summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනයේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු පුහුණුව ලබමින් සිටින බව අනාවරණය වීමෙන් අනතුරුව තමිල්නාඩුව පුරා යලිත් වරක් උද්ඝෝෂණ හටගෙන තිබේ. | ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට එරෙහිව තවත් උද්ඝෝෂණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත බවයි, වාර්තාකරුවන් පවසන්නේ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් මහ ඇමතිනී ජයලලිතා විසින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත යලිත් වරක් ප්‍රසිද්ධ ලිපියක් යැවීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ඩීඑම් වෙන්ග්රා සහ නාවික හමුදාවේ කපිතාන් හේවාවසම් කඳාඋඩගේ එහි මාස එකොළහක පුහුණුවක් ලබමින් සිටින බව හෙළිදරවු වූයේ. උද්ඝෝෂණයේ යෙදුන දේශපාලන පක්ෂ නායකයකු වන කූ රාමක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් සෙනසුරාදා කොයිම්බතූර්හිදී පොලිස් අත් අඩංගුවට පත්වූ අතර, කුනූර් හි දුම්රියක මග හරස් කිරීමට තැත් කළ එකොලොස් දෙනකු අද ඉරිදාවේ අත් අඩංගුවට ගන්නා ලදි. මේ අතර ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනය දෙසට පෙළපාලියකින් ගමන් කිරීමට තැත් කළ එම්ඩීඑම්කේ පක්ෂයේ ආධාරකරුවන් 73 දෙනකු ද අත් අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට එරෙහිව තවත් උද්ඝෝෂණ ඉදිරි දින කිහිපයේ දී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත බවයි, වාර්තාකරුවන් පවසන්නේ. දිල්ලි අගනුවර පුහුණුව ලබමින් සිටියදී එක දින පුහුණුවක් සඳහා මේජර් ජනරාල් ජගත් ඩයස් සහ රියර් අද්මිරාල් එස්එස් රණසිංහ නිල්ග්රිස් දිස්තික්කයේ වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනයට පැමිණීම ට එරෙහිව මීට ඉහතදීද තමිල්නාඩුවේ උද්ඝෝෂණ හට ගත්තේය. සබැඳි තේමා |
'ඉස්ලාමීය අන්තවාදයට' එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව චීන ආණ්ඩුව පවස | තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසති හඳුන්වා දෙනු ලැබූ නව නීති අනුව, පුරුෂයන් "අසාමාන්‍ය" ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කෙරෙන වේල් පැළඳීම සහ රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කරනු ලැබීම තහනම් කෙරෙයි. ෂින්ජියාන්ග් කලාපය චීනයේ 'උයිගර්' මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන අතර තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසති. මෑත වසර කීපය තුළ එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් වාර්තා විය. 'අන්තවාදය' ඒ සම්බන්ධයෙන් චීන ආණ්ඩුව ඉස්ලාමීය කැරලිකරුවන්ට සහ බෙදුම්වාදීන්ට චෝදනා කරයි. එවැනි මර්දනකාරී ප්‍රතිපත්ති නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට හේතුවිය හැකි බව මානව හිමිකම් සංවිධාන පවසති. අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ නීති හේතුවෙන් ඇතැම් උයිගර් වැසියන් අන්තවාදය දෙසට තල්ලු විය හැකි බවටත් එම සංවිධාන අනතුරු අඟවති. |
නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා දකුණු කොරියානු වැසියෝ ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති. | මහා පරිමාණ දූෂණ අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිනිය පාක් ගුන් හෙයි ධුරයෙන් ඉවත් කෙරුණු අතර පසුව ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. මත විමසුම්වලට අනුව ජනාධිපති අපේක්ෂක ලිබරල් මතධාරී මූන් ජේ-ඉන් ඉදිරියෙන් පසු වේ. ජනාධිපති අපේක්ෂක මධ්‍යස්ථ මතධාරී ඇන් චොල්-සූ දෙවන ස්ථානයේ පසුවන බව මත විමසුම්වලට අනුව පෙනී යයි. ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ගේ විශාල අවධානයක් යොමු වී ඇතත් ජනාධිපතිවරණය උතුරු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියානු ප්‍රතිපත්තියේ වෙනසකට ද හේතු විය හැක. උතුරු කොරියාව මත විමසුම්වලට අනුව ඉදිරියෙන් පසුවන ජනාධිපති අපේක්ෂක මූන් ජේ-ඉන් සිය බිරිඳ සමග ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දහතුන් දෙනෙක් තරග වැදී සිටිති පැවති පාක් ගුන් හෙයි පාලනය උතුරු කොරියාව හා සබඳතා පැවැත්වීමෙන් සම්පුර්ණයෙන්ම පාහේ ඉවත් වූ නමුත් ප්යොංයැං පාලනය සමග සබඳතා ඉහළ නැංවීමට ජනාධිපති අපේක්ෂක මූන් ජේ-ඉන්ට අවශ්‍ය කර තිබේ. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දහතුන් දෙනෙක් තරග වැදී සිටිති. ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇති තරුණ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තා ගත මට්ටමකට ළඟා වනු ඇති බවට බලාපොරොත්තු පළ වේ. ඡන්දය ප්‍රකාශ කිරීම එරට වේලාවෙන් රාත්‍රි 08.00 ට අවසන් වීමට නියමිතය. |
ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා නිලධාරීන් යොදාගැනීම තුළ ජනාධිපතිවරණය පිළිබදව දැඩි සැක සහිත තත්ත්වයක් උද්ගතවී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි. | ඔහු මේ බව පැවසුවේ රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ප්‍රදේශීය දේශපාලනඥයින් පිරිසක් දෙසැම්බර් 16 වෙනිදා වවුනියාවේ යුදහමුදා කදවුරකදී දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් එම සංවිධානයට ලැබුණු තොරතුරු පිළිබදව විමසූ අවස්ථාවේදීයි. දේශපාලන රැස්වීම් තවදුරටත් අදහස් දැක්වු රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ වවුනියාවේ පමණක් නොව දිවයිනේ පළාත් කිහිපයකම යුද හමුදා නිලධාරීන් දේශපාලන රැස්වීම් පවත්වා ඇති බවයි. මීට අමතරව රජයට සහාය දැක්වීම පිණිස යුද හමුදා අණුඛණ්ඩ කීපයක්ම දිවයිනේ විවිධ පළාත්වල පිහිටුවා ඇති බවද ඉන් සමහරක් ආගමික ස්ථානවල පිහිටුවා ඇතැයිද ඔහු කියා සිටියේය. මේ පිළිබදව තම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ව්‍යාපාරය නගන චෝදනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් තම කාර්යාලයට ලැබී ඇති බවයි. පරීක්ෂණයක් එම පැමිණිල්ල වවුනියාව තේරීම් බාර නිලධාරියා ඇතුළු අවශ්‍ය නිලධාරීන් වෙත යොමු කොට එවැනි රැස්වීමක් පැවැත්වූයේද යන කාරණය ගැන පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය වශයෙන් සිදුවන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් සෘජුවම අදාල පළාතේ තේරීම්බාර නිලධාරියා වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න්නේනම් පරීක්ෂණ කටයුතු වඩා ඉක්මන් වන බවද ඔහු පැවසුවේය. කෙසේ වෙතත් මොනම හේතුවක් මතවත් යුද හමුදා කදවුරක් තුළ දේශපාලන රැස්වීමක් පැවැත්විය නොහැකි බව කී මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත්වී ඇති සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද වැඩිදුරටත් සඳහන් කළේය. |
සරසවි සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ලෝකයේ ඇති හොඳම නගරය ලෙස 'ලන්ඩන්' නම් කර ඇත. | ලන්ඩන් නගරයේ කෞතුකාගාර, රඟහල්, සිනමාශාලා මෙන්ම ආපනශාලාවලට ද විශ්වවිද්‍යාල සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. QS උසස් අධ්‍යාපන දත්ත විශ්ලේෂකයන් ඉදිරිපත් කරන තොරතුරු අනුව, විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන හැදෑරීමට ලෝකයේ හොඳම නගර තිහක් නම් කර ඇති අතර, මෙතෙක් කල් මෙම ලැයිස්තුවේ ඉහළින් තිබුණේ පැරිස් සහ මොන්ට්‍රියල් නගර දෙකයි. ඒ නගර තුළ පිහිටා ඇති විශ්විද්‍යාලවල මට්ටම , රැකියා අවස්ථා, සංස්කෘතික විවිධත්වය සහ ජීවිතයේ ගුණාත්මක බව ඉහත කී සමීක්ෂණයේ දී සැලකිල්ලට ගෙන ඇත. නමුත් වියදම අතින් බලන විට ලන්ඩන් නගරය සිසුන්ට අසීරු නගරයක් වන බව හෙළි වී ඇත. ඉහත කී QS සමීක්ෂණයේ දී විශ්ව විද්‍යාලයන්හි ආයතනික ගුණාත්මක බවට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව විශ්ව විද්‍යාලවලට හිමි ශ්‍රේණීන් සැලකිල්ලට ගනු ලැබ ඇත. සිසුන් සඳහා ප්‍රධාන නගරවල ඇති වාසි සහ අවාසි මෙන්ම ඇතැම් ආකර්ෂණීය කාරණා සංඛ්‍යා දත්ත සහිතව විශ්ලේෂණය කිරීමේ උත්සාහයක් වශයෙන්, සිසුන් පනස් දහසකගේ අදහස් ඇතුළත් සමීක්ෂණයක ප්‍රතිඵල එම සැසඳීමට ඇතුළත් වෙයි. බහුවිධ සංස්කෘතික නගරයක් ඉම්පීරියල් කොලීජිය , ලන්ඩන් විශ්ව විද්‍යාලය, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල (LSE) සහ 'කිංග්ස් කොලේජ්' ඇතුළු ලෝකයේ ඉතා උසස් තත්වයේ පවතින විශ්ව විද්‍යාල කීපයක් ලන්ඩන් නුවර පිහිටා ඇත. ලන්ඩනය විශ්ව විද්‍යාල සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි කෞතුකාගාර,රංග ශාලා සහ සිනමාහල් මෙන්ම ආපනශාලා සහිත නගරයකි. විදෙස් සිසුන් අවධානය යොමු කරන ප්‍රධානතම කරුණක් වන්නේ විශ්වවිද්‍යාලය පිහිටි ස්ථානය තමන් "ආදරයෙන් පිළිගැනීමයි" සේවායෝජකයන් සමග සම්බන්ධ වී රැකියාවක් ලබා ගැනීමේ පහසුව අතින් ද ලන්ඩන් නගරය කදිම ස්ථානයක් බව බොහෝ සිසුන්ගේ මතය විය. බහු සංස්කෘතික සහ බහු ආගමික ජනතාවක් සහිත ලන්ඩන් නගරය, ජාත්‍යන්තර නගරයක් ලෙස ඉහළ ස්ථානයක් හිමි කරගෙන ඇත. මේ හේතුවෙන් ලන්ඩනයේ වෙසෙන "විදේශීය ශිෂ්‍යයන්ට තනිකමක් හෝ නොසළකා හැරීමක් දැනෙන්නේ නැත" ලන්ඩන් නගරය "ඇස් වලට කඳුළු එන තරමට වියදම වැඩි තැනක් වුණත්, අධ්‍යාපනය හැදෑරීමට නම් එය ඉතා හොඳ ස්ථානයක්," QS පරීක්ෂණ කණ්ඩායමේ අධ්යක්ෂ බෙන් සෝටර් පවසයි. මේ තොරතුරුද කියවන්න: තෝකියෝ නගරය ආරක්ෂාව,පරිසරය සහ ගුණාත්මක ජීවන මට්ටම වැනි කරුණු අනුව සරසවි සිසුන් සඳහා ලෝකයේ ඇති දෙවන හොඳම ස්ථානය ජපානයේ තෝකියෝ නගරයයි. "යෝග්‍යතාවය" අනුව ඉහළ ස්ථානයක ඇති ජපානයේ ටෝකියෝ නගරය ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බදවා ගැනීමේ අනුපාතය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මේ අනුව ඔස්ට්‍රේලියාවේ 'මෙල්බර්න්' සිසුන්ට ගැළපෙන නගර අතර තෙවන ස්ථානයටත් 'සිඩ්නි' නගරය නම වන ස්ථානයටත් පත්ව ඇත. 'සිඩ්නි' සහ 'මෙල්බර්න්' නගර දෙකෙහි සිසුන්ට අනිත් පුද්ගලයන් සමග සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි ඉඩ කඩක් පවතී. මෙම තත්වය කැනඩාවේ මෙන්ම නවසීලන්තයේ ද දැකිය හැකිය. කෙසේ වෙතත්, ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතරම හිමි කර ගනු ලබන්නේ ඇමරිකානු විශ්වවිද්‍යාල වෙති. එහි පළමු තැන හිමිවන්නේ 'මැසචුසෙට්ස්' බහු තාක්ෂණික ආයතනයටයි. 'ආදරයෙන් පිළිගන්නා' නගර එහෙත් "සරසවි සිසු නගර" ලෙස හඳුනාගෙන ඇති පළමු නගර දහයට කිසිදු ඇමරිකානු නගරයක් ඇතුළත්ව නොමැත. නමුත් 'බොස්ටන්' සහ 'නිව්යෝර්ක්' නගර දෙක මෙම ලැයිස්තුවේ පහළ ස්ථානවල දක්නට ලැබෙයි. ජර්මනියේ නගර දෙකක් (බර්ලින් සහ මියුනික්) එම ලැයිස්තුවට ඇතුළත් වෙයි. වසර කීපයක් ලෝකයේ හොඳම "සරසවි සිසු නගරය" වූ පැරිසියට මෙවර හිමිව ඇත්තේ පස් වන ස්ථානයයි. සිඩ්නි සහ මෙල්බර්න් නගර දෙකෙහි සිසුන්ට අනිත් පුද්ගලයන් සමග සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි ඉඩකඩක් ඇත. හංගේරියාවේ 'බුඩාපෙස්ට්' සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගර දෙකත් සිසුන්ට වියහියදම් දැරිය හැකි නගර අතර ඉදිරියෙන් සිටියි. ඉගැන්වීමේ ගුණාත්මක බව මෙන්ම තමන් ආදරයෙන් පිළිගනු ලබන සරසවි පරිසරය විදේශීය සිසුන්ගේ අවධානය යොමු වෙන ප්‍රධානම කරුණු දෙක බව QS කණ්ඩායම මෙම සතියේ පළ කළ වෙනත් අධ්‍යනයක දැක්වෙයි. තවත් තොරතුරු: විදෙස් සිසුන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් 67,000 ක් නිරීක්ෂණය කිරීමෙන් එකී අධ්‍යනය සිදු කර ඇත. වීසා බලපත් කෙසේ වෙතත්, වීසා බලපත්‍ර ලබා දීමේදී බ්‍රිතාන්‍යය අනුගමනය කරන දැඩි ක්‍රියාපටිපාටිය මතභේදයට තුඩු දී තිබේ. විදෙස් සිසුන්ගෙන් බ්‍රිතාන්‍යයට ලැබෙන වාර්ෂික ආදායම පවුම් බිලියන විස්සක් පමණ බව මෙම වසර මුලදී සිදු කළ අධ්‍යනයකින් හෙළි විය. ලන්ඩන් නගරයෙන් පමණක් පවුම් බිලියන 4.6 ක වාර්ෂික ආදායමක් ලැබේ. 2018 විශ්වවිද්‍යාල සිසුන්ට ජීවත් වීමට සුදුසුම නගර: QS සමීක්ෂණය අනුව "හොඳම සරසවි නගර" ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින ස්ථාන තිහ (30) මෙසේ දක්වා ඇත. 1.ලන්ඩන් 2.තෝකියෝ 3.මෙල්බර්න් 4.මොන්ට්‍රියල් 5.පැරිස් 6.මියුනික් 7.බර්ලින් 8.සූරික් 9.සිඩ්නි 10.සෝල් 11.වියානා 12.හොංකොං 13.ටොරොන්ටෝ 14.බොස්ටන් 15.සිංගප්පූරුව 16.එඩින්බ්‍රා 17.වැන්කූවර් 18.නිව්යෝර්ක් 19.කියෝතෝ -ඔසාකා-කෝබ් 20.තායිපේ 21.බ්‍රිස්බේන් 22.කැන්බරා 23.ඕක්ලන්ඩ් 24.මැන්චෙස්ටර් 25.බුවනොස් අයරේස් 26.බේජිං 27.ඇම්ස්ටර්ඩෑම් 28.මොස්කව් 29.ෂැන්හයි 30.ප්රාග් |
අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යාවන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි. | මහලේකම් කමලේශ් ශර්මා සහ ජනාධිපති රාජපක්ෂ ලන්ඩනයේදී මෙම කරුණු පිළිබඳ ව සලකා බලන බවට ශ්‍රී ලංකා රජය සහතික වී තිබෙන බව ද පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක රිචඩ් උකූ සංදේශයට කියා සිටියේය. 'ව්‍යවස්ථාවට පටහැනියි' රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍යයේ රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ලබා දුන් වාර්තාවේ සඳහන් වන්නේ අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාවලිය ස්වභාවික යුක්ති ධර්මයේ අවශ්‍යතා සපුරා නැති හෙයින් එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. මෙහි දී අනුගමනය වූ ක්‍රියා දාමය වසර 2009 දී ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම සහ ප්‍රතිපත්ති වලට ද එකඟ නොවන බවයි ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ගේ වාර්තාවේ සඳහන් වන්නේ. අග විනිසුරු වරිය ඉවත් කිරීම සඳහා සිදු වූ පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තුළින් නීතිය සහ බලය වෙන් කර තැබීමේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම බිඳ ඇති බව ද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි. ප්‍රසිද්ධියට පත් නො කෙරුණු වාර්තාව මානව හිමිකම් ක්‍රියාධාරීන් හා ජනමාධ්‍ය වේදීන් ගේ නිරන්තර ඉල්ලීම් හමුවේ පවා ප්‍රසිද්ධියට පත් නො කෙරුණු එම වාර්තාවේ පිටපතක් කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය විසින් අද හෙළිදරව් කොට තිබේ. බී.බී.සී.ය ඒ ගැන කළ විමසීමක දී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා කියා සිටියේ හිටපු අග විනිසුරු වරිය පහ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මහ ලේකම් කමලේෂ් ෂර්මා දැඩි ස්ථාවරයක සිටින බවයි. නිර්දේශ මෙයට අමතරව අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යා වන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව ද මෙම කරුණු පිළිබඳ සලකා බලන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන බවද මහා ලේකම් වරයා ගේ ප්‍රකාශක රිචර්ඩ් උකූ කියා සිටියි. හිටපු අග විනිසුරු වරිය දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කර මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ මේ වසර මුලදී. ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය ද තීන්දු කොට තිබුණි. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමනය වී තිබුණි. |
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය පෙන්වා දෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, එය ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව අවධාරණය කරයි. | මහින්ද චින්තනයේ පොරොන්දුවක් ක්‍රියාවට නැගීමට ජනාධිපතිවරයාට මහඟු අවස්ථාවක් උදා වී තිබෙන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 දී ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය බිඳ වැටීමට මෙන්ම අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බිඳ වැටීමටත් හේතු සාධක වූ බව එම ව්‍යාපාරයේ අදහසයි. එම ව්‍යාපාරය නියෝජනය කරමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ, මෙම යෝජනාව කිසිදු පක්ෂයකට සහයෝගය දීමේ හෝ විරුද්ධ වීමේ අභිප්‍රායෙන් ඉදිරිපත් කරන්නක් නොවන බව අවධාරණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම අතීතයේ පැවති අන්දමින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පදවිය අහිමි වන ආකාරයේ යෝජනාවක් ද එකොලොස් වැදෑරුම් සංශෝධනයට ඇතුලත් වන බව නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ පෙන්වා දුන්නේය. එල්ටීටීඊ යට එරෙහි යුද්ධය මෙහෙයවීම සඳහා විධායක ජනාධිපති ධූරය බොහෝ උපකාරී වූ බවයි, ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ. කෙසේ නමුත් එය "මිථ්‍යාවක්" බව පවසන නීතිවේදී වැලිඅමුණ, ලොව බොහෝ බලවත් සහ සංවර්ධිත රටවල පවතින්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී පාලනයක් බව උදාහරණ සහිතව පෙන්වා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝද, විරුද්ධ පක්ෂයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය දැඩි විවේචනයට ලක් කළහ. මීළඟ මැතිවරණය එළඹෙන තුරු බලා නොසිට මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිණිස සියලු දේශපාලන පක්ෂ, සංවිධාන සහ ජන කොටස් වහාම ක්‍රියාත්මක විය යුතු බවයි, මආධ්ය්වෙදීන් හමුවේ අදහස් දැක්වූ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේ. |
සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති බව කියා සිටියි. | "පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා" සුනිල් ජයසේකර නාදුනන තුවක්කුකරුවන් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද ෆාරෂ් සෞකට් අලි මාධ්‍යවේදියා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වන්නේ. රජය අපොහොසත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කිරීම හැර වෙනත් තොරතුරු ලැබී නැති බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර, මාධ්‍ය වේදීන්ට එල්ල වන ප්‍රහාර නැවත්වීමට රජය අපොහොසත් වී ඇති බවයි පවසන්නේ. "පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා" යයි ඔහු කියා සිටියි. ජනමාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එක්ව පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සංදේශයට ප්‍රකාශ කලේ. තම ජීවිතයට තර්ජනය ඇති බවට මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි විසින් කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරු නැතැයිද ඔහු කියා සිටියේය. සබැඳි තේමා |
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි. | ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍යවරයා, ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත් සඳහන් කළේය. පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් ඔහු පැවසීය. 2015 ජනවාරි 09 වැනි දින පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් වර්තමානයේ දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බවයි, අමාත්‍ය අමුණුගම පවසන්නේ. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතලද පවරා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. අමාත්‍ය අමුණුගම සඳහන් කරන පරිදි, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු වෙනුවට වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ජනමත විචාරණයක් කැඳවිය යුතු නැති බව පක්ෂයේ ස්ථාවරයයි. (අමාත්‍ය සරත් අමුණුගම සමග සාකච්ඡාවට ඉහත හඬ පටයෙන් සවන්දෙන්න) |
පැහැරගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. | ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හරින ලෙසය. සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත්, සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය. එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතු යැයි සැකකාරියට නියම කළ මහේස්ත්‍රාත්වරිය, පදිංචියේ වෙනසක් සිදුවන්නේ නම් ඒ බව සහ නව පදිංචි ස්ථානය පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන් වේ. එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර තිබේ. ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට සහ වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටත් එම නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාරියගේ, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ දත්ත වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය. සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් දුරකතන සමාගමකට නියෝග කළාය. මව සහ දරුවන් මීට අමතරව පොලිස් විමර්ශන වලට අවශ්‍ය කරන, දැනට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයක් ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දු විය. එම දුරකථනය භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පෙන්වාදුන්නේ මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියට යුක්තිය ඉටු කරනු වස් ඇය විසින් ප්‍රකාශ කරනු ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවය. සැකකාරියගේ දරුවන් තිදෙනා සහ ඇයගේ මව දැනට දින දෙකකට පෙර ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම තත්වය හමුවේ සැකකාරිය ද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා ගතහොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සඳහන් කළේය. ඒ අනුව ඇප ප්රදානය කළහොත් ඇය අධිකරණය මග හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම කියා සිටියේ තම සේවාදායකයාගේ දරුවන් තිදෙනා සහ මව නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බවය. ඔවුන් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ද නීතිඥවරයා වැඩිදුරත් සඳහන් කළේය. සැකකාරියගේ මව, සැකකාරියගේ දරුවන් තිදෙනා සමඟ ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැන ගත්තේ කෙසේදැයි එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියාය. ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සිය ගුවන් තොටුපොල ශාඛාව දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශ කරන බවය. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දරුවන් තුන් දෙනා සහ ඇයගේ මව සිංගප්පූරුවට ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරිය එම කරුණ මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කළාය. කෙසේවෙතත්, දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළාය. මේ තොරතුරු ද දැනගන්න: |
ඉන්දියානු රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ තරගකාරියන් පුළුල් සිනාවකින් මුහුණ සරසාගෙන ඡායාරූපවලට පෙනී සිටීම අරුමයක් නොවේ. ඒ මන්ද යත් ඉන්දියානු රූප රැජින තරගය යනු ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි වැනි ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගේ වෘත්තීය දිවියේ ආරම්භක ස්ථානයයි. | තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී මෙය ඇත්තෙන්ම ජීවිතය වෙනස් කළ හැකි තරගයකි. කෙසේනමුත්, මෙවර තරගකාරියන්ගේ ජයග්‍රහණ සමරනවා වෙනුවට ඔවුන් පෙනී සිටින ඡායාරූප සමූහයකට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී. රූ රැජින තරගය සංවිධායකයන් තරගකාරියන්ගේ සමේ පැහැය ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බව විවේචකයන් පවසති. තරගය සංවිධායනය කරන ආයතනයට අයත් 'ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India)' පුවත්පතේ මෙම ඡායාරූප සමූහය පළ කර තිබිණි. ඉතා ලස්සන කාන්තාවන් 30 දෙනෙකුගේ මුහුණු මෙහි දැක ගත හැකිය. නමුත් ට්විටර් පරිශීලකයෙකු එම ඡායාරූපය සිය ගිණුමේ පළ කර "මේ පින්තූරයේ ඇති වරද මොකක්ද?" යැයි අසා සිටීමත් සමග එය සමාජ ජාල අතර සංසරණය වෙමින් විශාල කතිකාවතක් ගොඩනැගිනි. උරහිස් දක්වා වැටී තිබෙන මනාව සැකසූ දිලිසෙන කොණ්ඩා සහ අන්තර්ජාලය ඔස්සේ එකම ආකාරයට පෙනෙන සමේ පැහැය නිසා තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බව සමහරු පවසති. මෙම ඡායාරූප සමච්චලයට ලක් කරන සමහරු පවසන්නේ ඒවායේ සිටින්නේ එකම කාන්තාව බවය. ඉන්දියානු කාන්තාවන් අතර සමේ පැහැය සම්බන්ධයෙන් පවතින විවිධත්වය නැති වී යමින් පවතින අතර, "සුදු පැහැති" සමක් ලබා ගැනීමට ඇති දැඩි උනන්දුව මෙයින් පෙනී යන බව විවේචකයෝපෙන්වා දෙති. ඒ හැර ඡායාරූපවලට පෙනී සිටින කාන්තාවන්ගේ කිසිදු වරදක් නොමැති බව ද ඔවුහු පවසති. අදාළ මාතෘකාව සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය වන විට, මේ ගැන ප්‍රතිචාර ලබා ගැනීමට බීබීසී සේවය සංවිධායකයන් ඇමතීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. 1990 වර්ෂයේ මැද භාගයේ සිට රූ රැජින තරග ඉන්දියාව තුළ විශාල ව්‍යාපාරයක් ලෙස ප්‍රචාරය වී තිබේ. ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි සහ සුශ්මිතා සෙන් වැනි ලෝක කිරුළු දිනූ රූ රැජිනියන් කීපදෙනෙකු ඉන්දියාවෙන් බිහි වී ඇත. රූ රැජින තරග ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකු බොලිවුඩ් සිනමාව තුළ අති සාර්ථක ගමනක් ආරම්භ කර තිබේ. මෙවැනි තරග සඳහා සහභාගී වීම සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන රට පුරා පසුගිය වසර කීපය තුළ හතු පිපෙනවා මෙන් පිහිටුටවනු ලැබීය. නමුත්, අවසානයේ දී බොහෝ මධ්‍යස්ථානවල සාර්ථකත්වය රඳා පවතින්නේ "සුදු පැහැති" සමක් ඇති කාන්තාවන් මෙම තරග සඳහා යොමු කිරීමෙන් පමණය. මෙම තත්වය පුදුමයට කරුණක් නොවේ. 1994 ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ අයිශ්වර්යා රායි "සුදු පැහැති" සමකට උරුමකම් කීම ඉන්දියානු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය අතර, එවැනි සමක් ඇති තැනැත්තියක් තද පැහැති කෙනෙකුට වඩා උසස් යැයි සමාජ මතයක් පවතී. මෙම තත්ත්වය බොහෝදෙනෙකු අනුමත කරන අතර, සමේ වර්ණය "සුදු වීම" විවාහ වීම සඳහා සුදුසුකමක් ලෙස ද සලකයි. 1970 වසරේ දී හඳුන්වා දුන් 'ෆෙයා ඇන්ඩ් ලව්ලි (Fair & Lovely)' ඉන්දියාවේ ප්‍රථම "සුදු වීමේ" ක්‍රීම් වර්ගයයි. එතැන් පටන් මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදනවලට ඉන්දියාව තුළ අති විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. අති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් ද "සුදු වීමේ" නිෂ්පාදන ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම මෙයට එක් හේතුවකි. මෙවැනි ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිතය "සුදු පැහැති" සමක් පමණක් නොව වැදගත් රැකියාවක්, ප්‍රේමය සොයාගැනීමට මෙන්ම විවාහ වීමට ද බලපාන සාධකයක් ලෙස එකී වෙළෙඳ දැන්වීමවල ප්‍රචාරය විය. ඒ අනුව, "සුදු පැහැති" සමක් තිබෙන කාන්තාවන් රූප රැජින තරගවලින් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් හිමි වේ. මේ තොරතුරුද කියවන්න: කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද "සුදු පැහැති" සමක් හිමි විය යුතු යැයි සමාජ මතයක් ගොඩනැගීමත් සමග 2005 වර්ෂයේ දී 'ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම (Fair & Handsome) නැමැති ක්‍රීම් වර්ගය හඳුන්වා දීමට අදාළ සමාගම් ක්‍රියා කළහ. බොලිවුඩ්හි සුපිරි රංගන ශිල්පියෙකු වන ශාරුක් ඛාන් යොදාගෙන එම ක්‍රීම් වර්ගය ප්‍රචාරය කිරීමත් සමග එය අතිශය ජනප්‍රිය විය. 2000 වසරේ ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ ප්‍රියංකා චොප්රා තද පැහැති සමේ වර්ණය සහ එහි අලංකාර බව අගය කිරීමට පුද්ගලයන් පෙළඹවීම සඳහා පසුගිය වසර තුළ නොයෙකුත් ව්‍යාපෘති ආරම්භ විය. නමුත් කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රිය අවට සම ඇතුළු මුළු ශරීරයම "සුදු පැහැ" කිරීමේ ක්‍රීම් සහ ජෙල් වර්ග විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වීම වැළැක්වීමට මේ කිසිවකින් නොහැකි වී තිබේ. සම පැහැපත් කරන ක්‍රීම් සහ බ්ලීච් වර්ග නිෂ්පාදන සමාගම් ඉන්දියාව තුළ වසරකට ඩොලර් මිලියන ගණනක වෙළඳාම් කරන අතර, මෑතක දී සිදු කළ ඇස්තමේන්තුවකට අනුව 2023 වන විට එය ඉන්දීය රුපියල් බිලියන 50ක ව්‍යාපාරයක් බවට පත් වෙනු ඇත. කෙසේ නමුත්, දෙතොල් රත් පැහැ ගැන්වීමට කාන්තාවන් තොල්සායම් ආලේප කරන්නේ නම් "සම සුදු කිරීම" සඳහා ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිත කිරීමේ වරදක් නොමැති බවත්, එය පෞද්ගලික තීරණයක් බවත් සමහරු පවසති. නමුත්, "සුදු පැහැති සමක්" ඇති තැනැත්තන් "උසස්" ලෙස සැලකීම නිසා තද පැහැති අයට සමාජයෙන් පීඩා එල්ල වන අතර, ඔවුන්ගේ ආත්ම විශ්වාසයට හානි සිදු වී පෞද්ගලික දිවියේ මෙන්ම රැකියාව තුළ ද නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව "වර්ණභේදයට" එරෙහිව සටන් කරන පිරිස පවසති. "අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි" තද පැහැති සමක් ඇති මෝස්තර නිරූපණ ශිල්පිනියන් නිරූපණය සඳහා තෝරා නොගත් අවස්ථා ද ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. බොලිවුඩ් සිනමාවේ ද තද පැහැති සමක් සහිත රංගන ශිල්පිනියන් සිටින්නේ අතලොස්සක් පමණි. 'සායි පල්ලවී' නැමැති බොලිවුඩ් රංගන ශිල්පිනිය සම සුදු කරන ක්‍රීම් වර්ගයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම වසර මුල දී නිෂ්පාදනය කිරීමට නියමිතව තිබූ එම දැන්වීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 20ක ගාස්තුවක් ඇයට ලබා දීමට අදාළ සමාගම යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. "ඒ වගේ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලා ලැබෙන මුදලින් මම මොනවා කරන්නද? මට ලොකු අවශ්‍යතා නැහැ..." "අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි. මේ තමයි ඉන්දියානුවන්ගේ පාට. විදේශිකයන් ළඟට ගිහින් අපිට අහන්න බැහැ ඇයි ඒ අය සුදු පාට කියලා." "ඒ තියෙන්නේ ඒ අයගේ සමේ පාට, මේක අපේ සමේ පාට," ඇය පැවසීය. තවත් තොරතුරු: |
පුද්ගලයන් තිදෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් අයි.වී.එෆ්. තාක්ෂණය මගින් දරුවන් බිහි කිරීමට අද, අඟහරුවාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණ. | බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායමක් පවසන්නේ අයි.වී.එෆ්. තාක්ෂණය මගින් මවගේත් පියාගේත් ජාන මෙන්ම තවත් කාන්තාවකගේ ජාන යොදා ගැනීමෙන් දරුවන් බිහි කිරීමේ දී මවගෙන් දරුවාට බෝවිය හැකි මාරාන්තික රෝග වළක්වා ගත හැකි බවයි. නීරෝගී දරුවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය දීමේ තීරණය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සම්මතවුවහොත් බ්‍රිතාන්‍යය අයි.වී.එෆ්. තාක්ෂණයෙන් නීරෝගී දරුවන් බිහි කිරීමේ ක්‍රමවේදය නීතිගත කරන පළමු රට බවට පත් වෙයි. එසේම ඒ ආකාරයට පිළිසිඳ ගන්නා පළමු දරුවා ලබන වසරේ ආරම්භයේ දී බිහි විය හැකියි. ආචාර්ය ධර්ම සහ ආරක්ෂාව යන කරුණු උඩ ආගමික කණ්ඩායම් ද, ජාන තාක්ෂණ වැඩ සටහනට එරෙහි උද්ඝෝෂකයෝද මීට විරෝධය පල කරති. සැක සංකා එහෙත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය සැලී ඩේවිස් (Sally Davies) පවසන්නේ මේ ක්රමයේ ප්රතිලාභ, පල කෙරෙන සැක සංකා වලට වඩා වැඩි බවයි. මෙම ක්‍රමවේදය පිළිබඳ විද්‍යාත්මක කරුණු සහ ආරක්ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කොට ඇති බවයි ඇය පැවසුවේ. “අඹු සැමියන්ට මෙය අවශ්‍යව තිබෙනවා. අපිට ඒ පවුල් විඳින පීඩාව වළක්වන්නට හැකියාව තියෙද්දී ඇති තවදුරටත් ඔවුන්ට ඒ දුක දෙන්නේ කියන එකයි ගැටලුව,” මහාචාර්ය සැලී ඩේවිස් පැවසුවාය. |
