිරීම ඔස්සේ පැනනගින ප්‍රධාන ගැටලුවක් වන්නේ නිතිය ගැන යම් පමණක හෝ විශ්වාසයක් පැවතියෙනම් මෙවනි සිදුවීම් තුළින් එම සුළු හෝ විශ්වාසය පලුදු වීමත් පිළිගත් නිතිය වෙනුවට කෑලැ නිතිය සමාජගත වීමට ඇති ඉඩකඩ තව,තවත් පුළුල් වීමත්ය.නිතිය සුරැකීමට සිටින අයත් නීතියේ දෙවගන මෙන් කඩතුරාවකින් දෙනෙත් වසා සිටිනම්,නිතිය ගැන විශ්වාසයක් තැබිය හැක්කේ කෙසේද.මේ නීතිපතිවරයා යම් දිනෙකඅගවිනිසුරුධුරයට පත් වුවහොත් කුමක්සිදු වනු ඇතිද.අගතියට පත් අය වරදකරුවන් වන්නත් වරදකරුවන් නිදොස් කොට නිදහස්වීමත් සිදුවන්නට වුවද බැරි නැත.මේ වනවිටත් නීතියේ ආධිපත්‍ය පිරිහී ගොස් ඇති රටක.තමන්ට අහිතකර තීන්දු දෙන විනිසුරුවන් පාලකයන් විසින් දන්ගෙඩිය කරාගෙන යන රටක.එසේනම් යුක්තිය බලාපොරොත්තු වන්නේ කවරෙක්ගෙන්ද..කෙසේ වෙතත් ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවන්ව නිදහස් කරන මෙන් දන්වා ඒවා ඇති ලිපියේ දිනයක් සදහන් නොවී තිබීම මෙන්ම එසේ එම සැකකරුවන්ව නිදහස් කරන්නේ කුමන හේතු මතද යන්න සඳහන් නොවීමත්වීම තුළ මේ සිදුවීම ගැන දැඩි සැකයක් උපදවයි.පෙරදිග මුතු ඇටය මේ වනවිට බල්ලට ගොස් ඇත.දිනෙන් දින රට සමාජීය,ආර්ථික ලෙස පරිහානිය කරා ගමන් කරමින් තිබේ.එවැනි රටක මෙවැනි දේ වාර්තා වීම අරුමයක් නොවුණත් මේ තුළින් සමාජය කරා දෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නොවනු ඇත.ප.ළි.ය:-"ඇස්" ගැන කාතවක් ලියලා එක නොදා මේක ලියන්න හිතුවේ මෙවැනි දේ අසමින්,දකිමින් නොදැක්කා,නොදුටුවා සේ නිහඬව සිටීම නිවට කමක් යයි හැගුණු බැවිනි.පිංතුරය අන්තර්ජාලෙන්.පසු සටහන.03.06.2014මෙම සිදුවීම ගැන නිතිපතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමක් පසුගිය මැයි 22 "ලංකාදීප"පුවත් පතේ මෙසේ පල කර තිබිණි.එනමුත් එම පැහැදිලි කිරීමේ කිසිදු තැනක මේ තරුණියට ලැබී ඇති දරුවා ගැන හෝ ඒ සම්බන්ධව ලැබී ඇති DNA වාර්තාව ගැන සදහන් නොවේ.
BLOG
පුත්තලමෙදි බූරු පැටව් බේර ගන්න සිදු වුනි මට කොළොම් රටේ හරක් පැටව් බේර ගන්න සිදු වුනි මට පඹයෙකු කීවට ස්තුති මල මිනියක් නොකීවාට ආතතියක් හැදුන නේද ඉස්සර මෙහෙ හිටි අය්යට නිදි මරාන දවස් දෙකක් එකම දිගට වැඩ කරන්න නිලදාරීන් වයස වැඩියි බැහැ නොව හරියට කරන්න වැරදීමක් උනත් එපා මහ ලොකුවට ගනන් ගන්න නරිවාදන් කියා දමමි මගේ මිනිසුන් බේරගන්න.
BLOG
සුභ දවසක් මෙන්ම සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...වෙනද වගේ නම් කෙටි කාලයෙන් ඉක්මනින් ලිපි පලකරන්න නොහැකි වීම සම්බන්ධව සමාව ඉල්ලනවා.ඉතින් අද රටේ පවතින මත බේධ එක්ක ලිපියක් ලියන්න ඕන ගොඩක් දේවල් ගැන හිතල මතල.මොකද පොඩි තැනක් උනත් වැරදුනත් ඇති ලොකු දෙයක් සමාජයට දෙන්න.ඉතින් එහෙමයි කියල නිහඩව ඉන්නත් බෑ..මොකද යම් යම් කෙනා හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑ කියල අපේ යහළුවෝ යෙහෙළියෝ දැනටමත් අවබෝධ කරගෙන ඇතැයි කියල මම හිතනවා..ඉතින් යාලුවනේ මම හිතුව දිගු ලිපියක් ලියන්න කාලය පැමිණීමත් සමගම ආරම්භ කරනකල් එතෙක් අපේ යාලුවොන්ට හිතන්න කෙටි ක්‍රම සමගින් උදාහරණ දීල යම් දෙයක් අවබෝධ කරවන්න කියල..මොකද හැමදෙයටම කාලයට ඉඩ දෙන එක ඒ තරම් සුදුසු කරුණක් නොවන නිසා.මොකද කාලය ඇවිත් හැමදේම විසධනකල් සිටියානම් අද ලෝකේ මේ තරම් දියුණු වෙන්නේ නෑ කියලයි මගේ හැගීම..හොදයි යාලුවනේ අපි අද ලිපිය එහෙනම් මෙතනින් ආරම්භ කරමු..යාලුවනේ අපි හැමදාම කතාකරන දෙයක් තමයි කොහොමද අපි ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නේ..ඒ කියුවේ අන් අය අතරින් විශේෂ වූ කෙනෙක් වෙන්නේ...ඒ කියන්නේ ක්‍රම දෙකක් තියෙනවනේ ඕන නම් අපිට අනිත් අය අතරින් කැපී පෙනෙන්න පුළුවන් අපේ ක්‍රියාව හොද ආකාරයකින් පෙන්නුවොත් හෝ වැරදි ආකාරයකින් පෙන්නුවොත්.මොකද්ද යාලුවනේ මේ ක්‍රම දෙකෙන් අපිට පහසුවෙන්ම කරන්න පුළුවන්.නිකමට හිතන්න ඔයාලම..ඇත්තම කියුවොත් කෙටිම කාලයක් තුලදී ඉක්මනින්ම අපිට කරන්න පහසුම දේ තමයි යම්කිසි වැරදි ක්‍රියාවක් සමාජයක් ඉස්සරා සිදු කිරීම.ඒ තුලින් අපිට ඉක්මනින් ඒ සමාජය තුල කැපී පෙනෙන චරිතයක් බවට පෙන්න පුළුවන්,ඒ දේ ඇත්තක් නේද....එත් යාලුවනේ මෙහෙම හිතන්න අපි ඒ ආකාරයෙන් සමාජ ඉස්සරහ කැපී පෙනුනට ඒ භාහිරයට විතරයි නේද..අපේ අවංක බව තුල කිසිම ජනප්‍රිය තාවයක් නෑ නේද...ඒ වගේම වැඩි කාලයක් ඒ කෙනා පිළිබද සමාජයේ හොද හැගීමක් රැදෙන්නේ නෑ..ඒ වගේම තමයි කරපු හොද ක්‍රියාවන් පවා කෙටි කාලයකින් අමතක කරලා දානවා.මෙන්න මේ දේවල් තමයි ඒ වගේ ආකාරයකින් ප්‍රසිද්ධ උන අයට කෙටි කාලීනව ලැබෙන ප්‍රතිපල...මේ උදාහරණය ගැන හිතන්නකෝ..පහන් දෙකක් අරගෙන ඒ පහන් දෙකටම එකම ආකාරයේ තිර දෙකක් දාල එකම ප්‍රමාණයට තෙල් දාල දල්වනවා කියල හිතන්න.එත් එක පහනක තිරය ටිකක් උඩට උස්සල දල්වනවා කියල හිතන්න..ඉතින් දැන් බලන්න මොන පහනෙද වැඩි ආලෝකයක් ලැබෙන්නේ....අර තිරය ටිකක් ඉහලට දාපු පහනේ නේද.එකේ වැඩි ආලෝකයක් වගේම ලොකු දැල්ලක් ලැබෙනවා..ඒ දල්ල හුළගට වැනි වැනි ලස්සනට පෙන්වා..එත් අනිත් පහනේ පොඩි ආලෝකයක් වගේම පොඩි දැල්ලක්..ලැබෙනේ.එකේ එච්චර ලස්සනකුත් නෑ නේද..එත් බලන්න යාලුවනේ මේ පහන් දෙකෙන් ඉක්මනටම නිවෙන්නේ මොන පහනද....කොච්චර ආලෝකය දුන්නත් කොච්චර ලස්සනට තිබුනත් අර ලොකු දල්ල සහිත පහන ඉක්මනටම නිවිලා යනවා...එත් පොඩි දල්ල තිබුන පහන ගොඩක් කාලයක් තියෙනවා..මෙන්න මේ වගේ තමයි යාලුවනේ අපේ ක්‍රියාවත්...අපි හැසිරෙන්න උවමනා කරන්නේ මෙන්න මේ පොඩි පහන වගේ නොවේද....අපේ හැසිරීමට සල්ලි දේපල තාන්න මාන්න උසස් කුල මල අවශ්‍ය වෙන්නේ නෑ..තමන් හරි ආකාරයෙන් ජීවත් වීම පමණයි නේද වැදගත් වෙන්නේ...ඒ විදියට ජීවත් උනොත් අපිට ගොඩක් කාලයක් සමාජයට නිවැරදි දේ දෙමින් සමාජය තුල වැජබෙන්න පුළුවන් කම තියෙනවා නේද යාලුවනේ...ඉතින් යාලුවනේ මේ සරල උදාහරණය ගැන ටිකක් ගැබුරින් හිතුවොත් අපිට අපේ ජීවිතය හදාගන්න ගොඩක් දේවල් මතක් වෙන්න පුළුවන්.කෙටියෙන් කියුවොත් අපි අද මේ කරන දේවල් ඒ කියන්නේ අපි යම් යම් ලොකු ලොකු හීන බලාපොරොත්තු තියාගෙන ගොඩක් දේවල් වලින් කරදරයට පත්වෙනවා.ඒ කියන්නේ අධික තන්හාව අශාවන් සමග තරග කරමින්.තවත් කනෙකුට වඩා මම ධනයෙන් මගේ දේපල වලින් මගේ රැකියාවෙන් මගේ නිලතල වලින් උසස් වෙන්න ඕන කියල..එත් යාලුවනේ ඒ දෙවල් අතරම අපි අපේ අනාගතය වෙනුවෙන් වගේම අපේ සිත තුලට අවංකවම ධාර්මිකත්වය වෙනුවෙන් කැප කරන දේවල අඩු වෙන්න පුළුවන් නේද.ඒ දේවල් සදහා කැප කරන කාලය ගොඩක් අඩු වෙන්න පුළුවන් කියල මම හිතනවා..ඉතින් මෙන්න මේ දේ ගැන හරි අවබෝධයෙන් යුක්තව සෑම දෙයක් ගැනම මතකයේ තබාගනිම්න් සමාජයේ ඉහල තැනකට එන්න සත්ක්‍රියාවලි මගින් කැපවෙන්න පුරුදු වෙන්න කියල මතක් කරන්න කැමතියි...අපි කාටවත් හිතන්න පතන්න බැරි වෙන්නේ නෑ යාලුවනේ..මොකද අපි හැමතිස්සෙම මේ හැමදෙයක්ම කරන්නේ මනසින් උසස් සත්වයින් හැටියට නේද.
BLOG
පිචර් එකක කැල්ලක්. මේකේ කියන සමහර ඒවා ඇත්ත නෙවේද බලපල්ලා කොල්ලනේ. ලේක්කනේ.මිනිසුනේ..විහිලු කතාවක් හැබැයි අපිටම හදපු එකක්.
BLOG
2010වසරේ අවසාන කාලය කියන්නේ මම ගූගල් බස් වලට සෙට් වෙච්ච මුල් කාලය වගේ තමා මට මතක. එතනට යද්දී අඳුරගෙන හිටියේ දෙතුන් දෙනෙක් නිසා කස්ටිය අඳුරගන්නම සෑහෙන්න කාලයක් ගියා. හැබැයි ඒ අඳුරගත්ත ඇඳුරුම්කම අද වෙනකන්ම තියෙනවා. [එහෙම නැති අයත් නැත්තෙම නෑ.]ඒ කාලේ හිටියේ ගෙදරම නිසා කොයි වෙලෙත් කොම්පියුටර් එක දාගෙන ලවක් දෙවක් නැතුව බස් එකට වෙලා අනිත් අය එක්ක වල් පල් කතා කර කර තමයි කාලය නාස්ති කලේ. කාලය නාස්ති කලත් ඒ කාලේ අපරාදේ කියන්න බෑ හොඳ යාලුවෝ ටිකක් හම්බුනා. [ඊට පස්සෙත් නැත්තෙ නෑ.] ඒ හම්බුන අය එකිනෙකාට වෙනස් ‍ක්ෂේත්‍ර වල නිසා බොහොම උදවු ගන්න පුළුවන් වුනා. ඒ බොහෝමයක් ඒවා ඔන්ලයින් උදවු තමා ඉතිං. [අදටත් එහෙමයි.]ඔහොම කාලයක් බස් පැද පැද ඉන්න අතරේ තමා අපේ ඉලංදාරියා අසනීප වුන නිසා ඒ වෙනුවෙන් අපි ඉලං ට උදවු කරන්න පෙල ගැහුනත් නොහිතපු විදියට අපි දාලා යන්න ගියා. මම ආශ්‍රය කරපු යාලුවන්ගෙන් අවසන් ගමන් ගිය පළවෙනියා ඉලං නිසා ගොඩක් හිතට දැනුනා මට ඒ සිද්දිය. ඒ සිදුවීම වුනේ 2011 අවුරුද්දේ මැයි මාසේ. ඊට අවුරුද්දකට පස්සේ අපි කාගෙත් හිත දිනාගෙන හිටපු ඔබා මාමාහෘදයාබාධයක් නිසා අපෙන් සමුගෙන ගියේ 2012 අවුරුද්දේ මැයි මාසේ.දැං මේ ගතවෙන්නේ 2014 අවුරුද්දේ මැයි මාසය. මේ අවුරුද්දෙත් මැයි මාසේ පටං ගනිද්දී හම්බුනේ දුක්මුසු ආරං‍චියක්. ඒ අපේ බස් හිතවතියක් වන ජනිතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ජයවර්ධන පුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ස්වාභාවිකව ස්වසවය සිදු කල නොහැකි නිසා කෘත්‍රීමව ස්වසනාධාර ලබා දෙන බවත් ය. ඩුබායි සේවය කල ජනිතා එහේදී ආහාර විශවීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් ඒ නිසා ප්‍රතිකාර සඳහා ලංකාවට ගෙන්වාගත් බවත් ජනිතාගේ මව සමඟ මුහුණු පොතේ කල සංවාදයකදී එතුමිය කියා සිටියා.හැකියාවක් ඇති නං රෝහලට පැමිණ ජනිතා බලා යන මෙන් එතුමිය කියා සිටියත් දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියෙක් බැලීමට යාම එම රෝගියාට සිදුවන හිරිහැරයක් නිසා අප කතා කරගත්තේ ඇයගේ රෝගී තත්ත්වය සුව වී රෝහලෙන් පිටවූ පසු නිවසට ගොස් ඇයගේ දුක සැප බලා එමු යි කියා ය.ඒත්........................ඒත් නොසිතූ අයුරින් ඇයත් අප හැර යන්න ගොසින්. ඇයත් අපෙන් සමු අරන් ගියේ අනෙක් දෙන්නා වගේම මැයි මාසයේ වීම අහම්බයක් ද....මතු උපදින කිසිම අත්භවයක මෙවැනි උවදුරක් සිදු නොවෙන්නට මෙම ආත්මයේ දීම ඇයට නිවන් සුව ලැබේවා......‍ජනිතා ඇගේ මව සමඟප.ලි - දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි.
