comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
විල්සන් හෑගොඩ කොළඹ කවි යුගය එකළු කළ අපූර්ව කවීත්වයක් හිමිව තිබූ කවියෙකි."කවි කොළ කාරයා' යනු ඔහු විසින් පබදින ලද එවැනි කවි පන්තියකි.එකල සමාජයේ කවි කොළ කාරයාට හිමිව තිබු තැන පිළිබදව් සමාජ විද්‍යාත්මක ගවේෂණයකට අවැසි තොරතුරුඋවදඔහුගේ මෙම කවි පන්තියෙන් උකහා ගන්නට පුළුවන. කොළඹ කවි කියවා රසවිදින්නට කැමැති වර්තමාන බ්ලොග් කියවන්නන්ගේ පහන් රසවින්දනය උදෙසා එය මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.වම් අත කණේ- කවි කොළ ටික දකුණු අතහක්කේ බුලත් විට හපවී ඉවර නැතනෙත් සැර වරින් වර යවමින් සෙනග වෙත හඩදී ගිරිය පාදා කවි කියනු ඇතගෙදරින් තරුණියක ගෙනගිය පුවත හොරෙන්බිහිසුණු මිනීමැරුමක වග රුහුණු ක-රෙන්රිය අනතුරක සැණකෙළියක පැසුළු දොරෙන්තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි සැරෙන්සුළු පුවතක් නමුදු ගණනට ගත නොහෙනඔපයක් අමුතුවෙන් දී නව පණ ගැහෙනකවි වැලකට ගොතා ගෙන නව නළු රස වැහෙනකියවයි ගැඹුරු හඬකින් ඈතට ඇහෙනපිංකම් පොළක -ගම්බඳ වෙළදම් පොළකබස් නැවතුම් පොළක හෝ මහ මං කඩකකඩ මන්ඩියක් රුක් සෙවණක් වැනි තැනකමොහුගේ කට හඩට පිටුපා යා නොහැකකිසි මඟියකුට මුණ නොගැහී සිටිනු බැරීඑළිමහනකම හඬ දෙන විට කොතැන හරිආරංචියේ උණුසුම් කම අනුව හැරීමොහු වට කොට බලා ඇත මහ සෙනඟ පිරීමොහු පළ කරන කවි කොළ එකිනෙක දේටරසවත් වී තිබේ ,පොදු ගම් වැසියාටඑක ශත දහය ගණනේ මිළ තිබුණාටවිකිණෙයි දහස් ගණනින් සමහර දාට. | BLOG |
කනේ කඩුක්කන් කරමාල දාගෙන නීල වරලසද උස්කරලා බැදගෙන තාම නොපිපුන පියුමක්ද අරගෙන සිය වස් ගනන් හිද තාම මගබලයි ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන් සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල උවම් මායම් වදන් කැටයම් තොරන මත දැන දැනම නොදැනුන ගානට පිරිමි සැගවූ පැනයකි.. "සීගිරි ලදුනට කෝ දෙකකුල්. රලු උවත් මහ පොලොව රස පහස එහි විදගන්න කුරුබිලි දොරෙන් ගම් වැද නුවර ආටෝප සාටෝප දියකර පහුපෑවතෙහි අදුරු අරටුව හිතේ ඇදගන්න ඕනි ලදකට උවමනාම කෙරේ දෙකකුල් නිදහසේ නිවහල් පින්සලකින්ම ඉපදුන. | BLOG |
මේ තියෙන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් ගැන කරපු presentation එකක්....... | BLOG |
බලමි දස අත....නිහඬ ලොව දෙස......කුසිතය ගත..දෙවනි නැත සිත...බොහො දේ ඇත..කරනු සිත නැත...සුවය අසුනද..වායු සමනය නියම ගානය...කුමන අරුමෙද..පියවෙවි ඇස..උදෑසන වුව. | BLOG |
ලේඛකයා මරා දැමූ තැනින්රන් නෙළුමක් උපන්නෙයඑක අකුරක් පවා වැළපෙනසමුදුරු ගොසක් ඇසෙන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයමා මරා රන් කගක් උපන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයනිදහසක් ඉල්ලා වැළපෙනඑක අකුරකුදු නොම විරත විලසටමහ හඬින් හඬන්නෙයදුරුතු වැසි වසින්නෙයරන් මලක් පිපෙන්නෙයමිය යන්ට ඉඩ නොදෙනරන් මලක් පිපෙන්නෙයPicture -Karen Hollingsworth, from Atlanta, Georgia. | BLOG |
....විනාඩි කිහිපයක් හර්ෂණගේ ග්‍රහණයේ සිටිදිල්මි, අනතුරුව සෙමෙන් ඔහුගෙන් මිදුනේ"අම්මලා දකීවීයි..." කියමිනි.අනතුරුව දෙදෙනාම අතිනත පටලවා ගනිමින්කිරි වෙහෙර වටා ඇවිද ගියෝය. කිරි වෙහෙර මළුවේ දොලොස් මසක් පුරාවට නොනිවී දැල්වෙනදොලොස් මහේ පහනට දෙදෙනාම එකතුව තෙල් වත්කලේ අද මේ ඇතිවූ බැඳීම ජිවිත කාලය පුරාවටමවෙනස් නොවේවායි පැතුමෙනි. හර්ෂණ මේ සියළු දෑ කලේ ඇය කෙරෙහි උපන් සැබෑ ආදරයෙනි. ඇයටබොරුවක් කිරීමේ හෝ ඇයව රැවටීමේ ආශාවක්ඔහුට නැත. හර්ෂණ ඇයව තෝරා ගත්තේ ජීවිත කාලය පුරාවටම ළඟ තබා ගන්නටය. | BLOG |
මොසිල්ලා සමාගම විසින් ජංගම උපාංග සඳහා නිකුත් කල නවතම මෙහෙයුම් පද්ධතිය හැඳින්වෙන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් නමින්. ආරම්භයක් වශයෙන් එම සමාගම කෙයන් හා පීක් නම් ෆයර්ෆොක්ස් ඕඑස් අන්තර්ගත ස්මාර්ට් දුරකතන දෙකක්, ජංගම උපාංග සඳහා Apps Develop කරන අයට බෙදා දුන්නා. ZTE Open හා alcatel Touch Fire නම් දුරකතන යුගලක් හඳුන්වා දුන්නත් තවම තියෙන්නෙ නිෂ්පාදන අවධියේ.ඔබටත් ෆයර්ෆොක්ස් ඕඑස් හි ගුණදොස් සොයා බැලීමට නම් නොමිලේම එය බාගත කරගන්න අවස්ථාව ලබාදීල තියෙනවා. තවමත් එය ඔබේ ජංගම දුරකථනයට ස්ඨාපනය කරන්නට බැරි වුණත්, ඔබට එය නියම ආකාරයෙන් පරිගණකය තුළදීම අත්හදා බලන්න පුලුවන්. මෙයට ඔබට ඕන කරන්නේ පරිගණකයට ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හා අන්තර්ජාල සබඳතාවක් පමණයි.මේකෙ අතුරු මුහුණත කොහොම එකක්දැයි බලාගන්න..Installed AppsScreenshots1 පියවර:මුලින්ම පරිගණකයේ ෆයර්ෆොක්ස් බ්‍රව්සරය තිබේදැයි බලන්න, නැත්නම් හෝ ඇත්තේ පරණ වර්ෂන් එකක් නම් මෙතනින් ගිහින් අලුත්ම බ්‍රව්සර් වර්ෂන් එක අරගන්න. [Link]2 පියවරදැන් [Link] වෙත ගොස් එහි ඇති "Install it for windows, Mac and Linux" යනුවෙන් ඇති ලින්ක් තුනෙන් අපිට අවශ්‍ය වින්ඩෝස් නිසා එය අරගන්න. එතකොට 67MB තරමේ ගොනුවක් ලැබෙනව *.xpi වර්ගයෙන්.3 පියවරමේක කෙලින්ම පරිගණකයට ඩව්න්ලෝඩ් කරගන්න, නැත්නම් පිට තැනකින් ඩවුන් කරගෙන ඇවිල්ලා පරිගණකයට කොපි කරගන්න. ඒක අරගත්තට පස්සේ ෆයර්ෆොක්ස් ඕපන් කරලා එහි Tools -> Add-Ons ගොස් එහි දකුණුපස ඉහලින් තිට්යෙන, "Settings" ක්ලික් කරල "Install Addon from file" තෝරගන්න. එතකොට ඕපන් වන ෆයිල් බ්‍රව්සර් මෙනුවෙන් අපි ඩවුන්ලොඩ් කරපු *.XPI file එක තෝරල දෙන්න. ඊට පස්සේ එන බොක්ස් එකෙන් ඉන්ස්ටෝල් තෝරගන්න ඕන. අනතුරුව බ්‍රව්සරය රීස්ටාට් කරන්න.4 පියවරදැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයිනෙ. අනතුරුව ලැබෙන වින්ඩෝ එකෙන් Start Simulator කරගන්න. නව ටැබ් එකක් ඇවිත් ඕඑස් එක ධාවනය වේවි. දැන් අපි ඕස් එක ටෙස්ට් කරමු. ඒකට ඇප්ස් එහෙම ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේ Simulator එක වැඩ කරන්නේ Virtual Space එකක් නිසා පරිගණකයේ වැඩ වලට කරදරයක් නැහැ.තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන නිසා පරිපූර්ණ ලෙස ක්‍රියා නොකිරීමට පුලුවන. උත්සහ කරල බලන්න..ඔන්න මං ගියා..හෝව් හොව්.. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකත් බලාගෙනම යන්න. මැක් කියල ගණන් ගන්න එපා. අන්තිමට කියන්න තියෙන්නෙ මෙක ඕස් එකේ ස්වරූපය බලාගන්න දාන පෝස්ට් එකක්..[මට කමෙන්ට් එහෙමත් දාන්න ඕන :)]. | BLOG |
කෙනෙක් ඉඳ ගියපසුඅන්න තවකෙනෙක් ඇවිදින්කෙමෙන් පියවෙනනෙත් දෙසබලා හිඳීවිසිවිලිමඅවසන් සුසුම්පොද උරා ගෙනතව තවත් දැඩිවේවිබිත්තියහැකි ලෙස ඔබවරැකගනිමිපිටත ඇතිසීතලෙන්ඉතින් පවසන්නමට ඔබේ කතාවත්නිසසලව අසාසිටින්නෙමිඅවසානයේකවුළුව හැර තබමිපිටව යන්නටඔබටඅවහිරයක්නොමැතිව. | BLOG |
ධනුෂ්කා කියන්නෙ ඉතාම අපූරුවට බස හසුරුවන, මනා කෞෂල්‍යයක් , කියවීමක් සහ සතතාභ්‍යාසයකින් යුක්ත කිවිඳියක්. ඇගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ එකතුව වන 'සඳ මුදුව මැවෙන්නැති' අප්‍රේල් පස්වන සෙනසුරාදා දොරට වඩිනවා.මේ ඇගේ ප්‍රතිභාව දැකිය හැකි 'සුමනේ' නම් කවියෙන් කොටසක්."..............ලෝකෙ එළිය දකින්න බැරිහීන තමයි අයිති අපිටඒක තමයි හැමදාමත්රෝසපාට හීන වලටඅකමැත්තෙන් වුණත් අපිටගාන්න වුණෙ අඳුරු පාටඅට්ටි අට්ටි හීන තියන්කුට්ටි කුට්ටි අඳුර මැදින්දවස් හතට පාට හතකමල් පිපිලා හැඩට පේනඉර හිල් වෙන අහස හිඳෙනතට්ටු තට්ටු සොල්දරයකආදර සරුවාල ඇඳන්ආදර භෝජනේ හදන්ආදර පානේ එළියෙන්ඉන්න හිටියෙ මේ අපිමද.එහෙව් අපටඅද වෙනකල්හොයාගන්න බැරි වුණේමඒ ආදර මඟ නෙමේද.කටු පිපුණෙත් කටුනායකමල් පිපුණෙත් කටුනායකඉතින් සුමනෙ හැමදාමත්මතක නේද කටුනායක......"දිනය : 2014 අප්‍රේල් 05 වැනි දින සවස 3 ටතැන: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දීදෙසුම්: රත්න ශ්‍රී විජේසිංහ ආනන්ද තිස්සකුමාරධනුෂ්කා, මල් පිපෙන පරවෙන ඉර හඳ නඟින බැස යන මේ අරුමැසි කලා අහසඔබේ කව් තරු සහසකින්එළිය වේවා. | BLOG |
වැරදි කරන තැනකියන කියන කට.....කැපි කැපි විසිරෙනචීත්ත වාටි.....බලන බලන අතබිඳෙන බැඳෙන බැමි....වැටි වැටි නැගිටිනසිතිවිලි පේළි....ඇසෙන පෙනෙන සර...මුවග රැඳුනු තෙත....ඉපිලී සැඟවෙන....රේන්ද පේළි....අතර වැදුනු සිත.....නොදැන දැවෙන විස...යලි යලි වලිකයි....හිඳින්න පේවී.....මල් සුවඳට දහදියමුහුවී......අඳුන් දෙ ඉර යටගිනි ඇවිලී.....පනට වඩා පිනලෙන්ගතුවී.....ඉගිලෙන්න හදයිජය ටැඹ එසැවී....එළිය ඇවිත් අඳුරේසැතපී.....රවටන්න හදයිනෙත් අඳ මලැවී....හුයෙන් බැඳුනුරූපය බොඳවී.........පැන යන්න හදයිනොදැමුණු සිතැඟී. | BLOG |
පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට හැකි මෘදුකාංයක් තමා මේක මෙයින් තමන්ට කැමති පරිදි පැයෙන් පැයට දිනෙන් දිනට හරි සතියෙන් සතියට හරි බැකප් කර ගන්න පුලුවන්.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.ආ කියන්න අමතක උනා මේකෙ බැකප් වෙන්නෙ ස්වයංකීයව.ඒ නිසා අමුතුවෙන් බැකප් කර කර ඉන්න ඔනී නෑ.ගොඩක් පහසු වෙන්න තමා හදලා තියෙන්නේ මෙක.පහත ලින්ක් එකෙන් ගිහින් මෘදුකාංගය බාගන්න.com/මේ ටිකත් කියවන්න.තවත් මෙවැනිම ලිපියකින් හමු වෙමු. | BLOG |
නොනිදා රැය පහන් වෙන්නේ හැමදාම වගේනුඹ නැති නිසා සඳ ආවත් පාලුයිනේතරු තිබුණත් වෙනසක් නෑ එදා වගේළඟ හිටියනම් පාළුව තනිකම නෑනේවෙනදා වගේ එනවද තුරුලෙන් ඉන්නනොනිදා ගෙවන්නම් ඔබ ළඟ සතුටින්මදුක් ගින්දරක් දෙන්නෙම නෑ කිසි දාකඇයි ඔබ ගියේ තනිකර මා දුර ඈතනොබලම ඔයා යනවද තනිකර මාවඔබ එනතුරා මග ඉන්නම් හැමදාමහති වැටෙනවා මම දන්නවා අද හෙටමමග නවතින්න මම එන්නම් ඔබ ගන්න~~උමා(දසුන්)~~. | BLOG |
විශේෂ ප්‍රාර්ථනා බලාපොරොත්තු රහිතව ජීවත් වෙන එක එක අතකින් අවදානමක්.තවත් අතකට අමුතුම ආතල් එකක්.තවත් වෙලාවකට මහා වේදනාවක්.මම වේදනවට අකමැතියි.ඒ නිසා උත්සාහය නිතරම අර ආතල් කොටස ඇතුලෙ ජීවත් වෙන්න. ඒත් ලෝකයා තමයි ඇණේ...කසාදයක් ඉවරවුණාට පස්සෙ කල්පනාව හැරවෙන්නෙ දරුවෙක් දිහාට.ප්‍රේමයකදි ඊළඟ බරපතලම කාරණාව විවාහෙ.විවාහයක් ගැන ඉලක්කයක් නැතුව ප්‍රේම කරන්න කාට හරි පුළුවන්ද. කසාදය කිව්වෙ ලේඛණගත විවාහයම නෙමෙයි.එකට ජීවත් වීම. ඔබට පුළුවන්ද. මට නම් එහෙම බැඳීමක් ගැන හිතා ගන්න අමාරුයි. උපරිම ප්‍රේමණීය මොහොතකට පස්සෙ කබි කුෂි කබි ගම් කියලා ටටා දාල යන්න මට නම්අමාරුයි.අනේ මන්දා ඉතින් නේද.කොහොමද ඉතින් ජීවිතේ. ආපහු මගෙනුත් ඒ ප්‍රශ්ණෙම අහන්න නම් එපා.මම අමුතුවෙන් මොනවා කියන්නද.මගෙ කාර්යාල කාමරේ ඉස්සරහ විදුලි ලාම්පු ආවරනෙ ඇතුලෙ කිරිල්ලි කොහොම හරි කූඩුව හදා ගත්තා.සති ගානක් තිස්සෙ හතර පස්පොලකම උත්සාහ කලාට හරිගියෙ මෙතන විතරයි. ගෙජ්ජි කුමාරිත් කුරුමානම් අල්ල අල්ල හිටියෙ.මිදුලෙ තියෙන මැටි කලේක හිටිය පොල්කිචි පවුලෙන් පාඩමක් ඉගෙනගෙන තිබ්බ නිසා ගෙජ්ජි කුමාඑරි මෙයාලට එච්චරම කරදර කරන්න ගියෙ නැහැ.කාලෙ ගෙවිලා. වීතරාගීට දැන්අවුරුදු හතරකට වැඩියි.පැන්ඩො ඔයාල එහෙම කොහෙද.ඔන්න මමත් පොතක් ලිව්ව.සතුට කියන්නෙ එහෙම දේකට වෙන්න ඇති. ගෙජ්ජි කුමාරි ගැන කවියක් ලියනවා ඊළඟ පොතට.ආ..........කලහාරි කාන්තාරෙ රත්රන් නිධියට සුබ උපන්දිනයක් වේවා. ;). | BLOG |
ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරුමතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන් ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය. මේ අතර හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් අධ්‍යනයේ නිරත විද්‍යාඥයින් නව මන්දාකිණි 7ක් හඳුනාගෙන තිබේ.ඔවුන් පවසන්නේ,මීට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහිවී කෙටි කාලයකින් එම මන්දාකිණිවල සම්බවය සිදු වන්නට ඇති බවය. මේ අතරින් එකක් දැනට හඳුනා ඇති වයස්ගතම මන්දාකිණිය ලෙස සැලකෙන අතර විශ්වයට වයස අවුරුදු මිලියන 380 පමණ වන විට එය බිහි වන්නට ඇතැයි, අනුමාන කෙරේ. අධ්‍යනයේ නිරත විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ, විශ්වය බිහිවීම සඳහා පදනම් වූ බවට සැලකෙන මහා පිපිරුම සිදුවීමෙන් වසර මිලියන 200කට පමණ පසු කාලයේ එනම් අඳුරු යුගයේදී සිදු වූ ක්රියාකාරිත්වයන් අධ්‍යනයට නව සොයාගැනීම් ඉවහල් වනු ඇති බවය.ඒ අතර මෙම දිනවල විශාල ග්රහකයක් පෘථිවිය ආසන්නයේ ගමන්කරන බව තාරකා විද්‍යාඥයෝ පවසති. ටෝටටිස් ලෙස නම් කර ඇති මෙම ග්රහයකය පෘථීවියට සමීපව කක්ෂගතවූවක් වන අතර සෑම සිව් වසරකටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නකි. කෙසේ වෙතත් වසර 400ක් යනතුරු එමඟින් පෘතුවියට තර්ජනයක් නැතැයි, විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවර එය චන්ද්‍රයා සහ පෘථිවිය අතර පවතින දුර මෙන් 18 ගුණයක් තරම් එනම් කිලෝමීටර් මිලියන 7ක් තරම් පෘථිවියට සමීප වනු ඇති. | BLOG |
බඩ.......කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි මේ උදරය නෙරා ඒමට හේතුවෙනවා ඇත්තෙ. මේක ලෙඩ රෝග ගොඩකට ආරම්භයක් වෙන්නත් පුලුවන්. උදරයට කරන ව්‍යායාම කීපෙකුත් යූ ටියුබ් එකෙන් හොයා ගත්තා. ගෙදරදිම කරන්නත් පුලුවන්.ආයෙම බ්ලොග් එක ලියන්න කියල මාව උනන්දු කරපු සුදීක අයියටත් මගෙ දුරකතන අංකෙ සුදීක අයියට දුන්නු සෑමටත් ගොඩක් ස්තූතියි. | BLOG |
ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි. මෑතකදී පැමිණි ෆේස්බුක් තරඟකරුවා වන Ello ට වඩා මෙහි මුහුණත ඉතා දැකුම්කළු හා හැසිරීමට පහසු එකක් වේ. එසේම alexa ශ්‍රේණිගත කිරීම අනුව පරිශීලකයන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ. වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම තිබේ.TSU ගිණුමක් අරඹන්න පිවිසෙන්න පහත සබැඳියෙන් http://tsu.co/SinhalaBuddhistඉහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුවට අදාල tsu ගිණුමයි. member's short code එකක් ඉල්ලයිනම් SinhalaBuddhist ලෙස යොදන්නයම් හෙයකින් ඉදිරියේදී මෙම සමාජ ජාලය ජනප්‍රිය වුවහොත් අප ෆේස්බුක් වෙනුවට එය ප්‍රධාන කොට භාවිතා කරන්නෙමු. "Follow" සහ "Add Friend" කර ඔබත් අප හා එක් වන්න.ෆේස්බුක් සාමාජිකයින් විශාල වශයෙන් tsu ට එකතු වෙමින් සිටිනවා, එහෙත් මෙම සමාජ ජාලය විසින් ෆේස්බුක් බංකොලොත් කරවාවි කියල අපිට හරියටම විශ්වාස නෑ. ඒත් අපි සියල්ලම ඒකට එකතු වුවහොත් අනාගතයේදී ෆේස්බුක් එකෙනුත් එහි පරිශීලකයින්ට තම ලාභය ගෙවන්න කටයුතු කරාවි. අපේ රටේ සමහර තරුණ තරුණියන් ෆේස්බුක් එකේ ඉන්න හැටියට රටට ලොකු ආදායමක් වේවි. ඒක නිකම්, චම්පික රණවක මහත්තයාව අපි සිංහලයන් අතර ප්‍රසිද්ධ කලාම මහින්දටයි රනිල්ටයි සිංහලයන් ගැන හිතන්න ඇස් ඇරෙනවා වගේ දෙයක්, නද්ද මං අහන්නෙ.[[මේ ගැන මේ පේජ් එකේ පළ කළේ ඇයි. එනම් එහි අපගේ tsu පිටුව කුමක්දැයි මෙහි සහෘදයින්ට දැන්වීමටයි. නැතිනම් සිංහල විරෝධියෙකුට ෆේක් tsu එකක් හදලා අපි වගේ පෙනී ඉන්න පුළුවන්.]]Share කර යාළුවන් අතරේ බෙද හරින්න. | BLOG |
පින්බර සිතැඟි දල්වා නුඹේ නෙතඹරටපෙම්බර නුඹේ පහසින් සිත දොවන්නටසුන්දර විජිතයක දොරගුළු හරින්නටකුමරිය අවසරද නුඹ හා රැඳෙන්නට...ගින්දර නැගෙන මොහොතක හද විමන් අරාසිහිලැල් ගඟුල වෙමි නුඹේ ගත සිතැඟි පුරාසිනහව කඳුල එක සේ නීති මහද දරාසනසමි නුඹව සැමදා මම මියෙන තුරා. | BLOG |
"ආශ්රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම නිශ්ශබ්දවත් ශාන්තවත් විවේකගැනීම නවත්වා භික්ෂූන්වහන්සේගේ කුටි අතරින් වැටී ඇති පාරවල් දිගේ ඇවිද්දෙමි. විවෘතව තිබූ සමහරෙක දොරතුලින් මම එබී බැලුවෙමි. එරමිණියා ගොතාගත් භික්ෂූහු ගල් ගැසුණු සේ භාවනාවේ යෙදී සිටියහ. ඔවුනට කිසිවක් නෑසුණහ. ඔවුහු කිසිවක් නොදුටුවෝය. බල්ලන්ගේ බිරීම්, කපුටන්ගේ කෑගැසීම් සහ අනෙක් ඝෝෂා මධ්‍යයේ ඔවුහු සියල්ල නිශ්චලව පවතින මානසික ලෝකයක පසුවූහ."මෙතනින් පොතම ගන්න.. තෙරුවන් සරණයි. | BLOG |
මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17 මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .ගොඩාක් වෙලාවට .htaccess මෙන්න මෙයත් එක්ක වැඩ කරද්දි ටිකක් විතර අමාරුයි මිනිහා ටිකක් විතර කියන දේ අහන්නේම නෑ.මෙයා තමයි මුලු සයිට් එකම පාලනය කරන්නේ අපි පොඩි හරි වරදක් කලොත් මුලු වෙබ් සයිට් එකම වැඩ කරන්නේ නෑ.උදාහරණයක් විදිහට :- අපි විසින් වචනයක එක අකුරක් වැරදුවෝතින් මුලු වෙබ් සයිට් එකම පේන්නේ නෑ අයියෝ.වැල් බයිලා ඇති දැන් අපි වැඩේට බහිමු නේහ්,එහෙනම් ඔයාලගේ වෑම්ප් සර්වර් එක ඔන් කොරාලා ,IDE එකත්ඔන් කොරා ගන්නලකෝ .මුලින්ම අපි මෙහෙම පටන් ගමු,අපි මොනවා හරි දෙයක් අපේ වෙබ් සයිට් එකේ වෙනස් කම් කරද්දී URL එක වෙනස් වෙනවා මෙන්න මේ වගේ Ex:-http://localhost/PHP/update_view.uid=2අපි විසින් කරන්න හදන වෙනස් කම අපිට මුලදිම හදුනා ගන්න පුලුවන් අන්න ඒ නිසා අපි මේ ක්‍රමය භාවිතා කරනවා.අපිට ඔය URL එක මෙන්න මේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් මරු නෙහ් .පලමුව අපි අපේ URL ටික හදා ගන්න ඔනේ ඒකට වෙනම .php ෆයිල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පහත code එක ඔබා ගන්නකෝ,========================================================================define('HTTP_SERVER', 'http://localhost/PHP');define('HTTP_SERVER_PATH', HTTP_SERVER.'View-User-Data');=========================================================================මීලගට කරන්න තියෙන්නේ අපේ .htaccess ෆයිල් එක හදා ගන්න තමායි.අලුත් ෆයිල් එකක් හදා ගන්න ඒකේ ෆයිල් නේම් එක .htaccess ඕකේ,දැන් ඒෆයිල් එකට මෙන්න මේ කෝඩ් එක දමා ගන්න කෝ .uid=$1========================================================================බැලූ බැල්මට දල අවබෝධයක් එන්න ඔනේ ආවේ නැතත් අවුලක් නෑ .මම කරලා තියෙනේ මම අලුතෙන් සාදා ගත් අලුත් .php ෆයිල් එකේ පාවිච්චි කරපුන නේම් තමා .htaccess එකේ පාවිච්චියට අරගෙන තියෙන්නේ ..මම රතු පාටින් පාට කරලා තියෙන්නේ ඒ වචන තමා.මේකේ සරල සිද්දිය මේකයි අපේ URL එකේ Home කියන වචනය ආවොත් මෙන්න මේ ෆයිල් එක වීව් කරන්න කියන එක තමා කරලා තියෙනේ සරලම දේ .තව ගොඩාක් දේ කරන්න පුලුවන් .htaccess එකෙන් ඒ දේවල් තව හිමිහිට පැහැදිලි කර්ලා දෙන්නම්..htaccessගොඩාක් වෙලාවට පාවිච්චි කරනේ ආරක්ෂක හේතුන් වලට හොදේ ඒකත් හොදින් මතක තියා ගන්න.දැන් ඔයාලට ප්‍රශ්ණ ගොඩාරියක් ඇති ඒ සියලුම දේවල් අහන්න මම දන්න හැම දේම කියන්නම්.මේ සමග මම හදපු කෝඩ් එක දෙනවා ඒක බලලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.තව දෙයක් මම අමතක කලා කලින් කියලා දීපු දෙයක් ඒ දේ ගැන මම මේ පෝස්ට් එකේදි සදහන් කලේ නෑ ඒක හොයා ගන්න.පුංචි සහයෝගයක් දෙන්නම් මෙන්න මේ විදිහට ."කාමරේක තියෙන දෙයක් ගන්න ඔනේ නම් ඒ කාමරේ අයිති කාරයව දැලේ දා ගන්න ඔනේ නේද .පස්සේ හිමිහිට ගන්න ඔනේ දේ ගන්න පුලුවන් "අනිත් දේ තමා ඔයා මේ කොඩ් සාම්පල් එක බාගෙන රන් කරත් රන් වෙන්නේ නෑ ඒ සදහා වෑම්ප් සර්වර් එකේ කකොන්ෆිගරේෂන් වල (httpd.conf) පුංචි වෙනස් කමක් කරන්න ඔනේ ඒ දේ පොඩ්ඩක් හොයාලා කරන්න එතකොට ඔයාටත් තව දැනීමක් එනවා.Google අයියාගෙන් අහන්න මිනිහා ඔනේම දෙයක් දන්නවා,තේරුම් ගැනීමට අපහසු තැනක් ඇත්නම් කොමෙන්ටුවක් මගින් අහන්න නැති නම් මා මුහුණු පොතේ සිටින බැවින් ඒ මගින් අසා දැන ගන්න .මෙය කියවූවාට ඔබට තුති හැකියාවක් තිබේ නම් මේ පොත හොයලා බා ගෙන කියවන්නසම්පුර්න Code එක මෙන්න බා ගන්නවැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න. | BLOG |
අතමිට සරු කාලෙටගත හැඩි දැඩි කාලෙටසිත සවි ඇති කාලෙටදැසිදස්සන් බෝමාවත්සුණු තවරාගෙනරියසක පදවාගෙනමහ මන්දිර තැනුවමමිතුරන් බෝමානැටුම් ගැයුම් සංගීතයිරසමසවුල් නම් එමටයිස්වර්ණ වියන් මනලෝලයිතේජස බෝමාඅතමිට හිඟවුනදාලෙඩ දුක් හමුවනදාසිත ඔද තෙද බිඳිදාතනිකම බෝමාමන්දිර නටඹුන් වුනදාකුසගිනි දැඩි වුනදාමදහස වියැකුනදාදුක නම් බෝමායන්නට ආ ගමන්යලෝකය නැවතුම්පලක්යසිහියට ගත හැකිනම්සැපතකි බෝමා. | BLOG |
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අළුයම 12.51කට සිංගප්පූරු ගුවන් සේවයට එස්.කියූ. 468 දරණ ගුවන් යානයෙන් මොහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම අධිකරණ මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ, වඳුරඹ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව පසුගිය 24 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදියි. | BLOG |
ඔබත් කැමතිද ඔබ විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් යහළුවන් සමගසෙල්ලම් කරන්න. මතකද අපි 1993 – 2003 වැනි අවදියේදී ක්‍රීඩාකල Super Mario, Red Alert, Police වැනි ක්‍රීඩා. ඒවා එකලඅපගේ සිත් කෙතරම් පැහැර ගත්තද . අපි එවැනි ක්‍රීඩාවක් නිර්මාණය කරන්න කොච්චර සිහිනමැව්වද . අපෙන් කිහිප දෙනෙකුට ඇරෙන්න එම අවස්ථාව කරා යාමට නොහැකි වුනේ C, Java වැනි පරිගණක භාෂා නොදැනසිටීම නිසා නේද . ඔන්න අද එම මග හැරුන අවස්ථාව නැවතත් උදා වෙලා. අපිට අපේම කියලාපරිගණක ක්‍රීඩාවක් දැන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතා සුළු ක්‍රියාකාරකම් කිහිපයක්මගින් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණයට මෙම Game Maker හරහා ඔබට පුළුවන්. මේමෘදුකාංගය භාවිතයෙන් ඔබට නිර්මාණ හැකියාව පුළුල්ව තිබෙනවානම් බොහෝ දේ කල හැකියි. එනම්මෙම මෘදුකාංගය මගින් ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා නිර්මාණය කරගැනීමටඔබට පුළුවන්.මගේ මේ උත්සාහය වන්නේ ලාංකික අපිට හුරු අපේම පරිගණක ක්‍රීඩා වෙත ආධුනික ඔබනැඹුරු කරවන්නයි. කවදත් නැවුම් අදහස් ඇති අපේ බ්ලොග් මිතුරන් තමන්ට හිතෙනා ක්රීඩාතේමාවක් ඔස්සේ මෙමගින් පරිගණක ක්‍රීඩා නිපදවන දවස අදින් ආරම්භ කරයි කියලා මමදන්නවා. මුලින්ම මේ සඳහා Game Maker Studio මෘදුකාංගය ඔබගේ පරිගණකයේස්ථාපනය කර තිබිය යුතුවේ.Game Maker මෘදුකාංගය අද වන විටලෝකයේ බොහෝ පාසල් හා විශ්ව විද්‍යාල වල පරිගණකගත විනෝද ක්‍රීඩා නිර්මාණකරනයඉගැන්වීමේදී යොදා ගනී. පහත සබැඳිය මගින් Game Maker Studio නිශ්පාදක අඩවියෙන් ඔබටමෙය භාගත කල හැකි අතර මෙහි බොහෝ පිටපත් අන්තර්ජාලය මගින් නොමිලේ ලබා ගන්න පුළුවන්. | BLOG |
........................77m above and 231.55km...57m and 247.................... ....................................................................... | BLOG |
පරණ සිද්දියක්. මං අහපු කතාවක්. කතාව කියපු කෙනා නම් කිව්වේ මේක ඇත්තම සිද්දියක් කියලයි. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන. වෙලාවක් තිබ්බ ගමන් එක එක එලියට දාන්නම්කො. පරණයි කියන්නේ 60-70 දශක වල වෙච්ච රස කතා නිසානේ. මෙන්න මේකයි සිද්දිය. මං කියන්නම්කො කියපු විදියට.මේ කියන්නේ කතාව කියන කෙනාගේ විදියටමයි. ඒ කියන්නේ මං අහපු විදියටමයි." ඔන්න ඒ කාලේ අපේ ගමේ මිනිස්සු වැඩිපුරම කරේ කුබුරු ගොවිතැන්. ඉතින් හැම ගෙදරකම වගේ හරක් බානක් වත් හිටියා. වැඩිපුරම හිටියේ මි ගොන්නු. මොකෝ හාන්න කරන්න, කොළ මඩින්න හැම දේටම .සමහර ගම් ගෙවල් වල මි කිරි හදන්නත් පුරුදු වෙලා හිටියා. ඉතින් හැම ගෙදරකම වගේ හරක් ඉන්න හින්දම මුන්ව කොටු කරලා, මුරකාවල් දාල තිය ගන්නේ නෑ. කොහේ හරි තණකොළ තියන ඉසව්වක උදෙන්ම ගැට ගහල තමුන්ගේ වැඩක් පොලක් කර ගන්නවා. ""හරක් හොරු." මේ කාලේ නම් පුරුදු වචනයක් නෙවෙයි ඉතින්. හැබැයි ඉතින් ඒ කාලේ නම් හිටියා. මුන්ගේ වැඩේ තමයි ගම් ගෙවල් වලින් හරකෙක් දෙන්නෙක් හොරකම් කරලා එක්කෝ මස් කඩේට විකුනනවා, නැත්තම් වෙන ඇත පළාතකට ගොහින් ගොයියෙකුට විකුනනවා. එහෙමත් නැත්නම් හරකව මස් කරලා පුච්චලා රාබොන්න කට ගැස්මට ගන්නවා. මේ වගේ වැඩ කරන්නේ ඉතින් ගමේ ඉන්න එපා කරපුම එකෙක් තමයි ඉතින්. කාගේ හරි හරකෙක් නැති උනොත් මිනිස්සු දන්නවා මේක කරන්න ඇත්තේ අහවල් එකා තමයි කියල.ඔන්න ඉතින් අපේ ගමෙත් හරකෙක් නැති උණා. අපි ඒ අයිති කාරයට කියමුකෝ ජේමිස් කියල. ඉතින් ජෙමිස්ගේ හරකා නැති උණා කියන්නේ මිනිහට සැහෙන්න පාඩුයි. මිනිහත් බොහොම හිතේ අමාරුවෙන් හැම තැනම හරකව හොයාගෙන යනවා. මේ ගමෙන් ටිකක් ඇතට වෙන්න හිටියා ටිකක් හොර වැඩ වලට ප්‍රසිද්ද මිනිහෙක්. අපි කියමුකෝ මිනිහ ගිරිගොරිස් කියල. ඉතින් බැරිම තැන ජේමිස් ගිරිගොරිස්ගේ ගෙදරට යන පාරත් සෝදිසි කරලා බැලුව. මොකද හරකා ගියා නම් අඩි සලකුණු තියෙන්නත් එපැයි. හරකෙක්ගේ අඩි සලකුණු නොදැක්ක හින්දයි, ගිරිගොරිස්ගෙන් අහන්න තරම් ධෛර්යයක් නැති හින්දයි. ජේමිස් ආපහු හැරිලා ගිහින් ගමේ ප්‍රදානියට පැමිණිලි කරා.ගමේ ප්‍රධානියා ජෙමිස්ගෙන් අහපු මුල්ම දේ තමයි."ජේමිස් තමුසේ ගිරිගොරිස්ගේ ගෙවල් පැත්ත සෝදිසි කරලා බැලුවද".." එහෙමයි හාමුදුරුවනේ ,හරකෙක්ගේ අඩි සලකුණු නම් තිබ්බේ නෑ. සපත්තු දාපු දෙන්නෙක්ගේ අඩි පාරවල් නම් ඒ ගෙවල් පැත්තේ තිබුන"....මේ කාලේ ගම් වල මිනිස්සු සපත්තු දැම්මේ නෑ. එහෙම සපත්තු දාල අව නම් ඒ විශේෂ කෙනෙක් තමයි. අනික අර වගේ හොරෙක්ගෙ ගෙදරට යන්න තරම වැදගත් කෙනෙක් නැති හින්දම. ගමේ ලොක්කට සක හිතුන. මිනිහ මේ ගැන හොයල බැලුව. ඔන්න එතකොට තමයි වැඩේ පත්තු උනේ.ගිරිගොරිස්ම තමයි හරකව අරන් ගිහින් තියෙන්නේ හැබැයි මිනිහ මොලේ කල්පනා කරලා, අහුවෙන හින්දම කොහෙන් හරි හොයා ගත්ත බුට් සපත්තු කුට්ටම් දෙකක් හරකාගේ කකුල් වලට දාල. ඉතින් කාටවත් හොයන්න බැනේ හරකෙක් ගියා කියල......ඔන්න ඕක තමයි කතාව. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන මට. ගමේ ගොඩේ ඇවිදින කොට පරණ මිනිස්සු ගව ලස්සන රස කතා තියනවා. ඉතින් මේ කතාව හොදයි කියල ඔයාලට හිතෙනවනම්. ප්‍රතිචාර දක්වන්නකෝ. එතකොට මං අනිත් කතා ටිකත් හෙමින් හෙමින් එලියට දාන්නම්කො. | BLOG |
ආගම දහම හරිහැටි හදුනාගන්නආගම නමින් වෛරය බෑ වපුරන්නදෙවියනි නැවත මනුලොව වෙත වඩිමින්නආගම දහමෙ හරි අර්ථය පහදන්නමනුසත් දහඑ හදුනන මිනිසුනි ඔන්නදෙවියන් ඔබව රැකදෙන බව දැන ගන්නඔබගේ දිවිය හැමදාමත් සරු වෙන්නකවකට නැගුණු මේ පැතුමන් පිළිගන්න. | BLOG |
කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි. | BLOG |
ලම්බෝගිනි ගලාඩෝ ගන්නටපෙරුම්පුරයි අපිදැන් රැල්ලටඒත් කොස්සකි එහෙමගන්නටනැත්තේ පාරකි අපිටයන්නටගමට එන අප පාරකැඩිලා සත් වසකි ඒපාරහදලා දුන්නොත් පිනකිමාරපදින්න මගේ ෆෙරාරියදාරපුංචි ගානකි යන්නේඕවා මෙහෙ ලාබ නෑ නේකියමිනි සුද්දෝ එන්නේඅනේ මම හීනද දකින්නේමරුටියම දහ අටයිදැන් නම් ටිකක් වැඩිවෙයිඒත් පෝසේ එකම විස්සයිඉතිං මොකටද මරුටි. අපි ගයි..ටැක්ටර ගත්තේ හාන්නටරටට බත් ටික දෙන්නටදැන් ඉතිං ඒ ගානටගනිමි රේසිං කාර්හානටඅම්මප යම් දිනකඉදිරියටඉන්දියන් කාර්දකින්නටයන්න වෙන්නේ කටුගෙටහොරුත් යන්නෑ එයකඩන්නට. | BLOG |
හ්ම්.. ගොඩා....ක් කාලෙකින්. ආයෙම බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. පරණ ලේඛකයෝ අතර අමනාප ගති ටිකක් දැක්ක. පහුගිය ටිකේ මං දන්නෙ නැති ගොඩක් දේවල් වෙලා තියෙනව කියල තේරෙනවා.මේ පෝස්ට් එකේ ටෙක්නිකල් දේවල් නැහැ. ඒක නිසා ටෙක්නිකල් ලිපි හොයන අය නොකියව ඉන්න තරමට හොදා. මේ තියෙන්නේ මගේ ලිවීමේ වේගය2009(104)2010(48)2011(20) 2012(10)ඒක දැක්ක ගමන්ම පේනවනේ වේගය දෙගුණ වෙමින් මං ලියාගෙන යන විදිය. දැන්නං මේක වෙනස් කරන්නම ඕන. පහු වෙච්චි කාලයේ සෑහෙන දේවල් වෙනස් උනා.තනතුර මාරු උනා. ඒත් එක්කම කතන්දරගෙ තියරිය වෙනස් උනා. Level 5&6 ගත්තු අයගේ Batch Photo එකට මූණ දුන්න. මේ තියෙන්නෙ ඒකත් එක්කල සමගාමීව තිබුණු තාක්ෂණ විද්‍යාලයේ ISO 9001:2008 තත්ත්ව සහතිකය නිමිත්තෙන් පැවැත්වුණු උත්සවේ ප්රවෘත්ති ටික.මාත් යංතං පේන්න ඉන්නවා. පුලුවන් නං හොයාගන්න. ;)මේ තියෙන්නේ අපේ කට්ටිය එකතුවෙලා රාජගිරියේ ආයුර්වේද රෝහලට ද්‍රව්‍යමය ආධාර ලබාදීපු වෙලාවේ ගනිපු වීඩියෝව. එයාල ගොඩක් ස්තූතිවන්ත උනා ඒ කරපු වැඩේට. ශික්ෂණ රෝහලක් උනාට ඒකට රාජ්‍ය අනුග්‍රහයක් නෑ වගේ. වැඩිපුරම මේවගේ ආධාර වලින් තමයි අවශ්‍යතා සපිරෙනව කිවුවෙ. පුලුවන් නම් ගිහින් බලන්න. ඒකේ ඉන්න ළමයි/දෙමාපියන් ගැන කියනවනම් ආබාධ නිසා එයාල යන්න පුලුවන් හැම තැනම ගිහින් සෑම ආකාරයකම වෛද්‍ය ප්‍රතිකාර අරගෙන රටේම තියෙන පන්සල් පල්ලි වලටත් ගිහින් මුලු සේසතම වගේ ඉවර වෙච්චි අය තමයි හිටියේ. අන්තිමට මේ රෝහලට ඇතුලත් උනාට පස්සෙ තමයිලු එයාලට සුවයක් තියෙන්නේ.ඒ වුනත් ඉඩකට සීමිත නිසා ඇඳන් 20ක් විතරයි තියෙන්නේ. අමාරුම ළමයි නේවාසිකව 20ක් ඉන්න අතරේ බාහිර රෝගී අංශයට විශාල ප්‍රමාණයක් එනව කියල එයාල කිවුවා. හැකියාවක් තියෙනවනම් ගිහින් බලන්න. අපි ළමයින්ට තෑගි දුන්නට පස්සේ එයාලගේ අව්‍යාජ සිනාවෙන් එයාල බලද්දි ඇතිවේචි හැඟීම වචනයෙන් කියන්න බැහැ. ටිකදෙනෙක් ගෙ ප්‍රතිචාර මගේ කැමරාවට ගන්න පුලුවන් උනා. මේ වීඩියෝවේ අන්තිම හරිය බැලුවනම් ඔයාලටත් බලාගන්න පුලුවන්.Android එක්කල කරපු සෙල්ලම් ගැන කියනවනම්. ICS වලින් නැවතත් GinberBread වලට මාරු උනා.දැන් Xperia X10 එක S එකට Port කරල තියෙන්නේ. වේගය සෑහෙන හොද තත්වයකට ආව. බැටරියත් ගොඩක් කල් තියෙනවා. App දෙකක් වගේ ලියල ටෙස්ට් කරල බැලුවා. නියමෙට වැඩ කරනවා. පබ්ලික් රිලීස් කරන්න තරම් දෙයක් නම් නෑ.Xperia Live with Walkman එකත් නැවත මටම හම්බුනා. Android ම Phone දෙකක් පාවිච්චි කරන්න චාන්ස් එක හම්බෙන්නෙ කාටද.UNIVOTEC එකේ 2nd Year 2nd Semester Exam මාර්තු 16 පටන් ගන්නවා. දැනට GPA එක 3ට වැඩියෙන් තියාගෙන ඉන්නවා. මේ Exam එකෙන් පස්සෙ මොනව වෙයිද කියන්න බෑ.මේ දවස් ටිකේ ගොඩක් ඔන්ලයින් ඉන්න යාලුවෝ ask.fm එකේ කට්ටියගෙ ප්‍රශ්නවලට උත්තර දෙනවා. මට නං ඒ වැඩේ කරන්න හිතුනෙ නැහැ. ගතවෙච්චි අවුරුද්දෙ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වෙලා ගිහින්.me පේජ් එක හදාගත්ත. ආයෙ personal page එකක් හදන්න ආසාවකුත් නැහැ. සේරම මෙතන ඇති.me/kpgtharakaමේක ලියන්න පටන් අරන් අවුරුදු 4ක් වෙනවා. ඒ කියන්නේ මේ පටන් ගන්නෙ 5වෙනි අවුරුද්ද.කොයි දේත් වෙන්නෙ හොදටයි කියල කියනවනේ. ඕන දේකට එන විදියකට මූණ දෙනවා. | BLOG |
.උස් තැන් දැක හැකිලෙන්නේමිටි තැන් දැක පුප්පන්නේපූසන් බව සිතමින්නේපුංචි බබා හිනැහෙන්නේ[ 14 - Mar - 2014 ]. | BLOG |
ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට..ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට...ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට...මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි..මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි...ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි...මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි...පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති...ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක...එදා නුබ බසයට නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක..ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට...මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට..ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට..වැස්ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත..යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම . | BLOG |
අනේ අනේමෙහෙම දෙයක්බීලා අපු බස්කාරයාතඩි ලොරියකපතබෑවිලාහැටක්ම බස්එකේ අයලුතුන්දෙනාම ලොරියේ අයලුපස් දෙනෙක්ට මරු පෙනිලාලුවිසි දෙනෙක්ම ගැහැණු අයලුපොඩි එවුන්ම දහ අටකුලුහතර වටේ හිටිය උන්ගේදහ දෙනෙක්ම.. එකතුවෙලාහරි හරියට වැඩ කරලාආපු ගියපු වාහන වලමගී ටිකම අරන් ගිහින්...***** මෙන්න දැන් ලැබුණු ප්‍රවෘතියක්.. අද පස්වරු 3 00 ට පමණ සිදුවූ දරුණු අණතුරකින්******මැගී අක්කේ සුමණා අක්කේඋඹලා දෙන්නා දන්නවාදඇක්සිඩොන් එකක්ලුමහරගම ටිකක් එහාඅනේ ලතා කී දෙනෙක්දමැරිලා ඇත්තේගොඩක් එහෙම මැරිලා නැද්දකීයක් දැන් හොස්පිටල්දසෑහෙන අය අමාරුවෙන්කාගේ උණත් වැරදි එකාඅල්ලා දෙක තුන ඇනලාමැරූවා නම් ඔය දේ නෑ,.................අනේ අනිච්චං......** නිමිත්ත... සියවස් දෙකක පවතින් මිනිසුනගේ චිත්ත චෛතසික විපර්යාසය. | BLOG |