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගංවතුර උවදුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම තවත් උත්සන්න විය හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු අඟවයි. | "ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය" ඇතැම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණය මඳක් තුරන් වී තිබෙන නමුත් ඉදිරියටත් ධාරානිඔපාත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකා බලධාරීන් ඉදිරියේ තවත් ප්‍රබල අභියෝගයක් මතු වී තිබෙන බවත් පුණ්‍යායතනය පෙන්වා දෙයි. මේ වසර මුල සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී තිබේ. ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මේ වනවිට සිය දෙනෙකුවත් මියගොස් ඇති අතර, දිවයිනට බලපා තිබෙන කාලගුණ තත්ත්වය මේ මාසය අවසානය වනතෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ජල ගැලීම් ගුවනින් දුටු ආකාරය විශේෂයෙන්ම ලබන 29, 30 සහ 31 දිනවල දී වැසි වැඩිවීමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණානායක පැවසීය. එක තැන පල්වෙමින් තිබෙන ගංවතුර පහසුවෙන්ම මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වන බැවින් ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවටත් සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු ඇඟවීමක් කරයි. "ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය," බව පවසන පුණ්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්යක්ෂ ක්‍රිස් මැක්අයිවර්, මෝසම් වැස්ස හේතුවෙන් සාමාන්‍යයෙන් මේ කාලය තුළ බලාපොරොත්තු විය හැකි මට්ට්මට වඩා ඉතා බරපතල බලපෑමක් මෙවර ඇති වී තිබෙන බවත් සඳහන් කරයි. ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවට සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු අඟවයි ගංවතුර සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ශ්‍රී ලංකාවාසීන් ඩෙංගු රෝගයෙන් ද බැට කෑමේ අනතුර අවම කිරීම පිණිස, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදෙමින්, දරුවන්ට මානසික උපදේශන සේවා සපයමින් සහ පාසල් යළි විවෘත කිරීමට උපකාර කරමින් සිය සංවිධානයේ සේවකයෝ ගංවතුර උවදුරට ලක් වූ ජනතාව සමග රැඳී සිටින බවත් සේව් ද චිල්ඩ්රන් ආයතනය වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් තවදුරටත් පවතින අයහපත් කාලගුණය හමුවේ බොහෝ ස්ථානවලට ළඟාවීම තමවත් ඉතා දුෂ්කර අතර, ගංවතුර හේතුවෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා වී පවතින බවත් පුණ්‍යායතනය සඳහන් කරයි. |
ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් බ්‍රිතාන්‍යයට හෝ වෙනත් කිසිදු රටකට නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව අවධාරණය කරයි. | 'එහෙම බලපෑම් කිරීම්වලට යටත් වෙන්න මම හිතන්නේ නෑ රටක් හැටියට අපි සූදානම් කියල' කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සිය ශ්‍රී ලංකා සංචාරයේදී අවධාරණය කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී. "එහෙම බලපෑම් කිරීම්වලට යටත් වෙන්න මම හිතන්නේ නෑ රටක් හැටියට අපි සූදානම් කියල," යනුවෙන් ඔහු කියා සිටියේය. 'පෞද්ගලික දේවල්' ස්වෛරී, නිදහස් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට එසේ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා සැබවින්ම ප්‍රකාශ කොට තිබෙන්නේ දැයි තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය. බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සාකච්ඡාවේදී එම ප්‍රතිඥාව දුන් අගමැතිවරයා, කෙසේ වුවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් පමණක් යයි සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ න්‍යාය පත්‍රයෙන් බැහැරව 'පෞද්ගලික දේවල්' සාකච්ඡා කිරීමේ කිසිදු අරමුණක් නැති බවද රඹුක්වැල්ල අමාත්‍යවරයා සංදේශයට පැවසීය. |
දරුවන් සිව් දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින මවක් සිය ජීවිත කාලය තුළ බදු ගෙවීම්වලින් නිදහස් කරන බව හංගේරියානු අගමැතිවරයා පවසයි. දරුවන් බිහිකිරීම වැඩි කිරීමේ සැලැස්මකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය. | සංක්‍රමිකයන් මත යැපීමෙන් වැලකී හංගේරියාවේ අනාගතය ගොඩනැගීම උදෙසා මෙම තීරණය ගත් බව එරට අගමැති වික්ටර් ඕබන් පවසයි සංක්‍රමිකයන් මත යැපීමෙන් වැලකී හංගේරියාවේ අනාගතය ගොඩනැගීම උදෙසා මෙම තීරණය ගත් බව එරට අගමැති වික්ටර් ඕබන් (Viktor Orban) සඳහන් කළේය. මුස්ලිම් සංක්‍රමිකයන්ට එරෙහි හංගේරියානු අගමැතිවරයා අන්ත දක්ෂිණාංශික පක්ෂයක් නියෝජනය කරයි. සෑම වසරකදීම හංගේරියානු ජනගහනය 32,000කින් පහත වැටෙන අතර, එක් මවකට සිටින ළමුන් ගණන යුරෝපයේ දළ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය. මේ අතර, තරුණ දෙමාපියන්ට හංගේරියානු මුදලින් මිලියන දහයක ණය මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති අතර, තෙවැනි දරුවා බිහි කළ පසු එය නැවත ගෙවීමෙන් නිදහස් කරනු ලබයි. "දරුවන් බිහිකිරීම පහත වැටෙමින් තිබෙන බටහිර රටවල් එයට විසඳුම් සොයන්නේ සංක්‍රමිකයන් ගෙන්වා ගැනීමෙන්." "නැතිවෙන සෑම දරුවෙකු වෙනුවට තවත් කෙනෙකු අලුතින් බිහි විය යුතුයි. එයින් ජනගහනය තුලනය වෙනවා," යැයි වික්ටර් ඕබන් පැවසීය. "හංගේරියානු මිනිස්සු සිතන්නේ වෙනස් ආකාරයකට. අපිට වැදගත් වෙන්නේ හංගේරියානු දරුවන් බිහිවීම මිසක් ඉලක්කම් වැඩි කිරීම නොවෙයි." හංගේරියානු අගමැති වික්ටර් ඕබන් (Viktor Orban) අගමැතිවරයා සිය රටෙහි ජනගහනය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරද්දී, රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව හංගේරියාවේ බුඩාපේස්ට් අගනුවර දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විණ. 2000කට ආසන්න පිරිසක් ඔහුගේ කාර්යාලය අසල රැඳී සිටි අතර, තවත් විශාල පිරිසක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණහ. දරුපල වැඩිකිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හතක් පිළිබඳ ඔහු කළ ප්‍රකාශයට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තා වේ. හංගේරියානු රජයේ මෙම සැලැස්මට පහත කරුණු ද ඇතුළත් විය: අගමැතිවරයා සිය කතාව අවසන් කළේ "හංගේරියාව සහ හංගේරියානුවන් දිගු කල් ජීවත් වේවා!" යැයි පවසමිනි. වර්තමානයේ හංගේරියානු කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ දළ අගය 1.45කි. යුරෝපය තුළ කාන්තාවන් දරුවන් වැදීමේ දළ අගය 1.58ක් වේ. 1.96ක සාමාන්‍යය අගයක් වාර්තා කරන ප්‍රංශය යුරෝපයේ දරුවන් බිහිකිරීම අතින් ඉහළ ම ස්ථානයේ සිටින අතර, 1.33ක් වාර්තා කරන ස්පාඤ්ඤය පහළ ම ස්ථානයේ තිබේ. බටහිර අප්‍රිකාවේ නයිජර් ලොව එක් කාන්තාවක් වැඩිම දරුවන් පිරිසක් බිහිකරන රට වන අතර, එහි දළ අගය 7.24කි. මේ තොරතුරුද කියවන්න: |
අසූව දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ අතුරුදහන් වී සිටින සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ දරුවන්ට ආධාර කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ඉල්ලා සිටිති. | 'කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා' මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් දින දහසක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් වෙත ප්රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා සහ අතුරුදහන්වීම් පරීක්ෂා කිරීම සඳහා වූ කමිටුව (Committee to Investigate Disappearances) විසින් යොමුකරන ලද ඒකාබද්ධ සංදේශයකිනුයි, එම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ. අතුරුදහන් වීමට එරෙහි ජාත්‍යන්තර ප්රඥප්තියට අත්සන් තබන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ද ක්‍රියාධරයෝ පිරිස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිති. ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් වූ දහස් ගණනක් පිරිස සොයා ගැනීම සඳහා මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ ඉල්ලා සිටිමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස මානව හිමිකම් ක්‍රියාධරයෝ නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ. භීෂණ සමය ලංකා ආණ්ඩුවේ වගකීම "අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ" Right to Life සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු "කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා. ඒක ගැන කිසිම වගකීමක් දරන්න කෙනෙක් නැති," බවයි ඒ විරෝධතාවයේදී හමුවුණු සන්ධ්‍යා එක්නැලිගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ පැහැර ගැනීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳව සොයා බැලීම පිණිස එක්සත් ජාතීන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාවට එවීමේ අවශ්‍යතාවය ජීවිතයට අයිතියක් (Right to Life) සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු අවධාරණය කරයි. "අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ," ඔහු පැවසීය. මේ අතර අදහස් දැක් වූ ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් සපයා නැති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනාවක් එල්ල කළාය. අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ එයට එරෙහිව දියත් වූ රාජ්‍ය මර්ධනය හමුවේ 40,000 කට ආසන්න සිංහල තරුණ පිරිසක් අතුරුදහන්ව සිටින බව ඇස්තමේන්තු කෙරේ. ඉන් අනතුරුව, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී අඩුම තරමින් 146,000 ක පිරිසක් අතුරුදහන් වී ඇතැයි මන්නාරම රදගුරු රායප්පු ජෝසප් එල්එල්ආර්සී උගත් පාඩම් කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිය උපුටා දක්වන ඒකාබද්ධ සංදේශය සඳහන් කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. | වැඩිදුර පරීක්ෂණ පිණිස කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයක් ජගත් පාලක මණ්ඩලය වෙත පිටත් කර යවන බවද අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ. එහෙත් කිසිසේත්ම එවැනි කුමන්ත්‍රණයක් දියත් වීමේ හැකියාවක් නොමැති බවයි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. බී සාම්පලය කිසියම් ලෙසකින් අමාත්‍යවරයා පවසන පරිදි කුමන්ත්‍රණයක් දියත් වූයේ නම් එය විය හැක්කේ කෙලෙසදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් විය හැකි එකම ක්‍රමය ක්‍රීඩකයාගේ කෑමට තහනම් උත්තේජක මුසු කිරීම පමණක් බවයි. කෙසේ නමුත් එවැනි උත්සාහයන් පිළිබඳව ක්‍රීඩකයා මෙන්ම වෛද්‍යවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු සියල්ලන් තදින්ම දැනුවත් කර තිබෙන බැවින් එය අතිශය දුෂ්කර කටයුත්තක් බව චන්නක ද සිල්වා ගේ මතයයි. ''මම හිතන්නේ මේක ලංකාවේදී ගත්තු සාම්පලයක් නිසා ලංකාවේ කෙනෙක්ම එහෙම කුමන්ත්‍රණ කරාවිද කියල අපිට සැකයක් තියෙනවා,'' පවසමින් චන්නක ද සිල්වා අමාත්‍යවරයාගේ මතය බැහැර කළේය. 'කුමන්ත්‍රණ කතා' ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවද ඔහු පෙන්වා දුන්නේය. වැඩිදුර පරීක්ෂණ පිණිස කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයක් ජගත් පාලක මණ්ඩලය වෙත පිටත් කර යවන බවද අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය. එහෙත් බී සාම්පලය යනු පළමු සාම්පලයේම කොටසක් බැවින් ජගත් පාලක මණ්ඩලය වෙත වෙනත් සාම්පලයක් යැවීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති. |
දුම්බීම භින්නෝන්මාදය(schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂකයෝ, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව පවසති. | භින්නෝන්මාදය(schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව වශයෙන් විස්තර කළ හැක. ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම් පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්වය ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම් බොන්නන් මේ තත්වයට වැඩියෙන් ගොදුරු වන බවයි. මනෝ විකාරය එම පර්යේෂකයන් කණ්ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණ 61ක් අනුසාරයෙන් ‘ලාන්සට් සයිකෑට්රික්’ සඟරාවේ පළ කරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොලයට වෙනස් කම් සිදු කිරීමට සමත් බවයි. සිය පරීක්ෂණයෙන් මුලික කරුණු ඉදිරිපත් වුවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ. දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝ විකාරයට හේතු වන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණකි. නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුල පවතින ශෝකී ස්වභාවය සහ මනස තුලින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කට හඬ වලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ. ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14 555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එක සිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදා ගෙන ඇති අතර එයින් ලද ප්‍රතිඵල පහතින් දැක්වේ. ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසන්නේ අධ්‍යනය විසින් මුලික කරුණු හෙළිදරව් වුවත් පර්යේෂණ ඉදිරියට ගෙන යාමට ශක්තිමත් සාක්ෂි අවශ්‍ය වන බවයි. |
පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි. | හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මැතිවරණයේ මෙතෙක් නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ. "මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," ඔහු පැවසීය. මේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. තවත් කියවන්න: 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතත්වයෙන් එය සංශෝධනය කළ හැකි බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, "මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යනුවෙන් ද පැවසීය. පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ "එයාට හීනෙන් පේනවා ඇති එහෙම ශක්තිමත් වෙලා කියල," යන්නය. රට තුළ මෙන්ම ආණ්ඩුවේත් "අස්ථාවරභාවයක්" - මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව "ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ" බවට ද ඔහු චෝදනාවක් එල්ල කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරන අතරවාරයේ පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට ඉහතදී කළ විමසීමකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" බවය. ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බව ඒ අවස්ථාවේ සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවය. සබැඳි යොමු: |
අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානියා, එනමුත් ඇතැමුන් සිය කීර්තිනාමයට අපහාස කර ඇති බව බීබීසී සංදේශයට පැවසීය. | ඇවන්ට්ගාඩ් නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම 'කොන්ත්‍රාත්තුව අවුරුදු පහකට දික් කළේ ඇයි?' විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ඒ බව කියා සිටියේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ. නිශ්ශංක සේනාධිපති සිය කීර්තිනාමයට හානි කළ බව පවසමින් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ චම්පික රණවක අමාත්‍යවරුන් මීට ඉහතදී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. ජනපති 'හමුවූයේ නෑ' ඒ පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව බීබීසී සංදේශයට තහවුරු කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, මින් ඉදිරියට ගතයුතු පියවර විමර්ශකයන් විසින් තීන්දු කරනු ඇති බවත් සඳහන් කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාපරාධී අපහාස නීතිය අවලංගු කර ඇති බැවින් කීර්තිනාමයට හානිකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට ගත හැකි පියවරක් නැති බවයි, නිශ්ශංක සේනාධිපති පවසන්නේ. 'මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ' ඇතැම් අමාත්‍යවරුන් තමාගේ සහ සිය සමාගමේ කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය. "මට අවශ්‍ය කටයුතු මම ඉදිරියේදී කරගෙන යනවා." අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, දිගින් දිගටම අවධාරණය කළේ සිය සමාගමේ කටයුතු නාවික හමුදාව වෙත පවරාගැනීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්‍රාමික හමුදා නිලධාරීන් හය දහසකගේ ජීවිකාව අහිමි කර ඇති බවයි. 'ගිවිසුම දීර්ඝ කළා' තමන් කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු නොවූ බව පවසන ඔහු, විශ්‍රාමික හමුදා සෙබළුන්ට රැකියා අහිමිවීම පිළිබඳව දැන සිටියේ ජනාධිපතිවරයා එවැනි පියවරක් ගනු නැති බව තමන්ට සහතික බවද සංදේශයට පැවසීය. "මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ," නිශ්ශංක සේනාධිපති සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ආයුධ රැගෙන රතු මුහුදේ සිට ගාල්ල වරායට ලඟා වූ ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නෞකාවක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ "එතුමාට කෑගහල, එතුමා අසරණ කරලා, එතුමා බිත්තියට හේත්තු කරලා තමයි ඕක කරලා තියෙන්නේ." සිය ව්‍යාපාරය නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 15 වැනි දින තමන් සමඟ පැවති සියලුම ගිවිසුම් තවත් වසර පහකට දීර්ඝ කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි. මීට ඉහතදී සත්හඬ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ අඩංගු කරුණු සනාථ කිරීමට තමන් සතුව සාක්ෂි තිබෙන බවයි නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් කියා සිටියේ. |
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරමින් එහි උප සභාපති කේ මදියවන්නන් ධුරයෙන් ඉල්ලා අස් වෙයි. | මදියවන්නන් මේ වසර මුලදී ඉහල ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ නිලවරණයෙන් ඉවත් වීමට සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ඉවත් වීමට තීරණය කළ බවයි කේ මදියවන්නන් සංදේශයට කියා සිටියේ. ඔහුගේ ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුංග කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් නිතරඟයෙන් පත් වීමට නියමිතයි. වසර දොළහක් කේ මදියවන්නන් වසර දොළහක් තිස්සේ කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, මේ වසර මුලදී ඉහල ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. කොල්ට්ස් ක්‍රීඩා සමාජය අද පවතින තත්වයට ගෙන ඒම සඳහා සිය පෞද්ගලික ධනය පවා වැය කරමින් කටයුතු කර තිබිය දී ඉන් ඉවත් වීමට සිදුවීම ඉතා කණගාටුදායක බවයි කේ මදියවන්නන් සංදේශයට කියා සිටියේ. මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජයන්ත ධර්මදාස කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ කිසිදු මාෆියාවක් නොමැති අතර මදියවන්නන් සිය පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස් වූ බවයි. |
සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින අර්බුදයට විසදුම විශ්ව විද්‍යාල වසා දැමීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි. | දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනට වෙන් කරන මෙන් ආචාර්යවරු ඉල්ලා සිටිති. වෛද්‍ය පීඨ හැරුණු කොට රටේ සියලුම විශ්ව විද්‍යාල දින නියමයකින් තොරව වසා දමන බව රජය පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කළේය. 1987-88 භීෂණ වකවානුවේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමෙන් අනතුරුව දින නියමයකින් තොරව විශ්ව විද්‍යාල වසා දැමුණු මුල්ම වතාවයි මේ. බත්තරමුල්ල පැලවත්තේ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මුළු අධ්‍යාපන ක්ෂේත්රයම අවුලෙන් අවුලට පත්ව ඇති බවයි. "මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම," යැයි ඔහු පැවසීය. අධ්‍යාපනයට සියයට හයක් උසස් අධ්‍යාපනයේ යොදවන මුදල වැඩිකොට උගැන්ම ප්රමුඛස්තානයක ලා සලකන ලෙස රජයට බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජනයට දින 50 කට ආසන්න වෙද්දී යි රජය විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගත්තේ. ටිල්වින් සිල්වා "මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම" අධ්‍යාපන සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන මෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය කර ඇති ඉල්ලීම සාධාරණ බවද ජවිපෙ ලේකම් වරයා කියා සිටියි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන රජය උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපනය ද අවදානමේ හෙලන්නට සුදානම් වන බවට සරසවි ආචාර්ය මණ්ඩල අඟහරුවැදා පැවැති මාධ්‍ය හමුවකදී අනතුරු අඟවා සිටියහ. වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කරමින් සිටින බවට චෝදනා කරන ජවිපෙ එහි ඵල විපාක දැනගැනීමට තවත් වසර ගතවනු ඇතැයි ද, එබැවින් එතෙක් කල් නොසිට අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙරමුණ ගත යුතුව ඇතැයි ද කියා සිටියේය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයට ජවිපෙ සම්පුර්ණ සහාය ලබා දෙන බවයි ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ. සබැඳි තේමා |
වසර 2006 දී පාසල් සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. | 'ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම පිළිබඳ ව තමා තුළ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින්' තම පුත්‍රයා පිළිබඳව අන්තර් ජාතික පරීක්ෂණයක් ලබා දෙන මෙන් වෛද්‍ය මනෝහරන් ඉල්ලීමක් කළේය. මීට පෙර ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු නමුත් මෙම සෙබළුන් දොළොස් දෙනා චෝදනාවලින් නිදහස් විණි. සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදුවූ බව’යි පෙර පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබුනේ. වෙඩි සලකුණු නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය. අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදුවූ බව’යි පෙර පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබුනේ. මෙම සිද්ධියෙන් මරණයට පත් එක් සිසුවෙකු වන රාජීහර් ගේ පියා, වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම පිළිබඳ ව තමා තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි. 'ශ්‍රී ලංකාව තුළ මීට පෙර සිදුවූ කිසිදු විමර්ශනයක දී සාධාරණ විනිශ්චයක් ලැබී නැති හෙයින්' තම පුත්‍රයා පිළිබඳව අන්තර් ජාතික පරීක්ෂණයක් ලබා දෙන මෙන් මිය ගිය රජීහර් ශිෂ්‍යයාගේ පියා ඉල්ලීමක් කළේය. සාධාරණ විනිශ්චයක් අන්තර් ජාතික මට්ටමින් ඇතිවූ බලපෑම් වලට ප්‍රතිචාරයක් වශයෙන් පමණක් මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව තමාගේ විශ්වාසය බවයි වෛද්‍ය මනෝහරන් කියා සිටින්නේ. තමා ඇතුළු සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ම විදේශ ගත වී සිටිය දී සාධාරණ විනිශ්චයක් ශ්‍රී ලංකාව තුළ දී ලබා දිය හැක්කේ කෙසේදැ’යි වෛද්‍ය මනෝහරන් ප්‍රශ්න කර සිටියේය. ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සහකාර පොලිස් අධිකාරී වරයෙකු සහ කොස්තාපල් වරුන් එකොලොස් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. |
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන පරීක්ෂණවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ බාධා කරන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. | වාස් ගුණවර්ධනගේ බිරිඳ පරීක්ෂණවලට බාධා කරන බව රහස් පොලිසිය පවසයි ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතනය පිලිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත් රවිඳු ගුණවර්ධනට එරෙහිව ද ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබෙන බැවින් ඔහු ද මෙම නඩුවේ සැකකරුවෙකු බවයි. ඔහු අත් අඩංගුවට ගැනීම පිණිස ඔහුගේ නිවසට ගිය අවස්ථා තුනේදීම, සැකකරුගේ මව සිය රාජකාරියට බාධා කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධියට අදාලව රහස් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන පනත් දෙකම යොදා ගැනීම නීති විරෝධී බවට චෝදනා කල විත්තියේ නීතීඥයෝ, පරීක්ෂණ සඳහා අවශ්‍ය නම් සැකකාර රවිඳු ගුණවර්ධන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කළහ. වාස් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් 2009 වසරේදී තම පුතු පැහැර ගෙන ගොස් ඝාතනය කල බවට එහි පැමිණ සිටි කාන්තාවක් හදිසියේම කෑගසන්නට වීමත් සමඟම නඩු විභාගය අවසානයේදී අධිකරණ භූමිය තුල උණුසුම් වාතාවරණයක් හට ගත්තේය. අදාළ නඩුව ලබන 19 වන දින නැවත කැඳවීමට තීරණය කල අධිකරණය, එදිනට කවර පනතක් යටතේ මෙම නඩු විභාගය පවත්වන්නේ දැයි අධිකරණය දැනුවත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය. |
කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (ජුනි 29) පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය. | එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වේ. වාර්තා කිහිපයක් බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් විය. චමරි අතපත්තුට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව සශිකලා සිරිවර්ධනයි. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 කි. ඒ අනුව එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලකුණු 150 සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙය වේ. වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා එම ස්ථානවලට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයට හා අයර්ලන්තයට එරෙහිවය. ඒ හේතුවෙන් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති. ඊට අමතරව ක්‍රීඩිකාවක්, සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කීමේ ලෝක වාර්තාව ද චම්රි අතපත්තු හිමි විය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ? ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කාන්තා ලෝක කුසලාන තරගයක රැස් කළ පළමු ශතකය මෙය වන අතර ශතක තුනක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශතක රැස් කළ එකම ක්‍රීඩිකාව ද ඇයයි. තරගයෙන් අනතුරුව විස්තර විචාරකයන් සමග අදහස් පළ කරමින් චමරි අතපත්තු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැවති පුහුණුවීම්වලදී පිරිමි 17 න් සහ 19 න් පහළ වේග පන්දු යවන්නන්ට මුහුණ දී තිබීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට තමන්ට හැකිවූ බවය. පසුගියදා නවසිලන්තය සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර එම තරගයේ දී ද අර්ධ ශතකයක් රැස් කිරීමට චමරි අතපත්තු සමත් විය. |
යුද්ධයේ අවසාන දින කීපයේ මරුමුවට පත් වූයේ එල්ටීටීඊ සාමාජිකයන් පමණක්ම නොවන බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පවසයි. | 'එල්ටීටීඊ සාමාජිකයින් සමරන බව පවසමින් දකුණේ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබාගැනීම අනුමත කළ නොහැකියි' යුද්ධයට සහභාගී වූ එල්ටීටීඊ සාමාජිකයන් පමණක් නොව එහිදී ''අහිංසක සාමාන්‍ය වැසියන්ද'' මරුමුවට පත් වූ බව ඔහු කියා සිටියේ යුද්ධයෙන් මියගිය පිරිස් සිහි කරමින් මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි පැවති අනුස්මරණ උළෙලක් අමතමින්. එල්ටීටීඊ සාමාජිකයින් අනුස්මරණය කරන බව පවසමින් දකුණේ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් උතුරු පළාත් මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මුලතිව් වෙල්ලිමුල්ලිවයිකාල් පළාතේ ඉදි කොට ඇති විශේෂ යුද ස්මාරකය අභියසදී සැමරුම් උළෙල පැවැත්වුණු අතර ඊට සහභාගි වූ පිරිස මල් තබා පහන් දල්වමින් යුද්ධයේදී මියගිය තම ඥාතීන්ට පිං අනුමෝදනා කළහ. උතුරු පළාත් සභාව විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව අනුස්මරණ උළෙල පැවැත්වුණු අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි හා යාපනය දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටියහ. සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වී සිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ බවත් උතුරු පළාතේ තවත් ස්ථාන කීපයකද එවැනි සැමරුම් උළෙල සංවිධානය කර තිබුණු බවත් දිනසේන රතුගමගේ වාර්තා කරයි. |
අගෝස්තු 17 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම සඳුදා දහවල් දොළහට අවසන් විය. | හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු මන්ත්‍රීවරයා විසින්. නාම යෝජනා භාර දෙන අවස්ථාවේ හිටපු ජනපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ නොසිටි නමුත්, ඔහු ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණ ආධාරකරුවන් ඇමතීය. මහ ලේකම්වරයා සහ වයඹ පළාතේ මහ ඇමති දයාසිරි ජයසේකර ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙති. නාම යෝජනා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එස්බී නාවින්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා භාර දුන් අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධානීහුද එම අවස්ථාවට එක්ව සිටියහ. හිටපු ජනපතිවරයාගේ නම කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවේ මුලින්ම සඳහන් වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ සරණ ගුණවර්ධන ට නාම යෝජනා ලබා නොදුන් බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් නිවේදනය කළේය. මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ නාම යෝජනාවට එරෙහිව විරෝධතාවයක් ඉදිරිපත් වූ නමුත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කෙරිණ. මහ මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට සිවිල් සංවිධාන සහ කාන්තා හිමිකම් සංවිධාන උද්ඝෝෂණයක් දියත් කළ නමුත්, ඒ පිළිබඳව ප්‍රධාන පක්ෂවල අවධානය පල වූ හැඩක් නොපෙනේ. කාන්තා නියෝජනය විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිර්දේශයද නොතකා වත්තල නාගරික මන්ත්‍රීනි ජීවනී කාරියවසම් ට නාම යෝජනා ලබා නොදීමට සන්ධානයේ මහ ලේකම්වරයා තීරණය කිරීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචනයට ලක් වී තිබේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන්, විශ්‍රාමික රජයේ සේවකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් නම් කිරීම කැපී පෙනෙන්නක්. හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඇතුළු පිරිසක් එම ලැයිස්තුවට නම් කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර නැත. එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසක් උතුරේ මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන්හ. |
