summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
රට තුළ ආගමික සහජීවනය ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනතිපතිනියට ආණ්ඩුව විසින් අපහාස කිරීම අසාධාරණ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
හිටපු ජනපතිනිය රනිල් වික්‍රමසිංහ සමඟ තම පක්ෂය හා හිටපු ජනතිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර පැවතුණේ ආණ්ඩු පෙරලීමේ සාකච්ඡාවක් නොව රට තුළ සාමකාමී තත්වයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡාවක් පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය සංදේශය කළ විමසුමක දී පැවසුවේ. ‘දේශපාලන වශයෙන් අපි අතර මත තියෙන්න පුළුවන්. නමුත් එතුමිය මේ රටේ හිටපු රාජ්‍ය නායිකාව, ඇමෙරිකාව වැනි රටවල තවමත් හිටපු ජනතිපතිවරුන් අමතන්නේ ගෞරවයෙන්. එහෙම නැතුව මෙහෙම අපවාදවලින් නමෙයි.’ කරු ජයසූරිය කියා සිටියේය. "මුට්ටිය දමා බැලීමක්" -අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හිටපු ජනපතිනිය විපක්ෂයෙන් දේශපාලනයට පැමිණීමේ සුදානමක් ඇත්දැයි සංදේශය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේ එවන් දෙයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොමැති බවයි. පක්ෂයේ අනුශාසකවරියට පරිභව කරන ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තැනක් නැතැයි ද කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේය. 'මුට්ටිය දමා බැලීමක්' හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එක්සත් ජාතික පක්ෂයට පසුගිය එකොළොස් වැනිදා පිරිනැමූ අතර ආණ්ඩුව සහ ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරිය දැඩි ලෙස විවේචනය කර තිබුණි. ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාවන් නිසා රට තුළ විවිධ ආගම අතර මතභේද ඇතිවී ඇති අවස්ථාවක මෙම වැඩ පිළිවෙල විවේචනය කිරීම පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරිය ගේ මෙම වැඩ පිලිවලේ මූලික අරමුණ වූයේ ආගමික සහජීවනය ඇති කිරීමට වඩා එම කාර්යයන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය යටතේ සිදුවූ දෙයක් ලෙස ලෝකයට පෙන්වීම බවයි. ‘කෙනෙක් අන්තර් ආගමික සහජීවනයට ඉදිරිපත් වනවා නම් ඒක ගරහන්න විවේචනය කරන්න හේතුවූ කාරණාවක් නෙවෙයි, නමුත් එතුමිය උත්සහ ගන්නවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට මේක ගැට ගහන්න, එකයි අපි ප්‍රශ්න කරන්නේ’ හිටපු ජනතිපතිනියගේ මෙම වැඩපිළිවෙළ ඇය නැවත දේශපාලනයට පැමිණීමට "මුට්ටිය දමා බැලීමක්" හැටියටයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා හැඳින්වුයේ.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වීම සහ සාමාන්‍ය වැසියන් තුවාල ලැබීම පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන මෙන් කොටි සංවිධානය කිසිදු බලපෑමක් එල්ල නොකළ බව මුලතිවු දිස්ත්‍රික්කයේ සේවය කළ දොස්තර ටී වර්ධරාජා පවසයි.
'ආණ්ඩුව බලපෑම් කළා බොරු කිවුව කියල කියන්න නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාල තියා ගන්නවා කියල' ජිනීවා නුවර සිට සංදේශය සමඟ අදහස් දැක්වූ දොස්තර වර්ධරාජා, එල්ටීටීඊයෙන් එසේ බලපෑම් එල්ල වූ බවට කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, පොලිස් අත් අඩංගුවේ සිටියදී ආණ්ඩුවෙන් එල්ල වූ තර්ජන නිසා බව අවධාරණය කළේය. "මම හතර වෙනි තට්ටුවේ හිටපු කාලේ ආණ්ඩුව බලපෑම් කළා බොරු කිවුව කියල කියන්න නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාල තියා ගන්නවා කියල,"බවයි, වෛද්‍යවරයා පවසන්නේ. හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජිනීවා නුවර සංවිධානය කොට තිබුණු රැස්වීමකදී සිය අත්දැකීම හෙළි කිරීමෙන් අනතුරුවයි, වෛද්‍යවරයා බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ. 'නංගී පොලිසියට කැඳවලා' එහෙත් සිය සහෝදර වෛද්‍යවරුන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීම ඔහු ප්‍රතික්ෂේප කළේය. යලිත් වරක් රහස් පොලිසියේ පෙනී සිටින මෙන් සිය නිවසට ලිපියක් ලැබී තිබෙන බව සඳහන් කළ ඔහු, තමන්ට පැමිණිය නොහැකි නම් සිය නැගණියට හෝ පොලිසියට පැමිණෙන මෙන් එයින් දැනුම් දී ඇතැයිද සඳහන් කළේය. 'අපිට දවසකට සීයකට වඩා දවසකට තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිවුවේ නෑ' දොස්තර ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මොහොත දක්වාම යුද ගැටුම කලාපයේ රෝගීන්ට ප්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරුන් අතලොස්ස අතරින් කෙනෙක්. ඔහු ඇතුළු වෛද්‍යවරු පස් දෙනෙක් ඒ දිනවල යුද පෙරමුණේ තත්වය පිළිබඳව බීබීසී සංදේශය ඇතුළු ජනමාධ්‍යවලට නිරන්තරයෙන් තොරතුරු හෙළි කළහ. යුද්ධයෙන් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරුන් පිරිස මාස ගණනක් මුළුල්ලේ රඳවා ගනු ලැබූ අතර, 2009 ජුලි 08 වැනි දින ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය හමු වූ ඔවුන් සියලු දෙනාම කියා සිටියේ කොටි සංවිධානයේ තර්ජන හමුවේ යුද පෙරමුණේ තත්වය අතිශයෝක්තියෙන් හුවා දැක් වූ බවයි. ඉන් අනතුරුව ඔවුන්ට යලි සේවය කිරීමට අවසර ලැබිණ. එහෙත් යුද්ධය සමයේ තමන් කිසිවක් අතිශයෝක්තියෙන් වාර්තා නොකළ බව ජිනීවා සාකච්ඡාවෙන් අනතුරුව සංදේශයට කියා සිටි වෛද්‍යවරයා, තමන් හෙළි කළ කරුණු සත්‍ය බව එහි සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සේවකයන් පවා සනාථ කොට තිබෙන බවද සඳහන් කළේය. 'ඖෂධ නෑ' "අපිට දවසකට සීයකට වඩා දවසකට තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිවුවේ නෑ. අපි වැඩිපුර කිවුවෙත් නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම තමා සේවය කළ තාවකාලික රෝහල් ගණනාවකටම ෂෙල් ප්‍රහාර එල්ල වූ බව අවධාරණය කරන වෛද්‍ය ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මාස තුන ඇතුලත රතු කුරුසය විසින් බරපතල තුවාල ලැබූවන 9000 ක් මුල්ලිවයික්කාල් සහ පුදුමාතලෙයි වැනි ප්‍රදේශවල සිට ත්‍රිකුණාමලය සහ වවුනියා ඇතුළු ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අන්දම සිහිපත් කළේය. ලක්ෂ තුනක සාමාන්‍ය වැසියන් පිරිසක් යුද කලාපයේ කොටු වී සිටියදී, එහි සිටින්නේ 80,000 ක පිරිසක් පමණක් බව ආණ්ඩුව අවධාරණය කළ අන්දමද වෛද්‍යවරයා සිහිපත් කරයි. "බෙහෙත්, කෑම ඔක්කොම දුන්නේ 80,000 කට ඇතිවෙන්න. හැබැයි අර සිහි නැති කරන බෙහෙත්, ලේ දුන්නෙම නෑ. ඒ හින්ද ලොකු, ලොකු තුවාල වෙච්ච කට්ටිය බෙහෙත් නැතිව, ප්‍රතිකාර නැතිව මැරිලා ගියා," යනුවෙන්ද දොස්තර වර්ධරාජා සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත් යුද සමයේදී වෛද්‍යවරුන් පිරිස ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොර බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව නිරන්තරයෙන් කියා සිටියේ.
ත්‍රිකුණාමළයේ නාවික හමුදා කඳවුරේ ගෝඨා නමින් වූ රහසිගත කඳවුරක දෙමළ වැසියන් 700ක් සහ දෙමළ පවුල් 35 ක් වෙන වෙනම රඳවා සිටි බවට පැවසෙන තොරතරු ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බී.බී.සී.යට පැවසුවේය. ඉතා විශ්වාසදායක පුද්ගලයින්ගෙන් ලැබුණු තොරතුරක් මත පෙබරවාරි19 දා පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ගැනීමේ අරමුණින් යැයි දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පරීක්ෂණ මන්ත්‍රීවරයා තොරතුරු ඉදිරිපත් කල පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන් කළ සම්පූර්ණ විස්තර මොනවාදැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් සතුව ඇති සියලු තොරතුරු ජන මාධ්‍යයට හෙලි කල නොහැකි බවයි. කෙසේ වෙතත් රහසිගතව රඳවා ගෙන සිටි පිරිසට නාවික හමුදා ට්‍රක් රථ මගින් ආහාර පාන සැපයූ අන්දම තොරතුරු සැපයූ පුද්ගලයන් විසින් විස්තර කල බව කී මන්ත්‍රීවරයා එම පුද්ගලයන් නිදහස් කළේද එසේත් නොමැතිනම් ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න ගැන වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවද කියා සිටියේය. රහසි ගත කඳවුරේ රඳවා සිටි පුද්ගලයන් වෙන වෙනම රඳවා සිටි අතර ඔවුන්ට එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට කඳවුර බාර නිලධාරීන් ඉඩ නොතැබූ බවද තමන්ට තොරතුරු සැපයූ පිරිස කියා සිටි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. විශාල සැකයක් මේ අන්දමට පවත්වා ගෙන ගිය තවත් කඳවුරු ඇති බවට දෙමළ වැසියන් තුළ විශාල සැකයක් පවතින බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පැවසූ පරිදි යුද සමයේ දී අතුරුදහන් වූ බවට සැක කෙරෙන 140000 ගේ කථාව සත්‍ය යැයි පිළිගැනීමට මෙවැනි රහසිගත රැඳවුම් කඳවුරු සාධකයක් වන බවද කියා සිටියේය. යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම වසර දෙකක් තිස්සේ රැස් වන නමුත් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව එකම සැකකරුවකු හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ සොයා ගැනීමට හෝ නිලධාරීන්ට නොහැකිවී ඇති බැවින් එම කොමිසම පිළිබඳවද කිසිදු විශ්වාසයක් නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අභ්‍යන්තර කටයුතු හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.
යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මගින් තමන්ට සාධාරණය ඉටු වනු ඇතැයි වින්දිතයන්ගේ කිසිදු විශ්වාසයක් නැති බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය අවධාරණය කරයි.
වින්දිතයන්ගේ ඥාතීන් ඇතුළු 7000 කට අධික පිරිසක් කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූහ එබැවින් සිය නිර්දේශ ක්‍රියාවට නගන මෙන් ආණ්ඩුවට බලකිරීම සිවිල් සමාජයේ වගකීම බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය. ආචාර්ය සරවනමුත්තු ඒ බව කියා සිටියේ එම චෝදනා පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි. "උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අපිට කියනවා, අධිකරණය ගැන විශ්වාසය තියන්න පුලුවන්ද කියල. පක්ෂපාතීද, විශ්වාසවන්තද, ඒ වගේ සැක ගොඩක් තියෙනව," ඔහු පැවසීය. "වගවීම සොයාගන්න යාන්ත්‍රණයක් පිහිටුවන්න යනවා නම්, දේශීය මට්ටමෙන් පමණක් පිහිටුවනවා නම් විශ්වාසයක් නෑ. වගවීම සොයන්න යනවා නම් විශ්වාසයක් තියෙන්න ඕනනේ. ස්වාධීනත්වයක් තියෙන්නේ ඕනනේ." අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ඉල්ලමින් උතුරේ වැසියෝ උද්ඝෝෂණද දියත් කළහ කාර්ය සාධක බලකාය මිශ්‍ර අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කළේ එබැවින් බවයි, ආචාර්ය සරවනමුත්තු සංදේශයට කියා සිටියේ. "අපි උතුරේ මිනිස්සුන්ට කථා කළා. දකුණේ මිනිස්සුන්ට කථා කළා. ඒගොල්ලන්ගේ තොරතුරු උඩ තමයි අපි ඒ නිර්දේශ ඉදිරිපත් කළේ." "යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ," යනුවෙන්ද කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා කියා සිටියේ ඇතැම් අපරාධවලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතු බව ජාත්‍යන්තර තලයේ පවා පිළිගැනීම බවයි. කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසමින් "වරදක් කරලා තියෙනව නම්, සාක්ෂි තියෙනව නම්, ඒ සුදුසු පියවර ගන්න ඕනේ." විදේශීය විනිසුරන් අවශ්‍ය නැතැයි ආණ්ඩුව දරන මතයට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද අනුමැතිය පළ කළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න කරන ප්‍රකාශයද ගැටළු සහගත බව ආචාර්ය සරවනමුත්තු පවසයි. "මම නම් දන්නේ නෑ කොහෙද මේක කියල තියෙන්නේ කියලා." කිසියම් කමිටුවක සාමාජිකයන් ලෙසින් පත්වූ පමණින් ඔවුන් 'බුද්ධිමතුන්' ලෙස පිළිගත නොහැකි බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. එහෙත් ඇමතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව තමන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බව ආචාර්ය සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය.
දේශගුණ විපර්යාස පිළිබඳ ‘වෝර්සෝ’සමුළුව ඊට සහභාගී වෙමින් සිටින නියෝජිතයන්ගේ වාද විවාද හමුවේ කලහකාරී මුහුණුවරක් ගනිමින් තවත් දවසකින් කල් ගිය බවයි වාර්තා වන්නේ.
වෝර්සෝ සමුළුව පැවැත්වෙද්දී පරිසරය සුරකින මෙන් නැඟෙන හඬ සමුළුව පැවැත්වෙන්නේ,පෝලන්තයේ වෝර්සෝ අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ. එවැනි තත්වයක් උදා වුනේ,සිකුරාදා රාත්‍රිය පුරා පැවැත්වුන සාකච්ඡා වලදී ගිවිසුමක් ඇති කර ගැනීමට සමුළුව අසමත් වීම හේතුවෙන්. එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද මෙම දේශ ගුණ සමුළුව,අපේක්ෂා කෙරුණ මට්ටමේ ගිවිසුමකට එළඹීමෙන් තොරව සිර වූ තත්වයකට පත් වී තිබෙන්නේ,කාබන් විෂ වායු පරිසරයට මුදා හරිනු ලැබීමේදී, එම විෂ වායු නිකුත් කිරීම වැඩි අනුපාතයකින් කප්පාදු කිරීම් සිදු කළ යුත්තේ පොහොසත් රටවල් විසින් ද නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ද යන කාරණය මුල් කර ගෙන උද්ගත වූ මතභේද හේතුවෙන්. එම කාරණය මතු කරනු ලැබ තිබෙන්නේ චීනය සහ ඉන්දියාව විසින්. තවත් ප්‍රයත්නයක් සෙනසුරාදා සවස් කාලය වන විට ගිවිසුමක් ඇති කර ගනු ලැබීම සඳහා තවත් උත්සාහයක් දැරීම සමුළු නියෝජිතයන්ගේ බලාපොරොත්තුව වී තිබුණි. එහෙත් ඉදිරිපත් ව ඇති නව යෝජනා නිශ්චිත ඉලක්ක මත සකස් වූවකට වඩා කිසිදු පැහැදිලි භාවයක් නොමැති උපදෙස් මාලාවක තත්වයේ පවතින බවයි, වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. පෝලන්තයෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසුනේ, සාකච්ඡා පෙරට යමින් පවතින අතර,ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයක් සඳහා සමුළු නියෝජිතයන් අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගෙන තුන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දන්වා ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ කමිටුව පවසයි.
ජනතාවගේ අදහස් විමසීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව තමාට ප්‍රශ්නයක් පවතින බවයි අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සංදේශයට කියා සිටියේ. කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක ‘අපිට දැනුම් දීල තියෙන්නේ තුන් මාසෙකින් වාර්තාවක් දෙන්න කියල. ජනතාවගේ අදහස් දැන ගන්න කාලය ඇති වෙයිද කියල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් විසි හතර දෙනෙක් දාල තියෙන්නේ ඒක වෙන්න ඕන. දැන් අපිට පුළුවන් පොඩි කමිටු වලට බෙදිලා එක පළාත්වලට යන්න. භූගෝලීය වශයෙන් ගත්තහම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ල අදහස් විසදන්න.’ කමිටුවේ සභාපතිවරයා පැවසීය. සමාජ ස්ථර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලිඛිතව අදහස් දැක්වීමට ද ජනතාවට අවස්ථාවක් ලබා දෙන බවයි ඔහු පවසන්නේ. ඒ සඳහා ඉදිරියේ දී පුවත්පත් දැන්වීමක් මාර්ගයෙන් ජනතාවට ලිපිනයක් ලබා දෙන බවත් ඔහු පවසයි. ඊට අමතරව සමාජයේ එක් ස්ථරයන් සහ වෘත්තිකයන් වෙන වෙනම හමු වීමටද සැලසුම් කරන බව නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේය. ‘වෘත්තිකයන් හමුවෙන්න කොටසක් දාන්න පුළුවන්. ඊළඟට වෘත්තීය සමිති, ඊළඟට ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතීඥයෝ, ඒ වගේ අය හම්බ වෙන්න වෙන වෙනම කණ්ඩායම් දාගන්නත් පුළුවන්.’ ඔහු පැවසීය. විසි හතර දෙනා කෙසේ නමුත් කමිටුවේ විසි හතර දෙනා එක් වී තවම එකම සාකච්ඡාවක් වත් පවත්වා නැති බව නීතිඥ ලාල් විජේනායක සභාපතිවරයා පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක් පක්ෂයක අදහස් මත කෙටුම් පත් වුවහොත් ‘ඊට ආයුෂ අඩු විය හැකි’ බව පවසන සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ ඊට සුජාතභාවයක් ලබා දීම සඳහා සමාජයේ සෑම කොටසකගේම අදහස් දැන ගැනීම වැදගත් වන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කරන මෙන් ඉල්ලන උද්ඝෝෂණ රැළි මින් අනතුරුව සිය මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහලේකම්වරයා පවසයි.
"හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?" හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය නම් එයට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සන්ධානයේ නායකයන් හමුවේ ප්‍රකාශකිරීමත් සමඟ එවැනි හැකියාවක් උද්ගත වන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශයට කියා සිටියේ. ඔහු ඒ බව කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙසින් නම් කරන මෙන් ඉල්ලා දියත්වන උද්ඝෝෂණවලට සහභාගිවීම තහනම් කිරීමේ නියෝගය අහෝසි වන්නේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. 'අගමැති අපේක්ෂකයෙක් නෑ' "දැන් එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑනේ? හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?," ඔහු පැවසීය. එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාද එයට සම්බන්ධ කරගෙන එක්සත්ව තරඟ වැදිය යුතු බව සන්ධානයේ 'අති බහුතරයක' විශ්වාසය බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. "ඒ රැස්වීම් මාලාවයි, ඒ සියල්ලම එතකොට උද්ඝෝෂණය කිරීමේ රැස්වීම් නෙවෙයි, මැතිවරණ ව්‍යාපාරයේ රැස්වීම් විදියට ඒ රැස්වීම් ටික පවත්වාගෙන යන්න පුළුවන්." කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්ප්‍රදායයක් වශයෙන් අගමැති අපේක්ෂකයකු නම් නොකරන බවයි, පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මේ තත්වය යටතේ සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයද බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බවත් ඔහු පැවසීය.
සිසිල් බීම සඳහා 'සීනි බද්දක්' අය කරන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයද සහයෝගය පළ කර තිබේ.
සිසිල් බීම වර්ගවල මිල 20% කින් වැඩි කිරීම පරිභෝජනය අඩුවීමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවක් පවසයි සිසිල් බීම වර්ගවල මිල සියයට විස්සකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම පරිභෝජනය අඩුවීමට සහ බීම වර්ගවල 'පෝෂ්‍ය ගුණය' වැඩිවීමට හේතු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ. සිසිල් බීම වර්ගවල සීනි ප්‍රමාණය අඩු කළ යුතු යයි මීට ඉහතදීත් නිර්දේශ කළත්, ඒ සඳහා බදු අය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සවිධානය නිර්දේශ කරන පළමු වතාව මෙයයි. මෙක්සිකෝව සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් සීනි අඩංගු නිෂ්පාදනවලට දැනටමත් බද්දක් පනවා තිබේ. පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම අනිවාර්ය කිරීමට මීට ඉහතදී පියවර ගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රස කැවිලි නිෂ්පාදනවලටත් එය හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ. ස්ථුලභාවය, දියවැඩියාව සහ දන්ත ඛාදනය අවම කිරීම් වස් පලතුරු සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි (free sugar) පරිභෝජනය අවම කිරීම සිය උත්සාහය බවයි එම සංවිධානය පවසන්නේ. "පෝෂ්‍ය ගුණය සලකා බැලුවොත්, ආහාරයේ කිසිම සීනි වර්ගයක් අඩංගු වීම අවශ්‍ය නැහැ," පෝෂණය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රන්සෙස්කෝ බ්‍රන්කා සඳහන් කළේය. සෑම පුද්ගලයකුම සිය ආහාර වේලේ අඩංගු සීනි ප්‍රමාණය 10% දක්වා - හැකිනම් 5% දක්වා - පහල තත්වයක තබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එළවලු සහ පලතුරු නිෂ්පාදකයන්ට ආණ්ඩුව සහනාධාර ලබාදීම මගින් පරිභෝජනය ඉහල දැමිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය දැනුම් දීම සඳහා දක්වන ප්‍රමාදය පිළිබඳව අභියාචනාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි දෝෂාරෝපණ එල්ල කරයි.
කුමරන් පද්මනාදන් කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය දැනුම් දීම සඳහා අධිකරණය මිට පෙර දෙවතාවක්ම නීතිපතිවරයාට කල් ලබා දී තිබුණි. එහෙත් අදාළ පෙත්සම අද (19) කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ මිට අදාලව කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. විරෝධය ඊට දැඩි විරෝධය පළ කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලලගොඩ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියම කළේය. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි සොලිසිටර් ජනරාලවරයා කියා සිටියේ කුමරන් පද්මනාදන් පිළිබඳව සිදු කර ඇති පරීක්ෂණ පිළිබඳව තමන්ට දැනුම් දී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා දැනුම් දීම සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙසයි. 'බරපතළ සැකයක්' සොලිසිටර් ජනරාලවරයා ගේ මෙම ප්‍රකාශයත් සමගම පසුගිය කාලයේ කුමරන් පද්මනාදන් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් කර නොමැති බව අනාවරණය වන්නේ යැයි පෙත්සම ගොනු කළ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ‘මේ පිළිබඳව බරපතළ සැකයක් මතු වනවා. කේපී පිළිබඳව කර ඇති පරීක්ෂණ පිළිබඳව කරුණු දැක්වීම සඳහා මිට පෙර අවස්ථා දෙකක් ම ලබා දුන්නා. එසේ තිබියදී තවත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලීම් තුලින් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවටයි සාධාරණ සැකයක් මතු වෙන්නේ.’ ඔහු චෝදනා කරයි. ඒ අනුව පෙත්සම ලබන 26 වන දා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මිට අදාලව කරුණු දක්වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාලවරයට නියම කළේය. කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් බරපතළ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බව ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පසුගිය රජය මගින් ප්‍රකාශ කර තිබුණි. ඒ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් පනවන මෙන් ඉල්ලා විජිත හේරත් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ඉහළ අහසේ දහවල් දොළහත් දෙකත් අතර කාලයේදී ගුවන් යානා ගොඩබස්සන ආකාරයේ සුන්දර දසුනක් දක්නට ලැබේ.
ඒ කොළඹ අවට ජීවත් වන පැස්තුඩුවන් [Pelican] සියයකට අධික සංඛ්‍යාවක් දිනපතා දෙහිවල සත්වෝද්‍යානයේ ''ගල් වළ'' ලෙසින් හඳුන්වන ස්ථානයට පැමිණීම නිසාය. බේරේ වැව, දියවන්නාව, අත්තිඩිය, මහරගම ආදී ප්‍රදේශවල සිට මෙන්ම ජාඇළ වැනි ප්‍රදේශවල සිට ද පැස්තුඩුවන් ආහාර ගැනීමට මෙහි පැමිණෙන බව ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් බීබීසී සිංහල සේවයට පැවසුවේය. දෙහිවලට පැමිණෙන පැස්තුඩුවන් සඳහා දිනපතා පස්වරු දෙකත්, දෙකයි තිහත් අතර කාලයේදී තිලාපියා මසුන් කිලෝ හතළිහක් සැපයීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ආහාර ලබාදෙන තුරු පැස්තුඩුවෝ ''ගල්වලේ'' පිහිනමින් හා ඒ අවට ඇති විශාල ගස් මත වසා සිටිති. සත්වෝද්‍යානයට අයත් ආහාර ගබඩාවේ සිට ''ගල්වල'' ලෙසින් හැඳින්වෙන ස්ථානයට තිලාපියා මසුන් ප්‍රවාහනය කරනු ලබන්නේ අත් ට්‍රැක්ටර්යක් මගිනි. එම අත් ට්‍රැක්ටරය පණගන්වන හඬ ඇසෙත්ම පැස්තුඩුවන් ක්ෂණිකව කලබලයට පත් වී එදෙසට පියඹා එන ආකාරය දුටුවන්ගේ නෙත් වසඟ කරන දසුනකි. ඇතැම් දිනවල පැස්තුඩුවන් අත් ට්‍රැක්ටරය පසු පසින් ගමන් කරන විට හමුදා භට පිරිසක් ආචාර පෙළපාලියක ගමන් කරන ආකාරය සිහිපත් වන බව සත්වෝද්‍යාන සේවකයෝ පැවසූහ. වර්තමානයේ නිතර දක්නට ලැබෙන්නේ තිත්හොට පැස්තුඩුවන් [Spot-billed Pelican] ය. පැස්තුඩුවන් විශේෂ නවයක් ලෝකයේ ජීවත් වන අතර ඉන් විශේෂ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. අනෙක් විශේෂ දෙක සංක්‍රමණිකයන් ය. තිත්හොට පැස්තුඩුවන් දස දෙනෙකු 70 දශකයේ මැද භාගයේදී කුමන කුරුලු පාරාදීසයෙන් අල්ලාගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබේ. දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් පැවසුවේ එවකට අධ්‍යක්ෂ ජනරාල් පදවිය දැරූ ලීන් ද අල්විස් ගේ අදහසකට අනුව තිත්හොට පැස්තුඩුවන් දෙහිවලට රැගෙන ආ බවය. ඔවුන් සත්වෝද්‍යානයේ''ගල්වල'' අසළ ජිවත් වී තිබෙන අතර කාලයත් සමග තිත්හොට පැස්තුඩුවන්ගේ ගහනය වැඩි වී ඇත. එබැවින් එම පක්ෂීන්ට වසා සිටීමට ප්‍රමාණවත් තරම් විශාල ගස් නොතිබීම හා ආහාර හිඟය යන කරුණු නිසා මෙම පැස්තුඩුවන් බේරේ වැව, දියවන්නාව සහ රත්මලාන ආදී ප්‍රදේශ දක්වා පැතිර ගිය බව පක්ෂි විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. මෙම පක්ෂීන්ට ආහාර ලබා දීමට හා ඉතා සමීපයට ගොස් ඡායාරූප ලබා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදාවන බැවින් පැස්තුඩුවන් හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානයට විශාල ආකර්ශනයක් හිමි වන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට පැවසුවා ය. ''සත්තු වත්තේ කූඩුවල දාලා ප්‍රදර්ශනය කරන සත්තු වගේම නිදහසේ ඉන්න සත්තුත් ඉන්නවා. එහෙම නිදහසේ ඉන්න සත්තුන්ගේ විශාලම ගහනය දක්නට ලැබෙන්නේ පැස්තුඩුවන් ගේ.'' ඇය වැඩිදුරටත් පැවසුවේ සත්වෝද්‍යානයේ සිටින සතුන්ට පරිබාහිරව සිටින සතුන් සංරක්ෂණයට ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවට මෙය හොඳ නිදසුනක් බවය. ආහාර පුරවා ගන්නා 'මල්ල' දිග හොටක් සහ ඊට සම්බන්ධ පැසක් සහිත වීම නිසා පැස්තුඩුවන් හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. දේහය අඳුරු සුදු පැහැතිය. රංචු වශයෙන් වතුරේ පිහිනමින් ආහාර සොයන ආකාරය ඉතා සිත් ගන්නා සුළුය. ඔවුහු ගොදුරු අල්ලා ගැනීමට හොටෙන් දිය තුළට අනිති. ඇතැම් අවස්ථා වලදී රංචු පිටින් එක්ව මසුන් වට කර අල්ලා ගනිති. ආහාර ලැබුණු විට පැස තුළට එකතු කර ගෙන ගිල දමති. ජල තලය මත පැස්තුඩුවන් වසන ආකාරය ද ඉතා සිත්ගන්නා සුළුය. ජලයට පහත් වී ටික දුරක් ගමන් කර පාද තිරිංග ලෙස යොදා ගෙන වේගය අඩාල කරගන්නා පැස්තුඩුවෝ පිහිනන විට ශරීරයෙන් 3/4 ක් දිය මතු පිටින් ඉහළට සිටින සේ ගමන් කරති. දෙහිවල සත්වෝද්‍යානයට පැමිණ ආහාර ලබාගැනීමෙන් අනතුරුව පැස්තුඩුවෝ යළි උන්ගේ නවාතැන් සොයා පිටත්ව යති. ඒ සමඟම පසුදින දහවල් වන තුරු සත්වෝද්‍යානයේ ''ගල්වල'' පාලුවට යයි. කියවන්න:
සිරිලක දකුණු සහ නැගෙනහිර ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ ගණනාවක දහස් සංඛ්‍යාත ජීවිත සුනාමි රකුසාට ගොදුරු වී මෙමසට වසර එකොළහක්.
සුනාමියෙන් අපි මෙහෙ හිටියත් අපේ ජීවිතත් විනාශ වුනා මහත්තයා. අපෙත් පවුල් පිටින් සුනාමියට ගියා. අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා 2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ඛේදවාචකයට මුහුණ දුන්නේ මුහුදුබඩ විසූවන් පමණක්ම නොවේ. ගාල්ලේදී සුනාමියට හසුව අතුරුදහන් වූ තම ස්වාමියා එන තෙක් මඟ බලා සිටින මරිවෙර් මරිය කන්නු කියා පාන්නේ රුදුරු දළ රළ මුහුදු සීමාවෙන් අඩි හාරදහසකින් දිවි ගෙවන්නන්ටත් දැනී ඇති වග නොවේද? මරිවෙර් මරිය කන්නු දිවි ගෙවන්නේ හැටන් ග්ලැන්කන් වතු ප්‍රදේශයේ වතු නිවසක් තුළයි. පනස් අට වියැති ඇය තිදරු මවක්. ඇයට තම ස්වාමියා, පොරෙවියා පිල්ලේ හමු වන්නේ හැටන් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේදීයි. එවකට කොළඹ තේ කඩයක රැකියාව කළ පොරෙවියා පිල්ලේ විවාහ වීමෙන් පසු නැවත කොළඹ නොගොස් තේ වතුවල රැකියාවට යන්නට විය . ඇයට තම ස්වාමියා, පොරෙවියා පිල්ලේ හමු වන්නේ හැටන් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේදීයි මේ අතර මරිවෙර් මරිය කන්නු ගෘහ සේවය සඳහා විදෙස් ගත වන්නේ දරුවන් ලැබී පවුලේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන්. එසේ විදෙස් ගතව සිටින අතරතුර තම සැමියා සුනාමියට හසුව අතුරුදහන් වී ඇති බව දැන ගත් වහාම ඇය ලංකාවට පැමිණ තම ස්වාමියා සොයන්නට විය. දශකයකට අධික කාලයක් ගත වී ඇති නමුත් පොරෙවියා පිල්ලේ පිළිබඳ අදටත් තොරතුරක් නොමැත. ‘මම රට ගියාට පස්සේ එයා ඒ හිතේ අමාරුවටත් එක්ක ගාල්ලේ රස්සාවකට ගිහින්. මම තාම මග බලා ගෙන ඉන්නේ මගේ මහත්තයා එනකන්. දරුවන්ගේ අධ්‍යාපනයත් මග නතර උනා. එයාලා කොළඹ බංගලාවක රස්සාවකට ගියා. මගේ දරුවොත් ගොඩක් දුක් විඳිනවා. මේ ලයිම් කාමරේ හිර වෙලා මට තනියම ජීවත් වෙන්න වුනා. එයා හිටියනම් එහෙම වෙන්නේ නෑ.’ සුනාමියෙන් අතුරුදහන් වූ තම ස්වාමියා වෙනුවෙන් මඟ බලා සිටින මරිවෙර් මරිය කන්නු දිවි ගෙවන්නේ හැටන් ග්ලැන්කන් වතු ප්‍රදේශයේ වතු නිවසක් තුළයි 'ඒ වගේම මුලතිවු වලදී මගේ අයියා සුසෙයි පිච්චමුත්තුත් එයාගේ බිරිඳත් දරුවෝ හතර දෙනාත් සුනාමියට අහු වුනා. මගේ අයියයි ලොකු දුවයි එකෙන් තුවාල වෙලා බේරුනා. දරුවො තුන් දෙනෙකුයි බිරිඳයි සුනාමියට ගහ ගෙන ගියා. එයා තමයි මගේ එකම අයියා එයාට තාම හරිය ඇවිදගන්නවත් බෑ .ලොකු දුව ජීවිතය බේර ගෙනතිබුණේ මී හරකෙකුගේ ඇඟේ එල්ලිලා’ ‘අයියා මුලතිවුවල මාළු රස්සාව තමයි කළේ. මම රට හිටපු නිසා නත්තලට කලින් අපේ දරුවන් බලන්න මෙහාට ඇවිත් නත්තලට පල්ලි යන්න ඕන කියලා 24 වෙනිදා මුලතිවු ගිහින් තියෙනවා. සුනාමියෙන් අපි මෙහෙ හිටියත් අපේ ජීවිතත් විනාශ වුනා මහත්තයා. අපෙත් පවුල් පිටින් සුනාමියට ගියා. අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා’ මරිවෙර් මරිය කන්නු පිච්චමිත්තු දෑස් පිස දමමින් පැවසුවාය.
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වශයෙන් නොව බහු ආගමික රාජ්‍යයක් ලෙස නම් කිරීම වඩාත් යෝග්‍ය බව සමාජයීය සහ සාමයික කේන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා පවසති.