BLOG
සැඟවුණා නුඹෙසුවඳ සුසුමක සැඟවුණාකඳුලු සීතල මැදින් දෙකොපුලපුරුදු උණුසුම තැවරුණාතනි වුණා ගං දෑල දෙවුරක තනි වුණාගිලිහුණා පියසලනු බැරි වී අත්තටු ද ගිලිහුණාගිලිහුණා නොපිපීමනටුවෙන් ගිලිහුණාගොලු වුණා ගී ගයනු බැරි වී තුඬ තුඬම ගොලු වුණා.
BLOG
පසුගියදා Facebook විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී Facebook සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් Facebook නිර්මාතෘ Mark Zuckerberg ගෙන් විමසා තිබුණි.මෙහිදී එක් අයෙකු mark zuckerberg ගෙන් "ඔබ එකම ආකාරයේ T-shirt හැමදාම අඳින්නේ ඇයි. යනුවෙන් විමසා තිබුණි. බොහෝ විට අළු පැහැති T-shirt එකකින් සැරසී සිටින mark zuckerberg එයට පිළිතුරු දී තිබුනේ තමාට දිනකදී ඉතා සීමිතතීරණ ප්‍රමාණයක් පමණක් ගැනීමට අවශ්‍යය බවය. තමාට අළු පැහැති T-shirt විස්සක් පමණ තිබෙන බවත්වෙනත් දේවල් වලට සිත යොමු කරනවාට වැඩිය Facebook සමාජ ජාලය වැඩි දියුණු කරන්නේ කෙලෙසදැයි යන්න සිතීම ඔහුගේ වැදගත්ම කාරය බවද ඔහු එහිදී හෙළිකොට තිබුණි.
BLOG
සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි.මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය.ටිරි00...ට්‍රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි.ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන මොහොත මෙය බව ඇ පවසා ඇත.සැමදා මෙන්ම අදත් යාන්තමින් හිනාවුනු ඇය මා ආපසු හැරි කාමරයට යන්නට ගියේය.ඒ අද දවසේ දුක හිතෙනම මොහොත බවද නිසැකය..,කතා කිරිමට බොහො දේ ඇත,සිනාසීමට අවශ්‍යව ඇත.ලගින් ඉන්නට ඉල්ලනවා නිසැකය..ඒත් කෙදිනද.ගොඩාක් ප්‍රශ්න වලට හොදටම උත්තර දිමට හැකි මට,උත්තරයක් සොය ගැනිමට අමාරුම ප්‍රශ්නය මෙයයි.මා ආපසු හැරිනි.තාර පාරෙන් කිලොමිටර් බගයක් පමණ වු වැලි පාර දිගේ විත් වත්තට ඇතුලු උනෙමි.අතුලුවනවාත් එක්කම තියෙන උන බම්බු ගෙට්ටුවේ බම්බු දෙක පැත්තකට කර සයිකලය ඇතුල් කලේය.පොල්ගස් අතරින් එහා මෙහා වන්ගු දාගෙන ඇති පාර දිගෙ ගෙ පිලිකන්නට ආවෙමි.සුදුවෙන් පිරුණු වතු සුද්ද ගසට හද ඇවිත් හරිම ලස්සනයි.මා බයිසිකල් පොල්ලට පස්ස හෙත්තු කරගෙන ඒ දෙස බලා හිටියෙමි.අනේ එයත් හිටියනම්.අත් දෙක අල්ලන් ඔහේ බලාන ඉන්න..ඵලක් නැතිදේ සිතිම කල් මැරිමකි.මටම සිතුණි.මා සයිකල නැවතිමට සුපුරුදු ස්ථානයට ගියෙමු.හද එලියට සුදු පාට බිත්තිය දිලිසෙන්නේය.හැමදාම සයිකලය නවත්තන තැන විතරක් පළුදු වී මැටි එලියට විත්ය.තාත්තා දැක්කොත් ඉදලා හමාරයි.හෙටම හුනු ටිකක් ගෙනත් අතුල්ලන්න ඔනා..මට සිතුණි.කාට නැතත් තාත්තාට මේ ගෙ මාලිගාවකි.සුපුරුදු ස්ථානයේ සයිකලය නැවැත්තු මා ඉදිරිපස දොර වෙත ගියෙමි.අඩවන් කර තිබු දොර තල්ලු කලෙමි.ජරා...ස්..ඒ දොර හඩය.මොකද කොල්ලෝ ඔය..ඕක උස්සල ඇරපන්.හිරිකඩ වැදි දිරා ගොස් ඇති දොර කැඩෙන මොහොතක තිබුනේය.මා ස්තෝප්පුව ගොස් පුටුවෙ හිද ගතෙමි.මොහොතකින් මා ඇ ලගට ගියෙමි..ඒ සමගම අම්මා.."උබ දැන්ම කන් නැතැයි"මොනවද අම්මේ කන්න තියෙන්නේ"හුනුසලේ බතට කරෝල කර කරලා පොල්සම්බොලෙයිකරවල ප්පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ" මට ඉබෙටම කියවිනි.ඒ මොකෝ ඒ" නැ අම්මේ මන් නිකන් කිවේ,,.අම්මා දන්නවනේ මම ආසම කැමක්නෙ ඔය.මා පිගානට බත් හැන්දක් දා ගත්තෙමි.සදලු තලේ ඉන්න ඔයයි,පුන්චි පැලේ ඉන්න මමයි කවදානම් හමුවේද..,අපි දෙන්නා හරියට සදයි මලයි වගේ.කවදාවත් එකතු වෙන්නැ...එත් සද කිරණින් මලක් ලස්සන නම් වෙනවා..සදයි මලයි යාළුවෙලාසද හරියට උඩගු වෙලාසද ඇතයි..මල නටුවෙයි..ලන්වෙන්නට බැරි දුරකින්සදළුතලේ ඔයා ඉන්නඈත ඉදන් බලා ගන්නසද කිරණින් ඔකද වන්නකඩුපුල් මල් කුමාරියේසොබා දහම අරුමයක්දගෙනෙන අරුථ පුදුමයක්දකිසිම දාක ලන්නොවෙනාසදයි මලයි අපි දෙන්නද.
BLOG
කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිවගෙදර වවන් එළවළු කාපිය කියලාඅති ගරු අමුණුගම රජයේ සේවකයාඅපි වවලා රටනගනට රෙඩි වාගේසීයට අසූවක් යන්නේ පඩි වලටපඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝසීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ටපලා බබා හා ගොටු අල්ලන උන්ටවැඩ නම් බෑ කොලිෆයි වී උන්නාටදීපු හැම එකම නියමට නා ගත්තසීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්නබේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට.
BLOG
විවිධ වෙබ් සේව සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් විවිධ දුෂ්කරතා වලට ඔබ පත් වූ අවශ්ථා තිබෙන්නට පුලුවන.එවන් අවස්ථාවක සිදුවන අපහසුතා මගහැර ගැනීමට පුලුවන් වෙබ් සේවයක් දැන් තිබේ.මම පහතින් දක්වා ඇති වෙබ් අඩවියේ ගිනුමක් සාදාගත් පසු ඔබට විවිධ වෙබ් අඩවි වලය පාස්වර්ඩ් නොමැතිව ඇතුළු වීමට පුළුවන. පහත ලින්ක් එකෙන් ගිහින් එම සේවය ලබා ගන්න.netලිපියේ අයිතියwww.comසතුවේ.
BLOG
ඔන්න යාලුවනේ අදත් ගෙනාව පට්ටම බාන්ඩයක්.මේක ඇවිල්ල RSS Reader එකක්.RSS කියනේ මොකක්ද කියල දන්නේ නැද්ද.. අහ්හ් බය වෙන්න එපා එම මෙතනට වැදගත් වෙන්නෑ.සරලවම කිව්වොත් මේකෙන් පුළුවන් මේ වගේ බ්ලොග් සයිට් ෆෝරම් වගේ එවල පලවෙන ලිපි ඔක්කොම මේක හරහා ඉතා ඉක්මනින්ම බලාගන්න.තවත් කිව්වොත් ඔයාලා හැමදාම බලන,කියවන සයිට් ටික එකම තැනකින් බලාගන්න පුළුවන්.කතා ඇති වැඩට බහිමු.වැඩේ පටන් ගන්න කලින් පහලින් Feedly ඔයාගේ ෆෝන් එකට install කරගෙන ඉන්න.5Size : 7.2 සිට ඉහලටVersion :18.1.2පහලින් Feedly Install කරගන්නනැත්තම් පහලින් බාගන්න(Direct Download-version 14.1)හරි දැන් මේක බාගත්තු කට්ටිය install කරලා App එක Open කරගන්නකො......1.App එක Open කරගත්තට පස්සේ වම් පැත්තේ උඩින් ඇති menu Icon එකක් එක click කරලා menu එක අරගෙන Sign in with Google+ එක select කරන්න.ඇත්තටම ඊට යටින් තියන option එකෙනුත් පුළුවන් මේ වැඩේ කරගන්න.2.හරි ඊලගට sign in උනාට පස්සේ අයෙත් අර කලින් ගිය menu එකට යන්න එතකොට පහලින් වගේ පෙනේවි.එතනින් Add Content තෝරන්න.3.ඊලගට කරන්න තියෙන්නේ පහල වගේ තියන Search bar එකේ ඔයාලට Add කරගන්න ඕන සයිට් එකේ නම හරියට ගහල Search කරන එක.4.එතකොට ඔයාට එනවා ඔය Search කරපු සයිට් එක.ඒ Result එක ඉස්සරහින් තියනවා පුංචි "+" ලකුණක්.ඒ සයිට් එක Add කරගන්න ඕන නම් ඒ "+" ලකුණ මත touch කල යුතුයි.5.ඊටපස්සේ ඔයාට පුළුවන් අලුතෙන් Category එකක් හදලා ඔයා තෝරපු සයිට් එක ඒ ගොඩට දාන්න හෝ..6.නිකම්ම Uncategorized ගොඩට දාලා Add කරගන්න.ඔන්න දැන් වැඩේ හරි.ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාල හැමදාම කියවන,බලන සයිට් මේකට Add කරලා තියාගන්න.එතකොට අයේ සයිට් වල නම් ගගහ,bookmarks පීරපීර ඉන්න ඕන වෙන්නේ නෑ.Play Store එකේ තවත් සුපිරි Rss Readers තියනවා.ඒවත් ලගදීම දෙන්නන්කෝ...එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්.....
BLOG
4pt 0in 5.15.
BLOG
චූටි ඇහි පිය යට,මනමාල කවි ඇතඇති නමුත් අවසර,ගයන්නට හිත නැත...පාට පිනි පොද කැට,ඇත සිනිඳු තටු මතකෝඩු පෙම් හුළඟට,ගසාගෙන යනු ඇත...සිතාරයෙ තත් නද,දෙන නමුත් රස විතඅයෙක් එය වැයු සඳ ,ඇඟිළි තුඩු වෙයි රත...දැවටෙන්න හිතුණට,හැඟුම් වැල් පොදි මතසැඩයි රුදුරුයි ලොව,රඳවගනු එය සිත...ආල ලතැවුල් හද,ගෙනෙයි බාධා සිතජය ගන්න මතු දිනතව යන්න දුර ඇත...~ රන්දු ~2014 මාර්තු 30.
BLOG
මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ.කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද....අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටිමහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද..ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටිහරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද.මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද.එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.දුරස් වන්නට මේ ලෙසින්ඇයිද අප හමුවුණේදුරස් වන්නට මේ ලෙසින්මොටද අප ඉපදුණේඅත්වැල් බැද මංමාවත් දිගඔහේ ඇවිද ගිය කාලය මතකදපුංචි ළදැරියක් වගේ හුරතලෙන්ඔබ හිනැහුණු ඒ කාලය මතකද අනාගතය ගැන අහස් මාළිගාඅප දෙදෙනා මැව් කාලය මතකදඔබේ පෙම්වතා ලෙසින් එදා මාඔබේ ලගින් වුන් කාලය මතකද.ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්.
BLOG
එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.මිනිසුන් දැල් එලා අනෙක් මාලු දෙදෙනා දැලට කොටුවුනාලු.අඩක් බුද්ධිමත් මාලුව සිතුවලු " අපරාදෙ, මටත් කලින්ම මුහුදට පිහිනා යන්නයි තිබුනෙ.. මම මැරුන මාලුවෙක් ලෙස හැසිරෙනව. එවිට යම් ගැලවීමක් ලැබේවි." මෙසේ සිතා ඌ උඩබෙලි අතට දියේ පාවෙන්නට ගත්තාලු.මෙම මාලුවා දුටු මිනිසෙක් ඌ මළ එකෙකු බව සිතා වලිගයෙන් ඔසවා ඈතට විසි කලා ලු. මාලුවා මුහුද ට පිහිනා ගියාලු.දැලට කොටුවූ මෝඩ මාලුවාව රත් වූ තැටිය කරා රැගෙන ගියාලු, රත්වූ තැටිය මතදී ඌ සිතුවාලු " මම මෙයින් මිදුනහොත් නැවත ජීවත් වීමට කිසිදා මෙම විල තෝරා නොගනිමි. මම නැවත ජීවත් වන්වා නම් මුහුද මාගේ නිවහන කොට ගනිමි.. ".