1972 සිට වසර හතලිස් දෙකක් අතින් ලියා ඡායාරූප අලවා නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත, ලබන මාසයේ සිට වෙනස් වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. | 'මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක' මේ අනුව අලුත් හැඳුනුම්පත සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මුද්‍රිත පරිගණකගත හැඳුනුම්පතක් ලෙස නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර බීබීසී සංදේශයට කියා සිටියේ. "72 සිට අපිට තිබුනේ සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් නිකුත් කළ හැඳුනුම්පතක්. මේ තුල විශාල වැරදීම් සිද්දවෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අනික මේ තොරතුරු සියල්ල සටහන් කරන්නේ පොත් පත් වල, මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක," යනුවෙන් ඔහු සඳහන් කළේය. මෙතෙක් පැවති ක්‍රමවේදය තුල වැරදීම් සහ වංචා සහගත ක්‍රියා වලක්වා ගැනීම ඉතා අසීරු බව පවසන අධ්යක්ෂ ජනරාල්වරයා, කිසිවෙකුට කිසිදු ආකාරයකින් වංචාවක් කළ නොහැකි ආකාරයකට නව හැඳුනුම්පත නිකුත් කිරීමට උත්සාහ කරන බව කියා සිටියේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය "දැන් තිබෙන වැරදි සිද්ද වෙන ප්‍රමාණය මුළුමනින්ම නෙවෙයි, 99% ක් දක්වා අඩු වේවි." ශ්‍රී ලංකාවේ වසරකට ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් පමණ නිකුත් කෙරේ මෙතෙක් දෙමළ ජාතිකයන්ට පමණක් සිංහල සහ දෙමළ භාෂාවෙන් අතින් ලියා නිකුත් කළ හැඳුනුම්පත, නව ක්‍රමය යටතේ පොදුවේ සියලු දෙනාටම භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට නියමිතයි. "මට දෙමළ භාෂාවේ හසල දැනුමක් නැහැ, නමුත් මේ හැඳුනුම්පත අරගෙන උතුරට යනකොට ඔවුන්ට කියවන්ඩ පුළුවන්. ඔවුන්ට මගේ නම අහන්න පුළුවන් තොරතුරු ගන්න පුළුවන්. හැබැයි සිංහල භාෂාවෙන් පමණක් තිබුනොත් ඔවුන්ට එහෙම කරන්න බැහැ," යනුවෙන්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. "භාෂාව තේරෙන්නේ නැත්නම් මිනිස්සු කුපිත වෙන්න පුළුවන්." රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව පවසන අධ්යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර, භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් යලිත් කිසි දිනක ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි. නව හැඳුනුම්පතේත් අඩුපාඩු තිබෙන බවත් 2016 වන විට ජාත්‍යන්තර ප්‍රමිතියකින් ස්මාට් වර්ගයේ විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීම තම අරමුණ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසරකට ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් පමණ නිකුත් කරයි. |
සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බව චන්දික හතුරුසිංහ පවසයි. | කුසල් මෙන්ඩිස් ඔහු පෙන්වා දෙන්නේ සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16ක් පමණ ඇති බවය. චන්දික හතුරුසිංහ මේ බව ප්‍රකාශ කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ නමුත් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. ඉතා ඉහළ වැටුපක් ලබාගන්නා අතරවාරයේ සිය වගකීම නිසි පරිදි ඉටු කළ බවට සෑහීමකට පත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දුන් චන්දික හතුරුසිංහ සඳහන් කළේ ''මං හිතනවා මගේ පුළුවන් තරමින් කරනවා කියලා,'' යනුවෙනි. "මං හිතනවා මගේ පුළුවන් තරමින් කරනවා කියලා" ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් මෙන්ම එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ. ''මගේ පුද්ගලික මතය අපේ පන්දු යවන්නන් හොඳට සෙල්ලම් කළා. අපේ අඩුපාඩුව තිබ්බේ අපි උවමනා ලකුණු ප්‍රමාණය ගත්තේ නැති එක,'' යනුවෙන් අසන්ත ද මෙල් එහිදී සඳහන් කළේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම පිළිබඳ අදහස් දක්වමිනි. වර්ෂාව හේතුවෙන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, කෙසේ වුවත් තරග හතෙන් තුනක් පමණක් ජයග්‍රහණය කිරීම ගැන සතුටට පත්විය නොහැකි බව කණ්ඩායමේ කළමනාකරු ලෙස ද ක්‍රියා කළ අසන්ත ද මෙල් පැවසීය. "මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ" ''මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ. අපි කියල තියෙන්නේ බය නැතුව ගහන්න. හිතන්න එපා ඊළඟ මැච් එකට ඉඳියිද, නැද්ද, ඒ වගේ හිතන්න නරකයි. අපි ගිහිල්ල පොසිටිව් ගහන්න ඕනා,'' යනුවෙන් අසන්ත ද මෙල් පැවසුවේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. නායක දිමුත් කරුණාරත්න "ඉතා හොඳින් කණ්ඩායම මෙහෙය වූ" බව ද කළමනාකරු සඳහන් කළේය. කුසල් මෙන්ඩිස් තරගාවලිය තුළ දී අසාර්ථකවීම ගැන අදහස් දැක්වූ ඔහු: "එයාට වයස 23යි. එයා ටෙස්ට් තරගවල ශතක පහක් ලබල තියෙනවා. මම හිතන්නේ එයා ඉතාමාත්ම හොඳ ටැලන්ටඩ් ප්ලේයර්. එච්චර හොඳ ක්‍රීඩකයෙක් ගැන අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕන," යනුවෙනි. විශේෂයෙන්ම පිතිකරුවන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතු යයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ අසන්ත ද මෙල් වැඩිදුරටත් පැවසීය. |
සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති. | වැලන්ටයින් දින ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරමින් සුභපැතුම් පත්, මල් සහ චොකලට් හුවමාරු කර ගනිති. කවුද මේ ශාන්ත වැලන්ටයින්? ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ. වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි. වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි. විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ. අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477) ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය. සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග පෙමින් වෙලුණි. පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ "ඔබේ වැලන්ටයින් වෙතින්" යනුවෙනි. වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද? රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති. සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ. පසුකාලීනව එම සැණකෙළිය ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය විය. එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය. ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. |
අලුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බවට සැකකරන පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. | රෝහලේ ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී තුසිත කුමාර පසුගිය 6 වැනිදා සිය බිරිය සමග යතුරුපැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිසක් විසින් පහර දෙන ලද බව ඔහු පොලීසියට පැමිණිලි කර තිබිණි. එයින් තුවාල ලැබූ මාධ්‍යවේදියා සහ බිරිඳ ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. "මගේ මහත්තයට හොඳටම පහරදුන්නා හෙල්මට් වලිනුයි පොල්ලකිනුයි. අපේ ජිවිතවලට තර්ජනයක් තියෙනවා." පහරදීමට ලක්වූ තුසිත කුමාරගේ බිරිඳ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියාය. පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලන ලද අලුත්ගම කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳ විමසමින් මෙම පහරදීම කර ඇති බව වාර්තා විය. 'තමන්ගේ ආණ්ඩුවක් බලයට පත් වූ පසු අදාළ වාර්තාකරණයට පිළිතුර දෙන බව පවසා ප්‍රහාරකයින් මීට පෙරද තර්ජනය කර තිබූ බව වින්දිත මාධ්‍යවේදී තුසිත කුමාර සඳහන් කළ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පහරදීම හෙළා දකිමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ ප්‍රකාශය අනුව මේ ප්‍රහාරය තුළ එවැනි දේශපාලන පළිගැනීමක් ගැබ් ව තිබේ නම් එය ප්රජාතන්ත්රවාදී අවකාශයට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස හෙලා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ. පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වී ඇති බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී. 'ද ලිඩර්' වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදි ධනුෂ්ක සංජය සහ 'වොයිස් ටියුබ්' වෙබ් අඩවියේ මාධ්‍යවේදීනියක් වන තුෂාරා විතාරණ ගෙන් ප්‍රශ්න කිරීම පිණිස පසුගිය මාසයේ පොලීසිය වෙත කැඳවා තිබිණි. වෙබ් මාධ්‍ය ආයතනයන් හි සේවයේ නියුතු වෙබ් මාධ්‍යවේදීන් නිශ්චිත කාරණාවක් නොමැතිව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම මාධ්‍යකරණය සහ මාධ්‍ය නිදහස වෙත කෙරෙන බලපෑමක් සහ තර්ජනයක් සේ සැලකෙන බව මේ සම්බන්ධයෙන් සිය විරෝධය පලකළ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. "කිසියම් වූ විමර්ශන කටයුත්තක් සඳහා ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත්, ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන වග ප්‍රශ්න කිරීමට කැඳවන අවස්ථාවේ අදාළ පුද්ගලයන් දැනුවත් කළ යුතු බව අපගේ හැඟීමයි." යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර රජයට අයත් එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ නව මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී මදුක තක්සල ප්‍රනාන්දුට එම ආයතනයේ දේශපාලන වෘත්තීය සමිතියකට අයත් පිරිසක් තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසියට අද දින (දෙසැම්බර් 10) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. |
බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ නව මූලස්ථානය දෙවන එලිසබත් රැජින අතින් අද නිල වශයෙන් විවෘත විය. | නව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටයි,බීබීසියේ සජීවී වැඩසටහන් සම්පාදනය සහ විකාශනය කිරීම දැන් සිදු කෙරෙන්නේ. ලන්ඩන් නගරය මැද පිහිටි නව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටයි,බීබීසියේ සජීවී වැඩසටහන් සම්පාදනය සහ විකාශනය කිරීම දැන් සිදු කෙරෙන්නේ. අද උදෑසන බීබීසියේ නව මූලස්ථානයට ළඟා වූ එලෙසබත් රැජින සජීවී සංගීත වැඩසටහනකට සවන් දුන් අතර, ප්රවෘත්ති සම්පාදනය කෙරෙන අංශවලටද ගමන්ගත්තාය.එසේම ඇය බීබීසී ගුවන්විදුලි වැඩ සටහන් විසුරුවා හැරෙන මැදිරියකට ද පිවිසුණාය. රැජින නව මූලස්ථානය විවෘත කළේ ,ගුවන්විදුලි සහ රුපවාහිනී වැඩසටහන් විසුරුවා ලීමේදී අභිනව මන්දිරය බීබීසියට ඉතා මහෝපකාරී වනු ඇතැයි බලාපොරොත්තු තබන බව පවසමින්. එලිසබත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු රෝහල්ගතව සිටියදීයි, ඇය සිය පෙරසූදානම් කෙරුණ නිල කටයුතුවලට සහභාගී වෙමින් සිටින්නේ. |
තමන් රැකියාව කරමින් සිටි කටුනායක කර්මාන්ත ශාලාව තුළදී ලිංගික අතවරයට ලක් වූ බව ගම්පහ ප්‍රදේශයේ පදිංචි තරුණියක් පවසන්නීය. | මේ සිදුවීමට මේ වන විට දින පහළොවක් ගත වී ඇතත් තමාට සාධාරණයක් ඉටු නොවූ බව ද අතවරයට ලක් වූ, චතුරිකා සංජීවනී පවසයි. ඒ වන විට ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවය කරමින් සිටියාය. "මගේ වයස අවුරුදු 29ක් වෙනවා. ගම්පහට කිට්ටුව ප්‍රදේශයක තමයි දැන් ඉන්නේ. තාත්තගේ මුල් ගම හලාවත මාදම්පේ. අම්මා නැහැ. මට බාල සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා," චතුරිකා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා වසර දෙකක් පමණ විදේශගතව සිටි ඇය 2017දී කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට එක් වී තිබේ. "මම අවුරුදු දෙකක් මේකේ වැඩ කළා. ඒ අතරේ තමයි ලේ දන් දීමක් සංවිධානය කළා කියල ළමයි පස් දෙනෙක් සේවයෙන් ඉවත් කළේ. මේ ගැන වෟත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළා," චතුරිකා කීය. කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වැඩි පිරිසක් එම වැඩ වර්ජනයට එක් වී සිටියහ. "මේ වර්ජනයට දින සති ගෙවිලා යද්දී පාලකයන් කළේ සේවකයන් බිලී බාන එක. වන්දි අරගෙන සේවයෙන් ඉවත් වෙලා යන්න හෝ නැවත සේවය සඳහා වාර්තා කරන්න යන අවස්ථා දෙක ම සේවකයන්ට ලබා දුන්නා. මාසයක් විතර යද්දී පඩි නැති නිසා බඩගින්නේ බෝඩිමට වෙලා හිටපු දවස් කීපයක් ම තිබුණා." කියවන්න: වැඩ වර්ජනය අරඹා දින 42කට පසු ආයතනයේ දැනුම් දීමකට අනුව ඇය නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කළාය. ඒ වන විට තවත් සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සේවයට වාර්තා කර සිටි බවත් ඔවුන්ට යම් හිරිහැර මධ්‍යයේ සේවය ලබා දෙමින් සිටි බවත් ඇය කීවාය. චතුරිකා සංජීවනි "මම වැඩට ගියේ වෙන කරන්න දෙයක් නැති ම නිසයි. මට බඩගින්න දරා ගන්න බැරි වුණා. ඒ නිසා මම වෟත්තීය සංගමයට කිව්වා මම වැඩට යනවා කියලා. ඒ අය එපා කිව්වා. නමුත් මට වෙන කරන්න දෙයක් නැති නිසා මම ගියා," චතුරිකා විස්තර කළාය. "ගිය ගමන් පාලනාධිකාරිය කළේ මගෙන් ලියුම් දෙකකට අත්සන් ගත්තු එක. ඉන් එකක් වුණේ ආයේ වැඩ වර්ජනවලට එක් වන්නේ නැහැ කියන එකයි. අනෙක් ලිපිය වුණේ වෟත්තීය සමිතියෙන් ඉවත් වෙනවා කියන එකයි." ඇය ඒ අනුව පෙබරවාරි 20 වන දින සේවයට වාර්තා කළ තමාට වැඩ දෙන ලෙස ඉල්ලා සිටි විට මුලින් ම ලැබුණේ "හූ සංග්‍රහයක්" බව ඇය පවසයි. "ඊට පස්සේ වෙච්ච් දේවල් මට කියන්න බැහැ. පිරිමි පස් දෙනෙක් එක්ක තව කාන්තාවක් මේ වැඩේට එකතු වුණා. මට එහෙන් ඇන්නා මෙහෙන් ඇන්නා. මම ඒ වෙලාවේදී අන්ත අසරණ වුණා. මේ සියලු දේ පාලනාධිකාරිය බලාගෙන හිටියා. පස්සේ මට වැඩ දුන්නේ කාන්තාවන්ට තහනම් වූ කලාපයකයි," තමා අත්විඳි දෑ හෙළි කරමින් චතුරිකා පැවසීය. තමා සේවයට යෙදවූ කලාපයේ ඊට පෙර සේවය කළ සේවිකාවන් කීප දෙනෙකු ම ගබ්සා වී තිබූ නිසා එම කලාපයට ඇතුළු වීම කාන්තාවන්ට තහනම් කර තිබූ බව ද ඇය කීය. වෙළඳ කලාපවල සිදුවන "අසාධාරණවලට" එරෙහි විරෝධතාවක් "මම එතන වැඩ කරන්න ගියත් වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ඒ ගැන පැමිණිලි කළා. මට කිව්වා වැඩ කරන්න බැරි නම් යන්න කියලා. ඒ අනුව පැය භාගයක් ඇතුළත මම ඕෆ් වෙලා එළියට අවා. එසේ එද්දී කීප දෙනෙක් ම එකතු වෙලා මට හිරිහැර කළා. හූ කිව්වා. අන්තිමට මගේ පපුවත් මිරිකුවා. මට කියන්න පවා ලැජ්ජයි මට වුණ දේ." මේ පිළිබඳව විමසූ විට නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට සහ අනෙකුත් හිංසනවලට ලක් වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පැවසීය. චතුරිකා සංජීවනී මුහුණ දුන් සිදුවීම ගැන සඳහන් කරමින් එහි සම ලේකම් ඇන්ටන් මාක්ස් පෙන්වා දෙන්නේ, නීතිය ඉටු කිරීම සඳහා පොලිසිය ද පසුබසින බවය. මෙම සිදුවීම සිදුවූ දිනට පසු දින ම චතුරිකා කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙන අතර එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔහු ඇප මත මුදා හැර ඇති බව ද සේවකයෝ පවසති. එහෙත් මේ හා සම්බන්ධ පරීක්ෂණ මන්දගාමී බවත් අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමට හෝ පැමිණිල්ල විභාග කිරීමක් හෝ මේ දක්වා කර නැති බවත් වෟත්තීය සමිති චෝදනා කරයි. බ්‍රහස්පතින්දා (මාර්තු 07) කොළඹට රැස්වූ සංවිධාන කිහිපයක් මෙවැනි සිදුවීම්වලට සිය විරෝධය පළ කළේය. ඇන්ටන් මාක්ස් ප්‍රකාශ කළේ, එම ආයතනය තුළ එවැනි සිදුවීම් ගණනාවක් මීට පෙර ද සිදුව ඇති බවය. "මීට පෙර දිනක මෙම ආයතනයේ සේවිකාවකට අයුතු බලපෑම් කිරීමට ගිය එහි සේවය කරන සේවකයෙකුට විරුද්ධව කළමනාකාරවරයාට පැමිණිලි කිරීමේදී කළමනාකරු ද ඇයට අයුතු යෝජනාවක් කර තිබෙනවා. එයට අකමැති වීම හේතුවෙන් එම සේවිකාව සේවයෙන් ඉවත් කරලා," ඇන්ටන් මාකස් කීය. නමුත් අයුතු යෝජනා ඉදිරිපත් කරන ලද දෙදෙනා ම දැනටමත් සේවයේ නිරතව සිටින බව ඔහු පැවසීය. කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණි වීරසූරිය ප්‍රකාශ කළේ කාන්තා දිනය සැමරිය කළ යුත්තේ වෙළෙඳ කලාපය තුළ බවය. ශ්‍රී ලංකාවේ වැඩියෙන් පීඩාවට හා හිංසනයට ලක් වන කාන්තාවන් සිටින්නේ වෙළෙඳ කලාපයේ හා වතු අශ්‍රිතව බව ද ඇය පැවසුවාය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" මෙම චෝදනා එල්ල වන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ එම් අයි එල් අබේසිංහ ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ලබා දිය නොහැකි බවය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආයතනයේ මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විණි. මේ පිළිබඳව කළ විමසීමකදී කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය. ඔහුට අධිකරණයෙන් ඇප ලැබුණු බව ප්‍රකශ කළ පොලිස් ස්ථානාධිපතිවරයා අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද කියා සිටියේය. මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට වෟත්තීය සමිති පොලිසියට කරන චෝදනා ද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ "අපරාධයක්" කියවන්න: |
පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය. | බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ (2006 දෙසැම්බර් 01) විශේෂයෙන්ම තමන්ට 'චරිත දෙකක්' තිබෙන බවටත් ජනාධිපති ගෝඨාභය වෙනුවට ආරක්ෂක ලේකම් ගෝඨාභය "ටිකක් සැරෙන් ඉන්න කියලා" ඇතැම් භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටින බැවින් "ඒකත් කරන්න පුළුවන්," යනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය දෙස්, විදෙස් හෙලා දැකීමට ලක්වෙමින් පවතී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අගය කරමින් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වී තිබිණ. 'මරණ තර්ජනයක්' විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තමන්ට මරණ තර්ජනයක් එල්ල කළ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබුණේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත ද එහි පිටපතක් සහිතවය. "ඇත්ත වශයෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී හරියටම වසර 12 කට පසු ජනාධිපතිවරයා මා වෙත තර්ජනාංගුලිය දිගු කිරීම විමතියට කරුණකි," ලෙස සිය පැමිණිල්ලේ සඳහන් කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, "ත්‍රස්තවාදියෙකු මෙන් ඝාතනය කරනු ඇතැයි බියෙන් තොරව මා කැමති දේ පැවසීම මගේ මූලික අයිතියයි," යනුවෙන් ද පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ. "පොලිස්පතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා මිස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික සේවකයා නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතය හා නිදහස ආරක්ෂා කිරීම මම ඔබෙන් ඉල්ලා සිටින පෞද්ගලික අනුග්‍රහයක් නොව, ඔබ දිවුරුම් දී ඇති ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඔබට ඇති වගකීම සහ යුතුකමයි," බව ද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු කථානායක කරු ජයසූරිය සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දැඩිව හෙලා දැක තිබිණ. විපක්ෂනායකවරයා පවසන්නේ, මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදුකළ ප්‍රකාශය "ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක්" බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් "රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති," බව පවසන හිටපු කතානායක කරු ජයසූරිය, ප්රජාතන්ත්රවාදය රජයන සමාජයක ප්රචණ්ඩත්වය හා ජීවිත තර්ජන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අනුමත නොකරන බව ද පෙන්වා දී තිබේ. කියවන්න: ආණ්ඩුවේ ප්‍රතිචාරය මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා තිබුණේ සමගි ජන බලවේගය තුළ පවතින ගැටලු හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඔහුට ආරක්ෂාව ලබාදීම යෝග්‍ය යයි තමන් ද විශ්වාස කරන බවය. අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ, "අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න," යනුවෙනි. කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවට ජනාධිපතිවරයා අම්පාර ප්‍රදේශයේ දී කළ ප්‍රකාශය හෝ තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු දේශපාලනයට නුසුදුසු යයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබුණි. "ජනාධිපතිතුමාගෙ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තියෙන්නෙ රටට ශාපය වුණේ හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව," රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේනසිංහ පැවසීය. යුද්ධය දිනුවේ කවුද? ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී සඳහන් කළ තවත් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය පළවෙමින් තිබේ. "මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කළේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. තමන් "යුද්ධය අවසන් කළ," බව ජනාධිපතිවරයා අම්පාරේ දී කියා සිටි නමුත් ජනාධිපතිවරණය අවස්ථාවේ මාධ්‍ය හමුවක දී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විනා තමන් නොවන බවය. "ඔබට වැරදිලා මම හිතන්නේ, මම හමුදාවට නායකත්වය දුන්නේ නෑ," යනුවෙන් ඔහු සිනහසෙමින් එහිදී සඳහන් කළේ The Hindu පුවත්පතේ වාර්තාකාරිය, මීරා ශ්‍රීනිවාසන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "හමුදාවට නායකත්වය දුන්නේ හමුදාපතිවරයා," ගෝඨාභය රාජපක්ෂ පැවසීය. යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය. යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය යුද්ධය ආරම්භ වූයේ කෙලෙසද? එමෙන්ම රාජපක්ෂ පාලනය සමයේ "යුද්ධය පටන් ගත්තේ" තමන්ට එරෙහිව එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බවත් ජනාධිපතිවරයා අම්පාරේ දී පැවසීය. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිත්තල හන්දියේ දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ 2006 දෙසැම්බර් මස 01 වෙනි දිනය. ඉන් මාස කිහිපයකට ප්‍රථම, 2006 අප්‍රේල් 25 වෙනි දින එවක හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කරමින් යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. එහිදී ඔහුට බරපතල තුවාල සිදු වූ අතර, ඔහුගේ ආරක්ෂකයන් පස් දෙනෙකු මරුමුවට පත්විය. එයට ප්‍රතිචාර දක්වමින් එදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව එල්ටීටීඊ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ නමුත් සටන් විරාමයට තවදුරටත් කැප වී සිටින බව ආණ්ඩුව ඒ අවස්ථාවේ ද සඳහන් කළේය. කෙසේ වුවත් එල්ටීටීඊ ය විසින් මාවිල් ආරු ප්‍රදේශයේ ජල සම්පාදනය කපා දමනු ලැබීම හේතුවෙන් 2006 ජුලි 26 වෙනි දින ආණ්ඩුව එම ප්‍රදේශයේ එල්ටීටීඊ කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟම එතෙක් දෙපාර්ශවය අතර පැවති සටන් විරාමය ද නිල වශයෙන් නිමාවට පත්විය. ඒ අනුව ඊලාම් යුද්ධයේ සිව් වැනි අදියර (Eelam War IV) ආරම්භ වූයේ ජනාධිපතිවරයා පවසන පරිදි 2006 දෙසැම්බර් 01 වෙනි දින නොව 2006 ජුලි 26 වෙනි දින බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තවත් ලිපි: |
ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන " The Soft Robotics Toolkit Design Competition 2016" තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙක් සමත් වී සිටියි. | ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන විසිනි. විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 2014 දී බව හිරෝෂන් ගුණවර්ධන බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) හිරෝෂන් ගුණවර්ධන (දකුණේ) සිය නිර්මාණය සමඟ ඉන් අනතුරුව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තරඟය වෙනුවෙන් එය නිර්මාණය කළ බවත් හිරෝෂන් ගුණවර්ධන පැවසීය. විශේෂයෙන්ම ඉබෝලා රෝගය සම්බන්ධයෙන් 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ 'මාර්ග සිතියම' සිය සොයාගැනීමට මූලිකම හේතුව වූ බවත් ඔහු සංදේශයට පැවසීය. "ඉබෝලා කියන වෛරස් එක මූලික අවධියේදී අපි අඳුරගෙන තිබුණේ නෑ කොහොමද බෝවෙන්නේ කියලවත්. ඒ වගේ අවස්තාවක දින විස්සක් ඇතුලත සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන් පමණක් 333 දෙනෙක් මැරිලා තිබුණ," ඔහු පැවසීය. "මුලින්ම මම ඉදිරිපත් කළේ, රොබෝ අතක්, අතේ චලනය හඳුනාගෙන ඈත තියන රොබෝ කෙනෙක් පාලනය කරන ව්‍යාපෘතියක්." ඉන් අනතුරුව එම අදහස තවදුරටත් වර්ධනය කර හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තරඟයට ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය. හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද තරගයට නව නිර්මාණකරුවන් සියයකට අධික පිරිසක් ඉදිරිපත් වී සිටි බවත් ඔහු සඳහන් කළේය. මීට ඉහතදී ස්ලෝවෙනියාවේ 'Academic Economic Congress' සංවිධානය කළ මේ වසරේ නව නිර්මාණ තරඟයේදී සිය නිර්මාණයකට ප්‍රයෝගික අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි වූ බවත් හිරෝෂන් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය. (සංදේශයට සවන්දෙන්න) |
පසුගිය මස හමුදා පාලකයින් විසින් තායිලන්තය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණනින් කාම්බෝජ සංක්‍රමණ කරුවන්ට තම ගම රට බලා යාමට සිදු වී තිබේ. | තම රට බලා යන කාම්බෝජ සංක්‍රමණිකයන් තායිලන්ත දේශ සීමාව පසු කරමින් රැකියා වල නියුතු සියලු ම අනවසර සංක්‍රමණ කරුවන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට හමුදා පාලකයින් තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ. එක දිනයක් තුල රටවල් දෙක අතර දේශ සීමා මුර කපොල්ල හරහා දාසය දාහක් පමණ කාම්බෝජ සංක්‍රමණ කරුවන් ගමන් ගෙන ඇති බව වාර්තා වේ. බුරුමය ලාඕසය වැනි අසල්වැසි රට වලින් පැමිණි අනවසර සංක්‍රමණ කරුවන් විශාල ප්‍රමාණයක් තායිලන්තයේ රැකියා වල නිරත ව සිටින අතර බොහොමයක් දෙනා බලපත්‍ර නොමැතිව රට තුළ රැඳී සිටයි. මේ අතර තායිලන්තයේ බලයට පත් නව හමුදා පාලනයේ නායකයා රටේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය ක්රමයේ වෙනසක් ඇති කිරීම උදෙසා ශක්තිමත් සාර්ථක වැඩ පිලිවලක් හඳුන්වා දී තිබේ. ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා පවසන්නේ සැප්තැම්බර් මාසයට ප්‍රථම අන්තර් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කලත් මැතිවරණය වසරක් පමණ කල් දමන බවයි. ඊට අමතරව අධ්‍යාපන ක්‍රමය සහ පොලිස් සේවාව ප්‍රතිසංවිධානය කිරීමටත්, ජීවන වියදම අඩු කිරීමටත් තම අවධානය යොමු කරන බව ජෙනරාල් වරයා පවසා තිබේ. |
ඉන්දීය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්රියාකාරිනියන්ට විශාල ජයක් ගෙන දෙමින්, ඉස්ලාමීය භාවිතය අනුව ක්‍රියාත්මකවන ක්ෂණික දික්කසාදය ව්‍යවස්ථාවට පටහැනි බවට එරට ඉහළම අධිකරණය තීන්දු කර තිබේ. | ක්ෂණික දික්කසාදය ව්‍යවස්ථා විරෝධී බවට නිගමනයක් දෙන්නැයි කාන්තාවෝ පස්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ විනිසුරු මඩුල්ලේ 3-2 තීන්දුවෙන් පෙන්වා දෙන්නේ අදාළ භාවිතය "ඉස්ලාමීය නොවන" බවය. තලාක් (දික්කසාදය) යන වචනය තෙවරක් කීමෙන් විනාඩි කිහිපයක් තුළදී මුස්ලිම් පුරුෂයෙකුට සිය භාර්යාව දික්කසාද කිරීමේ භාවිතයක් ඇති රටවල් කිහිපය අතරට ඉන්දියාව ද අයත් වේ. මෙම ඓතිහාසික අධිකරණ තීන්දුව එළිදුටුවේ "තුන්වරක් තලාක්" වචනය භාවිත කෙරෙන සම්ප්‍රදායට අභියෝග කරමින් ඉදිරිපත්වූ පෙත්සම්වලට ප්‍රතිචාර ලෙසිනි. මේ ආකාරයෙන් දික්කසාද කෙරුණු මුස්ලිම් කාන්තාවන් පස්දෙනෙක් සහ අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් දෙකක් එම පෙත්සම් ගොනු කළහ. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් අධිකරණ තීන්දුව සළකන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසිනි. ක්ෂණික දික්කසාදය යනු කුමක් ද ? ඉන්දියාව තුළ මුස්ලිම් පුරුෂයින් ලිපි මගින්, දුරකතනයෙන් මෙන්ම ඉහළ යමින් පවතින ප්‍රවණතාවක් ලෙස text පණිවිඩයක්, WhatsApp සහ Skype ඔස්සේ තලාක් වචනය තෙවරක් යොමු කිරීමෙන් සිය බිරින්දෑවරුන් දික්කසාද කිරීමේ අවස්ථා වාර්තා වී ඇත. අදාළ සම්ප්රදාය කාන්තාවන් විසින් අභියෝගයට කිරීම මත මේ සිදුවීම්වලින් ඇතැම් ඒවා අධිකරණය දක්වාම ගොස් තිබේ. ෂරියා ඉස්ලාමීය නීතිය තුළ හෝ කුරානයෙහි තලාක් දික්කසාදය පිළිබඳ සඳහනක් නැති වුව ද දශක ගණනාවක් පුරා මේ සම්ප්රදාය පැවතගෙන විත් ඇත. කුරානයෙහි දික්කසාදය පෙන්වා දී ඇත්තේ කෙසේදැයි ඉස්ලාමීය විද්වත්හු පැහැදිලි කරති. එය තුන් මසක කාලයක් පුරා දිග හැරෙන්නේ අදාළ යුවළට සමගි සන්ධානයට ඉඩ කඩ සළසා දෙමිනි. පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු මුස්ලිම් රටවල් බොහොමයක තලාක් ක්‍රමය තහනම් කර තිබුණ ද සෑම පුරවැසියකුටම අදාළවන සේ විවාහය සහ දික්කසාදය පිළිබඳ ඒකීය නීති සම්ප්රදායක් නොවන ඉන්දියාව තුළ තලාක් සම්ප්රදාය ක්‍රියාත්මක වෙමින් පැවතියේය. අධිකරණයේ මතය පෙත්සම් විභාග කළ ඉන්දීය ඉහළ අධිකරණයේ 5 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් තිදෙනෙක්ම මෙම අර්බුදකාරී භාවිතය "ඉස්ලාමීය නොවන, අත්තනෝමතික සහ ව්‍යවස්ථාවට එකඟ නොවන" බව පෙන්වා දුන්හ. මෙය ඉස්ලාමයේ අත්‍යවශ්‍ය අංගයක් නොවන අතර ඉන් ආරක්ෂාවක් නොසැළසෙන බව එයින් එක විනිසුරුවරයකුවන කියුරියන් ජෝසෆ් පැවසීය. "හිතුමතේ සහ චපල ලෙස විවාහයක් බිඳ දැමීමට" පුරුෂයෙකුට ඉඩ හැරීම "පැහැදිලි ලෙසම අත්තනෝමතික" ක්‍රියාවක් බව විනිසුරුවරු පැවසූහ. නමුත් මීට වෙනත් මතයක් දරමින් අගවිනිසුරු ජේඑස් ඛේහාර් පැවසුවේ ව්‍යවස්ථාදායක අධිකරණයක නීතියක් මගින් පුද්ගලික නීතියක් හැසිරවිය නොහැකි බවය. මේ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීති සම්පාදනය කළ යුතු බව, ඊට ප්‍රති විරුද්ධ විනිශ්චය ද නිර්දේශ කළේය. කෙසේවෙතත්, මෙය බැඳීමක් නොවන අතර එම ගැටලුව සාකච්ඡාවට ගැනීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයකි. අධිකරණයේ විනිශ්චය "ඓතිහාසික" බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දීය රජය මෙම භාවිතය අවසන් කිරීමට සහයෝගය දක්වයි. අගෝස්තු 15 වෙනිදාට යෙදුනු නිදහස් දින සිය කතාවේදී මෙන්ම අවස්ථා කිහිපයකදී අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමු කර ඇත. මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳ ඉදිරි පියවරක් ලෙස ක්‍රියාකාරීන්ගේ ඇගයීමට ලක්ව තිබේ ජනතා ප්‍රතිචාරය මෙම අධිකරණ තීන්දුව මුස්ලිම් කාන්තාවන් මෙන්ම කාන්තා අයිතිවාසිකම්වල විශාල ජයග්‍රහණයක් ලෙස පුළුල් ලෙස ඇගයීමට ලක්ව ඇත. මෙම "ඓතිහාසික" තීන්දුව අගමැතිවරයාගේ ඇගයීමට ද ලක්විණි. මෙම අධිකරණ තීන්දුව පිළිගන්නා ලෙසත් එය දේශපාලනීකරණය නොකරන ලෙසත් එක් පෙත්සම්කාරියක වන ශයරා බානෝ ජනතාවගෙන් ඉල්ලා සිටියාය. "පවුල කැඩී බිදී යාමේ වේදනාව මා අත්වින්දා. මගේ අපේක්ෂාව කිසිම කෙනෙක් අනාගතයේදී මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ කියන එකයි" වාර්තාකරුවන්ට ඇය පැවසුවාය. තලාක් ක්‍රමයට එරෙහිව නැගී සිටි Beebak Collective නම් සංවිධානයේ සමාරම්භක හසිනා ඛාන් මෙය හඳුන්වා දුන්නේ "ඓතිහාසික" තීන්දුවක් ලෙසිනි. "අපට අතිශයින්ම සතුටුයි. අවුරුදු ගණනාවක් පුරා මුස්ලිම් කාන්තාවන් ගැටලුවලට මුහුණ දී සිටියා" යැයි ඇය බීබීසී වෙත සඳහන් කළාය. තලාක් ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ කාන්තාවන් අතර ශයරා බානෝ ද වුවාය තලාක් සම්ප්‍රදායට එරෙහිව හඬ නැගු කණ්ඩායම් අතරින් භාරතීය මුස්ලිම් මහිලා ආන්දෝලන් නම්වූ කණ්ඩායමේ ක්‍රියාකාරිනී සකියා සෝමන් පැවසුවේ විවිධ ආගම්වලට අයත් ඉන්දීය කාන්තාවන් තමන්ට සහය දුන් බවය. අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වෙද්දී පවා ඉන්දීය ට්විටර් ජාලය ඔස්සේ #TripleTalaq සහ #SupremeCourt හෑෂ්ටැග් සැළකියයුතු ලෙස පරිහරණය වන්නට පටන්ගත්තේය. #Tripletalaq යන හෑෂ්ටැගය ලොව පුරා ට්විටර් ඔස්සේ පරිහරණය වේ. |
තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිස ඉල්ලා සිටිති. | ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (මැයි 19) සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) නියෝජිතයන් මුණ ගැසෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටිති. ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි UNHCR ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති. තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබේ. ඔවුන් සම්බන්ධ නඩු විභාගය පසුගිය අඟහරුවාදා (මැයි 16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේ කරුණු දැක් වූ පොලිසිය, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි දැනුම් දුන්නේය. එබැවින් ඔවුන් පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් පොලිසිය පැවසීය. නීතිඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෆයිනාස් මොහමඩ් එහිදී කරුණු දක්වමින් අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන මෙන් ඉල්ලීමක් කළේය. කිසියම් ලෙසකින් ඔවුන් මියන්මාරයට පිටුවහල් කෙරුණහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව තමන් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන් බව නීතිඥ ෆයිනාස් මොහමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය. නීතිවේදීන්ගේ ඉල්ලීම සලකා බැලූ යාපන මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානය කරගැනීම පිණිස තවත් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එතෙක් ඔවුන් දිගටම මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබන මෙන් බලධාරීන්ට නියෝග කළේය. |
පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාව මුහුණ දෙන ලිංගික හිංසන ලොව පුරා බොහෝ රටවලින් අසන්නට ලැබෙන දුක්බර පුවතකි. | පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනය එයට වැට බැඳීම පිණිස ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම දියත් කරති. පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට ලිංගික අතවර කරන පුරුෂයන් නින්දාවට පත්කිරීමේ අරමුණින් මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක පසුගියදා 'ලිඟු ආසනයක්' සවි කර තිබුණි. බ්‍රිතාන්‍යයේ පවා කාන්තාවන් උදෙසා වෙන් වූ දුම්රිය මැදිරි සකස් කළ යුතු බව පසුගියදා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් ද යෝජනා කර තිබුණි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිරිහැරවලට ලක්වන බව අනාවරණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් දියත් කෙරුණි. පොදු ප්‍රවාහන සේවාවල දී තමන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළි කළහ. "ඔහු මගේ පියයුර ස්පර්ශ කළා" මේ අතර තුර්කියේ ප්‍රධාන නගරයක බලධාරීහු ලිංගික හිංසනය වැළැක්වීම පිණිස තවත් අත්හදා බැලීමක් දියත් කර තිබේ. ඒ කාන්තාවන් උදෙසාම වෙන් වූ රෝස පැහැති බස් රථ සේවයකි. මේ වන විට 'රෝස බස්' දෙකක් නගරයේ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබෙන අතර, ඒ බස් රථ මගින් දිනකට 1000 කට අධික කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සපයති. එහෙත් 'සියයක් කාන්තාවෝ' වාර්ෂික විශේෂාංගය වෙනුවෙන් බීබීසී ය කළ විමසුමකට අනුව, ලිංගික හිංසනය තුරන් කිරීම් වස් කාන්තාවන් උදෙසාම බස් රථ වෙන් කිරීම නගරයේ ඇතැම් කාන්තාවෝ අනුමත නොකරති. "පිරිමි එක්ක කථාකරන්න හරිම අමාරුයි. එයාල එක්ක හිරවෙලා යන්න අපිට ඕනේ නෑ," පාලක ඒකේ (AK) පක්ෂය විසින් මලත්යා (Malatya) නගරයේ ධාවනය කරවනු ලබන රෝස පැහැති බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් බීබීසී යට කියා සිටියාය. මෙක්සිකෝ උමං දුම්රියේ 'ලිඟු ආසනය' "බස්වල යන ගමන් අපි මොකටද පිරිමින්ගේ පහත් කතා අහගෙන ඉන්නේ? කාන්තාවෝ ඉන්න තැන්වල ගරු සරු ඇතිව හැසිරෙන්නවත්, විනීතව කතාකරන්නවත් එයාල දන්නේ නෑ," ඇය පවසන්නීය. "ඒ නිසා රෝස පාට බස් හරිම අපූරුයි." එහෙත් ඒ බස් රථයේම ගමන් කළ තවත් කාන්තාවක් පළ කළේ ඊට වඩා වෙනස් අදහසකි. "මම හිතන්නේ රෝස පාට බස් කියන්නේ මේ රටේ සහ මේ නගරයේ ඉන්න පිරිමින්ට කරන අපහාසයක්," ඇය කියා සිටියාය. "කාන්තාවන්ට ගරු කරන්න එයාල දන්නේ නැද්ද? ඇයි එයාල වෙන බස් එකක යන්නේ?." කාන්තාවන් සඳහාම වෙන් වූ එවැනි තවත් ප්‍රවාහන සේවා හඳුන්වා දීමට මේ අතර තුර්කි බලධාරීහු සැලසුම් කරති. සබැඳි යොමු: |
සීමා නීර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව භාරගැනීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. | එම කමිටුවේ සභාපති අශෝක පීරිස් විසින් අදාළ වාර්තාව අද (ජනවාරි 02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වෙත අද භාර දීමට නියමිතව තිබුණ අතර එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු ඊට අත්සන් තබා නොතිබීම හේතුවෙන් නෛතික තත්වය පිළිබඳ අවධානය යොමු කොට එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවය. තමන් ඇතුළු කමිටු සාමාජිකයන් තිදෙනෙකු පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ වාර්තාවට අත්සන් තැබූ බව කී කමිටුවේ සභාපති අශෝක පීරිස් සෙසු සාමාජිකයන්වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් මිස්බා යන සාමාජිකයන් එහි නොසිටි බව පැවසීය. කෙසේ වෙතත් වාර්තාව කියවා බලා ඊට අත්සන් තබන බව ඔවුන් පවසා සිටි බවත් අශෝක පීරිස් සඳහන් කළේය. යම් හෙයකින් සෙසු සාමාජිකයන් දෙදෙනා වාර්තාවට අත්සන් නොතබන්නේ නම්, බහුතර අත්සන් සංඛ්‍යාවක් ඇතිව වාර්තාව භාර ගැනීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපා එකඟ වූ බවත් සීමා නීර්ණය අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් වැඩිදුරටත් කියා සිටියේය. පළාත් පාලන මැතිවරණය ඉදිරි දින කීපය තුළ, සෙසු සාමාජිකයන් දෙදෙනාගේ අත්සන් ලැබූ වහාම තමන් වාර්තාව භාර ගැනීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසීය. පළාත් පාලන මැතිවරණය කල්යෑම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාත්, සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයා හා රජයත් එහි වගකීම භාරගත යුතු බව පැෆරල් සංවිධානය පසුගියදා සඳහන් කළේය. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් විෂයභාර අමාත්‍යවරයාගෙන් ද සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයාගෙන් ද ඉල්ලා සිටියේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය තවදුරටත් අවමානයට ලක් නොකර පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසය. |
1971 අප්‍රියෙල් කැරැල්ලට මෙම අප්‍රියෙල් පස් වෙනිදාට අවුරුදු හතළිස් තුනක් සම්පූර්ණ වෙයි. | ජ.වී.පෙ.විරෝධතා ව්‍යාපාරයක් අවි ගත් කැරැල්ල දියත් කෙරුණේ 1971 අප්‍රියෙල් පස් වෙනි දින රාත්‍රියේයි. නිදහසින් පසුව සන්නද්ධ බලය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ රජය පෙරලා දැමීමට ගත් පළමු ප්රයත්නය එම අවි ගත් නැගිටීමයි. රෝහණ විජේවීර විසින් නායකත්වය දෙන ලද ජනතා විමුක්ති පෙරමුණ විසිනුයි කැරැල්ල දියත් කරනු ලැබුණේ. ක්ෂණික ප්‍රහාර න්‍යාය එවකට ජනතා විමුක්ති පෙරමුණේ සටන් උපක්‍රමය වුණේ, එක් රැයකදී එල්ල කරනු ලබන ක්ෂණික ප්‍රහාරයකින් බලයේ සිටින ආණ්ඩුව පෙරලා දමා රාජ්‍ය බලය සියතට ගැනීමයි. ජ.වී.පෙ වත්මන් නායකත්වය ‘අප්‍රියෙල් නැගිටීම නිවැරදි දේශපාලන ක්‍රියාමාර්ගයක් නොවන නමුත් එය පීඩාවට සහ මර්දනයට එරෙහි පියවරක්’ වූ බවයි එම කැරැල්ල සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයකු වූ වසන්ත දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ. “එහෙත් තමන් තුළ එදා දේශපාලන දැක්මෙහි පැවති ඌනතාවය සහ නිවැරදි තක්සේරුවකින් තොරව අවි ගනු ලැබීම ඉන් අනතුරු අවධියේ ශ්‍රී ලාංකික සමාජය තුළ දක්ෂිනාංශය ශක්තිමත් වීමට හේතු වූ ”බවයි වසන්ත දිසානායක පවසන්නේ. දක්ෂිනාංශය බලවත් කිරීම තරුණ ජීවිත රැසක් විනාශ වීමෙන් 1971 කැරැල්ල පරාජයෙන් කෙළවර වූ අතර තවත් විසි දහසක් පමණ තරුණයන් අත්අඩංගුවට ගනු ලැබ සිර ගත කරනු ලැබිණ. ග්‍රාමීය මැද පන්තියේ තරුණයන් වැඩි වශයෙන් සහභාගී වූ අප්‍රියෙල් කැරැල්ල ඉඩම් ප්‍රතිසංස්කරණය ඇතුළු සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. |
ධීවරයන්ට ලබා දුන් ඉන්ධන සහනාධාරය නවතා දැමීමට විරෝධය පළ කරමින් මීගමුවේ සිට කල්පිටියේ බත්තලන්ගුන්ඩුව දක්වා ධීවරයෝ මුහුදු යාමෙන් වැලකී වර්ජනයක නිරතවී සිටියහ. | වර්ජනය හේතුවෙන් හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දමා තිබිණ සඳුදා පැවති වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධානතම මාළු වෙළඳ පොළවල් දෙකක් වන හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දැමීමට සිදු විය. 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේ ඉන්ධන මිල ඉහල දැමීමේ දී රට පුරා ධීවරයන් ඊට විරෝධය පළ කළ අතර හලාවත දී පැවති ධීවර උද්ඝෝෂණයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරුමුවට පත්විය. තවත් කිහිප දෙනෙකු එහි දී තුවාල ලැබුවේය. තුවාල ලැබීමෙන් අසරණ ව සිටි ජේසු මරිය කිංස්ලි නමැති ධීවරයා සිය දිවි නසා ගත්තේ තම දරුවන්ට බරක් වීමට නො හැකි බව පවසමින්. සාකච්ඡා 'සාර්ථකයි' රට පුරා පැවති උද්ඝෝෂණ නැවතුණේ ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙන බව රජය පොරොන්දු වූ පසුවයි. එලෙස ලබා දුන් සහනාධාරය මේ වන විට නවතා දමා ඇති බවයි, ධීවරයන් පවසන්නේ. කතෝලික සභාවේ මෙහෙයවීමෙන් තමන්ගේ ඉල්ලීම් පිළිබඳ ව සඳුදා ධීවර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූ බවද ධීවර නායකයෝ පවසති. සිය ගැටලුවලට විසඳුම් ලබා දීම පිණිස මේ මස 27 වන දින දක්වා කල් දෙන මෙන් ආණ්ඩුව ඉල්ලා සිටි බව ඔවුහු බීබීසී සංදේශයට කියා සිටියහ. කෙසේ නමුත්, ධීවර නායකයන් හා කතෝලික ආගමික නායකයන් සමග සඳුදා පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වූ බවයි, ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න සංදේශයට කියා සිටියේ. |
ජාත්‍යන්තර ඔලිම්පික් ප්රඥප්තියේ මූලධර්ම වලට අනුව කටයුතු කිරීමටත්, ජාත්‍යන්තර ඔලිම්පික් නීති රීති හා රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්රඥප්තිය, නීති රීති හා රෙගුලාසි සංශෝධනය කිරීමටත් ශ්‍රී ලංකාව එකඟ වෙයි. | ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඔලිම්පික් ප්රඥප්තියේ මූලධර්ම වලට අනුව කටයුතු නොකරන බවට ඔලිම්පික් කමිටුව කලින් චෝදනා එල්ල කොට තිබිණ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉකුත්දා ස්විට්සර්ලන්තයේ ලුසාන්හිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් පෙරෝ හමුවී ඒ පිළිබඳව සාකච්ජා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 2015.12.31 දිනට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය සංශෝධනය කරමින් ඔලිම්පික් නීති රීති වලට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකාවේ නීති රීති සකස් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා එකඟත්වය පල කොට ඇත. 2016 මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීති රීති සංශෝධනය කොට සියළුම ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම සහ ක්‍රීඩා පනත සංශෝධනය කිරීම ගැනද සාකච්ඡා කොට ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක නිරත වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙමින් ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් සහ නව ක්‍රීඩා ඉසව් දියුණු සඳහා සහයෝගය ලබා දීමට සභාපතිවරයා විසින් එකඟතාව පල කොට තිබේ. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කෞතුකාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමටද සභාපතිවරයාගේ එකඟතත්වය පල වී ඇත. |
මේ වසර තුළ ළමා අපචාර සහ අපයෝජනය පිළිබඳ පැමිණිලි 6500 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. | ළමා අපයෝජනය, ළමුන් පාසල් නොයෑම සහ ළමුන්ට නොසැලකිලිමත් ලෙස සැලකීම ඒ අතර වන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර ප්‍රකාශ කළේ. එම පැමිණිලිවල සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ඒවා පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය. ඒකාබද්ධව විමර්ශන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන අංශය, නීති අංශය සහ පොලිස් ඒකකය ඒකාබද්ධව විමර්ශන සිදු කෙරෙන බවයි සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර පැවසුවේ. ළමා අපචාර වැඩිවී ඇත්ද කියා පැහැදිලි පිළිතුරක් ලබා දිය නොහැකි බව පැවසූ ඇය කියා සිටියේ පසුගිය වසරේ පළමු මාස අට තුළ මේ වසරට වඩා පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. පසුගිය වසර දහය දෙස බැලීමෙන් ළමා අපචාර වැඩිවී ඇති බවක් පෙනෙන්ට ඇති බව ඇය සඳහන් කළාය. “පැමිණිලි කිරීම් වැඩි වෙලා තියෙනවා, මාධ්‍ය මගින් වාර්තා කරනවා. නමුත් වැඩිද අඩුද කියන්න දත්ත නැහැ. නමුත් කියන්න පුළුවන් හුඟක් සිදුවෙනවා කියල,” ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය. නිශ්චිත හේතු ළමා අපචාර වැඩිවීමට තුඩු දෙන නිශ්චිත හේතු හඳුනාගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් නිගමන වලට එළඹීමට තරම් ලොකු දැනුමක් නොමැති බවත් ඇය පැවසුවාය. නමුත් දළ වශයෙන් කතා කරන විට ශ්‍රීලාංකීය සමාජය තුළ යුද්ධයෙන් පසුවත් ප්රචණ්ඩත්වය වැඩිවී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ . “මත කුඩු, මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා, අසභ්‍ය වීඩියෝ බලන එක හුඟක් තියෙනවා, සමාජයේ බිඳ වැටීමක් පෙන්න තියෙනවා. හරියටම කියන්න බැහැ හේතුව, ”ඇය සඳහන් කළාය. දැනුවත් කිරීමේ වැඩසටහන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බව පැවසූ ඇය පාසල් මට්ටමින් සහ ගම් මට්ටමින් කමිටු පිහිටුවා ගුරුවරුන්, දෙමව්පියන් සහ පොදුවේ සමාජය දැනුවත් කෙරෙන බවත් ජනතාව ශක්තිමත් කිරීම අධිකාරියේ අරමුණ බවත් ඇය ප්‍රකාශ කළාය. ජනතාව විසින් දරුවන් ආරක්ෂා කිරීම තහවුරු කිරීම සහ නියාමනය කිරීම දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් අපේක්ෂා කෙරෙන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර තවදුරටත් ප්‍රකාශ කළේ. |
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් වී ඇති බව ඉන්දීය හමුදාව පවසයි. | ඉන්දීය කාශ්මීරය පුරා ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරට කඩා වැදුණු ප්‍රහාරකයන් සිව් දෙනකු මරා දැමුණු බවයි ඉන්දීය හමුදා නිලධාරියකු බීබීසීයට කියා සිටියේ. මෑත වසර කීපය තුළ ඉන්දීය කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කොට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රහාරය හෙලා දකිනු ලැබ තිබේ. ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය ඉන්දීය කාශ්මීරයේ පවතින වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දිල්ලි අගනුවර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. පසුගිය සති දහය ඇතුළත ඉන්දීය කාශ්මීරයේ ඇති වූ බෙදුම්වාදී උද්ඝෝෂණ හේතුවෙන් මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව අසූවකට අධිකයි. |
නිදහස් සහ සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි. | විපක්ෂ නායකවරයා එම ඉල්ලීමක් කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් මගින්. ‘හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය’යන තේමාව යටතේ ලියා ඇති එම ලිපිය මගින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ ‘මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොර ව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට දැඩි විරෝධය පළ කරන’ බවයි. මෙම මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුළ පැවැත්වෙන ‘ඊනියා’ රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්ෂයක නායකයා වශයෙන් බවයි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දෙන්නේ. මැතිවරණ කොමසාරිස්ගේ මාධ්‍ය උපමාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලනමය මත පළ කෙරෙන විද්‍යුත් හෝ මුද්‍රිත වැඩ සටහන් ඔවුන් අයත් දේශපාලන පක්ෂයේ වැඩ සටහන් ලෙස සැලකිය යුතු අතර ඊට සමාන අවස්ථා එම මාධ්‍ය මගින් විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂ වලටත් දිය යුත් බව දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ උපුටා දක්වමින් කරුණු පැහැදිලි කරන විපක්ෂ නායකයා පෙන්වා , යම්කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් සෙසු අපේක්ෂකයන්ට අගතියක් වන අයුරින් ගුවන් කාලය හෝ ප්රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතු බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් සහ රාජ්‍ය දේපොළ පාවිච්චි කරන බව පෙනී යන බවත්, තමාට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු කර නැති බවත් කියා සිටියි. මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට දෙන මාධ්‍ය ආවරණයට සමාන ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් තමාටත් ලැබිය යුතු බව තමා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉහත කී ලිපිය මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දෙයි. |
වර්ෂ මිලියන 115ක් පමණ පැරැණියයි සැලකෙන, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහනනෙන් කොටසකට කිසියම් පිරිසක් හානි පමුණුවනු ලැබුහ. | විනාශක කරන ලද තියරපොඩ් ඩයිනෝසර පාද සටහන 2006 වසරේදී පොසිල විද්‍යාඥයින් විසින් වික්ටොරියාහි ගල්තලාවක තිබී තියරපොඩ් ඩයිනෝසර (theropod dinosaur) පාද සටහන සොයා ගන්නා ලදී. ඩයිනෝසරයන්ගේ පොසිල සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රදේශයක් වූ එය, අයිස් යුගයෙහි ඩයිනෝසරයන් ලොව වාසයකල ප්‍රදේශ කිහිපයෙන් එකකි. සෙ.මී. 30ක් පමණ පළල පාද සටහන කැඩීම සඳහා, මිටියක් වැනි යමක් භාවිත කරන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති. "පේන විදියට යමෙක් මිටියක් හරි ගලක් හරි ආධාරයෙන් පාද සටහනේ කොටස් කඩා ඉවත්කරල තියෙනව" වික්ටෝරියා උද්‍යාන පාලක බ්‍රයන් මාර්ටින් බීබීසී වෙත පැවසීය. "කඩා දැමූ කොටස්" ගල්තලාව මත විසුරුවා දමාගොස් ඇතිබව ඔහු පැවසීය. පසුගිය සතියේ, ප්‍රදේශයේ පාසල් අධ්‍යාපන චාරිකාවක් මෙහෙයවූ නිලධාරියෙක් මෙම හානිය මුලින්ම දැක තිබේ. මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන විනාශ කිරීමට පෙර මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන, අපරාධකරුවන් හිතා මතාම ඉලක්කකර ඇතිබව උද්‍යාන පාලකවරයා පැවසීය. "බොහෝ පුද්ගලයන් නොදැනුවත්කම නිසා ඉතා පහසුවෙන් පාද සටහන පසුකර යනවා. එතැනටම එන්න මොවුන් එය පිළිබඳව නිශ්චිතව දැනුවත්ව සිටියයුතුයි" ඔහු පැවසුවේය. මේ විනාශ කිරීමෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති. "මාංශ භක්ෂක ඩයිනෝසරයා, අයිස් යුගයේ මේ ගල මත ඉතිරිකර ගොස් තිබූ පාද සටහනනෙන් එවක පැවති ශීතාධික පරිසරය තුළ එම අවස්ථාව නිරුපණය කිරීම මේ පාද සටහනේ සුවිශේෂත්වයයි" වික්ටෝරියා උද්‍යාන පැවසීය. වෙනත් පුවත්: |
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම තවමත් අවිනිශ්චිත බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි. | පසුගිය බංගලාදේශ සංචාරයේ දී ඩිල්ෂාන්ගේ අතේ ඇඟිල්ලක ඇතිවී තිබෙන ආබාධය තවමත් සියයට සියයක් සුව අතට හැරී නොමැති බවයි සනත් ජයසුරිය අද කොළඹදී මාධ්‍ය වේදීන් අමතමින් පැවසුවේ. " ඩිල්ෂාන්ගේ අතේ මහපට ඇගිල්ල පිපුරුවේ, දැන් එයා පන්දු යැවීමේ හා පන්දු රැකීමේ කාර්යයන් පටන් ගෙන තිබෙන්නේ. හැබැයි පන්දුවට පහරදෙද්දි තවමත් එයාට පොඩි අමාරුවක් තිබෙනවා" යනුවෙන් තේරීම් කමිටුවේ සභාපතිවරයා පැවසුවේය. විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ලබන ඉරිදා දින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි. අවසන් තීරණය තිලකරත්න ඩිල්ෂාන් ඔවුන් සමග බංගලාදේශයට පිටත්වන බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා 19 වනදා පැවැත්වෙන පෙර පුහුණු තරගය වන විට ඩිල්ෂාන් සම්පුර්ණ සුවය නොලැබුවොත් ඒ සඳහා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන බවද පැවසුවේය. " සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාවක් සමග මේ ක්‍රීඩාව කරන්න වෙනවා, අපේ පහළොස් දෙනා ගත්තොත් දහ දෙනෙකුට පොඩි වේදනා තියෙනවා, ඒවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ, අපි 19 වෙනිදා ඩිල්ෂාන් ගැන අවසන් තීරණය ගන්නවා," තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කළේය. ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීම නිසා ඩිල්ෂාන් වෙනුවෙන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දක්ෂතා අතර සිටි තුන් ඉරියව්වේ නවක ක්‍රීඩක චතුරංග ද සිල්වා ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකාරයන් පැවසුවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ තවමත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් " ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම ඉන්නවා, අපිට තවත් ආරම්භක පිතිකරුවෙක් ඕනැද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඕනැද කියල බලන්න ඕනැ,"තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය. මිට අමතරව ආබාධවලට ලක්ව සිටි ක්‍රීඩකයන් වන රංගන හේරත් හා නුවන් කුලසේකර මේ වනවිට සම්පුර්ණ සුවය ලබා සිටින බවත් ඔහු සඳහන් කළේය. ලබන ඉරිදා බංගලාදේශයට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 17 වනදා ඉන්දියාව සමගද 19 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග ද පුහුණු තරගවලටද සහභාගී වීමට නියමිතයයි මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන ප්‍රථම නිල තරඟය ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි. |
කිසියම් ව්‍යසනයක් නිසා කිසිවක් නොලැබෙන තත්ත්වයක් උදා වුවහොත් ''ලුණුයි බතුයි තමයි කන්නයි වෙන්නේ'' යනුවෙන් ගැමියන් අතර කතාවක් තිබේ. එහෙත් දැන් ලුණු ද අහිමිවන තත්ත්වයක් ගැන බොහෝ දෙනා කතා කරති. | ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි. ඊට නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාවේ තිබූ උපද්‍රවකාරී විෂ අපද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම ය. මේ වන විට වෙළෙඳසල්වල ඇති ලුණු පාරිභෝගිකයන් විසින් තොග වශයෙන් රැගෙන යනු ලැබේ. එබැවින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වී ඇති අතර ලුණු පැටවීම සඳහා ද හම්බන්තොට ලේවායට ලොරි විශාල සංඛ්‍යාවක් පැමිණි බව ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''ඇත්තම කතාව කඩවල්වල ලුණු නෑනේ. වෙනදට එක පැකට් එකක් ගන්න ගෙදරට ලුණු පැකට් දහය අරගෙන ගිහිල්ලනේ. මේ පටවන ලොරි ටික අද උදේ ඉඳලා රට වටේ යයි.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා අඟහරුවාදා (ජුනි 01) පැවසුවේය. ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි. ''ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙන්නේ එක් පුද්ගලයෙකුගේ දිනක ලුණු අවශ්‍යතාව ග්‍රෑම් පහක් කියලයි. නමුත් අපේ රටේ ලුණු භාවිතය අනුමත ප්‍රමාණයට වැඩ දෙගුණයකටත් වැඩියි.'' යනුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000 - 150,000 ත් අතර අගයක් ගනී. ''ලුණු ඉවර වෙනවලු. මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?'' කළුතර වෙසෙන ටී.කේ නදීකා ද අද ලුණු සොයා ගිය කාන්තාවකි. ලුණු හිඟයක් ඇති වෙන බවට අසල්වාසියෙකුගෙන් දැන ගැනීම නිසා උදෑසනින්ම ඇය ලුණු සොයාගෙන නිවසින් පිටත් වූවාය. ඒ යන අතර මග ඇය යාබද නිවැසියන් ද දැනුවත් කළා ය. ''ලුණු ඉවර වෙනවලු. ඔයාලට තියෙනවා ද? මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?'' යනුවෙන් ඇය අසල්වාසීන්ගෙන් විමසා සිටියා ය. ජයන්ති විජේතුංගට ඇය දිනපතා භාණ්ඩ මිලදී ගැනීමට යන වෙළෙඳසලේ හිමිකරුගෙන් මෙලෙස දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ''ලුණු ඉවරවී ගෙන යනවා. අක්කාට ලුණු පැකට් කීයක් අරන් තියන්න ද ?'' යනුවෙන් එහිදී විමසා තිබුණි. ''මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.'' ''නයිට්‍රික් අම්ල ටොන් 25කින් මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ'' X-PRESS PEARL නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යවලින් ලුණු නිෂ්පාදනයට බලපෑමක් සිදුවිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට විස්තර කළේය. ''මේක අද මුහුදු වතුර අරගෙන හෙට ලුණු හදන ක්‍රියාවලියක් නෙමේ. අපි ලුණු නිෂ්පාදනයේදී කරන්නේ වාෂ්පිකරණයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර කර ගන්න එක. එතැනදී යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙනවා. ඊට පස්සේ ලුණු ටික පොල් අතු වලින් වහලා කාලයක් තියෙනකොට ඒ අපද්‍රව්‍ය ඉවත් වෙනවා. නයිට්‍රික් අම්ලය තනුක වෙලා කොහෙත්ම යන්නේ නෑ හම්බන්තොටට සහ පුත්තලමට. ඒ වගේම නැවේ තිබුණයි කියන මාධ්‍යයෙන් දැකපු දේවල් වලින් නම් කිසිම ප්‍රශ්නයක් නෑ.'' ''මගේ අදහස නම් මෙය එතරම් විශාල නොවන කුඩා ප්‍රමාණයේ පරිසර විනාසයක්. බොහෝ දෙනා කියනවා නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ටොන් 25 නිසා මුහුදේ ආම්ලිකතාව ඉහළ ගොස් මුහුදු ජීවීන්ට, කොරල් පර වලට දැඩි හානියක් සිදුවන බව. ඒ වගේම අම්ල වැස්සක් ඇතිවන බව. නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ප්‍රමාණයෙන් ඔය දෙකම ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.'' යනුවෙන් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක වැඩිදුරත් පැවසුවේය. ''වැරදි වැටහීමක්, බොහෝ දෙනෙක් බියවෙලා'' හම්බන්තොට සහ පුත්තලම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ලුණු නිෂ්පාදනය දීර්ඝ කාලින ක්‍රියාවලියකි. ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ පවසන්නේ මීට මාස දෙකකට පමණ පෙර ගබඩා කළ ජලයෙන් මේ දිනවල හම්බන්තොට ලුණු නිෂ්පාදනය කෙරෙන බවය. ''අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්.'' ''වැරදි වැටහීමක් මත දැන් බොහෝ දෙනෙක් බියට පත්වෙලා ඉන්නේ. අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්. තව මාස ගණනාවකට ලුණු හදන්න අපි මුහුදු වතුර ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අලුතෙන් වතුර පිරවීමේ අවශ්‍යතාවයකුත් නෑ.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේය. පුත්තලම ලුණු සංස්ථාව වෙනුවෙන් අදහස් දැක්වූ එහි මානව සම්පත් කළමනාකරු සුගත් ජයන්ත බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි ඔවුන් ගබඩා කර ඇති ජලය ලබා ගෙන ඇත්තේ 2020 අගෝස්තු සහ සැප්තැම්බර් කාලයේදී ය. ''අපේ ලේවායට වතුර ගන්නේ පුත්තලම කලපුවෙන්. ගන්න වතුරේ අයන වර්ග ගොඩක් තියෙනවා. මාස 06ක පමණ ක්‍රියාවලියකින් තමයි අන්තිමට අපි ලුණු කියලා හඳුන්වන සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) වෙන්කරලා ගන්නේ. ලේවායට වතුර ගන්න තැන ඉදලා හැම එකක්ම චෙක් කරනවා. ඒ නිසා ජනතාවට බිය වෙන්න අවශ්‍ය නෑ.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය. තවත් තොරතුරු; ශ්‍රී ලංකාව; සාගර දුෂණයට එරෙහිම සටන් කරන 'ශ්‍රී ලංකාවේ ලාබාලතම කිමිදුම්කාරිය' |
'හොට් ඩෝග්' (Hot Dogs) සඳහා වෙනත් ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි විය හැකි බව මැලේසියාවේ පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැල් වෙත දන්වනු ලැබ තිබේ. | හොට් ඩෝග්' සඳහා ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි වීමේ අවදානමක් මැලේසියාවේ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක රජයේ ආයතනයක්වන ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉස්ලාමීය සංචාරකයන්ගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බවය. 'හොට් ඩෝග්' යන නාමය "ව්‍යාකූලතාවකට" හේතු විය හැකි බව පැවසූ ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී, 'ඉස්ලාම් ධර්මයට අනුව, සුනඛයා අපවිත්‍ර සතෙකු ලෙස සැලකෙනවා. එවැනි නමක් හා හලාල් සහතිකය අතර සම්බන්ධයක් පැවතිය නොහැකියි,' යැයි සඳහන් කළේය. ජනතාව අතර ප්‍රචලිත 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ මැලේසියානු ශාඛා තුළ අලෙවිකරන 'Pretzel Dog' ආහාරයේ නම වෙනස් කරන තෙක් ඒ සඳහා ලබා දී තිබූ හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. එහි අලෙවි කෙරෙන 'Pretzel Dog' සඳහා 'Pretzel Sausage' යන නාමය භාවිතකිරීම "වඩාත් උචිත" බව ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී පවසයි. එම තත්වය "සුළු ගැටලුවක්" වශයෙන් හඳුන්වන 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ නියෝජිතයකු කියාසිටියේ එහි නම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය සමාගමේ විරුද්ධත්වයක් නොමැති බවය. ජනතාව අතර ප්‍රචලිත 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ මැලේසියානු ශාඛා තුළ අලෙවිකරන 'Pretzel Dog' ආහාරයේ නම වෙනස් කරන තෙක් ඒ සඳහා ලබා දී තිබූ හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 'හොට් ඩෝග්' සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව දැඩි ලෙස විවේචනය කළ මැලේසියාවේ සංචාරක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය නස්රී අසීස් එම තීන්දුව හැඳින්වූයේ "අමනෝඥ මෙන්ම පසුගාමී ක්‍රියාවක්" ලෙසය. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් හට ගෙන තිබේ. බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන මැලේසියාවේ ජනතාව ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන නමුත් ගතානුගතික ආකල්ප වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් දැක ගත හැක. |