'අපේ ලංකාවේ ආගමක් නැතිකම නොවෙයි, ආගම් හතරක් නියෝජනය වෙනවා.' උන්වහන්සේ ඒ බව කියා සිටියේ නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරැකිය යුතු බවට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. "අපේ ලංකාවේ ආගමක් නැතිකම නොවෙයි. ආගම් හතරක් නියෝජනය වෙනවා. මුස්ලිම් ආගමිකයන්ට මෑත කාලයේ සිදු වූ දේවල් අපි දන්නවා. ඒ නිසා සෑම ආගමක්ම අදහන පුද්ගලයන් ආරක්ෂා විය යුතුයි," ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා සඳහන් කළහ. ඉන්දියාව සහ ප්‍රංශය බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක් ඇති රටක් තුළ එක් ආගමකට පමණක් ප්‍රමුඛත්වයක් ලබා දීම වර්තමාන සමාජයට කෙතරම් උචිත දැයි යන්න උන්වහන්සේ ප්‍රශ්න කරති. (සාකච්ඡාවට සවන්දෙන්න) "උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ව්‍යවස්ථාව තුළ කියලා නැහැ හින්දු ආගම ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕනි කියලා. ප්‍රංශයේ කියලා නැහැනේ කතෝලික ආගම පෝෂණය කරන්න ඕන කියලා. ඉතාලියෙවත් එහෙම කියලා නැහැ." කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය කතෝලික සභාවේ මතය යැයි තමා විශ්වාස නොකරන බවත් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා සඳහන් කළහ. "ලංකාවේ මුළු කතෝලික සභාව වෙනුවෙන්ම කතා කළ හැකි තනතුරක් උන්වහන්සේට ලබා දීල තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ," සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා වැඩිදුරටත් පැවසූහ. ශ්‍රී ලංකා රාජ්‍යය බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය නව ව්‍යවස්ථාවටත් ඇතුලත් විය යුතු යයි කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පසුගියදා කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළකරමින් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා ඇතුළු කතෝලික ප්‍රජා නායකයන් 99 දෙනකුගේ අත්සනින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකාවේ මහා බැංකු අධිපති වරයා කෙරේ කිසිදු විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
ආර්ථිකය බිඳ වැටුන ග්‍රීසියට ඩොලර් කෝටි ගණනක ණය ලබාදීමට යුරෝපා නායකයන්ට සිදුවිය ඊට හේතුව ලෙස එම පක්ෂය දක්වා සිටින්නේ ආර්ථිකය බිඳ වැටෙන ග්‍රීසියේ බැඳුම්කර වල රජය මුදල් ආයෝජනය කොට පාඩු ලැබීමයි. කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත්දා පිළිගෙන තිබුනැයි වාර්තා වූ පරිදි ග්‍රීක ආයෝජනයෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි එකසිය පණහක්. කෙසේ වෙතත් ජුලි හත් වැනිදා නිකුත් කළ නිවේදනයකින් මහා බැංකුව ප්‍රකාශ කොට තිබුනේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය සමස්ත යුරෝපීය ආයෝජනයෙන් අංශු මාත්‍රයක් වන හෙයින් වෙනත් ආයෝජන වල ලාභයෙන් පාඩුව පියවා ගැනුණු බවයි. මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහා බැංකුව ශ්‍රී ලංකාවට බරපතල මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා චෝදනා කළේය. 'ණය මුදල් ආයෝජනය කරලා' "මහා බැංකුවට නම් මේක සිම්පල් වැඩක්. අපි ලබාගත්ත ණය මුදල් ආයෝජනය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මෙහෙම ආයෝජනය කරන්න විදේශ වත්කම් ලැබෙන්නේ විදේශ ණයවලින් අරගෙන මෙහෙ ආයෝජනය කරල ," ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම කෝටි හයදහස් හාරසීයකින් අඩුවී ඇති නිසා අය වැය හිඟය පියවා ගැනීමේ බරපතල ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණපා ඇතැයිද එක්සත් ජාතික පක්ෂය පවසයි. එකසත් ජාතික පක්ෂ මහා ලේකම් වරයා කියා සිටියේ මේ ආයෝජනයෙන් මහබැංකු අධිපති වරයා රටේ ආර්ථිකය අනතුරේ හෙලා ඇති බවයි. "සක්විතිගේ මූල්‍ය ආයතනයේ මුදල් දැම්ම වගේ තමයි මහා බැංකුව කරලා තියෙන්නේ," තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. මහා බැංකු අධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බවද ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි. ග්‍රීක ආයෝජනයේ පාඩුව තිබියදීත් ඉකුත් වසරේ විදේශීය තැන්පතු වලින් උපයා ගත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 43 ක් බවයි මහා බැංකුව පවසන්නේ.
වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ වංචනික ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි.
අධ්‍යාපන පහසුකම් ඉහළ මට්ටමක පවතින දිස්ත්‍රික්කවලට අයත් සිසු සිසුවියන් දුෂ්කර පළාතක් ලෙස සැලකෙන නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වංචනික ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවට නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි දිස්ත්‍රික්කවලට අයත් උසස් පෙළ සිසුන් වංචනික ආකාරයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවයට වාර්තා විය. නුවරඑලිය දිස්ත්‍රික්කය තුළත් එවැනිම විභාග වංචාවක් සිදු වන බව පවසන නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ගාමිණී සේනානායක එවැනි සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. ඒ හේතුවෙන් සිය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වී ඇති බව පෙන්වා දෙන නීතිඥ ගාමිණී සේනානායක මෙම විභාග වංචාව වසර ගණනාවක සිට සිදු වෙමින් පවතින බවයි පවසන්නේ. 'වෛද්‍ය සිහිනය' වෙනත් දිස්ත්‍රික්කවලට අයත් සිසු සිසුවියන් වංචනික ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම හේතුවෙන් තමාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වූ බව උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් වන නිමාදී සවීන්තනි සඳහන් කළාය. අදාළ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අසාධාරණයට ලක් වූ සිසු සිසුවියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව හයසිය ඉක්මවිය හැකි බවයි. නීති විරෝධී ලෙස විභාගයට ඉදිරිපත් වූ එවැනි සිසු සිසුවියන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එබැවින් එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී 2008 වසරේ සිටම අයථා කටයුතු සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් අවශ්‍ය බවත් ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇති අතර, හිටපු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බවත් කොමිසමේ නිගමනය වී ඇත. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් "මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා," ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය. බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. හිටපු මුදල් ඇමති රවි කරුණානායක බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව මීට ඉහතදී තමන්ට ලබා දුන් වාර්තා 17ක් මේ වනවිටත් ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර, අඟහරුවාදා තමන්ට ලබා දුන් වාර්තා 17ත් ඉක්මනින්ම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයන් චෝදනා ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා එබැවින් එය කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දුන්නේය. බැඳුම්කර වංචාවේ දී චෝදනා ලබන්නන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා පවතින නීතියේ යම් සංශෝධන සිදුකළ යුතුව ඇතිබව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් ප්‍රකාශ කළේය. බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය. කොමිසමේ වාර්තාව ජනපති අතට භාරදුන් අවස්ථාව "මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා," ජනාධිපතිවරයා කියා සිටියේය. වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස බැඳුම්කර නිකුතුව සම්බන්ධ කොමිසමේ වාර්තාව දැනටමත් නීතිපතිවරයා වෙත භාර දී තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය. වැඩිදුර තොරතුරු;
හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
සිය යටි ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඉහත කී අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කොට ඇත්තේ විභාග වංචා වැළැක්වීමේ අරමුණිනි. සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඡායාරූපවල දැක් වේ. අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බැවින් වෙන් වෙන්ව ඔවුන් පරීක්ෂා නොකොට කාලය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි ඉන්දීය හමුදාව කියා සිටියේ. හමුදාව අයදුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ඉහත කී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් එක් විභාග අපේක්ෂකයකු 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට සිය නොසතුට පළ කොට ඇත. පැය කීපයක් පුරා පැවති ලිඛිත පරීක්ෂණය සඳහා විභාග අපේක්ෂකයන් 1,159 දෙනකු ඉදිරිපත් වී සිටි බව බලධාරීහු පවසති. විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය බිහාර් ප්‍රාන්තය ඇතුළු උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ බොහොමයකින් විභාග වංචා හා සම්බන්ධ පුවත් නිතර වාර්තා වේ. විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය. විභාග වංචාවලට තිත තැබීමේ අරමුණින් සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන බව බලධාරීන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදී.
මාස කීපයක සම්බන්ධතාවකින් පසු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ජාතික නික් ජෝනස් සමග විවාහ ගිවිසගැනීම පිළිබඳ පළවූ තොරතුරු තහවුරු කර තිබේ.
බොලිවුඩ් සුපිරි තරුව අතගත් ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ 25 හැවිරිදි නික් ජෝනස් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු වන නික් ජෝනස් 'ජෝනස් බ්‍රදර්ස්' නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ද වී සිටියේය. ඔහු සහ 36 හැවිරිදි සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අතර විවාහ ගිවිසගැනීම පසුගිය සෙනසුරාදා (අගෝස්තු 18) පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්විණි. මෙම දෙපළ උත්සවය තුළ සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම්වලින් සැරසී සිටිනු දක්නට ලැබුණි. මෙම විවාහ ගිවිසගැනීම ගැන මින් සති තුනකට පෙර සිට කටකතා පැතිරී ගොස් තිබුණත් මේ වනතෙක් එය තහවුරු කර තිබුණේ නැත. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය ගැන මෙතෙක් නිවේදනය කර නොමැත. විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූපය අතරින් එක සමාන ඡායාරූප දෙකක් ඔවුන් දෙදෙනාම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කර තිබේ. නික් ජෝනස් එම ඡායාරූපය පහළින් සටහනක් තබා ඇත්තේ ප්‍රියංකා චොප්රා "ජෝනස්ගේ අනාගත බිරිඳ" ලෙස පවසමිනි. ඉන්දියානු චාරිත්‍ර අනුව පැවති විවාහ ගිවිසගැනීම 'රොකා' උත්සවය ලෙස හැඳින්විය. මෙහිදී යුවළට එකිනෙකා අතර ත්‍යාග හුවමාරු කර ගත හැකි අතර, ඔවුන්ගේ පවුල් දෙක එකතුවීම පිළිබඳ ප්‍රසිද්ධ කරනු ලැබේ. මෙම විවාහ ගිවිසගැනීම සමරමින් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones)' නිළි සොෆී ටර්නර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සුභ පැතුම් පළ කර තිබුණි. "මම සෑහෙන සතුටට පත් වෙලා ඉන්නේ ඔයාව අපේ පවුලට සාදරයෙන් පිළිගන්න ප්‍රියංකා චොප්රා. මම ඔබ දෙදෙනාටම ආදරෙයි" ලෙස නික් ජෝනස්ගේ සහෝදරයා වන 'ජෝ' සමග විවාහ ගිවිසගෙන සිටින සොෆී ටර්නර් පැවසීය. "මගේ සහෝදරයා ගැන මීට වඩා සතුටක් මට නැහැ. අපේ පවුලට ඔබ සාදරයෙන් පිළිගන්නවා ප්‍රියංකා චොප්රා. අපි ඔබට ආදරෙයි" යැයි ජෝ සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි. කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් පසුගිය කාලය තුළ කලා ලොව සුලබව දක්නට ලැබුණි. ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් අතර විවාහ ගිවිසගැනීම ද එම රැල්ලට සිදු වූවක් බව සමහරුන්ගේ මතයයි. සති කීපයක ඇසුරකින් පසු, මෙම වසර මුලදී ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක් වන අරියානා ග්‍රන්ඩේ (Ariana Grande) ප්‍රහසන නළුවෙකු වන පීට් ඩේවිඩ්සන් විවාහ කරගැනීමට තීරණය කළාය. පසුගිය මාසයේ තවත් ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයෙකු වන ජස්ටින් බීබර් ඔහුගේ පැරණි පෙම්වතියක් වූ මෝස්‌තර නිරූපණ ශිල්පිනී හෙයිලි බෝල්ඩ්වින් සමග නැවත එක් වී විවාහ ගිවිසගන්නා ලදී. ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනා ගත් පසු, ඉන්දියානු චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී ඇත. ඇය බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර රැඳී සිටී. ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනාගත් අවස්ථාව 2016 වසරේ ටයිම් සඟරාව පළ කළ ලොව වැඩිම බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 100 අතරට ප්‍රියංකා චොප්රා ඇතුළත් කර තිබුණි. එමෙන්ම, පසුගිය වසරේ ෆෝබ්ස් සඟරාව පළ කළ ලොව බලවත්ම කාන්තාවන් 100 අතර ද ඇයගේ නම සටහන් වී තිබේ. 'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ වෙන්ටිලේටර් (Ventilator), බේවොච් (Baywatch), 'අ කිඩ් ලයික් ජේක් (A Kid like Jake) යන සිනමාපටවල රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය. ඇය මේගන් මාකල් සහ හැරී කුමරුගේ විවාහ උත්සවයේ ආරාධිතයෙකු ද විය. 'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ සිනමාපට කීපයක රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය. නික් ජෝනස් ඔහුගේ සහෝදරයින් වන ජෝ සහ කෙවින් සමඟ පිහිටවූ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේය. නමුත් ඔහු ප්‍රසිද්ධියට පත් වුයේ ඩිස්නි චිත්‍රපටියක් වන 'කෑම්ප් රොක් (Camp Rock)' හරහාය. නික් ජෝනස් ඉන්පසු ඔහු තනිව ගායකයෙකු ලෙස ගීත කීපයක් එළි දැක්වූ අතර, ඇමරිකානු 'X Factor' ගායන තරගයේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය. 25 හැවිරිදි නික් ජෝනස් ප්‍රියංකා චෝප්රාට විවාහ යෝජනාව කළේ පසුගිය ජුනි මස ලන්ඩන් නුවරදීය. මේ තොරතුරුද දැනගන්න:
ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියක් අතරවාරයේ තරග පාවාදුන් බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයේදී කිසිවකු වැරදිකරුවන් බව තීරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදීමට නොපැකිළෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. එක් තරගයකදී දිනක් ඇතුලත ලකුණු 600 ක් රැස්කිරීම සහ තවත් තරගයකදී කණ්ඩායමක සියලු ක්‍රීඩකයන් ලකුණු 32 කට දැවීයාම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කළ සභාපතිවරයා, එම පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සතිය ඇතුලත ලබාදෙන මෙන් තමන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය. "පැහැදිලිවම අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ඒ අයට දැඩි දඬුවම් දෙනවා. හැබැයි ඒ ගැන කියන්න තාම කලින් වැඩියි," ඔහු පැවසීය. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව අවධාරණය කළ සභාපතිවරයා, තේරීම් කමිටුවේ කටයුතුවලට 'ඇඟිලි ගසන' බවට එල්ලවන චෝදනා ද ප්‍රතික්ෂේප කළේය. "තේරීම් කමිටුවට අපි සම්පූර්ණ නිදහස දීල තියෙනවා හැබැයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා අපේ ගමන් මාර්ග," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) එවැනි චෝදනාවක් එල්ලවූයේ තමන්ට නොවන බව බීබීසී සංදේශයට කියා සිටි නියෝජ්‍ය කතානායකවරයා, කණ්ඩායම පරදින අවස්ථාවල "ක්‍රිකට්වලට ආදරය කරන" ඇතැම් පුද්ගලයන් විසඳුම් යෝජනා කිරීම "සාමාන්‍ය දෙයක්" බවත් සඳහන් කළේය. පසුගියදා ඩුබායිහි පැවති අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ විධායක කමිටු රැස්වීමේදී අයිසීසීයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කළ බවත් ඔහු සනාථ කළේය. එම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොලැබුන බැවින් ඡන්ද විමසීම කල් දමන මෙන් තමන් කළ ඉල්ලීම මෙන්ම මූල්‍ය ව්‍යහයේ සංශෝධන සලකා බැලීම පිණිස කාලය ලබාදෙන මෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමත් අයිසීසී සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළ බව තිලංග සුමතිපාල පැවසීය. කෙසේ නමුත් BIG3 නමින් හැඳින්වෙන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට වැඩි ආදයමක් ලැබෙන ක්‍රමවේදය වෙනස්කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම එකඟ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. "ශ්‍රී ලංකාවට අතිශය වාසිදායකයි. ඒ වාසිදායක වුනාට ඒක ව්‍යවස්ථාවට දාන්න බෑනේ. අනික ඉන්දියාව තරහ කරගෙන වැඩිපුර ලාභගන්න හදනවට වඩා හොඳයි ඉන්දියාව යාළුකරගෙන ප්‍රතිලාභ ගන්න එක."
කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට රජයේ අවසරය ලැබේ.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද, බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවක් විසින් කළ විමර්ශනයකින් අනතුරුව මේ තීරණය ගෙන ඇති බවයි ඇමතිවරයා පැවසුවේ. මොරටුව විශ්ව විද්‍යාලය මගින් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තාවක් ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. නව රජයක් යටතේ මෙම ව්‍යාපෘතිය අත්හිටවීමට පියවර ගන්නා බවට, වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී අවධාරණය කෙරිණ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවේ දී සිය වත්කම් සහ බැර කම් පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ එහෙත් එම නීතිමය ප්‍රතිපාදනය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවයි එම සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ. ‘මේක අනිවාර්ය අවශ්‍යතාවක්. ජනාධිපතිවරණ පනත සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත යටතේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී තමන් සතු වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කල යුතුයි. එහෙත් එම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි අප සංවිධානය බලා සිටිනවා’ නීතිවේදි අජිත් පතිරණ කියා සිටියේය. අපේක්ෂකයින් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදෙන අවස්ථාවක කුමන ක්‍රියාමාර්ගයක් ගත හැකි දැයි සංදේශය ප්‍රශ්න කළේය. නඩු ‘මේක නීත්‍යනුකූල අවශ්‍යතාවක්. එය පැහැර හරින්න බැහැ. එසේ යම් අපේක්ෂකයෙකු පැහැර හරින අවස්ථාවක ඔහුගේ නාම යෝජනාව අවලංගු කරන මෙන් ඉල්ලා ඕනෑම පුරවැසියකුට නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා.’ නීතිවේදි අජිත් පතිරණ පැවසීය. මේ අතර ජනාධිපතිවරයාට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති කඩ කිරීම් සිදු වන අවස්ථාවක ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස් හෝ පොලිස්පති නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරීමට සිය සංගමය තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය. එවැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා සිය සංගමය මගින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ පවසයි.
සිය සෞඛ්‍යය අනතුරේ හෙලමින් සිතාමතාම කෙට්ටුවන මෝස්‌තර නිරූපිකාවන් සේවයේ යෙදවීම තහනම් කිරීමේ නීතියක් සෙනසුරාදා (මැයි 06) සිට ප්‍රංශයේ ක්‍රියාත්මකවේ.
ඒ අනුව මෙවක් පටන් ශරීර ස්කන්ධ දර්ශකය (body mass index) පිළිබඳව විශේෂ අවධානය පළකරමින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාදීමට නිරූපිකාවන්ට සිදුවේ. මොස්තර නිරූපන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිතාමතාම කෙට්ටුවීම මගින් තරුණියන් සිය ශරීර සෞඛ්‍ය අනතුරේ හෙලීම වැළැක්වීම සහ රූපලාවන්‍යය පිළිබඳව වැරදි චිත්‍රය මතුවීම වැළැක්වීම මේ පියවරේ අරමුණ බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කිසියම් ලෙසකින් සිය ඩිජිටල් තාක්ෂණය මාර්ගයෙන් සිය ඡායාරූප වෙනස කරන්නේ නම් අයදුම්පත් ඉදිරිපත් කරන විට ඒ බව පැහැදිලිව සඳහන් කිරීමද නව නීතියට ඇතුලත්වේ. නිරූපිකාවන්ට අවම ශරීර ස්කන්ධ දර්ශකයක් නියම කිරීමට මීට ඉහතදී ප්‍රංශ බලධාරීන් උත්සාහ දැරූ නමුත්, මෝස්‌තර නිරූපන ක්ෂේත්‍රයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් එම වගන්තිය සංශෝධනය කෙරිණ. ශරීර ස්කන්ධ දර්ශකය (body mass index) පිළිබඳව විශේෂ අවධානය පළකරමින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාදීමට නිරූපිකාවන්ට සිදුවේ එහෙත් කිසියම් නිරූපිකාවකගේ බර, වයස සහ ශරීරයේ ස්වභාවය සලකා බලා ඇය ඕනෑවට වඩා කෙට්ටු දැයි තීරණය කිරීමට නව නීතිය අනුව වෛද්‍යවරුන්ට බලය පැවරේ. නව නීතිය උල්ලංඝණය කරන සේවායෝජකයන් යුරෝ 75,000 ක් දක්වා වූ දඩයකට සහ මාස හයක් දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකිය. බර අඩු සහ ඉතා කෙට්ටු නිරූපිකාවන් සම්බන්ධ මෙවැනි නීතියක් පැනවූ පළමු රට ප්‍රංශය නොවේ; ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඊශ්‍රායලයේද මේ හා සමාන නීති දැනටමත් ක්‍රියාත්මක වේ. ප්‍රංශයේ 30,000 ත් 40,000 ත් අතර පිරිසක් ආහාර අරුචියෙන් (Anorexia) පීඩා විඳින අතර එයින් 90% ක්ම කාන්තාවෝ වෙති.
බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා එල්ල කරයි.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මංගල සමරවීර ප්‍රවෘති සාකච්ජාවකදී පැවසුවේ බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති රහස් ගිණුමකින් මුදල් ලැබෙන බවයි. රට තුළ ඇතිවී තිබෙන සාමය නැති කරන්නට, ජාත්‍යන්තර සබඳතා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂයද පිළිගන්නා බව ඔහු කියා සිටියේය. කුමන්ත්‍රණයක් නමුත් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කුමන බලවේගයක්ද යන්න සොයා බැලිය යුතු බවයි ඔහු පවසන්නේ. ආරක්‍ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමකින් බොදු බල සේනා සංවිධානයට මුදල් ලැබෙන බවට තමන් මීට කලින්ද චෝදනා එල්ල කළ බව පැවසූ ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කළ බව සඳහන් කළේය. ඇමති කෙහෙළිය රඹුක්වැල්ල තමන්ට එසේ ලැබෙන ශක්තිය නිසා බොදු බල සේනා සංවිධානය , සිහල රාවය වැනි කණ්ඩායම් පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂාව ඇතිව මුස්ලිම් පල්ලිවලට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට මෙන්ම මුස්ලිම් ජනතාවට පසුගිය වසර දෙක පුරා වරින් වර පහර දෙමින් නීතියේ රැහැනට හසු නොවී සිටින බවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේ. ඉහත කී චෝදනාවන්ට පිළිතුරු සපයමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරනවලදී මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් යම් ගණන් හැදීම් කරන බවයි. ජාතීන් විරසක කිරීමක් මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන පදනම් විරහිත බවයි ඇමතිවරයා සංදේශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ. එවැනි ප්‍රකාශන මගින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ජාතීන් විරසක කරන බවත් ඔහු පවසයි. ආරක්ෂක අමාත්‍යාංශය බොදු බල සේනා ඇතුළු සංවිධානවලට ආධාර කරන බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන සම්බන්ධයෙන් සංදේශය විමසීමක් කළ අවස්ථාවේ යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේත් එවැනි චෝදනා වලට පදනමක් නොමැති බවයි. තවදුරටත් අදහස් දක්වන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමේ වැඩ පිළිවෙලක් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.
සෝවියට් සංගමයේ ජනරජයන් ලෙස පැවති කොකේසියානු කලාපයට අයත් ආර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් අතර යළි ගැටුම් ඇවිල ගියේය.
1990 මුල් භාගයේ පැවති ගැටුම්වලින් මිලියනයක් දක්වා පිරිසක් අවතැන් විය දශක ගණනාවක් ඈතට දිවෙන මේ ගැටුමේ හදවත නගෝර්නෝ-කරබාක් (Nagorno-Karabakh) කලාපයයි. එම භූමිය අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගෙන තිබුණ ද එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියන් ජනතාව විසිනි. එකී කලාපය මුල් කරගනිමින් දෙරට 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ දී රුදුරු සටනක යෙදී සිටියහ. ඔවුන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවත් කිසිදා නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශවය අපොහොසත් විය. නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වුවත් එහි බහුතරය ආර්මේනියන් ජන කොට්ඨාසයට අයත් වෙති. 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීම හමුවේ, නගොර්නෝ-කරබාක් කලාපය ආර්මේනියාවේ කොටසක් බවට පත් වීම සඳහා ඡන්දය ලබා දුනි. ඒ හේතුවෙන් හටගත් යුද්ධය, 1994 වසරේ ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් අනතුරුව නතර විය. එතැන් පටන් නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වශයෙන් පැවතියත් එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියාවේ සහාය හිමි, බෙදුම්වාදී ආර්මේනියන් ජන කොට්ඨාසය විසිනි. ලෝක බලවතුන්ගේ මැදිහත්වීමෙන් දශක ගණනාවක් සාකච්ඡා පැවතියත් දෙරට අතර කිසිදාක නිශ්චිත සාම ගිවිසුමක් අත්සන් තබා නැත. ආර්මේනියාවේ බහුතරය ක්‍රිස්තු ලබ්ධිකයන් වන අතර ඛනිජ තෙල් සම්පතින් පොහොසත් අසර්බයිජානයේ බහුතරය මුස්ලිම්වරු වෙති. තුර්කිය, අසර්බයිජානය සමග සමීප සබඳතා පවත්වන අතරේ රුසියාව, ආර්මේනියාවේ මිත්‍ර පාර්ශවයක් වෙයි. එසේ වුව ද රුසියාවට අසර්බයිජානය සමග ඇත්තේ ද හොඳ සබඳතාවකි. කොකේසියානු කලාපය අග්නිදිග ආසියාවට අයත් උපායමාර්ගික වශයෙන් වැදගත් කඳුකර කලාපයකි. සියවස් ගණනාවක් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන දෙපාර්ශ්වයටම අයත් වෙනස් පාලනයන් එහි බලය සඳහා තරඟ කර තිබේ. නූතන ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම 1920 ගණන්වල සෝවියට් සංගමය පිහිටුවීමේදී එහි කොටස්කරුවන් බවට පත් විය. නගොර්නෝ-කරබාක්, බහුතර ආර්මේනියානු ජනයා විසූ කලාපයක් වුවත් සෝවියට් දේශය විසින් එහි බලය ලබා දෙනු ලැබුවේ අසර්බයිජාන් බලධාරීන් වෙතය. පසුව ගෙවුණු දශක ගණනාව ඇතුලත සිය කලාපයේ බලය ආර්මේනියන් බලධාරීන් අතට හුවමාරු කරන ලෙස නගොර්නෝ-කරබාක් හි වෙසෙන ආර්මේනියන් ජනයා අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියහ. නමුත් 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග නගොර්නෝ-කරබාක් කලාපයේ පාර්ලිමේන්තුව එය ආර්මේනියාවේ කොටසක් බවට පත්වීම සඳහා නිල වශයෙන් ඡන්දය ලබා දුනි. අසර්බයිජානය බෙදුම්වාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහයක යෙදෙන අතරේ ඊට ආර්මේනියාවේ සහය හිමි විය. ඉන් අනතුරුව ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම මොස්කව් පාලනයෙන් ස්වාධීන වීමත් සමග මහා පරිමාණ යුද්ධයක් ආරම්භ විය. දස දහස් ගණනක් ඉන් මරණයට පත් වූ අතර මිලියනයක් දක්වා පිරිසකට උන්හිටිතැන් අහිමි විය. දෙපාර්ශවය විසින්ම වාර්ගික ශුද්ධයක් සහ සමූහ ඝාතන සිදු කරනු ලැබ ඇතැයි වාර්තා විය. රුසියාවේ මැදිහත්වීමෙන් 1994 වසරේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ආර්මේනියානු හමුදා නගෝර්නෝ-කරබාක් කලාපයේ බලය තහවුරු කර ගත්හ. එම ගිවිසුමෙන් පසු නගෝර්නෝ-කරබාක් තවදුරටත් අසර්බයිජානය යටතේම පැවතිය ද එතැන් පටන් එය වැඩි වශයෙන්ම පාලනය වෙමින් තිබුණේ ආර්මේනියානු ජනයා විසින් ගෙන යනු ලබන, ආර්මේනියනු ආණ්ඩුවේ සහාය ලබන බෙදුම්වාදී, ස්වයං ප්‍රකාශිත ජනරජයක් විසිනි. සටන් විරාමයෙන් පසු ආර්මේනියානු සහ අසර්බයිජාන් හමුදා වෙන් කර නගෝර්නෝ-කරබාක් දේශ සීමාවක් ද ස්ථාපනය කරනු ලැබිණි. එතැන් පටන් යුරෝපයේ ආරක්ෂක සහ සහයෝගිතාව පිළිබඳ සංවිධානයේ (OSCE) මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර සාම සාකච්ඡා පවත්වා ඇත. OSCE යනු ප්‍රංශය, රුසියාව සහ එක්සත් ජනපදය මුලසුන දරන 1992 වසරේ පිහිටුවා ගන්නා ලද සංවිධානයකි. නමුත් මේ දක්වා දෙපාර්ශ්වය නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තබා නොමැත. ගතව ගිය දශක තුන පුරා එහි ගැටුම් පැවත තිබේ. අවසන්වරට එහි දරුණු ගැටුමක් ඇවිල ගියේ 2016 වසරේදීය. එහිදී දෙපාර්ශ්වයේම හමුදා භටයින් ගණනාවක් මරණයට පත් විය. යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි? මේ ගැටුම භූ දේශපාලනය නිසා තවත් සංකීර්ණ වී ඇත. 1991 වසරේදී අසර්බයිජානයේ නිදහස පිළිගත් පළමු නේටෝ රාජ්‍යය තුර්කියයි. අසර්බයිජානයේ හිටපු ජනපති හෙයිදර් අලියෙෆ් විසින් වරක් දෙරට හඳුන්වනු ලැබුවේ "රාජ්‍යයන් දෙකකින් සමන්විත එක් ජාතියක්" වශයෙනි. දෙරටම තුර්කි සංස්කෘතිය සහ ප්‍රජාවන් බෙදා ගනිති. තුර්කි ජනාධිපති රෙජෙප් තයියෙප් එර්දොවාන් අසර්බයිජානයට සිය ජාතියේ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ. තවදුරටත් තුර්කියට ආර්මේනියාව සමග නිල සබඳතා නොමැත. 1993 වසරේදී, නගෝර්නෝ-කරබාක් මුල් කරගත් යුද්ධය අතරතුර තුර්කිය අසර්බයිජානයට සහාය දීම සඳහා ආර්මේනියාව සමග ඇති දේශසීමාව වසා දැමුවේය. දෙපාර්ශවය අතර ගැටුම තවමත් දෙරටේම විරෝධතා පැවැත්වීමට සහ කෝපයට හේතු වී තිබේ මේ අතර ආර්මේනියාවට රුසියාව සමග ඇත්තේ හොඳ සබඳතාවකි. ආර්මේනියාව තුළ රුසියානු හමුදා කඳවුරක් පිහිටා ඇති අතර දෙරටම සාමූහික ආරක්ෂක ගිවිසුමකට අයත් හමුදා සන්ධානයක (CSTO) සාමාජිකයෝ වෙති. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් විසින් අසර්බයිජානය සමග ද යහපත් සබඳතාවක් පවත්වාගෙන යනු ලබයි. මේ මොහොතේ පවතින ගැටුම් නවතා දමා සටන් විරාමයකට පැමිණෙන ලෙස ද මොස්කව් පාලනය ඉල්ලීමක් කර ඇත. 2018 වසරේදී දීර්ඝ කාලයක් බලයේ සිටි සයිර්ෂ් සාගිස්යාන්ගේ පාලනය අතුගා දමා ආර්මේනියාවේ සාමකාමී විප්ලවයක් සිදු විය. වීරෝධතාවන්ට නායකත්වය දුන් නිකෝල් පාෂිනියාන් එම වසරේ පැවති නිදහස් මැතිවරණයෙන් පසු එරට අගමැති ධුරයට තේරී පත් විය. 1994 වසරේදී සටන් විරාමයක් අත්සන් තැබුවද නිශ්චිත සාම ගිවිසුමක් ක්‍රියාත්මක වී නොමැත ගැටුම් පහත හෙලීමට අගමැති පාෂිනියාන්, අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලිඑෆ් සමග එකඟතාවකට පැමිණි අතර දෙරට හමුදා අතර පළමුවරට සෘජු දුරකතන සබඳතාවක් ස්ථාපනය කෙරිණි. "ජනයා සාමයට සූදානම් කරනු වස් ස්ථීරසාර පියවර ගැනීමේ" අවශ්‍යතාව සඳහන් කරමින් දෙපාර්ශවය 2019 වසරේදී නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වුවත් එම වචනවලින් කිසිවක් සිදුවී නොමැත. අලුතෙන් ඇවිල ගොස් තිබෙන ගැටුම ආරම්භ කරනු ලැබුවේ කුමන පාර්ශවයක් දැයි යන්න අපැහැදිලිමුත් දෙපාර්ශවය අතර මාස ගණනක සිට උණුසුම්කාරී වාතාවරණයක් පැවතිනි. ජුලි මස සිට ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පිරිස් මරණයට පත්ව ඇත. මේ ගැනත් කියවන්න:
පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පෙයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත.
ඉයන් පයිස්ලිට ( Ian Paisley) 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. 'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පෙයිස්ලි පැවසීය. ඉයන් පෙයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි. ඔහු උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) සාමාජිකයෙකි. අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව පැවසීය. ඉයන් පෙයිස්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පෙයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ: •2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි. •අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත. •2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම. මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පෙයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය. මේ තොරතුරුද දැනගන්න:
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබුවාය.
චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ඉන්දීය නිළියක වන ඇය, චිත්‍රපටයේ අඩංගු සිංහල හා දෙමළ දෙබස් ඇයගේ හඬින්ම පටිගත කළ බවයි ඉන්දියාවේ සිට සංදේශය සමඟ කතා කළ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ සිව්වැනි වතාව මෙයයි. මෙම ජයග්‍රහණය තුලින් ලැබිය හැකි ප්‍රචාරය හමුවේ ශ්‍රී ලාංකික චිත්‍රපට සඳහා භාරත සිනමා ක්ෂේත්‍රය තුල යම් පිළිගැනීමක් ඇතිවිය හැකි බවයි, අධ්‍යක්ෂවරයා පවසන්නේ. "ඉන්දීය නිලියක් හා ඉන්දීය සම්මානයක් මඟින් මෙම චිත්‍රපටයට ඉන්දියාවේ සිනමාහල්වල ප්‍රදර්ශණ අවස්ථාවක් හෝ, අඩු ගණනේ ඉන්දියාව තුල DVD තැටි නිකුත් කිරීමේ අවස්ථාවක් ලැබුණහොත් එය ශ්‍රී ලංකාවේ සිනමාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවයි, මම හිතන්නේ," අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ තවදුරටත් පැවසීය. මීට පෙරාතුව මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රඟපෑ අනෝජා වීරසිංහ සහ ආකාශ කුසුම්හි ප්‍රධාන චරිතය රඟපෑ මාලනී ෆොන්සේකාත් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ රජත මයුර සම්මානයෙන් පුද ලැබූහ. සබැඳි තේමා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින්, ජෝසෆ් ආර් බයිඩන් ජූනියර් (ජෝ බයිඩන්) එරට 46 වෙනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස දී ඔහු දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව ජනාධිපතිවරයා, සියලු අභියෝග මැද ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ බව කියා සිටියේය. "අද ඇමෙරිකාවේ දිනය. අද ප්‍රජාතන්ත්‍රවාදයේ දිනය," ඔහු පැවසීය. ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේ, අදහස්, දේශපාලනය සහ මතවාද අතර කෙතරම් විෂමතා පැවතිය ද ඇමෙරිකානුවන් වශයෙන් තමන්ට එකමුතුව කටයුතු කළ හැකි බවය. "මම හැම ඇමෙරිකානු වැසියෙකුගේම ජනපති වෙනවා, හැම ඇමෙරිකානු වැසියෙකුගෙම," ඔහු ප්‍රතිඥා දුන්නේය. කෝවිඩ්19 වසංගතයෙන් මියගිය ලක්ෂ හතරකට අධික එක්සත් ජනපද වැසියන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවක් පළ කළ නව ජනපතිවරයා ජාතික සමගියේ වැදගත්කම දිගින් දිගටම අවධාරණය කළේය. "අනාගතයට මාර්ගය එකමුතු කමයි." කමලා හැරිස් ජනාධිපතිවරයා දිවුරුම් දීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා දේවී හැරිස් දිවුරුම් දුන්නාය. ඉන්දීය සහ කැරිබියානු සම්භවයකින් යුත් ඇය, එක්සත් ජනපදයේ උප ජනපති පදවියට පත්වූ පළමු සුළු ජාතිකයායි. කමලා හැරිස් උප ජනාධිපති පදවියට පත්වීම ගැන අදහස් දැක්වූ ජනාධිපති ජෝ බයිඩන්, බොහෝ දේ වෙනස් කළ හැකි බවට එය කදිම සාක්ෂියක් බව සඳහන් කළේය. රට පුරා රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිවුරුම් දීම් උත්සවය සජීව ලෙසින් විකාශය කෙරිණ. ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ කමිටුව ද සිය ට්විටර් ජාලය ඔස්සේ එය විකාශය කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගි වී නව ජනාධිපතිවරයාට සුබ පැතීය. බරක් ඔබාමා, ජෝජ් ඩබ් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන හිටපු ජනාධිපතිවරු ද, ඔවුන්ගේ ආර්යාවන් ද උත්සවයට එක්ව සිටියහ. වයෝවෘද්ධ 96 හැවිරිදි හිටපු ජනාධිපති ජිමී කාටර් තමන්ට දුරකතනයෙන් අමතා සුබ පැතූ බව නව ජනාධිපති ජෝ බයිඩන් පැවසීය. නව ජනාධිපතිවරයා පදවියේ දිවුරුම් දීමට ප්‍රථම ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළ අතර, ජෙනිෆර් ලෝපෙස් උත්සව සභාව පිනවූවාය. තවත් බොහෝ කලාකරුවෝ ද ආරාධිතයන් අතර සිටියහ. කියවන්න: දැඩි ආරක්ෂාව ඇමෙරිකානු ජනාධිපතිවරයකු දිව්රුම්දීමේ උත්සවය වෙනුවෙන් මනාව සැලසුම්කරන ලද ආරක්‍ෂක වැඩ පිළිවෙලක් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක කෙරෙන නමුත්, ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වන මැර කල්ලියක් ජනවාරි මස හයවෙනිදා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පිහිටි 'කැපිටල්' මන්දිරයට කඩා වැදී එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙන් මෙවර ඊට වඩා වැඩි ආරක්ෂක රැකවරණ සැලසුම් කරනු ලැබ තිබිණ. ඒ අනුව වොෂිංටන් නගරයේ විශාල කොටසක් වසාදමනු ලැබ තිබිණ. පහළොස් දහසක පමණ ජාතික ආරක්‍ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය (Secret Service) ආරක්‍ෂක සැලසුම භාරව කටයුතු කළ අතර, ඊට අතිරේකව, දහස් ගණනක් පොලිස් බලකායක් ද නිරත කොට සිටිති. නව ජනාධිපතිවරයකු දිව්රුම්දෙන උත්සවයකට ලක්ෂ ගණනින් මහජනයා වොෂිංටනයට ගලාඑම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් කොරෝනා වසංගතය සහ 'කැපිටල් ' මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරය හේතුවෙන් මහජනතාව අගනුවරට ඒම දැඩිව සීමාකර තිබිණ. තවත් ලිපි:
නව වෙනි පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (අගෝස්තු 20) රැස්වූ අවස්ථාවේදී කථානායක වශයෙන් මහින්ද යාපා අබේවර්ධන ඒකමතිකව පත්කර ගැනිණි.