BLOG
).
BLOG
ඔන්න ඉතින් අලුත් ආරංචියක් අරන් ආවා. 2015 වසරේ ඉඳලා 6 වසර හා 10 වසර විෂය නිර්දේශ වල පොඩි වෙනස්කම් ටිකක් කරලා තියනවා. 6 වසරනම් ටිකක් අඩුවෙන් වෙනස් කම් කරලා තියන්නේ. පාඩම් 28ක් තිබුන 6 වසර නිර්දේශය පාඩම් 25 කටත්, පාඩම් 35 ක් තිබුන 10 වසර නිර්දේශය පාඩම් 31 කට අඩු කරලා තියනවා. 10 වසර තිබුන අනුපාත පාඩම, ත්‍රිකෝණමිතිය පාඩම අයින් කරලා තියනවා. තවත් සිලින්ඩරය පාඩම වෙනස් කරලා ඒකට ප්‍රිස්මයත් එකතු කරලා. තව සමානුපාත පාඩම ප්‍රතිලෝම සමානුපාත වලට සිමා කරලා. වේගය පාඩම සීග්‍රතාවය කියලා වෙනස් කරලා. තව බදු හා රක්ෂණය පාඩම වෙනුවට ප්‍රතිශත පාඩම එකතු කරලා. ඔහොම වෙනස්කම් ගොඩක් 10 වසර ගණිතයේ කරලා තියනවා. කොහොම උනත් ගුරු අත් පොත් හා විෂය නිර්දේශ ගොඩක් පිළිවෙලට භාවිතයට පහසු වන පරිදි සකස් කරලා තියනවා. පහතින් දාලා තියන ලිනික් පාවිච්චි කරලා ගුරු අත් පොත් බාගන්න පුළුවන්. මේ ලින්ක් එක ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් සයිට් එකට තියන්නේ. (NIE)ජාතික අධ්‍යාපන ආයතනයේ සබැදිය - බාගන්නඉහත ලින්ක් එක භාවිතා කරලා බාගන්න අමාරුනම් පහත ලින්ක් පාවිච්චි කරලා බාගන්න. NIE එකේම තියන ඒවා බාලා තමයි පහතින් දාලා තියන්නේ.6 වසර10 වසර.
BLOG
බොහොම ඉස්සර කාලෙක ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ චීනෙ රජකල ට්සාඕ රජතුමා එයාගෙ පුත් කුමරා ටායි ව පිටත් කර හැරියා "පැන් කු" ආචාර්යවරයාගෙ පන්සලට.. "ට්සාඕ" රජුට පස්සෙ කිරුළ හිමි ටායි කුමාරයාට. පාලකයෙක් වීමේ මූලික සිද්ධාන්තඊට කළින්ඔහු ඉගෙනිය යුතු යයි රජු කල්පනා කල නිසයි එහෙම යැව්වෙ.. කුමාරයා පන්සලට ආවම පැන් කු කලේ ඔහුව කෙලින්ම "මින්ග් ලි" මහ වනයට පිටත් කර හැරීමයි.ඔහු වසරකට පසුව ආපසු පැමිණි මහ වනයේ ඇසූ සියළු ශබ්ද ගැන ගුරුවරයා දැනුවත් කළයුතුව තිබුණා.කුමාරයා ආපසු ආවාම ගුරුතුමා ඔහුට කිව්වා විස්තර කරන්න කියලා වනාන්තරේදි ඇසූ ශබ්ද ."ගුරුතුමනි " කුමාරයා පටන් ගත්තා."මම ඇසුවා කුරුළු නාද.. ‍රැහැයි නාද... සුලඟට කොල සෙලවෙන නාද ..තණකොලපත් සෙලවෙන නාද... මීමැස්සන්ගෙ ගුමු නාද ...සුල‍ඟේ මොරදීම් වගේම හීන් මිමිනීම් "කුමාරයා මෙහෙම කිව්වම ගුරුතුමා ඔහුට කිව්වා ආපහු මහ වනයට ගිහින් තවත් නො ඇසුනු ශබ්ද අහගෙන එන්නය කියල.තරුණ ටායි'ට ට මේක ප්‍රහේලිකාවක්.."මං ඔක්කොම සද්ද ඇසුවා. තවත් මොනවද."ඔහු සිතුවා. දිවාරාත්‍රී නොබලා ඔහු විමසිල්ලෙන් නිසලව සවන් දුන්නා.ඒත් ඔහුට පෙරකී ශබ්දවලින් වෙන්කරන්න පුළුවන් වෙනත් ශබ්ද ඇහුණෙ නෑ.තවත් ‍රැයක් ගත උනා.එක් හිමිදිරි උදේක ගසක් යට නිසොල්මනේ දෑස් පියාගෙන වාඩිවී ඉන්නකොට ඔහුට අසන්න ලැබුණා පෙර නො ඇසූ ඒ ශබ්ද..ඔහු තවත් හොඳින් ඇහුම්කන් දුන්නා.. අර ශබ්ද වඩාත් තීව්‍රව ඔහුට ඇසුණා. ඔහු අවබෝධ කරගත්තා.."මේ තමයි එතුමා මට අසන්න කී ශබ්ද" ඔහු හිතුවා.ටායිනැවත පන්සලට ගිහින් ගුරුතුමා හමු උනා. ගුරුතුමා ඔහුගෙන් ඇසුවා .."ඔව් ටායි කියන්න.. ඔබ මොනවද ඇසුවෙ .""ගුරුතුමනි.." ඔහු මෙහෙම කිව්වෙ අසීමිත ගෞරවයකින්.."මම වඩාත් අවධානයෙන් සවන් දුන්නම මට පෙර නෑසූ දේ අහන්න ලැබුණා ."" මල් පොහොට්‍ටු පිබිදිලා මල්පෙති හෙමින් විකසිත වෙන හඬ. ""හිරු දෙවියෝ මහපොලොව ඉඹිනකොට මහපොලොව උණුහුම්වෙන හඬ.."උදෑසන තණකොල තුඩු පිණිබිඳු බීගෙන බීගෙන යන හඬ.""මහපොලොවට වැ‍ටුණු පුංචි බීජයක පියලි විවෘතවෙලා පලවෙනි අංකුරය එලියට එන හඬ.."ගුරුතුමා ඔහුව අනුමත කරමින් හිස වැනුවා. "නෑසු දේ ඇසීමට හැකිවීම හොඳ පාළකයෙක් වෙන්න ඕනෙම සාධකයක්.""පාළකයෙකුට ඔහුගෙ යටත් වැසියන්ගෙ හැඟීම් දැනෙන්න ඕනෙ. ඔවුන් කටක් ඇර නොකියන ඔවුන්ගෙ දුක් ගැනවිලි පැමිණිලි වේදනා දැනෙන්න ඕනෙ.""කොතැනද වැරදුනේ කියල එතකොටයි තේරෙන්නෙ. ""රාජ්‍යයක් බිඳ වැටෙන්නෙ නායකයෝ ජනතාවගෙ ඇත්ත හැඟීම් වටහගන්නෙ නැතුව වටේ ඉන්න අය ගයන ස්තෝත්‍ර අනුව රට කරන්න ගියාමයි."ගුරුතුමා ටායිට කිව්ව."ඔබ ඉගෙනගෙන අවසානයි ඔබට දැන් ආපහු යන්න පුළුවන්.."(පින්තූරය මෙසේ පලවෙන්නේ වැරදීමකින් නොවේ .).
BLOG
අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ තිබෙනවා.විදේශගතවන අවස්‌ථාව වන විටදී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවකට ගිනි තැබීම, වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි තිදෙනකු බලෙන් රැගෙන යැමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ මුතුහෙට්‌ටිගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගයක්‌ පැවතිය ද මුතුහෙට්‌ටිගම මහතාට එරෙහිව රටින් බැහැරවීමේ තහනම් නියෝගයක්‌ නොවීමත්, ඔහු විදේශගත වීමට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගයක්‌ ඇති බව ආගමන විගමන නිලධාරීන් නිල වශයෙන් නොදැන සිටීමත් නිසා මුතුහෙට්‌ටිගම මහතාට විදේශගත වීමට හැකිවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසුවා.මේ අතර විශේෂ ප්‍රකාශයක්‌ කරමින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා පවසා ඇත්තේ තමා තවත් මිතුරන් දෙදෙනකු සමඟ කෙටි නිවාඩුවක්‌ සඳහා සිංගප්පූරුවට පැමිණි අතර දින දෙක තුනකින් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.සිංගප්පූරුව බලා යැමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු දුරකථනයෙන් ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතා ඇමැතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කර තිබෙනවා.
BLOG
අප්පච්චි කුසගිනි නිවෙවුවේ කුඹුරු හාලේ බත් එක්ක කට්ටා කරවල හොද්ද කන්න දී අපටඅඳේට ලැබුණු කුඹුරට පිං සිද්ද වෙන්ට..රබර් සෙරෙප්පුවෙන් විලුඹේ ඇනෙන ගල් කතා කරන්න ඇති අපි වින්ද දුක්ඉස්කෝලේ මහතත්තෑන් කිස්කන්න දුන් කෝටු පාරේ අප්පච්චි තෙල් ගෑවේ ,"පුතේ ඉගෙන ගං ලොකු රස්සාවක් කොරහං රජයේ සේවකයෙක් වියන් කකුල් දෙකටම කලිසමක් ඇදන් උඹ රස්සාවට යන දාට මට ආඩම්බරයි හරියට.."මං දහදුක් විඳලා උනා රජයේ සේවකයෙක්...යන්තං අට පාස් මගේ අයියණ්ඩිත් දැන් සොල්දාදුවෙක්.රජයේ සේවකයෙක්..."අද ඉදන් ජනසවි නෑ සමෘද්දී නෑ ....""අනේ ඇයි රාලහාමි...""ඇයි අහන්නේ....ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි...""පුතේ ඉගෙන ගං ලොකු රස්සාවක් කොරහං රජයේ සේවකයෙක් වියන් කකුල් දෙකටම කලිසමක් ඇදන් උඹ රස්සාවට යන දාට මට ආඩම්බරයි හරියට.."කියපු අප්පච්චිගේ කට යතුරු වැටිලා වාගෙයි අද..අපට කන්න දීපු අප්පච්චිගේ අඳ කුඹුරත් නෑ අද..නියං සායට ඉරිතලා ඇත සේ ජිවිත අපගේ....බොන්න වතුරත් කඳුකරෙන්ලු..අර සංවිධාන මේ සංවිධාන දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...අප්පද බොල ....කෝ අපට සහනාධාර .එහෙම නෑ සහනාධාර...රජයේ සේවකයන්ට...උගේ ආච්චිට හාල් ගරන්ඩඇයි යකෝ........නියඟේ පොදු නැද්ද අපට...රජයේ සේවකයෝ..අපි ඔටුවොද කාන්තාරේ ලගින..."පුතේ ඉගෙන ගං ලොකු රස්සාවක් කොරහං රජයේ සේවකයෙක් වියන් කකුල් දෙකටම කලිසමක් ඇදන් උඹ රස්සාවට යන දාට මට ආඩම්බරයි හරියට.."අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,කජු ලෙල්ල වාගේ අද හරියට.
BLOG
හාමුලා, ලොකු ආප්පොලා මැද ඇමති මැතිවරු මැණිකෙලාසිටිති ඉඳගෙන කුළුණු බර වී බණ දෙසන හිමිනම දිහා කට ඇරන් ඇස් දෙක වසාඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්බුදුන් දෙසනා බණ අහන්නටඋවැසි උවැසියෝ පිරී හිටියේසඟ රුවන බණ දෙසනවාපිරිස ඈණුම් අරිනවාහොරෙන් ඇස් ඇර බලනවාසාදු සාදු කියනවාවතුර ටැංකිය, නූල් පන්දුවවරු තුනක් ඇත පිරිත් කරලාකැමති මැතිවරු ආධාර කරනූල්, දිය බිඳු ගන්නලාවටාපතකින් මුව වසාගෙනහීනි දෑසින් බැල්ම දීගෙනතුරුණුවන් ගුණ වයා ඒ හිමිපිරිත් නූලක් බෙදනවා වතුර උගුරක් පොවනවාටිකැට් පොතකුත් අදිනවාමේ වැඩපු ලොකු සාදු නම් හරිසිල්වත්ය දෙයියෝම බලංකතරගම නුවරද අනුරපුර ඉඩ කඩං ඇත ඇතිපදංපැයක් හරියට බණක් දෙසලාලැබුණු පිරිකර ගණන් කරලාපන්සලට ගෙන එන්න කියලාජිප් එකට හිමි වඩිනවා සැවොම සාධූ කියනවාහරිම සිල්වත් හිමිගේ බණ ටිකනිවං ගිය වග දැනෙනවාහාරදාහක් මිල ගෙවා ගත්පිරිත් නූලක් තියෙනවා හරිම ආසා හිතෙනවා නිවං ගිය වග දැනෙනවා.
BLOG
නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.බුලත්, පුවක්, දුම්කොළ විකුණන කාන්තාවකුත් හිටියා. ඒ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කමට ඉන්නව මිසක් ලාබයක් ගන්නවයි කියලනම් හිතන්න බෑ එතන.එක තැනක තිබ්බ කඩේකින් බඩගින්න නිසා ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් කෑවා. මම ඉල්ලුවෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒත් දුන්නෙ මාළු කෑල්ලක් එක්ක. චිකන් නෑ කිව්වෙ කෑම එක ගෙනත් දුන්නටත් පස්සෙ. මාළු ඇඹුල් තියල් කියල කිව්වෙ. ඒත් දුන්නෙ බල මාළු කෑල්ලක්. කඩේ අයියලගෙ තිබ්බ මරුමුස් පෙනුමත් එක්ක තනියෙන් ගහ ගන්න යන්න බැරි නිසා කාලා ආවා. රුපියල් දෙසීයට ඒ ෆ්‍රයිඩ් රයිස් එක නම් හොඳටම පාඩුයි.ආපහු නම් ෆ්ලෝටින් මාර්කට් එක පැත්තෙ යන්න කිසිම අදහසක් නෑ. නිකන් ගිහිල්ල ඇවිදල එන්න විතරක් නම් හොඳ තැනක්.
BLOG
ඉතාලියේ ඉන්න මේ අයිබෙක්ස් නම් කදුකර එළු විශේෂය සාමාන්‍ය මිනිසෙකුට වුවද නැගිය නොහැකි ඉතා උස් වූ බිත්ති මත කිසිදු අපහසුතාවයක් නැතිව තම ආහාර සොයා ගමන් කරනවා.අඩි 160 පමණ උස් වූ ජලාශයක බැම්මක් මත පවා ගමන් කරන මෙම එළුවන් මෙවැනිමව වු කදු ගස් ආදියේද තම ආහාර සොයා ගමන් කරන්නෙ නිවුටන්ගේ නියමයන්ටත් අභියෝගයක් කරනිමි.මේ අපූරු එළුවන්ගේ ජායාරූප කිහිපයක් බලන්න.ඔබගේ මිතුරන්ටත් Share කරන්න.