පුරා මාසයකට වැඩි කාලයක් නොකඩවා පැවැත්වෙන ලෝකයේ විශාලතම මැතිවරණය වන ඉන්දියානු මැතිවරණයේ හතරවැනි අදියර සඳහා ඡන්ද දායකයෝ ඡන්ද පොළවල් කරා ඇදෙමින් සිටිති. | එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ සීකිම් නමැති කුඩා හිමාලයානු ප්‍රාන්තයෙහි ද ඡන්ද විමසීම අද සෙනසුරාදා සිදු කෙරෙන අතර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ට මෙන්ම ප්‍රාදේශීය සභා සඳහා තරඟ වදින අපේක්ෂකයන්ට ද තම කැමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රාන්තයේ ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබේ. "සංඝ" නමින් ආසනයක් සීකිම් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ. සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන්කර ඇති මෙම ආසනය "සංඝ" යනුවෙන් නම් කර ඇති අතර සිකීම් ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථාන 51 කට අයත් භික්ෂුන් වහන්සේලා 3.096 නමක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. භික්ෂුණීන් වහන්සේලා 34 නමක් ද මීට ඇතුළත් බව පැවසේ. ඕනෑම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම පක්ෂ සලකුණක් යටතේ තරඟ කිරීමට අවස්තාව ලැබෙන අතර ඡන්දය දෙන ස්වාමීන් වහන්සේලා ගේ පහසුව පිණිස කාන්තාවන්ට වෙනම පෝලිමකින් ගොස් ඡන්දය දීමට කටයුතු සලස්වා තිබේ. මාවෝ වාදීන් ගෙන් ප්‍රහාරයක් එහෙත් පැවිදි පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම අනුමත නොකරන ඇතැම් භික්ෂුන් වහන්සේලා පවසන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් බවයි. ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ද සීකිම් ජාතික භික්ෂුවකි. මෙම මැතිවරණය හා සම්බන්ධ සිදුවීමක් මධ්‍යම ඉන්දියාවේ ‘චට්ටිස්ගාර්’ ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එහි දී මාවෝවාදී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් පුද්ගලයින් නව දෙනෙකු මරා දමනු ලැබ ඇත. |
සර්බියාවේ සාවා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් 'ගංවතුර රැල්ල' නමින් ඔවුන් හඳුන්වන තත්වයට මුහුණ දීමට සැරසෙමින් සිටින බව සහන සේවකයෝ පවසති. | ජල මට්ටම වැඩි වශයෙන් ඉහළ යාම නිසා ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවති සතියක් මුළුල්ලේ පැවති දැඩි වැසිවලින් අනතුරුව බටහිර බෝල්කන් කලාපයේ හටගත් නායයෑම් හා ගංවතුර හේතුවෙන් විසි දෙනකුවත් මිය ගොස් තිබේ. මේ වන විට සර්බියාවේ අගනුවර වර්ෂාපතනය අඩු වී ඇති නමුත් අසල්වැසි ක්‍රොයේශියාවේ සහ බොස්නියාවේ වැසි ජලය සාවා ගංගාවට එක්වනු ඇතැයි අපේක්ෂිතයි. ප්‍රදේශයේ විපතට පත් පිරිස් අමතා ඔබ්රෙනෝවැක් නගරයේ සේවයේ නියුතු සහන සේවකයෙක් බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. "අපිට සහයෝගය දක්වපු ස්වේච්ඡා සේවකයන්, හමුදා නිලධාරීන් ඇතුළු පරිපාලනයට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මට ඒ වගේම කියන්න ඕනි සමහර මිනිස්සු ඉන්නවා මේ අවදානම තේරුම් ගන්නේ නැති නැත්තන් එහෙම අයගේ මානසිකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් දේපොළ අත හැරලා යන්නේ නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය. ගංගා ජල මට්ටම එන්න එන්නම ඉහළ යාම හේතුවෙන් ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවතින අතර ගංවතුර රැල්ල හේතුවෙන් සර්බියාවේ නිකොලා ටෙල්සා ප්‍රධාන විදුලි බලාගාරයට ද හානි සිදු විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. |
යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන ලෙස ඉල්ලමින් මුලතිව් බස් නැවතුම් පොල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි. | පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පළාත් සභා මන්ත්‍රී අනන්දී එලිලන් ඇතුළු උද්ඝෝෂණ කරුවන් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලින්ගම් ඇතුලුව තවත් දෙමළ දේශපාලනඥයන් කීප දෙනෙක් ද උද්ඝෝෂණයේ නිරත වැසියන් සමග එක්වී සිටියෝය. සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ට අමතරව ජීවිත ආරක්ෂාව සහතික කර දෙන මෙන් ඉල්ලමින් යුද හමුදාවට බාර දුන් දෙමළ වැසියන් විශාල පිරිසක් යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බවයි. මෙලෙස අතුරුදහන් වූ දෙමළ වැසියන් දොළොස් දෙනෙකු වෙනුවෙන් මුලතිව් අධිකරණයේ දී යුද හමුදාවට එරෙහිව නඩු දොළහක් විභාග වන අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය පැවැත්වීම විශේෂ සිද්ධියකි. 76000 ක් අතුරුදහන් උද්ඝෝෂණයට එක්වූ මුලතිව් ජනතාව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවජිලින්ගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අධිකරණය හමුවේ මීට සම්බන්ධ නඩු විභාග වෙමින් තිබුනද තමන් මෙම උද්ඝෝෂණය පවත්වණු ලබන්නේ අධිකරණයට එරෙහිව නොවන බවයි. යුද්ධය හේතුවෙන් දෙමළ වැසියන් 76000 ක් පමණ අතුරුදහන් වී ඇතත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කොට නොමැති නිසා තමන්ට අතුරුදහන් වූ වැසියන් වෙණුවෙන් මෙසේ හඩ නැගීමට අයිතියක් ඇති බව එම්.කේ.ශිවාජිලින්ගම් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය. මුලතිව් අධිකරණයට නීතිඥවරු නො පැමිණීම හේතුවෙන් යුද හමුදාවට එරෙහිව පණවා තිබූ නඩු දොළහ විභාගයට ගැනීම ලබන ජුලි මස විසි එක් වෙනිදා තෙක් මුලතිව් දිසා විනිසුරුවරයා විසින් කල් දමා තිබේ. |
උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ සොයුරාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මැලේසියාවේ පොලිසිය පවසයි. | මරණයට පත් කිම් ජොන්-නම් උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ දරුවෙකි. මරණයට පත් කිම් ජොන්-නම් (Kim Jong-nam) උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ එකම දරුවාය. ක්වාලාලම්පූර් අගනුවරින් පිටත්වීමට තිබූ ගුවන් යානයක ගමන් ගැනීමට නියමිතව සිටි කිම් ජොන්-නම් විෂක් ශරීරගත වීමෙන් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ. මරණය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සැක කෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය ආරක්ෂක කැමරා ඔස්සේ හඳුනාගත් වියට්නාම ගමන් බලපත්‍රයක් හිමි කාන්තාව එම ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මරණයට කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ යයි සැකකෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය. කිම් ජොන්-නම් ගේ මරණය උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කොට තිබේ. |
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදු විනැයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විභාග කරන පරීක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ කාර්යය සම්පුර්ණ කෙරුණ බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. | අස්මා ජහින්ගිර්, මාර්ටි අහ්තිසාරි, සිල්වියා කාර්ට්රයිට් අදාළ කාර්යය සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දොළොස් දෙනකු ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර ඉතා ප්‍රකට කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනෙක් එම කමිටුව සමඟ වැඩ කිරීමට එකඟ වී සිටින බවයි, මහ කොමසාරිස් නවි පිල්ලේ විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ. පින්ලන්තයේ හිටපු අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී මාර්ටි අහ්තිසාරි ,නවසීලන්තයේ හිටපු ආන්ඩුකාරවරිය මෙන්ම එරට මහාධිකරණ විනිසුරුවරියක වූ සිල්වියා කාර්ට්රයිට් සහ පාකිස්තාන් මානව හිමිකම් කොමිසමේ සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සම්මේලනයේ හිටපු සභාපතිනි අස්මා ජහින්ගිර් ඉහත කී කාර්යය සඳහා එකඟ වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ නිවේදනය මගින් පැවසෙයි. එවැනි කීර්තිමත් විශේෂඥයන් තිදෙනෙක් ඉතාම වැදගත් මෙන්ම අභියෝගාත්මක පරීක්ෂණයක් සඳහා එකඟ වීම තම ආඩම්බරයට කරුණක් වන බවයි, මහ කොමසාරිස් නවි පිල්ලේ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදු විනැයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විභාග කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, මිනිස් සිරුරක ස්ත්‍රී පුරුෂභාවය විනිශ්චය කිරීම භාර විශේෂඥයෙක්, නීති විශ්ලේෂකයෙක් සහ වෙනත් විශේෂඥ කුසලතා සහිත කාර්ය මණ්ඩලයක් ඇතුළත් වෙති. පසුගිය මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ලද අනුමැතිය අනුව සිදු කෙරෙන ඉහත කී පරීක්ෂණය ලබන වසරේ අප්‍රියෙල් මැද භාගය තෙක් පෙරට ගෙන යාමට කාලය වෙන් කොට ඇත. සංහිඳියාව සහ වගකීම පෙරට ගෙන යමින් සත්‍යය අනාවරණය කර ගැනීමේ අභිලාෂයෙන් සිදු කෙරෙන අදාළ විභාගයේ දී පූර්ණ සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් තමා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනතාව දිරිමත් කරන බවත් මහ කොමසාරිස් නවි පිල්ලේ ඉහත කී නිවේදනය මගින් කියා සිටින්නී ය. |
ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ. | එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින්. අධි චෝදනා තුනක් දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය . එක චෝදනාවකට වසර හත බැගින් බරපතළ වැඩ ඇතිව විසි එක් අවුරුදු සිරදඬුවමක් රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින් නියම කෙරිණ. එසේම වන්දි වශයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසටද නියම කරන ලදී. 2003 මාර්තු මස 17 දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුවිට පැරඩයිස් පිරිවෙනේ දී මෙම ලිංගික අතවරය සහ අපයෝජනය කල බවට වරදකරු වුයේ එම පිරිවෙනේ පරිවේනාධිපති බලන්ගොඩ විජයනාග නමැති භික්ෂුවයි. දීර්ඝ නඩු විභාගය 2009 වසරේ අධි චෝදනා බාරදීමෙන් පසු දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකාර භික්ෂුව වරදකරු කරන ලදී. අපයෝජනයට ලක්වූ පැමිණිලිකාර සාමණේර නම පසුව සිවුරු හැර තීන්දුව දෙන විට විසි හය වැනි වියේ පසුවූ තරුණයෙක් විය. අධිකරණය එක් අධි චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසද විත්තිකාර භික්ෂුවට නියම කළේය. වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගන්නා ලෙසත් දඩය ද නොගෙවන්නේ නම් එක් අධි චෝදනාවකට මාස අට බැගින් වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් ද මහාධිකරණය විසින් විත්තිකාර භික්ෂුවට නියම කරන ලදී. |
'ජාතික ජන බලවේගය' නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට තරඟ වැදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ද නායකයා ය. | අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ තුන්වෙනි නායකයාය පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ තුන්වැන්නා ඔහුය. 'ජාතික ජන බලවේගය' නියෝජනය කරමින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ලබාගැනීමට සමත්වූයේ ඡන්ද 418,553 ක් පමණි. එය මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 3% කට ආසන්න ප්රතිශතයකි. 1971 හා 1988/89 දෙවරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට විකල්පයක් හැටියට දේශපාලන භූමියේ පෙනී සිටියි. 1965 මැයි 14 වැනිදා වෙසක් පෝ දිනෙක ගාල්ල අක්මීමන දී නිල වශයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූයේ රෝහණ විජේවීරය. 1971 අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලෙන් සහ 1989 නොවැම්බර් 13 වෙනිදා රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට ඉතා දුෂ්කර අවධියකට මුහුණ දීමට සිදු විය. 'ජාතික ජන බලවේගය' නමින් බහුජන ව්‍යාපාරයක මුහුණුවරින් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින ජනතා විමුක්ති පෙරමුණ, සමකාලීන දේශපාලනයේ වැඩි වශයෙන් කතාබහට ලක්වීමට එක් හේතුවක් වන්නේ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ දේශපාලනික මැදිහත්වීම්ය. දශක දෙකකට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහගෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක, මේ වනවිට වසර හයක කාලයක් සිය පක්ෂයට නායකත්වය දෙමින් සිටියි. අනුර කුමාර දිසානායක දේශපාලනයට සම්බන්ධ වන්නේ පාසල් ශිෂ්‍ය අවධියේ පටන්ය මෙහි දැක්වෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ සමාලෝචනයකි. (අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.) ශිෂ්‍ය දේශපාලනය: 1987 ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂ වසරකි. ඒ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබූ වසර වීම නිසාය. එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක පාසල් ශිෂ්‍යයකු ලෙස 'සමාජවාදී ශිෂ්‍ය අංශයේ' වැඩ කටයුතු හරහා දේශපාලනයට සම්බන්ධ වෙයි. 1997 දී 'සමාජවාදී ශිෂ්‍ය සංගමයේ' ජාතික සංවිධායක ලෙස පත්වෙයි. එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්වෙන අනුර කුමාර දිසානායක 1998 දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි. ක්‍රියාකාරී දේශපාලනය: 1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. වසර 2000 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය. 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත්තේය. එම වසරේ පැවති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් තෝරා ගැනිණි. 2010 මහ මැතිවරණයට අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරමින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. 2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද අනුර කුමාර දිසානායක කටයුතු කළේය. 80ව දශකයේ අගභාගයේ 'භීෂණ සමයේ දී' ජනතා විමුක්ති පෙරමුණ අතින් ද මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව පළමුවරට පිළිගත් අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේය. ජවිපෙ නායකත්වය: 2014 පෙබරවාරි 02 වෙනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණ හත් වන ජාතික සම්මේලනයේදී එම පක්ෂ නායකත්වය අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගනු ලැබුණි. කියවන්න: |
ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. | නායක උපුල් තරංග, හිටපු නායක ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් තරගයට සහභාගි නොවීමට තීරණය කර තිබේ එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය. 2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය. ප්‍රහාරය එල්ල වූයේ සිය කණ්ඩායමට බැවින් එරට සංචාරය කරන පළමු කණ්ඩායම වීම පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දැඩි විරෝධයක් දක්වති. වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය කිරීමෙන් අනතුරුව ආරක්ෂක වාතාවරණය යහපත් නම් තමන්ට ද පාකිස්තානයේ සංචාරයක නිරත විය හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. සිය තීරණයෙන් අනතුරුව, සංචාරයට සහභාගි වෙන මෙන් කණ්ඩායමේ අනෙක් දක්ෂ ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල කරන බවට ඔවුහු ක්‍රීඩා බලධාරීන්ට චෝදනා කරති. ලබන 29 වෙනි දින පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳුදා (ඔක්තෝබර් 16) සවස නිවේදනය කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ, පාකිස්තාන ආණ්ඩුවේ, ආරක්ෂක කටයුතු පිළිබඳ ස්වාධීන විශේෂඥයන්ගේ සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහාය සහිතව පසුගිය මාස කිහිපය මුළුල්ලේ පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් කළ අතර, එම වාර්තා සහ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශය ප්‍රකාර එම තීන්දුවට එළඹුණ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කළ හොත් තමන් එම තීන්දුවට ගරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගිය සිකුරාදා බීබීසී සිංහල සේවයට පැවසීය. "තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු පැවසීය. කෙසේ වුවත් පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනටම ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් පමණක් සංචාරයට එක්කර ගැනීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනා අකැමැත්ත පළ කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සංචාරය සඳහා එක් කර ගැනීම පිළිබඳව ක්‍රීඩා බලධාරීන් සලකා බලමින් සිටින බව ද බීබීසී සිංහල සේවයට වාර්තා වේ. පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත්තේය තමන් යළිත් කිසි දිනෙක පාකිස්තානයේ සංචාරය නොකරන බව ප්‍රහාරයෙන් බරපතලම තුවාල ලැබූ තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පැවසීය. 2009 සංචාරයේදී කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගත් බවට එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර මීට මාස කිහිපයකට ඉහතදී ද ක්‍රීඩා බලධාරීන්ට චෝදනා කළේය. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග පාකිස්තාන සංචාරයට සහභාගි වීමට නියමිතය. |
කොළඹට රැස්වූ ශ්‍රී ලංකාවේ එකසිය පණහකට අධික විනිශ්චයකාරවරුන් පිරිසක් දෝෂාභියෝගයට මුහුණ දී සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරති. | අගවිනිසුරුවරියට විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කිරීමටද රැස්වීමේදී තීන්දු කොට තිබේ අග්‍ර විනිශ්චයකාර නිල නිවසේදී රැස්වූ මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිශ්චයකාරවරුන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් පැය දෙකකට අධික කාලයක් මුළුල්ලේ කරන ලද සාකච්ඡාවලින් අනතුරුවයි, එම තීන්දුව ගෙන තිබෙන්නේ. තත්ත්වය සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය හමුවී සාකච්ඡා කළ යුතු බවට ඉරිදා පැවති විනිශ්චයකාරවරුන්ගේ විශේෂ සභා රැස්වීමකදී එකඟත්වයකට පැමිණ තිබේ. කථානායකට නොතීසි අගවිනිසුරුවරියට විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කිරීමටද රැස්වීමේදී තීන්දු කෙරුණු බව සාකච්ඡාවට එක්ව සිටි එක විනිශ්චයකාරවරයෙක් මාධ්‍යවේදී කේ එස් උදයකුමාර්ට ප්‍රකාශ කළේය. මේ අතර දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරිය කැඳවා විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළ විය. ඉන් අනතුරුව පෙත්සමට අදාලව විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කොට තිබෙන කථානායකවරයා සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් එකොලොස් දෙනාට නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ජනවාරි 11 වැනි දින දක්වා කල් තැබීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ලෝකයේ ප්‍රථම වරට ත්‍රිමාණ මුද්‍රිත නිවසක ජීවත් වීම ආරම්භ කිරීමට ප්‍රංශයේ වෙසෙන පවුලකට අවස්ථාව සැලසී තිබේ. | මෙම නිවස මුද්‍රණය කිරීමට පැය 54ක් ගත වී තිබේ අනාගතයේදී දැවැන්ත ගොඩනැඟිලි ව්‍යාපෘති කඩිනමින් සහ ලාභදායී ලෙස නිමකර ගැනීම සඳහා නිදන කාමර හතරකින් සමන්විත මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස මූලාකෘතියක් ලෙස භාවිත කෙරෙනු ඇත. මෙය ගොඩනැගිලි කර්මාන්තයේ නව ඇරඹුමක් විය හැකිද? ආර්ද්‍රතාව අවම කිරීම සඳහා වක්වූ හැඩයේ බිත්ති සහ ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් උපාංගවලින් යුතු මෙම නිවස ගෘහ නිර්මාණ ශිල්පීන්ට අනුව මිලෙන් අධික නිර්මාණයක් වනු ඇත. නමුත් මෙය මුද්‍රණය කිරීමට ගතවන්නේ පැය 54ක් පමණි. ඉන්පසු ජනේල, දොරවල් සහ වහලය වැනි දේ සවි කරමින් එය ගොඩ නැගීමට තවත් මාස හතරක කාලයක් ගත වේ. මේ සඳහා පවුම් 176,000 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ) පමණ වැය වන අතර, එය සම්ප්‍රදායික ක්‍රම භාවිත කෙරෙන ඉදිකිරීම්වලට වඩා 20% කින් ලාභදායී වේ. මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස හා සමාන තවත් නිවසක් පැය 33ක කාලයක් ඇතුළත නිම කළ හැකි බව නිර්මාණ කණ්ඩායම විශ්වාස කරති. මෙම නිවස කාමර හතරකින් සහ විශාල විසින්ත කාමරයකින් යුක්තය පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි ප්‍රංශයේ Nantes නගර මධ්‍යයේ තනා ඇති මෙම නිවස වර්ග අඩි 1022ක විශාලත්වයකින් යුක්තය. කාමර හතරකින් සමන්විත මෙම නිවසේ පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් විය හැකිය. Nantes නගර සභාව, නිවාස සංගමය සහ Nantes විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඉදිරියේදී මෙම ක්‍රමය උපයෝගී කරගෙන මූලිකව නිවාස සෑදිය හැකිද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ව්‍යාපෘතියේ පරමාර්ථය වී ඇති අතර ක්රීඩාගාර වැනි පොදු ගොඩනැගිලි සෑදීම සඳහා එහි මුලධර්ම උපයෝගී කරගත හැකිදැයි විමසන බව තාක්ෂණය සහ නව නිර්මාණ පිළිබඳ Nantes නගර සභා ප්‍රධානී ෆ්රෑන්කි ට්රිචෙට් පැවසීය. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය ඉදිකිරීම් කර්මාන්තයට බාධා පමුණුවනු ඇතැයි ඔහු විශ්වාස කරයි. සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ. "වසර 2000කින් පමණ ඉදිකිරීම් ක්ෂේත්රයේ වෙනස්කම් සිදු වෙලා නැහැ. අපිට අවශ්‍ය මේ සම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අතුගා දැමීමයි." "එක තමයි මම කියන්නේ අපි කතාව ආරම්භ කළා කියලා. අපි තවම එහි මුල් පේළිය ලියා අවසන් කළා විතරයි" යැයි ඔහු පැවසුවේය. Nouria සහ Nordine Ramdani සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ නගරය උතුරු ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස තැනීම සඳහා වැය වූ මුදලින් කොටසක් නගර සභා අරමුදලෙන් ලබා දී තිබේ. නූරියා සහ නූර්දීන් රම්දානි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ. "මෙම ව්‍යාපෘතියේ කොටසක් වීමට ලැබීම විශාල ගෞරවයක්" යැයි නූර්දීන් පැවසීය. " 1960 ගණන්වල ඉදන් අපි ජීවත් වුණේ නගර සභා ගොඩනැගිල්ලක. ඒක නිසා මෙය ඉතා විශාල වෙනසක්" "ගෙවත්තක් සහිත වෙනම පිහිටා තිබෙන නිවසක ජීවත් වීමට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. ත්‍රිමාණ මුද්‍රිත නිවසක් සාදන්නේ කෙසේද? ගෘහ නිර්මාණ ශිල්පීන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මැදිරියක් තුළ මෙම නිවස නිර්මාණය කරනු ලැබීමෙන් පසු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකට දත්ත සහ ක්‍රියාවලිය ඇතුළත් කෙරිණි. ඉන්පසු, මුද්‍රණ යන්ත්‍රය නිවස තැනීමට වෙන් වූ ඉඩමට රැගෙන එන ලදී. පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි. සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ. මෙම ක්‍රියාවලියෙන් ඉතා ඝන, පරිවරණය කළ, කල් පවතින බිත්ති නිර්මාණය කරයි. ජනෙල්, දොරවල් සහ වහලය සවි කළ පසු නිවස සම්පූර්ණ වේ. මේ තොරතුරුද දැනගන්න: ත්‍රිමාණ මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය. වසර පහක කාලයක් ඇතුළත මෙවැනි ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට දැනට වැයවන මුදල 25% කින් අඩුකිරීමටත්, වසර 10 සිට 15 දක්වා කාලයක් ඇතුළත 40% කින් අඩු කිරීමටත් හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. මෙයට හේතු ලෙස ඔහු දක්වන්නේ තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරන විට එය මිලෙන් අඩු වීම සහ නිවාස වැඩි වශයෙන් ඉදිකිරීමෙන් ආර්ථිකයට ඇතිවන බලපෑමය. 3D මුද්‍රිත නිවසේ විසින්ත කාමරය නිවාස මුද්‍රණය කිරීම තුළින් විවිධ හැඩයේ ගෙවල් සැකසිය හැකි නිසා ගෘහ නිර්මාණ ශිල්පීන්ට වඩාත් නිර්මාණශීලී වීමට අවස්ථාව සැලසේ. උදාහරණයක් ලෙස, වසර සියයක් පැරණි ගස් කීපයක් වට කර නන්ටැට්ස් හි නිවස ඉදිකර ඇත. වක්‍ර හැඩයේ නිවසක වායු සංසරණය වැඩි වන අතර, එය වාතයේ ආර්ද්‍රතාව අවම කොට තාප ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියා කරයි. නන්ට්ස් හි නිවාස රෝද පුටු භාවිතා කරන ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් සකසා ඇති අතර, නිවසේ සෑම කාර්යක්ම ස්මාර්ට් දුරකථනයකින් පාලනය කළ හැකිය. මෙම නිවසේ කාමර හතරක් තිබේ සාම්ප්‍රදායක ඉදිකිරීම්වලදී මෙන් මෙම ක්‍රමය යටතේ අපද්‍රවය ඉවත ලෑමක් සිදු නොවන නිසා ත්‍රිමාණ මුද්‍රිත නිවාස වඩාත් පරිසර හිතකාමී වේ. Benoit Fouretගේ මීළඟ සිහිනය මෙවැනි ගොඩනැඟිලි සමූහයක් නිර්මාණය කිරීමයි. ඔහු දැනට පැරිසියේ උතුරු ප්‍රදේශයේ නිවාස දහඅටක් සහ විශාල වාණිජ ගොඩනැගිල්ලක් මුද්‍රණය කිරීමේ ව්‍යාපෘති දෙකක කටයුතු කරමින් සිටී. ත්‍රිමාන මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය "පුද්ගලයන්ට නිවාස ලබා දීම මට ඉතා සංවේදී කාරණයක්" "මම ඉපදුණේ කම්කරු පන්තියේ නගරයක" "මම ජීවත් වුණේ ඉතා කුඩා නිවසක. මගේ දෙමාපියන්, දැන් ඒ අය හුඟක් වයසයි, නමුත් තවමත් ජීවත් වන්නේ එම නිවසේමයි" "මගේ නිවස පිහිටලා තිබුණ වීදියේ කුඩා නිවාස පේළියක් තිබුණා. ඒ සියල්ල එකකට එකක් සමානයි" "නමුත් මෙතැනදී මට අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණශීලී ආකෘති යටතේ නිවාස ඉදිකිරීමයි" යනුවෙන් ඔහු පැවසුවේය. තවත් තොරතුරු: |
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මාර්ගයෙන් බලය බෙදීම සම්බන්ධ වත්මන් විධිවිධාන අඩු කිරීමට උත්සාහ දැරීම ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී තිබෙන පොරොන්දු කඩ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. | "අද තියෙන මේ යෝජනා දෙපැත්තම පිළිගන්න යෝජනා. ඒවා අඩු කලොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්" 2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත පදනම් වී බලය බෙදීම සම්බන්ධ තීන්දු ගත යුතු බවයි, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ. කිසියම් ලෙසකින් එම යෝජනා සංශෝධනය කරන්නේ නම් හෝ "අඩු කරන්නේ නම්" යලිත් වරක් ජිනීවා නුවරට ගොස් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු බව ද විපක්ෂනායකවරයා පැවසීය. 'උපකල්පනීය ප්‍රශ්නයක්' කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය බව අමාත්‍යවරයා පවසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් 19-පුද්ගල කාරක සභාවක් පත් කරන බව කතානායක චමල් රාජපක්ෂ නිවේදනය කළේය. විපක්ෂනායකවරයා ඉහත කී ප්‍රකාශය කළේ එම කාරක සභාවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්. රටේ ජාතික එක්සත්භාවය ඇති කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වෙනස්කම් සිදු කළ යුතුද යන්න තේරීම් කාරක සභාවට පවරා තිබෙන වගකීම බවයි, සමාජ ඒකාබද්ධතා පිලිබඳ ජ්‍යෙෂ්ට අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට කියා සිටියේ. මෙම කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම පක්ෂයද කාරක සභාවට සහභාගි වනු ඇතැයි දැනට ආරංචි ලැබෙමින් පවතින බවයි, අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ. කිසියම් ලෙසකින් විපක්ෂය කාරක සභාව වර්ජනය කළ හොත් කුමක් සිදුවිය හැකිදැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, එය "උපකල්පනීය ප්‍රශ්නයක්" බැවින් තමන්ට එයට පිළිතුරු දිය නොහැකි බවයි. |
ඌව පළාතේ හපුතලේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ සංවිධානය කර තිබුණ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක දී විපක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ගැටුමකින් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇති බව වාර්තා වෙයි. | ඌව පළාත් සභා මැතිවරණයේදීත් මෙවැනි ප්‍රහාර වාර්තා විය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කෙරුණ රැස්වීම් භූමියේ සවි කර තිබුණ ශබ්ද විකාශන යන්ත්‍රවල විදුලි රැහැන් කපා, කොඩි වැල් ගලවමින් සිටි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් සමඟ ගැටුම ආරම්භ වූ බවයි රැස්වීමේ සංවිධායකයන් පවසන්නේ. හපුතලේ නගර සභාවේ විපක්ෂ නායක ජගත් ප්‍රියන්ත අබේනායක එම ගැටුමේ දී තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ සිටින අතර ඔහු රෝහලේ සිට බීබීසී සන්දේශයට කියා සිටියේ නගරාධිපතිවරයාගේ මෙහෙයුමෙන් ප්‍රහාරය එල්ල කෙරුණ බවයි. ‘අපි රැස්වීම සංවිධානය කරමින් ඉන්න කොට කණ්ඩායමක් ඇවිත් අපේ කොඩි කපල අපේ සවුන්ඩ්ස්වල වයර් කපල දැම්ම. ඊළඟට මට පොලුවලින් පහර දුන්නා. රන් පවුම් පහක් පමණ වන මගේ මාලයත් කඩා ගත්තා. පොලිසිය බලා සිටිද්දීයි අපට ගැහුවේ’ හපුතලේ නගර සභාවේ විපක්ෂ නායකයා පවසයි. තවත් තැන්වල සෙනසුරාදා (20) හපුතලේ සිදු වූ එම මැතිවරණ ප්රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා වන Caffe නිරීක්ෂණ සංවිධානයේ අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ ප්‍රහාරය එල්ල කෙරෙද්දී හපුතලේ පොලිසිය කිසිදු පියවරක් නොගෙන බලා සිටි බව තමන්ට ද වාර්තා වී ඇති බවයි. හපුතලේ ප්‍රහාරයට අමතරව වෙනත් ප්‍රදේශ වලත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්රචාරක රැලිවලට බාධා සිදු කොට ඇති බවයි ඔහු පවසන්නේ. |
උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙයි. | වැලිඔය ජනපදයේ ගොවීන්ට මහවැලි ඉඩම් යටතේ ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ජනපදයේ පවුල් දහසකට වැඩි සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබා දෙන අතර සංකේතාත්මක වශයෙන් ජනාධිපතිවරයා විසින් පවුල් හතළිහකට ඉඩම් ඔප්පු බෙදා දෙන ලදී. වැලිඔය ක්‍රීඩාංගනයේ දී මහවැලි ගොවීන් අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක්වීම සඳහා ඔප්පු ලබා දුන් බවයි. ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් 'මේවා ලබාදෙන්නේ උකස් කිරීමට නොවෙයි. වෙනත් අයට පැවරීමට නොවෙයි,' යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා තමන්ගේම බිමේ කුලීකරුවන් නොවන ලෙසට ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු ,පළමු වතාවට සහලින් ස්වයංපෝෂිතවී සිටින බවත් අද වන විට සහල් පිටරට යැවීමට පවා සමත්ව සිටින බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේය. රුපියලකින් දෙකකින් විදුලිය ඉහල යාමත් සමග සමහර පිරිස් බනින්නට පටන් ගෙන ඇති බව කී ජනාධිපතිවරයා, සිගරැට් සහ අරක්කු මිළ කෙතෙක් ඉහල ගියත් ඊට විරෝධය පල නොකොට ඕනෑ තරම් වියදම් කරන බව සඳහන් කළේය වැලිඔය ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා පියවර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගොවි ජනතාව අමතමින් තවදුරත් ප්‍රකාශ කළේය. විරෝධය මේ අතර, වැලිඔයට නුදුරින් පිහිටි කොක්කුතුඩුවායි ගම්මානයේ වැසියන් අද (සෙනසුරාදා) උද්ඝෝෂණයකට සහභාගිවී සිටියේ තමන්ටත් ස්ථිර ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලමින්. වැලිඔය ගම්වාසීන්ට පෙර තමන් කොක්කුතුඩුවායි ගම්මානයේ පදිංචිව සිටියත්, තම ඉඩම්වලට මෙතෙක් ස්ථිර ඔප්පු ලැබී නැති බව උද්ඝෝෂණයට සහභගිවූ පිරිස පැවසූහ. |