රැස්වීම උදෑසන 9:30 ට ආරම්භ වූයේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් ජනාධිපතිවරයා නිකුත් කළ පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ ගැසට් පත්‍රය කියවීමෙන් අනතුරුවය. එයින් අනතුරුව පිළිවෙලින් ආණ්ඩු පක්ෂයේ දිනේශ් ගුණවර්ධන හා විපක්ෂයේ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් කථානායකවරයා ඒකමතිකව පත්විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායක වශයෙන් මහින්ද යාපා අබේවර්ධන දිවුරුම් දීමෙන් අනතුරුව පැමිණ සිටි මන්ත්‍රීවරු ද දිව්රුම් දුන්හ. නව වෙනි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් ගේ සුභපැතුම් පළකිරීමෙන් අනතුරුව සභාව ඇමතූ නව කථානායකවරයා පැවසුවේ ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය විසින් තමන් කෙරෙහි තබන ලද විශ්වාසයට ප්‍රණාමය පුදකරන බවය. "නැවුම් දේශපාලන පරිවර්තනයක් හා විපර්යාස කේන්ද්‍රයක් කර ගනිමින් මේ දිනවල ජන සමාජයේ දැඩි අවධානය යොමුවී ඇති කෝවිඩ්-19 රෝගි තත්ත්වය මර්දනය කරමින් දැනට නිර්මාණය වෙමින් පවතින රටේ සංවර්ධන ක්‍රියාවලිය වැනි හිතකර ප්‍රවණතාවයන් හමුවේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හෙබවිමට ලැබීම ඉමහත් භාග්‍යක් ලෙස නිහතමානිව මම පිලිගනිමි. ජනතාව අපේක්ෂාකරන නව සුචරිත දැක්ම තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් ඵලදායී ලෙස ඉටුකිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකත්වයේ කාර්ය භාරය ප්‍රවර්ධනය කිරිමටත් පාර්ලිමේන්තු සේවයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමටත් මම අපේක්ෂා කරමි," යැයි ද ඔහු කියා සිටියේය. මෙයින් අනතරුව නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය ද, නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් ද පත්කර ගැනුණේ නිතරගයෙනි. මීට අමතරව විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිගන්නා බව නව කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේය. දැනට බන්ධනාගාර ගතව සිටින පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ද පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා සහභාගී විය. පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා සවස තුන දක්වා කල් තැබුණේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා යළි රැස්වන තෙක්ය. කවුද මේ මහින්ද යාපා අබේවර්ධන? 1945 වසරේ ඔක්තෝබර් මස 10 වෙනි දින මාතර මාකඳුර ප්‍රදේශයේ දී උපත ලද අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන වසර 30 කට වඩා අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙකි. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහින්ද යාපා අබේවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ චන්දිගාර් කළමනාකරණ ආයතනයේ කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීමට ද ඔහු සමත්ව තිබේ. 1983 වසරේදී හක්මණ ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ජය ලබා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු වසර 23 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. 2020 මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මහින්ද යාපා අබේවර්ධන මනාප ජන්ද 80,895 ක් ලබා ගැනීමට සමත් විය. 1993/94 කාල සීමාව තුළ දකුණු පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු 1994/2001 කාල සීමාව තුළ එම පළාත් සභාවේම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ. සෞඛ්‍ය, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන්, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු , පාර්ලිමේන්තු කටයුතු සහ කෘෂිකර්ම වැනි අමාත්‍යධුර රැසක් ද ඔහු හොබවා ඇත. 1987 වසරේදී ඔහු කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. අභිනව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය වැන්ඳල කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ වැන්ඳල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබේ. පසුව පහ වසර ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවෙනියා ලෙස සමත් වූ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා ඇති ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනියා බවට පත්වෙමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. රුවන්වැල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස 1998 ජුලි 30 දින පත්වීම භාරගත් රංජිත් සියඹලාපිටිය 1999 වසරේදී සබරගමුව පළාත් සභාවට තේරී පත් විය. 2000 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ වැදුණු ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගත්තේය. රංජිත් සියඹලාපිටියගේ දේශපාලන ගමන්මග ඉන් අනතුරුව ඔහු මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, මූදල් නියෝජ්‍ය අමාත්‍ය සහ මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍ය යන ධුරයන්හි කටයුතු කර තිබේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයත් ඔහු දරා තිබේ. 2015 මැතිවරණයෙන් අනතුරුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඔහු පරිසර රාජ්‍ය අමාත්‍ය සහ විදුලි හා පුනර්ජනනීය බලශක්ති කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2019 ජනාධිපතිවරණයෙන් පසු පත් වූ ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔහු කටයුතු කළේය. මේ ගැනත් දැනගන්න:
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත ශ්‍රී ලාංකික වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක දී නිපදවයි.
මෙම එන්නත සොයා ගනු ලැබ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි. එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිතා නොකොට මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බවයි වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ බීබීසී සංදේශයට කියා සිටියේ. සිරින්ජරයට බිය එන්නත් කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බවත් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවත් මොනෑෂ් සරසවියේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ පවසන්නීය. ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නත් වර්ධනය කිරීම තුළින් අනාගතයේදී වෛද්‍යවරයෙකු ළඟට නොගොස් තමන්ටම ප්‍රතිශක්තිකරණ ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඇය බලාපොරොත්තු පළ කළාය.
රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වසා දැමීම පිණිස අප්‍රේල් මාසය දක්වා කල් දෙන මෙන් කම්හල් පාලකයන් කළ ඉල්ලීම කම්හල දිගටම පවත්වා ගෙන යාමේ උපක්‍රමයක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
"ජනතා විරෝධය නොතකා කම්හල පවත්වාගෙන යාමේ අටියෙන් කම්හල් බලධාරීන් කූට උපක්‍රමයක" ලබන අප්‍රේල් මාසය දක්වා කම්හලේ වැඩ කටයුතු පවත්වාගෙන යාමටත්, ඉන් අනතුරුව කම්හල වසා දැමීමටත් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සහ කම්හල් බලධාරීහු බ්‍රහස්පතින්දා එකඟත්වයකට පැමිණියහ. එහෙත් එය කම්හල දිගටම පවත්වාගෙන යාමේ උපක්‍රමයක් බව පවසමින් කම්හල ඉදිරිපසට රැස් වූ ප්‍රදේශවාසීන් දහසක් පමණ උද්ඝෝෂණයක නිරත වූ බව නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි ප්‍රදේශවාසියෙක් බීබීසී සංදේශයට පැවසීය. විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවත්, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය මෙන්ම බස්නාහිර පළාත් සභා මැතිවරණයද අවසන් වන බැවින්, ඉන් අනතුරුව ජනතා විරෝධය නොතකා කම්හල පවත්වාගෙන යාමේ අටියෙන් කම්හල් බලධාරීන් 'කූට උපක්‍රමයක' යෙදෙන බව ගම්වාසීන්ගේ මතය බවද ඔහු සඳහන් කළේය. "මේ ඔක්කොම ඉවර වෙන කම් නිෂ්පාදන කටයුතු කරන්න දුන්නට පස්සේ කොහොමත් දිගටම මර්ධනකාරී විදියට කොම්පැණිය පවත්වා ගෙන යයි කියන හැඟීම තමයි මිනිස්සුන්ගේ තියෙන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් අදාළ ගිවිසුමෙන් ඉවත් වන බව සිරිධම්ම හිමියන් කම්හල් බලධාරීන්ට දැනුම් දී තිබේ.
කඩුගන්නාව වට්ටටප්පොළ අලඳුවත්ත ග්‍රාමයේ සිදු වූ නාය යෑමකින් ඥාති පවුල් දෙකකට අයත් මව්වරු දෙදෙනකු හා ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි නිවාසද සමඟ පස් කන්දට යට වී තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා ගෙන් ගොස් ඇති අන්දම සඳුදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ එම ඛේදවාචකයෙන් අනතුරුව පැය අටකට ආසන්න මෙහෙයුමකින් පසු එක් මවකගේ හා දරුවකුගේ මළ සිරුරු අඟහරුවාදා දහවල් සොයාගනු ලැබිණ. පිළිමතලාව ඉලුක්වත්ත මාර්ගයේ කඳු මුදුනක බෑවුම් සහිත ස්ථානයක පිහිටි නිවාස තුනකුයි මෙසේ නාය යෑමට ලක් වී තිබෙන්නේ. ඉන් නිවාස දෙකක් නිවැසියන්ද සමඟ මුළුමනින්ම පස්කන්දට යට වී තිබේ. ඉහළින්ම වූ නිවසේ පදිංචිකරුවන් නාය යෑමට මොහොතකට පෙර නිවසින් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවත් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි. ගංවතුර, ගස් කඩා වැටීම සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රටපුරාම බොහෝ ප්‍රදේශවල ජනජීවිතය අඩාල වී තිබේ අදාළ නිවාස දෙකේ පියවරුන් දෙදෙනාම දිවි ගලවාගෙන තිබේ. ප්‍රදේශයට එල්ල වුනු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන බැවින් නිවාස 55 ක පදිංචි කරුවන් වහා ඉවත්කිරීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර පැවසීය. බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෙම ස්ථානයේ පස් ඉවත්කිරීම් සිදු කෙරෙන බවත් යුද හමුදා නිලධාරීන් 100 ක් අදාළ වැඩකටයුතු සඳහා යොදවා තිබෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන රණවීර පැවසීය. ප්‍රදේශය පුරා අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් තවත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට සිදුවිය හැකි බවත් දිස්ත්‍රික් ආපදා ඒකකය පවසයි.
බීබීසී යේ සම්මානලාභී වාර්ෂික විශේෂාංගය 'සියයක් කාන්තාවෝ, ලොවින් අඩක් ඔබ අමතයි' නව මුහුණුවරකින් මේ වසරේත් ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
කෙසේ නමුත් මේ වසරේ මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ නාසා ආයතනයේ ගගනගාමිනිය පෙගී විට්ස්ටන් (Peggy Whitson), ලයිබීරියාවේ ජනාධිපතිනිය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf) සහ එංගලන්තයේ පාපන්දු ක්‍රීඩිකාව ස්ටෙප් හූටන් (Steph Houghto) ඇතුළු කාන්තාවන් 60 දෙනෙකු පමණි. අනෙක් කාන්තාවන් 40 දෙනා 'සියයක් කාන්තාවන්' අතරට එක්වන්නේ ලබන ඔක්තෝබර් මාසය තුළ ලොව පුරා රටවල් හතරක පැවැත්වෙන විශේෂ උත්සවවලදීය. ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරෙන බීබීසී යේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන මේ වසරේ යොමු වන්නේ එම ගැටලුවලට විසඳුම් ලබාදීමට සමත් වූ කාන්තාවන් වෙනුවෙනි. රූපී කවුර් (Rupi Kaur) කිවිඳිනිය, ඇසිඩ් ප්‍රහාරයකින් දිවි බේරාගත් රෙශාම් ඛාන් (Resham Khan) සහ නර්තන ශිල්පිනියක හා රූපවාහිනී තාරුකාවක වන ජින් ෂින් (Jin Xing) ද මේ වසරේ 'සියයක් කාන්තාවන්ට' ඇතුළත් වෙති. අනවරත හිරිහැර කිරීම්, අසමානත්වය, සමාජයේ නිසි තැන හිමි නොවීම කිසි ලෙසකින්වත් කාන්තාව දිරිමත් කරන්නක් හෝ ජව ගැන්වීමක් නොවේ. එබැවින් සමාජයෙන් එල්ලවන අසාධාරණයනට එරෙහිව ක්‍රියා කිරීම පිණිස තමන්ගේම වූ විසඳුම් රැගත් නව නිර්මාණ ඉදිරිපත් කිරීමට කාන්තාව දිරිමත් කිරීම මේ වසරේ 'සියයක් කාන්තාවෝ' විශේෂාංගයේ අරමුණය. තමන්ට හිමි ස්ථානය නොලැබීම, කාන්තාවන්ගේ අකුරු හැකියාව, මහමගදී සිදුවන ලිංගික හිරිහැර සහ ක්‍රීඩාවේ පුරුෂාධිපතිවාදය පස් වෙනි වරටත් දියත් කෙරෙන මේ වසරේ විශේෂාංගයේ අවධානයට ලක්වන ප්‍රධාන අංශ වේ. මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහනට ඇතුළත් ඇතැම් කාන්තාවෝ ලොව පුර රටවල් හතරකදී ඔක්තෝබර් මාසය පුරා කාන්තාවන් මුහුණ දෙන ඉහත කී ගැටළු හතරට විසඳුම් ලබාදීම පිණිස නව නිර්මාණ සොයා ගැනීමේ නිරත වෙති. තවත් සමහරු ලොව පුරා තමන් වෙසෙන ස්ථානවල සිට ඔවුන්ගේ ඒ කාර්යයට දායක වෙති. දැනට තෝරා ගන්නා ලද කාන්තාවන් 60 දෙනාට ඉතිරි 40 දෙනා තෝරා ගනු ලබන්නේ ඒ අතරවාරයේදීය. මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන සාර්ථක වන්නේ නම් ඒ ලොව පුරා වෙසෙන කාන්තාවන්ගේ දායකත්වය හේතුවෙනි. ඔවුන් තමන්ට දකින්නට ලැබුන වැදගත් අදහසක් බෙදා හදා ගැනීම හේතුවෙනි; නො එසේනම් ඔවුන් තමන්ගේම වූ නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. ගුවන් විදුලිය, සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලය ඔස්සේ ද 'සියයක් කාන්තාවෝ' වැඩසටහන ප්‍රචාරය කෙරේ. සැන් ෆ්රන්සිස්කෝ, දිල්ලි, ලන්ඩන් සහ රියෝ ද ජැනෙයිරෝ නගරවල සිට ඔක්තෝබර් මාසයේ සතියකට වතාවක් ඉහත කී අංශ අතර පිළිබඳ වැඩසටහන් දියත්වනු ඇත. "2015 දී, රටවල් 30 ක කාන්තාවන් භාෂා දහයකින් විවාද 150 ක් දියත් කළ," බව පවසන සියයක් කාන්තාවෝ වැඩසටහනේ සංස්කාරිකා ෆියෝනා ක්‍රැක් 2016 දී එමගින් කාන්තාවන් 450 ක් විකීපීඩියාවට එක් කළ බව පෙන්වා දෙයි. "මේ වසරේ අපි එය තවත් අලුත් තලයක් වෙත ලඟා කරන්නෙමු." 'සියයක් කාන්තාවෝ' වැඩසටහන ආරම්භයේදී ඔබ දිරිමත් කිරීමට: කාන්තාවන්ගේ අලුත් සොයා ගැනීම් බව ඔබ මෙතෙක් විශ්වාස නොකළ දෑ නවයක්. සහ ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට ඇතැමුන් දැනටමත් යෝජනා කර තිබෙන විසඳුම්, මේ පිටුවෙන් විමසා බලන්න.
'ඒරියා 51' ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ.
ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු වීම සඳහා ආරාධනා කරමින් ෆේස්බුක් ඔස්සේ නිර්මාණය කළ පිටුවකට මිලියනයකට අධික පිරිසක් සිය සහභාගීවීම තහවුරු කර තිබේ. මෙම පිටුව ප්‍රථමයෙන් ආරම්භ කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන සරදමක් ලෙසය. ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති. "අපිට පුළුවන් ඔවුන්ගේ වෙඩි උණ්ඩවලට වඩා ඉක්මනට ඇතුළට යන්න. ඊට පස්සේ පිටසක්වළ ජීවීන් දැකගමු" යැයි දහස් ගණනක පිරිසක් අදාළ ෆේස්බුක් පිටුවේ සිය අදහස් පළ කර තිබිණි. "ඇමරිකාව සහ එහි සම්පත් රැකගන්න අපි සූදානම්" යැයි ඇමරිකානු ගුවන් හමුදා ප්‍රකාශිකාවක 'ද වොෂිංටන් පෝස්ට්' පුවත්පතට පවසා තිබේ. "හලෝ එක්සත් ජනපද රජය, මේක විහිළුවක් විතරයි. මම මේ සැලසුමට අනුව වැඩ කරන්න හිතන්නේ නැහැ" ලෙස ෆේස්බුක් පරිශීලකයෙකු වන ජැක්සන් බානස් සටහන් කර තිබිණි. "මම හිතුවේ එය විහිළුවක් බවට පත් වෙලා අන්තර්ජාලය තුළ මට ලයික් වැඩි වෙයි කියලා. මිනිස්සු ඇත්තටම ඒරියා 51ට ඇතුළු වීමට උත්සහ කළොත්, ඒ ගැන මට වගකීම ගන්න බැහැ." කෙසේනමුත්, ඇමරිකානු ගුවන් හමුදාවට මෙය තවත් එක් සරදමක් ලෙස නොපෙනේ. ඇමරිකාව පුරා පිහිටා බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී "ඒරියා 51 කියන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු තිබෙන ප්‍රදේශයක්. ඇමරිකානු හමුදා පුහුණු කරන ස්ථානයකට ඇතුළු වීමට උත්සහ කරන්න එපා කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා," යැයි ප්‍රකාශිකාව පැවසුවාය. ඒරියා 51 ගැන පවතින න්‍යාය මොනවා ද? සමහර න්‍යායවාදීන් පවසන්නේ ඇමරිකානු රජය සතුව පිටසක්වළ ජීවීන් ගැන තොරතුරු සහ ඔවුන්ගේ යානා ඇති අතර ඒවා මහජනතාවගෙන් සඟවන බවය. 2013දී නිල වශයෙන් හඳුනාගත් ඒරියා 51 කඳවුරෙහි අල්ලාගත් පිටසක්වළ ජීවීන් සිටින බවටත්, UFO - හඳුනා නොගත් පියාඹන වස්තු ඇති බවට හා ඔවුන්ගේ තාක්ෂණය ද ඇති බව ඔවුන් සිතන නමුත්, ඇමරිකානු රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. 1989 දී බොබ් ලේසර් නම් භෞතික විද්‍යාඥයෙකු තමන් ඒරියා 51හි රැකියාවේ නිරත වූ බව ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක දී පැවසීමත් සමග කඳවුර පිළිබඳ මෙවැනි න්‍යාය නිර්මාණය වීම ආරම්භ විණි. ඔහු ගැන Netflix (නෙට්ෆ්ලික්සි) වාර්තාමය වැඩසටහනක් විකාශනය වූ අතර, මෑතක දී ඔහු තවත් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීම මෙම කතාව නැවතත් කරළියට පැමිණීමට හේතුව විය හැකිය. සිය රැකියාව, හඳුනා නොගත් පියාඹන වස්තු හා සම්බන්ධ වුවක් වූ අතර පිටසක්වළ ජීවීන් පෘථිවියේ ගත කරන ජීවිතය ගැන සඳහන් රජයේ ලිපි ගොනු කියවා ඇති බව බොබ් ලේසර් පවසයි. බොබ් ලේසර් (මැද) නමුත්, මේ කිසිවක් තහවුරු කිරීමට ඔහු සතුව සාක්ෂි හෝ වාර්තා නොමැති අතර, භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ උපාධිය පවා මෙතෙක් තහවුරු කර නොමැත. නමුත් ඔහුගේ ප්‍රකාශ ඒරියා 51 ගැන ඇති විවිධ මත තවත් පැතිරී යෑමට හේතු විය. තෝමස් බුලාඩ්ගේ The Myth and Mystery of UFOs (හඳුනා නොගත් පියාඹන පීරිසි ගැන පවතින මිත්‍යා සහ අභිරහස්) නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ "වියට්නාම සහ වෝටර්ගේට් සිද්ධි නිසා රජය සහ මහජනයා අතර විශ්වාසය පලුදු වෙමින් තිබෙන කාලයක, රාජකාරි මට්ටමේ දෙපිටකාට්ටු වැඩවලට රොස්වෙල් සහ ඒරියා 51 ඉතා ජනප්‍රිය වචන බවට පත් වුණා," යනුවෙනි. නිව් මෙක්සිකෝ හි පිහිටි රොස්වෙල් ප්‍රදේශයට 1947 දී යම්කිසි ආකාශ වස්තුවක් කඩා වැටිණි. එය වායු බැලුනයක් බව හමුදාව පැවසීය. නමුත්, බොහෝ දෙනෙකු පැවසුවේ එය හඳුනා නොගත් පියාඹන වස්තුවක් වන අතර, ඒ ගැන තොරතුරු වසන් කිරීමට හමුදාවෙන් ක්‍රියා කළ බවය. ඒරියා 51 සහ පිටසක්වළ ජීවීන් ගැන නිර්මාණය වූ 'පෝල්' නැමැති සිනමා පටය එය න්‍යෂ්ටික අත්හදාබැලීම් නිරීක්ෂණය සඳහා යෙදවූ බැලුනයක් බව 1990 දී ඇමරිකානු රජය නිවේදනය කළ නමුත්, ඒ ගැන තවමත් දැඩි අවධානයක් යොමු වී තිබේ. එමෙන්ම, ඒරියා 51 ගැන පවතින අභිරහස් මෙන්ම මිත්‍යා මත පදනම් කරගෙන බොහෝ සිනමා නිර්මාණ, The X-Files වැනි මාලා නාට්‍ය සහ වීඩියෝ ක්‍රීඩා වර්ග බොහොමයක් ලෝකය පුරා නිර්මාණය කර තිබේ. තවත් තොරතුරු: ඒරියා 51 යනු කුමක්ද? තිබෙන්නේ කොහේද? ඒරියා 51 නැමැති මෙම හමුදා කඳවුර පිහිටා ඇත්තේ නෙවාඩා හි ලස් වේගස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ වයඹ දෙසිනි. ඇමරිකාවේ නවාඩාහි පිහිටි රහස් ප්‍රදේශයක් වන ඒරියා 51 එඩ්වඩ් ගුවන් හමුදා කඳවුරෙහි (Edwards Air Force Base) කොටසක් වන මෙය ඇමරිකානු රජය හඳුන්වන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසය. ඇමරිකාව පුරා පිහිටා ඇති බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී. ෆේස්බුක් පිටුවේ තිබූ අදහස් අනුව සංවිධානගත වී මෙම ස්ථානයට කඩා වැදීම ඉතා අපහසු කාරණයක් වනු ඇත. මෙම ස්ථානයට සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි අතර, නිරන්තරයෙන් දැඩි මුරකාවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකිය. එමෙන්ම, ඒරියා 51 වෙත ගුවනින් ළඟා වීම ද කළ නොහැකිය. එහි ගුවන් පථයට ඇතුළු වීමට විශේෂ අවසරයක් අවශ්‍ය වන නමුත්, ගුවන් ගමන් පාලකයන් විසින් දෙනු නොලැබේ. තවත් තොරතුරු:
"කාන්තාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීම සමාගමේ ලාභය ඉහළ දැමීමට හේතු වේ" යන්න මෑත දී පුවත්පත්වල සිරස්තල සැරසූ අවස්ථා බොහෝය.
පැහැදිළිවම කිසියම් සමාගමක සමානාත්මතාව සහ විවිධත්වය සහතික කිරීම පිණිස සමාගමේ ලාභය පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍යම ක්‍රමවේදය නොවන්නේ ද? 2010 දී බ්‍රිතාන්‍යය තුළ "සියයට තිහේ සමාජය" (30% Club) පිහිටුවනු ලැබුවේ එහි සාමාජික සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුම තරමින් කාන්තා නියෝජනය 30% ක් වීම සහතික කිරීම පිණිසය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමාගම්වල විධායක අධ්‍යක්ෂවරුන් සහ සභාපතිවරුන්ගෙන් සැදුම් ලත් "සියයට තිහේ සන්ධානය" (Thirty Percent Coalition) පිහිටුවනු ලැබුවේ ද ඒ අරමුණෙන් මය. සමාගම්වල පමණක් නොව සමාජයේ බොහෝ අංශවල කාන්තාවන්ට දැනට වඩා සම අවස්ථා ලැබිය යුතු බවට විවාදයක් තිබිය නොහැකිය. එහෙත් කාන්තාවන් වැඩි පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කිරීම මගින් සමාගමක ලාභය ඉහළ යනු ඇති දැයි බීබීසී ය කළ සංක්ෂිප්ත විමසුමකි මේ. ඒ පිළිබඳව ඉක්මන් නිගමනවලට නොඑලඹිය යුතු බව වියතුන්ගේ අදහසය. පුරුෂයන්ගෙන් පමණක් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල සහිත සමාගම්වලට වඩා එක් කාන්තාවක හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සමාගම්වල ආදායම ඉහළ බව ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) මූල්‍ය ආයතනය සුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක් සඳහන් විය. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 15% ක් වත් කාන්තාවන්ගෙන් සමන්විත සමාගම්වල ආදායම, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් 10% ක් හෝ ඊට වඩා අඩු නියෝජනයක් සහිත සමාගම්වලට වඩා 50% කින් ඉහළ බව ද එම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් සමාගම්වල පාලනාධිකාරියේ කාන්තා නියෝජනය පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස එම සමාගම් විසින්ම පවත්වනු ලබන එවැනි සමීක්ෂණ වාර්තා වෙනත් බොහෝ කරුණු පිළිබඳව අවධානය පළ නොකරන බැවින් ඒවා "බොළඳ" ප්‍රයත්න බව එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ (Northwestern University) මහාචාර්ය ඇලිස් ඊග්ලි (Alice Eagly) ගේ අදහසය. සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය පිළිබඳව විද්වතුන් විසින් පවත්වන ලද එයට වඩා සංකීර්ණ විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ එයට වඩා වෙනස් චිත්‍රයක් බව ද මහාචාර්යවරිය සඳහන් කරයි. ඒ අනුව කිසියම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් නියෝජනය වීම මගින් සමාගමේ ආදායම කෙරෙහි සාධනීය බලපෑමක් එල්ලවනු ලබන්නේ ඉතා සීමිතව බව පවසන මහාචාර්යවරිය, එමගින් නිශේධනීය බලපෑමක් එල්ලවන බව සහ කිසිදු බලපෑමක් නොමැති බව අනෙක් ඇතැම් විශේල්ෂණ මගින් අනාවරණය වී තිබෙන බව ද සඳහන් කරයි. අනෙක් අතට එමගින් සාධනීය බලපෑමක් එල්ලවන බව සනාථ කිරීම ද පහසු කරුණක් නොවේ. විශාල සමාගම් සියලුම ස්ථරවලදී වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෙළඹීමත්, කුඩා සමාගම්වලට එය එතරම් පහසු කරුණක් නොවීමත් එයට ප්‍රධානම හේතුවකි. එමෙන්ම ලිංග භේදය නොසලකා දක්ෂතම පුද්ගලයා සේවයට බඳවා ගැනීමට බොහෝ නිර්මාණශීලී සමාගම උනන්දුවක් දැක්වීම ද කාන්තාවගේ දායකත්වය නීර්ණය කිරීම දුෂ්කර කරන සාධකයකි. උදාහරණයක් ලෙසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම සමාගම්වල කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලූ වාර්තාවකට අනුව, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය එහි ප්‍රවර්ධනයට බලපානු ලබන්නේ එය "නිර්මාණශීලීත්වය" කෙරෙහි යොමු වූ සමාගමක් නම් පමණි. එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ඉහළ තත්වයක පවතින රටවල සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් සිටීම එහි ප්‍රවර්ධනයට හේතුවන බව ද සමීක්ෂණවලින් හෙළි වී තිබේ. (බීබීසී ලෝක සේවය වාර්ෂිකව දියත් කරන 'සියයක් කාන්තාවෝ' වැඩසටහන වෙනුවෙන් 'බීබීසී රියලිටි චෙක්'අංශය (Reality Check)විසින් සකස් කරන ලද ලිපියක් ඇසුරෙනි)
සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙමින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් මස මුලදී ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බවය සිය සහකාරිය වූ 24 හැවිදිරි අරුණා, සිය පවුල්වල සාමාජිකයන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව පවසමින් 40 හැවිදිරි එස් ශ්‍රීජා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ඔවුහු වසර දෙකක කාලයක සිට සම්බන්ධතාවක් පවත්වන අතර, පසුගිය අගෝස්තු මස සිට එකට ජීවත් වීම ආරම්භ කළ බව අධිකරණයට පැවසූහ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් මස මුලදී ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බවය. එම තීන්දුවෙන් පසු අදාළ කරුණ පිළිබඳ අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. කාන්තාවන් දෙදෙනා කොල්ලාම් දිස්ත්‍රික්කය තුළ එකට ජීවත් වීම ආරම්භ කර දිනකට පසු, පොලිසිය පැමිණ තම සහකාරිය අරුණා රැගෙන ගිය බව ශ්‍රීජා සිය පෙත්සමේ සඳහන් කර තිබුණාය. අරුණාගේ මව ඇය අතුරුදහන්ව ඇති බව පවසමින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය එලෙස ක්‍රියා කර ඇතැයි ශ්‍රීජා චෝදනා කරන්නීය. නමුත්, අතුරුදහන් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවෙන් පසුව ද පවුලේ සාමාජිකයන් අරුණාව රැගෙන ගිය බව ශ්‍රීජා ප්‍රකාශ කළාය. "අගෝස්තු 14 වෙනි දින උසාවිය ඇය නිදහස් කළා. නමුත් උසාවියෙන් පිටතට ආපු සැණින් ඇය සහ සහකාරිය මිනිසුන් පිරිසක් විසින් දෙපැත්තට වෙන් කර අල්ලා ගත්තා. ඉන්පසු තරුණ කාන්තාව රැගෙන ගියා," යැයි ශ්‍රීජාගේ නීතීඥවරිය වන ප්‍රීටා කේකේ බීබීසී හින්දි වාර්තාකරු ඉම්රාන් කුරේෂිට පැවසුවාය. "ඔවුන් ඇයව තීරුවනන්තපුරම් මානසික රෝහලකට ඇතුළත් කළා." මේ තොරතුරුද කියවන්න: ඉන්දියාවේ ප්‍රධාන නගර තුළ වර්තමානයේ දී සමරිසි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් ඉඩ ලබා දී තිබෙනු දක්නට හැකිය ශ්‍රීජා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් පසුව, ඇයගේ සහකාරියට සිතාසි නිකුත් කර තිබිණි. සිය සහකාරිය සමග ජීවත් වීමට කැමති බව අරුණා පැවසීමෙන් පසු අධිකරණය මෙම තීන්දුවට එළැඹි බව ප්‍රීටා පැවසුවාය. සමලිංගික සේවනය "ස්වභාවික නොවන වරදක්" ලෙස හඳුන්වා දෙමින් 377 වගන්තියේ සඳහන් වූ යටත්විජිත සමයේ තිබූ නීතිය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් කර තිබූ හෙයින් ශ්‍රීජාගේ පෙත්සම සම්බන්ධයෙන් මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ සැලසුණා යැයි නීතීඥවරිය තවදුරත් ප්‍රකාශ කළාය. "අරුණාට පෙත්සම්කාරිය සමග යන්න ඕනෙ කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව, ඇයට පෙත්සම්කාරිය සමග යන්නට ඉඩ ලබා දුන්නා." අතිශය සාම්ප්‍රදායික රටක් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රධාන නගර තුළ වර්තමානයේ දී සමරිසි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් ඉඩ ලබා දී තිබෙනු දක්නට හැකිය. කෙසේවෙතත්, රට තුළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් බල පැවැත්වුණ ද, තවමත් බොහෝ පිරිසක් සමලිංගික සම්බන්ධතාවලට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර සිටී. තවත් තොරතුරු:
ආජන්ටිනාවේ සිටි එකම හිම වලසා මිය ගිය බව 'මෙන්ඩෝසා' සත්වෝද්‍යානය පවසයි.
පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ නමින් 'ආටුරෝ' ලෙස හැඳින්වූ ඉහත කී හිම වලසා මිය යන විට තිස් වන වියේ පසු විය. ආටුරෝ මීට වසර දෙකකට ඉහතදී ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් සත්වයෙකි. වඩාත් ශීත දේශගුණයක් පවතින කැනඩාවට ආටුරෝ මාරු කර හරින ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් පෙත්සමකට අත්සන් තැබූහ. කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මෙන්ඩෝසා සත්වෝද්‍යානයේ බලධාරීන් කියා සිටියේ සිහිසන් කොට රැගෙන යෑම ආටුරෝගේ වයසට ඔරොත්තු නොදෙනු ඇති බවයි. පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ. ආජන්ටිනාවට රැගෙන එන විට ආටුරෝගේ වයස අවුරුදු අටකි වයෝවෘද්ධ භාවය හේතුවෙන් ඒ වන විටත් ආටුරෝගේ ශරීර සෞඛ්‍ය දුර්වල වී තිබූ බවත් සත්වෝද්‍යාන බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි.