BLOG
පන්සලේ බණ මඩුව මදි වගේ දැන් ටිකක්මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ නිමක්දහම් පාසලට තව අලුත් ගොඩනැගිල්ලලක්ගොඩ ගැසී තව තවත්කී නොකී වැඩ ගොඩක්අපේ හාමුදුරුවෝ වෙහෙසේවිනෑ නිමක්දුගී දායකයින්ටනෑනෙමේ හැටි දුකක්මහණ කම බරපතල වැඩ සහිත හිර ගෙයක්බණට භාවනාවට නෑනෙ දැන් වෙලාවක්.
BLOG
"උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක් දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස් හා කියමු "මලේ" එහෙනම් මලසුනක් කොහිවේද ඔය ඕනි මලකට තවත් ලදක් හිස තරම් වන මනරම්.
BLOG
සුවහසක් නෙතු මතම ඇඳී සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී කප් සුවහසක් කල් ගෙවී පහන් වී බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී.... හැරයන්න හේතු නුඹ මා හටම දුනී ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී නෙතු අගින් තව එක් වරක් සිනා සී, රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී..... එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී මේ හිත තහනම් නුඹට යළි යළී සිනාසෙන්න එක් වරක් මතක මානයට වී නුඹ යන්න මේ කඳුලු මටම දී.
BLOG
සුළං දිය රැල් බදාගෙනත් ගොඩ බිම කරාගල් බැම්මේ අත අරියිකඳුළු පෙණ විසුරුවා ..නුඹත් ඒ සුළඟමයිමතක දිය රැල් ගෙනැත්හද ඉවුරෙ හප්පවාදෙනෙත් කඳුලින් තෙමයි .
BLOG
මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට කැක්කුම යනවද." කියල. ලෙඩත් "ඔවු" කියල පිළිතුරු දුන්නා. මේ ලෙඩා සිංහල ලෙඩෙක්.Testis කියන්නේ වෘෂණ කෝෂය විදියට හිතේ තියා ගත්තු අපේ කොට ජීවිතයක් ඊලඟ ලෙඩාගෙන් රෝගී විස්තරය ගන්නවා. මේ ලෙඩාගේ ප්‍රශ්ණය වෘෂණ කෝෂයක් ඉදිමීම. හැබයි මේදා සැරේ ලෙඩා මුස්ලිම්. අපේ කොට ජීවිතේ අහනවා "දැන් ඉදිමිලා තියෙන්නේ කොයි පැත්තේ වෘෂණ කෝෂයද ." කියල. සිංහල හරියට නොදන්නා මේ ලෙඩා හොල්මන්ද පොල්කොල. "අනේ නෝනා මාතියා ඒම එකක් ඉදිමිල නේ" ලෙඩා කියනවා. "එහෙනම් ඉදිමිලා තියෙන්නේ මොකද්ද." මෙහෙම අහන්නේ අපේ කොට ජීවිතේ. "නෝනා, ඉදිමිලා තියෙන්නේ ඇටේ නේ" කියල. "ආ කොහේ ඇටේද. අතේද. කකුලෙද." කියල අහන්නේ අපේ කොට ජීවිතේ. ලෙඩා කියනවා "අර දෙකක් තියෙන ඇටේ නෝනා" කියල. අහන් ඉන්න අපිට පට්ට හිනා.ප.ලි. අස්ථි පඤ්ජරය හෙවත් ඇට සැකිල්ල කියන එකේ අකුරු මාරු වෙච්ච සංගෙඩිය පාඨක ජනයා දන්නවා ඇතැයි බඩා උපකල්පනය කරනවා.
BLOG
පුරාතෙවසර වෙහෙසිලා මාතැනුවෙමිදෙවොලක්තනාමලසුන් පුදන්නට එහිතැබුවෙමිඑක පුදසුනක්තනාඑ දෙවොල තබන්නට එහිවෙහෙසවුවෙමිදෙව් රුවක්තබාදෙව්රුව පුදන්නට එහිපැමිණිවිට මා එක දිනක්දෙවිඳුපැනගොස් දෙවොලපාළුයමලසුනේඇත මල්ටිකක්.
BLOG
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩාවැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝපද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙසදැක්විය හැකියි.නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්තවල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද.... මෙම gadgets තුලින් malware සහඔබගේ දත්ත අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා පුත්ගලයන් සදහා වුව ද ඉතා පහසුවෙන් ඇතුල් විපරිගනකයේ සම්පූර්ණ පාලනය ලබාගත හැකිවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකියි. මේහේතුව නිසා Windows ආයතනය විසින් gadgetsසඳහා ලබාදෙන සහය දැනටමත් සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර Windows Vista,Windows 7 භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් මෙම කුඩා වැඩසටහන්හැකි ඉක්මණින් අක්‍රීය කරන ලෙස නිර්දේශ දී කර ඇත.Windows ආයතනය විසින් මෙම දෝෂ සහිත වැඩසටහන් අක්‍රීයකිරීමට ක්‍රමවේද 3ක් හදුන්වා දී ඇත.Microsoft automated Fix it මගින්SystemRegistry භාවිතයෙන්GroupPolicy භාවිතයෙන්***මෙම වෙනස් කිරීම්සිදුකිරීම සඳහා Administrator හි වරප්‍රසද පවතින user කෙනෙකු විය යුතුය.පළමු ක්‍රමය :මෙමගින් Microsoft ආයතනයවිසින් සකසන ලද කුඩා වැඩසටහනක් මගින් ස්වයංක්‍රීයව අවශ්‍ය සැකසීම් සිදුකර ගත හැකියඒ සදහා පහත ලින්කුව භාවිතා කරන්න.Microsoft Knowledge Base Article2719662දෙවන ක්‍රමය :*** කිසිවිටකත් Registryභාවිතය පිළිබද නොදැනුවත්ව මෙම ක්‍රමය භාවිතයෙන් වලකින්න.*** Registrybackup කිරිම සිදුකරන්න.Start > Run හි regedit ලෙස type කරok කරන්න.File > Export මගින් backup file එකක්සැකසිය හැක (system restore point එකක්සැකසීමත් යෝග්‍ය වේ.).TurnOffSidear මත right click කරValue data හි අගය 1 ලෙස සකසන්න.සියලු වෙනස්කම් අවසානයේ පරිගනකය restart කිරීම හෝ log off කිරීමහෝ “sidebar.exe“ image එකprocess menuඑකෙන් ඉවත් කිරීම සිදුකරන්න.තෙවන ක්‍රමය :Start > Run හි gpedit.msc ලෙස type කරok කරන්න.සියලු වෙනස්කම් අවසානයේ පරිගනකය restart කිරීම හෝ log off කිරීමහෝ “sidebar.exe“ image එකprocess menuඑකෙන් ඉවත් කිරීම සිදුකරන්න.
BLOG
වැදගත් කියල හිතෙන පොඩි ලින්ක් කිහිපයක්(01) youtube videos download කර දෙන keeptube(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite(04) තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress(05) web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii(06) passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you(07) Video කොන්ෆරන්සින් කල හැකි anymeeting(08) තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting(09) චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface(10) විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo(11) පහසුවෙන් ගැලීම් සටහන්(Flow Charts) සැදිය හැකි gliffy(12) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන(13) Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona(14) Files Upload කර තැබිය හැකි letscreate(15) අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot(16) Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey(17) මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar(19) තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech(20) නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee(21) online photo edit කල ගැනීමට citrify(22) තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac(23) නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp(24) Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud(25) තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail(26) Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline(27) තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන(28) ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill(29) සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary(30) එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo(31) වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois(32) නොමිලේ games download කර ගත හැකි gametop(33) E mail සංවිධානය කර දෙන zenbe(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub(36) එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy(37) රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast(38) තමන් කැමති slide show සැදීමට capzles(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd(40) විවිධ PC Games ලබා දෙන pogo(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa(44) සිංහලෙන් internet එකේ search කර දෙන sasrutha(45) විශාල files ඊ මේල් කළ ගැනීමට filemail(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics(49) screen share කළ ගැනීමට screen toaster(50) online හමුවීම් පහසු කරන fuze meeting(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link(52) slide show සාදා ගැනීමට slide(53) online data base එකක් තැන ගත හැකි infodome(54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic(57) තොරතුරු backup කර දෙන(58) ඕන හැටියට PDF තනා දෙන(59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන(60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන.
BLOG
වෙන්නේ කොහෙද මෙවුවා අපේ රටේනොවේඇමෙරිකාව කියනා බුමියේම වේඅන්තර්ජාලයෙන් කොපියකි මම ගැහුවේරස වැඩි වෙන්න එය මම කවියෙන් ලිවුවේඇමෙරිකාවේ හිටි ලොක්කා දවසක්දාඑබුනා සුපිරි බැංකුවකට අනෙ මන්දාසල්ලි ගන්න ආවොත් මෙහි මගෙ උන්දාඑක ඩොලරයක් නොදෙනුයි උපදෙස් බැන්දා“මේ උපදෙස් හැටියට වැඩ කරන්නටනැහැ කිසි ප්‍රශ්නයක් වෙන නම් දකින්නටආයතනයේ උපදෙස් පිළිපදින්නටඕනාඔබගෙ හැඳුනුම්පත බලන්නට“ඇයි බොල මේ රටේ කවුරුද නොම දන්නේජෝජ් බුෂ් කියා එක අයෙකුයි ඉන්නේඑහෙවු එකේ අයිඩෙන්ටිය ඉල්ලන්නේබොට මොන යකා වැහිලද මා නැත දන්නේ .”“එහෙම කියා බැහැ මහතුනි අපෙ පැත්තේවැඩටික කෙරන විදිහක් හරියට ඇත්තේඒ විදිහටයි කවුරුත් එය කළ යුත්තේවෙන විදිහකින් හෝ ඔබ හැඳිනිය යුත්තේ.”“අයිඩෙන්ටිය නැතුව ආනොල් මෙහි ආවාඔහුගේ විසෙස් හැකියාවල් මට පෑවාබොඩියේ මසල් දැක මට සතුටක් ආවාමේ නම් ආනොල්මයයි ඔක්කොම කීවා”“ඔයවගෙ ඇන්ජලින ජොලි ආ වෙලාවේමිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත් රඟපෑවේසමහර අඟ පසඟ ඇය අපහට පෑවේඔක්කොම අපේ කොල්ලෝ ඇයහැඳිනුවේ”“ඔයවගෙ දස්සතා ඔබ සතුවද ඇත්තේනම් ඒවා අපට පෙන්වා දිය යුත්තේඒවා බලා හැඳුනුම අප කල මත්තේඔබෙ උපදෙස් පිලිපදිනෙමු අපි සත්තේ” විස්සෝපෙන් නිකටේ අත තියාගෙනපැය බාගයක් හිටියා කල්පනාවෙනවට පිට බලා අර කොල්ලා වෙතහෙමිනහරවා මෙසේ කීවා මලවා වූවන“විසෙස් කිසි සමත් කම් මා සතු නොවෙනහින්දා මම කොහොම එයපෙන්වමි මෙතන .”මෙවදන් අසා මදහස පා එකසැනිනකොල්ලා කියයි “අයිඩෙන්ටිය නැහැ ඕන”“කිසිදු විසෙස් හැකියාවක් නොම ලද්දතව මිනිහෙක් මේ රට මෙතෙකට ඇද්ද .මේ නම් හිටපු ලොක්කයිමොන සැකයක්දදැන් හැක මට ඔබේ නියෝගය පිළිපැද්ද “(ගැදියෙන් හෝ ලියනු මැන අදහස් -කවි නොහැකියාව කියවා හොරෙන් පැනයාමට නිදහසට කරුණක් නොවේ .).
BLOG
මරණය අත වනනා බිම් කඩ මතමරු පළවන්නට වැදී සටන්පෙනෙන ඉසව්වක නොමැත දකින්නටමා හා එක මඟ ආ සගයින්හිරු ද මා දවයි, තවමත් නොපෙනෙයිඅවිය තබන්නට සුදුසු බිමක්ගිලෙනා දිව මුවෙහිම රඳවන්නටදිව ඔසුවකි මඩ දියෙන් බිඳක්Image Source: Google.
BLOG
ඔබ රැවටුව හිත ඇතුලේකකියාගෙන එන දුක නම්තව නෑ කවුරුත් දන්නේ විදවන හැටි මා තනියෙන්..වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ..හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ...නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියාඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..ආදරේ ඔබට නම් නොතැවුනේ ඇයි ඉතින්..මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින් තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියාඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා..ඔබ රැවටුව හිත ඇතුලේ...ගායනය :ලක්ෂ්මන් හේවාවිතාරනපද රචනය : සත්සර කසුන් පතිරණසංගීතය : සත්සර කසුන් පතිරණවීඩියෝව ගත්තෙ මෙතනින් - FM Derana.
BLOG
වසන්තයේ එක් ඉමකනුඹ මුණ ගැසෙනා තුරු මආදරය ගැන අංශු මාත්‍රිකසංවේදනයක් වුවනො දැනී තිබුණා පුදුම යහැකි නම් අදහන්නහෘදයේ කුටීර වෙතඑ‍ තෙක් රුහිරු පමණක් යගලමින් තිබුණෙදැන් ආදරය ද උණුහුම් වගලා යන හඬ ඇසේඉන් ප්‍රාණවත් වන සියොළඟපැතිරේ වසන්තයේ මිහිරියාවඉතින් හුදෙකලාව අතහැරනුඹෙන් ජීවන සුව විඳිමි.
BLOG
සී සී කඩ විසිරුනු සිතිවිලිදියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැහුදකලාවෙ තනිවී සිටියාමසිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑමෙහොතින් මොහොතට ගෙවනා කාලයදැනෙවා කාටත් එක විදිහටගිනියම් ඉර සඳ සිසිලසඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුදගීයකි ලොව සිතුවම් කරඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුදඉර බැසයන ගොම්මන් යාමේතරු එක එක දිලිසෙන ආකාසේගලා හැලෙන රිද්මේ නැහැවිඇදී යන්නෙ ඈතින් ඈතට පාවි සුලග සේMain Artist - WayoMixing, Mastering - Lahiru PereraStudio - Music OvenMusic, Lyrics - Senaka Batagoda.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}1අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදාබැලීමෙන් පසුවයි)2අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල්නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු.මලක් පිපුනොත් පුදුමයක්. ඒ වගේපුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)3අටුවෙන් දුමට බැස්සා වගෙයි(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි. අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සමරස්නය තවත් වැඩි වෙනවා. විපතක් සිදුවෙමින්තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින්අදහස් කරනවා.)4අඩන්න ඕනැලු කිරි එරෙන්න(පැටියා අඩන විට මවට කිරි එරෙනවා. ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම්ඉල්ලන්න ඕනෑ)5අඩු කලෙයි සෙලවෙන්නේ(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත. ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි. උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)6අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා(ඕනෑම දෙයකට නියම ක්‍රමයක් තිබියදී අයථා ක්‍රමයෙන්යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)7ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)8ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසාපරාජය වන්නන්ට මෙසේ කියයි)9ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගියවිටදියි)10ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි(ඉදිකටු තුඩ ඉතා සියුම්ය. එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක. එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.).