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයේදී තමන්ට යෝජනා නොකළ බව ග්‍රාමීය සංවර්ධන පිළිබඳ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. | ජනාධිපතිතුමා එහෙම යෝජනා කළේ නෑ - අමාත්‍ය ෆොන්සේකා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ආකාරයක වගකීමක් තමාට භාර දී නොමැති අතර "ආරක්ෂක අංශය පවතින්නේ ජනාධිපතිතුමා භාරයේ," බව අමාත්‍ය සරත් ෆොන්සේකා බීබීසී සිංහල සේවයට පැවසීය. රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩාල කර දැමීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් ඇති හෙයින් ඊට මුහුණ දීම සඳහා නව සංවිධානයක් ඇතිකොට එය තමා භාරයට පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අණ දීමක් නැහැ සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා අඟහරුවාදා (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. සරත් ෆොන්සේකාට හමුදාමය වගකීමක් දීම ගැන ඇමති රාජිත එහෙත් ෆොන්සේකා අමාත්‍යවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. "ආරක්ෂක අංශ නොවෙයි, හදිසි අවස්ථා පිළිබඳව, හදිසි ගැටළු සහගත තත්වයන් පිළිබඳව සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයාම සහ කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයක් ඇති කර එම නව සංවිධානය මා යටතට පත් කරන්න අවශ්‍යයි කියන යෝජනාවයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ," ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. 'භාරගන්නවා' එම කාර්යයේදී අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ආරක්ෂක අංශ ඇතුළුව වෙනත් ආයතන නව සංවිධානයට සම්බන්ධ වෙන බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව පදවිය තුළ තමා ආරක්ෂක අංශවලට අණ දීමක් සිදු නොකරන බව අවධාරණය කළේය. නව පදවිය තවමත් යෝජනාවක මට්ටමේ පවතින බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙන් එවැනි තනතුරක් පවරනු ලැබුනොත් එය භාර ගන්නේදැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ විට "වගකීමක් පැවරුනොත් එය භාර ගැනීමට සිදුවෙන" බව ඔහු සඳහන් කළේය. ඔහු සඳහන් කරන ආකාරයේ නව ආයතනයක් ඇති කිරීමට තුඩු දී ඇති පසුබිම කුමක්දැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන හෙයින් එවැනි ආයතනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නට ඇතැයි තමා සිතන බව ප්‍රකාශ කළේය. "වගකීමක් පැවරුනොත් භාර ගැනීමට සූදානම්" 'නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධී සංවිධාන සහ දේශපාලනඥයන් මේ දවස්වල රජය අපහසුතාවයට පත් කරලා රටේ ඉදිරි ගමන, පරිපාලනය අඩපණ කරන්න - කඩාකප්පල් කරන්න උත්සාහ දරනවා. ඒක නිසා ජනාධිපතිතුමාට හිතෙන්න ඇති රටේ ඉදිරි ගමන පවත්වා ගෙන යාමට සූදානම් විය යුතුය කියල' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි. |
'දැවැන්තයන් පස් දෙනා' ලෙස හඳුන්වනු ලබන අලිඇතුන්, සිංහයන්, කොටියන්, රයිනෝසරයන් සහ අප්‍රිකානු මී ගවයන් ඇතුළු සතා සිව්පාවෝ අප්‍රිකානු වනාන්තර තුළ කෑම සොයා ඒ මේ අත සැරිසරති. | එවැනි සතුන් සාමාන්‍යයෙන් නොගැවසෙන ස්ථාන වලදී දැක ගැනීමට ලැබෙන අවස්ථා ද නැතුවා නොවේ. වරක දකුණු අප්‍රිකාවේ 'සාබි' රක්ෂිතයේ මගපෙන්වන්නෙකුට ගස් දෙබලක් මත සිරවූ ජිරාෆ් නාම්බෙකුගේ මළකුණක් හමු විය. ජිරාෆ් මළකුණ ගසේ මීටර කිහිපයක් ඉහළට ගෙන ගොස් ඇත්තේ කොටියෙකු විසිනි. දින කිහිපයක් සිය භෝජනය භුක්ති විඳීමෙන් අනතුරුව කොටියා ඉතිරි කර ගොස් තිබුණේ ඇටකටු, හම සහ බිම වැටී විසිරී ගිය කුඩා මස් කැබලි කිහිපයක් පමණි. කිලෝග්‍රෑම් 300 ක් බරැති ජිරාෆ් මළකුණ ඝාතකයාට වඩා පස් ගුණයක් බරින් වැඩිය. නමුත් එවැනි බරක් ඔසවා ගෙන යාමට කොටියාට සාධාරණ හේතුවක් ඇත. කොටියෙකු තම උදර පෝෂණය සඳහා දඩයම් කර ගත් සතෙකු ගසක් මුදුනට රැගෙන නොයෑම සිංහයකුට හෝ හයිනා රංචුවකට වාසි ගෙන දිය හැක. සොරකමේ යන විලෝපිකයන් 2017 වසරේ පෙබරවාරි මාසයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව දඩයම් කළ සතෙකු ගසක් මතට ගෙන යාම, සෙසු විලෝපිකයන්ගෙන් එල්ල වන තර්ජන මඟහැර ගැනීමට කොටියාට උපකාර වේ. බිළාල කුලයේ වන සතුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන 'Panthera' නමැති ලාභ අරමුණු කර නොගත් ආයතනයට අනුව 'සාබි' රක්ෂිතයේ වෙසෙන කොටි, දඩයම් වශයෙන් ජිරාෆ් සහ මුවන් ඇතුළු සත්ව විශේෂ 40 ක්වත් ගොදුරු කර ගනිති. කොටි, එම ගොදුරුවලින් අඩක් ගස් මතට ඔසවා ගෙන යති. කොටියකු විසින් ගස් මුදුන් මතට ගෙන යන ගොදුරු වෙනත් විලෝපිකයෙකු විසින් සොරකම් කර ගැනීමට ඇති හැකියාව 67% කින් අඩුය. නමුත් කොටියෙකු විසින් දඩයම් කර ගනු ලබන සෑම සතුන් පස් දෙනෙකුගෙන් එක් සතෙකු හයිනා, සිංහයන් හෝ තම වර්ගයාටම අයත් වෙනත් පිරිමි කොටියෙකු වැනි විලෝපිකයන්ගේ සොරා කෑමට ලක් වේ. වැඩි නැඹුරුව තම බරින් අඩක් හෝ තමාගේ බරට එක හමාර ගුණයකින් වැඩි සතකු ගසක් වෙත ඔසවා ගෙන යාමට කොටි වැඩි නැඹුරුවක් දක්වන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති. ගොදුරු කර ගත් සතෙකුගේ ශරීර ප්‍රමාණය ඉතා කුඩා නම් හෝ වඩාත් විශාල නම් පොළොවේ සිටම කොටි එය භුක්ති විඳිති. හයිනා රංචුවක් හෝ වෙනත් පිරිමි කොටියෙකු ඇස ගැටීම දඩයක්කාර කොටියාට සිය ගොදුර ගසක් මතට ගෙන යාමට රුකුලක් වනු ඇත. ඉන්දියාව වැනි විලෝපිකයන් අඩු, සැඟවී සිටිය හැකි ඝන වනාන්තර සහිත කලාපවල වෙසෙන කොටි තම දඩයම ගස් මතට ඔසවා ගෙන යන්නේ අඩු වශයෙනි. |
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා අතරින් තුනකට ඇය වරදකාරිය වී ඇති බව විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කරයි. | අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක් සමස්ථ චෝදනාවලින් චෝදනා පහක් විභාගයට ගත් බවත් ඉන් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය වන අතර චෝදනා දෙකකින් ඇය නිදහස් වන බව තේරීම් කමිටුවේ තීරණය යයි එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය. අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 ක් ඉදිරිපත් කොට තිබිණ. ඉන් විභාගයට ගනු ලැබුන චෝදනා පහෙන් පළමු , හතරවැනි සහ පස්වැනි චෝදනා ඔප්පු වී ඇති අතර දෙවන සහ තුන්වැනි චෝදනාවන්ගෙන් ඇය නිදහස් කෙරුන බවයි, කමිටුවේ තීරණය දැනුම් දීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති ඉතිරි චෝදනා විභාගයට ගැනීම කාලය විනාශ කිරීමක් පමණක් වන හෙයින් ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් නොපැවැත්වෙන බවත් නිමල් සිරිපාල ද සිල් වා ඇමතිවරයා ඉහත කී මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය. ඉදිරි ක්‍රියා මාර්ග සඳහා අද සිට මාසයක කාලයක් ඇති බව සඳහන් කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මේ කාලය තුළ අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීමට හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බවත් ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවලට වැරදිකාරිය වී නැති බවයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස් ප්‍රකාශ කලේ. තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් හත්දෙනකුගේ වාර්තාවක් ඉදිරිපත්කොට ඇති බවත් යම් චෝදනාවලට අගවිනිසුරුවරිය වැරදිකාරිය කොට තිබෙන බවත් පැවසූ ඔහු එම තීරණය ප්‍රතික්ෂේප කරන බව පැවසුවේය. සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බව කියා සිටි නීතිඥ සාලිය පීරිස් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා සාක්ෂිකරුවන් ගෙන එන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පැමිණිලි පාර්ශ්වය පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් තුළ උත්තර බඳින ලෙස ලේඛණ අනූවක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් කළේ . අගවිනිසුරුවරිය ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඊට ප්‍රමාණවත් කාලය අවශ්‍ය බව පැවසූ නීතිඥ සාලිය පීරිස් අගවිනිසුරුවරියට කළ අවමන් හා අපහාස මධ්‍යයේ තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට සිදු වූ බවත් සඳහන් කළේය. කෙසේවෙතත් සාධාරණ හා අපක්ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බව තේරීම් කාරක සභාව වෙත අගවිනිසුරුවරිය විසින් දන්වා තිබෙන බව ප්‍රකාශ කළ නීතිවේදී සාලිය පීරිස් ඉදිරි සති කිහිපය තුලදී අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි කියා සිටියේ. ස්ථාවර නියෝගවල ඇති වලංගුභාවය පිළිබඳව අර්ථ නිරූපනය කිරීමේ නඩුවක් ශේෂ්ටාධිකරණය හමුවේ ලබන සතියේ විභාග කිරීමට නියමිත බවත් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක් නැති බව පවසමින් තේරීම් කාරක සභාවේ නියෝජනය වූ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන් ඉල්ලා අස් වී සිටි අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් තොරවයි තීන්දුව ගනු ලැබුනේ. ප්‍රකාශයට පත්කොට ඇති තීන්දුවට ප්‍රතිචාර දක්වමින් තේරීම් කාරක සභාව තුළ නියෝජනයවූ , එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ මෙය අසාධාරණ හා අවිචාරවත් තීන්දුවක් බවයි. මෙවැනි තත්වයන් අනාගතයේදී ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු දෙදෙනාම අවධාරණය කරති. කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය කාලයෙහි විපක්ෂයක් නොමැති ආකාරයට ක්‍රියා කිරීම හේතුවෙන් වත්මන් තත්වය නිර්මානය කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම භාර ගත යුතු බවයි. වැඩි තොරතුරු සඳහා |
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි. | නාමල් අත්අඩංගුවට ගැනීම 'දේශපාලන පළිගැනීමක් නොවෙයි' පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු දේශපාලන අවශ්‍යතාවක් නොමැති බවයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඔහු අත්අඩංගුවට ගනු ලැබීම හඳුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසයි. 2015 වසරේ ජනවාරි 08 වනදායින් පසු විවිධ පාර්ශව විසින් තම සංවිධානය වෙත පැමිණිලි ලබා දුන් බවත් ඒ අතර තිබූ ශක්තිමත් සාක්ෂි අඩංගු පැමිණිලි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට භාර දුන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේය. 'ඒ පැමිණිලි ගැන තමයි FCID ය හරහා විමර්ශන සිදු කළේ' ඔහු පැවසීය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ රාජ්‍ය බලය යොදා ගනිමින් මහජන දේපළ අවභාවිත කිරීම සහ මුදල් විශුද්දීකරණය යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ චෝදනා ගොනු කළ බවයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ. මේ අතර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ඒ බව කල් තියා මාධ්‍යයට ප්‍රකාශ කළ බවටත් දේශපාලන අවශ්‍යතාවක් මත අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව ඒ හරහා පෙන්නුම් කෙරෙන බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ඒ පිළිබඳ සංදේශය දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවයි. |
ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක කබා ගබඩා කොට තිබූ අල්මාරියක් විවෘත කිරීම සඳහා නෞකා සේවකයකු විසින් භාවිත කරන ලද යතුරක් වෙන්දේසියේ අලවි කිරීමට නියමිතයි. | යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇතැයි වෙන්දේසිකරුවෝ පවසති අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ටයිටැනික් නෞකාවට අයත් දෙසීයකට අධික සිහිවටන අද (ඔක්.22) එංගලන්තයේ පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කොට තිබේ. එම යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇතැයි වෙන්දේසිකරුවෝ පවසති. ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත්ගේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ ඡායාරූප ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබේ. 1912 වසරේ දී එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව 1912 වසරේ දී එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත් වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදී. අනතුරට පත් වන විට මගීන් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් එහි ගමන් ගත්හ. |
කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි. | අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි. අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ. එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවයි පොලිසිය කියා සිටියේ. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම වී ඇත්තේ. මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි. |
ම්යන්මරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එරට හමුදාව සහ පොලිසිය "මානුෂීයත්වයට එරෙහි අපරාධවල" යෙදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක පවසන්නීය. | 'රෝහින්ග්‍යා' ම්යන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොටසකි ම්යන්මාරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී ඒ බව සඳහන් කළේ බීබීසී නිව්ස්නයිට් - බීබීසී අවර් වර්ල්ඩ් එක්ව කළ විමර්ශනයකදී අදහස් දක්වමිනි. වසරක සිට එරට බලයේ සිටින අවුන් සාන් සුචී ඒ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වීම බැහැර කළාය. ඇයගේ පක්ෂ ප්රකාශයකයකු කියා සිටියේ, එල්ලවන චෝදනා "අතිශයෝක්ති"වන අතර අදාළ ගැටලුව "අභ්‍යන්තර" කරුණක් විනා "ජ්‍යාත්‍යන්තර" වුවක් නොවන බවය විශේෂ නියෝතිත ලී හට ම්යන්මාරයේ අර්බුදයට ලක්වූ කලාපයට ප්රවේශවීමේ අවස්ථාව නොලැබුණි. එහෙත්, බංග්ලාදේශ් වෙත පැමිණ සිටින සරණාගතයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව බීබීසී වෙත අදහස් පළකළ ඇය, තමන් අපේක්ෂා කළ තත්වයට වඩා "බොහෝ බරපතල" බව සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී අපචාර පිළිබඳ ගැටලුව ම්යන්මාර ආරක්ෂක අංශ තුළින්ම සිදුවන්නක් බව කී ඇය සඳහන් කරන පරිදි, ඒ පිළිබඳ ඇතැම් වගකීම් ඡන්දයෙන් පත්වූ අවුන් සාන් සුචීගේ ආණ්ඩුව දැරිය යුතු වේ. "කොහොමවුනත් එය සිවිල් ආණ්ඩුවක්. තමන්ගේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මකවන බියකරු වදදීම් හා ඇති අමානුෂික අපරාධ පිළිබඳ පිළිතුරු දෙන්නට සිදුවන්නේ එම ආණ්ඩුවටයි." යැයි නියෝජිතවරිය සඳහන් කළාය. වසර 25ට පසුව 2015 වසරේදී ම්යන්මාරයේ පැවති පළමු විවෘත මැතිවරණයේදී, කලෙක ප්රජාතන්ත්රවාදයේ සළකුණක් සේ සැළකුණු අවුන් සාන් සුචී නායකත්වය දරන ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළේය. අවුන් සාන් සුචී පසුගිය ඔක්තෝබර් මාසයේදී සන්නද්ධ කණ්ඩායම් කළ පහරදීමකින් මතුවූ හමුදා ක්‍රියාමාර්ග හමුවේ පසුගිය මාස කිහිපය තුළදී ම්යන්මාරයේ සුළුතර රෝහින්ග්‍යා ජන කොටසට අයත් 70,000 ට අධික පිරිසක් බංග්ලාදේශ් වෙත පලාගියහ. එහි කඳවුරු වෙත මෑතදී පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් බීබීසී වෙත පැවසුවේ ම්යන්මාර හමුදා විසින් සිවිල් වැසියන්ට වෙඩි තබනු ලබන අතර පැහැරගෙනයාම් හා තරුණියන් දුෂණයේ ද යෙදෙන බවය. ම්යන්මාර ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපති පදවිය දැරීම අහුරාලනු ලැබ තිබුන ද අවුන් සාන් සුචී එරට නායකත්වය හොබවන බව ප්රකටව පෙනෙන්නට ඇත. එහෙත්, මාස 16 ට පෙර විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලැබූ තැන සිට ම්යන්මාරයේ සිටින විදෙස් ජනමාධ්‍යවේදීන් සමග අවුන් සාන් සුචී කිසිදු සම්මුඛ සාකච්ඡාවකට එක්වී නැත. ඇයගේ දේශපාලන පක්ෂයේ ප්‍රකාශකයකුවන වින් තීන් බීබීසී වෙත පැවසුවේ, පවතින ව්‍යවස්ථාව යටතේ හමුදාව නැවැත්වීමේ බලයක් අවුන් සාන් සුචී සතු නොවන බවය. කෙසේවෙතත්, ලබන සඳුදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත සිය වාර්තාව ඉදිරිපත් කරන විශේෂ නියෝජිත යැන්ග්හී ලී, උතුරු කොරියාවේ සහ සිරියාව සම්බන්ධයෙන් පත්කර ඇති විමර්ශන කොමිසමක් පිහිටුවන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටිනු ඇත. මේ සම්බන්ධයෙන් බීබීසී කළ විමසීමේදී, එවැනි කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා සහය දෙන්නේදැයි පැවසීම බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමය ද ප්‍රතික්ෂේප කළහ. |
ජාත්‍යන්තර බිම්බෝම්බ හා පොකුරු බෝම්බ පිටුදැකීම සම්බන්ධයෙන් වූ ප්රඥප්තියට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොතැබීම ජාතීන් අතර සංහිඳියාවට විශාල ගැටළුවක් බව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධානවල නියෝජිතයෝ පවසති. | බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන් ශ්‍රී ලංකා ආණ්ඩුව ලබන ජනවාරි මාසයේ සංහිඳියාව පිළිබඳ සතියක් ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් බිම්බෝම්බ පිටුදැකීමේ ප්රඥප්තියට අත්සන් තබා නොතිබීම හේතුවෙන් එම සතිය අර්ථවත් නොවන බව එම සංවිධානවල මතයයි. අදාළ ප්රඥප්තියට අත්සන් තැබීම තුළින් අනාගතයේදී යුද්ධයක් ඇති නොවන බවට රජයට විශාල සහතිකයක් ලබා දිය හැකි බව බිම්බෝම්බ පිළිබඳ පර්යේෂකයෙකු වන විද්‍යා අබයගුණවර්ධන බීබීසී සංදේශයට පැවසීය. බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන් බැවින් සංහිඳියාව ගොඩනැගීම පිණිස රජයේ එවැනි සහතිකයක් අවශ්‍යවන බවත් ඔහු කියා සිටියේය. හමුදා කඳවුරුවල ආරක්ෂාව මෙම ප්රඥප්තියට අත්සන් තබන බවට පොරොන්දු වී තිබෙන රජය, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක්ද ලබාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු එයට අත්සන් තබන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බොහෝ වාසි අත්වනු ඇති බවත් සඳහන් කළේය. උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් පවසති මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කියා සිටියේ, යුද හමුදා කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ වැළලීමට සිදුව ඇති හෙයින් රජය එම ප්රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවයි. ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම පිණිස මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමෙන් අනතුරුව එම ප්රඥප්තියට අත්සන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එම ප්රඥප්තියට අත්සන් නොකිරීම සංහිඳියාව ගොඩනැගීමට ප්‍රශ්නයක් නොවන බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධතා බිඳ නොවැටෙන බවත් වැඩිදුරටත් පැවසීය. කෙසේ නමුත් අධෝරක්ත කැමරා වැනි ලෝකයේ මෙතරම් දියුණු ක්‍රමවේදයන් තිබියදී යුද හමුදා කඳවුරුවල ආරක්ෂාවට බිම්බෝම්බ වැළලීම තුළින් හමුදාවේ අමානුෂිකභාවය පෙන්නුම් කරණ බව විද්‍යා අභයගුණවර්ධනගේ අදහසයි. උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව පෙන්වා දෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන ඒ සඳහා තවත් වසර පහළොවක පමණ කාලයක් ගත වනු ඇති බවත් පවසති. |
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ කුඩා දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී වාමාංශික දේශපාලන පක්ෂ තුනක නායකයන් කියා සිටියේ ඔවුන් ද ජනාධිපති ධූර අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවයි. | වමේ නායකයෝ උද්ඝෝෂණයක මේ අනුව පෙරටුගාමී සමාජවාදී, නව සම සමාජ සහ එක්සත් සමාජවාදී යන වාමාංශික පක්ෂ තුනම අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නියමිතයි. බීබීසී සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ, විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමේ උත්සාහයක තමා නිරත වෙමින් සිටි අතර එම ප්රයත්නය අසාර්ථක වූයෙන් තම පක්ෂයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. පසුගිය අවධිය තුළ සමාජය තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනු ලැබීමට දායක වූ මට්ටම අනුව වඩාත් විශ්වාසයක් තැබිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බවයි, නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ. වමේ අසාර්ථක සාකච්ඡා එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය පවසන්නේ, වමේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා සෙසු වාමාංශික දේශපාලන පක්ෂ කීපයක් සමඟ සාකච්ඡා පවත්වන ලද නමුත් ඒවා බිඳ වැටුන බවයි, එවැනි තත්වයක් යටතේ තමන් ද වෙනම අපේක්ෂයකු ඉදිරිපත් කරන බව එක්සත් සමාජවාදී පක්ෂය පවසයි. තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක්ව පොදු වාමාංශික අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වුනේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් පවතින මතවාදී ගැටළු නිසා බවත් එක්සත් සමාජවාදී පක්ෂය පවසයි. පාලක පන්තිය අර්බුදයක සංදේශය සමඟ සාකච්ඡාවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ කියා සිටියේ තම පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන අතර සිය අපේක්ෂකයා ඉදිරි දින කීපය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි. නව සමාජ පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙන ලීනස් ජයතිලක ඇතුළු කණ්ඩායම පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පෙරටුගාමී සමාජවාදී අපේක්ෂකයාට ආධාර කරන බවයි. පාලක පන්තිය අර්බුදයට ලක්ව සිටින මේ මොහොතේ රට තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බැරෑරුම් උවමනාවක් වී ඇති අතර, මේ වන විට බෙදීමක් ඇතත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන කණ්ඩායම් දෙකම ධනපති උවමනාවන් ඉටු කරන හෙයින් තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දෙන බවයි නව සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලීනස් ජයතිලක පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මතය විමසූ විට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ තම ස්ථාවරය තීන්දු කිරීමට තවත් කාලය අවශ්‍ය කරන බවයි. |
ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාර මාලාවෙන් සිය ගණනක් මරණයට පත් විය. පහත දැක්වෙන්නේ ප්‍රහාර මාලාව සහ ඒ පිටුපස සිටින්නේ කුමන කණ්ඩායමක් දැයි යන්න සම්බන්ධයෙන් කරන ලද පසු විපරමකි. | ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. ඒ සම්බන්ධයෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. ඉන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතල කාරණයක් බවය. මේ අතර අගමැතිවරයාගේ මාධ්‍ය හමුවට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ බුද්ධි අංශ විසින් අනතුරු අඟවා නිකුත් කරන ලද ලිපිය තමන් වෙත ලැබුණේ ප්‍රහාරය සිදු වූ දිනයේ බවය. (අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කිහිපයක් ෆෙස්බුක්හි පළ කර තිබිණි.) මොකක්ද මේ ලිපිය? අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය: ප්‍රහාරවලට පෙර ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව මේ අතර හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පළ කරන ලද තවත් ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය. ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ලිපියේ පැහැදිලිව දැක්වේ. "ත්රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් වේ. මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. ප්‍රභූවරුන් ලෙස නොසැලකෙන දෙසිය අනූදෙනෙකු මරණයට පත් කරමින් ප්‍රහාර මාලාවක් දියත් වූයේ මෙවන් පසුබිමකදීය. ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රහාර සිදුව පැය විසිහතරකට වැඩි කාලයක් ඉක්ම ඇතත් මේ දක්වා කිසිවකුත් එහි වගකීම භාර ගෙන නොමැති අතර "ජාතික තව්හිත් ජමාත්" නමැති කණ්ඩායමක් එහි පිටුපස සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. සමහර පිපිරවීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජය විසින් තහවුරු කරනු ලැබීය. ඉදිරියේදී සිදු විය හැකි ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ ආරක්ෂක හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන අතර ස්ථාන කිහිපයකින් පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබ තිබේ. වගකීම කාගේද? ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරියේ යාඥාවේ යෙදෙන කාන්තාවක් බුද්ධි අංශ විසින් ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගෙන ඇති බව පවසමින් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ වේ. පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය. එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය පවසයි. ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉරිදා කියා සිටියේය. මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 09 වෙනිදා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම "ත්‍රස්ත කල්ලියේ" සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද එහි සඳහන් කර ඇති බවත් ඔහු පැවසීය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක අප්‍රේල් 11 වෙනිදා ඒ සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බවත් අමාත්‍ය සේනාරත්න කියා සිටී. "නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති." "ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ." පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඉරිදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. |
2015 ජනවාරි මස ලැබූ ජනවරම රකිමින් පවතින හවුල් ආණ්ඩුව "තවදුරටත් ක්‍රියාත්මක" බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. | එහෙත් එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ගෙන ඒම සඳහා එම පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය. අගමැතිවරයා මේ කරුණු සඳහන් කළේ අද (පෙබ 16) අරලියගහ මන්දිරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. අගමැතිවරයා ඉවත් විය යුතු යැයි කෙරෙන ප්‍රකාශ හමුවේ කුමක් කරන්නේදැයි බීබීසී සිංහල සේවය එහිදී කළ විමසීමට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ "ව්‍යවස්ථාවට" අනුව ක්‍රියාකරන බව ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ කාලයක් නායකත්වය දැරීම සමග මතුවී ඇති තත්ත්වය පිළිබඳව ද එහිදී අගමැතිවරයාගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ නායකයා, 'අලුත් අනාගත නායක පරපුරක්' ගොඩනැගීම ද අරමුණින් පක්ෂය විශාල ප්රතිසංවිධානයක් කෙරෙන බව පෙන්වා දුණි. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සිය අදහස් පළ කළ අගමැතිවරයා පරාජය සම්බන්ධයෙන් තමන් ද වගකීම දරන බව කී අතර රටේ පවතින ආර්ථික තත්ත්වය මීට හේතුවක් බව සඳහන් කළේය. ජලගැලීම්, නියඟය වැනි කරුණු මත කෘෂි ආර්ථිකය කඩා වැටීම හරහා බඩු මිල ඉහළ යාම සිදුවූ බව ඔහු පෙන්වා දුණි. මේ අතර සිය පක්ෂයේ කිසිවකු පක්ෂ නායකයා ලෙස 'තමන්ගේ අස්වීම' ඉල්ලා නැති බව ද මෙහිදී කියා සිටියේය. "මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ" කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේ "මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ" යනුවෙනි. අපේක්ෂිත අරමුණු ඉටුනොවූ හෙයින් ආණ්ඩුව පරාජයට පත්වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව වෙන අයෙකු අතට අගමැති පදවිය පත්වුවහොත් මේ ආණ්ඩුවට එසේම යා හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට දන්වා ඇති අතර එසේ නැතිනම් ඇත්තේ විකල්ප දෙකක් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය. පළමුවැන්න නම්, ආණ්ඩුවේ සිටින වෙනත් පක්ෂවල කණ්ඩායම් ද එක්කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමය. එසේ නොවේනම්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව භාරදී තමන් විපක්ෂයට යාම දෙවෙනි විකල්පය බව ඔහු පෙන්වා දුණි. එසේනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් එවන් ආණ්ඩුවක ඇමති තනතුරු නොගනීවිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, එවැනි "සමහරු ඉන්න පුළුවන්" යැයි කීය. පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, මතුවී ඇති තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව 'රාජ්‍ය පාලනය මෙහෙයවීමට එකඟවිය නොහැකිය' යන්න කියා සිටියේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟවූ වසර දෙකක කාලය ද ඉකුත්ව ගොස් ඇති බවකි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 'කොන්දේසි විරහිතව' සහය දෙන බවය. එහෙත් එවැනි ආණ්ඩුවක ඇමතිකම් දැරීමක් හෝ එහි කොටස්කරුවකු නොවන බව එම පක්ෂය පෙන්වා දී තිබේ. 'breakfast නැතිනම් තේ බොමු' කෙසේවෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඇති වූ දේශපාලන අර්බුදය මෙතෙක් නිශ්චිතව ම විසදී ඇති බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය දින කිහිපයෙදී සාකච්ඡා වට කිහිපයක් ම පැවති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමති කණ්ඩායම් ද ඔවුන් දෙදෙනා වෙන වෙනම මුණගැසෙමින් සාකච්ඡාවල යෙදුනහ. අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා ද සිටින බව මෙතෙක් පළවූ වාර්තාවලින් කියැවේ. එවැනි තත්ත්වයක් පවතිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (පෙබ 16) මාධ්‍ය ඇමතීමට නියමිතව තිබුණ ද පසුව එය අවලංගු කෙරිණි. එය වක්‍රාකාරව උපුටා දැක්වූ අග්‍රාමාත්‍යවරයා, අද පැවති සිය මාධ්‍ය හමුව අවසන් කළේ "අද breakfast නැතිවුනානේ, එහෙනම් තේ බොමු" යැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කරමිනි. 'දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි' මේ අතර ආණ්ඩුවේ කොටස්කාර පාර්ශ්වයක් වන ජාතික හෙළ උරුමය, නිවේදනයක් නිකුත් කරමින්, "මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය, එක්සත් ජාතික පාක්ෂිකයන් හා බල අරගලයකට යොමු කරමින් බොරදියේ මාළු බෑමට රාජපක්ෂ කල්ලිය කුමන්ත්‍රණය කරමින් සිටින්නේ" යයි පැවසු අතර "එජාපය මෙන්ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් මෙවැනි මර උගුල්වල නොවැටීමට තරම් ඥානවන්ත" බවය. දැන් රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාර ගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අලුත් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය කියා සිටී. ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ප්රතිසංස්කරණයක් වහා අවශ්‍ය කරන බව කියා සිටින ජාතික හෙළ උරුමය, එම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් ආණ්ඩුව තුළ නියෝජනය වෙන දෙපාර්ශවයේම නායකයන් දූරදර්ශී විය යුතු බවත්, "පාර්ලිමේන්තුව තුළ සහ නිල විපක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට නිහතමානී විය යුතු" බවත් වැඩිදුරටත් සඳහන් කළේය. |
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති ඉතා උණුසුම් විස්සයි විස්ස තරගයෙන් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. | ඒ අනුව බංග්ලාදේශය සහ ඉන්දියාව ලබන ඉරිදා පැවැත්වෙන නිදහස් කුසලාන අවසාන මහ තරගයට සුදුසුකම් ලැබූහ. තරගය අතරවාරයේ දෙපාර්ශවයේ ක්‍රීඩකයන් අතර කිහිප වතාවක්ම ඉතා උණුසුම් වාද විවාද හටගත් අතර, තත්වය කෙතරම් උණුසුම් වූයේ ද යත් අවසාන පන්දු වාරයේදී පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වරක් උත්සාහ කළේය. තරගය නැරඹු ක්‍රීඩාලෝලීන් කෑගසමින් සහ හූ තබමින් ක්‍රීඩකයන්ට බාධා කරන ආකාරය ද දක්නට ලැබුණි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හතක දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය. එහිදී පන්දු 40 කදී ලකුණු 61ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා ඒ සමගම වේගයෙන්ම විස්සයි ලකුණු දහසක් රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත්විය. ඔහු සිය විස්සයි විස්ස ලකුණු දහස රැස් කළේ සිය 34 වෙනි ඉනිමේදීය. ඉන් අනතුරුව පැමිණි බංග්ලාදේශ කණ්ඩායම තරගය පරාජයට පත්වනු ඇති හැඩක් මුලින් දක්නට ලැබුණත්, අවසාන ඕවරයේ පන්දු හතරකට ලකුණු 12ක් රැස් කරමින් තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම, ජාත්‍යන්තර තරගයක අවසාන ඕවරයේදී ලකුණු 10කට වැඩියෙන් රැස් කළ පළමු වතාව එය බව ක්‍රීඩා විශේල්ෂකයෝ පවසති. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 51 කට මුහුණ දී ලකුණු 58ක් රැස් කළ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තමීම ඉක්බාල් ලකුණු 50ක් රැස් කළේය. |