ගාසා හි හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් මිසයිල වර්ග ගණනාවක් භාවිත කරති එහෙත් එම රොකට්වලින් බහුතරයක් 'අයන් ඩෝම්' හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලනු ලැබ ඇත. ඊශ්‍රායලයේ ජනාකීර්ණ පෙදෙස් වෙත ලඟා වීමට පෙර, තමා වෙත පැමිණෙන රොකට් ගුවන මැදදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් 'අයන් ඩෝම්' පද්ධතිය සතු බව ඊශ්‍රායල බලධාරීහු පවසති. 'අයන් ඩෝම්' යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කෙරේ. තමා වෙත පැමිණෙන රොකට් හඳුනා ගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිත කරන අතර ඒවා බිඳ හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි සහිත ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාව ඇත. නගර වෙත ලඟා වෙන රොකට් පමණක් එමගින් බිම හෙලන අතර ඒ හේතුවෙන් වැය වන මුදල අඩු කර ගැනීමට හැකි වීම තුලින් පද්ධතියේ පිරිවැය එලදායිතාව ඉතා ඉහලය. 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පතට අනුව එක් රොකට් බිඳහෙලනයක් සඳහා වැය වන මුදල ඩොලර් 150,000 කි. එය වැඩිදියුණු කර ඇත්තේ කෙසේද? සඳුදා රාත්‍රියේ සිට ගාසා තීරය වෙතින් දහසක ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල වූ බව ඊශ්‍රායලය පවසයි 'අයන් ඩෝම්' හි ඉතිහාසය 2006 වසරේ පැවති ඊශ්‍රායල හිස්බුල්ලා ගැටුම දක්වා දිව යයි. හිස්බුල්ලා යනු දකුණු දිග ලෙබනනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමකි. හිස්බුල්ලා සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් දහස් ගණනක් එල්ල කළ අතර එමගින් විශාල හානියක් මෙන්ම ජීවිත ගණනාවක් අහිමි විය. ඉන් වසරකට පසු ඊශ්‍රායලය ප්‍රකාශ කලේ තම රජය යටතේ ක්‍රියාත්මක 'Rafael Advanced Defense Systems' ආයතනය විසින් අලුතින් මිසයිල ආරක්ෂණ පද්ධතියක් වැඩිදියුණු කරන බවයි. එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදයෙන් අතිරේක ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබිණි. වසර ගණනාවක පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව එම පද්ධතිය සටන් භූමියකදී පළමුව අත්හදා බලන ලද්දේ 2011 වසරේදීය. ඒ ඊශ්‍රායලයේ දකුණු දිග බීර්ෂීබා නගරය වෙත එල්ල වූ මිසයිලයක් එමගින් ව්‍යර්ථ කළ අවස්ථාවේදීය. 'අයන් ඩෝම්' හි දුබල තැන් තිබේද? ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරවලට හසුව මේ දක්වා දරුවන් දෙදෙනෙකු ඇතුළුව 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. මේ අතර පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, ගාසා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ගණන 83 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර ළමුන් 17 දෙනෙකුවත් සිටින බව ඔවුහු පවසති. ජීවිත හානි සිදු කළ හැකි ප්‍රහාර ගණනාවක් ව්‍යර්ථ කරමින් 'අයන් ඩෝම්' ඊශ්‍රායල වැසියන් ආරක්ෂා කර ඇති බවට සැකයක් නැතත් එය මිසයිල වලින් පූර්ණ ආරක්ෂාවක් ලබා දිය හැකි තිරයක් නොවේ. ගාසා වෙතින් එල්ල කෙරෙන රොකට්වලින් 90%ක් පමණ ව්‍යර්ථ කිරීමට හැකියාවක් පැවතීම, අනාගතයේදී වෙනස් සතුරෙකු ඉදිරියේදී වඩාත් අභියෝගයක් විය හැකි බව ඇතැම් විවේචකයෝ පවසති. ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩි වැඩියෙන් මිසයිල විදීමේ හැකියාවක් හිස්බුල්ලා සතු බව, 'ද ජෙරුසලම් පොස්ට්' හි බුද්ධි තොරතුරු පිළිබඳ සංස්කාරක යෝනා ජෙරමි බොබ් පවසයි. ඒ සියල්ලම ව්‍යර්ථ කිරීම 'අයන් ඩෝම්' වෙත අපහසු විය හැකි බව සංස්කාරකවරයා පෙන්වා දෙයි. රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා වෙත ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත මෑත ගැටුම්වලට මැදි වූ ඊශ්‍රායල වාසීහු සිය ජීවිත බේරා දීම ගැන 'අයන් ඩෝම්' වෙත ස්තූතිවන්ත වෙති. එහෙත් ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයෙකු වන ආචාර්ය යොආව් ෆ්‍රොමර් කියා සිටියේ ඊශ්‍රායල බලධාරීන් මිසයිල ආරක්ෂණ ආවරණයමත විශ්වාසය තැබීම නිසා ඊශ්‍රායල පලස්තීන ගැටුම සඳහා දීර්ඝ කාලීන දේශපාලන විසඳුමකට ලඟා වීම එකතැන නතර වී ඇති බවය. "මෙහි ඇති උත්ප්‍රාසය නම්, 'අයන් ඩෝම්' හි කැපී පෙනෙන සාර්ථකත්වයේ අතුරු ඵලයක් වන්නේ එය විදේශ ප‍්‍රතිපත්ති අසාර්ථකත්වයට දායක වන ආකාරයයි. එය ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචලිත වීමට හේතු වෙනවා." යනුවෙන් ඔහු බීබීසියට පැවසීය. "වසර ගණනාවකට පසුවත් අපි අවසානයක් නැති එකම ප්‍රචණ්ඩ චක්‍රයයේ තවමත් සිරවී සිටිනවා,"
කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ''ප්‍රවේශම්කාරී යළි අධීක්ෂණයකින්'' අනතුරුවය.
රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීම නතරකර ඇති නමුත් එය නොතකා එන්නත කෙරෙහි විශ්වාසය තබමින් එය ලබාගනිමින් එහි ප්‍රතිලාභ ලබාගත යුතුව ඇති බව බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනය(MHRA) සහ යුරෝපා ඖෂධ අධිකාරිය(EMA) පවසති. එහෙත් එන්නත ලබාගැනීමෙන් අනතුරුව දවස් හතරකට වැඩි කාලයක් නොකඩවා හිසරදයෙන් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයන් පූර්වාරක්ෂක පියවරක් වශයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් එම ආයතන මහජනතාවට දැනුම්දෙති. එපමණක් නොව, එන්නත ලබාගැනීමෙන් පසු සිරුරේ සමෙහි යම්කිසි තැල්මක් වැනි වෙනසක් පෙනෙන්නේ නම් ඔවුන් ද වෛද්‍ය උපදෙස් ලබාගත යුතුව ඇතැයි එම උපදෙස් මගින් කියැවෙයි. එවැනි උපදෙස් දීමක් සිදුකරනු ලැබ තිබෙන්නේ එන්නත ලබාගැනීමෙන් පසු, ඉතා දුර්ලභව සිදුවන මොළයේ රුධිර කැටිගැසීම් සම්බන්ධයෙන් වාර්තාවීමෙන් පසුවය. එහෙත් එවැනි වාර්තා ලැබී ඇත්තේ අතිශයින් ස්වල්ප සංඛ්‍යාවකි. යුරෝපා රටවල් කීපයක් එන්නත භාවිතය නතරකරන ලද්දේ එවැනි වාර්තා කීපයක් ලැබීමෙන් පසුවය. එක්සත් රාජධානියේ එක්කෝටි දශ ලක්ෂයක් (මිලියන 11) පමණ ජනතාවට එම එන්නත ලබාදී ඇති අතර මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) වාර්තාවී තිබෙන්නේ පහක් පමණි. වයස අවරුදු 19-59 අතර පස්දෙනකු එවැනි තත්ත්වයකට පත්ව තිබුණි. එය මරණීය තත්ත්වයකට බලපා තිබුණේ එක් අයෙකුට පමණි. එහෙත් යුරෝපා ඖෂධ අධිකාරියට (EMA) එවැනි සිද්ධීන් 13ක් වාර්තා වී ඇත. මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) ස්වභාවිකව සිදුවිය හැකි අතර එම තත්ත්වය සහ එන්නත භාවිතය අතර සම්බන්ධයක් ඇතැයි තහවුරු වී නැත. එම රෝගීන්, රුධිරය කැටි ගැසීම කෙරෙහි හේතුවන රුධිර පට්ටිකා සංඛ්‍යාව පහළ මට්ටමක පැවති අය වූහ. එන්නත නිසා නොව, කොවිඩ්-19 වෛරසය ආසදනයවීම රුධිරය කැටිගැසීම අතින් ඊට වඩා ප්‍රබල හේතුවක් විය හැකිය. ලැබෙන තොරතුරු සහ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නියාමකයන් දැඩි අධීක්‍ෂණයෙන් පසුවෙන අතර මහජනතාව තම වාරය පැමිණිවිට එන්නත ලබාගත යුතුව ඇතැයි එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනයේ (MHRA) ප්‍රධාන විධායක වෛද්‍ය ජූන් රයිනි (Dr June Raine) ප්‍රකාශ කළාය. ''මහජනතාවට අප විසින් සිදුකරනු ලබන ඉතා දැඩි අධීක්ෂණය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තබන්න පුළුවන්'' වෛද්‍යවරිය පවසන්නීය. එන්නත ලබාගැනීමෙන් අත්වෙන වාසි ඉතා පැහැදිලි යයි මානවීය ඖෂධ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් මුනිර් පිර්මොහොමඩ්(Prof Sir Munir Pirmohamed) පෙන්වා දෙයි. ''අතුරු ආබාධ ගැන ලැබෙන වාර්තා අතිශයින් දුර්ලභයි. මෙම එන්නත ලබාගැනීම නිසා අත්වෙන ප්‍රතිලාභ පැත්තෙන් බැලුවොත් කොරෝනා වසංගතයට ගොදුරුවීම නිසා රෝහල්ගත කෙරෙන සහ එමගින් සිදුවෙන මරණ සංඛ්‍යාව 80%කින් පහත වැටී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙනවා. සිදුවිය හැකි අනතුරු ඉතාම දුලබයි'' මහාචාර්ය පිර්මොහොමඩ් පවසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුර්ලභ රුධිර කැටිගැසීම් අදාළ තොරතුරු ඇතුළත් කරමින් එන්නතේ නව නිෂ්පාදන යාවත්කාලීන කෙරෙනු ඇත. ''ඇතිවිය හැකි දුර්ලභ තත්ත්වයන් පිළිබඳව අවධානය ආකර්ෂණය කරගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් මෙන්ම එන්නත ලබාගත් පුද්ගලයන්ට තොරතුරු සැපයීම, මුහුණදීමට සිදුවිය හැකි අතුරු ආබාධ අවමකර ගැනීමට උදව්වක්'' වනු ඇතැයි යුරෝපා ඖෂධ අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ එමර් කූක් (Emer Cooke) පැවසීය. යුරෝපා ඖෂධ අධිකාරියේ (EMA) නිගමනය, එන්නත ලබාගත් කෝටි දෙකක් (මිලියන 20) පමණ ජනයාගේ තොරතුරු මත පදනම් වෙයි. දැනට එළැඹ ඇති නිගමන මෙසේය; එන්නත ලබාගැනීමෙන් අනතුරුව පහත දැක්වෙන ලක්ෂණ අතරින් කිසිවක් වේනම්, පූර්ව ආරක්ෂණ පියවරක් වශයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වියයුතු බවට උපදෙස් දීමක් ද සිදුකරනු ලැබ ඇත. ඒවා ඉතාම කලාතුරකින් සිදුවෙන එසේම ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි දුර්ලභ අතුරු ආබාධ වෙති. ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන තවත් තොරතුරු;
විභාග ප්‍රශ්න පත්‍ර වංචාවක් සම්බන්ධයෙන් ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ බලධාරීන් විසින් තුන්සිය දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
බලධාරීන් මෙම තීන්දුව ගෙන ඇත්තේ සිසුන්ට උත්තර පත්‍ර ලබා දෙන දර්ශන අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟයි. අත් අඩංගුවට ගත් බොහෝ දෙනෙක් සිසුන්ගේ දෙමව්පියන්. සිසුන් 750 ට වැඩි සංඛ්‍යාවක් විභාග ශාලාවලින් නෙරපා දමා ඇති අතර විභාග මධ්‍යස්ථාන හතරක ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග අවලංගු කොට තිබේ. තට්ටු කිහිපයකින් යුත් විභාග ශාලාවක තාප්ප උඩින් පිරිසක්, සිසුන්ට ලිඛිත උත්තර පත්‍ර ලබා දෙන ආකාරය, වීඩියෝ දර්ශන සහ ජායාරූප වලින් දැක්වෙන අතර ඒවා අන්තර් ජාලය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතී. එම සිසුන්ගෙන් උත්තර පත්‍ර ලබාගෙන වෙනත් සිසුන් කොපි කරන ආකාරයත් එම දර්ශනවලින් පෙන්නුම් කෙරේ.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරය සහ සංචාරය හමාරයේ ඇය නිකුත් කළ නිවේදනය ලොව පුරා ජනමාධ්‍යවල අවධානයට ලක් වී තිබේ.
සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් කළ ප්‍රකාශ පිල්ලේගේ කෝපයට හේතුවිය යුද ගැටුම් හමාර වී වසර හතරක් ඉක්ම ගොස් තිබුනත්, ශ්‍රී ලංකාව අධිකාරිවාදී පාලනයක් කරා ගමන් කරමින් සිටින බැවින් රටේ ජනතාව තවමත් පීඩා විඳින බවට ඇය කළ නිරීක්ෂණයයි, බොහෝ මාධ්‍යවල සිරස්තලය වී තිබුනේ. ගැටුම් පැවති කලාපයේ කෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය, කෙසේ නමුත් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි සාමාන්‍ය ජන ජීවිතයේ අංශයන්ට හමුදාව අත පොවමින් සිටීම පිළිබඳව සිය අවධානය පළ කළ බව හෙරල්ඩ් ස්කොට්ලන්ඩ් පුවත්පත වාර්තා කරයි. ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලම මහ කොමසාරිස්වරියගේ නිරීක්ෂණවලට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ. මේ අතර තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කළ බවට නවී පිල්ලේ නගන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සූදානම් යයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට දි එකොනොමික් ටයිම්ස් පුවත්පතේ ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබිණ. තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කිරීම ගැන නවී පිල්ලේගේ අවධානය කෙසේ නමුත් එම චෝදනා පිළිබඳව මහ කොමසාරිස්වරියගේ කාර්යාලය අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතු යයි ඇමතිවරයා සඳහන කළ බවද පුවත්පත පවසයි. චීනයට බරපතල අන්දමින් ණය වී සිටින ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීමට තරම් තවදුරටත් බලවත් රටක් නොවන බවට විද්‍යා සහ පර්යේෂණ පිළිබඳ අමාත්‍ය චම්පික රණවක කළ ප්‍රකාශය ද එම වාර්තාවට ඇතුලත්. උතුරු නැගෙනහිර පලාත්වලින් හමුදාව ඉවත් කොට, එම පලාත්වල හැකි ඉක්මනින් සිවිල් පරිපාලනය පිහිටුවන ලෙස මහ කොමසාරිස්වරිය ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ. මේ අතර ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියේ පලව තිබූ වාර්තාවකට අනුව, මහින්ද රාජපක්ෂ පරිපාලනය විවේචනය කොට තිබෙන නමුත් සමස්තයක් වශයෙන් දෙමළ ජනතාවගේ අනන්‍යතාවය විනාශ කිරීම් වස් ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන යන ව්‍යාපාරය නිරීක්ෂණය කිරීමට අපොහොසත්වීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ දෙමළ කොන්ග්‍රසය මහ කොමසාරිස්වරිය විවේචනයට ලක් කොට තිබේ. සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු ඇයට අපහාස කිරීම පිළිබඳව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කෝපය පළ කළ බව කැනඩා ගුවන් විදුලි සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. පවතින තත්වය හමුවේ හෙට උදෑසන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ද වාර්තාවේ. සබැඳි යොමු: ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබිණ. විශේෂයෙන්ම මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග නොමැතිව උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වුවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දීම තරගාවලිය පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි. චැම්පියන්ස් කුසලාන ඊට පෙරාතුව එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ඇතුළු අනෙක් සියලු ආසියානු කණ්ඩායම් දෙවෙනි වටයට සුදුසුකම් ලැබූ නමුත්, පළමු වටයේදීම තරගයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන අවස්ථාවේ ශ්‍රී ලංකාව තරග කිහිපයක් පරාජයට පත්වීම ද අවධානයට ලක් වූ අතර ඒ අවස්ථාවේ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බවය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් තීන්දු පිළිබඳව ද තමන්ගේ ප්‍රසාදයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා බීබීසී සිංහල සේවය සමග පසුගියදා පැවැසූ අතර විශේෂයෙන්ම ග්‍රැහැම් ෆෝඩ් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය. සමස්තයක් වශයෙන් කිසිදු ක්‍රීඩකයෙකුට ඉතා දිගු කලක් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වර්තමානයේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයාගේ අදහසය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ගේ නමත් එක්දින සහ විස්සයි විස්ස තරගවල නායකත්වය සඳහා උපුල් තරංගගේ නමත් යෝජනා වී තිබේ. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැත.
නාය යාමෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව තවමත් ලැබෙමින් තිබෙන්නේ පරස්පර විරෝධී වාර්තා.
අනතුරෙන් දිවි බේරා ගැනීමට සමත් වී තිබෙන්නේ උදෑසනම පාසල් ගිය පාසල් දරුවන් සහ සේවය සඳහා නිවසින් බැහැර ගිය පිරිස් පමණි. පාසල් දරුවන් නාය යාම සිදුවන විට වේලාව උදෑසන 7.00 ත් 7.30 අතර වූ අතර ළමුන් පාසල් බලා පිටත්ව ගොසින්. නාය යාමට ගොදුරුවූ ළමුන් පිරිසක් අතුරුදහන් වී ගොස් ඇති බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ශ්‍රී කාන්ත් පැවසුවේ. “එක පාරටම ගසා ගෙන ගිහිල්ල තියෙන්නේ ඔක්කොම. මේක බලන්න ඇවිල්ල හිටිය ඉස්කෝලේ ළමයි වගේම අනිත් අයත්. දළු කඩන්න වගේම වැඩට යන තවත් අය මේ වෙලාවේ ඉඳල තියෙනවා,” යනුවෙනුයි ඔහු මේ ඛේදවාචකයට ගොදුරුවූවන් ගැන සඳහන් කළේ. එක්වරම මහා හඬක් නගමින් කඩා වැටුණු පස් කන්දත් සමඟ අක්කර 10 ක පමණ බිම් ප්‍රමාණයක් නාය යාමට ලක්ව ඇති අතර සිද්ධිය දුටු අය පැවසුවේ වතු නිවාස තිබූ තැන් කිලෝ මීටර් දෙකක් පමණ පහලට ඇදී ගොස් ඇති බවයි. ඇතැම් නිවාසවල සෙවිලි තහඩු සහ බිත්ති කොටස් පස් කඳු අතර දකින්නට පිළිවන් . උස පස් කන්දක් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අඩි 15 ක් පමණ උස පස් කන්දකින් වතු නිවාස යටවී ඇති බවයි. මේ අතර අනතුරුදායක තත්වය හඳුනාගත් අවට නිවාසවල 290 දෙනකු කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ කඳවුරක නවාතැන් ගෙන සිටින බව පැවසූ මාධ්‍යවේදී නවරත් කුමාර සඳහන් කළේ නාය ගිය ප්‍රදේශයේ සිට පාසල් ගිය දරුවන්ද එහි සිටින බවයි. “මේ දරුවන්ට තම නිවාසත්, ඥාතීනුත් අහිමි වෙලා. පාසල් ගිය ළමුන්ට ආපසු යන්න බැරි තත්වයක් උදා වෙලා” නාය යාම දුටු අයෙක් සිද්ධිය විස්තර කලේ මෙසේයි.
පොලිස් බඳවා ගැනීම් සිදු කිරීමේදී දෙමළ භාෂාවෙන් සන්නද්ධ පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.
රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව කතා කිරීමට ඇති හැකියාව ඉහළ නංවන අතරේ ඉහත කී කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. තිස් අවුරුද්දක යුද්ධය අවසානයේ උතුරේ වැසියන් අතර ගිලිහී ගිය විශ්වාසය නැවත ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 'ගොඩනැගිලි නැවත ඉදි කරන එක පහසු දෙයක්. කඩ වෙච්ච විශ්වාසය ගොඩ නගන එක ඊට වඩා දුෂ්කර දෙයක්. අපේ ප්‍රධාන අරමුණ ඒ විශ්වාසය ගොඩ නගලා මේ රටේ ජනතාව රට ගොඩනැගීමේ වැඩපිළිවලට එක් කර ගැනීම.' රජය බලාපොරොත්තු වන එම වැඩපිළිවල සඵල කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාව සමග සමීපව කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය. 'විශ්වාසය ගොඩනැගීම' සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ සියළුම පොලිස් ස්ථාන වෙත රෝද පුටු ලබා දීමට පියවර ගන්නා ලෙස තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කියා සිටියේය. අපරාධ සිදු වූ පසු විසඳුම් ලබා දෙනවා වෙනුවට අපරාධ වළක්වා ගැනීමට කටයුතු කිරීම, මත් රකුසාට එරෙහිව සටන් කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම, සාමාන්‍ය ජනතාව සමග සුහදශීලීව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා පුහුණුව ලබා දීම, සහ පොලිස් නිලධාරීන්ගේ අනාගත සුබ සිද්ධිය යන කරුණු දෙස අවධානය යොමු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. 1981 වසරේ ආරම්භ වූ ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය 1990 පැවති යුද ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය. 1995 වසරේදී යළි පොලිස් ස්ථානය විවෘත වුවත් ග්‍රාම සේවා වසම් දහනවයක දොළොස් දහසක් පමණ වැසියන්ට සේවා සැපයීම සඳහා නිසි පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොතිබිණි. රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය පළ කරනු ලැබීමෙන් දවසකට පසුව කිළිනොච්චියේ ‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන තත්වයක් උද්ගත වී ඇත.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් අද (31)වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, තමාද ඇතුළත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු දෙමළ ජාතික සන්ධානය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බවයි. ‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකු සහ ඊ.පී.ඩී.පී.සංවිධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකු නියෝජනය වෙති. සංවර්ධනයේ නාමයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දීමට එක්වීමත් සමගම එම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බවයි සභාපතිවරයා කියා සිටියේ. රජයට සහයෝගය දීම තුළින් කිළිනොච්චියේ සංවර්ධන කටයුතු ඉතා වේගවත්ව එසේම සැලසුම් සහගත ලෙස ඉටුකර ගත හැකි බව තමන්ට වැටහීමෙන් පසුව ඒ ගැන සෙසු මන්ත්‍රීවරුන්ට ද දැණුම් දී රජයට එක්වීමට තීරණය කළ බවත් සභාපති ඩොමිනික් ඇන්ටන් පැවසීය. විවේචනය විතරයි ‘දෙමළ ජාතික සන්ධානය රජය විවේචනය කරමින් සිටිනවා මිස දෙමළ ජනතාවට කිසිදු යහපතක් ඉටු කරන්නේ නැහැ. ඒ බව උතුරු පළාත් සභාවේ කටයුතු දෙස බලන විට ඉතා ම පැහැදිලියි’ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් කියා සිටියි. 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දී ඔහු යළිත් ජනාධිපති පදවියට පත් කර ගත්තොත් කිළිනොච්චිය ද ඇතුළු උතුරු පළාතේ දෙමළ වැසියන්ට අවශ්‍ය පහසුකම් ඔහු ලවා ඉටුකර ගැනීමට හැකි වනු ඇත යන අපේක්ෂාව යටතේ තමන් ඉහත කී තීරණයට එළඹි බවයි ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් පවසන්නේ.
යහපත් සෞඛ්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවනට භාර දුන් අලි පැටවෙකු සඳුදා මිය යාම අබිරහසක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
අවුරුදු තුන හමාරක පමණ වයසැති අලි පැටවා මීට මාස දෙකකට පමණ ඉහතදී ඇත් අතුරු සෙවනට භාර දී තිබෙන්නේ අධිකරණ නියෝගයකින් අනතුරුවයි. මැයි පස් වනදා ප්‍රතිකාර ලබා දීම සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට ගෙන ගිය මරණයට පත් අලි පැටියා, ව්‍යාජ බලපත්‍රයක් භාවිත කර ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණ නියෝගයකට අනුව බලපත්‍ර කරු රක්‍ෂිත බන්ධනාගාර ගත කර, මැයි මස නව වැනි දින අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවනට යවනු ලැබීය. වනජීවි දෙපාර්තමේන්තුවේ ලුණුගම්වෙහෙර පිහිටි දකුණු කලාප කාර්යාල භූමියේ දෙසතියක කාලයක් නිරෝගී තත්වයෙන් පසු වූ මෙම අලි පැටියා, ඇත් අතුරු සෙවනට ගෙන ගොස් මාස දෙකකට පසු මෙසේ මිය ගොස් තිබේ. නඩු විභාග නවතී අධිකරණ නඩුවලට සම්බන්ධ අලි පැටවුන් මීට පෙර අවස්ථාවලදීත් ඇත් අතුරු සෙවනේ සිටියදී මියගොස් ඇති බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේය. එම පැටවුන් මියයාමෙන් අනතුරුව ඔවුන්ගේ අයිතිය සම්බන්ධ අධිකරණ විමර්ශන නතර වූ බවද ඔහු පැවසීය. නිලධාරීන් කරන මේ චෝදනා පිළිබඳව සංදේශය කළ විමසීමකදී ඇත් අතුරු සෙවනේ නිලධාරීන් පැවසුවේ, මාධ්‍යවලට අදහස් දැක්වීමට තමන්ට අයිතියක් නැති බවයි. වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් වියමුනි සොයිසා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. අඩි හතරක් පමණ උසැති මිය ගිය අලි පැටියාගේ වයස අවුරුදු තුන හමාරක් හතරක් පමණ විය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. නමුත් අලි පැටියාගේ නීත්‍යානුකූල අයිතිය සනාථ කරන බලපත්‍රයක් ඇතැයි පවසන හොරණ වරුණ කන්නන්ගර කියා සිටියේ අලි පැටියාගේ වයස අවුරුදු අටක් හෝ නවයක් බවයි. අවුරුදු හතක කාලයක සිට අලි පැටියා ඔහු සන්තකයේ සිටි බව කියා සිටි වරුණ කන්නන්ගර, අලි පැටියා දින ගණනකින් ආහාර ගත් බවක් පෙනෙන්නට නැති බවත් හදිසි මරණ පරීක්ෂණය සඳහා එහි ගොස් සිටි අවස්ථාවේදී පැවසුවේය. මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද අඟහරුවාදා අලි පැටියාගේ අවසාන කටයුතු සිදු විය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එහි ඡන්ද විමසීම අවලංගු කොට වෙනත් දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
"සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා" කොළඹ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැත්වුන මාධ්‍ය හමුවකට සහභාගි වූ මැතිවරණ කොමසාරිස්වරයා, ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී දුෂණ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිරී යන ආරංචි පදනම් විරහිත බව ද සඳහන් කළේය. යම් ඡන්ද පොලක් ආශ්‍රිතව නීතිවිරෝධී ක්‍රියාවක් ඇතිවී සුළු වේලාවක් හෝ ඡන්ද විමසීම අත් හිටුවීමට සිදුවුවොත් එහි ඡන්ද විමසීම ශුන්‍ය කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ. 'හමුදාව නෑ' "යම් ඡන්ද පොළකට පැමිණෙන ඡන්ද දායකයින් පලවා හැරියොත්, එන්න නුදුන්නොත්, බලහත්කාරකමක් කළහොත්, බලෙන් ඡන්ද දැම්මොත්, ඒවා නීති විරෝධී ක්‍රියා ලෙසයි අපි සලකන්නේ," යනුවෙන් සඳහන් කළ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, "එවැනි ක්‍රියාවක් නිසා සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා," ලෙසින් ද වැඩිදුරටත් කියා සිටියේය. මැතිවරණ රාජකාරි සඳහා යුද හමුදාව කැඳවීම පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා: "මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිලධාරින් විසිදහසකට අධික පිරිසක් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් යුද හමුදාව කැඳවීමක් සිදුවන්නේ නැහැ. යුද හමුදාව කැඳවනු ලබන්නේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුනොත් පමණයි," යනුවෙන් කියා සිටියේය. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් නොමැති බව සඳහන් කළ කොමසාරිස්වරයා එවැනි ආපදා තත්වයක් ඇතිවුවහොත් ආපදාවට ලක්වූ ප්‍රදේශයට යාබද ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඡන්ද විමසීම පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවද පෙන්වා දුන්නේය. ඇතැම් ජනමාධ්‍යවලින් තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පවසන කොමසාරිස්වරයා, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියේය.
යුරෝපා හවුල නියෝජනය කරන විදේශ ඇමතිවරුන් කණ්ඩායමක් කීව් අගනුවර ජනාධිපති මන්දිරයේ දී යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.
කීව් සටනේ දසුනක් ප්‍රංශ ජර්මන් සහ පෝලන්ත විදේශ ඇමතිවරු සහභාගී වෙමින් සිටින සාකච්ඡා කලින් පැවැත්වීමට නියමිතව තිබුණ ස්ථානය අවට ගැටුම් දරුණු අතට හැරීමත් සමඟ ජනාධිපති මන්දිරය තුල සංවිධානය කිරීමට තීන්දු කරන ලද බවයි වාර්තා වන්නේ. සාකච්ඡාවලට එක් ව සිටින පෝලන්ත විදේශ ඇමති රදොස්ලාව් සිකර්ස්කි විසින් පළ කරනු ලැබ ඇති ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ කීව් නගරයේ ජනාධිපති මන්දිරය අවට වෙඩි හඬ සමඟ කළු දුමාරයක් පැතිරෙමින් පවතින බවයි. යුක්‍රේන් නිලධාරීන් කලබලකාරී තත්වයක පසු වෙන බවත් එම ‘ට්විටර්’ පණිවුඩයේ දැක්වෙයි. කීව් නගරයට ගොස් සිටින රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා අදහස් දක්වමින්, යුරෝපා හවුලේ නියෝජිතයන් යුක්‍රේන් ආණ්ඩුවෙන් කිසිදු මට්ටමක ඉල්ලීමක් කළ හොත් එය නුසුදුසු ක්‍රියාවක් වන බවයි කියා සිටියේ. රුසියානු චෝදනා යුක්‍රේන් ආණ්ඩු විරෝධී කැරලිකරුවන් ‘දාමරිකයන්’ කණ්ඩායමක් හැටියට විග්‍රහ කළ රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ග්‍රිගරි කරසින් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබුණ ආණ්ඩුවකට සහ ඉහත කී අකාරයේ කණ්ඩායමකට සමාන වැදගත් කමක් දෙන බවට යුරෝපා හවුලට චෝදනා කර තිබුණි. මේ අතර යුක්‍රේනයෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ නව ගැටුම් රැල්ලේදී අඩුතරමින් දාහත් දෙනකුවත් මරා දමා ඇති බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් එක වෙඩි උණ්ඩයකට පමණක් ලක් වීමෙන් මරණයට පත්ව ඇති අතර ඔවුන් ස්නයිපර් වෙඩික්කරුවන්ට ගොදුරු වෙන්නට ඇති බවයි ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසන්නේ. ස්නයිපර් ප්‍රහාර ජනාධිපති යනුකොවිච් සහ විපක්ෂ නායකයන් අතර බදාදා රාත්‍රියේ එකඟතාවයක් ඇති වුනත් බ්‍රහස්පතින්දා උදෑසන පටන් යලි ගැටුම් පුපුරා ගිය බවයි කීව් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. ප්‍රදේශයේ රූපවාහිනී සේවාවක් මගින් කීව් නගර චතුරශ්‍රය සමීපයේ වැතිර ඇති මළ සිරුරු ප්‍රදර්ශනය කරනු ලැබුණි. යුක්‍රේන් පොලිසිය පවසන්නේ ගැටුමේදී විසි දෙනකුට අධික සිය භටයන් තුවාල ලද බවයි.
උතුරේ දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුවී තිබෙන ඉඩම් අහිමි වීමේ ගැටළුවට පිළියමක් වශයෙන් 'ඉඩම් නිරවුල් කිරීමේ කොමිසමක්' පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.
ඉඩම් අහිමිවීමට හේතුවක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ ඉඩම් අත් පත් කොටගෙන බහු ජාතික සමාගම් වලට හා රජයේ සන්නද්ධ සේනා වෙත පැවරීමයි. මහින්ද රාජපක්ෂ රජයේ නායකත්වයෙන් හමුදාවට උතුර අත් පත් කර ගැනීමට සහාය වීමේ ප්‍රධාන දේශපාලන වගකීමක් ඉටු කළ ජවිපෙ මාධ්‍යවේදීන් හමුවේ ඉරිදා එය හැඳින්වුයේ 'උතුරේ සිදුවන ඉඩම් කොල්ලයක්' ලෙසිනි. අක්කර හයදාහක් උතුරේ ඉඩම් අයිතිය ඉල්ලා පැවති උද්ඝෝෂණයක් 'යාපනයේ ඉඩම් අක්කර හයදහසක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා,’ යි ජවිපෙ මහ ලේකම් වරයා පැවසීය. ග්‍රාම සේවා වසම් 27ක් තුළ පවතින ඉඩම් අක්කර 6381ක් මෙලෙස පවරා ගැනීමට යන බවයි ඔහු තව දුරටත් කියා සිටියේ. උතුරේ පමණක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයේත් ඉඩම් පවරා ගැනීම් සිදුවන බව ජවිපෙ මහ ලේකම් වරයා කියා සිටියේය. මේ අතර පූජනීය ස්ථාන මෙන්ම පාරිසරික වශයෙන් වැදගත් කම් උසුලන කලාපද තිබෙන බවයි ටිල්වින් සිල්වා පවසන්නේ. උතුරෙන් හමුදාව ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගන්න බව රජය පවසා තිබේ. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවට 'රටේ ඕනෑම තැනක' ඉඩම් ලබා ගත හැකි බව රජය ප්‍රකාශ කොට තිබෙනවා.
ශ්‍රී ලංකාව සිංහලයන් සහ බෞද්ධයන් සඳහා පමණක් උරුම වූ රටක් ලෙස අන්තවාදී බෞද්ධ සංවිධාන ගෙනයන ප්‍රචාර නැවත්වීමට පියවර ගත යුතු යයි සමස්ත ලංකා හින්දු මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී.
රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇතිවාක් මෙන්ම අනිකුත් ආගම් ඇදහීමේ අයිතියද සහතික කර ඇති බවයි හින්දු මහා සංගමයේ සභාපති කන්දයියා නීලකන්ඩන් අධිනීතිඥ වරයා කියා සිටියේ. බුද්ධාගම සඳහා පමණක් වන පිළිවෙතක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි. සිංහල පමණක් ප්‍රතිපත්තිය සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට රටක් වශයෙන් තිස් වසරකට වැඩි කලක් පීඩා විඳි බව ප්‍රකාශ කරන හින්දු මහා සංගමයේ සභාපති වරයා, ආගමික වෛරය ඇවිස්සීමත් රටේ නීතියට පටහැනි බව කියා සිටියේය. බීබීසී දමිළ සේවයේ ජෙයප්‍රකාෂ් නෙල්ලුසාමි හා සාකච්ඡාවකට එක්වෙමින් කන්දයියා නීලකන්ඩන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් රජයේ මෙන්ම විපක්ෂයේද අවධානයට යොමු කොට ඇති බව. "අවුරුදු තිහක් තිස්සේ තිබුණු සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා රට බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා. බුද්ධාගම පමණයි කියන ප්‍රචාරය හා ප්‍රතිපත්තිය ඔසවා තැබුවොත් රටට බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුවේවි." බලයේ සිටින ඇතැමුන් මේ අන්තවාදී ව්‍යාපාරයට අකමැති බව සාකච්ඡා වලදී තමනට වැටහී ගොස් ඇතැයි පැවසු සමස්ත ලංකා හින්දු මහා සම්මේලනයේ සභාපතිවරයා රජය මෙම පිළිවෙත අනුමත නොකරනු ඇතැයිද විශ්වාසය පළ කළේය.
අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහ පද්ධතියක මේ දක්වා සොයා ගන්නා ලද විශාලතම ග්‍රහ ලෝක ප්‍රමාණය මෙය වේ.