ඉස්සරම මගෙන් කවුරු හරි මගෙ නම ඇහුවම මම කියන්නෙ මගෙ නමේ පළවෙනි කොටස වුණාට දැන් වැඩියෙන් පාවිච්චි කරන්නෙ මගෙ වාසගම. මුල් නමේ නොමේරුම්කමක් වගේ මොකදෝ දෙයක් මට දැනෙනවා.දෙවෙනි නමට මම බොහොම ආස වුණත් දෙවෙනි නම වරද්දලා කියවපු පරණ ප්‍රේමවන්තයෙක් මතක් වෙන නිසා මට ඒ කොටසත් එක්ක දැනෙන්නෙ සාංකාවක්.මුඩු හැඟීමක්. මම මුලින්ම මොන්ටිසෝරි ගියෙ පන්සලේ තිබ්බ ළමයි දහදෙනෙක් විතර උන්න තැනකට. ඒකට නමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ලොක්කෙක් නම් "ගාමිණියට "මොන්ටිසෝරි ගිය කෙනෙක් වෙන්න ඕන. අපි දන්න ලොකුම නෑදෑ අක්කල අයියලා උන්නෙ ශිෂ්‍යත්ව පන්තියෙ වගෙ වයසෙ. ඒ හැමෝම ගිහින් තිබ්බෙ ගාමිණියට. වෙන එකක් තියා මට ලෝකෙන් එපාම කරපු චරිතෙ වෙච්ච අල්ලපු ගෙදර සුරංග කොල්ලත් ත් ගියෙ ගාමිණියට. නමක් නැති මොන්ටිසෝරියක ඉගෙනගැනිල්ලෙ විලිලැජ්ජාව තමයි මම හිතන්නෙ ඒ වයසෙ ළමයෙක්ට විඳින්න සිද්ද වෙන ලොකුම අවනම්බුව වුණේ. දුක දිනා ජයගන්න ඕන කියන එක මගෙ ඔලුවට මුලින්ම ආවෙ ඒ විළිලැජ්ජාව එක්ක කියලයි මම හිතන්නෙ.. පූරුවෙ පිනකට වාගෙ, දෙයියො බලලා මට එකවසරෙ ඉඳන් ඉස්සරහට නම් නමක් තියෙන ඉස්කෝලෙක ඉගෙන ගන්න වාසනාව ලැබුණා. සීයගෙ නම හින්දා ඉස්කෝලෙදි මම බැබලෙන චරිතයක් වෙන්න මහ කාලයක් ගියෙ නෑ. එතනින් එහාට ගමන නවතින්නෙ මගෙ වාසගම වෙනස් කරන්න වෙන තැනකින්. අවුරුදු විසිපහක ජීවිතේ ගෙවලා අළුත් වාසගමක් ගන්න වෙලාවෙ මට කිසි සතුටක් දැනෙන්නෙ නෑ. මම උත්සව සභාවෙ පුටුපෙරලලා බලෙන් සිහිනැති කරවලා මගෙ වාසකම වෙනස් කරන්න ඇවිත් උන්න බතල අම්මන්ඩිව තල්ලු කරලා ගෙදර ආව. දෙයියන්ගෙ පිහිටෙන් කොහොම හරි මම අන්තිමට මගෙ වග වාසගම රැකගත්තා.නම බේරගත්තා. නම ගැන මෙච්චර කිව්වට ගම ගැන කියන්න තියෙන්නෙ පොඩ්ඩයි.දාරළුව තියෙන්නෙ ගම්පහයි බෙම්මුල්ලයි දුම්රිය ස්ථාන දෙක අතර මැද්දෙ. මේ ගමේ නම මතක් වෙද්දි සිහියට එන සිද්ධි තුනක් තියෙනවා.එක- අඩිපහයි අඟල් හතරෙ ප්‍රේමවන්තයෙක් තම කුළුඳුල් ප්‍රේමෙ නැවතුණු දවසෙ "අම්මපා දිවිතොර කරගනිමි පැනලා ජලේ " කියලා දුවගෙන ගියෙ දාරළුවෙ තියෙන කෙටවල ජලාශෙටදෙක- පෙම්බර කොල්ලෙක් එක්ක අවුරුදු දහ අටක කෙල්ලෙක් පුන්චි ලී බංකුවක වාඩි වෙලා අයිස්පලම් කන විරල දර්ශණය පළමු සහ අවසන් වතාවට දැක්කෙ මේ දාරළුවෙදි.තුන - අටාමාරට යන අයිටීඑන් ටෙලි නාට්ටියක ප්‍රේමය හුටස් වෙලා කෙල්ල ගඟේ පැනලා මැරෙන සීන් එකක පෙන්නන්නෙ මේ දාරළුව ඉස්ටේසම ළඟින් කෙටවල ජලාසෙට යන ඔය පාර.අසා සිටි ඔබ සැමට ඉස්තුති. | BLOG |
” (1 Peter 5:8-10).– James 1:2-4. | BLOG |
අප දෙන්නා අද ඔයාලා එක්ක , කතා කරන්න හදන්නේ දිනපතා යොමුවන චවන කිහිපයක් , ගොඩාක් නොවෙයි , වචන දහයක් විතර.මේ ගැන අපේ මුල්ම ලිපිය කියවලා නැත්නම් මෙතැනින් ඒ ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පෙර ලිපියට අදහස් දැක්වූ , දිරිමත් කළ නැන්දල මාමල , අයියල අක්ක හැමෝටම ගොඩාක් ස්තුතියි . මේ වචන ටික උච්ඡාරණය ටිකක් වෙනස් , , ඒ නිසාම උච්ඡාරණය කරන විදියත් සිංහලෙන් ලිව්වා , ඒ වුනාට මේ සමහර වචන වල ගැඹුරු හඬවල් වලට සිංහල අකුරු දාගන්න නම් දන්නේ නැහැ . ඒ නිසා තමයි Soundtrack එකක් දැම්මේ , අහලම බලන්නකෝ ..මමයි නංගියි තමයි රෙකෝඩින් එක කළේ ... පුළුවන් නම් කියන්න බලන්න සවුන්ඩ් ට්‍රැක් එකේ ඉංග්‍රීසි වචනේ කියන්නේ කවුද කියලා ....අප දැන් පටන් ගනිමු . - බොන්ස්වාහ් Good night - Bonne nuit.- බොන්න්යුයිThanks -Merci - මෙර්සිහ්Hi Friend - Hé . - ඔව්වාExcuse me - Excusez-moi - එක්ස්ක්යුසිම්වාහ්I am sorry - Pardon - පාර්දොන්Good luck - Bonne chance - බොන්ෂ්චාන්ස්. | BLOG |
ගුල්සාරිදවසක් එයිකවදක හරිඋඹයි මමයිඉස්සර වගේස්ටෙප්ස් බිම්පීරාගෙනදූලි වලාඉරාගෙනනිදහසේ ඉගිල්ලෙන...මතක නේදඋඹ එනකන්තරු ලපයක් ඇතිදුඹුරු වෙළඹක්බලන් ඉන්නවාඋඹේ ලඟටනැවත එන්නට...-තනබායි බකාසොව්-. | BLOG |
සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනාවෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් නැති නිසා එවා තියන අයට දාගන්න ඉඩ දිලා අපි ඉතින් මෙවන් අවස්තාවක් උදා කරලා දුන්නු සන්විදායක මන්ඩලෙට ගොඩාක් තැන්කු කියල ආයේ කවදා හරි පොස්ට් එකකින් මුන ගැහැනකන් ජයවෙවා කියන්නම්more photos : on my fb wall. | BLOG |
4pt 0in 5. ලංකාවේබොහෝ ප්‍රදේශවල මේ සොකරි කථාව රගදැක්වෙලා තියෙනවා. මුළු රාත්‍රිය පුරාම රගදැක්වෙන මේ සොකරි කථාවසමහර තැන්වල පත්තිනි දෙවියන්ට කරන පූජාවක් විදියටත් හදුන්වලා දීලා තියෙනවා. ඒ වුනාට පොත් පත්වල සදහන්වෙලා තියෙන විදියට නම්ලංකාව පුරාම පෙන්වපු සොකරි නාට්‍යයට එකම නිර්වචනය එය නොවෙයි.මේ සොකරි නාට්යයදකුණු ඉන්දියාවේ ගැමි නාට්‍ය ක්රමයෙන්අපේ රටේ තහවුරු වූ බවක් පෙනෙන්නට තියෙනවා.සොකරි කතාව ඉන්දියාවට සම්බන්ධකම් තියෙනවා.ලංකාවේ සොකරි කණ්ඩායමෙන් කණ්ඩායමට කතාව වෙනස් වෙනවා. නමුත් මූලික සිද්දිවල සමානකමකුත් දකින්නටලැබෙනවා. එක් සොකරි කතාවක අන්තර්ගතයමෙයයි. එක්තරා කාන්තාවක් තමන්ගේ ස්වාමියානැතිව තනියම දරුවාත් එක්ක ජීවත් වෙනවා.දවසක් මහ මග යනකොට දකින දකින දේ ඉල්ලමින් දරුවා මවට කරදර කරනවා. ඒ අවස්තාවේදී දරුවන් නැති ධනවත් පුරුෂයෙක් ඒදරුවා මවගෙන් ඉල්ලා සිටිනවා. තමන් දන්නාදැනුමත්, වස්තුවත් දරුවාට දෙ බවට මේ මිනිසා මවට පොරොන්දු වෙනවා. කෙසේ හෝ මේ දරුවා උස්මහත් වෙලා තමන් හදාගත්පියාගේ ශිල්පී ය දැනුමත් වස්තුවත් ලබාගෙන පියාගෙන් වෙන්වෙනවා. ඔහු හදුන්වන්නේ ගුරුහාමි නමින්.ඔහු ගමන්ගන්නාඅතරමග අම්බලමකදී රජගෙදරින් නෙරපන ලද කුමරියක් හා ඇගේ බැලමෙහෙ කරන දාසියක් මොහුටමුණ ගැහෙනවා. තමන් දන්නා මන්ත්‍ර ශාස්ත්රයඋපයෝගී කරගෙන මේ කුමාරියව වසගයට ගන්නා ගුරුහාමි කාලි කියන දාසිය හා පරයා නම් ද්රවිඩමෙහෙකාරයකුද සමග යනවා. මේ කුමරිය සමගවිවාහ වුනාට කාලයක් ගතවන තුරුම දරුවන් නොමැති නිසා ඔවුන් ලංකාවට ඇවිත් කතරගමදෙවියන්ට භාරයක් වෙන්නට තීරණය කරනවා.නැවක් හදාගෙන එන අතරතුර විවිධ හිනා උපදවන සිදුවීම්ද සිදුවන මුත් ඔවුන්ලංකාවට එනවා. මෙහෙම ආපු ගුරුහාමි ඇතුළුපිරිස තඹරාපිට වෙදරාල කියන පුද්ගලයාගේ බල්ලෙක් සපා කනවා. පස්සේ ඒ වෙදරාළ සොකරි අම්මාවත්රවටාගන්නවා. නැවතත් ගුරුහාමි සොකරි අම්මාවතමා වෙත ලබාගන්නවා. පස්සේ මේ වෙදරාළ හාගුරුහාමි කුළුපග වෙනවා. සොකරි අම්මාගැබිනියක් වෙනවා. කතාව අවසන් වෙන්නේ සොකරිහා ගුරුහාමි යන දෙදෙනා විසින් ලැබෙන දරුවා නළවන දර්ශනයකිනුයි.මේ කතාව ගෙතීඇති කවි පංතියට ලැබෙන්නේ ලොකු ප්‍රසිද්ධියක්.අතරින් පතර දෙබස් සුළු වශයෙන් තිබුණත් මුළු කතාවම කියවෙන්නේකවියෙනුයි. පිරිමි ගායකයෝ හඩ උස්කොට කවිගායනා කරනවා. මේ කතාවට සම්බන්ධ කවිවල ගැමිකවියාගේ දක්ෂකම්, වගේම නිර්මාණ ශක්තියත් ඉතාමත් හොදින් පෙන්නුම් කරනවා.සොකරි කතාවේදීඇය විසින් කරන ක්‍රියාවන් දහසයක් මේ පද්‍යවල ඇතුලත් වෙනවා. ඇය සබයට ඇවිත් මොහොතක් යන විට ඒ ක්රියාවන්සියල්ල කර අවසාන වෙනවා. ඇය විසින් කරන ක්රියාවන්අතර අව්වේ වී වේලන, කොටන, පොලන අවස්ථා ඇතුලත් වෙනවා. මේවා අපේ සිංහල ගැමි සංස්කෘතියේ දැකිය හැකිලක්ෂන නේ. පහතින් සදහන් වෙන්නේ ඒ පැදිපෙලකි.යාලක් විතර වීඅව්වේ වනා ලාදොළසක් විතරඇග ගෝමර ඉසී ලාඅතක් දිගටනිල් වරලස මිදී ලාසොකරි සිටිතිවී අව්වේ වනා ලාසොකරි කොටන්නේකාගේ වීයක් දෝනෙකෙටිතියෙන්නේ මේරූ ගලක් දෝනොපිපිතියෙන්නේ මානෙල් මලක් දෝගුරුව නේන්නේකාගේ බසක් දෝකොකටා මෙ වීමොකෙන් ද අපි පොළ න්නේජටාව ගෙන ඉස්මුදුනට බදි න්නේරටා කුල්ල ගෙනසුරතට පොළ න්නේසටන් පටන්කුලු හරඹේ වදි න්නේවටස් සදිසිබටකොළ වියපු කු ල්ලේමටත් බලන්නටසව්දන් ගැසි ල්ලේමෙරට ගෑනුකුලු හරඹෙට ලවු ල්ලේරන් මුදු ලන්ටනරක ද නුඹ ඇගි ල්ලේසොකරි එන්නීසබයෙන් අවසර ග න්නීනැටුම් නටන්නීතාලෙට රාග කිය න්නීපද අල්ලන්නීසියයුරු ලැම හොල්ල න්නී කැඩපත ගන්නීසුරතින් මූණ බල න්නීඅදුන් ගාන්නීනෙත් දෙක ඔමරි කරන් නීමල් ගවසන්නීකොණ්ඩේ ගොතා හෙළන් නීතොඩු දමන්නීපවලන් මාල බදින් නීසේල අදින්නීපටකින් ඔමරි දමන් නීනමුත් මේසොකරි කතාව ගැන ලියූ කෙනෙක් ගැන සදහනක් නැත.(කවි උපුටාගත්තේමහාචාර්ය ආරිය රාජකරුණා විසින් රචිත සිංහල කාව්‍ය සංග්‍රහය නම් පොතෙනි). | BLOG |
4pt 0in 5. හැම කෙනෙක්ම හොඳින් ඇති කියල හිතනව. වැඩි කථා ඕනෙ නෑ. කථාවපටන් ගනිමුකො.පුතා කියන කථාව අහන්හිටපු මම ඉබේටම අතීතෙට ගියා. ඒ මීට අවුරුදු 8කට කලින් තමන්ගෙ අතීතෙට මාව ඇදන්ගියා. මේ කියන්නෙ මගේ කථාවම නේද කියල මට හිතුන. කාලෙකට කලින් මට සමන්ත මුණ ගැහුණුහැටි මට ආපහු මතක් වුනා.පළමු කොටස කියවන්න.එදා සමන්ත එක්ක කථා කරලගියපු වෙලාවෙ ඉඳලම මට යාළුවො එක එක පද කියන්න පටන් ගත්ත. මටත් එයා ගොඩක් හොඳකෙනෙක් කියල හිතුන. මගේ ඒ කාලෙ හොඳම යාළුව වුනේ සඳමාලි.“මොකෝ බන් මේ කල්පනාව,අද උදේ අපි බලන් කෙල්ලගෙ මුකුළුව. කවුද බන් ඒ කොල්ල.”“එදා මාව බස් එකෙන්බහිද්දි වැටෙද්දි අල්ල ගත්තෙ එයා.”“ඌ නම් හොඳ කොල්ලෙක්හැබැයි.”“එහෙම එකක් නෑ සඳා”“නැත්තෙ මොකද හිත වෙනකොහේවත්ද අද දාල ආවෙ.”“පිස්සුද බන්. මගේ හිතකොහේ දාල එන්නද බන්.”මේ අතරෙ පන්තියෙ කටකාරමකෙල්ල සරලත් මෙතනට ආවෙ මාගේ නරකම වෙලාවටද කියල හිතුන.“මේ අද උදේ එහා ඉස්කෝලෙසමන්ත අපේ ඉස්කෝලෙ දර්ශි කියල කෙල්ලෙක් එක්ක පහල අක්කගෙ කඩේ ඉස්සරහට වෙලා කථා කරකර හිටියලු නේද බන්.”“උඔ කොල්ලගෙ නම දන්නවකෙල්ල දන්නෙ නෑ නේද.”“නෑ බන් ඉතින් මේ ළමය මේලෝකෙ නෙමෙයිනෙ දැන් ඉන්නෙ. දැන් දරුවො කීයද බන්. 6ක්. නැත්නම් පුංචි පවුලරත්තරන්ද.”“අනේ පලයන් සරා.”“ඒ කියන්නෙ කෙල්ලගෙ හිතේමොකක්වත් නෑ කිවුවට මොනව හරි තියෙනව වගේ නේද සරා.”යාළුවොන්ගෙ කථාත් එක්කමගේ හිතත් ටික ටික සමන්ත ගැන හිතන්න පටන් ගත්ත. ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් කියලහිතුන. අනිත් කොල්ලො වගේ නෑ තැම්පත් කොල්ලෙක්. හැමදාම බස් එකේ ගියත් කවදාවත් මමකථා කරලවත් නෑ. එදායින් පස්සෙ දවස් තුනක් යනකම් සමන්තව දැක්කෙ නෑ. හතරවෙනි දවසෙහවස සඳමාලි මට එයා බස් එකෙදි පෙන්නුව ටිකක් ඉස්සරහ ඉන්නව. සඳමාලි“ස්ස්.... ස්ස්....සමන්ත.”කිවුව. සමන්ත හැරිල බැලුව.ඔළුවෙන් ඇයි කියල ඇහුව.“අපේ දර්ශිට පොඩ්ඩක් කථාකරන්න ඕනෙලු”“මාත් ඒක්කද.”“නෑ මාත් එක්ක”“අනේ සඳා මොකක්ද මේකරන්නෙ.” මම ඇහුව.සමන්ත හෙමින් හෙමින් අපේපැත්තට ආව.“කවුද දැන් මේ දර්ශිකියන්නෙ.”“දන්නෙම නෑ නේ. මේඉන්නෙ”සමන්තගෙ ප්‍රශ්නෙට උත්තරදුන්නෙ සරා.“දැන් මාත් එක්ක කථාකරන්න තියෙනව කිවුවෙ මොනවද.” සමන්ත ඇහුව.සමන්ත කථා කරාම මට කථාකරන්න මොනවද කියල හිතා ගන්න බැරි වුනා. එයා මගේ මූණ දිහා බලාගෙන හිටිය දැක්ක. මමබිම බලන් හිටිය.“මොකද බිම බලන්.”“මේමෙයාලගෙ විහිලු අනේ.”“මොකටදයාළුවො විහිළු කරන්නෙ.”“අනේඒකවත් දන්නෙ නැද්ද.” සරල පැනල ඇහුව.“මොකක්ද.”“මෙයාහැමතිස්සෙම කියවන්නෙ ඔයා හොඳ කොල්ලෙක්ලු. එයාට උදවු කරාලු.”සරලකියවගෙන යනව. මෙහෙම ගියොත් මට ඉන්න නැති වෙනව.“අනේමෙයාලගෙ බොරු අනේ. ඔයා එදා මං එක්ක කථා කරනව දැකල මුන් මට පද හදනව.”“ඒවඇගේ වදිනව කියලද. ඔන්න ඕනි එකක් කියන්න අරින්න.”“සමන්ත,ඔයා කොහෙන්ද බහින්නෙ.” සරා ඇහුව.“මමපාලම ළඟ බහින්නෙ.”“ෂාමරුනෙ.”“අපිත්බහින්නෙ අද එතනනෙ. අපි අද කාන්ති මිස්ගෙ ක්ලාස් යනව.”“කාන්තිමිස්ගෙ.”“ඔවු,ඇයි.”“මමත්යන්නෙ ඒකටමනෙ දැන්. මම ඔයාලව මීට කලින් ක්ලාස් එකේදි දැකල නෑනෙ.”“අදබලන්නකො එතකොට පෙනේවි.”“බලමුකොඑහෙනම්.”“පාලමළඟටත් ආව. අපි බහිමු නේද.”“මමයන්නද එහෙනම්.”සමන්තසරා එක්ක කතා කර කර ඉඳල බැහැල ගියා. අපි මොනව හරි කන්න හිතාගෙන ළඟ තියෙන කඩේටගියාම එතන සමන්ත කෑම කනව. සරා මමයි සඳායි ඇදගෙන එතනට ගියා. සරා “මමමොනව හරි කන්න අරන් එනකන් පොඩ්ඩක් ඔතන ඉන්න...”කියලසඳාත් ඇදගෙන දුවල ගියා. මම සමන්ත ළඟ තනි වුනා.සිතුවිල්ලඅදට මෙතනින් නවතිනව. කතාව ගැන ඔයාලගෙ අදහස් වලට සිතුවිල්ල ගොඩක් කැමති. සිතුවිල්ලලියන්නෙ ඔයාල වෙනුවෙන්මයි. ඉතින් ඔයාලගෙ අදහස් වලින් සිතුවිල්ල වෙනස් කරන්නපුළුවන්. තව හොඳ දෙයක් ඔයාල වෙනුවෙන් දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න සිතුවිල්ල ගියා.තව කොටසකින් ආපහු මුණගැහෙමු. | BLOG |
දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී. මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා. ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල. වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.මේ ලින්ක් එකෙන් යන්නGet a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න..දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.ඒක right click කරලා කොපි කරගන්නඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.download වෙලා ඉවර උනාම in your hive. කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා. අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා. ගොඩ දාගත්ත නම් මටත් request එකක් එවන්ඩ මේන් මෙතන ඔබන්නලාමේක මම elakiri.com එකෙන් උස්සපු එකක්. | BLOG |
ශ්‍රී ලංකාවේ ගොඩක් මිත්‍යා කතා වලට පදනම්වෙච්ච සර්පයෙක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සර්පයාව ලේ මාපිලා / නාග මාපිලා එහෙමත්නැත්නම් කබර මාපිලා කියලා හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Forsten's Cat Snake කියලා හදුන්වන මෙයාගේ විද්‍යාත්මක නම Boiga forsteni. (Dumeril, Bibron &Dumeril, 1854)ඒවගේම මෙයාව මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට Kingdom: AnimaliaPhylum: ChordataClass: ReptiliaOrder: SquamataSuborder: SerpentesFamily: ColubridaeSubfamily: ColubrinaeGenus: Boigaලංකාවහැරුනු කොට නේපාලය , ඉන්දියාව, වගේ රට වලදීත් මෙයාව දැක ගන්න පුලුවන්.ශ්‍රීලංකාවේ කන්නෙලිය සිංහරාජය අකුරැස්ස කුමන මින්නේරිය වගේ පහතරට තෙත් අතරමැදි මෙන්ම වියළි කලාප වලින්දවාර්තා වෙලා තියෙනවා.පැහැදිලිත්රිකෝණාකාර හිසක් දරන මෙයාගේ ශරීරය සිහින් දිගටි එකක්. හිස පැහැදිලිව ගෙලෙන්වෙන්වෙලා තියෙනවා.පූසෙකුගේ මෙන් විශාල ඇස් පිහිටනවා ඇසේ මැද සිරස් කණිනිකාවක් පිහිටලා තියෙනවා. විවිධ වර්ණයෙන් යුක්ත නිදර්ශක හමුවී ඇත. දුඹුරු හෝඅලු පැහැයට හුරු ශරීරයේ කලු හෝ සුදු පාට පැල්ලම් දකින්න පුලුවන්. සමහර විට කහතැඹිලි වර්ණ දරන අතර රතු පාට හරස් ඉරි දැක ගන්න පුලුවන්. බඩ පැත්ත සුදු හෝ ලා කහපාටින් යුක්තයි.සිහින්දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගේ දැක ගන්න පුලුවන්.නාගමාපිලා මද විෂ සර්පයෙක්. Ophisthoglyphous ආකාරයේ දළ දැක ගන්න පුලුවන්. මොහුගේ දෂ්ඨනයමාරාන්තික නොවුවත් දෂ්ඨ කල ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම්කරන්න පුලුවන්.නිශාචරරැක්ෂවාසී සර්පයෙක් වෙන නාග මාපිලා දිවා කාලෙට ගස් බෙන ආදී ස්ථාන වල හැංගිලා ඉදලාරාත්රියට ක්‍රියාශීලි වෙනවා. බිය වුනාම දගර ගැසිලා වලිගය හකුලා සපා කෑමට පනිනවා.සෙමින්සංචරණය කරන මේ සර්පයා බොහෝ විට මිනිස් වාසස්ථාන වලට ඇතුලු වූ අවස්ථා වාර්ථා වෙනවා.බිත්තරමගින් පැටවුන් බෝ වීම සිදු වෙනවා. වැඩුනු සතුන් අගෝස්තු සැප්තැම්බර් වගේ කාල වලදී වරකටබිත්තර 5ත් 10ත් අතර සංඛ්‍යාවක් දමනවා කියලා හොයාගෙන තියෙනවා.මෙයාමීටර 1.5- 2 ක් දිගකට වැඩෙනවා.ලේමාපිලා කුඩා ක්ෂීරපායින් කුරුලු බිත්තර ගෙම්බන් හිකනලුන් මීයන් ආදී සතුන් ආහාරයටගන්නවා.ලේමාපිලන් හත් දෙනෙකු රාත්‍රියට ඇවිල්ලා වහලේ එල්ලිලානිදා ගෙන ඉන්න පුද්ගලයින්ගේ පාදයේ මහපට ඇගිල්ල සිදුරු කර ලේ උරා බොනවාකියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ලේ උරා බිබ්වට පස්සේ ලේ හිඟවීමනිසා අදාල පුද්ගලයා නින්දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා.මේකසම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,ලේමාපිලාට එම නම පටබැදෙන්න උගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්. ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසායමක එල්ලී සිටීමේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ලේඋරා බොන කිසිදු සර්පයෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.ලේ මාපිලා /Boiga forsteni රතු පාට ලේ මාපිලා /Boiga forsteni කලු පාට (ඡායාරූප www. | BLOG |
කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ..... අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැන නරක ආරංචි වගයක් කිවුව.කොටින්ම කිවුවොත් ඌ කිවුවෙ මම ආදරේ කරන කෙල්ල හැම එකත් එක්කම යන බඩුවක් කියල.තව ඒකි ඒ කොල්ලත් එක්ක මම ගැන කියල මට නිතරම බනිනව කියලත් කිවුව.තව තව සෑහෙන කතා ගොඩක් කිවුව.ඒ ඩේවල් බ්ලොග් එකක පල කරන්න නුසුදුසු නිසා මම ඒ දේවල් ගැන කියන්න යන්නෙ නෑ.ඔය වගේ දෙයක් ඇහුවහම කොන්දක් තියන ඕනම එකෙක්ට තද වෙනව කියල දන්නෝ දනිති.ඒ වෙලේ ආව ගැම්මට මමත් අරූ කියපු දේ අහල මෝඩ හරකෙක් වගේ ගිහින් මම ලවු කරන කෙල්ලට බැන්න.ඒ බැන්න බැනිල්ලෙ අවසන් පද කිහිපය උනේ "මට හැම එකා එක්කම යන බඩු යාලු කරගන්න ඕන නැහැ" කියන එක.ඔන්න ඉතින් ඕක අහපු මේකි හොඳටම අඬන්න පටන්ගත්ත.ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකම් ඇඬුව.අඬන ගමන් මෙයා එයාගෙ යාලුවන්ට දිවුර දිවුර කියල තියනව එයා එහෙම කෙනෙක් නෙමේ කියන එක.ඔන්න ඉතින් ටික ටික තරහ අඩු වෙන්න අඩුවෙන්න මටත් සිද්ධිය පැහැදිලි වුනා.මට ඒ වෙලේ හොඳටම තේරුම් ගිය එක දෙයක් තමයි මම කිසිම දෙයක් ගැන දුර දිග හිතල නොබල හදිස්සි ආවේගෙට වැඩකරල පස්සෙ පසුතැවෙන මෝඩම මෝඩ කාලකන්ණි හරකෙක් කියන එක.දැන් මම ඒ කෙල්ලට කියපු එක වැරදි වචනයක් නිසා මම මගෙන්ම පලිගන්නව.ඒ දුක පොඩ්ඩක් හරි අඩු වෙනකම් මම මටම දඬුවම් කරගන්නව.අද පෝස්ට් එකනම් ඔයාලට මෙලෝ වැඩකට නැතුව ඇති.ඒත් මගේ හිතේ තියන දුක පොඩ්ඩක් හරි අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලිවුවෙ.මේකෙ කිසිම වැරැද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම පෝස්ට් කරන්නෙ මගෙ අතින් වෙන්න ඕන ලොකුම වැරැද්දක් වෙලා ඉවර නිසා. | BLOG |
මූලාශ්‍ර: මේ දින වල DSLR කැමරා පිලිබඳ ගොඩක් දෙනෙක් උනන්දුයි නේ.ඒ අයට පුළුවන් මෙතනින් Nikon සහ Canon කියන ලෝකයේ වැඩිපුරම චායාරූපශිල්පීන් අතර ප්‍රචලිත වැඩිම පිළිගැනීමක් සහ ගුණාත්මක බවකින් යුතු කැමරා පිලිබඳ විස්තර බලාගන්න.අද මුලින්ම Nikon කැමරා ගැන මූලික තොරතුරු ඉදිරිපත් කරන්නම්.D3200DX Format/24.... D3000 DX Format/10....D3100DX Format/14....D5000DX Format/12....D5200DX Format/24....D5100DX Format/16....D7100DX Format/24.......D7000DX Format/16.... D300sDX Format/12....D800/D800EFX Format/36....D600FX Format/24.......... | BLOG |
ඔය අයට මතක ඇතිනෙ දුලා අර කෝරලේ මහත්තයා ගැන ලියපු ලිපිය.එකේදි ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය ගැන කතා වුනානෙ.දුලාගේ අදහස වුනෙත්,කමෙන්ට් දාපු බොහෝ දෙනෙක්ගෙ අදහස වුනෙත් ඒ කාලෙ විකාශය වුනු ඔය පළිඟු මැනිකේ,කන්දෙ ගෙදර,යශෝරාවය,දූ දරුවෝ වගේ නාට්ටි අදටත් මතකයෙන් ඈත් නොවෙන තරමට ආශ්වාද ජනකය,රසවත්ය කියන එකයි.ඒක කියවපු නැති එවුන් මෙතනින් කියවන්න.ඉතින් ඒ ලිපිය කියවපු එකෙක්ගෙන් වානිජ සමාගම් කීපයකට මේක ගැන ආරංචි වෙලා.උන්ටත් අවබෝධ වෙලා ගොඩක් අය ඔය නාට්‍ය වලට කැමතියි කියලා.ඉතින් මේ කට්ටිය ජාතික රූපවාහිනියෙ මේ පරණ නාට්‍ය විකාශය කරන්න අනුග්‍රය දක්වන්න කැමති වෙලා.රූපවාහිනියටත් මේව පෙන්නන්න ඕන වෙලා තිබ්බට මෙතෙක් කාලෙකට හරි හැටි අනුග්‍රහයක් ලැබිලා නෑ.ඉතින් මේ අපේ වැඩ වලින් ඒක හරි ගිහිල්ල...ඊයෙ(අගෝස්තු 25) සිට හැම ඉරිදම සවස 5ට අපි ආස කරපු ඒ සම්මානනීය ටෙලිය ආයෙත් යනව.දුලාට ආඩම්බරයක්.ආනන්ද අබේනායකයන්ගේකන්දෙ ගෙදරකලින් බලල නැති අයටයි,බලපු අයට මතක් කරගන්නයි පොඩ්ඩක් මේ ටික ලියන්න හිතුව.කන්දෙ ගෙදර කියන්නේ ඒ කාලෙ අපේ අය බොහොම ආසාවෙන් පොරකාල බලපු නාට්ටියක්. කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් දෙවනි කොටසකුත් නිර්මාණය කලා.අධ්‍යක්ෂනය කලේ ආනන්ද අබේනායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා.ඔය දැනටත් කාලාන්තරයක් තිස්සේ පෝයදා රෑට විකාශය වෙන සංසාරේ පියසටහන් කරන්නේත් මෙතුමාම තමයි.අපේ ගාල්ලෙ කෙනෙක්.කැමරාකරණයත් සම්මානනීය කැමරා ශිල්පී සමන් සිගේරාගෙන්.සංගීත අධ්‍යක්ෂනය රෝහන වීරසිංහගෙන්.ඉතින්... නාටිට්යේ සාර්ථකත්වය ගැන තව මොන කතාද.කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ පවුලක් වටා.මෙන්න රඟපාන රංගන ශිල්පීන් හා ඔවුන්ගේ චරිතරෝහන බැද්දගේ-පියාරම්යා වනිගසේකර-මවජයලත් මනෝරත්න-වැඩිමහල් පුතාවීනා ජයකොඩි-ඔහුගේ බිරිඳශ්රියන්ත මෙන්ඩිස්-බෑණාජැක්සන් ඇන්තනි-බාල පුතාමේ නාට්‍ය අද කාලෙ බලන ගොඩක් අයට පේන්න තියෙන විශේෂ දේවල් කීපයක් දුලා දැක්කා.එකක් තමයි රඟන නළු,නිළියො අද වෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියන එක.අනික 80 දශකයේ මිනිස්සුන්ගේ ඇඳුම් විලාසිතා,වාහන,සිතුම් පැතුම් සියල්ල ඉබේටම ඇතුළත් වීම.ඒ කියන්නෙ සිරි පැරකුම්, වගේ කෘතිමව නෙමෙයි අතීතය නිරූපනය වෙන්නේ.ඇත්තටම තමන්ගෙ අතීතය නැවත සිහිපත් වීමක් ඔබටත් වේවි.කැමති එවුන් බලාපල්ල.ඔන්න මගෙන් වෙන්න ඕන ටික කලා.ප:ලි: කන්දෙ ගෙදර සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නේ ගාල්ලෙ.ඔය කන්දෙ ගෙදර වලව්වෙ දැන් තියෙන හැටි පින්තූරයක් ළඟදීම දන්නනම්.අපි ගාල්ලෙ හරිය. | BLOG |
තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් .ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ .ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්රයේම ප්‍රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්‍රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..බුදු සන්තෝ මට දැනෙන සතුටක් .සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද . ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් .හමු උනාම සිප වැළඳ ගන්නම්...බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්‍රියාත්මක උනා.. මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා. | BLOG |
ඉතින් යාලුවනේ සා/පෙළ විභාගය අත ළඟටම ඇවිත්. මේ හදන්නේ සා/පෙළ ලියන යාළුවන්ට maths පේපර් ටිකක් දෙන්න. හරි වෙලාවට time තියලා ලියන්න. මේ වෙලාවේ එක පේපර් එකක් දෙන්නම්. පේපර් ඕන අය email එක හරි ගෙදර ලිපිනය හරි එවන්න.මේ ඔක්කොම දෙන්නේ නොමිලේම..... email වලින් පේපර් ගන්න අයට pdf ටයිප් එකේ පේපර් එකක් ලැබෙන්නේ. ඒක ප්‍රින්ට් කරගෙන ලිව්වොත් තමා ගොඩක් හොඳ. පේපර් ලියන්න කලින් මේ ලිපි ටිකත් බලන්න ...........සා/පෙළ ගණිතය 1සා/පෙළ ගණිතය 2 සා/පෙළ සමත් වෙන්න ජ්යාමිතියසා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ එහෙනම් ජය වේවා. | BLOG |
කාපං සැමංලියුව මචං මොකද උඹ දැං ඉන්නේ විරිත්තං පුංචි කාලේ මං ගමේ ඉස්කෝලෙං දවල්ට කන්න දුං විස්කෝතු මතක් උනා බං ඒකෙ ලියල තිබුන ඇමෙරිකන් දීමනාහැමට සමානයි කියලා. | BLOG |
මෙන්න පළවෙනි ගමන..දැන් කියන්නෙ දෙවැනි ගමන ගැන... මේ ගමන ගියේ 2014.02.10 දා තමා ගියේ.. ගෙදරින් පිටත් උනේ උදේ පාන්දර 03.30 ට විතර.. අපි ගියේ මමයි අනිත් සයිට් එක මොනිටර් කරන ගර්ල් කෙනෙකුයි රියදුරුතැනයි....අපි 7.30 ට විතර "රැඹෑව" කිට්ටුව "නෙළුම් කෝලේ" කියන කඩෙන් කන්න නැවැත්තුවා... පට්ටම ලස්සන තැනක්... කියල වැඩක් නෑ... රස උපරිමයි... අනික අම්බෝ.... හීතල... දතකට පූට්ටු වෙන්නම හීතල දැනුනා...මේ තියෙන්නෙ ඒකෙ ඇතුලෙ තිබුන මා නොදන්නා නමුදු ගොවිතැන සදහා යොදාගන්නා ආම්පන්න සෙට් එකක්....ඔන්න එතනින් කෑව කියන්න උගුරට වෙන්නම කෑව.. පට්ට රසයි කෑම ටික....මෙන්න අනුරාධපුරයට හිරු නැගෙද්දී...ඊට පස්සෙ ගියේ මැදවච්චිය සයිට් එකට.. මේ ඒකෙ පින්තූර දෙකක් පමණක්... ඔන්න ඒකෙ වැඩකටයුතු අහවර කොරල ඊට පස්සෙ ගියා කැබිතිගොල්ලෑව සයිට් එකට... ඒක තමා මගේ සයිට් එක.. මගේ කිවුවට මගේ නොවන නමුත් මගේ...ඒක තියෙන්නෙ කැබිතිගොල්ලෑව ටවුන් එකේ ඉදල හොරොවුපතාන පැත්තට කිලෝ මීටර් 05 ක් ගියාට පස්සෙ.. ඔන්න ඒකෙත් ආපු වැඩ රාජකාරි කොරල අහවර වෙනකොට හවස 3.00 විතර උනා... ඔන්න ඊට පස්සෙ ගියා අපේ ක්‍රශර් එක බලන්න..(ඒ කියන්නෙ ගල් කඩන්නෙ..) අන්න ඒක තමා..ඒක තාම හදන ගමන්.. මේ තියෙන්නෙ.. මෙතනින් තමා පත සයිස් ගල දාන්නෙ.... ඒක සාමාන්‍ය කෑලි කෑලි කැඩිල ඔය බෙල්ට් එක දිගේ උඩට යනව...ඔන්න ඊට පස්සෙ ඔය උඩට ගියපු කෑලි පෙනේරයකින් වගේ හැලිල මෙන්න මෙතනට වැටෙනව....ටිකක් ලොකු ගල් ආපහු මෙන්න මෙතනට ගිහිල්ල ආපහු පොඩියට කැඩිල ඔය පහල තියෙන බෙල්ට් එක දිගේ උඩට එනව....මේ තමා මම දැකපු ලොකුම ආයුදය.....මේක කිලෝම තියෙනව 20 ක් විතර...මේ තමා ජං ගම ඇස්පෝල්ට් ප්ලාන්ට් එකක රූප රාමු...ඔන්න ඊට පස්සෙ මම තීරණය කරා යන්න ශ්‍රී මහා බොධීන් වහන්සේ සහ රුවැන්වැලිසෑය වැදපුදා ගන්න... ඔන්න ඉතින් 04.00 වෙද්දි ශ්‍රී මහා බොධීන් වහන්සේ වදින්න ගියා...කවුරුවත්ම හිටියෙ නෑ... හරිම නිදහස්... මේ තියෙන්නෙ ලස්සන....රියදුරු තැනමෙන්න මෙතනදී නම් මට අත්තටම හෙනට තරහ ගියා ශ්‍රී මහා බෝධී භාරකාර සං ගමයත් එක්ක...මෙන්න සිද්දිය මම උඩ මලුවෙ මල් ආසනය ලග හිටිය කපු මහත්තයෙක්.. ඒ කපු මහත්තය මට ඉස්සෙල්ල ගියපු වෙන රටක ටුවර් කෙනෙක්ගෙ අතේ පිරිත් නූලක් ගැට ගැහුව.. ඉතින් මමත් ගිහිල්ල ඉල්ලුව මට අපෙ අම්මට පිරිත් නූලක් දෙන්න කියල...මෙන්න කතාව ගිය විදිය...මම:- කපු මහත්තයා මට ලෙඩෙකුට දෙන්න පිරිත් නූලක් දෙන්න පුලුවන්ද..කපු මහත්තයා :- රුපියල් 50.00 ක් දෙන්න...මම:- රුපියල් 50.00ක්.. දැන් සල්ලි වලටද පිරිත් නූල් දෙන්නෙ..කපු මහත්තයා :- ඔවු... පිරිත් නූලක් 50.00 යි...මම:- එතකොට ඉස්සරහින් ගිය ටුවර් ලගෙන් සල්ලි ගත්තෙ නෑනෙ... කපු මහත්තයා :- ඔවු.. එයාල සුද්දොනෙ... එයාලගෙන් ගන්න එක හරි නෑනෙ... එතකොට එයාල කියනවනෙ සල්ලි ගත්ත කියල..අනික මේ පිරිත් නූල් උඩම මලුවෙ බෝධියෙ ගැට ගහපුව...මම:- ආ ඇත්තද.. කමක් නෑ දෙන්නකො එකක්...ඔන්න ඔහොමයි පිරිත් නූල් දෙන්නෙ... අනේ මන්ද.. මොනා කරන්නද. හැම තැනම ජාවාරම් තමා වෙන්නෙ... මම එන ගමන් කල්පනා කරේ පිරිත් නූලෙනුත් මිනිස්සු ගරා ගන්න රටේ වෙන දේවල් ගැන කවර කතාද.. අනික ලෝකෙම උතුම්ම ස්තානය...ඔන්න ඊට පස්සෙ අපි ගියා රුවැන්වැලි මහා සෑය බලන්න... මේ බලන්න ලස්සන...විස්තර කරන්න දෙයක් නෑනෙ...රියදුරු තැනමා සමග ගිය ඇයගේ වෙන්ට හස්බන්ඩ තමා මේ.. පොර ඉන්නෙ අනුරාධපුරේ.. ඉතින් ඌත් ආව...මා සමග රියදුරු තැනhttp://jeevithayasundharai.com/2013/12/blog-post_24.Uvn07eXwqIUපුදුම නිස්කලන්ක බවක් තිබුනෙ එදා... යනවනම් යන්න ඕන අන්න ඒ වගේ දවසක... කිසි කරදරයක් නෑ...ඔන්න කොහොම හරි එහෙන් එද්දි හවස 06.00 විතර උනා... ගෙදරට එද්දි රෑ 10.30 උනා...ඔන්න ගමනක අවසානය. | BLOG |
මොනා හරි ලියන්න හිතිලා වාඩි උනා මොනා ලියන්නද .ලියන්න දේවල් නෑ මොන මගුලද මන්ද හිත බරයි නෑ එක්කෝ නිදිමතයි එහෙමත් හිතුනා වෙන්නඇති. ජිවිතේ එක එක කාල වලදී ජිවිතේ දිහා බලන හැටි වෙනස් මට එහෙම හිතුනා ඇත්තමයි.ඔයාලටත් හිතිලා ඇති. කවුදෝ මට කිව්ව මගේ හිතේ ආදරේ නෑලු. නෑ නැතිව නෙමේ තියෙනවාඑත් වෙනස් මිනිස්සු ඔක්කොම එකවගේ නෑ. සමහරු ආදරේ පෙන්නන්න දන්නේ නෑ. සමහර අය ආදරේටබයයි. ඔව් ආදරේ පෙන්නලා දුක් විඳින්නේ මොකටද. ඒ ජිවිතේ හැටි මිනිස්සුන්ගේ හැටි.මිනිස්සු වෙනස් එකිනෙකාට වෙනස් එහෙම නොවුනා නම් දහස්වාරයක් හිතුලා ඇති.ඉස්සර බ්ලොග් එක ජිවිතේ වගේ ලියනවා ඔහේ ලියනවාවෙලාවකට දුක වෙලාවකට සතුට මේ බ්ලොග් එක මගේ ජිවිත පොත වෙලා තිබුනා එත් දැන් ලයිෆ්එක ෆුල් සිරා වෙලා. ඒ විතරක් නෙමේ අපි ලියනදේ දකිනවට වඩා මිනිස්සු ලියන දෙයින්අපිව මනින්න පටන් අරන්. නිකන් ගොස්ප් සයිට් එකක් වගේ ඉතින් කොහොමද ලියන්නේ. ඉස්සරමම පිස්සු දුශ් මේ බ්ලොග් එකත් එක්කම වැළලිලා ගිහින්. හිනා යනවා මතක් වෙද්දීහුකිස්. ඒ කාලේ ආයේ එන එකක් නෑ කවුදෝ ඉස්සර දවසක කිව්වා ඔන්න බලකො මෙකි බැන්ද ගමන්පට්ට වෙනස් වෙයි කියල. හැදෙයි කියල. එහෙම උනාද මම මගෙන්ම ඇහුව. දන්නේ නෑ එව්වාමෙහෙම හිතන්න බෑ මට හිතුනා. වෙලාවකට මම මාව දන්නේ නෑ. එකපාරටම කුණාටුවක්ඇවිත් වගේ මාව අරන් ගියා. එත් අර ගිරව් දෙන්න වගේ නෙමේ කුණාටු ආවම මම පාර හොයනඑන්න දනනවා ඉතින් ආයෙත් එනවා ඇවිත් කුරුටුබටි ගාල යනවා. ඉස්සර වගේම තමා මම ලියන්නේමොනාද දන්නේ නෑ මොනා හරි කොටලා කොටලා යනවා. දැන් ඉස්සර වගේ පාරවල් ගානේ. රස්තියාදුවෙන්න බෑ යාළුවො එන්න කිව්වම දුවගෙන යන්න බෑ ගෙදර ඉන්නවා වැඩිහිටි පොඩි එකෙක්බලාගන්න. ටිකක් ලියාගෙන යද්දී පොඩි හිනාවක් යනවා මේ දැන්ලිවීමයි කියවීමයි කුඩු ගහනව වගේ නවත්තල ඉන්න බෑ වෙව්ලනවා, ජිවිතේ මොනාහරි මග ඇරිලාකියල හිතෙනවා හප්පා එකත් ලෙඩක් තමා ලෙඩේට බෙහෙත ආයේ ලියමු. මොනාද දන්නේ නෑ එත්හිතට එන දේවල්.මේ මගේ දිනපොත ඉස්සරට වඩා ටිකක් සිරා එකක් වෙයි අනිවා ෂුවර්. ආදරණිය මම. | BLOG |
පැතුම් තොටමුනඅවර ගිරගින් අදුර ආවා පවර පෙම් පනිවිඩ ගෙනාවාඅරුදතිය නැති පාලු අහසේතනිව සද කැලුමන් ගෙනාවාඅහිතකර දායාද වූ දුක්සුසුම් මැද මුදු එලිය විද විදසුවච කීකරු තාරකාවන්සදපතිට මුදු බැලුම් හෙලුවාරිදී රේඛා තබා ශෝකාඅහස හිටිවන කැලුම් පෑවාඅරුදතිය නැති දුකට සදපතිමහා කදු කදුලෙන් තෙමාවාලොවේ නන් දෙස වියෝවෙන් සිටි පෙම්වතුන්ගේ කදුලු ධාරාඒ රැයේ මහ වැස්සටම වන්ගං ඉවුරු ශෝකයෙන් හැඩුවාඑදා සිට ඒ වියෝ ගී නදජල තරග සේ සයුරෙ දිලුනාකැලබි කැලබී පපු තුරේ ගිනිහෝ හඩින් ගල් කුලක වැදුනා. | BLOG |
තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදිනදිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණුසුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලාපුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන.....සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙනඅතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළකළුවරයි හාත්පසම සීතලයි දසතමඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට....සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිතඉඳහිටනැවුම් හිරු කිරණක පහසින් නැහැවෙන විටවසාගෙන දෙනෙත් විදහාගෙන දෑත් හුස්මක් ගෙන දිගුවිඳිමි මා ලද චමත්කාරජනක දිවියේ අසිරිය....නිසොල්මන්ව හිදිනවිටසුපුරුදු හුදෙකලාවේපෙනෙන නොපෙනෙන දුරින් යයි කුහුඹුවන් රැළක්කඩිසරව දුවයි එඩිතර සිතින් පුoචි වුවද ගතින්මටත් සිතේ යන්නට ඇත්නම් ඔවුන් පසුපස්සේ.....මෙයයි මගේ ජීවිතය මෙයයි මගේ ලෝකයමසොබාදහම් මාතාවගේ තුරුලේ හිදිනදහවල ගෙවී රැය උදා වී දවස ගෙවී යයිමම තවම පුoචි බිම්මලක් තනිව හිනැහෙන. | BLOG |
නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍යාසයක් කියල දෙනව කියල..ඇස් දෙක වහගන්න කිව්ව....ඔන්න ලාවට සන්ගීතයක් යනව..ඊට පස්සෙ මෙන්න සුදු නංගි කියනව..හුස්ම ඉහලට පහලට දානකොට අවධානයෙන් කරන්නලු..මෙන්න මෙයා ආනාපානසතිය මොඩිෆයි කරල..එයාලගෙ දෙයක් වගේ දෙනව. | BLOG |
ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැනඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැනඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැනඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැනඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවාඔබ නොදන්නවාට ඔබට ආදරේ කලාඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියාඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලාඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලාඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලාඔබෙන් ලැබුණු ඡායා රුව දිහා නෙතු හෙලාඔබෙන් ලෑබෙන සෙනේ විදිමි තනිව තනි වෙලා. | BLOG |
අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න google sinhala translateඅන්තර්ජාලයම සිංහලෙන් කියවන්න දැන් හැමෝටම පුලුවන් ...දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ.පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.අද dailynews පත්තරේ තිබුන news එකක් මම translate කලා.පහල image එක බලන්නකෝ.ඔයාටත් පුළුවන් දැන් මේක අත්හදා බලන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි මෙන්න මේ link එකෙන් google translate වෙත පිවිසෙන්න. උඩ රූපේරවුම් කරලා තියනවා වගේ එතන භාෂාව "සිංහල" කියලා තෝරන්න. අපිට translate කරන්න ඕන එක වම් පැත්තේ කොටුවේ type/paste කරලා translate කියලා click කරන්න.මේ පොස්ට් එක හොදයිනම් මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න.... සුභ දවසක්..... | BLOG |
මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා."ආ... හරී පුතා කොහොමද." එහෙම අහන්නෙ මාව දන්න කියන අය. අපේ ළඟම ළඟම ළඟ නෑයෝ හරි අම්මලාගේ තාත්තලාගේ යාළුවෝ. තව අසල්වාසී අයත් ඉන්නවා මාව දන්න. නොදන්න අය අහන්නෙ "ආ.. පුතා කොහොමද කියලා".මමත් ඉතින් ඇඹරි ඇඹරි ළඟට කිට්ටු කරනවා. "කොහොමදපුතා."මම ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා පොඩි හිනාවක් දානවා. අඳුරන්නෙ නැති කෙනෙක් නම් ඔරවලා පැත්තකට වෙනවා. අම්මා කියලා තියෙන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා කියලනෙ. සන්නාසියො වෙස්වලාගෙන එනවලු අපිව අල්ලගෙන ගිහින් කරවල වාඩිවල වැඩට දාන්න. ඉතින් බය නැතුව කතාවට යන්නෙ කොහොමද.ඒත් ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අවුලක් නෑ. ඒ අයටත් දත් දෙකක් පෙන්නලා හිනාවෙන්න තියෙන්නෙ.අදට උනත් "කොහොමද." කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ. ඒත් සමහරු නම් කියනවා එහෙම කියන එක අහන කෙනාව අපහසුතාවයට පත් කිරීමක්ලු. ඒත් ඉතින් වෙන මොනවා කියන්නද. මම වෙන කාගෙන්හරි "කොහොමද." කියලා අහන්නෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න. මුලින්ම අහන්න දෙයක් තියෙන්නත් ඕනනෙ.ඉතින් ඊළඟට නැන්දලා මාමලා අහන ප්‍රශ්නෙ තමයි "පුතා දැන් කීයෙ පන්තියෙද." එහෙම නැත්නම් "පුතා දැන් ඉස්කෝලෙ යනවද." කියන එක. එහෙම අහන්නෙ දන්න අය, නොදන්න අය "පුතාගෙ නම මොකක්ද." අහලා තමයි එතනට එන්නෙ. ඇයි සමහරු අහනවනෙ "පන්තියෙ කීදෙනෙකුට බයද." කියලත්. මම නම් ඒ වෙලාවට පන්තියේ කාටවත්ම බය නෑ.ඊළඟ ප්රශ්නය වෙච්චි "පුතාගෙ වයස කීයද." කියන එකට මම ඒ ඒ කාලෙ හිටපු වයස කිව්වා. ඊටපස්සෙ අහනවා ඒ ගාන "ලැබුවාද. සම්පූර්ණවුනාද." කියලා. ඒ අහන්නෙ මොන කෙහෙල්මලක්දැයි මට තේරුනේ නෑ. ඉතින් පුංචිම කාලෙ මම නිස්සබ්දව හිටියා ඒ ප්‍රශ්නෙදි. ඊටපස්සෙ කාලෙ එහෙම ආපුවම මම කිව්වා "ලැබුවාද. සම්පූර්ණවුනාද. මම දන්නෙ නෑ. කොහෙහරි වයස ලියන්න තිබ්බම මම ලියන්නෙ ඔය ගාන" කියලා.ඔහොම මම වයස කියපු දවසක එකෙක් කියනවා මම කියන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්ලු. මිනිහා කියන්නෙ මෙහෙමයි. හිතමුකො මම උපන්නෙ එක්දාස් නමසිය අනූවෙ කියලා. එතකොට දෙදාස් දාහතරට මට විසි හතරයිනෙ. ඒත් විසි හතර නෙමෙලු කියන්න ඕනෙ විසි පහලු. මොකද ඒක ජීවිතයේ විසි පස්වෙනි අවුරුද්ද හින්දාලු. ඒ තර්කෙට අනුව අද ඉපදිච්ච ලමයගෙ වයසත් එකක් වෙන්න ඕනෙ.අනේ මන්දා උගෙ තර්ක.ප්‍රශ්න වලට උත්තර දීලා දීලාම කාලෙ ගිහින් මම හිටියට වඩා ටිකක් ලොකු උනා. බ්ලොගේකුත් පටන් ගත්තා, කඩ්ඩෙන්.පස්සෙ සිංහල බ්ලොග් කලාව ආරම්භ කළා.කොහොමින් කොහොමහරි අද කවුරුහරි "මේ බ්ලොගේට වයස කීයද." කියලා මගෙන් ඇහුවොත් මම උත්තර දෙනවා "හරියටමඅවුරුදු හතරයි" කියලා. ඔන්න "ලැබුවාද. සම්පූර්ණවුනාද." අහන්න නම් ඔට්ටු නෑ. | BLOG |
ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි කියල දෙන්නෙ මේ. ඕන අය බලන්න ලේසි ක්‍රමයක් පොඩි දෙයයි..Firefox බාවිතා කරනවනම් Settings යන්න. ඒකෙ තියනව Addons කියල. ඒක ක්ලික් කරල Online Video Helper කියල Search කරන්න.මේක ඉන්ස්ටෝල් කරගන්න.. දැන් දකුණුපැත්තෙ උඩින් එයි, උඩ තියන පාට තුනේ බෝල තුන. වීඩියෝ එකක් ඔයා ප්ලේ කරද්දි ඒක කැරකෙනව. ඒක ක්ල්ක් කරල වීඩියෝ එක බාගන්න පුලුවන්..එහෙම ත් අවුල්නම්http://en.net/මෙන්න මේ සයිට් එකට ගිහින්. වීඩියෝ ලින්ක් එක කොපි කරල පේස්ට් කරල බාගන්න. | BLOG |
අපි පොඩි කාලෙ ගමේ ඔන්චිල්ලා පැද්දාට..අපි ලොකු වෙනකොට..ගම ටික ටික මොඩ් වෙලා..ගෙවල් හැදිලා ගස් කැපෙනකොට..අපි නගරෙට එහෙම නැත්නම් රටරටවල් වල පදිංචියට යනකොට..ජීවිත තට්ටු ගෙවල් වලට කොටුවෙනකොට..අපේ ළමාකාලය අමතක වෙයිද.මොකද හිතෙන්නෙ. | BLOG |
සුජීව ගැන ඔත්තුව මුලින්ම මට ලබාදෙන්නේ අපේහසිත. මව්බිමේ පරිසර කතෘ .'මල්ලි, නියමපොරක් ඉන්නවා .මෑන් කැලෑ අලින්ගෙ පිටිපස්සෙන් ගිහින්චිත්ර අඳිනවා.මාර ලස්සනයි.ගිහින් හම්බ වෙලා ,කතාකරලා ,ආර්ටිකල්එකක් කරපන්.' ඔන්න ඔය විදිහට තමයි මම සුජීව චන්දන ගැන ආර්ටිකල් එකක් කරන්නේ .සුජීව චන්දන හෙවත් කැලෑ සුජියා හම්බ වෙන්නමම මීගොඩ ගියා.තලගල පැත්තට කිට්ටු වෙනකොට මම් බයික් එක නතර කරලා පාර ඇහුවා.''අලුත් මීගොඩටද, පරණමීගොඩටද.'හෑ බොලේ එහෙමත් එකක් තියෙනවද,හොයලාබැලින්නම් ඒ බෙදීමත් පෝස්ට් එකක් ලියන්න වටින කතාවක්.ඒක පසුවට.සුජියා මට පාරපෙන්වන්න එයාගෙ පරණ පන්නයේ සුසුකි වර්ගයේ යතුරු පැදියෙන් මගට ඇවිත් හිටියා.සුජීව ගැන මම පත්තරේට ලියපු නැති දේවල්බොහෝමයි.ඒ කාරණා හැමදේම ලියවෙද්දි මේ පෝස්ට් එක ටිකක් අපිළිවෙලවේවි.සුජීව ලංකාව පුරාම ,වැඩිපුරමරජරට ප්‍රදේශයේ කැලෑවල ඇවිදිනවා.ඔහුගේ ආදරය සහ ආශාව යොමුවුණු වනසත්තු වෙන්නෙ අලිඇත්තු.එයාඅලිඇතුන් ගැන ඉගෙන ගන්නේම හැදෑරීමෙන්මයි.හරියටම කියනවා නම් කැලේ අලි ඇතුන් පිටුපසගෑටීමෙන්මයි.අලිඇතුන් ගැන විතරක්ම නෙමෙයි,බොහෝ සතාසීපාවන් ගැන දැනීමක් අවබෝධයක් වගේම භාවිතාවකුත් සුජීවට තියෙනවාමම සුජීවගේ අගය කරනඅනෙකුත් කාරණාව වුණේ අනාගත් ප්රතිලාභ ගැන නොසිතා ,සරලව කීවොත් සත පණහකවත් ලාභයක් බලාපොරොත්තුනොවී කොන්දේසි විරහිතව තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් කැපවීම.සුජීව කීව විදිහට රජරටපැත්තෙ ඈත කැලෑ ගම්මාන හරහා අලිම්ංකඩවලට ඔහු යන්නේ අර පරණ යතුරු පැදියෙන්. සමහරදවස් වල අන්තරාදායක විදිහට රැකියාව පවා අනතුරේ හෙලාගෙන.සුජීව සිරස ආයතනයේඇනිමේටර් වරයෙක් විදිහට වැඩකරනවා.වෙනකවරදාටත් වැඩියෙන් අද ලංකාවෙ වන අලින් ජාවාරම ජයටම වෙනවා.ඒ පිටිපස්සේ ඉන්නමිනිස්සු ගැන,හාමුදුරුවරු ගැන සුජීවවගේ වන ලෝලීන් හොදට දන්නවා.අපිත් දන්නවා,නමුත් ඒවා හෙළි කිරීමෙන් ඵලක් නැහැ කියලා අපි වගේමසුජිවලත් දන්නවා.මෙ වීඩියෝ ක්ලිප් කීපය අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි සුජීවඇතුළෙ ඉන්න චිත්රශිල්පියා වගෙම නිර්ව්‍යාජ වනලෝලියා.ඒ වගේම මේ වගේපෝස්ට් එකක් ලියන්න මට හිතුණේ ලංකාවෙ පත්තර නොකියවන අන්තර්ජාලය බාවිතා කරනපාඨක සමාජයට සුජීව හදුන්වා දීමට උවමනාවක් ඇතිවුණු නිසයි.සුජීව මුහුණුපොතේ නම්ඉන්නවා .මෙන්න මේතනින් යන්න.නමුත් බොහෝදෙනා දන්නා චිත්‍ර අඳින සුජීව වෙනුවට ලංකාවේවන සත්ව පරපුර වෙනුවෙන් අතින් කාගෙන හරක් බලනවා වගේ වැඩක් කරන සුජීව ගැන පෙන්නලාදෙන්න මට හිතුණ. | BLOG |
හැමදාම වගේ වැඩ රාජකාරි අස්සෙ පොඩි වෙලාවක් අරගෙන ඔබ හමුවට පැමිණියා එහෙනම්. ;)සමහරු හිතයි වෙසක් ඉවර වෙලා පිස්සුද මේවා දාන්නේ කියලා. :P @$#$@6වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරනු ලැබු මහා පහන් කූඩු රාජයාදින කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් කරන ලදි. ඔහුගේ කල මහන්සිය අගය කිරීමට මම මෙය ඔබ හමුවට ගෙන ආව එහෙනම්.3D MAX ආදාරයෙන් කල සුපිරි නිර්මාණයක්.මෙය කල Venuka සහොදරයට බොහොම පින්.ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴. | BLOG |
බොහොම කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කර ගන්න පුළුවන් උනේ.ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරේ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Windows හැදින්විය හැකියි.නමුත් අද නම් කියන්නට යන්නෙ අපේ රටේ අයට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු සුපිරි මෙහෙයුම් පද්ධතියක් (OS/ Operating System) ගැන.නමින්Cylon Linuxනම් වන මෙම මෙහෙයුම් පද්ධතියඅපේම රටේ අය විසින්Ubuntuමෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන අපේ රටේ Internet පහසුකම් අඩු/නැති අයට වුවද භාවිතා කල හැකි ලෙස සැකසුණු (Customized OS) එකක්.මෙහි විශේෂත්වයද එයයි. බොහෝවිටUbuntu බාගත කර ගන්නා ශ්‍රී ලාංකික අපි එය ඉවත් කිරීමට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා කියන කාරණය නම්" සිංදුවක් අහන්වත් වීඩියෝ එකක් බලන්නවත් බෑනේ" යනුවෙනි.නමුත්Cylon Linuxස්ථාපනය කරන ඔබ මේ සියල්ලන්ගෙන් සන්නද්ධයි.එපමණක් නොවේ බොහෝ මෘදුකාංග (built in) අන්තර්ගතයි.එම නිසාම ඔබට Software , Crack සොයමින් කාලය නාස්ති කල යුතු නැත. එසේම මේ සියල්ල නොමිලේ ලබාදෙන freeware සහ Open sourse වර්ගයේ නිසා ඔබේ පරිගණකය නීත්‍යානුකූල එකක්ද වෙයි. මේවායේ වින්ඩෝස් වල ඔබ සිදුකරන කාර්යයන් ඒ ආකාරයෙන්ම මේ ආදේශක මෘදුකාංග මගින් සිදු කරගත හැකි අතරම,යම් අයුරකින් Windows පද්ධතියේ ඇති මෘදුකාංගයම ඔබට අවශ්‍ය නම් එය වුවද ස්ථාපනය කිරීමේ පහසුකම WineHQ හරහාCylon Linux ඔබට ලබා දී ඇත.එසේම අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේදීද වැඩි වශයෙන් ලාංකිකයන් HSPA Dongle භාවිත කිරීමට පුරුදු වී ඇති නිසාCylon Linuxතුලින් ඕනෑම වර්ගයක Dongle එකකින් අන්තර්ජාල සම්බන්ධ වීමට හැකි වන අයුරින් සැකසුම් සකස් කර දී ඇත. M : 1GBසහිත හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකිය.com/වෙබ් අඩවියෙන් හාhttps://www.com/CylonLinux/ facebbok page එකෙන් වැඩි විස්තර ලබාගත හැකි අතර පහත ලින්ක් එක මගින්Cylon Linuxබාගත කරග; හැකිය. | BLOG |
සිංහල බ්ලොග් කියවන ගොඩාක් අය comment කරන්නේ English අකුරු වලින් සිංgrisi වගේ සිංහල ඉංග්‍රිසි කලවම් කරලා. එකට හෙතුව ගොඩාක් අයගේkeyboardවල සිංහල අකුරු සටහන් නොවිම. එයටපිලියමක් විදිහට අපේ සිංහල බ්ලොග් අඩවිටසිංහලkeyboardඑකක් add කරගන්නපුලුවන්.සිංහල බ්ලොග් කියවනඅයComment කරන්නේ සිංgrisi වලින්නිසා.සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි.ඉහත රුපයේදැක්වෙන ආකාරයේ සිංgrisi -සිංහල keybourd එකක් පහත add to blogger button එකේන් ඔයාගේ blog එකටත් දාගන්න පුලුවන්.මෙය keyboard එකක් ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මෙක Unicode පරිවර්තකයක් ලෙස නිවැරදි ලෙස අපිට පෙන්වා දෙන්න පුලුවන්. | BLOG |
නුඹ,බිඳුන සිතපලුඳු නැතිවදිලිසෙන්නලස්සනටආදරෙන් හදලාකාටවත්මහදන්න බැරි වෙන්නගැසුවේ ඇයිමහා කලු ගලකබිදිලා යන්න තිබුනටත් වඩාකුඩා අංශු වලට,ඒ බිදුන අංශුවක්, අංශුවක් ගානේතියෙන්නේ මගේ අසරන කම මිසක්පලිගැනීම නොවෙයි. | BLOG |
දෙසැම්බර් 17 ප්රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.එරට සිරගෙවල් වල මරණ දඬුවම නියමවු 3000කට අධික තලෙයිබාන් සංවිධානයේ ‘‘ත්‍රස්ථවාදින්’’ සිටින බව ප්‍රකාශ කරන ස්වදේශ කටයුතු ඇමති අලි ඛාන්, ඔවුන් සියලූ දෙනාට මරණ දඬවම ක්‍රියාත්මක කරන බවත්, ඉදිරි සතිය තුල 500කට මරණ දඬුවම පමූණූවන බවත් කියා තිබේ.මෙම තීරණය ගන්නා ලද්දේ දෙසැම් 17වන දින පේෂ්වර් හි හමුදා පාසලකට ඇතුලූවු තලෙයිබාන් මරාගෙන මැරෙන කණ්ඩායමක් එහි ඉගෙනුම ලබමින් සිටි දරුවන් 133කු ඇතුලූ 149කු ඝාතනය කිරමෙන් අනතුරුවය.ඉස්ලාමීය රජයක් පිහිටුවන්න, වසර 7ක් පුරා සටන් වදින තලෙයිබාන් ත්රාස්ථවාදීන් විසින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 60,000ක් බව වාර්තා වේ.දෙසැම්බර් 17 ප්රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස. | BLOG |
කෙටි කතා පබ්ලිෂ් නොවන්නේ මන්දැයි නොදනිමි, කෙසේ වෙතත් ,සිදුවන අපහසුතාවයට කණගාටුවෙමි , තරහා නොවී මේපාරෙන් එන්න. | BLOG |
අපි කුමන හො වෙබ් අඩවියකට email එකක් හා password එකක් ලබාදි ඇතුල් වන විට web browser එක මගින් password එක save කර ගැනිමට විමසනවා. එවිට අපි password එක web browser එකේ save කල විට නැවත එම වෙබ් අඩවියට log විමෙදි පහසුවනවා. මෙසේ save කරන passwords කාටවත් බලාගන්න නොහැකි යැයි ගොඩාක් අය සිතාගෙන සිටියත් මේ විදිහට save කරන passwords ඔනැ කෙනෙක්ට කිසිම අමතර software එකක් නොමැතිව පහසුවෙන් බලාගැනිමට web browser වල පහසුකම් ලබාදි තිබෙනවා. එ විදිහට passwords බලාගන්න හැටි මේ ලිපියෙන් අපි විමසා බලමු. එවිට Browser එකේ save කරලා තියෙන passwords පිලිවෙලට ඔයාට බලාගන්න පුලුවන්. එහි security pane එකට පිවිසෙන්න.දැන් saved passwords button එක උඩ click කරන්න. එවිට browser එකේ දැනට save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.View saved passwords of internet explorerinternet explorer වල save කරලා තියෙන passwords බලා ගන්න නම් ක්‍රමයක් එයින් සපයා නැ. නමුත් Reveal Passwords bookmarklet script එක භාවිතා කරලා අපිට . web site එකකට පිවිසිමෙදි එහි save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.මේ විදිහට ඔයා save කරන passwords ඔනැම කෙනෙකුට clicks දෙක තුනකින් බලාගන්න පුලුවන්. මොන තරම් antivirus software භාවිතාකලත් වැඩක් නැතිවෙයි මෙවැනි සුලු දෙවල් ගැන සැලකිලිමත් නොවුනොත්, මොහොතකින් ඔයාගේ සියලුම තොරතුරු Hackers ලා අතට පත් වෙන්න පුලුවනි. මොකද අපේ computer එක පාවිච්චි කරන්න දෙන යාලුවන් ගැනත් 100% විස්වාසය තබන්න බැනේ. | BLOG |
ගඳ කෙල්ල . . . . smelly girl“ යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් පාරන ලදී. තෙකරම් සිත පෑරුව ද පාසල් යාම නම් කිසි දිනෙක අත් නොහැරිය නමුත් එක් ගැහැණු ළමයෙකු විසින් මා ගඳ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ දිනට පසු දින අම්මා ද සමඟින් වෛද්‍යවරයෙකු බලා යන ලද්දෙන් ඔහුගේ සුහද වදන් හමුවේ ඉන්පසු කිසිදිනක මා දහඩිය බිදක් තරම් වත් මට වඩා සුවඳ කෙල්ලන්ව මායිම් නොකලෙමි. නමුත් තවත් දිනක්................................පුද්ගලික පන්ති අවසන් වූ වේලාව නිසා තනි දොරේ කුඩා පුද්ගලික බසය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබුනි. මල්සරා විදින ඊතල පහරවල් හිමිකරු හෝ කාරිය සොයා ගත නොහැකිව බස්රිය තුලම නන්නත්තාරව බිම වැටී පෑගෙමින් ද, කිසිසේත් නොසිතූ අය වෙත ට මාරු වෙමින් ද තිබුනු වේලාවයි.තරුණ පහේ කොලුගැටයෙකු වූ කොන්දොස්තර ද කෙල්ලන් අතර වැඩි වේලාවක් දගලමින් ඇඹරෙමින් ද නියමිත ප්‍රමාණයට වඩා මුදල් අඩුවෙන් ගනිමින් ද රථයේ ඉදිරියටම එමින් සිටියේ ය. පිරිස වැඩි වූ නිසාත් ස්වභාවයෙන්ම එවැනි අවස්ථා වලදී තිගැස්ම වැඩිවන නිසාත් අත රැදී ගුලි වී තිබූ දහයේ කොලය දහඩියෙන් නැහැවී පෙගී තිබුනි.කොන්දොස්තර කොලුවා වෙත පෑ දහයේ කොළය දැකීමෙන් ඔහුගේ මුහුණ හැකිලී ගියේ මලමිනියක කුණු වී ගඳ ගසන කොටසක් ඔහු වෙත පෑ අයුරු නි. ඔහුට දීමට වෙනත් දහයේ කොළයක් ද මා සතු නොවිනි.එය ඇගිලි දෙකෙන් ගත් ඔහු එය මුළු බසයටම පෙනෙන සේ ඉහලට ඔසවා පෙන්වමින් කීදෙයට මුළු බසයම සිනාවේ ගිලුනි . මම තව තවත් සෙනග අතර තෙරපී ගුලි වුනෙමි.මා ළමාවියෙන් වැඩිවියට පැමැණීමේ දී මෙම දහඩිය දැමීමේ කරදරය ක්‍රමයෙන් මා වෙතින් අඩු වී ගිය ද, නැත්තටම නැති නොවී අදත් මා සමඟින්ම පවතී. ඇතැම් විටකෙ එය මා වෙතින් තුරන්ව ගියා නම් මා ළඟින්ම සිටි ලෙංගතු මිතුරියක නොමැතිව ගියාක් මෙන් මා දැඩි කනස්සල්ලට ද පත්වීමට හැකි ව තිබෙන්නට ඇත.පරිගණක භාවිතයට ගත් පසු පරිගණක යතුරු පුවරු බොහෝමයක් අකාලයේ ඉවත් කිරීමට ද , බිම ට ටයිල් ඇතිරූ නිවසකට ගිය විටක දී මඩේ ලැග්ග ඊරියක මෙන් සෑම තැනම නොඇවිද සිටීම ටද , විභාගයකට මුහුණ දීමේ දී මුල් විනාඩි කිහිපය මිඩංගු කරමින් කඩදාසි කොළ තෙමීමෙන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට ද මේ නිසා මට සිදු විය.යෞවනය මෙන්ම තරුණ වියද ගෙවා නිම කරමින් සිටින මා වෙතින් දැන් හමන්නේ අපූරු විලවුන් සුවඳයි. එය ඇතැමෙකුට විලවුන් සුවඳක් දැයි සිතා ගැනීමටවත් බැරි ,ඉමිහිරි සියුම් නමුත් මිල අධික සුවඳවිලවුන් වර්ගයකි. නිතර නිතර මා සමගින් සිටි දහඩිය බිදු බොහෝමයක් මා වයසට යත්ම මා හැර ගොසිනි. සැබැවින්ම එය ශාරිරික මෙන්ම මනසේ කැළඹීම නිසා ද ඇතිවන්නට ඇති රෝගයක් වන්නට ඇත. නමුත් එය කිසිසේත්ම දැඩිව සැලකිය යුතු රෝගී තත්ත්වයක් නොවන්න ද ඇත. නමුත්..... මා කුඩා කල හා කෙල්ලක කාලයේ එය මා සිත රිදවූ තරම දන්නේ මා වැනිම තවත් දහඩිය කෙල්ලක පමණි. | BLOG |