ස්කොට්ලන්තයේ ජීවත්වෙන 'කැලිඩෝනියානු' කපුටු වර්ගයා ආහාර සපයා ගැනීමට භාවිත කරන විශේෂ තාක්ෂණයක් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ ඇත. | එම කපුටු වර්ගයාට අතු ඉති කැබලි භාවිතයෙන් කෘමීන් අල්ලා ගත හැකි බව දිගු කාලයක් තිස්සේ දැන සිටිය ද, ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ආහාර ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කර ගන්නා බවත් පර්යේෂකයෝ පවසති. අදාළ අධීක්ෂණය අනුව අතු රිකිල්ලක් කෙක්කක් බවට පත් කර ගැනීමේ හැකියාව සහ අවබෝධය එම කපුටන් සතු බව පර්යේෂකයන් හඳුනා ගෙන ඇත. එවැනි උපකරණ භාවිතය නිසා සැඟවී ඇති කෘමි ආහාර සොයාගනු ලැබීමේ කපුටු හැකියාව දස ගුණයකින් පමණ වැඩි වෙයි. "කුඩා කෙඳි ඉවත් කර ගැනීමට ඔවුන් තමන්ගේ හොට උපකරණයක් ලෙස නිවැරදිව භාවිත කරනවා. ඉතා තියුණු උලක් ලෙස සකසා ගැනීම නිසා අවහිරයක් නැතුව ගොදුර ලබාගන්න පුළුවන්" ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් රූට්ස් පවසයි. තවත් බොහෝ සත්ව කොට්ඨාශ, විශේෂයෙන් ම අග්‍රේෂයන් (primates) සහ අලියා ඔවුන්ට ආවේනික ලෙස උපකරණ භාවිත කරයි. නමුත්, කෙක්කක් තනා ගැනීමට දන්නේ මිනිසාත් මෙම කැලිඩෝනියානු කපුටාත් පමණක් යයි විශ්වාස කෙරෙයි. වෙනත් පුවත්: |
හම්බන්තොට වරාය චීනයට බදු දීමට සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීමට විරෝධය පාමින් පසුගියදා වැඩවර්ජනයක නිරත වූ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට පහර දුන් බවට ආණ්ඩුවට චෝදනා එල්ල විය. | එසේ පහර දුන් මැරවරයන් මෙහෙය වූවේ 'මරික්කාර්' නම් පුද්ගලයෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. එහෙත් විරුද්ධ පක්ෂය චෝදනා කරන මරික්කාර් සහ තමන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් අවධාරණය කරයි. බීබීසී සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ එම චෝදනාව එල්ල කරන මෙන් ඔවුන් සියලු දෙනාට අභියෝග කරන බව ද සඳහන් කළේය. මැර බලය "මගේ ඉතිහාසෙට මම කොහෙද කුඩු කාරයෙක් එක සම්බන්ධවෙලා තියෙන්නේ? කොලොන්නාව මම උඩු යටිකුරු කරපු එක බයියන්ට හොඳටම වැදිලා තියෙන්නේ," යනුවෙන් සඳහන් කළ ඔහු මැරවරයන් මෙහෙයවන බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. "අතීතයේත් නෑ, වර්තමානයේත් නෑ, අනාගතයේත් නෑ." මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 32 දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුය යන්න සිය ස්ථාවරය බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට උත්සාහ කළ විශ්වාස භංග යෝජනාවට සිය සහාය හිමි වූ බව පවසන එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ ඉදිරියටත් ඇමතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හඬ නගන බවය. "ආණ්ඩු පක්ෂයට එයා ගැන විශ්වාසයක් නෑනේ. සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම තියෙනව. අපි බලාපොරොත්තු වෙනව අපිට ඕන උත්තරේ ලැබෙයි කියල." රාජපක්ෂ පරිපාලනයේ දූෂණ,වංචා සම්බන්ධයෙන් දඬුවම්දීම ඇතුළු සිය ආණ්ඩුව දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිදී ප්‍රමාදයක් තිබෙන බව පිළිගන්නා මන්ත්‍රීවරයා, එම ප්‍රතිඥා ඉටුකරගැනීම පිණිස පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිගින් දිගටම උද්ඝෝෂණය කරන බව ද බීබීසී සිංහල සේවයට පැවසීය. මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’ එම ප්‍රතිඥා ඉටුකරන්නට අපොහොසත් වුවහොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පෙරලා ප්‍රශනයක් නැගූ ඔහු, "ඉල්ලා අස්වෙලා දූෂිතයන් එක්ක එකතුවෙන්න," දැයි බීබීසී යෙන් විමසීය. කිසියම් ලෙසකින් රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල කළ චෝදනා සනාථ කරගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් සමාව ඉල්ලා සිටින්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "අපි සමාව ඉල්ලන්නේ නෑ," යනුවෙනි. "එයාලට මේ වගේ කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ විශේෂ අධිකරණ දාල මේ පරීක්ෂණවල ප්‍රගතිය රටට හරියට දැනගන්න නොලැබීම නිසා. ඔන්න එතන තමයි අපිට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා එක්ක තියෙන ගැටලුව," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. |
මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් නිවේදන පළ කරන්නැයි අධිකරණය නියෝග කළේය. | ඉකුත් භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බව නීතිවේදීහු පවසති මාතලේ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට එම නියෝගය කළේ මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් ඇටසැකිලි සම්බන්ධ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ. 1988-89 සමයේ අතුරුදහන් වූ 24 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි. පෙත්සම් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම සම්බන්ධයෙන් දන්නා තොරතුරු තිබේනම් ඉදිරිපත් වන මෙන් ඉල්ලා සිටිමින් පොලීසිය පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත්, එය ඉටුකිරීමට පොලීසිය සමත් වී නැති බව අධිකරණයට දැනුම් දුන්හ. 1988-89 භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බැවින් මෙම පරීක්ෂණ පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පවසන්නේ. ඉන් අනතුරුව, භාෂා තුනෙන්ම පුවත්පත් නිවේදන නිකුත් කරන මෙන් අධිකරණය පොලීසියට දැනුම් දුන් බව නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය. මෙම පරීක්ෂණය සඳහා මැදිහත් වීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකටද අධිකරණයේ අනුමැතිය පළවිය. |
දෙවියන් වහන්සේට අපහාසවන ආකාරයේ කිසිදු අදහසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කර නොගන්නා මෙන් අනතුරු අඟවමින් පාකිස්තාන ආණ්ඩුව දස ලක්ෂ සංඛ්‍යාත රටවැසියන්ට කෙටි පණිවුඩ යවා තිබේ. | ආණ්ඩුවේ කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති එවැනි පණිවුඩ ප්‍රසිද්ධියේ හුවමාරු කරගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආණ්ඩුවේ පාලනය යටතේ පවතින විදුලි සංදේශ අධිකාරිය විසින් යවන ලද කෙටි පණිවුඩයේ සඳහන් වේ. එවැනි පණිවුඩ හුවමාරුවන අවස්ථාවල එයට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස තමන්ට දැනුම් දෙන මෙන් ද ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාම් දහමට අපහාස කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදකි. ආණ්ඩුවේ මෙම කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති. ඝාතනයක් මුස්ලිම් පූජකයන්ගේ පෙළඹවීම් මත කල්ලි ගැසුණු පිරිස් විසින් පුද්ගල ඝාතන සිදු කරනු ලැබීම පාකිස්තානයේ බොහෝ විට දක්නට ලැබෙන්නකි. ඉස්ලාම් දහමට නිගරු කළ බවට චෝදනා ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු, පසුගිය අප්‍රේල් මාසයේ එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයන් විසින් මරා දමනු ලැබීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය වසා දැමීමට සිදුවිය. උතුරු පාකිස්තානයේ මර්දාන් නගරයේ පිහිටි එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් පිරිසක් අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණි. |
අධිෂ්ඨානය සහ කැපවීම තිබෙන්නේ නම් සිය අරමුණ කරා යා හැකි බව ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට වටහා දිය යුතු බව 'ඔඩෙල්' සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරිය, ඔටාරා ගුණවර්ධන පවසන්නීය. | 'මම හැමදේම දන්නේ නෑ; මම තවමත් ඉගෙනගන්නවා' -ඔටාරා සමාජයේ ඉදිරියට යාම සඳහා පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ටද සාධාරණ අවස්ථා තිබිය යුතු බව ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහලටම නැගීමට සමත් වූ ඇය අවධාරණය කරන්නීය. "පිරිමි පාර්ශවය විතරක් නෙමෙයි කාන්තාවනුත් දියුණු වුනාම රටත් තව හොඳට දියුණු කරන්න පුළුවන්." ඔටාරා ගුණවර්ධන ඒ බව සඳහන් කළේ 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩකට හඬක්' (100 Women) වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. (සම්පූර්ණ සාකච්ඡාවට සවන්දෙන්න) වසර තිහකට ආසන්න කාලයක් ව්‍යාපාර ක්ෂේත්රයේ නිරතව සිටියදී කාන්තාවක වීම හේතුවෙන් තමන්ටත් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව පෙන්වාදෙන ඇය, ඉලක්කයක් තිබෙන්නේ නම් සහ ඒ සඳහා කැපවන්නේ නම් ඒ අරමුණ සාක්ෂාත් කරගත හැකි බව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වටහාදීම සිය අභිප්‍රාය බවත් සඳහන් කළාය. Orange the World කාන්තා අයිතීන් උදෙසා එක්සත් ජාතීන් දියත් කරන 'Orange the World' වැඩසටහනට සහාය දැක්වීමට ඇය ඉදිරිපත්වීමත් සමග ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර වැඩමුළු දෙකකට සහභාගි වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇයට නිල වශයෙන් ආරාධනා කර තිබේ. "මට කැමතියි කාන්තාවන්ට සහයෝගය දෙන්න. ඒ ඇයට කියන්න ඔවුන්ටත් තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම කරන්න පුළුවන්," ඇය පැවසීය. ව්‍යාපාරික කාන්තාවන් උදෙසා වූ ගෝලීය ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිණිස තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවත් 'UN Women' සංවිධානය ඇයට දැනුම් දී තිබේ. ඉහළ පෙළ ව්‍යාපාරික කාන්තාවක වශයෙන් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් වී සිටින ඔටාරා ගුණවර්ධන, වර්තමානයේ කාන්තා සහ සත්ව අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාධාරිනියක ලෙසින් ද ක්‍රියාකරමින් සිටියි. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ශ්‍රී ලාංකීය සමාජයේ බරපතල ප්‍රශ්නයක්ය යන්න බැහැර කළ යුතු නැති බවත් ඇය පවසන්නීය. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය "ඉතින් මම හිතන්නේ එයාලට ඒ ප්‍රශ්න විසඳන ආකාරය කියල දෙන්න, වෙනසක් කරන්න පුළුවන් කියල එයාලට පෙන්නන්න. ඒ වගේ සහයෝගයක් දෙන්න පුළුවන් නම් එක ගොඩක් හොඳයි," ඔටාරා ගුණවර්ධන සංදේශයට පැවසීය. මහමගදී, වැඩපොළේදී, දුම්රියේදී, බස් රථයේදී සහ ඇතැම්විට සිය නිවසේදීත් ශ්‍රී ලාංකීය කාන්තාව නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවීම පිළිබඳව සංදේශය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, එම තත්වය වහාම වෙනස් කළ යුතු බවයි. "කාන්තාවන්ට පමණක් නොවෙයි, පුරුෂයන්ට, දරුවන්ට හැමෝටම බයක් නැතිව එහෙ මෙහෙ යන්න හැකියාව තියෙන්නම ඕන. එතකොට තමයි අපේ රටත් තව දියුණු වෙන්නේ." ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාව එතරම් දුෂ්කර වාතාවරණයකට මුහුණදෙමින් සිටියදී, රටේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වීමට සමත් වූයේ කෙසේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔටාරා ගුණවර්ධන, අධිෂ්ඨානය හැරුණු විට ආරම්භයේදී තමන්ට කිසිදු විශේෂ හැකියාවක් හෝ පහසුකමක් නොතිබුණු බව අවධාරණය කළාය. "ව්‍යාපාරය කරද්දී දන්නේ නැති දේවල් මට ඉගෙනගන්න වුනා. මට ගොඩක් අමාරුකම් තිබුණා. සල්ලි නැතිවුනා." ඇතැම් අවස්ථාවල බැංකු ණය පවා ගෙවාගත නොහැකිව තමන් අති දුෂ්කර වාතාවරණයකට මුහුණ දුන් බව ඔඩෙල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරිය සිහිපත් කරන්නීය. "මම කවදාවත් හිතන්නේ නෑ මම ඔක්කොම දන්නවා කියලා. මම හැමදාම ඉගෙනගන්න කැමතියි," ඇය නිහතමානීව සඳහන් කළාය. "ඇත්තට මම කියන්න කැමතියි කවුරුත් මොනවත් දන්නේ නැති වුනත් දෙයක් කරන්න පුළුවන් කියල. මට පුළුවන් නම් ඕනේ කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්." |
වර්තමානයේ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන සෙරීනා විලියම්ස් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ. | සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා තිස්හත් හැවිරිදි සෙරීනා උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 29.2 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ම උපයා ඇත්තේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගිනි. ඇය මේ වනවිට ජයගෙන ඇති 'ග්‍රෑන්ඩ් ස්ලෑම්' මුල්පෙළේ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාව විසිතුනකි. ෆෝබ්ස් සඟරාව විසින් එළි දක්වා ඇති ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම කාන්තාව වන්නේද සෙරීනා ය. ඇය එම ලැයිස්තුවේ 63වන ස්ථානයේ පසු වේ. 2018 වසරේදී වැඩිම මුදල් ඉපැයූ ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු ද ෆොර්බ්ස් සඟරාවේ පළ කොට තිබේ. එහි ඉදිරියෙන්ම සිටින්නේ ටෙනිස් ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකි. ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ දී සෙරීනා පරාජය කර මෙවර ශූරතාව ජයගත් ජපානයේ නයෝමි ඔසාකා පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාවන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔසාකා වෙළෙඳ සමාගම් අතර අවධානයට ලක්විණි. ඉන්පසු 21-හැවිරිදි ඔසාකා, කාන්තා ටෙනිස් වර්ගීකරණය අනුව ලෝකයේ අංක එක බවට පත්වීමට ද සමත් වූවාය. ඇය 'නයිකි' සමාගම සමග ද වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුමකට එළඹුණාය. මාස 12ක් තුළ ඇය උපයා ඇති මුදල ඩොලර් මිලියන 16කි. ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී වී සිධු ජර්මනියේ ඇන්ජලි කර්බර් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවේ. මෙවර 'විම්බල්ඩන්' කාන්තා ශූරතාව දිනු සිමොනා හාලෙප් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකා ලැයිස්තුවේ සිව් වන ස්ථානයේ පසුවන්නීය. එම ලැයිස්තුවේ මුල් ස්ථාන පහළොවෙන් දොළහක් ම ටෙනිස් ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගනු ලැබ ඇත. ඔවුන් අතර සිටින අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩිකා ඇලෙක්ස් මෝර්ගන්, ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී.වී. සිධු සහ තායිලන්ත ගොල්ෆ් ක්‍රීඩිකා එරියා යුටානුගන් වෙති. |
විධායක ජනාධිපති පදවියේ බලතල සීමා කෙරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳ සාකච්ඡා මින් මොහොතකට පෙර බිඳ වැටින. | ව්‍යවස්ථාදායක සභාවේ සංයුතියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය සඳුදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්රීලනිපය විසින් නව සංශෝධන ඉදිරිපත් කරන ලදි. විශේෂයෙන්ම සංශෝධනයෙන් අනතුරුව පත්කිරීමට යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවයි, ශ්රීලනිපය අවධාරණය කරන්නේ. ඉන් අනතුරුව අදාළ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම්ඒ සුමන්දිරන්, අජිත් පී පෙරේරා සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි. ශ්රීලනිපය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා සහ රජීව විජේසිංහ මන්ත්‍රීවරු පැය කිහිපයක් මුළුල්ලේ කමිටුව සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අවසානයේ කිසිදු තීරණයකින් තොරව සාකච්ඡාව අවසන් වූ බව සංදේශයට වාර්තා වේ. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය හැරුණු කොට, ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසා කැබිනට් අමාත්‍යවරුන් පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව ඇතුලත් කරන ලද වගන්තියටද ශ්‍රීලනිප සාමාජිකයන් විරෝධය පළ කළැයි සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත පවසා තිබේ. කෙසේ නමුත් තමන් ප්‍රතිපත්තියක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ශ්‍රීලනිප මන්ත්‍රීවරු කමිටුව ඉදිරියේ පැවසූහ. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු කමිටුව, සාකච්ඡා බිඳ වැටුණු බව ඔහුට දැනුම් දුන්නේය. |
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙති. | මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අද (අගෝස්තු 10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් බීබීසී සිංහල සේවයට පැවසීය. පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ දැඩි විවේචනය යොමු විණි. හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් "හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ" යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකළේය. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවද අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සෙනරතානගේ දැඩි විවේචනයකට ලක්වූයේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳව නඩු සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වරුපයක් බව පෙන්වාදෙමිනි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවය. මේ අතර, අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කුණු කුඩයට දමා විරුද්ධ පක්ෂ පාර්ශ්වයේ නඩු පමණක් කඩිනම් කරන ලෙසට ඉල්ලීම් කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුනේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරමිනි. අධිකරණයට ඇගිලි ගැසීමට තමන්ට නොහැකි බව ද ඔහු සඳහන් කර තිබිණි. |
ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය විශාල පිරිසකට අහිමි කොට ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. | අලුතින් පත් කැරුණු කොමිසමට නියම වී ඇති නිරීක්ෂණ කාල පරාසය 1990 ජුනි 10 සිට 2009 මැයි 19 වනදා දක්වා සීමා කිරීම නිසා තමනට ද අතුරුදහන් වූ සිය සැමියා ගැන පැමිණිලි කිරීමට නොහැකි වී ඇති බවයි ඇය පවසන්නේ. සන්ධ්‍යා ගේ සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වුයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර බව ඇය ජනාධිපතිවරයාට යවන ලිපියකින් පෙන්වා දී ඇත. බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ දී අතුරුදහන් වූ තම සැමියා ද ඇතුළුව මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ සාමාන්‍ය පුරවැසියන් සියයකට නො අඩු ප්‍රමාණයක් 2009 මැයි 19 වනදායින් පසු අතුරුදහන් වුවන් අතරට වැටෙන බවයි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ. ඇයගේ ලිපියේ සඳහන් වන අයුරු 2011 ඔක්තෝබර් මස සිට 2012 මාර්තු දක්වා වූ මාස හයක කාලය තුල පමණක් අතුරුදහන් වූ පුද්ගලයින් 56 ක් වන අතර ඉන් 39 ක් රජය මගින් සහතික කොට ඇත. මේ අයගේ අතුරුදහන් වීම විමර්ශනය කිරීම සඳහා වෙනත් කොමිසමක් පත්කරන්නේදැයි විමසන ඇය එය දරු දෙදෙනා සමග කටුක වින්දිත භාවයට පත්ව සිටින තමන්ටත් තවත් බොහෝ අයටත් යුක්තිය ඉටුකිරීමක් ලෙස අවධාරණය කරයි. |
ගබ්සාව සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් විනා අපරාධයක් ලෙසින් නොසැලකිය යුතු බව, බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ ප්‍රසව හා නාරි වේද විශේෂඥයෝ පවසති. | වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතියකින් තොරව ගබ්සාවක් සිදු කිරීම වර්තමානයේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීති විරෝධී කටයුත්තක් වන අතර එය සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ගබ්සාව දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පවතින නීතිය ඉවත් කොට වෙනත් සෞඛ්‍ය ගැටළු හා සමාන ආකාරයට ගබ්සාව ද පාලනයකට නතු කළ යුතු බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය (Royal College of Obstetricians and Gynaecologists) නිර්දේශ කර තිබේ. සති 24 කට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා නොකළ යුතු බව ද විශේෂඥයෝ පවසති. "ප්‍රධානම සෞඛ්‍ය සේවයක් ලෙසින්" ගබ්සාව සඳහා කාන්තාවන්ට අවස්ථාව සලසා දීම සිය ආයතනයේ ප්‍රධානම වගකීමක් බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සභාපතිනි, මහාචාරිනී ලෙස්ලි රේගන් (Lesley Regan) සඳහන් කළාය. "ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන්නෙන් අපි අදහස් කරන්නේ ඒක පාලනයකට නතු නොකළ යුතුයි යන්න නොවෙයි කියල මම පැහැදිලිව කියන්න ඕනේ," ඇය සඳහන් කළාය. "අනෙක් සෑම සෞඛ්‍ය ක්‍රමවේදයක් වගේම ගබ්සාවත් නිසි පාලනයකට සහ වෘත්තීය ප්‍රමිතියකට නතු කළ යුතුයි." ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන යෝජනාව, පසුගිය ජුනි මාසයේ පැවැත්වුණු බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයේදී වෛද්‍ය සංගමය විසින් ද අනුමත කරන ලදි. ශ්‍රී ලංකාව "මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි" මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය. ඒ අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි. එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් "ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව," ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. වෛද්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ ආගමික නායකයන් පළ කරන විරෝධය පිළිබඳව ශ්‍රී ලංකා සමාජය තුළ දැන් සංවාදයක් මතු වී තිබේ. "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්" සිය වේදනාව විස්තර කරන, මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන දරුවෙකු බිහි කළ මවකගේ අනුවේදනීය අත්දැකීම ඇතුළත් විශේෂාංගයක් බීබීසී සිංහල සේවය පසුගියදා ඉදිරිපත් කළේය. ඇය පවසන පරිදි ගැබ් ගෙන මාස තුනක් ගත වෙත්ම සිය දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය හේතුවෙන් දරු ගැබ ගබ්සා කිරීමට ඇයට අවස්ථාවක් නොවීය. "දවස් එකොළහක් දරුවා ජීවත් වුනා. අන්තිමට දොස්තරලා කිව්වා මෙයාව ජීවත් කරන්න අමාරුයි, මැෂින් ගලවනවා කියලා. ඊට පස්සේ මගේ දරුවා නැති වුනා." "ජීවත් කරන්න බැරි කෙනෙක් තියා ගෙන විඳින දුක දන්නේ ඒ අම්මා විතරයි." ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කමකට මුහුණ දුන් තමන් ද දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූ බව ද ඇය කියා සිටියාය. "මට තව දරුවෙක් ඉන්නවා. එයාට වයස හතර හමාරයි. දරුවා කුසේ ඉන්න කාලේ මට අනතුරක් වුනා නම් මගේ දරුවා බලා ගන්න කවුරුත් නැති වෙනවා." ගබ්සාව, නීතිය සහ ආගමික නායකයන්ගේ විරෝධය සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීති විරෝධී, අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ. මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම හේතුවෙන් කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනි වෛද්‍ය හිරන්ති විජේමාන බීබීසී සිංහල සේවයට පැවසීය. "දැන් තියෙන නීතිය 1883 නීතියක්, අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි," ඇය කියා සිටියාය. එහෙත් දරුවෙකු ඉපදීම යනු "දෙවියන් වහන්සේගේ සැලැස්ම," බව පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සඳහන් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්," යනුවෙන් ද සඳහන් කළහ. මේ අතර ආගමික නායකයන්ගේ විරෝධය මත අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ජනපති නියමයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. උතුරු අයර්ලන්තය ගබ්සාව සම්බන්ධයෙන් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීතියට වඩා දැඩි නීති විධිවිධාන උතුරු අයර්ලන්තයේ පවතී. උතුරු අයර්ලන්තයේ ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ දරු ගැබ හේතුවෙන් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් හෝ එමගින් ඇයගේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට බරපතල අවදානමක් එල්ල වන්නේ නම් පමණි. මේ තත්වය යටතේ උතුරු අයර්ලන්තවාසී කාන්තාවන්ට නොමිලේ ගබ්සා පහසුකම් සපයන බව මේ වසර මුලදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළේය. |
සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සදහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතිය, නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වනු ලැබීය. | නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී. The xEMU නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානය. නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී. කෙසේ වෙතත්, නාසා ආයතනය පැවසුවේ, මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බවය. මෙහිදී ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය දියත් කරනවිට හා යළි පැමිණෙන විට එතුළදී කාර්ය මණ්ඩලය පැළඳිය යුතු හිස් ආවරණය සහ ඇඟලිය යුතු තැඹිලි පැහැති ඇඳුම ද ප්‍රදර්ශනය කරන ලදී. Orion යනු අභ්‍යවකාශ ෂටලය වෙනුවට භාවිත කෙරෙන ආදේශක යානයකි. එහෙත් එය ෂටලයට වඩා වෙනස් ලෙස නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳට සහ ඈත අභ්‍යවකාශයේ අනෙකුත් ඉලක්ක වෙත ගෙන යාම සදහාය. Exploration Extravehicular Mobility Unit (ගවේෂණ අතිධ්වනි සංචලතා ඒකකය - xEMU) ලෙස නම් කර ඇති නව සඳ ඇඳුම (Moon suit) එය ඇඟලන ගගනගාමීන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන පරිදි සකස් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත. මෙම නව ඇදුම් කට්ටලය හේතුවෙන් මෙතෙක් පැවති තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් වනු ඇත. නාසා ගගනගාමී ඈන් මැක්ලේන් හට සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් නොමැති නිසා මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ පළමු අභ්‍යවකාශ ඇවිදීම නතර කිරීමට සිදුවිය. සඳ තරණය සඳහා වන ඇඳුම සහ Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම මෙම ඇඳුමෙහි ඉණ ප්‍රදේශය ගගනගාමියාගේ ඉණෙහි ප්‍රමාණයට සකස් කර ගැනීම සදහා විශාල පරාසයක් තුළ අඩුවැඩි කළ හැකිය. නාසා ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍රිස්ටීන් ඩේවිස් එම ඇඳුමේ විශේෂතා නිරූපණය කළේ, ඇගේ දෑත් කරකැවීම, පාද නවා ඉද ගැනීම වැනි ඉරියව් ප්‍රදර්ශනය කරමිනි. "මේ ඇදුමේ තියෙන ලොකු ම දේ තමයි නම්‍යශීලීභාවය. ගගනගාමියෙකුට යම් පාෂාණ කැබැල්ලක් අහුලා ගන්න හරි නැත්නම් යම් උපකරණයක් බිම රදවන්න හරි ඕන වුණොත් ඔහුට ඒ දේවල් පහසුවෙන් කරන්න ඉඩ ලැබෙනවා මේ ඇදුමේ තියෙන නම්‍යශීලි බව නිසා," නාසා ගගනගාමී කේට් රූබින්ස් පැවසීය. මෙම ඇඳුම තුළ 100%ක් ඔක්සිජන් ක්රියාකාරීත්වයක් පවතින අතර ගගනගාමීන්ට ඔවුන්ගේ ශරීරයෙන් නයිට්රජන් පිට කිරීම සඳහා වෙන ම කාලයක් ගත කිරීමට සිදු නොවේ. ඇඳුමේ ජීවිත ආධාරක පද්ධතිය ගගනගාමියාට පැය අටක පමණ කාලයක් වාතාශ්‍රය සැපයෙන අතර අමතර පැයක ආරක්ෂිත කාලයක් සැපයේ. මෙහිදී Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇදුම ද ප්‍රදර්ශනය කෙරිණි. Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇදුම |
ඉන්දියානු මහ මැතිවරණය හරහා ඉන්දියානු ඡන්ද දායකයන් දේශපාලනික වශයෙන් දෙකඩ වී ඇති තත්ත්වයකුයි දැන් දක්නට ලැබෙන්නේ. | ඉන්දියානු විපක්ෂය නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිට සහාය පළ කරන්නන් සහ පළ නොකරන්නන් වශයෙන් ඉන්දියානු ජනතාව දෙපිළකට බෙදී ඇති බව බීබීසීයට විශේෂ වාර්තාවක් සපයන ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී මධුකර් උපාධ්යයේ පවසයි. පුද්ගලයකු වටා ඔහුට සහාය පළකරන්නන් සහ ඔහු විවේචනය කරමින් සහාය පළ නොකරන්නන් වශයෙන් භාරතීය වැසියන් සමාන කොටස් දෙකකට බෙදී සිටින්නේ, ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ පළමු වරටයි. දෙදහස් එක වසරේ සිට බටහිර ගුජරාටයේ මහ ඇමති වශයෙන් කටයුතු කළ මෝඩි, එම ප්‍රාන්තය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට මුල් වූ ක්‍රියාශීලී මෙන්ම කාර්යක්ෂම නායකයෙකු ලෙස පිළිගැනීමක් ලබන නායකයෙකි. දහසක් පමණ ඉන්දීය මුස්ලිම් ජාතිකයන් මරා දැමුණ දෙදහස් දෙක වසරේ ඇති වුණු ආගම්වාදී කැරළි කෝලාහල ව්‍යවර්ථ කිරීමට උත්සාහ නොකළ බවට මොදිට එරෙහිව චෝදනා එල්ල වෙන නමුත් ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මෝඩි කෙරෙහි විශ්වාසය තබන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ඔහු දෙවියන් විසින් එවන ලද ගැලවුම්කරුවෙකු ලෙස හදුන් වන ලබන අතර,මෝඩිට විරුද්ධ ජන කොටස් ඔහු සලකනු ලබන්නේ ඉන්දියාව තුළ ජීවත් වන විවිධ ජන කොට්ඨාශ දරාගත නොහැකි මතභේදාත්මක චරිතයක් ලෙසටයි. විරුද්ධ මතධාරීන්ගේ පවසන්නේ රට දෙපිළකට බෙදීම හරහා ඔවුන්ගේ තර්කය නිදොස් වන බවයි. දැවැන්ත රැල්ලක් නරේන්ද්‍ර මෝඩිට පක්ෂව රටේ දැවැන්ත ජන රැල්ලක් පෙළගැසී ඇති බව ඔහුගේ පාක්ෂිකයෝ කියා සිටිති. බහුතරයක් ජනමාධ්‍ය ආයතන මෝඩිගේ ප්රචාරක රැළි ඉතා උද්යෝගීව හා කාර්යක්ෂම ලෙස ආවරණය කිරීම මෙසේ ජනතා ප්‍රසාදය වැඩි කිරීමට හේතු වී ඇති බව මාධ්‍යවේදී මධුකර් බීබීසීයට පැවසුවේය. මෝඩි ලබන ජනප්රසාදය තව දුරටත් ජනතාව තුළ තහවුරු කිරීමට ජන මත විමසුම් හරහා ඔහු සහ භාරතීය ජනතා පක්ෂය ලබන සහයෝගයත් ඒ සමඟම වත්මන් කොංග්රස් පාලනයට එරෙහිව ජනතාව තුළ පවතින කළ කිරීමත් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ සියළු කරුණු වලට අමතරව ඉන්දියානුවන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට මත්තෙන් අපේක්ෂකයන්ගේ කුලය, සමාජ තත්වය, ආගම සහ කලාපීය අපේක්ෂාවන් පිළිබදවද අවධානය යොමු කරන බව මාධ්‍යවේදී මධුකර් පවසයි. ඉන්දියාවේ පූර්ව මැතිවරණ ස්වභාවය පිළිබඳව බීබීසී හින්දි සේවයට වාර්තාවක් සැපයීම සඳහා මාධ්‍යවේදී මධුකර් ප්‍රාන්ත නවයක් හා මධ්‍යම ආණ්ඩුවේ පාලනයට අයත් මුහුදුබඩ පෙදෙස් තුනක් හරහා සැතපුම් හාරදහස් හාරසියයක පමණ දුරක් ගෙවමින් ජනතා අදහස් විමසණු ලැබ ඇත. ගුජරාටය තුළ මෝඩිට දැවැන්ත සහයෝගයක් පළකරන ජනතාව පවසන්නේ,මෝඩි පරිපාලනය ඔස්සේ ප්‍රාන්තය ලබා ඇති ආර්ථික වර්ධනය සියැසින් දැක ගත හැකි බවයි. මෝඩිගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරුවන් විසින් ''නායකයා'' ලෙස නම් කරමින් එසවුණු මැතිවරණ ප්රචාරක පුවරු ඉන්දීය සිතියමේ දකුණු දෙසට වන්නට පිහිටි කේරල සහ තමිල්නාඩු ප්රාන්තයන්හි වීදි අවට දැක ගත හැක. දකුණු ඉන්දීය ප්‍රාන්තවල සිදුකෙරෙන ප්‍රචාරණය ඡන්ද සටන දක්වා වර්ධනය වී එමගින් දිනා ගත හැකි ආසන සංඛ්‍යාව මෙවර මැතිවරණයෙදී ඉතා වැදගත් වෙයි. දුෂණ හා අක්‍රමිකතා දකුණු දිග වෙරළාසන්න කලාප වන මහාරාෂ්ට්‍ර හා කර්ණාටක ප්‍රාන්ත තුළ ඡන්ද පදනම ගොඩනැගෙන්නේ, මහාරාෂ්ට්‍රයේ බලවත් ප්‍රාදේශීය පක්ෂවල සහයෝගය මතයි. වරක් භාරතීය ජනතා පක්ෂ පාලනයේ පැවති එම ප්‍රදේශ වල ක්‍රියාකාරී ප්‍රාදේශීය පක්ෂ බීජේපී පරිපාලනයට චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ එවකට දුෂණ හා අක්‍රමිකතා සිදු වූ බවයි. කර්ණාටක ප්‍රාන්තය තුළ එල්ල වෙන ප්‍රධාන අභියෝගය කුල පදනම බව බීබීසී වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි. නැගෙනහිර ප්‍රදේශයන්හි මෝඩි කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති පිරිස ඉතා අඩු බව ඔවුන් සමග කළ අදහස් හුවමාරු තුළින් පිළිබිඹු වූ බවයි,ජේෂ්ඨ මාධ්‍යවේදී මධුකර් උපාධ්යයේ පවසන්නේ. පාර්ලිමේන්තු ආසන පන්සිය හතළිස් තුනකින් ආසන දෙසීය හැට නවයක්ම පිහිටා ඇත්තේ ප්‍රාන්ත නවයකට අයත් මුහුදුබඩ ප්රදේශවලයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ අවම වූ බහුතර ආසන ගණනක් දිනා ගැනීමට අවශ්‍ය වන්නේ තවත් ආසන තුනක් පමණි. නමුත් එම ප්‍රාන්ත නවය තුළ මෝඩිට පක්ෂව දැවැන්ත රැල්ලක් පෙනෙන්නට නොමැති නිසා මෙවර මහමැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීමට නම්, අනෙකුත් ප්‍රාන්ත වලට අයත් ආසන දෙසීය හැත්තැ හතරෙන් අවම වශයෙන් ආසන දෙසීයක්වත් ඔවුන් දිනා ගත යුතුය යන්න මැතිවරණ විශ්ලේෂකයන්ගේ අදහසයි. මැයි දාසය වන දා ඡන්ද ගණන් කිරීමෙන් පසු කිසිම පක්ෂයකට හෝ සන්ධානයකට පැහැදිලි බහුතරයක් නො ලැබෙන තත්වයක් මතු වන බව ඔවුන් නොකරයි. |