BLOG
කඳු තරම්ගොඩ නම් ගැහෙයිසොබා සිරි සරවචන,එකදු කවක්වත්නොලියවණ.සබදනිදහස් කරනවදමසිත,අවසරයක් නැතිවමසිතැඟි සේ සිර කෙරුව.2015.11.15.
BLOG
මේදවස්ටිකේකඩේඉන්නඑකේමට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක...රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අර“අනුත්තරා“කියන මල හෝන්තු කතාව අහන්න...ඕක ඉවසගෙන ඉන්න බැරිම තැන මට ඒකට ටීවී සීරීස් ලෙඩේ බෝ කළා.. ලැප් එකේ ෆිල්ම් එකක් දාලා දීලා අර මළ ජරාව අමතක කරවන එක මට පාඩු නෑ එහෙම බැලුවාම... හි හි...අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ......ඕක යන්තමින් හරි ලේ ටික බේරගෙන අහන්න පුලුවන් බදාදට විතරයි.. එදාට පරණ සින්දු යන හින්ද.. ඒත් ඉතිං අර ටකරං හිනාව නං ඉවසගන්න වෙනව...-------------------------------------------------------ඡන්දෙ දවසේ අපේ කඩෙත් ඡන්ද පොළක් වගේ... කඩේ පහුකරගෙන ඉස්කෝලෙට ඡන්දෙ දාන්න යන හැමෝම අපේ තාත්තගෙන් තමයි මනාප අංක අහන්නෙ.. අපේ තාත්ත මං හිතන්නෙ ගම්මංපිලටයි හිරුණිකාටයි ඡන්ද 100ක් විතර අරන් දෙන්න ඇති ඔතන්ට වෙලා කියෝල... හි හි...මං නං කිව්ව හිරුණිකාට නං මං ඡන්දෙ දෙන්නෙ නෑ කියල... පහුගිය ටිකේ අපේ තාත්තා මාත් එක්ක හැමදාම පොලිටික් ගෝරි... කොච්චර ගෝරි දැම්මත් ඉතිං මට ඡන්දෙ නැති හින්ද, (පාදුක්කෙ ඉඳං නුගේගොඩට මාරු වෙච්ච වෙලාවෙ අපෙ ගෙදරින් මගේ ඡන්දෙ අපේ මහත්තයා අයින් කරවගත්ත හින්ද ) ඒකටත් බලු බැනුං අහ අහ ඉඳලා මෙන්න එදා උදේ අපේ මහත්තයා කෝල් කරනවා මගේ ඡන්ද කාඩ් එකත් ගෙදට්ට ඇවිල්ල කියල...තාම තාත්තගෙයි මගෙයි පොලිටික් වලි ඉවර නෑ... අපේ අම්මා බයිනවා තාත්ත එක්ක පොලිටික් කතා නොකර ඉන්න කියල... එහෙම කොහොමද ... මගේ පොලිටික් වල මුල් අඩිතාලම අපේ තාත්ත තමයි... හි හි...-------------------------------------------------------අපේ කඩේ ගාවම තව පේස්ට්‍රි ෂොප් එකක් දාලා.. එයාලත් දැං කේක් හදනව... අපි හදන කේක් එකට දාන දේවල් එහෙම අහගෙන යන්න අහල පහල අයව එවනව.. අපි මෝඩයොනෙ.. හි හි... අපේ අම්මට පොඩ්ඩක් නෙවෙයි තදට කේන්ති ගිහින්... එයා පේස්ට්‍රි පැත්තට යන්නෙ නැතුව ඉන්නෙ ඔය දෙකම පටලෝගත්තම එයාට මහන්සි වැඩි වෙනවා කියලා අපි තුන් හතර දෙනාම ඒකට කැමති නැති හින්ද... ( ඒකටත් ඉතිං අපි තමයි පලි... )මං නං කිව්ව කමක් නෑ කියලා... එයාලට පුළුවන් නං හදපු දෙං... තරඟයක් තියෙනකොට අපිටත් වාසි නැතුව නෙවෙයිනේ...අද ආවේ කඩේ බෝඩ් එක හදන්න දෙන්න.. දැනට තියෙන බෝඩ් එකේ ලොරියක උඩ තට්ටුවක් හැප්පිලා කැඩිල තියෙන්නෙ.. දඩිබිඩියෙ ලයිට් බෝඩ් හදන්න බැරි හින්ද නෝමල් බෝඩ් එකක් හදමු කියලා මාමා කිව්වා... මගේ කම්පියුටරේ තියෙන ඒවා තියෙන තැන් හොයන්න ඉතිං මම එන්න එපැයි....මෙන්න තව ආතල් කේක් ටිකක්...මේ දවස් වල හැම පොඩි එකාම ඉල්ලන... Ben 10මෙයා නං කාර් එක අරගෙනම ආවා.... මැක්වීන්...මෙයත් කාටූන් එකක් ලු... මං පොඩි එකාට තාම මේක අහුවෙලා නෑ ද කොහෙද... හි හිඅවුරුද්දට මෙහායින් මට අයිත් පෝස්ට් දාන්න චාන්ස් එකක් හම්බුනොවෙන පාටක් තියෙන නිසා ඔන්න දැම්මම කිව්වා...කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.
BLOG
.. din meraඔබට දෙවියන් ලෙසින් පිදුවෙමීමා ඔබේයි ඔබේමයිඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවීමාගේ දිනයන් , දිනයන් මාගේAa tujh mein bitaaun ratiyaanDil dil ko sunaaye batiyaanAa tujh mein bitaaun ratiyaanHo tu mujh mein kahin pe bas jaaපැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,අප හදවත් කථාකරාවීප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් කරන්නමීපැමිණ මා තුල ජීවත් වනු මැනේTune chhuaa to main dhadakne lagaDil ki duaa hothon pe rakhne lagaඔබේ පහසින් හදගැස්මන් ද සැලෙන්ට ඇරඹේපැතුමන් හදේ දෙතොලේ තබාMeri raahein, kadmon pe tere rukeinYe panaahein, sajde mein tere jhukeinඔබේ පිය අද්දරින් මාගේ මාවතේ නිමාවයිමේ ගමන් ඔබට කරන්නා වු ආචාරයකී... din meraඔබට දෙවියන් ලෙසින් පිදුවෙමීමා ඔබේයි ඔබේමයිඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවීමාගේ දිනයන් , දිනයන් මාගේගීතය බාගත කරන්න | Downloadචිත්‍රපටය: Ragini MMS 2 (2014)සංගීතය: Pranay Rijiaපද රචනය : Kumaarගායනය: Mustafa Zahidඅධ්‍යක්ෂණය : Bhushan Patelනිශ්පාදනය : Ekta Kapoorරංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස්.
BLOG
මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට මේ ප්ලගින් එක ඩිසේබල් කරලා ඇඩ් දිස් කර ගන්නත් පුලුවන්.ඔයාලා කැමති නම් මම පල්ලේ දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ප්ලගින් එක ඉන්ස්ටේල් කර ගන්න.comඅනිත් යාලුවෝ මාත් එක්ක තරහා වෙන්න එපා මේ වගේ පෝස්ට් එකක් දැම්මට....ලිපියේ අයිතියwww.
BLOG
ළඟදී කියවන්න ලැබුණු හොඳම ලිපියකින් තමා මේ කතාව මම දැක්කේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන් වන උපුල් ගමගේ මහතා විසින් කරන ලද ධර්ම සාකච්ඡා දෙකකින් තමා මේ උපුටා ගැනීම කළේ. කියවන්න වටිනවා. ජීවිතයට වටිනා යමක් තියෙනවා.තෙරුවන් සරණයි.
BLOG
ලොව පුරා සිටින මිලියන ගණනක් වූ Android Smart Phone භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. Smart Phone සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති Flash Light Application (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.Flash Light Application මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ SMS වල අඩංගු තොරතුරුද මෙසේ සොරා ගැනෙණු ඇත.මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight LED ද ඇතුළත්.
BLOG
මගේ සිත තනි වෙලා...මුළු ලොවම ගොළු වෙලා..මගේ සිත තනි වෙලා..නැත කිසිම අරමුණක්..නැත කිසිම ශක්තියක්...අලස මා සිරුර තුල...මගේ සිත තනි වෙලා...-සිත්Image:http://t1.
BLOG
වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........ආවඩා ආයුබොහෝ වේවා.
BLOG
වෙනත් අයට කරදරයක් නොම වෙන්නේඉන්නා ටිකේ සතුටින් දිවි ගෙනයන්නේලැබෙනා දෙයින් සැමදෙන හා හිනැහෙන්නේවිනෝදයට, ඇයි වැටවල් බැද ගන්නේපැවරෙන යුතුකමත් සතුටින් කරන ගමන්මනුසත් දිහා එක විදිහට බලන ගමන්අළුත්, පැරණි දේ නිවැරදි ලෙස ගනිමින්දියුණුව කරා දිවි අරගෙන යමු සතුටින්.
BLOG
ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය.
BLOG
හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොතනොරට එවුන් අන්දන එක ලේසී නැතකරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැතක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇතබිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූඑක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූගනන් හදන්නට බැරිනම් නොකර බොරූකැල් එක අරන් යනවද පින් මහත් හොරූ.
BLOG
සිරිලක පුරා හැම අදුරම දුරු වෙන්නයිඅදුර මරා ආලෝකය බිහි වෙන්නයිසැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයිමෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයිසිත් තුල තිබෙන සැක සංකා දුරු වේවාමුළුරට පුරා සිත් එක ලෙස යාවේවාසැහට තිබෙන දුක් අදුරද දුරු වේවාසැමදා රැකෙන මිතුදමකින් එක් වේවා.
BLOG
මෙම ක්‍රම භාවිතා කිරීමට පෙර සියළුම දෙනා පැන්සලක් හා කඩදාසියක් ගන්න. මුලින්ම මෙම ක්‍රම එම කඩදාසියේ ලියා එහි සත්‍යතාව අත්විඳින්න.මෙම ක්‍රමයන් ලිපි පෙළක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඔබ දන්නා සියළුම පාසල් සිසුන්ට කියා දීමෙන් ඔවුන්ගේ ගණිතයට ඇති කැමැත්ත වැඩි කිරීමට හේතු වන අතර අපට සතුටු විය හැකි පුණ්‍ය ක්‍රියාවක් සිදුවෙයි. අද මම කියල දෙන්න යන්නේ ඕනෑම සංඛ්‍යාවක් 3 න් ගුණ කරන ආකාරයයි.01 උදාහරණය-12 x 3 = .මුලින්ම මෙම සරල සුළු කිරීම සිදු කරමු. මෙහිදී 12 x 3 දුන් විට බොහෝවිට කරන්නේ මෙහි පහත ආකාරයෙන් ලියාගෙන එය සුළු කිරීමයි. 12 x 3 36නමුත් මම අද ඔයාලට මෙම සංඛ්‍යා ගුණ කිරීම ඉහත සඳහන් ආකාරයටම පවතිද්දිම කියල දෙනවා.12 x 3 යයි ලියූ විට 1 x 3 = 3 ලියා 2 x 3 ඊට පසුපසින් ලියන්න. එවිට පිළිතුර 36 ලැබෙනු ඇත.දැන් වෙනත් දංඛ්‍යාවක් 3න් ගුණ කර බලමු.36 x 3 සුළු කිරීම කරමු.3 x 3 = 9 ලියන්න. ඊට පිටුපසින් 6 x 3 පිළිතුර වන 18 ගෙන ඉන් 8 ලියා මෙය අංක දෙකේ සංඛ්‍යවක ගුණ කිරීමක් නිසා 1 නැවත පෙර අංකයට එකතු කරන්න. එවිට 9 + 1 =10 වේ. දැන් පිළිතුර 108 පෙස වේ.දැන් 109 x 3 ගෙන බලමු.1 x 3 = 3, 0 x 3 = 0 හා 9 x 3 =27 වේ. එවිට 7 ලියා පෙර ඉලක්කමට 2 එකතු කරන්න. දැන් පිළිතුර 327 ලෙස ලැබේ.නැවතත් 427 x 3 වැනි සුළු කිරීමක් ගනිමු.4 x 3 = 12, 2 x 3 = 6 හා 7 x 3 = 21 වේ. මෙවිටද පෙර කලාක් මෙන් 1 අවසානයට ලියා 2 ඊට පෙර ඉලක්කමට එකතු කල යුතුය. එවිට 6 + 2 = 8. පිළිතුර 1281 වේ.දැන් 444 x 3 සුළු කිරීම ගනිමු.මෙහිදීද ප්‍රථම ඉලක්කම හැර අනෙක් සියළුම සුළු කිරීම් වල ලැබෙන පිළිතුර තනි ඉලක්කමක් නොවේ නම් අග ඉලක්කම ලියා පෙර අංකය ඊට පෙර ඉලක්කමට එකතු කළ යුතුය. එනම්,මුල් 4 x 3 = 12, දෙවන 4 x 3 =12 මින් 2 ලියා 1 පෙර 12ට එකතු කළ යුතුය. එවිට 13 වේ. දැන් අවසාන 4 x 3 = 12 ලෙස ගෙන එහිදීද 2 ලියා 1 පෙර ලියූ 2ට එකතු කළ යුතුය. එවිට 1332 ලෙස පිළිතුර ලැබේ.මෙම ගණිත ක්‍රමය කිහිප වරක් කොළයක පුහුණු වී මනෝමයෙන් සුළු කරන්න පටන් ගන්න. ඔබට ඕනෑම සංඛ්‍යාවක් තත්පර ගණනකින් සුළු කිරීමට හැකිවේවි.නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.