මවුන් වම බලන සඳපුතු නෙත් යොමයි දකුණතදුන්නත් රිදුම් හද මේ දකින සඳමෙයයි නව පරපුරෙහි ආරය. | BLOG |
හොඳයි අපි එහෙනම් Shell Scripting වල තවත් එක් වැදගත් මෙහෙයුමක් වන ගණිත කර්ම භාවිතය එහෙමත් නැත්තම් Shell Arithmetic ගැන ඉගෙන ගමු. Computer Programming වලදි අපි ගණිත කර්ම භාවිතා කරන විට එක එක පරිගණක භාෂාවට (Computer Language, Ex: Java, Python, C.. ) අනුව එම ගණිත කර්ම යොදා ගන්නා ආකාරය වෙනස් වෙනවා. Shell scripting කියන්නෙත් හරියට programming වගේ දෙයක්ම තමා. ඒ නිසා shell scripting වලදි ගණිත කර්ම යොදාගන්නේ කොහොමද කියලා අපි දැන් කථා කරමු.Shell scripting වල ගණිත කර්ම භාවිතා කරද්දි අනුගමනය කරන්න ඕනේ මූලික ආකාරය.Syntax:expr var1 math-operator var2var1 = විච්‍යය 1, var2 = විච්‍යය 2math -operator යනු පහත දක්වා ඇති ගණිත කර්මයන්ය.උදාහරණ:ඉලක්කම් සමඟ$ expr 3+ 2 $ expr 5 - 3$ expr 10 / 2$ expr 5 \* 10 විචල්‍යය සමඟ$ x=10$ y=5$ expr $x + $y$ expr $x - $y$ expr $x / $y$ expr $x \* $y$ echo `expr $x + $y`$ echo `expr $x \* $y`✔ සටහන:විධානය විධානය සමඟ භාවිතා කිරීමේදී expr විධානයට පෙර සහ පසුව ( ` ) සංකේතය භාවිතා කිරීමට වගබලා ගන්න. Back quote හෙවත් ( ` ) සංකේතය Single quote ( ' ) සහ Double quote ( " ) සංකේත සමඟ පැටලීමට ඉඩ ඇත.( ` ) සංකේතය බොහෝවිට Tab key එකට ඉහලින් keyboard එකේ පිහිටා ඇත.Single quote හෝ double quote සංකේත භාවිතා කලහොත් ගණිත කර්මය සිදුවනවා වෙනුවට ( ' ) එක හෝ ( " ) එක තුල ඇති සියලු දේ print වේ.විචල්‍යය භාවිතය. || විධාන භාවිතය. | BLOG |
කලබලෙන් දිවූලොකු හාමුදුරුවෝඅඩවන් දොරතදින් අල්ලාගත්හසුළඟට එදිරිව. | BLOG |
මියුසිකල් අහල අහල අපේ කන් දැන් චාටර් වෙලා තියන්නෙ. රිදම් එකක් එහෙම නෑහෙන ගනන්. ඒත් මෙන්න මේක අහන්න. | BLOG |
හෙනම ඉස්සරඅපේ බස් නැවැත්තුවේකොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේඒ කාලේඅපෝ වලවල් මඩ හෙනම චාටර්පස්සේස්ටෑන්ඩ් එක හැදුවාහැබැයි අපේ බස් ටිකබැස්ටියන් පාරට වැටුනාබැස්ටියන් පාරේ තිබුනේතොග කඩ පේළියක්කරපිංචා.. පළතුරු..එක පාරට දවසක්ඒ කඩ කැඩිලා..කඩ වලට පිටිපස්සේජිවිතේට දැකලා නැතිපොඩි පොකුණක් තිබිලා.හප්පා.. මාර ගතිරේල් පාරවතුර පාරබස් හෝල්ට් එකබස් එකේ ඉඳන්ම කෝච්චි පොටෝ ගත්තැහැකිපොකුණටත් එක සැරේආස්චර්ය වඩින්න ගත්තාඅඩු ගානේ වැස්සට ඉන්නවත්හෝල්ට් එකට වහලක් එයිඅපි හිතුවාපොකුණෙන් එහා වීදුරු කඩ හැදුනාපොකුණ මැද ලී කඩ හැදුනාඅයින් දිගේ මල් වැවුනාඅද වගේ නෙවෙයි හෙටපොකුණ වටේ දියුණු උනාබස් එකේ ඉදන් අපිබලං හිටියා..ෆ්ලෝටින් මාර්කට් එකපොකුණ මැද හැදුනාපොඩි කික් එකකින්අපිත් බලන් උන්නාබස් එක යනකල්බස් එකේ ඉදං..දැන්රෑට රෑට ෆ්ලෝටින් මාර්කට් එකට හරි සෙනඟටේක් අ‘වේ කප් වල ඩ්‍රින්ක්ස් බිබීස්ලිපස් දාපු - පෑන්ට්ස් ඇඳපු නෝනලානගර සිරි නරඹනවාබැස්ටියන් පාරත් දැන් මොඩ් වෙලාටාටා ලේලන්ඩ් රෝසා බස් නැතුවකාර්..ජීප් නැවතිලාබැස්ටියන් දැන් පොශ් වෙලාබස් එකේ ඉදං බලන් හිටි අපිටඋන් හිටි තැන් නැති වෙලාපොශ් කොළඹ කොන් වෙච්චි අපිහෝල්ට් හොය හොය තාමමහ මඟ. | BLOG |
කවාකාර, ත්රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත. | BLOG |
මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතුරන් අතර ප්‍රසිද්ධ කරුණකි.මගේම සොයුරෙකු බඳු සුලක්ෂණ,මගේ ඇස දැන්වීම් පුවරුවක් දෙස හැරී ඇති බව දුටු සැනින් "දැන් ඉතින් ඉවරයි" කියන්නේ මා එහි රැඳුනහොත් කෙලෙසින්වත් නැවත කැඳවාගෙන යා නොහැකි බව දන්නා හෙයිනි.විවේක කාලය හා ඇතැම්විට මීළඟ කාලචේදය පසුවන තුරු යලිත් පන්ති කාමරය වෙත යාම අමතක කරවන රසයක් මේවාගේ තිබිණ. එකල මගේ ප්‍රියතම (පසුකාලීන පරිපාලනයන්ගේ මහිමයෙන් නන්නත්තාර වී ගිය) බිත්ති පුවත්පත වූයේ හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව යි.එකල එහි පල වූ අදහස් කෙතරම් තියුණු හා මතභේදාත්මක මුහුණුවරක් ගත්තේද යත්,කී වරක් මේ පුවත්පතට ප්‍රහාර එල්ල කොට විනාශ කෙරුනේදැයි මටද නිනව් නැත.මෙකී පුවත සොයා වාර්තා කර තිබුනේ එක්තරා 10 වසර පන්තියක්(මා ඊටත් කුඩා කලදී) විසින් පවත්වාගෙන ගිය බිත්ති පුවත්පතකය. එය පිහිටා තිබුනේ දැනට ඉවත්කර දැමීමට යෝජිත මුවර් ගොඩනැගිල්ලේ කුලරත්න අන්තය දෙසිනි. නැවතත් අන්තර්ජාලය පීරා එකී කරුණු කාරනා මෙපරිද්දෙන් සොයා බ්ලොග් සටහනට ඇතුලත් කිරීමට කල්පනා කලේ එහි ඇති ගුප්ත රසය ඔබ සමගින්ද බෙදාගන්නා අරමුණෙනි.ජෝන් ඇෆ්.කෙනඩි හා ඒබ්‍රහම් ලින්කන් යනු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බව අමුතුවෙන් නොකිව මනා ය.එයින් ඒබ්‍රහම් ලින්කන් යනු ජාතිකත්වය පසෙකලා මුහු මහත් ලෝකයම විසින් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රේෂ්ට මිනිස් චරිතයකි.නමුත් අවාසනාවකට මෙම ජිවිත දෙකම කෙලවර වූයේ අමු ලේ වැගිරවීමකිනි. මෙම ජීවිත කතා දෙකෙහි ඉතාමත් සිත්ගන්නාසුළු 100 ඉලක්කම වටා ගෙතුණු සමානතාවක් ඇත.ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩිකෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.ලින්කන්ට පෙර ජනපති :Andrew Johnsonකෙනඩිට පෙර ජනපති :Lyndon Johnsonලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908ලින්කන් ඝාතකයා උපන්නේ : 1839කෙනඩි ඝාතකයා උපන්නේ : 1939ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු වියකෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු වියලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදීකෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදීLincoln යන නමේ අකුරු ගණන 7Kennedy යන නමේ අකුරු ගණන 7දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකයදෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.කෙසේ වුවද ලින්කන්ට කෙනඩි නම් ලේකම්වරයෙකු නොසිටි බවත්,එම කරුණ කටකතාවක් බවත් මම තැනක දිටිමි.එනමුත් කෙනඩි ජනපතිවරයාට ලින්කන් නමින් ලේකම්වරයෙකු සිට ඇත. | BLOG |
ඔන්න හැමෝම දන්න විදියට මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මතකයිනේ, අපි ගිය සතියේ පොඩි මත විමසුමක් කලා කොහෙද මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල පවත්වන්න වඩාත් සුදුසු කියන එක තීරණය කරන්න. ඔන්න ඔබේ වැඩි ඡන්දයෙන් තේරිලා තියෙන්නේ "බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය"ඒ අනුව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, කාටත් නිවාඩු දවසේ උදේ 9.00 ඉඳලා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.ඒක එහෙම වුනාට තව සංවිධාන කටයුතු රාශියක් සිදුවෙමිනුයි පවතින්නේ. අපි කලින්ම කිව්වනේ, අපට ඔබගේ සහය අවශ්‍යයි කියලා. ඔන්න දැන් ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන තරඟ ලයිස්තුව.ඔබට මතක නම් මේ තරඟ යෝජනා කලෙත් ඔබමයි. ඉතින් සයිබර් සිහින උළෙල දවසට මේ තරඟ ඉසව් වලින් එකක් හරි කිහිපයක් හරි සංවිධානය කරලා පැවැත්වීමේ වගකීමත් ඔබට භාරගන්න පුළුවන් නම් මේ ඩොක් එකේ ඔබේ විස්තර සඳහන් කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් සංවිධායක මණ්ඩලය විසින් සපයාවි. ඔබට කරන්න තියෙන්නේ එදා දවසේ නියමිත වෙලාවට ඒ අංගය සංවිධානය කරලා පවත්වන එක විතරයි.ඒ විතරක් නෙමෙයි, හැම අවුරුද්දෙම මේ තරඟ ඉසව් වල තෑගි වලට දායකත්වය සපයන්නේත් දයාබර ඔබ විසින්. ඔබට පුළුවන් මේ අවුරුද්දෙත් ඒ සඳහා දායක වෙන්න. ඒ සඳහාත් ඔබ කරන්න ඕන අර කලින් දක්වලා තියෙන ඩොක් එකට ගිහින් අදාල තැන ඔබේ විස්තර සටහන් කරන එකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඔබව අමතා වැඩිදුර විස්තර දැනුම් දේවි.ඔන්න මේ අවුරුද්දේ තවත් අළුත් වැඩක් කරන්නයි හදන්නේ. නිවේදන කටයුතු වලට දායක වෙන්න කැමති, නිවේදන කුසලතා තියෙන යොවුන් බ්ලොග්කරුවෙක් නම් ඔබට පුළුවන් මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ නිවේදන කටයුතු භාරගන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔබ සතුව තියෙන කුමක් හෝ මයික්‍රෆෝන් එකක් (හෙඩ් සෙට් එකේ, ලැප්ටොප් එකේ වැනි) භාවිතා කරලා අවුරුදු උත්සවයේ ඕනෑම තරඟ ඉසව්වක් පිළිබඳව තත්පර 30 ක හඬ ගොණුවක් සකස් කරලා අපට එවන්න. දන්නවනේ ඊ මේල් ලිපිනය cybernewyearfestival2011@gmail. ඊ මේල් එකේ ටයිටල් එක විදියට "සයිබර් සිහින උළෙල 2014 - නිවේදන කටයුතු" කියලා සඳහන් කලොත් එය අපට පහසුවක් වේවි. ඒ අතරින් හොඳම කටහඬ දරන හතර දෙනා අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා නිවේදන කටයුතු මෙහෙයවාවි.මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන බස් රේඩියෝවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ. ඔබ හොඳ දක්ෂතා පෙන්නුවොත් බස් රේඩියෝවට සම්බන්ධ වෙන්න බැරි වෙන එකකුත් නෑ.අනිත් වැදගත්ම දේ සමරු කලාපය. හැම අවුරුද්දෙම වගේමේ අවුරුද්දෙත් සමරු කලාපය ලහි ලහියේ සකස් වෙමින් පවතිනවා. ඔබ යෝජනා කරපු ආකාරයටම වර්ණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සමරු කලාපයක් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ ව්‍යාපාරය, ඔබේ බ්ලොග් අඩවිය අනෙකුත් බ්ලොග්කරුවන් අතරට ගෙනියන්න සමරු කලාපය මහඟු පිටුවහලක් වේවි. සූදානමින් ඉන්න. මිළ ගණන් ළඟදීම දැනගන්න ලැබේවි.සයිබර් සිහින බක්මහ උළෙල 2014අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස. | BLOG |
. . . | BLOG |
අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernateඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික් කරලා Shortcut වලට ගිහින් ඔයාලට පහල තියෙන ඒ වයින් හදාගන්න ඕන ෂෝර්ට් කට් කෝඩ් එක ටයිප් කරන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.dll,SetSuspendState Sleep දැන් Next ක්ලික් කරලා Finish කරන්න.. ඔන්න දැන් ෂෝර්ට් කට් හැදිල්ල ඉවරයි. ඒ කිව්වට ඉවරමත් නෑ තව තියෙනව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ.. එව්වා වැඩක් නෑ මෙන්න මෙහෙමයි ඉතුරු ටික කරන්නේ ෂෝර්ට් කට් එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න. දැන් Shortcut key කියන තැනින් ඔයාලට කැමති විදියට key එකක් දෙන්න.ඊටපස්සේ Change Icon වලින් හොද අයිකන් එකකුත් දාගෙනම වැඩේ ෆිනිෂ් කරමුකෝ. දැන් ඉතින් ඔයාල දුන්න ෂෝර්ට්කට් කී ටික ප්‍රෙස් කරලා බලන්නකෝ වැඩේ හොදද කියලා.. අපි ගියා එහෙනම් ජය වේවා . | BLOG |
අද දෙන්න යන්නේ... 9 වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ තියන්නේ. පොත් උස්සගෙන යනවා වෙනුවට Lap එකක් හරි ජංගම දුරකතනයක් හරි, Tab එකක් හරි අරන් යන එක ලේසියිනේ. O/L කරන අයට වගේම ගුරුවරුන්ටත් මේ ටික වැදගත් වෙයි. android phone ජනප්‍රිය වෙන කලයක්නේ මේ, එකකට දාගත්තනම් PDF ෆයිල් හොදට වැඩ කරනවා. rar විදිහට තියන්නේ. 9 mb විතර තියනවා. පහලින් download කර ගන්න. 6 වසර ඉදලා 10 වසරට යනකන් තියන ගණිත පෙළ පොත් ටිකත් ඉක්මනටම දෙන්නම්. | BLOG |
4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.-න්‍යෂ්ටික බලය වැනි මතෘකා පිළිබඳ ඔවුන්ට සාමූහික අවබෝධයක් තිබෙනවා-ඒකට කියන්නේ ෆෙඩේරෂනයඃ ෆෙඩරල්වාදය නෙවෙයි.4pt 0in 5.4pt 0in 5.බලය බෙදිමට විවිධ හේතු තිබෙනවා.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5. | BLOG |
පාප්වහන්සේ ගේ නත්තල් දේවමෙහෙයෙන් පසුව ශාන්ත පීතර් චතුරශ්‍රයේ ගලෙනේ ජේසු බිළින්දා ව පැහැරගෙන යෑමට අඩ නිරුවතින් දිව එන ලද තරුණිය මෙල්ල කර අල්ලා ගැනීමට පොලීසිය සමත් විය. ස්ත්‍රි අයිතිවාසිකම් වලට විරුද්ධ කතෝලික සභාවේ ප්රතිපතින්ට විරුද්ධව යුරෝපයේ ස්ත්රිවාදි .ෑඵෑභ ව්‍යාපාරය දියත් කර තිබෙන එක් විරෝධය පළකිරිමේ ක්‍රියාවකි දේවස්ථාන වල ජේසු බිළින්දන් පැහැර ගෙන ම. වීඩියෝව බලන්න. | BLOG |
මෛත්‍රී යනු ජාතිය ව්‍යසනයෙන් ගලවාගන්නට පහළ වූ දියසෙන් කුමරු යයි උද්දාමයට පත් ජනතාව වෙත ලියා තබන වග නම්...මෙන්න මේකත් ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හිතලා බලනු මැනවි..මහින්ද 2005 බලයට එන්න කළිනුයි, ඇවිත් ටික කළක් යනකනුයි කල්කිරියාව සහ ඊට කලකට පසු වෙනස් වූ අයුරු මදක් සිතා බලන්න.මහින්ද මල්ලිලා එළියට දැම්මෙ සෑහෙන කාලයක් ගොසින්, කල් යල් බලා ය. එතකම් කිසිම කෙනෙක් ඔවුන් ඉන්නෙ කොහෙද. කරන්නෙ මොනාද කියා කිසිවෙක් දැන සිටියෙ නැත..නමුත් මෛත්‍රීගෙ මල්ලිලා දැන් ඉඳන්ම දඟලති. ඒ අයියට තියෙන පරම පිවිතුරු ආදරේ නිසාමද.(මහින්දට නම් සොයුරන් 4කි. මෛත්‍රීට දුසිමකි. :D :D)දැනට පළාත් මට්ටමේ ජාවාරම්කාරයෙක් වන ඩඩ්ලි, ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම්කාරයෙක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුද. වැඩිද.අපේ අයට ඉතින් 'ලොකු හොරා වානා... (දැනට)පොඩි හොරා ඕනා (පවු)... නේ..'අමතක කරන්න එපා අපි වාසය කරන්නේ එකම එක පෑන් පහරකින් (අත්සනින්), එක ෆෝන් කෝල් එකකින්, එක රැයින් වී අලෙවි මණ්ඩලය වසා දැමිය හැකි (ඇත්ත වශයෙන්ම මෑතක් වන තෙක්ම එහෙම කාලයක් තිබූ බව, එනම් වී අළෙවි මණ්ඩලය වසා තුබූ බව ඇතැමුන් නොදන්නවා විය හැකි.), තමන් අකමැති ව්‍යාපාරිකයින්ගෙ පෞද්ගලික දේපළ රජයට පවරාගත හැකි අසීමිත බලතල තියෙන විධායක ක්‍රමයක් යටතේ කියා.විධායක බලතල පැය 24න්, දින 100න් අඩු කරනවා කියන ඒවා නිකං සුරංගනා කතා පමණි.. තමන්ට ලැබුණු කප්-රුකට පයින් ගසා, කොහේවත් යන එකෙකුට පවරා බවුන් වඩන්නට යන්නේ මොන මෝඩයාද.මේ සංදර්භය තුළ තම හිතවතුන්ට වෙළඳපොළ ඒකාධිකාරයක් තනා දීම මහත් වූ අභියෝගයක් නොවේ. එසේ කළ අවස්ථා ඉතිහාසය පිරික්සා බලන කල පහසුවෙන් සොයා ගත හැකිවේ. විදුලි කප්පාදුවක් තිබූ එකල (සහ ජල විදුලිය හිඟ මෙකල පවා), විදුලි ජනක යන්ත්‍ර මගින් ජනිතවිදුලියරජයට විකුණුවේ කවුරුන්ද.මේ තත්ත්වය යටතේ සහල් ඒකාධිකාරයක් මවා, සහල් කිලෝව ඉතා අධික මිළකට කෘතිමව නැංවුවහොත් (දැනටත් ප්‍රායෝගිකව එසේ වෙමින් පවතින බව බුකියේ සිරගත නොවී මාර්කැට්ටුවේ රවුමක් ගසන සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එනම් 'සහල් මාෆියාව' යනු රජය පෙන්වූ ගෝනි බිල්ලෙක් පමණක්ම නොවේ, යම් පමණක යථාර්ථයක් බව පසක් වේ.)අන්ත දිළිදු කුළී කාරයාගේ සිට මහ මැදුර දක්වා මෙරට සුවහසක් ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.දැනටත් අප සියළු දෙනාම පරිභෝජනය කරන සෑම පත් පතකින්ම සැලකිය යුතු ප්‍රතිශතයක් (කෙසේද යත්, එහි සැබෑ නිෂ්පාදකයාට ලැබෙන ප්‍රතිශතයට වඩා කිහිප ගුණයක්) සහල් මාෆියාවට කප්පම් වශයෙන් ගෙවනු ලැබේ. ඉදිරියේදී ඔය තත්ත්වය වැඩි දියුණු වුවහොත් එහි වගකීම ඔවුන්ට අනිසි බලය ලබා දීමට දායක් වූ සියල්ලන් විසින් ඉසිලිය යුතුය.මෛත්‍රී යනු පෙරුම් පුරන බෝසත්වරයෙක් යයි සිතා සිටින අය මේ ටිකත් දැන ගත්තොත් හොඳාය.මෛත්‍රීගේ පුත්‍රරත්නය, හරිහමන් රැකියාවක් හෝ නොමැතිව පවා, එක් රැයකට ලක්ෂ ගණනක් විනාශ කර දමන නයිට් ක්ලබ් සංස්කෘතියට තදින්ම ඇබ්බැහි වූවෙකි.(මා කතාකරන්නට යන්නේ ඊනියා දේශප්‍රේමය හෝ සංස්කෘතිය ගැන නොවේ.)ඔහු දැනට භාවිත කරන අධි සුඛෝපභෝගී මෝටර් රථයේ වටිනාකම රු. ලක්ෂ 440 කි. මොවුන්ට මේවාට මුදල් කොයින්ද.මා මෙසේ අසන විට නැගෙන නිසඟ තර්කය මෙසේය:"ඇයි මෛත්‍රීගෙ පුතාගෙ එක කාර් එක ගැන කතා කරන්නෙ. බේබිලාගෙ කාර් 9, රොකට්ටුව ගැන කතා කරන්නෙ නැත්තෙ."පිළිතුර පැහැදිළිය. බේබිලාගේ කෙරුවාව රටම දනිති. කිසිවෙක් ඒවා අනුමත කරන්නේද නැත. යළිත් ඔබ දමන්නේ 'ලොකු හොරා වානා. පොඩි හොරා ඕනා' තියරියමද. මට නම් ඔය තමාගේ එකා සුද්ද කරන්නට යොදාගන්නා 'ගමරාළගේ වංගෙඩිය' දැකලාම එපා වෙලාය.එහෙත් මවාගත් සාධු චරිත ඇත්තවුන්....සිය පියාට මීට වඩා වැඩි බලතල ඇති දිනයක අනිවාරයෙන්ම ඔහු බේබිලා පරද්දවනු ඇත.තවත් එක් දෙයක් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.මෛත්‍රීගේ පුතා නැගෙනහිර වෙරළේදී බීමත්ව නොමනා ලෙස හැසිරී, රණ්ඩුවකට මැදිවී පොලිස් අත් අඩංගුවට පත්විය. නමුත් පැය 4කින් සිය පියා පැමිණි පසු ඔහුට ඇප ලැබුණි. මා අසන්නේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේ දරුවෙකු එම චෝදනාව යටතේම වැරදිකරු වූයේනම්, එතරම් පහසුවෙන් එළියට ආ හැකිද. එහිදී දේශපාලන බලය අවභාවිත වී ඇත්තේම නැද්ද.ඔබ සිහින මවන යහපාලනය හා සියල් සපිරි මිහිබට සුරපුර යථාර්ථයක් වනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාරය. | BLOG |
මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත්එකහොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලාකට්ටියටdownload කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිමsoftwareඑකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එකවැඩිකරගන්න පුලුවන්.Hutch unlimited free internet with ultrasurfඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො. එකේ නම ultrasurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට http://ultrasurf.us/ web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්. hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.youtube එකේන් උපුටා ගත්ultrasurf එක ගැන tutorial එකක්Increaseinternet speed with open DNSදැන් software එකක් නැතුව free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේනිසාGoogle ලා දෙන Google open DNS භාවිතා කරමු.පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.දැන් එNetwork and Sharing Centerwindow එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.8.8.8.4.4settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්‍රමේ භාවිතා කරලාinternetspeed එක වැඩි කරගන්න. Hutch 49 2G packege එක ගැන හිතන්නකො. වැඩිය එ ගැන් කියන්න යන්නේ නැ මොකද එකත් අපේකොල්ලොන්ටනැති වෙයි කියලා බයයි. මතකනේ dialogpackageඑකකටත් උන දෙ. | BLOG |
මේ තරම් කලින්බැස යන බව දැන සිටියා නම් මට අහසදිහාවත් නොබලා ඉන්නට තිබුනාඔබ ඇවිත් සඳදියෙන් තෙමා මා අවදි කලේඇයි සඳ සාවීමේ රාත්රියතවම තරුණයි - ඔබ නැත අහසේනිල් තාරකා තුරුළුවී ඉඟි කළත් සිනාසීඔබෙ සුවඳටමඇදෙන්නේ හිත ඇයි සඳ සාවී මේ හිතට කුමක්සිදු වුනාද මමවත් නොදනිම්එය ඔබ කෙලෙසසිතා ගන්නද සාවීඔබ ඇවිත් සඳදියෙන් තෙමා මා අවදි කලේඇයි සඳ සාවීමේ රාත්රියදිගුයි වෙහෙසයි - ඔබ නැත අහසේඔබ අයිතිඅහසටයි මම මහ පොළවටයි කියාදැන සිටියා අපදෙදෙනම ඒ නොවේද සාවීමේ සුවඳ ඔබ තබාගිය මම වාවනු කෙලෙසද ඇයි එය අරන්යන්න අමතක වූයේඔබ ඇවිත් සඳදියෙන් තෙමා මා අවදි කලේඇයි සඳ සාවීමේ රාත්රියකෙසේ ගෙවමිද - ඔබ නැත අහසේ. | BLOG |
හිතේ තියෙන ගඟ සොයන්නෙමි බොහෝ කල් තුරු වදුලක සැඟව සිට තාලයට ගලාවිත් සිත අද්දරින් බැස යයි ඒ හිතේ තියෙන ගඟ නෙත නොදුටු සාංකාවෙන් සොයමි මම හිතේ තියෙන ගඟ නෙත අද්දරින් ගලා යයි ගඟක් ඒ හිතේ ඇඳි ගඟ නොවේ කොහිද ඒ හිතේ තියෙන ගඟ මහ වැසි ඇද වැටුනු දා හැන්දෑවක හිරුගේ අවසන් සිතුවම තවරගෙන ගලා යයි නෙත අද්දරින් ගඟ තාලයට සීරුවට ඉතින් නුඹමවෙයි අද පටන් හිතේ තියෙන ගඟ. | BLOG |
එක වැහි කෝඩෙටඋතුරා යන්නටබලා හිඳින්නෙමි මම්එක අව් රැල්ලටඉරී තැලෙන්නටඅසරණ වූදා මම්ඔබගේ තෙපුලෙන්සිහි එලවාගමිසඳෙක මහා වැව්කම්දියවර මුදනටසිත් හෝදිසියටවාන් දමා සැනසෙම්. | BLOG |
විභාගවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්ඩලයට කිසිවක් සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක් හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත. මේ වන විට වැඩතහනමට ලක්ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. | BLOG |
තැවෙයි හදවතතවම තනියමකවක් ගලපමිසිතුම් කැටි කොටතවත් හිතනටසිතුම් නම් නැතසිසිල් සුලඟටරිදෙයි මගේ හිතසිතත් මට නැතතව කෙනෙකු ලඟඇත්තේ හදවතමටත් මම නැතගත්තේ තුරුලටබදා තදකොටඑකම වත්කමතමයි තනිකමපාළුයි මුළු හිතඑනුමැනවි අදම හෙටමගෙන් දුර ඇත ගියසිතුවිල්ල - කවි සිතුවිල්ල. | BLOG |
බලය ලත් මූල්‍ය ආයතනයක් හඳුනාගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා. බලයලත් මූල්‍ය ආයතනවල බලපත්‍රය තම ආයතනයේ ඕනෑම අයකුට පරීක්ෂා කළ හැකි ආකාරයට ප්‍රදර්ශනය කොට තිබෙනවා. එමෙන්ම එම ආයතනය ප්රචාරක දෑන්වීම් කටයූතු කරද්දී එම ලියාපදිංචි අංකයද ප්‍රසිද්ධ කරනවා. විශේෂයෙන් මහ බැංකුවේ ලියාපදිංචි වීමෙන් ලබා ගත් සහතිකය ප්‍රසිද්ධ කරනවා. මෙවැනි ලක්ෂණ නිසි මූල්‍ය ආයතන වල තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැකුව සිංහල දෙමළ ඉංගී්රසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිසි මූල්‍ය සමාගම් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරනවා.එහෙත් නිසි බලපත්‍රයක් රහිත ආයතන මෙවැනි නිවැරදි ප්රචාරක කටයූතු කරන්නේ නෑ. එහෙත් ඇතැම් වංචනික පූද්ගලයන් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී එම බලපත්‍ර අංකය ප්‍රසිද්ධ කරමින් මහජනතාව නොමඟ යවනවා. නමූත් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකට මූදල් තැන්පතු පිළිබඳ කටයූතු කිරීමට බලයක් නැහැ.පසූගිය කාලයේ යම්යම් මූල්‍ය ආයතන ආර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙන බවට ප්‍රචාරය කළා. මෙසේ ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙන්නේ කෙසේද.ඔය ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දුන්නේ නීති විරෝධී ආයතන. මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනවලට මහ බැංකුව විසින් උපදෙස් ලබා දෙනවා එම සමාගම්වලින් දිය යූතු පොලී අනූපාතයන් පිළිබඳ. බැංකු ආයතන වූණත් මහ බැංකුව නිර්දේශ කරන පොලී අනූපාතයන් තමයි ලබා දෙන්නේ.නීති විරෝධී මූල්‍ය ආයතන මහජනතාවට ඉතා ඉහළ පොලී අනූපාතයන් ලබාදීමට පොරොන්දු වෙනවා. ඒ නිසාම කිසිදු සොයා බැලීමක් නැතිව ඇතැම් අය එවැනි ආයතනවල මූදල් තැන්පත් කරනවා. නමූත් එම මූල්‍ය ආයතනවලට සිදුවන්නේ තැන්පතු මූදල්වලින් තමන් දක්වන පොලි අනූපාතයන් ලබාදීමටයි. ඒ නිසා වැඩි පොලී අනූපාත දෙනවයි කියන ආයතන ඉතා ඉක්මනින් කඩා වැටෙනවා.ඒ නිසා මහජනතාව ප්රචාරක දෑන්වීම්වලට හසූ නොවී කටයූතු කරන ලෙස මහ බැංකුව ඔවූන්ව දෑනූවත් කිරීම් කරනවා. සමාජයේ වංචනික පූද්ගලයන් ගැවසෙන එහෙයින් ඒ පිළිබඳ ඔබ අවධානයෙන් සිටීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙනවා යැයි කිව් විට මහජනතාව ඒ පැත්තට නැඹූරු වෙනවා. පසූගිය කාලයේ එවැනි ආයතන බිහිවූවා.මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මූදල් වංචා කළා යැයි කියන සක්විති රණසිංහ නැමැත්තා රටින් පැනගිහින්. ඔහූ ප්‍රචාරය කළ දෑන්වීම් පිළිබඳ මහ බැංකුව ක්‍රියා කළේ කෙසේද.ඇත්තටම එවැනි ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබාදෙන මූල්‍ය ආයතන පිළිබඳ විමසිල්ලෙන් පසූවෙනවා. එවැනි ආයතනවලට රැැවටෙන්න එපා යැයි මහජනතාව දෑනූවත් කරන අතර එම ආයතන පිළිබඳව අපේ නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබූණා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ එම පරීක්ෂණ අවසන් අදියරේදී මහ පරිමාණ වංචාවක් සිදුකළායැයි කියවෙන එම ආයතනය පරීක්ෂාවට ලක් කළා. ඊට පසූදින එම ව්‍යාපාරයේ ප්‍රධානියා රටින් බැහැරව ගොස් ඇතිබව රට පූරා ප්‍රචාරය වූනා. එම මූල්‍ය ආයතනය පිළිබඳ පමණක් නොව තවත් ආයතන කිහිපයක් පිළිබඳ පරීක්ෂණ කළා. ඒ අනූව තමයි මහ බැංකුවේ මූදල් මණ්ඩලය තීරණයක් ගෙන ආයතන කිහිපයක් තහනම් කළේ.මෙහිදී කිව යූතු විශේෂ කාරණයක් තියෙනවා. කිසියම් පූද්ගලයෙකු මූදල් වංචාවක් මත රටින් බැහැරව යාම හා මහ බැංකුවේ පරීක්ෂණ අතර කිසිදු සම්බන්ධයක් නැහැ.කලින් මහ බැංකුවේ ලියාපදිංචි නොවූණූ සමහර මූල්‍ය සමාගම් ඉදිරියේදී ලියාපදිංචි වන බවටත් තමන් වෙත ආයෝජනය කළ මූදල් ලබාදෙන බවටත් ප්‍රචාරය කරනවා.2008 ඔක්තෝබර් 24 දක්වා කාලය එම ආයතනවලට ලියාපදිංචි වී නිසි සහතිකයක් ලබාැගනීමට සහනයක් ලබාදී තිබෙනවා. ඒත් මේ කාලය තුළ නව තැන්පතු ලබා ගැනීමටත් තැන්පතු බැහැර කිරීමත් නවතන ලෙස මහ බැංකුවේ මූදල් මණ්ඩලය විධානය කර තිබෙනවා.මෙම වංචනික මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන්නේ මහජන පැමිණිලි මත පමණක්ද.නැහැ. ඒ පිළිබඳ සොයා බලන ක්‍රම කිහිපයක් තිබෙනවා. මහජන පැමිණිලි, මාධ්‍ය මගින් කරන හෙලිදරව් වගේම මහ බැංකුවේ නිලධාරීන්ද විටින් විට මූල්‍ය සමාගම් පිළිබඳ සොයා බලනවා. එම වැරදි ආයතනවලට මහ බැංකුවේ අණපනත් අනූව කටයූතු කරනවා. වෙනත් වංචනික ක්‍රියා සිදුව ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරනවා.නිසි මූල්‍ය ආයතනයක් මූල්‍ය කටයූතු සිදු කරන ආකාරය අප සොයා බලනවා. ඒ නිසා එවැනි ආයතනයක් කඩා වැටීමට ඇති ඉඩකඩ අවමයි. එහෙත් නීත්‍යානූකුල නොවන මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් මහ බැංකුව වග කියන්නේ නෑ. | BLOG |
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්ඩුවට සහාය දැක්වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි. මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය. මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ. මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ. රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය. මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි.මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි. මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී තිබේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි. මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ.මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. | BLOG |
රැය අඳුර දුරුකරන අරුණලුලොව අවදි කරන කුරුලනට ගී තනුවියැකෙන අරටුවේ මතුකර ලාදළුඅතුඉති අග පුබුදා මල් කැකුළුඋදාවෙන හිරුනව මංපෙත පිවිසෙනු මැනසැක'ඳුර දුරුකරවිහිදා සාමයේ අරුණලුදුක් දොම්නස් දුරුවීසතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරුණඅලුත් අවුරුද්දක් උදාවේවා. | BLOG |
ලඟදීම තම රස්සාව නැති වීමට නියමිත තිරුපති කෝවිලේ පූසාරියාද මෙහි සිටී.අති ගරු ජනාධිපති තුමා නාමයෝජනා භාර දුන් සැණින් තම මැතිවරණ ව්‍යාපාරයද දිනෙ දෙකකකට නවතා දමා හදිසියේම ඉන්දියාවේ තිරුපතිකෝවිලට ගියේ මන්දැයි නොයෙක් කථා පවතී.ලොකු අතුල අරලිය ගහ මන්දිරය තුල මිය යාමට නිසා ඇති වූ කිල්ලෙන් මිදීමට ගිය බවක් සමහරු කියත්ජනාධිපතිවරණය දිනීම ලේසු පාසු නොවන නිසා හා ලංකාවේ සිටින දෙවියන්ගේ ශක්තිය එය දිනවා දීමට මදි නිසා ඉන්දියාවේ දෙවියන්ගේ ධාරිතාව වැඩි නිසාත් තිරුපති ගිය බව තව සමහරු කියති.තිස්ස අත්තනායක ආණ්ඩුවට හේත්තු වීම නිසා සිදු වූ අපල වස් දොස් දුරු කරගැනීමට තිරුපති ගිය බව ත සමහරුන්ගේ මතයයි.එහෙත් කලාමැදිරියා තම ජ්‍යෝතිෂ ඥාණය යොදවා ලබා ගත් තොරතුරු අනුව සත්‍ය කාරණය වෙනම එකකි.දැනට ලංකාවේ තිබෙන හයි ෆයි දේවාල කොවිල් වලට තම පවුලේ සාමාජිකයන් හා අනුගාමිකයන් බස්නායක නිලමේ වරු ලෙස පත් කර ඇත හෝ පත් කිරීමට සැලසුම් කර ඇත.කතරගම දේවාලයට ශෂින්ද්‍ර රාජපක්ෂ බස්නායක ලෙස පත් කර ඇති අතර දළදා මාලිගාවට නාමල් කොලු පත් කිරීමට සිතා ගෙන සිටී. ඊ ලඟට සිටින්නේ යෝෂිත කොලූය. ඔහුට ශෂින්ද්‍ර ට වඩාවැඩි හා ලොකුතනතුරක් දිය යුතුව තිබේ. ලංකාවේ කතරගමට වඩා ලොකු කෝවිලක් නැත.රාජපක්ෂලා තිරුපති ගියේ එම කෝවිලේ බස්නායක නිලමේ කමක් ඇති කර එය තම කොලුවාට ලබා දෙන්නටය. එයට කපුකම කලේ තිස්ස අත්තනායකය. වැඩේ හරි ගියාදැයි අපේ අන්ජනමට තවම නොපෙනේ. ඒ මා පසු ගිය දවසක කිල්ලකට අසු වූ නිසාය. අපේ මාරයා තුමාවත් මේ ගැන සොයා බලා අපි හා සෙසු බ්ලොග් ලෝකය දැනුවත් කරනවා නම් මරුය.සටහන - තිරුපති කෝවිලේ බස්නායක තනතුරක් නැතැයිද මෙය මඩ පහරක් යැයිද සමහරු කියනු ඇත. ඒ උන්නැහේලාට කියන්නට තිබෙන්නේ මගේ හා මාරයා තුමාගේ ජ්‍යෝතිෂ ඥාණය අවතක්සේරුවට ලක් නොකරන ලෙසය. | BLOG |
"මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මතතාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලටයටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප්රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටදපසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවමකරමිනි. මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කරගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක්පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒකනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.ගී හඬ නැවතත් පැතිරෙයි...."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවතනැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසිවිටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේආඩම්බරයෙනි."ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ..." ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙනතරවටුව..."මිහි බට දෙවඟන ඇවිදින තාලෙට ඔහොමද ඇවිදින්නේ...." කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත්ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව..."ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ...." ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල..... එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදිදෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය. | BLOG |
පුවතක්:පුතා ලා දෙන්නා ගහ ගනිතිමහ උන් පැටව් රට හැම තැන පැතිරීමඑහෙයින් උනුන්ගේ අතපය පැටලීමඑනයින් එකිනෙකා නොදැනම පොර කෑමදුහුනන් හට බලන්නට ටෙලි සැපයීමඅප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේකප්පරකට අහිංසක කම තවම තියේඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේඋන්ටත් උන් ව අමතක වී ගියපු සඳේදැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේමෙපමණ කලක් ගුටි කෑ මහ ජන සොක්කාපෙරලා ගහනු බැරි කල දෙදණින් දොක්කාවලිගය දෙපා මැද ගහගත් බලු කුක්කාලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කා. | BLOG |
4pt 0cm 5.. කාලයෙන් කාලයට ජීවිතය පමණක්ම ඉතිරි කර මගෙන් බොහෝමයක් දේ ඈතටගෙනගොස් අවසන්ය.. ඉතිරි වේදනාවක් විතරමය.. එය ඇගේ ලේ නහර දිගේ ඇදී හුස්මක් අතර නිතරමමා තුලට ලං වෙන වේදනාවක්ව අවසන්ය.. ඉතිරිය ගැන හුදෙක් ඇත්තේ හිස් ඡායාවක් පමණි.. එයදඅඳුරු එකකි..මා යලින් අසනීප වීමි..ජීවිතේ අකුරු අතර ඔබ දත් බොහෝ දේට වඩා මා අද දුර්වලයෙක්ව ඇත.. වේදනාවෙන් වුවත් අවසානයේබරා ගත යුතු සත්‍ය එය වී අවසන්ය.. ඔවු, මා දැන් දුර්වලයෙකි.. හිස පුරා ඇදි යන වේදනාවත්දශමයෙන් දශමය අමතකව යන මතකයත් අතර මා තනිවී සිටිමි.. පමණට වඩා වේගයෙන් ගැහෙන හදවත මගේපාලනයෙන් තොරය.. බෙහෙත් මත ජීවිතය රදා තැබීමට තරම් මා අවසානයේ අවාසනාවන්ත වීමි.. එයකවදා කොයි තරම් නම් දුරකටදැයි මා නොදනිමි.. නමුත් එය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි මාවිශ්වාස කරමි.. ජීවිතේ බැහැර කිරීමටඅපහසු දේවල් අතර මේ අකුරු මගෙන් යලි පණක් ඉල්ලමින් කෑ ගහන හඩට සවන් දීමට තරම්වත් මාදැන් ශක්තිමත් නොවෙමි.. මා ජීවිතේ බොහෝ අපහසු තැන් පසු කලෙමි.. මෙයද තව එක් එවන් අවස්ථාවක්හෝ අවසන් අවස්ථාවද විය හැක.. එය කාලය පමණක් දැන හිදියි මා විශ්වාස කලෙමි.. ඇඟිලි තුඬුඅතර තෙරපෙන රුධිරය හා ආත්මිය බැඳිමක් නිතරම මේ අකුරු හා මුසු විනි.. නමුත් සියල්ල අතහැර දැමීමට කාලය එළඹ ඇත.. ඉතින් මා සබඳ, නුඹමා හා බොහෝ කල් පසු කර ජීවිතේ බොහෝ දුරක් මා සමඟ සිටියත් මේ හැර යන්නට කාලයයි.. එයමා විඳින වේඳනාවන් අතරේ තවත් එක වේදනාවක් පමණක්මැයි මා සිතමි.. ජීවිතය මා අවසාන මංසළකුණ කොතනකට ගෙනයාවිදැයි මා නොදනිමි.. මා ඒ ගැන සිතන්නටද වද නොවෙමි.. මේ ලොකය බොහෝකුඩා තැනක්යැයි මා විශ්වාස කරමි.. එහෙයින් නුඹ මා යලි කොතැනක හෝ මේ අකුරු අතර හමුවීමටඇත්නම් එය එලසින්ම සිදුවේවි.. ඉතින් අවසරයි සමුගෙනයන්න.. මේ මාගේ අවසන් සටහනයි.. ජීවිතය, වේදනාව, මරණය අතර තැනක ඔහේ අතර මං වුන මම ඔබේමආදරණිය දිනේෂ් උමගිලිය.. " වර්ණ " මගේ ජිවිතට වර්ණවත් කලාට නුඹට මා ණය ගැතිය. | BLOG |
සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙලා සති දෙකක් ගත වෙන්න තියෙන්නේ තවත් දින දෙකයි. ඒ වුනාට තවමත් බොහෝ දෙනෙක් සයිබර් සිහින බක්මහ උළෙල ගැන කතාබහ කරනවා. මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහෘද බ්ලොග්කරුවන් 175 දෙනෙක් සහභාගී වුනා. පිටියේ තරඟ ඉසව් 20 ක් සහ ඉසව් 9 කින් යුත් නිර්මාණ තරඟයක් පැවැත්වුනා.බොහොමයක් බ්ලොග් අඩවි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්ට් පළ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.01) රනා ලියන බ්ලොග්02) අපේ ඉසව්ව03) බස්සිගේ නවාතැන04) බ්ලොග් 36005) ෂම්මිගේ සිහින ක්ෂිතිජය06) අටම්පහුර 07) අඟහරු අඩවිය08) සංකල්පනා - කුරුළුත් එක්ක ආදරෙන්09) හිරු නැති හෝරාව10) ලියන්නා 11) නිමේෂය12) නිමේෂ්ගේ ඩිජිටල් සටහන13) සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශය14) නාඩියාගේ නාඩි15) තහනම් අඩවිය ඔය අතරේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුනේ පින්තූර ඇල්බම් වලට. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.01) ගයනි දික්කුඹුර02) තිසර මධුවන්ත (සිහින)03) අනුෂ්ක ලක්මාල්04) ලිෂාන් පුවක්ඕවිට05) ගයාන් තාරක06) දේවක සඳරුවන්07) චාමර නුවන්දික08) ඔනෙල් කරුණාරත්න09) නිමේෂ් නිෂාරමෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පළ වූ පුවත් වාර්තා කිහිපයක් මේ. 01) දිනමිණ පුවත්පත02) ගොසිප් ලංකා නෙට්තවත් මේ වගේ බ්ලොග් පෝස්ට්, පින්තූර ඇල්බම් ඇති. මේ තියෙන්නේ අපට හමුවුන කීපයක් පමණයි.හැම අවුරුද්දකම බ්ලොග් අවකාශයේ මිතුරෝ සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය සහෘද බ්ලොග්කරුවන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. මෙන්න මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය වාර්තාව.ඕෂනික් ගේම්ස් වෙත අප ලබා දුන් බිල්පත් වල වටිනාකම සඳහා ඉහත රු 266,000 අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම එම බිල්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා සංවිධායක මණ්ඩලය සතුව පවතිනවා. මෙම අත ඉතිරි මුදල ඉදිරි වැඩසටහන් වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුමේ තැන්පත් කිරීමට නියමිතයි.අවසාන වශයෙන් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූ දයාබර ඔබ සැමට සංවිධායක මණ්ඩලය සිය ස්තුතිය පුද කර සිටිනවා.තවත් සුවිශේෂී ඉසව්වක් සමග නොදුරු අනාගතයේදී මුණගැසෙමු....අපි "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ". | BLOG |
.......09. | BLOG |
පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල්ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම...හේතුව ඉතින් බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය...මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම්පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරුටික. වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම.. 1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින්තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා.. ඊට පෙර පාපන්දුව නිපද වීමටයොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්රමාණයන්ඌරු මුත්‍ර බොක්කඅනුව වෙනස් වුනා.1855 දී චාල්ස් ගුඩ්ඉයර් විසින් ප්‍රථම පදම්කරන ලද රබර් මගින් පාපන්දුව එළි දක්වනු ලැබුවා. එම පන්දුව අදත් ඇමරිකාවේ නිව්යෝක්හි පිහිටුවා ඇති ජාතික පාපන්දු ඉතිහාස කෞතුකාගාරයේ දක්නට පුළුවන්.1862 දී එච්.ජේ.ලින්ඩන් විසින් තවත් පියවරක්ඉදිරියට යමින් ප්‍රථම වරට පාපන්දුවේ ඌරු මුත්‍ර බොක්ක වෙනුවට පදම් කරන ලද රබර්වලින් ටියුබයක් නිපදවනු ලැබුවා. ඔහුගේ බිරිඳ මිය ගියේ පාපන්දු නිෂ්පාදනය කිරීමට සියගණනක් වු ඌරු බොකු පිම්බීම නිසා වු පෙනහලු රෝගයකිනි. එලෙස ඔහු නිපද වු පන්දුවඕවලාකාර හැඩයක් හා ඉතාමත්ශක්තිමත් වුනා. එය රගර් පන්දුවට බොහෝ සෙයින් සමානවිය.1863 දී ඉංග්රීසිපාපන්දු සංගමය පිහිටුවීමත් සමඟම පාපන්දු තරඟවලට නිතී රීති හදුන්වා දුන් අතර 1872දි පාපන්දුව සඳහා වු නිතී හදුන්වා දුන් අතර එහි සඳහන් වුයේ එහි හැඩය අඟල් 27 සිට28 (69- 71 cm)දක්වා විය යුතු හා බර අවුන්ස 13-15 වියයුතු බවයි.1937 දී එය අවුන්ස 14-16 අතර විය යුතු බවට වෙනස් කරන ලදි.පාපන්දු ලෝකකුසලානයේ දී හා ප්‍රසිද්ධ පාපන්දු ලීග වලදී භාවිතා කරනු ලබන්නේ “size 5”. පාපන්දුවයි. එහිවිස්තර පහත පරිදි වේ. වයස අනුව යොදා ගන්නා පන්දුවේ ප්‍රමාණයන් තීරණය වේ.1888 ඉංග්‍රීසී පාපන්දු ලීගය ඇරඹුමත් සමඟපාපන්දුව වැඩි වශයෙන් නිපැයුම ඇරඹුන අතර එහි ඉදිරියෙන්ම සිටියේ Mitre සහ thomlinson’s of Glasgow යන සමාගම්දෙකයි.1930 දී ආරම්භ වුනු ලෝක කුසලාන පාපන්දුතරඟාවලිය සමඟම පාපන්දුවට වඩා විශාල තැනක් හිමි විය ඉතිහාසයේ පාපන්දුව ඉහත පරිදිවෙද්දි පාපන්දු ලෝක කුසලානයත් සමඟපාපන්දුව විශාල වෙනසකට පෙරලුනි.දැන් කියන්න යන්නේ පාපන්දුවේ ඒ වෙනසයි.. බලන්න ඔබටවඩාත් මතක තිබෙන පන්දුව කුමක්ද කියලා..මැද පොල්ල නැති විකට්ටුවයි, හොකීපිත්තකිනුයි ගහන්න පටන් ගත්ත අද අපි දන්න ක්‍රික්‍රට් වල නොදන්න පැත්තදැනගන්න මෙතනින් එන්න.......1938 පසුව නැවතත් ලෝක කුසලාන තරඟාවලියක්පැවැත්වුයේ 1950 දීයී. ඒ දෙවන ලෝක යුධ සමය නිසායි.1963 සිට පාපන්දු නිෂ්පාදනය ඇරඹු adidas සමාගමේ පාපන්දුව ලෝකකුසලානයකට සම්බන්ධ වුයේ 1970 දීයී. එදා සිට අද දක්වාම ඔවුන් පාපන්දු ලෝක කුසලානයටවිවිධ වෙනස්කම් සහිතව පාපන්දුව ඉදිරිපත් කරනු ලබයි.වැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්යායහෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි මේ 2014 වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ පාපන්දුවදැන් ඔයාලා දකිනවනේ..... පාපන්දුවටත් එසේ මෙසේ අතීතයක් නෙවි තියෙන්නේ නේද. | BLOG |
කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට වෙන වෙනම පාට ගාන එකත් ඒ හැටි අමාරුවක් නැහැ… පිලිපීන ජාතිකයින්ව එහෙම පාට කරන්න කියලා මට කිව්වොත්, මම පාට කරන්නේ හැම දෙයක්ම පුදුමාකාර සැහැල්ලුවකින් විඳින අපායේ වුණත් හිනාවෙවී දවස ගෙවන විනෝදමත් පාටකින්… කල්ප විනාශය දවසටත් වියැකෙන එකක් නැහැ කියලා හිතෙන ඒ අරුම පුදුම හිනාව අඳින්නේ බොහෝවිට මහමෙරක් තරම් වෙන දුක් කන්දක් කියලා අන් අයට නොදැනෙන්නට ඒගොල්ලෝ මහ හුඟක් පරිස්සම් වෙනවා… ඒ පරිස්සම මඟහැරුණ ඇසිල්ලක ලැබුණු ඔත්තුවකින්, එකකින් පසු අනෙකක් විදියට බැක් ටු බැක් පිලිපීන චිත්‍රපටි දෙකක් බලන්න මට ඉස්පාසුවක් ලැබුනා… මේ ලිපිය ඒ ආස්වාදය බෙදාගන්න… මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන කතාවක් තමයි මේක… ඒත් අවංකව කිව්වොත් බැංකු මංකොල්ල කන, ගුවන් යානා හයිජැක් කරන වගේ මාරාන්තික ක්‍රියා මට එක්තරා විදියක වීරකම්… වර්ෂ දෙදාහේ මැයි මාසේ විසි පස්වෙනිදා පිලීපීන ගුවන් සේවයේ ෆ්ලයිට් 812 හි මඟියෙක් තමන්ගේ ජීවිතේ එතෙක් කල මාරාන්තිකම ක්‍රියාව ක්‍රියාවට නංවනවා… පිලිපීන ජාතිකයෙකුට ප්ලෑන් එකක් තිබීම නිතර වෙන දෙයක් නෙමෙයි… නමුත් නමින් රෙජිනල්ඩ් චුආ වුණ මේ පිලිපීන ජාතිකයාට තිබෙනවා ප්ලෑන් එකක්…එතරම් සංකීර්ණ එකක් නෙවෙයි… පිස්තෝලයකිනුත්, අත්බෝම්බයකිනුත් සන්නද්ධ වෙන රෙජිනල්ඩ් ගුවන් මඟීන්ගෙන් හැකිතරම් මුදල් සහ ස්වර්ණාභරණ කොට්ට උරයකට එකතු කරගන්නවා… සමහර මඟීන් කිව්වේ එහෙම කරද්දී ඔහු කඳුළු සලනවාත් දැක්කයි කියලා… ඊළඟට ගුවන්යානය අඩි 6000 පමණ පහතට ගැනීමට අණකරන ඔහු කැබින් එක depressurize කර ගුවන් යානයේ පසුපස දොර විවෘත කරන්න අණකරනවා… ඒ තමන්ගේ පියාගේ බංකොලොත් වුන කර්මාන්තශාලාවේ සේද රෙදි යොදාගෙන තමන් විසින්ම ගෙදරදී සාදාගත් පැරෂුට් එකක් ආධාරයෙන් බිමට පනින්නට… රෙජිනල්ඩ්ගේ පැරෂුටය ඔහුව නිරුපද්‍රිතව පොළවට ගෙනාවාදැයි චිත්‍රපටියේ කියන්නේ නැහැ…අවශ්‍යයනම් මිනිත්තු කිහිපයක ගූගල් සෙවුමකින් ඔබට එක දැනගැනීමට හැකිවේවි… තම පවුලේ සමීපතමයන්ට වඩාත් හොඳ හෙට දිනයක් උදාකරන සිහිනය සැබෑකරගනු වස්, හරිහැටි ක්‍රියාත්මකවේදැයි නොදන්නා පැරිෂුටයක් පැළඳ අහසට පිනූ එකම පිලිපීන ජාතිකයා රෙජිනල්ඩ් පමණක් නෙවෙයි…මා නිවැරදිනම් විදෙස්ගත පිලිපීන ජාතිකයන් යනු ලෝකයේ ලොකුම ඩයස්පෝරා වලින් එකක්… මේ හැමදෙනාටම අඩු වැඩි වශයෙන් ඇත්තේ එකම සිහිනයක් බවට සැකයක් නැහැ… Metro Manila චිත්‍රපටය මේ කිසිවක් ගැන නොවෙයි…අඩුතරමින් මේ කියන රෙජිනල්ඩ් මේ චිත්‍රපටියේ කතා නායකයාවත් නෙවෙයි… ලිපියේ මම මෙතෙක් හඳුන්වානොදුන් චිත්‍රපටියේ කතානායකයෙකු සිටිනවා… ඔහුගේ සිහිනය මින් වෙනස් වන්නේ ඔහුගේ කැපකිරීම මෙයිනුත් බොහෝ එහාට යන නිසයි… ඒ කැපකිරීම කුමක්දැයි චිත්‍රපටිය නැරඹුවොත් ඔබට දැනගැනීමට හැකිවේවි… විස්තරයක් ලියන්නට ඉසිඹුවක් නැති, මම සඳහන් කළ අනෙක් අපූරු චිත්‍රපටිය Norte, the End of History… කඩිමුඩියේ නරඹන්නට නොහැකි, පැය හතරකටත් වැඩියෙන් දිවෙන දීර්ඝ සිනමාත්මක නිද්‍රාවක් නිදන්න වෙලාව ඇති කෙනෙකුට පමණයි…. | BLOG |
මං යමින් හිටියේ කවදාවත් ගිහින් නැති නගරෙකට. බස් එකට නැග්ගේත් නොදන්නා තැනකින්. රාජකාරී අවශ්‍යතාවයකට ඒ පැත්තේ ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙන එක තමයි මගේ ගමනේ අරමුණ උනේ. මං කොන්දොස්තර මහත්තයට මට බහින්න ඕනේ තැන කියලා මාව එතන බස්සවන්න කිව්වත් මිනිහ උත්තර දුන්නු විදියෙන්ම මට තේරුනා වැඩේ කෙරෙන්නේ නැති විත්තිය. මා ගාවින් තවත් කෙනෙක් වාඩි උනේ ඔය අතරේ. ආච්චි කෙනෙක්. දෙමල තාලෙට සාරිය ඇදල. නළලේ ලොකු රතු පොට්ටුවක් තිබුනා. මේ පැත්තේ කොහොමත් දෙමල ජනගහනය වැඩි. දන්නා කියන අයගෙන් දැන ගත්තු මග සලකුණු එක එක වෙනවා. ව්‍යාපාරික මහත්තයා මුණ ගැහෙන්න දා ගත්තු වෙලාවත් ලං වෙනවා. ලගද දුරද කියලවත් තේරුමක් නෑ. මං ලග උන්නු කෙනාගේ මුණ බැලුවා. බුලත් කහට බැදුණු දත් පේන්න තොල් ඈත් කරලා මා දිහා බැලුවා. සිංහල දන්නවද දන්නේත් නෑ. කරන්න දෙයක් නෑ. මං යන්න නියමිත ව්‍යාපාරික ස්ථානයේ නම කිව්වා. කට අරගෙන මගේ දිහා බැලුව එයා ඔලුව වැනුවා. දන්නවද. ආයෙත් ඔලුව වැනීමක් විතරයි. මං ජනේලයෙන් ඉවත බැලුවා. පාරේ විස්තර දුන්න කෙනා කිව්ව ඔරලෝසු කනුවත් පහු වුණා. දැන් ලගම ඇති. ඒ අතරේ අර ආච්චි තව කෙනෙක් එක්ක සද්දෙට කයිය. කතාව නතර කරලා මා දිහා බැලුවා. මට ඔලුවෙන් කතා කරලා එයත් නැගිට්ට. මං ආච්චි මෙච්චර වෙලා කතා කරපු කෙනා දිහා බැලුවා. එයත් දෙමළ. මැදි වයසේ පිරිමි කෙනෙක්. මා දිහා බලල යන්තමට හිනා වුනා. මං බස් එකේ ශීට් අල්ලාගෙන ආච්චිගේ පස්සෙන් බස්සෙකෙන් බැස්සා. බස් එක ඇද්දුවා. දෙමල ආච්චි ලග හිටිය ත්‍රිවිල් මල්ලි කෙනෙක් ගාවට ගිහින් තව මොනවදෝ ඇහුවා. ඒ මල්ලි පාර එහා පැත්තේ තිබ්බ බිල්ඩිමක් පෙන්නුවා. ආච්චිගේ මුණට හිනාවක් ආවේ නොදනුවත්වමයි. ඒ හිනාවෙන්ම මා ගාවට ඇවිත් අර මල්ලි පෙන්නපු බිල්ඩිමම පෙන්නුවා. එක තමයි මං හොයපු තැන. මං අත් ඔරලෝසුව බැලුවා. තව විනාඩි කීපයයි. මං ආච්චිගේ අත් අල්ලාගෙන ස්තුතියි ආච්චියේ කියල පාර මාරු වුණා. ආච්චි හිනාවකින් මං දිහා බලාගෙන උන්නා. දුවගෙන ගිය මං පිළිගැනීමේ කවුන්ටරයේ හිටපු ගෑනු ළමයාට මං ආව බව දැනුම් දුන්නා. එයාගේ අවසරයෙන් ලොබියේ වාඩි වෙලා සගරාවක් අතට ගන්න ගමන් පාර දිහා බැලුවේ නිකමට. මට පාර පෙන්නපු ආච්චි තාම බස් නැවතුමේ. ටික වෙලාවක් ගියා. ව්‍යාපාරිකයාත් ඇවිත් සාකච්චාව පටන් ගත්තා. මේක හරිම දුක්ෂර පලාතක් බස් එකක් යන්නෙත් පැය බාගෙන් බාගෙට. ඒ මහත්තය කියනවා. ආච්චි තාම පාරේ. සමහර වෙලාවට පැයකටවත් නෑ. ආච්චි ඉර මුවා කර ගන්න අත අල්ලාගෙන ඉහට උඩින්. අපේ සාකච්චාව තව දුර ගියා. පැයක් විතර යන්න ඇති. බස් එකක් නතර කරන සද්දේ ඇහුනා. ආච්චි නගින්න ඇති. බස් එක යනවා පෙනුනා. මං වෙනුවෙන් නතර කරපු ගමන් යන්න ආච්චි ආයෙත් බස් එකට නගින්න ඇති.ඔව් පැයකට විතර පස්සේ. | BLOG |
ලොකු ලොකු දේවල් තියෙන පිටුවක් නෙමේයි.මේ පිටුවේ තියෙන්නේ වචන පමණයි.ඒ වචන ඔබ දැන් කියවමින් සිටියි.අරුමෝසම් ඩිසයින්,සිත් ඇද ගන්නාLayouts, ඉන්ද්‍රජාල මවන Scripts අපවඇදබැඳ ගත්හ.නමුත් ජාලය තුළ උසස්ම ආකර්ශණිය මේවලම අදත් එදත්"""""""""""වචනයි"මම ලියපු මේ සටහන ඔබ දැන් කියවමින් සිටියි.අපුරුවමවිජ්ජාව එයයි.මම සිටින්නේ බ්‍රිටිෂ් කොලොම්බියා නම් කුඩා නගරේ. මේය කියවන ඔබ බොහෝ විට සිටින්නේ වෙනත් තැනක විය යුතුයි.මම 2013 වසරේ ජුනි 20 වැනිදින උදෑසනමෙම සටහන ලියු අතර ඔබ වෙනත් දිනයක වෙනත් වේලාවක මේය කියවමින් සිටිනු ඇත.මා මෙය මාගේලැප්ටොප් පරිගනකයෙන් ලියු අතර සමහර විට ඔබ මෙය ඔබගේ ජංගම දුරකථනයෙන් ,ටැබ්ලට් එකක් භාවිතයෙන් නැත්නම් ඔබගේ ඩෙස්ක්ටොප්පරිගණකය ඇසුරෙන් කියවනවා විය හැකිය.ඔබ සහ මා අතර සබඳතාවයක් ගොඩනැඟි ඇත,ඒ මා ලියු සටහන ඔබ කියවීම තුළින්ය."වෙබ්"යනු එවැන්නකි.සිටින ස්ථානය ,භාවිතා කරන පරිගනකමෙවලම ,වේලා කලාපය වෙනස් වුනත්මේ සරළ HTMLපිටුව ඔබත් මාත්සම්බන්ධ කර සිටියි.මා මේ සටහන TextEditor භාවිතයෙන් ලියුවෙමි.සම්පුර්ණයෙන්ම 6KB ප්රමාණයකි.ලිවිමේදී Contents Management System භාවිතා කිරිමේඅවශ්යතාවය නොතිබුනා සේම ගැෆික් ඩිසයිනර් කෙනෙක් හෝ සොෆ්ට්වේයර් ඩිවලොපර් කෙනෙක්ගේඅවශ්යතාවයක් පැන නොනැගුනි.මේහි ඇත්තේ ඉතා සරල කොඩ් කීපයක් පමණි. ජේද වෙන් කිරීම、 බර කොට උපුටාදැකිවිය තැන් ආදී සරල දැක්වීම් කිපයක් පමණ භාවිත කලේය.මාගේ දියණිය වයස 8 දී මගෙන් HTML ගැන ඉගෙන ගත්තීය.ඇයමුලින්ම ලියුවේ ලෙන් හාමිගේ කතන්දරයි. එය ඇය "HTML ලියුව්වා"නොව ලෝකෙට යමක් පැවැසීමට දරපු උත්සාහයක්ය.ගෙදර පරිගනකයෙන් කතන්දරයක් ලියා එය ලෝකෙටමපෙන්නන්න පුළුවන්කම ඇයට විශ්වාස කිරිමට අපහසු කරුණක් විය.දියණිය HTML ගැන ලොකු සැලකිල්ලක් නොදැක්වපුඅතර ඈ උනන්දු වුයේ ලියන කතන්දරය ලෝ පුරා බේදා ගන්න පුළුවන්කම ගැනය.ඔබ තවමත් මේ පිටුව කියවමින් සිටියි.සරළ වේබ් පිටුවකින් වුවත් කියන්න පුළුවන් දේවල්බොහෝ තිබේ.ඔබ ව්‍යාපරිකයෙක් නම් ඔබට යමක් විකිණිමට වෙබ් පිටුව භාවිතා කරන්න පුළුවන්.ඔබගුරුවරයෙක් නම් තව කෙනෙකුට යමක් උගන්වන්න ඒ හරහා පුළුවන් .ඔබ කලාකරුවෙක් නම ඔබ නිර්මාණයකල යමක් පෙන්වන්න වෙබ් පිටුව භාවිතා කරන්න පුළුවන්. තවද ඔබ වචන භාවිතා කරන්න දක්ෂයෙක්නම්ඔබේ වෙබ් පිටුව බොහෝ පිරිසක් කියවනු ඇත.ඔබ වෙබ් ඩිසයිනර් කෙනෙක් නැත්නම් ඔහුන්ගේ සේවාදායෙකුනම්,මුලින්ම වචන සමග කල්පනාකරන්න පටන් ගන්න .බොහෝ අය කරනා සේ මුලින්ම Style guide හෝ Photoshop mockup වලින් නොව වචනවලින් පටන් ගන්න.ප්‍රකාශ කල යුතු කරුණු මොනවාද. ඔබ එය පැහැදිලි කර නොගෙන වෙනත් කොටස් එක් කරගැනීම අර්ථ රහිත ක්‍රියාවක්. ,ඔබ කිව යුතු කරුණකල්පනා කර ,පටන් ගන්න එක්වෙබ් පිටුවක් .පබ්ලිශ් කර පසු නැවැත නැවැතත් බලන්න ඔබගේ පිටුවදිහා.එයට යමක් එකතු කරන්න ඔබට සිතුන විට,"මෙය එකතු කිරිමේන්,ඔබ කියන්න උත්සහා කරන කාරණයවඩාත් පැහැදිලි වෙනවාද. විමසන්න ඔබෙන්මමේ අමතර Styling එක、 පින්තුරය ,ලින්කුව ඔබගේ කියවන පිරිසට වඩා වැඩි වටහා ගැනිමකටමඟ පාදනවාද කියා,උත්තරය "නැත"නම් එය ඔබේ වෙබ් පිටුවට එක් කරන්න එපා.වේබ් සැලසුම් කරණයේ හදවත "වචන"විය යුතුය.වචනඔබ ඩිසයින් එක සකස් කිරිමෙන් පසුව කල්පනා කිරිමට තැබිය යුතු දෙයක් නොවේ.වචන වෙබ් ඩිසයින්හි ආරම්භයද එහි අරටුවද එහි කෙන්ද්රයද වේ.වචන වලින් පටන් ගනිමු.මමජස්ටින් ජැක්සන්English versionhttp://justinjackson.htmlඇසුරෙන් පරිවර්තනය කරන ලදී. | BLOG |
........10. | BLOG |
අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න තියෙන Text box එක උඩ Right click කරල Inspect කරන්න. එතකොට මේ වගේ පෙන්නයිදැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද.chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද. හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ. | BLOG |