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. | ඒ එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 27) කැඳවූ අවස්ථාවේදීය. එහිදී නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක ඉල්ලා සිටියේය. අනෙක් සැකකරුවන්: හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබෙන අතර ඔහුට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වීය. තුන්වන සැකකරු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව ද මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු හෙළි කළේය. වාහන පිළිබඳ තොරතුරු: මේ අතර වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කීපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් රහස් පොලීසිය බ්‍රහස්පතින්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. මියගිය වසීම් තාජුදීන්ගේ වාහනය අඳුනා ගැනීම සඳහා වූ ඩීවීඩී පටය පිළිබඳව සිදු කළ පරීක්ෂණවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, පරීක්ෂණවලට භාජනය වී තිබෙන දුරකථන සංවාද පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින බව ද කියා සිටියේය. මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය ගැන ඔක්තෝබර් 31 වෙනිදා වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළාය. පසුවිපරම: කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරු පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී 2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ සිරුර හමුවිය. නමුත් ආරම්භයේදී පොලිසිය ප්‍රකාශ කළේ එය රිය අනතුරකින් සිදු වූ මරණයක් බවය. නමුත් එම නිගමනය තමන්ට පිළිගත නොහැකි බව පැවසූ මිය ගිය අයගේ ඥාතීහු ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ. එසේම විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් ඔවුහු චෝදනා කළහ. මෙම පසුබිම යටතේ 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව යළිත් පරීක්ෂණය ආරම්භ විය. තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය 2015 ජුලි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. තාජුදීන්ගේ සිරුර ගොඩ ගන්නා අවස්ථාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයක් මත ගොඩ ගනු ලැබූ සිරුර වසීම් තාජුදීන්ගේ බවට ඔහුගේ සහෝදරියක සහ සහෝදරයෙකු විසින් 2015 අගෝස්තු මස හඳුනා ගනු ලැබූණි. දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලි සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය පසුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ භාරයට පත් කෙරිණ. තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවත් රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ මීට පෙර කියා සිටියේය. මෙම ඝාතනය ගැන 2016 ජනවාරි මාසයේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, "තාජුදීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. ඒකෙ සඳහන් වෙන ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා,'' යනුවෙනි. නමුත් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට එල්ල වෙන චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. කියවන්න: |
සුහද නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවේ මැරයන් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන්ට සැඟවීමට යමක් තිබෙන නිසා බවට සැක මතුවන බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි. | 'අපිට යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන' සංචාරයේ යෙදුන කණ්ඩායමේ සාමාජික අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී මන්ත්‍රී පිරිසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කොළඹදී මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින්. හම්බන්තොට සංවර්ධන ව්‍යපෘති දැක බලා ගන්නා ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම කරන ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ අවසරය ලබාගෙන තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හම්බන්තොට ගුවන්තොටුපල හා වරාය දැක බලා ගැනීමට පැමිණි බවයි, මන්ත්‍රීවරයා කියා සිටියේ. "අපිට යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන. ඒ වගේම ඉදි කිරීම් නිසි ප්‍රමිතියට නොකිරීම ගැන. ඒ නිසා අපි කල්පනා කළා මෙවන් පරීක්ෂණ චාරිකාවක යෙදෙන්න," යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය. 'රාජ්‍ය ත්‍රස්තවාදය' සංචාරයේ නිරත වූ ඔහු ඇතුළු අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරුන්ට ගල්මුල් ප්‍රහාර, තර්ජන, බියවැද්දීම් සහ කුණු බිත්තර ප්‍රහාරවලටද ලක්වීමට සිදුවූ බව එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය. හම්බන්තොට රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර තිබූ බවට ප්රජාතන්ත්රවාදී පක්ෂයද චෝදනා කළේය ප්‍රහාරයට හම්බන්තොට නගරාධිපතිවරයා සම්බන්ධ බව පවසන මන්ත්‍රීවරුන් පිරිස, ප්‍රහාරය අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගත් බවට පොලිසියටද චෝදනා කරති. කෙසේ නමුත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ ගාල්ල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ ප්‍රධානත්වයෙන් සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. "කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයින් ගැනත් ගිනි අවියක් අතේ තියාගෙන සිටින පුද්ගලයා සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඊට අමතරව එම ස්ථානයේ සිටි පොලිසියේ නිලධාරීන් රාජකාරීය නිසියාකාරයෙන් සිදු කළාද යන්නත් සොයා බලනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සදහා යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළේ දැයි විමර්ශනයක් පවත්වන බවද ඔහු පැවසීය. දකුණු පළාත් සභා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවලින් ඉවත් වූයේ සිය ආධාරකරුවන්ට පහර දෙන බවටත් තර්ජනය කරන බවටත් ආණ්ඩු පක්ෂ ආධාරකරුවන්ට චෝදනා කරමින්. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර ඇති නිසා එම දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වූ බවයි, එකල ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සඳහන් කළේ. |
දෙවසරකට පෙර තංගල්ලේදී මරා දමන ලද බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ගේ මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලා සිටියි. | කුරාම් ෂයික් අගමැති ඩේවිඩ් කැමරොන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් මෙම මිනීමැරුම පිළිබඳ පොලිස් පරීක්ෂණ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කරන්නේ. ලිංගික අපචාර අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය, කුරාම් ෂයික් ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් වෙත බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් බලාපොරොත්තු වන බව ද මහ කොමසාරිස්වරයා කියා සිටියි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීම සහ ඔහුගේ සහකාරිය බලවත් ලිංගික අපචාරයට ලක් කිරීමෙන් පසු ගත වූ දෙවසරකට ආසන්න කාලයක් තුළ සිදුව ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමට පත් විය නො හැකි බවයි විදේශීය මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ. යුධ අපරාධ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් බිහි කිරීම සඳහා රජයට බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස මෙම සමුළුව යොදා ගැනීමට බ්‍රිතාන්‍ය අදහස් කරන බවද මහ කොමසාරිස්වරයා කියා සිටියා. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට අනූවක් පමණ ඉටු කොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් පවසයි. | දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ වව්නියාවේ පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් අමතමිනි. ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා පවසයි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ අදාළ කමිටු විසින් එළිදක්වනු නොලබන්නේ ඇතැම් පාර්ශව එම කරුණු තම දේශපාලන වාසි සඳහා යොදා ගෙන රට තුළ අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බැවින් යැයිද ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා මැතිවරණ ක්‍රමය ඇතුළු යෝජනා ගණනාවක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය. |
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් ඉරාකයේදී සිදු කරන ලද බවට එල්ල වෙන අපචාර චෝදනා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට නව තොරතුරු ලැබී ඇති බව හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසයි. | හිතුමතයේ සිදු කර ඇති මනුෂ්‍ය ඝාතන හෝ අයුතු ආකාරයට සැලකීම සම්බන්ධයෙන් හාරසීයකට අධික සාක්ෂි අන්තර්ගත ලිපි ගොණුවක් මානව හිමිකම් පිළිබඳ නීතිවේදීන් කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, ඉහත කී ප්‍රකාශය සිදු කෙරුණේ. 2006 වසරේ දී මෙම ප්රශ්නය සලකා බලා ඒ ගැන වැඩිදුර පියවර නො ගැනීමට තීන්දුවක් ගනු ලැබුණ නමුත් පිටු දෙසිය පනහකින් පමණ යුත් නව සාක්ෂි ගොනුව පසුගිය ජනවාරි මාසයේ භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, එය විභාගයට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නීති නිලධාරියා තීන්දු කර තිබෙන්නේ. ඉරාක් සිරකරුවෙක් 2003 සහ 2008 අතර කාලය ඇතුළත ඉරාකයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සිදු කරන ලදැයි චෝදනා කෙරෙන අපරාධ පිළිබඳවයි,හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අවධානය යොමු කෙරෙන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රතිචාරය නීතිපති ඩොමිනික් ග්‍රීව්, හේග් අධිකරණයේ ප්රකාශනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් කියා සිටියේ, ඉරාකයේ දී සැලසුම් සහගතව අපචාර සිදු කර ඇති බවට සිය සොල්දාදුවන්ට එරෙහිව එල්ල කෙරෙන චෝදනා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. බ්‍රිතාන්‍ය යුද හමුදා අධිකරණ මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රකාශයක් කරමින් එවැනි විභාගයකදී සහයෝගයෙන් කටයුතු කරන බවයි කියා සිටියේ. එහෙත් සොල්දාදුවන් ඉරාකයේ දී සිදු කරන ලදැයි එල්ල වෙන අපචාර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැනටමත් විභාග කර ඇති හෙයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පූර්ණ මට්ටමේ නිල විභාගයක් කරා යොමු නොවනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. අපචාර චෝදනා සම්බන්ධයෙන් හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ බ්‍රිතාන්‍යය විභාගයට ගනු ලබන පළමු වතාව මෙයයි |
ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීම සඳහා සිය අසල්වැසි රටවල් ගනු ලබන උත්සාහයට සහාය ලබා නොදෙන බව බොට්ස්වානා රජය පවසයි. | වන අලියකුට GPS කර පටියක් පළඳවන වනජීවී නිලධාරීන් ලොව විශාලතම අලිඇතුන් ගහනයක් සහිත රට බොට්ස්වානා රාජ්‍යයයි. ඇත් දළ වෙළඳාමට ඇති අයිතිය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් මේ සතිය අග පැවැත්වෙන ජාත්‍යන්තර වනජීවී සමුළුවේ දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. දරුණු ලෙස අලිඇතුන් දඩයම් කෙරෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්තියක් විශාල අලිඇතුන් ගහනයක් වෙසෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය නොකළ යුතු බවයි ඉහත කී රටවල් පවසන්නේ. කෙසේ වෙතත් ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින නීති තර කිරීමට තවත් අප්‍රිකානු රටවල් ගණනාවකටම අවශ්‍ය කොට තිබේ. පසුගිය වසර කීපය තුළ පමණක් අප්‍රිකාවේ වන අලි ඇතුන් ගහනය සියයට තිහකින් පහළ ගොස් තිබෙන අතර ඊට මූලික වශයෙන් බලපා ඇත්තේ අලි ඇතුන් දඩයමයි. |
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ජයන්ති කුරු උතුම්පාල සුරක්ෂිතව නේපාලයේ කත්මන්ඩු අගනුවරට ලඟා වී සිටින්නීය. | ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කඳු මුදුන බලා යද්දී (සංරක්ෂිත ඡායාරූපයක්) මීට සති කිහිපයකට ඉහත දී යොහාන් පීරිස්ද සමඟ එවරස්ට් තරණය ආරම්භ කළ ජයන්ති, පසුගිය සෙනසුරාදා එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට සමත් වූවාය. එහෙත් ඇය සමඟ කඳු මුදුනට ආසන්නයටම ලඟා වූ යොහාන් පීරිස්ට අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් සිය අපේක්ෂාව ඉටු කර ගත නොහැකි වූ බව ජයන්ති කුරු උතුම්පාල බීබීසී සංදේශයට සනාථ කළාය. "අපරාදේ එයාට තව මීටර් සිය ගාණක් විතරයි තිබුණේ," යනුවෙන් සඳහන් කළ ඇය, ඒ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බවත් කියා සිටියාය. එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට යොහාන් පීරිස් අපොහොසත් වී තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්) මේ වසරේ එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ තිදෙනකුවත් පසුගිය දින කිහිපය තුල මරණයට පත් වී තිබේ. ඉන්දීය ජාතික සුභාෂ් පෝල් මියගොස් තිබෙන්නේ කන්ද තරණය කොට ශර්පා ජාතික මඟ පෙන්වන්නේකුගේ ආධාරයෙන් ආපසු බසිමින් සිටියදී. ඔහු සමඟ සිටි තවත් ඉන්දීය කඳු නගින්නන් දෙදෙනෙක් කඳු මුදුන ආසන්නයේදී අතුරුදහන් වූහ. නෙදර්ලන්ත ජාතිකයකු සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක්ද කන්ද මුදුනේ පීඩනය දරාගත නොහැකිව මරණයට පත් විය. මේ වසරේ එවරස්ට් තරණය කිරීමේ වසන්ත කාල සටහන නිමා වෙද්දී තවත් තිස් දෙනකු පමණ රෝගාබාධවලට ගොදුරු වූහ. |
නැගෙනහිර ඇතුළු පළාත් තුනක පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට (එජනිස) ජයග්‍රහණය හිමි වී තිබේ. | 2007 දක්වා එල්ටීටීඊ පාලනය යටතේ පැවති පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සතුටු විය හැකි බව බීබීසී වාර්තාකරු පවසයි නැගෙනහිර පළාත් සභාවේ පාලනය හිමිකර ගැනීමට පළමු වතාවට පළාත් සභාවලට තරඟ කළ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) උත්සාහ දැරූ නමුත් පාලක සන්ධානය එම පළාතේ ද ආසන 14 ක් හිමිකරගෙන තිබේ. කෙසේ වුවත්, ටීඑන්ඒ සන්ධානය ආසන 11 ක් සහ මෙවර මැතිවරණයේදී තනිවම තරඟ කළ පාලක සන්ධානයේ පාර්ශවකරු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ආසන 7 ක් හිමිකර ගැනීම හමුවේ නැගෙනහිර පළාත් සභාවේ පාලනය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කාලයටත් කලින් පළාත් සභා තුනක් විසුරුවා හැර මෙම මැතිවරණ කැඳවූයේ සිය විවේචකයන් නිහඬ කළ යුතු බව පවසමින් බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පෙන්වා දෙයි. විවේචකයන් නිහඬ කිරීම එබැවින් විශේෂයෙන්ම 2007 දක්වා එල්ටීටීඊ ය විසින් පාලනය කරන ලද පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සතුටු විය හැකි බවයි, ඔහු පවසන්නේ. විපක්ෂ ආධාරකරුවන් බියවැද්දීම ඇතුළු මැතිවරණ දූෂණ පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්රසය සමඟ සන්ධානයකට එකඟ වී ආණ්ඩුව මුස්ලිම් ජාතිකයෙකුට ප්‍රථම වතාවට නැගෙනහිර පළාතේ මහ ඇමති පදවිය හිමිවීමට ඉඩ තිබෙන බව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ගේ මතයයි. සබරගමුව පළාතේ පාලක සන්ධානයට ආසන 28 හිමි වී තිබෙන අතර, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) හිමිවී තිබෙන්නේ ආසන 14 ක් පමණි. උතුරු මැද පළාතේ පාලක සන්ධානය ආසන 21 දිනාගන්නා විට එජාපයට හිමිවී තිබෙන්නේ ආසන 11 කි. කෙසේ වුවත් පාලක සන්ධානයේ මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී සහ මැතිවරණ දිනයේදීත් සුළු ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි. රාජ්‍ය ජනමාධ්‍ය සහ පොදු දේපොළ පාලක සන්ධානයේ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, ආණ්ඩුවේ ප්රචාරක කටයුතුවල යෙදෙන මෙන් ප්‍රාදේශීය නිලධාරීන්ට බල කිරීම සහ විරුද්ධ පක්ෂ අපේක්ෂයන් හා ආධාරකරුවන් බිය වැද්දීම ඇතුළු චෝදනා ගණනාවක්ම පාලක සන්ධානයට එරෙහිව එල්ල වී තිබිණ. උතුරු මැද පළාතේදී ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී පදවියක් දිනාගෙන තිබෙන අතර අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය සබරගමුව පලාතෙන් මන්ත්‍රී පදවි දෙකක් ජයග්‍රහණය කොට තිබේ. අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර පළාතේ එක් ආසනයක් හිමිකරගෙන තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
1951 දී සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය නවීකරණය විය යුතු බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. | තානාපතිවරයා මඩකලපුවේදී මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන් හමු වූ අවස්ථාව මඩකලපුවේ මුස්ලිම් ප්‍රජා නියෝජිතයන් ඒ බව සඳහන් කළේ කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මඩකලපුවේ දී හමු වූ අවස්ථාවේ දීය. එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගියදා මඩකලපුවේදී පළමු වරට ඉෆ්තාර් උත්සවය සැමරූ අතර, එහිදී තානාපතිවරයා මුස්ලිම් ප්‍රජා නායකයන් ද මුණගැසිණ. මඩකලපුව ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් තොර පළමු දිස්ත්‍රික්කය බවට පත්විය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හේතුවෙන් පීඩාවට පත් වූ තරුණියකගේ වේදනාබර අත්දැකීම ඇතුළු විශේෂ ගවේෂණයකින් හෙළි වූ කරුණු බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත්කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද විවිධ ප්‍රාන්තවල තවමත් බාල වියේ විවාහ සිදුකෙරෙන අතර, නිව්යෝක් ප්‍රාන්තය තුළ විවාහවීමේ වයස අවුරුදු 14 සිට අවුරුදු 18 දක්වා ඉහළ දැමීමේ නීතියකට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මීට දින දෙකකට ඉහතදී අත්සන් තැබුවේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව නිව්යෝක් ආණ්ඩුකාරවරයාගේ ට්විටර් පණිවුඩය |
උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ දැඩි අවධානයට යොමු වී ඇති බව රජයත් ස්වේච්ඡා සංවිධානත් පවසති. | ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක සිටින බවයි ඇය හමුවූ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ. දේශපාලන සිරකරුවෝ මීට අමතරව මුස්ලිම් ප්‍රජාවට එල්ලවන හිරිහැර සහ දේශපාලන සිරකරුවන් චෝදනා රහිතව රඳවා තබා ගැනීම පිළිබඳව ද මහ කොමසරිස්වරිය, රවුෆ් හකීම් ඇමතිවරයාගෙන් විමසා තිබේ. මෑතකදී පිහිටුවන ලද නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය අධිකරණ හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගත යුතු බවයි නවී පිල්ලේ ගේ මතය වී ඇත්තේ. මහ කොමසාරිස්වරිය අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් සහ නීතිපති පාලිත ප්‍රනාන්දු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. භාෂා කොමිසම භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ භාෂා කොමිසම විමධ්‍යගත කිරීම පිළිබඳව නවී පිල්ලේ තමාගෙන් විමසා සිටි බව ජාතික ඒකාග්‍රතා අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේය. වෛරය මතු කරවන ප්‍රකාශන තුළින් ඇතිවන ආතතිය පිළිබඳව ද කොමසාරිස් වරිය සිය අවධානය යොමු කළ බව වාසුදේව අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය. කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව තමා සතුටු වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේ. පොලිස් කොමිසම මේ අතර නවී පිල්ලේ කොමසාරිස්වරිය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතවරුන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ස්වාධීන පොලිස් කොමිසම, නීතියේ ආධිපත්‍යය සහ හමුදාකරණය පිළිබඳව කොමසාරිස් වරිය මෙහිදී සාකච්ඡා කළ බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු බීබීසියට කියා සිටියේ. රාජ්‍ය නොවන සංවිධාන දැඩි විවේචනයට ලක් කිරීම සඳහා රජය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගනු ලැබීම පිළිබඳව ද නවී පිල්ලේ දැනුවත් කළ බව පී සරවනමුත්තු තව දුරටත් සඳහන් කළේය. මෙම හමුවේදී බහුජන සංවිධාන හතලිස් පහකට වැඩි ප්රමාණයකගේ අත්සනින් යුත් ලියවිල්ලක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට භාර දී තිබේ. |
ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවර නියෝජිතයන් අතර කොළඹ පැවැත්වුන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය. | එම සාකච්ඡා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි, ජන මාධ්‍ය මට්ටමින් බීබීසී සංදේශය වෙනුවෙන් ඊට සහභාගී වූ අසාම් අමීන් පවසන්නේ. සඳුදා දවස මුළුල්ලේ පෙරට යමින් තිබුණ එක් දින සාකච්ඡාවට තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් දහඅට දෙනකු සහ ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ. දෙ රටේ ධීවර නියෝජිතයන් දෙපාර්ශවයේ යෝජනා පෙරට තබමින් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත් නමුත් එකඟතාවයකට එළඹීම අතින් දැඩි දුෂ්කර තත්වයක් ආරම්භයේ පටන්ම පෙනී ගිය බවයි, අසාම් අමීන් වාර්තා කරන්නේ. ධීවර නියෝජිතයන් මේ සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ දෙ රටේ ආණ්ඩුවල නියෝජනයෙන් තොරව ධීවර සංවිධාන මට්ටමිනි. ඉන්දියානු ඉල්ලීම ඉන්දියානු ධීවර නියෝජිතයන්ගේ එක් ඉල්ලීමක් වී ඇත්තේ සතියකට දෙවතාවක් වත් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිස ධීවර කර්මාන්තයේ යෙදීමට අවස්ථාව සලසන ලෙසයි. එහෙත් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කොට ඇත. “යම් යම් අවස්ථාවල ධීවර නියෝජිතයන් ආවේගශීලී ව අදහස් දක්වනු දක්නට ලැබුණා. ශ්‍රී ලංකා ජල තීරයට පිවිසීමට අවසර නොලැබුනොත් එය තම ජීවිකාවට බලවත් ප්‍රශ්නයක් වන බවයි, ඉන්දියානු නියෝජිතයන් කියා සිටියේ” අසාම් අමීන් වාර්තා කරයි. ලංකා ධීවර ප්‍රතිචාරය එහෙත් එම ඉල්ලීම ශ්‍රී ලාංකික ධීවර නියෝජිතයන් විසින් බැහැර කරන ලද්දේ තිස් වසරක සිවිල් යුද්ධය නිසා මුහුද අහිමිව සිටි තමන්ට දැන් සිය ජීවිකා වෘත්තියේ නිරත වීමට අවශ්‍ය කරන බව පවසමින්. ඉහත කී ධීවර සාකච්ඡාවට නිරීක්ෂක මට්ටමින් සහභාගී වූ ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ, “ට්‍රෝලින්”ක්‍රමයට මුහුදු පත්ල සූරා ගනිමින් සිදු කරන මසුන් මැරීම සඳහා ඉන්දියානු ධීවරයන් අවසර ඉල්ලා සිටියත් එය ශ්‍රී ලංකාව විසින් තහනම් කරනු ලැබ ඇති මත්ස්‍ය දඩයමක් වන බවයි. “ට්‍රෝලින්”ක්‍රමයට මසුන් මැරීම ශ්‍රී ලංකාවේ තහනම්. එම ක්‍රමයට මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයන් පවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවැනි තත්වයක් පවතිද්දී ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව ට අයත් මුහුදේ “ට්‍රෝලින්”ක්‍රමයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අපේ ධීවරයන් විරුද්ධ වුනා” නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියි. ඊළඟ පියවර ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරු දෙ රටේ ධීවර ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මී ළඟ පියවර වන්නේ එම කමිටු අතර සාකච්ඡා කිරීම වන බව ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසයි. එම ඉදිරි සාකච්ඡා වටය දෙ රටේ නිලධාරීන් සහභාගී වෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය ඉන්දියානු විදේශ අමාත්‍යාංශයෙන් දිනයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවයි, මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ. එකී සාකච්ඡාව ලබන ජුලි මාසයේ ආරම්භ වීමට ඉඩකඩ ඇති බවයි, ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ. |
නැගෙනහිර චන්ද ප්‍රථිපලය බලය බෙදීම සඳහා ජනතාව තුල ඇති අභිලාෂය විදහා දක්වන්නක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය පවසයි. | ඉදිරි පළාත් සභා පාලනයක් බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වග බලා ගතයුතු බව රවුෆ් හකීම් පවසයි එබැවින් ඉදිරි පළාත් සභා පාලනයක් 'යහ පාලනය, බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට' වග බලා ගතයුතු බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. නැගෙනහිර ආණ්ඩු බලය පිහිටුවීම සඳහා හවුල් වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ දමිළ ජාතික සන්ධානයෙන් මේ වනවිටත් ඇරියුම් ලැබී ඇති බව ද ඔහු පැවසීය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තමන් සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බව බීබීසී සංදේශයට පැවසූ රවුෆ් හකීම් අමාත්‍යවරයා අවසාන තීන්දුවකට ඒම සඳහා සඳුදා නැගෙනහිර පළාතේ පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් හමුවීමට යන බව ද කියා සිටියේය. 'රූකඩ මහ ඇමැති ධුරයක්' "අපට වගකීමක් තියෙනවා ජනතාව අතරට ගිහිල්ලා මින් ඉදිරියට අපි කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න," අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේය. එමෙන්ම බලය බෙදීමේ කාර්යයන් මෙතෙක් සිදුවූ අන්දමට නොව "ඊට වඩා ශක්තිමත්ව" සිදුවිය යුතු බව ජනතාව ලබා දී ඇති පණිවුඩය බවයි මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා පවසන්නේ. මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකුට මහ ඇමති ධුරය ලබාගැනීම ද නැගෙනහිර මුස්ලිම් කොන්ග්රස් ඡන්දදායකයාගේ අපේක්ෂාවක් බව කී රවුෆ් හකීම්, "රූකඩ මහ ඇමැති ධුරයක්" පැවතීමේ අවශ්‍යතාවක් නැති බවද පැවසීය. "ඇත්ත බලය භුක්ති විඳීම පරිසරයක් ඇති කිරීමට," වග බලා ගැනීමේ වගකීමක් තමන්ට ඈති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත. | මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය. පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති. සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද? •මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග •පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග •චොකලට් සහ පැණි රස වර්ග •සෝඩා සහ පැණි බීම වර්ග •මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets) •ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග •ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර •සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි. අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි. නමුත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සකසන ලද ආහාර පරිභෝජනයෙන් සිදු වන්නේ කුමක්ද? පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාල කණ්ඩායමක් විසින් මිනිසුන් පරිභෝජනය කරන ආහාර පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලදී. වසර පහකට ආසන්න කාලයක් නිරීක්ෂණයනයට ලක් වූ පිරිස අතරින් වැඩිදෙනා මැදි වයසේ කාන්තාවන්ය. මෙම පරීක්ෂණයේ නිගමනයන්ට අනුව සකසන ලද ආහාර අනුභව කිරීම 10% කින් වැඩිවූ විට, හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 12% කින් වැඩි වන බව බ්‍රිතාන්‍යය සෞබ්‍ය සඟරාවක සදහන් වෙයි. පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු: •මිනිසුන්ගෙන් 18% ක් පමණ තම අහාර වේලට සකසන ලද ආහාර එකතු කර ගනියි. •වසරකට මිනිසුන් 10,000 ක් අතරින් 79 දෙනෙකු පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි. •සකසන ලද ආහාර අනුභවය කිරීම 10% කින් වැඩි කළ විට ඉහත සදහන් ප්‍රමාණයට අමතරව වසරකට තවත් නම දෙනෙකු පමණ පිළිකා රෝගීන් විය හැකිය. තවත් තොරතුරු: කැන්සර්සීක්; පිළිකා කල්තබා දැනගත හැකි රුධිර පරීක්ෂණයක් පියයුරු පිළිකා ගැන ශ්‍රී ලංකාවේ පුරුෂයන් දැනුවත්ද? පිළිකා අවදානමක් නිසා කාන්තාවකට ඩොලර් මිලියන එකසිය දහයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් සේවයක් "මෙම ප්‍රතිඑලවලින් ඇඟවෙන්නේ සකසන ලද ආහාර පරිභෝජනය සීඝ්රයෙන් වර්ධනය වීම නිසා මීලග දශක කිහිපය තුළ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි" බව පරීක්ෂකයෝ පෙන්වා දෙති. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම තත්වයට හේතු වන කරුණු දැනගැනීමට සහ "මෙය ස්ථිර කරගැනීමට තවත් විශාල ප්‍රමාණයේ" ගවේෂණයක් සිදු කළ යුතු බවය. 'අනතුරු ඇඟවීමක්' සකසන ලද ආහාර පරිභෝජනය පිළිකා වර්ධනය වීමේ අනිවාර්ය හේතුවක් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි නොවෙයි. සකසන ලද ආහාර සියල්ල පිළිකා කාරක ලෙස හැදින්විය නොහැක. මෙම ගවේෂණයේ බොහෝ අපැහැදිලි කරුණු ඇති අතර, පිළිකා වර්ධනය වීමට හේතුව සකසන ලද ආහාර අධික ලෙස පරිභෝජනය කරන්නන් අතර දැකිය හැකි වෙනත් හැසිරීම් රටා ද විය හැකිය. දුම් පානය, උදාසීන බව, කැලරි අධික අහාර අනුභව කිරීම සහ ගැබ්ගැනීම වළක්වන ඖෂධ භාවිතය එම පුද්ගලයන් අතර බහුලව දැකිය හැකිය. මෙම බාහිර කරුණු "සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි" බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඔබ පරිභෝජනය කරන පාන් වර්ගය අනුව පිළිකා හටගැනීමේ අවධානම වෙනස් වෙනවාද? "මේ වගේ කෑම වැඩි වශයෙන් කන විට ශරීරය මහත් වෙනවා, අධික තරබාරු බව පිළිකා හට ගැනීමේ අවධානම වැඩි කරනවා" යැයි පිළිකා මර්ධනය පිළිබදව එක්සත් රාජධානියේ පර්යේෂණ සිදු කරන මහාචාර්ය ලින්ඩා බවුල්ඩ් පැවසුවාය. ඇය තව දුරටත් සඳහන් කරන්නේ මෙය "අපිට හිතකර ආහාර වේලක් ගැනීමට කළ අනතුරු ඇඟවීමක්. ඔබ පළතුරු, එළවලු වැනි කෙඳි සහිත අහාර වැඩිපුර අනුභව කරන්නේනම්, සකසන ලද ආහාර කුඩා ප්‍රමාණයක් එහෙන් මෙහෙන් පරිභෝජනය කිරීම පිළිබදව කනස්සල්ලට පත් විය යුතු නැත" යනුවෙනි. 'සකසන ලද ආහාර' යන්නෙහි තේරුම පැහැදිලි නැති බවට මෙන්ම මෙම ආහාර පිළිකා කාරකයක් ලෙස හැදින්වීමට බලපාන හේතු මෙම පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බවට බොහෝ අදහස් පළ වී ඇත. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන පාන්, සකසන ලද ආහාර ගණයට අයත් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි කර ඇතත්, නිවසේදී හෝ තම ප්‍රදේශයේ බේකරියේදී සාදා ගන්නා පාන් ගැන සඳහනක් නොමැති බව මහාචාර්ය ටොම් සැන්ඩර්ස් තම අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය. මේ තොරතුරුද දැනගන්න: දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක් මරු පරදා ජීවිතය ජයගත් දිරිය මවක් කෝටි 25ක් දීල මාස 16යි; පෙට් ස්කෑනරය තාම නැහැ; "ලැජ්ජයි" |