BLOG
අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද. තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්‍රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ මානසිකත්වය....මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.ඔන්න එකමත් එක ගොවිපලක් තිබුනා මේ ගොවිපලේ හිටියේ කවුද දන්නවද. මෙන්න මේ තුන් දෙනා..ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.මේ මියන් පස්දෙනා,අර මුලින් කිවූ එළදෙන, ඌරා සහ කිකිළිය සමග බොහෝ හිතවත්. ඒ නිසාම ගමගෙදර ඇතුලත සිදුවන කතාබහ වලට ඇහුන්කම් දී මිතුරන් තිදෙනාට හානියන් වෙන කාරණයක් ගැන දැන ගැනීමට ලැබුන විගස ඒ බව ඔවුන්ට දැනුම් දීමට මේ මියන් පස්දෙනා පුරුදු වී සිටියා.එක් දවසක් මේ මියන්ට අසන්න ලැබුනා ගමගෙදරට හිතවතුන් කිහිප දෙනෙක් පැමිණෙන බැවින්, ඒ සඳහා කුකුළු මස් ව්‍යංජනයක් පිළියෙළ කිරීමට ලැස්ති වෙන බව. ඔවුන් ඒ බව වහාම තම හිතවත් කිකිලියට පවසා දින කිහිපයක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නා.තවත් දවසක් ඔවුන්ට අසන්න ලැබුනා හරක් මස් මිල අධික වී ඇති බැවින් එළදෙන මරා මස්කර, ඔවුන් විශාල මුදලක් ලබාගැනීමට යන බව. මේ බවත් වහාම එළදෙන වෙත දැනුම් දී ඉක්මනින්ම ගොවිපලෙන් පැනගොස් කැලයේ සැඟවී සිට නැවත පැමිණෙන ලෙස උපදෙස් උන්නා.එමෙන්ම ඌරා මරා මස්කිරීමට සැරසෙන විටමත් ඒ බව ඌරා ට දැනුම් දී, ලෙඩවී ඇති සෙයක් දැනෙන ලෙස, සෙම පෙරාගෙන වැතිරී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබුවා. මේ ආකාරයෙන් මෙම සතුන් තුන්දෙනාගේ ජිවිත බොහෝ වාරයක් බේරා දෙනු ලැබුවේ මෙම මියන් පස් දෙනා විසින්.එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද. ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා..." අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"ඔවුන් පළමුව ගියේ කිකිළිය හමුවෙන්න."අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න..""අපිට මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා...."අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න..""අපිට මොකෝ... මි කතුරකින් හරක් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න" බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........ "අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න..""අපිට මොකෝ... මි කතුරකින් ඌරො මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක් දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක් සෑදීමට තීරණය උනා.මී කතුරකින් කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට...... දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...මී කතුරකින් එළදෙනක් මැරුනේ ඔය විදිහට......ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්‍රාකාරව හෝ ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.
BLOG
මේ ගං තෙර මත අත්වැල් බැඳගෙනඇවිදන් ගිය හැටි ඔබහට මතකදබැසයන හිරු දෙස ඔච්චම් කරමින්මදහස පෑවා ඔබහට මතකදසොඳුරු අතීතයේ සෙවනැලි අතරින්ඉදිරිය මැව්වා ඔබහට මතකදදෙමගක් ඔස්සේ පියමන් කරනටපියවර තැබු හැටි ඔබ හට මතකදඔබ අද වෙනතක මා අද වෙනතකකෙසේ වයන්නද අපගේ දෛවයසමුගෙන යන්නට ඉඳින් අවසරයිමල හිරු බැසයයි අපටත් නොදැනිම.
BLOG
කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න.:Dමෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද.ප. ව.හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ.
BLOG
= කිති මහත්තයා සහ කුණුහරුප =අපේ ගමේ ඉන්නවා මැදිවිය පහු කරපු තලතුනා මනුස්සයෙක්. කොයි තරම් තලතුනා උනත් එයාගේ කිතිය නම් තාමත් ළාබාලයි. කොයි තරම් බාලද කියනව නම් කෙනෙක් එයාට ලං වෙලා අත තියන්න හැදුවත් එයාට කිති. ඉතින් ගමේ ඉන්න තක්කඩි කොල්ලෝ මේ මනුස්සය ලගට කිට්ටු වෙලා අරහෙන් මෙහෙන් අතදානව . ඔන්න ඉතින් ඒ වෙලාවට කිතිය කොච්චර වැඩි වෙනව ද කියනව නම් ලංකාවෙ තියන ඔක්කම කුණුහරුප මුළු ගමටම ඇහෙන්න කියලා තමයි ඒ මනුස්සය කිතිය පිට කරන්නේ. කොටින්ම කුණුහරුප කියනව නෙමේ කියැවෙනවා..තක්කඩි කොල්ලන්ට මේක හරිම විනෝදය ගේන ක්‍රියාවක්. කොයි මොහොතක කොතනක හමුවුනත් මේ මනුස්සය තක්කඩි කොලු රැලට ගෙනාවේ විනෝදය. සමහර වචනර කොල්ලෝ , පන්ති ඇරිල යන කෙල්ලෝ රංචු පිටින් යන වෙලාවක අර මනුස්සය ලග පාත හිටියොත් අනිවාර්යෙන්ම කිති ක්‍රීඩාව පටන් ගන්නවා.ඒ වගේම තමා අපේ ගමට ටිකක් ආසන්නයේ තියෙනව මාළු ලෑල්ලක්. ගමේ කඩපිලේ මැද්දට වෙන්න තියෙන මේ මාළු ලෑල්ලේ කොයි වෙලේ බැලුවත් මාළු පැටව් ගැහැවු වගේ මාළු පිරිලා. මාළු මුදලාලිලත් පිරිලා. මාළු ගන්න අයත් පිරිලා. හැබැයි මාළු ගන්න ගොඩාක් අය නැති අල්ල පනල්ලක ගැහැණු කෙනෙක් මාළු ගන්න ගියොත් හෙම ඒ මාලුමුදලාලිලා එකිනෙකාට කතා කරන්නෙත් අමු තිත්ත කුණුහරුපෙන්. මේකට කැමැති සමහර ගෑණු උදවිය ඒ මාළු ලෑල්ලට මාළු ගන්න යන්නෙම කවුරුවත් නැති වෙලාවක් බලල.ඔන්න ඔය අතරේ තනිකඩකම ඉහලින් අගය කරපු මැදිවියේ මනුස්සයෙකුත් මාසෙකට සැරයක් මුළු ගමටම ඇහෙන්න කුණුහරුප කියලා කාටදෝ බයිනවා.ඇත්තම කියනවා නම් අද වෙනකම් ගමේ කිසිකෙනෙක් දන්නෙ නැහැ ඒ මනුස්සය මෙහෙම තරහින් බනින්නේ කාට ද කියලා. මාසෙකට සැරයක් බීගෙන ,ගමටම කුණුහරුප කියල බයිනෙක හැරුණම ඒ මනුස්සය තරම් හොඳ මනුස්සයෙක් ඒ මුළු ගමටම නැහැ.අපි හැමෝම කුණු හරුප දන්නවා.ඒ උනත් දැන ගත්ත පමණින් කට ඇරල කුණුහරුපයක් කියන්න ධෛර්ය හැමෝටම පිහිටන්නෑ. ඒ ධෛර්ය තියෙන්නේ කුඩා දරුවන්ට සහ වැඩියෙන්ම තරහ ගියපු නහර කාරයන්ටත් හොඳටම බීපු මිනිස්සු සමහරුන්ට ඇතුලු තවත් කිහිපදෙනෙකුට විතරයි.අපි කොයි තරම් කුකුල් කේන්තියකින් හිටියත් කටක් ඇරල කුණුහරුප කියල බයින්නබැරි අවස්ථාවක දි රටේ බලාධිකාරියේ ලොකු පුරුකකට කුණුහරුප කියල බයින කෙනෙක් වීරයෙක් වෙන එක සහ එහෙම බැනපු එක ගැන හිත යටින් සතුටු වෙන එක කොයි තරම් හරිද වැරදිද කියන්න මට දැනුමක් නැහැ.ලස්සනම කතාව මේකයි , දවසක් මම පත්තරේක “සිරියහනේ නැහැ සහනේ “ බලද්දි දැක්ක රෑට රෑට කෙරෙන සුන්දර ගනුදෙනුවෙදි කුණුහරුප කියන තමන්ගේ ස්වාමියා හිතට වදයක් වෙච්චි බිරිදක් ගැන. එහෙම බැලුවම කුණුහරුප කියන්නේ ආදරය වැඩි කමට කියන දෙයක් දෝ කියලත් සාධාරණ සැකයක් මතු වෙනව නේද .
BLOG
මෙහෙදී මම Dota 2 Map එක ගැන මුලික කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් dota 2 map එකේ දළ අදහස ගන්න පහල රූපය බලන්න.මෙහිදී කොළ පාටින් පෙන්වන්නේ Radiant කණ්ඩායම හා රතු පාටින් Dire කණ්ඩායම නියජෝනය කරයි. මේ දෙකෙන් එකකට තමයි ඔයා සෙල්ලම් කරන්නේ. එක් පාර්ශවයක් ජයග්‍රහණය කරන්න නම් අදාළ ප්‍රති පාර්ශ්වයේ Ancient එක (A අකුර) සම්පුර්ණයෙන් විනාශ කරන්න ඕනේ. ඔයාට පේනවා ඇති Ancient පිහිලා තියෙන්න map එකේ කෙරවල් දෙකේ. අපි නිර්මාණය වෙන්නේ ඊට පිටු පසින් ඇති Fountain එකෙන්. (Red color ඔටුන්න).ගේම් එක තුල ප්‍රධාන lane 3ක් තියනවා. ගේම් එක පටන් ගන්නකොට ඔයා සටන් කරන්නේ මේ lane වල. ඔයාගේ team එකේ 5න් ගෙන් දෙදෙනා බැගින් top හා bottom සටන් කලයුතු අතර. එක් අයෙකු තනිව mid සටන් කල යුතුය. ඔය සැම lane එකක්ම අරක්ෂා කරන්න Tower පිහිටලා තියනවා. ඔය කොටු වලින් පෙන්නලා තියෙන්නේ ඒවා. මේ Tower තමාගේ පිලේ නොවන ඕනෑම කෙනකුට automatically පහර දෙනවා. මේවා විනාශ කරලා ඉදිරියට ගිහින් ප්‍රතිවාදීන්ගේ Ancient එක විනාශ කරන එක තමයි අපේ අරමුණ. නමුත් මේ Tower විනාශ කරන එක එච්චර ලේසි නෑ.මේ සැම lane එකේම අදාළ කණ්ඩායමට අයත් creeps ලා (හේවායෝ) සටන් කරමින් ඉදිරියට ඇදෙනවා. මෙයාලව අපිට direct පාලන කරන්න බෑ. නමුත් අපිට මෙයාලව උපායශීලිව මෙහෙයවන්න පුළුවන්. ඇත්තටම මෙයාලා තමයි අපිට උදව් වෙන්නේ අර Towers විනාශ කරන්න. මෙයාලා නිර්මාණය වෙන්නේ අපේ Ancient එකේ ලඟ තියන barrack 3කින් අදාල lane 3ට. අපේ barracks විනාශ වුනොත් මෙයලා නිර්මාණය වෙන්නේ නෑ.ඔයා මුලින් කරන්න ඕනේ ප්‍රතිවාදීන්ගේ creep ලා මරලා Gold හා Experience ගන්න. මොකද Gold අවශයි ඔයාට item හදා ගන්න හා Experience අවශයි level up වෙන්න. අපිට item ගන්න තියෙන්නේ shop වලින්. main shop එක අදාළ පිලේ Fountain එකේ තියනවා. ඊට අමතරව top හා bottom lane ආසන්නව Secret Shop තුනක් (orange color අත් සලකුණ) පිහිටා තිබෙනවා. මේ නිසා අපිට Fountain එකට නොයා ඒSecret Shop වලින් item ගන්න පුළුවන්. lane හැර අනෙක් කොටස් වලට කියන්නේ jungle එක කියලා. ඔය ගස් පෙන්නලා තියන කොටස. ඔය jungle ඒක එක ජාතියේ creatures ලා ඉන්නවා. අපිට එයාලව මරලා Gold සහ Experience ගන්නත් පුළුවන්. එකට කියන්නේ "jungle කරනවා" කියලා. ඔයා ගේම් එකට අලුත් නම් jungle කරන්න යන්න එපා මොකද ඒක එතරම් ලේසි වැඩක් නෙමයි ආධුනිකයන්ට. ඒ වගේම ඔය Dire පැත්තේ jungle එකේ ගුහාවක ඉන්නවා ලොකු මකරෙක් වගේ සතෙක් Roshan කියලා. (R අකුර). මේ Roshan මරන්න ගොඩක් අමාරුයි. මුලදී නම් මෙයාව මරන්න team එකේ 5ස් දෙනාම ඕනේ. හැබයි Roshan මැරුවොත් ඔයාට Aegis of the Immortal කියන item එක විනාඩි කිහිපයකට ලැබෙනවා. එකෙන් වෙන්නේ ඔයා fight එකේදී මැරුම් කෑවොත් ඔයාට ඒම ස්ථානයේදීම නැවත ඉපදීමට එක් අවස්ථාවක් ලැබෙනවා.ඊළඟට තියෙන්නේ River එක. මේක තමයි දේශ සිමා වෙන් කරන සිමාව. මේ river ගොඩක් වැදගත් සටන් වලදී. ඒවගේම river එකේ සලකුණු කර ඇති ස්ථාන 2හි Runes (light Blue සලකුණ) මතු වෙනවා විනාඩි කිහිපයකට වරක්. ඒව ලබා ගැනීමෙන් අපිට විවිද powers ලැබෙනවා විනාඩි කිහිපයකට හෝ එක් වරක් use කිරීමට. ඔන්න ඔහොමයි map එක ගැන මුලික කරුණු. ගේම් එකට ප්‍රවේශ වීම පිළිබද කරුණු ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු.
BLOG
ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්...ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා...ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ...උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප)..ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ...බලමු බලමු...මේ ඉන්නෙ උන් දෙන්න තමා...මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු...ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො...ඔන්න ඔහොමයි උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ.