කෙප්ලර් - 90 (Kepler-90) අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට වඩාත් සමාන ග්‍රහ පද්ධතියකි (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න) කෙප්ලර් - 90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් වැඩි අතරම ඒ වටා ග්‍රහ ලෝක හතක ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබිණි. අලුතෙන් එහි සොයා ගන්නා ලද ග්‍රහ ලොව සමග "අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම ග්‍රහ ලෝක ප්‍රමාණයක් දරා සිටින පළමු තරුව බවට කෙප්ලර් - 90 පත්වෙනවා" යැයි මේ සොයා ගැනීම සඳහා දායක වූ ගූග්ල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු ක්‍රිස්ටෝෆර් ෂැලූ පැවසීය. මීට පෙර කරන ලද සෙවීම්වලින් මගහැරී ගිය ග්‍රහලෝක සොයා ගැනීම සඳහා ගූගල් සමාගමේ ඉංජිනේරුවෝ කෘතීම බුද්ධිය සහිත ක්‍රමවේදයක් භාවිත කරති. මේ සොයා ගැනීමට පදනම් වුයේ නාසා යැවූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් රැස්කරගන්නා ලද නිරීක්ෂණය. එහි මව් තරුව ආලෝක වර්ෂ 2,545 ක් තරම් දුරක පිහිටියත් එහි ග්‍රහ මණ්ඩල පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පවතින ආකාරයට බොහෝ සමානය. කෙප්ලර් - 90 (Kepler-90) සහ අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අතර පවතින සමානකම් "කෙප්ලර් - 90 පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම කුඩා එකක් වගේ. අභ්‍යන්තරයට වෙන්න කුඩා ග්‍රහ ලෝකත්, පිටට වෙන්න විශාල ග්‍රහ ලෝකත් පිහිටා තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ලංවී තිබෙන්නේ" යැයි මේ වැඩපිළිවෙලේ සම සෙවුම්කරුවකු වන ඔස්ටින් හි ටෙක්සස් සරසවියේ ඇන්ඩෲ වැන්ඩර්බර්ග් පැවසීය. කෙතරම් සමීපව තිබෙන්නේ ද යන්න පිළිබඳ අදහසක් දෙතොත්, එහි ඈතින් ම පිහිටි ග්‍රහ ලෝකය භ්‍රමණයවන්නේ, පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන දුරට සමාන දුරකිනි. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් අලුත් ලෝකයන් සොයා යෑම (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න) කෙප්ලර් 90 - අයි ලෙස නම් කර ඇති අලුතින් ම සොයාගන්නා ලද ග්‍රහ ලොව අභ්‍යන්තරයේ පිහිටා තිබෙන අතර සිය තරුව වටා එක් ගමන් වටයක් සම්පුර්ණ කිරීමට ඊට දින 14.4ක් ගත වේ. එහි පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 425ක් වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත. ගූගල් සමාගම භාවිත කරන machine learning (මැෂින් ලර්නිං) නම් වූ තාක්ෂණය ම, වෙනත් තරුවක් වටා භ්‍රමණය වන කෙප්ලර් 80 ජී (Kepler 80g) නම්වූ පෘථිවියේ ප්‍රමාණයට සමාන ග්‍රහ ලොව සොයා ගැනීම සඳහා භාවිත කෙරිණි. මෑත දශක කිහිපය තුළ දී තරු වටා භ්‍රමණය වන ලෝක 3,500ක් පමණ සොයාගෙන ඇත. තවත් තොරතුරු: නාසා ආයතනයෙන් හිරු යානයක් වසර හතකින් අඟහරු වෙත යමුද? අඟහරු අධ්‍යයනයට උදව් දෙන 'ළදරු දූපත' කැසිනි අවසන් ගමනට පිවිසෙයි අභ්‍යවකාශයේ වාර්තා තබන කාන්තාව 2018 දී සඳවටා සංචාරයක් http://www.bbc.com/sinhala/world/2015/10/151005_smbp_life_in_mars http://www.bbc.com/sinhala/world/2014/11/141101_virgin_crash
පකිස්තානයේ වයඹ දිග දිස්ත්‍රික්කයක ආදරවන්තයන්ගේ දිනය සැමරීම ප්‍රදේශයේ බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.
පේශාවර් නගරය අසල කොහාත් ප්‍රදේශ බලධාරීන් පොලිසියට නියෝග කර තිබෙන්නේ සති පොළවල් සහ කඩ සාප්පු වල විකිණීමට තිබෙන 'වැලන්ටයින් සැමරුම් පත්' සහ තෑගි සියල්ල ඉවත් කරන ලෙසයි. කෙසේ වෙතත් මේ දක්වා කොහාත් බලධාරීන් තහනමට හේතු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත. ඉස්ලාම් අන්තවාදී දේශපාලන පක්ෂයක් මගින් මෙම දිස්ත්‍රික්කයේ පාලනය ගෙන යන අතර ගතානුගතික වාදය මුල් බැස ගත් ගෝත්‍ර මෙම දිස්ත්‍රික්කය මායිම් කරගෙන ජීවත් වෙති. රොමෑන්ටික ප්‍රේමය පකිස්තානු සංස්කෘතියට එරෙහි බවටයි ඉස්ලාම් අන්තවාදීන් දිගින් දිගටම තර්ක කරන්නේ. 'වැලන්ටයින්' දිනය පකිස්තානයේ සෑම වසරකම වාණිජ වශයෙන් ඉතා ප්‍රසිද්ධ සැමරුම් දිනයක් වශයෙන් පැවැත්වෙන අතර චොකලට්, මල් පොකුරු සහ සැමරුම් පත් අලෙවිය ඉතා ඉහල මට්ටමක පවතියි.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ජනවාරි 14 වැනි දින සිට ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය සනාථ කළේය.
යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන ප්‍රතික්ෂේප කොට ඇති බව යුරෝපා සංගමයේ පාරිසරික සහ ආහාර සෞඛ්‍ය සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ බ්‍රිවියෝ බීබීසී සංදේශයට කියා සිටියේය. 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන හැත්තෑ හතරක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් දාහත් දහස් හාරසීය ඉක්මවයි. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල්. යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව බව මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ කියා සිටියේය. තහනම් ලැයිස්තුවට එන්රිකෝ බ්‍රිවියෝ මෙවැනි තහනමක් ශ්‍රී ලංකාව මත පැනවීමට හේතු පැහැදිළි කරමින් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව 2012 වසරේ නොවැම්බර් මාසයේ නීති විරෝධී ලෙස සිදු වන මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් කළ බවයි. ශ්‍රී ලංකාව මසුන් ඇල්ලීමේදී අන්තර්ජාතික නීතියට අනුගත විය යුතු බව අවධාරණය කළ එන්රිකෝ බ්‍රිවියෝ උදාහරණයක් වශයෙන් බෙලීස් රාජ්‍යය මත පනවා තිබූ තහනම ගෙනහැර දැක්වීය. යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනමකට ලක්ව සිටි බෙලීස් රාජ්‍යය පසුගිය ඔක්තෝබර් මාසයේදී තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඔවුන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කිරීමට අවශ්‍ය නිසි පියවර ගනු ලැබීමෙන් අනතුරුවයි. බෙලීස් රාජ්‍යය විසින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කරන ආකාරය, පනවා ඇති නව නීති සහ ක්‍රමවේද සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීම් කළ බව එන්රිකෝ බ්‍රිවියෝ සඳහන් කළේය. ඒ ආකාරයෙන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති රීති හඳුන්වා දී පාලනය විධිමත් කිරීමත් ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමත් තහනම ඉවත් කිරීමට ඇති පියවර වන බවද ඔහු පැවසීය. රජය ගෙන ඇති පියවර නිමල් හෙට්ටිආරච්චි යුරෝපා සංගමය විසින් පනවා ඇති මෙම තහනමට මූලික හේතුව නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් සිදු වන පරිසර හානියට විරුද්ධව පියවර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමයි. ශ්‍රී ලංකා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි බීබීසි සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. 2013 නොවැම්බර් මාසයේදී එවකට පැවති ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති හඳුන්වා දුන් බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන බහු දින යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීම මේ අතර ප්‍රධාන බවයි කියා සිටියේ. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වන යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව පැවසූ ඔහු වැඩි දුරටත් කියා සිටියේ තහනමින් ඉවත් වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
ඉන්දීය කාශ්මීර දේශ සීමා කලාපයේ සිට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයන් නව දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.
කාශ්මීරය මුල් කර ගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර මාස කීපයක සිට යළි උණුසුම් තත්වයක් මතු වෙමින් පවතියි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සිය පාලනයේ පවතින දේශ සීමා කලාපයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් ෂෙල් ප්‍රහාරයට හසු වී ඇති බවය. ප්‍රහාරයට ලක් වී තවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන බලධාරීහු සඳහන් කළහ. නිවසකට එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් නිවැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇති බව මෙතෙක් සනාථ නොකරන ලද වාර්තාවල දැක්වේ. සන්නද්ධ කණ්ඩායමක් විසින් සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් සිය හමුදා සාමාජිකයන් තිදෙනෙකු මරුමුවට පත්වීමත් සමග එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව ඉන්දියාව මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. ඉන්දීය පාලනයට එරෙහිව කාශ්මීර වැසියෝ මාස කීපයක සිට උද්ඝෝෂණ කරති සන්නද්ධ කණ්ඩායම පාකිස්තාන දේශ සීමා කලාපයේ සිට පැමිණ ඇති බවට ඉන්දියාව චෝදනා කළේය. මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීර කලාපය සම්බන්ධයෙන් 2003 වසරේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බවට ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට චෝදනා කර ගනිති. කාශ්මීරය මුල් කර ගනිමින් දෙරට අතර මාස කීපයක සිට යළි උණුසුම් තත්වයක් මතු වෙමින් පවතියි.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ, පරම්පරා අටකට ඉහත මී මිත්තනිය ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ වී තිබෙන්නේ මවු පාර්ශවයෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂාවෙන් මෑතදී කළ ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම තොරතුර හෙළිවී තිබෙන්නේ. මේ අනුව බ්‍රිතාන්‍යයේ අනාගත මහා රජු, ඍජු ලෙස ඉන්දීය පරම්පරාවකට සම්බන්ධ බවයි, ඩීඑන්ඒ පර්යේෂණ පිලිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විශේෂඥ අචාර්ය ජිම් විල්සන් කියා සිටින්නේ. "විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරියගේ මී මිත්තනිය වූ එලිසා කෙවක්, ඩයනා කුමරියගේ මී මුත්තා වූ 1788 උපන් ස්කොට් ජාතික තියොදොර් ෆොර්බස් ගේ නිවසේ ගෘහ සේවිකාව ලෙසයි සේවය කළේ," යනුවෙන් ඔහු සඳහන් කළේය. "ඔහු බොම්බායට උතුරින් පිහිටි සුරට් ප්‍රදේශයේ, බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගමේ සේවය කරමින් සිටියදී ඔහුට දාව, ඇයට ලැබූ දරු දෙදෙනා පසුව ස්කොට්ලන්තයට යැවුනා. ඇයගේ දියණිය කිටී ඩයනා කුමරියගේ මිත්තණියයි." විලියම් කුමරුගේ සමීප ඥාතීන් ගේ මුඛයෙන් ලබාගත් ඩීඑන්ඒ සංසන්දනය කිරීමෙන් පසු රජ කුමරුගේ ඉන්දීය ලේ නෑකම හෙළි කරගත් බව ආචාර්ය විල්සන් ප්‍රකාශ කරයි. මවු පාර්ශවය ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන සුවිශේෂ ඩීඑන්ඒ වර්ගයක පැවැත්ම, විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ කිරීමට ඉවහල්වූ බව අචාර්ය ජිම් විල්සන් වැඩිදුරටත් සඳහන් කරයි.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ සිදු කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, භික්ෂූන් වහන්සේ ඇතුළු විසි හය දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් ඇප මත නිදහස් කළේ, නඩුව විභාග වන තුරු මහජන සාමය කඩ කරන ක්‍රියාවල නිරත වීම තහනම් බවට කොන්දේසියක් පණවමින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී ඒ අසල උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිය දීත් සැකකරුවන් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවයි, පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නඩුවේ සැකකරුවකු වන දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ, මෙවැනි අධිකරණ නියෝගයක් පිළිබඳව තමන් වහන්සේලා දැනුවත්ව නොසිටි බව සඳහන් කළහ. 'දැන සිටියේ නෑ' "මෙවැනි නියෝගයක් ගැන අපි දැනුවත්ව හිටියේ නැහැ. පොලිසිය අධිකරණය නොමග යවලා මේ නඩුව පවරා තිබෙනවා," උන්වහන්සේ චෝදනා කළහ. නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, මාර්ගය අවහිර කරමින් පිරිත් දේශනා කිරිම බුදු දහමට එකඟ දැයි විත්තියේ නීතිවේදීන් ගෙන් ප්‍රශ්න කළේය. සැකකරුවන් පිරිස එම අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව පොලිසිය වෙත දෝෂාරෝපණ එල්ල කළ මහේස්ත්‍රාත්වරයා, එහිදී වරදක් සිදු කළ බවට පොලිසියට චෝදනා කළේය. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොවූ බවයි, ඇප ලබාගැනීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ. බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම, උදිත ලොකු බණ්ඩාර, ජානක ප්‍රියන්ත බණ්ඩාර, එස්එම චන්ද්‍රසේන, සරත් වීරසේකර, වීරකුමාර දිසානායක සහ ජයන්ත කැටගොඩ ඇතුළු පිරිසක් ඇප මත මුදාහැරුණු මන්ත්‍රීවරු අතර සිටිති. ජාතික කොඩියට අපහාස ඊට අමතරව බස්නාහිර ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර, රෝජර් සෙනෙවිරත්න, සුනිල් ජයමුනි ඇතුළු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ද ඇප මත මුදාහැර තිබේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක්ද විත්තිකරුවන් අතර සිටිති. සැකකරුවකු ලෙස නම් කර තිබු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, උන් වහන්සේ මිළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය නියෝග කළේය. වැඩිදුර විමසීම ජුලි මස 13 වනදාට කල් තැබිණ. උද්ඝෝෂකයන් ජාතික කොඩියට අපහාස කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිලි පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අනාවරණය වේ නම් ඔවුන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත්වරයා මේ අතර රහස් පොලිසියට නියම කර තිබේ.
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් පාප් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ.
ලොව පුරා සියලු රටවල් මරණ දඬුවම තහනම් කළ යුතු බව පාප් වහන්සේ අවධාරණය කරති එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය අමතා ඉතා දුර්ලභ දේශණයක් පවත්වමින් එම ඉල්ලීම කළ උන් වහන්සේ, දිළිඳු සහ වරප්‍රසාද අහිමි ජනතාව වෙත දැනට වඩා සානුකම්පිත ආකාරයෙන් ක්‍රියා කරන මෙන්ද ඉල්ලීමක් කළහ. ෆ්රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපද සංචාරයක නිරත වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ලෝක නායකයන් නිවුයෝක් නුවරට රැස්ව සිටියදී. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඒ අතර සිටියි. සංක්‍රමණික අර්බුදය පසුගිය සිකුරාදා ගාල්ලේ දී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව පැවසීය. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය වැනි දියුණු රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි එනමුත් වොෂින්ටනයේදී කොන්ග්‍රස් සභිකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන් ඇතුළු 500 කට අධික පිරිසක් අමතා කතා කළ පාප් වහන්සේ අවධාරණය කළේ ලොව පුරා සියලු රටවල් මරණ දඬුවම තහනම් කළ යුතු බවයි. ඒ වෙනුවට වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන මෙන් උන් වහන්සේ එක්සත් ජනපද නායකයන්ගෙන් ඉල්ලා සිටියහ. දැඩි අත්පොලසන් මධ්‍යයේ කොන්ග්‍රස් සභාවට ඇතුළු වූ පාප් වහන්සේ ප්‍රධානම අවධානය පළ කළේ සංක්‍රමණිකයන් පිළිබඳ අර්බුදයටයි. සංක්‍රමණිකයන් දෙස 'තවත් අංකයක්' ලෙසින් නොව 'මනුෂ්‍යයකු' ලෙසින් බලන්නැයි උන් වහන්සේ අයැද සිටියහ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකය ඉතා බරපතල සංක්‍රමණික අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කළ උන් වහන්සේ, විශේෂයෙන්ම වඩා යහපත් ජීවිතයක් පතා මධ්‍යම ඇමෙරිකානු රටවල සිට එක්සත් ජනපදයට ළඟාවීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ සභාවේ සියලු දෙනා නැගිට අත්පොලසන් දුන්හ.
ගණිත විෂය වෙනුවෙන් පිදෙන ඉහලම සම්මානයකට හිමි කම් කී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ පදක්කම බ්‍රසීලයේදී සොරකම් කර තිබේ.
කුර්දි ජාතිකයෙකු වන මහාචාර්ය කවුචර් බිර්කාර් (Caucher Birkar) ඉරානයේ සිට එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ සරණාගතයෙකු ලෙසය මෙම සම්මානය හඳුන්වන්නේ 'ෆීල්ඩ්ස් මෙඩ්ල්' (Fields Medal) යනුවෙනි. කුර්දි ජාතිකයෙකු වන මහාචාර්ය කවුචර් බිර්කාර් (Caucher Birkar) ඉරානයේ සිට එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ සරණාගතයෙකු ලෙසය. ඔහු ගණිත විෂයට සිදුකළ සේවය වෙනුවෙන් ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානයට පාත්‍ර වූ ගණිතඥයන් හතර දෙනා අතරින් කෙනෙකි. නමුත් සම්මානය දිනාගෙන මිනිත්තු කීපයක් ගත වෙද්දී, කැරට් 14 රත්‍රන්වලින් තැනූ පදක්කම නැති වී ඇති බව ඔහුට ඒත්තු ගියේය. මෙම පදක්කම ඔහු සිය පසුම්බිය සහ ජංගම දුරකථනයත් සමග බෑගයක දමා උත්සවය පැවැත්වෙන ශාලාවේ මේසයක් මත තැබූ බව බ්‍රසීල රූපවාහිනී මාධ්‍යයක් වන TV Globo වාර්තා කර සිටී. ඔහු වහාම ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඔවුන් කළ සොයා බැලීමකදී බෑගය හමු වූවත් පදක්කම සහ පසුම්බිය හමු වී නැත. කවුද මේ කවුචර් බිර්කාර්? කවුචර් බිර්කාර් උපත ලබා ඇත්තේ ඉරාන-ඉරාක මායිමේ ඇති කුර්දිස්තාන පළාතක පිහිටි ගොවිපළකය. 1980 වර්ෂවල අට වසරක් පුරා පැවති ඉරාන-ඉරාක යුද්ධය මධ්‍යයේ ඔහු හැදී වැඩී තිබුණි. ඔහු තරුණ කාලයේදී සම්බන්ධ වී සිටි ටෙහෙරාන් නගරයේ ගණිත සංගම් ගොඩනැගිලි බිත්තිවල ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානලාභීන්ගේ ඡායාරූප එල්ලා තිබෙණු දුටු බව කවුචර් බිර්කාර් Quanta සඟරාවට පවසා තිබේ. " 'මට මේ අය අතරින් කෙනෙක් කවදා හරි මුණගැසෙයිද?' කියලා මම ඒ පිංතූර දිහා බලාගෙන මටම කියාගත්තා. ඉරානයේ ඒ කාලේ තිබුණ තත්වය හැටියට, මම දැනගෙන හිටියේ නැහැ බටහිර රටකට යන්න ලැබේද කියලවත්," ඔහු පැවසීය. ටෙහ්රාන් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටින අතරතුර ඔහු එක්සත් රාජධානියට සංචාරය කර එහි දේශපාලන සරණාගතභාවය ලබා ගත්තේය. කාලය ගෙවී යනවාත් සමග ඔහු ගණිතයට දැක්වූ විශේෂ දක්ෂතා නිසා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, 'Leverhulme Prize' නම් තවත් ගෞරවනීය සම්මානයකින් පිදුම් ලබා ඇත. සෑම වසර හතරකට වතාවක් විශේෂ දක්ෂතා දක්වන වයස අවුරුදු 40ට අඩු ගණිතඥයෙකු මෙම ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානයෙන් පිදුම් ලබයි. මේ තොරතුරුද දැනගන්න:
ආබාධිත පුද්ගලයන් රවටා ඇතැම් පුද්ගලයන් මූල්‍ය වාසි ලබා ගැනීමට පෙලඹී ඇතැයි නැගෙනහිර පළාතේ ආබාධිත පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියා කරන සමිතියක් චෝදනා කරයි.
සිය අවශ්‍යතා ඉටුකර දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත් වී ඇතැයි ආබාධිත වූවෝ මැසිවිලි නගති. නැගෙනහිර පළාතේ වෙසෙන ආබාධිත පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් යුද්ධයට ගොදුරු වූවන්. ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයන් ගේ දිනය නිමිති කර ගනිමින් අද (දෙසැ.19) මඩකලපුවේ උත්සවයක් පැවති අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව දිස්ත්‍රික් ආබාධිත පුද්ගලයන් ගේ සමිතිය එක්ව එම උත්සවය සංවිධානය කොට තිබිණි. "යුද්ධය පැවතුණ ප්‍රදේශවල, ආබාධිත පුද්ගලයන් සිය ගණනක් යුද සලකුණු ලෙස ජීවත් වෙනවා. ආබාධිත තත්වයට පත් එවැනි පුද්ගලයන්ගෙන් වාසි ලබා ගැනීම පිළිකුලට හා කනගාටුවට කරුණක්," උත්සවය ඇමතූ මඩකලපු දිස්ත්‍රික් ආබාධිත පුද්ගලයන් ගේ සමිති එකමුතුවේ සභාපති එස් පරමනන්දරාජා පැවසීය. සිය ජීවිත යළි ගොඩ නගා ගැනීමට නොහැකිව දුකෙන් වේදනාවෙන් කල් ගෙවන ආබාධිත ජනතාවට රජය සහ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වී සහන සැලසිය යුතු බව ආබාධිත රජයේ සේවකයකුවන එස් පරමනන්දරාජා පෙන්වා දෙයි. "ශ්‍රී ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නත් ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය බේල් ක්‍රමයට සැකසුණුඅධ්‍යාපනය හා සම්බන්ධ පොත්පත් ලබා දී නැහැ. ආබාධිත පුද්ගලයන්ගේ යහපත උදෙසා අධ්‍යාපන අමාත්‍යංශය එවැනි පොත් නිකුත් කල යුතුයි'' උත්සවයට සහභාගී වූ ආබාධිත පුද්ගලයකුවන එම් යධීස් වැඩිදුරටත් කියා සිටියේය.
"මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික, සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා."
දැනට පිළිස්සුම් තුවාල සඳහා යොදාගන්නේ මිල අධික කෘතීම පැලැස්තර වර්ගයි බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකික විද්‍යාඥයෙකි. ඔහු නමින් ආචාර්ය නන්දික බණ්ඩාර. ආචාර්ය නන්දික බණ්ඩාර,මේ වනවිට කැනඩාවේ 'ඩැල්හව්සී' විශ්ව විද්‍යාලයේ ශාක, ආහාර සහ පරිසර විද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කරන අතරම, ද්‍රව්‍ය විද්‍යාව සහ නැනෝ තාක්ෂණය අධාරයෙන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය හෝ අතුරු නිෂ්පාදන යොදා ගෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා වුවමනා කරන ජීව ද්‍රව්‍ය සෑදීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වී ඇත. විශාල පිළිස්සුම් තුවාලවලට බද්ධ කිරීම සඳහා සම වෙනුවට ආදේශකයක් නිර්මාණය කිරීමේ කාර්යය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූයේ ඒ අනුවය. "පිළිස්සුනු තුවාලයක් තියෙන කෙනෙකුට අපි ඒ තුවාලේ හොඳ වෙන්න උදව් කරන්න ඕනේ. අපි හිතමු ඒක කරන්න පුළුවන් කොහොමද කියලා? දැනට සිදුවෙන්නේ තම ශරීරයේ යම් ස්ථානයකින් සමේ කොටසක් අරගෙන එය පිලිස්ස්සුම් තුවාලයට බද්ධ කිරීම. නමුත් ඒක කරන්න පුළුවන් පොඩි තුවාලෙකට පමණයි. තුවාලය ලොකු නම් එවැනි චර්ම බද්ධ කිරීමක් කරන්න අමාරුයි. ඒකට විසඳුමක් සෙවීමයි මම අරමුණු කරන්නේ." "ලොකු පිළිස්සුම් තුවාලයක් තියෙන කොට තමාගේ ම සම බද්ධ කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැ. කෙනෙකුගේ ලොකු සම කොටසක් ඉවත් කළ හොත් එතනත් ආසාදනය වෙන්න පුළුවන් නිසා. ඒ වෙනුවට දැන් සමාන්‍යයෙන් භාවිත කරන්නේ කෘත්‍රිම පොලිමර්වලින් හදපු හයිඩ්‍රෝ ජෙල් තුවාල ආවරණ හෝ ගොතන ලද අතුරණ (Wound healing hydro-gel or woven mat). නමුත් සමහර වෙලාවට ඒවායේ අඩංගු කෘත්‍රිම පොලිමර් නිසා සමහර අයට ආසාත්මිකතා ඇතිවෙනවා. එහෙම වෙන්නේ කෘත්‍රිම පොලිමර් සම්පූර්ණයෙන්ම අපේ ඇඟට බාහිර දෙයක් වීම නිසා. එසේම ඒවා මිල අධිකයි." කෘත්‍රිම පොලිමර් වෙනුවට ස්වාභාවික පොලිමර් ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රථිපල සාර්ථක බව ආචාර්ය නන්දික පවසයි. ආචාර්ය නන්දික බණ්ඩාර ගොවිපළවලින් ඉවත්කරන කුකුළු පිහාටුවලින් උකහා ගන්නා 'කෙරටීන්' සහ පරිසරයේ එදිනෙදා හමුවන ප්‍රෝටීන් වලින් හෝ 'ලිපිඩ්' වලින් හෝ 'පොලි සැකරයිඩ්'වලින් ලබාගත හැකි 'බයෝ පොලිමර්' (Bio Polymer) පරීක්ෂණ සඳහා යොදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය. "හැබැයි අර කෘත්‍රිම පොලිමර්වලට සාපේක්ෂව ඕනෑම බයෝ පොලිමර් එකක තියෙන ප්‍රශ්ණය තමයි, අඩු ශක්තිය වගේම නම්‍යශීලිත්වයේ අඩුව. අනෙක් එක තමයි, අපි හිතමු කෙරටීන් වලින් ජීව ද්‍රව්‍යයක් හදලා තුවාලය උඩ තිබ්බොත් අපේ සමේ තියෙන ස්වභාවික සෛල ඒකට සවි වීම (Cell adhesion) හරියට වුණේ නැත්නම් අපේ අලුත් සම ඉක්මනට වර්ධනය වෙන්නේ නැහැ." ස්වාභාවික සංඝටක අඩංගු හයිඩ්‍රෝ ජෙල් තුවාලයට සවි වීම සාර්ථක කර ගැනීම සඳහා නැනෝ තාක්ෂණය භාවිත කර පරීක්ෂණ කෙරෙන බව ආචාර්ය නන්දික පැවසීය. "මගේ පරීක්ෂණයේ තියෙන විශේෂ දේ තමයි, ජීව සංඝටක අඩංගු 'නැනිති' යොදා ගැනීම (Nano crystalline cellulose). අපි සෙලියුලොස් කියන්නේ ඕනෑම ගහක ඕනෑම ශාක පත්‍රයක නැත්නම් ලී වල තියෙන ප්‍රධාන ම ද්‍රව්‍යය. ඒක පොඩි කෑලිවලට කඩලා අපිට පුළුවන් නැනෝ සෙලියුලොස් ගන්න. ඒකෙන් කරන්නේ ශක්තියයි නම්‍යශීලී බවයි වැඩි කිරීම." එවිට සෛල එකට බද්ධවීම සිදුවී පිළිස්සුම් තුවාලයේ සම ඉක්මනින් වර්ධනය වෙන බව ආචාර්ය නන්දික සොයා ගෙන ඇත. තව වසර කිහිපයක් තුළදී තම පරීක්ෂණය සාර්ථකව නිමකොට එම නිෂ්පාදනය වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පැවසු ආචාර්ය නන්දික, තම පරීක්ෂණ සඳහා කැනඩාවේ New Frontier Research Fund නම් අරමුදලෙන් අවශ්‍ය මුදල් සැපයෙන බවත් පැවසීය. තවත් පර්යේෂණ ඉහත කී පර්යේෂණයට අමතරව ඔහු කර ඇති තවත් පරීක්ෂණ ගැන ඔහු බීබීසී සිංහල සේවයට කරුණු විස්තර කළේය. ඔහු විසින් සිදුකර ඇති එක් පරීක්ෂණ ක්ෂේත්‍රයක් වන්නේ 'කැනෝලා' ඇටයේ ප්‍රෝටීන් භාවිත කරමින් කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය බයෝ පොලිමර් නිෂ්පාදනය කිරීමයි. "කෘෂිකර්මාන්තයෙන් එන අපද්‍රව්‍යවල පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. කැනෝලා තෙල් හදන කැනෝලා ඇටවලින් තෙල් ටික අරගත්තට පස්සේ ඉතිරිවන දෙයට අගයක් එකතු කිරීමක් වෙන්නේ නැහැ. නමුත් එකේ 40% ක් විතර තියෙන්නේ ප්‍රෝටීන්. කැනෝලාවල අඩංගු ප්‍රෝටීන්වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිය ගැන සෙවීම තමයි මම අචාර්ය උපාධියට කළේ. එමගින් කර්මාන්ත සඳහා බයෝ පොලිමර් හදන්න පුළුවන් කියලා මම සොයා ගත්තා." වර්ෂ 2001 දී කුරුණෑගල, මලියදේව විද්‍යාලයෙන් අපොස උසස් පෙළ සමත් ආචාර්ය නන්දික 2002 වසරේදී පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයට ඇතුළත් විය. 2006 වසරේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවීමෙන් අනතුරුව වසර දෙකක් පමණ පෞද්ගලික අංශයේ රැකියාවක් කළ ඔහු 2010 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණ ආරම්භ කළේය. එහිදී ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ ආහාර විද්‍යාව සඳහා නැනෝ තාක්ෂණය යොදා ගන්නා අකාරය පිළිබඳවය. 2017 වසරේදී සිය පශ්චාත් උපාධිය නිම කළ ආචාර්ය නන්දික 2018 වසරේ ඩැල්හව්සී විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණි. දැන් එහි සහාය මහාචාර්යවරයකු වන නන්දික බණ්ඩාරපවසන්නේ, ඩැල්හව්සී විශ්ව විද්‍යාලයට සම්බන්ධවීමට ලැබීම තමා ලද විශේෂ වරප්‍රසාදයක් බවය. කියවන්න:
පලස්තීන - ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා රොකට් සහ ගුවන් ප්‍රහාර ද එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ලෝද් නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරිණි.
ඊශ්‍රායලය හමුදාව පවසන පරිදි 2014 න් පසු ගාසා තීරයට එල්ල කළ විශාල ම ප්‍රහාරය මෙය ය ගැටුම් උත්සන්නවද්දී ඊශ්‍රායල අරාබි ජාතිකයින් ගෙන ගිය කෝළාහල ඊට හේතු විය. මෝටර් රථ ගිනි තැබුණු අතර ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකට ලක්වීමෙන් මෝටර් රථයක වුන් ඊශ්‍රායල අරාබි ජාතික පියෙක් සහ දියණිය මිය ගියහ. ගාසා තීරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර ඊශ්‍රායලය භූමිය අභ්‍යන්තරයට ඇදී ගියේය. වසර ගණනකින් පසු ඇවිලුණු දරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ අවම තරමින් පුද්ගලයින් 40ක් මිය ගියහ. ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා හි මහල් සංකීර්ණයක් විනාශ වෙයි "අද (මැයි 12) 2.45 විතර සයිරන් වැදුණා. මම ඉන්න ප්‍රදේශය දෙදරුම් කවමින් ඉහළ අහසේ පිපිරීම් වුණා. මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා." සිය අත්දැකීම බීබීසී සිංහල සේවයට විස්තර කිරීම අරඹමින් එසේ පැවසුවේ ගාසා තීරයෙන් එල්ලවූ රොකට් ප්‍රහාරවලට ලක්වූ ඊශ්‍රායලයේ අෂ්කිලෝන් ප්‍රදේශයට ආසන්න බීර්ෂවා නම් ප්‍රදේශයේ සේවයේ නිරත නලින් ලියනගේ ය. "අපිට කියලා තියෙන්නේ, හදිසියකදී සේෆ්ටි රූම් එකට යන්න කියලා...මට එන්න කියලා ගෙදර ඔක්කොම එතනට දිව්වා. මම බලාගන්නේ පැරලයිස් වුණ ලෙඩෙක් එයාව ඔසවන්නේ මැෂින් එකකින්. ඒත් මට ඒක කරන්න වෙලාවක් නැති වුණා. මට ම හිතාගන්න බැහැ එයාව අරගෙන රෝද පුටුවට ගත්තේ කොහොමද කියලා. ඒ අරගෙනයි සේෆ්ටි රූම් එකට ගියේ. " "ගෙවල්වල කට්ටිය අපිට කියලා තියෙන්නේ, හදිසියකදී ලෙඩාව ගන්න බැරිනම් ඒ ගැන හිතන්න එපා කියලා. ඒත් කොහොමද ඒක කරන්නේ... මම බලාගන්න කෙනා, මනුස්සයෝ නේ..." නලින්ගෙන් වචන පිට වූයේ හැගුම්බර ස්වරයකිනි. ලන්ඩන් වේලාවෙන් බදාදා දහවල් 1.14 ට පමණ ගත් දෙවෙනි ඇමතුමට ඔහුට පිළිවදන් දිය හැකි වුයේ විනාඩියක පමණ කාලයකි. "අම්මෝ... ඔන්න ආයේ ගහනවා... පස්සේ කතා කරන්නම්." යැයි කලබලේ පැවසූ නලින් දුරකථනය විසන්ධි කළේය. විනාඩි 15 කට පමණ පසු ඇමතුමක් දුන් ඔහු තත්ත්වය පහව ගිය බව දන්වා සිටියේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු අඟහරුවාදා රාත්‍රියේදී ලෝද් නගරයට බලපාන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ජෙරුසලම හා අනෙකුත් ප්‍රදේශ වෙතට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස ගසා හි සටන්කරුවන් ඉලක්ක කර කරන බවය. සඳුදා සිට මධ්‍යම හා දකුණු ඊශ්‍රායලය වෙත පලස්තීන සටන්කරුවන්ගෙන් 1,000 ට අධික රොකට් ප්‍රහාර එල්ල විණි. අඟහරුවාදා (මැයි 11) ගාසා තීරයේ මහල් සංකීර්ණයක් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කිරීමෙන් අනතුරුව තමන් ටෙල් අවිව් නගරය ඉලක්ක කළ බව පලස්තීන සටන්කරුවෝ පවසති. තවත් මහල් සංකීර්ණයක් ඊශ්‍රායල ප්‍රහාරවලින් බිඳ වැටුණු අතර මහල් 12 කින් යුතු අල්-ජවහරා ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස පදිංචිකරුවන්ට අවවාද කර තිබිණි. එසේ වුවත් සිවිල් වැසියන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එම ප්‍රහාරයෙන් පසු ටෙල් අවිව් සහ බීර්ෂෙවා වෙත රොකට් 200 ට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව පලස්තීන සටන්කරුවෝ පැවසූහ. "රෑ නින්දේ ඉන්නකොට එකපාරට ම සද්දෙට අවදි වුණා. මට දැනුණේ හරියට මම ඉන්න ගෙදර කඩා වැටෙනවා වගේ. මම මේ රටට ඇවිත් අවුරුදු 7 ක්. ඒ වසර ගණනාවේ ම යම් සිදුවීම් වුණත් මේ තමයි මම මෙතෙක් මුහුණ දුන් බරපතල ම අවස්ථාව," යැයි බීබීසී සිංහල සේවයට පැවසුවේ බීර්ෂේවා ප්‍රදේශයේ ම රැකියාවේ නියුතු ටෙක්ලා ය. "රටේ මිනිස්සු එක්ක ඉන්නකොට අපිට එතරම් බයක් කියන එක දැනෙනවා නම් අඩුයි. කොහොම වුණත් තානාපති කාර්යාලය දැන්වීමක් එවල තිබුණා පාස්පෝට් එක සූදානම් කරගෙන ඉන්න කියලා" යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය. දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් හා යුදෙව් ප්‍රජාවන්ගේ ශුද්ධ ප්‍රදේශයක් වන ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය. උණුසුම් තත්ත්වය අවසන් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියහ. ඔවුන් "මහා පරිමාණ යුද්ධයක් කරා තත්ත්වය උත්සන්න කරනවා" යැයි මැදපෙරදිග පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් පැවසීය. සෞඛ්‍ය නිලධාරීන් හා වෛද්‍ය අංශ සඳහන් කරන පරිදි මෙතෙක් ගැටුම්වලින් කුඩා දරුවන් 10 ඇතුළුව අවම තරමින් පලස්තීනුවන් 35 දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ලෝද් හි නොසන්සුන් තත්ත්වය අතරේ මියගිය පුද්ගලයකුගේ අවමගුලක් ලෝද් හි සිදුවුයේ කුමක්ද? ටෙල් අවිව් නගරයට ආසන්න ලෝද් නගරය තුළ ඊශ්‍රායල අරාබි ජාතිකයින් ගෙනගිය උද්ඝෝෂණ මහා පරිමාණ කැරැල්ලක් දක්වා වර්ධනය විණි. දිනකට පෙරාතුව නගරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකදී මියගිය ඊශ්‍රායල අරාබි ජාතික පුද්ගලයෙකුගේ අවමගුලකින් අනතුරුව මෙම උද්ඝෝෂණ හට ගැනිණි. ඊශ්‍රායලයේ 'හාස්රෙට්ස්' පුවත්පත වාර්තා කළ පරිදි එම ගැටුම්වලදී අවම වශයෙන් පුද්ගයින් 12 දෙනෙක් තුවාල ලබා තිබිණි. බදාදා (මැයි 12) ගාසා තීරයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරයකට ගොදුරුවූ මෝටර් රථයක ගමන් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ 16 හැවිරිදි දියණිය මිය ගිය බව 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' වාර්තා කළේය. එම දැරියගේ මව ද තුවාල ලබා ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු අඟහරුවාදා රාත්‍රියේදී ලෝද් නගරයට බලපාන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය. 'ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' අන්තර්ජාල පුවත්පත පවසන පරිදි 1966 වසරෙන් පසු අරාබි ප්‍රජාව අරභයා ඊශ්‍රායල ආණ්ඩුව හදිසි බලතල යොදවන පළමු අවස්ථාව මෙය වේ. ඊශ්‍රායල හමුදාව සහ ගාසා තීරයේ පලස්තීන සටන්කරුවන් අතර ගැටුම් ඊශ්‍රායලය තුළ වෙසෙන අරාබි සුළුතරය අතර නොසන්සුන් තත්ත්ව මතුකරන්නේ එය උද්ඝෝෂණ දක්වා දිගහැරෙමිනි. ඊශ්‍රායල අරාබි ජනයා වෙසෙන අනෙකුත් නගරවල මෙන්ම නැගෙනහිර ජෙරුසලම හා බටහිර තීරයේද මෙසේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අතර බීබීසී සිංහල සේවය සමග තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් මහේෂ් ගුණවර්ධන කියා සිටියේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් විදේශ අමාත්‍යාංශය දැනුවත් කරන බවය. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට අදාළ නිවේදන නිකුත් කර ඇති බව කී ඔහු, විමසීම් සඳහා විශේෂ දුරකතන අංක දෙකක්ද ඔවුන් වෙත සපයා ඇති බව පැවසීය. පළමු ලේකම්වරයා සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුවත්භාවය අනුව 5,000 ට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවල යෙදී සිටිති.
සාමය තේමා කරගත් නාට්‍යයක් නිපදවා එය උතුරු ප්‍රදේශයේ ප්‍රදර්ශනයකොට 'සංහිඳියාව' ගොඩනැගීමට උත්සාහ දරනු වෙනුවට එම ප්‍රදේශවල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් පරිවර්තනයකර ප්‍රදර්ශනය කිරීම ඵලදායී බව ප්‍රවීන නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල පවසයි.
ඔහු මෙසේ පැවසුවේ 'හුණුවටයේ කතාව' නව නිෂ්පාදනයේ පරිවර්තනයවූ 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යය උතුරේ ප්‍රදේශ කිහිපයක ප්‍රදර්ශනය කෙරෙන අතරේ වවුනියාවේදී බීබීසී සංදේශය සමග සාච්ඡාවකට එක්වෙමිනි. හුණුවටයේ කතාව නාට්‍යයේ අයිතිය පැහැදිලි කළ පරාක්‍රම නිරිඇල්ල, "හෙන්රි ජයසේනයන් ඔහුගේ හුණුවටය නාට්‍යයේ අයිතිය මට 2009 වර්ෂයේදී ගිවිසුමක් මගින් පවරා දුන්නා.මම ඉන් පස්සේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ''කොකේෂියන් වයිට් සර්කල්'' මුල් කෘතිය සමග මේක සසඳා බලමින් අවුරුදු දෙකක පමණ කාලයක් පර්යේෂණයක් කළා'' යැයි පැවසීය. එම පර්යේෂණයේ ප්‍රතිඵලයක් වූ හුණුවටයේ කතාව නව නිෂ්පාදනය පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ ඔහු,''හෙන්රි ජයසේනයන් ඉතාම හොඳ නාට්‍යයක් නිෂ්පාදනය කළත් මම දැක්කා මුල් කෘතියේ සියළුම දේ මේ හුණුවටය කතාවේ ඇතුළත් වෙලා නැහැ කියලා'' යනුවෙන් කියා සිටියේය. ''මේකට හේතුව වුණේ හෙන්රි ජයසේනයන් 1967 දී හුණුවටය නිෂ්පාදනය කරනකොට ශ්‍රී ලාංකිකයින්ට යුද්ධයක් ගැන අවබෝධයක් නොතිබීමයි. මේ නිසා ජර්මනියේ නාසි හමුදාවේ යුදමය තත්ත්වය හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය තුළින් ගිළිහී ගොස් තිබෙනවා.'' යැයි ද පරාක්‍රම නිරිඇල්ල පෙන්වා දුණි. ඔහුගේ නව නිෂ්පාදනය තුළ යුදමය පරිසරයේ තොරතුරු බහුල අතර වැල්පාලමේ ගීය ඇතුළු සියලු ගීත ද දෙබස් ඛණ්ඩ ද වෙනස් වී ඇත. ඒ අනුව, ''මේකෙදි මට ලොකු චෝදනාවක් ආවා හෙන්රි ජයසේනගේ හුණුවටය නාට්‍ය විකෘති කළා කියලා.'' යැයි ඔහු කීය. මෙම නව නිෂ්පාදනය සඳහා පාත්‍රවර්ගයා තෝරාගැනුණේ 2003 වසරේදී පරාක්‍රම නිරිඇල්ල විසින් බිහි කරන ලද ජන කරළිය නාට්‍ය කණ්ඩායමෙනි. ඊට අයත්වූ සිංහල හා දෙමළ ශිල්පීන් ඇසුරින් මේ වනවිට නාට්‍ය දහයකට අධික ප්‍රමාණයක් නිපදවා ඇත. කුලදේ ෂන්මුගලිංගම් විසින් පරිවර්තනය කරන ලද හුණුවටයේ කතාව නව නිෂ්පාදනය යුනෙස්කෝ සංවිධානයේ මුල්‍ය අනුග්‍රහය ලද බව නිරිඇල්ල පැවසීය. හුණුවටයේ කතාව නව නිෂ්පාදනයේ මෙන් ම එහි දෙමළ පරිවර්තිත නාට්‍යයේ ගෘෘෂා චරිතයට පණ පොවන්නී ලීලාවතී සෙල්වරාජ් නම් තරුණිය ය. ''වෙන්කට්ටි වට්ටම්''දෙමළ නාට්‍ය කරනකොට මට බයක් නෑ...මොකද ඔක්කොම දෙබස් මගෙම භාෂාවෙන්නේ තියෙන්නේ.සිංහල එක කරනකොට පොඩි බයක් දැනෙනවා වරදියි කියලා..ඒත් ටික වෙලාවක් යනකොට ඒක හරි යනවා.'' යැයි වවුනියාවේ පාසල් වේදිකාවක කළ රංගනය අවසානයේදී බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ලීලාවතී පැවසුවාය. ''සිංහල පළාත්වලට ගිහිං හුණුවටයේ දෙබස් මම සිංහලෙන් කියලා ඉවර වෙලා අපිව හදුන්වා දෙනකොට තමයි කට්ටිය දන්නේ මම දෙමළ කෙනෙක් කියලා..එයාලට පුදුමයි..මටත් පුදුමයි මම කොහොමද ගෲෂා චරිතයට සාධාරණය ඉටුකරණ ගමන් වෙන භාෂාවක දෙබස් කියන්නේ කියලා. හැඟීම් වලදිත් නිරූපණයෙදිත් මට ප්රශ්නයක් නොවෙන්නේ හුණුවටය දෙමළ නාටය තුළ මම ජීවත් වෙන නිසයි.මට හිතෙනවා මේක දෙන්නෙක් කළානම් සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්'' යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය. හුණුවටයේ කතාව නව නිෂ්පාදනයේ දෙමළ පරිවර්තිත නාට්‍යයේ ගෘෘෂාගේ චරිතය දෙස අවධානය යොමුකරන විට ඇය මුහුණ දෙන ගැටලු සියල්ල යුද සමයේදී උතුරු නැගෙනහිර ජනතාව මුහුණ පෑ තත්ත්වයට සමාන බව පරාක්‍රම නිරිඇල්ල පැවසීය. ඒ හේතුවෙන් ම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන අත්දැකීම් විමසා බැලෙන නාට්‍යයක් වශයෙන් 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයට එම ප්‍රදේශවල ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉතා ඉහළ බව ද ඔහු පෙන්වා දුණි. සිංහල හා දෙමළ ශිල්පීන් ඇතුළත්වීම, ජාතීන් දෙකට ම පොදු සංගීත රටාවක් ඇසුරු කිරීම, අන්තර්ගතය තුළ ජාති භේදය නිරූපණය නොවීම යන කරුණු මත 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යය සංහිඳියාව ගොඩනැගීමේ සාර්ථක මෙවලමක් බව ද පරාක්‍රම නිරිඇල්ල පැවසීය.
විද්‍යා සිවලෝගනාදන්, සේයා සදෙව්මිණි සහ කේසර කහඳලියනගේ යන දරුවන්ගේ නම් මෑතදී ශී‍්‍ර ලංකාවේ පුවත් ශීර්ෂ පාඨයන් සැරසුවේ ඉතා ඛේදනීය වූ හේතු පාදක කරගනිමින්.
ඔවුන් තිදෙනා මෙන්ම අප‍්‍රමාණ වූ තවත් දරුවන්, කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් ඇතැම් විට සිය මරණයෙන් පවා කෙළවර වූ ඉතා නින්දිත සහ අතිශය කෲර ආකාරයේ ලිංගික හිංසනයන්ට ගොදුරුව වින්දිතයින් බවට පත්වී සිටිති. මෙම හිංසනයන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් (Gender Based Violence - GBV) ගණයෙහි ලා ද සැළකේ. මෙකී හිංසනයන් විසින් මේ වන විටත් විද්‍යා සහ සේයාගේ අහිංසක ළමා විය මෙන්ම ජීවිත ද උදුරා ගෙන හමාරය. ඔවුන්ගේ එම කටුක අත්දැකීම් හමුවේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිටුදැකිය යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳව ශී‍්‍ර ලංකාව තුල විවාදයක් මතු වී තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳ ගැටලුව හුදෙක් බටහිර ලෝකයෙන් මතු වූ ප්‍රවණතාවයක් නොවේ. එය අප අතර ද බහුලව දැකිය හැකි අපරාධයකි. විශේෂයෙන්ම, දකුණු ආසියානු සංස්කෘතිය විසින් අපේ යුගයේ මෙම නින්දිත රහස සහ සමාජීය වසංගතය වසන් කිරීම මෙතෙක් සමත් වී තිබෙන බව පැහැදිලිය. සැබවින්ම මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවකි. කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකාරිනී මහාචාර්ය රෂිඩා මන්ජෝ විසින් මෑතකදී ප‍්‍රකාශ කරන ලද පරිදි, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විශේෂයෙන්ම කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය 'කාන්තාවන් සහ ගැහැණු ළමුන් සිය නිවෙස් සහ ප‍්‍රජාවන් තුල දෛනිකව අත්විඳින බිහිසුනු ගැටුමක්' ලෙස සැළකිල්ලට යොමු විය යුතුය. 'ලිංගික හිමිකාරත්වයක්' ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විවිධ සමාජයන් විසින් සිය ප‍්‍රජාවන් තුල කාන්තාවන් සහ ගැහැණු ළමුන් අසමානයන් ලෙසින් සැලකීමේ ප‍්‍රතිඵළයකි. පවතින පුරුෂාධිපතිවාදී රටාව තුල, මෙය පුරුෂයන් සිය බලය කාන්තාවන් හා ගැහැණු ළමුන් කෙරෙහි ප‍්‍රචණ්ඩකාරී ලෙස මුදා හැරීමකි. කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයේ පවතින තත්වය සම්බන්ධයෙන් Care Sri Lanka ආයතනය 2103 දී එලි දක්වන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව ශී‍්‍ර ලංකාවේ තෝරාගත් දිස්ති‍්‍රක්ක හතරක නියැදියකින් 14% ක පිරිමින් පිරිසක් තමන් ස්තී‍්‍ර දූෂණය ඇතුළු ලිංගික හිංසනයන් සිදුකර ඇති බව පිළිගෙන තිබේ. එම නියැදියේ පිරිමින් ගෙන් අඩකට වැඩි පිරිසක් ඔවුන්ට එසේ කිරීමට ලිංගික හිමිකාරත්වයක් ඇතැයි හැඟුණු බව පැවසූහ. මෙසේ ස්තී‍්‍ර දූෂණ ඇතුළු ලිංගික හිංසන වල නියැලූණු බවට පිළිගත් පුද්ගලයින්ගෙන් තුනෙන් එකක්ම සිය ගැටවර වියේදී ප‍්‍රථම ලිංගික දූෂණය සිදු කිරීමට පෙළඹුණු බව ප‍්‍රකාශ කර තිබීම බිහිසුණු තත්වයකි. ස්තී‍්‍ර දූෂණවල නියැලූණු පිරිමින්ගේ නියැදියෙන් අඩකට වැඩි පිරිසක් ප‍්‍රථම වතාවට එම අපරාධය සිදු කර තිබෙන්නේ බොහෝ විට විවාහ දිවියට ඇතුළු වන වයස වන අවුරුදු 20-29 අතරතුර වයස් කාලයේදී. නීතිය සහ ආකල්ප දිස්ති‍්‍රක්ක හතරෙහිම මෙම සෑම පිරිමියෙක්ම පාහේ ඔවුන් සිදු කළ ස්තී‍්‍ර දූෂණ අපරාධය සම්බන්ධයෙන් කිසිදු නීතිමය විපාකයකට හෝ දඬුවමකට මුහුණ පා නොතිබීම භයානක තත්වයකි. ස්ත්‍රී දූෂණය ඇතුළු ලිංගික හිංසනය සඳහා නීතියෙන් දඬුවම් නොලබා, වරදකරුවන් සමාජයේ නිදහසේ සිටීම ශ‍්‍රී ලංකාවේ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එයින් පෙනී යන්නේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් ස්ත්‍රී දූෂකයන්ට අත්සිටවූ සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් වැඩි වැඩියෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයට පාත්‍රවීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විසින් වෛවාහික දූෂණය ලිංගික අපරාධයක් ලෙස හඳුනා නොගැනීම හමුවේ නීතිය බලාත්මක කරන නිළධාරීහු මෙම හිංසනය 'බරපතළ හිංසනයක්’' ලෙස නොදකිති. එසේම කාන්තා මූළික පවුල් සහ හමුදාමය භට පිරිස් අධික වශයෙන් සැරිසැරීම හරහා වන උතුරුකරයේ අත්දැකීම්, දිළිඳු ජීවන මට්ටම් ඇතුළු වතුකරයේ පසුබිම, සනීපාරක්‍ෂාව සහ විවිධ සංස්කෘතිකමය සම්ප‍්‍රදායන්හි ව්‍යාප්තිය මෙන්ම නුපුහුණු කාන්තා ශ‍්‍රමිකයින් සිය වෘත්තීන් සඳහා සිය නිවස්නයන් හා හුරු පුරුදු ප‍්‍රජාවෙන් නික්මී අභ්‍යන්තර හා බාහිර වශයෙන් සංක‍්‍රමණය වීමේ දී පවතින අඩු ආරක්‍ෂාව ආදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් කෙරෙහි වන අවදානම් සහගත තත්වයන් ඉහළ නංවන පරිදි වූ මෙම සන්දර්භය හා සබැඳි විශේෂිත සමාජ ස්ථරයන්ද තිබේ. පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය කේසරගේ සිදුවීම ද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිරිමියෙකුට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකුට එරෙහිව සිදුවන යම් ලිංගික අපරාධයක් පිළිබඳ නිසි, සාධාරණ හා යුක්ති සහගත මැදිහත්වීමකට සූදානම් නැති බව පෙන්නුම් කරන්නකි. ඔහු සිව් මසක් පුරා පිට පිටම දූෂණයට ළක් වීමේ බරපතළ කාරණය නොසළකා හැර සිද්ධියට අදාළ අපරාධකරුවන් ඇප පිට මුදා හැර තිබේ. මෙම විනිසුරු තීරණය පිරිමින් අත්දකින ලිංගික හිංසනයන් නීතියේ සමාන ආරක්‍ෂාව ලැබීමට තරම් සැළකිය යුතු කාරණයක් නොවන බවට ඔහු තුල පවතින ස්වයං විශ්වාසය පිළිඹිබු කිරීමක් ද? කළ යුත්තේ කුමක්ද? ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් කිසිසේත්ම නොඉවසන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පහසුකම් සැපයීමේ විශාළ කර්තව්‍යක් රජය, නීති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ සිවිල් සමාජය අභියස පවතී. එමෙන්ම ප‍්‍රමාණවත් නීතිමය හා මනෝ සමාජීය ප‍්‍රතිචාරයන් දැක්වීම පිළිබඳ වූ ඉතා වැදගත් භූමිකාවක් ද සෑම පුද්ගලයෙකුම සතුව පවතී. "ඔබ කිසිවෙකු වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට ඔබේ අනෙක් ඇඟිලි තුන ඔබ වෙතම එල්ල වනු ඇත," යන ආප්තෝපදේශය ප්‍රකාර කාන්තාවන්, ගැහැණු ළමුන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයින්ද සමානව සැළකිය යුතු බවට තමන් විශ්වාස කරන්නේදැයි සියලු දෙනා තමන්ගෙන්ම විමසිය යුතුය. මෙවැනි හිංසනකාරී ආකල්ප දරමින් ප‍්‍රචණ්ඩ හැසිරීම් පළ කරන සිය මිතුරන්, පුතුන් හෝ සගයින් කෙරෙහි සිය විරුද්ධත්වය පළ කරන්නේද? යන කරුණු ගැන සෝදිසි කළ යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනය ශී‍්‍ර ලංකාවෙන් අතුගා දැමීමට සැබෑ අවශ්‍යතාවයක් පවතින්නේ නම් මේ ව්‍යාධිය පිළිබඳ වගකීම අප සෑම දෙනා විසින්ම භාරගත යුතුය. (කමණි ජිනදාස නිව්යෝර්ක් නුවර ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික කාන්තාවකි. මේ ලිපිය ඇයගේ පුද්ගලික අදහස වන අතර, එය කිසිසේත් ම ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ හෝ බීබීසී යේ මතය නියෝජනය නොකරයි.)
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලවෙමින් තිබෙන තර්ජන හා පහරදීම් තමන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
"අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බව, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බවයි, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලබා ඇති නිවේදනයක සඳහන් වෙන්නේ. එක්සත් ජනපදය එසේ අවධානය පළ කරන්නේ තම සංවිධානයේ ජ්‍යෙෂ්ට සාමාජිකයකුට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අතර, නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු අධිකරණයේ ඉදිරියේ නඩුවක් ද පවරා තිබේ. මේ අතර දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැඟූ රොමේෂ් ද සිල්වා, ජයම්පති වික්‍රමරත්න, ජේ සී වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය රකින්නන්, සිවිල් සංවිධාන සහ රටේ සිදුවීම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අනෙක් සියලු දෙනාගේ භාෂණයේ නිදහස සහතික කරන මෙන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
උතුරු ඉන්දියාවේ මහා ගංවතුරට කොටුව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ප්‍රයත්නය තවත් දැඩි කොට ඇති බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙන්නේ.
තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ. ඉන්දීය ආණ්ඩුව එහි පවතින තත්වය විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ,'ජාතික අර්බුදයක්' හැටියටයි. ආරක්ෂක හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර,ගංවතුරින් විනාශ වී ගිය මහා මාර්ග සහ පාලම් යළි ඉදිකිරීමේ දුෂ්කර ප්‍රයත්නයක් ද ආරම්භ කොට ඇති බවයි, ඉන්දීය වාර්තා මගින් වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවර මෝසම් වැසි සමඟ මතු වූ ගංවතුර උවදුර ඉතාම බරපතළ හාණි සිදු කරන ලද 'උත්තර්කාන්ද්' ප්‍රාන්තයේ දිවි බේරුන ජනතාව වෙනත් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනයාමේ විශේෂ දුම්රිය සේවයක් ද ආරම්භ කොට ඇත. මේ අතර,තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ. සහන සැපයුම් ආයතන අතර සම්බන්ධීකරණ ඌනතාවයක් ඇති බව ඉන්දීය නිලධාරීන් විසින් පිළි ගනු ලැබ ඇති අතර, උද්ගතව පවතින බරපතළ තත්වය යටතේ ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් 'උත්තර්කාන්ද්'ප්‍රාන්ත මහ ඇමතිවරයාප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙමින් ඇතැයි ද වාර්තා වෙයි.
විශේෂ කාර්ය සාධක බලකායට අයත් නව ඒකකයේ පළමු මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පවසයි.
සීනී ගබඩා කර තිබූ කන්ටේනරයක් තුළ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය පවසයි ඉහත කී විශේෂ ඒකකය සහ මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයක් වෙත ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පවසන්නේ. ඉදිරියේදීත් මෙවැනිම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙසීයක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ. අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. සීනි ගෙන්වන මුවාවෙන් බ්‍රසීලයේ සිට මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා තිබෙන අතර කිලෝ ග්‍රෑම් 50 සීනි බෑග් අතරේ කළු පැහැති ගමන් මළු තුනක මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවත් පොලිසිය කියා සිටියේය. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බව ඉහත කී මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ඉන්දීය භාණ්ඩ නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති බව වාර්තා වේ.
සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි. නැව සෝමාලියාවේ වෙරළ තීරය දෙසට යාත්‍රා කරමින් පැවති බව ආරංචි මාර්ගයක් සඳහන් කළ ද, එහි ගමනාන්තය හෝ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. මෙම සිදුවීම වාර්තාවූයේ, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිතව මොගඩිෂු වෙත යාත්‍රා කරමින් තිබියදී සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඉන්ධන නැවක් නිදහස ලබා සති දෙකක් ඉකුත්ව යද්දීය. එය 2012 වසරින් පසු සෝමාලි මුහුදු තීරය ආශ්‍රිතව වාර්තාවූ පළමු නැව් කොල්ලකෑම ලෙස වාර්තා විණි. "ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් එය සෝමාලි වෙරළ තීරය දෙසට යාත්‍රා කරන බවත් අප දන්නවා." යැයි පුන්ට්ලන්ඩ් පළාතේ මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අබ්දිරිසාක් මොහමඩ් දිරිර් රොයිටර් පුවත් සේවයට පැවසීය. ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් ජ්‍යාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහයෝගයේ එක් ප්‍රතිපලයක් ලෙස, කප්පම් ගැනීමේ මාර්ගයක් වශයෙන් පැවති සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි. මුහුදු කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසරේදී එවැනි පහරදීම් 237ක් වාර්තාවූ අතර වාර්ෂික මුහුදු කොල්ලකාම්වල අගය ඩොලර් බිලියන 8 දක්වා ඉහළ ගියේය. බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගෝර්ඩන් පවසන පරිදි, දශකයකට පමණ ඉහතදී සෝමාලි ධීවරයින් මුහුදු කොල්ලකෑම් සඳහා පොළඹවන ලද කරුණු තවමත් පවතී. මේවනවිට සෝමාලියාව සාගතයකට ගොදුවී තිබේ. දුගී බව ව්‍යාප්තව ඇති අතර තරුණ පිරිසට රැකියා අවස්ථා අල්පය. ආසියානු ධීවර යාත්‍රා මගින් ප්‍රදේශයේ මතය සම්පත සොරාගෙන යාම හේතුවෙන් එහි අර්බුදකාරී තත්වයක්ද හටගෙන ඇත.
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම අත්හිටවූ බව ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසයි.
මුළුමනින්ම විනාශ කිරීම හෝ වෙනත් දෙයක් සඳහා භාවිතකිරීම යන අදහස් දෙක අතර වූ ගොඩනැගිල්ලේ අනාගතය පිළිබඳව පුළුල් කතිකාවතක් පසුගිය කාලය පුරා සිදුකෙරුණි. ඒ ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම සිය නිර්දේශයක් නොවන බවට ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව විසින් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවය. සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය වොල්ෆ්ගැන්ග් සොබොත්කා ප්‍රකාශ කළේ විශේෂඥ කමිටුවක් විසින් ගොඩනැගිල්ල විනාශකළ යුතු බවට තීරණයක් ගෙන ඇති බවය. සංකේතාත්මක බලය නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට පාත්‍රවීම වැළැක්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබූ ගොඩනැගිල්ල විනාශ කර දැමීමට ඔස්ට්‍රියානු බලධාරීන් තීරණය කළ බව මින් පෙර වාර්තාවූයේ ඒ අනුවය. නමුත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව පවසන්නේ හිට්ලර් උපත ලද නිවස කඩා ඉවත්කිරීමට ඔවුන් තීරණයක් ගෙන නොමැති බවය. ඒ අනුව පරිපාලන ගොඩනැගිල්ලක් වශයෙන් වෙනස් කිරීමට හෝ එහි සංකේතාත්මක බලය ගිලිහී යන ආකාරයේ ඊට සමාන විකල්ප පියවරක් ගන්නා ලෙස එම කටුව නිර්දේශ කර ඇත. 1889 අප්‍රේල් 20 වැනිදා හිට්ලර් උපත ලැබුවේ ඔස්ට්‍රියා-ජර්මානු දේශ සීමාවේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ කුළියට ගෙන තිබූ කාමරයකදීය. නාසි පාලන කාලය තුළ දී නගරයට ඇදී ආ සංචාරකයන් හේතුවෙන් එය හිට්ලර් පුදබිමක් බවට පත්විය. 1944 දී නාසීන් ගේ පාලනය බිඳ වැටෙද්දී එය වැසී ගියේය. හිට්ලර් උපත ලැබුවේ ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවේ කමරයකදීය 'බ්‍රවුනාවුවම් ඉන්' (Braunau am Inn) නමැති මෙම ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට නතුවීම වැළැක්වීමට රජය කොතරම් උත්සාහ ගත්තද තවමත් එය සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. මුළුමනින්ම විනාශ කිරීම හෝ වෙනත් දෙයක් සඳහා භාවිතකිරීම යන අදහස් දෙක අතර වූ ගොඩනැගිල්ලේ අනාගතය පිළිබඳව පුළුල් කතිකාවතක් පසුගිය කාලය පුරා සිදුකෙරුණි. එම මත ගැටුම තවත් සංකීර්ණ වූයේ ගොඩනැගිල්ලේ හිමිකාරිය එය විකිණීම ප්‍රතික්ෂේපකිරීම හේතුවෙනි. නුසුදුසු දෙයකට භාවිතකිරීම වැළැක්වීම පිණිස 1972 සිට රජය විසින් කුලියට ගනු ලැබ තිබූ මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් පුරා එහි හිමිකාරිය වන ගර්ලින්ඩ් පොමර් නම් කාන්තාව සහ රජය අතර ආරවුලකට හේතුවී තිබුණි. අබාධිතයන් සඳහා මධ්‍යස්ථානයක් මේ වනවිට විශ්‍රාම ගෙන සිටින පොමර් මෙම ගොඩනැගිල්ල රජයට විකිණීම නොකඩවා ප්‍රතික්ෂේප කළාය. පසුගිය වසර පහක කාලය තුළ අලුත්වැඩියාකිරීමට ඇය ඉඩ නොදීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල හිස්ව පැවතුණි. එය මීට පෙර අබාධිත පුද්ගලයන් සඳහාවූ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. කෙසේවුවද, සරණාගතයන් සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා කිරීමට අපේක්ෂා කළ පිරිසත් ඔස්ට්‍රියාව නාසි පාලනයෙන් මිදීම සංකේතවත් කෙරෙන කෞතුකාගාරයක් ඇරඹීමට සැලසුම් කළ පිරිසත් ගොඩනැගිල්ල බිඳ හෙළීමේ තීරණය හේතුවෙන් නොසතුටට පත්ව සිටියහ. මෙම ගොඩනැගිල්ල ඉපැරණි උරුමයක් ලෙස නගර මධ්‍යයේ පැවතිය යුතු බව පවසමින් මීට පෙර සංස්කෘතික සංවිධාන කිහිපයක්ම එය බිඳහෙළීමේ යෝජනාවට විරුද්ධත්වය පළ කළහ.
ඉන්දියානු භූමියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානයේ සහාය ලබන අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ පුහුණු වන බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකක් කරන චෝදනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වශයෙන් සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන එල්.ගනේෂන් ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුනේ මෙම අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකා හා පකිස්තාන් රජයේ අනු දැනුම මත ශ්‍රී ලංකාව තුල අවි පුහුණුව ලබන බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරය ප්‍රයෝජනයට ගනිමින් එම අන්තවාදී කණ්ඩායම් ඉන්දියාව තුලට පැමිණෙන බවට ද ඔහු චෝදනා කරයි. පදනම් විරහිත චෝදනා එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසන්නේ, එය සාක්ෂි රහිතව එල්ල කළ පදනම් විරහිත චෝදනාවක් බවයි. "වැරදි මතයක් ප්‍රචාරය කරලා තියෙනවා, ශ්‍රී ලංකාවේ පුහුණු වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා වල නිරත වෙනවා කියලා, නමුත් එය සනාථ කරන්න කිසිම සාක්ෂියක් මේ වන තෙක් ලංකාව තුල හමු වී නැහැ"ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මෙලෙස රහසිගතව කඳවුරු පවත්වා ගෙන යාමට කිසිවකුට හැකියාවක් නොමැති බව පැවසූ හමුදා ප්‍රකාශකයා ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශ නිතරම හමුදා සෝදිසි කිරීම් වලට ලක් වන බව කියා සිටියේය. "ශ්‍රී ලංකා යුද හමුදා පුහුණුව සඳහා පවා ප්‍රදේශ වොයා ගැනීමේ අපහසු තත්වයක් යටතේ ඔය කියන ආකාරයට පුහුණු කිරීම්වලට යොදාගත හැකි ප්‍රදේශ ලංකාවේ නැහැ" බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියි. ත්‍රස්තවාදයට ඉඩ නෑ තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව කිසිදු දිනක ත්‍රස්තවාදයට සහාය නො දක්වන බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය. පකිස්තානයේ ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉන්දීය පොලීසිය පසුගියදා ඉන්දියාවේ දී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
තමිල්නාඩුවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි දෙනකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධීවරයන් පනස් දෙදෙනකු ද නිදහස් කළ බව දෙරටේ බලධාරීහු පවසති.
ත්‍රිකුනාමල බන්ධනාගාරයෙන් නිදහස ලබා යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් විසි දෙනකු නිදහස් කරන ලද බව ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසූ අතර ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටි තවත් ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු ද නිදහස් කරන ලදැ'යි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වරයා බීබීසී තමිලෝසයි හා කියා සිටියේය. නිදහස් කරන ලද ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ චෙන්නායි ශාඛාවට භාර දී ඇති අතර, යාපනයේදී නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් පිරිස ඉන්දීය තානාපති නිලධාරීන්ට භාර දෙනු ලැබ තිබේ. දෙරටේ ධීවර ගැටළු සම්බන්ධයෙන් ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර තමිල්නාඩුවේ දී ජනවාරි විසි වැනිදා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ධීවර ගැටලුව විසඳීමට ප්‍රධාන බාධකයක් බව පවසන ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, එබැවින් විසි වැනි දින අදාල සාකච්ඡා පැවැත්වීමද ස්ථිර නැතැයි බීබීසී දෙමළ සේවයට පැවසීය. තමිල්නාඩුවේ පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශයේත් ලාංකික ධීවරයන් සිර ගත කොට සිටින බව ඉරිදා ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඔවුන් සැම දෙන නිදහස් කරන තුරු ශ්‍රී ලාංකික අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් නිදහස් නොකැරෙන බව ද සඳහන් කළේය.
ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කැපවීම හේතුවෙන් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් සමත්වී සිටී.
ක්‍රිස්ටල් රීඩ් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය ද සමග ඇය ක්‍රිස්ටල් රීඩ්. ජනිත් රුක්මාල් සමග එක්ව 'එනේබල් ලංකා' (Enable Lanka) පදනම නිර්මාණය කොට ඔවුන් දෙදෙනා වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් දියත් කළහ. 'වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානයෙන් ඇය පිදුම් ලැබීමට හේතු වූයේ ඔවුන්ගේ එම කැපවීමයි. ක්‍රිස්ටල් පවසන අන්දමට එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි. සිය සම්මානය ලබාගැනීම සඳහා ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඇය බීබීසී සංදේශය මැදිරියටද ගොඩවැදුනාය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ගෙන් සුභපැතුම් සිය පදනම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති තුලින් ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය උපාංග ලබා දීමට අමතරව ඔවුන්ට සමාජයේ අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ක්‍රිස්ටල් පවසන්නීය. 2015 වසරේ මහ මැතිවරණය සමයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහාය ද ඇතිව දිවයින පුරා විසිර සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ක්‍රියාකිරීමට සහ ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට 'එනේබල් ලංකා පදනම' සමත් වූ බව එහි සම නිර්මාතෘවරිය පවසයි. ඒ යටතේ මැතිවරණ කොමසාරිස් වරයාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් සැපයීමට සිය පදනම මූලික වී ක්‍රියා කළ බවත් ක්‍රිස්ටල් පවසනීය. ආබාධ සහිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ පහසුකම් සැපයිය යුතු බව රජය හඳුනාගෙන තිබුනද එතෙක් එම සේවා නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් නොතිබුණු බව ඇය පෙන්වා දෙයි. ඊට අමතරව පසුගිය වසරේ 'LISN පෙරළිය' නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමට සිය පදනම ක්‍රියා කළ බව පැවසූ ඇය, ඒ හරහා දෘශ්‍යාබාධිත විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු දැනගැනීමට ඇති බාධා අවම කිරීමට ක්‍රියා කළ බවත් බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. (ක්‍රිස්ටල් රීඩ් සමග සාකච්ඡාවට සවන්දෙන්න) ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත සිසුන්ට තොරතුරු දැනගැනීම සඳහා භාවිත කළ හැකි ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට සිය පදනමට හැකියාව ලැබුණත්, ඉතා දුෂ්කර පළාත් වල සිට අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත පැමිණ සිටි ඇතැම් ආබාධ සහිත ශිෂ්‍යයන්ට ස්මාට් ජංගම දුරකථන ලබා දීම දුෂ්කර කටයුත්තක් වූ බවයි ඇය පවසන්නේ. කෙසේ වෙතත් සැම්සන් සමාගම සිය ව්‍යාපෘතියේ කොටස්කරුවකු කරගැනීමට සමත් වීමත් සමග එම ස්මාට් ජංගම දුරකථන ලබා ගැනීමටත් ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල කීපයක දෘශ්‍යාබාධිත සිසුන් වෙත එම උපාංග ප්‍රධානය කිරීමටත් හැකි වූ බව ඇය පැහැදිලි කළාය. බොහෝ අවස්ථා වල සිය ව්‍යාපෘතිවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම අපහසු වුවත් සමාගම් වලට එම ව්‍යාපෘතියේ කොටස්කාරිත්වයක් හිමිකර දීම තුලින් අවශ්‍ය උපාංග සහ සේවා ලබා ගැනීමට හැකියාව පවතින බව 'එනේබල් ලංකා පදනමේ' සම නිර්මාතෘවරිය පෙන්වා දෙන්නීය. මෙම සම්මානය දිනා ගැනීම හේතුවෙන් සිය පදනමේ ඉදිරි ව්‍යාපෘති සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයෙන්ද මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබුණු බව ක්‍රිස්ටල් රීඩ් බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන තරු පහේ කැසිනෝ සංකීර්ණයක් සඳහා ඩොලර් මිලියන හාරසියයක මුදලක් ආයෝජනය කරන බව ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් (James Packer) තහවුරු කරයි.
Sands casino complex in Macau ශ්‍රී ලංකාවේ සංචාරක කරමාන්තයේ සංවර්ධන හැකියාව සලකා බලා එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් සිඩ්නි නුවර දී ව්‍යාපාරිකයන් අමතා කියා සිටියේ. කැසිනෝ සල් යෝජිත සංකීර්ණයේ කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්‍රණ ශාලා, හා කැසිනෝ සල් ද ඉදි වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රජයත්, ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස ව්‍යාපාරික හවුල්කරුවන් සමගත් සාකච්ඡා කළ බවත් ඔහු කියා සිටියේය. කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවයි ඔහු කියා සිටියේ. ඕස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළ වෙත ප්‍රකාශයක් නිකුත් කරන කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් සඳහන් කළේ; “රටේ අනාගතය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේක ශ්‍රී ලංකාවට ආසියාවේ බැබළීමට ලැබෙන අවස්ථාවක් “ සුපිරි සංචාරක කර්මාන්තයක් එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සුපිරි සංචාරක කර්මාන්තය අලුතින් නිර්මාණය වනු ඇති බව පැවසූ ඔහු මේ සමග ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් සංචාරකයන් ඇදී එනු ඇති බවත් ප්‍රකාශ කළේය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, සහ මැකව් දුපත් වල කැසිනෝ ව්‍යාපාර පවත්වා ගෙන යන ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් පිලිපීනයේ මැනිලා නුවර කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයේදී අත්සන් තැබීමට යෝජිත සංශෝධිත 'පෝට් සිටි' වරාය නගර ව්‍යාපෘතියද නීති විරෝධී බව පරිසරවේදීහු පවසති.