BLOG
ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ, ඒ චිත්‍රපාට ගොඩයි, සංකලන, සම්මිශ්‍රණ, රටා, හැඩතල, හෙවනැලි, ආලෝකය, අඳුර, ඒ චිත්‍රෙ ඇතුලේකතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද. දකින පාටමද පීන්නේ, පෙනෙන පාටමද තියෙන්නේ. පාටට පාට කොහෙන්ද. පාට එකතුවුනාම එක චිත්‍රයක්ද. ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද.මතකදඅම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරකින්, පාටකුරකින්, අඟුරු කෑල්ලකින් ගෙයි බිත්ති වල හීන සිතුවම් කරපු හැටි. සමනල්ලු, මල්, සුරංගනාවියෝ, කෝ උන්. උන්ටික කොහෙද ගියේ.මතකද. ඒ අතීතය, ඔබත් මෙහෙම කරාද.ටක් ටක්ටක්කව්ද ආවේ.රාස්සියෙක්මොකටදආවේපාටක්හොයන්නමොන පාටදඑදා ආපුරාස්සි ආයෙම පාට ඉල්ලන් කවම දාකවත් ආවේ නැහැ, එයාඔක්කොම පාට අරන් ගියාද. අනුන්නට දුන්න පාට අස්සේ මමතාමත් මගේම්ම පාටක් හොයනවා. එතකොට ඔබ.ජීවනසිතුවම ඔබ අඳින්නේ පින්සලෙන්ද. පන්සලෙන්ද. හුනු කූරකින්ද. නැත්තම් අඟුරු කෑල්ලකින්ද. හැබැයි ඔබට අලුත් කඩදාසියත් නැහැ, මකනකෑල්ලකුත් නැහැ,ඉතින්අඳින සිතුවම සමහර තැන වල වරදුනාද. වැරදුනා කියලා හිතුනද. ඉතින් වැරදුනාම සුදු පාට ගාල වැහුවද. නැත්තන් කළු පාටින් වැහුවද.මිනිස්සුකළුත් නැහැ, හැබැයි සුදුත් නැහැ, කලවම් වෙච්ච අලුත් නෙවේ, එතකොට උන් මොන පාටද.දේදුන්නේපාටද.වෙන්නබැහැ, දේදුනු කොහෙද අපි කොහෙද.හරි තවත්මොටද වැල් වටාරම්, මිනිරන් කූරක් ගහපුපැන්සලෙන් අත තද කරොත් කළුම කළු පාටට ලියවෙනවා, බුරුලටකලොත් අළු පාටයි, හිස්තැන තිබිච්චාවේ, ඒවා සුදු පාටයි, ඒ කළු සුදු අළු වලින් මමදැකපු දේ මම හොයන පාටින් ටිකක් ඔබට දෙන්නයි වෑයම.එහෙනම්මේ පුංචි ආරාධනාවක්සඳුදාහිතුන වෙලාවක වෙන කොහෙවත් නෙවේ, මෙහෙටම ගොඩ වදින්න, නොලියපු දේ කියවන්න, ඒ දේ විඳිගන්න.කළු සුදුඅළු - ඉරි රටා හැඩතලබකන්නිලන්න අවිත් යන්න.මෙන්න එයින් දෙකක්.1. පැරදුන ප්‍රේමය - කළු රෝස 2. අනේ නිව්ටන් බොලා මේක කෑවනම් - වැටුන ඇපල් ඉතින් මත ඇතිව බකන් නිලන්න සදුදාට මේ පැත්තට එන්නකෝ, නොලියූ කතන්දර කියවන්න, නොලියූ කතා විඳගන්න, කළු සුදු අළු - ඉරි රටා හැඩතල.
BLOG
රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනයEXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන් 300ක් පමණ සහභාගී වන බව පැවසේ.
BLOG
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්නVisit Siteමේ සයිට් එකෙන් විනාඩි 15 15 Free දෙනවා ඔයලාත් ට්‍රයි කරලා බලන්න.
BLOG
පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්. අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝVirtual pianozip file එක ඇරල exe එක රන් කරන්න.
BLOG
හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්රිදවන්න එපා මගෙ හිත මෙතරම්මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්..ඔබ යන්න ගියේ කිසි දවසක් නො එන්න ආපසුමට මතකයි යද්දී හැඩුවා දෙපයේ රන් රසුහිත හදා ගන්න බැරිවෙයි මට කවදාවත් මතු..දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලෙකුගේ මුතුඅතට අරන් බිමට දමා පාගා දැමු පසුහිත හදා ගන්නේ කොහොමද මං කියන්න මින් මතු.
BLOG
මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා. කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ...:Dමෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො...පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ...:D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ. එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා. එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය..ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම...මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා. කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ.. ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_-කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා..අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ.ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම. *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ.ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...ප.ව.පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු..
BLOG
-ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්.ඔබ ඔතැන අඳුර තුළඇස් පියා ගෙන ඇතිහිතක් නැති සයුරටදුක දැනෙන්නැතුවැතිතවත් එක් නිමේෂයකටහුස්ම ගන්නටඔබට දී මේ හුස්මමියෙන්නට හැකිය මටබලා හිඳ බලා හිඳඔබ නො එනනිශ්චලම හෝරාව කෙළවරමම අසමි...ප්‍රේමයක උරුමය මගහැරෙනජීවිතය කඳුළක් ද මග හැළෙන.දවසකට හැකි වුණත්සිතිජයෙන් ගිළිහෙන්නමුහුදකට පුළුවන්දස්නේහයක් සඟවන්නළය හොවා දුක් දරාමුතු මිණක් සේ තැනුවදරුවෙකුට පුළුවන්දරළක් සේ බැසයන්න.නැව්බඳක වැදි වැදී සඳ බිඳෙයිරළු මුහුද දෑස තුළ රළ නඟයිඒ අඳුරු ගැඹරේඔබ හුස්ම සොයන’යුරු දැනි දැනීහුස්ම ගන්නද මම ‍කොහොමහුස්ම නො ගෙනම හිඳිම්සාගරේ තරම්පෙම් කළ බවක් නො කියමීආදරේ තරමකරදියෙන් මනින්නට බෑ දරුවනී20-04-2014සබැඳි: ගිලුණු කොරියානු නෞකාව පිළිබඳ තොරතුරු"මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි.".
BLOG
ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.මේකත් කොටින්ම කිව්වොත් ඕ ඩෙස්ක් වගේම තමයි.හැබැයි විශේෂත්වය තමයි ඕඩෙස්ක් වල තරම් ජොබ් එක ගන්න මහගන්න ඕනෙත් නෑ ලොකු ගනන් වලින් තමයි ගනුදෙනුව.ඉතින් අපේ පැත්තෙන් බැලුවම වාසියි නේ.මේ සයිට් එකේ ඩේටා එන්ට්‍රය් වල ඉදලා වෙබ් ,ප්‍රොග්‍රම්මින්ග්,වෙනකම් පුලුල් පරාසයක ජොබ් ගොඩාක් හොයා ගන්න පුලුවන්.මේක භාවිතා කරන සුද්දො කොටින්ම කිව්වොත් හොද සල්ලි කාරයෝ මොකද ෆිවර් වගේ සයිට් වලින් ලේසියෙන්ම 5$ක්ට එයාලගෙ වැඩ කරගන්න පුලුවන්කම තියෙද්දි තමයි ටිකක් ලොකු ගනන් ගෙවල මේ සයිට් එකෙන් වැඩක් කරගන්නින් පෙලබෙන්නෙ.මෙයාලා ලොකු ගනන් දීලා බලාපොරොත්තු වෙන්නෙ එයාලට අවශ්‍ය වැඩේ ගුනාත්මකභාවය ඉහල තත්වයක තිබීමයි.ලංකාවෙ ඕනත්‍රම් වැඩකාරයෝ ඉන්නව ඒත් එයාලට සාධාරන මිලක් ල්ංකාවෙ ගෙවනව කියල මම හිතන්නෙ නෑවල්පල් දෙඩෙව්ව වැඩිය් වගේනේ..හරි අපි කතාවට බහිමු.මම මේ මෙච්චර වෙල කියෙව්ව සයිට් එකේ නමelance.මෙකේ ගොඩක් ජොබ් අල්ලගෙන ඉන්දියන් කාරයො පකිස්තාන කාරයො.සුද්දො වඩිපුර ජොබ්ස් දෙන්න කමති ආසියවෙ අයට මොකද උන් නිදාගන්න වෙලාවට අපි ඇහරලා අපි නිදාගන්න වෙලාවට උන් ඇහරල.මෙයාලට ඕනෙ එයාල නිදාගට්ටම එයාලගෙ වැඩ ටික අපි කරලා තියන්න.ඒ කියන්නෙ අපි රෑ ඇහැරලා ඉන්න ඕනෙ කියන එක නෙවෙයි.ඔයාලා දන්නවා ඇති මෙහෙයි යුරෝපෙයි අතර තියෙන කාල පරතරය.පැය 10-12ක් වගේ වෙනසක් තියෙනවා.හරි මම ඔයාලට මේකෙ මුල ඉදලම කියල දෙන්නම්.මගෙත් එක්කම මම කියන වැඩ ටික කරගෙන යමු.හාඑහෙනම්මෙතන ක්ලික් කරන්න.(අලුත් ටැබ් එකක් ඕපන් වෙයි )රෙජිස්ටර් ක්ලික් කරන්නහරි දැන් ඔයාලට පෙන විදියෙ වින්ඩොව් එකක් ඕපන් වෙයි.(පින්තූර පේන්නෙ නැත්තම් ඒව උඩ ක්ලික් කරන්න)ඔයාලට ඕනෙ වැඩ කරන්න නම් i want to work ඔප්ශන් එක තෝරන්න.ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ විස්තර පුරවන්න.ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ තමන්ට අදාල අංශය තෝරන්න. (ඩිසයින් & it තමයි ලොකු ගනන් ගෙවන්නෙ ඩේටා එන්ට්‍රිත් පුලුවන් )ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ ෆ්‍රී තෝරන්න.ඊට පස්සෙ ඊමේල් එක වෙරිෆයි කරගන්න.ඊට පස්සෙ මම කලුපට කරල තියෙන තන ක්ලික් කරලා ප්‍රොෆයිල් තෝරන්න.එතකොට මෙහෙම එයි.දැන් තමයි වැඩේ තියෙන්නෙ මොනා කරන්නත් හොද ප්‍රොෆයිල් එකක් ඕනෙ.හොදට කස්ටමර්ට අල්ලලා යන විදියට බොරු ගොඩ හරි කමක් නෑ ලියන්න.ස්කිල්ස් වලට බැරි ඒවා හරි දාන්න අවුලක් නෑ.වැදගත්ම දේ තමයිPortfolioඑක ඒක බලල තමයි අපිට ජොබ් දෙන්නෙ.ඔයාලට උද්හහරනයක් විදියට මේ ප්‍රොෆයිල් ටික බලන්නකෝ.පොඩ්ඩක් කොපි කොරාට මොනාවත් කියන එකක් නෑPortfolioඑකට දාන්න දෙයක් ඇත්තෙම නැත්තන් ඔය ප්‍රොෆයිල් වල මැද තියෙන එයාලගෙ 2-3 කොපි කරගන්න.ඕවා හාර අවුස්ස අවුස්ස බලන්නෙ නෑ.මේක මූ කරපු එකක්මද කියල.කොහොම හරි එලටම ප්‍රොෆයිල් එක තියෙන්න ඕනෙ.මෙතන ස්කිල්ස් වල වැඩ්ඩොන්ගෙ ප්‍රොෆයිල් ඇති පොඩ්ඩක් බැලුවට මොනාවත් කියන එකක් නෑhttps://www.com/d/popular-skillsදැන් වැඩක් හොයගෙන යමු.උඩ තියෙන find work ටැබ් එක ක්ලික් කරන්න.දැන් එන වින්ඩොව් එකේ පත්තෙ තියෙන ඔයලගෙ කටගරි එක තෝරන්න.නැත්තන් ඔක්කොම ජොබ්ස් පෙන්නනවා.හරි දැන් ඔයාලගෙ හිතට අල්ලන ජොබ් එකක් තෝර ගන්න.ඉස්සල්ලම පොඩි අත්තකින් පටන් අරගෙන පස්සෙ හොද ෆීඩ්බැක් එහෙම හම්බුනාම ලොකු ලොකු අතු අල්ලමු.හොදට කියවලා බලන්න කස්ටමර් ට මොනාද ඕනෙ කියලා.ඊට පස්සෙ තමා සෙල්ලම තියෙන්නේ.ප්‍රොපෝසල් එක ලියන එක තමා වැදගත්ම කාරිය.මතක තියා ගන්න අපි තාම මේකට අලුත් ලොකු එක එහෙම දෙන්න ගියොත් නිකන් ප්‍රොපොසල් එක අපරාදෙ.මොකද අපිට ප්‍රොපොසල් 15යි මාසෙකට දාන්න පුලුවන්.මම එක ප්‍රොපෝසල් එකක් ලියල පෙන්නන්නම්.මේතියෙන්නෙ වෙබ් ඩිසයිනින් කැටගරියට ලියපු ප්‍රොපෝසල් ටිකක්.5/10joomla - 9.5/10drupal - 9.0/10wordpress - 10/10magento - 9.5/10smarty - 9........පුලුවන් තරම් ආචාරශීලි වෙන්න.බටර් පාරටම සෙට් වෙන්න.ටිකක් කස්ටමර් ව උඩ තිය්ලා ගන්න.සර්,මැඩම් කෑල්ලක් දැම්මට ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනේ.එතන ප්‍රොපෝසල් වලින් මිල අඩුම වෙන්න ගාන දාන්න.ඔයිකේම තමයි එහෙනම්.ඔබට ජය.ඔබගේ අදහස් මට වටිනවා කොමෙන්ටුවක් දාලම යමු.
BLOG
සිඟිති හපනා පත්තරේ කලකට ඉහත පළවුණ කවි පන්තියක්.....ලිව්වා: ලක‍්ෂ්මන් කහටපිටිය මාමාඅැන්දා : දයානන්ද නිකවැරටිය මාමා.
BLOG
ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද. Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ප්‍රකාශණ අයිතිය සහ නම භාවිත කරන නරවා, එසෙම් Mac OSX, IBM AIX, SUN Solaris සහ HP-UX කියන්නෙ Unix Operating System. Unix Trademark එකෙහි අයිතිය සහ License Program පාළනය කරන්නෙ Open Group සමාගම් විකුනුම් කරු විසින්.Linux කියන්නෙ Kernel එකක්, Unix කියන්නෙ Operating System එකක්, එතකොට එතන තියෙන වෙනස ටිකකක් හරි තේරෙනවා ඇතිනෙ. යම් අයෙකුට ප්‍රශ්ණයක් තියෙන්න පුළුවන් මොකක්ද මේ Kernel එක කියන්නෙ : Kernel එක ලෙස හදුන්වන්නෙ පරිගණකයේ Hardware හා සම්බන්ධ වන Software එකකි. මෙය මගින් පරිගණකයේ තියෙන සියළුම Hardware කොටස් හදුනාගැනීම වගේම, පරිගණකයට අලුතින් එකතු කරන Device පද්ධතියේ ප්‍රයෝජනය සදහා සම්බන්දී කරගනු ලබන අතරමැදියෙකි. පද්ධතියට එකතු කරන විවිද කොටස් Kernel එක විසින් හදුනාගැනීමෙන් අනතුරුව හෝ හදුන්වාදීමෙන් අනතුව සෙසු පද්ධතියේ ක්‍රියාකාරකම් වලට දායක කර ගැනීමට පුළුවන. මෙය පහසුවෙන් ප්‍රතිස්ථාපනය කල හැකි වන අතර, මෙමගින් ඔබගේ පරිගණකයේ තිබෙන සියළුම Application User Mode අවස්ථාවේදී Physical Hardware, සහ Process කිරීමට අන්තර් ක්‍රියාවලි සම්බන්ධිකරණය කරමින්, මෙහෙයුම් පද්ධතියක ඔබ නොදකින විශාල කොටසක් ඉටුකර දීමට සමත්ය.මොකක්ද මේ Linux Kernel එක,Linux Kernel එක කියන්නෙ, ඉහත සදහන් කර පරිදි Hardware සහ Software සම්බන්ධ කරන අතරමැදියෙකි. ප්‍රධාන Kernel වර්ග 3ක් තියෙනවා. ඒ අතරින් Linux Kernel එක Monolithic Kernel එකක්, Windows සහ XNU තුල තියෙන්නෙ Hybrid Kernel එක. මුලින්ම Linux Kernel එක ලිව්වෙ Linus Torvalds කියලා අපි කවුරුත් දන්නවා.මම දකින විදිහට සමහරු Linux Distributions සහ Linux Kernel එක පටලගෙන තියෙනවා. මොකද අපි පාවිච්චි කරන Ubuntu, Fedora, Arch, Cent මේ ආකාරයේ විවිද Distributions හැම එකම පොදුවේ ප්‍රකාශ කරන්නෙ Linux Operating System එකක් කියලා. මොකද Linux Kernel එක තමයි, මේ හැම Linux Distributions එකකම කොදු නාරටිය වෙන්නෙ. මේ හැම එකකම එකි නෙකට Source පවතිනවා. ප්‍රධානව ගත්තම Linux Kernel + GNU එකමුතුවෙන් තමයි Linux Operating System එකක් නිර්මාණය වෙන්නෙ.Unix කියන්නෙ Operating System එකක්, බොහෝ Unix Operating System අන්තර්ගත වෙන්නෙ තනි Source එකක් විදිහට.එසේම Linux කියන්නෙ Open Source Project එකක්, GNU කියන්නෙත් Open Source Project එකක්, මේ Project දෙකම පවතින්නෙ GPL License එක යටතේ, ඒත් Unix කියන්නෙ Close Source Operating System එකක්.ඇයි එතකොට Linux Based Operating System එකක්, Unix Like OS Family ලෙස වර්ග කර තියෙන්නෙ. Unix-Like කියන්නෙ Unix වගේ කියන්න, Unix වල Source එකයි Linux වල Source එකයි එක සමාන නෑ, ඒ දෙක වෙනස්, මොකද Unix Operating System එකක් Open Source උනේ නැහැ (අද ඒ තත්වෙ වෙනස් වෙමින් පවතිනවා) එතකොට Source එක බලන්නෙ නැතුවයි Linux ලියවුනෙ. මුලින්ම Unix වල තමයි Root Partition එක සහ Supper Use හදුන්වලා දුන්නෙ, ඒ පහසුකම් Linux වලත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පහසුකම් Linux තුල තියෙන නිසයි Linux Kernel සහ Linux Distributions, OS Family එක විදිහට Unix-Like ලබාදී තිබෙන්නෙ : ඔන්න ඕකයි කතාන්දරේ, ලිහාගන්න බැරි අවුලක් ලියාගත්තා නම් ඔබට ජය සතුට .
BLOG
ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අදඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න..1. WaterMarquee: රූපයේ පරිදි මෙහි ඇති configuration watermark යන්න තෝරාගැනීමෙන් එකතු කරන watermark එක දැමිය යුතු තැන.., font size ,font color ආදිය වෙනස් කරගැනීමට පුළුවනි ..ඊට අමතරව මෙහි ඇති preview මගින් watermark Size , Watermark Visibility වගේ දේවල් අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවනි ....මෙහි ඇති තවත් විශේෂත්වයක් වනේ ෆොටෝ කිහිපයකට එකවර watermark එකතු කරග්නිමේ ඇති පහසුවයි ....com වලට මෙතැනින් යන්න.--------------------------------------------------------------------------------------------------------------2. Watermarktool:මෙහිදී අපට එක් වරකට අප්ලෝඩ් කලහැකි ෆොටෝ ගණන 4ක වන අතර වැඩිම ෆයිල් size 200kb වේ. මෙහිදීද ඉහත එකේදී මෙන් free කොටස signup වීමෙන් තොරව පාවිච්චි කිරීමට පුළුවනි.watermarktool වෙත මෙතැනින් යන්න.----------------------------------------------------------------------------------------------------------------3. Free Online Watermarker:මෙහිදී JPG, GIF, PNG, or BMP ආදී ෆොර්මැට් වලින් යුත් ෆොටෝ වලට Watermark එකතු කල හැකි වන අතර , Max File Size- 4MB FreeOnlineWatermarker මෙතනින් යන්න.ප.ලි - මේවට ඔයාලත් දන්න තවත් ඒවා තියෙනවා නම් පහළ කොමෙන්ට් කොටසට එකතු කරන්න.
BLOG
අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ කරන බැවින් සියලු උපකාරක පන්ති හා ඉගැන්වීම් ලබන 3 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුරා තහනම් වේ.මෙම විභාගයට අදාළව එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ,එම පන්ති මෙහෙයවීම,විෂයානුබද්ධ දේශන,සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම ,එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම ඒවා බෙදැ හැරීම ,විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාදය මගින් ප්‍රසිද්ධ කිරිම හෝ එවැනි දෑ ළග ලබා ගැනීම විභාගයට දින පහකට පෙර දිනයේ සිට තහනම් කැර ඇත.3013-06 21 දිනැතිව නිකුත් කැර ඇති ගැසට් නිවේදයේ විභාග පනතතේ 22 වගන්තියට අදාළව මේ නිති ප්‍රසිද්ධ කැර ඇත. ‍මෙම නීති නොසලකා යම් අයෙක් ආයතනයක් හෝ යම් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් මෙම පනත යටතේ වරද කරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන් .ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටි.කිසියම් අයෙක් මේ නීති කඩකිරීමක් සිදු කරන්නේ නම් ළගම පවතින පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට නැතිනම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර දුරකතන අංක0112784208,0112784537,ක්ෂණික ඇමැතුම් අංක 1011 හෝ පොලිස් මූලස්ථානය0112421111,හෝ119අංක වලට ඇමතිය හැක.සුභාෂීණී සේනානායකhttp://www.lk/2014/11/29/_art.fn=n1411296.
BLOG
උපුල්වන්භවන තව්තිසාව ශක වර්ෂ 2014 ස්වර්ග රාජ්‍ය දයාබර අල්ලා දේවේන්ද්‍රවෙත ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙමලිපිය යොමු කරනුයේසමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි . ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ දෙවියන් ලෙස මා කටයුතු කල බව ඔබ ඉතාමත් පැහැදිලිව දන්නා බව මා හට නොරහසකි . මින් පෙර අප අතරේ පැවති ගිවිසුම් ප්‍රකාරව ඔබගේ අනුගාමිකයන්ට මාගේ පාලන ප්‍රදේශයේ සාමකාමීව සිටීමට ඉඩදුන් බව හා ඔවුන් ආරක්ෂාකළ බවද ඔබට නොරහසක් බව තරයේ විශ්වාස කරමි . 1915 දී ඔබ විසින් අප අතරේ තිබුණු ගිවිසුම සාපරධීව කඩකරමින් සහ ඔබගේ ඥාති වූ ක්‍රිස්තුන් හා එක වී කුමන්ත්‍රණ කරමින් මාගේ ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයේ ගැටුම් ඇති කල අතර එම නිසා දෙපාර්ශවයේම අවංක මිනිසුන් සහ අන්තවාදී මිනිසුන් විපතට පත් කල බව ඔබට අමතක වී නැතැයිද සිතමි . එම සිද්ධිය හෙලා දකින අතරම මධ්‍යස්ත මතාදාරියෙකු ලෙස මා විසින් ඔබගේ සියලු වැරදි නොසලකා හැර නැවතත් මාගේ පාලන ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දුන් බවද ඔබට නැවතත් අමතක වී ඇති බැව් පෙනී යාම කණගාටුවට කරුණකි.ඔබගේ පුද්ගල වාර්තාවන් දෙසබැලුකල ඔබ විසින් නොයෙකුත් රටාවල ඇති කරන ලද ගැටුම්කාරී ක්‍රියා ගැනද මා විසින් දැනුවත් වී ඇති අතර මාගේ පාලන ප්‍රදේශයේඑවැනි ක්‍රියාසඳහා කිසිවිටෙකත් ඉඩ ලබා දිය නොහැකි බවද තරයේ ප්‍රකාශ කරමි. මෑත කාලයේදීද ඔබගේ අනුගාමින්ගේ ( වෙනත් රටවලින් පැමිණි )නොයෙකුත්ක්‍රියා නිසා මාගේ පාලන ප්‍රදේශයේ ව්‍යාකුල තත්වයන් ඇතිවී ඇති අතර එම ක්‍රියා හෙලා දකින අතර තුරම එවැනි ක්‍රියා නැවතත් ඇති නොවීමට වගබලා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මාගේ රැකියා විස්තරයේමාගේ රැකියාවේ කාර්ය භාරය ලෙස සටහන්වන්නේ බෞද්ධ දර්ශනය ,ශ්‍රී ලංකාව සහ එහි ජීවත් වන බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නන්කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමයි .මෙතැන් සිට ඔබ විසින්අනුබල දෙනු ලබනසියලුම කඩාකප්පල් කාරී ක්‍රියා මාගේ රැකියාවේ කොන්දේසි වලට පටහැනි ක්‍රියාසේ සලකනු ලබන අතර ඒවා මැඩපැවැත්වීමට කෝටි තිස් තුනක් වන මාගේ දේව කාර්යමණ්ඩලය යොදා ගැනීමට පසුබට නොවන බවද මෙයින් දන්වා සිටිමි .අවසාන වශයෙන් මෙවැනි පරිපාලනමය ගැටළුවල ප්‍රතිපලබිම් මට්ටමේ අනුගාමිකයන් අතරට නොයාමට තරයේ වග බලා ගන්නාමෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මෙයට විශ්වාසී උපුල්වන් දේවේන්ද්‍ර.
BLOG
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම 12දා සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ශක ජෙනරාල් ඩී.එස් ජයවර්ධන මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ගූගල් ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාලයට එකතුවන අතර ඒ අනුව විදෙස් සංචාරකයින් හට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශණීය වනු ඇති අතර ශ්‍රී ලාංකිකයින් හටද අපරටේ සුන්දර ස්ථාන පිලිබඳව සවිස්තර තොරතුරු දැනගත හැකිවනු ඇත.මේ පිළිබඳව දැනුම්වත් කරමින් දෙසැම්බර් 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලැවින් මහත්මිය මෙය නිවේදනය කළාය.ඇය පවසන ආකාරයට සුප්‍රකට පෞරාණිකග්‍රීක නගරයක් වන පොම්පෙයි නුවර ගූගල් ස්ට්‍රීට් විව් වලට ඇතුලත්වූ පසු සංචාරකයින් පැමිණීමේ 25% වර්ධනයක් පෙන්වා ඇත.ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. ගූගල් ස්ට්‍රීට්-විව් සඳහා ඡායාරූප ගන්නා මෝටර් රථවල සවිකොට ඇති කැමරා මගින් ලබාගන්නා අංශක 360ක පරිදර්ශක ඡායාරූප [360 panoramic images] මගින් ස්ට්‍රීට් විව් පරිහරණය කරන්නාට තමන් එම මාර්ගයේ හෝ එම ස්ථානයේ සිටිනා විට පෙනෙන ආකාරයට හාත්පස දර්ශණය කල හැක.ගූගල් ස්ට්‍රීට් විව් සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගැනීමට කැමරා සවිකල මෝටර් රථ, හිම පතනය ඇති ස්ථානවල හිමේ යා හැකි ස්නෝ මොබයිල් වාහන මෙන්ම පයින් පමනක් යාහැකි ස්ථානව වලදී ගූගල් ස්ට්‍රීට්විව් කැමරා පිටේ බැඳගත් ගූගල් සේවකයින්ද යොදවා මෙම සේවාව සකස් කොට ඇත.මුහුදු වෙරළක් ගූගල් ස්ට්‍රීට් විව් වලට හසුකර ගන්නා ගූගල් ස්ට්‍රීට් විව් සේවකයෙකුයාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය.ගූගල් ස්ට්‍රීට් විව් සේවාවට ඇතුලත්වන 65වන රට ශ්‍රී ලංකාවයි.
BLOG
ආයුබෝවන් මිතුරනේ මෙන්න අද දවසේ වැදගත් ලිපියක් ඔයාලට.. Adobe Illustrator ගැන හැමෝම දන්නවානේ..Graphic Design වලට අද වන විට ඉන්න සුපිරිම වැඩකාරයෙක් තමා මෙයා.. මෙයාගේ 2014 වෙනි සංස්කරණය තමා මේ හදුන්වා දෙන්නේ. වැඩි කතා මොකද මෙන්න මෙතනින් බාගන්න.8GB)Download Adobe Illustrator CC17 2014 Crackහැමෝටම වැදගත් මුදුකාංගයක් නිසා Share කරන්න.
BLOG
විලිකුන් සුරත් ඵල ලෙසහිරු අවරට යන්නා, සුවඳ පැනින් ඇඟ උණුසුම කර ගන්නා,දැක්ක විටම පිරිමින්ගේරති ආශා වැඩි වෙන්නා, සැන්දෑ අහස මෙන් සැරසී ඇය මහ මග වෙත යන්නා,දෙනුවන් අයා මඟබලමින් ඉන්නා, මුහුණේ පැහැය අනුරාගෙන් බබලන්නා,යන එන මස් පර්වතගනු දෙනු විමසන්නා, කුණු කොල්ලෙට ඇඟ මස් මිල නොකරන්නා,පවලට වින කළා මවගේනොමනා හැසිරීම, රාග මතින් සැමියා මැරුවා සොර සැමියා හින්දා,තම සුව පතා ඒ අම්මාතම දරුවා මිල කෙරුවා, රතු මුනෙකුට පොඩි කාලෙම බිලි දුන්නා,සැමියෙකු නොමැති මුත් හැම රැයකමමිලියනපතියන් හමුවෙනවා,මංගල මුදුව නොදැමූවත් හැම දිනකමමංගල රැය ගත කරනා,ආලය නොකෙරුවත් ආදර බස්නොඅඩුව ලැබෙනා,ජීවිතය මේ වගෙයි කොයි කාටත්එක සේ නොසලකනා.
BLOG