ව්‍යාපෘතියට අනුමැතිය ලබාගැනීමේ සිට මුල සිටම සියල්ල ක්‍රියාත්මක වූයේ නීති විරෝධී ආකාරයකින් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සජීව චාමිකර, සංශෝධිත ව්‍යාපෘතියෙන් පවා ශ්‍රී ලංකාවට බරපතල අලාභහානි සිදුවන බවට අනතුරු අඟවයි. මුල් අදියරේදී හෙක්ටෙයාර 233 ක ප්‍රමාණයක ඉදිකිරීමට නියමිතව තිබුණු වරාය නගරය, යහපාලන ආණ්ඩුව විසින් හෙක්ටෙයාර 269 දක්වා වැඩි කර තිබෙන බවයි සජීව චාමිකර පවසන්නේ. සංශෝධිත ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට ව්‍යතිරේකයක් එක් කිරීමත් නීති විරෝධී බව වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි. "ඒ වාර්තාව සඳහා රජය දැඩි බලපෑමක් කරලා කොන්දේසි 71 ක් යටතේ අනුමැතියක් ලබාගෙන තියෙනවා," බව පවසන සජීව චාමිකර වැඩිදුරටත්කියා සිටියේ එම කොන්දේසි කවරේදැයි ජනතාවට හෙළි කර නැති බවයි. කෙසේ නමුත් රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රටක බලධාරීන්ට සිදුවන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, එය සැබෑවක් නමුත් වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අවාසි සහගත වූවක් බවයි. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වරාය නගර ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක වූ අවස්ථාවේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ධීවරයන් විසි දහසකට ආසන්න පිරිසක් අවතැන් වූ බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් අගමැතිවරයාගේ චීන සංචාරය පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියා සිටියේ ශ්‍රී ලංකාවට වාසි සහගත වන ආකාරයේ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බව නියෝජ්‍ය විදේශ ඇමති නියෝමාල් පෙරේරා අවධාරණය කරයි.
උප ජනාධිපති රාමෆෝසා ශ්‍රී ලංකාව පිළිබඳ ජනාධිපති සූමාගේ විශේෂ නියෝජිතයාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ දූත පිරිසක් සහ ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් වෙන වෙනම දකුණු අප්‍රිකාවේ සංචාරය කොට දකුණු අප්‍රිකානු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධ ජනාධිපති සූමා ගේ විශේෂ නියෝජිතයා වශයෙන් මේ වසර මුලදී සිරිල් රමෆෝසා නම් කරනු ලැබිණ. දෙදින සංචාරයක් සඳහා ඔහු සඳුදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු ඉන්දියාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කොට ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඉන්දීය සංචාරය පසුගිය නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති ජේකබ් සූමා, ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම් වස් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සූදානම් බව සඳහන් කළේය. 'පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බලාපොරොත්තුව' එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම ශ්‍රී ලංකාව තුලින්ම මතුවිය යුත්තක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සහ රමෆෝසා ගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව කියා සිටියේය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විදේශීය රටවල සහාය පැතීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නම් ඒ පිළිබඳව සිය විරෝධයක් නැතත්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් "දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ ආර්ථික සහ සාමාජයීය ගැටළු විසඳීම" මෙම චාරිකාවේ අරමුණ බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම පිණිස දකුණු අප්‍රිකාව ඇතුළු විදේශීය රටවල සහාය පැතීම අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ දැඩි විවේචනයට ලක් වී තිබේ. මේ අතර විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමේ අරමුණද ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම බව පවසන නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ හෝ අහෝසි කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවද සංදේශයට පැවසීය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව යූඑස්ඒඩ් ආයතනයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබුණු වැඩසටහන්වලට විරෝධය පළ කිරීම පිළිබඳව විමසු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට කිසිදු රටකට අයිතියක් නැති බවයි.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම් වස් තමන් ගෙන යන වැඩපිළිවෙල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අගය කිරීමට ලක් වූ බව ජාතික බල සේනා සංවිධානයේ වටරැක විජිත හිමියෝ පවසති.
බොදු බල සේනා සංවිධානයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව 'නීතිය ක්‍රියාවට නඟනවා' සිය වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරන මෙන් තමන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, තමන්ට ආරක්ෂාව සලසා දෙන බවට පොරොන්දු වූ බවත් එහිමියෝ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියහ. තර්ජන නොතකා මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීම්වලට සහභාගි වන ලෙසද ජනාධිපතිවරයා විජිත හිමියන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. වටරැක විජිත හිමියන් පසුගිය සති අන්තයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේයි, ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දී තිබෙන්නේ. "ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා," යනුවෙන්ද එහිමියෝ පැවසූහ. 'මානව වර්ගයාට එරෙහිව' ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ ප්‍රකාරම එය ඉටු කළ බවත්, දැන් තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් එහිමියෝ කියා සිටියහ. වටරැක විජිත හිමියන් සොයමින් බොදු බල සේනා සංවිධානය පසුගිය බදාදා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයට කඩා වැදුනේ විජිත හිමියන් සහ ජනාධිපතිවරයාගේ එම හමුවෙන් අනතුරුවයි. එම සිදුවීමෙන් අනතුරුව යලිත් වරක් දුරකථනයෙන් තමන් අමතා තත්වය විම ජනාධිපතිවරයා, බොදු බල සේනාවට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බවට දැනුම් දුන් බවත් විජිත හිමියෝ පවසති. 'ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා' ඊට පෙරාතුව ජාතික බල සේනා සංවිධානය හඳුන්වා දීමේ කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවටද බොදු බල සේනා සංවිධානය කඩා වැදුනේය. බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වන එහිමියන් පවසන්නේ, බොදු බල සේනාව තමන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම එරෙහි ව්‍යාපාරයක යෙදෙමින් 'අපායට ගමනක' යෙදී සිටින බවයි. 'මරණාධාර සමිතියක්' සිංහල බෞද්ධයා ආරක්ෂා කිරීම සඳහා බව පවසමින් එම සංවිධානය සිංහල බෞද්ධයා ප්‍රපාතයකට ඇද දමා තිබෙන බවද එහිමියෝ බීබීසී සංදේශයට කියා සිටියහ. 'මොහමඩ් විජිත' යනුවෙන් අපහාසාත්මක ලෙසින් විජිත හිමියන් හඳුන්වා දුන් බොදු බල සේනා සංවිධානයේ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේ, විජිත හිමියන් දැනටමත් ශාසනයෙන් නෙරපා දමා ඇති බවද පවසති. කෙසේ නමුත් තමා ශාසනයෙන් නෙරපූ බව පවසන සංවිධානය 'මරණාධාර සමිතියක්' බවයි, වටරැක විජිත හිමියන් සංදේශයට කියා සිටියේ. කලෙකට පෙර ගංගොඩවිල සෝම හිමියන් තමන්ට එරෙහිව එල්ල කළ චෝදනා පදනම් විරහිත බවද එහිමියෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන් හෝ විදේශීය සංවිධානවලින් සිය සංවිධානයට කිසිදු මූල්‍ය අනුග්‍රහයක් නොලැබෙන බවත් වටරැක විජිත හිමියෝ අවධාරණය කරති.
ෆේස්බුක් හෝ කිසිදු සමාජ මාධ්‍ය ජාලයක තමන්ගේ නමින් ගිණුමක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායක අරවින්ද ද සිල්වා අවධාරණය කරයි.
'ව්‍යාජ පුවතක්' ඔහු ඒ බව කියා සිටියේ තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් ව්‍යාජ ප්‍රචාර පතුරවන බව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. පුවත්පත්වලට හෝ විද්‍යුත් මාධ්‍යවලට ඇතැම්විට සම්මුඛ සාකච්ඡා ලබා දෙන නමුත් කිසිදු අවස්ථාවක තමන් සමාජ මාධ්‍ය ජාලවලට හෝ වෙබ් අඩවිවලට අදහස් නොදක්වන බව ද ඔහු අවධාරණය කළේය. පසුගිය සමයේ තමන් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ වෙබ් අඩවිවල පළ වන බොහෝ පුවත් පළ වන නමුත් ඒ කිසිවක් තමන්ගේ ප්‍රකාශ නොවන බවත් අරවින්ද ද සිල්වා සඳහන් කළේය. විශේෂයෙන්ම තමන්ට බලය තිබුණේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරන්නේ කුමන ක්‍රීඩකයන් ද වැනි ප්‍රකාශයක් තමන් කිසි දිනෙක නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවා අවධාරණය කළේය. උප සභාපති පදවිය සිය පැමිණිල්ල ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කරන මෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය ඔහුට දැනුම් දී තිබේ. ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බව එම සංසදය ඒ අවස්ථාවේ සඳහන් කළ බවත් ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ජයන්ත ධර්මදාස ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති පදවියට ඔහු පත්කිරීමට සභාපති තිලංග සුමතිපාල තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. එහෙත් තමන් තවමත් එවැනි තීරණයකට එළඹී නොමැති බව සඳහන් කළ අරවින්ද ද සිල්වා, කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උපකාර කිරීමට ඕනෑම මොහොතක තමන් සූදානම් බව ද පැවසීය. තිලංග සුමතිපාල සභාපතිවරයා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගිය මැයි මාසයේ එම පදවියෙන් ඉල්ලා අස්විය. 'Fake News' හෙවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රකාශයට පත්වීම ලොව පුරා ප්‍රබල අවධානයට ලක්ව තිබෙන කරුණකි. මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව මුහුණ දී සිටින ඉරණම හමුවේ බෙදා හැරෙන පුවත් සහ ඡායාරූප පිළිබඳව විශේෂ ගවේෂණයක් කළ බීබීසී සිංහල සේවය, ඒ ඇතැම් ඡායාරූප සහ රෝහින්ග්‍යා ගැටලුව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළිදරවු කළේය. ව්‍යාජ පුවත් යනු කවරක් ද යන්න පිළිබඳව සහ ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද බීබීසී සිංහල සේවය මීට ඉහතදී කිහිප වරක්ම වාර්තා කළේය. ව්‍යාජ පුවත් වර්ග දෙකකි ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද? ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.
ලොව බොහෝ රටවල් මීට කලෙකට ඉහතදීම ප්‍රතික්ෂේප කළ මරණ දඬුවම ශ්‍රී ලංකාවේද නීති පොතෙන් ඉවත් කළ යුතු බවට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිර්දේශ කරයි.
"මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි" ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන මානුෂීය සමාජයක් බිහිකිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරනු වස් මරණ දඬුවම අහෝසි කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. "මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි," කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් එවැනි තීරණයක් මගින් මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය කෙරෙන බවයි ඇය පවසන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේදී බහුල වශයෙන් මරණ දඬුවම පැනවෙන්නේ 'දිළිඳු, කළුජාතික පුරුෂයන්ට' මරණ දඬුවම පැනවීම මගින් අපරාධ අඩුවන බවක් කිසිදු පර්යේෂණයකින් සනාථ වී නැති බව පෙන්වා දෙන මහාචාර්ය උඩගම, ඒ සඳහා වෙනත් ආකාරයේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපාදන තිබිය යුතු බවත් පවසයි. සභාපතිනිය පෙන්වා දෙන පරිදි ශක්තිමත් අපරාධ විමර්ශන ක්‍රමයක් සහ සාධනීය මට්ට්මක පවතින අධිකරණ ක්‍රමයක් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයන්. "ශ්‍රී ලංකාවේ සමහරක් වෙලාවට අපරාධ නඩුවක් අහන්න අවුරුදු දහයක්, දොළහක් යනවා," ආචාර්ය දීපිකා උඩගම සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. එම ක්‍රියාදාමය වේගවත් කර ඉක්මනින් තීන්දු දිය හැකි නම් අපරාධ රැල්ල අඩුකිරීමට එය දායක වනු ඇති බව පවසන ආචාර්ය උඩගම, එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් ඔත්පල වූ සමාජයක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු වනු ඇතැයි සිතීම තර්කානුකූල නොවන බවත් පවසන්නීය. 'සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක' "සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක." "ඒ වගේම මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල පෙනෙන්න තියෙන්නේ එතරම්ම ආර්ථික ශක්තියක් නැති, හොඳ නීතිඥවරුන්ගේ සහාය ලබාගන්න බැරි, සමාජයේ කොන්වෙච්ච කොටස්වල පුද්ගලයෝ තමයි බොහෝ දුරට මරණ දඬුවමට ගොදුරු වෙන්නේ." විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේදී මරණ දඬුවම බහුලව පැනවෙන්නේ දිළිඳු, කළුජාතික පුරුෂයන්ට බව දත්ත විශේලේෂණය කිරීමෙන් පැහැදිලිවම පෙනී යන බවත් ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙන්නීය. සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව එල්ලවීමෙන් අනතුරුව සමාජය තුල මතු වූ ආන්දෝලනය හමුවේ තමන් මරණීය දණ්ඩනය පැණවීමට විරුද්ධ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එවන් වාතාවරණයක් තුල කොමිසමේ ඉල්ලීමට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ වනු ඇතිද යන්න, බීබීසී සංදේශය කොමිසමේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්. රාජ්‍යය, ඝාතකයා බවට පත් නොවිය යුතු බව ආචාර්ය උඩගම ගේ අදහසයි ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාර තමන් සිය යුතුකම ඉටු කළ බව පවසන ආචාර්ය උඩගම වැඩිදුරටත් සඳහන් කළේ මරණ දඬුවම ජාත්‍යන්තර නීති පොතෙන් ඉවත් කරනු ලැබ දැන් බොහෝ කලක් ගතවන බවයි. "බොහෝ අවස්ථාවල අපි දකිනවා, මේ වගේ බිහිසුණු අපරාධකරුවන් මානසික රෝගීන්. ඔවුන් එල්ලා මැරුවයි කියල සමාජය යහමගට යයි කියන එක ඇත්තවශයෙන්ම හිතාගන්න බැහැ." පළිගැනීමේ චේතනාවෙන් ලබාදෙන බිහිසුණු දඬුවම් මගින් කිසියම් රටක සමාජ වාතාවරණය සාධනීය වෙනසකට ලක් කළ හැකිදැයි මහාචාර්ය උඩගම ප්‍රශ්න කරයි. වර්ණභේදවාදය පරාජය කළ දකුණු අප්‍රිකාවේ අධිකරණය මුලින්ම සිදු කළ කටයුතු අතර මරණ දඬුවම ඉවත්කිරීම ද තිබුණු බව සිහිපත් කරන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ගැටුම් පැවති අප්‍රිකානු රටවල් කිහිපයක්ම ගැටුම් හමාරයේ මානව හිතවාදී සමාජයක් බිහි කිරීමේ අරමුණින් 'රාජ්‍යය ඝාතකයා බවට පත්වන' එම දඬුවම අහෝසි කළ බව වැඩිදුරටත් සඳහන් කළාය.
විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් අද (මාර්තු 24) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතු කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තිය යටතේ "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" "එහි මායිම් වෙනස් කිරීමට අවශ්‍ය නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදු කළ හැක්කේ අදාළ විෂය භාර ඇමතිවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය" යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව උක්ත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් ගැන පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ වුවත් 2012/2013 වර්ෂවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම් හැරුණු කොට වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලු ම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කළ බව පොලිසිය පවසයි.
දුමින්ද සිල්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 'මුදල් ලබාගත් බව හෙළි වී තිබෙනවා' පසුගියදා අත්අඩංගුවට පත්වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවකු බව පැවසෙන සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ. 2012 වසරේ සිට 'වෙලේ සුදා' යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කොට රුපියල් ලක්ෂ 80,000 අධික මුදලක් උපයා ගන්නට ඇතැයි හෙළිවුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම මුදල්වලට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීමේදී ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාත් අතර යම් මුදල් ගණුදෙනුවක් සිදුවී ඇතැයි හෙළි වූ බව අජිත් රෝහණ ප්‍රකාශ කළේය. භාරත ලක්ෂමන් "ඒවගේම දුමින්ද සිල්වා යන අය පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මිය ගිය කුඩු ලාලිත යන අයගෙන් මුදල් ලබාගත් බවත් හෙළිවී තිබෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරයාට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගය බලපාන කාලයත් 'දීර්ඝ කරලා' භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාලව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රටින් පිටවීම වළක්වමින් දී තිබෙන අධිකරණ නියෝගය බලපවත්වන කාලසීමාව දීර්ඝ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. ගිණුම් පරික්ෂා කිරීමෙන් පසු තවදුරටත් කරුණු අනාවරණය වුවහොත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. පොලිසිය එල්ල කරන චෝදනාව පිළිබඳව විමසීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇමතීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක නොවීය. ශ්‍රී ලංකා බලධාරීන් විසින් පකිස්ථානයේ දී අත්අඩංගුවට ගැනුණු 'වෙලේ සුදා' නමැති සැකකරු පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සමඟ මුදල් හා දේපළ ගණුදෙනු සිදු කළ බවට සැකකෙරෙන හිටපු පොලිස්පතිවරයකු හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳවත් තොරතුරු හෙළි වී තිබේ.
පළාත් තුනක පළාත් සභා මැතිවරණවල ඡන්ද විමසීම මුව විටේ තිබියදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක්ම වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලට නව පළාත් සභා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි මඩකලපුවේ ඔට්ටමාවඩි සහ වාලච්චේනයි ප්‍රදේශවලදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් පැහැර කෑමට ලක් වී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි. එහිදී මුස්ලිම් කොන්ග්‍රසයේ එක ආධාරකරුවෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය. වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය මෙවර මැතිවරණයට තරඟ වදින්නේ සන්ධානයේ හවුල්කරුවෙකු ලෙසින් නොවේ. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රදේශයේ "ඉතා සංවිධානාත්මකව" ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූ බව පවසන ඔහු, අවසාන මොහොත දක්වාම ඒවා පාලනය කිරීමට කිසිදු උත්සාහයක් නොදරූ බවට බලධාරීන්ට චෝදනා කරයි. මේ හැරුනුකොට දෙහිඅත්තකන්දිය සහ වාලච්චේනයි ප්‍රදේශවල බාහිරින් පැමිණි විශාල පිරිසක් ලැගුම්ගෙන සිටීම නිසා ප්‍රදේශයේ ජනතාව බියට පත්වී සිටින බවද කැෆේ සංවිධානය පවසයි. උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලට නව පළාත් සභා තෝරාගැනීමේ ඡන්ද විමසීම හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. සබැඳි තේමා
හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා ශූරතාවලිය වෙනත් රටකට පැවරීමට තීරණයක් ගෙන නැති බව ආසියානු ඔලිම්පික් මණ්ඩලය ප්‍රකාශ කරයි.
'එහෙම තීන්දුවක් ගන්න මහා සමුළුව පැවැත්වුනේ නෑ' ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන් ඒ බව කියා සිටියේ, 2017 ක්‍රීඩා උළෙල පැවැත්වීම කටාරයේ ඩෝහා නගරයට පැවරීමට තීරණය කොට ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් එහිදී තමන්ට වාර්තාවක් ලබා දෙනු ඇති බවයි, හයිදර් ෆාර්මන් පවසන්නේ. ඉන් අනතුරුව කවුන්සිලයේ සමුළු රැස්වීමේදී එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය. මාස නමයක් ශූරතාවලිය පැවැත්වීම පිණිස හම්බන්තොට නගරයේ පවතින සූදානම ප්‍රමාණවත් නොවන බව මීට කලින් ශ්‍රී ලංකාවට දැනුම් දුන් ආසියානු බලධාරීන්, එය කඩිනම් කිරීම පිණිස ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නේය. ක්‍රීඩා උළෙල හම්බන්තොට නගරයෙන් ඉවත් කෙරෙන්නේ නම් එයට හේතුව යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව, ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ හැටලුවක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මීට ඉහතදී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ආසියානු ඔලිම්පික් මණ්ඩලයේ තීන්දුව කවරක් වුවත් හම්බන්තොට ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම දිගටම ක්‍රියාවට නගන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මතභේදයට ලක්ව සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් අවලංගු කරනු ලැබ තිබේ.
පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රථම විදේශ සංචාරය මෙයයි. පිලිපීන ජනාධිපතිවරයා විසින් 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාව හැඳින්වීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගිනිකොනදිග ආසියා රටවල සමුළුව නොහොත් 'ආසියාන්' (ASEAN) සමුළුව ලාඕසයේ දී ආරම්භවූයේ රාජ්‍යතාන්ත්‍රික නොමනාපයක් සමගයි. පිලිපීනයේ මත්ද්‍රව්‍ය මර්ධනය නමින් සිදුවන මිනීමැරුම් සම්බන්ධ කාරණය සමුළුවේ දී මතුකරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිලිබඳ අදහස් දක්වමිනුයි පිලිපීන ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබුණේ. පිලිපීන ජනපති ඔහුගේ අසාමාන්‍ය භාෂා හැසිරවීම පිලිබඳව ප්‍රසිද්ධියක් ලබා සිටින නමුත් මෙවර ඔහුගේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපානු ඇති බවයි පැවසෙන්නේ. පසුව ප්‍රකාශයක් කරමින් දුටර්ටේ පවසා තිබුණේ තමන්ගේ ප්‍රකාශය පෞද්ගලික ප්‍රහාරයක් වීම පිළිබඳව කණගාටුවන බවයි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පළුදු මකා දැමීමට කටයුතු කරනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකර තිබුණේ. එහෙත් පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීන් සහ පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු ලෝක නායකයන්ට අපහාස වන ආකාරයෙන් කරන ඔහුගේ භාෂා විලාශය නවතා දැමීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ජනාධිපතිවරු දෙදෙනාම ලාඕසයේ පැවැත්වෙන ගිනිකොනදිග ආසියා රටවල සමුළුවට සහභාගී වී සිටිති. පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි නොමනා වදන් වලින් ඇමතුවේ ඇමරිකානු ජනාධිපතිවරයා පමණක් නොවේ. මීට ප්‍රථම පාප් වහන්සේ 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස හැඳින් වූ ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී "ක්‍රේසි" ලෙස නම් කළේය. ඉන් නොනැවතුණු ඔහු පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයාව හඳුන්වා තිබුණේ "වෛශ්‍යවකගේ සමලිංගික පුතෙකු" ලෙසටයි.
මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි.
තමා ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් වලට එරෙහි වීම මෝඩ ක්‍රියාවක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය. පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි. පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. මැනිලා නුවර මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවෙකු මරා දැමුණු ස්ථානයට රැස් වූ ජනතාවගෙන් පිරිසක් මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි. "මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ. "ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ. "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා බව එක්සත් ජාතික පක්ෂය (එජාපය) චෝදනා කරයි.
ජිනීවා යෝජනා 'ශ්‍රී ලංකාවට එරෙහිව නොවේ' එහෙත් අදාළ යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීම මගින් එක්සත් ජාතික පක්ෂය විදේශ බලවේගවලට උදවු කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් බවයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ. "ජිනීවාවල සැබෑ තත්වය ජනතාව දන්නේ නැහැ. බොහෝ මාධ්‍ය උත්සාහ කරන්නේ රට ආරක්ෂා කරන්න නෙමෙයි, ආණ්ඩුව ආරක්ෂා කරන්නයි," යනුවෙන්ද ඔහු පැවසීය. 'ඥාතීන් තානාපති සේවයට' වර්තමානයේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ අපකීර්තියට ලක්වීමට ප්‍රධානම හේතුව දුර්වල තානාපති සේවය බව පවසන කිරිඇල්ල මන්ත්‍රීවරයා, තානාපති සේවයට පත්කර තිබෙන ඉහල නිලධාරීන්ගෙන් 40% ක්ම නුසුදුස්සන් බවද පවසයි. "තානාපති සේවයට පත් කරලා තියෙන්නේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, විශ්‍රාම ගිය දේශපාලකයන්, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. මේ අයට රාජ්‍යතාන්ත්‍රික භාවය ගැන කිසිම දැනුමක් නැහැ." විපක්ෂය 'විදේශීය බලවේගවලට අවශ්‍ය පසුබිම වර්ධනය කරනවා' ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ලෝකයේ ප්‍රබලම රට වන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට තිබෙන්නේ කවර සුදුසුකම්දැයි ප්‍රශ්න කළේය. "ඇමරිකාවට පත් කළ යුත්තේ අපේ ඉන්න හොඳම තානාපති නිලධාරියාව. නමුත් අවුරුදු හතක් තිස්සේ ඉන්නේ තේ වෙළදාම කරන පවුලේ සාමාජිකයෙක්," බවයි, කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුව රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව මන්ත්‍රීවරයාගේ අදහසයි. "පසුගිය අවුරුදු දෙකේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දේවස්ථාන සීයකට විතර පහරදීලා තියෙනවා. එක අවස්ථාවක වත් පහරදුන් අයට නිතිය ක්‍රියාත්මක වෙලා තියෙනවාද? ලෝකේ හැමතැනම මේවා වෙනවා. නමුත් වෙනස තියෙන්නේ ඒ රටවල පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක වීමයි." එහෙත් එක්සත් ජාතික පක්ෂය විදේශීය බලවේගවලට අවශ්‍ය පරිසරය හා පසුබිම වර්ධනය කරන කරුණු ප්‍රකාශ කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ. යුද්ධය පැවති සමයේත් එජාපය කටයුතු කළේ මේ ආකාරයෙන්ම බවයි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ. "අපි යුද්ධයක් කරලා, ජාතීන් අතර සමගිය ඇති කරලා ඒක තව වර්ධනය කරන කොට, ඒකට එරෙහිව එන බලවේග වලට අපි මුහුණ දෙන කොට, අද විපක්ෂය කරන්නේ ඒකට සහාය දෙන්නේ නැතුව ඒක තව අවුල් කරන්නේ කොහොමද කියලා බලන එක," යනුවෙන්ද ඇමතිවරයා පැවසීය. විපක්ෂය උත්සාහ කරන්නේ රටේ ස්වෛරීභාවය හෝ උකසට තබා දේශපාලන වාසි ගැනීමට බවයි, මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ.
හම්බන්තොට රණමයුරපුර නාගර වැව ප්‍රදේශයේ කෙසෙල් වගාවක් සඳහා යොදා තිබූ ගෘහස්ථ විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුමුවට පත් වී ඇත.
වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා සිදු කිරීමට නියමිතයි සෙනසුරාදා, හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී විදුලි සැර වැදී මිය ගිය වන අලියාගේ සිරුර හමු වී තිබේ . මෙලෙස මරණයට පත් වන අලියා වයස අවුරුදු 22 ක පමණ පිරිමි සතෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා සිදු කිරීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් හම්බන්තොට බැරගම ප්‍රදේශයේ හා බැල්ලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බවයි වනජීවී නිලධාරීන් කියා සිටියේ.
කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය නිල වශයෙන් හඳුනාගැනීම සඳහා මෙතෙක් ඔහුගේ පවුලේ කිසිවකු ඉදිරිපත්වී නැති බව මැලේසියානු බලධාරීහු පවසති.
එහෙත්, පැතිර යන ආරංචිවලින් කියැවෙන්නේ නාම් ගේ පුත් කිම් හන් - සොල් මැකාවු සිට ක්වාලාලම්පුර් වෙත පැමිණ ඇති බවය. උතුරු කොරියානු පාලනයේ නොසතුටට ලක්වීමත් සමග කිම් ජොන්ග් නාම් ගේ පවුල අප්‍රකට ජීවිතයකට පිවිසී තිබිණි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ පියාගේ පෙර විවාහයේ පුතු වන කිම් ජොන්ග් නාම් පසුගිය සතියේදී මියගියේ, ක්වාලාලම්පුර් ගුවන්තොටින් නික්ම යාමට සිටියදීය. ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි තවමත් මරණ පරීක්ෂණයට අදාළ රසායනාගාර වාර්තා අපේක්ෂාවෙන් සිටී. හෘදයාබාදයක හෝ පහරදීමක ලකුණු දක්නට නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිෂාම් අබ්දුල්ලා පැවසීය. කිම් ජොන්ග් නාම් ගේ සිරුර තැන්පත් කර ඇති මෘත ශරීරාගාරය අසළ දැඩි ආරක්ෂක රැකවරණ යොදා ඇත. මෙම සිදුවීමත් සමග මැලේසියාව හා උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති අතර මෘත ශරීරය භාර දෙන ලෙසට කළ ඉල්ලීම නොතකමින් උතුරු කොරියාවේ විරෝධය මධ්‍යයේ මැලේසියාවේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෘත ශරීරය හඳුනාගැනීමට සහය වනු පිණිස අවශ්‍යවන දන්ත හෝ වෛද්‍ය වාර්තා කිසිවක් උතුරු කොරියානු තානාපති කාර්යාලයෙන් සපයා නැති බවය. දෙරට උණුසුම් වාදයක පැටලුනේ, මැලේසියාව යමක් වසන්කිරීමට තන්නේයැයි උතුරු කොරියානු තානාපති කාන්ග් චොල් චෝදනා නැගීමත් සමගිනි. "සිද්ධියට දින 7ක් ගත වෙලත් මරණයට පැහැදිලි හේතුවක් නැහැ. මේ වෙලාවේ මැලේසියාවේ පොලිසිය ගෙනයන විමර්ශනය ගැන අපට විශ්වාසය තබන්නට බැහැ," යැයි ඔහු පැවසීය. "මේ විමර්ශනය පසුපස වෙනත් කෙනෙක් සිටින බවට සැකය ඉහළ නැංවීම පමණයි සිදුවී තිබෙන්නේ." කෙසේ වෙතත්, මෙය 'අපහාසයක්' බව පැවසූ මැලේසියාව උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් විමසීමෙන් නොනැවතී ප්යෝන්ග් යැන්ග් හි සිටින සිය තානාපතිවරයා ද යළි කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර මතු වී තිබෙන මතභේදය මගින් සෙනසුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරඟයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී පාකිස්තානය පරාජයට පත් කළේය ශූරතාවලිය අවසානයේ කණ්ඩායම යලි ශ්‍රී ලංකාවට ගිය පසු එම ප්‍රශ්නය නිරාකරණය කර ගනු ඇති බව බීබීසී සංදේශයට කියා සිටි මයිකල් ද මේ මොහොතේ කණ්ඩායමේ අවධානය පළ වී තිබෙන්නේ අවසාන මහා තරඟය ජය ගැනීම පිළිබඳව බවද පවසයි. වෙළඳ දැන්වීම්වලට ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදා ගැනීම මගින් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට ලැබෙන ආදායමෙන් කොටසක් ක්‍රීඩකයන්ට ලබා දීම වසර ගණනාවක් මුළුල්ලේ පැවති ක්‍රමය බව සංදේශයට කියා සිටි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා, මෙවර එය ලබා නොදීමට බලධාරීන් උත්සාහ කිරීම මතභේදයට හේතුව බව පෙන්වා දෙයි. 'සුපුරුදු පරාජය' ඒ සම්බන්ධයෙන් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා කණ්ඩායමට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වූ බව ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් මතු වන තර්කය බවද චන්නක ද සිල්වා පවසයි. මේ අතර බංග්ලාදේශයට එරෙහිව බ්‍රහස්පතින්දා ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණ සෙනසුරාදා තරඟයේදී වෙනස් විය හැකි බව පවසන කළමනාකරු මයිකල් ද සොයිසා, තරඟ වදින එකොලොස් දෙනා තවමත් තීරණය කොට නොමැති බවද සංදේශයට කියා සිටියේය. ලසිත් මාලිංග මෙන්ම ශූරතාවලියේදී එතරම් දස්කම් නොදැක්වූ මහේල ජයවර්ධනත් අනිවාර්යයෙන්ම කණ්ඩායමට එක් වන බවද ඔහු සඳහන් කළේය. ශූරතාවලිය පුරාවටම ඉතා දක්ෂ ලෙසින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ 2008 දී. එවක් පටන් ලෝක කුසලාන ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි ගණනාවකම අවසාන මහා තරඟවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඒ සෑම අවස්ථාවකම පරාජයට පත් වුනේ ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්. එහෙත් සෙනසුරාදා තරඟයේදී එය වෙනස් වනු ඇති බවට කණ්ඩායමේ කළමනාකරු විශ්වාසය පළ කරයි.
අද (බදාදා) දහවල් බොදුබල සේනාවට අයත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ ඇති රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ කාර්‍යාලය වැටලූහ.
ඉන්පසු වටරැක විජිත හිමි එතුළ සැඟවී ඇති බව පවසමින් ඔවුන් කාර්යාල ගොඩනැගිල්ල තුලට ඇතුල් වී ඇත. සිද්ධිය වන විට අමාත්‍යවරයා කාර්යාලයේ නොසිටි බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ වටරැක විජිත හිමියන් විසින් පවත්වන්නට යෙදුනු ජාතික බල සේනා සංවිධානය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට කඩා වැදුණ බොදු බල සේනා කණ්ඩායම ඉන් පසු ඊයේ (අඟහරුවාදා) මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට ගිය විජිත හිමියන් ට එහි ඇතුළු වීමට ඉඩ නො දෙමින් විරෝධතාවය පළ කළහ. මහියංගනයේ පැවති විරෝධතාවයෙන් පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹට රැගෙන ආ විජිත හිමි රිෂාද් ඇමතිවරයාගේ කාර්යාලයේ සැඟවී සිටින බවට ලැබුණ තොරතුරක් අනුවයි ඔවුන් මෙසේ එම කාර්යාලය වටලා ඇත්තේ.
ලෙබනන් ජාතික සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සිරියාවේ ඉහළ අණදෙන නිලධාරී මුස්තාෆා බද්රිද්දීන් මරා දමා ඇති බව වාර්තාවෙයි.
මුස්තාෆා ගේ සොහොයුරු අද්නන් තම සහෝදරයාට වරය පුද කරන අයුරු සිරියාවේ දී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි මාධ්‍යය වාර්තා පවසන්නේ. මරා දැමුණු මුස්තාෆා හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නස්රල්ලා ගෙන් පසු දෙවන ප්‍රධානියා ලෙසටයි සැලකෙන්නේ. මුස්තාෆා බද්රිද්දීන් වසර ගණනාවක් හිස්බුල්ලා සංවිධානයෙන් සිදුකළ මෙහෙයුම් වලට නායකත්වය දුන්නේය 2005 දී ලෙබනනයේ හිටපු අගමැති රෆීක් හරිරි ඝාතනය පසුබිමේ සිටින බවට සැලකෙන මුස්තාෆා බද්රිද්දීන් යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර සම්බාධක වලට ලක්වූවෙකි. 2005 දී බේරුට් නුවර සිදුවූ ඇති විශාල පිපිරීමකින් ලෙබනනයේ එවකට අගමැතිවරයාව සිටි රෆික් හරිරි මරණයට පත්විය හිස්බුල්ලා සංවිධානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ට සහය පළ කරන අතර දහස් ගණනක් සන්නද්ධ සාමාජිකයන් සිරියාවට යවා ඇත.
කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරිය දූෂණය කොට ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා හඳුනා ගෙන සිටින බව පොලීසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයා බෙම්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ. එම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු කර ඇති ප්‍රකාශයේ සත්‍යතාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොටදෙනියාව පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය ප්‍රකාශ කළේය. එසේ කළේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කොට ඔවුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා කොටස් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ලබා ගත ආගන්තුක කොටස් සමඟ සැසඳීම සඳහා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි විසින් ප්‍රකාශ කොට ඇත. එම පරීක්ෂණද සිදු කෙරෙමින් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
යුද අපරාධ චෝදනා පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු විශේෂ නියෝජිත, ස්ටීවන් ජේ රැප් මේ දිනවල නිරත වෙමින් සිටින සංචාරයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුවට පක්‍ෂපාත කණ්ඩායමක් අද බ්‍රහස්පතින්දා කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටියහ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික සංවිධාන එකමුතුව විසින්. එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකාව ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නො තකා හරිමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට අත පොවන බවයි. ජාතික නිදහස් පෙරමුණේ සංවිධායකයකු වූ ගුණදාස අමරසේකර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ස්ටීවන් ජේ රැප් සංචාරය ශ්‍රී ලංකා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ඇමෙරිකාව ගෙන යන වැඩ පිළිවෙලක එක් අදියරක් පමණක් වන බවයි. ජගත් අපරාධ අධිකරණ කාර්යාලයේ ප්‍රධානියා වන ස්ටීවන් ජේ රැප්, ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති අතර, සෙනසුරාදා ආපසු පිටත්ව යාමට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කරනු ලැබීමට නියමිතයි. විශ්වසනීය විභාගයක් ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී ආණ්ඩුව විසින් මෙන් ම දෙමළ කොටි සංවිධානය විසින් සිදු කොට ඇතැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් එල්ල කෙරෙන ජාත්‍යන්තර බලපෑම තීව්‍ර කෙරෙමින් පවතින මොහොතකයි ඇමෙරිකානු විශේෂ නියෝජිතයා ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන්නේ. එම අපරාධ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි මට්ටමේ විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත. එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ලබන මාර්තු මාසයේ දී අධීක්ෂණය කිරීමට මානව හිමිකම් මණ්ඩලය බලාපොරොත්තු වෙන බවයි වාර්තා වන්නේ. දෙබිඩි පිළිවෙතක් එම කාලය වන විට යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අසමත් වුනොත් මානව හිමිකම් මණ්ඩලය විසින් විභාගයක් ආරම්භ කරනු ලබන බව එහි ප්‍රධානී නවී පිල්ලෙයි පවසන්නීය. ඇමෙරිකා එක්සත් ජනපදය ,යුරෝපා හවුල සහ වෙනත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරනු ලැබ තිබුණ කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ගොදුරක් කර ගැනීමට දැන් උත්සාහ කරමින් සිටින බවටයි, අද බ්‍රහස්පතින්දා ධජ පතාක රැගෙන උද්ඝෝෂණය කරමින් සිටි විරෝධතාවාදීන් චෝදනා කරමින් සිටියේ. එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලබන 11 වෙනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගන්නා බවද ඔහු බීබීසි සිංහල සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සම්මේලනයේදී "පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්දැයි" රටට හෙළිකරනු ඇති බව ද ඔහු කියා සිටියේය. තම පක්ෂ අපේක්ෂකයා තේරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යම් සාකච්ඡාවක් සිදු වුයේ දැයි විමසු විට හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ ගැන පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ බවය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි දින කිහිපයේදීත් සාකච්ඡා සිදුවෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුරුන්දැයි හෙළිදරව් කළාට පසුවත් එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්," ඔහු කියා සිටියේය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන සිය පක්ෂයේ පළමු සම්මේලනය ගැන බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) කොළඹදී මාධ්‍ය දැනුවත් කළේය. නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් ලබන අගෝස්තු 11 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි වීමට ඉඩ ලැබෙන බව ද මාධ්‍ය හමුවේදී පක්ෂ නියෝජිතයන් පැවසීය. බැසිල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද යන්න ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර තිබෙන බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. "ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයෙක්" බවත් එම මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි බව මෙහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, "ඔහු ගැන බයවෙන්න දෙයක් නැහැ. ඔහු හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන බව මට විශ්වාසයි," යනුවෙනි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ජනාධිපතිවරණයට එක්ව තරඟ කිරීම පිළිබඳව තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ස්ථිර එකඟතාවයක් තවමත් ඇතිවී නොමැති නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් එම සම්මේලනයට සහභාගි නොවන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්කරන බව පැවසෙන අපේක්ෂකයා පිළිබඳව කිසිදු එකඟතාවයක් තම පක්ෂය සමග ඇතිකරගෙන නොමැති බව ද සඳහන් කළේය. "ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙනවා. විවිධ පක්ෂවලින් කල් තියා නම් කරන අපේක්ෂකයන් ඡන්දය ආසන්න වනවිට වෙනස්විය හැකියි," දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් මෙම සම්මේලනයට සහභාගිවන ලෙස ආරාධනා කර නොමැතිවුවත් එම පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉරිදා (අගෝස්තු 11) පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගීවන ලෙස පුද්ගලිකව ආරාධනා කර ඇති බවය.
කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.
චීනය තුළදී නිපදවන ලද පළමු ප්‍රහාරක යානා නෞකාව මෙය වේ. මේ තත්වය සමග කලාපය තුළ චීනයේ හමුදාමය නියෝජනය තවදුරටත් ඉහළ නංවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි එරට ඊසාන දිගින් පිහිටි ඩාලියාන් වාරයේදී නෞකාව මුහුදට දියත් කර ඇත. මීට පෙරදී වාර්තාවල කියැවුනේ එය 2020 වසරේදී ක්‍රියාත්මකවීම අරඹන බවය. උණුසුමට චීනයේ මැදිහත්වීම කෙසේවෙතත්, චීනය මෙම නෞකාව දියත් කළේ මෑතක සිට ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඉහළ නගිමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේය. නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය මේ දක්වා චීනය සතුව පැවතියේ එක් ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් පමණි. 'ලියාඔනිං' නම්වූ එය යුක්‍රේනයෙන් මිලට ගත් නවීකරණය කරන ලද්දකි. තවමත් නම් කර නොමැති නව ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය. එහෙත්, ඇමෙරිකාව සතු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකා 10 ට වඩා තාක්ෂණික වශයෙන් අඩු මට්ටමක ඇති බව යුද විශ්ලේෂකයින් සිතන බව චීනයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් මක්ඩොනෙල් පවසයි. පසුගිය දිනවල ඇමෙරිකාව විසින් කොරියානු අර්ධද්වීපය වෙත යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) ප්‍රමුඛ යුද නෞකා මෙන්ම යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) මිසයිල සන්නද්ධ සබ්මරිනය යැවීම උතුරු කොරියාවේ කෝපයට හේතුවිණි. මතුව ඇති තත්වය හමුවේ සන්සුන්ව ක්‍රියා කරන්නැයි චීනය ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, මේ තත්වය මධ්‍යයේ චීනය විසින් දියත් කරන ලද යානා ප්‍රවාහන නෞකාව එරට මේ වනවිට සතු වසර 25 ක් පැරණි 'ලියාඔනිං' නැවට වඩා සුවිශේෂ වැඩිදියුණු කිරීමකින් යුතු නෞකාවක් ලෙස සැළකේ. යුක්‍රේනයෙන් මිලදී ගෙන තුබුණු ලියාඔනිං නව නවීකරණය කරන ලද, පැරණි සෝවියට් සමුහාණ්ඩුවට අයත්වූ එකකි. චීනයේ පළමු ප්‍රහාරක යානා නෞකාව වූ 'ලියාඔනිං', නවීකරණ කරන ලද පැරණි සෝවියට් නැවකි චීනයේ ෂින්හුවා පුවත් සේවය පෙන්වාදෙන පරිදි අභිනව නෞකාව ඉදිකිරීම ඇරඹුණේ 2013 වසරේදීය. එය දියත් කිරීමේ අවස්ථාවට චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයාද එක්විය. චීන ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුනේ එරට J-15 ප්‍රහාරක යානා සමග වෙනත් ගුවන් යානා ගෙන යා හැකි මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන්නක් නොවන බවය.
අල්ලස් කොමිසමට අපහාස කිරීමේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොමිසමට අපහාස කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය දීමට පෙර සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කොමිසම විසින් කියවා දිය යුතු බවත් නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රජයේ නීතිවේදියා එම ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ, නියමිත පරිදි වගඋත්තරකරුට එරෙහිව තිබෙන චෝදනා කියවා දීම අවශ්‍ය අතර, විත්තියේ ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම පිණිස කාලය අවශ්‍ය බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය. වැඩිදුර නඩු විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ.
අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පසුගිය නොවැම්බර් විසි හය වැනි දා ජෝන් පිල්ලේ පූජකතුමාගේ නිවසට පැමිණි හමුදා නිලධාරීන් ලෙසින් හඳුන්වා ගත් පිරිසක් ඔහුට තර්ජනය කොට ඇති බව ත්‍රිකුණාමලයේ රදගුරුතුමා පවසති.
'පූජකතුමාගේ බිත්තියට තල්ලු කොට හිසට පිස්තෝලයක් තබා තර්ජනය කරලා' ජෝන් පිල්ලේ පූජකතුමා, ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය අසල පිහිටි ගුවාඩ ලූපේ දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයායි. හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලෙසින් හඳුන්වා ගත් සිවිල් ඇඳුමින් සැරසී, හෙල්මට් පැළඳ පැමිණි පුද්ගලයන් දෙදෙනා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම පිණිස විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට සැරසෙන බවට පූජකතුමාට චෝදනා කරන ලද බව කිංස්ලි ස්වාමිපිල්ලේ රදගුරුතුමා සංදේශයට පැවසූහ. 'දිගටම හෙල්මට් පැළඳ ගෙන' සිංහල භාෂාවෙන් කථා කළ ඔවුන් දෙදෙනා, දේව මෙහෙයට අමතරව ඊට පසු දින එල්ටීටීඊ මහ විරු දිනය සැමරීමේ උත්සව සංවිධානය කරන බවටද චෝදනා කරමින් පූජකතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන ලද බවද එහිමියෝ පවසති. සිය නම් ගම් හෙළි කරන මෙන් ජෝන් පිල්ලේ පූජකතුමා ඉල්ලා සිටි අවස්ථාවේ කෝපයට පත් ඔවුන් දෙදෙනා ඔහු බිත්තිය දෙසට තල්ලු කොට හිසට පිස්තෝලයක් තබා තර්ජනය කොට ඇති බවද රදගුරුතුමා පැවසූහ. මහ විරු දිනය සැමරීමෙන් වළකින මෙන් පූජකතුමාට තර්ජනය කොට අඩ පැයකට පසු යළිත් පැමිණෙන බව කියා ඔවුන් පිටවී ගිය නමුත් යළි පැමිණ නැති බවද එහිමියෝ සඳහන් කළහ. තර්ජනය කළ දෙදෙනා දිගටම හෙල්මට් පැළඳ ගෙන සිටි බැවින් සහ එම අවස්ථාවේ අඳුර පැවති හෙයින් ඔවුන් හඳුනා ගැනීමට පූජකතුමාට නොහැකි වී තිබේ. පොලිසියේ සහයෝගය පූජකතුමා විසින් පොලිසියට සහ අනෙක් පූජකවරුන්ට සිදුවීම දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව රදගුරුතුමාගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනකු පූජකතුමාගේ නිවසට පැය විසි හතර පුරා පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබේ. සිදුවීමෙන් අනතුරුව පූජකතුමාගේ නිවසට පැමිණි ප්‍රදේශයේ හමුදා අණ දෙන නිලධාරියා, හමුදා බුද්ධි සේවයේ සියලු නිලධාරීන් සිය පාලනයට නතු වන අතර පූජකතුමාගෙන් ප්‍රශ්ණ කිරීමට තමන් එවැනි කිසිදු නිලධාරියෙක් පිටත් නොකළේ යයි සඳහන් කළ බවත් රදගුරු ස්වාමිපිල්ලේ පවසති. පූජකතුමා කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොමැති බව හොඳින්ම දන්නා බව පැවසූ පොලිස් සහ හමුදා නිලධාරීන් සිදු වූ දේ සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ප්‍රකාශ කළ බවත් රදගුරු හිමියෝ පවසති. පොලිස් සහ හමුදා නිලධාරීන් එවක් පටන් තමන් සමඟ ඉතාමත් සුහදව සහ සහයෝගයෙන් ක්‍රියා කරමින් සිටින බවත් එහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් මණ්ඩල සමුළුව සඳහා තමා සහභාගී නොවන බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිධරන් ප්‍රකාශ කළාය.
යුද්ධයෙන් විනාශ වූ මුල්ලිවයික්කාල්. උතුරු පළාත් සභාව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීනි ආනන්දි සසිධරන් ජිනීවා සමුළුවට යැවීමට තීරණය කර ඇති බව මීට පෙර ලැබුණු ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. මේ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී ආනන්දි සසිධරන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් මේ සඳහා යවන ලෙස ඇය ඉල්ලා ඇති බවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ, තිරුකෙතීස්වරන් සමුහ මිනී වලින් හමු වූ ඇටසැකිලි විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යාඥයන්ට ආරාධනය කිරීමට පියවර ගත යුතු යයි පවසමින් ආනන්දි සසිධරන් සහ එම්.කේ.සිවාජිලිංගම් මන්ත්‍රී දෙපළ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණ යෝජනාවකට ද උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබුණි. යුද ස්මාරකයක් යුද්ධයෙන් මරණයට පත් පවුල්වල හඬ. එම පළාත් සභාවේ අනුමැතිය ලද තවත් යෝජනාවක් වුණේ, සිවිල් යුද්ධයේ අවසාන ප්‍රහාරයේ දී මරා දැමුණ ජනතාව වෙනුවෙන් මුල්ලිවයික්කාලේ ස්මාරකයක් පිහිට විය යුතු බවයි. මන්ත්‍රී ටී.රවිහරන් විසින් ඉදිරිපත් කරනු ලැබුණ එම යෝජනාවටත් උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබුණි. මිනී මැරුම් චෝදනා යටතේ රිමාන්ඩ් සිර භාරයේ තබා සිටින උතුරු පළාත් සභා විපක්ෂ නායක කේ.කමලේන්ද්‍රන් ද අද සඳුදා උතුරු පළාත් සභා සැසියට සහභාගී විය. විපක්ෂ නායකයා පළාත් සභාව අමතමින්, ජනාධිපතිවරයා සමඟ එකමුතුව පෙරට යා යුතු බව කියා සිටි අතර විපක්ෂය ඉහත කී යෝජනා වලට ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණි.
කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ නායයාමේ අනතුරක් පවතින බව එම ප්‍රදේශය භාර වතු සමාගමට නිසි දැනුම් දීමක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ ප්‍රකාශ කරයි.
රොෂාන් රාජදුරේ මෙවන් අනතුරුදායක ස්ථානවල ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සැමවිටම ඉදිරිපත් වී ඇති බව ඔහු කියා සිටියේ, බීබීසී දෙමළ සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්. "ඔවුන් කියනවා අදාළ සමාගම දැනුවත් කළා කියලා. නමුත් අදාළ සමාගමට දැනුම් දීලා නැහැ මෙම ස්ථානයේ නාය යාමේ තර්ජනයක් තියෙනවා කියලා. එහෙම නිසි දැනුම් දීමක් කළා නම් අපි හැම වෙලාවකම විකල්ප ඉඩම් ලබා දෙනවා. එහෙම ලබා දීලා තියෙනවා,” යනුවෙන් ඔහු පැවසීය. වතු කම්කරුවන්ට නිවාස ? එසේ වතු කම්කරුවන්ට ලබාදෙන විකල්ප ඉඩම්වල නිවාස ඉදි කරන්නේ කවුරුන්ද යන්න බීබීසී ය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. "නිවාස ඉදිකරන්න රජය හා අනිකුත් ආයතන අපිට උදව් කරන්න ඕනේ. මොකද දැන් පුද්ගලිකකරණයත් සමග නිවාස ගැන වගකීම රජය සතුයි. අපිට යම් වගකීමක් තිබෙනවා ඒ ගැන බලන්න, නමුත් අපිට හැකියාවක් නැහැ ඔවුන්ට නිවාස ඉදිකරන්න.” යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුරයි. "රජයට මේ නිවාස ප්‍රශ්නය වතු සමාගම් මත පවරන්න බැහැ. මොකද අවුරුදු සියකට කලින් ඔවුන් මෙහි ආපු වෙලාවේ ඔවුන් ශ්‍රමය බැඳ තබා ගත් සේවකයන්. නමුත් දැන් ඔවුන් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇති සේවකයන්.” අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට වතු සමාගම් විකල්ප ඉඩම් ලබා දුන්නත් ඔවුන් බොහෝ විට එම ස්ථානවලට යාමට ප්‍රතික්ෂේප කරන බවත් රොෂාන් රාජදුරේ පවසයි. "අපිට මේකට නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. නැත්නම් හැමදාම ඉඩම් නැහැ වගේ කතාවල් කියාගෙන ඔවුන් එතන ඉඳීවි. සමාගම්වලට බලහත්කාරයෙන් ඔවුන් ඉවත් කරන්න බැහැ. ඒක නීති විරෝධීයි.” වතුකරයේ මෙවන් ගැටළුවක් මතු වූ විට සාමාන්‍යයෙන් පැන නැගෙන දේශපාලන සහ වතු සමිතිවල බලපෑම් හේතුවෙන් එවන් ඉල්ලීම් ලැබුණු විටම ක්‍රියාත්මක වී විකල්ප ඉඩම් ලබාදීමට සමාගම් කටයුතු කරන බව පැවසූ රොෂාන් රාජදුරේ, නායයාම් වැනි ස්වභාවික විපතකට සමාගම්වලට වගකිව නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.
ලොව වඳවී යාමේ වැඩිම තර්ජනයට මුහුණ දී සිටින මත්ස්‍යයන් විශේෂයක් ආරක්ෂා කරගැනීම පිණිස ඇමෙරිකානු නාවික හමුදාව විසින් විශේෂයෙන් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමට සැලසුම් කරන බව මෙක්සිකෝවේ ආණ්ඩුව පවසයි.
තර්ජනයට ලක් වී සිටින මුහුදු ඌරන් විශේෂය (vaquita porpoise) සිටින ස්ථාන සොයා මුහුදේ ආරක්‍ෂිත ස්ථාන වෙත ඔවුන් කැඳවා යාම පිණිස ඩොල්ෆින් මසුන් යොදාගන්නා බව මෙක්සිකෝවේ පරිසර කටයුතු භාර ඇමති රෆායෙල් පචියානෝ (Rafael Pacchiano) පැවසීය. එම මුහුදු ඌරන් වඳවීමේ තර්ජනයට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන ධීවර දැල් භාවිත කිරීමත් මෙක්සිකෝව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අදාළ මුහුදු ඌරන් විශේෂයෙන් මේ වනවිට ලොව ඉතිරිව සිටින්නේ 40 දෙනෙකු පමණක් බව විශ්වාස කෙරේ. එම ක්ෂීරපායී මත්ස්‍යයා දැනට වාසය කරන්නේ කැලිෆෝනියා බොක්කේය. ඔවුන් ආරක්ෂා කිරීම පිණිස ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමේ ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමෙරිකානු නාවික හමුදාව සහ අතුරුදහන් වූ කිමිදුම් කරුවන් සෙවීම පිණිස ඔවුන් විසින් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් පිරිසක් සමග පසුගිය වසරේ තමන් මෙම ව්‍යාපෘතිය අත්හදා බැලූ බව පවසන අමාත්‍ය රෆායෙල් පචියානෝ, එහිදී මුහුදු ඌරන් සිටින ස්ථාන සෙවීම සඳහා එම ඩොල්ෆින් මත්ස්‍යයන්ට පුහුණුවක් ලබා දුන් බවත් පැවසීය. "ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අපි වැඩිම මුහුදු ඌරන් ප්‍රමාණයක් අල්ලා ගත යුතුයි," ඔහු කියා සිටියේය. මුහුදු ඌරන් රැකගැනීමේ උද්ඝෝෂණයක නිරතව සිටින ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ධීවර දැල් තහනම් කිරීමේ මෙක්සිකෝ ආණ්ඩුවේ පියවර ප්‍රසංසාවට ලක් කොට තිබේ. මිරිස්ස මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්' විශේෂයෙන්ම මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ නියෝතෝට (Enrique Pena Nieto) සහ ලෝක වනජීවී අරමුදලට (WWF) ඔහු ස්තුතිය පුද කරයි. මෙක්සිකෝව විසින් 2015 දී පණවා තිබුණ තාවකාලික තහනම මගින් මුහුදු ඌරන් රැකගැනීමට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබුන බව පවසන ලෝක වනජීවී අරමුදල, එය ස්ථිර තහනමක් බවට පත්කොට නිසි පරිදි ක්‍රියාත්මක කරන මෙන් මෙක්සිකෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති.
ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුව අප්‍රේල් 29 වන දින චීනයේ වෙන්චැං සිට දියත් කරන ලදී 1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති 'ලෝන්ග් මාර්ච් 5බී' ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස ගොඩබැසීමට හරින විශාලතම රොකට්ටුව බවට පත්වනු ඇත. මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ. එය දැන් පෘථිවිය දෙසට කක්ෂගතව පැයට කිලෝමීටර 27,600 ක වේගයෙන් ඇදී යයි. බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන්නේ එය ඇදී යන කලාපය සමකයට අංශක 41ක් උතුරට හා දකුණට විහිදෙන බවය. උතුරින් නිව්යෝර්ක්, ඉස්තාන්බුල් සහ බෙයිජිං ද, දකුණින් වෙලිංටන් සහ චිලී දක්වා එම කලාපය විහිදේ. "ඔබ මෙම කලාපයට උතුරින් හෝ දකුණින් ජීවත් වන්නේ නම් මෙය ඔබ මතට වැටෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ සමකයට ආසන්නව එම කලාපය තුළ නම්, ඔබ මතට මොනයම් හෝ දෙයක් වැටීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. පෘථිවියෙන් 70%ක් සාගරයෙන් වැසී තිබෙනවා. එබැවින් නැවත ගමනේ දේ ගිනිගෙන විනාශ වුණේ නැත්නම් එය ජලයට පතිත වෙන්න ඉඩ තිබෙනවා," ඔහු පැවසීය. මෙම රොකට්ටුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික කොටස වන 'ටියැන්හේ' මොඩියුලය රැගෙන ගියේය 2020 මැයි මාසයේ චීනයෙන් ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුවක් දියත් කළ අවසාන අවස්ථාවේ දී බටහිර අප්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ ගම්මානවලට එහි සුන්බුන් වැටී තිබිණි. එහි දී කිසිවෙකුට හානියක් නොවූවත්, මීටර් 12ක් (අඩි 39) ක් දිග ලෝහ පයිප්පයක් ද එසේ වැටුණු සුන්බුන් අතර තිබිණි. මේ තොරතුරු ද කියවන්න: මැයි 10 වෙනි දින පමණ වන විට රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. ඒ, එම දිනට එක් දිනක් හෝ දෙකක් පෙර හෝ පසු විය හැකි බවට ගණන් බලා ඇති ප්‍රමාද දෝෂයකට ඉඩ හරිමිනි. නමුත් එය පෘථිවියට වැටීමට පැයක පමණ ආසන්න වන තෙක් එසේ පතිතවන්නේ කොතැනදැයි ඔවුන් නිසැකවම දැන නොසිටිනු ඇත. 'ඇස්ට්‍රියාග්‍රාෆ්' ලෙස නම් කළ සිතියමක් සඳහා එක්සත් ජනපද රජය අරමුදල් සපයා ඇති අතර එයින් අභ්‍යවකාශයේ ඇති, මිනිසුන් විසින් නිපදවන ලද සියලුම වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසයි. එවැනි වස්තූන් 26,000ක් පමණ ඇත. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය මොරිබා ජා පැවසුවේ "එම වස්තූන් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් දක්වා විශාලත්වයෙන් යුක්ත වෙනවා. ඒ අතර ක්‍රියාකාරී චන්ද්‍රිකා 3,500 ක් තියෙනවා. අනෙක් සියල්ල කැලි කසළ," යනුවෙනි. 20 වන සියවසේ දෙවෙනි භාගයේදී අභ්‍යවකාශ ගවේෂණය ඉහළ යාමත් සමඟ අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එය ක්‍රියාකාරී චන්ද්‍රිකාවලට තර්ජනයක් විය හැකිය. පැරණි රොකට් කැබලි ඇතුළු විශාල වස්තූන් 200ක් පමණ තිබෙන අතර, ඒවා "කාල බෝම්බ" ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය මොරිබා ජා පැවසීය. "පිහිටීම, යාත්‍රණය සහ වේලාව, මූල්‍ය ගනුදෙනු, කාලගුණ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන චන්ද්‍රිකාව ඕනෑම අවස්ථාවක දී මෙම සුන්බුන් සමග ගැටී අක්‍රිය විය හැකිය. එබැවින් අභ්‍යවකාශය පදනම් කරගත් සම්පත්වලින් සැලකිය යුතු කොටසක් අහිමි වී මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. චීන රොකට්ටුව ඇස්ට්‍රියාග්‍රාෆ් සිතියමේ සොයාගත හැකි අතර එය CZ-5B ලෙස නම් කර තිබේ. එය සෑම මිනිත්තු 90 කට වරක් පෘථිවිය වටා ගමන් කරන නමුත් බොහෝ විචල්‍යයන් සහ ගණනය කිරීම් සිදු කළ යුතු බැවින් රොකට්ටුව වැටෙන ගමන් මාර්ගය සැලසුම් කිරීම දුෂ්කර වී තිබේ. එබැවින් මේ වන විට විද්‍යාඥයන් එහි බැස්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ එහි, ඉතා ආසන්න පෘථිවියට නැවත පිවිසීම අපේක්‍ෂා කරමිනි. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයා පුහුණු සංචිතයට කැඳවා ගැනීම සම්බන්ධයෙන් වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වගකීම භාරගත යුතු බව ක්‍රීඩා ඇමතිවරයා පවසයි.
කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට එරෙහිව පරීක්ෂණ නොපැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අවධාරණය කරති කෙසේ නමුත් තරඟ පාවාදීම පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ක්‍රීඩකයන්ට එරෙහිව නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කළේය. ක්‍රීඩා අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවති තරඟයක් පාවාදීමට උත්සාහ කිරීමේ චෝදනාව හා සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු අනූෂ සමරනායකගේ වැඩ තහනම් කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. "මේ පරීක්ෂණය කෙරෙන්නේ ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා මිසක, එය විනාශ කිරීම සඳහා නෙවෙයි," ඔහු පැවසීය. 'මේ ක්‍රියාදාමයේදී අපිට පැහැදිලිව තොරතුරු ලැබුනා ක්‍රීඩකයන්ට තරඟ පාවාදීම සඳහා යෝජනා කළයි කියන කාරණය' "මොකද හේතුව මේ ක්‍රියාදාමයේදී අපිට පැහැදිලිව තොරතුරු ලැබුනා ක්‍රීඩකයන්ට තරඟ පාවාදීම සඳහා යෝජනා කළයි කියන කාරණය." කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් ක්‍රීඩකයන් දෙදෙනා එම යෝජනා තරයේ ප්‍රතික්ෂේප කොට, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට දැනුම් දී තිබේ. "බොහොම පැහැදිලියි, අපේ වර්තමාන කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් තරඟ පාවාදීමට සම්බන්ධයි කියල මම විශ්වාස කරන්නේ නැහැ," අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය. පුහුණුවීම් සඳහා පුහුණුකරු අනූෂ සමරනායක විසින් කැඳවාගත් ගයාන් විශ්වජිත් නම් පුද්ගලයකු විසින් ක්‍රීඩකයන්ට එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවට චෝදනා එල්ල වී තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ. තරඟ පාවාදීමේ උත්සාහය පිළිබඳව බලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරා විසින් ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති එවැනි පුද්ගලයකු සම්බන්ධ කරගැනීම පිළිබඳව පුහුණුකරු පමණක් නොව හිටපු ක්‍රිකට් බලධාරීන් ද එයට වගකිවයුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. "මෙහිදී පැහැදිලිව ඒ අදාළ පුහුණුකරු මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. එවකට හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය, ඒ අයත් මේකට වගකියන්න ඕන." තරඟය පරාජය වීම සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි හෙළි වී තිබෙන බව අමාත්‍යවරයා මීට ඉහතදී පැවසීය. ක්‍රිකට් තරඟ පාවාදීමේ සිදුවීම් පිළිබඳව පැහැදිලි සාක්ෂි තමන් සතුව තිබෙන බව කණ්ඩායමේ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න මීට වසර කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. 'හෂාන් තිලකරත්න මහත්මයා සූදානම් නම් මොනවා හරි දෙයක් කියන්න, ඒ සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රියාකරන්නත් පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා' කෙසේ නමුත් ඒ පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස ජගත් පාලක මණ්ඩලයේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ඔවුන් හමුවීම මඟ හැරි බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේය. හෂාන් තිලකරත්න එදා එල්ල කළ චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වෙන්නේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ අනාගතයේදී මෙවැනි චෝදනා එල්ල නොවන වාතාවරණයක් සකස් කරගැනීම බවයි. "හෂාන් තිලකරත්න මහත්මයා සූදානම් නම් මොනවා හරි දෙයක් කියන්න, ඒ සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රියාකරන්නත් පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කළ ප්‍රකාශවලම රැඳී සිටියහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව ශ්‍රී ලංකා රජය පවසයි.
අද (නොවැම්බර් 09) කොළඹදී පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේ බීබීසී සිංහල සේවය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "මුළු ඇමරිකන් බල කඳවුරු සියල්ල උදව් කළේ ක්ලින්ටන්ට. මෙයා අපේ ජාතියේ සෙල්ලම් දැම්මා මෝටර් කෙඩ් දාගෙන. කොඩි ගහගෙන අපි කරනවා වගේ තමයි ට්‍රම්ප් කැම්පේන් කරේ. ඒක දිනුවා සාමාන්‍ය මිනිස්සු දිනුවා බලපරාක්‍රමයට එරෙහිව," යැයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. ලෝකයේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය යන තම මතය මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා වන ව්ලදිමීර් පුතින්ගේ ක්‍රියා කාලපය නිවැරදියි යන මතයේ තේරීපත්ව සිටින නව ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව සඳහන් කළ අමාත්‍ය රාජිත සේනාරත්න, "ඩොනල්ඩ් ට්‍රම්ප් මොකුත් කරන්න ඕනේ නැහැ මේ ලෝකෙට ඇඟිලි ගහන එක ටිකක් අඩු කළොත් ඒ ඇති," යැයි කියා සිටියේය. ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ බව ඇමතිවරයා පවසද්දී මෙම ප්‍රවණතාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී ද දක්නට ලැබේදැයි නැගුණු පැනයට පිළිතුරු ලෙස ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ජාතිවාදය මිස ජාතිකවාදය නොවන බවය. අගමැති රනිල් වික්‍රමසිංහ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සමග කිට්ටු සබඳතාවක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු පළ කළේය
තමන් ගැන අවධානය යොමු කරනු වෙනුවට බ්‍රිතාන්‍යයේ "ත්‍රස්තවාදය" පිළිබඳව අවධානය පළ කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
ජනවාරි මස ධවල මන්දිරයේදී බ්‍රිතාන්‍යය අගමැතිනිය තෙරේසා මේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවූ අවස්ථාව බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් විසින් බෙදා හරින ලද වර්ගවාදය සහ ආගම්වාදය ඇවිලෙන ආකාරයේ වීඩියෝ කිහිපයක් ජනාධිපති ට්‍රම්ප් විසින් බදාදා (නොවැම්බර් 29) යළිත් බෙදා හැර (share) තිබුණි. ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව බොහෝ බ්‍රිතාන්‍ය දේශපාලන නායකයන්ගේ දැඩි හෙළා දැකීමට ලක් වූ අතර, අගරදගුරු ජස්ටින් වෙල්බි ප්‍රකාශ කර සිටියේ ජනපති ට්‍රම්ප් මෙසේ "ජාතිවාදී අන්තවාදීන්ගේ අදහස් ප්‍රචාරය කිරීමට තෝරා ගැනීම, ගැඹුරු කැලඹීමක්" ඇති කළ හැකි බවය. "ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියා කිරීම වැරදි," බව අගමැතිනි තෙරේසා මේ ගේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් අලුතෙන්ම ප්‍රතිචාරය පළ කර තිබෙන්නේ අගමැතිනියගේ එම ප්‍රකාශයටය. "මම ගැන අවධානය යොමු කරන්න එපා. ඒ වෙනුවට එක්සත් රාජධානියේ දැනට පවතින විනාශකාරී රැඩිකල් ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අවධානය යොමු කරන්න," ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. මිලියන 40 කට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම මගින් යළි බෙදා හැරුණු එම වීඩියෝ පට මුලින්ම ට්විටර් ගිණුමට එක් කරන ලද්දේ බ්‍රිට්න් ෆර්ස්ට් (Britain First) පක්ෂයෙහි උප නායිකාව වන ජෙයිඩා ෆ්රන්සන් (Jayda Fransen) විසිනි. බ්‍රිතාන්‍යයේ බෙල්ෆාස්ට් නගරයේ පැවති රැළියක් අමතමින් "තර්ජනාත්මක, අපවාදාත්මක හෝ අපහාසාත්මක වචන ප්‍රකාශ කිරීම සහ ඒ අයුරෙන් හැසිරීම" යන චෝදනාවන්ට 31 හැවිදිරි ජෙයිඩා ෆ්රන්සන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ. ජනාධිපති ට්‍රම්ප් පළමුවෙන්ම තම පිළිතුරු ට්වීටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ අනුගාමිකයන් හයක් පමණක් සිටින වැරදි ට්වීටර් ගිණුමකට වන අතර, එය පසුව මකා දමා නැවත තෙරේසා මේ අගමැතිතුමියගේ නිල ට්වීටර් ගිණුමට යොමු කර ඇත. අප්‍රසාදය පළ කිරීම් හෝ දෝෂාරෝපණ වලට පිළිතුරු දීමට ජනාධිපති ට්‍රම්ප් කිසිම අවස්ථාවක පසුබට නොවන බව මේ අලුත්ම ආන්දෝලනය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන උතුරු ඇමරිකානු කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු ඇන්තනී සර්ෂර් (Anthony Zurcher) පවසයි. එම දෝෂාරෝපණ සිය හොඳම මිතුරාගෙන් ද නැතහොත් තම හිතවත්ම රටෙහි නායකයාගෙන් ද යන්න පිළිතුරු සැපයීමේදී ඔහුට වැදගත් නොවන බව ඔහුගේ මතයය. ට්‍රම්ප් ගේ වචන වලින්ම වරක් ප්‍රකාශ කළ පරිදි මෙය "ජනාධිපති පදවිය හැසිරවීමේ නූතන ක්‍රමවේදය" යන්නට තවත් උදාහරණයක් පමණය. ජාත්‍යන්තර සම්බන්ධතා කෙතරම් පළුදු වුවත්, ඔහුගේ ට්විටර් පණිවිඩ දිනෙන් දින ප්‍රසිද්ධ වෙමින් පවතින බව ද බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි. මේ සියල්ල අනවශ්‍ය හැල හැප්පීමක් ලෙසින් පෙනී යා හැකි නමුත්, එමගින් ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ප්‍රතිඵලය සුභදායක නොවිය හැකිය. ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩය මුස්ලිම් සංක්‍රමණිකයකු කිහිලි කරු ආධාරයෙන් ගමන් කරන නෙදර්ලන්ත ජාතිකයෙකුට පහර දෙන ආකාරය ට්‍රම්ප් බෙදා හළ පළමු වීඩියෝවෙහි දක්නට ලැබේ. නමුත් එම පහරදීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු "නෙදර්ලන්තයේ ඉපදී හැදී වැඩුනු" කෙනෙකු බවත් නෙදර්ලන්ත අධිකරණ සේවාවන්හි මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසිය ට පැවසීය. ඇමරිකාවේ පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම ප්‍රකාශය තහවුරු කර තිබේ. දෙවන වීඩියෝවේ කිසියම් පුද්ගලයෙකු මරියතුමියගේ පිළිමයක් කඩා බිඳ දමන අයුරු දැක්වේ. මෙම වීඩියෝව 2013 දී යූ ට්යුබ් හරහා ප්‍රචාරය වී ඇති අතර, මෙහි රූප රාමු වල පෙනී සිටින පුද්ගලයා පවසන්නේ "ලෙවන්ට් නගරයේ අල්ලා දෙවියන් හැර වෙන කිසි කෙනෙකු වන්දනාමාන නොකරයි" ලෙසටය. මෙයින් හැඟවෙන්නේ ඔහු සිරියාවේ ජීවත් වන්නෙකු බවය. තුන්වැන්න 2013 දී ඊජිප්තුවේ ඇතිවූ කැරලි කෝලාහල අතරතුර ඇලෙක්සැන්ද්‍රියාවේ ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු පහතට තල්ලු කරන දර්ශනයක් සහිත වීඩියෝවකි. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම 2015 දී නීතියෙන් දඬුවම් පමුණුවා ඇති අතර එක් පුද්ගලයෙකුට එරෙහිව මරණ දඬුවම පවා ක්‍රියාත්මක කර හමාරය. ධවල මන්දිර මාධ්‍යය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන අයුරු තෙරේසා මේ ඇතුළු සියලුම ලෝක නායකයින් මේ පිළිබඳව උනන්දු විය යුතු අතර "ඇත්තෙන්ම මෙය අපි මහත් ඕනෑකමින් සැළකිය යුතු තර්ජනයක්," බව ඇය පවසන්නීය. මේ තොරතුරුද දැනගන්න: